කෙටි කතාව 7

8 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
May 22, 2024, 8:53:34 PMMay 22
to INDRAKA group
1
සපත්තු

- සුනන්දා රණසිංහ

“සමන්මලී මිස්ට, ප්‍රින්සිපල් මැඩම් එන්න කිව්ව“

අභ්‍යාස පොතක් වෙත යොමුව තිබූ මගේ සිත වහා ඉන් මිදිණ. පහළ ශ්‍රේණියක කුඩා ශිෂ්‍යාවක් ගුරු මේසය අසල නැවතී මා දෙස බලා සිටී.

“හොඳයි මම යන්නම්”

දැරිය පිටත්කළ මම කොරිඩෝව දිගේ කාර්යාලය වෙත පියනැඟීමි.

විදුහල්පතිනිය ගේ මේසය ඉදිරිපිට මා මින් පෙර දැක නැති අමුත්තෙක් වාඩිගෙන සිටී. ඔවුහු බර කතාවක නිරත ව සිටිති.

“ආ... සමන්මලී මිස් ආවද?”

විදුහල්පතිනිය ගේ ආමන්ත‍්‍රණය අනුව අමුත්තා අමාරුවෙන් මෙන් පිටුපස හැරී මා දෙස බැලුවේ ය.

“මෙයා තමයි මිස්ට සේරසිංහ අපේ ඉස්කෝලෙ ළමයින්ගෙ සුබසාධන කටයුතු භාරව ඉන්නෙ”

අමුත්තා ගේ මුහුණ එක්වර ම මවා ගත් සිනා රැල්ලකින් එළිය වැටිණ. එය සිනාවකට වඩා විරිත්තීමකට සමාන වූවක් සේ මට පෙනිණ. ඔහු හැඳ සිටියේ කුඩා රැල්ලකුදු නැති තරමට ඉතා සැලැකිල්ලෙන් මදින ලද සුදු කමිසයකි. ගෙලට සිරවූ ටයි පටිය ඉදිරියට නෙරා ආ උදරය අසලින් අවසන් විය.

 ටයි පටියෙහි සිත් ඇද ගන්නා සුලු නිල් ඉරි මෝස්තරයක් දක්නට ලැබිණ. ඒ නිල් පැහැය කමිසයෙහි සුපිරිසිදු නිල් පැහැය වඩ වඩා බැබැළවීමෙහි සමත් විය. ඔහු ඇඳුම් පැලැඳුම් පොඩි නොවන සේ යළි සීරුවෙන් විදුහල්පතිතුමිය දෙසට හැරුණේ ය.

“සමන්මලී මිස්, මේ මිස්ට සේරසිංහ. උඩුරාවණ සපත්තු ෆැක්ටරි එකේ මැනේජර්. අපේ ඉස්කෝලෙ දුප්පත් ළමයි සිය දෙනකුට ඒ ගොල්ලන්ගෙ ෆැක්ටරි එකෙන් සපත්තු පරිත්‍යාග කරන්න ඇවිත් තියෙන්නෙ”

විදුහල්පතිනිය විසින් අමුත්තා මට හඳුන්වා දෙනු ලැබුවේ අටෝප සාටෝප සහිත සාඩම්බර හැඟීමක් ඇති ව සේ මට දැනිණ. “උඩුරාවණ සපත්තු ෆැක්ටරි එකේ මැනේජර්” යන්න ඇය උච්චාරණය කෙළේ මවා ගත් ගම්භීර බවකිනි.

“සපත්තු! සපත්තු අපේ... මේ අපේ ඉස්කෝලෙ ළමයින්ට...?”

මා තුළ යම් ප‍්‍රශ්නාර්ථයක් මතුවී සැඟැවී ගියේ ය. එහෙත් මම ඒ බවක් නොහඟවා ම යළිදු පිළිතුරු සිනාවක් මුවට නංවා ගතිමි. අමුත්තා සිය සුරතෙහි වූ රන් පැහැති පෑන අතැඟිලි අතර නටවමින් පුටුවෙහි හරිබරි ගැසිණ. ඔහු ගේ බැල්ම තවදුරටත් මා වෙත රැඳී තිබිණ.

“අපි මිස් ලබන සඳුදා මේ ඉස්කෝලෙට අපේ ෆැක්ටරි එකෙන් සපත්තු කුට්ටම් සීයක් අරන් එනව පරිත්‍යාග කරන්න. ඒව ලැබෙන්න සුදුසු ළමයි කවුද කියල බලල යොමු කරන එක මං හිතන්නෙ මිස්ට කරන්න පුළුවං වෙයි”

ඔහු ගේ සුරතෙහි වූ පෑන තව දුරටත් මසින් පිරුණු අතැඟිලි අතර දඟකරමින් සිටියේ ය. “හොඳයි මම ඒ ගැන බලන්නම් දැන්මම”

මගේ පිළිතුරෙන් අමුත්තා සෑහීමකට පත්වූ බවක් පෙනිණ. අනතුරු ව ඔහු යළි විදුහල්පතිතුමිය දෙසට හැරුණේ ය.

“එතකොට මැඩම් අපේ කොම්පැනියෙ බැනර් එකක් දවස් දෙක තුනක්වත් ඉස්කෝලෙ ගේට්ටුව ළඟ ප‍්‍රදර්ශනය කරන්න අවසර ඕන වෙනව. පරිත්‍යාගවලින් කොටසක්වත් පළාතෙ මන්තී‍්‍රතුමා අතින් සිදුකරන්ටයි මං හිතාගෙන ඉන්නෙ. එතුමාගෙ පැමිණීම ඉස්කෝලෙටත් ලොකු ගෞරවයක්නෙ.”

විදුහල්පතිනිය ගේ ස්වභාවයෙන් ම අඳුරු මුහුණ වහා ප‍්‍රභාමත් විය.

“ආ... ඒක කොච්චර දෙයක්ද මිස්ට සේරසිංහ”

අමාරුවෙන් උගුලකින් නිදහස් වී යන හා පැටියකු සේ මම හිමින් සීරුවේ කාර්යාල කාමරයෙන් පිටවී ආවෙමි. මගේ දෙසවන මිස්ට සේරසිංහ ගේ ගොරෝසු හඬින් අඟුළු වැටී ඇත්තා සේ මට දැනිණ.

“සමන්මලී ටීච(ර්)... අනේ ටීච(ර්) එන්නකො අපේ පංතියට. අපි කතන්දරයක් අහන්න ආසයි”

හතරවන ශ්‍රේණියේ උගන්නා ළමයි රොත්තක් ම දිව ගෙන අවුත් මගේ ඔසරි පොටේ දැවටෙති.

“මං වෙන වෙලාවක එන්නංකෝ. දැං ඔයාලා යන්න පංතියට.”

“එහෙනං අපි සෙල්ලං කරන්න යන්නද ටීච(ර්)”

ඒ ඔවුන් ගේ ඊළඟ ඉල්ලීම යි. මගේ පිළිතුරු සිනාව ඔවුහු හොඳින් හඳුනති. එක රොත්තට කෑ ගහගෙන පිට්ටනිය දෙසට දුවන ළමයින් දෙස මම මොහොතක් බලා සිටියෙමි. ඔවුන් ගේ නිරුවත් දෙපා බොරලු පොළොවේ වැදුණේ දුමාරයක් වැනි සියුම් දුහුවිල්ලක් නංවාලමිනි.

අට ශ්‍රේණියේ පිරිමි ළමයි මා හුන් තැන පසුකර, පහළ පංති කාමර දෙසට ඇවිදගෙන යති. පයේ රබර් සෙරෙප්පු යුවළක් පැලැඳ සිටියේ ඔවුනතරින් එක් දරුවකු පමණි. තවෙකකු ගේ දුර්වර්ණ වූ දෙපා සම්පූර්ණයෙන් ම දූවිලි තට්ටුවකින් වැසී තිබිණි.

දූවිලි තට්ටුව තැන් තැන් සීරී සුදු ඉරි සටහන් ව ඇත්තේ ඔහු ගේ ම නිය පහරින් සීරුණු නිසා විය හැකි යැයි මට සිතේ. ඊළඟ සඳුදා අලුත් ම අලුත් පාවහන් පැලැඳෙන්නේ මෙවන් දෙපාවල නොවන්නේ දැයි මට ක්ෂණික ව කල්පනා විය. මම සුසුමක් හෙළා ලය සැහැල්ලු කර ගැනීමට අසාර්ථක උත්සාහයක යෙදුණෙමි.

පාවහන් ප‍්‍රදාන උලෙළ පැවැත්වෙන සඳුදා දිනය පාසල වෙත උදා කෙළේ උත්සවශී‍්‍රයකි. ගෞරවණීය පිළිගැනීම් මැද පාසලට සැපත් වූ ප‍්‍රදේශයේ මන්තී‍්‍රවරයා ගේ කිට්ටු ම මිත‍්‍රයා ලෙස පෙනී සිටියේ මිස්ට සේරසිංහ ය. ඔහු පියවර තැබුවේ පවා මන්තී‍්‍රවරයාටත් වඩා ගරු ගම්භීර බවක් ආරූඪ කර ගනිමිනි.

මවිසින් තෝරා නම් කරනු ලැබ සිට ත්‍යාගලාභී සිසුහු සිනාමුසු මුහුණින් යුතු ව වේදිකාවට පිවිස තම තමනට හිමි පාවහන් යුවළ ලබා ගත්හ. පාවහන් බෙදා දීමෙන් අනතුරු ව මන්තී‍්‍රතුමා සභාව ආමන්ත‍්‍රණය කෙළේ මැනේජර්වරයා ගේ ත්‍යාගශීලී භාවය මොනවට වර්ණනා කරමිනි.

දිළිඳු දෙමාපියෝ අත්පොළසන් දෙමින් ද වරෙක ඈනුම් අරිමින් ද මේ වදන් හරඹයට සවන් යොමු කළහ. ඇතැමෙක් නිදිකිරා වැටුණ හ.

“නැති බැරි උදවියට. විශේෂයෙන් පාසල් දරුවන්ට උදව් උපකාර කිරීම මහත් පල මහානිසංස ලැබෙන පිංකමක්. මම සන්තෝෂ වෙනව මටත් ඒ පිංකමට සහභාගී වෙන්න ලැබීම ගැන”

අඟහරුවාදා උදෑසනින්ම පාවහන්ලාභී ශිෂ්‍යයෝ අලුත් පණක් ලැබූවන් සේ පාසල කරා පැමිණියහ. මෙතෙක් නිරුවත් ව කිලිටි ව තිබූ ඔවුන් ගේ දෙපා අලුත් පා වැසුම්වලින් සැරැසී තිබිණ. ඇතැම් සිසුහු පරණ මේස් ද සොයා පැලැඳගෙන ආහ.

 කෙසේ වෙතත් ඔවුනතරින් වැඩි දෙනකු එහා මෙහා ගියේ කොරවක්කන් නෙළුම් පත් මත ඇවිදින්නාක් මෙන් විසුළු ගමනකිනි. උදෑසන රැස්වීමෙහි ද ඇතැම් සිසුවෝ අලුත් පාවහන් පැලැඳ සිටගෙන සිටියේ ද තරමක් අසීරුවෙනි.

එසේ අසීරුවෙන් සිටගෙන හුන් එක් ශිෂ්‍යයෙක් රැස්වීම පටන්ගෙන වැඩි වේලාවක් යන්නට පෙර ක්ලාන්ත විය. වැඩිහිටි තවත් ශිෂ්‍යයන් දෙදෙනකු විසින් ඔහු පංති කාමරයක් වෙත ඔසවා ගෙන එනු ලැබිණ. පාවහන් ගලවා දමා මුහුණට දිය බිඳු ඉස ඔහු සිහිගන්වනු ලැබුවේ වෑයමෙනි.

“පුතා උදේට කාලද...?”

ඔහුට සාත්තු කරමින් සිටි ගුරුවරියක් ඇසුවා ය. ඔහු ඊට කිසි පිළිතුරක් නුදුන්නේ ය.

“මොනව හරි කෑවද දරුවො උදේට”

ඇය යළි විමසුවා ය. ඔහු හිස දෙපසට වැනී ය. ඔහු ගේ වියළි නෙත් කෙවෙනි තුළ නොගැලූ කඳුළු බිඳු දිලිසෙමින් තිබිණි. පෙර කී ගුරුතුමිය වෙනත් ශිෂ්‍යයකු ළඟපාත කඩයකට යවා ඔහුට බනිස් ගෙඩියක් ගෙන්වා දුන්නා ය. එය මහත්ඵල මහානිසංස දානයක් විය නොහැකි දැයි සිතන්නට තරම් ඉසුඹුවක් අපට එවේලෙහි නො වී ය.

සුද වියැකුණු සුදු ඇඳුම් සහ අතොරක් නැති ව අණ්ඩ දැමූ නිල් කලිසම් ඇඟලා ගත් ගැහැනු පිරිමි ළමයි අලුත් පාවහන් පැලැඳ කොර ගසමින් ඒ මේ අත දිව ගියහ. කලකින් හුණු පිරියම් නොකළ පාසලේ කොටබිත්තිවල තැනින් තැන අලුත් පාවහන්වල මඩ සහිත අඩි සලකුණු ඇතැම් විට දක්නට ලැබිණ.

“ටීච(ර්) මෙයා මට පයින් ගැහුවා”

යන චෝදනාව බොහෝ විටම නැගුණේ අලුත් පාවහන් පැලැඳි දිළිඳු ශිෂ්‍යයකුට එරෙහි ව ය.

දෙදිනක් පමණ ගෙවී යන විට පාවහන්ලාභී ශිෂ්‍යයන් අතුරින් වැඩිදෙනෙක් සුපුරුදු නිරුවත් දෙපයින් ම නැවතත් පාසලට පැමිණයහ.

“කෝ ඔයාගෙ අලුත් සපත්තු දෙක?”

මම ඉන් එක් දැරියක අමතා ඇසීමි.

“ඒකට මගෙ කකුල කැපුණ ටීච(ර්)”

ඇගේ පිළිතුර ඉතා සැහැල්ලු විය. අනතුරු ව ඇය මට සිය දකුණු පයේ වළලු කර පෑවා ය. එහි එක් පසෙක පැසවා සැරව වැගිරෙන ලොකු තුවාලයක් විය.

“හප්පා! ඇයි ළමයො ඕකට බේත් ටිකක් දා ගන්න එපායැ”

ඇය සිය කහට පිරුණු දත් සියල්ලම පෙනෙන සේ මා සමග සිනාසුණා ය. මට ඒ තුවාලය බරපතළ එකක් සේ පෙනුණ ද ඇය එය ගණනකටවත් නොගත් බව ඒ සිනාවෙන් පැහැදිලි විය.

ක‍්‍රමයෙන් ළමයින් ගේ දෙපාවලින් සපත්තු ගැලැවී ගියේ ය. සතියක් හමාරක් ගතවන විට අලුත් සපත්තු ජෝඩුවක් පය ලා ගත් දරුවකු පාසල් බිමෙහි දක්නට ලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. ළමයි පුරුදු පරිදි ම තුවාල වණ කැලැල් ඇදියෙන් තොර නො වූ නිරුවත් කෙසඟ පා ගල් බොරලු පොළොවේ ඔබා නිදහසේ දුව පැන ගියහ. කෙළි සෙල්ලම් කළහ.

එක් උදෑසනක පාසල ආරම්භ වූයේ මරණයක් පිළිබඳ කනගාටුදායක ආරංචියක් ද සමඟිනි.

“ඔය කාගෙ තාත්තද? මට ඔය කියන ළමය ගැන නිච්චියක් නෑ.” මම කීමි.

“ඇයි අනේ අර අටේ පංතියෙ කළු කෙට්ටු ළමය චාමික”

“හරි හරි... ඉතිං ඒ ළමය මේ ළඟමනෙ?”

“ඔව් ඔව් මේ වැට මායිමේ රබර් වත්ත මැද්දෙ තියන පුංචි ගේ”

චාමික ගේ පියා ගේ මළගම වෙනුවෙන් එදින සවස පාසල හමාර වූ පසු අපි ඒ කුඩා පැල්පතට සේන්දු වීමු. ගරා වැටීමට ආසන්න පැල්පතට යාබද ව, කඩිමුඩියේ ඉඳිකළ අතුමඩුවක් වැනි අගුවක මෘත දේහය සහිත බාල ලීයෙන් තැනූ පෙට්ටිය තැන්පත් කර තිබිණ.

 ගසකින් වැටී සිදුවූ හදිසි මරණයක් වුව ද ඒ දිරා ගිය සිරුර දෙස බලන විට ගසකට නැඟීමට තරම් වු පණ කඳක් ඔහුට තිබුණේ යැයි විශ්වාස කිරීමට ද අපහසු ය. චාමික ගේ මව කුඩා දරු දෙදෙන ද තුරුළට ගෙන වැළහින්නක සේ හඬා වැළපෙමින් හුන්නා ය. චාමික ගෙපිලෙහි වාඩි වී දෙදණ අතර හිස සඟවා ගෙන සිටියේ ය.

ඔහු වාඩි වී සිටි පිල්කොමුවෙහි පසෙක කැඩී බිඳී ගිය පුටුවක් සහ රෙදිකඩමාලු ගොඩක් තිබිණ. චාමිකට කතා කරනු පිණිස එතැනට ගිය මට දක්නට ලැබුණේ කැඩුණු පුටු කකුලකට යට වී තිබුණු සපත්තුවකි. එහි එක් කොටසක් බල්ලකු විසින් කා දමනු ලැබ තිබිණ.

තවමත් අලුත් පැහැය නොමැකුණු ඒ සපත්තුව මා තුළ ඇති කෙළේ සියුම් වූ තිගැස්මකි. කුමක්දෝ ප්‍රෝඩාකාරී කි‍්‍රයාවලියක මාද පංගුකාරියක් වූවා සේ මට හැඟිණ.

අප මළගමට සහභාගි වී ආපසු එන විට සපත්තු කොම්පැනියේ බැනරය ලණුව ලිහාගෙන තනි ලණු පටෙන් ලයිට් කණුවේ එල්ලෙමින් සිටියේ ය. එය සුළඟට ඒ මේ අත වැනිණ.

Amarasiri Gunawardena

unread,
May 23, 2024, 5:56:48 PMMay 23
to ind...@googlegroups.com
RAJA

රාජ කම්මැල්වීරගෙ කෙටිකතාවක් මා කියෙව්වද කියල අහල තිබුන ඒක මට හොයා ගන්න බැරු උනා. ඒකයි මම කිව්වෙ එවන්න කියල පුළුවන්නම්

ගුනේ 

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-KqTfwNApQn_Ez0D-ouX6rk_%3D9GdQwWzVWgd5d7yz6Ltg%40mail.gmail.com.

Nissanka Rajapaksa

unread,
May 23, 2024, 8:55:17 PMMay 23
to INDRAKA group
2
නයි ⁣ජේමිස්

- මාලිම්බඩ ටී.කේ. ලයනල්

ජේමිස් කුඩා සිරුරක් හිමි අයෙකු වුවද ඉතා කාර්යශූර පුද්ගලයෙකි. මට ඔහු සමඟ කතාබහ කරන්නට ලැබෙන්නේ පාසල් නිවාඩු දිනවල ගමට පැමිණෙන අවස්ථාවලදීය. ඉණේ හිස් මුට්ටිය එල්ලාගෙන ජේමිස් මල කැපීමට වෙල අසබඩ කිතුල් ගහට ගොඩවන ආකාරය ගෙමිදුලේ සිට මම බලා සිටින්නෙමි. තෙලිදිය පිරුණු මුට්ටිය බිමට බා, මල කපා, හිස් මුට්ටිය එල්ලා බිමට බට ඔහු මා දෙස බලා සිනාසුණේය.

"පුංචි මහත්තයා... ගොඩ දවසකින්නෙ දැක්කෙ. කොයි වෙලාවෙයි ගෙදර ආවෙ?"

"ඊයේ ටිකක් රෑ වුණා ගෙදර එනකොට."

"ඇ....ත්තෙයි!... ජෝගුවක් අරන් එන්නකො තෙලිජ්ජ ටිකක් බොන්න දෙන්න"

ජෝගුවක් අතින් ගෙන මම කිතුල් ගහ මුලට ගියේ වටපිට බලමිනි. සබන් දියර වැනි දියරයක් මුට්ටියෙන් මගේ ජෝගුවට වත්කළ ඔහු, "මේවා හරි රහයි. ඒ වගේම ඇඟට ගුණයි. බීලා බලන්නකො." යැයි කීවේය.

මුට්ටියේ මීමැස්සන් සහ වෙනත් කෘමීන් කීපදෙනෙකු පාවෙනවා දුටු මට කිසියම් පිළිකුලක් දැනුණ නමුදු උගුරු දෙක තුනක් බීවෙමි. ජේමිස් පැවසූ පරිදි තෙලිදිය මිහිරි පානයක් බව මට තහවුරු වුවද කළින් ඇතිවූ පිළිකුල දැඩි වූයෙන් ජෝගුව නැවත ඔහු අතට දුනිමි.

"තෙලිජ්ජ ඌෂ්ණ බීමක් නෙවෙයි. ඇඟ සිසිල් කරන බීමක්" ඔහු කීවේ ජෝගුවේ ඉතිරිවූ දියරය මුට්ටියට හලා ගනිමිනි.

"ඕවා බීලා වෙරි වුණොත්?"

"තෙලිජ්ජ බීවට වෙරි වෙන්නෙ නෑ. මේවට රා මණ්ඩි ටිකක් දාලා පැහෙන්න තිබ්බම රා හැදෙනවා. රා බිව්වම තමයි වෙරි වෙන්නෙ"

"මේ කිතුල අපේ ලොකු අම්මලාගෙනේ. ඔයා මොකද තෙලිජ්ජ මුට්ටිය ඔයාලගෙ ගෙදර ගෙනියන්නෙ?"

"ඒක මෙහෙමයි මහත්තයො. උදේට බාන මුට්ටිය මට. හවහට බාන මුට්ටිය එහාට"

"ඉතින් ලොකු අම්ම රා විකුණන්නෙ නෑනේ"

"නෑ. නෑ. එහෙ රා හදන්නෙ නෑ. එයාලා තෙලිජ්ජ උණු කරලා පැණියි හකුරුයි හදලා විකුණනවා"

"ඔයා මේ කිතුල විතරද මදින්නෙ?"

"තව ගස් තුනක් මදිනවා. යහලමුල්ලේ ජෝන් මහත්තයලයි වත්තෙ ගස් දෙකයි දෙනියෙගෙදර එකයි"

"කිතුල් මලක් කිව්වට ගහේ හැදෙන්නෙ ඇත් දළයක් වගේ එකක් නේ"

"අන්න ඒකට තමයි අපි බෙහෙත් ඇතුල් කරලා, සීරුවෙන් තළලා, පට්ටවලින් ඔතලා, මල ඉදෙන්න ඇරලා, අග්ගිස්සෙ ඉඳල පෙත්තෙන් පෙත්ත කපන්න ගන්නෙ. සමහරක් ගස්වල තෙලිජ්ජ කඳුළ හොඳට වෑහෙනවා. එහෙම වෙලාවට දවසකට තුන් පාරක්ම මුට්ටිය බාන්න පුළුවන්"

"ගස් හතරක්ම මදින නිසා නේද රෑ වෙනකොට සිංදුවක් කියාගෙන වේල්ල දිගේ ගෙදර යන්නෙ?" තෙලිජ්ජ මුට්ටිය අතේ එල්ලාගත් ඔහු සිනාසී යන්නට ගියේය.

ජේමිස් ඉතා සරල ජීවිතයක් ගත කළ අයෙකි. විනෝදකාමියෙකි. දරු පවුලක් සිටියද ඔහුට වගේ වගක් නැත. උදේ හවහ කිතුල් ගස් කීපයක් මදින ඔහු දහවල් කාලය ගත කළේ අත්තුඩාව වෙල්යායේ ඇළ අසබඩය. සවස තුන හතර පමණ වනවිට කාවයියා, හුංගා, පෙතියා වැනි මාළු දහයක් පමණ එක වැලකට අසුවනසේ ඉරටුවල වැල් වශයෙන් අමුණාගෙන කඩපොළට ගෙනැවිත් එක වැලක් ශත පනහ ගාණේ විකුණා අමතර මුදලක් උපයා ගනී. ඔහුගේ බිරිය කඩපොළේදී එම මුදල්වලින් කොටහ ඉල්ලාගෙන ගෙදර අඩුපාඩු පිරිමසා ගැනීම සිරිත විය. ඔහුට මිතුරන් රෑනක්ම සිටියහ. මැදියම් රැය දක්වාම විනෝදයෙන් මිතුරන් සමඟ ගතකිරීම ඔහුගේ දවසේ අනර්ඝ පැය කිහිපය විය යුතුය.

"ඔයාට රා ජේමිස් කියලා මිනිස්සු කතා කළාම තරහ යන්නෙ නැද්ද?" වරක් මම ඔහුගෙන් ඇසීමි.

"මේ ගමේ ගොඩාක් අයගෙ රෙජිස්ටර් වෙලා තියෙන්නෙ වෙනම නමක්. හැබැයි කවුරුත් ඒ නමින් කතා කළාට තරහ වෙන්නෙ නෑ. මට රා ජේමිස් කියන්නෙ මගේ රස්සාව නිසානෙ. දැන් බලන්න පුංචි මහත්තයගෙ ලොකු තාත්තගෙ නම 'ඩාර්ලිස්', එයා හොඳටම කළුයි. ඒ වුණාට එයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ 'සුදු අයියා' කියලයි. බටතුඹේ කඩපොළේ වින්කලේ මුදලාලිගෙ නම හරමානිස්. මිනිහා කතාවට ගියාම ලස්ස ගණන් වලින් තමයි කතාව. ගමේ මිනිස්සු එයාට නම දාලා තියෙන්නෙ 'ලස්ස මුදලාලි' කියල. ඒ වගේම වඩුමඩුවෙ වඩුමහත්තයත් කතාවට ගියාම පරක් තෙරක් නැතිවයි කතා කරන්නෙ. එයාට නම දාලා තියෙන්නෙ 'පරතර වඩුමහත්තයා'.... "

ඔහුට කතා කරන්නට තවත් විස්තර ඇතැයි මට හැඟී ගියෙන් මම ඔහුට බාධා නොකළෙමි.

"පුංචි මහත්තයා දන්නවද කඩපොළට එහායින් තියෙන උඩ කම්මල... ඒකෙ බාසුන්නැහේ නියම වැඩකාරයා. මිනිහට නම දාලා තියෙන්නෙ 'අමු යකඩයා...."

"තව එක්කෙනෙක් තමයි 'උඩ බලන හින්නි අප්පුහාමි'. එයා කතාබහ කරනකෙට නිතරම ඔලුව උඩට හරවනවා... තව එක්කෙනෙක් තමයි 'කෙළබේරිස්'. එයා කතාබහ කරනකොට කටින් කෙළ බේරෙනවා. තවත් එක්කෙනෙක් හිටියා මෑතක් වෙනකං. මිනිහ කළේ වාහන බ්‍රෝකර් වැඩ. 'අයියෝඩා' කියල එයාට නම දැම්මෙ ඇයිද කියලනං මාත් දන්නෙ නෑ."

දිනක් ඇඳිරි වැටීගෙන එද්දි ඔහුගේ සුපුරුදු ගීතය ගයමින් මහ නියරට ගොඩවන්නට පෙර මම ඔහුට කතා කළෙමි.

"ඔය සින්දුව චිත්‍රපටි සින්දුවක් ද?" මම ඇසීමි.

"මහත්තයො... මේක ටීටර් සින්දුවක්... රබර් සිලිං පහට ගියා කසාද බැන්දා// මම කසාද බැන්දා//... මම මහත්තයො කොල්ලා කාලෙ බටතුඹේ කඩපළේ ටීටර් එකක ඇට් කළා. ඔන්න ඔය සින්දුව කිය කිය මම ඇට් කළේ. අරනෝලිස් මාස්ටර් තමයි සර්පිනා එක ගහ ගහ සින්දුව කිව්වෙ. මට තිබුණෙ ඇක්ටිං පාර දාන්න විතරයි."

"ඉතින් මොකක්ද ඔය සින්දුවෙ තේරුම?"

"එක කාලයක් තිබුණා රබර් මිල හොඳට නැගලම ගිය. ඒ කාලෙ රබර් වවපු මිනිස්සුන්ට හරියට වාසිවුණා. සමහරු හොඳ තැන්වලින් කසාද බැන්දා. කාලයක් ගියාට පස්සෙ, ඒ කියන්නෙ යුද්ධ කාලෙ රබර් විකුණගන්න බැරිවෙලා උන් නට්ටං වුණා. අන්තිමට ගෑනීටම කන්න දෙන්න විදියක් නැතිව ගියාම... කොට කොට රබර්ම කැව්වා//..... කොට කොට රබර්ම කැව්වා///..." ඔහු වැනි වැනි අන්ධකාරේම වේල්ලට ගොඩවිය.

තවත් දිනෙක කොලු නඩයක් පිරිවරාගෙන ඔහු මහපාරේ වංගුවෙන් මතුවනු දුටු මා පාර අද්දරට දිව ගියෙමි. තරමක නාගයකු බෙල්ලේ ඔතාගෙන පෙණ ගොබය අත්ලට හිර කරගෙන ඔහු මා අසලට පැමිණි විට මම තරමක් පසුපසට වීමි. මුළු ගමටම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නාගයා කැළයට මුදා හැරිය බව පසුව මට දැනගන්නට ලැබිණ.

එතෙක් 'රා ජේමිස්' යනුවෙන් හැඳින්වූ ඔහු 'නයි ජේමිස්' බවට පත්විය.

අහල පහල නිවෙසක මළ ගෙයක් වූ විට ජේමිස් අනිවාර්යයෙන්ම එහිදී දැකගන්නට ලැබෙන්නේ මාළු රස්සාවට නිවාඩු දෙමිනි. බර වැඩ සියල්ලක්ම ඉටුවන්නේ ඔහු අතිනි. සූදු පිටියේ ආවතේව ඉටුවන්නේ ඔහු අතින් වුවද කිසිදා ඔහු පිටියේ වාඩිවූයේ නැත.

ගමේ තොවිල්පලට අත්‍යවශ්‍ය පුද්ගලයා වූයේ ද ජේමිස්ය. මඩුපුරයා වශයෙන් තොවිල්කරුවන්ගේ වතාවත්වලට සහාය දෙන්නේ ඔහුය.

ඇදුරා විලක්කුව අතට ගෙන පිටිය පුරා දුවමින් දුම්මල කීරි ගසනවිට ඔහු දුම්මල හට්ටිය අතින් ගෙන ඒ මේ අත කැරකැවෙමින් නැට්ටුවා පසු පස දිවයන ආකාරය සිනා උපදවන සුලුය.

දිනක් අප්පච්චී සමඟ අසල්වැසි නිවෙසක තොවිලයක් බලන්නට යන්නට මට අවස්ථාව ලැබිණ. අප එහි යනවිට ඇදුරකු කිසියම් පුවරුවක් අසල මතුරමින් සිටි අතර ජේමිස් ගිනි කබලක් අතැ'තිව ඔහු පසුපසින් සිටිනු දුටු මම එම ස්ථානයට ගියෙමි.

"මොකක්ද මේ පින්තූරේ?"

"මේ තමයි මහසොහොන් යකාගෙ බලිය" ඔහු පිළිතුරු දුන්නේ මගේ සිතට කිසියම් බියක් ආරෝපණය වන පරිද්දෙනි.

"සිමෙන්තියෙන් ද හදල තියෙන්නෙ?" ක්ෂණිකව මගෙන් කියවුණේ මීට පෙර එවැන්නක් මා දැක නොතිබූ නිසාවෙනි.

"නෑ.. නෑ... ලී කෝටුවලින් රාමුව හදල කෙහෙල් පතුරුවලින් හදපු තට්ටුවක් උඩ තමයි හුඹස් මැට්ටෙන් බලිය අඹලා තියෙන්නෙ"

"මේකගේ ඔලුව බල්ලෙකුගෙ ඔලුවක් වගේ"

"ඒක දිග කථාවක්... මහසොහොන් යකා ගෝඨයිම්බර යෝධයත් එක්ක ගහගෙන තියෙනව. යෝධය පයින් ගහපු පාර මෙයාගෙ ඔලුව ගැලවිලා කැලේට විසිවෙලා තියෙනව හොයාගන්න බැරි වෙන්න. මෙයාගෙ ලොක්කා වෙසමුණි යක්ෂයා ඇවිත් බලල කට්ටියට කිව්වලු පුළුවන් තරං ඉක්මනට මිනිහෙකුගෙ හරි සතෙකුගෙ හරි ඔලුවක් අරන් එන්න කියල. එයාල ගෙනත් තිබුණෙ වලහෙකුගෙ ඔලුවක්. වෙසමුණි යක්ෂයා කලබලේට වලස් ඔලුව වැරදි විදිහට තමයි හයි කළේ."

ගෝඨයිම්බර යෝධයා ගැන මම ඊට පෙර අසා තිබුණෙන් ජේමිස්ගේ කතාව පැකිළීමකින් තොරව පිළිගත්තෙමි.

ඇදුරා බලිය පේ කරමින් සිටි නිසා එහි බලන්නට විශේෂයක් නොවූයෙන් ආපසු යාමට අප්පච්චි සූදානම් වූ විට මට දිගටම තොවිල් පළේ රඳන්නට අවශ්‍ය විය. අප්පච්චි ජේමිස්ට කතාකොට මට නිදිමත ඇතිවූ විට නිවෙසට ඇරලවන ලෙස දන්වා යන්නට ගියේය. තරමක වේලාවකට පසු මහසමයම ඇරඹිණ. ඇදුරන් දෙතුන් දෙනෙකු ගොක්කොළවලින් හැඩගන්වන ලද ඔටුනු වැනි හිස් ආවරණ සහිතව ඉදිරිපත් කළ රංගනය මගේ සිත් ගත්තේය.

"පුංචි මහත්තයා... අපි දැන් ගෙදර යමු. මහත්තයට නිදිමත වගෙයි" ජේමිස් කී නමුත් මම ඔහුගේ අදහසට විරුද්ධ වීමි.

"නෑ.. නෑ.. මට දහඅට පාලිය බලන්නයි ඕනෙ. මට නිදිමත නෑ. පස්සෙ යමු"

"දහඅට පාලිය තියෙන්නෙ එළිවෙන යාමෙට. ඒකට තව ගොඩාක් වෙලා තියෙනව"

"ඒකට කමක් නෑ"

"එහෙනං මෙහෙම කරමු. ඒ වෙලාවට මම මහත්තයව එක්ක යන්න එන්නං. අපි දැන් ගෙදර යමු"

"ෂුවර් එකටම දහඅට පාලිය බලන්න ආපසු මාව එක්ක යන්න එන්න ඕනෙ. හරිද?"

"නැතුව. නැතුව"

ඇඳට වැටුණ තත්පරේටම මට තදට නින්ද ගියේය. මා අවදිවන විට ඇදුරන් ගම්බලා පිටත්ව ගොස් තිබිණ.

නැවත මට ගමට එන්නට ලැබුණේ මාස දෙකකට පසුවය. ඒ වනවිට ජේමිස් මිය ගොස් මාසයක් ඉකුත්ව තිබීම මගේ සිතට දැඩි වේදනාවක් ගෙනදුන් පුවතක් විය.

"මොනව වෙලාද අම්මෙ ජේමිස් මැරුණෙ?" මම අම්මාගෙන් ඇසුවේ අහිංසකයා ගැන දැඩි ශෝකයක් හටගත් බැවිනි.

"ඒ මනුස්සයා මාළු අල්ලද්දි කාවයියෙක් කටට තියලා හැපුවලු කොහොමින් කොහොම හරි ඒ මාළුවා කට ඇතුළට ගිහින් තමයි මරණෙ වෙලා තියෙන්නෙ" අම්මා එසේ කී නමුත් එක්වරම එය පිළිගත හැකි දෙයක් නොවන බව මට සිතිණ.

"අම්මෙ.. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ. අල්ල ගත්ත මාළුවා කටේ තියාගන්නෙ පිස්සුවටද? කූඩෙකට හරි මොකක් හරි භාජනේකට දාගන්නෙ නැතුව"

"ඕවා මං දන්නෙ නෑ. මිනිස්සු කිව්වෙ එහෙමයි වෙලා තියෙන්නෙ කියල. ඒ ගොල්ලො කාවයියා මාළුවෙක් බිලි පිත්තට අහුවුණාම බිලි කොක්කෙන් ගලවලා දත්වලට තියලා ටිකක් හපලා ඌව බෙලහීන කරනවලු. නැත්තං කාවයියා කොළපොතින් පනිනවලු වතුරට. කොහොම හරි මාළුවා කට ඇතුළට ලිස්සලා ගිහින් උගුරෙ හිරවෙලා තමයි මැරිලා තියෙන්නෙ."

"හරි පව් අම්මෙ... අම්මා ගියාද මළ ගෙදර?"

"මුළු ගමම ඒ මනුස්සයගෙ මළ ගෙදරට ගියා. ගෙදර මිනිස්සුන්ට කිසිම බරක් දුන්නෙ නැතිව ගමේ කොලු නඩේ තමයි ඔක්කොම කළේ. හැම දෙයක්ම මළ ගෙදරට ඉබේම වගේ පහළ වුණා. වටාපිට ගෙවල්වලින් තමයි කෑම බීම පංගාත්තු කළේ."

"අම්මෙ... එයාගෙන් ගමේ කාටවත් හිරිහැරයක් වුණේ නෑ නේද? ගමේ මිනිස්සුන්ට එයා හරියට උදව් කළා. අපේ අප්පච්චිට එයා හරි හිතවත්ව හිටියා.

ඒ විතරක් නෙවෙයි එයා මට හරි ආදරේ කළා. පව් නේද අම්මෙ...?"

"ඔව්! අප්පච්චිට හරියට දුක හිතුණ නිසයි මිනී පෙට්ටියට සල්ලි ගෙව්වෙ"

කෙසේ වෙතත් මා කුඩා අවදියේ සිට මට වීරවරයෙක් සේ පෙනුණු ජේමිස්, කලක් 'රා ජේමිස්' ලෙසත්, කලක් 'නයි ජේමිස්' ලෙසත් පෙනී සිට, මියගිය පසු 'කාවයියා ජේමිස්' බවට ද පත්වීමේ සිද්ධිය මගේ සිතේ තදින්ම තැන්පත් වූයේ ඇයිදැයි මට තේරුම් ගත නොහැක.

https://archives1.silumina.lk/2023/07/29/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/%E0%B6%B1%E0%B6%BA%E0%B7%92-%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B7%8A/44033

Nissanka Rajapaksa

unread,
May 24, 2024, 8:39:33 PMMay 24
to INDRAKA group
3
කෙටි කතාව 

කැත්ලීන් ජයවර්ධන

ඇත්තමයි සමරේ, වනිගතුංග කියන්නේ දාහකිං හොයාගන්න බැරි තරම් හොඳ මනුස්සයෙක්’ කලකට පසු මුණගැසුණ සමරේට ඒ මා හඳුන්වා දුන්නේ මගේ අනාගත මාමණ්ඩිය ය. අවුරුද්දකට වතාවක් හෝ සමරේ සමඟ පයුරු පාසානයේ යෙදීම සඳහා මේ සුන්දර ගම්මානය කරා පැමිණීමට මම අමතක නොකරමි. සෑමවිටම පාහේ මේ ගමන සිදුවන්නේ සිංහල අවුරුද්ද කටමුලදී ය. එය දිගින් දිගට ම, අඛණ්ඩව ම සිදුවන්නේ ඔහු මට හමුවූ දුර්ලභ ගණයේ මිනිසකු වන හෙයිනි.
මගේ කථාව ඇසූ සමරේ සිනාසුණේ ය. ඔහුගේ ඒ නිහඬ සිනාවට යටින් ඇඳී ගියේ පේන නොපෙනෙන තරමේ සෝපහාසයකි. මම අන්දමන්ද වුණෙමි. දැන් මා, මගේ නිගමනය සනාථ කරනු පිණිස කුමක් හෝ කිව යුතුම ය.
මොහොතකට පෙර මා පදවාගෙන පැමිණි අලුත්ම ලෑන්ඩ් කෲෂර් රථය සමරේගේ මිදුලේ නැංගුරම් ලා තිබිණ. එය මගේ මාමණ්ඩියගේ පරිත්‍යාගශීලිත්වය ඇස්පනාපිට ඔප්පු කෙරෙන අපූරු සාක්කියකි. මගේ මාමණ්ඩිය විසින් මේ ලෑන්ඩ් කෲෂර් රිය මිලදී ගනු ලැබුවේ මා සඳහා ය. එය මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් මා ලද අපූරු අවුරුදු තෑග්ගකි. මා විවාහ වන්නට සූදානම්ව සිටින්නේ වෙසක් මාසයේ ය. මගේ අත ගන්නේ වනිගතුංගගේ එකම දියණියයි. මේ ගනුදෙනුව සිදුවූයේ හෝරාවකට දෙකකට ඉහතිනි. රථයේ යතුරු දෙක රැඳවූ කුඩා වළල්ල තවමත් මගේ මැදැඟිල්ලේ ඔංචිලි පදිමින් සිටියි. යතුරු දෙක එකිනෙක ගැටීමෙන් ‘ස්රින්’ හඩක් නැඟුණේ මා ඕනෑකමින් එය පැද්දූ නිසා වන්නට ඇත.
‘ඕක තමයි සිරි මගේ ප්‍රශ්නේ?’
‘මොකක්ද?’
‘සිරි ඔය කියන හොඳ මිනිහා තමයි මාත් මේ හොයන්නෙ.’
සමරේ නැඟී සිටියේ මට එරෙහිව දමා ගැසිය හැකි ආයුධ රාශියකින් සන්නද්ධව සිටින බවක් හඟවමිනි. ඔහුගේ දෙතොලේ රැඳී ඇත්තේ ආත්ම විශ්වාසයෙන් බැබළෙන සිනාවකි. සමරේගේ උකුළ මත තිබී ‘දඩස්’ හඬින් බිම වැටුණ ලොකු පොත ‘සිංහල මාලකවි සංග්‍රහය’ බව මම දුටුවෙමි. පොත අහුලා කනප්පුව මත වූ තවත් පොතකට යටකර තබද්දී උඩින් වූ පොතේ ලොකු අකුරු ද මට පෙනී ගියේ ය. …. ගීත ගෝවින්දය….
අනතුරුව සමරේ ‘හොඳ මිනිහා’ හඳුන්වා දෙන්නට නිදර්ශන දෙකක් ඉදිරිපත් කළේ ය. හොඳ මිනිසුන් පිළිබඳව එවැනි නිදර්ශන ඉසේ කෙස් ගාණට පෙන්නා දිය හැකි බව ද කීවේ ය. ඔහු මුලින්ම පැවසූ වෘත්තාන්තයේ කථා නායිකාව වූයේ යෞවනියකි. ඇයට උන්හිටි තැන් අහිමිකර ඉබාගාතේ යන්නට මඟ පෑදුවේ ඇගේ ජීවිතයට වැඩියෙන්ම උදව් උපකාර කළ තැනැත්තා යැයි ඔහු කීවේ ය.
‘ඒ ගෑනිට අම්මෙක් තාත්තෙක් හිටියෙ නෑ. අඩුගාණේ අර එක බඩවැල කඩාගෙන එනවයි කියන සහෝදරයෙක්වත් නෑ. ඒ ගෑනි නතරවෙලා උන්නේ පුංචි අම්මලයි දිහා. බාප්පා අමු බේබද්දා. කනමදයා වගේ බීගෙන ඇවිත් මේ කෙල්ලට අඩන්තේට්ටම් කරනවා. පුංචි අම්මත් ඒකට උඩගෙඩි දුන්නා. අන්තිමට මං ඔය කියන හාදයා තමයි ඒ ගෑනිව ඔය මරුකටින් බේරුවෙ.’
ඇගේ විමුක්තිදායකයා වූ ඔහු නමින් වීරමන් ය. වීරමන් ඇයට බෝඩිම් කාමරයක් සපයා දීමෙන් පමණක් නොනැවතී ඇගේ අධ්‍යාපන කටයුතු සඳහා ද බරපැන දැරුවේ ය. එහෙත් ඒ ටික කලකට ය.
‘එයා මගේ පූරුවෙ ණයකාරයෙක් කියල මට හිතුණා. ඉෂ්ට දේවතාවෙක් කියලත් හිතුණා. ඒත් පස්සෙ පස්සේ එයා රෑට රෑට මගේ බෝඩිම් කාමරේට ආවා. ඒ ආපු පළමුවෙනි දවසෙදිම තමයි ගොනා හැරෙන්නෙ පොල් පැළේ කන්නයි කියල මට තේරුණේ’ යි ඇය සමරේට කියා තිබිණ.
‘ඉතිං ඊට පස්සේ ?’ යි මම ඇසුවෙමි. මා ඒ ඇසුවේ කමක් පලක් නැති ප්‍රශ්නයක් බව ඊළඟ තත්පරයේදීම හැඟුණ නිසා සිතට ලැජ්ජාවක් ද දැනුණේ ය. එහෙත් මිනිසුන්ගේ ව්‍යසන, ඛේදවාචක තළු මරමින් අසා සිටින්නට පොළඹවන සුළු ජාන මා තුළ ද පිහිටා තිබිණ.
‘ඊට පස්සෙ මේ කෙල්ලට බෝඩිමේ ඉන්න සිද්ධ වුණේ අර මිනිහාගේ ගෑනි ඇවිත් සෝලි තියලා කෙහෙවල්ලෙන් අල්ලලා එළියට ඇදල දානකම් විතරයි.’
සමරේ අපූරුවට සංස්කරණය කළ ඒ දිග කතාව තුළින් මට ද පොටක් පෑදිණ.
‘හරි සමරේ, ඒත් ඉතිං ඒ ගෑනියෙක් නේ? ගෑනියෙකුට උදව් කරන්න මිනිහෙක් ඉදිරිපත් වෙන්නේ ඇයි කියන කාරණාව තේරුම් ගන්න ඉතින් සාමාන්‍ය දැනුමක් තිබුණම හොඳටම ඇති. ඒත් මිනිහෙක් තවත් මිනිහෙකුට අතදෙනවයි කියන්නෙ ඊට වැඩිය වෙනස් කාරණයක් නේද?’
සමරේ සිනාමුසු බැල්මක් හෙළුවේ ය.
‘සිරිගේ ඔය මාමණ්ඩි ගැන නං මට කිසිදෙයක් කියන්න බෑ. මං ඒ මනුස්සය දැක්කෙත් නෑනේ. හැබැයි එකක්. තව අවුරුදු පහකට පස්සෙ උදාවෙන සිංහල අවුරුද්දෙදිත් මාව මුණගැහිල ඔය කතාව ඔය විදිහටම කියන්න සිරිට පුළුවන් වේවා කියල මං ප්‍රාර්ථනා කරනවා. එච්චරයි.’
මා සිටියේ තරමක් අවුල්සහගතව ය. සමරේගේ මුහුණ බලාගෙන සහතිකයක් නිකුත් කරන්නට මට ද පුළුවන්කමක් නොවූ හෙයිනි.
‘මිනිස්සු ගැන අපේ අදහස් අවුරුදු පහෙන් පහට වෙනස් කරන්න සිද්ධ වෙනවා සිරි’ සමරේ කීවේ ය.
‘සමහර විට අවුරුද්දෙන් හමාරෙනුත් ඒක කරන්න වෙනවා. ඊටත් වඩා පුංචි කාලෙකදි උනත් ඒක වෙන්න බැරි නෑ.’
මා සිටියේ බැදෙන කැවුමක සුවඳකට ඉව අල්ලමිනි. සිත දුර ගමනක යෙදුණේ සමරේගේ කතාව දිගේම ය. කර කර ගා හැපෙන විස්කෝතු ගැන, වෙනත් ආහාර විශේෂ ගැන කොතෙකුත් අසන්නට ලැබෙන වෙළෙඳ දැන්වීම් මට මතක් වූයේ පැණි, ලුණු සමඟ පදමට බැදුණ පැණි කැවුමක් තළු මරද්දී දිවට දැනුණ අමරස ද සමඟිනි. තේ බොන අතරේ ද සමරේගේ දර්ශනය ගැන මම සිතා බැලුවෙමි. මට මා දන්නා හඳුනන කිහිප දෙනෙකු ඒ ඔස්සේ සිහිවෙයි. යුග පුරුෂයන් ලෙස එක්තරා යුගයකදී අපට පෙනීයන ඇතැමුන් කාලය විසින් නිවටුන් හා අවස්ථාවාදීන් බවට පත් කරනු ලැබූ අවස්ථා, කාලවකවානු කීපයක් අප පසුකර ඇති බව ද මට මතක් වේ. සමරේ ඉන් අනතුරුව අවධාරණය කළේ ද එවැන්නකු පිළිබඳව ය.
‘මිනිහ අපේ කෝපරේෂන් එකේ වයිස් චෙයාමන් වෙලා ආවේ දේශපාලන පත්වීම කින්. කොහොමටත් ඉතිං ඒක දේශපාලන පත්වීමක්නේ. හැබැයි මිනිහ එකපාරටම ප්‍රාදුර්භූත වුණේ දේවතාවෙක් වගේ. ‘අපේ වයිස් චෙයාමන් දෙයියෙක්’ කියලයි හැමෝම කිව්වෙ. ලේබර් කෙනෙකුට උනත් දවසේ ඕනෑම වෙලාවක මිනිහා මුණගැහෙන්න පුළුවන් වුණා. අපේ මිනිස්සුන්ටත් ඉතිං තියන ප්‍රශ්නවල, දුක්ගැනවිලිවල අවාසි ඇතුවයි? මිනිහ දුක්ගන්නාරාල වගේ හැමෝගෙම අඳෝනාවලට කන්දුන්නා. සමහර විට ස්ටාෆ් මීටින්, කොන්ෆරන්ස් කට් කරලත් මිනිහා සේවක ප්‍රශ්න විසඳනවා.’
‘ඉතිං? මොකක් ද එතකොට ප්‍රශ්නෙ?’
‘ඔය අතරේ මිනිහා පොඩ්ඩන්ගෙන් අහන්න ගත්තා ලොක්කන්ගේ ජරා ගැහිලි ගැන. හැමෝම හිතුවෙ මිනිහගෙ පරමාර්ථය ආයතනයට ලාබ ඉතුරු කරන එකයි කියලා. ජී.එම් වගේම අනිත් විධායක නිලධාරින්ගේත් ගෑනු කේස් ගැන මිනිහ දැනගත්තෙ සුළු සේවකයන්ගෙන්. වී. සී ගෙ සමානාත්මතා ගුණේට වශීවෙලා උන්නු මයිනර් ස්ටාෆ් එකත් පලිප්පු දදා මේ ලව් ස්ටෝරි රස කර කර කිව්වා. කොහොමටත් ඉතිං ඔය දෙගොල්ල කවදත් පෑහුණේ නෑනේ? පාලකයොයි සේවකයොයි අතරේ කවද්ද යටින් හොඳ හිතක් තිබුණෙ.’
සමරේගේ කතාව නතර වූයේ යසෝමා පැමිණි නිසා ය. කාර්යාල න්‍යාය හා සේවක චින්තනය පිළිබඳ සමරේගේ දාර්ශනික එළැඹුම ගැන සිතමින් මම අයෝමා දුන් බිබික්කම් පාර්සලය අතට ගතිමි.
‘ආරංචියි කසාද බඳින්න යනවයි කියල’ යි සිනාමුසුව පැවසූ යසෝමා, මගේ මනාලියගේ හැඩරුව, පවුල් පසුබිම ඇතුළු වැල්වටාරම් විමසමින් කාලය කා දැමූ නිසා සමරේගේ කතාව අසන්නට සිත තුළ වූ කැමැත්ත නොඉවසීමක් දක්වා වැඩී යමින් තිබිණ. ඇය නික්ම ගිය පසු සමරේ පැවසූ කථාවේ සාරාංශය මෙසේ ය:
තුන්වෙනි පන්තිය දක්වා පමණක් පාසල් ගිය උප සභාපතිට සංස්ථාවේ වෙනත් තනතුරු දැරූ විධායකයන්ගේ උසස්වීම්, උපාධි සහතික හිසරදයක් මෙන් පෙනුණේ ය. සුළු සේවකයන්ගේ විමුක්තිකාමියකු බවට ඔහු අනුක්‍රමයෙන් රූපාන්තරණය වූයේ ඒ අනුව ය. එහෙත් නොසිතූ මොහොතක ඔහුගේ දේශපාලන පත්වීම අවලංගු කෙරෙන ලිපියක් අමාත්‍යාංශයෙන් නිකුත් කෙරිණ. ඊට හේතු වූයේ ලාබ ලබන ආයතනයක් නොවූ සංස්ථාවේ මූල්‍ය තත්ත්වයට ඔරොත්තු නොදෙන තරමේ ප්‍රසාද දීමනා ඔහුගේ අත්සනින් අනුමත වී තිබීම ය.
‘ඉතිං මේ හොඳ මනුස්සයාට ගෙදර යන්න වුණා. ‘පුදපු ගමන් කාපි යකා’ කිව්ව වගේ අර බෝනස් එකත් මාසයක් ගාණෙ අපේ පඩියෙන් කැපුණා.’ කියමින් සමරේ හඬනඟා සිනාසුණේ ය.
‘මෝඩයෙක්’ යි මට කියවිණ.
‘ඒත් ඉතිං ඒ මෝඩකමේ හරි හොඳකමේ හරි යථාර්ථය තේරුම් ගන්න එකපාරටම බෑනේ, කොයි සක්කරයටවත්.? මිනිස්සු වැඩිදෙනෙක් ඉතිං හැමදාම රැවටෙනවා. ඊළඟට තව කාව හරි රවට්ටනවා. සමහරු මේක කරන්නේ දැන දැන; තවත් සමහරු නොදැන.’
රතිඤ්ඤාවක් පුපුරා හැලෙන්නට වූයේ නොනගතයේ ඇරඹුම සලකුණු කරමිනි. පාපිස්ස මත වක ගසාගෙන සිටි දුඹුරු බල්ලා සමරේගේ දෙපා යටින් රිංගා බිත්තියට හේත්තු වුණේ මුළු ගැන්වෙන්නට ය.
‘අවුරුද්දට මිනිස්සු රතිඤ්ඤා පත්තු කරනකොට දඩාවතේ යන බල්ලො ඔළුව හැරුණු අතේ දුවනවා.’
සමරේගේ ඒ කතාවේ නම් එතරම් වැදගැම්මක් ඇතැයි මට නොසිතිණ. ක්ෂණික කුහුලක් හටගත්තේ ඊළඟට ඔහු පැවසූ දෙය කෙරෙහි ය.
‘එහෙම බයේ දුවද්දි වාහනවල හැප්පිලා අතපය කඩාගත්තු කණ්ඩායමක් වෙනුවෙන් මං අටවගත්තු සුනඛ ඉස්පිරිතාලෙ තියෙන්නේ වත්ත පිටිපස්සෙ.’
‘මොකක්? ඒ පාර උඹ පශූ වෛද්‍ය වැඩේටත් බැස්ස ද?’
‘මොන? මං දන්න වෙදකමක් නෑ’ කියමින් සමරේ සිනාසුණේ ය.
‘බලු වෛද්‍ය විශේෂඥයො මං ගෙන්න ගන්නෙ පිටිං. සල්ලි දීලා’
‘උඹට පිස්සු ද?’ යි ඇසෙන්නට ගිය ද කට ඉස්සර කර ගත යුතු නැතැයි ඒ සමඟම සිත කීවේ ය.
අපි ටික වේලාවක් කතා නැතිව සිටියෙමු. රූපවාහිනියේ දිවා ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් විදෙස් තොරතුරු එළිදකිමින් තිබිණ. රුසියානු – යුක්රේන යුද්ධයේ ගිනිදැල්, තිරයට රතු ලකුණක් යොදා තිබූ අතර නිවේදිකාවගේ හඬ ගිලී ගියේ ගමේ ගෙවල්වලින් අවදිව නැඟුණු අවුරුදු රතිඤ්ඤා වරුසාව තුළ ය.
‘කවදාහරි ලෝකෙ යුද්ධ නතර වෙන්න නං එහෙම වෙන්නේ කවද ද කොහොම ද කියන එක ගැන අදහසක් තියෙනව ද උඹට?’
මා නිරුත්තරව බලා සිටියේ සැබැවින්ම මට එවැන්නක් මතක් වී තිබුණේ වත් සිතන්නට වුවමනාවක් තිබුණේ වත් නැති නිසා ය.
‘ඒක වෙනව නං වෙන්නේ දැං ඔය හැමෝම පට්ට ගහන මානව දයාව කියන මනුස්ස හැඟීම විශ්ව කරුණාවකට රූපාන්තරණය වුණාට පස්සෙ’
ඔහේ බලා සිටිය ද මගේ හිත අහඹු සැක සංකා ගණනාවකින් තදබද වී තිබිණ.
‘මං ඊයේ ‘සඳගිරි පාමුල’ කියල ආඛ්‍යාන කාව්‍යයක් කියෙව්වා’ යි සමරේ යළි කීවේ බැරෑරුම් හඬකිනි.
‘කවියා එතැනදී යෝජනා කරන්නේ ආදරේ, කරුණාව, ආගම විය යුතුයි කියලා’
මම කතා නැතිව සිටියෙමි. වරින්වර රතිඤ්ඤා පුපුරා ගියේ ය. හීන් දෙවට දිගේ මල්වට්ටි ද රැගෙන යමින් සිටියේ නොනගතයට පන්සල් යන මිනිසුන් ය. මම ද නැගී සිටියෙමි. ඒ වචනවලට ලඝු කළ නොහැකි අවිනිශ්චිත හැඟීමකිනි.
‘යමු නේ ද ලෙඩ්ඩු බලන්න?’
බලු නඩයකගේ ස්නේහවන්ත කෙඳිරීම්, ආයාචනාත්මක බිරුම් අතරේ ද රතිඤ්ඤා පුපුරා ගියේ ය. හදවත තිගැස්සුණේ එල්ලයක් නැති කෝපයක් ද සමඟිනි.
‘මේ හැමෝම රතිඤ්ඤාවලට බයේ දුවල කොඳු කඩාගත්තු අය නෙවෙයි’ සමරේ කීවේ ය.
‘ඒත් ඉතිං ඔය ඔක්කොම අනාථයෝ’
සුනඛ රෝහලේ කබොක්ගල් බිත්තියක් මත ලැමිනේටින් කළ කිසිවක් කම්බියකින් එල්ලා තිබුණේය. එය පුවත්පතක පිටුවක් බව තේරුම් ගියේ ළං ළං වී විමසූ විට ය. ඡායාරූපයෙහි දෑස් මහත්ව, විවර කරගෙන සිටියේ බියෙන් තැතිගත් සුනඛයෙකි.
‘ඔය ඇවිල්ල සත්ත්ව ආරක්ෂණ සංවිධානයක් ජාතික පුවත්පතක් එක්ක එකතුවෙලා අවුරුදු තුන හතරකට කලින් පළ කරල තිබුණ පේපර් ඇඩ් එකක්’ යි සමරේ කීවේ ය.
යළිත් වරක් මහ හඬින් පුපුරා යන්නට වූ ගිනිකෙළි වරුසාවක් මැද මා දැන්වීමේ අකුරු කියවා ගත්තේ ඇඟිලි තුඬින් දෙකන වසා ගනිමිනි. කිසිවකු එහි කිසියම් වැකියක් ලේඛනගත කර තිබුණේ සුනඛයාගේ පාර්ශ්වයෙන් සිතා ය.
'ඔබේ විනෝදය අපේ භීතියයි; ගිනිකෙළිවලට අපි බයයි.'

https://www.silumina.lk/2024/04/20/news-features/16677/%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%92-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/

Nissanka Rajapaksa

unread,
May 26, 2024, 12:42:42 AMMay 26
to INDRAKA group
4
විල් තෙරේදී' 

- බල්ගේරියානු ලේඛක ලුඩ්බොමීර් පීවෙස්කි (Lyubomir Peevaski) ගේ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවක්

සිංහල අනුවාදය බොබී ජී. බොතේජු විසිනි

පියාඹන වලසා ආපසු පැමිණීම හැරෙන්නට වෙනත් සිදුවීමකින් තොරව දවස ගෙවී ගියේය. එම සතා බර අඩි තබමින් වැල්ලේ ගමන් කොට අනතුරුව කිසිවකට ඉව අල්ලා කොහාටදෝ ඉගිළ ගියේය.

මගේ අලසකම මා කලකිරීමට පත් කළේය. එදින සිදු වූ දෙයින් මා සුදුමැලි වූ අතර, ඉහළ අහසේ ඇති අනන්ත තරු නිරීක්ෂණය කළෙමි. මා දෑස් පියාගත් විට මා ඉදිරියෙන් සියල්ල පැහැදිලිව පුදුමාකාර ලෙස දර්ශනය වූ අතර, එය මා ප්‍රථම වරට දුටු අලංකාර අපූරු දර්ශනයක් විය.

එම වර්ණ, ශබ්ද, දර්ශන සහ ආලෝක විස්තර කිරීමට මගේ වචන කෝෂය ප්‍රමාණවත් නොවේ. කෙසේවෙතත් මම සාධාරණය ඉටු කිරීමට උත්සාහ කළෙමි. මා සාක්ෂි දැරූ මගේ සිත තදින්ම එල්බගත් මේ අද්භූත සිද්ධිවලට හේතු මේ විශ්වාස කළ නොහැකි කතාවේ අවසාන පරිච්ඡේදයට එක් කිරීමට අදහස් කරමි.

මුලදී අහස කම්පනය වූ අතර, එම කම්පනය තණකොළ දක්වාම පැතිර ගියේය. ගස්, කඳු ගැට සහ ඒ අවට ඇති සියල්ල කිසියම් නොපැහැදිලි නොසන්සුන්තාවකට පත් විය. කඳුකරයේ විරුද්ධ පැත්තේ වූ පයින් වනාන්තරයේ සිටි කුරුල්ලෝ ඉන් ඉවතට පියාඹා ගියහ. උන් බියෙන් රවුම් ගැසූහ.

හිරු බැස යමින් ඇත. එහෙත් උණුසුම ඉහළ යන බව මට දැනිණ.

අනතුරුව මට ඇසුණේ සිහින් කර්කෂ නලා හඬකි. මුලදී එය දුර්වල එකක් වූ නමුත් ක්‍රමයෙන් එය වැඩිවන්නට විය. හරියටම සංගීත භාණ්ඩයක් නියම නාදය ලැබෙන තුරු සකස් කරන විට ඇතිවන හඬක් මෙන් විය.

මම තණබිම දෙස බැලුවෙමි. අමුතු උපකරණය නැවතත් සජීව බවට පත්ව ඇත. ඒ තුළින් සුපුරුදු හරිත වර්ණ ගිනිදලු පිස්සුවෙන් මෙන් නැගෙමින්, බසිමින් සහ වෙන් වෙමින් නටන්නට විය.

විලෙහි වූ ජලය ඉවුරුවල වැදෙමින් කිසිවකුගෙන් හෝ ගැලවෙන්නට උත්සාහ කරන්නාක් මෙන් හඬ නගන්නට විය.

අමුතු උපකරණයෙන් පිටපත දීප්තිමත් ජල ධාරාවක් ගලා යන බව මට දැකගත හැකි විය. මීට පෙර එය මගේ අවධානයට ලක් නොවීය. මුලදී අයිස් කුට්ටිය දිය නොවේායැයි මම සිතුවෙමි. පසුව මට අවබෝධ වූයේ රිදී රැහැනක් වැනි ජල ධාරාවක් ඉන් පිටවෙන බවයි.

ඒ සමගම ගුමු ගුමු නාදයක් ඇසුණ අතර, අනතුරුව හදිසියේම සංගීත රාවයකින් ගුවන පිරී ගියේය. එය අවට කඳු මුදුන්වල සිට එන මෘදු ප්‍රසන්න කෝමල සංගීත නාදයකි. තමන්ගේ සංගීත නාදයෙන් කිසිවකු අවදි වේයැයි බියෙන් මෙන් අදෘශ්‍යමාන සංගීත කණ්ඩායමේ සාමාජිකයෝ වාදනයෙහි යෙදෙති.

අද්භූත නොපැහැදිලි භාෂාවෙන් මට යමක් කොඳුරා කීමට උත්සාහ කරන ඔවුන්ගේ සංගීතය මගේ සිතේ කාවදින බවක් මට හැඟිණ. වචනයෙන් විස්තර කළ නොහැකි අන්දමේ දැඩි ආශාව, නොසන්සුන්බව සහ ප්‍රීති ප්‍රමෝදය සම්මිශ්‍රණය වූ හැඟීමක් මා තුළ විය. තනිකම සහ සතුට මා තුළ එක්වර ඇති කරමින් දේදුන්නේ සියලු වර්ණයන්ගෙන් අලංකාර වෙමින් මාව ගැඹුරු සුන්දර ජලයක ගිල්වන්නාක් මෙන් මට දැනිණ.

සෑම ශබ්දයක්ම මලක උපත මෙන් මගේ මනසේ සටහන් වූ අතර, අනතුරුව එය ගීතයක් මෙන් පෙළ ගැසිණ. වර්ණ සහ ශබ්ද, සිතිවිලි සහ ගැටලු පැන නැගීමට හේතු විය. මිනිස් මනසින් සිතාගත නොහැකි සහ තේරුම් ගත නොහැකි සංගීතයේ හඬ ක්‍රමයෙන් වැඩි වූ අතර සන්සුන් ස්වර කීපයක් දෝංකාර දෙමින් අමුතු රිද්මයකින් හුස්ම ගැනීම පවා අපහසු කළේය.

හරිත උපකරණයෙන් නිකුත් වූ ගිනිදැල් අවට අවකාශය සෝදිසි කිරීමට උත්සාහ කරමින් සිට විගස අතුරුදන් විය.

සංගීතය අනපේක්ෂිත ලෙස නව තේමාවකට වෙනස් විය. නුහුරු සංගීත භාණ්ඩයකින් නැගුණ ශබ්දය වේදනාවකට කැඳවීමක් මෙන් වූ අතර එම නාදයෙන් කඳුකරය පිරී ගියේය.

අමුතු උපකරණය වටා පැවති කුඩා ගිනිදැල් විශාල වූ අතර දීප්තිමත් ලෙස බැබලෙන්නට විය. මේ අතර උපකරණයෙන් පිට වී විල දක්වා ගලා ගිය රිදී ජල ධාරාව දීප්තියෙන් බැබළීම ආරම්භ විය.

අනතුරුව කළු වලාකුළක් කඳුකරය වසාගෙන පැතිර ගියේය. වට කිහිපයක් කැරකුණ එම වලාව උපකරණය වෙත වේගයෙන් පහත් විය. ඒ ඊට පෙර විලෙන් උපත ලැබූ පියාපත් රහිත කෘමීන් රාශියයි. එහෙත් දැන් එම කෘමි සතුන් විශාල වී ඇති බව පෙනෙන්නට ඇත. උන් කළු බෝලයක් මෙන් අමුතු උපකරණය වට කරගත්හ. එහෙත් ගිනිය නොහැකි තරම් වූ එම කෘමි සතුන්ගේ අඬු අතරින් ආලෝකය විහිදුණි.

දැඩි බියජනක සහ දුක්මුසු කැඳවීම ඇසෙන්නට විය.

මා සිටි තැනට නුදුරින් වූ තණකොළ කැලඹෙන්නට වූ අතර පොළොවෙන් ගොඩැල්ලක් මතු විය. දැනටමත් හුරුපුරුදු හරිත වර්ණ කෝටු ඇඹරෙන්නට විය. එහෙත් මෙවර මින් පෙරට වඩා ඝනකමින් වැඩි වූ අතර කලින් තිබූ ජවසම්පන්න බව පෙනෙන්නට නොතිබිණ.

කුඩා හරිත වර්ණ කෝටු සැම තැනම විසිර යන බව පෙනිණ. භයානක ශබ්දයේ කම්පනයෙන් ඉදිරියට තල්ලු වී ගිය එම කෝටු දැනටමත් කෘමීන් වසා සිටින අමුතු උපකරණය වෙත වහ වහා ළඟා විය. එම කුඩා කෝටු උපකරණය වෙත කිට්ටු වී එය වැලඳ ගන්නා විට සජීවබෝලය හරිත වර්ණයට හැරී ප්‍රමාණයෙන් විශාල විය.

ඒ මොහ‍ොතේ පඳුරු සහ තණකොළ අතර කුඩා පාද එහෙමෙහෙ දුව පනින ශබ්දය ඇසීමට මට හැකි විය. පුංචි අලි දක්නට ලැබිණ. දෙදෙනා, තිදෙනා ලෙස පැමිණි එම සත්තු කොළ අතු, තණකොළ මල් සහ ගස්වල පොතු උරා බොන්න්ට වූහ. උන්ගේ කුඩා බඩවල් පිපිරෙන තරමට පිරී ඇත.

කෘමීන්ගෙන් සහ පුංචි හරිතවර්ණ කෝටුවලින් ආවරණය වී ඇති උපකරණය වෙත පුංචි අලි වහ වහා ගියහ. කිසියම් මුර්ඡාවකට අසු වූ කලක මෙන් උපකරණය වෙත ළඟා වූ උන් කීකරු ලෙස දිගාවූහ. කෘමීන්ගෙන් වැඩි කොටසක් සහ සජීව බෝලය කුඩු පට්ටම් වේයැයි මට සිතිණි. එහෙත් මගේ දූරේක්ෂයෙන් ඒ බව දැකීමට හැකි නොවීය.

අනතුරුව අවසාන සංගීත ස්වරයත් නැති වී ගිය අතර, ඉන් පසු දීර්ඝ දෝංකාරයක් විය. සංගීතය නතර වූ පසු යළිත් නිහැඬියාව රජයන්නට විය.

එහෙත් උපකරණයෙන් නිකුත් වූ නිල් පැහැ ගිනිදලු වියරුවෙන් මෙන් නටන්නට විය. හරිත රැස් වළල්ල පමණක් තවමත් පැවතිණ. පිපිරීමක් ඇසුණ අතර, ගිනි දලු වැඩි වන්නට විය. දුමාරය අඩු වූ පසු මට තණ බිමේ විශාල පැල්ලමක් දැක ගත හැකි විය. මම සැඟවී සිටි ස්ථානයෙන් ඉවත්ව විල දෙසට බඩ ගෑවෙමි.

එහි ජලය නැති තරම්ය. රිදී රැහැනේ කොටසක් ඉතිරිව තිබූ අතර මඩ අතරින් අස්වාභාවික පිපිරී යෑමේ සලකුණු දක්නට ලැබිණ. උපකරණයේ සහ සජීව බෝලයේ ඉතිරිව තිබුණේ අළු ගොඩක් පමණකි. කැඩී ගිය පයින් ගස සහ පිලිස්සුණ තණ කොළ හැරෙන්නට එහි අද්භූත දෙයක් සිදු වූ බවට කිසිදු සලකුණක් ඉතිරිව නොතිබිණ.

විලෙහි ජලයෙහි සහ අවට පසෙහි සාම්පල කීපයක් ගැනීමට මම උත්සාහ කළෙමි. එහෙත් ඒ සඳහා මගේ ගමන් මල්ල වෙත යා යුතුය. සමහර විට මා ලබාගෙන තිබූ සාම්පලවලින් කොටසක් එහි ඉතිරිව තිබිය හැකිය. සමහරවිට උල්කාපාතයේ කොටසක්ද මට සොයාගත හැකි වේයැයි සිතුවෙමි. මා ඉක්මන් කළ යුතුය. දැන් කළ යුතු වැදගත්ම දෙය එයයි.

එතැන් සිට කාලය බොහෝ සෙයින් ගෙවී ගොසිනි. උල්කාපාතයේ කුට්ටියක් මගේ ආයතනයේ ප්‍රදර්ශන කවුළුවේ තබා ඇත. රිදී රැහැනේ (එය රිදී රැහැනකි) කොටසක් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අතර, එය වඩාත්ම වටිනා ප්‍රදර්ශන භාණ්ඩය ලෙස සැලකිණ. එය පෘථිවියේ නැති ලෝහයකි. තණ කොළ සහ දැවී ගිය පොළොවේ කොටස්, කැඩී විනාශ වී ගිය පයින් ගසේ කොටස්, විලේ ජලය සහ අළු පරිස්සමෙන් විශ්ලේෂණය කෙරිණ.

සියලු කල්පිතයන් සහ මතයන් උසස් මට්ටමක පැවතියද අභිරහස අනාවරණය කර ගත හැකි නොවීය.

මගේ පෞද්ගලික විශ්වාසය මහාචාර්ය කිරොව්ගේ කල්පිතය වඩා පිළිගත හැකි බවයි.

ඔහුගේ මතයට අනුව අමුතු උපකරණය උල්කාපාතයක් සමග පොළොවට එවන ලද තොරතුරු සෙවීමේ අභ්‍යවකාශ විදිනයකි. ඔහු තම කරුණු සනාථ කිරීම සඳහා රිදී රැහැනේ කොටස් සහ තණ බිමෙන් සොයා ගත් අළු යොදාගෙන ඇත. රිදී රැහැනේ භාවිත කර ඇති ලෝහය පොළොවට ආගන්තුකය. අළුවල සොයා ගත හැකි වූයේ ආවර්තිතා වගු න්‍යාය සනාථ කෙරෙන සමහර මූලද්‍රව්‍ය පමණි.

මහාචාර්ය කිරොව්ට අනුව තොරතුරු ගවේෂණයට එවූ උපකරණය උල්කාපාතය අස්සේ සඟවා අයිස් කුට්ටියක් ලෙස පොළොවට එවා ඇත. උල්කාපාතය කැඩී ගිය පසු එය පිටතට පැමිණ ඇත. අයිස්වල රසායනික සංයුතියෙන් පෙනී යන්නේ විලෙහි ජලය කලින් සැලසුම් කර ඇත්තේ අභ්‍යවකාශයේ සිය ක්ෂුද්‍ර ජීවීන් ගෙන ඒමටයි.

අභ්‍යවකාශයේ ක්ෂුද්‍රජීවීන් පිළිබඳ කල්පිතය පැරණි එකකි. මහාචාර්ය කීරොව් මේ අදහස ඉදිරිපත් කර ඇත්තේ තවදුරටත් අනුමාන කිරීම්වලට ඉඩ ලබා ගැනීමටයි.

වෙනත් වචනවලින් කිව හොත් අයිස් කුට්ටියේ ඇති වූ රසායනික සම්මිශ්‍රණය විල් ජලයෙහි ආලෝක ධාරාවක් සහ පිපිරීමක් නිර්මාණය කිරීමට හේතු වී ඇති අතර, පෘථිවියේ සිටින විද්‍යාඥයෝ මේ තත්ත්වය දැන නොසිටියහ. මෙයින් අප නොදන්නා සත්ත්ව වර්ග ඉතා කෙටි කාලයක් තුළ විශාල වශයෙන් උත්පාදනය ලබා ඇත. කෘමීන්, සිහින් කටුස්සන් වැනි සතුන්, පුංචි අලි පැටවුන් සහ යෝධ වැහිලිහිණියන්, යෝධ කුරුල්ලන් සහ පියාඹන වලසා වෙන කිසිවක් නොව පර්යේෂණ කාර්යය සඳහා යොදා ගත් ජීව විද්‍යාත්මක රොබෝවරුය. උන්ව සැලසුම් කර ඇත්තේ පස්, ගල්, එළවළු, ජලය සහ වාතයේ සාම්පල රැගෙන යෑම සඳහායි.

මහාචාර්ය කිරොව් අනුමාන කරන්නේ මට ඇස නොගැසුණ තවත් සතුන් ජලයේ සිටින්නට ඇති බවයි. විල සහ මා අතර වූ දුර ප්‍රමාණය සහ උන් විලෙහි තොරතුරු සොයමින් සිටින්නට ඇති බැවින් මට දැකගන්නට ලැබී නැත. ජීව විද්‍යාත්මක රොබෝවරු, සෑම දෙයක් ගැනම උනන්දු වී ඇත. මෝටර් බයිසිකලයක්, වහලක්, කැලෑ ඌරකු රැගෙන ඒමෙන් ඒ බව පැහැදිලි වේ. පියාඹන වලසා මා ඉවතට තල්ලු කරන්නට ඇත්තේ පුංචි සීනුවෙන් මා පැහැරගත් සතාට අනතුරු අැඟවීමක් කර මා වෙතින් ඉවත් වන ලෙස දැන්වීමටයි. සිදුව ඇති ක්‍රියාදාමය දෙස බලන විට ඔවුන් මූලික සැලසුමක් සකස් කර තිබූ බව පෙනී යයි.

පරීක්ෂණ කටයුතු අවසන් වීමෙන් පසු ජීව විද්‍යාත්මක රොබෝවරු අමුතු උපකරණය වෙත ආපසු පැමිණියහ.

දුම ගැන පරීක්ෂා කර තැබූ මහාචාර්යවරයා උපකල්පනය කරන්නේ පෘථිවියේ ස්වාභාවික පරිසරය වෘක්ෂලතාදිය සහ සතුන්ගේ රසායනික සංයුතිය පිළිබඳ තොරතුරු වාර්තා උපකරණය විසින් සම්ප්‍රේෂණය කර ඇති බවයි.

දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු කර ඇත්තේ ඇන්ටනා වැනි උපකරණ මගින්ද එසේ නැතිනම් ආලෝක ධාරා මගින්ද යන්න කිව නොහැකිය. දත්ත යැවුවාද නැද්ද උපකරණයෙන් ක්ෂිතිජය දක්වා එල්ල වූ ආලෝක ධාරා වෙනත් ස්ථානයක් සමග සම්බන්ධ වූයේද යන්න අපි නොදනිමු.

උපකරණයේ වූ රිදී රැහැන විලෙන් බලශක්තිය ලබා ගැනීමට යොදා ගන්නට ඇති බවත් විල පිළිබඳ පර්යේෂණ කටයුතු සඳහා උපකරණයට බලශක්තිය අවශ්‍ය වන්නට ඇති බවත් උපකල්පනය කළ හැකිය.

එතකොට සංගීතය?

මහාචාර්ය කිරොව් විශ්වාස කරන්නේ එය සංගීතයක් නොව, උපකරණයේ සිට ජීව විද්‍යාත්මක රොබෝවරුන්ට අණ දීමටත්, ජීව විද්‍යාත්මක රොබෝවරුන් විසින් රැගෙන එනු ලබන දත්ත එම රොබෝවරුන් ආපසු තණ බිමට පැමිණි පසු වාර්තා කිරීමටත් යොදා ගත් සංඥා විය හැකි බවයි.

මහාචාර්ය කිරොව්ගේ කල්පිතය කාලය විසින් සනාථ කරුනු ලැබේදැයි මම නොදනිමි. යටත් පිරිසෙන් සිද්ධිය පිළිබඳ සත්‍ය සේ පෙනෙන පැහැදිලි කිරීමක් එහි ඇත. කොතරම් විරෝධතා සහ විවේචන පැවතියද මා මුළු හදවතින්ම ඊට සහාය පළකළේ එබැවිනි.

එහෙත් තවමත් මා කරදරයට පත් කරන දෙයක් ඇත. මෙය කෘත්‍රිමව සකස් කිරීම තවමත් සිදු වෙනවා නම් එය වෙන කිසිවක් නොව පෘථිවියේ වෘක්ෂලතාදිය සහ සතුන්ගේ සංවර්ධනය සඳහා අනාගතයේදී සිදු කළ හැකි බරපතළ මැදිහත්වීමක් මිස වෙන කිසිවක් නොවේ. පෘථිවියේ අනෙක් පැත්තේ මහා පරිමාණ අත්හදා බැලීමකට ඔවුන් සංඥා යොදා නොගත්තේ ඇයි?

මේ සිතිවිල්ල මගේ මනසේ දැවෙන්නට වූයේ මා ඉමහත් සතුටට පත් කරවමිනි. එහෙත් හදිසියේම දැන් මම කලකිරීමේ අන්තයටම පත්ව සිටිමි. එහෙත් මාගේ සැකය වෙනත් අයකු සමග බෙදා ගැනීමට අදහස් නොකළෙමි. මන්ද යත් ඒ සඳහා සාක්ෂි නැති බැවිනි.

එබැවින් ඒ අවස්ථාවේ මගේ මනසේ තිබූ සිතිවිලි සහ මා දුටු දේ විස්තර කරමින් මා ලියූ අවිධිමත් සටහන් පොත ඉදිරිපත් කිරීමට තීරණය කළෙමි. සමහර විට මේ සටහන් කියවන කෙනකුට මේ අභිරහස අනාවරණය කර ගැනීමට හෝ වඩා නිවැරැදි පැහැදිලි කිරීමක් ලබා දීමටත් ආලෝකයක් ලබාදීමටත් හැකි වනු ඇත.

එම ස්ථානයට නැවතත් යෑමට මම පුරුදු වී සිටිමි. විල් තෙර කූඩාරමක් ගසාගෙන සති අන්තය එහි ගත කිරීමට මම තීරණය කළෙමි. මා තනිව සිටින විට ඒ දිනවල සිදු වූ සිද්ධියේ සියලු දර්ශන මට නැවතත් සිහිපත් වූ අතර, එහිදී ඇසුන සංගීතය නැවතත් මගේ සවනට ඇසෙන්නට වූයේ අවට කඳුකරයෙන් සහ කැලයෙන් නැගී එන නාදයක් ලෙසිනි.

වරක් මට සිතුණේ මට නුදුරින් ඇති තණකොළ කැලඹෙන බවත් පොළොවේ කුඩා ගොඩැල්ලක් හට ගන්නා බවත් හරිත වර්ණ කෝටුවක් මා ඉදිරියේ දර්ශනය වී මා දුටු නිමේෂයේ එය අතුරුදන් වූ බවත්ය. කුමක්ද? දන්නේ කවුද? බාගෙවිට....

සමාප්තයි


Nissanka Rajapaksa

unread,
May 26, 2024, 9:08:38 PMMay 26
to INDRAKA group
5
ලෝකඩ නළඟන 

- ඩිල්ශානි චතුරිකා දාබරේ

ශිෂ්ටාචාරයේ මුල් ම කෙළවරට වී ඒ අතටත් මේ අතටත් වැටෙනු නොදී තම සිරුරෙහි බර පාලනය කරමින් සිටි ඇයව කුදලාගෙනවිත් ගුහාවට දමා කටට පුළුන් ඔබන ලද්දේත්, මව් කෙනෙකු වන සිහිනය විනා වෙන සිහින නොදකින්නට ගුහාවැසියන් තරයේ තරවටු කරන ලද්දේත්, සියලු වේදනා ප්‍රවාහ ඉවසීමට දෙන ලද්දේත්, තමාත් මාතෘ දෙවඟනක බවට පත්කරනු සඳහාදැයි ඇගේ සිත, ඇය අද්දරටවිත් නිතර නිතර කුටුකුටු ගෑවේය. ඒ සිත කෙසේ-කුමක් කීවද, ඇය ඇයට ම කියාගත්තේ අනෙකකි.

* * * * * *

‘ඉවසන්න පුරුදු වෙන්න එපැයි ගෑනු ළමේක් වුණාම’

අගනුවරට නුදුරු රෝහලක, වාට්ටුවකින් මෙවැන්නක් ඇසෙනවිට ඊට මුහුණදුන් තැනැත්තිය සිටියේ වෛද්‍යවරිය අසළ රෝගීන් වාඩිගෙන සිටින පුටුව පාමුල බිම වැටී අඩපණ සිරුරෙනි. දාරවල නොමැකුණු කුණු දූලි රාමුවට සිරවූ ටයිල් කැටවලට අඩිය ඉක්මන් කරමින් ස්කෑන් කාමරයෙන්, බෙහෙත් විදින කාමරයට යන අතරේදී ඇගේ නාසාපුඩු බෙහෙත්ගඳට හැකිළිණි. කුණපයක් කැවුණු කලෙක මෙන් විටින්විට වේදනා ගෙන දුන් යටි බඩ, ගෝත්‍රිකයන් සියගණනක් ඉහළට ඔසවා හෙළු හෙලි තුඩුවලට කැපීයමින් තිබිණි. 
කරකැවෙන විදුලි පංකාවක් අසළ සිය ආසනයට බරව සිටි කොණ්ඩය කොටට කැපූ වියපත් වෛද්‍යවරියක රෝගියකුගේ ලෙඩ අඳෝනාවකට සවන් දෙමින් සිටියාය. වෛද්‍යවරුන්ගේ කුටිය අසළින් රෙදි මූස්නයක් සහිත බාල්දියක් ඔසවාගත් කාන්තාවක් පැත්තක් පාත්ව සිටින සේ තීරුවක් දිගේ ඉදිරියට යමින් සිටියාය. ඇය ඇඳ සිටි නගර සභා කමිසයේ වූ වැකියේ අකුරු දුර්වර්ණ වෙමින් තිබුණද, රෝගීන්ගේ පෝලිමේ සිටි තරුණයන් කිහිපදෙනෙකුට එය කාලය ගෙවාගැනීමට උචිත මාතෘකාවක් විය. බිම හුන් තැනැත්තිය වෙතට නැඹුරු වූ වෛද්‍යවරිය මීළඟට කාමරයට පැමිණීමට නියමිතව සිටි මැදිවියේ කත දෙස ද නෙත් යොමා, ඇය ඇඳ සිටි බ්ලවුසය ගන්නට ඇතැයි සිතූ සාප්පුව අසවල් එක වියයුතු යැයි අනුමාන කරමින් කල් යල් බලා, නැවත පියවි සිහියට පැමිණ, ‘ගෑනු ළමේක් ඔයිට වඩා හයිය වෙන්න ඕන’යි තොල්පිට හරවා කියා ආසනයේ නැවත හරිබරි ගැහුණාය.

ගෑනු ළමේක්
ගෑනු ළමේක්
ගෑනු ළමේක්..

කල්ප කාලාන්තරයකට පසු ඇගේ හිසේ ඒ ගැහැනු ළමයා නැවතත් දෝංකාර දෙන්නට පටන්ගත්තේය. ශිෂ්ටාචාරය ආරම්භයේ සිට ම දහස්වර, දසදහස් වර, කෙළකෝටි ගණනින් ඇගේ හිස වටා භ්‍රමණය වූයේ සෞරග්‍රහ මණ්ඩලය නොව එම වචන ය. ඇය සිතුවා වැරදිය. ඒවායින් ගැලවීමට තවමත් නොහැකි වී තිබේ. ඒවා තවමත්, දූවිලි සුළඟක්ව අර තරම් දුර ඈත සිට පැමිණෙමින් තිබිණි. ඒ කුණාටුවෙන් ඒකාලයේදී ද ගැලවිය නොහැකි විය.

හරප්පා ජනාවාසයට නුදුරුව අං ඇති දෙවියකුට දාව ශුෂ්ක කැලෑවක උපත ලද මොහොතේ පටන් ශුද්ධ වූ ගංගාවන්ට බැස උඩුබැලි අතට පිහිනායමින් ද, පාවහන් නොලෑ දෙපතුල්වලින් නොයෙක් ජනාවාස පසුකරමින් ද, විවිධ ගොපල්ලන්ගේත් එළු අඩි සලකුණු ඔස්සේත් ඇය දිගු දුරක් පැමිණ තිබිණි. ඇතැම්විට ගැලෙහි පැමිණෙද්දී විවිධ ගැල්කරුවන්ගේ අතවරයට ලක්වීමට ගිය අවස්ථාවලදී ඇය ගෑනු ළමයාව පසෙක තබා දෘඩ ආත්මයක්ව නැගී සිටියාය. තමා ගෑනු ළමයෙක් යැයි කියමින් විවිධ විච්චූර්ණ එල්ලාගන්නැයි අත පතා පැමිණි කොයියම්ම වූ ඉඩම් හිමි රදළයකු හෝ ප්‍රවේණි දාසයකු වුණි නම් ඇය ඔවුන්ව දූරස්ථ කර දැමුවේ ඒ එල්ලීමට ගෙනා කම්බිලි, සලුපිලි, හිස් පළඳනා, අංජන ආදිය ද බිම ගසා දමමිනි. සේද මාවත දිගේ ආ වණික් තරුණයන් ඇයට දුන් මාල, වළලු බිඳ ඒවායේ පබලු බිම දිගේ ගලායන්නට සල්සවන ඈ පසුව ඒවා එකිනෙක ඇහිද හැඩ බලන්නට ගනී. කුඹල් කරුමාන්තයෙන් ඉපිද, රාජ්‍යතාන්ත්‍රික සේවයක නිරතවූ සැමියකු ලැබ සිටි ඥාති සොයුරියක තමාට පෙරහර බලන්නට ගොස් එද්දී පොඩි මැටි වළං ගෙනැවිත් දුන්නද, පාලු ගෙයි වළං බිඳින්නා සේ ඒවා තලා පොඩිකර මැටි කුඩු එකතු කරගත් ඇය ඒවායින් ඉණට අතක් තියා සිටියා වූ මොහන්දොජාරෝ ලෝකඩ නළඟනගේ රුව හුණු ගෑ ගෙයි බිත්තියේ ඇන්දාය. ඇගේ ලෝකයේ වීරවරිය අම්මා නොවීය, එම නිළිය විය. සෙලු කයෙන් වළලු පමණක් අතැතිව සිටින සිහින් සිරුරැති ඇගේ රුව අබිබවා උහුළාගැනීමේ එඩිතරබවක්ද ඈ කෙරෙහි වීය. ඒ සෑම තැනකදී ම ඇයට දහස් ගණන් මන්තර මැතිරිලි අතරින් තමා ගෑනු ළමේක්ය යන අදෝනාව ඇසෙන්නට වූ අතර, පසුව ඇසීලා ඇසීලා ම ඒවා කන් අසළ නතර වී කලාදුරු මෙන් ගුලි වී තිබිණි. 

එහෙත් ඈ නගරයේ සිහින ඇකඩමියාවට පැමිණි විගස ඒ කලාදුරු ගලවා දමා කන් දෙක ගසා දැමූයේ ඇගේ අස්වයා කන්පට සලන්නාක් මෙන් ප්‍රීතියෙනි. මෙහි සිටින්නේ ප්ලේටෝලාය, සෝර්බාලාය, සන්තියාගෝලාය. තාරාලාය, කැරනිනාලාය, බෝවාරිලාය, අයේෂලාය. එහෙයින් ඇයට නැවතත් වළං බිඳීමට සිදු වනු නැතැයි ඈ දැඩිතරව අපේක්ෂා කළාය.

* * * * * *  
සියවසක් පුරා, කල්යල් බලමින්, මග කොනිති ගසමින්, සැමතැනම අවුලුවමින් කළු අම්මණ්ඩිලා, දැඩිතර නැන්දලා, පෙම් සබඳතාවක් මව්පියන් හොයොදෙනතුරු පන්සලට මිස ගෙයින් පිට නොගිය පුංචිලා, සැමියා පඩි ගෙන දෙන තෙක් බලා ඉන්න අක්කලා මහ රෑ හීනෙන් පැමිණියහ. දුම්මල වරම් අතින් ගත් ඔවුහු ඇගේ ඉඟටිය වටාත් ගෙල වටාත් සුර පළඳවන්නට වූහ. හිසේ සිට දෙපතුල දක්වා දෙහි කපා මතුරන්නටත් වූහ. ඇස්වහ කටවහ පුච්චන්නට සෙනසුරාදා දින එනතෙක් බලා සිටින්නට වූහ. ඇඟ සිසිල් කරන, ඔප කරන ආහාර සකසා ගෙනෙන්නට වූහ. සියලු කලිසම් ඉවත් කර, ගවොම් අන්දවන්නට වූහ. අඳුරු කාමරයකට දමා තනිකරන ලද ඇය ඔවුන් කියනා ලෙසට, අතින් ගැනිය නොහැකි කලක් ඔවුන් විසින් ම ඔබ්බවන ලද, ගුහා කටෙහි නැවත නැවතත් සිරවී සිටියාය. ඇය ගුහා කෙළවර අඳුරේ ලැග සිටියේ, පුෂ්ටිමත් හොඳ වර්ගයේ බලු කුක්කෙකු සිය හිමියා තමාව බැඳ දැමූ රැහැනෙන් ගැලවී අවුත් සර්වාංගයේ මඩ තැවරෙන බව දැන දැන මඩවළෙහි ම ලැග සිටින්නාක් මෙනි. 

‘රෑට රෑට නාට්ටි බලලා බෝඩිමට එන්න හොඳ ද ඔහොම?’
‘මොනවද ළමයො මේ ගෑනු ළමයි බලන පොත්ද’
‘ගෙයක් දොරක් වුණාම මෙහෙම ඉදලා බැහැනේ ගෑනු ළමෙක්නෙ’
‘මේ බලන්න අල්මාරියක හැටි ගෑනු ළමේක්ගේ’

මෑනිවරුන්, අක්කාවරුන්, නැන්දාවරුන්, අත්තම්මාවරුන් නිතර දෙවේලේ කියකිය ආ අතීත සෝබාවේ ගැහැනු වත්කම් ඇගේ කටට පොවන්නට වූයෙන් ඇයට ඒවා ඔක්කාර වීය. ඇගේ දෑත්, දෑස් බයිසිකල් සෙව්වේය. නැග බලන්නට ගෙවල්වල පියසි සෙව්වේය. කරක්ගසන්නට වනන්තර සෙව්වේය. දූවිලි පිරුණු නගර පීරමින් මනුස්ස ප්‍රාණ සෙව්වේය. පොත්හල්වල අඳුරු අහුමුලුවල සැඟවී තිබෙන යටි තට්ටුවලට ගිලා බැස තිබෙන දූලි පිරුණු පොත් සෙව්වේය. ජීවිතයෙන් ගලා ආ ප්‍රමෝදය කාන්දු නොවනු වස්, ඇගේ දෑත් දෙපා සොයන දෑ වෙත ඇයව ගෙන යන ගොපලු කොලුවකු සෙව්වේය. ඒ ගොපලු කොලුවා වුව, ගොපලු රැහෙන් මිදී තමා වෙත එනු ඇතැයි ඇය කල් බලමින් සිටියේය. 

මග බලමින් සිටි ඒ ගොපලු කොලුවා දිනක් ගුහාවට පැමිණියේය. යහපත, පැහැපත, රූපත. ඇවිත් සදහට සිටිනු බැරියෙන් වුව ද, නෑවිත් මගතොට ම හිඳිනු නොබැරියෙන් පැමිණියේය. 

* * * * * *  

‘මම හිටියේ අපේ පොඩියැයිගේ රෙදි හෝද හෝද. දන්නවනේ මහත්තයො අපිත් ගෙයි ඉන්නේ ඉරිදාට විතරයි. සෙනසුරාදාත් වැඩට ගිහින් ආවේ. මේ ළමයාට කිව්වට අහන්නෑ තමන්ගෙ රෙදි ටික හෝදගන්න කියලා අපිම එපැයි හෝදන්න ඉතිං. අපේ මනුස්සයා වැඩට යනවා එනවා යනවා එනවා. ඉරිදා දවසටවත් රහට කියලා මුකුත් ඒ මිනිහාට තියෙන්න එපැයි. ඒගමන මම රෑට උයන්න එළවළු ටිකක් කඩෙන් ගෙනත් තිව්වාම මතක් වුණා, මේකිගේ රෙදි ටික එහෙම්මමයි නේද කියලා. ඔන්න ඒටික හොදන කොටයි අපේ එක්කෙනා දුවන් ආවෙ කඩේ ගාව කෙල්ලෙක් වැටිලා සනීප නැතුව කියලා. කඩේ කිව්වට ඒක තාත්තගේ කඩේ මහත්තයො. තාත්තා දැන් වයසයි. ඒත් කඩෙන් ගලවගන්න බෑ උන්දෑව. කරන්න වැඩකුත් නැති එකේ ඔන්න ඔහේ ඒක බලාගන්න දෙන්න කියලා මහත්තයා කිව්ව නිසා මිසක් මුලදි මුලදි මම ඒක ගන්න තමයි හැදුවේ. ඔව් ඔව් මහත්තයො ඒක කියන්න තමයි හැදුවෙ. මම යද්දි ඒ ගෑනු ළමයා බිම වැටිලා හරිම අමාරුවෙන් හිටියා. තාත්තයි තවත් මිනිස්සු වගේකුයි එතැනට වෙලා එයාට අලියා බීම එකක් කඩලා පොවන්න හදනවා දැක්කා. මම යද්දි ඒ ළමයාගෙ මූණට දාඩිය දාලා කලන්ත හැදිලා වගේ හිටියේ. ඒ අස්සෙ මෙහෙ කැරකෙන රස්තියාදුකාරයෙක් ඕන නැති එක එක එව්වා කියන්න ගත්තා. අපි සේරම ඒ ළමයාව උස්සගෙන ගෙදෙට්ට එක්කං ගියා. මොර දීම ඉවර වුණේ නැහැ. ඒගමන වතුර රත් කරල තැව්වම අඩු වුණේ. අසනීපෙ ද? අසනීපෙ කියන්නෙ මහත්තය, අර ගෑනු අපි කාටත් තියෙන්නෙ.. මේ... මහත්තයට තේද හොඳ, නැත්නම් අලිය බීම එකක් ම දෙන්නද?

* * * * * *  

සිය පට්ටියේ වූ එළුවකුගේ පිටේ ඇයව තියා සිහින ඇකඩමියාවට පැමිණි ගොපලු කොලුවාගේ අත අතෑරිණි. ඇය පැමිණ සිටියේ තවත් දහස් ගණන් ගොපලු කොලුවන් පැමිණ සිටි තැනකටය. ගොපල්ලන් පමණක් නොව එහි ප්‍රවේණි දාසයන් ද, රදලයන් ද, පැලැන්තිකාරයන් ද, කම්කරුවන් ද, ගෝත්‍රිකයන් ද වූ බැවින් ඇගේ නලඟන ආසාව මදක් යටපත් විය. එයින් කිහිපදෙනෙකුගේ සන්තියාගෝ සිහින අසා බලා සිතේ ඔබා තියාගනු පිණිස දැනගැනීමට, ඇගේ සිත මුරගෑවේය. බැමි වටා පැල් බැඳ සිටි ගෝත්‍රික තරුණ ගැට මුළු ඇදෙස බලා මුරුමුරු ගෑහ. ඈ වටා කොළඅතු එල්ලමින් නටන්නට වූහ. ඔවුන්ගෙන් ගැලැවෙන්නට ගොසින් ඇයට පඹගාලක පැටලෙන්නට වූවද, ඒ අතර සැඟවී සිටි කොල්ලෙක් දෙන්නෙක් ඔවුන්ගේ කතාන්දර කියනු වස් ඇයව තෝරාගත්හ. 
ඇකඩමියාව පුරා වූ නැවුම් ලියමඩුලු ඇය දෝතින්ම බදා වැළඳගත්තේ, ඔලිව් ගස් යට ඉතාකාවේ නැගුණු අදහස් වියළෙන්නට ඉඩනොදෙමිනි. සංවාද මඩුලු අරා, ඉහළට නැගුණු වාග්ප්‍රහාර ගොපල්ලන්, ගෝත්‍රිකයන්, ආදි මානවයන් සියල්ලන්වම එකම මාතෘ දෙවගනක හා සසගව, එකම තුරුලක, එකම හදපණක ගැටෙන්නට සැලස්වීය. යාදිනි, යාතිකාවලින් ගිගුම් ලත් ඇකඩමියානු අහස වැසී ගිය විසල් ග්‍රීක කුළුණු මත ඇයව ලුහුබඳිමින් ආ ඉතිහාසයේ පවන් රැළි ගෑවි ගෑවී එතෙමින් පැවතිණි. ගොපල්ලන්ගේ ගී හඬෙන් මිදී ඇය පියවි සිහියට පැමිණි විට හරප්පා ශිෂ්ටාචාරයේ බලගතු අං ඇති දෙවියා නැවතත් ඇය ඉදිරියේ ප්‍රාදූර්භූත වූයේය. අං තට්ටුවේ බරින් පීඩිත ඒ මුහුණේ කම්මුල් අලු රේඛාවලින් හැඩ දමලාය. කැපුම් පහරවල්වලින් පීඩිත දෑතත්, දෝංකාරමය ගිගිරුමත්, රංග භූමියෙන් නැගි දුමාරය මැදින් මතුවවිත් ඇයව උස්සා පොළොවේ ගැසීය.

‘ගෑනු ළමේක් නේද?’

ඇගේ ලෝකඩ නලඟනගේ රුව බිත්තියේ සිට කොකම්පානු ඇයට සිහිනෙන් පෙනිනි. එයින් දිරි ලැබූ ඈ ක්ෂණිකව අහසට පිම්මක් පැන යළි පතිතවූයේ අං ඇති දෙවියාගේ කම්මුල පිපිරෙන පහරක් එල්ල කරමිනි. 

* * * * * *  

ශිෂ්ටාචාරයේ මුල් ම කෙළවරට වී ඒ අතටත් මේ අතටත් වැටෙනු නොදී තම සිරුරෙහි බර පාලනය කරමින් සිටි ඇයව කුදලාගෙනවිත් ගුහාවට දමා කටට පුළුන් ඔබන ලද්දේත්, මව් කෙනෙකු වන සිහිනය විනා වෙන සිහින නොදකින්නට ගුහාවැසියන් තරයේ තරවටු කරන ලද්දේත්, සියලු වේදනා ප්‍රවාහ ඉවසීමට දෙන ලද්දේත්, තමාත් මාතෘ දෙවඟනක බවට පත්කරනු සඳහාදැයි ඇගේ සිත, ඇය අද්දරටවිත් නිතර නිතර කුටුකුටු ගෑවේය. ඒ සිත කෙසේ-කුමක් කීවද, ඇය ඇයට ම කියාගත්තේ අනෙකකි.


Nissanka Rajapaksa

unread,
May 27, 2024, 1:49:56 AMMay 27
to INDRAKA group
මොහන්දොජාරෝ ලෝකඩ නළඟන



කලා විචාරකයින්ගේ සැලකිල්ල යොමු වූ නිර්මාණ අතර හරප්පාවෙන් හමු වූ ලෝකඩ නළඟනගේ රුව ද ප්‍රධාන තැනක් ගනියි. ඉන්දු නිම්න වැසියෝ ලෝහ වාත්තු කිරීමේ තාක්ෂණයෙන් පරිණතව සිටි බවට මෙම ලෝහයෙන් කරන ලද නළඟන රුව හොඳ ම සාධකයකි.

ලෝහ වාත්තු කිරීමේ ශිල්ප ක්‍රමයෙන් පූර්ණ උන්නතව නිමවා ඇති මෙහි උස අඟල් 4 1/2 කි. කාන්තා නාරි දේහයේ ලාලිත්‍ය මනාව මතු කොට දක්වා ඇත. ඇස් අඩවන් ය. ප්‍රකෝපකාර ඉරියව්වකින් සිට ගෙන එක් අතක් ඉනෙහි තබාගෙන එක් කකුලක් අඩක් නැමී සිටින ආකාරයෙන් නිමවා ඇත.

 කෙසඟ නග්න රුවක් වූ මෙම කාන්තා රුව කලාත්මක ය. ගෙල බැඳි මාලයත්, දෙඅත්හි ඇති වළලුත් මෙහි දැකිය හැකි ආභරණයන් ය. එය එකල ඉන්දු නිම්න වැසියන් ආභරණ පැළඳීම පිළිබඳ ප්‍රබල සාක්ෂියකි. මෙයින් දෙවොලක රඟන ස්ත්‍රියක් නිරූපණය වේ යැයි මතයකි. දැනට නවදිල්ලි ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.


Nissanka Rajapaksa

unread,
May 27, 2024, 7:47:13 PMMay 27
to INDRAKA group
6
නිල් සුළිය

කේ. ඩී. දර්ශන

එයා තාම නිදි. මම කීප වතාවක්ම කාමරයට එබිලා බැලූවා. ඒත් කිසි හැලහොල්මනක් නෑ. පාන්දරජාමෙත් පහුවෙනකල් ඇහැරලා හිටපු නිසා වෙන්නැති. දොර රෙද්ද අස්සෙන් ඈ දෙස බලපු වතාවල් වැඩි නිසා මම කුස්සිය පැත්තට ගියෙ මොනව හරි කන්න. අම්මයි අහලපහල ගෙවල්වල ගෑනු කීප දෙනෙකුයි මොකක් නමුත් බර කතාවක. මට තවත් ඉදිරියට යන්න  ඕනෙ වුණේ නෑ. බලපු බැල්ම ගිහින් නැවතුණේ පෝරණුවෙ ලිග්ගල් තුන මත. පරණ අලූයි, වටේ පිළිණු වෙමින් තිබුණු වළං කීපයයි මගෙ ප‍්‍රශ්නෙට පිළිතුරක් දුන්න. අංශ 180ක් ආපස්සට හැරිලා ආයෙත් සාලෙ පැත්තට යන්න හදද්දියි දැක්කෙ තස්ලිමා නැන්දගෙ කඳුළු. විමසන්න, ළතැවෙන්න කියලා වෙලාවක් තිබුණෙ නෑ. මම වේගය බාල කරපු හැරීම හිමින් හිමින් හරි දිගටම හැරිලා සාලෙ පැත්තට ඇදුණා. ආයෙත් දොර රෙද්ද මෑත් කළා. තවමත් ඇය නිදි. ඒත් මට යන්න හිත දුන් නෑ. සිටිපියෙන් ම හිටියා.  මට තේරුණා මගෙ දෘෂ්ටියේ අඛණ්ඩ බව වෙනසකට භාජනය වෙනවා කියලා. ඒත් එක පාරට ම හිතන්න බෑ ඇත්තට ම එහෙම දෙයක් වෙනවද නැත්නම් මගෙ දෘෂ්ටි රේඛා චලනය වෙනවද කියලා. නෑ… ඇත්තටම ඇයගේ ගැස්මක් පේනවා. මට හිතුණ තව ටිකක් කිට්ටුවට යන්න. ගියා නෙවේ ඉබේ ම වගේ මම ඈ වෙත යැවුණා. මුනින්තලා නිදා සිටි ඇගේ පිට රිද්මයානුකූල ගැස්මක. මම තවත් ටික වෙලාවක් ඒ දිහා බලාන ඉඳලා  බැරිම තැන ඇයට කතා කළා.

”ෆා..තිමා”

ඒ ඉරියව්වෙ කිසිම වෙනසක් සිදු වුණේ නෑ. ඒ වෙනුවට අර ගැස්ම වේගවත් වුණා. ඊළඟ තත්පර කීපයේදි හීන් ඉකියක් බවට පෙරළුණා.

”ෆාතිමා”

ඒත් ඇය හැරුණෙ නෑ, ඉකිය හැඬුමක් බවට හැරුණා.  මගෙ පපුවත් වේගෙන් ගැහෙන්න ගත්තා. මම දන්නෑ කොහොම වුණාද කියලා. ඊළඟ මොහොතෙ ෆාතිමා මගෙ උරහිසට බරදීලා ඉකිගහනවා. පළමු ක්ෂණයෙ ගැම්මෙන් ම මම ඈව ඇඳේ ඉන්දුවා. මොහොතකින් මගෙ අත්ලට දැනුණු දේ සැක සහිත නිසා ඇයගෙ හිස අතහැරලා අත්ල මගෙ දෑස් මානයට ගෙනාව. සැකය හරි බව තේරුණා. ඒත්… ඒත් එකපාරටම වැටහෙන්නෙ නෑ මගේ අත්ලට උණු ලේ කොහින්ද කියලා.

”ෆාතිමා මේ බලන්න. ඔයාගෙ ඔළුව තුවාල වෙලා වගේ… මේ බලන්න මගෙ අතේ ලේ..”

ඒකි නොබලම මගෙ අත ගසල දැම්මා.

”ඔයාට තේරෙන්නැද්ද මං කියන දේ ෆාතිමා. ඔයාගෙ ඔළුව තුවාල වෙලා.. ”

”මට ඉන්න දෙන්න”

”…..? මම මොකද්ද කළේ ඔයාට?”

ෆාතිමා එයාගෙ වම් කන මගෙ පැත්තට හැරෙව්වා.. මගෙ දෙවියනේ! කන් පෙත්ත ඉරිලා පරණ ලේ කැටි ගුලි ගැහිලා.. ඒ කැටි සෝදමින් අලුත් ලේ ගංගාවක් ගලන්න පටන් අරන්. එතකොටයි මට තේරුණේ මං එයාව නිදි ඉරියව්වෙන් ඇදලා අරං ඉන්දවද්දි කලිං තුවාලෙ පෑරෙන්න ඇති බව.

”ඉන්න ෆාතිමා, අනේ මට සමාවෙන්න…” මට කියාගන්න ලැබුණෙ එපමණයි. මුව ගොළු වුණා. අපි දෙන්නගෙම ඇස් එකට එක ගැටුණා. ඒ වෙලාවෙ මට කියා ගන්න දෙයක් තිබුණෙ නෑ. එයාටත් එහෙමද දන්නෑ.. හැබැයි ඒ ඇස්වල බරසාර වේදනාවක් එක්ක වෛරයක් රැඳිලා තිබුණ කියලා මට පස්සෙ හිතුණා. ඒ මූණෙ සටහන් වෙලා තිබුණෙ ලේ ගලන තුවාලෙන් ආපු වේදනාව නෙවේ කියලා මට තේරුණා. මම ඉකි ගහන ෆාතිමාව ඇඳ විට්ටමට හේත්තු කරලා කුස්සියට දිව්වා.

”පුතාගෙ අතට මොකද වුණේ? තුවාලද?”

ඒ පාර අම්ම කලබලවෙලා… අම්ම හිතුවෙ මගෙ අත තුවාල වෙලා කියලා. මගෙ අතේ ගෑවිලා තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ රුධිරය බව අම්මට තේරෙන්නැද්ද? ඒ තරමට ම ලේවල ස්වරූපය සමානයි. ඒ ලේයි මේ ලේයි අතර කිසිම වෙනසක් නොපෙනෙද්දිත් දිගට හරහට ඇවිලෙන ගින්න ගැන නිර්වචනයක් හදා ගන්න මට තියරි තිබුණෙ නැති තරම්. ඊයෙ මහ රෑ පටන් ගත්තු දඩයම කාලයක් තිස්සෙ ඉව අල්ලමින් උන්නු ලේ මාපිලූන්ගෙ කුමන්ත්රෙණයක ප‍්‍රතිඵලයක් නොවෙන්න අද මගෙ අතේ ලේත් නෑ, මගෙ ඇදේ ෆාතිමත් නෑ.

”ෆාතිමාගෙ කන තුවාල වෙලා…”

තස්ලිමා නැන්ද නෙවේ කලබල වුණේ. ඒ වෙනුවට බිත්තියට පිටදීලා හිටිය ඇගේ පංචස්කන්ධය බිත්තිය දිගේ ම හෙමි හෙමින් පහළට රූටමින් ඉන්ද වුණා. තස්ලිමා නැන්දගෙ ගොළුවත කොයි තරම් බර ද කියලා මට තේරුණේ එයා හිටගෙන හිටපු තැන බිත්තියේ ඇඳුණු පාර දැකලා. ඇඳගෙන හිටපු බුර්කාව විදගෙන කෝටු ගැහුණු පිට කොන්ද අස්ථි පඤ්ජරයත් එක්ක ම බිත්තියේ සටහන් වෙලා තිබුණා. ඒ පමාවට අම්ම කාමරේට දුවලා. නැන්ද තාමත් කලින් ඉරියව්වෙමයි. මමත් පිම්මෙ දිව්වා. මම දොර රෙද්ද මෑත් කරන් ඇතුළට යද්දිත් අම්ම තෙත රෙදි කෑල්ලකින් ෆාතිමාගෙ කන තවනවා. ඒ රෙදි කෑල්ලයි, ප්ලාස්ටික් මැටි කෝප්පෙයි කලින් රතෙන් ම වර්ණවත් වෙලා තිබුණා.

”ආ…හ්ව්…”

”කාලකණ්ණි… ”

”..හ්ආහ්…ම්….ආහ්….”

”පුතේ බේත් පෙට්ටිය අරං වරෙන්. මුං කෙල්ලගෙ කන කාලා.  ”

”කොහොමද ෆාතිමා කන තුවාල වුණේ” ෆාතිමා කිසිවක් නෑහුණ ගානට හිටපු නිසා මම අක්කගෙ කාමරේ තිබුණු බේත් පෙට්ටිය ගෙනත් ටිකක් සද්දෙට ටීපෝවෙන් තිබ්බ. එයා හැරිලා බැලූවා. ආයෙමත් අනිත් පැත්තට හැරිලා ඉකි ගහන්න ගත්තා.

”අප්පට ගාද්දි මං කෑ ගාලා උංගෙ ඇඟට පැන්න. ඒ වෙලාවෙ ඌ මගෙ තෝඩුවෙන්…” වාක්‍ය ඉවර නොකර ම ඇය ඉකි ගහනව. මං වගේ ම අම්මත් හිත ඇතුළෙ වාක්‍ය සම්පූර්ණ කර ගන්න ඇති.

අම්ම ඉරිණු කනට බෙහෙත් දාලා ප්ලාස්ටර් ගහද්දි මගෙ ඇහි බෝලවලට අමුත්තක් දැනෙමින් තිබුණ. ඒක කොයි වගේ ද කියලා විස්තර කරන්න අමාරුයි. ඇසුරු සැණෙකින් ෆාතිමාගෙ තුවාල වුණ කන් පෙත්ත තද නිල් පාට වෙන්න ගත්තා. ටිකෙන් ටික වැඩි වෙලා මුළු කනම නිල් පාට පටලයකින් වැහිලා ගියා. ඒත් එක්ක ම ඇස්වලට දැවිල්ලක් ගෙන එමින් නිල් මීදුම් පටලය දිය සුළියක් වගේ කැරකිලා ඇගේ කන ඇතුළට ඇදෙන්න ගත්තා. මොහොතකින් මුළු කාමරයම ඝන නිල් මීදුමෙන් වැහිලා මාව කරකවන්න ගත්තා. මුලින් ම අම්මගෙ අතේ තිබුණු තෙත රෙදි කෑල්ල වා සුළියට අහුවෙලා ෆාතිමාගෙ කන ඇතුළට ඇදිලා ගියා. ඊට පස්සෙ ප්ලාස්ටික් මැටි කෝප්පෙ. ටීපෝ එක, මල්වාස් එක, මගෙ මේසෙ උඩ තිබුණු පොත්, තවත් මොන මොනවදෝ දේවල් නිල් අන්ධකාරෙ ඇතුළෙ ඇගේ කන ඇතුළට ඇදිලා ගිහින් අන්තරස්දාන වුණා.  අම්මගෙ ඡායාව පෙනී නොපෙනී යමින් මාවත් කරකැවෙනවා වගේ මට තේරුණා. කොච්චර කාලයක්ද කියන්න බැරි වුණත් කැමරාවක් ෂටර් වෙන මොහොතක් වගේ ඉතා සුළු මොහොතකින් මාවත් ඇදිලා ගියා. ඒ අත්දැකීම බියකරුයි. කෙටි වැකියකින්වත් දිගු වැකියකින්වත් කියලා නිම කරන්න බැරි තරම් බියකරුයි. අපි ඇදිලා ගියේ කරකැවෙමින් විශාල ආගාධයක් ඇතුළට කියලයි මට හැඟුණෙ. ඒ ගමන අතරතුර එකිනෙකා හැපෙමින්, වැළපෙමින් අසීමිත භීතියකින් නගන ළතෝනිය ඔඩිසියස්ව වුණත් සලිත කරනවා. නිල් සුළියට අහුවුණ වුන් අතර පිටත ලෝකයේ නිර්වචනවලට අනුව නම් එක ම ප‍්‍රාණියා මම විතරයි. ඒත් අපි හැමෝ ම ළතෝනි තිබ්බ. හැමෝට ම කටහඬක් තිබුණ. හැමෝ ම එකිනෙකාගෙ ඇගේ හැපුණා. වේදනා වින්ද. මගෙ පුංචි ටීපෝව නගපු කෙඳිරිය පපුව දවන තරම් සංවේග ජනකයි. මේසෙ තිබුණු හැම පොතක් ම කියවලා තිබුණෙ නැති නිසා ඔවුන් නගපු ළතෝනි කාගෙ කාගෙ ඒව ද කියලා වෙන් කරලා අඳුන ගන්න මට බැරි වුණා. මට යාන්තමට වගේ ඇහුණ නලින්ද සිල්වාගෙ හඬ.. ඔහු මගේ ලෝකය අස්සෙ ඉඳන් මොන මොනවදෝ මුමුණනවා. එකපාරට ම කරකැවිලා ආපු හාඩ්කවර් පොතක් මගේ නළලේ වැදිලා මාව පස්සට විසි කළා. වේගෙන් ආගාධ ගත වෙමින් තිබුණු ෆාතිමාගෙ සීතල වුණු ලේ සහිත රෙදි කෑල්ල මගෙ ඔළුවට වැටුණෙ ඒ අස්සෙ. මම ඒක අතට අරං තරහටත් එක්ක ගුලිකරලා අර පොතට දමල ගැහුවා. සැරපරුෂ ගැඹුරු හඬක් නගාගෙන පොත මොකද්දෝ දෙබසක් කියන්න පටන් ගත්තා…

”මේ අප වෙසෙන්නේ විශ්වයේ තවත් එක් සමයක

මේ නැගී සිටින්නේ අපගේ ආධ්‍යාත්මය දැයි බලන්න

මෙය අපගේ ම ආධ්‍යාත්මය නොවේ නම් වෙනයම් බලයක් ද?

මෙය වටහා ගත යුතු නොවන්නේ ද?…”

ඒත් එක්කම ”ස්ලාං…..” ශබ්දයකින් කරකැවිල්ල නතර වුණා. එක දිගට කරකැවුණු නිසා වමනෙ යන්න වගේ. මම බිම දිගා වුණා. වැඩි වෙලාවක් ගියෙ නෑ මාත් එක්ක ආගාධ ගත වුණු පොත් ටිකයි අනිත් ආම්පන්නයි එකින් එක වටේට වැටෙන්න ගත්තා. ආයෙමත් සැරයක් තෙත රෙදි කෑල්ල වැටුණෙ මගෙ ඔළුවට. සේරම ගසල-බසල දාලා ටීපෝවට බර දීලා ඉඳගත්තමයි මම දැක්කෙ ඉන්නෙ කොහෙද කියලා. ගමේ පන්සලේ බෝ මළුව. පුදුම සිසිලසක් එක්ක පපුව කාරවල යන කෙමිකල් ගඳක් ආව. ආගාධ ගතවීමෙන් මම ගොඩක් තෙහෙට්ටුවට පත් වෙලා හිටියෙ. අමාරුවෙන් නැගිට ගත්තු මම බෝධීන් වහන්සේ වටා පැදකුණු කළා. මඟක් යද්දියි මීටර් වුණේ පැත්ත වැරදියි නේද කියලා.

”වාමාංශිකයොනෙ ඔන්න ඔහෙ අවුලකුත් නෑ…”

මම ගැස්සුණා. කවුද ඒ අස්සෙ? කෙනෙක් හොයා ගන්න නැති තරම්. ඇහෙන මානෙක කවුරුත් ම නෑ. කොළ පාට ගස් ගොන්න අස්සෙන් තද තැඹිලි පාටට හැදීගෙන එන පිළිම පේළියයි, පහළ මළුවෙ ඒව පාට කරන පේන්ට් බාස්ලයි තමයි. ඒ ඇරෙන්න වෙන කවුරුත් පේන්න නැති නිසා මම හිතුවා ආගාධගතවීම නිසා හැදුණු කරකැවිල්ලෙ ප‍්‍රතිඵලයක් වෙන්න ඇති කියලා. ආයෙමත් අර අළුත පාට කරන පිළිමවලින් එන සැර ගන්ධය මගෙ නාස් පුඬු විනිවිදින්න ගත්තා. 

”වාමාංශිකයොනෙ ඔන්න ඔහෙ අවුලකුත් නෑ…”

ආයෙත් අර කට හඬ!

” ඕහ්….!” ඒක එන්නෙ මාත් එක්ක ම ආගාධගතවුණු අලූත් කවි පොතකින්.  කියවන්න තරම් වටින පොතක් නෙවේ කියලා හිතුණු නිසා මම ඒක පැත්තකට දාලයි තිබුණෙ. පොත අතට අරං නිකමට වගේ බලන්න හිතුණත් බඩගින්න ඒකට හරස් වුණා. මම දිගටම වම් ඇලයෙන් බෝධීන් වහන්සේ පැදකුණු කළා. අටවිසි බුද්ධ ප‍්‍රතිමා ඉවර වෙන තැන, හරියට ම දීපංකර බුදුන් අභියස මම නැවතුණා.

”සම්මා සම්බුදු අමාමෑණි දීපංකර බුදුනි, මට නියත විවරණ දුන මැනවි…..”

මම කාගෙන කාගෙන ගියා. සෑහෙන වෙලාවක් බඩගින්නෙ හිටපු නිසා තුන්වෙනි බත් ගුලියට උගුර බැරියර් දැම්මා. ගිලන්පස උගුරක් බීලා ආයෙත් කන්න ගත්තා. දීපංකර බුදුන්ගෙන් නියත විවරණ අරං මම එතනම වැලි මළුවෙ ඇල වුණා.

* * *

”මගෙ කෙල්ලගෙ ලස්ස ගානක රත්තරං බඩු තිබුණා… ඒව සේරම අරං ගිහිං… පුතාට පතල් වැඩ කරල හම්බුණු දලං කෑලි ටික අල්මාරියේ දාලා තිබ්බා… ඒ සේරමත් අරං ගිහිං සර්… අයියෝ….! අල්ලා මේව බලන්නෝනෙ…….”

අපිත් එක්ක එක පංතියේ හිටපු අනුර්දීන්ගෙ අම්ම මහ විසාල හුස්මක් අල්ලගෙන කියාගෙන කියාගෙන යනවා. පොලිස්කාරයා පැමිණිල්ල ලියනවා. ඒත් උන්දැ කියපු තරම් දිග වාක්‍ය පොලිස් පොතේ නොලියවුණු බව මම දැක්කා. පැමිණිල්ල ලියන නිලධාරියා කපා කොටා සංස්කරණය කළ වාක්‍ය විතරක් පොතට ඇතුළු වුණා.

”මගෙ කුකුල්ලූ දෙන්නයි කිකිළියිත් අරං ගිහිං මහත්තයෝ….!” ඇය විලාප තබයි.

ඇහි අග්ගිස්සෙ තැවරිලා තිබුණ කඳුළු තට්ටු උඩින් තවත් කඳුළු දහරාවක් පහළට ඇදෙද්දි අනුර්දීන්ගෙ අම්මට සිහිය නැති වුණා. ඒත් එක්කම වගේ  ඕඅයිසීගෙ කාමරේ ඉඳලා එළියට ආපු තප්පදෝරුවෙක් මාව ඇදං කොරිඩෝවක් දිගේ යන්න පටන් ගත්තා. යකඩ මාංචුවලට හිරවෙලා තිබුණු අත්දෙක කකියනවා. තඹේක අනුකම්පාවක් නැතිව මූ මාව බෙල්ලෙන් අල්ලලා කූඩුවකට තල්ලූකරලා දාලා දොර වැහුවා. ටික වෙලාවක් යද්දි අපේ සෙට් එකේ ම හිටපු කොල්ලො අට දෙනෙක් මම හිටපු කූඩුවට ම ගෙනත් දැම්මෙ කලිං තප්පදෝරුවාමයි.

ඒ වෙලාවෙ කූඩුව ඇතුළෙ කතාවුණ දේවල් ඒ තරම් වැදගැම්මකට ඇති ඒව නෙවේ. හවස් වෙද්දි එළියට පනින්න පුළුවං වෙයි කියන එක නම් හැම දේකට ම වඩා වැදගත්. මම වරදක් කරලා තිබුණෙ නෑ. ඒත් ඇතුළට දැම්මට පස්සෙ එහෙමත් ඉක්මනින් එළියට පනින්න පුළුවංද? තප්පදෝරුවා කිව්ව විදියට හෙට  ඕඅයිසී අපිව උසාවි දානවා. එහෙම නැතුව ගමේ යන්න වගේ බලූ කූඩුවෙන් එළි බහින්න බැරි වෙයි මයෙ හිතේ. හිත හදාගන්න  ඕනෙ නිසා මුං සිත නිවන කතා කියනවා. මට කට කොනකින් හිනා ගියා.

කළුවර වැටුණා. කොරිඩෝවට ලයිට් තිබුණට අපේ ඉහට උඩින් බල්බ් එක පත්තු වුණේ නෑ. ඈතින් පේන වා කවුළුවකින් එළියෙ අඳුර තව තවත් බලූ කූඩුවට කාන්දු වෙනවා. මමයි අනිත් බල්ලෝ අටදෙනයි හාවක් හූවක් නැතිව ඔහේ වැටිලා නිදා ගත්තා. නින්ද යාගෙන එද්දි දොර අරින සද්දෙට අපි කීප දෙනෙක් ම ඇහැරුණා. තප්පදෝරුවා.

”එක එකා වරෙල්ලා.”

තප්පදෝරුවයි තවත් නිලධාරීන් දෙන්නෙකුයි අපි එකා බැගින් එළියට අරං මාංචු දාලා පෝලිං කළා.

”මේ රෑ උසාවි නග්ගන්වත් ද? ”

මම ළඟ ම හිටපු බල්ලගෙන් ඇහුවත් ඌ උත්තරයක් නොදී වේස හිනාවක් දැම්මා. මං එතෙකින් කට වහගෙන මොකකින් මොකක් වෙයිද බලං හිටියා. ටික වෙලාවක් ගත වුණා. ඈතින් පේන වා කවුළුවෙන් තවත් ටිකක් අඳුර ගලන්න ගත්තා. ඒ අඳුර අපි පහුකරගෙන කෙලින් ම ගියේ බලූ කූඩුව ඇතුළට. තවත් ටික වෙලාවකින්  ඕඅයිසීයි, තවත් කවුදෝ සුදු කලිසම්-කමිස ඇඳපු මිනිහෙකුයි අපි ඉන්න පැත්තට ආව. ”ඔහ්… මන්ත‍්‍රී” දුර නිසා අඳුනගන්න බැරි වුණා. බල්ලො ටික වල්ග වනන්න ගත්තා. සෙම පෙරන්න ගත්තා. මගෙ ළඟින් ම හිටපු බල්ලාගෙ, කට දෙකොනෙන් සෙම වැක්කෙරෙන්න පටන් ගත්තා. මන්ත‍්‍රී  අතේ තිබුණු කවරෙන් එළියට ගත්තු මස් කටු අටක් පේළියට හිටපු අපි ඉස්සරහින් දැම්මා. මට නෑ. මම මන්ත‍්‍රීගෙ මූණ දිහා බැලූවත් මිනිහ මාව දැක්කෙ නෑ. තව මස් කටු කීපයක් කවරෙ ඇතුළෙ ඉතිරිව තියෙනව මම දැක්කා. බල්ලො අට දෙනා සෙම පෙරාගෙන බිම ඉඳං මස් කටු ලොවනවා. මම හිටගෙන සැරෙන් සැරේ මන්ත‍්‍රී දිහායි, මස් කටු උරේ දිහායි, බල්ලො අට දෙනා දිහායි බලමින් හිටියා. මම බලා ඉද්දිම මන්ත‍්‍රීගෙ අත ආයෙත් කවරෙ ඇතුළට ගියා. මම ට‍්‍රයි කළා කට දෙපැත්තෙන් සෙම ටිකක් පෙරා ගන්න. ඒක හිතන තරම් ලේසි වුණේ නෑ. මස් කට්ට  ඕඅයිසීගෙ දත් ඇන්ද අස්සෙ හිර වුණා. ඉතිරි කීපය ටිකක් එහායින් හිටපු නිලධාරීන් ගාවට විසි කරපු මන්ත‍්‍රී හැරිලා යන්න ගියා. නිලධාරීනුත් බිමට පාත් වෙලා මස් කටු කන්න පටන් ගත්තා. පහළට නැමෙද්දිම තප්පදෝරුවගෙ කටින් බේරුණු සෙම තලියක් මස් කට්ටට වැටිලා උඩින් දාපු බටර් තලියක් වගේ ලයිට් එළියට දිලිහෙන්න වුණා.

මස් කටු කෙළිය ඉවර වුණා. ආයෙත් බලූ කූඩුවට. මෙදා පාර මම විතරයි බල්ලා. අනිත් සේරම මන්ත‍්‍රීගෙ කීමට පිටමං කෙරුණා. ”හවස්වෙද්දි එළියට පනින්න පුළුවං” කතාවෙ ඇත්ත-නැත්ත දැනුයි මට තේරුණේ. ඇට්ටේරියා පොල්ල තම්බි කඬේ මුදලාලිගෙ ඔළුව බදා ගන්න කලිං ඇදල ගත්තෙ මම. ඒ පාපෙට මං බලූ කූඩුවේ ලගිනවා. ඔළු පලන්න පොලූ උස්සපු උං මස් කටුත් කාලා, ඒ මදිවට එළියටත් ගිහිං. කොහොම වුණත් එදා මම බෝ මළුවෙ නිදා ගත්තු පාපෙට මේ වන්දිය ගෙවන්න වුණා වෙන්න බැරිද? ඒත් දෙයියනේ බුදු හාමුදුරුවො සතියක් ම බෝ ගහට හේත්තු වෙලා හිටියෙ. පිටකොටුව බෝ ගහට හිඟන්නො කොයි තරම් නම් චූ කරනවද? එහෙව් එකේ මම පැය කීපයක් නිදා ගත්තම මක් වෙනවද? කෝක වුණත් දැන් සිද්ධ වෙලා හමාරයි. හෙට විලි ලැජ්ජ නැතුව උසාවි නගින්නත් වෙලා.

”අඩෝ…. ”

එළියෙන් සද්දයක්. මම ඉඳං හිටපු තැන එහෙමම නැගිටලා කොරිඩෝව පැත්ත බැලූවා. ආ.. තප්පදෝරුවා.

”ඇවිත් බත් එක ගනිං…”

මට අම්මගෙ පදේ මතක් වුණා. ”තෝ කාටද කැ#යො කතා කරන්නෙ. කූඩුවෙ හිටියට බල්ලෙක් කියලා හිතුවද?” ඒත් මම මොකුත් ම කිව්වෙ නෑ. හිත යටින් මුමුනගෙන යකඩ කූරු යටින් බත් පිඟානයි, වතුර කෝප්පෙයි ගත්තා. ආයෙත් හිටපු තැනට ම ඇවිත් බත් එක මුල්ලකින් තියලා වට තුනක් කැරකිලා ඉඳගත්තා.

මහන්සියයි, බඩගින්නයි නිසා දසබස ගාලා බුද්ධ පූජාව ගිලලා මම ඊයෙ වැලි මළුවෙ ඇලවුණා මතකයි. ආයෙ ඇහෙරෙද්දි පාන්දර ජාමෙ වෙලා. පාන්දර ජාමෙ ඇහැරුණා නෙවේ, බෝ මළුව පහළින් ඇහුණු ගාලගෝට්ටියටයි ඇහැරුණේ. මම දනිපනි ගාලා ඉඳ ගත්තා. නිදි ගැට කඩලා පියවි ලෝකෙට එද්දි ම නමෝවිත්තියෙන් නහයට දැනුනෙ හැදීගෙන එන පන්සීයක් පිළිම වහන්සේලගෙ අලූත් කෙමිකල් ගඳ. දෙවෙනි වතාවෙ ඇඟමැලි කඩන්න හම්බුණේ නෑ. අර ගාලගෝට්ටිය මෙන්න බෝ මළුවට පැන්නා. එක රොත්තට පොලූ මුගුරු අතින් ගත්තු පිරිමි. කොල්ලො, නාකි, මැදිවියේ උං, මේ ඔක්කො ම පනහක විතර සෙට් එකක්. මට කරගන්න දෙයක් තිබුණෙ නෑ. ඇහි පිල්ලන් ගහන වේගෙට වෙන්න යන්නෙ මොකද්ද කියලා මට තේරුණේ නෑ. කොටින් ම මම ඇස් පිහදාලා බැලූවා. අත් දෙක කොනිත්තන් බැලූවා. හීනයක් නෙවේ. මේක හැබෑවක්. මමත් නැගිටල කඩු-පොලූ ගැන්සියට එකතු වුණා. මොකක් හරි හේතුවකින් චූන් වෙලා හිටපු උංට මගෙ වගක් තිබුණෙ නෑ. එකා දෙන්නා මගෙ කරට උඩින් අත දාන්නත් පටන් ගත්තා. ටිකකින් ලොකු හාමුදුරුවො බෝ මළුවට වැඩියා. සේරම මීයට පිම්බා වගේ. ‘හ්ම්’ සද්දයක් නෑ.

”සියලූම දෙනා සාධුකාරයක් දීලා නමස්කාරය කියන්න….”

මේ මොන මගුලක් ද? කඩු-පොලූ ගත්තු මිනිස්සු පඤ්චසීලයේ පිහිටුවන්න හාමුදුරුවන්ට පිස්සු ද? නෑ හැබැයි! බුදු හාමුදුරුවො අංගුලිමාලවත් මේ විදියට තමයි දමනය කළේ.  ඕනෙ එකක් කියලා මමත් වැඳගත්තා.

”වාමාංශිකය, පන්සිල් පෑල දොරින් පන්නනු…”

මලලසේකරයයි. ඒ ගමන අර කවි පොත කෑ ගහන්න ගත්තා. වාසනාවට ඒ සද්දෙ අනිත් අයට ඇහිලා නෑ. මම අඩියෙන් අඩිය පස්සට ගිහිං ටීපෝව අරං කරදරකාර කවි පොත උඩින් තියලා ඒ අඩිවලින් ම ආපහු කාණ්ඩෙට එකතු වුණා. පන්සිල් දීලා ඉවරයි. ලොකු හාමුදුරුවො උගුරහෙම පාදලා අනුශාසනාව පටන් ගත්තා.

”ඔය ඇත්තො හොඳින් මේ ටික අහගන්ට  ඕනෙ. බොලා යන්නෙ මිනී මරන්නවත්, අහිංසක මිනිස්සුංට හිරිහැර කරන්නවත් නෙවේ. මේ උතුම් බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් ආරස්සා කර ගැනිමේ පුණ්‍ය කර්මයට.. ඒ වගේ ම….”

”සා…ධු..! සාධු! සා……!”

”ඒ වගේ ම දුටුගැමුණු මහ රජතුමා කියපු මේ කියමන තොපි එකෙක් නෑර ඔළුගෙඩි ඇතුළෙ රඳව ගන්නව හොඳයි……”

”සාධු… සාධු…..”

සාධුකාරයත්, හාමුදුරුවන්ගේ හීන් ස්වරයෙන්, ඒත් දැඩිව කළ අනුශාසනාව කාගෙ කාගෙත් අත්වල තිබුණු කඩු-පොලූ තව තවත් ඉහළට ඔසවන්න සමත් වුණා. මගෙ ඇස් පනාපිටම එකෙක්ගෙ අතේ තිබුණු තනි පැත්ත කැපෙන කඩුව රතුපාට ආලෝකයකින් දෙපැත්ත කැපෙන කඩුවක් බවට පත් වුණා. මගෙ අතටත් හොඳ කිතුල් පොල්ක් ලැබුණා. ලොකු හාමුදුරුවො අපේ අත්වල තිබුණු ආම්පන්න සේරටෝම පිරිත් පැන් ඉස්සා. මට දීලා තිබුණු කිතුල් පොල්ලෙ අග හීනියට කටු මතුවෙන්න ගත්තා. හිටියට වඩා ගටක් ආව නිසා මමත් කාණ්ඩෙට එකතු වෙලා උං යන දිහාවටම ජාතිය රැක ගන්න ගියා.

වා කවුළුවෙන් එන අන්ධකාරය බලූකූඩුවට එන එක තවමත් නැවතිලා නෑ. බඩගින්නක් දැනුණ නිසා කූඩුවේ කෙළවරට ගිහිං බත් පිඟාන අතට ගත්ත. එතනට කොරිඩෝවෙ එළිය කාන්දු වෙමින් තිබුණ නිසා බත් එක පැහැදිලිව පෙනුණ. මොන මළදානෙ වුණත් මේක තමයි. මීට වෙනස් කෑමක් අද නොලැබෙන බව සක්සුදක් සේ පැහැදිලියි. සුවඳක් කියලා නාමයක් නැති වුණත් බුද්ධ පූජාවෙ බත් ගුලි තුනෙන් පස්සෙ කෑමක් නැති නිසා හිරබත ගිලින්න පටන් ගත්තා. කටවල් කිහිපයක් කිසි හාවක් හූවක් නැතුව ගිලලා දැම්මා. මට දැනුණ මොකක් තමුත් ලෝහමය දෙයක් අතේ පටලැවෙනවා. කොරිඩෝවෙ ඉඳලා බත්පත දිහා බලා උන්නු පඬු ආලෝකය මට කිට්ටු වුණා.

”…! තෝඩුවක්…!”

මගෙ පපුව ගැහෙන්න ගත්තා. ගැස්ම අස්සෙ ම තෝඩුව ඇදලා ලයිට් එළියට අල්ලද්දියි දැක්කෙ ඒක හුදෙකලා වුණු තෝඩුවක් නොවන බව.

”ෆාතිමා…!”

මගෙ කෙළ උගුරු දණ්ඩෙ හිර වුණා. බත් පිඟාන වම් අතෙන් ඔඩෙක්කෙටත්, ඔඩෙක්කෙන් බිමටත් ලිස්සලා ගියා. පච්ච වර්ණ තෝඩුවත් එක්ක කනක යටි කොටසක් එල්ලිලා ආව. ඒ ෆාතිමාගෙ ඉරුණු කන කියලා අඳුන ගන්න මට වැඩි වෙලාවක් ගියෙ නෑ. මගෙ ඇස් දෙකට දැවිල්ලක් ආවා. ටිකෙන් ටික ඇස් නිලංකාර වෙන්න ගත්තා. තෝඩුවේ එල්ලෙමින් තිබුණු කන් කෑල්ල බලා ඉද්දි නිල් පාට වෙන්න ගත්තා. ආයෙත් අර නිල් පාට මීදුම මාව වෙළා ගත්තා. දැන් බලූ කූඩුව නිල් මීදුමෙන් වැහිලා. ඉවසන්න බැරි තරම් දැවිල්ලකින් ඇස් කෙවෙන්න ගත්තා. මොකක් නමුත් කම්පනයක් වෙමින් තිබුණ කියලයි මට මතක. ලිස්සල ගිය බත් පිඟාන උඩ විසි වෙලා කැරකෙන්න ගත්තා. සුළියක් වගේ බලූ කූඩුව ඇතුළෙ කරකැවුණු බත් පිඟාන මගෙ අතේ තිබුණු කන් කෑල්ල ඇතුළට ඇදිලා ගියා. අර මීදුම් පටලය මගෙ නාසයට ඇතුළු වෙනවා වගේ මට දැනුණ. ඒත් සමඟම හොඳට හුරු පුරුදු ඝන්ධයක් නැහැයට දැනෙන්න පටන් ගත්තා. හරි.. මට මතකයි. ඒ අර අලූත හදන බුදු පිළිමවලින් ආපු සැර කෙමිකල් ගඳ. එතනින් එහාට මට මොකුත් ම මතක නෑ. මාව කන් කෑල්ල ඇතුළට ඇදිලා ගියා ද එහෙමත් නැත් නම් මීදුම මගෙ නහය ඇතුළට ඇදුණ ද,  කිසි ම දෙයක් ගැන මට නිච්චියක් නෑ. අඳුරු ආලෝකයක් එක්ක පියවි ලෝකය පේන්න පටන් ගද්දි මම හිටියෙ මගෙ කාමරේ, මගෙ ම ඇඳේ. ෆාතිමාවත්, අම්මා එයාගෙ කන තෙතමාත්තු කරපු රෙදි කෑල්ලවත් අඩු ම තරමෙ අම්මවත් එතන හිටියෙ නෑ.

”විකාර හීනයක්….” මට ඉබේට ම කියවුණා. පුංචි ටීපෝව උඩ තිබුණු වතුර වීදුරුව ‘ගුඩු ගුඩුස්’ ගාලා උගුරු දෙකට බිව්ව මම ආයෙත් වම් ඇලයට හැරිලා ඇඳේ පතබෑවුණා. ඒ මොහොතෙ ම ඇහේ කළු ඉංගිරියාවට සෙන්ටිමීටරයක් විතර ඉදිරියෙන් බෙඩ් ෂීට් එකමත පැල්ලම් පෝලිමක ඡායාවක් පෙනුන නිසා මම ආයෙත් ඇඳ උඩ ඉඳ ගත්තා.

”….ෆා…ෆාතිමා..”

දීපංකර බුදුන් ඉදිරියේ බත් ගුලි හිරවුණා වගේ මගෙ උගුර හිරවෙන්න ගත්තා. ලේ පැල්ලම් මගෙ බෙඩ් ෂීට් එකේ රටාවක් ඇඳලා. මට වටහ ගන්න අමාරුයි ඒ ඇඳිලා තියෙන්නනෙ බෝ කොලයක් ද එහෙමත් නැත්නම් හාර්ට් එකක් ද කියලා.

Nissanka Rajapaksa

unread,
May 28, 2024, 9:02:24 PMMay 28
to INDRAKA group
7
සැප්තැම්බරයේ දවසක්

ඩිල්ෂානි චතුරිකා දාබරේ

පණිවිඩයක් අරන් ඇවිත් හිටි විජයගෙ රාජ සේවකයා මං දිහා බලා හිටියෙ පිළිතුරු ලිපියක් යවනවා ද නැද්ද නැත්නම් මං යන්නද වගේ බැල්මකින්. මං හිටියෙ සනුහරේ කාටවත් හොයාගන්නවත් බැරි තැනක. ඒත් විජය කෙහොම හරි දැනගත්තා මං ඉන්නෙ ළතෝනිගල අවටමයි කියලා. එයා එවපු ලිපිය එක්ක මට තනිවෙන්න උවමනා වුණත් සේවකයා ඉන්න නිසා මුකුත් කරන්න පුලුවන් කමක් තිබ්බෙ නැහැ. ගල ළග ම ගලන දොළෙන් වතුර ටිකක් අතට අරන් විජයගෙන් පටන් ගත්ත රජ පරපුර විනාස වෙන්න සාප කළෙත් මේ ගල උඩමයි. මට ඕනෙ උනේ නෑ මධුරාපුර කුමරිට සාප කරන්න. සේවකයා හිටියෙ මං මුලු ගමට ම ඇහෙන්න ආයිමත් කෑගහාවි කියලා බයේ. ඒත් විජයගෙ ඉමක් කොනක් නැති මේ සෙල්ලක්කාර ජීවිතේ ගැන මට තවත් කළකිරෙන්න දෙයක් තිබුණෙ නැහැ. මධුරා කුමරිගෙ හෙවනැල්ල මැරෙනකම් මාව අතාරින්නැති බව මට තේරෙන්න අරන් තිබුණෙ. කවදාවත් ගැලවීමක් තිබුණෙ නෑ. කුමාරිගෙ එක එක හෙවනැලි එක එක වේශ වලින් එනකොට විජය ඒවා බදා වැළඳගත්තෙ හරි ආසාවෙන්. ඒ ගැන හිත හිත දුක් වින්දෙ හරි ආසාවෙන්. කුවේණි සතුටින් හුස්ම ගන්න හදන හැම සැරේක ම මධුරාගේ මොකක් හරි ජවනිකාවක් කරලියට එනවා. ඒ ඇවිත් එතෙක් තිබුණු සියල්ල උඩු යටි කුරු කරලා, නන්නත්තාර කරලා යන්න යනවා. කුවේණි එක්ක තනිවෙන්න ඕනෙ කියලා ඔහුගෙ හිත කියපු වෙලාවක වුණත් විජය කිව්වෙ අපි ගැන නෙමේ. මධුරා කුමරි ගැන, ඉන්දියාවෙන් නැව් නැගලා එද්දි වෙනත් නැවකින් පිටමං කළ ඔහුගෙ කලින් බිරිඳ ගැන. ඒ වගේ දේවල් නිතරම ඇහෙද්දි කුවේණිට මොනවා හිතෙනවා ඇද්ද කියලා කවදාවත් විජයට හිතුනේ නෑ. අහම්බෙන් පාරෙ යද්දි මධුරා කුමරි දැක්කම දුක්වෙන විජයගෙ හිත දරු දෙන්නා එක්ක කුවේණිව පන්නලා දාද්දි දැඩි වුණේ කොහොමද කියලා ඇයට හිතාගන්න බැරිවුණා. කොටින් ම කියනවා නම් කුවේණිට කවදාවත් ඒ වගේ මැරීගෙන කරන ආදරයක් උරුම උණේ නෑ.

පිළිතුරු ලිපියක් නෑ කියලා සේවකයාව එළවපු මං ආයිමත් ඔහු එවපු ලිපිය කියවන්න ගත්තා.

‘මේක ඔයාට නොකියා ඉන්න හිතුවෙ. ඒත් ඇයි මම නොකියා ඉන්නෙ. ඇත්තට ම ඔයාගෙ පැත්තෙන් හැපි නිවුස් එකක්… මධුරා කුමාරි එයාගෙ කලින් බෝයිව මැරි කරලා!’

*************

එයා හිටියෙ පොත් සාප්පුවෙ සෙනඟ ගංගාව අතර පීනමින්. අතකින් මොබයිලය අල්ලමින්, තවෙකකින් පොත් මිලයට ගන්න ආව කෙනෙකුට උදව් කරමින්. යුහුසුලුව ඇවිදින කඩියෙක් වගේ. හැමෝට ම ඉහළින් එයාගෙ ඔළුව විතරක් කසිබිසි ගාලා දුවනව මට පෙණුනා.

‘උස හින්දා හොයාගන්න ලේසි’

යාලුවා කියපු දේට ඔළුව වැනුවත් මගේ ඇස් දෙක තිබුණෙ එයා දිහාවෙ.

‘ඔයා හයියෙන් කෑගහන්න නම කියලා’

ඇය කිව්වෙ හිනා වෙවී.

කෑ ගහන්න! ඔව් කෑ ගහනවා නම් එහෙම කරන්න දහසක් දේවල් ඒ වෙද්දි අපි අතරෙ නිර්මාණය වෙලයි තිබුණෙ. ලතෝනිගල උඩ ඉඳන් කෑගැහුව වගේ මිනිස්සු දාහක් විතර පොදි කන පොත් සාප්පුවක් ඇතුළෙ බෙරිහන් දෙන්න මට කොහෙත්ම පුලුවන්කමක් තිබ්බෙ නෑ.

මධුරාපුරෙන් ගෙන්න ගත්ත කුමාරිකාවත්, කුමාරිගෙ නිළ පෙම්වතාත් එදා උදේ ඉඳන් විජයටත් කුවේණියටත් තර්ජනය කරන්න අරන් තිබුණා. ඒ දෙන්නාගේ ම මොබයිලවලින් එලියට ආව දිග කඩු පාරවල් වලට විජය බයවුණේ නෑ. පොත් ගොඩක් අතකින් ගන්න ගමන් හිනාවෙලා සමීපයෙක්ට විහිලු කරන ඔහු දැක්ක ම කුවේණිට ඔහුගේ දරාගැනීම ගැන පුදුම හිතුණා. අරගොල්ලො ඉන්දියාවෙන් ආපු ශාක්‍ය වංශයේ උදවිය. ඒ හින්දා ලංකාවෙ ඒ වෙද්දි පොත් බිස්නස් කාලෙ බව දැනං ඉන්නෙ නැතුව ඇති. නැත්නම් කෙලින් ම ලංකාවට ගොඩ බැහැපු හැටියෙ විජය හොයන් එන්න ඉඩ තිබුණා. ඒ ආවානම් ආයිත් තම්බපන්නියට වෙන නමක් වැටෙන්නත් තිබුණා. ඒ කොහොම උණත් කුවේණිටත් පුළුවන් ද වෙරළ ගාව කපු කැට කැට ඉන්න හැමදාම? මධුරාපුරෙන් තව දාහක් කුමාරියො එන බව දැන දැන ම කුවේණි කපු යන්ත්‍රෙ අරන් ගොඩබිමේ තවත් ඇතුළට ඇතුළට ආවේ, ඒ වෙද්දි කොළඹ කඳවුරු බැඳගෙන හිටපු විජයට තමන් එන බවබවත් නොකියායි. අඩු ගාණේ ඇයට ඕනෙ වුණා තමන් කැටපු පුළුං වලින් ගොතාපු කම්බිලියක් ඔහු අතේ තියා යන්න. නැත්නම් ඇගේ ගෝත්‍රයෙ අය උයලා දුන් බත් මුළක් දීලා යන්න. ඒ සේරටම වඩා විජයගෙ මූණ බලලා යන්න.

යාලුවාව මොහොතකට අමතක කරපු ඇය හතරවෙනි වතාවටත් සාප්පුවෙ දොරින් ඇතුළට ගියෙ දෙපසින් ම සීත කරපු ඒ සී හුළං විදිල්ලක් මැද්දෙන්. දොර අවට දැඩි ආරක්ෂක වළල්ලක් අටවං හිටපු හමුදා භටයො කිහිපදෙනෙක් තුවක්කු උස්සං හිටියෙ ආයිමත් ඒ දොරින් පිටවෙන්න හිතං ආව සේර ම වළක්වමින්. ඒ වෙද්දි කුවේණිගේ බිඳුණු මොබයිලය නොනවත්වා නාදවෙමින් තිබුණේ. එහා කොණෙන් කථා කරන්නෙ මධුරා පුරයෙන් බව ඇයට ඉඟියෙන් වගේ දැනුණා. ඩෙනිම් සාක්කුවට මොබයිලය ඔබපු ඈ එක් අතකින් බෑගය තමන්ට තෙරපගෙන අනෙක් අතින් යාලුවගේ අත දැඩිව අල්ලගත්තා. ඉන්පස්සෙ විජයගෙ සඟයො හිටපු ඉසව්වට පය ඉක්මන් කළා.

එයා උතුරු කොණේ නම් මං දකුණු කොණේ. කල්ලඩි පාලම් ගොඩක් තිබුන පහුකරන් යන්න. අතපය ඉස්සුවොත් කොහෙ කොහෙ හරි වැදෙන තරම් අවතැන් වුණු සිංහල-දෙමළ මිනිස්සු හතර වටේටම. මොහොතක් ඇස් දෙක අහකට ගත්තොත් ආයිමත් බලද්දි එයා එතන නෑ. කෆීර් යානාවක් වගේ. මඟ හැරෙයි කියලා ඒ දිහාවෙම ඇස් අළවං ඇවිත් මං නතරවුණේ සාප්පුවෙ නම සුදු පාට නූලෙන් කොටපු නිල් පාට ෂර්ට් එකක් ඇඳන් උන්න අක්ක කෙනෙක් ගාව. කලින් මූණ දැකලා පුරුදු කෙනෙක්. මාව අඳුරගත්තා එයා දැකපු ගමන්. දාගෙන හිටපු කන්නාඩි දෙකට කලින් ඊට යටින් තිබුණ ඇස් දෙක පෙනුණා. කලින් දැකපු කෙනෙක් වුණත් හදිසියෙ මූණට ම මුණ ගැහුණ ම මට කියන්න මුකුත් තිබුණෙ නෑ. කටට ආව පළවෙනි මෝඩ ප්‍රශ්නෙ ඇහුවෙ එතනින් ගැළවෙන්න හිතන්.

‘කුවේණි අස්න තියේද?’

මේ සාප්පුවේ එහෙම පොත් ජීවිතේට තියෙන්න ඉඩක් නැති බව දැන දැනත් මං ඇහුවා. බලාපොරොත්තු වුණ උත්තරය ම එයාගෙ කටින් එළියට ආවා.

‘අනේ නෑනේ. මහාවංසෙ නම් තියෙනවා. එපා? මං මේ විජයට කොච්චරවාත් කියනවා….’

එයාට වාක්‍ය ඉවර කරන්න ලැබුණෙ නෑ. සෙනඟට තල්ලු වෙලා එයා ගහගෙන ගියා. මං එතනින් බේරිලා ඇවිත් වටපිට බැලුවා. විජය පේන්න හිටියෙ නෑ. ඒත් ඒ වෙනකොටත් මං දන්නැතුව ම උතුරට ඇවිත්!

*************

ඇයව මම මුලින් ම නිල විදියට මුණගැහුණෙ මාත් විජයත් අතර රණ්ඩුවක් ඇවිලුණ එක දවසක. එහෙම කිව්වෙ ඊට කලින් විජයගෙ හොඳ යාලුවෙක් විදියට ඇයව එක එක තැන්වලදි හමුවෙලා තිබුණු හින්දා. ඇය පුරුදුවෙමින් හිටි නාට්ටියෙ විවේක වෙලාව එනකම් මාත් ඔහුත් බංකුවක් උඩ වාඩිවෙලා බලන් හිටියා. ඔහුව හමුවෙන නිසා මං ආවෙ එයා කැමති විදියෙ එල්ලෙන කරාබු දෙකක් හොයලා හොයලා දාගෙන. හැම කෙල්ලෙක් ම ආසලු තමන් අඳින පළඳින විදිය ගැන හොඳක් පෙම්වතා කියනවට. ඒත් අපි සම්බන්ධයෙන් නම් ඒක වුණේ නෑ. මොකද කුවේණිට තිබුණෙ ලංකා අව්වට කරවෙලා වෙරළෙ ම කපු කැට කැට ඉඳන් කරකුට්ටං වෙලා ගිය පෙනුමක්. ඇන්දෙ තමන් ම ගොතාපු නූල් වලින් මහගත්ත ගෝනි පඩංගු වගේ ඇඳුම්. මධුරාපුරේ වීදි දිගේ විකුණන අලංකාර කසී සලු ඈට තිබුණෙ නෑ. ඈට ඒවා අරන් දෙන්න ඇගේ අම්මා තාත්තාවත් උනන්දු වුණේ නෑ. ඉතිං එතරම්ම කැත කුවේණිගෙන් අහකට විජයගේ හිත යන එක අහන්නත් දෙයක්ද? අපි රණ්ඩු වෙන වෙලාවෙ මං තරහින් ගලවපු කරාබු දෙක දිහා බලලා එයා කිව්වෙ ‘මාව සතුටු කරන්නද ඔයා ඕවා දාන්නෙ’ කියලා. ඔව්! ඔයාව සතුටු කරන්න. ඔයා සතුටුවෙද්දි මටත් සතුටු වෙන්න. කොච්චර දේ කරත් සතුටු වෙන්නැති එකනෙ කරුමෙ.

විවේක වෙලාවෙදි එතන හිටපු පිරිස අතරින් පැනලා කුමාරි ආවා මාව හමබවෙන්න. කලින් ලෑස්ති කරගත්ත ලෝරාගේ කතා පොතත් අරන් එයා එනවා කියපු පාර දිගේ මං ඉදිරියට ගියේ විජයව මඟ හලලා. මට වඩා බාල නිසාත් එයාගෙ හුරතල්කමට ආස නිසාත් මං එයාට කිව්වෙ නංගී කියලා. එයා මට අක්කා කිව්වා. එතෙක් කලක් මොබයිල් වලින් අදහස් හුවමාරු කරගත්ත මධුරාපුරේ නංගියි කුවේණි අක්කයි කටරොල් මල් වැලකුයි ගැටපිච්ච මල් ගාලකුයි තිබුණු පාරක් දිගේ මූණට මූණ හමුවුණා. කාගෙන්දෝ උදුරගත්ත කැවුමක් කකා හිටපු නංගිට පොත තෑගි දීපු අක්කා ඇයව බදාගත්තා. අක්කට ඕනෙ වුණා හැමෝම වගේ රණ්ඩු වෙන්නැතුව තමන්ගෙ පෙම්වතාගේ අලුත් ආදරය දිනාගත්ත කුමරි එක්ක හොඳින් ඉන්න, යාලුවෙක් වගේ. අපි එතන කැරකි කැරකි ඉද්දි කුමාරි එයාගෙ ඇන්ඩ්‍රොයිඩ් මොබයිලෙන් ඒ හමුවීම සමරන්න පොටෝ වගයකුත් ගත්තා. විජය හිටපු දිහාට කුමරිවත් අරන් මං ඇවිදන් ආවා. ඔහු එච්චර ඉක්මනට දුවන් ආවෙ මාව දැකලා නෙමේ, ඇයව දැකලා. එතනින් එහාට දෙන්නට ම මාව අමතකයි. කුමරි හිටියෙ පඩියක් උඩ. විජය පහළ පඩියෙ. මං විජයටත් පහළ පඩියට බැහැලා ඒ දෙන්නා දිහා බලන් හිටියා.

කුමාරිගෙ, ඒ කිව්වෙ නංගිගේ නළලේ මදුරුවෙක් වහලා ඉන්නවා දැකපු මම ඌව එලවන්න ඇගේ නළලට තට්ටුවක් දානකොට ඔහු මාව වැළැක්වුවෙ, එයා ගැන මට වඩා දන්න බව කියන්න වගේ.

‘එපා! එයා මදුරුවො මරනවට කැමති නෑ. අඩුගානෙ මස් මාලුවත් කන්නෑ. බොන්නෑ කිරිවත්.’

නංගි මං දිහා බැලුවෙ සමාවෙන්න කියන්නා වගේ හිනාවකින්. එවෙලෙ අපහසුතාවෙට පත්වුණේ මමයි. එයාල අතරමැදට පැනලා මදුරුවා මරන්න ගිය එකට ඔහුට තරහ ගිහිං කියලා මට හිතුණෙ. ආගන්තුකයෙක් දන්නැති රටක තනිවුණා වගේ හැඟීමකින් හිත නොසන්සුන් වෙද්දි කිසිම දෙයකට ඇඟිලි නොගසන හිතකින් එයාලට කථා කරන්න ඉඩ දීලා මං මූණ බිම හංගගත්තා. බිම හැමතැන ම මල් පෙති පෙති. අපි හිටියෙ වැඩි හෙවණක් නැති, පෙති හතරෙ දම් පාට මල් පිපුණු ගහක් ගාව. අන්න හරි! ජැකරන්ඩා ගහක් ගාව. ලේනෙක් ගහේ උඩ ඉඳන් මල්වල කෙමියෙ පැණි බොනවා. ඌ එහෙට මෙහෙට පැන පැන යන ගමනට අතු හෙළවෙනවා. වේලුණු කොළ රොඩු, මැලවුණු දම් පාට පෙතිත් එක්ක හුළඟට බිමට වැටෙනවා. පෙති එක එක උඩ දාලා තමන් කැමති දෙයක් හිතලා, හිතන පමාවෙන් දේවල් ලබාගත්ත හත් පෙති මලේ කථාවේ පුංචි ගෑණු ළමයට වගේ මටත් වරමක් ලැබෙනවා නම්.

‘මල් පෙත්තේ – මල් පෙත්තේ

උතුරු දෙසට – දකුණු දෙසට

බටහිරටත් නැගෙනහිරට

ඉගිල ඉගිල මෙහැම දෙසට

කැරකීලා ඇවිත් බිමට

මා කී දේ කර දෙන් මට’

කාටවත් නොඇහෙන්න එහෙම කිය කිය පෙති දිහා බලන් මං හීල්ලුවා. ඒ හුස්ම ගිහින් ගහේ වදින්නැති. අර දෙන්නා කතාකරද්දි එතන තනිවුණ මා දිහා ගහ බොහෝ වෙලාවක් බලා ඉන්නැති. ගහේ පහළ ම තිබුණ අත්තක් මගේ ඔලුව හිමීට අතගෑවා. විජයට පේන්න ලෙහලා දාලා තිබුණ කොණ්ඩෙ තැනින් තැන තමන්ගෙ පෙති ලෝබ නැතිව ඉහිරුවපු ජැකරැන්ඩා මල් හීන් තාලෙට නැළවිලි ගීයක් කියනවා මට ඇහුණා. වලිගෙ සල සල ලේනා තාලෙ ඇල්ලුවා. ගහේ කඳ දිගේ පිම්මට දුවන දිමියො යන ගමන නවතලා, මා දිහා බලලා ඔලුව වනලා හිනාවෙලා යන්නත් අමතක කළේ නෑ. දැන් උපන්න හුළං පොදක් මල් රේණු පරිස්සමින් පෙරළා මා දිහාට එව්වා. ජැකරැන්ඩා කොළ අතර සිසිලේ මොහොතකට තනි වුණ මම තවත් හුඟ වෙලාවකට ඇහැරෙන්න ඉඩක් නැති දිග නින්දකට පිවිසුනා.

*************

මධුරා කුමරි,

ඇයි මා එක්ක තරහා? මං කළේ මෙතෙක් අපි ඇත්තටම කරන් ආව දේ ගැන විවෘතව කථා කළ එකයි. ඒ ගැන අහද්දි ඇයි සද්ද නැත්තෙ? ඔයාගෙ නල දත් හිනාවට මං හරිම ආසයි. අපි දෙන්නා කැම්පස් එකේ ගෙවපු කාලය මට නිතර මතක් වෙනවා. මං ඔයාට පරිප්පු උයන් ආව විදිය, ඔයා ස්කූටරේ යද්දි මාව ඇරලුව විදිය, ඔයාගෙ උරහිස උඩින් අත තියලා තද කරලා මං බිමට බැහැපු විදිය, හුළං කපාගෙන් ඔයාගේ ටින්ට් කරපු සුවඳ ඉහපු කොණ්ඩෙ මගේ මූණෙ වදෙන විදිය. ඔයාගෙ පින්තූර මං ආසාවෙන් බලනවා. කුවේණි මට ආදරෙයි තමයි. ඒත් එයා ඔයා තරම් සුරතල් නෑ. ඔයා තරම් ලස්සන නෑ. ඔයා තරම් ෆැෂන් කරන්නෑ. එයාගෙන් මට දැනෙන්නෙ අම්ම කෙනෙක් අක්ක කෙනෙක්ට වගේ හැඟීමක් මිසක් පෙම්වතියකට වගේ හැඟීමක් නෙමෙයි. එයාව වෙන් කරන්න හිතන් මං ගොඩක් දේවල් කළා. ඒත් එයා ඇත්තටම මං ගැන හිතනවා. අපි දෙන්නගේ කථාව පටන් ගත්තෙත් එයාමයි. මම කැමැත්ත ඇහුවට ආදරේට බල කළේ එයා. එයාට වඩා ඔයා ළඟදි මගේ පපුව වේගෙන් ගැහෙනවා කුමරි. මං වගේ පාදඩයෙක්ට ඔයා අකමැති ඇයි කියන්න. ඔයාගේ පෙම්වතා වගේ ලක්ෂ ගණන් හම්බකරන රස්සාවක් මාත් හොයන් ආවොත් ඔයා එනවද මා එක්ක? මං කුවේණිව බඳින්න කැමති නෑ. ඒත් දැන් ඔයා කිව්වොත් ඔයාව බඳින්න මං ලෑස්තියි කුමාරි. එහෙම බැරි නම් අපිට යාලුවො වගේ ඉන්න පුලුවන් නේද? ඔයා වෙන් වුන දා ඉඳන් මං හැමදාම රෑට ඔයා ගැන හිත හිත අඬනවා. ඔයාව මට අමතක කරන්න බෑ.

-විජය

*************

හරියට ම ඒ වෙලාවෙ උතුරට පිට පිට කොටි ප්‍රහාර එල්ලවෙන ගත්තා. මූලික වටේ වෙඩි ප්‍රහාර වලින් පස්සෙ ඔවුන් ක්‍රමයෙන් අත් බෝම්බ දමාගහන්න වුණේ ඔලිම්පික් උළලෙ යගුලිය විසිකිරීමේ ඉසව්වට තරඟ කරන හැඩි දැඩි පළපුරුදු ක්‍රීඩකයො කිහිපදෙනෙක් වගේ. ඊට පස්සෙ ෂෙල් වෙඩි, මල්ටි බැරල් ප්‍රහාර. කෆීර් යානා ඒ මේ අතට ඉගිලිලා ගියේ සද්දෙ විතරක් ඇහෙන දුමාරයක් විතරක් ඉතිරි කරමින්. කොණ්ඩෙ කොටට කපපු ගෑනු ළමයි වගයක් අල්ලගෙන ආව හමුදා භටයො වගයක් එයාලව බංකරයක් ඇතුළට අරන් ගියා. හීයක වේගෙන් විදින වෙඩිලි වලින් බේරෙන්න පොත් සාප්පුවෙ රාක්ක අතර බිම ගුලි වෙලා හිටපු කුවේණි ගාවට හමුදා ඇඳුම් ඇඳගත්ත විජය දුවගෙන ආවා. වෙඩි බෙහෙත් ගඳටයි එතන පිපිරුණු බෝම්බවල දුමාරෙටයි මැදිවුණ ඇයව මුවා කරගත්ත විජය එක තත්පරයක් අවංක වේදනාවෙන් ඇය දිහා බැලුවා. සැප්තැම්බරයක පිටු අතරට මැදි වුණ ඔහු තමන් අසළට ඇවිත් ඉන්නවා දැක්කම කැටපු කපු ටික පැත්තක තියන්න වෙලාව ඇවිත් බව ඇයට තේරුණා. සාප්පුවෙ අනික් අය බලා ඉද්දි ම ඇයත් එක්ක එකතුවෙලා ඔහු යුහුසුලුව කාලතුවක්කුවට උණ්ඩ පුරවන්න පටන්ගත්තා.

අව්වට රත් වෙවී ගිනි විදින පොළොවක ඔහු එක්ක තරෙඟට සතුරන්ට වෙඩි තියද්දි ඇයට දැනුණේ පුලාන් දේවී ආයිමත් ඉපදුණා වගේ හැඟීමක්. තුවක්කුව නුහුරු වුණාට වෙඩි කිහිපයක් මුදා හැරියමයි ඇයට තේරුණේ තුවක්කුව වුණත් අතට හුරුවෙන්න ටික වෙලාවක් අවශ්‍යයි කියලා. මධුරා පුරේ කුමාරිගෙ නිළ පෙම්වතා තර්ජනය කරමින් තිබුණු මොබයිලය ඇය අතට දීපු ඔහු තමන් හිටපු බංකරේ වට වෙන්න ඉක්මණින් වැලි ගෝනි අදින්න ගත්තා. වෙඩි පිට වෙඩි අතර කුමරිගේ පෙම්වතාගේ හඬ වෙන් කරලා අහගන්න ඕනෙ නිසා ඇය එක කනක් අතකින් මුවා කරන් බංකරේ බිම ඇණ තියාගත්තා. පිරිමි හඬ අස්සෙ විරාම තිය තිය ඉකිලන ගෑනු හඬක් ඇහුණ නිසා ඇයට හිතුනා කුමාරිත් ඉන්නෙ ඒ ළඟම බව.

‘පොත් කියවන අය අගේ ය-පිය මනින්නෙ යහ මගේ ය’

‘තමුසෙලා හිතන් ඉන්නෙ ලොක්කො කියලාද? ආ? දැනගනින් උඹලා වැරදි මිනිහා එක්කයි ඇවිලුණේ’

‘එපා එයාට මුකුත් කියන්න! අක්කා දන්නෑ මේවා. එයා පව්’

‘එෂ්…..! ටිෂු.ටිෂු.ටිෂු…’

‘මං කොහොමද දන්නෙ විජය එයාට ලියුමක් යවලා කියලා. මං දන්නෙත් දැංනෙ දෙයියනේ’

‘හද පලුවයි-තනි තරුවයි’

‘අතක් පයක් කඩා දැම්ම ම හරිනේ ඕකගේ. ඒකනේ උඹලාට ඕන කරන්නෙ. උඹලා හිතන් ඉන්නෙ මං පොන්නයෙක් කියලාද?’

‘ඨෝංං!’

‘මරන්න? ඇයි බැරි මිනිස්සු වගේ අපිට ප්‍රශ්නයක් විසඳගන්න කතාකරලා’

‘මල්ලි අර ලේඩි අහන පොත පොඩ්ඩක් බලන්නකො’

‘ඉහි ඉහි ඉහි මං ඒම නරක විදියට ඉඳලා නෑ දෙයියනේ’

‘කුවේණි, බනින්න කරන්න යන්නෙපා! නිකම් අහන් ඉන්නබව අඟවන්න’

‘මේක හොඳට අහගන්න. ආයිත් කියන්නෑ. තව මාස දෙක තුනකින් අපි මැරි කරන්න ඉන්නෙ. වෙඩින් කාඩ් සේරම ප්‍රින්ට් කරලා ඉවරයි. ඒ අස්සෙ මොකාද මේ ලියුම් එවන්නෙ? මුං දෙන්නගෙ ම හොරයක් තිබිලා තියෙනවා. මෙහෙ වරෙන් බැල්ලි..’

‘පොත් ප්‍රද්ර්ශනයේ සැරිසරන ඔබට සුවිශේෂී දැනුම් දීමයි’

‘මට වද දෙන්න එපා!’

කියන කිසි දෙයක් තේරුම් ගන්න වුවමනාවක් නැති තමන්ගේ මතයේ ම වවුලෙක් වගේ එල්ලිලා ඉන්න, තිස්සෙ ම කුණුහරුප කියන මිනිහෙක්ගෙ විකාර අහන් ඉන්න මට තවත් ඕන උණේ නෑ. කුමරි රඟපානවද එහෙම නැත්නම් ඇත්තටම අඬනවද කියලා මං දැනන් හිටියෙ නෑ. ඒත් එයා ගැන මොකක්දෝ දුකක් හිතට දැනුණා. ඊටත් වඩා මාව රවට්ටලා කුමාරිත් විජයත් ගෙනිච්ච කතන්දරේ ගැන වේදනයි. හිතේ උන්නු පුලාන් දේවි අතේ තිබුණු තුවක්කුව කුඩු වෙනකම් පොළොවෙ ගහලා ගහලා කඩලා දාලා ඒ කෑලි ටික උඩ හිටගත්තෙ වීරයෙක් වගේ. ඈත නොපෙනෙන ඉලක්කයකට එල්ලය ගනිමින් හිටි විජය දිහාට වේගයෙන් ඇවිදන් ගිය මම කළේ පුලුවන් තරම් මොරදුන්න එකයි.

‘මොකක්ද මේකෙ තේරුම? මං බැණුම් අහන එකේ ඉවරයක් නැද්ද? ඔයා කුමරිට ලියුමක් ලිව්වා කියලා මං දන්නෙ කොහොමද? ඒකටත් පලි මමද? මට හුස්මක් ගන්න දෙන්නෙ ම නැද්ද ඔයා’

විජය කිසිවක් නොකියා මං දිහා බැගෑපත් විදියට බැලුවා. ඒත් මං මගේ පෙනුම වෙනස් කළේ නෑ. ඉවසුවා ඇති! එක්කො ලංකාවට ගොඩබැහැපු මේ මධුරා පුරේ උද්දච්ච පෙම්වතාගේ වචනවලට බයේ ගැහි ගැහි ඉන්න ඕනෙ. නැත්නම් බය පැත්තකට දාලා වෙඩි වරුසාව මැද්දෙන් දුවන් ඈත රටකට ගිහින් අපේ ලෝකෙ පිළිසකර කරගන්න ඕන. විජයගෙ වෝකි ටෝකි එකට මේ දැන් ආව සංඥාවකින් කියවුණේ ඒ වෙනකොටත් දන්නැතුව ම බංකරෙන් එළියට ඇවිත් හිටි අපි දෙන්නා දිහාට සතුරන්ගෙ ඇස් එල්ලවෙලා කියලා. අපි ඒ ක්ෂණයෙන් ඉදිරිය බැලුවා. පොත් සාප්පුවෙ උන්න දහසක් දෙනා බොඳ ඡායාවක් බවට පත්වෙලා අපි දෙන්නාව විතරක් පෙනෙන තරමට කාලතුවක්කු කට අපි දිහාට නාභිගත වෙලා තිබුණෙ. උණ්ඩය පිටවෙන්න ඔන්න මෙන්න! ඒ මොහොතෙ ම අපි තීරණය කළා ඕන වෙඩිල්ලකට පපුව දීගෙන පොත් සාප්පුවෙන් එළියට පනින්න. මගේ අත දැඩිව අල්ලගත්ත ඔහු රාක්ක පිටින් පොත් බිමට වැටෙද්දි ඒ අස්සෙන් ප්‍රධාන දොර ගාවට දිව්වෙ කවරදාවත් නොදුටු එඩිතර කමකින්. විජයගේ උරපත්ත උණ්ඩ වලට හිල්වෙලා ලේ ගලා යමින් තිබුණත් අල්ලගත්ත අත අතෑරිලා තිබ්බෙ නෑ. වේදනාවෙ බලවත්කමට පොත් සාප්පුවෙ දොර ගාව ඉන්දවුණු ඔහුව උස්සන් කුවේණි ඇදි ඇදී දිගට ම එතනින් එහාට ගාටන්න ගත්තා.

*************

‘ඉන්න සේරම බෑග් අදින්නෙපා.’

‘ මොනාද ඔයා ගත්ත පොත්’

‘රැවටිලිකරුවා,

චේගේ පෙම්වතියෝ,

ප්‍රකාශන නිදහස සහ සදාචාර සෙවණැල්ල,

ඔබ ගැඹුරු නින්දක,

අන් තැනක ජීවිත විමංසනය

-එච්චරයි.’

‘අර රතු කවරෙ තියෙන පොත. ඒ මොකක්ද? අලුත් එකක්ද?’

‘ආ… ඒක පරණ පොතක්. බාගේන් එකේ ඉංග්‍රීසි පොත් ගොඩක් ඩිස්කවුන්ට් දාලා තිබුණා. ඒනිසා ගත්තා’

‘මොකක්ද ඒ?’

‘ලෝකගේ Blood Wedding!’

Nissanka Rajapaksa

unread,
May 29, 2024, 9:44:53 PMMay 29
to INDRAKA group
8
කහ කුරුල්ලා

ජයතිලක කම්මැල්ලවීර

ඒ ස්ති‍්‍රය කාගේ කවුරුන් දැ යි මම දැන නො සිටියෙමි. මා දැන සිටියේ ඈ සැබෑ ම රූමතියක බව පමණි.

විවාහකයකු වූ මම, දරු තිදෙනකු ගේ තාත්තා කෙනකු වූ මම මගේ බිරිය නොවන ස්ති‍්‍රයක ගේ රූමත්කම ගැන කතා කිරීම, නොමනා කි‍්‍රයාවක් ලෙස සැලකෙන බව මම දනිමි.

එහෙත් අරුමය නම් මට ඒ රූමතිය ගැන නොසිතා, කතා නොකර ඉන්නට බැරි වීම ය. සැබවින් ම ඈ එතරම් රූමත් ය. සියලු තහංචි කඩා බිඳ දමා ඈ ගැන සිතන්නට සහ කතා කරන්නට තරම් රූමත් ය.

ඇගේ රූමත්කම වෙනත් දුරක් යන්නට තබා ඇය වැලඳ ගන්නටවත් සිතෙන ආකාරයේ එකක් නො වේ. මලක් මෙන් පරිස්සමෙන් සුරකින්නට සිතෙන ආකාරයේ රූමත්කමකි ඒ. කෙසේ වුව ද ඇය සමඟ වචනයක් දොඩන්නට වත් අවස්ථාවක් මම නො ලද්දෙමි.

ඒ රූමතිය මිය ගියා ය. මා ඔබට කියන්නට හදන්නේ ඒ ගැන ය. ඔබ කැමති නම් අසා සිටින්න.

මා දරු තිදෙනකු ගේ තාත්තා කෙනකු බව මගෙන් කලින් කියැවිණ. ඔවුන් නඩත්තු කිරීම සඳහා කිසි සේත් ප‍්‍රමාණවත් නො වූ වැටුපක් ලබමින් මම ගුරුවරයකු ලෙස රැකියාවක් කළෙමි.

 මේ රැකියාව අතහැර වෙනත් දෙයක් සොයා ගැනීම ගැන නිරන්තර කල්පනාවෙන් සිටි මම මහමඟ ගමන් කළේ ද ඒ කල්පනාවෙන් මුහුණ බිමට නැඹුරු කරගෙන ය. ඒ දිනවල මා ඉගැන්වූ පාසල පිහිටියේ නගරයක නො ව ගමක ය.

මගේ ගමට සැතපුම් දහයකට එහා ගමක ය. මම බස් රථයෙන් එහි ගියෙමි, ආවෙමි. රැකියා ස්ථානයට නුදුරු කඩමණ්ඩිය ළඟින් බැස උදේ කෑමට මොනවා හෝ ඔතා ගෙන මම ටික දුරක් පයින් යන්නෙමි. ඒ රූමත් ස්ති‍්‍රය පළමුවෙන් දුටුවේ එසේ පයින් ඇවිද යමින් සිටිය දී කුමක් හෝ නිසා හිස ඔසවා වට පිට බැලූ අවස්ථාවක ය.

 ඈ සුදු ම යැයි කිව හැකි ළා පැහැයකින් යුතු, කුඩා මල් සහිත රෙද්දක් සහ ළා කහ පැහැති බ්ලවුස් එකකින් යුත් ලුංගි ඇඳුමක් හැඳ මිදුල අමදිමින් සිටියා ය. මිදුල අමදිමින් ම අරමුණකින් තොර ව පාර දෙස බැලූ ඇගේ මුහුණ මම පැහැදිලි ව දුටුවෙමි.

කාන්තිමත් නෙත්, ඍජු සිහින් නැහැය, උදා හිරු රැසින් ඔප වැටුණු නළල් තලය, දිගු ගෙල ඒසියල්ල එක බැල්මෙන් මම දුටුවෙමි. ඇගේ මුහුණ වහා ම බිමට නැඹුරු වූයෙන් මා ඇගේ රුව දැක විස්මපත් බව නො දුටුවා ය. උසට ගැළපෙන මහත පමණක් නො ව සිරුරේ සියලු අඟ පසඟ අඩු වැඩි නැති ව ගැළපුණු ස්ති‍්‍රයක් ඉන් පෙර මා දැක නැති බව කීම ඒ රුව තවත් වැනුමට වඩා පහසු ය.

ඇය කෙසේ හෝ අත්පත් කර ගැනීමේ තෘෂ්ණාවක් හෝ ඈ සමඟ දොඩන්නට දොළක් මා සිත නූපන් බව කියන්නේ අවංකව ම ය. එහෙත් ඒ රුව යළි යළි දැකීමේ ආශාවකින් මම ආතුර වූයෙමි.

සතියකට වරක් පමණ ඒ නිවස ඉදිරිපිට යම් කටයුත්තක යෙදී සිටින ඇය මට දැක ගත හැකි විය. ඒ දැක්මෙන් මා සිත ප‍්‍රබෝධවත් විය. දමා ගසා යෑමට සිත සිතා සිටි රැකියාව ද ඈ දැක්මෙන් මට රුචි විය.

 බොහෝ විට ඇය සිටියේ මිදුල හෝ ගෙවත්ත අමදිමිනි. ඒ මිදුල මෙන් ම ගෙවත්ත ද බෙහෙවින් පිරිසුදුවට, බෙහෙවින් පිළිවෙළට තිබිණි. පාරේ යමින් මා ඇය දෙස උනන්දුවෙන් බලන බවට ඇයට නො දැනුණා විය නො හැකි ය.

 එහෙත් කිසි ම විටෙක ඇය මා දෙස ඍජු ව නොබැලුවා පමණක් නො ව වැරදීමකින් හෝ ඒ කාන්තිමත් නෙත් මා වෙත එල්ල වුවහොත් ඒවා වහා ම වෙනතකට හරවා ගත්තා ය. ඇය එසේ කළේ කිසිදු අහංකාර කමකින් නම් නොවන බව මට පැහැදිලි විය.

මා තරමක් වේලාසනින් වැඩට යමින් සිටි දිනෙක ඈ කුඩා දැරියක අත අල්ලා ගෙන පාර අද්දර සිටිනා අයුරු දැක ගත හැකි විය. ඇය මෙසේ පාර අද්දර සිටින්නේ තම දියණියන් ගේ පාසල් වෑන් රිය පැමිණෙන තුරු බව අවබෝධ කර ගැනීම අපහසු නො වී ය.

ඈ අත දැරිය ගේ පොත් බෑගය විය. දැරිය ඇසූ යමකට පිළිතුරු දෙමින් සිටි ඇගේ නෙත් නොදැනුවත් ව ම මා දෙසට හැරිණි. දැරිය වෙනුවෙන් උපන් ප‍්‍රසන්න සිනාවක් ඇගේ මුහුණේ විය. යන්තමින් විවර වූ මුවින් සහ අඩවන් දෑසින් යුත් ඒ මුහුණේ වූයේ නිවුණු ශාන්ත පෙනුමකි. ළා හිරු රැසින් නැහැවුණු උස් කඳු යායක්, මලින් බර ඇහැළ ගසක්, සිහින් රැළි නඟන නිල් දිය පිරි ජලාශයක් දුටු කලෙක මෙන් මසිත ආහ්ලාදයෙන් පිරී ගියේ ය.

පසු දින මගේ ගණන් බැලීම නිවැරදි වී මගේ අපේක්‍ෂාව නොහොත් ප‍්‍රාර්ථනාව ඉටු විය. දැරිය වෑන් රථයට නංවා ආපසු හැරී නිවස දෙසට හෙමින් ඇවිද යමින් සිටි ඇගේ ගමන් විලාශය මට දැක ගත හැකි විය. ඇගේ දියණියන් ගේ වයසේ දී ඒ දෙපතුල් විලුඹ රෝස පැහැයෙන් යුක්ත ව තිබෙන්නට ඇතැ යි මට සිතිණ.

මේ රූමතිය ගේ ස්වාමිපුරුෂයා කවරෙක් ද? ඇයට තවත් දරුවෝ සිටිත් ද? මේ නිවෙසේ වෙනත් කිසිවකු දකින්නට නැත්තේ ඇයි? යනාදී ප‍්‍රශ්න කිසිවක් මසිත නොනැඟුණේ ඇය දැකීම පමණක් ම නැතහොත් ඇය ම පමණක් දැකීම මගේ කැමැත්ත වූ නිසා විය යුතු ය.

සුන්දර දේ දකින්නට මිනිසුන් තුළ ඇති කැමැත්ත කොතෙක් දැයි මට පසක් වූයේ එක් සතියක බදාදාත්, බ‍්‍රහස්පතින්දාත්, සිකුරාදාත් ඇය දකින්නට නොලැබීම නිසා මා තුළ අසහනයක් ජනිත වීමෙනි. මා කුඩා දරුවකු ව සිටි කාලයේ එක් උදෑසනක අවදි වී ඇස්වල කබ කඩමින් නිවෙසේ ඉදිරිපස දොරකඩට ආ විට ඊට කලින් කිසි දිනෙක දැක නොතිබුණු කහපාට කුරුල්ලකු දොරකඩ අඹ ගසේ වසා සිටිනු දුටුවෙමි. එදා සිට දින කීපයක් යන තුරු මට පාන්දර නිදිමත කොහේ ගියා දැයි නොදැනිණ.

 එළිය වැටෙන්නේ කොයි වෙලාවේ දැයි නොඉවසිල්ලෙන් බලා හිඳ කුරුල්ලා දකින්නට දොරකඩට දිව යෑම මගේ දෛනික පුරුද්දක් බවට පත් විය. කහ කුරුල්ලා ද දවස් පහක් එක දිගට එක ම අඹ අත්තේ වසා සිටියේ මා සනසවන්නට මෙනි. එක ම දේ එක විදියට ම හැම දා ම දැකීම මට එපා නොවන බව තේරුම් ගත් නිසාදෝ කුරුල්ලා ගේ පැමිණීම පස්වන දිනයේ නතර විය. හයට ගනිමින් දොරකඩට ගිය මට කුරුල්ලා දකින්නට නොලැබිණ. හත් වන දවසේත් ඌ නො පැමිණියේ ය. අට වන දාත් නැත. මට හැඬුම් ආවේ ය.

දැන් මා වැඩිහිටියකු නිසා හඬන්නට බැරි ය. සඳුදා වන තුරු ඉවසා සිටිය යුතු විය. ඉවසීමේ අමාරුව එතරම් දැනුණ දෙදිනක් තවත් මට මතක නැත.

ළා පැහැ ඇඳුමකින් සැරසී, කුඩා දැරිය ගේ අතක් එක් අතකින් ද පොත් බෑගය අනෙක් අතින් ද දරාගෙන පාර අයිනේ සිටින ඇය දකින්නට ඇරුණු දෑසින් යුතු ව සඳුදා උදේ ඇගේ නිවස ඉදිරිපිටින් ගමන් කළ මට දකින්නට ලැබුණේ ඇය නො ව ලොකු සුදු බැනරයකි.

”අමරා තෙන්නකෝන් මැතිනියට නිවන් සුව ලැබේවා!”

මිදුලේ තැනූ තහඩු මඩුවක ඇළුමිනියම් පුටු කිහිපයක් අපිළිවෙළට තබා ඇත. පොඩි එකෙක් එහි වූ කැරම් බෝඩ් එකක ඉත්තන් ගණන් කරයි. වැඩිහිටි පිරිමියෙක් බුලත් විටක් සපමින් ඈත් මෑත් බලයි. ඊයේ රාති‍්‍රයේ මෙහි විසි තිස් දෙනකු රැස් ව සිටි බවක් පෙනෙයි. ඇගේ අම්මා නැතහොත් නැන්දනිය මිය පරලොව ගොස් ඇතැ යි මට සිතිණ.

අවසන් කටයුතු සිදුකර හමාර වී ද නැත්නම් එය සිදු කෙරෙන්නේ අද ද? මෙසේ සිතමින් පාසල දෙසට හෙමින් ඇවිද යද්දී පාරේ ලයිට් කණු බඳක ඇලවූ මරණ දැන්වීමක් දැකීමෙන් මගේ දෙපා ගල් ගැසී නැවතිණ.

දෙවරක් සිතන්නට දෙයක් නො වී ය. එහි වූයේ ඇගේ ඡායාරූපයකි. ඒ රුව පණ පිටින් සිටින්නා සේ ය.

කොහේ යන්නේ ද, කුමකට යන්නේ ද යන්න පමණක් නො ව මා කවුරුද යන්න පවා අමතක ව මම පාරේ ලයිට් කණුව ළඟ සිටගෙන ඒ මරණ දැන්වීම දෙස බොහෝ වේලාවක් බලා සිටියෙමි.

ඇය ද මා හැඳින ගන්නට මෙන් දිදුලන දෑසින් මා දෙස ම බලා සිටී.

උපත 1950

විපත 2005

පනහ - හැට - හැත්තෑව - අසූව - අනූව - දෙදහස් පහ..... අවුරුදු පනස් පහක්?

මම පාසල ඇරුණු පසු ව ද තවත් ටික වේලාවක් එහි රැඳී සිට, ගැස්මක් සහිත දෙපයින් හෙමින් ඇවිදගෙන ගොස් ඒ මළගෙදරට ගොඩවැදුණෙමි. ඒ වන විට සෑහෙන පිරිසක් එහි රැස් ව සිටිය හ. ඔවුන් අතර මා දන්නා හඳුනන කිසිවෙක් නො වූ හ.

මම හෙමිහිට ගෙතුළට ගොස් පෙට්ටියක හොවා තිබූ ඇගේ දේහය දෙස එබී බැලුවෙමි. සුදු සාරියක් අන්දවා සිටි ඇගේ රුව මා පණ පිටින් දුටු අයුරු ම ය. වෙනසකට වූයේ දිදුලන දෙනෙත් පියවා ගෙන සිටීම ය. පියවුණු දෙතොලේ සිනා ඡායාවක් විය.

ඇගේ දේහය වෙතින් ඈත් වූ මම නිවෙසේ වෙනත් කොටසක වූ පුටුවක වාඩි වූයේ කුමක් කරන්නේ දැයි නොදැන ය. සොරකමක් කරන්නට ආවකු ගේ විලාසයක් මා කෙරෙන් දිස් වන්නේ යයි මට සිතෙන්නට විය. වහා නැඟිට පලායන්නට මට අවශ්‍ය වුව ද ඒ සඳහා ශක්තියක් මා තුළ නො වී ය.

තරුණ පෙනුම වියැකෙමින් යන ස්ති‍්‍රයක් දෑත් එක්කොට ගෙන ම පැමිණ මට ආචාර කළා ය. මම වාඩි වී හිඳිමින් ම දෑත් එක්කළෙමි. ඇය මා පසෙකින් වූ පුටුවේ වැටෙන නොවැටෙන ගානට වාඩි වූවා ය. ඇගේ දුක්බර කටහඬ මගේ දකුණු කන ළඟ ඇසෙයි.

”අන්කල් නං මම අඳුනන්නේ නෑ. ලොකු අම්මව දන්න කෙනෙක් වෙන්ඩ ඇති නේද?”

................

”ඔයාගෙ ලොකු අම්ම ද?”

”ඔව් මා ළඟ තමයි දිගටම හිටියෙ... මගේ දරුවගෙ වැඩ ඔක්කොම කළේ ලොකු අම්ම. මම රස්සාවට යනවනෙ. මහත්තයත් රටනෙ. ගේ දොර බලා ගත්තෙ ලොකු අම්ම.....”

මා තුෂ්ණීම්භූත ව සිටි නිසාදෝ ඇය නැඟිට වෙනතක ගියා ය. මා හිරේ වැටෙන්නට ගොස් නිදහස් වූවා සේ විය. ඇය දුන් අවසරයෙන් මට හුස්ම ගත හැකි විය. සිහි එළවා ගත හැකි විය.

මට පසෙකින් වූ වැඩිහිටි ගැහැනු දෙදෙනකු ගේ කතාබහට සවන් දෙමින් මම තවත් ටික වේලාවක් එහි වාඩි වී සිටියෙමි.

”මොකවත් අසනීපයත් තිබුණෙ නෑ නේද?”

”දවස් දෙකයි ඉස්පිරිතාලෙ ඉඳල තියෙන්නෙ..... තුන්වෙනි දවසෙ නැති වුණාලු.....”

”අනේ...!”

”අනේ ඇත්තට මෙහෙම ඉඳලත් කසාද බැන්දෙ නෑනෙ.”

පුදුමය සඟවන්නට අපොහොසත් වූ මගේ දෑස දැකීමෙන් දෝ ගැහැනු දෙදෙනා ගේ කතාව රහස් කීමක් බවට පත් විය. රහසින් දොඩමින් ම ඔවුන් දෙදෙන මා දෙස හොරැහින් බැලුවේ සැකකාරයකු දෙස බලන පොලිස් බැලුම් ය.

මම පුටුවෙන් නැඟිට, මිදුලට බැස හෙමිහිට පාරට ආවෙමි. පාර අයිනේ ලයිට් කණු බඳට වී මා හඳුනා ගන්නට මෙන් දිදුලන දෑසින් ඇය මා දෙස බලා සිටියා ය. ඒ සේයා රූ ඇස් එසේ ඍජු ව මා දෙස එල්ල වී තිබුණු නමුත්, ඇගේ පියවි නෙත් කිසි විටෙක එසේ මා වෙත එල්ල නො වූ බව මා ඔබට කලින් කීවෙමි. එය ම මම යළිත් කියමි.

එදින බොහෝ රෑ වන තුරු මම මාත් ඒ අවිවාහක රූමතියත් අතර වූ දැනහැඳුනුම්කම ගැන ආවර්ජනය කළෙමි. මා අතින් ඇයට වරදක් සිදු වූයේ දැයි සිතන්නට මා යොමු වූයේ ඇයි දැයි මට තවමත් නොවැටහේ.

මා කෙරෙහි ම චෝදනාත්මක හැඟීමක් මා අභ්‍යන්තරයෙහි හටගන්වනු ලැබුයේ ඇගේ සේයාරුවේ පමණක් පිහිටි බැල්ම විසින් ද මියගිය ඇගේ මුහුණේ වූ තෘප්තිමත් පෙනුම විසින් ද? මම දිගින් දිගට ම ඒ ගැන සිතුවෙමි.

මොහොතකට පෑයූ දේදුන්නක්, වේගයෙන් ගලා යන දිය පාරක් මත පාවෙන මලක් දෙස බලන බැල්මක් මිස කිසි විටෙක ඈ කෙරෙහි රාගික ආශාවක් මිශ‍්‍රිත බැල්මක් මා නොබැලූ බව පසක් කර ගනිමින් මම අස්වැසිල්ලක් ලබමි.

මම දැන් ඒ කතාව කියා අවසන් ය. අසන්නට ප‍්‍රශ්න බොහොමයක් ඔබ තුළ පැන නඟින බව මම දනිමි. එහෙත් ඒ කිසිවකට පිළිතුරු දෙන්නට මට නුපුළුවන.

https://archives.silumina.lk/punkalasa/20080420/_art.asp?fn=ar0804203

Nissanka Rajapaksa

unread,
May 30, 2024, 9:22:10 PMMay 30
to INDRAKA group
9
කොහා වෙනුවට කපුටා

ඇරැව්වල නන්දිමිත‍්‍ර

2050 වසරේ අපෙ‍්‍ර්ල් මස 14 වැනි දා උදා වී තිබිණ. කපුටකු කෑ ගසන හඬ ඇසෙන්නට විය. ඌ වසා සිටියේ එක පෙළට තනා තිබූ නිවාස රැසකට අයත් එක් නිවසක වහලය මත වූ ඇන්ටෙනාවක ය. කපුටා හුදෙකලා වී සිටියේ ය. ඌ කෑ ගසන්නේ බඩගින්නට නො ව, දරා ගැනීමට අපහසු තරම් වූ වේදනාවක් නිසා විය යුතු යැයි කපුටා දකින්නකු සිතන්නට ඉඩ තිබිණ.

කපුටකු නඟන හඬ හැරුණු විට වෙන කුරුල්ලකු නඟන හඬක් මේ පෙදෙසේ ඇසෙන්නට නොතිබිණ. සිංහරාජ අඩවියේ පමණක් අක්කර කිහිපයක කැලෑ ප‍්‍රදේශයක් ඉතිරි ව තිබිණ. කොහා නඟන ගී නද ඒ පෙදෙසට පමණක් සීමා වී තිබිණ. සමහර පරිසර ලෝලීහු කොහා නඟන ගී නද අසන්නට සති අන්ත නිවාඩු දිනවල සිංහරාජ අඩවිය බලා ගමන් ගත්හ. රතු ම රතු මල් පිපෙන එරබදු ගස් තබා වෙන කිසි ගහක් කොළක් මේ නිවාස රැස පිහිටි පෙදෙසේ දක්නට නො වී ය.

මේ නිවාස පේළියේ වූ එක් නිවසක නිදන කාමරයේ ගායනා සහ ඇගේ සැමියා වූ කසුන් නිදාගෙන සිටියහ. වේලාව උදෑසන අටට පමණ විය. මේ වන විට ද කසුන් පසු වූයේ තද නින්දේ ය. ගායනා දෑස් හැර බැලුවා ය. මළමිනියක් සේ වැතිර සිටින සැමියා ගේ රුව දකින ඇගේ සිතෙහි ඇති වූයේ ප‍්‍රසන්න හැඟීමක් නො වේ. කපුටා ගේ අෙඳ¤නාව ඇගේ සවන් කරා ළඟා විය. ‘අයියෝ ඒ කපුටා කෑ ගසන්නේ මහ මූසල විදියට’ ඇය හිස ඔසවා නැඟිටින්නට තැත් කළා ය. එහෙත් ඇයට එක් වර ම නැඟී සිටින්නට අපහසු ය. ඇඟපත තළා දැමුවා සේ ය. හිස තව ම බමයි. කසුන් හා ගායනා පෙර දින රාති‍්‍රයේ මිතුරකු ගේ නිවසෙහි වූ අවුරුදු සාදයකට ගියහ. පැමිණ සිටි සියල්ලෝ ම අපූරු සොඳුරු ලොවක සරන්නට සූදානමින් සිටියෝ ය. ඔවුහු මධුවිත තොල ගෑහ. නොයෙක් ආහාරයන් හි රස බැලූහ. මිතුරු මිතුරියන් සමඟ රංගනයෙහි යෙදුණහ. මේ අතර සමහර මිතුරු මිතුරියෝ නොයෙක් කතා කියමින් සිනාසුණහ.

”ඉස්සර නැකතට ගිනි මොළවනවා කියලා මොකක්ද චාරිත‍්‍රයක් තිබුණ ලු. ගෑනු උදවිය ළිප ළඟට වෙලා සුබ වෙලාව එනකන් බලාගෙන හිටිය ලු.”

”චිකේයියා... මොන වැඩක්ද ඒ? ළිප ළඟට වෙලා තැපලා ඉඳලා අළු ගාගන්න පුළුවන්ද?”

”පෙ‍්‍රාමිතියස්ද ජෙරමියස්ද කියලා ඔන්න ඔය කවුදෝ කෙනෙක් අපිට ගින්දර ගෙනත් දීලා තියෙන්නෙ අපිට ජොලියේ ඉන්න මිසක් නැකතට පත්තු කරන්න නෙවෙයි.”

”කිරිබත් කියලා කෑමක් හදාගෙන ලු අවුරුද්ද දාට කෑවේ.”

”ඒ කතාව නම් මමත් අහලා තියෙනවා. ඒ වුණාට මම නම් තාම ඒ කෑම ජාතිය දැකලා වත් නැහැ.”

”බුලත් දීලා වැඩිහිටියන්ට වඳිනවා කියලා මොකක්ද එකකුත් කළා ලු.”

”විකාර... කවුරුත් කාටවත් වඳින්න අවශ්‍ය නැහැ.”

කසුන් හා ගායනා ආපසු නිවසට පැමිණෙන විට පාන්දර හතරට පමණ විය. ගායනා යළිත් වරක් නැඟී සිටින්නට තැත්කළා ය. එහෙත් පෙර පරිදි ම දැනුණේ අපහසුවකි. සැමියා යහළුවන් කිහිප දෙනකු සමඟ දිගින් දිගට ම සුරා බඳුන් හිස් කරද්දී ඇයට සාදයට සහභාගි වීමට පැමිණ සිටි කඩවසම් තරුණයකු සමඟ රංගනයෙහි යෙදෙන්නට අවස්ථාව ලැබිණ. ඒ ගැන සිතන විට මේ මොහොතේ පවා ඇගේ සිතෙහි ඇති වූයේ ආස්වාදයකි. තරුණයා ගේ රුව ඇගේ මනසෙහි මැවෙන්නට විය.

”ඕ...හ්... ඕ...හ්.”

එක් වර ම හිස එසවූ කසුන් නිදන කාමරයේ බිම වමනය කරන්නට වූයේ ය. තිගැස්සී නැඟී සිටි ගායනා යහනෙන් බිමට බැස්සා ය. ඇය සැමියා දෙස බැලුවේ නැඟී එන කෝපයෙනි.

”චිකේයියා... මොකක්ද ඒ කළ කැත වැඩේ. බාත් රූම් එකට වත් යා ගන්න තිබුණේ නැද්ද? ඕනෑ තැනක ගියාම කණමදයා වගේ බී ගන්නවා.”

අධික ලෙස මත්පැන් ගැනීම නිසා දැඩි හෙම්බත් බවකට පත් ව තිබූ කසුන් ගේ සිරුර එක් වර ම කෝපයෙන් ගිනියම් වී ගියාක් මෙන් විය. නැඟී සිටි හේ බිරිය දෙස රවා බැලී ය.

”මගේ බීම තමයි උඹට පේන්නෙ. එතකොට උඹ අර කොහේද යන එකෙක් එක්ක නටපු නැටිල්ල මම දැක්කෙ නැහැ කියලද උඹ හිතන්නෙ?”

”ඔව්, මම නැටුවා තමයි. එහෙම නැතුව ආදි කාලේ ගෑනියෙක් වගේ ගෙට රිංගගෙන ඉන්නද මට කියන්නෙ.”

”වහ ගනින් කට.”

කාටවත් බැහැ මගේ කට වහන්න.”

ඉදිරියට පැන්න කසුන් එක් වර ම ගායනා ගේ කම්මුල හරහා පහරක් දුන්නේ ය. එවිට ගායනා කෝපයෙන් පිස්සු වැටුණා ය. අසල තිබූ හැම දෙයක් ම ගෙන ඇය සැමියාට දමා ගසන්නට වූවා ය.

”අම්මේ... අම්මේ... දොර හරින්න.”

ඔවුන් ගේ දොළොස් හැවිරිදි දියණියන් වූ හිරුණි දොරට ගසමින් කතා කරන්නට වූවා ය. කසුන් හා ගායනා පියවි සිහි බුද්ධිය ලබා ගන්නට තැත් කරන්නා සේ ඒ මේ අත බැලූහ. දියණියන් ගේ මුහුණ දෙස බලන්නට කසුන්ට අපහසුවක් දැනිණ. ඔහු වහා යළි ඇඳ මත දිගා වී දෑස් තද වන්නට පියා ගත්තේ ය. ගායනා දෑසේ කඳුළු පිස දමමින් ගොස් දොර හැරියා ය.

”අද අවුරුදු දවසක් කියලා කියනවා නේද? ඉතින් ඇයි අදත් රණ්ඩු කර ගන්නෙ.”

”නැහැ, දුව. අපි රණ්ඩු කර ගත්තෙ නැහැ.”

නැත්තේ මොකද? අම්මයි තාත්තයි පාටියකට යන කොට නම් හොඳට ඇඳලා කියලා සමගියෙන් ඉන්න දෙන්නෙක් වගේ යනවා. ඒ වුණාට පහුවදාට රණ්ඩු කර ගන්නවා. කාමරෙන් මොකද්ද ගඳකුත් එනවා.”

”තාත්තා වමනෙ දැම්මෙ. එයාම හෝදපුවාවේ. අපි යමු.”

ගායනා දියණියන් ගේ අතින් අල්ලාගෙන සාලයට පිවිසියා ය. ඇයට අවශ්‍ය වූයේ දියණිය අසලින් ඉක්මනින් ඉවතට යාමට ය. එහෙත් ඊට පෙර දියණියන් ගේ කට හඬ යළි නැඟිණ.

”මම කාමරයේ තිබුණු පරණ සඟාවක් බල බලා ඉඳලා නින්දට ගියේ ටිකක් රෑ වෙලා. ඒ ගමන හොඳටම නින්ද ගියා. අම්මයි තාත්තයි කොයි වෙලාවෙද ආවේ?”

”අපි... අපි... ඉක්මනටම වගේ ආවා.”

ගායනා දියණිය අසල නොරැඳී නාන කාමරයට ගියා ය.

මුසාවාද දෙසා බා දියණියන් රවටන්නට තැත් කිරීම මොන තරම් වරදක් දැයි ඇයට සිතිණ. තමාත් සැමියාත් ඉක්මනින් ම ආපසු එන බව පවසා නිවසින් පිට වී ගිය ද සාදයට සහභාගි වී සතුටු සයුරේ ගිලෙන්නට වූ පසු දරුවන් දෙදෙනා ගැන සිහිපත් වූ බවක් වත් කිව හැකි ද? ගායනා ළමා කාලයේ දී ඇගේ තනි නොතනියට ආච්චී මහ ගෙදර කලක් නතර වී සිටියා ය. ආච්චීට එහි පැමිණ සිටින්නට සිදු වූයේ අම්මාට වැඩට යෑමට තිබුණු නිසා ය. එක් අවස්ථාවක ආච්චී, අම්මාට පැවැසූ වචන කිහිපයක් ගායනාට තව ම මතක ය.

”කසාද බැඳලා ගෙදරින් පිටවෙලා යනකන් අම්මා නැතුව එක රැයක් වත් අපිට පිට තැනක ඉන්න ඉඩ දීලා නැහැ. අම්මා ඇස් දෙක වගේ තමයි අපි රැක බලා ගත්තෙ.”

තමාත් සැමියාත් කරන්නේ කුමක් ද? සාදයකට යන්නට තිබෙන විට දියණියටත් අට හැවිරිදි පුතාටත් ගෙ තුළට වී නිදා ගන්නා ලෙස පවසා දොර වසා යතුර රැගෙන යෑම නො වේ ද? එක පෙළට ගෙවල් පිහිටා තිබෙන නිසා බැහැරින් කෙනකුට පැමිණෙන්නට අපහසු ය. ඒ නිසා බිය වන්නට කාරණයක් නැත. බොහෝ දෙනෙක් මෙසේ ගමන් යති. හැරත් හණමිටි කාලේ මත සිහියට නඟමින් සාදයක් පවත්වන සුන්දර අවස්ථාවකට සහභාගි නො වී සිටිය හැකි ද?

ඔවුන් නිවසට ආපසු පැමිණෙන විට රූපවාහිනිය කි‍්‍රයාත්මක ව පැවැතිණ. සාලයේ වූ සැටිය මත පුතාට නින්ද ගොස් තිබිණ. ගායනා දියණියන් සමඟ සාලයට පිවිසෙන විට ද දරුවා යළි රූපවාහිනියේ දෑස අලවාගෙන සිටියේ ය. ඇය නාන කාමරයේ සිට පිටතට පැමිණෙන විට දරුවා යළිත් සැටිය මත නින්දට වැටී සිටියේ ය.

”දුව ඔයා තේ හදාගෙන බිව්වද?”

”ඔව්.”

”මල්ලිටත් තේ දුන්නද?”

”මම තේ හදලා දෙන්නද කියලා මල්ලිගෙන් ඇහුවා. ටී. වී. එක දිහා බලාගෙන හිටියා මිසක් මල්ලි කතා කළේ නැහැ. ටී. වී. එක දිහා බලාගෙන ඉන්නවා මිසක් මල්ලි දැන් කොහොමටත් වැඩිපුර කතා බහක් නැහැ අම්මෙ.”

ඒ වචන නෑසුණා සේ ගායනා කුස්සියට ගියා ය. වතුර උණු කළ ඇය තේ කෝප්පයක් පිළියෙල කරන්නට වූවා ය. ‘කසුන් කොයි වෙලාවේ නැගිටියි ද දන්නෙ නැහැ. එයා නැගිට්ට වෙලාවක තේ එකක් හදාගෙන බොන්නෙ නැතෑ. අපි පිරිමින් ගේ වහල්ලු වෙන්න නරකයි.’ පසෙක වූ පුටුවක වාඩි වූ ගායනා, පිළියෙල කර කර ගත් තේ කෝප්පය තොල ගාන්නට වූවා ය. ඇය බලාපොරොත්තු වූයේ වෙන කාමරයකට ගොස් නැවත ටිකක් නිදා ගැනීමට ය. වමනෙ ගඳ නිසා නිදන කාමරේ නිදා ගැනීමට ඇයට අපහසුවක් දැනිණ. එහෙත් ඊට ඉඩ නොලැබිණ. ඇය සාලයට පිවිසෙත් ම හිරුණි යළි පැමිණියා ය.

”අම්මෙ ඉස්සර අපේ රටේ මිනිස්සු අවුරුදු දවසට කාලා තියෙන්නෙ කිරිබත් කියලා ජාතියක්. ඒ කිරිබත් කන්න මටත් ආසයි.”

”සමහර කඩවල අවුරුදු දාට කිරිබත් විකුණන්න තියෙනවා. තාත්තා නැගිට්ටාම ඕනැ නම් කෑල්ලක් ගෙන්නාගෙන කන්න.”

”අයියෝ, එහෙම කිරිබත් කාලා වැඩක් නැහැ. ඉන්න මම විස්තරේ කියන්න.”

හිරුණි අම්මාට කිව යුතු විස්තර සිහිපත් කළා ය. ඒ ඇය පෙර දින රාති‍්‍රයේ කියැවූ සඟාවේ වූ ලිපියක් ඇසුරෙනි. ආතා කෙනකු පැවැසූ විස්තර අනුව ‘හැත්තෑ පස් වසරකට පෙර අවුරුදු උත්සවය’ යන මැයෙන් ඒ ලිපිය සකස් කර තිබිණ.

’වැටවල තියෙන එරබොදු ගස්වල මල් පිපෙන්න පටන් ගන්නවා. ඒ මල් රතු ම රතුයි. ගස් මුදුන්වල සිට කොහා නද දෙනවා. මේවා අවුරුද්ද එන බවට ලකුණු. ගොයම් කපලා පාගලා වී ටික ගෙට අරන්. මේ දවස්වල කවුරුත් ඉන්නෙ විවේකෙන්. අවුරුදු දාට සුමානෙකට දෙකකට කලින් ඉඳලා ම කවුරුත් මේ වෙනුවෙන් සූදානම් වන්නේ හරිම උනන්දුවකින්. ගෙවල් දොරවල් අස්පස් කරලා බොහොම පිරිසිදුවට තබා ගනියි. හැම දෙනා ම අලුත් අවුරුදු දාට අඳින්න අලුත් ඇඳුමක් කොහොම හරි ගන්නවා. දුප්පත් පොහොසත් බේදයක් නැතුව හැම ගෙදරක ම එක වෙලාවට ගිනි දැල්වෙනවා. ගිනි දල්වන්න කලින් ගමේ පන්සලට ගිහිල්ලා පුණ්‍ය කටයුතුවල යෙදෙනවා. හැම නිවසක ම කිරිබත් ඇතුළු තවත් කෑම ජාති තියෙන මේසයක් පිළියෙල කරනවා. නියමිත වේලාවට ගෙදර ප‍්‍රධානියා මේසේ ඉඳුල් කරනවා. ඊළඟට භාර්යාවටයි, දරුවන්ටයි කිරිබත් ටික ටික කවනවා. මේ කාර්යය කරන්නේ හැම දෙනා කෙරෙහි උපන් ආදරයකින්. ඒ වෙලාවට ගෙදර පිරිලා තියෙන්නෙ සතුටෙන්. දුක් සම්පූර්ණයෙන් ම මොහොතකට හරි අමතක වෙලා. මේ වෙලාවට තරහකාරයෙක් ගෙදරට ආවත් බොහොම සාදරයෙන් පිළිගන්නවා. දොළොස් මහක් ගෙවිලා දොළොස් මහක් ලබන දාට පැරණි තරහ මරහ සේරම අහෝසියි. ආහාර ගැනීමේ කටයුතු ඉවර වුණාට පස්සෙ ගමේ හැම දෙනා ම පොදු ස්ථානයකට රැස් වෙලා නොයෙකුත් කී‍්‍රඩා කරමින් සතුටු වෙනවා. නැකතට වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම, පසු දිනෙක හිස තෙල් ගෑම ආදී තවත් අංගකිහිපයක් ම මේ උත්සවයේ තියෙනවා. මෙය කිසි ම උස් පහත් භේදයක් නැතුව සතුට හා මිහිර ගලා හැළුණු දවසක්. අතීතයේ තිබුණු ඒ සුන්දර දවස ගැන සිහිවන කොට පවා ඇති වන්නේ සතුටක්.....”

හිරුණි සිහියට නඟා ගත් කරුණු මවට සැල කර සිටියා ය. තමා කිසි විටෙකත් නොසිතන කරුණු සම්බන්ධයෙන් දියණියන් උනන්දුව දක්වන බව ගායනාට පෙනිණ. පෙර දිනෙක වූ සිද්ධියත් ඇය මේ මොහොතෙහි සිහිපත් විය. ඒ ගායනා රැකියාවට ගොස් අඳුර සමග ගෙට ගොඩ වූ මොහොතකි. කුමක් දෝ පොතක පිටු පෙරළමින් සිටි හිරුණි මව අසලට පැමිණියා ය.

”ඉස්සර පරාක‍්‍රමබාහු කියලා බොහොම බලසම්පන්න රජ කෙනෙක් පොලොන්නරුවේ රජකම් කරලා තියෙනවා. අම්මා දන්නවා නම් මට ඒ රජ්ජුරුවෝ ගැන විස්තර ටිකක් කියන්න.”

”අනේ, මම දන්නෙ නැහැ.”

”ඊටත් කලින් අනුරාධපුරේ රජකම් කරලා තියෙනවා දුටුගැමුණු කියලා රජ කෙනෙක්.”

”ඉන්න ඇති... මම දවස තිස්සේ මැරිලා මැරිලා ගෙට ගොඩ වුණු වේලාවේ ඔයා මොනවා නම් අහනවද මන්දා. තාත්තා ගෙදර ආවාම අහලා බලන්න. සමහර විට එයා නම් දන්නවා ඇති”

”ඕවා අහන්න තාත්තා සිහිය ඇතුව ගෙදර එන දවසක් හොයා ගන්න එක තමයි ප‍්‍රශ්නෙ අම්මෙ.”

හිරුණි මෙසේ පැවැසුවේ උපහාසයෙන් සිනාසෙමිනි. එහෙත් ඇගේ හද තුළ වේදනාවක් තිබුණා විය යුතු ය. දියණියන් අද ද කරන්නේ එවන් දෙයක් සේ ය. දවස තිස්සේ කොම්පියුටරය අබියස හිඳගෙන සිටින තමා මෙවන් දේ ගැන සිතන්නේ කෙසේ ද? වෙලාවකට මගේ ඇස් නිලංකාර වී ගෙන යනවා. තවත් වෙලාවකට හිසේ විදුලි කොටන්න වගේ කැක්කුමක් ඇති වෙනවා.

අපිත් යන්තර වගේම තමයි. ඇත්තටම අපේ ජීවිතයේ ඇති තේරුම මොකක්ද? දියණියන් විමසන කරුණකට පවා පිළිතුර දෙන්නට නොදැන සිටීම තම ජීවිතයේ දුක්මුසු තත්ත්වයක් නොවේ දැයි ගායනාට සිතිණ. නිදන කාමරය දෙසින් එන වමනෙ ගඳ සාලයට ද දැනෙන්නට විය. අපූරු අතීත උරුමයන් ගෙන් මිදුණු සිය ජීවිතවලින් පවා නැඟෙන්නේ කිසියම් දුගඳක් නො වේ ද? කුමක් වුව දියණියන් අසලින් ඉවතට නො යා යුතු ය. සත්‍යයට මුහුණ දිය යුතු ය.

දුව අසලින් වාඩි වූ ගායනා ආදරෙන් ඇය ගේ මුහුණ දෙස බලා සිටින්නට වූවා ය. ඇගේ සිතෙහි පෙර නො වූ සොම්නසක් ජනිත වන්නට විය. ඇය හෙමින් දියණියන් ගේ හිස අතගෑවා ය.

”මම කවදා වත් නොහිතපු දේවල් ගැන ඔයා හිතනවා දුවේ. අපි අපේ අතීත උරුමයන් බොහොමයක් අපේ දරුවන්ට නැති කරලා තියෙනවා. ඔයගොල්ල උත්සාහ කළොත් ඒ දේවල් නැවත හොයා ගන්න පුළුවන් වේවි. එහෙම වුණොත් ජීවිතයට අපූරු නැවුම් සුවඳක් එක් වෙන්න ඉඩ තියෙනවා.”

”ඔන්න අම්මා ගේ ඇස්වලින් කඳුළු ගලනවා.”

”නැහැ දුවේ.”

ගායනා දෑස පිස දමමින් නැඟී සිටියා ය. වතුර බාල්දියක් හා රෙදි කඩක් ගත් ඇය නිදන කාමරය දෙසට යන්නට වූවා ය.

”මොනවා...? අම්මා නිදන කාමරේ සුද්ධ කරන්නද යන්නෙ?”

”ඔව්.”

”අම්මා කලින් කිව්වෙ තාත්තටම හෝදන්න කියලා නේද?”

”ඇයි දැන් සැරයක් දුව කිව්වෙ දොළොස් මහක් ගෙවිලා දොළොස් මහක් ලබන දවසේ පරණ තරහ සේරම අහෝසියි කියලා.”

හිරුණි ගේ මුවග සිනාවක් නැඟිණ. නිදන කාමරයට ගිය ගායනා එය පිරිසුදු කරන්නට වූවා ය. කපුටා යළි කෑ ගසන්නට වූයේ ය. ඔහු මෙවර කෑ ගසන්නට වූයේ වඩාත් ළං ව පිහිටි නිවසක වහලය මත සිට ය. මෙවර ගායනාට එය මූසල හඬක් යයි නො සිතිණ. “මගේ හිතේ දුකටත් එක්න උඹ හඬපන් කපුටෝ. කොවුලා අපෙන් වෙන්වෙලා ඈතට ම යන්න ගිහිල්ලා. ඒ වෙනුවට උඹ වත් කෑ ගසන එක මොන තරම් දෙයක්ද? කොහා ගේ වුණත් බිත්තර රැක බලා ගන්නේ උඹනේ.” ගායනා තමාට ම මුමුණා ගත්තා ය. කසුන් හිස ඔසවා යහන මත හිඳ ගත්තේ්ය. ඇය සිනාමුසු මුහුණෙන් යුතු ව ඔහු දෙස බැලුවා ය.

”ඔයා මුහුණ කට හෝදා ගන්න. මම තේ ලැහැස්ති කරන්නම්.”

Nissanka Rajapaksa

unread,
May 31, 2024, 8:38:02 PMMay 31
to INDRAKA group
10
දෝණිට වෙසක්

- චූලාභය ශාන්ත කුමාර හේරත්

නියමිත වේලාවට විනාඩි පහක් තියා ඔහු දියත උද්‍යානයේ සුපුරුදු රුක් සෙවණ යට ජලාශයට මුහුණ ලා ඇති බංකුව වෙත ගියේය. අද මාසයේ දෙවන සෙනසුරාදාය. ඈ නියමිත වේලාවටම එහි එන බව ගෙවුණු මාස තුන හතරක අත්දැකීම් තුළින් ඔහු දනී.

හරියටම උදෑසන නවය වන විට රුක් ගොමු අතර වූ පටු සක්මන් මඟ දිගේ හිනැහෙමින් දෑත විදාගෙන ඔහු වෙත පැමිණි ඇය ඔහු බදා වැලඳ ගත්තාය. ඒ ආලිංගනයේ මොහොතක් ගිලී සිටි ඔහු ඇගේ දෙකොපුල් සිප ඈ ඔහු අසලින් හිඳුවා ගත්තේය.

ඇයට මඳක් පිටුපසින් පැමිණි අව් කණ්ණාඩි යුවළක් පැලඳි වියපත් කාන්තාව ඔවුන් දෙදෙන පසුකර මඳක් ඉදිරියට ගොස් එහි ඇති බංකුවක ඔවුන්ට මුහුණ ලා හිඳගෙන පොතක් දිගහැර ගත්තාය.

“තාත්ති කෙට්ටු වෙලා…”

ඈ ඔහුගේ මුහුණ අතගාමින් කීවාය.

“ දෝණි ටිකක් උස ගිහින්..”

“මම දැන් ලොකුයි නෙ.. ලබන මාසෙ මගෙ උපන් දිනේ..”

සිය සර්වාංගයම හිරිවැටී යන්නාක් සේ ඔහුට දැනිණ. ජුනි විසි තුන්වෙනිදාට දෝණිට අවුරුදු අටකි.

“මේ සැරේ මම කේක් කපන්නෙ නෑ… නෑමයි කියලා අම්මිට කිව්වා..”

“ ඒ මොකද?”

“තාත්ති නැතුව මම කොහොමද බර්ත්ඩේ කේක් කපන්නෙ.?”

ඔහුට වහා ඒ මාතෘකාව වෙනස් කරන්නට අවශ්‍ය විය.

“ කොහොමද ඔයාගෙ ඉස්කෝලෙ වැඩ?”

“ දැන් මට ඉස්කෝල දෙකයිනෙ..”

“ඒ මොකද..?”

“ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවාම අච්චම්මත් දානවනෙ ඉංග්‍රීසි ඉස්කෝලයක්.. මට එපා වෙලා තියෙන්නෙ තාත්ති..”

ඈ ඈත බංකුවේ සිටින මිත්තණිය දෙස බැලුවාය.

“අමෙරිකාවෙ කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්ලු….. ලබන අවුරුද්දෙ අම්මියි මමයි අමෙරිකාවට යවනවලු.. ලොකු මාමාලා ඉන්න දිහාවට… එතකොට මට එහෙ ඉස්කෝලෙකටලු යන්න වෙන්නෙ”

අනපේක්ෂිත මොහොතක තදින් යමක් හිස මත වැදී සියල්ල භ්‍රමණය වන්නාක් මෙන් ඔහුට දැනිණි. ඔහු දියණියගේ අත තරයේ අල්ලා ගත්තාය.

“කවුද කිව්වෙ..?”

“ආච්චම්මා පුංචිත් එක්ක කියනවා මම අහගෙන හිටියා.. නඩුව ඉවරවෙනකම්ලු ඉන්නෙ… මොකක්ද තාත්ති නඩුව?”

ඔහු නිහඬව ඈත බලාගෙන සිටියේ ය.

“අපි අමෙරිකාවට ගියාම තාත්ති කොහොමද මාසෙකට දවසක් මාව බලන්න එන්නෙ..?”

උත්තර නැති ප්‍රශ්නාවලියක ඔහු අතරමංව සැරිසරද්දී ඒ විසල් ගසින් ගිලිහුණු මැයි මලක් ඔවුන් ඉදිරියේ වැටිණි. ඈ එය අහුලා ගත්තාය. මේ මැයි මාසය හෙයින් උද්‍යානයේ බොහෝ තුරු හිස් මලින් සැරසී ඇත.

“තාත්ති මේ සැරෙත් ටීච කීවා අපිට වෙසක් කූඩු හදාගෙන එන්න කියලා… මතකද ගිය සැරේ තාත්ති මට හදලා දීපු තරු පොකුර..? අපේ ක්ලාස් එකේ තිබුණු ලස්සනම එක ඒක.”

ඇගේ දෑසෙහි සතුට බබළමින් තිබිණි.

“අම්මි කීවා මේ සැරේ මට කඩෙන් වෙසක් කූඩුවක් අරන් දෙනවා කියලා… කඩේ කූඩු ලස්සන නෑ.. තාත්තිට බැරි ද මට වෙසක් කූඩුවක් හදලා දෙන්න.?.”

“කූඩුවක් නම් හදලා දෙන්න පුළුවන්… ඒත් ඔයාට අම්මිගෙනුයි ආචිචිගෙනුයි බැණුම් අහන්න වෙයි..”

“ඇයි ඒගොල්ලො මට බණින්නෙ? හැමදාම මට වෙසක් කූඩු හදලා දුන්නෙ තාත්තිනෙ..”

“ඒ ඉස්සරනෙ පුතේ… දැන් තත්ත්වෙ හුඟක් වෙනස්..”

“ඒකට කමක් නෑ… බැන්ණොත් බැණපුවාවෙ..”

“මම කූඩුවක් හදන්නම්… කොහොමද ඔයා ඒක ගන්නෙ…?”

“ ටීච කිව්වෙ වෙසක් දවසෙ උදේට ඒක අරන් එන්න කියලා… අනිද්දානෙ වෙසක්… තාත්ති ඒක අරං ඉස්කෝලෙට එන්න… මම ගේට්ටුව ළඟ ඉන්නම්…”

දෙගිඩියාවකින් වුව ද ඔහු ඇගේ ඉල්ලීම භාර ගත්තේය. එහෙත් ඊයම් බරුවක් සේ සිය සිත පුරා මහ බරකි.

සිය නීතිඥයා පවසන හැටියට තව නඩු වාර දෙකකින් පමණ යශෝදාට දික්කසාදය ලැබෙනු ඇත. මේ වනවිටත් ඔහු අමාරුවෙන් වුව ද ඒ තීන්දුව පිළිගන්නට හිත හදාගෙන තිබේ. උසාවි නියමයට අනුව මාසයකට වරක් පැයක කාලයක් සිය දියණිය ඇසුරේ කල් ගෙවන්නට ලැබීම දැන් සිය ජීවිතයේ එකම සැනසීම බවට පත්ව ඇත. එහෙත් ඔවුන් රට හැර ගියහොත්?

හරියටම පැය ගෙවී යද්දී යශෝදාගේ මව බංකුවෙන් නැඟිට්ටාය. ඇගේ ඉඟියෙන් දෝණි ද නැගිට්ටාය. ඈ ඔහු ගෙල බදා සිප වැලඳ සමුගත්තාය. ඔවුන් සිය ඇස් මායිමෙන් ඉවත්ව යනතුරුම ඔහු ඒ දෙස බලා සිටියේය.

දියත උයනෙන් නික්ම ක්ෂණික සිතුවිල්ලකට අනුව කොල්ලුපිටියට ගිය ඔහු ස්කූටරයෙන් බැස ඉබාගාතයේ ඇවිදිමින් කල් මැරුවේය. ගාලු පාර වෙසක් උලෙළට සැරසෙමින් තිබේ. මඟ දෙපස බෞද්ධ ධජ, පාතාක සුදිලේ. මංසන්ධියක තොරණක් ඉදි වේ.

ඔහුට යශෝදාව මුලින්ම මුණගැසුණේ ද වෙසක් සමයක දීය. ඈ සේවය කළ බැංකුවේ පැවැත්වෙන වෙසක් බැති ගී ප්‍රසංගයක ගීත රචනා කිරීම පැවරුණේ ඔහුටය. එහි පුහුණුවීම් අතරතුර පුවත්පත් කලාවේදියකු වූ තරුණ ගීත රචකයා සහ ගායක කණ්ඩායමේ නායිකාව අතර ප්‍රේමයක් ඇරඹිණි.

නුගේගොඩ පාරම්පරික පවුලක එකම දියණිය හද්දා වන්නියෙන් කොළඹට පැමිණි නිකම්ම නිකං පත්තරකාරයෙක් සමඟ පෑහෙනවාට යශෝදා පාර්ශ්වය කැමැති වූයේ නැත. එහෙත් ඔවුහු ස්වකැමැත්තෙන් විවාහ වූහ. ඔහුට පිය උරුමයෙන් නොච්චියාගමින් ලැබුණු ඉඩම විකුණා දමා මහරගමින් පර්චස් දහයක් මිලදී ගෙන කුඩා නිවෙසක් ද ඉදිකර ගන්නට ඔවුන්ට හැකිවිණි.

සතුටින් පිරුණු ඒ පුංචි කැදැල්ල දෙදරා යන්නට ගතවූයේ ඉතා කෙටි කලකි. පුවත්පත වසා දැමීම නිසා රැකියාව අහිමි වීම, වෙබ් අඩවියකට ලියූ ආරක්ෂක රහස් සම්බන්ධ ලිපියක් හේතුවෙන් නිකරුණේ මාස කිහිපයක් හිරබත්කෑමට සිදු වීම, ගමේ සිටින සොහොයුරියට වකුගඩුවක් බද්ධ කිරීම සඳහා දීමට යශෝදාට ද හොරෙන් ඔහු ගත් බැංකු ණය මුදලෙහි වාරික නොගෙවීම නිසා ආ ලිපියක් යශෝදාගේ අතට පත්වීම, ළඟ ළඟම ආ අහඹු කුණාටු විය. නිතර ගෙදර අඬදබර පැන නැඟුණු අතර ඇගේ මව ඒවාට මැදිහත්වීම හේතුවෙන් සියල්ල අවුල් ජාලයක් බවට පත්විණි. අවසානයේ යශෝදා දියණිය ද කැටුව නුගේගොඩ මහගෙදර පදිංචියට ගියාය.

සෙනසුරාදා බැංකුවට වරු දවසකි. ලා නිල් පැහැති කුඩා රියෙහි ඈ එහි සිටින බවට ලකුණකි. ඔහු, අසල වූ ලොතරැයි කූඩුවට මුවාවී බලා සිටියේය.

ළා දම් පැහැති සාරියකින් සැරසුණු ඇය මිතුරියක් සමඟ බැංකුවෙන් පිටතට ආවාය. උගුර කට වියළී ගොස් සිය හෘදය ස්පන්දන වේගය වැඩිවන්නාක් සේ ඔහුට දැනිණි. එදා උසාවියේදී දුටුවාට වඩා ඇ මඳක් කෙට්ටුවී ඇතත් වසර ගණනාවකට ඉහත තමා වසඟ කළ ඒ ලාලිත්‍යය තවමත් එහෙමමය. ඒ දෑසට එබී බැලීමේ දැඩි ඕනෑකමක් දැල්වේ. එදා උසාවියේදී ඔහු කෙතරම් උත්සාහ කළත් ඈ වුවමනාවෙන්ම ඔහුගේ දෑස මඟ හරිමින් සිටින බව පෙනුණි.

මොහොතකින් ඈ රථගාල දෙසට ඇවිද ගියාය. මහා පසුතැවිල්ලකින් බරව ගිය සිතක් සමඟ ඔහු එතැනින් නික්ම ගියේ ය.

ඒ පින්බර වෙසක් උදෑසන පුෂ්පයෙන් දීපයෙන් සහ ධූපයෙන් නික්මෙන සුවඳ සමඟ මුසුවූ සිල් සුවඳකින් සුගන්ධවත් වූ ධර්මාරාමය සිල් ඇත්තන්ගෙන් පිරීගොස් තිබිණි. සීල සමාධිය පිණිස අම්මා එහි රඳවා යශෝදා, දියණිය සමඟ පන්සල් බිමෙන් පිටතට ආවාය. උදේ අට වනවිට වෙසක් කූඩු එල්ලීමට දියණියගේ පාසලට යා යුතුය. දියණිය ගෙන ඇති හිතුවක්කාර තීරණයට අම්මා නම් තදින්ම දොස් නැඟුවාය. තමා තුළ ඒ පිළිබඳ අප්‍රසාදයක් ඇතත් අහිංසක දැරියගේ මානසික තත්ත්වය සලකා ඈ මුවින් නොබැණ සිටියාය.

ඈ දික්කසාදය ඉල්ලූ දා සිට ඔහු ඈ සමඟ වූ සියලු සන්නිවේදන සම්බන්ධතා සම්පූර්ණයෙන්ම නවතා දමා තිබිණි. එහෙත් ඔවුන් පන්සලෙන් නික්ම රියට නගිද්දී ඇගේ දුරකතනයට ඔහුගෙන් කෙටි පණිවුඩයක් ලැබිණි.

‘දෝණි, මට සමාවෙන්න. ඊයෙ රෑ වෙච්චි පොඩි ප්‍රශ්නයක් නිසා වෙසක් කූඩුව ඉවර කරගන්න බැරි වුණා. ඔයා කඩෙන් කූඩුවක් ගන්න.’

“ඔයාට මම කලින්ම කීවනෙ කඩෙන් එකක් ගමු කියලා… මහ ලොකුවට තාත්ති හදලා ගේනකං බලා හිටියා. ”

යශෝදාගේ වචනවල කුරිරු සතුටක් සැඟව තිබිණි.

“තාත්තිට මොකක් හරි ලොකු කරදරයක් වෙන්න ඇති. නැත්තං එයා ඔහොම කරන්නෙ නෑ..”

“උදේ වෙන්න ඇති එයාට වෙසක් කූඩුව මතක් වෙන්න ඇත්තෙ..”

“නෑ… තාත්තිට කවදාවත් මගෙ වෙසක් කූඩුව අමතක වෙන්නෙ නෑ..”

“ඔයා ඔයාගෙ තාත්ති ගැන දන්නෙ නෑ දෝණි..”

“මම අම්මිට වඩා මගෙ තාත්ති ගැන දන්නවා..”

ඒ වදනින් ඈ තිගැස්සිණි.

“මොනවද ඔයා මට වඩා එයා ගැන දන්නෙ?”

“එයා අපිට හරි ආදරෙයි… හැමෝටම වඩා එයා අපිට ආදරෙයි… ඊයෙ රෑ එයාට මොකක් හරි වෙලා ‍තියෙනවා.. මට එයාව බලන්න යන්න ඕනෑ…”

ඈ හඬමින් බිම හිඳ ගත්තාය.

දඩබ්බර දියණිය ගැන තරහෙන් පිපිරෙමින් යශෝදා ප්‍රධාන පාරෙන් අතුරු පාරට රිය හැරෙව්වාය. නිවෙසේ ගේට්ටුව අඩක් හැර දමා ඇත. රෝහිත්ගේ ස්කූටරය පෙනෙන්නට තිබේ. ඒ ඔහු නිවෙසේ සිටින බවට ලකුණකි. ඈ ගේට්ටුවම මඳක් නුදුරින් රිය නතර කළාය.

“මම මේ ගමන ආවෙ තමුසෙ මැරෙන්න හදපු හින්දා.. විනාඩි තුනයි දෙන්නෙ.. ගිහින් එනවා.. ඔන්න මට එහෙම ඇතුළට කතා කරනවා නෙවෙයි…”

ඈ සැරෙන් කීවාය. දැරිය නිවෙස දෙසට දිව්වාය. තමා මහත් ආසාවෙන් ඔහු සමඟ ගොඩ නඟා ගත් නිවෙස දෙස බැලීමේ ඕනෑකමක් ඇතත් ඈ බලහත්කාරයෙන් ඒ සිතුවිල්ල යටපත් කර ගත්තාය. විනාඩි තුන හතරකින් දියණිය ආපසු එනු දුටු ඈ සැනසුම් සුසුමක් හෙළමින් රිය පණ ගැන්වූවාය

“අම්මි.. ඔයා ගෙදර යන්න.. හවසට එන්න මාව එක්ක යන්න..”

ඈ කවුළුවෙන් එබී කීවාය.

“ඔයාට පිස්සුවක් හැදීගෙන එනව ද?… නගිනවා කාර් එකට..”

“තාත්තිට ඇවිදින්න බෑ අම්මි.. කකුල කැඩිලා.. බොන්න වතුර ටිකක් දුන්නෙත් මම ගිහින්.. මට එයාව දාලා එන්න බෑ..”

ඈ හඬන්නට වූවාය.

“ඇයි මක් වෙලා ද?”

“ඊයෙ රෑ වෙසක් කූඩුවට කොළ මදි වෙලා හන්දියට ගිහින් කොළ අරන් එනකොට ත්‍රීවිල් එකක හැප්පිලා..”

“ඉතින් ඔයා ඉඳලා මොනවද කරන්නෙ…?”

“එයා මගෙ තාත්තනෙ.. එයාට උදව්වට කවුරු හරි ළඟ ඉන්න ඕනෑ… එයා ඉන්නෙ අමාරුවෙන්.”

ලිහිල් වෙන්නට තනන සිත දැඩි කරගන්නට ඈ උත්සාහ ගත්තාය.

පාදයේ බිඳුණු වළලුකර වටා දැමූ ඝන ප්ලාස්ටරය යටින් එන වේදනාවටත් වඩා දෝණිගේ පැමිණීමත් සමඟ සිය සිත බිඳී රිදුම් දෙන බව ඔහුට දැනේ. දෑසින් නොනැවතී ගලන කඳුළු කොට්ටයේ සඟවන්නට උත්සාහ දරද්දී නිදන කාමරයේ දොරකඩින් යළිත් පාහඬක් ඇසිණි.

දෝණිට පිටුපසින් යශෝදා සිටගෙන සිටියාය.

“අනේ වෙරි සොරි … මම ඒ මැසේජ් එක දැම්මෙ ළමයාට කොහෙන් හරි වෙසක් කූඩුවක් ඕනෑ නිසා.. දෝණි මෙහෙ එයි කියලා දන්නවා නම් මම ඒක එවන්නෙ නෑ.. එයාට මගෙ ළඟ ඉන්න ඕනෑලු.. අනේ කරුණාකරලා එයාව එක්කර ගෙන යන්න….”

ඔහු හැඬුම් අතරින් කීවේය.

“ මොනවා හරි කෑව ද..?”

ඈ ඇසුවාය. ඔහු කිසිවක් කීවේ නැත.

හත් වසරක්ම තමාගේ නිදන කාමරය වූ එහි අපිළිවෙළ හැර කිසිවක් වෙනස් වී නැත. ඔහු ඔත්පලව වැතිර සිටින යුගල යහන ඉදිරියේ බිත්තියේ හිනැහෙමින් සිටින තමාගේ ඡායාරූපය පවා තවමත් එතැනමය. එහි බිඳී තිබුණු වීදුරුව ඔහු අලුත් කර ඇත.

“ඔයාට ටොයිලට් යන්න ඕනෑ නම් කියන්න රෝයි.. මම එක්ක යන්නම්..”

ඈ ඔහුට සමීපව ඔහුගේ දෑසට එබෙමින් පරණ ස්වරයෙන්ම කීවාය. හැඬුම සමඟ ආ ඉකිය ඔහු නවතා ගත්තේ ඉතා අමාරුවෙනි.

“හැම තැනම අවුල් වෙලා.. මේ සේරම අස් කරලා ගෙදර පිළිවෙළක් කරන්න ඕනැ… දෝණි, ඔයා කොස්ස හොයාගෙන මේ කාමරේ අතුගාලා දාන්න… මම තාත්තිට කන්න මොනවා හරි හදන්නම්.”

ඈ කුස්සියට යමින් කීවා ය.

Nissanka Rajapaksa

unread,
Jun 1, 2024, 9:14:24 PMJun 1
to INDRAKA group
11
හීන දකින්නා (ලක්බිම පුවත්පතින්)










Nissanka Rajapaksa

unread,
Jun 2, 2024, 8:42:14 PMJun 2
to INDRAKA group
12
මිනී සළුව

- සරත් කුමාර ගමඇතිගේ 
(මාතලේ මලරන්බන්ගේ කෝඩිච්චේලෛ දමිළ කෙටිකතාවේ සිංහල පරිවර්තනය)

දිකටු තුඩින් අනින්නාක් බදු හීගඩු පිපෙන සීතල. වියළි ගොරකා බිකක් සේ වකුටු ව, තමා හැඳ සිටි සරම ඉහළට ඇද පොරවා, සීතලට සන්නාහය සකසා ගන්නට තැත් කළ ද, නඩේසන් එයින් පරාජය විය. සියොළඟ ම සීතලෙන් ගැහෙයි.

රෑ මැදියමත් පසුව ඇත. ඉදිකටුවක් බිම වැටුණ ද ඇසෙන තරමේ නිහඬතාවකි. කවුළුව අතරින් ගෙට රිංගා ගත් සඳ එළිය, මඳක් ඈතින් නිදා සිටි දියණිය අංජලෛ සහ ඇගේ පුතණුවන් මත පතිත වී සිනමා ස්ලයිඩ් පටයක් සේ දසුන් දෙයි. ඉණෙහි තිබූ කලිසම දණහිසෙනුත් පහළට රූටා ගොස්, නිරුවත් වූ සිරුරින් යුතුව නිදමින් සිටි කොලු පැටියා සඳෙන් කැබැල්ලක් උදුරා බිම දැමුවාක් මෙන් දසුන් දෙයි. මව, අංජලෛ ඔහුගෙන් මඳක් ඈත් ව, ගුළි වී නිදයි.

අංජලෛ, හරිහම්බ කරගත් සියල්ල වියදම් කොට කනකර ආභරණ හරිගස්සා, ලවුඩ්ස්පීකර් ගස් බැඳ උජාරුවට ම මඟුල් කා දීග දුන් දියණියයි. දරුවකු කුසින් එළියට එනතුරු බෑනාගේ කිසිඳු නොහොඳක් දකින්නට නොතිබිණි. ඉපදී මාසයක් වයසැති දරුවා ද තුරුලු කරගෙන පැමිණ, තමා ඉදිරියේ පෙනී සිටි තම දියණිය දුටු පියා අන්දුන්කුන්දුන්ව ගියේ ය. බෑනාගේ සැබෑ ස්වරූපය වැටහුණේ පලවා හරින ලද තම දියණිය ද කැටුව සාධාරණය කතා කිරීමට ගිය විට ය. බැගෑපත් වී හෝ බියගන්වා හෝ නම්මවා ගත හැකි සිතක් බෑනාට නැති බව අවබෝධ කරගත් පසුව දියණියට හා දරුවාට තමා ම රැකවරණය දෙමින් ජීවත් වීමට නඩේසන් තීරණය කළේ ය. මසකට පසු බෑණා කවුදෝ කාන්තාවක් සහේට ගෙන වව්නියාව ප්‍රදේශයට ගොස් ජීවත්වන බව ආරංචි විය. නඩේසන් බෑනා අමතක කර දැමුවේ ය. අංජලෛ ද “උඹට වරක් එපා නම් මට දහස් වරක් එපා” යන මතයෙහි ම සිටියා ය.

මෙම සිදුවීමෙන් දස වසරක් ගෙවී ගියේ ය.

අත දරුවා ද වඩාගෙන ගමට ආ අංජලී තම පියාට බරක් වූයේ නැත. හිතේ දහිරිය ද, අතේ කිරි කපන පිහිය ද වූයෙන් පසුම්බිය පිරෙන්නට නොවුණත් මාස් පතා ඇගේ නමට පඩියක් වැටුණි.

මෙතෙක් දවසක් පිළිවෙළකට තමන්ගේ වැඩ ටික කරගෙන සිටි තැනැත්තිය දිනක් සනීප නැතැයි කියා ඔත්පල වුණා ය.

මාසයක් මුළුල්ලේ ම ඔත්පලව වැතිර සිටි ඇය යම් සහනයක් ලැබුවා සේ පය බිම තබා නැඟී සිටිය ද පෙර සේ දුව පැන ඇවිද වැඩ කරන්නට ඇයට ශක්තියක් නොවී ය. කන්ද නැඟ වැඩට ගියදාට පසුදා නැවතත් මුහුණ මලානිකව, අත් පා පණ නැති ව දුර්වල වූ ඇය ලෙඩට වැටුණා ය. පෙර ලෙසම අත් බෙහෙත් හා ගොඩ වෙදකම් ද කරන අතරතුර ආණ්ඩුවේ ඉස්පිරිතාලයෙන් ද ප්‍රතිකාර ලබා ගත්තා ය. අවසානයේ දී රෝහලෙහි නතර වන්නට විය.

පාදයේ ඉදිමුම අඩු වී රෝග තත්ත්වය මඳක් සුව අතට හැරුණි. දියණිය රෝහලේ සිට නිවෙසට කැඳවාගෙන ආ නඩේසන් උඩැක්කිය වයා දෙවියන්ට ආරාධනා කොට ඇය සුවකර දෙන ලෙස අයැද සිටියේ ය. ‘දෙයියන්ගේ සාපයක්’, සියල්ලම නැති භංගස්ථාන වෙද්දී ඇයගේ අසනීපය පමණක් ඉතිරි විය.

මාසයකට දින හතරක් හෝ පහක් වැඩ කරමින් සිටි තැනැත්තිය මේ තුන් මාසයට ම එක දවසක්වත් වැඩට ගියේ නැත.

“වත්ත ආණ්ඩුවට ගන්න යනවා” ය යන ආරංචිය කන වැකුණ නඩේසන්ට කළයුතු කිසිවක් සිතා ගත නොහැකි විය. වත්ත භාර ගැනීමට මන්ත්‍රීතුමා හෙට අනිද්දාම කොළඹ සිට එන බව හදිසියේ ම ශබ්ද විකාශන යන්ත්‍රයකින් නිවේදනය කොට, දැන්වීම් පත්‍රිකා ද තැනින් තැන අලවනු ලැබීය.

ඒ වත්ත දැන් රජයට අයත් වත්තකි. මුදලාලිට අයිති ව තිබූ කාලයේ, වත්තේ වැඩ බැලූ සහ කාර්යාලයේ වැඩ කළ නිලධාරීන් හැමෝගේ ම, බඩේ පහර වදින ලකුණු පහළ වී ඇත.

අලුත් මහත්තයා, කාර්යමණ්ඩලය, පාලන අධිකාරිය සියල්ල ආරම්භ වී හය මාසයක් යන තෙක් වේලාවට වැටුප් ලැබුණි.

ඊයේ නඩේසන් ඔපීසියට කැඳවා වතු අධිකාරිවරයා පැවසූ දෙය නිසා හොල්මනක් දුටුවාක් මෙන් නඩේසන් බියට පත්ව සිටී.

“මාස දෙකකටත් වැඩිය වැඩට ඇවිල්ලා නෑ. වැඩට නොඑන අයට ලයිම් කාමරයි, ආහාර සලාකයි දෙන්න මේක දන්සැලක් නෙවෙයි. ඔහේගේ දෝණියැන්දා හෙට ම වැඩට නො ආවොත් දීලා තියෙන ලයිම් කාමර බලපත්තරේ, සලාක කූපන් ඔක්කෝම ආපහු භාර දෙන්නට වෙනවා.”

වත්තේ මහත්තයාගේ ගර්ජනාවෙන් ඔහුගේ සිත අවුලෙන් අවුලට ම පත් විය.

මෙය වතු අධිකාරිවරයාගේ දෙවන අනතුරු හැඟවීම ය. මේ වතාවේ දොරේ නිකම්ම නිකම් වහසිබස් දෙඩුවා නොවේ. කතා කරන්නේ ක්‍රියාත්මක කරන්නට නියමිත සැලසුම් සියල්ල කල් ඇතුව සකසාගෙන ය. නඩේසන්ට මේ තත්ත්වය හොඳින් වැටහේ.

දොරකඩ පැත්තෙන් කුකුළකු හඬළන හඬ ඇසේ. අංජලෛ වකුටු ව නිදයි. ඇය පොරවා සිටි රෙදි කැබැල්ල ඉණෙන් පහළට මඳක් ලිහා වැටී ඇත.

සතියකට දවසක් හෝ දෙකක් බැරිමරගාතේ වුව ද වැඩට යාමට ඇය සූදානම් ය. එහෙත් ඉණේ දවටාගන්නට හරිහමන් වස්ත්‍රයක් නැතිව…? තැනින් තැන අණ්ඩ දැමූ රෙදි කඩමාල්ල ඉණ වටා දවටාගෙන ගොස් පෙරට්ටුවේ දී හතර දෙනෙක් ඉදිරියේ පෙනී සිටින්නට ඇයට සිදු වේ. කොහොම වැඩට යන්න ද?

මාස තුනකටත් වැඩිය ඔත්පලව සිටින තම දියණියට ආහාරපාන සහ බේත්හේත් සැපයීම ම මහා සුමක්කරයකි. කාරණා මෙසේ වෙද්දී තව අඳින්නත් අරගෙන දෙන්නේ කොහොම ද? කොහෙන් කියලා සල්ලි හොයන්න ද?

රෑ පහන් වන්නට තව වැඩි වේලාවක් නැත. නඩේසන් පිලේ ඇති ළිප මොළවා ගිනි තපින්නට සූදානම් වෙද්දී පිටතින් බල්ලකු බුරන හඩ ඇසුණි. උත්සවවල දී තමා සමඟ තප්පු වාදනය කරන කන්දන්, උඩහ ලයිමේ සිට පහළ බසිමින් සිටියේ ය.

‘ඇයි කන්දා…! හදිස්සියෙන් වාගේ කළුකපාඑළියේ ම මේ පැත්තෙ!”

“උඹව හම්බවෙන්නමයි ආවේ. ඊයේ රෑ උඩහ ලයිමෙ සාමි අම්මා මැරිලා.”

“ඇත්ත ද බං, අපරාදෙ… පව් ඒ ගෑනි! කීයට විතර ද?”

“පණ ගියේ පාන්දර හතරට විතර”

කන්දන් ද ගිනි තපින අදහසින් ළිප ළඟ සිටි නඩේසන් අසලින් ම වාඩි විය.

සාමි ආච්චි තනිකඩ ගැහැනියකි. වැඩ කළ හැකි කාලයේ කිරි කැපුවේ බට් රබර් කොටසේය. දෙදෙනෙකු කපා ගන්නා තරම් රබර් කිරි ප්‍රමාණයක් තනි ඇය විසින් ගෙන එනු ලැබුවා ය. ඇය වයසට ගොස් ඇතැයි කියා බට් රබර් කොටසෙන් අයින් කර පරණ රබර් වත්තේ වැඩට දැමුවේ ය. බොරු හේතු කාරණා පෙන්වමින්, ඇය ආශාවෙන් වැඩ කළ බට් රබර් කොටස ඇගෙන් උදුරා ගත්තේ වතු කොන්දොස්තර මහතාගේ ගවයාට තණකොළ කපන සුප්පයියාට දීමට බව හැමදෙනාම දන්නා කරුණකි.

මේ ප්‍රශ්නය තරමක් දුරදිග ගියේ ය. පැමිණිල්ලට විසඳුමක් දීම ‘ඔට්ටපාළු’ ඇදෙන්නාක් මෙන් ඇදුණා මිසක සෑහීමකට පත්විය හැකි තීන්දුවක් නොලැබුණි.

එක් දිනක් කිරි කපන විට, කිරි වෑහෙන්නට ගසේ රඳවා තිබූ පොල් කටුවෙහි දඟර ගසා සිටි කුණකටුවකු මැහැල්ලගේ අතට දෂ්ට කළේ ය. මේ සිද්ධියෙන් පසුව වැසි කාලයන්හි දී ඇගේ අත ඉදිමෙන්නට ගත්තේ ය. ඉදිමුම බැසීමට දින තුන හතරකට වැඩිය ගතවෙයි. ඉදිමුම බැස්ස ද අතේ වේදනාව එකදිගටම පවතියි.

මැහැල්ල කිරි කැපීමට නුසුදුස්සකු බවට තීරණය විය.

අලුත් වතු අධිකාරිවරයා පැමිණි පසු ඇගේ ලයිම් කාමරය ඇයගෙන් උදුරා ගැනීම වෙනුවෙන් කේන්ති ගන්නවාට වඩා ළමා රැඳවුම් හලේ නතරවීමට හෝ ඉඩදීම ගැන ඇය කෘතඥ විය යුතු ය.

හාල් රාත්තලක් ද තිරිඟු පිටි රාත්තල් එක හමාරක් ද දක්වා ආහාර සලාකය අඩු කරන තෙක් මැහැල්ලගේ ජීවිතය එතරම් දුෂ්කර නොවී ය.

අතපය වලංගු නැති, ඇවිද ගන්නට පවා පණ නැති, හුස්ම පමණක් ඉහළ පහළ වැටෙන ගිලන් රූපකාය සහිතව ඇය කුරිරු සාගත රකුසා විසින් ලෙඩ ඇඳට තල්ලු කර දමනු ලැබුවා ය.

“කෑමක් බීමක් නැතුව දවස් තුන හතරක් එක දිගට වැටිලා ඉන්න ඇති. බත් අහුරක් දෙන්න තරම්වත් තමන්ගේ කියලා කෙනෙක් ඉන්නව යැ. ඈ මරා ගත්තෙ ඔය බඩගින්න තමා.

“අපි තමයි ඉදිරිපත් වෙලා අවසන් කටයුතු කරන්න යන්නේ කියලා වතු අධිකාරි මහත්තයා එක්ක කියන්න ඕන නේද?” නඩේසන් ඇසුවේය.

“ඔව්! ඔව්! කන්දන් හිස සැලුවේ ය.

දෙදෙනාම වත්තේ මහත්තයා සමඟ කතා කළේය. ලබාගත හැකි වූයේ මළ සිරුර වැළලීමේ අවසරය පමණි. මින් පෙර වත්තේ කෙනකු මියගිය විට මිනී පෙට්ටියේ වියදමත් වළ කැපීමේ වියදමත් යන දෙකම වත්ත ගානේ දරන ලදි.

අලුත් පාලනයෙන් ඒවා ගැන කතා කරන්නට පවා තහනම් ය.

“සාමි අම්මා පරලොව ගියා. මිනිය වළලන්න ඥාති කියලා කිසි කෙනෙක් නෑ. ඒ නිසා සල්ලි එකතු කරලා මිනිය භූමදානය කරන්නයි යන්නේ. අනාථ මනුස්සයා වෙනුවෙන් උදව් කරන්න.”

දෙදෙනාම ලයිමෙන් ලයිමට ඇවිද්දාහ.

ඩිවිෂන් හතරක ගෙවල්, නිලධාරීන්, බංගලා නිවැසියන්, වත්තට ආසන්න කඩවල් ආදියෙහි, කකුල් කෙඩෙත්තුව හැදෙනතුරු ඇවිද්ද ඇවිදිල්ල නිෂ්ඵල නොවී ය. සැලකිය යුතු ප්‍රමාණයක් සල්ලි එකතු විය. ආපසු එනවිට හවස් වී තිබුණි.

සිල්ලර බඩු ටිකක් මිලදී ගෙන, කණක්කප්පිල්ලේ මහත්තයාගේ ගෙදරින් පෙට්‍රල් මැක්ස් එක ඉල්ලා, එය ද පත්තු කරගෙන, ආපසු එද්දී හොඳටම අඳුර වැටී තිබිණි.

අඳුරේ තනිවෙන්නට හැර තිබූ මළ සිරුර අවසන් කටයුතු වෙනුවෙන් පිළියෙල කිරීමේ කටයුත්ත සිදුවෙද්දී දහ දොළොස් දෙනෙක් පමණ එතැනට පැමිණ සිටියහ.

“මිනී සළුව ඇඟට නොදා මළ සිරුර වළදාන්න හොඳ නෑ. රුපියල් තිහ තිස් පහකට සාරියක් අරගෙන දාමු”

“සාරි ඕන නෑ. චාරිත්තරේට සුදු රෙදි යාරයක් අරගෙන දැමුවා ම හොඳටම ඇති” කන්දන් කීවේ ය.

“චී… චී… අනිවාර්යයෙන් ම සාරියක් අරගෙන දාන්න ඕන. මොකෝ සල්ලි නැතුව කියල යැ” නඩේසන් කීවේ ය.

“තියෙන සල්ලියෙන් සාරි ගත්තා ම අනිත් වියදම් මොකෙන් කරන්න ද?” කන්දන් කීවේ ය.

“ඉතුරු වැඩ කටයුතු… ඔය මළ ගෙදරට කියලා සම්මාදම්, අඩුම කුඩුම ලැබෙනවා නේ. ඒවායින් බලමු.”

කන්දන්ගේ පිළිතුරක් බලා නොසිට ම නඩේසන් කළු පාට බෝඩරය සහිත රතු පාට සාරියක් මිලදී ගත්තේ ය.

තූම්භයේ තබා ඔසවාගෙන යන විට මිනිය අලුතින් මිලට ගත් රතු සේලයෙන් වසා තිබුණි.

“මම තමයි සෑයට ගින්දර තියන්නෙ; මම තමයි කළය බිඳින්නේ” යනාදී වශයෙන් උරුමය සඳහා වූ තරගයක් මෙහි නැත.

වළ අසලින් සිරුර තබා සියලුම කාර්යයන් නඩේසන්ගේ මූලිකත්වයෙන් ම සිදුකොට, අවසන් කටයුතු නිම කළේ ය.

නඩේසන්ගේ මුණුබුරා පැරණි කුඩා හට්ටියක් රැගෙනවිත් තිබිණි. හට්ටියේ බත් ටිකක් සහ බීට් රූට් ව්‍යංජන ටිකක් දක්නට ලැබිණි.

“මේ මොකට ද” කන්දන් ඇසී ය.

“යන පරාණය ඇල්ම ආශාව ඇතිව යන්න හොඳ නෑ. ජීවත්ව සිටියදී ඉල්ලූ හැමදේම මළ මිනියට දෙන්නට ඕන. දින තුන හතරේ, මැහැල්ල කෑමවලට ආශාවෙන්, බඩ ගින්නේ ඉඳලා තියෙනවා” නඩේසන් කීවේ ය.

“හරි හරි, ඔයා කියූ දේ හරි තමයි” කන්දන් දෑස සෙලෙවුවේ ය.

නඩේසන් මළ මිනියෙහි දෑත මත බත් ද ව්‍යංජන ද තැබුවේ ය.

“වේලාව යනවා. ඉක්මනට වැඩේ ඉවර කරපන්” කියමින් කන්දන් තරමක් ඈතින් වූ රබර් ගස මුල, හිසෙහි බර අතට දීගෙන හිඳගත්තේ ය.

මළ සිරුර වළ ලා නිමකර එනවිට කන්දන් වත්තන් කරගෙන එන්නට සිදු විය.

ඔහු එන මඟ දිගට ම විලාප දෙමින් හැඬුවේ ය.

මෙපමණ කලක් නොකඩවා වැඩට පැමිණි අය ද, කලක් නොපැමිණ, විශේෂයෙන් එදින ම පැමිණි අය ද නිසා පසු දින වතු කම්කරුවන්ගේ උදෑසන පෙරෙට්ටුව අතුරු සිදුරු නැති විය. කිළිටි, දුර්වර්ණ හා අපිරිසුදු පිරිස අතර, කළුපාට බෝඩරය සහිත රතුපාට අලුත් සාරියකින් සැරසුණ නඩේසන්ගේ දුව අංජලෛ බැබළෙමින් සිටියා ය.

https://www.silumina.lk/2024/05/11/news-features/17771/%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93-%E0%B7%83%E0%B7%85%E0%B7%94%E0%B7%80/


Nissanka Rajapaksa

unread,
Jun 3, 2024, 8:03:58 PMJun 3
to INDRAKA group
14
(ලක්බිම පුවත්පතින්)













Nissanka Rajapaksa

unread,
Jun 4, 2024, 9:11:30 PMJun 4
to INDRAKA group
15

විප්‍රයෝගය

- ශි‍්‍රයාලතා ලියනපතිරණ
"උඹ ආවෙ මහ ගෑනිත් මළයි කියල කවුරුහරි කීවද? නැත්තං අරූ උඹව පැන්නුවද? මං ඕක හිතුවෙ එදාමයි. උඹට ඔහොම වෙලා මදි. ගහක් ගලක් වගෙ හිටපු තාත්ත මරා ගත්ත. පවුලෙ නම්බුව කෑව. මාත් මේ ඉන්නෙ මැරෙන්නෙ නැති කරුමෙ හින්ද. ඉතුරු ටික කාලෙත් මං මේ හිටපු විදියට ම ඉන්නං. දෙයියන්නෙ නාමෙට දැං ඉතිං මගෙ දෑහැට නොපෙනි පලයං”

වැහැරී ගිය අම්මාගේ සිරුරත් කෝපාවිෂ්ඨ මුහුණත් දුටු මට මා ගැන ම ඇතිවූයේ ඉමහත් කලකිරීමයි. උසස් කුලවත් කාන්තාවක වූ ඈ මෙසේ හැසිරෙනු මා මින් පෙර කිසිදා දැක තිබුණේ නැත. අම්මාගේ හඬින් ගෙතුළ සිට පැමිණි මැගිලින් මා දුටු සැණින් මිදුලට බැස්සා ය.

“මැගිලින් උඹ කොහෙද යන්නෙ. මෙන්න මෙහාට වරෙං” බියපත්වූ ඇය ද වහා ආපසු ගියා ය. ඉදිරි දොර ද සැණෙකින් වැසිණි.

මා මෙහි පැමිණියේ සාදර පිළිගැනීමක් බලාපොරොත්තුවෙන් නොවේ. එහෙත් අම්මාගේ කෝපය මා සිත සසල කළේ ය. ඇයට කුමක් වේද? ඈ සිය ජීවිතයට අනතුරක් කර ගනීවිද? එහෙත් ගෙතුළට පිවිසීමට තරම් ආත්ම ශක්තියක් මා වෙත ඉතිරි ව නැත. පොල් වත්තෙ හාමිනේ ලෙසින් ගැමියන්ගේ ආදර ගෞරවයට පාත්‍රවූ අම්මා අද පත්ව ඇති දුර්වල තත්ත්වයට වගකිවයුත්තේ මා ය. සියල්ලෙන් සපිරුණු පුරවරයක වැජැඹුණු කුමරියක ලෙසින් එදා කෙළිලොල් වියේදී මා විසූ මේ මන්දිරය අබියස අද මා තවත් එක් යාචකයෙක් පමණක් බවට පත්ව ඇති සෙයකි. මම සිටිවන ම සිටිමි. මැගිලින් ද ගියා ගියා ම ය. මුළු පරිසරයම වසාගෙන සිටි අම්මාගේ අණසකට පිටතින් ඇයට ද කිසිවක් කළ නොහැකි බව මම ද හොඳින්ම දනිමි. එහෙත් මට දෙවන වරට ද මවට පිටුපා පා නඟා යා නොහැකි ය. ජීවිතයේ ගැඹුර මට ඉගැන්වූයේ මගේ සිඟිති දියණියයි.

හොඳ වෙලාවට දරුව දාල ආවෙ. දියණියට දෙවසර පිරුණු දින කවිරාජ් හා දියණිය ද මා ද ශ්‍රී මහා බෝධිය අබියසට නොයන්නට මා අද දින ද මෙහි නොඑන්නට තිබිණ.

“පුංචි නෝනත් ආවනං තමයි හොඳ. ඒත් ලොකු නෝන කීව පුංචි නෝන අසනීපෙන් ඉස්පිරිතාලෙ කියල. නැත්තං කීයටවත් නෑවිත් ඉන්නෙ නෑනෙ.”

බෝධිය වැඳීමට පැමිණ සිටි කිරි කපන ලීලාගේ හඬ දැනුදු සවන් තුළ දෝංකාර දෙයි. තාත්තාගේ මළගම දිනයේත් අම්මා මගේ ගෞරවය රැකගෙන ඇත්තේ මා අසනීපයෙන් පසුවන බව පැවසීමෙනි. එහෙත් මා ඔවුනට පිටුපා ඇත්තේ කෙතරම් අකෘතඥ අයුරින් ද?

දෙමාපියන් බැලීමට යමුයි යෝජනා කළ හැම විට ම කවිරාජ් මගේ සිත ද නොරිදෙන පරිදි ගමන කල් දැමීය. මේ ගමන ඒමට වුවද මා ඉදිරිපත් වූ විට ඔහු කී වදන් දැනුදු සිහිවේ.

නන්දනී, ඔයාගෙ දුක සාධාරණයි. මට ඒක තේරෙනව. ඒත් දැන්ම අම්මට මූණ දෙන්න අමාරුයි. දුව නිසා ඔයා ව පිළිගත්තත් මාවනං බෑණා හැටියට පිළිගන්න අම්ම සූදානම් නැති වග මං හොඳට ම දන්නව. එහෙම නෙවි. ඔයා තනියම ගිහිං බලන්න. මං උදව් කරන්නං. පස්සෙ දවසක අපි තුන්දෙනා ම යමු.

සැබවින් ම ඔහු හොඳ සැමියෙකි. ගෙවීගිය වසර දෙකක පමණ කාලය තුළ ඔහු කිසි ම දිනක මට අමනාප මුහුණක් පෙන්වා නැත. සංගීත ගුරුවරයකු වූ ඔහු මට වඩා වසර දහයක් වැඩිමහලු ය. මා සංගීතය කෙරෙහි දැඩි ඇල්මක් දක්වනු දුටු මා පියා ඔහු නිවසට ගෙන්වා මට සංගීතය හැදෑරීමට අවස්ථාව සලසා දුන්නේ ය. එහෙත් අපගේ දැන හැඳුනුම්කම පේ‍්‍රමයකට පෙරලෙත් ම ඔහු කැකිරාව ප්‍රදේශයේ දුෂ්කර පාසලකට මාරුවක් ලබාගෙන මා කැඳවාගෙන ගොස් එහිම ගුරු නිවාසයේ පදිංචි විය. කුඩා වුවද ඒ නිවසේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියල්ල සපුරා තිබිණ.

“නන්දනී, ඔයා විඳපු සැප නං මට දෙන්න අමාරුයි. ඒත් මගේ ජීවිතේ තියෙන කල් ඔයා කවදාවත් බඩගින්නෙ තියන්නෙ නෑ. අපි තියෙන සැප සම්පත්වලින් සෑහීමට පත්වෙලා සමඟියෙන් ඉඳිමු. මට ඕන එච්චරයි.”

ඔහු හා යුගදිවි ඇරඹු මුල් දින ම මට කී සැටි දැනුදු සිහියට නැඟේ.

“පුංචි නෝන ලොකු නෝන එන්න කීව. මුලුතැන්ගෙය දෙසින් මා වෙත පැමිණි මැගිලින්ගේ හඬින් තිගැස්සී මම පියවි ලොවට පිවිසියෙමි. මම ද ඈ අනුව මුළුතැන්ගෙට ගියෙමි. මැගිලින් දිවා අහර පිළියෙල කොට මේසය මත තබා තිබිණ.

“මං එක්ක තරහ වෙන්න එපා නෝනෙ. ලොකු නෝනට ඉහළින් මට මොනවත් කරන්න බැහැනෙ. ලොකු නෝන තමයි කීවෙ මේ මේසෙට කෑම අරින්න කියල.”

මගේ දෙනෙත් කඳුළින් බර වෙයි. අපේ ගෙදර මුලුතැන්ගෙයි මේසයට අහර තබා තිබුණේ සේවකයන් සඳහා ය. හදවතේ අභ්‍යන්තරයෙන් ඇරැඹුණු සියුම් වේදනාවක් මුළු සිරුර පුරා ම පැතිර යනු දැනේ. මම වහා ම හිඳ ගතිමි. කෑමට කිසිදු පිරියක් නැත.

“එපා මැගිලින් මට බඩගිනි නෑ. අම්ම මොකද කරන්නෙ. තාම මට බනිනවද? මට ඕන අම්ම එක්ක කතා කරන්න. මං ඇතුළට ගියොත් අම්ම මොනව කරාවිද කියල මට බයයි. මැගිලින් ගිහිං බලනවද?”

“ඔය කාමරේට වෙලා බලාගත් අතේ බලාගෙන ඉන්නෙ. තරහට ඒ වෙලාවට බැන්නට පුංචි නෝනට ආදරෙයි. පුංචි නෝන ගියදා ඉඳල ඒ මූණෙ හිනාවක් මං දැක්කෙ නෑ. හුඟක් දවස් ගෙවුවෙ ඇඬු කඳුළෙන්. ලොකු මහත්තයගෙන් බැනුම් අහන්න බැරි හින්ද දුක දරාගෙන උන්න. ඒ දෙන්න අතරෙ උණත් එහෙමකට ඇයි හොඳයියක් තිබුණෙ නෑ. ලොකු මහත්තය හුඟක් වෙලාවල නෝනට බැන්නා පුංචි නෝන හොඳට බලා ගත්තෙ නෑ කියල. පව් පුංචි නෝන අම්ම තාත්තට ගින්දර දෙන්න හොඳ නෑ.”

මැගිලින්ගේ කථාවේ නිමක් දැකිය නොහැකි ය. උපේක්ෂාවෙන් ඊට ඇහුම්කන් දී සිටිය ද මට ද කෑගසා හැඬීමට සිතේ. එහෙත් මේ ඊට සුදුසු තැන නොවේ.

“හරිම ඔලුව කැක්කුමයි මැගී. මං පොඩ්ඩක් නිදා ගන්නම්” මම මේසයට හිස තබා ගතිමි. මා කළ දේ කිසිවකු කිසි දිනක අනුමත නොකරනු ඇත. පොල්වත්තෙ ගෙදර මුළු බූදලයට එකම හිමිකාරිය ලෙස කවුරුත් දැන සිටි එකම දියණිය සංගීත ගුරුවරයකු හා පැන ගියාය. පොල්වත්තෙ මුදලාලිටත් හාමිනේටත් යළි කවදාවත් හිස කෙළින් තබාගෙන සමාජයට මුහුණ දිය නොහැකිය. ඔවුන්ගේ තරාතිරමට හා වත්පොහොසත්කමට ගැළපෙන සැමියකු සොයා දෙන තුරු මා ඉවසා සිටියේ නැත. එහෙත් ආලයට ආදරයට සීමා මායිම් පැනවිය හැකි ද? විවිධ සිතුවිලි විසින් මා මහත් අවුලක් පටලා ඇති බවක් දැනේ.

වහා තිගැස්සුණු මා පියවි ලොවට පිවිසියේ කවුදෝ මගේ හිස පිරිමදිනු දැනීමෙනි. එක් වරම මට සිහි වූයේ කවිරාජ් ය. ඔහු ද බොහෝ විට මගේ හිස ආදරයෙන් පිරි මදියි. මම හිස එසවීමි. දෙවියනේ... මගේ අම්මා. වහා නැඟී සිට ඇගේ දෙපාමුල වැඳ වැටුණේ අඩ සිහියෙන් මෙනි.

“අම්මෙ මට සමාවෙන්න. මං අම්මටයි තාත්තටයි හුඟක් වැරදි කළා. මට ඕන දඬුවමක් දෙන්න. ඒත් මාව එළවන්න නං එපා අම්මෙ. මට අම්ම ඕන.”

මම මගේ ආවේගයන් වචන හා කඳුළු මඟින් පිටකර හැරියෙමි. එහෙත් අම්මා දිගට ම මුනිවත රැක්කා ය. මගේ හැඬුම සිහින් කෙඳිරියක් බවට පත්වන තෙක්ම ඈ නිහඬව සිටියා ය. නැඟී සිටි මම ඇගේ උරහිසට හිස තබා ගතිමි. අම්මා දැඩිව මා තුරුලු කොට ගනිමින් නිහඬව කඳුළු සැලුවා ය. මම ද මවක්මි. මට දියණිය සිහිවේ. මා නිසා අම්මා කොතරම් කඳුළු සලන්නට ඇද්ද?

“දුවේ උඹල වෙනස් උණාට අපි වෙනස් වෙලා නෑ. උඹ මේ අම්මටයි මැරිච්ච තාත්තටයි හොරෙන් මිනිහෙක් හොයාගෙන සේරම අමතක කරල පැනල ගිහිල්ල ළමයි හදාගෙන ජීවිතේ ගෙනියනව. උඹව හදල වඩල උගන්නල උස්මහත් වුණාට පස්සෙ අම්ම තාත්තගෙ නම්බුවයි මේ සේරම දේපළයි මොකවත් මතක නැති වුණා. අපි ජීවිතේ ම කඳුළු බොනව. ලෝකෙ හැටි ඔහොම තමයි. මට දුක අසරණ තාත්ත ගැන. ඒ මනුස්සය ඔහොම අකාලෙ මැරෙන්නෙ නෑ උඹ අපට අකීකරු වුණේ නැත්තං. මං උඹ එක්ක තරහ නෑ දුවේ. මේ මං ලබා උපන් හැටි. යං ගේ ඇතුළට”

අම්මා මා ද කැටුව ගියේ ඇගේ නිදන කාමරයට ය. එහි කිසිදු වෙනසක් සිදුවී නැත. මා දුටු එක ම වෙනස බිත්තියේ ලෑල්ලක් ගසා තැන්පත් කළ බුදු පිළිමය පමණි. එහි බුදු පහන නිබඳ ව දැල්වෙනවා විය යුතු ය. ඈ තම කුටිය බුදු කුටියක් බවට පත් කරගෙන ඇත. අම්මා ජනේලය හැර දමා ඈත අනන්තය දෙස මඳ වේලාවක් බලා සිටින්නට වූවා ය.

වෙනදා මෙතැනට පෙනෙන රතු රෝස පඳුර අද එතැන නැත. තාත්තා මට කුඩා කල ඔංචිල්ලා බැඳ දුන් මී අඹ ගස ද කොළ හැලුණු අතු ඉති අහස දෙසට දිගු කරගෙන සිටී. ඉතා ක්‍රමානුකූල ව ලියැදි බේරා හොඳින් සාත්තු කළ අපේ කුඹුරු යාය දෙස බලා එකල මා ඇඳි චිත්‍රය තාත්තා ඔහුගේ කාමරයේ බිත්තිය සැරසීමට එල්ලා තැබී ය. එහෙත් ඒ කුඹුර ද පුරන්ව ඇති සැටියකි. මා ළපටි වියේදීත් වැඩුණු පසුවත් මේ හැම තැන ම දුටු සුන්දරත්වය අද පලා ගොසිනි. මට දුවණිය සිහියට නැඟිණ. එකල අම්මාත් මා පිළිබඳ ව මෙබඳු ම සෙනෙහසක් දක්වන්නට ඇත.

මා සැඟ ව ගියදා ඈ කෙතරම් කඳුළු සලන්නට ඇද්ද? එහෙත් දුවණිය සිහිවත් ම වහා ඇය දැකීමේ දැඩි හැඟීමක් මා සිත පෙළයි. මා එනතුරු කවිරාජ් දියණිය ද සමඟ මිතුරකුගේ නිවසේ රැඳී සිටියි.

“අම්මෙ මං තව ටිකකින් යන්න ඕන. දූ අඬයි ද දන්නෙ නෑ. මං නැතුව මේ තරං වෙලාවක් ඉඳල නෑ මීට කලින්. කවිරාජ්ට නං එකතුයි. ඒත් රෑට අඬයිද දන්නෙ නෑ.”

අම්මාගේ විසල් දෙනෙත් වහා මා වෙතට යොමු විය. “මොනව උඹ ආවෙ මට පෙනිල යන්න ද? ඉතිං නෑවිත් ම ඉන්න තිබුණනෙ.”

මට මහත් බියක් දැනිණ. ආයෙමත් මාව පන්නා ගනීවිද? “නෑ අම්මෙ දරුවත් එක්කරගෙන හෙට අනිද්ද ම ආයෙමත් එනවනෙ. අම්ම තරහ නෑනෙ.” මම ශෝකී ස්වරයෙන් කීමි.

“දුවේ උඹලට අපි එපා වුණාට අපට දරුවො අමතක කරන්න බෑ. ඒත් උඹ කළේ වස වැරැද්දක්. අඩු ම ගානෙ තාත්ත ඉඳිද්දි එක දවසක් එන්න තිබුණා. සැරවැර කළාට තාත්තගෙ හිත ළාමකයි. කළගුණ නොදන්න දරුවො” අම්මා ඉවත බලාගෙන ම කීවා ය.

කමක් නෑ. දැං සේරම වෙලා ඉවරයි. දුවේ ඉඳගනිං. මං තව කී දවසක් ඉඳීද දන්නෙ නෑ. එක අතකට මෙහෙම හරි ආපු එක හොඳයි. උඹ ගියාට පස්සෙ තාත්ත හැසුරුනෙ හරියට පිස්සෙක් වගේ. අපි කවුරුවත් මායිං කළේ නෑ. උඹ ගිහිං ටික දවසකට පස්සෙ පොල්වත්ත වික්ක හරි ම අඩු ගණනකට. හාමුදුරුවො වඩම්මල මහා දානයක් දුන්න. පන්සලේ ආවස ගේ හදන්න ලක්ෂ පහක් දුන්න. ඉතිරි සල්ලි ඔක්කෝම දූගෙ පොතට දාල මට කීව තාත්ත මළාට පස්සෙ දෙන්න කියල. අම්මා අල්මාරිය හැර මගේ බැංකු පොත මා වෙතට දිගු කළා ය. තාත්තා සිහිවත් ම මහත් වේදනාවක් දැනුණ ද ඒ බව නොහඟවා සිටීමට මම උත්සාහ දැරුවෙමි.

“නෑ අම්මෙ මට සල්ලි ඕන නෑ. තාත්ත වෙනුවෙන් ඒව වියදම් කරන්න. කවිරාජ් අම්මටයි තාත්තටයි මූණ දෙන්න තිබුණ බය හින්දමයි අම්මෙ ආවෙ නැත්තෙ. මාත් බයෙන් හිටියෙ. අපි කළේ වැරැද්දක් තමයි. මම බිඳුණු හඬින් කියා ගතිමි.

“දුවේ මගෙ ජීවිතේ මං දැං ඉන්නෙ අග්ගිස්සෙ. දුකයි සැපයි කියල වෙනසක් මට නෑ. දැං ඉතිං කොයි වෙලාවෙ මැරුණත් කමක් නෑ. මේ සේරම අයිති උඹල දෙන්නට. දරුවත් අරං මෙහාට ඇවිත් මේව බලාකියාගෙන ඉඳපල්ල.”

දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන අසීමිත සෙනෙහස මට හොඳින් වැටහෙයි. එහෙත් දියණිය සිහිවත් ම ඈ වෙත ඉගිල යන්නට සිතේ. මම දිගු හුස්මක් හෙළා ළය සැහැල්ලු කර ගතිමි.

“අම්මෙ මං ගිහිං ඉක්මනට ම එන්නං. මම ඇගේ දෙපාමුල වැඳ වැටෙද්දී අම්මාගේ සිහින් ඉකිබිඳුම හද පතුලටම කිඳා බසිමින් වේදනා දෙනු දැනිණි. මම අසරණ අම්මා ද සිතින් ගෙන කාමරයෙන් පිටතට ගියෙමි.

Nissanka Rajapaksa

unread,
Jun 5, 2024, 8:44:20 PMJun 5
to INDRAKA group
16
සුළු දෙයක්
කුන්වන්කා කපාඩියා

Nissanka Rajapaksa

unread,
Jun 6, 2024, 9:56:27 PMJun 6
to INDRAKA group
17
කාක තර්ජිත හිස

– එම්. රිෂාන් ෂෙරිෆ්

දෙමළ බසින් ලියැවුණු කෙටි කතාවේ සිංහල පරිවර්තනය ජී. ජී. සරත් ආනන්ද

කපුටන් සෑම විට ම ඉලක්ක කළේ ඔහුගේ හිසයි. අවශ්‍ය වන්නේ ඔහු දිවා කාලයේ එළියට පැමිණීම පමණි. මාර්ගයේ විදුලි රැහැන්, දුරකථන රැහැන්, වැට මායිමේ සූරියා ගස්, නිවෙස්වල වහල, මාළු කඩ ආදී වශයෙන් විවිධ ස්ථානවල වසා බලා සිටින කපුටු රංචු හෝ තනි කපුටෙක් හෝ ඔහුගේ හිසට ඉලක්කය අල්ලා ඉගිල විත් කොටා යති. එක් වරක් කොටා ගිය කපුටෙකු ඔහු එළිමහනේ ඇවිද නිවෙසට යන තුරු නැවත කොටන්නේ නැත. ලුහුබඳින්නේ ද නැත. ඔහු නිවෙසට ඇතුළු වී සිට යළි එළියට එන අවස්ථාවේ දී පැමිණ හිසට කොටා ඉගිලෙති. ඔහු ඒ පිළිබඳ සැලකිලිමත් වී සිටියේය. වරක් ගෙල පෙදෙසේ පියාපත් සහිත, මඳක් අළු පැහැය මුසු කපුටෙක් එසේ කළේය. සියලු කපුටන් කරන්නේ එසේ යැයි එදා සිට ඔහු වටහා ගත්තේය. එකිනෙකා තම තමන්ගේ වාරය බලා පැමිණ කොටති’යි ඔහු සැක කළේය.

කපුටෙකු විත් කොටා යළි ඉගිල යන විට ඔහු කුඩා කල සිට ඉගෙනගෙන තිබූ අසභ්‍ය වචන පිට කරන ආකාරය ද දැකගත හැකිය. එය ‘ඕම්කාරය’ වැනි හඬකි. පාර පුරා රැව් දෙයි. හිසට කොටා යෑමෙන් ඇති වූ වේදනාව පහව යනතුරු ම ඉතා පහත් පෙළේ සියලු අසැබි වදන් ඔහු මුවින් පිට වී කපුටන් කරා ඇදී යන්නේය. ඔහු මෙසේ පාරේ යනෙන විට වැඩිහිටියෝ තනිව ම දොස් තබමින්, ඔහුගේ අසැබි වදන් තම නිවෙස් තුළට ඇතුළු වීම වළක්වා ගැනීම සඳහා තම තමන්ගේ නිවෙස්වල දොර ජනෙල් වසා තබති. ඔහුගේ හිසට කපුටන් කොටා යනු දැකීම ප්‍රදේශයේ පොඩි උන්ට මහත් විනෝදාස්වාදයක් ගෙන දුන් අතර, ඔහුගේ මුවින් පිටවන වදන් තුළින් ඔහු තව තවත් ව්‍යාකූලත්වයට පත්වෙනු දැකිය හැකි විය. සියලු කපුටන් කොටා ඉගිල ගිය පසු උන්ට දොස් තබමින් ම විවේක ගනිමින් හිස පිරිමදිනයුරු දැකගත හැකි ය. ඔහු තම හිස පිරිමදින ලද අතැඟිලිවල රතු පැහැයෙන් ලේ තැවරී තිබේදැයි බලමින් එන විට කොළු කුරුට්ටෝ කපුටන් සේ ‘කාක්— කාක්—’ යි හඬ නඟා දුවති. ඔහු කොර ගසමින් කොල්ලන් ලුහුබඳින්නට දුවයි. ඔහු දුවන විට ගෙම්බකුගේ පැනීමත්, කකුළුවකුගේ ගමනත් සිහියට නැගෙයි.

නිසි අයුරින් දුවන්නට නො හැකි සේ ඔහුගේ දණහිස් දෙක ම උපතින් ම විකෘති වී තිබුණි. එසේ ම ඔහු ඉතා කෘෂ ය. නිසි පෝෂණයෙන් තොර වීම නිසා ඔහුගේ මුහුණ ද වැහැරුණු ස්වභාවයකින් යුක්ත වූ මුත් දරුවකුගේ පෙනුමෙන් යුක්ත විය. දිගු ඇහි බැම සහිත හීනි ඇස් පව්කාර පෙනුමක් ගෙන දුන්නේ ය. සම කළු හෝ තලෙලු පැහැයක් නො ගත් අතර රතු පැහැතිත් නොවේ. සුදු කඩදහියක රතු පැහැ දුහුවිලි තැවරුණාක් වැනි ය. ඔහු මිටි ය. කොර වූ කකුල් ඔහු තවත් මිටි කර පායි. කිසි විටෙක ඔහුට ඒ එක කොල්ලෙකුවත් අල්ලා ගැනීමට හැකි වන්නේ නැත.

සාමාන්‍යයෙන් ඔහු කිසිවෙකු සමගවත් කතා නො කරයි. කුමන කොතරම් දක්‍ෂයෙකුට වුවත් ඔහුගේ මුවින් පිටවන වදන් පැහැදිලිව වටහා ගත නො හැක. ඕනෑම ප්‍රශ්නයකට ‘ඔව්, නෑ’ යන එකඟත්වය පෑම ඔහුගේ සිරිතයි. නැතහොත් විරුද්ධත්වය පෑමට හිස වැනීම සිදුකරයි. දැඩිව අවධාරණය කිරීමට නම් අත්වලින් ද සංඥා කරයි.

අනිත් අය අදහස් විකෘති කරමින් කතාකරන සෑම වචනයක ම අරුත ඔහු හොඳින් දැන සිටියේ ය. තමන් කෙරෙන් පිටව සුළඟකට හසුව ගසාගෙන යාවි යැයි සිතාදෝ ඔහු තුළ වදන් පිටකිරීමට බියක් තිබුණි. ඇතැම් විට ඔහු තුළ පිරී තිබෙන වදන් සියල්ල පිටතට ගැනීමට කපුටන් සංවිධානය වී පැමිණ හිසට කොටා යළි ඉගිල යනවාවත්ද? ගුවන් විදුලි යන්ත්‍රයට එහි මුදුණෙහි බොත්තමක් තිබේ. එය එබූ විට යන්ත්‍රය කතා කරයි. හඬ මතුවෙයි- ගී ගයයි. ඒ ආකාරයට ඔහුගේ කතා පෙට්ටියේ ද බොත්තම තිබෙන්නේ හිස මුදුණේ බැවින් එය කතා කරන්නේ කපුටන් පැමිණ ඔබා ගිය විට යැයි කතාන්දර නිර්මාණය කර පවසමින් මව්වරු තම දරුවන්ට කෑම කැවූහ.

ඔහු අනාථයෙකු යැයි ගමේ සියලු දෙනා කතා වූහ. කොහේදෝ සිට පැමිණි ඔහු එම ගමේ බොහෝ කලක සිට ජීවත්වන්නෙකි. කපුටන් තමන් ලුහුබඳිමින් කොටන බව දැනගත් දිනයේ පටන් ඔහු දිවා කාලයේ දී එළියට ඒමට පැකිලුණේ ය. දිවා කාලයේ එළියට බහින්නේ ඉතා වැදගත් අවශ්‍යතාවයක් තිබුණහොත් පමණි. ඔහු එම ගමේ ලොකු හෝටල් හිමිකරුවකුගේ හෝටලයක සේවය කළේ ය. ඒ හෝටල් හිමියා ඔහුට ජීවත්වීම සඳහා හෝටලයට ආසන්නයෙන් ම කුඩා පැල්පතක් ඉදිකර ගැනීමට අවසර දුන්නේ ය. ඔහු ජීවත්වූයේ එහි ය. වතුර කලයක්, ඇලුමිනියම් පිඟන් දෙකක්, කේතලයක්, වතුර බොන ජොග්ගුවක්, බූරු ඇඳක්, කොට්ටයක්, සුදු සරම් දෙකක්, ඉදිරිපස සාක්කු දෙකක් සහිත අත් කොට සුදු කමිස දෙකක් යනාදී ඔහු සතු දේපළින් ඒ පැල්පත පිරී තිබුණි. ඊළඟ දිනයේ උදෑසන හෝටලයේ අලෙවි කරන රොටී සඳහා රාත්‍රියේ පිටි පදම් කර පිළියෙල කිරීම ඔහුගේ කාර්යයයි. කපුටන්ට බියෙන් උන් සියල්ල කූඩු කරා ගිය පසු රාත්‍රි කාලයේ ඔහු දොළට ගොස් නාගෙන එන්නේය. පසුව හෝටලයට ගොස් දවල්ට උයා ඉතිරි තිබෙන කෑම කා, රොටී පිළියෙල කිරීම අරඹයි. වැඩ නිමා වූ අලුයම් කාලයේ රොටී කිහිපයක් උදේ සහ දිවා ආහාරය සඳහා පාර්සලයකට දමා රැගෙන තම පැල්පතට පැමිණි පසු සැන්දෑ යාමය වනතුරු ම කරන කාර්යය වන්නේ නිදාගැනීමයි. කෑමට සහ බීමට පමණක් අවදි වන ඔහු යළි නිදාගනියි.

කිසියම් අවස්ථාවක හෝටල් හිමිකරු වැදගත් අවශ්‍යතාවයක් සඳහා කැඳවුවහොත් පමණක් ඔහු පිටතට පැමිණෙයි. වරක් හෝටල් හිමිකරු එසේ ඔහුව කැඳවා තම නිවසට දර පලා දෙන ලෙස ඔහුට පැවරුවේය. මග දිගට ලුහුබඳිමින් කොටන කපුටනුත්, හෝටල් හිමියාගේ නිවස ඉදිරිපිට අඹ ගසේ වසා සිටින කපුටනුත් සියල්ල එක් වී දර පලමින් සිටි ඔහුගේ හිසට කොටන්නට වූ බැවින් ඔහුගේ ඩහදිය සමග මුසු වී ලේ බිඳු ද නළල ඔස්සේ රේඛාවක් සේ ගලා හැලුණේය. අසැබි වදන් උස් හඬින් ඔහුගේ මුව ඔස්සේ පිටවිය. නිවසේ සිටි තරුණියෝ ජනේලයෙන් විස්මිතව බලා සිටියෝය. හෝටල් හිමියාගේ මහළු මව ඔහුට දර පැලීම නතර කරන ලෙස දන්වා ඔහුගේ නිවසට පිටත් කර හැරියාය. ඔහු කුඩා වියේ දී පැටව් සිටි කපුටු කූඩුවක් දෑතින් කඩා බිඳ දමා ඇති බවත්, ඒ සඳහා කපුටන් සෑම විට ම ඔහුගෙන් පළිගන්නා බවත් මැහැල්ල ඒ තරුණියන් සමග පැවසුවා ය. එය ඔහුට කපුටන් කෙටීම සම්බන්ධයෙන් ගම පුරා පැතිර තිබූ කට කතාවකි. ඔහු පිටව යන අතරේ දී කලින් ඔහුට කොටා සන්සුන්ව සිටි එකදු කපුටෙකුවත් ඔහුට කෙටුවේ නැත. ලුහුබැන්දේ ද නැත. ඔහු සන්සුන් ලීලාවෙන් පැල්පතට පැමිණියේය. හිස පිරිමදිමින් ම නින්දට ගියේය.

කිසියම් කාර්යයන් සඳහා හෝටලයෙන් පිටතට යැවීමට අයෙකු නොමැති අවස්ථාවල දී හොටල් හිමියා විසින් මාළු මිල දී ගැනීම සඳහා යවනු ලබන්නේ ද ඔහු ය. ඒ නිසා ඔහුට තමන්ගේ රැකියාව පවා ඉතා අප්‍රසන්න කාර්යයක් වී තිබුණි. මාළු කඩය අසල නිතර ම රැස්ව සිටින කපුටන් සිහි වී ඔහු බිය වූයේ ය. මාළුවල ඉවත් කරන කොටස් ඇහිඳ කා පුරුදුව සිටි උන්ගේ හොට ඉතා තියුණු යැයි ඔහුට හැඟී තිබුණි. ඔහු දකිත් ම හොටයේ රඳවා ගෙන තිබෙන කෑම කැබැල්ල ඉවත දමන කපුටෝ කිසියම් වගකීමක් ඉටු කිරීමට මෙන් ඔහුගේ හිසට කොටා ඉගිල යති. පොළට පැමිණ සිටින, ඔහුව නො හඳුනන බොහෝ දෙනා අරුම පුදුම සතකු දෙස බලන්නාක් සේ ඔහු දෙස බලති. ඉනේ දරුවන් රුවාගෙන සිටින මව්වරු තම දරුවන්ට හාස්‍යජනක දර්ශනයක් පෙන්වන්නාක් සේ ඔහුව පෑවෝය. පොළේ තිබෙන අමුතු, විනෝදාත්මක උපකරණයක් නරඹන්නා සේ ඒ දරුවෝ දෑස් ලොකු කර, කට ඇරගෙන, සිනාසෙමින් ඔහු දෙස බලා ආස්වාදයක් ලබති.

මෙසේ වරක් ඔහු පොළේ සිට මාළු රැගෙන එන අතරේ පාසැල් නිල ඇඳුමින් සිටි දැරියක් සියඹලා ගස් කැළෑවේ තනියම අඬමින් සිටිනු නෙත ගැටුණි. කෙළත්, සොටුත්, කඳුළුත් ගලද්දී සියඹලා කරල් දෙකක් ද අතැතිව ඒ පාළු කැළෑ බිමේ ඇය තනිව සිටින අයුරු ඔහු දුටුවේය. මඳක් සමීපයට ගොස් අතින් සංඥා කර ‘මොකද?’ යි විමසීය. කිසිවකුත් නොමැති කැළෑවක, සුදු ඇඳුම් ඇඳ, දෙපා වකුටු මිට්ටකු වූ මොහු දකිත් ම මුලින් බියපත් වූ දැරිය පසුව තමන් සියඹලා කැඩීමට පැමිණ පාර වැරදුණ බව පවසා ඉකි ගසමින් හැඬුවාය. ඇය කැඳවාගෙන නැවතත් පොළ දෙසට යන පාරේ පැමිණ, අල්ලපු ගමට යන පාරේ පිහිටි ඇගේ නිවසට ඇයව ඇරලුවේය. ඒ අතරේ සියඹලා ගසේ සිටි කපුටෙක් ඔහුගේ හිසට කොටා ඉගිල ගියේය. ඒ පාරේ සිටි කපුටෝ දෙතුන් දෙනෙක් ද එසේ හිසට කොටා ඉගිල ගියහ. කපුටන් පියාඹා එන ‘ෂ්— ෂ්—’ හඬ ඇසුණු සෑම විටක දී ම දැරිය ඉකි ගසමින් හැරී, ඒ කපුටන් දෙස බියපත්ව බලා සිටියාය. ඇතැම් දරුවෝ ‘කාක්— කාක්—’ යි හඬ නගා දිවූහ.

ඉතාමත් පුදුම සහගත දෙය නම් ඔහු ඒ දැරිය ඉදිරියේ කපුටන්ට විරෝධය පෑමට එකදු අසැබි වදනක් පිට නො කිරීමය. ඒ කොලු කුරුට්ටන් ලුහුබඳිමින් දුවන්නට ද ඔහුට ධෛර්යයක් නොතිබුණි. ගොළුවකු සේ ඒ දැරිය සමග ද නොදොඩා ඇගේ නිවස වෙත ඇය ඉතා ප්‍රවේශම් සහිතව ගෙන ගොස් භාර දුන්නේය. ඔහු ගමේ සියලුදෙනා හොඳින් හඳුනාගත්තේ එදින සිටය. ඒ පුවත ගම පුරා පැතිරී ගියේ ය..‘කපුටු කොල්ලා’ යැයි ගමේ සියලු දෙනාගෙන් ගැරහුම් ලද ඔහු දැරිය ප්‍රවේශමෙන් රැගෙන විත් භාරදුන් පුවත ප්‍රචාරය වීමත් සමග ගම්මුන්ගේ ප්‍රශංසාවට ලක්වූයේය.

එදා සිට ගම තුළ දී ඔහු දකින ඇතැම්හු ඔහුගෙන් සුවදුක් විචාරති. පිළිතුරු කිසිවක් නො ලැබුණත් ඇතැම්හු ඔහු කපුටන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම සඳහා උපක්‍රම යොදති. ගෙයින් එළියට බසින විට හිස්වැසුමක් පැළඳ හෝ කපුටන් බියවන ආකාරයේ දිළිසෙන නළල් පටියක් ගැටගසා ගෙන හෝ එන්නැයි ඔහුට උපදෙස් දෙති. ඇතැමෙක් කොස් කට්ටක් සේ ඉහළට උල් වී වැඩී තිබූ ඔහුගේ හිසකෙස් සියල්ල ම ඉවත් කර බූගාන ලෙසත්, නැතහොත් දිගට කොණ්ඩය වවන ලෙසත් කියා සිටිති. තවත් ඇතැමෙක් මෙය හූනියමක් යැයි පවසා තමන් දන්නා කට්ටඩියන් ගැන දැනුම් දී, ඔවුන් ලවා සුරයක් ජීවම් කර පැළඳගන්නැයි ද උපදෙස් දෙති. ඔහු මුවින් කිසිත් නො කියා හිස වනා එය පිළිගත් බව හඟවයි. ඊළඟ දිනයේ දහවල් එළියට එන විට ඔහු ඔවුන් පැවසූ දේ ක්‍රියාවට නගන්නට සිතුවේය. කිසිවකින් නො නැවතුණු කපුටෝ ඔහුගේ පසුපසින් පැමිණ තොප්පියට කොටා ඉගිල ගියහ. එක් වරක් කෙටූ කපුටෝ ද නැවත නැවතත් පැමිණ ඔහු වටා කැරකෙමින් නැවත නැවතත් කෙටූහ. රැස් වී සිටිමින් අඛණ්ඩව කෙටූහ. එකෙනෙහි ම ඔහු උස් හඬින් අසැබි වචන පිට කරමින් තොප්පියත්, නළල් පටියත්, ගෙලෙහි ගැටගසා තිබූ කළු පැහැති සුරයත් ගලවා වීසි කළේය.

එක් රැයක ඔහු රොටී පිළියෙල කිරීම සඳහා හෝටලයට නො පැමිණීම නිසා ඔහු ගැන සොයන්නට හෝටල් හිමිකරු පුද්ගලයකු යැව්වේ ය. ඒ පුද්ගලයා ඔහුගේ පැල්පත විවෘත කර සොයා බැලුවේය. වතුර කලයත්, පෙර තිබූ ඇඳුම් ටිකත් දක්නට නො ලැබීම නිසා ඔහු ගම හැර දා කොහේ හෝ යන්නට ඇතැයි අනුමාන කර පැමිණ ඒ බව කියා සිටියේය. ඔහු සොයන්නට වෙහෙසුණු අය දවසක් දෙකක් ඉවසා බලමු යි පැවසූහ. හෝටලයේ රොටී පිළියෙල කිරීමේ වගකීම, එය භාරගැනීමට ආසාවෙන් බලා සිටි, රැකියාවක් සොයමින් සිටි අයෙකුට දෙන ලදී. ඊළඟ දිනයේ උදෑසන දිය නෑමට ගිය ඒ ගමේ වින්නඹු මැහැල්ල ඉවුරු දෑලේ ගල් තලාවක ලිස්සා ඇද වැටී, හිස පැලී, මිය ගොස් සිටි ඔහුගේ සිරුර දැක විලාප නැගුවාය. ගං ඉවුරේ වූ කුඹුක් ගසේත්, අනෙකුත් සියලු ගස්වලත් කළු පැහැති පොකුරු මෙන් කපුටෝ ඒ සිරුර වටා කරව් කරමින් සිටියහ. ඔහු නැගිට්ටේ නැත- එහෙත් ඒ ගමේ සිටි කපුටෝ සියල්ල එකට එක් වී කණ්ඩායමක් ලෙස ඔහු දෙස බලමින් කරව් කළහ. ගොදුරු සොයා යාමෙන් වැළකී, ඒ සිරුර ඉවත් කරන තුරු එහි ම සිටිය හ. මින් පසු ඔහුගේ ගුවන් විදුලියේ බොත්තම ඔබා හඬ නැංවීම කළ නො හැකි බැව් දැනගෙන දෝ උන් ඔහුට කෙටුවේ නැත. ලුහුබැන්දේ ද නැත.

  

Nissanka Rajapaksa

unread,
Jun 7, 2024, 7:42:17 PMJun 7
to INDRAKA group
18
භාග්‍යභතී චාරන් පතග්‍රාහී

පරිවර්තනය බොබී ජී බොතේජු






Nissanka Rajapaksa

unread,
Jun 8, 2024, 8:55:13 PMJun 8
to INDRAKA group
19
හැපි එන්ඩින්

- සුජාතා මැණිකේ ඉහළගෙදර

මං අක්කලගෙ ගෙදර ගියේ චරිතගෙන් බේරෙන්න බැරි තැන. 
"දවසක් ඇර දවසක් ඔයා එන්නම ඕන මගේ මැණික" චරිත එහෙම කිව්වේ "ආවෙ නැත්තං මං නරකයි කියන්නත් එපා" කියන එක ඇස් වල තියාගෙන. චරිත කියන්නේ ඇස් වලින් කතා කරන චරිතයක්. හොඳ වචන විතරක් කතා කරන චරිතයක්.

මොනතරම් ලස්සන වචන වුණත් ඒවා පාවිච්චි කරන ටෝන් එකයි අදහසයි එක්ක අප්පිරියා වෙන්න වැඩි වෙලාවක් යන්නේ නෑ කියලා මං තේරුම් ගත්තේ චරිතගේ වචන භාවිතයෙන්.

එයා කවදාවත් මට උඹ, වර, තෝ, පල කියලා කතා කරලා නෑ.

කුණුහරපයකින් බැන්නටත් වඩා හිත රිදවන්න ලස්සන වචනයක් පාවිච්චි කරන ස්වරයෙන් අදහසින් පුළුවන්..

එතකොට අදහසක් හැඟීමක් තේරුම් ගන්න බැරි විදිහට වචන කියලා මිනිස්සුන්ව අවිනිශ්චිත කරලා භීතියට පත් කරන්නත් පුළුවන්.

චරිත කියන්නේ කුණුහරප කියපු මිනිහෙක්වත් අරක්කු සිගරට් බීපු මිනිහෙක්වත් නෙමෙයි. එයා හොඳයි කියලා සම්මත වර්ගයෙ කොල්ලෙක්. ප්‍රතිපත්තිගරුක මිනිහෙක්.

කොහේ ගියත් රෑ දහයට කලින් ගෙදර එන අනිවාර්යෙන්ම උදේට ඔළුවේ නාන හවසට ඇඟ හෝදන පිළිවෙළ මිනිහෙක්. ලස්සනට ඇඳපු ලස්සනට පැළඳපු මිනිහෙක්. 

එයාට තිබුණෙ එකම එක හීනයයි. ඒ ලස්සන දරු පවුලක් එක්ක ජීවත් වෙන එක. එයාට ඕන උනා දිග කොණ්ඩයක් තියෙන හොඳට උයන්න පුළුවන් ලස්සන කෙල්ලෙක්. එයාගේ වයිෆ් රස්සාවක් කරනවට එයා කැමති වුණේ නෑ. අන්න එතැනදී අපි දෙන්නා හොඳටම ගැලපුණා. මමත් රස්සාවක් කරන්න කැමති වුණේ නෑ. ඒ වගේම මං හැමදාම දිග කොණ්ඩයක් තියාගන්න ආස කළා. මම එක එක විදිහට කෑම හදන්න ආස වුණා. 

මුල් කාලේ විතරක් නෙමෙයි අපි බඳින්න කිට්ටු වෙන කාලෙත් අපි දෙන්නා තමයි මේ ලෝකේ ඉන්න ගැලපෙනම ජෝඩුව කියලා මට හිතුණා.

"මගේ මැණිකගේ ලස්සන දකින්න ඕන මම විතරයි. එක එකාට බලලා රස විදින්න නෙවෙයි මගෙ දේවල් තියෙන්නෙ. ආයෙ මේවා පේන්න අඳින්නෙ නෑ හරිද" එයා මගේ නළල ඉඹලා එහෙම කිව්වම මම මගේ කොට ඇදුම් සේරම අයින් කළා. 

අයින් කළා කිව්වේ ගම්පෙරළියෙ නන්දා පියල්ගේ ලියුම වීසිකලා වගේ විසිකළා. අල්මාරිය අස්සට. 

හැමදාම හවසට එයා ඔෆිස් ඇරිල ගෙදර යන ගමන් ඇවිත් මාව බලලා ගියා. එයා එනකම් මම බලන් ඉන්නෙ නාලා, කොන්ඩෙ කඩාගෙන. ඕඩිකොලොන් දාලා එහෙම.

දරුවෝ තුන්දෙනෙක් එක්ක පවුලක් වෙන හැටි. අපි දෙන්නා කතා බහට ලක්වෙන ජෝඩුවක් හැටියට මළගෙවල් දානෙ ගෙවල්වල යන හැටි. දරුවන් ඉස්කෝලෙ දාන හැටි. ජෝඩුවක් හැටියට අපි දෙන්නා සමාජයේ පෙනී හිටින හැටි ගැන අපි දෙන්නටම හීන තිබුණා.

චරිතගේ අම්මයි තාත්තයි ඒ වගේ ජෝඩුවක්. ඒ දෙන්නා හැම තැනම ගියේ ආවේ එකට. තාත්තා නැතුව අම්මා කවදාවත් කෑම කෑවේ නෑ. අම්මා ගමේ ගියාටවත් තාත්තා නැතුව එක දවසක් හිටියේ නෑ. ඇත්තටම ඒ දෙන්නගෙ සම්බන්ධතාවය වරමක් දේවාශිර්වාදයක් වගේ එකක්. මම ඒ ගෙදරට ගිය හැම වතාවකම ඒ දෙන්නගේ ඒ ආදරය බලාගෙන ඉඳලා තියෙනවා. මටත් උරුම වෙන්න යන්නේ මේ වගේ සම්බන්ධතාවයක් නේද කියන සතුට මාව පුරවලා තියෙනවා.

හවසට මාව බලල යන්න එද්දි එයා හැමදාම මට මොනවහරි අරන් ආවා. කජු පැකට් එකක් හරි. චරිත කියන්නේ මගෙ හීන හැබෑ කරපු, කරන කුමාරයා. එයා තමයි මගේ රයිට් මෑන්. 

අපි වෙඩින් එකට දින දාගෙන තිබුනේ මැයි දහ නමය. ඒ අප්‍රේල් මාසේ අපේ ලොකු අයියා ඇක්සිඩන්ට් එකකින් නැති උනා. ඒකෙන් අපේ වෙඩින් එක කල් ගියා. අවුරුදු හතරක් වෙලා තිබ්බ අපේ සම්බන්ධෙ ඒ වෙනකොටත් සීමා වෙලා තිබ්බේ සිප වැළඳ ගැනීම් වලට විතරයි. අයියගේ ඇක්සිඩන්ට් එක, තාත්තාගේ අසනීප වීම, අක්කගේ ගර්භාෂෙ ඔපරේෂන් එක වගේ කාරණා හින්දා අපේ වෙඩින් එක අවුරුද්දකට කල් ගියා.

අන්න එතැනදී තමයි චරිතට ඕන වුණේ අපේ සම්බන්ධය දුර දිග යවන්න. ඇත්තටම කිව්වොත් ඒක ඊට හුඟක් කාලෙකට උඩදී මට ඕන වෙලා තිබුණා දුරදිගයෑමක්..

ඔව් ඒක ඇත්තක්. මං ආදරේ කරන මනුස්සයාගේ, මම බඳින මනුස්සයාගේ ආදරණීය ආලිංගනයේ යා හැකි පරතරටම යන්න මට ආස හිතෙන එක අසාමාන්‍ය හෝ වැරදි දෙයක් කියලා මම හිතන්නේ නෑ. හැබැයි මගේ ප්‍රතිපත්තිගරුක සහ ආදරණීය ප්‍රේමවන්තයා මටත් වඩා මාව පරිස්සම් කරනවා කියන සතුට මට හැමදාමත් තිබුණා.

"මම ඔයාව නීතියෙන් කසාද බඳින්නෙ නැතුව ගෑනියෙක් කරන්නේ නෑ" චරිත කිව්වේ හරි ආදරෙන්. ගෑනු හිත් හරි ආසයි ඔය ඩයලොග් එකට. 

වෙඩින් එකක් ගන්නෙ නැතුව මාව ගෙදරින් පිට කරන අදහසක් අපේ අම්මලාට තිබුනෙත් නෑ. මනමාලියෙක් නොකර මාව ගෙදරට ගන්න අදහසක් චරිතලාගේ අම්මලාට තිබුනෙත් නෑ. ඒත් අපි දෙන්නට ගෑනියි මිනිහයි වෙන්න ඕන උනාම ඒකට තව අවුරුද්දක් බලන් ඉන්න සිද්ධ වෙනවා කියලා තේරුණාම අපි දෙන්නම යටි හිත් වලින් ඒකට කැමති වුණේ නෑ.

මට ලාදුරු නෑ. මටත් හීන තිබුණා. ඔඩොක්කුවක ඉඳගන්න, උරහිසක් සියුම්ව හපන්න පිරිමි පියයුරක්.... ඔව් ඉතිං මට ලාදුරු නෑ. මට ලාදුරු නැති එක මගේ වරදක්ද..? මොකෝ මම බඳින්න ලෑස්ති උනේ භාවනා කරන්නද..?

ඊට පස්සෙ අපි දෙන්නගෙ ඕනකමට අම්මලා තාත්තලා හතර දෙනා විතරක් එක් කරගෙන ගිහිල්ලා රෙජිස්ටර් කාර්යාලයේදී අපේ කසාදෙ නීත්‍යානුකූලව ලිව්වා..

ඇයි කසාදෙ ලියන එක මෙච්චර හදිස්සි කරන්නේ කියලා කාටවත් අහන්න බැරි ගානට චරිතගේ පෞරුෂය අපේ දෙමව්පියන්ව වහගෙන පැතිරිලා තිබුණා. 

"දැන් රෙජිස්ටර් කරන්න ඕන. අම්මලාට ඕන කාලෙක, ඕන දවසක, ඕන විදිහකට වෙඩින් එක ගන්න පුළුවන්" එයා කිව්වේ එච්චරයි හැමෝම එකඟ වුණා.

එදා චරිතගෙ උපන්දිනේ. පෝය දවසක්.චරිතගෙ අම්මයි තාත්තයි දෙන්නම නුවර ගිහිල්ලා. චරිත කල් ඇතුවම නිවාඩුවක් දාලා තිබුණා. අපේ අම්මා පන්සලේ. තාත්තා අක්කලගෙ ගෙදර ගිහිල්ලා. ඉතිං කතා කරගත්ත විදිහට උදේ දහය වෙනකොට මම ලෑස්ති වෙලා හිටියා. චරිත ඇවිල්ලා මගේ හීනයක් ඉෂ්ට කරන්න ගත්ත එයාගේ කාර් එකේ දාගෙන මාව ගෙදරට එක් කරගෙන ගියා. 

චරිතට ඕන විදියට එයාගේ ගෙදර එයාගේ කාමරේම ලෑස්ති කරලා තිබුණා. ඒක ලස්සන දවසක්.

කොහොමත් මේ ලෝකේ උදා වෙන හැම දවසක්ම ලස්සනයි. අපිට එදාට හම්බවෙන අත්දැකීමට අනුව අපි තමයි කියන්නේ ඒක ලස්සන දවසක්ද නැද්ද කියලා.. කෙනෙකුගේ ජීවිතේ ලස්සනම දවස වෙන දවස ම තවත් කෙනෙකුගේ ජීවිතේ මූසල ම දවස වෙන්නේ එහෙමයි.

එකම මොහොතක එකම අත්දැකීමට හවුල් වෙන මනුස්සයෝ දෙන්නගෙන් එක්කෙනෙක්ට ඒක ජීවිතේ ලස්සනම දවස වෙන්නත් අනිත් කෙනාට ඒක ජීවිතේ අමිහිරිම දවස වෙන්නත් පුළුවන් .

කවදාවත් මිනිස්සු දෙන්නෙකුට එක්කෙනෙක් වෙන්න බෑ. හැබැයි දෙන්නෙක්ට පුළුවන් ඒ දෙන්නව උපරිමයෙන් තෘප්තිමත්භාවයට සහ සතුටට පත් පත්කරන්න. සැනසීමට පත්කරන්න. සහකාරයින්ගෙන් කෙනෙක් අනෙකා තුළ මුළුමනින්ම පදිංචි වෙන්නේ පරිපූර්ණ කායික සම්බන්ධතාවයකින් පස්සෙ කියලා හිතාගෙන හිටිය මට සිද්ධ වුණේ ඇතැම් විට කායික සම්බන්ධතාවයකින් පස්සේ ස්ථීර පදිංචිකාරයෙක්ව වුණත් තමා තුළින් එළියට ඇදලා දාන්න කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙන බව.

සාමාන්‍ය සිප වැළඳ ගැනීම් ලිංගික ක්‍රියාකාරකම් බවට පත්වෙනකොට එයාගේ හැසිරීම් කිසිම එකක් මට ප්‍රිය වුණේ නෑ. කොටින්ම මම ඒවට කැමති වුණේ නෑ. ඒක මට වෙහෙසකාරී අත්දැකීමක් වුණා. මගේ හැම වේදනාවක්ම එයාට අධික තෘප්තියක් වෙලා ඒක එයාගේ ජීවිතේ ලස්සනම දවස කියලා එයා කිව්වා .

හැම මිනිහෙක්ම, හැම ගෑනියෙක්ම ලිංගික සම්බන්ධතාවයකදී හැසිරෙන්නෙ මේ විදිහට නෙමෙයි කියලා නොදැන ඉන්න තරම් මම බබෙක් නෙමෙයි. චරිතගේ රුචිකත්වය මගේ රුචිකත්වයට සමාන නොවන බව හොඳ හැටි තේරුණා. 

හොඳ හැටි ම තේරුම් ගත්තට පස්සෙත් ආපහු ඒ වගේ දවස් උදාවුණා. ටවුන් එකේ තිබුණා චරිතගේ යාළුවෙකුගේ වහල දාපු ගෙයක්. චරිත සතියකට දවසක් නැත්නම් දෙකක් මාව ඒ ගෙදරට අරන් ගියා.

තමන්ගේ ප්‍රේමවන්තයත් එක්ක අනුරාගයේ අනන්තයට යන්න හිතාගෙන හිටිය කෙල්ලෙකුට ඒ ගමන යන්න සිද්ධ වෙලා තිබුණේ හරකෙක් ම ර න් න ගෙනියනවා වගේ. ඒක එහෙම සිද්ධ වීම ඛේදවාචකයක් නෙවෙයි කියලා කාට හරි හිතෙනවා නම්, එහෙම හිතෙන කෙනෙක් එක්ක මේ කතාව කියන එකත් තේරුමක් නෑ.

එතන තිබුණු ලොකුම ඛේදවාචකය තමයි අනිත් හැම අතින්ම එයයි මමයි ගැලපිලා මෙතනදි විතරක් අපි දෙන්න ගැලපුනේ නැති එක. ඇයි අපිට ඒකෙදිත් ගැලපෙන්න බැරි වුණේ???

මොකද ඒක ගලපන එක අපි කාගෙවත් අතේ තිබුනෙ නැති නිසා. ඒක තිබුණේ සොබාදහම අතේ.

ඊට පස්සේ දවසක මම ටවුන් එකට යන්න ලෑස්ති උනාම හුඟාක් කාලෙකට කලින් අල්මාරිය යටම තට්ටුවට වීසි කරලා දාපු මගේ කොට ගවුමක් අරගෙන ඇන්දා. ඊට පස්සේ සතියේ කසුනි අක්කගෙ සැලොන් එකට ගිහිල්ලා කොණ්ඩෙන් අඩි භාගයක් විතර කැපුවා. 

මනුස්සයෙකුට තමන්ගේ තෝරාගැනීම් එපා වෙනකොට, තමන්ට වැරදිලා කියලා හිතනකොට, හරිගස්ස ගන්නත් ක්‍රමයක් නෑ වගේ පේනකොට ඒ මිනිස්සු අතින් අවිඥානිකවම සිද්ධ වෙන අමුතු දේවල් තියෙනවා. එයාලා එතෙක් විශ්වාස කරපු එයාලගෙම ගති වලට ගුණ වලට පරස්පර විරෝධී දේවල් එයාලා අතින් වෙන්න පටන් ගන්නවා. 

මිනිස්සු කාටවත් කියාගන්න බැරි ප්‍රශ්නයක් හිතේ තියෙනකොට, මිනිස්සු ඉදිරිපිට අඬන්න බැරි වෙනකොට ටෙලිනාට්‍යයක් චිත්‍රපටියක් බලලා හරි කාගේ හරි කතාවක් අහගෙන ඉඳලා හරි හිතේ තියෙන කඳුළු ටික පිට කරන්න උත්සාහ කරනවා. හරියට අපි අඬන්නෙ අපි ගැන දුකට නෙවෙයි වෙන කවුරුහරි ගැන දුකට වගේ කියලා අපිටම පෙන්න ගන්න උත්සාහ කරනවා.

මට වැරදිලා නැති බවත් මට අඬන්න කිසිම හේතුවක් නැති බවත් නමුත් මම ලෝකයේ අනිත් මිනිස්සු වෙනුවෙන් සංවේදී වෙලා අඬන බවත් පෙන්නලා අඬා ගන්න ඕන වෙලා වෙන්න ඇති මමත් ඒ දවස්වල යූ ටියුබ් එකට ගිහිල්ලා චිත්‍රපටිවල ඉමෝෂනල් සීන් හොයාගන බලලා ඇඬුවා.

 ඊට පස්සේ චරිත හවසට මාව බලන්න එනකොට කොන්ඩේ ගැට ගහගෙන හිටියා. දවස පුරාම දාඩිය දාගෙන වැඩ කරලා නාන්නේ නැතුව එයා එනකොට ඉස්සරහට ගියා. පුදුමයකට වගේ මම දාඩිය ගඳ ගහගෙන එයා ළඟට ගියාම චරිත් කිව්වේ ආදරේ හිතෙනවා කියලා. 

ඇත්තට ම මට චරිත්ව එපා වෙලායි තිබුණේ. ඒත් මට මේ කසාදෙ අතාරින්න විදිහක් තිබුණේ නෑ කොහොමත් නීත්‍යානුකූලව මම චරිත්ගෙ ගෑනි. 

එයත් එක්ක ගත කරන ඒ පැය ඇතුලේ මම ඉන්නේ සතුටින් නෙමෙයි අමාරුවෙන් බව එයත් දැනගෙන හිටියා.

"මගේ සතුට වෙනුවෙන් මට ආදරේ නම් ඔයාට පුළුවන් වෙන්න ඕන මේකට හුරු වෙන්න"
චරිත් එහෙම කිව්වා.

ඇත්තටම චරිත්ගේ තියෙන නරක මොකද්ද? මේ ලෝකෙ කෙල්ලෙක් බලාපොරොත්තු වෙන හොඳම හොඳ වර්ගයේ මිනිහෙක් එයා. ඉතින් මේක විතරක් ඉවසගන්න බැරි මොකද කියලා මම හිතුවා.

ඊට පස්සේ මාස දෙකක්ම ගෙවුනේ "ඒක ඉවසගන්න පුරුදු වෙන්න"

චරිත හිටියෙ කොච්චර සතුටින්ද කියල කිව්වොත් එයාට හැමදේම හරි ගියා. ඒ දවස්වල එයා ටවුන් එකේ අලුතින් බෑග් කඩයක් දැම්මා. ඒක බලා ගත්තේ එයාගේ ඥාති වෙන මල්ලි කෙනෙක්. හැබැයි දවසක් හැර දවසක් බෑග් කඩේ නිරීක්ෂණයට යන මුවාවෙන් මාව ටවුන් එකට ගෙන්න ගන්නත් එයාගේ කෑම පැයේදී මාව අර යාළුවාගේ ගෙදරට අරන් යන්නත් එයා පටන් ගත්තා. 

දවල් දොළහට විඳින දස වදෙන් පස්සෙ ගෙදර එන මට හැමදාම හවසට පැනඩෝල් ඕන වුණා. එන්න එන්නම මේ තත්ත්වය අමාරු වෙනකොට මට තේරුණා ඇත්තට ම අමාරු ඇඟට වඩා හිතට කියලා. මොකද මොන වදයක් උනත් කාලයක් යද්දි ඇඟට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ ඒවා දැනෙන්නේ නෑ. මේකත් ඒ වගේ ඔන්න ඔහේ වෙන්න ඇරලා බලාගෙන ඉන්න තිබුණා. 

ඒත් හිත... හිත කියන එකට දැනෙන්නෙ නැතුව යන්නේ නෑ. මට දැන් ඕවා ගානක් නෑ කියලා අපි කිව්වට ඇත්තටම හිත කියන්නේ හිතට. ගානක් නෑ කියලා කියන්නේ තවදුරටත් රිදෙන්නේ නෑ කියන එක නෙමෙයි. කොච්චර රිදුනත් කමක් නෑ මම දරා ගන්නවා කියලා තීරණයක් අරන් තියෙනවා කියන එකට.

මට චරිතගෙන් ගැලවෙන්න ඕන වුණා. ඔව්. ඒක ඇත්තක් මට චරිතගෙන් ගැලවෙන්න ඕන වුණා. 

ඒත් ඇත්තටම මට කරන්න ඉතුරු වෙලා තිබ්බේ මොනවද? මුළු මහත් ලෝකයක් දන්න විදියට මේ ලෝකේ ඉන්න හොඳම හොඳ මනුස්සයෙක් වුන චරිතගේ නීත්‍යානුකූල ගෑණි මම.

වෙඩින් එකක් විතරයි අරන් තිබුනේ නැත්තේ.
"ආයෙ නං ඉතින් මොන වෙඩින්ද?" කියලා පවුලේ සහෝදර සහෝදරියෝ දැනගෙන හිටියා. සමහරවිට අම්මල තාත්තලත්. ඒත් එයාලට සමාජ ගෞරවය වෙනුවෙන් වෙඩින් එකක් ඕන වුණා.

ඔය කාලෙ තමයි එහා ගෙදර අක්කගෙයි අයියගෙයි නඩුව ඇහුණෙ..

ඒ අයියට වෙන සම්බන්ධයක් තිබිලා අහුවෙලා අක්කා ගෙදර ගියා. අක්කා තමයි ඩිවෝස් එක ඉල්ලුවෙ. අයියත් එයාගේ අනියම් සම්බන්ධය පිළිගත්ත වගේම ඩිවෝස් එක දෙන්න කැමැති වුණා. ප්‍රශ්නෙ වුනේ පොඩි එකා කාටද ලැබෙන්නෙ කියන එක. 

ඒ වෙනකොටත් පොඩි එකා හිට්යෙ අක්කගෙ ගෙදර. ඒත් අයියත් දරුවාව ඉල්ලා හිටියා. ඒ පොඩි එකාට අවුරුදු අටයි. 

එක දවසක් අක්කගෙ තාත්තා පොඩි එකත් එක්ක ආවා ගෙදර තිබුණු ඇඳුම් වගයක් අරන් යන්න. කොල්ලට අවුරුදු අට උනාට කොල්ලට හොඳ අවබෝධයක් තිබුණා. දික්කසාදය ගැන වුණත් කොල්ලා දැනගෙන හිටියා.

 උසාවියේදී අම්මා ළඟද තාත්තා ළඟද ඉන්න කැමති කියලා අහන බව කොල්ලා දැනගෙන හිටියා. ඇවිල්ලා යන්න ආපු වෙලාවේ අපිටත් කියලා යන්න ආපු පොඩි එකාගෙන් මම ප්‍රශ්නයක් ඇහුවා.
"ඇහුවම ඔයා මොකද කියන්නේ ඔයා අම්මා ලඟද තාත්තා ළඟද ඉන්නේ?"
"......................."
"ඔයා වැඩියෙන්ම ආදරේ කෙනාව තෝරගන්න පුතා ?" අපෙ අම්මා කිව්වා.
."......................................"
"ඒ දෙන්නගෙන් ඔයාට වැඩියෙන්ම ආදරේ එක්කෙනා කවුද කියලා හොඳට හිතලා තීරණය කරන්න පුතා" අපේ තාත්තා කිව්වා.
"මං අම්මටයි තාත්තටයි දෙන්නටම ආදරෙයි. ඒ දෙන්නත් හොඳටම මට ආදරෙයි.. ඒ වුනාට මං ඉන්න කැමති මෙහෙ"
"ඔව් ඉතින් කොහොම වුණත් මේවා කවද නමුත් ඔයාට අයිති වෙන ගෙවල් දොරවල් නේ"
අපේ තාත්තා කිව්වා.
"ඒව මං දන්නෑ සීයෙ . අපේ අම්මලාගේ දිහා උදේට කන්නෙත් පාන් රෑට කන්නෙත් පාන්. මට දැන් එපා වෙලා තියෙන්නේ මට බත් කන්න ඕන"
අයියලාගේ අම්මා තුන්වේලටම බත් උයන කෙනෙක් බව අපි දන්නවා. 

"රෑට විතරක් නම් ඔහේ පාන් කන්න බැරියැයි. උදේටත් පාන්. අම්මම්මාට උයන්න කම්මැලි උනොත් දවල්ටත් පාන්. චික්" කොල්ලා හරි අප්පිරියාවෙන් කිව්ව. මේ පොඩි එකා නිකමටවත් පාන් කන්න, බනිස් කන්න අකමැති එකෙක් බව අපි කල් ඇතුවම දැනගෙන හිටියා. අඩුම ගානේ පීසා කන්නවත් කැමති වුණු ළමයෙක් නෙමෙයි එයා. පාන් පිටි කියන්නේ ඒ ළමයට අරහං.

"දැන් එතකොට තුන්වේල බත් කන්න ඕනේ හින්ද ද තාත්ත තෝරගන්නෙ? හැබැයි පුතේ ඔයාට ලොකු වෙන්න සිද්ධ වෙන්නේ නං ආදරයක් කරුණාවක් නැතුව. දන්නවනේ කිරි අම්මගේ හැටි"
"ආදරේ කරුණාවයි කන්ඩයැ සීයෙ. එව්ව නැතුව ලොකු වෙන්නැත්තෙ නෑ. ඒ වුනාට කන්න නැතුව ගියොත් ලොකු වෙන්නෑනෙ.. මට බෑ අප්ප පාං කකා ලොකු වෙන්ඩ. පාං කන්න බෑමයි.. මගෙන් ඇහුවොත් කවුද ඕනි කියලා මම තාත්තා ඕන කියලා කියනවා".

පොඩි එකා යන්න ඇරලා අපේ අම්මයි තාත්තයි නොසෑහෙන්න හිනා වුණා. ඒත් පොඩි එකාගේ කතාව මගේ හිතට තදින්ම බලපෑවා.

තමන් කන්න අකමැති කෑමක් වෙන පාන් කකා ලොකු වෙන්න බෑ කියලා කියන්න ඒ පොඩි එකාට තියන හයිය මට නැත්තෙ ඇයි? , අපහසුතා සහිත ලිංගික ක්‍රියාකාරකම් එක්ක මුළු ජීවිතයම ජීවත් වෙන්න බෑ කියලා කියන්න මට හයියක් නැත්තේ ඇයි.. 

කෙනෙක්ට කියන්න පුළුවන් සෙක්ස් කියන්නේ ජීවිතේම නෙමෙයි කියලා. හැබැයි උපතින්ම අපිට ලිංගේන්ද්‍රියක් තීරණය වෙනකොට ඒ ලිංගේන්ද්‍රිය තෘප්තිමත් වෙන්නේ මොන මොන ඉරියව් වලින්ද මොන මොන කාරණා වලින්ද මොන මොන වචන වලින්ද කියලත් තීරණය වෙනවා. ඒ කෙනාගේ හැසිරීම් ඇවතුම් පැවතුම් ගමන බිමන එයාගේ රුචිඅරුචිකම් ආශාවන් සියල්ල තීරණය වෙන්නේ ඒ ලිංගේන්ද්‍රිය මත තමයි. අනිත් අතට ගත්තම ලෝකයේ පැවැත්ම තියෙන්නෙත් ලිංගික ක්‍රියාකාරකම් මත. දරුවෝ උපදින්නේ විවාහ සිද්ධ වෙන්නේ පවුල් පවතින්නේ මේ ඔක්කොම මූලික වෙන්නේ ඔය පදනම මත. ඉතින් සෙක්ස් කියන්නේ ජීවිතේම නෙමෙයි කියලා කියන්නේ කොහොමද..?
මෙලෝ රහක් නැති සම්බන්ධයක් දරා ගත්තත් හිරිහැරයක් වෙන සම්බන්ධයක් දරා ගනිමින් ජීවිත කාලයම ගෙවන්න ඕනද...?

ඔය හැමදේම හිතුවත් අවසානෙට චරිත කියන්නේ කොච්චර හොඳ මනුස්සයෙක්ද..?
ඉතින් අතාරින්නේ කොහොමද?

මම කතා කළා එයාට. මම කිව්වා එයාගේ මේ හැසිරීම මට දරාගන්න බැරි බව. මං ඉල්ලීමක් කළා එයාට වෙනස් වෙන්න කියලා.

එයා ඒකට උත්සහ කළා.

ඒත් ඒක එයා සම්බන්ධයෙන් හරිම නීරස දවසක්. 

මං සම්බන්ධයෙන් රසම රස එකම එක දවස.

  වෙනදට අවසානයේ මං ඔයාට ආදරෙයි කියලා දෙන කිස් එකවත් එදා මට හම්බවුණේ නෑ. එයාට ඇඳුම් ටික ඇඳගන්න තිබුණේ පුදුම හදිස්සියක්.

ඇත්තටම මං කැමති විදිහට විතරක් මේක කරන්න කියලා කියන එක කොච්චර අසාධාරණද කියල මට තේරුණා.

"ඒක" දෙන්නම කැමති විදියට දෙන්නම සහභාගී වෙලා කරන්න ඕන මේ ලෝකෙ තියෙන ලස්සනම ක්‍රියාකාරකම.. මම ඒ ගැන හිතුවේ එහෙමයි.. මං කලින් කිව්වේ, මට ලාදුරු නෑ.

ඒත්..
"ඔයා හොඳයි පෝන් වීඩියෝ වලට" 
එයා කිව්වා.
"ඒ තරං හොඳට ඉන්නවා.මම නං ආස නෑ.මට අප්පිරියයි.හොඳට පුරුදු එකියෙක් වගේ.. මං ආස හැමදාම මොකුත්ම තේරෙන්නෑ වගෙ දෙන රිඇක්ෂන් එකට"
එයා එහෙමත් කිව්වා. එයා මට කියන්නේ ගොබ්බ ගොබිලියක් වගේ රඟපාන්න කියලද..? පර පීඩිත ආසාවක් එක්ක ගොබ්බ ගොබිල් හැඟීම් කියලා මට හිතුණා.

ඊට පස්සේ මම එයාගෙන් ඉල්ලීම් කලේ නෑ. මට තේරුණා ඒක අසාධාරණයි කියලා. ඒත් එයා මගෙන් ඉල්ලීමක් කළා.
" මගේ රත්තරනේ මං ඔයා වෙනුවෙන් මොනවද කරන්නේ නැත්තේ? මං වෙනුවෙන් මගේ සතුට වෙනුවෙන් ඔයා මේකට පුරුදු වෙන්න ඕන තේරුනාද?"

එහා ගෙදර පොඩි එකාට ඌ කන්න අකමැතිම පාන් හැම වේලටම කන්න වෙනකොට පාන් කකා ලොකු වෙන්න බෑ කියලා කියන්න ඌට තිබ්බ හයිය වද විඳ විඳ #%&# බෑ කියන්න මට නැත්තෙ ඇයි කියලා මම දහ අතේ කල්පනා කළා.

අම්මලාට තාත්තලාට සහෝදර සහෝදරියන්ට මේක කියන්නේ කොහොමද කියලා මට තේරුනේ නෑ.

අවසානෙ මම අක්කලාගේ ගෙදර ඇවිත් අක්කට මේ ගැන කිව්වා. අක්කා හිටියේ උයන්න බෝංචි කපන ගමන් මං එයා ළඟ හිටගෙන තේ එක බිව්වා.

"අක්කා මට චරිතව බඳින්න බෑ"
"බඳින්න බෑ කියන්නේ බැඳලා ඉවරනේ මොකක්ද බැරි?"
"මට චරිතත් එක්ක පවුල් කන්න බෑ"
"උඹට පිස්සුද?"
"චරිතයි මායි ගැලපෙන්නෙ නෑ"
"මොකක්ද ගැලපෙන්නේ නැත්තේ..? තමුසෙට මොකද වෙලා තියෙන්නේ? චරිත වගේ කොල්ලෙක් ලබාගන්න කෙල්ලෝ පෙරුම් පුරනවා. බලනවා මට හම්බුන මිනිහා. මාත් මේ ටික දවසක ඉඳන් බලාගෙන ඉන්නේ තමුසෙට මොකක් හරි අවුලක් තියෙනවා හරියට කියනවා මොකක්ද අවුල?"
"අවුල වෙන්නෙ අපි පවුලකට ගියොත්"
"කෙලින් කියනවකො"
"චරිතයි මායි ඔයයි අයියයි වගේම ජීවත් වෙන්නෙ. අපි දෙන්න එයාගෙ අර යාලුවගෙ ගෙදරදි.."
"ආ හා හා ඕක නම් මටයි අයියටයි තේරිලා තිබ්බේ. දැං මොකද්ද අවුල?"
"චරිතයි මායි ගැලපෙන්නෑ"
"වෙන්න තියන ඔක්කොම උනාට පස්සෙද ගැලපෙන නොගැලපෙන ඒව හිතන්නේ මොනවද දැන් ගැලපෙන්නේ නැත්තේ?"
"වෙන්න තියෙන ඔක්කොම උණ හින්දා තමා ගැලපෙන්නේ නැහැ කියලා තේරුනේ"
"මොකක්ද ගැලපෙන්නෙ නැත්තේ?"
"එයා කැමති විදිහ මං කැමති විදිහ සමාන නෑ"
"ඒ කියන්නෙ?"
  මම මොකුත්ම කියන්නේ නැතුව ඔහේ බලාගෙන හිටියා එතකොට අක්කා මම කියන්න ගිය දේ තේරුම් ගත්තා.
"අහ්...ඒවනං ඉතින් කොහෙත් එහෙමයි මෙහේ කියල වෙනසක් නෑ.මෙලෝ රහක් නෑ"
"මෙලෝ රහක් නැති එක ඉවසන්න පුළුවන් දස වදයක් වෙන එක ඉවසන්න බෑ"
"චරිත ආ කරදර කරන එකෙක්ද?"
"හ්ම්"

අක්කා අම්මලත් එක්ක මේ ගැන කතා කරලා මොකක් හරි විසඳුමකට එයි කියලා මම හිතුවත් හවස සිද්ධ උනේ මම හීනෙකින්වත් නොහිතුව දෙයක්.

අයියා ඉඳගෙන මට හොඳටෝම දොස් කියන්න පටන් ගත්තා.

"වෙන්න තියෙන ඔක්කෝම වෙලා ඉවර වුණාට පස්සේ ඔයාට ඔය කොල්ලව බඳින එක ඇර වෙන විසඳුමක් නෑ. පිස්සු නටන්න ලෑස්තිවෙන්න එපා. දාගත්ත විදිහට වෙඩින් එකට ලෑස්ති වෙන්න"

 වෙන්න තියෙන ඔක්කොම උන හින්දා තමයි මම මේකට අකමැති කියලා කියන්න කට ඇරුනත් මම කට වහගත්තා. රෑ අක්කා කාමරේට ඇවිල්ල මට කිව්වා අයියා ඉන්නේ මාත් එක්ක තරහෙන් කියලා.

"මම හිතුවා අක්කා අම්මලත් එක්ක කතා කරලා මට හොඳ විසඳුමක් අරන් දෙයි කියලා"
"මං තමුසෙට ඇත්ත කියන්නද චරිත වගේ මිනිහෙක් මට හම්බුනා නම් මම කැමතියි. ඇත්තටම චරිතගේ වැරැද්දක් නෙවෙයි තියෙන්නේ චරිතයි තමුසේ ගැලපෙන්නෙ නැති එක"

මං කට අයාගෙන අක්කා දිහා බලාගෙන හිටියා. මගේම එක කුස උපන් අක්කා කියනවා චරිතගේ වගේ ක්‍රියාකාරකම් වලට එයා කැමතියි කියලා. ඒ කියන්නෙ ඒ විදියට කැමති
 මිනිස්සු මම දන්න සීමාවෙත් ඉන්නවා.. එහෙමත් කැමති මිනිස්සු ඉන්නවා කියන එකේ තේරුම ඒකත් වරදක් නෙවෙයි කියන එක. 

ඔව්, කාගෙවත් කිසිම ක්‍රියාකාරකමක් වැරදි නෑ ඒ ක්‍රියාකාරකම්වලටම කැමති තවත් කෙනෙක්ව හම්බවෙලා නැති වුණාම, වෙනත් වෙනත් ක්‍රියාකාරකම්වලට කැමති අය හම්බවුණාම තමයි එතන වරදක් වෙන්නේ.

 මම ආපහු ගෙදර ගියා.

මගේ හොඳම යාළුවා නිලුපුලී එක්ක මේ ගැන කිව්වා. නිලුපුලී මට දුන්නේ මෙහෙම උත්තරයක්.

"මොනවා වුණත් දැන් ඕක කඩාගන්න බෑනේ. දවසට එක පැයක් ඕක ඉවසගෙන හිටියොත් ඉතුරු පැය විසිතුනම සතුටින් ඉන්න පුළුවන්. එහෙම හිතාගෙන ඒ පැය දරා ගනින් එච්චරයි. ඔය ප්‍රශ්ණෙ විතරක් ඔහොම වුනාට චරිත වගේ මිනිහෙක් ආය කවදාවත් හම්බවෙන්නෙ නෑ. වෙන කිසිම පැත්තකින් චරිත කියන්නේ නරක මිනිහෙක් නෙමෙයිනෙ"

ආදරය, විවාහය, ලිංගිකත්වය, සමාජ සම්බන්ධතා මේ ඔක්කොම එක්ක මං හිටියේ ජීවිතේ අතරමං හන්දියක.

ඊට දවස් දෙකකට පස්සේ මම නිලුපුලීලගේ ගෙදර ගියා. ඒ වෙලාවේ කෝනරත් ගෙදර හිටියා. 

"මං උඹේ ප්‍රශ්ණෙ මෙයා එක්ක කිව්වා හැබැයි මං උඹට දුන්න ඇඩ්වයිස් එක ගැන නම් මෙයා මට හොඳටම දොස් කිව්වා" නිලපුලී එහෙම කිව්වේ බිස්කට් එකක් කන ගමන්.

"බැන්දට පස්සේ මිනිස්සු දවස ගානේ ඕක කර කර ඉන්නෙ නෑ. හැබැයි සතියකට සැරයක් හරි ඒ එන දවස, ඒ එන පැය තමයි ජීවිතේ චාජ් කරන පැය.එකෙක් චාජ් වෙන්නයි අනිකාගේ බැටරි හොඳටම බහින්නයි බෑ. ලෝ වෙලා වෙලා ඩෙත් වෙලා යන්න ඉඩ තියෙනවා. 

අහල නැද්ද යකඩ දෙකක් උනත් එකට පාස්සන්න පුළුවන් වෙන්නෙ එකම ගානට රත් වෙලා තිබ්බම කියලා. මම නම් කියන්නෙ සාගරී.. දෙන්නෙක් එක්කෙනෙක් වෙනවා කිව්වට එහෙම එකක් නෑ ඔය වැඩේ කරන්න දෙන්නෙක් ඉන්නම ඕනේ..
දෙන්නෙක් එකතු වෙලා චාජින් අවර් එකක් අරන් ඒක දෙපැත්තටම හැපී එන්ඩින් එනවනම් අන්න චාර්ජින් අවර් එක සාර්ථකයි.
 
දෙන්නෙක් එකතු උනාට පස්සේ එකෙකුට විතරක් හැපි එන්ඩින් නම් එතන ලොකු අවුලක් තියෙනවා. චාජින් අවර් එක කොහොමද කියන එක මත ජීවිතවල හුඟාක් දේවල් තීරණය වෙනවා.. ඒක එහෙම නෙමෙයි කියලා කියන මිනිස්සු ඉන්නවද කියලා කියන්න මම දන්නේ නෑ. මම දන්න සීමාවේ එහෙම මිනිස්සු නෑ මට හම්බවෙලත් නෑ.

කසාද බඳින්නේ ඕකටම නෙමෙයි කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම නම් අපිට ඔහේ කවුරු හරි කියන මොකෙක් හරි වත් බඳින්න පුළුවන්නේ. නේහ්.. කවුරු හරි පෙන්නන මොකෙක් හරි එක්ක ඔය වැඩේ කරන්න අපිට බෑනේ. ඒකනේ අපි කැමති උන්ව බඳින්න අපි හෙන යුද්ධ කරන්නේ.මේවා කතා කරන්න ගියාම කුණුහරුප වලට යනවා. ඒකයි අපි කවුරුත් කතා නොකරන්නේ. හැබැයි අත්‍යවශ්‍යම වෙලාවේ කතා නොකර හිටියහම අපේ ජීවිත කුණුහරප වෙලා නවතිනවා. ඒක හින්දා කතා කරන්නත් ඕන.

එක වහලක් යටට යන්න ඉස්සර තමන් සැටිස්ෆයි වෙන්නෙ කොහොමද කියලා දැනගන්න ලංකාවෙ කෙල්ලෝ කොල්ලොන්ට හම්බවෙන අවස්ථාව හරි අඩුයි. ඒ අවස්ථාව හම්බවෙලත් හරියට තේරුම් අරගෙනත්.... ඇයි ඒ අපරාදෙ කරගන්නෙ කියලා මං අහන්නෙ....

කවුරු මොන මහප්‍රාණ කිව්වත් ජීවිත කාලෙම දුකක් විඳින්න බලාගෙන කවුරුවත් කසාදයක් කරගන්න ඕන කියලා මම හිතන්නේ නෑ. නිලුපුලී ඔයාට ඔය මහ ප්‍රාණ කිව්වට අපි බැන්දෙ අපි දෙන්නා ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව. මොකක්දෝ වෙලාවකට අපි දෙන්නා ගැලපුණා. ගැලපුනේ නැත්තං එහෙම අද බලන්න තිබුණා"

"ඇත්තටම එහෙම වුණත් ඉතින් ඉවසගෙන ඉන්න වෙනවනේ" නිලුපුලී කිව්වා. 

"ඉවසගෙන ඉන්න නෙවෙයි බං කසාදයක් බඳින්නේ. කසාදයක් බඳින්නේ සැනසීමෙන් ජීවත් වෙන්න. ඉවසගෙන ඉන්න ඕන දුක් කරදර මිසක් කසාද නෙවෙයි. දෙන්නෙක් එක්ක එකතු වෙලා ජීවිතේට දුක් කරදර ඔක්කොම ඉවසගන්න එකටයි කසාදෙ කියලා කියන්නෙ. එහෙම නැතුව අනිත් එකා දෙන වද ඉවසගන්න එකට නෙමෙයි. කොටින්ම කසාදෙ වදයක් වෙන්න නරකයි"

 ඊළඟට යාළුවාගේ ගෙදරදි චරිතව හම්බවුනු වෙලාවේ මේ ගැන කතා කරනවා කියලා මම හිතා ගත්තා. ඊට ඉස්සර නිකමට වගේ මම චරිතට මැසේජ් එකක් දැම්මා.

"චරිත.. අපි මේකෙදි ගැලපෙන්නෙම නෑ නේද? ඔයාට හිතෙන්නේ නැද්ද අපි දෙන්නා වෙඩින් එක ගන්න ඕනේ නෑ කියලා?"
"මගේ මැණික...හොඳ ළමයා වගෙ ලෑස්ති වෙලා ඉන්නකො මම දැන් එනවා ඔයාව ගන්න" එච්චරයි ඊට පස්සේ එයා ඇවිත් මාව කාර් එකට දාගත්තා. ඊට පස්සේ යාළුවාගේ ගෙදරට.
ඊට පස්සේ පුරුදු දේවල් ටික ඒ විදිහටම.
අවසානයේ එයාගේ අර ආදරේ පිරුණු කිස් එක.. "ආදරෙයි රත්තරනෙ.. මගෙ ජිවිතේ ඔයා"

"මම ඉන්නෙ සතුටින්ද නෙවෙයිද කියලා ඔයාට දැනගන්න ඕන කමක් නැද්ද?"
"මම ඔයාගේ ජීවිතේ සම්පූර්ණ කරලා තියෙනවා.. දුකෙන් ඉන්න ඔයාට මොකක්ද තියෙන අඩුව?"
"එහෙම මොකුත් නෑ නිකං ඇහුවේ.. බැරිවෙලාවත් මම ඔයාව දාලා ගියොත් ඔයා මොකද කරන්නේ?"
"දාලා කොහේ යන්නද? අපි දෙන්න ගෑනියි මිනිහයි වෙන් වෙනවා නම් වෙන් වෙන්නේ මරණින් විතරයි. අපි දෙන්නා ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නෙත් මැරෙනවා නම් මැරෙන්නෙත් අපි දෙන්නා එක්ක විතරයි"
"ඒත් අපි දෙන්නා ගැලපෙන්නෙ නෑ" එයාගේ ඇස් දිහා නොබලම කිව්වා. මම දන්නවා ඒ ඇස් දිහා බැලුවනම් ඕක කියන්න බැරි වෙන්නම මම බය වෙනවා.

"මොකද නැතුව. මට ඔයාව සීයට සීයක් ගැලපෙනව ඔයාට තමයි ලඟකදි ඉඳන් මාව ගැලපෙන්නේ නැහැ කියලා හිතෙන්න පටන් අරන් තියෙන්නේ"
"මට හිතෙනවා අපි දෙන්නට සතුටින් ජීවත් වෙන්න බැරි වෙයි කියලා"
"ඔව් දැන් නම් මටත් එහෙම හිතෙනවා" චරිත ඒක කිව්වේ හරිම සන්සුන් විදිහට එයාගේ මූනේ තරහක් වත් කලබලයක්වත් තිබුණේ නෑ.
"ඉතින් ඇයි අපි අම්මලාට කියලා මේක මෙතනින් නවත්තගන්නෙ නැත්තේ?"
"එහෙම කරන්න මට ඕන කමක් නැති නිසා"
"දැන් මෙහෙම ඉවසගෙන හිටියට කවද හරි දවසක ඔයාට මාව එපාවෙයි ඒ දවස වෙනකොට අපිට දරුවොත් ඉදියි. එතකොට .."
"මම ප්‍රතිපත්තියක් ඇති මිනිහෙක්. ඔයා බයවෙන්න එපා මම මගේ ජීවිතේ කිසිම දවසක ඔයාව අතාරින්නෙ නෑ"

චරිත කියන්නේ මොන විදිහේ මිනිහෙක්ද කියලා මට හිතාගන්න බැරි වුණා. සමහර මලයාලම් චිත්‍රපටිවල ෆහාද් ෆාසිල්ගෙ ඇක්ටින් වගේ එයාගේ හැසිරීම.

මං දැනගත්තා මට දෙමාපියන්ගෙන්වත් නෑයින්ගෙන් සහෝදරයෙක්ගේ යාළුවෙක්ගෙන්වත් උදව්වක් ලැබෙන්නේ නැති බව. චරිතගෙන් කොහොමත් ගැලවීමක් නැති බව තේරුම් ගත්තට පස්සේ මම නිලුපුලීගෙයි කෝනාරගෙයි උදව්වෙන් පාස්පෝට් එක හදාගත්තා. 

මේකෙන් ගැලවෙන්න තියෙන එකම ක්‍රමය පිට රටකට පනින එක කියලා මම දැනගත්තා.

 දවසක් නිකමට ගෙදර ගිහින් එනකොට වගේ චරිතගෙ අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලලා වැන්දා. ඒ වෙලාවේ මම මුළු හදවතින්ම එයාලගෙන් සමාව ඉල්ලුවා. අවාසනාවට වගේ රෑ මැද ගෙයින් එළියට බැහැලා එනකොට මගේ අම්මගේ තාත්තගේ කකුල් දෙක අල්ලල වඳින්නවත් මට බැරි වුණා.

ලංකාවේ මට කසාදයක් තියෙනවා. හැබැයි පවුලක් නෑ. මම දවසක ලංකාවට යනවා නම් යන්නේ චරිතගේ ජීවිතේට කවුරු හරි ගෑණු කෙනෙක් ආවා කියලා ආරංචි වුණාට පස්සේ. 

නිලුපුලීට හැරෙන්න වෙන කාටවත් කෝල් එකක්වත් දීලා නෑ.

මගේ අම්මා තාත්තා ගැන මට දුක නෑ කියලා කවුරුහරි හිතනවා නම් ඒක බොරුවක්.

මට චරිත එපාවුනේ චරිතගේ වැරැද්දකින් කියලා මම කියන්නෙත් නෑ.

චරිත කියලා කියන්නේ, චරිතට අනුව වගේම චරිතගේ චරිතය වගේ චරිත වලට කැමති චරිත වලට හොඳ චරිතයක්. 

මම කියන්නේ මම වගේ චරිත වලට කැමති චරිත වලට හොඳ චරිතයක්.

ඉස්සර එක එක්කෙනාගෙ සම්බන්ධතා බිඳෙනවා දැකලා "එයා අච්චර හොඳ මිනිහෙක් වෙලත් මෙච්චර හොඳ ගෑනියෙක් වෙලත් දාලා ගියෙ ඇයි අප්පා.. ගිය එකාට එකීට පින නෑ.. හරිම අසාධාරණයි" කියලා මමම කියපු අනන්ත වාර ගැන මම දැන් පසුතැවෙනවා.

සම්බන්ධතාවයක් බිඳෙනකොට කවදාවත් ලෝකෙ දැනගත්තෙ නැති කොච්චර හේතු තියෙන්න පුළුවන්ද..

ගෑණු අපිරිසිදු හින්දා කැඩුණු කසාද වගේම ගෑණු පිරිසිදු හින්දා කැඩුණු කසාදත් ලෝකෙ තියෙනවා. ඔව් ඒක ඇත්තක් සමහර පිරිමි කැමතියි අපිරිසිදු ගෑනු එක්ක යහන්ගත වෙන්න. ඔය වගේ අමුතු හේතු ඕන තරම්. හැබැයි ඔය අමුතු කියල කියන එක අපිට අමුතු උනාට ඒ මිනිසුන්ට ඒක තමා එයාගේ සාමාන්‍ය තත්වය. ඒ කියන්නේ එයා ඒ විදිහේ කෙනෙක්. එයාගේ ඒ විදිය අපිට අමුතු වෙන්නෙ ඒ එයාගේ විදිය කියලා පිළිගන්න තරම් දැනුමක් අපිට නැති නිසා. 

අනිත් අතට කිසිම රුචිකත්වයක් වැරැද්දක් නෙමෙයි. ඒවා වැරදි බවට පත්වෙන්නේ ඒ රුචිකත්වයම නැති තව කෙනෙක්ට බලහත්කාරකමක් කරනකොට.

කවුරුහරි කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි ඉන්නවනම් කසාද බඳින්න කලින් තමන් බඳින්න ඉන්න කෙනාගේ ලිංගික නැමියාවල් තමන්ට ගැලපෙන්නෙ නෑ කියලා තේරුම් ගත්ත, මං ඒ හැමෝටම කියන්නේ පාරක් හිතන්න. 

මං කන්න කැමති ම නැති කකා ලොකු වෙන්න මට බෑ කියලා කියන්න අර පොඩි එකාට තිබ්බ හයිය වත් හිතේ ඇති කරගන්න. 

කෝනාර කියන විදිහට ගෑණියෙකුගේ මිනිහෙකුගේ ජීවිතේ කාය ශක්තිය හොඳටම තියෙන සඵලවත්ම කාලයේ හම්බවෙන චාජින් අවර් එක සුපර් චාජින් අවර් එකක් මිසක් චාජ් කරන්න ගිහිල්ල බැට්රි බස්සගගත්ත පැයක් වෙන්න හොඳ නෑ. 

ගෙදර චාජරයක් තියේදී වෙන කොහෙන් හරි චාජ් කරගෙන එන්න යන්න සිද්ධ වෙන බව මුල ඉඳන්ම දැන දැන ගැලපෙන් නැති චාජරයක් ගෙදරකට ගන්න මිනිස්සුන්ට පිස්සුද...? කනෙක්ට් කරපු වෙලාවෙ ඉඳන් බැටරිය විනාස කරන බව දන්න චාජරයක් ගෙට ගන්න මිනිස්සුන්ට පිස්සුද..?

මං සාගරී.. ආයේ ජීවිත කාලෙම මට මිනිහෙක් හම්බුනේ නැතත් කසාදයක් බඳින්න ලැබුණේ නැතත් චාජින් අවර් එකක් මට හම්බුනත් නැතත් මං සාගරී...

සෙක්ස් කියන්නේ ජීවිතේම නෙමෙයි කියලා කිව්වට ඇත්තටම සෙක්ස් කියන්නේ ජීවිතේම තමයි. සෙක්ස් වලින් ජීවියවත් ජීවිතෙන් සෙක්ස්වත් වෙන් වෙන්නේ නෑ. සෙක්ස් කියන වචනයට අදාල වෙන්නේ ලිංගික ක්‍රියාවලිය කියලා විතරක් හිතාගෙන ඉන්න මිනිස්සුන්ට මේක තේරුම් කරලා වැඩකුත් නෑ. 

මං වගේ ධෛර්යවන්තව පැනලා යන්න හැමෝටම හයියක් නැති බව මම දන්නවා. හැබැයි ලෝකෙ ඉස්සර වගේ නෑ. දැන් සෑහෙන දියුණුයි. හැමදේම වෙලා ඉවර වෙච්ච හින්දා කොහොමහරි මේකම කරගන්න ඕන කියලා හිතන පරම්පරාව කල් ඉකුත් වේගෙන යනවා.

එක වතාවක් වැරැද්දක් උනාට කමක් නෑ වැරැද්ද ජීවිතේම කරගෙන පුරුද්දට දුක් විඳින්න ලෑස්ති වෙන්න ඕන නෑ. 

කවුරු කොයිතරම් මහප්‍රාණ කිව්වත් හැමදේම ගැලපුනත් ඔය දේ ගැලපුනේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් තමයි. ඊට පස්සේ ඒක ප්‍රශ්න වැලක් වෙනවා.

එහෙම ප්‍රශ්න වැල් පිටින් තියෙන ජීවිතවල ඉන්න හුඟක් අය ප්‍රශ්නේ මුලින්ම අඳුරගෙන අයින් වෙන උන්ට වටේ යනවා කියලත් කියනවා.

යන්න ධෛර්යයක් තියෙන උන්ට යන්න දෙමු. යන්න ධෛර්යයක් නැති අයට දරාගෙන ඉන්න ශක්තිය ප්‍රාර්ථනා කරමු.

හැබැයි නිහඬ ගමනේ මේ තරම් දුර ඇවිල්ලා බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු අපේ දෙමව්පියෝ ඥාතියෝ, ඒ වගේම මේ වෙලාවේ අපි මේ සම්බන්ධය නැවැත්විය යුතුයි කියලා පිළිගන්න අකමැති වෙන අපගේ අනිත් පාර්ශ්වකරුවාගෙන් පවා හදවතින්ම සමාව ඉල්ලමු.

අනේ.... චරිතට එයා කැමතිම විදිය කෙනෙක් හම්බුනා කියලා මට ආරංචි වෙන්න ඕන.. ඒ එක නොගැලපීම හැර එයා මට කොච්චර ආදරේ දුන්නද.. ඒ ගෙවපු එක මොහොතක්වත් බොරුවක් නොවන නිසා මට කවදාවත් බෑ එයාට නරකක් වෙන්න කියලා හිතන්න.

ග්‍රේට් ඉන්දියන් කිචන් ෆිල්ම් එකෙ අවසානෙට මාත් ඒ කෙල්ලත් එක්ක අර කුණු වතුර භාජනෙන් අර මිනිස්සුන්ට ගැහුවා තමයි. ඊට පස්සේ මාත් ඒ කෙල්ලත් එක්ක එලියට බැහැල ගියා තමයි. ඒ කෙල්ලත් එක්ක අර දුක් විඳින මෝඩ ගෑනු පහු කරගෙන ඇවිදගෙන යනකොට මටත් ආඩම්බරයක් දැනුනා තමයි.. ඒකෙ මං ආසම සීන් එක, ඒක වගේම අවසානයේ "එයාට" එයා කැමති විදිහට ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න කැමති ගෑනියෙක් ඇවිත් ඉන්න සීන් එකටත් සමානවම ආසයි. 

මට ගැලපුනේ නැති නිසා එයාට නරකක් වෙන්න ඕන කියලා හිතන්න තරම්, මම මූසල ගෑණියෙක් නෙමෙයි. 

නොගැලපීම කියලා කියන දේ උපතින් තීරණය වෙලා තිබුණා. ඒක අපි කාගේවත් අතේ පාලනයක් සහිතව තිබුණු යමක් නෙමෙයි. ඉතින් මිනිහෙකුගේ උපන් ආසාවක් කොහොමද වැරදියි කියන්නේ..

ජීවිතේ සමහර තැන් තියෙනවා හොඳටම දන්න මිනිස්සු මැද උනත් අතරමං වෙන. විනාසයට විතරක් යන පාරවල් හතරක් තියෙන අතරමං හංදියක් වගේ තැනකට එන වෙලාවල් මිනිස්සුන්ගේ ජීවිතවල තියෙනවා. 

කොයි පාරෙන් ගියත් අවසානයේදී උරුම වෙන්නේ මරණය කියලා පේන්න තියෙනවා. කොයි පාරේ ගියත් අවසානෙට වෙන්නේ මැරෙන එකනෙ කියල හිතාගෙන අපි ඔන්න ඔහේ මොන පාරෙ හරි යන්න හිතාගන්නවා. 

හැබැයි හුඟක් වෙලාවට ඔය වගේ අතරමං හන්දිවලදි කිසිදා නොදුටු අතුරු පාරවල් අපිට පෙන්නන්න පුළුවන් ගැලවුම්කාරයෝ වගේ විවෘත මනසක් ඇති මිනිස්සු ඉන්නවා.

ඒ වගේ අතරමං හන්දිවලදි හරි පාර පෙන්නන දේවතා එළි වගේ වැඩ කරන කෝනාර වගේ මිනිස්සුන්ගේ කටහඬවල් හැම මනුස්සයෙකුටම ඇහෙන්න ඕනේ.

සංස්කෘතියයි සදාචාරයයි පවුලයි හැම එකම රැකෙන්න ඕන. හැබැයි ඒ ඔක්කොම රකින්න අපි විහින් වැනසෙන්න ඕන නෑ.

මගේ තත්ත්ව ඉන්න කවුරු හරි කෙල්ලෙක් කවුරු හරි කොල්ලෙක් ඉන්නවනම් මම ඔයාට යෝජනා කරනවා, ධෛර්යවන්තව එක හුස්මක් අරගෙන ඔතනින් පැනලා යන්න. මේ වෙලාවේ කරන්න පුළුවන් එකම දේ පැනලා යන එක කියලා හිතෙනවා නම් ඔව් පැනලා යන්න.

කාලයත් එක්ක අනිත් කෙනත් දවසක කියාවි ඔයා එදා පැනලා ගිය එක හොඳයි කියලා.

හැබැයි ඔයාට අයිතියක් නෑ කාවහරි අනාථ කරලා දාලා පැනලා යන්න. 
දැන් මම මේ කරලා තියෙන දේම චරිත කරලා තිබුණනම් සමහර විට ලෝකෙම චරිතට සාප කරාවි නේද? 
කෙල්ලෙක්ව අනාථ කරලා දාලා පැනලා ගියා කියාවි නේද? 

මම තෘප්තිමත් ජීවියා වෙලා චරිත අතෘප්තිමත් ජීවියා උනානම්... එතකොට මමත් කියයි නේද චරිත මාව අනාථ කරලා පැනලා ගියා කියලා.. එතකොට මම එයාව සාධාරණ විදියට දකින එකක් නෑ නේද? 

ඔව්.. අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ එහෙම. අපිට හිතෙන්නේ එහෙම. අපිට දැනෙන්නේ එහෙම......

කොච්චර ගැලපුනත් නොගැලපුනත් මෙච්චර අවුරුදු ගානක සම්බන්ධයක් තිබිලා තියෙන නිසා එයා මාත් එක්ක ඉන්න ඕන. එහෙම නැත්නම් මම ජී වි තේ නැ තිරගන්නවා කියලා බය කරලා තියාගන්න තරමට... ගැළපුණත් නොගැලපුනත් මට උඹ ඕන හින්දා උඹ මොන දුකක් විඳගෙන හරි මාත් එක්ක ඉන්න ඕන නැත්නම් මම උඹව ම ර න වා කියලා කියන්න තරම් අපි ..

ඉතින් වැඩක් තියෙනවද...? අපි සම්බන්ධයෙන් හැඟීමක් දරන්නේ නැති ජීවියෙක්ට මං ගැන මේ විදිහට මේ විදිහට මේ විදිහට හිතපන් කියලා කියන එකෙන් සිද්ධ වෙන දෙයක් තියෙනවද...? අපිට කොච්චර රිදුනත් ඇත්තටම හැඟීමක් නැති සම්බන්ධතාවයක් තියාගෙන වැඩක් තියෙනවද..?

අපිටම ඕන උනත් අපිට එහෙම කරන්න බෑ. මොකද අපි තනි මිනිස්සු නෙමෙයි කියලා ආපහු හිතනවා නේද...? ඒක තමා අපි ඉන්න තැන.

නොගැළපෙන බව තේරුම් ගත්තට පස්සෙත් එක එක හේතූන් නිසා තවදුරටත් අනිත් කෙනාව රඳවගන්න උත්සාහ කරන අපේ මේ විදිය වෙනස් වෙන්න ඕන. අපේ මේ විදිය වෙනස්වුණු දවසකට නොගැළපෙන විවාහ මීට වඩා හුඟක් අඩුවේවි.

 ඇත්තටම.... ඇත්තටම අපිට පුළුවන් වෙන්න ඕන නොගැලපෙන බව වටහා ගත් ගත් විට අනිත් කෙනාට අපිව හැර යන්න ඉඩ දෙන්න. 

මං සාගරී.. චරිතව අතෑරලා පැනලා ගියපු සාගරී.. මේ කතාවෙ කෙල්ල මම උන නිසා චරිතව අනාථ කරලා ගියයි කියලා කවුරුත් කියන එකක් නෑ. ඒත් ඇත්තටම මම ගියාට පස්සේ චරිතගේ හිත අනාථ වෙන්න ඇති..

එහෙම බැලුවොත් මම චරිතව අනාථ කරලා පැනලා ගිහින් තියෙනවා. අච්චර ලොකු සම්බන්ධයක් තිබ්බට පස්සෙත්. එච්චර දේවල් වෙලා තිබුනට පස්සෙත්. එයා මං වෙනුවෙන් එච්චර දේවල් කරල තිබුණට පස්සෙත්..

මට එහෙම පැනලා යන්නේ නැතුව අපි දෙන්නට සුහදව කතා කරලා වෙන් වෙන්න පුළුවන්කම තිබ්බනම් කොච්චර හොඳද...

ඒත්.. එහෙම කරන්න බැරි වුණා.. 

හැම ආදර කතාවකම එන්ඩ් එක හැපි වෙන්නේ නෑ. 

හැබැයි ඒ දෙන්නා වෙන් වුණා කියලා කියන එකෙන් ඒ එන්ඩ් එක හැපි එන්ඩ් එකක් තිබුණු කතාවක් නෙවෙයි වෙන්නෙත් නෑ.

සමහර වෙලාවට සමහර ආදර කතාවලට තියෙන්න පුළුවන් හැපීම එන්ඩින් එක වෙන්නේ නොගැළපෙන මිනිස්සු සදහටම වෙන් වෙන එක.

මං චරිත්ව අනාථ කරල පැනලා ගියපු සාගරී....
==========


Nissanka Rajapaksa

unread,
Jun 9, 2024, 8:53:22 PMJun 9
to INDRAKA group
20
 "විඥානවාදියෙකු ගේ මරණය"
============================
- ගුණපාල ධර්මසිරි

ඔහු ඉතා දැඩි විඥානවාදියෙක් විය. ඔහු තම මතය කෙතරම් අන්තගාමී ව දැරුවේද කිවහොත් මේ මුළු ලෝකය ම ඔහුගේ සිත තුළ පවතින, ඔහු විසින් මවාගත් එකක් පමණකැයි සිතුවේ ය.

ලෝකය පවතින්නේ ඔහු එය දකිනා විට පමණක් කියා ඔහු විශ්වාස කළා පමණක් නොව ඒ බව තර්ක කිරීමෙන් ඔප්පු කිරීමට ද ඔහු සමත් විය.

“කෙනෙකු බාහිර ලෝකයේ වස්තූන් නො දකින අවස්ථාවල දී ඒවා පවතින්නේ යැයි කිසි විටෙකත් ස්ථිරවම කිව නොහැකිය. අප නොදනික දේ තිබෙන්නේ යැයි අප කියන්නේ කෙසේ ද? මේ මේසය පවතින්නේ මා එය දෙස බලන විට පමණ ය. මා එය දකින තුරු පමණ ය. එය මා මෙතැන නැතිවිටත් පවතින්නේ ද කියා දැන ගැනීමට නම් මා මෙතැනට නැවත අවුත් බැලිය යුතු ය. මේසය පහළ වන්නේ එවිටයි.”

ඔහුගේ මතයට විරුද්ධව සුළු තර්ක කිහිපයක් ඉදිරිපත් කිරීමට තැත් කළ එක්තරා දාර්ශනිකයකු ඔහුට වරක් මුණ ගැසුණි. ඔහු වහාම එම දාර්ශනිකයා ට විරුද්ධව ඉතා ප්‍රබල තර්කයක් ගෙන ආවේ ය. අප සිහිනයක් දකිමින් සිටිනවා නොවිය හැකි දැයි ඔහු දාර්ශනිකයාගෙන් ඇසුවේ ය. වස්තූන් කාලය සහ අවකාශය තුළ තිබෙන දේවල් මෙන් අපි සිහිනවල දී දකිමු. ඒ අයුරින්ම, අපේ මේ සියලු අනුභූතීන් ම හුදු සිහිනයක් පමණක් විය නොහැකි ද? ඇත්ත වශයෙන් ම, අප මේ දකිමින් සිටින්නේ සිහිනයක් පමණි. සිහිනවල දී අපි විවිධ දේවල් සහ පුද්ගලයන් දකිමු. ඔබත් මේ මේසයත් හුදු සිහිනයක් පමණකැ” යි ඔහු කියා සිටියේ ය. දාර්ශනිකයා ඔහුට විරුද්ධව ඉන්පසු තර්ක කළේ නැත.

ඔහු ක්‍රමයෙන් ඉතා ප්‍රබල විඥානවාදියෙක් බවට පත් විය.

මුළු ලොවම ඔහුගේ සිත තුළ පවතින්නක් පමණක් බව ඔහු කීවේය. ඔහු දකිනා සියලු දෙය ම ඔහුගේ සිත තුළ මැවෙන දේ ය. ඒ නිසා ඔහු සියල්ලු ම මවයි. ඔහු ඒවා මවන්නේ සිතා මතා නොවේ. ඒවා ඉබේම එසේ මැවී පෙනෙයි. සිහිනවල දී මෙනි. ඒවා එලෙස ඉබේ මැවෙන්නේ ඇයි? එය තේරුම් නොකළ හැක්කකි. සියලු දෙයක් ම තේරුම් නො කළ හැකිය. අප දකින සිහින ඒ ආකාරවලට පෙනෙන්නේ, ඒ ආකාරවලට ක්‍රියා කරන්නේ ඇයි? එය තේරුම් කළ හැක්කේ කාට ද? මේ නිසා අපට තේරුම් නොකළ හැකි දේ තිබේ. අපේ සියලු තේරුම් කිරීම් යම් තැනක දී නතර විය යුතු ය.

මේ මුළු ලෝකයට ම ඔහු වගකිව යුතුය යනු ඔහුගේ අදහස විය. ලෝකය පැවතුණේ ඔහු වෙනුවෙන් ය. එහෙත් ඔහු කරුණාවන්ත පුද්ගලයෙක් වූ නිසා, ඔහු මැවූ මිනිසුන්ගේ නොයෙක් දුක් කම්කටොලු ගැන කම්පාවට පත් විය. ඔහු ගේ මිනිසුන් සිහිනවල දකින අය මෙන් ‘හොල්මන්’ රූප සමූහයක් බව සත්‍යයකි. නමුත්, ඒවා වුව ද දුක් විඳිනු දැකීම පීඩාවකි.

සමහර අවස්ථාවල දී ඔහු කෝපයට පත් විය. ලෝකයේ එක ම අයිතිකරුවා වූයේ ඔහු ය. ඔහුට අවශ්‍ය පරිදි සමහර දේ කරන්නට උත්සාහ ගත් විට ඒ හොල්මන් ඔහුට නොයෙක් අවහිර කෙළේය. එයින් ඔහු වේදනාවට පත්විය.

ඔහු වරක් මට “හොල්මනා” යැයි අමතා මා හොඳ හොල්මනක් වන බවත් ඒ නිසා ඔහු මට කැමති බවත් කියා ඔහුට අවනත වන ලෙස මට කියා සිටියේ ය. මම එසේ කීකරු වුණෙමි. එය විනෝදජනක ක්‍රියාවක් විය.

ඔහු තමාගේ හොල්මන් ගැන කළකිරී සිටියේ ය. ඔවුන්ගේ හැසිරීම ඉතා ජුගුප්සාජනක විය. ඔවුන්ට සදාචාරයක් තිබුනේ නැත. බොහෝ විට මේ හොල්මන් ඔහුට විවිධ අන්දමේ අවහිර කම් කළහ. එහෙත් ඇත්ත වශයෙන්ම ඔවුන් එසේ හැසිරීමෙන් කළේ නොමනා දෙයකි. ලෝකයේ ජීවත්වුණු එකම මිනිසා ඔහු පමණය. නමුත් අවාසනාවට මෙන්, ඔහුට ඔහුගේ අයිතිවාසිකම් ද රැක ගත යුතු තිබුණේ ඉතා අපහසුවෙනි. (උදාහරණයක් වශයෙන්), තමා ගේ හාල් සලාකය ගැනීම සඳහා ඔහු පෝලීමේ සිටින්නට සිදු විය. ඔහු එයට කැමති වූයේ නැත. පෝලිම කඩා ගෙන යාමට ඔහුට හැකියාව තිබුණි. එය සම්පූර්ණයෙන් සාධාරණ ක්‍රියාවක් යැයි ද ඔහු සිතුවේ ය. මක් නිසා ද, යමක් සාධාරණ ද අසාධාරණ ද කියා තීරණය කරනු ලබන්නේ ද ඔහු විසින්ම වන නිසාය. එහෙත්, ‘සමහර හොල්මන් ඉතා ශක්තිමත් ය. ඒ නිසා පොලීමේ පමා වීම නුවණට හුරුයැ’යි ඔහු වරක් මා සමග කීහ.

නොයෙක් කරුණු නිසා ඔහු ලෝකය අප්‍රිය කෙළේ ය. ඔහුට මේ ලෝකය නොතිබුණා නම් කොයි තරම් හොඳ දැයි සිතුණු වාර අනන්තය.

ඔහුගේ මරණය දක්වාම ඉතා කිට්ටුවෙන් මම ඔහු ඇසුරු කළෙමි. ඔහුගේ මරණ මංචකයේ දී මා ඔහු ළඟට කැඳවා මෙසේ කීවේය. “මේ රහස මම කියන්නේ ඔබට පමණයි. ඔබත් දැන් මැරෙන්න කිට්ටුයි. මක් නිසා ද, මා මැරෙන්න යන නිසයි. මගේ මරණය නිසා ඔබෙත් අනෙක් සියල්ලන්ගේත් මරණය අවශ්‍යයෙන්ම සිදු වෙයි. මට මගේ ‘හොල්මන්’ ගැන අනුකම්පාවක් ද ඇති වෙනව, ඔවුන් කෙතරම් කැත විදියට හැසිරුණත් ඔවුන් පුදුම අන්දමින් විනෝද ජනකයි. ඔවුන් සිටියේ නැත්නම් මගේ ජීවිතය පාලු, කම්මැලි එකක් වෙන්න තිබුනා. දැන් ඒ සේරම මැරෙන්නයි යන්නේ. ඔවුන් හොල්මන් වුනත්, ‘ඒක’ ‘මරණය’ යි. හොල්මන් වුවත් මැරෙනවා දකින එක ලොකු වේදනාවක්”.

මම ඇත්තෙන් ම බිය වුනෙමි. ඔහු කියන්නේ සත්‍ය යැයි මම සිතුවෙමි. ඔහුට විරුද්ධ ව මට කිසිසේත් තර්ක කළ නොහැකි වූ නිසා ඔහු කියන්නේ සත්‍යය යැයි මම සම්පූර්ණයෙන්ම විශ්වාස කළෙමි. ඔහුගේ තර්ක, විශේෂයෙන් ම සිහිනය පිළිබඳ තර්කය, කිසිසේත් නො කැඩිය හැකි ඒවා විය. මා ඔහු විශ්වාස කළේ ඔහු මේ අයුරින් සත්‍යය කියූ නිසාය. මා ඔහුගේ හොල්මන් විශාල සංඛ්‍යාව අතුරෙන් එකක් පමණක් බව මම තදින්ම විශ්වාස කළෙමි. ජීවිතයේ ප්‍රථම වරට මරණය මා කරා ළඟා වන්නාක් මෙන් මට දැනුණි.

ඔහු මෙසේ කියා ගෙන ගියේ ය. “දැන් මුළු ලෝකය ම මරණය කරා ළඟා වේගන එනව. මගේ මරණයෙන් පසු මට ලෝකයේ ඇති තේරුමක් නැහැ. ඒ ඇයි? මගෙන් තොරව ලෝකයට තේරුමක් නැති නිසයි.”

ඔහු අන්තිමට යම්තමින් කෙඳිරු වචන කීපයෙන් මට තේරුම් ගියේ ඔහුගේ මරණයෙන් පසුව ඔහුගේ මළ කඳ ආදාහනය කිරීමට කෙනෙකු නොමැති කම නිසා ඔහු බෙහෙවින් දුක් වුණු බව ය.




Nissanka Rajapaksa

unread,
Jun 10, 2024, 8:59:05 PMJun 10
to INDRAKA group
21
සාංකාව

ගීතා ගනේෂ්

– පරිවර්තනය ජී. ජී. සරත් ආනන්ද

('ඉරුලෛ කිළිත්ත කෝඩු’ කෙටිකතා සංග්‍රහයෙන් උපුටා ගන්නා ලද්දකි.)

“අර්ච්චනා…..”
“දෙනට නැකත…..”

“දහයියා තුළිනුත් රන් උපදියි.”

අම්මා හඳහන බලන්නට දෙන සෑම විටක දී ම මෙය ද එක්කර කියන්නී ය.

ඈ නැගණියගේ පළමු දරු ප්‍රසූතිය සඳහා ඕස්ටේ්‍රලියාවට ගොස් සිටියා ය. ඇය යළි පැමිණෙන්නේ ‘කිලි දවස්’ ගෙවී ගිය පසුව ය.
අල්ලමින් සිටි බොත්තමේ කාසයෙහි ඉඳිකටුව රඳවා තේ වතුර බොන විට ඔහු ගැන මතකය අවදි විය.

දින තුනකින් ඇමතුමක් නැත.

ඔහුගෙන් වෙන් වී සිටි තුන් වසරක කාලයටත් වඩා ඒ දින තුන යුග ගණනාවක් සේ ඇයට දැනුණි. අවසන් වතාවට කතා කරන විට කුමක්දෝ ‘කොන්ෆරන්ස් එකකට’ යන බව පවසා තිබුණි.

“නින්දට යනකොටවත් එයාගෙන් ඇමතුමක් ඒවි.”

විවෘත මනසින් ඔහු සමග දින තුනක් පුරා ම කතා කරන්නට ඇත. එහෙත් ඒ එක් දිනයකවත් තම කාර්යාලය, තමන් සමග සේවය කරන්නන්, මිතුරන් ආදී කිසි දෙයක් පිළිබඳ විස්තර සඳහන් කර නැත. ‘මගේ හඬ ඔහුගේ සවන්පත් විනිවිද ගොස් හදවත සිසිල් කළ යුතුය’ යන ඇයගේ ආසාව ඔහුගේ හඬින් නො හැඟුණි.

“පව්—- පිළිවෙළකට කෑමවත් කනවද දන්නෙ නෑ; කනකොට මාව මතක් වෙනවද දන්නෙ නෑ….”

තුන් වසරක් ගෙවී ගිය ද මතකය සුන්දර ලෙස අලුත් වෙමින් පැවතුණි.

“අච්චු, ෂර්ට් එක මහල ඉවරද?”

දඟකාර ප්‍රවීන් ඔහුගේ ලොකු අම්මා සමග ඉදිරිපස දොරටුවෙහි සිටියේ ය. ඔහු සිතමින් සිටියේ හෙට තමන් ඇඳගෙන යන අලුත් කමිසය ගැන ය. අද පාසැලේ මිතුරන් සමග ඔහු ඒ පිළිබඳ පවසා තිබුණි. තම පංති භාර ගුරුවරයාට පවා ඒ බැව් දැනුම් දුන්නේ ය. ‘අලුත් ෂර්ට් එක’ ඔහුගේ සිහිනයයි.
දරුවන්ගේ සුරතල් කතාවල කිමිදෙන්නට ප්‍රිය කරන ඈ ප්‍රවීන්ව බෙහෙවින් ප්‍රිය කළා ය.

සිව ආගම ඉගෙනගන්නා විට ප්‍රාණඝාත නො කරන ලෙසත්, පරිසරය පාඩමේ දී පෝෂණය සඳහා ආහාර වශයෙන් මාළු, මස් ආදිය අනුභව කළ යුතු බවත් ඉගැන්වීම නිසා ප්‍රවීන් කැළඹී සිටියේ ය.

“මරන්නෙ නැතුව කන්නෙ කොහොමද?”

“වතුර බීල මාලුවෙක් ගිල්ලොත් මගේ බඩ මාලු ටැංකියක් වේවිද?”

හඬා වැලපෙමින් සිටින මොහොතක වුව රාමනාදන් මහත්මියගේ මුවට ක්‍ෂණික සිනහවක් නැංවීමට ඔහුට හැකිය.

“අනාගතේ හොඳ පර්යේෂකයෙක්.”

අලුත් කමිසය ඔහුට ආකර්ෂණීය පෙනුමක් ගෙන දුන්නේ ය. ඔහු කොට කලිසමේ සාක්කුවලට අත්  දමාගෙන සෘජුව සිටගෙන සිටියේ ය. අච්චු තම සිතේ උපන් ප්‍රීතිය සිනහවකින් පිට කර ඔහුගේ කම්මුල සෙමින් කෙනිත්තුවා ය.

කොන්ෆරන්ස් එක තාම ඉවර නැතුව වත්ද? ඉවරවුණු ගමන් ගන්නව කිව්වනේ…..?

තෝසෙ මිශ්‍රණය පදමට පිපී තිබුණි.

ඊ ළඟ දින උදෑසන ප්‍රවීන් තම පියා සමග අලුත් කමිසය ඇඳ පිටව ගියේ ය. පිටුපසින් දරණිගේ උරහිස අල්ලාගෙන සිටියේ ප්‍රවීන්ගේ මවයි. සිනිඳු කොළ පැහැති සාරියකින් සැරසී සිටින ඇයගේ බ්ලවුසය මසන ලද්දේ ද අර්ච්චනා විසිනි.

පිට රටකට ගියත් මැහුම්වලට ඇති ඉල්ලුම අඩු නැත. අම්මා වරින්වර මැහුම් ගෙතුම් වැඩවල නිරත වන්නී ය. දුහුල් නූලින් අලංකාර කමිස, වර්ණවත් මුතුමාල, හිස් වැසුම්, පා මේස් ආදිය සාදා තම අතින් නිම කර කැනඩාවට සහ ලන්ඩනයට යවන්නී ය.
“දෙනට නැකතට දහයිය තුළිනුත් රන් උපදිනව-”

දබරැඟිල්ලේ ඉදිකටුව ඇනී ලේ පැහැ ගැනී තිබූ ස්ථානය සුව වී තිබුණි- හදවතේ පතුලේ අසහනකාරී බවකි. සංවේගයකි.

“අම්මා, ඇයි මට විතරක් මෙහෙම? දහයිය තුළිනුත් රන් උපදිනව කියල ඔප්පු කරන්න සටන් කරන්න ඕනද?…ආච්චි අම්මත් දහයියවල රන් උපදින බව ඔප්පු කරන්න හිතුව නම් මම ඉපදිලා නොඉන්න තිබුණ. එයා කරපු දේ වැරදිද? මම ඒකට පව් ගෙවන්න ඕනෙද? අම්මේ, ඔයා පව්. මොනව කරන්නද?  ජීවිත කාලෙ පුරාම ඔයාට ඩොලර් එවපු මාමා මාව රට යවන්න අහපු එකේ වරදක් නෑ….”
මාමා……

නෑදෑයින්ටයි, තමන් ඉපදුණු පොළවටයි අසීමිත ඇල්මක් දක්වන සන්නාසිය….

අවුරුදු පහේ දී අච්චු වඩාගෙන හාදුවක් දී ඡායාරූපයක් ද ගැනුණි. දැනුත් අර්ච්චනාට ඇතැම් සිදුවීම් අම්මාව සිහිපත් කරවයි. රුව මවා පෙන්වයි.
අර්ච්චනාට පිට රටක ස්ථිර පදිංචි ස්ථානයක් ලැබෙන බැව් ඇගේ පැහැපත් සම තුළින් නිගමනය කළ මාමා කැනඩාවේ උපන් යාපනයේ හින්දු වෙල්ලාල කුලයේ අයකු සොයා ගත්තේ ය.

අම්මා ද කැමැත්ත ප්‍රකාශ කළා ය.

“දහයියා තුළිනුත් රන් උපදියි.”

දෙ හැවිරිදි දරුවකු සඳහා ප්‍රමාණවත් දුහුල් ඇඳුමක් අලංකාරවත් ලෙස මසා නිමවෙමින් තිබුණි. එයට ගැළපෙන තොප්පියක් සහ මේස් යුගලක් ද එක ම පැහැයෙන් මසන ලදී.

අපූරු මැවිල්ලකි. ඒ සියල්ල සම්පූර්ණ නොකර ඇය කිසි කලෙකත් සෑහීමකට පත් නො වන්නී ය.

සෑම දෙයක දී ම එලෙස ය.

ඇඳුම් සෝදා වේලා ගැනීමේ දී ද ඇය ආස්වාදනීය අයුරින් එය සිදුකරයි.

“ඒකිට පිස්සු; අව්වෙ පිච්චෙනව.”

ඈ පංජාබ් ඇඳුම් ඒ ඒ යුගල වශයෙන් එනම් ගවුම එයට අදාල කලිසම පැත්තෙන් ම තබන්නී ය. දෙක වෙන් කරන්නේ නැත. කිසි විටෙකත් එක ගවුමකට කලිසම් දෙකක් හෝ එක් කලිසමකට ගවුම් දෙකක් හෝ වන සේ යුගළ වශයෙන් ඇඳිය හැකි යැයි නො සිතයි. සියල්ල තනි තනි ජෝඩු වශයෙන් ම තබන්නී ය.

මෙම ඇඳුම් අව්වේ තම බර මුදාහැර, වියළී, මෘදු ලෙස සුළඟේ සෙලවෙන විට… ඒවා බොහෝ දේ පවසයි; සිනාසෙයි; මිනිස් මස් පිඬුවල දහදිය පැල්ලම් ඉවත්ව යාමේ සතුටින් නිදහස් හැඟීමෙන් සොබාදහම රස විඳියි-

“ඔයාට නම් හොඳට ම පිස්සු-”

එක් දුහුල් කලිසමක් සම්පූර්ණ වී නොමැති බව පෙනේ.

අසහනකාරී හැඟීමකි.

ප්‍රකාෂ් කුමක් කරනු ඇත්ද? මගේ අතින් උයාපු කෑම කන්න බලාගෙන ළතවෙනව වත්ද?

දුරකථනය  නාදවිය.

“අච්චු”

“ඔයාද? ප්‍රකාෂ්.”

“සල්ලි එව්ව….”

“ප්‍රකාෂ්… ඔයාට කොහොමද?”

“වැඩක ඉන්නෙ. පස්සෙ ගන්නම්.”

මම ප්‍රියකරන කාරණා, මිතුරියන්, සමීපව ඇසුරු කරන දර්මු, මගේ ගෙවී ගිය කාලය ගැන මගේ මේ පුංචි ලංකා දූපතේ මේ සඳලුතලය මත ඉඳගෙන ඔහු සමග දොඩමළු වෙන්න ඇත්නම්…..

සවස පහට වැඩ ඇරිල කම්මුල් දහදියෙන් තෙමාගෙන එයා එනකොට දොරකඩට වෙලා බලා ඉඳල එයාගෙ ලොකු බෑග්එක අතට අරන් උණුසුමට තේ වත්කරල දීල…..

හැම නිවාඩු දිනවල ම දෙන්න එක්කල ම සියල්ලෙන් මිදිල කොහේ හරි ගිහින් සොබාදහමේ කිමිදෙමින් සිතට නිදහසේ දිවයන්නට ඉඩ දීල……

සාහිත්‍ය උත්සවවල දී, පොත් දොරට වැඩීම්වල දී ඒ පිළිබඳ සංවාදවල නියැලී සිටි ඒ අතීතය….. අද එම සියල්ල හිස් සිහිනයකි. අද නිකම් ම නිකම් ඇඳුම් මසන්නියක පමණි.

කුඩා දුහුල් කමිසයට නූල් මදි විය.

“මිනිත්තුවක් ඩොලර් කීයක් වටිනවද කියල මනමාලයගෙන් ම තමයි අහන්න ඕන.”

මාමා ආඩම්බරයෙන් පවසා සිනාසුනේ ය. දින දහසක් ගතවුණත් ඒ හඬ රැව් දෙන්නේ ය.

එවන මුදල් නොගෙන සිටියොත් මොකද වෙන්නෙ?

ප්‍රකාෂ්, ඔයාට මේක කෙටි පණිවිඩයක් විදියට එවන්න තිබුණ ඔයාගෙ මිනිත්තු කීපය  නාස්ති නො කර….

අව්වේ දිව එළියට දමාගෙන බල්ලා පිපාසිත ව දිව යයි. ගස් නිශ්චල ව සුළඟ වෙනුවෙන් තපස් රකිමින් සිටියි.

පාර අයිනේ පෙම් යුවලකි. පෙම්වතිය සිහින් ඇඟිලිවලින් පාර අයිනේ වූ ගසක අත්තක් තද කර අල්ලා ගෙන සිටි අතර, සාංකාව පිරි මුහුණින් සිටි ඔහු ඇයගෙන් ඇසූ කිසිදු පැනයකට පිළිතුරු නැත.

ඕ නිහඬ ව සිටියා ය.

“එයා පව්; මොනව උනත් ඔහොම හිතුවක්කාර වෙන්න එපා; කට ඇරල මොනවහරි කියන්න-”

ඇය අසලට ගොස් එසේ පැවසිය යුතු යැයි හැඟීමක් අර්ච්චනා තුළ ඇති විය-

දෙදෙනාට ම කුසගිනි දැනෙන්න ඇත- වැල්ලවත්ත ‘චෙන්නායි වෙජිටේරියන්ස්’ ඔවුන් පිළිගත්තේ ය-

අර්ච්චනාට ප්‍රකාෂ්ගෙන් හැත්තෑ පන්දහස් පන්සියයක මුදලක් ඇවිත් තිබුණි-

‘ප්‍රකාෂ්, ඔබ එවූ දේ මට ප්‍රමාණවත් නැත. මගේ සාංකාව, තනිකම, සිහින සියල්ල ම අයදින්නේ ඔබ මගේ වීමත්, මා ඔබේ වීමත් පමණි. එම නිසා ඔබේ ඩොලර් අම්මාගේ ගිනුමට බැර කළෙමි.

“බදාද අලුත් අවුරුදු කෑම මේසයට එන්න කියල ආරාධනයක් තිබුණ. එයාගෙ තේරීම තමයි මේ. එයාත් මේ වගේ ම දම්පාට ෂර්ට් එකක් ඇඳන් හිටියෙ…..”

 ප්‍රවීන් ද අම්මා සමග පැමිණ සිටියේ ය. සාරිය විද්‍යාට ම කියා සාදවන ලද්දක්දෝ? ඒ තරම් ම අලංකාර ය. ඔහු ද පසෙකින් දම්පාට කමිසය ඇඳ සිටින බවට ඈ මෙනෙහි කර බැලුවා ය.

මංගල ඡායාරූපය සඳහා වසර තුනකට පෙර ප්‍රකාෂ් තමන් අසල සිටියේ ය.

“ජෝඩුව නම් නියමෙට මැච් වෙනව.”

එසේ නොපැවසුවෙක් නැති තරම් ය.

විවාහ මංගල්‍යය.
ආදරණීය බිරිඳ.
ඇගේ අතින් පිසින කෑම.
වංශය.
දරුවන්

තෙත වරලසෙන් යුතුව උණුසුම් තේ එකක් අතින් ගෙන පැමිණි ඇය කුඩා දරුවකු ලෙස නිදා සිටි ඔහුගේ හිස සෙමින් පිරිමැද කීද්දුවා ය. උදෑසන අලස බව දුරු කරමින් තේ බඳුන සීතල විය.

ඔහුට ඒ සියල්ල ම හිස් බඳුන් වී ඇත. කිසිවෙකුත් නොබී බලා සිටි ඒ තේ එකෙහි ශාපය ද මේ?

“එයාට මගේ අතින් තේ එකක් සාදා තිබෙනවාද?”

 චාරිත්‍ර නිමා වී ඊළඟ සතියේ ම ඔහු කැනඩාවට යන ගුවන් යානයක පිටත් වූ අතර, අවුරුදු තිස් දෙකේ දී බිරිඳ යන තානාන්තරය හිමි කරගත් මම පැමිණ සිටි ඥාතීන්ගෙන් අයකු ලෙස ලංකාව තුළ තනිවීමි.
“මනමාලය ලොකු සල්ලිකාරයෙක්ලු.”
“ඔයා හිතපු විදියෙ තත්ත්වෙක ඉන්නවද?”
“කවද්ද අච්චු ඔයාට ෆ්ලයිට් එක තියෙන්නෙ?”
ප්‍රශ්න වැළ දිගට ම ඇදී ගියේ ය.
තමන් යටත් කරගෙන සිටි ප්ලාස්ටික් ක්ලිප් එක ඉවත්වීමෙන් තිගැස්සී ගිය වැලේ වැනූ නිල් ඉරි සහිත බ්ලවුසය දඟලමින් සිටිනු ජනේලයෙන් පෙනුණි. ‘ඕ…..’ පැත්තක සීත සුළඟ විඳිමින් සිටිය දී ඒ සමග අඳින දිග සාය බිම ය. ඒ ජෝඩුව වෙන් වී ඇති අයුරු අර්ච්චනා එබී බැලුවා ය.
“අච්චු, කෝවිලට ගිහින් පූජාව කරන්න. උපන් දිනයට වඩා විවාහ මංගල දවස වැදගත්. එන අවුරුද්දෙ විවාහ සංවත්සර දවසට ඔයා ගිහින් තියේවි.”
උදෑසන සිට ම අම්මා ඇතුළු ඥාතීන්ගෙන් සුබ පැතුම් පැමිණ ගොඩගැසුණි. පසුගිය වසරේ ද මේ අයුරින් ම සුබ පැතුම් ලැබුණා මතකය.
“ලබන වසරේ එයා ළඟට ගිහින් තියේවි.”

“ප්‍රකාෂ්, මටත් කියන්න. මතක අමතක කරල කොහොමද හිත හදන් ඉන්නෙ කියල? ඔයාගෙ කාරණයෙදි විතරක් මමත් ඔයා වගේ තදින් ඉන්නව. බැඳපු සැමියට ගැළපෙන විදියට බිරිඳ වෙනස් වෙන්න ඕනලු නේ…”

“දන්නවද? අද අපේ මංගල දවස.”
ලබන වසරෙදිවත් ඔයත් එක්ක එකතුවෙලා මංගල සංවත්සර දිනය සමරන්න මෙහෙ කව්රුත් ප්‍රාර්ථනා කරනව. ඒත් ඔයා….?
සිදුවීම්වල අවස්ථා යළි ගෙනහැර පාන්නට මෙන් මංගල දිනයේ දෙදෙනා ජෝඩුව ලෙස ගත් රාමු කරන ලද විශාල ඡායාරූපය දැනටත් බිත්තියේ එල්ලෙමින් තිබේ.
“අච්චු, මැහුම් නතර කරන්න එපා. එන අවුරුද්දෙ එහෙ ගිහින් ඕඩර් අරන් ලස්සනට මහන්න පුරුදු වෙන්න. අලුත් ඩිසයින් ඔක්කොම පුරුදු වෙන්න ඕන. ඔයාට මොකද? ගෙදර ඉඳන් ම අත පිරෙන්න හම්බකරන රැජිනක් නේ.”
“අම්මා…. බයවෙන්න එපා අම්මා….මම නොගියත් ඔයාට දහයියවලිනුත්-…………….”


* දහයියා 
තුළිනුත් රන් උපදී – නොවටිනා දෙයකින් වුවත් වාසනාව ලැබේය යන අරුත ඇති සම්ප්‍රදායික දෙමළ සංස්කෘතිය/ සාහිත්‍යය  තුළ භාවිත වෙන  කියමනක් 

Nissanka Rajapaksa

unread,
Jun 11, 2024, 8:50:41 PMJun 11
to INDRAKA group
22
රූප පෙට්ටිය

- තනුජා මහතන්ත්‍රි

මා නිවසට යන්නේ බොහෝ  කාලයකිනි. පසුගිය  දින කිහිපයේදී ම සරසවියේ අවසන් විභාගය  නිසාවෙන්  මට ඒ වෙනුවෙන්  කාලයක් වෙන් කර ගැනීමට නොහැකි විය.. අම්මා.. තාත්තා...මල්ලී.. නංගිලා  සමග  ගත කරන කාලය  තුළ ඇත්තේ අසීමිත මානසික සුවයකි.  යහළුවන් සමග  බෝඩිං කාමරයක ගෙවන ජීවිතයේදී එය කිසිසේත් ලබා ගත නොහැකි  බව මම හොදින්ම දනිමි. ඒ සුන්දර  ලෝකයට උපමා කළ හැකි වෙනත් කිසිවක් ඇතැයිද මා සිතන්නේ  නැත.

මාගේ සිතුවිලි  වලට විරාමයක් තබමින්  බසයේ කොන්දොස්තර මහතා අණසක පැතිරුවේය...

" අත්වැල්තොට හන්දිය බහින්න ..."

අපහසුවෙන් මා සෙනග අතරින්  බැස ගත්තෙමි. බසයෙන් බසිත්ම ගත දැවටුණු  සිහිල් සුළං පොද ගතට ගෙන ආවේ සුවපත්  බවකි... ගොම්මන් අදුරේ ගුරු පාර අසළින් පෙම් බස් දොඩමින්  ගලා යන දොල පහරට මා බැස්සේ බලහත්කාරයෙනි.. එනිසාවෙන්දෝ ඇය මා පසෙකට තල්ලු  කළාය. එහෙත් මා ඇය මාගේ ග්‍රහණයට  නතු කර ගනිමින් හෙමිහිට  නැමී ඇය සිප ගතිමි..මොහොතකට ඇයගේ පහස විද ගත් පසු මා ගත කෙතරම්  සුවපත්  වූවදැයි මට සිතුණි...

ගොම්මන් අදුර  හාත්පස  වටලද්දී මා පය ඉක්මන් කළෙමි...ගුරු  පාරේ වංගුව  පසු  කරත්ම ඒබරං ආතාගේ බේකරියෙන් හමා ආ දර පෝරණුවේ පාන් / බනිස් සුවදට නාසය  දිව අගට රහසක්  කීවේය. මා දෙපා නතර වූයේ එනිසාවෙනි. ඉස්සර  වැඩ නිම වී නිවසට එන තාත්තා  උණු උණුවේ කර කර ගා හැපෙන පාන් රාත්තල් දෙකක් ගෙනෙන්නට අමතක  කරන්නේ  නැත.ගෙයි සාලයේ පැදුරක් දමා ගෙන එය නංගී, මල්ලිලා  සමගින්  රස කර කන්නේ අතරින් පතර  සිදු වන ගැටුමක්ද සමගිනි.

" අම්මා... මේ අයියා .. මගේ පාන්.... කෑල්ලෙන්...  ටිකක්  කඩා ගත්තා ....

" අම්මා... මෙයා පරිප්පු  ටික  ඔක්කොම  ගන්නවා .. අපිට උලා ගන්න තියන්නෙ නෑ.."...

ඒ ගැටුම් වල තිබුණේ සුන්දරත්වයකි...

අතීත  මතකයන් සමග මා බේකරියට ගොඩ විය.

" ඔහේ ..පලයං ..මේ අපෙ දසුන් පුතා... නොවැ... කොහොමද ...? කොහොමද ..? කොල්ලා දැන් ගජ ඉලන්දාරියෙක් නොවැ..." 

ඒබරං ආතා කීවේ බුලත් විටක් මුව  තුළ ට ඔබා ගනිමිනි .

" පුතේ කොහොමද  දැන්... කොළඹ ජීවිතේ හොදයිද..?"

" වරදක් නෑ මාමේ...ඒත් ඉතින්....මේ ගම තරම්  කොහෙද ..සැනසීමක්.."

" හොදට ඉගෙන  ගනින් පුතේ...අපිටත් ඉතින් ආඩම්බරයක්  නොවැ..ගමේ කොල්ලෙක් ඉහළ තානාන්තර වල ඉන්නකොට .."

එහෙත් වෙනදා  නැති ආලෝකය නිසාවෙන් මම මහත් ඕනෑ කමින් වට පිට  බැලීමි.

" ඕං දරුවෝ.... අපේ ගමටත්  විදුලිය  දුන්නා... දැන් ගමේ හැමෝටම වගේ ලයිට් තියෙනවා..."

"ආ... ඒක කොච්චර  දෙයක්ද මාමේ......"

මට දැනුණේ සතුටකි.  එහෙනම්  අපේ ගෙදරටත්  ලයිට්  අරන් ඇති.නංගිලා මල්ලිලා දැන් ආසාවෙන් පාඩම්  කරනවා  ඇති.. ඉස්සර පාඩම්  කරන්න ගිහින් එක කුප්පි ලාම්පුවට කොච්චර  නම් රණ්ඩු වුණාද  ? 

" ආ පුතේ... මෙන්න පාන් ගෙඩි  දෙක...."

ඉන් හමා ආ සුවදට මා කටට ඉනු කෙළ නවතා ගත්තේ ආයාසයෙනි. බෝඩිං කාමරයේදී අපගේ ප්‍රධාන  ආහාරය බවට පත්ව ඇත්තේ පාන් බව සැබෑවකි. එහෙත් ඒ කිසිම දිනක් පාන් කෑවේ ආශාවකින් නොවේ.

" තවමත්  සුවද එහෙමමයි නේද මාමේ.."

" ඔහුගේ  මුව පුරා ඇදුනේ ආඩම්බර සිනහවකි.

"  දැන් ඉතින්  කරන්ට් එකත් තියෙන නිසා අපේ පුතණ්ඩියා කිව්වා  කරන්ට් එකෙන් වැඩ කරන පෝරණුවක් ගේනවා කියලා... මයෙ නම් වැඩි මනාපයක් නෑ ඕවට..."

.".. එහෙනම් ඉතින් ආයෙත් මේ  වගේ රස පාන් කාලා ඉවරයි..." මා මසිතටම මුමුණා ගනිමින් ඉන් පිට වීමි.

නොයෙක් සිතුවිලි සමගින් සිත නොසන්සුන් විය. මා පැමිණෙන බවක් ඔවුන් දන්නේ නැත මා දැක ඔවුන් පුදුමයට පත් වේවි... නංගී මා රැගෙන යන බෑගය ගන්නේ සතුටිනි. ඒ මා පිට කොටුවට ගිය විට ඇයට විසිතුරු ආයිත්තම්  රැගෙන එන බව ඇය දන්නා නිසාවෙනි.. පොඩි මල්ලී  දන්නා කාලයේ පටන් පොත් කියවන්නට  ඇත්තේ දැඩි කැමැත්තකි...මා ඔහු වෙනුවෙන් ද පොත්  කිහිපයක්  ගන්නට අමතක  කළේ නැත.  

මා නිවසට පැමිණෙන බව දන්වා පැමිණියේ නම් ඉන් ඕනෑවටත් වඩා වෙහෙස වී නොයෙක් දේ මා වෙනුවෙන් සකස් කරන්නේ අම්මා ය.  අම්මා හදන සිංහල අච්චාරුව හා වැලිතලප කන්නට මා බෙහෙවින් කැමතිය.  

සිතුවිලි  සමගින් මා වත්තේ වැට කඩුල්ල  පැන්නෙම්.  විදුලි  බුබුළු  වලින් ආලෝකමත් වූ නිවස ලස්සන  යැයි මට සිතුනි.. එහෙත්  නිවෙසේ කිසිවෙකුත්  කතා කරන හඩක් හෝ නැගෙන්නේ නැත..ඔවුන්  නිවසේ නැතුවා  වත්ද ? නැත..  එසේ නම් ඉදිරි පස දොර හැර තබා යන්නේ නැත.

නංගිලා මල්ලිලා පාඩම් කරනවා ඇති... ඒකයි සද්දයක්  නැත්තේ.. දැන් ඉතින්  ලයිට් තියෙනවනෙ. ඉගෙන ගන්නට මා බොහෝ දුක් විදි බව සැබෑවකි. එහෙත් නංගිලා මල්ලිලාට එවැනි  දුකක් විදින්න  නොලැබීම පිළිබඳ  මා වඩාත් සතුටට පත් විය... 

 මා අඩවන් කර තිබූ දොර හැර ගෙට ඇතුළු වූයේ ඔවුන් පුදුම කරවන්නටය. එහෙත් පුදුම වූයේ  මමය..මම සිතුවා වැරදිය. මාගේ පැමිණීම  වෙනදා මෙන් ඔවුනට සතුටක් වූ බවක් පෙනුනේ නැත. සියලු  දෙනා සාලයට  වී රූපවාහිනය නරඹමින්  උන්නෝය... ටී වී එකක්..? අපේ ගෙදර..? මසිත නොසන්සුන්  විය.

" ආ...ලොකු පුතේ... ඔයා එන... බවක්..කිව්වෙත් නැහැනෙ..." 

අම්මා හුන් තැනම සිට කීවාය.

" කියන්න  වෙලාවක් තිබුණේ  නෑ අම්මා.. ඔයාලව බලන්න හිතුණා  ... ඉතිං   ආවා.. මොකද මේ කට්ටිය  ගොළු වෙලා.  භාවනා කරනවද...?"

" අනේ........ ලොකු අයියේ..... කෑ .... නොග..හා ඉන්නකෝ....."

 පොඩි නංගී කීවේ...තරහිනි..  මාගේ පැමිණීම  ඔවුනට  පුදුමයක් වූවා නොව ඔවුන්ගේ  හැසිරීම මා හට පුදුමයක් විය.... නංගිලා මල්ලිලා  පමණක් නොව අම්මා ද රූපවාහිනියේ දිග හැරෙන මෙගා ටෙලි කලාවේ වහලුන් වී හමාරය. එනිසාවෙන්ම  ඔවුනට බොහෝ බැදීම් අමතකව ගොස්  ඇත. වෙනදා සිරියාවන්ත කමින් ගේ පුරා රැදුණු සාලයේ තබා ඇති බුදු පහන හෝ දල්වා තිතිබුණේ නැත.

"  පොඩි නංගි අද පහන පත්තු කළේ නැද්ද  බලනවකො...දැන් වෙලාව කීයද....?"

මා ඇසුවේ  තරහක් මවා ගනිමිනි  .

" හරි..... හරි... තියන්නම්.... ඉන්නකෝ අයියේ....  වදේ..නෙ.."

මා ඇගේ මුවින් කිසිදා එවැන්නක් බලාපොරොත්තු  වූයේ නැත.

" අනේ...ඔව් පුතේ... මුන්ට වද කරන්න  එපා..."

ඇසුණු  හඩින් අප තිගැස්සුනි. ඒ තාත්තාය.... ඔහු කොරටුවේ සිට පැමිණෙන්නට ඇත.

"  පව්.... මුන් ..හරි දුකින් ඉන්නේ....මුන්ට අම්මා ...අප්පා මැරුනත් කමක් නෑ..ඔය කාලකන්නි  පෙට්ටියෙන් නම් ඇස් ගෙඩි ටික අහකට ගන්නෙ නෑ..මම මහන්සි වෙලා වෙලේ ඉදලා ගෙදර ඇවිත් දැන් පැයකට වැඩියි.. මම හිතුවා ඔය නාඩගම දැන් ඉවර  වෙයි...දැන් ඉවර වෙයි කියලා.. ඔහේ නෑ.. එකක් ඉවර වෙන්න එකක්......මේ මහ අම්මණ්ඩි ඔක්කොටම හපන්..... පොඩි වුන් ටිකත් තියාගෙන නැළවෙනවා....පොඩි කොලුවා නිදි කිරා වැටෙනවා.... අඩු ගානේ  ඒ දරුවව නිදි කරවන්න වත් යන්න  නැගිටින්න හිතෙන්නෙ නෑ...... දැන් මුන් නිකමටවත්  වචනයක්  කතා කළාද මේ ආවෙ අයියා  නේද කියලා. "

අම්මා ඉන් ඉවත්ව ගියේ මා  මල්ලීව අතින් ඇදගෙනය..තාත්තා  මේ  කෑ ගසන්නේ . .. දුකටද.. ? තරහටද කියා ....? කියා... තෝරා බේරා  ගන්නට මා හට පුළුවන්  කමක් නොවීය .  මම රැගෙන ගිය පාන් ගෙඩි දෙක මේසය මත තබා හෙමිහිට කාමරයට ඇදුණෙමි.

" ලොකු අයියා  ආපු නිසා තමයි  මේ සේරම .."

පොඩි නංගී කියනු මට යන්තම් ඇසිණි. එයට පිළිතුරක්  දෙන්නට අවශ්‍ය  වුවත් මම නිහඬ  වීමි.  යමක් තේරුම් කර දෙන්නට සුදුසු වෙලාව මෙය නොවන බව මම  දැන සිටියෙමි . සිතට දැණුනේ දුකකි. හදිසියේ  ගෙදර අය මතක් වී අද නොඑන්නට තිබුණා නම් යැයි මසිත  දහස් වාරයක් පසු තැවුණේය.  කෙටි කාලයකට අපගේ බැදීම් මෙතරම්  දුරස් වූවාදැයි මම කල්පනා  කළෙමි. 

 ඒ සුන්දර  අතීතය  සිහිනයක් යැයි සිතෙන තරමටම  වර්තමානයේ  ඒ සියලු  බැදීම් දුරස් වී තිබුණි. භෞතික සම්පත්  වලින් මිනිසා දියුණු  වන විට ඔවුන් ගේ අධ්‍යාත්මික  බැදීම් වලට  සිදුවන හානිය කෙතරම්  දැයි...මේ කෙටි වේලාවට මා අත් වින්දෙමි.....

අප නිවෙසට විදුලිය  නොගත්තානම් යැයි මට සිතුනි.  ඒ සොදුරු අතීත ජීවිතය කෙතරම් සරල හා අවයාජ දැයි   සසදන්නට වෙනත් කිසිවක්  අවශ්‍ය  නොවේ..  එතුළ එක් තැන් වී තිබුණු  ආදරය ... සමගිය .. සහෝදරත්වය... බැදීම්.. කොහේදෝ ඈතකට සැගව ගොස්ය.

ඉස්සර  අම්මා චුට්  මල්ලී නිදි කරවන්නට කියනා නැළවිලි ගී අසමින් අප මල්ලී නිදි කරනා පැදුරේම තැනින් තැන හිස තියා හෙමි හෙමිහිට  ගුලි වන්නේ අම්මා ගේ සැවැන්දරා සුවද පිරි චීත්තයේ සුව විදින්නටය.එහි ඇති අසීමිත  සුවයට මා සිත දැනුදු සුවපත් කරයි. 

" හ්ම්...හ්ම්... දැන් ඔය පැදුරේම  නින්ද  යන්වා... මට බෑ ඕං උස්සන් යන්න.. " 

එකළ තාත්තා එසේ කියමින් සාලය හරහා යන්නේ නිදා ගන්නට බව අප දනී..ඉන් පසු අප පොරකමින්  යන්නේ තාත්තාට ගුලි  වී නිදන්නටය. තාත්තා  කියන කතන්දර  අසන්නට අප දක්වන්නේ කැමැත්තකි. ඒවායේ සුපර් මෑන්ලා.. අයන් මෑන්ලා සිටියේ නොමැත...අව්‍යාජ ...හරසුන්..අතාත්ත්වික  ලෝකයකට අප රැගෙන ගියේ නැත. එහි සිටියේ අතීතයේ මේ හෙළයේ ජීවත්  වූ සැබෑ විරුවන්‍ය. 

එවන් සුන්දර අතීතයක් යලි කවදාවත්  අප අතරට නොඑනු ඇත.

වෙනදා අප නිවසේ වු සිරියාව  වෙනුවට  අද ගේ පුරා ඇත්තේ  විපර්යාසයෙන් පිරි ටෙලි රූ අඳෝනාවකි...  අම්මා ද ඒවායේ වහළියක් වී ඇත. මා හට ඇති වූයේ කළකිරීමකි. අපගේ නිවසින්  හෙට සමාජයට  යන්නේ  හරසුන් බොළඳ  අදහස් වලින් පිරි හිස් මොළ ගෙඩි ටිකකි. මා හට සරසවියේ මං පෙත් විවර  වුවද නංගිලා  ට මල්ලිලා  ට එය අපහසු කටයුත්තක්  බව මට පසක් විය. වෙනද පොත් පත් තුළම කල් යැවූ ඔවුන් අද සිහින තරු පසු පසය.

" ලොකු පුතේ... ඔන්න... බත්.. බෙදලා ...කන්න.. "

අම්මා කෑ  ගසා කීවත් මට කන්නට පිරියක් තිබුණේ  නැත. වෙනදා සියලු  දෙනා  කෑම  ගන්නේ කෑම මේසයේ සිට එකටය. එහෙත්  දැන් එය සාලයේ පුටු වලට මාරු වී ඇත.

පාන්දරම මා අවදි විය. නංගිලා මල්ලිලා සමගින් සතුටින් කන්නට යැයි සිතා මිල දී ගත් පාන් ගෙඩි දෙක උදෑසන  වන විටත් මේසය මත එහෙමමය. ඔවුන් වෙනුවෙන් මා ආදරයෙන් රැගෙන  ආ  දේ ඒ අසලින්ම තබා බෑගය  හිස් කර ගතිමි... සිත ඉකි නොගැසුනාම නොවේ..වෙනදා අළුයම  අවදිවන  අම්මා තවමත් නින්දේය.. අම්මා අතින් උදෑසන පිළියෙල  වන කොළ කැද මුට්ටිය  දැන් ලිප මත නැත වෙනදා මුළුතැනගෙය පුරා පිරුණු පිට්ටු...ආප්ප...ඉදිආප්ප.. ලැවරියා සුවද දැන් නැත..  ... හිමිදිරි යාමයේ සිත සුවපත්  කරන පිරිත් හඩ දැන් ඇසෙන්නේ  නැත. 

අප නිවසේ සිටි සිරිදෙව් දුව කවුරුන් විසින් හෝ සොරාගෙන ඇත. සිත තුළ  වූයේ වචනය ගොනු කර ගත නොහැකි වු චංචල බවකි...මට කෑ ගසා අඬන්නට සිත්  විය. හදවත  ඉකි ගසන වේදනාව සමග මම අඩ අදුරේම නිවසින් පිටවීමි. 

" රත්නත්තරේ...පිහිටයි... මගේ පුතාට ... පරිසමින්  ගිහින් එන්න...... ගිහිල්ලා කෝල්  එකක් දෙන්න.... මම ඇඹුල්  තියල් ටිකක්  හදලා බෝතල් වල දාලා තියෙන්නෙ.... ඔය කඩ කෑම කන්න එපා... "  වෙනදා  මා පිටු  පසින් පැමිණ අම්මා කියනා වදන්  අද මට දෝංකාරය  දෙමින් ඇසුණි.   මම යළිත් පිටු  පස හැරී නිවස දෙස බැලුවෙමි.... වැසුණු දොර ජනෙල් අදුරේ ගිලී  තවමත්  එහෙමම ය...   බිදුනු හදවතින් යුතුව  ගුරු පාර දිගේ  මම හෙමිහිට පා ඉක්මන් කළෙමි.



Nissanka Rajapaksa

unread,
Jun 12, 2024, 8:03:19 PMJun 12
to INDRAKA group
23
චූදිතයෝ සහ වින්දිතයෝ

- Sujatha Menike Ihalagedara 

ඒ දෙදාහ් විස්ස වර්ෂයේ නොවැම්බර් මාසයේ එක් ඉරිදාවක ය. වේලාව දහවල් එකට පමණ ය. කොහේ සිට පැමිණියාදැයි නිශ්චිතව කීම සදාචාර විරෝධී වන්නට ඉඩ ඇති බැවින් නොලීමට ම අදහස් කරන නගරයකදී දුර ගමන් සේවා බස් රියක නැඟී මාතලේ නගරයට පැමිනි ඈ නගර මධ්‍යයේ සිටගෙන සිටියා ය. ඇය යනු දිලිනි උමයංගා සතරසිංහ ය. 

ඈ යමින් සිටියේ ඇයගේ එකම එක දියණිය බැලීමට ය. එයත් ප්‍රථම වරට ය. ඔව්, ඈ එම දියනිය දැකීමට නියමිතව සිටියේ ප්‍රථම වතාවට ය. ඒ දියණියගේ නම නිසංසලා ශ්‍රීපාලී බව ඈ දැනගත්තේ ද පෙරදා ය. ඔය කියූ ශ්‍රීපාලි උමාගේ එකම දියණිය වන්නේ ඇයට ඇයගේ විවාහයෙන් හිමිව සිටියේ පුතුන් දෙදෙනෙකු නිසා ය. 

දෛවයේ සරදමින් හෝ ඉරණමේ වරදකින් මඟ හැරී ගිය ඒ දියනිය පිලිබඳව තොරතුරු හරියටම දැනගෙනත් මාස දෙකකුත් දින දහයක් ගත වන තුරු උමා සිය දියනිය බැලීමට යාමේ තීරණය නොගත්තේ ලෝකයාට පමණක් නොව තමාටමත් බිය වූ නිසා ය. 

අද වන විට තිස් හත්වන වියේ පසුවන උමයංගා හෙවත් උමා ඔය කියන ශ්‍රීපාලියට මව වූයේ හරියටම මෙයින් වසර විසි එකකට පෙර එක් අඳුරු හා වැහිබර ඉරිදාවක ය. හරියටම එක්දාස් නමසිය අනූ නමයේ දෙසැම්බර් විසිපස්වනදා උපන් ඒ දැරියට පියෙකු සිටියේ නැත. පියා යැයි උමා විසින් නම් කරන්නට යෙදුනු ඒ කොල්ලා පැන ගොස් සිටියේ ය. සිය නැන්දාගේ නිවසේ සිරකාරියක ලෙස ගෙවූ මාස හතකට පසුව උමා විසින් බිහිකරන්නට යෙදුණු ඒ දරුවා ගැහැනු දරුවෙකු බවක් මිසක දරුවාට එකම එක කිරි උගුරක් පෙවීමට හෝ වරම් නොලද උමා දරුවා ජීවතුන් අතර බව නම් ඉඳුරා දැන සිටියා ය . උපන් ගමන් දරුවා මිය ගිය බව කියා ඇයව රැවටටීමට ඇයගේ දෙමාපියෝ ද උත්සාහ නොකළේ උමා පවා දරුවා බැලීමට අනවශ්‍ය බව කියූ නිසාම ය. 

තමා රවටා පැනගිය තම වයසේම ඒ පෙම්වතා කෙරෙහි මෙන්ම උසස් අධ්‍යාපනය පිළිබඳව තමාට තිබූ සිහින මියැදීමට යෑම පිළිබඳව වේදනාවෙන් සිටි උමා එදවස එම බිළිඳා ප්‍රතික්ෂේප කළ බව අසත්‍යක් නොවේ. උමාගේ දෙමාපියන් එම ප්‍රදේශයට අනුව යමක්කමක් ඇත්තන් වු හෙයින් උමා සිදුකළ වරද, නැතහොත් ඇයට සිදුවූ අබග්ගය සඟවාලීමට මෙන්ම ඇයව නැවත අධ්‍යාපනයේ පිහිටුවීමටත් ඔවුනට හැකියාව තිබිණි." 

උමා උපන් දේශයේ කොහේ හෝ දිශාවක "දිලා" නමින් හැඳින්වෙන බස් රථ හතරක් කිසියම් ගමන් මාර්ගයක ගමන් කිරීමට බලපත්‍ර ලබා තිබුණා නම් ඒවා සතරසිංහ මුදලාලිට අයත් බස් රථය. සතරසිංහ මුදලාලි වනාහි අපගේ කථානායිකාව උමාගේ පියාය.

උමාට උපන් දරුවා වෛද්‍යවරයෙකු මාර්ගයෙන් කවුරුන්දෝ යුවළකට හදා ගැනීමට දුන් බවක් පමණක් දැන සිටි උමා එතැනින් එහාට යමක් දැනගැනීමට ද උනන්දු වූයේද නැත. සැබැවින්ම ඇය එම දරුවා සැළකූයේ කරුමයක් පළදීමක් ලෙස මිස දරුවෙකු ලෙස නොවේ.. 

කෙසේ හෝ ඈ වයස අවුරුදු දාහතේදී නැවත සිය අධ්‍යාපන කටයුතු ආරම්භ කළාය. 

ඇතැම් දිනවල සිහිනයෙන් දරුවෙකු හඬන ශබ්දය ඇසීමත් ඉක්බිති තොටිල්ලක සිටින කුඩා දරුවෙකු ක්‍රමක්‍රමයෙක් යක්ෂයෙකු වී තමාගේ ගෙල මිරිකන අයුරුත් සිහිනයෙන් දැක දහදිය දමා කෑ ගසමින් අවදි වීමට සිදුවීම හැර ඒ දරුවා ඇයට කළ වෙනත් බලපෑමක් නැත. 

කාලය ගෙවී ගියේය. දෛවය කාලය එළඹෙන තෙක් බලා සිටියේ ය. 

උමා විශ්ව විද්‍යලයට ගියා ය . ඔහු එතැන සිටියේය. ඔහු යනු උමාගේ ජීවිතයේ මුල් කාර්තුවේදී එක් අවිනිශ්චිත හා අසීරු මංසන්ධියකදී සමුගැනීමකින්ද තොරව වෙන්ව ගිය ඒ චූදිතයා ය.. නිකමට වත් වරක් නොදන්වා ම පාසල පමණක් නොව ගමද හැර ගිය උමාගේ වරදකරුවා ය. හෙතෙම කෝලිත නුවන් උදය කුමාර ය. විශ්ව විද්‍යාලයේ ප්‍රධාන ගේට්ටුව අසළදී සිය පරණ පෙම්වතා දුටු විට උමාට සිදුවූයේ කුමක්ද? කාලයක් ඈ තුළ නිදා සිටි සැපිනිය අවදි වීම ය. 

ජ්‍යේෂ්ඨයෝ බල්ලෙකු තරමටවත් මායිම් නොකළ උමා ඒ වන විටත් කෝලිත හා කතා කරමින් සිටි ජ්‍යෙෂ්ඨයන් දෙදෙනා තල්ලු කරගෙන ඔහු වෙත කඩා පැන්නා ය. කෝලිතයාට සිතා ගැනීමටවත් ඉඩක් නොතැබූ ඈ අතින් පමණක් නොව පයින්ද පහර දුන්නා ය. මෝඩ කෙල්ල හැකි උපරිමයෙන්ද පහර දීමෙන් පසු ඒ කෝලිතයාගේ මුහුණට කාරා කෙල ගසන විට එතැන සිටි ජ්‍යේෂ්ඨයෝ පමණද උමාගේ කන්ඩායමේ කිහිප දෙනා ද උමාගේ රහස දැනකියාගෙන අවසන්ව ය . ඒ ඇයගේම මුවින් ය. ගැහැනුන් නිහඬව පහරදීමට නොදන්නා හැටි. 

ඉක්බිති උමා තනි වූවා ය. ඇයගේ කණ්ඩායම ඇය හැර ගියහ. ඈ තනිව ගසක් මුල හිඳ ගත්තා ය. ඉක්බිති ඉකි ගසමින් හඬුවා ය. ඔය දරුවා පිලිසිඳගෙන ඇති බවක් දැනගත්දා, එය කෝලිතයාට කියුදා, කෝලිත සැඟව ගිය බව දැනගත්දා, සිය මව්පියන් එය දැනගත්දා .. එපමණද ඒ දරුවා මෙලොවට බිහිවූ දාවත් නොහැඬූ තරම්න් එදා ඈ හැඬූ බව දන්නේ ඇයම පමණි. එදා තමා හැඬූවේ අපමණ දුකෙන් යැයි ඈ සිතා සිටිය ද, අද වන විට ඈ පසක් කරගෙන ඇත්තේ ඒ හැඬුම කෝලිත කෙරෙහි වූ වෛරයත් තමා කෙරෙහිම වූ ආත්මානුකම්පාවත් මුල්වූ ආවේගයන් බොහොමයක ප්‍රකාශනයක් ලෙස ය. 

කෙසේ හෝ කෝලිතයා ඇය වෙත පැමිණියේ ඈ ඒ ගස මුල හිඳගෙන හඬන්නට පටන් ගෙන මඳ වේලාවකට පසු ය. කෝලිත විශ්ව විද්‍යාලයේ දෙවනි වසරේ සිසුවකු වූයෙන් ඔහුට පහර දුන් නවක ශිෂ්‍යාව සොයා ඇතැම් ජ්‍යේෂ්ඨයෝ පැමිණෙමින් සිටිය හ. කෝලිතට උමා හා ඕනෑ දෙයක් කතා කර ගැනීමට ඉඩ ලබා දෙමින් ඇයව සොයා ආ සියල්ලන් නතර කරගනිමින් සිටි අනුරාධ මේ කතාව අසා සිටියේ ය. 

"ඒ දවස්වල කරන්න අපි දෙන්නම පොඩියි .. මට කරන්න දෙයක් හිතාගන්න බැරි වුණා. ඒකයි .. දැන් වරදක් වෙලා නෑනෙ. අපි දෙන්නම කැම්පස් ඇවිත්. අපි ඒක අමතක කරමු උමා." 

"තමුසෙ මාව අසරණ කරල පැනල ගියා. අඩු ගානෙ මට මොකද වුනේ කියලවත් හොයල බලන්න මනුස්සකමක් තිබ්බ ද? තමුසෙ වගෙ එවුන්ට හෙන ගහන්න ඕන." 

"මං හෙව්වා. අපෙ අයිය කිව්වා ඔයා ළමය නැති කරගන කියලා. ආයෙ ඉස්කෝලෙ යනවා කියලා.." 

"ළමයෙක් නැති කරන එක .. එච්චර.. තමුසෙ මට පේන්න ඉන්ඩ නං එපා. මං තමුසෙව මේ කැම්පස් එකේදි ම මරනවා.." 

උමා නැවත නැවත බැන අඬගහන්නට උත්සාහ නොකළා ය. ඒ අනුරාධගේ දැනමුතුකම් නිසා ය. ඔය අතීත කතාව හේතුවෙන් ඇතිවන ඕනෑම කතා බහකින් සිදුවන කිසිදු යහපතක් නොමැති බවත් සිදුවනවාම් සිදුවීමට ඉඩ ඇත්තේ අයහපතක් බවත් පැහැදිළි කරදීමට අනුරාධට හැකිවිය. අනුරාධ කතාවෙහි දක්ෂයෙකු පමණක් නොව ජනප්‍රිය තරුණයෙකුද වූ අතර ඔහු ඇසුරේ සිටින සියල්ලන් නිරායාසයෙන් ම ඔහුට අවනට වන සොබාවයක් තිබිණි. 

   කල් යත්ම කෝලිත හා උමා හතුරන් නොවන තත්වයකට පත් වූහ. හතුරන් නොවන යනු නැවත මිතුරු කමක්ද නොවූ බවක් මිස ඔවුන් හතුරු කම් අතැර මිතුරන් වූහ යන්න නොවේ. 

"බලන්න උමා .. ඔයා තරහවෙන්න එපා මම මෙහෙම කියනවට.. මම එහෙම පැනලා නොගිය නං ඔයා දරුවා නැති කරන්නෑ. එහෙම වුණා නම් අපි දෙන්නම අද ගෙවන මේ ජීවිතේට එන්නෑ. හැමදේම වුණේ හොඳට කියලයි මට හිතෙන්නේ." 

පසු කාලයේ දිනෙක කෝලිත කීවේය. උමා අරුතක් පැහැදිලිව කිව නොහැකි සිනාවක් පෑවාය. 

"අපිට ආපහු ඒ ළමයම වුණත් හම්බවෙයි උමා.. මං කියන්නෙ අපිට ආපහු එකතු වෙන්න පුළුවන් කියලා" 

තවත් දිනෙක ඔහු ම කීවේය. 

එවිටද සිනාසුන උමා කෝලිතගේ ඒ වක්‍ර ආරාධනාව පිළිගැනීම පසුවට කල් තබමින් සිටියා ය. මේ පිළිබඳව උමා සමඟ සෘජුව කතා කිරීමට මැදිහත් වූයේ අනුරාධය. 

"මේක වැරදියි බං. එක්කො උඹ ඌට කැමැත්ත දීපං. එක්කො අකමැති කියපං. ඌ බලාපොරොත්තු තියාගන ඉන්නවනෙ." 

ඒ වන විට අනුරාධ හා උමා අතර සමීප හිතවත්කමක් වූයෙන් උමා ඔහු වෙත තම සිත විවෘත කළාය. 

"මට ඕන එයා බලාපොරොත්තු තියාගන ඉන්නව දකින්න තමා. කවදාකවත් මම ආපහු ඔය නරුමයට කැමති වෙන්නෙ නෑ. හැබැයි ඌ විඳවන්න ඕන. මට කරපු දේ විඳවන්න ඕන. අන්තිම වෙනකං කැමතියි අකමැතියි වගේ ඉඳලා බෑ කියනව මං." 

"දැන් උඹ හිතනවද උඹ මේ කිව්ව ටික මම ඌට නොකියා ඉඳී කියලා?" 

"ඔව් .. ඔයා කවදාකවත් එයාට කියන්නෑ" 

"ඇයි උඹ එහෙම හිතන්නෙ?" 

"අනුරාධ කියන්නෙ කෝලිතයා නෙවෙයි හින්ද.. ඔයා වෙනස්. " 

"ඒ වුණාට එදා අර කෝලිතයව බිම පෙරලගන නෙලපු වෙලාවෙ නං උඹ කිව්වෙ හැම පිරිමියම එකයි කියලා." 

"හැම පිරිමියම එකම වගේ නෑ අනූ අයියෙ. එහෙම නම් අපෙ තාත්තා, අපෙ මාමා, ඔයා ඒ අය කවුද.." 

"හරි හරි ඇති ඇති .. බටර් ඔන්නෑ. මං ඕක කියන්නෑ. ඒත් එක දෙයක් උමා ඔය අවුරුදු දාසයෙදි වුණ එකක්. ඒ කාලෙ ඌවත් ඔයාවත් තාත්තෙක් අම්මෙක් වෙන්න සූදානමක් නෑනෙ. ප්‍රෙග්නන්ට් කිව්වම ඌ බයවෙන්න ඇති ."

"නිදහසට කාරණා ඕනම නෑ අනූ අයියා. ඌ මාව අසරණ කරල පැනල ගියා එච්චරයි .. ඒ කාලෙ වුන දේවල් මෝඩකමට වුණා කියලා මට සමාව දෙන්න පුළුවන්. ඒත් ඔය ළමයා නැති කරපු එක හොඳයි හොඳයි කියලා ඌ කියන එක තියෙනවා නේද ..? අන්නේකට නං ඕකට සමාවක් දෙන්නම බෑ. මිනිහෙක් වුණාම වරදක් කරලා ඉන්න එකෙක්ට පසු තැවීමක් තියෙන්න ඕන. ඒකත් මිනී මරලා" 

"ඒ කියන්නේ ඔයත් පසු තැවීමෙන් ඉන්නෙ." 

උමා නිශ්චල වූවාය. තමා සිටින්නේ පසු තැවීමෙන්ද නැතිදැයි තමා තුළම සෙවීමට ඈ පටන් ගත්තේ එදාය. 

"බබා නැති කරද්දි මාස කීයද?" 

දිනෙක අනුරාධ ඇසුවේය. 

"ඇයි එහෙම අහන්නෙ? 

"නෑ නිකං.. මම නිකමට ඇහුවෙ. එයා හිටියනං දැං ලොකු ළමයෙක් නේද?" 

"හ්ම්. එතකොට මට දාසයයි. දැන් මට විසි හයයි. දැන් අවුරුදු දහයක් ඇති. සමහර විට සුනාමියට අහුවෙලා මැරෙන්න ඇති " 

දරුවා හදාගන්නට ගත් යුවළ පැමිණෙන්නේ ගාල්ලේ සිට බවක් නැන්දලාගේ ගෙදරදී ඇසුණු බවට මතකයක් ඈ තුළ තිබූ බැවින් ඇයට එසේ කියවෙන්නට ඇත. සුනාමිය ආ දිනවලදී දුටු තරම් චායාරූප වල දස වියැති ළමයින්ගේ මරණ ඇත්දැයි බලන්නට තමා උත්සුක වූ බව මතක් වීමෙන් තමා තුළම ලැජ්ජාවකට හා භීතියකට පත් උමා තමා කෙතරම් කෲරතර කෙල්ලකදැයි සිතුවාය. 

"උමා.. උඹ කියන්නෙ බබා ඉන්නව කියලද?" 

අනුරාධ ඇසූ බැවින් මිස උමා එවෙලේ නම් නැවත මෙලොවට එන්නේම නැත. 

"පිස්සුද ..? හිටියනං කියලා අයියෙ." 

දරුවා ජීවතුන් අතර සිටිතැයි කීමෙන් තම වටිනාකම අඩුවෙතැයි හැඟීමකින් පීඩා විඳි ඇය දරුවා නැති කළා යන්නම ස්ථිර කිරීමට තීරණය කළේ කුමක් නිසාදැයි ඔබට අනුමාන කළ හැකිද?
ඔව්, ඒ එයම ය. මෙකී අනුරාධ ඇයගේ ප්‍රේමයට බඳුන් වෙමින් සිටියේ ය. 

උමාගේ සිතෙහි අනුරාධ කෙරෙහි ප්‍රේමයක් ඇතිවන්නට හේතු වූයේ ඔහුගේ ජනප්‍රිය කම හෝ කතාවේ ඇති දක්ෂකම හෝ ඔහුගේ කඩවසම්කම වන්නට ඉඩ ඇතත් එකී ප්‍රේමය දලුලන්නට යම් හේතුවක් වූවානම් එය පුදුමය දනවන එකකි.

උමාවියගේ ප්‍රේමය අනුරාධ කෙරෙහි දලුලන්නට හේතුව වූයේ ද ඔය කියන දරුවාය. 

ගබ්සා කරන ලදැයි සඳහන් ඒ දරුවාම කෝලිතගේ හැඳින්වීමට අනුව "ළමයා" වූ අතර අනුරාධගේ හැඳින්වීමට අනුව "බබා" වීම උමාගේ සිත් ගත්තේ ආරම්භයේ පටන් ය. මෙලොවින් එළවා දැමුණේ හෝ මරා දැමුණේ "බබෙකු" බවට වන අනුරාධගේ සංවේදනය උමාගේ සිත් ගති. ඒ "බබා" පිළිබඳව උමාගේ ඇසින් කඳුළක් වට්ටවන්නට සමත් ආකාරයේ දැක්මක් අනුරාධ සතු විය. 

"කොයි බබෙක්වත් අම්මෙක්ගෙ බඩට බලෙන් එන්නෑනෙ බං.. අපිම ගෙන්නලා අපිම පලයව් කියන එක අසාධාරණයි .. පව්.." 

"ඕක කී පාරක් කියලා තියෙනවද අයියෙ ඔයා. අයියා දවසක ගබ්සාවට විරුද්ධව වැඩ කරන කෙනෙක් වෙයි.." 

"නෑ බං. මං දවසක උපත් පාලනය ගැන දැනුම දෙනව." 

මෙවර නම් කෝලිත ධෛර්යයවන්තයෙකු විය. හෙතෙම සිය පියාව උමාගේ පියා හමුවට යැව්වේ ය. ඒ විවාහ යෝජනාවකට ය. කාලයත් සමඟ වියපත්ව හා රෝගාතුරව සිටි හෙයින් හෝ නැතහොත් කෝලිතගේ පියාගේ පෙර පිනක් හේතුවෙන් සතරසිංහ මුදලාලී කෝප වූයේ නැත. සැබැවින්ම කෝප නොවූවා නොවේ. එවන් වාතාවරණයකට ඉන් පෙර මුහුණ දී නොතිබූ හේතුවෙන් කරන්නේ කුමක්දැයි සිතා ගැනීමට ඔහුට මඳ වේලාවක් අවශ්‍ය වූයෙන් යෝජනාව ගෙන ඒම හැර වෙනත් යමක් එතැන සිදු වූයේ නැත. 

ඒ වන විට උමාගේ ගෙදර තත්වය විස්තර කරතහොත් ලොකු අක්කා විවාහයෙන් වෙන්වී දරුවන් දෙදෙනෙකු සමඟ ගෙදර පැමිණ සිටි අතර දෙවනි අක්කා විවාහ වී ගොස් වසර තුනක් ගෙවී තිබිණි. උමාගේ මව ආතරයිටිස් රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතර සතරසිංහ මුදලාලි බෝ නොවන රෝග ඝනයේ තුන් ඈඳුතු රෝගයන්ට ම බෙහෙත් බොමින් සිටියේ ය. සතරසිංහ මුදලාලිට අනුව "තුන් ඈදුතු රෝ දුක" වනාහී ඔහුගේ වචනයෙන්ම මෙසේ ය. 

"මට තියෙන්නෙ තුන් ඈදුතු රෝ දුක.. තේරුන්නැද්ද ෂුගර්, ප්‍රෙෂර්, කොලෙස්ටෙරෝල් කියන්නේ තුන් ඈදුතු රෝ දුකට" 

කෙසේ හෝ සතරසිංහ මුදලාලිට කෙසේ වෙතත් බිරිඳට අවශ්‍ය වූයේ ඉක්මනින් උමාගෙන් නිදහස් වීමට ය. එයත් අඩුම වෙහෙසකින් එය සිදු විය යුතුනම්, සුදුසුම වන්නේ කෝලිතගේ යෝජනාව ස්තිර කිරීම බව සිය සැමියාට ඒත්තු ගැන්වීමට ඇයට හැකි වූයෙන් විවාහය තීන්දු කෙරිණි. 

ඒවන විට උමාගේ සිතින් පලිගැනීමේ අදහස ඉවත්ව තිබුණේ ඇයගේ රහසිගත නවමු ප්‍රේමයට පින් සිදුවන්නටය. 

කෙසේ හෝ විවාහය තීන්දු විය. ඒ වන විට උමා විසි අට වන වියේ පසු වූ අතර ඈ විශ්ව විද්‍යාලයෙන් සමුගෙන ගුරු වෘත්තියේ දොරකඩ සිටගෙන සිටියා ය. වරෙක දුන් වේදනාවේ හැටියට තවත් වරක් දෙමාපියන්ගේ සිත් රිදවීම කළ නොහැක්කක් යැයි තීරණය කළ උමා කෝලිත හා විවාහ වීමට කැමැත්ත දුන්නා ය. එහෙත් කෝලිත ඇයගේ මුහුණේ සියුම් වෙනස් කම් හැඳින්නේ ය . 

"ඇත්තටම ඔයා මට කැමති ද?" 

"ඔව්.. කැමති. ඉස්සර හිටපු කෝලිතට වඩා දැන් ඉන්න කෝලිතට කැමති .." 

"එහෙනං ඇයි මූන එල්ලන් ඉන්නෙ.?" 

"මං ඔයාට ආදරේ නැති හින්ද.. මං දැං ආදරේ වෙන කෙනෙක්ට.." 

  සිනමාවක් හෝ ටෙලියක් නොවේ. ඔය දෙබස මේ මිහිමත සිදුවූයේ නුවර වැව අසළදී ය. මුසාවක් යැයි යමෙක් සිතන්නේ නම් එවෙලේ උමා අතින් පොරි කෑමට උඩ ආ මාලුන් සාක්ෂියට තැබිය හැකි ය. අච්චාරු විකිණූ ගැහැනිය සාක්ෂියට තැබිය හැකි ය. 

සතරසිංහ මුදලාලිගේ වැඩිම ආදරයට පාත්‍ර වූ දියනිය වූ ද, ඔහුට අකීකරුම වූ දියණිය වූ ද, දිලිනි උමයංගා සතරසිංහ පසුදා පාන්දර කෙටි ලියුමක් ලියා තබා ගෙදරින් පලා ගියා ය. තවත් සුමානයකට පසු අනුරාධගේ බිරිඳ ලෙස මහ ගෙදර දොරකඩ සිටගත් විට පොඩි අක්කාගේ අත තිබූ කොස්සක් නව යුවළගේ දෙපා අසළ පතිත වූ අතර මව පියා ජනේලයකින් ඔලුව දමාවත් බැලුවේ නැත. 

ඉක්බිති කාලය ගෙවී ගිය අයුරු ගීතයක රූප රචනයක් මෙන් කෙටි චිත්‍රයන් සහිතව ඉදිරිපත් කරතොත් මෙසේ ය. 

අනුරාධගේ මව උමාට බොහෝ ආදරය කළාය. අනුරාධ රැකියාවක් නොකළ අතර පියාගේ මුද්‍රණ ආයතනය බලාකියා ගත්තේ ය. උමා විවාහයෙන් පසු ගුරු වෘත්තියට ඇතුළත් වූ අතරම ඇයගේ තිස්වන උපන්දිනය වන විට ඈ නැවත ගැබ්ගෙන සිටියා ය. 

පුදුමයකට මෙන් ඈ නිතර නිතර අර සිහිනය දකින්නටත් බය බිරාන්ත වන්නටත් පටන් ගත්තේ මේ කාලයේ ය. අර සිහිනය යනු අර බිළිඳෙකු යකෙකු වී ඇයව සපා කා ගෙල මිරිකා මරා දමන සිහිනයම ය. කෙටි නින්දකදී පවා ඈ බියවන්නට වුයෙන් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දීමට සිදුවන තෙක් තත්වය දුර දිග ගියේ ය. කෙසේ හෝ මනෝ වෛද්‍යවරයාට පිං සිදුවන්නට ඈ නිදහසේ දරුවා බිහි කළා ය. 

අපගේ කතා නායිකාවට පළමු වරට තම පළමු දරුවා දැකීමේ ආශාව ඇති වූයේ එදා ය. එදා නම් ඔය අනුරාධට දාව උපන් ඇයගේ දෙවනි දරුවා උපන් දා ය. හෙදිය විසින් දරුවා ගෙනවිත් ඇයගෙ දෑත මත තැබූ විට ඇයට දරුවාගේ කෑ ගැසීම ඇසිණි. එහෙත් කෑ ගැසුවේ මේ දරුවා නොවේ.. ඇයගේ සිත තුළ සිටි ඒ දරුවා ය .ඒ හැඬීම ඇය උපන් මොහොතේ ඇසුණු හැඬීම ය. ඒ හැඬීමේ ශබ්දය හැර ඒ දරුවාත් තමාත් අතර කිසිඳු බැඳීමක් නැති හැටි යැයි සිතත්ම ඈ මහා හයියෙන් හඬා වැටුණා ය.  

ජීවිතයේ ලබන්නට සිතූ සෑම සියල්ලම ලදත් වටිනාම දෙය අහිමි කරගත්තාක් බඳු අහිමි වීම පිළිබඳ වේදනාවකින්, අඩුවකින් පීඩා විඳි ඈ නොසන්සුන් වූවා ය. ඈ මේ දියනිය සෙවීමට ඉටා ගත්තේ එදා ය. 

ඉක්බිති දෙවනි පුත්‍රයා උපන්නේ ය. අනුරාධ නව නිවසක් ඉදි කළේ ය. අනුරාධගේ අම්මා ඔත්පොළ වූවා ය . සියල්ල හමුවේ උමා ගුරු වෘත්තිය අත හැරියා ය. ඉන් පසු නිවසින් එලියට යෑමට අවශ්‍ය කරන හේතුවක් සපයා ගැනීමට අවශ්‍යම වුවහොත් පරිහරණය කිරීම උදෙසා සිය මිතුරෙකුගේ සමාජ සේවා කටයුතු කරන කණ්ඩායමක සාමාජිකත්වය ගත්තා ය.  

අපගේ කතා නායිකාව ඔය සපල කරගෙන ඇත්තේ ඈ වසර හතක් පුරාවට හඹා ගිය ඉලක්කයකි.

වසර හතක් පුරා දුටු සිහිනයකි. 

සිය මව් පියන්ටත් රහසේ නැන්දා වෙත ගිය උමා නැන්දාගේ කටින් තොරතුරක් ගැනීමට දුව්‍යම හා මුදල්මය තෑගි බෝග මහා ප්‍රමාණයක් වියදම් කළා ය. සිය බිරිඳ නැන්දා උදෙසා කරනු ලැබූ වියදම් අධික බව පෙනුණ ද, අනුරාධ කිසිදා ඇයව ප්‍රශ්ණ නොකළේ ඒ වන විට උමා සමීපව ඇසුරු කළ එකම නෑයා නැන්දා වූ නිසා ය. ඈ සිය දෙමාපියන් උදෙසා කළ නොහැකි වූ සියල්ල නැන්දා උදෙසා කරමින් සිටි බව අනුරාධ සිතුවා වන්නට ඇත.

කෙසේ හෝ මේ කියන දිනයේ මාතලේ නගර මධ්‍යයේ දී උමා ත්‍රිරෝද රියකට නැගුණේ ඒ දරුවා සිටි නිවසට යෑමට ය. ඈ කියූ ස්ථානය වෙත යමින් තිබූ රථයෙහි රියදුරා ඉතා ඕනෑකමින් උමා දෙස බැලුවේ ය . 

"හිරාන් මහත්තයලගෙ ගෙදරට නේද මිස්?" 

"හිරාන්..? ආ ඔවු ඔවු.. ඔයා එයාලව දන්නවද?" පොඩ්ඩක් ඉන්න.. නවත්තන්න .." 

ත්‍රිරෝද රිය නැවතිණි. උමා බැස ගත්තාය. ඇය කලබලයෙන් යුතුව පාර පනින්නට උත්සාහ කළාය. 

"ඇයි මිස්? මොකද්ද කලබලේ..?නඟින්න මිස් මං ගිහිං දාන්නං හිරාන් මහත්තයලෑ දිහාට" 

උමා වහා පාර මාරු වී ගොස් සැඟවුණා ය. ඈ මෙහි එන බවක් කිසිවෙකුට නොදන්නා බව ඇයටම සහතිකය. එසේ නම් ඒ රියදුරා එය දනගත්තේ කෙසේද..? නැත. දැන් මේ ගමන නොයා යුතු බවක් ඇයට හැඟෙන්නට විය. කවුරුන් හෝ තමා පසුපස පැමිණියා ද? ඒ අනුරාධ විය හැකි ද..? උමයංගනා සතරසිංහ නැවත හැරුණා ය. දුර ගමන් සේවා බස් රථ නැවතුමක් සොයා ඇදුණා ය. 

ඈ බස් නැවතුමේ සිටගෙන සිටින අතර දෙවරක්ම සිය ජංගම දුරකථනය අතට ගෙන එය පරීක්ෂා කළා ය. තුන්වන වර එය ක්‍රියාවිරහිත කර බෑගය ඇතුළට දමා ගත්තා ය. අර ත්‍රිරෝද රථය ඈ ඉදිරියේ නැවැත්වූයේ එවේලේ ය. ඒ අර රියැදුරාම ය. උමා තැති ගත්තාය. ත්‍රිරෝද රියෙන් බැස ආ මැදිවියේ මිනිසෙක් ඈ දෙස බලා සිටියේ ය . 

"මං කිව්වෙ මාමා අපෙ ශ්‍රීපාලි නංගි වාගෙම කියලා.... ඇයි මිස් කලබල වුනේ..? මං මේ කඩේට ගිහිං අයියව දාගන ආවෙ.." 

"මේ..මං...." 

"මාස්ක් එක දාගන ඉන්න එපෑ නංගි...." 

ඔහු හිරාන් බව අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැත. ඒ ශ්‍රීපාලිය හදාගත් පියාය. ඔහු පුදුමයට පත්ව හෝ තැතිගැන්මකට ලක්ව සිටියාදැයි හඳුනා ගත නොහැකි වූයේ මුහුණු ආවරනය නිසාය. ඔහු උත්සාහ කළේ ත්‍රීරෝද රථ රියැදුරා ඉදිරියේ තමා උමාව දන්නා හඳුනන බව පෙන්වීමට බව වටහාගත් උමා වචන ගැට ගැසුවා ය. 

"මට අයියෙ මාස්ක් එක දැම්මහම හුස්ම ගන්න බෑ වගේ.. මං කොහොමවත් මාස්ක් දාන්නෑ.." 

"එන්න නංගි.. ගෙදර ගිහිං කතා කරමු... එන්න." 

බලාපොරොත්තු නොවූ හමුවීමකින් පසු එළඹෙන නොනවතින ගැස්මක් සහිතව ත්‍රිරෝද රථයට නැගි උමා තවත් විනාඩි විස්සකට පසුව ශ්‍රීපාලිය ජීවත් වන නිවසෙහි මිදුල මත තම දෙපා තැබුවා ය. ඒ ගමන අතර තුර කතා බහට ලක්වූ එකම මාතෘකාව වූයේ කොරෝනාව පමණි. 

ඒ නිවස පැරනි වලව්වක ආකෘතියකට තැනුනකි. පැරණි නමුත් පිරිසිදු ය. ගෙවුයන පිලිවෙළ ය. මිදුල කෙලවර වූ අඹ ගසකි. වම් පැත්තට වන්නට රතු රෝස මලින් පිරි මල් පෝච්චි ය. උමා යනු එක්තරා වයසකදී රෝස වැවූ තැනැත්තියක් බව ඇයට මතක් වන්නට ඇත. ත්‍රිරෝද රථ රියැදුරා පිටව ගිය පසු හිරාන් සිය මුහුණු ආවරණය ඉවත් කළේ ය.. 

"එන්න නංගි.." 

"ඔයා දන්නවද මං කවුද කියලා.?" 

හිරාන් නිහඬවම ගෙතුළට ගියේ ය. ඔහු ගෙතුළට යත්ම කොස්සකුත් අතැතිව අතුගාමින්ම එලියට ආ හිරාන්ගේ බිරින්ඳෑ මුව විවරකොටගෙනම මොහොතක් දෙකක් බලා සිට ගෙතුළට දිව්වා ය. හිරාන් නැවත එලියට ආවේ රාමු කරන ලද චායාරූපයක් අතැතිව ය. එය උමා වෙත පෑ ඔහු උරහිස් අකුලුවා පෑ අභිනයෙන් කියවුණේ මෙවැන්නකි.. 

"ආයෙ අමුතුවෙන් අඳුන්නලා දෙන්න ඕන නෑනෙ.." 

එය එහෙම් පිටින්ම උමාගේ ම විසි වයසේ සේයාරුවක් යැයි කිව හැක්කකි. උමාගේ හුස්ම ගැනීමේ වේගය වැඩිව තිබිණි. ඈ සාරි පොට ගෙන දහදිය පිස ගත්තා ය. 

"ඉඳගන්න නංගි" 

ඉක්බිති ගෙතුළට ගිය හිරාන් ආපසු පැමිණියේ වතුර වීදුරුවක් ද අතැතිව ය.

"අපි දුවට හැම දේම කියල තියෙන්නෙ .. දුව අපේ අම්මලාගෙ ගෙදර ගිහිං.... මං කෝල් එකක් දුන්නා.. තව ටිකකින් එයි.. එයා නංගිව දන්නවා." 

"මාව?" 

"ඔව් .. අපි පෙන්නුවා.. එයා කිව්ව එක පාරක් පෙන්නන්න කියලා.. අපි පෙන්නුවා. පොඩි කාලෙ ඉදන් ම එයා දන්නව අපි එයාව හදාගත්ත බව.. අපි කියලා තියෙනවා කවදහරි එයාගෙ ඇත්ත අම්ම තාත්තා ආවොත් එයා පෙන්නනව කියල.." 

" ඒත්.. මාව පෙන්නුවෙ කොහොමද?" 

"අපි.. නංගිලගෙ ගේ ගාවට ඇවිත් පෙන්නුවා.." 

"අපෙ..?" 

"ඔව්.... මල්ලි දන්නවා" 

"මල්ලි කිව්වෙ?" 

"නංගිගෙ මහත්තයා.." ඒ හිරාන්ගේ බිරින්දෑ ය. ඇයගේ දෙතොල් වෙව්ලමින් තිබිණි. 

"ඒ මල්ලි නං කිව්වෙ මේ නංගි ආයේ ළමයව ගන්න එන්නෑ කියල.. දැං මේ ළමයා අරන් ගියොත් ඒ ළමයි දෙන්නටත් හොඳ නෑ කියලා. ළමයා කැමති නං විතරක් අරන් යන්න.." 

"මං ආවේ එයාව අරන් යන්න නෙවෙයි .. මේ.. අනුරාධ කොහොම ද දන්නෙ ඔයාල..." 

ඉක්බිති උමා සිහිසුන් වූවාය. ඇයගේ මුහුණට දිය බිඳිති ඉසිමින් මුහුණ අත ගෑ හිරාන්ගේ බිරින්දෑ සිටියේ අඬමින් බව උමා දුටුවේ යාන්තමිනි. 

"ඔයාට ළමයි ඉන්නවනෙ.. මට මෙච්චරයි නංගි." 

"මං ආවේ එක පාරක් බලලා යන්න විතරයි." 

"දුව ඔයාව දැකලා තියෙනවා.." 

  හිරාන් ජංගම දුරකථනය අතැතිව පැමිණ සිට ගත්තේය. ජංගම දුරකථනය උමා අතට පත් විය. 

"හෙලෝ" 

"හෙලෝ... මං ඔයාව දැක්කා.. අපෙ අම්මලා මට පෙන්නුවා.. . ඔයා අපෙ පල්ලියේ ක්‍රිස්ටිනා සිස්ටර් වගේ..... ඔයා ආපහු යන්න .. අම්මෙ.." 

උමා ඉහළ ගත් හුස්ම පහළ නොදමා අල්ලාගෙන සිටියා ය.. 

"මා දැක්කොත් ඔයාට දුක හිතෙයි.. ලෝබ හිතෙයි. එතකොට ඔයා ආපහු එයි. එහෙම ඕන නෑනෙ .. එහෙම එන යනකොට මං ගැන මල්ලිලා දැනගත්තොත් ... අම්මගෙ ජීවිතේ නරක් වෙයිනෙ.... අපෙ අම්මලා ඔයාව බලන්න මාව එක්ක ආවනෙ.. එතකොට ඔයාට දෙවනි මල්ලි හම්බවෙන්න හිටියෙ.. අපෙ අම්මලා මට ඇත්ත තාත්තවත් පෙන්නුවා .. එයා නං හරි නපුරුයි.. ඔයා එක්ක තරහෙන් ඉන්නෙ නේද.. ඒත් අනුරාධ අංකල් දෙවියෙක් වගෙ.. අපෙ අම්මලට බුක් ෂොප් එක දාගන්න උදව් කෙරුවෙත් එයා. මට ඉගන ගන්න උදව් කරන්නෙත් එයා.. අංකල් ඉල්ලුවෙ මට ඔයාව හම්බවෙන්න එපා කියලා විතරයි .. ඔයාට ඇහෙනවද...?" 

"අ.. හා.. ඔව්.. ඔව්." 

"අනුරාධ අංකල්ට බොරු කරන්න එපා අම්මා... ඒ වාගේ මනුස්සයෙක් කාටද ලැබෙන්නෙ.. අපෙ අම්ම කියනවා අනුරාධ අංකල්‍ට මල් තියලා වදින්න ඕන කියලා.. ඔයා ගෙදර යන්න අම්මා.." 

"මං .. එක පාරක් .. බලලා යන්න ආවෙ.." 

"මං ලබන ආත්මෙදිත් පතන්නේ අපෙ අම්මයි තාත්තයි.. අනුරාධ අංකල් වගේම හොඳම හොඳ කෙනෙක් අපෙ තාත්තා... ඒ දෙන්නා මගේ පණ..මං ඔයාලගෙ නෙවෙයි... මං ඔයාගෙ දුවෙක් කියලා පිට මනුස්සයො දැනගත්තහම මල්ලිලාට හොඳ නෑ. ඔයාගේ ලස්සන ජීවිතේට මොකද වෙන්නෙ.. අපෙ අම්මලා ඒව මට තේරුං කරලා දුන්නා. . මං ඔයා එක්ක තරහ නෑ. ඔයා පව්..."

   හිරාන් හා ඔහුගේ බිරිඳ මහා ධනවතුන් නොවූව ද ඉතා යහපත් හා ආදරණීය මිනිසුන් බව අමුතුවෙන් කිව යුතු නොවේ. හිරාන් උමාව බස් රථයට නංවා වතුර බෝතලයක්ද මුහුණු ආවරනයක්ද අතට දී ඇයගේ අතින් අල්ලා ගත්තේය. හිරාන්ගේ බිරිඳ ඈ අසළ හිඳගෙන සිටියා ය. 

"අපිට මේ දරුව දුන්නට පිං නංගි" 

"මේ පොඩි වයසට මේ තරං දැනුමක් තේරුමක් ඇතුව කතා කරන්න ඒ දරුවා හැදුවට ඔයාලට පිං.." 

"නංගිට හම්බවෙලා ඉන්නෙ දෙවියෙක් වගේ මහත්තයෙක්.."
.
"අක්කා.. මං ආව බව එයා දන්නව ද?" 

"කියන්න වෙනවා නේද ?" 

"මම ගිහින් කියන්නම් අක්කා.. දුව කියන්නෙ ඇත්ත.. මට එයාව දැක්කොත් ලෝබ හිතෙයි නේද.. ආයෙ ආයෙ එයි මං... ඒ හින්දා නොදැක්ක එක හොඳයි. මං ආපහු එන්නෙ නෑ අයියේ.. අනේ මං හිතුවෙම නෑ මෙහෙම දෙමව්පියො ඉන්නවා කියලා එයාට..." 

"නංගි... මේක තියාගන්න... අපිට දුව ඉන්නවනෙ.."

  ඒ කවරය තුළ වූයේ බිළිඳු ශ්‍රීපාලියගේ ද, ළදරු 
ශ්‍රීපාලියගේ ද ළමා ශ්‍රීපාලියගේ ද, නව යොවුන් හා යෞවන ශ්‍රීපාලියගේ ද එක් එක් කාල වකවානු වලදි ගන්නා ලද ඡායාරූප ය. ඒ ඇල්බමය පපුවට තුරුලු කරගත් උමා ආපසු යන තුරුම හැඬුවා ය. මෙතෙක් තම සැමියාට හොර රහසේ දරුවෙකු සොයමින් සිටි ඇයට තව දුරටත් එම රහස රැකීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත.. 

උමයංගනා සතරසිංහගේ සිත හරි අඩක් ශෝකයකින්ද අනෙක් අඩ කෝපයෙන්ද පිරී තිබිණි. එම කෝපය යොමුව තිබුණේ ඇයගේ සැමියා වෙත ය. ඈ නිවසට යන විට මෙහෙකාරිය දරුවන් දෙදෙනා සමඟ පන්සලට ගොස් සිටි අතර අනුරාධ සාලයේ සෝපාවේ නිදා සිටියේ ය. ඈ ගෙට ගොඩ වූ වහාම සිය අත් බෑගය පුටුවක් මතට දමා ගැසුවා ය. 
අනුරාධ නැගිට හිඳගත්තේ ය.

"ඔයා කවද ඉඳන්ද ඒ ළමයා ගැන දැනගන හිටියෙ..? මං හිතුවෙ නෑ ඔයා මෙහෙම කැත වැඩක් කරයි කියලා.." 

"මොකද්ද කැත වැඩේ?" 

"ඔයා ඒ මිනිස්සුන්ට සල්ලි දීලා කිව්වා මට ළමයව පෙන්නන්න එපා කියලා.. ලමයට කිව්වා මාව බලන්න එන්න එපා කියලා" 

"ඔව්." 

"ඔයා මගෙන් පලි ගන්න නේද මෙහෙම කෙරුවෙ?" 

"නෑ.. ඇත්තටම මං කැමති වුනේ නෑ ඔය ලමයගෙ සිද්ධිය මගෙ ළමයි දැනගන්නවට. අනික දැං මං ඒ කැම්පස් එකේ හිටපු කොල්ලා නෙවෙයි. සාමාන්‍ය සමාජෙ ඇතුලෙ මට කියල නම්බුවක් තියෙනව. ඒක නැතිවෙන මොකුත් වෙනවට මං කැමති නෑ. එහෙම කියලා මම ඒ ලමයට නොසලකා ඉඳලා නෑ.. ඔයාගෙ ළමයා වෙනුවෙන් මමත් දෙයක් කරලා තියෙනවා.. නිකමට හිතන්න.. ඒ ඔයා මේක අමතක කරන්න ඕන උමා.. ඔයාට දැං ඒ ළමයට අම්ම වෙන්න බෑ.."

මා සිටියේ අනුරාධ කෙරෙහි වූ කෝපයෙනි. අනුරාධ ඈ කෙරහි කෝපයෙන් සිටියා ද නැතහොත් තමා කෙරෙහි ශෝකයෙන් සිටියාදැයි අප දන්නේ නැත. කෙසේ හෝ දෙදෙනාම දෙදෙනාව මඟ හරිමින් සිටියහ. දරුවන් සිටියේ අන්ද මන්දව ය. පසුගිය සිකුරාදාවේ රාත්‍රී හතට පමණ උමාට ආ දුරකථන ඇමතුමකි. ඒ ශ්‍රීපාලියගෙනි. 

"ඔයා ඇයි අංකල් එක්ක තරහ වෙලා ඉන්නෙ.?" 

"තරහ නෑ.. " 

"ඔයා තරහ වෙලා.. මං දන්නවා. අංකල්ට ඔයා කළා වගෙ වරදක් අංකල් ඔයාට කරලා නෑනෙ.. මං ගැන ඇයි නොකිව්වෙ කියල අහලා ඔයාගෙ හිත රිදවල නෑනෙ.. ඒ අතින් එයා කොච්චර හොඳද.. අතීතය හින්ද අනාගතය අහිමි කරගන්න එක මෝඩකමක්.." 

"ඔයා මාත් එක්ක තරහ නැද්ද?". 

"නෑ. ඉස්සර තිබ්බා. මං ඕලෙවල් කරන කාලෙ අපෙ අම්මලා ඔයා හිටිය තත්වෙ මට තේරුං කරල දුන්නා. ක්‍රිස්ටිනා සිස්ටර් කියන්නේ මාව මේ අම්මලාට ලැබෙන්න දෙවියන් වහන්සේ හදපු ක්‍රමය ඒක කියලා.... ඔයා වැරදි නෑ..මං තරහ නෑ." 

"එහෙනං ඇයි එදා මාව බලන්න ආවෙ නැත්තෙ?" 

"මං ඔයාව දැකලා තියෙනවා. ඔයයි මාව දැකල නැත්තෙ". 

"මට ආසයි ඔයාව දකින්න..." 

"මං කැමති නෑ." 

"ඇයි?" 

"මං ඔයාට කිව්වෙ.. අනික .. ඔයා මාව දැක්කම ඔයා ආපහු ආපහු ආවම මගෙ ආදරෙත් ඔයාටයි අපෙ අම්මලටයි බෙදෙයි. එතකොට අපෙ අම්මලා පව්.. මං එයාලගෙ විතරයි.. මං කතා කළේ ආයේ කවදාකවත් එන්නවත් කතා කරන්නවත් එපා කියන්න. අනුරාධ අංකල්ටත් කිව්ව.."

   එදා රාත්‍රියේ උමා සිය සැමියාගෙන් සමාව යැද්දා ය. අනුරාධ කළේ නිහඬව ඇයගේ හිස අත ගෑම පමණි. 

"ඔයාට ඕන නං අපි එයාව ගේමු. ලෝකෙ මොනව කිව්වහම අපිට මොකද" 

උමයංගනා හැඬුවේ නැත. 

"නෑ.. කවදාකවත් එයා එන්නෑ. එයාට ඉන්නෙ මේ ලෝකෙ ඉන්න හොඳම අම්මයි තාත්තයිලු.. ලබන ආත්මෙක වත් එයා මං ගාවට නං එන්නෑලු..." 

"ඔයා ස්ට්‍රෙස් වෙන්න එපා උමා.. අපි ගිහින් එයාව බලලා එමු.. ඔයාට එයාව බලන්න ඕන නේද.?" 

"ඇයි ඔයා එහෙම කෙරුවෙ? ඔයා එයාට මාව හම්බවෙන්න එපා කිව්වා. හරියට බැලුවොත් ඔයා සල්ලි දීලා එයාව නැවැත්තුවා. ඇයි ඒ?" 

"උමා.. අපිට දැන් ළමයි ඉන්නවා. පවුලක් තියෙනවා .ඒ ළමයා මේ පවුලට එකතු කරගන්න අපිට බෑ " 

"ඒ ඔක්කොම ඇත්ත කියමුකො. ඒත් ඔයා සේරම දැනගන නොදන්නවා වගෙ හිටියා. ඔයා ඒක හිතේ තියාගන මගෙන් පලිගත්තා." 

"ඔයා හංගපු දේ ඔයාම දවසක කියයි කියලා මං බලාගන හිටියා. හැබැයි ඔයා ඇයි මට එහෙම කෙරුවෙ කියලා මම කවදාවත් අහන්නෑ .. ඒකට කමක්නෑ. මම හිතාගන හිටියෙ කවදාකවත් ඔයාට මේක කියන්නෑ කියලා. හැබැයි මම ඒ ලමයට ඔයාගෙන් වෙනවනම් වෙන්න ඕන සේරම කරලා තියෙනවා. ඉස්සරහටත් කරනව. මම විතරක් නෙවෙයි කෝලිතත්.." 

"කෝලිත..? " 

"ඔව්. ළමය හෙට අනිද්ද ඉන්දියා යන්නෙ එහෙම කෝලිතගෙ උදව්වෙන්.. ඔයාලගෙ අම්මත් දන්නව දැන් ඒ ළමයට මං උදව් කරන බව?"

"ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නෙ මගෙ ළමයට උදව් කරලා ? මටත් හොරෙන්?" 

"ඔයාගෙ ළමයා කවදාවත් ඔයාට සාප කරන්න හොඳ නෑ කියන එක. ඒකෙන් මගෙ ළමයින්ගෙ අම්මට නරකක් වෙන්න හොඳ නෑ කියන එක... ඇත්තටම මම කැමතියි ඔයා ඒ ළමයව හොයාගන ගියේම නැත්තං. දැං ඉතිං ගියානෙ.. ඔයාට ඕන නම් ඔයා එයාව බලන්න යන්න. හැබැයි ගෙදර ගේන්න බෑ." 

"ගෙනාවොත්?" 

"ගේනවට මම කැමති නෑ. ඒකෙන් අපේ ජීවිත විනාස වෙයි. ඒත් ඔයාට ඕන නම් ගේන්න උමා." 

"ඒ ළමයට මාව බලන්න වත් එපා කියලා සල්ලි දීලා දැන් මට කියනවා ගිහින් එක්ක එන්නලු..?මං හිතුවෙ නෑ ඔයා ඔහොම ම්නිහෙක් කියලා?" 

එයින් පසු තෙදිනක් යන තුරු ම අඹු සැමියන් අතර කතාවක් නොවී ය. සැමියා ඉතා ඕනෑකමින් කතා කළද බිරින්දෑ මඟ හැර ගියා ය. තුන් වන දිනයේ රාත්‍රියේ දරුවන්ගේ කාමරයේ නිදා සිටි බිරිඳ අසලට ගිය සැමියා නිදිගත්මෙන් සිටින බිරිඳගේ හිස අතගාමින් කතා කළේ ය. 

"උමා ජීවත් වෙලා ඉවර දවස් වෙනුවෙන් ජීවත් වෙන්න තියන දවස් නැති කරගන්නෙ මෝඩයො. අපි මෝඩයො නෙවෙයිනෙ. අපි කතා කරලා විසඳගමු." 

"දැං තොපි ඔක්කොම හොඳ මිනිස්සු. සුද්දවන්තයො. තොපි එකෙක්වත් කිසි වරදක් කරල නෑ. මම තමා නරක ගෑනි .. මම තමා නරක ගෑනි. තොපි ඔක්කොම මහා උත්තමයො." 

උමාගේ හඬ කෙතරම් උස්ව නැගුනේ ද යත් කොල්ලන් දෙදෙනාම ඇහැරී ඇඳ මත හිඳ ගත් අතර අනුරාධ පුදුමයෙන් මෙන් උමා දෙස බලා සිටියේ ය.

" උමා ...ඔයාට මොකද වෙලා තියෙන්නෙ?"

"මට? මට මොනවද වෙලා නැත්තෙ.? අවුරුදු දාසයෙන්ම කෙළවගන ළමයි වදාගන... ඊට පස්සෙ කැම්පස් ගිහින් ආයෙ එකෙක් දැලේ දාගත්ත.."

ඉන්පසු ඈ කියෙව්වේ කුණුහරුප නොවන මුත් කුනුහරප කොටසට වැටෙන කතා ය. අනුරාධ කාමරයෙන් එලියට ගියේ ය. උමා වහා නැගිට අනුරාධගේ පසු පසින් ගොස් ඔහුගේ කරෙහි එල්ලුනා ය. 

"ඇයි යන්නෙ? මට ගහපං.. ගහලා මාව මරපං.. ඇයි උඹට බැරිද? උඹලා ඉතිං උපාසකයොනෙ." 

  ඉක්බිති ඈ කළේ සිය කාමරයට යාම ය. එහි තිබූ බඩු මුට්ටු පොළවේ ගැසීම ය. ඒ අතර අනුරාධගෙන් පටන්ගෙන ඔහුගේ මවගේත්, ඇයගේම මව පියාගේත්, ඔවුනගේ මිතුරන්ගේත්, ඇයට මතක් වන සෑම සියලු දෙනාගේමත් වැරදි කියමින් කෑ ගැසුවා ය. ඔවුන්ගෙන් කිසිවෙකු හොඳ මිනිසුන් නොවන බව කීවා ය. තවත් දෙදිනකින් පසු ක්ලාන්ත වීමෙන් පසු රෝහල් ගත කරන විට ඇයගේ රුධිරයේ සීනී මට්ටම පහළ ගොස් උදරයෙහි ආම්ලිකතාවය ඉහළ ගොස් තිබිණි. සිහි ලැබූ පළමු මොහොතේම ඈ ඇසුවේ "මං විතරද එතකොය නරක? උඹලා ඔක්කොම හොඳ මිනිස්සු ද?" යන්න ය.

අද වන විට කතාව කෙටි එකකි. දිලිනි උමයංගා සතරසිංහ උමතු ය. ඇයගේ උමතුවට හේතුව ඇයගේ අතීත අඳුර නොවේ. වර්ථමාන ආලෝකයය. ඇයගේ ප්‍රශ්ණය කුමක්ද? 

සැබැවින්ම ඇයගේ ප්‍රශ්ණය ඒ අතීත අඳුර වත් ඔය දැන් හමුවූ දියනියවත් නොවේ. සැබැවින්ම ඇයට යම් තැනක වැරදී ඇතත් වර්ථමානය ගත්කළ සතුටු වනවානම් සතුටු විය හැකි සුවහසක් කාරණා ඇයගේ ජීවිතයේ තිබෙනවා නොවේ ද?. 

එසේ තිබියදීත් ඈ උමතු වන තරමින් පීඩාවට පත් වූයේ ඇයි? ඇයගේ කාරණාව ඇයගේ සැමියා ද, ඇය අතහළ ඒ දියණියට හිමිවූ දෙමාපියෝ ද, ඒ දියනියගේ පියා ද යනාදී වශයෙන් ගත්කළ ඒ සියලු දෙනා ඉතා හොඳ මිනිසුන් ආකාරයෙන් සිටින අතර තමා නරක යැයි සම්මත ආකාරයකින් ක්‍රියාකර ඇතැයි ඈ සිතා සිටීමය. ඇයගේ දියනිය ඇයව හැර අන් සියල්ලන් පිළිගෙන ඇතැයි යන වේදනාව, අනුරාධට මෙම සත්‍ය වසන්කිරීම පිළිබඳව චෝදිත සිතුවිල්ල මෙන්ම ඔහු එය දැනගෙනත් නොදැන මෙන් සිටි කාලය තුළ තමා සමඟ ගෙවූ ජීවිතය වංක එකක් බවට වන හැඟීම ඔහු ඉදිරියේ ඇයට අසීමාන්තික ලැජ්ජාවක් දැනෙන්නේ ය?

Nissanka Rajapaksa

unread,
Jun 13, 2024, 8:13:16 PMJun 13
to INDRAKA group
24
පැරිස් මී පියෙකුගේ කතාවක්.....

- මංජුල සේනාරත්න 

පැරිස් නගරයේ 04 වැනි කාර්තුවේ හොඳින් ජනයා  ගැවසෙන චතුරශ්‍රයක පිහිටා තිබුණු අවන්හලකි.  ප්‍රංස ශුප ශාස්ත්‍රයේ නිපුන් කෝකියෙකු යටතේ අකුරට කාර්යයන් සිද්ධ වුනු මේ අවන්හල නිරන්තරයෙන්ම රස හඳුනන ජනයාගෙන් පිරුණු අතර  ලෝ ප්‍රකට Michelin වර්ග කිරීම  එයට තරු දෙකක් ලබා දුන්නේ දශක හතරක් පුරා කිසිදු වෙනස් කමක්  නොපෙන්වා තමන්ගේ ශාස්ත්‍රය මැනවින් ලොවට ලබා දුන් නිසාවෙනි.
එහෙත් වසරක් කාලයක සිට මේ අවන්හලේ පාලකයෝ යම්  තරමක පසුතැවිල්ලෙන්  පසු වූහ. පැරිස් නගරය යනු මීයන් ගෙන් පිරුණු තැනකි. විශේෂයෙන් පොලොව යට දුම්රිය මාර්ග පද්ධතියේ රජකරනා මීයන්ගේ සංඛ්‍යාව ලක්ෂ ගණනක් විය හැකිය. ලෝකයේ  සුන්දරතම නගරයේ ජිවත් උනත්  මීයා ගේ ජීවිතය රැකෙන්නේ අනුන්ගේ කෑම වලට, කුණු ගොඩවල් වලට හොට දැමීමෙනි. අවන් හල මීයන්ගේ ආක්‍රමණයට ලක් වුනු බව දැන ගන්නා බලධාරියෝ දන්නා හැම පියවරක්ම අනුගමනය කළ මුත් සාර්ථක ප්‍රථිපල ලැබුනේ නැත. මීයන් විනාශ කිරීමේ කාර්යයට එක්  වෙන මෙන් සියලුම සේවකයන්ගෙන් බැගෑපත් ඉල්ලීමක් කළ අයිතිකරුවා එක පැත්තකින්  බලන විට සාර්ථක  විය හැකි යෝජනාවක් ගෙන ආවේය. කුමණ උපක්‍රමයකින් හෝ වේවා මීයෙක් අල්ලගෙන විත් පෙන්වන සේවකයාට යුරෝ 05 ක තෑග්ගක්    පිරිනමනා බව ඔහු කිවේය.
මේ අවන් හලට වැඩි ඈතක නොවුන උමං  දුම්රිය පද්ධතියේ තැනක Mulot Sylvestre වර්ගයට අයත් වන අර්නස්ට් නමින් මී තරුණයෙක්  වාසය කළේය. මේ මීයාට  ලෙයිලා නම් මී  තරුණිය මුණ ගැසුණු දිනය ඔවුන්ගේ ජිවිත වල මිහිරිතම සිදුවීමයි. එය මුල්ම බැල්මෙන්  ඉපදුන  ආලයකි. එය මුල්ම ස්පර්ශයෙන් ඇතිවුණු බැඳීමකි. අනුන්ගේ කුණු හාරා අවුස්සන ගමන් එකිනෙකාගේ ජීවිතවල වටිනා තැන් හාරා අවුස්සා බැලූ දෙන්නා එක වහලක් (බිම් සිදුරක්) යට ජිවත් වන්නට තීරණය කළහ.  මීයන්ට අහසේ මාලිගා තැනිය  නොහැක. මේ හෙයින් තරුණ යුවලගේ එකම පැතුම වුයේ හැකි ඉකමනින් "චෙදාර්" වර්ගයේ කේජු කෑල්ලක රස බැලීමයි.
වසන්තයේ මුල් දවසක අද හැලුණු මහා ධාරානිපාත වරුසාවක් මැද්දේ ලෙයිලා තම කුලුඳුල් දරුවා ප්‍රසුත කලාය. එහෙත් පුතුගේ හුරතල් බලන්නට ඇයට හැකි වුයේ නැත. දරුණු  ජල පහරේ ගසා ගෙන ගිය  ඇගේ අබලන් සිරුර යලි සොයා ගත නොහැකි ලෙස අතුරුදහන් විය. අලුත උපන් දරුවා පිට මැද තබා ගෙන අපහසුවෙන් ජල සීරාව දිගේ ගමන් කරනා අර්නස්ට් "නෝදාන්"  යනුවෙන් පුතුට නම් තැබුවේය. මේ දරුවා තමන්ට ලොව හිමි එකම වස්තුවයි. මේ දරුවා තම දිවි පරදුවට තබා ආරක්ෂා කර ගන්නට ඔහු තමාටම පොරොන්දුවක් දී ගත්තේය. දරුවාව මී සමාජයට වැඩ ඇති පුරවැසියෙක් කිරීමේ අභිලාශය සිතට ගත්තේය. මේ සිතුවිලි මැදින්  ඔවුහු හොඳ සුවඳ හමනා අවන්හල් බිමකට ගොඩවී තිබුණි. එබිම වාසය කල සහෝදර මියෝ මනා පුෂ්ටිමත් සිරුරින් හෙබි උත්තූංග දේහධාරියෝය. අහරින් ස්වයං පෝෂිතව සිටි  නිසාම ඔවුහු සුහද සිත් ඇත්තෝය. අසරණ පිය පුත් යුවළට ඔවුන්ගේ ආරක්ෂාව ලැබුණි.   
අර්නස්ට් තම  පුතුට යහ ගුණ මැනවින් කියා දුන් බව සැබෑය. අනුන්ට හිරිහැර නොවනා අයුරින්  ලැබෙනා පහසුම දෙයින් සැනසෙන්නට ඔහු පුතුට කියා දුන්නේය. තමන්ට ලැබෙනා දේ අනෙකුන් අතරේ සාමුහිකව බෙදා ගෙන අනුභව කිරීමේ මහා මී සම්ප්‍රදාය නෝදාන් ගේ හිස මත පැටවිණ. දරුවා හොද ළමයෙකි. අහල පහළ මී කාගේත් හිත දිනා ගත් ඔහු කාලයාගේ ඇවෑමෙන් වසන්තයේ කෙලවර දිනක සාම්ප්‍රදායික "බෝගිල්" මී  බස ඉගෙන ගන්නට "පැරිස් බෝගිල් අධ්‍යාපන ආයතනය" ට ඇතුළු විය. 

එහෙත් සියල්ල වෙනස් වූයේ පියා සිතා සිටි අයුරින් නොවේ.  නගරය ශීත  කාලයට සැරසෙන එක්  සවස්  යාමයක බිම් සිදුරට පැමිණෙන අර්නස්ට් පුතු නිවසේ නොමැති බව දුටුවේය. එය වනාහි ඔහු පිටත යන වෙලාවක් නොවේ. තත්පර කීපයක්  එහේ මෙහේ දිව ගොස් විපරම් බැලුම්  හෙලන පියාට අවන්හලේ බිම් මහලේ ගබඩා කාමරය දෙසින් පුතුගේ හඬ ඇසුණි. බිම් සිදුරත් ගබඩා කාමරයත් අතර වැඩි දුරක් නොවුනත් එය ජීව්තයේ දිව ගිය දිගුම දුර සැතපුම මෙනි. කාමරයේ පියස්සට ගොඩ වී එබිකම් කරනා අර්නස්ට් තම දරුවා මී උගුලකට අසුවී සිටිනා අයුරු පෙනේ. පුතුගේ සිහින් ගෙල යකඩ දම් වැලක පැටලී   තිබෙනු දකිනා පියාගේ සිහිය විකල් විය. බිත්තිය දිගේ වේගයෙන්  බසින්නට ගත් උත්සාහය වැරදුනි . අර්නස්ට් සිමෙන්ති පොළොවට ඇද වැටෙද්දී පැලුණු හිසෙන් ගලා පැමිණි ලේ බින්දුවක් ඔහුගේ දකුණු ඇස වසා ලන්නට සමත් විය. අඩි  කීපයක් දුරින් මී උගුලට හසුවී දගලන  තම සුරතල් දරුවාගේ සිරුර ඔහුට පෙනේ. යම්  හෙයකින් පුතු අසලට යන්නට හැකි උනෝතින් ඔහුව මරණයෙන්  ගලවා ගත හැකිය යන සිහිවිල්ල මත පියා අපහසුවෙන් බඩ  ගාන්නට  පටන්  ගත්තේය. එහෙත් එක්  වරම ඇසුණු ශබ්දයක් නිසා ඔහු මොහොතක් නතර විය. පඩිපෙළ දිගේ කුස්සියේ පිගන් හෝදන කළු ජාතික සේවකයා බැස එනු පෙනේ. යම් හෙයකින් මොමෝ නැමති මේ කල්ලා මරණයෙන්  බේරෙන්නට දගලන පුතු දුටුවොතින්  මරණය ඉක්මන්  වන බව දන්නා පියා ගමන් වේගවත් කළේය. එහෙත් ඔහුගේ උත්සාහය සාර්ථක  වුයේ නැත. මොමෝ කුඩා ලි කැබැල්ලක් අතට ගත්තේය. මී පුතුගේ හිසට ඔහු එල්ල කලේ එක පහරකි. 

ශීත කාලය පුරාම අර්නස්ට් පිටත ගියේ නැත. දන්නා හදුනන මී මිතුරෝ නිසා ඔහු ගේ කුස පිරුණි. ජීවිතය ගැන කිසිදු ආසාවක් ඔහු තුල නොවිණ . ලෝකය මැවූ දෙවියන් වහන්සේ තමන්ව මීයෙක් ලෙසින් ලොවට බිහි කලේ ඇයි. තමා මිනිස් බවක් ලැබුවානම් බිරිඳ  අහිමි නොවන්නට තිබුණා නොවේද..? මිනිස් භවයක්  ලැබුවා නම් පුතුගේ දිවිය බේරා ගන්නට තිබුනා නොවේද...? මාසයක පමණ කාලයකට පසුව නින්දක් නොමැති  එක් රාත්‍රීයක අර්නස්ට් බිම් සිදුරෙන් පිටතවිත් අවන්හලේ මුළුතැන්ගෙයි වහලයට ඇතුළු විය. ඔහුට කුස්සියේ සිදුවෙන හැම දෙයක්ම දැන් පෙනේ. එහි වැඩි වැඩක් නැති ගානය. මහා කෝකියා පෙනෙන්නට නැත. සියල්ලෝ පිරිසිදු කිරීම් වල දී සිටිති. එක් මොහොතක දකිනා දෙයින් මේ යහපත් මීයාගේ දෛවය වෙනස් විය. ඔහුගේ සිතුවිලි දහරාවේ ගමන් මගට ප්‍රශ්නාර්ථයක් එකතු විය. මේ කෙටි ජීවිතය ගැන තිබු ආකල්පය  බිරිඳ ගසා ගෙන ගිය සැඩ පහරට හසු විය. තම පුතුගේ මිනීමරුවා එනම්  මොමෝ නමැති කළු ජාතිකයා ඔහු දෙනෙත් ඉදිරියේ පහත අවන්හල් කුස්සියේ පිඟන් සෝදමින් සිටියි. එක වරම තරුණ  කළු ජාතික කතක් මාස කීපයක් වයසැති සිගිත්තෙක් සමග එහි ඇතුළු විය. ඒ මොමෝ ගේ බිරිඳ බව පැහැදිලිය. සියල්ලෝ මොහොතකට වැඩ නවතා සිඟිත්තා දෙස බලන්නටත් සුරතල් කතා කියන්නටත් පටන් ගත්හ. මගේ පුතුගේ මිනීමරුවාටත් දරුවෙක් සිටියි. ඔහුද තමා මෙන්ම පියෙකි. තමා මේ මොහොතේ පෙළෙමින් සිටිනා දරුවෙකු අහිමි වීමේ වේදනාව ඔහු දන්නේ නැත. එය මම උඹට කියා දෙන්නම්....... අර්නස්ට් සිතුවේය. පළිගැනීමේ චේතනාවෙන් ඔහු ඔකද  වී ගියේය. ජිවිතයට ලැබුණු අලුත් බලාපොරොත්තුව නිසා ගත ජීවයෙන්  පිරි ගියේය. 

"කරන්න බැරි දේවල් කියන්න එපා. මිනිස්සුත් එක්ක සටනට යන්න අපිට බැහැ. අපිට බැහැ  උන්ව විනාශ කරන්න. අපි මීයෝ. උඹේ පුතා උගුලට අහුවෙලා මලා. ඉතින් මොකක්ද අවුල. උගුලකට අහුවෙලා මැරුණු මුල්ම මියා උඹේ පුතා නෙමෙයි. අද MI NEWS පත්තරේ තියනවා අවුරුද්දකට මිලියන විස්සක් මීයෝ උගුල් වලට අහුවෙලා මැරෙනවලු. මී ජිවිතේ යතාර්ථය ඕක තමයි..... " පළිගැනීමේ චේතනාව හිස දරා ගෙන සමස්ථ "පැරිස් මී සංවිධානයේ" කාරක  සභිකයෙකු වූ ප්‍රතුගීසි සම්භවයක් ඇති අල්මේදා මුණ ගැසෙන්නට ගිය අර්නස්ට් ට ලැබුනේ ඉහත පිළිතුරයි. එහෙත් පැරිසියේ සෝර්බෝන් සරසවිය පුස්තකාලයේ පොත් අනුභව කිරීමෙන් ලත් දැනුම නිසා අල්මේදා මී  පියාගේ උදාර අභිප්‍රාය ඉටු කර දෙන්නට උත්සාහ මඟක් සෙව්වේය.
"මං දන්න මීයෙක් ඉන්නවා පැරිස් වල ලුවී පාස්චර් විද්‍යාගාරය යට. නම බෙග්වාල්.  දැන් අවුරුදු ගානක ඉදන් මිනිස්සු මීයෝ අරන්  පර්යේෂණ කරනවා. මේ පර්යේෂණ වලින් මැරෙන මීයන්ට හෝ පවුල් වල අයට කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ. බෙග්වාල් සටන් කරනවා මේ අසාධාරණයට විරුද්ධව. යනවා. ගිහින් මුණ ගැහෙනවා මිනිහව. සමහර විට තමුසෙට උත්තරයක් ලැබෙයි.මට ආරංචි උනා ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ කැන්ටිමේ මරාගෙන මැරෙන ප්‍රහාරයකට සුදානම් වෙනවලු...."
 
බෙග්වාල් "නැතස්ටා" වර්ගයේ සුදු හමක් ඇති සාමන්‍ය ප්‍රමාණයට වඩා විශාල මියෙකි. "අපිට උවමනා කරන්නේ උඹලා වගේ මීයෝ තමයි. මිනිස් සංහතිය විනාශ කරන්න සුදානම් කොන්දක් තියන මීයෝ..." අර්නස්ට් සමග  කෙරුණු මුල්ම කතා බහේදී ඔහු කිවේය.
"මට උවමනා නැහැ මිනිස් සංහතියත් එක්ක සටන් කරන්න; මට ඕනෑ මගේ දරුවා මරලා දාපු කල්ලා ගෙන් පලිගන්න...."
"හරි... අපි ගාව හැම  දේටම උත්තර තියනවා. කිසි දෙකට බය වෙන්න එපා...." 
සැලැස්ම තරමක් සංකීර්ණ එකකි. සත්තකින්ම එය මරාගෙන මැරීමකි. බෙග්වාල් KILORANAX නම් ඇති දරුණු විෂ වර්ගයක් අර්නස්ට් හට ලබා දුන්නේය. පාස්චර් විද්‍යාගාරයෙන්  තමා  විසින්  පැහැර ගත්තාවූ මේ විශ වර්ගය  මුලින්ම මී  පියා විසින් අනුභව කල යුතුය.  ඉන් අනතුරුව පැය තුනක් ඇතුලත ඔහු විසින් අදාළ පුද්ගලයා හපා කෑ යුතුය. අවසානයේදී සිදු වන්නේ මීයාත් අදාළ පුද්ගලයාත් දෙන්නාම මිය යාමයි. "උඹ මරන්නේ දරුවෙක් නිසා තවත් ලේසියි..." බෙග්වාල් කිවේය.
විනාශ කර දමන්නට කාලයක නොමැත. වෙලාව රාත්‍රි නවය පසුව තිබේ. කල්ලා වැඩ අවසන් වන්නේ දහයටයි. වහාම විෂ අනුභව කළ අර්නස්ට් බෙග්වාලට ස්තුති කර උමං දුම්රිය මාර්ග අතරින්  වේගයෙන් දිව යන්නට පටන් ගත්තේය. විනාඩි තිහකට පසු  අවන්හලේ සේවකයන්  ඇදුම් මාරු කරනා කාමරයට ඇතුළු වන්නට ඔහුට හැකි විය. මොමෝ නැමති කල්ලා ඒ වන විටත් ඇදුම් මාරු කරමින් සිටියි. මිනීමරුවාගේ දෙනෙතට හසු නොවී ඔහුගේ බෑගයට ඇතුළු වන්නට අර්නස්ට් සමත් විය.
සෙලවෙන බෑගයේ රැදී සිටීම අපහසුය. අනුභව කල විෂ සිරුරට බලපෑම් කරන්නන්ට පටන් ගෙන තිබේ . හිස කැරකැවෙන්නාක් බඳුය. මොමෝ දැන් ගමන්  කරන්නේ දුම්රියකයි. ඔහු තවත් කව්දෝ අයෙක් සමග කතා කරමින් සිටියි. විනාඩියෙන් විනාඩිය ගෙවී යයි. අර්නස්ට් හට ගතවෙන කාලය ගැන හැඟීමක් නොමැත. දැන් පැය  තුනකට ආසන්න වී තිබේද...? හදිසියේම දුම්රිය නැවතුණි. කාර්මික දෝශයක්  නිසා මොහොතක් රැදී සිටිමට  සිදුවන බව පවසන ලදී. මේ සිදු වන්නේ කුමක්ද..? දෛවය මෙතරම් තමාට අකීකරු වන්නේ ඇයි..? මගේ දරුවාගේ මිනි මරුවා ගෙන්  පලි ගන්නට මට නොහැකි වේද...? කිසිදු බලාපොරොත්තුවක් ඉටු කර ගන්නට නොහැකිව මිය යන්නට තමාට සිදු වේද...? එහෙත් එක වරම දුම්රිය යළි  පන ගැන්වෙනු  ඔහුට දැනුණි.

කල්ලා දුම්රියෙන්  බැස තවත්  විනාඩි කීපයක් ඇවිද ගියේය. ඒ අතරමග ඔහු කඩයකට ගොඩ වී බියර් ටින් එකක්  මිලයට ගත්තේය. අන්තිමේදී නිවසට ගොඩවිය. බෑගය බිම දැමුවේය. බිරිඳ පැමිණ සිගිත්තා අතට දුන් විට සුරතල් කතා කියන්නට පටන් ගත්තේය. 
විනාඩි කීපයකට පසුව අර්නස්ට් හෙමින් සීරුවේ මල්ලෙන් පිටත පැමිණ දරුවාගේ යහන ඇති කාමරයට ඇතුළු විය. දැන් සිඟිත්තා යහනේ නිදා සිටියි. තමා බලාපොරොත්තු වූ මොහොත, සිහින මැවූ මොහොත පැමිණ තිබේ. තව මොහොතකින් මී පියා මිය යයි. කල යුතුව ඇත්තේ දරුවා ගේ සිරුරේ කොයි තැනක් හෝ හපා කෑම පමණි.
සුවසේ නිදියන දරුවාගේ සිරුරට අර්නස්ට් ගොඩවිය. දුහුල් නිදි ඇදුම යටින් සිගිති සම ස්පර්ශ කරන ඔහුට කිරි සුවදක් දැනෙන්නට පටන් ගත්තේය. එය වනාහි තම නොදාන් පුතු වෙතින් නික්මුණු කිරි සුවදයි.
මීයෙක් වුවද මනු සතෙකු වුවද හැම දරුවෙකුටම ඇත්තේ එකම සුවඳක්  වන්නේ කෙසේදයි අර්නස්ට් කල්පනා කළේය. එහෙත් දැන් ඔහුගේ මනස අවුල් ජාලයකි. මේ මොහොතේ දරුවා හපා නොකෑවොතින් තමා මිය යයි. එහෙත් මේ කිරි සප්පයා මරා දැමිය නොහැකිය. මගේ දරුවා අහිමි වීමෙන් ලැබූ වේදනාව තවත් මිනිසෙකුට වුව නොදිය යුතු යැයි ඔහු සිතුවේය. මේ පලි ගැනීමෙන් තමා අත්  ගන්නා දෙයක් නොවේ. ජය ගන්නා සටනක් නොවේ. දරුවෙක් මරා දැමීමෙන් ලැබිය හැකි සතුටක් වේද...? මොමෝ කල්ලා කලේ උගේ රැකියාවයි. මීයෙකු අල්ලා දී ඔහු යුරෝ පහක තෑග්ගක් ලබා ගන්නට ඇත. ඒ යුරෝ පහ බොහෝ විට ඔහු දරුවා වෙනුවන් වියදම් කරන්නට ඇත.
ජීවිතය අපහසු තැනකි. මීයන් මරා හෝ මුදල් උපය ගන්නා මේ කාලකන්නි සමාජයේ තමා වෙනස් සත්වයෙක් යැයි අර්නස්ට් මීයා සිතුවේය. ඔහුගේ දෑස වැසුණි.

පසුදා උදැසන පුතුගේ යහනේ තැනක මීයෙක් මිය ගොස් සිටිනු මොමෝ කල්ලා දුටුවේය. ඒ බව ඔහු බිරිඳට කීවේ නැත. මීයා ගේ සිරුර කඩදාසියක ඔතා බෑගයට එබුවේය. අවන්හලේ ලොක්කාට මීයාව පෙන්නා යුරෝ පහක් ලබා ගැනීම ඔහුගේ අරමුණයි.

Nissanka Rajapaksa

unread,
Jun 14, 2024, 7:34:58 PMJun 14
to INDRAKA group
25
මනමාලයා 
(මවුබිම පුවත්පතින්)

විභූතිභූෂාන් බන්ධෝපාද්‍යය ගේ කෙටිකතාවක්

පරිවර්තනය බොබී ජී බොතේජු

Nissanka Rajapaksa

unread,
Jun 15, 2024, 8:55:14 PMJun 15
to INDRAKA group
26

ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ..!


ප්‍රණීත් චානක මුරමුදලි

මිනිහා ලේ විලක් මැද පාවෙමින් හිටියේ. කුණු ලේ පාට විලේ මිනිහ පීනන්න ට්‍රයි එකක් දෙමින් හිටියේ. ඉහ මත්තට ඝන ඇළෙන ලේ; අතත් පයක් හොල්ලගන්න බෑ හොල්ලන්න හිතුවට; පීනනවා කියලා හිත සැලුණට මිනිහගේ ගත එතනමයි, යට යනවා උඩ එනවා සුදු පාට ගුලියක් වගේ ඈතට මිනිහව!

තව පොඩ්ඩක් ගියා නම් මිනිහ ගිලිලා මැරෙනවා. ඒ හින්දා අර සාමාන්‍යයෙන් වෙනදා වෙනවා වගේම මිනිහ දාඩිය දාගෙන ඇහැරුණා, ඔන් කරලා ලයිට් මේ දවස්වල ආයෙම කියවන බයිබලේ ගත්තා අතට ඊයේ රෑ කියවපු පිටුවට; දැන් දැන් කණ්ණාඩි නැතුව මිනිහට පෙන්නේ හීන විතරයි. නිකම්ම අත යවලා ඩ්‍රසින් ටේබල් එකට, ඒක උඩ තිබුණ කණ්ණාඩි දෙක දාගත්තා මිනිහ.

බැබිලෝනියේ රජ වූ බෙෂර්ගේ පළමු වෙනි අවුරුද්දේ දී. දානියෙල් සිය යහනේ සිටිය දී ස්වප්නයක් ද හිසට නැඟුණු දර්ශනයන් ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා මෙසේ පැවසීය. රාත්‍රියේ මාගේ දර්ශනයේ දී, ස්වර්ග මාරුත සතරක් මහ මුහුද කලඹනවාත්, එකිනෙකාට වෙනස් වූ මහ මෘගයන් සතර දෙනෙකු මුහුදෙන් නැඟී එනවාත් මම දුටිමි. මා බලා සිටිය දී, සිංහාසන පිහිටුවනු ලදුව, පෞරාණිකයාණෝ අසුන් ගත්හ. උන් වහන්සේගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය. හිසකේ පිරිසිදු ලොම් මෙන් සුදුය. උන් වහන්සේගේ සිංහාසනය ගිනි ජාලාවකි. එහි රෝද ඇවිළෙන ගිනිය. ගිනිමය ගංගාවක් උන්වහන්සේ ඉදිරියෙන් ගලාගෙන ගියේය.

242 දානියෙල් 7"

ටිකක් වෙලා ගියා මිනිහට කියවපු දේ තේරුම් ගන්න, හිටියා ටිකක් වෙලා මිනිහා ඇඳේ. නැගිටලා ගිහින් වෙනදා පුරුදු විදිහටම මිල්ක් කොෆී එක හදා ගත්තා. රස්නේ මාත්තු කරා මිනිහ තොල්වලට කෝප්පේ. හීනෙ මතක් කරා ආයෙත්.

"ලේ විලක්? "

කල්පනා කරා ඈඳිගෙන සෝෆා එකේ. කෝපි රස්නේ දැන් කණ්ණාඩි නැති ඇස් දෙකේ. උගුර උගුර කිරි කෝපි මිනිහගේ බඩේ.

"ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ!"

පාන්දර හතරහමාර වෙනකොට මිනිහ මිනිහගේ කිරි කොක් පාට ජොගිං කිට් එකත් ඇඳගෙන බැස්සා පාරට. නොපෙනෙන තරමට කළුවර පිරිලා තිබුණත් එහෙන් මෙහෙන් එළිය වැටීගෙන එනවා. හිටගෙන ඉන්න කොටත් මිනිහ සුදුයි. ඉගිලෙන කොටත් මිනිහ සුදුයි.

ඉර නැහැ තවම පේන්න: මං හිතන්නේ තාම එයා පිදුරුතලාගල ! " මිනිහගේ පපුවෙන් සුසුමක් වයසටම සුදු පාට වෙච්ච් රැලි කොණ්ඩේට අතක්: අත පනාවක් අපිළිවෙල කොණ්ඩේ කීකරුයි දැන්.

" හැමදෙයක්ම අද කලින් සිද්ධ වෙනවා ස්ටොප් වොච් එක ඔන් වුණා. හොඳ හුස්මක් අරගෙන මිනිහ දකුණු කකුල ඉස්සරහට තිබ්බා.

ජග් බග්

ජග් බග්

මිනිහ හෙන ලුසිඩ් ඩ්‍රිම්කාරයා. දැකපු, පට්ට ගහපු හීන මතක තියාගෙන ආයේ ආයේ බලන්න තරම් මිනිහ ඒ හැකියාව දියුණු කරගෙන හිටියේ. එපිසෝඩ් වගේ; දා හත්වෙනි කොටස, දහ අටවෙනි කොටස; පළමු කොටස : හීන සීරිස් එකක් බය උනත් අහසේ පා වෙලා ඇඳෙන් බිමට වැටුණත් මිනිහ ආසයි මේ වැඩේට, කොටින්ම මිනිහගේ විනෝදාංශය ඒක.

මිනිහ පටන්ගත්තේ යෝගාවලින්. හිත දියුණු කරලා මනස උඩ යවන්න පුළුවන් කිව්ව නිසා යෝගා වැඩේ තමයි මිනිහට අල්ලලා ගියේ. මහ අවතාර් බබා ජි මිනිහගේ ෆෙවරිට්. තාම හිමාලේ ජිවත් වෙනවා කියන විශ්වාසේ මිනිහව යැව්වා බබා ජි හොයන්න: මොන, නිකං සල්ලි පුදලා සීතලේ ඉන්න බැරි නිසා මිනිහ ආයෙම ආවා ලංකාවට. ඊට පස්සේ ඇකඩමික් ස්ටඩීස්. තුම්මෝ වලින් පටන් අරගෙන මහාශායගේ බඩ උඩින් පැනලා යුක්තෙශ්වර් හරහා ගිහිං මිනිහ පරමහංස යෝගානන්දට මාරු වුණා. රිටයර් වුණාට පස්සේ ඇමරිකන් ස්ටඩ් ටිකක පැටලිලා, ඔළුවේ පොට ගිහිං හිටියා මිනිහ කාලයක්. භාවනා කරන්න ඉඳගත්තහම ඔළුව කඩන් වැටි වැටි නින්ද යන නිසා මිනිහ අත ඇරලා දැම්මා වැඩේ. ට්‍රෙන්ඩ් එකට ගෑනු දාහක් දෙදාහක් බහින පෝය දා යෝගා හෝල් එකක ඉඳගන්න එක සැපක් වුණා මිනිහට ඊට වඩා. අන්තිමට මිනිහ යූටියුබ් බලලා අවබෝධ කරගන්න හිතා ගත්තා තරුණ කාලේ බැරි වෙච්ච ඔක්කොම.

ජග් බග්

ජග් බග්

මිනිහ සාමාන්‍යයෙන් පොලිසිය ගාවින් දාලා වෙන්ටඩ් එක පැත්තෙන් කැම්පස් එක පහු කරගෙන ආපහු කුරුඳුවත්ත පැත්තට ජෝගිං කරන්නේ. හීනෙන් උත්තේජනය වෙච්ච මිනිහගේ අද හිත හැපනින් එකක් ඉල්ලන්නේ; දැම්මා මිනිහ ගාලු පාර පැත්තට, සිල්ලර කඩේට; තාම වහලා; වාහනයක් දෙකක් ඇරෙන්න මෙලෝ බල්ලෙක් නැහැ පාරේ, මුඩුක්කු හරියට, දත් මැද මැද පාර මැද උඩුකය නිරුවත් මිනිහෙක්.

ගුඩ් මෝනිං කියන්න හිතුණත් මිනිහ කට වහගෙන ඉස්සරහට ඇදුණා.

"ගුග් ගෝනින් !" බුරුසු මිනිහ කටේ කෙළ පුරවගෙන සුබ පැතුවා. ගුඩ් මෝනිං, ගුඩ් මෝනින්!" පුදුමෙන් හැරිලා පස්සට දුවන ගමන් මිනිහත් සුබ පැතුවා; ආයෙම ඉස්සරහට.

ජග් බග්...ජග් බග්

හීනෙට අනුව අාකාශය පිරිසුදු කර කර හිටපු දේව දූතයා මේ බුරුසු මිනිහ වෙන්න බැරිද? මිනිහත් දත් පිරිසුදු කර කර හිටියේ. උඩුකයට ඇඳි වස්ත්‍ර නැතුව කීරි දණ්ඩක් අතින් අරන් හීන පාරමිතාවේ දොර පැත්තට පාර කියපු දේව දූතයා අසලු ටලී මිනිහ තමයි. ධවල හිනා කටින් අරගෙන කිරි කොත් පාටට දත නියවපු ඒ දේව දූතයා!

කොහොමත් මිනිස්සු උදේට දත් මදිනවනේ; අයම් ෆිලින් මැඩ් අයි ගෙස්."

ජග් බග්

ජග් බග්

තියෙනවා නම් සත පනහක් මහත්තයා"

 

"සත පනහක්."

මිනිහ නැවතුණා 

සත පනහකින් මොනවද කරන්න හදන්නේ?"

පනහ පනහ එකතු කරලා කෑමකක් ගන්නවා; ඔඳට කනවා; ඉතුරු කරනවා. ඊටපස්සේ ගෙයක් ගන්නවා: ඊට පස්සේ ලොරියක් ගන්නවා; මහත්තයාවත් දා ගන්නවා. සිංහල රටේ වෙළඳාමේ යනවා. එතකොට මේ වගේ මහත්තයාට පාරේ පයින් දුවන්න ඕන වෙන්නේ නෑ. දෙන්න කෝ පනහක් පළවෙනි දවසේ රස්සාවට ගියා වගේ හිඟන්නගේ මූණේ බැරෑරුම් උනන්දු ගතියක්.

අපේ මිනිහගේ මූණේ හීනාවක්. වයසක මිනිහෙක් යදිනවා හිඟමන්. දුන්නා මිනිහ පනහක්. යදින මිනිහත් ගත්තා පනහක්; හැරෙව්වා උඩ යට බැලුවා දෙපාරක්.

ජග් බග්

ජග් බග්

" හිටියේ නැහැනේ මේ වගේ හිඟන සුර දූතයෙක් ලේ විලට යන පාරේ: ම්ම්.. අඩුම පාරමිතාවේ? මේ අද දැක්ක හීනෙ? ලේ විලක් මැද ගිලෙන මිනිහෙක්. මිනිහෙක් නෙවෙයි ඒ මම.හරි මම !

ඔන්න මම යනවා උඩුකය නිරුවත් සුර දූතයෙක් පෙන්නපු පාරක හීන පාරමිතාවක් සොයාගෙන. ඒක සුදු පාට හීනයක්; හිස්; යනවා මං ඉස්සරහට; සමහර විට පස්සට; මොකද පෙනුණේ නැහැනේ වටපිටාව. ඔන්න එක පාරම විලක්. පහු කරන්න සිද්ධ වෙනවා ඒ විල මං හිතන්නේ ඒ අනෝතප්ත විල නොන්සන්ස් ! නිල්ම නිල්පාට වතුර වටේට. ඔන්න පීනන්න කියලා හිතාගෙන පනිනවා මං විලට. මෙන්න එක පාරම ලේ වෙනවා විලේ වතුර. අන්තිමට අතපය හොල්ලගන්න බැරුව ගිලුණා මං ලේ විලේ. "

ජග් බග්... ජබග්,

වෙයිට් අ මිනිට්. තව දැක්කනේ මං,, අර.. ගිලෙන වෙලාවේ.. වටේටම ඔළු ගෙඩි දහස් ගාණක්? ඔව් මිනිස්සු.. ම්ම් නෑ තිරිසන් සත්තුත් එක්කම, 'එයාලටනේ අපි තිරිසන් වගේ හැඟීමක් දැනුණා ඒ වෙලේ, නේද? හරියට හරි, ඒ හීනෙ මැද්දේ. අපි සත්තු ඔක්කොම එකා වගේ පීනුවා ඒ ලේ විලේ. ටිකකින් ඔක්කොම ගිලුණා පෙනිලා නොපෙනිලා යනකල්. මම්ම මම සුදුපාට බොලේ වගේ‍ ටික වෙලාවක් පාවෙවී හිටියා ලේ විලේ: ගිලුණා අතපය හිරවෙලා ලේ යට අන්තිමේ

ඇත්තටම රිදම් එකක් තිබුණා ඒ හීනෙ. මිනිහට මතක් වුණේ කට පාඩම් ඍග් වේදේ.

ජග් බග්

ජග් බග්

" ඒ හීනෙ පැවැත්මක් තිබුණේ නැහැ. අභ්‍යවකාශ ක්ෂේත්‍රයක් හරි ඉන් එහාට අහසක් හරි තිබුණෙත් නැහැ. කලවම් කරලා තිබුණේ මොනවද? කොහෙද? කාගේ ආරක්ෂාවටද? වතුර තිබුණ ද? එදා මරණයක් හරි අමරණීය බවක් හරි තිබුණේ නැහැ. රෑ දවාල වෙන්කරලා අදුරගන්න පුළුවන් ලකුණක් තිබුණෙත් නැහැ. ඒ එකා හුළං නැතුව හුස්ම ගත්තේ තමන්ගෙම ආවේගයෙන්. ඒ හැර ඉන් එහා දෙයක් තිබුණේ නැහැ. අන්ධකාරය මුල දී අන්ධකාරයෙන්ම හැංගිලා තිබුණා කැපී පේන කිසිම දෙයක් නැතිව. මේ ඔක්කොම වතුර. හිස්කමින් වැහිලා ගියපු ජීව බලය. කාලයක් ඔහොම. තාප ශක්තියෙන් ඔන්න හටගත්තා එකක්. මුල දී ආශාව; එක මනසේ පළවෙනි බීජය. බීජය තිබුණේ උඩ ද ? පහළ ද?

ජග් බග්

ජග් බග්

ඇත්තටම කවුද දන්නේ? කවුද එහෙම කියන්නේ? ඒක හැදුවේ කොහොමද? කොහෙන්ද? ඒ නිර්මාණය? දෙවිවරු ආවේ විශ්වය හැදුණට පස්සේ. එහෙනම් ඒක පටන්ගත්තේ කොහෙන්ද? දන්නේ කවුද? මේ නිර්මාණේ බිහිවුණ තැන. එක්කෝ ඒක තනියම හැදිලා. නැත්නම් හැදිලා නැහැ.

මේ නොදැනීම දන්නා කෙනා ඉන්නේ ඉහළම සුර ලෝකේ. ඒක මිනිහ විතරයි දන්නේ; නැත්නම්

මිනිහ දන්නෙත් නැහැ ඒක.

"මැවීමේ මායාව - නසදිය සූත්ත මණ්ඩල 10, ඍග් වේද. ජග් බග් ජග් බග්"

" මේ නම් වෙලාව හිගන්නෝ නැගිටින මහ පාරේ. මේ ඔක්කොටම වැඩිය හොඳයි පෙරේදා හීනෙ." අන්තිමට මිනිහට එහෙමයි හිතුණේ.

මිනිහ හිටියේ මරදාන පාරේ; හිටගෙන ළමිස්සියෝ ගොඩක් මැද්දේ; දාගෙන මනමාලේ: මිනිහගේ හිනාව ඒ ඉස්සර කාලේ. මිනිහගේ ගෑනි රැවටුණ ඒ හිනාවේ. කිසිම වෙනසක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. රූපෙට ආවේ මිනිහගේ තරුණ කාලේ; හරි හැන්ඩ්සම් කොල්ලෙක් මිනිහ හැත්තෑවේ අසු වේ. වගකිවයුතු නිලධාරියා මිනිහ ඉස්සර වැඩපොළේ සෑහෙන්න පඬි මිනිහට, යාළුවො නොසෑහෙන්න : වයසයි දැන් මිනිහට. වෙන වෙන තැන්වල දරු මල්ලෝ: නැති වෙලා නෝනා. මොකද්ද? අකමැතිම පාට? කුණු ලේ පාට: මිනිහගේ ආසම පාට නම් සුදු පාට. ඒ කලේ ඉඳන්ම මිනිහගේ වෙලාවේ තිබුණේ එක ගෑනිගේ ආලේ; හිටියත් කෙල්ලෝ මිනිහගේ සාලේ මිනිහ නෙවෙයි සැලුණේ; වෙනසක් උනා කෙල්ලන්ගේ හිනා වේ. අනෝරා වැස්සත් ඇද හැලුණා ඒ මරදානේ. වැස්සට තෙමිලා ඇහැරුණා මිනිහට ඇඳ විට්ටමේ. මේ ඔක්කොම මිනිහගේ අර පෙරේදා හීනෙ.

ජග් බග් ...ජග් බග්

රෑට රෑට මිනිහට පේන හීන ටක්කෙටම හරි යනවා කියලා මිනිහට දැනෙන්න පටන්ගත්තේ ජුලි කලබල කාලේ. දත් විලිස්සගත්ත රීරි යක්කු දෙන්නෙක් මිනිහගේ ගෙට පැන්න ඒ හීනෙ! පහුවෙනිදා තාත්තයි අයියවයි එල්ලලා තිබුණා ඒ තුන් මංහන්දියේ.

මිනිහ නැවතුණා පෙනී පෙනී ඡායාව ඩුබ්ලිකේෂන් පාරේ. මහන්සියි මිනිහට දිව්වට උදේට උදේට මේ නහින දෙහින කාලේ.තියාගත්තා දණහිස් දෙකට අත්. දාඩිය දාගෙන ආවා මිනිහගේ වයසක නළලේ. දැන්නම් මිනිස්සු පිරෙන්න පටන් අරගෙන එට්ටි පාරේ. මිනිහා දැක්කා කිරි පාට ප්‍රිෆෙට් ළමයි සුදු ඉරකින් කකුල් ඉක්මන් කරනවා සැරින් සැරේ. කහ ඉර නම් පායලා දැන් බිල්ඩින් ඉස්මත්තෙ. ඇරියා මිනිහා ටික වෙලාවක් හති. දැම්මා අත ටුක් එකකට, ආයෙත් මිනිහ කුරුදුවත්තේ

රිටයමින්ට් ෆී එකක් ගෙවන නිසා දවල් වෙනකොට සාමාන්‍යයෙන් මිනිහ යනවා ඔෆ්ස්. අදත් පුරුදු විදිහටම මිනිහගේ බෙන්ස් එකේ මිනිහ ගියා ඔෆිස්. ඒත්.

"කෝ මේ ලේ විල?"

ප්‍රශ්නයක් ඉල්ලන්නමයි මිනිහගේ හිත කියන්නේ.

ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ! *

ඒත් උදේ රේසරේට මූණ කැපුණෙ නැහැ මිනිහගේ වාහනේ හැප්පුනෙත් නැහැ දවල් කෑමට මස් තිබුණෙත් නැහැ සෝස් තිබුණෙත් නැහැ ඔෆිස් එකේ කිසිම කෙල්ලෙක් රතුපාට ඇඳලා හිටියෙත් නැහැ. කොටින්ම අද මිනිහ රතුපාට, ලේ පාට බෝඩ් එකක්වත් දැක්කේ නැහැ. කළුවර වැටෙන කොට මිනිහා ආවා ගෙදර.

වොෂ් එකක් එහෙම දාගෙන කවදාවත් නැතුව ඕඩර් කරා බෝතල් දෙකක් රෙඩ් වයින්, පොර්ක් ගාත පහක් රෙඩ් චිලී එක්ක. ගොඳුරු අල්ලන ඩිස්කවරි ප්‍රෝග්‍රම් එකක් බල බල බෝතල් දෙකම ගැහුවා මිනිහා එක වෙන කල්; දොළහ පන්නලා පහුවෙනිදා වෙන කල් වෙලාවට අනුව දවසක් පහු වුණා : කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැනේ ඒත්.

මිනිහට වෙරි දැන් හොඳටම. වැනි වැනි අතපත ගාලා මිනිහ කෝල් කරා කැබ් එකකට. නැගලා කැබ් ඩෝ එක ෂට් කරද්දී මිනිහ රික්වෙස්ට් කරා මොඩර්න් සිංදුවක් රොක්. මිඩ්ල් ඒජ් පොරක් ඒ කැබ් ඩයිවර්. අංකල්ට ඩෝප් බව දැක්ක ඩයිවර් දැම්මා සිංදුවක් හිපොප්. අන්තිමට තමන්ට අනුව දවස ඉවර කරන්න හිතාගෙන මිනිහ ගියා නයිට් කලබ්.

හෙන ෆෙස් ඒ රෙඩ් කලබ් එක සී සයිඩ්. වටකරලා දාලා තිබුණා ඒකෙ නම් රෙඩ් ලයිට්. කෙල්ලොත් හිටියා එතන ෆුල් පොෂ්. මිනිහට මතක් වුණේ මිනිහගේ දෙවෙනි දුව මේගන්.

දෙන්නෙකුට විතර පන්දාහේ ඒවා නිකං ඛෙදලා මිනිහ බැස්සා පාරට, රෙඩ් ලයිට් එළියට මිනිහගේ ඇහැ කන උනා ඒ පාර නම් වෙරි මරගාතේ, දිලිසෙන එහෙට මෙහෙට ඇදෙන දිග ඇරෙන ලයිට් අස්සේ මිනිහා හෙව්වේ අද හීනෙ.

කෝ මේ ලේ විල? ' තාම පරක්කුයි ප්‍රශ්නේ.

ලොකු දෙයක් සිද්ධ වෙන්නයි යන්නේ!"

මිනිහගේ හිත බලං හිටියේ වමතෙවත් යනකල් රෙඩ් වයින්, පේයි කියලා ලේ විල එතකොටවත්. මිනිහව පහු කරන් ගියා වාහන ගොඩක් කෑ ගහගෙන, දාගෙන රෙඩ් ලයිට් නයිට් පාර්ක් පැත්තට. වාහනේක දෙකක සුළඟට මිනිහ පොඩ්ඩක් කරකැවිලා අත ඇරුණා. සුදු ඉර ගාවදී බොත්තම ඔබාගෙන හිටියා මිනිහා පත්තු වෙනකල් රෙඩ් ලයිට්. රතු ලයිට් කොළ වෙනකොට රතුවෙලා තිබුණේ මිනිහගේ සුදු කන්. බැරිම තැන මිනිහ කණුවකට හේත්තු වුණා . ටික ටික බිමට පාත්වෙන කොටම,

මහත්තයා කොහෙටද ?"

"කු.. කුඳුරු.."

" නගින්න පොලිසිය ගාවින් දාගෙන යන්නම්"

රථාචාර්ය ! කෙනෙක් දුන්නා මිනිහට ලිෆ්ට් එකක්. ඒ රටේ නම් දාලා තිබුණේ බ්ලූ ලයිට්.

ගේට්ටුව පහු කරද්දී පොඩ්ඩක් වැටෙන්න ගියාට කිසිම කරදරයක් නැතුව මිනිහ ගෙදර ආවා, පාන්දර හතරාමාරයි ! බැහැපු වෙරිය හිඳිල යන්න මිනිහ බ්ලැක් කොෆී එකක් හදා ගත්තා. ඇඳට ඇවිත් පොඩ්ඩක් වෙලා උඩ බලං හිටියා. සුදු පාට සිවිලම දිහා.

මේ නොවරදින ලෝකයේ අපගේ කොන්දේසි සහගත පැවැත්ම ගැන මෙනෙහි කරන්නේ මෙසේය. කුඩා පිනි බිංදුවක් හෝ දිය පහරක පාවෙන බුබුළක් ගැන සිතන්න. ගිම්හානයේ වලාකුළක විදුලි කෙටීමක් ගැන. නැත්නම් දැල්වෙන පහනක්, නොපෙනෙන මායාවක්, දුමාරයක්, අවතාරයක් හෝ සිහිනයක් ගැන!

මනසින් අප මේ සියලු කොන්දේසි සහගත පැවැත්ම දැකිය යුත්තේ එබැවිනි.

ගෞතම බුද්ධ '

අන්තිමට පාන්දර එළිය වැටෙනකොටත් කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ.

හෙට මොනවා හරි වෙයි!"

වෙනදා වගේම මිනිහ වහපොරවගෙන නිදා ගත්තා; ටිකකින් අනිත් පැත්ත හැරුණා.

Nissanka Rajapaksa

unread,
Jun 16, 2024, 7:39:26 PMJun 16
to INDRAKA group
27
අවසන් පරිච්ඡේදය

- සුජාතා මැණිකේ ඉහළගෙදර

"හීරලුවෙක්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ" අවසානයේ මගේ බිරිඳ එසේ කීවා ය.

ඔව්, මම සිවුර හැර ගිය එකෙක්මි. නැතැයි නොකියමි. ප්‍රශ්ණය ආරම්භ වූයේ මහණකම පැතූ අපගේ කොල්ලාගෙනි. එයට විරුද්ධව මා කිරීමට ගියේ මගේ ජීවිත කතාව පොතක් ආකාරයෙන් ප්‍රසිද්ධ කිරීම ය. 

ලේඛිකාව සමඟ සාකච්ඡා වට තුනකින් පසු ඇය මගේ කතාව ලිවීම ආරම්භ කළා ය. හරියටම මාස තුනකින් ඈ එය ලියා නිම කළා ය. මම එය මගේ බිරිඳ අතට පත් කොට "මේ තමා ඇත්තම මගේ කතාව. මේක කියෙව්වම ඔයාට ඒ අදහස නැති වෙයි" කියමින් එය ඇයගේ අතෙහි තැබීමි.

එහි වූයේ තලාවේ ආනන්ද වූ මා සිවුර හැර ගොස් සුනෙත් මාලිංග වූ කතාව ය. 

සුනෙත් මාලිංග වන මගේ ජීවිත කථාවේ සැඟව ඇති පරිච්ඡේදය කියවීම රටෙහි රූපලාවණ්‍ය ක්ෂේත්‍රයෙන් පටන් ගෙන සාහිත්‍යකාමීන් අතර පවා ජනප්‍රිය වනු ඇතැයි සිතුවෙමි. සැබැවින්ම මට අවශ්‍ය වූයේ ඒ ජනප්‍රිය වීමට නොවේ. එයින් කතාබහක් ඇති විය යුතු බව මගේ අදහස ය.

මා තලාවේ ආනන්ද වූයේ කවදාදැයි මා දන්නේ නැත. සැබැවින්ම එය මගේ මතකයේ නැත. මම මා හඳුගන්නා විට මම තලාවේ ආනන්ද ව සිටියෙමි.

එවකට මා වැඩ සිටි පන්සලේ මහත දෙහෙත ලොකු උන්නාන්සේට උන් වහන්සේගේ හිතවත් ස්වාමීන් වහන්සේ නමක විසින් බාර දෙන ලද තුන් වියැති කුඩා කොලු පැටවෙකු වූ මා මහණ කරන ලද්දේ ඒ මහත දෙහෙත ස්වාමීන් වහන්සේ ය.

කුඩා කළ රාත්‍රී පන්සලට පැමිණෙන පවුල් දෙස බලා සිටියෙමි. මට අවශ්‍ය වූයේ දෙපා බිම නොගෑවෙන තරම් උස පුටුවක හිඳ වටාපත කින් මුහුණ වසාගෙන බණ හෝ පිරිත් කීමට නොවේ. කිසියම් ස්වාමීන් වහන්සේ නමක එම පුටුවේ හිඳ සිටින අතර බිම හිඳ සිටින පවුලෙහි මවගේ ඔඩොක්කුවෙ ඉඳගෙන සිටීමටය. 

ඇතැම් දිනවල අම්මා යැයි කෙනෙකු මා නින්දෙන් ඇහැරවා බත් කවන අයුරු ද තවත් දිනයක මා පිටේ තබාගෙන ලුනු ගෙනයන මතකයක ද ඡායා මාත්‍රයක් ලෙස සිහිනෙන් දුටුවෙමි. 

පන්සල් මිදුලම අතුගා දියබුබුලු ආ දෑතින් දානයේදී තැඹිලි වතුර කෝප්පය අතහැරි විට බැනුම් ඇසුවෙමි. දානයට බෙදූ කුකුල් අන්ඩ දෑතින්ම අල්ලාගෙන කෑවේ යැයි ගුටි ලදිමි. හෙම්බිරිස්සාවෙන් පීඩිත දිනවල සිවුරෙහි හොටු පිසදා ගැනීම පිළිබඳව ඇබිත්ත උන්නාන්සේගේ උදහසට ලක් වීමි.

මගේ උපන් ගමෙහි වූ ඒ හිතවත් යැයි කියූ ස්වාමීන් වහන්සේට බාර දෙන විට දිසානායක මුදියන්සේලාගේ උදිත රුවන් කුමාර නමින් උප්පැන්නයක් වූ බව පසුව දැනගතිමි. පසුව යනු මට වයස අවුරුදු දොළහේදී මහත දෙහෙත ස්වාමීන් වහන්සේගේ රාත්‍රි පරිහරණය උදෙසා පමණක් ඇති බඩු භාණ්ඩ අතර කුඩා ආනන්ද ද සිටින බව දැනගත් හිතවත් ස්වාමීන් වහන්සේ එනම් මගේ උපන් ගමෙහි පන්සලේ ලොකු උන්නාන්සේ වූ ද මගේ පළමු පළමු භාරකාරයා වූ ද ස්වාමීන් වහන්සේ නැවත වරක් මා උන්වහන්සේගේ බාරයට ගත් පසුව ය.
මගේ ගිහි කළ උප්පැන්නයෙහි මවගේ නාමය දිසානායක මුදියන්සේලාගේ රේණුකා දමයන්ති බව පමණක් සටහන් විය. පියෙකුගේ නාමයක් නොවිණි.

වයස අවුරුදු දොළහක් සම්පූර්ණ වන විට එකී රේණුකා දමයන්ති මගේ ම ගම්මානයේ බවත් ඇයගේ පරිවාරය වනාහී අපගේ ලොකු උන්නාන්සේගේම ඥාතී පරිවාරය බවත් දැනගතිමි.

ඈ පන්සලට පැමිණි ඇතැම් දිනයක ඈ දෙස බලා සිටියෙමි. ඇය අසළට ගොස් "අම්මා" කීමට ආශා කළෙමි. බිළිඳෙකුව සිටියදී මා පන්සලට ගෙනවිත් දැමූයේ ඇයිදැයි ඇසීමට සිතූයෙම්. නමුදු ඈ වරක් වත් මා දෙස බැලූයේ නැත. මා මහණවරය නොලබන්නේ නම් තවත් මසක් වත් ජීවතුන් අතර නොසිටින බව දෛවඥයින් කියූ බැවින් ඈ මා පන්සලට ගෙනැවිත් භාරදුන් බව ඇසීමි. එසේ නම් ඈ මා පන්සලට බාර දීමට සිදුවීම පිළිබඳව ශෝකයෙන් සිටිනු ඇතැයි සිතීමි. නමුදු ඈ මට වෛර කරන බවක් දැනගත් විට කම්පා වන්නට නොදත් කුඩා සාමණේර නමක වූ මම මගේ අම්මා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දුකින් මිදේවා, තරහ නිවේවා යනුවෙන් භාවනා කළෙමි.

 දිනෙක කිරි අම්මා සමඟ පන්සලට ආ ඈ මා දෙස බලා සිනාසුණාය. මම ඇය වෙත ගමන් කිරීමට සිතූයෙමි. එහෙත් ඇය හැඳ සිටි ගවුම දැක නැවතුණෙමි. ඈ දරුවන් ලබන්නට සිටින ගැහැනියකගේ ගවුමක් ඇඳ සිටියාය. ලොකු උන්නාන්සේ ඇයගේ අතෙහි පිරිත් නූලක් බඳින අතර ඈ මා දෙස බලා සිනාසී ඉනික්බිති ලොකු උන්නාන්සේගේ මුහුණ බැලුවාය. මම එතැනින් නික්ම ගියෙමි.

ගමේ පන්සලෙහි හිඟයක් නොවීය. අඩුවක් නොවීය. නමුදු පාඩුවක් වූ බවට හඟින සිතිවිලි වලින් පිරී සිටියෙමි. සියල්ල තිබෙන නමුත් ජීවිතය තිබෙන්නේ මෙතන නොවේ යැයි සිතෙන බව කිසිවෙකු සමග කීමට අවශ්‍ය විය. නමුදු අසන්නෙකු නොවීය.

ඉනික්බිති සුලෝචනාගේ කොණ්ඩය කපා ලොකු උන්නාන්සේට හසුව බඳ පටි පහර කන විටද අම්මා පන්සලේ සිටියා ය. 

ඒ ඉරිදාවකි. මම දාහත් වියැති තලාවේ ආනන්ද වූයෙමි. මහණදම් පුරන්නට නොව බාබරයෙකු වීමට ආශා කළෙමි. කොණ්ඩය වදයක් කියූ දහම් පාසල් ආ කෙල්ලකගේ කොණ්ඩය ආශාවෙන් කැපීමි. දෙමාපිය රැස්වීමට පැම්ණ සිටි කෙල්ලගේ අම්මා ඒ දැක පරළ වූවා ය. ලොකු උන්නාන්සේගේ බඳ පටිය මගේ පිට මත පලු නංවන විට ඇයගේ දෙවනි පුත්‍රයා උදෙසා දෙමාපිය රැස්වීමට පැමිණ සිටි අම්මා ද බලා සිටියාය.

දින කිහිපයක් ගත විය. මම සිවුර හැර යෑමට තීරණය කළෙමි. කොළඹට යන්නේ කෙසේදැයි දැන සිටියෙමි. චාලක හෙවත් මුට්ටියා ඩෙනිම් කලිසමක් හා නිල් පැහැති කමිසයක් ගෙනවිත් දුන්නේය. 

බාධාවකට වූයේ ඉන් පෙර කිසිදාක නොවූ අයුරින් ලොකු උන්නාන්සේ පිළිබඳව දුකක් දැනීමය. එය ඉරණම්කාර දිනයකි. බඳ පටියෙන් තැලූ දා පටන් මගේ මුහුණවත් නොබැලූ උන්නාන්සේ සන්ධ්‍යාවේ මා කැඳවා උන්වහන්සේ අත තිබූ බරැති යතුරු කැරැල්ල මා අත තබා "අද ඉඳන් මේ යතුරු පාළනේ ආනන්දට බාරයි" කියන විට මා සිටියේ ඩෙනිම් කලිසම ඇඳ බලනවිට ලත් ආශ්වාදය සඟවාගෙන ය. පනින රිළවාට ඉනිමං බැඳි උන් වහන්සේගේ මෝඩකමට පශ්චාත්භාගයෙන් සිනාසීමට අවශ්‍යව තිබුණා වුවත් සිනාසීම මෙලොව ඇති අමාරුම කාරිය බවක් හඟින්නට වූ ඒ මොහොත මේ දැන් මෙන් මට මතක ය. ආදරයක් නොදැක්වූවා වුව ද ඒ එතෙක් මට සිටි එකම බැඳීම ය. එයද අතහැර යාමෙන් මා තනිවන බව මගේ අභ්‍යන්තරය දැන සිටින්නට ඇත.

ආවාසයෙහි දොරවල් තුනක් හැර අපහසුවෙන් යා යුතුව තිබූ ගමන වඩා පහසු කළ යතුරු කැරැල්ල ආවාසයෙහි දොරකඩම තැබු මම අල්මාරියෙන් ගත් රුපියල් තිස් දාහ සුරැකිව තබා ගත්තෙමි. 

කොළඹ මා සිතූ තරම් සුන්දර නොවීය.මම බොහෝ වීදි වල ඇවිද ගියෙමි.බස් නැවතුම් වල නිදාගත්තෙමි.කොණ්ඩා කපන ස්ථාන වල කල් මැරීමී. දින තුනකට පසු එක් බාබරයෙකුගේ උපකාර ලදිමි. හෙතෙම තම සැලූනය අතු පතු ගෑමටත් ඔහුගේ නිවසේ වැඩ කර දීමටත් හැකි නම් මට රැකියාවක් දීමට කැමති විය. 

මම ඔහුට සේවය කළෙමි. ඇතැම් බීමත් දිනවල ඔහුගේ ලිංගේන්ද්‍රියට මා අවැසි විය. ආරම්භය අපුළ විය. නමුදු පසුදා උදෑසන "යෙන්න මනිච්චිර ඩා" යනුවෙන් ඔහු කියූවේ ඔහුට සමාවන ලෙස බව ඔහුගේ ඉරියව් වලින් වටහා ගත්තෙමි. මම ඔහුට ආදරය නොකළෙමි. ගරුත්වයක් හෝ බියක් නොවීය. නමුදු පැවැත්ම උදෙසා ඔහු සමඟ රැඳී සිටිය යුතුම බවක් සිතීමී.

වසරක් තුළ ඔහුගේ වෙනස අති මහත් විය. හෙතෙම මට කොණ්ඩා කැපීමට ඉඩ දුන්නේය. කොණ්ඩා කැපීම් පිළිබඳව මා සමඟ කතා කළේය. ඔහු වෙනුවෙන් නවමු කොණ්ඩා කපන ක්‍රම ඉගැනුමට යැව්වේය. ක්‍රමයෙන් ඔහු පිරිමින්ගේ පමණක්ද මම කාන්තාවන්ගේ ද කොණ්ඩා කැපීමට පටන් ගතිමු. 

දිනෙක කාගේදෝ ඔත්තුවක් හේතුවෙන් සැලෝනයක් මාරු වී අපගේ සැලූනයට කඩා පාත් වූ පොලිස් නිළධාරියෙකු මගේ හැඳුනුම්පත ඉල්ලා සිටින විට මා අත හැඳුනුම් පතක් තිබුණේ නැත. ආනන්ද මාමාගේ දැන හැඳුනුම් කම් මත ගැලවීමක් ලද නමුදු ආනන්ද මාමා මට අණක් දුන්නේය.

"උඹ ගමට ගිහිල්ලා උප්පැන්න එව්ව මෙව්ව අරන් වරෙං.අයිඩින්ටි හදන්ඩ ඕනෑ"
 ඔහු කියූවේ ය.
"යන්න විදියක් නෑ" එයින් ආරම්භ කොට සම්පූර්ණ සත්‍ය ඔහු සමඟ දිග හැරියෙමි. ඔහුගේ මුහුණේ පුදුමයක් හෝ වෙනත් කිසිඳු හැඟීමක් නොවීය.සැබැවින්ම ඔහුගේ සිතේ තිබුණේ කුමක්දැයි මම නොදන්නෙමි.
"පන්සලට කොහොමත් යන්න ඕන නෑ.ගෙදරට ගිහිල්ල ගිහි කාලෙ උප්පැන්නෙ ඉල්ලන්ඩ"
"ඒක තිබ්බෙ පන්සලේ"
"මට පන්සලේ ඇඩ්ඩස් එක දෙන්ඩ"

 එයින් සුමානයකට පසු මගේ නමින් හැඳුනුම් පතක් ඉල්ලුම් කරන විට ආනන්ද මාමා අත මගේ උප්පැන්න සහතිකය විය. 

 පොලිස් කලබලය දා පටන් ඔහු, මා සිය බඩු භාණ්ඩ ගොඩෙන් ඉවත් කළේය. ඉනික්බිතී කිසිදා මා පරිහරණය නොකළ ඔහු ඇතැම් තැන්වල මා ඔහුගේ පුත්‍රයා යැයි හඳුන්වන්නට පටන් ගත්තේය.
"නාන් නල්ලවර් ඉල්ලෙ ඩා ආනා යෙනකුං ඔර් මනස ඉරික. නා උනක පන්න යෙල්ලාතියුම් කෙට්ට කනවා නනචි මරදර ඩා"
ඔහු නිතර කියූ එවදන් මතකයේ ඇතත් එහි අර්ථය කුමක්දැයි නොදැන සිටියෙමි. කෙසේ වෙතත් ඔහුගේ බැල්මෙහි සමාව ඉල්ලීමක් විය. පසු කාලීනව ඔහු කියූවෙහි තේරුම දැනගතිමි.
ඒ මා ලියූවේ කියූවා යැයි මට ඇසුණු වචනය. ඔහු ඒ කියා තිබුණේ "මම හොඳ කෙනෙක් නෙවෙයි බං. ඒ උනත් මටත් හිතක් තියෙනවා. මං උඹට කරපු හැම දෙයක්ම නරක හීනයක් කියලා අමතක කරපන්" යන්නය.

ඉක්බිති එය මගේ නිවස විය. මම එයට ආදරය කළෙමි. රැක බලා ගතිමි. විවේකය නොයෙකුත් කොන්ඩා මෝසතර අත් හදා බැලීමට යොමු කළෙම්. ආන්නද මාමාගේ නිවසේ ගොඩ ගසා තිබූ පත්තර කන්ද මගේ අත් හදා බැලීම් උදෙසා ප්‍රධානතම සේවය සැපයූ අතර දිනයක් පාසා අලුතින් කොණ්ඩා කැපුවෙමි. දිනයක් පාසා අපගේ කාන්තා පාරිභෝගිකයින් වැඩි වූ අතර අපගේ සේවා ස්ථානය වෙනස් විය.

මම ඉලන්දාරියෙකුගෙන් තරුණයෙකු වූයෙමි. තරුණයෙකුගෙන් පිරිමියෙකු වූයෙම්. ආන්නද මාමා පරලොව ගියේය. මම සුනෙත් මාලිංග ලෙස කොණ්ඩා කැපීම පමණක් නොව එය ඉගැන්වීමට ද පටන් ගතිමි.
හීරලුවෙකුගෙ ලකුණක් හෝ මා තුළ නොවන්නට රුව ද ඇඳුම් ආයිත්තම්ද පමණක් නොව ගමන බිමන ද නඩත්තු කළෙම්.

ඈ මගේ ජීවිතයට පැමිණියේ මා ජනප්‍රියම කේශලාංකරණ ශිල්පියෙකු ද ගුරුවරයෙකු ද වූ පසුවය. පළමුව ශිෂ්‍යාවක වූ ඈ පසුව පෙම්වතිය වූවා ය. ඉනික්බිති බිරිඳ වන විට ඈ දැන සිටි අයුරින් මම දමිළ ජාතික ආනන්ද බාබර්ගේ පුතා ද පසුව නම් වෙනස් කරගත් සුනෙත් මාලිංග ද වීම්. ආර්ථිකය වනාහී මගේ ජීවිතය තුළ සර්ව සම්පූර්ණ වූ යමක් බව කිව හැකි තරමේ ධනයක් උපයාගෙන සිටියෙම්.

අපට ප්‍රේමණීය නැතත් නිදහස් හා සැනසිලිදායක විවාහ ජීවිතයක් විය. කාලය නොසොල්මනේ ගලා ගියේය. කෙදින තෙක්ද..? පුත්‍රයා දස වියටත් දියනිය සත් වියටත් එළඹෙන තෙක් සියල්ල සාමකාමී විය.   

අපගේ කොල්ලා මාගේ නැන්දම්මා සමඟ කොහේදෝ ආරණ්‍යක පිංකමකට ගොස් ආපසු පැමිණියේ මෙයින් හාර මසකට පෙරය. දවසක් හෝ දෙකකට පසු අපගේ කොල්ලා මහණවරය ඉල්ලා සිටින බව ඈ මා සමඟ කියූ විට.... ඔහ් ... මා ගොඩ නඟා ගත් සියල්ල මා අභිමුව ගිලා බසින්නාක් බඳුව කම්පිත වීමි.
"මට අර පොඩි හාමුදුරුවො වාගෙ කවි බණ කියන්න මහන වෙන්නම ඕන" ඔහු හඬමින් කියන්නට වූ විට මගේ නැන්දම්මා උපාසිකා මාතාව සතුටු කඳුලු වගුරුවන්නට වූවා ය.

ඉනික්බිති අපගේ කොල්ලා ඇයගේ කොල්ලා පමණක් විය. ඇයට කොල්ලා මහණ කිරීමටත් මට එය නොකර සිටීමටත් ඕනෑ විය. අපගේ සාකච්ඡා වාර දුර දිග ගියේ ය. අවසන මට සිදුවූයේ මා එයට විරුද්ධ වීමට ඇති හේතු කාරණා එකින් එක පැහැදිලි කිරීමට ය. මව් පියන් අහිමි සාමණේර නමකගේ ළමා කාලය සුන්දර නොවන බව මා කියූ විට ඈ එය විශ්වාස නොකළා ය. 

එබැවින් අකමැත්තෙන් හෝ අසරණකමින් සාමණේර නමක වීම කෙතරම් බිහිසුණුදැයි ඇයට ඔප්පු කර පෙන්වීමට මම මගේ කතාව ලියවූවෙමි. එය මගේ මුවින්ම ඇයට කිව නොහැකි වූයේ ඈ උපාසිකා මාතාවක වී ඈ දන්නා ධර්මයට පටහැනි කිසිවක් කිසිවෙකුගේ මුවින් නික්මෙන විට මඟහැර ගිය නිසා ය.

මගේ පොත පොතක් වීමට ප්‍රථම කොළ මිටියක් ලෙස ඈ අත තැබූ විට ඇයගේ ප්‍රතිචාරය කට කොනක් ඇද කොට නැඟූ උපහාසයකි. ඈ එය කියවා නිම වන තෙක් යැයි නිවසට වී සිටි මට ඇයගේ කියවීමක් දැක බලාගත හැකිවූයේ නැත. එහෙත් අපගේ කොල්ලා තාත්තාගේ ජීවිත කතාව කියවීමට උනන්දු විය. ඔහුට එය බර වැඩි බව මම දැන සිටියෙමි. නමුත් ඔහු ඒ කොල ගොඩ පෙරළා බැලීම මගේ සතුටට හේතු විය. ඔහු ඒ ජරා ගොඩ අල්ලා අත ගා බලනු දැකීම මගේ අකමැත්තට හේතු නොවීය.

 සන්ධ්‍යාවේ කොල්ලා මා අසළට පැමිණ "එතකොට තාත්තා පොඩි කාලේ මහන වෙලා හිටිය ද?" යි අසන විට ඇය සිටියේ කෑම මේසය පිස දමමිනි. මා සිටියේ තේ කොප්පය තොල ගාන අතර බිස්කට්ටුවක් සපමිනි.

මම ඇයට එය කියවන්නට හැර නිවසින් පිටමංවූයෙමි.පාන්දර දෙකට පමණ ඇමතුමක් ගත් මගේ පාද පරිචාරිකාව බොහෝ සන්සුන්ව මට කතා කළාය.
"මාලිංග කොහෙද ඉන්නෙ? ගෙදර එන්න. මට වැදගත් දෙයක් කතා කරන්න ඕන"

අවසන ඈ එය වටහා ගත් බවත් මම තව දුරටත් සඟවා ගත් රහස් වලින් යුත් සිරවූ මිනිසෙකු නොවන බවත් අපගේ කොල්ලාගේ නිදහස ද තිර බවත් දැන නිවසට ගියෙමි. නමුදු මා දැන සිටි දෙය සැබෑව නොවීය. මා ඉදිරියේ හිඳ ගත් ඈ සිය කෝමළ දෑත් එකිනෙක පටලවමින් වචන හකුලුවමින් කම්මුල් පුම්බමින් මට අණක් දුන්නා ය.

"මාලිංග.. ඔයාට... ඔයා.. ඒක.. ඒ..
මේ පොත කරන්න බෑ. ඒක කරන්න එපා. අපට පාරෙ බැහැලා යන්න බැරිවෙනව"
"නෑ. මම ඕක කරනවා. ළමයි මහණ කරන එක ඒ තරං හොඳ දෙයක් නෙවෙයි කියල ඕක කියවන උන්ට තේරෙන්න මම ඕක පබ්ලිෂ් කරනවා"
"කිව්වෙ නෑ කියන්න එපා මාලිංග. ඕක කරොත් මම නරක ගෑනි කියන්න එපා"
"ඇයි තමුසෙ මට මොනව කරන්නද?"
"මම .. මට පාරෙ බැහැලා යන්න බැරි වෙයි. යාලුවන්ට මම මොනවද කියන්නෙ. මම බැන්දෙ හීරලුවෙක් කියලා උන් දැනගත්තම..
ඒ මදිවට ආනන්ද.. ෂික්.. පන්සලේදී.. කොලු කාරයෙක් බැන්ද වගේ මං"
"ඒවා මගෙ කැමැත්තට වුණ ඒව නෙවෙයි "
"වෙනකම් උඩ බලන් හිටියෙ මොකද එහෙනං"
"අන්න එහෙම උඩ බලන් ඉන්ඩ වෙනව. මොකද යන්ඩ එන්ඩ තැනක් නෑ. පොඩි උන් මහණ..... "
"මහණ කතාවක් නෑ මෙතන. ඒක මම බලාගන්නං. තමුසෙ ඔය පොත කරන එක නවත්තනව"
"ළමයට මේව තේරුම් කරන්න බෑ. තමුසෙ වත් තේරුං ගන්නව. මට වුන දේ මගෙ ළමයට වෙනවට මම කැමති නෑ. ඔය ලොකු උන්නාන්සෙලා"
"හැම ලොකු උන්නාන්සෙම එහෙම නෑ. ඔයාලගෙ ගමේ පන්සලේ උන්නාන්සෙ එහෙම නෑනෙ. ඔයාව බේරගත්තෙ.ඒවගෙ තමා.. අපේ ලොකු උන්නාන්සෙ එහෙම නෑ"

"මෝඩ ගෑනියෙ. ළමය දුන්නට පස්සෙ කොහෙ කොහෙ යවයිද කවුද දන්නෙ. අනික ප්‍රශ්ණෙ ඒක විතරද? ළමයට අම්ම අප්පා ඕන කාලෙ මේක. මේ වයසෙ ලමයෙක්ට ඕන අම්මා අප්පා යාලුවො නෑයො සෙල්ලම් මිසක් සිවුරුයි ඉදලුයි නෙවෙයි"
"ඒක මම බලාගන්නං. තමුසෙ මේ කෙහෙල්මල් පොත් කෙරුවාව නවත්තනව"

 ඈ එසේ කියමින් මගේ පොත වීමට නියමිතව තිබූ කඩදාඩි මිටිය අතින් ගෙන කාමරයේ මුල්ලට විසි කළාය.

"යකෝ මෝඩ ගෑනියෙ. ළමයෙක් පන්සලකට ගිහින් දානවට වඩා හොඳයි ළමා නිවාසෙකට දාන එක. ඒකෙන් අඩු ගානෙ ඒ ළමයට ළමා කාලෙ කියලා එකක් බාගෙට වත් හම්බවෙනව. ළමයෙක්ට ඕන මොන විදියක හරි ළමා කාලයක් මිසක් සාමණේර කාලයක් නෙවෙයි"
"ඉතින් තමුසෙගෙ අම්මටත් තිබ්බනෙ තමුසෙව පන්සලට ගිහින් දාන්නැතුව ළමා නිවාසෙකට දාන්න. අනික ඒ ගෑනිට තිබ්බෙ පන්සල් ගානෙ උස්සන් යන්න නෙවෙයිනෙ. ළමයගෙ අප්පා හොයලා අප්පා ලඟට ගිහින් දාන්නනෙ"

"මම ඔය පොත කරලම තමා නවතින්නෙ"

මම නැගී සිටියෙමි. ඈ එක්වරම ඉදිරියට පැන මගේ අතක් මිරිකා අල්ලා ගත්තාය. ඇයගේ දිගු නියපොතු මට ඇති කළ රිදුම මගේ කෝපය දෙගුණ කරවීය.

"උඹ ඒ මගුල් පොත ගහන්නෑ"
"නෑ. මම ඒක ගහලා බෙදනවම තමයි"

ඈ මගේ බෙල්ල මිරිකාගත්තා ය. මම ඇයගේ කම්මුලට පහර දෙකක් ගැසීමි. ඒ කතාව ඈ කියූවේ එවේලේ ය.

"හීරලුවෙක්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ"

අවසන මම හීරළුවා වී නැවතී සිටියෙමි. 

මහා මාර්ගයක් අයිනෙහි මෝටර් රථය නවත්වාගෙන කල්පනා කරමින් සිටි මට අහම්බෙන් ආ නින්දක් හමුවූයේ පාන්දර පහ හමාරට ආසන්න වේලාවකදී ය.. මගේ බිරිඳගේ එම ප්‍රකාශය මට මතක් වූයේ එකී නින්දත් නොනින්දත් අතර නිමේෂයේදී ය.

"ඉතින් තමුසෙගෙ අම්මටත් තිබ්බනෙ තමුසෙව පන්සලට ගිහින් දාන්නැතුව ළමා නිවාසෙකට දාන්න. අනික ඒ ගෑනිට තිබ්බෙ පන්සල් ගානෙ උස්සන් යන්න නෙවෙයිනෙ. ළමයගෙ අප්පා හොයලා අප්පා ලඟට ගිහින් දාන්නනෙ"

සත්‍යකි. මගේ මවට එසේ කිරීමට තිබුණා නොවේද? එසේ නොකළේ ඇයිදැයි ඇයගෙන් ඇසීමට තීරණය කළෙමි.

එදින උදෑසන එකොළහ පමණ වන විට මම මගේ ගමනාන්තයේ වීමි. ඒ මගේ මවගේ නිවසය.

ඈ අසල්වැසි කාන්තාවක හා ඕපාදූප කියවමින් සිට්යාය. මම මෝටර් රියෙන් බැස ඇය ඉදිරියට ඇවිද ගියෙමි.
"මාව දන්නවද?"
ඇයගේ අසල්වාසී ඕපාදූපකාරිය කුහුලින් බලා සිටියාය. නමුදු අම්මා හෙවත් ඈ නම් මා හඳුනාගත් බව පෙනිණි.
"මම තලාවේ ආනන්ද"
"ගෑනු පත්තර වල තියෙනව දැකලා තියෙනවා පොටෝ එක. කොන්ඩ කපන.." 
ඕපාදූපකාරිය කීවා ය.
"මට දැනගන්න ඕන මෙච්චරයි. ඇයි පොඩි කාලෙ මාව පන්සලට ගිහින් දැම්මෙ? ළමා නිවාසෙකට හරි නැත්තං මගෙ තාත්තා ළඟට හරි ගිහින් දාන්න තිබ්බනෙ"
"තාත්ත ළඟට තමයි ගිහින් දැම්මෙ" 

මහා හඬින් එසේ කියූ අම්මා නිවස තුළට ගියාය. ඇතැම් විට ඇය සෙමෙන් කියුවා වන්නටත් එය මගේ කනෙහි හැපුණේ අධික ශබ්දයකින් වූවාත් විය හැකිය.

"චූටි පුතා එන්න ගෙට... මාව දන්නවද?"
මම නැතැයි කීමට හිස සැලීමි. නමුදු යාන්තම් මතකයේ නොවූවා ද නොවේ.

"ඔයාගෙ අම්මා මගේ අම්මගෙ මල්ලිගෙ දුව. ඒ කියන්නෙ ඔයාගෙ අම්මයි මමයි නෑනලා. අපේ ලොකු හාමුදුරුවොයි ඔයාලගෙ අම්මයි නෑනයි මස්සිනයි..ලොකු හාමුදුරුවො අසනීපෙන්. පුතා ආව එක හොඳයි බලලා යන්න"

මගේ ඔලුව පැටලිණි. මම ආපසු මගේ මෝටර් රිය වෙත ගොස් එය පණ ගන්වා ගතිමි. නිවසේ කඩුල්ලෙන් එලියට යත්ම හිස තුළ යම් නිරවුල් බවක් ඇති විය. මම වාහනය එතැන නවතා බැස්සෙමි. මගේ නැන්දා කියූ ගැහැනිය මා වෙත ආවා ය.

"අරයා ඒ කිව්වෙ මොකද්ද? කවුද මගෙ තාත්තා? අම්මා නෙවෙයි ද මාව පන්සලට ගිහින් දුන්නෙ?"

නැන්දා මා නිවසෙහි ඉස්තෝප්පුවට කැඳවාගෙන ගියා ය. ඇයගේ දීර්ඝ කතාව මෙසේ සංක්ෂිප්ත කළ හැකි ය.

"අපේ අම්ම තමයි ඉගන ගෙන ඉවරවෙල සිවුරු ඇරලා එන්න කියලා අයියව මහණ කෙරුවෙ. අපේ තාත්තා හන්දියෙ බාබර් සාප්පුවෙ වැඩට ආව බාබර් කෙනෙක්ලු. එයා ගමේ යනව කියලා ගිහින් අයෙ ඇවිත් නෑ. අම්ම අපිව හදාගත්තෙ අමාරුවෙන්. ඒ හින්දා අයියා, අම්ම කිව්ව වගෙ මහණ වුනා.. අයියා ඉගනගෙන ඉවරවෙලා ඉස්කෝලෙ පත්වීම හම්බුනහම ඇත්තටම සිවුරු ඇරලා ආව. අම්මා ඒකට කැමති වුනෙ නෑ. අයියා දවස් හතරක් ගෙදරම හිටිය හැංගිලා. කවුරුවත් දන්නෑ. අම්මා අයියට කන්නවත් දුන්නෑ. ආපහු පන්සලට යන්න කියලමයි කිව්වෙ. අයියට කන්න ටිකත් අපි දුන්නෙ අම්මට හොරෙන්. එක දවසක් අම්මා ලාම්පුතෙල් හලාගන ගිනි තියාගන්න ගියා. අයියා ආයෙ පන්සලට නොහියොත් අම්ම මැරෙනව කිව්වා. අම්මා මැරුණට පස්සෙ ඕන නං සිවුරු ඇරල ආවට කමක්නෑ කිව්ව.
"හ්ම්ම්"
"ඉතිං අයියා ආපහු පන්සලට ගියා. අම්ම නැති දවසක ආපහු එන්න හිතාගන ගියෙ. ඒත් අයියා ආපහු පන්සලට ගිහින් ටික දවසකින් ලොකු හාමුදුරුවො පපුවෙ අමාරුවක් හැදිලා අපවත් වුණා. ඒ දවස් වල තමා අපි දනගත්තෙ නංගිට ඔයා හම්බුවෙන්න ඉන්නව කියලා. ඒක අයියා සිවුරෙ ඉද්දි කරපු වැරද්දක් නෙවෙයි"
"හ්ම්ම්"
"අයියට... මේ... හාමුදුරුවොන්ට පන්සල භාර ගන්ඩ වුණා. එයින් පස්සෙ සිවුරු ඇරලා එන එක ලේසි නෑනෙ. තාත්තා කවුද කියලා කියන්නැතුව ඔයාලගෙ අම්මා ඔයාව හදාගත්තා අවුරුදු තුනක්ම. හාමුදුරුවො කවදා හරි ගෙදර එයි කියලා නංගි විස්වාස කෙරුව. ආවෙ නැති තරහට තමා ඔයාව අරගෙන ගිහින් පන්සලට දැම්මෙ"
"හ්ම්ම්"

ඉනික්බිති .... ඉනික්බිති මගේ මෝටර් රිය පන්සල දක්වා ඇදිණි. දැන් මට කතාවේ ඉතිරිය කීමට තිබූ උනන්දුව හීන වී ඇති බවක් හැඟේ. මගේ සිත උකටලී වී ඇත. කෙසේ නමුත් කෙටියෙන් කියා දමන්නෙමි.

පන්සල බොහෝසෙයින් වෙනස්ව ගොස් තිබිණි. එහි නවමු ඉදිකිරීම් රාශියක් විය. ආවාස ගෙය පිහිටියේ පෙර ආවාසය තිබූ තැනට පසුපසිනි. එය නවීන පන්නයේ ගෘහයකි. කිසිවෙකු මා හඳුනා ගත්තගත්තා ද නැති දැයි මා දන්නේ නැත. මම ආවාසයට ඇතුළු වූයෙමි. දහ පාලොස් දෙනෙක් ගෙන් සමන්විත ගම්මුන් පිරිසක් ආවාසේ තුළත් එහි මිදුලේත් සිටි බව මතකය. "ලොකු උන්නාන්සෙගෙ කාමරය කෝකද?" යැයි සාමණේර හිමි නමකගෙන් ඇසූ විට ආසන්නතම කාමරය පෙන්වූ අතර ලොකු උන්නාන්සේ මා සමග ගත් ඡායාරූපයක් එම අලුත් ආවාසයෙහි බිත්තියේ ද එල්ලී තිබෙනු දුටුවෙමි.

මා කාමරය තුළට ගිය විට රෝගී සයනයේ සිටම දායකයෙකු අතින් කිසියම් පානයක් බොමින් සිටි ලොකු හාමුදුරුවෝ මා දෙස බලා සිටියහ.
"කවුද?"
"මම ආනන්ද"
දායකයා ඩොග් ගා පානය සහිත භාජනය අත හැරියේය. ලොකු හාමුදුරුවෝ දෑස් තද කර පියා නැවත හැරි අතර "සිසිර ටිකක් එළියෙන් ඉන්ඩ"යැයි කීහ. සිසිර අකමැත්තෙන් මෙන් එළියට ගියේය. මම දොර වසා දැමීමි.

"මට අම්මා කිව්වා ඔබ වහන්සෙ තමා මගේ තාත්තා කියලා. ඒක ඇත්තද?"

උන් වහන්සේ කිසිවක් නොකීහ.

"මට දැනගන්න ඕන ඒ කතාව ඇත්තද කියල විතරයි"

උන්වහන්සේ කිසිවක් නොකීහ.

"තාත්තෙක් හැටියට මට මොනවද කළේ? මීට වඩා හොඳයිනෙ මැරුවනං"

මම නැගී සිටියෙමි.

"තාත්තා හැටියට කරපු එකම දේ තමා අද රෑ සිවුර ඇරලා යන බව දැන දැනම හැන්දෑවෙ පන්සලේ යතුරු කැරැල්ල බාර දුන්න එක. මාත් මහණ වෙන්ඩ ඉස්සර ආසා වුණේ කොණ්ඩ කපන්ඩ"

මා දොර හැර පිට වන අවස්ථාවේ උන්වහන්සේ එසේ කියනු මට ඇසිණි. 

යකාගෙ කම්මල බඳු වූ හිස තව දුරටත් මෝටර් රිය පැදවීමෙන් වළකින ලෙස මට දැනුම් දෙන්නට වූ නමුදු මම නැවතීමට කැමති නොවීමි.

මගේ ලේඛිකාව අමතා මගේ ජීවිත කතාවට තවත් පරිච්ඡේදයක් එක් කරන්නැයි අලුත් කොටස කීමට අවශ්‍ය වුවද ඈ ලෙහෙසියෙන් දුරකථනයට ප්‍රතිචාර දක්වන්නියක නොවේ. ඇය මඟ හැරී ගිය බැවින් විස්තරය කියා ඇයට හඬ පණිවිඩයක් පටිගත කිරීමට පටන් ගතිමි. අනතුරුදායක වංගුවක මගේ මෝටර් රථය ලිස්සා ගියේය.කෙසේ හෝ ඇය වෙත ආවේ අවසන් පරිච්ඡේදය මගේ හඬින්ම යැවීමට පමණක් මාරයා විසින් කාලය ලබා දෙන ලද්දේය.

සහකම්පනයෙන් යුත් මගේ ලේඛිකාව ජීවත්වන කිසිවෙකුගේ තර්ජනයකට යටත් ව මගේ කතාව මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම නොකිරීමට තීරණය කර ඇත. ඒ " කිසිවෙකු " වනාහි කවුරුන් දැයි ඔබට කිවයුතු නැත. නිස්කාරණේ මෙලොව සිටින මා උදෙසා ඔය ලොව සිටින ඔබගෙන් කිසිවෙකු සාක්ෂි දැරිය යුතු නැත. නියමිත කාලය පැමිනිවිට එකී තර්ජනාංගුලිය එසවීමේ වරදට අදාළ පුද්ගලයා වෙත අදාල දඬුවම පැමිණවීම උදෙසා මම මෙහි සැරිසරමින් සිටිමි.

දැන් මගේ මරණයෙන් මසක් ගෙවී ඇති අතර සියල්ල සාමාන්‍යකරණය වෙමින් තිබේ. මහණවරය ඉල්ලා රන්ඩු කළ මගේ කොලු පැටියා දැන් දැන් නිශ්චලව කල්පනා කරයි. අහා .. ඔහු දැන් කුඩා කොණ්ඩ බෙටි දෙකක් බැඳි කෙල්ලක පිළිබඳව උනන්දුය.

ඔහුගෙ මවට නම් තවමත් අවශ්‍යව ඇත්තේ ඔහුගේ කුඩා ශරීරය සිවුරකින් වසා හැඩ බැලීමට ය. දිවුරා කියමි. ඇය එවැන්නකට සැරසෙන්නේ නම් මා නිහඬව බලා සිටින්නේ නැත. 

කොල්ලා කුඩාය. නමුදු ඇය කුඩා එකියක නොවේ. ඇයගේ ආශාව අධිකම නම් කොල්ලාට කහවතක් අන්දවා චායාරූප ගෙන බලමින් සිටිය හැකිය. නමුදු ඔහු පන්සලක ගාල් කිරීමට නම් ඉඩක් නොදෙන්නෙමි. නොදෙන්නෙමි. නොදෙන්නෙමි.

නොදෙන්නෙමි කියනුයේ නොදෙන්නෙමි ය යන්න සහතික නිසාය.

කොල්ලා මහණවරය ලබනවානම් ලැබිය යුත්තේ කවි බණ කීමේ ආශාවට වත් නිවසේ ආහාර හිඟ නිසාවත් නොවේ. ඔහුට ගිහි ගෙය එපා වී ඇති නිසා ය. ඔහුට සසර ගමන නවතා දැමීමට උවමනා බවක් සිතෙන විට ය.
=========

Nissanka Rajapaksa

unread,
Jun 17, 2024, 7:39:55 PMJun 17
to INDRAKA group
28
ඇපල් ගෙඩිය 
(මව්බිම පුවත්පතින්)

සෝවියට් ලේඛිකා වෙල්කා ස්පෙයාර්ගේ කතාවක් 

පරිවර්තනය බොබී ජී බොතේජු
  










Nissanka Rajapaksa

unread,
Jun 18, 2024, 8:04:24 PMJun 18
to INDRAKA group
29
අසල්වැසියෝ

Neighbours by Tim Winton
from the book ‘Cousins- Across the seas', a selection of short stories from the countries of the Commonwealth (2008)

පරිවර්තනය හෙල්මලී ගුණතිලක 

තරුණ යුවළ ඒ පළාතේ පදිංචි වුණු අලුත, වටපිටාව ගැන ඔවුන් පසුවුණේ තරමක කල්පනාවෙන්. ඒ මුළු වීදියේම වාසය කළේ යුරෝපයෙන් සංක්‍රමණය වුණු උදවිය. මේ නිසා අලුත බැන්ද ජෝඩුවට තමන් පිටරටක තාවකාලිකව පදිංචි වුණා වගේ හැඟීමක් ඇතිවුණා. එහා ගෙදර උන්නේ මැසිඩෝනියානු පවුලක්. දකුණු පැත්තේ නිවසේ වාසය කළේ පෝලන්තයෙන් ආව වැන්දඹු පුරුෂයෙක්. 

අලුත් යුවළ පදිංචි වුණු නිවස කුඩා එකක්. ඒත් එහි උස් වහල නිසාත්, වීදුරු ජනෙල් නිසාත් එය කදිම බංගලාවක් වගේ දැනුණා. තරුණයා නිවසේ තමන්ගේ අධ්‍යයන කටයුතු කළ කාමරයේ ජනේලයෙන් බලද්දී ඔහුට සෙසු නිවාසවල පියැසි වලටත්, අවට තිබුණු පරණ මෝටර් රථ වෙළඳසැල් වලටත් ඉහළින් ඈත පෙනුණා. ඔවුන්ගේ සුරතල් බල්ලාව ඇවිදින්නට රැගෙන යන උද්‍යානයේ මෝර්ටන් බේ වර්ගයේ අත්තික්කා ගස් පවා එතැනට ඔහුට හොඳින් පෙනුණා. ඔවුන්ගේ කීකරු, ලොම් හැලෙන කොලී බල්ලා ගැන අසල්වැසියන් දැක්වූයේ පරෙස්සම් සහගත බවක්. 

අසල්වැසියන් යහපත් නම් ඒ අය ගැන නිතර අසන්නට දකින්නට නොලැබෙන බවයි ඔවුන් මින් පෙර විසූ පෙදෙස්වල අත්දැක තිබුණේ. ඒත් මෙහිදී පාන්දරම වටපිටින් ඇසෙන්නට ලැබෙන කාරන, නාන හඬවල් මුලදී ඔවුන්ට තිගැස්මක් ඇතිකළා. මැසිඩෝනියානු පවුල නම් නිරන්තරයෙන්ම එකිනෙකාට කෑ ගැසුවා, බැණ වැදුණා, දෙස් දෙවොල් තිබ්බා. තම අසල්වැසියන් එකිනෙකා මරානොගන්නා බවත්, මේ ඔවුන් කතාබහ කරන හැටි බවත් තේරුම්ගන්නට අලුත් පදිංචිකරුවන්ට හය මසක් ගතවුණා. වයසක පෝලන්ත මිනිසා ලෑලි වලට ඇන ගසමින් නැවතත් ඒවා ගලවමින් දවසෙන් වැඩි ප්‍රමාණයක් ගත කළා. ඔහුගේ ගෙවත්ත පරණ ලී දඬු වලින් පිරී තිබුණත් ඔහු ඒවා එකතුකරනවා මිස ඉන් යමක් තනන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

මාස කිහිපයක් ගතවෙන තුරුම අසල්වැසි සබඳතා අපහසු වුණා. අලුත් පදිංචිකරුවන් උදෑසන අවදිවෙන වෙලාව ගැන මැසිඩෝනියානුවන් එසවුණු දෙබැමින් අප්‍රසාදය පෙන්වූවා. බිරිඳ රැකියාවකට යද්දී තමන් පර්යේෂණ නිබන්ධනය ලිවීමට ගෙදර නැවතී සිටීම ඔවුන් අනුමත නොකළ බව ඔහුට වැටහුණා. අසල්වැසි නිවසේ කුඩා පිරිමි දරුවා පාරට මුත්‍රා කරන අයුරු ඔහු පිළිකුලෙන් බලා සිටියා. වරක් කොලුවා නිවස පසුපස පඩිය උඩ සිට බළලාගේ ඇඟටත් මුත්‍රා කරනු තරුණයා දුටුවා. කොලුවාගේ කොණ්ඩය නිතර බූ ගා තිබුණේ එය ඝනව වැඩීම සඳහා විය යුතු යැයි ඔහු උපකල්පනය කළා. තම නිල් දෑස පමණක් දිස්වෙන ලෙස වැට අද්දර සිට මෙපිට බලා සිටි කොලුවා නිසා තරුණයා අපහසුතාවයට පත් වුණා. 

සරත් කාලයේදී තරුණ යුවළ නිවස පසුපස ගෙවත්තේ කසළ ඉවත් කර, පිරිසිදු කර, බිම් කොටා, පොහොර යොදද්දී අසල්වැසියන් වුවමනාවෙන් ඒ දෙස බලා සිටියා. ඔවුන් ලීක්ස්, ළූනු, ගෝවා, බ්‍රසල් ස්ප්‍රවුට් සහ බෝංචි සිටවද්දී අසල්වැසියන් වැටට උඩින් ඔවුන්ට පැල අතර දුර පිළිබඳව, බිම් සැකසීම පිළිබඳව, පොහොර වර්ග පිළිබඳව උපදෙස් දුන්නා. ඔවුන්ගේ ඇඟිලි ගැසීම් ගැන මනාපයක් නොතිබුණත් තරුණයා ඔවුන්ගේ උපදෙස්වලට ප්‍රවේශමෙන් ඇහුම්කන් දුන්නා. ඔහුගේ බිරිඳ නම් අසල්වැසි කොලුවාගේ වැඩීගෙන එන කෙස් කොට සහිත හිස අතගාන්නට තරම් නිර්භීත වුණා. කළු දෑසක් සහ මස් වෙළෙන්දෙක්ගේ වැනි බාහු තිබුණු හැඩි දැඩි කාන්තාවක් ඔවුන්ට පැලකරන්නට සුදු ළූනු බික් මල්ලක් දුන්නා. 

වැඩි කලක් ගතවෙන්නට පෙර තරුණයාත් තරුණියත් කුකුල් කොටුවක් තැනුවා. එය කඩාවැටෙන අයුරු අසල්වැසියන් බලා සිටියා. පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා ආරාධනා නොලබා ම වැටෙන් රිංගා ඇවිත් එය ඔවුන්ට යළි තනා දුන්නා. ඔහු කී කිසි දෙයක් ඔවුන්ට වැටහුණේ නැහැ. 

සරත් කාලය ගෙවී ශීත කාලය පැමිණෙද්දී රත්පැහැ හවස්වරුවලට අනතුරුව හදිසි අඳුරු රාත්‍රී කාල එළඹුණා. දර දැවෙන දුම් සුවඳ පැතිරෙද්දී, දවසේ නිමාව සටහන් කරමින් කුකුළන් හඬලද්දී තමන් අසල්වැසියන් හා මඳහස නඟන බව තරුණ යුවලට දැනුණා. ඔවුන් දුන් ගෝවා ගෙඩි හුවමාරුවට අසල්වැසියන්ගෙන් වයින් සහ දර ලැබුණා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන වූ ඔහුගේ පර්යේෂණ නිබන්ධනය සම්පූර්ණ කරන්නට සීරුවට වෙහෙසුණා. ඔහු බිරිඳ වෙනුවෙන් රෑ කෑම පිස, ඇය රෝහලේ අකාර්යක්ෂම බව ගැන, කරදරකාරී රෝගීන් ගැන කියන කතන්දර අසා සිටියා. පාරේ ඇවිදින්නට යද්දී ඔවුන් තවදුරටත් මුහුණු බිමට නැඹුරුකරගෙන ගියේ නැහැ. ඔවුන්ගේ දෙමව්පියන් ඔවුන්ව බලන්නට පැමිණි විට තිගැස්මෙන් යුතුව වැටවල් එපිට බලද්දී ඔවුන්ට උඩඟු, ආඩම්බරයක් දැනුණා. 

ශීත කාලයේදී ඔවුන් විශාල නිහඬ මස්කොවි තාරාවන් ඇති කළා. උන් වැස්සේ තෙමෙමින් තැන තැන හිටගෙන, ඉබේ බර වැඩිවෙමින් පසුවුනා. වසන්ත කාලයේදී මැසිඩෝනියානු පවුල තාරාවන් මරණ අයුරු, උන්ගේ පිහාටු ගලවා සකසන අයුරු ඔවුන්ට ඉගැන්වූවා. සම්ප්‍රදායක ලෙස පිරිමින් මස් කපමින්, ගැහැනුන් පිහාටු ගලවමින් ගෙවත්තේ තැන තැන ලී කොටන් උඩ, මුණින් හැරවූ බාල්දි උඩ වාඩිවී එකිනෙකාට යන්තමින් වැටහෙන කතන්දර කියාගත්තා. පාන්දර මීදුමත්, අවට පැතිරුණු හුමාලයත්, කැඩුණු කතාබහත් අතරේ තරුණයාටත් තරුණියටත් මත් බවක් දැනුණා. තැන තැන විසිරුණු තාරාවන්ගේ කඳින් වෙන් වූ හිස් සමඟ බළලා සෙල්ලම් කරමින් සිටියා. කොලුවා බළලාගේ වල්ගයෙන් ඇද්දා. තමනුත් කෑගසමින් පසුවන බව අලුත් පදිංචිකරුවන්ට වැටහුණා. 

එහෙත් ඔවුන් ගැබ් ගැනීමක් නම් සැලසුම් කර තිබුණේම නැහැ. මේ තරම් ඉක්මනින් දෙමව්පියන් වීමට සිදුවීම ගැන ඔවුන්ට මහත් කම්පනයක් දැනුණා. ඔවුන්ගේ මිතුරු මිතුරියන්ට එක්කෝ දරුවන් සිටියේම නැහැ. නැත්නම් එය සිදුවුණේ විවාහ වී වසර ගණනක් ගතවුණු පසුව. තරුණිය මාතෘ නිවාඩු ගන්නට කටයුතු සූදානම් කළා. තරුණයා විසිවෙනි සියවසේ නවකතාවේ සංවර්ධනය ගැන ඔහුගේ පර්යේෂණ නිබන්ධනය වෙනුවෙන් වෙහෙසුණා.

පෝලන්ත ජාතික වැන්දඹු මිනිසා කුමක්දෝ තනන්නට පටන්ගෙන තිබුණා. වසන්තයේ අග භාගයේ පාන්දර ජාමවල, මෙතෙක් කල් එක්රැස් කර තිබුණු දැව දඬු යොදාගෙන ඔහු කණු සිටවමින්, සිමෙන්ති දමමින් සිටියා. තරුණ යුවළ ඇඳේ ඒ මේ අත පෙරළෙමින්, ඔහුට නොඇසෙන්නට ඔහුට ශාප කළා. වැන්දඹු මිනිසා වුවමනාවෙන්ම ඔවුන්ට එදිරිවාදිකම් කරනවාදැයි තරුණ සැමියාට ඇතැම් විට සැක හිතුණා. තරුණ බිරිඳ උදෑසනට වමනය කළා. තරුණයා පීනසෙන් පීඩා වින්දා.

වැඩිකල් ගතවෙන්නට පෙර ගැබ් ගැනීම ගැන අහල පහළ හැම කෙනෙක්ම දැනසිටින බව තරුණ යුවලට වැටහුණා. කිසිම වෙහෙසක් නැතිව මිනිසුන් ඔවුන් හා නිරතුරුව හිනැහුනා. විදෙස් කෑම වර්ග විකුණන කඩයේ හිමිකරු පුංචි තෑගී ලෙස ඇයට චොකලට් සහ ඔහුට දුම්වැටි පැකට්ටු දුන්නා. ඔහු දුම් පානය නොකළ නිසා ඒවා නිවසේ අරන් තැබුවා. ගිම්හානයේදී ඉතාලි ගැහැණු බිළිඳාට නම් යෝජනා කරන්නට වුණා. තරුණිය පාරේදී මුණගැහුණු විට ග්‍රීක ගැහැනුන් ඇගේ සාය මතුපිටින් කුස අතගා ඇයට ලැබෙන්නට ඉන්නේ පිරිමි දරුවකු බවට අනාවැකි කීවා. ගිම්හානයේ අග භාගය වෙද්දී අසල්වැසි කාන්තාව බිළිඳා ට හිස්වැසුම් සහ පාවහන් සහිත සම්පූර්ණ ඇඳුම් කට්ට්ලයක්ම ගොතා අවසන් කර තිබුණා. තරුණියට සතුටක්, සිරවුණු බවක්, කෘතඥ බවක් මෙන්ම නොරිස්සීමක් දැනුණා.

ගිම්හානය අවසන් වෙද්දී අසල්වැසි පෝලන්ත වැන්දඹු මිනිසා තනමින් උන් මෝටර් රථ දෙකකට ඉඩ ඇති ගරාජයේ වැඩ අවසන් කර තිබුණා. එක් මෝටර් රථයක්වත් නැති කෙනෙකුට මෙවැනි දෙයක් කළ හැකිදැයි තරුණයාට විශ්වාස කරන්නත් අපහසු වුණා. ශබ්දය ගැන පැමිණිල්ලක් කිරීම ගැන ඔහු කල්පනා කරමින් සිටිද්දී පෝලන්ත මිනිසා ඔවුන්ගේ ගිනි උදුන සඳහා වීල්බැරැක්කයක් පිරෙන්නට ලී කැබලි ගෙන ආවා. 

ප්‍රසව වේදනාව එළඹුණේ අනපේක්ෂිත වේලාවක. තරුණයා විසිවෙනි සියවසේ නවකතාව අත්හැර දුරකථනය ළංකරගත්තා. ඔහුගේ බිරිඳ කාලය ගෙවාගන්නට ගිනි උදුනේ තීන්ත ගාන්නට පටන් ගත්තා. වින්නඹු කාන්තාව පැමිණ ඇයට එම කාර්යය නිමකරන්නට උපකාර කරද්දී ඔහු ප්‍රශ්නාකාරයෙන් ප්‍රකාශ නිකුත් කරමින් නිවසේ එහෙ මෙහෙ දිව්වා. ඔහුගේ බිරිඳ කුසත් ඔසවාගෙන ඔහුගේ හැසිරීම් පරීක්ෂාකරමින් නිවසේ ඇවිද්දා. තව දර ගෙන එන්නට නිවසින් පිටතට ගිය විට වැටවල් අද්දර මුහුණු රැසක් පෙළගැසී ඇති අයුරු මැකීගෙන යන හිරුඑළියෙන් ඔහු දුටුවා. ඔහු මුහුණු දොළහක් ගණන් කළා. මැසිඩෝනියානු පවුල අත් වනා සුබපැතුම් වැනි කුමක්දෝ කියා කෑ ගැසුවා.
 
රාත්‍රිය ගෙවෙද්දී තරුණිය ප්‍රසව වේදනා අතරතුර කාලයේ වරින්වර නිදාගනිමින්, ඇවිදිමින්, කෑ ගසමින් ගතකළා. ඇය උණුසුම් දිය ස්නානය කර, අයිස් හපමින්, කන්නට සොසේජස් ඉල්ලමින් සිටියා. ඇගේ ගර්භාෂය පහත් වෙද්දී කුස උඩු අතට තෙරපුණා. ඇගේ චලනයත්, ගිනි උදුනේ එළියත් නිසා ඇගේ දහදිය සිනිඳු මකුළුදැල් මෙන් දිලිසුණා. රැය ගෙවී ගියා. වින්නඹු කාන්තාව කොඳුරමින් සිටියා. තරුණයා බිරිඳගේ පිට අතගාමින්, ඇයට අයිස් කැට කවමින්, ඇගේ දෙතොලේ තෙල් ආලේප කරමින් සිටියා. 

ඉන්පසු එළඹුණේ තල්ලු කිරීමේ අදියර. ඔහු ඇයව පිරිමදිමින්, සිදුවන දේ ගැන දෑස් විදා බලමින් කෑ නොගසා ඉන්නට උත්සාහ කරමින් සිටියා. තරුණිය ඇණතියා වාඩිවෙද්දී ගෙබිම සසල වුණා. ඈ සතුව තිබුණු ශක්තියත් දැනුවත්බවත් ඔහුට දැනුණා. ඇය තව තවත් වෙහෙසුණා. ඇගේ මුහුණ රත් පැහැව තිබුණා. අදිසි බාධකය හා ගැටෙමින් ඇය නොනවත්වා තල්ලු කරමින් සිටියා. හදිසියේම බාධකය බිඳී ගොස් ඇය ඒ කඩඉමෙන් එතෙර වුණා. බිළිඳා ඇගේ ළයට ලං කරද්දී ඔහුගේ මුහුණේ පෙනුම දැක තරුණයා විස්මයට පත්වුණා. බිළිඳා එක් ඇසක් විවර කර පියා දෙස බලා තනපුඩුවක් අල්ලා ගත්තා. බිළිඳාගේ ඇඟේ පෙකනිවැල එතී උපත් දියරත්, මවගේ දහදියත් තැවරී තිබුණා. තරුණිය වැරෙන් හුස්ම ගෙන දරුවාගේ පුංචි තට්ටම් එක් අතකින් අල්ලාගත්තා. "කොල්ලෙක්", ඈ කීවා. තත්පරයකට තන පුඩුව අතහැරුණු බිළිඳා හඬන්නට වුණා. නිවසේ පිටතින් කෑගසන හඬක් තරුණයාට ඇසුණා. ඔහු පසුපස දොරටුව අද්දරට ගියා. වැටේ මැසිඩෝනියානු පැත්තේ නිදිමත මුහණු පෝලිම ඔහු දැක ප්‍රීති ඝෝෂා කරන්නට පටන් ගත් විට තරුණයා වැලපෙන්නට වුණා. මේ අවස්ථාවට මුහුණ දෙන්නට ඔහුගේ විසිවෙනි සියවසේ නවකතාවවත් ඔහුව සුදානම් කර තිබුණේ නැහැ. 



Nissanka Rajapaksa

unread,
Jun 19, 2024, 8:15:23 PMJun 19
to INDRAKA group
30

අමුතු ගස්


රුසියානු ලේඛක වික්ටර් කොලුපායෙව් ගේ විද්‍යා ප්‍රබන්ධ කෙටිකතාවක් 

- සිංහල අනුවාදය බොබී ජී බොතේජු

ප්‍රථමයෙන් දැඩි අන්ධකාරයකි. අනතුරුව අර්ධ වශයෙන් සිහි ලැබෙන්නට විය. තමා තවමත් ජීවත්ව සිටින බව ඔහුගේ හිරිවැටුණ මොළයෙන් ඔහුට අවබෝධ විය. ‘මට ආපසු සිහි ලැබිය යුතුයි‘. ඔහු ආරක්ෂක පටිය දැඩිව අල්ලා ගත්තේය. කර්කශ නාදයක් සහ කන් බිහිරි කරවන අන්දමේ හඬක් මොහොතකින් ඔහුට ඇසිණ. අනතුරුව දැඩි නිහඬතාවකි.

සිහි ලැබුණ විගස ඔහුට දක්නට ලැබුණේ තම හිසට උඩින් ඇති විනිවිද පෙනෙන ආවරණයයි. ඔහු තමාගේ ශක්තිය නැවත ලැබෙනතුරු මොහොතක් සිටි අතර අනතුරුව ඔහුට මෑත අතීතයේදී සිදුවු සියල්ල සිහිපත් විය. සිදුවන්නට ඇත්තේ නැවත පණ ගැන්වීමේ යන්ත්‍රණයේ කිසියම් වරදක් බව ඔහුට වැටහිණ. ඒ අප්‍රසන්න අවස්ථාව නැවත ඇති නොවිය යුතුය යන්න ඔහුගේ අපේක්ෂාව විය.

එහෙත් දරුවන්ට සිදුවූයේ කුමක්ද? ඔහු කල්පනා කළේය. ඔවුන්ගේ මැදිරිය ඊළඟ කොටසේ ඇත. ඔහු ‍තොරතුරු ඇතුළත් සිතියම ඇති ස්ථානය වෙත ගමන් කරන අතරමගදී සියලුම විදුලි සංඥා දර්ශකයන් දෙස යාන්තමින් බැලුවේය.

තරමක් ‍අවුල් තත්ත්වයකින් යුත් එක කොළ පැහැති දර්ශකයක් හැරෙන්නට අන් සියලු දර්ශක නියමිත පරිදි ක්‍රියාත්මක වෙයි. ඒ අවුලට පත්ව ඇති දර්ශකය ඔහුගේ දර්ශකයයි. 'හොඳයි කමක් නැහැ' ආපසු යන ගමනේදී එය නිවැරැදි කර ගත හැකිය. දැන් ඔහුට අවශ්‍ය වන්නේ දරුවන් බැලීමටයි.

ඔහු ළමයින්ගේ මැදිරියේ දොර විවෘත කර බැලූ විට සියල්ල යථා පරිදි පවතින බව පෙනී ගියේය. වෙනත් ලෙසකින් කිවහොත් එය සම්පූර්ණ අවුල් ජාලයකි. ළමයි කෑකෝ ගසමින් එකිනෙකා වෙත කොට්ටවලින් දමා ගසති. පැහැදිලිව පෙනී යන හැටියට ඔවුහු වෙනස්වන තත්ත්වයට ඉතා හොඳින් මුහුණ දෙමින් සිටිති.

"තාත්තේ" වීනා කෑගැසුවාය. "අපි දිනුම්. සන්ඩ්‍රෝව කොට්ටවලට යට කළා. ඒත් මේක පටන්ගත්තේ එයාමයි"

"මම තමයි" සන්ඩ්‍රෝ කැමැත්තෙන්ම පාපෝචාරණය කළේය. "ඒ ගොල්ල හිටියේ කලකිරුණු නිදිමත ගතියකින්. මට ඔනෑ වුණා ඒ අයව ක්‍රියාශීලීව තියන්න"

"අපි ළඟාවෙලාද තියෙන්නේ තාත්තේ?" ඕසා විමසුවාය. ඇය වැඩිමහල්ම තැනැත්තියයි. එයට පිළිතුරු ලැබෙන තෙක් නොසිටි ඇය මැදිරිය යථා තත්ත්වයට පත් කරන්නට පටන් ගත්තාය.

“ඔව්" පියා පිළිතුරු දුන්නේය. "අපි ළඟාවෙලයි තියෙන්නේ. අපේ යානාව දැන් ග්‍රහලෝකයේ උපග්‍රහයාගේ කක්ෂය වටේ යනවා. ඔය ළමයි ඉක්මන් කළොත් නිරීක්ෂණ මැදිරියෙන් ග්‍රහලෝකය බලා ගන්න පුළුවන්."

"මම තමයි මුලින්ම" වීනා කෑගැසුවාය.

"බොහෝ වෙලාවට ඔයා තමයි අන්තිමයා වෙන්නේ" පියා පැවසුවේය." ඔය ළමයින්ට ඇඳවල් හදන්න හුඟක් වෙලා යාවි."

"මම ඇයට උදව් කරන්නම්" සන්ඩ්‍රෝ කීවේය.

"අපූරුයි. මම ඔය ළමයින්ට මිනිත්තු පහක් දෙන්නම්. ඉක්මන් කරන්න. ඔය ළමයි අවුල් කරපු මැදි‍රියේ ඒ බවක් පේන්නවත් තියෙන්න බැහැ"

ඔහු තොරතුරු සිතියම් ගත කර ඇති ස්ථානයට ගිය අතර වෙනස්වන කාලපරිච්ඡේදයට දරුවන් සූදානම් වන අන්දම ගැන සෑහීමකට පත්විය. එහෙත් ඔහුට සිදුව ඇත්තේ කුමක්ද? ඒ ගෙරවීම සහ කන් බිහිරි කරවන නාදය ඇයි? යානයේ ඇතුළත සහ පිටත් ඉදිකර ඇති ආකාරය ඔහු දැන සිටිය‍ේය. එහෙත් ගෙරවිලි ශබ්දය සහ කන්බිහිරි කරවන නාදය නම් ව්‍යාකූලය.

ළමයින්ගේ පැමිණීම ඔහුගේ සිතිවිල්ලට බාධාවක් විය." ඒ ළමයි චරිත ස්වභාවයෙන් එකිනෙකාට වෙනස්ය. ඔවුන්ගේ හැසිරීමද චරිත ස්වභාවය අනුව සිදුවෙයි. තද ගති පැවතුම් ඇති හැමදේටම අවධානය යොමු කරන ඕසා කිසියම් දෙයක් වෙත ඇස් යොමු කරගෙන සිටින්නීය. දුරදිග නොබලා කටයුතු කරන සන්ඩ්‍රෝ නොදන්නා ග්‍රහලෝකයට මුලින්ම ළඟාවීමට දැඩි උනන්දුවෙන් පසුවෙයි. නොඉවසිල්ලෙන් සිටින වීනා අලුත් ක්‍රීඩා භාණ්ඩය එනම් අලුත් ග්‍රහ ලෝකයේ සෙල්ලම් කිරීමට ආශාවෙන් සිටින්නීය.

කැරකෙන පුටුවක අසුන්ගෙන සිටින පියා ඉන්ද්‍රජාලිකයකු මෙන් පුදුමාකාර දෙයක් කිරීමට සූදානම් වෙයි.

"ඉක්මන් කරන්න තාත්තේ" වීනා බැගෑපත් ලෙස ඉල්ලා සිටියාය.

"සූදානම්. දැන් අපි යමු" පියා බොත්තමක් තද කරමින් කීවේය. නිරීක්ෂණ මැදිරිය ආවරණය කරමින් තිබූ වැස්ම ක්‍රමයෙන් ඉවත් වූ අතර විනිවිද පෙනෙන ආවරණයක් තුළින් ඔවුන්ගේ හිසට ඉහළින් සහ දෙපාවලට පහළින් කරකෙන ගෝලය දිස් විය.

වීනා සතුටින් උඩ පැන්නාය. සන්ඩ්‍රෝ උනන්දුවෙන් ඉදිරියට එබී බැලුවේය. ඕසා ගල් ගැසී බලා සිටියාය.

මීදුම වැනි තුනී තට්ටුවකින් ආවරණය වු නිශ්චල ගෝලය ඔවුන්ට දක්නට ලැබිණ. ග්‍රහලෝකයේ පැත්තකට හිරු එළිය වැටී තිබූ අතර වලාකුළු අතරින් නිල් පැහැති සාගර තිත් ලෙස පෙනිණ. ළා දුඹුරු පැහැයෙන් යුත් කාන්තාර සහ ඇස් රවටන හි‍මෙන් වැසුණ කඳු මුදුන් පෙනෙන්නට ඇත.

"ඔව්" මෙය දකින්නට ආලෝක වර්ෂ සිය ගණනක් ‍දුර ගෙවා පැමිණීමට තරම් අගනේය. පියා ඡායාරූප ගැනීමට වෙහෙසවෙද්දී ළමයි ඇස් ඇ‍රගෙන මේ පුදුමාකර දෙය දෙස බලා සිටියහ.

"ළඟට යන්න ඕනෙද?" පියා විමසුවේය.

"මට ඒකෙ ඇවිදින්න ඕනෙ" සන්ඩ්‍රෝ අවධාරණය කළේය.

"වෙලාව ආවහම. අපි මෙච්චර දුර ගෙවාගෙන ආවෙ මේකෙ මිනිත්තු කීපයක් ගත කරන්න නෙවෙයි."

"එහෙනම් අපි ග්‍රහලෝකයේ ඇවිදින්න යනවා!" වීනා සතුටින් කෑ ගැසුවාය.

"අපි ගගනගාමී අැඳුම් අරගෙන ආවේ මොකට කියලද හිතන්නේ?" ඕසා විමසුවාය.

"ඇත්තටම අපි ඒකේ ඇවිදිනවා විතරක් නෙවෙයි, දුවනවා!"

"ඔව්. ස්වභාවයෙන්ම" පියා පැවසුවේය. "ඒත් අපි ග්‍රහලෝකයට ගොඩ බැස්සහම අපේ දර්ශන පථය සීමා වෙනවා. ඒත් මෙහෙදි අපට විශාල ප්‍රදේශයක් නරඹන්න පුළුවන්."

"අපි තවමත් හුඟක් පහළින් ඉන්නේ" සන්ඩ්‍රෝ විරෝධය පළ කළේය.

"අපි තවත් ටිකක් පහළට බැහැල ග්‍රහලෝකේ වටේ පියාසර කරමු."

"මේකට කියන නම මොකක්ද?" ඔසා විමසුවාය.

"මම ග්‍රහලෝක සිතියම පරීක්ෂා කරල බැලුවා. මේකට තියෙන්නේ අමුතු නමක්. මම දන්නේ නැහැ ඒක අපේ භාෂාවට පරිවර්තනය කරන්නේ කොහොමද කියලා. ඒකේ තේරුම පැහැදිලි නැහැ" පියා පිළිතුරු දුන්නේය.

"අපි ඒකට නමක් දෙමු" සන්ඩ්‍රෝ යෝජනා කළේය.

"අපට ඒක කරන්න බැහැ පුතේ. ග්‍රහලෝකයට දැනටමත් නමක් දීලයි තියෙන්නේ"

පියා පාලක මැදිරියේ අසුන් ගත් අතර යානය ග්‍රහලෝකය වටේ පියාසර කරමින් දඟර ගැසෙමින් කැරකැවෙමින් හෙමිහිට පහළට බසින්නට විය. ඉක්මනින්ම ඔවුන්ට වලාකුළු ආසන්නයට පැමිණිය හැකි විය. වලාකුළුවල හිදැස් අතරින් ඔවුන්ට ගංගා, විල්, ජලාශ, කැලෑ, කුඹුරු සහ නගර දක්නට හැකි විය. "ඔව්. ඇත්ත නගර. ඒවා අමුතු වුණත් නගර" සමහර නගර ප්‍රමාණයෙන් විශාලය. තවත් ඒවා කුඩා විය. සමහර නගර අඩක් නටබුන් වී ඇත. තවත් සමහර නගර මුළුමනින්ම නටබුන් බවට පත්ව ඇත.

"තාත්තේ, මෙහෙ කිසියම් වර්ගයක ශිෂ්ටාචාරයක් තිබුණද?" සන්ඩ්‍රෝ විමසුවේය.

"ඔව්. යටත් පිරිසයින් එවැන්නක් තියෙන්න ඇති."

"ඒත් ඒවා තවමත් පවතිනවා නම් අපට සලකුණක්වත් දකින්න පුළුවන් වේවි. අපි එක නගරයක් බලමු."

"ඔව් අපි බලමු" පියා පැවසුවේය. නගරවලට කිලෝමීටර් දහයක් උසින් යානය නතර කළ අතර සියලු දෙනාම නිරීක්ෂණ මැදිරියේ සිට පිටතට ඇස් යොමු කළහ.

නගරවල කිසිම සෙලවීමක්වත් දක්නට නැත. ඒ දෙස බලා සිටි ඔවුන්ගේ ඇස් රිදුම් දෙන්නට විය. ඕසා කතා කළාය. "බලන්න අර තිත් වගේ දේවල් හෙලවෙනවා වගේ පේනවා."

"මොකක්ද? කොහෙද?" සෙස්සෝ විමසූහ.

"අර අතන. ඒවා හරියට පුංචි කුරුස වගෙයි."

"ඒ ඔක්කොම ඔයාගෙ හිතේ තියෙන මනස්ගාත" සන්ඩ්‍රෝ පැවසුවේය.

"කොහෙත්ම නැහැ." වීනා තම සොහොයුරියට උපකාරී වූවාය. "ඒවා හෙලවෙනවා. ඒත් හුඟක් හෙමින්."

මිනිත්තු කිහිපයක් බලා සිටීමෙන් පසු ඒවා සෙලවෙන බවට ඔවුහු එකඟ වූහ. මීට අමතරව ඔවුන්ට පෙනී ගියේ ඒවායේ ප්‍රමාණය එහි ඇති ගොඩනැගිලි තරමටම විශාල බවයි. ඒ නිසා ඒ නගරවාසීන් විය නොහැකිය. "ඒ විතරක් නොවෙයි" ඔහු තවදුරටත් කීවේය. "ඒවා ග්‍රහලෝක මතුපිට පාවෙනවා. ඒවායේ සෙවණැල්ල පහතට වැටිල තියෙනවා."

“එතකොට නගරවාසීන් කෝ?“ වීනා නොඉවසිල්ලෙන් විමසුවාය. වෙනත් ග්‍රහලෝකයක ජීවීන් දැක ගැනීමට ඇය බලවත් සේ ආශා කළාය.

“අපි තවත් පහළට බහිමු“ පියා යෝජනා කළේය. යානය ග්‍රහලෝකයේ මතුපිටට මීටර් 500ක් පමණ උසින් නතර විය. යානය නතර කරනු ලැබුවේ පාවෙන කුරුස ඇති ස්ථානයේ මධ්‍යයටයි. දැන් නගරයේ මාවත් පැහැදිලිව දැකිය හැකිය. සෑම තැනකම ඇත්තේ දැඩි නිහඬතාවකි. කිසිදු සෙලවීමක් නැත. වලාකුළු පවා ඒවායේ හැඩය වෙනස් කර නැත.

“කිසිම හෙලවීමක් නැති අමුතු නිහඬතාවක් ඇති ලෝකයක්“ පියා පැවසුවේය. කිලෝමීටර් සිය ගණනකට උඩදී නම් ඒක මනරම් දර්ශනයක්“ “අර බලන්න අර“ වීනා කෑගැසුවාය. “අර අතන ගහක් වැවෙනවා. බලන්න ඒකේ අතු විහිදෙන හැටි“

වීනා පෙන්වූ දිසාවට සියල්ලෝම නෙත් යොමු කළහ.

“අමුතුම ගහක්“ සන්ඩ්‍රෝ පැවසුවේය. “අනික එක ගහකට වඩා තියෙනවා“

“මම නම් මේ වගේ ගස් කවදාවත්ම දැකල නැහැ“ ඕසා කෑගැසුවාය. “අපේ ඇස් ඉදිරිපිටදීම ඒවා වැඩෙනවා“

ඔවුන් දුටු ප්‍රථම ගස ඔවුන්ගේ ඇස් ඉදිරිපිටදීම වැඩෙන්නට විය. එම ගසේ කඳේ සිට අතු සෑම පැත්තටම විහිද ගිය අතර ක්‍රමයෙන් ඒවා නැවී බිමට පහත් විය. ඉන් අනතුරුව සෑම ගසක්ම බිමට පහත් වී ක්‍රමයෙන් නොපෙනී ගියේය.

“එතන කොයිතරම් තියෙනවද බලන්න“ සන්ඩ්‍රෝ මවිතය පළ කළේය. “ඒවා ජීවමානයි. අපි තවත් පහළට බැහැලා කිට්ටු වෙලා බලමු“

“දැන්ම නෙවෙයි“ පියා පිළිතුරු දුන්නේය. “මෙතන තියෙන්නේ නගරයක්“ අපි හුදෙකලා ස්ථානයකට පහළට බහිමු“

කිසියම් හේතුවක් නිසා ඔහු එම ගස්වලට කැමැත්තක් දැක්වූයේ නැත. ඒවා ගස් වැවෙන්නට සුදුසු ස්ථානවල පමණක් නොව නිවාසවල වහල උඩ සහ ගල් ඇතිරූ පාරවල් මැද පවා වැවෙයි.

ඔහු යානාව උතුරු දෙසට හැරෙව්වේය. ඔවුහු අඩක් නටබුන් වූ සහ මුළුමනින්ම නටබුන් වූ නගර වෙතින් සම අමුතු ගස් උඩින් පියාසර කරමින් ඈතට ගියහ.

නැවත වරක් ඔහුට අප්‍රසන්න ගෙරවිලි හඬ සහ කර්කශ කන් බිහිරි කරවන නාදය ඇසිණ. ඔහුගේ හදවත වේදනා ගෙන දෙන්නට විය. තමා ළමයින්ව මෙහි රැගෙන ඒම වරදක්යැයි ඔහුට ක්ෂණිකව සිතිණ. ඔවුනට වඩා හොඳ හෝටල, චන්ද්‍ර උද්‍යාන, කාර්යක්ෂම මග පෙන්වන්නන් සිටින ග්‍රහලෝකයකට යා හැකිව තිබිණ. ඊළඟ වාරයේදී නම් ඔහු ‍නොවැරදීම මෙවැනි අමුතු මියගිය ග්‍රහලෝකයකට නොව වෙනත් ග්‍රහලෝකයකට ඔවුන් රැගෙන යෑමට සිතා ගත්තේය. ‍

අන්තිමේ ඔවුහු හරිත වර්ණයෙන් යුතු තැනිතලා ප්‍රදේශයක් තෝරා ගත්හ. එහි ජලය නිසා හෝ වන සතුන් නිසා හෝ ඇති වූ දිය අගලක් වැනි ස්ථානයක් දක්නට හැකි විය.

එහි වාතය පරීක්ෂා කර බැලූ ඔහුට එම වාතය හුස්ම ගැනීමට සුදුසු බව පෙනී ගියේය. ඔහු ගගනගාමී ඇඳුම නොමැතිව පිටවූවත් ළමයින්ට එම ඇඳුම ඇඟ ලා ගන්නා ලෙස උපදෙස් දුන්නේය. හදිසි අවස්ථාවක් පැන නැඟුණුහොත් භට මුහුණ දීම සඳහා ඔවුහු පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි ජෙට් රැගෙන ගියහ. ළමයි උනන්දුවෙන් සහ කුතුහලයෙන් යුතුව සිටියහ. එහෙත් පියා අසහනයෙන් පසු විය. අමුතු ග්‍රහලෝකය පිළිබඳ නොපැහැදිලි උපද්‍රවයක සැකය ඔහු තුළ විය.

අන්තිමේ ඔවුහු ග්‍රහලෝකයේ මතුපිටට ගොඩ බැස්සාහ. ගගනගාමී ඇඳුම් ළමයින්ට බාධාවක් නොවූ බැවින් ඔවුහු එකිනෙකා පසුපස එළවමින් කෑකෝ ගසමින් ප්‍රීතියෙන් දුව පැන ඇවිද්දහ. එහෙත් අවට පරිසරය මුළුමනින්ම අමුතුය. අමුතු දැඩි නිහඬතාව මෙන්ම කිසිදු සුළං හැමීමක් හෝ සෙලවීමක් ‍නොවීම මේ අමුතු තත්ත්වය වැඩි කළේය.

හදිසියේම පියාට දක්නට ලැබුණේ පියාඹා එන ආයත චතුරස්‍රාකාර යමකි. බටහිර පැත්තෙන් පැමිණි එය හෙමිහිට බිමට පහත් විය.

"අර බලන්න" ඔහු කෑගැසුවේය.

උසුළු විසුළු කරමින් සිටි ළමයි එය නතර කර මේ අමුතු දෙය දෙස බැලූහ.

"ඒ මොකක්ද?" ඕසා ඇසුවාය.

"කුරුල්ලෙක්" වීනා යෝජනා කළාය.

"නැහැ" සන්ඩ්‍රෝ කීවේය. "ඒකට අත්තටු නැහැ."

ඒ මොහොතේ පියාට යළිත් කර්කෂ නාදය ඇසිණ. එහෙත් මෙවර එම ශබ්දය ඇසුණේ ඔහුගේම අභ්‍යන්තරයෙනි. අවට පරිසරය පැවති ආකාරයෙන්ම නිහඬය.

ආයත චතුරස්‍රාකාර එය බිමට වැටී ගිලී ගියේය. ඇතුළින් තල්ලු කරන්නාක් මෙන් එය එක්වරම ඉදිමෙන්නට විය. හදිසියේම එය විවෘත වූ අතර අමුතු අංකුර ඉන් පිටතට පැමිණියේය. ඒවා කළු පැහැගත් අතර කුඩා බෝල සහ අක්‍රමවත් ආයත චතුරස්‍රාකාර ඒවා විය. එම අංකුර අමුත්තන්ගේ ඇස් ඉදිරියේම වැඩෙන්නට වූ අතර එය උස ගසක් බවට පත් විය. එය අපට සිහිපත් කළේ අලංකාර පොකුණකි. මොහොතක්වක් නිශ්චලව නොසිටි එය අතුපතර විහිදවමින් දිගටම වැඩෙන්නට වූ අතර අනතුරුව මිය ගියේය. මේ සිත් ඇදගන්නා ක්‍රියාවලිය නිදමින් සිටින නිශ්චල ග්‍රහලෝකයට නොගැළපෙන විශාල වෙනස්කමකි.

එම ගස එයට යා හැකි උපරිම ගිය පසු හැකිලෙන්නට පටන් ගෙන ඉතා කුඩා කැබලිවලට කැඩී ගියේය. කිසිවක් පියාගේ උරහිස මතට වැටුණු අතර ඔහු එය අල්ලා ගත්තේය. එය අමුතු ගසේ කැබැල්ලකි. එය ගලක් මෙන් තද වූ අතර අල්ලා බැලූ විට තද රස්නයෙන් යුතු විය. අත්ල මත තබාගෙන එහි බර බැලූ පියා එය ඔහුගේ සාක්කුවේ දමා ගත්තේය.

"ගහ කෑලිවලට කැඩෙනවා" ළමයි කෑගසමින් එහි කුඩා කැබලි එකතු කරන්නට වූහ.

"අර බලන්න තවත් එකක් එනවා" සන්ඩ්‍රෝ මොර දුන්නේය.

සන්ඩ්‍රෝ පෙන්වූ දිසාව බැලූ ඔවුන්ට තවත් ආයත චතුරස්‍රාකාර යමක් තමන් දෙසට පැමිණෙනු දැක ගත හැකි විය.

"ඒක බීජයක්" පියා පැහැදිලි කළේය. "ඒ අර අමුතු ගහේ බීජයක්. බලන්න එකේ හිස ග්‍රහලෝකේ මතුපිට පෘෂ්ඨයේ ගිලී ගොස් ඉක්මනින්ම එම ස්ථානයේම විශාල විය. අනතුරුව කළු බීජ මතුවී උස ගස් බවට පත් විය. ටික වේලාවකින් සම්පූර්ණ කැලයක් බවට පත් විය. එය උතුරටත් දකුණටත් විහිදී ගිය අතර මීටර් සිය ගණනක පළලින් යුතු විය.

 "අර බලන්න. කොයිතරම් අමුතු ගස්ද?" වීනා විස්මය පළ කළාය.

සමහර ගස් වැඩෙමින් පවතින අතර අනෙක්වා කුඩා කැබලිවලට කැඩෙමින් විවිධ දිසාවලට විහිදී ගොස් කුඩා ගස්වලට උපත ලබා දුන්නේය.

"අර බලන්න" ළමයි කෑගැසූහ. ඇත්තටම මෙය ඔවුන් දැන සිටි හෝ කිසිදිනක දුටු දර්ශනයක් නොවේ. වැඩෙන කැලෑව සහ කෑලිවලට කැඩෙන ගස් ළමයින් සිටගෙන සිටින ස්ථානයේ තිබූ ගැඹුරු අගල දක්වාම ළඟා විය.

"තාත්තේ මට කැලෑව ඇතුළට යන්න ඕනේ" වීනා පැවසුවාය.

"මටත් යන්න ඕනේ"සන්ඩ්‍රෝද ඊට එක් විය.

"නැහැ මම බයයි" ඕසා පාපෝච්චාරණය කළාය.

"අපි එහාට යන්න අවශ්‍ය නැහැ" පියා පැවසුවේය. "අපි ඇත්තටම මේ ගැන දන්නේ නැහැ. අනික ඒකේ ඇතුළේ ගොඩක් රස්නේ වෙන්න පුළුවන්" වේගයෙන් පාවෙන දෙයින් කොටසක් අල්ලාගත් පියා පැවසුවේය. "ඒක හරිම උණුසුම්. අනික එතන ඒ වගේ ඒවා විශාල ප්‍රමාණයක් තියෙනවා.. ඒක අපට දරාගන්න බැරි තරම් උණුසුමක් වෙන්න පුළුවන්"

"ඒත් අපි අභ්‍යවකාශ ඇඳුම් ඇඳගෙනනේ ඉන්නේ"

"මේ අභ්‍යවකාශ ඇඳුම් ඝනකමින් අඩුයි. මේ අමුතු ගස්වල කෑලිවල උෂ්ණත්වය දැනටමත් දැනෙනවනේ. එහෙම නේද?"

"මේ දිගටි බීජ කොහේ ඉඳලද එන්නේ" වීනා ඇසුවාය.

"අර පැත්තෙන්" සන්ඩ්‍රෝ අත දිගු කර පෙන්වූවේය.

"ඇහුවේ නැතුවත් මට ඒ බව පේනවා. මම කියන්නේ ඒවා මෝරන්නේ කොහේදීද? මේවා හැදෙන්නේ ගස්වලද? එහෙම නැත්නම්......"

"ඔව් අපි ගිහින් බලමු" පියා පැවසුවේය. එම ස්ථානයෙන් දරුවන් ඉවත් කිරීමේ දැඩි ආශාවක් ඔහු තුළ ඇති විය. "ජෙට් ක්‍රියාත්මක කරවන්න. අපි ඉහළට ගිහින් බටහිර පැත්තට යමු."

ඔවුහු ඉහළට නැගුණහ. ඉහළ සිට බලනවිට පෙනෙන දර්ශනය අත්‍යලංකාර විය. අමුතු කැලෑව පසුකරමින් ඔවුහු තවත් ඉදිරියට ගියහ.

"ඔය ළමයි දන්නවද ඔවුන්ගේ සෙලවීමේ ක්‍රමයක් තියෙනවා" පියා පැවසුවේය. "ඔවුන් අහම්බෙන් පියාසර කරන්නේ නැහැ. ඔබ මොන නමකින් ඇමතුවත්. බාගවිට වර්ෂා කාලයට ඒවා ජලයෙන් පිරිලා උත්පාදනයට සුදුසු පරිසරයත් සකස් වෙනවා ඇති."

බටහිර දෙසට කිලෝමීටර් දහයක් පමණ ගමන් කළ පසු ඔවුන් ඉදිරියේ දක්නට ලැබුණේ පේළියට සිටුවා ඇති ගස් කඳන් පේළියකි.

"උන් පියාසර කරන්නේ මෙතන ඉඳල කියලා මම ඔට්ටුවක් අල්ලන්න සූදානම්" සන්ඩ්‍රෝ කීවේය.

"ඒකට ඔට්ටු අල්ලන්නේ මොකටද?" වීනා අවඥාවෙන් ඔහු දෙස බැලුවාය. "ඒක ඕනෑ කෙනෙකුට දවල් වගේ පේනවනේ."

"මම ඒවට කැමති නැහැ" ඕසා කීවාය.

"ඔයාට ගෙදර ඉන්නයි තිබුණේ බයගුල්ලි" සන්ඩ්‍රෝ කඩා පැන්නේය.

"ඔහොම කතා කරන්න හොඳ නෑ සන්ඩ්‍රෝ" පියා ඔහුව නිහඬ කළේය.

ගස්වල කඳවල් මෘදු වූ අතර, අතු හෝ ගැටිති දක්නට නොවීය. එම ගස් අංශක 30ක් පමණ කෝණයකින් පහතට නැමී තිබුණු අතර මියගොස් ඇති බව පෙනිණ. ඒවා නොපැද්දුණ අතර තරමක් බිමට නැඹුරුව ඇත. ඒ මොහොතේ බීජ ගස්වලින් වෙන් විය.

"මේවායේ බලන් ඉන්න තරම් දෙයක් නැහැ" සන්ඩ්‍රෝ කීවේය. "අනික් කැලෑව නම් වඩා සිත්ගන්නා සුලුයි"

"බලන්න ඒ බීජ මේ පැත්තටත් එනවා" ඕසා මවිතය පළකළාය.

"අපි යනඑන අතරේ අර තරුණ ගස් තනිවම බීජ නිපදවන්න ඉගෙන ගන්න ඇති. අපි ආපහු ගිහින් බලමු" සන්ඩ්‍රෝ ආයාචනා කළේය.

"අපි යමු" වීනා එක්වරම ඔහුට එක්වූවාය.

"නැහැ මට ආපහු අභ්‍යවකාශ යානයට යන්න ඕනෑ" ඕසා කීවාය‍.

"අපි ආපහු යමු" පියා ඇය සමග එකඟ වූයේය. අපි අපේ කැලෑව දිහා බලමු. මොනවද වෙන්නේ කියලා. ඉන්පස්සේ ආපහු අභ්‍යවකාශ යානාවට යමු. කොහොමවුණත් දවල් කෑමට දැන් වෙලාව හරි"

ඔවුනට තරමක් වෙහෙස දැනුණ බැවින් ඔවුහු කැමැත්තෙන්ම ඊට එකඟ වූහ.

අමුතු ගස් ඇති කැලෑව වෙත ළංවී ගස් මුදුන්වලට වඩා මීටර් දුසිම් ගණනක් උසට වන්නට පහතට බැස්සාහ. පෙර පරිදිම ගස් සජීවීව පවතින බව පෙනිණ. එහෙත් සෑම දෙයක්ම සෙලවීමක් නැති ජීවමාන ගතියකින් තොරව පැවතිණ. දිග පටු අගල දෙස බැලූ ඔවුන්ට කොන් පහකින් යුත් යමක් දක්නට ලැබිණ. එයින් එක් කොනක් අනික් හතරට වඩ කොට විය. කැඩී යන ගසක කොටසක්, තරුවක් වැනි මේ උපකරණයේ තැන්පත් වූ විට මේ අමුතු ගස් එහි වැඩීම ආරම්භ කළේය. මේ ගස්වලට විශිෂ්ට ජීවන ශක්තික් තිබීම පොදු ලක්ෂණයක් විය. මේවා එක සමාන වේගයකින්මැටි, පස්, ගල් සහ මේ අක්‍රමවත් තරු වැනි ඒවායේ වර්ධනය විය. ජංගම කැලෑව දැනටමත් පියා සහ ළමයින් මිනිත්තු කිහිපයකට පෙර සිටගෙන සිටි තැනට ළඟා වූ අතර තරවදුරටත් ගමන් කරන්නට විය.

“අභ්‍යවකාශ යානයට යමු“ පියා නියෝග කළේය. “අපි දවල් කෑම කාලා කෙටි විවේකයක් ගනිමු. ඊට පස්සේ අපේ විනෝද චාරිකාව දිගටම කරමු“

ඔවුන් අභ්‍යවකාශ යානය බලා යන ගමනේදී පහතින් දුටුවේ එකිනෙකට සමාන්තරව තවත් පේළි ‍දෙකක් ඇති බවයි. ඒවා හරියටම ඇල පාරවල් වැනිය.

ඔවුන් අභ්‍යවකාශ යානයට ළඟා වූ විගසම පාලක මැදිරියට ගිය පියා ග්‍රහලෝකයේ මතුපිට සිට හරි කෙලින් කිලෝමීටර් පහකට නොඅඩු උසකට යානය ගෙන ගියේය.

කෑම කාමරයේ ආහාර සූදානම්ව ඇත. තමන් මීට පෙර දුටු දෙයින් විමතියට පත්ව සිටි ළමයි උනන්දුවෙන් අදහස් හුවමාරු කර ගත්හ.

“මම හිතනවා කොන් පහකින් යුත් තරු වගේ තිබුණ ඒවා හරියට මිනිසුන් වගෙයි කියලා“

“මොකක්?...“ පියාගේ හඬ බිය ගන්වන සුලු විය. “මොකක්ද ඔයා කිව්වේ?“

“ඒව හරියට මිනිස්සු වගෙයි පෙනුණේ

“ඔව් ඔව් එහෙම තමයි“ සන්ඩ්‍රෝ සහ ඕසා ද එකඟ වූහ.

“ඒක අමුතුයි“ පියා කල්පනාකාරී ලෙස පැවසුවේය. “හොඳයි කමක් නැහැ සැන් ගිහින් කෙටි විවේකයක් ගන්න. ඒ අතරේ මම සිතියම් කාමරයට යනවා වැඩක් කරන්න

“හුඟක් වෙලා යන්නේ නෑ නේද තාත්තේ වීනා විමසුවාය.

“නැහැ. ඇත්තටම නැහැ. සමහරවිට මම යානය ටිකක් පහළට ගන්නවා. ඒත් ඔය ළමයි ඒ ගැන කරදර වෙන්න එපා“

ඒ මොහොතේම ඔහුට තම හිසින් ගෙරවීම් ශබ්දය නැවත වරක් ඇසිණ.

ඒ්‍මොහොතේම ඔහුට තම හිසින් ගෙරවීම් ශබ්දය නැවත වරක් ඇසිණ. “ඒක වෙන්න බැහැ” එම ගෙරවීම් ශබ්දය අඩුවූ විට ඔහුගේ මනසේ විශ්වාස කළ නොහැකි හාස්‍ය මුසු භායානක සිතිවිලි විනිවිද යන්නට විය. “නැහැ. කොහොමහරි මේක වළක්වන්න ඕනෑ” ඔහු සිතියම් කාමරයේ දොර වසා නිරීක්ෂණ මැදිරිය විවෘත කළේය. අනතුරුව ක්ෂණික පින්තූර ගත හැකි කැමරාව ප්‍රොෙජක්ටරයට ඇතුළු කිරීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් සිත වෙනස් කර ගත් ඔහු එට එම ස්ථනායේම තිබෙන්නට ඉඩ ඇරියේ සිතියම් කාමරය වෙත එන ඕනෑම කෙනෙකුට එය ඇස ගැටෙන අයුරිනි.

අනතුරුව ඔහු තමාගේ එහෙමෙහෙ ගමන් කළ හැකි ජෙට් එක සවි කරගෙන පාලන මැදිරියේ යතුරු පුවරුවේ පිටත්විය යුතු වේලාව සකස් කළේය. ඔහුට කිසිවක් සිදුවුවහොත් මිනිත්තු පහළොවකින් යානය ස්වයංක්‍රීයවම ගමන් ආරම්භ කරනු ඇත. අනතුරුව ඔහු තම මනසේ රිද්මය ස්වයංක්‍රීයව ක්‍රියාත්මකවන උපකරණය සකස් කළේ හදිසියේම පිටත්වීමේ සංඥාව නිකුත් කිරීමට සිදුවුවහොත් ඔහුට එසේ කිරීමට හැකිවන පරිදිය. මිනිත්තු පහළොවක් ඒ සඳහා ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. අනතුරුව ඔහු පහතට බසින්නට විය.

ග්‍රහලෝකයේ පෘෂ්ඨය ආසන්නට පැමිණෙත්ම ඔහුගේ ජෙට් යන්ත්‍රෙය් පාලක ලීවරය සූදානම් කළේය. ගෙරවීමේ ශබ්දය වැඩි විය. කර්කෂ නාදය සහ ගුමුගුමු නාදයෙන් ඔහුගේ හිස පිරුණි. ඔහු ග්‍රහ ලෝකයේ පෘෂ්ඨය මතට ලංවෙද්දී කාලයට කිසිවක් සිදුවිය. එය ශීඝ­්‍රයෙන් වැඩි විය මුලදී එම ගස් වැඩී මියයාමට මිනිත්තු දහයක පමණ කාලයක් ගත වුවද දැන් ඒවා තත්පරයකින් දෙකකින් වර්ධනය වී මිය ගියේය.

ඔහු අගලේ පත්ලටම වැටෙද්දී තම පපුවට ෂෙල් වෙඩිල්ලක පතුරක් වැදෙනු ඔහුට දැනිණ. පිපිරීම්, ගෙරවීම් සහ වෙඩි උණ්ඩවලින් නැගෙන කර්කෂ නාදයෙන් ඔහුගේ හිස පුපුරන්නට මෙන් විය. ඔහුට නැගිටීමට අවශ්‍ය වුවත් එසේ කළ නොහැකි විය. ඔහු මඳක් ඉස්සී නැවත පහතට වැටිණ.

ළමයින් තමාව නොදැක සිටීම වාසනාවක්ය යන සිතිවිල්ල ඔහුගේ මනස හරහා ක්ෂණයකින් ගමන් කළේය. ඔවුහු මේ ස්ථානයේ සිට කිලෝමීටර් දහස් ගණනක් ඈත සයිබීරියාවේ සිටිති. ඔහුගේ බිරිය ළමයින් තිදෙනා සමග තනිවම කටයුතු කරගන්නේ කෙසේද? ෂාෂා... ෂෝයා... වැලන්ටිනා... මෙවැනි දර්ශනයක් ඔවුන්ට කවදාවත් දක්නට නොලැබේවා!

තමාගේ පපුව වැසෙන්නට කිසික් අතුරනු ඔහුට දැනිණි. ඔහුගේ අවධානය අහසට යොමුවී ඇත. ඈත අහසේ නිශ්චල දීප්තිමත් ස්ථානයක් දක්නට ඇත. හදිසියේම අලුත් ශබ්දයක් ඝෝෂාකාරී නාදයක් සහ ඈත සිට ගුරු ගුරු නාදයක් ඇසේ. සටන් කරන ගුවන් යානාවල ආවරණය යටතේ නාසා බෝම්බ යානා ළඟාවෙයි. හදිසියේම අනෙක් යානාවලින් වෙන්වූ බෝම්බ යානා තුනක් ඉහළ අහසට නගින්නට විය.

“සන්ඩ්‍රෝ..., ඕසා..., වීනා... ඉක්මන් කරන්න. වහාම පිටත් වෙන්න. වහාම...“ ඔහු අණ කළේය.

“මොකද්ද කාරණය වසීලි” ඔහු අසලින් සිටි සෙබළා විමසුවේය. “නැගිටින්න එපා. තවමත් අපට අණක් ලැබිල නැහැ”

“පිටත් වෙන්න, පිටත් වෙන්න එකසැරේම....” ඔහු වැලමිටට බරදී නැගිටීමට උත්සාහ කළේය. රැවුල නොකැපූ සුදුමැලි වූ ඔහුගේ මුහුණ භයානකය. ඔහුගේ පපුව ආවරණය කර තිබූ කබාය ලෙයින් තෙත් වී ඇත.

ඔහු අවසන් වරට දුටුවේ අභ්‍යවකාශ යානය ඉහළට නැග තිතක්ව නොපෙනී යන අන්දමයි.

“හෙලවෙන්න එපා වසීලි. දැන් අපි පහරදීමකට යන්නයි සූදානම් වෙන්නේ.”

අමුතු කළු ගසක් ඔහු ඉදිරියේ දිස්වන්නට වූයේ උල්පතක් මෙනි. එයින් විසිරෙන ජල බිඳු ඔහුගේ සිරුර පුරා විසිර යයි. ඔහුට අවසානයට ඇසුණු වචන වූයේ “පහර දෙන්න සූදානම් වෙන්න.” යන්න ය.

විශ්වය නැගී සිට අඳුරට මුසුවී ගිලී ගියේය.

ඔහු ආපසු පැමිණ සිටි ලෝකය එසේ නොමැතිනම් ඔහු මිනිත්තු කිහිපයකට සොයාගත් ලෝකය සහ ඔහු ජීවත් වූ ලෝකය ඔහුත් සමගම සදහටම අතුරුදන් විය.

මඩ පැහැති ඇඳුමින් සැරසුණු සොල්දාදුවෝ රොත්තක් කෑ ගසමින් අගලෙන් ඉවතට විත් බිම දිගේ රෝල් වෙමින් ඉදිරියට යන්නට වූහ.




Nissanka Rajapaksa

unread,
Jun 20, 2024, 9:31:08 PMJun 20
to INDRAKA group
31
කහ පාට ටෙඩියා 

- සුජාතා මැණිකේ ඉහළගෙදර

 මම උපතින්ම කුමාර ජීවිතයක් උරුම වුණ කොල්ලෙක්. එතකොට මිනා? මිනා කියන්නෙ එප්පාවල කෙලවරේ ගමක හේන් ගොවිතැන් කරපු පවුලක දුවෙක්. 

කායිකව සහ මානසිකව හැර ආර්ථික, සමාජීය කියන පැති වලින් නම් අපි ගැලපුණේම නෑ. එතකොට මම මිනාට එච්චර ආදරේ කළේ ඇයි?ඒකට උත්තරයක් කවදාකවත් මට තිබුණෙ නෑ. මට මොන, මොන දේ තිබ්බත් මිනා නැතුව නං ඒ කිසිම දේකින් පලක් නෑ කියන දැනීමයි මට දැනුණෙ. 

මිනා කියන්නෙ මලක්. මට ඕන වුනෙත් කෙල්ලව මලක් වගෙ පරිස්සම් කරන්න. මං එයාව බෝඩිමෙන් අයින් කරලා නැවැත්තුවෙ ඇනෙක්ස් එකක. හැම පහසුකමක්ම තියෙන. හැබැයි මම පොරොන්දු වුණා මම කවදාකවත් එතෙන්ට එන්නෙ නෑ කියලා. මිනා කැමති වුණේ නෑ ඒකට. එයා ජොබ් එකක් කරනවට මම කැමති නැති වුණත් ජොබ් එකේ එයාව තිබ්බේ එයාව ගමට යවන්න බැරි නිසා. ස්ටුඩියෝ එකේම තිබ්බෙ ඒක මගෙ යාලුවෙක්ගෙ නිසා. මම මට ඕන හැම වෙලාවෙම මිනාව එතනින් එලියට ගත්තා. 

මට ඕන වුණා මේ ලෝකෙ තියන ලස්සනම දේවල් මිනාට පෙන්නන්න.

අපේ අම්මලා කිව්වේ අපිට ගැලපෙන්න ඒ කෙල්ලගෙ තියන එකම දේ ඒ ලස්සන විතරයි කියලා. ඒක ඇත්ත. හැබැයි අම්මලා කවදාකවත් මට මිනාව අතාරින්න කියලා කිව්වෙ නෑ. ඉතිං අපිට බාධාවක් තිබ්බෙ නෑ. ඉතිං මගේ ලෝකෙ කිසිම හිස්තැනක් තිබ්බෙ නෑ. කොහොමත් මගෙ ජීවිතේ කුමාර ජීවිතයක්. මං මගේ කුමාරිකාව එයාට එන්න බෑ නොකියපු හැම තැනකම අරන් ගියා. එයා ආස ඇති කියලා හිතපු හැම දේම අරන් දුන්නා. ඒ හැම වෙලාවෙම මොකුත්ම නොකියා හිනාවෙලා විතරක් මං දිහා බලපු මිනා එක්ක සමහර වෙලාවට මට තරහත් ආවා. ඇයි මිනාට බැරි වෙන කෙල්ලො වගේ සතුට ප්‍රකාශ කරන්න. 

"ඇත්තටම මම කවදාකවත් ඔයාව සප්‍රයිස් වෙන ගිෆ්ට් එකක් දීලම නැද්ද?"

"එහෙම නෑ. ඔයා දෙන හැම ගිෆ්ට් එකකටම මම සප්‍රයිස් තමයි. මට ඉතිං කවදාකවත් මේ වගෙ දේවල් ගන්න බෑනෙ." 

ඒත් මට ඕන වුණා මිනා පුදුම වෙන දෙයක් දෙන්න. ඇස්වල කඳුළු පුරවගන හිනාවෙන තරමට එයා සතුටු වෙන දෙයක් දෙන්න . 

මිනාගෙ ජීවිත කාලෙ කවදාකවත් මිනාට අයිති කරගන්න ලං වෙන්න බැරි දේවල් මම මිනාට දීලා තියෙනවා. සංසුන් හුරතල් හිනාවක් තිබ්බ ම්නා කවදාකවත් මාත් එක්ක රණ්ඩු කරලා නෑ. එහෙම හිටපු මිනා මාව දාලා ගියේ කොහොමද කියලා මට හිතාගන්නවත් බැරි වුණා. 

ඒ ප්‍රශ්ණෙ ඇති වුණේ පහුගිය අවුරුද්දක වැලන්ටයින් දවසක. මට ඕන වුණා එයා එක්ක දුර ගමනක් යන්න. දවසක් නවතින්න. ටිකක් වැඩියෙන් ප්‍රේමණීය වෙන්න. මම ඒක කිව්වම එයා කිව්වෙ ඒ දවස නම් කොහොමටවත් බෑ කියලා. මං ප්ලෑන් කළේ මිනාව පුදුම කරන්න. මිනාට අපේම ගෙදර පෙන්නන්න. කවදාකවත් ඉටු කරගන්න බැරි හීනයක් කියලා එයා හිතන් හිටිය විදියට මං ගත්ත අපේ ගේ එයාට පෙන්නන්න. ඊට වඩා ලොකු වැලන්ටයින් ගිෆ්ට් එකක් මං දැනගන හිටියෙ නෑ..

"මට කොහොමටවත් මේ දවස එන්න බෑ කියලයි මම කියන්නේ. අනේ ඔයා මේක තේරුම් ගන්නකෝ"
එයා ඒක කිව්වේ නොරිස්සුමින් නෙවෙයි වෙන්න ඇති හැබැයි මගේ හිතට නොරිස්සුමක් කාන්දු වුණා.

"දුලාරියි මමයි ඒකනායක අක්කයි මේකට සල්ලි එකතු කරේ ගිය අවුරුද්දේ ඉඳලා. අපි එක්ක වැඩ කරපු අංජලීගෙ ගෙදර යන්නෙ. එයාට අපි ලැප්ටොප් එකක් අරන් යනවා"

ඔය කියන අංජලීව මට මතකයි .ඉස්සර මිනාගේ බෝඩිමේම ඉඳලා මොකක්ද ෆැක්ටරි එකක වැඩට ගියා. ඒ කෙල්ල ඇක්සිඩන්ට් උන වෙලාවෙත් කෙල්ලව ගොඩක් බැලුවේ මිනාල බව මට මතකයි.

ෆැක්ට්‍රි එකෙන් ඒ ළමයට රෝද පුටුවක් හැර වෙන මොනවත් හම්බවෙලා තිබුනෙ නෑ. ඊට පස්සෙත් මම ඉඳහිට දැනගත්තා මිනාලා ඒ ගෑණු ළමයාගේ එකවුන්ට් එකට සල්ලි දාපු බව. මිනා මහ ලොකුවට කිව්වට ඒ දාලා තිබුණේ රුපියල් දෙදහස් තුන්දාහක්. 

මේ හදිසියේ අංජලීයට ලැප්ටොප් එකක් අරන් දෙන්න මිනාලට ඇති වුණු උවමනාවට හේතුව මොකක්ද කියලා මම ඇහුවා. අංජලී පොත් වල පිට කවර හදන්න පටන් ගන්නවලු.. ඒකට උදව්වට තමයි ලැප්ටොප් එකක් අරන් දෙනවා කියලා කියන්නේ. 

"හරි අංජලීට ලැප්ටොප් එකක් දෙන්න ඕනම කියමුකෝ ඕක මට කිව්වනම් මම අරන් දෙනවනේ.."

"අපිට ඕන ඒක අපි හම්බ කරපු සල්ලි වලින් අරන් දෙන්න. අනිත් එක එයාට ඔයා ඒක දෙන්නේ මුළු හදවතින්ම එයාට ඒකෙන් කරන වැඩේ යාදෙන්න ඕන කියලා හිතලා නෙවෙයිනෙ. යා දෙන්නෙ එහෙම දෙනකොට. ඔයා දුන්නොත් දෙන්නේ මගේ හිත සතුටු කරන්නේ"
"ඔව් ඉතින් මට කොහෙවත් ඉන්න අංජලියෙක් අදාල නෑනේ"
"ඔයා තාම දන්නේ නෑ ආපහු කිසි දෙයක් ලබන්න හිතන්නෙ නැතුව කෙනෙකුට දෙයක් දෙනකොට තියෙන සතුට. ඔයා මට හැමදේම දෙන්නෙත් මගෙන් ඔයාට ආදරේ හම්බවෙන නිසා. මම ඔයාට ආදරේ කරන්නේ නැත්නම් ඔයා මට මේ කිසි දෙයක් දෙන්නේ නෑ. ඔයාට මේ ලෝකෙ හැමදේම ගනුදෙනු විතරයි"

ඒ කතාවට මට යකා නැග්ගා. 
"ඔව් ඉතිං ඔයා මට ආදරේ කරන්නේ නැත්නම් මම මොකටද ඔයාට මොකුත් දෙන්නේ? ඒකෙන් මට මොනවද ලැබෙන්නේ?"
"මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම ගනුදෙනු නෙමෙයි"
"මොකද නැත්තේ මේ ලෝකෙ ගනුදෙනුවක් නොවන කිසිම දෙයක් නෑ"
"ගනු කියල දෙයක් නැත්තටම නැතුව දෙනු කියන දේ විතරක් තියෙන තැන තමයි ඇත්තටම සතුට තියෙන්නේ කියලා ඔයා දවසක තේරුම් ගනීවි.. එදාට ඔයාට මං කියන දේ තේරෙයි"

මං අවසාන වශයෙන් මට අහන්න ඕන වුණු ප්‍රශ්නය ඇහුවා. මිනාගේ ඒ පණ්ඩිත වාක්‍ය, මට එදා දවසේ මිනාව එපා කරලයි තිබ්බේ.
"හෙට මාත් එක්ක එනවද නැද්ද?"
මිනා වචනයක්වත් කිව්වේ නෑ.
"උදේ අටට මම ගේට්ටුව ළඟට ඇවිල්ලා හෝන් කරනවා"
මම එහෙම කියලා යන්න ගියා.. වෙනද වගේ රෑ මිනා මැසේජ් එකක් එවයි, කෝල් එකක් ගනියි කියලා මම හිතුවට ඒක එහෙම වුණේ නෑ. 

ඉතින් මමත් ගන්න ගියේ නෑ. පහුවදා උදේ ඇත්තටම මම අට වෙනකොට ගේට්ටුව ළඟට ගිහිල්ලා හෝන් කළේ මිනා ඇවිත් කාරෙකට නගියි කියන බලාපොරොත්තුවෙන්.

ඒත් මිනා ආවේ නෑ. මිනා ඒ පාර ගැහුවේ මගේ තිබුණු ආත්මාභිමානයට. මේකට වෙන වචනයක් කියන්න තව කාට හරි පුළුවන් කොහොම හරි මට එපාවෙලා ගියා.

"මට උඹව එපා. උඹ වගේ උද්දච්ච අකීකරු ගෑනියෙක්ව මට කොහොමත් එපා. උඹ වගේ එකියෙක්ට රාජකීය සැප දෙන්න හිතුව මම තමයි මෝඩයා"

මම එහෙම ටයිප් කළත් උඹ කියන තැනට ඔයා කියලා ලියලා මැසේජ් එක එඩිට් කරන්න තරම් පරිස්සම් වුනා. ඒකට හේතුව මම දන්නේ නෑ.

පිරිමි කියන්නේ ගැම්මට එපා කියලා කිව්වත් පහුවෙනකොට හදවතින් අඬා වැටෙන ජාතියක්. ඒක එහෙම නොකරන්නයි තිබුනේ කියලා හිතුවත් මම මගේ හිත තද කරගත්තා. එනවනම් මිනා තමයි මගෙන් සමාව ඉල්ලගෙන ආපහු එන්න ඕන කියලා හිතුවා. 
හැබැයි මිනා ආපහු ආවේ නෑ. දවස් තුනකට පස්සේ මිනා ඇනෙක්ස් එක බාරදීලා යන්න ගිහින් තිබුණා. ඊට සතියකට පස්සේ මට මිනාව හොයාගන්නවත් පුළුවන් වුණේ නෑ.

ඕන නම් මට එයාගෙ ගෙදරට යන්න තිබුණා. ඒත් එහෙම ගිහිල්ලා ඒකිට ඇඹරෙන්නේ මොකටද?. මම කවුද? ඒකි කවුද? මම ඒකිව කිව්ව අමතක කරලා දැම්මා.. දැම්මා කියලා කිව්වට අමතක කරලම දාන්න මට ඕන වුණා.

මිනාව හොයාගන්නවත් නැතුව ගිහින් සති තුනකට පස්සේ එක දවසක් මට කුරියර් සර්විස් එකකින් එවපු ලොකු පෙට්ටියක් හම්බුණා.ඒකෙ මම මිනාට දුන්න තෑගි හැම එකක්ම එකක්වත් අඩු නැතුව අහුරලා තිබුණා. මටවත් මතක නැති මගේ එකවුන්ට් එකක ඒ ඒ.ටී.එම් කාඩ් එකක් ඒකි ළඟ තිබුන බව මට මතක් වුනේ ඒකත් එවල තිබුණම.

මට ඇති උනේ තරහක්. හැබැයි ඒක මිනා එක්ක තරහක් නෙමෙයි. මං ගැනම ඇතිවුණු තරහක්. මම මොකටද මේ වගේ හිඟන, ඒත් උද්දච්ච ගෑනියෙකුට ආදරය කළේ? 
පස්ස කහගන්න නියපොත නැති උනාට තියෙන ලොකුකම...

ඒටීඑම් කාඩ් එක විතරක් අරන් ඒකි එවලා තිබුණු මල් පොකුරු, ටෙඩියෝ, ෆෝන් එක, හැමදේටම ගිනි තියලා දාන්න මට ඕන වුණා. 

ඒ පෙට්ටිය ඇතුලෙ හුඟක්ම තිබුණේ එක එක ප්‍රමාණයේ, එක එක වර්ගයේ, එක එක පාට ටෙඩියෝ. මිනා ටෙඩි බෙයාලට ගොඩාක් ආසයි. පෙට්ටියේ මුල්ලක ලොකුවට ඉඳඳගෙන හිටියේ අඩි හතරක් උස ගිය බර්ත්ඩේ එකට මම අරන් දුන්න කහ පාට ලොකු ටෙඩියා. 

ටෙඩියෝ තිහක් විතර පෙට්ටිය ඇතුලේ තිබුණා.ඒ ටික ඔක්කොම පෙට්ටියටම දාලා ඇදගෙන ගාඩ්න් එක මැදට අරන් ගිහිල්ලා ගිනි තියල දාන්න ලෑස්ති වුනත්, අන්න ඒ වෙලාවේ මට හිතුණා ගිනි තියන්න නෙවෙයි මේවා දෙන්න ඕන හිඟන්නොන්ට කියලා. ඒ හිඟන උද්දච්ච ගෑනිට දුන්නට වඩා හිඟන්නුන්ට දුන්නා කියලා හිත හදාගන්න පුළුවන් කියලා මට හිතුණා. 

සම්බන්ධයක් කැඩිලා ගියපු අලුත ඕනම ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තියෙකුට හිතෙනවා වගේම, එයා හොරෙන් ෆේක් එකවුන්ට් එකකින් ඇවිල්ලා හරි මගේ සෝෂල් මීඩියා එකවුන්ට් බලනවා ඇති කියන හැඟීම මටත් ඇතිවුණා. ඉතින් මට ඕන උනා මිනා මට එවලා තිබ්බ ඔක්කොම ටික හිඟන්නන්ට දීලා ෆොටෝ ටිකක් සෝෂල් මීඩියා වල අප්ලෝඩ් කරන්න. උඹට දුන්නට වඩා හොඳයි හිඟන්නන්ට දුන්නනම් කියලා ලිව්වොත් මිනිස්සු මටම බනින්න ඉඩ තියෙන නිසා එහෙම නොලිව්වට ඇත්තටම ඒකිට එහෙම හිතෙන්න ඕනි කියලා මම හිතුවා.

ඉතිං මම පෙට්ටියේ තිබුණු ටෙඩියෝ ඔක්කොම කාර් එකට පුරවගත්තා. 

 ටවුන් එකේ එක තැනක කාර් එක නවත්තගෙන එතනින් එහාට මෙහාට යන ටිකක් දුප්පත් වගේම ළමයි ඉන්නවා ඇති කියලත් හිතෙන ගෑනුන්ටයි එතනින් යන්න පින තිබ්බ ළමයින්ටයි ඒ ටෙඩියෝ දෙන්න පටන් ගත්තා. ටෙඩියක් දෙන හැම කෙනෙක්ම ෆොටෝ එකකුත් ගහගත්තා. එදා ටවුන් එක ටිකක් කාර්යබහුල දවසක්. ටෙඩියෝ විසි පහක් තිහක් බෙදන එක මහලොකු අමාරුවක් උනේ නෑ.

අවසානයට ඉතුරු වුණේ අර කහ පාට ලොකු ටෙඩියා. ඒත් ටෙඩියා නම් දෙන්න ඕන පාරෙ හිඟා කන ළමයෙකුට කියලා මට හිතුනා.එතකොට තමයි මට හොඳම වර්ගෙ ෆොටෝ එකක් එන්නේ. මම කහ පාට ටෙඩියව කාර් එකේ ඉස්සරහ සීට් එකේ තියාගෙන පාර දෙපැත්ත බල බල ටිකක් දුර ගියා.

නම ලිව්වොත් හරි නැති ඉස්පිරිතාලයක් ළඟ තැනක පාර අයිනෙ වඩේ කඩේක ඒ ටෙඩියගෙ අයිතිකාර ඉරණම් කාර කෙල්ල හිටගෙන හිටියා. ඇඟට හිර වැඩි කෙල්ලට වඩා පොඩි සයිස් එකක ගවුමක් ඇඳපු ඒ කෙල්ල පිටිපස්සෙන් දැක්ක සැණින් මම කාර් එක නතර කළා. කෙල්ල වඩේ තිබුන කඩදාසි බෑග් එකකුත් අරගෙන මගේ දිහාට හැරෙනකොට මට එකපාරටම හිතුනා "කුණු පාට කැත කෙල්ලෙක්" කියලා.. වයස අවුරුදු හතක් අටක් ඇති. ඊට නම් වැඩි වෙන්න බෑ.

"බබා මෙහෙට එන්න" මම එහෙම කතා කළාට ඒ ළමයා මගේ ළඟට ආවේ නෑ.
මම කාර් එකේ දොර ඇරලා ටෙඩියව එලියට ගන්න ගමන් ළමයාගේ මූණෙන් ඇස් දෙක අහක් කරන් නැතුව කිව්වා "මෙන්න මේක අරන් යන්න" කියලා.
ඒ පොඩි කෙල්ලගේ ඇස් දෙක වීදුරු බෝල දෙකක් වගේ රවුම් වුණා. ටෙඩියා දිහා හුඟක් වෙලා බලාගෙන හිටපු කෙල්ල ඊට පස්සේ මං දිහා බැලුවා. ඊටත් පස්සේ පාරෙන් එහා පැත්ත බැලුවා. පාරෙන් එහා පැත්තේ පලතුරු ලෑල්ල ළඟ බිම තියන් පලා විකුණන ගෑනු කෙනෙක් ඉන්නවා මම දැක්කා. ඒ මේ ළමයාගේ අම්මා වෙන්න ඇති කියලා මට තේරුණා. සිද්ධිය බලාගෙන හිටපු වඩේ කඩේ මනුස්සයා පොඩි ළමයා දිහා බලලා "ගන්ඩ තාරකා. ඕං තාරකාගෙ හීන හැබෑවෙලා" කියලා කිව්වා. 

ඒ කුණු පාට කැත කෙල්ල මගේ අතින් ටෙඩියා ගත්තා. ඇත්තටම ගත්තා නෙමෙයි උදුර ගත්තා. ඒ වෙලාවේ මම බලාගෙන හිටියේ ඒ පාරෙන් එහා පැත්තේ හිටිය ඒ කෙල්ලගේ අම්මා දිහා.. ඊටපස්සෙ ටෙඩියාව බදාගත්තා. වඩේ මල්ල අතහැරුණා.

"අම්මා මට ටෙඩියෙක්.. කහ පාටම බූලෙක්....."

එහෙම කියාගෙන පාර පැනලා ඒ කෙල්ලගේ අම්මා ඉන්න දිහාට දිව්වා. දිව්වෙ නෑ. දුවන්න උත්සාහ කළා. මෙහා පැත්තේ වඩේ කාරයයි එහා පැත්තේ, ඒ ළමයාගේ අම්මයි ටෙඩියාව ඒ කුණු පාට කෙල්ලට දුන්න මමයි තුන්දෙනාම බලාගෙන ඉඳිද්දිම ඒ කෙල්ල එහා පැත්තෙන් ආපු වෑන් එකක හැප්පුණා. එක ක්ෂණයට කුණු පාට කැත කෙළ උඩින් විසිවෙලා ගිහින් බිමට වැටිලා වෑන් එකේ රෝදයක් ඒ කෙල්ලගේ උඩිනුත් ගියා.

ඒක උනේ කොහොමද කියලා හරියටම කියන්න මට මතක නෑ.ඊට පස්සේ සිද්ධ උන දේවල් වලින් මට මතක තියෙන්නේ වඩේ කාරයා කෑ ගහපු හැටියි හැප්පුණු වෑන් එක ටිකක් ඉස්සරහින් නතර වුනු බවයි විතරයි. 

 පළතුරු ලෑල්ලෙ ගෑනු කෙනත් බයික් එකකත් හැප්පිලා ඒත් ළමයා ගාවට දුවගෙන ආව බව පස්සේ වෙලාවක සීසිටීවී කැමරාවලින් දැක්කා.ඒ කෙල්ලගේ අම්මා ඔළුවේ අත් දෙක බැඳගෙන සිද්ධිය දිහා බලාගෙන ඉඳලා අසෑහෙන වෙලාවකට පස්සේ තමයි පාර පැනලා සිද්ධිය වුණ තැනට දුවගෙන ආවේ? ඒකත් මම පස්සේ තමයි සීසිටීවී කැමරාවලින් දැක්කේ.

 කුනු පාට පොඩ් කෙල්ලගෙ ඇඟ උඩින් වෑන් එක ගිහින් තිබ්බත් කෙල්ල ටෙඩියව අතෑරියේ නෑ.

ඔව්.. අතෑරියෙම නෑ

කහ පාට ටෙඩියා රතු පාට වෙන්න පටන් ගද්දිත් කුණු පාට පොඩි කෙල්ලගෙ මූණේ වේදනාවක් තිබ්බේ නෑ.ඒ කෙල්ලගේ බෝල වගේ ඇස් සතුටට දිලිසුණා. 
"මගෙ දෙයියෝ" කියලා ඒ අම්මා පොඩි කෙල්ලව බදාගන්නකොට ඒ කෙල්ල ආයෙත් කිව්වේ "අම්මා කහ පාටම බූලෙක්" කියලා.

වෑන්කාරයාගේ වැරැද්දක් නැති උනත් මිනිස්සු එකතුවෙලා ගහයි කියලා බය වෙන්නැති වෑන් කාරයා යන්න ගියා.මිනිස්සු හතර වටෙන් එකතු වුණා වඩේ කාරයා පොඩි කෙල්ලව උස්සගෙන ඉස්පිරිතාලෙට දිව්වා. එතන හිටපු තව ගෑනු කෙනෙක් තමයි පොඩි කෙල්ලගේ අතින් ටෙඩියව උදුරලා ගත්තේ.උදුරලා කියන්නේ හොඳටම අමාරු වෙච්ච අවස්ථාවෙත් ඒ ළමයා ටෙඩියව අතෑරියේ නෑ.

ඉස්පිරිතාලෙට අරන් යන කොටත් ඒ ළමයගේ පණ ගිහිල්ලා කියලාකියන්න මට න්ම කවුරුත් ඕන වුණේ නෑ.මොකද මට ඒ වෙලාවෙම තේරුණා ඒ ළමයා මැරුණා කියලා. 

ඊට පස්සේ මම ඒ ළමයගෙ ගෙදර හොයාගෙන මළ ගෙදර ගියා. ඇත්තටම මම තෝන්තු වෙලයි හිටියේ .මට හිතාගන්න බැරුව ගියා මොකක්ද මේ උනේ කියලා.එක දිගට සිද්ධ වුණ සිද්ධිවල මුල මැද අගවත් ගලපගන්න මට තේරුනේ නෑ. මම මගේ හිත යටින් ආපු ස්වභාවික පෙළඹවීම් වලට අනුව වැඩ කළා විතරයි.ම

ට ඕන උනා ඒ කුණු පාට කැත කෙල්ලගෙ අම්මට සමාවෙන්න කියලා කියන්න. ඒත් මගේ වැරැද්දක් නැති බවත් මම දැනගෙන හිටියා. 

සමහර වෙලාවට එහෙමයි. අපේ වැරැද්දක් නැති බව අපි දන්නවා. ඒත් වැරැද්දක් තියෙනවා වත් දෝ කියලා හිතලා සමාවෙන්න කියන්න අපට හිතෙනවා.මම මළ ගෙදර ගියේ මගේ යාළුවෙක් එක්ක. පළා විකුණලා කන්න හොයාගන්න ලෑලි තහඩු ටකරම් වහපු ගේ කැල්ලක්.සාලෙ කෑල්ලෙ මිනිය තිබ්බම ආයෙ හිටගෙන ඉන්නවත් පුළුවන් දෙන්නෙක් තුන්දෙනෙකුට විතරයි.

"මට සමාවෙන්න අක්කේ" මම ඒ ගෑනු කෙනාට අක්කේ කියලා කිව්වේ ඇත්තටම හදවතින්මද කියලා කියන්න මම දන්නේ නෑ. කුණු පාට කැට කෙල්ලගේ අම්මා කතා කරන තත්වෙක හිටියේ නෑ. ඒත් එයාගෙ තාත්තා මාත් එක්ක ටිකක් කතා කළා.

"කමක්නෑ මහත්තයා .කෙල්ලට කොහොමත් වැඩි කාලයක් තිබ්බේ නෑ.ඔය ජාතියේ ලොකු ටෙඩියෙක් ගන්න ගිය අවුරුද්දේ ඉඳන් මායි අපේ එක්කෙනයි සල්ලි එකතු කරනවා.කෙල්ලට මුකුත් වෙන්න කලින් ඒක අරන් දෙන්න බැරි වෙයි කියලා අපි දෙන්නම හිටියේ හිතේ අමාරුවෙන්.අවසානේ කොහොම හරි කෙල්ල පණ ගිහින් තියෙන්නේ ඒකිගේ හිතේ තිබ්බ ලොකුම ආසාව ඉෂ්ට වෙලා.මහත්තයාට පින්.අර වෑන් එකේමහත්තයාට විරුද්ධවත් අපි මොකුත් කියන්නෑ අපේ ළමයා පාර බලන්නැතුව පැන්න එකේ වැරැද්දනේ.ඒ මහත්තයාලත් ඇවිල්ලා අනිත් පොඩි එවුන් දෙන්න අයට ඉගෙන ගන්න උදව් කරන්නම් කියල කියලා ගියා"

ඒ මිනිහා කියන්නේ මොකක්ද කියලා මට තේරුනේ නෑ. ඒ පොඩි එකීගේ අක්මාවෙද කොහෙද පිළිකාවක් ඇවිත් ඒකට බෙහෙත් කරන ගමන් හිටිය බව මගේ යාළුවා පස්සේ මාත් එක්ක කිව්වා.

කොහොම හරි මට මිනාව වගේම ඒ කුණු පාට පොඩි එකීවත් අමතක කරන්න බැරි වුණා. දවස් ගානක් මම ඒ සිද්ධිය හිතින් ආපහු බැලුවා. හැම ටෙඩියම දෙද්දි ෆොටෝ එකක් ගහගන්න පුලුවන් උනත් ඒ කුණු පාට කැත කෙල්ල ටෙඩියා ගත්ත වෙලාවේ ෆොටෝ එකක් ගහගන්න මට හම්බුනේ නෑ නේ..එක අතකට ඒක එහෙම උන එක හොඳයි.

එතකොට අර ගෑනු කෙනා ළමයගේ අතින් උදුරලා ගත්ත ලේ ගාවුණු කහපාට ටෙඩියට මොනවා වෙලා ඇතිද කියලා හිතුවා.

මුළු ශරීරෙම තැලෙන්න පුළුවන් තරම් උපරිමයට තැලිලා තියෙද්දිත් ටෙඩියෙක් හම්බුනු සතුටට හිනාවෙලා මැරෙන්න පුළුවන් කියලා කියන එක මොන වගේ දෙයක්ද...ඒ ළමයට ඒ කහ පාට ටෙඩියා ඒ තරම් සතුටක් වෙන්නේ කොහොමද?

මට ආසාවක් ඇති වුණා පොඩි ළමයින්ට ටෙඩියෝ දෙන්න. හැබැයි ඒක වටින්නේ හම්බවෙලාම නැති අයට හින්දා දෙනවනම් දෙන්න ඕන ටෙඩියෙක් හම්බවෙන්න අවස්ථාව අඩුම අයට කියලා හිතුනා. ඔව් කොයි කොයිදේත් වටින්නේම හම්බවෙලාම නැති අයට.

යාළුවාට ඒක කිව්වහම යාළුවා කිව්වා ළමා නිවාසෙක ඉන්න ළමයින්ට ගිහින් දෙමු කියලා. 

වයස අවුරුදු දහයට අඩු ගෑනු ළමයි ම තිහක් ඉන්න ළමා නිවාසයකට කහපාට ටෙඩියො තිහක් අරගෙන අපි දෙන්න ගියේ සෙනසුරාද දවසක.

කුණු පාට පොඩි එකීට මම දුන්න ටෙඩියා වගේම ඊට ටිකක් පොඩි ටෙඩියො තිහක්. 

ඒ පොඩි එවුන් පොර කකා ටෙඩියෝ ගත්තා.ඊට පස්සේ පාලිකාව ළමයින්ට කිව්වා තමන්ගේ ඇඳෙන් ටෙඩියාව ගිහින් තියාගන්න කියලා. තමන්ගේ කාමර්වෙ ඇඳක ටෙඩිබෙයාලා දහයක් පහළොවක් තියාගෙන නිදාගන්න ගෑණු ළමයි දැකලා තිබුණු මම හෝල් එකක පේළියට දාලා තිබ්බ ඇඳන් වල තමන්ට හම්බුනු එකම එකට ටෙඩියාව තියාගන්න ගෑණු ළමයින්ව දැක්කා.  

"එයාලට ප්‍රයිවසි එකක් නෑනෙ. මෙහෙම ඉන්නකොට. හෝල් එකක" මට කියවුණා.
"මේවා ගෙවල් නෙවෙයි මිනිහො. පුද්ගලිකත්වය තියා තමන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් ඉෂ්ට කර ගන්න බැරුව ඉන්න මේ ළමයින්ට මෙහෙම හරි නිදාගන්න ඇඳකුයි කන්න තුන් වෙලයි හම්බවෙන එකත් ලොකු දෙයක්" යාලුවා කිව්වා. 
ඒ කියන්නේ එහෙම මිනිස්සුත් ලෝකෙ ඉන්නවා. 

මට කුණු පාට පොඩි එකීව මතක් වුණා. ඊට පස්සේ මිනාව.

 සමහර ළමයි කහ පාටට කැමති උනේ නෑ කියලා මම දැනගත්තා. මට හිතුනා ළමයි තිස් දෙනාගේ කැමති පාට දැනගෙන ටෙඩියෝ ගේන්න තිබ්බා කියලා. 

ඊට පස්සේ සතියේ මම හොයාගත්තා තවත් පොඩි ගෑණු ළමයි ඉන්න ළමා නිවාසයක්. ළමයි විසි එකයි. කල් ඇතුවම එයාල කැමති පාට දැනගෙන එකම විදිහේ පාට වෙනස් ටෙඩියෝ ටිකක් අරන් ගියා..

ඒ ළමා නිවාසේ අලුතෙන් වැඩට ආපු අවුරුදු විස්සක විතර ගෑණු ළමයෙක් හිටියා. නිවාසෙ පාලිකාව මගින් ඇහුවා මහත්තයාට පුළුවන්ද මෙන්න මේ ළමයට ඇස් කන්නාඩි දෙකක් ගන්න උදව් කරන්න කියලා. එයාගෙ ඇස් දුර්වලයිලු. ඇස් කන්නාඩි දෙකට රුපියල් පාළොස්දාහක් යනවා කියලා කිව්වා. එතකොට ඒ ළමයාගේ මාසේ පඩියත් රුපියල් පාළොස්දාහයිලු.

මම ඒකත් දුන්නා. දෙන්න ආස හිතුනා.. ඔව් ඒක ඇත්තක්..
ගනු කියල දෙයක් ඇත්තෙම නැතුව දෙනු කියල කියන දේ කරනකොට දැනෙන සැනසීම වෙන කිසිම දේකින් ගන්න බෑ. 

මම දැන් ගනු නැතුව දෙනු කියන දේ ක්‍රියාත්මක කරන මිනිහෙක්. ඒක මට පුදුමාකාර සැනසීමක්. උපතින් කුමාරයෙක් වුන නිසා වියදම් කර කර නිකන් හිටපු මම දැන් වැඩ කරනවා. මොකද මට මම හම්බ කරපු සල්ලිවලිනුත් දෙන්න ඕන නිසා. කෙටියන්ගෙන් පටන් ගත්තු මම දැන් ගෙවලුත් හදලා දෙනවා.

නිතරම මිනාව මතක් වෙනවා. ඒත් එක්කම කුණු පාට කැත කෙල්ලයි, ලේ ගෑවුනු කහපාට ලොකු ටෙඩියයි.

දැන් මං ඒ මානසික චිත්‍ර තුනටම ආදරෙයි. කොහේදෝ තැනක ඉඳන් ඇවිල්ලා ටික කාලයක් මගේ ජීවිතේ ඉඳලා ගියපු මිනා..

කොහේදෝ ඉඳන් එක ක්ෂණයකට මගේ ජීවිතයට ඇවිල්ලා ජීවිතේනුත් යන්න ගිය කුණු පාට කැත කෙල්ල..

එතකොට අජීවී වස්තුවක් වෙලත් මගේ ජීවිතේ මහා වෙනසක් කරන්න හේතු වුණු සමහරවිට මේ වෙනකොට අංශුවක්වත් මේ ලෝකෙ ඉතුරු වෙලා නැතිවෙන්න ඉඩ තියෙන ඒ කහ පාට ටෙඩියා... 

සමහර අය මේ ලෝකෙට එන්නෙම ලෙඩ වෙලා දුක්වෙලා කුණු වෙලා කැත වෙලා චප්ප වෙලා ඒත් නැත්තං මොකාක් හරි ක්‍රමයකට විනාශ වෙලාම යන්න. එයාගෙ ඒ විනාශය හරහා මේ ලෝකෙ ඉන්න එක මනුස්සයෙක්ව හරි නැත්නම් මිනිස්සු ගොඩක් හරි ලෝකයට සාධනීය වෙනසක් කරන පුද්ගලයෙක් බවට පත්කරන කම්පනය ඇති කරන වගකීම එයාලා අරන් එනවා. අද වෙනකොට කුණු පාට කැත කෙල්ල ගැන මට තියෙන්නේ එහෙම දැනීමක්. එයා මාව වෙනස් කරන්නම ඉපදුන පුංචි දේවතා ආත්මයක්.. මගේ ආදරණීය කුණු පාට කැත කෙල්ලේ.... ඔයා කොහේ හරි ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්නවනම් හීනෙකින් හරි එකපාරක් එන්න මට ඕන ඔයාව බදාගෙන මං ඔයාට ආදරෙයි කියලා කියන්න. මේ ලෝකයේ ඔයාව තරම් වැළඳ ගන්න මං ආස කරන තව කවුරුත් නෑ.

මේ ඔක්කොටම ස්තූතියි ..

මිනා ඔයා කොහේ හරි ඉඳන් මේක කියවනවා ඇති. ඒ කහපාට ටෙඩියා ගැන කිව්වම මේක ලිව්වෙ කවුද කියලා ඔයාට තේරෙනවා ඇති. මං ඔයාව හොයාගෙන ඔයාගේ ගෙදරට ආවේ නැත්තේ ඇත්තටම ඉස්සර මට ඔයා ගැන තිබුණු ලෝභකමවත් අයිති අයිති කරගන්න ඕන හැඟීමවත් දැන් නැති නිසා. දැන් ඔයාට මගේ හිතේ තියෙන්නේ ගෞරවනීය ඉඩක්. ඔයා දැන හෝ නොදැන මගේ ජීවිතයට ඇවිල්ලා ගියේ මගේ ජීවිතයට සැනසීම දෙන්න.

සමහර මිනිස්සු අපේ ජීවිත වලට සෘජුව දීලා යන්නේ දුක උනත් වක්‍රව එයාලා ඇත්තටම දීලා යන්නේ සැනසීම.

මිනා ඔයාට ස්තුතියි .

මම ගිය මාසේ මගේ පඩියෙන් අංජලී වගේම කකුල් දෙක පණ නැතුව හිටියත් online business එකක් කරන ගෑණු ළමයෙකුට ලැප්ටොප් එකක් අරන් දුන්නා. සමහරු කියනව ඒවා පින් කියලා මම දන්නෙ නෑ ඒව පින්ද නැද්ද කියල.. මට තියෙන්නේ ඒ මිනිස්සුන්ගේ සතුට දකිනකොට දැනෙන සැනසීමක් එච්චරයි. 
ඇත්තටම මට අනුවනම් පින කියන්නේ සතුටට.

ඒවා ඇත්තටම පින්නම් ඒ පින් වලින් කොටසක් ඔයාටත් කුණු පාට කැට කෙල්ලගෙ ස්නේහවන්ත දේවතා ආත්මයටත් අයිතියි.

ඉන්න තැනක මලක් වගේ පිපිලා සතුටින් ඉන්න. ඔයා එකපාරටම මාව දාලා ගියේ නැති බවත් මගේ තිබුණු ආත්මාර්ථකාමී දැඩි ගති නිසා ඔයාට ටිකෙන් ටික මාව එපා වෙලා අවසාන ප්‍රතිඵලය හැටියට එදා ඔයා මාව දාලා ගිය බවත් මට දැන් තේරෙනවා. 

ඒ මොනවා වුනත් මගේ ජීවිතයට ආවා වගේම එදා මාව දාලා ගියාටත් ඔයාට ස්තුතියි.

හුඟක් වෙන්වීම් මිනිසුන්ව ප්‍රතිනිර්මාණය කරනවා. නැත්තං සංස්කරණය කරනවා ඇත්තටම වෙන්වීමක් කියන්නේ සංස්කරණය වීමක්. 

ඉතිං මිනා දැන් මම ගනු ගැන අදහසක්වත් නැතුව දෙනු ක්‍රියාත්මක කරන එකේ සැනසීම හොඳටම දන්න බිනෝෂ්..
=======

Nissanka Rajapaksa

unread,
Jun 21, 2024, 7:02:41 PMJun 21
to INDRAKA group
32

කුරුළු ගීතය

Translation of the short story Birdsong by Jahnavi Barua (සිසිල මාසික ඊ- සඟරාව - නොවැම්බර් 2023 කලාපය)

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

"ඉතින් දැන් මොකක්ද ඔයාගේ තීරණේ?"

රත්-කළු පෑ පිහාටු ඇති රත් මිණිවිත්තෙක්* බොහොම ඉවසීමෙන් ඇගේ හිසට හරියටම ඉහළින් අත්තක ලැග උන්නේ හරියට තමන්ව ඇයට ප්‍රදර්ශනය කරන්නට මෙනි. ඇය තමන්ගේ ඡායාරූපයට ගැලපෙනම කෝණය සොයාගන්නට මහන්සි වෙමින් සිටියාය. සීත ඍතුව එළඹෙන්නට ආසන්න නිසා නිරුවත්ව තිබුණු ගසේ අතු අතරින් කුරුල්ලා ව පෙනුණේ දීප්තිමත් ලෙසිනි.

"උත්තරයක් දෙනවද නැද්ද?"

ඇය කැමරාවේ බොත්තම ඔබන්නට සූදානම් වෙද්දීම පොළොවෙන් පිටට නෙරූ මුලක ඇගේ පය පැටලුණි. මෙතෙක් වෙලා තමන් ඇයට ඇති තරම් කාලය ලබා දුන් නමුත් දැන් නික්මෙන්නට වෙලාව හරි බව වටහාගත් අයුරින් කුරුල්ලා බොහොම පහසුවෙන් ඉගිල ගියේය .

කැමරාවේ තිරයේ ඉතිරි වී තිබුණේ බොඳ වුණු රත් පැහැ පදාසයක් පමණි. ඒ, කේන්තියේත් දරුණු බවේත් පාට. නිතරම ඔහුගේ කටහඬ වර්ණ ගැන්වෙන පාට.

දිය කඩිත්තෙන් එපිට කොස් ගහක අතු අතර රත් පැහැයක් පෙනී නොපෙනී යනු දැක ඈ ඉක්මන් ගමනින් ගස පාමුලට ගියාය. ඇයට ඉහළින් ඇති අත්තක කුරුල්ලා නිසොල්මන්ව ලැග උන්නේ උගේ දිගු පෙඳයෙන් සිරුර සමබර කර ගනිමිනි. ඇය හිස ඔසවා කැමරාව තුළින් එබී බලා ඌව හරියටම රාමුවට හසු කරගන්නට තැත් කළාය.

ඇගේ ගෙලට උණුසුම් හුස්මක් දැනෙන්නට විය.

"මොකක්ද මේ කරන සෙල්ලම?" ඔහු ඇගේ උරයෙන් අදිමින් ඇසුවේය. ඇගේ සිරුරේ සමබර බව නැතිවී යද්දී ඇය අතක් දිගු කර ගසේ කඳ අල්ලාගත් අතර අතුපතරේ සැඟවී සිටි කුරුල්ලා හඬක් නොනඟා ම ඉගිල ගියේය.

"මේ අහනවා, තමුන් කොයි පැත්තට හරි තීරණයක් ගන්නම ඕන" කේන්තියෙන් රළු වූ කටහඬින් ඔහු කීවේය.

ඇය නිසා ඔහුට රූපවාහිනියේ ක්‍රිකට් තරඟය නරඹන්නට අවස්ථාව අහිමි වී තිබිණි. නිවාඩුවක් ගත කරමින් සිටියත්, කැලයක් මැද සිටියත් ඔහුගෙ පුරුද්ද වූයේ රූපවාහිනී තිරයේ ඇලී ගැලී සිටීමයි. එහෙත් ඇයටත් ඔහු නිසා බොහෝ විට කුරුල්ලන් නිරීක්ෂණය කරන්නට අවස්ථාවත් අහිමි වූ බව සිහිවී ඇගේ මුහුණේ මුරණ්ඩු පෙනුමක් මතුවිය. මීට පෙරත් විවිධ අවස්ථාවල -ඇය ඩෙංගු වැළඳී වෙව්ලමින්, බියෙන් වැතිරී සිටිද්දී, ප්‍රසූති සැත්කමේ වේදනාවෙන් පීඩිතව අලුත උපන් දරුවා නළවාගන්නට රෑ තිස්සේ සක්මන් කරද්දී, පක්ෂීන් ගැන රාත්‍රියේදී විකාශය වූ වැඩසටහනක් නරඹන්නට ඈ උනන්දුවෙන් සිටිද්දී- ඔහු රූපවාහිනිය වෙතම ඇලී උන් අවස්ථා ඇයට සිහි විය.

"කෝ අයින් වෙන්න"

කී ඇය ඔහුව තල්ලු කරමින් කුඩා කඳු ගැටය පාමුළ ඇති පියගැටපෙළ වෙතට ගොස් පහසුවෙන් එය තරණය කළාය. ඔහු ද අවලාද කියමින්, හති අරිමින් සෙමෙන් ඇය පසුපස පැමිණියේය.

කඳු ගැටය මුදුණේ තිබුණේ කුඩා වන රොදකි. එහි උස් පුළුන් ගස් පෙළක් වලාකුළු රහිත අහස වෙත විහිදී තිබිණි. ගසක පහත අත්තක වසා සිටි රත් ළයැති කොණ්ඩ කුරුල්ලෙකුගේ කවාකාර තරබාරු පෙනුම දැක ඇයට සිනා නැඟුණි. මේ ගමන පැමිණීම ගැන ඇයට හදිසියේම සතුටක් දැනෙන්නට විය. මේ සති අන්තයේ මෙහි පැමිණ යන්නැයි යෝජනාව යොමු කෙරුණේ ඇගේ අම්මාගෙනි.

"මම නීල් ව බලාගන්නම්. ඔය දෙන්නා කතා කරලා බේරුමක් කරගන්න. දික්කසාද වෙන එක විසඳුමක් නෙමෙයි."

දික්කසාදය. අම්මා ඒ වචනයට දක්වන්නේ පුදුමාකාර බයකි. මුලදී ඇයටත් ඒ බය දැනුණු බව සත්‍යයයි. තාත්තෙක් නොමැති දරුවෙක් උස් මහත් කරන්නේ කොහොමද? "මම නැතිව තමුසෙට කිසි දෙයක් කරගන්න බැහැ" ඔහු කීවේ ආත්ම විශ්වාසයෙන් උද්ධච්ච වෙමිනි.

ඇයට ඔහු නැතිව පුළුවන් ද? ඇය ඒ ගැන හරියටම දැනගෙන සිටියේ නැත. එහෙත් දැන් දැන් ඇයට දික්කසාදය යන වචනයට දැනෙන බිය අඩු වී තිබිණි. කාලයක් තිස්සේ ඈ යන යන තැන ඒ වදනත් ඈ හා පැමිණි බැවින් දැන් එය ඈ ට පුරුදු වී තිබුණු අතර ඉන් තර්ජනයක් දැනුණේ නැත.

ඇය තව තවත් වනය තුළට ගමන් කළාය. දිවා කාලයේ පවා මෙහි තිබුණේ අඳුරකි. අඩිපාර පටු නිසාත්, ගල් බොරළු සහිත නිසාත් ඈ ප්‍රවේසම් විය යුතු ව තිබිණි. වනයේ ඇත්තේ රැවටිලිකාර නිහඬබවකි. තමා දෙස යොමු කෙරුණු නෙත් අවට ඇති බව ඈ දැන සිටියත් ඇයට ඒ කිසිවක් පෙනුණේ නැත.

ඔහු තවමත් පය පැකිලෙමින්, දෙස් කියමින් ඈ පසුපසින් එමින් සිටියේය. ඇයට හදිසියේ කෝපයක් දැනෙන්නට විය.

"එයා නරක කෙනෙක් නෙමෙයිනේ දුවේ," අම්මා හැමදාම කීවාය. නරක නොවීමෙන් හොඳ බව අදහස් නොවේ.

"එයා කවදාවත් ඔයාට නපුරු වෙලා නැහැනේ" අම්මා තවදුරටත් කීවාය. අම්මා ඉන් අදහස් කළේ ඔහු කවදාවත් ඇයට පහර නොදුන් බවයි. එහෙත් කුරිරු බවට විවිධ හැඩතල ඇති බව ඇය දැනගෙන සිටියාය. තමන්ගේ හදවත ශීතලෙන් ගල් කරනු ලබන බැල්මක් ඔහු නිතර තමා වෙත හෙලන අයුරු ඇය සිහි කළාය.

තම පුතුට පියෙක් වුවමනා බව ඇය දැන සිටියාය. දික්කසාදය සත්‍ය වශයෙන්ම විසඳුමක් නොවේ. එය තමන්ට ගැලවීමක් ඇති බවට හිත රවටා ගන්න යොදාගන්නා අදහසක් පමණි.

ඉහළින් කොවුලකුගේ හඬක් රැව් දෙනු ඇසිණි. ඈ සතුටින් එදෙස බැලුවාය. කොවුලා ගසක අතු අතර අඩක් මුවා වී සිටියේය. ඒ එක්කම ඈ රත් පැහැති පෙඳයක දිලිසුමක් ඇස් කොණින් දුටුවාය. මිණිවිත්තා ඈ පසුපසින් පැමිණ ඇති හැඩයි.

ඇය ගෙල දිගු කර කැමරාව ඉහළට එල්ල කරද්දී ඔහුත් ඈ කිට්ටුවටම පැමිණ තිබිණි. මේ වතාවේදී ඔහු නැවතත් ඒ ප්‍රශ්නයම ඇසුවොත් ඈ ඔහුව අතහැර යන අදහස අත් හළ බව කියන්නට ඈ තීරණය කළාය.

ඈ කැමරා කාචය තුළින් එබී බැලුවාය. රත් මිණිවිත්තා ගසේ තද පැහැ පත්‍ර පසුබිමෙන් රාමු වෙමින් ඉවසිල්ලේ බලා සිටිනු පෙනුණි. ඈ ඡායාරූපය ගන්නට සැරසෙද්දීම පුංචි සෙලවීමක් ඇගේ නෙත ගැටිණි. කහ සහ කළු පැහැති කිරිල්ලියක් හදිසියේ මතුවී රත් පැහැ කුරුල්ලා ලඟින් සෙමෙන් නතරවූවාය. ඒ මිණිවිත් කිරිල්ලියක්! කුරුල්ලා නැඹුරු වෙද්දී කිරිල්ලිය තවත් ඔහු වෙත් තුරුළු වනු පෙනුණි.

නොසිතූ ලෙස ඇයට මහත් අසරණ බවක් දැනෙන්නට විය. ඇගේ පපුව සිරවෙන බවක් දැනුණි. ඇය කැමරාව පහත හෙලා ඔහු වෙත හැරුණාය. මේ තමන්ගේ සැමියා ය, තම දරුවාගේ පියා ය.

"හරි එහෙනම්" ඈ කීවාය. "දික්කසාද වෙමු."

* Scarlet Minivet


Nissanka Rajapaksa

unread,
Jun 22, 2024, 9:41:25 PMJun 22
to INDRAKA group
33
ගැටවර කාලෙ

- ඉන්දීය දෙමල ලේඛක ටී ජෙයකාන්දන්











Nissanka Rajapaksa

unread,
Jun 23, 2024, 8:43:24 PMJun 23
to INDRAKA group
34

අම්මාට මිනිහෙක් උවමනා කර තිබේ!!!

- සුජාතා මැණිකේ ඉහළගෙදර

අපිට ඕන වුණා ලස්සන ප්ලොට් එකක්. අලුත් සිංදුවකට. හැබැයි අවසානෙ ෂොක් වෙලා යන්න තියෙන්න ඕන. ටිකක් වෙනස් කතාවකින් රූප රචනාව කරන්න මට ඕන වුණා.

අපි ෆේස්බුක් එකේ කතා ගොඩාක් කියෙව්වා. ඒත් හිතට අල්ලන එකක් හම්බුනෙ නෑ. 

  ගිය පෙබරවාරි විසි වෙනිදා දවල් මම නිදාගන හිටියෙ. හදිසියෙ මාව ඇහැරවපු මල්ෂා අපේ වැඩේට හරියන කතාවක් කියලා කොළ දෙක තුනක් මගේ අතේ තියලා ගියා.. 

මට ස්ක්‍රීන් එකේ කියවන එක සෙට් වෙන්නෙම නැති හින්දා කියවන්න ඕන ඒවා ප්‍රින්ටවුට් ගන්න අපි දෙන්නා පුරුදු වෙලයි හිටියෙ.

මම ඇස් දෙක පිහලා ඇඳේ ඉඳගන ඒක බලන්න පටන් ගත්තා. කතාවට නමක් තිබුණෙ නෑ. මං ඉතිං කියවන්න ගත්තෙ එහෙම විශේෂ ඕනකමකින් නෙවෙයි.

======

ජනවාරි දාහත.

 පළමුවරට ඔහු හා මා හමුවන විට මා සිටියේ වියළි කලාපයේ ගම්මානයක විසල් වත්තක කෙලවර වූ පැරණි ළිඳක් අසළය. එයත් සබන් පෙණ සහිත චීත්තයක් ගලක් මත දිය ගසමිනි. 

මා හැඳ හිට්යේ ජෝජට් රෙද්දෙන් මැසූ ෆ්ලෙයාඩ් සායක් සහිත ගවුමකි. එය ස්ත්‍රී ලාලිත්‍ය මනාව ඉස්මතු කරන ලෙස මැසූවක් වූ නමුදු එවෙලේහි මා සිටියේ පිරිමින් සරම කැහැපට ගසන්නාක් මෙන් සාය කොටස ඔසවා ගැට ගසාගෙනය. ඔහු ප්‍රාදුර්භූත වූයේ එවේලේය. මා පළමුව දුටුවේ රෙදි සෝදන ගල ඉදිරියෙහි වූ කලු පැහැති පිරිමි සපත්තු යුගළයකි. එකී සපත්තු යුගළය පැළඳි දෙපා කාකි කලිසම් කාරයෙකුගේ බව වටහාගැනීමට මහා කාලයක් අවශ්‍ය වූයේ නැත.

"ඌ කොයි පැත්තටද දිව්වෙ?" ඔහු ඇසුවේය.
"දන්නෑ" මම කියූවෙමි.
"දන්නැද්ද නැත්තං දන්නෑ වගෙ රඟපානවද?"
"සර් කවුරු ගැනද අහන්නෙ?"
"මම ඔයාව කොහෙදි හරි දැකලා තියෙනව?" 
මා කිසිවක් කීමට පෙර පිරිමි කිහිප දෙනෙකුහේ කට හඬ ඇසෙන්නට වූ අතර ඔහු හඬ ආ දෙස බලාගෙන, නමුදු මට කතා කළේය.

"ඔය ගවුම ගවුමක් විදිහට ඇඳ ගන්න" 

ඔහු බලා සිටි දෙසින් අප වෙත එමින් සිටි කාකි සූට් කාරයින් දෙස බලා එසේ කියූ ඔහු මගේ බැල්ම අයිති කරගත්තේය. සැබෑවක් කියමි. මගේ සිත සෙලවූ පළමු පිරිමියා ඔහු නොවේ. නමුදු මගේ ස්ත්‍රී හදවත දැක්මට ආශා කළ පිරිමි රුව එහෙම පිටින්ම මා දුටු පළමු අවස්ථාව එය විය .

කාකි කලිසමක් හා කලු පැහැති ටී ෂර්ටයක් හැඳ සිටි ඔහු පිළිවෙල උඩු රැවුලක් තබා සිටියේය. හිරුට සමාන නමක් හිමි දමිළ නලුවා සිහිපත් කරගත හැකි අයුරක රුවක් හිමි ඔහුට බිමත්, මලුත් ජයත්, කොඩියත් එක්කළ නමක් හිමි සිංහළ නලුවාගේ හඬද විය.

"මෙහෙට ඇවිත් නෑ"

එතෙකින් ඔහුගේ පොලිස් සගයින් ආපසු හරවාගත් හෙතෙම මගේ ඇස් මානයෙන් ඉවත්ව ගියේ ඇතැම් අහස් යානා, එය පිටව ගිය පසු අහසෙහි ඉතිරි කර යන ධූම ඉරක් මෙන් සටහනක් තබා ගෙනය.

තවත් දිනයක ගම මැදින් ගමන් ගන්නා බස් රිය දක්වා යෑමට වෙල මැදින් ගමන් කරම්න් සිටි මට ඔහු හමුවිය. එවිට මම කොළ හා කහ පාට මිශ්‍ර සාරියක් හැඳ සිටියෙමි. දෙපස කුඹුරු වල නිල්ල ගසන වයසට ආ ගොයමද මැදින් දුඹුරු පැහැ ගුරු පාරද වූ අතර පැහැදිලි අහස නිල්ම නිල් පැහැයක් ගත්තේය. ඔහුගේ නිල් පැහැති යතුරු පැදිය මා ඉදිරියට එන විට ඔහු හැඳ සිටියේද නිල් පැහැති ඩෙනිම් වර්ගයේ කමිසයක් බව දුටුවෙමි. එය කෙතරම් චමත්කාර ජනකද? ඔහු මා පසුකර ගියේය. ඉක්බිති හෝන් හඬකි. මම හැරී බැලූයෙමි.

 "මම දැක්කා ඊයෙ ටීච නදීකගෙ ගෙදර යනවා. ඇයි ටීචත් කසිප්පු බොනවද?"
  " මම ටීච කෙනෙක් නෙවෙයි"
"සෙනවි මුදලාලිගෙ කවුද?"
"මම එහෙ ඉන්නෙ පානීය ජල ව්‍යාපෘතියෙ වැඩට"
"ආ.. මේ ජල නෝනා. නෝනා ඔය පැත්තෙන් යන්නෙ බස් එකට නං අද බස් එක නෑ. කැමති නං මට පුලුවන් හන්දියට ගිහින් දාන්න. තව විනාඩි දහයකින් ඒ පැත්තෙන් බස් එකක් තියෙනව"

මා යමින් සිටියේ බැංකු කටයුත්තකට වූ බැවින්ද එම කටයුත්ත පසුදාට කල් දැමීමේ හැකියාවක් නොවූයෙන් පමණක් නොව ඔහු සමඟ සමාගමයක් ඇතිකර ගැනීමේ කැමැත්තක් මගේ යටි සිතෙහි තිබුණා යැයි අද වන විට මා පිළිගන්නා බැවින්ද මම ඔහු සමග හන්දියට යෑමට එකඟ වූයෙමි.

හන්දියෙන් මා බස්සවා යන තෙක්ම වදනකුදු නොදෙඩූ ඒ අහංකාර පොලිස් කාරයා මගේ සිත තුළ දැඩිව ඇවිද යන්නට පටන් ගත්තේ එදාය.

 ඇතැම් විට නිවසේද ජල ටැංකි හා වෙනත් ඉදිකිරීම් සිදුවූ පාරෙහිද මා සිටි බොහෝ අවස්ථාවල ඔහුගේ නිල් පැහැති යතුරු පැදිය පාරේ කොනකින් මතු වනු ඇතැයි මගේ සිත සැක කළ අතර වෙනත් යතුරු පැදි බොහොමයක් මා පසුකර මා තුළ මා කෙරෙහිම ලැජ්ජාවක් උපදවමිනි.

මා නවාතැන් ගෙන සිටි සෙනවි මුදලාලි ගේ නිවසෙහි වූ දානමය කටයුත්තක් උදෙසා, දුර බැහැර වසන සෙනවි මුදලාලිගේ පුත්‍රයා නිවසට පැමිණියේ එම දිනවලය. දානය නිවසින් කිලෝමීටර් තුනක් පමණ දුරින් වූ ආරාමයකටය. මගේ රාජකාරිමය කටයුතු වලද මඳ විරාමයක් ලැබී තිබුණෙන් මමද දානමය කටයුත්තට ශ්‍රමයෙන් දායක වෙමින් සිටියේ ඉතා කැමැත්තෙනි. ඒ මගේ ජීවිතයේ සුන්දරම කාලය විය. මම බාධාවකින් තොරව සමාජශීලි මනුෂ්‍යයකු බවට පත්ව සිටියෙම්. එතෙක් මට එවන් ජීවිතයක් තිබුණේ නැත.

එයට පෙර මා ගෙවා දමා තිබුණේ මගේ ජීවිතයේ අසීරුතම කාල සීමාවන් බව කීමට මේ වේලාව නොවේ. එය පසුව කීම වඩා උචිත වනු ඇත.

දානය දා රාත්‍රියේ දානය ඉවිමෙහි ලා වගකීම දැරූයේ සෙනවි මුදලාලිගේ පුත්‍රයාගේ මිතුරන් විසිනි. දෛවෝපගත ලෙස එන මිතුරන් අතර හිරුට සමාන නාමයක් හිමි නළුවාගේ රූපය දැරූ පොලිස්කාරයා ද විය. ඔහු මා සමඟ එක්ව පපඩම් කැබලි කැපුවේය. ඒ අතර විදුලි බල්බයේ එලිය සොයා පැමිණ අතරමං වූ මී මැස්සෙකු විසින් දෂ්ට කරන ලද මගේ කම්මුල මත රතු ලූනු ගෙඩියක් ඇතිල්ලුවේය.

එවෙලේ ඔහු ළඟින් හමා ආ සුවඳ මා තුළ ඇති කරන ලද්දේ අනුරාගී ප්‍රහර්ෂයක් බව නොකියා සිටීමට තරම් ව්‍යාජ නොවෙමි. එය අනර්ඝ නිමේෂයකි. ඔහු මගේ මුහුණෙහි රතුළූනු ගෙඩියක් උලමින් සිටි අතර මම ඔහුගේ ගෙල මුලින් හමා ආ පිරිමි විලවුන් සුවඳ ආඝ්‍රාණය කරමින් සිටියෙමි. එයින් මද වේලාවකට පසුව පපඩම් සමඟම අත කපා ගන්නට ගිය මා දෙස බැලූ ඔහු "සිහියෙන් නෙවෙයිද ඉන්නෙ?" යැයි ඇසූවිට එය නුරාවෙන් පිරි ආරාධනයක් යැයි මට සිතිණි.

නිවසින් දානය රැගෙන ආරාමය වෙත යන පිරිස අතරට මා එක්වූ අතර ඔහු රාජකාරියට යෑම පිණිස පිටව ගියේය. නමුදු මා තුළින් නික්ම නොගියා වූ ඒ මිනිසා වරින් වර මතකයට නැගී මා කලඹවා ලන්නට විය..

පසුදා රාත්‍රියෙහි සෙනවි මුදලාලිගේ පුත්‍රයා වූ මසිත මා අමතා "අරූ එනව කිව්වා. ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕනලු" කියූ විට අරූ යනු කවුරුන්දැයි ඇසීමට අවශ්‍යතාවයක් වූයේ නැත. මන්ද යත් ඒ අරූ මා පිළිබදවත් මා ඒ අරූ පිළිබදවත් උනන්දුවෙන් පසු වන බව දානයට පැමිණි සියල්ලෝ දැන සිටියහ. 

ඔහු පැමිණියේය. සෙනවි මුදලාලිත් බිරිඳත් සමඟ මසිතගේ බිරිඳ රූපවාහිනී නැරඹූ අතර මසිත තවත් මිතුරෙකු සමග ඉදිරිපස කඩුල්ල අසල බර සාකච්ඡාවක සිටියහ. ඔහුත් මාත් සිටියේ විසල් සමන් පිච්ච වැලක් අබියස වූ ලී බංකුවක හිඳ අප පිළිබඳව කතා කරමිනි.

"මොනව හරි කියන්න" ඔහු මා කුළුගැන්වීමට සමත්වූ හඬ අවදි කළේය.
"ඔයාට නේ කතා කරන්න ඕන කියලා කිව්වේ"
"ආ.. ඒකනෙ ඔයාට මාත් එක්ක කතා කරන්න මොකුත් නැද්ද?"
"ඔයාගෙ නම මොකද්ද?"
"ඒයි මේ"
"මොකද්ද?"
"මගෙ නම ඒයි මේ"
"විකාර"
"අපේ අම්මා තාත්තට කතා කළේ ඒයි මේ කියලා... මාත් කැමතියි මගේ ගෑනි මට එහෙම කතා කරනවට"
කොහේදෝ සැඟවී තිබූ සිනාවක්, මද්දහනක හමා ආ සිසිල් සුළඟක් මෙන් මගේ මුවඟින් එළියට පැන්නේය.

"මං කැමති මගෙ ගෑනිව බයික් එකේ තියාගන වැවට නාන්න එක්ක යන්න. හවසට කඩේට හිහින් බඩු ගේන්න. උදේ පාන්දරට ඒකිත් එක්ක උයන්න. රෑට ඉස්තෝප්පුවෙ පැදුරක් දාගන නිදාගන්න.. ලයිට් දාගනම නිදියන්න.. මට හොඳට මහන්න පුලුවන්. මං ආසයි එක එක විදියෙ ගවුම් මහලා මගෙ ගෑනිට අන්දන්න. ළමයි දෙන්නෙක් හදන්න. උන්ව ඉස්කෝලෙ යවන්න. උන් කසාද බැඳලා වෙන්වෙලා ගිහින් නාකි වෙලා ගෑනියි මායි තනිවුනාම ආපහු හැන්දෑවට බයික් එකේ වැවට නාන්න යන්න.. ඔයා කැමති නම් මගෙ ගෑනි වෙන්න අපිට පුලුවන් කසාද බඳින්න"

ඔහු කියවාගෙන ගියේය. මම වේගයෙන් හුස්ම ගත්තෙමි. ඔහු නතර කළේය. මම හුස්ම ගැනීම නවතා මඳ වේලාවක් සිටියෙමි. මම එතෙක් සිටි සිහිනයෙන් මිදී පියවි සිහියට පැමිණ මගේ කාමරය තෙක් ඇවිද ගියෙමි. සිදු වූයේ කුමක් දැයි අදහාගත නොහැකි වූ ඔහු එයින් පැය භාගයකට පමණ පසු නිවසින් පිටව ගිය බව දනිමි. මසිත හෝ වෙනත් කිසිවකු මගේ දොරට තට්ටු කළේ නැත.

පසුදා උදෑසන පවා කිසිවකු කිසිවක් විමසුවේ නැත. තවදුරටත් ඔවුන්ව අපහසුතාවයට පත් කර මම ද අපහසුතාවයට පත් වීමට අකමැති වූයෙන් ඒ පිළිබඳව කිසිවක් කතා නොකළ මම මගේ රාජකාරි උදෙසා නික්මුණෙමි. එදින මහා මාර්ගයේ බට එළීමට තිබූ අතර මම ඒවා නිරීක්ෂණය කරමින් සිටියෙමි.

එදින දහවලේ නිළ ඇඳුමින්ම සැරසීගත් හිරුගේ නම හිමි පොලිස් කාරයා මා ඉදිරිපිට නැවැත්තූ පොලිස් ජීප්රියට නංවා ගත්තේ බලහත්කාරයෙනි. එම බලහත්කාරකම මුළුමනින්ම කරන ලද්දේ ඔහුගේ දෑස් පමණක් උපයෝගී කරගෙනය. සැබෑවක් කියමින් මම එම දෑසේ බලහත්කාරකමට කැමැති වූයෙමි. 

ඉනික්බිති ජීප් රිය නැවතී ගත්තේ පැරණි අම්බලම අසළින් හැරී ගිය විට හමුවන පාළු පාරේ කෙළවරය. එම පාරේ දහවලට පවා කිසිවකු නො පැමිණෙන්නේ පෞරාණික නටඹුන් වන සොහොන් යැයි සැලකෙන ගල් කණු කිහිපයක් සමඟ හොල්මන් බියක්ද පැතිර තිබූ නිසාය. මගේ සිත දිනාගත් පිරිමියා බියක් හඳුනන්නෙකු නොවූ අතර ඔහු සිටින තැනක මා බිය විය යුතු නැති බවට වන දැනීමක් හේතුවෙන්දෝ එම පාරේ ගමන් කළ අනෙකුත් සියලු දිනවල මා තුළ තිබූ බිය එම දිනයේ නම් අහලකවත් තිබුණේ නැත.

මට බසින්නැයි ඉඟිකළ ඔහු ජීප් රියෙන් බැස අර ගල් තලාව තෙක් ඇවිද ගියේ මගේ දකුණතින් ඇදගෙනය.මා සිටියේ ඕනෑම දෙයකට සූදානමින් වූ මනසකිනි. සත්‍යයකි, මම බිය නොවූයෙමි. එහෙත් ඔහු එවැන්නක් නො කළේ ය. ඔහු කිසිවක්ම නොකළේය.

 මා ගල් ගල්තලාව මත හිඳුවා තමාද හිඳගත් ඔහු මා ඉදිරියෙන් මඳක් ඈතින් ඉඳ ගත්තේය.

"මම දැන් සතියක් දෙකක් ඔයා යන එන දිහා බලාගෙන ඉන්නේ. මට ඔය හැංගි හොරා වැඩ අල්ලන්නේ නෑ.ඒකයි කෙලින්ම ඇහුවේ. මං හිතන්නේ මට අයිතියක් තියෙනවා දැනගන්න ඇයි ඔයා මට කැමති නැත්තෙ කියලා"
"අකමැති නෑ. කැමති වුණා කියලා වැඩක් වෙන්නේ නෑ" මම පැහැදිලි හඬකින් කීවෙමි.
"හේතුව?"
"මම කනවැන්දුම් ගෑනියෙක්. අවුරුදු දෙකකට කලින් එයා මැරුණා. මට පුතෙක් ඉන්නව. දැන් අවුරුදු දහයක්.. මම බැන්දෙ අවුරුදු විස්සෙන්"

හෙතෙම හොල්මනක් දුටුවාක් බඳුව බියවී මා දෙස බලා සිටියේය. මඳ වේලාවක් ගතවිය. මහා නිහැඬියාවක් විය. ඔහු නැගී සිටියේය.
"මම දැනගන හිට්යෙ නෑ"
"දැනගෙන හිටිය නං ඔය යෝජනාව කරන්නේ නෑ නේද?"
මම නැගී සිටීමට අකමැති වූයෙමි.
"එන්න මම ඔයාව ගිහින් දාන්නම් ආපහු"
"ඕන නෑ. මම යන්නම්. ඔයා යන්න"

ඔහු පිටව ගියේය. මම ඉපැරණි සොහොන් කිහිපයකය මායිම් වූ ගල්තලාවක තනිව හිඳගෙන හැඬීමට සූදානම් වූයෙමි. මගේ ඉරණම පිළිබඳව චෝදනාවන් කීයක් තිබුනා වුවත් ඒ සියල්ල එහෙම පිටින් ම එල්ල කළ යුතු ව තිබුණේ මා වෙතටම වන බැවින් මගේ හැඬුම වඩා වේදනාකාරී විය. මන්ද යත් එකී හැඬුම මා යනු කිසිදා නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් නොතිබූ අයෙකුය යන අඩුතක්සේරුවත් මගේ අනාගතය යනු එහෙම පිටින්ම ඉපැරණි සොහොනක නටබුන් වැනි බවට වන කාළකණ්නි බවකුත් ඒකාබද්ධ වී තිබූ නිසාය. මා සිටියේ මා විසින් සංසාරය යන්නක් අසා නොතිබුණා නම් හෝ මගේ කුසින් වැදූ තවත් ජීවියෙකු මෙලොව නො වූවා නම් ගල්තලාවේ මුදුනට ගොස් පහලට පහළට පැනීමට දෙවරක් නොසිතන තැනකය.

මා යනු කවුද?

මම ප්‍රේමයෙන් මුසපත්වී කොල්ලෙකු සමඟ පැන ගිය කෙල්ලක වීමි. ඔහු මඳ වශයෙන් මධ්‍යපානය කරන්නෙකු බව දැනසිටි නමුදු මඳ වශයෙන් ගන්නාවූද නිකරුනේ ගම්මානයක හන්දි ගත වන්නාවූ කොල්ලන් සමඟ වෙසෙන්නා වූ ද කොල්ලෙකු යනු කිසියම් දිනක බේබද්දෙකු බවට පරිවර්තනය වීමේ ඉහළ හැකියාවක් ඇත්තෙකු බව වටහා ගැනීමට ප්‍රමාද වූ මෝඩියක්මි.  

කෙසේ වතුදු විවාහයෙන් පසුව වුව මාගේ අධ්‍යාපන කටයුතු උදෙසා බාධකයක් දැමීම නොකිරීම පිළිබඳව පමණක් අද පවා ඔහු සබැඳිව එකම එක කෘතවේදී හැඟීමක්ද මා තුළ වේ. එයද ඔහු මහත්මා ගතියකින් කළා නොව නිවසේ සියල් අඩු පාඩු මගේ පියා අතින් සම්පූර්ණ වූ හෙයින් ඔහු නිහඬව සිටියා පමණි.

ඔහුගෙන් ගැළව යෑමේ අවශ්‍යතාවයක් කිසිසේත්ම නොතිබුණාවූ ද කෙසේ හෝ තම සැමියා යහමඟට ගන්නෙමැයි වෙහෙසුණාවූ ද කුඩා ඇඟක් හා මෝඩ සිතක් හිමි කුඩාම කුඩා බිරියක වූ මම ගැබ්බර වීමී. එය මගේ ජීවිතයේ අතිමහත් ඛේදය බව සැළකූ මගේ පියා දරුවා ආපසු ආ තැනකට යවන්නැයි මව හරහා කියූ විට මම මගේ පියා සමඟ තව වරක් ගැටුණෙම්. පළමු වර මා ඔහු හා ගැටුණේ පෙම්වතියකව සිටියදීය. එවිට මට කම්මුල් පහරක් දීමට පසුබට නොවූ මගේ පියා මෙවර වදනකුදු නොකියාම නික්ම ගියේ නැවත නොඑන්නට සඵත කරගෙනය. 
"තියෙන්නෙ කරුමයක් ගෙවන්න නං පවට පින දෙන්න බෑනෙ" ඔහු එසේ කීවේය. 

කාලය ගෙවෙන තරමට ඔහුගේ ආලය හීන විය. මගේ ලීලය ඔහුගේ කෝපයට හේතු විය.

කාලයත් සමඟ උදාවුයේ වෙහෙසකර දිනයන් ය. ඒවායෙන් රාත්‍රිය අධිකවම වෙහෙසකර විය. ඔහුහේ උල් වූත් දිගැටි වූත් මුහුණ මගේ පුත්‍රයාට පිහිටා නැති බැවින් ඔහුගේ පීතෘභාවය සැක උපදවන බව කියමින් රාත්‍රියේ රණ්ඩු කළ ඔහු පාන්දර යාමයේ පෙම් බස් දොඩමින්ද සමාව ඉල්ලා සිටිමින්ද මා සමඟ නිදිවැදුණේය. ඔහුගේ දුම් ගඳ දෙතොල් මගේ දෙතොල් හා ගැටෙන විට ඇලෙන ගතියෙන් යුත් පිළී ගඳටත් අධික කුණු ගඳක් වූ ඔහුගේ කෙළ තලි මගේ මුව තුළට නොයෑම පිණිස දත් ඇඳි සපා දිව හකුළුවාගෙන සිටීමට මට සිදුවිය. ඒ කාළකණ්නි හුස්ම මගේ මුහුණට නොවැදෙන පිණිස කොළ පැහැ ඉරි සහිත ඇඳ ඇතිරිල්ල ඇද දමාගැන්මට නොහැකි වූ දිනවල මා කළේ කොට්ටක් මුහුණ මතට ඇද ගැනීමය.

මගෙන් උපන්ම අහිංසක කෙට්ටු කොලු පැටියා වයසින් වැඩෙත්ම ඔහුගේ කොණ්ඩයේ කැරලි අතුරුදන් විය. ඔහුගේ පියාගේ කොන්ඩය ඉදීමට පටන් ගත්තේය. කොල්ලාගේ දත් වර්ධනය වූ අතර කොල්ලාගේ පියා බූරු පොළක රණ්ඩුවකදී ඉදිරි දත් දෙක කඩාගත්තේය. කොල්ලා ඇඳෙහි මූත්‍රා කිරීම නැවතී ගියේය. ඔහුගේ පියා නිදි හා වෙරි මත හේතුවෙන් ඇඳෙහි මුත්‍රා කිරීමට පටන් ගත්තේය. 

එවිට මා සිටියේ මගේ පියා වෙත යෑමේ අවශ්‍යතාවයෙනි. එහෙත් අවාසනාවකට මෙන් මගේ කොල්ලා ඔහුගේ පියා හැර දමා යාමට කැමති වූයේම නැත. එයටත් වඩා මගේ පියා මා නිවසට එනු දැකීමට අකමැති වූයේ මා නිවසට ගිය විට කොල්ලාගේ පියා බීමතින් ගොස් නිවස ඉදිරිපිට හූ තියමින් කෑ ගසන නිසාය. 

අතරතුර කාලයේ මගේ පියාගේ දීමනා ප්‍රතික්ෂේප කළ ඔහු නිවසේ වියදම් තනිව කිරීමට තීරණය කළ විට කොල්ලාටත් මටත් ඇතැම් කෑම වේල් ද අහිමි වන්නට විය. රැකියාවක් කිරීමෙන් මා නරක් වනු ඇති බව විශ්වාස කළ ඔහු මට නිවසින් පිටවීම තහනම් කළේය. මා සිටියේ ඔහුගෙන් මුක්ත ජීවන කලාපයක් කවදා උදාවේදැයි සිතමිනි. ඒ භාග්‍ය උදාවූයේ ඒ දිනවලය.

කෙටියෙන්ම කියතහොත් කොල්ලාගේ පියා හන්දියක රණ්ඩුවකදී යකඩ පොලු පහරක් කා මළේය. මගේ හදවතට අවංකවම කියතහොත් පළමුව තක්බීර් වී හැඬීමි. දෙවනුව කැබිනෙට්ටුව මත තිබූ ඔහුගේත් මගේත් මංගළ චායාරූපය ගවුමෙන් වසා ගෙන ගොස් ලිඳට අත හැරියෙමි. ඔහ්..! එය උඩ ආවේය. වහ වහා බාල්දිය ළිඳට දමා එය ගොඩ ගත් මම නිවස තුළ සිට මා දෙසට එමින් සිටි ගැහැනුන් දෙදෙනා දුටුවෙමි. හැකි තරම් ඉක්මනින් බාල්දිය ළිඳට දමා චායාරූපය ගොඩට ගත් මම එය රෙදි බේසමෙහි රෙදි අතර යට කළෙමි.
"නංගියේ. උඹ ජීවත් වෙන්න ඕන දරුවා වෙනුවෙන්" මා වෙතට එමින් සිටි ගැහැනිය කීවාය.

මා මුහුණ හෝදනු දුටු ගැහැනිය බලාපොරොත්තු සුන්ව මෙන් කට ඇදකරගෙන ගෙය දෙසට ගියාය. ඇයත් අනෙක් ගැහැනියත් මඳක් ඈතට ගිය විට හැකි තරම් වෙර යොදා රෙදි හෝදන ගල මඳක් එසවූ මම බේසමෙහි වූ ඡායාරූපය රැගෙන රෙදි හෝදන ගල යටට දැමුවෙමි.සැබැවින්ම මා එසේ කළේ ඇයි දැයි මම නොදන්නෙමි.

සැබැවින්ම එවේලේම එවන් ක්‍රියාවක් සිදු කළේ ඇයි?

ඉනික්බිති මා සිටියේ පිරිමින් යනු අප්‍රසන්න මාතෘකාවක් වූ ජීවියෙකු ලෙසය. මාසයක් දෙකක් තුනක් ගෙවිණි. මට මහත් නිදහසක් දැනෙන්නට විය. නැවත පියාගේ නිවසට පැමිණීමත් සමඟ වසර ගණනක් පුරා ඉතා කුඩා ව තිබූ මගේ ජීවන කලාපය විසල් වන්නට පටන් ගත්තේය. එහි පැරණි මිනිසුන් අලුතින් ද අලුත් මිනිසුන් විවිධ වර්ණයන්ගෙන් ද මා සමග ගණුදෙනු කිරීමට පටන් ගත්තෝය.

මා රැකියාවකට යොමු කරන ලද්දේ මගේ පියාය. ඔහුගේ දියණියගේ ජීවිතයේ මගහැරී ගිය සුන්දර හා සුවපහසු ජීවන අත්දැකීම් බොහොමයක් වූ බව දැන සිටි ඒ පියාට අවශ්‍ය වූයේ සියල්ලම නැතත් එයින් කොටසක් හෝ ඔහුගේ දියණියට උරුම කර දීමටය. 

මම ඒ සියල්ල ඔහු සමඟ නොකීමි. ඔහු විසින් ගල්තලාව මත අතහැර යෑමෙන් මිනිත්තු දහයකට පසු මා වෙත පැමිණි මසිත ගේ බිරිඳ සමඟ ඒ සියල්ල කියූවෙමි. එපමණකි. මසිතගේ බිරිඳ නැවත ගියේ "එයා කෙලින් තීරණයක් ගන්නවා නම් ඔයා මොහොතකටවත් පහු ගහන්න එපා. කෙනෙක්ට ලේසියෙන් මේ වගේ සෙකන්ඩ් චාන්ස් එකක් හම්බ වෙන්නේ නෑ" කියමිනි. 

පුදුමයක මහත. ඔහු කෙලින් තීරණයක් ගත්තේය.

"එක පාරටම ඔයා එහෙම කිව්වම මම කලබල වුණා. ඒත් මම හොඳට හිතුවා. මම ඔයාට කැමති. මට ප්‍රශ්නයක් නෑ. අපි බඳිමු"
"අපේ තාත්තාගෙන් අහන්න ඕන"
"ඇයි තාත්තගෙන් විතරක් පුතා ගෙනුත් අහන්න වෙයිනෙ." ඔහු කීවේය. එහි වූයේ උපහාසයක් දැයි බැලීමට ඔහුගේ මුහුණ දෙස බැලූ මම එහි වූයේ මන්දමිස්තයක් පමණක් බව දුටුවෙමි. මා තුළ වූ නුරාව ස්නේහයක් දක්වා උසස්වීම් ලැබ සදාතනික වීමට පටන් ගත්තේය.
"අපේ අම්මා කිව්වා ඔයාගෙ පුතාවක් බලලා එයත් එක්ක යාලුවෙන්න කියලා"
"ඒ කියන්නේ ඔයාලගේ අම්මා මට කැමතියි?" එය අති මහත් ම පුදුමය විය.

ඊළඟ පෝය දා නිවාඩුව ගෙදර නොයන්නැයි මගෙන් ඉල්ලා සිටි ඔහු මා ඔහුගේ නිවසට කැඳවාගෙන ගියේය. එය අලුතින් ඉදිකළ නිවසකි. මනාව නඩත්තු කරමින් තිබූ මිදුලකි. ඔහුගේ අම්මා ප්‍රතාපවත් පෙනුමක් හිමි සෘජු ගැහැනියකි. දස සිල් මාතාවක වීමේ අපේක්ෂාවෙන් සිටියාය. ඇය ඉතා සන්සුන්ය. ඇයගේ ඥාතියෝ කලබලකාරී වුවද ඈ මගේ අතකින් අල්ලාගෙන "මේ මයෙ පුතා කැමති දුව" ඊට වඩා මොනවත් කතා ඕන නෑ යැයි කියූවාය. 

පසු දිනෙක නැවත මා නිවසට කැඳවාගෙන ගිය ඔහු සාරි හැට්ටයක් හා ගවුමක් මැසීම උදෙසා මගේ මිමි ගත්තේය. ඔහුගේ ස්පර්ශයෙන් අන්ද මන්දව ගිය මම ඔහුගේ වැළඳගැනීම බලාපොරොත්තුව සිටියෙමි. එහෙත් ඒ මොහොත තවමත් තිබුණේ දුරකිනි. 

ඔහු පළමුව මා වැළද ගත්තේ ඔහුගේ මව විසින් මසන ලද මගේ නිල් පැහැ සාරි හැට්ටයත් ඔහු විසින් මසද ලද කහපැහැති අත් අහිමි දිග ගවුමත් මා අතට පත්කළ දිනයේය. ඒ මගේ අපගේ හමුවීමෙන් පසු උදාවූ මගේ පළමු උපන්දිනය දාය. එනම් ජනවාරි දාහත් වෙනිදාය. 

ඉනික්බිති මම නිතර ඔහුගේ නිවසට ගියෙමි. ඔහුගේ නිවසෙහි ඉදිරිපස වූ ඉස්තෝප්පුවේ දොර පඩියෙහි හිඳගෙන ඔහු සමඟ කතා කරමින් සිටියෙමි. ඔහු සිය ළමා කාලයද තරුණ කාලයද සුන්දර මතකයන් බොහොමයකින් සමන්විත අතීතයක් මා හමුවේ විවර කළේය. මම සිනාසෙමින් අසා සිටියෙමි. මම මගේ සුන්දර ළමා කාලයද අති අසුන්දර තරුණ කාලය ද විස්තර කරන විට ඔහු සිටියේ එකම එක ආකාරයක සිනාවකින් යුතුවය. එම සිනාව කියා පෑවේ "ඔය මොනව වුණත් දැන් ඔයාට මම ඉන්නවනෙ" යන්නය.

ඇතැම් සිද්ධීන් විස්තර කරන විට හඬන්නට වූ මගේ පිට මෘදුව අත ගෑ ඔහු දැඩිව මා වැළඳගෙන මෘදුව සිප ගත්තේය. එය කෙතරම් මිහිරි වීද යත්.......
හ්ම්ම්ම්ම්. නැත.. නැවත ඒ විස්තර කුමට..

  මම කිරිලියක වූයෙමි. ප්‍රමාද වී වුවත් මටද වාසනාවන්ත කාලයක් උදා වීමට යන්නේ යන ප්‍රීතියෙන් තර වීමට පටන්ගත් මගේ ශරීරය අම්මාගේ නිරීක්ෂණයට හසු විය.
"ඔයා මොකද ඔච්චර සන්තෝසෙන්?"
"නිකං"
"ඒ කාලෙත් ඔයා ඔහොම තනියම හිනා වෙවී හිටියා"
"එතකොට මම පොඩි කෙල්ලෙක් අම්මා. දැන් මම ඒ වගේ මිනිස්සුන්ට අහුවෙන්නෙ නැහැ"
"ඒ කියන්නේ ඔයා හොඳයි කියලා හිතන් ඉන්න කාට හරි අහු වෙලාද?" මගේ කරුණාවන්ත පියා ඇසුවේය. මම ඔහු සමග විස්තරය කීවෙමි.
"ඒ ළමයට එන්න කියන්න"

එක් දැනුම් දීමකින්ම ඒ ළමයා පැමිණියේය. මගේ පියා මා පිළිබඳව තෘප්තිමත් සිනාවක් නඟමින් ඒ ළමයාට එදින අප නිවසේ නැවතීමට ආරාධනා කළේය.
.====
මේකෙ තියෙන අමුතු කතාව මොකක්ද කියලා මල්ෂාගෙන් අහන්න හිතාගෙන මම කොළ දෙක තුන ඇඳ උඩින් තියලා කුස්සියට ගියා. 'සියල්ලෝ සතුටින් විසිර ගියහ' කියලා තියෙන මේ වගේ කතාවක් නෙමෙයි මට ඕන වුණේ. මම ඒක මල්ෂට කිව්වා"
"ඔයා ඒක ඉවර වෙනකන් කියවලා නෑ. ඉවර වෙනකන් බලන්නකො" මල්ෂා කිව්වා. ඒත් මට ඒක බලන්න උනන්දුවක් තිබ්බේ නෑ. මම නාලා කාලා අපේ ඔෆිස් රූම් එකට යනකොට තව පැය දෙකක් විතර ගත වෙලා තියෙන්න ඇති. මල්ෂා ඒ කොළ දෙක තුන මගේ ලැප්ටොප් එක උඩින් ගෙනත් තියලා.. මම කම්මැලිකමින් වගේ ආපහු ඒ කොළ ටික අතට ගත්තා.
=========

දෙමසක් ගත විය. මගේ කොල්ලාට ඔහු හඳුන්වා දීමට කාලය එළඹ ඇති බව සිතූ මගේ පියා කොල්ලාට ඔහු පිළිබඳ කියූවේය. ඒ කවදා කොහේ කෙසේදැයි මා දන්නේ නැත. කෙසේ වෙතත් ඒ වර නිවාඩුව සඳහා මා නිවසට ගියවිට මගේ කොල්ලාගේ හැසිරීම ..

දිගු විස්තර කුමට? 
පැරණි පුවත්පතක වූ මංගල කිංකිණි දැන්වීම් කොළයක් මත ඔහුගේ පොතකින් කඩාගත් කොළයක් ස්ටෙප්ලර් කටුවකින් අමුණා කුස්සියට ගෙන ආ ඔහු ඔහුගේ කිරි අම්මාගේ අතට එම කොළය අත හැරියේය. එවෙලේ අම්මාත් මාත් සිට්යේ ඔහුගේ නිවස ඉදිකර ඇති ආකාරය පිලිබඳව වන කතා බහකය.

"ඕක පත්තරේ දාමු. එතකොට අම්මට මිනිහෙක් හොයාගන්න ලේසි වෙයි"

අම්මා කොළය දෙස බලා කොල්ලා ගිය දෙස බලා සිටියේ පුදුමයෙන් යුතුවය. මම අම්මා වෙත ගොස් අම්මා අත වූ කොළය ගත්තෙම්.

"අම්මාට මිනිහෙක් උවමනා කර තිබේ. පුතා සොයයි."

මට කුමක් හෝ සිදුවිය.

මම කතා නොකළෙමි. පසුදාම නිවසින් පිටවූයෙමි. ඔහුගේ නිවසට ගියෙමි. ඔහුගේ මවද ආරාමයට ගොස් සිටි එම දින දෙක ඔහු සමඟ ගත කිරීමට අවශ්‍ය බව කියූවෙමි. ඔහු පුදුම වූයේය .
"ඒත් මම ගෙදර නෑනෙ"
"කමක්නෑ. මම ඔයා එනකම් ගෙදර ඉන්නම්"
මම ඉවූයෙමි. නිවස අස් පස් කළෙමි. බිරිඳක ලෙස ඔහු එනතුරු බලා සිටියෙමි.

"මට ඔයත් එක්ක ඔයාගෙ වයිෆ් වෙලා දවසක් ඉන්න ඕන" 
"ඔයා මේ හරියට අපිට බඳින්න වෙන්නෑ වගේනෙ කතා කරන්නෙ?"
"එහෙම නෙවෙයි. කොහොමත් අපි බැඳලනෙ දැන්. හිතින්"

එය ආනන්දජනක ප්‍රේමණීය රැයක් විය. එය අවසන් රාත්‍රිය බව .. අවසන් හමුව බව.. ඔහු දැන සිටියේ නැත.

මගේ කොන්ත්‍රාත් කාලය අහවර වීමට පෙර රැකියාවෙන් ඉවත් වූ මම සමුගැනීමකින් තොරවම නැවත ආවෙමි. මගේ කොල්ලා ඔහුගේ අම්මා නැවත විවාහ වීම නොපිළිගන්නා බව ඔහුට ලියා යවා සම්බන්ධතාවයට තිත තැබුවෙමි. 

ඔහු සිව්වරක් පමණ මා සොයා පැමිණියේය. සිව් වරම ඔහුට මුහුණ නොදී සිටීමට තරම් ශක්තිමත් වූ මම මගේ පියාගේ අතකින් අල්ලාගෙන වැළපුණෙමි. 

කෙසේ වතුදු ඔහු හඳුනා ගැන්මෙන් පසුව උදාවූ මගේ දෙවන උපන්දිනය දා එනම් ජනවාරි දාහත ඔහුගෙන් ලියුමක් පැමිණි විට හිසෙහි පැත්තක් හිරි වැටිණි. ලියුමක් පමණක් නොව මනාව අසුරණ ලද ඔහු අතින් මැසූ ගවුමක්ද වූයෙන් පපුව දියව යන්නට විය.

ඔහු සිය අම්මාගේ මැෂිමෙහි වාඩිවී මා උදෙසා ගවුමක් මසන අයුරු සිහිනෙන් දුටිමි. ඒ සිහිනයම වරින් වර දුටිමි.

අම්මා මෙලොව හැර ගියාය.
මගේ කොල්ලා සහ මගේ පියා මගේ ජීවිතය විය. 

අම්මාගේ මරණයෙන් වසර දහයකට පසු පියාගේ මරණය සිදු වූ වසරේත් ජනවාරි දාහත් වෙනිදාට වූ උපන්දින සුබ පැතුම පැමිණියේය. ඒ ඔහු අතින් මසන ලද ගවුමකි. 

මම අර සිහිනය වරින් වර දුටිමි. ඔහු සිය මවගේ මැෂිමෙහි හිඳගෙන මා උදෙසා ගවුමක් මසමින් සිටියේය. ඔහුගේ උඩු රැවුල විදුලි එලියෙන් දිළිසිණි.

දැන් මගේ කොල්ලා ලොකු එකෙකි. ඔහු විවාහකයෙකි. ඔහු බිරිඳ සමඟ වෙනත් නිවසක වාසය කරයි. මම මගේ පියාගෙන් මට හිමිවූ මහගෙදර තනිව ජීවත් වෙමි. වසරකට වරක් එන ඔහුගේ සුබ පැතුම මගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව විය. තවමත් මගේ පැරණි, කෙට්ටු ශරීරයේ මිම්මට මසන ලද ගවුමක් සමඟ උපන්දින සුබ පැතුමක්.
ජනවාරි දාහත..

එහෙත් මේ වසරේ එය පැමිණියේ නැත. 
ජනවාරි දාහත පසු විය. විසි හත පසු විය. පෙබරවාරි දාහත.... නැත එය පැමිණියේ නැත..

දැන් මා ජීවත් විය යුත්තේ කුමක් මා සොයා එන තුරු ද? මාසයක් ගෙවී ඇතත් තවමත් ඒ සිහිනය දුටුවේද නැත.

සුභාෂනී වීරතුංග
=======
මල්ෂා මං දිහා බලාගෙන හිටියා. මම ඒ කොල දෙක තුන දිහා බලාගෙන හිට්යා. 

"මං හිතන්නෙ අපි මෙහෙම තනියම පදිංචියට ආව එක වැරදියි නදීර. දැන් අම්මට මිනිහෙක් විතරක් නෙවෙයි පුතෙකුත් උවමනා කර තිබේ. එයා හොඳටම තනිවෙලා"

මම මොකුත්ම කිව්වෙ නෑ.

අම්මට තිබුනෙ එච්චර ලස්සන ආදර කතාවක්ද..
=======



Nissanka Rajapaksa

unread,
Jun 24, 2024, 8:45:52 PMJun 24
to INDRAKA group
35
අහඹු හමුවීම

Short Story ‘Unaccountably’ by Bibhuti Bhushan Banerji
(From the book Noon in Calcutta : short stories from Bengal -1992)

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක

සිසිල මාසික ඊ- සඟරාව, 2023 දෙසැමිබර් කලාපයෙන්

එදින මා සිටියේ ව්‍යාකූල වූ සිතිනි. මෙය ඇතැම් දිනවල මා අත්දුටු සංසිද්ධියක් වූ අතර එවිට මට කියවීමට, සිතීමට හෝ කිසිවෙකු සමඟ කතාකිරීමට වුවමනාවක් ඇති නොවේ. එදිනත් මගේ මනස ක්‍රියාකිරීමට අවශ්‍ය ඉන්ධන අවසන් වූ බවක් මට දැනුණු අතර මනසේ දැති රෝද තෙල් රහිත වීමෙන් ක්‍රමක්‍රමයෙන් වියළී, නැවතී ගොස් තිබිණි.

ඒ වෙද්දී මා සිටියේ මගේ පරණ පුරුදු තැනක් වූ ජෙලේපාරා හි කාඩ් සෙල්ලම් කරමින් වූවත් මා ඒ ක්‍රීඩාවෙන් විනෝදයක් ලැබුවේ නැත. වෙනත් වේලාවකදී නම් කාඩ් අතක ජයග්‍රහණය නිසා මා උද්දාමයෙන් උඩ පනින නමුත් එදින නම් මට සිතුණේ දිනුමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද යන බවයි. මා වටා ඇසුණු ඕපාදූප පවා මා රස වින්දේ නැත. අප උන් නූස් සිවිලිමක් සහිත ඒ කාමරයත්, තීන්ත පදාස ගැලවුණු එහි බිත්තිත්, ‘කාලිය නම් සර්පයා මරාදැමීම’, ‘අන්නපූර්ණා දෙවඟන දේ දානය’ වැනි තේමා යටතේ බිත්තිවල එල්ලා තිබුණු පැරණි බාල සිතුවම් කිහිපයත් කිසිම තේරුමක් නැති දේවල් බව මට හැඟිනි. මා වටා ඇසුණු කතාබහ කාලයේ ආරම්භයේ පටන් මා අසා තිබුණු ඒවා බවක් දැනුණි. අලස බවත් උදාසීන කමත් උත්සන්නව දැනෙද්දී අසල උන් පුද්ගලයාගෙන් මම මෙසේ ඇසුවෙමි.

“තමුසේ මේ වැඩෙන් විනෝදයක් ලබනවාද? ඒ බවක් පේන්නේ නැහැ, ඒකයි-”

ඔහු පුදුමයෙන් මදෙස බැලුවේය.

“ඇයි එහෙම අහන්නේ? තමුසේ අකමැත්තෙන්ද ඉන්නේ?”

එය අසා මගේ නොරිස්සුම තවත් වැඩි විය. මට කරන්නට ඇති රාජකාරි ගැන බොරුවක් කියා මා එතැනින් නික්මෙද්දී හවස හතරට පමණ වන්නට ඇත. ඒ වෙලාවේදී අතුරු මාවත් වල වෙළෙන්දන් මහා හඬින් වෙළඳාමේ යෙදී සිටි අතර පොත් පත් අතින් ගත් දරුවෝ පාසල් වලින් නික්ම යමින් සිටියහ. ඈතින් ජල කරාම වලින් දිය වෑස්සෙන හඬ ඇසුණි. ඒ වෙද්දීත් නිවෙස් ඉදිරිපස අගු පිල් වෙතට සහ මාවත් හි මංසන්ධි වෙතට මිනිසුන් කණ්ඩායම් එක් රැස් වෙමින් සිටියේ දවසේ ඉතිරි ටික නිකරුණේ ගෙවා දැමීමටයි.

මේ අතුරු මාවත් අතරින් වඩා පටු, අඳුරු මාවතක් වැටුණේ නගර සභාවෙන් පොදු ස්නාන පහසුකම් සපයා ඇති ස්ථානයක් ඉදිරියෙනි. මා නිතර මේ මඟෙහි ගිය නිසා ස්නානය සඳහා වූ කොටස අසල වූ මඩුවක් මගේ අවධානයට ලක් වී තිබිණි. මෙහි වැසියන්ගේ දින චර්යාව විශ්මයෙන් යුතුව නැරඹූ මට ඒ දසුන කිසිදිනක එපා වූයේ නැත. මේ කුඩා කුටිය අඩි අටක් තරම් දිගින් සහ පළලින් යුතු විය. එහි අඹු සැමියන් යුවළක් සහ කුඩා දරුවන් දෙදෙනෙක් විය. මේ ඉඩකඩ නොදුටු කෙනෙකුට එවැනි කුඩා ඉඩක මේ තරම් ජීවින් ප්‍රමාණයක් ඔවුන්ගේ බඩු මුට්ටුද සමඟ වාසය කරන බවක් අදහනු නොහැකි වනු ඇත. වඩාත්ම පුදුම සහගත කාර්යය නම් මේ කුටියේ එක් කෙළවරක මුළුතැන්ගෙයක් ද තිබීමයි. මා එතැනින් යන එන හැම විටකම එහි යම් ආකාරයක ආහාර පිසීමක් සිදුවෙමින් තිබිණි. ඒ නිවසේ ගෘහණිය කුඩා බිළිඳා ද උකුලේ හොවාගෙන එක්කෝ යම් දෙයක් බදිමින් සිටියාය. නොඑසේ නම් කිරි උණු කරමින් සිටියාය. ඇගේ වයස අනුමාන කිරීම දුෂ්කර විය. ඈ ට වයස 23, 30 හෝ 40 ක් පවා වීමට ඉඩකඩ තිබිණි. ඇගේ කිලිටි සාරියේ හිස වසා තිබුණු කොටස ඉරී ඇති බව පෙනුණි. සාමාන්‍යයෙන් විවාහක ගැහැනුන් පළඳින වර්ගයේ වළලු ඇගේ දෑතේ දක්නට විය. ඇගේ දෑසේ ආලෝකයක් නොවුණු අතර මට හැඟුණේ ඇයගේ මුහුණෙන් මෝඩ පෙනුමක් පිළිබිඹු වූ බවකි. බොහෝවිට ඇගේ සැමියා කොහේ හෝ කර්මාන්ත ශාලාවක රැකියාව කරනවා ඇත. වතාවක් දෙකක්, මා රාත්‍රී කාලයේදී මෙතැනින් යද්දී, දැලි වැකුණු මුහුණක් ඇති අයෙකු අතේ පනිට්ටුවක් ඇතිව මේ මඩුවේ සිට ස්නානය කරන තැන වෙත යනු මා දැක තිබිණි.

එදිනත් මම නැවත ඒ නිවැසියන් දුටුවෙමි. එහි බිරිඳ බිළිඳා ඇකයේ හොවාගෙන දොරකඩ වාඩි වී සිටියාය. ඈ මවෙත හෙලුවේ මෝඩ බැල්මකිනි. එකට ගැට ගැසූ උණ බම්බු සැකිල්ලක් මත කටු මැටි අතුරා, ඇතුළතින් ඒ මත කහ ගැසුණු පත්තර පිටු අලවා තනා තිබුණු ඒ කුටිය පරෙවි කූඩුවක් සේ දිස් විය. එහි එක් පසෙක ගැට ගැසූ රෙදි වැලක් මත කිලිටි ඇඳුම් වනා තිබිණි.

මේ දසුන දැකීමෙන් මා තවත් කළකිරුනි. මෙවැනි ගුබ්බෑයමක මිනිසුන් සතුටින් සිටින්නේ කෙසේද? ඔවුන් මෙහි ජීවත් වන්නේ පවා කෙසේද? ඔවුන්ගේ පැවැත්ම කොයි තරම් අර්ථශූන්‍ය ද! ඒ වෙනුවෙන් ඔවුන් මහන්සි වන්නේ කුමකටද? අර කුඩා දරුවා මතු දිනයක කවරෙකු වනු ඇතිද? ඔහුත් කෙදිනක හෝ කර්මාන්තශාලා සේවකයෙකු වී තම දරු මල්ලන් සමඟ මෙලෙසම කුඩා මඩුවක වාසය කරමින්, මෙවැනිම අඳුරු, අවලස්සන දුක්බර ජීවිතයක් ඒකාකාරී ලෙස ගෙවා නොවැදගත් මරණයකට හිමිකම් කියනු ඇත. එහෙත් ඒ මව දරුවාව සිඹිමින් සුරතල් කළ විලාසයෙන් පෙනුණේ ඇයට ඔහු වෙනුවෙන් සිහින සහ ප්‍රාර්ථනාවන රැසක් ඇති බවකි. නමුත් මේ සිතිවිල්ල සමඟම නැවතත් මගේ සැක සිත මතුවන්නට විය. ඒ කාන්තාවට එවැනි සිහින දකින්නට අවශ්‍ය බුද්ධිය තිබේද? තමන්ගේ අභ්‍යන්තරයේ ඇති ආශාවන් පදනම් කරගෙන, වර්තමානයේ සිටින තත්ත්වයෙන් වෙනස් අනාගත තත්ත්වයක් ගැන සිතුවිල්ලක් ඇතිකරගෙන ඒ ගැන විශ්වාසයක් ගොඩ නඟා ගැනීමට ඇයට පුළුවන් ද? මේ කැත, අප්‍රසන්න වර්තමානය අත්හැර දිදුලන, සිහිනමය අනාගතයක් වෙත මනසින් පිවිසෙන්නට ඇයට හැකියාවක් තිබේ ද?

ඒ අතුරු මාවතෙන් මංසන්ධිය වෙත එළඹුණු පසු එහි සිටි පොත් වෙළෙන්දා ළඟ මම නැවතුනෙමි. මෙහි වූයේ පාවිච්චි කරන ලද පොත් සහ සඟරාවන් ය. ඒ අතරින් වැඩි ප්‍රමාණයක් කුණු ගොඩවල් වූ අතර ඒවා කම්මැලි, නොවැඩුණු මනසින් යුතු අයගේ නිර්මාණ විය. විචිත්‍ර පිටකවර සහිත නිස්සාර විදෙස් නවකතා සහ චිත්‍රපටි සඟරා ආදියද මෙහි විය. වෙනත් දවසක නම් මට ගැලපෙන දෙයක් සොයමින් මා මේවා අවුස්සන්නට ඉඩ තිබිණි. එහෙත් එදින මට ඒ සඳහා ඉවසීමක් තිබුණේ නැත. මගේ මනස අඳුරු ව තිබුණේ අවපැහැති කාසියක් නොඑසේ නම් වැහි බර අහසක් මෙනි.

චිත්‍රපටියක් නැරඹීමට යා යුතු දැයි මම කල්පනා කළෙමි. නොඑසේ නම් අවුට්‍රම් ඝාත් පෙදෙසේ ඇවිදින්නට යා යුතු ද? නැත්නම් කොහේ හෝ වාඩි වී උණුහුම් තේ කෝප්පයක් බීම හොඳ අදහසක් ද? නැත්නම් විල් ඇති පැත්තට ඇවිද යා යුතු ද?

ධර්මතෝලා හි පල්ලිය ඉසව්වේදී සෙනඟක් වටවී සිටිනු ඈතට පෙනුණි. යුරෝපීය ඇඳුමින් සැරසුණු පුද්ගලයෙක් බිම වැටී සිටියේය. ඔහුගේ හිස සිරුරෙන් ඇලවී තිබුණු කෝණය නිසා මට නම් සිතුණේ ඔහු මිය ගොස් ඇති බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනකු ද එහි විය. මේ පුද්ගලයා එතැන නිවසේ පහත මාලයේ නානකාමරයේ වැටී සිටියදී එහි මුරකරු සොයාගෙන ඇති බවත්, ටැක්සියක දමා කොතැනක හෝ යවනු පිණිස ඔහු විසින් අපහසුවෙන් ඒ සිහිසුන් සිරුර පිටතට රැගෙන ආ බවත් කසුකුසුවක් යමින් තිබිණි.

මේ සිරුර දැකීම මා තුළ අනුකම්පාවක් ඇති කිරීමට සමත් විය. කලින් දරුවා සමඟ අගුවේ සිටි මෝඩ කාන්තාව ගැන නොදැනුණු ඒ අනුකම්පාව මේ සිහිසුන් වූ බේබද්දා වෙනුවෙන් මට දැනෙන්නට විය. මොහු යම් ආකාරයක සතුටක් සොයා යාමට අවශ්‍ය මාර්ගය වෙත එළඹ සිටි අයෙකි. ඒ මඟ හරි ද වැරදිද යන කරුණ ඔහු ලද සතුටේ ගුණත්වය මත තීරණය වූවත් ඔහු ගේ අත්දැකීම ගැන දැන සිටියේ ඔහු පමණි. නමුත් ඔහු සිටියේ සිහිසුන්ව යි!

මම කර්සොන් උයන වෙත එළඹුනෙමි. මෙහි පෝසත් පවුල්වල කුඩා දරුවන් බලාගන්නා මෙහෙකරුවන් සහ ආයාවරුන් කිහිපදෙනෙක්ම සිටි අතර වැස්සෙන් මිදීමට ඔවුහු ගරාජ වල පියසි යටට රොක් වී සිටියහ. එන්න එන්නම වැස්ස තද වූ නිසා මම ද එවැනි පියස්සක් යටට ගියෙමි. රන් පැහැති කැරළි හිසකෙස් සහ නිල් දෑස් ඇති වයස අවුරුදු එකහමාරක් දෙකක් පමණ වූ කුඩා දරුවෙක් තම භාරකරු ගේ තොප්පිය අහුලා, වැනි වැනී ගොස් මහත් වෙහෙසක් දරා එය භාරකරුගේ හිස මතට දැමීමට උත්සාහ ගන්නා ජවනිකාවක් එවෙලෙහි මා නෙත ගැටුණි. තොප්පිය හිසේ රැඳවුණු විට කුඩා දරුවා දෑත වනා, මුළු සිරුරම වෙව්ලුවා, ලොඹු කට විදහා මහා හඬින් සිනාසුණේ ය. නමුත් තොප්පිය මෙහෙකරුගේ හිස මතට නියමාකාරයෙන් නොවැටුණු බැවින් මොහොතකින් එය නැවතත් රූරා බිමට වැටුණි. එවිට කුඩා දරුවා පෙර මෙන් මහත් වෙහෙසක් දරා පෙර ක්‍රියාවම කළ අතර, පෙර සතුටත්, සිනහවත් නැටුමත් නැවතත් එලෙසම විය. ඔහු දෙස බලා සිටි කිසිවෙක් නොවීය. ඔහුට කිසි කෙනෙකුගේ අවධානය වුවමනා වූයේද නැත. දරුවාගේ භාරකරුට මේ කිසිවක් ගැන වගක් නොවිණි. ඔහු තමාට අනෙත් පසින් බිම ඇණ තියාගෙන උන් ආයා සමඟ බර කතාවක නියැලී උන් අතර දරුවා කුමක් කරන්නේද, නොකරන්නේද කියා සොයා බැලුවේ නැත. අවට සිටි අනෙත් අයත් බිළිඳුන් වූ නිසා මේ කුඩා දරුවා තනිවම මේ තොප්පි සෙල්ලමේ නියැලෙමින් සිටියේ ය.

මා ඒ දෙස බලා සිටියේ ඊට වශී වූ විලසිනි. ඒ මෘදු, ලපටි අත පයේ කොයිතරම් ලාලිත්‍යයක් වී ද! ඒ අදහසට පණදීමේ හැකියාව, වසන් නොකරන ලද සතුට, සම කළ නොහැකි සුන්දරත්වය කෙතරම් ද! උතුරනා සතුටින් යුතු ව ඒ කුඩා දරුවා තම සිරුර ඉදිරියට නැඹුරු කර දෑත මිටිකර ඔසවා යළි පහත හෙලුවේ මුවේ සිනා ඉහිරෙද්දී ය. ළමාවියේ නොතිත් සතුට වචන රහිත විචිත්‍ර කතාබහකින් එහි ප්‍රකාශ කෙරෙමින් තිබිණි.

මට මේ දසුනින් නෙත් ඉවත් කරගැනීම අපහසු විය. මින් පෙර නොදැන සිටි ලාලිත්‍යයේත් සතුටේත් උල්පතක් මා හේතුවක් රහිතව, ඉබේම සොයාගත්තා වැනි විය. මා මේ දරුවා දෙස බොහෝ වෙලාවක් බලා සිටින්නට ඇත. ටික වෙලාවකින් මෙහෙකරුට මගේ බැල්ම දැනී, ඔහු ආයා සමඟ කතාබහ නැවත්වූයේ ය. ඉනික්බිති දරුවාගේ අතින් තොප්පිය උදුරාගෙන එය ළදරු කරත්තයට හෙලුවේය. එසැණින් දරුවාගේ මුහුණ අඳුරු විය. ඔහු ළදරු කරත්තය වෙත ආයාසයෙන් ඇවිද ගියත් එය ඔහුට වඩා උසින් වැඩි විය, ඔහුගේ කුඩා දෑත ඒ තුළට දිගු කිරීමට කෙටි වැඩි විය. අසරණ ව වටපිට බැලූ දරුවා එක වරම බිම වාඩි වූයේ ය. ඔහුගේ භාරකරුගේ අවධානය තවමත් රැඳී තිබුණේ කතාබහ වෙතයි.

උයන තුළට ඇවිද ගිය මම තනිවම බංකුවක අසුන්ගත්තෙමි. හිරු බැස යමින් තිබුණු අතර ගංගා නදිය දෙසින් අහස රත් පැහැ වී තිබිණි.

මා දුටු කුඩා දරුවා සතුව තිබුණු හේතුවක් රහිත සතුට නොදැනුවත්වම, රහසින්ම මගේ මනසටත් කාන්දු වී ඇති බවක් මට දැනෙන්නට විය. පෙරදී අර කුඩා මඩුවෙහි අගුවේ සිටි කාන්තාව මෝඩ අයෙකු බවක් මට තව දුරටත් දැනුණේ නැත.



Nissanka Rajapaksa

unread,
Jun 25, 2024, 10:00:28 PMJun 25
to INDRAKA group
36
වසන්තයේ උදෑසනක්..... 

- Manjula Senaratne

ගෙවුණු ඉරිදා උදැසන නිදන කාමරයේ කවුළු විවර කරනා විට වසන්තයේ නැවුම් සුළං රැල්ලකට මගේ වත හසුවිය. ජීවී හෝ අජීවී වස්තුවක් වෙතින් දිගු කලකට පසුව ලැබුණු මේ හාදුවෙන් කැලඹී ගිය මම දෙනෙත් පියා ගතිමි. නින්දෙන් පිඩා ලබා අවුල් වුණු කෙස් වැටියට දඟ කරන්නට ඉඩ දුනිමි. මේකුළුලින් තොර අහස පීරා ගෙන පැමිණි ළදරු හිරු කිරණක් කාමරයට ඇතුළු වී, තවමත් තද නින්දේ සිටින සුභාෂ් ගේ මුහුණ මත පතිත වූ කල ඒ කඩවසම් මුහුණේ දෙතොල් අතර රැදුණු ලාමක සිනහව මගේ නෙත ගැටුණි.
මගේ සැමියා මේ සිනහා වෙන්නේ කා සමගද....?

දස මස් වයසැති අපේ පොඩි පුතු නින්දෙන් සිනහවෙනු මම දැක ඇත්තෙමි. නොදරුවෝ සිහිනෙන් සුර දූතියන් සමග සිනහවෙන්නේ යැයි ඇතැම්හු කියති. එහෙත් මගේ සැමියා සිහිනෙන් සුරදූත ඇසුරක් ලබනවා විය නොහැකිය. ඔහු බබෙක් නොවේ. මේ විෂම දේශයේ තැනකදී හමුවුණු නර දූතියක් සිහිනෙන් ඔහු සමග සිනහ වෙනවාද...?

ඔහු වෙනස් මිනිසෙක් යැයි මට සිතේ. ඒ වෙනසට මගේ කිසිදු කැමැත්තක් නොමැත. 
මා වටා ජීවත් වන බොහෝ ගැහැනුන් මෙන්, බහුතර ස්ත්‍රී වරගයා මෙන් මමද මට අයිති මිනිසා දෙස නිරන්තරයෙන් ඇස ගසා ගෙන සිටිමි. ඔහුගේ හැසිරීම්, කතා බහබහ විලාශය පමණක් නොව කෑම බීම රටාවන් වැනි මෙකී නොකී සියයක් දෛනික පුරුදු දෙස තීක්ෂණ සැලකිල්ලක් යොමු කරන මම ඒවා විශ්ලේෂණය කරමි. ඒ තොරතුරු, දත්ත අන්වීක්ෂයේ දමා තියුණු පරික්ෂාවට භාජනය කරන මම ප්‍රතිථල මනසේ සටහන් කර ගනිමි. මගේ සැමියා වෙනස් පුද්ගලයෙකුව සිටිනා බව මා නිගමනය කලේ මෙවැනි සංකීර්ණ ක්‍රියාදාමයකින් පසුවය. හැම ගැහැනියකම මෙන් මමද මගේ සැමියාට ආදරය කරමි. එය දිවි ඇති තුරා අංශු මාත්‍රයකින්වත් අඩු නොවන ආදරයකි. සෙනෙහසකි. උමතුවකි. මගේ උවමනාව නම් ඔහුව ආරක්ෂා කර ගැනීමයි. ඔහු මගේම වස්තුවක් ලෙසින් අවසන් හුස්ම දක්වා ලඟ තබා ගැනීමයි. ඔහුව බෙදා ගන්නට මට නොහැකිය. ඔහු පොදු පුරුෂයෙකු නොවේ. ඔහු මගේ මිනිහාය . 

ගැහැනිය නිරන්තරයෙන් දෙනෙත් විවර කර ගෙන සිටියි. ඇය නින්දේ සිටියද නිදන්නේ නැත. අවදියෙනි. ඇය හොදින් ප්‍රගුණ කල සුනඛයෙකු වැන්න. වෙනස්, නොපුරුදු සුවඳ පසු පස හමා යන ඇය ඒවායේ උප්පත්තියද සොයා ගනියි. ඇය මනා අත්දැකීම් ඇති රහස් පරික්ෂකයෙකි. ඇයගේ කිලිපොලා යන බැල්මෙන් ගැලවී චෞර කමේ යාමට පිරිමියාට නොහැකිය.

මගේ දයාබර සැමියා තුන් සිත් රිදවා ගන්නා අපරාධයකට සැරසෙමින් සිටින්නේ යැයි මට සිතේ. ඔහු දුක හිතෙන , Happy ending එකක් නැති කතාවක මුල් වදන් ලියන්නට පටන් ගෙන තිබේ. ඔහු නමගත් අපරාධ කරුවෙකු නොවේ. පොලිස් වාර්තා ඔහුට නැත. මේ පලපුරුදු හීන කම නිසා නියත වශයෙන්ම ඔහු තම අපරාධයේ සාක්ෂි, ඇගිලි සලකුණු, DNA සටහන් ඉතිරි කරනු නියතය. මගේ මේ උත්සාහය අපරාධයේ වැඩි දුර යන්නට පෙර එයින් ඔහුව ගලවා ගැනීමයි. ගැහැනියකට පිරිමින්ගේ හොර අල්ලා ගැනීමට පොලිස් පුහුණුවක්, අපරාධ මර්ධන අංශයේ මාස හයක පාඨමාලාවක් KGB, FBI, MOSSAD හෝ CID මැදිහත්වීමක් උවමනා නොවේ. ඇය උපත ලබන්නේ තමන්ට හිමි පිරිමියාගේ මායම් මුසා අල්ලා ගැනීමේ ප්‍රතිභාවයද සමගයි. මම ද එවන්නියකි. එහෙත් මේ මොහොතේ මා ඉදිරියේ බිඳ දැමිය නොහැකි බාධක කීපයක් මතුවී තිබේ. 

ගෙවුණු ඔක්තෝබර් මාසයේ සවස් යාමයක රැකියාවෙන් පසුව නිවසට පැමිණි සුභාෂ් , අළුත උපන් සුරතලා අතට ගත්තේය. ඔහුගේ දුඹුරු පැහැති ජැකට්ටුවේ උරහිස දෙසට වන්නට පැල පදියම් වුනු කළු පැහැති දිගු ගැහැණු කෙස් ගසක් මගේ නෙත ගැටුණි. 

 එය වනාහි සුළගේ ගසා ගෙන විත් , පෙර භවයක කල කරුමයක් පඩිසන් දෙන්නට මගේ සැමියාගේ උරහිස මතට වැටුණු කෙස් ගසක් යැයි මුලදී මම සිතුවෙමි. එහෙත් ඒ නොවැදගත්, ග්‍රෑම් එක්කවත් බර නැති අජීවී වස්තුව සැකයේ අත්තිවාරම දැමුවේය. ඔහුට සුවඳ විලවුන් මිලදී ගත්තේ මා විසිනි. ඔහුගේ ගෙල තවරුනේ මා ප්‍රිය කල සුවඳයි. නුපුරුදු සුවඳක් ඔහු වෙතින් හැමූ දිනයකදී මගේ හදවතට විස උලක් ඇතුළු විය. මගේ අනුදැනුම උපදේශය, තෝරා ගැනීමකින් තොරව ඔහු කමිස කීපයක් මිලදී ගත් විට මගේ හිස හසු වුයේ දිය සුළියකට යි . නියමිත වෙලාවට වඩා ප්‍රමාද වී නිවසට පැමිණීම ආරම්භ කල මා ප්‍රියා මනංකල්පිත මිතුරන් හමු වෙන්නට ගිය බව කිවේය. වෙලාවට කලින් නිවසින් පිටව යන මා සුදා රැකියා පොලේ වැඩ වැඩි යැයි කිවේය. නුපුරුදු වෙලාවක නාදවන ජංගමය ට ඔහු පිළිතුරු දුන්නේ මට ඇසෙන්නට නොවේ. දැන් ජන්ගමයා ට CODE එකකුත් වැටි තිබේ. නියත වශයෙන්ම මගේ දේශයේ රජු අන්තංපුරයකට වෙන්දේසි බිම් කඩක් සොයමින් සිටිනා බව මම පසක් කර ගතිමි.

එහෙත් වහා ක්‍රියාමක වී ලෝකය පෙරලා දමන මෝඩියෙක් නොවෙමි මම. මිනිමරුමකට සුදානම් වෙන අයෙකු මතට පාන් ගෙඩියක් සොරකම් කිරීමේ වරද පටවන්නේ ඇයි...? ජීවිතාන්තය දක්වා සිර දඩුවමක් ලබා දිය හැකිව තිබියදී නිවාස අඩස්සියේ තබන්නේ ඇයි....? මම ඉවසන්නට තීරණය කලෙමි. මගේ සැමියා වෙනත් ලඳකගේ ඇසුර ලබයි නම් එය ඔප්පු කර ගැනීමට වැදගත් සාක්ෂි තිබිය යුතුය. සාක්ෂි සොයා ගැනීම මගේ අරමුණ බවට පත් විය. පිරිමින් ගොන් ජාතියක් යැයි ස්ටෙලා කීවාය. උන් හිතන්නෙම සෙක්ස් ගැනම... නිරෝධා කීවාය. අද කාලේ පිරිමි හැම ගෑනියෙක් දිහාම බලනවා. බලන්නේ නැත්තේ තමන්ගේ ගෑනි දිහා විතරයි.. අංජලි කීවාය. අපේ එකා ඔයවගේ දෙයක් කලොත් මම කපනවා අරක.... මෛත්‍රි (?) කීවාය. එහෙත් වෛද්‍ය විද්‍යාවෙි නව ඉමක් කරා ගමන් කල සිග්මන් ෆ්‍රොයිඩ් කියා ඇත්තේ වෙනත් දෙයකි. ආදරය ජිවිත කාලයක් පුරා පවතී. රාගය එසේ නොවේ. කායික රුචිකත්වය, ආශාව රැදෙන්නේ තුන් වසරකි. තම බිරිඳ අලුත උපන් දරුවාට දෙතනේ කිරි දෙනවා දකින සැමියා තුල ඇය කෙරෙහි පැවති රාග මුසු හැගීම දියවී යන්නට පටන් ගනියි. එය හෝර්මෝන හා බැදුණු විද්‍යත්මක කරුණක් බව ෆ්‍රොයිඩ් කියයි. එසේ නම් මගේ සැමියා මගේ ගත පිළිකෙව් කරන්නේද..? පුතු පැමිණි දා පටන් අපි අතර කායික සම්බන්ධයක් ඇති නොවුනේ ඒ නිසාද...? ඔබ ගඟක් වගේ ගලයි නම් මම හුඟක් වෙලා නාන්නම් යැයි කී ඔහු දැන් මගේ සිරුරින් දුරස්ව සිටින්නේද....? මම මගෙන්ම ප්‍රශ්න අසා ගනිමි. ඒවාට පිළිතුරු නැත.

මම ඔහු පසු පසින් යමි. ඔහුට නොදැනෙන්නට රැකියා ස්ථානය අසළ රැඳී සිටිමි. හමු වන්නට යනවා යැයි කී මිතුරන් සැබවින්ම සිටිනා බව පසක් කර ගතිමි. මගේ ජංගමය බිම වට්ටා, ක්‍රියා නොකරන බව කියා පෙර සුදානම් වීමක් වන්නට කාලය ලබා නොදී, ඔහුගේ දුරකතනය ඉල්ලා ගෙන එහි තොරතුරු සොයා බලමි. කිසිවක් නැත. අලුත් සුවඳක්, කමිසයේ ලිප්ස්ටික් සටහනක්, ළමැදේ love bite කිසිවක් නැත. මා උමතුවකින් පෙළෙමින් සිටින්නේද...? මේ කරුණ ගැන ඔහුගෙන් අසන්නට මා ගත් උත්සාහයන් බොහෝය. සුභාෂ්.... ඔයාට වෙන කවුරු හරි ඉන්නවද..? ඔයා මට ආදරේ නැද්ද...? එයා කවුද...? මට වැඩිය ලස්සනද...? මට වැඩිය තරුණද...? මට වැඩිය සුදුද...? ලංකාවේ කෙනෙක්ද...? කියන්න රත්තරන්... එයා කොහොමද මට වැඩිය හොඳ වෙන්නේ...? මම ආයෙත් ඩයට් කරන්නම්.. ඔයා කන්න කැමති කෑම හැමදාම හදන්නම්.. සොරි... පුතා හින්දා ඔය ගැන මම වැඩිය හොයලා බැලුවේ නැහැ.... එහෙත් මේ කිසිදු වදනක් මගේ මුවින් පිට නොවින. සිතා සිටි තරම් මා නුවනැත්තියක් නොවන්නට පුළුවන. එසේ නොමැති නම් අද කාලේ පිරිමින් සිතා සිටියාට වඩා බුද්ධිමතුන් විය යුතුය. අවසානයේ විරහ වේදනාව ලබනා බහුතරය ගැහැනුන් විය යුතු යැයි මට සිතේ.    

ඉරිදා උදේ වසන්තයේ නාඹර හිරු කිරණේ උණුසුම ලැබ මගේ සැමියා සුවසේ නිදයි. ඔහුගේ දෙතොලග සිනහවකි. ඔහු සිනහසෙන්නේ කා සමගදැයි නොදනිමි. 

දහවල් ආහාරයෙන් පසු අපි දෙන්නා පුංචි පුතු සමග උද්‍යානයට පිවිසිමු. ඔහු මගේ බඳ වටා සුරත යැව්වේය. මුහුණට නැඹුරැව හාදුවක් දුන්නේය. එය දිගු එකකි.

"ඔයා දන්නවද..? මම ඊයේ රැ පුරාම හීන දැක්කා. හැම හීනෙකම හිටියේ ඔයයි පුතයි. අපි හරියට හිනා උනා. එක පාරටම ඇස් ඇරියම මම දැක්කා ඔයා මං දිහා බලා ඉන්නවා. මම හිතුවේ ඒකත් හීනෙම කෑල්ලක් කියලා.."
"ඔයාට දුක හිතුනද..?"
"මොකටද..?"
"හීනෙ ඉවර වෙච්ච එකට.."
"නැහැ. මම කැමතියි මේ යථාර්තයට..."

එය සුන්දර ඉරිදාවකි. රාත්‍රී ආහාරයෙන් පසුව ස්ටෙලා සමග දවසේ විස්තර සඳහන් කල විට පිරිමි කියන්නේ හොඳ නළුවෝ ජාතියක් බව ඇය කීවාය. "උන්ට ඔස්කාර් දෙන්න ඕනැ කරන අද්විතීය රගපෑම් වලට. ඇස් දෙක ඇරගෙන මිනිහා දිහා බලාගෙන් හිටපන්..." ඉදින් මම දෙනෙත් විශාලව විවර කර ගෙන මගේ සැමියා දෙස බලා සිටිමි. සැකයෙන් දවස ගෙවනා කල ජීවිතය වඩා දිගු යැයි මට සිතේ.

Nissanka Rajapaksa

unread,
Jun 26, 2024, 7:41:06 PMJun 26
to INDRAKA group
37
 'අනේ අපොයි !' 

 'ඉඩ්රස්' නම් ඉන්දුනීසියානු  කෙටිකතාවේ
පරිවර්තනය මේරියන් අබේවර්ධන විසිනි













Nissanka Rajapaksa

unread,
Jun 27, 2024, 10:19:32 PMJun 27
to INDRAKA group
38
අමේලියා දාබරේ

- සුජාතා මැණිකේ ඉහළගෙදර

"නිලීමා ඇත්තටම ඔයා මේක කළාද?"

මා ඇසූයේ මගේ බිරිඳගෙනි. ප්‍රශ්ණයේ නිධාන කතාව කෙටියෙන් කිවහොත් මා ඒ ඇසීමට යෙදුණේ ඈ විසින් මගේ පියා වූ විශේසඥ වෛද්‍ය ජයරුවන් දාබරේගේ ඝාතනය සිදු කළාද නැති ද යන්නය.

 බිරිඳ හා දරුවන් සමඟ ජපානයේ ජීවිතය හැර දමා මා මෙහි පැමිණියේ මගේ විශ්‍රාම සුවයෙන් සිටින මගේ පියාගේ උපකාරය පිණිස නොවූවත් අවසන සිදු වූයේ අප පැමිණියේ එයට බව සිතාගැනීටමය. මන්ද යත් අපගේ පැමිණීමට දෙදිනකට පෙර අපගේ පියා පඩිපෙළ මත ලිස්සා වැටීමෙන් අනතුරකට බඳුන් වූවේය. එයින් සිදුවූ පාදයේ අස්ථි බිඳීමට අමතරව හිසෙහි පැල්මක්ද උරහිසක ආබාධයක්ද වූයෙන් ඔහු සිටියේ කිසියම් කාලයක් තෙක් උපස්ථායකයෙකු අවශ්‍ය වන මට්ටමකය. උපස්ථායකයෙකුගේ පැමිණීම ප්‍රතික්ෂේප කළ නිලීමා මගේ පියාගේ උපස්ථායිකාව වූයේ සිය කැමැත්තෙනි. මගේ පියාගේ මහත් කැමැත්තක් නොවූ නමුදු ඈ හෙදියක බව අමතක නොකළ මගේ සහෝදරිය ආරාධනා එයට කැමැත්ත දැක්වූවාය. අනෙක් අතට ආරාධනා වෙනත් උපස්ථායකයෙකු උදෙසා වියදම් කිරීමට සිදුවන මුදල කෙරෙහිද වද වූ බවක් වැටහිණි.

ආරාධනා මගේ නැගණිය කෝපයෙන් පිඹිමින් සැටියේ කෙළවරකට වන්නට ඇයගේ පැතලි පසුපස තබාගෙන සිටියාය. ඇයට ඉදිරියෙන් රවුම් පසුපසක් තිබූ මගේ ගැහැනිය සුව පහසුව හිඳ සිටියේ ආරාධනාගේ විලාශය නොසළකා හැරි අයුරකිනි. 

සීතළ වූත් අඳුරු වූත් සන්ධ්‍යාවක් වූ එය උදා වූයේ බගවන්තලාවේ මගේ පියාටම අයත් වූ බංගලාවේ විසල් සාලයටය. මගේ පහළොස් වියැති දියනිය නතාරි හා දස වියැති පුතු අනිකේත් පිටතින් අගුලු දමන ලද සිය කාමරය තුළ සිරව සිටි අතර ආරාධනා සහ ඇයගේ දික්කසාද සැමියාද පසුකාලීනව ඇයගේ මිතුරාද වූ යහපත් මිනිසා නිමේෂ්ද අපගේ මෙහෙකාර කොලුවා වූ අවංකයාද පොලිස් නිලධාරීන් තිදෙනෙකුද සාලයෙහි වූහ.

ආරාධනාගේ සුරතලා වූ ටීනා සිය වලිගය වනමින් නිලීමාගේ මුහුණ බලා සිටියේ නිලීමාගේ දෙපා මුලය.

මම නිලීමාගේ කනට කර තරවටු කළෙමි.

"දෙයියන්ගෙ නාමෙට කතා කරන්න නිලීමා. මොකද්ද මේ කියන්නෙ? ඔයා ඔහොම කට පියන් ඉන්න එකෙන් වෙන්නෙ නංගි කියන එක ඇත්ත කියලා අර පොලිස් කාරයො හිතන එක"

"මිසිස් දාබරේ. මිස් ආරාධනා පැමිණිල්ලක් කරලා තියෙනව. ඇසින් දුටු සාක්ෂියක් තියෙනව. ඒක නිසා.."

"ඇසින් දුටු? නංගි තමුසෙට පිස්සුද?"

මගේ සොයුරියගේ මනසෙහි නිලීමා කෙරෙහි කෙදිනක වත් ප්‍රියතාවයක් නොවූ බව පොලිස් නිලධාරීන් හමුවේ කීමට උචිතම වේලාව එය විය.

"මගේ අම්මා නැති වුනේ හාට් ඇටෑක් එකකින් සර්. ඒක වුණේ මම බැඳලා සතියකට පස්සෙ. ඇත්තටම මම බැන්දෙ අම්මලගෙ අකමැත්තෙන්. ඒක හින්ද අම්මා ඒ ගැන හිතේ අමාරුවෙන් හිටියෙ. ඒක ඇත්ත. නංගි හිතන්නෙ අම්මා මැරුණෙ නිලීමා හින්දා කියලා. නංගි තාමත් ඉන්නෙ ඒ තරහින්"

"තමුසෙගෙ මේ ජරා ගෑනි තාත්තට ඉන්සියුලින් වැඩියෙන් විදලා. තාත්තගෙ සීනි අඩුවෙනකම් මැරෙනකම් බලන් ඉඳලා. ඒක අවංක දැකලා තියෙනවා. අවංකයා කියපන් උඹ දැක්ක දේ"

ආරාධනා සංයමයක්ද සහිතව ගුගුරන්නට වූවාය.

සියල්ලෝ අවංකයා දෙස හැරුණහ. ඔහුගේ නම අවංක නොව තිවංකය. කුඩා කළ පටන්ම සත්‍ය පමණක් කතා කිරීමට ඔහුට තිබූ උනන්දුව හේතුවෙන් ඔහු කරදරයේ වැටි අවස්ථාද බහුල විය. නමුදු කිසිදා තම අවංක කම අත නොහැරි බැවින් ඔහුට අවංකයා යැයි නම් පටබැඳි මිනිසා වූ මම වික්ෂ්පිතව ගියෙමි.

"පොඩි මිසී ලොකු මහත්තයට බෙහෙත් විදලා ඉවරවෙලා ආයෙ පාරක් සිරින්ජරෙන් එකක් අරන් විද්දා. ඊට පස්සෙ උඹ වගෙ එවුන් ජීවත් වෙන්න හොඳනෑ කියලා මහත්තයා දිහා බලාගන හිටියා. මම ජනේලෙන් දැක්කා"

අවංකයා පැහැදිළිව කීවේය. මගේ බැල්ම නිලීමා වෙත යොමු විය. ඇයගේ ඝන ඇහි බැම එසැවිණි. ඉන්පසු ඇයගේ ලොකු හා ආලෝකමත් දෑසය. ඉනික්බිති සන්සුන් මඳහසකින් යුක්ත වූ ඒ මුලු මුහුණම පොළිස් නිලධාරියා දෙස හැරවූ ඈ නැගී සිටියාය.

"මම ඔයාලත් එක්ක යන්න එන්නම්. ඒත් ඊට කලින් මට මගේ හස්බන්ඩ් එක්ක තනියම පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න"

නිලධාරීන් දෙදෙනා මුහුනින් මුහුණ බලාගත් අතර නිළධාරිනියගේ මුහුණේ වූයේ නොරිස්සුමකි. එය කුමක් අරබයා පැන පැනනැගුනා වූ නොරිස්සුමක්දැයි පැහැදිළි නැත. ආරාධනා පුටුවක් මතට කඩා වැටී දෑතින් සිය මුහුණ වසාගත්තාය. ඇයගෙ උරහිස් ගැස්සිණි. කිසිවෙකු කතා නොකළ අතර නිලීමා උඩුමහලෙහි පඩිපෙළ වෙත ගොස් මා දෙස බැලුවාය. නිමේෂ් ආරාධනා අසළට යන්නට ඇතැයිද අවංකයා කල්පනාකාරීව බිම බලාගෙන ඔහුගේ කටෙහි පැත්තක් සපා කෑමට පටන් ගන්නට ඇතැයිද සිතිය හැකි ඊළඟ මොහොතේ මා සිටියේ නිලිමා පසුපස උඩු මහල වෙත ගමන් කරමිනි.

මගේ පියාගේ කාමරය තෙක් ගමන් කළ නිලීමා පියාගේ ඇඳ අසළ තිබූ ස්ටූලයෙහි හිඳ ගත්තාය.

මම කාමරයෙහි දොර වසා දැමුවෙමි.නිලීමා නැගී සිටියාය.

"මම හිටියෙ තාත්තගෙ බාත් රූම් එක සුද්ද කරවන්න හිතන ගමන්. බාත් රූම් එකේ.. දොර අන්න අර ගානටම ඇරිලයි තිබුණෙ"

මගේ පියාගේ නාන කාමරයේ දොර යාන්තමින් ඇරී තිබිණි.

"මට එක පාරටම ඇහුණා අරසිගෙ කට හඬ"

 මගේ පියා බංගලාවේ නැවතී ගත් දා පටන් ඔහුගේ නිවසට ආ නව මෙහෙකාරිය වූයේ ලැයිමෙ චන්දා හෙවත් චන්දාමාලාය. සත් වියැති තමිලරසි යනු චන්දාගේ දියණිය ය.

"අරසි තාත්තව හෙල්ලුවා. තාත්තා හිටියෙ තද නින්දෙ. අරසි දෙතුන් පාරක් හොල්ලනකොට තාත්තා ඇස් ඇරලා අරසි දිහා බැලුවා.මහත්තයා මහත්තයා බෙහෙත් කරලක් දෙන්න මාත්තයා.මං මහත්තය කියන ඕන විදිහකට ඉන්නං කියලා අරසි කිව්වා. තාත්තා අරසි දිහා රවල බලන්න ඇති .බනින්නෙපා මහත්තයා මං කියන ඕන විදියකට ඉන්නං.අම්මට හරියට රිදෙනව එක කරලක් දෙන්න.....අරසි එහෙම කිව්වා.මොහොතක් ගියෙ නෑ අරසි ගිහිල්ලා තාත්තගේ මේසේ උඩට නැග්ගා.අරසිගෙ ගවුම උස්සලා යට කලිසම ගලවලා අතේ ගුලි කරගෙන කකුල් දෙපැත්තට දාගන ඉඳගත්තා .ඊට පස්සෙ බල්ලෙක් පූසෙක් වගේ පස්ස උඩ දාගන පෙන්නුවා උඩු අතට යට අතට...එක එක විදියට ..මහත්තයා මම මේමත් ඉන්නං. මෙහෙමත් ඉන්නං.මට පුලුවන් .එක කරලක් දෙන්න මාත්තය.මං කාටවත් කියන්නෑ.කියන්නෑ.අරසි එහෙම කියලා මේසෙන් බැහැලා තාත්ත ළඟට ආවා. අරසිගෙ අතින් අරසිගෙ බෙල්ල අල්ලගන යේන් මේල සත්තියම්.යෙන්ග අම්මා මේල සත්තියම් මාත්තයා කාටවත් කියන්නෑ කියලා කිව්වා.මං හිතන්නෙ අරසි දිවුරුවා කාටවත් කියන්නෑ කියලා.මං බාත් රූම් එකෙන් එලියට ආවා.එතකොටම අරසි බයවෙලා කාමරෙන් එළියට දිව්වා.මං පස්සෙන් දිව්වා.මම කුස්සියෙ දොරෙන් එළියට ගියෙ නෑ.ආපහු උඩට ඇවිත් අරසි ගෙදර යන දිහා බලාගන හිටියා"



චන්දා සහ ඇයගේ දියනිය නැවතී සිටියේ අපගේ බංගලාව වු වත්තෙහි දකුණු පසින් වූ කුඩා මෙහෙකාර නිවසෙහිය.



"අරසි ගෙදර කුස්සිය පැත්තෙ දොරකඩ ඉඳන් යට කලිසම ආයෙ ඇඳගත්තා.ඊට පස්සෙ ගෙට ගියා.මම ආපහු කාමරේට ආවම මම ටිකක් වෙලා තාත්තගේ මුණ දිහා බලාගෙන හිටියා.ඊට පස්සෙ එලියට ගියා.ෆ්‍රිජ් එකෙන් ඉන්සියුලින් එක අරන් ආවා.මම බෙහෙත් විදින්න හදනකොට තාත්තා ඇස් ඇරල බැලුවා.පළවෙනි පාර විද්දෙ එයාට විදින්න ඕන ගාන.ඒත් ඒ අතරෙ මට මතක් වුණා අරසි අර මේසෙ උඩ කරපු දේවල්.මම සිරින්ජර් එක පිරෙන්නම ඉන්සියුලින් අරන් ආපහු විදින්න හදනකොට තාත්තා කලබල වෙලා මං දිහා බැලුවා.කොහොමත් එයා ටිකක් කලබල වෙලා යි හිටියේ.ඒක හරිම ඉක්මනට සිද්ද වුණා රුක්මන්.උඹ වගේ තිරිසන්නු ජීවත් වෙන්න හොඳ නෑ කියලා මට කියවුණා.මම ඒක විද්දා.එයා මැරෙනකම්ම බලාගන හිටියා.ඊට පස්සෙ මට සැනසිමක් දැනුණා.හරි සතුටක්.ඇත්තම කිව්වොත් මේ දැනුත් මම ඒ සතුට පොඩ්ඩක්වත් අඩු නැතුව විඳිනවා.එච්චරයි .ඔයා කැමති දෙයක් කරන්න"



"උඹට මොළේ කරවෙලද මෝඩ ගෑණියෙ"



මගේ බෙරිහන්දීමත් සමඟම සන්සුන් ලෙස කාමරයෙන් පිටවීමට උත්සහ කළ නිලීමා හදිසියේ යමක් සිහි පත් වූවාක් මෙන් නැවතුණාය.



"මම මේ කිසි දෙයක් පොලිසියට කියන්නෙ නෑ රුක්මන්.මම එහෙම කිව්වොත් ඒක අරසිගෙ ජීවිතේට බලපාන හින්දා. මේ ඇත්ත කියනවා නම් අපි කියන්න ඕන අරසිව සදහටම මේ පරිසරයෙන් අයින් කරලා අරසිගෙ ජීව්තේ අපිම බාරගන්න වගකීමත් අරගෙන .ඔය සිද්ධිය එළියට ගියාට පස්සෙ අරසිට මේ පරිසරේ ආයෙ ජීවත් වෙන්න වෙන්නෑ.මම දන්නව එයාලගෙ සමාජෙ ගැන.මම කියන්නෙ තාත්තා මුලදී අපේ කසාදෙට විරුද්ධ වෙලා හිටපු තරහට මම මේක කළා කියලා"



නිලීමා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදි.ආරාධනා දින පුරා හැඬුවාය.සිද්ධිය ආරංචි වීමත් සමඟ ආරාධනා වෙත ශෝකය ප්‍රකාශ කිරීමට පැමිණි පිරිස මගේ පියාගේ මරණ ගෙදරට පැමිණි පිරිසට දෙවැනි වූයේ සුළුවෙනි.පැමිණ සිටියවුන් මග හැර යාමට උත්සාහ කිරීම මගේ ජීවිතයේ වැදගත්ම කාර්යය විය. 



කාලයකට පෙර තම විවාහයට අකමැත්ත දැක්වූ වරදට ජීවිතයෙන් වන්දි ගෙවූ කුප්‍රකට විශේෂඥ වෛද්‍ය ජයරුවන් දාබරේ මරණයෙන් පසුව තව තවත් ජනප්‍රිය වෙමින් හා උත්තම භාවයට එසැවෙමින් සිටියේය. 



නතාරි හා අනිකේත් වැඩියක්ම සිය කාමරය තුළ පසුවු අතර අවංකයා නිතර කල්පනා කරමින්ද මා දුටු විට අනුකම්පා සහගත බැල්මක් හෙලමින් ද සිටියේය.



චන්දා හා අරසි අපගේ නිවසින් පිටව ගියේ නිලීමා අත් අඩංගුවට පත්ව දෙදිනක් ගතවූ තැනය. නිලීමා මානසික රෝගියෙකු නොවන බවත් ඈ ඉතා ගුණ යහපත් ගැහැණියක බවත් ඉතා හොඳින් දැන සිටි මගේ යටි හිත චන්දා හා අරසි පසු පස ඇදී යෑමට පටන් ගත් නමුදු මා තුළ වූ කිසියම් බලවේගයකින් එය නවතන ලද්දේය.



මම එයට කැමති නොවීමි.එයට යනු කුමටද? මගේ බිරිඳ විසින් මගේ මගේ පියා ඝාතනය කළ බව පිළිගැනීමටද? නැතිනම් මගේ බිරිඳ ප්‍රකාශ කළ අයුරින් මගේ පියා චන්දාගේ දියණිය අරසි......

මම එය සිතීමට පවා අකමැති වීමි.ඔව් ,අකැමැති වීමි.යම් හෙයකින් නිලීමා පැවසූයේ සත්‍යම වුවත් එය හෙලි විය යුතු නැත.නිලීමා පවා හෙළි කිරීම අනවශ්‍ය බව සිතූ සත්‍යක් මා විසින් හෙළි කිරීමට උත්සහ කරනුයේ කුමක් සඳහාද?



අපගේ දරුවන්ට මව අවැසි නිසාවෙන් හෝ පෙර සිටි මගේ නිවැරදිම සහකාරිය මට අවැසි නිසා වුවත් මගේ පියා එවන් මිනිසෙකු යැයි ලෝකයා දැන ගැනීම මගේ කැමැත්ත නොවීය.



ජපානයේ ජීවිතය අතහැර දමා මා මෙහි පැමිණියේම මට ගරු කටයුතු ජීවිතයක් අවශ්‍ය වූ නිසාය. විසල් හා දියුණු රටක කුඩා මිනිසකු ව ජීවත් ජීවත්ව සිටීමට වඩා නොදියුණු හා කුඩා රටක ලොකු මිනිසකු ව සිටීම මගේ තෝරා ගැනීම වූයේ ජීවිතයේ හොඳම කාලය ජපානයට ගෙවා දැමීමෙන් පසුවය. ඔව්,මම ගරු බුහුමන් ලැබීමේ කැමැත්තෙන් පැමිණියෙමි. මා ලබන්නට නියමිත වූ ගරු බුහුමන් වලින් සියයට අනූපහක්ම මා වෙත පැමිණීමට නියමිත වූයේ මගේ පියාගේ නාමයෙනි. එම නාමයට වූ ගෞරවය ඉවත් කළ විට මගේ තත්ත්වය නැවත වරක් ජපානයෙහි මට තිබූ ජීවිතයටත් අන්ත තත්ත්වයකට ඇද වැටෙයි.ජපානයේදී මට තිබුණේ මා එහි තවත් එක මිනිසෙකු පමණක්ව ජීවත් වන ශෝකය පමණි. මට අවශ්‍ය වූයේ විශේෂ මිනිසකු ලෙස ගරු බුහුමන් ලබමින් ජීවිතයේ අවසන් කාලය ගෙවා දැමීමටය.ඒ උදෙසා සමාජ සේවා සංවිධානයක සැලසුමක්ද සහිතව පැමිණි මා දාබරේ පදනම අරඹා ගෙවී ඇත්තේ මාසයකි.



මම නිලීමා බැලීමට නොගියෙමි. ආරාධනා සමඟ හෝ වෙනත් කිසිවකු සමඟ ඈ පිළිබඳව කතා නොකළෙමි. නතාරි සහ අනිකේත්ට අම්මා පිළිබඳව කතා කිරීම සම්පූර්ණයෙන් තහනම් විය.පොලිස් නිලධාරීන්ට පවා මගෙන් විමසීමට මහත් යමක් නොවුණේ මිනීමැරුම සිදු වූ දිනයට දින තුනකට පෙර සිටම මා නිවසේ නොසිටි බව සාක්ෂි සහිතවම තහවුරු ව තිබූ බැවිනි.



මම අතීතය අමතක කොට දමා වර්ථමානයේ ජීවත්වන්නේ කෙසේදැයි උගැන්ම උදෙසා ධනාත්මක චින්තන දේශානද ධර්ම දේශනාද ඇසීමට පටන් ගතිමි.අතීතය වළ දැමිය යුත්තකි.අතීතය යනු නිලීමා විසින් මගේ පියා මරා දැමීම දක්වා සියල්ලය. එහෙත් අතීතයෙන් ගෙනා නිලීමාගේ හැඩ හුරුකම් සහිත නතාරී හා අනිකේත්...ඇතැම් අවස්ථාවල ඔවුහු දැක්මෙන් පවා මගේ මනසේ සාමය කඩ කළ ප්‍රාණියෝ වූහ.සන්සුන් වීමට දරණ උත්සාහයේ වේගයට සමපාත වේගයකින් අනෙක් පසින් ඉහළ නැගෙමින් තිබූ කෝප වීමේ පුරුද්ද මගේ මොළය කා දමන්නට විය.ඇතැම් විට සුලඟක් විසින් නළල තෙක් ගෙන එන කෙස් රොදක් පවා මගේ කෝපය ඇවිස්සූ අතර මා කෝපයෙන් සිටියේ කුමක් උදෙසාදැයි කියතහොත් ..

 යමෙකුගේ අවඥා සහගත සිනාවකට ලක් විය හැකි නමුදු මා කෝපයෙන් සිටියේ මගේ පියා පිළිබඳව හෝ මා පිළිබඳව හෝ ආරාධනා හෝ වෙනත් කිසිවෙකු සමඟ නොවේ.මා කෝපයෙන් පසු වූයේ වාතාවරණය පිළිබඳවය.එවන් වාතාවරණයක් උදාකළ බලවේගය වන්නේ කුමක්ද එය සමඟ කෝපයෙන් සිටීමත් අවධියෙන් සිටින සෑම මොහොතක්ම දාබරේ පදනම උදෙසා වැය කිරීමටත් මගේ ජීවිතය ගත විය.නතාරී හා අනිකේත් ආරාධනා යටතට පත්ව සිටියේ කැමැත්තෙනි.



තෙමසක් ගෙවිණි.



ආරාධනා අපගේ පියාට යුක්තිය ඉටුකිරීම පිණිස සැදී පැහැදී සිටියාය.අතර තුර දාබරේ පදනමට මුදල් පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වූ මගේ පියාගේ ප්‍රතිකාරවලින් සුව වූ රෝගීන් කිහිප දෙනෙකු හා සම්බන්ධ වීමි.දාබරේ පදනම ශක්තිමත් වෙමින් තිබූ අතර නිලීමා මගේ පපුවෙහි බරට හිඳ සිටියදී ජීවත් වීම අසීරු බව හැඟෙන අයුරින් මගේ ශරීර ශක්තිය හීන වී යන බවක් මට දැනෙන්නට විය.



ආහාර රුචිය අඩුව ගිය අතර වෛද්‍යවරයාට අනුව මට තිබූ රෝගයක් නැත.කෙසේ වෙතත් මගේ මිතුරු වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කිරීමට යෙදුනා වු මල්ටි විටමිනයක් ගැනීමට අදහස් කළෙමි. ඔසු සළ ඉරිරියෙහි වූ කහ ඉර මතින් පාර පනිමින් සිටි අරසි මගේ නෙත ගැටුණේ එවේලේය.මම ඇයගේ පසුපස යෑමට පටන් ගෙන ඇති බව වැටහෙන විට මා සිටියේ කුඩා කෝවිලක් පසු කරමිනි.එතැනදී මා දුටු අරසි මුව හයා බලා සිට මා වෙත පැමිණියාය.

"මාත්තයා කොයෙද යන්නෙ මේ?"

"අරසිගෙ අම්මා ගෙදර ඉන්නවද?"

"අම්ම වැඩට ගියා"

" හා කමක් නෑ.අම්මට කියන්න ඇවිත් මාව හම්බවෙන්න කියල"



එපමණකින් නැවතී ගත් මම ආපසු හැරී ආවෙමි. අසනවා යැයි ඇසිය යුත්තේ කුමක්ද?"



එක් දහවලක මා නාන කාමරයෙහි සිටියදී දොරට තට්ටු කළ අනිකේත් මගේ පියාගේ මිතුරෙකු මා හමුවීමට පැමිණ සිටින බව දැනුම් දුන්නේය.මෙවර කවුරුන්දැයි සිතමින් වහ වහා පහළ මාලයට යන විට මගේ දියනිය නතාරී සමඟ සුහද සල්ලාපයක නිරත වී සිටි මගේ පියාගේ සමීපතම මිත්‍රයා වූ බන්දුල කතාව නවතා මා දෙස බලා සිටියේය.ඔහුගේ බැල්මෙහි වූයේ කෝපයක් හෝ එයට සමාන හැඟීමකි. නතාරී සිය කාමරය වෙත ගියාය.මගේ පියාගේ අවමඟුල සිදු වන විට ඔහු සිටියේ ඇමෙරිකාවේ සිය දියණියගේ සැමියා ගේ අවමඟුලට සහභාගි වීම පිණිස පිටව ගොස්ය. 



"තමුසෙ මොන ජාතියෙ මිනිහෙක්ද අයිසෙ.මැරිච්ච මිනිහා මැරුණා.තමුසෙ දැන් බලන්න ඕන මැරිච්ච මිනිහා ව බේරගන්න නෙමෙයිනේ.ජීවතුන් අතර ඉන්න ගෑනිව බේරගන්නනෙ"



මම වටහාගත නොහැකිව බලා සිටියෙමි.  



"ජයරුවන් මගේ හොඳම යාලුව.ඒක හින්ද මම කට පියන් හිටියට මිනිහො ..උඹගෙ ගෑනි ඔය කරපු දේම මටත් කරන්න හිතුනා දෙතුන් පාරක්. ඔව්..මම මි නී ම රු වෙ ක් වෙන්න බය හින්දා ඕක නොකර හිටියා"

"මට අංකල් කියන දේ පැහැදිලි නෑ"

"අහ්.ඉඳගන්නවකො මම පැහැදිලි කරලා දෙන්නම්"

"අංකල් අපි ගාඩ්න් එක දිහාට යමුද?"

"අහ් ඒකත් හොඳයි.මටත් ටිකක් සද්දෙන් කතා කරන්න ඕන.එතකොට තමයි මට මං කතා කරන බව දැනෙන්නේ"



ඒ දහවල ඉර එළිය මනාව තිබුණකි.නමුදු අහස බියකරු කුණාටුවකට සූදානම් වෙමින් තිබූ අතර වර්ෂාවක් බලාපොරොත්තු වෙමින් සිටි කුහුඹුවෝ කඩිනම් ගමනින් ආහාර ප්‍රවාහනය කරමින් සිටියහ.



"මම ගියා නිලීමා බලන්න"

"මම කැමැති නෑ අංකල් ඔය ගැන කතා කරන්න"

"මට තමුසෙගෙන් අහන්න තියෙන්නෙ එක ප්‍රශ්නයයි.මේකයි නිලීම කරපු දේ හරිද වැරදිද?"

"මි නී ම ර න එක කොහොමත් හරි වෙන්නෙ නෑනෙ අංකල්"

"ඔව්.ඒත් මේක සාමාන්‍ය මි නී මැ රු ම ක් නෙවෙයි නෙ.මේක සිද්ධ වෙන්න බලපෑව කාරණාව වෙනස්"

"කාරණාව? මොකද්ද කාරණාව?"

"නිලිමා පොලිසියට භාර වෙන්න ඉස්සර ඒක පුතාට කිව්වා"

"අහ්..ඒක එයා අංකල්ටත් කිව්වද?දැන් එතකොට අංකල් ඔය කතාව විශ්වාස කරනවද? අපේ තාත්තා ගැන?"

"ඔව්" 



මගේ පියාගේ මිත්‍රයා ඔගේ ඔලුවට පර්වතයකින් තට්ටුවක් දැමුවේය. 



"පොඩ්ඩක් ඉන්නවකො"



ඔහු සිය කලිසම් සාක්කුවෙන් තම දුරකථනය ගැනීමට උත්සහ කළේය. ඔහුගේ අතෙහි වූ ඔරලෝසුව ඔහුම හැඳ සිටි ජැකට්ටුවේ වැටලීම හේතුවෙන් එය මදක් අපහසු විය.



"මම මේක අරන් තියාගත්තෙ ඇත්තටම ..ඇත්තටම කිව්වොත් තමුසෙගෙ තාත්තගෙන් සල්ලි කීයක් හරි කඩාගන්න හිතාගෙන.මට දැන් සල්ලි ප්‍රශ්ණ වැඩි.තමුසෙ දන්නවනෙ.මම ප්ලෑනක් ගැහුව.ඒත් ඊට ඉස්සර මේ මිනිහා මළා නෙ.මෙන්න මේක බලනව"



ඒ කපටියා මා අතට දුන් ඔහුගේ දුරකථනය දෙස බැලීමට අවශ්‍ය වූ මගේ දෑසට හදිසියේ හසුවූ ආරාධනා බැල්මෙහි මඟ වෙනස් කළාය.

ආරාධනා සිටියේ අප වෙත ගමන් කරන අතරය.කපටියා මා දෙස බැලුවේය.මා බලා සිටි දෙස බැලුවේය.



"අහ්.ආරාධනා..මම එයාට මේක යැව්වා උදේම"



ආරාධනා බුම්මාගත් මුහුණකින් යුතුව පැමිණ අප දෙදෙනාට මෑතින් වූ බංකුවක හිඳ ගත්තාය.කපටියා දුරකථනය දෙස බලන්නැයි දෑසින් බල කරමින් මා ඉරිපිට සිටගෙන සිටියේය.



දුරකථනය විසින් මා වෙත දක්වන ලද්දේ මගේ පියාගේ වීඩියෝවකි.එහි ඔහු සිටියේ මඳ බීමතිනි.එපමණක් නොවේ.ඔහු සිටියේ සිය මිතුරා වූ ඒ කපටියා සමඟ ආත්ම විවරණයක යෙදෙමිනි.



"චන්දා ඔය කෙල්ල එක්ක ආව දවසෙ මට ෆීල් වුණා මගෙ ෆැන්ටසිය රියලිටියට මාරු වෙන්න යන්නෙ කියලා.ඒක මාර ෆීල් එකක් මනුස්සයො.ජිවිත කාලෙම මම දැක්කෙ ඔන්න ඔහොම හීනයක්.සීතල වත්තක මගෙම බංග්ලෝ එකක්.ඒකෙ ඔය වගෙ පොඩි .....අහ්..මං ඉගෙන ගත්ත මිනිහෙක් .මං දන්නව මං මොකද්ද කරන්නෙ කියලා.මේක මම කැමති විදිය.මම කැමති විදිය වැරදි වෙන්නෙ කොහොමද....කෙල්ලට දැන් වැඩේ තේරෙනව.බෑ කියන්නෑ මනුස්සයො.ආසයි නං ආසයි.ආයෙ බයයි කෑල්ලක් ඕන නෑ.මේක ට්‍රයි කරනව .මම නෙ කියන්නෙ"

"පිස්සුද..මට එච්චර ඔලුවෙ අමාරුවක් නෑ.ඔය මොනව කිව්වත් මේක වැරදියි ජයේ.අනික ඊයෙ මම දැනගත්ත වගේ මේක තව කවුරුහරි දැනගන්න වැඩි වෙලාවක් යන්නෑ..අන්න එදාට"

ඒ කපටියාගේ හඬය.



"දැනගන්නෑ. දැනගන්න නං බන්දුල කියන්න ඕන.කියන්නෑ කියලා මම දන්නව"

"ඔය ළමය ඕක චන්දා එක්ක කියයි"

"චන්දා දැනගන ඉන්නෙ.ඒ ගෑනි කියන්නෑ..උං මහ මෝඩ මිනිස්සු.ඔය ඉන්හේලර් එක අරන් දුන්නෙ මම ඔය ගෑනිට.මහත්තයා බේත් කරලක් දාලා දෙන්ඩ මේකට කියාගන එන්නෙ ඒ බෙහෙත ලක්ෂ ගාණක් වටිනව කියල හිතාගන.උන් දන්නෑ ඕක ෆාමසියෙන් ගන්න පුලුවන් බව.හහ් හහ්..මෝඩ ගෑනු.ගෑනි කට අරින්නෑ.ඊට වඩා ගෑනිට ඇදුම අමාරුයි.හහ් හහ්"



මම දුරකථනය අතහැරියෙමි.ආරාධනා අහක බලා සිටියාය.නතාරි උඩු මහළේ සිට අප දෙස බලා සිටියාය.



"මම..ම ම..නිමේෂ්ට යැව්ව.නිමේෂ් අර ඔෆිසර්ට ඒක යවයි"



ආරාධනා කියූවේ වීඩියෝව පිළිබඳවය.



"ඇයි හදිසි වුණේ" මට කියවිණි.



"හදිසි? හදිසි වුනේ දැන්ද එදාද කියලා මට තාම තේරෙන්නෑ.කාට මොනව කියන්නද තේරෙන්නෑ.තාම යවලා නෑ"



කපටියා අපට කතා කරගැනීමට ඉඩ හැර ජයග්‍රාහී ලෙස අප පසුකර ගියේය.අපගේ පියාට අනුව ඔහුගේ හොඳම මිතුරා වූ නමුදු සෑම කාලයකම මිතුරාට ඉරිසියා කිරීමට යමක් සොයා ගත් ඒ කපටියා අවසන සිය කෙසේ හෝ ජයරුවන් දාබරේ නාමය විනාශ කර දැමීමෙන් සිය සිත් සනහා ගන්නෙමැයි සිතුවා විය යුතුය.



රාත්‍රිය තෙක් කාමරයෙ දොර අගුල හැරීමට සිත් දුන්නේ නැත.ආරාධනා එකම කෙටි පනිවිඩය සය වරක් එවා තිබිණි.



"අපි මොකද කරන්නෙ?"



අවසන ඇය මගේ දොර අසළ සිටගෙන කතා කළාය.



"අයියා.මොනව වුණත් ඉක්මනට තීරණයක් ගන්න ඕන"

මම දොර හැරියෙමි.



"ඇයි මේක නිමේෂ්ට කිව්වෙ?"

"මට කියන්න වෙන කෙනෙක් නෑ"

"ඒත් දැන් ඔයා නිමේෂ්ගෙන් ඩිවෝස් වෙලා ඉන්නෙ"

"මං දැන් ඒ ගැන පසුතැවෙන ගෑනියෙක්.ඒව වැඩක් නෑ.මේකට මොකද කරන්නෙ?"

"අපි නොකිව්වත් බන්දුලයා ඕක පොලිසියට කියයි"

"අපි නොකිව්වත් කියන්නෙ අයියා හිතන්නෙ අපි කියන්න ඕන නෑ කියලද?"

"අහ්..නෑ.මම කිව්වෙ ඉතිං "

"මටත් මුලදි හිතුනා මෙහෙම දෙයක් දන්නෑ වගෙ ඉන්න.බන්දුල අංකල් ඉල්ලන ගාණ දුන්න නං ඉවරයි.ඒත්...ඔයා හින්දා .අක්කා නිසා"

"තාත්තගෙ නම කැත වෙන එක අපි දෙන්නටනෙ බලපාන්නෙ .එයා ගැන කතා කරන්න ඕන නෑ.බන්දුලයා ඉල්ලගන ගාන දෙමු"

ආරාධනා නැගී සිටියාය.ඔරවා බැලුවාය.



"තමුසෙට පිස්සුද අයියා"



ඔරවා බලා සිටි ආරාධනා කිසිවක් පැහැදිළි නොකළ අතර කාමරයෙන් පිටව ගියේ ශබ්ද නඟා දොර වසා දමන අතරය. තවත් මිනිත්තු කිහිපයකදී ආරාධනා කෝප වූයේ කුමකටදැයි කල්පනා කරමින් ජනේලය අසළට වන් විට ආරාධනා නතාරි සමඟ නිමේෂ්ගේ වාහනයට නැඟ පිටව යන අයුරු දුටුවෙමි.



ආරාධනා ඇමතු විට ප්‍රතිචාර නොවූ බැවින් නිමේෂ්ගේ අංකය ඇමතූ විට සන්සුන් පිළිතුරක් ලැබිණි.



 "චන්දගෙ ගෙදර යනවා" 

"නතාරි එක්ක යන්නෙ ඇයි?"

"ඒක ආරාධනාගෙන් අහන්න ඕන අයියා"

"ස්පීකර් දානව ඕක"



ඉක්බිති මෝඩකම් නොකරන ලෙසත් සිදුව ඇති සියල්ල එසේම තිබෙන්නට හැර අප දෙදෙනා අපගේ ගමන් ඉදිරියට යා යුතුව ඇති බවත් පැහැදිලි කරමින් ආරාධනා පමණක් ඉලක්කගත මිනිත්තුවක හෝ දෙකක වචන මුදා හැරීමක් විය .



"ඔය මඟුල ඇදලා එලියට දාල තාත්තගෙ නම සම්පූර්ණයෙන් විනාස වෙලා ගියාම මගෙ පදනමට මොකද වෙන්නෙ? උඹේ අනාගතේට මොකද වෙන්නෙ? අපි පොඩි දා ඉඳන් මේකෙ රජ කරන් හිටියෙ සීයගෙ නම හින්ද..ඊට පස්සෙ තාත්තගෙ නම හින්ද.ඔය මඟුල් කතාව එලියට ගිය ගමන් දාබරේ පරම්පරාවෙම නම්බුව ඉවර වෙනව.ඊට පස්සෙ උඹටයි මටයි මොකද වෙන්නෙ?"

"එතකොට නතාරිලගෙ අම්මා හිරේ ගියාට කමක් නැද්ද?"



මා ආරාධනා ඇමතූයේ නතාරිට ඇසෙන මානයේ සිට බව මගේ මතකයට නැගුණේ එවේලේය.ඔහ්,එවන් වැරදීමක් මා අතින් සිදු වූයේ කෙසේද? මා ආරාධනා ඇමතූයේ ඇය විසින් නතාරී රැගෙන යන්නේ කොහේ දැයි විමසීමට නොවේද..එසේ තිබියදී...



ගිය නුවණ ඇතුන් ලවා වත් ඇද්දවිය නොහැකි බැවින් මම නිහඬ වීමී.



චන්දාමාලාගේ නිවසේදී සිදුවූයේ කුමක්දැයි මා නොදන්නා අතර රාත්‍රී අටට පමණ අපි කෑම මේසයට වාඩි වී සිටියෙමු.



"දැන් අයිය මොකද්ද කරන්නෙ?" ආරාධනා ඇසුවාය.

"මම මොකටද මොකුත් කරන්නෙ? මුල ඉඳන්ම ඔයානෙ ඔක්කොම කරන්නෙ" මම කෝපයෙන් කීවෙමි.

"ඔයා තරහෙන් ඉන්නෙ කා එක්කද?" ආරධනා කෝපයෙන්ම ඇසුවාය.



 ආරාධනා තවත් කිසිවක් කියූ නමුදු එය මගේ කන දක්වා ගමන් කළේ නැත.මා සිටියේ මා සමඟ වෙනත් කතාවකය. සැබැවින්ම මා කෝපයෙන් සිටියේ කවුරුන් සමගඳ? 



"මේ මඟුල් ඔක්කොගෙන්ම වෙන්නෙ මට කවදාකවත් මිනිහෙක් වෙන්න බැරි වෙන එක"

මම කියුවෙමි.



 ඉක්බිති නැවත මා තුළ සිටි අනෙකා කතා කිරීමට පටන් ගත් විට ඌ සමඟ කතාවට වැටුණෙමි.

"මිනිහෙක් වෙනවා කියන එකෙන් උඹ අදහස් කරන්නේ මොකක්ද?"

ඌ ඇසුවේය.මම කිසිවක් නොකීවෙමි.

"උඹට රස්සාවක් තියෙනවා.ගෙයක් දොරක් තියෙනවා. හොඳ ගෑණියෙකුයි වාසනාවන්ත දරුවෝ දෙන්නෙකුයි ඉන්නවා. මිනිහෙක් වෙන්න උඹට තව මොනවද අඩු?"

" ඔය කියන හැමදේම එක වයසකදී බෝරින් වෙලා යනවා.තවදුරටත් ඔය කිසි දෙයකට මාව තෘප්තිමත් කරන්න බෑ කියලා හිතෙන දවසක් එනවා.ලෝකෙ මිනිස්සු ඉස්සරහා මිනිහෙක් වෙන්න හිතෙනවා.ගෙදරම නෙවෙයි ජීවිතේ කියල හිතෙනවා.අවුරුදු දාහතරෙදි විස්සෙදි ඔහොම හිතිලා ඒක ටික කාලෙකට අයින් වෙලා ගිහින් මටම කියලා ගෙයක් ඕන කියලා හිතුන දවස් අමතක වෙලා යනවා.ඔව්,ලෝකෙ ඉස්සරහා ලොකු මිනිහෙක් වෙන්න ආසාවක් එනවා .මං කියන්නෙ හැම මිනිහටම ඔඉක වෙනව..මට දැන් ඕන තාත්තා ජීවත් වුණා වගෙ ගරු නම්බු නාම ලබන විශේෂ මිනිහෙක් වෙලා ජීවත් වෙන්ඩ.

"අහ් ගරු කටයුතු මිනිහෙක් වෙන්ඩ?"

"ඔව්.ඇයි ඒක වැරදිද?"



නතාරි සිය පිඟාන මත හැන්ද අත හැරියාය.මම කෝපයෙන් ඈ දෙස බැලීමි.මා සිටිනුයේ වැදගත් කතාබහක බව උඹට නොතේරෙන්නේ මන්දැයි දෑසින් ඇසීමි.



"අම්මා වැරදිදද තාත්තා?"

නතාරි විසින් අසන ලද්දේ ඈ විසින් අසනු ලැබීමට මා බියවූ ඒ පැනයම ය.



" මම දන්නෑ.කාගෙ කාගෙ වරදින් හරි කෙලවෙන්නෙ මට.....ඔයා වුණත් මෙහෙදි එලියට ගියාම ඩොක්ටර් දාබරේගෙ මිනිපිරී.ඒත් මේකෙන් පස්සෙ ඒ නම්බුව නෑ.මිනිස්සු ඒකම කියයි..ඒත් ඒ වචන අස්සෙ නම්බුව නෑ. ඔයාට මේක තේරෙන්නෑ"



"මම ඒ වීඩියෝ එක බැලුවා තාත්තා" නතාරීගේ හඬ සන්සුන්ය.මම ආරාධනා දෙස හැරුනෙමි.



"ඒක මොකටද මේ පොඩි උන්ට පෙන්නන්න ගියේ?"



"මම පොඩි නෑ තාත්තා .මම අරසිගෙ වයසෙ ලංකාවට ආවම සීයා එක්ක මෙහෙ නවතින්න ඕන කියලා ඇඬුවෙ ....එතකොට ....ඔයාලා මාව බලෙන් ආපහු අරන් ගිය එක කොච්චර හොඳද කියලා කියල හිතෙන තරම් මම ලොකුයි"



මා තුළ කියවමින් සිටි මෝඩ මූසළයා නිහඬ විය.



"මම ලංකාවේ හිටියත් දාබරේ මගේ සීයා කියන්න වුණොත් ඒක කියන්නෙ නොකියා බැරිකමට.මං කැමති නෑ මම එයාගෙ මිනිපිරී කියන්න.එතකොට නිලීමා මගේ අම්මා කියලා කියද්දි මට දුක හිතෙයි .එයා තනිවෙලා .මම යුනිවර්සිටි යන්න ඉස්සර නම් දාබරේ කියන නම මගේ නමෙන් අයින් කරනවා.රුක්මන් දාබරේ මගෙ තාත්තා කියන්නෙත් නෑ"



නිලීමා ඇයගේ මව බව කියන විට ඇයට දුක සිතෙනු ඇතැයි කියූ නමුදු නිලිමා තම මව බව නොකියන බව කියූවේ නැත. එහෙත් රුක්මන් යනු තම පියා බව නොකියන බව කීවාය.



මා තුළ සිටි අපත කාළකණ්නියා පැන දිව්වේය. ඌ මා විනාශ කර පැන දිවූ අපූරුව.



වෙහෙසය.ලිවීම අපහසුය. 



පසුගිය දිනෙක නිලීමා ඇප ලැබුවාය.ඇප අත්සන් ආරාධනා හා නිමේෂ්ගේය. 



පියාගේ මරණයට පෙර සිදුවු අනතුර චන්දාමාලා විසින් සැලසුම් කරන ලද පඩිපෙළ මත තෙල් වත් කර තැබීමකින් සිදු වූවක් බව විමර්ශන වලදී හෙළිව තිබූ අතර චන්දා මාලා විසින් වරද පිළිගෙන තිබිණි. බන්දුලයා සතු වූ දාබරේ හඬ පටය ප්‍රසිද්ධ කරන ලදි.



පුවත් පත්ද රූපවාහිනි නාලිකාද දාබරේ නාමය සුන්නද්ධූලී කළහ.



අරසි හා චන්දා මාලා ලැයිමෙන් වූ අපහාසය දරා ගත නොහැකිව සිය දිවි නසා ගැන්මට තැත් කිරීමකින් දිවි බේරී රෝහලක සිටින බව ආරංචි විය.



නිලීමා මා සමඟ කතා නොකළාය.නැත..ඈ මා දෙස බලා සිටියේ කතා කිරීමට විය යුතුය. මම කතා නොකළෙමි.ඒ තවදුරටත් මගේ යහනේ මට යට ව සිටි ගැහැණිය නොවේ.ඈ සිටියේ මගේ සීමාවට ගව් ගණනක් ඉහළින් වූ ගරු කටයුතු ස්ථානයක වැජඹෙමිනි.



දාබරේ පදනම නිශ්චල විය.කිසිවෙකු මා හමු නොවූ අතර මටද කිසිවෙකු හමු වීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැත.ජපානයේ තම දරුවන්ගේ ජීවිත තුළ පමණක් වීරයෙකු ව මිනිසුන් අතර මිනිසකු ව සිටීම මද යැයි හැඟී ගිය පසු මව් රටෙහි රටෙහි මිනිසුන් අතර සුවිශේෂී මිනිසෙකු වීමට පැමිණී මට සිදුවූයේ කුමක්ද..අවසන මා මිනිසුන් අතර මිනිසකු වත් නො වී ගිය හැටි...



දිනෙක සාලය දෙසින් ඝෝෂාවක් ඇසෙන්නට විය.තරුණයින් අතර ජනප්‍රිය වර්ගයේ ගීතයක් වාදනය වෙමින් තිබිණි.වරක් දෙවරක් තෙවරක් පමණක් නොව තවත් වරක් එය වාදනය වූ පසු මගේ ඉවසීම සීමාව පැන ගියේය.වහ වහා සාලයට ගිය මම අනිකේත් දෙස රවා බැලුයෙම්. ජපානයේදී නම් ඔහු මගේ පැමිණීමත් සමඟම සිය වරද අතහැර සමාවන්නැයි කියූවෙකි.මෙහිදී ඔහු මා ගණනකට නො ගත්තේ ය.මම ඔහු අතවු දුරස්ථපාලකය උදුරා ගතිමි.සංගීතය නවතා දමා දුරස්ථපාලකය සෝපාව මත අතහැර නැවත ඉහළ මාලයට නගිමින් සිටියෙමි.එක්වරම ඒ ඝෝෂාකාරී සංගීතය නැවත ක්‍රියාත්මක විය.මගේ කෝපය ද පෙරට වැඩි සිය ගුණයක වේගයකින් නැවත ක්‍රියාත්මක විය.වේගයෙන් පඩිපෙළ බැස ගිය මම මගේ පුත්‍රයාට පහර දෙකක් ගැසුවෙමි.

වහ වහා මැද්දට පැන ගත් ආරාධනා කොල්ලා ඇද තම පසුපසට කර ගත්තාය.



"මොකද මේ?ඒ පාර පිස්සු හැදිලද?"

"පිස්සු ..පිස්සු හැදෙයි තමා මෙහෙම යනකොට.දැන් මේ ගෙදර මට කියලා කිසිම තැනක් නෑනේ"

"තැන?තැනක් කියන්නෙ ගෞරවයක් නං ඔයා දැනගන්න ඕන මුලින්ම ඔයා ඉන්නෙ ඔයා ඔයාටම ගරු කරන්න පුළුවන් තත්ත්වයක ද කියලා හිතන්න"



ආරාධනා එසේ කියමින් අනිකේත් රැගෙන ගෙතුලට ගියාය.



මා කාමරයට ගිය විට දිනෙක නතාරිගේ කතාවක් හමුවේ මා තුලින් පැන ගිය අර මෝඩ මූසලයා නැවත පැමිණියේය.



"දැන් නං ගරුත්වයක් නම්බුවක් කියලා දෙයක් ඉතුරු වෙලාම නෑ නේද?ඔහොම ජීවත් වෙන්නද ඉතින් ජපානෙ ඉඳලා ආවේ?"

"තාත්තගේ නම්බුව නැතුව ගියායින් මට ලැබෙන්න තිබ්බ ගරු නම්බු සේරම උඩු හුලගේ ගියා"

"ඇත්තටම ප්‍රශ්නෙ තාත්තගේ නම්බුව උඩු හුලඟේ ගිය එක නම් නෙවෙයි .ඔයා ඉන්නේ ඔයා ඔයාටම ගරු කරන්න බැරි තත්වෙක"

"ඒ පාර උඹ මොකක්ද කියන්නේ?"

" ඇත්තටම මම කියන්නෙත් ඔයා ඔයාට ගරු කරනවා නම් ඉස්සෙල්ලා ඔයා නාල කරලා රැවුල කොණ්ඩෙ කපල මිනිහෙක් වගේ ඉන්න ඕන.අනිත් මිනිස්සු ගරු කරනවද නැද්ද කියන එක බලන්න ඉස්සරලා තමන් තමන්ට ගරු කරන්න ඕන. මෙහෙමයි..වෙච්ච දේවල් වෙලා ඉවරයි.මං කියන්නේ ඔයාට, ඔයාට ම ගරු කරන්න හිතෙන විදිය මොනවා හරි ඔයත් කරන්න කියලා.එතකොට නිකම් අනිත් අයත් ඔයාට ගරු කරන්න පටන් ගනියි"



"උඹ කලින් කිව්වේ ඔහොම නෙමෙයිනේ උඹත් සැරින් සැරේට වචන වචන වෙනස් කරනවනේ"

"ටික කාලයක් අයාලේ යන කොට මගේ හිත වෙනස් වුණා.ඇත්තටම මම පොඩ්ඩක් කන්ෆියුස් වෙලා හිටියෙ.කලින් මේ වගේ දේකට මුහුණ දීලා නෑනේ.මේකට මුහුණ දෙන්න ඕන මේ විදියට කියලා එකපාරටම තේරුම් ගන්න බෑනෙ ඉතින්.මං කියන්නේ ඔහොම හිටියොත් විනාශ වෙලා යයි කියලා.කොතනින් හරි ආපහු පටන් ගන්න එක නේද හොඳ.කොතන උනත් ඒ ඔයාට, ඔයාට ම ගරු කරන්න හිතෙන තැනකින් වෙන්න ඕන"



ඌ පෙර වතාවේ මෙන් පැන දිවුවේ නැත.මා සමඟ මා යන එන සෑම තන්හිම රැක සිටිමින් මා කළ යුත්තේ කුමක් දැයි මග පෙන්වීමට පටන් ගත්තේය. නුඹ කවුරුන්දැයි මා ඇසූ විටෙක ඔහු කියූවේ ඔහුට එකම ආකාරයේ ස්වරූප දෙකක් ඇති බවත් ඔහුගේ ම යක්ෂ ස්වරූපය කාලයකට පෙර මා සමග සිට නතා රිගේ කතාවෙන් පසු පැන දිවූ බවත් දැන් පැමිණ සිටින්නේ එම ස්වරූපයෙන් ම සිටින දේව ආත්මය බවත් ය.



එක් වැහිබර දහවලක මා අවදි කළ ඔහු රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන ලෙස බල කළේය.ජයරුවන් දාබරේ නඩුවෙහි නම ඈදාගත් තමිලරසිගේ මව වූ චන්දාමාලා සියදිවි නසා ගැනීමේ උත්සාහයෙන් මාස ගණනකට පසු රෝහලේදීම මිය ගොස් තිබූ අතර වයස්ගත වු චන්දාගේ මව විසින් අරසිගේ භාරකාරීත්වය ප්‍රතික්ෂේප කරමින් සිටින බව කියවිණි.තවත් පෑ භාගයකට පසු නතාරී,ආරාධනා හා නිලීමා රැගත් නිවසේ වාහනය ගමන් කළේ කොහේදැයි ඇසූ විට අවංකයා කියුවේ ඔවුහු පිටත් වූයේ චන්දාගේ අවමඟුලට සහභාගී වීම උදෙසා ලැයිමේ සුසාන භූමිය වෙත බවය. 



"මිනිස්සු ඉස්සරහා අවනම්බු විදින්න මොකට යනවද?දාබරේ මහත්තයාගේ දුවයි ලේලි යි කියලා මිනිස්සු දන්නවා"

"නිලීමා නෝනටයි ආරාධනා නෝනටයි මිනිස්සු එහෙම මොකුත් කියන්නෑ මහත්තයා.මොනව වුණත් පපුව හොඳ ගෑනු කියලා තමයි කියන්නේ"



එසේනම් දාබරේ කෙනෙකු වීම ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය ගරු කටයුතු අයුරින් ගෙවීමට බාධාවක් වී නැත.මා සිතා සිටියේ එසේ නොවේ.මා සිතා සිටියේ දාබරේ කෙනෙකු වීම ජීවිතය අපහසු කිරීමටත් හෙලා දැකීමටත් කොන් කිරීමටත් හේතුවක් බවට පත්ව ඇති බවක් නොවේද?



"මං හිතුවෙ දාබරේ කියන නමටත් මිනිස්සු කෙළ ගහනවා ඇති කියලා"

"එහෙම නෑ මහත්තයා නීලීම නෝනයි ආරාධනා නෝනයි වැඩ කරන විදිය හින්දා මිනිස්සු ආදරෙයි.කොයි පවුලෙත් ඉතිං කාලකන්නියෙක් ඉන්නවානේ කියලා හිතලා අර සිද්ධිය අමතක කරන්න තමා මිනිස්සු කැමති"



කාලකන්නියා?.කොයි පවුලෙත් කාලකන්නියෙක් ඉන්නවනෙ? අවංකයා ඒ කියුවේ කියුවේ මගේ පියා පිළිබදවද නැතිනම් මා පිළිබදව දැයි සිතා ගැනීමට නොහැකි මොහොතක් දෙකක් ගතවිය.



"අරසි කෙල්ල තමා මහත්තයා පව්.ඔහොම දෙයක් උනාට පස්සේ ඉතින් කොහේ ගියත් කරදර තමා"



මම කල්පනා කළෙමි.දාබරේ නාමයෙන් ඇයට වූ කැළල දාබරේ නාමයෙන්ම මැකිය නොහැක්කේ ඇයි?පියා වූ දාබරේ විසින් කෙලෙසා ගනු ලැබූ පරම්පරා ගෞරවය පුත්‍රයා වූ දාබරේ වන මට නැවත උපයා ගත නොහැක්කේ ඇයි? මට මා පිළිබදව ගෞරවයක් ඇති වන ආකාරයේ යමක් කරමින් නැවත ගරු ගරු කටයුතු ජීවිතයක් පටන් ගැනීමට මට නොහැක්කේ ඇයි?



මා තුළ ආනන්දයක විදුලි රේඛාවක් ඇදී ගිය අතර ගෙවීගිය වසරකට කිට්ටු කාලයකට පසු පළමු වරට නිලීමාගේ දුරකතනයට ඇමතුමක් ගත් මම එම අංකය ක්‍රියා විරහිත කර ඇති බව දැක මන්දෝත්සාහී වූයෙමි.එහෙත් මා තුළ සිටි තැනැත්තා ආරාධනා ගේ දුරකථන අංකය සිහිපත් කළේය.එය භාවිතයේ නොමැති අංකයක් විය.අනතුරුව නිමේෂ්ගේ දුරකථන අංකය අමතා නිලීමාට කතා කිරීමට අවශ්‍ය බව කියූවෙමි.



"රුක්මන්"

ඇයගේ හඬ පෙර මෙන්ම දයාබරය.

"අපි අරසිව හදාගන්න ගමු.ඔයා කැමති නම් මම ලෝයර් එක්ක කතා කරන්නම්"



දීර්ඝ වූ නීතිමය ක්‍රියාවලියකින් පසු රුක්මන් මාලිංග දාබරේ හා නිලීමා දාබරේගේ දරුවන් වන නතාරී දාබරේ අනිකේත් දාබරේ සහ අමේලියා දාබරේ අගනුවර පිළිගත් පුද්ගලික පාසල් තුනක සිය අධ්‍යාපන කටයුතු අරඹා ඇත.



ආරාධනා හා නිමේෂ් නැවත විවාහ වූහ.දාබරේ පදනම විසුරුවා හැර පරිත්‍යාගශීලීන්ගේ මුදල් නැවත භාර කරන ලදී.දාබරේ බංගලාව විකුණා දමනු ලැබූ අතර එයින් ලද මුදල් ආරාධනා හා මා අතර සම සේ බෙදී ගියේය.



තවමත් මගේ අදහා ගත හැකි සීමාවෙන් දුරක සිටින ආරාධනා හා නිලීමා මගේ පියා වූ ජයරුවන් දාබරේගේ මරණ දිනය අළලා දානයක් දුන් හ.ඔවුන් එසේ කරනුයේ ඇයි?එය මා නොදන්නා මානයක ඔවුන්ගේ සිත් තුළ තිබෙන්නා වූ කාරණාවකි.



නඩු කටයුත්ත කෙළවර වන්නේ කවදාදැයි නොදන්නා අතර එහි තීන්දුව කුමක් වනු ඇත්දැයි නොදන්නෙමු.



මම මගේ පියා අමතක නොකළෙමි.කළ නොහැක.සිදුවූ කිසිවක් අමතක නොකළෙම්.කළ නොහැක.සියල්ල සිදුවූ බව පිළිගෙන බාර ගත්තෙමි. ඒ සියල්ල එසේ තිබියදී මා විසින් මා තෘප්තිමත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව පමණක් සිතුවෙමි.



ජීවිතයේ තෘප්තිමත් බව රැඳී තිබුණේ මිනිසුන් අතර විශේෂ මිනිසකු වීම තුළ නොව මා යනු මටම ගරු කළ හැකි මිනිසකු ද නොවේ ද යන්න මත ය.



ඇතැම් විට මා නිවැරදි නොවන්නට ඉඩ ඇති නමුත් මගේ ජීවිතයේ මා අධිකවම තෘප්තිමත් වන්නේ මා අමේලියාගේ දාබරේගේ ආදරණීය පියා වීම පිළිබඳවය.

=========

Nissanka Rajapaksa

unread,
Jun 28, 2024, 8:42:45 PMJun 28
to INDRAKA group
39
මනමාලයා 

Translation of the short story Dasi the Bridegroom by R. K Narayan

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක
සිසිල සඟරාව- ජුනි 2024 කලාපය

ඔහු නමින් දාසි විය. එවැනි පටු උස් හිසක්, පිටතට නෙරූ දෑසක්, මහත ගෙලක් සහ මස් පිඬු පිරුණු සිරුරක් තිබුණු තවත් විරූපී අයෙකු ඒ ප්‍රදේශයේ කොතැනක වත් නොවිණි. දෙවියන් විසින් ඔහුට චතුර බිනීමක් ලබාදී තිබුණේ ද නැත. ඔහු කුඩා දරුවෙකු මෙන් තතනමින් ගොත ගැසුවේ ය. ඔහුගේ වයසත් අභිරහසක් විය. එය වයස විස්සත් පනහත් අතර ඕනෑම ගණනක් වන්නට ඉඩ තිබිණි. ඔහු ජීවත් වූයේ ගම්මානය කෙළවර වූ පාරක තිබුණු නිවෙසක යි. ඒ නිවසේ හිමිකරුට දාසිගේ තිබුණු නෑකම ගම්වැසියන් අතර නිතරම විවාදයට බඳුන් වූ කරුණක් විය. දාසි නිවසේ හිමිකරුගේ බාල සහෝදරයෙකු බව ඇතැමුන් විශ්වාස කළ අතර තවත් අය කීවේ දාසි ඒ නිවැසියන් විසින් හදා වඩාගත් අනාථයෙකු බවයි. සැබෑ විස්තරය මින් කවරක් වූවත් එය දාසි වෙතින් නම් පැහැදිලිව විමසා ගැනීමට ක්‍රමයක් තිබුණේ නැත. ඊට හේතුව මා පෙර කී පරිදි දාසිට තම වයස වත් හරියාකාරව කියාගනු නොහැකිවීමයි. වයස අසනු ලැබුවොත් ඊට පිළිතුරු ලෙස එක් දිනෙක ඔහු වයස අවුරුදු සීයයි කියනු ඇති අතර ඊළඟ දිනයේදී වයස අවුරුදු පහයි යැයි කියනු ඇත. ඔහු විසූ නිවසින් ලැබුණු ආහාර සහ ආරක්ෂාව වෙනුවෙන් ඔහු ඔහුගේම ක්‍රමයකට එහි වැසියන්ට සේවය කළේ ය. ඔහු හැම දවසකම මධ්‍යහ්නය වන තුරු ළිඳෙන් දිය ගෙන ඒමත්, දර පැලීමත්, වත්ත කෙටීමත් සිදු කළේ ය.

හැම හවස් වරුවකම දාසි නිවසින් පිටතට ගියේය. ඔහු පිටත් වූ සැණින් ඔහුට උසුළු විසුළු කරමින් කුඩා ළමයින් රංචුවක් ඔහු පසුපස වැටීම සාමාන්‍ය සිද්ධියක් විය. මඟ යන එන්නන් සහ වෙළෙන්දන් පවා මෙලෙස ඔහුට කෙරෙන සමච්චලයට එක් විය. දාසි යන මඟ මන්තාපම් ලෙස නම් ලද නිවසක ඉදිරි ආලින්දයේ එක්තරා කණ්ඩායමක් දිනපතා එක් රැස් විය. මොවුන් අතීතයේ තමන්ගේ පලදායී කාලයේදී ප්‍රයෝජනවත් රැකියාවන් කළ වයසක මිනිසුන් පිරිසකි. දැන් ඔවුන්ට දවස පුරාම නියැලෙන්නට කිසිම රාජකාරියක් නොවිණි. ඔවුහු නිරතුරුව කුමක් හෝ විශේෂ සිදුවීමක් හෝ ඕපාදූපයක් සෙවීමට වෙහෙසුනහ. මේ නිසා දාසිගේ පැමිණීම ඔවුන්ට ගෙන ආවේ මහත් සතුටකි. ඔහු ඇස ගැටුණු මොහොතේම “ඒයි, උඹ මනමාලියෙක් හොයා ගත්තාද?” යැයි ඇසීම ඔවුන්ගේ පුරුද්දක් විය. මේ ප්‍රශ්නය දාසි ඔවුන් වෙත අනිවාර්යයෙන් ගෙන්වා ගැනීමට හේතු වූයේ ඔහු ද තමන්ගේ විවාහය ගැන ගැඹුරින් සහ උනන්දුවෙන් කල්පනා කළ බැවිනි. ඔහු ඔවුන් වෙත පැමිණ ඇන තබා ගත් විට “මංගල්ල වලට නියමිත කාලේ ඉවර වේගෙන යන්නේ කොල්ලෝ, ඉක්මන් කරන්න වෙයි” වැනි දෙයක් ඔවුහු කියති.

“ඔව්, ඔව්,” දාසි එවිට පිළිතුරු දෙයි. “මම ස්වාමි හම්බවෙන්න යන්නේ. එයා පොරොන්දු වුණා අද මේක විසඳලා දෙනවා කියලා.”

“අද?”

“ඔව් අද රෑට මම බඳිනවා. එයාලා එහෙම කිව්වා.”

“කවුද?”

“මගේ මාමා…”

“කවුද උඹේ මාමා?”

“මගේ අයියා තමයි මගේ මාමා. මම ඉන්නේ එයාගේ ගෙදර, මම වතුර අදින්නේ එයාගේ ළිඳෙන්. මේ බලන්න මගේ අත්දෙක, ඔක්කොම හම ගිහින් තියෙන්නේ…” මෙසේ කියා ඔහු තම දෑත් විදහා දෙඅත්ල පායි. ඔවුහු ඔහුගේ දෑත අල්ලා මෙසේ කියති. “අත් දෙක ලෑලි වගේ ගනකම් වෙලා! පවු මේ මිනිහා, මේක හරියන්නේ නැහැ, ඉක්මණින් මේක නතර කරගන්න නම් උඹ කසාද බඳින්න ඕන..”

මෙය අසා දාසිගේ දෑස් දීප්තිමත් වී, ඔහුගේ දෙතොල සතුටු සිනාවකින් මෑත් වන්නේ එක් විශාල දතක් පෙන්වමිනි. අවට හැමකෙනෙකුම මේ සිනාවට එකතු වෙද්දී ඔහු වැනෙමින් පැද්දෙමින් තව තවත් සිනා වේ.

ඉනික්බිති ඊළඟ ප්‍රශ්නය මතු වේ. “කෝ උඹේ මනමාලි?”

“එයා ඉන්නවා.. මදුරාසියේ.. මදුරාසියේ…”

“එයා කොයි වගේද?”

“එයාගේ ඇස් මේ වගේ,” දාසි තමන් ඉදිරිපස අවකාශයේ විශාල කවයක් අඳියි.

“එයාගේ හම මොන පාට ද?”

“සුදු ම සුදුයි.”

“එයාට දිග කොණ්ඩයක් තියෙනවද?”

දාසි කඩා හැලෙන කෙහෙරැළි තම දෑතින් පෙන්වයි.

“එයා ලස්සන ද?”

“ඔව්, ඔව්, එයා ලස්සනයි.”

දාසි තම දෑතින් මුහුණ වසාගෙන, තමන් ඉදිරිපස පිරිස දෙස හොරැහින් බලමින් “ඔව්, ඔව්, මමත් එයාට කැමතියි” යැයි ලජ්ජාවෙන් කියයි.

“උඹට ඉතින් කසාද බඳින්න සල්ලි තියෙනවා ද?”

“එයාලා මට රුපියල් තුන්දාහක් දෙන්න ඕන,” දාසි පිළිතුරු දෙයි.

“ඔය කියන්නේ එයාගේ පඩිය එකතුවෙලා තියෙනවා කියන එක.” අසල සිටින කෙනෙක් මෙය පැහැදිලි කරති.

ඔහු ආපිට නිවසට ගිය විට මෙතෙක් වෙලාවක් කොහි සිටියේ ද අසනු ලදුව “මගේ කසාදෙ” යැයි ඔහු පිළිතුරු දෙයි. ඉනික්බිති ඔහු මඩුවට ගොස් ඔහු සතු වූ එකම වස්තුව වූ පැදුර මත වාඩි වී මහා රැයේ දී රාත්‍රී අහාරය ගැනීමට අඬගසන තුරු ඔහු මෙතැනම හිඳ තම කසාදය ගැන කල්පනා කරමින් සිටියි. ඔහු බත්, මාළු විශාල ප්‍රමාණයක් ආහාරයට ගත් නිසා ඔහුට කෑම ලැබුණේ අන්තිමට යි. අන් අය ආහාර ගෙන අවසන් වීමට පෙර ඔහුට කෑමට අඬගැසීම අනවශ්‍ය අවදානමක් ලෙස නිවැසියෝ සැලකුවෝ ය. කෑමෙන් පසු ඔහු විශාල කල්දේරම් පුරවා දිය ගෙනවිත් කුස්සියේත් කෑම කාමරයේත් පොළොව සෝදයි. ඉනික්බිති තම පැදුර වෙත ගොස් නිදාගන්නා දාසි පාන්දර නැවත පිබිද දිය ගෙන ඒමට ළිඳ වෙත යයි.

ගණන් කිරීමට පවා අපහසු වසර ගණනාවක් තිස්සේ මේ සියල්ල මෙලෙසම සිදුවෙමින් තිබිණි. දාසි ගේ ජීවිතයේ පවා එක්තරා ආකාරයක තානයක් සහ රිද්මයක් විය. ඔහු කිසිවක් පසුපස එළවූයේ නැත, කිසි කෙනෙකුගේ කටයුතුවලට ඇඟිලි ගැසුවේ නැත. ඔහුට කිසිවෙකු කතා නොකළේ නම් ඔහු කතා කළේ නැත. තමන් විහිලුවට ලක්වෙන බව වටහා ගත්තේ නැත. ඔහු හැම කෙනෙකුට ම එක ලෙසම බැරෑරුම් ව සැලකුවේය. ගම්මානයේ පාසල් දරුවන් ඔහුට විසුළු කරමින් පසුපස දිව යද්දී ඔහු ඒ බව දුටු බවට වත් ලකුණක් පෙන්වූයේ නැත. ඔහුට කුළු හරකෙකු තරමට ශක්තිය තිබුණු බවට සැකයක් නැතත් මිහිතලය තරමට දරාගනීමක් ද තිබිණි. ඔහු කිසි දෙයකින් කරදරයට පත්වූ බවක් පෙනුණේ නැත.

මතක ඇති කාලයක පටන් තුන්වන වීදියේ හිස් ව තිබුණු කුඩා නිවසේ ‘කුලියට දීමට තිබේ’ යයි සඳහන් දැන්වීම හදිසියේම අතුරුදන් විය. වෙනදාට ගමට පුවත්පත් සහ ලිපි පමණක් ගෙන එන දුම්රිය එක් දිනක උදෑසන ගමට මදුරාසියේ සිට සිනමා නිළියක් රැගෙන විත් තිබිණි. බාමිණි බායි නම් තරුණ කාන්තාවක් වූ ඇය අලංකාර සිනාවෙන්ද, සේද සහ වත්සුණු වලින්ද සැරසී සිටියාය. ඈ පෙර කී කුඩා නිවසේ පදිංචි වූවා ය.

වැඩි කලක් ගත වන්නට මත්තෙන් ගම්වැසියෝ ඇය ගැන සියලුම තොරතුරු සොයා ගත් හ. ඈ මල්ගුඩියේ විසූ ප්‍රසිද්ධ සංගීතඥයෙකු ගෙන් එම ශාස්ත්‍රය ඉගෙනුම පිණිස පැමිණ තිබුණු අතර ටික කලක් එහි විසුමට අපේක්ෂා කළ බව ආරංචි විය. ඈ සමඟ ඇගේ මහලු මවද ඒ නිවසේ විසුවාය. හැම දිනකම මේ කාන්තාව පාන්දරින්ම පිට ව ගොස් මධ්‍යහ්නයේදී පෙරළා පැමිණෙන බවත්, හවස තුන වන තුරු නිදා ගන්නා බවත්, ඉනික්බිති හවස පහට ට්‍රන්ක් පාර ඔස්සේ ඇවිදීමට යන බවත් ආදී තොරතුරු ගම්වැසියෝ දැන සිටියහ.

දිනක් මන්තාපම් හිදී ඔවුහු දාසි ට මෙසේ කීහ.

“දාසි අන්න උඹේ මනමාලි ඇවිත්.”

“කෝ?” දාසි ඇසුවේය. කලබල වී සිටි ඔහු තම සතුටත්, උද්වේගයත් පිට කිරීමට මහන්සි වන බවක් පෙනුණි. ඔහු වටා රැස්ව සිටි පිරිස බොහොම බැරෑරුම් ලෙස විස්තර කියන්නට වූහ.

“උඹ දන්නවා නේද අර එහා පාරේ තියෙන ගෙදර, අර පුංචි ගෙදර?”

“ඔව්, ඔව්”

“ඒකෙ එයා ඉන්නේ. එයා හැමදාම හවස පහට එළියට යනවා. උඹට ට්‍රිචි පාරට ගියානම් බලාගන්න තිබුණා.”

දාසි ලජ්ජාවෙන් හිස නමාගෙන සිටියේය. නමුත් ඔවුන් ඔහුව උසි ගැන්වූ තරම නිසාම අන්තිමේදී ඔහු ට්‍රන්ක් පාරට ගොස් පාර අද්දර ගසක සෙවනකට වී ඇන තබාගෙන බලා සිටියේය. ඒ වෙද්දී වෙලාව හවස දෙකට වත් වී නොතිබුණු බැවින් ඔහුට හවස හය වනතුරු බලා සිටින්නට විය. ඔහුගේ මුහුණට හිරු එළිය කෙළින්ම වැටී තිබිණි. ඔහු ගසේ කඳට හේත්තු වී කල්පනා කරමින් පසු විය. දූවිලි අවුස්සමින් මෝටර් රථ කිහිපයක් ද, ගෙජ්ජි සොලවමින් ගොනුන් බැඳි කරත්ත කිහිපයක්ද ගම්වැසියන් කීපදෙනෙක්ද ඔහුව පසු කර ඒ මේ අත ගිය මුත් දාසි ඒ කිසිවක් දුටුවේ නැත. ඔහු පාර දෙස බලාගත්වනම පසුවිය. ටික වෙලාවකට පසු ඈ එනු පෙනුණි. ඇගේ දසුනින් දාසිගේ උගුර වේලී ගියේ ය. ඔහුගේ නළල පුපුරු ගසන්නට වූ අතර සිරුර දාඩියෙන් තෙත් විය. ඔහු ඒ තරම් සුන්දර දසුනක් මුළු ජීවිතය පුරාම දැක තිබුණේ නැත. ඇගේ සුන්දරත්වයෙන් සහ තාරුණ්‍යයෙන් ඔහුගේ දෑස් නිලංකාර විය. ඔහුගේ සිත අවුල් වී, කැළඹී තිබිණි. වහා වහා උන් තැනින් නැගිට ගත් ඔහු හැකි තරම් වේගයෙන් ගෙදර දිව ආවේය. මඩුවේ තම පැදුරට වැටුණු ඔහු කෙතරම් කල්පනාවේ නිමග්න ව සිටියේද යත් රෑ කෑමට අඬ ගසනු ලදුවත් ඔහු නැගිට්ටේ නැත.

හාම්පුතා මඩුව වෙත පැමිණ ඔහුගේ සිරුර සෙලවීය. “උඹට මොකද වෙලා තියෙන්නේ?” ඔහු විමසුවේය.

“මගේ කසාදෙ… එයා ඇවිත්. එයා හොඳයි.”

“ගිහින් කෑම කාලා උඹේ වැඩ කරපන් මෝඩයා.” හාම්පුතා කීවේය.

ඊළඟ හවස් වරුවේ ත් දාසි ට්‍රන්ක් පාර වෙත ගියේය. නොබෝ දිනකින් මෙය දිනපතා සිදුවෙන පුරුද්දක් බවට පත් වීය. එසේ යන හැම දිනකම ඔහුගේ නිර්භීතකම වැඩි විය. අන්තිමේදී ඈ දෙස බැලීමට හැකි තරමට ඔහුට එඩි ලැබුණු දිනයක් උදා විය. ඈ ඔහු ව පසු කර යද්දී ඔහුගේ මුහුණ සැහැල්ලු වී සිනාවක් පාන්නට ඔහුගේ දෙතොල මෑත් විය. නමුත් වෙන කල්පනාවක පසු වූ තරුණිය මේ බව දුටුවේ නැත. ඈ නැවතත් නිවස වෙත පැමිණෙන තුරු බලා සිටි ඔහු ඒ වෙද්දී බිම් කළුවර වැටෙමින් තිබුණද, ඈ ඉවත බලා සිටියද, ඒ ගැන නොතකා යළි වරක් ඈ සමඟ සිනාසෙන්නට උත්සාහ කළේ ය. ප්‍රීතියෙන් විකසිත වූ මුහුණෙන් ඔහු ඈ පසුපස ගියේ ය. ඈ ගේට්ටුව විවර කර ඇවිද ගොස් ඇගේ නිවස වෙත පිවිසුණාය. මඳක් තාවර වූ ඔහු ඈ පසුපසින් නිවසට ඇතුලු වී, දොරකඩ පිවිසුම් ආලින්දයේ විදුලි ලාම්පුව යට සිටගත්තේ ය. තරුණියගේ මව මුළුතැන්ගෙයින් පිටව එද්දී ඔහු ව දැක “කවුද උඹ?” යැයි ඇසුවා ය.

දාසි ඇය දෙස බලා සිනාසෙනු දැක ඈ බියපත් වූවා ය.

“බාමා, කවුද මේ සාලේ මිනිහෙක් ඉන්නේ?” ඈ කෑ ගැසුවා ය.

බාමිණි බායි තම කාමරයෙන් පිටතට පැමිණ, “උඹ කවුද?” කියා දාසිගෙන් ඇසුවාය.

ඇගේ දසුනින් දාසි දිය වී ගියේ ය. ඒ වෙද්දී යම් කුඩා ප්‍රකාශණ හැකියාවක් ඔහු සතුව ඉතිරිව තිබුණේ නම් මේ මොහොතේ ඔහුට එයද අහිමි විය. ඇසි පිය ගසමින්, කෙළ ගිලිමින් සිටි ඔහුගෙන් දිස් වූයේ හුස්ම සිරවෙන මිනිසෙකුගේ පෙනුමකි. ඔහුගේ දෑස ප්‍රේමයෙන් දැල්වී තිබිණි. දෙතොල සිනාසෙන්නට වෙර දරමින් පසුවිය. ඉතා අපහසුවෙන් ඔහු මෙසේ කීවේය.

“මගේ මනමාලි .. මනමාලි, ඔයා මනමාලි”

“මොකක්ද උඹ කියන්නේ?”

“ඔයා මගේ මනමාලි,” ඔහු නැවතත් කියා ඈට මඳක් සමීප විය.

ඈ භීතියෙන් පසුපසට පැන ඔහුට අතුල් පහරක් එල්ල කළා ය. ඉනික්බිති ඇයත් ඇගේ මවත් මහා හඬින් කෑ ගැසූ තරමට අසල්වැසියෝ සහ මඟ යන එන්නෝ දිව ආහ. කිසිවෙකු විසින් පොලීසියේ උප පරීක්ෂකවරයා කැඳවා එන ලදී. අන්තිමේදී දාසි ව පොලීසියට රැගෙන ගිය නමුත් මන්තාපම් හි සාමාජිකයෝ තමන්ගේ ඇඳුරුම්කම් පාවිච්චි කර එදින රාත්‍රියේම ඔහු ව නිදහස් කර ගත් හ. නිදහස් වූ පසු ඔහු ආපිට තම නිවසට ගොස් පැදුරට වැටුණේ ය. ඒ හවස්වරුවේ දී ඔහුට විවිධ පුද්ගලයන්ගෙන් පහර වැදී තිබුණත් ඔහුට ඒවා දැනුණේ වත්, මතක තිබුණේ වත් නැත. ඔහුගේ ආත්මය එරෙහි වෙමින් තිබුණේ තම මුහුණට ලැබුණු අතුල් පහරට යි. ඔවුහු ඔහුට කෑමට හඬ ගසද්දී ඔහු නැගිටීම ප්‍රතික්ෂේප කළේ ය.

“ගිහින් කෑම කාපන් දාසි, උඹ මටත් අවනම්බු කරනවා. මින්පස්සේ එළියට එහෙම බහිනවා නෙමෙයි!” ඔහුගේ හාම්පුතා ඔහු වෙත ගොස් අණ කළේ ය.

නමුත් දාසි නැගිටීම ප්‍රතික්‍ෂ්ප කරමින් පසුවිය.

“යන්න. මම කන්නේ නැහැ” කී ඔහු පැදුරේ ගුලි වී බිත්තිය වෙත හැරුණේ ය.

නමුත් අවාසනාවට මීට පසු දිනයේදී දාසි නිවසින් එළියට බැස්සේ ප්‍රථමික පාසලේ දරුවන් දිවා විවේකයට පිටතට එද්දීම යි. මොවුන් හැම දෙනාටම පෙර දිනයේදී වූ සිදුවීම ආරංචි වී තිබිණි. දාසි ව වට කරගත් ඔවුහු “ආ! මනමාලයා!” කියමින් කෑගසන්නට වූහ. ඔහු ආපසු හැරී ඔවුන් දෙස බලද්දී ඔහුගේ දෑස කඳුලින් පිරී තිබිණි. “යන්න, යන්න, මට කරදර කරන්න එපා..” ඔහු අසරණ ලෙස ඔවුන්ගෙන් බැගෑපත් ව ඉල්ලා සිටියේ ය.

“ආ මනමාලයා තාම අඬනවා, ඇයි මනමාලි ඊයේ මෙයාට ගහලානේ,” එක කොලුවෙක් කීවේය. මෙය ඇසූ දාසි යක්ෂාවේශ විය. ඔහු එම කොලුවා වෙත පැන ඔහු ව කොලරයෙන් අල්ලා ඔසවා රැස්ව සිටි පිරිස වෙත වීසි කළේය. ඉනික්බිති ඔහු තම දෑත දෙපසට වනන්නට වූ අතර ඔහුට කිට්ටු වන්නට ආ හැමකෙනෙකුටම ඒවායෙන් පහර වැදිණි. පාසල වෙත දිව ගිය දාසි එහි මේස පුටු කඩා බිඳ දමන්නට විය. ඔහුව පරක් කරගැනීමට උත්සාහ කළ ගුරුවරු හතර දෙනෙකුට ඔහු පහර දුන් අතර එතැනින් දිව යද්දීත් ඔහුට මුණගැසුණු හැම කෙනෙකුටම පහර දුන්නේ ය. කඩ සාප්පු වලට වැදී බඩු මුට්ටු ඒ මේ අත වීසි කළ ඔහු එක තැනකින් තව තැනකට පැන්නේ දිවියෙකු ලෙසිනි, ගම පුරා සැනෙකින් දිව ගියේ කුණාටුවක් ලෙසිනි.

වහා වහා අවට වූ ගේට්ටු වැසිණි. කිහිපදෙනෙකු දාසි ව හඹා ගිය අතර වැඩි දෙනෙකු තෝරාගෙන තිබුණේ සැඟවීමයි. වැඩි වෙලාවක් යන්නට මත්තෙන් පොලිස් නිලධාරීන් පැමිණ දාසි ව යටත් කරගන්නා ලදී.

ඒ රාත්‍රිය දාසි පොලිස් කූඩුවේ ගත කළ අතර පසු දිනයේදී ඔහුව මානසික රෝහලට යවන ලදී. මුලදී ඔහුව පාලනය කිරීම පහසු වූයේ නැත. සති කීපයක් යනතුරු ඔහු ව කුටියක වෙන් කර තැබිණි. මේ කාලයේදී ප්‍රධාන ගේට්ටුව අසලට ගොස් පාර දෙස බලන්නට අවසර ඉල්ලා දාසි දොස්තරගෙන් බැගෑපත් වී තිබුණු අතර යහපත් ලෙස හැසිරුනොත් ඊට අවස්තාව දෙන බවට දොස්තර පොරොන්දු වී ය. මේ පාරිතෝෂිකය දාසිට කෙතරම් වැදගත් වී ද යත් ඔහු සතියක්ම හැම දෙනාගේ උපදෙස් පිලිපැද්දේය. මේ නිසා ඔහු ව සේවකයෙක් සමඟ ප්‍රධාන ගේට්ටුව වෙත යවන ලදී. ඒ මුළු පැය ම ඔහු එහි රැඳී තමන්ගේ මනමාලිය ඒ දැයි මඟ බලමින් පාර දෙස බලා සිට තිබිණි.


Nissanka Rajapaksa

unread,
Jun 29, 2024, 9:30:17 PMJun 29
to INDRAKA group
40
අවසාන විනාඩිය.

- සුජාතා මැණිකේ ඉහළගෙදර

බෝම්බය පුපුරා ගියේ උත්සව ශාලාවට ඇතුලු වන ප්‍රධාන දොරටුව අසළය. ඒ මොහොතේ මනාලිය සිටියේ පෝරු මස්තකය මතය. මනාලිය පෝරුව මත සිටියදී මල් කළඹ දොරකඩ පිපිරී ගියේ කෙසේද? ඒ මනාලියගේ ගැලවුම් කාරිය එය රැගෙන උත්සව ශාලෙවෙන් එපිටට දිව ගිය නිසාය.

එකී මල් කළඹ තුළ, කිසිවෙකු නොදන්නා තැනකදී, නොදන්නා අයෙකු අතින් සැඟව, නොදන්නා තරම් වේලාවක් තිබී පුපුරා ගොස් තිබූ එම බෝම්බයට දිවි දී තිබුණේ මනාලිය නොවීම මගේ සතුටට හේතු විය. ඒ, එම මනාලියගේ අත ගෙන පෝරු මස්තකාරූඩව සිටියේ මිලින්ද ලංකා අමරසිංහ නම් තරුණ නීතීඳවරයා වූ නිසාය.

එකී මිලින්ද ලංකා අමරසිංහ යනු ප්‍රසිද්ධ නීතිඥයෙකු පමණක් නොව පුද්ගලික රූපවාහිනී නාලිකාවක උදෑසන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ද වූයෙන් සිද්ධියට වැඩි ප්‍රසිද්ධියක් හිමිවීම වළක්වාගැනීම අතිශය දුෂ්කර විය.

මිලින්ද ලංකාගේ මංගළ උත්සවයේ පිපුරුණු බෝම්බයට ගොදුරුව මනාලිය පිණිපාගේ සේවිකාව සන්ධ්‍යාත්, උත්සව ශාලාවට ඇතුලු වෙමින් සිටි යුවළකගෙන් තරුණ කාන්තාවකුත් එතැනම මිය ගියහ. තවත් දොලොස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදි.

උකටලී පොලිසිය පැමිණීමට පෙරම පත්තරකාරයෙකුත්, සියල්ලන්ට පළමුව කුනු බෙදීමෙන් සම්මානයට පාත්‍ර වූ රූපවාහිනී නාලිකාවක් නියෝජනය කරමින් අති පණ්ඩිත ඇට කොල්ලෙකුත් පැමිණියේය.

හෙතෙම එතැනට ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියෙන් පැමිණියාක් මෙන් හැසිරෙන්නට වූ අතර පිණිපාගේ මිතුරෙකු වූ සිදත් හෙට්ටිආරච්චිගේ මනෝරම්‍ය ශෛලියේ කුනුහරුප එකක් දෙකක් අසාගැනීමටත් ඉක්මන් වූ බව ලියන්නාට මතකය.

සන්ධ්‍යා අම්මා හෙවත් පිණිපාගේ මෙහෙකාරියගේ ශරීරය හඳුනාගත හැකි මට්ට්මක තිබුණේවත් මනාලියට මේ තමාගේ විවාහ දිනය බව මතක තිබුණේවත් නැත. උත්සව ශාලාව වසා දමන ලදි.

මංගල ඇඳුමින් රෝහල් කොරිඩෝවේ දිව ගිය පිණිපා හා මිලින්ද දුටු ඇතැමෙක් මේ හින්දි මෙගා නාට්‍යක සිංහල කොපියක රූපගත කිරීමක් යැයි සැක කළහ.
මනාලිය නම් දකින්නෙකුට සුන්දර දසුනක් මවන්නට ඇතැයි අනුමානයක් කළ හැකි වෙතත් මනාලයා නම් එසේ දිවයාම අජූව වූ බව නොකියාම බැරිය. තුප්පොට්ටියක් ඇඳගන දිවීම හමුදා පුහුණුවක් තරම් බැරෑරුම් බවක් මනාලයා පසු කාලීනව සිය රූපවාහිනී වැඩ සටහනක් අතරතුර ද කියූ බව ඔහුගේ රසිකයින්ට තවමත් මතක ඇතැයි සිතමි.

සන්ධ්‍යා අම්මා හෙවත් මෙහෙකාරිය කුඩු පට්ටම් වූ බව දැන දැනමත් නැවත රෝහල වෙත දිවීම මනාලියට අවශ්‍ය වූ හේතුව මිලින්දගේ අප්‍රකාශිත නොරිස්සුමට ද හේතුවිය.

"අම්මා.. තරූ... මල්ලී... හුස්ම ගත්තා මාමා. මොකුත් වෙලා නැතුව ඇති මාමා"

මනාලිය බෙරිහන් දුන්නාය. තරූගේ පියා ඇයව තම පපුවට හේත්තු කරගත්තේය. ඔහුගේ කට ඇදව තිබිණි.
"මගෙ කොල්ලා නැගිටියි දුවේ....."
තරූෂ නම් ඒ තරුණයා මනාළියගෙන් මල් කළඹ උදුරාගෙන දිව ගිය සන්ධ්‍යා පසු පස දිව්වේය. එය ඔහුගේ දෛවයේ ලියවී හිබෙන්නට ඇත.. ඔහු පිළිබඳව මනාළයා තුළ පෙර පටන්ම තිබුණේ නුරුස්නාකමකි. තරූ යනු පිණිපාගේ විශ්වාසවන්තම මිතුරාද සමීපම සහෝදරයාද විය. මෙතරම් අසීරු, සංකීර්ණ, හා ඛේදජනක අවස්ථාවක පවා තමා තුළ නැඟ ආ ලිංගික ඉරිසියාවේ තරම වටහා ගැනීමට එකී මනමාළයාට වසර වලින්ම පහකට හෝ හයකට අධික කාලයක් ගතවූ බව - එය එහෙම්පිටින්ම වෙනම කතාවකි.

අර්ධ වශයෙන් චාරිත්‍රානුකූලව සිදුවූ ද නීති ප්‍රකාරව කොහෙත්ම සිදු නොවූවා වූ ද විවාහයක මනාලයා හා මනාලිය වූ දෙපළ මනාලයාගේ නිවසට පා තැබූයේ රාත්‍රී හතට පමණය. මනලයාගේ මව එයට දැඩි විරෝධයක් දැක්වූවා ය.

"එහෙම මලගේක වාගෙ මනමාලියක් ගෙට ගන්ඩ පුලුවන්ද? මේ ළමයව ගෙදරට දාලා එන්න පුතා.. අපි ආයෙ මොනවහරි පිළිවෙලකට මේක කරමු."

"අම්මට පිස්සුද අම්මෙ? පිණිපා කොහොමද එතන තනියම ඉන්නෙ?"

"ඇයි පිණිපා අවුරුදු ගානක් එතන හිටියෙ තනියම නෙවෙයිද?"

සැබෑවකි, ඈ එතැන සිටියේ තනිවමය. බොහෝ වෙහෙස මහන්සි වී අරඹන ලද්දාවූ අත් යන්ත්‍ර රෙදි පිළි අලෙවිසැලෙහි ආදායමෙන් ජීවත් වූවාවූද, මේ මිහිපිට මේ මගේ නෑයා යැයි කීමට එකඳු නෑයෙකු නොදත්තාවූ ද පිණිපා වනාහී ළමා නිවාසයක හැදී වැඩීමේ දෛවයක් උරුමවූ තැනැත්තියකි.

විශ්වවිද්‍යාල සිසුවියකව සිටියදීම සාමාන්‍ය පෙළ සිසුන්ට අතිරේක පන්ති පවත්වාගෙන යෑමෙන් උපයාගත් මුදල් වලින් අත් යන්ත්‍ර නිමි ඇඳුම් ව්‍යාපාරයට අත තැබූ පිණිපා ධෛර්‍යවන්තියකි. ජීවිතය ආලෝකමත් කරගත්තියකි. ඇයගේ නාමය බොහෝ තැන්වල ආදර්ශ නාමයක් බවට පත්විය. නමුදු ඇයගේ ජීවිතයේ එක් අර්ධයක් මුලුමනින්ම අඳුරේ පැවති බව වෙනමම කිව යුතු නැත.

පිණිපා නෑකම් කියූ සියල්ලෝ ඇයගේ ව්‍යාපාරයේ සේවක සේවිකාවෝ සහ ඇයගේ මිතුරු මිතුරියන් ය.

මිලින්ද ලංකාගේ දෙමාපියෝ මෙම විවාහයට දැක්වූ දැඩි විරෝධතාවය ඉවත් කරගැනීමට ඔවුන්ට ගතවු වසර පහ හයක කාලයම පිණිපා යෙදවූයේ තම ව්‍යාපාරය දියුණුකරගැනීමට ය. පිණිපා, මිලින්ද ලංකාගේ මාසික ආදායමට හරි සමාන ආදායමක් උපයන්නටත් ව්‍යාපාර ක්ෂෙත්‍රයේ සැලකිය යුතු චරිතයක් වන්නටත් පටන් ගත් විට පළමුව මිලින්දගේ පියා, දෙවනුව සහෝදරිය, තෙවනුව සහෝදරයා, යනාදී වශයෙන් පිළිවෙලින් විරෝධතාවය ඉවත්කරගන්නා ලදි .
මනාල යුවළ පිණිපා නවාතැන් ගත් ඇනෙක්සිය වෙත පැමිණෙන විට රාත්‍රි දහය පසුවී තිබිණි. තමාගේ මංගල්ලයේදී අගතියකට පත් පාර්ශවයන් සමඟ තමා රැඳී සිටිය යුතුබව සිතූ මනාලයාට පූර්ණ සහය දුන් මනාලිය ද මංගළ ඇඳුම ගලවා සැරසිලිවලින් නිදහස් වී මනාලයා සමඟ එළි බැස්සා ය.

ඈනුම් අරිමින් ගේට්ටුවෙන් ඇතුලු වූ පොලිස් කාරයෙකු ගෙය පරීක්ෂා කළ යුතු යැයි කියූ විට ගෙවල් හිමියා ද මිදුලේ සිටියේ නොරුස්නා බැල්මකින් යුතුවය. දඩාවතේ යන බල්ලෙකු අහම්බෙන් ගෙයක් මැදින් යන්නට වූ විටක පරිද්දෙන්, අහුවෙන දෙයක් අතගාමින්, කාමරයෙන් කාමරයට ගොස් කුස්සියේ දොරින් එළියට ගිය පොලිස් කාරයා නොකළේ මේසයක හෝ පුටුවක කකුලකට සිය කකුලක් ඉස්සීම පමණි.

විමර්ශන ආරම්භ විය. පළමුව මල් කළඹ නිර්මාණය කළ, පිණිපාගේ රූපලාවණ්‍ය ශිල්පිනිය වු සුප්‍රසිද්ධ රූපලාවණ්‍ය ශිල්පිනී මංගලිකා අමරකෝන්ගේ සැලෝනය පරීක්ෂාවට ලක් කිරීමට තීරණය විය. මල් කළඹ තුළ බෝම්බය සවි කරන්නට ඇත්තේ සැලෝනය තුළදීය යන්න වඩාත් පැහැදිලි හා පහසු නිගමනය විය.

මංගලිකා අමරකෝන් රූපලාවණ්‍ය ඇකඩමිය හා "නෙරිය" මනලියන්ගේ මහ ගෙදරත් "කේශා" කේශාලංකරණ ඇකඩමියත් වෙන් වෙන්ව පිහිටා තිබුණේ දිවයිනේ ප්‍රධාන නගරය ආසන්නයේ ය.

විමර්ශන නිලධාරීන් පළමුව ගියේ ඇකඩමියට ය. එහි ගේට්ටුව වසා අගුලු දමා තිබූ හෙයින් නිලධාරියෝ "නෙරිය" වෙත ගමන් කළහ. එකී විමර්ශන නිළධාරීන්ගෙන් කෙනෙකු මිලින්ද ලංකා අමරසිංහගේද සමීප හිතවතෙකු වුයෙන් ඔහුද නිලධාරීන් සමඟ සිටියේය. වාහනය "නෙරිය" ඉදිරියේ නවත්වන විට එහි ඉදිරි පස කනුවක සුදු කොඩියක් දමමින් සිටි කෙල්ලක නැග සිටි පුටුවෙන් බැස්සාය.

"ළමයා. මැඩම්ට කියනව පොලිසියෙන් ඇවිත් ඉන්නව කියලා."

කෙල්ල සිය දෑස විසල් කළාය. ඉක්බිති හීනි කළාය. ඉක්බිති කැරකෙව්වාය. ඊටත් පසු එහා මෙහා යැවුවාය.

"යකෝ ඇස් දෙක "

තරුණ විමර්ශන නිලධාරියා මනමාල කමට කඩප්පුලිකමත් එක්කොට කෙල්ලගේ ඇස් තම ඇසින් ගිලගනිමින් මුමුණාගත්තේ ය. තමාගේ ජ්‍යෙෂ්ඨයා ළඟ සිටින බව මතක් වූ වහාම කණිෂ්ඨයා කට පියාගෙන බිම බලාගත් අතර කෙල්ල පිටුපා යත්ම ජ්‍යෙෂ්ථයාට කණිෂ්ඨයා තියා තමාවත් අමතක විය.

"ඇස් නං කන්ඩද.. පස්සනෙ පස්ස."

පස්සටත් ඇස් තිබුණාක් මෙන් හැරී බැලූ කෙල්ල රවා බැලුවාක් මෙන් බලා ඇතුලට ගියාය. ඊළඟට එළියට පැමිණි මහත දෙහෙත ඩෙනිම් කාරිය පළමුව මිලින්ද දෙස බලා දෙවනුව අනෙක් නිලධාරීන් දෙස බැලුවා ය.

"සර් ... අපිත් දැන් දන්නෙ.. ටීවී එකේ දැක්කෙ.. අපි වහනවා.."

නිලධාරියෝ කුහුලින් බලා සිටියහ. ඒ විමර්ශන නිලධාරීන් වූ තමාට නොව මිලින්දගේ මුහුණ කෙලින් බලා විස්තර ඉදිරිපත් කරනු ලබන හේතුව සොයා ගැනීමටය. මිලින්ද ලංකා හා මංගලිකාගේ සේවිකාවන් අතර කුමක් හෝ සමීප දැන ඇඳුනුම් කමක් පෙනෙන්නට වූ නිසාය.

"ඇයි මොකද්ද වෙලා තියෙන්නෙ?"
මිලින්ද ඇසුවේය.

"සර්... ඇයි සර් .. දන්නැද්ද... අපෙ මැඩම්...මැඩම්.."

"මැඩම් හම්බවෙන්න තමයි මේ සර්ලා ඇවිත් ඉන්නෙ?"

"මැඩම් හම්බවෙන්න?"

තරුණියගේ දෑසෙහි ප්‍රකාශන ඕනෑවට වැඩි යැයි එවර නම් මිලින්දට සිතිණි.

"සුදු කොඩිත් දාලා තියෙද්දි සර් මොනව අහනවද මන්දා"

"මැඩම්ගෙ කවුරුහරි ද මැරිලා තියෙන්නෙ.?"

"කවුරු හරිද ?...සර් දන්නැද්ද?? අපෙ මැඩම් අර ප්ලේන් එකේ ගියානෙ."

"මොන ප්ලේන් එකේද?

"ඇයි සර් ඊයෙ රෑ ඉන්දියාවෙදි..."

මංගලිකා අමරකෝන් සිය හිතවත් පවුලක මංගල උත්සවයකට සහභාගී වීමට ඉන්දියාවට ගියාය. පෙරදා මිලින්දගේ මනාලිය පිණිපා අන්දවා අහවර කළ සැණින් ඈ පිටත් වූයේ ගිවන් තොටුපළට ය. ඈ ගමන් කළ ගුවන් යානය ඉන්දියානු ගුවන්තොටුපළක් ආසන්නයේ කඩා වැටී තිබූ අතර ගිනිගෙන අලුවූ යානයේ එකඳු මගියෙකු හෝ දිවි බේරා නොගත් බව ඉන්දීය මාධ්‍ය වාර්ථා කර තිබිණි.

මිලින්ද ලංකා අමරසිංහගේ මනාලියගේ මල් කළඹ තම දෑතින්ම නිමවූ මංගලිකා අමරකෝන් සිය ශරීරයේ ඇට කටු කැබැල්ලක් හෝ ඉතිරි නොකර මෙලොවින් ඉවත්ව ගොස් තිබුණේ මල් කළඹ පුපුරා ගිය වේලාවෙන් හරියටම පැය එකහමාරකට පසුව ය.

එය අහම්බයක්නම් කදිම අහම්බයක්ද ඛේදවාචකයක් නම් අරුම ඛේදවාචකයක්ද කරමින් පසුදා සවස හත පමණ වන විට මිලින්ද ලංකා අමරසිංහ තමාගේ මංගළ උත්සවයේ පුපුරා ගිය බෝම්බය සම්බන්ධයෙන් සැක පිට රහස් පොලිසීය මගින් අත් අඩංගුවට ගන්නා ලදි.

එකී අත් අඩංගුවට ගැනීම යූ ටියුබ් චැනල් කාරයින්ටත් ෆේස්බුක් පේජ් කාරයින්ටත් වමාරා කමින් මුදල් සෙවීමට ඕපා දුපයක් සපයා දුන් බව අමුතුවෙන් නොකිව මනායැයි ලියන්නා වන මම අදහස් කරමි.

මෙකී මංගලිකා අමරකෝන් මිලින්ද ලංකා අමරසිංහගේ මනාලියගේ මල් කළඹ සැකසීම කිසිඳු සේවිකාවකට පැවරීමට අකමැති වූ බවත් ඇයම තනිව එය සැකසූ බවත් දැනගැනීම සැකයට තුඩු දුන් අතර ඇයගේ දුරකථන අංකයන් පරීක්ෂාවට ලක් කරනු ලැබිණි. ප්‍රධාන සැකකාරිය මිය ගිය බව දැන දැනම පරීක්ෂණ ආරම්භ කිරීමට සිදුවීම නිලධාරීන්ගේ උද්‍යෝගය අඩු කිරීමට සමත්ව තිබුණ ද මංගලිකාගේ කාර්‍යාලයේ අමතකව ගොස් තිබූ එක් ජංගම දුරකතනයක් හමුවීම වෙනසක් ඇති කිරීමට සමත් විය. මංගලිකා අමරකෝන් රහසින් පරිහරණය කළ එම දුරකථනයේ තිබූ රහසිගත කෙටි පණිවිඩ හුවමාරුවක් උපයා දුන් එක් හෝඩුවාවක් ඔවුනට අති මහත් උද්‍යෝගයක් ගෙන දීමට සමත් විය.

"අන්තිමට ඔයත් කළේ හැමෝම කරපු දේ තමයි මල්ලි. ඒක ඔයාගෙ වරදක් නෙවෙයි. මගේ ඉරණම. පාවිච්චි වීම හැර ආදරණීය බිරිඳක් වීම මට උරුම නෑ. මම ඔයාට සුබ පතන්නෙ මගෙ හදවතින්මයි. ඔයාගෙ මනමාලිගෙ බොකේ එක අලුතින්ම මගෙම අතින් හදන්නෙ ඒ නිසා."

මෙම පණිවිඩය යවා තිබුණේ මිලින්ද ලංකාගේ දුරකථනයට ය.

දැන් ඉතින් ලියන්නා වන මම මිලින්ද හා පිණිපා පිළිබඳව කීම පසෙක තබා මංගලිකා පිළිබඳව විස්තරයක් කීම අතවශ්‍ය ය.

මංගලිකා අමරකෝන් වනාහී කලකට පෙර ජනප්‍රිය ටෙලිනාට්‍ය නිලියකි. නිලියෝ වනාහී ජනප්‍රියත්වයේ තරමට මුදල් ලබන්නෝ නොවන බව ප්‍රේක්ෂකයින් දන්නේ නැත. ඊළඟ ටෙලියට දිවීමටත්, තමාවම නඩත්තු කිරීමටත් ලබන සොච්චම මඳ වන බැවින් ඔවුහු ජීවිකාව උදෙසා තවත් ආදායම් මාර්ග සොයා ගත යුතුය.

රූමත් වූත් බුද්ධිමත් නිලියෝ ජනප්‍රියතාවය ඉක්ම යන්නට පෙරම ජනප්‍රියතාවයම උක්තය කොටගෙන වැදගත් ආදායම් මාර්ගයක් ආක්‍යාතය කර ජීවන පද සම්බන්ධය ගොතා ගන්නෝය. රූමත් නමුත් බුද්ධිය අහිමි නිලියෝ සැතපෙමින්ද සතපවමින්ද පහසු මුදල් ඉපැයුමක නිරත වෙතත් කුමක්දෝ සාපයකට මෙන් එම මුදල් ඔවුන් බලාපොරොත්තු වන පරිදි අත රැඳෙන්නේ හෝ බැංකු ගත වන්නේ නැත. අවසානයේ අර කෑල්ල දියවෙලා මේ කෑල්ල කුනුවෙලා කියමින් ජීවත් වීම උදෙසා ආධාර පතන්නටත් ඉන්න තැනක් නෑ, අරයා මෙයා මට බලන්නෑ කීමටත් ඔවුනට සිදුවී ඇති බව සියලු දෙනා දන්නා පරිදිය.

රූමත් වූත්, බුද්ධිමත් වූත් නිලියෝද, නිසි මඟ පෙන්වීමක් ලබන නිලියෝද, කෙලවාගත් ප්‍රවීණ නිලියන් දෙස බලා පාඩම් උගත් නිලියෝද, නිලිකම පමණක් නොව සුවපහසු ජීවිතයක් සහ පවුලක වගකීම දන්නා නිලියෝද, ඇතැම් විට වාසනාවට නිවැරදි මාවතකට අවතීර්ණ වූ නිලියෝද, නැතිනම් අතිශය සට කපට නිලියෝද යනාදී කොටස් අතරින් නිලියෝ වැඩි වශයෙන් තෝරා ගන්නා ආදායම් මාර්ග දෙකක් වේ. පළමුවැන්න රූපලාවණ්‍ය ක්ෂෙත්‍රය වන අතර දෙවැන්න දේශපාලනයයි.

කෙසේ හෝ මංගලිකා අමරකෝන්ද ප්‍රසිද්ධියකින් තොරවම අසාර්ථක වූ විවාහයකින් උරුම වූ පුතෙක්ද, අති සාර්ථක ලෙස ප්‍රසිද්ධියට පත් දික්කසාද නඩුවකින් පසු, දික්කසාද සැමියාට දාව යැයි සැලකෙන, කරුමයට උත්පත්තිය ලද දුවෙක්ද තවත් අතැඟිලි නොබැඳුන සිත බැඳි සෙනෙහසකින් උරුම වූ පුත්‍රයෙක්ද කරපින්නාගෙනම නමුත් සිය ජනප්‍රියත්වය බිඳුවකින් අඩු වීමට නොදී රැකගත් නිලියකි. ජනප්‍රියත්වය යැයි ඇයම හදුන්වන මෙම තත්වය බොහෝවිට ජනප්‍රියත්වයම නොව ප්‍රසිද්ධියද විය හැකිය.

කෙසේ හෝ නිලියක ලෙස නම් කතාව කෙටි එකකි. එනම් මංගලිකා අමරකෝන් යනු අති දක්ෂ නිලියකි.

ඇයද නියම කාලය බලා නිළිකමින් රූපලාවණ්‍ය ක්ෂෙත්‍රයට මාරුවූවාය. ක්‍රම ක්‍රමයෙන් නොව ඉතා ඉක්මනින් අති සාර්ථක රූපලාවණ්‍ය ශිල්පිනියක වීමට ඇයට උපකාරී වූයේ රූපවාහිනී නාලිකාවන් සමඟ ඇයට තිබූ සමීප සම්බන්ධතාවයන් බව නොකිව මනාය.
===

පසුදා පුවත් පත් වල පළවූ ප්‍රවෘත්තිවල සිරස්තල මෙවැනිය.

"බෝම්බය අටවා මහණ වෙන්න ගිහින්"

ඒවායෙහි මැද තිබූ කොටස් මෙවැනිය.

පතිරැන්නැහැලාගේ කුමුදුනී මංගලිකා අමරකෝන් (46 ) වන මෙම සැකකාරිය එදින ප්‍රදේශයේ හෝටලයකින් දවල් ආහාරය ගත් බවට සාක්ෂි ඇත. පසුව සිය මෝටර් රථය රියැදුරා සමඟ නිවසට යැවූ ඇය රියාදුරාට කියා ඇත්තේ තවත් මිතුරියක් සමඟ ගුවන් තොටුපළට යන බවය. ඇය කුලීරථයක් භාවිතා කරමින් අදාළ ආරණ්‍යට ගොස් ඇත්තේ ඉන් පසුවය. අනගාරිකා අසපුවක් ලෙස ප්‍රසිද්ධ එහි නැවතී මහණ වරය ඉල්ලා ඇති බවත් සැකකාරිය අත්අඩංගුවට පත්ව ඇත්තේ භාවනා පුහුණුවක සිටියදී බවත් අනාවණය වී තිබේ.

දේශීය විමර්ශන නිලධාරියෝ මෝඩයෝ නොවේ. ඔවුහු පළමුව සැකකාර මංගලිකා අමරකෝන් අනතුරට පත් ගුවන් යානයේ ගමන් නොකළ බව තහවුරු කරගත්හ. දෙවනුව ඇය සොයා අත්අඩංගුවට ගැනීම සිදුවිය. කෙසේ හෝ නීතිඥවරුන්ගේ ප්‍රශ්ණ කිරීම් වලට ඈ දුන් පිළිතුරුත් ඇයගේම ප්‍රකාශත් එක්කළ විට ඇයගේ කියූ කතාව මෙසේය..

"මම හැංගිලා හිටිය බව ඇත්ත. ඒ මගෙ හිත හදාගන්න ඕන වුන නිසා. මිලින්ද ලංකා එක්ක මගෙ සම්බන්ධයක් තිබ්බ බව ඇත්ත. මම තුන් පාරක්ම වැරදුණ ගෑනියෙක්. ඒත් මිලින්ද ලංකාට තරම් ඒ කාටවත් මම ආදරය කරලා නෑ. මට එයාව අහිමි වෙන එක උහුලගන්න අමාරු වුණා. මම දුකෙන් හිටියෙ. මට සුරක්ෂිත ගෑනියෙක් වෙන්න තිබ්බ අන්තිම අවස්ථාව මට අහිමි වුණා. මම කාවත් මරන්න හිතුවෙ නෑ. මල් බොකේ එක තනියම හැදුව එක ඇත්ත.. ඒ වැරදි අදහසකින් නෙවෙයි. එදා කැමරා ඕෆ් කරන්න කියල මම කිව්වෙ නෑ.. මම මේ කිසිදෙයක් දන්නෙ නෑ. මම මිලින්දව මරන්නෙ කොහොමද?මේකට මාව අහුවෙලා තියෙන්නෙ මම ආරණ්‍යයේ්‍ය හිටිය නිසා. මට ඕන වුණේ මම දන්න ලෝකෙන් ටිකක් ඈත් වෙලා හිත හදාගන එන්න විතරයි."

ගෙදර යාමට පෙරුම් පුරා උසාවියට ගොස් නැවත බන්ධනාගාරයට ඒමය සිදුවූ අපගේ කතා නායකයා ගැන නම් කතාව කෙටිම කෙටිය. හෙතෙම කිස්වෙක් දැකීමටත් කිසිවෙක් හෝ කිසිවක් දැකීමට ඇසීමට කැමති වූයේ නැත. මිලින්ද ලංකාගේ හිතවත් විමර්ශන නිලධාරියා සිටියේ උපහාසාත්මක ස්වරයක් සමඟ පෙනී සිටියේ මිලින්ද ලංකාගේ කෝපය අවුස්සාලමිනි.

"මං ඇහුව වෙලාවෙ මට ඇත්ත කිව්වනම් මොකක් හරි කරගන්න තිබ්බා දැන් ඉතිං නහයට උඩින් වතුර ගිහින් මචං.... දැන් වත් ඇත්ත කියපං ඉතුරු ටිකත් ඇදගන නාන්නෙ නැතුව .."

"ඒ පට්ට වේසි මගෙ ජීවිතේ කන්න හදනවා."

"මරන්න බැරිවුණ නිසා කන්න හදනවා.. අතාරින්න බෑ කියල හිතෙන ගානට උඹ ඒකි එක්ක ලැගලා තියනව."

"ඒකි එහෙම කියනව ද?"

"ඒකිගෙ වයසක අම්මයි ලොකු දුවයි දෙන්නත් ඒකම කියනවා."

මිලින්ද ලංකා කෝපයෙන් දත් මිටි කෑවේය.

"ඒකි නිලියෙක්. රඟපානව නියමෙට.. අනික සාක්ෂි තියෙනව උඹ ඒකි එක්ක සම්බන්ධයක් තිබ්බ කියන්න."

"තිබ්බම කියමුකො. එහෙම කියලා මාව මරන්ඩ හැදුව එක හරිද, මාව විතරක් නං කමක් නෑ. පිණිපා .. ඒ අහිංසක කෙල්ල මේකිට මොකක් කෙරුවටද.. මං ඕකිට යහතින් ඉන්න ඉඩ තියන්නෑ.. මගේ ජීවිතේ කෑවා."

නීතිඥයා යනු මිලින්ද ලංකාට ආරෝපිත තත්වයක් මිස මිලින්ද ලංකා සෑම විටම නීතිඥයෙකු නොවන බව නොපෙනේද? මිතුරා වුවත් විමර්ශන මිළධාරියෙකු ඉදිරියේ එවන් ප්‍රකාශයක් කෙතරම් ප්‍රාථමිකද? ඔය කොයි ලොක්කාත් එසේය. ඔවුන්ගේ ශිෂ්ඨ බාෂා විලාසය පවතින්නේ ඔවුනගේ මනසේ ඔවුන්ම හදාගත් ගරු ගාම්භීර යැයි සැලකෙන ස්ථාන වල දොරවල් වලට ලෝකයා තට්ටු කර, ඔබ සැබැවින්ම අපට පෙන්වූ මිනිසාමදැයි අසන තුරු පමණි.

බෝම්බයෙන් බේරීමත් මංගලිකාගේ මිය යෑමත් දෙකම එකම යහපතේ කොටස් දෙකක් බව සිතමින් සැනසෙමින් සිටි මිලින්ද ලංකාට මංගලිකාගේ ආගමනයෙන් සිදුවෙමින් පැවතියේ එකම එක දෙයක් වූ අතර එය ඔහුගේ ජීවිතය සම්බන්ධයෙන් සිදුවිය හැකිව තිබූ නරකම දෙය විය.
පිණිපා කුමක් සිතනු ඇතිදැයි කල්පනා කිරීම හැර ඔහුට වෙනත් යමක් කල්පනා වූයේ අඩුවෙනි.

ඉක්බිති එළඹි දින දෙක තුළ වැදගත් යැයි සැළකෙන සිදුවීම් කිහිපයක් හා අතිශය වැදගත් සිදුවීම් දෙකක් සිදුවිය.

මංගලිකා අමරකෝන් හමුවීමට බන්ධනාගාරය වෙත ගිය පිණිපාව හමුවීම මංගලිකා විසින් ප්‍රතික්ෂේප කරන්නට යෙදිණි.

මිලින්ද ලංකා පිණිපා සමඟ කතා කිරීමද මඟ හැරි අතර පිණිපා කුඩා කොල කැබැල්ලක් ලියා එය මිලින්ද වෙත යැවුවාය. එහි තිබුණේ මෙසේය.

"මට ඔයාව විශ්වාසයි."

මිනිසුන් නොවිමසාම අහේතුකවම විශ්වාසය පිළිබඳව කතා කරන්නේ අවිශ්වාසය එබිකම් කිරීමට පටන් ගත් විටය. නොවේ නම් අනෙකාගේ මානසික බිද වැටීමක් පෙනෙන විට සැනසුම් බසක් ලෙසය. කෙසේ හෝ මිලින්ද ලංකා එම කුඩා කොල කැබැල්ල පොඩි කර විසි කර දැමුවේය. ඔහුගේ කෝපය යොමුව තිබුණේ කුමක් කෙරෙහිදැයි ඔහුමවත් නොදත් බවක් පෙනෙන්නට විය...

මිලින්ද ලංකාගේ සමීපම හා පැරණිම මිතුරන් දෙදෙනෙකු වූ ජනියාත් කෝලියාත් අත් අඩංගුවට පත් වූ අතර දිනක් තුළ ඇප මත මුදා තිබිණි. ඔවුන් දෙදෙනාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබූ බවද ආරංචි විය.

විශේෂිතම වූයේ තවත් මරණයක් සිදු වීමය. නඩුවේ ප්‍රධාන සාක්ෂියක් ලෙස සැලකෙන ලද්දියක් වූද, තිස් හත් වියැති නමුත් තවමත් අවිවාහක වූද, තවත් මාසයකින් විවාහ වීමට නියමිතව සිටියා වූද, ක්‍රිස්ටීන් හෙවත් සෞම්‍යා කුමාරි ඇයගේ නිවසේ බාල්කයක එල්ලී දිවි නසාගත්තාය .

ඉතින් අපට මොකදැයි කියවන්නා හිතනු ඇතැයි ලියන්නා නොදන්නවා නොවේ...

එකී ක්‍රිස්ටීන් මෙකී නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වුයේ කෙසේදැයි විමසුමට පිළිතුර වන්නේ එසේ වූයේ ඈ අර ඩෙනිම් කාරිය වූ නිසාය යන්නය.
මංගලිකා අමරකෝන්ගේ පැරණිම හා විශ්වාසවන්තම සේවිකාව වූ ඩෙනිම් කාරිය මේ ක්‍රිස්ටීන්මය. මේ සෞම්‍යා කුමාරිමය. ඔය බොහෝ ඉංගිරිස් නම් ලද්දන්ගේ හැඳුනුම් පත් නාමය මීට වඩා අජූත බව හඳුනා ගන්නට අවස්ථා උදාවන්නේ උසාවියේදී හෝ චන්ද පොළේදී පමණමය.

මංගලිකා රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියදී ඇයගේ සේවිකාව මරණයට පත් විය. විවාහපේක්ෂිත ඇයගේත් පෙම්වතාගේත් චායාරූප පෙළක් සමඟ අතිශය දුක්බර කවි පෙළක් බුකී ගත විය. දිවි නසා ගැනීමට දෙදිනකට පෙර, ඇය මනෝ වෛද්‍යවරයෙකු හමුවීමට වේලාවක් වෙන් කරගෙන තිබු නමුත් අවසාන මොහොතේ එම ගමන අවලංගු කළ බව ඇයගේ මව විසින් කියා තිබිණි. අසරණ කෙල්ලගේ දිවි නසා ගැනීමට හේතුව මංගලිකාගෙන් ඇයට එල්ලවූ මරණ තර්ජන බවට අදහස් පළවිය. 

කෙසේ හෝ ක්‍රිස්ටිනාගේ අවමංගල්‍යට ඇයගේ පෙම්වතා නොපැමිණීම එතරම් කතා බහට ලක්නොවූයේ මන්දැයි ලියන්නා තවමත් සිතයි. ජායාරූපවල ආකාරයට නම් හෙතෙම ක්‍රිස්ටිනාට වඩා වසර දහයක් පහලවකින් වැඩිමල් විය හැකි බව පෙනෙන්නට තිබීමද කාගේත් අවධානයට ලක්වන්නට ඇති නමුත් බුකීවාසී සංවේගයට පත් ජනයා විසින් එම කරුණ නොසලකා හරින ලදි. ඇතැම් තැනක ඒ පිළිබඳව සඳහන් වුවහොත් වහා පෙනී සිට ප්‍රේමයට වයස බාධාවක් නොවෙතැයි කීවේද, මංගලිකා විසින් තමා මිලින්ද ලංකාට ආදරය කළ බව කී විට "ඔතන ආදරයක් නෑ, ඕක කාම ගින්න" යැයි කී මිනිසුන්මය. පිරිමියා නාකියෙකු වන විට වයස ප්‍රශ්ණයක් නොවන නමුත් ගැහැනිය නාකිච්චියක වන විට එය කාම ගින්නය. කෙල්ල ලාබාල වන විට එය සල්ලි උදෙසාය. කොල්ලා ලාබාල වන විට ඒ කොල්ලා අර ගැහැනිය විසින් රවටා අල්ලාගෙන ඇත. මෙව්වා අරුම තියරිය එව්වා ගැන කතා කිරීම මෙතනින් නවත්වන්නට කියවන්නෝ බලකරන බැවින් ලියන්නා නැවත කතාවට අවතිර්ණ වේ.

ක්‍රිස්ටිනා විෂයෙහි බුකිය සංවේගයෙන් ඇලලෙන්නට වූ විට පිණිපා ආවේගශීලී වූවාය. අපරාධයට හවුල් වූ ක්‍රිස්ටිනා කෙරෙහි මෙතරම් කවි කතා ලියන්නේ නම් අපරාධයට බිලි වූ සන්ධ්‍යා අම්මා පිළිබඳව ප්‍රශස්ති ලිවිය යුතු බව කී පිණිපා සන්ධ්‍යා හා ඇයගේ චායාරූප රැසක් සමඟ ඇයගේ වේදනාව කෙටි කවි ආකාරයෙන් ලියූවාය.. මවක් නොවූ පිණිපාට මවක් වූ සන්ධ්‍යාගේ චරිතය පරමාදර්ශී වන්නට ගතවුයේ සතියකි... සන්ධ්‍යා අම්මා විෂයෙහි දාන පිංකමක්ද සංවිධානය කරන ලද අතර එයට වියදම් කළේ මිතුරන් ය. ෆේස්බුක් මිතුරන්ද එයට සහභාගී වී තිබිණි. සන්ධ්‍යාට ආචාර කරමින් පෝස්ටු පළවන්නට වූයේ ඇයගේ දිවි පිදීමෙන් සුමාන තුනකුත් ඉක්ම ගිය පසුවය .

මේ අතර මංගලිකාගේ මිතුරු නිලියකවූ සමන්තිකා මංගලිකාගේ නිවැරදිබව ඔප්පු කිරීමේ අදහසින් ලිවීමට පටන් ගත්තාය. ඇයගේ අදහසට අනුව මෙම බෝම්බ ප්‍රහාරය මංගලිකා කොටු කිරීමෙ ආදහසින් වෙනත් පාර්ශවයකින් කරන ලද්දකි. මංගලිකා මිලින්ද ලංකාට ආදරය කරන්නට ඇත, එහෙත් ඔහු මරා දැමීමට සැලසුම් කිරීමට තරම් රුදුරු සිතක් මංගලිකාට නැත. ඒ ඇයගේ අදහසේ සංක්ෂිප්තයයි..මංගලිකාවාදී ඇතැම්හු සමන්තිකාගේ සහයට එන්නට පටන් ගති. ඉක්බිති නැවතත් බුකිය උණුසුම් වූයේ පිණිපාවෝද සටනට අවතීර්ණ වූ විටය 

ගැහැනියකට එරෙහිව නැගී සිටින තවත් ගැහැනියකට භූමිකම්පා ඇති කළ හැකිය .

මිලින්ද ලංකාගේ මාධ්‍ය සගයින්ගේද සහයෙන් සොයා ගන්නා තොරතුරු වලට අනුව මංගලිකාගේ ළමා කාලයෙන් පටන් ගෙන අසුවු සෑම කුඩා අත පසුවීමකටම, සෑම වරදකටම, සෑම මෝඩකමකටම අදාළව පහරදෙන ලදි .

මංගලිකා සිය බාප්පෙකු හා පෙමින් බැඳීමක්,ඇයගේ මව පියා අත හැර වෙනත් අයෙකු හා ජීවත් වීමක් , ඇයගේ විවාහ බිඳී ගිය හේතු සියල්ල ඒ අතර අනාවරණය කරන ලදි.මංගලිකා ඉවර කළ පසු හැරී බලමියි සිතා සිටියාක් මෙන් හැසිරුණු පිණිපා දෙස ඇතැමෙක් පුදුමයෙන්ද ඇතැමෙක් බියෙන්ද බලා සිටියහ.පිණිපාවෝගේ පසු හඹන්නන් ප්‍රමාණය හතලිස්දාහ ඉක්මවන්නට ගියේ කෙටි කාලයකි.

අවසානයට මංගලිකාවාදීහු පිණිපාවාදීන්ට දිනුම දී පසෙකට වන තත්වයක් උද්ගතව විය.පිණිපා ලවා තමන්ගේද පැටිකිරිය ෆේස්බුක් ගත කරගන්නට ඔවුහු බිය වූවා වන්නට ඇත.

සතිය අවසානය වන විට බෝම්බයක් වත් මියගිය සන්ධ්‍යා කුමාරිවත් ක්‍රිස්ටිනාවත් නොව බුකියේ අවධානය මංගලිකාවාදී සමන්තිකාගේත් පිණිපාගේත් ඇවිලීමේ ඊළඟ අදියරය.

මංගලිකා පමණක් නොව නලු නිලියන් බොහොමයකගේ සලු පිලි උනා දැමීමට සමත් වූ එම වලිය බුකියට බොහෝ කාලයකට අමතක නොවනු ඇත.

සතියේ අවසාන හා වැදගත්ම සිදුවීම වූයේ මැදහත් සිතැති බුකී වාසීන්ට හා මංගලිකාවාදීන්ට සමහන් සිතින් බෙදාගැනීමට එක් පොස්ටුවක් හමු වීමය.එය උඩුගත කර තිබුණේ මංගලිකා අමරකෝන්ගේ ලොකු දියණිය ස්වේතා අමරකෝන්‍ විසින් වූ අතර එය ඉතා කෙටිය.

"කවුරු මොනව කිව්වත් එයා මොනව කරලා තිබ්බත් එයා මගෙ අම්මා..එයා තමයි ලෝකෙ ඉන්න හොඳම අම්මා."

ස්වේතාගේ මෙය උඩුගත කර පැයකට පසු පිණිපාගේ ෆේස්බුක් ගිණුම තාවකාලිකව ඉවත් කරගෙන තිබුණේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ පරිදිය.

බුකිය එසේ තිබෙන්නට හැර විමර්ශනය පැත්තට හැරී බැලුවහොත් ඒ වනවිට සිදුව තිබුණේ මේවාය.සන්ධ්‍යා කුමාරි හෙවත් පිණිපාගේ සේවිකාව මල් පොකුර රැගෙන දිව යාමට දක්වාම ආරක්ෂක කැමරා දර්ශන පැහැදිළිව තිබූ බැවින් ඒවාට අනුව වැදගත්ම තොරතුරු අනාවරණය අපහසු වූයේ නැත.සන්ධ්‍යා කුමාරී හදිසියේ පඩිපෙළ බැස දිව එන අයුරුත්,පඩිපෙළ මැද සිට දුරකථන ඇමතුමක් ගන්නා අයුරුත් එහි සටහන් ය .ඈ ඇමතුම ගන්නා පුද්ගලයාද ඇයට මඳක් එහායින් උඩු මහළේ සිටින බවත්,ඈ මංගළ පෝරුව දෙස බලමින් දැඩි කලබලයකින් කතා කරමින් සිටින බවත් දර්ශණය විය.ඈ පෝරුව අසළට ගිය පසුත් උඩු මහළේ සිටින කිසියම් පුද්ගලයෙකු දෙස බලන අයුරුත් එම පුද්ගලයාට යමක් කීමට මෙන් උත්සාහ කරන අයුරුත් ආරක්ෂක කැමරා ආධාරක පෙන්වා තිබිණි.එකී උඩු මහළේ සිටි තැනැත්තා මැදි වියේ දේහධාරියෙකු වූ අතරම බෝම්බය පිපිරීයාමෙන් පසුව ඔහු උත්සව ශාලාවෙන් පිටව යන අයුරුද තවත් කැමරාවක සටහන්ව තිබිණි .

.සන්ධ්‍යා කුමාරී පහත මාලයට දුව එන්නේ කොහි සිටද?එක්තරා කොරිඩෝවක සවි කර තිබු කැමරාවක සටහන්ව තිබූ පරිදි නම් ඇය එක් කාමරයක දොරක් අසළ දුරකතන ඇමතුමක් ගනිමින් සිටින්නීය. පසුව එම දොරට කන තබාගෙන යමක් අසා සිටීන ඇය ඉක්බිති එතැනින් දුව යන්නේ මහා කලබලයක් සිදුවූ අයුරිනි.

යාන්තම් දොර ඇරී තිබෙන එම කාමරය මනාළයාට සූදානම් වීමට ලබා දුන් කාමරය බව පසුව සොයා ගන්නා ලදි.එම කාමරය තුළ සිදුවන කතා බහක් අසා සිටින සන්ධ්‍යා කලබල වන්නේ එතැනදී නම් බෝම්බය පිළිබඳව ඈ දැනගන්නේ එතැනදී බව නිගමනය කළ හැකිය .එවිට කාරණය ඉතා පහසුය.බෝම්බ කරුවෝ වනාහී ඇතුළත සිට්න්නෝය .

හෝ හෝ...දැන් මෙය අවසානයකට පැමිණ ඇති බවක් කියවන්නාට දැනෙනවා නොවේද..විමර්ශකයින්ටද දැනුණේ එසේමය.කාමරය තුළ සිටියෝ එලියට ආවේ බෝම්බය පිපිරෙන ශබ්දයත් සමඟය .ඒ කවුද ?

ඒ අර ජනියාත් කෝලියාත් ය .මිලින්ද ලංකාගේ මිතුරන් දෙදෙනා වන ජනියාත් කෝලියාත් නැවත අත් අඩංගුවට පත් විය .

අර ෆේස්බුක්හී අධිකව සැරිසරන මිලින්දගේ මිතුරු නිළධාරියාගේ සිය මිතුරන් සමඟ කරන ලද මැසෙන්ජර් කතා බස් වලින් සිදුවීමේ නවතම තත්වය පිළිබඳව බොහෝ තොරතුරු බුකීගත වන්නට වීම කෙතරම් නුසුදුසු හා නින්දිතදැයි කීම වෙනමම කතාවකි.මෙහිදී ඒ පිළිබඳව කතා කිරීමට ලියන්නා අදහස් කරන්නේ නැත.

දැන් පිණිපාගේ මුහුණ බැලුව මනාය.ඈ කතා කරන්නේවත් ලියන්නේවත් නැත.ඈ සැබෑ උභතෝකෝටිකයකය.

මිලින්ද ලංකා තම මිතුරන් හා එක්ව තමා මරා දැමීමට සැලසුම් කළාද?

නැතහොත් මිතුරන් දෙදෙනා මංගලිකාට උපකාර කළාද?

ඒත් නැති නම්....බුකි වාසීන්ගේ මතයට අනුව මංගලිකා හා එක්ව මිලින්ද ලංකාම පෙම්වතිය වූ තමා මරා දැමීමට සැලසුම් කළාද?.පිණිපා තම ජීවිතයෙන් ගලවා දැමූ පසු මංගලිකා හා පහසු ජීවිතයක් ගෙවීමට ඔහු අරමුණු කළාද?

ඔහුට එසේ කළ හැකිද?

මිතුරියගේ ගිණුමෙන් මුහුණු පොතට රිංගාගෙන දෙතුන් පැයක් එහි ගත කළ පසුව ඇඳමත පෙරලී දෑස් පියාගත් පිණිපා දෙස බැලූ මිතුරිය මෙසේ කීවාය .

"මටවත් කියපං."

"මොනවද?"

"ඔය හංගන් ඉන්න ටික"

පිණිපා නිහඬවම සිය ජංගම දුරකථනයේ තිබූ චායාරූප පෙළක් මිතුරියට පෙන්වා නැවත ඇඳට වැටුණාය .

"මට ආයේ එයාව එපා."

චායාරූප පරීක්ෂාවේ යෙදුණු මිතුරිය නළල රැළි කළාය.

"කොහෙන්ද මේව.?".

"ස්වේතා එවල තිබ්බෙ "

"මූ ඒකිව බැඳල වගේනෙ යකෝ ඒකිගෙම ගෙදර ඉඳල තියෙන්නෙ,වැඩ වැඩ කියකියා දවස් ගණන් එහෙ රිංගලා එතකොට "

"ඒ ගෑනි එක්ක එකතුවෙලා මෙයා මාව විතරක් මරන්න හැදුව වෙන්න 
බැරිද.?".

"එහෙමනම් නෙවෙයි..උඹව බැදගන ගෙදර තියලා අරකත් කරගෙන ගන්න හිතන් ඉඳල තියෙන්නෙ..මොකද පෝරුව උඩ ඕක පුපුරල ගියා නම් දෙන්නම මැරෙනවනෙ බං."

"එයා බේරෙන්න මොකක් හරි හිතාගන ඉන්න ඇති ..අනේ මන්දා..වෙලාවකට මට කිසි දෙයක් හිතාගන්න බෑ.මිලින්ද අයිය වෙන ගෑනියෙක් එක්ක එහෙම හිටිය ඒ කියන්නෙ..ඊට වඩා ආයෙ මොනවද මට හිතන්න තියෙන්නෙ.?"

"දැන් මොකද කරන්නෙ?"

"මොකුත්ම නෑ..මට එයාව එපා.එච්චරයි"

"නඩුව?"

"දන්නෑ..".

නඩුවට සිදුවූයේ කුමක්ද යන්න කියතහොත් තවත් මාසයක් තුළ සිදුවූයේ මේවාය.ජනියාත් කෝලියාත් නැවත අත් අඩංගුවට පත් විය.එයින් දින හතරකට පසුව පිණිපා අත් අඩංගුවට ගන්නා ලදි.ඔව්,.ඔව්,පිණිපා තමා,ලියන්නාට වැරදී නැත. පිණිපාව අත් අඩංගුවට ගන්නා ලදි.

ඒ කුමක් නිසාද යන්නට පිළිතුර ඒ මේ නඩුව සම්බන්ධයෙන් නොවේය යන්නය.එසේනම් කුමක් සම්බන්ධයෙන්ද?ඒ මෙයින් වසර හයකට පෙර එක්තරා විශ්ව විද්‍යාල සිසුවෙකුගේ මරණයක් සම්බන්ධයෙනි.
අනතුරකින් සිදුවූ මරණයක් ලෙස කාලයාගේ ඇවෑමට එක් වූ එකී මරණය මිනී මැරුමක් බවත් එහි මිනීමරුවා ලෙස පිණිපා මධුවන්තිත් එය සැඟවීමට සහය දීම සම්බන්ධයෙන් ජනියා කෝලියා හා මිලින්දටත් ඔවුනගේ මිතුරියක වූ විදෙස්ගතව සිටින සුරංගනාටත් චෝදනා ගොනු විය.

අහා දැන් කියවන්නාට ලියන්නා වන මා සමඟ ඇතිවන්නේ කෝපයකි.එය මට දැනේ..දැන් මේ පටලැවිල්ල සීමාව ඉක්මවා ගොස් තිබේ..එබැවින් කෙටියෙන් පැහැදිළිව කිව යුතුය.

තරහ අවසර මිතුරනි..බෝම්බයේ රසහ ඇත්තේ ඒ මිනිමැරුම පිළිබඳ කතාව තුළමය..ඉඳින් කෝප නොවන්න.එන්න අපි එය බෙදාහදාගෙන කියවමු .

විශ්ව විද්‍යාලයීය ශිෂ්‍යන්ව සිටියදී පිණිපාගේ සමීප මිතුරන් අතර සිටි ජගත් කුමාර යනු පිණිපාගේ විශේෂම මිතුරාය.හෙතෙම විශේෂ වූයේ රුව හෝ ගුණ හෝ වෙනත් කිසිවක් නිසා නොව ඔහුද පිණිපා මෙන්ම ළමා නිවාසයකින් පැමිණි නිසාය.ජගත් කුමාර හෙවත් "බෙලා" අසභ්‍ය චිත්‍රපට නැරඹීමේ ඇබ්බැහියකින් යුතු වු බවත් ඔහු ආශා කළේ ගැහැනුන් හා බලහත්කාරකමෙන් ලිංගිකව එක්වීමට බවත් දැනසිටි මිලින්ද පිණිපා හා සුරංගනව ඒ පිළිබඳව දැනුවත් කිරීමට යාමෙන් සිදුවූයේ මිලින්ද ඉරිසියාකාරයෙකු යැයි චෝදනා ලැබීමය.ඉන් පසු මිලින්ද කට පියා ගත්තේය.

කාලය ගෙවීයත්ම බෙලා පිණිපා කෙරෙහි ආශා උපදවාගෙන ඇති බව ඉව වැටුණේ ජනියාටය .ඉරණම් සහගත දිනක බෙලා පිණිපාව කොටුකරගත්තේය.ඔවුන් සහභාගී වු ඉංග්‍රීසී පාඨමාලාව තිබූ ගොඩනැගිල්ල හිස්ව තිබූ දිනක,එනම් පන්ති නොපවැත්වූ දිනෙක පන්ති පැවැත්වෙන බව කියා පිණිපා එහි රැගෙන ගිය බෙලා හෙවත් ජගත් කුමාරට සිදුවුයේ පිණිපා තමාගේ බේරුමට දුන් පහර වලින් මිය යාමටය.ජනියා පැමිණෙන විට සියල්ල නිමාවී තිබිණි.

ඉක්බිති ජනියාත් මිලින්දත් කෝලියාත් එක්ව පිණිපා අස්වසා සුරංගනා සමඟ බෝඩිමට යවා මලමිනිය උදෙසා කළ යුත්ත කළහ.එනම් දකුණු පසින් බාගෙට ඉදිකරන ලද ගොඩ නැගිල්ලේ උඩම තට්ටුවට ගෙන ගිය මිනිය පහළට දමන ලදි.ජගත් කුමාර කොහොමත් අමුතු ගති ඇත්තෙකු වූයෙන් ඔහුගේ දිවිනසාගැනීම කිසිවෙකුට සැක ඉපිදවූයේ නැත .

මිතුරන් කළේ සිය මිතුරියගේ අනාගතය ගලවා ගැනීමය.කාලයත් සමඟ පිණිපාගේ සිත සමහන් වූ අතර මිලින්ද පිණිපා පෙම්වතුන් වූහ.සිය ඒක පාර්ශවීය ප්‍රේමය සඟවා ගත් සුරංගනා මිලින්දව සිතින් අතහැර යෝජනාවකින් විවාහ වූවාය .
ඒ කතාව එවැන්නකි.දැන් එම මරණයත් මෙම බෝම්බයත් අතර සම්බන්ධය මෙසේය.දිවිපිදූ සන්ධ්‍යා කුමාරී කලබලයට පත්ව පහළ මාලයට දුවන්නට පෙර ඈ සවන් දුන්නේ ජනියාටත් කෝලියාටත්‍ ය .ඔවුන් දෙදෙනා කතා කරමින් සිටියේ මෙම බෙලා හෙවත් ජගත් කුමාරගේ මරණය පිලිබඳවය .
එදා ඔහුගේ මරණය සිදුනොවන්නට එදා ඔහු පිණිපාට අතවරකර මරා දැමීම ඒකාන්ත බවත්, එදා තමන් එම සිද්ධිය නොසඟවන්නට අද මෙවන් සාර්ථකත්වයේ ජීවිතයක් පිණිපාට උදා නොවන බවත් ඔවුහු කතා කරමින් සිටියහ.

පිණිපා වැනි අනාථ යුවතියකට එම සිදුවීම හෙලිවීමෙන් විය හැකිව තිබූ හානිය තමාගේ කාරණයෙන් නැවතී ගිය බැවින් තමාට පසු තැවීමට යමක් නොමැති බව ඔවුන් දෙදෙනා කතා කරමින් සිට ඇත ..

ඉතින් ...
එය අසා සන්ධ්‍යා කුමාරී නම් පිණිපාගේ සේවිකාව අර තරම් කලබලයට පත් වූයේ ඇයි ? ඒ මේ නිසාය.පිණිපා අතින් මියගිය ජගත් කුමාර යනු මෙකී සන්ධ්‍යා කුමාරීගේ එකම එක පුත්‍රයා වූ නිසාය.

ඔව්..ඒ ඇයමය.ජගත් කුමාර නිවාසයක හැදී වැඩුණේ ඔහුගේ මව ඔහු උදෙසා විදෙස් ගතව ඉපයූ නිසාය.නිවාස පාළිකාවට ජගත් කුමාර වෙනුවෙන් හොඳම හොඳ ගෙවීමක් ලැබුණු බවත් මෙකී ජගත් කුමාර උදෙසා ළමා නිවාසයට ලැබුණු දානය හැර වෙනෙකක් පාලිකාවගෙන් නොලැබුනු එක වෙනම කතාවකි.ළමා නිවාසයක තමා දමා ගිය මවට වෛර කළ ජගත් කුමාර තම මව සිටින බව කිසිදා කියා නැත.

සන්ධ්‍යා කුමාරී වනාහී අවජාතක ජගත් කුමාරගේ මවමය.නමුදු ඈ පිණිපා වෙත ආවේ අවිවාහක තනිකඩ ගැහැනියක ලෙසය.මිය යන තුරුම රැඳී සිටියේ එසේය.වසර තුනක්ම...

ජගත් කුමාරගේ මරණයෙන් දෙකකට පසුව ඔහුගේ චායාරූපය තිබේ නම් ඉල්ලාගන්නට විශ්වවිද්‍යාලයට ආ සන්ධ්‍යාකුමාරීට සුරංගනා හමුවු බවත් සුරංගනා තම ප්‍රේමය උදුරාගත් පිණිපාගෙන් පළිගැනීම සටහන් කළේ එදින බවත් පිණිපා දානගත්තේ ඇයවම අත් අඩංගුවට පත් වූ පසුවය.

සුරංගනා කියූ පරිදි නම් පිණිපා ජගත් කුමාරගේ පෙම්වතියයි.පසුව ඈ මිලින්ද හා පෙමින් බැඳුණාය.ඔවුන් දෙදෙනාට ජගත් කුමාරගෙන් ගැලවීමට අවශ්‍ය නිසා දෙදෙනාම එක්ව ජගත් කුමාර මරා දැමුවෝය. සුරංගනාවෝ විශ්වාස කළ සන්ධ්‍යා කුමාරී පිණිපාගේ මෙහෙකාරිය වන්නේ පළිගැනීමේ ඒකායන අරමුණ ඇතිවය .වසර තුනක් පුරා කිහිප වරක්ම තම පුත්‍රයා මැරූ පලිය ගන්නට උත්සාහ කර අසාර්ථකව සිටි සන්ධ්‍යාකුමාරීට බෝම්බය පිළිබඳ අදහස හා ඒ සම්බන්ධ සියලු උපකාර කරන්නේ කවුරුන්ද?
ඒ කාලයකට පෙර දරුවෙකු කුසට දී සන්ධ්‍යා අතැර ගිය, ජගත් කුමාරට උපත දුන් පිරිමියාය .හෙතෙම ආරක්ෂක අංශයක සේවය කළ අයෙකි.විවාහ දෙකකින් අසාර්ථක වූ ඔහු දරුවන් නොලද්දේය .ඒ යුද්ධයේ සිදුවූ අනතුරක ප්‍රතිපලයක් ලෙසය.සන්ධ්‍යාට මෑතකදී ඔහුව අහම්බෙන් හමුවන විට ඔහුද තනිකඩ දිවියක් ගෙවමින් සිටියේය.ඔහුගේ සහාය සන්ධ්‍යාට ලැබුණේ වසරකට පෙරය .ඒ අනුව මෙය වසරක සැලසුමකි.මව මෙන් ගෙදර සිටිමින් වසර තුනක්ම පිණිපා මරා දැමීමට උත්සාහ සන්ධ්‍යා කුමාරී අවසානයේ දිවි දුන්නේ තමාම ඇටවූ මරණයටය.

මෙකී සන්ධ්‍යාගේ සහයකයා,බෙලාගේ පියා වන එම දේහධාරියා උත්සව ශාලාවේ උඩු මහලේ සිටි මිනිසාමය .ඒ පමණක් නොවේ,මේ ඩෙනිම් කාරිය ක්‍රිස්ටිනාගේ පෙම්වතාද වූයේ මොහුමය.ඔහුගේම ප්‍රකාශයන්ට අනුව නම් සන්ධ්‍යා කුමාරී මල් පොකුර ඔසවාගෙන දිවීමට පෙර තමා අමතා කියා ඇත්තේ මෙයයි.මේ ඇයගේ මුවින් මෙලොවදී පිටවූ අවසන් වචනද වේ.

"මේකි වැරදි නෑ.මේකි වැරදි නෑ.පුපුරවන්ඩ එපා.".

එහෙත් එය නැවතිය හැකිව තිබුණේ කෙසේද..එය ඉතිං දෙවියන්ගේ වැඩකි.හරියටම දහයයි හතට එය පිපිරීමට නියමිත විය .එය පුපුරා ගියේය.
දැන් ඉතිං කාටත් සිදුව ඇති දෙය පැහැදිලිය..

සන්ධ්‍යා කුමාරී අවසාන විනාඩියේ පළිගැනීම අතහැර දැමුවාය.එකී අවසාන විනාඩියේ ඈ එම තීරණය නොගත්තා නම් සිදුවනු ඇත්තේ මොනවාද?ඒවා සිතීම ඔබට බාරය.
===

පසු විපරමේදී පෙනෙන්නේ මෙසේය.පිණිපාගේ ව්‍යාපාර වසා දමන ලදි.ඇයගේ කුලී නිවසින් ඇයගේ බඩු බාහිරාදිය ඉවත් කරගන්නා ලෙස ඇයගේ මිතුරියට දැනුම් දුන් හෙයින් ඈ ඒවා තම නිවසට ගෙන ගියාය.ඒ ඇයගේ සැමියාගේ බලවත් විරෝධතාවය මතය.

මංගලිකා අමරකෝන් නිදොස් කොට නිදහස් කරන ලදි. 

පිණිපාට පෙර මිලින්ද ජනියා හා කෝලියා ඇප ලද්දෝය.කිසිඳු විටක මිලින්ද ලංකා පිණිපා බැලීමට නොගියේය .පිණිපා ඔහු එතැයි බලාපොරොත්තු වුවාදැයි නැද්දැයි හෙතෙම දන්නේද නැත .

දැන් බුකී වාසීන්ට අනුව පිණිපා විශ්වාස කළ නොහැකි ගැහැනියකි.ඇය සැබැවින්ම ජගත් කුමාර රැවටුවා විය හැකිය.ඈ සූක්ෂම කපටි ගැහැනියක් බව පෙනේ.

තවත් දෙතුන් මාසයකට පසු පිණිපාට ඇප නියම විය .එහෙත් ඇප තබා ඇයව ගන්නට ඉදිරිපත් වූයෙක් නැත.දෙදිනකට පසු ඈ උදෙසා මුදල් හා ශරීර ඇප තැබූ ඈ ඇයව බන්ධනාගාරයෙන් එලියට ගත්තාය.ඇය යනු කවුද ?
මංගලිකා අමරකෝන්‍ ....
ඔව් ඒ ඇයමය.

බුකී වාසීන්ට එය ආරංචි වූයේ නැත.

මංගලිකා අමරකෝන් අතිදක්ෂ නීතිඥයෙකු යොදවා එකී මිනීමැරුමෙහි පිණිපාගේ නිරවද්‍යතාවය ඔප්පු කිරීමට කටයුතු කරමින් සිටින්නීය.

එය බුකීවාසීන්ට ආරංචි වූයේ නැත.

පිණිපාගේ ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ඈ සියල්ල සූදානම් කර දුන්නාය..

එය බුකියට ආරංචි වූයේ නැත .

"ඇයි අක්කා මට මෙච්චර උදව්
කරන්නෙ?"

වරෙක පිණිපා ඇසුවාය.

"මමත් ගෑනියෙක් හන්ද..මාත් තනිවෙච්ච වෙලාවල් වල මට උදව් කරන්න හරි කෙනෙක් හිටියනම් මට වැරදිච්ච තැන් එකක් වත් මට වරදින්නෑ නංගි.ඔයා තාම පොඩියි.ඔයා තනිවුනොත් ඔයාට වරද්දන්න ලෝකයක් බලා ඉන්නව.අනික ඔයාට මිලින්ද මල්ලිව නැති වුනේ මම හින්ද."

දැන් මිලින්ද ලංකාගේ තත්වය මෙයයි.හෙතෙම පවුලෙන් කොන්කර ඇත .රූපවාහිනියෙන් විසිවී ඇත .පිණිපාගෙන් ප්‍රතික්ෂේප වී ඇත .විවාහය තෙක් පෙම්වතිය කන්‍යාවකව තබා ගැනීම අරමුණුකරගත් දූපත් මානසිකත්වයෙන් සිටි ඔහු අනෙක් අවශ්‍යතා උදෙසා මංගලිකා අමරකෝන් පරිහරණය කරන්නට ගියේය .කෙසේ හෝ අවසානයේ දැන් ඔහුගේ හදවතේ කතාවට අනුව දැන් ඔහු පෙරට වඩා නරකය .මන්ද යත් පෙර ඔහු පිණිපාට ආදරය කළේය.මංගලිකාට ආශා කළේය.දැන් ඔහු පිණිපාට ආශා කරයි.මංගලිකාට ආදරය කරන්නේය.ඔවු,ගැහැනියක ලෙස පිණිපා විෂයෙයි ඇයගේ හැසිරීම ඇයට ආදරය කිරීමට ඔහුගේ සිත ඔහුව පොළඹවයි..

තවත් යමක් වෙතොත් උඹලාට ඕනෑ ඕනෑ හැටියකට හිතාගැනීමට ඉඩදීමට කැමැත්තෙමි..කොල්ලනි නුඹලාට කුනුහරපයක් කියවෙනු ඇත.කෙල්ලනි නුඹලා මට බනිනු ඇත .කොහොමත් බුකියේ උඹලා දන්නේ පිටින් පෙනෙන දෙයට උඩ දාගන බැනීමටත් බිම දාගන තැලීමටත් පා කරමින් ප්‍රශස්ති කීමටත් ය.ඔය කොයි දේත් පෙනෙන දෙයට වඩා නොපෙනන කොටසේ බොහෝ දේ තිබෙන්නට හැකි බැවින් යමකට ප්‍රතිචාර ලිවීමට ඉක්මන් නොවීම වඩා හොඳය.

ඔය හිතේ වේගයට අපහාස ලියාගන යන්නෝ පසුව හිතවතුන් වෙති .එහෙත් එදා මා වරදවා වටහා ගත් බව පසුව ලියන එකෙක් නැත.එබැවින් කලින් ලියූ අපහාස කියවු එවුන්ට අමතක වන්නේම නැත .

කෙසේ හෝ කොයි ගැහැණියත් අහිමි ලියන්නාද,එකී මනමාලයාද නිවේදකයාද,නීතිඥයා ද ඒ මරිමෝඩයා, තකතීරුවා මිලින්ද ලංකා අමරසිංහ වන මම සදහටම රට හැර යාමට පෙර මෙම සටහන නිමා කරමි.

මගේ ගුවන් යානය පිටත් වීමට ඇත්තේ තවත් එක් විනාඩියකි.
ඔව් ඔව් ඒ කතා නායකයා වන බූරුවා මමය.



Nissanka Rajapaksa

unread,
Jun 30, 2024, 9:47:04 PMJun 30
to INDRAKA group
41
දුම්රිය ගමන

Translation of the short story ‘Karma’ by Kushwant Singh (1989)


පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

දුම්රියපළේ පළමු පන්තියේ විවේකාගාරයේ කැඩපතින් ශ්‍රීමත් මෝහන් ලාල් තම පිළිඹිබුව දෙස බැලුවේය. ඒ කැඩපත ඉන්දියාවේ නිපදවන ලද්දක් බව බැලූ බැල්මට පෙනුණි. එහි පසුපස රතු පැහැති ඔක්සයිඩ තැනින් තැන මැකී ගොස් තිබුණු අතර විනිවිද පෙනෙන වීදුරු ඉරි කිහිපයක් එහි මතුපිට දක්නට විය. ශ්‍රීමත් මෝහන් කැඩපත දෙස බැලුවේ අනුකම්පාවත් මහන්තත්වයත් මුසු බැල්මකිනි.

“උඹත් මේ රටේ අනිත් දේවල් වගේ තමයි, අසාර්ථකයි, කිලුටුයි, උදාසීනයි,” ඔහු මිමිණුවේය.

කැඩපත ශ්‍රීමත් මෝහන් වෙත මඳහසක් පෑවේය.

“ඔබතුමා නම් නියමයි,” එය කීවේය. “ඔබ සාර්ථක පාටයි, ඒ වගේම කඩවසම්. ඔය පිළිවෙලට කැපුව උඩු රැවුල, එංගලන්තයේ සාවිල් රෝ පැත්තෙන් ගත්තු ඔය ඇඳුම් කට්ටලය, කබායේ බොත්තමේ රැඳුණු කානේෂන් මල, ඔබෙන් හමන විලවුන්, ටැල්කම් පවුඩර්, සබන් සුවඳ.. මේ හැම දෙයක්ම! ඔව් මහත්මයා ඔබ නම් බොහොම වැදගත් පාටයි.”

ශ්‍රීමත් මෝහන් පපුව පුම්බා, තමා පැළඳ සිටි එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට අනුබද්ධ බැලිඅල් විද්‍යාලයේ ටයි පටිය සිය දහස් වන වතාවටත් සකස් කරගෙන කැඩපතට ආචාර කළේ ය.

ඉනික්බිති ඔහු තම අත් ඔරලෝසුව දෙස බැලුවේය. තව තරමක වෙලාවක් ඉතිරිව තිබිණි.

“කොයි හායි!”

සුදු නිල ඇඳුමෙන් සැරසුණු සේවකයෙක් විවේකාගාරයේ දැල් දොරින් මතු විය.

“එක පොඩි වීදුරුවක් ගේනවා” ශ්‍රීමත් මෝහන් අණ කළේ ඒ පානය ද අතින් ගෙන ගැඹුරු කල්පනාවක නිමග්න වීම සඳහා වේවැල් පුටුවක අසුන් ගනිමිනි. විවේකාගාරයෙන් පිටත බිත්තිය අද්දර ශ්‍රීමත් මෝහන් ලාල්ගේ ගමන් මලු ගොඩගසා තිබිණි. ඒ අතර වූ කුඩා අළු පැහැති යකඩ ට්‍රන්ක පෙට්ටියක් මත මෝහන් ලාල් ආර්යාව වන ලක්ෂ්මි වාඩි වී සිටියාය.ඈ බුලත් විටක් සපමින්, පුවත්පතකින් පවන් ගසාගනිමින් සිටියාය. වයස හතලිස් ගණන් වල මැද හරියේ සිටි ඈ තරබාරු මිටි තැනැත්තියක් විය. ඈ පැළඳ සිටියේ රතු බෝඩරයක් සහිත කිලිටි සුදු සාරියකි. ඇගේ නාසය මත දියමන්ති නාස් මුදුවක් දිලිසුණු අතර දෑතේ රන් වළලු කිහිපයක් විය. ශ්‍රීමත් මෝහන් සේවකයාට විවේකාගාරය තුළට හඬගසන තෙක් ඈ ඔහු සමඟ සාමීචියේ යෙදෙමින් සිට තිබිණි. ඔහු ගිය විගස ඈ ඒ අසලින් ගමන් කරමින් සිටි කුළීකරුවෙකුව නවත්වා ගත්තාය.

“ගැහැණු අයගේ කෝච්චි පෙට්ටිය කොයි හරියේද නවත්තන්නේ?”

“ප්ලැට්ෆෝම් එකේ කෙළවරේ.”

කුළීකරු තම තලප්පාව පැතලි කර කොට්ටයක් සේ සකසා, ඇගේ යකඩ ට්‍රන්ක පෙට්ටිය ඔසවා හිස මත තබාගෙන දුම්රිය වේදිකාව ඔස්සේ ඇවිද ගියේ ය. ලාල් ආර්යාවද තම පිත්තල කෑම බඳුන අතින් ගෙන ඔහු පසුපස හෙමින් ඇවිද ගියා ය. අතරමඟදී බුලත් වෙළෙන්දෙකු ළඟ නැවතුණු ඈ තම රිදී බුලත් අසුරණය පිරවීමට බුලත් මිළදී ගෙන නැවතත් කුළීකරු පසුපස ඇදුනා ය. කුළීකරු විසින් තම ට්‍රන්ක පෙට්ටිය බිම තැබූ විට ඈ නැවතත් ඒ මත හිඳගෙන ඔහු සමඟ සාමීචියේ යෙදෙන්නට විය.

“මේ පැත්තට යන කෝච්චිවල සෙනඟ ද?”

“මේ දවස්වල කොයි පැත්තට යන කොච්චිවලත් සෙනඟ තමයි. ඒත් කාන්තා මැදිරියේ ඉඩ තියෙයි.”

“එහෙනම් ඉක්මණින් කාලා ඉවරකරගෙන ඉන්න ඕන. එතකොට ඒ කරදරෙත් ඉවරයි.”

මේසේ කියා ලාල් ආර්යාව පිත්තල බඳුන විවර කර එහි ඔබා තිබුණු චපාති කිහිපයකුත් අඹ අච්චාරුවකුත් පිටතට ගත්තා ය. ඈ ආහාර ගන්නා තුරු කුළීකරු ඈ ඉදිරිපස බිම ඇන තබාගෙන ඇඟිල්ලකින් පොළොවේ ඉරි අඳිමින් සිටියේය.

“සහෝදරී තනියමද මේ ගමන යන්නේ?”

“නැහැ අයියා, මගේ මහත්තයා එක්ක. එයා කෝච්චිය එනකම් අර විවේක කාමරේ ඉන්නේ. එයා පළවෙනි පන්තියේනේ යන්නේ. මහත්තයා ලොකු තනතුරක් දරන බැරිස්ටර් කෙනෙක්. ඒ නිසා එයාට කෝච්චිවලදී එක එක නිලධාරීන්, ඉංග්‍රීසි මහත්තුරු මුණගැහෙනවා. මම ඉතින් ගමේ ගෑනියෙක්නේ. මට ඉංග්‍රීසිත් බැහැ ඔය ලොකු ලොකු පැලන්තිවල ගති පුරුදුත් බැහැ. ඒ නිසා මම තුන්වෙනි පන්තියේ ගෑනු කෝච්චි පෙට්ටියේ යනවා.”

ලක්ෂ්මි ඉතා සතුටින් සාමීචියේ යෙදෙමින් සිටියාය. ඉඳහිට ඕපාදූපයක් කතා කිරීමට කැමැත්තක් දැක්වූ ඇයට නිවසේදී කතාකරන්නට කෙනෙක් සිටියේ නැත. ඇගේ ස්වාමිපුරුෂයාට ඇය වෙනුවෙන් වෙන්කරන්නට කාලය නොවිණි. ඈ නිවසේ ඉහළ මාලයේ විසූ අතර ඔහු විසුවේ පහත මාලයෙහි ය. මළ පොතේ අකුරු බැරි ඇගේ දුගී ඥාතීන් තම බංගලාව වටා කැරකෙනු ඔහු නොරිස්සූ නිසා ඔවුන් කිසිවෙක් එහි පැමිණියේ නැත. ඉඳහිට රැයකදී ඔහු ඈ වෙත පැමිණ විනාඩි කිහිපයක් ගත කළේය. ඔහු ඉංග්‍රීසියට හුරු හින්දි බසින් ඈට විවිධ අණ පනවද්දී ඈ විරෝධයක් නොපා ඒවාට කීකරු වූවාය. ඉහළ මාලය වෙත ඔහුගේ රාත්‍රී ගමන් වලින් මෙතෙක් නම් ප්‍රතිපලයක් ලැබී තිබුණේ නැත.

සංඥා එළි දැල්වී සීනුව නාද වූයේ දුම්රිය පැමිණෙන බව අඟවමිනි. ලාල් ආර්යාව ඉක්මණින් ආහාර ගැනීම නිම කර, අඹ අච්චාරුවේ තිබුණු අඹ ඇටය ලෙවකමින්ම ඈ නැගී සිටියාය. ඉනික්බිති මහා හඬින් රාමතෙල් හළ ඈ දිය කරාමය වෙත ගොස් තම මුවත් දෑතත් සෝදා ගත්තා ය. තම සාරි පොටින් දිය පිසදාගත් පසු ඇය නැවත තම ට්‍රන්ක පෙට්ටිය වෙත ගියේ දිගටම රාමතෙල් හරිමින්, කුස පිරවූ කෑම වේල ගැන දෙවියන්ට පින් දෙමින් ය.

දුම්රිය දුම් දමමින් පැමිණියේය. දුම්රියේ කෙළවර, ගාඩ්වරයාගේ දුම්රිය මැදිරියට ආසන්නයේම වූ කාන්තා මැදිරියේ වැඩි සෙනඟක් නොමැති බව ලක්ෂ්මි දුටුවාය. ඉතිරි මැදිරිවල නම් සෙනඟ පිරී තිබිණි. තම තරබාරු සිරුර දුම්රියේ දොරකඩින් ඇතුළට ගෙන කවුළුවක් අසල අසුන්ගත් ඈ තම සාරියේ ගැට ගසා තිබූ ඇනා දෙකක කාසියක් දී කුළීකරු ව පිටත් කර හැරියාය. ඉනික්බිති ඇය තම බුලත් අසුරණය විවර කර බුලත් කොළ දෙකක්, පුවක්, හුණු සහ කරදමුංගු කලවම් කර බුලත් විටක් ඒදා ගත්තා ය. මේ විට මුවෙහි ලූ විට ඇගේ දෙකොපුල් පිම්බී පෙනුණි. ඉන් අනතුරුව ඇය තම අත්ල මත නිකට රුවාගෙන දුම්රිය වේදිකාවේ කලබල වෙත අලසව බලා සිටියාය.

දුම්රියේ ආගමනය ශ්‍රීමත් මෝහන් ලාල්ගේ සන්සුන් බව බිඳීමට සමත් වූයේ නැත. ඔහු තම ස්කොච් පානය තොලගාමින් තම ගමන් මලු පළමු පන්තියේ මැදිරියට දැමූ විට තමන්ට දැනුම් දෙන ලෙස සේවකයාට දැනුම් දුන්නේය. කඩිමුඩිය, කලබලය, අනවශ්‍ය උද්යෝගය ආදී දේ හැදියාවක් නොමැති බවේ ලක්ෂණ බව ඔහු විශ්වාස කළේය. තමන් උසස් හැදියාවක් ඇති අයෙකු වූ නිසා හැම දේම පිළිවෙලට තිබීම ඔහුට රිසි විය. පිටරට ගෙවූ පස් වසරින් පසු ශ්‍රීමත් මෝහන් ඉහළ සමාජ පන්තිවල අයගේ පැවතුම් සහ චර්යාවන් පුරුදු පුහුණු කර තිබිණි. ඔහු හින්දියෙන් කතා කළේ කලාතුරකිනි. එසේ කතා කළත් ඒ අත්‍යවශ්‍ය වචන පමණක් වූ අතර ඒවාද උච්චාරණය කළේ ඉංග්‍රීසි ඌරුවටය. ශ්‍රීමත් මෝහන් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් ඔප වැටුණු තමන්ගේ ඉංග්‍රීසි දැනුම ගැන ආඩම්බර විය. ඔහු ඉංග්‍රීසියෙන් කතාබහ ප්‍රිය කළ අතර ඕනෑම ප්‍රබුද්ධ ඉංග්‍රීසි ජාතිකයෙකු මෙන් ඔහුට පොත පත ගැන, දේශපාලනය ගැන, මිනිසුන් ගැන වැනි ඕනෑම මාතෘකාවක් ගැන කතා කළ හැකි විය. තමන් ඉංග්‍රීසි ජාතිකයෙක් මෙන් ඒ බස හසුරන බව ඉංග්‍රීසින් ම කියනු ඔහුට නිතර ඇසී තිබිණි.

දුම්රිය මැදිරියේ තමන්ට ගමන් කරන්නට සිදුවන්නේ තනිව දැයි ශ්‍රීමත් මෝහන් කල්පනා කළේ ය. එය යුධ හමුදා කඳවුරක් සහිත පෙදෙසක් බැවින් ඇතැම්විට හමුදා නිලධාරීන් දුම්රියෙන් ගමන් කරන්නට ඉඩ ඇත. එවැන්නන් සමඟ ඇතිවිය හැකි සිත්ගන්නාසුළු කතාබහ සිහිවී ඔහුගේ සිත උණුසුම් බවින් පිරුණි. වෙනත් බොහෝ ඉන්දියානුවන් මෙන් ඉංග්‍රීසි ජාතිකයන් සමඟ කතාකිරීමට ඔහු කිසිවිටෙක උනන්දුවක් පෙන්වූයේ නැත. එමෙන්ම ඔහු අනෙත් ඉන්දියානුවන් මෙන් මහා හඬින් කතාකරන, තම මතයේම එල්බගත් කලහකාරී අයෙකු නොවීය. ඔහු හැඟීම් විරහිත ලෙස තමන්ගේ වැඩක් බලාගෙන සිටීම පුරුදු කර තිබුණි. දුම්රිය මැදිරිය තුළ කවුළුව අසල තමන් සිටින කෙළවරේ සිට ටයිම්ස් පුවත්පත පිටතට ගෙන කියවීම ඔහුගේ පුරුද්ද විය. ඔහු සඟරාවේ නම පෙනෙන පරිදි නවා එහි හරස්පද ප්‍රහෙලිකාව විසඳයි. සාමාන්‍යයෙන් ටයිම්ස් සඟරාව නොවැරදීම ඉංග්‍රීසි ජාතිකයන්ගේ අවධානය ඇද ගැනීමට සමත් විය. ඔහු තම කාර්යය අවසන් බව හඟවා සඟරාව පසෙකින් තැබූ විට කවුරුන් හෝ ඒකාන්තයෙන්ම එය කියවන්නට ඉල්ලනු ඇත. සාමාන්‍යයෙන් මෙලෙස සංචාරය කරද්දී ඔහු නොවරදවා පළඳින බැලිඅල් ටයි පටිය නම් බොහෝ විට යම් කෙනෙකු හඳුනා ගැනීමට ඉඩ ඇත. මේ මඟින් ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, එහි කථිකාචාර්යවරු, එහි බෝට්ටු තරඟ, රගර් තරඟ ආදී දේ ගැන විශාල වපසරියක කතාබහ ඇතිවීමට ඉඩ තිබේ. ටයිම්ස් සඟරාවත්, ටයි පටියත් අසාර්ථක වුවහොත් ශ්‍රීමත් මෝහන් ‘කොයි හායි’ කියා අඬ ගසා සේවකයාව ගෙන්වාගෙන තම ස්කොච් පානය පිටතට ගනී. ඉංග්‍රීසි ජාතිකයන් ව නම්මා ගැනීමට විස්කි නම් කිසි විටෙකවත් අසාර්ථක වූයේ නැත. ඉනික්බිති ශ්‍රීමත් මොහාන්ගේ එංගලන්තයේ දුම්වැටි පිරුණු අලංකාර රත්‍රන් දුම්වැටි ඇසුරුම කල එළි බසී.

‘ඉන්දියාවේදී එංගලන්තයේ සිගරට්? මේවා ගෙන්වා ගත්තේ කොහොමද? හැබෑටම එකක් ගත්තාට කමක් නැද්ද?’

කිසිම ගැටළුවක් නැහැ, පාවිච්චි කරන්න යැයි කියවෙන ශ්‍රීමත් මෝහන් ගේ සන්සුන් මඳහස එවිට ඔවුන්ට දකින්නට ලැබෙනු ඇත.

කෙසේ වෙතත් මේ ඉංග්‍රීසි ජාතිකයින් ඔස්සේ තමන් ප්‍රිය කරන ආදරණීය එංගලන්තය සිහි කැඳවා ගැනීම කළ හැකිද? එංගලන්තයේදී පස් වසරක් තිස්සේ හුරු පුරුදු වූ අළු පැහැති ගමන් මලු සහ කබායන්, කාන්තාවන් සමඟ යුගල කණ්ඩායම් සැදී කළ ක්‍රීඩා, අවන්හල් වල ගත් රාත්‍රී ආහාර, පිකැඩිලි හි වෛශ්‍යාවන් ආදිය ඔහුට සිහි විය. ඒ පස් වසරක කලබල සුන්දර ජීවිතය! එය හතලිස් පස් වසරක් තිස්සේ ඉන්දියාවේ කිළුටු, ග්‍රාම්‍ය ඉන්දියානුවන් සමඟ, දියණුවට ඇති මඟ ගැන කියවෙන අධම කතා අසමින් ගෙවුණු කාලයටත්, ළූනු ගඳ සහ දහදිය ගඳ හමන තරබාරු ලක්ෂ්මි සමඟ කෙටි ලිංගික කටයුතු සඳහා උඩුමහල ට යනෙන රාත්‍රීන් වලින් යුතු කාලයටත් වඩා බෙහෙවින් වටිනාකමින් වැඩි විය.

ශ්‍රීමත් මොහාන්ගේ මේ සිතිවිලි ප්‍රවාහය බිඳ වැටුණේ සාහිබ්ගේ ගමන් මලු දුම්රියේ එන්ජිමට යාබද පළමු පන්තියේ මැදිරියට පැටවූ බව සේවකයා දැනුම් දුන් විටයි. ඔහු මවාගත් කල්පනාකාරී ගමනකින් තම මැදිරිය වෙත ඇවිද ගියේය. එහෙත් මැදිරිය හිස් ව පැවතුණු බව දැක ඔහුට පුදුමයක් සහ කනස්සල්ලක් දැනුණි. සුසුමක් හෙලූ ඔහු මැදිරියේ කෙළවරක අසුන් ගත්තේ මින් පෙර කීප වතාවක් කියවා තිබුණු ටයිම්ස් සඟරාව දිග හැර ගනිමිනි.

ශ්‍රීමත් මෝහන් කවුළුවෙන් පිටත දුම්රිය වේදිකාව වෙත නෙත් යොමු කළ විට ඉඩ ඇති දුම්රිය මැදිරියක් සොයමින්, හැම මැදිරියකටම එබිකම් කරමින් වේදිකාව ඔස්සේ පැමිණෙන ඉංග්‍රීසි සොල්දාදුවන් දෙදෙනෙක් දැක ඔහුගේ මුහුණ සතුටින් ආලෝකවත් විය. පිටේ එල්ලාගත් ගමන් මලු වලින් යුතු ඔවුන් ගමන් කළේ තරමක් වැනෙමිනි. ඔවුන් ගමන් කළ යුත්තේ දෙවෙනි පන්තියේ මැදිරිවල වූවත් ඔවුන් ව තම පළමු පන්තියේ මැදිරියට පිළිගැනීමට ශ්‍රීමත් මෝහන් තීරණය කළේය. ඔහුට ඒ ගැන ගාඩ්වරයාට කතා කළ හැක.

ඉදිරියේම වූ දුම්රිය මැදිරිය වෙත පැමිණි එක් සොල්දාදුවෙක් එහි කවුළුවෙන් එබිකම් කළේය. හිස් ව තිබුණු අසුන ඔහුගේ ඇස ගැටිණි.

“ඒයි බිල්!” ඔහු කෑ ගැසුවේය. “මෙතැන එකක් තියෙනවා.”

ඔහුගේ සගයා ඒ වෙත පැමිණ මැදිරිය තුළට එබී බලා ශ්‍රීමත් මෝහන් දෙස බැලුවේය.

“ඔය කල්ලා ව එළවලා දාපන්,” ඔහු පහත් හඬින් තම මිතුරාට කීවේය.

මැදිරියේ දොර විවර කළ ඔවුහු අඩක් සිනාමුසුව-අඩක් විරෝධය පාන ලීලාවෙන් සිටි ශ්‍රීමත් මෝහන් වෙත හැරුණෝය.

“මේ මැදිරිය වෙන් කරලා තියෙන්නේ!” බිල් කෑ ගැසුවේය.

“රිසර්ව්ඩ්. ආමි- ෆවුජ්” ජිම් කෑ ගැසුවේ තම කාකි කමිසය පෙන්වමිනි. “ එක් ඩුම් ජාඕ - ගෙට් අවුට්!”

“මේ අහන්න, මේ අහන්න, සත්තකින්ම,” ශ්‍රීමත් මෝහන් තම ඔක්ස්ෆර්ඩ් ඉංග්‍රීසි උච්චාරණයෙන් විරෝධය පාන්නට විය. මෙය අසා සොල්දාදුවෝ මඳක් නැවතුනහ. මේ මිනිසා කී දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට හැඟිණි. නමුත් බීමත්ව සිටි ඔවුන්ට තමන්ට ඇසෙන දේ ගැන විශ්වාසයක් තිබුණේ නැත. දුම්රිය එන්ජිම දෙසින් විසිල් හඬක් ඇසුණු අතර ගාඩ්වරයා තම කොළ පැහැති කොඩිය වනනු පෙනුණි.

සොල්දාදුවෝ ශ්‍රීමත් මෝහන් ගේ ගමන් මල්ල ගෙන එය දුම්රිය වේදිකාවට වීසි කළහ. ඉනික්බිති ඔහුගේ තර්මස් ෆ්ලාස්කුවත්, බ්‍රීෆ්කේසයත්, නිදි මැදිරියේ පාවිච්චියට ගෙන ආ පොරෝනාත්, ටයිම්ස් සඟරාවත් මීට එක් විය. ශ්‍රීමත් මෝහන් කේන්තියෙන් පුපුරමින් සිටියේය.

“මේ මොන විකාරයක්ද, මොන අපරාධයක්ද!” ඔහු කෑ ගසද්දී ඔහුගේ කටහඬ කේන්තිය නිසා බැරෑඬි වී තිබිණි. “මම උඹලාව අත් අඩංගුවට ගන්න කියනවා- ගාඩ්, ගාඩ්!”

බිල් සහ ජිම් මෙය අසා යළි වරක් මඳක් නැවතුනහ. ඔවුන්ට ඒ ඇසුන දේ ඉංග්‍රීසියට සමාන බවක් ඔවුන්ට දැනුණ ද එහි ඇසුණු රජුගේ ඉංග්‍රීසි වල තානය වටහා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.

“කට වහගනින්!” ජිම්, ශ්‍රීමත් මෝහන් ට වැරෙන් අතුල් පහරක් එල්ල කළේ ය.

එන්ජිම දෙසින් යළිත් කෙටි විසිල් හඬක් ඇසුණු අතර දුම්රිය සෙමෙන් ගමනාරම්භ කළේ ය. සොල්දාදුවෝ ශ්‍රීමත් මොහාන්ගේ බාහුවලින් අල්ලා ඔහුව දුම්රියෙන් පිටතට තල්ලු කළහ. ඇද වැටෙද්දී පසුපසට විසි වූ ඔහු තම පොරෝනාවේ පටලැවී ගමන් මල්ල මතට පතිත විය.

ශ්‍රීමත් මෝහන් ගේ දෙපා පොළොවට ඇලවී ඇති බවක් ඔහුට දැනුණි. ඔහුගේ මුව ගොලුවී තිබිණි. තමා පසුකර වේගයෙන් ඇදෙන දුම්රියේ ආලෝකවත් කවුළු දෙස ඔහු බලා සිටියේය. දුම්රියේ අග කොටසේ රතු එළියක් දැල්වී තිබිණි. ගාඩ්වරයා විවර දොරටුවක් අසල කොඩි අතැතිව සිටගෙන සිටියේය.

තුන්වන පන්තියේ කාන්තා මැදිරියේ උන් තරබාරු, පැහැපත් ලක්ශ්මිගේ දියමන්ති නාස් මුදුව දුම්රියපළේ විදුලි එළි වැදී දිලිසෙමින් තිබිණි. ඇගේ මුවේ බුලත් කෙළ පිරී තිබුණු අතර ඈ කවුළුවෙන් එපිටට කෙළ ගසන්නට බලාසිටියේ දුම්රියපළ පසුවන තුරුයි. වේදිකාවේ ආලෝකවත් කොටස පසුකර දුම්රිය වේගයෙන් ඇදී යද්දී ලාල් ආර්යාව හෙලූ රතු පැහැති බුලත් කෙළ පිඬ ඊතලයක් ලෙසින් කවුළුවෙන් පිටතට ඇදී යනු පෙනුණි .





Nissanka Rajapaksa

unread,
Jul 1, 2024, 8:22:26 PMJul 1
to INDRAKA group
42
කලා කෘතියක්

ඇන්තන් චෙකොෆ්

Nissanka Rajapaksa

unread,
Jul 2, 2024, 8:20:08 PMJul 2
to INDRAKA group
43
ශීත සමයේ භීම සැඳෑවක්......

MANJULA SENARATNE

මේ ගෙවෙන්නේ ශීත කාලයයි. ශීතයේත් දරුණුතම කාලයයි. ජනවාරි මාසයයි.

මධ්‍යහනය අතරමගදී ආරම්භ වුණු හිම වැස්ස තවමත් නැවතී නොමැත. දවස උදා වෙද්දී පැහැදිලිව පෙනුණු නගරය පැය දෙකක් ඇතුළතදී හිමෙන් වැසි ගිය අයුරු නම් පුදුමය. මේ හිම වැස්ස තව දුරටත් මෙසේ ඇද වැටුනොතින්, මාර්ග අවහිර වී ප්‍රවාහන සේවාවන් පවා අඩපණ වනු නියතය. 

පය ඉක්මන් කර, එහෙත් සීරුවෙන් අඩි තබමින්, නොලිස්සා, නොවැටෙන්නට දැඩි වෙර දරමින්, පදික වේදිකාව තරණය කළ මම, තට්ටු නිවාස ගොඩනැගිල්ලට ඇතුළු වී, සෝපානයට ගොඩ වන්නට පෙර, ඇතුළත උණුසුම මැද විශාල ශාලාවේ මොහොතක් ගත කලෙමි. ලියුම් පෙට්ටිය විවිර කරන මට ශානිකා ගේ, එනම් මගේ බිරිඳගේ නමට ලැබී තිබුණු ලිපියක් දකින්නට හැකි විය. එය වනාහි ජිවිත රක්ෂණ ආයතනයකින් පැමිණි ප්‍රචාරක දැන්වීමක් නිසා මා කලේ නැවත වතාවක් එය අසළ කුණු කුඩයට තැපැල් කිරීමයි.

පස් වන මහලේ අපේ තට්ටු නිවාසයේ විශාල කවුළුව තුළින් බැලූ විට පහල මාර්ගය යහමින් පෙනේ. නිවසට ඇතුල් වන මා දුටුවේ කවුළුව අසල සිට ගෙන මේ මොහොතේ යහමින් හිමෙන් පිරි මාර්ගය ඇති දෙස බලා සිටිනා මගේ පුතුන් දෙදෙනාය. ඔවුන් අසළට ගොස්, උරහිස් වලට දෑත් දමා, මගේ සිරුරට දෙදෙනාවම ලං කරා ගෙන හිස සිප, ඔවුන්ගේ අහිංසක ඉලන්දාරි මුහුණු දෙස බැලුවෙමි. පුරුදු සිනහවෙන් වත පුරවාගෙන ඔවුහු මදෙස බලා සිටියහ. ඔවුහු මෙසේ බලා සිටින්නේ හිමෙන් පිරුණු මාර්ගය දෙස පමණක් නොවන බව මම දනිමි. වෙලාව හවස පහට ආසන්නය. රැකියාව නිම වී නිවසට එන අම්මාට හිම පතනය නිසා යහමින් නිවසට එන්නට හැකි වේදැයි යන බිය දරුවන් තුළ ඇතිව තිබෙනා බව පැහැදිලිය. 
"කෝපි එකක් බිලා මම ගිහින් අම්මව එක්කං එන්නං ...." මම කීමි. ඔවුහු කිසිවක් නොකියා එකිනෙකාගේ කාමර වලට රිංගා ගත්හ.
කෝපි තොල ගානා අතරතුරේදී ශානිකාගේ ජංගම දුරකතනය ඇමතූ නමුත් පිළිතුරක් ලැබුණේ නැත. මේ මොහොතේ ඇය උමං දුම්රියේ ගමන් කරමින් සිටින ඇයට එහි ගෝෂාව නිසා දුරකථන නාද හඬ නෑසේ. කීප වාරයක්ම නාද වී පණිවුඩ තබා ගන්නා ජාලයට ඇතුළු වන්නට පෙර ඇගේ හඬින් කියවෙන වදන් පෙලට සවන් දෙන මගේ හදවත ටොන් ගණනක් සිතල දිය කර හරින්නට සමත් උණුසුමකින් පිරි ගියේය. කෝපි පානය නවතා දමා යලිත් හිම කබාය ලා ගෙන "මං ගිහින් අම්මව එක්කගෙන එන්නම්..." යැයි කියා නිවසින් පිටවිමි.

අදින් මාස නවයකට පෙර, ගෙවුණු මාර්තු මාසයේ, වසන්තයේ මුල් හිරු කිරණ පහව ගොස් නොතිබුණු දෙවන සෙනසුරාදා සවස අපර යාමයේ, අපි සිව් දෙනා පුරුදු පරිදි කෑම මේසයට වාඩි ගතිමු. සෙනසුරාදාව වනාහි ශානිකා තම සූප හපන්කම් මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරන ආඩම්බර දිනයයි. කාර්ය බහුල සතියේ දවස් පහ පුංචි කෑම වලින් ගෙවා දමනා අපි සෙනසුරාදාව පැමිණෙන තෙක් මග බලා හිදිමු. දෛනික දිවියේ බොහෝ දෙයට මෙන් ශානිකා උයන්නට දක්ෂය. මේ කියන දවසේ කෑම මේසයට වාඩි ගෙන, සියළු රස මසවුලෙන් පිඟානට කඳු වැටියන්ගේ හැඩ ලබා දෙන අයුරු බලා හිඳ මමත් පුතුන් දෙදෙනාත් දෙස ප්‍රහර්ෂයෙන් පිරුණු බැල්මක් හෙළුෑ මගේ බිරිඳ මෙසේ කීවාය 
"මම අලුත් මොබයිල් ෆෝන් එකක් ගන්න තීරණය කළා...." 
මෙය වනාහි සුභ ආරංචියකි. අපි තුන් දෙනා අත්පොලසන් දෙන්නට පටන් ගතිමු. ඇය, ලජ්ජාවෙන් හා අපහසුවෙන් පිරුණු මුහුණින්, හිස පැත්තකට යන්තම් ඇල කර සුන්දර සිනහවක් පෑවාය. ඇගේ රූමත් බවින් මගේ කුස ගින්න ඒ මොහොතේ පහව ගියේය.

නවීන තාක්ෂණය අදහා ගත නොහැකි ලෙස ඉහල තලයකට පැමිණ, කඩදාසියක් තරම් සිහින්ව, සැහැල්ලුව ජංගම දුරකතන බිහිවෙන, අපි තුන්දෙනාම එවැනි "අති පැහිච්ච", මිලෙන් අධික "ජේත්තු" ෆෝන් හිමි කර ගෙන සිටිනා අවධියේ ශානිකා පාවිච්චි කළේ දොළොස් වසරකට පෙර මිලදී ගත් Nokia වර්ගයේ මූසල මුහුනතක් ඇති කිලෝ භාගයක් පමණ බරැති ජංගමයකි. අපි අපේ දුරකතන වලින් හඳ අල්ලන්නට උත්සාහ කරද්දී ඇය තමාගේ දුප්පත් අල්පේච්ඡ ජංගමයා සමග යහමින් සුවෙන් කල් යැවුවාය. 
"අම්මේ ගන්නකෝ ස්මාර්ට් ෆෝන් එකක්..." ලොකු පුතා කියද්දී "අද කාලේ මිනිස්සුන්ගේ ස්මාර්ට් කම තියෙන්නේ ෆෝන් එකේ විතරයි ..."  යනුවෙන් ඇය පිළිතුරු දුන්නාය.
"අම්මා ටැලිෆෝන් එක එලියට ගන්නකොට මට ලැජ්ජයි...." පොඩි පුතා කියද්දී "ඔයා මාව අඳුරන්නේ නැති විදිහට ඉන්න...." යි පිළිතුරු ලැබුණි.
"ඔයා ටැලිෆෝන් එක මාරු කලේ නැත්නම් අපේ පවුල් ජිවිතේ ගැන තීරණයක් ගන්න වෙනවා....." යන මගේ ප්‍රකාශය හමුවේ කිසිවක් නොකියන්නී තමන්ගේ දුරකතනය අතට ගෙන බොහෝ සරාගී ලෙස එයට හාදුවක් දී මදෙස රවා බැලුවාය. ඇගේ මෙවැනි හැසිරීම් වලට මම බෙහෙවින් ප්‍රිය කලෙමි. ගෙවෙන තත්පරයක් පාසා මම මගේ බිරිඳ සමග වැඩි වැඩියෙන් ආදරයෙන් බැඳෙමින් සිටින්නේ යැයි මට සිතුණි .

සෙනසුරාදා කෑම මේසයේදී කළ ප්‍රකාශනයෙන් දින දෙක තුනකට පසුව අම්මාගේ ජංගම දුරකතනය මිලදී ගැනීමට දරුවන් දෙදෙනා ඇය සමග පිටත් වුහ. අධික මුදලක් ගෙවා මිලයට ගත් අළුත් ෆෝනය සමග නිවසට පැමිණ, තවත් පැය කීපයක් එහි හැඩ වැඩ ඔවුහු ඇයට කියා දුන්හ. ඇතැම් විටක අයියා මලෝ නිසි එකඟතාවය කට එළඹෙන්න නොහැකිව ආරවුල් ඇති කර ගන්නා හඬ ද මට ඇසුණි. අන්තිමේදී ශානිකා නිදි යහනට පැමිණියේ බොහෝ වෙහෙස මහන්සි වී දවසක් රැකියාව කළාක් මෙනි. හිසරදයකුත් ඇයට වැළදී තිබුණි.
"මේ ටැලිපෝන් එක හින්දා මගේ ඔලුව අවුල් ජාලයක් වෙලා. මේ මොකටද මේ තරම් සූත්තර..face book, internet, twitter, viber, whatsapp, playstor, assistance මොනවද මේ මගුල්..." ඇය කීවාය. නිදන කාමරය වසන්තයේ දිගු දවසේ ලාමක ආලෝකයකින් එළිය වී තිබුණා මට මතකය. මුළු ලොවම දරා ගත නොහැකි නිහැඬියාවක ගැලවුණු ඒ මොහොතේ මම ඇය ගේ සවනට මුමුණන්නට පටන් ගතිමි.
"ශානිකා..."
"ම්ම්..?"
"පොඩි උදව්වක් කරන්න ..."
"මොකක්ද...?"
"ඔය අලුත් ටැලිපෝන් එකේ තියනවනේ මැසේජස් තියන්න තැනක්. ඔයාට පුලුවන්ද ඒකට කළින් රැකෝඩින් එකක් තියන්න ඔයාගේ කට හඬින් ....ම්ම්..මම ශානිකා.. මට මේ වෙලාවේ කතා කරන්න බැහැ. කරුණාකරලා මැසේජ් එකක් තියන්න කියලා...?"
"මොකටද..?"
"මට ආසයි ඔයාගේ කටහඬ අහන්න..." ඇය මදෙස හැරුණාය. මගේ නළලත සිප ගෙන මදෙස බලා සිටියාය.
"අපි දෙන්නා නිතරම කතා කරන්නේ.. දවස පුරාම අපි කතා කරන්නේ... අපේ ජිවිත මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ අපි දෙන්නා කතා කරන නිසා කියලා ඔයාම කියලා තියනවනේ..."
"ඔව්..ඒත් මම සමහර වෙලාවට කතා කරනකොට ඔයා ආන්සර් කරන්නේ නැහැ. සමහර වෙලාවට ඔයාගේ කටහඬ මට අහන්න හිතෙනවා ඔයා මම කිව්ව් විදිහට මැසේජ එකක් තිබ්බොත් ඒක මට අහන්න පුළුවන්නේ..."
"ඔයා කතා කරන කොට මම ආන්සර් කරන්නේ නැත්තේ වැඩ හින්ද ළමයෝ..වෙලාවකට ඔයා පොඩි දරුවෙක් වගෙයි. හැබැයි මං ආසයි ඒකට ...."
  
පසුවදා දරුවන් නිවසට එන්නට පෙර සාලයේ සැටියේ වාඩි ගත් අපි දෙන්නා පටිගත කිරීම ආරම්භ කළෙමු. කීප වාරයක්ම එය වැරදි ගියේ ඇය පටිගත කිරීම අතරවාරයේදී සිනහවන්නට පටන් ගත් නිසාය. අන්තිමේදී විනාඩි තිහක පමණ වෙර දැරිමකින් පසුව කාර්යය සාර්ථක කර ගැනීමට අපට හැකි විය.

"සුභ දවසක්..! මේ ශානිකා.. මේ වෙලාවේ මට කතා කරන්න බැහැ. මට මැසේජ් එකක් තියන්න. මම ආයේ කතා කරන්නම්. ඉඩ ලැබුණු විගසම....." 

එයින් පැයකට පසු මගේ බිරිඳ නාන කාමරයේ සිටිද්දී ප්‍රථම වරට මේ පණිවුඩය අසනා මම ඇගේ ප්‍රංශ උච්චාරණය ගැන පුදුම වුනෙමි. (ඉහත වදන් පටිගත වූයේ ප්‍රංශයෙනි) තවත් මාස කීපයක් ගතව ගිය තැන ඇගේ මේ වදන් අසනා මසිත කියන්නේ මගේ බිරිඳ කොකිලාවියක් බවයි. ඉහත වදන් පණිවුඩ මැසිමේ ඇය රඳවද්දී නිරායාසයෙන්ම ඇය තම කට හඬට මිතුරියකගේ කෙළිලොල් බව එක් කර තිබෙනවා නොවේද...? ඇය මවකගේ සෙනෙහස එයට කැටි කොට තිබෙනවා නොවේද..? ඇය බිරිඳකගේ සරාගී ආදරය එක් කර තිබෙනවා නොවේද...? 

එය වනාහි සත් කවියෙකු විසින් තුන් කල් රැගෙන වක්‍රෝත්තියෙන් ලියූ සන්දේශයක් යැයි මට සිතේ. ඇගේ හඬ නිතර අසන්නට මට සිතේ. ගෙවුණු කාලයේ මගේ සිත ලැගුම් ගත් සකල විධ දුක්ඛ දෝමනස්සයන් සංසිදී ගියේ අලුත් දුරකතනයේ පටිගත වුණු ඇගේ හඬ ඇසීමෙනි. කිසිදු ඖෂධයකින් සුව කළ නොහැකි ව්‍යාධියකින් පෙලෙනා මගේ සිත ඇගේ හඬින් සුවපත් විය. රුපවාහිනිය ඉදිරියේ වාඩිගෙන සිටිනා මොහොතක මා අසලට එන පුතුන් දෙන්නා අසළ කුඩා මේසය මත ඇති ශානිකා ගේ දුරකතනය දැක, මේ මොහොතේ ඇය පිළිතුරු නොදෙන බව දන්නා නිසා එයට ඇමතුම් දෙති. ඔවුන්ට ද අම්මාගේ කට හඬ අසන්නට උවමනා වී ඇතිවා සේය. ඔවුනගේ මුහුණේ ඇදී යන අහිංසක සිනහව මට පෙනේ. 
 මම තමන්ගේ දුරකතනයට නිතර කතා කරන බව ශානිකා දැන සිටියාය. දවස පුරා ඇමතුම් දහයක් පහළොවක් මගෙන් ලැබී ඇති බව දැන ගන්නා ඇය තාත්තා වටහා ගත නොහැකි උමතුවකින් පෙලෙනා බව දරුවන්ට කීවාය. දෙමාපියන් ආදරයෙන් වෙලී සිටිනා නිවසක හැදෙනා දරුවෝ ප්‍රීතිමත් දරුවෝ බව මම අසා තිබුනෙමි. මා දවස මෙතරම් සුවෙන් ගත කළේ ආදරය කළ ගැහැනියගේ කටහඬ නිතර ඇසූ නිසා බව මිතුරන්ට කියන්නට මැලි වීමි. තම බිරින්දන්ගේ කන්දොස්කිරියාවෙන් බේරෙන්නට නිවසින් පිටත වැඩි කාලයක් ගත කරනා මිතුරන් හමුවේ මා අමුතු සතෙකි. බිරිඳගේ කට හඬ අසන්නට දුරකතනයට කතා කරනා මගේ උපන් ගම මුලේරියාව දැයි ඔවුහු අසනු නියතය. එහෙත් මම මට ආදරය කලෙමි.  
මේ ගෙවෙන්නේ ශීත කාලයයි. ශිතයේත් දරුණුතම කාලයයි. ජනවාරි මාසයයි.
කෝපි පානය නවතා දමා හිම කබාය ලා ගෙන "මං ගිහින් අම්මව එක්කගෙන එන්නම්..." යැයි කියා නිවසින් පිට වෙද්දී මට ඇයව මුණ නොගැහෙන බව මගේ පුතුන් දැන සිටියහ.

පසුගිය ඔක්තෝබර් මාසයේ 11 වැනි සදුදා හරියටම උදේ දහයට මම ශානිකාට කතා කලෙමි. එය අපේ 18 වන විවාහ සැමරුම් දිනයයි. දෙන්නා පමණක් හොඳ අවන්හලකින්, හොඳ කෑම වේලකින් කුස පුරවා ගෙන, හොඳ සැඳෑවක් ගත කිරීම අපේ බලාපොරොත්තුවයි. ඇය පිළිතුරු දුන්නේ නැත. 

"සුභ දවසක්..! මේ ශානිකා.. මේ වෙලාවේ මට කතා කරන්න බැහැ. මට මැසේජ් එකක් තියන්න. මම ආයේ කතා කරන්නම්. ඉඩ ලැබුණු විගසම....." ඇගේ කට හඬ අසා දෙතොල සිනහවකින් පුරවා ගත් මම රැකියාවේ කටයුතු සදහා පැයක් වැය කොට යලිත් ඇයට කතා කලෙමි. පිළිතුරක් නැත. තවත් පැයක්. පිළිතුරැ නැත. ඇගේ හඬ පමණකි. තවත් පැයක්. පැය දෙකක්. තුනක්. දවසක්. සතියක්. මාසයක්. තුන් මසක්. මම දහස් වාරයක් ඇය ඇමතුවෙමි. ඇය පිළිතුරු නොදුන්නාය. මට ඇසුණේ ඇගේ හඬ පමණකි.

එදා උදෑසන උමං දුම්රිය අතරමග නැවතුනු විට එහි රියදුරා මගීන් අමතා කිවේ මගියෙක් අසනීප තත්වයෙන් පෙලෙනා නිසා දුම්රිය මොහොතක් ප්‍රමාද වන බවයි. අනෙක් මගීන් කෝප ගත්හ. මොහොතක් නොව පැයක් පුරාම දුම්රිය ප්‍රමාද විය. අන්තිමේදී දුම්රිය ගමනා ගමනය සම්පුර්ණයෙන්ම අඩපණ වී තිබුණි. එදා සවස් යාමයේ රැකියාවෙන් පිටවී නගරය හරහා වේගයෙන් දිව ගිය මම රෝහලට ඇතුල් වී විනාඩි කීපයක් ගත වුණු තැන ප්‍රධාන වෛද්‍යවරයා පැමිණ මගේ බිරිඳ මොළයේ ඇතිවුණු හදිසි රුධිර වහනයක් නිසා මිය ගිය බව කීවේය. උමං දුම්රියේදිම සිදුවුණු මරණයකි. අවුරුදු හතලිහක කාන්තාවක් මෙවැනි මරණයකට මුහුණ දෙන්නේ කලාතුරකින් බවත් ඇගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන තමා කනගාටු වන බවත් තව දුරටත් ඔහු කීවේය. මා ඉදිරියේ සිට ගත් තවත් අයෙක් අනතුර සිදුවන මොහොතේ ශානිකා සතුව තිබුණු දෑ මට භාර දුන්නේය. ඇගේ අත්‍ බෑගයෙන් අළුත් ජංගම දුරකතනය අතට ගත් මම එදෙස බලා සිටියෙමි. එය ඇමතුවෙමි. එය නාද වෙයි. දිගින් දිගටම නාද වෙයි. අන්තිමේදී පණිවුඩ තබන්නට පෙර ඇගේ මිහිරි හඬ මට ඇසුණි . 
"සුභ දවසක්..! මේ ශානිකා.. මේ වෙලාවේ මට කතා කරන්න බැහැ. මට මැසේජ් එකක් තියන්න. මම ආයේ කතා කරන්නම්. ඉඩ ලැබුණු විගසම....."
මෙය ශීත සමයේ භීම සැදෑවකි. සීතලයේ ගැහෙමින් උමන් දුම්රිය දොරකඩ ළඟ මග බලා සිටිනා මට මගේ බිරිඳ යළි නොඑන බව සිතා ගන්නට අපහසු විය. මගේ කබායේ එක් සාක්කුවක ඇති ඇගේ අලුත්ම දුරකතනය අතට ගත් මම එදෙස බලා සිටියෙමි. දැන් මට ඇත්තේ මේ අජීවී වස්තුව පමණි. එහි පටිගත වී ඇති ඇගේ හඬ පමණි. 

මේ දුරකතනය පරිගණකයට සම්බන්ධ කර ශානිකා ගේ කට හඩ එහි මතක ගබඩාවේ තැන්පත් කළ මමත් පුතුන් දෙන්නාත් අනතුරුව තවත් USB යතුරු කීපයකට එය එක් කර ගතිමු. මේ එක් යතුරක් අපේ නිවසෙත්, තවත් යතුරක් මගේ රැකියා ස්ථානයේත්, තවත් යතුරක් ජර්මනියේ ජිවත් වන මගේ නැගණියගේ නිවසේත්, තවත් යතුරක් ලංකාවේ අපේ මහ ගෙදරත් දැන් තැන්පත්ව තිබේ. ජීවිතය බෙදා ගත් ගැහැනියගේ හඬ මෙලොවෙන් මැකී යන්නට නම් ලෝක විනාසයක් විය යුතුය.
"ශානිකා... ඔයාගේ මැසේජ එකේ තියනවා ඉඩ ලැබුණු ගමන්ම කතා කරනවා කියලා... ඇයි ඔයා තාම මට කතා කලේ නැත්තේ...?" මම ඇසුවෙමි. එදා රාත්‍රියේ සිහිනෙන් ඇය මවෙත පැමිණියාය. මගේ නළලත් සිප සවනට ලංව ඇය මෙසේ රහසින් කීවාය.
"මං ඔයා එනකං බලා ඉන්නම්... ඉක්මන් වෙන්න එපා. පුළුවන් තරම් පරක්කු වෙලා එන්න.. ඔයා මං ලඟට ආවට පස්සේ මේ සංසාරේ කොයි තරම් දික් වුනත් මට කමක් නැහැ...."


Nissanka Rajapaksa

unread,
Jul 3, 2024, 8:13:44 PMJul 3
to INDRAKA group
44
නිධානය

 Epic Writer Duo (FB page)

අපේ ගේයි ඉඩමයි, අක්කර තුනයි පර්චස් අසූවක් විතර විසාලයි. කොස්, දෙල්, පොල්, අඹ, රඹුටන්, පේර විතරක් නොවෙයි, දූරියන් ගස් පවා වැඩුණු සරුසාර ඉඩමක්. ගඟට මායිම් වෙලා තිබුණු තැනිතලා ඉඩමේ, කුරුල්ලො, ලේන්නු, වල් හාවෝ, ඉත්තෑවො විරතරක් නොවෙයි, මොණරුත් හරීම නිදහේ සැරිසැරුවා.

නිස්කලංක පරිසරයක පිහිටා තිබුණු අපේ මහ ගෙදර, ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තනා තිබුණු ඉපැරණි නිවසක්. ඓතිහාසික වලගම්මබා ලෙන පිහිටා තිබුණේ අපේ ඉඩමේ ඉඳන් ෆර්ලෝමයක දුරින්. කොළඹට පැය එකහමාරයි, තෙකලා විදුලිය, ස්වාභාවික ජල උල්පත්, පුළුල් මංමාවත් වැනි මූලික පහසුකම් ඉඳුරාම සපුරා තිබුණු නිසාවෙන්, සංචාරක හෝටල් කර්මාණ්තයේ නියැලෙන ධන කුවේරයෝ කිහිප දෙනෙකුගේම විල්ලෝඩි ඇස් නිරන්තරයෙන්ම අපේ ගෙටයි ඉඩමටයි වැටිලයි තිබුණේ. කිහිප විඩක්ම විශාල මුදලකට ගේයි ඉඩමයි මිලයට ගන්න උන් උත්සහ දැරුවත්, මගේ ආච්චි අම්මා එක වැලි කැටයක් වත් විකුණන්න කැමති වුණේම නැති තරම්.

ඉඩමේ එක කෙළවරක, ස්වාභාවිකවම පිහිටි ගල් බොක්කක් තිබුණා. ඒක පරිසරයේ අපූරුම නිර්මාණයක් කියලා කින්න පුළුවන් තරමේ සුන්දර තැනක්. එතැන ටිකක් අන්ධකාරයි, නිෂ්ශබ්ධයි, ඒ වගේම ගුප්තයි. උස ගල් කුළුණුවලින් වට වුණු ගල් බොක්ක මැද රවුම් තැණිතලා පොළවේ තණකොළ ගස් වැවුණේ නැහැ, එතැන මුඩුයි. ගල් බොක්කේ පොළව මට්ටමේ තිබුණු සමතලා ගලක් උඩ, අලියෙකු ගේ පා සළකුණක් කොටලා තිබුණා. 

පොඩිකාලේ ඉඳන්ම මගේ හිතේ කැකෑරෙන ලොකූ සැකයක් තිබුණා, මේ ලඟම නිධානයක් වළලා ඇති බවට. අලියෙකු ගේ පා සළකුණකින් කියැවෙන්නේ හතර මහා නිධානයක සලකුණු බව මට පසු කලෙක ඉගෙන ගන්නට ලැබුණා. මම බොහෝම උනන්දුවෙන් ගල් බොක්ක අවට තව තවත් පිරික්සා බලනකොට මට එක තැනක් ගැන සැකයක් මතු වුණා.

ගල් බොක්ක මැද පිහිටි මුඩු තැනිතලා පොළවේ එක තැනක පසේ පිහිටීම ටිකක් අස්වාභාවිකයි. තැනිතලා පොළවේ හරි හතරැස් හැඩයේ කොටුවක් පොළව යටට ගිලා බැහැලා තියනවා මම දැක්කා. වලගම්බා රජු සමයේ තැන්පත් කළ හතර මහා නිධානයක් මෙතැන තියනා බවට මට ඉර හඳ වාගේ විශ්වාසයි. ඒත්, නිධාණයක් ගොඩ ගන්නට නම්, මිනිස් බිල්ල්ක දෙන්නට ඕනි.
----------------------
ලංකාවේ රස්සාවක් කරලා ගොඩයන්න බැහැ, එහෙමැයි කියලා පිට රටක පදින්චියට ගිහින්, හිම මිදෙන සීතලේ ගැහි ගැහී සුද්ද ගේ ගූ ඇදලා ජීවත් වෙන්නත් බැහැ. ගහන ගේමක් මෙහෙ ඉඳන්ම ගහලා, හැමෝටම පෙනෙන්න ජීවත් වෙන්න ඕනි. එතකොටයි ජීවත් වෙනවා කියන ඒ හැඟීම හිතට දැනෙන්නේ. කාටවත් නොපෙනී කොච්චර සැපට ජීවත් වුණත් වැඩක් නැහැ, ජීවිතය තෘප්තිමත් යැයි හැඟෙන්නේ කවුරුහරි අපිව අගය කළහම විතරයි. අගය කිරීමක් නැති ජීවිතයක් කියන්නේ පතුලක් නැති අගාධයක්.

පිට රට පදින්චි එවුන් ගේ සමාජමාද්‍යය ගිණුම් දිහා බැලුවහම උන්ගේ මානසිකත්වය මොනවට පැහැදිලි වෙනවා. හිම කඳු, ඇපල් වතු, මිදි වතු, සාප්පු සංකීරණ වාගේ මනවඩන පසුබිම්වල හිටගෙන පින්තූර දැම්මත්, ඇත්තටම උන් ජීවත් වෙන්නේ පුන්චිම පුන්චි ගේ කෑල්ලක වකුටු ගැහිලා. ගූ ඇදලා, කක්කුස්සි හෝදලා, ඉඳුල් හෝදලා, උන්ගේ ජීවිතවල අභිමාණය කඩා වැටිලා. පැත්ත වැටණු ජීවිතයට, සමාජමාද්‍යය මුක්කුවක් ගහගෙන, සෙක්කු ගොණ්නු වාගේ එකමතැන කැරකි කැරකී උන් ජීවත් වෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් හිම කබායක බැහැගෙන පළකරන ඡයාරූපවලින් උන් අපිට කියන්න උත්සාහ දරන්නේ "මේ බලන්න, අපි කාලා බීලා ජයට ජීවත් වෙනවා" කියන ඒ බොරු කේප්පය.

ඒ විතරක් ද, ඒ රොප්පේ ජීවත්වන ලංකාවේ ගැහැණු; කෑම පිසීමේ සිට අසූචි හැළීම දක්වාම බුකියේ පල් හෑලි ලියනවා. තමන්ගෙම මිනිහා ගැන නවගුණ ලියනවා, දරුවො ගැන ප්‍රශස්ති ලියනවා, කළු කෝපි ගැන ලියනවා, ඇල්කොහොළය ගැන ලියනවා, හෙළුව ගැන ලියනවා, හඳ පළුව ගැන ලියනවා. එහෙම ලියලා ලියලා උන් පුරවන්න උතසහ දරන්නේ තමන් ගේ ජීවිතයේ තියන ඒ මහා කඩා වැටීම මිසක්, ඇත්තෙන්ම උන් කුෂාග්‍ර බුද්ධිමතුන් වත්, ප්‍රාමාණික උගතුන්වත් නොවෙයි, මානසික ආතතියෙන් පෙළෙන මරිමෝඩ ගැහැණු පොක්කරයක් පමණයි.

යථාර්තයේ දුක්ඛිතභාවයෙන් පලා යෑමට ඔවුන් පත හෑළි ලිය ලියා, අන්තිමට ඒ හෑලි ඇතුලෙම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔවුන් ගේ ජීවිත ඌණපූර්නය වන්නේ හුදෙක් සමාජ මාද්‍ය හරහා වැටෙනා ලයික් සහ කමෙන්ට් වලින් පමණි. උන් සමාජ මාද්‍යය තුල උජාරුවෙන් පළකරනා සර්වපිත්තල පින්තූර, කවි, කන්දරයන්ට රැවටිලා, අපිත් ගේ දොර, ඉඩ කඩම්, යාන වාහන, කණ කර, සන්තකේම කුණුකොල්ලෙට විකුණලා, පවුල් පිටින්ම හකුලා ගෙන පිට රට පදින්චියට යනවා.

සේසතම බාල මිලකට විකුණලා පිට රට ගියත්, අනේ අන්තිමට බඩේ බත් නැතුව, ඉඳුම්හිටුම් නැතුව, ඇඳුම් පැළඳුම් නැතුව, පෙරළුන පිට හොඳයි කියන ඉබ්බො වාගෙ, නැවතත් අගහිඟකම් මැද ගෙවෙනා යාන්ත්‍රික ජීවන රටාවකට අනුගත වී ජීවත් වෙන්නට පෙළඹෙනවා. මෙගොඩහ ඉමේ ගොණුන්ට එගොඩහ ඉමේ තණකොළ පෙණෙන්නෙම තද කෙළ පැහැයට ලු, එය ගොණ්කමේම සර්ව ලක්ෂණයක් මිස ප්‍රඥාව පහළ වීමක් නොව.

මහා ලොකු දාර්ශනික විග්‍රහන් ලිව්වට, කක්කුස්සි හෝදන්න හරි කමක් නැහැ, මමත් ඒරොප්පෙ රටක පචින්චියට යන්න තීරණය කරලයි තිබුණේ. මට මතක් වෙන්නේම පොඩි කාලේ අපි දාදුකැට සොලවා සෙල්ලම් කළ, ණයයි ඉණිමගයි තිබුණු ඒ පුවුරුව. මම හොයන්නේ එකපාරම ඉහළ නගින්න පුළුවන් ඉණිමගක්, මම විතරක් නොවෙයි, අපි හැමෝම එහෙමයි.

මම දැනට නියැලෙන රැකියාවත් සළුපටු එකක් නොවෙයි, අතමිට සරු හොඳ රැකියාවක්. මගේ මාසික වැටුපට වඩා විශාල මුදලක් මම දිනපතා යටිමඩි ගහලා හොයනවා. ගිණුම් වාර්ථා නැත, විගණන වාර්ථා නැත, මට ඉහළින් කිසිවෙක් නැත. අවශ්‍ය නම් මට පුළුවන් මිනිසුන්ට නොමිලේම සේවාව ලබා දෙන්න. අවශ්‍ය නම් මට පුළුවන් මිනිසුන් ගෙන් වැඩිපුර මුදල් අය කරන්න.

ඉස්කෝලේ ගුරුවරයෙක්, වරදක් කරපු ළමයෙකුට තලන්න වේවැල අතට ගත්තත්, අන්තිමට ඒ ළමයා ගැන අණුකම්පා හිතිලා, "යනවා යන්ඩ මෙතැනින්, ආපහු වැරදි කරලා අහුවුණොත් මම තමුසෙව කොටුමස් කරණවා...." කියලා කෑමොර දීලා ඒ ළමයාව නිදහස් කරලා යවන ඒ ආත්ම තෘප්තිය, ගුරුවරයා හිත පුරාම ආශ්වාදය කරනවා. ඒ වගේ සිද්ධියක යථාර්තය වන්නේ; ගුරුවරයා තමන්වම උසස් කර ගනිමින් ආත්ම වින්දනයක් ලැබීමයි. මක්නිසා ද යත්, වැරදි කිරීම මනුශ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක් යැයි කියමන ගුරුවරයා හට කොහෙන් හෝ කණ වැකී ඇති බැවින්, හුදු සමාව දීමක් තුළින් ඔහු තමන්ව ම දේවත්වයේ ඔසවා තබා ආත්ම තෘප්තියක් ලබනවා.

සල්ලි නැතිව ගමන් ගන්නා මගියෙකු හට බස් කොන්දොස්තර; "කමක් නෑ, අදට ශේප් එකේ බැහැලා යනවා, ආය සල්ලි නැතුව මේ බස් එක පැත්ත වත් බලන්ඩ එපා, මම තමුසෙව මග බස්සලා යනවා..." කියා පවසන ඒ අගෝර වචන තුලින් කොන්දොස්තර ලබන්නෙත් එක්තරා ආත්ම තෘප්තියත් උදව් කරන මුවාවෙන් යමෙකුයව පහත් කරමින් ලබනා ඒ තෘප්තියත් එක්තරා අශ්ලීල ආත්ම වින්දනයක්.
 
මමත් ඒ වගේමයි, මගේ රැකියාවේ සුළු සුළු කාරණා වලින් විශාල ආත්ම තෘප්තියක් ලබනවා. හොඳට මුදල් උපයන්න පුළුවන් රැකියාවක් අතහැරලා පිට රට යන්නේ මොන මෝඩයාද කියලා ඔබට හිතෙන්න පුළුවන්. ඒත් මම කරන රැකියාවේ කිසිම අභිමාණයක් නැහැ කියලා මට හැඟෙනවා, ඒ නිසයි මමත් පිට රට යන්නම තීරණයකට එළඹුණේ.
------------------------
නෑයෙකුට කියලා මට හිටියේ ආච්චි අම්මා විතරමයි. මගේ අම්මයි අප්පච්චියි, මම පුන්චි සන්දියේ හදිසි අණතුරකින් අන්ත්‍රා වෙලා. අතදරුවා කාලේ පටන් මල් පෙත්තක් තරම් පරිස්සමට, ආදරයෙන්, කරුණාවෙන් මාව හදාවඩාගෙන තියන්නේ මගේ ආච්චි අම්මා. ආච්චි අම්මා හරීම සිරියාවන්තයි, ඒ වගේම ආදරනීයයි, සමහර වෙලාවට ටිකක් විතර සැරයි. ආච්චි අම්මා ඇන්දේම බීරළු ගොතාපු ඔසරි, ගෙදර ඉන්නෙත් හවඩියයි හවරියයි බැඳලා, හරීම ජේත්තුවට.

ඉරිදා දවසක උදේම ආච්චි අම්මා පන්සල් යනකල් හිටපු මම, උදැල්ලයි, අලවංගුවයි අරන් ගල් බොක්ක පැත්තට බළල් අඩි තියාම මාරු වුණා. ගල් බොක්ක මැද යාන්තමට ගිලා බැහැලා තිබුණු ඒ හතරැස් කොටුව මම හොර රහසෙම හාරන්න පටන් ගත්තා. එතැන පොළව බුරුල්, හාරගෙන හාරගෙන යනකොට මතුවෙන පසත් තද දුඹුරු පැහැයයි. දැන් මට සීයට සියයක්ම විශ්වාසයි, මෙතැන නිධානයක් තිබෙනා බවට. මොකද, අවුරුදු ගණනාවකට කළින් මෙතැන පෙළවේ මෙකක් හරි වෙනසක් සිද්ධවෙලා තියනවා, ඒ නිසයි පස බුරුල් වෙලා, පසේ වර්ණයත් වෙනස් වෙලා තියන්නේ.

මම තවත් උනන්දුවෙන් හාරන්න පටන් ගත්තා, හාරගෙන හාරගෙන යන අතරේ මට මගේ අතීත සිදූවීම් සිනමා පටියක් වාගේ මතක තිරයට එන්න පටන් ගත්තා. මම සල්ලි වලට හරීම කෑදරයි, දවසක් ආච්චි අම්මා ගෙදර නැති දවසක මට ආසා හිතුණා ගණිකාවක් ඇසුරු කරන්න. මම කෙනෙක් ලඟට කිට්ටු කරලා ඇහුවා;

"ෆුල් නයිට් එකක් මාත් එක්ක ඉන්න ඔයාට කීයක් ඕනි ද....?"

"ෆුල් නයිට් එකකට මම රැපියල් පන්දාහක් ගන්නවා..."

එයා කිසීම ලැජ්ජා බයක් නැතිව එහෙම කිව්වා. එයා අතින් අත මාරු වෙලා පෙති තැළුණු මලක් වුණත්, තවමත් ලස්සනින් අඩුවක් නැති තරම්. තාමු වර්ණ සායම් තවරපු අකීකරු කෙස් වැටිය තට්ටු තට්ටු කපලා. ශ්‍යාම වර්ණ තවරපු ඇහිබැම, නූලෙන් කඩවසම් කරලා. තුමුල දෙණුවන් අග, කළු පැහැය මස්කාරා තවරලා. කිණිස්සක් තරම් තිවුණු නාසියේ, රතු මාණක්කයක් ඔබාපු නාස් පළඳනාවක් පැළඳලා. සිළි වෙරළ දළු තරම් සිනිඳු තොළුවේ, සරාග වර්ණ සායම් තවරලා. පිණිජම්බු හැඩය රෝස කම්මුල් දෙක, සපා කන්න හිතෙනා තරම්. වෑවර ගෙඩි පරදන රවුම් දෙතන අගින් ඉළිප්පී පෙනෙනා කෝපි ඇට තරම් පුඩුව, මිරිකන්න හිතුණු වාර අනන්තයක් තරම්. රං ගෙඩි වාගේ වටකුරු සාර පස්ස, නෙලා ගන්න ද බදාගන්න දැයි නොදන්නා සිත උමතු වන තරම්. එයා අභිසාරිකාවක් ද නැතිනම් කුලවමික් දැයි සිතා ගන්න බැරි මගේ සන්තානය, අනේ අසරණ වෙන තරම්.

"කොයි හෝටලයට ද අපි යන්නේ....." 
එයා ඉක්මණින්ම කාරණාවට බැස්සා.

"හෝටලයකට නෙවෙයි යන්නේ, අපි අපේ ගෙදර යමු....."

එහෙම කියලා, ත්‍රී රෝද රථයක් නවත්වපු මම, ත්‍රී රෝධ රාථයේ කොරොස් තිර රෙදි පහළට ඇදලා, දෙනෝ දාහක් ඇස් වලට වැලිත් ගහලා, කුට්ටි කපන කළුවරේම එයාව අපේ ගෙදර දෙරකොඩටම ගොඩ බැස්සුවා.

කාටත් හොරා එයාව ගේ ඇතුලටම දක්කගෙන ගිය මම, එයාගේ කණට කිට්ටු කරලා ඇහුවා;

"පන්දාහට කීපාරක් කරන්න දෙනව ද...?" 
මම ලැජ්ජාවන් ඇඹරි ඇඹරිමයි එහෙම අහුවා. 

"ඔයාට ඕනි තරමක් කරගන්න, හැබැයි ආරක්ෂාව දාලා...."

කට කෙණකින් සිනහ වෙලා එයා එහෙම කියනකොට, එයා ගේ දකුණු කම්මුලේ මතු වුණු ඩිම්පල් වලේ ලස්සන ඇතුලෙම ගිලිලා මට මිය යනන් සිතුණු වාර අනන්තයක් තරම්.

"අනේ මට ලැජ්ජයි වගේ, මම ලයිට් එක ඕෆ් කරලාම කරන්න ද...?"
මම නැවතත් ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි එයාගෙන් ඇහුවා.

"ඔයා ගේ සල්ලි, ඔයා ගේ ගෙදර, ඔයාට ඕනි විදිහකට කර ගන්න, මට කිසීම ප්‍රශ්නයක් නැහැ....."

ඒයා හරීම වෘත්තීය පරිනත විදිහට උත්තර දීලා, එයා ගේ ඇදුම් එකින් එක ගලවා ගලවා නිරුවත් වෙන්න පටන් ගත්තා.

"ඒක නෙවෙයි, ඔයා ගේ නම මොකද් ද...?" 
එයා හීනි කටහඩකින් මගෙන් ඇහුවා.

"මගේ නම අරුණ...." මම කෙටි උත්තරක් දුන්නා. 

විදුලි පහන් නිවා දැමූ ගමන්ම, මගේ කන්‍යා භුතයා එලියට පැනලා. ඇඳේ ඇණමුරිච්චි ඕසේ දමා කෙඳිරිගානා තෙක්ම මම එයත් එක්ක සමාගම් පෑවත්, අනේ එයා ගේ කටේ හා හූවක් නැති තරම්. අන්තිමට ඇඳ පොල්ලකුත් කැඩුණා, ඒත් එයාට වගේ වගක් නැති තරම්. 

හති වරුසාවක් මැද කට්ට කළුවරේම මම පළමු වටයේ දිණුම් කණුව පසු කළත්, එයා ගේ කටේ ජය ඝෝෂාවක් තියා හීං කෙඳිරියක් වත් නැති තරම්.

"ඉවර ද...?" 

එයා මගේ කණට කිට්ටු කරලා, හීන්නි කටහඬකින් ඇහුවා.

"පළවෙනි වටේ ඉවරයි, ඔයා ඔහොම්ම ම ඉන්න, මම තව විණාඩි පහෙන් අපහු ඇවිලා ආයෙත් වටයක් කරන්නම්...."  
එහෙම කියාපු මම, කට්ට කළුවරේම ඇඳෙන් බැහැගත්තා. 

ඔය විදිහට; දෙවෙැනි වටේ, තුන්වැනි වටේ, හතරවැනි වටෙත් ගිහින්, පස්වැනි වටේ යන කොට, එයා අවිළෙන්න පටන් ගත්තා. එයාට ගතට දැණුයි රතියක් දැනිලා තියන්නේ. 

 "අනේ තව, තව හයියෙන් මගේ පණ, ආහ්...ආහ්..." 

එයා ඇම්මෙන් කෙඳිරි ගාන සද්ද මුළු ගේ පුරාම පිළිරැව් දෙන තරම්. ඒ හීං කෙදිරිය ඕනෑම පිරිමියෙකු ගේ කණ් පිනවන, මීවිතක් තරම්. 

"ඔයා තමයි අරුණ මගේ ජීවිතේ හමු වුණු සැබෑම පිරිමියා. ඔයාට කොයින්ද මේ තරම් හයියක්..." එයා කණට කට්ටු කරලා තවත් කෙඳිරි ගෑවා.

"අරුණ...? මොන අරුණ ද? මගේ නම අරුණ නෙවෙයි ගෑණියේ, මගේ නම ලලිත්...." 

ගෑණි කළබල වෙලා ලියිට් එක දාන්ඩ කියලා මහා හයියෙන් කෑ ගැහුවා. මම කාමරේ ඇතුලට දුවගෙන ඇවිත් ලයිට් එක දැම්මා. නූල් පොටක් වත් ඇඟේ නැතිව, ඇදේ වැතිරිලා හිටිය එයා ගේ බඩ උඩ නැගෙගන හිටියේ මගේ ලඟම යහළුවෙක් වන ලලිත්.

ඒ වෙනකොටත්; කට්ට කළුවරේම මම එයාව රුපියල් දෙදාහා ගානේ මගේ යළුවෝ හතරදෙනෙකුටම ඩීල් කරලා ඉවරයි. පස්දෙනක්ම හිටියත්, අන්තිමයාට අවස්ථාවක් ලැබුණේ නැහැ, ගෑණි කලබල වෙලා මගෙන් ගේම ඉල්ලුවා....

"උඹ නම් මහා පිම්පියෙක් බං, ඔයිට වඩා හොඳයි රෙද්දක් එලාගෙන හිඟා කාපන්..."

ඒකි මට කට පුරාම මදි නොකියන්න දෙස් තබ්බා. දන්නේ නැද්ද වේස ගැහැණුන් ගේ කටවල් අවුස්ස ගත්තොත් දෙබරෙට ගල් ගැහුවා වාගේ, අණක් ගුණක් නැහැ. ඒත් මම පිම්පියෙක් නොවෙයි, එන්ටප්‍රොනෝවර් කෙනෙක්, ශුද්ධ සිංහලෙන්ම කියනවා නම්, මම හොඳ ව්‍යාවසාකයෙකයෙක්.
----------------------
පරණ මතකත් එක්කම වල හාරපු මම ඇණපු අලවංගු පාරක්, එක පාරම බොල් පොලව ඇතුලට වේගයෙන් කිඳා බැස්සා. මම අලවංගුව උඩට අරන්, උල් තුඩ දිහා බැලුවා. කහ පැහැයට හුරු රත්‍රන් වාගේ මොනවදෝ කුඩක් අලවංගු තුඩේ තැවරිලා තිබුණා. මම සැක කළා හරියටම හරි, නිධානය අත ලඟමයි. 

මම තව තවත් වීරියෙන් අලංවංගු පාරවල් ඇණ ඇණ පොළව ඇතුලටම හාරගෙන බැස්සා. පෙට්ටගමක් පුරවපු රණ් කාසි, රිදී, මුතු, මැණික්, මගේ ඇස් දෙකට මැවි මැවී පෙණෙනවා, මම කඟවේනා වාගේ තව තවත් වේගයෙන් වල හාරගෙන, හාරගෙන පොළව ඇතුලට කිඳා බැස්සා. තව අඩියයි, තව අඟලයි නිධානයට කිය කියා, දන්නෙම නැතුව පැය තුනක් එක දිගටම, වතුර පොදක් වත් නැතිව දහඩිය පෙරාගෙන මරු විකල්ලෙන් මම වළ හාරලා.

එක පාරම වල උඩින් ආච්චි අම්මා ගේ කටහඬ ඇහුණා;

"උඹ මොකටද ඔය පරණ කක්කුස්සි වල ආය හාරන්නේ? උඹට පිස්සු හැදිල ද....? මීට අවුරුදු ගානකට කලියෙන් උඹ ලෑ සීයත් ඔතැනම හෑරුවා, ඒත් හම්බ වුණු ඉටිගෙඩියක් නැහැ. අන්තිමට අපි එතැන වල කක්කුස්සියක් බැන්දා, රීල රීලම ඒ කක්කුස් වලත් පිරුණා, ඒක උඹ ඉපදෙන්නත් කාලකෙට කලියෙන් අපි පස් පුරවලා වහලා දැම්මා. උඹ ආයත් ඔතැන හාරන්නේ ගූ කන්ඩද? මෙන්න මෙහේ ගොඩට වරෙන්, මෝඩයා......"

දෙවියනේ, මම මෙච්චර වෙලාවක් හති හළාගෙන හාරලා තියන්නේ කක්කුස්සි වලක් ද එතකොට? මගේ ඔළුව විකාර වුණා, සරුවාංගෙම පණ නැති වුණා වගේ මට දැණුනා...

මටත් වඩා උසට මම වල හාරලා සවරයි, ඉතින් ආච්චි අම්මා ගේ අතේ එල්ලිලා යාන්තමට මම පරණ කක්කුස්සි වළෙන් ගොඩට වුණා. දැන් මටත් රට යනවා හැර වෙනත් විකල්පයක් නැති තරම්. වල කටෙන් ගොඩ ආව ගමන්, ආච්චි අම්මා ආයත් ගෝරණාඩුව පටන් ගත්තා;

"යකෝ, නිධාන ගොඩ ගන්න නම් බිලි දෙන්න ඕනි, තෝ මොනවා බිලි දෙන්න හිතාගෙන ද කක්කුස්සි වල හෑරුවේ...?"

ආච්චි අම්මා එහෙම කියනකොටයි මට මතක් වුනේ; සීයත් මම වගේම මෙතැනම හාරලා තියනවා. ඒ කියන්නේ මෙතැන මොකක් හරි තියන බව සීයත් දැනගෙන ඉඳලා තියනවා. නිධානය මතු කරගන්න නම් බිල්ලක් දෙන්න ඕනි ඇති. ඒත් දැන් බිල්ලකට මම කෙහේ කිය්ලා යන්න ද? මෙනවැයි කියලා බිලි දෙන්න ද?

ආච්චි අම්මා ගෙවල් පැත්තට හැරෙනවාත් එක්කම, මම දෑතම බදලා අලවංගුවෙන් ආච්චි අම්ම ගේ ඔළුවේ පිටි පස්සට පාරක් ගැහුවා. ඔළු කටුව කුඩු වෙලා, දොහ් ගාලා නැගුණු ඒ බොල් හඬත් එක්කම ගත වාරු නැති ආච්චි අම්මා කැරකිලා වළ ඇතුලටම වැටුණා. වල ඇතුලේ ආච්චි අම්මා ඔලුවෙන් ලේ පෙරාගෙන පණ ගැහෙනවා. මමත් වලට පැණලා අලවංගුවෙන් ආය වල හාරන්න පටන් ගත්තා.

පාරවල් දෙකයි පොළවට ඇන්ණේ, එක පාරම අලවංගුව බොල් හඬක් එක්ක මොකද්දෝ ඝණ වස්තුවක ගැටුණා. හරියටම හරි, නිධානය ඉල්ලලා තියන්නේ මිනිස් බිල්ලක්. ආච්චි අම්මව වලේ පැත්තකට හේත්තු කරලා, අලවගුවත් පැත්තක දාලා, මම මගේ අත් දෙකෙන්ම වලේ ඉතරු ඩිංග හාරන්න පටන් ගත්තා.

හාරපු හෑරිල්ලට මගේ අතේ ඇඟිලි තුඩු අගින් ලේ ගලන්න පටන් ගත්තා. ඒත් මම නතර කළේ නැහැ, ලේ පෙරා ගෙන මම දිගටම හෑරුවා. හාරගෙන හාරගෙන යනකොට, අන්තිමට මතු වුණු දෙයින් මගේ ඇස් දෙක මටම අදහා ගන්න බැරි තරම්. රණ් කාසි, රිදී, මුතු, මැණික් වෙණුවට මතු වුණේ බාල් දියක්. ඒක හතර මහා නිධානයක් නොවෙයි, පොළවටම දිරාපු පරණ කක්කුස්සි බාල්දියක්.....

අනේ මගේ අච්චි අම්මට තවම පණ තියන හැඩයි, මගේ ඇගිලි තුඩු අගින් ලේ ගලනවා දැකපු ආච්චි අම්ම ගේ ඇස් අගින් කඳු බින්දු රූරා වැටෙනවා. අනේ දෙවියනේ මගේ රත්තරන් ආච්චි අම්මට තවමත් පණ තියනවා. 

අනේ මගේ දෙයියෝ මට කවියක් මතක් වෙනවා;

පරපුරක බඩගිනි හැර,
දොරකොඩම වුණ්නු මහ කිරි කොස් ගස,
ඉරද්දී පළු හතරට, 
පොඩි පුතා ගේ අළුත් ගෙයි උළුඅස්සට,
අත අල්ලාන ඇහුවාලු,
මයෙ කිරි පුතේ, උඹ කාල ද?

මම තව විනාඩියක් වත් පරක්කු වුණේ නැහැ, මට සාමා වෙන්න බුදු ආච්චි අම්මේ කියලා, දෑතම බදලා තවත් අලවංගු පාරක් ආච්චි අම්ම ගේ ඔළුවට ගැහුවා. අන්තිමට මම ආච්චි අම්ම ගේ නහයට අත තියලා බැළුවා, තවත් හුස්ම වැටෙනවා ද කියලා. අනේ මගේ ඒ පාරනම් ඇත්තටම මගේ ආච්චි අම්මා මැරිලා. 

දැනුයි මිනිස් බිල්ල හරියටම සම්පූර්ණ වුණේ. ඉතින් මම ආයත් වල හාරන්න පටන් ගත්තා.
---------------------------
මරු විකල්ලෙන්ම මම වල හාරගෙන හාරගෙන යනකොට, නැවතත් මට පරණ සිදුවීමක් මතකයට නැගුණා. 

මටත් පෙම්වතියක් හිටියා, එයා දුශ්කර පළාතකින් ඇවිත්, ගාමන්ට් එකේ රස්සාවක් කරපු හරීම අහින්සකියක්. අපි දෙන්න මුණගැහිලා ටික දවසකින්ම ආදරේ හොඳටෝම මෝරන්න පටන් ගත්තා. ආදරේ දළු ලා ලියළන කොට, අපි දෙන්න තැන් තැන්වල හුදකලාව ලගින්නත් පටන් ගත්තා. 

ගැහැණියෙකුයි පිරිමියෙකුයි අතර වෙන්න තියන රහසිගත දෙවල් සේරම, අපි දෙන්න අතරෙත් ඉක්මනටම සිදු වුණා. එයා බෝඩිං වෙලා හිටියේ උසාවිය කිට්ටුව ගෙදරක. බෝඩිං ගෙදර අයිතිකාරයෝ කොහෙදෝ දුර ගමනක් ගිය දවසක, අපේම ලෝකයක තනි වෙන්නෙ එයාලෑ බොඩිමට එන්න කියලා මට ආරාධනා කළා. 

එදා මම ව්‍යාග්‍රයා පෙත්තකුත් අරන් බෝඩිමට කිට්ටු කළේ, ජීවිතේ කිසිම දවසක අමතක නොවෙන්නා තරම් සතුටක් ලබන්න හිතාගෙනමයි. අතැන මෙතැන වකුට වෙලා අහවල් වැඩේ කරලා තිබුණු අපි දෙන්නට, අත පය දිග හැරලා එකතු වෙන්න පුළුවන් දවසක් එදා. මම එයා ගේ ඇදුම් සේරම උනා දාලා, රෙදි පටියක් අරන් එයා ගේ අත් දෙකම ඇඳේ ගැට හැහුවා. එයත් කිසීම විරුද්ධත්වයක් පෙන්වූයේ නැහැ. එයාටත් ඕනි වෙලා තිබුණේ සාම්ප්‍රධායක් නොවන අළුත් අත්දැකීමක්, එයාටත් ඕනි වෙලා තිබුණේ මට කියලා රිදව ගන්න.

මගේ ඇඟේ නහරයක් නහරක් පාසාම ව්‍යාග්‍රයා උඩු දුවන්න පටන් අරන්. අහවල් එක මායා බෝන්චි වැලටත් වඩා වේගයෙන් ලියලන්න පටන් අරන්. එයා මන්දකට හසු වුණු මුවැත්තියක් වාගේ ව්‍යාජව තැති අරන් මගේ ඇස් පිනවනවා. මම මස් වැද්දෙක් වී එයා ගේ ඇඟ තැරි ගහන්න සැරසෙනවා. කාමය කියන්නේ ස්ව පීඩා සහ පර පීඩා කියන දෙකටමයි ආයුබොවන්ඩ. රිද්දන්නත් ඕනි, රිදව ගන්නත් ඕනි. 

එයාගේ සියුමැලි ඇඟ පුරාම අතින් කටින් පහුරු ගාපු මගේ මහා කළු පිරිමි ආත්මය අවසානයේ සිනිඳු සමනලෙයෙකු වී, එයා ගේ ඉකිළි කටිය මැද කපාටයේ මල් මකරන්ද උරා බොන්න මාන බලනකොටම; දොරේ සරණේරු කඩාගෙන, හයේ හතරේ සද්ධන්ත පිරිමි පරාණයක් කාමරේට ඇතුළු වුණා. කුස්සියෙන් සොරාගත්තු මුවහත් මණ්නා පිහියකුත් මිණිහ ගේ අතේ අමෝරාගෙන වුණ්නා. 

ඒ මිනිහා බන්ධනාගාර උසාවියෙන් පැණපු සිරකරුවෙක් හැඩයි. කොට කොණ්ඩේ, මුහුණ පුරාම වැඩුණු කොට රැවුල, පළල් උරිස්, මස් පිරුණු උර බාහු, කත්තු පිරුණු ඒ කාල වර්ණ දේහයේ හැබෑම තිරිසනකු ගේ සිරිය මැව්වා. 

ඇඟේ නූල් පොටක් නැතිව ඇඳේ ගැට ගහලා තිබුණු එයා ගේ නිරුවත් සිරුර දිහා කෑදර බැල්මක් හෙලූ ඒ වණ මුර්ගයා, මණ්නා පිහිය අමෝරාගෙනම එයාට කිට්ටු කළා. මම භීතියෙන් ගල් ගැහිලා;

"අනේ බුදු අයියේ, එයාට කරදරයක් කරන්න එපා.."
මම බැගෑපත්ව, ඒ මුරුගයා ගේ කකුල් දෙක මුල වැඳ වැටුණා. 

අවුරුදු ගණනාවක්ම ගැහැණු පුළුටක් ඇහැට නොදැක, කල්දේරම් බත බුදිමින්, අතේ පිහිටෙන්ම ජීවත් වුණු සිරකරුවෙකුට, ඇඟේ නූල් පොටක් නැතිව ඇඳක ගැට ගහාලා, කකුල් පළල් කරගෙන ඉන්න ගැහැණියෙක්ව දැක්කම අහවල් එක ඉදිමෙන එක අහන්න්ත් දෙයක් ද. ඒ තිරිසනා ගේ කකුල් දෙක මුල අමු හෙළුවෙන් දණ ගහගෙන, වැද වැටෙන මගේ කන්නලව්ව ඌ තුට්ටුවකට මායිම කළේ නැති තරම්. 

ඌ කෙළින්ම එයාට කිට්ටු කරලා, එයා ගේ මූහුණ ඉඹින්න වාගේ ගිහින්, අන්තිමට එයා ගේ කණට කිට්ටු කරලා රහසක් කොඳුරලා නාන කාමරේට ඇතුලට රිංගුවා.

ලැබුණු අස්වැසිල්ලෙන් මම හිමිහිට එයාට කිට්ටු කරලා කිව්වා; "මූ අවුරුදු ගානක් හිරගෙදර වේලි වේලි හිටපු එකෙක්, දැන් ඔයා කලබල කළොත්, මූ අපි දෙන්නවම කැතිගාලා මරයි. ඒ නිසා උෳ කියන ඕනෑම දෙයක්, ඔයා නෑ බෑ නොකියා ඒ විදිහටම කරන්න. ඒක විතරයි අපි දෙනන්ටම බේරනේන තියන එකම ක්‍රමය..."

"ඒක නෙවෙයි, ඌ මොනවද ඔයා ගේ කණට කරලා කිව්වේ...?"
මම කුතුහලයෙන් විමසුවා.

"ඔයා ගේ කොල්ලා හරීම ලස්සනයි, ඔයා ලඟ වැස්ලින් තියනවා ද...?" කියලා ඌ මගෙන් අහුවා. මම කිව්වා, "ඔව් බාත්රූම් එකේ තියනවා කියලා....?"

එදා මම ජීවිතේ කිසිම දවසක අමතක නෙවෙනා තරම් සැරට, සැබෑම මුර්ගයෙකු ගේ ග්‍රහණයට හසවුණා. අම්ම පල්ලා එදා මගේ අහවල් තැන මැහුම් දාන්නත් සිද්ධ වුනා.
-------------------------
මම දිගටම වල හාරන ගමන්, මට මගේ රස්සාව මතක් වුණා. මම වෛද්‍යය වරයෙක් වත්, ගුරුවරයක් වත්, බස් කොන්දොස්තර කෙනෙක් වත්, බැංකු නිළධාරියෙක් වත්, ව්‍යාපාරිකයෙක් වත්, නොවයෙි. මම කළේ නගර සභා කක්කුස්සියේ සල්ලි එකතු කරපු රස්සාව.

ඇත්තමයි, කොහේ හිටියත් කක්කුස්සි හෝදනවා කියන්නේ පුදුම ආත්ම තෘප්තියක් ලැබෙන රැකියාවක්. අසූචි තැවරිලා තියන කොමඩ් එකයි, සෙවල පිරුණු ටයිල් පොළවයි දිලිසෙන්නම පිරිසිදු කළහම ලැබෙන තෘප්තිය, වෙන මොන රැකියාවකින්වත් ලැබෙන්නේ නැති තරම්. 

ක්‍රිස්තු චරිතය කියවන කොට එක තැනක දී හමුවන කතාවක් තියනවා; වෛශ්‍යා ස්ත්‍රියක් වුණු මරියා මග්දලේනා නම් තැනැත්තිය, අහවල් කාරිය කර කර ඉන්න ගමන් අතේ මාට්ටු වෙලා. වෛශ්‍යා ස්ත්‍රීන් ප්‍රසිද්ධියේම ගල් ගහලා මරා දැමීම ඒ කාලේ සම්මත නීතියක්. මරිය මග්දලේනටත් ගල් ගහලා මරා දමන්න, පිරිමි රොත්තක් තඩි ගල් අතින් අරන් ගම වටේම පැණ්නුවා. 

දුවලා දුවලා හති වැටුණු ඒ ගැහැණිය පණ බේරාගන්න ක්‍රමයක්ම නැතිව; වීදි කොණේ බිත්තියකට පිට දී ගෙන, ඔළුව බිම නවා ගෙන, පොළවේ වැලි මත ඇගිලි තුඩු අගින් යමක් ලියමින් සිටි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ දෙපා පාමුලට ඇවිත්, ඇදගෙන වැටෙනවා. 

ඔළුව බිමට පාත් කරගෙන හිටපු ජේසුස් වහන්සේ, ඔළුව කෙළින් කරලා, අර ගල් ගගහා එලවා ගෙන ආපු පිරිමින් දිහාවට බැල්මක් හෙළා කියනවා;

"නුඹලා අතරින් පාපයක් නැති තැනැත්තා, ඇයට පළමු ගල ගසන්න..." කියලා.

තඩි ගල් අතේ තියා ගෙන, අරගෑනිට පන්න පන්න ගහපු පිරිමි, ගල් ගෙඩි බිම දාලා, එකා දෙන්න ගානේ හිමිහිට මාරු වුණා. මරිය මග්දලේනට ගලක් ගහන්න එක පිරිමියෙක් වත් ඉතුරු වුණේ නැති තරම්.

ඇත්තෙන්ම ජේසුස් වහන්සේ ඒ වෙලාවේ කිව්වේ; මේකිත් එක්ක බුදිය ගත්තු නැති, මේකිත් එක්ක අහවල් වැඩේ නොකරපු එකෙක් උඹලා අතර ඉන්නවා නම්, පළමු ගල ගහසන්ට කියන එකයි. වැරදිලා වත් එතැන හිටපු එකෙක් ඒ වෛශ්‍යා ස්ත්‍රියට ගලක් ගහලා තිබුණා නම්, ඒකි කෑ ගහලා කියනවා ඒ ගල ගහපු එකාගේ ගේ අංගජාතේ දිග පළලත් එක්කම. 

ඒ වගේම තමයි, උඹලා අතරින් කක්කුසියක් හෝදපු නැති එකෙක් ඉන්නවා නම්, පළමු කමෙන්ටුව දමන්න!
----------------
මම තවමත් නිධානය හාරන ගමන්. නිධානය මතු වුණේ නැතිනම්, මමත් යනවා පිට රට. මෙහෙ ඉඳලා කෙළ වෙනවට වඩා, පිට රට ගිහින් කෙළවගන්න එක නම්බුකාරයි කියලා සමහර වෙලාවට අපිට හිතෙන තරම්, ඒ සිතුවිල්ත් හරියටම;
 "අපිට ඇරියත් කමක් නැහැ, වැස්ලින් දාල නේ ඇරියේ..." කියනවා වාගේ එක්තරා අන්දමක තේරුමක් නැති ආඩම්බර හැඟීමක්.


Nissanka Rajapaksa

unread,
Jul 4, 2024, 8:45:51 PMJul 4
to INDRAKA group
45
සංජානා

- ධනංජය කරුණාරත්න 

ගැහැණුන් දෙදෙනකු සමග ගිය මිනිසෙකුගේ ආදර කතාවක්.

මෙහි ප්‍රධාන කතානායක ඔනිල්ගේ පසුබිම ඔබ දැනගැනීම අවශ්‍යයි. ඔනිල් අයත් වන්නේ මේ වෙනකොට කොළඹ නගරාශ්‍රිතව ජීවත් වන, ශ්‍රී ලංකාවේ තවමත් හොඳින් පවතින එක්තරා විශේෂ ඉහළ නාගරික සංස්කෘතික පංති ධාරාවකටයි. ඔවුන් පාරම්පරික තේ වතු අයිතිකරුවන්. අපේ කතාවට කේන්ද්‍ර වන ඔනිල් දැන් ඉන්න ගෙදර හදවන්නෙ ඔහුගේ තාත්තා 1960 ගණන්වල අවසානයේදීයි. එය උයනක් මෙන් මනාව සකස් කරපු ගාර්ඩ්න් එකක් මැද පිහිටි ඇමරිකන් ස්ටයිල් නමින් ශ්‍රී ලංකාවේ ප්‍රකට වුණු පෝටිකෝවක් ඇති සේවක කාමර දෙකට අමතරව තවත් කාමර හයක් ඇති විශාල ගෙදරක්. ඔනිල්ට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඔවුන් කසාද බැඳ ගොස්, කොළඹ අවට වෙනත් තැන්වල ජීවත් වෙනවා. කෙසේ හෝ ඔනිල්ට වයස අවුරුදු 30 වන විට ඔහුගේ තාත්තා මිය යනවා. ඉන්පසු ගෙදර ඉතිරි වෙන්නෙ ඔනිල්, ඔහුගේ අම්මා සහ සේවකයන් දෙන්නා විතරයි. මේ වන විට ඔනිල් සියලුම දේපොළ සහ ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම මෙන් ඉවත්වෙලා, ව්‍යාපාරික අංශයට වඩා සංස්කෘතික ක්‍රියාකාරකම් හා පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් යොදවමින් ඉන්නෙ. ඔනිල්ගෙ තාත්තා විනෝදාංශයක් විදිහට ආරම්භ කරපු පෞරාණික භාණ්ඩ සහ කලා භාණ්ඩ එකතු කිරීම ඔනිල්ගේද ප්‍රධාන විනෝදාංශය බවට පත්වී ඇති අතර, එය මේ වෙනකොට ව්‍යාපාරයක් තරමට වර්ධනය වෙලා තියෙනවා කියන්න පුළුවන්.

ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ විශේෂ ලක්ෂණයක් තමයි, ගෘහ භාණ්ඩවල සිට කලාව රසවිඳීම හරහා විස්කි දක්වා මිල අධික ගුණාත්මකභාවයෙන් ඉහළම දේවල් හරියටම හොයාගෙන රස විඳීමට ඇති හැකියාව. ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ පවුල් කිහිපයක් බොහෝ සති අග හවස් වරුවල ඔවුන්ගේ එක් ගෙදරකට එකතු වී බොමින් සතුටු සාමීචියේ යෙදීම විශේෂ සංස්කෘතික අංගයක් විදිහට දකින්නට තිබෙන අතර, ඒ බොහෝ සැඳෑවන් අවසන් වන්නේ විශාල සාලය කෙළවරක ඇති පියානෝව වටා එකතු වී ගැයුම්-වැයුම් වින්දනයකින්. කලා රසිකත්වය ගැන කතා කරනව නම් ජෝර්ජ් කීට්ගේ සිට එච්.ඒ. කරුණාරත්න දක්වා චිත්‍ර ඔවුන්ගේ එකතුවේ තියෙනවා. ඉඳහිට යුරෝපයට යන සංචාරයද ඔවුන් යොදාගන්නේ ඒ යන රටේ හොඳම ඔපෙරාවක් සහ නාට්‍යයක් රඟදක්වන කාලයටම ඒවා ද නැරඹීමටයි.

ඔනිල් දෙදාස් දෙකේදී, එනම් වයස තිස් තුන වන විට කසාද බඳිනවා. ඒ ඔවුන් ඇසුරු කළ මිතුරු පවුලකින්ම ආ, ඔහු පෙම් කළ යුවතිය සංජානා සමගයි. ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඒ පුතාට යන්තම් වයස අවුරුදු තුන වන විට ඉතාමත් අවාසනාවන්ත ලෙස සංජානා හදිසි අනතුරකින් මිය යනවා.

මෙතැන් සිට කතාව ඉදිරියට අරගෙන යන්නට අපි ඔනිල්ටම බාර දෙමු.

මට චාලනීව හමුවුණේ සංජානා නැතිවෙලා මාස හත-අටකට පස්සෙ. ඒ වෙනකොටත් ඒ මරණයේ කම්පනයෙන් සම්පූර්ණයෙන් නැගිටලා හිටියෙ නැති මට චාලනී විශාල ප්‍රතිකාරයක් වුණා. ඊට අමතරව එයාගෙ ලස්සන පෙනුමත් ඊට හේතු වුණේ නෑ කියලා මම කියන්නෙ නෑ. මම ඒ තරම් එයාගෙ පවුල් සහ සමාජ වටපිටාව හොයන්න ගියෙවත් නෑ. පෙනුමෙන් සාමාන්‍ය පවුලක කියලා තේරුණා. මට ඒක ඇති වුණා. එයාමයි මට පසුබිම කිව්වෙ. තාත්තා යුනිවර්සිටි ලෙක්චරර් කෙනෙක්. මල්ලිත් යුනිවර්සිටියෙ ඉගෙන ගන්නවා. අම්මා ටීචර් කෙනෙක්. ඔය වගේ විස්තර. දරුවෙක් ඉන්න නිසා මුලින්ම ඒගොල්ලොන්ගෙ ගෙදරින් මට කැමති වුණේ නෑ. පස්සෙ වැඩි විස්තර දැනගෙන, අපේ ගෙදර ඇවිදින් ගියාට පස්සෙ කැමති වුණා. කොහොම හරි අපි හමුවෙලා අවුරුද්දක් වත් යන්න කලින් මම චාලනීව කසාද බැන්දා.

සංජානාගෙ මරණයෙන් පස්සෙ මම හිටපු කම්පනයත්, දරුවට අම්මා කෙනෙකු නැතිවීමත් නිසා කවුරු හෝ ගැහැනියක් හමුවීම ගැන මගේ පවුලෙ සියලුම දෙනා හිටියෙ හරිම සතුටින්. එදා ඒගොල්ලො ඒකට කොන්දේසි විරහිතව සහයෝගය දුන්නා.

මේ ගැහැනුන් දෙන්නා විශ්වාස කරන්න බැරි තරමට මුළුමනින්ම වෙනස් දෙන්නෙක්. දැන් මම ඔබට කියන්න යන්නෙ මාව කම්පනයට පත්කරපු ඒ වෙනස හරහා මම ගිය හැටි. පළවැනි කෙනාගෙ රුචි- අරුචිකම් දෙවැනි කෙනාගෙන් බලාපොරොත්තු වීම වැරදියි. නමුත් ඒ එක්කම අපි ජීවිතේ දේවල් තේරුම් ගන්නෙ, හරි-වැරදි හදාගන්නෙ දේවල් සංසන්දනය කිරීමෙන්. මම සංජානා සමඟ ජීවත්වෙමින්, ජීවිතය, ආදරය සහ හරයන් ගැන බෙදාගත්ත සහ ඉගෙනගත්ත දේවල්, ඊට පස්සෙ සිද්ධ වෙන දේවල් තේරුම්ගන්න මට තියෙන එකම අත්දැකීමයි. ඒ නිසා ඒ සංසන්දනයෙන් මට ගැලවෙන්න බෑ. මට කරන්න පුළුවන් එකම දේ ඒකෙන් කාටවත් අසාධාරණයක් නොකරන්න හැකිතරම් උත්සාහ කිරීමයි. අපි බලමු.

ඉතින් මුලින්ම චාලනී සහ මං අතර බරපතළ වෙනස්කම් පෙනුණෙ අපේ වෙඩින් එක කරන්න යද්දියි. මගේ පළවෙනි වෙඩින් එක තිබ්බෙ පැරඩයිස් රෝඩ් ගැලරි එකේ. හරිම සිම්පල් විදිහට. වැඩිම වුණොත් ඒ වෙනකොට අපි ළඟින්ම ආශ්‍රය කරපු අයගෙන් දෙපැත්තෙන්ම හැට පහක් විතර එන්න ඇති. 'කමර්ෂල් වෙඩින්ස්'වලින් වෙනස්, සාමාන්‍යයෙන් ඒ වගේ 'ඉමෝෂනල් වෙඩින්ස්' කියලා හඳුන්වන ඒවට ආරාධනා කරන්නෙ අපිට වඩාම හැඟීම්වලින් බද්ධ වෙලා ඇතියි කියලා හිතන, සමීප අයට විතරයි. ඒ, එදා අපි දෙන්නම කැමති වුණු විදිහ. මේ පාර මම යෝජනා කළා, වෙඩින් එක තියමු කියලා සිම්පල් විදියට බෙයාර්ෆූට් ගැලරි ගාර්ඩ්න් එකේ. චාලනීගෙ අදහස වුණේ හිල්ටන් එකේ තියන්නයි. මම හිල්ටන් එක ගැන උනන්දු නොවුණෙ මට ඒකෙ මඟුල්වලට ගිහිල්ලම ඇති වෙලා, විශේෂත්වයක් නැතිවෙලා තිබුණ නිසයි. ඊට වඩා මම ගැලරි ඇට්මස්පියර් එකට ආසයි. නමුත් අවසානයේ මම චාලනීගෙ අදහසට ගරු කරලා, හිල්ටන් එකට කැමති වුණා. මගේ පැත්තෙන් වැඩිම වුණොත් තිහක් විතර අමුත්තන් එනකොට, එයාගෙ පැත්තෙන් සීයකට ආරාධනා කරලා තිබුණා. ඒකෙන් පහළොවක් විතර දන්වන්නෙවත් නැතුවම ආවෙ නෑ. අපේ පැත්තෙන් එන්න බැරි වුණු දෙන්නම කලින් දන්වලා තිබ්බා. ඒක මට අනුමත කරන්න බැරි නාස්තියක් වගේම සදාචාරමය ප්‍රශ්නයක්. ඒ වගේම මම යෝජනා කළා, මගේ කලින් වෙඩින් එකේදි වගේම අමුත්තන්ට මල් හැරෙන්න මුදල් හෝ කිසිම තෑගිබෝගයක් ගේන්න එපා කියමු කියලා. නමුත් චාලනියි, එයාගෙ පවුලෙ අයයි ඒකට විරුද්ධ වුණා. ලොකු විවාදයක් කරලා නවත්තගන්න පුළුවන් වුණේ ඇන්විලොප්ස් තියන එක විතරයි. ඇයි එපා කියන්නෙ කියලා ඒගොල්ලො ඇහුවා. එපා, ඇයි කියන එක තේරෙන්නෙ නැත්නම් ඒක කියලා දෙන්න තියෙන කතාව අමිහිරි වෙන්න පුළුවන් නිසා මම කෙටියෙන් 'ඒකත් සම්ප්‍රදායක්' කියලා නිහඬ වුණා.

අපේ ගෙදර ආවම චාලනීට අවශ්‍ය වුණා දැනගන්න සංජානා මොනවගේ කෙනෙක්ද, කොහොමද ගෙදර හිටියෙ කියලා. එයා කිව්වා සංජානා ඉන්න වීඩියෝ එකක්-දෙකක් පෙන්නන්න කියලා. මම චාලිනීට පෙන්නුවා, සංජානා නිල් අහස් තලේ අගේ සින්දුව පියානෝ එකෙන් ප්ලේ කරන හැටි. සංජානා නිල් අහස් තලේ අගේ සිංදුව නිතරම පියානෝ එකෙන් ප්ලේ කළා. ඒක එයාගෙ තීම් මියුසික් එක කියලා ඒ දවස්වල අපි විහිළු කළා. ඉස්සර අම්මයි, තාත්තයි එකට එන්ජෝයි කරපු සින්දු නිතරම වගේ රෑ කෑමෙන් පස්සෙ තනියම ඔය බ්‍රැන්ඩි වීදුරුවක් වගේ දෙයක් බිබී ප්ලේ කරන්න අපේ අම්මා තාත්තගේ මරණයෙන් පස්සෙ පුරුදු වෙලා හිටියා. සංජානාගෙ මරණයෙන් පස්සෙ නිල් අහස් තලේ සින්දුවත් අම්මා සමහර දවස්වලට රෑට අර වෙලාවට ප්ලේ කළා. කොහොම හරි එදා මම සංජානාගේ වීඩියෝ එක පෙන්නුවට පස්සෙ චාලනී ගොඩක් අප්සෙට් ගහලා වගේ හිටියා. එයා එදා රෑ හරියට කෑවෙත් නෑ. පස්සෙ නිදාගන්න ගියාම ඇඳ උඩදි මම දැක්කා එයාගෙ ඇස්වල කඳුළු. මං ඇයි කියලා ඇහුවම එයා බොහොම දුර්වල හඬින් කිව්වා, “පුළුවන් නම් අම්මට කියන්න ආපහු අර සින්දුව ගහන්න එපා කියලා.’’ ‘‘මට තේරෙනවා‘‘ මම කිව්වා. මම චාලනී කියපු බව නොකියා මගේ ඉල්ලීමක් විදිහට අම්මට කිව්වා, අපි දැනට ඒ සිංදුව ගහන්නැතුව ඉමු කියලා. අම්මා එකඟ වුණා. ඊට අමතරව චාලනී මගෙන් එදා රෑම ආදරයෙන් ඉල්ලුවා, සංජානාගේ පින්තූර සහ මතක පෙනෙන තැන්වලින් අයින් කරන්න පුළුවන්ද කියලා. සංජානාගේ පෙනෙන්න තිබුණු හැමදෙයක්ම පෙට්ටිවලට දාලා, මම ස්ටෝරූම් ඒකට දැම්මා. චාලනීගේ ඒ ඉල්ලීම්වලට මම යටි හිතෙන් අකමැති වුණත් මට එතැනදි එයාව මානුෂිකව තේරුම්ගන්න පුළුවන්. හැබැයි මගෙ අදහස වෙනස්. මම කියන්නෙ කිසිම හිංසාවක් කරල නැති සංජානා සහ පුතා මේ කිසිම කෙනෙක් අපේ අලුත් සම්බන්ධය තුළ ඉවත් කිරීමට හෝ සැඟවීමට අවශ්‍ය නැති බව, අපි හතර දෙනා ඉතා ගැඹුරු අර්ථවත් මානුෂික දහමකින් එකට බැඳී තිබිය යුතු බව. චාලනීට මං වගේ කෙනෙක්ගෙ ජීවිතයට ඇතුළුවීමේ වරප්‍රසාදය ඒ ගැඹුරු, මානුෂික සහ දුර්ලභ සුන්දර අත්දැකීම බෙදාගැනීමට ලැබීමයි. කොහොම හරි මම මගේ පුතාට චාලනීට කිසිම වෙනසක් නැතිව අම්මා කියන්න ඉගැන්නුවා. මම හිතුවා මනුෂ්‍යයෙක්ගේ ජීවිත කාලය ගත්තම අවුරුදු හතරහමාරෙදි වගේ අම්මව මාරු කිරීම වඩා පහසුයි කියලා. කාලය හරිම හෙමින් බඩගානවා කියලා මට හිතුණා.

සංජානා වගේ චාලනී පියානෝ ගැන ඒතරම් උනන්දුවක් පෙන්නුවෙ නෑ. මම බලකළෙත් නෑ. සංජානා අපේ ගෙදර ආවට පස්සෙ අපේ පොත් එකතුව දැකලා මාත් එක්ක පොත් කියවන්න පටන් ගත්තා. අපි දෙන්නා මාරු කර-කර පොත් කියවීම ලොකු ආශ්වාදයක් වුණා. ඒ ගැන විතරක් අපිට බොහෝ දේවල් කතා කරන්න තිබුණා. මගේ යෝජනාවට චාලනී එහෙන් මෙහෙන් පොතක් දෙකක් කියවන්න පටන් ගත්තත්, ඉක්මනින්ම පොත් කියවීමත් අත්හැර දැම්මා. ඒකත් එයාගෙ රුචිකත්වයක් නිසා මම බලකළේ නෑ. මට ඕනෙ වුණේ පොත් හරි පියානෝ හරි මොනවා හරි චාලනීත් එක්ක එකට මමත් රසවිඳින දෙයක් හොයාගන්න. ඒත් එහෙම දෙයක් චාලනීගෙන් හොයාගන්න මට හරි අමාරු වුණා. එයා ගොඩක්ම කැමති දේවල් විදියට පෙනුණෙ ෂොපින් යන්න, රෙස්ටොරන්ට් යන්න එහෙම නැත්නං ඔය කොහෙහරි හොලිඩේ ට්‍රිප් වගේ යන අවස්ථාවලටයි. සංජානා එක්ක ගත්තම ගෙදර ඉන්නකොට මමයි චාලනියි එකට කතා කරන ප්‍රමාණය අඩුවේගෙන යනවා කියල මට හිතුණා.

අර විදිහට චාලනී අපේ ගෙදර ආවට පස්සෙ මුල් කාලෙ එයාගෙ හැම ඉල්ලීමකටම, රුචි-අරුචිකමකටම මම එකඟ වුණා. නමුත්, ක්‍රමයෙන් මුල් අවුරුද්ද ඇතුළතම වගේ මම චාලනීගෙ ක්‍රියාකාරකම්වලට ඉඩදීමේ සීමාවකට ආවා. චාලනී කරන්න පටන්ගත්ත දෙයක් තමයි, එයාගෙ නෑදෑයො දන්න අඳුරන යාළුවො මේ ඔක්කොටම සැරෙන් සැරේ අපේ ගෙදර කෑමක් දෙන්න කියලා අරන් එන එක. එයා කොච්චර කාරුණිකද, ෆ්‍රෙන්ඩ්ලිද කියලා මම මුලින් හිතුවත් පස්සෙ මට තේරුම් ගිය දෙයක් තමයි එයා එහෙම අරන් එන්නෙ ඒ එන අයට මේ ගෙදර දකින්න සලස්වන්න ෂෝ ඕෆ් එකට කියන එක. ඒ හුඟක් සම්බන්ධකම් එයා හරියට පවත්වන ඒවත් නෙමෙයි. කොහෙ හරි ඉංජිනියර්, ඩොක්ටර් වගේ කියන කෙනෙක් එයාට හමුවුණොත් ඒ මිනිස්සුන්ව පුළුවන් තරං යාළු කරගෙන කෑමකට අරන් එනවා. අපි කොහේ හරි හොලිඩේ එකකට ෆයිස්ටාර් හොටෙල් එකකට ගියොත් එයා ඒ හෝටලේට ආපු බව කෝල් කරලා, අනෙක් අයට බැරි වුණු දෙයක් කළා වගේ දැනෙන්න අරිනවා. මේ වගේ වැඩ සීමාවකට ගිය අවස්ථාවක් තමයි, එයා අපේ ගෙදර දානයක් දෙන්න කියලා ඔක්කොටම එන්න කියපු එක. මම හිතපු විදියටම ඒක සිද්ධ වුණා. අපේ පවුලෙ සියලුමදෙනාගෙ තරාතිරම්, චාලනීලගෙ තාත්තා ලෙක්චර, මල්ලි ලෝයර් කෙනෙක් වෙන්න යනවා වගේ විස්තර හාමුදුරුවන්ට රහසින් කියලා දීලා හාමුදුරුවෝ ලව්ව කියෙව්වා. පස්සෙ මම එයාට ඉතාම කාරුණිකව කිව්වා අපේ දේපොළ, අපිට තියෙන දේවල්, අපි කරන-කියන විනෝද වෙන දේවල් අපි තියාගෙන ඉන්නෙ සංදර්ශනයක් විදිහට පෙන්වන්න නෙමෙයි, අපේ ඉහළ ආශ්වාදයටයි, අපේ සුවපහසුවටයි. ඒවගෙ මොනවහරි ලස්සනකුත් තියෙනව නම් දැකපු කෙනෙක් රසවින්දාවෙ. ඒත් ආගමික ක්‍රියාකාරකම්, මනුෂ්‍ය සම්බන්ධතා පවා රවට්ටමින් - මාව පවා පාවිච්චි කරමින්, ඒවා බලයක් සහ සංදර්ශනයක් විදිහට ඉදිරිපත් කරන්න එපා. ඒක හරිම සවුත්තුයි. අනෙක් මිනිස්සුන්ටත් හිංසාවක් සහ වංචාවක්.

චාලනී මේ විදිහට හැමදෙයක්ම අනෙක් අයට පෙන්වීම සංදර්ශනයක් කරගන්නකොට සංජානා කිසිම දවසක එහෙම කරන්න ගියෙ නෑ. සංජානාලගෙ ගෙදරත් අපේ ගෙදර තරම්මයි, පෙන්වනව නම් එයාට අපිටත් වඩා දේවල් තිබුණා. චාලනී ජීවිතය කියන්නෙ පෙන්වන්න තියෙන දෙයක් විදිහට දැක්ක නම් සංජානා ජීවිතය දැක්කෙ නිහඬව තමන්ට විඳින්න තියෙන දෙයක් විදිහට. සමහර වෙලාවල්වලට සංජානායි, මමයි ඔය පොඩි ලයිට් මියුසික් එකක් දාලා, සාලෙ තනියම බදාගෙන ස්ලෝ එකේ ඩාන්ස් එකක් කරනවා - ඒ වෙලාවල් වලදී මියුසික් වලට බදාගෙන විතරක් අපි ගොඩක් වෙලා ඉඳලා තියෙනවා. මම ඒ පුරුද්දට චාලනී එක්කත් තනියම ඩාන්ස් කරන්න හදනකොට එයා කියනවා, ”ඩාන්ස් කළාට වැඩක් නෑ, කවුරුත් බලන්නෙ නෑනෙ” කියලා. කවුරුවත් බලන්නෙ මොකටද? ඔයයි මමයි ආදරයයි සංගීතයයි. නැළවෙන්න ඊට වඩා වෙන මොනවද! ඒ වගේ කාටවත් පෙන්නන්න නොකර තමන්ගෙම වින්දනයට කරන බොහෝදේවල් චාලනීට අහුවෙන් නෑ. කොහොමහරි, ඊට පස්සේ මේ විදිහට එක දිගට මම චාලනීගෙ වැඩ විවේචනය කිරීමේ කාලය ආරම්භ වෙනවා.

චාලනී ගැන මගේ ගෞරවය සහ ඉහළ හැඟීම බිඳවැටෙන වැඩ තව එකදිගට මතුවෙන්න ගත්තා. පුද්ගලයෙකුගේ මානුෂික හරයන් නිරීක්ෂණය කරන්න හොඳ තැනක් තමයි, ඔබ කොයිතරම් මානුෂිකව සාධාරණව අනෙක් කෙනා තුළ තියෙන දේවල් ඔබට අගයන්න, ගණන් බලන්න පුළුවන්ද කියන එක. අන්න ඒකට කොයිතරම් ආත්ම විශ්වාසය ඕනෙද කියන එක චාලනී සහ සංජානාගේ ඇගයීම් සසඳනකොටයි මට තේරුම් ගියෙ. සාමාන්‍යයෙන් අපි දන්න අඳුරන කෙනෙක්ගෙ මොකක්හරි හොඳ දෙයක් දැකල අගයන්න ගියහම ගොඩක් අවස්ථාවල චාලනීට අගයන පුද්ගලයා කවුද කියන එක බලපානවා. අගයන්න වෙන හින්දා දැක්කෙ නෑ වගේ හිටිය අවස්ථා වගේම කෙනෙක්ට පාඩමක් උගන්නන්න තව කෙනෙක්ව බොරුවට අගයපු අවස්ථා මට චාලනී තුළින් හමුවෙලා තියෙනවා. ඒත් සංජානාට ඒ මොකුත් අදාළ නෑ. හොඳ දේ විවෘතව, බය නැතුව අගයන්න හොඳ ආත්ම විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මට හැමතිස්සෙම දේවල් සහ මිනිස්සු ගැන සංජානාගෙ අදහස හරිම සීරියස් වගේම හරිම වැදගත් වුණා. නමුත් අන්තිමට චාලනී අගයලා කියන දේවල් ගැන මං වැඩිය ගණංගන්නැති තත්ත්වයකට ආවා.

චාලනී කාටහරි උදව්වක් කළත් එයාට ඒක තව බොහෝඅයට කියලා ප්‍රචාරයක් දෙන්න ඕනෙ වුණා. නමුත් සංජානා උදව්වක් කළොත් අඩුම ගානෙ මටවත් කියන්නෙ නෑ. කාලයක් එකට ආස්සරේ කරපු යාළුවෙක් චාලනීව විශ්වාස කරලා කියපු-කරපු දේවල් බෙදාගත්ත පුද්ගලික දේවල් ඒ සම්බන්ධය ඉවර වුණොත් එයා තවත් අය එක්කලා කියනවා. සංජානා අඩුම ගානෙ මටවත් කියන්නෙ නෑ. “…ඔයාට මම ඒක කියන එක හරි නෑ” කියලා එතැනදි නවත්තනවා. අපි පාටියකදි කාලා-බීලා නටපු අවස්ථාවල කාටහරි පොඩ්ඩක් වැඩි වෙලා පිස්සු කෙළියොත්, නැත්නම් වමනෙ පාරක් ගියොත් චාලනී ඒක ගිහිල්ලා තවත් තැන්වල පහත් කරලා කියනවා. එයා නිතරම ඇසුරු කරන සමාජයේ මිනිස්සුන්ගෙ රැකියාවල් මොනවද කියලා හොයලා ඒවා තව අය එක්ක ඉහළ පහළ දමලා කතා කරනවා. ඒ වගේම චාලනී කාට හරි අකමැති කෙනෙක් ඉන්නව නම් ඒ අකමැති කෙනාව සවුත්තු වෙන්න අභූත කතාවක් හදලා පතුරුවනවා. එයා අපේ අම්මට පවා තවත් අය එක්ක 'බේබදු ගෑනි' කියලා තිබුණා. පස්සෙ මේ කතාවම චාලනීගෙ අම්මත් කියලා තිබුණා. මම ඇහුවා “අම්මා කිසිම වරදක් නොකර එහෙම කියන්නෙ ඇයි, ඒක එයාගෙ රුචිකත්වයනෙ. ඔයාගෙ තාත්තා බොනවා, මම ඒත් බේබදු මිනිහ කියන්නෙ නෑ. අපේ අම්මා කාලයක් සිගරට් බොන්න පවා පුරුදු වෙලා හිටියා. ඒත් ඒක අපි කාටවත් තාත්තටවත් ප්‍රශ්නයක් වුණේ නෑ.‘‘ මේ වගේ චාලනී එක්ක ගත්තම සංජානාට තිබුණා චාලනී අහලවත් නැති තරම් හොඳ ඉන්ටග්‍රිටි එකක්.

චාලනීගෙ මේ හැසිරීම නිසාම එයා සමහරු එක්කලා කිසිම තේරුමක් නැති ගැටුම්වල පැටළුණා. මේ බොහෝ ප්‍රශ්නවලට මට මැදිහත්වෙන්න සිද්ධ වුණා. ඒ වගේ අවස්ථාවල චාලනී මට පවා නිවැරදි විස්තර කියන්නෙ නෑ. මං පවා අවුල් වෙනවා. වැඩි කල් යන්න කලින් අපි අවට තියෙන මානව සම්බන්ධතා චාලනී නිසා විශාල අවුල් ජාලයක් බවට පත්වුණා. සමාන්‍යයෙන් ඒ වගේ කැපීපෙනෙන අවුලක් ඊට කලින් අපේ පවුල් සමාජ පරිසරය තුළ තිබුණෙ නැති නිසා චාලනීගෙ හැසිරීම වඩා හොදින් කැපී පෙනුණා. ප්‍රශ්නය චාලනී නිසා ඒවයෙන් මම හරියට පීඩාවින්දා.

චාලනී කවදාවත් දරුවට විශේෂ වෙනස්කමක් කළා කියන්න බෑ. මම එයාට බඳින්න කලින්ම තේරුම් කළා දරුවා කියන්නෙත් මමමයි, දරුවට වෙනසක් වුණොත් ඒක මට වුණු දෙයක් විදිහට දැනෙයි කියලා. හැබැයි, පුතා මොකක් හරි වරදක් කළහම චාලනී ඒකට තරවටු කරන්නෙ බොසී විදියට පුතාව දැඩි වැරදිකාරයෙක් කරලා පහළටම දාලා. මම කිව්වා පොඩි එකාව එහෙම පහළට දාලා ගිල්ටි හැඟීමක් දෙන්නෙපා, ඒක පර්සනලිටි එකට හොඳ නෑ, එතකොට ළමයට එයාගෙ තරාතිරම ගැන හීනමානයක් ඇති වෙනවා කියලා. නමුත් මට තේරුම් ගන්න පුළුවන් වුණා එයා එහෙම කළේ පුතා මගෙ දරුවා හින්ද නෙමෙයි, එයාගෙ දෙමාපියන් එයාට කතා කළෙත් එහෙමයි. ඒ කියන්නෙ චාලනීගෙම දරුවෙක් හිටියත් එයා එහෙමයි කතා කරන්නෙ.

චාලනීගෙ චරිත ලක්ෂණ, හැසිරීම අඩු-වැඩි වශයෙන් එයාගෙ පවුලේ අනෙක් අයගෙනුත් එයාකාරයෙන් මට අත්විඳින්න ලැබුණා. ඒ සියලුම ප්‍රතිචාරවල ලක්ෂණ විදිහට මම දැක්කෙ තවත් කෙනෙකුගෙ රුචි-අරුචිකම්, අයිතිවාසිකම්, දේපොළ, සමාජ තත්ත්වයන් වගේ දේවල් නිසා ඇති කරගත්ත කනස්සල්ලක් සහ ඒවා ප්‍රශ්නයක් කරගැනීම නිසා මතුවුණු අර්බුද විදිහටයි.

චාලනීගෙ මල්ලී කෙනෙක් හිටියා විශ්වවිද්‍යාලයෙ නීතිය ඉගෙනගන්න. මිනිහා සමහර වෙලාවට කියන දේවල් චාලනීලගෙ පවුලෙ අයගෙ ඇවතුම්-පැවතුම්වලට විරුද්ධයි. මොකක් හරි ඇත්තක් සහ සාධාරණයක් කතා කරන බවක් මට මිනිහ තුළින් පෙනුණා. චාලනීව නිවැරදි කරගන්න මිනිහත් එක්ක මොකක්හරි කනෙක්ෂන් එකක් ගොඩනගාගන්න මම හැදුවත් බැරුව ගියා. නමුත් වෙන විදිහකටම මිනිහත් නිතර ඔය බොන තැන්වල වගේ වෙරි වුණහම ළඟ ඉන්න අයගෙ සමාජ තත්ත්වයට සහ දේපොළවලට ගරහලා කතා කරනවා. වෙරි වුණාම මේ බොන්න දුන්න එකාගෙන්ම අහනවා, මූ කවුද, මූ මොකෙක්ද ඔය වගේ දේවල්. බොන තැන් වගේ විනෝද වෙන අවස්ථාවලදි රණ්ඩුවෙනවා. මිනිහා ඔය කලාව, දර්ශනය වගේ දේවල්වල කෑලි අරගෙන විද්වත් බුද්ධිමත් කියලා මොකක්ද එකක් පෙන්නන්න හැදුවත් ආශ්‍රය කරනකොට ඒව මිනිහගෙ ජීවිතයට බලපාලා තියෙන බවක් පෙනෙන්න නෑ. පුද්ගලික අත්පත්කරගැනීම්වලට එනකොට මිනිහටත් චාලනීගෙ මම විවේචනය කරන ආකල්පමයි තියෙන්නෙ. මිනිහගෙන්ම සමහර අදහස් වලට අනුව හරි නම් මිනිහා සහයෝගය දෙන්න ඕනෙ මගෙ අදහස්වලටයි. නමුත් මිනිහ මාව පුද්ගලිකව ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙන හින්දා ඒක කරන්න මිනිහට බෑ. මේ මං කතා කරනවා වගේ හරයන් ගැන කතා කිරීම යල්පැනගිය පරණ දෙයක් වගේ අදහසක් මිනිහා දරනවා. එතකොට අලුත්ම විදිහට හරයන් ගැන කතා කරන්නේ කොහොමද කියලා ඇහුවාම පැහැදිලි කරන්න මිනිහට අදහසක් නෑ. හැම දෙයක්ම නොසලකා හැරියාම නූතන වෙනවා වගේ අදහසක මිනිහා ඉන්නේ. මිනිහා සම්පූර්ණයෙන්ම පැටළුණු - කන්ෆියුස්ඩ් කැරැක්ටර් එකක් විදිහටයි මට අහුවුණේ. මට හරි අමාරු වුණා මිනිහත් එක්ක සහෝදරත්වයක් හෝ මිත්‍රත්වයක් ගොඩනගාගන්න.

අපිට ජීවිතයෙ හැමතැනකම නිවැරදි හෝ සාධාරණ වෙන්න බැරි වීම, එහෙමවෙන්න ඇති උවමනාව අත්හැර දැමීමට හේතුවක් නෙමෙයි. වඩා වැදගත් වෙන්නෙ පුළුවන් හැමවෙලාවෙම අපිට ඒ සඳහා ඇති අවංක උවමනාව සහ උත්සාහයයි. සංජානා සහ මම අතර තිබුණෙ ඒ වගේ උත්සාහයක් විතරයි. අපි අතර ගොඩනැගිලා තිබුණා ජීවිතේ හරයන් - කොලිටීස් මානුෂික දේවල් පිළිබඳව. ඒව මොනවද, හොයාගන්නෙ කොහොමද කියන එක පිළිබඳව පොඩි කතාබහක්, සංවාදයක් වගේ දෙයක්. ඒව මිනිස්සුන්ගෙ හරයන්වල සිට හොඳ කලා කෘතියක් අගයන්නෙ කොහොමද දක්වා පුළුල් පරාසයක විහිදිලා තිබුණා. අපි නිතර කතා කරනවා ඒව ගැන. ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් අපේ ජීවිතවලට එකතු කරගෙන එකට රසවිඳීමේ සැබෑ උත්සාහයක් තිබුණා. අපි කරන යම්දේක මොකක්ද හොඳම, කොලිටිම විදිහ සහ ඇයි අපිට ඒකට යන්න බැරි? ඕනෑම පරිසමාප්ත ආර්ථික, දේශපාලන ක්‍රමයකදි අපිට ජීවිතයෙ සාරය නමින් හොයාගන්න තියෙන්නෙ හරයන් ටිකක් නෙමෙයිද? බයිබලය, කුරානය හෝ පන්සිල් - කලගුණ සැලකීම වගේ දේවල්වල කියලා නැති ඒ හරයන් සහ රසයන් කොහොමද අපි හොයාගන්නෙ? අන්න ඒවා හොයාගැනීමේ, නිර්මාණය කරගැනීමේ සාමූහික උත්සාහය අපි දෙන්නගෙ ආදරයට හා ගෞරවයට මානුෂීය කරුණුවලට තදින් බලපෑවා. මේ උදාහරණය බලන්න: අපේ ගෙදර අපි 'අංකල්' කියන්නෙ නැවතිලා ඉන්න ඩ්‍රයිවර්ට. එයාගෙ ජොබ් එක ගෙදර වැඩවලටත් සහයදීමයි. වරක් සංජානා මට කියනවා, “ඔයා දන්නවද අංකල් අපේ පුතා එක්ක ඉන්නකොට සමහර වෙලාවට පුතාව ඉඹිනවා මම දැකලා තියනවා. අංකල් අපේ පවුලට ඉමෝෂනලි ගොඩක් ඇටෑච්වෙලා තියෙන්නෙ පවුලෙ කෙනෙක් වගේ. ඒ නිසා අංකල්ගෙ කාමරයත් අපේ කාමර මට්ටමටම ඇයි අපි කන්ඩිෂන් එක වෙනස් කරන්නෙ නැත්තෙ?’’ කියලා. ඊට පස්සෙ අපි අංකල්ගෙ කාමරය සේවකයෙකුගෙ සාමාන්‍ය හොඳ කාමරේක ඉඳන් වුණත් පවුලෙ කෙනෙකුගෙ කාමරයක මට්ටමටම සම්පූර්ණයෙන් වෙනස් කළා. ඒ හරහම අපි 'ආන්ටි' කියන සේවිකාවගෙ කාමරයත් ඒ විදිහටම වෙනස් කළා. තව උදාහරණයක්: අපේ අම්මා සිගරට් බීම නවත්තන්න හේතුව පුතා ඉපදුණාට පස්සෙ කොල්ලට දුම් යයි කියලා බයට. ඒක ලොකු තීරණයක්. ඒ තීරණය ඇඩ්මයර් කරලා සංජානා පවුලෙ කට්ටියගෙ පොඩි සෙලිබ්රේෂන් පාර්ටි එකක් ඕගනයිස් කළා අම්මට තෑන්ක්ස් කරන්න. ඒ පාර්ටි එක වෙලාවෙ පොඩි කතාවක් කරලා සංජානා කිව්වා , “ගොඩාක් කාලයක් පුරුදුවෙලා හිටිය සිගරට් බීම තමන්ගෙම තීරණයකින් අම්මා අත්හරින්නෙ එයාගෙ සෞඛ්‍ය හේතු නිසා නෙවෙයි අනෙක් කෙනාගෙ සෞඛ්‍ය හේතු මතයි, ඒ කියන්නෙ මානුෂික හේතු මතයි. සිගරට් බීම හරිද, වැරදිද වැඩක් නෑ. අම්මට ලොකු සැටිස්ෆැක්ෂන් එකක් දුන්නු ඒ පුරුද්ද එයා නවත්තන්නෙ පරිත්‍යාගයක් විදිහටයි. අපිට වැදගත් අන්න එතැනයි." සංජානාට මේ වගේ බොහෝ හොඳ දේවල් හොයලා මතු කරලා ජීවිතේට ස්පිරිට් එක පොම්ප කරල ඒකට ගැම්මක් දීලා ඇදගෙන යන්න විශිෂ්ට හැකියාවක් තිබුණා. එක්තරා විදිහකට ඒක එයාගෙ පැෂන් එකක් වගේ තිබුණා. චාලනී අතින් විනාශ වෙමින් තිබුණේ සංජානා විසින් ගොඩනැගූ ඒ ස්පිරිට් එකයි. චාලනීට නැති වූ එකම දේ යමක කොලිටිය කියන්නෙ මොකක්ද කියන එකයි. මට හොයාගන්න බැරිවුණු දේ චාලනී තුළ තිබුණු සාරය මොකක්ද කියන එකයි.

චාලනීගෙ අර චරිත ලක්ෂණ සහ හැසිරීම් විශාල අර්බුද තොගයක් ඇතිකරන කොට මට එක දිගට එයාට කියලා දෙන්න සිද්ධ වුණා හොඳ-නරක, මිනිස්සුන්ගෙ රුචි-අරුචිකම් සහ අයිතිවාසිකම්වලට ගරු කරන හැටි, හරයන් සහ කොලිටීස් ගැන. සමහර අවස්ථාවල මට සිද්ධවුණා එයාට දැඩිව අවවාද කරන්න පවා. ඉතින් ප්‍රතිඵලය තමයි එයයි මායි අතර ගැටුම් උත්සන්න වීම. අවසානයේ අපිට එකට පවතින්න බැරි තත්ත්වයකට ගැටුම් උග්‍ර වුණා. දික්කසාදය ගැන සාකච්ඡාවෙන්න පටන් ගත්තා. එයාගෙ අදහස වුණේ සාමාන්‍යයෙන් හැම මනුස්සයෙක්ම එයා වගේ නමුත් මම විශේෂයෙන් එයාගෙ වැරදි දකිනවා කියලා. ඒ නිසා හැදෙන්න ඕනෙ මගේ පැත්ත කියලයි එයාගෙ අදහස. චාලනී ඇති කරපු යම් ප්‍රශ්නයක් මත අපි රණ්ඩු වුණු අවස්ථාවක ‘ඉන්න බැරිනම් යන්න’ කියලා මගෙන් කියවුණා -පස්සෙ ඒකට මම ටෙක්ස්ට් මැසේජ් එකකින් ඇපොලොජයිස් කරලා ඇරියා. එතකොට එයා ඔක්කොම බඩුමුට්ටු ටිකත් අරගෙන ඒගොල්ලොන්ගෙ ගෙදර යන්න ගියා. එයා කිව්වා කවදහරි එයාව තේරුම් ගත්ත දවසක මට එයාව අරගෙන යන්න එන්න කියලා. ඒ විදිහට අපි තාවකාලිකව වෙන් වුණා වගේ වුණා.

මම ඒ අපැහැදිලි කාලෙ ආයෙ එකතු වෙනවද, ඩිවෝස් වෙනවද කියලා කල්පනා කරන්න ගත්තා. මගේ වැඩි බර තිබුණෙ එයාව කොහොමහරි තියාගන්න. මොකද පුතා මේ වෙනකොට එයාට අම්මා කියලා ගොඩක් ඇටෑච් වෙලා හිටියා. කොහොමහරි ඒ විදිහට මාස තුනක් විතර යනකොට මට ආරංචියක් ආවා එයාට දැන් තව සම්බන්ධයක් තියෙනවා කියලා. මට හිතුණා දැන් නීතියෙන් වෙන්වෙන්න ඕනෙ කාලෙට ඇවිල්ල කියලා. මම කාරණේ කියන්නෙ නැතුව කෝල් එකක් දාලා ඒගොල්ලොන්ගෙ ගෙදරට ගියා අවසාන තීරණය කතාකරගන්න. මං කාර් එක ගේට්ටුව ළඟ නවත්තලා එයාට එන්නයි කියලා කාර් එකේ ඉඳන් කතා කළා. එයා හිනා වෙලා ආවා, “මං දන්නවා ඔයා කවදහරි මං ළඟට එනව කියලා” කියාගෙන. මං ඇහුවා අනෙක් සම්බන්ධය ගැන. එයා එකපාරටම කිව්වා, “මොන පිස්සුද,ඒ ළමයා මගෙ හොඳ යාළුවෙක්” කියලා. ඊට පස්සෙ මං විස්තර හරියටම කිව්වම එයාට පිළිගන්න සිද්ධ වුණා සම්බන්ධයක් තියෙන බව. ඒ පාර කිව්වා, “ඒක ඉක්මන් වෙලා කරපු මෝඩ වැඩක්. එච්චර සීරියස් එකක් නෙමෙයි. මං එයා එක්ක බුදියගත්තෙ නෑ” කියලා. මං කිව්වා, ‘‘ඔයා බුදියගත්තත් එකයි, මට නැතත් එකයි.. ඕනෙ මගුලක් මට ප්‍රශ්නයක් නෑ, මට ඔයාගෙන් ඩිවෝස් වෙලා නිදහස් වෙන්න ඕනෙ කියලා. අන්තිමට එයා මගේ පිට වරද දාලා ඩිවෝස් එකට එකඟ වුණා.

චාලනීගෙ ඒ සම්බන්ධය මොකක් වුණත් ඒ වෙනකොට අපි හිටිය අවිනිශ්චිත තත්ත්වය උඩ ඒක වරදක් විදිහට මම දකින්නෙ නෑ. නමුත් එතැනදිත් අර සුපුරුදු විවෘත නැති විදිහට එයා උත්සාහ කළේ මට ඒක ඔප්පු කරන්න බැරිනං මං එක්ක ආයෙත් එන්නයි. සමහර විට ඒ සම්බන්ධය තියෙද්දිම වෙන්නත් බැරි නෑ. මාව කම්පනයට පත් කළේ ඒකයි. එයාට වුණු වැරදීමක්, එයාගෙ වෙනස්වීමක්, ඒවා ඕනෙම දෙයක් මට දරන්න පුළුවන් ඒත් මම වංචාවකට රැවටීමකට හසුවුණා කියන එක මට දරාගන්න හරි අමාරුයි. ඔය විදිහටම තමයි සාමාන්‍යයෙන් එයා අනෙක් ප්‍රශ්නවලදිත් කතා කරන්නෙ. අනෙක් කෙනාගෙ හැඟීම් තේරුම් ගන්න ඇති අඩු හැකියාව ප්‍ර‍ශ්නයක් ශිෂ්ටසම්පන්නව, සාධාරණව විසඳගන්න බැරි වීම මේ වගේ මම එයා නිසා එකදිගට වේදනා වින්ද සිදුවීම්වලම තවත් එක සිදුවීමක් විතරයි මේක. මම හැරිලා ගෙදර ආවා.

ගෙදර ඇවිත් මම පවුලෙ ඔක්කොටම අවුරුදු දෙකකට ආසන්න ඒ කසාදයේ අවසාන තීරණය කිව්වා. ඊට පස්සෙ මම විස්කි වීදුරුවක් පුරෝගෙන ඉස්තෝප්පුවෙ පුටුවක ඇලවෙලා කල්පනා කරන්න ගත්තා. ජීවිතය නමින් අපේ මතකයට එන්නෙ අපිට වෙච්ච දේවල්. සුන්දර හෝ අසුන්දර සමහර මතක අයින් කරන්න බෑ. එතකොට අපිට ඒව එක්ක ඉන්න වෙනවා. මට දැන් ඕනෙ චාලනී ගැන මට ඇතිවෙලා තියෙන කේන්තිය අප්‍රසන්න මතක හැකි තරම් ඉක්මනින් අයින් කරලා සංජානා ගැන තියෙන මතක එක්ක ආයෙත් තනිවෙන්න. ඒ එක්කම චාලනී ගැන මගේ පුද්ගල කේන්තිය ඉවත් කරගෙන එයා දිහා වඩා යතාර්ථවාදීව බලන්න මම උත්සාහ කළා. චාලනී නිතර කියපු විදිහට චාලනී හිතන විදිහ එයා හැසිරෙන විදිහ එක්තරා ලෝකයක - චාලනීලගේ ලෝකයේ මිනිස්සු සාමාන්‍යයෙන් ජීවත්වෙන විදිහ වෙන්න ඇති. එයාට සාමාන්‍ය පොඩි දේවල් මට ලොකු දේවල්. මට ලොකු දේවල් එයාට පොඩි දේවල්. ඒක විසඳගන්න බැහැ. චාලනී කියන්නෙ ඒ ලෝකයේ තවත් එක නිෂ්පාදනයක්. ඒ ලෝකයේ මිනිස්සු අපිට වඩා වෙනස් විදිහකට ආදරේ කරනවා ඇති, කසාද බඳිනවා ඇති, පාටි දානවා ඇති, පන්සල් යනවා ඇති, ඒ කොහොමද කියන එක මට තේරුම්ගන්න බැරුව ඇති. ඒ මිනිස්සු ජීවිතය කියන්නෙ මම ජීවිතය කියන එකට නෙමේ වෙන්න ඇති. ඒ ලෝකයට අනුව සමහර විට චාලනී හරි ඇති, මම වැරදි ඇති. මම චාලනීව වෙනම අරගෙන මට අනුව වැරදියි කියන එක හරිද? මම ඒ ගෑණු දෙන්නව සසඳන්නෙ මට වඩාම බලපාන අංශයෙන් විතරයි. සමහර විට මට නොපෙනෙන පැත්තකින් චාලනී හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. එයා වැරදි වෙන්නේ මගේ ලෝකය තුළයි. මගේ ලෝකය තවත් එක ලෝකයක් විතරයි. හැබැයි මේ සියල්ල මීට වඩා සාධාරණ විදිහට හසුරුවාගැනීමේ හැටි මම දන්නෙත් නැතුව ඇති - ඇත්තටම මම දන්නෑ. මගෙන් එයාට අසාධාරණයක් වෙන්න ඇති කියන සැකය සහ වරදකාරී හැඟීම මට තාමත් තියෙනවා. කවුරුහරි ඒක මට හරියට පෙන්නලා දුන්නොත් ඒ වෙනුවෙන් මට පුළුවන් වන්දියක් එයාට ගෙවන්නත් අවශ්‍ය නම් සමාව ඉල්ලන්නත් මං සූදානම්. ඒත් අපිට එකට ඉන්නනම් බෑ බෑ බෑමයි.

මගේ දෙවැනි විස්කි වීදුරුව එක්ක මම ආයෙත් සංජානා කරා ගියා. සියල්ල සංජානායි. සංජානාව මට මේ තරම් බරසාරව දැනුණෙ ඇයි කියලා දැන් මට පැහැදිලියි. කාලෙකදි මම හරි සුලබව රැඳුණු සංජානාගෙ එක තොල් පෙත්තක් විතරක් මට අද මුතු මැණික මිලියන ගණනකට වඩා වැඩියෙන් දැනෙනවා. මට මීට කලින් කිසි දවසක සංජානාට මේ තරම් ආදර හැඟීමක් ඇතිවෙලා තිබුණෙ නෑ. සංජී, මගෙ මැණික ඔයා දැන් ඉන්නෙ කෙහෙද? මට ඔයා ගැන මතකයක් ඉතිරිවෙලා තියෙන කොහේ හරි තැනකට මට මේ දැන් එන්න ඕනෙ. අන්තිම මතකය තියෙන තැන. මට දැන් යන්න ඕනෙ එතැන්ට. ඒ හවස්වරුවෙ ලොකු වැස්සකට සිරිකඩ එමින් තිබුණා . මම එකපාරටම ගිහින් කාර් එකට නැග්ගා. එයාව බලන්න කියලා මීට කලින් කීපපාරක් ගිය තැන ඒ අඳුරු කනත්ත කෙළවර අරලිය ගහ යටට යන්න. පුතා මං පස්සෙ දුවගෙන ආවා. “නගින්න.” මම කොල්ලවත් කාරෙකට දාගෙන කාරෙක වේගෙන් ඉස්සරහට ඇද්දුවා.

“අපි කොහෙද යන්නෙ තාත්තා?”
“යනවා අම්මා බලන්න.”
“කොයි අම්මද?”

වැස්සත් එනවා. විස්කි වීදුරු දෙකකුත් ගහලා එකපාරටම ගෝල් රෝඩ් එකට දානකොට තමයි මට මතක් වුණේ පොඩි එකාව කාර් එකට දාගත්ත එක ගොන් වැඩක් කියලා.

මම සංජානාගෙ සොහොන ඉස්සරහ සෑහෙන වෙලාවක් ඉඳගෙන ඉන්න ඇති එයාගෙ පින්තූරය දිහා බලාගෙන. මුළු විශ්වයම නැවතුණු මොහොතක්.

"තාත්තා අපි තෙමෙනවා."

කාර් එකේ අපි ආයෙත් ගෙදර එනවා.
"අඬන්න එපා තාත්තා."
"මගෙ ඇහැට මොනවද ගියා, පුතා ඉස්සරහ බලාගෙන යන්න."

මම ගෙදර ඇවිල්ලා සංජානාගෙ ෆොටෝස් ආපහු ඒ තිබ්බ තැන්වලින්ම එල්ලන්න පටන්ගත්තා. පුතා ප්‍රශ්න තොගයක් අහලා-අහලා, මම කිසිම උත්තරයක් දුන්නැතුව ඉන්න නිසා ඉකිගහලා අන්තිමේදි නිශ්ශබ්දව මොකුත් කතා කරන්නැතුව හිටියා. පුතා මට සංජානාගෙ ෆොටෝස් එල්ලන්න උදව් කරමින් හිටියා. අපි දෙන්නම එකතු වෙලා සංජානාගෙ බඩු මුට්ටු ඔක්කොම එයා අපි එක්ක ඉද්දි තිබුණු තැන්වලින් ආපහු තිබ්බා. පුතා අරගෙන දෙන ඕනෑම දෙයක් මම තිබුණු තැන්වලින් තිබ්බා. මාල, කරාබු, වළලු, කන්නාඩි මේසෙ උඩට. සාරි ඒව තිබුණු අල්මාරි-ඇඳුම් රාක්කවලට. ඉතුරුවෙලා තිබ්බ හැමදෙයක්ම එයා එදා තියලා ගිය තැන්වලටම. ටූත් බ්‍රෂ් එක පවා. මම සංජානා නැති වුණාට පස්සෙ අඩි හතරක් විතර උස ලොකු බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකක් ප්‍රින්ට් කරල, ෆ්‍රේම් කරල මම නිදාගන්නකොට මට පේන්න ඇඳ ඉස්සරහ එල්ලලා තිබුණා. ඒක එයා පියානෝ එක ගගහ ඉද්දි මම හදිස්සියෙ ගත්ත පික්චර් එකක්. ඔළුව හරවලා මම දිහා බලනකොටම ලස්සනට වැදිලා තිබුණා. ඒක ආපහු අද එතැන. සංජානා ආපහු ඇවිත් !

එදා රෑ ගෙදර කවුරුවත් කතා කළේ නෑ. ඒ මහ වැස්සෙන් පස්සෙ ලොකු නිහඬතාවයක් තිබුණෙ. මම පුතත් එක්ක ඇඳට ගියා නිදාගන්න. වෙලාව රෑ දොළහට කිට්ටුවෙන්න ඇති. මං සංජානා දිහා බලාගෙන පුතාගෙ ඔළුව අතගාමින් හිටියා නින්ද යන්න. අම්මා සුපුරුදු විදිහට පියානෝව ටියුන් කරමින් හිටියා.

දිග දවසකින් පස්සෙ වෙහෙස නිසා තාමත් නිදි නැතුව හිටිය අපි දෙන්නව කිසියම් මොහොතකදි වාදනය වෙන ඒ ගීතයේ හඬ සාලයේ ඉඳන් ඇවිත් නිදි සුවය කරා ගෙනියන්න ඇති.

නිල් අහස් තලේ අගේ
නෑ වලාකුළු
ලාස්සනයි පුරා හඳේ
රැස් විහීදිලා

Nissanka Rajapaksa

unread,
Jul 5, 2024, 8:32:28 PMJul 5
to INDRAKA group

46

උදේ කෝච්චිය


රුවන් පෙරේරා

මුහුදු කොණේ ඈත ක්‍ෂිතිජයේ පාවෙන තිතක් දෙස බලාගෙන ඈ අනිමිසලෝචනයකය. ඈ දෙස බලන කෙනෙකුට එසේ පෙනුණ ද ඈ ඒ තිත දෙස බලා නොසිටිනවා ද විය හැකිය. ඒ තිත නම් එක තැන තිබෙන සේ පෙනුණ ද ගමන් ගන්නා නැවකි. ඇගේ සිතේ කකියන්නේ ඒ ඈත ඇදෙන තිත හෝ නැවවත් නොව, ඈ වෙළාගෙන සිටින දහසකුත් එකක් පැන විය හැකිය. එසේ නැතිනම් කිසිදු අරමුණකින් තොර හිස් බැල්මක් ද විය හැකිය. තත්පරෙන් දහසකින් පංගුවකින් සසල වන සිත තත්පරයකින් දහසකින් පංගුවකදී එක තැනකටත් තවත් දහසකින් පංගුවකදී ගවත් තැනකටත් විතැන් වේ. යම් හෙයකින් ඈ මේ සිටින්නේ කිසිදු අරමුණකින් තොරව හිස් සිතින් නම් ඒ චිත්ත විවේකයක් නැත්නම් සිත එක්තැන්වූ අවස්ථාවකි. සචිත්ත පරියෝ දපනං අවස්ථාවකි. එහෙත් දමනය නොකළ නිරායාසයෙන් දමනය වූ අවස්ථාවකි. එය එහෙම නම් ඉතාමත් හොඳය.

ගෙවල් පොල්ගස් වගේම යන්තම් අටවාගත් පැල්පත් පේළි ද අතරින් පතර ඇසට හසුවෙනවා ද සැක සහිතය.

මහින්ද නැත්නම් දුම්රිය ගමන මෙලෝ රහක් නැති වීමට ඉඩ තිබුණි. ඔහු මැදිරියම සතුටින් තබන සිනා සාගරයකි. මැදිරියේ ඒ කෙළවරටත් මේ කෙළවරටත් දුව පනිමින් විහිළු සපයයි. අප කණ්ඩායම හැර අනෙක් බොහෝ දෙනාට “කාඩ්“ ගසා ඇත.

මාද ඇතුළුව අපගේ කණ්ඩායමේ දහ පහළොස් දෙනෙකුම බැංකු සේවකයන්ය. මහ බැංකුවේ ලංකා බැංකුවේ මහජන බැංකුවේ මෙන්ම තවත් පුද්ගලික බැංකු කීපයක අයද වෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ සිසුවියන් පස්දෙනෙක් ඇතුළු විවිධ ආයතනවල සේවය කරනු ලබන විවිධ තරා තිරම්වල වැඩිපිරිසක් ද වෙති. අපේ පිරිස හැමදාම ගමන් ගන්නේ එකම මැදිරියකය. ඒ එන්ජිමේ සිට තුන්වන මැදිරියයි.

“ ආ මෙන්න රුවන් මහත්තය එනව. කොහොමද සුවඳ. ඔය කවුරුහරි නැඟිටල ඉඩ දෙන්න ඒ මහත්තයට වාඩි වෙන්න. ”

මම දුම්රියට නැග්ග විගස මහින්ද කෑ ගසන්නේ එලෙසය.

“ රුවන් මහත්තය ඔය ටයි එක කලිසම් සාක්කුවෙන් එළියට ඇවිල්ල, වැටෙයි. ඇතුළට ඔබා ගන්න. නෑ කමක් නෑ කොණක් එළියට පේන්න තිබ්බත් කමක් නෑ. ඔයා ඔෆිස් එකේදි ටයි එකක් දාන් ඉන්නෙ කියල දකින අය තේරුම් ගන්නවනෙ.”

මගේ සාක්කුවේ ඇති ටයි එකක් නැත. එහෙත් ඔහු කියන්නේ එහෙමය.

“ කෝ රුවන් මහත්තයගෙ සාක්කුවෙ ටයි එකක් නෑනෙ. ඔයා බොරුනෙ කියන්නෙ,”

සුනිල් මහත්තයා පවසයි.

“ හා නැත්ද, එහෙනං කමක් නෑ.”

නැවත මහින්ද පවසයි. ඔහුගේ කතා ස්වරූපයටම කාටත් සිනා නොවී සිටිය නොහැකිය.

“ අද ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නැත්ද දුව.”

තම පෙම්වතා සමඟ එන මහ බැංකුවේ අලුත් පත්වීමක් ලැබ දුම්රිය ගමනට එක්ව සිටින නෙත්මිගෙන් මහින්ද අසයි.

“ නෑ එයා නිවාඩු.”

“ ඉතිං ළමයො අදට වෙන කාවහරි සෙට් කර ගන්න එපැයි. ඔහොම තනියම ගිහින් හරියනවයැ.”

මහින්ද පවසන්නේ කවුරුත් සමඟ නෙත්මි ද හිනස්සවමිනි.

මහින්ද පැහැපත් වඩා උසත් නැති මිටිත් නැති මධ්‍යම ප්‍රමාණයේ සිරුරකින් හෙබි නොම්මර එකේ ස්ටේසමෙන් දුම්රියට ගොඩවන මහජන බැංකුවේ සේවය කරන නිතර සතුටින් සිටින්නෙකි. වයස අවුරුදු හතළිස් පහකි. දරු දෙදෙනෙකි. දන්නා පරිදි බිරිය රැකියාවක් නොකරයි.

ගාල්ලේ සිට එන මේ දුම්රියේ අසුන් අත්පත් කරගෙන එන පිරිසක් ද සිටී. ඔවුන්ගෙන් සමහරු සැප නින්දේය. පාන්දර හතරට පමණ දුම්රියට ගොඩවන රෑ දහයට පමණ ආපසු නිවෙසට යන මේ මිනිසුන්ගේ රෑ නින්දෙන් කොටසක් දුම්රියේ ගෙවීම සාධාරණය. කාට හරි අසුන දෙන්නට වෙයි කියා හොරට නිදන අය ද සිටී. ඔවුන් හඳුනාගත හැකිය. වරින් වර හොරෙන් හොරෙන් බාගෙට ඇස් ඇර බලයි.

ඉඳගෙන හිඳින තවත් පිරිසක් කාඩ් කුට්ටමක් අනමින් ඕමි ගසයි. තැනක තරුණ පිරිසක් එක්ව ගී ගයයි. මධුර මනෝහර ගීත. ජෝතිගේ මිල්ටන්ගේ කපුගේගේ ගී වැඩියෙන් ඇසේ.

බොහෝ තැන්වල කාන්තාවන් කුටු කුටු ගාමින් දොඩමළු වෙන්නේ තම තමන්ට පෙරදා නැතිනම් පෙර දිනෙක මුහුණ පෑමට සිදුවූ සංසිද්ධීන්ය.

නිතර මැදිරිවල උපන්දින පාටිය. අපගේ මැදිරිය ද එසේමය. සතියකට දවසක්වත් කේක් කෑල්ලක් කන්න ලැබේ. මදි වුණොත් කෑල්ලෙන් කෑල්ලක් හෝ බෙදා හදාගෙන කයි. එය හරිම සුන්දරය. කේක් කෑල්ලක් කීවේ උදාහරණයකටය. විවිධ කෑම වර්ග ඒ අතර ඇත.

ඉඳහිට මරණයකට ද අසනීප වූවකු බැලීමට ද තරුණ කොටස්වල මඟුල් තුලාවකටද දරුවකුගේ කොටහලුවකට ද යන්නට සිදු වෙයි. ඒ, මේ සංසදයේ හැටිය.

මිස්ටර් සුරවීර දුම්රිය සේවකයෙකි. ඔහු ලොකු වැටුපක් නොලබයි. ඔහු හිටගෙනම බර කල්පනාවකය. දරුවන් තිදෙනෙකි. ඔහුගේ රැකියාවට අමතරව බිරිය අසල කුඩා ඇඳුම් මසන තැනක සේවයට ගොස් සොච්චමක් උපයයි.

වැඩිමහල් දියණිය වැඩිවිය පැමිණිලාය. පොඩියට හරි උත්සවයක් නොගතහොත් දරුවාගේ හිත පෑරේ යැයි ඔහු සිතයි. උත්සවයක් ගන්නාවිට ගෙටත් පොඩියට හරි තීන්ත පාරක්වත් ඉලිය යුතුය. නමට හරි දරුවාට කන කරක් රැගෙන දිය යුතුය. ණය විය යුතුමය. ඒත් කාගෙන්ද. බිරිඳගේ චේන් පොටත් වළලු දෙකත් උකස් කළ හැකිය. ඒත් ඒ ටික තබා කීයක් ලබාගත හැකිද? එය ප්‍රමාණවත් වෙයිද? තිබ්බ වගේ නොවේ, බේරුම් කළ හැකි වේවි ද. ලැබෙන තෑගිවලින් කොටසක් හරි බේරගන්න බැරියැ. ගේ ඉස්සරහ විතරක් තීන්ත ටිකක් ගානව. මටම බැරියැ නිවාඩු දාල ඒක කරගන්න. ලුහුඬුවට යනව. ඔහු සිතයි.

මස් උයන්නැතිව මාළු උයනව. එක අතකින් මාළුවලට වඩා මස් උයන එක ලාබද මන්ද. වැඩපළේ උන්ට අරක්කු දෙන්නත් එපායැ. වැඩි වැඩ කරන්න බෑ. ගල් බෝතල් හතර පහක් ගෙනැත් තියනව. මස්සිනා කෙනෙකුත් ඉන්නවනෙ බේබද්දෙක්. රූපවතී අම්මත් එක්ක නැකත් බලන්න යන්නැති.

කෙල්ලව සවුත්තු කරන්න බෑ. හොඳට කෑම ටික හදල තියන්නත් ඕනි. ඔහේ…, හොඳ ගවුමකුත් මස්සන්න එපායැ. ඒකටත් හොඳ ගාණක් යට වේවි. රූපවතීටත් අලුත් ඇඳුම් ඕන වෙයිද දන්නෑ. මටනං ඕන්නෑ. අක්ක හොඳට ඇඳල ඉද්දි පොඩි වුන් දෙන්නට පරණ ඇඳුම් අන්දන්න බෑ නෙව. උන් දෙන්නටත් ඇඳුම් සූට් දෙකක් අරන් දෙන්න ඕනි.

“ සුරවීර රත්මලානටත් ආව. උඹ බහින්නැත්ද.” රත්මලානෙන් බහින ගමන් යාළුවෙක් කෑගසයි. සුරවීර දනිපනි ගා දුම්රියෙන් බැස ගත්තේය.

සඳලතා හැමදාමත් මෙහෙමය. අත් දෙක පපුව මැද බැඳගෙන කල්පනාවේමය. ඇය කවුරුන් හෝ සමඟ කතා කරන්නේ ඇයට ඕනෑනම් හෝ කවුරුන් හෝ ඇය සමඟ කතා කළහොත් පමණය. නිතර ඇගේ මුහුණේ තියෙන්නේ දුකක කනගාටුවක මහා බරක සෙවණැලිය. පැහැපත් නමුත් නිරන්තර අඳුරු කරගත් මුහුණකිනි ඇය සිටින්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන ඈ සැලකිය යුතු වැටුපක් ලැබුව ද ඇයට තිබෙන ප්‍රශ්නය නම් මහත්තයා යාපනේ කරෙයිනගර් නාවුක හමුදා කඳවුරේ සේවය කිරීමය. ත්‍රස්තවාදී උවදුරු අවසන්ව ඇතත් දරු තිදෙනෙකුගේ බර වගකීම දරන්නට සිදුව ඇත්තේ තමාටය. ඔහු ගෙදර එන්නේ මාසයකට එක් වතාවකි. ඒ ආවත් දින දෙකෙන් ආපසු යයි. වැඩිහිටි දෙමාපිය යුවළ දරුවන්ගේ කටයුතු බලා කියා ගත්ත ද විසේකාර වියේ පසුවන පිරිමි දරුවන් දෙදෙනාත් බාල ගැහැනු දරුවාත් ගැන ඇය සිටින්නේ මහත්වූ විස්සෝපයෙනි.

ඒ සියල්ල එසේ තිබියදී තමා තාමත් වයස අවුරුදු තිස් තුනක තරුණ කාන්තාවක් නොවේදැයි ඇයට නිතර සිතේ. විවාහ වීමෙන් පසුවත් ස්වාමි පුරුෂයාගේ සේවනය නොමැතිව ගෙවනු ලබන ජීවිතය කෙතරම් නීරසදැයි ඇයට දැනේ. එය හරියට තිත්ත කසායක් බඳුය.

මැදිරියේ තරුණ පෙම් යුවළ කීපයකි. ඉඳගෙන යන අය තුරුළුවී නොවුණත් එකිනෙකාගේ ඇඟට බරවී ගමන් කරයි. හිටගෙන යන ජෝඩු එකෙකු වැටේද යන අදහසින්දෝ තරුණිය තරුණයාගේ හෝ තරුණයා තරුණියගේ හෝ බඳ වටා අතක් යවාගෙන හෝ තරුණිය තරුණයාගේ අතක එල්ලීගෙන හෝ ගමන් කරයි. ඔවුන්ගේ මුහුණු පුරා සතුට ඉතිරී පිටාර ගොස්ය.

අහම්බෙන් දිනෙක තවත් තැනක තරුණියක් දොම්නසින් කඳුළු සලයි. මෙතෙක් කල් ඇසුරු කළ පෙම්වතා ඇය හැර ගොස්ය. නැතිනම් ඔහුගේ වෙනත් සබඳතාවක් කන වැකිලාය. ඇය ලේන්සුව හපාගෙන හඬයි. යෙහෙළියක් ඇය සනසන්නට තනයි.

“ ඇයි ළමයො ලේන්සුව කන්නෙ. බඩගිනිද. ඉන්න කේක් කෑල්ලක් දෙන්නම්. අනේ මේ, මේ දරුවට කේක් කෑල්ලක් දෙන්න. අරුණි මිස් ඔයා කේක් ගෙනත් තිබුණ නේද; ආ ඉවරද? එහෙනං ඉතිං කරන්න දෙයක් නෑ.”

මහින්දගේ ඔලොක්කුව, කරුණු දැක්වීමෙන් ද ප්‍රශ්න ඇසීමෙන් ද උත්තර දීමෙන් ද ඔහුම අවසන් කරයි. ගෑනු ළමයාගේ කඳුළු අතරට සිනාවක්ද නඟී. ඒ මහින්දගේ හැටි ඇය ද දන්නා බැවිනි.

පාණදුරයෙන් දුම්රියට නඟින එක්තරා පුරුෂයකුත් මොරටුවෙන් ගොඩවන කාන්තාවකුත් අසම්මත සබඳතාවක් පවත්වන බව සැමගේ නිරීක්‍ෂණයට ලක්ව තිබුණි. දෙදෙනාම මිට්ටන්ය. මේ කාරණය ද මුලින්ම අවධානයට ලක්වුණේ මහින්දටය. ඔහු ඒ ගැන අප සැමගේම අවධානය යොමු කළේය.

දෙහිවලින් මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ සේවය කරනු ලබන හේවාගමගේ නම් දුටු විට හිනා යන තරම් මහත වයස පනහ පැන ඇතැයි සිතිය හැකි මහත්මියක් අප අතරට එකතු වෙයි. මහින්ද ඇයට හීන් කෙන්ද යැයි නමක් පට බැන්දේය. මහින්දගේ උසුළු විසුළු ඉවසන්න බැරිම තැන ඇය අප කණ්ඩායමෙන් වෙන්ව වෙනත් පිරිසක් අතරට ගියාය.

“ මෙයාගෙ විහිළු දරාගන්න බැරුව ඒ මනුස්සය යන්න ගියා.” කියා සුනිල් මහත්තයා පැවසූ විට,

“ආ එයා ගියාට සුනිල් මහත්තය ෂොක් වෙලා වගේ. එයා ගිය එකමයි කාරිය. එයාට ෂීට් හතරක් එපැයි ඉඳ ගන්න. ඒත් කමක් නෑ ඉඳ ගත්තට පස්සෙ ආයි අම්ම මුත්තෙ කිව්වත් නැගිටින්නෑ තව කෙනෙකුට ටිකක් ඉඳ ගන්න.”

මහින්දගෙ කතාව ඇත්තය. අප කවුරුත් ඉඳගෙත හිටගෙන එන්නේ මාරුවෙන් මාරුවටය. මහින්දගේ හීන් කෙන්ද එහෙම නැත. ඉඳ ගත්තොත් ඉඳ ගත්තාමය.

වැල්ලවත්තත් බම්බලපිටියත් අතර තැනක දුම්රිය නතර කරයි.

“ මොකද ඒ ”

කවුරුත් විමසිලිමත් වේ.

“ කවුද එකෙක් පැනල මැරිල”

“ උගේ ප්‍රශ්න ණය බර ඔක්කොම ඉවර වෙන්නැති.”

“ සතියකට එකක් දෙකක් මේ විදියට ප්‍රශ්න විසඳෙනව.”

“ අපිට ප්‍රශ්නයක් වැඩි වෙනව. ලේට් වෙලා ගියහම රතු ඉර වදිනවනෙ.”

“ ඒකනෙ පනින එකෙක් හවස කෝච්චියකට නැත්තං දවල් කොච්චියකට පැන්නම අහවරනෙ. ගල් මූසලකමට කුණු කෙළ පිටින්ම ඇවිත් පනිනව.”

ඒ මහින්දගේ හඬය.

https://www.silumina.lk/2024/06/15/news-features/19716/%E0%B6%8B%E0%B6%AF%E0%B7%9A-%E0%B6%9A%E0%B7%9D%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0%E0%B7%92%E0%B6%BA/

Nissanka Rajapaksa

unread,
Jul 6, 2024, 7:39:20 PMJul 6
to INDRAKA group
47
පොඩි හාමුදුරුවන්ගෙ නෝනා..

- සුජාතා මැණිකේ ඉහළගෙදර.

"පොඩි උන්නාන්සෙත් එක්ක මොකක් හරි නැත්තං ඔච්චර වියදං කරල ආවාසයක් හදලා දෙයිද ඔය නෝනා?"

ඒ පන්සලේ ප්‍රධාන දායකයා ය. ආවාස ගෙයි වැඩ නිමවා ඇත. එය සම්පූර්ණයෙන්ම අලුත් දිසාපති තුමියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් නිම වූවකි. 

තිස්ස හාමුදුරුවෝත් ඒජී නෝනාත් සම  වයසේය. ගම්මුන්ගේ පමණක් නොව පාදේශීය ලේකම් කාර්‍යාලය තුළ ද කතා  බහට ලක්වූ තිස්ස හාමුදුරුවන්ගේත් ඒජී නෝනාගේත් මිත්‍රත්වය විශ්ව විද්‍යාලය දක්වා දිවෙන්නකි.

ලොකු හාමුදුරුවන්ගේ අසනීප තත්වය සලකා බලා ගුරු වෘත්තියට සමුදුන් තිස්ස හාමුදුරුවෝ පන්සලේම උපකාරක පන්තියක් ආරම්භ කළේ දිනූෂා අගලවත්ත පාදේශීය ලේකම් තුමිය පත්වීම් ලැබ ආ දිනවලමය. 

 ගම්වාසී දරුවන්ට නොමිලේ ඉගැන්වූ පොඩි හාමුදුරුවෝ පන්සලේ බුදුමැඳුර, චෛත්‍ය මළුව මෙන්ම බෝ මළුවද අලංකාර ලෙස සාදවා නිම කළේ සිය විශ්ව විද්‍යාල මිතුරන් හා ගම්වාසීන්ගේ මුදල් හා ශ්‍රම දායකත්වය ලබාගෙනය.

පන්තිවලට එන දරුවන්ගෙන් කිසියම් මුදලක් අය කරන්නැයි මිතුරන් කී විට තිස්ස හාමුදුරුවෝ කීවේ මෙවැන්නකි.

"ගම්මුන්ගෙ දානෙ වේල කාලා ගම්මුන්ගෙ සල්ලි වලින් ඉගන ගත්ත මම ඒ ගම්මුන්ගෙ ළමයින්ගෙන් සල්ලි අරන් උගන්නන්නෙ කොහොමද?"

ලොකු හාමුරුවෝ ද එය අනුමත කළහ.

බුදු මැඳුර තුළ තිබූ එකම එක බුදු පිළිමය වෙනුව අට විසි බුදුන් වහන්සේලා නිමවා අලංකාරව චිත්‍ර ඇන්ඳවීමට තිස්ස හාමුදුරුවන්ට අවශ්‍ය වූ විට ඒජී නෝනා තම දැන හැඳුනුම්කම්ද උපයෝගී කර ගනිමින් එයට ආධාර ලබා දීමට සමත් වූවාය. විහාර ගෙයි වැඩ පිළිබඳව ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට වරින් වර පන්සලට පැමිණි ඒජී නෝනා මුල්ම කාලයේ ගම්වාසීන්ගේ නොමද ගෞරවයට පත්වු  නමුදු  කාලය ගෙවෙත්ම  ඒජී නෝනාගේ නිතර පැමිණීම ඒ ගම්වාසීන්ගේම සැකයට බඳුන් විය.

පන්සලේ අනෙක් කටයුතු නිමාවී තිබූ නමුත් රෝගී ලොකු හාමුදුරුවෝ මෙන්ම තිස්ස හාමුදුරුවෝත්, සාමණේර හාමුදුරුවෝත් යන තිදෙනාම විසූයේ කඩා වැටීමට ආසන්න ආවාසයකය. එය කලකට ඉහත මැටියෙන් ඉදිකරන ලද සිංහළ උළු සෙවිලි කළ පැරණි ආවාසයකි. 

ඒ තුළ පිනි බෑමත් සීතලත් අධික වූයෙන් ලොකු හාමුදුරුවෝ නිතර නිතර අසනීප වන බව තිස්ස හාමුදුරුවෝ ඒජී නෝනා සමඟ කියූවේ ආවාසය උදෙසා ගම්මුන්ගෙන් උපකාර ඉල්ලීමට නොසිතෙන බවද කියන අතරය.

කාමර තුනක්, නාන කාමරයක්, දාන ශාලාවක් හා කුස්සියකින් සමන්විත අංග සම්පූර්ණ ආවාස ගෙයක් තැනීම දිනූෂා අගලවත්ත ඒජී නෝනා විසින් ආරම්භ කළේ ඒ අනුවය. එය තම පුද්ගලික ධන පරිත්‍යාගයෙන්ම සිදු කළ යුතු යැයි කියූ ඇය අනෙකුන්ගේ ආධාරද ප්‍රතික්ෂේප කිරීම කතා බහට ලක්විය.
ඒජී නෝනාත් තිස්ස හාමුදුරුවෝත් එක්ව ගමන් බිමන් යෑමත් ඒජී නෝනා පන්සලට එන වාර ගණනත් වැඩි විය.

"ඒජී නෝන තිස්ස හාමුදුරුවන්ට ගෙයක් හදනවා.."

"කැම්පස් එකේ ඉන්න කාලෙ ඔය නෝන හාමිනේගේ කාමරේලු වැඩි හරියක් අපෙ උන්නාන්සෙ හිටිය කියන්නෙ.."

"සිවුරු ඇරල නොයන්නෙ ලොකු හාමුදුරුවො හන්ඳලු.."

"ඒජී නෝනත් බැඳල නෑ.. පව් ඉතිං.. ඕං දැක්කද හිත ගිහාම.. තෘෂ්ණාව.. ඔය කොළඹ යනව කියල ගිහාම කොහෙ කොහෙ හරි යනව ඇති."

"ආයෙ ඔය මෙහෙට්ටම පත්වීම අරන් ඇවිත් තියෙන්නෙ ඉල්ලලා කියනවනෙ.. පේන දුරින් ඉන්ඩ වෙන්ඩැ"

ඒ ගම්මුය. ඒ අතර ඇතැම් ගම්වාසීන් මෙසේද කීහ.
"අනේ මන්දා... එහෙම එකක් තියනව නං ඉතිං සිවුරු ඇරල යනවනෙ. මට නං හිතෙන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ හිතේ මොකුත් නෑ.. ඒජී නෝන හදන්නෙ අපෙ හාමුදුරුවන්ගෙ සිවුර ගලවලා අරන් යන්ඩ වාගෙ.."

"කොහොම වුනත් ඔය ගෑනි පන්සල පැත්තෙ එන එක නවත්තන්ඩ ඕනෑ."

සැමියාගේ මුදලින් තම නිවස ඉදිකරන තැනට, වරින් වර යන බිරිඳක පරිද්දෙන් පන්සලට ආ ගිය ඒජී නෝනා පුද්ගලිකවම ඉදිකිරීම් නිරීක්ෂණය කරන බවක් පෙනුණෙන් එයද ගම්වාසීන්ගේ නොරිස්සුමට හේතු විය.

ඉක්බිති එළඹි කාලයේ මෙම කට කතාව පිළිබඳව දැනගත් තිස්ස හාමුදුරුවෝ මුලින් මුලින් සිනාසී එය නොසළකා හැරිදය ද පසුව උන්වහන්සේට ද එය හිසරදයක් බවට පත්විය.

ආවාසයේ වැඩ නිමවූ බව දැනගත් දිනයට පසු එළඹි පළමු ඉරිදා දිනයේම ඒජී නෝනා 
පන්සලට ගියාය.

එදින තිස්ස හාමුදුරුවන් වෙනුවට ලොකු හාමුදුරුවන් ඇය හමුවට වැඩියේ, තිස්ස හිමියන්ගේ අනුදැනුම ඇතුවය..

"විස්ස විද්ද්දියාලෙ ඉන්න කාලෙ ඉඳම්ම සම්බන්ධකමක් තියෙන්ඩ ඇති කියල ගම්මු කියනව කියලයි කියන්නෙ. තිස්ස උන්නාන්සෙගෙත් ඩිංගක් හිත හෙල්ලිලා.."

 ලොකු හාමුදුරුවෝ දීර්ඝ විස්තරයක් අවසානයේ කීහ.
ඒ ජී නෝනා නිහඬය.

"හැබෑටම නෝනා මේ හැටි වියදං කරලා මේ ආවාසෙ තනියෙම්ම හදා දෙන්නෙ ඇයි කියලා මං වුනත් හිතලා තියෙනව"

"මං ගිහින් එන්නම් අපෙ හාමුදුරුවනේ. මං ආයේ මේ පැත්තෙ එන්නෙ නෑ."

"අපේ නෝනා හිත නරක් කරගන්න එපා. පින කියන්නෙ පිනමයි.. ආවාසෙ විවෘත කරන දාට නෝන එන්නම ඕන."

ඒජී නෝනා පිටව ගියාය. ඉක්බිති ආවාස ගෙය විවෘත කිරීමේ සරළ උත්සවයට ඇයට ආරාධනා කිරීමට ගිය තිස්ස හාමුදුරුවෝ රතු කරගත් මුහුණින් යුතුව එළියට ආ අයුරු කීපදෙනෙකු දැක තිබිණි.
===
උත්සවය දා ඒජී නෝනාගේ නිළ රථය පැමිණෙන විට ගම්මුන් තොලපිට පෙරලූ අතර තිස්ස හාමුදුරුවෝ ඇයව පිළිගත්තේ මවාගත් සිනාවකින් යුතුවය.

"මගෙ අන්තිම කාලෙ පහසුවට ඉන්නයි යන්නෙ.. දිනූෂා නෝනා හදා දුන්න ආවාසෙ... බොහොම පින් "

ලොකු හාමුදුරුවෝ එසේ කියමින් ගම්මුන් දෙස බලා නොබලා ආයාසයෙන් මෙන්  සිනාසුනහ.
ඒජී නෝනාගේ මුහුණේ යම් කළකිරීමක් මෙන්ම ජයග්‍රාහී බවක්ද ඒ යට සැඟවුනු වේදනාවක්ද ඇතැයි හොඳින් බලන්නෙකුට වටහා ගත හැකිවිය.

තිස්ස හාමුදුරුවෝ ඇයව මඟාරින බව දැකීම ගම්වාසීන්ගේ සතුටට හේතුවන්නට ඇත.

ආවාසයේ වැඩ නිමවා දුන් පාදේශීය ලේකම් තුමිය දිනූෂා අගලවත්තට වචන ස්වල්පයක් කතා කරන්නැයි ආරාධනා කළ නිවේදකයා අසුන් ගත්තේය. ඒජී නෝනා නැගිට්ටාය. සියල්ලන්ගෙන් අවසර ගත් ඈ මෙසේ කීවාය.

"මං දන්න කතාවක් කියන්නම්. මම මේක සරළම භාෂාවෙන් කියන්න කැමතියි. 

මේ එක හාමුදුරු කෙනෙක් ගැන කතාවක්.මං අද මේ පන්සලට ආවේ ඒක කියලා යන්නමයි. ... 

මේකයි කතාව...එක ගමක පොඩි මානසික ආබාධයක් තිබ්බ මිනිහෙක් හිටියා. ඒ මිනිහගෙ රස්සාව හරක් දක්කන එක..

ඒ කිව්වෙ මුස්ලිම් මිනිස්සු මස් කඩේට අරන් යන හරකුන්ව දක්කගෙන යන එක. 

මුදලාලි බයික් එකේ ඈතින් යනවා..මේ මිනිහ පයින් හරකව දක්කගෙන යනවා. මිනිහට මී මැස් මොර කියන ලෙඩේ හැදෙන නිසා කවුරුත් කුලියක් මලියක් දුන්නෙත් නෑ. 

හරකව මස් කඩේ දිහාට යනකම් දක්කගන ගියාම මුදලාලි කීයක් හරි දෙනවා. 

පොඩි දා ඉඳන් කළේ හරක් බලන එක නිසාද කොහෙද හරක් දක්කන්න මිනිහට පුලුවන්. හරක් කීකරුයි මිනිහට...

මේ මිනිහට ගෑනියෙකුයි ළමයෙකුයි හිටියා.. ඒ ගෑනු කෙනාට කිසිම මොළේ ආබාධයක් නෑ.. දෙමව්පියෝ කරලා දුන්න කසාදයක්.. මිනිහ යමක් තියන පවුලක වුනත් ඒ සහෝදරයො ඒ මිනිහට කිසි දෙයක් දුන්නෙ නෑ.

ගෑනි කුලියට ගියා. 

ගෑනිට කුලියකුත් නැති, මිනිහට හරක් දක්න්නත් නැති දාට කන්නත් නැතිවෙන තරම් දුප්පත්. 

හරක් දක්කන එක පව් කියලා ඒ මිනිහට තේරුණේ නෑ.. එහෙම නම් පව් වෙන්න ඕන හරක් විකුනපු මිනිස්සු කියලා හිතලා ගෑනිත් කරබාගන හිටියා..

මේ මිනිහා පිස්සෙක්.. ඔව් ඇත්තටම පිස්සෙක්..

ඒත් තමන්ගෙ ළමයට හරිම ආදරේ පිස්සෙක්..

ඒ ලමයත් ඇට පෑදුන දුර්වල ළමයෙක්..

ඒ මිනිහගෙ ගෙට ගෙවල් දෙක තුනකට මෙහායින් පන්සලක් තිබ්බා. 

පන්සලේ ලොකු හාමුදුරුවන්ට මේ පවුලට උදව් කරන්න ඕන කම තිබ්බත් දෙතුන් වතාවක් ඉතුරු දානෙ ටික දුන්න කියලත් දායකයො කතාවක් හදලා තිබ්බා. අර පිස්සගෙ ගෑනිට ලොකු හාමුදුරුවොන්ගෙ ඇල්ම වැඩි කියලා. ඊට පස්සෙ උන්නාන්සෙ ඉතුරු දානෙ ටිකක්වත් දෙන්න ගියෙ නෑ.

ටික කාලයක් යද්දි අර මනුස්සයගෙ ගෑනි ලෙඩ වුනා. උනක් හැදිලා..

කුලියක් කරගන්නත් බැරි තරම්.

හැමදාම හරක් දක්කන්න කතා කරන්නෙත් නෑ.

මිනිහා දවසක් ළමයා එක්ක පන්සලට ආවම දැක්කා බුදු මැදුර ඇතුලෙ පාත්තරේක දාල තියනව බත් මාලු පිනි.බුද්ධ පූජාව කියන එක ගැන ඒ මිනිහට හැඟීමක් නෑ..මිනිහා ඒ කෑම ටික සරමට හලාගන ගෙදර අරන් ගියා.

මේ මනුස්සය මිනිස්සු එක්ක කතා බහට යනව අඩුයි. කිසිම කතා බහක් නෑ කිව්වොත් හරි..

පන්සලට අනුව නම් ඒක හොරකමක් වෙන්න ඇති. හැබැයි අර මිනිහට ඕකෙ තේරුමක් නෑ. කෙලින්ම පන්සලට එනව පාත්තරේ තියන දෙයක් සරමට හලාගන්නව. 

කවුරුත් හිටියත් නැතත්..එක වතාවක් මනුස්සයෙක් ඕක දැකලා මේ මිනිහට ගහලත් තිබ්බා..

ඒ කාලෙ ඒ ගම එච්චර දියුණු නෑ...පන්සලත් දියුණු නෑ.. අවුරුදු දෙකක් විතරම ඒ මිනිහා බුද්ධ පූජාව තියන පාත්තරේ තිබ්බ කෑම සරමට හලාගන ගියා.

මේකෙ පුදුම කාරණා දෙකක් තියනව..

පළවෙනි එක අද දානෙ හම්බුන්නෑ අපි බඩගින්නෙ කියලා පොඩි හාමුදුරුවො අර ළමය එක්ක කියපු දවස් තිබ්බා.. පන්සලේ වැට ගාවට දැල් හොඬ කඩන්න කලු කම්බේරිය කඩන්න ආව වෙලාවට.... ඒත් ඒ දවස්වලත් අර පාත්තරේ මොනවමහරි තිබ්බා.

අඩු ගානේ ලපටි පොල් කෑලි ටිකක් හරි..උදේ දවල් රෑ තුනටම.. ඔව් රෑටත්.. රෑට හාමුදුරුවො වලඳන්නෙ නැති එක නෙවෙයි පුදුම. රෑටත් බුද්ධ පූජාව තියපු එක...

බුද්ධ පූජාව තියන ලොකූ පාත්තරේට එහා පැත්තෙ පුංචිම පුංචි පාත්තරේකුත් තිබ්බා.. ඒත් ඒක තිබ්බෙ මේ මිනිහට ගන්න බැරි තරම් ඈතින් බුදු පිළිමෙ ලඟම හින්ඳ ඒක ගන්න බැරිවුන බව ඒ මිනිහ ළමයා එක්ක කියලා තියෙනවා..

එක දවසක් ලොකු හාමුදුරුවො පොළඟෙක් කාලා ඉස්පිරිතාලේ අරන් ගියා. එදා රෑත් අර මිනිහා වෙනද වාගෙම බුද්ධ පූජාව අරන් යන්න පන්සට ආවා. 

මේ මිනිහා කට්ට කලුවරේ බුදු ගේ ඇතුළෙ ඉඳන් එලියට එද්දි දැකපු මිනිස්සු හිතුවෙ මේ මිනිහා පිං කැටේ කඩන්න ආව කියලා හාමුදුරුවනේ....

මිනිස්සු ඒ මිනිහට ගැහුවා..

දුර්වල මිනිහා...පන්සලේ මිදුලෙම මී මැස් මොරේ හැදිලා මළා.....ලොකු හාමුදුරුවො ඉස්පිරිතාලෙන් එද්දි කුමියා වළදාලා කුමියගෙ ගෑනියි ලමයයි ගමෙනුත් ගිහින් හාමුදුරුවනේ......

හරක් දක්කන මිනිහ කියලා අයින් නොකර, ඒ මිනිහගෙ ගෑනි එක්ක යාලුයි කියලා ගම්මු කියයි කියනවට බයට කෙලින්ම උදවු කරන්නත් නොයා, සමහරක්දාට පන්සලේ පොඩි නමටත් ලෙවකන්න දීලා කුමියගෙ දුර්වලම දුර්වල ළමයට ... ඒ  දුර්වල ළමයට කන්න පාත්තරේට මොනවහරි දාල ...... බුදු මැඳුරෙන් තිබ්බ ඒ පන්සලේ ලොකු හාමුදුරුවන්ටයි මම මේ ආවාසෙ හැදුවෙ හාමුදුරුවනේ....

එහෙමයි අපෙ ලොකු හාමුදුරුවනේ.. ළමයගෙ උප්පැන්නෙ හැටියට නං තාත්තගෙ නම සිරිනාම අගලවත්ත.. ඒත් ගමම ඒ පිස්සු මිනිහට කිව්වෙ කුමියා කියලා....

ලොකු හාමුදුරුවන්ගේ දෑස කඳුලින් බරව තිබූ අතර උන්වහන්සේ දත් සපාගනිමින් තමා තුළ වූ උපේක්ෂාව කොහි ගියේදැයි සෙවීමට මෙන් දෑස් එහා මෙහා යැවූහ.  

තිස්ස හාමුදුරුවෝ දෑස් හයා බලා සිටියහ. ඒ තම විශ්ව විද්‍යාල මිතුරිය දිනූෂා අගලවත්තමද?

"මං මේ ආවාස ගේ හදලා පූජා කරන්නෙ තිස්ස හාමුදුරුවන්ට නෙවෙයි.. අපේ ඤානානන්ද ලොකු හාමුදුරුවන්ට... උන්නාන්සෙට කළගුණ සලකන්න කුමියගෙ දුව හැටියට මට කරන්න පුලුවන් උපරිම දේ මං කළා හාමුදුරුවනේ.."
=====

Nissanka Rajapaksa

unread,
Jul 7, 2024, 7:22:27 PMJul 7
to INDRAKA group
48
පියෙක් සහ පුතෙක් 

මෙක්සිකානු ලේඛක ජුවාන් රැල්ෆෝ

- පරිවර්තනය කරුණාරත්න අමරසිංහ 











Nissanka Rajapaksa

unread,
Jul 8, 2024, 8:44:10 PMJul 8
to INDRAKA group
49
ලොකු අයියාගේ මරණය

-රන්දික කඩවතආරච්චි
----------------------------------------------------------------
ලොකු අයියාගේ මරණය පිළිබඳව මට මුලින්ම ආරංචි වූයේ සුජිත්ගේ දුරකථන ඇමතුමෙනි. එවකට මා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවයේ යෙදී සිටියෙමි. සුජිත් පාසැල් කාලයේ සිට මාගේ හොඳම මිතුරාය. එහෙත් පාසැල් අධ්‍යාපනය අපොස සා/පෙළින් අසමත් වූ පසු මමත් සුජිත් අතරත් කිට්ටු සම්බන්ධතාවක් නොමැති වූයේ මාගේ අනෙක් මිතුරන් හා සම කිරීමට තරම් කිසිම ගැලපීමක් සුජිත් සතුව නොවීම නිසාය. එහෙත් අවුරුදු නිවාඩුවට ගමේ ගිය විටෙක හෝ ඉඳහිටෙක ගමේ ගිය විටෙක සුජිත් හමු වූ විට ආ ගිය තොරතුරු කතා බස් කිරීම විනා වෙන කිසිදු සම්බන්ධතාවක් අප අතර නොතිබිණි.

පසුගිය වර අවුරුදු නිවාඩුවට පැමිණි අවස්ථාවේ අප්පච්චී විසින් මා වෙත ලියා දෙන ලද කුඹුරු ඉඩම කවරෙකුට හෝ විකිණීමට මා අදහස් කර සිටි බැවින් කුඹුරු ඉඩම ගන්නා කෙනෙකු වෙතොත් මා වෙත දන්වන ලෙස කියා මාගේ දුරකථන අංකය මම සුජිත් වෙත දුන්නෙමි.

‘හැබැයි සුජිත් කවුරුහරි ගන්නවාම නම් විතරක් මට කෝල් එකක් දෙන්න. නිකම් කෝල් ගන්න එපා.’

මම දුරකථන අංකය දුන් පසු සුජිත්ට කීමි. එවෙලේ සුජිත්ගේ මුහුණේ අප්‍රසාදයක් මතුවෙතැයි කියා සිතුවත් කිසිදු වෙනසක් නොපෙන්වීම ගැන මා ආපහු කොළඹ එන ගමනේදීත් කල්පනා කළෙමි. පෑහීමක් නැති යාලුකම් තියාගන්නට එපා යැයි අම්මා මට කිහිපවරක්ම කිව්වේ සුජිත් මා හා කතා කරනවා දැක වන්නට ඇත.

එදා ලද දුරකථන ඇමතුම දුන්නේ සුජිත් බව මම දැනගත්තේ ඔහු එහා පසින් කතා කල පසුය. එයට හේතුව මගේ දුරකථන අංකය මා සුජිත්ට දුන්නද සුජිත්ගේ දුරකථන අංකය ඔහු මට ලබා නොදුන් බැවිණි.

‘හේමන්ත මහත්තයා.’

මට කිසිවෙක් පහසුවෙන් මහත්තයා යැයි ආමන්ත්‍රණය නොකරන බැවින් මට එහි නුහුරු බවක් දැනුණි. කාලයක සිට බොහෝ දෙනා සර් හෝ ලේකම්තුමා යනුවෙන් බැවින් මට මහත්තයා යන වචනය නුහුරු ලෙස දැනුණි.

‘ඔව් කියන්න’

මම ආවේගයෙන් මෙන් කතා කළෙමි.

‘මම සුජිත්, මහ ගෙවල් ළඟ’

සුජිත්ගේ හඬ අඳුරාගත් බැවින් මගේ ආවේගය අසුරු සැණින් පහව ගියේය.

‘ආහ් ඔව් සුජිත් කියන්න.’

‘මහත්තයා, පොඩි කරදරයක් උනා.’

සුජිත් කීවේ ඇඬුම් ස්වරූපයෙන්ය. එකත් එකටම ගෙදර මොකක් හෝ දෙයක් සිදුවී සල්ලි ඉල්ලන්ට කතා කරනවා ඇතැයි මට සිතුවිල්ලක් නැඟුණි.

‘මොකක්ද?’

‘මහත්තයා, ගාමිණී අයියා ආන්තරා උනා.’

ලොකු අයියාගේ නම කියූ සැණින් මගේ හදවතට අකුණක් ගැසුවාක් මෙන් දෑස් මවිත වී ගියේය.

‘ඒ..ඒ මක් වෙලාද?’

‘බෙල්ලේ වැල දාගෙන.’

‘හරි සුජිත් මම එන්නම්.’

මම කිසිවක් නොකියාම රිසීවරය තැබුවෙමි. එවෙලේ මගේ හදවතට දැනුණු දුක මෙපමණක්යැයි කිවීමට තරම් නොහැකි වූයේ මන්දැයි අදටත් මම නොදනිමි. ගමේ සිට කොළඹ විත් දැන් අවුරුදු විසිපහකට වැඩිය.ඒ අවුරුදු විස්සටම මා එකම එක දවසක් හෝ ලොකු අයියාට දුරකථනයෙන් කතා කර නැත. ඔහුගේ සැප දුක් විමසා නැත. මෙතුවක් උපයන ලද කිසිදු ආදායමකින් එක රුපියලක දෙයක් ලොකු අයියා වෙනුවෙන් ලබා දී නැත. වරක් සිංහල අළුත් අවුරුද්දට මහ ගෙදර ගිය දාක මට අඳින්න සිතා වැරදීමකින් ගත් උරහිස් පලල් වූ අත්කොට කමිසයක් ලොකු අයියාට දුන්නා විනා ලේන්සුවක දෙයක් මා ලොකු අයියාට අරගෙන දී නැත.

‘හදිස්සියෙම ලොකු අයියා නැතිවෙලා. මම ගමේ යනවා. ඔයා ටැක්සියක් දාගෙන දූලා දෙන්නත් අරන් අම්මලාගේ ගෙදර යන්න. මම එන්නේ මළගේ අස් කලාට පස්සේ.’

මම මයුරිට දුරකථන ඇමතුමක් ගෙන කීවෙමි. ජේෂ්ඨ ලේකම්තුමා වෙත ගොස් දින තුනක නිවාඩුවක් අනුමත කරගත්තේ හදිස්සියට ගමේ ගොස් එන්නැයි කියමිනි. ලොකු අයියාගේ මරණය කිසිවෙකුටත් නොකීවේ අමාත්‍යංශයේ පිරිස බුරුතු පිටින් මළ ගෙදර පැමිණියහොත් ඇතිවන ලැජ්ජාව වලක්වා ගැනීමටය.
මයුරි තවමත් කාර්යාලයේ ඇති බැවින් මා නොපමාව ගෙදරට ගොස් දින කිහිපයකට සෑහෙන ඇඳුම් කිහිපයක් මෝටර් රථයට දමා ගතිමි. එවෙලේම කොළඹ සිට ගමට එන්නට පිටත් වූයේ පුරා පැය කිහිපයක දීර්ඝ ගමනක් මා වෙත රිය පදවන්නට ඇති බැවිණි.
සැතපුම් කිහිපයක් දුර ගෙවා ආ පසු මට එක්වරම ලොකු අයියාගේ මුහුණ මැවි මැවී පෙනෙන්නට වූයෙන් මම මෝටර් රථය පාරෙන් ඉවතට වන්නට නවතා රියදුරු අසුනට මොහොතක් හිස තබා ගත්තෙමි.ලොකු අයියාගේ රූපය මට සිතුවමක් මෙන් මැවී පෙනෙන්ට විය.

අපේ පවුලේ දරුවන්ම හයකි. ලොකු අයියාත්, ලොකු අක්කාත්, පුංචි අක්කාත්, මමත්, නංගී හා මල්ලීත් වන අතර අම්මා හා අප්පච්චීගේ කුල ගර්වය ඉහළින්ම ඇති පවුල් පසුබිමක ජිවත් වූයෙමු. මුල් කාලයේදී අත මිට සරුභාවයක් නැතත් පසු කාලීනව අප්පච්චීගේ මහන්සිය හා වාසනාව මත කිසවෙකුට අත නොපා ඉන්නට තරම් වාතාවරණයක් අපට තිබිණි.

‘ලොකු කෙල්ල හම්බ උනාට පස්සේ තමයි අපිට හරි ගියේ.’

අම්මා අදටත් කියන්නේ එහෙමය.

‘මූ හම්බවෙන්න හිටපු දවස් වල මං හබරල අලත් කෑවා.’

අම්මා ලොකු අයියා ගැන කියන්නේ එහෙමය.

මුල් කාලයේ අප්පච්චී සතුව මුදල් හදල් නොමැති වීම නිසා ලොකු අයියාගේ අධ්‍යාපනය දහය පන්තියෙන්ම නැවතී තිබිණි. අදටත් අම්මාටත් අප්පච්චීටත් අනුව ලොකු අයියා යනු උපන් ගෙයි අවාසනාවන්තයෙකි.

‘මුගේ කේන්දරෙන් රාහු යනවා කිව්වේ මූ මල දාට.’

අප්පච්චී කියන්නේ එහෙමය.

ලොකු අක්කා අහළ ගම් හතේම නම තියමින් විශ්ව විද්‍යාලයට තේරීපත් වූ දා අප්පච්චී ලොකු අක්කාව කර තබාගෙන නැටුවා මට තවම මතකය. ඉන්පසු පිලිවෙලින් පුංචි අක්කාත්, මමත්, නංගී හා මල්ලීත් විශ්ව විද්‍යාල වරම් ලබා අප්පච්චීගේ කරපිට උඩ නටනවා ලොකු අයියා බොඳ වූ දෑසින් බලා සිටි අයුරු මට තවම මතකය.

‘අන්න අර කාලකණ්ණියා රෙදි හෝදන එකියක් එක්ක යාළු වෙලා.’

අප්පච්චී දවසක් ගිනි හුළකුත් අරගෙන ගෙට ගොඩ වූවා මට තවම මතකය. ඒ ගිනි හුළ කිසිදු හෙවිල්ලක් බැලිල්ලකින් තොරවම ගේ තුළට ගත්තේ අම්මාය. එතැන් පටන් පුරා මාස ගණනාවක් යනතුරු ඒ ගින්නෙන් ලොකු අයියාව දැවුවේ අම්මා අප්පච්චී පමණක් නොවේ අප පස් දෙනාද ඒ ගින්නේ හවුල්කරුවෝ වුනෙමු. අවසානයේ නිල්මිණී අක්කාගේත් ලොකු අයියාගේත් ආදර සම්බන්ධතාවය අවසන් වූයේ නිල්මිණී අක්කා මැහි තෙල් පානය කර බව ආරංචි වූ දාය. එදා ලොකු අයියා ගේ පිළිකන්නේ ඉකි බිඳිමින් හැඬුව අයුරු මට තවම මතකය. එදා රෑ අපි සාලයේ සිට කොක් හඬලා සිනාසුනේ නිල්මිණී අක්කාගේ දෙන ගේ ඉදිරිපසින් රැගෙන යනවා බල බලාය.

එතැන් පටන් ලොකු අයියාගේ කතා බහ එන්න එන්නම අඩුවිය. මහා පාන්දර ගෙදරින් ගොස් මැදියම් රැයේ ගෙදර එන පුරුද්ද ඇති වූයේ ඉන්පසුවය.

‘උඹ හත් මගෝඩියේ ගිහින් එනකම් මම දොරටු පාලක වගේ දොර ගාව මුර තියාගෙන ඉන්න බෑ ගාමිණී. උඹ අර පිටිපස්සේ රබර් කාමරේට ඇඳ දාගනින්. උඹට එතකොට දඩාවතේ ගිහින් ආපු වෙලාවක බුදිය ගන්න පුළුවන්නේ.’

ලොකු අයියාව මුලින්ම ගෙදරින් එළියට දැම්මේ අම්මාය. අම්මා සමඟ වචනයක්වත් එකට එක නොකී ලොකු අයියා ඇඳුම් කිහිපයක් ඔහු සතු ආයුධ කිහිපයකුත් රැගෙන පසුදාම රබර් කාමරයේ පදිංචියට ගියේ නිදාගත් ඇඳත් කාමරයේම තබාය. එදා රෑ අපි පස්දෙනාම රණ්ඩු වූයේ කාමරය බෙදා ගන්නටය. අවසානයේ ලොකු අයියාගේ කාමරය හිමි වූයේ මටය. පසුදා දවසම වැය කර මම කාමරය අස් කලෙමි. එහි අස් කරන්නට කියා මහා ලොකු දෙයක් නොතිබිණි. අතුපතු ගා මකුලු දැල් කැඩූ පසු ඉතිරි වූයේ මේසය අස් කරන්නට. මේස රෙද්ද යට තිබී අවපැහැ ගැන්වුනු කොලයක් බිම වැටිණි. එහි ආයාසයෙන් ලියන ලද අපැහැදිලි අකුරින් ‘නිල්මිණී’ කියා ලියා තිබුණු අයුරු මට තවම මතකය.

හරිහැටි රස්සාවක් නොකල ලොකු අයියා අඳයට ගත් කුඹුරු ඉඩමක වී වගා කළ අතර, මඟුල් තුලා, පිරිත් ,බණවර , අවමඟුලක සැරසිලි වලට නැතිවම බැරි චරිතයක් බවට පත්වී තිබිණි. පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ ආස්‍රය තදින්ම ලැබී තිබුණු හෙයින් පන්සලේ මොන දේටත් ලොකු අයියා වගකීම් පැවරී තිබිණි.
අම්මාට හා අප්පච්චීට නිකම්ම නිකම් ගාමිණී වූත්, අපි ඉඳහිටක හෝ කතා නොකළ ඔහු මුළු ගමටම ලොකු අයියා වී තිබිණි. ලොකු අයියාට ගෙදරින් නොලැබුණු ආදරය අඩුවක් නැතුවම ගමෙන් ලැබිණි. එහෙයින් වෙනදා වචන දහයක් පහළවක් කතා කල ලොකු අයියා කල්යත්ම ගෙදරදී කතා කරන එක සදහටම නවත්වා තිබිණි.

ලොකු අක්කාගේ විවාහයේ සිට මල්ලීගේ විවාහය දක්වා සියළුම මංගල පෝරුවේ පටන් වළන් පිඟන් හෝදන එක දක්වා වැඩ කරට ගෙන කල ලොකු අයියාට මංගල දා කුස්සියෙන් මෙහාට එන්නට තරම් අවසරයක් දෙන්නට අම්මා හා අප්පච්චී කැමති වූයේ නැත.

‘ඔය කාළකණ්ණියා බී ගත්තොත් මෙතන වනසයි.’

අප්පච්චී කීවේ එහෙමය. එතැන් පටන් අප පස්දෙනාගේම දරුවන් දකින තෙක්ම ලොකු අයියා ඔහුට කල හැකි පමණින් උදව් පදව් කළේය. වරක් කොළඹ නිවස ඉදිකරන්නට ස්ලැබ් එක දැමීමට මා ලොකු අයියාව කොළඹ ගෙන්වා ගතිමි. එහිදි මා කොළඹ මිතුරන්ට ලොකු අයියා හඳුන්වා දුන්නේ ගමේ බාස් කෙනෙක් කියා මිස ඒ මගේ අයියා කියා නොවේ. ඒ සියළුම වෙනස්කම් මහාමේරුව සේ දරාගෙන ලොකු අයියා හිඳි අයුරු සිහිපත් වන විට මගේ හදවත සත් කඩකට පැලේ යැයි මට සිතෙයි.
ලොකු අයියාගේ මරණය ඇසූ විට එය සිදු වන්නට මෑතකදී සිදුවූ සිදුවීම මගේ සිහියට නැඟුණි. ලොකු අයියා පත්මලතා නම් වැන්දඹු ගැහැණියක් සමඟ සම්බන්ධතාවයක් ඇති බව අප්පච්චීට දැනගන්නට ලැබී ඇත්තේ මෑතකදීය. එදා අප්පච්චී ගෙදර ඇවිත් තිබුනේ වෙනදා මෙන් ගිනි හුලත් අරගෙනය. ඒ ගිනිහුලට අම්මා භූමිතෙල් දමා තිබුණි. දුරකථන ඇමතුම් ඔස්සේ අපි පස්දෙනාද අඩුවක් නොමැතිව ගින්න ලැව් ගින්නක් බවට පත් කළෙමු.

‘ලොකු අයියා ...ස ගෑණියෙක් කසාද බඳින්නයි යන්නේ, ගමේ ගිහිල්ලත් හමාරයි.’

ලොකු අක්කා අපි සිව් දෙනාවද අවුලන්නට ගින්න තැබුවාය. අප්පච්චී ලොකු අයියාගේ රෙදි කඩමාලු ටික රබර් කාමරයෙන් පිටතට වීසි කර තිබුණි. අම්මා වෙනදා රෑට කන්නට බෙදා තබන බත් දංකුඩ පිගාන බල්ලාට අනා දමා තිබිණි. පසුදා පාන්දරම පත්මලතා නම් ගැහැණියගේ ගේ මිදුලට ගොස් ඇයගේ මුළු හත්මුතු පරම්පරාවටම අපහාස කර තිබිණි. ඉතිං ඊට දෙදිනකට පමණ පසු ලොකු අයියාගේ නිසල දේහය වත්ත පහළ සියඹලා ගහේ එල්ලී තිබෙන අයුරු මුළු ගම්මානයේම උන් හඬා වැලපෙමින් බලා උන් බව දැනගන්නට ලැබිණි.

මා ගමට පැමිණෙන විටත් ලොකු අයියාගේ දේහයේ සියළු කටයුතු සිදුකර තිබිණි. මරණය ගෙදරට ගේන්නට එපා යැයි අප්පච්චී කියා තිබුනද, මල්ලීගේ හා නංගීගේ ඉල්ලීම මත මරණය ගෙදර සාලයේ මුල්ලක තබා තිබුණි. මල ගෙදරකට ඒ තරම් සෙනඟ කන්දරාවක් ආ දවසක් මට මතකයේ නැත. පුදුමය නම් ඒ එන කිසිවෙකු අප දෙස හැරී බලන්නේවත් නොමැති වීමය. කහට උගුරක් තියා බුලත් විටක්වත් හපන්නේ නැත. අප්පච්චීගේ හෝ අම්මාගේ මුහුණ දෙසවත් හැරී නොබලන ගැහැණු

‘හැත්තම හැඳිගෑවිලා පලයල්ලා’

යැයි හෙන ඉල්ලන අයුරු කණ් වලට හොඳාකාරවම ඇසුණි. ලොකු හාමුදුරුවන්ගේ දැඩි ඉල්ලිම මත ලොකු අයියාගේ අවසන් කටයුතු දා දෙන පන්සලට රැගෙන එන්නට කටයුතු කර තිබිණි. ලොකු අයියා වෙනුවෙන් එතෙක් මෙතෙක් නුදුටු සොහොන් කොතක් ඉදිකර තිබුනේ ගම්මුන් සියළු දෙනාගේම එකුවෙනි. මුලු ගම්මානයම සුදු කොඩි ගොක් රැහැන් වලින් පිරි ඇත. බැලු බැලු හැම අතම ලොකු අයියා නමින් ගුණ වර්ණනා ලියා ඇත. ඒවා දකින වාරයක් වාරයක් පාසා අප සියළු දෙනාගේම හදවත් වලට යකඩයකින් අනිනවා වැනි හැඟීමක් දැනෙයි. දෙන පන්සලට රැගෙන යන්නට පෙරදා රැයේ බීමත්ව පැමිණි කිරිස්තියන් බාස් අහල ගං හතටම ඇහෙන්න කී කතාව අම්මා, අප්පච්චී ඇතුළු අප සැමගේම තව ආත්ම හතකටවත් ගෙවා ඉවර කල නොහැකි පව් කඳක් ගොඩ ගැසුණු බව මට සිහිවන විටත් ඇඟ කිලි පොලා යයි.

‘ගාමිණී...මැරුණා..ගාමිණී මැරුණා නෙමෙයි යකෝ ගාමිණී මැරුවා. වෙන කවුරුවත් නෙමෙයි මැරුවේ ඌව ජාතක කරපු මේ හම්පඩ නාකියායි උගේ අර පඩත්තර ගෑනියි අර වදපු බැල්ලිගේ පුතාලායි බැල්ලියෝ ටිකයි. යකෝ..හේරත් අප්පුහාමි තෝ සුදනා..තෝ සුදනා..තෝ ගාමිණීගේ චරිතේ හොයන්න කලින් තෝ තොගේ චරිතේ හෙව්වේ නැද්ද? තෝ ගොයමට ආපු ගෑනු කිදෙනෙක් එක්ක නිදිවැද්දද? තෝ ඒ නිදි වදිද්දී උන්ගේ ජාතකේ හොයලාද නිදවැද්දේ..හම්පඩ නාකියා..තෝ දන්නවාද තොගේ ඔය ගෑනි චිංචි මානිකාව පොල් කඩන්න ආපු පර දෙමළටත් රෙද්ද ඉස්සුවා කියලා. නෑ තෝ දන්නේ නෑ. තෝ දන්නෙ තොගෙ වංසේ විතරයි. තව හැදුවා බැල්ලියෝ ටිකක්.’

‘උන් විස්ස විද්‍යාලෙලු.අනේ තොගෙ රෙද්ද් විද්‍යාලේ. යකෝ අර ලොකු එකී විද්‍යාලේ ගියා කියලා තෝ කරතියාගෙන නැටුවාට ඕකි ඒ කාලේ පින්න කැලේ ඇතුලේ පොලී මුදලාලිගේ පුතත් උඩ තියාගෙන නැටුවා. අනික් පරට්ටි බස් කොන්දොස්තරයා එක්ක ටවුමේ පිච්චෑර් හෝල් එකේ ඌව බදන් දඟලනවා මං දෑහින් දැක්කා. අනික ලේකමා.අනේ උගේ අම්මාගේ ලේකම්. ඕකාගෙන් අහපන් ටවුමේ සිරියානි එක්ක කී පාරක් බුදිව්වද කියලා. අනිකා අර කැහුට්ටා, ඌ යකෝ තෝ රිංගපු ගෙවල් වලටත් රිංගුවා.’

‘තොපි ඔක්කෝම බෝසත්තු, ගාමිණී විතරයි දේවදත්ත. අනේ හේරත් නාකි හම්පඩයෝ. තෝ තොගේ නම්බුව රෝල් කරලා ගහගනින් තොගේ පුකේ. තොගේ ...කේ බැරිනම් ගහපන් තොගේ ගෑනිගේ ..කේ. ගමටම හිටිය හොඳම එකා තොපි මරාගත්තා. මරාගත්තා නෙමෙයි යකෝ තොපි ඌව මැරුවා. තොපිට හොඳක් වෙන්නෑ. තොපිට හොඳක් වෙන්නෙ නෑ. තොපි ඔක්කෝම පනුවො ගහලා මැරෙන්න ඕනි. මැරුනාට පස්සේ තොපිලාගේ වලවල් වලටත් හෙන ගහන්න ඕනි යකෝ මේ කරපු අපරාදෙට.’

කිරිස්තියන් බාස් නොනවත්වාම කී කතා තවමත් මගේ කණ් වල රැව්පිළි රැව් දෙයි. ලොකු අයියාගේ අවමඟුල මංගල්‍යක් තරම් උජාරුවෙන් ගමේ පිරිස සිදු කල අයුරු සිහිවෙත්ම මගේ හදවත මැරී මැරී උපදයි. මා ආපසු එන ගමනේදී කඩේ අසල ගැහැණියක් කාරා බිමට කෙල ගැසූ අයුරු සිහිපත් වන විට එය මගේ මුහුණට ගැසුවා නම් කොයි තරම් හොඳදැයි මට සිතෙයි.

එහෙත් ඒ සියල්ල සිදුවි ඇත. ලොකු අයියාගේ මුළු ජීවිතයම අප විසින් විනාස කර ඇත. අප කෙරන් ඇල්පෙනෙති තුඩක ආදරයක් නොලැබූ ලොකු අයියාගේ ආදර කතා දෙකම අප විසින් මරා දමා අවසන ලොකු අයියාවද මරා දැමුවෙමු. ඉදින් මේ අපරාදයට කවරෙකු හෝ සමාව දුන්නද හෘද සාක්ෂිය නැමැති දරුණු කඩු පහර හා තවමත් මා අතැතිව පවතින ලොකු අයියාගේ අව පැහැ ගැන්වුනු ‘නිල්මිණී’ යැයි ලියන ලද කොල කැබැල්ල කිසිදිනෙක මට සමාව නොදෙනු ඇත.



Nissanka Rajapaksa

unread,
Jul 9, 2024, 8:47:37 PM (13 days ago) Jul 9
to INDRAKA group
50
ගොළු ගීතය

- සුජාතා  මැනිකේ ඉහළගෙදර

අපි කසාද බැන්දට පස්සේ මං මුලින්ම එයාගේ ගෙදර ගියාම මම අම්මගෙන් ඇහුවා තාත්තගෙ පොටෝ එකක් වත් නැද්ද කියලා. ඒ අම්මා ඒ කතාව මගෑරියා.  තරංගලගෙ අම්මා සැරින් සැරේ ඇවිත් අපිව බලලා ගියා. ඒ ආව දවසක වත් තාත්තා කෙනෙක්ගැන කතාවක් වුණ බවක් මට මතක නෑ. 

තරංග කිව්ව විදියට එයාගේ තාත්තා ගැන කතාව කෙටි එකක්.  එයාට ඉන්නෙ අම්මා විතරයි කියලා. තාත්තා එයා පොඩි කාලෙම නැති වෙලා. තාත්තා ලොකු පවුලක කෙනෙක්. අම්මා දුප්පත් නිසා තාත්තගෙ පවුලෙන් සම්බන්ධෙට කැමති වෙලා නෑ. පස්සෙ ඒ දෙන්නා පැනලා ගිහින් බැඳලා. තරංග අම්මගෙ බඩේ ඉද්දිම ඒ තාත්තා ලොරියක හැප්පිලා මැරිලා.. අම්මා කුලී වැඩට ගිහින් තමයි තරංගට උගන්නලා තියෙන්නෙ. මම විතරක් නෙවෙයි කවුරුත් දන්න කතාව ඒක.

අපේ වෙඩින් එකෙන් පස්සෙ අපි දෙන්නා නැවතුනේ අම්මලා අපිට දුන්න ගෙදර. ඇත්තටම හරි හමන් නෑයෙක් නැති ගෙයක් දොරක් නැති තරංගට මාව දෙන්න අපෙ අම්මලා කැමති වුනේ කැමැත්තෙන්ම නෙවෙයි. මං එයාලගෙ එකම දුව වුන නිසා වගේම මම තරංගව නොලැබුනොත් මැරෙනව කියපු නිසා.. 

තරංග පොඩි රස්සාවක් කරන්න කැමති වුනේ නෑ. අපෙ තාත්තගෙ උදව්වත් තිබ්බ නිසා එයා ටියුෂන් පටන් ගත්තා. ඇත්තටම තරංග දක්ෂ ගුරුවරයෙක්. ඒ අතරෙ එයා අපෙ තාත්තගෙ ඇඳුම් ව්‍යාපාරයත්  බලාගත්තා. 

ඊට පස්සෙ මට පුතා හම්බවෙන්න ඉන්නකොට මට එයාලගෙ ගමේ යන්න ආසා හිතුණා. ඒ වෙනකොට තරංග හිටියේ ලංකාවේ නෙවෙයි.  අපෙ තාත්තා එක්ක දවස් හයකට ඉන්දියාවේ ගිහින්. ෂොප් එකට රෙදි ගේන්න. ඇත්තටම මම එහෙ ගියේ තරංගට හොරෙන්. තරංග පොඩ්ඩක්වත් කැමති වුනේම නෑ මං එයාගෙ ගෙදර එනවට.

 මම  එදා ගියේ  තරංගගෙ අම්මගෙ වැව් කරවල බැදුම කන්නම ආස හිතුණ නිසා. දොළ දුක කියන්නෙ දොළ දුකක්. ඒ වැව් කරවල බැදුම කනකම් මට නින්ද යන්නෑ වගේ තිබුනෙ. ඉතිං මං තරංගට හොරෙන්  නාලිකා එක්ක එහෙ ගියා. ගිහින් තිබුණෙ එකම එක වතාවක් නිසා මට හරියට පාර මතක තිබුණෙ නෑ. 
 කාර් එක හන්දියෙන් ඇතුළට දාලා ටික දුරක් ගියාම හම්බවෙන වැව ළඟ තිබුණ කඩයක්. අපි එතන කාර්එක නවත්තලා පාරෙ යන කෙනෙක්ට කතා කළා. 

"මාමෙ අර කොළඹ පන්ති කරන තරංග මහත්තයගෙ ගෙදර කොහෙද?" 

ඒ මනුස්සයා කඩේ මුදලාලී දිහා බැලුවා. මුදලාලී එලියට ආවා . 

"තරංග කිව්වෙ මේ අර ටීවි එකේ එහෙම රට හදන්ඩ යන මහාචාර්ය තරංගද? 

කඩේ මිදුලෙ බංකුවක ඉඳගන හිටපු තරුණයෙක්  එහෙම ඇහුවෙ උපහාසෙට වගේ.
නාලිකා මං දිහා නොබලම "ඔව්" කියලා කිව්වා. 

"උග්‍ර රක්ත පරපුරේ රට හදන්ඩ යන අසහාය ටියුෂන් ගුරා .. තරංග රඹුක්වැල්ල ගැන ඔය කියන්නෙ මුදලාලි.. ඕකා අපි එක්ක ඉස්කෝලෙ යද්දි  රංහොටි හේනයලගේ ලක්සිරි රුවන් කුමාර. දැං ඌ දිසානායක මුදියන්සේලාගේ තරංග රඹුක්වැල්ල .. ගොග්ගගෙ කොල්ලා ගිය උඩක්." 

නාලිකා මං දිහා බැලුවා. කඩේ මුදලාලී කාර් එක ළඟට ආවා. 

"අන්න අර ඉස්සරහ ගේ ගාව ඉන්නෙ මිස් ගොග්ගා. මාලු ඉවරයි කිව්වා. ඌත් එක්කම ගියෑකි." 

කඩේට ටිකක්  ඉස්සරහින් මාලු කාරයෙක්ගෙ බයිසිකලයක් නවත්තලා තිබුණා. මාලු කාරයා බිම ඉඳගන මාලු කපලා නැගිටලා මාලු ලෑල්ල ආපහු මාලු පෙට්ටියට දාගත්තා. ඊට පස්සෙ මාලු ගත්ත ගෑනු කෙනාගෙන් සල්ලි ගත්තා. නාලිකා ටැබ් එක අතට අරන් මොකද්දො හෙව්වා. ඒ තරංගගෙ පොටෝ එකක් කියලා මට තේරුණා. 

"මාමෙ.. අපි හොයන්නෙ මෙන්න මෙයාගෙ ගෙදර." 

"ඔව් නෝනා .. ඔය මාලු විකුණන්නෙ ඔතන. මෙයාගෙ තාත්තා තමයි."

 අපි මාලු කාරයා ළඟට ගියා. මාලු කාරයා හුඟාක් කෙට්ටු කෙනෙක්. කටු පෑදුණු ඇඟ, මෝඩ පාට නියාලු මූනක් තිබ්බෙ. මං ඒ මනුස්සයගෙන් ඇහුවා තරංගලගෙ ගෙදරට යන පාර. ඒ මනුස්සයා බය වෙලා වගේ බලාගන හිටියා. ඊට පස්සෙ අත් පය වලින් කතා කරන්න පටන් ගත්තා. ඒ මනුස්සයා කටින් කතා කරන්න උත්සාහ කළත් වචන එලියට ආවෙ නෑ. "ග්ග් ග්ග් ග්ග්" ගාන සද්දයක් විතරයි එලියට ආවෙ. 

"මොනවද මේ මනුස්සය කියන්නෙ?"
මම නාලිකාගෙන් ඇහුවෙ නාලිකාට ගොලු භාෂාව තේරෙන බව දන්න නිසා. 

"තරංගලාගේ ගේ මේ ඉස්සරහ පාරෙලු  තියෙන්නෙ. එයා තරංගගෙ තාත්තා නෙවෙයිලු. තරංගගෙ තාත්තා වගේ තරංග ලස්සනයිලු. " 

  අපි ඒ මනුස්සයගෙන් එහෙම දෙයක් ඇහුවෙ නෑනෙ. ඒ මනුස්සයා මොකටද එහෙම කතාවක් කියන්නෙ. කොහොම හරි ඒ මනුස්සයා අපිට ඉස්සරහින් බයිසිකලේ පැදගෙන ගියා. අපි පිටිපස්සෙන් ගියා. තරංගලගේ ගේ ඉස්සරහා බයිසිකලේ නවත්තලා අපිට අතින් පෙන්නුවා තරංගලගෙ ගෙදර. ඊට පස්සෙ ඒ මනුස්සයා යන්න ගියා . 

කසාදෙන් පස්සෙ මම පළවෙනි වතාවේ ඒ ගෙදරට එනකොට ඒ ගෙදර නොතිබුණ සමහර දේවල් ටිකක් එදා මම දැක්කා. එලියෙ වැලේ පිරිමියෙක්ගෙ සරම් දෙකක් කමිසයක් වනලා තිබුණා. ගේ ඇතුලෙ පිරිමියෙක් ජීවත්වෙන කාමරයක් තිබුණා. ගේ පිටිපස්සෙ මිදුලෙ වැව් කරවල වේලන මඩුවක් තිබුණා. කැඩුණු මාලු පෙට්ටියක්, මාලු අල්ලන දැල් කෑලි දෙක තුනක් .. 

ඒව මං විතරක් නෙවෙයි, නාලිකත් දැක්කා. ඒ අම්මා හරි බයෙන් බයෙන් වගේ තමා උයල කන්න දුන්නෙ. දෙතුන් වතාවක්  කිව්වා අනේ පුතාට කියලා නේ එන්න තිබ්බෙ කියලා. 

ඕනවටත් වඩා සැක හිතෙන කාරනා තිබ්බ නිසා ආපහු එන ගමනෙදි ගමේ තැන් තැන් වල වාහනේ නවත්තලා මිනිස්සුන්ගෙන් එක එක දේවල් ඇහුවෙ නාලිකා. ඒ නාලිකාගේ උවමනාවට වඩා මගෙ ඕනකමට. 

"ඔය කියන්නෙ ගොග්ගගෙ පුතා ගැන .." 

ඕක තමයි දැනගන්න ලැබුනෙ. ගොග්ගා කියන්නෙ ඒ ගමේ මාලු කාරයා. නූගත්,  කැහැටු කැත ලෙඩ පෙනුමක් තියෙන මිනිහෙක්. ජීවත් වුණේ මාලු අල්ලලා විකුණලා. අච්චර ලස්සන යමක් ඉගන ගත්ත ගෑනියෙක් වුන තරංගගෙ අම්මා මේ වගේ මිනිහෙක් බැන්ද එක මොන පුදුමයක්ද..?

අන්තිමට  නාලිකා නං කිව්වෙ මේ මිනිහා තාත්තා කියලා කියන්න ලැජ්ජා හිතුණ එක සාධාරණයි කියලා. මට තරංග ගැන වරදක් හිතන්න එපා කියලා. 

ඇත්තටම ඒ අම්මා මොකට ඒ මිනිහ එක්ක දීග ගියාද කියලා හිතාගන්න බෑ. කැහැටු, කැත, බකල ඒ මදිවට ගොලුවෙක්. 

කාලය ගෙවිලා ගියා. පුතාට අවුරුද්දක් විතර කාලෙ දවසක් මායි තරංගයි අතරෙ බහින්බස් වීමක් ඇති වුණා. ඒකට හේතුව ඉස්කෝලෙ යන කාලේ මම යාළුවෙලා හිටපු කෙනා ගැන අපේ ගෙදර ඇතිවුන කතා බහක්. එදා ගෑස් ඉවර වෙලා. තරංග කැමති වුනේ නෑ වැස්සේ ගෑස් ගේන්න යන්න. අපේ අම්මා තේ බොන ගමන් කිව්වා   දෝනි ඉස්කෝලේ කාලෙ  යාලුවෙලා හිටිය කටු කොල්ලා තමා දැං ගෑස් කඩේ දාගන  ඉන්නෙ ඔය කියලා. ඔය කතාව දුරදිග ගිහින් තරංග මට කිව්වා මම එයාට හංගපු තව මොනවා තියෙනව ද දන්නෑ කියලා. මට ඕකට හොඳටම තරහා ගියා. මම කිව්වා ඔයා ගොග්ගගෙ පුතා කියලා හංගපු එක තරං නම් ලොකු දේවල් මම හංගලා නෑ කියලා හොඳටම ෂුවර් කියලා.. 

තරංග ගෙදරින් ගියෙ කොයි වෙලාවෙද කියලා මම දන්නෙ නෑ. මම දන්නේ ඊට පැය බාගෙකට  විතර පස්සෙ මම බලද්දි එයා ගෙදර හිටියෙ නෑ කියලා විතරයි. ඊට පස්සෙ එයා ගෙදර ආවේ පහුවදා දවල්. 

ඊට පස්සෙත් හිටියෙ අසිහියෙන් වගේ. එදා පන්ති ආව ළමයින්ව ආපහු යවලා කියලා දැනගන්න හම්බුණා. එයා කාමරෙන් එලියට ආවෙම නෑ. එයා හිටියෙ  එයාගෙ පුස්තකාල කාමරේ. පහුවදා උදේ එයා කුස්සියට ඇවිත් මට කිව්වා "මං අර මිනිහව මැරුවා " කියලා..
"මොන මිනිහද?".
"අර තාත්තා කියන එකා. ගොග්ගා."
   ඊට පස්සෙ එයා ආපහු කාමරේට ගිහින් දොර වහගත්තා. මම දරුවත් අරගෙන එලියට බැස්සා. අපේ ගෙදර යන්න හයියක් තිබ්බෙ නැති නිසා නාලිකාට කතා කළා.  

  නාලිකා නිවාඩු දාගන මාත් එක්ක ගමට යන්න ආවෙ මගෙ බලකිරීමට. ඒත් නාලිකා කිව්වෙ මේ වෙලාවෙ කරන්න ඕන ගමට යන එක නෙවෙයි කියලා. තරංග ආනන්තරීය පාප කර්මෙට බය වෙලා දිවි නසා ගනී කියලා නාලිකා කිව්වා. නාලිකා ඉසුරුත් එක්ක ගමට ගිහින් වෙලා තියෙන දේ බලාගෙන එන්නම් කියලා. 

ඊට පස්සෙ මම ආපහු ගෙදර ගියා. තරංග කාමරේ ඇතුලෙ හිටියා. මම කාමරේ දොරකඩ ඉඳන් කතා කළා. මම කිව්වෙ කන්න එන්න කියලා විතරයි. වෙන මොනවත් කියන්න මට තේරුණේ නෑ. තරංග ආවෙ නෑ. 

පස්සෙ එයා දොර ඇරගන එලියට ඇවිත් අපේ කාමරේට ගිහින් ඇදුම් බෑග් එකක් හදන්න පටන් ගත්තා. එයා කිව්වෙ එයා යනවා කියලා. 

"ඔය මිනිහට දාව උපන්නට වඩා හොඳයි මම නූපන්න නං. අම්මට තිබ්බා මාව නැති කරන්ඩ. මොකට වැදුවද..? අම්මගෙ තමා වරද. අම්මට කට පියාගන ඉන්ඩ තිබ්බා. අම්ම මේක ඔයාට කිව්වෙ නැත්තං මට තරහ යන්නෑනෙ. මං ඒ මිනිහට ගැහුවෙ මරන්ඩ නෙවෙයි. ඒත් මැරියං කියලා තමා. ඔය මිනිහා මැරෙනකං තමා මං බලාගන හිටියෙ.." 

ඔය වගේ මුමුණ මුමුණ එයා ඇඳුම් ලෑස්ති කළා. ඒ වෙලාවෙ නාලිකා කතා කළා. 

"ඒ මනුස්සය මැරිලා නෑ .. හැබැයි ඔය යකාට ආයේ මේ ගමට නං එන්න වෙන්නෑ. තරංග මේ මනුස්සයව උස්සල පොළවෙ ගහල. කොන්ද හොඳටම ඩැමේජ්. " 

"නාලි..තරංගලගෙ අම්මා.??" 

"ඒ මනුස්සයා මේ මොකද්ද හොයනවා ගේ ඇතුළෙ  උඹලට එවන්න. අපි ඒකත් අරන් එන්නං. " 

මං ඒක කිව්වම තරංග රෙදි බෑග් එක ඇඳ උඩ දාලා බිම ඉඳගත්තා. 

ඊට පස්සෙවත් තරංග මොකුත් කතා කළේ නෑ. මම එයාට තේ එකක් හදල දුන්නා. එයා ගෑනු ළමයෙක් වගේ කකුල් දෙක සෝපාව උඩට අරන් වකුටු වෙලා තේ එක බිව්වා .ඒ අතරෙ මං දිහා බලාගෙන කිව්වා .

"තමුසෙ හරි ඔය නාලිකා කියන ගෑනි හරි  මේක මිනිස්සුන්ට කියලා මාව සවුත්තු කරන්න හැදුවොත් මං ඒක ගැනත් බලාගන්නං"  කියලා. 

රෑ එකොළහ හමාරට විතර නාලිකාලා ආවා. ඒත් මම නාලිකාලට ගේට්ටුවෙන් ඇතුළට එන්න දුන්නෙ නෑ. එයාගෙ තාත්තා ගොග්ගා කියන එක මං වගේම නාලිකාත් දන්න බව තරංග දන්නවා. ඒත් නාලිකාගේ මහත්තයත් ඒක දන්න බව තරංග දැනගන්න ඕන නෑ කියලා මට හිතුණා. 

නාලිකා ගෙනත් දුන්නෙ තරංගලගෙ අම්මා දුන්න කොලයක්. ඒක පරණ එක්සයිස් පොතක කොළයක්. ඒක මට නෙවෙයි තරංගට. ඒත් මං ඉක්මනට ඒකෙ පොටෝ එකක් ගහගත්තා. ඊට පස්සෙ තමයි ඒක තරංගට ගිහින් දුන්නෙ. 

මොනව වුණත් මම හිටියෙ තරංගව එපා වෙලා. ඇත්තටම මොන විදියෙ මිනිහෙක් වුණත් ඒ තමන්ගෙ තාත්තා. ඒ මනුස්සයා තමන්ගේ තාත්තා කියලා කියන්න ලැජ්ජා හිතෙන්න පුළුවන් කියන කාරණාව කොහොමත් මට පිලිගන්න බැරි වුණා. එයා ඉපදෙනකොටත් එයාගෙ තාත්තා මැරිලා කියලා එයා කියපු බොරුව, ඒ බොරුව මම දනගත්ත්තා කියල දැනගන එයා හැසිරුණ විදිය .. මට ඒවගෙන් එයා ගැන මහා කලකිරීමක් ඇති වෙලා තිබුණෙ. ඒක එපා වීමක්. 

තමන්ගෙම තාත්තව ඒ තරම්ම ප්‍රතික්ෂේප කරන, කවල පොවල උස්මහත් කරපු තාත්තව ලැජ්ජාවක් කියලා හිතන මේ මනුස්සයා  ඒ සේරම හංගගෙන මාව බැන්දෙ මං සහ මගේ දෙමාපියන් හරහා උසස් සමාජ මට්ටමකට යන්න තියෙන ඕනකම්ට මිසක් මට ආදරේට නෙවෙයි කියලා මගෙ හිත මට කියන්න ගත්තා.

පහුවදා උදේ වෙනකම්ම තරංග එලියට ආවේ නෑ.  මම අපේ අම්මට කතා කරලා සිද්ධ වුන දේවල් කියාගෙන කියාගෙන ගියා. අන්තිමට කිව්වා මට ටික දවසක් අම්මලා එක්ක ඉන්න ඕන කියලා. 

ටික වෙලාවකට පස්සෙ අම්මා මට කතා කරලා කිව්වා මාව එක්ක යන්න එනවා කියලා. මම දරුවගෙයි මගෙයි හැමදේම ලෑස්ති කරගත්තා. ඊට පස්සෙ තරංගගෙ පුස්තකාල කාමරේ දොර ළඟට ගිහින් කිව්වා මම අම්මත් එක්ක යනවා කියලා. තරංගගෙන් උත්තරයක් හම්බුණේ නෑ. අපි පිටත් වුණා . 

අපේ ගෙදරට යන අතර මඟදි මට මතක් වුණා අර තරංගලගෙ අම්මා එවපු ලිවුම් කෑල්ලෙ මං ගහගත්ත පොටෝ එක. මං ඒක බැලුවා. ඒක බැලුවම මට එකපාර මොකක්දෝ සැකයක් ඇතිවුණා. මම තාත්තට කිව්වා ආපහු හරවගන යමු කියලා. 

මම තරංග වුනානම් මේක කියෙව්වට පස්සෙ  දිවි නහගන්න හිතෙනවා කියලා විශ්වාස නිසා මම හිතුවා තරංගටත් එහෙම හිතිලා ඇති කියලා. 

ඒ අම්මගෙ ලිවුමෙ තිබුණ විදියට තරංග පොඩිම කාලේ තාත්තට ගොඩාක් ආදරෙන් ඉඳලා තියෙනවා. ඉස්කෝලෙදි ගමේදී ගොග්ගගෙ කොල්ලා.. මාලුකාරයගෙ ළමයා කියලා තරංගව උසුලු විසුලු වලට ලක්වෙන්න ගත්තම තමා තරංග ටික ටික තාත්තගෙන් ඈත් වෙලා තාත්තට වෛර කරන්න පටන් අරන් තියෙන්නෙ.  කොහොම වුණත් ගොග්ගා නං කවදාකවත් තරංග එක්ක තරහ වෙලා නෑ. 

කතාවේ හොඳම හරිය මේ පහළින් තියන විදියට. අම්මා ලියලා තිබුණ විදියට.

""""උඹ හැමදාම ලැජ්ජා වුනා ඒ මිනිහට තාත්තා කියන්න උඹ ලැජ්ජා  වෙන්න ඕන නෑ .ඒ  මිනිහා මලත් උඹ බය වෙන්න ඕනත් නෑ..උඹ ආනන්තරීය  පාප කරුමෙට අහුවෙන්නෙ නෑ. මොකද  ඒ මිනිහා උඹේ තාත්තා නෙවෙයි. උඹ මගෙ බඩේ ඉද්දි අපෙ ලොකු අයියා මාව ඔය ළඟට අරන් ගිහිං මගෙ කටට තුවක්කුව තිබ්බා. මට වෙඩි තියලා මරන්ඩ. උන්ට ලැජ්ජාවක් වුණා අවජාතක ළමයෙක්  එක්ක මං  අනාථ වුන එක. ඒ වෙලාවෙ ගොග්ගා කොහෙන්දො  ඇවිත් අපෙ අයියගෙ  අතට මාලු  කපන පිහිය තියලා  මාව බේරගත්තා. අයියට ඇඟිල්ලකින් මාව පෙන්නුවා ඊට පස්සෙ ළමයෙක් නලවනවා වාගේ අත් දෙක වනලා පෙන්නලා පපුවට අත තියාගත්තා. ඒ  කිව්වෙ ළමයා එයාගෙ කියලා.. ඒ වෙලාවෙ තමා ගොග්ගා උඹට තාත්තා වුනේ.."

තරංග මැරුනෙ නෑ. එයා මට කිව්වා අපේ පුතාට තාත්තා කෙනෙක් ඕන නිසාවත් අපි එකට ඉමු කියලා. අපෙ අම්මලත් ඒක පිළිගත්තා. 

උග්‍ර රක්ත පරපුරේ මහා දේශකයා වගේ හිටපු තරංග මුලු ගැහෙන්න පටන් ගත්තා. අම්මලව බලලා එන්න යමු කියලා කියන්න මට ඕනකම තිබ්බත් මං ඒගැන කතා කරන්න බය වුණා. 

ඇත්තටම මට ගොග්ගව දකින්න ඕන වුණා. තමන් මාලු ගෙනියපු පවුලෙ එකම දුවට ආසා කරපු ගොග්ගා. ඒ කෙල්ලගෙ නොසෑහෙන අඩංතේට්ටං ඉවසලා නොලැබෙන බව දාන දැනත් ඒ කෙල්ලගෙ ආරක්ෂාවට පස්සෙන් ගියපු ගොග්ගා. ඒ කෙල්ල එයාගෙ ටියුෂන් සර්ට වහ වැටිලා අමාරුවෙ වැටෙනවා ඇස් දෙකෙන් බලාගන හිටපු ගොග්ගා. සර් කෙල්ලගෙ බඩට ළමයෙකුත් දීලා පැනලා ගියාම කෙල්ල අඬපු තැනම ඉඳගන අඬපු ගොග්ගා.  කෙල්ලගෙ අයියා දොළක් අයිනට අරන් ගිහින් කෙල්ලට වෙඩි තියන්න හදනකොට ඒ අයියගෙ අතට මාලු කපන පිහිය තියලා කෙල්ලව බේරගත්ත ගොග්ගා. 

ඒ අම්මා ලියපු සිද්ධිය මට මැවිලා පෙනුණා. කලු කැත කැහැටු ගොලු මාලුකාරයා ඒ ළමයා මගෙ කියලා කියපු හැටි. ඇඟිල්ල දික් කරලා කෙල්ලව පෙන්නලා අත්දෙක වනලා ළමයෙක් නලවන විදිය පෙන්නලා ඊටපස්සෙ පපුවට අත තියාගත්තා කියන හැටි.... ඒක සිංදුවක විෂුවල් එකක් වගේ මගේ හිතේ හොල්මන් කළා. 

.ඊට මාසෙකට පස්සෙ දවසක් නාලිකා කතා කරලා කිව්වා තරංගගෙ අම්මා කතා කරපු බව. 

"අර මනුස්සයට ගොඩක් අමාරුයිලු .. ඒ අම්මට අමාරුයි කරගන්න.. තරංගට කතා කරන්න බයයිලු.. මොකද කරන්නෙ.. සල්ලි ටිකක් තමා අහන්නෙ." 

මම දෙපාරක් හිතුවෙ නෑ. කෙලින්ම තරංගට මෙහෙම  කිව්වා. 

"මම යනවා අම්මට සල්ලි ටිකක් දීලා එන්න. ඔයත් කැමති නම් එන්න." 

තරංගත් මාත් එක්ක ආවා.  අපි යනකොට ගෙදර දෙතුන් දෙනෙක් හිටියා ලෙඩා බලන්න ඇවිත්. ගොග්ගා හුඟාක් කෙට්ටු වෙලා. ඇඳේ නැති ගානයි. මම ගියාම ගොග්ගා මං දිහා නිවට නියාලු විදියට බැලුවා. යට ගිය ඇස් වලින් මං දිහා බලාගන මුලින්ම මාව දැකපු දවසෙ කිව්ව දේම අත් වලින් කියන්න පටන් ගත්තා. සාලෙ හිටපු තරංගව ඇඟිල්ලෙන් පෙන්නුවා. පපුවට අත තියලා ඊට පස්සෙ නෑ කියන සංඥාව.  

එයාට ඕන වුනේ තරංග එයාගෙ පුතා නෙවෙයි . තරංග එයාගෙ තාත්තා වගේ කියලා කියන්න. මම එයාට ලංවුණා. 

"මගෙ මහත්තයා ගොග්ගගෙ පුතා කියලා කියන්නයි මට ආඩම්බර...." 

මං ඒක කියලා ඉවර වෙනකොට තරංග මට පිටිපස්සෙ හිටගන හිටියා. ගොග්ගගෙ ඇස් වල කඳුළු ගලාගෙන ගියා මම දැක්කා.  තරංග එයා ළඟින් වාඩි වුණා. ගොග්ගා අත් දෙක එකතු කරලා තරංගට වැන්දා. සමාවෙන්න කියන්න වගේ.. තරංග මොකුත්ම කතා කළේ නෑ. මේ මිනිහට දැන්වත් බැරිද සමාවෙන්න කියලා කියන්න කියලා මට හිතුණා. 

මං තරංගව ඇදගන එලියට ආවා.
"දැන්වත් තාත්තා කියලා ඒ මනුස්සයට කතා කරනවා. නැත්තං දවසක අපෙ පුතා ලැජ්ජ වෙයි තමුසෙ එයාගෙ තාත්තා වුනාට. මොකද මං මෙ හැම දේම ළමයට කියනවා." 

මං එහෙම තර්ජනය කළා.  ඊට පස්සෙ තරංග ආපහු ඇඳ ළඟට ගියා. මට තේරුණා තරංගට අපි ඉද්දි කතා කරගන්න බැරිකමක් ලැජ්ජාවක් වගේ වෙන්න ඇති කියලා. මං එයාලගෙ අම්මවත් එක්කරගෙන කුස්සියට ගියා . 

ඊට ටික වෙලාවකට පස්සෙ අම්මා හදපු තේ එකත් අරන් මම කාමරේට ගියා. අම්මා අපේ පුතාට තේ පෙව්වා. කාමරේ තරංග ගොග්ගගෙ අතකින් අල්ලගෙන ඇඳේ ඔලුව ගහගන අඬනවා මං දැක්කා. 

ගොග්ගා මැරිලා. තරංග හයියෙන් ඇඬුවා. මං කවදාකවත් දකලා තිබ්බෙ නෑ තරංග  අඬනවා. අනික කතා කරකර හිටපු මිනිහා එකපාර මැරුණෙ කොහොමද කියලා මට සැක හිතුණා. 

"තමුසෙ ඒ මනුස්සයගෙ බෙල්ලවත් මිරිකුවද?"

තරංග මොකුත් කිව්වෙ නෑ. ඇඬුවා විතරයි. 

මරණ සහතිකේ හැටියට ගොග්ගා මැරිලා තිබුණෙ හෘදයාබාධයකින්. හත් දවසෙ දානෙන් පස්සෙ දා මං තරංගගෙන් ඇහුවා "ඇත්තටම එදා තාත්තට තමුසෙ මොනවත් කෙරුවද?"  කියලා.. 

"තාත්තෙ කියලා විතරයි  කිව්වෙ මං .."

මං අහගන හිටියා. තරංග  කියාගන ගියා. 

"එයා හිනාවෙලා ඇඬුවා  නඳුනි ... ඊට පස්සෙ  අඬ අඬා හිනාවුනා.. ඊට පස්සෙ ඇඟිල්ල කරකවලා ඊළඟ ආත්මෙ කියලා  මට ඇඟිල්ල දික්කරලා ඔයා කියලා පපුවට අත තියලා එයාගෙම කියලා අත් දෙක ලං කරලා පොඩි ළමයෙක් පෙන්නලා .. ඊට පස්සෙ ආපහු ඊළඟ ආත්මෙ පෙන්නලා එයාගේ නළලෙන් කොන්ඩෙ හදනවා වගේ පෙන්නලා අපහු අඬලා  මට ආපහු කියන්න කිව්වා.. ඊට පස්සෙ ඇස් පියාගත්තා... එච්චරයි"  

මට තරංග කියපු දේ තේරුනේ නෑ. 

"ඒ කියන්නෙ මොකද්ද ඒ කිව්වෙ..?" 

"ඊළඟ ආත්මෙ ඔයා මගේම පුතා වෙන්න.ඊලඟ ආත්මෙ මං කැතට උපදින්නෑ. ඔයාට මට තාත්තා කියන්න පුලුවන් කියල.." 

ගොග්ගාගේ ගොලු ගීත මිස මට දැන් තරංග හා ගැයූ පෙම් ගී මතක නැත. 

Reply all
Reply to author
Forward
0 new messages