සාමාන්‍ය බස් රථ, අර්ධ සුඛෝපභෝගී බස් රථ, දුර ගමන් සේවා, කෙටි ගමන් සේවා බස් රථ, මේවා ගැන හරි හැටි දැනුවත් කමක් නැතුව බස් එකකකට ගොඩ වුනාම එතන එකම කාලගොට්ටියයි. ඔබත් එහෙම අවස්ථා වලට මුහුණ දීල තියනවද? කොන්දොස්තර අපේ ගමනට අවශ්‍ය ගානටත් වැඩියෙන් ඉල්ලන අවස්ථා ..හේතුව අහපු ගමන්ම “ඇයි අහන්නේ මේක සෙමි(Semi Luxury) කියල දන්නෙ නැද්ද?” වගේ භයානක පිළිතුරු. බලාගෙන ගියාම ඇත්ත. අපේ අතේ තමයි වැරැද්ද. අපි ගොඩ වෙලා තියෙන්නේ අර්ධ සුඛෝපභෝගී බස් රථයකට කරන්න දෙයක් නෑ ඉතින් ගොඩ උනානම් ගෙවන්නම වෙනවා.
තවත් අවස්ථාවක අදාළ බස් හෝල්ට් එකේ නවත්වන්නේ නැත්තෙ ඇයි කියල අහපු ගමන් ලැබෙන අනිත් භයානක පිළිතුර තමයි “මේක දුර බස් එකක් හැම හෝල්ට් එකේම නවත්වන්නේ නෑ” බලාගෙන ගියාම එකත් හරි. ඉතින් බස් එකකට නගින්න කලින් මේ දේවල් කලින්ම දැන ගන්නේ කොහොමද? බස් එකේ බෝර්ඩ් එක ළඟට එනකම් පේන්නෙත් නෑ නේද? මේක ගොඩක් සරල දෙයක් වුනත් ගොඩ දෙනෙක් දන්නේ නෑ. නමුත් මේ කුමන බසයක්ද යන්න ළගට එන්න කලින් හදුනා ගන්න නියමිත වූ ක්‍රමය තමයි බස් බෝර්ඩ් එකේ පාට/වර්ණය. ඇතුළට ගොඩ වුනාට පස්සේ මගියෙක් විදිහට අපිට තියන අයිතිවාසිකම් ගැන වුනත් බොහෝ දෙනෙක් දන්නේ නෑ. බසයකට නගින්න කලින් ඔබ දැන ගත යුතු දේවල් පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ ලිපියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවට අනුව මගීන්ට ලැබිය යුතු අයිතීන් මෙසේ දක්වන්න පුළුවන්.
අපි දක්වා සිටියේ සාමාන්‍ය බස් රථයක අපේ අයිතිවාසිකම්. ඒ වගේම බස් රථය හදුනා ගන්න ආකාරය හා වෙනස් බස් සේවාවන් වලදී ලැබිය යුතු අයිතිවාසිකම් මොනවද කියලත් බලමු.
දුර ගමන් සේවා බස් කියන්නේ අඩුම තරමින් පළාත් දෙකක්වත් යාකරමින් ධාවනය වන බස් සේවවාන් වලටයි. මේ සේවාව තුළ ඇති බස් රථ වල බස් පුවරුව(බස් බෝර්ඩ්) අනුව කොටස් හතරකට බෙදා දක්වන්න පුළුවන්.

බස් පුවරුවේ කහපාට පසුබිමේ රතු පාට අකුරු සහිතව ආරම්භක හා අවසාන නැවතුම් නගර සටහන් කර ඇත. මෙයින් කියවෙන්නේ දුර ගමන් සේවා බස් රථයක් බව හා සාමාන්‍ය ගාස්තු අය කරන බවත්ය. ඉදිරියෙන් ඇති කතිර සලකුණ මගින් සීමිත නැවතුම් බව නිරුපනය කරනවා. පුවරුව මැදින් බස් රථ මාර්ග අංකය දක්වා තිබිය යුතුයි. (කොලඹ කදුරුවෙල බස් රථයක් නම් මාර්ග අංක 48) N අකුටින් පෙන්වන්නේ සාමාන්‍ය (Normal) සේවාවක් කියලයි. අංක, නගරවල නම්, සමීපයට එන තුරු නොපෙනුනත් පුවරුවේ කහ පැහැය තුලින් සාමාන්‍ය ගාස්තු අය කරන බසයක් බව දැන ගත හැකිය. සාමාන්‍ය බස් රථයක සියළුම අයිතිවාසිකම් මෙහිදී මගීන්ට හිමිවෙනවා.

ඈතින් නිල් පාට බෝර්ඩ් එකක් දුටුවොත් එය අර්ධ සුඛෝපබෝගී බස් සේවාවක්. අපේ වචනයෙන් කියනවනම් සෙමියක්. මේකේ සාමාන්‍ය ගාස්තුව වගේ එක හමාරක ගුණයකින් ගාස්තුව ඉහළයි. පෙර සදහන් ආකාරයටම කතිර ලකුණ, බස් රථ මාර්ග අංකය ආරම්භක හා අවසන් නැවතුම් නගර සටහන් කර තිබෙනවා. S අකුරින් අර්ධ සුඛෝපබෝගී (Semi Luxury) බව නිරූපිතයි.
ශ්‍රී ලංකාවේ අර්ධ සුඛෝපබෝගී බස් සේවාව බොහෝ ලෙස දුර්වල වූ එකක්. වරෙක එහි දුර්වලත්වය හා ගුණාත්මකභාවයේ අඩුකම පදනම් කරගෙන සේවාව අත්සිටවූ අතර වර්තමානයේ යලිත් එය ක්‍රියාත්මක වෙනවා. සාමාන්‍ය බස් රථයක මගී අයිතිවාසිකම් වලට අමතරව තවත් අයිතීන් කිහිපයක් පිළිබඳව ඔබට මෙහිදී විමසිය හැකියි.

මේ වගේ එකක් ඈත තියා දුටුවොත් එය සුඛෝපබෝගී බස් රථ සේවාවක් ලෙස හදුනා ගත හැකියි. හැබැයි ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් වෙනවා. පුවරුවේ කෙලවර AC (Air Condition) ලෙස සටහන් වෙලා තියනවා. මේ සදහා ලංකාවේ භාවිතා වන්නේ විශේෂයෙන් කුඩා බස් රථ (Mini Bus– ආසන 15-29).සාමාන්‍ය බස් රථ භාවිතා වන්නේ ඉතාමත් අඩුවෙන්. ඉහත දැක්වූ සියළුම අයිතීන්ට අමතරව යෝග්‍ය ලෙස වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක විය යුතු වෙනවා.

සාමාන්‍ය ප්‍රමාණයට වඩා උසින් විශාල බස් රථ අධිවේගී මාර්ග (express way)තුළ දක්නට ඇත්තේ මෙවැනි බස් සේවාවක්. ආසන සංඛ්‍යාව 45-55 අතර අගයක් ගන්නවා. ඒ වගේම කොලඹ සිට යාපනය, අම්පාර හා මොනරාගල ප්‍රදේශ වලටද මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වෙනවා. මෙහි මුදල සාමාන්‍ය ගාස්තුව මෙන් තුන් ගුණයක්. XL (Extra Luxury ) ලෙස පුවරුවේ අග සටහන් කර ඇත. ඉහත දැක්වූ සියලු මගී අයිතීන් වලට අමතරව මෙම බස් රථ වලදී මගීන්ට හැකි පරිදි ආසනය සීරුමාරු කරගැනීම හා වායු සමීකරණ යන්ත්‍ර සීරුමාරු කිරීමේ හැකියාව පැවතිය යුතුයි.

මෙම බස් රථ එකම දිස්ත්‍රික්කයක් තුළ හෝ එකම පළාතක දිස්ත්‍රික්ක අතරේ ප්‍රවාහන සේවාව සපයනු ලබනවා. මෙහි පුවරුව කහපැහැති පසුබිමේ කළු අකුරින් නිර්මාණය කර තිබෙනවා. නමුත් ප්‍රදේශයෙන් ප්‍රදේශයට මෙහි වර්ණය වෙනස් වෙන්න පුළුවන්.සාමාන්‍ය ගාස්තුව අය කරන අතර සීමිත නැවතුම් හෝ එසේ නොවන්නටත් පුළුවන්.
ඉතින් මේ වගේ දේවල් දැනගෙනම බසයට ගොඩ වෙන එක අපි කාට කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ලෙසයි අපි දකින්නේ. අඩු තරමින් කොන්දොස්තර මහත්තයාගෙන් බැනුම් අහන්නේ නැතිව, ඇඟේ ලේ පුච්චගන්නේත් නැතිව යනතැනට හිත නිදහසින් යන එක, ඔය ටික නේද කරගන්න ඕන?