iPhone 7 ගැන

2 views
Skip to first unread message

It's Behind You

unread,
Sep 9, 2016, 2:31:22 AM9/9/16
to its-behind-you
iPhone 7 ගැන ලංකාවෙ අපි දැනගත යුතු සියල්ල

ඊයෙත් අදත් අපේ සයිබර් අවකාශය කළඹවන්න සමත් වුණු දැවැන්තම නිව්ස් එක වුනේ අයිෆෝන් 7 නිකුත් වීම තමයිබොරු නං පොඩ්ඩක් ෆේස්බුක් එක පැත්තේ රවුමක් ගහල බලන්නඅරඉලක්කං ඔබන බට්ටා ෆෝන් එකක් පාවිච්චි කරන හාදයත් අයිෆෝන් 7 එකක පින්තූරයක් දාලා තියෙනවා ඒක තමයි මාර කියලාහරිඕන කෙනෙක්ට ඕනම ස්මාට්ෆෝන් එකක් මාරයිකියන්න තහනමක් නෑඅයිෆෝන් වලටම පිස්සු වැටිලා ඉන්න සෙට් එකත් අයිෆෝන් 7 ගැන සිංදු හදලා කියන එකත් ප්රශ්නයක් නෑහැබැයි මේ අපි වගේ ඔය අයිෆෝන් 7 එක ඊට කලින්තිබුණ අයිෆෝන් 6 එකට වඩා මාර වෙන්නෙ කොහොමද කියලා නොදන්න ඈයොත් ඔය ගැන පොඩ්ඩක් දැනගන්න එපැයි ආයුබොවන්ඩඅන්න එතකොට අපිටත් ආඩම්බරේට ඇපල් ගෙඩියකපින්තූරයක් එක්ක Here comes Apple iPhone 7 කියලා ෆේස්බුක් ස්ටේටස් එකක් දාන්න පුලුවන්!

 

1. අයිෆෝන් 7 ලොකුද ඉතින්?

Source - Apple

Source – Apple

ලොකුද කියන්නේ ඉතින් උණහපුලුවට උගේ දරුවා මැණිකක් වගේ අයිෆෝන් පාවිච්චි කරන කෙනෙක්ට නං අයිෆෝන් 7 කියන්නේ සෑහෙන්න ලොකු දෙයක්මේ අතරේ සාමාන්යයෙන් වෙන්නේඇන්ඩ්රොයිඩ් ස්මාට්ෆෝන් පාවිච්චි කරන උදවිය අයිෆෝන් කාරයන්ට කෝචොක් පාර දාන එකනේහැබැයි මේ පාර  කට්ටිය සද්දෙ වහල ඉන්නේමොකද අලුත්ම නෝට් 7 එක පුපුරන්නගත්තනේඉතින් කොහොමද කටක් ඇරලා අයිෆෝන් 7 එකේ වැරදි කියන්නේ!

අයිෆෝන් 7 එක තිර ප්රමාණයෙන් නං  තරමට ලොකුවක් නෑඅඟල් 4.7 යි තිර ප්රමාණයඅයිෆෝන් 7 ප්ලස් එකේත් තිර ප්රමාණය අඟල් 5.5 යිහැබැයි වැඩකිඩ සහ නිමාව ගැනසලකනකොට අයිෆෝන් 7 එකට සෑහෙන්න තැනක් දෙන්න වෙනවා.

 

2. කොහොමද වැඩකිඩඅතිවිශිෂ්ටයි සර්!

Source - Apple

Source – Apple

Quad-core ප්රොසෙසරයකින් ධාවනය වෙන මේ අයිෆෝන් 7 උපාංගයේ ගිගාබයිට් 2  රැම් එකක් ස්ථාපනය කරලා තියෙනවාඑතකොට ගිගාබයිට් 32/128/256 අභ්යන්තර මතක ධාරිතාප්රමාණ වලින් අයිෆෝන් 7 සංස්කරණ තුනක් මිලදී ගන්න පුලුවන්.

 

Source - Apple

Source – Apple

එතකොට මෙගාපික්සල් 12  පොඩ්ඩක් ඉදිරියට නෙරපු කැමරාවක් තියෙන අයිෆෝන් 7 උපාංගයේත්මෙගාපික්සල් 12 කැමරා දෙකක් එක්ක එන අයිෆෝන් 7 ප්ලස් උපාංගයේත් කැමරාපද්ධතිය ගැන ඇපල් සමාගම සෑහෙන්න පම්පෝරි ගහනවාමෙවන් අයිෆෝනයක් ලද අයෙක් ඔටෝමැටිකලි ෆොටෝග්රැෆරයකු වේ වගේ එකක් තමයි  කට්ටිය කියන්නෙ ඉතින්.

 

Source - Apple

Source – Apple

අයිෆෝන් 7 එකේ Retina HD ඩිස්ප්ලේ එක ගැනත් කියන්නේ එතෙක් මෙතෙක් බිහිවුණු වඩාත්ම දීප්තිමත්වඩාත්ම වර්ණවත් තිරය මේකයැ කියලා තමයිඑතකොට ස්පර්ෂ තිර තාක්ෂණයවෙනම ලෙවල් එකකට අරගෙන ගිය 3D Touch පහසුකමත් මේ තිරයේ තියෙනවාඒකෙන් අයිෆෝනයක් එක්ක වැඩකිරීම හරියට ඟේ කොටසක් පාලනය කිරීම වගේම තමයිලු.

 

3. අයිෆෝන් ඉතිහාසේ ලොකු සහෝදරයා

Source - Apple

Source – Apple

අයිෆෝන් 6  වඩා මේ නවතම අයිෆෝන් 7 අනුප්රාප්තිකයා දෙගුණයකින් වේගවත් සහ බලවත්අයිෆෝන් 7 උපාංගයේ ග්රැෆික් සැකසුම් වේගයත් අයිෆෝන් 6  වඩා තුන්ගුණයකින්වේගවත්එතකොට අයිෆෝන් 7 උපාංගයට මින් පෙර කිසිම අයිෆෝන් උපාංගයක දකින්න නොලැබුණු විදියේ බැටරි ආයු කාලයක් තියෙනවාලුඑතකොට මේකේ තියෙන ඇපල් චිප්සෙට් එකගැන ඇපල් සමාගම කියන්නේ එතෙක් මෙතෙක් අයිෆෝනයක විතරක් නෙවෙයිවෙනත් ඕනම ස්මාට්ෆෝනයක දකින්න ලැබෙන ප්රබලතම චිප්සෙට් එක මෙක බවයිඇත්ත වෙන්න ඕන.නැත්නං ඇත්ත වගේ කියන්නෙ නෑනේකොහොම වුනත් මේ චිප්සෙට් එකේත්ප්රොසෙසරයේත් එකමුතුවෙන් ඉතිහාසයේ එතෙක් මෙතෙක් දකින්නට ලැබුණු වේගවත්ම සහ බලවත්ම අයිෆෝන්උපාංගය බිහිවෙලා තියෙනවා කියන එක බොරුවකුත් නෙවෙයි.

 

ඇඟට නොදැනෙන සුමට ක්රියාකාරිත්වය

Source - The Next Web

Source – The Next Web

එතකොට අයිෆෝන් 7 උපාංගයේ අන්තර්ගත වෙන iOS 10 මෙහෙයුම් පද්ධතිය ගැනත් කියන්නම ඕනමේක හැඳින්වෙන්නේ ලෝකේ ඉහළම මට්ටමක තියෙන මොබයිල් මෙහෙයුම් පද්ධතියකියලා තමයිඅයිෆෝන් 7 උපාංගයේ තියෙන දෘඩාංග හැකියාවන්ටම ගැලපෙන iOS 10  එක්කවැඩ කීපයක් එක මොහොතේ කිරීමේ ඉඳන් ඇඟට නොදැනෙන තරමේ මෘදු ක්රියාකාරිත්වයදක්වා සෑහෙන දේවල් පම්පෝරි ගහනවා නං පෙන්නලා දෙන්න පුලුවන්.

මෙහෙම තමයි අයිෆෝන් 7 ගැන ඇපල් කියන්නේ.

 

5. එතකොට කොහොමද පෙනුමතනි ඇහැට ඇඬෙනවා සර්!

Source - Apple

Source – Apple

ඇපල් අයිෆෝන් එකක් නම් ඉතින් වැඩ විතරක් නෙවෙයි පෙනුමත්  වගේම වැදගත්මේ අලුත් අයිෆෝන් 7 උපාංගයඅයිෆෝනයට වඩාත් නවීනඅනාගතේට හරියන  පෙනුමක් ලබාදීලාතියෙනවා කියලා කියන්න පුලුවන්විශේෂයෙන්ම අලුත් තාලෙට තියෙන හෝම් බට්න් එකත්ජෙට් බ්ලැක් ෆිනිෂ් එකත් එක්ක අයිෆෝන් 7 කියන්නේ හුදු සන්නිවේදන උපාංගයකට එහා ගියපුවිලාසිතාවක් බවට පත් කරලා තියෙනවාඅතට හොඳින් පහසුවෙන් හසුවෙන හුරුබුහුටි බව වගේම වඩාත් ශක්තිමත් 7000 series ඇලුමිනියම් නිමාවෙන් යුක්ත බඳක් එක්ක නිමවෙනඅයිෆෝන් 7 උපාංගය ඔබට නිමාවන් පහකින් තෝරගන්න පුලුවන් deep jet black, high-gloss jet black, silver, gold, and rose gold  කියන නිමාවන්ගෙන්.

 

6. ලංකාවට ඕක හරියයිද?

Source - TheVerge

Source – TheVerge

ලංකාවට හරියන්නෙ නැත්තෙ මොකදවිශේෂයෙන්ම අයිෆෝන් 7 උපාංගය දුහුවිල්ලට සහ තෙතමනයට ඔරොත්තු දෙන්න හදලා තියෙන නිසා ලංකාව වගේ දුහුවිල්ල තියෙනවැඩිපුර දාඩියදාන රටකට හරියනවාහැබැයි පුතෝ මේකේ splash resistance  කියලා තියන්නේ මූදෙ නාන්න ගියහම ස්විමින්ග් ට්රන්ක් එකේ පිටිපස්සේ සාක්කුවේ අයිෆෝන් එක තියාගන්න කියන එකනෙවෙයි!

අයිෆෝන් 7 උපාංගයේ බරත් ඊට කලින් අයිෆෝනයේ බරට වඩා අඩුවෙලා තියෙනවායාන්තම් ග්රෑම් 138 ක් වෙන අයිෆෝන් 7 උපාංගය ස්මාට්ෆෝන් එකකින් ගන්න වැඩ වලට විතරක්නෙවෙයිසෝබනේට වුනත් කදිමයි!

 

7. සුහ් මේවනේ ප්ලග්ඇපල් අයිෆෝන් කණට ගහන ප්ලග්

Source - Apple

Source – Apple

ඇත්තටම මේ දවස් දෙක තුනේ අයිෆෝන් 7 උපාංගය ගැන ෆේස්බුක් එකේ එහෙම ගොඩක් ඇහුණු කථා වලට හේතුපාදක වුනේ අයිෆෝන් 7 එක්ක 3.5mm ඕඩියෝ ජැක් එක නැහැයි කියනඑකඔව්තවදුරටත් අයිෆෝන් උපාංගයන් එක්ක ඕඩියෝ ජැක් එකක් නෑඕනම නං Lightning Port එකට තියෙන හෙඩ්සෙට් එක ගහන්න පුලුවන් ඇඩැප්ටරයක් තියෙනවාහැබැයි පොෂ්විදියට අයිෆෝන් 7 පාවිච්චි කරන්න නම් තව සූටි රුපියල් ටිකක් දීලා ගන්න ඕන අයිෆෝන් 7 එකටම හදපු වයර්ලස් හෙඩ්සෙට් එක. AirPods! සරලයිසුගමයි හරියට මැජික් වගේ!

 

Source - Apple

Source – TheVerge

ඒත් පොඩි ප්රශ්නයක් තියෙනවාඅපිට වෙන වැඩ එක්ක බැලුවහම ඔය ඉයර් බඩ් දෙක විතරක් තියෙන චුට්ටි AirPods දෙක කොච්චර කාලයක් නැතිකරගන්නේ නැතුව පාවිච්චි කරන්නපුලුවන් වෙයි කියලද හිතන්නේමේවා තමයි මහත්තයෝ ඇපල් සමාගම හිතන්නෙ නැති දැවෙන ප්රශ්නඔය දෙකේ නූල් කෑල්ලක් බැඳලා ඒක අයිෆෝන් 7 එකේ බැඳගන්නවත් වෙනවා!

 

8. කිඩ්නියක් විකුණන්න වෙයිද?

Source - Apple

Source – Apple

අයිෆෝන් ගැන වරු ගණන් වුනත් කථා කර කර ඉන්න පුලුවන්හැබැයි ගණන් ඇහුවහම තමයි කන් දෙකෙන් දුං දාන්නේඔව්ඇපල් කියන්නේ ලෝකේ තියෙන මිලාධිකම ස්මාට්ෆෝන් බ්රෑන්ඩ්එකක්එතකොට ඇපල් අයිෆෝන් 7 එක විතරක් අඩුවට දෙන්න ඇපල් කට්ටියට පිස්සු නැහැනේලංකාවේ ඇපල් අයිෆෝන් විකුණන තැන් වල නම් කියන්නේ දැන්මම ලංකාවේ අයිෆෝන් 7විකුණන ගාණ කියන්න බැහැ කියලාඒකටත් සැප්තැම්බර් 16 පහුවෙනකල් ඉන්න ඕනඒත් දළ වශයෙන් දැනට ජාත්යන්තර වෙළඳපොළේ අයිෆෝන් 7 සහ අයිෆෝන් 7 ප්ලස් මිල නම් කෙරිලාතියෙන විදිය නම් අපිට කියන්න පුලුවන්මේ දළ වශයෙන් හරිදලංකාවට එනකොට මේ මිල ගණන් අනිවා එහෙ මෙහෙ වෙලා එන්නේ.

 

iPhone 7:

32GB – Rs. 116,500

128GB – Rs. 135,900

256GB – Rs. 155,400

 

iPhone 7 Plus:

32GB – Rs. 139,800

128GB – Rs. 159,300

256GB – Rs. 178,700

කොහොමත් ඉතින් ලක්සෙ පනිනවාහැබැයි මේ එක්කම සුභ ආරංචියක් තියෙනවාසැප්තැම්බර් 16 වෙනිදයින් පස්සේ අයිෆෝන් 7 රාජයා ලංකාවට එනකොටමෙච්චර කල් ඇපල් අයිෆෝන්එකක් ගන්න ආසාවෙන් බලන් හිටපු එවුන්ට කොකා පෙන්න පෙන්න හිටපු පරණ අයිෆෝන් සේරෝගෙම මිල ගණන් දඩස් ගාලා අඩුවෙනවාඅන්න එතකොට අයිෆෝන් 7 එකක් ගන්න ලක්සඑකහමාරක් නැත්නම් කරන්න තියෙන්නේ පරණ අයිෆෝන් එකක් අරගෙනඕඩියෝ ජැක් එක ටේප් එකකින් වහලාෆෝන් එක පිටිපස්සේ අයිෆෝන් 7 කියලා ගහගන්න එක තමයි!

 

9. දැම්මම ගන්නවදතව ටික කාලයක් ඉන්නවද?

Source - Apple

Source – Apple

ඇපල් කට්ටියගේ වෙබ් අඩවියේ තියෙන විදියට දැම්ම තියාම අයිෆෝන් 7 එක ඇණවුම් කරන්න පුලුවන්හැබැයි 16 වෙනිදයින් පස්සේ තමයි ගන්න පුලුවන් වෙන්නේඑතකොට ලංකාවටඑන්නේත් සැප්තැම්බර් 16 වෙනිදා සිංගප්පූරුවේදී අයිෆෝන් 7 නිල වශයෙන් එළිදැක්වුවාට පස්සේ තමයිකොහොමත් තව සතියක් දෙකක් යනකොට අයිෆෝන් 7 ලංකාවේ ගන්න තියේවි.




Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages