Seven Moons of Maali Almeida

25 views
Skip to first unread message

Badra Kamaladasa

unread,
Oct 18, 2022, 11:39:57 PM10/18/22
to ind...@googlegroups.com
You may have got this by now. But for anyone who missed it.
The Seven Moons Of Maali Almeida - Shehan Karunatilaka.pdf

Nihal Ananda

unread,
Oct 19, 2022, 1:17:56 AM10/19/22
to ind...@googlegroups.com
Thanks Badra , ......
First time , I came across a PDF copy.
Infact , I asked few friends.
Wish to hear from somebody, who has finished reading the book.  
..............
glanced thro' few pages.
names , such as Richard De Zoysa, Rajini Thiranagama, Daya Pathirana .... seems to be central characters. 
these names are  included in the Acknowledgements...... and the Author mentioned the names in his acceptance speech also. 
................
මේ චරිත ගැන ප්රබන්ධ කෘතියක් කියවීමට.... මගේ නම් වැඩි උනන්දුවක් නැත...!
[කියවූ කෙනෙකුගේ අදහස් විමසන්නේ ඒ නිසාය.]  
මේ චරිත , ඒ හා බැඳුනු සිද්ධීන් ගැන .... insightful  තීක්ෂණ සමාජ විද්‍යාත්මක /දෙශපාලන විග්‍රහයක් වත් මෙතෙක් ලියවී නැත. එවැනි අසුබිමක, ප්රබන්ධ කෘතියක් බිහි වීම, ලෝක මට්ටමින් සම්මානයට පාක්ර වීම ...එක් අතකින් පුදුම සහගතය. 
ලෝක (බටහිර) මට්ටමින් සම්මාන දෙන්නේ ..... සාහිත්‍යමය අගයට වඩා , කතාව ලියවී ඇති මෙම සන්දර්භයේ ප්රබලත්වය / බටහිර රටවලට ඇති උපයෝගිතාවය ..... නිසාදෝ,  කියා ත් සිතෙයි. 

Nissanka Rajapaksa

unread,
Oct 19, 2022, 8:02:22 AM10/19/22
to INDRAKA group
හේරාගේ ඉහත සටහනට මගේ ප්‍රතිචාරය:
බොහෝ විට නිර්මාණ (Fictions) බිහිවෙන්නේ යම් වර්තමාන, ඓතිහාසික හෝ මනඃකල්පිත අනාගත සන්දර්භයක් වටා. (ඒ අතරින් ඓතිහාසික නවකතා ලියවෙන්නෙ ම සත්‍ය මිනිසුන් පාදක කරගෙන.) එමෙන්ම, යම් නිර්මාණයකට කතෘගේ සමාජ හා දේශපාලනික විග්‍රහයන් ඇතුලත්ව තිබීම ස්වාභාවික යි සහ අනිවාර්ය යි. 

යමෙක් මේ කරුණු නොසලකා යම් නිර්මාණයක් කියවනවනම් ඔහුට හෝ ඇයට එම නිර්මාණය රසවිඳීම මඟහැරීයාහැකි යි.

Kurundu Hewage Nandisena

unread,
Oct 19, 2022, 8:07:51 AM10/19/22
to ind...@googlegroups.com
Thanks Badra.
Is it illegal?

simont...@optusnet.com.au

unread,
Oct 19, 2022, 8:49:43 PM10/19/22
to ind...@googlegroups.com

Badra,

 Thanks for posting this.

I started reading the book yesterday. Looks like more people are interested in reading. We can talk about the book after reading.

 Nandi asked, “Is it illegal?

Someone who knows about copy right laws should be able to confirm but my understanding is it is not legal.

Hence to avoid any potential issues due to that & also considering the fairness to the Author, we should stop forwarding this.

Following is an excerpt from a FB posting.

PS: Badra, don’t feel guilty about posting, I also would have shared that with Indraka if I got a copy.

 

"සඳ" සොරකම් නොකරන්න


"The Seven Moons of Maali Almeida" හි නිල නොවන සහ නීති විරෝධී PDF පිටපතක් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළ සැරිසරන බව අනාවරණය වී තිබේ. පොත ලිවීමට වසර හතක් ගත වූ අතර, පැය ගණන් කළ නොහැකි පර්යේෂණ, ශිල්ප සහ වෙහෙස මහන්සි වී වැඩ කළේය.ඔබ ශ්‍රී ලංකාවේ කලාවට සහය වීමට සහ ගෞරව කිරීමට කැමති නම්, කරුණාකර එම පොතේ සොරකම් කරන ලද පිටපත් ඉදිරිපත් කිරීමෙන් වළකින්න, එය බෙදාහරින අයට එසේ කිරීමෙන් වළකින ලෙස දන්වන්න.


ඔබට ස්තුතියි!
ෂෙහාන් කරුණාතිලක






Email sent using Optus Webmail

Nissanka Rajapaksa

unread,
Oct 19, 2022, 9:50:54 PM10/19/22
to INDRAKA group
කතාවේ ආකෘතිය ගැන ඉඟියක් ......

//................. මෙම ශ්‍රී ලාංකික කතුවරයාගේ නවකතාවෙන් දැක්වෙන්නේ මරණයෙන් නැගිට, සිය ඡායාරූප සොයාගන්නා ලෙසත්, යුද්ධයේ කුරිරුබව හෙළිකරන ලෙසත් සිය මිතුරන්ට පැවසීම සඳහා සතියක කාලයක් ලද ඡායාරූප ශිල්පියෙකු පිළිබඳ කතාන්තරයකි.

අඩක් මිනීමැරුම් අභිරහසක් ද, අඩක් ප්‍රහසනයක් ද වන මෙවන් උද්යෝගිමත් පාරභෞතික අභිරහස් කතාවක් ගැන සාකච්ඡාව ආරම්භ කරන්නේ කොතැනින් ද?.......//


//.......... බ්‍රව්නීස්, ට්‍රිෆල් සහ ඩෝනට් යන රසකැවිලි සියල්ල යොදා තනි කේක් ගෙඩියක් සෑදුවේයැ යි සිතුවහොත්, එවිට ඔබට මේ පිළිබඳ අදහසක් ලැබෙනු ඇත.


නමුත් ෂෙහාන් කරුණාතිලක විවිධ ෂානරයන් කෙතරම් නිපුණව මිශ්‍ර කරයි ද යත්, අවසානයේ දී අනම් මනම් රැසක් පිරවූ නවකතාවක් වෙනුවට අනර්ඝ, තෘප්තිමත් නවකතාවක් ඔබට ලැබේ.


කෘතියේ ආරම්භය තරමක විකාර තානයක් පිහිටුවයි. එය ආරම්භවන්නේ පරලොව ජීවිතයේ දී වන අතර එය නිලධාරිවාදී සහ නිසරු යමක් ලෙස පෙන්වයි.


අනතුරුව එය පරලොව සහ මෙලොව අතර දෝලනය වන්නේ, 1990 වසරේ දී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය අතරේ මාලි අල්මේදා තමා මරාදැමුවේ කවුද සහ ඇයි යන්න සොයාගැනීමට උත්සාහ දරමින් සිටිනවිට ය. ..........//


More ......


Badra Kamaladasa

unread,
Oct 20, 2022, 12:49:30 AM10/20/22
to ind...@googlegroups.com
I am so sorry for this blunder. I did not share this with any other group or personnel luckily, even though I received it thro WhatApp. Since some one in the group asked whether it is available online, I thought of sharing.

Pl do not share with others.

I am going to order it from Vijitha Yapa, and that's all I can do at this moment, to be fair. If I had the option of recalling the mail, I would have done it. 😭

Thanks Supem for the warning. Only today I saw many posts in FB about this scam.

Kind regards

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/ac41f561d77f3fc38df326e25474907cc38594b1%40webmail.optusnet.com.au.

Kurundu Hewage Nandisena

unread,
Oct 21, 2022, 5:54:03 AM10/21/22
to ind...@googlegroups.com

Nothing to worry. PDF of most reputed books are available in Sri Lanka.

Nihal Ananda

unread,
Oct 21, 2022, 10:12:26 AM10/21/22
to INDRAKA group
1#      පොතක PDF share කිරීම මගින් කතුවරයාට මුල්‍යමය වශයෙන් හෝ වෙනත් ආකාරයකින් අවාසියක් සිදු නොවන බවයි.....මගේ අදහස. 
ඇත්තෙන්ම සිදු විය හැක්කේ ඔහුට "යම් වාසි" ලැබිමට අවස්ථා වැඩි වීමයි. 

2# මම මතුකළ කාරණයක් සම්බන්ධයෙන් nissanka පහත සටහන ලියා තිබෙනවා .
//....බොහෝ විට නිර්මාණ (Fictions) බිහිවෙන්නේ යම් වර්තමාන, ඓතිහාසික හෝ මනඃකල්පිත අනාගත සන්දර්භයක් වටා. (ඒ අතරින් ඓතිහාසික නවකතා ලියවෙන්නෙ ම සත්‍ය මිනිසුන් පාදක කරගෙන.) එමෙන්ම, යම් නිර්මාණයකට කතෘගේ සමාජ හා දේශපාලනික විග්‍රහයන් ඇතුලත්ව තිබීම ස්වාභාවික යි සහ අනිවාර්ය යි. යමෙක් මේ කරුණු නොසලකා යම් නිර්මාණයක් කියවනවනම් ඔහුට හෝ ඇයට එම නිර්මාණය රසවිඳීම මඟහැරීයාහැකි යි......//

මේ සටහන ගැන ..... පුලුල් වශයෙන් එකඟ විය හැකියි. ගැටලුවක් නැහැ. 

නමුත් මම මතු කරන කාරණය .... වෙනස් එකක්.
මේ නවකතාවේ පසුබිම 88/89 කාලයේ ලංකාව තුල පැවතී භිෂන යුගය, රාජ්‍ය සහ අනෙකුත් කණ්ඩායම් ප්රචන්ඩත්වය, නාමධාරී පුද්ගලයන් මරා දැමීම වැනි කරුනු වටා බව සඳහන් වනවා.
Booker සම්මානය හිමි වීමට  ...... නවකතාව මෙවැනි සන්ධර්භයක පිහිටුවිම..... 
එක් ප්රධාන සාධකයක් ලෙස බලපෑවේ  ද ?
(Coommonwealth සම්මානයක් ලැබූ  ලංකාවේ ලේඛිකාවකගේ කෙටි කතාවක් ගැන  කතාබහකදී ද මෙම  කාරණය ගැන කතා කල බව මතකයි)









simont...@optusnet.com.au

unread,
Oct 21, 2022, 11:32:10 PM10/21/22
to ind...@googlegroups.com

ලෝක (බටහිර) මට්ටමින් සම්මාන දෙන්නේ ..... සාහිත්‍යමය අගයට වඩා , කතාව ලියවී ඇති මෙම සන්දර්භයේ ප්රබලත්වය / බටහිර රටවලට ඇති උපයෝගිතාවය ..... නිසාදෝකියා ත් සිතෙයි. 

 

ඉහත ඇත්තේ හේරා ලියපු සටහනක්.

 මෙම කතාව කියවන විට මටත් ඊට සමාන්තර  අදහස් මතු උනා . නමුත් තවම කියවල ඉවර නැතිනිසා නිගමන වලට එන්න කැමති නැහැ  . මීට කලින් Booker සම්මානය ලැබුණු අපි දන්නා සහ සමහර විට කියවාද ඇති English Patient , God of small things වගේ පොත් සමග මෙය සසදන්න හැකිද ? කතාව කියවල ඉවර උනාම කතා කරමු.

Nissanka Rajapaksa

unread,
Oct 22, 2022, 12:49:47 AM10/22/22
to INDRAKA group
//ලෝක (බටහිර) මට්ටමින් සම්මාන දෙන්නේ ..... සාහිත්‍යමය අගයට වඩා කතාව ලියවී ඇති මෙම සන්දර්භයේ ප්රබලත්වය / බටහිර රටවලට ඇති උපයෝගිතාවය ..... නිසාදෝ,  කියා ත් සිතෙයි. // - හේරා

මේක හොඳ පර්යේෂණ ප්‍රශ්තුතයක්. දැනටත් කවුරුහරි කරල තියෙන්නත් පුළුවන්; සමහරවිට සිනමා කෘති වලට සම්මාන දීමට අදාලව.

සත්‍ය කරුණු හා පුද්ගලයන් ආශ්‍රිතව ලියැවුණු නවකතාවක් විදියට මට මතක් වෙනවා, මම කොටස් 3/7 ක් කියවපු, ස්ටාලින්ගේ පාලන සමය පසුබිම්ව ලියැවුනු "අර්බත් දරුවෝ" රුසියානු නවකතාව.

හොයාගෙන කියවන්න. සිංහල පරිවර්තන දෙකක් තියෙනව. පොත ගැන විස්තරයක් මේ. 👇

Nihal Ananda

unread,
Oct 22, 2022, 3:30:17 AM10/22/22
to INDRAKA group
//...නමුත් තවම කියවල ඉවර නැතිනිසා නිගමන වලට එන්න කැමති නැහැ..// - Supem
//..මේක හොඳ පර්යේෂණ ප්‍රශ්තුතයක්. දැනටත් කවුරුහරි කරල තියෙන්නත් පුළුවන්...// - Nissanka 

මම,  මතු කල කාරණය ...ගැන කතා කරන්න , පොත කියවලා ඉන්නම අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන්, පොතේ කතාව පසුබිම් වන්නේ 88/89 භිෂණය සිද්ධි වටා බව, දැන් ප්රසිද්ධ කරුණු......
අනෙක් අතට පර්යේෂණ කරන්න , ටක්කෙටම තීරණය කරන්න අවශ්‍ය දේකුත් නොවෙයි. 
සාමාන්‍යයෙන්  අපේ  අවබෝධයෙන් කතා කරන්නයි .... initiate  කලේ.

අද දවසේ දුටු FB  සටහනක් ..
පොත් කියවන අයටත් , මේ කතාව අදාළ බවයි ..... මට හිතෙන්නේ 
(ඉහත supem/nissanka කතා  ....., PDF share කිරීම ethical ද, නීතියට එකඟ ද කතා  ..... ඇහුවම !!)

image.png

image.png

Nissanka Rajapaksa

unread,
Oct 23, 2022, 6:58:49 PM10/23/22
to INDRAKA group
"බුකර් තෑග්ගේ ලංකා ඉතිහාසය"
- නන්දන වීරරත්නගේ FB සටහනක්:

බුකර් තෑග්ග මුලින්ම ලැබුනේ වෙල්ලස්සේ කිරිබණ්ඩේලාට 
බුකර් තෑග්ගේ ලංකා ඉතිහාසය
[ 23/10/22 ඉරිදා අරුණ ]
අවසාන වතාවට අප කිරිබන්ඩලාගේ ගමට [ලිඳආරගම- බුත්තල] ගියේ 2016 අවුරුද්දේ මැද හරියේ ය. කිරිබණ්ඩේ නිවසේ එලිපත්තේ ඇනබාගෙන සිටියේ ය. එකල ගමේ නායකයා ආර්. එම්. කිරිබන්ඩා ය. අප ඔහු  ගමේ නායකයා ලෙස හදුන්වන්නේ එහි ඇති එකම සමීතිය වූ ‘සුවසෙත මරණාධාර සමිතියේ’ සභාපති හා ක්‍රියාකාරී නායකයා නිසාය. එම ගම්මානය ගැන අප 2014 වසරේ වාර්තා චිත්‍රපටයක් තනද්දී නවාතැන් සැපයුනේත් ආහාර සැපයුනේත් කිරිබන්ඩාගේ පැල්පතෙන් ය. දැන් ගමේ තත්වය කොහොම ද? ආගිය කතාව පටන් ගන්න වෙනත් යමක් නොමැති නිසාම, ඉබේම වාගේ ප්‍රශ්ණය අපෙන් ඇසුනේ ය. 
“ චිත්‍රපටියට පෙනී හිටපු හතර දෙනෙක්ම මැරුණ. දැන් තවත් ලෙඩ්ඩු හතඅට දෙනෙක්ම ඒ ලයිස්තුවට එකතුවෙල. මරණ ලැයිස්තුවත් වැඩිවෙනව. ලෙඩ්ඩු ලැයිස්තුවත් වැඩි වෙනව. දැන් මරණාධාර සමීතියට මළ ගෙවල්වලට උපකාර කරන්න අමාරුයි. මමත් කොපමණ කාලයක් ජිවත්වේවි ද දැන්නේ නෑ. මෙගෙත් වකුගඩු නරක් වෙල කියල දොස්තරල කියනව.”
කිරිබණ්ඩේ ඒ ටික කියද්දී දුවිලි වැකුණු පාර දිහාවට ඇස් හරවාගෙන සිටියේ ය. ඔහුට ජීවත්වීමට ඇත්තේ තවත් අවුරුදු කීපයකි. දැනටමත් ඔහුගේ වයස අවුරුදු 49කි. දරු හතර දෙනාම අවුරුදු 16 අඩුය. ඔවුන් තවමත් “උක් කර්මාන්තයේ” ගොවි කුලීකරුවන් හැටියට පණ ගැට ගසා ගනිති. අපේ මතකය එන්නේ ‘පැල්වත්ත සීනි සමාගමේ’ නිධාන කතාවය. 
ඒ 1984 අවුරුද ය. “කඩිනම් සංවධනය” සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඩම් වෙන්දේසි කෙරෙන යුගයයි. එහි එක් මංත්‍රීවරයෙක් “ විදේශ ආයෝජකයන් ඉඹලා පිලිගත යුතුයි” උදම් ඇනූ යුගයයි. මේ ඉඩම් වෙන්දේසියේ දී සියඹලාන්ඩුවෙන් අක්කර 65,000 ඉංදියානු ‘මෙටා ඉන්ටර්නැෂනල්’ සමාගමට විකුණුනේ ය. බුත්තලින් අක්කර 85,000 බ්‍රිතාන්‍යයේ ‘බුකර් ටේට්’ සමාගමට තිළිණ කෙරුනේ ය. තරුණ පරිසරවාදී හා දේශපාලන ක්‍රියාකාරිකයන් වූ අපට ප්‍රශ්නය ආවේ ‘සමස්ත ලංකා ගොවි සම්මේලනය’ හරහා ය. 
“ සියඹලාණ්ඩුවේදී පාරම්පරික වෙල්ලස්සේ ගොවීන්ගේ ඉඩම් එක යායට දෙනව. බුත්තල දී  යාල වනෝද්‍යානයෙන් අක්කර 60,000 යි. ඉතිරිය අවට ගොවි ජනපදවල ගොවින්ගේ ඉඩම් දෙන්නේ. සියඹලාන්ඩුවේ දි සටන පහසුයි. බුත්තල දී සටන අමාරුයි. ඒකට හේතුව යාල සත්තු උද්ඝෝෂණවලට එන්නේ නෑ. අනික ජනපද ගෝවින් අතරේ සමඟිය අඩුයි. ගොවි සමිති ඇත්තේම නෑ.”
කොළඹට පැමිණ පරිසර කණ්ඩායම් හමුවු අප්පුහාමි හා සුමනේ [සුමනසේන- ඇතිලිවැව වල්ලවාය] කියා සිටියෝ ය. කාරණය ඇත්තක් බව අපට වැටහුනේ මේ මර්මස්ථාන දෙකට යෙදුණු ගමන්වලින් පසුවය. සියඹලාන්ඩුවේ දී ‘මඩුගම’ ගොවියෝ හොදින්ම සංවිධානය වී සිටියහ. 1818 සටන පරාද වුවාට මෙවර සටන අත් නොහරින බවට ඔවුහු ‘කැබිලිත්තේ මුත්තා’ නමින් දිවුරා කියා සිටියහ. එහෙත් බුත්තල තිබුනේ සපුරාම වෙනස් තත්වයකි. 
“බුකර් සමාගමේ නියෝජිතයෝ අපේ ගෙවල්වලට ආව. තරුණ කොල්ලන්ට සිනී පැට්ටේරියේ රස්සාවල් දෙනව කීව. අපිට අක්කර දෙකක් දෙනව ගෙවත්තකට. තවත් අක්කර 4ක් දෙනව උක් වගා කරන්න. අපිට බිජ, පොහොර, කෘෂි රසායන ඔක්කොම දෙන්නේ සමාගම. අපේ අස්වැන්නත් සමාගම ගන්නව. එතකොට අපිට මුදලාලිගෙන් ණය ගන්න ඕන නෑ. මීට පස්සේ හේන් කොටන්න. අලිත් එක්ක ඔට්ටු වෙන්න ඕන නෑ. කරදරයක් නැතුව දෙයියනේ කියල ජීවත් වෙන්න පුළුවනි” 
බුකර් සමාගමේ ඉඩම් කොටු කිරීමට හසුවෙන බුත්තල, පැල්වත්තේ ගොවීන්ගේ පොදු මතය වුයේ එයයි. අප ඔවුන්ට බුකර් සමාගමේ අපකිර්තිමත් හා අමානුෂික ඉතිහාසය සිහිකර දෙන්න වෑයම් කලෙමු. 
“ බුකර් ටේට් කියන්නේ ලෝකේ තියෙන අමානුෂිකම බහුජාතික සමාගමක්. 1805 සමාගම පටන් ගත්ත යුගයේ උක් කර්මාන්තයේ යෙදුනේ වහල්ලු යොදවගෙන. ලෝකයේ වහල්ලු මිල දී ගත් ප්‍රධාන සමාගමක්. මේ වහල්ලු යොදවල කැරිබියන් දුපත් [නැගෙනහිර ඉංදියා දූපත්] වල මුලින්ම උක් කර්මාන්තය කලේ. ඒ කාලේ සමාගමේ උපහාස නාමය ‘බුකර් ගයනාව’. වහල් වෙළඳම 1807 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය තුල අහෝසි කළාට පසුවත් මේ සමාගම 1815 දී නිදහස් කෙරුණු වහලුන් වෙනුවෙන් ‘ගයනා වහල් වෙළඳ සමාගම’ වන්දි ගත්ත. ඊට පස්සේ අලුත් වහල් ක්‍රමයක් යටතේ සීනි කර්මාන්තය කරගෙන ගියේ. මේ අලුත් වහලුන්ට ඉඩමක් දිල වගාවට අවශ්‍ය දේ දීල, තමන් නියම කරන මිලට උක් ගන්නේ. ඒක තමයි මෙහෙත් වෙන්න යන්නේ. අවසානේ ඔහේලගේ ඉඩම් හපයක් වුනාම සමාගම යාවි. හපේ උරමින් අපට ඉන්න වේවි”
බුත්තල [බත් - හල, සහල් නිපදවෙන තැන] හා පැල්වත්ත අවට සිටියෝ ජානපදිකයෝ ය. ඔවුහුබ් ලංකාවේ නොයෙක් පළාත්වල ඉඩම් හිඟයට හෝ අනතුරුදායක භූමිවල ජීවත් වූවෝ ය. ඔවුන් මේ දුෂ්කරතාවලින් බේරා ගන්න ආණ්ඩුව මෙහි පදිංචි කරවා තිබුනේ ය. සත්තකින්ම මැණික් ගඟ ඉහත්තාවේ විශාල ජලාස අලුතින් ඉදි නොවීම නිසාම මේ බිම්වලට වාරිමාර්ග ජලසම්පාදනයක් නොතිබුනේ ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදි වූ කුඹුක්කන අමුණ හා පසු කලෙක ඉදි වූ බුත්තල අමුණෙන් හරවා යැවෙන ජලය මේ නව ජනපද ගොවිබිම් තෙත් කිරීමට ප්‍රමාණවත් නොවෙයි. මේ නිසා මේ ජානපදිකයන්ට “බුකර් ටේට්” පණ ඇති දෙවියෙක් සේ පෙනීම අපට පුදුමයක් නොවී ය. 
එසේ වුවත් වෙල්ලස්ස ගොවි සටන කොතරම් බලවත් වුවා ද කිවහොත් එකල රටේ නායකත්වය ඉව අල්ලමින් සිටි බණ්ඩාරනායක පවුලේ තුන්වෙනි පරම්පාරවට දේශපාලනය ගෙන යමින් සිටි අනාගතයේ බස්නාහිර පළාතේ මහ ඇමතිවරිය වීමට,  රටේ අගමැතිවරිය වීමට,  හා දෙවරක් විධායක ජනාධිපතිවරිය විමට නියමිත චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග ද සටන් බිමට වැඩියා ය. එකල වෙල්ලස්සේ ගොවි සටනට නොගිය කලාකාරයෙක් “කලාකාරයෙක්’ ලෙස නොපිළිගැණුනේ ය. එහි නොගිය දේශපාලන පක්ෂයක් ක්‍රියාකාරී විපක්ෂයේ පක්ෂයක් හැටියට නොපිළි ගැණුනේ ය. සටනේ නොසිටි දේශපාලන ක්‍රියාකාරිකයෙක් පණ ඇති මිනිසෙක් ලෙස නොසැලකුනේ ය. එහෙත් “ගැහැණියක් මිනිසෙක් කිරීමට හැර අන් සියළු බලතල මට ඇතැයි” උමතු බස් දෙඩූ ජයවර්ධන ආණ්ඩුවම ජයගත්තේ ය. 
ජයවර්ධන ආණ්ඩුව [1977 – 1988] සමාගමට ඉඩම් දුන්නා පමණක් නොව වෙළඳ පොල මිලට වඩා ඉහල මිලකට එහි නිෂ්පාදනය කෙරෙන සීනි මිලදී ගැනීමට ද ගිවිසුම් අත්සන් කළේ ය. ‘ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ටය් වාසිය’ කියන්නාක් මෙන් බුකරයෝ උක්වවන්නට යාල වනාන්තරයේ මහ රූස්සගස් බිම හෙලද්දී  රාජ්‍ය අනුග්‍රහය ලැබු ‘කොටන් මුදලාලිලා’ බුත්තල පැලපදියං වූහ. ඊට පසුපසින් පැමිණියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කාරයන් ය. 1978 දි ආණ්ඩුවට ජාත්‍යාන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු උපදෙස් අකුරටම ක්‍රියාවට නැඟුණේ ය. [දැන් අවුරුදු 44කට පසුත් අපට නැවතත් ආර්ථික සංවර්ධනයට උපදෙස් දෙන්නම මේ පණ්ඩිතයෝම පැමිණ සිටිති] 
ඌව - පැල්වත්තේ ගොවියෝ එක එක්සිත් ඇතිව “බුකර් ටේට්” දෙවියන් සරණ ගියහ. අපට ඉතිරි වූයේ මේ ගොවි සටනට ගිය රත්න ශ්‍රී විජේසිංහ ලියා ගුණදාස කපුගේ ගායනා කළ “බිම්බරක් සෙනඟ ගැවසුනු චන්ද්ර සූර්යා ඉපදුනු ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ” ගීතය, සිංහල ගීත සාහිත්‍යයට එකතු වීම පමණි. එච්. ආර්. ජෝතිපාල ගැයූ “ඔබේ සැප මඟේ සතුටයි”  ගීය ගයමින්,  ගෙන ගිය කඩමාළු හකුලාගෙන අපි කොළඹට පල්ලං බස්සෙමු. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර නායකයෙක් වූ හා දරදඬු පාලකයෙක් සේ කුප්‍රකට ජෙනරාල් රන්ජන් විජේරත්න [එකල ඔහු ජෙනරාල් කෙනෙකු නොවීය]  බුකර ටේට් හි ලංකා සමාගම වූ ‘පැලවත්ත සීනි සමාගමේ’ සභාපතිවරයා හැටියට පත් කර තිබුනේ ය. “හොඳහොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට” ගමේ තොවිල බලද්දී එන කියමන සිහිකරමින් අපි ඒ විවෘත ආර්ථිකයේ හැන්දෑව නිදහසේ ගෙවෙන්නට ඉඩ හැරියෙමු. 
සුමනේ නැවතත් අපට හමුවෙන්නේ 1989 අවුරුද්දේ ය. ඔහු භීතියට පත් වී සිටියේ ය. බුකර් සමාගම ඌව- පැල්වත්තට ස්වර්ගයක් මවා දුන් පසු මේ විපරියාසය කුමක් දැයි අපට ප්‍රෙහේලිකාවකි. ඒ සුමනේ කට අරින තෙක් පමණි. 
“ සමාගම සේවකයන්ට සැලකුවේ වහල්ලුන්ට වගේ, ඒ නිසා වෘත්තිය සමිතියක් හැදුන. උක් ගෝවීන්ගේ සමිතියකුත් හැදුන. දැන් භිෂණය පිටින් දාල මේ සමිතිවල නායකයෝ ක්‍රියාකාරිකයෝ පැහැරගෙන යනව. මරණව. මම ජීවිතේ බේරගන්න පැනල ආව. සමාගමේ සභාපති රන්ජන් විජේරත්න. එයත් එක්ක මොනම සාකච්චාවක්වත් තියන්න බෑ. එයා සමාගමේ සභාපත් විතරක් නෙවෙයි රටේ ආරක්ෂක ඇමති. මිනිස්සු පණ බයේ ජීවත්වෙන්නේ.” 
ඇතිලිවැව සුමනසේන රන්ජන් විජේරත්න යටතේ පැල්වත්තේ නිර්මාණය වූ භීෂණයෙන් දිවි ගලවා ගත්තේ ය. එහෙත් පැල්වත්ත සමාගමෙන් අයිතිවාසිකම් ඉල්ලු කම්කරු නායකයන්ට හා උක් ගොවි නායකයන්ට ඒ වාසනාව අහිමි විය. ඔවුහු මොණරාගල - වැල්ලවාය පාරේ මඟ දෙපස ඉදි වූ ටයර් සෑ මතින් “බුකර් ටේට් ස්වර්ගයට” ගියහ. එතැන් පටන් ඌව - පැල්වත්ත පැත්තෙන්  කෙදිරියක් වත් නෑසුනේ ය. හරියටම 1818 ඌව - වෙල්ලස්ස සටනින් පසු කාලය වගේ ය. ‘මිනිස් පරිණාමයේ දී වගේම දේශපාලන පරිණාමයේ දි ද රැකෙන්නේ වෙනස්විමට හැකි සත්වයන්ට පමණකි’ යි කියා අපි හිත හදා ගත්තෙමු. 
1991 අවසානයේ දි පමණ යලිත් බුකර් සමාගමේ කම්කරු ආරවුල් ඇවිළුනේ ය. වාර්තාකරුවෙක් හැටියට එවිට අපට පැවරී තිබුනේ ‘වෙනස් කිරීම’ වෙනුවට ‘සිදුවීම්’  වාර්තා කිරීමය. ඒ වනවිට සමාගමේ සභාපති  රන්ජන් විජේරත්න ජීවතුන් අතරේ නොවී ය. ඔහු කාර් බොම්බයකින් පැමිණි කොටි මිනිස් බෝම්බයක ගොදුරක් වී ජෙනරාල් තනතුරකට පත් වී සිටියේ ය. සමාගමේ  කම්කරුවෝත් - උක් ගොවියෝත් යළිත් සංවිධානය වී සිටියහ. එකාවන්ව යුක්තිය ඉල්ලා උද්ඝෝෂනය කලහ. භීෂනය අවසන් වී තිබූ නිසා පැහැර ගනීම් සිදු නොවුනේ ය. ඒ වෙනුවට සමාගමේ ආරක්ෂාව විශාල පොලිස් හමුදාවක් යොදවා තිබුණි. අපි සාමකාමී උද්ඝෝෂණය වාර්තා කළෙමු. එයින් වූ සුබසෙතක් නොසෙයුවෙමු. 
වසර 2000 වෙද්දී එනම් අවුරුදු 15කට පසු බුකර් ටේට් සමාගම පැල්වත්ත උක් කර්මාන්තයෙන් ඉවත් වුණේ ය. නිසරු වූ භූමිය හා අබලන් වූ සීනී කර්මාන්ත ශාලාව ස්වදේශික ව්‍යාපාරයක විකුණා දැමුවේ ය. ඒ වන විට ලංකාවේ රැකියා වෙළඳ පොලට අලුත් රැකියාවක් එම සමාගම හදුන්වා දී තිබුනේ ය. ඒ ‘වන අලි එලවිමේ කම්කරු’ රැකියාවය. පාරම්පරික භූමිය අහිමි වූ යාල අලි ‘ප්‍රාණ භුක්තිය’ ඉල්ලා සමාගමේ උක් ඉඩම් වලටබ් කඩා වැදුනාහ. මේ නිසා පැය 24 පුරාම අලි එලවීම කළ යුතු විය. මුල දී මේ වෙනුවෙන් විදුලි වැට ඉදි වුණේ ය. පසුව යාල හා සමාගම් භූමිය අතරේ අලින්ට තරණය කළ නොහැකි අගලක් කැණුනේ ය. එහි වෙසෙන මනුශ්‍යන්ට වඩා ඥාණාන්විත වූ යාල අලි ගස් කඩා දමා අගලෙන් ද එගොඩ වූහ. අවසානයේ පෙර කී අලුත් රස්සාව පැමිණියේ ය. එහෙත් තවමත් එහි අලි මිනිස් සටන අවසන් නැත. ඒ බව හැන්දෑවක ‘හඳපානගල’ වැවට යන ඔබට පහසුවෙන්ම තේරුම් ගනීමට පුළුවනි. 
වසර 2007 දී යලිත් බුකර් ටේට් සමාගම වෙල්ලස්සේම නිල්ගල [බිබිල] භූමියේ අක්කර 65,000ක  උක්වවන්නට සුදානම් වූයේ ය. එකල අප සිටියේ මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ‘වැද්දන්’ පිළිබඳ පර්යේෂණයකට සහභාගි වෙමිනි. ලොකයේම ගෞරවයට පාත්‍ර වු [ එකල ඔහු ඇමරිකා එකස්ත් ජනපදයේ ප්‍රින්සටන් සරසවියේ, මානව විද්‍යා දේපාර්තමේන්තුවේ ප්‍රධානියාය] ඇතිවෙමින් තිබෙන තත්වය සාකච්චා කළ පසු මහාචාර්ය ඔබේසේකර “ කුළුදුල් භූමිය දුෂණය නොකරනු” නමින් ලිපි පෙලක් ලිවේ ය. වාසනාවට ඔහුගේ ශිෂ්‍යයෙකු වු අචාර්ය සරත් අමුණුගම එවකට ආණ්ඩුවේ බලවත් ඇමතිවරයෙක් විය. මේ පුත්ගලික සම්බන්ධය නිසා බුකර් ටේට් සමාගම මේ වතාවේ වෙල්ලස්සෙන් පසු බැස ගියේ ය. 
2014 අවුරුද්දේ අපි ඌව - පැල්වත්තට යන්නේ පුවත්පතක තිබූ වාර්තාවක් නිසාය. එහි වාර්තා වු ආකාරයට ‘පැල්වත්ත සීනි සමාගමේ’ ගෝවින් හා කම්කරුවන් අතරේ මාරාන්තික රෝග පතිරෙන්නේ ය. වකුගඩු රෝගය ඉන් ප්‍රධානය. එහි සංකේත ග්‍රාමය වී තිබුනේ බුත්තල ‘ලිඳආරගම’ ය. අප එහි ගියේ මේ කතාව සොයන්නටය. ගමට ‘මරණාධාර’ සමිතියක් තනාගෙන මළ ගෙවල්වලට උපකාර කරණ සහ නායකත්වය සපයන කිරිබණ්ඩේ හමුවන්නේ මේ ගමනේ දිය. 
“මොකක් ද ඔහේලට වුණේ ?”
කිරිබණ්ඩේ හුස්ම නොගෙනම උත්තර දුන්නේ ය.
“ අපි පදිංචිවෙලා හිටපු ඉඩම්වලට ඔප්පු තිබුන. අපි ගොවිතැන් කරගෙන දෙයියනේ කියල ජිවත් වුණා. සමාගම අපෙන් ඉඩම් ගත්ත, ගෙවත්තට අක්කර දෙකයි, උක්වගාවට අක්කර හතරක් දෙනව කියල. අපි දැන් මේ ඉන්නව ඒ කිසිම දෙයක් නතුව. ඉඩම් තියා කඩදාසි කෑල්ලක් ලබුනේ නෑ. අපි උක් වවනව. අවුරුද්ද පුරාම නර දුක් විඳල. දවසකට රුපියල් 50 ක ආධායමක් වැටෙන්නේ නෑ. ඊටත් වඩා මේ ඔක්කොම ලෙඩ්ඩු. මේ ගමේ වැඩි දෙනෙක් සමාගමේ උක් වගාවට කෘෂි රසායන යොදපු කම්කරුවෝ. ඒ ඔක්කම ලෙඩ්ඩු. දැන් මේ ගමේ ලිඳක වතුර බොන්න්වත් බෑ. ඕන්න අපට වෙච්චි දේ”
අසරණකම බැන වැදිම විසදුමක් නොවේ. ගම පුරා යද්දී අපිට ගමේ පමණක් නොව පැල්වත්ත සිනී සමාගම අවට ගම්වල පොදු ඉරණම අවබෝධ විය. දැන් අඩුම තරමින් ඔවුන්ට “සුවසෙත මරණාධාර සමිතිය” වත් උපකාරය සිටී. එයි හිත හදාගන්නට බැරි ද?
දැන් ඉතින් මේ කතාවේ පුර්වාපර සංධි ගැලපිය යුතුය. ශෙහාන් කරුණාතිලක නම් අති දක්ෂ රචකයාගේ  ‘මාලී අල්මේ දාගේ සත් සඳ’ [The Seven Moons of Maali Almeida]  ඉංග්‍රිසි නවකතාවට බුකර් ටේට් සමාගම ආරම්භ කළ බුකර් සාහිත්‍ය තෑග්ග මෙවර [2022]හිමි වී තිබේ. බුකර් තෑග්ග දිනාගත් දෙවැනි ලාංකිකයා ශෙහාන් ය. මායා යාථාර්තවාදී රීතියෙන් ලියැවුණු මේ නවකතාවට පසුබිම වන්නේ 30 වසරක් පුරා ලංකාවේ ඇවිළි ගිය සිවිල් යුද්ධයයි. එහි බිහිසුණු භාවයයි. ඉතින් ඇතිලිවැව සුමනෙලා, ජෙනරාල් රන්ජන් විජේරත්නලා හා වරුණගම කිරිබණ්ඩේලාගේ ඉරණමට සම්බන්ධ නවකතාවකට ලෝක ප්‍රකට සම්මානය දෙන්නේ එම භීෂණයේ ම කොටස්කරුවෙකු වූ බුකර් ටේට් සමාගම විසින්මය. ඉතිහාසයේ කොතනකහෝ බරපතල වැර දිමක් ද? නතිනම් අපට අපේම වලගය පෑගී මේවා ලියවෙනවා ද?
මෙහි පොදු අත්දැකිම අනෙකකි. ඔබට ඉතිහාසය මහමෙරක් සේ නොගන්න. කවර වර්ගයක අපරාධවලින් හෝ උපයා ගත් මුදලින් එක සම්මානයක් දෙන්න. එවිට ඔබේ නම්බුව රැකේ. හරියටම මාළු අයිනකට කෑම දුන්නාසේ ඔවුන් පොරකමින් එය භුක්ති විදිනු ඇත. 
නන්දන වීරරත්න 
“ලංකාවේ දිළිදු ගෝවින්ට බුකර් තෑග්ග” [2014] වාර්තා චිත්‍රපටය මේ ලිංකුවෙන් නැරඹිමට පුළුවන. 

Arthur Arambepola

unread,
Oct 24, 2022, 8:00:34 AM10/24/22
to ind...@googlegroups.com
"ඉතින් ඇතිලිවැව සුමනෙලා, ජෙනරාල් රන්ජන් විජේරත්නලා හා වරුණගම කිරිබණ්ඩේලාගේ ඉරණමට සම්බන්ධ නවකතාවකට ලෝක ප්‍රකට සම්මානය දෙන්නේ එම භීෂණයේ ම කොටස්කරුවෙකු වූ බුකර් ටේට් සමාගම විසින්මය."

මෙතන නම් පොඩි නිවැරැදි කිරීමක් කරන්න තියෙනව. 2002 සිට 2019 දක්වා බුකර් සම්මානය දුන්නෙ බුකර් කොම්පැනිය නොවේ. මෑන් කියල ආයෝජන කොම්පැනියක්. ඒකයි මෑන් බුකර් වුනෙ. 2020 සිට මෑන් බුකර් සම්මානය නැවතත් බුකර් වුනා. දැන් සම්මානය දෙන්නෙ ක්රෑන්ක්ස්ටාර්ට් කියල පුණ්‍ය පදනමක්.

https://thebookerprizes.com/our-funders
The Booker Prize and the International Booker Prize are funded by Crankstart, the charitable foundation of Sir Michael Moritz KBE and his wife, Harriet Heyman.

බුකර් සම්මානයේ ආරම්භක කථාවත් ටිකක් රසවත්:
https://www.company-histories.com/Booker-Cash-Carry-Ltd-Company-History.html
"Booker Diversifies in the 1950s-60s

Political unrest in Guyana during the early 1950s prompted John "Jock" Campbell, chairman of Booker from 1952 to 1967, to diversify both geographically and commercially. Diversification became imperative after Guyana won its independence from Great Britain in 1966 and elected a communist government. Booker was eventually compelled to sell its sugar plantations and other businesses in that country to the government. Ironically, Guyanan and other Caribbean officials asked Booker and other British sugar moguls to help manage their struggling operations in the early 1990s. Their request for management advice prompted the formation of Booker Tate, a joint venture with Tate & Lyle, in the early 1990s.

Campbell's "hedge-building" investments in the United Kingdom, Canada, and Central Africa varied widely, from engineering to supermarketing to agricultural consulting. One of the most unusual diversifications made during this era was a division the company called "Authors." This highly unusual sideline developed after the discovery of a loophole in the British tax code that allowed the conglomerate to purchase an author's copyrights, pay him or her a fat fee partly at the expense of the taxpayer, and then collect the royalties. Agatha Christie and Ian Fleming were just two of the bestselling authors in Booker's stable.

The Authors venture soon spawned another celebrated aside. According to Booker's 1994 annual report, Fleming suggested to Campbell over a game of golf that the company pump some of the millions it was earning on the backs of writers back into the literary community. Although Booker was reluctant to give the creator of the James Bond character full credit for the idea, his suggestion influenced the 1969 presentation of the first Booker McConnell Prize for Fiction (now the Booker Prize), bestowed upon the best novel published in Britain by a writer from the British Commonwealth. P.H. Newby's Something to Answer For won the first Booker Prize, which became the most coveted and highly esteemed award in British book publishing. The recipient of the honor received a cash award, and the status of the prize was so great that short-listed novels often saw dramatic jumps in sales.

Nihal Ananda

unread,
Oct 25, 2022, 12:34:49 AM10/25/22
to ind...@googlegroups.com
FB  එකෙන් ..... දුටු අදහසක් ;

image.png

simont...@optusnet.com.au

unread,
Oct 25, 2022, 6:05:01 AM10/25/22
to ind...@googlegroups.com

මේ facebook සටහන දුටු විට මට හැඟුණු අදහස : 
Seven Moons of .... පොතේ කතා කරන්නේ 1980-90 කාලය තුල රටේ පැවතුන ගාතන රැල්ල ගැනය් . නිල/  නිල නොවන ආරක්සක අංශ සහ  ආයුද සන්නද්ධ කොටස් වලින් මියගිය දහස් ගණනාවක් ගැනය් . අපේ රටේ බොදු සංස්කෘතිය කියන්නේ ඒකද ?

Nissanka Rajapaksa

unread,
Oct 25, 2022, 7:01:41 AM10/25/22
to INDRAKA group
//ආයුද සන්නද්ධ කොටස් වලින් මියගිය දහස් ගණනාවක් ගැනය් . අපේ රටේ බොදු සංස්කෘතිය කියන්නේ ඒකද ?//

සුපෙම්ගෙ ප්‍රශ්නෙට ඍජු පිළිතුර "නැහැ" යන්න සහ ඉතාම අවාසනාවන්ත වූ අනියම් පිළිතුර වන්නේ "ඔව්" යන්න යි.
ඊට හේතුව, මෙම මිණීමැරුම් බහුතරයකට රජය සහ රාජ්‍ය අඅනුග්‍රහය ලැබූකණ්ඩායම් වගකිවයුතු යි. එමෙන්ම, මෙම ඝාතන අනුමත නොකළ සැවොම ජාතිද්‍රෝහීන් බවයි බහුතරයකගේ අදහස වුනේ. 😪

Arthur Arambepola

unread,
Oct 28, 2022, 7:52:20 PM10/28/22
to ind...@googlegroups.com
///ඊට හේතුව, මෙම මිණීමැරුම් බහුතරයකට රජය සහ රාජ්‍ය අඅනුග්‍රහය ලැබූකණ්ඩායම් වගකිවයුතු යි. එමෙන්ම, මෙම ඝාතන අනුමත නොකළ සැවොම ජාතිද්‍රෝහීන් බවයි බහුතරයකගේ අදහස වුනේ.///

මට සිතෙන විදිහට මේක අදාල වන්නේ උතුර නැගෙනහිර වූ ඝාතන ගැනයි. දකුණේ වුන ඝාතන බහුතරය අනුමත කළේ නැහැ. චන්ද්‍රිකාට 1994 දී බලයට පත්වීමට හැකි වුන ප්‍රධාන හේතුවක් වූයේ දකුණේ වූ ඝාතන (සූරියකන්ද වැනි) වලට විරුද්ධව පෙනී සිටීමයි.

Supem Tissera

unread,
Oct 31, 2022, 1:07:42 AM10/31/22
to INDRAKA

"Seven Moons of Mali Almeda " කියවීමෙන් පසු මට හැඟුනු අදහස් මෙහි ඉදිරිපත් කරන්න සිතුවා .

නවකථාවක් සාර්ථක වීමේ වැදගත් අංගයක් වන්නේ ඒ සඳහා පසුබිම් කර ගන්නා සිදුවීම් මාලාවය් (Plot ). මේ කතාව පසුබිම් කර ඇති plot එක ඉතා ප්‍රබල එකක් . මේ පොත කියවීමට මා (සහ මා දන්නා තවත් අයත් ) පෙලබවූ ප්‍රදාන කරුන වුයේ එයය්  (මේ පොත Booker තෑග්ග දිනා තිබීමට අමතරව).

මේ කතාව පසුබිම් වනුයේ 1980-1990 දසකයේ ලංකාවේ හමාගිය ගාතන රැල්ල පාදක කර ගෙනය් . රජයේ නිල සහ නිල නොවන ආරක්ෂක අංශ , LTTE , DJV , PRAA , කළු බළල්ලු යනාදී කොටස් වලින් ඉතා දරුණු ලෙස ලාංකිකයන් මියගිය සමය ගැනය් .

මේ පොත ගොඩ නැගෙන්නේ මාලින්ද අල්මේදා ගේ මල ආත්මය (ghost ) භාවිතා කර ගෙනය් . මෙම ආරයේ කතා (මල ආත්මයන්  protaganist ලෙස යොදා) මීට පෙර ලියවී තියෙනවා . උදාහරණක් ලෙස Charles Dickens ගේ Christmas Carol කතාවේ Jacob Marley ගේ ආත්මය, කතාව සඳහා උපයෝගී කර ගන්නවා . 

මේ කතාවේ ප්‍රධාන චරිතය වන්නේ මාලින්ද  අල්මේදා   ය . ඔහුට අමතරව Jaki සහ DD යන දෙදෙනා  ප්‍රධාන සහයක චරිත වෙනවා. මේ කතාවේ හැටියට ඔවුන්ගේ පසුබිම වන්නේ

1. මාලින්ද  අල්මේදා   : දික්කසාදවු මිශ්‍ර සම්භාවක් ඇති දෙමව්පියන්ට දාව ඉපදුනු ඉහල මැද පන්තියේ තරුණයෙක් . Photo Journalist ලෙස වැඩ කිරීමට අමතරව Club යන, සුදූ කෙලින සම ලිංගික තරුණයෙක්.

2. Jaki: ඉංග්‍රීසි උගත් ගුවන් විදුලි නිවේදිකාවක්, Club යන, සුදූ කෙලින,  කරටිය කැඩෙන්න බොන,  සම ලිංගික තරුණියක්

3. DD : ද්‍රවිඩ අමතිකෙනෙකුගේ පුතෙක්, ඉංග්‍රීසි උගත් ඉහල පැලැන්තියේ සම ලිංගික තරුණයෙක් (මොහු මාලි ගේ ලිංගික සහකරුය)

 (Facebook එකේ හඬ නගන සිංහල බොදු සංස්කෘතියේ පොල්මක්කාරයන් මෙවැනි සම්මාන දීමේ criteria එක ගැන කරන චෝදනා වලට පසුබිම් වී ඇත්තේ මේ ඉහත සඳහන් කරුණු කියය් මට සිතෙන්නේ)

 

අප දන්නා පරිදි මේ වැනි චරිත වලට 1980-90 කාලයේ සිදුවූ සිද්ධීන් වලට ඇති සම්බන්ද තාවය ඉතාමත් අල්පය . සැබෑ ලෝකයේදී මෙයට අහලින් ගිය පුද්ගලයෙක් ලෙස අප දන්නේ Richard De Soysa පමණි. එය ප්‍රතිශතයක් ලෙස ගත හොත් 0.001% පමණ වෙනු ඇත. මට නැගුන පැණය නම් මෙවැනි චරිත පාදක කර ගනිමින් 1980-90 කාලයේ සිදුවුණු සිදුවීම් , එයට බඳුන් වූ මිනිසුන්ගේ සිතුවිලි සහ එම පරිසරය තුල ශ්‍රී ලාංකිකයන් හැසුරුණු සහ ගනුදෙනු කල අකාරය පිළිබිබු කල හැකිද යන්නය .

 

මේ කතාව තුල ලිංගික හැසිරීම් සහ ලිංගිකත්වය ගැන වරින් වර සඳහන් වෙනවා. කතාවකට ලිංගික ලෙස සලකන කරුණු ඇතුල් කිරීම වරදක් හෝ අඩුපාඩුවක් ලෙස මා දකින්නේ නැහැ . නමුත් එය දෙපැත්ත කැපෙන ආයුදයක් නිසා ප්‍රවේසමෙන් පාවිච්චි කල යුතුය් .  මෙහිදී සැලකිය යුතු කරුණු දෙකක්

1. ලිංගිකත්වය පිලිබඳ යෙදීම් කතාවට, plot එකට සම්බන්ද (relevant) විය යුතුය

2. එම යෙදීම් පමණ ඉක්මවා යාමෙන් (not to go over the edge) වැළකීම. මෙවැනි දේ ව්‍යංගයෙන් පැවසීම කතුවරයෙකු සතු කුසලතාවයකි

 

මේ පොතේ කතුවරයා එම කර්ථවයේදී එතරම් සාර්ථකවී නැති බවය් මට දැනෙන්නේ .

 

පළමු criteria එක ගැන උදාහරණයක් ලෙස පොතේ 35 වැනි පිටුවේ ඇති "Egg Plants " සහ දෙවන criteria එක ගැන 209 වැනි පිටුවේ එන ලිංගික හැසිරීම් ගැන සඳහන බලන්න

 

මේ පොතේ යොදා ගෙන ඇති භාෂා රටාව සම්ප්‍රදායෙන් පිට ගිය එකක්. මෙම රටාව (singlish යෙදීම් ඇතුළු ) Lucien Rajakarunanayake වැනි අය ලියන ලද කොලොම වල දැක පුරුදුය් . නමුත් එය මෙම පොතට කොතරම් වටිනාකමක් එකතු කර ඇතිද කියන එක සැක සහිතය් .

ඊට අමතරව, සමහර යෙදීම් ( 52 වැනි පිටුවේ එන Sperm dog , your amma screw ) කතාවට ප්‍රයෝජනයක් හෝ අලංකාරයක් එකතු කරන බවක් මට දැනෙන්නේ නැහැ .

 

නවකතාවක ඇති සාහිත්‍යමය අගය එම කතාව සාර්ථක වීමට පිටුවහලක්. නමුත් මෙම පොත  කියවීමේදී එවැනි සාහිත්‍යමය අගයක් දැනුනේ නැහැ .

මෙම පොත බටහිර පුවත් පත් විචාර වලින් ඉතා ඉහල ලෙස වර්ණනා කර තිබෙනවා . එම විචාර වලදී මෙම පොතේ දකින satire සහ ශ්‍රී ලංකීය සමාජයේ ඇති bureaucracy සහ දුෂිත බව (උදා : අල්ලස් සහ වෙනත් බලපෑම් නිසා ක්‍රියාත්මක වන ASP රංචාගොඩ ) ඉතා ඉහල ලෙස අගය කරනවා. නමුත් ලංකාවේ වසන අයට නම් එය එතරම් අරුමයක් නොවන බව කිවයුතු නැත .

අවසන් ලෙස මේ පොත ගැන Shehan Karunathilaka කියපු දෙයක් පහත සඳහන් වෙනවා.

 In his acceptance speech on Monday, Karunatilaka said: "My hope for Seven Moons is that in the not too distant future... it is read in a Sri Lanka that has understood that these ideas of corruption, race baiting and cronyism have not worked and will never work.

 මේ පොත තුලින් Shehan ගේ බලාපොරොත්තු ඉටු වේ යය් සිතෙනවාද ?

 

To others in the forum, If you have read the book, really like to know your thoughts.

Nishantha Kamaladasa

unread,
Oct 31, 2022, 11:01:51 PM10/31/22
to ind...@googlegroups.com

අල්මේදාගේ හත් දවස

මේ පොතේ කතාව කියන්නේ ද එහි කතානායක අල්මේදා ය. ඒ නිසා මේ පොතින් කතුවරයා කරන්නේ අපට අල්මේදාගේ කෝණයෙන් ලෝකය දෙස බලන්නට ඇරයුමකි. ඒ සඳහා අප පළමුව අල්මේදාව තෝරා බේරා ගත යුතු ය.

ඔහු ඡයාරූප ශිල්පියෙකි. ඔහු ඡයාරූප ශිල්පියෙකු හැටියට හමුදාවට ද කලක් සේවය කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වලට ද සිය ඡයාරූප විකුණයි. ඊට අමතරව ඔහු මැදිහත් කරුවෙකුගේ භූමිකාවක් ද රඟපායි. ඒ යුද්ධය පවතින පහසුවෙන් යා නොහැකි තැන්වලට ඇතැම් අය ගෙන යෑම ද හරහා ය. ඒ සඳහා ඔහු ඔහුගේ පැරණි වෘත්තීය සබඳතා භාවිතා කරයි. මාධ්‍යවේදියෙකු සතු අයිතීන් ද නිදහස ද භාවිතා කරයි.

ඔහු සිය ඡයාරූප ඉහළ ගණන් වලට විකුණන අතරේ ඒවායේ මුල් පිටපත් සුරක්ෂිතව ද තබා ගනියි. ඒ මුදල් වලින් සූදුවේ ද යෙදෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය පමණක් නොව ලිංගික ඇසුර ද ලබා ගනියි.

ඔහුට සිය පියා සමග ද මව සමග ද ආරවුල් තිබේ. ඔවුන් විසින් ඔහුව අත හැර දමා ඇති බවක් පෙනේ. එය ඔහුගේ මනසේ දිගින් දිගට ම වද දෙන කරුණක් බව පෙනේ. එහෙත් වෘත්තීය ජීවිතය දිග හැරෙන්නේ පියා විසින් ඔහුට උපන්දිනයට තෑගි දුන් කැමරාව ඔස්සේ ය. පියාව මග හැරී යෑම සම්බන්ධයෙන් ඔහු සිය මවට දොස් නගන බවක් ද පෙනේ. මේ දෙදෙනාම නිතර නිතර ඔහුගේ මනසට ජීවිතයට සම්බන්ධ වෙයි. කතාව තුළ නැවත නැවතත් මතු වෙයි. ඒ දරුවෙකු අත්හරින ලද දෙමාපියන් වශයෙනි. ඒ සම්බන්ධයෙන් තරහින් පෙලෙන දරුවෙකු අපට දක්වමිනි.

ඔහු අසම්මත චරිතයකි. ඒ සම ලිංගික දිශානතිය නිසා ම පමණක් නොවේ. නිදහසේ ඔ්නෑම තැනක තරාතිරම නැතිව ලිංගික ව එක් වන චරිතයක් ලෙස ය. ඒ අතර ඔහුට පෙම්වතෙකු ද සිටියි. ඔහු සමග පෙමින් බැ‌ඳෙතත් ඔහු සෙසු අය සමග ලිංගික ඇසුර ද එම පෙම්වතාට හොරෙන් පවත්වා ගෙන යයි.

ඔහුගේ ජීවිතය ම ඡයාරූප ගොන්නකි. ඒවා අතර සිය වෘත්තීය ජීවිතය විසින් ඉල්ලා සිටිනු ලබන යුද්ධයට හිංසනයට අදාළ ඡයාරූප වලට අමතරව ස්වභාව සෞන්දර්ය හා ආදරය  පිළිබිඹු කරන ඡයාරූප ද ඇත. ඒවාට ඔහුට ඇති තද බැඳීම ඉතාම පැහැදිලිව කතාව පුරා ම පෙනේ.

ඒ ඡයාරූප අතර ඇති බොහෝ ඡයාරූප මිනිසුන් ඔවුන්ගේ වගතුග නම් ගම් සහිතව එලි කරන ඡයාරූප ය. ඔවුන්ගේ හෙලුව ලොවට කියා පාන ඡයාරූප ය. ඒ ඡයාරූප මගින් නිරාවරණය කරනුයේ එක් එක් පුද්ගලයන් පමණක් නොවේ. විවිධ ජන කොටස් ද කණ්ඩායම් ද සංවිධාන ද ඒ සමග හෙලිදරව් වන්නේ ය.  

ඒ නිසා ම ඔහුට එළඹිය හැකි අනතුර ගැන ද ඔහු දනියි. එහෙත් ඒ පිළිබඳව ද ඔහුගේ ජීවිතය පිළිබඳව ද විශාල බියක් ඔහුට තිබෙන බවක් පෙනේනේ නැත. ඔහුගේ අසම්මත බව පවා ලොවින් සඟවන්නට වෙහෙසන බවක් ද පෙනෙන්නේ නැත.

අල්මේදාගේ මව දෙමල හා බර්ගර් මිශ්‍ර ය. පියා සිංහල ය. අල්මේදා ගැන මේ තොරතුරු අසන කිසිවෙක් (ඒ කවුදැයි මේ ලියන්නාට මතක නැත) එසේ නම් ඔහු කවරෙක් වන්නේ දැයි ඔහුගෙන් අසයි. එවැනි satires කතාවේ හැම තැන ම ඇත. කතාව කියවා ගෙන යන්නට එයින් ලැබෙන අනුබලය මහත් ය.

සූදු කෙලින අල්මේදා statistical probabilities මත තීන්දු තීරණ ගන්නා කෙනෙකි. එයින් විපුල ප්‍රයෝජන ලබාගත් කෙනෙකි.

මේ සියල්ල කතාව දිග හැරෙන කල අපට වරින් වර දැනෙන්නට ලැබෙන්නේ ය. දැන් අපි අල්මේදා ගැන යම් පමණකට දනිමු.

මේ අල්මේදා මැරෙන්නේ ය. මැරී හොල්මනක් වන්නේ ය. ඒ හොල්මනට පාවී යා හැකි ය. සිදු වන හැම දෙයක් ම දැකිය හැකි ය. ඇසිය හැකි ය. ඒ දින හතක් යන තෙක් ය. එතැනින් ඒ ගන්දබ්බ අවදිය අවසන් වන්නේ ය. කතාවේ විස්තර වන්නේ ඒ දින හත ගැන ය. ඒ අල්මේදාගේ කටින් ය. ඒ කතාව කියන ඔහුට තමන් මළේ කෙසේ දැයි අමතක ය. ඔහු සොයා යන්නේ ඒ තොරතුර ය. අවසන් දින වන තෙක් එය ඔහුට ද අපට ද දැන ගන්නට ලැබෙන්නේ නැත. කතාවේ plot එක ඇත්තේ එතැන ය.

සිද්ධිය දිග හැරෙන විට අපට ඒ මරණය සිදු කළේ යැයි සැක කළ හැකි කීප දෙනෙක් ම කණ්ඩායම් කීපයක් ම හමුවේ. ඒ හැමට ම ඔහුගෙන් විශේෂයෙන් ඔහුගේ ඡයාරූප වලින් ගැලවීමට අවශ්‍ය වන හේතු ඒ ඡයාරූප තුළ තිබුනේ ය. ඒ කණ්ඩායම් අතර හමුදාව, ආණ්ඩුවේ දේශපාලන හස්තය, ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටී සංවිධානය ද තිබිය හැකි බවට තොරතුරු අපට ලැබේ. ඊට අමතරව ඔහු සතු මුදල් අයිති කර ගැනීම උදෙසා හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් නොගෙවා පැහැර හැරීමට අවසර ලබා ගැනීම උදෙසා ඔහු මරන්නට ඇතැයි සැක හිතෙන කාරණා ද යෙදේ. එහෙත් වඩාත් සැකයට භාජනය වන්නේ ආණ්ඩුවේ ආශිර්වාද ලබන 88-89 කාලය තුළ ක්‍රියාත්මක වූයේ යැයි ද සැක කරන මැර කණ්ඩායම් ය.

අල්මේදාගේ පෙම්වතා වන ඩීඩී ද ඩීඩීගේ ඥාති සොහොයුරිය වන ජැකී ද අල්මේදා අතුරුදහන් වීමෙන් සංවේගයට පත්ව ඔහුට සිදු වූයේ කුමක් දැයි සොයන්නට වෙහෙසෙයි. ඒ අල්මේදාගේ මව ද සමග ය (ඇය එක මොහොතක දී සිය පුතු සොයා දෙන ලෙස ඉල්ලා පොලීසියට අල්ලසක් ද දෙයි).

දැන් ඔබට ඩිඩීගේ පියා හඳුන්වා දිය යුතු ය. ඔහු දමිළ දේශපාලනඥයෙකි. ආණ්ඩුවේ ඇමතිවරයෙකි. දෙමල නිජ බිම් ගැන විශ්වාස කරතත් දේශපාලනයේ දී උපාය මාර්ගික විය යුතු යැයි සිතා ආණ්ඩුව සමග වැඩ කරන (ඩග්ලස් දේවානන්ද, කරුණා, පිල්ලෙයාන් වැනි) දේශපාලනඥයෙකි. ඔහු අල්මේදා සමග ඩීඩීගේ ඇති සම්බන්ධයට කැමති නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඩීඩී ඉදිරියේ එදිරිවාදුකම් පාන්නට ද ඔහු අසමත් ය. ඩීඩීගේ මව ඔහු කුඩා කල මිය ගියා ය. සමහර විට ඩීඩීට දැඩි වාරණයක් පනවන්නට ඔහු අසමත් වන්නේ ඒ නිසා විය හැකි ය.

අල්මේදාගේ අතුරුදහන් වීමෙන් කලබලයට පත් වුනු තව කණ්ඩායමක් සිටී. ඔවුන් දමිල හිතවාදීන් ය. ඔවුන් කම්පනය වී ඇත්තේ අල්මේදාගේ අතුරුදහන් වීම ගැන නොවේ. ඔවුන්ට ලැබිය යුතු ඡයාරූප නොලැබී යනු ඇතැයි කියා ය. ඔවුන් කියන්නේ ඔවුන් දැනටමත් ඒවාට මුදල් ගෙවා ඇති බවකි.

අවසානයේ ඡයාරූප එකතුවට පොලීසිය ද අප කලින් කී දමිල හිතවාදී සංවිධානය ද ජැකී ද රණ්ඩු වෙති. ඩිඩීගේ පියා පොලිසිය බාර ඇමතිවරයාට මීට මැදිහත් වන ලෙස කියයි. ඔහු පැමිණ ඒ ජ්‍යාරූප සියල්ල ඔහුගේ බාරයට ගනියි. මේ සියල්ල අපට කියන්නේ මේ තැන් වල රස්තියාදු ගසමින් ඉන්නා අල්මේදාගේ අවතාරය බව ඔබට නැවතත් මතක් කරමි.

අල්මේදාගේ ජීවිතය වැදගත් වී තිබුණේ ජැකීට හා ඩිඩී ඇතුළු අල්මේදාගේ යාළුවන්ට පමණකි. තුනීයට මවට ද ඒ හැගීම තිබෙන්නට ඇත. ඒ යාළුවන් අතර අල්මේදාගේ ඡයාරූප වලින් ලෝකයට නිරවාරණය කළ යුතු පණිවුඩය ගැන සංවේදී මිතුරන් කීප දෙනෙකු ද සිටියෝ ය. ඔවුන් හත් වෙනි දිනයේ ඡයාරූප ප්‍රදර්ශනයක් පවත්වමින් ඒ පණිඩුඩය මුදා හැරියේ තමන්ගේ ජීවිත ද පරදුවට තබමිනි. ඒත් ලෝකයට ඒ පණිවුඩය ඇසුනේ නැත. ඡයාරූප ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේ අතලොස්සක් පමණ ය. ඒ අය අතර පොලීසිය බාර ඇමති ද සිටියේ ය. ඔහු තමන්ගේ ඡයාරූප සියල්ල එකතු කර ගෙන ගියේ ය. ඒ ගැන විරුද්ධ වන්නට වත් ප්‍රදර්ශනය භූමිය තුළ කිසිවෙකු නොසිටියේ ය.

පියවි ලෝකයේ මේ සියල්ල සිදු වෙමින් තිබෙන අතරතුර හොල්මන් ලෝකයේ ද වෙනම ගතිකයන් ක්‍රියාත්මක වුනේ ය. පියවි ලෝකයේ ඒ හැටියට දක්නට නොලැබුණු හොඳ හා නරක අතර සටනක් හොල්මන් ලෝකය තුළ ක්‍රියාත්මක වුනේ ය. නරක පවා ඉදිරියත් වූයේ හොද සමග ය. දැන් ඒ ගැන කියන්නට අවසර. හොඳ ආචාර්ය රාජිනි (තිරණාගම යැයි සැක කළ හැකි) ගෙන් නියෝජනය වු අතර මුළුමනින් හොඳ නොවූ සෙසු පක්ෂය සේන (ජවිපෙ, එල්ටීටී සහ සියදිවි නසාගත් සෙසු අවතාර වලින් සමන්විත) මෙහෙය වූයේ ය. රාජීනි අහිංසක කිසිවෙකු මරණයට පත් කිරීම කොතරම් හොඳ අරමුනක් අරබයා වුව ප්‍රතික්ෂේප කළ අතර සේන අරමුණ හොඳ නම් අහිංසකයන් කීප දෙනෙකු බිලි දෙන්නට සිදු වුව ද කමක් නැතැයි ඇදහුවේ ය. ඒ සේන තම ගෝල බාලයන් සමග එක්ව මිනිසුන් අතුරුදහන් කරන ප්‍රධානීන් කීප දෙනෙකු එලොව යන්නට මග පාදා ගත්තේ ය. ඒ තවත් අහිසංකයන් ගණනාවකට ද ඒ ඉරණම අත් කර දෙමින් ය. ඒ හොල්මන් අතර විශේෂ බලයක් තිබූ අතලොස්සක් දෙනා ගේ අනුග්‍රහය ලැබ ගෙන ය.

හොල්මන් ලෝකය හා පියවි ලෝකය අතර ගනුදෙනු සිදු වෙමින් කතාව ගලා ගියේ ය. සත් වෙනි දින අල්මේදා තමන් මරා දැමුයේ ඡයාරූප නිසා නොව ඩිඩී නිසා බව දැන ගන්නේ ය. ඔහුව මරා දමනු ලබන්නේ තමන්ගේ පෙම්වතා වූ ඩිඩීගේ පියා විසින් බව පසක් කර ගන්නේ ය. ඔහු පමණක් නොව අප ව ද වෙනස් ම යතාවක් ඉදිරියේ එසේ අතරමං කරමින් කතාව අවසන් විය යුතු ව තිබුණේ ය. ජාතිවාදය තරමට ම පන්තිභේදය තරමට ම නැත්නම් ඊටත් වඩා දුක්ඛදායක LGBT+ ප්‍රජාවගේ පීඩාව නීතිය අභිබවා ක්‍රියාත්මක වන හැටි පෙන්වමින් අවසන් විය යුතු ව තිබුණේ ය. නැගී සිටිය යුත්තේ සියලු ආකාරයේ පීඩයන්ට එරෙහි ව බව කියමින් අවසන් විය යුතු ව තිබුණේ ය. ඒ පණිවුඩය දක්ෂ ලෙස ගෙන ආවේ වුව ද එයින් පසු ද කතාව ඇදගෙන යෑමෙන් කතුවරයා තමන්ගේ කතාවට අසාධාරණයක් කර ඇතැයි මට සිතුනේ ය.

කතාව නිම කළ යුතු ව තිබුනේ අල්මේදා ම තම මරණය සිදු වූ දා ඩිඩීට කියන්නට හිතා ගෙන සිටි පණිවුඩය අනාවරණය කරමිනි. ඒ අනුන්ට ඔ්නෑ හැටියට නොව අපට ඔ්නෑ හැටියට ජීවත් වෙන්න පුළුවන් රටකට ගිහින් අපි අලුත් ජීවිතයක් අරඹමු යන්න ය.

පොතේ මා කැමති විශේෂත්වය ඒ තුළ political and other satire නොඅඩුව පැවතීම ය. ඒ හරහා අපේ මනස තුළ පෙරලියක් ඇති කිරීමට එය උත්සහ කිරීම ය. ඇතැම් තැනක ඒ satire වල ඉලක්කය බවට ජාත්‍යන්තර සංවිධානය ද බටහිර රටවල් ද හසු වෙයි. එහෙත් වැඩි මනත් ලෙස එය ඉලක්ක කර ගන්නේ අප ව ම ය. අපේ පරම්පරාවේ ඉතිහාසය අල්මේදාගේ ඡයාරූප හරහා මුදා හරිමින් අපට මග හැරී ගිය තැන් වලට අප ව යොමු කර ඒවා දෙස විමසුම් ඇසින් බලන්නට පොත දිරි දෙයි. මා දිගින් දිගට පොත තුළ රඳවා තිබීමට කතුවරයා සමත් වූයේ ඒ නිසා ම පමණක් නොවේ. ඊළග මොහොතේ කුමක් සිදු වේ දැයි යන කුතුහලය ජනිත කිරීමට පොත දිගින් දිගට ම සමත් වීම නිසා ය. එය ඒ නිසා ම සාහිත්‍ය කෘතියක් ලෙස ද වෙන ම අගය කළ හැකි නිසා ය. 


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Nov 2, 2022, 11:31:03 AM11/2/22
to INDRAKA group

How Shehan lifted the Booker winning plot

  NOVEMBER 1, 2022 

By Inzi.

Why did the Booker Prize winner for 2022 steal a substantial part of his book — the main plot and more — and pass it off as his own? The answer is ‘you have to ask him that’, even though it’s possible he didn’t want to go through ‘seven years of hard work’ to write it on his own.

Anyhow, questions have abounded since our story yesterday of the plot being stolen. The valid and persistent question was, whom did he steal it from?

Today we have the answer to it. He stole it from Rajpal Abeynayake, a former editor of three national newspapers, Attorney at Law, and journalist. 

‘He stole cynically and extensively. It is cringeworthy — extremely cringeworthy — when he now gives interviews to all and sundry about the plot, as if he was a local Salman Rushdie. It’s more like a cheap local salmon-tin robbery,’ Rajpal said.

Rajpal has all the evidence, and there are he says literally scores of similarities and some instances of almost identical text in his original untitled manuscript and the book by Shehan Karunatilaka, The Seven Moons of Mali Almeida. The systematic purloining has been of substantial aspects of the book, and not of trifling details.

Rajpal says he has all the evidence that Karunatillaka cynically set out to steal the plot, with express intent to cheat. ‘He has egregiously violated my copyright, and my moral right to the work,’ Rajpal said.

“Of course he should come clean at this point but he would be too cowardly to do that,’ Rajpal said. ‘It’s as if he borrowed my car for a ride, and now wants to claim it saying it’s his own.’

One thing is clear, Shehan K is a gigantic hypocrite. He makes cringeworthy, bombastic statements about this and the other right and the rights of Sri Lankans on all manner of things, but doesn’t have the elementary decency to respect the rightful owner of the Booker prize-winning plot, says Abeynayake.

Shehan has basically taken the Booker Prize Committee and all else involved for a ride, the owner of the untitled manuscript Rajpal Abeynayake told this site.

“The man is a nasty piece of work obviously to be so cynical, steal somebody else’s work and not even give the original author a smidgen of acknowledgment. At such a high-level of competition at that. On the other hand he is a joker too. He is way out of his depth making all those claims about his knowledge of local politics when he didn’t have the basic creativity to set his plot against a local political backdrop of unrest as the original author did,’ Rajpal said.

Rajpal’s manuscript is also set against a backdrop of mass killings, unrest and abductions etc in Sri Lanka.

‘Don’t steal the Moon’, Karunatillaka said sanctimoniously when a pirated copy of Seven Moons was circulating. Don’t steal the Moon indeed!  —

(Rajpal Abeynayake said he doesn’t endorse pirated copies, even from an author who stole his book.)

https://allasiaweb.com/how-shehan-lifted-the-plot/

Nissanka Rajapaksa

unread,
Nov 27, 2022, 10:08:46 PM11/27/22
to INDRAKA group

චෝදනා පිළිබඳව ශෙහාන් කරුණාතිලක මා වෙත වට්ස්ඇප් මගින් එවූ ඔහුගේ නිල පණිවිඩයේ සිංහල පරිවර්තනය.
--------------------------

කොළඹ ජීවත්වන මාධ්‍යෙව්දියෙකු විසින් මගේ ‘ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා‘ නවකතාවේ කතා සැකැස්ම ඔහු විසින් 2011 වසරේදී කතෘ සටහනක් ලබාගැනීම සඳහා මා වෙත එවූ පිටු 56කින් යුතු නමක් රහිත ‘නොවෙලාවෙන්‘ හොරකම් කර ඇති බවට චෝදනා කර ඇත. ඔහුගේ චෝදනාව පදනම් විරහිත සේම නින්දා සහගත එකකි. 

ඔහු විසින් මා වෙත එවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩය සහ ‘නොවෙලා‘ අත්පිටපත මම මගේ නීතිඥයින් වෙත යැවූ අතර ඔවුන් පවසා සිටියේ එහි කිසිදු ලේඛන චෞරත්වයක් හමු නොවූ බවත් ඉදිරිපත් කර ඇති චෝදනා ලිඛිතාපහාසාත්මක බවය. එමෙන්ම මම මෙම නොවෙලාව මගේ ප්‍රකාශයකයන් වෙතද යොමුකළ අතර උක්ත නොවෙලාව සහ මගේ නවකතාව අතර කිසිදු කතා වස්තුව හෝ චරිත සමානතාවයක් නැති බව පවසා සිටි ඔවුහු මෙම චෝදනා පදනම් විරහිත බව බුකර් පදනම මගින් සහතික කර ගත හැකි බව පැවසූහ.  

ලංකාවේ ජනමාධ්‍යවේදීන් මෙම  පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කිරීම ගැන මම දැඩි කනස්සල්ලට පත්ව සිටිමි. මෙම පදනම් විරහිත චෝදනා ගැන විමසන ඕනෑම මාධ්‍ය වේදියෙකුගෙන් මා ඉල්ලා සිටින්නේ අදාළ ලේඛනය කියවා බලන ලෙසයි. 

මෙවැනි ප්‍රකාශයක් කරන්නට සිදුවීම ගැන මම දුකට සහ කණගාටුවට පත්වෙමි. මෙය ශ්‍රී ලංකාව සහ එහි ලේඛකයන්ට සැමරුම් අවස්ථාවක් විය යුතුය. 

මින් ඉදිරියට මේ පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීමට මම අදහස් නොකරමි. 

ශෙහාන් කරුණාතිලක 

A claim has been made by a journalist in Colombo that the plot of my novel, ‘The Seven Moons of Maali Almeida’ was ‘stolen’ from a 56-page untitled ‘novella’ that he sent to me in 2011 seeking an author’s endorsement. His claim is both baseless and insulting. 

I have shared his email and the ‘novella’ manuscript with my lawyers who confirm that the claim of plagiarism is entirely unfounded and that the allegations made are libellous. I have also shared the ‘novella’ with my publishers – who confirm the texts bear no comparison whatsoever with my novel – there are no shared plots, characters nor text – and with the Booker Prize Foundation, so that they may be assured the claims are unfounded.  

I am deeply concerned that journalists in Sri Lanka are passing on these unsupported and unfounded allegations. I would ask that any journalist approached demands to see the document on which these allegations are based. 
 
It is sad and disappointing that this statement has to be made. This should be a celebratory moment for Sri Lanka and its writers.  
 
I will be making no further comment on this issue. 
SK

Arthur Arambepola

unread,
Dec 5, 2022, 8:37:58 PM12/5/22
to ind...@googlegroups.com
දැන් නම් මේ පොත කිහිප දෙනෙක් හෝ කියවා ඇති.
(පොත කියවා යම් සටහනක් තැබුවේ සුපෙම් හා කමළදාස පමණයි.)

මේ පොත ගැන Colombo Telegraph වෙබ් අඩවියේ පළවුනු විවේචනයක මෙසේ කියැවේ:

"But overall, Karunatilaka’s is an excellent book. Pithy. Interesting. Humourous. But dirty, vulgar, politically incorrect and even offensive in parts.

The Booker Prize judges need to be careful, and not use the prize to cook and advance their own liberal agendas"

A Contrarian Review: The Seven Moons Of Maali Almeida
S. Ratnajeevan H. Hoole

Nissanka Rajapaksa

unread,
Aug 21, 2023, 8:10:29 PM8/21/23
to INDRAKA group
පොත ගැන තවත් දීර්ඝ විවේචනයක් විහඟ පෙරේරා ගෙන්:

Nihal Ananda

unread,
Aug 22, 2023, 12:29:16 AM8/22/23
to ind...@googlegroups.com
@nissnaka .....Thanks for forwarding this. 

මේ පොත ගැන , කොලභ  සමාජයේ  සෑහෙන විවේචන විග්‍රහ තිබුනා. අපේ forum එකෙත් කතා වුනා. @kamale  ධිර්ඝ විස්තරයක් කල බව මතකයි. 
මමත් පොත, E -book  කියවන්න උත්සාහ කළා. නමුත් , දිගටම  කියවන්නට පෙලභවීමක් තිබුනේ නැහැ . ඇල්ලුවේ නැහැ ..... කියල කියන්නත් පුළුවන්. 

පොත ගැන, මිට කලින්  reviews  ඔක්කොම වගේ ..... positive , ලේඛකයා කෘතිය  ඔසවා තබන ඒවා. Booker Prize ලැබුණු නිසා, කවුරුත්  *විවේචනය* කරන්නේ නැහැ.  විවේචනය කරන්න තරම් ..... දනුමක් ආත්ම ශක්තියක් නැහැ කියල කියන්නත් පුළුවන්. 

මේ review එක ,උඩින් පල්ලෙන් , තැන තැන්වලින් කියෙව්වා. 
පළමු paragraph එක පහත උපුටා දක්වා තිබෙනවා.  බොහෝ දෙනෙකුට පෙනෙන්නේ දනෙන්නේ නැහැ. 
මට හිතෙන්නේ ,විචාරකයා හරියට , නියම තැනින්ම අල්ලා ගෙන තිබෙනවා. මේ *සත්‍යය * බොහෝ දෙනෙකුට පෙනෙන්නේ ,දැනෙන්නේ නැහැ. 
[  කතාවක දී, සර්පයා ත් මේ කාරණය ම මතු කර තිබු බවක් මතකයි. ]

-Hera 

THE SHOCKING TREATMENT OF THE DEAD IN “THE SEVEN MOONS OF MAALI ALMEIDA”.
JANUARY 6, 2023 | SITE MANAGER

The Seven Moons of Maali Almeida shatters the confidence a Sri Lankan reader may have had in Shehan Karunatilaka as a “Sri Lankan writer”. The book is an outright attempt to fit the shoe which writers with global aspirations coming from Asia, Africa and the Middle East have worn before Karunatilaka with varying levels of success: a subscription of – to use the term literary critic Graham Huggan proposes – an act of “marketing the margins”; where writers coming from the global south are found peddling versions of their home countries to fit neo-colonial impressions as a trade off to succeed in the west. These novels often follow a predictable formula. They normally present a dry synthesis of political turmoil, revolution, upheaval, caste violence, forbidden romance, deviant or taboo practices, exotic landscapes, exoticization of culture and so on. Compared to his debut success, Chinaman: The Legend of Pradeep Mathew, in The Seven Moons of Maali Almeida Karunatilaka seems to deliberately try and fit the formula – and as a result to lose the natural grace that is a chief strength of his writing, overall............

Reply all
Reply to author
Forward
0 new messages