Posted on November 26th, 2014
ධර්මසිරි සෙනෙවිරත්න
පුදනකොටම කා පී යකා කිව්වා වාගේ ඒ ජාප යේ ලොක්කෝ දැන්සිටම
මයිත්‍රී පාච්චල් කිරීම අරඹා ඇත.
November 24, 2014 at 4:54 pm | lanka C news

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමට මහනුවරට පැමිණි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතර වූ බහින් බස්වීමක් මල්වතු විහාරය අසලදී සිදුවූ අතර හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්නගේ මැදිහත් වීමෙන් එය ඉතා අසීරුවෙන් සමථයකට පත්විය.
මෙහිදී එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මෛත්‍රිගේ ජාතකය ඇද ගනිමින් බැණ වැදුණේ “මෛත්‍රී උඹ 32ක් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ගේනවා’යි කිව්වා. මංගල ප්‍රවෘත්ති සාකච්ඡාවට 13ක් එනවා කිව්වා. කෝ ඒවා. උඹ මහ බොරුකාරයෙක්” යන වචන සමඟ අසභ්‍ය වචනද එක්කරමිනි. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ මම ගනුදෙනු කරන්නේ රනිල් ලොක්කා එක්ක. මට ඔයත් එක්ක ගනුදෙනු නෑ කියාය.
එවිට තවත් තදවුනු කිරිඇල්ල කියා සිටියේ ශ්‍රිලනිප මූලස්ථානයේ කාල්ක් කට්ටෙක් වුණ තමුසෙට මහලේකම් කම දුන්නට චන්ද්‍රිකාගේ පස්ස ඉඹිය යුතු බවය. “මම ලෝයර් කෙනෙක් මිනිහෝ. තමුසෙ ග්‍රාමසේවකයෙක් දැන ගන්නවා ඒක” යැයිද කියා සිටියේය. මෙවිට හිටපු දියවඩන නිලමේ නිරංජන් විජේරත්න ඉතා අසීරුවෙන් ලක්‍ෂ්මන් කිරිඇල්ල ඉවතට ඇදගෙන ගියේය. “උඹත් එක්ක මම දවල් කුවින්ස් හෝටලයේ කෑමට එන්නෙත් නෑ” කියා කිරිඇල්ල බෙරිහන් දුන්නේය.
– මහනුවර විශේෂ
97,171 Viewers
දළදා මාලිගා වේදීම කිරි ඇ ල්ලේ බෙරිහන් දුන්නේ ” දැනගනින් මම ලෝයර් කෙනෙක් උඹ නිකම්ම ග්‍රාමසේවක , ක්ලාක් කට්ටෙක් ”කියමිනි උද්ධච්ච මහන්තත්ත ඒ ජා ප නායකයන් ඉදිරියේ මේ ගමේ මිනිහා කෙසේනම් ඔලුව උස්සය් ද. සිරිසේන ජනාධිපති වුනත් රනිල් ට sir නොකිව්වොත් කොතනදී හෝ වාඩුව ගන්නවා ඇත.
සරත් ෆොන්සේකා රනිල් ට sir නොකීම ගැන ආඩ පලියක් තිස්ස අත්තනායකගේ පොතේ ඇත. ගමේ බය්යා , ගොය්යා ග්‍රාමයා ආදී අපහාස උපහාස විඳිමින් දිනුවත් දින 100න් බලවතා වන්නේ රනිල් ය.
නාමික ජනපති කමක් ඇතිකලොත් චන්ද්‍රිකා ට එය දෙන්න රනිල් කැමති වන්නේ පැලැන්තිය රැකීමට ය. අවසානයේ දී සිරිසේනට ඇමතිකමක් ලැබෙනු ඇත. සිරිසේන දිගටම විධායක ජනපතිකමේ සිටියොත් වැඩේ ජෝන් බාස්ට යය් .
එහෙත් එතරම් හැකියාවක් ඔහුට අතය් සිතිය නොහැක. පහල තැනකින් ආවත් ප්‍රේමදාස එවැන්නෙක් විය . ප්‍රේමදාස දක්ෂයෙකි එහෙත් සිරිසේන සියල්ල හැරදමා යය්ද දේශපාලනයට ආවේ එහෙම යන්නද අගමැතිකම නොලැබීම ගැන මෙතරම් විරසකයක් වුනේ නම් ලැබුන බලය දමා ගෙදර යන්න ඔහු කැමති වෙය් ද.. නොගියොත් රටම ගිනිතියන්න ඒ ජා පය සුදානම් වනු ඇත.
එක්කෝ හමුදා කුමන්ත්‍රණයක් දියත් වෙනු ඇත. 13 අ ගැන වචනයක් වත් නොකියන නිසා සිංහල බෞද්ධ සංවිධාන හෝ සිරිසේනට රැකවරණ නොදෙනු ඇත.
හමුදා ලොක්කෝ නම් මවා ගැනීමට ඔහුට හැකියාවක් පෞරුෂයක් නැත. මේ සම්ම ජාතියේ එජා ප යට බලය ලබා ගැනීමට නොහැකි නිසා අසරණ ඉත්තෙක් ඉදිරියට දමා ඒ ජා පය කරන්නේ ලජ්ජා නැති වැඩකි
සිංහලයන් විශේෂයෙන් බෞද්ධයන් භේද භින්න කර කෙසේ හෝ බලය ලබාගැනීමට කරන මේ උත්සාහය මහා අලජ්ජී ක්‍රියාවක් ලෙස ඉතිහාස ගත වනු ඇත.
මෙයිනුත් පැරදුන විට රනිල් ට ආත්මයක් නැතිවේ . මේ සියලුම බලවේග පරදවා දිනන්නට මහින්දට ඇති ඒකායන මග නම් 13a සහ පළාත් සභා අහෝසි කිරීම හෝ එසේ කරන බවට ජනතාව ඉදිරියේ දිවුරා පොරොන්දුවීමය්.
එවිට ජය සිකුරුය් . ශාන්තිවාදී තාපසයට සිදුවුනා මෙන් සිරිසේන ට ලොක්කන්ගේ ප්‍රහා ර නිසා අවයව එකින් එකඅහිමි වී මිය යන්නට සිදු වුනොත් පුදුමයක් නොවේ