Fwd: එකල ලංකාද්වීපයෙහි,

4 views
Skip to first unread message

Krishan Perera

unread,
Dec 18, 2009, 4:01:34 AM12/18/09
to
---------- Forwarded message ----------
From: chaminda tennakoon <chaminda_...@yahoo.com>
Date: Wed, 16 Dec 2009 16:55:35 -0800 (PST)
Subject: එකල ලංකාද්වීපයෙහි,
To: Krishan perera <mdkr...@gmail.com>, Eranda Buddika Kumaranayaka
<buddi...@yahoo.com>, Prasad <cpras...@yahoo.com>

එකල ලංකාද්වීපයෙහි,

හත්වෙනි මහින්ද රජතුමා සිහසුනට පත්ව මිනීමරු සොලීන් පළවා හැර ජාතියම
එක්සේසත් කළ සේක. තමන් වටා සිටින මැති ඇමැත්තන්ගේ විශ්වාසයේ ස්භාවය ශ්‍රී
බුද්ධි මහිමයෙන් වටහා ගත් එ‍තුමෝ රාජ්‍ය පාලනයේදී ස්වකීය සහෝදරයන්ගේ හා
රජ පවුලේ සාමාජිකයන්ගේ සහය නොමසුරුව ලබා ගත්හ. එතුමාණන්ගේ සහෝදර
‍කුමරුවෝද එහිලා බඩ බැඳගෙන ඒ රාජකාරිය ඉටු කිරීමට එතුමාට අනලස්ව සහය ලබා
දුන්හ‍. සොලී සමූල ඝාතනයෙන් සය මසක් ඉක්ම ගිය තැන්හි රජුගේ මහ සෙනෙවි රටේ
ආරක්ෂාව භාරව රාජකාරි කල එතුමන්ගේ සහෝදර කුමරුවන් හා කිපී තමන් විසින්
සොලී යුද්ධය නිම කරන ලදැයි යන මාන්නයෙන් ඔද වැඩී මහ රජුගේ සිහසුනට අභියෝග
කළාහු ය. එයිනුදු නොනැවතී මහරජුද සහෝදර කැලද සොර දෙටු කැලක් බව හා ඔවුන්
රාජ්‍ය භාණ්ඩාගාරය උලා කන බව කියමින් තමන් සිහසුනට පත් කළ හොත් රාජ්‍ය
භාණ්ඩාගාරය රැකගෙන රට බත බුලතින් පෝෂණය කරන බව කියමින් ලංකාද්වීපයෙහි
රැවටෙන සුළු ජනතාව අන්ද මන්ද කළහ. සොලීන් හා හොර ගිවිසුම් ගසමින් මහරජුගේ
දේශප්‍රේමී සටන ලත් තැනම ලොප් කිරීමට වලි කෑ දේශ විදේශ සොර දෙටුවන් සියළු
දෙනාද මහ සෙනෙවි වටා රොද බැඳ ගත්හ.

මෙය නම් මහා විනාශයක පෙර නිමිත්තැක් යැයි ද යුදයෙහි පමණක් දක්ෂ වූ මෙම
රෞද්‍ර සෙනෙවියා කෙරෙහි විශ්වාසය තැබීම සුදුසු නොවන්නේ යැයි එරටවැසි යමක්
කමක් තේරෙන පඬුවෝ ද කලාකාරයෝද අන් බුද්ධිමතුන් ද ජනතාවට ප්‍රකාශ කළහ.
අ‍ඳෝමැයි. අමතක වීමෙහි නම් දරා සිටි ලංකාද්වීපයෙහි සිහසුනට සුදුස්සන්
තේ‍රී‍මට ඡන්දය ලබා දෙන ගුවන්ගත (පාවෙන) ඡන්ද හිමියන් ලෙස සැලකෙන රට වැසි
කැලද පොදි කමින් ගොස් සෙනෙවි තුමාට ස්වකීය මනාපය පල කලහ. අවසන අමිල
සේවයක් ලංකාද්වීපය වෙනුවෙන් සිදු කල මහින්ද රාජෝත්තමයාණන් අළු පල්ලට ඇද
වැටී මහසෙනෙවි පොන්සේකර් තෙමේ සිහසුනට පත් වූහ. වල පල්ලටම ඇද වැටී සිටි
සොලී සතුරු කැල ද ඇතුළු ලංකාද්වීපයෙහි සතුරු කැල මින් අමන්දානන්දයට පත්
වූහ.

බලයට පැමිණි පොන්සේකර් තෙමේ ස්වකීය පළමු රාජකාරිය වශයෙන් සොලී සංහාරයට
මුළු ශක්තියෙන් උර දුන් ස්වකීය පරම සතුරා වූ මහරජුගේ සහෝදර කුමරුවන්
ඇතුළු මහ සටනේදී තමන්ට වඩා කුමරුවන්ට හිතවත්ව සිටි සෙනෙවියන් සියළු දෙනා
හට යුද අපරාධ චෝදනා නඟා සක්විති රජ්ජුරුවන් අභිමුවේ පැවැත්වෙන නඩු
විභාගයකට යොමු කල සේක. සුදු කොඩි රැගෙන පැමිණි අහිංසක සොලී කැරැලි
නායකයන් පිරිසක් අමු අමුවේ මරා දමන ලදැයි ඔවුන්ට චෝදනා කෙරින. ඉක්බිති මහ
සෙනෙවි තනතුරට ද චක් ගෝලයෙකු පත් කරගෙන අනෙකුත් සෙනෙවි තනතුරු සඳහා ද
අතවැසියන් පත් කර ගත්හ. ඉක්බිතිව පැවති රජවාසල ඇත්තන් තෝරන ඡන්දයෙන් ද
ජනතාව පොන්සේකර් තෙමේට සේවය පිණිස කඩ වීදියට ගිය මුග්ධ සොර දෙටු කැලම පත්
කර ගත්හ.

තමන් සිහසුනට පත්වූ පසු සිහසුනේ බලතල අඩු කරන බවට ලක් වැසි ජනයාට දුන්
පොරොන්දුව ඉටු කරමින් පොන්සේකර් තෙමේ තමන්ට පැවරී තිබූ රජ වාසල සඳහා කසල
ශෝධකයන් සැපයීමට ඇති බලය වැනි බලතල කිහිපයක් රාජ සභාවට ලබා දුන්හ. මෙම
පොරොන්දුව ඉටු නොකරන තුරු (ඇහැට ඇඟිල්ලෙන් අනින තුරු) බලා සිටි රක්ත වර්ණ
රාජ සභා නියෝජිතයන් ‍පිරිස මේත් සමඟම රජු හා උරණ වූ බවක් පෙන්වා තමන්ට
උරුම විපක්ෂ සභාවේ ලැගුම් ගත්හ. ඉන් පසු රජ තෙමේ රජ වාසල ඇමති තනතුරු
සියල්ලම සඳහා ‍අනෙක් සොර දෙටු කැලද සොලී හිතවාදී පිරිස ද පත් කර ගත්හ.
සොර දෙටු කැලේ ප්‍රධානී හා නපුංසකයෙක් යැයි ජනතාව අතර කසු කුසුවෙන්
පැතිරී ගිය ‍අග සොර දෙටුවා අග ඇමැති තනතුරට පත් වූහ. තමන් රජවූ පසු
මොවුන් සියල්ලටම කෙලවා තමන්ට අවශ්‍ය විදියට රාජ්‍ය පාලනය කරන්නැම් යැයි
යටි හිතින් සිතමින් සිටි පොන්සේකර් තෙමේට රජ කම ලබා ටික දිනකින්ම මේ නම්
තමන්ට තනියම කළ හැකි කෙළියක් නොවන බව වැටහෙන්නට විය. මහින්ද රාජෝත්තමයාට
මෙන් ළංකර ගැනීමට විශ්වාස වන්ත නෑසියෙක්ද නොසිටි බැවින් එතුමන් තවත් අසරණ
විය. මේ අතර එතුමන්ගේ සිටි නොසිටි මිත්‍රයන්ද යුද පිටියේ මිතුරන්ද කෙමෙන්
කෙමෙන් එතුමාට ලංවන්නට වූහ. පොන්සේකර් තෙමේ ඔවුන්ට නොමසුරුව උපදේශක
තනතුරු පිරිනැමූහ. ආර්ථික පාලනය තමන් නොදන්නෙම්හ යැයි තමන්ම කියා සිටි
පොන්සේකර් තෙමේට මොවුන් විසින් කෞටිල්‍යයට නොපරදින අර්ථ ශාස්ත්‍ර උපදෙස්
ලබා දුන්හ. මෙය නම් චිංචි රැජිනගේ කිචන් රාජ සභාවට සමවූවක් බව ජනතාවට
කෙමෙන් කෙමෙන් වැටහෙන්නට විය. මේ අතර ඇමති සොර දෙටු කැලද කෙමෙන් කෙමන්
ස්වකීය පුරුද්ද වූ භාණ්ඩාගාරය හිස් කිරීම අරඹන්නට වූහ. ජනතාව අතර ද
නොසන්සුන් කම් ඇතිවී කළ කෝලාහල පැන නඟින්නට විය. බටහිර රජවරුන්ට පශ්චාත්
භාගය පුද කිරීම හේතුවෙන් අසල්වැසි ජම්බුද්වීපයෙහි මහා රජාණෝද පොන්සේකර්ට
එදිරිව වුන්හ. යුද්ධයෙහි මිස රාජ්‍ය පාලනයෙහි පළපුරුදු නොවූ නිර්පාක්ෂික
පොන්සේකර් තෙමේ සතර දිග් භාගයටම ස්වකීය ශ්වේත වර්ණ වෑන් රථ බලකාය පිටත්
කර යැවූහ.

තම තමන් විසින් තමන්ගේ පශ්චාත් භාගයටම ඇර ගත් බව මුග්ධ ජනතාවට වැටහෙන විට
සෑහෙන ප්‍රමාද වී තිබුණි. අවසන උන් සියල්ලෝම ඇටි කෙහෙල් කෑ උගුඩුවන් මෙන්
උනුන් මුහුණු දෙස බලා නියවන්නට විය

‍‍‍‍‍‍‍‍‍‍‍‍................ කථාව දිගටම ලිවිය හැකි නමුත් මෙතනින් එහාට
කියා පළක් නැති හෙයින් නවතිමි.

--

Thanks and best regards.

M D Krishan Perera
B.Sc.(Sp Hons) in IT | Software Engineer
Mob : +94 (0) 77 49 52 360 Tel : +94 (0) 11 278 97 13
Email: mdkr...@gmail.com
Web : http://www.freewebs.com/krishan_perera/index.htm

Reply all
Reply to author
Forward
0 new messages