මොනවද මේ සන්ස්ක්‍රීන්?

1 view
Skip to first unread message

It's Behind You

unread,
Sep 16, 2016, 8:50:14 AM9/16/16
to its-behind-you

1. ලංකාවේ අපිට මේවා ඕනෙද?

Source - medicinesimply.wordpress.com


දුඹුරු හමක් හිමි ආසියාතිකයන් හැටියට අපේ හමේ තියෙන මෙලනින් වර්ණකය හිරු එළියේ ඇති අහිතකර UV කිරණ වලින්  අපිට ස්වබාවිකවම ආරක්ෂාව සැපයනවහැබැයි දැන් පරිසරතත්වයන් වෙනස් වෙලාඕසෝන් ස්ථරයට හානිවෙලාඉතින් අපේ සමේ ඇති මෙලනින් වලට විතරක් 100%ක් අපේ හම ආරක්ෂා කරන්න බැරි විදියට  පරිසර තත්වයන් වෙනස් වෙලා ඉවරයි.විශේෂයෙන්ම හිරුගේ බලපෑම ඉහල උදේ 10ත් සවස 3ත් අතර කාලයේ ඔබ එලිමහනේ ගැවසෙන කෙනෙක් නම් අනිවාර්යෙන් සන්ස්ක්රීන් එකක් ගැල්වීම ඔබේ සමේ ආරක්ෂාවට ඉතා වැදගත්.

 

2. සන්ස්ක්රීන් සහ සන්බ්ලොක් කියන්නෙ මොනවද?

Source - tipsfornaturalbeauty.com


සන්බ්ලොක් එකකින් සම මත පතිත වෙන හිරු කිරණ සම්පූර්ණයෙන්ම හරවා යැවීමකුත්සන්ස්ක්රීන් එකකින් UV කිරණ උරාගෙන සම මත ආවරණයක් හැටියට ක්රියාකර ඒවායින් සමටවන හානිකර තත්වය පාලනය කර සම ආරක්ෂා කරනවමේ දෙකෙන්ම සම ආරක්ෂාවීම ඉහළින්ම සිද්ධ වුනත් සන්බ්ලොක් එකකින් හිරු කිරණ සම්පූර්ණයෙන් හරවා යැවීමේදී හිරු කිරණින්සමට ලැබෙන විටමින් D නොලැබී යන්න පුළුවන්.

අපේ එදිනෙදා කෑමෙන් බීමෙන් අපට අවශ් විටමින් වර්ග ලබා ගන්නව නම්වඩාම හොඳ සන්බ්ලොක් එකක් පාවිච්චි කරන එකසන්බ්ලොක් සම මත ආලේප කල විට තරමක් සුදු පැහැයෙන්එය පෙනෙන්න ගන්නවසන්ස්ක්රීන් එක අවර්ණයිමේ නිසා එදිනෙදා කටයුතු වලදී සන්ස්ක්රීන් එකකුත් ක්රීඩා කටයුතු වලදී වගේ දේකදි සන්බ්ලොක් එකකුත් පාවිච්චි කල හැකියි.

 

3. සන්ස්ක්රීන් වලින් සුදු වෙනවද?

Source - health.incommunseries.com


සන්ස්ක්රීන් වලින් ඔබේ සම ආරක්ෂා වීමක් මිස සම සුදු වීමක් වෙන්නෙ නැති බවත් මතක් කරන්න ඕනෙහැබැයි හිරු එළියෙන් වෙන පිළිස්සීම් වලක්වන නිසා ඔබේ තියෙන පැහැය  කළුනොවී රැකගන්න නම් සන්ස්ක්රීන් අනිවා උදව් වෙනවසුදු වෙන්න සන්ස්ක්රීන් ගාන්න එපාසම ආරක්ෂා කරගන්න සන්ස්ක්රීන් ගාන්න වගෙම මතක තියාගන්න ඕන දෙයක් තමයිසන්ස්ක්රීන් ගෑම පමණට වඩා කාලයක් හිරු කිරණ වලට නිරාවරණය වෙලා ඉන්නඅවසරයක් නෙවෙයි කියන එකත්.

 

4. සන්ස්ක්රීන් එකකින් සම ආරක්ෂා කරගන්න ඕනෙ ඇයි?

Source - dermatologysydney.com.au


සන්ස්ක්රීන් එකක් භාවිතයේ වැදගත්ම කාරණය තමයි UV කිරණ හේතුවෙන් ඇති විය හැකි සමේ පිළිකා තත්ත්වයන් ඇති වීම වැලක්වීමට අහිතකර කිරණ වලින් සම ආරක්ෂා කිරීම. 100% සම මෙයින් ආරක්ෂා නොවුනත් සැලකියයුතු ප්රමාණයක් UV කිරණ වල බලපෑම අඩු කරන්න පුළුවන් වගේම හිරු කිරණවල අහිතකර බලපෑමෙන් ඔබේ සම රැලි වැටී වයසටවඩා වයස පෙනුමක් ගෙන එන්න පුළුවන්මැදි වියට එලඹෙද්දි සමේ ඇති වෙන දුඹුරු පැහැ ලප කැළැල් සහ පැල්ලම් ඇතිවීම වැලක්වීමටත් සන්ස්ක්රීන් උදව් වෙනව.

 

5. SPF අගයෙන් කියවෙන්නෙ මොකක්ද?

Source - bananaboat.com, wall.alphacoders.com

Source – bananaboat.comwall.alphacoders.com

අපි සන්ස්ක්රීන් එකක් හෝ සන්බ්ලොක් එකක් මිලදී ගන්න ගියාම ඕකෙ තියෙනව SPF කියල අගයක්. SPF 15, 30 සහ 50 ආදී වශයෙන්මෙයින් කියවෙන්නෙ ඔබ බාවිතා කරන සන්ස්ක්රීන්එකට හෝ සන්බ්ලොක් එකට ඔබේ සම ආරක්ෂා කල හැකි කාලයයිසන්ස්ක්රීන් මිලදී ගන්නකොට SPF අගය ඉහල ක්රීම් එකක් මිලදී ගත්තොත් සැරින් සැරේ ගාන්න ඕන වෙන්නෙ නෑවිවිධSPF අගයන් ඔබේ සමට ආරක්ෂාව සලසන හැටි ගැන මේ චාර්ට් එකෙන් දැනගන්න පුලුවන්.

 

6. SPF අගය විතරක් බැලුවම ඇතිද?

Source - mbmsriptidereader.com


නැහැඅළුත්ම සොයාගැනීම් වලට අනුව SPF අගය පමණක් හොඳ සන්ස්ක්රීන් එකක් තෝරා ගැනීමට අදාල වන්නේ නැහැඑයින් ඔබේ සම UVB කිරණ වලින් ආරක්ෂා කලාට UVA කිරණවලින් ආරක්ෂා වෙන්නෙ නැහැ කියලයි කියන්නෙමේ සඳහා ඔබට SPF අගය ඉහල වගේම  broad-spectrum අඩංගු සන්ස්ක්රීන් එකක් ගන්න එක වඩා සුදුසුයි.

 

7. බීච් යන්න ග්රවුන්ඩ් යන්න විතරද සන්ස්ක්රීන් ගාන්න ඕනෙ?

Source - travelinspirations.yahoo.com


හුඟ දෙනෙක් හිතන්නෙ බීච් එකට යන කොට එහෙමත් නැත්නම් සෙල්ලම් කරන්න ග්රවුන්ඩ් එකට යන කොට සන්ස්ක්රීන් ගෑවම ඇති කියලනැහැඔබ ගෙදරින් එලියේ වැඩි කාලයක් ගතකරන කෙනෙක් නම් ඔබ අනිවාර්යෙන් සන්ස්ක්රීන් ගැල්විය යුතුයි.

නුවර එළියෙ සීතලට මොන සන්ස්ක්රීන්ද?, එහෙ අව්වට පිච්චෙන්නෙ නෑනෙ ඔහොම නේද හිතන් ඉන්නෙඑහෙම හිතුවට හිරුගේ UV කිරණ වල බලපෑම පරිසරයේ උෂ්ණත්වයත් එක්ක අඩුවෙන්නෙ නැහැකඳුකර ප්රදේශ වැනි ඉහල භූමි ප්රදේශවලදී UV කිරණ වල බලපෑම වැඩි බවයි කියවෙන්නෙමොන වගේ පරිසර තත්වයකදි වැහිබරවලාකුළු සහිත හිරු එළිය නැතිකාලගුණ තත්වෙකදි උනත් UV කිරණ අපේ සමට කරන බලපෑම එලෙසමයි.

 

8. Waterproof සන්ස්ක්රීන් කියන්නෙ මොනවද?

Source - namcopool.com


මුහුදේ හෝ පූල් එකක නාන්න යනවනම් ගාන්න ඕනෙ වතුරෙන් බලපෑමක් නැති waterproof සන්ස්ක්රීන් එකක්හැබැයි මේ waterproof සන්ස්ක්රීන් උනත් ගෑවට පස්සෙ හැම මිනිත්තු20කට වරක්වත් අළුත් කරන්න ඕනෙඑක පාරක් ගාගෙන පැය දෙක තුනක් වතුරෙ බැහැල හිටියොත් සන්ස්ක්රීන් එක ගෑව කියල වැඩක් වෙන්නෙ නෑ.

හරියට සන්ස්ක්රීන් එකක් ගාන්නේ කොහොමද?

 

9. එළියට යන්න විනාඩි 15කට කලින් ගාන්න

Source - youtube.com


ගෙදරින් පිට වෙන්න විනාඩි 15කට කලින් සන්ස්ක්රීන් එක ගාගන්නඑය සමට උරා ගෙන සම මත ප්රතික්රියා කරන්න මේ කාලය ගත වෙනව වගේම අත්මුහුණ සහ කකුල් වල විතරක්නෙවෙයි කන් පෙති වල සහ බෙල්ල වගේ සමේ හිරු  එළියට නිරාවරණය වන තැන් වලත් සන්ස්ක්රීන් ආලේප කරන්න.




Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages