IELTS සම්භධයෙන්

40 views
Skip to first unread message

Maduranga

unread,
Oct 27, 2011, 12:21:47 PM10/27/11
to ඉංගිරිසි Ingirisi
පිට රටකට යන්න අදහසක් නැති අයට IELTS කරල තියෙන එකෙන් වාසියක් තියෙනවද? ඒ
කියන්නෙ ලංකාවෙ Job එකකට යනවනම් IELTS කරල තියෙනවනම් විශේෂ වාසියක්
තියෙනවද?
මමත් IELTS කරන්න හිතාගෙන ඉන්නව. නමුත් මට ලොකු ඉංග්‍රීසි දැනුමක් නෑ.
IELTS සඳහා වන උපකාරක පන්තියකට සහභාගිවීමෙන් පමණක් හොඳ දැනුමක් ලබා ගන්න
පුළුවන් වේවිද?

Sujeewa de Silva

unread,
Oct 28, 2011, 3:05:35 AM10/28/11
to ඉංගිරිසි Ingirisi
IELTS පරීක්ෂණය ප්‍රධාන වශයෙන් පැවැත්වෙන්නේ පිටරටක වැඩිදුර ඉගෙනීමට හෝ
පදිංචියට යන්න අදහස් කරන අයගේ ඉංග්‍රීසි දැනුම තහවුරු කරන ක්‍රමයක්
විදිහට. ලංකාවේ රැකියාවකට යාමේදී ඒක සුදුසුකමක් විදිහට කොච්චර දුරට
ප්‍රයෝජනවත් වෙනවද කියල නම් දන්නේ නැහැ.

උපකාරක පන්තියක් තුලින්ම භාෂාවක නිපුණත්වය ලබාගැනීම අමාරු වුනත්, හොඳ
පන්තියක් තෝරාගෙන තමනුත් ඒ සඳහා ටිකක් කැප වුනොත් කරන්න පුළුවන්.

Reply all
Reply to author
Forward
0 new messages