Russian Invasion of Ukraine

16 views
Skip to first unread message

Supem Tissera

unread,
Mar 6, 2022, 9:47:45 PM3/6/22
to INDRAKA

As proposed by Nande, I opened this new thread for the discussion on ‘Russian Invasion of Ukraine”

I am happy to be the moderator for this particular discussion. However I would like to first give the objective (point of discussion) of this thread as well as some ground rules to be followed.

The topic for discussion is

Do the Russia have justifiable reasons to invade Ukraine?

The topic seems to be simple but this is a very complex issue & hence you may have to study the history associated with this (including but not limited to the questions such as “were there any conditions laid out with the dissolution of Soviet Union”? etc.

I am requesting Daya again to join this discussion. We value your knowledge on this.

Ground rules.

1.   Please give your view on this topic. Use any articles or postings only to support your view. The members of this forum expect only the views with some value & hence please don’t re- post non sensical postings from FB or any other media.

2.   We see a lot of articles referring to the hypocritic nature of USA. We all know that & hence no point of talking about that. Also just because USA has done invasions in the past that will not justify Russia doing the same)

3.   Please refrain from using the statements which are not helpful in the discussion (e.g. නිහාල්ගේ මේ යෙදීම මාක්ස් එංගල්ස් වැනි මිනිසෙකු දුටොත් සිතනුයේ කුමක්ද? මේදවස්වල මුව හම්වලට තඩිබාන කෂ්ටිය දවසින් දවස වැඩි වන බවක්ද පෙපෙනවාය). This type of statements don’t serve any useful purpose.

Any suggestions to improve the effectiveness of this discussion are welcome.

Nissanka Rajapaksa

unread,
Mar 8, 2022, 2:44:42 AM3/8/22
to ind...@googlegroups.com
මේක හොඳ ආරම්භයක්.
අපි විවාද කරමු. විවාදෙකට දෙපැත්තක් (හෝ තුන්වෙනි පැත්ත - නියුට්‍රල්) අතය්‍යාවශ්‍ය යි.
මම හැම දෙයක්ම දන්නවා නෙවෙයි, ඒත් මං කැමතියි රුසියාවෙ පැත්ත ගන්න. මං ඒ තීන්දුවෙ ඉන්නෙ රුසියාව දක්ෂිණාංශික (වාමාංශික නොවන) රටක් බව සහ එය ස්වාධීන රටක් ආක්‍රමණය කිරීම වැරැද්දක් බව දැනගෙන.
මගේ ස්ථාවරය ප්‍රශ්න කරනවානම් මුලින් ම තමන්ගෙ ස්ථාවරය කියලා පටන් ගන්නවා නම් මං ස්තුතිවන්ත වෙනවා. (කවුරු හරි කියනවනම් මං තුංවෙනි පැත්තෙ කියල, මට ඒක අදාල නෑ, මං එයාව දාන්නෙ ඇමරිකාවෙ පැත්තට.)


Nissanka Rajapaksa

unread,
Mar 8, 2022, 2:53:42 AM3/8/22
to ind...@googlegroups.com
Sorry, attachment එක අලවන්න අමතක උනා:

Nihal Ananda

unread,
Mar 8, 2022, 12:18:29 PM3/8/22
to INDRAKA group
Do the Russia have justifiable reasons to invade Ukraine?
මේක හොඳ ආරම්භයක්.

හොඳ උත්සාහයක් ....thanks 
නිශ්චිත මාත්රුකාවක්  කාරණයක් ගැන moderated discussion එකක් ගෙන යාම .....අපි ඉස්සරත් හිතපු දෙයක්. 
e-mail  ක්රමයට  එය නොගැලපෙන බවයි මගේ සාමාන්‍ය අදහස .....

මේ ගැන අදහසක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීමේ දී .... මට නම් පොඩි ගැටළුවක්. දෙකක්  තියෙනවා .
පලවෙනි එක මේ topic  එකේ ම  පොඩි අවුලක් පෙනෙනවා. විශේෂයෙන් justifiable කියන වචන යේ, සංකල්ප යේ.
justifiable  විය යුත්තේ කාටද ? .... මොන පදනමකින්ද?
පැති කිහිපයකින් ම මේ ගැන කතා කරන්න පුළුවන් .
#ජ්‍යාතන්තත්ර නීතිය කට අනුකූලද යන කාරණය මත  ..... [මං  හිතන්නේ  වර්තහානයේ බලපවත්නා  UN නීතියක් තිබෙනවා]
#නීතියකටම නොවුණත්, පිලිගත් සම්ප්‍රදායක්. රීතියක්, අනුකූලව .....[පලමුවෙන් න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවට සමහර රටවල් -රුසියාව, චීනය ? -  සහතික  වී තිබෙනවා]
#කිසියම් අයිතිහාසික  තත්වයක්  මත .... [ පලස්තීන  භූමිය මැද .ඊශ්‍රායලය පිහිටුවීමට බලපෑවේ මෙවැනි කරරණයක්]
#කිසියම් සදාචාරන්මක පදනමකට - හරි/ වැරදි-   අනුකූලව .......
#කිසියම් දේශපාලන  දර්ශනය කට න්‍යාය කට අනුකූලව .... [මාක්ස්වාදී, ලිබරල්,  කොන්සර්වැටිව් ...]

තවත් ගැටලු වක් නම්..... දැනටමත් ,මගේ අදහසක් useless ලෙස අර්ථ දැක්වී තිබෙනවා.
useless සහ useful  දේවල් වෙන්කර හදුනා ගන්නේ  කොහොමද ?
උදාහරණයක් ලස ..... justification , කෙසේ වෙටත් , දැන් වැඩ සිද්ධ වෙන තාලයට  Putin ජයග්‍රහණය කරන බවක් පෙනුනත්‍......... , Putin  ගේ බලයට නම් , ඉදිරියේදී "කෙලවිමට ' නියමිත බව මගේ අදහසයි !
මේ කාරණය ලිව්වොත් ..ඒක  useless ද ?. 

simont...@optusnet.com.au

unread,
Mar 8, 2022, 5:33:09 PM3/8/22
to ind...@googlegroups.com

හේරාගේ පොස්ට් එකේ ප්‍රශ්න දෙකක් අහනවා .

1. "විශේෂයෙන් justifiable කියන වචන යේ, සංකල්ප යේ justifiable  විය යුත්තේ කාටද"

2. useless සහ useful  දේවල් වෙන්කර හදුනා ගන්නේ  කොහොමද ?

 

justifiable සහ useful යන යෙදුම් දෙකේම  සාපේක්ෂ අරුත් දිබිය හැකි බව අපි හැමෝම දන්නවා.

විශේෂයෙන් එය පුද්ගලයා හෝ කණ්ඩායමක් අනුව වෙනස් වෙනවා.

මෙම topic එකේදී මම justifiable කියන එකෙන් අදහස් කල දේ පැහැදිලි කරන්නම්.

පුටින් Ukraine ආක්‍රමණය කරන්න යනකොට එය ඉතාමත් විශාල විනාශයකට මුල පුරන බව දැනගෙන සිටියා. විශාල ජීවිත හානි (දෙපැත්තම හමුදා වලට, civilian ලා විසාල ප්‍රමානයකට ), දේපල හානි  සහ ඊට අමතරව refugee crisis එකකට මුල පුරන බව. මේවගේ ඉතා විශාල විනාශයකට මුල පුරන invasion පටන් ගන්න තරම් තර්ජනයක් Ukraine වලින් රුසියාවට තිබුනද

useful/ useless කියන එකත් ඒ වගේම සාපේක්ෂ දෙයක්. 

අපි ලියන සමහර දේවල් අනිත් අයට useless උනාට තමන්ගේ ego එක හෝ satisfaction වෙනුවෙන් useful වෙන්න පුළුවන්. (මමත් මේ forum එකේ සමහර පොස්ට් වලදී ඒ  pitfall එකට වැටිලා තියෙනවා). මම කියන්නේ එවැනි දේවල් අඩුවශයෙන් මේ topic එකේදී වත් වැළකී සිටින්න.

ඔබගේ අවසාන ප්‍රශ්නය ("දැන් වැඩ සිද්ධ වෙන තාලයට  Putin ජයග්‍රහණය කරන බවක් පෙනුනත්‍......... , Putin  ගේ බලයට නම් , ඉදිරියේදී "කෙලවිමට ' නියමිත බව මගේ අදහසයි ! මේ කාරණය ලිව්වොත් ..ඒක  useless ?") 

ඒවගේ එකක් ලියුවට මගේ නම් අවුලක් නැහැ . 

හේරා , ඔබ justifiable, useless / useful යනාදී සාපේක්ෂ යෙදීම් ගැන තවත් කතා කරන්න නම් වෙන thread පටන් ගන්න කියා මම යෝජනා කරනවා. මම එහෙම කියන්නේ මේ discussion එක side track වෙන එක වැළකීම සඳහය්. 

 

 






----- Original Message -----

To:
"INDRAKA group" <ind...@googlegroups.com>
Cc:

Sent:
Tue, 8 Mar 2022 22:48:06 +0530
Subject:
Re: [indraka] Russian Invasion of Ukraine
--

---
You received this message because you are subscribed to a topic in the Google Groups "INDRAKA" group.
To unsubscribe from this topic, visit https://groups.google.com/d/topic/indraka/sd2bG0RLXhc/unsubscribe.
To unsubscribe from this group and all its topics, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAD7ocS0MHdqi9gtdaYOxvXmC1YkMBBW6bWP33rpP3__z2Xox6w%40mail.gmail.com.

Email sent using Optus Webmail

simont...@optusnet.com.au

unread,
Mar 8, 2022, 6:04:42 PM3/8/22
to ind...@googlegroups.com
I forgot to add the following to my previous comment. That is in bold italics.

ඔබගේ අවසාන ප්‍රශ්නය ("දැන් වැඩ සිද්ධ වෙන තාලයට  Putin ජයග්‍රහණය කරන බවක් පෙනුනත්‍......... , Putin  ගේ බලයට නම් , ඉදිරියේදී "කෙලවිමට ' නියමිත බව මගේ අදහසයි ! මේ කාරණය ලිව්වොත් ..ඒක  useless ?") 

ඒවගේ එකක් ලියුවට මගේ නම් අවුලක් නැහැ . 

මෙයට ඌන පූරණයක් පහත

  Putin ගේ බලයට ඉදිරියේදී කෙළවෙන බව ඔබ සිතන එක තහවුරු කරන්නට facts ඉදිරිපත් නොකලොත් එය ඔබගේ හිතලුවක් වෙනු ඇත.

 

 

 

 




----- Original Message -----

To:
<ind...@googlegroups.com>
Cc:

Sent:
Wed, 09 Mar 2022 09:33:04 +1100

Kurundu Hewage Nandisena

unread,
Mar 9, 2022, 3:42:47 AM3/9/22
to INDRAKA

යුක්රේනයේ යුද්ධය: ඇසිය යුතු ප්රශ්න

https://www.wsws.org/si/articles/2022/03/05/pers-m05.html

යුද්ධයක ගැඹුරට මුල් බැසගත් සහ සාරභුත හේතූන් හෙලිදරව් වන්නේ යුද්ධයක් ආරම්භ වන්නේ කෙසේද යන්නෙන් නොව එය වර්ධනය වන ආකාරය සහ එය ගමන් කරන්නේ කුමක් කරාද යන්න මත .

සිවිල් යුද්ධය, අවසානයේ වහල්ක්‍රමය විනාශ කිරීම සඳහා කෙරුනු බව (සහ ඉන් ඇති කෙරුනු එක්සත් ජනපදයේ නූතන ධනවාදයේ අසීමිත වර්ධනයට තුඩුදුන් බව) ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී පැහැදිලි වනු ඇත.

යුක්‍රේන ආක්‍රමනය එක්සත් ජනපද-නේටෝව සහ රුසියාව අතර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බව දැන් පැහැදිලිය. කෙසේ වෙතත්, යුක්‍රේන-රුසියානු යුද්ධය පිලිබඳ උමතු විවරන ගොන්න තුල, ගැටුම පිපිරී යාම පුලුල් භූ දේශපාලනික හා ඓතිහාසික සන්දර්භයක් තුල තැබීමට දරන මොනම උත්සාහයක් වත් සොයා ගත නොහැකි තරම් .

ගැටුම වාර්තා කිරීමේදී, මාධ්යවේදය සහ ප්රචාරනය අතර වෙනස අකාමකා දමා ඇත. සෑම දෙයක්ම කලු සහ සුදු පාටින් ඉදිරිපත් කර ඇති මාධ් මොලය වෙහෙසීමට ඉඩක් ලබා නොදේ.

ඓතිහාසික හේතුපල සම්බන්ධය පිලිබඳ සංකීර්න ගැටලු සමඟ දශක ගනනාවක් පොරබදමින් සිටින අය ඇතුලු උගත් ශාස්ත්‍රඥයෝ, බුද්ධිමය බිඳවැටීමේ තත්වයක සිටිමින් සීඑන්එන්, එම්එස්එන්බීසි සහ ඇත්ත වශයෙන්ම, නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත, ඔවුන් වෙනුවෙන් සිතීමට ඉඩ දීමෙන් සෑහීමකට පත්ව සිටිති. පිලිතුරු දීම කෙසේ වෙතත් බැරෑරුම් ප්‍රශ්න අසන්නේ වත් නැත.

ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් පමනක් මෙහි ඇත:

1) රුසියාව ඇතුලුව සෑම රටකම, වසංගතයෙන් උග්‍ර කරන ලද දේශීය අර්බුදය සහ යුද්ධය පුපුරා යාම අතර සම්බන්ධය කුමක්ද?

මාධ්‍ය විසින් යුද ධාවනය ඉදිරිපත් කරන්නේ, එය පසුගිය වසර දෙකේ ප්‍රමුඛ සිදුවීම වන කෝවිඩ්-19 වසංගතයට කිසිදු සම්බන්ධයක් නැති ආකාරයට . ඉකොනොමිස්ට් (Economist) සඟරාවෙහි ඇස්තමේන්තුවකට අනුව, වසංගතය ලොව පුරා මිලියන 20 ජනතාවක් මරා දමා ඇත. එය එක්සත් ජනපදයේ මෙන් වෙනත් කිසිම තැනක නැති පරිදි, අභ්‍යන්තර ආතතීන් පිටතට හරවා යැවීමට පාලක පන්තියේ මංමුලා සහගත ප්‍රයත්නයකට තුඩු දෙන අයුරු, සෑම රටකම දේශපාලන ජීවිතය ගැඹුරින් අස්ථාවර කර ඇත.

2) නිරතුරුව නේටෝ වේ සහයෝගීතාවය ඇතිව පසුගිය වසර 30 පුරා එක්සත් ජනපදය විසින් නොනැවතී දියත් කර ඇති යුද්ධ හා රුසියාව සමග වේගයෙන් උත්සන්න වන ගැටුම අතර සම්බන්ධය කුමක්ද?

1992 දී එක්සත් ජනපදය, 'ඕනෑම අනාගත ගෝලීය තරඟකරුවෙකුගේ මතුවීම' අවහිර කිරීමේ සිය අභිප්‍රාය ප්‍රකාශ කරන මූලෝපායික ලේඛනයක් සම්මත කලේ . 1990-91 පර්සියානු ගල්ෆ් යුද්ධයෙන් පසුව 1999 දී සර්බියාවට එරෙහි යුද්ධය, 2001 දී ඇෆ්ගනිස්ථාන ආක්‍රමනය, 2003 දී ඉරාකයට එරෙහි දෙවන යුද්ධය, 2011 දී ලිබියාවට එරෙහි යුද්ධය සහ සීඑයිඒ සහාය ලබාගත් සිරියාවේ සිවිල් යුද්ධය පැමිනියේය.

රුසියාව හා චීනය සමග සෘජු ගැටුමක් සඳහා එක්සත් ජනපදය වසර ගනනාවක් තිස්සේ සැලසුම් කරමින් සිටි බවට, මූලෝපායික ලේඛනවල සඳහන් වන කරුන පිලිබඳ කිසිදු සඳහනක් මාධ්‍යයේ කොතැනකවත් සොයාගත නොහැක. 2016 දී ආරම්භ කර එක්සත් ජනපදය, සිය න්‍යෂ්ටික අවි ගබඩාව ඩොලර් ට්‍රිලියන ගනනක දැවැන්ත මුදල් වැය කරමින් ප්‍රසාරනයක් සිදු කරන ලද අතර, ඊට, යුද පිටිවල භාවිතා කල හැකි කුඩා ප්‍රමානයේ න්‍යෂ්ටික අවි නිර්මානය කිරීම ඇතුලත් විය. 2018 දී, එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුමෙන් ඉවත් වූ අතර නැගෙනහිර යුරෝපයේ රටවල සිට ප්‍රධාන රුසියානු නගරවලට පහර දිය හැකි මිසයිල සංවර්ධනය කිරීමට සහ අත්හදා බැලීමට පටන් ගත්තේය.

3) නේටෝව විශාල ලෙස ව්‍යාප්ත කර එහි හමුදා සැතපුම් සිය ගනනක් නැගෙනහිර දෙසට මෙහෙයවා ඇති එක්සත් ජනපදය, යුද්ධය සලකන්නේ, රුසියාවට දැවැන්ත පරාජයක් අත්කර දී, අවසානයේ එය බිඳ දැමීමට තුඩු දෙන අවස්ථාවක් ලෙස ? චීනය සමඟ ගැටුමට මෙම ගැටුමේ සම්බන්ධය කුමක්ද?

ඇමරිකානු මූලෝපායඥයින් දිගු කලක් තිස්සේ, එරට ස්වාභාවික සම්පත් වෙත සෘජු ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා රුසියාව බිඳ දැමීමට සිහින මැවූ බව රූපවාහිනී විකාශන නැරඹීමෙන් සහ ප්‍රධාන පුවත්පත් කියවීමෙන් දැන ගන්නේ කවුරුන් ? වසර ගනනාවක් තිස්සේ එක්සත් ජනපද ප්‍රධාන චින්තන පර්ෂද, අවසානයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල හැකි පරිදි 'රුසියානු තන්ත්‍රය අස්ථාවර කිරීම' වෙනුවෙන් පෙනී සිටියේය. මෙම ප්‍රයත්නයන් සාර්ථක වූයේ නම්, ඇමරිකානු පාලක පන්තිය එහි කේන්ද්‍රීය මූලෝපායික තරඟකරුවා ලෙස සලකන චීනය ඉලක්ක කර ගනිමින්, ලෝක යුද්ධයක් සඳහා වේදිකාවක් සහ සම්පත් කේන්ද්‍රස්ථානයක් බවට රුසියාව පරිවර්තනය කරනු ඇත.

4) ජර්මනියේ මිලිටරි අයවැය තුන් ගුනයකින් වැඩි කිරීමට සහ දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි සන්නද්ධ හමුදාවන්ට පැනවුනු සියලු සීමා කිරීම් ක්‍රියාත්මක ලෙස ඉවත් කිරීමට ගත් තීරනය, යුක්‍රේන යුද්ධයට ස්වයංසිද්ධව දැක්වූ ප්‍රතිචාරයක් ? එසේත් නැතිනම් යුද්ධය, දිගුකාලීනව සැලසුම් කරමින් සිටි පරිදි යලි සන්නද්ධ වීම සඳහා ජර්මනියට කඩතුරාවක් සපයා තිබේ ?

ඓතිහාසිකව මාරුවක් ගනිමින් මේ සතියේ ජර්මනිය, සිය මිලිටරි වියදම්වල දැවැන්ත ප්‍රසාරනයකට සමගාමීව, යුක්‍රේනයට ප්‍රහාරක අවි යැවීම මගින්, ගැටුම් කලාපවලට අවි නොයැවීමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කලේය. ජර්මනිය 'ලෝක දේශපාලනය ගැන පැත්තකින් සිට පමනක් අදහස් දැක්වීමට තරම් ලොකු වැඩි' බව මියුනිච් ආරක්ෂක සමුලුවේ දී ජනාධිපති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටේන්මියර් ප්‍රකාශ කරමින් 2014 දී ආරම්භ කරන ලද ප්‍රතිපත්තියක කුලුගැන්වීම මෙය විය. එතැන් සිට, නාසි යුද අපරාධ සුලු කොට තැකීමේ ව්‍යාපාරයට සම්බන්ධ වෙමින් ජර්මනිය, යලි මිලිටරිකරනයේ ක්‍රමානුකූල උත්සාහයක නිරත විය.

එසේ කලේ ජර්මනිය පමනක් නොවේ. ජපානයේ සමස්ත පශ්චාත් දෙවන ලෝක සංග්‍රාම ඉතිහාසයෙන් බිඳී යාමක් ලෙස, එවකට ජපාන අගමැති ෂින්සෝ අබේ යෝජනා කලේ, එක්සත් ජනපද න්‍යෂ්ටික අවි තම භූමියේ ස්ථානගත කල යුතු බවයි. පසුගිය සතියේ ස්විට්සර්ලන්තය, වසර සිය ගනනක මධ්‍යස්ථභාවය බිඳ දමා, රුසියාවට එරෙහිව සම්බාධක පැනවීම ආරම්භ කලේය, එය සහස්‍ර භාගයක තරම් පෙර නොවූ විරූ පියවරකි.

දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරන ලද භූ දේශපාලන සබඳතාවල මෙම දැවැන්ත වෙනස්කම්, හුදෙක් රුසියාවේ යුක්‍රේන ආක්‍රමනයට ප්‍රතිචාරයක් වූ බව කෙනෙකුට විශ්වාස කල හැකි ?

5) යුද්ධයෙන් ප්‍රතිලාභ ලබන සහ රුසියාව බිඳී යාමෙන් පසුව යුරේසියානු භූ ස්කන්ධයේ අතිවිශාල සම්පත් වෙත නිර්බාධක ප්‍රවේශයෙන් ලාභ ලබන ගෝලීය සංගත සහ මූල්‍ය ව්‍යාපාරයන් මොනවා ?

රුසියානු කතිපයාධිකාරීන් හෙලා දකින මාධ්‍ය, රුසියාව බිඳී යාමේ සහ කලු මුහුද සහ කැස්පියන් මුහුද අතර මූලෝපායික කොරිඩෝවට සෘජු ප්‍රවේශයක් සහතික කර ගැනීම හරහා ඇමරිකානු කතිපයාධිකාරීන්ට විවෘත වන අවකාශය ගැන කතා නොකරයි. ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් සැපයුම්කරු, දෙවන විශාලතම තෙල් අපනයනකරු, විශාලතම තිරිඟු අපනයනකරු, තුන්වන විශාලතම ගල් අඟුරු අපනයනකරු, සහ යකඩ, රන්, ප්ලැටිනම්, ඇලුමිනියම්, තඹ සහ දියමන්ති වැනි, තීරනාත්මක යුද ආම්පන්න නිෂ්පාදනය ඇතුලු, සියලුම වර්ගයේ නවීන නිෂ්පාදන සඳහා අත්‍යවශ් ද්‍රව්‍යයන්ගේ සැපයුම්කරු රුසියාව වන්නේ .

6) සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසු 'ඉතිහාසයේ අවසානය' සහ සාමයේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහනය ගැන කරන ලද ප්‍රකාශයන් සමඟ රුසියාව සහ නේටෝව අතර ගැටුමක් පුපුරා යාම පිහිටන්නේ කෙසේ ?

සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ චීනයේ ධනේශ්වර සංවර්ධනය, සාමයේ සහ ගෝලීය සමෘද්ධියේ නව යුගයකට තුඩු දෙනු ඇතැයි යන ව්‍යාජ ප්‍රකාශයන් මෙම ගැටුමේ පිපිරීම මඟින් සුනුවිසුනු කර ඇත. වෙනුවට පසුගිය දශක තුනක කාලය තුල අධිකාරිත්වය දැරුවේ, තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක තර්ජනයක් මතු කිරීමේ පෙරනිමිත්තක් ලෙස, යුද්ධය සහ ගෝලීය ගැටුමයි.

7) නමුත් අසන්නේ නැති වැදගත්ම ප්‍රශ්නය නම්: මෙම ගැටුම න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය වුවහොත් එහි ප්‍රතිවිපාක මොනවා ? ග්‍රහ ලෝකයෙන් කුමක් ඉතිරි වේ ?

යුක්‍රේන යුද්ධය ගැන සියලු හුස්ම හිරකෙරෙන මාධ්‍ය ආවරනයන් හමුවේ, මේ සියල්ල කොතැනට යොමුවන්නේදැයි විමසීමට එම මාධ්‍ය කිසිවක් කිසිදු තැකීමක් නොකරයි. රුසියාවට එරෙහි නේටෝ මිලිටරි සන්ධානයට බැඳීමට යුක්‍රේනයට ඉඩ දිය යුතුය යන පූජනීය මූලධර්මය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ කම්කරුවන්ට න්‍යෂ්ටික යුද්ධය සහ මානව වර්ගයාගේ විනාශය අවදානමට ලක් කිරීමට අවශ්‍ය ?

මෙම ප්‍රශ්න කිසිවක් ඇසීමට හෝ පිලිතුරු දීමට නොහැකි වන්නේ, යුද්ධය පැන නගින්නේ ලෝක ධනේශ්වර ක්‍රමයේ විසඳිය නොහැකි අර්බුදයකින් බව ඒවා පෙන්නුම් කරන බැවිනි. රුසියානු කෙසේ වෙතත්, වර්තමාන අර්බුදය එහි පුලුල් ඓතිහාසික හා දේශපාලන සන්දර්භය තුල නොතබන ඕනෑම විශ්ලේෂනයක් සේවය කරන්නේ, එහි ගැඹුරු මූලයන් වැසීමට පමනි.

 


Supem Tissera

unread,
Mar 10, 2022, 4:51:08 PM3/10/22
to INDRAKA

නිස්සංක ඔබගේ පොස්ට් එකේ ඔබ කියනවා

"මම හැම දෙයක්ම දන්නවා නෙවෙයි, ඒත් මං කැමතියි රුසියාවෙ පැත්ත ගන්න.

මගේ ස්ථාවරය ප්‍රශ්න කරනවානම් මුලින් ම තමන්ගෙ ස්ථාවරය කියලා පටන් ගන්නවා නම් මං ස්තුතිවන්ත වෙනවා"

ඔබගේ ස්ථාවරය ප්‍රශ්න කලේ නැති උනත්, ඔබ රුසියාව පැත්ත ගන්නේ ඇයි කියා පැහැදිලි කලොත් හොඳය්.

 

නන්දේ විසින් පලකල "යුක්රේනයේ යුද්ධය: ඇසිය යුතු ප්රශ්න" ලිපිය ඔස්සේ ගොස් "World Socialist Web Site" එකේ තිබුන  මේ  අර්බුදය (හතර වැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව යොදන  වචන වලින්ම කියනවනම් "පුපුරා යාම" ) පිළිබඳව World Socialist group එක මගින් කරන ලද webinar එකේ link එක පහත අලවනවා.

මේක සැහෙන දිගය්. මේකේ කතා කරන දේවල් අපේ සංවාදය සඳහා ඉවහල් විය හැකිය කියා සිතනවා.

 https://www.wsws.org/en/special/pages/stop-the-drive-to-world-war-three.html

Arthur Arambepola

unread,
Mar 10, 2022, 7:45:00 PM3/10/22
to ind...@googlegroups.com
මිනිසා කෙතරම් ශිෂ්ඨ සම්පන්නවී ඇතැයි කියූවද ලෝකයේ තවමත් ක්‍රියාත්මක වන්නේ 'ශක්තිය නිවැරදිය' ('might is right') යන අශිෂ්ඨ යැයි සැළකෙන මූළධර්මයයි. මෙය රටවල් අතර සිදුවන විට  එය 'භූ දේශපාලන යතාර්ථය' කියන හරබර වචන වලින් හඳුන්වනවා.

මීට එරෙහිව ඇති සංකල්පය වන්නේ සෑම රටක ජනතාවකටම තමන් කැමති පරිදි තෝරාගැනීමට හැකියාව තිබිය යුතුය වන්නයි. මෙයද නිදහස්, ස්වාධීන, සවෛරී වාගෙ වචන වලින් ඔප දමනවා. නමුත් මේ නිදහස් තෝරාගැනීමටද මාධ්‍ය, ප්‍රචාරක අංශ, හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රබල කණ්ඩායම් (vested interests) වල බලපෑම ඇති නිසා එයින් ඇත්තෙන්ම නිදහස් තෝරාගැනීමක් සිදුවෙනවාදැයි ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම රටවල් අතර නිදහස, ස්වාධීනත්වය, සවෛරීභාවය ගැන කථා කරන අය රටවල් ඇතුලේ ක්‍රියාත්මක වන්නේ එහෙම නොවෙයි. රටවල් අතර ප්‍රශ්න වලදී ප්‍රබලයා විසින් දුබලයා යටත් කිරීමට විරුද්ධ අය රටවල් ඇතුලේදී බහුතර කණ්ඩායම් විසින් සුළුතර කොටස් (ජාතික, ආගමික) යටත් කිරීම අනුමත කිරීම, හා එසේ කිරීමට අනුබල දීම කොතෙකුත් සිදුවනවා. මේ කුමන දුර්වලතා තිබුණද ස්වාධීන රටකට යුදමය වශයෙන් පහරදී සාමාන්‍ය ජනතාවට හානි කිරීම අනුමත කිරීමට බැහැ. එහෙයින් රුසියාව ගත් ක්‍රියාමාර්ගය හෙළාදැකිය යුතු බව මගේ මතයයි.

යුක්‍රේනයේ සිදුවූ දේ ගැන ඉතාම සංක්ෂිප්තයෙන් තිසරණී ගුණසේකර මහත්මියගේ ලිපියක කොටසක සදහන් වෙනවා. එම කොටස පහත උපුටා දක්වා තියෙනවා.

"
ව්ලැඩිමිර් පුටින් ජනපතිවරයාගේ යුක්‍රේන ආක්‍රමණයත් ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ජනපතිවරයාගේ ඉරාක ආක්‍රමණයත් අතර වෙනසක් නැත. ඉරාක ආක්‍රමණය හෙළා දුටුවන් සදාම් හුසේන් හිතවාදීන් යැයි මවා පෙන්වීමට බුෂ් පාලනය උත්සාහ කළද සත්‍යය එය නොවේ. ඉරාක ආක්‍රමණයට විරුද්ධ වූ බොහෝ පිරිස් සදාම් හුසේන් පාලනයද දැඩි ලෙස හෙළා දුටුවහ.

රුසියානු ආක්‍රමණ හෙළා දැකීම යනු යුක්රේනය සාන්තුවරයකුගේ තත්ත්වයට පත් කිරීම නොවේ. යුක්රේනයේ වත්මන් ඛේදවාචකයට එහි අතීත වැරදි විශේෂයෙන්ම සුළු ජනවාර්ගිකයන්ට කළ අකටයුතුකම් බලපෑවේය. උදාහරණයක් ලෙස අපේ ‘සිංහල පමණයි’ වරද යුක්රේනයද නොමඳව සිදු කළේය. යුක්රේන බස එකම රාජ්‍ය භාෂාව බවට යුක්රේනය නීතිගත කළේ එය සෝවියට් දේශයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්වීමටත් පෙර 1989දීය. 1991 පනතකින් රුසියානු හා අනෙක් සුළු ජනවාර්ගික භාෂාවන්ට යම් ඉඩක් ලබා දුන්නද ඒ වනවිට ජාතික අසමගියේ බීජ වැපිරී හමාරය.

2014 බල පෙරළියෙන් පසු අනෙකුත් භාෂා යටපත් කොට යුක්‍රේන බස ඔසවා තබන තවත් නීති තුනක් සම්මත විය. මේ සියල්ල පුටින් ජනපතිවරයාට ‘අඬන්න සිටින මිනිසාට ඇඟිල්ලෙන් ඇනීමකට’ සමාන විය.

සෝවියට් දේශය බිඳ වැටීමත් සමග නේටෝ සංවිධානය බිහිවීමේ හේතුවද අහෝසි විය. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කළ යුතුව තිබුණේ නේටෝ සංවිධානය ශක්තිමත් කොට ව්‍යාප්ත කිරීම නොව රුසියාව ප්‍රමුඛ අලුතෙන් බිහිවූ රාජ්‍යයනුත් (පැරණි සෝවියට් සමූහාණ්ඩු) නැගෙනහිර යුරෝපා රටවලුත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීමට මාෂල් සැලැස්මට සමාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමය.

එදා ඇමරිකාව බටහිර යුරෝපය වෙනුවෙන් ඉදිරිපත් කළ මාෂල් සැලසුම නිසා කොමියුනිස්ට්වාදයේ ප්‍රගමනය අඩාල විය. 1989/90දී බටහිර බලවතුන් වෝසෝ (Warsaw Pact) සංවිධානයේ හිටපු සාමාජිකයන් වෙනුවෙන් එවැනිම වැඩසටහනක් ක්‍රියාත්මක කළා නම් ඒ කලාපයේ ජාතිවාදය උත්සන්න වීම නවත්වා ගත හැකිව තිබුණි. 1945දී බටහිර යුරෝපීය රටවලට මෙන් සාධාරණ සංවර්ධන මාවතක් 1990දී රුසියාවට විවරව තිබුණා නම් පුටින් ජනපතිවරයකු බිහි නොවීමටද ඉඩ තිබුණි.

2021 ජූලි මස පුටින් ජනපතිවරයා On the historic unity of Russians and Ukrainians යන මැයෙන් ලිපියක් ලියුවේය. යුක්රේනියානුවන් වෙනම ජාතියක් නොවන බවත්, ඔවුන් සුළු රුසියානුවන් (little Russians/Malorusy) පමණක් බවත් යන සාර් අධිරාජ්‍යවාදී මතය මෙම ලිපියේ පදනම විය. 2022 පෙබරවාරි 21දා කළ කතාවේදී යුක්රේනය බිහි කොට ව්‍යාප්ත කිරීම ලෙනින්, ස්ටාලින් හා කෘෂොව් සිදු කළ රුසියන් විරෝධී ක්‍රියාවන් ලෙස ඔහු හැඳින්වීය. ඔහුගේ අරමුණ සෝවියට් දේශය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම නොව, සාර් අධිරාජ්‍යය යළි ගොඩනැගීමයි. මෙම ආක්‍රමණය සාර්ථක වුවහොත් යුක්රේනයට සිදුවනුයේ රුසියාවේ යටත් ‘රාජ්‍යයක්’ බවට පත්වීමටය. වාසනාවකට රුසියාවට යුක්රේනය තවත් ඇෆ්ඝනිස්ථානයක් විය හැකි යැයි මේ වන විට ඉඟි මතුවෙමින් පවතී.

කියුබාව සම්බන්ධයෙන් වූ ඇමරිකානු ක්‍රියාකාරීත්වය මහාචාර්ය නෝම් චොම්ස්කි හැඳින්වූයේ මාෆියා න්‍යායක් ලෙසය; එනම් තමන්ට අවනත නොවන රාජ්‍යයක් කෙරෙහි වෛරයෙන් එයට දඬුවම් කිරීමක් ලෙසය. යුක්රේනය සම්බන්ධයෙන් පුටින් පිළිවෙතද මීට සමානය.
"

Supem Tissera

unread,
Mar 12, 2022, 8:07:30 PM3/12/22
to INDRAKA

හේරා පටන් ගත්ත  "ඇමෙරිකාවේ දෘෂ්ටිවාදීමය යුද්ධය ........ නිදහස, ප්ජාතන්ත්රවාදය, ලෝක සාමය උදෙසා" යන thread එකේ කමලේ සහ හේරා post කල අදහස් හරහා ඉන්ද්රක සමජිකන් "Russian invasion of Ukraine " ගැන  දරන මතයන් හුවමාරු කර ගැණීමට මේ thread එකට යොමු කිරීමට  නැවතත් ප්‍රයත්නයක් දරන්නට සිතුනා.

 "ඇමෙරිකාවේ දෘෂ්ටිවාදීමය යුද්ධය ........ නිදහස, ප්ජාතන්ත්රවාදය, ලෝක සාමය උදෙසා" යටතේ කමලේ කියා තිබුනා

 "රුසියාව කරපු වැඩේ හරියි කියන්නත් බෑ. සෛවරී රාජ්‍යයකට හමුදාව යවපු නිසා. යුද්දෙන් අසරණ මිනිසුන් දහස් ගණනින් මිය යන නිසා.

වැරදියි කියන්නත් බෑ. ඇමරිකාව ඉරාකයට ලිබියාවට ඇෆඝනිස්ථානයට යවපු නිසා. ඒ වගේ ම නෙ"

 post එකට response එකක් ලෙසට හේරා කියා තිබුනා

  රුසියවෙ ක්රියාවේ හරි වැරදි තීරනය කිරීමට ,ප්රකාශ  කිරීමට.....අවුරුදු 20 කට කලින් සිදු වු අමෙරිකාවේ ක්රියා වන් අදාල කර  ගත යුතු ද? ....... නොවිය යුතු බවයි  මගේ අදහස.

හේරාගේ ඒ මතය සමග මමත් එකඟ වෙනවා.  

“Two wrongs don’t make a right” යන යෙදුම මෙතනට හොඳට ගැලපෙනවා.

 ඊට අමතරව හේරා කියා තිබුනා

 අනෙක් අතට ....හරි වැරදි විමසීම ට වඩා, මෙවැනි තත්වයක් උද්ගත වූයේ කුමන අයිතිහාසික දේශපාලනික කරුණු නිසා ද,..... කෙටි කාලීන / දීර්ඝ කාලීන  ප්රතිපල කෙසේවිය හැකි ද...... විමසා බැලීම  වඩා වැදගත් .

 හේරාගේ ඉහත අදහසට එකඟ වන අතර මම ප්‍රථමයෙන් තෝරා ගත් topic එක ගැන සහ එම තෝරා ගැනීම ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.

1. මේ මාතෘකාව ගැන ඉතා විවිධ අදහස් විවිධ මාද්ය වල පලවෙනවා. විශේෂයෙන් FB එකේ කිසිම හරයක් හෝ මේ topic එක ගැන කරන සංවාදයකට කිසිම ඉවහලක් නැති post පලවෙනවා. මේ මාතෘකාව ඉතා narrow එකකට සීමා කලේ එවැනි අදහස් මෙහි යලි පල කිරීම වලකන්නය් .

2. මේ ආක්‍රමණයේ "හරි වැරදි විමසීම" තුලින් එය හරි හෝ වැරදි බව කීම සඳහා හේරා කියන "අයිතිහාසික දේශපාලනික කරුණු" විමසීමත් මම අපේක්ෂා කලා.

 

මේ සංවාදය ඉදිරියට ගෙනයන්න මගේ යෝජනාව මෙයය්.

1. මේ සංවාදයේ topic එක "Do the Russia have justifiable reasons to invade Ukraine?" එකට පමණක් සීමා නොකර, මෙවැනි තත්වයක් උද්ගත වූයේ කුමන අයිතිහාසික දේශපාලනික කරුණු නිසා ද යන්නත් ඇතුලත් කරන්න. (In any case that was my intention in first place ).

2.  හේරා පටන් ගත්ත  "ඇමෙරිකාවේ දෘෂ්ටිවාදීමය යුද්ධය ........ නිදහස, ප්ජාතන්ත්රවාදය, ලෝක සාමය උදෙසා" යන thread එකත් හේරා බලාපොරොත්තු වෙන ආකාරයට වෙනම එකක් ලෙස continue ක‍රන්න

 

අවසාන ලෙස මෙය විවාදයකට වඩා සංවාදයක් ලෙසට ගෙන යාමය් සිදුවිය යුත්තේ. මේ ප්‍රශ්නය ගැන වාද කර දිනන කෙනෙක් නොමැත. අවසානයේ දිනන්නේ ආයුධ මුදලාලිලා පමනි!

Nishantha Kamaladasa

unread,
Mar 16, 2022, 9:17:03 AM3/16/22
to ind...@googlegroups.com
In 1994, Ukraine had a gigantic nuclear arsenal until it signed the Budapest Memorandum and handed over 1,600 nuclear weapons left over from the former Soviet Union to Russia in exchange for a peace treaty and a guarantee never to be invaded or threatened.

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/9d99fb73-867b-48f4-b4d6-01554fd17d07n%40googlegroups.com.

Nihal Ananda

unread,
Mar 17, 2022, 3:28:52 AM3/17/22
to INDRAKA group
In 1994, Ukraine ..... signed the Budapest Memorandum.....

image.png

A realization that has come a little too late. The past actions and words of Ukrainian President Zelenskyy have contributed to the current situation. A few days before the Russian invasion, Zelenskyy not only said the opposite in a speech, but also threatened to tear up the Budapest Memorandum. The Budapest Memorandum guaranteed that Ukraine would not station nuclear weapons on its soil. This fact, of course, was lost as news coverage focused on Russia's response and invasion.
Imagine the Cuban or Canadian president - explicitly or implicitly - denounced the NPT (Treaty on the Non-Proliferation of Nuclear Weapons) and voiced his or her openness for the deployment of Russian and Chinese nuclear and conventional weapons that could potentially target any city in the U.S., despite U.S. objections and clearly formulated red lines.
Our leaders have not only understood Russia's security concerns and the risk involved in expanding NATO, as internal documents have revealed, but have openly expressed them in speeches. This includes figures like President Biden, Barack Obama, and current CIA Director William Burns. Russia, of course, has been saying this to deaf ears for 3 decades. Whether we like it or not, facts show that Ukraine and the West played their part in all of this.
While this fact does not justify Russia's brutal war, it does provide an understanding and insight into this conflict in hindsight and what we could have done differently within our means. It provides an understanding that the U.S. and Germany could have acted differently by foregoing their open-door NATO policy. The U.S. and Germany could have put diplomatic pressure on Ukraine to abandon its ambitions for NATO and to recognise that parts of Ukraine lean towards Russia.

Supem Tissera

unread,
Mar 17, 2022, 8:55:25 PM3/17/22
to INDRAKA

Following are some key points extracted from Guardian article which supports Putin’s View (https://www.theguardian.com/world/2022/jan/12/russias-belief-in-nato-betrayal-and-why-it-matters-today)

 The current confrontation between Russia and the west is fuelled by many grievances, but the greatest is the belief in Moscow that the west tricked the former Soviet Union by breaking promises made at the end of the cold war in 1989-1990 that Nato would not expand to the east. In his now famous 2007 speech to the Munich Security Conference, Vladimir Putin accused the west of forgetting and breaking assurances, leaving international law in ruins.

 What is the basis of the complaint?

At one level it narrowly focuses both on verbal commitments made by the US secretary of state James Baker under President George HW Bush and the terms of a treaty signed on 12 September 1990 setting out how Nato troops could operate in the territory of the former East Germany.

Putin claims that Baker, in a discussion on 9 February 1990 with the Soviet leader, Mikhail Gorbachev, made the promise that Nato would not expand to the east if Russia accepted Germany’s unification.

Were these promises ever written down in a treaty?

No, largely because Bush felt Baker and Kohl had gone too far, or in Baker’s words he had “got a little forward on his skis”.

Did Russia complain about the ‘betrayal’?

Repeatedly. In 1993 Boris Yeltsin, angling for Russia to join Nato, wrote to President Bill Clinton to argue any further expansion of Nato eastwards breached the spirit of the 1990 treaty.

   

Different views/ arguments from a couple of other sites.

(https://www.politifact.com/factchecks/2022/feb/28/candace-owens/fact-checking-claims-nato-us-broke-agreement-again/)

 ·         No legal agreement prohibits NATO from expanding eastward. 

·         Russians have argued that comments made by U.S. and other Western leaders during the negotiations over the reunification of Germany constituted a promise that NATO would not extend beyond then-East Germany. Those allegations have sparked decades of debate amongst those involved in the events, and scholars studying them.

 

(https://www.brookings.edu/blog/up-front/2014/11/06/did-nato-promise-not-to-enlarge-gorbachev-says-no/)

 It is abundantly evident that Russian President Vladimir Putin is no fan of NATO. Indeed, he displays a pronounced—almost obsessive—antipathy toward the Alliance. He claims that NATO took advantage of Russian weakness after the collapse of the Soviet Union to enlarge to its east, in violation of promises allegedly made to Moscow by Western leaders. But no such promises were made—a point now confirmed by someone who was definitely in a position to know: Mikhail Gorbachev, then president of the Soviet Union.

 

Finally, I would like to hear the views of the members on the following questions.

1.   Could the sovereignty/ Security of Russia be affected by further expansion of NATO to include Ukraine? Politically & economically what difference do Russia have now compared with Western or the other neighboring countries (like Poland)?

 2.   is this invasion fueled by Putin’s egoistic desire to be a hero by challenging the NATO & Western powers to regain the lost glory of former Soviet Union due to “Perestroika”?

 

Nissanka, you said that you agree with Putin’s action. What are the reasons for that? May be you can use the question 1 as a guide.

Nihal Ananda

unread,
Mar 27, 2022, 9:11:20 AM3/27/22
to INDRAKA group







This document, dated September 1, 2021, comes directly from the White House [1] and shows how the United States had escalated tensions by sending billions in military aid and equipment to Ukraine and maintaining NATO's open-door policy. It also shows that Ukraine's membership was getting closer every year. What could the U.S. and its allies have done differently? Here, Noam Chosmky offers some insights:
"What a constructive program would look like, at least in broad outline, is no secret. The most important element is a commitment to Ukraine's neutrality: no membership in a hostile military alliance, no admission of weapons directed against Russia (even those misleadingly labeled "defensive"), no military maneuvers with hostile forces.
That would hardly be something new in world affairs, even where nothing formal exists. Everyone understands that Mexico cannot join a Chinese-run military alliance, emplace Chinese weapons aimed at the U.S. and carry out military maneuvers with the People’s Liberation Army." [2]

image.png

Dayananda Attanayake

unread,
Apr 1, 2022, 10:10:51 PM4/1/22
to indraka, Dharmapala Gunawardena, Nimal Weeraratna Kanattawatta, wijaya dassanayake
" Zelensky's three big miscalculations "


Ukraine is now compromising on the very thing they adamantly stood by before.

It may be dangerous to be America's enemy but to be America's friend is fatal - (Henry Kissinger)

Zekensky's balloon has burst but unfortunately his people are paying the price for it.

The lesson is " talk to your brother instead of siding with bully-friends "

Ukrainians will One day realise that they have been blindly led to this situation by some western countries.

Watch the following short video for the Analysis of " Zelensky's three big miscalculations "











Dayananda Attanayake

unread,
Nov 15, 2023, 10:41:48 AM11/15/23
to indraka, Dharmapala Gunawardena, Nimal Weeraratna Kanattawatta, wijaya dassanayake, Dayananda Attanayake
යුක්‍රේන් - රුසියානු යුද්ධයේ වර්තමාන යථාර්ථය ගැන ප්‍රධාන දහරාවේ මාධ්‍ය  (Mainstream media) වල බොහෝවිට  නොඇසෙන කරුණු කීපයක් මේ කෙටි වීඩියෝවේ අඩංඟු වේ.

Dayananda Attanayake

unread,
Nov 20, 2023, 10:40:06 AM11/20/23
to indraka, Dharmapala Gunawardena, Nimal Weeraratna Kanattawatta, wijaya dassanayake, Dayananda Attanayake
යථාර්ථය අනුව මේ අර්බුදය ඔස්සේ  ඉදිරියේදී සිදුවිය හැක්කේ  කුමක්දැයි  යම් යම් බටහිර දේශපාලන හා යුධ විශ්ලේෂකයන් පවා විටින්විට පුරෝකථනය කර තිබුණි. 

එනමුදු ප්‍රධාන මාධ්‍ය (mainstream media) වල සුපුරුදු කයිවාරුවට, අධිතක්සේරුවට හා අධිමාන්නයට මිස  විකල්ප අදහස් වලට එතරම් ඉඩ කඩක් නොවීය.
Reply all
Reply to author
Forward
0 new messages