බදු කියන සංකල්පය අපේ ඉතිහාස පුරාවටම දකින්නට හැකියාව තිබෙනවා. මෙහි පැරණිතම සාක්ෂිය හමුවන්නේ ක්රි.ව. 03 තරම් ඈත කාලයෙනුයි. එහිදී ගොවිතැන් කිරීම සඳහා ලබා ගන්නා ජලය වෙනුවෙන් “දකපති”නමින් හඳුන්වන බද්දක් අයකරතිබෙනවා. ජලයට මෙහෙම බදු අයකරනවා වගේම ධාන්‍ය වලටත් අතීත ලංකාවේ බදු අය කරලා තිබෙනවා. “භෝකජපති/බොජියපති/බෙජිපෙත” නමින් හඳුන්වා තිබෙනවා. මෙහි සරල තේරුම වන්නේ භෝජකයාගේ කොටස යන අදහසයි. මෙයටඅමතරව අනුරාධපුර යුගයේ දේශීය විදේශීය ආනයන අපනයන වෙළඳාමේ ස්වර්ණමය යුගයක් ලෙස හඳුන්වන කාලයකත් මන්නාරම (මහාතිත්ථ), හම්බන්තොට (ගොඩවාය) වරායන් වල “මහාපටුලද්ද” නමින් හැඳින්වෙන ආනයන අපනයන බදුඅයකරන නිලධාරින් සිටි බවසඳහන් වෙනවා.
රජකාලයේ පටන් මෙරට ජනතාවගෙන් අයකරගත් විවිධ බදු ගැන රොබට් නොක්ස් විසින් රචිත එදා හෙළදිව ග්රන්ථයේදසඳහන් වනවා. වසරකට තුන් වතාවක් සාමාන්‍ය ජනතාව විසින් භූමියේ අයිතිකරු වූ රජුට බදු ගෙවා ඇති අතර ඒවා බොහෝවිට මීපැණි, තෙල්, ධාන්‍ය වැනි ද්‍රව්‍ය වලින් ගෙවන ලද බද්දක් වී තිබෙනවා. පසු කාලීනව මෙරට පාලනය කල ඉංග්රීසි,ලන්දේසින් යටතේද පනවන ලද ඉතාම විහිලු සහ කෘර සහගත බදු තිබී තිබෙනවා.
වර්තමානයේත් වැට් බද්දක් නිසා ජනතාව බදු ගැන අවධියෙන් සිටින වෙලාවේ අනිවා අපි කල්පනා කළා ලංකාවේ යටත්විජිතපාලන සමයේ පනවපු බදු මොනවද කියන එක ගැන පොඩි සොයා බැලීමක් කරන්නට.

සලාගම කුලයේ ජනතාව පැතිරී තිබු කුරුඳු වෙළඳාම, පෘතුගීසීන් ලංකාවට පැමිණි පසු ඔවුන් අතට පත් වුනා, එහිදී ජනතාවඅතර තිබු කුරුඳු වඩ වඩාත් රජය වෙතට ලබාගැනීමේ උපක්රමයක් ලෙස කුරුඳු සඳහා බද්දක් පැනෙව්වා. මෙය හඳුන්වනුලැබුවේ මහ බද්ද නමින්. මුදල් වලින් හෝ කුරුඳු වලින් ගෙවිය හැකිව තිබු මේ බද්ද ගෙවන්නට එකල සලාගම ජනතාවට සිදුවුනා. මෙය භාරව මුදලි, විදානේ වගේ නිලධාරීන් එහෙමත් ඉදලා තියෙනවා. එතකොට ඒකට අයත්වන සලාගම මිනිස්සුආණ්ඩුව වෙනුවෙන් නිශ්චිත කුරුඳු ප්රමාණයක් තලලා දෙන්න ඕනේ.

ඉංග්රීසි ජාතිකයින් මෙරට යටත් කරගත් පසුව ජනතාවට ගෙවන්නට වූ බද්දකි. පිරිමි දරුවෙකු වැඩිහිටි පුරුෂයෙකු බවට පත්වූපසු මේ බද්ද ගෙවන්නට නියම වි., බද්ද ගෙවන්නට වත්කමක් නැති අය හට සුදු ජාතිකයින් තනනා පාරවල් වල වැඩවලට දිනහයක් තම දායකත්වය දීමෙන් ගෙවන්නට හැකි වුනා. 1848 දී සිදුවූ මාතලේ කැරැල්ලපැණ නැගීමටද මේ පීඩාකාරී ඇඟ බද්දප්රබල හේතුවක් වුනා.

මිනිසෙකු මියගිය පසු ඔහු ජිවත්ව සිටි කාලයේ භාවිතා කල දේපල සහ ඉතුරුම් වල ප්රතිශතයක් බද්දක් ලෙස ගෙවනක්රමයක් ඉංග්රීසි යටත් විජිත පාලන සමයේ සිදුවුනා. මෙය මැරුණු පසු ගෙවන ලද බද්ද හෙවත් මරාල බද්ද ලෙසින්හැඳින්වුනා. මේ බදු එකතුකිරීම සම්බන්ධව පත්කරන ලද මරාල විදානේ නම් නිලතලයක්ද එකල පැවතුනා. මේ මරාල බද්දඋඩරට රාජධානි කාලයේදීත් පනවා තිබුන බව රොබර්ට් නොක්ස් තම ලියවිලි හරහා පවසනවා.
ඊට අමතරව තවත් මතයක් තිබෙනවා මේ මරාල බද්ද ගැන. ඒ තමයි යම් හෙයකින් තමන්ගේ අසල්වැසියා කුමන