මියුරු බසින් රස මවන ගාන්ධර්වයා

240 views
Skip to first unread message

Dayananda Attanayake

unread,
Dec 3, 2012, 9:21:32 PM12/3/12
to indraka, Dayananda Attanayake


On 15 December 2012 Maestro Amaradeva will be 85. The following article is from "DIVAINA"

මියුරු බසින් රස මවන  ගාන්ධර්වයා
 
 සිංහල සංගීත ඉතිහාසයේ එක්‌ යුගයක්‌ "අමරදේව යුගය" යි නම් කිරීමට තරම් පොහොනා ලක්‍ෂණ කීපයක්‌ ම අමරදේවයන්ගේ මියුරු සරින් සිංහල සංගීතයට එක්‌විණ. මේ ලක්‍ෂණ අතුරින් එකක්‌ වනුයේ, ගීතයක බස්‌වහර කෙරේ අමරදේවයන් දක්‌වා ඇති සංවේදීතාවයි. මෙකී භාෂා සංවේදීතාව සිංහල සංගීතයේ නව යුගයක්‌ උදාකිරීමට තුඩු දුන් සැටි මෙහිදී සැකෙවින් විමසා බැලේ.
 
 භාෂාව කෙරේ සංගීත ශිල්පියා තුළ පවත්නා සංවේදීතාව, කලාව කෙරේ කලාකරුවා තුළ පවත්නා සංවේදිතාවේ ම එක්‌ අංශයක්‌ සේ සැලකිය හැකිය. කලා නිර්මාණයෙහි යෙදෙන කලාකරුවා තුළ පැවතිය යුතු සංවේදීතාව හැඳින්වීමට "වාසනා" යන පදය පැරැණි භාරතීය විචාරකයෝ යෙදූහ. පුද්ගලයකු කලාව කෙරේ යොමු කරවන මේ 'වාසනා' ගුණය පූර්ව ජන්මාන්තරගත ගුණයකැයි විචාරකයෝ පවසති. මේ ගුණයෙන් යුක්‌ත වූවෝ ඉතා සියුම්, සසල හදවත් ඇත්තෝ වෙති. එහෙයින්ම "සහෘද" යන නමද ලබති. භාෂාව මාධ්‍යය කොට ගත් නොයෙක්‌ කලාවන්හි නිරත වන කලාකරුවා භාෂාවේ ගැබ්ව පවත්නා සියුම්, සුන්දර ලක්‍ෂණ ද ඉවෙන් මෙන් හඳුනා ගැනීමට සමත් 'වාසනා' ගුණයක්‌ ඇත්තෙකි.
 
 භාෂා සංවේදීතාව යනු භාෂාවේ ව්‍යාකරණ ලක්‍ෂණ හඳුනා ගැනීමට ඇති ශක්‌තියට වඩා බෙහෙවින් වෙනස්‌ වූවකි. භාෂාවක්‌ විග්‍රහ කොට එහි ව්‍යාකරණ ලක්‍ෂණ වෙන්කොට හඳුනා ගන්නට සමත් පුද්ගලයා තුළ පවත්නා දැනුම් වෙසෙස ළං වන්නේ විද්‍යාවට මිස කලාවට නොවේ. එහෙත් බස්‌ වහර සමස්‌තයක්‌ වශයෙන් ගෙන කලාත්මක වශයෙන් ඊට ප්‍රතිචාර දක්‌වන්නට සමත් වන්නා, අන්තර් ඥනයෙන් යම් යම් දෑ වටහා ගන්නා මුනිවරයකු වැන්න. මෙබඳු සංවේදීතාවක්‌ නැත්තෙකුට හොඳ කලාකරුවකු වෙසෙසින්ම හොඳ සංගීත ශිල්පියකු විය නොහැකිය. අමරදේවයන් වාදනයෙහි සේම ගායනයෙහිද එක සේ නිපුණයකු වීමට ඔහු තුළ පවත්නා අසාමාන්‍ය සංවේදීතාව හේතු වී ඇත.
 
 භාෂාත්මක පක්‍ෂයෙන් බලන විට, අමරදේවයන් ගායනා කොට ඇති ගීත සියල්ල, දෙවගකට වැටෙයි. පළමුවැන්න, අමරදේවයන් විසින්ම රචනා කොට ඇති ගීත සමූහයයි. දෙවැන්න, වෙනත් නිපුණ කවියන් හා ගීත රචකයන් විසින් රචනා කොට ඇති ගීත සමූහයයි.
 
 අමරදේවයන් මුල් අවධියෙහි ගායනා කළ 'වඳිමු සුගත සාක්‍ය සිංහ', 'සීගිරියේ සිතුවම් රමණී', 'ශාන්ත මේ රෑ යැමේ', 'සඳපානේ වැලිතලා', පීනමුකෝ කළු ගඟේ' වැනි ගීත ඔහුගේම ස්‌වාධීන නිර්මාණ සේ හැඳින්විය හැකිය. මේ ගීත අද පවා රසිකයන් කුල්මත් කිරීමට සමත් වෙයි. මීට හේතු වී ඇත්තේ එම ගීතවලින් නැගෙන ශබ්ද මාධූර්යය පමණක්‌ නොව, එම ගීතවලට පාදක වූ පද ලාලිත්‍යය ද බව සැලකිය යුතුය.
 
 ගීත රචනයෙහි අමරදේවයන් දක්‌වා ඇති කුසලතාව, ඔහු සතු වාදන හා ගායන කෞශල්‍යය තරම්ම විශිෂ්ට යෑයි කිව හැකිය. නාද රටාවකට නැංවිය යුතු පද තෝරා බේරා ගැනීම, විවේක බුද්ධියෙන් යුතු කලාකරුවකුට පමණක්‌ කළ හැක්‌කකි. භාෂාවේ ශබ්ද මාලාවේ එන හැම ශබ්දයක්‌ම ශබ්ද මාධූර්යය ඇති කිරීමට එකසේ සමත් නොවන බැවිනි. අනික්‌ අතට, ශබ්ද මාධූර්යය වෙනුවෙන් අර්ථ මාධූර්යය කැප නොකළ හැකි බැවිනි. ඒ ඒ රංගවලට උචිත තනු ද, ඒ ඒ තනුවලට උචිත පද ද සූක්‍ෂම ලෙස හඳුනා ගැනීමේ ශක්‌තිය අමරදේවයන් තුළ පවතී. 
 
 'වඳිමු සුගත ශාක්‍ය සිංහ' නම් වූ ගීතය මෙහිලා නිදසුන් විසින් දැක්‌විය හැකිය. ගායකයා මෙහිදී අදහස්‌ කරන්නේ බුදුන් වහන්සේ මුල් කොට ගෙන අසන්නා තුළ ශාන්ත රසයක්‌ ජනනය කිරීමය. මේ ගීයෙහි ආරම්භක පදයෙහි එන 'සුගත' 'ශාක්‍ය' 'සිංහ' යන පදත් ඊළඟ පාදයේ මුලින්ම එස 'සසර' යන පදයක්‌ 'ස්‌ශබ්ද බහුල ව යොදා ගෙන ඇති බැවින් ශාන්ත රසසමාහිත හැඟීම වඩාත් තියුණු කිරීමට හේතු වෙයි. එහි ම එන 'රමණී මන්දාර කුසුම්' යන පාදය zරමණී කල්හාර කුසුම් යනුවෙන් හෝ ලියුවද කවිත්වය අතින් වෙනසක්‌ සිදු නොවෙයි. 'කල්හාර' යනුත් 'මන්දිර' සේම බුදුන් වහන්සේ පිදීමට සුදුසු කුසුම් වෙසෙසක්‌ බැවිනි. එහෙත් අමරදේවයන් 'මන්දර' යන පදයම මෙහිදී යොදාගෙන ඇත්තේ කවර හෙයින්ද? 'ම' හා 'න' යන ශබ්ද වලින් නැඟෙන මියුරු හඬ 'ක' 'ල' හා 'හ' යන ශබ්දවලින් නොනැගෙන හේතුවෙනි. අර්ථ රසය නොනසා ශබ්ද රසය තියුණු කිරීමට අවශ්‍ය භාෂා සංවේදීතාව අමරදේවයන් සතුව තිබේ.
 
 අමරදේවයන් ගායනා කළේ තමාගේ ගීත නිර්මාණ පමණක්‌ ද නොවේ. එසේ වුවද, තමා අතට පත්වන කවරම හෝ රචනයක්‌ තනුවකට නඟා ගායනා කිරීමට අමරදේවයන් ඉක්‌මන් වූයේ නැත. ගීතයේ පද ලාලිත්‍යය ඔහුට බෙහෙවින් වැදගත් විය. එයින් මතුවන කවි කල්පනාව ඔහුට වැදගත් විය. එබැවින් කවිත්වයෙන් සේ ම භාෂා මාධූර්යයෙන් ද පොහොසත් නිර්මාණ පමණක්‌ ම ඔහු විසින් තෝරා ගන්නා ලදී. මේ ගීත අතුරෙහි, මානවසිංහ, මහගමසේකර, මඩවල රත්නායක, ඩෝaaල්ටන් අල්විස්‌ වැනි ජ්‍යෙෂ්Aඨයන්ගේ මෙන්ම, සුනිල් ආරියරත්න, සුනිල් සරත් පෙරේරා, අජන්තා රණසිංහ, ඩබ්ලිව්. ඒ. අබේසිංහ, උදේaaaසිරි පතිරණ, මොනිකා රුවන්පතිරණ වැනි තරුණ ගීත රචකයන්ගේ ද නිර්මාණ විය.
 
 ප්‍රවීණ රචකයකුගේ රචනාවක එන කිසියම් පදයක්‌ වුව කලාතුරකින් අමරදේවයන්ගේ අතින් වෙනස්‌ නොවූයේ නොවේ. එහෙත් එසේ කරන ලද්දේ එම රචනය මගින් වඩාත් ගීතවත් නිර්මාණයක්‌ බිහි කරනු පිණිසය.
 
 'මින්දද හීසර වැදී සැලෙන හද' යන ගීතයෙහි එන zකන්ද කපා පායන් පුන්සඳ' යන පදෙය මුල් රචනයෙහි ආවේ zකන්ද කපා පායාපන් පුන් සඳ' යනුවෙනි. අර්ථ රසය අතින් බලන විට, මේ පාද දෙකම එකසේ රස පූර්ණ වෙයි. එහෙත් 'පායාපන් පුන්සඳz යන්න 'පායන් පුන් සඳ' යනුවෙන් වෙනස්‌ කිරීම නිසා කලින් නුවූ ශබ්ද මාධූර්යයක්‌ ඊට එක්‌වෙයි. කලින් වූ 'න' ශබ්ද දෙකින් නැගෙන හඬට තවත් 'න' ශබ්දයක්‌ දැන් මුසු වන හෙයිනි. ගීත රචනයක අර්ථ රසය නොකෙළෙසා මෙබඳු වෙනස්‌කම් කළ හැක්‌කේ භාෂාව කෙරේ තියුණු සංවේදීතාවක්‌ ඇති සංගීත ශිල්පියකුට පමණි. අමරදේවයන් කෙරේ මේ සංවේදීතාව නොමඳව පවතී.
 
 අමරදේවයන් තුළ පවත්නා මෙකී භාෂා සංවේදීතාව නිසා හුදෙක්‌ ශබ්ද රසයෙන් පමණක්‌ නොව අර්ථ රසයෙන් ද සාරවත් වූ සංගීත සම්ප්‍රදායක්‌ ගොඩනැඟීමට ඔහුට පිළිවන් විණ. ඔහුගේ මේ සම්ප්‍රදාය තවත් බොහෝ සංගීත ශිල්පීන් කෙරේ ක්‍රමයෙන් බලපාන්නට විය. සිංහල සංගීත ඉතිහාසයේ නව යුගයක්‌ උදා කළ සංගීතඥයකු වශයෙන් අමරදේවයන්ගේ නම්, සිංහල රසිකයන්ගේ උපහාරයට ලක්‌වනු ඇත.
 
 මහාචාර්ය ඡේ. බී. දිසානායක


මෙය  ආරම්භයක්‌ පමණි

අපි ජීවන මාර්ගය ඔස්‌සේ වටපිට නොබලා එක හුස්‌මට ගමන් කරමු. හදිසියේ අපි නතර වී සැතපුම් කණුවෙහි සටහන් කොට ඇති ඉලක්‌කම කියවා විස්‌මයට පත්වන්නෙමු. අපි මෙතෙක්‌ දුර ඇවිත් සිටිමුද? අපි හැරී ආපසු බලන්නෙමු. මාර්ගය ඈතට ඇදී ගොස්‌ අපේ අක්‍ෂිපථයෙන් ඉවත්ව යයි. පෙරමග බලනවිට, ඔබ්බට යැමට තවත් තිබෙන්නේ ස්‌වල්පයක්‌ බව අපට දිස්‌වේ. ගමනේ අවසානය පෙනෙන තෙක්‌ මානයක ඇත. 

එහෙත් එක්‌ අතකින් බලන විට කලාකරුවකුගේ ජීවිතය පටන් ගන්නේ ඔහු පනස්‌විය ඉක්‌මවූ පසුව යෑයි කිව හැකිය. එතෙක්‌ හිස නමා ජීවිතයෙන් බැට කන්නා වූ හෙතෙම ජීවිතය දෙසට හැරී ජීවිතයේ මුහුණුවර හඳුනාගෙන ජීවිතයට අභියෝග කරන්නට පටන් ගනී. ජීවිත සටනින් ඔහු ජයග්‍රාහකයා වන්නේ එවිටය. මුහුකුරා ගිය කලා කෘති ඔහු අතින් බිහි වන්නේ එතැන් පටන්ය.

අමරදේවගේ මුවින්a නැඟෙන්නේ සිංහල ජනතාවගේ හද පතුලෙහි උපන් ගී රාවයය. සිංහල ජනතාවගේ සෝබර ගී හඬය ඒ. සෑම සිංහලයකුගේම හදවත් වෙණ තත් ඒ හඬට අනුකම්පනය වන්නේ එබැවිනි. ඒ හඬ කනෙහි වැකුණු කල සෑම සිංහලයකුගේ දැසට කඳුළු උනන්නේ එහෙයිනි.

මේ ගී හඬ දිනෙන් දින වඩ වඩා මිහිරි වේවා· සසර දුකට අඳුනක්‌ වේවා· අමරදේවගේ කීර්ති ඝෝෂාව ලෝ පුරා පැතිරේවා කියා මෙදින සෑම සිංහලයෙකුගේ පමණක්‌ නොව සෑම ලාංකිකයකුගේම මුවින් පිටවන මේ නිනාදය අතරට සැතපුම් දසදහසකට වඩා ඈත සිට යවන මගේ සුභාසිංසන සරය ද දුබල නොවී පැමිණේවා යි පතමි.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර

sent by Dayananda Attanayake.


Dharmapala Gunawardena

unread,
Dec 9, 2012, 5:45:46 AM12/9/12
to ind...@googlegroups.com, Dayananda Attanayake

දයා

මේක ආශවෙන් කියවන්න හිතෙනව, සින්දු අහ්නවට වඩා. මහැදුරු ජේ බී ලියා ඇති පරිදි අමරදේව ගන්ධර්වයාට භශාව ගැන ඔතරම් ගඹුරු දැනුමක් තිබුණු බව මමනම් දැනගෙන හිටියේ නැහැ.

මේ මහා පුරුශයා ගැන අපි කෙතරම් ආඩම්බර වියයුතුද?

ගුනේ 

2012/12/4 Dayananda Attanayake <dayana...@gmail.com>

--
 
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
Visit this group at http://groups.google.com/group/indraka?hl=en-US.
 
 

Nissanka Rajapaksa

unread,
Aug 19, 2014, 11:50:57 AM8/19/14
to ind...@googlegroups.com
මානෙල් මල් පිපුණු ඇහේ පෙම් කවියක් ලියන්නම්
සිතේ පිරුණු දුක් දෝවා සෙනේ කඳුලු පිිණි බෝවා
ගලා හැලුණු ගඟ සිඳුවා ඉඳී මගේ හිත ගාවා 
මානෙල් මල් පිපුණු ඇහේ පෙම් කවියක් ලියන්නම්

සිඳු රල පෙළ වැලපෙන සිත සිහිල් පවන් හමනා
ලවන් තෙමා සඳ දිය බිඳු වැලි තල මත ඇදෙනා
නිවන් මසිත එවන් බියෙන් විරහ දුකට හඬනා
මානෙල් මල් පිපුණු ඇහේ පෙම් කවියක් ලියන්නම්

ගහ කොල මල් මට පිටුපා සුලං අතට හැරුණා
නෝක්කාඩු බැලුම් හෙලා පිය තෙපුලින් මිදුනා
නිවන් මසිත පිය තෙපුලින් විරහ දුකට හඬනා
මානෙල් මල් පිපුණු ඇහේ පෙම් කවියක් ලියන්නම්

ගී පද: සුනිල් ආර් ගමගේ
සංගීතය හා ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව
https://www.youtube.com/watch?v=Tbh9_PLwfiY

Kithsiri Herath

unread,
Aug 19, 2014, 1:55:18 PM8/19/14
to INDRAKA group
මෙය , මෑත කාලයේ ගායනා කරන සින්දුවක්ද ? 
කලින් අසා ඇති බවක නම් මතකයක් නැහැ. 


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.

Prabhath Bandara

unread,
Aug 20, 2014, 3:42:52 AM8/20/14
to ind...@googlegroups.com
Whose pain of love? or is it cry of the age? how ever ok for listning and not to hear but the song reminds me that I have heard and listened to similar previously 

Dayananda Attanayake

unread,
Aug 23, 2014, 12:28:06 PM8/23/14
to indraka, nima...@gmail.com, wijaya dassanayake, Sarath Samarasekara
මචං නිස්ශංක,

පසු ගිය කාලය තුල වරින් වර ඔබ මෙම Forum එකට එවූ අමරදේවගේ නව ගීත කිහිපය ඔහුගේ අලුත් ඇල්බම් එකක අඩංගු ගීතද?එසේ නම් එම ඇල්බම් එකේ නම මොකක්ද? ඉතිරි ගීතද හුදී ජන පහන් සංවේගය උදෙසා මෙම Forum  එකට යොමු කිරීමට ඔබට බැරිද? එසේ නැති නම් අඩුම ගනනේ ඒ සඳහා යොමුවක් සොයා දීමට ඔබට හැකිද?

Nissanka Rajapaksa

unread,
Aug 24, 2014, 12:27:00 PM8/24/14
to ind...@googlegroups.com, Nimal Weeraratne, wijaya dassanayake, Sarath Samarasekara
දයා,

මේ සිංදු මට වෙබ් එකේ කරක් ගහද්දී හමුවුනු ඒවා. ඒවා කිසියම් ඇල්බමයක හෝ නිශ්චිත වෙබ් පිටුවක අඩංගු ඒවා නෙවෙයි. පැරණි දුර්ලභ ගී කිහිපයක් සහ අමරදේවයන් යම් යම් ඇරෙන්න බැරි සගයන්ගේ ඉල්ලීම් මත මෑතකදී (පසුගිය වසරක පමණ කාලකදී) විටින් විට කරපු නිර්මාණ කිහිපයක් ඒ. ඔයා මේ ප්‍රශ්නය මතු කරපු නිසා අපේ සගයන් කවරෙකුටහෝ මඟ හැරුණු සිංදු තියෙන්න පුලුවන් කියලා හිතලා ඒ සිංදු ටිකට යොමු නැවත පහත අලවනවා.
අමරදේවයන්ගේ අලුත් සිංදු මොනනවාදැයි ඔහුගේ වයෝවෘධවූ ලයාන්විත උච්චාරණයෙන් හඳුනගන්න පුලුවන් කියලා හිතනවා. (ඒ සිංදු අහනකොට මගේ සිහියට එන්නෙ තම ජීවිතයේ අවසාන කාලයේ ගීත ගායනයේ සහ  සංගීත නිර්මාණ කාර්යයේ යෙදුනු තවත් සුවිශේෂීවූ ගාන්ධාර්වයෙක්. ඔහු ගැන සටහනක් වෙනම තබන්නම්.)
ඒ එක්කම, අමරදේවයන් හා සමාන සංගීත නිර්මාණ කුසලතා අනාගතය වෙත දායාද  කරනු ඇති බවට ඉඟි පෙන්වන තරුණ සංගීත නිර්මාණ ශිල්පීන් දෙදෙනෙක් වන දර්ශන රුවන් දිසානායක සහ අරුණ ගුණවර්ධන මේ නව නිර්මාණ අතර අපට හමු වෙනවා.
- NR

මානෙල් මල් පිපුණු ඇහේ පෙම් කවියක් ලියන්නම්.................
ගී පද: සුනිල් ආර් ගමගේ
සංගීතය හා ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව
https://www.youtube.com/watch?v=Tbh9_PLwfiY

කඳුළු මන්දාකිණිය ආදරයේ නුඹේ ඇස් දෙක තමයි ආදරියේ ......
ගායනය : ආචාර්ය W .D. අමරදේව 
පද රචනය : අමිල තේනුවර 
සංගීතය : දර්ශන රුවන් දිසානායක 

තොරණ් යටින් පැතූ විලස අරන් ආව අවුරුදු රස.......................
W.D Aamaradewa
Sinhala and Tamil new year festival Music videos .Directed by Luxman Wijesekara in 1990 SINGERS

මගේ කඳුලින්... ඔබේ දෙනුවන් ... දොවාලන්නට වරම් නෑ... 
ගී පද: කුලරත්න  ආරියවංශ (?)
සංගීතය හා ගායනය: අමරදේව

දෙබැම දෙදුනු විලස සුදිලෙන්නේ දිලෙන දේදුනු සැනකි පවතින්නේ .................
පණ්ඩිත් අමරදේව සහ විශාරද දීපිකා ප්‍රියදර්ශණී

බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ......................
ගායනය: පණ්ඩිත් අමරදේව සහ උමාරියා සිංහවංස 
පද: ජනක සිරිවර්ධන 
තනු :අරුණ ගුණවර්ධන 

හෙවණැලි මියයන හැන්දෑවේ ඉර උඩ ඉඳගෙන ඈත බලා ඉන්නේ .................
හඬ: අමරදේව
පද: මෛත්‍රී පනාගොඩ
තනුව: රෝහණ වීරසිංහ

මහ පිරිත වී නුඹ ඇසෙන නෑසෙන දුරින් මට සංසාර අරණේ කෙළවරක හිඳ.. මුමුනනා.....

අමරදේව

රෝහණ වීරසිංහ

සුනිල් ආර්. ගමගේ

http://www.youtube.com/watch?v=OTyGuqweyFc

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා.....................
ගායනය: පණ්ඩිත් අමරදේව
පද: ජනක සිරිවර්ධන 
තනු :අරුණ ගුණවර්ධන


Dayananda Attanayake

unread,
Aug 25, 2014, 8:21:06 AM8/25/14
to indraka, nima...@gmail.com, wijaya dassanayake, Dharmapala Gunawardena, Sarath Samarasekara, dayana...@yahoo.com, Dayananda Attanayake

විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ..‏

අමරදේවයන්ගේ නව ගීත  ශ්‍රවණය කල පසු මගේ සිත කලකට පෙර සුව වූ තුවාලයක් නැවත පෑරුනාක් මෙන් විය. අකීකරු සිත අමරදේවයන් පසුපසම හඹා යන්නට විය.

අමරදේව නම් මහා ගාන්ධර්වයාගේ ගීත හා සංගීතය ගැන කථා කිරීමේදී කොතැනින් පටන් ගෙන කොතැනින් කෙලවර කල යුතු දැයි මටම ප්‍රශ්නයකි. ඒ සඳහා මා පොඩි වැඩිය. දැනුම මඳිය. අමරදේවයන්ගේ ගායන පරාසය හා සංගීත වපසරිය මහා සාගරයක් වැනිය. කෙසේ හෝ ශක්ති ප්‍රමාණයෙන් පොඩි උත්සාහයක් යොදා බලමු.

අමරදේවගේ පැරණි ගීයක් නැවත රස විඳිමු. මේ සඳහා මා තෝරා ගත්තේ "ස්වර්ණමාලියේ" නම් වූ ගීයයි. දුටු ගැමුණු රජ විසින් රුවන් වැලිසෑය සෑදවීමේදී පහත සඳහන් දෙය සිදුවූ බව බෞද්ධ සාහිත්‍යය වංශ කථාවක කියැවේ.

…….  මේ ආකාරයෙන් මෙම මහා ස්ථූපය කරවන්නට සියළු පිරිකර සම්පූර්ණ වුණ කල්හී වෙසක් පුන් පොහෝ දිනයෙහි මහා සෑය කරවන්නට සූදානම් වී මුල් වැඩ අරඹන ලද්දේය. එහිදී මහා සෑය බිමෙහි පිහිටි එක්තරා රන්තෙළඹු ගසක් ඉවත් කළ යුතු වූයේය. එකල්හී එහි විමන් තනා සිටි ස්වර්ණමාලී නම් පිනැති දෙව් දුවක් රහතන් වහන්සේලා මුණගැසී ඇගේ දිව්යඑ විමානය පිහිටි රන් තෙළඹු ගස ඉවත් නොකරන්නැයි ඉල්ලා සිටියයා. එවිට මහ රහතන් වහන්සේලා ඒ දෙවඟනට මහා ස්ථූපයේ ආනුභාව ගැන පවසා වෙන විමානයකට යන්නට සුදුසු රුකක් පෙන්වා දුන් සේක. ස්වර්ණමාලී දෙව් දුව රහතන් වහන්සේලා ගේ ආයාචනයට සතුටු වී තෙළඹු ගසින් ඉවත්ව වෙන විමානයකට යන්නට කැමැත්ත පළකර සිටියාය. ඕතොමෝ ඉල්ලීමක් ද කරන්නී සෑයට තම නම තබන ලෙස ද රහතන් වහන්සේලාගෙන් අයැද සිටියාය. එකල්හී එයට සවන් දෙන රහතන් වහන්සේලා එනමින් සෑය බැඳීම සුදුසු යැයි දුටුගැමුණු රජතුමාට දැනුම් දුන්නාහුය.

මේ ස්වර්ණමාලිය සම්බන්ධ කතාවයි. 

තවත් ග්‍රන්ථයක මෙසේ කියැවේ.

සූර්ය වංශයෙන් පැවත එන බව කියන මිනිස්‌ දෙව්දුවක්‌ වශයෙන් ප්‍රසිද්ධ වූ රත්නවල්ලිය ගේ වාසස්‌ථානය වූයේ තෙලඹු ගසයි. මේ තෙලඹු ගසේ වාසය කරන රත්නවල්ලියට පුද පූජා පැවැත්වීම එකල රොඩී ජනයාගේ සිරිත විය. එහෙයින් දේවතා දුවට බිලි පූජා පවත්වා සතුටු කිරීමෙන් දාගැබ තැනීම සඳහා ගස කැපීමට හැකි වෙතැයි රජතුමා කල්පනා කර ඇත. ඒ අනුව රජතුමා දේවතා දුවට බිලි පූජා පැවැත්වීය. අනතුරුව සාදන දාගැබ සඳහා රුවන්වැලි යන නම තබන්නේ නම් ගසින් බැස කැපීමට ඉඩදෙන බව රත්නවල්ලී දෙව්දුව රජතුමාට කියා ඇත. දෙව්දුවගේ අවසරයෙන් දුටුගැමුණු රජතුමා තෙලඹු ගස කපා එම ස්‌ථානයේ දාගැබ සාදා රුවන්වැලි යන නම යෙදුවේය.

මහගමසේකර කවියා විසින් පණ්ඩිත් අමරදේවයන් හට ලියා දුන් අපූර්ව පදමාලාවෙන් කියැවෙන්නේ ස්වර්ණමාලියට රන්තෙළඹු ගසින් බැසයාමට කරන ආරාධනයයි. මෙයට උචිත තනුවක් යෙදීමේදී අමරදේවයන් විසින් භාවිතා කොට ඇත්තේ "කිර්වානි"(Kirvani Raag) නම් වූ රාගයයි. මන නන්දනීය වූ කාන්තාවකගේ රූ සපුවේ චමත්කාරය හා ලාලිත්‍යය, දෙව්දුවකගේ හෝ කුමරියකගේ ගාම්භීරත්වය, ඓතිහාසික සාහිත්‍යම පුරාවෘර්ථයක සංකල්පීය වූ ගුප්ත(විශ්මිත)ස්වභාවය, ආගමික භක්තිය යන කරුනු සියල්ල කැටිකොට, කුළු ගන්වා, උද්දීපනය කිරීමට මෙම "කිර්වානී" රාගය යොදා ගෙන ඇතැයි සිතිය හැක.

මෙම ගීතය මා ප්‍රථම වරට ඇසුවේ මීට වසර බොහෝ ගනනකට පෙරය. එකල මා කොලු ගැටයෙක්මි. සංගීතයේ රාගය යනු කුමක්දැයි මෙලෝ හසරක් දැන නොසිටියෙමි. කෙටියෙන්ම කිවහොත් මෙය කාන්තා ලාලිත්‍යය වර්ණනයක් යැයි හැඟුනත් ඒ සඳහා භාවිත කල වචන වල නියම අරුත හා ගැඹුර තේරුනේද නැත. ඒ ඒ උපමා වලින් වර්ණනා කලේ කාන්තා ශරීරයේ කුමන අංගයන්දැයි අනුමානයෙන් සිතා ගත්තා මිස හරිහැටි තේරුමක්ද නොවීය. ඒ කෙසේ වුවද ගීතය ශ්‍රවණය කිරීමේදි විඳි රසය නම් අඩුවක් නොවීය. එයට හේතුව ගායකයාගේ මධුර ස්වරය හා තනුවේ (සංගීතයේ) විශිෂ්ඨත්වය යයි සිතමි.

මිනිසා විසින් සිය මානව ප්‍රගමනයේදි මෙතෙක් සාක්ෂාත් කර ගත් උත්තරීතර වූත් විශිෂ්ඨවූත් හැඟීම් සමුදාය අන්‍යයන් වෙත සම්ප්‍රේෂණය කිරීමේ මාර්ගය කලාව බව රුසියානු මහාලේඛක ලියෝ තොල්ස්තෝයි පැවසීය. මෙම ගීතයේ සෞන්දර්යාත්මක ආකෘතිය, ස්වර සංයෝජනය හා භාව ප්‍රකාශනය සළකා බැලූ විට තොල්ස්තෝයි කොතරම් නිවැරැදි දැයි මට සිතේ.

මහගමසේකර ශූරීන්ගේ වාග් ලාවන්‍යය දෙස ඔබේ අවධානය මඳක් යොමු කරන්න.ඔහු ලිවූ මුල් ගීතයේ අන්තරා කොටස් තුනක් තිබෙන මුත් ගීතය දිග වැඩි වන නිසා ගායනය සඳහා යොදා ගෙන තිබෙන්නේ කොටස් දෙකක් පමණි.

ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...//
ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ...
ස්වර්ණමාලියේ..
ඔබේ නමින් සෑය බඳිමි - විමානයෙන් බසිනු මැනවි...

උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසී ලියේ
නගා ඉන්ද්‍රචාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ
වනා ළමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ
සිනා සිසි විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ
කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ
කනේ තෝඩු මිනි ඝන රන් මූණ ‍ඔපය කරන ලියේ
පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

බාල චන්ද්‍ර පටු නලලත අලක අඳුන් අඳින ලියේ
ආල වඩන දන්ත කැකුළු කුන්ද සමන් පිපෙන ලියේ
දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ
කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ

ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ....
ස්වර්ණමාලියේ...

This magnificent song which blends lyrical poetry with a rich historical background, expressing artistic emotions in an imaginative and beautiful way is a rare treasure. Composed by Mahagama Sekera, and sung by none other person than Pandith Amaradewa, it  will remain in our memory, giving overtones every now and then..




Nissanka Rajapaksa

unread,
Aug 25, 2014, 8:35:36 PM8/25/14
to ind...@googlegroups.com, Nimal Weeraratne, wijaya dassanayake, Sarath Samarasekara
මම සඳහන් කරපු අනෙක් සුවිශේෂී වූ ගාන්ධාර්වයා කවුරුන් විය හැකි දැයි ඔබ කුතුහලයෙන් ඇති.
60 දසකයේ අවසානයේ හා 70 දශකයේ මුල හරියේ අපේ මුලු රටම හිංදි පිස්සුවක ගිලිලා හිටියා මතකද? ඒ කාලේ ගුවන් විදුලියෙත් 50%ක තරම් කාලයක් වෙන් උනේ හිංදි ගීත සහ හින්දුස්ථාන් සංගීතයටයි.
මටත් ඒ කාලෙ ඒ පිස්සුව ටිකක් තිබුනා. මගේ වීරයා උනේ රාජේෂ් ඛන්නා. (ඒ විදියට කොන්ඩෙ පීරන්නත් මං සෑහෙන මහංසියක් ගත්තා මතකයි. ඒත් හරියට ආවෙ නැහැ.)
ඒ කාලෙ මගේ හිත ඇදී ගිය ගායකයෙක් තමයි උත්කෘෂ්ඨ සංගීතඥයෙක් උනු එස්.ඩී.බර්මන් හෙවත් සචින් දේව් බර්මන්. ලෝකයක්ම පිස්සුවක ගිල්ලපු බොහෝ සිංදුවල සංගීත නිර්මාණ ඔහුගේයි. ඔහුගේ ගීත අතරින් අපට ගුවන් විදුලියෙන් නිතර අහන්න ලැබුනු සිංදු 3ක් තමයි මේ පහත අලවලා තියෙන්නේ. 
(චිත්‍රපටි 100කට වඩා ප්‍රමාණයකට ඔහු සංගීතය සපයා ඇති ඔහු, තමා ගායනා කළ ගීත තොල් වලින් අනුකරණය කර රඟපෑමට ඔහු ඉඩදී නැති බවත් කියවෙනවා.)
- NR
ප.ලි.
කොහොම උනත්,  ඒ කාලේ අපේ රටට ඒ පිස්සුවෙන් මිදෙන්න සහ පසුකාලීනව අපේම කියලා නිර්මාණ කරුවන් රොත්තක්ම එලි බස්සන්නත් පුලුවන් උනේ 70 දශකයේ මුල හරියේ අපේ ගුවන්විදුලියේ මුල් පුටු හොබවපු උත්තමයින් නිසා බව කෘතඥ පූර්වකව මතක් කළ යතුයි.

Nissanka Rajapaksa

unread,
Sep 18, 2014, 4:19:47 AM9/18/14
to ind...@googlegroups.com, wijaya dassanayake, Sarath Samarasekara
ප්‍රේමයේ නිජ බිමේ 
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

භ්‍රාණ වී සුසුම්ලන 
ආදරේ සොහොන් කොත්
යෝධ සුදු කුළුණු මැද
පාළු වී ගිලී ඇත

යෞවනය උදා කල
ප්‍රේමයේ නාමයෙන්
ඔබේ හද ඉකි බිඳියි
ජීවිතේ ඇති තුරා

ප්‍රේමයේ නිජ බිමේ 
සැරිසරා සොයන්නේ
බිඳී ගිය ස්නේහයේ
අසුන්දර සුන්බුන්ද

ගායනය - ඩබ්ලිව්.ඩී. අමරදේව
සංගීතය - නන්දා මාලිනී
ගී පද - සුනිල් ආරියරත්න

('බඹා කෙටූ හැටි' සිනමා පටයට පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේවයන් ගැයූ ගීයක්.) 

Nissanka Rajapaksa

unread,
Dec 1, 2015, 7:31:22 PM12/1/15
to ind...@googlegroups.com
කාලය ඔබ මට කළ දේ කදිමයි
තාලයකට ගල ගලා ගිහින්
ආලය පිළිබඳ සිත රිදවාගෙන 
ඈ මා හැර වෙන අතක ගිහින්....

මේ ඉර වාගෙම මේ හඳ වාගෙම
කොපමණ ඉර හඳ බැස ගියෙදෝ
ඈ හද බැන්ඳූ ආල හැඟුම් 
ඒ ඉර හඳ යට සැඟවුණිදෝ....

පැමිණෙන පිරිපත කාලය විසඳයි
කී පෙර පඬිවරු කවුරුන්දෝ
කාලය ඔබ හට ඉඩදී මා ලද
සාපය ගෙවනුයෙ කෙලෙසකදෝ....
Reply all
Reply to author
Forward
0 new messages