Fw: [New post] සාධු! සාධු!! සාධු!!! බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවයි එය අනුගමනය කිරීම අපගේ එකම විකල්පයයි!

0 views
Skip to first unread message

Ruwan Weerasinghe

unread,
Nov 30, 2014, 9:32:38 PM11/30/14
to



On Sunday, 30 November 2014, 0:29, ධර්ම නිධාන <commen...@wordpress.com> wrote:


ධර්මචාරී පිරිස posted: " මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද - ගලගොඩඅත්තේ ඥනසාර හිමි සිරිමන්ත රත්නසේකර "මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල ක"
Respond to this post by replying above this line

New post on ධර්ම නිධාන

සාධු! සාධු!! සාධු!!! බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවයි එය අනුගමනය කිරීම අපගේ එකම විකල්පයයි!

by ධර්මචාරී පිරිස
මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
- ගලගොඩඅත්තේ ඥනසාර හිමි
සිරිමන්ත රත්නසේකර
"මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට" දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.
පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.
2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාරවලට බොදු බල සේනාවේ කැමැත්ත නැහැ. අපේ රට පැහැදිලිව දියුණු කළ හැකි සිංහලේ බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක්‌ අප සතුව තිබෙනවා.
වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණවලදී සිදු වූවක්‌ මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැහැ. වසර 2 ක්‌ තුළ අප විසින් නිර්මාණය කළ නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්‌මන් නොවිය යුතුයි.
බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවක්‌ වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති "බොරු වළේ" වැටී විනාශ වීමට ඇති ඉඩකඩ පිළිබඳව තේරුම් ගැනීමට බොදුබල සේනා පැහැදිලිව පරිණත වී ඇති බව කිවයුතුයි. සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වු පදනම ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක්‌ කරගෙන භූක්‌ති විඳින "රජුන් තැනීමේ" බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහල බෞද්ධයන් එක්‌සත් විමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකව විචාරශීලීව, බුද්ධිමත්වයි.
2009 දී කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජය අපොහොසත් වූවා පමණක්‌ නොව බලය උදෙසා, රට ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස්‌ කළ හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්‌ව එය ශක්‌තිමත් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් දුර්වල වී ඒ නිසා සිංහල බෞද්ධ රාජ්‍ය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටිනවා.
2015 ජනාධිපතිවරණය පිළිබඳව බොදු බල සේනාව සිය සංවිධායකයන් හා ප්‍රධාන දායකයන් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අපගේ "ජාතික බුද්ධි සභාවේ" විමසුමටද ලක්‌ කළා. අනතුරුව බොදු බල සේනාවේ දේශපාලන මණ්‌ඩලයේ නිර්දේශ මත එහි "විධායක කමිටුව" මෙම තීන්දුවට එළඹීමට කටයුතු කළා.
2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක්‌ නොව සමස්‌ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කළ හැකි විශේෂයෙන් සැමට සෙත සැලසිය හැකි සිංහල බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සංධිස්‌ථානයක්‌ ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක්‌ වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට "ජාතිභේදවාදී ත්‍රස්‌තවාදය" හා "ආගමික ත්‍රස්‌තවාදය" හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක්‌ ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම ක්‍රමන්ත්‍රණය හෙළිදරව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුළින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්‌තිමත් කිරීමට උදාවන සෑම තත්ත්පරයක්‌ම යොදා ගත යුතුයි. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කළ යුතුයි. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්‍ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගත් සිංහල බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටන තුළින් 2015 ජනවාරි මස 8 වැනි දින පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම විජාතික කුමන්ත්‍රණය පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්‌ කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්‍ෂුන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය යන්න අපගේ තීන්දුවයි.
මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ එක්‌වූහ.
ධර්මචාරී පිරිස | නොවැම්බර් 30, 2014 දින 12:29 පෙ.ව. ට | Categories: නොකල යුතු පව්කම්, පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි, බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන, බොදුබල සේනා, බොදුබල සේනා පූජණීය හිමිවරු, මෛත්‍රිපාල මහතා පිටුපස සිටින බොදු විරෝධී කුමන්ත්‍රණකරුවන් දිනවීම, මෛත්‍රීපාල ඉත්තා කරගත් ජාත්‍යන්තර කුමන්ත්‍රණය, වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය, විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා | URL: http://wp.me/p1el2b-qs
Comment    See all comments

Thanks for flying with WordPress.com





Reply all
Reply to author
Forward
0 new messages