සිරිමාට එරෙහි කතෝලික කුමණ්ත්‍රණය හා ඇගේ කතෝලික දියණිය

5 views
Skip to first unread message

Roshan Aponsu

unread,
Nov 3, 2014, 3:58:34 AM11/3/14
to

 

About victims of wrong faith
----------------------------------------------------
Martyrs of other faiths say; "I will die for what I believe". A Muslim martyr says; "you will die for what I believe"....



On Saturday, 1 November 2014, 21:18, Jealous God - ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ <commen...@wordpress.com> wrote:


එදිරිල්ලේ උරුමය posted: " 2015 ජනපතිවරණය හා සිංහල බෞද්ධයා මීරියබැද්ද කන්ද දෙමළ වතු කම්කරුවන් තුන්සියයක්‌ බිලිsගෙන ඒ කිසිවක්‌ සිදු නොවූ අන්දමට නිහඬව බලා සිටී. අසරණ දුගී වතු කම්කරුවෝ අඩි 30 ක පස්‌ කන්දකට බිලිවූහ. අපට සිදුකළ හැක්‌කේ කුමක්‌ද? ඔවුනට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පම"
Respond to this post by replying above this line

New post on Jealous God - ඊර්‍ෂ්‍යාවන්තවූ දෙවියෝ

සිරිමාට එරෙහි කතෝලික කුමණ්ත්‍රණය හා ඇගේ කතෝලික දියණිය

by එදිරිල්ලේ උරුමය
2015 ජනපතිවරණය හා සිංහල බෞද්ධයා
මීරියබැද්ද කන්ද දෙමළ වතු කම්කරුවන් තුන්සියයක්‌ බිලිsගෙන ඒ කිසිවක්‌ සිදු නොවූ අන්දමට නිහඬව බලා සිටී. අසරණ දුගී වතු කම්කරුවෝ අඩි 30 ක පස්‌ කන්දකට බිලිවූහ. අපට සිදුකළ හැක්‌කේ කුමක්‌ද? ඔවුනට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම පමණි. ජීවිතය පුරාම පීඩිත භාවයෙන් පෙළනු ලැබූ මේ වතු කම්කරු පිරිසගේ මරණය ද පීඩිත විය. මෙය සැබැවින් ම ෙ€දයකි. ස්‌වභාව ධර්මයා විටක අපට ඉතාම කාරුණිකව සලකන අතර, විටෙක අතිශය ප්‍රචණ්‌ඩ ලෙස අපට පහර දෙයි. වෙඩි උණ්‌ඩයෙන් හෝ කාලතුවක්‌කුවෙන් පහර දී මීරියබැද්ද කන්දෙන් පලිගත නොහැකිය. මීරියබැද්ද ගම්මානය ද ඉතිහාසයට එකතු විය. ශිෂ්ටාචාරය එතැන වැළලිණි.
මේ ස්‌වාභාවික විපත රටේ දේශපාලන උණුසුම වෙනතකට හැරවීය. මහින්ද - රනිල් - පොදු අපේක්‍ෂක සටන ගැන නිරන්තරව පිටු පිරවූ මාධ්‍ය ද මීරියබැද්ද කන්ද විසින් යටකරනු ලැබිණි. එහෙත් තව ටික දිනකින් යළිත් ජනපතිවරණ උණුසුම ඉදිරියට එනු ඇත. මීරියබැද්ද ගම ක්‍රමයෙන් මතකයෙන් ගිලිහෙනු ඇත. 2015 ජනවාරි මාසයේදී අනිවාර්යයෙන් ම ජනාධිපතිවරණයක්‌ පැවැත්වෙන බව අගමැති දි. මු. ජයරත්න මහතා පසුගිය සතියේදී මහනුවර පැවැති රැස්‌වීමකදී ප්‍රකාශ කර තිබිණි. ජනපතිවරණයට පෙර හෝ පසුව අගමැති ධුරයේ වෙනසක්‌ ඇති වනු ඇත. පොලොන්නරුව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මධ්‍ය මණ්‌ඩලය ඉල්ලා තිබුණේ ජනාධිපතිවරණයට පෙර අගමැති ධුරය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කළ යුතු බවයි. මේ ගැන රටේ විධායකය කවර මතයක්‌ දරන්නේ ද යන්න පැහැදිලි නැති වුවත් සිරිසේන මහතා අගමැති ධුරයට පත් කිරීම ශ්‍රීලනි පාක්‍ෂිකයන් යම් ප්‍රබෝධයකට පත් කිරීමට හේතු වනු ඇත.
ඌව පළාත් සභා මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය තමන් 2009 දී ලැබූ ඡන්ද ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ ලබා ගැනීමට හැකි වීම නිසා නව පණක්‌ ලැබූ පිරිසක්‌ සේ ක්‍රියා කරන බව පෙනේ. එහෙත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට 2015 ජනාධිපතිවරණය ජය ගැනීමට හැකි වේද? 1999 දී පැවැති ජනාධිපතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ නායකයාට යම් වාසිසහගත තත්ත්වයක්‌ නිර්මාණය වී තිබුණද, එය වැළකුණේ හිටපු ජනාධිපතිනිය කොළඹ පුරහලේදී කොටි මරාගෙන මැරෙන බෝම්බකාරියකගේ ප්‍රහාරයකට ලක්‌වීම නිසා ය. මේ නිසා හිටපු ජනාධිපතිනියගේ ඇසක්‌ අහිමි වුවත් සිංහල ජනතාව අවසන් මොහොතේ ඇයට ඡන්දය දුන් නිසා 1994 ට පසුව යළිත් වරක්‌ බලය තහවුරු කර ගැනීමට කුමාරතුංග මහත්මියට හැකි විය. ඇය සිංහල බෞද්ධයන් අතර ජනප්‍රිය නායිකාවක්‌ වූයේ නම් නැත. ශ්‍රීලනිපයෙන් ජනපති පදවියට පත් වුවත් ඇය අනුගමනය කළ ප්‍රතිපත්ති බොහෝ දුරට සමාන වූයේ ඇගේ සැමියාගේ පක්‍ෂය එනම් ශ්‍රී ලංකා මහජන පක්‍ෂයේ ප්‍රතිපත්තිවලටය. කුමාරතුංග මහත්මිය කිසිම විටෙක ඇගේ මව මෙන් එනම් සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය මෙන් සිංහල බෞද්ධ නායිකාවක්‌ නොවූවාය. සිරිමාවෝ බණ්‌ඩාරනායක මහත්මිය නම් සැබැවින් ම හොඳ බෞද්ධ නායිකාවකි. ඇය බලයෙන් පහ කිරීම 1962 දී සිදු වූ හමුදා කුමන්ත්‍රණය කෙළින්ම කතෝලික කුමන්ත්‍රණයක්‌ විය. එහි ප්‍රමුඛ වූ සියලු දෙනාම කතෝලික හමුදා නිලධාරීහු විය. සිරිමාවෝ මැතිනිය 1960 කතෝලික පාසල් රජයට පවරා ගැනීම පිළිබඳ කතෝලික සභාව බෙහෙවින් සසල විය. කවරක්‌ නමුත් ඇගේ දියණිය බෞද්ධයාට හිතවත් ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළාද යන්න බලවත් ප්‍රශ්නයකි. ඒ ඇගේ දේශපාලන දර්ශනය අනුව විය හැකිය.
2015 ජනපතිවරණයේදී සිංහල බෞද්ධයා ඡන්දය ලබා දිය යුත්තේ කාටද? මහින්ද රාජපක්‍ෂ මහතාට ආකර්ෂණය වන්නේ සිංහල බෞද්ධ ඡන්ද පමණකි. නමුත් බෞද්ධ බලවේග වත්මන් ජනපති සමඟ යම් විරසකයකින් කටයුතු කරන්නේද? ජාතික හෙළ උරුමය ජනපතිවරයාට ඉදිරිපත් කර ඇති යෝජනාවලියට මෙතෙක්‌ පිළිතුරක්‌ ලැබී නැත. බොදු බල සේනාව නම් ප්‍රකාශ කර තිබුණේ ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වන අපේක්‍ෂකයන් අතරින් තරමක්‌ හෝ සහනයක්‌ වන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා බවයි. අපත් මේ අදහසේ සිටිමු. කවර වැරදි තිබුණද, මහින්ද ජනපතිට තව එක්‌ අවස්‌ථාවක්‌ ලබා දීමට සිංහල බෞද්ධයා ක්‍රියා කළ යුතු බව අපේ මතයයි. බොහෝ වැරදි අඩුපාඩුකම් සිදුÊවී ඇති බව අප දනිමු. නමුත් 2015 ජනපති මැතිවරණය සිංහල බෞද්ධයාට ඉතා තීරණාත්මක බැවින් වඩා සාධනීය අපේක්‍ෂකයා තෝරා ගැනීම ඉතා වැදගත් ය.
අතුරලියේ රතන හිමියන් පිවිතුරු හෙටක්‌ සංවිධානය ඔස්‌සේ විධායක ජනපති ක්‍රමයේ බලතල අඩු කිරීමට යෝජනා ගෙනැවිත් ඇත. මේ යෝජනා ක්‍රියාත්මක නොකරන්නේ නම් හැකි සෑම වෙරයක්‌ම දරා මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කිරීමට කටයුතු කරන බව රතන හිමි එදා බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී උස්‌ හඬින් ප්‍රකාශ කළේය. රතන හිමියන්ගේ කණස්‌සල්ල කුමක්‌ දැයි අප නොදන්නා මුත් මහින්ද පරාජය කර ගෙන එන අපේක්‍ෂකයා රතන හිමිට පාලනය කළ හැකි ද යන ප්‍රශ්නය අපි නඟමු. මහින්ද රාජපක්‍ෂ පරාජය කර රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත් කළ ද ඔහු හදිසියේ ජනපති ක්‍රමය වෙනස්‌ කිරීමට යන්නේ නැත. ඇත්තෙන්ම විධායක ජනපති ක්‍රමය වෙනස්‌ කිරීමට උත්සාහ කිරීම සිංහලයාට අවාසියකි. එය විරුද්ධ පක්‍ෂයේ කුහකකම විදහා දැක්‌වීමක්‌ මිස අන් දෙයක්‌ නොවේ. කොටි පරාජය කිරීම සඳහා නිසි දේශපාලන නායකත්වයක්‌ ලබාදීමට විධායක ජනපති ක්‍රමය බෙහෙවින් ඉවහල් විය. එසේම රට ස්‌ථාවරව තබා ගැනීමට විශේෂයෙන් දේශපාලන ස්‌ථාවරය පවත්වාගෙන යැමට විධායක ජනපති ක්‍රමය අත්‍යාවශ්‍යය. 2015 දී කවරකු බලයට පත් වුවද විධායක ජනපති ක්‍රමය අහෝසි කළ යුතු නැත. එසේම ජනපතිවරණයක්‌ ආසන්නයේ කඩිමුඩියේ ව්‍යවස්‌ථා වෙනස්‌කම් සිදු කිරීම අමනකමකි.
චතුර පමුණුව
Comment    See all comments

Thanks for flying with WordPress.com



Reply all
Reply to author
Forward
0 new messages