ඉලෙක්ට්‍රික් වාහන 6 ලංකාවේ රථවාහන අනාගතය පිස්සු වට්ටනවා සත්තයි

3 views
Skip to first unread message

It's Behind You

unread,
Dec 15, 2016, 8:59:53 AM12/15/16
to its-behind-you

මේ ඉලෙක්ට්‍රික් වාහන 6 ලංකාවේ රථවාහන අනාගතය පිස්සු වට්ටනවා සත්තයි

ලංකාවේ අය ඉලෙක්ට්‍රික් කාර් ගැන විවිධ මිත්‍යා මත දරුවත් ඒ සියලු මත යටපත් කරමින් කවදාවත් නොසිතුව විදිහට ලංකාව ඇතුලේ විදුලියෙන් ධාවනය වෙන මෝටර් රථ අලෙවි වෙන්න පටන් අරගෙන. නිකමට එලියට බැහැලා බලන්න විනාඩි 10ක් ඇතුලත ඉලෙක්ට්‍රික් කාර්  කීයක් දැක්කද කියලා.

ඉතිං ලංකාවේ ගොයියෝ ෂුවර් එකටම පිස්සු වට්ටන මේ ඉලෙක්ට්‍රික් වාහන ගැන ඉතින් අපි අනිවා ලියන්නම ඕනේ නේද මහත්තයෝ?? බලන්න අපි මේ කියන වාහන ටිකත් ලංකාවට ආවොත් කොහොමට හිටීද කියල.

 

1. Chevy Bolt
New Electric Cars

Source – caranddriver.com

ඇමෙරිකාවේ ජෙනරල් මෝටර්ස් සමාගමට අයිති වෙළඳ නාම අතරින් එක ප්‍රධාන වෙළඳ නාමයක් වෙන Chevrolet මෝටර් රථ සමාගමෙන් එළිදක්වා තිබෙන EV මෝටර් රථය තමයි Chevy Bolt කියන්නේ. දුටු සැනින් හිත අලවාගන්නා පෙනුමකින් යුතුව නිර්මාණය කර ඇති මේ හච්බැක් මොටර් රථය මුළුමනින්ම විදුලි බලයෙන් ක්‍රියා කරන්නක්. ඒ නිසා ඔබට පරිසරයට හිතකර මේ වාහනය ඔබේ සාක්කුවට හිතකර මිලකින් සහ අනෙකුත් පහසුකම් වලින් යුතුව මිලදී ගන්නට පුළුවන්.

එක ආරෝපණයකින් කි.මි.238ක් ධාවනය කරන්නට හැකි මේ අපුරු හුරුබුහුටි මෝටර් රථය, 2017 හරිත මෝටර් රථයලෙසිනුත් සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා. තෝරා ගැනීමට වර්ණ රැසකින් යුතු, බැලු බැල්මට Honda Fit මෝටර් රථයේ පෙනුමට බෙහෙවින් සමාන මේ මෝටර් රථයේ මිල නියම වන්නේ සිට ඉහළටයි.

 

2. Tesla Model 3
New Electric Cars

Source – tesla.com

ටෙස්ලා කියන්නේ ලංකාවට අමුතු මාතෘකාවක් නොවුනත්, වාහනයේ පවතින අධික මිල ගණන් නිසා ලංකාවේ මේ වන විට ලියාපදිංචි වී පවතින්නේ වාහන 4ක් තරම් ප්‍රමාණයකුයි. ඒ වගේම ටෙස්ලා ගැන අපි කියන්නට ප්‍රථම බොහෝ දෙනෙක් මේ ගැන කතා කරලා තිබුණා. නමුත් අපි ටෙස්ලා ගැන කියන්නට කල්පනා කලේ ඔවුන් 2017 වසර සඳහා එළිදක්වන්නට බලාපොරොත්තුවෙන් සිටින ටෙස්ලා මොඩ්ල් 3 නම් මෝටර් රථය සම්බන්ධවයි.

එක් ආරෝපණයකින් කිලෝමීටර් 300කට වඩා ධාවනය කරන්න පුළුවන් මේ වාහනයේ වැඩිහිටියන් 5 දෙනෙකුට කිසිදු අපහසුවකින් තොරව ගමන් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම 0-100 දක්වා ත්වරණයක් ලබා ගන්නට උවමනා වෙන්නේ තත්පර 10 කටත් වඩා අඩු කාලයක්. මේ සියල්ලම සමගින් එන ටෙස්ලා මොඩ්ල් 3 මෝටර් රථය මිල කරලා තියෙන්නේ කට. එහෙත් ලංකාවට එනකොට කිහිප ගුණයක් බදු වදින්න ඉඩ තිබෙන නිසා දැන්ම ලංකාවේ මිල ගැන කියන්න අපහසු වුනත්, ලංකාවේ අනාගතයේදී පාරවල් වල ටෙස්ලා කිහිපයක් දකින්නත් අපහසුවක් වෙන එකක් නැහැ කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

 

3. Kia Soul EV
New Electric Cars

Source – kia.com

අන්තර්ජාතික අවධානය කියා සමාගමේ මේ අලුත්ම විදුලියෙන් ධාවනය වෙන මෝටර් රථයට ලැබුනොතින් එය ලොව ජනප්‍රියතම විදුලියෙන් ධාවනය වෙන වාහනය බවට පත් වෙන්නත් ඉඩ තිබෙනවා. නව තාවයෙන් යුතු හැඩය, කිලෝමීටර් 150කට ආසන්න දුරක් එක් ආරෝපණයකින් ධාවනය කල හැකි වීම, වොයිස් කොමාන්ඩ් වලින් බලාත්මක වෙන නැවිගේෂන් පද්ධතිය, පාකින් සහය වගේ තවත් බොහොම කදිම පහසුකම් මේ Kia Soul EV මෝටර් රථය සතුවීම තමයි ඊට හේතුව.

වාහනයේ කැබින් කොටස සහ බූට් කොටසේ ගබඩා කල හැකි ප්‍රමාණය වැඩි නිසා ගමන් කරන්නාගේ බඩු බාහිරාදිය පහසුවෙන් තබා ගත හැකි වුනත්, කුඩා මෝටර් රථවලට ආවේනික ගැටලුව වන අඩු මගීන් පිරිසක් සමඟින් ගමන් කරන්නට සිදුවීම නිසා පුංචි සෘණ ලකුණක් ලැබෙන්නට ඉඩ තිබෙනවා.

 

4. BMW i3
New Electric Cars

Source – caranddriver.com

සෙඩාන් සහ අතිශය සුඛෝපභෝගී මෝටර් රථ ලොවට හඳුන්වා දුන්නු බැවේරියන් මෝටර් වේස් ආයතනය ඔවුන්ගේ ඉලෙක්ට්‍රොනික වාහන එළිදැක්වීම BMW i3 ලෙසින් සිදු කළා. අශ්වබල 168ක බලවේගයක් උත්පාදනය කරන වාහනයේ බූට් කොටස යටින් ස්ථානගත කර ඇති ඉලෙක්ට්‍රික් මෝටරය සහ එයට සම්බන්ධ කර ඇති අධිබල ලිතියම් අයන බැටරිය නිසා අනෙකුත් වාහන වලට වඩා මෙහි විශේෂිත බවක් දැක්වෙනවා. තවද අතිරේකව බලය එකතු කරන කුඩා එන්ජින් එකකින් සමන්විත වෙන නිසා එය බැටරි වල ආරෝපණය ඉහලින් තබා ගන්න හොඳ උපකාරයක් බවට පත් වෙනවා.

අතිරේක කුඩා එන්ජිම රහිතව i3 මෝටර් රථයට සැතපුම් 80ත් 125ත් අතර ප්‍රමාණය ධාවනයේ යෙදීමට පුළුවන් කම තිබුනත් අතිරේක එන්ජිම නිසා මේ අගය දෙගුණයකට ආසන්න අගයක් ගන්න බව අන්තර්ජාලයේ සඳහන්.

මෙම රථය මෙයට පෙර මෝටර් රථ ලෝකයට ආ ෆෝර්ඩ් ෆියෙස්ටා මෝටර් රථයේ ප්‍රමාණයට සමාන වුවත් අපට දැනෙන්නේ ඊට වඩා වැඩි ඉඩක් පවතින බවයි. අනෙකුත් ඉලෙක්ට්‍රොනික මෝටර් රථ එක්ක සංසන්දනය කරන විට අඩු බරකින් යුතු කාබන් ෆයිබර් බඳ සහ ඇලුමිනියම් සැකැස්ම නිසා වැඩි ශක්තියක් සේම විදුලිය පිරිමැස්ම වැඩි අගයක් ගන්නා බව කියන්නට පුළුවන්.

 

5. Renault Zoe
New Electric Cars

Source – renault.ie

බැලූ බැල්මට නිසාන් ලීෆ් මෝටර් රථයට පෙනුමින් සමානව නිෂ්පාදනය කරලා තියෙන මේ Renault Zoe මෝටර් රථයත් ලීෆ් වාගේම විදුලියෙන් ක්‍රියා කරන්නක්. මේ වන විට ඇමෙරිකාවේ අලෙවි නොවුනත් යුරෝපියානු රටවල ශක්තිමත් විකිණුම් අනුපාතයක් සටහන් කරන නිසා මෙය රෙනෝ සමාගමේ තවදුරටත් වැඩි දියුණු කරන ලයිස්තුවේ ඉහලින් ම තිබෙනවා. ගැණුම්කරුවන් මේ වෙත ආකර්ෂණය වෙන ප්‍රධානම කාරණාව වෙන්නේ අනෙකුත් මෝටර් රථ වලට අනුව බොහොම පහතින් තිබෙන මිල පරාසයයි. එය අගයක් ලෙස කියනවා නම් සිට ඉහලටයි තිබෙන්නේ.

ඒ වගේම මේ ආසන පහේ මෝටර් රථය එක ආරෝපණයකින් සැතපුම් 130කට ආසන්න දුරක් අඛණ්ඩව ධාවනය කරන්නට හැකි බව කියා තිබුනත් අනාගතයේ එළිදක්වන Renault Zoe මෝටර් රථය එක ආරෝපණයකින් කි.මි400ක දුරක් ධාවනය කරන්නට හැකි බව ඔවුන් ගේ දැන්වීමේ කියවෙනවා. මේ නිසා අනාගතයේ හොඳ තරඟයක් දෙන්නට හැකි මෝටර් රථයක් බවට Renault Zoe පත් වෙනවා සිකුරුයි.

 

6. Terra Motor’s EV Threewheeler
New Electric Cars

Source – automology.com

මේක නම් වර්තමානය වෙනකොට ලංකාව සීමාසහිත බ්‍ර්ව්න්ස් සහ සමාගම විසින් ගෙන්වනු ලබනවා. නමුත් තවමත් ලංකාවේ ඉලෙක්ට්‍රොනික වාහන සඳහා ඇති අනිසි බිය නිසා වැඩි දෙනෙක් අතර ජනප්‍රිය නම් නැහැ. මේ විදුලියෙන් ක්‍රියාකරන ත්‍රී වීලර් රථය බොහොම මන බන්දන නිමාවෙන් යුතු ජපාන නිෂ්පාදනයක් බව කිව්වත් එහි පවතින ඉන්දියානු සාම්ප්‍රදායික ත්‍රීරෝද රථ හැඩය නිසා අපව ටිකක් මවිත කරන්නට සමත් වූ බව නොකියා ම බැහැ




Copying content in e-mails of this group will not be pertinent for individual e-mails sending by you.
It's Behind You !
Reply all
Reply to author
Forward
0 new messages