චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.
ජනාධිපතිවරණ සටන ආරම්භව ඇත. එක පිලක අතිගරු ජනාධීපති මහින්ද රාජපක්ෂ මහතාත්; අනිත් පසින් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේඛම් මෛත්රීපාල සිරිසේන මහතාත් මේ වනවිට මැතිවරණ සටන සදහා සූදානම් වෙම්න් සිටී. ඒ චන්ද දායකයින් වන අපට පෙනෙන සිද්ධිමාලාවයි.
සැබෑ ජනාධිපතිවරණය ඇත්තේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා මෙරට ඇති බටහිර තානාපති කාර්යාලවල දේශපාලන අංශ බාර නිලධාරීන් සමූහයා අතරය. මෙම තරගය සුප්රකට චෙස් ක්රීඩාවකට සමානය. බටහිර බලවේග හා මෙරට ජාතික බලවේගය මෙම චෙස් ක්රීඩාවේ නිරත වන ක්රීඩකයින් දෙදෙනාය. බටහිර බලවේගය විසින් සිය පලමු ඉත්තා පෙරට දමා තිබූ අතර; ඒ හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමාරතුංග මහත්මියයි.
මේ සටනේ චන්ද්රිකා කුමාරතුංග මහත්මිය පෙරට දැමීම තුලින් මුලු ක්රීඩාවටම නව මුහුණුවරක් ආරූඩ කර ඇත. ඒ අනුව බටහිර බලවේගයේ පාර්ශවයට අයත්. එක්සත් ජාතික පක්ෂය; ජනතා විමුක්ති පෙරමුණ; ජාතික හෙළ උරුමය; ද්රවිඩ ජාතික සන්ධානය; මුස්ලිම් කොන්ග්රසය; යන ප්රභල ඉත්තන් සියල්ලකගෙන් අපේක්ෂා කරන කාර්යයකට වඩා වැඩි යමක් චන්ද්රිකා කුමාරතුංග තුල ඇතැයි යන විශ්වාසයක් මේ බටහිර බලවේගයන්ට ඇත.
රජා කපා ගැනීමේ මේ තරගයේ දෙවැනි ඉත්තාද ඉදිරියට දමා ඇති අතර; එය මෛත්රීපාල සිරිසේන නම්වූ චරිතයයි. මේ දේශපාලන චෙස් ක්රීඩාවේදී ඉත්තා අදින සෑම පියවරක් පාසාම දේශපාලන පිටියේ බල සමතුලිතතාවයන් මහා අර්බූදයන්ට ලක්වේ.
ඒ අනුව මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුල මහා අස්ථාවර තාවයක් නිර්මාණය වී ඇත.එක්සත් ජාතික පක්ෂය නම්වූ ඉත්තා ඉතා වැදගත් ඉත්තෙකි. එබැවින් එය පිටියේ රැකගත යුතුම ඉත්තාය. මේ ඉත්තා සමග කටයුතු කිරීමේදී ඒ ඉත්තා සතු බලය අවතක්සේරු නොකල යුතුය. නමුත් මේ බව බටහිර ප්රජාවට අවබෝධ වූයේ; අපේක්ෂිත ආකාරයට ජාතික බලවේගය සතු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් හා ඇමතිවරුන් කපා ගැනීමට නොහැකි වීමත් සමගය.
මෙවන් තත්වයකට මුහුණ දෙනවිට විට; එම ව්‍යාපෟතිය නිර්මාණය කලවුන් තුල ඇතිවන කම්පනය විසින් එම කාර්යයන් ඉටුකිරීමට බාර ගත්තවුන් වෙත මුදා හරිනුයේ ප්රභල පීඩනයකි. තමන් අපේක්ෂාකල ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ මන්ත්රීවරු 40 -50 කපා ගැනීමේ සැලසුමෙන් පරාජිතව සිටින බටහිර බලවේගයන්ට දැන් ඇති විකල්පය කුමන්ද?
ඉදිරියට දැමූ මෛත්රීපාල සිරිසේන නම්වූ ඉත්තා ඉවත් කර ගැනීමය. නිකම්ම ඉවත් කර ගත හැකිද? මහා මුදල් කන්දරාවක් එහා මෙහා කර හසුරවන ලද මේ ඉත්තාව නිකම්ම කපාහැරිය නොහැක.එසේ කපා හැරීමේදීද වැයකල මුදලට සරිලන ආකාරයේ ප්රතිලාභ සහිතව සිදුකිරීම මේ මිනිසුන් විසින් ලොව පුරාම සිදුකරන සාමාන්‍යය ක්රමවේදයයි. මෙය ලෙහෙසි පහසු කටයුත්තක්ද නොවේ.
මේ වනවිට රාජිත සේනාරත්න මහතා තමාව ඝාතනය කලහොත් තම මිනිය රට පුරාම ප්රදර්ශණය කරමින් ගෙන යන ලෙස ප්රකාශ කර ඇත. රාජිත සේනාරත්නව ඝාතනය කරන්නේ නම් අනිවාර්යෙන්ම; මෛත්රිපාල සිරිසේන මහතාටද එම තර්ජනය ඇත.
රාජිත සේනාරත්න මහතාට වඩා මෛත්රීපාල සිරිසේන මහතාට එම තර්ජනය බලපායි. තවද පොලොන්නරුවේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක්ද මෛත්රීපාල සිරිසේන මහතාව රජයේ පාර්ශවයෙන් ඝාතනය කරතියි යන මතයක් පල කර ඇත.
එපමණක්ද නොව; මෛත්රීපාල සිරිසේන මහතාගේ සොහොයුරාද එවන් ඝාතනයක් රජයේ පැත්තෙන් සිදු කිරීමට ඇති ඉඩක් සම්බන්ධව පල කර ඇත. මේවා ඉබේම නිකම් මතුවෙන කථා නොවේ. ඝාතකයා සාටකයා යයි කියමින් හඩතලමින් සැබෑ ඝාතකයිනට ආවරණ සපයමින් යටිතල පහසුකම් සකසන තත්වයක් අප දකින්නෙමු.
රජය විසින් සිදු කල යුත්තේ මේ මෛත්රීපාල සිරිසේන නම්වූ ඉත්තා කුමන පදනමකින් හෝ දේශපාලන චෙස් බෝඩ් එක මත රදවා තැනීමට කටයුතු කිරීමයි.එය ඉබේ සිදු නෙවන කටහුත්තකි.එබැවින් අතිගරු ජනාධිපති මහින්ද රාජපත්ෂ මහතා විසින් තමන්ට හා සමානවූ ආරක්ෂක වලල්ලකින් වට කොට මෛත්රීපාල සිරිසේන මහතාව ආරක්ෂා කල යුතුය.
අඩුම තරමින් නාම යෝජනා පත්ර බාර දෙන දින දක්වා වත් මෛත්රීපාල සිරිසේන මහතාට පූර්ණ ආරක්ෂාව සැපයීමෙන් තරගයේ යෙදෙන බටහිර බලවේගයන් තාවකාලිකව ව්‍යාකූල තත්වයකට පත්කල හැකිය.මේ අවස්ථාවේදී ඇති වැදගත්ම කටයුත්ත මෛත්රීපාල සිරිසේන මහතාව රැක ගැනීමයි. එම කටයුත්තේ ඇති බැරෑරුම් තත්වය රජයේ පාර්ශවය වටහා ගන්නවා ඇතැයි අප විශ්වාස කරමු.