බැටරි ආරෝපණ තාක්ෂණයේ නවතම පෙරළිය

2 views
Skip to first unread message

It's Behind You

unread,
Jun 20, 2017, 12:39:49 AM6/20/17
to its-behind-you

දිනෙන් දින දියුණුවන බැටරි ආරෝපණ තාක්ෂණයේ නවතම පෙරළිය – 

OPPO Super VOOC Flash Charge



ජංගම දුරකථන, ටැබ්ලට් යන්ත්‍ර අද ලෝකේ අපට නැතිවම බැරි දෙයක් බවට පත්වෙලා. මුළු දවස පුරාම ජංගම දුරකථන එක්ක ජීවත් වෙන අයට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි ජංගම දුරකථන බැටරිය දිනකටවත් ප්‍රමාණවත් නොවීම. ඒ වගේම බැටරිය චාර්ජ් කරගන්න ගතවෙන කාලය වැඩිවීමත් ලොකු ගැටළුවක්. ඉතින් මේ ප්‍රශ්ණ වලට විසඳුමක් විදියට නොයෙකුත් සමාගම් වැඩි ආයුකාලයක් ඇති බැටරි වගේම ක්ෂණිකව බැටරි චාර්ජ් කල හැකි බැටරි ආරෝපණ තාක්ෂණයන් එළිදැක්වූවා.

අපි අද කතාකරන්නට යන්නේ OPPO සමාගම විසින් හඳුන්වා දුන් Super VOOC Flash Charge බැටරි ආරෝපණ තාක්ෂණය පිළිබඳවයි. Super VOOC Flash Charge යනු 2014 වසරේදී OPPO විසින් හඳුන්වා දුන් VOOC Flash Charge හි අලුත්ම නිකුත්වයි. මෙය දැනට ලොව පුරා මිලියන 18කට අධික පිරිසක් භාවිත කරනු ලබනවා.

මුල් VOOC Flash Charge තාක්ෂණය හරහා මිනිත්තු 5ක් වැනි කෙටි කාලයක් චාර්ජ් කිරීමෙන් පැය 2කට අධික කතා කාලයක් ලබාගත හැකි වූ අතර නව Super VOOC Flash Charge හරහා මිනිතුත් 5ක් චාර්ජ් කිරීමෙන් පැය 10කට ආසන්න කාලයක් දුරකථන සංවාදයේ යෙදීමට භාවිත කරන්නාට හැකි වනවා. මීට අමතරව මිනිත්තු 15ක වැනි ඉතාමත් සුළු කාලයකදී 2500mAh බැටරියක් සම්පූර්ණයෙන් ආරෝපණය කරන්නටත් OPPO සමාගමට හැකිව තිබෙනවා.

මේ නව තාක්ෂණයේදී වෝල්ට් 5ක වෝල්ටීයතාවයක් යටතේ, අඩු උෂ්ණත්වයකදී බැටරිය ආරෝපණය කෙරෙන නිසාවෙන් එය බැටරියේ ආයුකාලය සඳහාත් වැදගත් තාක්ෂණයක්. මෙවැනි බැටරි තාක්ෂණික දියුණු වීම් නිසාවෙන් අප දිනෙන් දින තව තවත් නව තාක්ෂණය වෙත නැඹුරු වනු ඇති අතර ඒ හරහා එදිනෙදා කටයුතු වඩාත් පහසුවෙන් සිදුකරගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.


Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages