Leonard Woolf සිරිලංකාවට සිදුකල දැවන්ත සාහිත්‍යමය දායකත්වයෙන් ගෙන් පසු 20 වන ශතවර්ෂය තුල සිරිලංකාවේ සාහිත්‍යයට දැවන්ත සේවයක් ඉටුවන්නේ ගුණදාස අමරසේකරගෙන්ය. ගමයා සහ ගමරාල යනු bite විමට කැමති පිම්පි පුද්ගලයන් ලෙස සකොළඹ යුගයේ සාහිත්‍යය කරැවන් විසින් කොමිටලේට ලක්වුනු අතර සිරිලාංකික ගැමියා කොමිටලයට ලක්කිරිමෙන් පමණක් අතහැර දැමිය නොහැකි පාදඩයෙකු බව අපට මුල්වරට පෙන්වාදෙන්නේ Leonard Woolf විසින්ය. ඉන් කලකට පසුව ගුණදාස අමරසේකර ගැමියා නැමැති කොට්ටම්බ ඇටේ දෙකට පලා ගැමියාගේ අප නොදුටු වර්ණ අපට පෙන්වීය.
දෙකට පලා ගැමියාව පෙන්විම නිසා සමාජය තුල අපුරැ දෙයක් සිදුවිය. විශුද්ධිමග්ගයේ සිටත් මහාවංශයේ තුලත් ගැමියා විසින් නඩත්තු කරගෙන ආ " අහිංසකභාවය " ගුණදාසගේ මේ හෙලිකිරිම නිසා ගැමියාට අහිමිවිය. මේ අහිමිවිම තුල මේ හිස්කම තුල මේ lack එක තුල අපුරැ සිද්ධියක් සිරිලංකා සමාජය තුල සිදුවිය. දේවදත්තට බැරිවුනත් ගෟතම බුදුන්ව කැටුව ගොස් බිම්බිසාර රජුගේ රාජ්‍යය භාණ්ඩාගාරය කඩන්න ගැමියන්ට පුලුවන් වුනා ගුණදාස අමරසේකරව ජාතික චින්තනය නැමැති වලට තල්ලු කරන්න. සිරිලංකාවේ ජනගහනයෙන් 99% ක් විතර ගැමියන්ය. මා ඉහත කී හිස්තැනට තුලට ගුණදාසව තල්ලු කිරිමට ගැමියන් හට හැකිවුයේ අවසානයේදි සිරිලංකාවේ අවමන් තිරණය ගන්නේ ගැමියන් නසා වියහැකිය. මෙම සංසිද්ධිය ගුණදාස නිසා දෙකට පැලි විවෘතවු post colonial පිරිමි සමාජය නැවත recover විමට ගත් default උත්සාහයක් බව අප විසින් තේරැම්ගත යුතුය. හෙලිවුන පාදඩකම තුල උත්කර්ෂවක් බවක් ඇත - මෙයයි recovery stance එක. මෙයයි ජාතික චින්තනය.
ගැමියන් ( සමාජය ) ගුණදාසව තල්ලුකර දැමු තැන ගුණදාසටද සැපපහසු තැනක්වු බැවින් ගුණදාස එතන සිට දිගටම ලියන්නට පටන්ගත්තේය. සැම ලේඛකයෙකුටම මේ අවධානම තිබේ. සමාජයේ gaze එක ලේඛකයෙකුව ( ස්ථානය/locus ) ස්ථානගත කරයි. මිට හොදම උදාහරණය කාලිදාසය . ගුණදාසගේ ලිවීම් නිසා දෙකට පැලනු සිරිලංකාවේ පිරිමියා දිප්ති කුමාරගේ ලිවිම් නිසා අජසු 4 ට පැලිගියේය ( මෙය Facebook පිස්සන් කොටුව තුල කාලයක් තුල මා දිර්ඝ ලෙස පහදා ඇත ) . 4 ට පැලුනු පිරිමින් මේ මා ලියන මොහොත වනවිටත් විපරිතයන්/ perverts / පාදඩයන් ලෙස හැසිරේ.
හම්බන්තොට පෙදෙසේ මහ රැස්ස ගසක් පිටුපස සිට අද්භතු විකාරරැපි ශබ්ද නගන ගැමියන් ගැන Leonard Woolf ලියා ඇත. අද දවසේ basic literature වත් නැතුව වැලිවේරියේ බස්නැවතුමක සිටින ගැමියෙකු Derrida Michel Foucault වැනි වචන ශබ්ද නැගිමෙන් සිදුකරන්නේ එදා Leonard ට ඇසුනු විකාරරැපි විපරිත ශබ්දයම රැව්පිලිරැව් නැංවිමය. ලෝවැඩ සගරාව ඔබට හෙලි නොකල ගැමියන් තුල ඇති සාහසිකත්වයක් ඇති බව අපට මුල්වරට පෙන්වා දුන්නේ Leonard Woolf විසින්ය. එම ගැමියා යනු අවස්ථාව එනතුරැ අහිංකත්වයේ තුඹස තුල සැගවි බලාසිටින සාහසිකුයෙකු බව අපට පසක්කල සාහිත්‍යය කරැවා ගුණදාස අමරසේකරය.
එනම් , ගැමියාට වෙඩි තිබ්බේ ගුණදාස අමරසේකරය.
සිරිලංකාව එක අතකින් මහාපව්කාර දුපතක්වේ. ඇතැම්විට වසර 2500 ක සිට පැවත එන මුස්පෙන්තු කාලකන්නිකමක් අප තුල නිධන්ගතව තිබෙනවා වියහැක. ගැමියාට වෙඩි තැබු පසු නව සාමාජිය මිනිසෙකු බිහිවිය යුතු වුවත් සිදුවුයේ වෙඩිකැ ගැමියාව උත්කර්ෂයට නැංවිමය. ගතිකසමතුලිතතාවයේ පවතින ඔනැම පද්ධතියක එහි සමතුලිතතාවය බිදුනු පසු එය නැවත පෙර සමතුලිතතාවයට සමානවු තත්වයකට පැමිණිමට පද්ධ‍්තිය උත්සාහ දරයි. සමාජයද force system එකක් බව අප අවබෝධ කරගත යුතුය. වෙඩිකැ ගැමියා වලලාදමා නව සාමාජිය මිනිසෙකු ( එනම් ධනවාදි වෙළදපොලට ඔබින මිනිසෙකු ) බිහිකිරිමට දිප්ති කුමාර සිය ලිවිම් තුලින් උත්සාහ දරැවත් සිදුවුයේ අනෙකක්ය. දිප්තිගෙන් වචන සොරාගෙන පලගිය ගැමියෝ උතුරේ යුද්ධයේදි මියගිය හමුදාභටයන්ට උපහාරවීම පිණිස සිරිලංකාව පුරා ඉදිකල බස්නැවතුම් පිටුපස සැගවි සිට Derrida Foucault වැනි විපරිත ශබ්ද නැගිමට පටන්ගත්හ. සිදුවියයතු දේ සිදුනොවි වෙනත් විපරිත දෙයක් සිදුවිම සිරිලංකා දුපත තුල අතිතයේ සිට තිබු දෛවෝපාගත තත්වයක්වේ.
ගැමියාට වෙඩිතැබු ගුණදාව ගැමියන් විසින් ජාතික චින්තනය වැනි තැනකට තල්ලු කිරිම මා මේ post එක ලියන අද දින තුලත් සිදුවේ. සිරිලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වන ගැමි මහාචාර්යවරැ නොකඩවා තුන්තිස්පැයේම මහගමසේකරගේ තොරණේ පිච්චෙන බල්බ් වලට අලුත් බලබ් හයි කරන්නේ ඇයිදැයි කියා මේ post එක හොරාට කියවන ඔබ මොහොතකටවත් කල්පනාකර බැලුවේද?
නුගත් මට අනුව මෙලොව මිනිසුන් වර්ග දෙකක් ඇත. පිරිසක් Leonardo da Vinci ට කැමතිය. පිරිසක් Caravaggio ට කැමතිය. දේශපාලනයට සුදුසු Caravaggio ට කැමති පුද්ගලයන් බව මාගේ පුද්ගලික අවබෝධයයි. Caravaggio ට කැමති පුද්ගලයින් හට චිත්‍ර ඇදිමට හෝ වෙනත් කලාවන් බැරිය.
පුවක් ගස් දිගේ බඩගා මහගම සේකරගේ තොරණේ පිච්චෙන බලබ් වලට අලුත් බල්බ් හයිකරන ගැමියන් නොව අද රටේ දේශපාලනයට අවශ්‍යය වන්නේ ගුණදාස අමරසේකරගෙ සාහිත්‍යය ගැන දිගකලිසම ඇදගෙන කතාකරන පුද්ගලයින්ය. මම ඔබෙන් නැවතත් මෙම ප්‍රශ්ණය අසමි - සිරිලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වන ගැමි මහාචාර්යවරැ නොකඩවා තුන්තිස්පැයේම මහගමසේකරගේ තොරණේ පිච්චෙන බල්බ් වලට අලුත් බලබ් හයි කරන්නේ ඇයිදැයි කියා මේ post එක හොරාට කියවන ඔබ මොහොතකටවත් කල්පනාකර බැලුවේද?
මට ඒ පල්තක්ඩින්ගේ බලරටා අසුවුනානම් එය ඔබටදට අසුවිය යුතුය. මා ඔබ තරම් ඉගෙනගෙන නැත. යමක් තේරැම් ගැනිමට අවශ්‍යය වන්නේ බුද්ධියක් නොව නිර්භීත කමක්ය. Homer ගේ Iliad ජනකාව්‍යය ලියවෙන්නේ Achilles නම් පුද්ගයාගේ වියරැව ගැන ලොවට පෙන්විමටය. Achilles උගත් පුද්ගලයෙකු නොවේය. ඔහු මෝඩය. නමුත් ඔහු නිර්භීතය. සමස්ත Iliad කාව්‍යය තුල යමක් අවබෝධ කරගත් පුද්ගලයා වන්නේ Achilles ය. ඔබ නිර්භීතනම් සිරිලංකාවේ පිරිමින් මහගම සේකරගේ සෙවනැල්ලෙන් ගුණදාස අමරසේකරව වසා දමන්නේ ඇයිදැයි කියා ඔබට අවබෝධ කරගතහැක.
සේකර උත්කර්ෂයට නංවන ගැමියා එදා Leonard Woolf හම්බන්තොට පෙදෙස් දුටු ගැමියාමය. දෙදෙනාම ලියන්නේ post colonial ආර්ථිකය නම් කැලය සැගවෙන සහ යලි කඩාපනින ඒ එකම ගැමියා ගැනය. ගැමියා උත්කර්ෂයට නැංවිම මානුෂිය ක්‍රියාවක් බවත් එනිසා මහගම සේකර යනු මානවවාදියෙකු බවත් කොලඹ විශ්වවිද්‍යාල ඇතුලු සිරිලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාල වල පඩි ලබමින් උගන්වන මහාචාර්යවරැ පවසති. post colonial ( ආර්ථික ව්‍යුහය සමග මුසුවුනු ) ගැමියෙකුව උත්කර්ෂයට නැංවිම මානුෂිය ක්‍රියාවක් නොව එය ආර්ථික ක්‍රියාවක් බව මේ පකිස්බුරැවන් දන්නේ නැත. ආර්ථිකය සමග මුසුනොවු කුරහන් හේනේ සිටින ගැමියා අහිංසකයෙකු නොව සාහසිකයෙකු බව Leonard අපට පෙන්වා දුන්නේය. ආර්ථිකය සමග මුසුවිවිට එම ගැමියා පල්තක්කඩියෙකු බවට පත්වන බව අප පෙන්වා දුන්නේ ගුණදාස අමරසේකර විසින්ය. දිලිත් මාරම දක්ෂ ව්‍යාපාරිකයෙක් රට ගොඩදාන්න හැකියාවක් තියෙන පොරක් කියන ගමන් Anura Kumara Dissanayake ගේ ආණ්ඩුවට සහායදිමට මහවැලි කේන්ද්‍රයට දිගකලිසම් ඇදගෙන රිංගන පල්තක්කඩියා එදා ගුණදාස අමසේකර දෙකට පලා කොට්ටම්බ ඇටේ අතුලේ අපට පෙන්වු ඒ ගැමියාමය.
The Man Who Shot Liberty Valance චිත්‍රපටයේදි Libert Valance නැමැති ග්‍රාමිය පාදඩයාට වෙඩිතබන්නේ පසුකලෙක සෙනෙට් සභිකයෙකු ලෙස ජනතාව අතර ජනප්‍රිය වන James Stewart නොව John Wayne විසින්ය. ඒ John Wayne චිත්‍රපටය තුල නිහඩය. සිරිලංකාව නම් කොදෙව් දුපත තුල එක් නිශ්චිත මොහොතකදි පාදඩ ගැමියාට වෙඩිතබන්නේ ගුණදාස අමරසේකර විසින්ය