දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශයක් වෙයිද?
1976 වසරේ සෙචරියා ස්ටිචින් විසින් ප්රකාශයට පත් කල The 12th Planet නම් පොතේ ඔහු සඳහන් කර තිබුනේ වසර 3,600කට වරක් තම ගමන් මඟේ වටයක් සම්පූර්ණ කරන සුමේරියානුවන් විසින් සොයාගන්නා ලද නිබිරු නම් ග්රහලෝකයක් පිළිබඳවයි
ප්ලැනට් X සමඟ ලෝක විනාශයක පෙරනිමිති පිළිබඳව මිනිසුන්ගේ සිත් පිරීයාමෙන් පසුව කරලියට ආවේ මායාවරුන්ගේ කැළන්ඩරයේ 2012 වසරේ දෙසැම්බර් 21 වෙනිදාගෙන් අවසන් වන නිසා එදිනට ලෝක විනාශයක් වන බවයි.
අපගේ පෘතුවිය සූර්යයා වටා ගමන් කරන අතරම සූර්යයා සහිත මුළු සෞරග්රහ මණ්ඩලයම ක්ෂීරපථයේ ගමන් කරයි.
අප පෘතුවිය වටා චුම්බක ක්ෂේත්රයක් පවති.
නාසා ආයතනය පවසන පරිදි මෑත කාලයේ ඇති වාර්තා වලට අනුව සූර්ය කුණාටු වල උපරිමයක් ඇති වන්නේ වසර 11කට වරක්ය. සූර්ය ගිනි දැල් වල මෙම බලපෑම චන්ද්රිකා සන්නිවේදන කටයුතු බාධාවකි.