ජවිපෙ - 88/89 -ත්‍රස්තවාදය මත පදනම් වූ, තිරශ්චීන වූ, ප්‍රතිගාමී වූ කැරැල්ලක් ද ? විමුක්ති ව්‍යාපාරයක් ද ?

2,064 views
Skip to first unread message

Nihal Ananda

unread,
Nov 4, 2021, 12:20:50 AM11/4/21
to INDRAKA group
'Nishantha Kamaladasa' 

ඉල් මහ විරු සමරුව බොහෝ ඉහලින් මේ මාසය තුළ පැවැත්වීමට නියමිත ය. ඉල් මහේ රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ නායකයන්ගේ මරණයත් සමග අවසානයට පත් වන්නේ ඒ වන විට වසර දෙකක් තිස්සේ දියත් කෙරෙමින් තිබුණු, පැහැදිලිව ම ත්‍රස්තවාදය මත පදනම් වූ, දේශපාලන ව්‍යාපාරය ය. ඒ ව්‍යාපාරය විසින් දියත් කරන ලද කැරැල්ල ය.

එය හිස ඔසවන්නේ ජවිපෙ එජාප රජයේ අසාධාරණ මර්දනයට ලක් ව කිසිදු සාධාරණ හේතුවක් නැතිව තහනම් කරනු ලැබ වසර පහක් පමණ ගත වීමෙන් පසු ය.

වෙනත් නමකින් පෙනී සිටිය ද ඒ පසුපස සිටියේ ජවිපෙ බව නායකයන්ගේ මරණයෙන් පසු කැරැල්ල අතුරුදහන් වීමෙන් පෙනී ගියේ ය. ඉල් මහ විරුවන් සමරන නිසා ද ජවිපෙ එහි වගකීම කෙලින් ම නැතත් වක්‍රව බාර ගන්නා නිසා ද එය ජවිපෙ ය පසු කළ තවත් එක් වකවානුවක් සනිටුහන් කළ බව ලෝකයාට රහසක් නොවී ය.

88-89 නැගිටීම, 1971 කැරැල්ල සමග සන්සන්දනය කිරීමේ දී අතිශයින් වෙනස් මෙන් ම මෘග ස්වරූපයක් ගත් බව කිව යුතු ය. ඒ දෙක සන්සන්දනය කිරීමේ දී  පෙනී යන්නේ ඒ දෙක සංවිධාන දෙකක් විසින් කළේ යැයි හිතෙන තරමට වෙනස් බව ය.

1971 ආයුධ ගත් තරුණයන්ගේ ඉලක්කය රාජ්‍ය යන්ත්‍රය නියෝජනය කළ පොලිස් ස්ථානවලටත් ආණ්ඩුව නියෝජන කළ දේශපාලනඥයන්ටත් එල්ල වෙද්දී 88-89 කැරැල්ල, කැරැල්ල නොඉවසූ, එයට සහය නොදැක්වූ, එහි නියෝග වලට අවනත නොවූ, සාමාන්‍ය මිනිසුන් ව ද ඉලක්ක කර ගත්තේ ය.

රජයට විරුද්ධව පෙලපාලි යෑමට ඒ ව්‍යාපාරය ජනතාව මෙහෙය වූයේ පිටුපස හෝ සැඟ වී තුවක්කුව එල්ල කර ගෙන බලහාත්කාරය යොදා ගනිමිනි. ඒ දවස ජීවත් වූ ජනයා කල් ගෙව්වේ මරණය අත්වන්නේ රජයේ හමුදා වලින් ද ඊනියා දේශප්‍රේමී හමුදාවෙන් ද යන්න නොදැන ය. ගිරයට අසු වූ පුවක් ගෙඩි සේ ය.

තමන්ට දේශපාලන වශයෙන් තර්ජනයක් එල්ල වෙතැයි සැක කළ වාමාංශික ව්‍යාපාරයේ අය පවා ඔවුන්ගේ දෘඪ මර්දනයට හසු විය. ජවිපෙ සමග සිට පසුව වෙන් වූ තමන්ගේ ම පැරණි සගයන් කැරැල්ල මෙහෙයවූවන් විසින් මරා දැමුණේ ය.

මරා දැමූවන් දේශද්‍රෝහී ලේබලය යටතේ ගෞරවාන්විත අවමංගල්ලයකට වත් හිමි නැති අය බවට පත් කෙරිණි.

කැරැල්ලේ ස්වභාවය එහි දේශපාලන අරමුණු ඉක්මවා ගොස් තිබුනේ ය. පළමුවෙන් ඒ ගැන කතා කළේ ඒ නිසා ය. දේශපාලන අරමුණ වුව ද සුජාත එකක් වූයේ නැත. උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජය කිරීම අරමුණ වු බව ක්‍රියාත්මක වූ ආකාරය හා ඉදිරිපත් වූ ඇතැම් සටන් පාඨ වලින් පෙන්නුම් කළේ ය.

එවකට පැවති දේශපාලන පසුබිම සැකෙවින් විස්තර කරන්නේ නම් ඒ උතුරේ කැරැල්ල ආරම්භ වී වසර අටකට වැඩි කාලයක් ගෙවී තිබුණු වකවානුවක ය. ඉන්දියාව උතුරේ කැරලිකාර හමුදාවන්ට තමන්ගේ භූමිය තුළ කඳවුරු පවත්වමින් පුහුණු කරමින් සිටියේ ය. ඒ දෙමල ජනතාවගේ අයිතීන් මායිම් නොකරමින් දකුණේ ආණ්ඩුව කටයුතු කළ නිසා පමණක් නොව එම ආණ්ඩුව ඉන්දියාවට එරෙහිව බටහිර කඳවුරේ පැත්ත ගෙන සිටීමට එකට එක කිරීමක් ද ලෙස ය. මේ වන විට උතුරේ කැරැල්ල අනවශ්‍ය ලෙස ඔඩු දුවා තිබෙන බවත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ හමුදා ක්‍රියාකාරිත්වයන් නිසා උතුරේ ජනතාව අපහසුතාවයට පත් ව තිබෙන බවත් තමන් මැදිහත් වී යම් විසඳුමක් දිය යුතු බවත් ඉන්දියාව කල්පනා කරමින් සිටි කාලයයි. අහසින් පරිප්පු දමමින් ඊට මැදිහත් වූ ඉන්දියාව තමන් බේරුම් කරුවෙක් ලෙස ක්‍රියාකරන්නට සූදානම් යැයි අනෙත් අතින් දන්වා සිටි සමය යි. පළාත් සභා නැමැති ව්‍යවස්ථා සංශෝධනය දේශපාලන විසඳුමක් ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් තමන් කිරි පොවා හැදූ වැඩු කැරලිකරුවන් මේච්චල් කර දීමේ වගකීම බාර ගැනීමට ඉන්දියාව සිය සූදානම පල කළ වකවානුවයි. ඒ සඳහා ගිවිසුමක් ඇති කර ගැනීමෙන් පසු ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබුණු කාලයයි.

ඒ හේතුවෙන් දකුණේ කැරැල්ලේ ප්‍රකාශිත දේශපාලන අරමුණ වූයේ ඉන්දීය වඳුරු හමුදා පළවා හැරීම ය. ඒ සඳහා ඒවාට ආරාධනා කළ දකුණේ ආණ්ඩුව ද පළවා හැරීම ය. වාමාංශය ඉලක්කය කෙරුණු දේශපාලන හේතුව ලෙස දැක් වුනේ උතුරට දේශපාලන විසඳුමක් දීම මගින් රට පාවා දීමට ආන්ඩුවට සහය දැක්වීම ය.

මේ හේතුව නිසා කැරැල්ලේ ස්වභාවය පමණක් නොව කැරැල්ලේ දේශපාලන සුජාත භාවය ද ප්‍රශ්නයක් වූයේ ය. උතුරේ ජනතාවට මොනම හෝ ස්වයං පාලනයක් දීම ඔවුන් දුටුවේ රට පාවා දීමක් ලෙස ය. එහි ජාතිවාදය මොනවට පිළිබිඹු වූයේ ය.

ඒ නිසා ම කිව හැක්කේ ඔවුන් පෙනී සිටියේ උතුරේ කැරැල්ල මිලිටරි බලය යොදා ආම්බාම් කිරීමට බව ය. ඔවුන් ආණ්ඩුවටත් වඩා කැරැල්ල තිරශ්චීනව මැඩලීම වෙනුවෙන් පෙනී සිටීම එක් අතකින් උත්ප්‍රාසජනක විය. අනෙක් අතින් ඛේදජනක විය.

මෙසේ ස්වභාවයෙන් තිරශ්චීන වූ ද අරමුණ අතින් ප්‍රතිගාමී වූ ද 88-89 කැරැල්ල තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ නීති විරෝධී කිරීමේ හා මර්දනය කිරීමේ ප්‍රතිඵලය නිසා ම උපන් බව දැක්වීමෙන් එකී ද්විත්ව වැරදි කාරිත්වයෙන් මිදීමට ඔවුන්ට නොහැකි ය.

ඔවුන් හැසිරුණේ දේශපාලනය ව්‍යාපාරයකට වඩා ත්‍රස්ත මංකොල්ල කරුවන් පිරිසක් ලෙසිනි. ඔවුන්ගේ අවසාන ආයුධය වූයේ යුද්ධ හමුදාවෙන් අස් නොවන පවුල් වල අයට දඩුවම් පමුණුවන බව කියමින් යුද්ධ හමුදාව අකර්ණම්‍ය කොට බලය අල්ලා ගැනීමට ය. එහෙත් එය ම ඔවුනට භූමරංගයක් වූයේ ය.

නිලධාරීන්ගේ සිට සාමාන්‍ය සෙබලා දක්වා හමුදාවේ සෑම තරාතිරකම කෝපයට ඔවුන් නතු ව ගියේ ය. ඉතාමත් තිරශ්චීන ලෙස මරා දමන ලද තරුණ තරුණියන්ගේ මල සිරුරු වලින් පොළොව තෙත් වුනේ කැරලිකරුවන් විසින් මරා දමන ලද මිනිසුන්ට අමතරව ය. අවසානය වන විට මරණු ලැබුයේ කවුරුන් විසින් ද යන්න පවා සොයා ගත නොහැකි තරමයට මරණ තරඟය උග්‍ර වූයේ ය.

ඒ නිසා ම ජවිපෙ නායකයින් අල්ලා ගනු ලැබූ විට බොහෝ මිනිසුන් සුසුමක් හෙලන්නට ඇත.

කැරැල්ල අවසන් නිසා දැන් අපට ඉතිරිව ඇත්තේ පශ්චාත් මරණ පරීක්ෂණ පමණ ය. එහෙම ඒවා බොහෝ තිබුනේ ය. මෙය එයින් එකක් පමණ ය.

දෙපැත්තේම මරා දමනු ලැබුයේ යටත් වීමට අකමැති වූ මිනිසුන් ය. තරුණ තරුණියන් ව ය. ඒ නිසා මේ සියලු මරණ විරු මරණ ලෙස අවශ්‍ය නම් කෙනෙකුට හැඳින්විය හැකි ය. එහෙත් ජවිපෙට අනුව විරුවන් වන්නෙ කැරලි කරුවන් ලෙස මිය ගිය අය පමණ ය.

ඔවුන් විරුවන් ද? ඊට උත්තර මම හරියට ම නොදනිමි.

ඔවුන් නිර්භීත දැයේ දරුවන් වූ බව නම් සැබෑ ය. ඒ අහිමි වූ ජීවිත අපට සිටි වටිනාම මිනිසුන් කොටසකගේ බව ද මම පිළිගනිමි. එහෙත් ඔවුන් මියගියේ නිරපරාදේ ය. යටි අභිමතාර්ථයන් තිබූ නායකයන් විසින් අයාලේ යවනු ලැබූ නිසා ය. ඇතැම් නායකයන් ද නොදැනුවත් කම නිසා අයාලේ ගිය වූවන් ද විය හැකි ය. අයාලේ ගිය අයටත් විරුවන් යැයි කිව හැකි නම් 88-89 කැරැල්ලෙන් මිය ගිය ජවිපෙ සමාජිකයන් ද විරුවන් ලෙස සැලකීමේ වැරැද්දක් නැති බව කියමින් මේ සටහන අවසන් කරන්නෙමි. 

ජනතා විමුක්ති පෙරමුණට අදට ද දේශපාලන ව්‍යාපාරයක් ලෙස නැගී සිටීමට බැරි වීම පිටුපස 71 කැරැල්ලට ද වඩා බලපෑවේ ත්‍රස්තවාදය සිය කුරිරම ස්වරූපයකින් යොදා ගැනීම පදනම් කර ගත් 88-89 කැරැල්ල ය. ඒ ගැන සමාවට කාරණා කීමෙන් පමණක් ඔවුන්ට එයින් ගැලවිය නොහැකි ය. ඒ සඳහා වඩා විවෘත පාපෝච්චාරණයක්, කළ වැරදි නිශ්චිත ව හා විස්තීරණ ව දක්වන පාපොච්චාරණයක්, අවශ්‍ය ය.

මේ සමග ඇති ඡයාරූපයේ තිබෙන්නේ ඉල් මහ විරුවන් විසින් ඉදිරි කරන ලද තාප්පය පිළිබඳ සංකේතයකි. ඒ තාප්පය අදටත් බාධකයක් ව ඇති බව ඉක්මණින් පසක් කරගත් තරමට යහපත් ය. ඒ සඳහා කළ යුත්තේ පිටුපස හැරී බැලීම ය.




Nishantha Kamaladasa
Freelance Management Consultant
0714 480240, 011 2776421 (Residence)

Nihal Ananda

unread,
Nov 4, 2021, 12:48:29 AM11/4/21
to INDRAKA group
අවුරුදු 35 කට පමන කලින් සිදු වූ තීරණාත්මක සංසිද්ධියක්  ගැන ......
කරුණු කාරනා , නිරීක්ෂණ,  නිගමන   අඩංගු වැදගත් රචනාවකි. 
කියවන සියලු දෙනාගේ ම ආහේ වැඩිහිටි  මතකයේ ඇති අතිතයක් හෙයින් ..... 
මේ ගැන තව දුරටත්  කතා කිරීමට ....,
ඉහත නිරීක්ෂණ නිගමන ගැන විමසීමට  බොහෝ දේ තිබිය හැකිය (මටත් ටිකක් තිබේ !)
[එම නිසා අලුත් thread එකක ට .....පරණ thread එක ජවිපෙ වර්තමාන කටයුතු ගැන විමසා බැලීමට පමණක් ....]
.................................................

ඒ වන විට වසර දෙකක් තිස්සේ දියත් කෙරෙමින් තිබුණු, පැහැදිලිව ම ත්‍රස්තවාදය මත පදනම් වූ, දේශපාලන ව්‍යාපාරය ය. ඒ ව්‍යාපාරය විසින් දියත් කරන ලද කැරැල්ල ය.
මේ  පලමු වාක්‍යයේ  කියවීමේදී ම ,  ඇති වූ  ගැටලුවක් .....
+ 'ත්රස්තවාදය '..... ලෙස අපි  සාමාන්‍යයෙන් සලකන්නේ  කුමන ආකාරයේ ක්‍රියාවන්ද ?
+වීරයන් කරන විමුක්ති අරගලයන් .....වෙනස් වන්නේ කොහොමද ?
+71 කැරැල්ල ......, ත්‍රස්තවාදී ක්‍රියාවක් ද > නොවේ නම් ඒ කෙසේද ?
+LTTE දෙමල සටන් ව්යාආරය්ය.... ත්‍රස්තවාදී ද ? නැද්ද ? නැතිනම් ඒ කෙසේද ?
+ ලංකා ඉතිහාසයේ 1818 කැරැල්ල, ඊට පසු  පුරන් අප්පු කැරැල්ල .... ත්‍රස්තවාදී කැරලි ද?

Amarasiri Gunawardena

unread,
Nov 13, 2021, 8:38:43 PM11/13/21
to ind...@googlegroups.com
I added my comment on Kamales post in another post. But  It is match to this post and CC here, otherwise Kamale would miss it

 කමලෙ ජ වි පෙ ගැන තමා විසින් සහ මාද්‍ය පලකළ කරුණු/වාර්තා පදනම් කරගෙන විග්‍රහයක් කර ඇත. මෙය වඩා සාධාරණ වන්නේ ජ වි පෙ ඇතුලෙන් මේ නැගිටීම් දෙක සම්බන්දයෙන් ඔවුන් දරණ ඔවුන් දේශපාලන වශයෙන් දක්වන කරුණුත් අඩංගු කර මේ ලේඛනය සකස් කලා නම් යැයි මට සිතේ. 

1900න් පමණ පසුව ලෝකයේ ධනවාදී සමාජ ක්‍රමයට [පද්ධතියට]  විරුද්ධව බොහෝ රටවල සටන් ඇවිලී නිවී ගිය ඉතිහාසයක් තුළ ලංකාවද සිටී. එම කැරලි සටන් විමුක්ති අරගල විවිධ ස්වරූප ගෙන ඇති බව රහසක් නොවේ. මරා දමා ඇති සටන් සගයින් නායකයින් සහෝදරයින් ගණන් කල නොහැකි තරම්ය. එබැවින් කමලෙගෙ ලියවිල්ල ජ වි පෙ ක්‍රියාකාරී සහෝදරයෙක්/සාමාජිකයෙක් හමුවී ගැඹුරින් අද්‍යනය කර  නැවත ලිවීමට සලක බලන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.  

ඔබ සැබෑ සමජ විද්‍යාධරයෙක් වනුයේ එවිටයි. දැනට ඔබ එ ජා ප හෝ වෙනත් වාමාංශික කන්ඩායායමක හෝ ක්‍රියා කාරිකයෙක් නොවන නිසා සහ කළමණාකරනය විෂය සම්බන්දයෙන් විශෙෂන්ජයෙක් වන නිසා මගේ යෝජනාව ඔබ්ගේ විෂය පතයට සහ ඔබ්ගේ ලේඛන කලාවටද මහඟු අත්වැලක් විය හැකිය. එවැනි සාකච්චාවක් තුලින් ඔබට ජ වි පෙ විවේචනය කිරීමටද අත්වැලක් ලැබිය හැක. 89ක් නැවත නො ඒ යැයි අප්ට විස්වාශ කළ නොහැක. ධනේශ්වර රාජ්‍ය බලය එයට එරෙහිව නැගෙන සමාජවාදී අභියෝගය විනාශ කිරීමට යොදන උපක්‍රම කුඩා වාමාංශික කන්ඩායම් වලට තෙරුම් ගැනීමට පවා නොහැකිය. එබැවින් එය ඔබට මහා අභියෝගයක්ද විය හැක. පුළුවන් නම් කරල පෙන්වන්න යැයි ආරාධනය කරමි

DAG


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS1yDwHt7WH1RW_rgUFH0xWVjb8oh79Hi5trUhfsJfmZ8A%40mail.gmail.com.

Nishantha Kamaladasa

unread,
Nov 13, 2021, 9:03:35 PM11/13/21
to ind...@googlegroups.com
ගුණේ ‌

ජවිපෙ මතය දැනට සිටිනා කාඩර්වරයෙකුගෙන් පෞද්ගලික විමසීම කිසිසේත් මේ විවරණයට අදාළ නැහැ. අදාළ වන්නේ ඔවුන් මේ ගැන සමාජ ගත කර ඇති මතය යි. රටට කියා ඇති මතය යි. ඒ ගැන ගුණේට යම් ලේඛනයක් පෙන්වන්නට හැකි නම් එය මේ විවරණයට අදාළ කර ගත හැකි යි. ඒ සඳහා ගුණේට ආරාධනා කරනව. මා අසා ඇති දැක ඇති මතය අනුව ඔවුන් කියන්නේ රාජ්‍ය මර්දනය ඔවුන් මේ තැනට තල්ලු කළ බව යි. එය ඉතා දුර්වල තර්කයක්. ඒ තුළ පෙනෙන්නේ ඔවුන් රාජ්‍යයට අනුව හැසිරෙන බවයි. එයින් මෙහෙයවෙන බවයි. බාහිරින් නැටවිය හැකි රූකඩයක් බවයි. 

බොහෝ දෙනෙකු වැරදි වලට තල්ලු වන්නේ අන් අයගේ කටයුතු නිසා බව ඇත්ත ය. එහෙත් පෙරටුගාමී පක්ෂයකට එය සමාවට කාරණයක් හැටියට ඉදිරිපත් කළ නොහැකි ය. 

හේරා

මෙන්න හේරාගේ ප්‍රශ්න හා මගේ උත්තර

'ත්රස්තවාදය '..... ලෙස අපි  සාමාන්‍යයෙන් සලකන්නේ  කුමන ආකාරයේ ක්‍රියාවන්ද ?

        ජනතාව කැරැල්ලකට මෙහෙයවීම සඳහා උන්ට තුවක්කුව එල්ල කිරීම හා වෙනත් ආකාරයේ තර්ජනයන් කිරීම

+වීරයන් කරන විමුක්ති අරගලයන් .....වෙනස් වන්නේ කොහොමද ?

        ජනතාව බලය යොදා බිල්ලට දෙනු වෙනුවට අරගලයට සිය කැමැත්තෙන් ඉදිරිපත් වන වටපිටාවක් තැනීම

+71 කැරැල්ල ......, ත්‍රස්තවාදී ක්‍රියාවක් ද > නොවේ නම් ඒ කෙසේද ?

        නැත. එය සෙල්ලම් විප්ලවයකි. ඒ ගැන වෙනම ලියා ඇත. බක්මහ සිදු වූ සෙල්ලම් විප්ලවය | වචන සෙල්ලම් (wordpress.com)

+LTTE දෙමල සටන් ව්යාආරය්ය.... ත්‍රස්තවාදී ද ? නැද්ද ? නැතිනම් ඒ කෙසේද ?

        ත්‍රස්තවාදී ය

+ ලංකා ඉතිහාසයේ 1818 කැරැල්ල, ඊට පසු  පුරන් අප්පු කැරැල්ල .... ත්‍රස්තවාදී කැරලි ද?

        බලහාත්කාරය භාවිතා කළ ආණ්ඩුවකට එරෙහිව එල්ල කළ නිසා එය ත්‍රස්තවාදය ලෙස සැළකිය නොහැකි ය. ඒ කැරැල්ල තුළ ජනයා බලහාත්කාරය යොදවා ගෙන ආණ්ඩුවට එරෙහිව භාවිතා කළ බවට සාක්කි මට හමු වී නැත.


Nishantha Kamaladasa
Freelance Management Consultant
0714 480240, 011 2776421 (Residence)

If you are interested in reading management in SINHALA please click the link below

www.managementinsinhala.wordpress.com


Nissanka Rajapaksa

unread,
Nov 14, 2021, 2:56:46 AM11/14/21
to ind...@googlegroups.com
//දේශපාලන අරමුණ වුව ද සුජාත එකක් වූයේ නැත. උතුරේ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් දීමේ ආණ්ඩුවේ ප්‍රයත්නය පරාජය කිරීම අරමුණ වු බව ක්‍රියාත්මක වූ ආකාරය හා ඉදිරිපත් වූ ඇතැම් සටන් පාඨ වලින් පෙන්නුම් කළේ ය.//

88/89 අරගලයේ දී ජවිපෙ දැරූ දේශපාලන අරමුණ ගැන කමලේගේ සටහනයි ඒ. එය, එක් අරමුණක් වූ බව ඇත්තක් වුවත්, එකම අරමුණ වූ බව කීම නොමග යවන සුළු හා පක්ෂාග්‍රාහී ප්‍රකාශයක් බවයි මගේ අදහස. එම සංවිධානය සන්නද්ධ වීම ජේආර් විසින් පක්ෂය තහනම් කිරීමට පෙර (උදා: 82 ජනාධිපතිවරනයට විජේවීර ඉදිරිපත් වූ අවස්ථාවේ දී) ඔවුන් දැරූ දේශපාලන අරමුණු 88/89 ට අදාලව වලංගු නොවන්නේ ද?

ජේආර් විසින් පක්ෂය තහනම් කිරීමෙන් පසු ක්ෂණිකව රජය ක්‍රියා කළ ආකාරය සහ ඉන්පසුව 88/89 දක්වා ක්‍රම⁣ක්‍රමයෙන් වර්ධනය වූ දේශපාලන හා සමාජ වටපිටාව කමලෙට අමතක නෑ නේ ද?
එහිදී ආණ්ඩුවේ හමුදා ජවිපෙ සාමාජිකයින්ව දඩයම් කළේ බොහෝවිට නීත්‍යානුකූල නොවන ආකාරයටයි. ඔවුන් විසින් දඩයම් කළ අය අතර ජවිපෙ සාමාජිකයින් පමණක් නොව ඔවුන්ගේ පවුල්වල අය, හිත මිත්‍රාදීන් සහ නොයෙක් පුද්ගලයින්ගේ පුද්ගලික කෝන්තර කාරයින් ද හිටියා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආපසු ආවේ නැති අතර සමහරකුගේ මලසිරුරු මහමග ප්‍රදර්ශනය සඳහා දමා තිබුනා. මගේ ප්‍රශ්නය, රජය කුලීහේවායන් යොදවා කළ මේ ක්‍රියාවලිය ත්‍රස්තවාදී ලෙස කමලේට හැඟෙන්නේ නැද්ද යන්නයි.

Nishantha Kamaladasa

unread,
Nov 14, 2021, 3:20:48 AM11/14/21
to ind...@googlegroups.com
නිස්සංක

ජවිපෙ 88/89 පටන් ගත්තෙ (මගේ මතකයට අනුව) එජාප ලේකම් මරා දැමීමෙන්. ඔහු රජයේ නිලයක් වත් දැරුවෙ නැහැ. ජවිපෙ ක්‍රියාකාරිකයන් මරන්න ආණ්ඩුව පටන් ගත්තෙ ඊට කාලයකට පස්සෙ. 

ජවිපෙ මූලික සටන් පාඨය වුනෙ ඉන්දියානු වඳුරු හමුදා පළවා හරිනු කියන එකත් පළා බබා එපා කියන එකත්. පළාත් සභාවලට පක්ෂ වුනු සෙසු වාමාංශය දඩයම් කරන්න පටන් ගත්තෙත් ඒ අරමුණින්.

මට ඒ කාලය අමතක නෑ. මගේ ගෙදරත් ජවිපෙ දඩයමට ලක් ‌වුනු වමේ කෙනෙක්ට නවාතැන් දෙන්න කතා කර ගෙනත් තිබුණ. ඒත් ඔහුට පසුව වඩා සුරක්ෂිත තැනක් ලැබිල තිබුන. නියෝගය කඩකරමින් ටීවී දාපු මිනිස්සුත් මරපු කාලයක් ඒක. ඒව ඒ කාලෙ ජිවත් වෙච්ච මිනිසුන්ට අමතක වෙන්න විදිහක් නෑ.

අඩු වශයෙන් ඒ වැරදි සියල්ල මතක් කරල සමාව ගන්නව නම් තරමක් හෝ ගොඩ එන්න පුළුවන්. එහෙම නැතිව ඉල් මහ විරුවන් සමරන එකෙන් වගතුගක් නම් වෙන්නෙ නෑ. 

Amarasiri Gunawardena

unread,
Nov 14, 2021, 4:27:34 AM11/14/21
to ind...@googlegroups.com
කමලෙට හරිම පහසුවෙන් ජ වි පෙ ප්‍රධාන කාර්‍යාලයට ගොස් ඔබේ ගැටළු සිල්ල විසඳගෙන තාර්කික ලේඛකයෙක් විය හැකියි. මා එසේ සඳහන් කලේ ඔබගේ ගෙදර සිට ජ වි පෙ කාර්‍යාලයට වැඩි දුරක් නැති නිසා.  88-89 සැමරුමක කතාවකින් ඒක ලබා ගන්න බැහැ. ලේඛනත් ඕනෑ නම් ඉල්ලා සිටිය හැකිවේවි. අවංක නිර්භීත ජර්නලිස්ට් කෙනෙක් කළමණාකරණයේ විශේෂන්ජයෙක් නම් එසේ කළ යුතුනේද? කෙසේ වෙතත් අනුරගෙ කතාව අහන්න. 

https://www.facebook.com/watch/?v=376548627492039

DAG

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nishantha Kamaladasa

unread,
Nov 14, 2021, 8:33:36 AM11/14/21
to ind...@googlegroups.com
ගුණේ

මට පෞද්ගලිකව දෙන උත්තර මෙතැනදි අදාළ වෙන්නෙ නෑ. උත්තර බඳිනව නම් ඒ ජනතාවට. ගුණේ එවපු කතාව බැලුව ඒකෙ 88-89 සුජාත අරගලයක් බව කෙළින් ම කියනව. අපිව තල්ලු කරා කියලත් කියනව. නිශේධනීය දේ කළ බව කිව්වත් ඒව මොනවද කියලවත් කියන්නෙ නෑ. ඒ නිසා එතැන ඇති ස්වයං විවේචනයක් නැහැ.

ජවිපෙ ගැන මගේ මතය අදාළ නැහැ. ජනතාවගෙ මතය තමයි අදාළ. ඒ ගැන සළකා බලන්න පුළුවන්. නැත්නම් දඩබ්බර විදිහට ඒ අරගලය වෙනුවෙන් පෙනී සිටීමින් ඔය යන විදිහට ම යන්නත් පුළුවන්.

ප්‍රතිඵලය තෝරා ගැනීම අනුව තීරණය වෙනව. 

Nishantha Kamaladasa
Freelance Management Consultant
0714 480240, 011 2776421 (Residence)

If you are interested in reading management in SINHALA please click the link below

www.managementinsinhala.wordpress.com

simont...@optusnet.com.au

unread,
Nov 14, 2021, 5:52:40 PM11/14/21
to ind...@googlegroups.com



Good to see the conversation on this topic.  I am more interested about the definition & identification of a movement as a terrorist or non- terrorist movement.

Hera asked a few questions & Kamale gave a response as below (highlighted in yellow). Kamale has given a very simple answers as a response to a very complex subject.

Some movements took place in the world were based on quite progressive & justifiable objectives but in the implementation, they may have used some strategies considered as non- democratic . In a case like that, should we consider that movement as a terrorist movement?

Kamale labelled the Tamil uprising lead by LTTE as a terrorist movement. Didn’t the Tamil people have the same aspirations as the Sinhalese people involved in 1918 uprising? Didn’t the Tamil people have the oppression by the Govt. machineries run by majority Sinhalese (similar to the sufferings of Sinhalese under British rule)?

It is true that LTTE recruited some people forcibly in to their movement. Would that make the movement as a terrorist movement?

To extend the questions asked by Hera, I would like to see Kamale’s view on the following.

Is 1917 Bolshevik movement (I am not using the widely used term “revolution” here purposely) in Russia a terrorist activity?

 

 

මෙන්න හේරාගේ ප්රශ්න හා මගේ උත්තර

 

'ත්රස්තවාදය '..... ලෙස අපි  සාමාන්යයෙන් සලකන්නේ  කුමන ආකාරයේ ක්රියාවන්ද ?

 

        ජනතාව කැරැල්ලකට මෙහෙයවීම සඳහා උන්ට තුවක්කුව එල්ල කිරීම හා වෙනත් ආකාරයේ තර්ජනයන් කිරීම

 

+වීරයන් කරන විමුක්ති අරගලයන් .....වෙනස් වන්නේ කොහොමද ?

 

        ජනතාව බලය යොදා බිල්ලට දෙනු වෙනුවට අරගලයට සිය කැමැත්තෙන් ඉදිරිපත් වන වටපිටාවක් තැනීම

 

+71 කැරැල්ල ......, ත්රස්තවාදී ක්රියාවක් > නොවේ නම් කෙසේද ?

 

        නැත. එය සෙල්ලම් විප්ලවයකි. ගැන වෙනම ලියා ඇතබක්මහ සිදු වූ සෙල්ලම් විප්ලවය | වචන සෙල්ලම් (wordpress.com)

 

+LTTE දෙමල සටන් ව්යාආරය්ය.... ත්රස්තවාදී ? නැද්ද ? නැතිනම් කෙසේද ?

 

        ත්රස්තවාදී


+
ලංකා ඉතිහාසයේ 1818 කැරැල්ල, ඊට පසු  පුරන් අප්පු කැරැල්ල .... ත්රස්තවාදී කැරලි ?

 

        බලහාත්කාරය භාවිතා කළ ආණ්ඩුවකට එරෙහිව එල්ල කළ නිසා එය ත්රස්තවාදය ලෙස සැළකිය නොහැකි . කැරැල්ල තුළ ජනයා බලහාත්කාරය යොදවා ගෙන ආණ්ඩුවට එරෙහිව භාවිතා කළ බවට සාක්කි මට හමු වී නැත.

 



Email sent using Optus Webmail

Nishantha Kamaladasa

unread,
Nov 16, 2021, 8:56:34 PM11/16/21
to ind...@googlegroups.com
Dear Supem

I am sorry that I may have to disappoint you again by giving a very short answer. Excesses are found in any act. But when the core of the act consist primarily of excesses it defines the act. 

Tamil uprising didn't hold ground for the same reason; I am not aware what had happened during 1818 to answer the question. But I don't think they got the population to revolt against the British at gun point. That probably is the case with 1917 revolt in Russia too.

Nishantha Kamaladasa
Freelance Management Consultant
0714 480240, 011 2776421 (Residence)

Nissanka Rajapaksa

unread,
Nov 17, 2021, 1:28:02 AM11/17/21
to ind...@googlegroups.com
මට පේන හැටියට කමලෙගෙ දේශපාලන විග්‍රහයෙ හරය "Excesses are found in any act. But when the core of the act consist primarily of excesses it defines the act." කියන කියමනේ කැටිවෙනව. 

හැමවෙලේම ඉතිහාසය ලියන්නේ දිනපු එවුන්. උන්ට මිසක් පරදින එවුන්ට ඔය කියමන වලංගු නෑ. කමලෙ මෙතන කියන්නෙත් දිනපු එවුන් කියන කතාවම තමයි. මං කමලෙ වගේ කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ මධ්‍යස්ථ විග්‍රහයක් මිසක් දිනපු එවුන්ට විතරක් ගැලපෙන විග්‍රහයක් නෙවෙයි.

මං මෙතන කතා කරන්නෙ 88/89 කැරැල්ල ගැන කමලෙගෙ විග්‍රහයේ  තියෙන,
කැරැල්ලේ ආරම්භය, අරමුණු සහ ත්‍රස්තවාදය අර්ථ දැක්වීම යන කරුණු ගැන මිසක් ජවිපෙ සාධාරණීකරනය කරන්න නෙමෙයි.

Nishantha Kamaladasa

unread,
Nov 17, 2021, 3:57:37 AM11/17/21
to ind...@googlegroups.com
මචං නිස්සංක

මම කතා කරන්නෙ මම විඳපු අත්දැකීම් වලින් හා එවැනි අත්දැකීම් විඳපු මිනිස්සුන්ගෙ කතන්දර වලින්. ඒවා දිනපු අයගෙ කතා නෙමෙයි. 

ආණ්ඩුව ත්‍රස්ත ක්‍රියා ‌කරපු බව ඇත්ත. ඒවා ජවිපෙ වගෙ ම එලිපිට පිළිගන්න ලජ්ජාවෙන් ඉන්න බවත් ඇත්ත. 

ඒ දෙගොල්ල තරඟෙට ත්‍රස්ත ක්‍රියාවල නිරත වූ බව තමයි මම කියන්නෙ. ඒක දිනපු අයගෙ කතාව නොවෙයි. විඳවපු අයගෙ කතාව.

Nissanka Rajapaksa

unread,
Nov 17, 2021, 5:54:31 PM11/17/21
to ind...@googlegroups.com
//ඒ දෙගොල්ල තරඟෙට ත්‍රස්ත ක්‍රියාවල නිරත වූ බව තමයි මම කියන්නෙ.// - නිශාන්ත

එකඟයි.....!

 //ඒක දිනපු අයගෙ කතාව නොවෙයි. විඳවපු අයගෙ කතාව.// - නිශාන්ත

එකඟයි.....!

කමලෙගෙ මුල් ලියවිල්ලෙ මං දැක්කෙ ජවිපෙට විතරක් ත්‍රස්ත ලේබලය අලවපු බවකුයි. ඒකට තමයි මං කිව්වෙ 'දිනපු උන්ගේ කතාව' කියල. 

ඒක මධ්‍යස්ථ විග්‍රහයක් නොවුනේ, 'විඳවපු අයගෙ කතාවක්' වූ නිසා විය හැකියි.

simont...@optusnet.com.au

unread,
Nov 17, 2021, 6:52:59 PM11/17/21
to ind...@googlegroups.com

Dear Kamale,

Thanks for your response, eventhough very short.

The interpretation of any action or movement as a terrorist activity or a heroic fighting for political or economic reasons depends on the side you are in (I believe this is what Nissanka’s point?).

As an example, the western countries like USA, Australia every year commemorate the lives of the soldiers killed in Vietnam war. The forces go in parade on ANZAC day very proudly with their medals to honor those “fallen heroes”.

They are heroes from eyes of the western world but we know how much excesses they were responsible for in Vietnam. Are they really heroes or terrorists?

If we believe that commemoration done by western world for those “Heroes” is acceptable, I can’t see why JVP commemorating their “fallen Heroes” is not correct.  

Nihal Ananda

unread,
Dec 30, 2021, 4:57:04 AM12/30/21
to INDRAKA group
ත්රස්තවාදය '..... ලෙස අපි  සාමාන්‍යයෙන් සලකන්නේ  කුමන ආකාරයේ ක්‍රියාවන්ද ?
        ජනතාව කැරැල්ලකට මෙහෙයවීම සඳහා උන්ට තුවක්කුව එල්ල කිරීම හා වෙනත් ආකාරයේ තර්ජනයන් කිරීම
+LTTE දෙමල සටන් ව්යාආරය්ය.... ත්‍රස්තවාදී ද ? නැද්ද ? නැතිනම් ඒ කෙසේද ?
        ත්‍රස්තවාදී ය  
..............................................................................................................................................
අවි ගත් සංවිධානයක් .. රාජ්‍යයක් ... ත්‍රස්තවාදී යයි තීරණය කරන්නේ කුමන පදනමකින් ද ? ඉහත one liners වලින්ද ?
'ත්‍රස්තවාදය ගැන ' කතා කරන විග්නේශ්වරන් ..... නිකම්ම නිකං  දේශපාලනඝයෙක් නොවේ. ,,
ශ්‍රී ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකි. 

image.png
සාමාන්ය වැසියන් ලක්ෂයකට වඩා මරා දමන ලද බවට සාක්ෂි සහිත යුද්ධයේ දී කටයුතු කළ ආකාරය අනුව ත්රස්තවාදී හැඳින්වීම වඩාත් ගැලපෙන්නේ ශ්රී ලංකා රජයේ ආරක්ෂක අංශවලට බවට උතුරේ පළමු මහ ඇමැතිවරයා පොලිසියට කරුණු දක්වා තිබේ.
ජාතීන් අතර අසමගිය ඇති කිරීමට තුඩු දෙන ප්රකාශ කරන ලද බවට චෝදනා නගමින් කෙරෙන පරීක්ෂණයකට සහභාගි වෙමින් වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් හිමි සී වී විග්නේශ්වරන් කොළඹ අපරාධ කොට්ඨාශයට පෙන්වා දී ඇත්තේ යුද්ධයේදී මියගිය සංඛ්යාව තමන් විසින් ප්රකාශ කරන ලද්දේ සැබෑ ගණන් හිලවු ඇසුරින් බවයි.
''ලක්ෂයකට වැඩි සාමාන්ය වැසියන් මරා දමන ලද බව පෙන්වීම සඳහා ප්රමාණවත් සාක්ෂි තිබේ,'' යි විග්නේශ්වරන් මන්ත්රීවරයා පොලිසියට පවසා ඇත.
හිටපු මහ ඇමැති වරයා රූපවාහිනී වැඩ සටහන් වලදී පල කරන ලද අදහස් සම්බන්ධයෙන් අතුරුගිරියේ පදිංචි නදීක දර්ශන වේරදූව නමැත්තෙක් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලබන්නේ දණ්ඩ නීති සංග්රහය, ත්රස්තවාදය වැළක්වීමේ පනත සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්යන්තර සම්මුති පනත (ICCPR) යටතේය.
‘දෙරණ’ සහ ‘හිරු’ රූපවාහිනී වැඩ සටහන් දෙකක නිවේදකයන් විසින් පවත්වන සම්මුඛ සාකච්ඡා වලදී පල කරන ලද අදහස් පිළිබඳව විමර්ශනය පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCD) පොලිස් පරීක්ෂක ප්රේමවර්ධනට දෙන ලද ප්රකාශය හිටපු මහ ඇමැති වරයා විසින් ජන මාධ්ය වෙත ලබා දී තිබේ.
“ආණ්ඩුවේ නියෝජිතයන් විසින් සාමාන්ය වැසියන් ආරක්ෂිත කලාපවලට කැඳවා බෝම්බ ගසන ලදී. රෝහල්වලට බෝම්බ ගසන ලදී. එම ප්රදේශයට ආහාර හා ඖෂධ ලබාදීම බරපතල ලෙස සීමා කිරීම මගින් පුද්ගලයන් හාමතින් හා රෝගාබාධයෙන් මියයාමට සලස්වන ලදී,” යි එහි සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන්ට 2011 දී දෙන ලද විශේෂඥ වාර්තාව පවසන්නේ දළ වශයෙන් සාමාන්ය වැසියන් 40,000 ක් මරුමුවට පත්වූ බවයි. ඉන් පසුව 2012 එක්සත් ජාතීන්ගේ අභ්යන්තර වාර්තාවක් තක්සේරු කර තිබූ පරිදි එය අඩුම වශයෙන් 70,000 කි. නිවැරදිතම සංඛ්යාව හෙළි කර ගත හැකිවන්නේ ජාත්යන්තර විමර්ශනයකින් පමණකි. මුලතිව් දිස්ත්රික්කයට ඇතුළුවූ සංඛ්යාව සහ ඒ වන විටත් දිස්ත්රික්කයේ පදිංචිව සිටි සංඛ්යාවේ එකතුවෙන්, ජීවිත බේරාගත් සංඛ්යාව අඩු කළ විට ලැබෙන ආගිය අතක් නැති සංඛ්යාව ලක්ෂයකට බොහෝ සෙයින් වැඩිය.”
‘ත්රස්තවාදී’ කැප්පෙටිපොල:
LTTE ය ත්රස්තවාදී සංවිධානයක් නොවන බවට සිදුකළ ප්රකාශයක් සම්බන්ධයෙන් CCD කරන ලද විමර්ශනයට පිළිතුරු දෙමින් විග්නේශ්වරන් මන්ත්රීවරයා පෙන්වා දී ඇත්තේ එම සංවිධානය වරෙක ත්රස්තවාදී ලෙස හැඳින්වීමත් තවත් වරෙක එසේ නොකිරීමත් සිදුවී ඇත්තේ ආණ්ඩුවේ උවමනාවට ගැලපෙන පරිදි බවයි.
“ශ්රී ලංකා රජය විසින් ‘ත්රස්තවාදී’ යන වචනය පාවිච්චි කරනු ලබන්නේ ඔවුන් හා එකඟ නොවන්නන් හැඳින්වීමටය. පුද්ගලයකු ත්රස්තවාදීද නැතිදැයි වර්ග කරන්නේ රාජ්යයයි. තමන්ගේ ස්වයං තීරණ අයිතිය අවධාරණය කරන යමකුට රාජ්යය අකැමැති නම් ඔහු ත්රස්තවාදියකු ලෙස හඳුන්වනු ලැබේ. රාජ්යය යමකුගේ ආගමට කැමැති නැතිනම්, එම ආගමික කණ්ඩායමට අයත් පුද්ගලයන් ත්රස්තවාදීන් ලෙස හඳුන්වනු ලැබේ.”
රාජ්යය විසින් එසේ නම් කරන ලද සිංහල වීරයකුද තමන්ගේ සාක්ෂියට කැඳවමින් හිටපු මහ ඇමැති පෙන්වා දී ඇත්තේ සිංහල ආධිපත්යයට එරෙහිව දෙමළ විමුක්තිය වෙනුවෙන් සටන් වැදුණු LTTE සංවිධානය ත්රස්තවාදී ලෙසින් උතුරු නැගෙනහිරදී හැඳින්වෙන්නේ නැති බවයි.
කැප්පෙටිපොල දිසාවේ ත්රස්තවාදියකු හෝ අපරාධකරුවකු ලෙස බ්රිතානීන් විසින් හඳුන්වනු ලබද්දී ශ්රී ලාංකික ජනතාව ඔහු හැඳින්වූයේ විමුක්ති සටන්කාමියකු සහ වීරවරයකු ලෙසිනි. LTTE කේඩර්වරු පිලිවෙලින් බලයට පත් ආණ්ඩුවල කුරිරු සහ ම්ලේච්ඡ ක්රියාකාරකම් වලට විරුද්ධ විමුක්ති සටන්කාමීහු වෙති. සත්තකින්ම එම වචනයෙන් කෙරෙන හැඳින්වීමට සුදුසුකම් ලබන්නේ ශ්රී ලංකා හමුදාවයි. උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාව LTTE ය ත්රස්තවාදීන් ලෙස හඳුන්වන්නේ නැත. ඔවුන්ට එසේ කියන්නේ ආණ්ඩුව සහ ඇතැම් සිංහලයන් පමණකි.”
ඒ ඇතුළු තම මතය කියා පෑම සඳහා ව්යවස්ථාවේ 14 වැනි වගන්තියෙන් තමන්ට අයිතියක් ඇති බව හිටපු ශ්රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර සී වී විග්නේස්වරන් කොළඹ අපරාධ කොට්ඨාශයට දුන් තම කට උත්තරයේ දැඩිව අවධාරණය කර ඇත.
‘දෙරණ’ වෙත ලබා දුන් සම්මුඛ සාකච්ඡාවේ පිටපතක් නොමැතිව පොලිසියේ ප්රශ්න වලට පිළිතුරු දිය නොහැකි බව පවසන දෙමළ මහජන පෙරමුණේ නායකත්වය උසුලන මන්ත්රීවරයා ‘හිරු’ සමග කළ පැයක පමණ සාකච්ඡාවෙන් කපා කොටා ප්රචාරය කර ඇත්තේ විනාඩි 10ක 12 ක සංස්කරණය කළ කොටස් පමණක් බව කියයි.
අසාද් සාලිට කළ හදිය :
එම රුපවාහිනී නාලිකා විසින් මීට ඉහතදී සංස්කරණය කොට ප්රචාරය කරන ලද මාධ්ය හමුවක දර්ශන පදනම් කොටගෙන ගොනු කරන ලද චෝදනා පොලිසියට ඔප්පු කරගත නොහැකි වී හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කරන ලද්දේ මාස නමයක් සිරබත් කෑමෙන් අනතුරුවය.
නඩු විභාගය පැවැත්වෙද්දී කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික සී රාගල පවසා තිබුනේ මාධ්ය හමුවේ දර්ශන සමස්තයම ප්රචාරය කරන ලද්දේ නම්, අසාද් සාලි විසින් පලකරන ලද්දේ ජනතාව අතර සාමය ගොඩනැගීමේ සහ එක ජාතියක් ලෙස නැගී සිටීමේ අවශ්යතාව දැක්වෙන අදහස් බවයි.
ඔහුට එරෙහිවද අධිචෝදනා ගොනු කර තිබුණේ ත්රස්තවාදය වැළැක්වීමේ පනත හා සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේය.
එම පනත් දෙකම සුළුතර ජන කණ්ඩායම් සහ ආණ්ඩු විරෝධීන් මර්දනයට යොදාගන්නා බවට රජය දේශීය හා විදේශීය මානව හිමිකම් සංවිධානවල දෝෂ දර්ශනයට ලක්ව සිටී.
leader lk

Reply all
Reply to author
Forward
0 new messages