රොජර් සෙනෙවිරත්නගේ සොයුරා දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයට

5 views
Skip to first unread message

It's Behind You

unread,
Nov 7, 2012, 12:00:26 AM11/7/12
to its-beh...@googlegroups.com
රොජර් සෙනෙවිරත්නගේ සොයුරා දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරයට


පසුගිය දා රාගම ප‍්‍රදේශයේ දී අට හැවිරිදි දැරියක අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති ජෙරම් රැල්ස්ටන් ස්ටේන්වෝල් නම් 53 හැවිරිදි පුද්ගලයා, පළාත් සභා මන්ත‍්‍රි (එ.ජ.නි.ස.) සිනමා සහ ටෙලි නාට්‍ය නළු රොජර් සෙනෙවිරත්නගේ වැඩිමහල් සොහොයුරා බව වාර්තා වේ.

ඇමති විමල් වීරවංශගේ පක්ෂයෙන් පළාත් සභා මන්ත‍්‍රී ලෙස පත්වූ රොජර් සෙනෙවිරත්න ද තම අනියම් බිරියගේ සැමියාට පහර දී කකුල් කැඞීමේ සිද්ධියකට වසර 10ක අත්හිටවූ සිර දඬුවම් ලබා සිටින අයෙකි. බර්ගර් ජාතිකයෙකු වන රොජර් සෙනෙවිරත්න ගේ නියම නම රොජර් ස්ටේන්වෝල් වන අතර සෙනෙවිරත්න යන නම නළුවකු ලෙස ප‍්‍රසිද්ධ වීමට භාවිත කළ නමක් පමණි.

ඉහත කී බාල වයස් දැරිය අපයෝජනය කළ සිද්ධිය වාර්තා කළ මාධ්‍යවලට මේ වන විට රොජර් මන්ත‍්‍රී වරයාගේ බලපෑම් එල්ල වන බව ද අප වෙත වාර්තා වේ. ඉහත කී චෝදනාව යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කළ පුද්ගලයා මීට ටික කලකට පෙර තම බිරි`දට සහ දරුවාට පිහියෙන් ඇන මරණීය තුවාල සිදුකර සැඟවී සිටියේද රොජර් මන්ත‍්‍රීවරයාගේ නිවසේ වන අතර එම සිද්ධිය ලිහිල් කර ඇත්තේ විමල් වීරවංශ ඇමතිවරයාගේ මැදිහත් වීමෙනි.


Sent from Samsung Galaxy SIII
Reply all
Reply to author
Forward
0 new messages