මේ රටේ ඉස්ලාම් අපි දෙසන්නේ ජාතීන් අතර සමගිය, මොකද අපේ ෂාරියා ප්‍රැක්ටිස් කරල කෆීර් මරන්න තරම් කට්ටිය අපිට තාම නෑ. හැබැයි මීඩියා වලට අපි නෝන්ඩි වෙන විධි අපි ඔක්කොම නීති මාර්ගයෙන් බ්ලොක් කරගෙන ඉන්නෙ. හිල්මි අහමඩ්
පත්තර කොමිසමට කරපු කම්ප්ලේන් එකෙන් ඒක යම් තරමකට තේරුම් ගන්න පුළුවන්. දැන් අපිට සයිලන්ට් ජිහාඩ් එකට පහසුකම් ඔක්කොම ගොඩ නිසා තැලෙන කෆීර් යකඩෙ උඩ පැන පැන තලන්න තමයි ඉස්ලාම් අපිට තියෙන්නෙ. මේ ඒවට පොඩි පොඩි උදාහරණ කීපයක් පමණයි. සමහර නිවුස් වල අපරාධකාරයො ලෙබ්බෙලාද කියල නිව්ස් වල නැහැ. මම තම්බිය නිසා දන්නව. ෂුවර් නැතිනම් ඒ ඒ පලාත්වලට ගිහින් සෝදිසි කර ගන්න කාටවත් බාධාවක් නැහැ.
ඉස්ලාම් තෑගි අංක 60
ලිංගික අල්ලස් ඉල්ලන දඹුල්ලේ හොර එජන්සිය!
ඇත්ත කියන්නේ කවුද….?
අපේ රටේ විදේශ විනිමය වැඩිමනත් උපදවන්නෝ වෘත්තිකයෝ නොවෙති. මේ මොහොත වනවිට රට වෙනුවෙන් දැවැන්තම විදේශ විනිමය උපයන්නෝ මැදපෙරදිග ප්රමුඛ විදේශයන්හි නුපුහුණු ශ්‍රමය සපයන ගැහැනුය. ස්වකීය කුටුම්භ ව්‍යසනයට පත්කර ගනිමින්, රට යන්නට සූදානම් කළ විදේශ රැකියා ආයතනයේ සිටම ලිංගික අතවරයන්ට හා නින්දාසහගත රැවටීමට සහ ගර්හාවට ලක්වෙමින් කරනු ලබනා මේ ප්‍රමිතියකින් තොර වහල් සේවයේ කටුක යථාර්ථය පසුගියදා යළිත් දඹුල්ල ප්‍රදේශයේදී හෙළිදරව් වූයේය. ඒ මැදපෙරදිග ගෘහ සේවයට කතුන් යවන මුවාවෙන් ලිංගික අල්ලස් ගන්නට සැකසුණු රැකියා ඒජන්සියක අශිෂ්ට තොරතු=රු කාන්තාවක් විසින් ලෝකයට කීමත් සමගය.
කතාව කියන්නේ මුලතිව් මුරුක්කණ්ඩි ප්‍රදේශයේ කාන්තාවකි. ඇය තිස් දෙහැවිරිදිය. නම අරුමුගන් කමලිනීය. ඇය මේ රැකියා ඒජන්සිකරුවාට හසුවන්නේ මාස පහකට එපිටදීය. අනතුරුව පිටරට යෑවීමට යෑයි කියා පුරා දින දහයක් ඒජන්සිකරුවා විසින් ඇය නිවසක ර`දවාගෙන තබා ගන්නේය. මේ අවස්ථාවේදී නිවෙස් හිමිකරුගේ සහාය සහිතව මේ කාන්තාව සාධක සමග මේ අපරාධ හෙළිදරව් කිරීමට සමත් වන්නීය. ඇය කියන කතාව මෙසේය.
Ñමම මුලතිව් මුරුක්කණ්ඩිවල. මගේ සැමියා ඩී මදිවන්නන්. අපි ජීවත් වෙන්නෙ ගොඩක් අමාරුවෙන්… මං විදේශ ගෘහ සේවයට යන්න සූදානම් වුණේ ජීවත් වෙන්න විකල්පයක් නැති නිසා. මීට මාස පහකට ඉස්සරවෙලා මාත් සැමියත් කතා කරලා මේ තීරණය ගත්තා. මං මගේ යාළුවෙක් හරහා මගේ පාස්පෝට් එක දඹුල්ලෙ මේ ඒජන්සියට දුන්නෙ ඊට පස්සේ. ලොකු බලාපොරොත්තුවකින් තමයි මේ තීරණය ගත්තෙ.
Ñපළවෙනි දවසෙ ඒජන්සියෙන් කතා කරලා කිව්වා කොළඹට එන්න කියලා. මාත් සැමියත් කොළඹ ආවා. ආපහු කිව්වා කුරුණෑගලට එන්න කියලා. අපි කුරුණෑගල ආවා. දඹුල්ලට අවස්ථා ගණනාවක් කැෙ`දව්වා. ඒ හැම වෙලාවෙම මාත් එක්ක සැමියා හිටියා. මේ අය කිසිම තේරුමක් නැතිව අපිව රස්තියාදු කළා. මං කල්පනා කළා මේ මොකක්ද කියලා. මේ අතරේ ඒ මිනිහා කතා කරලා කිව්වා සැමියා නැතිව එන්න. මාව රැගෙන යන්න ඕන තනියම කියලා. මේ කතාවෙන් මට තේරුණා මෙතන යට තියන දේ මොකක්ද කියලා. ඒ හින්දා මං හිටියෙ කල්පනාවෙන්.
Ñමේ අතරේ මේ මිනිහා මට කතා කරලා කිව්වා දැන් ඔයා රට යන්න ලෑස්තියි. එන්න කියලා. ඒ දැනුම්දීම සිද්ධ වුණේ පහුගිය පළවැනිදා. මං ආවෙ මගෙ සැමියත් එක්ක. මේ අය කිව්වා සැමියා ආපහු යවන්න කියලා. එහෙම කියලා දඹුල්ල ප්‍රදේශයේ තැරැව්කරුවෙක් හරහා මාව නිවසක නැවැත්තුවා. ඒත් රට යවන විදිහක් පේන්න නෑ. මිනිහා කියන්නෙම මහත්තයා ගෙදර යවන්න කියලා. එහෙම නැත්නම් රට යවන්න විදිහක් නෑ. පාස්පෝට් එක දෙන්න රුපියල් ලක්ෂ දෙකක් දෙන්න කිවුවා. මං ඇහුව මගේ පාස්පෝට් එක ඔයාට දුන්නෙ රට යන්න. ඉතින් මාව රට යවන්නෙත් නැත්නම් මගෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලන්නෙ මොකටද, ලක්ෂ දෙකක් තියෙනවානම් දුක් වි`දින්න පිටරටවල් වල යනවද කියලා.
Ñඒකට මිනිහා කිවුවෙ මේ ගෘහ සේවයට යවන එක ලේසි වැඩක් කියලාද හිතන්නෙ. ගොඩක් ලියකියවිලි හදන්න ඕන. ඒවා බොරුවට හදන්න රුපියල් ලක්ෂ ගණන් වියදම් වෙනවා. රුපියල් හැත්තෑ පන් දාහක් ගියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔයාගෙ ලියවිලි ටික හදන්න විතරක්. ඔයා යන්නෙ නැත්නම් අපි වියදම් කරපු සල්ලි ටික ආපහු පියව ගන්න ඕන. ලක්ෂ දෙකක් අවශ්‍ය ඒකට කියලා. මේ බොරුවට හදන ලියකියවිලි මොනවද කියලා මං දැනගෙන හිටියෙ නෑ.
Ñමං කල්පනා කළා. මහත්තයට ගෙදර ඇතුළට වෙලා ඉන්න කියලා මේ මිනිහට කතා කරලා කිවුවා මහත්තයා ගමට ගියා කියලා. විනාඩි පහක් ගතවුණේ නෑ… මේ මිනිහා අපි නැවතිලා හිටපු ගෙදරට ත්‍රිරෝද රථයකින් ආවා. ඇවිත් කිව්වා ඔයාගෙ මහත්තයා හින්දා තමයි මෙච්චර ප්‍රමාද වුනේ, ඔයාගෙ පාස්පෝට් එක මගෙ ළ`ගමයි තිබුණෙ, ඒකෙ ලස්සන බල බලා තමයි මේ දවස් ටික ගතකළේ කියලා. ඊට පස්සෙ මේ මිනිහා මට ළංවෙලා අමුතු යෝජනාවක් කළා. හෝටලයකට යමු කිව්වා කෑම ටිකක් කාලා එන්න. දඹුල්ලෙ හො`ද ලොකු හෝටල් තියනවා කිව්වා. ඒ හෝටලේකට ගිහින් කෑම කමු කිව්වා. මං කිව්වා මට බෑ කියලා.
Ñඒ වෙලාවෙ මං ආයෙත් මගේ පාස්පෝට් එක ඉල්ලුවා. එතකොට ආයෙත් කියනවා ලක්ෂ දෙකක් දෙන්නලු පාස්පෝට් එක දෙන්න. මං මේ සියලු සංවාද වීඩියෝ කෙරෙව්වා. ඒ වීඩියෝ මාධ්‍යයටත් දුන්නා.
Ñමං අවදානමත් නොසලකා මෙහෙම දෙයක් කළේ උතුරේ අසරණ අපේ ගෑනු රවට්ටමින් කරන මේ ජරා ජාවාරම නවත්වන්න. මේ විදිහට උගුලට අහුවෙලා ආත්ම ගෞරවය නැති කරගත්තු, සල්ලි නැති කරගත්තු ඕන තරම් ගෑනුq තමන්ට වෙච්චි අතවරය ගැන වචනයක්වත් කතා නොකර ඉන්නවා ඇති. ඒත් භාෂාව නොතේරෙන, ඒ භාෂා නොතේරුම් කම නිසාම මර උගුල්වලට හසුවන අහිංසක ගැහැනු වෙනුවෙන් මං මේ දේ කළා. මට රට යන්න නෑ. මගෙ පාස්පෝට් එකත් නෑ. සල්ලි නැතිව ඒක ගන්න විදිහක් නෑ. මේ අපරාධ කරන මිනිස්සු සම්බන්ධව කවුරුහරි පියවරක් ගන්න.
අවසානයේ ඇය හ`ඩා වැටුණාය. කමලිනී සිය විදේශ ගමන ස`දහා ගමන් බලපත්‍රය ලබා දී තිබුණේ අල් රෂීඩ් මෑන් පවර් නමැති රජයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතනයකටය. එහි බලපත්‍ර අංකය 1535 ය. පිහිටා ඇත්තේ කුරුණෑගල හන්දිය, දඹුල්ල යන ලිපිනයේය. බලපත්‍ර හිමිකරු ලෙස ස`දහන්ව ඇත්තේ දෝන මරි ජසින්තා නමැත්තියකි. එහෙත් එහි හිමිකරු ලෙස පෙනී සිටින්නේ වෙනත් අයෙකි. ඔවුන් පවසන්නේ ඉහත නමට මේ ව්‍යාපාරික ආයතනය ලියාපදිංචි කර තිබුණද දැන් තමන් විසින් එය පවත්වාගෙන යන බවය. හරියට සිල්ලර කඩයක අයිතිය මාරු කරනවා වාගේය. ඔවුන්ට අනුව කමලිනී කැ`දවාගෙන පැමිණ ඇත්තේ ඔවුන්ගේ සේවකයෙක්ය. මේ ක්‍රියාව ආයතනයෙන් පිට සිදුවීමක්ය. ආයතනයෙන් පිට සේවකයන් හා මෙවැනි කාන්තාවන් අතර සිදුවන සිදුවීම් වලට ආයතනයට වගකිව නොහැකිය. ඔහු පවසන පරිදි උප නියෝජිතවරු ඕනෑ තරම් කාන්තාවන් නිවෙස් වල ර`දවා තබා ගන්නෝය. එසේ ර`දවා තබාගෙන පිට රට යවන්නෝය. එය සාමාන්‍ය සිදුවීමක්ය.
මේ කතාව ඇත්තනම් අප තේරුම් ගත යුත්තේ ගෘහසේවයට යවන අපේ බොහෝ ගැහැනුන් මුලින්ම දූෂණයට පත්වන්නේ මේ රටේ ඒජන්සි කාරයන්ගේ ඇ`දවල් මත බවය. එසේ විදේශගත කරන මේ අසරණ ගැහැනුන්ගේ ජීවිත ඉරණම කුමක් විය හැකිදැයි සිතා ගත නොහැකිය. එහෙත් මේ ජීවිත ගනුදෙනුව සිදුවන්නේ ඉතා සිල්ලරවය. විදේශ සේවා නියුක්ති කාර්යාංශය රට විරුවන් සොයමින් සෞන්දර්ය චාරිකා කරන්නේ මේ වටපිටාවේදීය. එහෙත් ගැහැනුන් විකුණා විදේශ විනිමය සෙවීමේ ආශ්චර්යය අපව විළිලඡ්ජා ගෙන එන්නේය.
මෙම සිද්ධිය පිළිබඳව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණියගෙන් විමසූ විට ඔහු පැවසුවේ මෙවන් අදහසකි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපි පුළුල් පරීක්ෂණයක් සිදුකළා එහිදී අපට දැනගන්න ලැබුණා මෙම විදේශ රැකියා ආයතනයේ උප නියෝජිතවරයෙක් තමයි මෙම සිද්ධියට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මෙම කාන්තාවට හෝටලයකට යන්න කතා කළා කියන කතාව සම්පූර්ණ බොරුවක් ඒ බව මම වගකීමෙන් ප්‍රකාශ කරනවා. තවද මෙම විදේශ රැකියා ආයතනය වෙන අයකුගේ නමින් ලියාපදිංචි කර පවත්වාගෙන යන්නේ වෙනත් පුද්ගලයකු බවත් අපට තොරතුරු ලැබී තිබෙනවා. ඒ පිළිබඳවද අපි පරීක්ෂණයක් සිදුකරනවා. ඒ වගේම මේ උප නියෝජිතවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් සිදුකර එම කාන්තාවට අසාධාරණයක් සිදුවී ඇත්ද යන්න පිළිබඳව ද අපි සොයා බලනවා.
ගයාන් සමරසිංහ
ඉස්ලාම් තෑගි අංක 59
පෑන් පහර
දිවයිනේ හරක් මාෆියාවේ
ගෝඩ් ෆාදර්ලා හෙවත් හරක් මරණ හරක්
අපේ රටේ මිනිස්සුන්ට හොරාකෑම අරුමයක් නොවේ. එකෙක් දෙන්නෙක් හැරුණු විට රටේ ඉහළම උන්ගේ සිට පහළම උන් දක්වා බහුතර පුරවැසි ප්‍රජාවම ඔවුනොවුන්ගේ වපසරිය තුළ විවිධ මට්ටම්වලින් හොරා කති. එහෙව් සමාජයක දැන් හොරා කෑම සාමාන්‍ය දෙයකි. එහෙත් අප මේ සටහන් තබන්නට යන්නේ සාමාන්‍ය හොරකමක් ගැන නොවේ, ගෝත්‍රික ගණයට වැටෙන තිරිසන් හොරකමක් ගැනය. එනම් “හරක් හොරකම” ගැනය.
අඩු වැඩි නැතිව හරක් හොරකම රට හැම තැනම ජයටම සිදුවන්නේය. පසුගිය කාලය තුළ ඒ බව මාධ්‍යයෙන් ද හෙළිදරව් කෙරුණු අවස්ථා බොහෝය. එහෙත් තිරිසන් හොරකම නතර වී නැත. ගසක බැඳ සිටින හරකාගේ ගාතය කපාගෙන යන තරමට “හරක් හොරකම” දැන් උග්‍ර තත්ත්වයට පත්ව ඇත. එමෙන්ම හරක් හොරකම සංවිධානගත කණ්ඩායමක් විසින් කරගෙන යන තුච්ඡ ජාවාරමකි. මේ ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයන් රට පුරා විසිරි සිටිති. එහෙත් මේ හොර හරක් ජාවාරමේ නායකයන් වැඩිමනත් සිටින්නේ වැලිපැන්න, කාදියවත්ත සහ බේරුවල ප්රදේශවලය. වාර්තා වන තොරතුරු මත රටේ විවිධ ප්‍රදේශවලින් අතුරුදන් වන හරකුන් ගෙන එනු ලබන්නේ වැලිපැන්නටය. එනම් වැලිපැන්න හොර හරක් ජාවාරමේ කේන්ද්‍රස්ථානයයි. දැන් මෙරට හොර හරක් මරන ප්‍රධාන නගරය ද වැලිපැන්නය. සැළ වෙන තතු මත වැලිපැන්න ප්‍රදේශයේ ප්‍රබල හරක් හොරුන්ගේ ගෙවල් තුළ හරකුන් මැරීමට වෙනම කාමරයක් ද ස්ථාපිත කර තිබේ. වාහනවලින් ගෙන එනු ලබන ඇතැම් හරකුන්ව කෙළින්ම දක්කන්නේ ඒ වධකාගාර තුළටය. ඊට අමතරව වැලිපැන්න නගරය මැදින් ගලන ගඟට පහළ, ගංඉවුරේ කැලෑ රොදක ද හොර හරක් මැරීමට වෙන් වූ ස්ථානයක් ද තිබේ. මේ තැන් ගැන ප්‍රදේශයේ “නීතිය රකින ඇත්තන්” නොදැන සිටීමට නොහැකිය. එහෙත් හරක් හොරකම හමුවේ වැලිපැන්න පොලිසිය ගොළුය.
ලැබෙන අවසරයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා හරක් හොරු සංවිධානගතව රටේ හරකුන් බහුල ප්‍රදේශවලින් රාත්‍රි කාලයට හරක් ඩහැගෙන එනු ලබන්නාහ. ඒ අනුව හරකුන් බහුල මොනරාගල, කතරගම, හම්බන්තොට, මාතර, ගාල්ල ප්‍රදේශවලින් සේම, රත්නපුර, හොරණ කඩුවෙල, රත්මලාන ආදී නොයෙක් ප්‍රදේශවලින් රාත්‍රියට හරක් ඩැහැගෙන එනු ලැබේ. මේ සඳහා හරක් හොරු භාවිත කරන්නේ සුපිරි පන්නයේ ඩොල්පින් වෑන් රථ, ශීතකරණ සහිත ලොරි රථ සහ සුඛෝපභෝගී බස් රථය. බොහෝ දුරට දැන් හොර හරක් ගෙන එනු ලබන්නේ අධිවේගී මාර්ගය හරහාය. පසුගිය දිනක හරක් පටවාගෙන පැමිණි ලොරියක් අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ යකඩ වැට කඩාගෙන ඉදිරියට ඇදී ගොස් තිබිණි. අදටත් යකඩ වැට කඩාගෙන ඉදිරියට ඇදී ගිය වාහනය අත්අඩංගුවට ගැනීමට නීතිය කරවන කිසිම ජගතෙකුට නොහැකි වීම හරකුන්ගේ පමණක් නොව මුළු රටේම කරුමයකි. එමෙන්ම පසුගිය දිනක වැලිපැන්න ප්‍රදේශයේ ප්‍රබල හරක් හොරෙකුගේ නිවසක් තුළ පිහිටි වධකාගාරයක් තුළ හරකෙකු ගැට ගසා සිටියදී වැලිපැන්න පොලිස් වසමෙන් පිට පොලිසියකින් පැමිණ හරකාව නිදහස් කරගෙන ගිය සිද්ධියක් ද වාර්තා වේ. කඩුවෙල නවගමුව ප්‍රදේශයෙන් හොරකම් කරගෙන පැමිණි හොර හරක් හාරසීයක් පමණ පොලිසියේ ඉහළ නිලධාරීන්ගේ මැදිහත්වීම මත වැලිපැන්න ප්‍රදේශයේදී නිදහස් කරගෙන තිබිණි. ප්‍රදේශවාසීන් පවසන අන්දමට හරක් හොරුන්ට එරෙහිව වැලිපැන්න පොලිසියට ඉහළින් නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන අවස්ථාවලදී ද දැල එළීමට පෙර හරක් හොරුන්ට ඔත්තුව යන්නේය. එය කෙසේ සිදු වෙනවාද කියා අපි නොදනිමු. පෙර සඳහන් කළ පරිදි රට පුරා හරක් හොරකම කරගෙන යැමට සංවිධානාත්මක කල්ලියක් සිටින බව නම් ඕන හරකෙකුට තේරුම් යන්නේය.

ගමකින් ගමකට ගොස් කිසිම හොරෙකුට හොරකම් කිරීමට නොහැකිය. ගමේ අහු මුලු දන්න කෙනෙක් හොරකමට සම්බන්ධ කරගත යුතුමය. එහෙයින් ප්‍රථමයෙන් හරක් හොරු ගම්මානවල සිටින “නන්නත්තාර වූ අපතයන්ව” තිරිසන් හොරකමට සම්බන්ධ කරගන්නාහ. මේ අපත වැඩේට සම්බන්ධ වන බොහෝමයක් දෙනා බෞද්ධ වෙසින් සිටින තිරිසන්නුය. වනචාරීන්ය. උන්ට පැවරෙන රජකාරිය ගමේ හරකුන් සිටින තැන සොයා බලා හරක් හොරුන්ට නිවැරැදි තොරතුරු ලබාදීමය. ඒ අපත වැඩේ කරන උන්ට හරක් හොරු විසින් සැලකිය යුතු මුදලක් ද ලබා දෙන්නාහ. ලැබෙන තතු මත හරක් හොරු පසු දිනක රාත්‍රි කාලයට හොරකම සිදු කරන්නාහ. තුන් වේලටම හරක් මසA කන හරක් හොරු තඩි හරකෙක් වුවද උස්සා වාහනයකට විසි කිරීමට තරම් ශක්තිමත්ය. හරක් ඇල්ලීමට අති දක්ෂයෝය.
පසුගිය දිනක අලුයම දෙකට පමණ වැලිපැන්න හොරවල හඹුරුවාගොඩ ප්‍රදේශයේ ගෙයක් අසළ බල්ලන්ගේ බිරීමට ගෙහිමියා දොර ඇර විපරම් කර තිබේ. එවිට ඔහුට දැක ගන්න ලැබී ඇත්තේ කළු ඇඳුම් ඇද ගත් තිදෙනකු ත්‍රිරෝද රථයක නැගී කඹයකින් බැඳි හරකකු ඇඳගෙන යැමකි. දකින දසුනෙන් කලබලයට පත් ගෙහිමියා “මෙන්න හොරු” කියා මහ හඬින් කෑමොර දී ඇත. ඒ සමගම ක්‍රියාත්මක හරක් හොරු හරකා අතහැර ත්‍රිරෝද රථයෙA විදුලි පහන් ද විසන්ධි කර පළා ගොස් තිබිණි. පසුව සිද්ධිය වූ ස්ථානයට ගම්මු එකතුව විපරම් කරන විට දැක ගන්නට ලැබී ඇත්තේ “හරක් හොරු” ගෙල වැළලාගෙන ඇඳගෙන ගොස් ඇත්තේ පැටවකු බිහි කිරීමට සිටින ගව අම්මා කෙනෙකි. හරක් හොරුන්ගේ දර දඬු අත්වලින් ඇද ගව අම්මාගේ එක් පාදයක් කැඩී ඇවිද ගැනීමට බැරි තත්ත්වයට පත්ව තිබිණි. කෙසේ හෝ හරකාගේ කනේ එල්ලා තිබූ හඳුනාගැනීම සලකුණ මත ගවයා ජීවත් වූ ප්‍රදේශය ගම්මුන් හඳුනාගෙන තිබිණි. ඒ අනුව හරක් හොරු ගවයාව ගෙනැවිත් තිබුණේ හඹුරුවාගොඩ ගමට යාබද කළුපහන ප්‍රදේශයෙනි. පසුවදා හිමිදිරියේ ගම්මු වැලිපැන්න පොලිසියට සිද්ධිය දැනුම් දුන්න අවස්ථාවේ පොලිසිය පැමිණ සිද්ධිය සටහන් කරගෙන තිබිණි. ඒ එක් සිද්ධියක් පමණි. තැනක දෙතැනක හරකෙක් දෙන්නෙක් සිටියද වැලිපැන්න අවට ගම්මානවල දැන් හරක් නැත. වසර කිහිපයකට ඉහත ඒ ප්‍රදේශවල කිරි ගොවියන්ට ගව පට්ටි ගණන් සිටි බව දැන ගන්නට තිබේ. හරක් හොරුන්ට තටු ලැබීමත් සමග ගමේ ගොඩේ හරක් එකා දෙන්නා දවසින් දවස අතුරුදන් වී ඇත. හරක් හොරුන්ට එරෙහිව හරි හැටි නීතියක් ද ක්‍රියාත්මක නොවෙන තැන කිරි ගොවීන් ගව පට්ටි පිටින්ම විකුණා දමා ඇත. එකල ගව පට්ටිකරුවන් දැන් “හරක් හොරු” විවිධ ප්‍රදේශවලින් හොරකම් කරගෙන එන හරක්වම බලා කියා ගන්නාහ. වැලිපැන්න අවට ගම්මානවල රාළහාමිලා, සුනිල්, නමරත්න, නන්දේ අයියලා, පොඩි මහත්තෙලා අබරන් සීයලා හොර හරක්ව බලා කියා ගැනීමට සැදී පැහැදී සිටින්නාහ. වැලිපැන්න පොලිස් වසමෙන් පිට වළල්ලාවිට, දොඩම්පාපිටිය ප්‍රදේශවල ද කුලියට හරක් බලා ගන්නා කාලකණ්ණි සිටින්නාහ. සතුන් බලා කියා ගන්නවාට ඒ ගව පට්ටිකාරයන්ට වෙනම පුංචි මුදලක් ද ගෙවන්නාහ. කිරිදෙනුන් වයසට යනකම්ම පැටව් වදන්න සහ කිරි ගැනීමට අවසර දෙන්නාහ. පිරිමි සතුන්ට නම් වැඩි ආයුෂක් නැත. ගව මස් ඉල්ලුම මත පිරිමි සතුන්ව එකා දෙන්නා ගව පට්ටිවලින් වැලිපැන්න වධකාගාරවලට දක්කන්නේය. වයසට යන කිරිදෙනුන්ට අත්වන්නේ ද ඒ ඉරණමමය. අවසානයේ උන්ගෙන් මෙලොවට බිහි වූ පැටවුන් උස් මහත් වූ පසු දැකන්නේ ද මවුපියන්ව මස් කරපු මස් මඩුවලටමය. ඇතැම් විට වසු පැටවුන්ට ද එළුමස් වෙනුවට ළදරු වයසේදීම ජීවිතය දන් දීමට සිදු වන්නාහ. දැනගන්නට තිබෙන ආකාරයට වැලිපැන්න ප්‍රදේශය තුළ සතියකට හොර හරක් හතළිහක් පනහක් ඝාතනය කරන්නේය. එහෙත් මාස හය හතකට වුවද මස් කිරීමට “හරක් ස්ටොක්” එකක් අදටත් වැලිපැන්න ප්‍රදේශයේ තිබෙන්නේය.
මස් මඩු තුළ හරකුන් මරනු ලබන්නේ ද දස වද දීමෙනි. හරකා ඕනෑවට වඩා දැඟලුවොත් ප්‍රථමයෙන් ඌගේ කකුල් කඩා දමන්නේය. පසුව කුළු ගෙඩිවලින් උගේ හිසට පහරදී කුඩු කර ගෙල කපනු ලැබේ. පවතින නීතිය මත හරකෙකු මැරීමට පෙර සතාව ප්‍රසිද්ධියේ ගැට ගසා තිබිය යුතුය. පසුව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සතාගේ මළ මුත්‍රා පරීක්ෂා කර හරකා මැරීමට සුදුසුයි කියා අනුමත කළ යුතුය. හරකාව ඝාතනය කළ පසුත් සතාව මරන්න අනුමත කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාම මැරූ සතාගේ හදවත පරීක්ෂා කර කිසිම තැම්බුමකදී නොමැරෙන පණුවන් සිටීනම් එම මස් ඉවත් කළ යුතුය. එමෙන්ම මැරූ හරකාගේ සම, කකුල් හතර සියල්ල නැවත පරීක්ෂා කර මරන්න අනුමත කළ හරකාමද කියා නිගමනයකට පැමිණිය යුතුය. අනතුරුව පරිභෝජනයට සුදුසු නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් සීල් තබා අනුමත කළ යුතුය. එහෙත් හොර හරක් මැරීමේදී මේ කිසිදු පරීක්ෂණයක් සිදු නොවේ. දැන් වැලිපැන්න ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ළඟ තිබිය යුතු නිල මුද්‍රdව (සීල් එක) තිබෙන්නේ ද හරක් හොරු ළඟ බව ප්‍රදේශවාසීහු පවසන්නාහ. පෙළගැසෙන කතාව අනුව වැලිපැන්න ප්‍රදේශයේ නීති රකින සියලු දෙනා හරක් හොරු ඉදිරියේ දණින් වැටී සිටින්නෙAය. එහෙත් කිසිම ආගමක හොරකම අනුමත නොකරති. හරක් මස් පරිභෝජනයට අවසර දී ඇති ඉස්ලාමීය ආගම තුළ වුවද හොරකම පාපයකි.
රසින් ගුණයෙන් වැඩියි කියා පාරිභෝජනය සඳහා සිව් පා සතෙකු හෝ කුරුල්ලකු මැරීම, සදාචාරාත්මක යෑයි සාධාරණීකරණය කිරීම කිසිවකුට කළ නොහැකිය. සතෙකුගේ ජීවත්වීමේ අයිතිය නැති කිරීම කොහෙත්ම සාධාරණීකරය කිරීමට නොහැකිය. එහෙයින් “හලාල්” හෝ මොනයම් ආගමික නාමයකින් හැඳින්වුවද, සතෙකු ඝාතනය කිරීම උත්තම පූජාවක් නොවන ඉතාම කෲර හා ම්ලේච්ඡ ක්‍රියාවක් බව ද පුංචි ළමයකුට වුවද වැටහෙන සත්‍යයකි. එහෙත් සත්‍යය එසේ වුවද ලෝකයේ බහුතරය මාංශ අනුභව කරන්නෝ වෙති. එවැනි වපසරියක පුංචි අපේ රටේ හරක් මස් පරිභෝජනය සම්පූර්ණයෙන් තහනම් කිරීම ලෙහෙසි පහසු වැඩක් නොවේ. එමෙන්ම මෙරට පශු ආර්ථිකය රැඳී ඇත්තේ කිරි සහ මාංශ මතය. මහා පරිමාණ සත්ත්ව ගොවිපළ කිහිපයක් සේම, කුඩා පරිමාණ සත්ව ගොවිපළ බොහෝමයක් රට පුරා විසිරි තිබේ. ගව ඝාතනය එකවර නතර කර දැමුවහොත් වසර දහයක් තුළ ගව ගහනය මෙරට ජනගහනයටත් වඩා ඉහළ යන්නේය. අප ඒ වචන ටික පෙළ ගැස්සුවේ හරක් මස් පරිභෝජනය රටට අවැසි කියන්නට නොවේ, සැබෑ යථාර්ථය අවබෝධ කරදීමට පමණි. එහෙත් හරක් මස් පරිභෝජනය සහ හොර හරක් ජාවාරම යනු දෙකකි. හරක් මස් පරිභෝජනය කෙසේ වෙතත්, රටට පිළිලයක් වී තිබූ කොටි ත්‍රස්තවාදය විනාශ කළ මේ ආණ්ඩුවට රටේ හරක් හොරකම නැති කරන එක මහ ලොකු වැඩක් නොවේ. එහෙත් එය එසේ සිදු නොවන්නේය.
එකල එළාර පාලන සමයෙහි ගව පැටවකු සිය රියට යට කර මරා දැමූ තම පුත්‍රයාටද එළාර රජු දඬුවම් දී තිබේ. එහෙත් රටේ අද වෙන හරක් හොරකම් ගැන කියන්නට කිසිම හරකෙක් ජනාධිපති මැඳුරට නොයයි. එතැනට එන මඟ ද ලේ තැවරුණු මුදල් කුට්ටිවලින් ඇහිරී ගොස්ය. කාකි කෝට්කාරයෝ හරක් හොරුන්ගේ ඔඩොක්කුවේ සුරතල් වෙන්නාහ. ප්‍රදේශයේ ඇතැම් දේශපාලකයන්ගේ මන්දිරවල කුස්සියට හරක් මස් ටික යන අතරම මුදල් කුට්ටි සාක්කුවට වැටෙන්නේය. එවිට රටේ නීතිය හරක් හොරුන්ගේ තුරුලේ සැපට නිදිය.
තවත් කියන්නට ඉතිරිව ඇත්තේ මෙපමණකි. මේ තිරිසන් සතුන් හොරා කන අමනයන් රකින පොලිසියක්, දේශපාලනයක්, නීතියක් යම් රටක වේ නම් ඒ රටේ ජීවත් වන මිනිසුන්ද පව්කාරයෝය. දැන් අප ඒ පව්කාරයන් බවට පත් වී අවසානය.
…………………….
ප්‍රදේශයේ මහා පරිමාණයෙන් කරගෙන යන “හොර හරක් ජාවාරම” සම්බන්ධයෙන් අපි වැලිපැන්න පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි මහතාගෙන් ද ඒ ගැන විමසා බැලුවෙමු. පහතින් පෙළ ගැසෙන්නේ අපේ පැනයන්ට ඔහු ලබා දුන් පිළිතුරුය.
වැලිපැන්න ප්‍රදේශයේ හොර හරක් ජාවාරම මහා පරිමාණයෙන් සිදු වෙනවා කියලා චෝදනාවක් තියෙනවා. නීතිය හා සාමය ආරක්ෂා කරන නිලධාරියෙක් හැටියට ඔබට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ මොනවද…
මිනිස්සු කියන විදිහට මහ විශාල හරක් හොරකමක් වෙන්නෙ නෑ. ලංකාවේ වෙනත් ප්‍රදේශවල වගේම ඉඳල හිටල හරක් හොරකම් වෙනවා ඇති.
මේ හරක් හොරුන් සම්බන්ධයෙන් නීතිය හරි හැටි ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා…
මිනිස්සුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්. අපි නම් අකුරටම නීතිය ක්‍රියාත්මක කරනවා.
සමහර පොලිස් නිලධාරීන් හරක් හොරුන්ගේ පගාවට යට වෙලා කියලා ප්‍රදේශවාසීන් කියනවා…
එහෙම දේවල් නම් මට වාර්තා වෙලා නෑ.
……………………………….
ගව මස් ව්‍යාපාරය තුළ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමාට ද යම් කාර්යභාරයක් පැවරි තිබේ. එහෙයින් අපි වැලිපැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂාන් ගුණසිංහ මහතාගෙන්ද කරුණු විමසීමක් කළෙමු.
මාංශ වෙළෙඳාමේදී සෞඛ්‍ය පරීක්ෂකවරයකු විදිහට ඔබේ රාජකාරිය පැහැදිළි කළොත්…
උදේට ගව ඝාතකාගාරයට ගිහිල්ලා මස් පරීක්ෂා කරලා, මස් සෞඛ්‍ය ආරක්ෂිත නම් සීල් එක ගහලා අනුමත කරනවා.
එතකොට පී.එච්. අයි. මහත්තයා හොර හරක් මස්වලටත් නිල මුද්‍රdව තබාගන්න පුළුවන්නේ…
බැහැ… ගවයා මිලට ගත්ත කුවිතාන්සිය මස්කඩ මුදලාලිලා කලින් දවසේ අපිට දෙනවා. ඒ කුවිතාන්සියට අනුකූල ගවයාමද මරන්න අරගෙන තියෙන්නේ කියලා අපි පරීක්ෂා කරලා බලනවා. සතාව හඳුනාගැනීමට ගසා ඇති හං, පාට ඒ කුවිතාන්සියට අතුළත් වෙනවා. ඒ සලකුණුවලින් තමයි මරන්න පෙර අපි ගවයාව පරීක්ෂා කරන්නේ.
කිරි හරක් සහ මීහරක් මැරීම නීතියෙන් තහනම් නේද…
මීහරක් මැරීම අනුමත කරන්නේ නෑ.
එතකොට කිරි හරක්…
කිරි හරක් අනුමත කරන්නෙත් නෑ.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ට රජයෙන් ලබාදී ඇති නිල මුද්‍රdව හරක් හොරු ළඟ තියෙනවා කියලා චෝදනාවක් තියෙනවා…
එහෙම වෙන්න විදිහක් නෑ.
ඔබ වගකීමෙන්ද ඒ ගැන කතා කරන්නේ…
ඔව්.
තරංග රත්නවීර