කොළොම්පුරේ කපල් එකකට යන්න තැනක් හොයාගන්න එක එක්තරා ගේමක් තමයි. යන්න තැන් නම් තියේ. ඒත් විහාරමහාදේවි පාක් එකේ විතරක් නෙවෙයි, සමහර කොෆී ෂොප් වලත් පැයබාගෙකට වැඩියෙන් ඉඳගෙන හිටියහම වේටර් මල්ලි කැරකෙන්න ගන්නවා. කේඑෆ්සී, මැක්ඩොනල්ඩ් ගැන නං කියලම වැඩක් නැහැනේ! මේ කියන්න යන්නේ එහෙම කරදර නැති, නිදහසේපෙම්වතා හරි පෙම්වතිය හරි එක්ක යන්න පුලුවන් හැමෝම දන්න වගේම නොදන්න තැන් කීපයක් ගැන.

ඉස්සො වඩේ කරත්ත මැද්දෙන් තියෙන ගල් බංකු, එතකොට ගෝල්පේස් පිට්ටනිය මායිම් කරගෙන තියෙන සිමෙන්ති බංකු, සිමෙන්ති පඩි කී දාහකගේ ලව් ස්ටෝරීස් අහගෙන ඉන්නවා ඇතිද?කොහොම වුනත් ජනාකීර්ණ වීම අවුලක් නැත්නම් තාමත් හවසට ගෝල්ෆේස් එක මරු. කිස් එකක් දෙන්න එහෙමනම් කුඩෙන් වහගන්න වෙයි, එහෙම නැතුව නිදහසේ කතා බහ කරන්න, ඊටපස්සේ බඩ පැලෙන්න කාලා අත් අල්ලගෙන ඇවිදින්න ගෝල්ෆේස් එකේ කිසිම තහනමක් නැහැ.

ඔඩෙල් එක ඉස්සරහා මුස්ලිම් පල්ලියට එහායින් තියෙන එක පාරටම හොයාගන්නත් බැරි තරම් කුඩා කෝපි කඩේ පෙම්වතුන් යුවළකට හැන්දෑව රොමාන්තිකව ගෙවන්න අනිවා රෙකමදාරුකරන්න පුලුවන් තැනක්. සේවයත් උපරිම මිත්රශීලීයි. ඕන නම් කෝපි කඩේ ඒසී එකේ නැතුව, ඊට එහායින් තියෙන ගාඩන් එකේ සමර් හට් එක යට ඉඳගෙන වුනත් නිදහසේ කතා බහ කරන්නපුලුවන්.

දියත උයන කියන්නෙත් මේ වෙනකොට හවසට ගෝල්ෆේස් එක වගේම සෙනඟ පිරුණු තැනක්. නිදහසේ ඇවිදින්න, කන්න බොන්න විතරක් නෙවෙයි, මල් පැළ ගන්නත් දහසක් සෙනඟ මෙතනටඑනවා. ඒත් ඔබට වැව අයිනෙන් නිදහසේ කතා කර කර ඉන්න බංකුවක් අල්ල ගන්න බැරි නැහැ. ඒ විතරක්ද පොඩි බඩගින්නක් ආපු ගමන් එතන තියෙන කෑම කඩ ටික දිහා බලාගෙන රවුමක්ගියත් බඩ පිරෙනවා!
දියත උයන ගැන කියනකොට අමතක කරන්න බැරි තවත් තැනක් තියෙනවා. බෙල්ලන්විල වේරැස් ගඟ අසබඩතියෙන දියත උයනටම සමාන උද්යානය ගැන. හවසට පොඩි වෝක් එකක් දාන්නවිතරක් නෙවෙයි, ගඟ අද්දර බංකුවකට වෙලා පෙම්වතියත් එක්ක කතා කර කර ඉන්නත්, බඩගිනි දැනෙන වෙලාවට එහා පැත්තේ තියෙන ෆුඩ් කෝට් එකෙන් කැමති විදියට කන්නත් පුලුවන්.විශේෂයෙන්ම හවස් යාමේ ඉර බැහැගෙන යනකොට මැවෙන දසුනේත්, හිතට ගතට දැනෙන කර්කෂ නැති සනීපවත් දේශගුණයේත් තියෙන රොමෑන්ටික් ගතිය ගැන අමුතුවෙන් කියන්න ඕනනැහැ.

ඔබට වෙනසකටත් එක්ක පෙම්වතිය ඉතාලි ආහාර වේලක් ගන්න එක්කරගෙන යන්න ඕන නම් සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ තියෙන එකෝ අවන්හල කදිමයි. ආහාර ගන්න විතරක් නෙවෙයි,නිදහසේ කතා බහ කර කර ඉන්නත් එකෝ අවන්හල ගැලපෙනවා.

මේ තියෙන්නේ කොළඹ හැංගුණු සුන්දරම තැන් වලින් එකක් කිව්වොත් වැරදි නැහැ. ඔබට මෙතැන ඉඳන් ඉන්දියානු සාගරය වගේම කොළඹ නගරය විසිරිලා ගිහින් තියෙන හැටිත් බලාගන්නපුලුවන්. මෙතන ඉඳන් කතාවක් බහක් නැතුව ඉර බහින හැටි බලාගෙන ඉන්න තියෙනවනම් ඊට වඩා රොමෑන්ටික් හැන්දෑවක් තියෙනවද? ඉන් පස්සේ එහා පැත්තේ තියෙන ලයිට් හවුස් ගැලිඑකෙන් මොනවා හරි කාලම ගෙදර යන්නත් පුලුවන්.

බෙයාර්ෆුට් එක පිටුපස තියෙන බෙයාර්ෆුට් ගාඩන් කැෆේ එකට ඔබ ආගන්තුකයෙක් නම්, ඔබ එහි යන පළමු වතාවට දැනේවි ඒක කොයි තරම් වෙනස් අත්දැකීමක්ද කියලා. කෝපි වලටඅමතරව එතන’ආට්’ එකකුත් තියෙනවා කියලා ඔබට වැටහේවි. පෙම්වතියත් එක්ක හැන්දෑව ගත කරන්න යන්න ඊට වඩා හොඳ තැනක් තියෙනවද?

රොස්මීඩ් පෙදෙසේ පුංචි තැනක පිහිටලා තියෙන ඩොටීගේ තේ කාමරේ ඇතුළට යන ඔබ අමන්දානන්දයට පත්වෙනවා කියලා සහතිකේටම කියන්න පුලුවන්. ඉංග්රීසි පන්නෙට සරසපු මෙතනප්රසිද්ධ රෝස තේ එකට ඔබේ පෙම්වතිය මනාප වෙනවා සිකුරුයි. ඕන නම් කුකී එකක්, රසම රස කේක් කෑල්ලක් එක්ක තේ එකක් බොන ගමන් නිදහසේ පෙම්වතියත් එක්ක කතා කර කරඉන්න කියාපු රොමෑන්ටික් තැන. සමහර විට ඔබට හිතෙයි තේ එකකට මේ තරම් මුදලක් වියදම් කරන්න ඕනද කියලා. මතක තියාගන්න, ඩොටීගේ ඉංග්රීසි පන්නේ තේ කාමරේ ඔබටලබාදෙන්නේ නිකම්ම නිකම් තේ එකක් නෙවෙයි, ඔබට අමතක නොවන අත්දැකීමක්