Namunu Translator - Sinhala Meaning

1 view
Skip to first unread message

It's Behind You

unread,
Jun 30, 2017, 11:59:35 PM6/30/17
to its-behind-you

Namunu Translator - Sinhala Meaning


අපේ රටේ ගොඩක් දෙනාට ඉංග්‍රීසි භාෂාව හසුරුවන්න හරිහැටි බෑ. ඒක ලැජ්ජා වෙන්න ඕනෙ කාරනයක් නෙවෙයි. මොකද අපේ රටේ මවුබස සිංහල නිසා. 


ඔන්න මේ හදුන්වාදෙන මෘදුකාංගයෙන් අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටුවක හෝ පරිගණකයේ ඇති word, PDF වැනි ලිපි ගොනුවක ඇති ඉ‍ංග්‍රීසි වචන වල සි‍ංහල තේරුම බලන්න පුළුවන් අපූරු මෘදුකාංගයක් අපේ රටේ දක්ෂයෙකු විසින් නිර්මාණය කර තිබෙනවා. මෙහි නම තමයි නමුණු පරිවර්තකය. බලන්න හදුන්වාදෙන වීඩියෝව.

මෙය ක්‍රියාකරන ආකාරය ස්ක්‍රීන්ශොට් එකක්.


පහත පිළිවෙලට ඔබගේ පරිගණකයටත් මෙය දාගන්න පුළුවන්. 😊
  1. මුලින්ම මෙම මෘදුකාංගය ඔයාගේ පරිගණයට මෙතනින් පිවිස බාගෙන install කරගන්න.
  2. ඊට පස්සේ නමුණු මෘදුකාංගය open කරන්න.
  3. වෙබ් බ්‍රවුසරයෙන් ඉ‍ංග්‍රීසි වචන සහිත වෙබ් පිටුවකට පිවිස හෝ ඉ‍ංග්‍රීසි වර්ඩ් ෆයිල් එකක් open කරලා, නොදන්නා වචනේ උඩ දෙවරක් ක්ලික් කරන්න. නැතිනම් තෝරන්න (Highlight).
  4. දැන් කීබෝඩ් එකේ කන්ට්‍රෝල් යතුර (CTRL) ඔබන්න. එවිට ඉහත ආකාරයට සි‍ංහල තේරුම දර්ශනය වෙයි.
  5. භාවිතයෙන් පසු Task Bar එකේ Notification area එකේ ඇති අයිකන් එක ක්ලික් කර මෘදුකාංගයෙන් ඉවත් වෙන්න.
💡 සැ. යු. මෙය Translate වීමට ඔබගේ පරිගණකය අන්තර්ජාලයට සම්බන්ධ වී තිබිය යුතුය. ඉදිරි ස‍ංස්කරණයකදී offline දත්ත ගබඩාවක් බාවිතයෙන් මෘදුකාංගය නිර්මාණය කරන බව මෙහි Developer වරු සදහන් කරනවා.



Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages