Fit for Suit..

6 views
Skip to first unread message

It's Behind You

unread,
Sep 26, 2016, 1:48:07 AM9/26/16
to its-behind-you


1. ඔක්කොම ස්ලිම් ෆිට්
Source - overstock.com


ස්ලිම් ෆිට් කියන්නේ විලාසිතාවක් තමා ඒ වගේම ස්ලිම්ෆිට් අඳින්න ඕනේ තැන් සහ අවස්ථා තියෙනවා. බටහිරින් හෝ කොතනින් වුවත් විලාසිතා කියන දේ ගන්නට ඕනේ අපිට ගැලපෙන විදියට. ටික කාලෙකට කලින් ඔයා ස්ලිම් ෆිට් ඇන්දට දැන් ඔයාගෙ ඇඟේ හැඩය එක්ක ස්ලිම් ෆිට් නොගැලපෙන්න පුළුවන්. නිකමට හිතන්න ඔයාට ආරාධනාවක් ලැබෙනවා සවස සාදයකට යන්න. එතැනදී ඔයා ඔෆිස් ඇඳුම පිටින්ම ආව වගේ නොපෙනෙන්නත් සැහැල්ලුවෙන් ඉන්න වග පෙන්වන්නත් සැහැල්ලු ඇඳුමක් අඳින එක ස්ලිම් ෆිට් එකකට වඩා යෝග්‍ය වෙයි. ඉතින් ඒ වගේ අවස්ථාවකට ලිනන් කමිසයක් එක්ක තනි වර්ණයෙන් යුතු වෙන කලිසමක් අඳින්න පුළුවන්. ඒ නිසා ඊළඟ පාර යනකොට ස්ලිම් ෆිට් ම අඳින්නේ නැතුව පොඩ්ඩක් පහසුවට රෙගියුලර් ෆිට් එකකුත් භාවිතා කරන්නයි තියෙන්නේ.

අනික් අතට ඔයා ශරීර ප්‍රමාණයෙන් වැඩි කෙනෙක් නම් ස්ලිම්ෆිට් තමා ට්‍රෙන්ඩ් එක කියල ඇන්දොත් ඔයාව ට්‍රෙන්ඩ් එකක් විදියට කෙසේ වෙතත් ෆැෂන් ඩිසාස්ටර් එකක් විදියට නම් පෙන්න ඉඩ තියේවි.

 

2. වැඩිය නෑ දහයයි
Source - elle.com


පරණ ඇඳුම් කබර්ඩ් එකක් ඇතුලේ තියෙනවා කියන්නේ ඉතින් ආපහු කතා කරන්නොනේ නැහැ. අනික කාලෙන් කාලේට අපි වෙනස් වේවි ඉස්සරහට යද්දී, කවුද ඇඳුම් තියාගෙන ඉන්නේ? එහෙම කිව්වට තියාගෙන ඉන්නවා නේ.

විලාසිතා කියන දේ වෙනස් වෙනවා, ඒ නිසා කාලයත් එක්කම ඉස්සරහට යන්න නම් ෆැෂන් කියන දේ තුලිනුත් අපි ඉදිරියට යන්නෝනේ. එහෙනම් පරණ විලාසිතා වල ඇඳුම් වලට ටටා බායි කියලා අලුත් විලාසිතාවේ ඇඳුම් වලින් ඔබේ කබඩ් එක පුරවා ගන්න එක ඔබේ වගකීමක්. අනික කාලයක් යනකොට කොතරම් ආරක්ෂා කරලා තිබ්බත් ලා පැහැති ඇඳුම් වල පොඩි කහටක් වගේ ඇතිවෙන නිසා මේ කාරණාව වඩා වැදගත් වෙනවා.

නමුත් history repeats itself කියලා සිංහලේ කියමනකුත් තියෙන එකේ තමන්ට වඩාත්ම වටිනාකමක් තියෙන ඇඳුම් දෙක තුනක් එකතුවේ තිබ්බට අවුලන් නැහැ. හැබැයි ගොඩක් නෙවෙයි පුතෝ.

 

3. කෙට්ටු අයගේ ටයිට් අඩව්ව
Source - aliexpress.com


මහත අය slim fit අඳිනකොට තියෙන අප්සෙට් එකම තමා කෙට්ටු කට්ටිය තමන්ගේ කෙට්ටුව ඉලිප්පිලා පෙන විදියට ටයිට් කලිසම් අඳින එක. ගොඩක් අය ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා, ඒත් ඇත්තටම පෙන්නේ ලයිට් කණු දෙකකට කලිසමක් අන්දලා වගේ තමයි. මේවට ඉතින් ක්‍රම තියෙනවා, ඒවා ඉතින් කියවලාම හිතට ගන්නොනේ හිටං.

 

4. සිග්සැග් එළු රැවුල
Source - bwtrackandfield.blogspot.com


කොයි තරම් වෙනස් වුනත් එකම එක අනන්‍යතාවයක් තියෙන්න ඕනේ. රැවුල කියන්නේ එහෙම එකක්. නිතර වෙනස් කරමින් මුහුණේ මල් පලතුරු කැපුවා කියලා ඔයා ෆැෂනබල් පොරක් විදියට හඳුන්වන්නේ නැහැ. තත්වෙට ගැලපෙන විදියට වෙනස් වෙන්න කියලා තමයි කියවෙන්නේ.

 

5. සාරි ගප්පි
Source - show-costumes.com


මේ වැඩේ නම් තවමත් වෙනවා. නිකමට මතක් කරලා බලන්න ඔයා ලඟදි ගිය මඟුල් ගෙයක්. ඒ එකක වත් දිලිසෙනම දිලිසෙන විදියට ඇඳගත්තු අංකල්ලා අඩුගානේ දෙකක් වත් ඉන්න ඇති. සමහරුන්ගේ ඇඳුම් නිකන් ඩිස්කෝ එකකින් පැනල ඇවිත් වගේ, ඒව කාන්තාවන්ගෙ සාරිවලටත් වඩා බැබලෙනවා. හොඳින් මතක තියා ගන්න කිසිම කෙනෙක් දැන්මේ වගේ දිලිසෙන ඇඳුම් අඳින්නේ නැහැ. ඒ වගේම දැන් වෙනකොට ඔය වගේ දිලිසෙන තියෙන ඇඳුම් වල තියෙන්නේ බාල පෙනුමක්.

 

6. කොණ්ඩේ
Source - menshairstyletrends.com


ගොඩක් අය තවමත් තමන්ගේ කොණ්ඩා මොස්තරේ ගැන අමතක කරනවා. අපිට හැකියාව තියෙනවා නම් අවස්ථාවට අනුකුලව කොණ්ඩේ පොඩ්ඩක් සකසාගෙන යන්න හරිම වටිනවා. ඒ වගේම ඔබේ බාබර් යාලුවටත් කියන්න පුලුවන්ම්, ඕනෑම අවස්තාවකට භාවිතා කරන්නට හැකි ආකාරයට කොණ්ඩේ කපන්න කියලා, ඔයයි බාබරුයි දෙන්නම දිනුම්. නැතිනම් කොහෙවත් නැති ඉරි කෑලි, ශේඩ් පාරවල් එහෙම කොණ්ඩෙට දාලා, එකම විජ්ජුම්බරයක් කරලානෙ තියෙන්නේ.

තමන්ගේ මුහුණේ හැඩය තේරුම් අරගෙන ඒකට ගැලපෙන කොණ්ඩ මෝස්තරයක් අනුගමනය කරන එකත් අනිවා මතක තියාගන්නෝනෙ වැඩක්.

 

7. සපත්තු
Source - carminashoemaker.com, gentlemansgazette.com


ඔයා හිතන්නේ දැන් මොන වර්ගේ සපත්තු වලට ආකර්ෂණයක් තියෙනවා කියලද? මේ වෙනකොට උල් හැඩයේ ටෝ එක සහ හතරැස් හැඩයේ ටෝ එක කල් ඉකුත් වෙලා තියෙන්නේ. අර සාම්ප්‍රදායික කොතනටත් ගැලපෙන ඔක්ස්ෆර්ඩ් ටෝ තමා මේ වෙනකොට ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. කොහෙන් ගියත් ආපහු සම්ප්‍රදායට මුල් තැන ලැබෙන බව අමතක කරන්නෙපා යාලුවා.

 

8. ඇඳුමට ගැලපෙන සපත්තු
Source - lifehack.org


මේක වෙනම පොයින්ට් එකකට දැම්මේ හේතුවක් ඇතිව. නිකමට හිතන්න ඔයාලා යුරෝපියන් සූට් එකක් ඇඳලා ස්පෝර්ට් ෂූස් දාලා ගියොත් මොකෝ වෙන්නේ? එහෙමත් නැත්නම් ස්මාර්ට් කැෂුවල් කිට් එකකට කොහෙත්ම සුදුසු නැති සපත්තුවක් ඇඳලා ආවොත්, ඒ තියෙන්නෙත්  එකම ප්‍රථිපලය තමා. මේ නිසා ඇඳුමට ගැලපෙන සපත්තු දෙක දාන්නම ඕනේ ඔයා. එහෙම වුනා ම තමා ඔයා ස්මාර්ට් හැන්ඩි පොරක් කියලා කියන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ ලින්ක් එකේ තියෙනවා ඇඳුමට ගැලපෙන්න සපත්තු තෝරාගන්න හැටි. ඒකත් අනිවා බලන්න.

 

9. නොගැලපෙන බෙල්ට් එක
Source - youtube.com


අපි අනන්තවත් දැකලා තියෙනවා යුරෝපියන් ෆුල් සුට් එකට බෙල්ට් එකක් විදිය අර ඩෙනිම් වලට දාන ලොකු බෙල්ට් එකක් දාන අයියලා. සාමාන්‍යයෙන් සපත්තු දෙකයි බෙල්ට් එකයි එකම පාටින් එන්නොනේ කියල තමා කියන්නේ. එක නියමයක් නැහැ. හැබැයි ඇඳුමකට සපත්තු සහ බෙල්ට් එක පාට වුනාම තියෙන ලස්සන හරිම වැඩියි.



Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages