Facebook Live වීඩියෝ හට YouTube වෙතින් තරගයක්

1 view
Skip to first unread message

It's Behind You

unread,
Jul 27, 2016, 4:23:05 PM7/27/16
to its-behind-you

Facebook Live වීඩියෝ හට YouTube වෙතින් තරගයක් ලැබෙන ලකුණු



YouTube සිය ජංගම දුරකථන යෙදවුම (Mobile App) සඳහා Live Streaming පහසුකම ලබාදීමට කටයුතු යොදන බව එම සමාගම අද දින ප්‍රකාශයට පත්කරා. මේ හරහා යූටියුබ් භාවිත කරන්නන් හට ජංගම දුරකථනය භාවිතයෙන් සැනින් සිය සජීවී වීඩියෝපට අන්තර්ජාලය වෙත එක්කල හැකිවනු ඇත.

ජංගම දුරකථන හරහා Live වීඩියෝ පට අන්තර්ජාලයට එක්කරන සේවා අතරින් Facebook හා Periscope ප්‍රචලිත සේවාවන් කිහිපයක්. නමුත් යූටියුබ් සතුව දැනට පවතින ප්‍රභල තාක්ෂණික සැකැස්ම තුල අනෙකුත් තරඟකාරී සමාගම් වලට වඩා හොඳ සේවාවක් ලබාදිය හැකි වනු ඇති බවයි යූටියුබ් සමාගම පවසන්නේ.

Youtube Live

මේ වන විටත් Facebook Live ලංකාව තුල අතිශය ජනප්‍රිය අංගයක් වී හමාරයි. ඒ වගේම Facebook සිය Live වීඩීයෝ සඳහා විශාල වශයෙන් ධනය ශ්‍රමය ආයෝජනය කරන අතර ජනප්‍රිය තරු පවා යොදාගනිමින් සිය සේවාව ප්‍රචලිත කරවීමට උත්සාහ කරන බවක් පෙනී යයි. කෙසේ වෙතත් මේ නව යූටියුබ් සේවාව සාමාන්‍ය භාවිතකරන්නන් හට එළිදැක්වෙන දිනයක් ගැන සඳහනක් නම් තවමත් නිකුත් කර නැහැ. දැනට බොහෝම සුළු පිරිසකට පමණයි මේ සේවාව එළිදක්වා තිබෙන්නේ.



Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages