අපේ ගම

53 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Oct 17, 2023, 10:27:55 PM10/17/23
to INDRAKA group
සුජිත් රත්නායක බුකියේ එයාගෙ ගම ගැන පොඩි සටහනක් තබලා තිබුණා. ඔහු මගේ අල්ලපු ගමේ.
ඒක දැකලා මාත් ගම ගැන රචනාවක් ලියන්න හිතුවා, බුකියේ දාන්න බලාගෙන. ගමේ ඉතිහාසය නොදන්නා  අලුත් පරපුර දැනුවත් කිරීමත් මගේ නිරීක්ෂණ වැරදිනම් නිවැරදි කරගැනීමට ඉඩ හසර ලබා ගැනීමත් මගේ අරමුණුයි.

විවේචන සහ විචාර අගය කරමි.

අපේ ගම 
========
අපේ ගම නමින් පල්ලෙගම. කොළඹ - කතරගම පාරෙ හුංගමින් වම් පැත්තට හැරිල මීටර් 500 ක් විතර ගියාම අපේ ගම හමුවෙනවා. ගම හරහා යන මේ පාර අඟුණුකොල පැලැස්ස හරහා මිද්දෙනිය දක්වා  යනවා. ගමත් එක්ක මගේ ගණුදෙනුව තිබුණෙ මගේ අපොස සාපෙ දක්වා වූ කාලය විතරයි. එතනින් පස්සෙ ඉඳහිට ගමට ආවා ගියා උනත් ගම මඟහැරිලා ම ගියා කියල කියන්න පුලුවන්.  

ඒ අනුව මගේ කුඩා අවදියේ මට දැනිච්ච සහ මං දැන් උපකල්පනය කරන තොරතුරු වලට අනුව මං අපේ ගම ගැන ලියන්න හිතුවා. ගමේ තොරතුරු ලියවිච්ච වෙනත් තැනක් තියනවා ද කියා දන්නෙ නෑ. 


ඉතිහාසය

මට දැනෙන හැටියට ගමේ ඉතිහාසය මෙහෙම වෙන්න පුලුවන්.
 
ඉංග්‍රීසි ආන්ඩු සමයේ බරවකුඹුක ආසන්නයේ දී වලවේ ගඟ හරස් කොට ඉදිකළ ලියන්ගස්තොට අමුණේ (1889) දකුණු ඇල මගින් ජලය සපයා අපගේ ගම් පිහිටි ප්‍රදේශ සංවර්ධනය කරන්නට යෙදුනා. ඒ අනුව අපේ ගම ආරම්භ වන්නේ 19 වන සියවස අවසාන⁣යේ ඉංග්‍රීසි ආණ්ඩුව මගින් පැවැත්වූ ඉඩම් කච්චේරියක් මගින් තෝරාගත් පිරිසකට ඉඩම් බෙදාදීම (බදු දීම) හරහා බවට අනුමාන කළ හැකියි. මේ හේතුවෙන් අපේ ගමේ වැසියන් බොහෝ දෙනෙකුට, අවට වෙනත් පැරණි ගම් වලට සාපේක්ෂව, දෙකන්නයේ වී ගොවිතැනේ යෙදීමේ හැකියාව මුල සිටම ලැබුණා.

අපේ ගමේ නිවාස වල නම් කියවුනේ දික්වලේ ගෙදර, දොඩම්පහල ගෙදර, පලපොත ගෙදර, උඩයාලෙ ගෙදර, ගැටමාන්නෙ ගෙදර ආදී වශයෙන් ඒ ඒ අයගෙ මුල් ගම් වල නම් ආශ්‍රයෙනුයි. ඒ අනුව යමින් ම, පුද්ගලයන් හැඳින්වීම ද, එක් එක් ගෙදරට යෙදු නම් යොදාගෙන මැදගම හාමිනේ, ⁣ගිරුවායෙ ගෙදර පැටි මහත්තයා, බෝලානෙ හීන් මහත්තයා ආදී වශයෙන් සිදු කෙරුණා. මේ සියල්ලෙන් ම කියවුනේ අපේ ගමේ මුල් පදිංචි කරුවන් සියලු දෙනා හම්බන්තොට දිස්ත්‍රික්කය තුලින් ම තෝරාගත් අයවලුන් බවයි.

ඒ කාලයේ අපේ ගම ආසන්නයේ ම පිහිටි ගම වූයේ කුඩා කඩ කිහිපයක් සහිත හුංගම කඩපලයි. ඒ හැරුණු කොට දුරින් දුරින් කැලෑබදව පිහිටි කුඩා වැව් ආශ්‍රිතව පැරණි ගම් කිහිපයක් පමණක් එකල තිබෙන්නට ඇති. එවකට හම්බන්තොට දිසාපතිව සිටි ලෙනාඩ් වුල්ෆ්ගේ දින සටහන් වලට අනුව, ඔහු එකල මේ ප්‍රදේශයේ පැවති එවැනි වැව් පරීක්ෂා කිරීම සඳහා ගිය ගමන් විස්තර සඳහන් කරල තියනවා. 

කෙසේ වුව ද, එවැනි වැව් වලින් අහස් දිය යොදා වගාකල හැකිවූයේ වසරකට එක් කන්නයක් පමණක් වූ අතර ඇතැම් දීර්ඝ වැසි රහිත කාලයක දී එක් කන්නයක් හෝ වගා කිරීමට නොහැකි වූ අවස්ථා ද තිබෙන්නට ඇති. තවද, මෙවැනි කුඩා වැව් ආශ්‍රිතව දීර්ඝකාලීනව පැවති ගම් තිබුණේ දැයි සිතිය නොහැක්කේ සමහර කාල වලදී එම වැව් කැඩී බිඳී ගොස් ඒ ආශ්‍රිත ගම් ජනශුන්‍යව යෑමට ද ඉඩ හසර තිබූ බැවිනි. උදාහරණයක් ලෙස, ලෙනාඩ් වුල්ෆ්ගේ දින සටහන් වල ද සඳහන්ව ඇති, අපේගම ආසන්නයේ පිහිටි කිරිබත්ආර වැව 1960 පමණ වනවිට කැඩී බිඳී ගොස් අත්හැර දමා තිබුණ එකක්. අපේගම ආසන්නයේ පිහිටි වෙනත් කුඩා වැව් වන්නේ මැදේලිය වැව, කට්ටකඩුව වැව, මුලන වැව සහ මහ වැවයි. කෙසේවුවද, පසුකාලීනව වලවේ ගඟින් සහ උඩවලව ජලාශයෙන් රැගෙන ආ ජලයෙන් පෝෂණය වීම නිසා එම ගම්වල වැසියන්ට ද දරිද්‍රතාවයෙන් මිදීමට ඉඩකඩ සැලසුනා.
 
පල්ලෙගම ආරම්භවන අවධියේ දී අපේ ගම් පලාතටම තිබූ එකම පාසල වූයේ මිද්දෙනිය දෙසට කි.මී. 4 ක් පමණ දුරින් තිබුණ මුලන විද්‍යාලය වන්නට ඇත. දැනට ගමට මීටර් 500 ක් තරම් ආසන්නයේ පිහිටි හුංගම විද්‍යාලය ආරම්භවූයේ ඊට පසුකාලීනව 1900 දී පමණ විය හැකියි. 

එවකට අපේ රෝහල වූයේ ගමට කි.මී. 6 ක් පමණ දුරින් පිහිටි අඟුණුකොල පැලැස්ස රෝහල යි.

ආර්ථිකය 

අපේ ගමේ ආර්ථිකය ගොඩනැගිලා තිබුණේ වී ගොවිතැන ආශ්‍රිතව සහ මගේ කුඩා අවධියේ මා දැකපු හේන් ගොවිතැන හරහා යි. මුල් කාලයේ දී පදිංචි කරුවන් හැම දෙනෙකුටම පාහේ අවශ්‍ය තරම් ඉඩම් තිබෙන්නට ඇති. එහෙත් කාලයත් සමග බලය ඇති පිරිස් විසින් ඉඩම් රැස් කරගැනීමට යෙදුනෙන් සහ ජනගහනයේ ප්‍රසාරණය වීම නිසා, පසුකාලීනව, ඉඩම් රහිත අඳගොවීන් වැඩිදෙනෙක් සහ ඉඩම් හිමි ප්‍රභූන් අතලොස්සක් නිර්මාණය වන්නට ඇති.

හේන් ගොවිතැනේ දී රජයට අයත් කැලෑ ප්‍රදේශ භාවිතයට ගැනුණු අතර එහිදී එම ගොවීහු වල් අලින්, වල් ඌරන්, හාවුන්, මීමින්නන් සහ ඉත්තෑවන් ආදීන්ගේ නිරන්තර තර්ජනයට ලක්වුනා.

අප කුඩා අවධියේ හුංගම සිට මිද්දෙනිය දක්වා  ලංගම බස් රථයක් ධාවනය වුනා. උදෑසන 5:30 ට පමණත් රාත්‍රී 8:30 ට පමණත්  ප්‍රථම සහ අවසාන බස් හුංගමින් පිටත්වූ බව මතකයි. අපේ ගමේ හෝ අසල ගමක අයෙකු දුර බැහැරක ගියහොත් මෙම අවසාන බස් රථය මඟ නොහැර ආපසු පැමිණිය යුතු වුනා. පල්ලෙගම පසුකළ විගස අඟුණුකොල පැලැස්ස දක්වා තිබුණේ අලි ගහන කැලෑවක් නිසා මෙය ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කාරණයක් වුනා. සමහර පායන කාලවල දී වල් අලි අපේ ගම ද ආක්‍රමණය කරමින් ජලය සහ බවබෝග ආදිය සොයා පැමිණි දවස් ද නොතිබුණා නොවේ. කෙසේ වුවත්, එම ගැටළුව අලි හෝ මිනිස් මරණ දක්වා දුර ගිය අවස්ථා විරල වූ බවයි මගේ මතකය.

අළුත් ගම්

60 දශකය අවසානයේ උඩ වලව සංවර්ධන ව්‍යාපාරය දියත් වීම නිසා කැලෑ ප්‍රදේශ නැත්තට ම නැතිවීමත් සමග හේන් ගොවිතැන ද නැත්තට ම නැතිවී ගියා. අපේ ගම් ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ කොටුවී සිටි වන අලින් නිර්වින්දනය කොට වෙනත් කැලෑවකට පිටමං කෙරුණා. ජීවත්වීමට කැලය අහිමිව ගම් වැදි වන සත්තු පොලු මුගුරු ගත් මිනිසුන්ගේ ආහාරය බවට පත්වුනා. 

ඒක මහා ඛේදවාචකයක්. රජය විසින් මෙහෙයවපු මහා ඛේදවාචකයක්. අපේ ගම් වැසියන්ට කළ හැකිව තිබූ දෙයක් නැහැ. 

අවසානයේ කණුකැටිය, එරමිණිය යාය සහ කට්ටකඩුව නමින් නම් කෙරුණු අළුත් ජනපද අපේ ගම අසල බිහිවුනා. 

ආශ්‍රිත ගම්වල ආර්ථිකය 

ඉහතින් සඳහන් කළ ගොවිතැනින් රැකුණු ගම් කිහිපයත් හුංගම කඩපලත් හැරුණුකොට කරදිය සහ කලපු මසුන් ඇල්ලීම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වල යෙදුනු ගම් කිහිපයක් මුහුදු වෙරළ ආසන්නයේ තිබුණා. තුඩුව, ගුරුපොකුණ හා හාතාගල එවැනි ගම් කිහිපයක්. මුහුදු වෙරළ තිබුණේ හුංගමින් දකුණු පැත්තට කි.මී. 2 ක් පමණ දුරිනුයි. එම ගම්වල වැසියන් සමහරෙකු පමණක් අහස් දිය යොදා ගනිමින් ගොවිතැනක යෙදුනා. සමහරු හුංගම කඩමණ්ඩිය ආශ්‍රිත වෙළඳ ක්‍රියාකාරකම් වල යෙදුනා.

ඒ හැර වෙනත් කිසිදු ආර්ථික ක්‍රියාකාරකමක් ඒ ප්‍රදේශයේ නෙතිබුණු තරම්.

අළුහුණු කර්මාන්තය - නැගීම සහ බැසීම 

මා කුඩා අවධියේදී අළුහුණු පෝරණුවක් හෝ දෙකක් කොළඹ - කතරගම මාර්ගය අයිනේ, බටඅත ප්‍රදේශයේ දක්නට ලැබුණා. ඒ කාලයේ දකුණු පලාතේ අම්බලන්ගොඩ - බලපිටිය ප්‍රදේශයේ වෙරළබඩ කොරල් පර යොදාගත් හුණු පෝරණු පෝරණු බහුලව දැකිය හැකිව තිබුණ ද බටඅත තිබුණේ ඊට වෙනස් ඒවා ය. ඒවා සඳහා යොදාගනු ලැබුවේ පොලවේ තැන් කිහිපයක නිධි වශයෙන් නිරාවරණයව තිබූ සිප්පිකටු ය. ඒවා ගොඩට ගෙන ප්‍රවාහනය කොට සෝදා වැලි සහ මඩ ඉවත් කිරීමට සිදුව තිබූ බැවින් එය ඒ දිනවල එතරම් ලාබදායී කර්මාන්තයක් නොවන්නට ඇත. 

එහෙත් එම තත්ත්වය ඉක්මනින් වෙනස් වුණා. වසර කහිපයකට පසු කොරල් කැඩීම සහ ප්‍රවාහනය රජය විසින් තහනම් කෙරුණු බැවින්, එකල ගෙවල් සෑදීමට නැතුවම බැරි දෙයක්ව තිබූ අළුහුණු මිල ඉහල ගියා. ඒ හා සමගම බටඅත ආසන්නයේ හතු පිපෙන්නාක් මෙන් හුණු පෝරණු පටන් ගැනුණා. මේ කාලයේදී ම, කුකුල් කෑම සමග මුසු කිරීම සඳහා කැබලි කළ සිප්පිකටු වලට අලුතින් වෙළඳපලක් කුලියාපිටිය - නාත්තන්ඩිය ආදී ප්‍රදේශ වලින් විවෘත වුනා. 

අළුහුණු මිල ඉහලයාම නිසා ලංකා පිඟන් සංස්ථාව ද මහා පරිමාණයේ සිප්පිකටු යොදාගත් අළුහුණු කම්හලක්  හුංගම නගරය කෙළවරක ඉදි කරන්නට යෙදුණ අතර එම ප්‍රදේශයේ ආර්ථිකය නව පනක් ලැබූ බවක් දැක ගත හැකි වුනා.

සිප්පිකටු වලට තිබූ ඉල්ලුම ඉහලයාමත් සමග බොහෝ දෙනෙක් සිප්පිකටු සොයා ⁣එම නිධි ඇතුලටත් තවත් කොටසක් අලුත් නිධි සොයා පොලව පීරන්නත් පටන් ගත්තා. මුලදී මේ සෙවීම් බටඅත ගම තුල හා ඒ ආසන්න ප්‍රදේශයට සීමා වුවත් වැඩිකල් නොගොස් අවට ගම්වලටත් පල්ලෙගමටත් පැතිර ගියා. වැඩි කල් නොගොස් ම මේ සෙවීම් හරහා කරනු ලැබූ සොයාගැනීම් වලින් පැහැදිළි වූයේ පල්ලෙගම හා බටඅතත් ඒ ආසන්නයේ ⁣තවත් විශාල ප්‍රදේශයක් පුරා විහිදුණු විශාල සිප්පිකටු නිධි නොගැඹුරු පොලොවේ පවතින බවයි.

අවිධිමත්ව කෙරුණු මේ කැණීම් හේතුවෙන් ඉතා කෙටි කලක් තුල පරිසර ප්‍රශ්නයක් ද පැනනැඟුන නිසා සම්පූර්ණ කර්මාන්තයටම තිත තැබීමට රජය පියවර ගත්තා. එසේ නොකළා නම් වැඩිකල් නොගොස් ම අපේගම් විනාශවී යන්නට ද එය හේතුවක් වන්නට ඉඩ තිබුණා.

ඒ හා සමගම පිඟන් සංස්ථාව මගින් ඉදිකෙරුණු කර්මාන්තශාලාව ද වසා දැමුණා.

කුලය

එකල අපේ ගමට දකුණු දෙසින් පිහිටි මසුන් ඇල්ලීම ප්‍රධාන ජීවනෝපාය කරගත් ගම් කිහිපයෙහි නිවැසියන් සියල්ලෝම පාහේ කරාව කුලයට අයත් වූවන් බවයි මගේ නිරීක්ෂණය වුනේ. ඒ හැරෙන්නට අනෙක් සියළු ගම්වල වැඩිදෙනෙක් අයත් වූයේ ගොවිගම කුලයටයි. 

වර්තමානයේ මෙවැනි පැහැදිළි බෙදීමක් දක්නට නැතත් අප කුඩා අවධියේදී එවැනි පැහැදිලි බෙදීමක් තිබුණ බවයි මා දැක්කේ. අලුතින් නිර්මාණය කළ පල්ලෙගම ගම්වාසීන් ගෙන් සියයට සියයක් ම ගොවිගම කුලයට අයත්වුනේ කොහොම ද? අදාල ඉඩම් කච්චේරිවල නිලධාරීන් සිතාමතාම එවැනි තේරීමක් කළා ද? ඉංග්‍රීසි ආණ්ඩුව ඒ ගැන දැනුවත්ව සිටියා  ද?

ලංකාවේ යටත්විජිත කාලයට අදාල පෘතුගීසි සහ ලන්දේසි ලේඛන වලින් පැහැදිලි වන කරුණක් තමයි ඔවුන් සමාජය තුළ පැවති කුල භේදය තම පරිපාලන කටයුතු සඳහා විවෘව සහ සාර්ථකව යොදාගත් බව. බොහෝවිට, ඉංග්‍රීසින් ද ඒ අනුව යමින් කටයුතු කළා විය හැකියි. 

එසේවුවද, 70 දශකයේ දී අපේ ගම ආසන්නයේ අලුතින් බිහිවූ කණුකැටිය, එරමිණිය යාය ආදී ගම්වල ඉඩම්ලාභීන් එලෙස කුලය අනුව තෝරාගත් අයවළුන් නොවන බව කිව හැකියි.

කුල ගැටුම් 

මතු පිටට නොපෙනුන ද කුල ගැටුම් පිලිලයක්සේ අප සමාජය තුළට කිඳා බැස තිබෙන දෙයක්. එය බලය පෙන්වීමේ, පැතිරවීමේ සහ සම්පත් ඩැහැ ගැනීමේ මෙවලමක් ලෙස යොදා ගන්නා අවස්ථා එමටයි. එදා තරම්ම නැතත්, අදත්, එය සමාජ දේහය රෝගී බවට පත් කර තිබෙනවා. ඒ කාලයේ අපේ ගම්වල කුල ගැටුම් ක්‍රියාත්මක වුන විදිය මා දැක්කේ මෙහෙමයි.

මේ ප්‍රදේශයට අයත් ගම් සියල්ල ඇතුලත් වන ගම් සභාව සහ සමුපකාරය මෙහිදී උදාහරණ වශයෙන් ගන්න පුලුවන්. ප්‍රදේශයට අයත් පොදු ස්ථානය වන හුංගම මංසන්ධියෙහි පිහිටි මෙම ආයතන දෙකෙහි බලය තමන්වෙත නතුකර ගැනීමට ගොවිගම කුලයේ අය සමත්ව තිබුණා. සංඛ්‍යාත්මක වශයෙන් ඔවුන් බහුතරය වීම නිසා ඔවුන්ට එම අවස්ථාව ලැබී තිබීම පිළිගත හැකි දෙයක් වුවත් කරාව කුලයේ කෙනෙකු ඒවායේ තනතුරු දැරීම අවම කිරීමට ඔවුන් නිරන්තර උත්සාහයක යෙදුණ බවයි මට නිරීක්ෂණය වුනේ.  

මා දුටු පැරණි සමූහ ඡායාරූපයක් ද මෙම කරුණට උදාහරණ සපයනවා. ඒක 1943 දී හෝ ඊට ආසන්න වසරකදී හුංගම විද්‍යාලයේ මුල්ගුරුතුමා ස්ථානමාරුවක් ලැබ පිටත්ව යන අවස්ථාවේදී ගත් ඡායාරූපයක්. එහිදී මුල්ගුරුතුමා වැඩිහිටි ගම්වාසීන් 40 දෙනෙකු පමණ සමග මෙම ඡායාරූපයට පෙනී ඉන්නවා. පුදුමයට කරුණ වන්නේ එහි සිටින අයගෙන් එක් පුද්ගලයෙකු හැර අන් සියල්ලෝම අපේ ගමේ නිවැසි ගොවිගම කුලයේ අයවලුන් වූ අතර අනෙක් තැනැත්තා පමණක් හුංගම වෙළඳ ප්‍රජාවට අයත් කරාව කුලයට අයත් අයෙක් වුනා. 


Amarasiri Gunawardena

unread,
Oct 18, 2023, 3:29:26 AM10/18/23
to ind...@googlegroups.com
මට මතක් වුනේ ගජමන් නෝන ඔය අසලටම තම අවසාන කාලය ගත කිරීමට පැමිණියේද ඒ සුදු නිලධාරියා ජෝන් ඩොයිලි ලබා දුන් නෝනගම නිසයි. එහි බලපෑමක් ඔය පලාතට දැනුනේද යන්න ගැන සටහනක් පේන්න නැත. මේ ගැන සොයනවා නම් ඇය අවසන් ගමන් ගියේ 1815 වගේ කාලයක සහ ඒ වනවිට පල්ලෙගම තිබුනේ නැම් හුංගම තිබුනේ නම් යම් කිසි බලපෑමක් සිදුවන්නට ඇති නේද?  

DAG

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-%2BE5DTYWzSXgNasn9xev32%2BZS%2BfNELuSsciz1cgCiiCsg%40mail.gmail.com.

Nissanka Rajapaksa

unread,
Oct 18, 2023, 4:07:15 AM10/18/23
to INDRAKA group
මං කියල තියෙන්නෙ ගුණේ කතාකරන ඉතිහාසයට වඩා අවුරුදු 100 කට විතර මෑත ඉතිහාසයක් ගැනයි. මං හිතන්නෙ නෑ ඒ දෙක හා කරන්න පුලුවන් ක්‍රමයක් තියනවයි කියල.

ගුනේ කියපු නිසා වෙබ් එකේ හොයල බැලුවාම සුදු කොලු ගැටයගෙයි වයසක අම්මන්ඩිගෙයි ආදර හුටපටයක කතාවක් හම්බ වුනා. 


Nissanka Rajapaksa

unread,
Oct 18, 2023, 10:41:03 AM10/18/23
to INDRAKA group
(ඉතිරි කොටස)

ධූරාවලිය

එකල අපේගම ඇතුලේ සිටි සියලුම පදිංචිකරුවෝ ගොවිගම කුලයට අයත්වූවන් නිසා කුල පදනමින් උස් පහත් භේදයක් පැවතීමේ ඉඩකඩක් ඒ තුළ තිබුනේ නැහැ.

එම මුල් පදිංචිකරුවන් අතර වැඩිදුර අධ්‍යාපනයක් ලද අයෙක් නොසිටිය තරම්. ඔවුන් අතරින් යම් අධ්‍යාපනයක් ලබා සිටි ගුරුවරයෙක්, පිස්කල් රාළහාමි, තැපැල් මහත්තයා, ගම්මුලාදෑනියා, වෙල් විදානෙ, රෙජිස්ටර රාළහාමි සහ කොරනෙල් රාලහාමි වැන්නවුන් ගරුකටයුතු අයවලුන් හැටියට සෙස්සන්ගෙන් බුහුමන් ලැබුවා. වැඩි දෙනෙකුට අකුරු සාස්තරය පිහිටා නොතිබූ නිසාවෙන් ඔවුන් ගමේ පහලම ස්ථරය නියෝජනය කරමින් අහිංසක ලෙස තමන්ගේ පාඩුවේ කල දවස ගෙවාගෙන හිටියා. එසේ වුවද, මේ සියල්ලන්ටම ඉහලින් වැජඹෙමින් පොලවට වඩා අඟල් කිහිපයක් උඩින් ඇවිදගිය කිහිප දෙනෙක් ද අපේ ගමේ හිටියා.

ඒ තමන්ගේ මුල් ගම්මානවල යම් යම් සමාජ තානාන්තර දරා සිට ඒවායේ තිබූ තේජස් සහ බල පරාක්‍රම මෙම අලුත් ජනපදවාසීන්ට ද පෙනෙන්නට සලස්වමින් අදෘශ්‍යමාන බලයක් විදාහල කිහිප දෙනෙකි. සෙස්සන් විසින් ඔවුන්ව ඇමතුවේ ඔවුන්ගේ නමේ අගට 'හාමු මහත්තයා' හෝ 'රාළහාමි' වැනි විශේෂණ පදයක් යොදා ගනිමින්. එමෙන්ම, බොහෝවිට ඔවුන් එලෙස නිර්මාණය කරගත් බලය දුර්වලයින් වෙත මුදාහරිමින් තම මඩිය තර කර ගැනීමට උත්සුක වුනා.

කුලහීනයින් 

අපේ ගම්වාසීන්ට නිරන්තරව අවශ්‍ය වූ කුලහීනයින් දෙදෙනෙක් වුනා බෙරවායා සහ රෙදි විදානෙ (රෙදි හෝදන්නා). උඩුකය වැසීමට අවසරයක් නොතිබූ එවැන්නන් අප නොදැන සිටි පිට ගමක සිට අපේ ගෙදරකට ආ විට, හිඳගැනීම සඳහා, නොඋස් වූ පුටුවක් පිරිනැමීම සිදුවුනා. තවද, අපේ ගමේ සියල්ලන්ටම පාහේ ලී බඩු හදා දීම⁣ට පැමිණියේ බෙර වයන කුලයට අයත් උඩුකය නොවැසූ අයෙක්. ඉතා අනගි නිමාවෙන් යුතු ලී බඩු කෙටි කාලයක් තුළ සාධාරණ මුදලකට සාදා දීමේ මනා කුසලතාවයකින් හෙබි ඔහුට ද පිරිනැමුනේ නිවසේ කුලහීනයන් සඳහා වෙන්කොට තිබූ නොඋස් ආසනයයි.

මිටිහාල්

මිටිහාල් කියා ජාතියක් ගැන ඔබ සමහරවිට අහල නැතුව ඇති. එදා අපේ ගමේ නිවෙස් වල කුස්සියේ මිටිහාල් දැමීම සඳහා කියා වෙන්කළ තරමක ලොකු මුට්ටියක් තිබුණා. බතක් තම්බා ගැනීමට කටයුතු කරන හැමවිටකදී ම එයින් හාල් මිටක් වෙන්කොට එකතු කිරීමටයි මෙය තබා තිබුණේ. මෙසේ එකතුවන මිටිහාල් යාචකාදීන්ට දීමට හෝ දාන මාන කටයුත්තකට යොදාගැනීමට කටයුතු කෙරුණා. 

එදා අපේ ගමට ඉඳහිට පැමිණි යාචකයින් අතර වූ රොඩී කුලයට අයත් අයෙකු හෝ ජෝඩුවක් කුඩා අපේ වැඩි අවධානයක් දිනා ගත්තා. එසේ පැමිණි අය ද උඩුකය වසා නොසිටිය අතර ගැහැනිය පමණක් උඩුකය වසාගත්තේ ඇඳි වතේ එක් කෙලවරක් උරහිස මතට දමා ගැනීමෙනුයි. හාල් එකතුකර ගැනීමට සෑදූ ලොකු සාක්කු දෙකක් සහිත රෙදි බෑගයක් උරහිස මතින් දෙපැත්තට වැටෙන සේ එල්ලාගෙන තිබුණා. වේලාගත් පුවක් කොලයකින් සෑදූ අවානක් වැනි දෙයක් පාමින් ඔවුහු හිඟමන් අයැද සිටියා.

සුලු ජාතිකයින් 

අපේ මුලු ගම් පලාතටම සුලු ජාතිකයින් වශයෙන් හිටියේ හුංගම කඩමණ්ඩියේ දෙමළ බාබර් සාප්පුව පවත්වාගෙන ගිය පුද්ගලයා, සුරුට්ටු කඩය පවත්වාගෙන ගිය දමිළ පුද්ගලයා, නාටාමි වැඩ කරමින් හැන්දෑවට තම්බපු කඩල විකිණූ දමිළ පුද්ගලයා සහ ගමට කි.මී. 6 ක් පමණ දුරින් පිහිටි අඟුණුකොල පැලැස්ස රෝහලේ නේවාසිකව සිටි දමිළ දොස්තර මහතා පමණයි. මුස්ලිම් ජාතිකයින්ට අයත් කඩ තුනක් පමණ හුංගම කඩමණ්ඩියේ තිබුණත් ඔවුන් දිනපතා කි.මී. 20 ක් පමණ දුරක් ගෙවා දික්වැල්ලේ සිට මෙහි පැමිණියා. 

පසුකාලීනව වරින් වර රටේ හටගත් ජාතිවාදී කෝලහල නිසා දමිළ ජාතියින් මේ ප්‍රදේශය අත්හැර දමා ගොසින්ය. වෙළඳාම සඳහා පිටතින් පැමිණි මුස්ලිම් ජාතිකයෝ ද කිසියම් හේතුවක් නිසා මේ ප්‍රදේශය අත්හැර ගොස් ඇති බවයි අද වන විට පෙනෙන්නට තිබෙන්නේ.


Kirthi Walgama

unread,
Oct 18, 2023, 11:33:32 AM10/18/23
to ind...@googlegroups.com
Simply enjoyed your story.  Thanks Nissanka.


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Badra Kamaladasa

unread,
Oct 18, 2023, 1:03:09 PM10/18/23
to ind...@googlegroups.com
Thank you Nissanka. Very much appreciated. You ca develop this into a novel.

මිටිහාල්- we also had it.

With Kind regards
Badra Kamaladasa

Water Resources Engineer/Freelance Consultant
Mobile +94 71 800 8037


--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Arthur Arambepola

unread,
Oct 18, 2023, 8:58:36 PM10/18/23
to ind...@googlegroups.com
මෙම සටහන කියවනකොට එය 70 දශකය දක්වා දිවයන බව පෙනෙනවා. ඒ කාලය වෙනකොට මෙම ප්‍රදේශ දේශපාලනික වශයෙන් (රටේ අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව ගත්කල) ක්‍රියාකාරී ප්‍රදේශ නොවේද? විශේෂයෙන්ම 'හාමු මහත්තයා' හෝ 'රාළහාමි' වැනි ප්‍රභූ තන්ත්‍රයද විවිධ කුල වල අයද දේශපාලනයට සම්බන්ධ වූ හැටි රසවත් වෙන්න පුළුවන්.

Nihal Ananda

unread,
Oct 19, 2023, 4:22:10 AM10/19/23
to INDRAKA group
මේ සටහන ," අපේ ගම "  හදිසියෙන් /හෙමින්, දෙතුන් වරක් කියෙව්වා .  Nissanka  මෙවැනි දෙයක් ලිවීමේ හැකියාව ,උනන්දුව ගැන තරමක පුදුමයක් විමතියක් ඇති වුණා .  (මට නම් කීයටවත් බැහැ ! )

සාමාන්යයෙන් කතාබහේ දී, nissanka බොහොම අඩුවෙන් සීරු මාරුවෙන් වචන පාවිච්චි කරන කෙනෙක්.  ඒ අතිනුත් ,මෙය විශේෂයි.  අපේ gmail/messenger  Forum   කතා බහ කරන අය  අතරෙන්   ,මෙවැනි දීර්ඝ  සටහනක්, සිංහල essay එකක් ,  දැක්කේ බොහෙම කාලෙකින්. .  Keep it up !

අපේ forum කිහිප දෙනා වෙනුවෙන් පමණක් , ⁣මෙවැනි උත්සාහයක යෙදීම .....නාස්තියක් !  
අනිවාර්යයෙන් facebook එක් කරන්න.   (සුජිත් රත්නායක ගේ දීර්ඝ හෑලි මෙන් නොව) , සුදුසු පරිදි එක් එක් මාතෘකාවට අදාලව ⁣කොටස් වශයෙන් නම් වඩා හොඳයි.

සෑහෙන්න කරුණු කාරණා ඇතුලත් . ගම ඒකකය ආරම්භ වූහැටි, විකාශනය ,  ඉඩම් හිමිකම්  ගොවිතැන,  නිශ්පාදන කර්මාන්ත, ....මානුෂික සමිබන්ධතා ,කුල ක්රමය ගැටුම්, ධුරාවලිීීීන් ආදිය ගැන සෑහෙන්න විස්තර. හොයා ගත්තේ කොහොමදැයි පුදුම හිතෙනෙවා.  ( 'අපේ ගම' ....ගැන මට නම් මෙහෙම දැනුමක් නැහැ )

ලියා ඇති ශෛලිය .....කතා කරන භාෂාාවම වුණත් , සංක්ෂිප්ත appropriate  බවක් පෙනෙනවා. කුතුහලයක් දනවන කතන්දරයක් , විශේෂිත අවසානයක් නොවුණත් ,.....එක දිගට කියවාගෙන යා හැකියි.

මේ කරුණු තුලින්, නවකතාවක් ලිවිය හැකි බවට අදහස් පල වී තිබෙනවා. එය තරමක් භාරධූර්ය කාර්යයක්. නවකතාවකට කරුණු පමණක් ප්රමානවත් නැහැ. චරිත, චරිත හැසිරීම් , මානුෂික සබඳතාවන් ආදිය ගැන සංවේදීකමක් ප්රතිභාවක් අවශ්‍යය යි. 
( "ගිරිජා " - මනෝහාරි ජයලත් .....ඉතිහාසයෙන් ප්රබන්ධ කතාවක් නිර්මාණය කිරීම ගැන හොඳ උදාහරණයක් )


Dayananda Attanayake

unread,
Nov 12, 2023, 7:07:45 AM11/12/23
to indraka
මේ සටහන කියවා මාත් මඳක් පුදුමයට පත්වුනා. හේතුව මෙවන් කුසලතාවයක් නිස්ශංක තුල සැඟවී ඇති බවක් මට මීට පෙර සිතුනේ නැහැ. 

අපේ ගම වැනි මාතෘකාවක් ඔස්සේ මෙසේ ඉතා සීරුවෙන් හා සංයමයෙන්  ලියන්න සෑහෙන කාලයක් හා ශ්‍රමයක් කැප කරන්න වෙනවා. මීට පෙර එසේ ලියා පුරුද්දක් නැති කෙනෙකුට හෙවත් සතතාභ්‍යාසය නොමැති කෙනෙකුට විශේෂයෙන්ම දුෂ්කර කාර්‍යයක්. ඒ කර්තව්‍යය ඔබ සෑහෙන්න ජයගෙන තිබෙනවා. උඩින් පල්ලෙන් කියවලා දාන්නම් කියලා හිතා ගෙන පටන් ගත්තත් ක්‍රමයෙන් මා තුල වැඩුණු විශ්මය හා ආහ්ලාදය නිසා අකුරක් නෑර හෙමිහිට අවසානය දක්වා කියෙව්වා. ලිවීමේදී භාෂාව හැසිරවීමේදී වෙනස් කම් තිබුනත් මා තරුණ කාලයේදී  මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අපේගම කෘතියේ කොටස් හා ගම්පෙරළිය නවකථාවේ ආරම්භක පරිච්ඡේදයේ කොටස් කියවීමේදී ලද හා සමාන තෘප්තියක් ලැබුවා ඔබේ මේ "අනපේක්ෂිත නිර්මාණ ආවේශය" දැකීමෙන්. 🤔🤔😀😀😀

හැකිනම් මේ කර්තව්‍යය ඉදිරියටම කරගෙන යන්න. මෙවන් කුඩා පාඨක පිරිසක් වෙනුවෙන් මහන්සිවී ලිවීමට සිත් නොදේ නම් , facebook පිටුවක් ඔස්සේ වැඩිදෙනෙකුට කියවීමට ඉඩ  සලස්වන්න.

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Nissanka Rajapaksa

unread,
Nov 12, 2023, 8:34:23 AM11/12/23
to INDRAKA group
ඕහ්...!

දයාගෙ අගැයීමට කොහොම ස්තුති කළයුතු දැ යි නොතේරෙයි මට.

🙏💖
Reply all
Reply to author
Forward
0 new messages