නවීන විද්‍යාව බොරුවක්‌ ද? - මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග (D.Sc) සමග මහාචාර්ය නලින් ද සිල්වා සංවාදය (විදුසර)

946 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Oct 20, 2013, 8:09:42 PM10/20/13
to ind...@googlegroups.com
නවීන විද්‍යාව බොරුවක්‌ ද?

නවීන විද්‍යාව විවේචනාත්මක ව දෝෂාරෝපණයට ලක්‌ කළ චින්තකයන් කිහිප දෙනා අතරින් පෝල් ෆෙයරබෙන්ඩ් සහ තෝමස්‌ කූන් යන දෙදෙනා ප්‍රමුඛස්‌ථානයක්‌ ගනිති. ඊටත් පෙර ආතර් ෆේපන්හූවර් නමැති දාර්ශනිකයා පැවසුවේ විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් මිනිසාට තත්වාකාරයෙන් අවබෝධ කරගැනීම කළ නොහැකි බව ය. 

පෝල් ෆෙයරබෙන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්‌ථානයට සමාන තැනක්‌ නක්‌ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයන්ට ද ලබා දිය යුතු බව ය (Against Method-1975). තෝමස්‌ කූන් පැවසුවේ විද්‍යාත්මක ක්‍රමවේදය හුදෙක්‌ ම විෂය මූලික පමණක්‌ නො විය යුතු බවයි. නිරීක්‌ෂකයා ගේ මානසික හැඟීම්, නිරීක්‌ෂණය මත යම්කිසි බලපෑමක්‌ සිදු කරන බැවින් විද්‍යාත්මක ක්‍රමවේදය එය ද සැලකිල්ලට භාජන කළ යුතු බවයි. (The Structure of Scientific Revolutions- 1962). මේ අදහස්‌ පාශ්චාත් නව්‍යවාදය සමග සබඳතාවයක්‌ පෙන්නුම් කරණ බැවින් මේ චින්තකයන් පාශ්චාත් නව්‍යවාදී විද්‍යා දාර්ශනිකයන් ලෙස ද නම් කෙරිණි.

මෙවැනි අදහස්‌වලින් ආභාසය ලබා ගත් අප රටේ ඇතැම් අය ද විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පවසති. එමෙන් ම දැනුම සහ විද්‍යාව පිළිබඳ මතභේදයට තුඩු දෙන තවත් කරුණු කිහිපයක්‌ ද ඔවුන් ඉදිරිපත් කර ඇත. එකක්‌ නම් නවීන විද්‍යාව බටහිර යුදෙව් ක්‍රිස්‌තියානි සංස්‌කෘතියේ නිර්මිතයක්‌ බව ය. තව ද දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය විසින් ඒ සඳහා අත්‍යවශ්‍ය දෙයක්‌ සපයා දෙන බව ඔවුන් ගේ මතය වී ඇත. බටහිර නිපැයූ දැනුම භාවිත කිරීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වන බව ද ඔවුහු පවසති. මේ අදහස්‌ කෙටියෙන් විග්‍රහ කිරීම මේ ලිපියේ අරමුණ ය.

නවීන විද්‍යාත්මක දැනුම ලබාගැනීමේ ක්‍රමවේදය තුළ අවිනිශ්චිතතාවන් තිබිය හැකි බව පිළිගත හැකි ය. විද්‍යාව දියුණු වී මිනිසා ගේ ජීවිතයට විශාල වූ යහපතක්‌ කරන්නට හැකි වී ඇත්තේ මේ අවිනිශ්චිතතාවන් බොහෝ දුරට නිරාකරණය කරගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇති බැවිනි. විද්‍යාඥයා නිරීක්‌ෂණය කරන දෙය අවසානයේ දී තම ඉන්ද්‍රිය පද්ධතිය මාර්ගයෙන් තේරුම් ගෙන අර්ථකථනය කළ යුතු ය. මිනිසා ගේ ඉන්ද්‍රිය පද්ධතියේ ඇති අඩුලුහු`ඩුකම් හේතුවෙන් එසේ තේරුම් කරගන්නා දත්ත සියයට සියයක්‌ නිවැරැදි නො වන්නට පුළුවන. මේ නිසා පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදය තුළ අවිනිශ්චිත බවක්‌ තිබිය හැකි ය. එසේ ම විද්‍යාඥයා ගේ සංස්‌කෘතික පසුබිම විසින් ඔහු ගේ හෝ ඇය ගේ හෝ පර්යේෂණ ක්‍රමය නිරීක්‌ෂණය සහ අර්ථකථනය මත යම්කිසි බලපෑමක්‌ කිරීම හේතුවෙන් අවසාන ප්‍රතිඵලය අගතියෙන් (bias) තොර වූ එකක්‌ නො වන්නට ඉඩ ඇත. මෙවැනි අවිනිශ්චිතතාවන් අවම කර ගැනීමේ මාර්ග බොහොමයක්‌ විද්‍යාඥයන් භාවිත කරන බව පැවසිය හැකි ය. පර්යේෂණ සහ නිරීක්‌ෂණ ක්‍රම ඉහළ මට්‌ටමකට දියුණු කිරීම, විවිධ සංස්‌කෘතික පසුබිම් ඇති විද්‍යාඥයන් කණ්‌ඩායම් උපයෝගී කරගැනීම, විවිධ රටවල පැවැත්වූ පර්යේෂණ ප්‍රතිඵල එකතු කොට විශ්ලේෂණයට භාජන කොට නිගමනයකට පැමිණීම යනාදී වශයෙන් ගත හැකි ක්‍රියාමාර්ග තුළින් මෙවැනි අවිනිශ්චිතතාවන් අවම කරගත හැකි බව පෙන්වා දී ඇත.

මේ ලෙසින් කෙරෙන විද්‍යාත්මක පර්යේෂණ මාර්ගයෙන් දියුණු කරගත් දැනුම හේතුවෙන් අද වන විට මිනිසාට ලැබෙන යහපත අති විශාල බව පිළිගත හැකි ය. අඥෙයවාදියා (Sceptic) මෙය නො පිළිගෙන නොයෙකුත් මතවාද ඉදිරිපත් කරන බව පෙනෙන්නට ඇත. විද්‍යාව නිසා මිනිසාට හානියක්‌ සිදු නො වන්නේ යෑයි මින් අදහස්‌ නො කෙරේ. එනමුත් සිදු වන හානිය ලැබෙන යහපත සමග සන්සන්දනය කළ විට එය ගණන් ගත යුතු නො වන බව පෙන්නුම් කළ හැකි ය. විද්‍යාවේ සාර්ථකත්වය මින් ඔප්පු වන බව පිළිගත යුතු ය. විද්‍යාව බොරුවක්‌ බව පිළිගත නොහැකි වීමට ප්‍රධාන හේතුව වන්නේ එහි සාර්ථකත්වයයි. 

නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පවසන අය එය ඔප්පු කර පෙන්වා දිය හැකි බව කියති. එසේ ඔප්පු කළ හොත් එය අලුත් දැනුමක්‌ වන්නේ ය. එය නව දැනුමක්‌ නො වන්නේ නම් ඒ ප්‍රකාශනයේ ඇති වැදගත්කමක්‌ නොමැත. එය හුදු දෙඩවිල්ලක්‌ පමණක්‌ වන්නේ ය. එම ප්‍රකාශනය නව දැනුමක්‌ වන්නට නම් ඒ දැනුම ලබාගන්නට භාවිත කළ ක්‍රියාමාර්ගය පිළිගත හැකි එකක්‌ විය යුතු ය. එම ක්‍රමය කොහෙත් ම නවීන විද්‍යාත්මක ක්‍රමවේදය විය නොහැකි ය. මක්‌නිසා ද යත් විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බොරුවක්‌ යෑයි පවසන විද්‍යාව යොදාගත නොහැකි ය. එසේ කළ හොත් ඒ ම`ගින් ලබාගන්නා නව දැනුම ද බොරුවක්‌ වන බැවිනි. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට විද්‍යාත්මක ක්‍රමවේදයට සමාන හෝ ඊට වඩා දියුණු වෙනත් ක්‍රමයක්‌ භාවිත කළ යුතු වන්නේ ය. එවැනි දියුණු ක්‍රමයක්‌ සොයාගත හැකි ද? මේ ප්‍රශ්නය විස\ ඊට නිසි පිළිතුරු සැපයීම විද්‍යාව බොරුවක්‌ යෑයි පවසන අය විසින් පරිභව මුඛයෙන් තොර ව කළ යුතු වන්නේ ය.

නවීන විද්‍යාව හුදෙක්‌ බටහිර සංස්‌කෘතියේ නිර්මිතයක්‌ නො වන බව පෙන්වා දිය හැකි ය. බටහිර සංස්‌කෘතියේ නැ`ගීමට පෙර පුරාණ සංස්‌කෘති කිහිපයක්‌ තුළ ම විද්‍යාව සහ තාක්‌ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ අරාබිය, චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් තුළ දියුණු යෑයි පිළිගැනෙන සංස්‌කෘතියක්‌ ගොඩනැ`ගී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායනික විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්‌කෘති තුළ බිහි වූ බව පිළිගත හැකි ය. උදාහරණයක්‌ වශයෙන් ගණිත ශාස්‌ත්‍රයේ මූලික නීතිරීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‌ෂි ඇත. එසේ ම ඉතා ම අගනා තාක්‌ෂණික ඥානය චීනයේ බිහි විය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබා ගැනීම පිණිස භාවිත වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහරක්‌ අංගෝපාංග තිබුණු බවට සාක්‌ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‌ෂණ මාර්ග, ලේඛනගත කිරීම ආදිය ඒ අතර විය. මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‌ෂණ ඥානය අරාබිය හරහා ගී්‍රසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡේදය දක්‌වා අඛණ්‌ඩ ව පැවැති බව සමහරුන් ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡේදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු වූයේ ය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‌ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය ද විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පූර්ණයෙන් බටහිර සංස්‌කෘතිය තුළින් බිහි වූයේ යෑයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක්‌ නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයාගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට්‌ වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කොට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්‌කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවැති ක්‍රමවේදයක්‌ මිස සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ නව ක්‍රමවේදයක්‌ නො වන බව පිළිගත හැකි ය. එම නිසා බටහිර "අරහන්" වූ අයට පවා පිළිකුළෙන් තොර ව නවීන විද්‍යාව භාවිත කළ හැකි ය.

නවීන විද්‍යාව සහ දැනුම භාවිත කිරීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වේ යෑයි පැවසීම පිළිගත නොහැකි ය. බටහිරයන් ඔවුන් ගේ අධිරාජ්‍යවාදී උපාය මාර්ග ක්‍රියාවේ යෙදවීමට විද්‍යාවෙන් ලබාගන්නා දැනුම කූට ලෙස උපයෝගී කරගන්නා බව ඇත්තකි. මෙය විද්‍යාවේ වරදක්‌ නිසා සිදු වන්නක්‌ නො වේ. නවීන විද්‍යාවේ නීතිරීති පිහිටා ඇත්තේ බටහිර සංස්‌කෘතිය මත නො වේ. නවීන විද්‍යාවේ නීතිරීති හරිහැටි භාවිත කිරීමෙන් අප ගේ සංස්‌කෘතියේ මූලික අංගෝපාංග වෙනස්‌ වේ යෑයි සිතිය නොහැකි ය. අප බටහිර ගැත්තන් වන්නේ ඔවුන් ගේ සංස්‌කෘතියේ ඇති අපට නො ගැලපෙන අංගෝපාංග අනුකරණය කිරීමෙනි. සත්තකින් ම නවීන විද්‍යාව භාවිත කොට අප ගේ සංස්‌කෘතියේ අපට ගැලපෙන ගුණාංග දියුණු කොටගත හැකි ය. උදාහරණයක්‌ ලෙස අප ගේ ආහාර සහ පෝෂණය ඉදිරිපත් කළ හැකි ය. අපට සංස්‌කෘතියෙන් දායාද වූ අප ගේ ආහාරවල ඇති පෝෂණීය තත්ත්වය පිළිබඳව පර්යේෂණ සිදු කොට එම ආහාර පිළියෙල කරගන්නා විට පෝෂණ පදාර්ථ විනාශ නො වන ක්‍රම වැනි දේවල් පිළිබඳ දැනුම් සම්භාරයක්‌ අප ගේ වෛද්‍ය විද්‍යාඥයන් සොයාගෙන ඇත. මේ දැනුම ම`ගින් අප ගේ ජනතාව ගේ පෝෂණය ඉහළ මට්‌ටමකට පත් කිරීමට සහ ඔවුන් නිරෝගිමත් කිරීමට පුළුවන් බව කිව හැකි ය. මෙසේ නො කර අප බටහිර පන්නයේ ආහාර ගත හොත් ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි ය.

දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතියෙන් ලැබෙන බලපෑම දැනුමේ කොටසක්‌ ලෙස පවතින බව පිළිගත නොහැකි ය. මක්‌නිසා ද යත් එවැන්නක්‌ සිදු වීම වැළැක්‌වීම විද්‍යාඥයන් අනිවාර්යයෙන් කළ යුතු දෙයක්‌ බැවිනි. මේ කරුණ ඉහත දී සැකෙවින් දක්‌වා ඇත. කිව යුත්තේ විද්‍යාත්මක ක්‍රමවේදය භාවිත කිරීම පිණිස සංස්‌කෘතිය අත්‍යවශ්‍ය නො වන බව ය. යම්කිසි විෂයකට අදාළ පෙර ලබාගත් දැනුමක්‌ ඇතොත් එය පර්යේෂණ සඳහා ප්‍රයෝජනවත් විය හැකි ය. එම දැනුම සංස්‌කෘතියේ කොටසක්‌ වශයෙන් සලකා මෙවැනි අදහසක්‌ ඉදිරිපත් කළා දැයි පැහැදිලි නැත. එනමුත් දැනුම ලබාගන්නා ක්‍රමවේදය තුළට සංස්‌කෘතිය ඈ\ ගැනීම පශ්චාත් නව්‍යවාදීන් ගේ අදහසක්‌ බව කිව යුතු ය.

තවත් කිව යුතු දෙයක්‌ ඇත. විද්‍යාවට දී ඇති ස්‌ථානයට සමාන ස්‌ථානයක්‌ මිථ්‍යා මතවලට ද දිය යුතු බව පැවසුවේ පෝල් ෆෙයරබෙන්ඩ් ය. මේ අදහසේ එල්බ ගත් ඇතැම් අය ද දෙවිවරුන් ගෙන් සහ එවැනි මිථ්‍යා විශ්වාස මත පදනම් වූ ක්‍රම තුළින් දැනුම ලබාගත හැකි බව පවසති. විද්‍යාව බොරුවක්‌ බවත් මිථ්‍යා විශ්වාස ඊට වඩා විශ්වසනීය බවත් ඔවුන් ගේ මතය වී ඇත. මෙය ජනතාව නොම`ග යෑවීමක්‌ බව පැවසිය යුතු ය. මේ නොම`ග යෑවීම හේතුවෙන් භයානක ප්‍රතිඵල ගෙන දෙන්නට ද පුළුවන. විද්‍යාව අතහැර දැමූ මිනිසා මිථ්‍යා මතවල එල්බගෙන තම ලෙඩ රෝග සුව කරගැනීම පිණිස හොර වෙදුන්, කට්‌ටඩි, දෙවිදේවතාවරුන් වැනි අය ගේ උදව් පතා ජීවිතය පවා නැති කර ගැනීමට ඉඩ ඇත. මෙවැනි මත දරන්නන් මේ රටේ බහුලව ක්‍රියාකාරී ව සිටින හෙයින් මෙවැනි නොම`ග යෑවීම්වලට ඉඩ දිය යුතු නැත. මේ ලිපියේ අරමුණ එය වන්නේ ය.

මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග (D.Sc)

අමරතුංග නියෝජනය කරනබලාධිකාරය

සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ඩී. එස්‌ සී. උපාධිධාරී එන්. ඒ. ද. එස්‌. අමරතුංග හෙවත් අශෝක අමරතුංග මහතා විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතට "නවීන විද්‍යාව බොරුවක්‌ ද?" යන මැයෙන් ලියන ලද ලිපියට පිළිතුරු දීමට ඉදිරි ලිපි කිහිපය වෙන් කෙරෙනු ඇත. ඒ මහතා ගේ ලිපිය මගේ අදහස්‌ අරභයා කරන ලද විවේචනයකි. අමරතුංග මහතා එම ලිපියෙහි මගේ නම සඳහන් නො වන බවත්, තොප්පිය හරියන්නේ නම් ඒ දාගත්තාට වරදක්‌ නැති බවත් කීමට ඉඩ ඇත. තොප්පි මෙන් ම අනෙක්‌ අය ගේ තොප්පි දමන්නවුන් ද හඳුනාගැනීමට මට හැකි ය. ඒ කුමක්‌ වුවත් මේ වන විට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ප්‍රසිද්ධියේ කියන්නේ මා පමණ ය. එසේ ම මම දැනුම් නිර්මාණය සංස්‌කෘතියට සාපේක්‍ෂ බව ද කියමි. (අමරතුංග මහතා මේ අදහස නිවැරැදිව තේරුම්ගෙන නැත. ඒ බව පසුව පැහැදිලි කරමි). අමරතුංග මහතා විසින් විවේචනය කෙරෙන්නේ මගේ අදහස්‌ වුව ද, ඒ බව සෘජු ව කීමට තරම් එඩිතර බවක්‌ ඒ මහතාට නො වීම ගැන කණගාටු වෙමි. කෙසේ වෙතත් අමරතුංග මහතා කර ඇත්තේ සේවයකි. දැනුම පිළිබඳ මා දරන අදහස්‌ විදුසර පාඨකයන්ට පැවසීමට ඒ මහතා මට අවස්‌ථාවක්‌ සපයා ඇත.

අද අප පාලනය කෙරෙන්නේ බටහිර දැනුම යොදාගනිමිනි. බටහිර දැනුම මෙරට පමණක්‌ නො ව ලෝකයේ සැම රටක ම ආධිපත්‍යය දරයි. දැනුම පිළිබඳ ප්‍රශ්නය එක්‌ අතකින් ගත් කල දේශපාලන ප්‍රශ්නයකි. අමරතුංග මහතා තමා මහාචාර්යවරයකු බව ද, ඩී. එස්‌ සී. උපාධිධාරියකු බව ද තම ලිපියෙහි සඳහන් කර ඇත. ඩී. එස්‌ සී යනු ඇතැම් විට විද්‍යා චක්‍රවර්තී නමින් හැඳින්වෙන උසස්‌ ආචාර්ය උපාධියකි. අමරතුංග මහතා දන්ත වෛද්‍ය විද්‍යාවට එක්‌ කරන ලදැයි කියන දැනුම සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය ම`ගින් ඒ මහතාට ඩී. එස්‌ සී උපාධිය පිරිනැමී ඇත. මට ඒ බව කීවේ අමරතුංග මහතා ගේ ගෞරවයට පාත්‍ර වී සිටින ගුණදාස අමරසේකර මහතා ය. එහෙත් අමරතුංග මහතාට මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ ඉහළ ම ආයතනය ලෙස සැලකෙන ලන්ඩන් රාජකීය සංගමයෙහි අධිසාමාජිකත්වයක්‌ ලැබී නැත. ඔහු බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට එකතු කර ඇති ප්‍රවාදයක්‌ හෝ සංකල්පයක්‌ හෝ වේ ද?

මා අමරතුංග මහතා ගැන දන්නේ ප්‍රායෝගික බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට සම්බන්ධ ව ය. ප්‍රායෝගික විද්‍යාවක්‌ සම්බන්ධයෙන් වුව ද ලන්ඩන් රාජකීය අධිසාමාජිකත්වයක්‌ ලබා ඇත්තේ එක ම එක ලාංකිකයකු පමණ ය. ඔහු දැනට මා දන්නා තරමින් හොංකොං විශ්වවිද්‍යාලයෙහි සේවය කරයි. සෛද්ධාන්තික ක්‍ෂෙත්‍රයකින් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ ලැබූ එකදු ලාංකිකයකු නැත. මම අඩු ම තරමින් මහාර්යවරයකු වත් නො වෙමි. සේවාර්ජිත මහාචාර්ය ධූරයක්‌ ලැබීමට මට සුදුසුකමක්‌ නැත. මට ඇත්තේ බටහිර විශ්වවිද්‍යාලයකින් ලැබුණු ආචාර්ය උපාධියක්‌ පමණකි. එය ද මා ඉල්ලා සිටි එකක්‌ නො වේ. මගේ ගුරුවරයා මට ආචාර්ය උපාධියක්‌ ලබා දීමට කටයුතු කළ බවක්‌ පමණක්‌ දැනට සඳහන් කරමි. මේ සියල්ල මා සඳහන් කරන්නේ දැනුම පිළිබඳ ආධිපත්‍යයට ඒ වැදගත් බැවිනි. 

අමරතුංග මහතා තමාට ඩී. එස්‌ සී. උපාධියක්‌ ඇති බවත්, තමන් මහාචාර්යවරයකු බවත් සඳහන් කරන්නේ තමන් කියන දෙයට ඒ ම`ගින් පිළිගැනීමක්‌ ලබාගැනීමට ය. අද මෙරට සමාජයෙහි දැනුම පිළිබඳ ආධිපත්‍යය දරන්නෝ මහාචාර්යවරු ය, ආචාර්ය උපාධිධාරීහු ය, උසස්‌ ආචාර්ය උපාධිධාරීහු ය. මේ තනතුරු හා උපාධිවලින් කියෑවෙන්නේ තමන් බටහිර දැනුමෙහි කිනම් තරාතිරමක උරුමක්‌කාරයන් ද, පොල්මඃකාරයන් ද යන්න ය. සහතික පත්‍ර ම`ගින් ලබාගන්නා ආධිපත්‍යය සාමාන්‍ය ජනයා මත පැටවීමට මේ ආචාර්ය මහාචාර්යවරු කටයුතු කරති. අමරතුංග මහතාට ඩී. එස්‌ සීS. උපාධියක්‌ ඇති බව මා දැනගත්තේ පසුගිය සතියේ පළ වූ ලිපිය ම`ගිනි. එහෙත් නිරවුල් ව අදහස්‌ ප්‍රකාශ කිරීමට නොහැකි අයට ද විවිධ ආචාර්ය උපාධි ලැබෙන බව නම් මම අවුරුදු පනහක පමණ කාලයක සිට, එනම් මා විශ්වවිද්‍යාලයට ඇතුළු වූ සමයේ සිට දනිමි. 

අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් හා කූන් නිරවුල් ව තේරුම්ගෙන නොමැති බව පැහැදිලි ය. මේ දෙදෙනා ම පශ්චාත්නූතනවාදීන් (අමරතුංග මහතා යොදාගන්නා නව්‍යවාදය යන්න වෙනුවට නූතනවාදය යන්න යොදාගනිමි) වන්නේ කිනම් අර්ථයකින් ද යන්න අමරතුංග මහතා පැහැදිලි නො කරයි. අමරතුංග මහතාට අවශ්‍ය පශ්චාත්නූතනවාදය ගර්හිත දැනුමක්‌ සේ සලකා ඉවත දැමීමට ය. තම මිත්‍ර තවත් දන්ත වෛද්‍යවරයකු වූ ගුණදාස අමරසේකර මහතා පශ්චාත්නූතනවාදය ගැන කරන හැදෑරීමකින් තොර ව එය කුණුහරුපයක්‌ ලෙස ප්‍රතික්‍ෂෙප කරන අයුරෙන්, අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය බැහැර කරයි. ඔහු තම ලිපිවලින් අනියමාර්ථයෙන් කියන්නේ මා ද පශ්චාත්නූතනවාදියකු බව ය. එහෙත් මම පශ්චාත්නූතනවාදය යනු නූතනත්වය විසින් ම බිහි කෙරී ඇති දැනුම් පද්ධතියක්‌ ලෙස සලකමි. 

මා කූන් ගෙන් හා ෆෙයරාබන්ඩ් ගෙන් ආභාසය ලබා ඇත. ඒ පිළිබඳ මට කිසිදු ගැටලුවක්‌ නැත. එහෙත් මා වඩාත් ම ආභාසය ලැබුයේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන් ගේ සංකල්පය හා යථාර්ථය (Coneept and Reality) යන කෘතියෙන් හා ෂෙබාර්ටිස්‌කි ගේ බෞද්ධ න්‍යාය (Buddhist Logic) නම් කෘතියෙනි. ඒ හැරෙන්නට නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදය වෙන කිසිවකටත් වඩා මට බලපා ඇත. මම මාධ්‍යමිකතාවාදියෙක්‌ නො වෙමි. මම ශු=න්‍යතාවාදය නො පිළිගනිමි. ශුන්‍යත්වය යන්න වැරැදි සංකල්පයක්‌ යන්න මගේ වැටහීම ය. එමෙන් ම නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදය වුව ද මා පිළිගන්නේ යම් සීමාවන් තුළ ය. නිවන සසරට සාපේක්‍ෂ වන්නේ සීමාවක්‌ තුළ ය. නිවන යනු සසරෙන් එතෙර වීම ලෙස සලකතොත් නිවන සසරට සාපේක්‍ෂ ය. ඒ අප වැනි පෘථග්ජනයන් ගේ දැනුමෙන් ය. 

එහෙත් වඩාත් මූලික අර්ථයකින් ගත හොත් නිවන සසරට සාපේක්‍ෂ නො වේ. අප වැනි පෘථග්ජනයන් නිවන සසරෙන් එතෙර වීම ලෙස ගන්නා විට නිවන සසරට සාපේක්‍ෂ වෙයි. අපි එහි දී නිවන සංකල්පයක්‌ ලෙස සලකමු. සංසාරය නිෂේධ වීම නිවන ලෙස අපි ගනිමු. එහෙත් නිවන් අවබෝධයත් සමග නිවන සසරට සාපේක්‍ෂ වීම නැති වේ ය යනු මගේ විශ්වාසය ය. නිවන් අවබෝධ කර නොමැති මට එය විශ්වාසයක්‌ පමණකි. නිවන සංකල්පයක්‌ නො වේ. එය සංකල්පයක්‌ ලෙස ගන්නා තැනැත්තා නිවන් අවබෝධ කරගෙන නැත. මා ගේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන් ගේ සාපේක්‍ෂතාවාදයෙන් මෙන් ම පශ්චාත්නූතනවාදීන් ගේ සාපේක්‍ෂතාවාදයෙන් ද වෙනස්‌ වෙයි. මා අලුතින් තේරුමක්‌ ඇති දෙයක්‌ (ඊනියා සත්‍යයක්‌) කියා නැතැයි ප්‍රකාශ කරන කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු මෙරට උගත්තු මේ කිසිවක්‌ නො පිළිගනිති. අමරතුංග මහතාට ද අනුව මා කරන්නේ කූන් හා ෆෙයරාබන්ඩ් යන පශ්චාත්නූතනවාදීන් ගේ අදහස්‌ පුනරුච්චාරණය කිරීම ය. 

කූන් කිසි ලෙසකින් වත් පශ්චාත්නූතනවාදියකු යෑයි සම්මත බටහිර පශ්චාත්නූතනවාදීහු නො පිළිගනිති. ඔහු තම අදහස්‌ ඉදිරිපත් කළේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර් ගේ අදහස්‌වලට විරුද්ධ ව ය. කාල් පොපර් බටහිර විද්‍යාවේ දර්ශනයෙහි අන්තිම වාක්‍යය කියා ඇතැයි දර්ශනය ගැන උනන්දුවක්‌ දක්‌වන බටහිර විද්‍යාඥයන් ගෙන් ඇතැමෙක්‌ සිතති. පීටර් මොඩෝවර් නම් බටහිර ජීව විද්‍යාඥයා ඔවුන් අතර ප්‍රධාන හා ප්‍රසිද්ධ තැනැත්තෙක්‌ වෙයි. ඔහු බටහිර විද්‍යාවේ පොල්මඃකාරයකු ද වන්නේ නොබෙල් ත්‍යාග ලාභියකු ද වන බැවිනි. එබැවින් ඔහුට බටහිර විද්‍යාවේ ආධිපත්‍යයක්‌ ද ඇත. එබැවින් කාල් පොපර් මෙඩෝවර් ගෙන් ලබන සහතිකය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ද වැදගත් ය. 

කාල් පොපර් එතෙක්‌ පැවැති බටහිර විද්‍යාවේ දර්ශනය වෙනුවට වෙනත් ප්‍රවාදයක්‌ ඉදිරිපත් කළේ ය. (කතන්දරයක්‌ ගෙතුවේ ය). කාල් පොපර් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට කතන්දරයක්‌ කීවේ ය. ඒ කතන්දරය අසා සිටින බටහිර විද්‍යාඥයෝ සුව නින්දකට වැටෙති. ඔහු ගේ කතාවට අනුව බටහිර විද්‍යා දැනුම අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් කළ හැකි ය. ඔහුට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ආධානග්‍රාහී වෙයි. බටහිර විද්‍යාව ඒ ආධානග්‍රාහී දැනුම් පද්ධතීන් මෙන් නො ව ඔහු ගේ නව සංකල්පයට අනුව අසත්‍යකරණයට (Falsification) ලක්‌ කළ හැකි වෙයි. පොපර්ට අනුව බටහිර විද්‍යාව වර්ධනය වන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමෙනි. ඔහුට අනුව බටහිර විද්‍යාඥයෝ ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කරති. ඔවුන් ගේ පර්යේෂණ ආදිය කෙරෙන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමට යෑයි පොපර් කීවේ ය. 

ඒ අනුව බටහිර විද්‍යාවට අනෙක්‌ දැනුම් පද්ධතීන්ට නැති තත්ත්වයක්‌ පොපර් විසින් ලබා දෙන ලදී. ඔහුට අනුව අනෙක්‌ දැනුම් පද්ධතීන් ආධානග්‍රාහීව පවත්නා දැනුමෙහි එල්බගෙන සිටිය දී බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්‌ කිරීමෙන් වර්ධනය වෙයි. පොපර් ගේ නිර්ණායකයට අනුව යම් දැනුමක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ හැකි නම් පමණක්‌ එය බටහිර විද්‍යාවට අයත් වෙයි. අසත්‍යකරණයට ලක්‌ කළ නොහැකි දැනුම් ඊනියා විද්‍යාව නො වේ යෑයි පොපර් කියා සිටියේ ය. පොපර් එතෙක්‌ පැවැති විද්‍යාත්මක විධික්‍රමය වෙනුවට වෙනත් නිර්ණායක ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ලෙස ඉදිරිපත් කළේ ය.

බටහිර විද්‍යාව ක්‍රමයෙන් ඊනියා සත්‍යයට ළඟා වන්නේ ය යන මතය පොපර් ගේ අසත්‍යකරණය ම`ගින් ප්‍රතික්‍ෂෙප නො විණි. සිදු වූයේ බටහිර විද්‍යාවට එතෙක්‌ නො තිබූ තත්ත්වයක්‌ අත් වීම ය. එම`ගින් බටහිර විද්‍යාව ලොවේ අධිපති දැනුම බවට පිළිගැනීමට බල කෙරිණි. ඔස්‌ටි්‍රයාවේ උපන් පොපර් බටහිර යටත්විජිතවාදය දැනුම ඔස්‌සේ තහවුරු කිරීමට පියවර ගත්තේ ය. කූන්a විසින් අභියෝගයට ලක්‌ aකෙරුණේ පොපර් ගේ අදහස්‌ ය. කූන්a යටත්විජිතවාදයට එරෙහි වී යෑයි මෙයින් නො කියෑවෙයි. ඔහුට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාව වර්ධනය වන ආකාරය තේරුම් ගැනීමට ය. එම`ගින් එක්‌තරා අයුරකින් ගත් කල කූන් ද බටහිර විද්‍යාවට ආවේණික වූ විධික්‍රමයක්‌ ඇතැයි පිළිගත්තේ ය. 

කූන් කියා සිටියේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්‌ කිරීමෙන් නො වන බව ය. ඔහුට අනුව බටහිර විද්‍යාඥයන් විද්‍යාවේ සාමාන්‍ය කාල යෑයි ඔහු විසින් හඳුන්වනු ලැබූ යුගවල දී කළේ පවත්නා ප්‍රවාද ඊනියා අසත්‍යකරණයකට ලක්‌ කිරීම නො ව ඒ ප්‍රවාද තහවුරු කිරීම ය. බටහිර විද්‍යාඥයෝ පවත්නා ප්‍රවාදයක්‌ යොදාගනිමින් ගැටලුවක්‌ විසඳීමට උත්සාහ කළ හ. ඔවුහු පවත්නා ප්‍රවාදය ප්‍රශ්න නො කළ හ. ඔවුන් කළේ ඒ ප්‍රවාදය තහවුරු කරමින් යම් ගැටලුවක්‌ විසඳීම ය. 

එහෙත් කූන්ට අනුව බටහිර විද්‍යාවේ අසාමාන්‍ය කාල, එනම් විප්ලවීය කාල ද වෙයි. විප්ලවීය කාලයක දී බටහිර විද්‍යාවෙහි එතෙක්‌ තිබූ සුසමාදර්ශයක්‌ (Paradigm) වෙනුවට වෙනත් සුසමාදර්ශයක්‌ ආදේශ වෙයි. ඔහුට අනුව උදාහරණයක්‌ ලෙස අයින්ස්‌ටයින් විසින් නිව්ටෝනීය සුසමාදර්ශය වෙනුවට සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශය ඉදිරිපත් කෙරිණි. නිව්ටෝනීය සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ විය. එහෙත් සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය සාපේක්‍ෂ වනවා පමණක්‌ නො ව ඒ එකිනෙකට බැඳී පවතියි. 

කූන්ට අනුව එක්‌ ප්‍රවාදයක්‌ ම`ගින් කියෑවෙන දැනුම තවත් ප්‍රවාදයකට පරිවර්තනය කළ නො හැකි ය. එයට හේතුව ඒ අදාළ සංකල්පවලින් එක ම අදහසක්‌ ප්‍රකාශ නො වීම ය. උදාහරණයක්‌ ලෙස අපට කිව හැක්‌කේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි අදහස්‌ සාධාරණ සාපේක්‍ෂතාවාදයේ සංකල්ප ම`ගින් ප්‍රකාශ කළ නොහැකි බව ය. එසේ වුවත් කූන් කිසි ම දවසක සාපේක්‍ෂතාවාදියෙක්‌ නො වී ය.

නලින් ද සිල්වා

Nishantha Kamaladasa

unread,
Oct 20, 2013, 11:30:28 PM10/20/13
to ind...@googlegroups.com
නලින්ගේ පිළිතුර කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ එකක් බවයි මට පේන්නෙ. නවීන විද්‍යාව බොරුවක් ද කියන ප්‍රශ්නය ඔහුට තවදුරටත් අදාළ නැති වගේ ය. අදාළ වන්නේ තමන් පශ්චාත් නූතන වාදියෙකු නොවන බව රටට කීමට ය.

 
Nishantha Kamaladasa
CEO
Distance Learning Center Ltd
(Tele 2554946, 0714 480240)

If you are interested in reading management in SINHALA please click the link below

www.managementinsinhala.wordpress.com

From: Nissanka Rajapaksa <nraja...@gmail.com>
To: ind...@googlegroups.com
Sent: Monday, October 21, 2013 5:39 AM
Subject: [indraka] නවීන විද්‍යාව බොරුවක්‌ ද? - මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග (D.Sc) සමග මහාචාර්ය නලින් ද සිල්වා සංවාදය (විදුසර)

--
 
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/groups/opt_out.


Nissanka Rajapaksa

unread,
Oct 21, 2013, 1:13:17 AM10/21/13
to ind...@googlegroups.com
".... "නවීන විද්‍යාව බොරුවක්‌ ද?" යන මැයෙන් ලියන ලද ලිපියට පිළිතුරු දීමට ඉදිරි ලිපි කිහිපය වෙන් කෙරෙනු ඇත.
.......................  " - නලින්

සති ගානක් මල්ලෙ පොල් කියව කියවා ඉන්න වේවි.
- NR



2013/10/21 Nishantha Kamaladasa <nishantha...@yahoo.com>

Nissanka Rajapaksa

unread,
Oct 30, 2013, 10:35:27 PM10/30/13
to ind...@googlegroups.com

අමරතුංග මහතා ගේ මුළාව

කූන් ගේ ව්‍යාපෘතිය වූයේ අප කලින් ද සඳහන් කළ ආකාරයට පොපර් ගේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සම්බන්ධයෙන් වූ අදහස්‌ වැරැදි බව පෙන්වීම ය. පොපර් තම ඊනියා අසත්‍යකරණය මඟින් බටහිර විද්‍යාවට එතෙක්‌ තිබුණාට ද වඩා ආධිපත්‍යයක්‌ ලබා දුන්නේ ය. කූන් කළේ විද්‍යාඥයන් ඉතා වැඩි වශයෙන් කරන්නේ පිළිගැනීමට ලක්‌ වී ඇති ප්‍රවාද තව තවත් තහවුරු කිරීමට කටයුතු කරන බව පෙන්වා දීම ය. ඒ හැරෙන්නට බටහිර විද්‍යාවේ ප්‍රවාද සුසමාදර්ශ මත පදනම් වන බවත්, ඒ ඒ සුසමාදර්ශ මත පදනම් වූ ප්‍රවාද හා සංකල්ප අසම්මේය බවත් කූන් පෙන්වා දුන්නේ ය. 

ඒ අරුතෙන් ගත් කල කූන් තරමක ආධිපත්‍ය විරෝධියෙක්‌ විය. ඔහුට එවැනි ආධිපත්‍ය විරෝධී ආකල්පයක්‌ තිබිණි යෑයි මෙයින් නො කියෑවෙයි. ඔහු ද බටහිර විද්‍යාවට හිමි වූ යම් විධික්‍රමයක්‌ ඇතැයි පිළිගත්තේ ය. ඔහු බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙන් වන බව කීවේ ය. එහෙත් ඔහු බටහිර විද්‍යාඥයන් ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය ව්‍යාජයක්‌ බව දුටුවේ ය. බටහිර විද්‍යාඥයන් ආධිපත්‍යය පිළිගන්නා පිරිසක්‌ බව ඔහු පෙන්වා දුන්නේ ය. එමඟින් ඔහු බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට විරෝධයක්‌ දැක්‌වී ය. 
ෆෙයරාබන්ඩ් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමය පිළිබඳ ව විප්ලවවාදී අදහස්‌ ප්‍රකාශ කළේ ය. ඔහු බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ නැතැයි නොපැකිළව කියා සිටියේ ය. ඔහු ලියා පළ කළ "විධික්‍රමයට එරෙහි ව" (Against Method) කෘතියෙන් තමන් එසේ කියන්නේ ඇයි දැයි පැහැදිලි කළේ ය. ගැලීලියෝ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක කළ පර්යේෂණයක්‌ නැති බව ෆෙයරාබන්ඩ් පෙන්වා දුන්නේ ය. එහි සඳහන් සියලු කරුණු සඳහන් කිරීමට මේ අවස්‌ථාව නො වේ. අවශ්‍ය කෙනකුට ඉහත සඳහන් කෘතිය කියවා ඒ විස්‌තර දැනගත හැකි ය. 

එමෙන් ම ෆෙයරාබන්ඩ් සඳහන් කළ වැදගත් කරුණක්‌ වූයේ තමා සාපේක්‍ෂතාවාදියකු බව ය. ඔහුට අනුව ඊනියා වාස්‌තවික වූ දැනුම් නැත. සියලු දැනුම් සාපේක්‍ෂ බව ඔහු ගේ අදහස විය. එහෙත් ඒ කුමකට සාපේක්‍ෂව දැයි ඔහු කියා නො සිටියේ ය. මේ අතර දැනුම පිළිබඳ බටහිර සමාජ විද්‍යාඥයන් (sociologists of knowledge) තවත් අදහසක්‌ ඉදිරිපත් කර තිබිණි. ඔවුහු දැනුම පිළිබඳ බටහිර සමාජවිද්‍යාඥයෝ වූ හ. ඔවුන් කියා සිටියේ දැනුම යනු සමාජයීය නිර්මිතයක්‌ (social construction) බව ය. ඔවුන් එමඟින් කියා සිටියේ දැනුම යනු සොයාගනු ලබන දෙයක්‌ නො වන බවත් එය ඒ ඒ සමාජය විසින් නිර්මාණය කෙරෙන්නක්‌ බවත් ය. 

ඒ ඒ සමාජයේ දැනුම බිහි වන්නේ ඒ ඒ සමාජයට වැදගත් වූ කරුණු පදනම් කරගෙනය ය. මෙය වැදගත් අදහසකි. එය ඊනියා පශ්චාත්නූතනවාදී අදහසක්‌ නො වේ. පශ්චාත්නූතනවාදයේ ප්‍රධාන ම කතාවක්‌ වන්නේ පාරආඛ්‍යානයක්‌ (meta narrative) නැති බව ය. මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වී ඇති ගුණදාස අමරසේකර මහතා මෙටා යන්න මෙගා හෙවත් මහා යන අරුතකින් තේරුම් ගෙන දෝ කලක්‌ පශ්චාත්නූතනවාදයෙහි මහා පතරංග ආඛ්‍යාන ගැන කතා කළේ ය. ඒ මහතා එවැනි වැරැදි තේරුමක්‌ ලබාගත්තේ පශ්චාත්නූතනවාදය ගැන ලියෑවී ඇති කිනම් ජනප්‍රිය පොතක්‌ හෝ ලිපියක්‌ හෝ කියවා දැයි නො දනිමි. 

කෙසේ වෙතත් ෆෙයරාබන්ඩ් පාරආඛ්‍යාන ගැන හෝ පශ්චාත්නූතනවාදයෙහි දක්‌නට ලැබෙන තවත් ප්‍රධාන අදහසක්‌ වූ ඊනියා විසංයෝජනය (deconstruction) ගැන හෝ කතා නො කළේ ය. ඔහු සාපේක්‍ෂතාවාදියකු පමණක්‌ විය. ඇතැම් පශ්චාත්නූතනවාදීහු සාපේක්‍ෂතාවාදීහු වෙති. එහෙත් එයින් කියෑවෙන්නේ සියලු සාපේක්‍ෂතාවාදීන් පශ්චාත්නූතනවාදීන් බව නො වේ. මහාචාර්ය අමරතුංග මහතා, අඩු ම තරමෙන් සාපේක්‍ෂතාදියකු වත් නො වන කූන් හා සාපේක්‍ෂතාවාදියකු වූ ෆෙයාරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් ලෙස සලකන්නේ කිනම් නිර්ණායකවලට (මිනුම් දණ්‌ඩකට) අනුව දැයි ප්‍රකාශ කරන්නේ නම් මැනවි. 

අමරතුංග මහතාට අනුව "පෝල් ෆෙයාරාබන්ඩ් ගේ අදහස වූයේ විද්‍යාවට ලබා දී ඇති වැදගත් ස්‌ථානයට සමාන තැනක්‌ නක්‌ෂත්‍රය වැනි මිථ්‍යාව මත පිහිටා වර්ධනය වූ ක්‍රමවේදයනයට ද ලබා දිය යුතු බව ය". අමරතුංග මහතාට නිරවුල් ව අදහස්‌ ප්‍රකාශ කළ නො හැකි ය. ඔහු කියන්නේ නක්‍ෂත්‍රය ක්‍රමවේදයක්‌ බව ද? ඔහු බටහිර විද්‍යාව වැනි දැනුම් පද්ධතියක්‌ සංසන්දනය කරන්නේ ක්‍රමවේදයක්‌ සමග ද?

මහාචාර්යතුමා කියන්නට අදහස්‌ කළේ බටහිර විද්‍යාවට සමාන තැනක්‌ නක්‍ෂත්‍රයට ද ලබා දිය යුතු යෑයි ෆෙයාරාබන්ඩි කියා ඇති බව විය හැකි ය. ඒ එසේ යෑයි ගත්ත ද මෙහි දී අඩු තරමෙන් ප්‍රශ්න දෙකක්‌ පැනන`ගී. මේ ඊනියා වැදගත් බව බටහිර විද්‍යාවට ලබා දී ඇත්තේ කවුරුන් විසින් ද? නක්‍ෂත්‍රය මිථ්‍යාවක්‌ කියන්නේ කවුද? අමරතුංග මහතා එවැනි අදහස්‌ ප්‍රකාශ කරන්නේ ඊනියා වාස්‌තවික අර්ථයෙනි. ඔහු අදහස්‌ ප්‍රකාශ කරන අයුරෙන් බටහිර විද්‍යාවට නිරපේක්‍ෂව ම වැදගත් තැනක්‌ ලැබී ඇත. එමෙන් ම නක්‍ෂත්‍රය නිරපේක්‌ෂව ම මිථ්‍යාවකි.

පොපර් කලකට පෙර නක්‍ෂත්‍රය මිථ්‍යාවක්‌ යෑයි කියා ඇත. ඔහුට අනුව නක්‍ෂත්‍රය පමණක්‌ නො ව මෙරට ජාතික චින්තනය විසින් ගුරු කරගනු ලැබිය යුතු බවට ගුණදාස අමරසේකර මහතාට විසින් ඇතැම් විට පැවසෙන මාක්‌ස්‌වාදය ද, මෙරට බටහිර වෛද්‍ය පීඨවල ඉගැන්වෙන ෆ්‍රෝයිඩ් ආදීන් ගේ මනෝ විශ්ලේෂණ ද මිථ්‍යා වෙයි. ඒ ඔහුට අනුව ඒ කිසි ම දැනුම් පද්ධතියක්‌ අසත්‍යකරණයට ලක්‌ කළ නොහැකි බැවිනි. පොපර්ට අනුව නම් බටහිර වෛද්‍ය පීඨවල මනෝවිශ්ලේෂණය ඉගැන්වීම මිථ්‍යාවක්‌ ඉගැන්වීමකි.

ඇතැම් විට දන්ත වෛද්‍යවරුන් වූ අමරසේකර මහතාට ද අමරතුංග මහතාට ද ඒ ප්‍රශ්නයක්‌ නො වනු ඇත. අනෙක්‌ අතට මෙරට සමාජයේ බටහිර වෛද්‍ය විද්‍යාවට, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවට වඩා වැදගත් තැනක්‌ හිමි වී ඇත. එබැවින් මනෝ විශ්ලේෂණය ගැන කතා කිරීමට ගොස්‌ ලැබී ඇති තැන නැති කර නො ගෙන නක්‍ෂත්‍රය ගැන පමණක්‌ කතා කිරීම වැදගත් යෑයි අමරතුංග මහතා සිතනවා විය හැකි ය. අමරතුංග මහතා නිරපේක්‌ෂව නක්‍ෂත්‍රය මිථ්‍යාවක්‌ යෑයි ද මනෝ විශ්ලේෂණය විද්‍යාවක්‌ යෑයි ද ගන්නා බව පෙනී යයි. කෙසේ වෙතත් අමරතුංග මහතා මේ පිළිබඳ ව පැහැදිලි කරන්නේ නම් ස්‌තූතිවන්ත වෙමි.

මනෝ විශ්ලේෂණය ගැන අමරතුංග මහතා දරන අදහස වැදගත් වනුයේ පශ්චාත්නූතනවාදීන් ද මනෝ විශ්ලේෂණයට ගරු කරන බැවිනි. ඔවුහු විවිධ මනෝ විශ්ලේෂකයන් ගේ අදහස්‌ වමාරති. මට මනෝ විශ්ලේෂණය වැදගත් නැත. මම එය බටහිර නූතනත්වයේ ම බිහි වූ දැනුම් පද්ධතියක්‌ ලෙස සලකමි. ඒ අමරතුංග මහතා මා පශ්චාත්නූතනවාදියකු ලෙස හැඳින්වීමට උත්සාහ දරද්දී ම ය. 

මෙහි දී දැනුම පිළිබඳ බටහිර සමාජ විද්‍යාඥයන් ගේ කලින් සඳහන් කළ අදහස ගැන සඳහන් කළ යුතු ය. ඔවුන්ට අනුව දැනුම යනු සමාජයීය නිර්මිතයකි. බටහිර විද්‍යාව බිහි ව ඇත්තේ බටහිර රටවල සමාජවල මිස වෙනත් සමාජවල නො වේ. එය ද පසුගිය අවුරුදු පන් සියයක පමණ කාලයක සිදු වී ඇත. එහෙත් අමරතුංග මහතා කියන්නේ වෙනත් කතාවකි. අපි ඒ සම්බන්ධයෙන් ඔහු කියා ඇති දේ විස්‌තරාත්මක ව උපුටා දක්‌වමු. මෙරට බොහෝ උගතුන් යෑයි හැඳින්වෙන්නේ හෙවත් අනුකාරකයන් (ඇංකරයන්) කියන්නේ, ඔවුන්ට කීමට පුරුදු කර ඇත්තේ එය බැවින් මේ ලිපි පෙළෙහි දී අපට එය ඉතා වැදගත් වෙයි. 

"බටහිර සංස්‌කෘතියේ නැ`ගීමට පෙර පුරාණ සංස්‌කෘති කිහිපයක්‌ තුළ ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු. පුරාණ ආරබිය, චීනය, ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල් තුළ දියුණු යෑයි පිළිගැනෙන සංස්‌කෘතියක්‌ ගොඩනැ`ගී තිබූ බව අපි දනිමු. තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්වලට අදාළ සමහර මූලික සංකල්පීය දැනුම මේ සංස්‌කෘති තුළ බිහි වූ බවට සාක්‍ෂි ඇත. උදාහරණයක්‌ වශයෙක්‌ ගණිත ශාස්‌ත්‍රයේ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවට සාක්‍ෂි ඇත. එසේ ම ඉතා අගනා තාක්‍ෂණික ඥානය චීනයේ බිහි විය. වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය සහ මුද්‍රණ යන්ත්‍රය පළමුව නිෂ්පාදනය වූයේ චීනයේ ය. මේ ලෙස දැනුම ලබාගැනීම පිණිස භාවිත වූ ක්‍රමවේදය තුළ නවීන විද්‍යාවේ සමහර අංගෝපාංග තිබුණු බවට සාක්‍ෂි සොයාගෙන ඇත. පර්යේෂණ ක්‍රම, නිරීක්‍ෂණ මාර්ග, ලේඛනගත කිරීම ආදිය ඒ අතර විය. 

මේ විද්‍යාත්මක දැනුම සහ තාක්‍ෂණ ඥානය අරාබිය හරහා ග්‍රීසියට ද, ඊට පසු යුරෝපයට ද සංක්‍රමණය විය. මේ මධ්‍යකාලීන විද්‍යා වර්ධනය පුනරුදය නමැති කාල පරිච්ඡේදය දක්‌වා අඛණ්‌ඩව පැවැති බව සමහරුන්ගේ මතය වී ඇත. පුනරුදය නමැති කාල පරිච්ඡේදයේ දී විද්‍යාව ශීඝ්‍රයෙන් යුරෝපයේ දියුණු විය. ඊට මූලික හේතුව වූයේ නොයෙකුත් කර්මාන්ත ඒ යුගයේ දී බිහි වීමයි. නව කර්මාන්තවලට අවශ්‍ය තාක්‍ෂණය ද, ඊට අවශ්‍ය විද්‍යාව ද, එකට බැඳීමකින් යුතු ව දියුණු විය. විද්‍යාත්මක ක්‍රමවේදය විධිමත් ලෙස දියුණු විය. මේ ලෙසින් බලන කල නවීන විද්‍යාව සම්පූර්ණයෙන් බටහිර සංස්‌කෘතිය තුළින් බිහි වූයේ යෑයි පිළිගත නොහැකි ය. ඒ නිසා නවීන විද්‍යාව බටහිරට අයත් දෙයක්‌ නො වේ. නවීන විද්‍යාවේ දැනුම සොයාගැනීමේ ක්‍රමවේදය එමානුවෙල් කාන්ට්‌ වැනි දාර්ශනිකයන් ප්‍රගුණ කෙට ඇති බව සැබෑ ය. එනමුත් ඔවුන් ප්‍රගුණ කළේ වෙනත් සංස්‌කෘතිවල ද දායකත්වයෙන් වර්ධනය වෙමින් පැවැති ක්‍රමවේදයක්‌ මිස සම්පූර්ණයෙන් වෙනස්‌ වූ නව ක්‍රමවේදයක්‌ නො වන බව පිළිගත හැකි ය."

ඉතා කෙටියෙන් කියන්නේ නම් මේ පට්‌ටපල් බොරුවකි. මෙහි බටහිරයන් අපට උගන්වන බොරු මදිවාට අමරතුංග මහතා බටහිරයන් කියන දේ වුව ද තම ශක්‌ති ප්‍රමාණයෙන් වැරැදියට තේරුම් ගත් දේ ද වෙයි. මේ පිළිබඳ දිර්ඝ විස්‌තරයක්‌ ඉදිරි ලිපිවලින් කිරීමට අදහස්‌ කරමි. එහෙත් දැනට එක්‌ කරුණක්‌ පමණක්‌ සඳහන් කළ යුතු ය. ඒ ඊනියා විද්‍යාවේ දර්ශනය සම්බන්ධයෙනි. 

බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යෑයි කියාගන්නා අය දැන් තරමක කාලයක්‌ තිස්‌සේ කියන්නේ බටහිර විද්‍යාව මෙතෙක්‌ තිබූ අනෙක්‌ සියලු දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ බව ය. ඔවුන් ඊනියා විද්‍යාත්මක විධික්‍රම ගැන කියන්නේ අනෙක්‌ දැනුම් පද්ධතීන්ට වඩා වෙනත් යමක්‌ බටහිර විද්‍යාවේ ඇති බව පෙන්වීමට ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමය වෙනත් සංස්‌කෘතීන් ගේ ද දායකත්වයෙන් වර්ධනය වූවක්‌ යෑයි අමරතුංග මහතා කියන්නේ කිනම් දාර්ශනිකයකු ගුරු කොට ගෙන දැයි නො දනිමි. ඔහු සමහර වට අලුත් මතයක්‌ ඉදිරිපත් කරනවා විය හැකි ය. මතය කා ගේ වුවත් එය පට්‌ටපල් බොරුවක්‌ බව ඊළ`ග සතියේ පෙන්වා දෙමි.

නලින් ද සිල්වා 
 


2013/10/21 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Nov 21, 2013, 10:29:28 AM11/21/13
to ind...@googlegroups.com
කෙස්‌ස සමග උස වැඩිවීම

මේ ලිපි පෙළ තරමක්‌ විස්‌තර සහිතව පළ කිරීමට මා තීරණය කළේ මහාචාර්ය අමරතුංග මහතා කිසි ම ගැඹුරු හැදෑරීමකින් තොර ව ලියා ඇති ලිපිය හේතුවෙන් විදුසර පාඨකයා මුළා වීමට ඉඩ තිබෙන බැවිනි. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්‌ ද යන්නට පිළිතුරු දීමට උත්සාහ කරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පඹ ගාලක පැටලී ඇත. අද ඔහු ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් ආචාර්ය නිර්මාල්ට නිර්මාල් වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්‌ ද යන්න ය. එමෙන් ම මහාචාර්ය අමරතුංග මහතා ගෙන් ද ඇසිය යුත්තේ ඒ මහතාට අශෝක අමරතුංග වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක්‌ ද යන්න ය. ඔහුට ඇත්තේ ගුණදාස අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන්න අවුල් සහගත අදහසක්‌ පමණක්‌ බව තේරුම් ගැනීමට අමරසේකර මහතා ඉතා ඉහළින් අගයන ඔහුට නොහැකි වීම පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අතර තුන්වැනි සංගායනාවේ බුදුදහම හා බටහිර විද්‍යාව අනුව ඊනියා යථාර්ථයක්‌ ඇතැයි අමරතුංග මහතා විශ්වාස කරයි. 

අමරසේකර මහතා මෙන් ම අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය ගැන හැදෑරීමක්‌ කර නැත. එසේ කර ඇත්නම් පශ්චාත්නූතනවාදය යනු කුමක්‌ දැයි කෙටියෙන් සඳහන් කර කූන්ට හා ෆෙයරාබන්ඩ්ට පශ්චාත්නූතනවාදී ලක්‍ෂණ ඇති බව හේතු සහිතව පෙන්වා දීමට ඒ මහතාට හැකි විය යුතු ය. ඔහුට හැකි නම් මේ ලිපි පෙළ අවසන් වන තුරු බලා නො සිට කූන් හා ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් බව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. එහෙත් ඔහු කිසි දිනෙක එවැනි ව්‍යාපෘතියකට අත නො ගසනු ඇත. එමෙන් ම කිසියම් පොල්මඃකාරයකු ගේ ප්‍රකාශයකින් උද්ධෘතයක්‌ ගෙන හැර දැක්‌වීම එහි දී ප්‍රමාණවත් නො වන බව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතා කළ යුත්තේ පශ්චාත්නූතනවාදියකු හඳුනා ගැනීමේ නිර්ණායක සංගත ආකාරයකින් ඉදිරිපත් කර කූන් හා ෆෙයරාබන්ඩ් ඒ නිර්ණායක සපුරා ලන බව හේතු සහිත ව පෙන්වා දීම ය. 

කූන් පශ්චාත්නූතනවාදියකු තබා සාපේක්‍ෂතාවාදියකු වත් නො වන බව අපි සඳහන් කළෙමු. කූන්ට අනුව බටහිර විද්‍යාවේ සුසමාදර්ශ විප්ලවීය කාලවල දී වෙනස්‌ වෙයි. එසේ වෙනස්‌ වීමෙන් පසු නිර්මාණය වන ප්‍රවාද කලින් තිබූ ප්‍රවාද සමග අසම්මේය (incommensurable) වෙයි. සරල ව කිව හොත් ඒ ප්‍රවාද සංසන්දනය කිරීමට නො හැකි ය. නිව්ටෝනීය හෙවත් ගැලීලීය සාපේක්‍ෂතාවාදය සහ අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය අතර ඇත්තේ නො පෑහෙන වෙනසකි. නිව්ටන්ට අනුව අවකාශය හා කාලය වෙන වෙන ම නිරපේක්‍ෂ ව පවතියි. අයින්ස්‌ටයින් ගේ අවකාශය හා කාලය එකිනෙකට බැඳුණු සාපේක්‍ෂ සංකල්ප වෙයි. අයින්ස්‌ටයින් ගේ අවකාශය කාලයෙන් තොර ව නො පවතියි. අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතාවාදය යොදාගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ අයින්ස්‌ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්ප ම`ගින් විස්‌තර කළ හැකි බව නො වේ. ගණිත සන්නිකර්ෂණ ම`ගින් වෙනත් ප්‍රවාදයක ප්‍රතිඵල ලබාගත හැකි ය යන්නෙන් අදාළ සංකල්ප සැසඳිය හැකි බව ගම්‍ය නො වේ. 

බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙහි ප්‍රතිඵල මැනිය හැකි ආකාරයකින් බොහෝ විට ඉදිරිපත් කෙරෙයි. මැනීම යන්න ක්‌වොන්ටම් භෞතිකයෙහි දාර්ශනික ගැටලුවක්‌ ලෙස සාකච්ඡා කෙරෙයි. එහෙත් කිසිවකු ඒ ගැන කතා නො කළ ද බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි ද මැනීම යන්න නිසි ලෙස අවබෝධ කර නො ගත් සංකල්පයකි. මැනිය හැක්‌කේ බටහිර ගණිතයේ ඊනියා තාත්වික සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි වූවකි. වෙනත් අයුරකින් කිවහොත් බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවෙහි කියෑවෙන සංකල්පයක්‌ හා බටහිර ගණිතයේ තාත්වික සංඛ්‍යා (රේඛාව) අතර අනුරූපතාවක්‌ තිබිය යුතු ය. ඒ අනුරූපතාව නොමැති ව කිසිවකුට කිසිවක්‌ මැනගත නො හැකි ය. වෙනත් ක්‍ෂෙත්‍රයක වුව ද එය එසේ ම ය. දත යන සංකල්පයෙහි දත් එකිනෙකින් වෙන් කරගැනීමට නොහැකි නම් අපට දත් ගණන් කරගැනීමට ද නො හැකි ය. 

අපට උස මැනගැනීමට හැකි වී ඇත්තේ උස යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති කරගැනීමට හැකි වී තිබෙන බැවිනි. එමෙන් ම බර කිරීමට හැකි වී තිබෙන්නේ ද බර යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති බැවිනි. එසේ වුවත් උස හා බර අතර අනුරූපතාවක්‌ ඇතැයි අපි නො කියමු. සාමාන්‍යයෙන් උස වැඩි වන විට බර ද වැඩි වන නමුත් එසේ නො වන අවස්‌ථා ද වෙයි. තාත්වික සංඛ්‍යා සමග සංකල්පවල අනුරූපතා තිබූ පමණින් ඒ ඒ සංකල්ප අතර අනුරූපතා ඇති නො වෙයි. 

අපට උස මැනගැනීමට හැකි වී ඇත්තේ උස යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති කරගැනීමට හැකි වී තිබෙන බැවිනි. එමෙන් ම බර කිරීමට හැකි වී තිබෙන්නේ ද බර යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති බැවිනි. එසේ වුවත් උස හා බර අතර අනුරූපතාවක්‌ ඇතැයි අපි නො කියමු. සාමාන්‍යයෙන් උස වැඩි වන විට බර ද වැඩි වන නමුත් එසේ නො වන අවස්‌ථා ද වෙයි. තාත්වික සංඛ්‍යා සමග සංකල්පවල අනුරූපතා තිබූ පමණින් ඒ ඒ සංකල්ප අතර අනුරූපතා ඇති නො වෙයි. 

අනෙක්‌ අතට බොහෝ සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතා නැත. ඇතැම් සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර ඇත්තේ අමාරුවෙන් තනාගත් අනුරූපතා ය. උදාහරණයක්‌ ලෙස මිනිසකු ගේ හොඳ යන්න (එම සංකල්පය) හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ නැත. අපට යමකු තවත් අයකුට වඩා හොඳ බව කිව හැක්‌කේ හොඳ යන්නට ලකුණු දීමෙන් (තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ ඇති කර ගැනීමෙන්) නො වේ. අපට හොඳ බව පිළිබඳ ඇත්තේ හැඟීමකි. එය එක්‌ එක්‌ අය ගෙන් වෙනස්‌ වෙයි. මා හොඳ යෑයි සලකන අයකු වෙනත් අයකුට හොඳ නො විය හැකි ය. හොඳ යන්න සාපේක්‍ෂ සංකල්පයකි. 

මෙයින් කියෑවෙන්නේ තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ ඇති සංකල්ප නිරපේක්‍ෂ බව නො වේ. මේ සංකල්ප සියල්ල මිනිසුන් ගේ නිර්මාණ ය. මෙරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරුවලට උසස්‌ කිරීමේ දී යම් ලකුණු පටිපාටියක්‌ අනුගමනය කෙරෙයි. එනම් විශ්වවිද්‍යාල ඇදුරන් ගේ වැඩ කිඩ සම්බන්ධයෙන් ලකුණු දීමේ ක්‍රමයක්‌ ඇත. මේ ලකුණු දීම ම`ගින් විශ්වවිද්‍යාල ඇදුරන් ගේ ඊනියා සුදුසුකම් හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ ඇති කෙරෙයි. ඕනෑ ම ලකුණු ක්‍රමයක්‌ යනු මිනිසුන් විසින් යම් සංකල්පයක්‌ හා තාත්වික සංඛ්‍යා අතර තනාගනු ලැබ ඇති අනුරූපතාවකි. 

විශ්වවිද්‍යාල ඇදුරන් ගේ ඊනියා සුදුසුකම් හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාව සකස්‌ කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ම`ගිනි. එය ඊනියා වාස්‌තවික හෝ නිරපේක්‍ෂ අනුරූපතාවක්‌ නො වන බව පැහැදිලි ය. ලකුණු දීමේ පටිපාටි වෙනස්‌ කිරීමෙන් ඇතැම් මහාචාර්යවරුන් නුසුදුස්‌සන් බවට පත් කළ හැකි ය. එය එතරම් ම සාපේක්‍ෂ ය. ඒ ඒ මහාචාර්යවරයා ඒ ඒ ලකුණු ක්‍රමයට සාපේක්‍ෂව මහාචාර්ය පදවි ලබාගෙන ඇත. අහවලා මහාචාර්යවරයකු යෑයි කියන විට ඔහු මහාචාර්ය වි ඇත්තේ කිනම් ලකුණු පටිපාටියකට සාපේක්‍ෂ ව දැයි කියන්නේ නම් මැනවි. මෙරට සියලු මහාචාර්යවරු යම් යම් ලකුණු ක්‍රමයකට සාපේක්‍ෂ මහාචාර්යවරු වෙති. 

උස යන්න එවැනි සාපේක්‍ෂ ලකුණක්‌ නො වේ යෑයි කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් උස යන්න ද මිනිසුන් ගේ නිර්මාණයකි. එය කේසාන්තයේ සිට පාදාන්තය තෙක්‌ යෑයි තීරණය කළේ කවු ද? අද ඇතැම් තරුණයෝ කෙස්‌ බූගාති. ඔවුන් ගේ උස කේසාන්තයේ සිට පාදාන්තය තෙක්‌ මැණිය හැකි නො වේ. කෙස්‌ස බූ ගෑ විට උස ද සුළු ප්‍රමාණයකින් වුවත් අඩු වන බව පැහැදිලි ය. කෙස්‌ස බූ ගෑ පමණින් නිල වශයෙන් උස අඩු වන්නේ කෙසේ ද?

අනෙත් අතට අපට ඇතැයි කියන රැස්‌ වළල්ල උස මැනීමේ දී සැලකිල්ලට නො ගැනෙයි. එසේ සැලකිල්ලට ගත හොත් උස පිළිබඳ අපේ අදහස්‌ ද වෙනස්‌ වනු ඇත. කේසාන්තයේ සිට පාදාන්තය තෙක්‌ උස මැනීමේ දී සඳුන් සමන්ට වඩා උස යෑයි සැලකුණ ද රැස්‌ වළල්ල ද සලකා උස මැන්නොත් සමන් සඳුන්ට වඩා උස යෑයි ඇතැම් විට තීරණය වනු ඇත. උස යන සංකල්පය මිනිසුන් ගේ නිර්මාණයකි. රැස්‌ වළල්ල ගෝචර වන ඉන්ද්‍රියයක්‌ අපට නැති බැවින් අද අප උස මනින්නේ, එනම් උස යන සංකල්පය හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපතාවක්‌ නිර්මාණය කර ඇත්තේ අපේ මනසට හා පංචෙන්ද්‍රියයන්ට සාපේක්‍ෂ ව ය. මේ සාපේක්‍ෂත්වය අපට ම`ගහැරිය නො හැකි ය. 

අප එක්‌ ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු බව පත් වූ අයකු වෙනත් ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු වූ අයකු සමග සංසන්දනය කරන්නේ කෙසේ ද? එය කළ නො හැකි ය. අනෙක්‌ අතට ඕනෑ ම ලකුණු පටිපාටියක්‌ මිනිසුන් ගේ නිර්මාණයක්‌ වන අතර ඒ සාපේක්‍ෂ වෙයි. එහෙත් මහාචාර්යවරුන් සිතන්නේ එසේ නො වේ. ඔවුන්ට අනුව නිරපේක්‍ෂ මහාචාර්යවරු වෙති. නිරපේක්‍ෂව උසින් වැඩි අය වෙති. 

ඇතැම් සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර අනුරූපිත ගොඩනැඟීමට හැකි වූ පමණින් ඒ ඒ සංකල්ප සංසන්දනය කළ නො හැකි ය. එක්‌ චක්‍රලේඛයකට (ලකුණු දීමේ පටිපාටියකට) අනුව මහාචාර්යවරුන් වූ අය හා වෙනත් චක්‍ර ලේඛයකට අනුව මහාචාර්යවරුන් වූ අය සමග සංසන්දනය කළ හැකි නො වේ. එහෙත් මහාචාර්යවරු ඒ බව නො දනිති. එසේත් නැත හොත් ඒ බව නො කියති. 

නිව්ටෝනීය දිග (අවකාශය) තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ සාදන ලෙස සකස්‌ කළ හැකි ය. එමෙන් ම අයින්ස්‌ටයිනීය දිග ද එලෙස තාත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක්‌ සාදන අයුරෙන් සකස්‌ කළ හැකි ය. එහෙත් ඒ දිග පිළිබඳ ව වූ සංකල්ප එකිනෙක සමග සංසන්දනය කළ හැකි නො වේ. වස්‌තුවක නිව්ටෝනීය දිග වස්‌තුවේ ප්‍රවේගය මත පරායත්ත නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්‌තුවේ වේගය කුමක්‌ වුවත් එහි නිව්ටෝනීය දිග වෙනස්‌ නො වේ. 

එහෙත් වස්‌තුවක අයින්ස්‌ටයිනීය දිග එසේ නො වේ. එහි දිග නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ප්‍රවේගය අනුව වෙනස්‌ වෙයි. මේ දිග පිළිබඳ සංකල්ප හා තාත්වික සංඛ්‍යා අතර වෙන වෙන ම අනුරූපතා ඇති නමුත් එයින් ඒ ඒ දිග අතර අනුරූපතාවක්‌ ඇති බව ගම්‍ය නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්‌තුවක අයින්ස්‌ටයිනීය දිග වස්‌තුවෙහි සාපේක්‍ෂ ප්‍රවේගය අනුව වෙනස්‌ වෙයි. නිව්ටෝනීය දිග හා අයින්ස්‌ටයිනිය දිග යනු එකිනෙකට වෙනස්‌ සංකල්ප දෙකක්‌ වෙයි. 

බොහෝ අයට බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරීමට බටහිර වියුක්‌ත ගණිතය අත්‍යවශ්‍ය වෙයි. බටහිර වියුක්‌ත ගණිතය ගැන එතරම් අවබෝධයක්‌ නොමැති ව බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ අවබෝධයක්‌ ලබාගැනීමට අයින්ස්‌ටයින් ගේ ගණයේ අන්තර්ඥානයක්‌ තිබිය යුතු ය. එහෙත් උසස්‌ පෙළ පරීක්‍ෂණයෙහි දී එකල තිබූ ලකුණු ලබා දීමේ පටිපාටිය අනුව භෞතික විද්‍යාව අසමත් වූ ඇතැම් වර්තමාන මහාචාර්යවරු බටහිර ගණිතය පිළිබඳ මනා අවබෝධයක්‌ හෝ අයින්ස්‌ටයින් ගේ අන්තර්ඥානය හෝ නොමැති ව බටහිර භෞතික විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ විහිළු සපයති. 

මේ මහාචාර්යවරුන්ට අනුව (බටහිර රටවල විද්‍යාවේ දර්ශනය ගැන කතා කරන්නන් බොහෝ විට බටහිර සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයන් වුව ද ලංකාවේ ජෛවීය විද්‍යා අංශවල මහාචාර්යවරු බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතා කිරීමට බොහෝ විට පෙලඹෙති) නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්‌තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයෙන් අංශු මාත්‍රයක්‌ වන විට අයින්ස්‌ටයිනීය ප්‍රතිඵල සන්නිකර්ෂණව නිව්ටෝනීය සංකල්පවලට සමාන වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අයින්ස්‌ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්පවල ම වර්ධනයක්‌ බව ය. එය ද පට්‌ටපල් බොරුවකි.

නලින් ද සිල්වා


2013/10/21 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Nov 21, 2013, 10:47:29 AM11/21/13
to ind...@googlegroups.com
පොඩි පටලැවිල්ලක්. 
කලින් තියෙන කෙස්‌ස සමග උස වැඩිවීම ලිපිය විදුසරේ පල වෙලා තිබුනේ ඊට උඩින් තියෙන අමරතුංග මහතා ගේ මුළාව ලිපියට කලින් සතියෙයි. පහත තියෙන්නෙ නොවැ. 13 පල වුනු ලිපිය. මහාචාර්ය නලින්ගෙ උත්තරය ඉවර වෙන කල් මහාචාර්ය අමරතුංගට තව කොච්චර කාලයක් බලා ඉන්න වෙයිද දන්නෙ නෑ.
- NR

දැනුම අවශෝෂණය කිරීම

බටහිර සංස්‌කෘතිය නැඟීමට පෙර පුරාණ සංස්‌කෘතීන් කිහිපයක ම විද්‍යාව හා තාක්‍ෂණය වර්ධනය වූ බව අපි දනිමු යෑයි අමරතුංග මහතා පවසයි. බොහෝ ලේඛකයන් අනුගමනය කරන උපායශීලී පිළිවෙතක්‌ අමරතුංග මහතා ද මෙහි දී අනුගමනය කරයි. මෙහි අපි යනුවෙන් හැඳින්වෙන්නේ ඒ මහතා පමණක්‌ නො වන බව පැහැදිලි ය. ඔහු සියුම් ව කරන්නේ පාඨකයන් ද තමා දරන මතය පිළිගන්නා බව කීම ය. එම`ගින් බොහෝ පාඨකයෝ මහාචාර්යවරයකු සමග එක ම මතයක්‌ දරන්නේ ය යන මතයෙන් එක්‌තරා අයුරකින් මානසික නිද්‍රdශීලීභාවයකට පත් වෙති. කොහොමටත් සිතන්නට පුරුදු නො කරන අධ්‍යාපනයකින් බිහි වන්නෝ ඉන්පසු අමරතුංග මහතා කියන දේ ප්‍රශ්න නො කරති. 

චීනය, ඉන්දියාව වැනි රටවල තාරකා විද්‍යාව, ගණිත ශාස්‌ත්‍රය, රසායන විද්‍යාව වැනි විද්‍යාවන්ට අදාළ මූලික නීති රීති ඉන්දියාවේ නිර්මාණය වී අරාබිය හරහා යුරෝපයට සංක්‍රමණය වූ බවත්, වෙඩි බෙහෙත්, මාලිමා යන්ත්‍රය හා මුද්‍රණ යන්ත්‍රය පළමුව චීනයේ නිෂ්පාදනය වූ බවත් අමරතුංග මහතා කියයි. ඒ මහතා ඇතැම් බටහිරයන් කියන මේ කරුණු පුනරුච්චාරණය කරන්නේ ලංකාවේ මහාචාර්යවරයකුට ම සුදුසු ආකාරයෙනි. මෙරට බොහෝ බටහිර උගත්තු මේ සම්බන්ධයෙන් අමරංතුග මහතා දරන මතය ම දරන බව ද සඳහන් කළ යුතු ය.

මෙහි දී අපට උගත් මහාචාර්යවරයා ගෙන් ප්‍රශ්න කිහිපයක්‌ ඇසීමට ඇත. පළමුවෙන් ම අද ඉන්දියාවෙන් හෝ චීනයෙන් හෝ එවැනි දැනුම් නිර්මාණය නො වන්නේ ඇයි ද යන්න ය. බොහෝ උගතුන් එයට දෙන පිළිතුර නම් මේ වන විට ඒ රටවල ඒ සඳහා පහසුකම් නොමැති බව ය. එහෙත් චීනයෙන් හා ඉන්දියාවෙන් පහසුකම් ඇතැයි කියන බටහිර රටවලට දේශීය බටහිර විද්‍යාඥයෝ විශාල වශයෙන් ඇදී යති. ඔවුන් ගෙන් කී දෙනකුට නොබෙල් ත්‍යාගය හිමි වී ඇත් ද? ඔවුන් ගෙන් කී දෙනකු බටහිර විද්‍යාවේ හරිහමන් දැනුමක්‌ නිර්මාණය කර ඇත් ද? එදා විද්‍යාවේ ජයකෙහෙළි නැංවී යෑයි කියන ඉන්දියානුවන්ට හා චීනුන්ට අද එසේ කිරීමට නොහැකි වී ඇත්තේ ඇයි? ඉන්දියානු හා චීන ශිෂ්‍යයෝ බටහිර රටවල දී පරික්‍ෂණවලින් ඉහළින් සමත් වන නමුදු දැනුම නිර්මාණයෙහි දී යුරෝපීයයන් මෙන් දක්‍ෂතාවක්‌ නො දක්‌වති. ලංකාවෙන් බටහිරට යන ශිෂ්‍යයෝ ද එසේ ම වෙති. 

අනෙක්‌ අතට චීනයේ වසර ගණනාවක්‌ තිස්‌සේ චීන දැනුම ගැන අධ්‍යයනය කර ඒ පිළිබඳ වෙළුම් රාශියක්‌ පළ කළ ජෝසෆ් නීඩ්හම් මහතා ඉතා වැදගත් ප්‍රශ්නයක්‌ අසා ඇත. අමරතුංග මහතාට ඒ ප්‍රශ්නය පිළිබඳ දැනුමක්‌ ඇත් දැයි මම නො දනිමි. නීඩ්හම් මහතා අසා ඇත්තේ විශාල දැනුම් සම්භාරයකට හිමිකම් කී චීන ජාතිකයන්ට බටහිර (නවීන) විද්‍යාවට හිමිකම් කීමට නොහැකි වූයේ ඇයි ද යන්න ය. පැහැදිලිව ම නීඩ්හම් මහතා චීන විද්‍යාව හා බටහිර විද්‍යාව අතර වෙනසක්‌ දකියි. නීඩ්හම් මහතාට අමරතුංග මහතාට තරම් වැටහීමක්‌ නො තිබූ බැවින් ඒ ප්‍රශ්නය ඇසී දැයි නො දනිමි.

නීඩ්හම් මහතා කිසි තැනක චීන විද්‍යාව දියුණු වී ඉන්දීය විද්‍යාව හෝ වෙනත් විද්‍යාවක්‌ හෝ සමග සම්බන්ධ වී හෝ නො වී හෝ බටහිර විද්‍යාව ඇති වූ බවක්‌ සඳහන් නො කරයි. මා මෙයින් කියන්නේ අප නීඩ්හම් මහතා කියා ඇති දේ අවසාන වාක්‍යය ලෙස පිළිගත යුතු බව නො වේ. එක්‌ එක්‌ අය ගේ නම් සඳහන් කරමින් තමා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තකු ය යන අදහස පාඨකයාට ලැබෙන පරිදි ලියන අමරතුංග මහතා තමා නීඩ්හම් ගැන අසා නැතැයි කියන්නේ ද? ඒ මහතාට තමා ඉහළින් අගයන ගුණදාස අමරසේකර මහතා ගෙන් නීඩ්හම් යනුවෙන් මිතුරකු මාර්ටින් වික්‍රමසිංහ මහතාට සිටි බව දැනගත හැකි ය.

කෙසේ වෙතත් නීඩ්හම් මහතා තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරක්‌ ද සැපයී ය. ඔහුට අනුව චීනයේ බටහිර විද්‍යාව බිහි නො වූයේ එහි ධනවාදය නො තිබූ බැවිනි. නීඩ්හම් මහතා තම ප්‍රශ්නයට දී ඇත්තේ ඉතා ම බංකොළොත් පිළිතුරකි. බටහිර විද්‍යාව බටහිර ඇති වූයේ එහි ධනවාදය තිබූ නිසා නො වේ. ගැලීලියෝ මිය ගියේ 1642 වසරේ දී ය. නිව්ටන් උපන්නේ ද ඒ වසරෙහි දී ය. ඒ වන විට ඉතාලියේ හෝ එංගලන්තයේ හෝ වෙනත් බටහිර රටක හෝ ධනවාදය බිහි වී නො තිබිණි. ගැලීලියෝට හෝ නිව්ටන්ට හෝ ධනවාදය අවශ්‍ය නො වී ය. අවාසනාවකට අමරසේකර මහතා ධනවාදය ඇති වූයේ බටහිර විද්‍යාව ඇති වීමට පසුව යෑයි සිතන බව පසුගිය සතියේ එක්‌ ඉරිදා පුවත්පතකට කරන ලද ප්‍රකාශයෙන් පැහැදිලි වෙයි. 

අනෙක්‌ අතට අද බටහිර ඇති ගණිතය ඉන්දියාවේ තිබූ ගණිතයෙහි වර්ධනයක්‌ නො වේ. පැරැණි භාරතීය ගණිතය වියුක්‌ත ගණිතයක්‌ නො වී ය. යම් යම් ගණිත කර්ම සිදු කිරීම සඳහා සූත්‍ර රාශියක්‌ පැරැණි භාරතීය ගණිතයෙහි විය. (සූත්‍ර යනු අසා ඇති දේ ය. බුදු දහමෙහි සඳහන් සූත්‍ර බොහෝ විට බුදුන්වහන්සේ ගෙන් ඇසූ දේ ය). උදාහරණයක්‌ වශයෙන් ගත හොත් බටහිර ගණිතයෙහි දක්‌නට ලැබෙන පෛතගරස්‌ ප්‍රමේයයෙහි ප්‍රතිඵලය පැරැණි භාරතීයයෝ දැන සිටිය හ. එහෙත් ඒ දැනුම ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණය සඳහා වූ සංයුක්‌ත දැනුමක්‌ විය. ඕනෑ ම සෘජුකෝණී ත්‍රිකෝණයක්‌ සඳහා වියුක්‌ත ව ප්‍රතිඵලය සාධනය කිරීමට තබා ප්‍රකාශ කිරීමට වත් පැරැණි භාරතීය ගණිතඥයෝ දැන නො සිටිය හ. 

පැරැණි භාරතයේ තිබූ දැනුම අරාබීන් හරහා යුරෝපයට ගිය බව සැබෑ ය. එහෙත් ඒ දැනුම හෝ චීනයෙන් ලැබුණු දැනුම හෝ වෙනත් දැනුමකින් හෝ බටහිරයෝ ගෙඩිය පිටින් අනුකරණය නො කළ හ. ඔවුහු ඒ සියලු දැනුම් තම නව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අවශෝෂණය කළ හ. අමරතුංග මහතා ඒ බව නො දන්නවා විය හැකි ය. ඒ මහතා චින්තනය යන සංකල්පයට ගරහයි. ඒ මහතා වරක්‌ කියා තිබුණේ මා අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන සොඳුරු අදහස අවලස්‌සන කර ඇති බව ය. මේ පිළිබඳ පැහැදිලි කිරීමට ද මේ අවස්‌ථාවක්‌ කර ගනිමි. 

මට ජාතික චින්තනය යන අදහස අවලස්‌සන කිරීමට අවශ්‍යතාවක්‌ නො වී ය. එයට හේතුව 1986 වසරේ දී ම මා චින්තනය යන සංකල්පය ඉදිරිපත් කර තිබීම ය. 1986 පළ කළ මගේ ලෝකය කෘතියෙහි ද චින්තනය යන සංකල්පය විස්‌තර කර ඇත. මා අද ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ලෙස හඳුන්වන්න එදා හැඳින්වූයේ යුදෙවු චින්තනය ලෙස ය. පසුව බටහිරයන් ගේ වත්මන් චින්තනය චින්තන තුනක සංකලනයක්‌ බව අවබෝධ වීමෙන් පසුව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි යන්න ව්‍යවහාරයට ගත්තෙමි. 

අමරසේකර මහතා ජාතික චින්තනය යන අදහස 1986 දී ඉදිරිපත් කළේ රුසියන් ජාතිකයකු ගෙන් ලබාගත් නැෂනල් තෝට්‌ ((national thought) යන්න සිංහලට පරිවර්තනය කරමිනි. ඔහුට ඒ පිළිබඳ පැහැදිලි සංකල්පයක්‌ නො වී ය. විසිරුණු අදහස්‌ මිස සංකල්ප හඳුන්වා දීමේ හැකියාවක්‌ නැති අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ඉතා ම ලිහිල් ආකාරයකින් යොදාගත්තේ ය. අර රුසියන් ලේඛකයාට අනුව රුසියන් විප්ලවය ජයග්‍රහණය කළේ මාක්‌ස්‌වාදය මත නො ව රුසියන් ජාතික චින්තනය මත පදනම් වී ය. 

අමරසේකර මහතාට ජාතික චින්තනය යනු කුමක්‌ දැයි පැහැදිලි කිරීමට පවා නොහැකි වූ බව එකල දිවයින බදාදා අතිරේකය කියවූවෝ දනිති. ඒ මහතා සාමාන්‍යයෙන් කරන ආකාරයට බටහිර ලේඛකයන් ගේ අදහස්‌ සිංහලට පරිවර්තනය ඒ ඔස්‌සේ ඊනියා ජාතික චින්තනය තේරුම් කිරීමට උත්සාහ ගත්තේ ය. විශේෂයෙන් ම එරික්‌ ෆ්‍රොම් ගේ අදහස්‌ ඒ මහතාට ප්‍රයෝජනවත් විය. ෆ්‍රොම් ගේ සිවිලිසේaෂන් කොන්ෂස්‌නස්‌ (Civilisation consciousness) යන්න සභ්‍යත්ව විඥානය ලෙස පරිවර්තනය කරගත් අමරසේකර මහතා ජාතික චින්තනය යන්න ෆ්‍රොම් ඇසුරෙන් තේරුම් කිරීමට උත්සාහ කළේ ය. සතියකට පෙර ඒ මහතා ජාතිය යන්න ඊනියා සභ්‍යත්ව විඥානය ඔස්‌සේ තේරුම් කිරීමට කලින් කී පුවත්පත ම`ගින් අසාර්ථක උත්සාහයක්‌ ගෙන තිබිණි. 

මට මෙරට ජාතික චින්තනය යන්න සිංහලයන් ගේ චින්තනය විය. එය අද වන විට සිංහල බෞද්ධ චින්තනය ලෙස හැඳින්වෙයි. ලිහිල් විසුරුණු අදහස්‌ කෑලි මත නො ව සංකල්ප මත පදනම් වූ මට ප්‍රධාන සංකල්පය වූයේ චින්තනය ය. සිංහල බෞද්ධ චින්තනය යන්න අපට වැදගත් වුවත් ප්‍රධාන වුවත් එය තවත් එක්‌ චින්තනයක්‌ පමණක්‌ විය. දැනුම නිර්මාණය කෙරෙන්නක්‌ බවත්, එය චින්තනය මත පදනම් ව සංස්‌කෘතියකට සාපේක්‍ෂව සිදු වන්නක්‌ බවත් මම සඳහන් කළෙමි. එමෙන් ම දැනුම නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව (බුදු දහමෙහි සඳහන්) නිසා බවත් සඳහන් කළෙමි. මේ සියලු සංකල්ප වර්ධනය කිරීමට යම් කාලයක්‌ ගත වූ බව අමුතුවෙන් කිව යුතු නො වේ. 

මා කළ වරද වූයේ චින්තනය යන සංකල්පයෙන් ලබාගත් සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස සමග එකට භාවිත කිරීම සහ එසේ කිරීමට ඉඩහැරීම ය. බොහෝ දෙනා තේරුම් ගත්තේ මගේ සිංහල බෞද්ධ චින්තනය යන සංකල්පය හා අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන විසිරුණු අදහස එකක්‌ ලෙස ය. ඇතැම් අවස්‌ථාවල මෙරට ජාතික චින්තනය යන අදහස ගෙන දෙන ආකාරයට ජාතික චින්තනය යන්න යොදාගැනීමෙන් මා මගේ අනන්‍යතාව පළුදු කරගත් බව ද මම පිළිගනිමි. 

මේ අදහස්‌ මෙසේ පළ කිරීමට සිදු වී ඇත්තේ අමරතුංග මහතා ගේ ප්‍රකාශ නිසා ය. අමරසේකර මහතා මගේ සංකල්ප ද ඒ මහතා ගේ අදහස්‌ ලෙස පාඨකයාට ඉදිරිපත් කරයිs. උදාහරණයක්‌ ලෙස අවශෝෂණය යන්න ම ගනිමු. අමරසේකර මහතාට කිසි දිනෙක චින්තනය යන සංකල්පය නො වී ය. ඔහුට සැම දාමත් තිබුණේ ජාතික චින්තනය යන විසිරුණු අදහස පමණ ය. දැනුම එක්‌ සංස්‌කෘතියකින් තවත් සංස්‌කෘතියකට හෝ චින්තනයකින් තවත් චින්තනයකට අවශෝෂණය කිරීම ඒ මහතා සාකච්ඡා කළ කරුණක්‌ නො වේ. දැනුම හෝ දැනුම නිර්මාණය කිරීම ආදිය අමරසේකර මහතා ගේ විෂය පථයෙහි නො වී ය. දැනුම පිළිබඳ දැනුම හෙවත් ඥානවිභාගය අමරසේකර මහතා ඇලුම් කළ විෂයයක්‌ නො වී ය. 

එහෙත් අනුකරණය යන්න නම් ඒ මහතා දිගින් දිගට යොදාගත් අදහසක්‌ බව කිව යුතු ය. එසේ වුවත් අනුකරණය යන්න පැහැදිලිව දැනුම සම්බන්ධයෙන් හෝ අවශෝෂණය සහ සංසන්දනය කරමින් හෝ ඔහු යොදා නො ගත්තේ ය. මා මගේ ලෝකය කෘතියෙහි දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න අනුකරණය සමග යොදාගෙන ඇත්තේ 1986 තරම් ඈත කාලයක ය. එසේ වුවත් සති දෙකකට පෙර කලින් සඳහන් පුවත්පතට ම අමරසේකර මහතා දැනුම සම්බන්ධයෙන් අවශෝෂණය යන්න යොදාගන්නේ තමන්ගේ ම සංකල්පයක්‌ ලෙස ය. 

මම ද වෙනත් දැනුම් පද්ධතීන් ගෙන් ඇතැම් සංකල්ප සිංහල බෞද්ධ චින්තනයට අවශෝෂණය කර ඇත්තෙමි. ඒ සඳහා හොඳ ම උදාහරණය කූන් ගේ සුසමාදර්ශය (paradigm) යන්න ය. එක්‌ චින්තනයක සුසමාදර්ශ කිහිපයක්‌ ඇති බව මගේ වැටහීම ය. ඒ බව මම නොයෙකුත් අවස්‌ථාවල ප්‍රකාශ කර ඇත්තෙමි. සිංහල බෞද්ධ චින්තනයෙහි ද සුසමාදර්ශ කිහිපයක්‌ වෙයි. අවුරුදු දහස්‌ ගණනක්‌ මුළුල්ලෙහි සිංහල බෞද්ධ චින්තනයෙහි ප්‍රධාන සුසමාදර්ශය වී ඇත්තේ තුන්වැනි සංගායනාවේ හෙවත් මහාවිහාරයෙහි සුසමාදර්ශය ය. අභයගිරි සුසමාදර්ශය ද සිංහල බෞද්ධ චින්තනයෙහි එක්‌ සුසමාදර්ශයක්‌ විය. මේ සුසමාදර්ශ අතර ද දැනුම් අවශෝෂණය සිදු වෙයි. 


නලින් ද සිල්වා




2013/11/21 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Nov 21, 2013, 10:50:56 AM11/21/13
to ind...@googlegroups.com
අනුකරණය හා ආරෝපණය

චින්තනයක සුසමාදර්ශ රාශියක්‌ තිබිය හැකි ය. උදාහරණයක්‌ ලෙස ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි (චින්තනය යනු කුමක්‌ දැයි තේරුම්ගැනීමට "මගේ ලෝකය" හා "ජාතිය සංස්‌කෘතිය හා චින්තනය" ආදී කෘති කියවන්න) ඇති සුසමාදර්ශ කිහිපයක්‌ නම් නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්‌ටයිනීය සාපේක්‍ෂතා සුසමාදර්ශය, ක්‌වොන්ටම් භෞතික සුසමාදර්ශය වෙයි. තාපගතිකය නිව්ටන් ගේ චලිත සමීකරණවලින් ලබාගත නො හැකි ය. එසේ වුවත් ඇතැම් නිව්ටෝනීය අදහස්‌ තාපගතිකයෙහි යොදාගැනෙයි. අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය යන සංකල්ප අදාළ නිව්ටෝනීය සංකල්පවලින් සහමුලින් ම වෙනස්‌ ය. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අවස්‌ථිති රාමු පිළිබඳ සංකල්පය වෙයි. එහි ද චලිත සමීකරණය ලියෑවෙන්නේ අවස්‌ථිති රාමුවල ය. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි පමණක්‌ නො ව බොහෝ චින්තනවල යොදාගැනෙන්නේ ද්විකෝටික න්‍යාය ය. එමෙන් ම බොහෝ දෙනා ලෝකය නිර්මාණය කරගන්නේ (තේරුම් ගන්නේ) එක්‌කෝ විවික්‌තව (discrete) ය. එසේත් නැත්නම් සන්තතිකව (continuous) ය. විවික්‌තව ලෝකය නිර්මාණය කිරීමේ දී අංශුව (particle) යන සංකල්පය වැදගත් වෙයි. එකිනෙකින් වෙන් වූ අංශුවලින් සමන්විත ලෝකයක්‌ නිර්මාණය කරගැනීමට මිනිසුන් පුරුදු ව ඇත්තේ අද ඊයේ නො වේ. අවුරුදු දහස්‌ ගණනක සිට මිනිස්‌සු ඒ ක්‍රියාවලියෙහි යෙදී සිටිති. නිව්ටන් ආලෝකය දැක්‌කේ ද අංශු ලෙස ය. ඔහු ගේ ලෝකයෙහි වූයේ ආලෝක අංශු ය. ඔහු ගේ ආලෝකය පිළිබඳ ප්‍රවාදය ලවක ප්‍රවාදය (corpuscular theory මෙහි තේරුම ම විවික්‌ත ස්‌වාධීන ඒකකයක්‌ හෙවත් අංශුවක්‌ යන්න ගෙන දෙයි) ලෙස හැඳින්වෙයි. 

අනෙක්‌ අතට ගලන ගඟක එලෙස විවික්‌ත අංශු ලෙස දැකිය නො හැකි ය. මිනිසුන්ට සාපේක්‍ෂව ගඟක ඇත්තේ සන්තතික බවකි. මුළු මහත් බටහිර විද්‍යාව ම මෙන් ලෝකය නිර්මාණය කරගන්නේ එක්‌කෝ විවික්‌තව අංශු ආකෘතිය උපයෝගී කරගනිමිනි. නැත හොත් සන්තතිකව ගංගා ආකෘතිය අනුව යමින් ය. බටහිර භෞතික විද්‍යාව විසින් තරංග ආකෘතිය නිපදවනු ලැබ ඇත්තේ ගංගා ආකෘතිය අනුව ය. විද්යුත් චුම්බකවාදය යනු තරංග ලෙස ලෝකය දකින බටහිර විද්‍යා නිර්මාණයකි. බටහිර විද්‍යාවේ ඇත්තේ එක්‌කෝ අංශු ය. නැත්නම් තරංග ය. බටහිර ජීව විද්‍යාවෙහි සෛල යන සංකල්පය නිර්මාණය කෙරී ඇත්තේ අංශු ආකෘතියෙහි ය. එහෙත් රුධිර ගලනය සිදු වන්නේ තරංග හෙවත් සන්තතික ආකෘතියෙහි ය. 

ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක්‌ වුව ද එය නිර්මාණය වන්නේ චතුස්‌කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක්‌ නො වේ. ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නො තේරෙන්නේ ද එබැවිනි. ජනප්‍රිය පොතපතින් පමණක්‌ ක්‌වොන්ටම් භෞතික විද්‍යාව ගැන දන්නා ඩී. එස්‌. සී. උපාධිධාරී මහාචාර්ය අමරතුංග මහතාට මෙන් ම මහා ප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහතාට ද මේ පිළිබඳ කිසිදු අවබෝධයක්‌ නැති බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙයි. මේ ලිපි පෙළ අමරතුංග මහතා කේන්ද්‍ර කරගත්ත ද ඔහුට පමණක්‌ සීමා වූවක්‌ නො වේ. තුන්වැනි සංගායනාවේ ආරක්‍ෂකයන් ද ඉතා විසිරුණු අදහසක වූ ජාතික චින්තනය ද මෙහි දී විවේචනයට ලක්‌ වෙයි. 

ගුණදාස අමරසේකර මහතා ගැන මෙහි දී කතා කිරීමට තරම් වත් දෙයක්‌ නැත. ජාතික චින්තනයක්‌ ගැන කතා කළ ද බටහිර සංකල්ප යොදාගන්නා ඒ මහතා අද සභ්‍යත්වය හා සංස්‌කෘතිය අතර ජාතිය හිර කර ඇත. සැමුවෙල් හන්ටින්ග්ටන් ඉදිරියේ දී ඇමෙරිකාවට වෙනත් සංස්‌කෘතීන් ගෙන් එල්ල වන අභියෝගය පැහැදිලි කිරීම සඳහා සභ්‍යත්ව ගැටුම (clash of civilizatio ì) නමින් පොතක්‌ පළ කළ අවස්‌ථාවෙහි එය ජාතික චින්තනය පසසමින් ලියූ පොතක්‌ ලෙස තේරුම්ගත් අමරසේකර මහතා අද සභ්‍යත්වය යන බටහිර සංකල්පය දිරවාගැනීමට නොහැකි ව පසු වෙයි. 

සභ්‍යත්වය යන සංකල්පය බටහිරයන් නිර්මාණය කරගෙන ඇත්තේ ඔවුන්ට තමන් විසින් සභ්‍යත්වයක්‌ නැතැයි හඳුන්වනු ලැබූ ආසියාතික හා විශේෂයෙන් ම අප්‍රිකානු ජනයා ගෙන් වෙන් වීම සඳහා ය. සභ්‍යත්වයක්‌ ඇත්තේ බටහිරයන්ට මිස අපට නො වේ යන්න ඔවුන් ගේ මූලික උපකල්පනය විය. එහෙත් පසුව බටහිරයෝ සභ්‍යත්වය යන්නට වෙනත් අර්ථකථන ද දුන් හ. හන්ටින්ග්ටන්ට අනුව සභ්‍යත්වය යන්න මිනිස්‌ යන්න ළඟට මිනිසුන් ගොනු වන ප්‍රවර්ගය (Category) ය. මිනිසුන් ලෙස අප සියලු දෙනා ම හඳුනාගත හැකි ය. ඊළඟට හඳුනාගත හැක්‌කේ එක්‌ සභ්‍යත්වයකට හසු වන ජනයා ය. සභ්‍යත්වයක ජනකායකට තමන් ඒ සභ්‍යත්වයෙහි වේ ය යන හැඟීම (විඥානය) වෙයි. 

හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද බෞද්ධ සභ්‍යත්වය යනුවෙන් සභ්‍යත්වයක්‌ නැත. ඒ ථෙරවාදී බෞද්ධයන් තමන් එක්‌ ප්‍රවර්ගයකට අයත් යෑයි නො සිතන බැවිනි. ඔවුන්ට තමන් ථෙරවාදී සභ්‍යත්වයකට අයත් ය යන හැඟීම නැතැයි හන්ටින්ග්ටන් කියයි. එහෙත් යුරෝපීයයෝ තමන් ගැන යුරෝපීය සභ්‍යත්වයකට අයත් වූවන් ලෙසත් මුස්‌ලිම් සභ්‍යත්වයට අයත් වූවන් ලෙසත් සිතති යි හන්ටින්ග්ටන් කියයි. ඔහුට අනුව මහායානික බෞද්ධ යනුවෙන් ද සභ්‍යත්වයක්‌ ඇත. අමරසේකර මහතා ඒ සියල්ල අමතක කර මෙරට දෙමළ ජනයා ද සිංහල සභ්‍යත්වයට ම අයත් යෑයි කියයි. උදාහරණ ම`ගින් සභ්‍යත්වය යනු කුමක්‌ දැයි හඳුන්වනු වෙනුවට පළමුව සභ්‍යත්වයක්‌ යනු කුමක්‌ දැයි තේරුම් කිරීමට අමරසේකර මහතා උත්සාහ දරන්නේ නම් මැනවි.

මේ සියල්ල මෙහි දී ගෙනහැර දැක්‌වීමට සිදු වී ඇත්තේ දැනුම අවශෝෂණය පිළිබඳ ව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට ය. මගේ ලෝකය කෘතියෙහි සංස්‌කෘතියක ඇති දැනුම ගැන කරුණු හතරක්‌ කියෑවෙයි. ඒ අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා ඒ සංස්‌කෘතියෙහි ඇති දැනුම ඇසුරෙන් නිර්මාණය කිරීම ය. අනුකරණය යනු ඉවක්‌ බවක්‌ නැති ව ගෙඩිය පිටින් දැනුම ලබාගැනීම ය. අද බොහෝ දෙනා කරන්නේ එය ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ගුණදාස අමරසේකර මහතා ද එසේ කර ඇති අවස්‌ථා එමට ය. 

බටහිර මානව විද්‍යාව නම් දැනුම පද්ධතිය ගොඩනැඟුවේ ම බටහිරයන්ට අමතර ව තවත් මිනිසුන් ලෝකයේ ඇති බව බටහිරයන් තේරුම් ගැනීමෙන් පසුව ය. බටහිරයන්ට අවශ්‍ය වූයේ තමන් ගෙන් වෙනස්‌ වූ ඒ අනෙක්‌ මිනිසුන් ගැන අවබෝධයක්‌ ලැබීමටත් ඒ අනෙක්‌ මිනිසුන් පාලනය කරන්නේ කෙසේ දැයි දැනගැනීමටත් ය. එහෙත් ඒ බව තේරුම් නො ගත් මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර මානව විද්‍යාව ලංකා විශ්වවිද්‍යාලයයෙහි ඉගැන්විය යුතු යෑයි උද්ඝෝෂණය කළේ ය. ඒ මහතාත් අමරසේකර මහතාත් ඊනියා බටහිර යථාර්ථවාදී නවකතා හා කෙටිකතා ගැන කතා කළේ ඒ ඊනියා යථාර්ථය යනු බටහිර ඇසින් ලෝකය බැලීම නිසා නිර්මාණය කරගත්තක්‌ බව නො දැන ඒ අනුකරණය කිරීමෙනි. යථාර්ථය ද මිනිසුන් ගේ නිර්මාණයකි. ඒ හේතුවෙන් ම යථාර්ථය ද සාපේක්‍ෂ වූවකි. තුන්වැනි සංගායනාවේ ක්‍ෂණික යථාර්ථය පිළිබිඹු කරන ධර්මවාදය හා ක්‍ෂණවාදය ද අශෝක බුදුදහමට සාපේක්‍ෂ ය. 

ආරෝපණයේ දී සිදු වන්නේ අපේ සංස්‌කෘතික අවයව (කෑලි) වෙනත් සංස්‌කෘතියක දැනුමට එකතු කිරීම ය. මෙරට සමාජයෙහි අද ඇත්තේ බෞද්ධ සංස්‌කෘතික කෑලි එකතු කරගත් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියකි. ගුණදාස අමරසේකර මහතා ගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට එකතු කෙරෙන සංස්‌කෘතික කෑලි කිහිපයකට පමණක්‌ සීමා වෙයි. එය අමරසේකර මහතා අතින් විවේචනයට ලක්‌ වන ඡේ. ආර්. ජයවර්ධන මහතා ගේ ධර්මිෂ්ට රාජ්‍ය සංකල්පයෙන් වෙනස්‌ නො වේ. ජයවර්ධන මහතා යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට ධර්මිෂ්ට රාජ්‍යය යන සංකල්පය එකතු කරගත්තේ ය. ඒ ජාතික චින්තන සංකල්පය මෙන් ම ආරෝපණයකි. එනම් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියකට එකතු කරගත් සිංහල බෞද්ධ කෑල්ලකි. 

මා බුදුදහම විකෘති කරන්නේ යෑයි අමරතුංග මහතා ද වෙනත් තුන්වැනි සංගායනාවේ බුදුදහම් සුසමාදර්ශයේ ආරක්‍ෂකයෝ නිතර කියති. එයට හේතුව මා වාස්‌තවික වූ යථාර්ථයක්‌ වූ මනසක්‌ ඇතැයි නො පිළිගැනීම ය. එවැනි මනසක්‌ ඇතැයි බුදුන්වහන්සේ දේශනා කර ඇත්තේ කොහේ ද? අනත්තලක්‌ඛන සූත්‍රයෙහි යථාර්ථයක්‌ වූ මනසක්‌ ගැන නො කියෑවෙයි. අටුවාවෙහි තිබූ පමණින් යමක්‌ පිළිගැනීමට අප සූදානම් නැත. අටුවා ලියනු ලැබ ඇත්තේ භික්‍ෂුන් වහන්සේ වුව ද අප වැනි ම වූ පෘථග්ජනයන් විසිනි. රහතන් වහන්සේ කෙනකු අතින් ලියෑවුණ ද වැරැදි තිබිය හැකි බව මගේ විශ්වාසය වෙයි. 

චිත්ත යනු මොනවා ද? චිත්තයක්‌ ක්‍ෂණ කිහිපයකට පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක්‌ ද? චිත්ත වීථි යනු මොනවා ද? චිත්ත පෙරහැරක චිත්ත ඇති වන්නේ කෙසේ ද? චිත්ත වීථිය සන්තතික ද? එය සමන්විත වන්නේ විචික්‌ත වූ චිත්ත රාශියකින් ද? මනස මනසේ ම නිර්මාණයක්‌ ය යන්නට වඩා චිත්තය පරමාර්ථ ධර්මයක්‌ ලෙස සැලකීම උචිත ද? අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසු වත් තේරුම්ගැනීමට නොහැකි වූ ද, ප්‍රත්‍යක්‍ෂ නො වූ ද එහෙත් බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ විස්‌තර කිරීම සඳහා අප සංකල්ප නිර්මාණය කර ඇත. සන්නිවේදනයේ දී මේ සංකල්ප අවශ්‍ය වෙයි. චිත්ත චෛතසික මනස ආදිය ද එවැනි සංකල්ප පමණක්‌ වෙයි. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා පුනරුත්පත්තිය පුනබ්භවය නො පිළිගත්තේ ය. අමරසේකර මහතා ද නො පිළිගනියි. එහෙත් අමරතුංග මහතාට අනුව බුදුදහම විකෘති කරන්නේ පුනබ්භවය පිළිගන්නා මා මිස අමරසේකර මහතා නො වේ. එයට එක ම හේතුව මා අටුවාවෙහි ඇති ඇතැම් කරුණු නො පිළිගැනීම ය. අමරතුංග මහතාට අනුව අමරසේකර මහතා ගේ සුන්දර අදහසක්‌ වූ ජාතික චින්තනයේ පුනබ්භවයක්‌ නැත. 

වික්‍රමසිංහ මහතා ගේත් අමරසේකර මහතා ගේත් ප්‍රශ්නය මට තේරුම්ගත හැකි ය. ඔවුන් ගේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය වෙයි. ඔවුන් ගේ දැනුම යුදෙව් ක්‍රිස්‌තියානි දැනුම වෙයි. ඔවුන් කර ඇත්තේ එයට බෞද්ධ කෑලි එකතු කිරීම ය. එහෙත් ඔවුහු ඊනියා විද්‍යාත්මක චින්තනයේ දාසයෝ වෙති, වූ හ. පුනබ්භවය බටහිර විද්‍යාවට අනුව පෙන්නුම් කළ නො හැකි ය. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන කෑලි තම යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට එකතු කිරීමට ඒ මහත්වරු අකැමැති වෙති. එබැවින් පුනබ්භවය නැති බෞද්ධ කෑලි ගැන පමණක්‌ උනන්දු වීමට සිදු වීම ඔවුන් ගේ අවාසනාවක්‌ විය හැකි ය. 

බටහිර විද්‍යාව ඇති වීමට (නිර්මාණය කිරීමට) පෙර භාරතයේ හා චීනයේ තිබුණේ බොහෝ දුරට සංයුක්‌ත වූ දැනුමකි. භාරතයේ බමුණන්ට යම් වියුක්‌ත දැනුමක්‌ තිබුණ නමුත් එය බටහිරයන් ගේ වියුක්‌ත මට්‌ටම අසලකට වත් නො පැමිණියේ ය. චීන ජාතිකයන්ට බමුණන්ට තරමට වත් වියුක්‌ත දැනුමක්‌ නො වී ය. භාරතයේ හා චීනයේ තිබූ දැනුම ගැන බටහිරයන් උනන්දුවක්‌ දක්‌වා ඇත්තේ පහළොස්‌වැනි සියවසේ පමණ සිට ය. එහෙත් බටහිරයන්, විශේෂයෙන් ම ග්‍රීකයන් ඈත අතීතයේ දීත් අනෙක්‌ රටවල තිබූ දැනුම ගැන උනන්දුවක්‌ දක්‌වා ඇත. ඔවුහු මධ්‍යධරණීය මුහුදු අවට තිබූ රටවල ද පැරැණි මිසරයේ ද තිබූ දැනුම ග්‍රීක සංස්‌කෘතියට අවශෝෂණය කරගත් හ.

Arthur Arambepola

unread,
Nov 21, 2013, 9:50:46 PM11/21/13
to ind...@googlegroups.com
"අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසු වත් තේරුම්ගැනීමට නොහැකි වූ ද, ප්‍රත්‍යක්‍ෂ නො වූ ද එහෙත් බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂ විස්‌තර කිරීම සඳහා අප සංකල්ප නිර්මාණය කර ඇත. "

අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසු වත් තේරුම්ගැනීමට නොහැකි වූ දේ තියෙනවානම් ඒවා තේරුම් ගැනීමට උත්සාහ කිරීම තේරුමක් නැති බව තේරෙන්නේ නැද්ද?

"ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක්‌ වුව ද එය නිර්මාණය වන්නේ චතුස්‌කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක්‌ නො වේ. ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නො තේරෙන්නේ ද එබැවිනි."

ක්‌වොන්ටම් භෞතිකය නොතේරෙන බටහිර විද්‍යාඥයන් හට අවිඤ්ඤාණිකව එය නිර්මාණය කළ හැකි වුවත් චතුස්‌කෝටික න්‍යාය තේරෙන අනෙකුනට බටහිර විද්‍යාඥයන්ට පෙර එය සවිඤ්ඤාණිකව නිර්මාණය කළහැකි නොවූයේ ඇයිද යන්න තවත් තේරුම් ගත නොහැක්කකි.


2013/11/21 Nissanka Rajapaksa <nraja...@gmail.com>
...

[Message clipped]  

Nishantha Kamaladasa

unread,
Nov 22, 2013, 3:26:55 AM11/22/13
to ind...@googlegroups.com
නලින් ද සිල්වා ගෙ ලිපිවල තියෙන්නෙ ඔපීනියන්. ඒවට තමන් පැමිණියේ කොහොම ද කියලවත් කියන්නේ නැති අමුම අමු ඔපීනියන්. ඒවා කෙනෙකුව වට වන්දනාවෙ එක් කර ගෙන යනව මිසක් කොහේවත් ගමනාන්තයක් පෙන්වන්නෙ නෑ.

"ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක්‌ වුව ද එය නිර්මාණය වන්නේ චතුස්‌කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක්‌ නො වේ. ක්‌වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නො තේරෙන්නේ ද එබැවිනි."

මේ වාක්‍ය තුන ගත්තහම හොදටෝම ඇති වෙන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න. එක අතකට ඇත්ත තමා චතුස්කෝටිය කියන වචනෙ නම් බටහිර විද්‍යාඥයො භාවිතා කරල නැතිව ඇති. ඒත් ඒකෙන් කියවෙනව ද ඔවුන්ට ඒක නොතේරෙන බව.

අභිප්‍රේරණය ගැන කතා කරන බටහිර මනෝ විද්‍යාඥයන් කියනව අසතුට නැති කිරීමෙන් සතුට ඇති කරන්න බැහැ කියල. එතකොට අසතුට තිබීම, අසතුට නැතිවීම, සතුට නැති වීම, සතුට තිබීම යන සිව් ආකාරයක් ඔවුන් සදහන් කරනව. නලින් ද සිල්වා කියන චතුස්කෝටිය නොවේ ද මේ ඇත්තේ?
 
Nishantha Kamaladasa
CEO
Distance Learning Center Ltd
(Tele 2554946, 0714 480240)

If you are interested in reading management in SINHALA please click the link below

www.managementinsinhala.wordpress.com

From: Arthur Arambepola <arthur.a...@gmail.com>
To: ind...@googlegroups.com
Sent: Friday, November 22, 2013 8:20 AM
Subject: Re: [indraka] Re: නවීන විද්‍යාව බොරුවක්‌ ද? - මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග (D.Sc) සමග මහාචාර්ය නලින් ද සිල්වා සංවාදය (විදුසර)

Nissanka Rajapaksa

unread,
Nov 29, 2013, 3:57:04 PM11/29/13
to ind...@googlegroups.com
ජ්‍යාමිතිය හා කෙටිකතාව 

මහාචාර්ය අමරතුංග මහතාට පමණක්‌ නො ව මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ආදී බොහෝ දෙනකුට ද අවශෝෂණය යනු කුමක්‌ දැයි නො තේරෙන බව පැහැදිලි ය. අමරතුංග මහතා කියන්නේ පැරැණි චීන භාරතීය ආදී දැනුම් බටහිර විද්‍යාව බවට අද පත් වී ඇත යන්න ය. ගල්මන්ගොඩ මහතා ද කියන්නේ එවැන්නකි. එහෙත් ඔහු එය ප්‍රකාශ කරන්නේ වෙනත් ආකාරයකිනි. ඔහුට අනුව වත්මන් බටහිර දැනුම ඉහත දී පෙරදිග තිබී ඇත. ආසියාවේ උගතුන් අතර ඇති පොදු හැඟීමක්‌ නම් බටහිරයන් වනචාරී ව වාසය කරන කාලවල දීත් අපේ රටවල බටහිර විද්‍යාත්මක දැනුම යම් පමණකින් වුවත් තිබූ බව ය. 

අප කලින් සඳහන් කර ඇති පරිදි මහාචාර්ය ජෝසµa නීඩ්හම් මහතා චීනයේ බටහිර විද්‍යාව ඇති නො වූයේ ඇයි ද යන ප්‍රශ්නය නැඟීමෙන් අමරතුංග මහතා නන්නත්තාර කර ඇත. නීඩ්හම් මහතා එම ප්‍රශ්නයට දෙන පිළිතුර වැරැදි වුවත් ප්‍රශ්නය නිවැරැදි ය. අමරතුංග හා ගල්මන්ගොඩ මහතුන් ඇතුළු පොදුවේ ආසියාතික උගතුන් තේරුම් නො ගන්නා දෙය නම් මතුපිටින් ඇතැම් විට සමානකම් ඇති බව පෙනෙන්නට තිබුණ ද දැනුම් පද්ධතීන් අතර සමානකම් නොමැති බව ය. 

මාර්ටින් වික්‍රමසිංහ මහතා ජාතක කතා හා බටහිර කෙටිකතා අතර සමා
නතාවයක්‌ දුටුවේ ද මේ අසමානතාව දැකීමට නොහැකි වූ බැවිනි. ජාතක කතා කිසිසේත් ම බටහිර ඊනියා යථාර්ථවාදී රීතිය අනුව නො ලියෑවුණු නමුත් වික්‍රමසිංහ මහතා ජාතක කතා එකල බටහිර කෙටිකතා මෙන් යථාර්ථවාදී රීතියෙන් ලියෑවුණු බව සඳහන් කළේ ය. ඒ මහතා පසුකාලීන බටහිර කෙටිකතා අධියථාර්ථවාදය ආදී වෙනත් යථාර්ථවාදී නො වන රීති අනුව ලියෑවුණු බව දැන සිටියේ නම් ජාතක කතා ද ලියෑවී ඇත්තේ අධියථාර්ථවාදී රීතියකින් යෑයි කීමට තිබිණි. අද ගුණදාස අමරසේකර මහතා වත්මන් බටහිර කෙටිකතා හා නවකතා, කෙටිකතා හා නවකතා නො වේ යෑයි කියන්නේ ඒ කතා ඊනියා යථාර්ථවාදය අනුව නො ලියෑවෙන බැවිනි. 

ඒ කුමක්‌ වුවත් එක්‌ දැනුම් පද්ධතියකින් වෙනත් දැනුම් පද්ධතියක්‌ දැනුම අවශෝෂණය කරන්නේ කෙසේ දැයි තේරුම් ගැනීමට චින්තනය යන සංකල්පය අවශ්‍ය වෙයි. අප කලින් සඳහන් කර ඇති පරිදි චින්තනය යන සංකල්පය අමරසේකර මහතා ගේ ජාතික චින්තනය යන විසුරුණු අදහස සමග කෙසේ වත් සමපාතී නො වේ. යම් යම් ජ්‍යාමිතික අදහස්‌ පැරැණි භාරතයේ මෙන් ම මධ්‍යධරණී රටවල ද තිබිණි. ලංකාවේ රාවණ සංස්‌කෘතිය සමග සම්බන්ධ යෑයි කියෑවෙන මයමිතිය නම් ග්‍රන්ථයේ ද ජ්‍යාමිතික අදහස්‌ වෙයි. සීගිරිය තැනීමේ දී මේ අදහස්‌ බලපා ඇතැයි ඇතැම්හු පවසති. එමෙන් ම පැරැණි මිසරයේ පිරමිඩ් තැනීමට ද එකල එරට තිබූ ජ්‍යාමිතික අදහස්‌ බලපා ඇති බව පැහැදිලි ය. 

එමෙන් ම ත්‍රිකෝණමිතිය ද යම් ආකාරයකින් භාරතය, ලංකාව, මිසරය ආදී රටවල තිබී ඇත. සයිනය යන්නට භාරතයේ දී ඇති නම අර්ධජ්‍යා යන්න ය. (අපේ ප්‍රවාද 1 කෘතියෙහි මේ පිළිබඳ විස්‌තර සඳහන් වෙයි). භාරතය ආදී රටවල තිබූ මේ දැනුම සංයුක්‌ත දැනුමකි. කලින් ද සඳහන් කර ඇති පරිදි පෛතගරස්‌ ප්‍රමේයයෙහි ප්‍රතිඵලය ඒ ඒ සෘජුකෝණී ත්‍රිකෝණයට අදාළ වන පරිදි සූත්‍ර ම`ගින් පෙන්නුම් කර තිබිණි. භාරතයේ දැනුම අනෙක්‌ බොහෝ රටවල දැනුමට වඩා තරමක්‌ වියුක්‌ත වූ නමුදු එය කිසිසේත් ග්‍රීක ජ්‍යාමිතිය තරම් වියුක්‌ත නො වී ය. 

ග්‍රීකයන් ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේ පමණ සිට ක්‍රිස්‌තු පූර්ව තුන්වැනි සියවස පමණ දක්‌වා කළ ප්‍රධාන කාර්යය වී ඇත්තේ අනෙක්‌ රටවල තිබූ දැනුම් තම වියුක්‌ත චින්තනය තුළට අවශෝෂණය කිරීම ය. ඒ වියුක්‌ත චින්තනය ග්‍රීකයන් යුදෙවුවන් ගෙන් අවශෝෂණය කරගත්තේ යෑයි සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ග්‍රීකයෝ අද ඇරිස්‌ටෝටලීය න්‍යාය යෑයි හැඳින්වෙන වියුක්‌ත ද්විකෝටික න්‍යාය ගොඩනඟා ගත් හ. ඒ මත පදනම් වී ඔවුන්ට අනෙක්‌ රටවල තිබූ සංයුක්‌ත දැනුම් තම වියුක්‌ත චින්තනයට අවශෝෂණය කර වියුක්‌ත දර්ශනයක්‌, වියුක්‌ත ජ්‍යාමිතියක්‌ ආදී වශයෙන් දැනුම් පද්ධතියක්‌ ගොඩන`ගාගැනීමට හැකි වී තිබෙන බව පැහැදිලි ය. 

එසේ වුවත් ඔවුන් ගේ නිර්මාණශීලීත්වය එතරම් දුරකට වර්ධනය වී නොමැති බව ද ඒ සමග පැහැදිලි වෙයි. ග්‍රීකයන් ගේ ස්‌වර්ණමය අවධිය කලින් සඳහන් කළ අවුරුදු තුන් සියයක පමණ කාල පරිච්ඡේදයකට සීමා වී ඇත. අනෙක්‌ රටවලින් දැනුම අවශෝෂණය කරගැනීමෙන් පසුව තම චින්තනය මත පදනම් වී තම සංස්‌කෘතියෙහි නව දැනුමක්‌ නිර්මාණය කර ගැනීමට තරම් හැකියාවක්‌ පැරැණි ග්‍රීකයන්ට තිබී නැතැයි සිතිය හැකි ය. ග්‍රීක දැනුම් පද්ධතිය ඉන්පසු එකතැන පල් වීමක්‌ දැකිය හැකි ය. වැඩි ම වුව හොත් ක්‍රිස්‌තු වර්ෂ තුන්වැනි සියවසෙන් පසුව ග්‍රීක දැනුම් පද්ධතිය වර්ධනය වී නැත.

මයමිතිය වැනි කෘතීන්හි (මෙය රාවණ රජු ගේ මාමණ්‌ඩිය ගේ කෘතියක්‌ ලෙස සැලකේ) යම් සංයුක්‌ත ජ්‍යාමිතියක්‌ තිබිණි ද, භාරතයේ යම් ත්‍රිකෝණමිතියක්‌ වර්ධනය ව තිබිණි ද ඒ දැනුම සමග හෝ වත්මන් බටහිරයන් ගේ ගණිත දනුම සමග හෝ සංසන්දනය කළ හැකි නො වේ. අපට එදා තිබු දැනුම පසුව ගී්‍රකයන් සතු වූ දැනුම හෝ ඊටත් පසුව වත්මන් බටහිරයන් නිර්මාණය කර ඇති දැනුම හෝ බව පැවසීම වියුක්‌තය හා සංයුක්‌තය අතර ඇති වෙනස තේරුම් ගැනීමට නොහැකි වීමත් දැනුම නිර්මාණයේ දී චින්තනයේ බලපෑම අවබෝධ කරගැනීමට නොහැකි වීමත් නිසා සිදුවන්නකි. 

පැරැණි ජාතක කතා, ඊසොප් ගේ උපමා කතා ආදී වශයෙන් පෙරදිග තිබූ කතා කීමේ සම්ප්‍රදාය හා කතා බටහිරයන් විසින් තම සංස්‌කෘතියට අවශෝෂණය කර කෙටිකතා නිර්මාණය කිරීමේ කලාව ගොඩනංවා ඇති බව පැහැදිලි ය. බටහිර කෙටි කතා වියුක්‌ත ය. එහෙත් ජාතක කතා, ඊසොප් ගේ උපමා කතා ආදිය සංයුක්‌ත ය. පෙරදිග සංයුක්‌ත ගණිතය බටහිර සංස්‌කෘතියට ගී්‍රකයන් ද පහළොස්‌වැනි සියවසෙන් පමණ පසුව වත්මන් බටහිරයන් ද තම වියුක්‌ත චින්තනය මත පදනම් ව අවශෝෂණය කරගත් පරිදි බටහිරයන් පෙරදිග කතා තම වියුක්‌ත චින්තනය මත පදනම් ව අවශෝෂණය කිරීමේ ප්‍රතිඵලය වී ඇත්තේ බටහිර වියුක්‌ත කෙටිකතාව ය.

ජාතක කතාවලින් කියවෙන්නේ අප දන්නා හඳුනන පුද්ගලයන් ගේ කතා මිස වියුක්‌ත පුද්ගලයන් ගේ කතා නො වේ. කෙටිකතාවල චරිතවලින් යථාර්ථය නිරූපණය විය යුතු ය යන්නෙන් අදහස්‌ කරන්නේ එහි චරිත යනු සැබෑ (සංයුක්‌ත) පුද්ගලයන් නො ව සැබෑ පුද්ගලයන් ගේ වියුක්‌ත නිරූපණ බව ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා හා අමරසේකර මහතා ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක්‌ ගැන කතා කළ ද ඔවුන් නිර්මාණය කර ඇත්තේ ද සංයුක්‌ත චරිත ය. ඔවුන් ගේ නවකතාවල හා කෙටිකතාවල දක්‌නට ලැබෙන චරිත හඳුනාගැනීමට මහත් වෑයමක්‌ දැරිය යුතු නො වේ.

ඊනියා යථාර්ථය යනු වියුක්‌ත සංකල්පයකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඊනියා යථාර්ථය ග්‍රහණය කර ගත හැකි වන්නේ (එසේ කළ හැකි නම්) සාධාරිත සංකල්පයක්‌ ලෙස ය. සාධාරිත සංකල්පයක්‌ වියුක්‌ත වෙයි. මේ පිළිබඳ තරමක දිර්ඝ විස්‌aතරයක්‌ අප කලකට පෙර කර ඇති බැවින් නැවතත් ඒ පැහැදිලි කළ යුතු නො වේ. එක්‌තරා අයුරකින් ගත හොත් බටහිර කෙටිකතා ලැබෙන්නේ පෙරදිග කතා සාධාරණීකරණයට ලක්‌ කිරීමෙනි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා හා ගුණදාස අමරසේකර මහතා කෙතරම් යථාර්ථවාදී සාහිත්‍යයක්‌ ගැන කතා කළ ද ඔවුන්ට ඊනියා යථාර්ථය පිළිබඳ පැහැදිලි අවබෝධයක්‌ නො තිබිණි. ඔවුන් සිතුවේ ඊනියා යථාර්ථය සංයුක්‌ත බව ය. ඊනියා යථාර්ථය සංයුක්‌ත නම් එය ග්‍රහණය කර ගත හැක්‌කේ, හඳුනාගත හැක්‌කේ කිනම් ඉන්ද්‍රියකට ද? ඊනියා යථාර්ථය යන්න මනස විසින් නිර්මාණය කෙරී ඇති පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්පයකි.

බටහිර දැනුම පහළොස්‌වැනි සියවස ආසන්නයේ දී නිර්මාණය කෙරී ඇත්තේ පෙරදිග සංකල්ප බටහිරයන් ගේ වියුක්‌ත චින්තනය මත පදනම් වූ සංස්‌කෘතියට අවශෝෂණය කිරීමෙනි. එහෙත් එයින් කියවෙන්නේ බටහිරයන් ගේ එකල දැනුම අපේ දැනුම බව නො වේ. අනෙක්‌ අතට එදා සිට අද දක්‌වා බටහිර දැනුම ගී්‍රS්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පදනම් කරගනිමින් වර්ධනය කෙරී ඇත. එය කෙසේ වත් අපේ දැනුමක්‌ විය නොහැකි ය. අදත් බටහිරයන් ඇතැම් විට අපේ දැනුම් අවශෝෂණය කරනු දැකිය හැකි ය. එහෙත් බටහිරයන් ගේ අවශෝෂණයෙන් පසු එය තවදුරටත් අපේ දැනුම නො වන බව අවධාරණය කළ යුතු ය. පැරැණි ගී්‍රකයන් අසමත් වුවත් වත්මන් බටහිරයන්ට නව දැනුම නිර්මාණය කිරීමට හැකි වි ඇත්තේ කෙසේ ද යන්න ද අප පැහැදිලි කළ යුතු ය.

මෙහි අනෙක්‌ පැත්ත ද අප සඳහන් කළ යුතු ය. බටහිරයන් අපේ දැනුම ඔවුන් ගේ චින්තනය මත පදනම් ව ඔවුන් ගේ සංස්‌කෘතියට අවශෝෂණය කරගනු මිස අපේ දැනුම අනුකරණය කරනු හෝ අපේ දැනුමට යුදෙවු ක්‍රිස්‌තියානි කෑලි ආරෝපණය කරනු හෝ දැකිය නොහැකි ය. එහෙත් අප කරන්නේ අනුකරණය හා ආරෝපණය පමණකි. කලින් ලිපියෙහි සඳහන් ආකාරයට අමරසේකර මහතා ගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි දැනුමට සිංහල බෞද්ධ කෑලි එල්ලීම, ආරෝපණය කිරීම පමණකි. 

අද අපේ ප්‍රශ්න බොහොමයකට මුල ආරෝපණය හා අනුකරණය ය. බටහිරයන් අපට බලයෙන් ලබා දුන්, අප මත බලයෙන් පැටවූ අධ්‍යාපනය හේතුවෙන් අපට අවශෝෂණය හා අපේ සංස්‌කෘතියේ නිර්මාණය ආගන්තුක වෙයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අවශෝෂණය කර ගැනීමට අපට නොහැකි වී ඇත. ඔවුන් ගේ විද්‍යාව හා අනෙක්‌ දැනුම් අවශෝෂණය කර ගැනීමට අප සිතන්නේ වත් නැත. ඔවුන් ගේ දැනුම අනුකරණය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස මෙරට ඊනියා යුද විශේෂඥයෝ අපට කොටි ත්‍රස්‌තවාදීන් පැරදවීමට නොහැකි යෑයි කීවෝ ය. එංගලන්ත අගමැති මෙරටට පැමිණ තම ආධිපත්‍යය පැතිරවීමට උත්සාහ ගැනීමෙන් පසුවත් දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය බව පිළිගැනීමට අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත. 

අප දන්නේ එක්‌කෝ බටහිරයන් ගේ දැනුම පුනරුච්චාරණය කිරීම ය. එසේත් තැන හොත් ඒ දැනුමට ඒ ආකෘතියෙහි ම ප්‍රතිචාර දැක්‌වීමට ය. අපි එක්‌ උදාහරණයක්‌ පමණක්‌ ගනිමු. බටහිරයන් අපට කියන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන සතියේ දී අපේ හමුදාව මානව අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ය. අප එයට ප්‍රතිචාර දක්‌වන්නේ ඒ එසේ නො වූ බව කිමෙනි. එය බටහිර දැනුමට කෑලි එල්ලීමක්‌ පමණකි. එහෙත් සිදු වී ඇත්තේ කුමක්‌ ද? කොටි ත්‍රස්‌තවාදීන් දෙමළ ජනයා මිනිස්‌ පළිහක්‌ ලෙස යොදාගත් බවත් එහි දී දෙමළ ජනයා ඒ පළිහ කඩාගෙන එයින් මිදී හමුදාව සිටි පැත්තට පැමිණි බවත් එසේ පැමිණීමේ දී කොටින් ඒ දෙමළ ජනයාට එල්ල කරන ලද වෙඩි පහරින් දෙමළ ජනයා යම් පිරිසක්‌ මිය ගිය බවත් අප නො කියන්නේ ඇයි? මිනිසුන් දිව යන්නේ වෙඩි එන දිශාවට ද? ඒසේත් නැත්නම් විරුද්ධ දිශාවට ද? අපේ හමුදාව මිනිස්‌ පළිහට වෙඩි තබද්දීත් මිනිසුන් හමුදා දෙසට ම දිව ආවේ යෑයි එංගලන්ත යුද විශේෂඥයන් පවසන්නේ ද? සිදු වී ඇත්තේ කොටි වෙඩි පහරින් මිදීමට මිනිසුන් හමුදාව දිශාවට දිව ඒම නො වේ ද?

නලින් ද සිල්වා


2013/11/22 Nishantha Kamaladasa <nishantha...@yahoo.com>

Nissanka Rajapaksa

unread,
Dec 13, 2013, 8:05:54 AM12/13/13
to ind...@googlegroups.com
මහාචාර්ය නලින් ද සිල්වාගේ මෙම ලිපි ඛණ්ඩය අවසානයේ මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංගගේ පිළිතුරු ලිපියක්ද අලවා ඇති බව සලකන්න.
- NR
 

හුදු ප්‍රත්‍යක්‍ෂ හා ඊනියා ප්‍රත්‍යක්‍ෂ


දැනුම නිර්මාණය කෙරෙන්නකි. ආකිමිඩීස්‌ හෝ නිවුටන් හෝ ඩාවින්, රසල් හෝ වෙනත් අයකු විසින් සොයාගනු ලැබූ දැනුමක්‌ නැත. අපට පාසලේ දී ආකිමිඩිස්‌ විසින් කියන ලදැයි පැවසෙන යුරේකා හෙවත් සොයාගත්තා යන වචනය ඉගැන්වෙයි. ආකිමිඩිස්‌ උඩුකුරු තෙරපුම නමැති බලයක්‌ ඇති බව සොයාගත්තා නො වේ. ඔහු නාන තටාකයේ ගිලී සිටින විට ඔහුට පා වෙන ගතියක්‌ දැනෙන්නට ඇතැයි සිතමි. අපේ රටේ තිබූ හා ඇතැම් වෙදගෙදරක තවමත් ඇති බෙහෙත් ඔරුවක ගිලී සිටින විට ද ඒ පා වෙන ගතිය දැනෙයි. එවැන්නක්‌ දැනෙන්නේ ජලය විසින් සිරුර මත උඩු අතට ඇති කෙරෙන බලයක්‌ (ආකිමිඩිස්‌ට නිවුටන් ගේ බලය යන සංකල්පය නො වී ය. ආකිමිඩිස්‌ට ඒ අත්දැකීම සිරුර මත ඇති කෙරෙන බලපෑමක්‌ විය) නිසා යෑයි ආකිමිඩිස්‌ කීවේ ය. එය පසුව උඩුකුරු තෙරපුම නම් බලය ලෙස අර්ථ දැක්‌විණි.

කෙසේ වෙතත් ආකිමිඩිස්‌ තමන්ට දැනුණු දෙයක්‌, ප්‍රත්‍යක්‍ෂයක්‌, ඇසුරෙන් බලයක්‌ නිර්මාණය කළේ ය. ඔහු ඒ බලය නිර්මාණය කළේ තමන් ගේ ප්‍රත්‍යක්‍ෂය තේරුම්ගැනීමට හා අන් අයට තේරුම් කිරීමට ය. නිවුටන් ද ඉන් බොහෝ කලකට පසු ගුරුත්වාකර්ෂණ බලයක්‌ නිර්මාණය කළේ තමන්ට දැනුණු දෙයක්‌, තම ප්‍රත්‍යක්‍ෂයක්‌ තේරුම් ගැනීමට හා තේරුම් කිරීමට ය. ඒ ප්‍රත්‍යක්‍ෂය අන් කිසිවක්‌ නො ව පොළොවට ඇපල් වැටීම ය. ඇපල් ගෙඩියක්‌ නිවුටන් ගේ හිස මත පතිත වුවත් නැතත් ඔහුට ඇපල් වැටීම නම් ප්‍රත්‍යක්‍ෂය විය. මේ ප්‍රත්‍යක්‍ෂය තේරුම් කිරීමට (පළමුව තේරුම් ගැනීමට) ඔහු ගුරුත්වාකර්ෂණ බලය නම් සංකල්පය නිර්මාණය කළේ ය. උඩුකුරු තෙරපුම ආකිමිඩිස්‌ ගේ නිර්මාණයක්‌ වූ පරිදි ගුරුත්වාකර්ෂණය නිවුටන් ගේ නිර්මාණයක්‌ විය. ඒ නිර්මාණ කෙරුණේ සිංහල බෞද්ධ හෝ හෙළ බොදුණු හෝ චින්තනයක නො වේ. ඒ නිර්මිත දැනුම අපි සිංහල බෞද්ධ සංස්‌කෘතියක අනුකරණය කරන්නෙමු. 

අපට ඇත්තේ එක්‌කෝ ප්‍රත්‍යක්‍ෂ ය, නැත්නම් අනුමාන ය. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් ලැබෙයි. ප්‍රත්‍යක්‍ෂ අපේ පංචෙන්ද්‍රියයන්ට දැනේ. එසේත් නැත්නම් අපි ප්‍රත්‍යක්‍ෂ පංචෙන්ද්‍රියයන් ආශ්‍රයෙන් ග්‍රහණය කර ගන්නෙමු. එහෙත් මෙයින් අදහස්‌ කරන්නේ අපෙන් තොර ව ඊනියා ප්‍රත්‍යක්‍ෂ ඇති බව නො වේ. ප්‍රත්‍යක්‍ෂ ද අපේ නිර්මාණ වෙයි. ඒ සියල්ල සංකල්ප ඇසුරෙන් නිර්මාණය වෙයි. සංකල්ප නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. මනසෙන් තොර ව ප්‍රත්‍යක්‍ෂයක්‌ නැත. මනස පිළිබඳ ප්‍රත්‍යක්‍ෂය ද අවසාන වශයෙන් ගත් කල මනසෙහි ම නිර්මාණයකි. මනස ඊනියා යථාර්ථයක්‌ වන්නේ තුන්වැනි සංගායනාවේ බෞද්ධයනට ය. 

පොල් (ඇපල්) ගෙඩි පොළොවට වැටීම හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. මා හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස හඳුන්වන්නේ පංචෙන්ද්‍රියයන්ට හා මනසට ගෝචර වන සංසිද්ධි ය. පොල් ගෙඩිය අපේ ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. පොල් ගෙඩියක්‌ හෝ කෝප්පයක්‌ හෝ ග්‍රහණය කරගත හැකි ඉන්ද්‍රියයක්‌ නැත. අපට පොල් ගෙඩියේ වර්ණය ඇසට ගෝචර වෙයි. ඒ වර්ණය යන්න සංකල්ප ඇසුරෙන් මනස විසින් නිර්මාණය කෙරෙන්නකි. වර්ණය චක්‌ඛුවිඤ්ඤාණය නිසා නිර්මාණය වන්නකි. ඇස තිබූ පමණින්, මනස නො වන්නට වික්‌ඛුවිඤ්ඤානයක්‌ නැත. පොල් ගෙඩියෙහි තද බව අපේ ස්‌පර්ශයට දැනේ. එහෙත් පොල් ගෙඩිය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන් ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද?

පොල් ගෙඩිය යන්න මනසට පමණක්‌ දැනෙන සංකල්පයකි. එය හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වේ. අප එය ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස සලකන බව සැබෑ ය. එහෙත් ඒ ප්‍රත්‍යක්‍ෂය මනසට පමණක්‌ දැනෙන්නකි. මනසට එය දැනෙන්නේ පංචෙන්ද්‍රියයන් ගෙන් කිසි ම ඉන්ද්‍රියයකට ග්‍රහණය වී නො වේ. එය මනසට දැනෙන්නේ අනුමානයක්‌ (මෙය inference යන්නෙන් කියවෙන්න ම නො වේ) ලෙස ය. ඒ අනුමානය අප විසින් නිර්මාණය කෙරෙන්නේ පොල් ගෙඩියෙහි වර්ණය, තද බව ආදී හුදු ප්‍රත්‍යක්‍ෂවලින් කියෑවෙන ගුණ අයත් වස්‌තුව ලෙස ය. 

පොල් ගෙඩිය ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස සැලකෙන අනුමානයකි. පුටුව, කෝප්පය ආදිය ද එවැනි අනුමාන වෙයි. මෙහි දී යමකු ප්‍රශ්න කරනු ඇත්තේ පොල් ගෙඩිය, කෝප්පය ආදිය අප විසින් නිර්මාණය කෙරෙන දෑ නො ව අපට වැඩිහිටියන් ගෙන් ලැබෙන දැනුම නො වේ ද යන්න ය. පොල් ගෙඩිය, කෝප්පය ආදිය පිළිබඳ ව අපට වැඩිහිටියෝ කියා දෙති. අපේ මවුපියෝ අපට පුටුවක්‌ පෙන්වා ඒ පුටුවක්‌ යෑයි කියා දෙති. ඉතින් ඒ අප වැඩිහිටියන් ගෙන් ලබාගත් දැනුම මිස අපේ නිර්මාණ වන්නේ කෙසේ ද?

අපට මවුපියෝ, ගුරුවරු සහ වෙනත් අය නොයෙකුත් දේ උගන්වති. එහෙත් අපි ඒ උගන්වන දේ ඒ ආකාරයෙන් ම ලබා නො ගන්නෙමු. එනම් අපේ සංකල්ප වැඩිහිටියා ගේ සංකල්පය ම නො වේ. මේ ලිපිය කියවන එක්‌ එක්‌කෙනා ලිපිය විවිධාකාරයෙන් තේරුම් ගනියි. එනම් එක්‌ එක්‌කෙනා තමන්ට ආවේනික වූ ආකාරයකින් ලිපිය නිර්මාණය කර ගනියි. තම තම නැණ පමණින් දැනගත යුතු යෑයි ලෝවැඩ සඟරාවේ කියවෙයි. ගුරුවරයෙකු කියන දෙයක්‌ ශිෂ්‍යයෝ විවිධාකාරයෙන් අවබෝධ කරගනිති. තමන් ගේ මනසෙහි ස්‌වභාවය අනුව සංස්‌කෘතියෙහි ස්‌වභාවය හා පංචෙන්ද්‍රියයන් ගේ ස්‌වභාවය අනුව ඒ අවබෝධය වෙනස්‌ වෙයි. අවබෝධයක්‌ යනු නිර්මාණයක්‌ පමණකි.

එහෙත් පුටුව, පොල්ගෙඩිය ආදිය පිළිබඳව අප සියලු දෙනාට ඇත්තේ එක සමාන වූ අවබෝධයක්‌ නො වේ දැයි කිසිවෙකු ප්‍රශ්න කරනු ඇත. පුටුව යන්න හා ආසනය අතර වෙනස කවරේ ද? බස්‌වල මගීන් සඳහා ඇත්තේ ආසන යෑයි අපි කියමු. අපි ඒවාට පුටු යෑයි නො කියමු. එහෙත් කුඩා දරුවකු ඒ ආසන පුටු ලෙස හැඳින ගැනීමට ඉඩ ඇත. මට ඒ පිළිබඳ පෞද්ගලික අත්දැකීමක්‌ වෙයි. මගේ ලෝකය කෘතියෙහි පෙන්වා දී ඇති ආකාරයට ඇතැම් ගෙවල්වල ඇති උඩැක්‌කි වැනි ආසන එවැනි ආසන නුදුටු අයකුට ආසනයක්‌ නො වනු ඇත. 

අප මල් ආසනය නමින් හඳුන්වන්නේ වාඩිවීමට යොදාගන්නා ආසනයක්‌ නො වේ. මල් ආසනයට තේරුමක්‌ ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ය. මේ උදාහරණවලින් පෙන්නුම් කෙරෙන්නේ එක්‌ එක්‌ අය තම සංස්‌කෘතිය, මනස හා පංචෙන්ද්‍රිය අනුව සංකල්ප නිර්මාණය කරගන්නා ආකාරය ය. එක්‌ සංස්‌කෘතියක ජීවත් වන අය බොහෝ විට එක ම සංකල්පය යොදාගැනෙන බවක්‌ පෙනෙන නමුදු එය එසේ නො වේ. අපේ සංකල්පවල ඇති වෙනස්‌කම් කියුම් කෙරුම්වලින් හඳුනාගත හැකි ය.

හුදු ප්‍රත්‍යක්‌ෂය පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‌ෂ වෙයි. එහෙත් අනුමානය එසේ නො වේ. අප යම් අනුමානයකට එළඹෙන්නේ න්‍යායක්‌ මත පදනම් ව තර්ක කරමිනි. එහි දී බොහෝ විට ප්‍රවාද ද යොදා ගැනෙයි. එහෙත් ප්‍රවාද යනු යම් ප්‍රත්‍යක්‍ෂයක්‌ (හුදු ප්‍රත්‍යක්‍ෂයක්‌ ම විය යුතු නො වේ) තේරුම් ගැනීම සඳහා නිර්මාණය කෙරෙන කතාන්දර පමණකි. ප්‍රවාද ද නිර්මාණය කෙරෙන්නේ අනුමානයෙනි. 

අපි පළමුව හුදු ප්‍රත්‍යක්‍ෂ නො වූ ප්‍රත්‍යක්‍ෂ ගැන සාකාච්ඡා කරමු. අප දුරේක්‌ෂයෙන් ග්‍රහ වස්‌තුවක්‌, තාරකාවක්‌, මන්දාකිණියක්‌ නිරීක්‌ෂණය කළ විට අපට ඒ නිරීක්‌ෂණය ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස පෙනී යයි. එහෙත් ඒ නිරීක්‌ෂණය පසුපස දැනුමක්‌ වෙයි. දුරේක්‌ෂයෙන් නිරීක්‌ෂණය කිරීම ඇසෙන් නිරීක්‌ෂණය කිරීම වැන්නක්‌ නො වේ. අද පාසලේ භෞතික විද්‍යාව ඉගෙනගන්නා සිසුහු දුරේක්‌ෂය පිටුපස ඇති ප්‍රවාද ගැන දැනගනිති. කාච පිළිබඳ දැනුමක්‌ නොමැති ව දුරේක්‌ෂය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගත නොහැකි ය. 

මෙහි දී කිසිවකුට ප්‍රශ්නයක්‌ වනු ඇත්තේ ඇස ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි දැනගැනීමට ද කාච පිළිබඳ දැනුමක්‌ අවශ්‍ය නො වන්නේ ද යන්න ය. ඇස කාච ඇසුරෙන් විස්‌තර කිරීමට බොහෝ කලකට පෙර ද මිනිස්‌සු ඇස්‌ යොදාගෙන ලෝකය බැලූ හ. අද ද බොහෝ දෙනාට කාච පිළිබඳ දැනුමක්‌, එනම් බටහිර භෞතික විද්‍යාවෙහි කියවෙන දැනුමක්‌, නැත. එහෙත් මිනිසුන්ට ලෝකය බලා නිර්මාණය කරගැනීමට එය ප්‍රශ්නයක්‌ නො වේ. කාච පිළිබඳ බටහිර භෞතික විද්‍යා දැනුමක්‌ ඇති ව හෝ නැති ව හෝ අපට පොල් ගෙඩියක්‌ දැකගත හැකි ය. එසේ දැක ගැනීම යනු නිර්මාණයක්‌ බවට නැවත නැවතත් අවධාරණය කළ යුතු ය. පොල් ගෙඩිය අවසානයේ දී නිර්මාණය කරන්නේ මනසිනි. අවශ්‍ය නම් එය නැති පොල් ගෙඩියක්‌ නැති මනසෙන් නිර්මාණය කෙරෙන්නක්‌ ලෙස ද හඳුනාගත හැකි ය. එනම් එවැනි දැනුමක්‌ නිර්මාණය කළ හැකි ය. 

එහෙත් දුරේක්‌ෂයකින් ඈත තිබෙන වස්‌තුවක්‌ නිරීක්‌ෂණය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගි කරගනිමිනි. අණ්‌වීක්‍ෂයකින් කෙරෙන නිරීක්‍ෂණයක්‌ ගැන වුව ද කිව හැක්‌කේ එය ම ය. ඇතැම් නිරීක්‍ෂකයන්ට එවැනි බටහිර භෞතික විද්‍යා දැනුමක්‌ නොමැති වීමට හැකි ය. එහෙත් ඔවුහු ද එකී දැනුම ඇත්තවුන් කියන කරුණු අනුගමනය කරති. අප දුරේක්‍ෂයකින් හඳ නිරීක්‍ෂණය කරන විට ඒ පෙනෙන්නේ හඳ දැයි අප දන්නේ කෙසේ ද?

හඳෙහි දුරේක්‍ෂයෙන් පෙනෙන ලප හඳෙහි ඇති බව අප දන්නේ කෙසේ ද? අප මිනිස්‌ ඇසෙන් දකින හඳෙහි ලප නැත. ලප නොම වන් සඳ සේ සොමි ගුණෙනා යන්නෙහි කියවෙන්නේ හඳෙහි ලප නොමැති බව ය. එසේ නම් හඳට ලප ලබා දුන්නේ දුරේක්‍ෂය ද? හඳෙහි ලප ඇති බව අප දැනගන්නේ දුරේක්‍ෂය පිළිබඳ ඇති බටහිර භෞතික විද්‍යා දැනුම උපයෝගී කරගනිමිනි. ගැලීලියෝට මුල දී තම දුරේක්‍ෂයෙන් පෙනෙන්නේ ඊනියා පවතින දේ ද යන්න තේරුම් කර දීම ප්‍රශ්නයක්‌ විය.

දුරේක්‍ෂයෙන් නිරීක්‍ෂණය කරන මන්දාකිණි, ක්‌වේසාර ආදිය මිනිස්‌ ඇසට නො පෙනෙයි. රේඩියෝ හෙවත් ගුවන්විදුලි වස්‌තු එක්‌ස්‌රේ වස්‌තු ආදිය නිරීක්‍ෂණය කෙරෙන්නේ අදාළ දුරේක්‍ෂ යොදාගනිමිනි. බටහිර භෞතික විද්‍යාව පිළිබඳ දැනුමක්‌ නොමැති ව අපට ඒ ඒ වස්‌තු ඒ ඒ ආකාරයෙන් හඳුනාගත නො හැකි ය. අණ්‌වීක්‍ෂ යොදාගෙන නිරීක්‍ෂණය කරන දේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි ලබාගන්නා එක්‌ස්‌ කිරණ ඡායාරූප ආදියට අර්ථකථන දෙනු ලබන්නේ ද බටහිර භෞතික විද්‍යාව මත පදනම් වෙමිනි. 

බටහිර භෞතික විද්‍යාවෙහි අද න්‍යෂ්ටික නිරීක්‍ෂණ ආදිය මුළුමනින් ම අදාළ ප්‍රවාද මත පදනම් වෙයි. යම් ඡායාරූපයක ඇති රේඛා ඉලෙක්‌ට්‍රොaනයක්‌, ප්‍රෝටෝනයක්‌ ආදී වශයෙන් අර්ථකථනය කෙරෙන්නේ බටහිර භෞතික විද්‍යා ප්‍රවාද මත පදනම් වී ය. සාමාන්‍ය මිනිසකුට රේඛාවක්‌ පෙනෙන විට බටහිර භෞතික විද්‍යාඥයකුට ඉලෙක්‌ට්‍රොaනයක්‌ පෙනෙයි. පැහැදිලිව ම එවැනි නිරීක්‍ෂණ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. බටහිර විද්‍යාවේ නිරීක්‍ෂණ බොහොමයක්‌ හුදු ප්‍රත්‍යක්‍ෂ නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයන්ට ඒ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. මහාචාර්ය අමරතුංග හා මහාචාර්ය කාලෝ ෆොන්සේකා ආදී බටහිර වෛද්‍යවරුන් ගේ, දන්ත වෛද්‍යවරුන් ගේ, විද්‍යාඥයන් ගේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ එබඳු ය. ඒ ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාද හෙවත් කතන්දර සමග බැඳී ඇත. ඒවා ඉංගිරිසියෙන් ෆැක්‌ට්‌ස්‌ (Facts) යනුවෙන් හැඳින්වෙන්නේ කෙසේ දැයි නො දනිමි. මාර්ටින් වික්‍රමසිංහ මහතා තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරමින් ෆැක්‌ට්‌ස්‌ යනු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යෑයි හැඳින්වී ය. 

නලින් ද සිල්වා

නලින් ද සිල්වා මහතා ගේ වැල්වටාරම්

"මා විසින් නවීන විද්‍යාව බොරුවක්‌ ද?" යන මැයෙන් ලියන ලද ලිපියට (විදුසර - 09.10.2013) පිළිතුරු දෙන්නට තැත් කරන නලින් ද සිල්වා මහතා එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගනිමින් නොයෙකුත් මාතෘකා යටතේ ලිපි ගණනාවක්‌ ලියමින් පුරුදු පරිදි වැල් වටාරම් දිගහැර ඇත. ( විදුසර - ඔක්‌තෝබර් 16, 23, 30 සහ නොවැම්බර් 6, 13, 20 සහ 27 වන දින) එනමුත් මා නැ`ගූ මූලික ප්‍රශ්නය වන "නවීන විද්‍යාව බොරුවක්‌ ද?" යන්නට ඒ මහතා පිළිතුරු දී නැත. නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කොට පෙන්වන මෙන් මා ඉල්ලා සිටියෙමි. තොප්පිය පැළඳගත්තා නම් ඔහු කළ යුතු ව තිබුණේ නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කොට පෙන්වා දීම ය. මා නැ`ගූ අනෙකුත් කරුණු පිළිබඳව ද ඔහු සපයා ඇත්තේ සෑහීමකට පත් විය හැකි පිළිතුරු නො වේ. විදුසර සඟරාව වැනි විද්‍යාව සඳහා ම නිර්මාණය කෙරෙන සඟරාවක වටිනා පිටු ගණනක්‌ මේ ලෙස වැල්වටාරම් ලිවීම සඳහා නාස්‌ති කොට දැමීම නො කටයුතු දෙයකි. සාධක නොමැති ව විද්‍යාව බොරුවක්‌ බව විද්‍යා සඟරාවක්‌ මඟින් පැවසීම විද්‍යාව හදාරන සිසුන් නොම`ග යවන අපරාධයක්‌ බව ද කිව යුතු ය.

මා මේ ප්‍රශ්නය එනම් නවීන විද්‍යාව බොරුවක්‌ ද? යන්න The Island පුවත්පත මඟින් ද නලින් ද සිල්වා මහතා ගෙන් අසා ඇත්තෙමි. එය ඔප්පු කරන මෙන් මම ඉල්ලා සිටියෙමි. ඔහු එය ඔප්පු කරනු වෙනුවට මගෙන් ප්‍රශ්න මාලාවක්‌ අසා මූලික ප්‍රශ්නයෙන් පැන ගියේ ය. මා සිතන්නේ නවීන විද්‍යාව බොරුවක්‌ ය යන්න ඔහු ගේ සිතේ හටගෙන ඇති විශ්වාසයක්‌ හෝ සිතිවිල්ලක්‌ පමණක්‌ බව ය. එම සිතිවිල්ල ඔප්පු කිරීමට සාක්‌ෂි නොමැති බැවින් ඔහු වැල්වටාරම් දොඩවයි. පරිභව මුඛයෙන් නන් දොඩවයි. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව හඬන`ගා පැවසීමෙන් ඔහු බලාපොරොත්තු වන්නේ බාල ජනප්‍රියතාවයක්‌ ද?

ඔප්පු නො කොට යම් යම් දේ පැවසීම ඒ මහතා ගේ පුරුද්ද වී ඇත. උදාහරණයක්‌ වශයෙන් රජරට වකුගඩු රෝගය පිළිබඳව ඔහු පැවසූ අදහස්‌ ඉදිරිපත් කළ හැකි ය. එම රෝගය හටගන්නා ආකාරය තවමත් නිත්‍ය වශයෙන් සොයාගෙන නැති බව තතු දන්නෝ පවසති. ඒ නමුත් නලින් ද සිල්වා මහතා පුන පුනා පවසන්නේ එම රෝගයට හේතුව කෘෂිරසායනික ද්‍රව්‍යවල ඇති ආසනික්‌ බවයි. එම ද්‍රව්‍ය රජරට ගොවීන් ගේ වකුගඩුවලට පමණක්‌ විෂ වන්නේ කෙසේ ද යන පැනයට පිළිතුරු වශයෙන් ඒ මහතා කියන්නේ රජරට පස්‌වල ඇති යම්කිසි ද්‍රව්‍යයක්‌ සහ ළිං ජලයේ ඇති කිවුල් ගතිය සමග ආසනික්‌ එකතු වී එම රෝගය ඇති කරන බව ය. මේ මතය ඔප්පු කිරීමට ඔහු සාක්‌ෂි ඉදිරිපත් කොට නැත. දෙවි කෙනකු ගෙන් එම දැනුම ලබාගත් බව ඔහු පවසා ඇත. වෛද්‍ය විද්‍යාඥයන් හෝ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හෝ මෙය පිළිගෙන නොමැත. නො පිළිගන්නා අය ගැරහීමට ලක්‌ කිරීම නලින් ද සිල්වා මහතා ගේ බංකොලොත් ක්‍රියාව වී ඇත. මෙවැනි දෙයින් සිදු වන්නේ සත්‍යය සොයාගැනීම වියවුල් වීම ය.

නලින් ද සිල්වා මහතා මෙවැනි ප්‍රලාප ඉදිරිපත් කොට ඇත්තේ රජරට වකුගඩු රෝගය පිළිබඳව පමණක්‌ නො වේ. රජරට සහ කුඹුරු වගාවන් කෙරෙන අනෙකුත් ප්‍රදේශවල පැවතෙන මී උණ නමැති රෝගය පිළිබඳව ද මෙවැනි ම වූ බොරුවක්‌ ගොතා ඇත. මී උණ වැළෙ`දන්නේ කෘමිනාශක භාවිතය නිසා බව ඒ මහතා පවසා ඇත. වෛද්‍ය විද්‍යාවට අනුව මී උණ හටගන්නේ ලෙප්ටොස්‌පයිරොසිස්‌ නමැති ක්‌ෂුද්‍ර ප්‍රාණීන් ශරීරය තුළට ඇතුළු වීමෙනි. මා ඒ මහතා ගෙන් ඇසූ එක්‌ ප්‍රශ්නයක්‌ වූයේ කෘෂි රසායන භාවිත කිරීමට පෙර මීයන් මූත්‍රා කළේ නැද්ද යන්න ය. මෙවැනි දේවල් විහිළුවක්‌ නො වන්නේ මිනිසුන් නොම`ග ගොස්‌ ජීවිතයට හානියක්‌ සිදු විය හැකි බැවිනි. මී උණ වැළඳුණු රෝගියකු ප්‍රමාද නො වී ප්‍රතිකාර ගත හොත් රෝගය සුව කරගත හැකි ය. ප්‍රමාද වුව හොත් ජීවිතය පවා නැති වීමට ඉඩ ඇත. නලින්ද සිල්වා මහතා ගේ බොරු විස්‌වාස කරන රෝගීන් ප්‍රතිකාරය ප්‍රමාද කරන්නට ඉඩ ඇත. මේ රෝග පිළිබඳව නො දන්නා නලින් ද සිල්වා මහතා තැත් කරන්නේ බාල ජනප්‍රියත්වයක්‌ ලබාගැනීම විය යුතු ය.

තෝමස්‌ කුන් සහ පෝල් ෙµයරබෙන්ඩ් යන දාර්ශනිකයන් පශ්චාත් නව්‍යවාදීන් නො වන බව පෙන්වා දීමට නලින් ද සිල්වා මහතා ඉමහත් වෑයමක්‌ දරා ඇත. එවැනි වෑයමක්‌ නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට දරා නොමැත්තේ එය ඔහුට කළ හැකි දෙයක්‌ නො වන නිසා විය යුතු ය. තව ද එම දාර්ශනිකයන් පශ්චාත් නව්‍යවාදීන් නො වන බව ඔප්පු කිරීමෙන් මූලික ප්‍රශ්නය වන නවීන විද්‍යාව බොරුවක්‌ ද යන්න ඔප්පු වන්නේ වත් ඒ සඳහා සාක්‌ෂියක්‌ වන්නේ වත් නැත. මේ කරුණ පිළිබඳව මා මුල් ලිපියෙන් ඉදිරිපත් කළ කරුණු සෑහෙන බැවින් ද එම කරුණ තවදුරටත් සාකාච්ජා කළ හොත් මූලික ප්‍රශ්නය ම`ගහරින්නට නලින් ද සිල්වා මහතාට අවස්‌ථාව ලැබෙන හෙයින් ද මේ කරුණ ගැන තවත් කිසිවක්‌ නො කියා සිටිමි.

එ නමුත් දැනුම සහ සංස්‌කෘතිය අතර ඇති සබඳතාව පිළිබඳව මා නැ`ගූ ප්‍රශ්නවලට නලින් ද සිල්වා මහතා පිළිතුරු සපයන්නට තැත් කොට ඇති හෙයින් ඒ ගැන කෙටියෙන් සඳහන් කිරීම අවශ්‍ය වී ඇත. මගේ මුල් ලිපියෙන් මා පෙන්වා දී ඇත්තේ චීනය, ඉන්දියාව වැනි රටවල පැවැති 

පැරැණි සභ්‍යත්වයන් තුළ වැඩුණු විද්‍යාව සහ තාක්‌ෂණය යුරෝපයට සංක්‍රමණය වීමෙන් සිදු වූයේ නවීන විද්‍යාවේ වර්ධනයට එම පැරැණි සංස්‌කෘතිවලින් ද සෑහෙන ප්‍රමාණයක දායකත්වයක්‌ ලැබුණු බව ය. මෙය සිදු වී නැති බව පෙන්වා දීමට නලින් ද සිල්වා මහතා පවසන්නේ එම පැරැණි විද්‍යාවන් සහ නවීන විද්‍යාව අතර කිසිදු සමානකමක්‌ නැති බව ය. පැරැන්නන් ගේ විද්‍යාව පදනම් වූයේ ඉන්ද්‍රිය පද්ධතිය මාර්ගයෙන් ලබාගන්නා දත්ත පිළිබඳ වූ විශ්වාසය මත ය. ඔවුන් භාවිත කළ ක්‍රියාමාර්ග වූයේ සෝදිසිය, නිරීක්‌ෂණය, පරික්‌ෂණය, අනුමාන වශයෙන් තේරුම් ගැනීම, ආදියයි. නවීන විද්‍යාව භාවිත කරන්නේ ද මෙවැනි ම වූ ක්‍රමවේදයන් ය. ඒවා පැරැන්නන් ගේ ක්‍රමවලට වඩා බොහෝ සෙයින් දියුණු වී ඇත. එහෙත් සම්පූර්ණයෙන් ම වෙනස්‌ යෑයි කිව නොහැකි ය. එම නිසා නවීන විද්‍යාව බටහිර සංස්‌කෘතිය තුළ ඉපදී වැඩුණු විද්‍යාවක්‌ ලෙස සැලකිය නොහැකි ය. කාල් පොපර් ඉදිරිපත් කළ අසත්‍යකරණය (Theory of Falsification) නමැති මතවාදය මඟින් නවීන විද්‍යාව බටහිර විද්‍යාවක්‌ හෝ පෙර පැවැති විද්‍යාවන් ගෙන් සම්පූර්ණයෙන් වෙනස්‌ ම`ගක්‌ ගත් විද්‍යාවක්‌ හෝ බවට පත් කරන්නේ නැත. ඉන් සිදු වූයේ විද්‍යාවේ වර්ධනය මිස වෙනත් ම`ගක්‌ ගැනීම නො වේ.

දැනුම ලබාගැනීම සත්‍ය ගවේෂණයක්‌ විය යුතු ය. එය සැම විට ම සිදු නූනත් අවසාන අභි්‍රප්‍රාය එය විය යුතු ය. එම නිසා දැනුම ලබාගැනීමේ ක්‍රමවේදය මත පෞද්ගලික හෝ සංස්‌කෘතික බලපෑම් නො තිබිය යුතු ය. විද්‍යාත්මක ගවේෂණයක්‌ කිරීමේ දී එවැනි බලපෑම් අවම කරගැනීමට නිරීක්‌ෂකයා සැම විට විශේෂ වූ පරිශ්‍රමයක්‌ දරයි. එම නිසා සංස්‌කෘතික බලපෑම් විද්‍යාඥයාට පිළිගත නොහැකි ය. තමා ලබාගන්නා දැනුම පෞද්ගලික හෝ සංස්‌කෘතික බලපෑමකට ලක්‌ වී ඇතොත් එම දැනුම සත්‍යයට කිට්‌ටු නො වූ දෙයක්‌ ලෙස නම් කෙරෙනු ඇත. නලින් ද සිල්වා මහතා සංස්‌කෘතික බලපෑම පිළිගනී. දැනුම වනාහී අප ගේ මනස විසින් සංස්‌කෘතියේ බලපෑමට යටත් ව නිර්මාණය කරන දෙයක්‌ බව ඒ මහතා පවසයි. මෙය විද්‍යාත්මක දැනුමක්‌ විය නොහැකි ය. දැනුම නව සොයාගැනීමක්‌ මිස මනසේ නිර්මිතයක්‌ විය නොහැකි ය. දැනුම මනසේ නිර්මිතයක්‌ බව පළමුව පැවසුවේ ආතර් ෂොපන්හුවර් නමැති දාර්ශනිකයා ය. එය වැරැදි නිගමනයක්‌ බව විද්‍යාවේ මාහැඟි සාර්ථකත්වය විසින් ඔප්පු කරනු ලැබ ඇත. දැනුම මනසේ නිර්මිතයක්‌ නම් හඳ ගැන ඇති දැනුම භාවිත කොට හඳට පා තැබීම ද මනසේ නිර්මිතයක්‌ පමණක්‌ විය යුතු ය. මිනිසා හඳට පා තැබූ බව අපට සක්‌සුදක්‌ සේ දැනගත නොහැකි යයි නලින්ද සිල්වා මහතා කියන්නට ඉඩ ඇත. එය ඒ මහතා ගේ අඥෙය වාදය (scepticism) විය හැකි ය. 

අවසාන වශයෙන් නලින් ද සිල්වා මහතා ගෙන් මා ඉල්ලා සිටින්නේ නන්දෙඩවිල්ල නවතා නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කර පෙන්වා දෙන ලෙස ය. මේ ලිපියේ සඳහන් අනෙකුත් කරුණු පසුව සාකච්ජා කළ හැකි ය. තව ද නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට නවීන විද්‍යාව උපයෝගී කරගන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක්‌ හෝ භාවිත නො කළ යුතු ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කිරීමට බොරුවක්‌ පාවිච්චි නො කළ යුතු නිසා ය. ජනතාව සහ විශේෂයෙන් විද්‍යාව හදාරන සිසුන් නොම`ග යැම වැළැක්‌වීම මා ගේ ලිපියේ මූලික පරමාර්ථය බව පැවසිය යුතු ය.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග (DSc)



2013/11/30 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Dec 18, 2013, 6:11:20 AM12/18/13
to ind...@googlegroups.com
මහාචාර්ය නලින්ගේ පහත ලිපිය දෙසැ. 4 විදුසර පත්තරේ (ඉහත අවසාන ලිපියට පෙර)හි පලවූ එකක්. මේ සියලු ලිපි මෙතනත් තියනවා: http://www1.kalaya.org 
- NR

Monday, December 9, 2013

ගවුස් බටහිර ගණිතයේ හා විද්‍යාවේ කළ වෙනස

පැරණි ග්‍රීකයෝ එකල විවිධ රටවල තිබූ දැනුම් වියුක්ත ආකාරයකින් ඉදිරිපත් කළහ. ඒ සඳහා හොඳම උදාහරණය අද යුක්ලීඩීය ජ්‍යාමිතිය යනුවෙන් හැඳින්වෙන දැනුම් පද්ධතිය ය. ඔවුහු ඒ අතර ස්වසිද්ධාත්මක (axiomatic) ක්‍රමය ද ඉදිරිපත් කළහ. ස්වසිද්ධි (axioms) හෙවත් ප්‍රත්‍යක්‍ෂ කිහිපයක් මත පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය (logic)  යනුවෙන් හැඳින්වෙන න්‍යාය යොදාගනිමින් තර්කයෙන් යම් යම් නිගමනවලට පැමිණීමට ඔවුහු සමත්වූහ. මේ ස්වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ගැන අද ප්‍රශ්න නොකෙරෙන නමුත් එදා ඒ ස්වසිද්ධි සත්‍ය ලෙස පිළිගන්නා ලද බව පෙනී යයි. ඒවාට සිංහලෙන් ප්‍රත්‍යක්‍ෂ යන්න ද යොදාගැනෙන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් ම ඒ සත්‍ය යැයි එකල පිළිගනු ලැබීම නිසා ය. සිංහල පාර්භාෂික ශබ්ද තැනූ අය ස්වසිද්ධි හෙවත් ඇක්සියම් යන්නෙහි ඒ අරුත ද සලකා ඇති බව පෙනී යයි.

ස්වසිද්ධි වෙනත් ප්‍රකාශවලින් නිගමනය කළ නොහැකි බව පැරණි ග්‍රීකයෝ පිළිගත්හ. ස්වසිද්ධියක් යැයි සැලකෙන්නක් වෙනත් ප්‍රකාශයක් හෝ ප්‍රකාශ හෝ ඇසුරෙන් ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් තර්කයෙන් නිගමනය කළහැකි වී නම් එය ස්වසිද්ධියක් නොවේ යැයි ග්‍රීකයෝ නිගමනය කළහ. යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි සමාන්තර ස්වසිද්ධිය (parallel axiom) ගැන ග්‍රීකයෝ ද පහළොස්වැනි සියවසෙන් පසුව බටහිරයෝ ද සැක පහළ කළහ. ඒ ස්වසිද්ධියෙන් කියැවෙන්නේ දෙන ලද සරල රේඛාවක නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට ඇඳිය හැක්කේ එකම එක සමාන්තර සරල රේඛාවක් පමණක් බව ය. 

පැරණි ග්‍රීක ගණිතඥයෝ ද පසුව බටහිර ගණිතඥයෝ ද සමාන්තර ස්වසිද්ධිය වෙනත් ප්‍රකාශවලින් (ස්වසිද්ධිවලින්) නිගමනය කළ (අපෝහනය කළ - ලබාගත) හැකි දැයි සොයා බැලුහ. එහෙත් එය වෙනත් ස්වසිද්ධියකින් හෝ ස්වසිද්ධිවලින් හෝ ලබාගත නොහැකි විය. එබැවින් සමාන්තර ස්වසිද්ධිය ස්වසිද්ධියක් ලෙස ම සැලකිණි. කෙසේ වෙතත් සමාන්තර ස්වසිද්ධිය ස්වසිද්ධියක් දැයි සැක පහළ කරන්නට ඇත්තේ එහි සත්‍යතාව පිළිබඳ සැකයක් පහළ වූ නිසා ද යන්න පැහැදිලි නැත. 

දහනවවැනි සියවසේ බිහි වූ විශිෂ්ටතම බටහිර ගණිතඥයකු වූ ද බටහිර භෞතික විද්‍යාඥයකු වූ ද ගවුස් සමාන්තර ස්වසිද්ධිය වෙනත් ස්වසිද්ධියකින් අපෝහනය (නිගමනය) කිරීමට නොහැකි වූ විට ස්වසිද්ධිය යන්නට වෙනත් ම අදහසක් දුන්නේ ය. එය එක්තරා අයුරකින් ගත්කල වත්මන් පාරිභාෂික වදන් යොදාගන්නේ නම් ස්වසිද්ධි පිළිබඳ සුසමාදර්ශී වෙනසක් (paradigm shift)  ලෙස සලකමි. එතෙක් ස්වසිද්ධිය යන්න සත්‍යය සමග බැඳී තිබුණ නමුත් ඉන්පසුව ස්වසිද්ධියක සත්‍යාසත්‍යතාව ගැන සැලකීමට බටහිර ගණිතඥයෝ උනන්දු නො වූහ. ස්වසිද්ධියක් පද්ධතියෙහි අනෙක් ස්වසි්ද්ධි සමග අසංගත නොවී නම් එය ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ නම් ඒ ප්‍රමාණවත් විය. ප්‍රත්‍යක්‍ෂබව තවදුරටත් බටහිර ගණිතඥයන්ගේ සැලකිල්ලට යොමු නො වී ය. කෙසේ වෙතත් වියුක්ත ප්‍රකාශ වූ ස්වසිද්ධිවල ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නොවූ බව ද සඳහන් කළ යුතු ය. 

ගවුස්  සමාන්තර ප්‍රත්‍යක්‍ෂය වෙනුවට වෙනත් ප්‍රත්‍යක්‍ෂ දෙකක් ඉදිරිපත් කළේ ය. දෙන ලද සමාන්තර රේඛාවක නොපිහිටි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට සමාන්තර ව එක් සරල රේඛාවක්වත් ඇඳිය නොහැකි ය යන්න එක් ප්‍රත්‍යක්‍ෂයක් විය. දෙවැනි ප්‍රත්‍යක්‍ෂය වූයේ එවැනි ලක්‍ෂ්‍යයක් ඔස්සේ ඒ සරල රේඛාවට සමාන්තර ව සරල රේඛා එකකට වඩා ඇඳිය හැකි බව ය. දැන් සමාන්තර රේඛා පිළිබඳ ස්වසිද්ධි තුනක් විය. ඒ ස්වසිද්ධි වෙන වෙන ම යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි අනෙක් ස්වසි්ද්ධි සමග ගත්විට ජ්‍යාමිති තුනකට පදනම් විය. එනම් ජ්‍යාමිතිය පිළිබඳ දැනුම් පද්ධති තුනක් විය. පැරණි යුක්ලීඩීය ජ්‍යාමිතියට අමතර ව තවත් ජ්‍යාමිති දෙකක් ඇති විය. ඒ ජ්‍යාමිති නිර්යුක්ලීඩීය ජ්‍යාමිති (non Euclidean)  යන නමින් හැඳින්වෙයි.

නිර්යුක්ලීඩීය ජ්‍යාමිතිවල ප්‍රමේයය, එනම් ස්වසිද්ධි මත පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය යොදාගනිමින් ලබාගන්නා වඩා සාධාරණ (සාධාරණ අවශ්‍යතා මත පදනම් ව යන අදහසින්) නිගමන, යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි ප්‍රමේයයන්ගෙන් වෙනස් වෙයි. උදාහරණයක් ලෙස ගතහොත් නිර්යුක්ලීඩිය ජ්‍යාමිතිවල ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව එක්කෝ අංශක 180 ට වැඩිය, නැත්නම් අඩු ය. ගවුස්ගේ සුසමාදර්ශී වෙනසින් පසුව බටහිර ගණිතඥයන්ට ස්වසිද්ධිවල සත්‍යාසත්‍යතාව ප්‍රශ්නයක් නො වී ය. බටහිර ගණිතයේ නිගමන භෞතික වශයෙන් (භෞතික යන්න පංචෙන්ද්‍රිය ගෝචර ලෙස දැනට සලකමු) සත්‍ය ද නැත් ද යන්න දැනගැනීමට  බටහිර ගණිතඥයන්ට අවශ්‍ය නො වේ. ඔවුන් සැලිකිලිමත් වන්නේ සංගතබව ඇරිස්ටෝටලීය න්‍යායට එකඟ වන්නේ ද ආදිය පිළිබඳ පමණකි. ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත දැනුම් පද්ධතියක් වූ බටහිර ගණිතයට පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවීම කෙසේවත් ප්‍රශ්නයක් නො වේ.

බටහිර ගණිතය පිළිබඳ ව ජනප්‍රිය පොතපතින් පමණක් හදාරා ඇති එහෙත් බටහිර ගණිතය හදාරා නොමැති මහාචාර්ය අමරතුංග මහතා සකල කලා භූෂණ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ගවුස් විසින් කරන ලද සුසමාදර්ශී වෙනස ගැන වැටහීමක් නොමැති නම් මම ඒ ගැන පුදුම නො වෙමි. මෙරට ගණිත මහාචාර්යවරුන්ට ද ඒ ගැන කිසිම වැටහීමක් නැත. බටහිර රටවල ද ගවුස්ගේ සුසමාදර්ශී වෙනස ගැන කියන්නන් නැතැයි සිතමි. බටහිර ගණිතයේ ඇති ලක්‍ෂණ පෙරදිග කිසිම ගණිතයක තිබී නැත. එසේ වුවත් ඩී එස් සී උපාධිධාරී දන්ත වෛද්‍ය මහාචාර්ය අමරතුංග මහතා පෙරදිග සංයුක්ත ගණිතය හා බටහිර ගණිතය අතර සමානකම් දකියි. 

මා අමරතුංග මහතාටත් කාලෝ ෆොන්සේකා මහතාටත් බටහිර විද්‍යාව හා ගණිතය සම්බන්ධ කරුණු පිළිබඳ වාචික ව කෙරෙන විවාදයකට ආරධනා කර ඇති නමුත් ඔවුන් මෙතෙක් ඒ ආරාධනා කිසිවක් භාරගෙන නැත. ඇතැම් විට ඒ මහත්වරුන් මට වඩා බුද්ධිමත් බැවින් මා සමග වාදකිරීම ඔවුන්ගේ ගෞරවයට කැළලක් වන්නේ යැයි සිතනවා විය හැකි ය. මෙය, එනම් වාද කිරීමට තරම් මා සුදුසු පුද්ගලයකු නොවන බව, මෙරට උගතුන් අතර ඇති පොදු මතයක් බැවින් මට ඒ ගැන කම්පාවක් ද නැත. වරක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා දෙමළ බෞද්ධයන් ගැන කරන සාවද්‍ය ප්‍රකාශ පිළිබඳ වාදයකට මා ආරාධනා කළ විට ඒ මහතා ද එම ආරාධනය නො පිළිගත්තේ ය. ඒ පිළිබඳ ව ඉරිදා දිවයින පුවත්පත උසස් අධ්‍යාපන අමාත්‍ය එස් බී දිසානායක මහතාගෙන් විමසු විට ඒ මහතා කදිම පිළිතුරක් දී තිබිණි. මගේ මතකය අනුව උසස් අධ්‍යාපන ඇමතිතුමා කියා තිබුණේ මා ද වැදගත් පුද්ගලයකු බවත් එහෙත් මට වඩා වැදගත් වැඩදායක බුද්ධිමත් සුනිල් ආරියරත්න මහතා මා සමග විවාදයට නොඑළඹීම අනුමත කරන බවත් ය. උසස් අධ්‍යාපන ඇමතිතුමාට එවැනි තීරණයක් දීමට විශ්වවිද්‍යාල පනතින් බලතල පැවරී නැති නමුත් ඒ මහතා පැවසුවේ රටේ උගතුන් අතර ඇති මතයකි. 

ගවුස්ගේ සුසමාදර්ශී වෙනස අද වන විට බටහිර භෞතික විද්‍යාවට ද රිංගා ගෙන ඇත. මෙරට සිටින බටහිර වෛද්‍යවරුන් නොපිළිගත්ත ද, බටහිර විද්‍යාවේ දියුණුම අංශය බටහිර භෞතික විද්‍යාව වෙයි. බටහිර වෛද්‍ය විද්‍යාව යනු තාක්‍ෂණික දැනුම් පද්ධතියක් මිස බටහිර ශුද්ධ විද්‍යාවේ දැනුම් පද්ධතියක් නො වේ. බටහිර භෞතික විද්‍යාවේ ද දියුණුම අංශ වනුයේ ක්වොන්ටම් භෞතිකය ඇසුරෙන් ගොඩනැගී ඇති තන්තු ප්‍රවාදය (string theory)  වැනි දැනුම් පද්ධති හා සාධාරණ සාපේක්‍ෂතාවාදය ඇසුරෙන් ගොඩනැගී ඇති විශ්වවේදය (cosmology) වැනි දැනුම් පද්ධතීන් ය. 

ක්වොන්ටම් භෞතික විද්‍යාව හා සාධාරණ සාපේක්‍ෂතාවාදය එකතු කිරීමට බටහිර භෞතික විද්‍යාඥයන් දැනට අවුරුදු අසූවකට වැඩි කලක් උත්සාහ ගෙන ඇති නමුත්  ඒ සාර්ථක වී නැත. එසේ වුවත් විශ්වවේදයෙහි දී තන්තු ප්‍රවාදයෙහි ඇති දැනුම යොදා ගැනීමට ඔවුහු පෙළඹෙති. ඔවුන් එසේ කරන්නේ ෙසෙද්ධාන්තිකව ය. එහි දී ඔවුහු ගණිතඥයන් මෙන් ක්‍රියාකරති. තමන් ඉදිරිපත් කරන ප්‍රවාදවල සත්‍යසත්‍යතාව ගැන විමසීමට ඔවුහු උනන්දු නො වෙති. ඔවුන්ට අවශ්‍ය ෙසෙද්ධාන්තික, ගණිතමය සංගත බව පමණකි. විශ්වය ආරම්භයේ පැවති තත්වයන් තවමත් පරීක්‍ෂණාගාරයක දී නිර්මාණය කිරීමට නොහැකි බව පවසමින් ඔවුහු තම ප්‍රවාද ඉදිරිපත් කරති. 

මෙහි දී පොපර්ගේ අසත්‍යකරණය කුණු කූඩයට ද පහත් තැනකට ඇද වැටෙයි. බටහිර විද්‍යාවේ දියුණුම අංශවල ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් කිසිසේත් ම වලංගු නො වේ. වියුක්ත චින්තනය ගැන මෙලෝ අත්දැකීමක්, වැටහීමක් නැති මෙරට කසිකබල් ඉතිහාසඥයන් ඊනියා පොපේරියානු අසත්‍යකරණයක් ගැන නන්දොඩවන විට ඔවුන් ගැන අනුකම්පා කිරීම හැර කරන්නට වෙනත් දෙයක් නැත. පාසලේ දී මගේ ප්‍රියතම විෂය වූයේත්, ඥනවිභාගය හැරෙන්නට තවමත් මා ප්‍රියකරන, එහෙත් හුදු කතන්දර වූ විෂය වනුයේත් ව්‍යවහාරික ගණිතය (ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව) හා ඉතිහාසය ය. මේ විෂය අතර සමානකම් මෙන් ම අසමානකම් ද මම හොඳහැටි දනිමි. 

බටහිර ඉතිහාසය යන විෂයය වියුක්ත දැනුම් පද්ධතියක් වීමට බටහිර භෞතික විද්‍යාව පසුපස නොන්ඩි ගසන පට්ටපල් බොරු කතන්දරවලින් සමන්විත වෙයි. මහාවංසය ලියැවී ඇත්තේ සංයුක්ත දැනුම් පද්ධතියක් ලෙස ය. එහි අඩුපාඩුකම් ඇත. දෙමළ ජාතිවාදී ඉතිහාසඥයන් විසින් ඒ විවේචනය කෙරෙනුයේ ඔවුන්ගේ ඉල්ලීම් ඒ මගින් යුක්තියුක්ත කිරීමට නොහැකි බැවිනි. දෙමළ ජාතිවාදය පිටුපස සිටින බටහිරයන් මහාවංස භීතිකාවක් මවා ඇත්තේ ද එබැවිනි. මම මහාවංසය පිළිබඳ බටහිරයන් හා ඔවුන්ගේ දාසයන් ඉදිරිපත් කරන විවේචන දණ්ඩෙන් ගෙන ගැරඬි හැවක් මෙන් විසිකරමි. 

එහෙත් මෙරට සිටින මුග්ධ අනුකාරකයන් සිතන්නේ මහාවංසය පිළිබඳ බටහිර විවේචනය වාස්තවික එකක් යැයි අප විසින් පිළිගනු ලැබිය යුතු බව ය. බටහිර භෞතික විද්‍යාව ද වාස්තවික නොවන කල බටහිර ඉතිහාසය ඇතුළු බටහිර සමාජයීය විද්‍යාවන් ගැන කියනුම කවරේ ද? දෙමළ ජාතිවාදය යුක්තියුක්ත කරන බටහිර දැනුම මහාචාර්ය කාලෝ ෆොන්සේකාට ප්‍රියමනාප වීමට හැකි වුවත් සිංහල ජාතිකවාදියකු යැයි සිතිය හැකි මහාචාර්ය අමරතුංග මහතා බටහිර දැනුම පසුපස යන්නේ කිනම් පදනමකින් ද?   
එහෙත් මහාවංසය ගැන පමණක් නොව සමස්තයක් ලෙස ගත්කල මහාවිහාරික සම්ප්‍රදාය ගැන මගේ විවේචන වෙයි. මහාචාර්ය අමරතුංග මහතා ඇතුළු ථෙරවාදයේ ඊනියා ආරක්‍ෂකයන් මට විරුද්ධ වන්නේ මහාවිහාරික දැනුම් පද්ධතිය ගැන මගේ විවේචන දිරවාගත නොහැකි බැවිනි. එසේ වුවත් බටහිර විවේචනවලට විරුද්ධව මම මහාවිහාරය වෙනුවෙන් පෙනී සිටිමි. අවුරුදු පහළොවකට පෙර මගේ පියා මියගිය අවස්ථාවේ දී මා ලියූ අප මහාවිහාරයේ යන ලිපියේ ආත්මය සමග මම තවමත් බැඳී ඇත්තෙමි. ඉතිහාසය ද ප්‍රවාද මත පදනම් වන විට පට්ටපල් බොරු වෙයි. මහාවිහාර ඉතිහාසය ප්‍රවාද මත පදනම් වූ ඉතිහාසයක් නො වේ. එය ජනශ්‍රැතිය මත පදනම් වෙයි. ජනශ්‍රැතිය වැරදි විය හැකි ය. එහෙත් එය බටහිර වියුක්ත ප්‍රවාද මෙන් පට්ටපල් බොරු නො වේ. 

නලින් ද සිල්වා




2013/12/13 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Dec 18, 2013, 7:14:50 PM12/18/13
to ind...@googlegroups.com
බටහිර විද්‍යාවෙහි උපන්ගෙහි දෝෂය 

ඩීඑස්‌ සී උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය එන්. ඒ. ද. එස්‌. අමරතුංග මහතාට බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව දැනගැනීමට හදිසියක්‌ ඇත. එය පට්‌ටපල් බොරුවක්‌ නම් ඒ බව, ඔප්පු කරන මෙන් ඒ මහතා ඉල්ලා සිටියි. එහෙත් මා ඒ බව දැනටමත් පෙන්වා දී ඇත. සමහර විට ඒ මහතා ඔප්පු කිරීම යන්නෙන් වෙනත් දෙයක්‌ අදහස්‌ කරන්නේ දැයි නො දන්නෙමි. අප ඔප්පු (සාධනය) කිරීම හොඳින් ම සිදු වන්නේ යෑයි සිතන බටහිර ගණිතයේ කිසිවක්‌ ඔප්පු කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ යම් ප්‍රස්‌තුත කිහිපයක්‌ සත්‍ය බව උපකල්පනය කරමින් ඇරිස්‌ටෝටලීය ද්විකෝටික න්‍යායට එකඟ ව තර්ක කර තවත් ප්‍රස්‌තුත ලබාගැනීම පමණ ය. වියුක්‌ත ප්‍රකාශයක්‌ වූ එය එතරම් වියුක්‌ත නො වූ දන්ත වෛද්‍ය විද්‍යා මහාචාර්ය අමරතුංග මහතාට වැටහෙන්නේ දැයි නො දනිමි. 

බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව ඔප්පු කිරීම යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි අමරතුංග මහතා කියන්නේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව මා කියන්නේ පළමුවෙන් ම එවැනි දැනුම් පද්ධතියක්‌ ඇති බව පිළිගනිමිනි. එහෙත් අමරතුංග මහතා බටහිර විද්‍යාව චීනයේ හෝ ඉන්දියාවේ (භාරතයේ යෑයි කියමු) හෝ වෙනත් රටක හෝ තිබූ විද්‍යාවකින් වෙනස්‌ වන්නේ යෑයි නො සිතයි. ඔහුට අනුව බටහිර විද්‍යාවේ සිදු වී ඇත්තේ එතෙක්‌ තිබූ විද්‍යාවන් ගේ වර්ධනයක්‌ පමණකි. ඒ මහතාට අනුව ඒ ඒ රටවල ද විවිධ විද්‍යා තිබෙන්නට නො හැකි ය. ඒ ඒ රටවල තිබුණේ ද එක ම විද්‍යාවක්‌ ද? එස්‌ නම්, උදාහරණයක්‌ ලෙස ගත හොත් චීනයේ තිබූ විද්‍යාව භාරතයේ තිබූ විද්‍යාවට සමාන ද? එකක්‌ අනෙකෙහි වර්ධනයක්‌ ද? වඩා වර්ධනය වී තිබුණේ චීන විද්‍යාව ද නැත්නම් භාරතීය විද්‍යාව ද?

මේ පිළිබඳ තවදුරටත් කතා කිරීමට පෙර ආසනික්‌ හා මී උණ ගැන ද වචනයක්‌ කිව යුත්තේ අමරතුංග මහතා ඒ ගැන ද කතා කර ඇති බැවිනි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය (කෘවරෝ) නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක්‌ දැයි බටහිර වෛද්‍ය විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ නො දනියි. එයට හේතුව ආසනික්‌ යෑයි අපි නිර්භය ව කියමු. එහෙත් එය එක ම හේතුව නො වේ. එයට තවත් කරුණු දෙකක්‌ ද හේතු වෙයි. ඒ කිවුල් ජලය හා ආසනික්‌ රඳවා ගත හැකි පස ය. රජරට හා වෙනත් ප්‍රදේශවල කෘවරෝ වැළඳෙන්නේ ඒ හේතු තුන ම එහි දැකිය හැකි බැවිනි. ඒ හේතු තුනෙක්‌ එකක්‌ වුව ද නැති වුව හොත් රෝගය වැළඳීමට ඇති සම්භාවිතාව පහළ මට්‌ටමක පවතියි. කෙසේ වෙතත් රෝගය වැළඳෙන්නේ කිවුල් ජලය හා මුසු වූ ආසනික්‌ වකුගඩුවලට යැමෙනි. එහි දී කැඩ්මියම් තිබීම අනිවාර්ය නො වේ. එහෙත් කැඩ්මියම් උත්ප්‍රේරකයක්‌ ලෙස ක්‍රියා කරයි. 

මේ කරුණු මුලින් ම අනාවරණය කරනු ලැබුයේ කැලණි විශ්වවිද්‍යාලයීය කණ්‌ඩායම විසිනි. අනෙක්‌ අය ඒ පිළිගත්තේ ද නැත් ද යන්න අපට පෞද්ගලික ව ප්‍රශ්නයක්‌ නො වේ. බටහිර වෛද්‍ය විද්‍යාඥයන් තමන් ගේ ආකෘතියෙහි හිඳ හේතු සොයාගැනීමට උත්සාහ දරන බව රහසක්‌ නො වේ. ඔවුන් ගේ ආකෘතියෙහි රෝගයකට හේතුව කුමක්‌ ද යන්න ප්‍රකාශ කිරීමට ඊනියා පර්යේෂණ ගණනාවක්‌ කළ යුතු ව ඇත. මෙය වාස්‌තවික යෑයි කියෑවෙන එහෙත් මනෝමය වූවක්‌ වෙයි. එයට දේශපාලන හා පෞද්ගලික (ආර්ථික) හේතු ද බලපායි. ආසනික්‌ හා වෙනත් බැර ලෝහ අද පසට හා එම`ගින් ජලයට එකතු වන්නේ කෘෂිරසායන යොදාගැනීම හේතුවෙනි. කෘෂිරසායන මෙරටට ගෙන්වන්නන් ද ඒ නිෂ්පාදනය කරන්නන් ද කෘවරෝ ආසනික්‌ නිසා ඇති වන්නේ යෑයි ප්‍රකාශ කිරීම වැළැක්‌වීමට හැකි සැම උත්සාහයක්‌ ම ගනු ඇත. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි රෝගයට හේතුකාරක කවරේ දැයි තීරණය කෙරෙන්නේ ඊනියා නිර්ණායක රාශියක්‌ මත සම්භාවිතා පදනමකිනි. එබැවින් දේශපාලන, ආර්ථික මෙන් ම සංස්‌කෘතික හේතු මත ද රෝග හේතුකාරක තීරණය වෙයි. ආසනික්‌ රෝගයට හේතුව ලෙස පිළිගැනුණ හොත් ඉහත කී අයට ප්‍රශ්නයක්‌ වන බැවින් ආසනික්‌ හේතුව ලෙස නො පිළිගැනීමට ඊනියා අදාළ නිර්ණායකයක්‌ හෝ කිහිපයක්‌ හෝ යොදාගැනීම ඉතා පහසු කටයුත්තකි. 

මෙහි තවත් පැත්තක්‌ ද වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් බටහිර වෛද්‍ය සංවිධානයක්‌ හෝ පුද්ගලයකු හෝ මේ රෝගයට හේතුවක්‌ ලෙස ජලය ඉදිරිපත් කර නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය ජලය රෝගයට හේතුවක්‌ නො වන බවට ද මතයක්‌ පළ කර ඇතත් අද වන විට ඒ බව පිළිගැනීමේ මාවතකට සේන්දු වී ඇත. රෝගයට එක්‌ හේතුවක්‌ ලෙස කිවුල් ජලය ගෙනහැර දැක්‌වූයේ කැලණිය කණ්‌ඩායම පමණකි. අප කණ්‌ඩායමේ මතය පමණක්‌ පිළිගෙන අද ආණ්‌ඩුව විශාල ව්‍යාපෘතියකට අත ගසා ඇත. ජලයෙන් කිවුලත් වෙනත් ද්‍රව්‍යයත් ඉවත් කරන පෙරණ සවි කිරීමට ආණ්‌ඩුව විශාල මුදලක්‌ වෙන් කර ඇත. ඒ සඳහා ඒ පෙරණ නිෂ්පාදනය කරන්නන් ද ගෙන්වන්නන් ද දැඩි උනන්දුවක්‌ දක්‌වන බව රහසක්‌ නො වේ. 

කෘවරෝ වැළඳීමට හේතු ලෙස අප කණ්‌ඩායම ප්‍රකාශ කළ කරුණු දෙකකින් ආසනික්‌ හේතුවක්‌ ලෙස නො පිළිගැනීමටත් කිවුල හේතුවක්‌ ලෙස පිළිගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යොමු වීමටත් ඇත්තේ දේශපාලන හා ආර්ථික හේතු ය. ඇතැම් විට එක ම සමාගමක්‌ කෘෂිරසායන ද ජල පෙරණ ද ආනයනය කරයි. ඔවුන් රෝගයට හේතුවක්‌ ලෙස කිවුල පිළිගනිමින් කාෂිරසායන (ආසනික්‌) හේතුවක්‌ ලෙස නො පිළිගැනීමට බටහිර වෛද්‍ය විද්‍යාව යොදාගනු අපට දැකිය හැකි ය. රෝගයට හේතුව නිර්ණය කිරිමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක රාශියක්‌ අඩංගු ක්‍රමවේදය ම`ගින් බටහිර වෛද්‍ය විද්‍යාව ඔස්‌සේ තම අවශ්‍යතා ඉටු කරගැනීමට ව්‍යාපාරිකයන්ට අවස්‌ථාව උදා වී ඇත. 

බටහිර විද්‍යාව, බටහිර වෛද්‍ය විද්‍යාව, බටහිර දන්ත වෛද්‍ය විද්‍යාව, බටහිර (ධනේෂ්වර) ආර්ථිකය ආදිය එක වල්ලේ පොල් ය. ඒ සියල්ලට පදනම් වන්නේ එක ම චින්තනයකි. ඒ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ය. (මෙය අමරතුංග මහතා අගය කරන එහෙත් ගුණදාස අමරසේකර මහතා බටහිර කතුවරයකු ගෙන් ලබාගත්තා වූ අදහසක්‌ පමණක්‌ වන විසිරුණු ජාතික චින්තනයෙන් වෙනස්‌ වෙයි). රජයේ (බටහිර) වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පාදෙණිය මහතා තම නැණ පමනින් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ නැණ ඇතත් ගුණ නොමැති බව ය. ඔහු ද පදනම් වන්නේ ගුණ නැණ වෙන් කරන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. එහෙත් ඒ මහතා නො දන්නා කරුණක්‌ නම් ගුණ නැණ වෙන් කළ නොහැකි බවත් පට්‌ටපල් බොරු වූ බටහිර වෛද්‍ය විද්‍යාවේ ගුණ වත්, නැණ වත් නැති බවත් ය. 

මා අනෙක්‌ අය නො පිළිගන්නා මත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නේ අමරතුංග මහතා අඟවන පරිදි ලාබ ජනප්‍රියතාවක්‌ සඳහා නො ව ඉහත සඳහන් කරුණු මත පදනම් වෙමිනි. එහෙත් ඒ මහතා තබා ඒ මහතා ගේ බුද්ධිමය වීරයා වූ ගුණදාස අමරසේකර මහතා ඒ ගැන කතා කිරීමට බොහෝ කලකට පෙර දෙමළ ත්‍රස්‌තවාදී කොටි සංවිධානය හමුදා මෙහෙයුම් ම`ගින් පරාජය කළ යුතු යෑයි ද කළ හැකි යෑයි ද මා කියා සිටියේ අන් අය එසේ කිරීමට නොහැකි බව එකහෙළා කියන විට ය. අන් අය නො පිළිගන්නා මතයක්‌ මා එදා ද ප්‍රකාශ කළේ ලාබ ජනප්‍රියතාවක්‌ සඳහා යෑයි අමරතුංග මහතා පවසන්නේ ද? 

මී උණට ද හේතුව කෘෂිරසායන යෑයි අපි කීවෙමු. එසේ කීමෙන් අදහස්‌ කළේ කෘෂිරසායනික ද්‍රව්‍ය ම`ගින් මී උණ බෝ වන බව නො වේ. මී මුත්‍රා කාෂිරසායන සමග ක්‍රියා කිරීමේ ප්‍රතිඵලය මී උණට හේතු කාරක වෙයි. මී උණ රෝගය කෘෂිරසායන යොදාගැනීමට පෙර නො වී ය. එබැවින් මා කිහිප වතාවක්‌ ම අසා ඇති ප්‍රශ්නයක්‌ නම් එකල මීයන් මුත්‍රා නො කළේ ද යන්න ය. අමරතුංග මහතා අද කියන්නේ තමන් ඒ ප්‍රශ්නය මගෙන් ඇසූ බව ය. එහෙත් ඒ පිළිබඳ මතකයක්‌ මට නොමැත. 

කෙසේ වෙතත් අමරතුංග මහතා ඒ ප්‍රශ්නය අසා ඇත්නම් හෝ අද අසන්නේ නම් හෝ ඒ ගැන මම සතුටු වෙමි. එයට හේතුව ඒ ප්‍රශ්නයෙන් මගේ ස්‌ථාවරය තහවුරු වීම ය. කාෂිරසායන භාවිතයට පෙර මී උණ වැළඳී නැත්නම් හා මී උණ වැළඳෙන්නේ මී මුත්‍රාවල ඇති යම් රසායනික සංඝටකයක්‌ නිසා නම් එයින් ගම්‍ය වන්නේ මී උණ වැළඳීමට පෙර මීයන් මුත්‍රා කර නැති බව ය. කෙසේ වෙතත් තම ප්‍රශ්නය තම ස්‌ථාවරයට ප්‍රතිවිරුද්ධ තැනකට ගෙන යන බව අමරතුංග මහතාට වැටහෙන්නේ ද?

දැන් අපි නැවතත් බටහිර විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයට යමු. අමරතුංග මහතාට අනුව බටහිර විද්‍යාව යනු අනෙක්‌ රටවල තිබූ විද්‍යාවන් ගේ වර්ධනයක්‌ පමණ ය. ඒ මහතාට චින්තනය යන සංකල්පය දිරවා ගැනීමට අපහසු බව ඉතා පැහැදිලි ය. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් හා බටහිර විද්‍යාඥයන් බටහිර විද්‍යාවට ආවේණික වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන කතා කරන්නේ ඇයි? එයට හේතුව පොපර් ද ඇතුළු බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන්ට වෙනස්‌ බව සැලකීමත් ඔවුන් බොහෝ දෙනකු බටහිර විද්‍යාව එක්‌කෝ සත්‍යය ලෙස නැත්නම් සත්‍යයට ළඟා වන්නක්‌ ලෙසත් අනෙක්‌ දැනුම් පද්ධතීන් මිථ්‍යාවන් ලෙස සැලකීමත් ය. මෙය යුදෙවු ක්‍රිස්‌තියානි ආධිපත්‍යයෙහි ප්‍රතිඵලයකි. 

එපමණක්‌ නො වේ. අමරතුංග මහතා ද බටහිර විද්‍යාව ආවේණික වූ ක්‍රමයක්‌ ඇති බව පිළිගනියි. ඔහු කියන්නේ මා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කිරීමේ දී බටහිර විද්‍යාව උපයෝගී කරනන්නා ක්‍රමවේදය හෝ ඉන් කොටසක්‌ හෝ යොදාගත නො යුතු බව ය. ඒ බව දෙසැම්බර් 11 වැනි දා පළ වූ ඒ මහතා ගේ ලිපියෙහි අවසන් ඡේදයෙහි සඳහන් වෙයි. මුල් ලිපියෙහි ද වෙනත් වචනවලින් තරමක්‌ පටලැලි සහගත ව ඒ අදහස පළ විය. 

බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන බවත් එයට විශේෂිත වූ විද්‍යාත්මක විධික්‍රමයක්‌ ඇති බවත් අමරතුංග මහතා මෙන් ම බටහිර විද්‍යාවේ දර්ශනිකයන් ද පිළිගන්නේ නම් එය හුදෙක්‌ අනෙක්‌ රටවල තිබූ විද්‍යාවන් ගේ වර්ධනයක්‌ විය නො හැකි ය. අමරතුංග මහතාට අමරසේකර මහතාට මෙන් ම පරස්‌පරවලින් තොර ව සිතන්නට බැරි ය. අවාසනාවකට බොහෝ උගත්තු යෑයි කියාගන්නෝ පරස්‌පරවල දියබුන් ගසති. අමරතුංග මහතා බටහිර විද්‍යාව අනෙක්‌ රටවල විද්‍යාවන් ගේ වර්ධනයක්‌ පමණක්‌ යෑයි කියන අතර ම බටහිර විද්‍යාවට විශේෂිත වූ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ඇතැයි පවසයි. 

බටහිර විද්‍යාවේ ඊනියා විධික්‍රමයක්‌ නැතැයි අපි කියමු. අප ඒ බව අවුරුදු විසි පහකට අධික කාලයක්‌ තිස්‌සේ ප්‍රකාශ කර ඇත. බුදුන් වහන්සේ ගේ කාලයෙහි ද ආත්මයක්‌ ඇත් ද නැත් ද යන වග දැනගැනීමට සඳහා බමුණන් ශුද්‍රයකු යෑයි කියෑවන්නකු මරා කෲර පරික්‍ෂණයක්‌ කර ඇති බව අප විසින් පෙන්වා දෙනු ලැබුයේ අද ඊයේ නො වේ. ගැලීලියෝ කළේ යෑයි කියන පර්යේෂණ ව්‍යාජ බව ද අපි කියා ඇත්තෙමු. කෙටියෙන් කිව හොත් බටහිර විද්‍යාවට ආවේණික විධික්‍රමයක්‌ නැති බවත් පරීක්‍ෂණ, නිරීක්‍ෂණ, නිගමන ආදිය අනෙක්‌ රටවල දැනුම් පද්ධතීන්හි ද දැකිය හැකි බවත් අපි අවුරුදු විසි පහකට අධික කාලයක්‌ තිස්‌සේ කියා ඇත්තෙමු. ඇතැම් විට විසිරුණු ජාතික චින්තනයට තමා විශ්වවිද්‍යාල සේවයෙන් විශ්‍රාම ගැනීමට සුළු කලකට පෙර පැමිණි අමරතුංග මහතා අවුරුදු ගණනාවකට පෙර චින්තනය යන සංකල්පය අසා වත් නො තිබෙන්නට ඇත. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක්‌ නැතත් එය අනෙක්‌ දැනුම් පද්ධතීන් ගෙන් වෙනස්‌ වන්නේ එහි චින්තනය හේතු කොටගෙන යෑයි අපි කියමු. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ ද එහි චින්තනය හේතු කොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි උපන්ගෙයි දෝෂයක්‌ නිසා ය. 

නලින් ද සිල්වා  


2013/12/18 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Dec 25, 2013, 9:43:59 AM12/25/13
to ind...@googlegroups.com

ගැලීලියෝ බොරු කීවේ ඇයි?

බටහිර විද්‍යාව පිළිබඳව මා දරන ස්‌ථාවරය මෙසේ ය. බටහිර විද්‍යාව යනු ලෝකයේ ඇති එක්‌ දැනුම් පද්ධතියක්‌ පමණ ය. බටහිර විද්‍යාව එතෙක්‌ තිබූ චීන, භාරතීය, සිංහල, බැබිලෝනියානු, මිසර ආදී විද්‍යාවන්ට වඩා වෙනස්‌ වෙයි. එහෙත් එසේ වන්නේ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් යෑයි කියෑවෙන්නන් ප්‍රකාශ කරන ආකාරයට එහි ඇති ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ නිසා නො වේ. නිරීක්‍ෂණ, පරීක්‍ෂණ, උද්ගමන, නිගමන, යම් න්‍යායක්‌ (logic) මත පදනම් වී තර්ක කිරීම ආදිය බොහෝ දැනුම් පද්ධතිවල දැකිය හැකි ය. බටහිර විද්‍යාව අනෙක්‌ විද්‍යා ඇතුළු දැනුම් පද්ධතිවලින් වෙනස්‌ වන්නේ එය පදනම් වන චින්තනයේ ඇති වෙනසක්‌ නිසා ය. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ ද මේ චින්තන වෙනස හේතුවෙනි. 

බටහිර විද්‍යාව බිහි වූයේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය පහළොස්‌වැනි සියවස අගභාගයේ දී දකුණු යුරෝපයේ, විශේෂයෙන් ම ඉතාලියේ ඇති වූවකි. ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයට පෙර යුරෝපයේ තිබුණේ කතෝලික චින්තනය ය. පහළොස්‌වැනි සියවස අග දී දකුණු යුරෝපයේ සිදු වූ මේ චින්තන විප්ලවයට හේතු කිහිපයක්‌ විය. ඒ අතර පාප්වහන්සේ ගේ ආධිපත්‍යයට එරෙහි වූ දේශපාලනයක්‌ ද විය. එසේ ම පෞද්ගලිකත්වය සාමූහිකත්වය අභිබවා පෙරට පැමිණියේ ය. එය ද කතෝලික චින්තනයෙහි සාමූහිකත්වයට එරෙහි වූ ආකල්පයක්‌ විය. 

නව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය කතෝලික චින්තනය මෙන් සංයුක්‌ත නො වි ය. පෞද්ගලිකත්වය ඉස්‌මතු වීම සමග චින්තනය සංයුක්‌තයෙන් වියුක්‌තයට හැරිණි. මේ පිළිබඳ විටින් විට අපේ ප්‍රවාද මගින් කරුණු දක්‌වා ඇත. පෝලන්තයේ විසූ කොපර්නිකස්‌ පූජකත්වය ලබාගැනීම සඳහා පැමිණියේ මෙවන් චින්තන විප්ලවයකට භාජන වී තිබි ඉතාලියකට ය. ඒ වන විට මාටින් ලූතර් ගේ අදහස්‌ ද යුරෝපයෙහි තිබිණි. පෘථිවිය සූර්යයා වටා චලනය වන බව ද පෘථිවිය සූර්යයා වටා යන තම ගමන් මාර්ගයට ආනත ව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව ද සිංහලයෝ දැන සිටිය හ. සිංහලයන් ගේ තෙල්මේ නැටුම සකස්‌ වී ඇත්තේ පෘථිවියේ මේ සංකිර්ණ චලිතය නිරූපණය කරමිනි. කොපර්නිකස්‌ ඉන් යම් දැනුමක්‌ භාරතයෙන් ලබාගෙන තිබිණි. එහෙත් කොපර්නිකස්‌ ගෙන ගිය ඒ දැනුම ඉතාලියේ දී ක්‍ෂණිකව නො පිළිගැනිණි. 

පසුව ගැලීලියෝ කොපර්නිකස්‌ ගේ මතය පිළිගෙන එය ඉගැන්වීම ඇරඹී ය. ගැලීලියෝ එවකට ඉතාලියේ සිටි උගතුන් ගෙන් අතිවිශාල බහුතරය පිළිගෙන සිටි මතයට විරුද්ධ මතයක්‌ ප්‍රචාරය කළේ ය. ඉතාලියේ එවකට සිටි උගත්තු සමස්‌තයක්‌ ලෙස ගත් කල ගැලීලියෝ ගේ අදහස්‌ නො පිළිගත් හ. එකල ද ඉතාලියේ මහාචාර්ය අමරතුංග වැන්නන් සිටියාට සැකයක්‌ නැත. ඔවුන් අන් අය නො පිළිගන්නා අදහස්‌ ප්‍රචාරය කිරීම පිළිබඳව ගැලීලියෝට විරුද්ධ වන්නට ඇත. එහෙත් ගැලීලියෝ එවැනි ගතානුගතික ඊනියා උගතුන් කී දේ තඹයකට වත් මායිම් නො කරන්නට ඇත. 

අඩු තරමෙන් ගැලීලියෝට විරුද්ධ වූවන්ට එසේ කිරීමට තර්කයක්‌ විය. මේ තර්කය අපේ ප්‍රවාද මගින් ප්‍රකාශ කෙරී ඇත. පොළොව ගමන් කරන්නේ නම් නටුවෙන් ගිලිහුණු පොල් (ඇපල්) ගෙඩියක්‌ ගහ මුල වැටෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයක්‌ විය. තරමක අතිශයෝක්‌තියෙන් කියන්නේ නම් පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. ඒ තර්කයෙහි වරදක්‌ නැත. පාප් වහන්සේ ගැලීලියෝට කියා සිටියේ පොළොව ගමන් කරන්නේ නම් ඒ බව ඉගැන්වීමට පෙර එය ඔප්පු කරන ලෙස ය. ඇතැම් විට ඇතැම් අය යම් යම් දේ ඔප්පු කරන ලෙස ඉල්ලන්නේ ඔප්පු කිරීම පිළිබඳ මනා අවබෝධයකින් නො වේ. පාප් වහන්සේ මෙන් ම අමරතුංග මහතා ද ඔප්පු කිරීම යන්න හදාරා නැත. 

එහෙත් මම පාප්වහන්සේට ගරු කරමි. එසේ කරන්නේ උන්වහන්සේ තම චින්තනය වූ කතෝලික චින්තනය වෙනුවෙන් පෙනී සිටි නිසා ය. අමරතුංග මහතා පෙනී සිටින්නේ සිංහලයන් ගේ චින්තනය වෙනුවෙන් නො ව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය වෙනුවෙනි. සංයුක්‌ත වූ කතෝලික චින්තනයෙහි පාප්වහන්සේ ගේ තර්කය නිවැරැදි ය. උන්වහන්සේ තම තර්ක ඉදිරිපත් කළේ සංයුක්‌ත චින්තනයක ය. අපට පොල් ගෙඩි හුදු ප්‍රත්‍යක්‍ෂ නො වූවත් ප්‍රත්‍යක්‍ෂ ලෙස ගත හැකි වෙයි. පොල් ගෙඩිය පංචෙන්ද්‍රියයන් ගෙන් කිසි ම ඉන්ද්‍රියයකට ගෝචර නො වෙයි. එහෙත් අපට පොල් ගෙඩිය පිළිබඳ යම් ආකාරයක ප්‍රත්‍යක්‍ෂයක්‌ මනස ද ආධාරයෙන් ලබාගත හැකි ය. එපමණකට පොල් ගෙඩිය සංයුක්‌ත වෙයි. 

අමරතුංග මහතා නො දනිතත් ඔප්පු කිරීම් කෙරෙන්නේ යම් පද්ධතියක ය. ඒ ඒ දැනුම් පද්ධතියෙහි ආකල්ප, න්‍යාය ආදිය වෙයි. එය චින්තනයක්‌ මත පදනම් වෙයි. පාප් වහන්සේ ගේ සංයුක්‌ත චින්තනයෙහි පොල් ගෙඩි ප්‍රත්‍යක්‍ෂ වෙයි. පොළොව චලනය නො වෙයි. පොළොව චලනය වන බව අමරතුංග මහතා නිරීක්‍ෂණය කර තිබේ ද? පොළොව චලනය වීම අපේ සංයුක්‌ත අත්දැකීමක්‌ නො වේ. අපේ සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂය පොළොව චලනය නො වන බව ය. එමෙන් ම අපේ සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂය වන්නේ නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩිය ගහ මුල වැටෙන බව ය. ඒ පද්ධතිය තුළ වූ ගතිකය අනුව පොළොව චලනය වන්නේ නම් පොල් ගෙඩිය වැටිය යුත්තේ අල්ලපු වත්තේ ය. එහෙත් පොල් ගෙඩි වැටෙන්නේ ගහ මුල ය. ගැලීලියෝ ගේ කතාව, එනම් පොළොව චලනය වන බව හා නිරීක්‍ෂණය අතර පරස්‌පරයක්‌ ඇත. 

පාප්වහන්සේ ගැලීලියෝට කීවේ පොළොව ගමන් කරන බව ඔප්පු කරන ලෙස ය. අමරතුංග මහතාට එය කළ හැකි ද? ගැලීලියෝට නම් එසේ ඔප්පු කිරීමට නොහැකි විය. පාප්වහන්සේ කියා තිබුණේ පොළොව චලනය වන බව ඔප්පු නො කර එය නූගන්වන ලෙස ය. එහෙත් ගැලීලියෝ දිගින් දිගට ම තම ඉගැන්වීම කරගෙන ගියේ ය. පාප්වහන්සේ ගැලීලියෝ සිරගෙට නියම කළ හ. පාප්වහන්සේ එදා කළ වරදක්‌ නැත. ක්‍රියාවක්‌ වරදක්‌ වන්නේ යම් පද්ධතියකට සාපේක්‍ෂ ව ය. එකල තිබූ චින්තනය හා ඒ මත පදනම් වූ නීතිය ඇතුළු දැනුමට අනුව පාප්වහන්සේ වරදක්‌ කර නැත. වරද කර ඇත්තේ ගැලීලියෝ ය. 

අප මේ කතා කරන්නේ බටහිර විද්‍යාවේ තිඹිරිගෙහි සිදු වූ දේ ගැන ය. ගැලීලියෝට කතෝලික චින්තනය මත පදනම් ව පොළොව චලනය වන බව ඔප්පු කිරීමට නොහැකි විය. අප ඒ බව පිළිගත යුතු ය. ගැලීලියෝට සිදු වූයේ මහත් අභියෝගයකට මුහුණ දීමට ය. ඔහුට පොළොව චලනය වන බවට වූ දැනුම ලැබුණේ කොපර්නිකස්‌ ගේ මාර්ගයෙනි. කොපර්නිකස්‌ට එය ලැබී ඇත්තේ භාරතයෙනි. භාරතීයයන්ට ඒ දැනුම ලැබුණේ කෙසේ ද? එය ඔවුන්ගේ සංයුක්‌ත දැනුමක්‌ වී ද?

මා සිතන අයුරෙන් පැරැණි භාරතීයයනට හා සිංහලයන්ට එය සංයුක්‌ත දැනුමක්‌ විය. එය ඔවුන් ගේ ප්‍රත්‍යක්‍ෂයක්‌ විය. එහෙත් එය පංචෙන්ද්‍රියයන් ගෙන් ලබාගත් ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වී ය. ඔවුන් එය ලබාගත්තේ මනසින් විය යුතු ය. ආධ්‍යාත්මික ව මනස දියුණු කිරීමෙන් පොළොව තම අක්‍ෂය වටා භ්‍රමණය වන බව හා සූර්යයා වටා ගමන් කරන බව ඔවුන් දකින්නට ඇත. අප ගෙන් ඇතමකුට ද මනස දියුණු කිරීමෙන් ඒ ආකාරයෙන් දැනුම ලබාගත හැකි යෑයි මම විශ්වාස කරමි. එහෙත් වත්මන් අධ්‍යාපන ක්‍රමයෙහි එවැනි ධ්‍යාන ලබාගැනීම්වලට ඉඩක්‌ නැත. 

මා කැලණිය විශ්වවිද්‍යාලයෙහි විද්‍යා පිඨයෙහි පීඨාධිපති ලෙස කටයුතු කරද්දී සිසුන්ට භාවනාව සඳහා විද්‍යා පීඨයෙහි ඉඩකඩ සපයා දුන්නෙමි. එහෙත් එයට බලවත් විරෝධතාවක්‌ විද්‍යා පීඨයෙහි සිංහල බෞද්ධ යෑයි කියාගන්නා ඇදුරන් ගෙන් ම මතු විණි. එහි දී විද්‍යාලංකාරයට භාවනාව තහනම් ද යනුවෙන් ඉරිදා දිවයින පුවත්පතට ලිපියක්‌ ලිවීමට ද මට සිදු විය. අපි අවුරුදු දහ තුනක පාසල් අධ්‍යාපනයක්‌ ලබා වසර තුනක හෝ හතරක හෝ විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක්‌ ද ලබා ඉන්පසු අවුරුදු තුන හතරක නැත හොත් එයටත් වඩා වැඩි කලක පශ්චාත් උපාධි අධ්‍යාපනයක්‌ ලබන්නෙමු. ඊනියා පර්යේෂකයන් සරසවි ඇදුරන් ආදීහු එලෙස අවුරුදු විස්‌සකට වඩා බටහිර ක්‍රමයට පුහුණුවක්‌ ලැබූවෝ වෙති. 

අමරතුංග මහතා ද එසේ යෑයි සිතමි. ඒ අවුරුදු විස්‌සෙන් පසුව ද බොහෝ දෙනා ඊනියා පර්යේෂණවල යෙදෙති. එහෙත් ඔවුන් විසින් ඉදිරිපත් කෙරී ඇති නව සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ වේ ද? ඔවුන් ආචාර්ය, උසස්‌ ආචාර්ය උපාධිධාරී මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්, සම්මානිත මහාචාර්යවරුන් විය හැකි ය. එහෙත් ඔවුන් නමින් ඇති සංකල්පයක්‌, ප්‍රවාදයක්‌ නැත. එසේ වුවත් පැරැණි සිංහලයෝ තෙල්මේ නැටුමෙහි සංකීර්ණ සූර්ය චලිතය නිරූපණය කළ හ. ඔවුන්ට තිබුණේ ආධ්‍යාත්මික ශක්‌තිය හා ඒ ඇසුරෙන් ලබාගත් දැනුමකි. 

අපේ පාසල්වල, සරසවිවල කාලපරිච්ඡේද වෙන් නො කරන්නේ ඇයි? ඒ සඳහා පංති කාමර ලබා නො දෙන්නේ ඇයි? අපේ දැනුම ඊනියා පර්යේෂණ මත නො ව ආධ්‍යාත්මික දියුණුව මත පදනම් වී ඇත. ටික කලකට පෙර ජනාධිපතිතුමා පාසල්වල පංති කාමරයක්‌ භාවනාවට වෙන් කරන ලෙස ඉල්ලා සිටියේ ය. එහෙත් අධ්‍යාපන බලධාරීන් ඒ ගැන කිසිවක්‌ කළ බවක්‌ දැනගන්නට නැත. නිවන් අවබෝධ කරගැනීම සඳහා කරන භාවනාවක්‌ නො වූවත් දැනුම නිර්මාණය කිරීමේ මාර්ගයක්‌ ලෙස එවැනි භාවනාවක වැදගත්කමක්‌ ඇත. 

ඒ කුමක්‌ වුවත් ගැලීලියෝ මුහුණ දුන්නේ ඉතා අසීරු ප්‍රශ්නයකට ය. ඔහුට පොළොවේ චලනය පිළිබඳ දැනුම ලැබී තිබුණේ ආධ්‍යාත්මික ව ඒ දැනුම ලබාගත් සංස්‌කෘතියකිනි. කතෝලික සංක්‌තෘතියෙහි ද යුදෙවු සංස්‌කෘතියෙහි ද ග්‍රීක සංස්‌කෘතියෙහි ද දෙවියන් ගෙන් දැනුම ලබාගැනීමේ සම්ප්‍රදායක්‌ විය. එහෙත් ඒ සංස්‌කෘතීන්ට පදනම් වූ චින්තන එකතු වීමෙන් නිර්මාණය කෙරුණු ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ඒ සම්ප්‍රදාය ප්‍රතික්‍ෂෙප විය. 

දෙවියන් ගෙන් දැනුම ලබාගැනීම මත පාප්වහන්සේ ගේ ආධිපත්‍යය තහවුරු වී තිබිණි. නව චින්තන විප්ලවයෙන් අභියෝග කෙරුණු එක්‌ කරුණක්‌ වූයේ පාප්වහන්සේ ගේ ආධිපත්‍ය ය. එබැවින් ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි එසේ දෙවියන්ගෙන් ලබාගත් දැනුම ප්‍රතික්‍ෂෙප විය. ඉන්ද්‍රිය ගෝචර, එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන දැනුමක්‌ පමණක්‌ නව චින්තනයෙහි ආකෘතික ව පිළිගැනිණි. අද වන විට ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි දෙවියන් වහන්සේ වුව ද නො පිළිගැනෙයි. 

අද දක්‌වා එකී චින්තනයෙහි විකාශයට කලක්‌ ගත වී ඇත. ගැලීලියෝ පාප්වහන්සේට අවනත නො වූ නමුත් භක්‌තිමත් කතෝලිකයෙක්‌ විය. නව චින්තනයක ආරම්භයේ දී එවැනි ගැටලු මතු වීම අපේක්‍ෂා කළ යුතු ය. ගැලීලියෝට දෙවියන් ගෙන් දැනුම ලබාගත නොහැකි විය. එසේ කරන්නට යෑයි ඉල්ලා සිටීමට ද ඔහුට නොහැකි විය. ඔහුට නව චින්තනයෙන් ලැබුණු භාවනාවක්‌ ද නො වී ය. එසේ නම් පොළොව චලනය වන්නේ ය යනුවෙන් ඔහු කොපර්නිකස්‌ ගේ නමින් ඉදිරිපත් කළ එහෙත් සිංහලයන්ට ද (පොළොවේ චලනය ගැන ඉගැන්වීමේ දී අඩු තරමෙන් තෙල්මේ නැටුම ගැන සඳහන් කරවීමට අධ්‍යාපන බලධාරීන්ට පියවර ගත හැකි ද?) තිබූ දැනුම හා පොල් ගෙඩිය ගහ මුල වැටීම නම් නිරීක්‍ෂණය අතර වූ පරස්‌පරයට විසඳුමක්‌ දුන්නේ කෙසේ ද? ඔහු නැවතත් ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුමක්‌ කරා ගියේ ය. එය නව චින්තනයට පටහැනි වුවත් පසු කලෙක අර්නස්‌ට්‌ මාක්‌ නම් ඉන්ද්‍රියානුභූතවාදයෙහි පුරෝගාමියකු පරමාණුවට විරුද්ධ වන තුරු කිසිවකු එහි වරදක්‌ දුටු බවට සාක්‍ෂි නැත. ගැලීලියෝ ප්‍රශ්නයට විසඳුම ලෙස ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත දැනුම් නිර්මාණය කළේ ය. ඔහු පට්‌ටපල් බොරු ගොතන්නට පටන් ගත්තේ ය. බටහිර විද්‍යාව ආරම්භ විය. 

නලින් ද සිල්වා


2013/12/19 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 2, 2014, 6:59:19 PM1/2/14
to ind...@googlegroups.com
පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට
බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි දැයි ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාට තවමත් වැටහෙන්නේ දැයි නො දනිමි. බොහෝ විට අපට වැටහෙන්නේ අප ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණ ය. අනෙක්‌ දේ අපට නො තේරෙයි. එවිට අප බොහෝ විට කියන්නේ අදාළ කරුණ නිසි ලෙස තේරුම් කර දී නොමැති බව ය. පස්‌වැනි පංතිය තෙක්‌ ඉගෙන ඉන් පසු පාසල හැර යන සිසුවකුට සාමාන්‍ය පෙළ මට්‌ටමේ උගන්වන ආකාරයෙන් (ආකෘතියෙන්) යමක්‌ තේරුම් කර දුන හොත් බොහෝ විට ඔහුට එය අවබෝධ නො වීමට ඉඩ ඇත. 

මෙරට පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය දළ වශයෙන් කොටස්‌ හතරකට බෙදිය හැකි ය. ඉංගිරිසින් ගෙන් ලබාගත් මේ අධ්‍යාපනය රැකියාව සමග බැඳී ඇත. අධ්‍යාපනය පිළිබඳ බොහෝ ප්‍රශ්නවලට මුල අධ්‍යාපනය රැකියා සමග බැ`දී තිබීම ය. ළමයින් පාසල්වලට ඇතුළත් කිරීම, පහේ ශිෂ්‍යත්වය, විශ්වවිද්‍යාල ප්‍රවේශය හා නිදහස්‌ අධ්‍යාපනය පිළිබඳ ගැටලු ආදී ප්‍රශ්න සියල්ල අධ්‍යාපනය හා රැකියාව අතර ඇති කරුමක්‌කාර සම්බන්ධය සමග ගැටගැසී ඇත. අධ්‍යාපනඥයන් තම 

රැකියාව වෙනුවෙන් මොන බොරු දෙසා බෑවත් සියයට අනූ නවයක්‌ නො ව එයටත් වඩා වැඩි පිරිසක්‌ ඉගෙනගන්නේ හොඳ යෑයි කියන සමාජ වැදගත්කමක්‌ ඇති රැකියාවක්‌ කිරීමට මිස දැනුම ලබාගැනීමේ පරම පවිත්‍ර ෙච්තනාවෙන් හෝ ඊනියා පූර්ණ මිනිසුන් වීමේ බලාපොරොත්තුවෙන් හෝ නො වේ. 

බටහිර රටවල මෙය ප්‍රශ්නයක්‌ නො වන්නේ ඔවුන් ගේ අධ්‍යාපනය ඒ රටවල ආර්ථිකය විසින් ඇති කෙරෙන 

රැකියාවලට පුහුණු කිරීම සඳහා සැකසී ඇති බැවිනි. එහෙත් අප වැනි රටවල එසේ නො වේ. අපේ අධ්‍යාපනය කලින් ම සකස්‌ කෙරී ඇත. ඒ බොහෝ දුරට බටහිර අනුකරණයකි. අප රැකියා ඇති කරන්නේ ඉන් පසුව ය. එය ද අතනින් මෙතනින් කෑලි එල්ලූ මෙරටට නො ගැලපෙන ආර්ථිකයක්‌ හා ඊනියා සංවර්ධනයක්‌ ඉලක්‌ක කරගනිමිනි. මේ ප්‍රශ්නවලට පිළිතුරු ඇති නමුත් සමාජය වත් ආණ්‌ඩුව වත් ඒ පිළිගැනීමට තවමත් සූදානම් නැත. බොහෝ විට කෙරෙන්නේ විසඳුම ලෙස ඉංගිරිසි කලිසමට (ඇඳුමට - මෙය චීන ද ඉංගිරිසි ද යන පඬි කතා අවශ්‍ය නො වේ) අණ්‌ඩ දැමීම, කෑලි එල්ලීම පමණ ය. එයින් ප්‍රශ්නය තවත් අවුල් වෙයි. 

ප්‍රාථමික අධ්‍යාපනයෙන් කෙරෙන්නේ දරුවන්ට ඉතා සංයුක්‌ත දැනුමක්‌ තොරතුරු ලෙස ලබා දීම ය. එහි වියුක්‌ත බවක්‌ නැතිවා නො වේ. අකුරු කියවීම හා ලිවීම වුව ද තරමක්‌ වියුක්‌ත ය. ශබ්දයක්‌ සංකේතයකින් නිරූපණය කිරීම සුළු වශයෙන් වුව ද වියුක්‌ත ක්‍රියාවකි. ඇතැම් සිසුන්ට අකුරු කියවීම ද ප්‍රශ්නයක්‌ වන්නේ එබැවිනි. අංක ගණිතය කෙසේ වුවත් එයටත් වඩා වියුක්‌ත ය. සිසුන් සෑහෙන සංඛ්‍යාවකට අංක ගණිතය අමාරු වීම පුදුමයක්‌ නො වේ. 

හයවැනි ශ්‍රේණියේ සිට සාමාන්‍ය පෙළ දක්‌වා ඇත්තේ ප්‍රාථමික අධ්‍යාපනයට වඩා විශ්ලේෂණයට තරමක්‌ බර අධ්‍යාපනයකි. එහි වියුක්‌ත බව වැඩි ය. එහෙත් ඔරොත්තු නො දෙන්නක්‌ නො වේ. එසේ වුවත් වියුක්‌ත චින්තනය අසීරු සිසුහු මේ අවස්‌ථාවේ දී අධ්‍යාපනයෙන් සමුගනිති. සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයේ ගණිතය බොහෝ සිසුන්ට අසීරු ය. බොහෝ සිසුහු ගණිතයෙන් අසමත් වෙති. බටහිර විද්‍යාව දිගට ම හැදෑරීමට බලාපොරොත්තු නො වන සිසුන් සඳහා වියුක්‌ත බව අඩු ගණිත නිර්දේශයක්‌ සකස්‌ නො කරන්නේ එයින් ඒ සිසුන් ගේ සමාජ වැදගත්කම අඩු වන්නේ යෑයි සිතන බැවින් ද? ඒ සිසුන්ට තමන්ට හැකි ගණිතයකින් සමත් වීමට ඉඩ නො දී වියුක්‌ත බවින් වැඩි ගණිතයකින් අසමත් කිරීමෙන් ඔවුන් ගේ සමාජ වැදගත්කම වැඩි වන්නේ ද?

උසස්‌ පෙළ දී වියුක්‌ත බව තවත් වැඩි වෙයි. සෞන්දර්ය විෂය වුව ද හැදෑරෙන්නේ වියුක්‌ත පසුබිමක ය. ප්‍රායෝගික පරීක්‍ෂණ නො වන්නට ගීතයක්‌ ගැයීමට, චිත්‍රයක්‌ ඇඳීමට නොහැකි සිසුන් වුව ද චිත්‍රකලාවේ ඉතිහාසය, එනම් බටහිරයන්ට සාපේක්‍ෂව ලියෑවුණු ඉතිහාසය බටහිර විචාරය ආදී කරුණු දැනගෙන අදාළ විෂයයන් ගෙන් උසස්‌ පෙළ සමත් වනු ඇත. අනෙක්‌ අතට හොඳින් වියුක්‌ත ව සිතීමට හැකි එහෙත් ප්‍රායෝගික ව පරීක්‍ෂණ කිරීමට අසමත් සිසුන්ට බටහිර විද්‍යාවේ ප්‍රායෝගික පරීක්‍ෂණවලින් අසාධාරණයක්‌ සිදු වෙයි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී වියුක්‌ත බව තවත් වැඩි වෙයි. බුදුදහමෙහි සමාජ දර්ශනය වැනි බුදුන්වහන්සේ වත් සිතී යෑයි කිව නොහැකි බටහිර පට්‌ටපල් බොරුවලට විශ්වවිද්‍යාලවල දී ලැබෙන වැදගත්කම වැඩි වෙයි. කිසි ම ශ්‍රද්ධාවක්‌ නැති බෞද්ධ සංස්‌කෘතිය පිළිබඳ උපාධිධාරීන් බිහි වන්නේ එවැනි පසුබිමක ය. විශ්වවිද්‍යාලයෙහි දී වියුක්‌ත බව වැඩි වුවත් උසස්‌ පෙළ දී තිබූ විචාරශීලී බව ගිලිහෙයි. නිර්මාණශීලී බව මොට වෙයි. ප්‍රශ්න පත්‍ර සකස්‌ කරනු ලබන්නේ ගුරුවරුන් විසින් වීම හේතුවෙන් සහ ගුරුවරුන්ට නිර්මාණශීලීව ප්‍රශ්න පත්‍ර සකස්‌ කිරීමට නොහැකි බැවින් වියුක්‌ත බව ද කටපාඩම් කිරීමෙන් ලබාගත හැකි අවස්‌ථාවක්‌ උදා වෙයි. පංති සාමර්ථ්‍ය ලබාගත් බොහෝ උපාධිධාරීන්ට ඇත්තේ කටපාඩමින් ලබාගත් වියුක්‌ත අධ්‍යාපනයකි. එයටත් වඩා අභාග්‍යයක්‌ තිබිය හැකි ද? ඔවුහු ආකෘතික උගත්තු වෙති. 

ඉතා කෙටියෙන් නමුත් මේ වෙනස්‌කම් මෙහි සඳහන් කළේ පහේ ශිෂ්‍යත්ව විභාගය විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් පුහුණු කරන සිසුන් තෝරාගැනීම සඳහා සුදුසු පරීක්‌ෂණයක්‌ නො වන බව කීමට ය. සාමාන්‍ය පෙළ පරීක්‌ෂණය ගැන ද කිව යුත්තේ එය ය. සූපශාස්‌ත්‍ර පර්යේෂණකරුවකුට සිසුන් ගේ පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල, සාමාන්‍ය පෙළ ප්‍රතිඵල, උසස්‌ පෙළ ප්‍රතිඵල හා විශ්වවිද්‍යාල උපාධි ප්‍රතිඵල අතර සහසම්බන්ධයක්‌ තිබේ දැයි ඊනියා පර්යේෂණයකින් දැනගත හැකි ය.

එක්‌ එක්‌ අවස්‌ථාවල දී ඒ ඒ අවස්‌ථාවේ රාමුවට හැඩගැසීමට හැකි සිසුවෝ ඒ ඒ අවස්‌ථාවේ දක්‌ෂ යෑයි නම් කෙරෙති. ප්‍රාථමික පාසලේ දක්‌ෂකම් පෙන්නුම් කර උසස්‌ යෑයි සම්මත පාසල්වලට ඇතුළත් වන සිසුන් ගෙන් යම් පිරිසක්‌ දිගින් දිගට ම තම දක්‌ෂකම රැකගැනීමට අසමත් වෙති. එයට නව පාසලේ පරිසරයට හැඩගැසීමට නොහැකි වීම ආදි වෙනත් හේතුන් ද තිබිය හැකි නමුත්, ප්‍රථමික අධ්‍යාපනයේ හා ද්වීතියීක තෘතීයික අධ්‍යාපනවල අතර ඇති වෙනස ද එහි දී බලපාන බව පැහැදිලි ය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය විචාරයට තෝතැන්නක්‌ නො වන බව මම අත්දැකීමෙන් ම දනිමි. එහි දී බොහෝ විට දක්‌ෂතා පෙන්වන්නෝ අදාළ ආකෘතියට හැඩගැසීමට හැකි වූවෝ ය. යමකු දක්‌ෂයකු වන්නේ යම් පරිසරයකට ආකෘතියකට සාපේක්‌ෂ ව ය. 

ඊනියා පර්යේෂණ හා එහි ප්‍රතිඵල ලෙස ලැබෙන පශ්චාත් උපාධි ගැන කීමට ඇත්තේ වඩාත් ශෝචනීය කතාවකි. එංගලන්තයේ, ඇමෙරිකාවේ, බටහිර යුරෝපයේ හා නැෙ`ගනහිර යුරෝපයේ ආචාර්ය උපාධිවලට පුහුණු කිරීමේ දී යොදාගන්නා විධික්‍රම එකිනෙකින් වෙනස්‌ වෙයි. එහෙත් එහි දී පොදු බවක්‌ ද ඇත. මූලික වශයෙන් ගත් කල පශ්චාත් උපාධිවලින් කෙරෙන්නේ බටහිර රටවලට ඇති ප්‍රශ්නවලට එතෙක්‌ තමන් දන්නා (නිර්මාණය කරගත්) දැනුම ඇසුරෙන් විසඳුම් සෙවීම ය. එහෙත් එය ද නො කෙරෙන, උපාධි නිබන්ධනයට හුදු දත්ත එක්‌රැස්‌ කිරීම් පමණක්‌ කෙරෙන අවස්‌ථා ද ඇතැම් විට දැකිය හැකි ය.

කාල් පොපර් විසින් කියන ලද ආකාරයේ අසත්‍යකරණ එහි දී නො සිදු වෙයි. එමෙන් ම ආචාර්ය උපාධිවලට හෝ ඊනියා පර්යේෂණ මත ප්‍රදානය කෙරෙන විද්‍යාපති, ශාස්‌ත්‍රපති, දර්ශනපති ආදී උපාධිවලට හෝ ඉදිරිපත් කෙරෙන නිබන්ධවලින් දැනුමට ප්‍රදානයක්‌ කෙරෙන්නේ යෑයි කීම ද වැදගත්කම රකින බොරුවක්‌ පමණකි. ගැටලු විස`දීම් හැරෙන්නට ඉන් සිදු වන ඊනියා ප්‍රදානයක්‌ නැත. ඇතැම් නිබන්ධවලින් කෙරෙන්නේ කලින් සඳහන් කළ ආකාරයට දත්ත එක්‌රැස්‌කිරීම් පමණකි.

කෙසේ වෙතත් මේ නිබන්ධන ඉදිරිපත් කිරීමේ ආකෘති වෙයි. අවශ්‍ය වන්නේ ආකෘතිය අනුව දත්ත එක්‌රැස්‌ කර, ඇතැම් විට ගැටලුවක්‌ විසඳා නිබන්ධය ලිවීම ය. එහි දී නිර්මාණශීලීත්වය ප්‍රථම උපාධි මට්‌ටමෙන් ද පහතට වැටෙයි. වැදගත් වන්නේ ආකෘතිය ය. මේ සූපශාස්‌ත්‍ර පර්යේෂණ ය. සූපශාස්‌ත්‍රයේ දී ඒ ඒ අවස්‌ථාවෙහි දී කළ යුත්තේ කුමක්‌ දැයි පොතේ සඳහන් කෙරී ඇත. නිබන්ධ ඉදිරිපත් කිරීමට වැඩ කෙරෙන්නේ ද ඒ අයුරෙන් ය. අද ඊනියා පර්යේෂණ විධික්‍රම (රුseaරජය පැඑයදාදකදටහ) යනුවෙන් ඉගැන්වෙන්නේ මේ සූපශාස්‌ත්‍ර ක්‍රමවේදය ය.

ඊනියා පර්යේෂණ පත්‍රිකාවලින් ද සමස්‌තයක්‌ ලෙස ගත් කල දැනුමට කෙරෙන ප්‍රදානයක්‌ නැත. ආකෘතියට අනුව දත්ත රැස්‌ කර ආකෘතික විශ්ලේෂණයක්‌ ම`ගින් ඊනියා නිගමනවලට එළඹීම මෙහි දී ද සිදු කෙරෙයි. එහෙත් මේ දත්ත රැස්‌කිරීම් හා ගැටලු විසඳීම් මඟින් ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නිර්මාණය කිරීමට දක්‌ෂයන්ට ඇතැම් විට කල්පනා කිරීමට අවස්‌ථාව උදා වෙයි. ඔවුහු බොහෝ විට අනෙක්‌ අය ගේ දත්ත හා විසඳුම්වල යම් පරස්‌පර දකිති. ඒ පරස්‌පරවලට විසඳුම් නිර්මාණය කිරීම නම් දැනුම නිර්මාණය කිරීමකි.

එහෙත් එලෙස දැනුම නිර්මාණය කරන්නෝ විරල වෙති. ඔවුහු ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනනයෙහි කිමිදුණු අය වෙති. එසේ නොමැති ව කළ හැකි නිර්මාණයක්‌ නැත. බටහිර අධ්‍යාපනයෙන් බටහිර රටවල එවැන්නෝ ද බිහි කෙරෙති. ඔවුන් සමහර විට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පරීක්‌ෂණවල දී එතරම් දක්‌ෂතා නො පෙන්වූ අය ද විය හැකි ය. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට එවැන්නන් සොයාගැනීම ප්‍රශ්නයක්‌ නො වේ. ඇල්බට්‌ අයින්ස්‌ටයින් එවැන්නෙක්‌ විය. 

අපේ රටෙන් එලෙස බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි දැනුම නිර්මාණය කරන්නන් බිහි නො වන්නේ අපට ඒ චින්තනය ආගන්තුක බැවිනි. අපෙන් බිහි වන්නේ පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස්‌ පෙළ, උපාධිය ආදිය ඉහළින් සමත් වන්නන් පමණකි. මෙරට ජනමාධ්‍ය එවැන්නන්ට විශාල ප්‍රචාරයක්‌ ලබා දෙන්නේ අපට අදාළ රාමුවල එවැනි ආකෘතික දක්‍ෂයන් මිස දැනුම නිර්මාණය කරන්නන් බිහි කරගැනීමට නොහැකි බැවින් විය හැකි ය. කෙසේ වෙතත් මෙරට සිංහල බෞද්ධ චින්තනයෙහි වුවත් දැනුම නිර්මාණය කරන්නන්ට සමාජ වැදගත්කමක්‌ හිමි නො වේ. එනම් සමාජය විසින් එවැන්නෝ එලෙස නො පිළිගැනෙති. එයට හේතුව මහාවිහාරික සම්ප්‍රදායක විසින් දැනුම නිර්මාණය කිරීමට වැටකඩුළු බැඳ තිබීම ය. 

මේ කරුණු අපට වැදගත් වන්නේ ගැලීලියෝ ගේ බොරුව තේරුම්ගැනීමට යැමේ දී ය. මහාචාර්ය අමරතුංග මහතාට ගැලීලියෝ ගේ බොරුව අවබෝධ වීමට ඉඩක්‌ නැත්තේ ඔහු මෙරට ආකෘතික රාමු අධ්‍යාපනයෙන් බිහි වූවකු බැවිනි. එමෙන් ම ඔහු මහාවිහාරික සම්ප්‍රදායේ පතාක යෝධයකු වූ බැවිනි. ගැලීලියෝ නිවුටන් හෝ අයින්ස්‌ටයින් හෝ මෙන් සුසමාදර්ශී වෙනසක්‌ කළ අයෙක්‌ නො වූ හ. එහෙත් ඔහු නව චින්තනය මත පදනම් ව රාමු වෙනසක්‌ සිදු කළේ ය. 

අප පසුගිය සතියේ සාකච්ඡා කළේ මේ රාමු වෙනස ය. ඒ වෙනස සමග ඔහු බටහිර විද්‍යාවේ අත්තිවාරම ද දැමී ය. ඒ අත්තිවාරම අන් කිසිවක්‌ නො ව ප්‍රත්‍යක්‍ෂය නො වූ වියුක්‌ත පට්‌ටපල් බොරු ගෙතීම ය. දැනුම ප්‍රත්‍යක්‍ෂය නො වූ කල, සංයුක්‌තය නො වී වියුක්‌තය වූ කල, බොරු ගෙතීම අමාරු කාර්යයක්‌ නො වේ. අමාරු කාර්යය වනුයේ සංගත ව බොරු ගෙතීම ය. ගැලීලියෝ බොරුව සංගත කිරීම සඳහා එතෙක්‌ පැවැති රාමුව වෙනුවට වෙනත් රාමුවක්‌ ඉදිරිපත් කළේ ය. පොල් ගෙඩිය අල්ලපු වත්තේ නො වැටී ගහ මුල වැටෙන්නේ ඇයි ද යන්න ඔහු තේරුම් කළේ රාමුව වෙනස්‌ කිරීමෙනි.

නලින් ද සිල්වා


2013/12/25 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 3, 2014, 9:25:24 PM1/3/14
to ind...@googlegroups.com
නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී පඹගාලක ද පැටලී ඇත

නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි පැවසීමෙන් නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී ඇත. එය ඔප්පු කර ගත නොහැකි ව වළෙන් ගොඩ ඒමට දඟලන ඔහු වකුගඩු රෝග, මී උණ වැනි නො දන්නා දේවල් ගැන දෙවියන් ද ඈඳගෙන නන් දොඩවා බොරු වළ තුළ වූ පඹගාලක ද පැටලී ඇත. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන මෙන් මා කළ ඉල්ලීමට පිළිතුරු සපයන ඔහු බටහිර විද්‍යාවේ උපන් ගෙයි දෝෂය නමින් ලිපියක්‌ ලියා ඇත. (විදුසර - 18. 12. 2013). එහෙත් ඔහු නවීන විද්‍යාව බොරුවක්‌ යෑයි ඔප්පු කොට නැත. ඔහු පවසන්නේ නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි චින්තනය හේතු කොටගෙන බව ය. එහෙත් එය එසේ වන්නේ කෙසේ දැයි පහදා දී නැත. මේ ලෙස කටමැත දෙඩීමෙන් සිදු වන්නේ ඔහු පඹ ගාලේ තවත් පැටලී වැටී ඇති බොරු වළෙන් ගොඩ ඒමට බැරි වීම ය.

බටහිර චින්තනයේ හෝ සංස්‌කෘතියේ බලපෑම් හේතු කොටගෙන නවීන විද්‍යාව භාවිත කරගන්නේ කුමක්‌ සඳහා දැයි තීරණය විය හැකි ය. නවීන විද්‍යාව මිනිසා ගේ සැපතට ද විපතට ද භාවිත කළ හැකි ය. එය එසේ වන්නේ විද්‍යාවේ ඇති වරදක්‌ නිසා නො වන බව නලින් ද සිල්වා මහතා තේරුම්ගෙන නැත. මුළු ලොව ම ග්‍රහණයට ගැනීම සඳහා බටහිර රටවල් විද්‍යාව භාවිත කරන බව නොරහසකි. එහෙත් එය සිදු වන්නේ විද්‍යාවේ වරදක්‌ නිසා නො වේ. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ වන්නේ එහි චින්තනය හේතු කොටගෙන බව නලින් ද සිල්වා මහතා ඔප්පු කොට පෙන්විය යුතු ය.

ඔප්පු කිරීම යන්නෙන් මා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි ඔහු අසයි. මෙය ප්‍රශ්නයෙන් ගැලවී යැමට දරන ප්‍රයත්නයක්‌ බව පැහැදිලි ය. ඔහු කළ යුතු ව ඇත්තේ ඔහු දන්නා ක්‍රමයක්‌ භාවිත කොට විද්‍යාව බොරුවක්‌ බව පැහැදිලි කිරීම ය. විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ඇති අවිනිශ්චිතභාවය (inconsistency) විවේචනයට ලක්‌ කිරීම කළ හැකි, කළ යුතු දෙයකි. එනමුත් විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසීම කට මැත දෙඩවීමක්‌ පමණි.

විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ඇති අවිනිශ්චිතභාවය අවම කළ හැකි බවට උදාහරණ රාශියකි. අහස්‌ යානාව ඉන් එකකි. හඳ ගැන ලබාගෙන ඇති දැනුම උපයෝගී කර ගනිමින් අයිසෙක්‌ නිව්ටන් ගේ න්‍යාය භාවිත කොට හඳට පා තැබීම විද්‍යාව බොරුවක්‌ නම් කළ නොහැකි දෙයකි. තම ජීවිත පරදුවට තබා ගගනගාමීන් හඳට යන යානාවට ඇතුළු වන්නේ විද්‍යාත්මක ක්‍රමවේදය ගැන ඇති විශ්වාසය නිසා ය. බොරුවක්‌ යෑයි කියන නිව්ටන් ගේ න්‍යාය ඇමෙරිකාවේ නාසා (NASA) ආයතනය විසින් අද දවසේ පවා දිනකට දහස්‌ වාරයකට වඩා ඔවුන් ගේ පර්යේෂණ සඳහා භාවිත කරනු ලබන බව සඳහන් වී ඇත. අන් රටවල ද එය එසේ ම සිදු වේ.

ඔප්පු කිරීම යන්නෙන් නලින් ද සිල්වා මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි රජරට වකුගඩු රෝගය පිළිබඳව ඔහු ගොතා ඇති ප්‍රලාපය මඟින් පැහැදිලි වේ. ඔප්පු කිරීම යන්නෙන් මුළු ලොව ම අදහස්‌ කරන්නේ පිළිගත හැකි සාක්‌ෂි ඉදිරිපත් වීමයි. එහෙත් නලින් ද සිල්වා මහතා ගේ ප්‍රලාපය ඔප්පු කිරීම සඳහා පිළිගත හැකි සාක්‌ෂි ඉදිරිපත් වී නැත. සාක්‌ෂි නොමැති ව එය ඔප්පු කරන ක්‍රමයක්‌ ලෙස ඔහු පවසා සිටින්නේ ඔහුට දෙවි කෙනකු ගෙන් සාක්‌ෂි ලැබුණු බව ය. මෙය සිනහවට කාරණයක්‌ නො වන්නේ විපතට කාරණයක්‌ වන හෙයිනි. මෙය පිළිගන්නා කෙනකු නොමැති වීම ගැන අප සතුටු විය යුතු ය. මෙවැනි මිථ්‍යා මත නිසා මේ රටට සිදු වන විනාශය නැවතිය යුතු ය. රජරට ජීවත් වන මිනිසුන්ට පිරිසිදු පානීය ජලය ලබා දීමට ගත් තීරණය පිළිබඳව ලැබිය යුතු ප්‍රශංසාව තම බැරට දමාගැනීමට නලින් ද සිල්වා මහතා තැත් කරයි. ගිලෙන මිනිසා පිදුරු ගහේ වුවත් එල්ලෙන බවට කතාවක්‌ ඇත.

විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ නො වන බව ඔප්පු කරන මෙන් නලින් ද සිල්වා මහතා මට අභියෝග කරයි. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බැරි වූ විට වෙන කුමක්‌ කරන්න ද? විද්‍යාව බොරුවක්‌ යෑයි පුqන පුනා පවසන්නේ ඔහු ය. එය ඔප්පු කොට පෙන්වන්නට පුළුවන් යෑයි හඬන`ගා කියන්නේ ඔහු ය. දිවයින පුවත්පතේ ද, The Island පුවත්පතේ ද නොයෙකුත් රූපවාහිනි වැඩසටහන් මඟින් ද ඔහු කිසි ම බයක්‌ නැති ව මේ බව පවසයි. එහෙත් අද වන තෙක්‌ ඔහු එය සිදු කොට නැත. නවීන විද්‍යාව බොරුවක්‌ වශයෙන් ඔප්පු වුව හොත් එය අලුත් දැනුමක්‌ වන්නේ ය. නැත හොත් එය කට මැත දෙඩවීමක්‌ පමණක්‌ වන්නේ ය. 

දැනුම යන්න කුමක්‌ දැයි එමානුවෙල් කාන්ට්‌ නමැති දාර්ශනිකයා අර්ථ දක්‌වා ඇත. එනම් යම්කිසි විශ්වාසයක්‌ (belief) සිද්ධාන්ත (facts) සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනේ. නලින් ද සිල්වා මහතා විද්‍යාව බොරුවක්‌ යෑයි විශ්වාස කරන බව පෙනේ. එනමුත් එම විශ්වාසය සමග එකඟ වන සිද්ධාන්ත කිසිවක්‌ ඔහු ඉදිරිපත් කොට නැත. 

මීට අවුරුදු 2600කට පමණ පෙර ජීවත් වූ බුදුරදුන් දැනුම ලබාගන්නට උපයෝගී කරගත් ක්‍රමය භාවිත කොට ද නලින් ද සිල්වා මහතා සිදු කරන අවිද්‍යාත්මක වැරැද්ද පෙන්වා දිය හැකි ය. බුදුරදුන් ගේ කාලයේ ද ඥන විභාගය පිළිබඳව ඉතා ම උද්‍යෝගිමත් විවාදයක්‌ පැවතුණු බව අපි දනිමු. මුල් උපනිෂද් ග්‍රන්ථවල දැනුම ලබාගැනීමේ ක්‍රම කීපයක්‌ සඳහන් වී ඇත. බුදුරදුන් ගේ සමකාලීන දාර්ශනිකයෝ සහ ආගමික කර්තෘවරු වෙනත් අදහස්‌ දැරුවෝ ය. අෙඥ්‍යවාදියකු වූ (sceptic) සංජය බෙල්ලට්‌ඨ§පුත්ත පැවසුවේ කිසි ම දැනුමක්‌ ලබාගත නොහැකි බව ය. භෞතිකවාදියකු වූ අත කේශකම්බල ගේ අදහස වූයේ ඔප්පු කළ හැකි දැනුම ලබාගත හැක්‌කේ අත්දැකීම් නැත හොත් ආනුභූතික ක්‍රම (empiricism)වලින් බව ය. දැනුම ලබාගැනීමට හැකි වූ ගුප්ත බලයක්‌ තමාට ඇති බව ආර්වක ගුරුතුමා වූ මක්‌ඛලී ඝෝසාල පැවසුවේ ය. දෙවියන් ගෙන් ලැබුණු බලයක්‌ පිළිබඳව ද සමහරු කටමැත දෙඩූ හ.

දැනුම ලබාගැනීමේ ක්‍රම තුනක්‌ මෙකල පැවතුණු බව බුදුහු හැඳිනගත් හ. ඒවා නම් 1) ආධිපත්‍යයට (authority) අනුකූලව පැරැණි ග්‍රන්ථ (scripture) මඟින් ලබාගන්නා දැනුම, 2) තර්කය (reason) මඟින් ලබාගන්නා දැනුම, 3) අත්දැකීම් නොහොත් ආනුභූතිකය මත පදනම් ව දැනුම ලබාගැනීම විය. බුදුරදුන් පැවසුවේ තමා භාවිත කරන්නේ තුන්වැනි එනම් ආනුභූතික (empiricism) ක්‍රමය බව ය. පැරැණි ග්‍රන්ථ සහ තර්කය භාවිත කොට දැනුම ලබාගැනීමේ අවදානම කාලාම සූත්‍රයේ සහ ලිච්ඡවී රජ දරුවන්ට කළ දේශනාවල සඳහන් වී ඇත. තමා ගේ ධර්මය වුව ද හොඳින් නිරීක්‌ෂණය කොට පිළිගත යුතු බව උන්වහන්සේ වදාළ හ.

බුදුරදුන් නිර්වාණය පිළිබඳ දැනුම ලබා ගත්තේ දෙවි කෙනකු ගෙන් හෝ ගුප්ත බලයකින් හෝ නො වන බව උන්වහන්සේ පැවසූ හ. (අංගුත්තර නිකාය). සංයුක්‌ත නිකායේ එන සබ්බම් (everything) නමැති සූත්‍රයේ බුදුරදුන් පවසන්නේ ඉන්ද්‍රිය මාර්ගයෙන් ලබාගන්නා දැනුම මිස වෙනත් දැනුමක්‌ නැති බව ය. තව ද නිඝණ්‌ඨනාථපුත්ත, මක්‌ඛලී ඝෝසාල වැනි සමකාලීන ආගමික කර්තෘන් මෙන් උන්වහන්සේ තමන් සියල්ල දන්නා (omniscient) බව නො පිළිගත් හ. 

(කෙවිඡ්ජ වච්ච ගොත්ත සූත්ත). එසේ ම බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වන අන්දමට බුදුරදුන් මිථ්‍යා මත බැහැර කොට ඇත. 

මේ නයින් බලන විට පැහැදිලි වන්නේ බුදුරදුන් ගේ ධර්මයට අනුව අත්දැකීම් මාර්ගයෙන් ලබාගන්නා ආනුභූතික දැනුම (empirical knowledge) හැරෙන්නට වෙනත් අදහස්‌ මතවාද දැනුම ලෙස පිළිsගත නොහැකි බව ය. එම නිසා විද්‍යාව, වකුගඩු රෝගය, මී උණ වැනි දේවල් පිළිබඳව නලින් ද සිල්වා මහතා දරන අදහස්‌ බුදුරදුන් ගේ ධර්මයට අනුව ද පිළිගත නොහැකි ය.

විදුසර සඟරාවේ 11.12.2013 වැනි දින පළ වූ මා ගේ ලිපියෙහි එක්‌තරා කොටසක්‌ කර්තෘ මණ්‌ඩලයෙහි දී සිදු ව ඇති සංස්‌කරණ දෝෂයක්‌ නිසා වැරැදි ආකාරයකින් පළ වී ඇත. එය නිවැරැදි කරන්නට අවශ්‍ය වී ඇත්තේ නලින් ද සිල්වා මහතා එහි එල්බගෙන පුරුදු පරිදි වැල්වටාරම්වල යෙදෙන හෙයිනි. මී උණ නමැති රෝගය පිළිබඳ සාකච්ජාවේ දී - කෘෂි රසායනික භාවිතයට පෙර මීයන් මුත්‍රා කළේ නැද්ද යන ප්‍රශ්නය මා විසින් අසන ලදැයි යන්න එකී සංස්‌කරණ දොaෂය වේ. මා ගේ ලිපියේ මා පැවසුවේ මී උණ පිළිබඳව පවතින වෛද්‍ය විද්‍යාත්මක මතය බොරු කිරීම පිණිස නලින් ද සිල්වා මහතා එම ප්‍රශ්නය ඇසූ බව ය. තව ද එය විහිළුවක්‌ නො වන්නේ මී උණ රෝගය වැළඳුණු රෝගීන් ඔහු ගේ බොරු විශ්වාස කොට ප්‍රතිකාර ගැනීම ප්‍රමාද කොට ජීවිතය නැති කර ගැනීමට ඉඩ ඇති බැවින් යෑයි ද මම පැවසුවෙමි. 

බටහිර වෛද්‍ය විද්‍යාවද බොරුවක්‌ බව නලින් ද සිල්වා මහතා පවසා ඇත. ඔහුට අනුව බටහිර වෛද්‍ය විද්‍යාව විසින් කරනු ලබන්නේ රෝග සුව කිරීම නො ව පාලනය කිරීම ය. මී උණ නිට්‌ටාවට සුව කළ හැක්‌කේ බටහිර වෛද්‍ය විද්‍යාවට පමණි. වෙනත් වෙදකම් කරන්නට ගොස්‌ මිය ගිය සංඛ්‍යාව සුළු පටු නො වේ. ක්‍ෂුද්‍ර ප්‍රාණීන් නිසා ඇති වන රෝග බොහොමයක්‌ බටහිර වෛද්‍ය විද්‍යා ක්‍රම මගින් සුව කළ හැකි ය. ක්‌ෂය රෝගයට වෙනත් වෙදකම් ගත හොත් මිය යැම වැළැක්‌විය නොහැකි ය. වසූරිය නැමැති භයානක රෝගය ලොවෙන් ම තුරන් වී ඇත්තේ බටහිර වෛද්‍ය විද්‍යාවට පින් සිද්ධ වන්නට ය. පෙර කල සුව කළ නොහැකි යෑයි සැලකූ රෝග බොහොමයක්‌ දැන් සුව කළ හැක්‌කේ බටහිර වෛද්‍ය විද්‍යාවේ වර්ධනය නිසා ය. ඉදිරි අනාගතයේ දී ද මෙය මෙලෙස ම සිදු වනු ඇත. දැනට මාරාන්තික ලෙස සැලකෙන පිළිකාව, හෘදයාබාධ වැනි රෝග අනාගතයේ දී සුව කළ හැකි රෝග බවට පත් වන ලකුණු දැනටමත් දැකිය හැකි බව කිව යුතු ය. ජාන (genes) පිළිබඳව කෙරෙන පර්යේෂණ, පියවි සෛල (stem cell) තාක්‌ෂණය වැනි ක්‍රමවලින් ලබාගන්නා දැනුම මෙවැනි රෝග සුව කිරීම පිණිස අනාගතයේ දී යොදාගත හැකි බව කිව යුතු ය. රෝගයක්‌ මතුපිටට එන්නට පෙර සෛලවල ඇති වන වෙනස්‌කම් හඳුනාගෙන පිළියම් කොට රෝගය සුව කිරීමේ තාක්‌ෂණය වර්ධනය වෙමින් පවතින බව කිව යුතු ය. මෙවැනි දැනුම් සම්භාරයකින් අනාගත පරපුරට සිදු විය හැකි යහපත කියා නිම කළ නොහැකි ය. මේ රටේ ජනතාවට ද ඉන් යහපතක්‌ සිදු විය හැකි ය. නලින් ද සිල්වා මහතා ගේ වෑයම එය නැවැත්වීම ය. 

මේ අතර නලින් ද සිල්වා මහතා 'ගැලිලියෝ බොරු කීවේ ඇයි? යන මැයෙන් ලිපියක්‌ ලියමින් තවත් විහිළුවක්‌ කර ඇත - විදුසර-25-12-13 - කොපර්නිකස්‌ නිරීක්‌ෂණය සහ ගණිත මාර්ගයෙන් විශ්වය පිළිබ`දව ලබාගත් දැනුම ගැලීලියෝ තම ටෙලස්‌කෝපය භාවිත කොට ලබාගත් දැනුම නිසා තහවරු වූ බව අපි දනිමු. ගැලීලියෝ තම සොයාගැනිම් ඉතාලියේ ප්‍රචාරය කරන විට ඊට විරුද්ධ ව නැ`ගී සිටියේ ඇරිස්‌ටෝටලියානු මතවල එල්බගත් විශ්වවිද්‍යාල මහාචාර්යවරු වූ හ. මා වැනි අය එකල ඉතාලියේ සිටියා විය හැකි බව නලින් ද සිල්වා මහතා පවසයි. ඒ මහතා මින් අදහස්‌ කරන්නේ ගැලීලියෝ ගේ මතවාදවලට එකල මහාචාර්යවරුන් විරුද්ධ වූවා සේ මෙකල මහාචාර්යවරුන් ද නලින් ද සිල්වා මහතා ගේ මතවාදවලට විරුද්ධ වන බවයි. මේ ගැන මට කිව හැක්‌කේ ලඡ්ජාවක්‌ නැති ව නලින් ද සිල්වා මහතා ගැලීලියෝ ගේ තත්ත්වයට තමා පත් කරගෙන ඇති බවයි. කොපර්නිකස්‌ විප්ලවය වැනි විප්ලවයක්‌ නලින් ද සිල්වා මහතා ලක්‌දිව ඇති කරන තෙක්‌ අපි බලා සිටින්නෙමු. එහෙත් වෙනසකට ඇත්තේ එකල ඉතාලියේ මහාචාර්යවරුන් විරුද්ධ වූයේ සාක්‌ෂි සහිතව ඉදිරිපත් වූ මතවාදවලට ය. අද ලක්‌දිව අප විරුද්ධ වන්නේ සාක්‌ෂි නොමැති ව ඉදිරිපත් වන නලින් ද සිල්වා මහතා ගේ ප්‍රලාපවලට ය. 

තව ද ඒ මහතා පවසන්නේ අප වැන්නන් කිසිදු සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ ගොඩන`ගා නැති බව ය. මට කියන්නට ඇත්තේ 'අපේ පුවාද' වැනි ප්‍රලාප ගොතනවාට වඩා අපට කළ හැකි දෙයක්‌ කිරීම යහපත් ක්‍රියාවක්‌ බව ය. තව ද ගැලිලියෝ ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රම මඟිත් කිසිවක්‌ සොයාගත්තේ නැත. මේ බව ඔහු ගේ ජීවිතයේ - උපත1564 - අවසාන කාලයේ වර්ෂ 1634 දී පළ කළ "Dialogue Concerning Two Sciences" නමැති ග්‍රන්ථය මඟින් සනාථ වී ඇත. ගැලීලියෝ බොරුවක්‌ කීවත් ඔහු විද්‍යාවට කළ මහැඟි සේවය බොරුවක්‌ වන්නේ වත් විද්‍යාව බොරුවක්‌ වන්නේ වත් නැත. 

මා නලින් ද සිල්වා මහතා ගෙන් නැවතත් ඉල්ලා සිටින්නේ පඹ ගාලේ තවත් පැටලෙන්නේ නැති ව වැටී සිටින බොරු වළෙන් ගොඩ ඒම පිණිස නවීන විද්‍යාව බොරු බව ඔප්පු කරන ලෙස ය.

මහාචාර්ය 
එන්. ඒ. ද. එස්‌. අමරතුංග DSc


2014/1/3 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 10, 2014, 4:58:32 AM1/10/14
to ind...@googlegroups.com
ගැලීලියෝ ද බොරු වළට ඇද ගැනීමට තැත් කිරීම

නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කරන්නට අසාර්ථක වෑයමක යෙදෙන නලින් ද සිල්වා මහතා "පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට" (විදුසර- 01-01-2014)- යන මැයෙන් ලිපියක්‌ ලියමින් ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සංයුක්‌ත වියුක්‌ත දැනුම පිළිබඳ ව පුරුදු පරිදි වැල්වටාරමක යෙදෙයි. එහෙත් නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක්‌ ඉදිරිපත් නො කරයි. ඔහු පවසන්නේ ඔහු කියන දෙය මට වැටහෙන්නේ නැති බවයි. මට වැටහෙන්නේ මා ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණක්‌ බව ඒ මහතා පවසයි. වාසනාවට අප බොහෝ දෙනකු සිටින්නේ ඒ ලෙස නිර්මාණය කරගත් ලෝකයක වීම සතුටට කාරණයකි. නැත හොත් මෙය පිස්‌සන් ගේ ලෝකයක්‌ වීමට ඉඩ ඇත.

ගැලීලියෝ පෘථිවියේ චලනය පිළිබඳ තම අදහස්‌ ඔප්පු කිරීම පිණිස මුහුදේ ගමන් කරන නැවක්‌ තුළ කළ හැකි පරීක්‌ෂණයක්‌ ගැන විස්‌තරයක්‌ කර ඇත. එම අදහස්‌ පසු කලක අයිසෙක්‌ නිව්ටන් ගේ න්‍යාය වර්ධනය කරගැනීමට උපකාර වූ බව සඳහන් වී ඇත. කෙසේ වුවත් අපට මෙතැන දී අදාළ වන්නේ ගැලීලියෝ බොරුවක්‌ කීවේ ඇයි ද යන්න නො ව එය බොරුවක්‌ බව ඔප්පු කරන්නේ කෙසේ ද යන්න ය. එය බොරුවක්‌ බව ඔප්පු කළ හැක්‌කේ විද්‍යාවට මිස දෙවියන්ට නො වේ. වෙන මොන ම ක්‍රමයකින් වත් එය කළ නොහැකි ය. විද්‍යාව බොරුවක්‌ නම් විද්‍යාවට එය කළ නොහැකි ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කළ හැක්‌කේ සත්‍යයට පමණි. විද්‍යාව විසින් ගැලීලියෝ බොරුවක්‌ කී බව ඔප්පු කරන විට සිදු වන්නේ විද්‍යාව සත්‍ය බව තවත් තහවුරු වීම මිස විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු වීම නො වේ. ගැලීලියෝ ගේ මතය බොරු බව ඔප්පු කරන්නට විද්‍යාවට හැකි නම් ඉන් පෙනී යන්නේ විද්‍යාවේ ඇති සත්‍යතාව මිස එහි ව්‍යාජත්වය නො වේ. මා මුලින් ම නලින් ද සිල්වා මහතා ගෙන් ඉල්ලා සිටියේ විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීම පිණිස විද්‍යාව ම භාවිත කර නො ගන්නා ලෙස ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කිරීමට බොරුවක්‌ යොදාගත නොහැකි බව ඒ මහතා නො දන්නවාට පහ වසරේ සිසුන් පවා දන්නවා විය යුතු ය. කරුණු තේරුම් කොට නො ගෙන ඇත්තේ මා නො ව ඔහු ය. විද්‍යාව බොරුවක්‌ නම් විද්‍යාව භාවිත කොට ගැලීලියෝ බොරුවක්‌ කී බව ඔප්පු කළ නොහැකි බව නලින් ද සිල්වා මහතා තේරුම් කරගෙන නැත. එනමුත් මට නො තේරෙන බව කියමින් ඔහු කටමැත දොඩවයි. අදහස්‌වලින් බංකොලොත් වූ විට, විරුද්ධවාදියා නො දත් පුද්ගලයකු බව පවසා අප්‍රසන්නතාව ඇති කොට අනෙකා නිශ්ශබ්ද කරවීමට ඔහු තැත් කරයි. එහෙත් ඔහුට දැන් ඉතිරි ව ඇත්තේ ගැලීලියෝ පමණක්‌ නො ව නිව්ටන්, අයින්ස්‌ටයින්, බෝහොර් වැනි අග්‍ර ගණයේ විද්‍යාඥයන් ද පවසා ඇත්තේ බොරු බව ඔහු ගේ මිත්‍ර දෙවිවරුන් ගේ මාර්ගයෙන් ඔප්පු කර පෙන්වා දීම ය. ඊට පෙර ඔප්පු කරනවා යන්නෙන් අදහස්‌ වන්නේ කුමක්‌ දැයි වටහාගත හොත් මැනවි. 

මීට අමතරව නලින් ද සිල්වා මහතා ඔහු ගේ වැල්වටාරම් මගින් විශ්වවිද්‍යාල පද්ධතිය තුළ විද්‍යාත්මක පර්යේෂණ සිදු වන අන්දම, ඒවා ඇගයීමට ලක්‌ කරන ආකාරය, පශ්චාත් උපාධි පිරිනැමෙන ක්‍රමය වැනි දේ ගැන අදහස්‌ දක්‌වා ඇත. මේවා අප ගේ මුල් ප්‍රශ්නයට එනම් විද්‍යාව බොරුවක්‌ ද යන්නට අදාළ නැත. එනමුත් ඔහුට එක්‌ දෙයක්‌ අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්‌ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක්‌ නිසා ද නැතිනම් මහාචාර්යවරයා ගේ සහජ දුර්වලතාවක්‌ නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක්‌ අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්‌සේරුවට ලක්‌ කරන්නේ මිදි ඇඹුල් බව පැවසූ උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක වී ඇත. 

ඔහු සමග එකඟ නො වන ඕනෑ ම පුද්ගලයකු බටහිර ගැත්තෙකු හෝ බටහිර සංස්‌කෘතියේ කිදා බැසගත්තකු බවට හංවඩු ගැසීම නලින් ද සිල්වා මහතා ගේ සිරිත වී ඇත. මෙය කටමැත දෙඩවීමක්‌ මිස තර්කාන්විත කියමනක්‌ නො වේ. අප වැන්නන්ට ඔහු කියන දෙය නො තේරෙන්නේ අප ලැබූ බටහිර ආකෘතියට නිමවූ අධ්‍යාපනය නිසා බව ඔහු පවසයි. තව ද මේවා මට නො තේරෙන්නේ මා මහාවිහාරික සම්ප්‍රදායේ පතාක යෝධයකු නිසා බව ද සාක්‌ෂි නැති ව ඔහු ඉදිරිපත් කරයි. මට ඇසිය හැක්‌කේ මෙවැනි බහුබූත තේරෙන්නේ කාට ද යන්න ය. බටහිර සංස්‌කෘතියේ කිදා බැසගත්තකු මහාවිහාරික සම්ප්‍රදායේ පතාක යෝධයකු වන්නේ කෙසේ දැයි මා නො අසන්නේ අපේ මුල් ප්‍රශ්නයෙන් පැන යන්නට ඔහු එය අවස්‌ථාවක්‌ කරගන්නා නිසා ය.

නලින් මහතාට අනුව නවීන විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ප්‍රත්‍යක්‌ෂය සිදු නො වන නිසා එය වියුක්‌ත පට්‌ටපල් බොරු ගොතන ක්‍රමයක්‌ මිස දැනුම ලබා දෙන්නක්‌ නො වේ. ප්‍රත්‍යක්‌ෂය යන්නෙන් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පහදා දී නැත. කෙසේ නමුත් එම වචනයේ තේරුම කුමක්‌ දැයි සොයා බැලීම මේ ප්‍රශ්නයට අදාළ විය හැකි ය. එම වචනය සෑදී ඇත්තේ ප්‍රති (ඉදිරියේ - before) අක්‌ෂි (ඇස හෝ අන් ඉන්ද්‍රියයන්) යන වචන එකතු වීමෙනි. ඒ නයින් බලන විට පෙනී යන්නේ ප්‍රත්‍යක්‌ෂය යන වචනයේ අරුත වන්නේ ඇස්‌ ඉදිරිපිට පැහැදිලි ( obvious explicit) යන්න ය. එම නිසා විද්‍යාව තුළ ප්‍රත්‍යක්‌ෂය සිදු නො වන බව කිව නොහැකි ය. 

නලින් මහතා හැම අංශයක ම විශාරදයකු හෙයින් ඔහු භාෂා විශාරදයකු ද විය හැකි ය. එසේ නම් ප්‍රත්‍යක්‌ෂය යන වචනයෙන් ඔහු අදහස්‌ කරන්නේ වෙනත් දෙයක්‌ විය හැකි ය. එම අරුත කුමක්‌ දැයි පවසා එය භාෂාත්මකව හරි දැයි පහදා දීම ඒ මහතා ගේ වගකීම ය. තව ද ඔහු අදහස්‌ කරන තේරුම ඇති ප්‍රත්‍යක්‌ෂය ක්‍රියාකාරී වන්නේ ශරීරයේ කුමන ඉන්ද්‍රියක හෝ අවයවයක ද? වකුගඩු රෝගය, මී උණ වැනි රෝග පිළිබද ව නලින් මහතා ලබාගත් දැනුම ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ ද? එසේ නො වන්නේ නම් එය බොරුවක්‌ ද? 

බුදුරදුන් ජීවත් වූ කාලයේ දැනුම ලබාගැනීමේ ප්‍රධාන ක්‍රම තුනක්‌ වූයේ ය. (1) පැරැණි ග්‍රන්ථවලින් (2) තර්කය මගින් (3) අත්දැකීම් නොහොත් ආනුභූතික මාර්ගය. තමන් භාවිත කළේ ආනුභූතික මාර්ගය බව උන්වහන්සේ වදාළ හ. (සංඝූරාව සුත්ත). උන්වහන්සේ මනුෂ්‍ය ශරීරයේ ඉන්ද්‍රියන් හයක්‌ හැදිනගත් සේක. මනස ඉන් එකක්‌ විය. මනස තුළ අදහස්‌ ජනිත වීම සහ අනෙකුත් ඉන්ද්‍රියයන් තුළ සංඥා ඡනිත වීම සමාන වැදගත්කමක්‌ ඉසිලී ය. ප්‍රඥාව ඇති කරගැනීම විශේෂ වූ ක්‍රියාදාමයක්‌ විය. ප්‍රත්‍යක්‌ෂය පිළිබඳව බුදුරදුන් විශේෂ වූ සඳහනක්‌ කළ බවට සූත්‍ර පිටකයේ ලියවී නැත. බුදුරදුන් භාෂා විශාරද වහන්සේ නමක්‌ වූ හ. ධර්මය පහදා දීම පිණිස උන්වහන්සේ අලුත් වචන නිර්මාණය කළ සේක. එනමුත් ප්‍රත්‍යක්‌ෂය යන වචනය විශේෂ අරුතකින් යුතු ව භාවිත කිරීමේ අවශ්‍යතාවක්‌ උන්වහන්සේට තිබුණේ නැත. උන්වහන්සේ නිවන අවබෝධ කරගැනීම පිළිබඳ ව දේශනා කරන අවස්‌ථාවල දී ද ප්‍රත්‍යක්‌ෂය යන වචනය භාවිත කොට නැත. 

නිව්ටන් ගේ බොරුවක්‌ වූ න්‍යාය යොදාගනිමින් හඳට යැම අරුමයක්‌ වන්නේ අප වැනි අයට බව නලින් මහතා පවසා ඇත. (දිවයින ඉරිදා සංග්‍රහය- 05-01-2014). මිනිසා හඳට යැම අරුමයක්‌ වන්නේ විද්‍යාව කෙරෙහි විශ්වාසයක්‌ තබන අපට නො ව ව්ද්‍යාච බොරුවක්‌ යෑයි කියන අයට විය යුතු ය. පට්‌ටපල් බොරුවක්‌ භාවිත කොට හඳට යා හැකි බව කියන අය යෑවිය යුත්තේ හඳට නොව පිස්‌සන් කොටුවට ය. 

මා පවසා සිටින්නේ නවීන විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට බැරි නම් ඒ බව පිළිගෙන බොරු වළෙන් ගොඩ එන ලෙස ය. ගැලීලියෝ වැනි අග්‍ර ගණයේ විද්‍යාඥයන්, බටහිර වූ පලියට, නලින් මහතා වැනි අය ගේ ගර්වය, උඩගුකම පිරවීම, පිනවීම සඳහා බොරු වළට ඇද දමන්ට ඉඩ දිය යුතු නැත.

මහාචාර්ය එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc




2014/1/4 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 16, 2014, 7:31:46 AM1/16/14
to ind...@googlegroups.com
මම බොරු වළෙන් ගොඩ ආවෙමි - මහාචාර්යවරයා
මාබොරු වළක වැටී ඇති බවත් පඹගාලක පැටලී ඇති බවත් ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ග්‍රෙගරියානු දින දර්ශනයට අනුව 2014 නව වසර අරඹමින් විදුසර පුවත්පත ම`ගින් ජනතාවට කියා ඇත. බොරු වළක්‌ ගැන ඒ මහතා සඳහන් කරන බැවින් මේ බොරු වළ කැපුවේ කවුද යන ප්‍රශ්නය ද මතු වෙයි. අංගුලිමාල බුදුන්වහන්සේ අමතමින් "මහණ නවතින්න" යෑයි කීවේ ය. එවිට බුදුන් වහන්සේ දේශනා කළේ තමන්වහන්සේ නැවතී ඇති බවත් අංගුලිමාල නැවතී නැති බවත් ය. මා අමරතුංග මහතාට කියන්නේ මා ගැලීලියෝ කැපූ බොරු වළෙන් ගොඩ වී දැන් අවුරුදු විසි පහකට වැඩි බවත් ඒ මහතා නම් තමා පාසල් සමයේ වැටුණු බොරු වළේ තවමත් සිටින බවත් ය. 

ඉහත සඳහන් කියමන සාදෘශ්‍යයක්‌ (analogy) පමණකි. එය සර්වසාම්‍යයක්‌ නො වේ. එයින් මා බුදුන්වහන්සේ සමග සංසන්දනය කිරීමක්‌ වත් අමරතුංග මහතා අංගුලිමාල සමග සංසන්දනය කිරීමක්‌ වත් සිදු වන්නේ නැත. අමරතුංග මහතාට සාදෘශ්‍ය ගැන වැටහීමක්‌ නැති බව පැහැදිලි ය. කෙසේ වෙතත් අංගුලිමාල නැවතුණේ ය. එහෙත් අමරතුංග මහතා මේ භවයේ දී වළෙන් ගොඩ නො එනු ඇත. ඔහුට ඒ සඳහා වාසනාවක්‌ නොමැති වීම ගැන මා කුමක්‌ කරන්න ද? තිලෝගුරු බුදුපියාණන් වහන්සේට තිබූ හැකියාවන් ගෙන් අංශු මාත්‍රයක්‌ වත් ගුරුවරයකු ලෙස මට නැත. 

අප සාදෘශ්‍යයකින් බලාපොරොත්තු වන්නේ ඒ සාදෘශ්‍යය මුළුමනින් ම සර්වසාම්‍යයක්‌ ලෙස යොදාගැනීම නො වේ. අද මා පළ කරන මතවලට අමරතුංග මහතා වැන්නන් විරුද්ධ වන ආකාරයෙන් එදා ගැලීලියෝ පළ කළ මතවලට ද විරුද්ධ වූවෝ සිටිය හ. එයින් මා ගැලීලියෝ සමග සංසන්දනය කෙරෙන්නේ වත් අමරතුංග මහතා එකල සිටි උගතුන් සමග සංසන්දනය කෙරෙන්නේ වත් නැත. ඒ බව කුඩා දරුවෙක්‌ වුව ද දනියි. එබැවින් අමරතුංග මහතා මා ලැඡ්ජාවක්‌ නැති ව ගැලීලියෝ ගේ තත්ත්වයට පත් කරගෙන ඇතැයි කියන්නේ ඔහු තවමත් කුඩා දරුවකු දන්නා දෙය වත් නො දන්නා බැවිනි. මට කිසිසේත් ම පට්‌ටපල් බොරු කියූ ගැලීලියෝගේ තත්ත්වයට පත් වීමට අවශ්‍ය නැත. 

අනෙක්‌ අතට අමරතුංග මහතා සංගතව කරුණු ඉදිරිපත් කිරීමට නො දනියි. මා ගැලීලියෝ ගේ තත්ත්වයට පත් කරගෙන ඇතැයි කියන ඒ මහතා ඒ කටින් ම තමා මා කොපර්නිකස්‌ ගේ වැනි විප්ලවයක්‌ කරන තුරු බලා සිටින බවත්, එදා කොපර්නිකස්‌ට විරුද්ධ වූවන් එසේ කළේ සාක්‍ෂි සහිත ව ඉදිරිපත් කරන ලද මතයකට බවත්, එහෙත් අද තමන් විරුද්ධ වන්නේ මා සාක්‍ෂි රහිත ව ඉදිරිපත් කරන මතයකට විරුද්ධ ව බවත් කියයි. අමරතුංග මහතා සාදෘශ්‍යයක්‌ සර්වසාම්‍යයක්‌ නො වන බව එයින් අවිඥානික ව වුවත් නො කියන්නේ ද? අමරතුංග මහතා කියන ආකාරයට ඔහු වැන්නන් හා කොපර්නිකස්‌ට විරුද්ධ වූවන් අතර වෙනසක්‌ ඇත. අමරතුංග මහතාට තම අසංගත බව නො තේරෙන්නේ ඔහු කිසි දා සංගත වීමට උත්සාහ දරා නැති බැවිනි. 

ඒ මහතා අවිනිශ්චිතභාවය හා අසංගතභාවය පටලවාගෙන ඇති බව අසංගතභාවය යන තේරුම ඇති ඉන්කන්සිස්‌ටන්සි (inconaistency) යන පදය අවිනිශ්චිතභාවය යන්න සඳහා යොදාගෙන තිබීමෙන් පැහැදිලි වෙයි. අමරතුංග මහතා මෙරට බොහෝ පඬියන් ගෙන් වෙනස්‌ නො වෙයි. ඔහු තම පඬි බව පෙන්වීමට වචනවලින් දමා ගසයි. එහෙත් වචනවලින් කියෑවෙන්නේ කුමක්‌ ද යන්න පිළිබඳ ඔහුට නිරවුල් අවබෝධයක්‌ නැත. මෙරට ඊනියා උගතුන් හා ඉලෙක්‌ට්‍රොනික ජනමාධ්‍යවල නිවේදක නිවේදිකාවන් අතර වෙනසක්‌ නැත. දෙපිරිස ම අවබෝධයක්‌ නොමැති ව වචනවලින් දමා ගසති. 

කෙසේ වෙතත් කොපර්නිකස්‌ කළ විප්ලවයක්‌ නැත. සූර්ය කේන්ද්‍රවාදය ක්‍රි.ව. හයවැනි සියවසේ පමණ පළ කර ඇති ආර්යභට්‌ටයන් ගේ කෘතිවල ද දැක්‌වෙයි. තෙල්මේ නැචටුමෙහි නිදර්ශනය වන්නේ පෘථිවිය තමන් වටා භ්‍රමණය වෙමින් තම ගමන් මාර්ගයට ආනත වෙමින් සූර්යයා වටා චලනය වන අන්දම ය. කොපර්නිකස්‌ පෝලන්තයේ සිට ඉතාලියට ගෙන ගියේ අපේ රටවල තිබූ දැනුම ය. ඔහු අමරතුංග මහතා කියන ආකාරයට නිරීක්‍ෂණය හා ගණිතය යොදාගනිමින් ලබාගත් දැනුමක්‌ නැත. 

කොපර්නිකස්‌ යොදාගත් ගණිතය කුමක්‌ දැයි හෝ අමරතුංග මහතා කියන ආකාරයට නම් ගැලීලියෝට පෙර දුරේක්‍ෂයක්‌ නොමැති ව කොපර්නිකස්‌ කළ නිරීක්‍ෂණය කුමක්‌ දැයි හෝ උගත් මහාචාර්යතුමා අපට පවසන්නේ ද? පාඨකයා රැවටීම සඳහා කොපර්නිකස්‌, නිරීක්‍ෂණය හා ගණිතය යොදාගනිමින් පොළොව හිරු වටා ගමන් කරන බව දැනගත්තේ යැ
යි කීම අමරතුංග මහතා ගේ හිතළුවක්‌ නො වේ නම් බටහිරයන් ගේ තවත් පට්‌ටපල් බොරුවකි. මෙරට ඊනියා උගත්තු තමන් නිසියාකාර ව නො දන්නා දේ පාඨකයන්ට කියාපාන්නේ එම`ගින් පාඨකයන් රැවටේ යැයි සිතාගෙන ය. කොපර්නිකස්‌ ඊනියා සාක්‍ෂි සහිත ව ඉදිරිපත් කළ දැනුමක්‌ නැත. හැකි නම් ඒ සාක්‍ෂි කවරේ දැයි බයිබල් ක්‍රමයට වත් පොත, පරිච්ඡේදය හා පිටුව සඳහන් කර ප්‍රකාශ කරන මෙන් අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටිමි. 

අමරතුංග මහතා තෙල්මේ නැටුම ගැන දන්නේ නම් කොපර්නිකස්‌ සාක්‍ෂි සහිත ව ඉදිරිපත් කළ මතයක්‌ ගැන නො කියනු ඇත. ඔහු ගුණදාස අමරසේකර මහතා ගේ ගණයේ ජාතික චින්තකයෙකි. ඔවුන් දෙදෙනා ම මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ඊනියා යථාර්ථවාදී සාහිත්‍යයක්‌ ගැන කතා කරන්නේ මෙරට තිබූ කතා කීමේ කලාව ඊනියා යථාර්ථවාදයක කොටු කරගත නොහැකි බව තේරුම් නො ගැනීමෙනි. ඔවුන් ඊනියා ජාතික චින්තනයක්‌ ගැන කියවන්නේ මෙරට තිබූ දැනුම හෝ දැනුම නිර්මාණය කළ අන්දම හෝ අධ්‍යයනය කිරීමකින් තොර ව බව පැහැදිලි ය. පෘථිවියේ චලිතය පිළිබඳ අපේ රටවල තිබූ දැනුම පිළිගැනීමට අමරතුංග මහතා සූදානම් නැත. ඔහු දන්නේ හා පිළිගන්නේ ඔහුට පාසලේ දී කියා දුන් බොරු දැනුම හා ජනප්‍රිය පොත්වල කොපර්නිකස්‌, ගැලීලියෝ, නිවුටන් ආදීන් ගැන සඳහන් බොරු පමණ ය. 

පෘථිවියේ චලිතය පිළිබඳ ව කොපර්නිකස්‌ට තබා ගැලීලියෝට වත් කිසි ම සාක්‍ෂියක්‌ නො තිබිණි. ඒ බව කිහිප වරක්‌ ම කියා ඇති නමුත් අමරතුංග මහතා පිළිගන්නේ බටහිරයන් ගෙන් ඔහු ලබාගත් බොරු දැනුම පමණකි. පොළොව ගමන් කරන බවට ගැලීලියෝට තිබූ සාක්‍ෂි කවරේ දැයි අමරතුංග මහතා පවසන්නේ ද? බටහිර ජනප්‍රිය පොත්වල ඒ පිළිබඳ කුමක්‌ කියා ඇත් ද? පාප්වහන්සේ ගැලීලියෝට පොළොව ගමන් කරන්නේ ය යන්න ඉගැන්වීමට ඉඩ නො දුන්නේ ගැලීලියෝට ඒ බව ඔප්පු කිරීමට එකල තිබූ දැනුම් පද්ධතියෙහි, දැනුම් රාමුවෙහි, සාක්‍ෂි නො තිබූ බැවිනි. 

පොළොව ගමන් නො කරන බවට නම් සාක්‍ෂි තිබිණි. පාප්වහන්සේ හා එකල සිටි උගත්තු ඒ බව ඔප්පු කළ හ. ඔප්පු කිරීම යන්න වැදගත් වන්නේ මෙවැනි කරුණු හේතු කොටගෙන ය. යමක්‌ ඔප්පු කළ හැක්‌කේ යම් රාමුවක ය. එකල තිබූ දැනුම් පද්ධතියට, එනම් ඒ රාමුවට අනුව, පොළොව චලනය වන්නේ නම් නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩියක්‌ වැටිය යුත්තේ තරමක අතිශයෝක්‌තියකින් වුවත් අල්ලපු වත්තේ ය. පොල් ගෙඩිය වැටෙන අතර පොළොව යම් දුරක්‌ චලනය වන්නේ නම් පොල් ගෙඩිය පොල් ගහ මුල වැටීමට නොහැකි ය. එහෙත් පොල් ගෙඩිය වැටෙන්නේ ගහ මුල බැවින් පොළොව චලනය වන්නේ ය යන උපකල්පනය වැරැදි විය යුතු ය. 

පාසලේ ද ඉගැන්වෙන බටහිර යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි මෙවැනි තර්ක යොදාගැනෙයි. එය ඇරිස්‌ටෝටලීය න්‍යායෙන් ලබාගත් තර්ක ක්‍රමයකි. එයට පාරිභාෂික ශබ්දමාලාවෙහි අභූත න්‍යාය (reductio ad absurdum මෙයට අභූත ඌනිතය යෑයි කීවේ නම් මැනවි. න්‍යාය යනු ලොජික්‌ විය යුතු ය) යෑයි කියෑවෙයි. යම් ප්‍රස්‌තුතයක්‌ උපකල්පනය කර ඇරිස්‌ටෝටලීය න්‍යායට අනුව නිගමනවලට පැමිණ ඒ නිගමනයෙහි පරස්‌පර ඇති බව පෙන්වීම හා එම`ගින් උපකල්පනය වැරැදි බව පෙන්වීම අභූත න්‍යාය ය. පොළොව චලනය වන්නේ යෑයි උපකල්පනය කෙරෙයි. ඉන් ලැබෙන නිගමනයට අනුව පොල් ගෙඩිය ගහ මුල වැටිය නො හැකි ය. එහෙත් පොල් ගෙඩිය වැටෙන්නේ ගහ මුල ය. එහි පරස්‌පරයක්‌ වෙයි. එබැවින් පොළොව චලනය වන බවට කරන ලද උපකල්පනය වැරැදි ය. අමරතුංග මහතාට මේ තර්කය බිඳ පොළොව චලනය වන බව පෙන්විය හැකි ද? අහවලා මෙසේ කියා ඇත වැනි ප්‍රකාශ මෙහි දී නො පිළිගනිමු. අහවලා එසේ කියා ඇත්තේ කිනම් දත්ත, තර්ක මත දැයි පැහැදිලි කළ යුතු ය. 

අමරතුංග මහතා ඇතැම් විට නො දන්නවාට ගැලීලියෝට පෙරත් ඉන් පසු වත් බටහිර විද්‍යාඥයන් යොදාගන්නේ ඇරිස්‌ටෝටලීය න්‍යාය ය. බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවෙහි වෙනත් න්‍යායක්‌ යොදාගන්නේ නම් අමරතුංග මහතා ඒ කුමක්‌ දැයි කියන්නේ ද? බටහිර විද්‍යාවට ඇරිස්‌ටෝටලීය නො වන න්‍යායක්‌ නැත. රිචඩ් ෆයින්මාන් ද පවසා ඇති ආකාරයට බටහිර භෞතික විද්‍යාඥයන්ට ක්‌වොන්ටම් භෞතිකය නො තේරෙයි. (සමීකරණ ලිවීමට හැකි වීම යන්නෙන් තේරුම් ගත් බවක්‌ නො කියැවෙයි). එයට හේතුව ක්‌වොන්ටම් භෞතිකය ඇරිස්‌ටෝටලීය න්‍යායට පටහැනි වීම ය. 

ගැලීලියෝට ද ඇරිස්‌ටෝටලීය නො වන න්‍යායක්‌ නො තිබිණි. එබැවින් ඔහු කළේ රාමුව මාරු කිරීම ය. පොළොව චලනය වන්නේ ය යන්නෙන් බටහිරයන් අදහස්‌ කළේ එය "නිරපේක්‍ෂ" චලිතයෙහි යෙදෙන බව ය. ඔවුහු එකල වෙනත් චලිතයක්‌ නො දැන සිටිය හ. කොපර්නිකස්‌ට පෙරදිගින් ලැබුණු දැනුමට අනුව පොළොව චලනය විය. එය තෙල්මේ නැටුමෙහි දැක්‌වෙන ආකාරයට සංකීර්ණ චලිතයකි. ඒ සංකීර්ණ චලිතය කා හට, කිනම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ද? ප්‍රශ්නය වූයේ එතැන ය. බටහිරයන්ට එකල සාපේක්‍ෂ චලිත නො වී ය. ඔවුන් ගේ චලිත "නිරපේක්‍ෂ" විය. කෙටියෙන් කිව හොත් ඔවුන්ට චලිතය යනු චලිතය විය. 

එහෙත් පෙරදිග සාපේක්‍ෂ චලිත විය. පොළොවේ සිටින අපට සාපේක්‍ෂව සූර්යයා චලනය වෙයි. අපේ පංචෙන්ද්‍රිය ගෝචර දැනුම, ප්‍රත්‍යක්‍ෂය, එයයි. එහෙත් ආධ්‍යාත්මික ව දියුණු තත්ත්වයකට පත් වූවනට පොළොව ගමන් කරන බව ද පෙනිණි. ඒ ඇසට පෙනුණක්‌ නො ව මනසට පෙනුණකි. මනස ඉන්ද්‍රියයක්‌ ලෙස නො සලකන, මනස දියුණු නො වුණු ගැලීලියෝ ඇතුළු බටහිර බුද්ධිමතුන්ට ඒ චලිතය නො පෙනිණි. ගැලීලියෝ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන සංකල්පයක්‌ ලෙස සාපේක්‍ෂ චලිතය බටහිරයන්ට ඉදිරිපත් කළේ ය. එය මනසට පෙනුණු චලිතයක්‌ නො වී ය. ගැලීලියෝ ගේ සාපේක්‍ෂ චලිතය වියුක්‌ත විය. වියුක්‌තය පට්‌ටපල් බොරුවකි. මෙය තවදුරටත් පසුව සාකච්ඡා කරමු. 

අමරතුංග මහතා නඟන සියලු ප්‍රශ්නවලට පිළිතුරු දිය හැකි ය. ඒ මහතා කරන ආකාරයෙන් හුදු ප්‍රකාශ නිකුත් කිරීම මට නුහුරු ය. මා ප්‍රකාශ කරන දේ හැකිතාක්‌ දුරට පැහැදිලි කිරීමට උත්සාහගැනීම මගේ ප්‍රතිපත්තිය වෙයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව දැනටමත් පෙන්වා දී ඇත. එහි දී බටහිර විද්‍යාව යොදාගැනීමට කිසිසේත් ම අවශ්‍ය නො වී ය. බටහිර විද්‍යාවේ ඇති ප්‍රවාද වියුක්‌ත ය. ඒ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන හුදු කතන්දර පමණක්‌ වෙයි. ගුරුත්වාකර්ෂණය යනු අත්හරින ලද වස්‌තු පොළොවට වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට නිවුටන් ගෙතූ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වන වියුක්‌ත කතාවක්‌ පමණකි. අමරතුංග මහතාට පිළිතුරු දෙමින් මේ සියල්ල පැහැදිලි කරන රැස්‌වීමක්‌ මේ මස විසි තුන් වැනි දා සවස 2.30ට මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. චින්තන පර්ෂදයෙන් සංවිධානය කෙරෙන, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් මුලසුන හොබවන එයට සහභාගි වන ලෙස අමරතුංග මහතාට ආරාධනා කරමි.

නලින් ද සිල්වා


2014/1/10 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 23, 2014, 6:55:22 PM1/23/14
to ind...@googlegroups.com
නලින් ද සිල්වා මහතා ගේ ප්‍රත්‍යක්‌ෂය සහ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය

නලින් ද සිල්වා මහතා "මම බොරු වළෙන් ගොඩ ආවෙමි.." (විදුසර 15.01. 2014) යන මාතෘකාව යටතේ ලිපියක්‌ ලියමින් වැල්වටාරම්වල නිරත වී අවසානයේ දී මගේ ප්‍රශ්නවලට උත්තර දීම පිණිස ඔහු ගේ රැස්‌වීමකට සහභාගී වන ලෙස මට ආරාධනය කරයි. ලිපි දහයකට වඩා ලියමින් විදුසර සඟරාවේ පිටු ගණන් නාස්‌ති කරමින් විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරන්නට අසාර්ථක වෑයමක්‌ කළ ඔහුට රැස්‌වීමක දී එය කළ හැකි දැයි විශ්වාස කළ නොහැකි ය. ලිපි දහයකට පසු වත් ඔහු සිටින්නේ සිටිය තැන ම ය. එනම් බොරු වළේ පඹ ගාලක ය. 

නලින් මහතා තම වැල්වටාරම්වලින් පෙන්වා දෙන්නට තැත් කර ඇත්තේ පහත සඳහන් වන මතය විය හැකි ය. මේ නිගමනයට එන්නට හැකි වූයේ ඔහු ගේ විසුරුණු අදහස්‌ තුළ බටහිර චින්තනය, වියුක්‌ත දැනුම සහ ප්‍රත්‍යක්‌ෂ දැනුම යන වචන භාවිත කොට තිබීම නිසා ය. නවීන විද්‍යාව බොරු වීමට හේතුව කවරක්‌ විය හැකි දැයි මේ වචන භාවිතයෙන් පෙන්වා දීමට නලීන් මහතා තැත් කර ඇත. බටහිර චින්තනය වියුක්‌ත දැනුමක්‌ ලබා දෙන්නට නිර්මාණය වූ චින්තනයක්‌ බවත් වියුක්‌ත දැනුම ප්‍රත්‍යක්‌ෂ වූ දැනුමක්‌ නො වන බවත් එම නිසා නවීන විද්‍යාව ප්‍රත්‍යක්‌ෂ වූ දැනුමක්‌ නො වන බවත් නලින් මහතා අදහස්‌ කරන බව අනුමාන කළ හැකි ය. ප්‍රත්‍යක්‌ෂ නො වූ දැනුම බොරුවක්‌ බවත් ඔහු විස්‌වාස කරයි.

මේ මතය මගේ මීට පෙර ලිපියෙන් ද විවේචනයට ලක්‌ කළෙමි. (විදුසර 08. 01.2014). ප්‍රත්‍යක්‌ෂ දැනුම යනුවෙන් විශේෂ වූ දැනුමක්‌ තිබිය නොහැකි බව මම පෙන්වා දුන්නෙමි. ප්‍රත්‍යක්‌ෂය මනසේ වර්ධනය වන දැනුමක්‌ නම් ඒ ගැන බුදුරදුන් හෝ මනෝ විද්‍යාඥයන් හෝ විශේෂ වූ සඳහනක්‌ කළ යුතු ව ඇත. මීට පෙර ලිපියේ පැවසූ පරිදි බුදුරදුන් ප්‍රත්‍යක්‌ෂය යන වචනයට සමාන අරුතක්‌ ඇති වචනයක්‌ භාවිත කළ බවක්‌ පාලි හෝ සංස්‌කෘත හෝ සූත්‍ර පිටකයේ සඳහන් වී නැත. එසේ ලබාගත් දැනුමක මාර්ගයෙන් කවුරුන් හෝ කවදා හෝ මිනිසාට සෙතක්‌ සැලසෙන අන්දමේ ක්‍රියාවක්‌ කර නැති බව පැවසිය හැකි ය.

ප්‍රත්‍යක්‌ෂ දැනුම යනුවෙන් හැඳින්වෙන්නේ පැහැදිලි දැනුම බව ප්‍රත්‍යක්‌ෂ යන වචනයේ අරුත සලකා බැලීමේ දී පෙනී යා යුතු ය. මා ගේ මීට පෙර ලිපියේ සඳහන් වූ පරිදි ප්‍රත්‍යක්‌ෂ යන වචනය සෑදී ඇත්තේ ප්‍රති (before පෙර) සහ අක්‌ෂ (ඇස - අන් ඉන්ද්‍රිය) යන වචන දෙක එක්‌ වීමෙනි. එහි අරුත ඇස්‌ ඉදිරිපිට පැහැදිලි (clear,obvious) යන්න බව පිළිගත හැකි ය. අප ලබාගන්නා දැනුම පැහැදිලි නම් එය ප්‍රත්‍යක්‌ෂ දැනුම යනුවෙන් හැඳින්විය හැකි ය. දැනුම ලබාගන්නා ක්‍රමය කුමක්‌ වුවත් එය පැහැදිලි නම් එම දැනුම ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ ලෙස සැලකිය හැකි ය. මීට එහා ගිය විශේෂ වූ දැනුමක්‌ එම වචනයෙන් අදහස්‌ කරන බව පිළිගත නොහැකි ය.

බුදුරදුන් දැනුම ලබාගත් මාර්ගය වූයේ ආනුභුතික (empirical) ක්‍රමය බව උන්වහන්සේ දේශනා කොට වදාළ හ. (සංඝූරාව සුත්ත). ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය ඉක්‌මවා යන ගූඨ ධර්මයක්‌ උන්වහන්සේ දේශනා කොට නැත. ඉන්ද්‍රිය ගෝචර නො වූ දෙයක්‌ පිළිබඳව අදහස්‌ දැක්‌වීමට උන්වහන්සේ මැළි වූ සේක. තමා සියල්ල දන්නා බව උන්වහන්සේ නො පිළිගත් හ. (තෙවිඡ්ජ-වච්චගොත්ත සුත්ත). ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය මිස වෙන යම් ප්‍රත්‍යක්‌ෂ ක්‍රමයක්‌ පිළිබඳව උන්වහන්සේ දේශනා කොට නැත. මින් පෙනී යන්නේ ප්‍රත්‍යක්‌ෂය යන වචනය ඥන විභාගයට අදාළව භාවිත වන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය යන අරුතින් මිස එය ඉක්‌මවා යන අරුතකින් නො වන බව ය. අපට ඇත්තේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය මිස වෙන යම් ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. විද්‍යාත්මක ක්‍රමවේදය තුළ ද ඇත්තේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය පමණකි.

දැන් පැන නඟින්නේ තවත් ප්‍රශ්නයකි. විද්‍යාව තුළ නලින් මහතා ගේ ප්‍රත්‍යක්‌ෂ ක්‍රමය නො තිබුණ පලියට විද්‍යාව බොරුවක්‌ වන්නේ කෙසේ ද? නලින් මහතා මීට පිළිතුරු දී නොමැත. නලින් මහතා ගේ ප්‍රත්‍යක්‌ෂ ක්‍රමය කුමක්‌ දැයි අපි නො දන්නෙමු. ඒ මහතා එය කුමක්‌ දැයි පහදා දී නොමැත. එය බුදුරදුන් ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය ඉක්‌මවා ගිය ක්‍රමයක්‌ විය යුතු ය. එය කුමක්‌ වුවත් එය නැති විට නවීන විද්‍යාව බොරුවක්‌ වන්නේ කෙසේ ද? එය නැති විද්‍යාව විසින් ලබා ඇති ඉමහත් ජයග්‍රහණ රාශිය පැත්තකට තබා මේ ප්‍රශ්නය අසන්නේ එම ජයග්‍රහණ නලින් මහතාට අරුමයක්‌ නො වන බව ඒ මහතා පවසන හෙයිනි.

නලින් මහතා තැත් කරන්නේ විද්‍යාව බොරුවක්‌ බව බොරුවකින් ඔප්පු කරන්නට ය. මෙය කළ නොහැකි දෙයකි. කෙතරම් වැල්වටාරම්, පුරසාරම්, පරිභව කිරීම් කළ ද මුල් ප්‍රශ්නයට ඔහු උත්තර සපයා නැත. ඔහු පවසන්නේ ඔහු විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව ඔප්පු කොට ඇති බව ය. මා මෙන් ඔහු හුදු ප්‍රකාශ නො කරන බවත් ප්‍රකාශ කරන දෙය පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීම තමා ගේ පුරුද්ද බවත් ඔහු පවසයි. එහෙත් ඔහු ගේ වැල්වටාරම්වල තිබූ ප්‍රධාන අදහස්‌ උකහා දැක්‌වීම කළේ මේ ලිපිය ම`ගින් ඉහත සඳහන් වන පරිදි මා විසිනි. ඔහු ගේ පැහැදිලි කිරීමේ හැකියාව ඉන් මැනගත හැකි ය.

නලින් මහතා ගේ අදහස්‌ මා විසින් පැහැදිලි කොට දැක්‌වූ පසු අපට පෙනී යන්නේ විද්‍යාව ප්‍රත්‍යක්‌ෂ වූ දැනුමක්‌ නො වන නිසා එය බොරුවක්‌ වන බව ඔහු ගේ අදහස වන බවයි. එනමුත් ප්‍රත්‍යක්‌ෂ යන්නෙන් ඔහු අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි හෝ එම ගුණය නො පවතින කල විද්‍යාව බොරුවක්‌ වන්නේ කෙසේ දැයි හෝ වැල්වටාරම් තුළින් පෙන්වා දී නැත.

ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ දැනුම ඉක්‌මවා ගිය දැනුමක්‌ බුදු දහමේ හෝ විද්‍යාත්මක දැනුම තුළ හෝ නො තිබෙන බව අපට ප්‍රත්‍යක්‌ෂ (පැහැදිලි) විය යුතු ය. එවැනි දැනුමක්‌ තිබෙන බව ද එය විද්‍යාත්මක දැනුමට වඩා ගුණාත්මක බව ද නලින් මහතා ගේ මතය විය යුතු ය. දැනුම ලබාගැනීම පිණිස භාවනා ක්‍රම භාවිතා කිරීමට කැලණිය විශ්ව විද්‍යාලය තුළ ප්‍රයත්නයක්‌ දැරූ බව ඔහු පවසා ඇත. බුදුරදුන් භාවනාව භාවිත කළේ මනසේ තිබූ කෙලෙස්‌ දුරු කිරීමට ය. භාවනාව මගින් එය කළ හැකි බව උන්වහන්සේ පසක්‌ කරගත් සේක. එය උතුම් වූ දැනුමකි. උන්වහන්සේ එම දැනුම ලබාගත්තේ නොයෙකුත් පර්යේෂණ කොට මනස පුහුණු කොට බව උන්වහන්සේ අපට දේශනා කොට ඇත. (අංගුත්තර නිකාය). එම දැනුම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය ඉක්‌මවා ගිය ගූඪ වූ දැනුමක්‌ නො වේ. 

ගැලීලියෝ ගේ හෝ වෙනයම් විද්‍යාඥයකු ගේ හෝ මතවාදයක්‌ බොරු වූ පමණින් විද්‍යාව බොරු වන්නේ කෙසේ දැයි නලින් මහතා පෙන්වා දී නැත. "ගැලීලියෝ බොරු කීවේ ඇයි?" යන මැයෙන් ලිපියක්‌ ලියා ඔහු තැත් කළේ විද්‍යාව බොරු බව ඔප්පු කිරීමට ය. ඒ ම`ගින් එය සිදු වූයේ නැත. මා පැවසුවේ ගැලීලියෝ ගේ මතය බොරු බව ඔප්පු කළ හැක්‌කේ විද්‍යාවට පමණක්‌ බවත් විද්‍යාව එය සිදු කරන විට විද්‍යාව සත්‍යයක්‌ බව ඔප්පු වන බවත් ය. බොරුවක්‌ බොරුවක්‌ බව ඔප්පු කළ හැක්‌කේ සත්‍යයට පමණක්‌ නිසා ය. දැන් නලින් මහතා පවසන්නේ ගැලීලියෝ ගේ මතය බොරු බව ඔහු ඔප්පු කරන්නේ ප්‍රත්‍යක්‌ෂ දැනුම මාර්ගයෙන් බව ය. ඒ සඳහා ඔහු විද්‍යාව උපයෝගී කොට නො ගන්නා බව ය. (විදුසර 15-01-2014). 

ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය මිස වෙන ප්‍රත්‍යක්‌ෂයක්‌ තිබිය නොහැකි බව මම පෙන්වා දුන්නෙමි. ඉන්ද්‍රිය භාවිත කොට ලබාගන්නා දැනුම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය නම් වේ. ඉන්ද්‍රිය භාවිතය නොමැති ව යම් දෙයක්‌ වටහාගැනීමට තැත් කිරීම තර්කය භාවිත කිරීමක්‌ වන්නේ ය. ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුමක්‌ ලබාගැනීමට හැකි බව නලින් මහතා පවසා ඇත. බුදුරදුන් පවා නො කළ දෙයක්‌ නලින් මහතාට කළ හැකි බව අපට විශ්වාස කළ නොහැකි ය.

බුදුරදුන් නො කළ ධර්මයට අදාළ දේවල් කිරීමට නලින් මහතා සමතෙකි. බුදුරදුන් නිර්වාණය කුමක්‌ දැයි වදාරා නැතැයි ඔහු පවසයි. ඒ නිසා නිර්වාණය පිළිබ`දව අර්ථකථනයක්‌ දීමට ඔහු ඉදිරිපත් වී ඇත. ඊට අනුව නිර්වාණය වනාහී "නැති මනස නැති මනසින් නැති මනස බව වටහාගැනීම ය" (මගේ ලෝකය). මෙවැනි බහුබූත බුදුරදුන්ට අවමන් කිරීමක්‌ බව කිව යුතු ය. තව ද බුදුරදුන් දේශනා කොට ඇති "අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම" යන ත්‍රිත්වය තුළට හතර වැන්නක්‌ ලෙස "ශුන්‍ය" යන්න ඇතුළු කිරීමට ඔහු තැත් කරයි. මෙය බුදුරදුන්ට අමතක වූ දෙයක්‌ මතක්‌ කර දීමක්‌ වැන්න. බුදුන් ගේ ධර්මය විකෘති කරන මෙවැනි "දැනුම්" ද තවත් මෙවැනි "දැනුම්" ද නලින් මහතා කෙතෙකුත් නිර්මාණය කරන බව කියමින් ඒ මහතා ලැඡ්ජාවක්‌ නැති ව පුරසාරම් දොඩවයි. 

එවැනි ඉන්ද්‍රිය ගෝචර නො වන දැනුම් ක්‍රමයක්‌ නලින් මහතා සතු ව ඇත්නම් ශ්‍රී ලංකාවේ අවුරුදු තිහක්‌ පමණ පැවතුණු යුද්ධය ජය ගැනීම පිණිස අවශ්‍ය වූ දැනුම එම ක්‍රමය ම`ගින් අපේ හමුදාවට ලබා නො දුන්නේ මන්ද යන ප්‍රශ්නය නො අසා ම බැරි ය. උදාහරණයක්‌ වශයෙන් කොටින් ගේ අවි රැගත් දහයක්‌ පමණ නැව් මහා සාගරයේ නවතා තිබුණේ කොතැනක ද යන දැනුම නලින් මහතා ගේ ප්‍රත්‍යක්‌ෂ මාර්ගයෙන් හෝ මිථ්‍යා දෙවි කෙනකු ගේ මාර්ගයෙන් හෝ දැනගත්තා නම් බටහිර රටවල උදව් නො ගෙන එම නැව් විනාශ කරන්නට ඉඩ තිබිණි. එහෙත් එම දැනුම ලබාගන්නට හැකි වූයේ චන්ද්‍රිකා තාක්‌ෂණ මාර්ගයෙනි. රජරට වකුගඩු රෝගය පිළිබ`ද දැනුම දෙවියන් ගෙන් ලබාගෙන පැනලා එය ඉදිරිපත් කරන නලින් මහතා ඊට වඩා බොහෝ සෙයින් දරුණු වූ යුද්ධය පිළිබ`දව එවැනි වටිනා කර්තව්‍යයක්‌ නො කළේ මන්ද යන්න විශාල ප්‍රහේළිකාවකි. බොරුවක්‌ යෑයි කියන නවීන විද්‍යාව නො වන්නට යුද්ධය දීනීම නො කළ හැකි බව අපි දනිමු. 

ගහෙන් ගෙඩියක්‌ වැටෙන විට එය ගහ මුලට වැටෙන්නේ ලෝකය චලනය නො වන නිසා යෑයි නලින් මහතා විශ්වාස කරන බව ඔහු ගේ වැල්වටාරම් තුළින් කියවෙන බව අනුමාන කළ හැකි ය. ඔහු මේ දැනුම ලබා ගන්නේ ප්‍රත්‍යක්‌ෂ මාර්ගයෙන් විය යුතු ය. ඊට පෙර ගෙඩිය ගහ මුලට නො වැටී උඩුගුවනට නො යන්නේ හෝ නො වැටී නො තිබෙන්නේ මන්දැයි ඔහුට ප්‍රත්‍යක්‌ෂ වී තිබිය යුතු ය. මක්‌ නිසා ද යත් එම ප්‍රශ්නය පැනන`ගින්නේ ගෙඩිය අල්ලපු ගෙදර වත්තට නො වැටෙන්නේ මන්ද යන ප්‍රශ්නයට කලින් නිසා ය. ගෙඩිය පොළොවට වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නය මූලික ප්‍රශ්නය වූ නිසා ය. ගුරුත්වාකර්ෂණය කියා දෙයක්‌ නැති බව නලින් මහතා ප්‍රත්‍යක්‌ෂ කොටගෙන ඇත. ගෙඩියක්‌ උඩු ගුවනට නො යා පොළොවට වැටෙන්නේ ඇයි දැයි යන්න ද ඒ මහතා ප්‍රත්‍යක්‌ෂ කොටගෙන ඇත. ප්‍රශ්නයකට ඇත්තේ එය කෙසේ කළේ ද යන්න පෙන්වා දී නො තිබීමයි.

ගහෙන් ගෙඩියක්‌ බිමට වැටීම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ මාර්ගයෙන් අපට වටහාගත හැකි ය. ගෙඩිය වෙන කොහේ වත් නො යා පොළොවට පතිත වන්නේ පොළොවට ඇති ආදරය නිසා විය හැකි බව අපට සිතිය හැකි ය. එම ආදරය ආකර්ෂණයක්‌ විය හැකි බව අපට සිතෙන්නේ පොළොව සහ ගෙඩිය අතර ආදරයට වඩා ආකර්ෂණයක්‌ ඇතැයි සිතෙන නිසා ය. ගිලිහෙන සැම දෙයක්‌ ම පොළොව දෙසට ආකර්ෂණය වන නිසා මෙය ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂය ම`ගින් වටහාගත හැකි ය. මේ අදහස නොයෙකුත් ඉන්ද්‍රිය ගෝචර පර්යේෂණ ම`ගින් තවදුරටත් තහවුරු කර ගත හැකි ය.

ඉහත සදහන් කරුණුවලින් ඔප්පු වන්නේ නලින් ද සිල්වා මහතා සඳහන් කරන ප්‍රත්‍යක්‌ෂ දැනුම යන්නෙන් හැඳින්විය හැකි දැනුම් මාර්ගයක්‌ නැති බවත් ඇත්තේ බුදුරදුන් සහ විද්‍යාව භාවිත කරන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ මාර්ගය පමණක්‌ බවත් ය. එම නිසා විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කිරීමට නලින් මහතා සමත් වී නැත.

මහාචාර්ය 
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc


2014/1/16 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 23, 2014, 7:15:49 PM1/23/14
to ind...@googlegroups.com
අහෝ නිවුටන් නොදිටි හිරු බුද

සම්මානිත මහාචාර්ය ඩී. එස්‌. සී. උපාධිධාරී අශෝක අමරතුංග මහතා ගේ ජනවාරි පළමුවැනි දා ලිපියට අපේ අවධානය තවමත් යොමු වෙයි. ඒ මහතා ගේ ජනවාරි අට වැනි දා ලිපිය අපි පසුව සලකා බලමු. පළමුවැනි දා ලිපියෙහි ඒ මහතා අවිනිශ්චිතභාවය යන්න සඳහා යොදාගත් ඉංගිරිසි වචනය වූයේ ඉන්කන්සිස්‌ටන්සි (inconsistency) යන්න ය. එය හුදු වැරැදීමක්‌ නො ව ඒ මහතා ඒ වචනවල තේරුම නිසි ලෙස නො දැන යොදාගත්තකි. ඒ බව තහවුරු වන්නේ ඒ මහතා සිද්ධාන්ත යන්න ද යොදාගෙන ඇති ආකාරයෙනි. ඔහු ඒ සඳහා ඉංගිරිසියෙන් කියන්නේ ෆැක්‌ට්‌ස්‌ (facts) යන්න ය. එහෙත් සිද්ධාන්තය යන්නට පාරිභාෂික ශබ්දමාලාවල යොදාගන්නේ තියරි (theory) යන්න ය. මලලසේකර ශබ්ද කෝෂයෙහි ද තියරි යන්නට සිද්ධාන්තය, න්‍යාය, මතය, වාදය යන වචන දී ඇත. 

ෆැක්‌ට්‌ යන්නට මලලසේකර ශබ්ද කෝෂය දී ඇත්තේ කරුණ, තතුව, සිද්ධිය, තොරතුරු, දත්තය, යථාව, ඇත්ත යන්න ය. පාරිභාෂික ශබ්දමාලාවල ෆැක්‌ට්‌ යන්නට පරිසිද්ධිය, සිද්ධිය, සතුට, කරුණ, ප්‍රමිතිය යන්න ය. එහෙත් මේ කිසිවක ෆැක්‌ට්‌ යන්නට සිද්ධාන්තය යන්න යොදා නො ගැනෙයි. අප ශබ්දකෝෂවල හෝ පාරිභාෂික ශබ්දමාලාවල වහලුන් විය යුතු යෑයි මම නො කියමි. තියරි යන්න වෙනුවට මා යොදා ගන්නේ ප්‍රවාදය යන්න ය. එය වාදය යන්නට වඩා ප්‍රබල ය. අපේ ප්‍රවාද යන්න ද යොදා ගැනෙන්නේ ඒ අර්ථයෙනි. සියලු ප්‍රවාද අපේ නිර්මාණ වෙයි. ජනප්‍රවාද යනුවෙන් හැඳින්වෙන්න ජනතාව අතින් නිර්මාණය වෙයි. අද ව්‍යවහාරය අනුව විද්‍යාඥයන් ශාස්‌ත්‍රඥයන් ආදීන් විසින් ප්‍රවාද නිර්මාණය කෙරෙයි. 

ෆැක්‌ට්‌ යන්නට සුදුසු එක්‌ සිංහල වචනයක්‌ නැත. එයට හේතුව සිංහලයන්ට ඊනියා ෆැක්‌ට්‌ස්‌ නො තිබීම ය. ෆැක්‌ට් යනු කිසිසේත් ම සිද්ධාන්තය නම් නො වේ. කාලෝ ෆොන්සේකා මහතා කියා ඇති පරිදි නම් මාර්ටින් වික්‍රමසිංහ මහතාට අනුව ෆැක්‌ට්‌ යනු සිංහලයෙන් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. මෙහි ඉන්ද්‍රිය යනු පංචෙන්ද්‍රිය බව පැහැදිලි ය. එහෙත් මනස නොමැති ව හුදු පංචෙන්ද්‍රියයන් ගෙන් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ ඇති නො වෙයි. අනෙක්‌ අතට බටහිර සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ ඇති නො වෙයි. අපි ප්‍රත්‍යක්‍ෂ ගැන පසුව තවදුරටත් සාකච්ඡා කරමු. 

එසේ වුවත් දැනට කිව යුතු දෙයක්‌ වෙයි. ෆැක්‌ට්‌ යනු තනි සිද්ධියකට හෝ සිද්ධි කිහිපයකට සීමා වෙයි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. එහෙත් සිද්ධාන්තයක්‌ එසේ නො වේ. එය සිද්ධි රාශියක්‌ තේරුම් කරදීමට යොදාගැනෙයි. තියරි යන්න සඳහා සිද්ධාන්තය යන්න යොදාගෙන ඇත්තේ එබැවිනි. නටුවෙන් ගිලිහුණු පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. කිසි ම ප්‍රත්‍යක්‍ෂයක්‌ සංකල්පයකින් ස්‌වායත්ත නො වන බව සඳහන් කළ යුතු ය. ඉහත සඳහන් උදාහරණයෙහි පොල් ගෙඩිය, පොළොව, වැටීම ආදිය සංකල්ප වෙයි. මේ සංකල්ප ද බොරු ය. එහෙත් ඒ අඩු ම තරමෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන බොරු වෙයි. සියලු සංකල්ප බොරු වෙයි. 

පොළොවට එසේ පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා යෑයි නිවුටන් කතාවක්‌ ගෙතුවේ ය. එය, එනම් ගුරුත්වාකර්ෂණ බලය, පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සම්මානිත (සේවාර්ජිත) මහාචාර්ය අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණ බලය දැක ඇත් ද? ස්‌පර්ශ කර ඇත් ද? සිපගෙන ඇත් ද? එහි රසය දන්නේ ද? එහි ශබ්දයක්‌ අසා ඇත් ද? එය නිවුටන් ගේ මනසෙහි ඇති වුණු මනස්‌ගාතයක්‌ පමණකි. ගුරුත්වාකර්ෂණ බලය යන්න වියුක්‌ත ප්‍රවාදයකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වෙයි. 

බටහිර විද්‍යාඥයන් නිර්මාණය කරන ප්‍රවාද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන වියුක්‌ත කතන්දර ය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන සියලු ප්‍රත්‍යක්‍ෂ බොරු වන අතර පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන වියුක්‌ත ප්‍රවාද (කතන්දර) පට්‌ටපල් බොරු වෙයි. මේ පට්‌ටපල් බොරු නිර්මාණය වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි ය. මෙරට ඊනියා විද්‍යාඥයන්ට ඇත්තේ වෙනත් චින්තන ය. එය වෙනත් චින්තන ඇති අයට ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි වියුක්‌ත කතන්දර හෙවත් බොරු නිර්මාණය කිරීමට නො හැකි ය. මෙරට විද්‍යඥයන් යෑයි කියාගන්නන් අතර හරිහමන් බටහිර විද්‍යාඥයකු නොමැත්තේ එබැවිනි. 

අමරතුංග මහතා ඉහත සඳහන් සියල්ල අනන් මනන් යෑයි කීමට ඉඩ ඇත. ඒ එකකින වත් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ යෑයි ඔප්පු නො වන බව කියනු ඇත. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කතන්දර (ප්‍රවාද) පට්‌ටපල් බොරු නො වන්නේ නම් වෙන කුමක්‌ දැයි අමරතුංග මහතා පවසන්නේ ද? ඒ කෙසේ වෙතත් මා ඉහත සඳහන් දේ සඳහන් කළේ අමරතුංග මහතා එතරම් පරෙස්‌සමකින් තමන් කියන ලියන දේ හදාරා නොමැති බව පෙන්වීමට ය. අප කලින් ද කියා ඇති පරිදි ඒ මහතා වෙනත් ඊනියා උගතුන් හා විද්යුත් මාධ්‍යයෙහි නිවේදක නිවේදිකාවන් මෙන් ම වචනවල තේරුම වත් නො දැන අනෙක්‌ අයට වචනවලින් දමා ගසයි. බොහෝ දෙනා ද වචන ගැන එතරම් තැකීමක්‌ නො කරන බැවින් අමරතුංග මහතා වැන්නන්ට ගැලවී යැමේ අවස්‌ථාව උදා වෙයි. 

අමරතුංග මහතාට අනුව කාන්ට්‌ කියන්නේ යම්කිසි විශ්වාසයක්‌ ඔහු (අමරතුංග මහතා) සිද්ධාන්ත යනුවෙන් හඳුන්වන ෆැක්‌ට්‌ස්‌ සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනෙන බව ය. දැනුම යන්නට විවිධ අය විවිධ අර්ථකථන කර ඇත. කාල් පොපර් නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාට අනුව අසත්‍යකරණයට ලක්‌ කළ හැකි දේ බටහිර විද්‍යාවට අයත් වන අතර අනෙක්‌ සියල්ල මිථ්‍යා ය. මේ සියලු අර්ථකථන අතර අප කාන්ට්‌ ගේ අර්ථකථනය තෝරාගන්නේ ඇයි? මා දන්නා බුදුදහමට අනුව සියලු දැනුම සංකල්පීය වෙයි. සංකල්පීය දැනුම ශුන්‍ය වෙයි. එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද ඇතුළු සංකල්පීය දැනුම බොරු වෙයි. මා බුදුදහම අගය කරන්නේ දැනුම නැති කිරීමට එයින් අනුබලයක්‌ ද ලැබෙන බැවිනි. 

අපි අමරතුංග මහතා ගෙන් ඉතා කෙටි සරල ප්‍රශ්නයක්‌ අසමු. කාන්ට්‌ ගේ අර්ථකථනය, අවශ්‍ය නම් කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය දැනුමක්‌ ද? ඒ දැනුමක්‌ බව පෙන්වන්නේ කෙසේ ද? ඒ සඳහා අපට කාන්ට්‌ ගේ අර්ථකථනය (නිර්වචනය), යොදාගත නො හැකි ය. එසේ යොදාගැනීම හොරා ගේ අම්මා ගෙන් පේන ඇහීමකටත් වඩා අන්ත වනු ඇත. කාන්ට්‌ ගේ අර්ථකථනය දැනුමක්‌ බව නො පෙන්වා අප අනෙක්‌ ඊනියා විශ්වාස දැනුම් බව පෙන්වීමට කාන්ට්‌ ගේ අර්ථකථනය යොදාගන්නේ කෙසේ ද? කාන්ට්‌ ගේ අර්ථකථනය දැනුමක්‌ නො වේ නම් අප යමක්‌ දැනුමක්‌ බව පෙන්වීමට එය යොදාගන්නේ කෙසේ ද?

මේ ප්‍රශ්න දිගින් දිගට ම ඇසිය හැකි ය. දැනුම යනු කුමක්‌ දැයි නිර්වචනය කිරීමට යම් නිර්ණායක ඉදිරිපත් කළ යුතු ය. ඒ නිර්ණායක දැනුමක්‌ ද නැත් ද යන්න තීරණය කිරීමට අප කිනම් නිර්ණායක යොදාගන්නේ ද? අපට ඒ සඳහා කලින් නිර්ණායක ම යොදාගත නොහැක්‌කේ එවිට දැනුම යන්න කුමක්‌ දැයි තීරණය කරන්නේ ඒ දැනුමෙන් ප්‍රකාශ කෙරෙන නිර්ණායක ම යොදාගෙන බැවිනි. අප වෙනත් නිර්ණායක යොදාගන්නේ නම් එවිට ඒ වෙනත් නිර්ණායක දැනුම බව තීරණය කරන්නේ කෙසේ දැයි ප්‍රකාශ කළ යුතු වෙයි. දැන් පඹගාලක පැටලී ඇත්තේ කාන්ට්‌ ද? අමරතුංග මහතා ද? නැත්නම් දෙදෙනා ම ද?

මෙය බටහිර දැනුමේ ඇති මූලික ප්‍රශ්නයකි. නිර්වචනවලින් ඇරඹෙන ඕනෑ ම දැනුම් පද්ධතියක මේ ගැටලුව ඇත. ඒ ගැටලුව අන් කිසිවක්‌ නො ව මුල් නිර්වචනයට නිර්වචනයක්‌ දෙන්නේ කෙසේ ද? මුල් නිර්වචනයේ නිර්වචනය කුමක්‌ ද? බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනයේ පටන්ගැන්මක්‌ ඇත. එහෙත් ඒ පටන්ගැන්ම ප්‍රශ්න කරන විට ගැටලු ඇති වෙයි. එහි දී බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ඉදිරිපත් කරන විසඳුම වනුයේ මුල් හේතුව හෝ මුල් නිර්වචනය හෝ නිර්වචනය නො කරන ලද්දක්‌ සේ සැලකීම ය. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය ඇතුළු ඕනෑ ම රේඛීය චින්තනයක මේ දුර්වලකම දැකිය හැකි ය. ආබ්‍රහිමික ආගම්වල මැවුම්කරුවාණන් අර්ථ නො දැක්‌වෙන්නේ ද රේ
ඛීය දැනුම් පද්ධතියක මූල හේතුව තේරුම් කිරීමට, අර්ථදැක්‌වීමට නොහැකි බැවිනි. එය විශ්වාසයකි. 

උදාහරණයක්‌ ලෙස රේ
ඛීය චින්තනයක්‌ මත පදනම් වූ බටහිර යුක්‌ලීඩීය ජ්‍යාමිතියෙහි තලයක්‌ සරල රේඛා ඇසුරෙන් හෝ ලක්ෂ්‍ය ඇසුරෙන් හෝ නිර්වචනය කළ හැකි ය. එමෙන් ම සරල රේඛාවක්‌ ලක්ෂ්‍ය ඇසුරෙන් නිර්වචනය කළ හැකි ය. එහෙත් ලක්ෂ්‍යයක්‌ නිර්වචනය කරන්නේ කෙසේ ද? එය සරල රේඛා, තල ආදිය ඇසුරෙන් නිර්වචනය කළ නොහැක්‌කේ සරල රේඛා හා තල නිර්වචනය කිරීමට ලක්ෂ්‍යය යන සංකල්පය යොදාගත හැකි බැවිනි. බටහිර යුක්‌ලීඩීය ජ්‍යාමිතිය මෙහි දී කරන්නේ ලක්ෂ්‍යය යන්න අර්ථ නො දක්‌වන ලද සංකල්පයක්‌ ලෙස ඉදිරිපත් කිරීම ය. මා මේ පිළිබඳ ව අපේ ප්‍රවාද ලිපි පෙළ ආරම්භයේ දී ලියා ඇති නමුත් අමරතුංග මහතාට ඒ විෂය වී ඇති බවක්‌ නො පෙනෙයි. 

ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා මගෙන් ඉල්ලන්නේ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බවට ඊනියා ෆැක්‌ට්‌ස්‌ ඉදිරිපත් කරන ලෙස ය. අපි දැන් අමරතුංග මහතා කියන මගේ විශ්වාසය සලකමු. ඔහු කියන ආකාරයට ඒ විශ්වාසය අන් කිසිවක්‌ නො ව බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව ය. එනම් බටහිර විද්‍යාවේ වියුක්‌ත ප්‍රවාද (වියුක්‌ත කතන්දර) පට්‌ටපල් බොරු බව ය. ඊනියා ෆැක්‌ට්‌ස්‌ යනු පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ ය. අමරතුංග මහතා ඉල්ලන්නේ බටහිර විද්‍යාවේ වියුක්‌ත ඉන්ද්‍රිය ගෝචර නො වන කතන්දර (අවශ්‍ය නම් ප්‍රවාද) බොරු බවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ඉදිරිපත් කරන ලෙස ය. මෙහි ඉන්ද්‍රිය ගෝචර යන්නෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යන්න අදහස්‌ කෙරෙන බව අවධාරණය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ ප්‍රවාද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. දැන් ප්‍රශ්නයක්‌ වෙයි. බටහිර විද්‍යාවේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන ප්‍රවාද බොරු ය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන ප්‍රත්‍යක්‍ෂ (ඊනියා ෆැක්‌ට්ස්‌) සමග එකඟ වන බව පෙන්වන්නේ කෙසේ ද? අපට එක්‌ පැත්තකින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වැනි පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන කතන්දර වෙයි. අනෙක්‌ පැත්තෙන් පොල් ගෙඩි වැටීම වැනි පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ (ඊනියා ෆැක්‌ට්‌ස්‌) වෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය බොරු ය යන්න පොල් ගෙඩි වැටීම වැනි පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන ප්‍රත්‍යක්‍ෂ සමග එකඟ වන බව පෙන්වන්න යැයි කාන්ට්‌ ගේ නාමයෙන් අමරතුංග මහතා ඉල්ලා සිටියි. 

පොල් ගෙඩි වැටීම පමණක්‌ නො ව සූර්යයා වටා බුධ වැනි ග්‍රහ වස්‌තුන් ගේ චලිතය ද තේරුම් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මඟිනි. නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට අනුව සියලු ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල චලනය විය යුතු ය. එහෙත් බුධ ග්‍රහයා එලෙස ඉලිප්සයක චලනය නො වන බව අමරතුංග මහතා දන්නේ දැයි නො දනිමි. කෙසේ වෙතත් බුධ ග්‍රහයා පමණක්‌ නො ව කිසි ම ග්‍රහ වස්‌තුවක්‌ සූර්යයා වටා අචල ඉලිප්සවල චලනය නො වෙයි. නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය නම් ග්‍රහ වස්‌තු සූර්යයා වටා අචල ඉලිප්සවල චලනය විය යුතු ය. එහෙත් ඒ එසේ නො වේ. බුධ ග්‍රහයා සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් ඒ බව දන්නේ බොහෝ කලක සිට ය. ඉන් කියෑවෙන්නේ නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍යයක්‌ ය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ සමග එකඟ නො වන බව ය. අමරතුංග මහතා ඉන් ලබාගන්නා නිගමනය කුමක්‌ දැයි දැනගනු කැමැත්තෙමි.

නලින් ද සිල්වා


2014/1/24 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Kurundu Hewage Nandisena

unread,
Jan 23, 2014, 8:48:01 PM1/23/14
to ind...@googlegroups.com

Why should we  read Nalinda Silva, Amaratunga  ………etc……..? Is it to use that knowledge for some Social Transformation or Just for our Knowledge?



2014/1/24 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Kithsiri Herath

unread,
Jan 24, 2014, 8:27:18 AM1/24/14
to INDRAKA group
Why should we  read Nalinda Silva, Amaratunga  ………etc……..?
Is it to use that knowledge for some Social Transformation or Just for our Knowledge?



මම මේ ලිපි පෙළ නොකඩවා  (සමහර විට එහෙන් මෙහෙන්)  කියවමි.  පසුව සාවධානව කියවීමට අදිටනක් ඇත. මේ සාකච්චා කරන විෂය, සමහර වචන   මට තේරෙන්නේ නම් නැත.  එසේ වුවත් ( පැන්ෂන් ගිය !  )පසුව හෝ කියවීමට හැකි වන පරිදි මෙලෙස පිළිවෙලට තිබීම ගැන,   නිස්සංක එසේ කිරීම ගැන, සතුටු වෙමි. අන්තර් ජාලයේ විවිධ තැන්වලින් අපි එකිනෙකා පව්ද්ගලිකව කියවන දේවල් වලින්, අන්  කෙනෙකුගේ අවධානයට යොමුකළයුතු යයි හැගෙන ලිපි වේ නම් මෙලෙස එක තැන කිරීම , මෙම Google Group ක්‍රියාවලියෙන්  බලාපොරොත්තුවූ අදහසකි.

 නන්දේ ගේ ප්‍රශ්නය..... ගැන ටිකක් කල්පනා කලෙමි
. එසේ වුවත් කල්පනා කර පිළිතුරක් ලිවිම අසීරුය. ක්ෂණිකව හිතට නැගෙන අදහස නම්,  ( නලින් ද සිල්වා අමරතුංග පමණක් නොව, ඕනෑම දෙයක් ) ...."කියවන්නේ ආසාවට "  යන්නය.
 කියවීමෙන් සමහර විට කිසියම් දැනුමක් ලැබීමට ද ඉඩ ඇත. එසේ වුවත් එම දැනුමින් මට හෝ සමාජයට  ( සමාජ පරිවර්තනයන් ට ?) කිසිදු වැඩක් වේ යයි සිතීමට අසීරුය.මගේ  කියවීමට නම්  එවැනි ප්‍රශ්නයක් අදාළ වන්නේ ම නැත.  අනෙකුත් කියවන  අය ගැන ද තත්වය අඩු වැඩි වශයෙන්  මෙසේ බව මගේ අදහසයි.

මෙම,  නලින් ...අමරතුංග  සංවාදය කියවීමේ තවත් මානයක් ඇත.  අදාළ විෂය නොතේරුණත් ,  තර්ක කිරීමේ ශයිලිය,  භාෂාව , උදාහරණ , අපහාස උපහාස  තුලින් මතුවන පුද්ගල හැසිරීම් තුලින් ද කිසියම්  සාහිත්‍යමය ආස්වාදයක් විඳීමට හැකි වීමයි.
තව ද, අනුන්ගේ රන්ඩුවලට හොට දැමීම  කෙසේ වෙතත්   තරමක් ඈතට වී  හෝ උනන්දුවෙන්  නැරභිම, අපේ ජාතික පුරුද්දක් බව ද අමතක නොකළ මනාය.



2014/1/24 Kurundu Hewage Nandisena <khnan...@gmail.com>

Nissanka Rajapaksa

unread,
Jan 30, 2014, 5:20:44 PM1/30/14
to ind...@googlegroups.com
පොල් ගෙඩියේ විහිළුව 

පසුගිය විසි තුන් වැනි දා චින්තන පර්ෂදය විසින් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු මැයෙන් මහනුවර දී පවත්වන ලද රැස්‌වීමට ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා නො පැමිණියේ ය. පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මුලසුනෙහි වැඩ සිටි ඒ රැස්‌වීමට පැමිණ වාදයකට සහභාගී වීමට චින්තන පර්ෂදය වෙනුවෙන් ඒ මහතාට ආරාධනය කළ අයට මුල දී කැමැත්ත දී තිබුණ ද පසුව තම මතය වෙනස්‌ කරමින් රණ්‌ඩු වීමට අකැමැති බැවින් රැස්‌වීමට සහභාගී වීමට නොහැකි බව පවසා ඇත. ගෞරවනීය භික්‍ෂුන් වහන්සේ කෙනකු මුලසුනෙහි වැඩසිටින රැස්‌වීමක රණ්‌ඩු වීමට අවශ්‍ය කා හට ද යන්න ඒ මහතා දැන සිටින්නට ඇත. අපි නම් එවැනි රැස්‌වීමක දී මුලසුනෙහි වැඩ සිටින භික්‍ෂූන් වහන්සේ ගේ ගෞරවය ආරක්‌ෂා කරමින් මුලසුනට අවනත වන්නෙමු. 

ඒ මහතා ඒ රැස්‌වීමට අඩු ම තරමෙන් අසන්නකු ලෙස සහභාගී විණි නම් බොහෝ දේ ඉගෙනීමට තිබිණ. එහෙත් පසුව රැස්‌වීමෙහි පටිගත (වීඩියෝ) කරන ලද සම්පූර්ණ වාර්තාවක්‌ කාලය වෙබ් අඩවියෙහි (අඅඅගන්ක්‌හ්ගදරට) ඇතුළත් කිරීමට කටයුතු කරන බැවින් එම`ගින් අමරතුංග මහතාට තම දැනුම වර්ධනය කරගැනීමේ අවස්‌ථාව පමා වී නමුත් ලැබෙනු ඇත. ඒ මහතා බොහෝ මහාචාර්යවරුන් ගෙන් වෙනස්‌ නො වේ. යමක්‌ තේරුම්ගැනීමට ඔවුන්ට බොහෝ කලක්‌ ගත වන බව අවුරුදු පනහක අත්දැකීමෙන් මම දනිමි. අමරතුංග මහතාට ද කාලෝ ෆොන්සේකා මහතාට ද කාළාම සූත්‍රය වටහාගත නොහැකි වී ඇත. අවශ්‍ය නම් ඒ මහත්වරුන්ට සනත් කරුණාරත්න මහතා ලියා ඇති කාළාම සූත්‍රය හා චින්තන නිදහස යන පොත කියවා බුදුන් වහන්සේ කාළාමයනට විඤ්Cදුන් අනුගමනය කිරීමට කී බව දැනගැනීමට හැකි වනු ඇත. මේ සම්බන්ධයෙන් මා ද අවුරුදු විසි පහකට පමණ පෙර දිවයින පුවත්පතට ලියා ඇති නමුත් ඒ මහත්වරුන් මගෙන් යමක්‌ දැනගැනීමට වඩා වෙනත් අයකු ගෙන් දැනගැනීමට කැමැති වනු ඇත. 

අමරතුංග මහතා ගේ ජනවාරි 1, 8, 15 ලිපිවලට පිළිතුරු දීම පමා කර අපි ඒ මහතා ගේ 22 වැනි දා ලිපිය සලකා බලමු. එයට හේතුව අන් කිසිවක්‌ නො ව ඒ මහතා මගේ අදහස්‌ තේරුම්ගැනීමේ මාවතකට සේන්දු වීමට එම`ගින් උත්සාහයක්‌ දරා ඇති බවක්‌ පෙනෙන නිසා ය. එහෙත් ඒ අතර ම ඒ මහතා තමාට සුපුරුදු ආකාරයෙන් විහිළු සැපයීම ද අත්හැර නැත්තේ තවත් බොහෝ දේ ඔහුට දුරාවබෝධ නිසා ය. බටහිර විද්‍යාව ගැන තබා පොල් ගෙඩිය පොල්ගහ මුල වැටීම හේතුවෙන් පොළොවේ චලිතය පිළිබඳව ගැලීලියෝට එල්ල වූ අභියෝගය පිළිබඳව වත් ඒ මහතාට කිසි ම අවබෝධයක්‌ නැත. 

"ගහෙන් ගෙඩියක්‌ වැටෙන විට එය ගහ මුලට වැටෙන්නේ ලෝකය චලනය නො වන නිසා යෑයි නලින් මහතා විශ්වාස කරන බව ඔහු ගේ වැල්වටාරම් තුළින් කියෑවෙන බව අනුමාන කළ හැකි ය." මෙවැනි වාක්‍යයක්‌ මහාචාර්යවරයකුට හැරෙන්නට වෙනත් අයකුට ලිවීමේ හැකියාවක්‌ ඇතැයි නො සිතමි. මා ලියන්නේ වැල්වටාරම් යෑයි කියමු. එහෙත් මෙවැනි අනුමානයකට අමරතුංග මහතා පැමිණියේ කෙසේ ද? ඒ සඳහා මා ලියා ඇති දේ සාක්‍ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට ඒ මහතාට හැකි ද?

මා සඳහන් කර ඇත්තේ ගැලීලියෝට විරුද්ධව එකල විසූ බුද්ධිමතුන් ගෙන ආ තර්කයකි. ඉතාලියේ ගැලීලියෝ සිටි පෙදෙසෙහි හෝ වතිකානුවෙහි හෝ පොල් ගස්‌ නො තිබීම වෙනත් කරුණකි. තර්කයකට පොල් ගස ඈඳීම නම් මගේ ක්‍රියාවකි. එහෙත් තර්කය මා විසින් නිර්මාණය කරන ලද්දක්‌ නො වේ. මා ලෝකය (පෘථිවිය-පොළොව) චලනය නො වන්නේ යෑයි කියා නැත. කෙසේ වෙතත් මට නිරපේක්‍ෂ චලිත නැත. පොළොව මගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය නො වේ. එය අමරතුංග මහතා ගේ ප්‍රත්‍යක්‍ෂයට අනුව චලනය වන්නේ ද?

පොළොවෙහි සිටින නිරීක්‍ෂකයන්ට අනුව පොළොව චලනය නො වේ. එනම් පොළොවේ සිට නිරීක්‍ෂණය කරන්නන්ට සාපේක්‍ෂව පොළොව චලනය නො වේ. එහෙත් එයින් කියෑවෙන්නේ කිසි ම නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය නො වන බව නො වේ. හඳ මත සිටින නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොළොව චලනය වෙයි. පැරැණි සිංහලයන්ට පොළොව ඉර වටා චලනය වන්නේ ය කීව ද, ඉර පොළොව වටා චලනය වන්නේ ය කීව ද ගැටලුවක්‌ වී නැත. ඒ සාපේක්‍ෂ චලිත දෙකක්‌ බව ඔවුහු දැන සිටියෝ හ. අඩු ම තරමෙන් පැරැණි සිංහල බුද්ධිමත්තු ඒ බව දැන සිටිය හ. පොළොව ඉර වටා චලනය වන බව පැරැන්නන් දැන ගත්තේ පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයෙන් නම් නො වේ. එය පංචෙන්ද්‍රිය නොමැති ව මනසෙන් දැනගත් දෙයකි. එය පංචෙන්ද්‍රියයන් ගෙන් (හා මනසෙන්) දැනගැනීමට නො හැකි ය. අමරතුංග මහතා පොළොව ඉර වටා යන බව පංචෙන්ද්‍රියයන් ගෙන් දන්නේ ද?

එහෙත් ගැලීලියෝ ගේ කාලයෙහි ඉතාලියෙහි බුද් මත්තු සාපේක්‌ෂ චලිත ගැන නො දැන සිටියෝ ය. ඔවුන්ට චලිතය යනු එකක්‌ ම විය. එය නිරපේක්‌ෂ (ඔවුන් ඒ සංකල්පය යොදාගත්තත් නැතත්) විය. පොළොවේ සිටින නිරීක්‌ෂකයකුට අනුව පොළොව චලනය නො වෙයි. ගැලීලියෝ පොළොව චලනය වන්නේ යෑයි කී විට ඉතාලියෙහි බුද්ධිමත්තු ඒ කා හට සාපේක්‌ෂව දැයි නො ඇසූ හ. ඔවුන් දැන සිටි එක ම (නිරපේක්‌ෂ) චලිතය ඔවුන්ට නිරීක්‌ෂණය කළ නොහැකි විය. ඔවුන්ට අනුව පොළොව චලනය නො වී ය. ඔවුන්ට එය ප්‍රත්‍යක්‌ෂය විය. අමරතුංග මහතා අවංක නම් ඔහුට ද තම ප්‍රත්‍යක්‌ෂයට අනුව පමණක්‌ නම් පොළොව චලනය නො වන බව පිළිගැනීමට සිදු වෙයි. එහෙත් ඔහු ගේ මහාචාර්යකම ඊට හරස්‌ වෙයි. තම ප්‍රත්‍යක්‌ෂය අනුව පොළොව චලනය නො වන බව ප්‍රකාශ කළ හොත් ඔහුට සමාජයේ ඇති වැදගත්කම නැති වෙයි. 

ගැලීලියෝ ගේ කාලයේ ඉතාලියේ සිටි උගත්හු අමරතුංග මහතාට වඩා අවංක වූවෝ යෑයි සිතිය හැකි ය. ඔවුහු පොළොව චලනය නො වන බව කීවෝ ය. ඔවුහු තම ප්‍රත්‍යක්‌ෂයෙන් දැනගත් එය නිවැරැදි බවට තර්කයක්‌ ද ඉදිරිපත් කළ හ. ඒ අනෙකක්‌ නො ව පොල් ගෙඩිය පොල් ගහමුල වැටීම ආශ්‍රයෙන් ගොඩන`ගාගත් තර්කය ය. අමරතුංග මහතාට ඒ තර්කයෙහි වරදක්‌ දැකිය හැකි ද? පොල් ගෙඩිය ගහ මුල වැටීම ද ප්‍රත්‍යක්‌ෂයකි.

බටහිර විද්‍යාව ආරම්භ කරමින් ගැලීලියෝ ප්‍රත්‍යක්‌ෂය නො වූ සාපේක්‌ෂ චලිතය පිළිබඳ වියුක්‌ත සංකල්පය ඉදිරිපත් කළේ ය. ගැලීලියෝ බොරු කීවේ ඇයි යන ලිපියෙන් මා උත්සාහ ගත්තේ ඒ බව පැහැදිලි කිරීමට ය. එහෙත් මහාචාර්යවරයකු වූ අමරතුංග මහතා එයින් අනුමාන කරන්නේ මා පොල් ගෙඩිය ගහ මුල වැටෙන නිසා පොළොව චලනය නො වන්නේ යෑයි විශ්වාස කරන බවකි. ගැලීලියෝ ගේ කාලයේ සිටි බුද්ධිමත්තු පොල් ගෙඩිය ගහ මුල වැටීම යන ප්‍රත්‍යක්‌ෂය පොළොව චලනය නො වන්නේ ය යන ප්‍රත්‍යක්‌ෂය තහවුරු කිරීමට යොදාගත් හ. 

අමරතුංග මහතා කොටින් පැරදවීමට මා දෙවියන් ගේ පිහිට ලබා නො ගත්තේ ඇයි දැයි අසයි. එකල තබා මෙකල වත් මට දෙවියන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් සමග සන්නිවේදනය කළ නොහැකි ය. කෘෂි රසායනික වකුගඩු රෝගය පිළිබඳව මැදිහත් වූයේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ය. අපට ආසනික්‌, කිවුල් ජලය හා ආසනික්‌ මිත්‍ර (මිශ්‍ර නො වේ) පස කෘෂි රසායනික වකුගඩු රෝගයට හේතු යෑයි දැන්වූයේ ඒ මහත්මිය ය. ඒ පිළිබඳව කිසි ම ගෞරවයක්‌ මට හිමි විය යුතු නැත. කිවුල් ජලය රෝගයට හේතුවක්‌ බව පළමුවෙන් ම සඳහන් කළේ කැලණිය කණ්‌ඩායම ය. එයට පෙර කිසිවකු රෝගයට හේතුවක්‌ ලෙස ජලය නම් කර නො තිබිණි. අද පවා බටහිර විද්‍යාවේ ආධිපත්‍යය පැතිරවීම සඳහා පිහිටුවාගෙන ඇති ආයතනයක්‌ වන ඊනියා ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන් ගේ බසින් කියන්නේ නම් පානීය ජලය රෝගයට හේතුවක්‌ යෑයි සෘජු ව නො කියයි. අමරතුංග මහතාට අනුව කිවුල් ජලය කෘෂිකාර්මික වකුගඩු රෝගයට හේතුවක්‌ යෑයි කියමින් මා ලඡ්ජාවක්‌ නොමැති ව මට අහිමි ගෞරවයක්‌ ලබා ගැනීමට කටයුතු කරයි. 

අමරතුංග මහතා නො දන්නවාට කොටින් පරාජය කළ හැකි බව මා කීවේ 1990 තරම් ඈත කාලයක සිට ය. එකල ගුණදාස අමරසේකර මහතා හෝ වෙනත් කිසිවකු හෝ මගේ සහායට සිටි බවක්‌ මම නො දනිමි. අමරතුංග මහතා ගැන මා එකල අසා වත් නො තිබිණි. ඔහු දෙමළ ප්‍රශ්නය පිළිබඳ ව කරළියට පැමිණියේ තමා විශ්‍රාම ගැනීමට ටික කලකට පෙර ය. එසේ ම අමරතුංග මහචාර්යවරයා සිනහසුණත් කිව යුත්තක්‌ වෙයි. මාවිල්ආරු සිද්ධිය දිනවල මෙරට බුදුපිළිම වහන්සේලා ගෙන් බුදු රැස්‌ විහිදුණ බව බොහෝ දෙනාට මතක ඇත. ඒ දිනවල ම මා මාතර දී පවත්වන ලද රැස්‌වීමක දී කියා සිටියේ කොටින් පැරදවීමට අපට දෙවියන් ගේ ආශිර්වාදය ඇති බවට ඒ සාක්‌ෂියක්‌ බව ය.

කෙසේ වෙතත් පසු කලෙක සේනානායක මහත්මිය ප්‍රකාශ කළේ දෙවියන් පිළිම වහන්සේලා ගෙන් එසේ බුදු රැස්‌ විහිදීමට සලස්‌වා යම් ආධ්‍යාත්මික ශක්‌තියක සටනට එකතු කළ බව ය. එය පංෙච්න්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‌ෂයක්‌ නො වේ. සාපේක්‌ෂ ප්‍රවේගය පිළිsබඳ වියුක්‌ත සංකල්පය ද පංචෙන්ද්‍රිය ගොචර සංකල්පයක්‌ නො වේ. මහනුවර දී ඒ බව පෙන්වා අද පාසල්වල උගන්වන සාපේක්‌ෂ චලිතය පිළිබඳ සමීකරණය වැරැදි බව පැහැදිලි කළෙමි. ඒ බව දැනට අවුරුදු තුන හතරකට පෙර අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් කැලණිය විශ්වවිද්‍යාලයයේ දී පවත්වන ලද වැඩමුළුවක දී ද මා පෙන්වා දී ඇති නමුත් එය කිසිවකු ගේ අවධානයට ලක්‌ නො විණි. අමරතුංග මහතා නම් ඒ අවධානයට ලක්‌ විය යුත්තක්‌ නො වේ යෑයි කීමට ඉඩ ඇත.

නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ බලය ද පංචෙන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ නො වේ. ඒ බව මහනුවර දී පමණක්‌ නො ව අමරතුංග මහතා ද නරඹා ඇතැයි සිතිය හැකි රූපවාහිනි වැඩසටහනක දී මා පෙන්වා දී ඇත. මහනුවර දී ගැලීලියෝ ගේ සාපේක්‌ෂතාව පමණක්‌ නො ව අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාව ද වැරැදි බව පෙන්වා දුන්නෙමි. මේ කරුණු මෙරට සිටින බොහෝ උගතුන්ට දිරවාගත නො හැකි බව ද මම දනිමි. ඉඩකඩ ලැබෙන පරිදි මේ සියල්ල විදුසර පුවත්පතින් හෙළිදරවු කිරීමට ද බලාපොරොත්තු වෙමි. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි "තේරුම් කිරීමට" පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කතන්දර ගොඩනැ`ගීම ය. මේ කතන්දර ගෙතීමකි. ඒ කතන්දර පට්‌ටපල් බොරු වෙයි. පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ (මේවා හුදු ප්‍රත්‍යක්‍ෂ නො වන බව ප්‍රත්‍යක්‍ෂ හා හුදු ප්‍රත්‍යක්‍ෂ යන ලිපියෙහි පැහැදිලි කර දී ඇත) "තේරුම් කිරීමට" පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත ප්‍රවාද (කතන්දර) ගෙතීම බටහිර විද්‍යාවෙහි දී සිදු වෙයි. ඒ ප්‍රවාද පට්‌ටපල් බොරු වෙයි. 

පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂයකි. පොල් ඉහළට යන්නේ නැති බව ද ප්‍රත්‍යක්‍ෂයකි. අමරතුංග මහතා ඒ පිළිබඳව තේරුමක්‌ නැති ව විකාර කතා කියයි. ඒ බව අපි පසුව පෙන්වා දෙමු. දැනට කිව යුත්තේ පොල් ගෙඩි උඩට නො ගොස්‌ පොළොවට වැටීම නමැති පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය "තේරුම් කිරීමට" නිවුටන් පට්‌ටපල් බොරුවක්‌ වූ පංචෙන්ද්‍රිය ගෝචර නො වූ ද ප්‍රත්‍යක්‍ෂයක්‌ නො වූ ද ගුරුත්වාකර්ෂණ බලය නමැති කතාව ගොතා ඇති බව ය. 

Kithsiri Herath

unread,
Jan 31, 2014, 12:54:23 AM1/31/14
to INDRAKA group
පහත ලිපිය, ඉහත වාදයට අදාළ වේ දැයි  සැකයක් ඇත.

a moving exchange between two people who couldn’t be further apart in their understanding of the world, but who just may have found some small common ground in considering each other’s positions for a moment."

(එය තිබිය යුතු හොඳම තැන ලෙස සිතුනේ , ඉහත වාදය සමගය).



Dear Einstein, Do Scientists Pray?' Asks Sixth Grader -- See His Amazing Response

Posted: 01/30/2014 5:49 pm EST  |  Updated: 01/30/2014 5:59 pm EST

einstein scientists pray


"Do scientists pray?"

That's the question that occupied the thoughts of a sixth-grade Sunday school class at The Riverside Church, and who better to pose it to than one of the best scientific minds of our time, Albert Einstein?

A young girl named Phyllis penned a polite and inquisitive note to the great physicist, and she was probably surprised to receive a considerate reply. The exchange was published in the book "Dear Professor Einstein: Albert Einstein's Letters to and from Children," edited by Alice Calaprice.

She wrote:

January 19, 1936

My dear Dr. Einstein,

We have brought up the question: Do scientists pray? in our Sunday school class. It began by asking whether we could believe in both science and religion. We are writing to scientists and other important men to try and have our own question answered.

We will feel greatly honored if you will answer our question: Do scientists pray, and what do they pray for?

We are in the sixth grade, Miss Ellis's class.

Respectfully yours,

Phyllis

He replied a mere five days later, sharing with her his thoughts on faith and science:

January 24, 1936

Dear Phyllis,

I will attempt to reply to your question as simply as I can. Here is my answer:

Scientists believe that every occurrence, including the affairs of human beings, is due to the laws of nature. Therefore a scientist cannot be inclined to believe that the course of events can be influenced by prayer, that is, by a supernaturally manifested wish.

However, we must concede that our actual knowledge of these forces is imperfect, so that in the end the belief in the existence of a final, ultimate spirit rests on a kind of faith. Such belief remains widespread even with the current achievements in science.

But also, everyone who is seriously involved in the pursuit of science becomes convinced that some spirit is manifest in the laws of the universe, one that is vastly superior to that of man. In this way the pursuit of science leads to a religious feeling of a special sort, which is surely quite different from the religiosity of someone more naive.

With cordial greetings,

your A. Einstein

While the letter doesn't reveal much about Einstein's own personal views on religion, he brilliantly manages to capture the the sublime sense of wonder that science can evoke in a way that it's possible to describe as "religious."

Josh Jones of Open Culture commented, "I think it’s a moving exchange between two people who couldn’t be further apart in their understanding of the world, but who just may have found some small common ground in considering each other’s positions for a moment."


































2014-01-31 Nissanka Rajapaksa <nraja...@gmail.com>:

Nissanka Rajapaksa

unread,
Feb 5, 2014, 11:02:42 AM2/5/14
to ind...@googlegroups.com

නවීන විද්‍යාත්මක දැනුම නලින් ද සිල්වා මහතා කියන පරිදි වියුක්‌ත වු දැනුමක්‌ නොවේ 

නලින් ද සිල්වා මහතා පවසන්නේ ඔහු ගේ 23.1.2014 දින මහනුවර පැවැති දේශනයට පැමිණියා නම් මට "බොහෝ දේ ඉගෙන ගැනීමට තිබිණි" බව ය. (විදුසර - 29.1.2014). මෙතෙක්‌ කල් මා ඔහු ගෙන් කිසිවක්‌ ඉගෙනගෙන නැත. මිථ්‍යාව නො ඉවසන කෙනකුට ඉගෙනගැනීමට ඔහු ළඟ කිසිවක්‌ නැත. ලිපි පහළොවකටත් වැඩි ප්‍රමාණයක්‌ විදුසර සඟරාවට ලියමින් විද්‍යාව බොරු බව ඔප්පු කරන්නට බැරි වූ ඔහු එක දේශනයකින් එය කළ බව විශ්වාස කරන්නට බැරි ය. එම දේශනයට යැම කාලිය නාස්‌ති කිරීමක්‌ වන්නේ ය. තව ද තමා ගේ ම දේශනයක්‌ ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව ඔහු නො දන්නා බව පෙනේ.

නලින් මහතා අලුත් දෙයක්‌ කිසි දාක කිසි විටෙක කියා නැත. විද්‍යාව පිළිබඳ පෝල් ෆෙයරබෙන්ඩ් වැනි දාර්ශනිකයන් ගේ අදහස්‌වල එල්බගෙන ඔහු විද්‍යාව බොරුවක්‌ යයි පවසයි. බුදු දහම පිළිබඳ මහායාන දහමේ අදහස්‌වල එල්බගෙන බුදුදහම විකෘති කරයි. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව තවමත් ඔහු ඔප්පු කොට නැත. අයිසෙක්‌ නිව්ටන්, ඇල්බට්‌ අයින්ස්‌ටයින් වැනි ලෝකය වෙනස්‌ කළ අග්‍ර ගණයේ විද්‍යාඥයන් ගේ මතවාද, සොයාගැනීම් බොරු යෑයි ඔප්පු කළ බව පැවසීම වාචාලකමක්‌ පමණක්‌ නො ව එම ප්‍රාඥයන්ට අවමන් කිරීමකි. මුළු ලොව ම ගරු බුහුමන් පුදන එම දෙපළට මෙලෙස අවමන් කරන්නේ බාල ප්‍රසිද්ධියක්‌ ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් මිස වෙන කුමකට ද? නිව්ටන්, අයින්ස්‌ටයින් වැනි ප්‍රාඥයන් පරදන බුදුරදුන්ට පමණක්‌ දෙවැනි වූ මහා ප්‍රාඥයා නලින් ද සිල්වා මහතා බව පිළිගැනීමට තරම් දෙයක්‌ ඔහු ඉටු කර නැත. 

බුදුරදුන් ගේ කාලාම සූත්‍රය කාලෝ ෆොන්සේකා මහතා සහ මා තේරුම් කරගෙන නැති බව නලින් මහතා කිහිප විටක්‌ පවසා ඇත (විදුසර - 29.1.2014), එහෙත් අප තේරුම් කරගෙන නැති දෙය කුමක්‌ ද, එය තේරුම් කරගන්නේ කෙසේ ද යන්න නලින් මහතා කිසි තැනක පැහැදිලි කොට නැත. එසේ ඇතොත් කොතැන දැයි පවසන මෙන් ඉල්ලමි. එසේ නැතොත් දැන් වත් එය කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.

නලින් මහතා වියුක්‌ත දැනුම සහ සංයුක්‌ත දැනුම යනුවෙන් දැනුම වර්ගීකරණයකට භාජන කර ඇත. මා මේ කරුණ මතුපිටට ගන්නේ එම කරුණ මගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක්‌ ද යන්නට අදාළ නිසා ය. අපට තවමත් අවශ්‍ය වී ඇත්තේ මගේ මුල් ප්‍රශ්නයට නලින් මහතා ගේ පිළිතුර බව අවධාරණය කරමි. විද්‍යාව බොරුවක්‌ බව ඔහු තවමත් ඔප්පු කොට නැත.

විද්‍යාව නිපදවන්නේ වියුක්‌ත දැනුම බවත් එය සංයුක්‌ත නො වන බවත් සංයුක්‌ත නො වන දැනුම ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ නො වන බවත් ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුම බොරුවක්‌ බවත් නලින් මහතා පවසා ඇත. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කොට ඇත්තේ මෙසේ ය. උදාහරණයක්‌ වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ ගුරුත්වාකර්ෂණය නැමැති සංකල්පය ය. ඔහුට අනුව ගෙඩියක්‌ බිමට වැටීම ප්‍රත්‍යක්‍ෂ ය. ගෙඩිය වැටෙන්නේ ගුරුත්වාකර්ණය නිසා යෑයි පැවසීම පට්‌ටපල් බොරුවකි. මන්ද ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන හෙයිනි. කොපමණ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි තිබුණත් ඒවා පිළිගත නොහැකි බවකි මින් අදහස්‌ වන්නේ. මේ සාක්‌ෂි ගූරුත්වාකර්ෂණය නමැති සංකල්පය සමග සබඳතාවක්‌ නැති බව ය ඔහු පවසන්නේ. ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාර්මයන් (phenomena) කොතෙකුත් ලෝකයේ පවතී. ඒවා පිළිබඳව ඉදිරිපත් වී ඇති මතවාද (theories) පිළිගැනෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි ඇත්නම් පමණි. මේ සාක්‌ෂි අතර ද අෙන්‍යාන්‍ය සමිබන්ධතාවක්‌ තිබීම සහ එකිනෙකට ආධාරකයක්‌ (support)) වීම අත්‍යාවශ්‍ය ය. එවැනි වූ සාක්‌ෂි ගොන්නක්‌ ගුරුත්වාකර්ෂණය පිළිබඳව ඇති බව මීට ඉහත ලිපියකින් මා පෙන්වා දී ඇත (විදුසර - 22.1.2014). ඉන්ද්‍රිය ගෝචර නො වන අනෙකුත් ක්‍රියාමර්ගයන් බොහොමයක්‌ පිළිබඳව ද මෙය පවැසිය හැකි ය. උදා( විදුලිය, විද්යුත් චුමිබක තරංග. එමෙන් ම ඉන්ද්‍රිය ගෝචර නො වන සමහර ක්‍රියාර්මයන් පිළිබඳව මෙවැනි සාක්‌ෂි නො තිබෙන බැවින් ඒවා පිළිගැනෙන්නේ නැත. උදා ( ජීවීන් ගේ බිහි වීම.

මින් පෙනී යන්නේ විද්‍යාෙවි පදනම වන්නේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බව ය. මෙයයි සත්‍යය. මිනිසා බිහි වූ දා පටන් ඔහු ගේ විද්‍යාව වූයේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනමි වූ විද්‍යාව ය. එසේ නො වුණු අවස්‌ථාවල දී මතු වූයේ මිථ්‍යාව ය. මෙලෙස දියුණු වූ විද්‍යාව මිනිසා ගේ ඉතිහාසය ද වන්නේ ය. වෙනත් විද්‍යාවක්‌ තිබිය නොහැකි ය. ලෝකයේ කොතැනක කිසි කලක තිබී ද නැත. ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය නමි වූ දැනුම ලබා දෙයි. නලින් මහතා පවසන වෙනත් විශේෂ වූ ප්‍රත්‍යක්‍ෂ දැනුමක්‌ තිබිය නොහැකි ය.

පොල් ගෙඩිය බිමට වැටීම නලින් මහතාට අනුව ප්‍රත්‍යක්‍ෂ ය. එය උඩට නො යැම ද ප්‍රත්‍යක්‍ෂ ය. උඩට නො යා බිමට වැටීම ප්‍රත්‍යක්‍ෂ දැයි ඔහු පවසා නැත. ප්‍රශ්නය එතැන ය. පොල් ගෙඩිය උඩට හෝ වෙන කොහාට වත් නො යා බිමට වැටීම ප්‍රත්‍යක්‍ෂ වන්නේ කෙසේ ද? එය සිදු වන්නේ කෙසේ දැයි සොයා බැලීම මිනිසා ගේ සහජ ස්‌වභාවය ෙවි. නලින් මහතා මෙන් පොල් ගෙඩිය බිමට වැටීම පමණක්‌ ප්‍රත්‍යක්‍ෂ කොටගෙන මිනිසා සෑහීමකට පත් වන්නේ නැත. ඒ නිසා ය විද්‍යාව මෙතරමි දියුණු වී ඇත්තේ. ඉන්ද්‍රීය ගෝචර සාක්‌ෂි නො පිළිගන්නේ නමි ඉන්ද්‍රිය ගෝචර නො වන්නා වූ කිසි ම ස්‌වාභාවික ක්‍රියාමාර්ගයකින් කිසි ම ප්‍රයෝජනයක්‌ ලබාගන්නට මිනිසාට හැකි වන්නේ නැත. ඔහුට ඇත්තේ දෙවියන් ගේ පිහිට පමණි. විදුලි බලයෙන් ලබාගන්නා වූ කියා නිම කළ නොහැකි ඉමහත් ප්‍රයෝජන රාශිය මිනිසාට ලබා ගත හැකි වූයේ ඉන්ද්‍රිය ගෝචර නො වූ විදුලිය පිළිබඳව විද්‍යාව මාර්ගයෙන් සොයාගත් ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි ගොන්න පිළිගත් බැවිනි. සැම විද්‍යාඥයකු ම නලින් මහතා මෙන් ප්‍රත්‍යක්‍ෂ නමැති දැනුමකට කොටු වූයේ නමි අද අප සැවොම, මිනිස්‌ සංහතිය ම සිටින්නේ නලින් මහතා සිටින බොරු වළේ ය.

වියුක්‌ත දැනුම සහ සංයුක්‌ත දැනුම යන්නෙන් නලින් මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ දැයි පහදා දී නැත. ප්‍රාථමික පාසලේ සිට විශ්වවිද්‍යාලය තෙක්‌ අධ්‍යාපනය පිළිබඳව ලියා ඇති ලිපියේ (විදුසර - 01.01.2014) ඔහු නොයෙකුත් විෂයන් වියුක්‌ත සහ සංයුක්‌ත වශයෙන් හැඳිනගනියි. එහෙත් වියුක්‌ත දැනුම කුමක්‌ ද හෝ සංයුක්‌ත දැනුම කුමක්‌ දැයි ඔහු පහදා දී නැත. මෙවැනි දැනුම් වර්ග තිෙබි දැයි දැනගැනීම පිණිස එවැනි විස්‌තරයක්‌ අවශ්‍ය ය. වියුක්‌ත යන වචනයෙන් අදහස්‌ වන්නේ වෙන් වූ, ඈත් වූ (disjoined, disconnected) යන්න ය. එමෙන් ම සංයුක්‌ත යන වචනයේ අරුත ළං වූ, එක්‌ වූ, සමිබන්ධ වූ (joined, connected) යන්න ය. 

නවීන විද්‍යාව ලබා දෙන්නේ වියුක්‌ත දැනුමක්‌ යන්නෙන් අදහස්‌ වන්නේ සාක්‌ෂි සහා ඉන් ඔප්පු විය යුතු මතය හෝ සංකල්පය අතර සබඳතාවක්‌ නැති බව විය හැකි ය. දැනුම පිළිබඳව පිළිගත් එක්‌ නිර්වචනයක්‌ වන එමානුවෙල් කාන්ට්‌ ගේ නිර්වචනය භාවිත කොට මෙය නිරවුල් කරගත හැකි දැයි සොයා බලමු. ඊට අනුව යම් විස්‌වාසයක්‌ (belief) සිද්ධාන්ත (facts) සමග එකග වේ නම් එය දැනුම වන්නේ ය. (සිද්ධාන්ත යන වචනය යොදාගන්නේ සුදසු වෙන වචනයක්‌ නැති නිසා ය). මින් හැ`ගී යන්නේ විශ්වාසය සහ සිද්ධාන්ත අතර සබඳතාවක්‌ තිබිය යුතු බව ය. තව ද එම සිද්ධාන්ත සාක්‌ෂි හැටියට පිළිගත හැක්‌කේ එවැනි සබඳතාවක්‌ ඇතොත් පමණි. එසේ ම සාක්‌ෂි එකිනෙකට ආධාරකයක්‌ (support) විය යුතු ය. මේ ලෙස ලබාගන්නා දැනුම කිසිසේත් ම වියුක්‌ත වු දැනුමක්‌ විය නොහැකි ය. 

දැන් මේ තර්කය ගුරුත්වාකර්ෂණය වෙත යොමු කරමු. ගුරුත්වාකර්ෂණය සර් අයිසෙක්‌ නිව්ටන් ගේ මනස්‌ හටගත් විශ්වාසයක්‌ යෑයි සිතමු. ගිලිහුණු ගෙඩියක්‌ එතැන ම නො තිබී උඩුගුවනට හෝ වෙන කොහේ වත් නො යා පොළොවට පතිත වීම සිද්ධාන්තයක්‌ ලෙස පිළිගත හැකි ය. මෙහි දී වැදගත් සාධක වන්නේ ගෙඩිය එතැන ම නො තිබීම, උඩු ගුවතට නො යැම, අහසේ වෙන කොහේ වත් නො යැම, පොළොවට පතිත වීම යන්න ය. මේ ක්‍රියාදාමය මේ ලෙස සිදු වන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක්‌ පොළොව සතු විය යුතු නිසා බව සිතිය හැකි ය. මේ විශ්වාසය ඉහත සඳහන් සිද්ධාන්තයෙන් කිසිසේත්ම වියුක්‌ත වී නැත. සත්තකින් ම මෙතන විශ්වාසය පැනනැඟ ඇත්තේ සිදධාන්තය තුළින් ම ය. මෙවැනි සිද්ධාන්ත සෑහෙන ප්‍රමාණයක්‌ නිව්ටන් තම පර්යේෂණ ම`ගින් රැස්‌ කරගෙන ඇත. මේ සිද්ධාන්ත එකිනෙකට ආධාරකයක්‌ වූ සාක්‌ෂි ගොන්නක්‌ බව පැහැදිලි ය. ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය පැනන`ගින්නේ මේ සාක්‌ෂි තුළිනි. එය එතැනට පිටතින් ආරූඪ කළ දෙයක්‌ නො වේ.

නිව්ටන්ට පසුව ඉහත සඳහන් සාක්‌ෂි ගොන්නට තවත් සාක්‌ෂි රාශියක්‌ එකතු වී ඇත. අභ්‍යාවකාශයේ දී මුදාහැරිය වස්‌තුවක්‌ පොළොවට ඇද නො ගැනීම, හඳ මතු පිට මේ බලය පැවතීම, එහෙත් එම බලය හඳ මත පොළොවට වඩා අඩු වීම ඉන් සමහරකි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන බව ඇත්ත ය. මෙවැනි ස්‌වාභාවික ක්‍රියාදාමයන් බොහොමයක්‌ මෙලොව පවතින බව අපි දනිමු. එනමුත් එවායින් අප ලබාගන්නා ප්‍රයෝජන කියා නිම කළ නොහැකි ය. එසේ ප්‍රයෝජන ලබාගත හැකි වී ඇත්තේ එලෙස ලබාගන්නා දැනුම තුළින් නොයෙකුත් න්‍යාය නිපදවා ඒ මත පදනම් වූ ගණනය කිරීම් සිදුකිරීමෙනි. විද්‍යාව බොරුවක්‌ නම් මේ කිසි දෙයක්‌ මෙතරම් සාර්ථක ලෙස කළ නොහැකි ය. මේ පද්ධතිය වියුක්‌ත වූයේ නම් අහසේ පිසාසර කරන අහස්‌ යානා බොහොමයක්‌ කඩා වැටෙනවා ඇත. අභ්‍යවකාශය තරණය කරන්නන් ආපසු නො එනු ඇත. නලින් මහතා අහස්‌ යානයකට ගොඩ නො වනු ඇත. 

නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය විසින් නිශ්ප්‍රභ කරන ලද බව නලින් මහතා පවසන්නේ ඔහු ගේ තර්කයට ගැලපෙන පරිදි මිස තත්වාවබෝධයකින් නො වේ. බුද ග්‍රහායා ගේ චලනය නිව්ටන් ගේ න්‍යාය සමග ගැලපෙන්නේ නැති බව අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ඉදිරිපත් වීමට පෙර ද දැන සිටි කරුණකි. අයින්ස්‌ටයින් විසින් කරන ලද්දේ එය නිවැරැදි කිරීම පමණි. තව ද ඔහු ගේ එම වාදය ම`ගින් එම න්‍යාය භාවිත කිරීමේ පරිධිය පුළුල් විය. විශේෂ සාපේක්‌ෂතාවාදය (special relativity) විසින් අධි වේගී වස්‌තු (ඉලෙක්‌ට්‍රොaන) දක්‌වා ද සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය (general relativity) විසින් අධි ගුරුත්වාකර්ෂණීය (high gravitational fields) බලය දක්‌වා ද එලෙස එම න්‍යාය පුළුල් කරන ලදි. ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන් කරන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි ය. හඳට යැම සඳහා එය අද ද භාවිත කරනු ලැබේ. අයින්ස්‌ටයින් ගේ න්‍යාය අධිවේගී "ක්‌වොන්ටම්" අංශු (ඉලෙක්‌ට්‍රෝන) සඳහා භාවිත කළ හැකි ය. අයින්ස්‌ටයින් ගේ න්‍යාය වුව ද "බ්ලැක්‌ හෝල්" (black hole) නමැති අභ්‍යාවකාශයේ ඇති ස්‌ථාන සඳහා භාවිත කළ නොහැකි බව සඳහන් වේ. නිව්ටන් ගුරුත්වාකර්ෂණය කාලය මත බලපාන්නේ කෙසේ දැයි පැහැදිලි නො කළේ ය. එසේ ම ගුරුත්වාකර්ෂණය කාචයක්‌ මෙන් ආලෝකය වර්තනයට භාජන කිරීම ඔහු පැහැදිලි කොට නැත. මේ දේවල් කිරීමට අයින්ස්‌ටයින් තැත් කළේ ය. 

මිනිසා අවට ලෝකය පිළිබඳ දැනුම ලබා ගත්තේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මාර්ගයෙනි. මීට ඉන්ද්‍රිය පද්ධතිය ස්‌නායු පද්ධතිය සහ මොළය යන කොටස්‌වල ක්‍රියාකාරීත්වය අවශ්‍ය ය. ෙමි එක කොටසක්‌ හෝ ක්‍රියා විරහිත වුවොත් අවට ලෝකය ගැන දැනගැනීම කළ නොහැකි ය. මොළය පමණක්‌ පාවිචිචි කොට ලබාගත හැකි ප්‍රත්‍යක්‍ෂ දැනුම යනුවෙන් හැඳින්විය හැකිs දැනුමක්‌ පිටස්‌තර වූ ලෝකය පිළිබඳව ලබා ගත නොහැකි ය. මොළය පමණක්‌ භාවිත කොට ලබා ගත හැක්‌කේ අපගේ මනස පිළිබඳ දැනුමක්‌ පමනි. තව ද මොළය පමණක්‌ භාවිත කොට පිටස්‌තර ලෝකය පිළිබඳව අදහස්‌ හෝ මත හෝ ගොඩනඟාගත හැකි ය. එහෙත් එවැනි දේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මගින් ඔප්පු කරන තෙක්‌ ඒවා අදහස්‌ හෝ මත හෝ පමණක්‌ වන්නේ ය.

විද්‍යාත්මක දැනුම වියුක්‌ත දැනුමක්‌ නො වන බව ඉහත සඳහන් ආකාරයට පහදා දිය හැකි ය. විද්‍යාත්මක දැනුම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ වන්නේ එය පදනම් වී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත නිසා ය. සංකල්පයක්‌ දැනුම වන්නේ සාක්‌ෂි ඇතොත් පමණි. සංකල්ප බොහොමයක්‌ උත්පාදනය වන්නේ එවැනි සාක්‌ෂි තුළින් ම ය. එම නිසා ඒවා සාක්‌ෂිවලින් වියුක්‌ත නැත. එහෙත් විද්‍යාව තුළ අස්‌ථිර නිවැරැදි නො වූ අවිනිශ්චිත භාවයක්‌ නැතැයි කිව නොහැකි ය. ඊට දිය හැකි පිළිතුර වන්නේ විද්‍යාවේ ඉමහත් ජයග්‍රහණයන් සහ පෙර කල සිදු වූවා සේ එම දුර්වලකම් අනාගතයේ දී විසඳා ගත හැකි ය යන විශ්වාසය විද්‍යාව බොරුවක්‌ නො වන බව තහවරු කරයි යන්න ය. මේ නයින් බලන කල පෙනී යන්නේ වියුක්‌ත සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂ දැනුම යනු නලින් ද සිල්වා මහතා ගේ හිතළුවක්‌ පමණක්‌ බව ය. මෙවැනි බොරුවලින් විද්‍යාව පටිටපල් බොරුවක්‌ බව ඔප්පු කළ නොහැකි ය.

Nissanka Rajapaksa

unread,
Feb 5, 2014, 5:36:04 PM2/5/14
to ind...@googlegroups.com
නිවුටන්ට හා අයිස්ටයින්ට අනුව වැටීම

ජනවාරි මස 23 වැනි දා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යන මැයෙන් මා විසින් මහනුවර දී පවත්වන ලද දේශනය http://youtu.be/kiLHfmfY0S4 යන ජාල සම්බන්ධය හා එක්‌ වීමෙන් ශ්‍රවණය කළ හැකි බව ප්‍රථමයෙන් ම දැනුම් දෙන්නේ එම දේශනය මේ සංවාදයට අදාළ බැවින් හා එයට මහාචාර්ය අමරතුංග මහතා නො පැමිණි බැවින් ය. එමෙන් ම එම දේශනයෙහි සඳහන් කරුණු පිළිබඳව තුන්වැනි පාර්ශ්වයකින් කියෑවෙන දේ අසා නිගමනවලට එළඹීම වෙනුවට තමන්ට ම එය ශ්‍රවණය කිරීමෙන් ඒ පිළිබඳ යම් වැටහීමක්‌ ලබාගත හැකි බැවින් වෙබ් අඩවියකට පිවිසීමට පහසුකම් ඇති පාඨකයන් ගේ ප්‍රයෝජනය සඳහා ද අදාළ සම්බන්ධය මෙහි දක්‌වා ඇත.

පසුගිය ජනවාරි 22 වැනි දා ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විසින් ලියන ලද ලිපියට පිළිතුරු දීම අවසන් නැති වුවත් ඒ මහතා 29 වැනි දා සඳහන් කරන ලද කරුණක්‌ දෙකක්‌ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්‌ අවශ්‍ය වෙයි. ඒ කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය හා ගුරුත්වය සම්බන්ධ ව ය. කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්ණායක (නිර්වචනය) ලෙස අමරතුංග මහතා ඉදිරිපත් කළේ තම ජනවාරි 01 වැනි දා ලිපියෙනි. ඔහු එහි දී කියා සිටියේ මෙයයි. "දැනුම යන්න කුමක්‌ දැයි එමානුවෙල් කාන්ට්‌ නමැති දාර්ශනිකයා අර්ථදක්‌වා ඇත. එනම් යම්කිසි විශ්වාසයක්‌ ((belief) සිද්ධාන්ත (facts) සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනේ. නලින් ද සිල්වා මහතා විද්‍යාව බොරුවක්‌ යෑයි විශ්වාස කරන බව පෙනේ. එනමුත් එම විශ්වාසය මත එකඟ වන සිද්ධාන්ත කිසිවක්‌ ඔහු ඉදිරිපත් කොට නැත."

ඒ මහතා සිද්ධාන්ත යනු කුමක්‌ දැයි නො දන්නා බවත් එය (facts) යන්නට යොදාගත නොහැකි බවත් පෙන්වූ මම දැනුම යනු කුමක්‌ ද යන්න පිළිබඳ ව කාන්ට්‌ ගේ නිර්වචනය (අර්ථකථනය-නිර්ණායක) යොදාගැනීම පිළිබඳ මූලික ප්‍රශ්නයක්‌ මතු කෙළෙමි. ඒ දැනුම පිළිබඳ කාන්ට්‌ ගේ නිර්වචනය දැනුමක්‌ ද යන්න ය. එය දැනුමක්‌ බව අප දැනගන්නේ කිනම් නිර්ණායක යොදාගනිමින් ද? සත්තකින් ම ඒ සඳහා කාන්ට්‌ ගේ නිර්වචනය ම යොදාගත නො හැකි ය. අප පළමුකොට කාන්ට්‌ ගේ නිර්වචනය දැනුමක්‌ බව පෙන්වා දිය යුතු ය. අමරතුංග මහතා කෙතරම් උත්සාහ කළත් එය කළ නො හැකි ය. ඔහු ඒ සඳහා වෙනත් දැනුමක්‌ (නිර්ණායක) යොදාගත යුතු ය. එවිට එය කාන්ට්‌ ගේ නිර්වචනයට වඩා මූලික නිර්වචනයක්‌ වෙයි. අනෙක්‌ අතට ඒ නව නිර්ණායකය දැනුමක්‌ බව අප තීරණය කරන්නේ කෙසේ දැයි පෙන්වා දීමට අමරතුංග මහතාට සිදු වෙයි. 

අප කතා කරන්නේ දැනුම පිළිබඳ ව ය. එහි දී රේ‚ය දැනුමක්‌ වූ බටහිර දැනුමට මුහුණ පෑමට සිදු වන මූලික ප්‍රශ්නයක්‌ මම මතු කළෙමි. අමරතුංග මහතා තමන්ට නො තේරෙන දාර්ශනික වචනවලින් දමාගැසුව ද ඔහුට බොහෝ මහාචාර්යවරුන්ට මෙන් ම මූලික ප්‍රශ්න ගැන කල්පනා කිරීමට තරම් ශක්‌තියක්‌ නැත. එබැවින් ඔහු මගේ මූලික ප්‍රශ්නයට සිය ජනවාරි 23 වැනි දා ලිපියෙන් පිළිතුරක්‌ නො දී මා මෝඩ ප්‍රශ්නයක්‌ අසා ඇති බව කියමින් පැන යන්නේ පහත සඳහන් ප්‍රකාශය කරමිනි. "ඔහු රේ‚ය වූ බටහිර ග්‍රීක යුදෙව් ක්‍රිස්‌තියානි චින්තනය ද පුරුදු පරිදි ඈඳාගනියි. මිනිසා බිහි වූ දා පටන් ඉන්ද්‍රිය ගෝචර දැනුම ලබාගත්තේ ය. ඉන්ද්‍රිය ගෝචර නො වූ දේ තේරුම්ගැනීමට සමහර අය මිථ්‍යාවේ පිහිට පැතූ හ. සමහරෙක්‌ විද්‍යාත්මක පර්යේෂණවල පිහිට පැතූ හ. ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි ඉදිරිපත් කළ හ. මෙය දිගු ගමනක්‌ විය. මේ දැනුම් මාර්ගයේ එක්‌ කඩඉමකි එමානුවෙල් කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය". 

මා අසා ඇත්තේ මෝඩ ප්‍රශ්නයක්‌ යෑයි සිතමු. ඒ මහතා එයින් කියන්නේ ඒ ප්‍රශ්නයට පිළිතුරක්‌ දීම අනවශ්‍ය බව ද? එහෙත් ඒ මහතා මිථ්‍යා හා විද්‍යාත්මක පර්යේෂණ ගැන කියන්නේ එයට පිළිතුරක්‌ ලෙස ය. අවසානයේ දී ඔහු කියන්නේ කාන්ට්‌ ගේ නිර්වචනය ඒ ඊනියා දැනුම් මාර්ගයේ කඩඉමක්‌ බව ය. දැනුම් මාර්ගයේ කඩඉමක්‌ යනුවෙන් ඔහු අදහස්‌ කරන්නේ දැනුමක්‌ බව පැහැදිලි ය. එහෙත් මගේ ප්‍රශ්නය ද එය දැනුමක්‌ බව තීරණය කරන්නේ කෙසේ ද යන්න ය. කාන්ට්‌ ඉදිරිපත් කර ඇත්තේ මිථ්‍යාවක්‌ ද? ඔහු ඒ සඳහා කළ ඊනියා විද්‍යාත්මක පර්යේෂණයක්‌ වේ ද? ඒ කිසිවක්‌ අමරතුංග මහතා සඳහන් නො කරයි. ඔහු එය දැනුමක්‌ බව පමණක්‌ ප්‍රකාශ කරයි. කාන්ට්‌ ගේ දැනුම පිළිබඳ නිර්වචනය දැනුමක්‌ බව තීරණය කරන්නේ කෙසේ දැයි ඇසූ කල එය දැනුමක්‌ යෑයි පැවසීම ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වේ. මහාචාර්යවරුන් ගෙන් ප්‍රශ්නයක්‌ ඇසූ කල බොහෝ විට ලැබෙන පිළිතුරු එබඳු ය. 

බටහිර විද්‍යාවේ ප්‍රශ්නය එය පංචෙන්ද්‍රිය ගෝචර දැනුම පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත කතන්දර (ප්‍රවාද) මගින් තේරුම් කිරීමට යැම ය. පංචෙන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ ගැන කතා කරන බටහිර විද්‍යාවට තම කතන්දර පංචෙන්ද්‍රිය ගෝචර නො වන බව අමතක වෙයි. බටහිර විද්‍යාඥයෝ කතන්දර ගොතති. මේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. ඒවා පට්‌ටපල් බොරු ය. ගුරුත්වාකර්ෂණය යනු එවැනි පට්‌ටපල් බොරුවකි. එය නිවුටන් ගෙතූ කතාවකි. පොල් ගෙඩි පොළොවට වැටීම (වක්‍ර) පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි. එහෙත් සැම ප්‍රත්‍යක්‍ෂයක්‌ ම, පංචෙන්ද්‍රිය ගෝචර වුවත් නැතත්, සංකල්පයක්‌ සමග බැඳී ඇත. පොළොවට වැටීම යන්න ඇතැමුන් සිතන තරම් සරල පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ හෝ සංජානනයක්‌ හෝ නො වේ. එහි පොළොව යන සංකල්පය අඩංගු වෙයි. එයට අමතරව වැටීම යන සංකල්පය වෙයි. පොළොව සෘජු ඉන්ද්‍රිය ගෝචර සංකල්පයක්‌ නො වේ. එය ගෝචර වන්නේ කිනම් ඉන්aද්‍රියයකට ද? පොළොව යන සංකල්පය පංචෙන්ද්‍රිය ගෝචර සංජානන රාශියක්‌ එකට ගැනීමෙන් මනස විසින් සකස්‌ කරනු ලැබ ඇති සංකල්පයකි. එය මනසේ මායාවකි. එය බොරුවකි. එහෙත් තද බව යන්න සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයකි, අවශ්‍ය නම් සංජානනයකි. තද බව ස්‌පර්ශයට (ශරීරයට) දැනෙයි. එහෙත් එය දැනෙන්නේ සංකල්පයක්‌ සම`ගිනි. කිසි ම පංචෙන්ද්‍රිය ගෝචර සංජානනයක්‌ (සෘජු පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌) සංකල්පයකින් තොර ව ඇති නො වෙයි. එහෙත් සංකල්ප නම් පංචෙන්ද්‍රිය ගෝචර සංජානනවලින් තොර ව ඇති වෙයි. 

තද බව යන්න ද බොරුවකි. එය ද මනසේ මායාවකි. එහෙත් එය පොළොව වැනි බොරුවක්‌, මායාවක්‌ නො වේ. තද බව යන්න පංචෙන්ද්‍රියයන් ගෙන් එකකට ගෝචර ය. එහෙත් පොළොව යන්න එලෙස පංචෙන්ද්‍රියයකට ගෝචර වුවක්‌ නො වේ. එය මනසේ තද බවට වඩා වෙනස්‌ මැවීමකි. මායාවකි. තද බව ද මනසේ මායාවකි. එය පොළොව මෙන් නො ව එක්‌ පංචෙන්ද්‍රියයක්‌ සමඟ බැඳී ඇත. තද බව යන්න ද බොරුවක්‌ වුවත් එය පොළොව තරම් ම බොරුවක්‌ නො වේ යෑයි සැලකිය හැක්‌කේ මේ ඉන්ද්‍රිය ගෝචර සම්බන්ධය නිසා ය. මෙයින් පංචෙන්ද්‍රියයට ගෝචර වන දේ ඇත්ත යෑයි නො සැලකෙයි. එහෙත් කිව යුත්ත නම් තද බව යන්න ද ඊනියා යථාර්ථයක්‌ නො වන බවත් එය ද බොරුවක්‌, මායාවක්‌, රැවටීමක්‌ පමණක්‌ බවත් ය. මේ සම්බන්ධයෙන් වැඩි දුර පැහැදිලි කිරීමක්‌ පූජ්‍ය කටුකුරුන්දේ ඥනානන්ද හිමියන් ගේ පොත් ඇසුරු කිරීමෙන් ලබාගත හැකි ය. 

වැටීම යන සංකල්පය අප තනාගෙන ඇත්තේ අත්හරින (මුදාහරින) ලද වස්‌තු පොළොව දෙසට චලනය වීම නිරීක්‌ෂණය කරමිනි. එසේ මුදාහරිනු ලැබූ වස්‌තු සමහරක්‌ පොළොවෙන් ඉවතට ඇදී ගියේ නම් අපට වැටීම යන සංකල්පය තනාගැනීමට නොහැකි වන්නට තිබිණි. කෙසේ වෙතත් මුදාහරින ලද වස්‌තු (වස්‌තුව යන්න ද මායාවක්‌ බොරුවක්‌ මිස ඊනියා වාස්‌තවික වූවක්‌ නො වේ). සියල්ල පොළොව දෙසට චලනය (චලනය ද සංකල්පයකි) වන බැවින් අපට වැටීම පහළ උඩ ආදී සංකල්ප නිර්මාණය කර ගැනීමට හැකි ව තිබේ. 

ඉහත සඳහන් දේ ප්‍රකාශ කිරීමෙන් මා විඥනවාදියකු බවට පත් නො වෙයි. එයට හේතුව මා විසින් මනස ද පවත්නා ඊනියා යථාර්ථයක්‌ ලෙස ගනු නො ලැබීම ය. මනස ද මනසෙහි නිර්මාණයක්‌ වෙයි. ඒ බව සිංහල බෞද්ධ මනස නම් ලිපියෙහි විස්‌තර කෙරී ඇත. අමරතුංග මහතාට නො තේරුණත් රේ‚ය චින්තනයක හා චක්‍රීය චින්තනයක ඇති වෙනස හේතුවෙන් සිංහල බෞද්ධයනට එක්‌ තැනකින් පටන්ගෙන රේඛාවක්‌ දිගේ ඉදිරියට යැමක්‌ නැත. චක්‍රීය චින්තනයක මනස මනසෙහි නිර්මාණයක්‌ විය හැකි ය. පටිච්ච සමුප්පාදයෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං, නාම රූප පච්චයා විඤ්Æණ යනුවෙන් ද කියෑවෙන්නේ එබැවිනි. 

මනසක්‌ ඇත, මනසක්‌ පවතින්නේ ය යනුවෙන් ගන්නා අය ගෙන් ඇසීමට ඇත්තේ එක්‌ ප්‍රශ්නයක්‌ පමණි. නිවන් අවබෝධයෙහි දී හා පිරිනිවන් පෑමෙහි දී ඇතැයි කියන මනසට සිදු වන්නේ කුමක්‌ ද? කලකට පෙර දි අයිලන්ඩ් පුවත්පත ම`ගින් මා බෞද්aධ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයකු වූ වයි. කරුණාදාස මහතා ගෙන් මේ ප්‍රශ්නය ඇසූ නමුත් මේ වන තුරු ඒ මහතා පිළිතුරක්‌ දී නැත. ඒ ප්‍රශ්නයට දන්ත වෛද්‍ය පීඨයේ සම්මානිත මහාචාර්යවරයකු වූ ද ඩී එස්‌ සී උපාධිධාරියකු වූ ද අමරතුංග මහතාට පිළිතුරු දිය හැකි ද?

මනස ද ඇතුළු සියල්ලට ඇත්තේ පටිච්ච වූ පැවැත්මකි. යම් යම් දේ ඇත්නම් යම් යම් දේ පවතියි. එය සාපේක්‌ෂ ය. ඒ ඒ දේ නැති විට ඒ ඒ දේ නො පවතියි. යම් යම් දේ යනුවෙන් කියෑවෙන්නේ ද ඊනියා වාස්‌තවික ව පවත්නා දේ නො ව සාපේක්‌ෂව සම්මුතියෙන් පවත්නා දේ ය. සම්මුතියෙන් තොර පැවැත්මක්‌ නැත. මනස ද පවතින්නේ සම්මුතියෙන් පමණකි. ඒ අර්ථයෙන් මනසක්‌ නැතැයි ගන්නා අතර මනස ද මනසෙහි නිර්මාණයක්‌ ලෙස ගනියි. 

ඉහත සඳහන් සියලු අඩුලුහුඬුකම් මැද පොළොවට පොල් වැටීම පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක්‌ යයි ගනිමු. දැන් නිවුටන්ට මෙන් ම පසු කලෙක අයින්ස්‌ටයින්ට වූ ප්‍රශ්නය වූයේ පොළොවට පොල් (වස්‌තු) වටෙන්නේ ඇයි ද යන්න ය. එයට ඔවුන් දෙදෙනා ම දී ඇත්තේ පංචෙන්ද්‍රිය ගෝචර නො වන වියුක්‌ත පිළිතුරු ය. එය ඔවුන් දෙදෙනා ගේ ප්‍රශ්නයක්‌ නො ව බටහිර විද්‍යාවේ ප්‍රශ්නයකි. බටහිර විද්‍යාවේ දී කෙරෙන්නේ වියුක්‌ත කතන්දර ගෙතීම ය. ඒ කතන්දර තද බව යන්නට වඩා කිහිප ආකාරයකින් බොරු ය. ඒ පංචෙන්ද්‍රිය ගෝචර වත් නො වේ. ගුරුත්වාකර්ෂණ බලය යනු හුදු කතන්දරයක්‌ පමණකි. අයින්ස්‌ටයින් ඒ ප්‍රශ්නයට දුන් පිළිතුර වූයේ අවකාශ කාලයේ වක්‍රතාව යන්න ය. 

අමරතුංග මහතා තන්තුවාදය ආදිය ගැන මහදැනමුත්තකු ලෙස දෙඩෙව්ව ද ඔහුට ඒ ගැන කිසි ම වැටහීමක්‌ නැත. අයින්ස්‌ටයින් ගේ සාපේක්‍ෂතාවාදය ගැන ද ඔහු දන්නා දෙයක්‌ නැත. ඒ දැනගැනීම සඳහා ඔහුට ගණිත දැනුමක්‌ නැත. බොහෝ මහාචාර්යවරුන් කරන පරිදි ම ඔහු වචන ගසා දමා තම පඬි බව විදහා දැක්‌වීමට උත්සාහ දරයි. හැකි නම් මා සහභාගී වන රැස්‌වීමක දී තන්තුවාදය, සාධාරණ සාපේක්‍ෂතාවාදය ආදිය ගැන දේශනයක්‌ පවත්වා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ආරාධනා කරමි. 

වැටෙන පුද්ගලයකුට ගුරුත්වාකර්ෂණයක්‌ නො දැනෙයි. එසේ දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියයකට ද? එසේ නම් අයින්ස්‌ටයින්ට අනුව වැටෙන පුද්ගලයකුට දැනෙන්නේ අවකාශ කාල වක්‍රතාව විය යුතු ය. වැටෙන අයකුට දැනෙන්නේ වැටීම මිස ගුරුත්වාකර්ෂණ බලයක්‌ නො වේ. වැටීම හා ගුරුත්වාකර්ෂණය යනු දෙකක්‌ මිස එකක්‌ නො වේ. එකක්‌ අයකු ගේ හුදු පංචෙන්ද්‍රිය සංජානනයක්‌ නො වුවත් වක්‍ර ව ප්‍රත්‍යක්‍ෂයක්‌ ලෙස ගත හැකි අතර, අනෙක නිවුටන් ගෙතූ කතාවක්‌ පමණකි. වැටෙන අයකුට නිවුටන්ට අනුව එක්‌ අයුරකිනුත් අයින්ස්‌ටයින්ට අනුව තවක්‌ ආකාරයකටත් දැනෙන්නේ ද?

නලින් ද සිල්වා


2014-02-05 Nissanka Rajapaksa <nraja...@gmail.com>:

Nissanka Rajapaksa

unread,
Feb 14, 2014, 1:49:36 AM2/14/14
to ind...@googlegroups.com

බුදුදහමට, නිව්ටන්ට සහ අයින්ස්‌ටයින්ට අනුව බොරු වළේ වැටීම

ආචාර්ය නලින් ද සිල්වා මහතා මා කිසිවක්‌ නො දන්නා බව කීමට විදුසර සඟරාවේ පිටු නාස්‌ති නො කරන අවස්‌ථාවල දී ඔහු පවසා සිටින්නේ හැම දෙයක්‌ ම බොරු හෝ මායාවක්‌ බව ය. (විදුසර - 05.02.2014). ඔහු බොරුවක්‌ හෝ මායාවක්‌ ලෙස හඳුනාගන්නා දේවලින් සමහරක්‌ වන්නේ මනස, පොළොව, වැටීම, තද බව යන්න ය. තව ද ඔහු නිව්ටන් සහ අයින්ස්‌ටයින් බොරුකාරයන් බව මහනුවර දී 23.01.2014 දින ඔප්පු කොට ඇති බවට පුරසාරම් දොඩවා ඇත. (විදුසර-29.01.2014). මනස, පොළොව, තද බව බොරු හෝ මායාවක්‌ බව කොහේ දී ඔප්පු කොට ඇත් දැයි මම නො දනිමි. ඔප්පු කිරීම ඔහුට ප්‍රශ්නයක්‌ නො වේ. එය කිරීම සඳහා ඔහුට කරන්නට ඇත්තේ එක්‌ දෙයකි. ඔහු විසින් ප්‍රත්‍යක්‌ෂ කර ගන්නා ලදැයි කියන දෙය පැවසීම පමණි. සාක්‌ෂි සාධක අවශ්‍ය නැත. අප එය සත්‍යය සේ පිළිගත යුතු ය. නැතිනම් අප මොනවත් නො දන්නා මෝඩයන් ය. ඔහු බොරු වළක වැටී ඇති බව මා කිවේ මේ නිසා ය. 

ප්‍රථමයෙන් පැවසිය යුත්තේ මගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක්‌ ද යන්නට නලින් මහතා උත්තර සපයා නැති බව ය. විද්‍යාත්මක දැනුම වියුක්‌ත වූ දැනුමක්‌ නිසා එය බොරුවක්‌ බව ඔහු ගේ අදහස විය. එහෙත් මා විසින් විද්‍යාත්මක දැනුම වියුක්‌ත දැනුමක්‌ නො වන බව 05.02.2014 වැනි දින විදුසර සඟරාවේ පළ කරන ලද ලිපියෙන් පැහැදිලි කොට ඇත. ඊට අමතරව පහත සඳහන් වැදගත් ප්‍රශ්නවලට ද ඔහු තවමත් උත්තර දී නැත.

1) නිව්ටන් ගේ න්‍යාය බොරු නම් ඒවා යොදාගෙන හඳට යන්නේ කෙසේ ද? 

2) යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා-කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන් ගේ උදව් ඇති ව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? 

මගෙන් ප්‍රශ්න ඇසීමට පෙර නලින් මහතා මේවාට උත්තර සැපයිය යුතු ය. නලින් මහතා පොළොව, වැටීම, තද බව, මිනිස්‌ මනස බොරු හෝ මායාවක්‌ හෝ බව පවසන නිසා මේ දේවල් දෙස විද්‍යාත්මක මාර්ගයෙන් සහ බුදු දහමේ දෘෂ්ටි කෝණයෙන් බැලීම විද්‍යාව බොරුවක්‌ ද යන මුල් ප්‍රශ්නය විස¹ගැනීමට උපකාර විය හැකි ය. නලින් මහතා දරන මේ අදහස්‌ අඥේයවාදයට (skepticism) සහ විඥානවාදයට සමාන බව මා මීට ඉහත ලිපිවල ද සඳහන් කොට ඇත. ලෝකය නො පවතියි, සියල්ල බොරු ය යන්න අඥේයවාදී අදහසකි. සියල්ල මනසේ නිර්මිත වූ මායාවක්‌ බව හෝ මනස නැති බව හෝ විඥානවාදී අදහස්‌ වන්නේ ය. එනමුත් නලින් මහතා කියන්නේ ඔහු විඥානවාදියකු නො වන බව ය. යමකුට මෙසේ පැවසිය හැකි ය. "මගේ අදහස ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ යුතු බවයි. එහෙත් මම බෙදුම්වාදියෙක්‌ නො වෙමි" නලින් මහතා විඥානවාදියකු දැයි මේ උදාහරණයෙන් තේරුම්ගත හැකි ය. නලින් මහතා මනස නැතැයි කියයි. ඒ කටින් ම මනස මනසේ ම නිර්මාණයක්‌ බව ද කියයි. ඒ ලෙස ම නිවන යනු නැති මනස නැති මනස බව නැති මනසින් වටහාගැනීම යෑයි පවසයි. මෙය මට නො තේරෙන්නේ මා බටහිර ආකෘතියේ ප`ඩියකු නිසා විය යුතු ය. පාඨකයන්ට මෙය තේරෙනවා දැයි මම නො දනිමි.

අපට ප්‍රයෝජනවත් ජීවිතයක්‌ ගෙන යැම පිණිස ලෝකය පිළිබඳව යම් යථාර්ථයක්‌ මත අප පය ගසා සිටිය යුතු ය. නැතිනම් අප පා වන පර`ඩැල් වන්නේ ය. ලෝකය පිළිබඳ බුදු දහමේ යථාර්ථය වන්නේ එය අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වූ එකක්‌ බව ය. ලෝකය නො පවතින බව මින් අදහස්‌ වන්නේ නැත. බුදුරදුන් වදාළේ "සියල්ල පවතියි යන්න එක්‌ අන්තගාමි අදහසකි, සියල්ල නො පවතියි යන්න අනෙක්‌ අන්තගාමි අදහස ය. මා පිළිගන්නේ මේ අන්ත දෙකට මධ්‍යම වූ අදහසකි" යනුවෙනි (කච්ඡායනගොත්ත සුත්ත). එසේ පැවසුවාට පසු උන්වහන්සේ පටිච්චසමුප්පාදය දේශනා කළේ ඊට අනුකූලව මේ දේවල් සිදු වන බව පෙන්වා දීම පිණිස ය. මේ දහමට අනුව සියල්ල හේතු-ඵලවාදයට අනුව උත්පාදනය වන්නේ ය. උත්පාදනය වන්නේ නම් ඒවා පැවතිය යුතු ය. එහෙත් එය සිදු වන්නේ අනිත්‍ය ධර්මයට අනුව ය. කිසිවක්‌ නො පවතින බව බුදුරදුන් පවසා නැති බව මින් පැහැදිලි ය. තව ද බුදුරදුන් සියල්ල ම පවතින බව නො පිළිගන්නේ අනිත්‍ය ධර්මය තහවුරු කිරීම පිණිස ය. මෙහි දී බුදුරදුන් විසින් ශාස්‌වතවාදය ද (නිත්‍ය, eternal), උච්ඡේදවාදය ද (නාස්‌තික, nihilism) යන අන්ත දෙක ම පිටුදක්‌නා ලදී. නලින් මහතා සිටින්නේ එක අන්තයක ය. එය මහායාන දහමේ එන ගුරුකුල දෙකක්‌ වන විඥානවාදය සහ මාධ්‍යමිකවාදයේ සංයෝගයකින් නිෂ්පාදනය වූවක්‌ බව පෙනේ. විඥානවාදයේ පැවසෙන්නේ සියල්ල මනසේ පවතින බව ය. මාධ්‍යමිකවාදයේ පැවසෙන්නේ මනස ද නැති බව ය. නලින් මහතා පවසන්නේ සියල්ල නැති-මනසේ නිෂ්පාදිත මායාවක්‌ බව ය. මහායාන ගුරුකුලයන් දෙකට ම උඩින් යන තවත් දෙයක්‌ නලින් මහතා ප්‍රත්‍යක්‍ෂ කොටගෙන ඇත. එනම් මනස මනසේ ම නිර්මිතයක්‌ බව ය. මෙය විඥානවාදී ධර්මය නිsර්මාණය කළ අසංග භික්‌ෂුවට අමතක වූ දෙයක්‌ විය හැකි ය. 

මුල් බුදුදහමට අනුව මනස සැලකෙන්නේ ඉන්ද්‍රිය හයෙන් (සළායතන) එකක්‌ හැටියට ය. නැති-මනස යනුවෙන් නලින් මහතා හඳුන්වන්නේ මෙය ම දැයි මම නො දනිමි. කෙසේ වුවත් බුදුරදුන් මනස නැති බව දේශනා කොට නැත. (ත්‍රිපිටකය). නාම-රූප (psycho-physical) යන ද්විත්වයේ නාම යන කොටස විශ්ලේෂණයට භාජන කරන විට වේදනා, සංඥා, සංඛාර, විඥාන යන උපාංග බුදු දහම විසින් හඳුනාගනු ලබයි. පංචස්‌aකන්ධයෙන් සතරක්‌ ම මේ සතර වන්නේ ය. අනික රූප වන්නේ ය. මිනිසා ගේ භෞතික වූ අංගයන් රූප යනුවෙන් සැලකේ නම්, නාම වන්නේ මානසික අංගයන් ය. ස්‌කන්ධ පහෙන් හතරක්‌ ම මානසික අංගයන් වන්නේ ය. බුදුරදුන් මානසික අංගයන්ට දුන් වැදගත් ස්‌ථානය මින් පෙන්නුම් කරයි. මනස නැතිනම් බුදුරදුන් එවැනි වැදගත් ස්‌ථානයක්‌ ඊට නො දෙනු ඇත. තව ද මනස නැතිනම් ඒ බව බුදුරදුන් අපට පැහැදිලි කොට දෙනු නියත ය. උන්වහන්සේ එසේ කළේ පසුකාලීන දාර්ශනිකයන්ට හෝ මහා ප්‍රඥයන්ට හෝ එය කිරීමට ඉඩ තැබීම බුදු දහම විකෘති කිරීමට ඉඩ තැබීමක්‌ වන නිසා ය. නාගර්ජුනපාදයන් පවා මනස නැති බවක්‌ පවසා නැත. (මූල්‍ය-මාධ්‍යමික කාරිකා). මා මේ දේවල් පවසන්නේ නලින් මහතා කියන පරිදි මා මහා ලොකු පණ්‌ඩිතයකු බව පෙන්වීමට නො වේ. මේ දේවල් මොළේ කළඳක්‌ ඇති කාට වුවත් පතපොත කියවීමෙන් දැනගත හැකි ය. මහා ප්‍රඥායන් මේ දේවල් ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට යැමෙන් අදහස්‌ විකෘති විය හැකි ය. නලින් මහතා සේ බොරු වළේ වැටිය හැකි ය.

මේ නයින් බලන කල පෙනී යන්නේ මුල් බුදුදහමට අනුව පොළොව, මනස සහ අනෙකුත් දේවල් නො පවතින්නේ නැති බව ය. විද්‍යාවට අනුව ද මෙය තහවුරු වන බව පැහැදිලි ය. පොළොව, ඉර, හඳ, තාරකා පවතින බව විද්‍යාව විසින් සොයාගනු ලැබ ඇත. හඳ මත මිනිසෙකු පා තැබූ හෙයින් හඳ ද ඇත්තට ම පවතින බව ඔප්පු වී ඇත. ලෝකයේ ස්‌වභාවය ද්‍රව්‍ය (matter)වල ස්‌වභාවය පිළිබඳව සෑහෙන ප්‍රමාණයක දැනුම් සම්භාරයක්‌ ලබා ගෙන ඇත. එහෙත් එම දැනුමේ නිවැරැදි නො වූ තැන්, අවිනිශ්චිතභාවයන්, අස්‌ථාවරතාවන් නැත්තේ නො වේ. හැම දා සිදු වූවා සේ මේවා අවම කරගැනීමටත්, නො දන්නා දේ දැනගැනීමටත් මිනිසාට හැකි වන්නේ විද්‍යාත්මක ක්‍රමෙවිදයකින් පමණි. වැඩි කල් නො ගොස්‌ පෘථවිය මත ජීවීන් ඇති වූයේ කෙසේ ද යන ප්‍රශ්නයට උත්තර සැපයීම සිදු විය හැකි ය. මේ එක්‌ උදාහරණයක්‌ පමණි.

තන්තුවාදය ගැන කිසිත් නො දන්නා මා මහාදැනමුත්තකු සේ ඒ ගැන දොඩවන බව නලින් මහතා පවසයි. ඔහුට කේන්ති ගොස්‌ ඇත්තේ තන්තුවාදයට (String Theory/ Super String Theory)) සම්බන්ධ වචන හතරක්‌ එනම් Theory of Everything, Standard Model යන වචන මගේ මීට පෙර ලිපියේ වරහන් තුළ සඳහන් කර ඇති බැවිනි. නලින් මහාතා ප්‍රත්‍යක්‌ෂ බලයෙන් ලබා ගන්නා දැනුම පිළිබඳව කවුරුන් හෝ පොතපත කියවා ලබාගන්නා දැනුම භාවිතයෙන් වචනයක්‌ කිව්වොත් ඔහුට කේන්ති යයි. එම දැනුම ඔහුට අයිති නිසා ය. (patent rights). තන්තුවාදය බොරුවක්‌ හෝ මායාවක්‌ බව අසාගන්නට ඔහු ගේ දෙශනයකට යැමට මට අවශ්‍යතාවක්‌ නැත. එය බොරුවක්‌ හෝ මායාවක්‌ හෝ නො වන බව ද එය විද්‍යාවේ දියුණුව පිණිස සිදු කරන පර්යේෂණවලට සුදුසු ප්‍රස්‌තාව ලබාගැනීම පිණිස තනන "මොඩල" සහ මතවාද බව ද වටහාගැනීමට අවශ්‍ය දැනුම (ගණිතමය දැනුම ඇතුළුව) මට පොතපතින් ලබාගත හැකි ය. දැනුම ආචාර්ය නලින් මහාතා ගේ ඒකාධිකාරයක්‌ ද? 

වැටෙන මිනිසකුට ගුරුත්වාකර්ෂණය නො දැනෙන බව නලින් මහතා පවසයි. මෙය කියන්නට දෙයක්‌ නො වේ. මක්‌නිසා ද ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා ය. මා ගේ මීට ඉහත ලිපියේ මේ ගැන විස්‌තරයක්‌ කර ඇත. එනමුත් වැටෙන මිනිsසාට වැටීම දැනෙන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව ද නැතිනම් අයින්ස්‌ටයින් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව ද යන නලින් මහාතා ගේ මෝඩ ප්‍රශ්නයට පිළිතුරක්‌ නො දී බැරි ය. පළමුවෙන් ම මේ ප්‍රශ්නය නො න`ගින බව පාඨකයන් තේරුම්ගන්නවා ඇත. මක්‌නිසා ද ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා ය. දෙවනුව ඊට මා දෙන පිළිතුර දෙස බලමු. 

මිනිසකු නො දන්නාකමට බොරු වළකට වැටෙනවා යෑයි සිතමු. එසේ බොරු වළට වැටෙන මිනිසාට ගුරුත්වාකර්ෂණය දැනෙනවා නම් දැනෙන්නේ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව යෑයි කීවාට වරදක්‌ නැත. අයින්ස්‌ටයින් ගේ ගුරුත්වාකර්ෂණයට අනුව යෑයි කීවාට ද වරදක්‌ නැත. මන්ද බොරු වළට වැටෙන මිනිසා ගේ වේගය ආලෝකයේ වේගය ඉක්‌මවන්නේ නැති නිසාත්, ඔහු අධි ගුරුත්වාකර්ෂණ ක්‌ෂෙත්‍රයකට ඇතුළු වන්නේ නැති නිසාත් ය. ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන්ගන්නා වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය වලංගු ය. අයින්ස්‌ටයින් ගේ න්‍යාය ඕනෑ ම වේගයකට ("බ්ලැක්‌ හෝල්" හැර) වලංගු ය. මේ අදහස්‌ මෑතක දී කරන ලද පර්යේෂණ ම`ගින් වඩාත් තහවුරු වී ඇත. (Bertotti B. et al 2003, Everitt et al 2011). එහෙත් බොරු වළට වැටුණු මිනිසා මේවා නො දනී. එම නිසා ය ඔහු බොරු වළ තවත් හාරන්නේ. 

අයින්ස්‌ටයින් ගේ න්‍යාය පිළිබඳව සාකාච්ජා කිරීමට අවශ්‍ය ගණිතමය දැනුම මට නැති බව නලින් මහතා පවසයි. මගේ ගණිතමය දැනුම ගැන ඔහු දන්නේ කෙසේ දැයි මා අසන්නේ නැත්තේ ඔහු සියලු දේ දන්නා මහා ප්‍රාඥයා බැවිනි. එසේ ම වකුගඩු රෝග, මී උණ පිළිබඳව කතා කිරීමට ඔහුට දැනුමක්‌ නැතැයි නො කියන්නේ ද ඒ නිසා ම ය. (මේවා ගැන කතා කිරීමෙන් පස්‌ස බිම ඇනගත් බව අවශ්‍ය නම් පසුව කතා කරමු).

නිව්ටන් ගේ න්‍යාය බොරු බව අයින්ස්‌ටයින් ගේ න්‍යාය විසින් ඔප්පු කොට ඇති බව නලින් මහතා හ`ඩන`ගා කියයි. මින් හැඟෙන්නේ මේවා පරස්‌පර බව ය. නලින් මහතා ගේ මේ ප්‍රකාශයේ සත්‍යයක්‌ ඇත දැයි සොයා බලමු.

නිට්‌ටන් ගේ ගුරුත්වාකර්ෂණවාදයෙන් කියවෙන්නේ අවකාශයේ ඕනෑ ම වස්‌තු දෙකක්‌ එකිනෙකට ආකර්ෂණය වීමේ දීs ඇති වන බලය පිළිබඳ ව ය. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‍ෂතාවදය නිර්වචනය වන්නේ ගුරුත්වාකර්ෂණය සලකා නො බලා ය. එය අවකාශය සහ කාලය අතර ඇති සබඳතාව පිළිබඳ වූ මතවාදයක්‌ විය. සිදුවීම් දෙකක්‌ අතර ඇත්තේ නිශ්චිත කාල පරාසයක්‌ ම නො ව නිශ්චිත කාල-අවකාශ (time space) පාරාසයක්‌ බව ඉන් කියවේ. තව ද ගුරුත්වාකර්ෂණය විසින් කාලය සහ ආලෝකය මත ඇති කෙරෙන බලපෑම නිව්ටන් සලකා බලා නැත. තව ද බුද ග්‍රහයා ගේ වලනයේ වෙනස්‌ වීම නිව්ටන් ගේ න්‍යාය සමග එක`ග නො වීම ද ප්‍රශ්නයක්‌ විය. මේ ප්‍රශ්න දෙස අයින්ස්‌ටයින් ගේ අවධානය යොමු විය.

මීට පිළියමක්‌ වශයෙන් ඉහත සඳහන් විශේෂ සාපේක්‍ෂතාවාදය සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ න්‍යාය එකතු කොට සාමාන්‍ය සාපේක්‍ෂතාවාදය නිමාණය කිරීමට විද්‍යාඥ අයින්ස්‌ටයින් සමත් විය. (පොතපත ඇසුරිනි). සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය (General Theory of Relativity) විසින් කරන ලද්දේ විශේෂ සාපේක්‌ෂතාවාදය (Special Theory of Relativity) සහ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය (Newton's Law of Universal Gravitation) එකතු කොට ගුරුත්වාකර්ෂණය පිළිබඳව එකාබද්ධ අර්ථකථනයක්‌ ඉදිරිපත් කිරීම ය. ඕනෑ ම වේගයකින් චලනය වන වස්‌තූන් පිළිබඳව මෙතෙක්‌ ඉදිරිපත් වී ඇති නිවැරැදි ම මොඩලය වන්නේ විශේෂ සාපේක්‍ෂතාවාදය ය. එනමුත් නිව්ටන් ගේ න්‍යාය තවමත් හඳට යැමට පවා භාවිත වන්නේ එය සරල වූ ද, නිවැරැදි වූ ද එකක්‌ නිසා ය. ආලෝකයේ වේගයට වඩා අඩු (90%) වේගය සලකා බලන ටිට අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපේක්‌ෂතාව නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය දක්‌වා ලඝූ වන්නේ අඩු වේගයක දී මේ දෙක අතර ඇති වෙනස ගණන් ගත හැකි නො වන නිසා ය. මේ නිසා ය තවමත් නිව්ටන් ගේ න්‍යාය හඳට යැමට භාවිත කළ හැක්‌කේ. නලින් මහතා මෙය නො දනී. එA නිසා ය වැටෙන මිනිsසාට වැටීම දැනෙන්නේ මේ දෙකෙන් කුමන එකෙන් දැයි වැනි මෝඩ ප්‍රශ්න අසන්නේ. ඒ නිසා ය ඔහු ගේ පිළිතුර පොළොව සංකල්පයක්‌ බව ද, හඳ ද සංකල්පයක්‌ බව ද, හඳට පය තැබීම මායාවක්‌ බව ද වන්නේ.

දැන් පෙනී යන්නේ නලින් මහතා බුදුදහමට, නිව්ටන්ට සහ අයින්ස්‌ටයින්ට අනුව බොරු වළේ වැටී ඇති බව ය. 

Nissanka Rajapaksa

unread,
Feb 14, 2014, 1:55:24 AM2/14/14
to ind...@googlegroups.com
වචන හා වචන

පළමුකොට ම සඳහන් කළ යුත්තක්‌ නම් පසුගිය සතියේ මේ තීරුව යටතේ පළ වූ වෙබ් සම්බන්ධය (ඈඳීම-link) වැරැදියට මුද්‍රණය වී ඇති බව ය. එය පහත සඳහන් ආකාරයට නිවැරැදි විය යුතු ය. http://www.youtube.com/watch?v=kiLHfmfYoS4. අවශ්‍ය අයකුට සම්පූර්ණ දේශනයට සවන් දීමට පහත සඳහන් සම්බන්ධ ද යොදාගත යුතු ය. http://www.youtube.com/watch?v=-35_bat62mQ,http://www.youtube.com/watch?v=AMPlnr7LCoI/ නැත හොත් www.kalaya.org යන චින්තන පර්ෂදයේ වෙබ් අඩවියට පිවිස දේශනයට සවන් දිය හැකි ය.

අපි දැන් ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ විද්වත් ප්‍රකාශ කිහිපයක්‌ සලකා බලමු. ඔහු ජනවාරි 08 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "එනමුත් ඔහුට එක්‌ දෙයක්‌ අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්‌ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක්‌ නිසා ද නැතිනම් සහජ දුර්වලතාවක්‌ නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක්‌ අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්‌සේරුවට ලක්‌ කරන්නේ මිදි ඇඹුල් බව පැවසූ උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක ව ඇත."

ඉහත සඳහන් වාක්‍යය ලියා ඇත්තේ ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත මහාචාර්යවරයා මිස ඔහු කියන අන්දමට විශ්‍රාම යන විට මහාචාර්ය පට්‌ටම රැකගැනීමට බැරි වූ මා නො වේ. එහෙත් එහි සඳහන් වන එවැනි විධිමත් මාර්ගය කුමක්‌ දැයි මහාචාර්යතුමා නො කියයි. එවැනි යනුවෙන් සඳහන් කිරීමට ඒ විධිමත් ක්‍රමය කුමක්‌ දැයි පළමුව ප්‍රකාශ කළ යුතු ය. එසේ නැති ව එවැනි යන වචනයට ලැබෙන වැදගත්කම, ඒ වචනයෙන් විස්‌තර වන්නේ කුමක්‌ ද ආදිය පිළිබඳ ව අවබෝධයක්‌ පාඨකයාට නො ලැබෙයි. මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යන විට අවසන් විය. අමරතුංග මහතා ගේ මහාචාර්ය පදවිය ද එතුමා විශ්‍රාම ගිය දිනයේ සිට අවසන් විය. 

එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක්‌ වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස්‌ වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයයේ නම් එක්‌ නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩු ම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක්‌ දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්‌ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නො වන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදු වූයේ අවුරුදු හතක්‌ පමණ ය. එය ද මට කිසිදු පත්වීමක්‌ ලබා නො දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට විරුද්ධව කිසි ම නීතීඥයකු ගේ සහායක්‌ නොමැති ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්‌ඩලය ඉදිරියේ නඩු කීමෙන් ලබාගත් ජයග්‍රහණයක ප්‍රතිඵලයකි. හැත්තෑවේ දශකයෙහි අග පේරාදෙණිය විශ්වවිද්‍යාලය (එවකට මණ්‌ඩපය) මට පත්වීමක්‌ ලබා නො දීමට තීරණය කළ විට අමරතුංග මහතා ඒ විශ්වවිද්‍යාලයෙහි සේවය කළේ දැයි මම නො දනිමි. 

කෙසේ වුවත් අවුරුදු අටක්‌ මහාචාර්ය ධුරය නො දැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක්‌ නො කරන බව මම දනිමි. මා එම පීඨයෙහි පීඨාධිපති ධුරය අවුරුදු තුනක්‌ දැරූ නමුත් පීඨයෙහි මාණ්‌ඩලික රැස්‌වීම් ශාලාවෙහි පීඨාධිපතිවරුන් ගේ ඡායාරූප අතර මගේ ඡායාරූපය නැත්තේ මගේ සහජ අවලක්‍ෂණයක්‌ (දුර්වලකමක්‌) නිසා යෑයි මම නො සිතමි. මට මහාචාර්ය නමින් ආමන්ත්‍රණයක්‌ අවශ්‍ය නැත. මගේ ඡායාරූපය සත පහක්‌ නො වටිනා විශ්වවිද්‍යාලයක බිත්තියක එල්ලා තැබීමට ද මට අවශ්‍ය නැත. මට මගේ ස්‌වාධීනත්වය, විශේෂයෙන් ම බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් සිංහලයන් ස්‌වාධීන කරගැනීම සඳහා කරන අරගලයේ දී මගේ ස්‌වාධීනත්වය, වැදගත් වෙයි. අමරතුංග මහතා ගේ අපහාසාත්මක ප්‍රකාශ නො වන්නට මට ඉහත සටහන ලිවීමට අවශ්‍යතාවක්‌ ඇති නො වීමට තිබිණි. 

අමරතුංග මහතාට මහනුවර දී මා පැවැත්වූ දේශනයට සහභාගී වීමට ආරාධනා කළෙමි. ලිපියක සඳහන් කළ හැකි දෙයට වඩා බොහෝ දේ පැය දෙක හමාරක දේශනයක සඳහන් කළ හැකි ය. ඒ දේශනයට සහභාගී වී නම් ඒ මහතාට යමක්‌ ඉගෙනගැනීමට තිබිණි යෑයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ මහතා පෙබරවාරි 05 වැනි දින පළ වූ ලිපියෙන් කියන්නේ තමා මගෙන් කිසිවක්‌ ඉගෙනගෙන නැති බවත් මා තමන් ගේ ම දේශනයක්‌ ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව මා නො දන්නා බව පෙනී යන බවත් ය. 

මා මගේ දේශනය ගැන කළ පුරසාරමක්‌ නැත. මා කළේ මගේ දේශනයට සහභාගි වීමට ඔහුට ආරාධනය කිරීමත් එයට සහභාගී වීමෙන් ඔහුට යමක්‌ ඉගෙනගැනීමට හැකි බවත් කීම පමණ ය. මා කොහේ දේශන පැවැත්වුවත් එයින් බලාපොරොත්තු වන්නේ අසන්නන්ට යමක්‌ ඉගැන්වීමට ය. අමරතුංග මහතා දේශන පවත්වන්නේ ඉගැන්වීමට නො ව දීමනාවක්‌ (වැටුපක්‌) ලබාගැනීමට විය හැකි ය. මම එය නො දනිමි. බොහෝ මහාචාර්යවරුන් ගේ දේශනවලින් පොතක පතක ඇති දෙයකට වැඩි කිසිවක්‌ ඉගෙනගැනීමට නොහැකි බවත් මම අත්දැකීමෙන් ම දනිමි. විශ්වවිද්‍යාලයයේ දී හැකිතාක්‌ දේශනවලින් ඉවත් ව සිටීම මට ප්‍රිය විය. 

මා දේශන පවත්වන්නේත් ලියන්නේත් අලුත් යමක්‌ කියා දීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිථ්‍යාව නො ඉවසන ඔහුට මගෙන් ඉගෙනීමට කිසිවක්‌ නැති බව ය. බටහිර විද්‍යාව නමැති පට්‌ටපල් බොරු විශ්වාස කරන ඔහු මගෙන් කිසිවක්‌ ඉගෙන නො ගන්නා බව නම් පැහැදිලි ය. ඒ බව ඔහු ගේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ද පැහැදිලි වෙයි. ෆැක්‌ට්‌ස්‌ (Facts) යන්න වෙනුවට සිද්ධාන්ත යන්න යෙදිය නොහැකි බව මගේ ජනවාරි 22 වැනි දා ලිපියෙන් ශබ්දකෝෂවලින් හා පාරිභාෂික ශබ්දමාලාවලින් උදාහරණ ගෙන පෙන්වීමි. එහෙත් පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ඔහු කියන්නේ කුමක්‌ ද? 

ඔහුට අනුව ෆැක්‌ට්‌ස්‌ යන්නට සුදුසු වචනයක්‌ නොමැති බැවින් ඔහු දිගට ම ඒ සඳහා සිද්ධාන්තය යන වචනය යොදාගන්නා බව කියයි. ෆැක්‌ට්‌ යන්නට තනි වචනයක්‌ පැරැණි සිංහලයේ තිබී නැත. එයට හේතුව ෆැක්‌ට්‌ යන්න සිංහලයන්ට විෂය වූවක්‌ නො වූ බැවින් යෑයි සිතිය හැකි ය. එහෙත් දැන් පාරිභාෂික ශබ්දමාලාවෙහි පරිසිද්ධිය යනුවෙන් ඒ සඳහා වචනයක්‌ වෙයි. අමරතුංග මහතා ඒ වචනයට අකැමැති නම් ඔහුට වෙනත් සුදුසු වචනයක්‌ නිර්මාණය කරගත හැකි ය. එහෙත් ඔහු එසේ නො කර  ෆැක්‌ට්‌ යන්නෙන් දෙන අදහසට ඉඳුරා විරුද්ධ අර්ථයක්‌ දෙන සිද්ධාන්තය යන්න යොදාගනියි. මෙයින් පැහැදිලි වන්නේ අමරතුංග මහතාට වචන පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ නැති බව ය. අපි ලිපියෙහි අග මේ ගැන තවදුරටත් කතා කරමු. 

ඒ අතර අමරතුංග මහතා පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් තවදුරටත් කියන්නේ මා කිසි දාක කිසි විටෙක කියා නැති බව ය. ඔහුට අනුව මා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන් ගේ අදහස්‌වල එල්බගෙන (බටහිර) විද්‍යාව බොරුවක්‌ බව පවසයි. මා ෆෙයරාබන්ඩ් ගෙන් පමණක්‌ නො ව කූන් ගෙන් ද අභාසය ලබා ඇත. ඔවුන් නිර්මාණය කළ ඇතැම් දැනුමක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරගෙන ඇත. එය මා බොහෝ විට පවසන කරුණකි. එහෙත් මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් හෝ කූන් හෝ පොපර් හෝ බටහිර විද්‍යාව පිළිබඳ වෙනත් දාර්ශනිකයකු හෝ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියා නැත. එසේ කියා ඇත්නම් රායප්පු ජෝසµa හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුන් මෙන් සාක්‍ෂි නොමැති ව හිස්‌ ප්‍රකාශ නො කර බටහිර දාර්ශනිකයකු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියා ඇත්තේ කොතැනක දැයි සාක්‍ෂි සහිතව සඳහන් කරන මෙන් ඉල්ලමි. 

මා කිසි ම අලුත් සත්‍ය දෙයක්‌ කියා නැති බව කී පළමු නැනැත්නා අමරතුංග මහතා නො වේ. මෙයට කලින් කාලෝ ෆොන්සේකා මහතා එක්‌තරා රූපවාහිනි සාකච්ඡාවක්‌ අවසානයේ දී මට පිළිතුරුකට කාලය නො තබා ඉතා නිවට ආකාරයකට ඒ අරුත දෙන ප්‍රකාශයක්‌ කළේ ය. ඔහු බලාපොරොත්තු නො වූ පරිදි ඔහු ගේ නිවට බව හෙළිදරවු කිරීමට මම ඒ අවස්‌ථාවම යොදාගත්තෙම්. මෙයට කලකට පෙර කලක්‌ ජ. වි. පෙ. අනුගාමිකයකු ව සිට පසුව චින්තන පර්ෂදයේ කටයුතුවලට සහභාගී ව ජාතිය මළ කඳක්‌ යෑයි කියමින් නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර දේශපාලනයට 1994 දී ගිය පාඨලී චම්පික රණවක මහතා ද මා රැම්සේ වෙත්තිමුනි මහතා ගේ අදහස්‌ හැරෙන්නට වෙනත් දෙයක්‌ (බටහිර) විද්‍යාව හා බුදුදහම පිළිබඳ කියා නැතැයි මහා ඝෝෂාවක්‌ කළේ ය. වෙත්තිමුනි මහතා ගේ අදහස්‌ සමග මා එකඟ නො වූ බව ඒ මහතාට නො වැටහුණේ ඔහුට වෙනත් දේශපාලන ප්‍රශ්නයක්‌ තිබූ නිසා බව මම දැන සිටියෙමි. 

අද අමරතුංග මහතා කියන්නේ මා මහායාන දහමේ අදහස්‌වල එල්බගෙන බුදුදහම විකෘති කරන බව ය. එය චම්පික රණවක මහතා කී දේට පටහැනි ය. දෙදෙනා ම හෝ අඩු ම තරමෙන් ඔවුන් ගෙන් එක්‌ අයකු හෝ බොරු කියන (කී) බව පැහැදිලි ය. මා අශෝක බුදුදහමෙහි සඳහන් ඇතැම් දේ නො පිළිගත් පමණින් මා බුදුදහම විකෘති කරන බව අමරතුංග මහතා පවසන්නේ කෙසේ ද? අපි කාලෝ ෆොන්සේකා මහතා හා අමරතුංග මහතා බටහිර දැනුමට අවශ්‍ය කරන ආකාරයට කාළාම සූත්‍රය විකෘති කර ඇති ආකාරය පසුව සාකච්ඡා කරමු. මහනුවර දේශනයට සවන් දෙන්නකුට එය පැහැදිලි විය යුතු ය. 

අපි සංවාදයක යෙදී ඇත්තෙමු. අප වැන්නන් සංවාද කරන්නේ, බොහෝ විට සන්නිවේදනය කරන්නේ භාෂාවක වචන යොදාගනිමිනි. එබැවින් අපි වචන යොදාගැනීමේ දී හැකිතාක්‌ නිරවුල් වීමට උත්සාහ දැරිය යුතු වෙමු. එහෙත් අමරතුංග මහතා ඒ ගැන කිසි ම සැලකිල්ලක්‌ නො දක්‌වයි. ඔහු වරක්‌ ඉන්කන්සිස්‌ටන්සි යන වචනය වෙනුවට අවිනිශ්චිතතාව යන පදය යෙදී ය. එය වැරැදි බව ජනවාරි 15 වැනි දා මගේ ලිපියෙන් පෙන්වා දුනිමි. මගෙන් කිසිවක්‌ ඉගෙනීමට නැතැයි කියන අමරතුංග මහතා ජනවාරි 29 වැනි දා ලිපියෙන් ද ඒ වරද කරයි. ඔහු "නිව්ටන් ගේ න්‍යාය තුළ අවිනිශ්චිතතාවන්, අස්‌ථිරතාවන්, නිරවද්‍ය නො වූ තැන් (inconsistency, impreciseness, uncertainty, inexactitude) තිබිය හැකි" යෑයි පවසයි. මෙහි න්‍යාය යනුවෙන් යොදාගෙන ඇත්තේ තියරි යන්නට විය යුතු ය. එය ද වැරැදි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සිංහල වචන තුනක්‌ වෙනුවට වරහන් තුළ ඉංගිරිසි වචන හතරක්‌ යොදයි. පැහැදිලි ව ම මෙය කපටි උපක්‍රමයකි. තමන් කිනම් සිංහල වචනයක්‌ කිනම් ඉංගිරිසි වචනයක්‌ වෙනුවෙන් යොදාගන්නේ දැයි පාඨකයාට නො කීමට ඔහුට ඉන් අවස්‌ථාව ලැබෙයි. කෙසේ වෙතත් අප කතා කරන්නේ නිවුටෝනීය විද්‍යාවේ බොරුව ගැන මිස ඊනියා අස්‌ථිරතාවන්, අවිනිශ්චිතතාවන් ගැන නො වේ. බොරුව වචන දමා ගැසීමෙන් වැසිය හැකි නො වේ. මේ සියල්ලටත් වඩා අමරතුංග මහතා තම අනවබෝධය ප්‍රදර්ශනය කරන්නේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් වියුක්‌තය ගැන කතා කිරීමේ දී ය. ඔහු වියුක්‌තය යනුවෙන් වටහාගෙන ඇත්තේ විවික්‌තය යෘ අපි මේ සියල්ල පසුව විස්‌තරාත්මක ව සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්‌ත ප්‍රවාද බැවින් අමරතුංග මහතා ඉගෙනගත්තත් නැතත් අප ඉක්‌මනින් එය පැහැදිලි කළ යුතු ය.

නලින් ද සිල්වා

Nissanka Rajapaksa

unread,
Feb 20, 2014, 4:45:06 AM2/20/14
to ind...@googlegroups.com

ගෙදර යැම, හඳට යැම හා පරලොව යැම

ඩී. එස්‌. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමා මගෙන් ප්‍රශ්න දෙකක්‌ අසා ඇති බවත්, මා එතුමා ගෙන් ප්‍රශ්න ඇසීමට පෙර ඒවාට පිළිතුරු දිය යුතු බවත් තම පෙබරවාරි 12 ලිපියෙන් කියා සිටියි. ඒ ප්‍රශ්න මෙසේ ය. 

1. (නිව්ටන් ගේ න්‍යාය බොරු නම් ඒවා යොදාගෙන හඳට යන්නේ කෙසේ ද?) 

2. යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා-කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන් ගේ උදව් ඇති ව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙහි න්‍යාය යනුවෙන් සඳහන් වන්නේ ඉංගිරිසියෙන් තියරි (theory) යනුවෙන් කියෑවෙන්න ය. 

පාරිභාෂික ශබ්දමාලාවල තියරී යන්න වෙනුවට වාදය, සිද්ධාන්තය, න්‍යාය යන පද දී ඇත. මහාචාර්යතුමා ෆැක්‌ට්‌ යන්නට සිද්ධාන්තය යන්න යෙදුව ද එය වැරැදි ය. කෙසේ වෙතත් තියරි යන්න වෙනුවට න්‍යාය යන පදය යෙදීම පාරිභාෂික ශබ්දමාලාවලට එකඟ බැවින් අපි එය පිළිගනිමු. එහෙත් න්‍යාය යන්න බිංදු වැනි පැරැණි පොතපතෙහි යෙදෙන්නේ ලොජික්‌ (logic) යන්න වෙනුවට ය. එබැවින් මම ලොජික්‌ වෙනුවට න්‍යාය යන්න යොදා ගනිමි. මා තියරි යන්න වෙනුවට යොදාගන්නේ ප්‍රවාදය යන්න ය. 

වාදය යන්න ඉසම් (ism) යන්න වෙනුවට මාක්‌ස්‌වාදය (Marxism), පශ්චාත්නූතනවාදය (Postmodernism) ආදී තැන්හි යෙදෙන බැවින් හා ප්‍රවාද හා ජනප්‍රවාද අතර ඇති සම්බන්ධයත්, තියරම් (theorem) යන්න වෙනුවට ප්‍රමේයය යන්න යොදාගැනීමත් සලකා මම තියරි යන්නට ප්‍රවාදය යන්න යොදාගනිමි. එහෙත් කිසිවකු තියරි යන්න වෙනුවට න්‍යාය යොදාගැනීම ගැන මගේ තදබල විරුද්ධතාවක්‌ නැත. අනෙක්‌ සියලු දෙනා මගේ ව්‍යවහාරය අනුගමනය කළ යුතු යෑයි කීමට තරම් බොළඳ බවක්‌, මුග්ධ බවක්‌ මට නැත. එහෙත් මහාචාර්යතුමා ෆැක්‌ට්‌ (පරිසිද්ධිය) යන්න වෙනුවට කිසි ම පාරිභාෂික ශබ්දමාලාවක නැති අන්දමින් හිතුවක්‌කාරව වැරැදියට සිද්ධාන්ත (තියරි) යන්න යෙදීම ගැන නම් මට විරුද්ධ නො වී සිටිය නො හැකි ය. පරිසිද්ධියක්‌ කෙසේ වත් සිද්ධාන්තයක්‌ බවට පත් නො වේ. 

ඒ මහතා නිරවුල් අවබෝධයකින් තොර ව හිතුමතේ තම පාණ්‌ඩිත්‍යය පෙන්වීම සඳහා බොහෝ මහාචාර්යවරුන් මෙන් වචනවලින් දමාගැසීම නම් අඩු කර නැත. පෙබරවාරි 12 වැනි දා ලිපියෙහි ඒ මහතා ආඥෙයවාදය යන්න ස්‌කෙප්ටිසිසම් (Skepticism) සඳහා යොදාගනියි. ස්‌කෙප්ටිසිසම් යනු යමක්‌ නො දැනීම, අඥෙය යන අර්ථයෙන් යෙදෙන්නක්‌ නො ව සැකයක්‌ ඇති වීම යන අර්ථයෙන් යෙදෙන්නකි. ඒ සඳහා පාරිභාෂික ශබ්දමාලාවල ද යොදාගන්නා වචනය සංශයවාදය යන්න ය. අඥෙයවාදය යනු ඇග්නොස්‌ටිසිසම් (agnosticism) යන්නට යෙදෙන්නකි. සැකය යනු නො දැනීම යෑයි පටලවාගන්නේ නොදැනුම්කමට විය හැකි නමුත් අමරතුංග මහතා දිගින් දිගට ම තම නොදැනුවත්කම හෙළිදරවු කිරීමට කිසි ම සැකයකින් තොර ව ඉදිරිපත්වීම තේරුම් ගන්නේ කෙසේ ද?

ඒ මහතා එසේ තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කිරීමෙන් පසු ඉන් සෑහීමකට පත් නො වී ලෝකය නො පවතියි, සියල්ල බොරු ය යන්න අඥෙයවාදී අදහසක්‌ බව පවසයි. යමකු ලෝකය නො පවතියි ආදී වශයෙන් කියන්නේ නම් එය නො දැනීමක්‌ වන්නේ කෙසේ ද? සියල්ල බොරු යෑයි කියන්නේ නම් එලෙස කියන්නේ නො දැනීමකින් නො ව යම්කිසි දැනුමකින් ය. යමකු යමක්‌ නැතැයි කියන්නේ දැනුමකින් මිස නොදැනුමකින් නො වේ. ඒ දැනුම ද බොරු විය හැකි ය. එහෙත් එහි අඥෙයවාදීභාවයක්‌ නැත. අමරතුංග මහතා තේරුම්ගත යුත්තක්‌ නම් වචන තිබෙන්නේ පඬි බව පෙන්වීමට නො ව සන්නිවේදනයට හා හැකිතාක්‌ නිරවුල් ව අදහස්‌ සූත්‍රගත කිරීමට (Formulate) බව ය. 

අඥෙයවාදයක්‌ ගැන කතා කර අමරතුංග මහතා කියන්නේ සියල්ල මනසේ නිර්මිත වූ මායාවක්‌ බව හෝ මනස නැති බව හෝ විඥානවාදී අදහස්‌ බව ය. අමරතුංග මහතා ගේ පරස්‌පර හා නොදැනුම්කම හේතු කොටගෙන ඔහුට අනුව මම අඥෙයවාදියෙක්‌මි. ඒ සමග විඥානවාදියෙක්‌මි. ඒ මහතා ඒ දෙක ම එක්‌වර සපුරාලන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. අනෙක්‌ අතට මනසක්‌ නැතැයි කීම හා සියල්ල මනසේ නිර්මිත යෑයි කීම දෙක ම විඥානවාදී අදහස්‌ බව අමරතුංග මහතා පවසයි. මනසක්‌ ඇතැයි ගනිමින් සියල්ල මනසේ නිර්මිත යෑයි කීම විඥානවාදී යෑයි කිව හැකි නමුදු මනසක්‌ නැතැයි කීම හා මනස මනසේ නිර්මාණයක්‌ යෑයි කීම විඥානවාදී වන්නේ කෙසේ ද? මනසේ පැවැත්ම ගැන මින් ඉහත අපේ ප්‍රවාද ලිපි පෙළෙහි ලිපි ගණනාවක්‌ ම ලියා ඇත. 

බටහිර දැනුම් පද්ධතියෙහි වඩාත් නිරවුල් අදහස්‌ ප්‍රකාශ කෙරෙන්නේ බටහිර ගණිතයෙහි, ගණිතමය භෞතික විද්‍යාවෙහි හා ඥානවිභාගයෙහි (epistemology) ය. වියුක්‌ත වූ ඒ ක්‍ෂෙත්‍රවල අදහස්‌ ප්‍රකාශ කිරීම බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හෝ බටහිර දන්ත වෛද්‍ය විද්‍යාවෙහි අදහස්‌ ප්‍රකාශ කරනවාට වඩා සැලකිල්ලෙන් කළ යුත්තකි. ජනප්‍රිය පොතපතින් එහෙන් මෙහෙන් අහුලාගත් අදහස්‌ ප්‍රකාශ කිරීමේ දී එලෙස සැලකිලිමත් වීමට නොහැකි වීම පුදුමයක්‌ නො වේ. 

අමරතුංග මහතා ගේ ප්‍රශ්න දෙකකට පිළිතුරු දීමට ප්‍රථම කිව යුතු කරුණු බොහොමයක්‌ වුවත් ඒ පසුවට කල් තැබීමට සිදු වෙයි. විශේෂයෙන් ම ගුරුත්වාකර්ෂණය හා වැටීම පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් අමරතුංග මහතා ඉදිරිපත් කරන පරස්‌පර විදහා දක්‌වමින් පිළිතුරක්‌ දීම අත්‍යවශ්‍ය වෙයි. ඒ අතර විවික්‌ත (discrete) හා වියුක්‌ත (abstract) අතර වෙනස ද පැහැදිලි කළ යුතු ය. අමරතුංග මහතා වියුක්‌ත යනුවෙන් අදහස්‌ කරන්නේ විවික්‌ත හෙවත් නො බැඳුණු යන්න ය. දැනට කිව යුත්තේ මා වියුක්‌ත යන්න විශේෂණ පදයක්‌ ලෙස භාවිත කරන්නේ අවුරුදු තිහක පමණ කාලයක සිට බවත් එය ඉංගිරිසි ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌ (abstract) යන වචනයට වියුක්‌ත දැනුම් පද්ධතියක්‌ (abstract system of knowledge) යන තැන්හි මෙන් විශේෂණ පදයක්‌ ලෙස පාරිභාෂික ශබ්දමාලාවලට හා මලලසේකර ශබ්දකෝෂයට එකඟ ව යොදාගන්නා බවත් ය. ප්‍රත්‍යක්‍ෂය යනු කුමක්‌ ද යන්න ද සුදුසු අවස්‌ථාවේ දී පැහැදිලි කරමි. ප්‍රත්‍යක්‍ෂය යන්න බ්‍රහ්මජාල සූත්‍රයෙහි සඳහන් වන බව අමරතුංග මහතා නො දන්නේ අන්තර්ජාලයෙන් ඒ ගැන දැනගැනීමට නොහැකි බැවින් ද?

තන්තුවාදය පිළිබඳ ව මගේ දේශනයකට සහභාගි වී ඉගෙනගන්නා ලෙස මම අමරතුංග මහතාට කිසි විටෙක නො කීවෙමි. මා කීවේ මා සිටින තැනක ඒ පිළිබඳ ඔහු ගේ දේශනයක්‌ පවත්වා මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන ලෙස ය. අමරතුංග මහතාට ඒ කරුණ වත් නිවැරැදිව අවබෝධ කරගැනීමට නොහැකි බව තම පෙබරවාරි 12 වැනි දා ලිපියෙන් ප්‍රදර්ශනය කරයි. ඒ මහතා නිතර කියන කරුණක්‌ නම් ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන් ගන්නා වස්‌තු සඳහා නිව්ටන් ගේ ප්‍රවාදය වලංගු බව ය. අයින්ස්‌ටයින් ගේ ප්‍රවාදය බ්ලැක්‌හෝල් හැර ඕනෑ ම වේගයකට වලංගු යෑයි ඒ මහතා කියයි. මෙය තවත් පැහැදිලි කළේ නම් මැනවි. මේ "බ්ලැක්‌හෝල් හැර" යන්නෙන් ඒ මහතා අදහස්‌ කරන්නේ කුමක්‌ ද? ජනප්‍රිය පොතපතින් ලබාගත් අදහස්‌ මෙසේ ගෙනහැර දක්‌වන්නේ තේරුම් ගෙන නො වන බව මම දනිමි. 90% වේගය නියම කළ ජනප්‍රිය පොත කුමක්‌ ද? මේ ජනප්‍රිය පොත් ලියන ඇතැමුනට ද පැහැදිලි අවබෝධයක්‌ නැත. ඉහත සඳහන් අදහස්‌ මෑතක දී කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇති බව කතුවරුන් දෙදෙනකු ගේ නම් පමණක්‌ සඳහන් කරමින් එහෙත් ඒ අදහස්‌ පළ වූ සඟරා නම් නො කරමින් ඒ මහතා කියයි. මේ පිළිබඳව මා නො දන්නා බව ඒ මහතා කියයි. ඒ මහතාට ඒ පිළිබඳ දේශනයක්‌ පැවැත්වීමට මා ආරාධනා කරන්නේ එවිට මට ඒ මහතා ගෙන් ඉගෙනීමට අවස්‌ථාවක්‌ ලැබෙන බැවිනි. 

අමරතුංග මහතා ගේ දැනගැනීම සඳහා කිව යුතු කරුණක්‌ නම් සාධාරණ සාපේක්‍ෂතාවාදය යනු විශේෂ සාපේක්‍ෂතාවාදයට ගුරුත්වාකර්ෂණය එකතු කිරීමෙන් ලබාගත්තක්‌ නො ව ගුරුවාකර්ෂණය නැතැයි ගැනීමෙන් ලබාගත්තක්‌ බව ය. එහෙත් මා නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය පට්‌ටපල් බොරුවක්‌ යෑයි කීමට මේ සංවාදයෙහි දී සාධාරණ සාපේක්‍ෂතාවාදය යොදා නො ගත් බව ද සඳහන් කළ යුතු ය. එසේ යොදාගත් බව කියන අමරතුංග මහතා ඒ පිළිබඳ සාක්‍ෂි සපයන්නේ ද? 

අමරතුංග මහතා න`ගා ඇති පළමු ප්‍රශ්නයට පිළිතුරු පහත පළ වෙයි. දෙවැනි ප්‍රශ්නය ලබන සතියේ සාකච්ඡා කරමු. අප භාවිත කරන ලොකු ම බොරුව "මම" යන්න ය. මා යනුවෙන් කිසිවකු නැති ව සිටිය දී, මා යනු මනසෙන් නිර්මාණය කරගත් බොරුවක්‌ ව තිබිය දී අපි ඒ සංකල්පය යොදාගන්නෙමු. අපේ දැනුම එපරිදි ය. සම්මුති වශයෙන් අප තනාගත් සංකල්ප, ප්‍රවාද ආදී දැනුම් අපේ එදිනෙදා කටයුතුවල දී අපි යොදාගන්නෙමු. මා ගෙදර යනවා, දේශනයක්‌ පවත්වනවා ආදී යෙදුම් අප පිළිගන්නේත් එවැනි යෙදුම් යොදාගෙන අප ගෙදර යැම, දේශන පැවැත්වීම ආදී වශයෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්නේත් මම යන්න සංකල්පය බොරුවක්‌ ව පවතිද්දී ය. නීල් ආම්ස්‌ට්‍රොaන්ග් තමා හඳට ගිය බව පැවසුවේත් ආම්ස්‌ට්‍රොaන්ග් යනුවෙන් අයකු ඇතැයි යන බොරුව යොදාගනිමිනි. 

එහෙත් ඒ බොරුවෙන් අමාරුවේ වැටෙන අවස්‌ථා ද වෙයි. ක්‍ෂණයකට වුවත් මා පවතින්නේ යෑයි ගැනීම ආත්මවාදී වෙයි. මා ගෙදර යනවා යෑයි කී විට එසේ කීමෙන් මා ආත්මවාදියකු බවට පත් වන නමුත් සම්මුතියේ දී අපට එය ප්‍රශ්නයක්‌ නො වේ. එහි ඇති ආත්මවාදී අදහස ගැන අපි ගැඹුරෙන් නො සිතමු. එහෙත් පරලොව යන්නේ කවුදැයි ඇසූ විට එය තරමක දාර්ශනික ප්‍රශ්නයක්‌ බවට පත් වෙයි. ගෙදර යන්නේ කවුද, හඳට ගියේ කවුද ආදී ප්‍රශ්නවලදීත් ආත්මවාදය නො සලකා හැරීම වැරැදි වුවත් සම්මුතියෙන් අපි ඒ බැරෑරුම් ප්‍රශ්න ලෙස නො සලකමු. 

එහෙත් පරලොව යන්නේ ද මා යෑයි කී විට අපට එය ආත්මවාදී ලෙස ගැනීමට සිදු වෙයි. පරලොව යැම හඳට යැමට හෝ ගෙදර යැමට හෝ වෙනස්‌ නො වන නමුත් අපි ආත්මවාදය යන්න පරලොවක්‌ සමග සැලකීමට පුරුදු වී සිටිමු. එබැවින් ආත්මවාදය ප්‍රතික්‍ෂෙප කරන බෞද්ධයකුට (බෞද්ධයන් යනු තුන්වැනි සංගායනාවේ ථෙරවාදය පිළිගත් අශෝක බෞද්ධයන් පමණක්‌ නො වන බව අවධාරණය කළ යුතු ය) පරලොව යන්නේ කවුද යන ප්‍රශ්නයට මා යෑයි කිව හැකි නො වේ. මිළිඳු රජු ගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නාගසේන හිමියෝ පරලොව යන්නේ තමාත් නො වේ ය, අන් අයකුත් නො වේ යෑයි පැවසූ හ. ඒ පිළිතුර ඇරිස්‌ටෝටලීය න්‍යාය (ලොජික්‌) සමග එකඟ නො වන නමුත් චතුස්‌කෝටික න්‍යායට එකඟ ය. ඒ පිළිතුර ආත්මවාදී ද නො වේ. නාගසේන හිමියන් ගෙදර යන තැනේ දී මෙන් පරලොව යන්නේ තමන් යෑයි දේශනා කළේ නම් උන්වහන්සේ ආත්මවාදී වන බව පැහැදිලි ය. මා යන බොරුව යොදාගෙන අපට සම්මුතියෙන් ගෙදර ගිය හැකි ය, හඳට ගිය හැකි ය. එහෙත් එයින් කියෑවෙන්නේ මා යනු බොරුවක්‌ නො වන බව නො වේ. 

නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද එබඳු ය. එය පට්‌ටපල් බොරුවකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම පසෙකින් තබා මනසින් මවාගැනීමට වත් නොහැකි පට්‌ටපල් බොරු කතන්දරයකි. මගේ ව්‍යවහාරයට අනුව පංචෙන්ද්‍රියයන්ට ගෝචර ව මනසින් ගන්නා සංකල්ප බොරු ය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වන මනසින් මවාගත නොහැකි සංකල්ප පට්‌ටපල් බොරු ය. ඒවා බුදුදහමට අනුව නම් පඤ්ඤත්ති, එනම් අප විසින් (මනස විසින්) පැනවෙන සංකල්ප පමණ ය. මේ පිළිබඳ විස්‌තර විදුසර අපේ ප්‍රවාද ලිපිවල අවුරුදු දෙකකට පමණ පෙර පළ විය. කාලය යන්න ද පඤ්ඤත්තියකි. බුද්ධඝෝෂ හිමියන් ඒ බව අත්ථසාලිනියෙහි සඳහන් කළ බව මගේ ලෝකය පළමු මුද්‍රණයෙහි සිට ම අප කියා ඇත. කාලය ද පට්‌ටපල් බොරුවකි. අද බටහිර විද්‍යාඥයන් කාලය යනු කුමක්‌ දැයි ප්‍රශ්න කරන නමුත් අඩු ම තරමෙන් පස්‌වැනි සියවසේ සිට එය පට්‌ටපල් බොරුවක්‌ බව අපි දනිමු. කාලය පට්‌ටපල් බොරුවක්‌ වුවත් අපි එය සාර්ථක ව යොදාගනිමු. ඒ පට්‌ටපල් බොරුව මැනීමට ඔරලෝසු ද පාවිච්චි කරමු. බුද්ධඝෝෂ හිමියන් ද නාගසේන හිමියන් ද අයත් වූයේ ථෙරවාද සම්ප්‍රදායට බව මෙහි දී මතක්‌ කරමු. 

Nissanka Rajapaksa

unread,
Feb 20, 2014, 4:48:18 AM2/20/14
to ind...@googlegroups.com
කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි

ආචාර්ය නලින් ද සිල්වා මහතා "වචන සහ වචන" (විදුසර - 12.2.14) යන මාතෘකාව යටතේ වචන සම්භාරයක්‌ ලියමින් කිසිවක්‌ පවසා නැති නිසා එම ලිපියට පිළිතුරු ලිවීම විදුසර විද්‍යා සඟරාවේ පිටු නාස්‌ති කිරීමක්‌ වන්නේ ය. මගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක්‌ ද? යන්නට පිළිතුරු නො දී සිටීම පිණිස ඔහු යොදාගන්නා උප්පරවැට්‌ටිවලට හසු විය යුතු නැත.

එම නිසා මම අද වෙන වැදගත් කරුණක්‌ ගැන ලියමි. මා ඉදිරිපත් කළ මුල් තර්කයේ සඳහන් වූයේ නවීන විද්‍යාව යුරෝපයේ පමණක්‌ බිහි වූ වර්ධනය වූ විද්‍යාවක්‌ නො ව ලෝකයේ අනෙකුත් පැරැණි ශිෂ්ටාචාරයන් තුළ බිහි වී වර්ධනය වූ විද්‍යාවන්හි දායකත්වයෙන් යුරෝපයේ දියුණු වූ විද්‍යාවක්‌ බව ය. මිනිසා, බිහි වූ දා පටන් නො කැඩී වර්ධනය වූ මේ විද්‍යාව අද මුළු ලෝකයේ පැතිර පවතින්නේ එහි ඇති සත්‍යතාව සහ සාර්වකතාව (Universality) මනාව පිළිබිඹු කරමින් ය. නලින් ද සිල්වා මහතා පවසන්නේ විද්‍යාවට මෙවැනි ඉතිහාසයක්‌ දායාද කරන්නේ මා පමණක්‌ බව ය. ලෝකයේ වෙන කිසිවකු මේ අදහස නො පිළිගන්නා බව ඔහු පවසයි. මා මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මේ ගැන ඔහු ගේ තිබෙන දැනුමේ ඌනතාව පෙන්නුම් කර දීම ය."විද්‍යාව බොරුවක්‌ ද?" යන අපගේ මුල් ප්‍රශ්නයට ද මේ කරුණ අදාළ ය. 

විද්‍යාවේ පටන්ගැන්ම මිනිසා ගේ පටන්ගැන්ම වන්නේ ය. මිථ්‍යාවේ පටන් ගැන්ම ද එය විය. මිනිසා තම ලෝකයේ පැවැති රහස්‌ අනාවරණය කරගැනීමට යොදා ගත්තේ විද්‍යාව හෝ මිථ්‍යාව විය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි සොයා ගත් අවස්‌ථාවල දී විද්‍යාව ඉස්‌මතු විය. එසේ නො වන අවස්‌ථාවල දී මිථ්‍යාව ඉස්‌මතු විය. මිනිස්‌ ලෝකයේ කොතැනක දී වුවත් සිදු වූයේ මේ දෙය ම ය. මෙලෙස දියුණු වූ මිනිසා සහ ඔහු ගේ විද්‍යාව නිසා නොයෙකුත් රටවල ශිෂ්ටාචාරයන් බිහි වන්නට විය. චීනයේ, ඉන්දියාවේ, අරාබියේ, ඇමෙරිකාවේ (පැරැණි) මේ ලෙසින් ශිෂ්ටාචාරයන් බිහි වී ඒවායේ විද්‍යාව තවත් දියුණු විය. මිථ්‍යාව ද දියුණු විය. විද්‍යාවෙන් සිදු වූයේ යහපත පමණක්‌ ම නො වී ය. එමෙන් ම මිථ්‍යාවෙන් සිදු වූයේ අයහපත පමණක්‌ ම නො වී ය. එනමුත් විද්‍යාවෙන් සිදු වූ යහපත සංසන්දතාත්මකව ඉමහත් විය. එලෙස ම මිථ්‍යාවෙන් වූ අයහපත සංසන්දනාත්මකව ඉමහත් විය.

මුල සිට ම මෙලෙසින් විද්‍යාවේ පදනම වූයේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි ය. මූලිකව අද ද එය එසේ ම ය. මිනිසා කොහේ ජීවත් වුවත් ඔහු ගේ ඉන්ද්‍රිය පද්ධතිය බොහෝ සෙයින් එක සමාන විය. මිනිසා ගේ පරිසරයේ සහ ස්‌වභාවධර්මයේ වෙනස්‌කම් තිබුණ ද මූලික ගුණාංග ජීවීන්ට ඔබින ආකාරයේ සමානත්වයක්‌ පිළිබිඹු කළේ ය. තව ද මිනිසා තුළ විපරමට, විමසුමට තිබූ සහජ අවශ්‍යතාව ඔහු කොතනැක සිටියත් එක ලෙස පැවතිණි. විද්‍යාව ආනුභුතික වූ ((empirical) පදනමක පිහිටි බව මින් අදහස්‌ වේ. 

මේ නිසා මොන රටක ජීවත් වුවත් මිනිසා ගේ විද්‍යාව සමාන ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම අනිවාර්ය විය. පරීක්‌ෂණ, නිරීක්‌ෂණ, නිගමන මේ ක්‍රමවේදයට ඇතුළත් වූයේ මිනිසා තමා ගේ ජාන මගින් සහජයෙන් උරුම කරගෙන තිබූ ඥානය සහ හැකියාවන් නිසා ය. ලෝකයේ කොහේ සිදු වුවත් එක හා සමාන ඉන්ද්‍රිය පද්ධතියකින් සහ එක හා සමාන ස්‌වභාවධර්මයකින් යුතු වූ මිනිසා සහ ලෝකය අතර ගනුදෙනුව මේ අන්දමට සිදු විය යුතු ව තිබිණි. එහි වෙනසක්‌ සිදු වන්නට ඉඩක්‌ නැත.

මෙලෙසින් විද්‍යාව චීනයේ, ඉන්දියාවේ, අරාබියේ සහ තවත් රටවල වර්ධනය විය. චීනය යකඩ, වෙඩි බෙහෙත්,, මුද්‍රණ යන්ත්‍රය, මාලිමා යන්ත්‍රය බිහි කරන්නේ මෙලෙස දියුණු වූ විද්‍යාව මාර්ගයෙනි. ඊට අවශ්‍ය දැනුම ලැබුණේ දෙවියන් ගෙන් හෝ වෙනයම් මිථ්‍යා මාර්ගයකින් හෝ නො වේ. ඉන්දියාවේ ගණිත ශාස්‌ත්‍රය සහ තාරකා විද්‍යාව දියුණු වූයේ ද මේ ක්‍රමවේදයන් භාවිත කිරීමෙනි. අරාබියේ ද ගණිත ශාස්‌ත්‍රය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව වර්ධනය වූයේ මේ අන්දමට ය. ඉන්දියාවේ දියුණු වූ ගණිත ශාස්‌ත්‍රය අරාබියට සංක්‍රමණය වී එහි දී එය තවත් දියුණු වූයේ ය. අරාබියට සංක්‍රමණය වූ විද්‍යාව එරටේ විද්‍යාඥයන් විසින් විශාල වශයෙන් ලේඛනගත කරන ලදී.

12 වැනි ශත වර්ෂයේ සිදු වුණු විශාල අරාබි-ලතින් පරිවර්තනය (The Arab-Latin Transla) නිසා අරාබියේ ග්‍රන්ථාරූඪ වූ විද්‍යාත්මක ලිපි ලේඛන ලතින් බසට පරිවර්තනය විය. මේවා යුරෝපයට මෙලෙසින් සංක්‍රමණය විය. අරාබියට අයත් වූ විද්‍යාත්මක ලිපි ලේඛන විශාල වශයෙන් ස්‌පාඤaඤයේ සහ ඉතාලියේ දී මෙලෙස පරිවර්තනය කරන ලදී.

යුරෝපයේ විද්‍යාඥයන් ලෝකයට පෙන්වන්නට හදන්නේ මධ්‍යකාලීන පරිච්ඡේදයේ දී විද්‍යාව ලෝකයේ කිසි තැනක සැලකිය යුතු වර්ධනයක්‌ සිදු වූයේ නැති බව ද අතීතයේ පැවැති විද්‍යාව මේ කාලය තුළ දී පරිහානියට පත් වී නව විද්‍යාවක්‌ 15,16,17 වැනි ශත වර්ෂවල දී යුරෝපයේ හටගත් බව ද වේ. මේ කාල පරිච්ඡේදය පුනරුදය නමින් හැඳින්වේ. මේ විද්‍යාව පැරැණි විද්‍යාවට වඩා වෙනස්‌ බව ද ක්‍රමවේදය තුළට රීතියකට යටත් වූ පර්යේෂණ ක්‍රම සහ ගණිතමය ක්‍රම ඇතුළු වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. එහෙත් මේ තර්කය තමන් ලෝකයේ අන් ජාතීන්ට වඩා උසස්‌ බව පෙන්වීමට කවදත් තැත් කරන ඔවුන් ගේ උපක්‍රමයක්‌ පමණක්‌ බව අප වටහාගත යුතු ය. නලින් මහතාට බටහිර අරහන් වූවාට ඔහු මෙය තේරුම් කරගෙන නැත.

පුනරුදය නමැති කාල පරිච්ඡෙදය තුළ විශේෂ වූ විද්‍යාවක්‌ හට නො ගත් බවත්, මධ්‍ය කාලයේ දී ඉතා ම වැදගත් වූ විද්‍යාත්මක මතවාදයන් ගොඩනැ`ගුණු බවත්, එහෙත් මේවා කරළියට පැමිණියේ 16-17 වැනි ශත වර්ෂවල දී බවත් පෙන්වා දෙන දාර්ශනිsකයන් කිහිප දෙනකු ගේ අදහස්‌ පහත සඳහන් ලෙස ඉදිරිපත් කළ හැකි ය. ඉන් පෙනී යන්නේ අතීත ශිෂ්ටාචාරයන් තුළ බිහි වූ විද්‍යාව මධ්‍යකාලීන යුගය තෙක්‌ වර්ධනය වී ඊට පසු 16-17 වැනි ශත වර්ෂවල තවත් දියුණු වූ බවය. මධ්‍යකාලීන යුගය අදහස්‌ මතවාදවලින් පිරිපුන් වූ කාලයක්‌ බව ද, මේවායෙන් එල ප්‍රයෝජන නෙළාගත්තේ පසු කලක ජීවත් වූ ගැලීලියෝ, නිව්ටන් වැනි අය බව ද පෙන්වා දී ඇත. විද්‍යාවේ ඉතිහාසය අතීත යුගය, මධ්‍යකාලීන යුගය සහ නවීන යුගය යනුවෙන් කැඩුණු, වෙන් වුණුq එකක්‌ නො වන බවට කරුණු කාරණා ප්‍රථමයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ප්‍රංශයේ භෞතික විද්‍යාඥයකු සහ විද්‍යා දාර්ශනිකයකු වන පියරේ ඩියුහෙම් (PierreDuhem –1885) විසිනි. ස්‌ථිති විද්‍යාව ((Statics) බිහි වූයේ මධ්‍ය කාලීන ගණිත ශාස්‌ත්‍රය තුළින් බව ද පසුව මෙහි බලපෑම විද්‍යාව මත දිගුකාලීනව පැවැති බව ද ඔහු පෙන්වා දෙයි.

ජෝඡ් සාර්ටන් (1888-1956) අවධාරණය කර සිටියේ විද්‍යාවේ ඓතිහාසික තිර පැවැත්ම විද්‍යාවේ වර්ධනයට විශාල වශයෙන් හේතු වූ බව ය. මධ්‍යකාලීන යුගයේ විද්‍යාත්මක වර්ධනයක්‌ එළිපිට නො තිබුණාට අදහස්‌, මතවාද, තර්ක විතර්කවලින් අඩුවක්‌ නො වී ය. මීට හේතුභූත වූයේ 12 වැනි ශත වර්ෂයේ සිදු වූ විශාල අරාබි-ලතින් ලිපි ලේඛන පරිවර්තනය බව ද ඔහු පවසයි. මේ අදහස්‌වලින් නියම ප්‍රයෝජනය ලබාගත්තේ පසු කලක කරළියට පැමිණි කොපර්නිකස්‌, ගැලීලියෝ සහ නිව්ටන් වැනි අය බව ද ඔහු කියයි.

අතීත කාලීන දැනුම අවුරුදු 1000ක්‌ වූ කළුවර යුගයක්‌ පසු කොට හිටිහැටියේ 17 වැනි ශත වර්ෂයේ දී නැවත සොයාගත් බව විශ්වාස කළ නොහැකි බව පවසන ඡේම්ස්‌ ප්‍රැන්ක්‌ලීන් (1982) නමැති ඕස්‌ට්‍රෙලියානු ගණිතඥ සහ විද්‍යා ඉතිහාසඥයා ඉතාලියානුවන් හොරෙන් අරගෙන තමන් ගේ යෑයි කියන විද්‍යාව සොයාගත්තේ 12 වැනි ශත වර්ෂයේ දී බව ද පවසයි. චලනය තේරුම් ගැනීම පිණිස පළමුවෙනි පියවර ගත්තේ මධ්‍යකාලීන යුගයේ බව ද ඊට පෙර අතීත කාලවල දී ඒ අදහස්‌ පැවතුණු බව ද ඔහු පවසයි. චලනය අධ්‍යයනය කළ නිව්ටන් වැනි පසු කාලීන විද්‍යාඥයන් මේ දැනුමෙන් ප්‍රයෝඡන ලබා ගත්තේ ය. විද්‍යාවේ තිර පැවැත්ම (continuity) මින් ඔප්පු වේ.

ඒ. සී. ග්‍රැහම් (1973) පවසා සිටින්නේ නවීන විද්‍යාව වෙත වඩා ළං වන්නේ ටොලමි හෝ කොපර්නිකස්‌ ද, නැත හොත් චීන විද්‍යාඥයන් හෝ ඇමෙරිකාවේ මායාවරුන් දැයි කිව නොහැකි බව ය. තව ද නො හඳුනන අතීත තාරකා විද්‍යාඥයකු කර ඇති ප්‍රකාශයක්‌ වන නිරීක්‌ෂණ ම`ගින් ලබාගන්නා සාක්‌ෂි ඉලක්‌කම් තුළ ඇති ගුප්ත බලයෙන් (numerology) ලබාගන්නා දැනුමට වඩා විශ්වාසදායක ය යන්නෙන් ඔප්පු වන්නේ ආනුභුතික (empirical) ක්‍රමයේ වැදගත්කම අතීත කාලයේ වුව ද හැඳිනගෙන සිටි බව ය. මෙය පසුව දියුණු වූ නවීන විද්‍යාවේ අන්තර්ගතය වූ බව ග්‍රැහම් පහදා දෙයි. නවීන විද්‍යාවේ ආරම්භය ඉන් පැහැදිලි වන බව ද ඔහු පවසයි. අතීත සංස්‌කෘති ගණනාවක බලපෑම යුරෝපයේ දියුණු වූ විද්‍යාව මත පැවැති බව අරුන් බාලා (Arun Bala 2006) පවසා සිටියි.

අතීත ශිෂ්ටාචාර තුළ පැවැති විද්‍යාවන් එකිනෙකින් වෙනස්‌ නො වූ බව ද මින් පෙන්නුම් කෙරේ. මිනිසා ගේ කායික ව්‍යqහය ගෙනහැර බලන විට දී එය සිදු විය නොහැකි බව පැහැදිලි කොට ඇත. එක ම ඉන්ද්‍රිය පද්ධතියකට කළ හැක්‌කේ එක ම ආනුභුතික ක්‍රියාකාරකම් ය. එක ම ස්‌වභාවධර්මයක්‌ පිළිබඳව ගවේෂණයක යෙදෙන්නේ එක ම ස්‌නායු පද්ධතියක්‌ විසින් නම් ක්‍රමවේදය ද එකක්‌ ම විය යුතු ය. මිනිසා බිහි වූ දා පටන් ඔහු ගේ විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් විය. ආනුභුතික වූ විද්‍යාත්මක ක්‍රමවේදය වර්ධනය වූයේ එලෙස ය. අද ද එය එසේ ම ය. මේ නයින් බලන කල විද්‍යාවේ ක්‍රමවේදය සංස්‌කෘතියේ බලපෑමට යටත් නො වන බව පෙනී යා යුතු ය. විද්‍යාත්මක සාක්‌ෂි සංස්‌කෘතියේ බලපෑමට යටත් නො විය යුතු ය. නිරීක්‌ෂකයා ගේ සංස්‌කෘතික පසුබිම ඊට බලපාන බව තෝමස්‌ කුන්a නමැති දාර්ශනිsකයා ප්‍රකාශ කරයි. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය සැකසෙන්නේ පෞද්ගලික බලපෑම අවම කිරීම අරමුණු කොට ගෙන ය. නිරීක්‌ෂකයා ගේ සංස්‌කෘතික පසුබිම තුළින් බිහි වූ ඔහු ගේ පෞද්ගලික මතය තම නරීක්‌ෂණය මත බලපෑමක්‌ කිරීමට ඇති ඉඩකඩ අවම කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයේ එක්‌ පරිශ්‍රමයක්‌ බව අමතක කළ යුතු නැත.

සංස්‌කෘතියේ බලපෑම ඇති වන්නේ විද්‍යාව කුමක්‌ සඳහා භාවිත කරනවා ද යන තීරණය ගැනිමේ දී ය. උදාහරණයක්‌ වශයෙන් න්‍යෂ්ටික විද්‍යාව භාවිත කරන්නේ බෝම්බ තැනීමට ද නැත හොත් බලය ලබා ගැනීමට ද යන්න සංස්‌කෘතික නිගමනයක්‌ විය හැකි ය. සංස්‌කෘතිය විද්‍යාවෙන් වෙන් කිරීමෙන් විද්‍යාවට හානියක්‌ සිදු වන්නේ නැත. එහෙත් මිනිසා ගේ උන්නතිය සඳහා විද්‍යාව යොදාගැනීම පිණිස සංස්‌කෘතියෙන් මඟපෙන්වීමක්‌ කළ යුතු ව ඇත. එහෙත් මේ සඳහා සංස්‌කෘතියේ මිනිස්‌ හිතකාමී ගුණාංග අඩංගු විය යුතු ය. බටහිර සංස්‌කෘතියේ නැත්තේ මෙය ය. අප බටහිර ගැත්තන් වූවාට මෙය හොඳින් වටහාගෙන ඇත. 

ආචාර්ය නලින් මහතා පවසන්නේ දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතියේ බලපෑම අනිවාර්යයෙන් ම පවතින බව ය. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය තැත් කරන්නේ සංස්‌කෘතියේ බලපෑම අවම කිරීමට ය. නලින් මහතා එය නො පිළිගනී. ඔහු කියන්නේ දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය විසින් අත්‍යවශ්‍ය කාර්යයක්‌ ඉටු කරන බව ය. මේ කාර්යය කුමක්‌ දැයි ඔහු පැහැදිලි කොට දී නැත. මෙය ඔහුට ම ආවේනික වූ දැනුම් මාර්ගයක්‌ විය යුතු ය. එය වුව ද කුමක්‌ දැයි පැහැදිලි කොට දිය යුතු ය.

එවැනි කාර්යයක්‌ සංස්‌කෘතිය විසින් ඉටු කරනු ලබන්නේ දැයි සොයා බැලිය හැකි ය. එසේ සොයා නො බලා ප්‍රකාශයන් කිරීම නො කටයුත්තකි. එහෙත් නලින් මහතාට ඕනෑ ම දෙයක්‌ සොයා නො බලා ප්‍රකාශන කළ හැකි ය. අප එම ප්‍රකාශන එකහෙළා පිළිගත යුතු ය. නැතිනම් අප මෝඩයන් ය. බටහිරට ගැති පුස්‌සන් ය. 

මේ කරුණ පිළිබඳව සොයාබැලීම සඳහා එක ම පර්යේෂණය ඇමෙරිකාවේ සහ චීනයේ සිදු කළේ යෑයි සිතමු. ප්‍රතිඵල එක හා සමාන ය. සුළු වෙනස්‌කම් තිබිය හැකි ය. ඒවා කොයි නිරීකෂකයන් ගේ ප්‍රතිඵල අතර වුව ද තිබිය හැකි වෙනස්‌කම් මිස රටවල් දෙකක්‌ අතර ඇති සංස්‌කෘතික වෙනස්‌කම් නිසා සිදු වූ දෙයක්‌ නො වේ. අවශ්‍ය නම් මෙසේ සිදු කර ඇති පර්යේෂණ රාශියක්‌ උදාහරණ ලෙස දැක්‌විය හැකි ය. සංස්‌කෘතිය විසිත් යම් අත්‍යවශ්‍ය ක්‍රියාවක්‌ විද්‍යාත්මක ක්‍රමවේදය තුළ සිදුකෙරෙන්නේ නම් මෙය මෙසේ සිදු විය නොහැකි ය. සාක්‌ෂි නොමැති ව නලින් මහතා කරන ප්‍රකාශ මැත දෙඩවීමක්‌ පමණ ය.

මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ පෙර කල පටන් අද දක්‌වා ලෝකයේ සැම තැන පැවතුණේ එක ම විද්‍යාවක්‌ පමණක්‌ බව ය. එසේ වන්නේ විද්‍යාව කවදත් කොතැනත් පදනම් වූයේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත වූ නිසා ය. විද්‍යාව දියුණු වී එහි ක්‍රමවේදය ශක්‌තිමත් වී ඉන්ද්‍රියයන්ට උපකාර වන තාක්‌ෂණය දියුණු වී ඇති බව සැබෑ ය. එනමුත් පදනම, අත්තිවාරම වෙනස්‌ වී නැත. 

චීනයේ ශිෂ්ටාචාරය සහ විද්‍යාව පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කළ ජෝසොෆ් නිඩහම් නමැති අග්‍ර ගණයේ විද්‍යාඥයා ඉදිරිපත් කොට ඇති අති ප්‍රසිද්ධ ප්‍රශ්නය වන "විද්‍යාව සහ තාක්‌ෂණ කේෂත්‍රයේ චීනය පරදවා බටහිර රටවල් ඉදිරියට ගියේ ඇයි ද?" යන්න නලින් මහතා ඔහු ගේ තර්කය ඉදිරියට ගෙන යැම පිණිස නිතර කියන දෙයකි. එහෙත් නලින් මහතා ගේ තර්කය වන විවිධ රටවල විවිධ වූ විද්‍යාවන් තිබුණු බව මෙයින් ඔප්පු වන්නේ නැත. විද්වත් නීඩහම් චීනයේ තිබුණේ වෙනත් විද්‍යාවක්‌ බව පවසා නැත. ඇත්තෙන් ම ඒ රටේ අතීතයේ පටන් තිබුණේ කවදත් හැම තැන තිබූ විද්‍යාව බව ඔහු ගේ අති විශාල නිබන්ධය වන "චීනයේ ශිෂ්ටාචාරය සහ විද්‍යාව" තුළින් පහදාගත හැකි ය. ඉහත ප්‍රශ්නයට පිළිතුරක්‌ හැටියට විද්වත් නීඩහම් කියන්නේ නිදහස්‌ නිෂ්පාදනයට හිතකර වාතාවරණයක්‌ කොන්ෆිසියස්‌ සහ ටාඔස්‌ ධර්මයන් නිසා චීනයේ නො තිබූ බවයි. ඔහු සමග එකට වැඩ කළ නේතන් සීව්න් නමැති විද්‍යාඥයා කියන්නේ මේ ප්‍රශ්නය ඇසිය යුතු නො වන බව ය. "එය හරියට ඔබේ නම පත්තරේ 3 වැනි පිටුවේ නැත්තේ ඇයි දැයි අසනවා වැනියි" ඔහු පවසයි. කුමක්‌ වුවත් විද්වත් නීඩහම් චීනයේ විද්‍යාත්මක ක්‍රමවේදය බටහිර විද්‍යාවට වෙනස්‌ යෑයි පවසා නැත. තව ද ඔහු ගේ ලේඛනවලින් පැහැදිලි වන්නේ අප පැවසුවා සේ සංස්‌කෘතිය විසින් විද්‍යාව කුමක්‌ කළ යුතු දැයි නිගමනය කරනවා ඇරෙන්නට විද්‍යාත්මක ක්‍රමවේදය තුළ යම්කිසි අත්‍යවශ්‍ය ක්‍රියාවක්‌ සංස්‌කෘතිය විසින් නො කරනු ලබන බව ය. මේ නිසා නලින් මහතාට විද්වත් නීඩහම් ගේ පිහිට පැතිය නොහැකි ය. 

විද්‍යාව හැර වෙනත් දැනුම් මාර්ග තිබිය හැක. නමුත් ඒවා අංඡනම් එලි අල්ලෙ රේඛා හාෂත්‍රය දේව බැල්ම වැනි මිථ්‍යා මත මත පදනම් වු ඒවාය. මෙවා භාවිතයෙන් සත්‍ය ඝවේෂණය කිරීම කනා පල්ලම් ගැසීම වැනි අන්තරාදායක වැඩකි. මේවාද මේවා අනුමත කරන්නන්ද බොරුකාරයන් බව හෙලි කල යුතුය

මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසක්‌ සඳහන් කිරීමෙන් මේ ලිපිය අවසන් කළ හැක. එතුමා ලියු පළමුවෙනි නවකතාව වන "ලීලා" නමැති කෘතියේ සාංවත්සරය වැටී ඇත්තේ මේ වර්ෂයේය. එම කෘතියේ සාංඤපනයේ මෙවැනි අදහසක්‌ සඳහන් වේ. ඇමරිකාවට එක්‌ විද්‍යාවක්‌ද ආසියාවට තවත් විද්‍යාවක්‌ද තිබිය නොහැකිය. මේ ලෙස එතුමා අදහස්‌ ප්‍රකාශ කලේ අවුරුදු සියයකට පෙරය. අදටද එය සත්‍යයක්‌මය. විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව පැවසීම ලාබ ප්‍රසිද්ධියක්‌ තකා කරණ වාචාල කතාවක්‌ පමණි.

මහාචාර්ය 
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc 

 

Nissanka Rajapaksa

unread,
Mar 2, 2014, 12:06:45 AM3/2/14
to ind...@googlegroups.com
විද්‍යාව සිංහල බෞද්ධයන්ට අකැප ද?

ආචාර්ය නලින් ද සිල්වා මහතා මා ඇසූ ප්‍රශ්නයක්‌ වන නිව්ටන් ගේ න්‍යාය බොරු නම් ඒවා භාවිත කොට හඳට පා තැබුවේ කෙසේ ද? යන්නට උත්තර සපයන්නේ මෙසේ ය. මම කියා කෙනෙක්‌ නැත. ආම්ස්‌ට්‍රොන්ග් තමා හඳට ගිය බව පැවසුවේත් ආම්ස්‌ට්‍රොaන්ග් යනුවෙන් අයකු ඇතැයි යන බොරුව යොදාගනිමිනි. (විදුසර - 19.2.14). මෙය මගේ ප්‍රශ්නයට පිළිතුරක්‌ නො වන බව පාඨකයින්ට වැටහෙනවා ඇත. මෙවැනි බහුබූත විද්‍යාව පිළිබඳ සංවාදයක දී පැවසිය යුතු නැත. විද්‍යාව බොරුවක්‌ බව ඔප්පු කරගත නොහැකි ව නලින් මහතා බහුබූතවාදියකු බවට පත් වීම පිළිබඳව අප පුදුම විය යුතු නැත. මුල් බුදුදහමේ දෘෂ්ටිකෝණයෙන් බලන කල හඳට යැම පිළිබඳව කිව හැක්‌කේ බුදුන් දේශනා කොට ඇති පරිදි සම්මුති සත්‍යයක්‌ වන ආම්ස්‌ට්‍රොaන්ග් නමැත්තා ගේ අනිත්‍ය වූ පංචස්‌කන්ධය නිමක්‌ නැති ආකාශය තරමක්‌ දුරට තරණය කොට සම්මුති සත්‍යයක්‌ වන හඳ නමැති අනිත්‍ය වූ වස්‌තුව මත පා තබා ආපසු පැමිණියේ ය යන්න ය. සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණයෙන් බලනවා යෑයි කියන නලින් මහතාට ආම්ස්‌ට්‍රොaන්ග් හඳ, පෘථිවිය බොරු ය. මෙය සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණය නො වන බව මේ ලිපියෙන් පෙන්වා දෙමි.

ඔහු ගේ එම පිළිතුරෙන් ඔහු ම සෑහීමකට පත් ව මගේ දෙවැනි ප්‍රශ්නයට පසුව පිළිතුරු දෙන බව පවසයි. මා ගේ ප්‍රශ්නවලට ඔහුට පිළිතුරු දීමට නොහැකි ය. නිව්ටන් ගේ න්‍යාය අයින්ස්‌ටයින් විසින් බොරු යෑයි ඔප්පු කොට නැති බව ඔහු නො දනී. නිව්ටන් ගේ න්‍යාය අලෝකයේ වේගයට වඩා අඩු වේගයකින් චලනය වන වස්‌තු සඳහා භාවිත කළ හැකි බව ඔහු නො දනී. අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය ඕනෑ ම වේගයකට වලංගු බව ඔහු නො දනී. මේ නිසා ඔහු බහුබූතවාදියෙකු බවට පත් වී ඇත. මේවා පිළිබඳ පර්යේෂණ සිදු කොට ඉතා ම මෑතක දී පළ කොට ඇති ලිපි ලේඛනවල විස්‌තර විද්‍යාව හදාරන සිසුන්ට ඇත්ත දැන ගැනීම පිණිස පහත සඳහන් කරමි. විද්‍යාව හදාරන සිසුන් නිව්ටන් ගේ න්‍යාය අයින්ස්‌ටයින් ගේ න්‍යාය සහ මේවා අතර ඇති සම්බන්ධතාව හොඳින් වටහාගත යුතු ය. මේවා ඔක්‌කෝ ම බොරු නම් ඔවුන් විද්‍යාව හැදැරීමේ ඇති එලය කිම? මේ න්‍යාය පිළිබඳව මා කියන දෙය බොරු නම් විදුසර සඟරාවේ ඉඩකඩ පාවිච්චි කරමින් ඒ බව ඔප්පු කරන මෙන් නලින් මහතාට අභියෝග කරමි. 

විද්‍යාත්මක ක්‍රමවේදයේ පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බැවින් කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක්‌ බව මා පෙන්වා දී ඇත. (විදුසර-19-02-2014). සිංහල විද්‍යාව හෝ බටහිර විද්‍යාව හෝ චීන විද්‍යාව හෝ ලෙස වෙනස්‌ වූ විද්‍යාවන් තිබිය නොහැකි ය. එහෙත් විද්‍යාව යොදාගන්නේ කුමක්‌ සඳහා ද යන්න රටකින් රටකට වෙනස්‌ විය හැකි ය.

නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය සහ අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවාදය එකතු කොට එක්‌ න්‍යායක්‌ තැනීමේ ප්‍රතිඵලය වූයේ අයින්ස්‌ටයින් ගේ සාමාන්‍ය සාපෙක්‌ෂතාවාදය බිහි වීම බව නලින් මහතා නො දන්නේ ඔහු යල් පැනපු ලේඛන මිස ඉන්ටනෙට්‌ බලන්නේ නැති නිසා විය හැකි ය. වර්ෂ 1907 සිට 1915 තෙක්‌ නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය සහ විශේෂ සාපේක්‌ෂතාවාදය එකතු කිරීම පිණිස අයින්ස්‌ටයින් ගත් ම`ග විස්‌තර කරන ලිපි ළේඛන කියවීමෙන් නලින් මහතා පැටලී ඉන්න පඹගාලින් මිදී මේ වැදගත් විද්‍යාත්මක දැනුම පිළිබඳ නිරවුල් අවබෝධයක්‌ ලබාගෙන බොරු වළෙන් ගොඩ ඒමට පුළුවන. ඊට අදාළ ලිපි ලේඛනවල විස්‌තර උදව්වක්‌ වශයෙන් සවිස්‌තර ව පහත සඳහන් කරමි. (1) Renn Jurgen ed (2005) Albert Einstein – Chief Engineer of the Universe: Einstein's Life
and Work in Context. Berlin. Wiley-VCH ISBN 3-5 27-40571-2, (2) Janssen, Michel (2005) Of Pots and Holes: Einstein's Bumpy Road to Relativity Ann.Phys.14,58-85.

නිsව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය සමඟ අයින්ස්‌ටයින් ගේ විශේෂ සාපේක්‌ෂතාවය එකමුතු කිරීම පිණිස අයින්ස්‌ටයින් ඇතුළු ව විද්‍යාඥයෝ කිහිප දෙනෙක්‌ මහන්සි ගත් හ. ඉන් අයින්ස්‌ටයින aගේ වෑයම හොඳ ප්‍රතිඑල දැරී ය. ඔහු නිව්ටන් ගේ න්‍යාය සමඟ විශේෂ සාපේක්‌ෂතාවාදය එකතු කොට සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය නිර්මාණය කළේ ය. මේ ගැන දැනගැනීමට පහත සඳහන් ලිපි ලේඛන කියවන්න. (1)' Kennefick, Daniel (2005) — Astronomers Test General relativity: Light Bending and the Solar Redshift ”. Wiley VCH – ISBN3-527- 40574-7 (2). Harti, Gerhard (2005) The Confirmation of the General Theory of Relativity.– Wiley VCH – ISBN3-527- 40574-7

ප්‍රත්‍යක්‌ෂය යන්නෙන් හැඳින්විය හැකි විශේෂ වූ දැනුම් මාර්ගයක්‌ බුදුරදුන් භාවිත කළ බව සූත්‍ර පිඨකයේ කොහේ වත් සඳහන් වී නැති බව මීට ඉහත ලිපියක මා සඳහන්a කොට ඇත. මා එසේ කීවේ එවැනි විශේෂ වූ දැනුම් ක්‍රමයක්‌ නලින් මහතා භාවිත කරන බවත්, බොරු නො වන්නේ එසේ ලබාගත් දැනුම බවත් ඔහු පවසා තිබූ නිසා ය. දැන් ඔහු පිළිතුරක්‌ වශයෙන් කියන්නේ ප්‍රත්‍යක්‌ෂය යන වචනය බ්‍රහ්aම ඡාල සූත්‍රයේ තිබෙන බව ය. එය මා නො දන්නේ එය ඉන්ටනෙට්‌ එකේ නැති නිසා දැයි ඔහු අසයි. එම සූත්‍රය බුදුරදුන් දේශනා කළේ ශීලය පිළිබඳව පහදා දීමට සහ එකල පැවැති පාරිභෘතික මිථ්‍යා මත බිඳ දැමීම පිණිස ය. ප්‍රත්‍යක්‌ෂ නම් වූ මාර්ගයකින් දැනුම හො නිවන ලබාගැනීම පිළිබඳ ව උන්වහන්සේ එහි හෝ වෙන අවස්‌ථාවක හෝ දේශනා කොට නැත. එසේ ඇතොත් පෙන්නා දෙන මෙන් නලින් මහතාට අභියෝග කරමි. එවැනි මාර්ගයක්‌ ඇතොත් බුදුන් ඒ බව කියා දීමට යොදාගන්නා හොඳ ම අවස්‌ථාව නිවන කුමක්‌ දැයි සාකච්ඡා කළ අවස්‌ථාවල දී ම්ස බ්‍රහ්මජාල සූත්‍රයේ නො වේ. මෙතන දී වැදගත් වන්නේ ප්‍රත්‍යක්‌ෂ යන වචනය කොහේ හෝ භාවිත කිරීම නො ව දැනුම ලබාගැනීමේ විශේෂ වූ ක්‍රමයක්‌ හැඳිනගැනීම පිණිස එම වචනය යොදාගත්තේ දැයි යන්න ය. නලින් මහතාට ඉන්ටනෙට්‌ ගැන වත්, සූත්‍ර පිඨකය ගැන වත්, බුදු දහම ගැන වත් මෙලෝ හසරක දැනුමක්‌ නැත. සූත්‍ර පිඨකය ද, බ්‍රහ්මජාල සූත්‍රයේ භික්‌ඛු බෝධි විසින් කරනු ලැබ ඇති ඉංග්‍රිසි පරිවර්තනය ද මා සතු ව ඇති බව මට කියන්නට වි ඇත්තේ නලින් මහතා ප්‍රදර්ශනය කරන පුහු මානය නිසා ය. මා ඉන්ටර්නෙට්‌ එක බෙහෙවින් පාවිචිච් කරන්නේ විද්‍යාව විසින් එය අපට දායද කරනු ලැබ ඇති නිසාත් ඉන් ඉතා ම මෑතක දී සිදු වූ සොයාගැනීම්, මතවාද, අදහස්‌, විද්‍යාත්මක දියුණුව පිළිබඳ ව දැනගත හැකි නිසාත් ය. පොත්වල ඇත්තේ යල් පැනපු කරුණු විය හැකි ය.

නලින් මහතා විද්‍යාව දෙස බලන්නේ සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණයෙන් බව පවසා ඇත. සිංහල ෙබෘද්ධ දෘෂ්ටි කෝණයෙන් බලන විට විද්‍යාව බොරුවක්‌ සේ පෙනිය යුතු නැති බව පැහැදිලි කිරීම මේ ලිපියේ අරමුණ ය. අපේ රටේ දියුණුව සඳහා වැඩ කළ යුතු බාල පරම්පරාව හොඳින් විද්‍යාව අධ්‍යයනය කළ යුතු ය. අප ගේ අනාගතය ර`දා පවතින්නේ එම අධ්‍යාපනය මත බව සැම ගේ පිළිගැනීම ය. බටහිර විද්‍යාව යෑයි කියන විද්‍යාව ඉගෙනගැනීමෙන් අප බටහිර ගැත්තන් බවට පත් වන්නේ නැත. මක්‌ නිසා ද මුළු ලෝකයේ කවදත් පැවතුණේ එම විද්‍යාව නිසා ය (බලන්න විදුසර - 19.2.14). චීනය පෙර කල ද අද ද භාවිත කරන්නේ එම විද්‍යාව ය. ඔවුන් බටහිරයන් ගේ ගැත්තන් වී ඇත් ද? බටහිර යටත්විජිතවාදී ආක්‍රමණවලින් ශ්‍රී ලංකාව බේරාගන්නට ඉදිරිපත් වී සිටින්නේ චීනය නො වේ ද?

තව ද මගේ තවත් ප්‍රශ්නයක්‌ වන Ñකොටින්ට එරෙහි යුද්ධය ජය ගැනීමට අවශ්‍ය දැනුම - උදා( කොටින් ගේ ආයුධ පිරවූ නැව් පිළිබඳ තොරතුරු - නලින් මහතා ගේ මිතුරන් ගේ දෙවිවරුන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි යන්නට තවමත් පිළිතුරක්‌ දී නැත. මෙතැන දී කිව යුත්තේ විද්‍යාව නොමැති ව අපට යුද්ධය කවදා වත් දිනිය නොහැකි ව තිබුණු බව ය. අප ගේ මුතුන් මිත්තන් පෘතුගීsසි, ලන්දේසි සහා ඉංගී්‍රසීන්ට එරෙහි ව යුද්ධ කොට ජය ගත්තේ ඔවුන් ගේ විද්‍යාව භාවිත කොට ය. එම පැරැණි විද්‍යාව අද පවතින විද්‍යාවට සමාන වන්නේ ඒවායේ පදනම එක ම වූ නිසා ය. එම පැරැණි විද්‍යාව යුද්ධයට අවශ්‍ය සැම දෙයක්‌ ම නිපදවීමට සමත් විය. අපට සතුරන් දුසිම් ගණනින් සිටින අද ද අපට අවශ්‍ය වන්නේ විද්‍යාවෙන් ඈත් වීම නො ව එය තවත් වැඩි දියුණු කොට අනාගතයේ ඇති විය හැකි අර්බුදවලට මුහුණ දිය හැකි තත්වයකට ශ්‍රී ලංකාව පත් කිරීම ය. 

යුද්ධය ජයගෙන ඇත. වීර රණවිරුවන්ට සහය වූයේ විද්‍යාත්මක තාක්‌ෂණය බව අප කවුරුත් දනිමු. එහෙත් දැන් අපට විරුද්ධ ව සතුරන් රාශියක්‌ එකතුව වෙනත් විදියේ සටනක්‌ අරඹා ඇත. මින් ජය ගැනීමට ද අපට සහාය විය හැක්‌කේ විද්‍යාව බව අප අමතක නො කළ යුතු ය. විශේෂයෙන් ම දෙමළ බෙදුම්වාදීන් ගේ නොයෙකුත් මතවාද, අදහස්‌ පරාජය කළ යුතු ය. නලින් මහතා මේ පිළිබඳ ව දක්‌වන උද්යෝගය සහ ක්‍රියාකාරකම් අපි අවතක්‌සේරුවට ලක්‌ නො කරමු. එය වෙන ම කරුණකි. බෙදුම්වාදීන් විසින් විකෘති කරන්නට තැත් කරනු ලබන අප ගේ ඉතිහාසය, පුරාවිද්‍යාත්මක දත්ත, සිංහලයන් ගේ බිහි වීම, දෙමළ මිනිසුන් ගේ පැමිණීම වැනි දේවල් පිළිගත හැකි සාධක, සාක්‌ෂි ඇති ව ස්‌ථාවර තත්ත්වයකට පත් කළ හැක්‌කේ විද්‍යාත්මක තාක්‌ෂණයේ පිහිටෙන් බව අමුතුවෙන් කිව යුතු නො වේ, උදාහරණයක්‌ වශයෙන් සිංහලයන් ගේ DNA සහ දමිලයන් ගේ DNA පරීක්‌ෂාවට ලක්‌ කොට ඒ මගින් ලක්‌දිව ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ ගෝත්‍රිකයන් ගේ DNA (ලබාගත හැකි නම්)වලට සමාන වන්නේ කා ගේ ඒවා දැයි සොයාගත හැකි ය. දැනටත් මෙවැනි පර්යේෂණ සිදු කොට ඇත. ඕස්‌ටේ්‍රලියානු ජාතික වෛද්‍ය ආර්. අයි. කර්ක්‌ (R. I. Kirk 1976) නැමැත්තකු ජාන පරීක්‌ෂණ මාර්ගයෙන් සිංහලයන් ගේ හා බෙන්ගාලි ජාතිකයන් ගේ ජාන සංයුති සමාන බව සොයාගෙන ඇත.

අප ගේ රටට සහාය විය හැකි තවත් විද්‍යාත්මක ක්‍රම බොහොමයක්‌ ඇති බව පැවසිය යුතු ය. (උදා Carbon dating). විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ලෙස අයින් කර දැමීමෙන් අප කරන්නේ අප ගේ බෙල්ලේ වැල ලාගැනීම හා සමාන දෙයකි. සිංහල බෞද්ධයන්ට විද්‍යාව අකැප බව පෙන්වා දීමට නලින් මහතා තැත් කරන බව පෙනෙන්නට ඇත. නීල් ආම්ස්‌ට්‍රොaන්ග්a නැමැත්තාÑමම හඳට ගියෙමි යෑයි පැවසූ විට මම කියා කෙනකු නැත. එම නිසා හඳට ගිය කෙනෙක්‌ නැත හෝ එවැනි අදහසක්‌ ඉදිරිපත් කරන්නට ඔහු වෑයම් කරන්නේ ඒ නිසා ය. ඔහු කියන්නේ බුදු දහමට අනුව හඳට ගිය කෙනෙක්‌ නැත. සිංහල බෞද්ධයන් හඳට ගිය කාරණය දෙස බැලිය යුත්තේ එලෙස ය. ආම්ස්‌ට්‍රොන්ග් නැමැත්තා බොරුවකි. හඳ මායාවකි. නිව්ටන් ගේ න්‍යාය බොරුවකි. සිංහල බෞද්ධයන් විද්‍යාව දෙස, හඳ දෙස, නිව්ටන් දෙස, ආම්ස්‌ට්‍රොaන්ග් දෙස බැලිය යුත්තේ මෙවැනි වූ ආකල්පයක්‌ සිතේ ධාරණය කර ගනිමිනි. මෙයයි නලින් මහතා ගේ අදහස හෝ මතවාදය. මෙවැනි ආකල්පයකින් ලෝකය දෙස බැලීම සිංහල බෞද්ධයින් ගේ මළගම වන්නේ ය. විද්‍යාව අතහැර දැමීම සිංහල ජාතියේ විනාශය වන්නේ ය. මෙවැනි ආකල්පයක්‌ නිවැරැදි දැයි ගැඹුරින් සොයා බැලිය යුතු ය.

සිංහල ජාතිය බිහි වූයේ මෙරට ජීවත් වූ ගෝත්‍රිකයන් සහ භාරතයෙන් මෙහි පැමිණි විජයාගමනය සංකේතවත්a කරන මනුෂ්‍යයන් ගේ මිශ්‍රණයකින් බව විශ්වාස කළ හැකි ය. මිහිඳු හාමුදුරුවන් බුදු දහම ලක්‌දිවට ගෙන ඒමට පෙර ද මෙහි බුදු දහම යම් තරමකට පැවැති බවට සාක්‌ෂි ඇත. බුදුරදුන් තුන්වරක්‌ ලක්‌දිවට වැඩම කිරීම, මිහිඳු හාමුදුරුවන් වැඩි විට විට බුදු දහම මෙහි සිටි ජනතාව හිස මුදුනින් පිළිගැනීම එම ධර්මය ශීඝ්‍රයෙන් මෙරට තුළ ව්‍යාප්ත වීම ඒ සඳහා ඉදිරිපත් වන සාක්‌ෂිවලින් සමහරකි. තවද මහියංගන චෛත්‍යය මිහිඳු හාමුදරුවන් ලක්‌දිවට පැමිණීsමට පෙර ඉදි කර තිබූ බව ද වංශ කථාවල සඳහන් වේ. මිහිඳු හාමුදුරුවන් ගේ පැමිණීමට පෙර මේ රටේ පැවතුණේ බ්‍රහ්මන ධර්මය, ජයිනාගම, ආර්වක ධර්මය බව වංශ කථාවල සඳහන් වේ. එහෙත් ආගමකට අයත් යෑයි සඳහන් නො වන භික්‌ෂූන් පිරිසක්‌ ද සිටිය බව එම කථාවල සඳහන් වේ. මේ භික්‌ෂුන් බුද්ධාගමට අයත් වන්නට ඇති බවට සැක පහළ කළ හැකි ය. බුදු දහමේ බලපෑම රටේ ජනතාව මත මුල සිට ම තිබුණු බව සිතිය හැකි ය. බෞද්ධ ගුණධර්ම, සන්සුන් වූ තෘෂ්ණාව, මෙල්ල වූ ක්‍රෝධය, අඩු මමත්වය, වැනි හොඳ ගතිගුණ මුල සිට ම සිංහලයා ප්‍රගුණ කළා යෑයි සිතිය හැකි ය. නිරවුල් ව සිතීම, ඥාන වර්ධනය සමග විද්‍යාවේ දියුණුව මේ ලෙස සිදුවීම ස්‌වාභාවික වූ ක්‍රියාදාමයක්‌ බව අප වටහාගත යුතු ය. විද්‍යාව බුදු දහමට කිසිසේත් ම අහිතකර විය නොහැකි ය. එලෙස ම බුද්ධ ධර්මය ඇදහීම විද්‍යාවට හිතකර මිස අහිතකර විය නොහැකි ය. මේ ලෙස සිංහල මිනිසා ගේ විද්‍යාව දියුණු විය. මිථ්‍යාව ද නො තිබුණා ම නො වේ. සිංහල මිනිසා ගේ විද්‍යාව ලෝකයේ අන් රටවල තිබූ විද්‍යාව ම විය. එහි පදනම වූයේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි විය. වෙන ක්‍රමයක්‌ තිබිය නොහැකි ය. එසේ ඇතොත් එය මිථ්‍යාව වන්නේ ය. ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි නොමැති තැන මිථ්‍යාව ඉස්‌මතු විය. මේ ලෙස ජල කළමනාකරණය, වැව් බැඳීම, ජල ප්‍රවාහනය, කෘෂිකර්මය, වෛද්‍ය විද්‍යාව වැනි විද්‍යාවන් ශ්‍රී ලංකාවේ දියුණු විය.

(මතු සම්බන්ධයි)

මහාචාර්ය 
එන්. ඒ. ද එස්‌. අමරතුංග DSc

Nissanka Rajapaksa

unread,
Mar 2, 2014, 12:08:14 AM3/2/14
to ind...@googlegroups.com
මහාචාර්යතුමා ගේ මනසක්‌ නැති ආනුභවික ක්‍රියාකාරකම්
ඩී. එස්‌. සී. උපධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා මා "වචන හා වචන" මැයෙන් පළ කළ ලිපිය තම පෙබරවාරි 19 වැනි දින ලිපියෙන් මුළුමනින් ම බැහැර කරන්නේ එහි කිසිවක්‌ පවසා නැති බව සඳහන් කරමිනි. මගේ ලිපියෙහි මා ප්‍රකාශ කළේ අමරතුංග මහතා වචනවල තේරුම නො දැන බොරු මහාචාර්යවරුන් හා නිවේදකයන් මෙන් වචනවලින් දමා ගසන බවත් ඔහුට තමා කියන්නේ කුමක්‌ ද යන්න පිළිබඳ ව අවබෝධයක්‌ නැති බවත් ය. මගේ ලිපියෙහි කිසිවක්‌ නැති බව ඒ මහතා කියන්නේ නම් එයින් ද ප්‍රකාශ වන්නේ ඔහුට ඇතැම් ලිපියක්‌ කියවා අවබෝධ කරගැනීමට තරම් වත් ශක්‌තියක්‌ නොමැති බව ය. 

ඉන්පසු ඒ මහතා විද්‍යාව යනුවෙන් ඇත්තේ එකක්‌ ම පමණක්‌ බවත් යුරෝපීය විද්‍යාඥයන් 15, 16, 17 වැනි සියවස්‌වල අතීතයේ පැවැති විද්‍යාව පරිහානියට පත් වී නව විද්‍යාවක්‌ ඇති වූ බව ලෝකයට පෙන්වීමට තැත් කරන බවත් ඒ නව විද්‍යාව "පැරැණි විද්‍යාවට වඩා වෙනස්‌ බව ද ක්‍රමවේදය තුළට රීතියකට යටත් වූ පර්යේෂණ ක්‍රම සහ ගණිතමය ක්‍රම ඇතුළු වී ඇති" බවත් ඔවුන් පෙන්වා දෙන බවත් සඳහන් කරයි. "එහෙත් මේ තර්කය තමන් ලෝකයේ අන් ජාතීන්ට වඩා උසස්‌ බව පෙන්වීමට කවදත් තැත් කරන ඔවුන් ගේ (යුරෝපයයන් ගේ) උපක්‍රමයක්‌ පමණක්‌ බව අප වටහාගත යුතු ය" යනුවෙන් ද අමරතුංග මහතා පවසයි. මෙහි තර්කය යනුවෙන් කියෑවෙන්නේ තර්කයකට නො වුවත් අමරතුංග මහතා කීමට තැත් කරන්නේ කුමක්‌ දැයි අපට අවබෝධ කරගත හැකි ය. 

අමරතුංග මහතාට අනුව "එක ම ඉන්ද්‍රිය පද්ධතියකට කළ හැක්‌කේ එක ම ආනුභූතික ක්‍රියාකාරකම් ය. එක ම ස්‌වභාවධර්මයක්‌ පිළිබඳ ව ගවේෂණයක යෙදෙන්නේ එක ම ස්‌නායු පද්ධතියක්‌ විසින් නම් ක්‍රමවේදය ද එකක්‌ ම විය යුතු ය..... විද්‍යාත්මක සාක්‍ෂි සංස්‌කෘතියේ බලපෑමට යටත් නො විය යුතු ය. නිරීක්‍ෂකයා ගේ සංස්‌කෘතික පසුබිම ඊට බලපාන බව තෝමස්‌ කූන් නම් දාර්ශනිකයා ප්‍රකාශ කරයි". මෙයට පසුව දීර්ඝ පිළිතුරක්‌ දීමට බලාපොරොත්තු වෙමි. එහෙත් දැනට කරුණු දෙකක්‌ පමණක්‌ සඳහන් කරමි. ආනුභවික ක්‍රියාකාරකම් මනසෙන් ස්‌වායත්ත නො වේ. මනසක්‌ නොමැති ව කෙරෙන ආනුභවික ක්‍රියාව කුමක්‌ ද? අමරතුංග මහතා ගේ ප්‍රශ්නවලට මුල ඔහු මනසේ ක්‍රියාකාරීත්වය නො තැකීම ය. සම්මුති නො වන අර්ථයකින් මනසක්‌ පමණක්‌ නො ව ඉන්ද්‍රිය පද්ධතියක්‌ ද නැතත් සම්මුති වශයෙන් අපට ඒ කිසිවක්‌ නො සලකා සිටිය නො හැකි ය. සංස්‌කෘතිය බලපාන්නේ ඉන්ද්‍රිය පද්ධතියට (පංචෙන්ද්‍රියයන්ට) නො ව මනසට ය. දැනුම නිර්මාණය කෙරෙන්නේ මනසෙනි. 

දෙවනුව කූන් නිරීක්‍ෂකයා ගේ සංස්‌කෘතික පසුබිම ඊට බලපාන්නේ යෑයි ප්‍රකාශ කරන්නේ යෑයි අමරතුංග මහතා සඳහන් කරයි. මෙහි ඊට යනුවෙන් කියෑවෙන්නේ කුමකට දැයි පැහැදිලි නැත. ඒ ඊනියා විද්‍යාත්මක සාක්‍ෂිවලට යෑයි උපකල්පනය කරමු. එහෙත් මා දන්නා තරමින් කූන් එවැන්නක්‌ කියා නැත. බටහිර විද්‍යාව හා සංස්‌කෘතිය අතර කිසියම් වූ ආකාරයක වුව සම්බන්ධයක්‌ ඇතැයි කූන් ප්‍රකාශ කර ඇත්තේ කොතැනක දැයි සම්මානිත මහාචාර්යවරයා පුහුදුන් අපේ දැනුම වර්ධනය කිරීම සඳහා වත් ප්‍රකාශ කරන්නේ ද?

බටහිරයන් තම දැනුම උසස්‌ බව පෙන්වීමේ අරමුණෙන් බටහිර විද්‍යාවේ ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ඇති බව මා කියන්නේ අද ඊයේ නො වන බව මගේ ලිපි හා පොතපත කියවා ඇති අය දනිති. ඊනියා පර්යේෂණ බුදුන්වහන්සේ ගේ කාලයේත් බමුණන් කර ඇති බව මා පවසා ඇත්තේ වරක්‌ දෙවරක්‌ නො වේ. එහෙත් එයින් කියෑවෙන්නේ බටහිර විද්‍යාව හා අනෙක්‌ දැනුම් අතර වෙනසක්‌ නැති බව නො වේ. බටහිර විද්‍යාව අනෙක්‌ දැනුම්වලින් වෙනස්‌ වන්නේ එහි පදනම් චින්තනය හේතුවෙනි. 

ඕනෑ ම දැනුමක්‌ යම් චින්තනයක්‌ මත පදනම් ව යම් සංස්‌කෘතියකට සාපේක්‍ෂව නිර්මාණය කෙරෙයි. එසේ නිර්මාණය කෙරෙන්නේ අවිද්‍යාව හේතු කොටගෙන ය. මා එලෙස සඳහන් කරන්නේ නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි සාරාංශය ය. මා විසින් දැනුමට එකතු කෙරී ඇති මූලික දැනුම එසේ කැටි කර දැක්‌විය හැකි ය. එය කූන් හෝ ෆෙයරාබන්ඩ් හෝ විසින් එකතු කෙරුණු දැනුමක්‌ නො වේ. බටහිර විද්‍යාව පහළොස්‌වැනි සියවසේ බිහි වී ඉන් පසු වර්ධනය වූ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය මත පදනම් වෙයි. බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ මේ චින්තනය මත පදනම් ව නිර්මාණය කෙරෙන වියුක්‌ත (abstract) ප්‍රවාද මනසෙන් මවාගැනීමට වත් නොහැකි එහෙත් මනසෙන් නිර්මාණය කෙරෙන, බුදුන් වහන්සේට අනුව නම් හුදු පඥ්ඤත්ති (පැනවීම්) වීම නිසා ය. 

දැනුම් පද්ධතීන් අතර ඇති සමානකම් ලෙස අමරතුංග මහතා දකින්නේ බටහිරයන් පෙරදිග දැනුම් තම නව චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියට අවශෝෂණය කිරීමෙන් ලබාගත් ප්‍රතිඵල ය. අමරතුංග මහතා සඳහන් කර ඇති පරිදි නො ව බටහිර ගණිතය හෝ බටහිර භෞතික විද්‍යාව හෝ මගේ ඒකාධිකාරයක්‌ නො වේ. එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල තුනක බටහිර ගණිතය, විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද සහ ක්‌වොන්ටම් භෞතිකය ඇතුළු බටහිර ප්‍රවාදාත්මක (සෛද්ධාන්තික theoretical) භෞතික විද්‍යාව උගන්වා ඇති මා ඒ විෂයයන් පිළිබඳ යමක්‌ දන්නේ යෑයි අදාළ බලධාරීන් තීරණය කර ඇත. (විශ්වවිද්‍යාල දෙකකින් ම මා කොන් වී ගියේ අනධ්‍යයන හේතු නිසා බව මට මහාචාර්යකම රැකගැනීමට නොහැකි වී යෑයි ප්‍රකාශ කරන අමරතුංග මහතා පිළිගන්නේ දැයි මම නො දනිමි). මා අමරතුංග මහතා ගෙන් මෙතෙක්‌ ඉල්ලා ඇත්තේ එක ම එක දෙයකි. මගේ දැනුම දියුණු කරගනු සඳහා තන්තුවාදය, කළු කුහර (බ්ලැක්‌ හෝල්), සාපේක්‍ෂතාවාදය ආදිය පිළිබඳ දේශනයක්‌ හෝ දේශන මාලාවක්‌ හෝ පවත්වන ලෙස ය. 

අද මම ඒ දේශන සඳහා තවත් කරුණු කිහිපයක්‌ එකතු කිරීමට කැමැත්තෙමි. එකක්‌ ගණිතය හා සම්බන්ධ ය. තවත් එකක්‌ වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධ ය. වෛදික ගණිතය හා බටහිර ගණිතය අතර ඇති සමානකම් කවරේ දැයි අමරතුංග මහතා ගෙන් දැන ගැනීමට මම කැමැත්තෙමි. තවදුරටත් වෛදික ගණිතය බොහෝ විට සූත්‍රවලින් දැනුම ප්‍රකාශ කරන්නේත්, එය බොහෝ විට වියුක්‌ත නො ව සංයුක්‌ත (Concrete) වන්නේත්, බටහිර ගණිතය වියුක්‌ත වන්නේත් ඇයි දැයි දැනගැනීමට ද මම කැමැත්තෙමි. 

වෛද්‍ය විද්‍යාව හා සම්බන්ධයෙන් මට අවශ්‍ය වන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය හා පාරම්පරික සිංහල වෙදකම අතර ඇති සමානත්වය දැනගැනීමට ය. ඒ වෛද්‍ය ක්‍රම තුන ම එකක්‌ යෑයි අමරතුංග මහතා පවසන්නේ ද? එසේත් නැත හොත් ආයුර්වේදය හා සිංහල පාරම්පරික වෙදකම යන දෙකෙන් එකක්‌ හෝ දෙක ම හෝ මිථ්‍යාවන් යෑයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ ද? ශ්‍රී ලංකා (බටහිර) වෛද්‍ය පාලක සභාව දැනට දශක දෙකකට පමණ ඉහත දී කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය සම්බන්ධයෙන් ඇති වු ගැටලුවක දී කොළඹ විශ්වවිද්‍යාලයයේ (බටහිර) වෛද්‍ය පීඨයේ බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ සහතික ලත් මහාචාර්යවරුන්ට හා කථිකාචාර්යවරුන්ට දේශීය වෛද්‍ය ආයතනයේ ඉගැන්වීම් තහනම් කළේ ය. 

එකල අමරතුංග මහතා විශ්වවිද්‍යාල පද්ධතියේ සේවය කළේ දැයි නො දනිමි. එහෙත් කොළඹ විශ්වවිද්‍යාලයයේ සනාතන සභාවේ දී ද, විශ්වවිද්‍යාලයීය ආචාර්ය සම්ති සම්මේලනයේ දී ද වෛද්‍ය පාලක සභාව විශ්වවිද්‍යාල ස්‌වාධීනත්වයට එරෙහි ව ගන්නා ලද යථොක්‌ත තීරණයට එරෙහි ව සටන් කිරීමට අප කිහිප දෙනකුට සිදු විය. බටහිර වෛද්‍ය විද්‍යාව විසින් ආයුර්වේදය එයට සමාන හෝ පිළිගත හැකි හෝ වෛද්‍ය ක්‍රමයක්‌ ලෙස නො පිළිගැනෙයි. බටහිරයන් ගේ උද්ධච්චකම ඇත්තේ බටහිරයන්ට පමණක්‌ නො වේ. 

එහෙත් අවාසනාවකට මේ උද්ධච්චකම අද ඇතැම් ආයුර්වේද වෛද්‍යවරුන් අතර ද දැකිය හැකි ය. ඔවුහු සිංහල පාරම්පරික වෛද්‍යවරුන්ට කුඩම්මා ගේ සැලකිල්ල දක්‌වති. බටහිර වෛද්‍ය විද්‍යාවේ ආධිපත්‍යය කෙතරම් ද යත් අද නිදහස්‌ සෞඛ්‍ය සේවය බටහිර වෛද්‍ය ප්‍රතිකාරකම්වලට පමණක්‌ සීමා වී ඇත. එය අපේ සාකච්ඡාවට අදාළ නැතැයි අමරතුංග මහතා කීමට ඉඩ ඇත. එහෙත් ආණ්‌ඩුව ආයුර්වේද වෛද්‍ය සායන වත් පාරම්පරික සිංහල වෙදගෙවල්වල වත් ජනතාව සඳහා නොමිලේ පවත්වාගෙන යැමට ආධාර නො කරන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවට මෙන් පිළිගැනීමක්‌ අනෙක්‌ වෛද්‍ය ක්‍රමවලට නොමැති බැවිනි. ආයුර්වේදයට හා සිංහල පාරම්පරික වෙදකමට පිළිගැනීමක්‌ නැත්තේ එහි ඊනියා විද්‍යාත්මක විධික්‍රමය නැති බවට මතයක්‌ ඇති කර ඇති බැවින් ද?

අවසාන වශයෙන් පසුව දීර්ඝ ව පිළිතුරු දෙන තෙක්‌ අමරතුංග මහතා බටහිර සංගීතය, රාගධාරී සංගීතය, කර්ණාටක සංගීතය, සිංහල සංගීතය, චීන සංගීතය අතර වෙනසක්‌ දකින්නේ දැයි පවසන්නේ නම් මැනවි. එහෙත් එය බටහිර විද්‍යාවෙන් ඈත තිබෙන්නේ යෑයි කිව හැකි බැවින් එය අමරතුංග මහතාට බරක්‌ කිරීමට මම උත්සාහ නො ගනිමි. කෙසේ වෙතත් ඉහත සඳහන් සියලු උදාහරණවලින් මා පෙන්වා දීමට තැත් කරන්නේ මනස විසින් නිර්මාණය කෙරෙන දැනුම් පද්ධතීන් එකිනෙකින් වෙනස්‌ බව ය. 

අපි දැන් නැවතත් පසුගිය සතියේ සාකච්ඡා කළ ප්‍රශ්න දෙකකට ආපසු යමු. අවාසනාවකට දෙවැනි ප්‍රශ්නයට පිළිතුරු දීම තවත් පමා කිරීමට සිදු වෙයි. අපි ගෙදර යැම, හඳට යැම හා පරලොව යැම සමග මතු වන ආත්මවාදී ප්‍රශ්නය සාකච්ඡා කරමින් සිටියෙමු. මා යනුවෙන් පුද්ගලයකු නැති වුවත්, එය මනසේ මායවක්‌ වුවත්, එය බුදුන් වහන්සේට ද අනුව පඤ්ඤත්තියක්‌ (පැනවීමක්‌) මුසාවක්‌ (එනම් බොරුවක්‌) වුවත් අපි ඒ සංකල්පය විවිධ අවස්‌ථාවල දී සාර්ථක ව යොදා ගන්නෙමු.

නිවුටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ද එසේ ම ය. එය සිතෙන් මවා ගැනීමට වත් නොහැකි පට්‌ටපල් බොරුවක්‌ පමණි. එය ද අපේ (නිවුටන් ගේ) පැනවීමක්‌ (පඤ්ඤත්තියක්‌) පමණකි. පොළොවට වස්‌තු වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරක්‌ අවශ්‍ය විය. ඒ පිළිතුර දුන්නේ නිවුටන් ය. අමරතුංග මහතා තම ලිපියෙන් කියා තිබුණේ වස්‌තු වැටෙන්නේ පොළොවට ඇති ආකර්ෂණය නිසා බව ය. මේ සම්බන්ධයෙන් විවිධ අවස්‌ථාවල අමරතුංග මහතා දක්‌වා ඇති පරස්‌පර අදහස්‌ ඉඩක්‌ ලද විගස උපුටා දක්‌වමි. ඒ මහතා වරක්‌ ගුරුත්වාකර්ෂණය ඇතැයි කීවා පමණක්‌ නො ව ඒ ඇති බව තට්‌ටු දෙළහක ගොඩනැ`ගිල්ලකින් පැන දැනගත හැකි බවත් කීවේ ය. එහෙත් පසුව ඔහු ගුරුත්වාකර්ෂණය දැනෙන දෙයක්‌ නො වේ යෑයි කීවේ ය. 

පොළොවට වස්‌තු වැටෙන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දිය හැකි ය. නිවුටන් හා අයින්ස්‌ටයින් සංකල්පීය වශයෙන් කිසි ම සමානකමක්‌ නැති පිළිතුරු දෙකක්‌ දී ඇත. ඒ පිළිතුරු පැනවීම් (පඤ්ඤත්ති) පමණ ය. ඒවා පට්‌ටපල් බොරු ය. ඒ එක්‌ බොරුවක්‌ වත් සිතෙන් මවාගත හැකි නො වේ. නිවුටන් ගේ දුරෙහි සිදු වන ක්‍රියාව (action at a distance) සිතෙන් මවාගැනීමට අමරතුංග මහතාට හැකි ද? එසේත් නැත හොත් අයින්ස්‌ටයින් ගේ ස්‌ථානීය (local) අවකාශ කාල වක්‍රතාව (Curvature) හා රිමාන් ආතානකය (Riemann Tensor) සිතෙන් මවාගැනීමට ඒ මහතාට හැකි ද? ඒ සංකල්ප පට්‌ටපල් බොරු වුවත් අපට ඒ ආධාරයෙන් හඳට රොකට්‌ටු යෑවීමට, බුධ ග්‍රහයාගේ චලිතය විස්‌තර කිරීමට හැකි ය. මා නම් බොරුව යොදාගෙන මට ගෙදර (ගෙදර කියන බොරුවට) යා හැකි නම් නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය නමැති පට්‌ටපල් බොරුව යොදාගෙන හඳට රොකට්‌ටු යෑවීම අරුමයක්‌ නො වේ. අමරතුංග මහතා මාර්ටින් වික්‍රමසිංහ මහතා ගේ ලීලා සංඥපනය ගැන සඳහන් කරයි. සංඥපනයට අනුව විද්‍යාවන් තිබිය යුත්තේ එකකි. වික්‍රමසිංහ ගේ ලීලාව ගැන අපි පසුව කතා කරමු.

නලින් ද සිල්වා

Nissanka Rajapaksa

unread,
Mar 8, 2014, 1:10:10 AM3/8/14
to ind...@googlegroups.com


(දෙවැනි කොටස)

ඉහත මාතෘකාව යටතේ මා ලියූ ලිපියේ පළමුවැනි කොටස මීට පෙර විදුසර ස`ගරාවේ පළ විය. 

(26-02-2014). එහි මා පෙන්වා දුන්නේ ලක්‌දිව සිංහල ජාතිය බිහි වූ කාලයේ සිට බුදුරදුන් ගේ මුල් බුදුදහමට සමාන වූ දහමක බලපෑම යම් තරමකට රටේ පැවතුණ බව ය. ඊට අදාළ සාක්‌ෂි මා ඒ ලිපියේ ඉදිරිපත් කොට ඇත. මිහිඳු හිමියන් ලක්‌දිවට පැමිණ පළමුවෙන් ම කළේ දේවානම්පියතිස්‌ස රජු ගේ ඥානය සහ නිරවුල්ව සිතීමේ හැකියාව පරීක්‌ෂා කර බැලීම ය. බුදුරදුන් මෙන් මිහිඳු හිමියන් ද ඥානයට ප්‍රමුඛත්වය දුන් බව මින් පැහැදිලි වේ. උන්වහන්සේ රජු ගේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පිළිබඳ 'දැනුම් හෝ දේව විශ්වාසය පිළිබඳව හෝ පරීක්‌ෂා කළේ නැත. ඥානය සහ නිරවුල්ව සිතීමේ හැකියාව පමණි වැදගත් වූයේ. මෙයයි සිංහල බෞද්ධයා ගේ දෘෂ්ටියේ පදනම වූයේ.

අපට මෙතැන දී වැදගත් වන්නේ මුල් බුදුදහමේ ස්‌වභාවය ය. බුදුරදුන් ගේ දහමේ මිථ්‍යාවට තැනක්‌ තිබුණේ නැත. වෛදික සංකල්ප වන නිත්‍ය, සුඛ, ආත්ම යන ත්‍රිත්වය ඉන්ද්‍රිය ගෝචර නො වන පාරභෞතික වූ සංකල්ප බව හැඳිනගෙන ඊට විරුද්ධ වූ ද ආනුභුතික වූ ද අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම, ත්‍රිත්වය උන්වහන්සේ ඉදිරිපත් කළ සේක. මැවුම්කාර දේව සංකල්පය බුදුන් පිළිගත්තේ නැත. පාරභෞතික වූ දේ පිළිබඳව දේශනා කිරීමට මැළි වූයේ උන්වහන්සේ දැනුම ලබාගත්තේ ආනුභූතික වූq ක්‍රියාමාර්ග භාවිතයෙන් වූ නිසා ය. මේ නිසා ම උන්වහන්සේ තමා සියලු දේ දන්නේ යෑයි නො පිළිගත් හ. (තෙවිඡ්ඡ-වච්චගොත්ත සුත්ත). තව ද කාලාම සූත්‍රයේ ද ලිච්ඡවි රජ දරුවන්ට කළ දේශනාවල ද උන්වහන්සේ පැවසුවේ තමන් පැහැදිලි ලෙස වටහා නො ගෙන කවුරුන් හෝ කී පලියට කිසිවක්‌ නො පිළිගන්නා ලෙස ය. මෙය මා වටහා නො ගෙන ඇති බවක්‌ නලින් මහතා කියයි. එහෙත් මා වටහා නො ගෙන ඇත්තේ ඒ සූත්‍රයේ කොතැන දැයි ඔහු නො කියයි.

භාරතයේ පැවැති මුල් බුදුදහම තුළට මිථ්‍යාව ඇතුළු වූයේ හිංදු ආගමේ බලපැම නිසා ය. මහායානය බිහි වූයේ මේ අන්දමිනි. ඊට තවත් හේතු නො තිබුණා නො වේ. මහායානයේ සමහර ප්‍රධාන සංකල්ප හිංදු ආගමෙන් උකහාගත් ඒවා බව පැහැදිලි ය. උදාහරණයක්‌ වශයෙන් මහායානයේ ත්‍රිකාය සංකල්පය ඉදිරිපත් කළ හැකි ය. ඊට අනුව බුදුරදුන්ට කාය තුනක්‌ ඇත. ඒවා නම් නිර්මාණකාය, සම්භොගකාය සහ ධර්මකාය වේ. ධර්මකාය හිංදු ආගමේ බ්‍රහ්ම පදාර්ථයට සමාන ය. සම්භොගකාය ඊශ්වරට සමාන ය. එසේ ම නිර්මාණකාය මූර්තිවලට සමාන ය. හිංදු ආගමේ විෂ්ණු නා නා අවතාරයන් මවාගෙන මිනිසුන් ගේ යහපත සඳහා ක්‍රියා කරයි. මහායානයට අනුව බුදුන් ගේ නිර්මාණකාය ද නා නා අවතාර මවාගනී. අප ගේ නිර්මල බුදුන් විෂ්ණු ගේ අවතාරයක්‌ බවට පත් වූයේ මේ ලෙස ය. හිංදු කෝවිල් තුළ බුදුන් ගේ පිළිරූ හෝ ඡායාරූප හෝ තබා ඇත්තේ මේ අදහස පෙරදැරි කරගෙන ය. 

තව ද මහායානයේ ප්‍රධාන සංකල්පයක්‌ වන බෝධිසත්ව සංකල්පය ද හිංදු ආගමෙන් ලබාගත් එකක්‌ බව පැවසිය හැකි ය. බෝධිසත්වයන්ට හිංදු දෙවිවරුන්ට මෙන් මුද්‍රdවක්‌, වාහනයක්‌, සංඛතයක්‌ සහ භාර්යාවක්‌ හිමි වන්නේ ය. බෝධිසත්ව සංකල්පය ලක්‌දිවට පැමිණි පසු සමහර බෝධිසත්වයෝ දේවත්වයට පත් වූ හ. උදාහරණයක්‌ ලෙස අවලෝකේතීෂ්වර නමැති බෝධිසත්වයන් නාථ දෙවියන් බවට පත් විය. නලින් මහතා තමා ගේ මිතු=රියක ගේ මාර්ගයෙන් වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව කාටත් පෙර සොයාගත්තේ මේ නාථ දෙවියන් ගෙනි. තව ද සමන්තභද්‍ර සමන් දෙවියන් විය. මේ දෙවිවරුන් පිළිබඳ නොයෙකුත් කතන්දර නලින් මහතා කිසි ම සාක්‌ෂියක්‌ නැති ව ඉදිරිපත් කරමින් පත්තර පිටු ගණන් පුරවයි. මිනිසුන් නොම`ග යැම ඔහුට ප්‍රශ්නයක්‌ නො වන්නේ ය. කලකට පෙර ලක්‌දිව විසූ සෝම හාමුදුරුවන් සටන් කළේ දෙවිවරුන් අප ගේ බුදුදහමට ඇතුළු වීමට විරුද්ධ ව ය. විශාල ජනකායක්‌ උන්වහන්සේ වටා රොක්‌ වූ බව අපි දනිමු. ඉන් පෙනී යන්නේ මුල් බුදුදහම අප ගේ මිනිසුන් ගේ හිත් පතුලේ තිබෙන බව ය. කළ යුත්තේ එය වර්ධනය කිරීම ය. එහෙත් නලින් මහතා කරන්නේ ඊට හාත්පසින් විරුද්ධ දෙය ය. හිංදු ආගමෙන් මහායානයට ඇතුළු වූ මේ මනස්‌ගාත කිසිවක්‌ මුල් බුදු දහම තුළ නැත.

අපේ සිංහල බුද්ධාගම විය යුත්තේ හිංදු ආගමේ ආභාෂය ලැබ මිථ්‍යාවට ඉඩ සැලසූ බුදුදහමක්‌ නො ව මිථ්‍යාවට එරෙහි ව සටන් කළ බුදුරදුන් ගේ නිර්මල බුදුදහම විය යුතු ය. ලක්‌දිව තිබූ මිහිඳු හිමියන් ගෙන ආ මුල් බුදු දහමට බෙහෙවින් සමාන වූ ධර්මය තුළට බලවත් ලෙස මිථ්‍යාව ඇතුළු වූයේ මහායානය සහ හිංදු ආගම්වල බලපෑම හේතු කොටගෙන ය. මහායානය ලක්‌දිවට සංක්‍රමණය වූයේ ගෝඨාභය රජු දවස මහසේන කුමරුන් හට ශාස්‌ත්‍ර ඉගැන්වීම පිණිස පැමිණ සිටි සංඝමිත්‍ර නමැති භික්‌ෂුව ගේ මාර්ගයෙනි. එය සිදු වූයේ මහසේන කුමරුන් රජ වූ පසුව ය. ඊටත් පෙර වට්‌ටගාමිණී අභය රජු ගේ කාලයේ සිදු වූ සංඝ භේදය සහ අභයගිරි විහාරය කරවීSම මහායානය මේ රටට ගෙන ඒමට උපකාරී විය. මහායාන න්‍යායාචාරීන් ලක්‌දිව මහායාන ධර්මය ප්‍රචලිත කිරීම පිණිස විශේෂ වූ සූත්‍රයක්‌ නිර්මාණය කර තිබිණි. එහි නම වනාහී ලංකාවතර සූත්‍රය (තේරුම - ලංකාවට ඇතුළු වීම) විය. දෙවිවරුන් ගේ පිළිරූ අප ගේ නිර්මල බෞද්ධ පන්සලට ඇතුළු වූයේ මෙලෙසිනි. මේ දෙවිවරු මිථ්‍යාවට අධිපති වන්නෝ ය. මිථ්‍යාවට ඉමහත් සේ විරුද්ධ වූයේ බුදුරදුන් සහ විද්‍යාව විය. එම නිසා සිංහල බෞද්ධයාට විද්‍යාව කිසිසේත් ම අකැප නැත. සිංහල බෞද්ධයකුට විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි පැවසිය නොහැකි ය. එසේ පැවසිය හැක්‌කේ බුදුදහම විකෘති කරන හිංදු ආගමික සහ මහායානික සංකල්ප අදහස්‌ අදහන අයට පමණි.

පෙර කී පරිදි සිංහල බෞද්ධ ධර්මය තුළ හින්දු සහ මහායාන බලපෑම නිසා මිථ්‍යාව තිබිය හැකි ය. එම මිථ්‍යාවේ නියම ස්‌වභාවය වටහාගෙන විද්‍යාව දෙස බලන්නකුට එහි තුළ ඇති සත්‍යය කුමක්‌ දැයි වටහාගත හැකි ය. එසේ නොමැති ව එම මිථ්‍යාව ගෙඩිය පිටින් ම පිළිගෙන තම දර්ශනය ඉන් අන්ධ වීමට ඉඩ හැර විද්‍යාව දෙස බැලූ කල පෙනෙන්නේ බහුභූත ය.

මුල් බුදුදහම අනුව බුදුරදුන් කිසි විටෙක ලෝකය හෝ එහි තුළ ඇති දේ නො පවතින බවක්‌ පවසා නැත. මනස නැති බව පවසා නැත. ලෝකය පවතින්නේ මනසේ යෑයි කියන්නේ මහායානයේ විඥානවාදීන් ය. මනස නැති බව කියන්නේ මහායානයේ අනෙක්‌ ගුරුකුලය වන මාධ්‍යමිකවාදීන් ය. දෙක ම කියන්නේ නලින් මහතා ය. ඉතින් ඔහු නීල් ආම්ස්‌ට්‍රොaන්ග් හඳට පා තැබුවේ යෑයි කෙසේ පිළිගන්න ද? ඔහු එය පිළිගත හොත් ඔහු ගේ මුළු දර්ශනය ම කඩා වැටෙනු ඇත. ඔහු ගේ "නැති මනස නැති මනස බව නැති මනසින් වටහාගැනීම" යන නිවන පිළිබඳ නිර්වචනය බිඳ වැටේ. මේවා ඔහු ගේ මමත්වයට ඔරොත්තු නො දෙන, දිරවාගත නොහැකි බිඳවැටීම් වන්නේ ය. සිංහල බෞද්ධයකුට මෙවැනි සද්දන්ත මමත්වයක්‌ තිබිය නොහැකි ය.

සිංහල බෞද්ධ ධර්මය තුළට මිථ්‍යාව ඇතුළු කළේ මහායානය සහ හින්දු ආගම ය. සිංහල බුද්ධාගම යනුවෙන් නලින් මහාතා හඳුන්වන දහම මුල් බුදුදහමට වෙනස්‌ නම් ඒ වෙනස්‌කම තුළ ඇත්තේ මිථ්‍යාව පමණි. සිංහල බුද්ධාගම තුළ තිබෙන්නේ බටහිර සංස්‌කෘතියට එරෙහි වූ දර්ශනයක්‌ නම් එම දර්ශනය මුල් බුදුදහම තුළින් බිහි වූවක්‌ මිස වෙන කොහෙන් වත් ආ එකක්‌ නො වන බව ද කිව හැකි ය. මක්‌ නිසා ද බටහිර සංස්‌කෘතියේ චින්තනය, එහි ආකල්ප, ජීවිත දර්ශනය, ලෝක දැක්‌ම මුල් බුදු දහමත් සමඟ එකඟ නො වන නිසා ය. කොටින් ම බටහිර සංස්‌කෘතියේ තිබෙන තෘෂ්ණාව වර්ධනය කරන ජීවන රටාව සිංහල බුදුදහමට ගැලපෙන්නේ නැත. සිංහල බෞද්ධයකු ගේ දර්ශනයේ අඩිතාලම විය යුත්තේ තෘෂ්ණාව සමනය කිරීම ය. සිංහල බෞද්ධයකු තුළ නො තිබිය යුතු ගුණාංගවලින් ප්‍රමුඛත්වයක්‌ ගත යුත්තේ මමත්වයයි. එය ආත්මවාදය හා බැඳෙන නිසා ය. ආත්මය ඇති තැන තෘෂ්ණාව ලියලයි. ''මෙය මුලින් ම කිව්වේ මම ය. යුද්ධය දිනිය හැකි යෑයි මුලින් ම කීවේ මම ය. ඒ බව අප ගේ යුද හමුදාව ද දැන සිටියේ නැත. වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව මුලින් ම කීවේ මම ය.'' මෙවැනි පැවසීම් මුල් බුදු දහමට ගැලපෙන්නේ නැත. එම නිසා එවැනි දුර්වලකම් සිංහල බෞද්ධයකු තුළ තිබිය නොහැකි ය.

චීනය, රුසියාව වැනි රටවල් දියුණු වී බටහිරට විරුද්ධව අභියෝග කරන්නට හැකි තත්ත්වයකට පැමිණියේ ඔවුනට ආවේනික වූ විද්‍යාවක්‌ භාවිත කරමින් නො වේ. ඒ රටවල් භාවිත කළේ ද බටහිර භාවිත කරන කාටත් පොදු විද්‍යාව ය. වෙනත් විද්‍යාවක්‌ ඇත්නම් එය කුමක්‌ දැයි පෙන්වා දෙන මෙන් නලින් මහතාට මම අභියෝග කරන්නෙමි. අප සිංහල බෞද්ධයන් වශයෙන් වෙනත් විද්‍යාවක්‌ සොයා යැම මෝඩකමකි. වෙනත් විද්‍යාවක්‌ නැති නිසා පමණක්‌ නො ව එය අප ගේ විද්‍යාව ද වන නිසා ය. එසේ ම සිංහල බෞද්ධයා ගේ විනාශය ද එය වන්නේ ය. මක්‌නිසා ද වෙනත් විද්‍යාවක්‌ සොයා යැම මිථ්‍යාව සොයා යැම වන හෙයිනි. වකුගඩු රෝගය පිළිබඳව දෙවියන්ට කන්නලව් කිරීම වැනි ය.

කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රිsය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම වන්නේ ඉන්ද්‍රිsය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට යම්කිසි ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝග කාරකය සොයා ගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. දෙවියන් ගෙන් දැනුම ලබාගෙන රෝගවලට ප්‍රතිකාර කරන්නට ගොස්‌ අමාරුවේ වැටුණ අය අනන්ත අප්‍රමාණ ය. එලෙස අසරණ වූ අය කැලණිය විහ්වවිද්‍යාලයයේ ද සිටින බව අවශ්‍ය නම් පෙන්වා දිය හැකි ය. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පදධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයාගැනීමට වෙහෙසෙන නිසා ය. 

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත පිත සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිතව පහර දෙන රසායනික ද්‍රව්‍යය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු ය. මෙය ස්‌වල්ප වශයෙන් දැන් ද සිදු වන බව අපි දනිමු. සිංහල වෙදකම හා ආයුර්වේදය දියුණු කළ හැක්‌කේ මේ ලෙසින් මිස ළිඳේ මැඩියන් වීමෙන් නො වේ. මින් පෙනී යන්නේ සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ හෝ බටහිර යෑයි කියන වෛද්‍ය විsද්‍යාවෙන් වෙනස්‌ වූ දැනුම් පද්ධතියක්‌ තිබිය නොහැකි බව ය. එසේ වන්නේ දැනුම ලබාගත හැකි වන්නේ ඉන්ද්‍රිsය ගෝචර වූ සාක්‌ෂි තුළින් මිස වෙන මොන ම ක්‍රමයකින් වත් නො වන නිසා ය. 

අප බටහිර විද්‍යාව ලෙස හැඳිනගන්නේ බටහිර බිහි වී වර්ධනය වූ විsද්‍යාවක්‌ නො වන්නා සේ ම බටහිර වෛද්‍ය විද්‍යාව ද වෙනත් සංස්‌කෘති තුළ බිහි වී යුරෝපයට සංක්‍රමණය වී එහි දී දියුණු වූ විද්‍යාවක්‌ බව අප වටහාගත යුතු ය. විශේෂයෙන් ඊජිප්තුවේ වර්ධනය වූ වෛද්‍ය විද්‍යාව සහ තාක්‌ෂණය විශාල වශයෙන් මේ සඳහා දායක විය. පුරාණ ඉන්දියාවේ ද වෛද්‍ය තාක්‌ෂණය වර්ධනය විය. සුශ්‍රැත (ක්‍රි.පූ. 4 වැනි ශ.ව.) නමැති භාරතයේ විසූ ශල්‍ය වෛද්‍යවරයා විසින් නිර්මාණය කරන ලද විකෘති වූ නාසය ප්‍රතිසංස්‌කරණය කරන ක්‍රමය අද පවා යුරෝපයේ භාවිත වන බව කිව යුතු ව ඇත. එම වෛද්‍යවරයා විසින් ලි ත 'සුශ්‍රැත සංහිතා' නමැති ග්‍රන්ථයේ විස්‌තර වන වෛද්‍ය විශේෂඥ අංශ, ශරීරයේ කොටස්‌ සහ ක්‍රියාවන්, වෛද්‍යවරුන් පුහුණු කිරීම් වැනි දේ අද බටහිර වෛද්‍ය විද්‍යාවේ එම දේවලට සමාන ය. ලක්‌දිව විසූ බුද්ධදාස රජතුමා ද ශල්‍යකර්මයන් කර ඇත. තව ද ලෝකයේ ප්‍රථම ආරෝග්‍ය ශාලාව බිහි වූයේ ශ්‍රී ලංකාදීපයේ බව ද අප අමතක කළ යුතු නැත. ලක්‌දිව පොළොන්නරු යුගයේ (අලහර පිරිවෙන ආශ්‍රිත) පැවැති ශල්‍ය වෛද්‍ය ක්‍රම පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක්‌ කර ඇති ශල්‍ය වෛද්‍ය මහාචාර්ය අර්ජුන අලුවිහාරේ මහතා පවසන්නේ එකල ලක්‌දිව ශල්‍යකර්ම සහ අද බටහිර ශල්‍යකර්ම අතර වෙනසකට ඇත්නේ තාක්‌ෂණය පමණක්‌ බව ය. එකල අප ගේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම සහ අද බටහිර ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලධර්ම අතර සැලකිය යුතු වෙනසක්‌ නැත. මින් පෙනී යන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව වර්ධනය වූයේ ලෝකයේ පැරැණි සංස්‌කෘති තුළ බිහි වී රටින් රටට සංක්‍රමණය වූ විද්‍යාවේ දායකත්වය නිසා බව ය. එම නිසා කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව ය. ප්‍රශ්න ම`ගහැර නො යා උත්තර දෙන මෙන් නලින් මහාතාට නැවතත් මතක්‌ කරමින් මේ ලිපිය අවසන් කරමි. 

Nissanka Rajapaksa

unread,
Mar 8, 2014, 1:12:01 AM3/8/14
to ind...@googlegroups.com
සිංහල බෞද්ධ චින්තනයට බටහිර විද්‍යාව පටහැනියි 

ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම 2014 පෙබරවාරි 26 වැනි දින දරන ලිපියෙන් (බටහිර) විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන ප්‍රශ්නය නඟයි. බටහිර විද්‍යාව සිංහල බෞද්ධයනට අකැප ද යන්නෙන් ඒ මහතා කුමක්‌ අදහස්‌ කළත් මා දන්නා කරුණු දෙකක්‌ වෙයි. එකක්‌ නම් බටහිර විද්‍යාව පදනම් වන චින්තනය, එනම් ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය, සිංහල බෞද්ධයනට පමණක්‌ නො ව මුළු මහත් ලෝකයට ම විපත්තිදායක බව ය. අද ලෝකය මිනිසුන්ට ජීවත් වීමට හිතකර නො වන ප්‍රදේශයක්‌, පතිරූප නො වන දේශයක්‌, බවට පත් වී ඇත්තේ මේ චින්තනයෙහි විසකුරු බව නිසා ය. ඒ චින්තනයෙන් වෙන් වූ බටහිර විද්‍යාවක්‌ නැත. 

දෙවනුව කිව යුත්තේ සිංහල බෞද්ධයකුට කිසි දාක සිංහල බෞද්ධ චින්තනයෙහි ජීවත් වන්නේ නම් හරිහමන් බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව ය. මෙරට බටහිර විද්‍යාවේ ඉතිහාසය අවුරුදු එක සිය පනහකට වැඩි මිස අඩු නො වේ. කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටුවා ඇත්තේ 1870 දී ය. පාසල්වල බටහිර විද්‍යාව ඉගැන්වීම එයට පෙර ආරම්භ වූවා නිසැක ය. එහෙත් ලංකාවෙන් බිහි වූ බටහිර විද්‍යාඥයකු ගැන අමරතුංග මහතාට කිව හැකි ද? (මහාචාර්යවරයකු වූ පමණින් හරිහමන් විද්‍යාඥයකු බවට පත් නො වේ). බටහිර විද්‍යාව අගය කරන්නන් විසින් පිළිගැනෙන ලන්ඩන් රාජකීය සංගමයේ අධි සාමාජිකත්වයක්‌ පිරිනැමුණු එක ද සිංහල බෞද්ධයෙක්‌ වේ ද? එහි අධි සාමාජිකත්වයක්‌ ලැබූ එක ම ලාංකිකයා සිංහල කිතුනුවකු වන අතර ඔහුට ද ඒ ලැබුණේ නව ප්‍රවාදයක්‌ ඉදිරිපත් කිරීම නිසා නො වේ. මෙය ලංකාවේ පහසුකම් නැති වීම පිළිබඳ ප්‍රශ්නයක්‌ නො වේ. ඇමෙරිකාව ආදී බටහිර රටවල සේවය කරන බටහිර විද්‍යාව උගත් සිංහල බෞද්ධයෝ සිය ගණනක්‌ වෙති. ඔවුන්ට පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක්‌ නැත. එහෙත් ඔවුන් එක්‌ අයකුට වත් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක්‌ හිමි වී නැත. නොබෙල් ත්‍යාගය ගැන කියනුම කවරේ ද?

අමරතුංග මහතාට අනුව මට සාපේක්‍ෂතාවාදය පිළිබඳ නව දැනුම නැත. ඒ එසේ නම් එයින් කියෑවෙන්නේ අති අප්‍රසන්න කතාවකි. මම 2011 වසර අවසාන වන තුරු ද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ලෙස සේවය කළෙමි. කැලණිය විශ්වවිද්‍යාලයයේ ද, කොළඹ විශ්වවිද්‍යාලයයේ ද, පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ද විශේෂ හා සාධාරණ සාපේක්‍ෂතාවාද උගන්වා ඇත්තෙමි. කැලණිය විශ්වවිද්‍යාලයයෙහි සේවය කළ අවුරුදු අටක පමණ කාලයක හතර වැනි වසරේ සිසුන් 15ක ගේ පමණ ව්‍යාපෘති අධීක්‍ෂණය කළෙමි. ඉන් වැඩි දෙනෙක්‌ සාපේක්‍ෂතාවාදය හෝ විශ්වවේදය (Cosmology) හෝ පිළිබඳ තම ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළ හ. සෙස්‌සෝ ක්‌වොන්ටම් භෞතිකය තම විෂය කරගත් හ. 

ඒ කාලයේ දී ම දර්ශනපති උපාධිය සඳහා නිබන්ධ ඉදිරිපත් කළ සිසුන් හතර දෙනකු සම්බන්ධයෙන් උපදේශකවරයා ලෙස ක්‍රියා කළෙමි. ඉන් තිදෙනෙක්‌ සාධාරණ සාපේක්‍ෂතාවාදය/විශ්වවේදය හැදෑරූ හ. එක්‌ ශිෂ්‍යයෙක්‌ ක්‌වොන්ටම් භෞතිකය හැදෑරී ය. මගේ පරණ දැනුම පමණක්‌ අනුව ඒ සියල්ල කළේ නම් ඉන් අගෞරවයක්‌ වන්නේ විශ්වවිද්‍යාලයට ය. සාමාන්‍ය පෙළෙන් පසුව ගණිතයත්, උසස්‌ පෙළෙන් පසුව භෞතික විද්‍යාවත් පාසලේ දී හෝ විශ්වවිද්‍යාලයේ දී හෝ රූපික ව (Formally) හදාරා නොමැති අමරතුංග මහතා සාධාරණ සාපේක්‍ෂතාවාදය සඳහා අවශ්‍ය අවකල ජ්‍යාමිතිය (Differential Geometry), ආතානක විශ්ලේෂණය (Tensor Snalysis) ආදී ගණිතමය විෂය හා විද්යුත්චුම්බකවාදය ((Electromagnetic Theory), විශේෂයෙන් ම මැක්‌ස්‌වෙල් සමීකරණ හදාරන්නට ඇත්තේ ශාස්‌ත්‍රාලයීය අධ්‍යාපනයෙන් බාහිර ව ය. 

ඔහු ඒ විෂය මට වඩා හොඳින් දැන සිටීම විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයට ලබා දෙන්නේ කීර්තියක්‌ නො වේ. අඩු ම තරමෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සාධාරණ සාපේක්‍ෂතාවාදය, විශ්වවේදය වැනි විෂය ඉගැන්වීමට ඒ මහතා බාහිර කථිකාචාර්යවරයකු ලෙස පත් කර සිසුන්ට අලුත් ම දැනුම උණු උණුවේ ම ලබා දීමට කටයුතු කළ හැකි ය. විශේෂ අවසරයක්‌ ගෙන ඒ මහතා ගේ දේශනවලට සහභාගී වීමෙන් මට මගේ දැනුම යාවත්කාලීන කරගැනීමට හැකි වනු ඇත. 

ඒ මහතා සාධාරණ සාපේක්‍ෂතාවාදය යනු විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි හා ගුරුත්වාකර්ෂණයෙහි එකතුවක්‌ බව පෙන්වීමට පොත් කිහිපයක නම් සඳහන් කරයි. ඒ මහතා පොත් ලැයිස්‌තු නම් නො කර අදාළ කරුණ සඳහන් ඡේදයක්‌ හෝ ඡේද හෝ ලියා දැක්‌වූයේ නම් හෝ තමාට අවශ්‍ය කාරණය ප්‍රමුල ධර්මවලින් (first principles) පෙන්නුම් කළේ නම් හෝ මැනවි. යමකුට පොත් කියවා බොහෝ දේ ඉගෙන ගැනීමට හැකි බව මම දනිමි. තම මතය සනාථ කිරීම සඳහා ඒ මහතා කියවා ඇති පොතකින් ඡේදයක්‌ දෙකක්‌ උපුටා දක්‌වන ලෙස ඉල්ලා සිටිමි. 

ඒ කෙසේ වෙතත් ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු වී සාධාරණ සාපේක්‍ෂතාවාදය ගොඩනැ`ගී නැති බව පෙන්වීම අසීරු කරුණක්‌ නො වේ. එයට කලින් ඒ මහතා ඉහත සඳහන් පරිදි ඡේදයක්‌ දෙකක්‌ උපුටා දක්‌වන්නේ නම් එහි ඇති වරද ද පෙන්වා දිය හැකි ය. ඇතැම් ජනප්‍රිය ලේඛකයන් වැරැදි මත ප්‍රචාරය කළ පමණින් අප ඒ පිළිගත යුතු නො වේ. අමරතුංග මහතා ඒ සමග එක්‌ පැණයකට පිළිතුරු දීමට තම නව දැනුම උපයෝගී කරගන්නේ නම් කෘතඥ වෙමි. ඒ පැණය මෙසේ ය. ගුරුත්වාකර්ෂණය විශේෂ සාපේක්‍ෂතාවාදයට එකතු වීමේ දී අවස්‌ථිති සමුද්දේශ රාමුවලට (inertial frames of reference) කුමක්‌ සිදු වේ ද? 

අපි දැන් ඒ මහතා පිළිතුරු බලාපොරොත්තු වන දෙවැනි ප්‍රශ්නයට ඉතා කෙටි පිළිතුරක්‌ දී නැවතත් පළමු ප්‍රශ්නයට යමු. දෙවැනි ප්‍රශ්නය මෙසේ ය. යුද්ධය දිනන්නට අවශ්‍ය දැනුම (උදා-කොටින් ගේ නැව් පිළිබඳ තොරතුරු) මිතුරන් ගේ උදව් ඇති ව දෙවියන් ගේ මාර්ගයෙන් ලබා නො ගත්තේ ඇයි? මෙය වැඩි ම වුව හොත් කොවුර්, කාලෝ ෆොන්සේකා ගණයේ තුට්‌ටු දෙකේ ප්‍රශ්නයකි. එය කවරයක්‌ ඇතුළත ඇති මුදල් නෝට්‌ටුවක අංකය කියවීමට හැකි ද ගණයේ ප්‍රශ්නයකි. ඔවුන් මෙවැනි ප්‍රශ්නවලින් බලාපොරොත්තු වන්නේ ඇතැමුන් ගේ අතීන්ද්‍රිය අත්දැකීම් මිථ්‍යා බව පෙන්වීම ය. එහෙත් එසේ අතීන්ද්‍රිය අත්දැකීම්වලට අභියෝග කරන අය ම පංචෙන්ද්‍රිය ගෝචර නො වන ගුරුත්වාකර්ෂණ බලයක පැවැත්ම පිළිගනිති. ගුරුත්වාකර්ෂණය පිළිබඳව අමරතුංග මහතා තම නූතන දැනුම යොදාගනිමින් ලියා ඇති පරස්‌පර හා නීඩ්හම් පිළිබඳ ව ලියා ඇති අසත්‍ය කතා හා වෙනත් පරස්‌පර පෙන්වීමට පසුව ලිපි කිහිපයක්‌ ම වැය කිරීමට බලාපොරොත්තු වෙමි. 

මා නාථ දෙවියන් නමින් හැඳින්වෙන ප්‍රාණියා ගැන දැනගත්තේ මානුෂීය මෙහෙයුම්වලින් පසු ව ය. අමරතුංග මහතා ඒ මෙහෙයුම්, යුද්ධය ලෙස හඳුන්වන්නේ බටහිරයන් ගේ සංකල්පීය දැනුම මත හිඳිමිනි. එය යුද්ධය ලෙස හැඳින්වීමෙන් සිදු වන සංකල්පීය 

වැරැද්ද පිළිබඳව මා දිවයින පුවත්පතට ලියා ඇති බැවින් අමරතුංග මහතා ඉල්ලා නො සිටිය හොත් ඒ නැවත සඳහන් නො කරමි. මට කොටින් පරාජය කිරීම පිළිබඳ අතීන්ද්‍රිය ව දැනගැනීමට අවස්‌ථාවක්‌ නො වුණේ මා නාථ දෙවියන් ගැන දැනගන්නා විට කොටින් පරාජය කෙරී තිබුණු බැවිනි. කෙසේ වෙතත් අවස්‌ථාව ලදත් එවැනි ප්‍රශ්න ඇසීම ප්‍රඥාගෝචර නො වේ. ඒ දෙවියන් හෝ කවුරුන් හෝ ආයුධ සන්නද්ධ අරගලවලට විරුද්ධ විය හැකි ය. ඔවුන් තම බලය එවැනි දේ සඳහා නො යොදනවා විය හැකි ය. එහෙත් මා පසුව දැනගත්තේ මෙහෙයුම්වලට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්‌තිය බුදුරැස්‌ විහිදීම ආදිය මාර්ගයෙන් දෙවියන් එකතු කර ඇති බව ය. ඒ බව මා කලින් ලිපියක ද සඳහන් කර ඇත. 

අපි දැන් නැවතත් පළමු ප්‍රශ්නය වෙත යමු. ඒ සමග ප්‍රත්‍යක්‍ෂය ගැන ද වචනයක්‌ දෙකක්‌ කියමු. ප්‍රත්‍යක්‍ෂය යනු විධික්‍රමයක්‌ යෑයි අමරතුංග මහතා සිතන බව පැහැදිලි ය. ඔහු මට ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබා ගැනීමට කියයි. එහෙත් ප්‍රත්‍යක්‍ෂය යනු විධි ක්‍රමයක්‌ නො වේ. ප්‍රත්‍යක්‍ෂ කිරීම යනු සිංහලෙන් නම් පසක්‌ කිරීම ය. පසක්‌ කිරීම විධි ක්‍රමයක්‌ නො වේ. ප්‍රත්‍යක්‍ෂ විවිධාකාර ය. අප වැනි පෘථග්ජනයෝ මනස ඇතැයි ගනිමින් මනස හා පංචෙන්ද්‍රිය ඇසුරෙන් ද මනසෙන් පමණක්‌ ද ප්‍රත්‍යක්‍ෂ කරමු. පංචෙන්ද්‍රිය ඇසුරු කරගන්නා අවස්‌ථාවල දී වුව ද පසක්‌ කෙරෙන්නේ මනසෙන් ය. 

පෘථග්ජනයන් ගේ ප්‍රත්‍යක්‍ෂ දෙයාකාර ය. ඒ ඉන්ද්‍රිය ගෝචර හා අතීන්ද්‍රිය වශයෙනි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂය තිරිසන් සතුන්ට ද වෙයි. මනස පමණක්‌ යොදාගෙන පංචෙන්ද්‍රිය යොදා නො ගෙන ආධ්‍යාත්මික ශක්‌තිය දියුණු කිරීමෙන් අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ඇති වෙයි. ආධ්‍යාත්මික ශක්‌තිය වඩාගත් මිනිසුන්ට මෙන් ම නෙවසඤ්ඤා නාසඤ්ඤා වැනි තලවල උපත ලබා ඇති බඹුන්ට ද මේ අතීන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය වෙයි. පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ හැරෙන්නට තවත් ප්‍රත්‍යක්‍ෂ වර්ග දෙකක්‌ ඇත. ඒ රහතන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂය හා බුදුන් වහන්සේ ගේ ප්‍රත්‍යක්‍ෂය යනුවෙනි. 

ප්‍රත්‍යක්‍ෂය විධික්‍රමයක්‌ නො වුවත් උසස්‌ පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ලබාගැනීම සඳහා මනස යෑයි අප විසින් හැඳින්වෙන්න දියුණු කිරීම අවශ්‍ය වෙයි. ඒ සඳහා නම් භාවනා, යෝග ආදී විවිධ ක්‍රම භාවිත කළ හැකි ය. එසේත් නැත්නම් අහංකාරය, මමත්වය තුනී කිරීමෙන් උසස්‌ ප්‍රත්‍යක්‍ෂ ලබාගත හැකි යෑයි සිතමි. කෙසේ වෙතත් පෘථග්ජනයන් ගේ ප්‍රත්‍යක්‍ෂ සංකල්පවලින් තොර නැත. සංකල්පයක්‌ නොමැති ව පෘථග්ජනයන්ට ඇති නො වේ. එහෙත් පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ ප්‍රවාදවල මැදිහත් වීමකින් තොර ව සෘජු ව ඇති වෙයි. අමරතුංග මහතා ප්‍රත්‍යක්‍ෂ සඳහා දී තිබුණු නිර්වචනය මම ද අන්තර්ජාලයෙන් දුටුවෙමි. අන්තර්ජාලයේ ඇති සියල්ල නිවැරැදි යෑයි කිව නොහැකි ය. එහෙත් ප්‍රත්‍යක්‍ෂය ඉන්ද්‍රිය අභිමුඛ ව ඇත යන්න පෘථග්ජනයන් සම්බන්ධයෙන් ප්‍රවාද නැති සෘජු ප්‍රත්‍යක්‍ෂ යන්න සමග පරස්‌පරයක්‌ නැත. එය සංස්‌කෘත සාහිත්‍යයෙහි සඳහන් වන්නකි. 

කෙසේ වෙතත් ප්‍රත්‍යක්‍ෂ පිළිබඳ ව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි. ස්‌වාක්‌ඛාතෝ ගාථාවෙහි පච්චත්තං වෙදිතබ්බො විඤ්Cදූහීති යන්නෙහි සිංහල පරිවර්තනය මා අසා ඇති අන්දමට විඤ්Cදුන් (නුවණැත්තන්) විසින් ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගනු ලැබෙයි ලෙස ප්‍රකාශ කළ හැකි ය. එයට අමතර ව මා කලින් සඳහන් කර ඇති ආකාරයට බ්‍රහ්මජාල සූත්‍රයෙහි ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් වෙයි. එහි වෙනත් සමයන්හි ප්‍රත්‍යක්‍ෂ ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව බුදුන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ යන වචනය සෘජු ව ම යොදාගෙන මෙසේ දේශනා කරති. 

"මහණෙනි, මේ දෘෂ්ටිස්‌ථානයෝ මෙසේ ගන්නා ලද්දෝ, මෙසේ පරාමෘෂ්ට වූවෝ, මෙබඳු විපාකගති ඇත්තෝ වන්නා හ, මෙබඳු පරලොව් ඇතියෝ වන්නාහ යි තථාගත තෙමේ ඒ කාරණය දනී. තථාගත තෙමේ එය ද එයින් මත්තෙහි දෑ ද දනී. එහෙත් ඒ දැන්ම මම මෙය දනිමි යි තෘෂ්ණා මාන දෘෂ්ටි වශයෙන් පරාමර්ශනය නො කෙරෙයි. එසේ පරාමර්ශනය නො කරන ඔහු විසින් පරෝපදේශය නැති වැ (තමා විසින් ම) තමා ගේ කෙළෙස්‌ නිවීම දන්නා ලද්දේ වෙයි. (මෙහි සුවපත් වම් හයි අසෝ තැනැ සුවපත් වම්හ යි සිතමින් යම් සැප වේදනාවන්හි ඇලුණු අන්තොටුවෝ නා නා විධ දෘෂ්ටදගහනයට වදිත් ද,) තථාගත තෙමේ ඒ වේදනාවන් ගේ උත්පත්තිය ද, විනාශය ද, ආස්‌වාදය ද, ආදීනවය ද, නික්‌මීම ද, තතු වර පරිදි දැන ඡන්දරාගය දුරු වූ බැවින් උපාදාන රහිත ව මිදුණේ වෙයි. 

මහණෙනි, තථාගත තෙමේ යම් ධර්ම කෙනෙකුන් තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට ප්‍රකාශ කෙරේ නම් යම් ධර්ම කෙනෙකුන් කරණ කොටගෙන තථාගත බුදුහු ගේ ඇති පරිදි වූ ම ගුණ කියන්නට තැත් කරන්නෝ කියන්නාහු නම්, මේ ගැඹුරු වූ සර්වඥ බුදු කෙනෙකුන් විසින් ම විනා සෙස්‌සන් විසින් නො දැක්‌කැ හැකි වූ, එහෙයින් ම සෙස්‌සන් විසින් අවබෝධ කට නො හැකි වූ, ශාන්ත වූ, ප්‍රණීත වූ, තර්කයෙන් බැස ගත නොහැකි වූ, සියුම් වූ ප්‍රාඥයන් විසින් ම දත හැකි වූ ඒ ධර්මයෝ ය" (බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙහි 51 වැනි පිටුවෙහි 65 ගාථාව).

නලින් ද සිල්වා

Nissanka Rajapaksa

unread,
Mar 12, 2014, 8:33:15 AM3/12/14
to ind...@googlegroups.com
බුදුදහම, විද්‍යාව සහ බටහිර චින්තනය

ආචාර්ය නලින් ද සිල්වා මහතා සිංහල බුදුදහම යනුවෙන් හඳුන්වන්නේ මුල් බුදු දහම තුළට මහායාන මිථ්‍යා අදහස්‌ එකතු වී සෑදුණු දහමක්‌ බව පෙනේ. සිංහල බුදු දහම විය යුත්තේ මෙය නො වන බව මා විසින් පෙන්වා දෙන ලදි. (විදුසර - 05.03.2014). මේ කරුණ අපට වැදගත් වන්නේ විද්‍යාව දෙස සිංහල බෞද්ධයකු බැලිය යුත්තේ කෙසේ ද යන්න සලකා බැලීමේ දී ය. මිථ්‍යාව රජ කරන දහමක්‌ තුළින් විද්‍යාව දෙස බැලූ විට පෙනෙන්නේ බහුභූත ය. අප තවමත් සිටින්නේ විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ ද යන මුල් ප්‍රශ්නය තුළ ය. එසේ වී ඇත්තේ නලින් මහතා විද්‍යාව පට්‌ටපල් බොරුවක්‌ බව තවමත් ඔප්පු කොට නැති නිසා ය. විද්‍යාව හෝ නිව්ටන් ගේ සහ අයින්ස්‌ටයින් ගේ න්‍යාය හෝ නිකම් ම බොරු බව පැවසීමෙන් ඒවා බොරු වන්නේ නැත. නලින් මහතා ගේ මේ ක්‍රියාව අපට මතක්‌ කර දෙන්නේ උග්‍ර නාසිවාදියකු වූ ජෝශප් ගොබෙල්ස්‌ ය. (Joseph Goebbels1897)ග හිට්‌ලර් ගේ ඒකාධිපතිවාදය ශක්‌තිමත් කිරීම පිණිස ඔහු බොරු ගෙතුවේ ය. යම් බොරුවක්‌ පිට පිට පැවසීමෙන් එය ඇත්තක්‌ වන්නේ යෑයි ඔහු විශ්වාස කළ බව පෙනේ. නලින් මහතා සිතන්නේ විද්‍යාව බොරු බව සිය දහස්‌ වාරයක්‌ පැවසූ විට එය ඔප්පු වන බව ය. ඕනෑ ම දෙයක්‌ ඔප්පු කරන්නට අවශ්‍ය සාක්‌ෂි ඔහුට අවශ්‍ය නැත. බුදුරදුන් ද, විද්‍යාඥයන් ද අපට කියා දී ඇත්තේ සාක්‌ෂි නොමැති ව කිසිවක්‌ නො පිළිගන්නා ලෙසයි.

නලින් මහතා පවසා ඇත්තේ බටහිර විද්‍යාවේ චින්තනය බුදු දහමට ගැලපෙන්නේ නැති බවයි. (විදුසර 05.03.2014). බටහිරයන් ලෝකය නතු කරගැනීමට ක්‍රියා කරන්නේ විද්‍යාවේ චින්තනය මත පදනම් වී නො ව ඔවුන් ගේ චින්තනය මත පදනම් ව, විද්‍යාව ඒ සඳහා උපයෝගි කරගනිමිනි. මෙය විද්‍යාවේ හෝ එහි තුළ ඇති චින්තනයේ හෝ වරදක්‌ නිසා සිදු වන දෙයක්‌ නො වේ. විද්‍යාත්මක චින්තනයත් බටහිර (ගී්‍රක යුදෙව් ක්‍රිස්‌ත්‍රි්‍රයානි) චින්තනයත් එකක්‌ නො ව දෙකකි. විද්‍යාවේ චින්තනය වන්නේ කවදත් කොතැනත් පැවැති විද්‍යාවේ චින්තනය ය. එය සත්‍යය සොයාගැනීමේ මාහැ`ගි අරමුණ මත පදනම් වූ මිනිස්‌ හිතකාමි චින්තනයක්‌ විය. බටහිර චින්තනයට නව මාර්ගෝපදේශයක්‌ සහ නව අරමුණක්‌ ලබා දෙන ලද්දේ 16 වැනි ශතවර්ෂයේ විසූ ජොන් කැල්වින් වැනි රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගම් කර්තෘවරුන් විසිනි. ඡේසුස්‌වහන්සේ ගේ ක්‍රිස්‌ත්‍රියානි ආගමේ තිබූ වැඩි වැඩියෙන් අත්පත් කරගැනීමේ ප්‍රවණතාවට විරුද්ධ වූ ආචාර ධර්ම රෙපරමාදුවන් ගේ බලපෑම නිසා සමාජයෙන් ගිලිහී ගියේ ය. zඇසට ඇසක්‌, දතට දතක්‌ යන ආදර්ශ වාක්‍ය පෙරදැරි කරගත් යුදෙව් ආගමික චින්තනය ද ඊට දායක වන්නට ඇත. කෙසේ වෙතත් ජෝන් කැල්වින් පූජකතුමා ගේ ප්‍රමුඛත්වයෙන් සිදු වූ මේ වෙනස තුළ ඇති චින්තනය වන්නේ දුප්පතුන් ගේ දුප්පත්කම සහ පොහොසතුන් ගේ පොහොසත්කම සාධරණීකරණය වීමකි. කැල්වින් පුමුඛ පූජකතුමන්ලා කියා සිටියේ පොහොසතුන් හොඳ ගතිගුණවලින් පරිපූර්ණ වූ නිසා ඔවුන් ගේ පොහොසත්කම සාධාරණ බව ය. පොහොසතුන් ගේ ජීවන රටාවට ද ධනවාදයේ නැ`ගීමට ද මේ කියමන දේව ආශිර්වාදයක්‌ විය. මෙහි ප්‍රතිඑලයක්‌ වූයේ උග්‍ර ධනවාදය සහ ඊට සරිලන පාරිභෝගික ජීවන රටාව වර්ධනය වීම ය. මෙයයි ක්‍රිස්‌ත්‍රියානි චින්තනයේ සිදු වූ විශාල වෙනසට හේතු වූයේ. විද්‍යාත්මක චින්තනය තුළ එවැනි වෙනසක්‌ සිදුq වූයේ නැත. එනමුත් විද්‍යාව හොඳට ද නරකට ද යොදාගත හැකි ය. එලෙසින් බටහිර දී විද්‍යාව ද තාක්‌ෂණය ද යොදාගැනෙන්නේ පොහොසතුන් ගේ විනෝදකාමී, නාස්‌තිකාර ජීවන රටාව පවත්වාගෙන යැමට ය. මෙය තෘෂ්ණාව වර්ධනය වීමේ විපාකයක්‌ බව අපි හොඳින් දනිමු. නලින් මහතා කියන ලෝක විනාශය සිදු වන්නේ විද්‍යාව නිසා නො ව බටහිර චින්තනයේ පදනම වී ඇති තෘෂ්ණාව නිසා ය. ජෙෆ්රි සැක්‌ස්‌ නමැති විද්වත් ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයා ඔහු ගේ නවතම කෘතියේ පවසන්නේ බටහිර චින්තනය විසින් යට වී තිබූ තෘෂ්ණාව අතිමහත් ලෙස සමාජය පුරා මුදාහැර ඇති බවයි. (Jeffrey Sachs - Price of Civilization…)'. බටහිරයන් පිස්‌සුවෙන් මෙන් කාමසුඛල්ලිකානුයෝගයේ ඇලී ගැලී ඉවක්‌ බවක්‌ නැති ව ලෝකය විනාශ කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටින බව අපට පෙනේ. එහෙත් මෙය විද්‍යාවේ වරදකින් සිදු වන්නක්‌ නො වේ. විද්‍යාව බොරුවක්‌ හෝ විනාශකාරී බලයක්‌ හෝ යෑයි පවසා අහක දැමීම මේ අවස්‌ථාවේ දී නො කළ යුත්තකි. ලෝකය බටහිර චින්තනයෙන් බේරාගත හැකි වන්නේ නිර්මල බුදු දහමට ය. (මිථ්‍යාවෙන් තොර වූ). තෘෂ්ණාවට පිළියම ඇත්තේ මුල් බුදුදහම තුළ බැවිනි. මේ සඳහා විද්‍යාව ද බොහෝ සෙයින් අවශ්‍ය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී පිළිවෙත තුළ ඇති එක ආයුධයක්‌ වන යුද මානසිකත්වයට මුහුණ දීම පිණිස ය. චීනය, රුසියාව වැනි රටවල් නලින් මහතා ගේ උපදෙස්‌ මත විද්‍යාව අතහැරියා නම් මුළු ලොව ම අද වන විට බටහිරයන් ගේ අතේ ය. 

විද්‍යාවේ චින්තනය ස්‌වෛරී නිදහස්‌ එකක්‌ බව විද්‍යාව යොදාගන්නා විවිධ අරමුණු දෙස බැලීමෙන් ප්‍රත්‍යක්‌ෂ කොටගත හැකි ය. චීනය පුරාණයේ දී වෙඩි බෙහෙත් සහ මාලිමා යන්ත්‍රය නිපදවිණි. එසේ කළේ කවදත් කොතැනත් පැවැති විද්‍යාව භාවිත කරමිනි. ඔවුන් මේ දැනුම යොදාගෙන ලෝකය අල්ලන්නට වෑයම් කළේ නැත. ඔවුන් ඒ අරමුණට යොමු කිරීමට විද්‍යාව තුළ චින්තනයක්‌ නො තිබිණි. ඔවුහු සිය චින්තනයට අනුව ක්‍රියා කළ හ. බටහිර ජාතීන් එම විද්‍යාව ම යොදාගෙන (හොරෙන් ලබාගෙන) වෙඩිබෙහෙත් සහ මාලිමා යන්ත්‍රය පාවිච්චි කළේ ලෝකය අල්ලන්නට ය. ඒ ඔවුන් ගේ චින්තනය විය. එය විද්‍යාවේ චින්තනය නො වේ. විද්‍යාව යොදා ගැනෙන්නේ කුමක්‌ සඳහා ද යන්න තීරණය කරන්නේ සමාජ චින්තනය මිස විද්‍යාවේ චින්තනය නො වන බව මෙයින් පැහැදිලි වේ. නලින් මහතා මීට එකඟ නො වේ නම් විද්‍යාව තුළ විනාශකාරී බටහිර චින්තනය ගැබ් වී ඇත්තේ කෙසේ ද, කොතනැ දැයි පෙන්වා දිය යුතු ය. 

කවදත් කොතැනත් තිබූ විද්‍යාවේ ඇත්තේ නිදහස්‌ චින්තනයකි. එය සත්‍ය ගවේෂණය නම් වූ මිනිස්‌ අවශ්‍යතාව මත පදනම් වූවකි. මිනිසා උරුම කරගත් ඥානය ඹහු යොදාගන්නේ උරුමයෙන් දායාද වූ සෝදිසි කිරීමේ හැකියාව ප්‍රායෝගිකව භාවිත කිරීම පිණිස ය. මෙය ඔහු ගේ ජානවල ඇති ගුණාංගයක්‌ විය. ඔහුට ඇත්තේ කාටත් පොදු ඉන්ද්‍රිය පද්ධතියකි. එසේ ම ඔහු අවට ඇත්තේ පොදු ස්‌වභාවධර්මය ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් ව දැනුම ලබාගැනීමට ඔහු යොමු වූයේ උරුමයෙන් යෑයි කීවාට වරදක්‌ නැත. එය ඔහු ගේ විද්‍යාවේ චින්තනය විය. එනමුත් ඔහු තුළ තෘෂ්ණාව ද උරුමයෙන් දායාද වී තිබිණි. තෘෂ්ණාව විඳගැනීමට ඔහු විද්‍යාව පාවිචිචි කළේ ය. තෘෂ්ණාව මැ`ඩලීමට කටයුතු කළ සමාජ තුළ විද්‍යාව භාවිත වූයේ බෙහෙවින් යහපත් වූ ක්‍රියාවන් සඳහා විය. තෘෂ්ණාව උලුප්පාලීමට කටයුතු කළ සමාජ තුළ විද්‍යාව භාවිත වූයේ බෙහෙවින් අයහපත් වූ ක්‍රියාවන් සඳහා විය. විද්‍යාව නිදහස්‌ ධර්මයක්‌ විය. 

ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව යුරෝපයේ දී වර්ධනය වන විට එහි ක්‍රමවේදය පාලනය කිරීම පිණිස යම්කිසි නීති රීති පද්ධතියක්‌ සකසාගැනීමේ අවශ්‍යතාව තිබිණි. ජෝන් කැල්වින් ගේ බලපෑම හේතුවෙන් යුරෝපයේ ඇති වූ චින්තන විප්ලවය නිසා විද්‍යාත්මක ක්‍රමෙවිදයේ නිති රීති තුළ ගුණාත්මක වෙනසක්‌ ඇති වූ බවක්‌ පෙනෙන්නට නැත. ඇත්තෙන් ම එම නිSති රීතිවල අරමුණ වී ඇත්තේ විද්‍යාව මත පිටස්‌තර බලපෑමි අවම කිරිම ය. විද්‍යාත්මක ක්‍රමවේදය (නීති රීති) මිනිසා ගේ අයහපත දෙසට හරවන්නට හැකි බලවේගයක්‌ යුරෝපයේ තිබුණා නම් එය රෙපරමාදු ආගමේ බලපෑම විය යුතු ය. එය එසේ සිදු වූයේ නැති බව විද්‍යාත්මක ක්‍රමවේදයේ නීති රීති පරීක්‌ෂා කර බැලීමෙන් පැහැදිලි කොටගත හැකි ය. එම නීතිරීති සැකසී ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ, නිරීක්‌ෂණ සහ නිගමන විධිමත් ලෙස පාලනය කිරීම පිණිස ය. මේවා තුළ බටහිර චින්තනයේ විනාශකාරී ගුණාංග ගැබ් වී නැත. තෘෂ්ණාව මත පදනම් වූ පාරිභෝගික ජීවන රටාව පෝෂණය කිරීම පිණිස ඇතුළු කර ඇතැයි සිතිය හැකි නීති රීති එහි තුළ නැත. එසේ ඇත්නම් පෙන්වා දෙන මෙන් නලින් මහතාට අභියෝග කරමි. විද්‍යාව බටහිර චින්තනයෙන් බිහි වූවක්‌ බව පමණක්‌ පැවසීම පදනම් විරහිත කතාවකි. 

අප ගේ චින්තනය සාදා පාදාගැනීමේ දී අප බැලිය යුත්තේ මුල් බුදු දහම සමග මහායානය හරහා පැමිණි හින්දු මිථ්‍යා මත මුසු වී පසුව වර්ධනය වූ දහමක්‌ දෙස නො වේ. නලින් මහතා සිංහල බුදු දහම ලෙස හැඳින්වෙන දහම මුල් බුදු දහමට වෙනස්‌ නම් ඒ වෙනස තුළ ඇත්තේ වෙන කිසිවක්‌ නො ව ඒ මිථ්‍යා මත පමණි. නලින් මහතා නියෝජනය කරන්නේ මේ මිථ්‍යාව ය. මුල් බුදු දහම ලෙස අපට පිළිගත හැක්‌කේ පාලි නිකාය තුළ ඇත්තා වූ ද, චීන ආගම නමින් හැඳින්වෙන ග්‍රන්ථ තුළ ඇත්තා වූ ද සූත්‍රවලින් විස්‌තර වන දහම ය. අප ගේ ජනතාවට යහපතක්‌ සිදු වන්නේ මිථ්‍යාවෙන් තොර වූ මේ දහමෙනි. අයහපතක්‌ සිදු වන්නේ සිංහල බුදු දහම ලෙස නලින් මහතා හඳුන්වන මිථ්‍යා මත මුසු වූ දහමෙනි. නලින් මහතා ගේ සිංහල බුද්ධාගමට විද්‍යාව ගැලපෙන්නේ නැත්තේ එහි මිථ්‍යාව රජ කරන නිසා බව පාඨකයනට වැටහෙන බව නිසැක ය. දෙවි දේවතාවුන්ට, ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයට, අල්ලේ රේඛා ශාස්‌ත්‍රයට, මන්ත්‍ර ගුරුකම්වලට විද්‍යාව තුළ ඉඩක්‌ නැත. මෙවැනි දේවලට විරුද්ධ ව බුදුහු සටන් කළ සේක. බ්‍රහ්මජාල සූත්‍රයේ උන්වහන්සේ මිථ්‍යා මත සහ පාරභෞතික මත හැට දෙකක්‌ පිටුදක්‌නා ලදි. 

ප්‍රත්‍යක්‌ෂය යන වචනය ගැන නලින් මහතා යළිත් වරක්‌ සඳහන් කොට ඇත (විදුසර-05-03-2014). එහි ඔහු විවිධාකාර ප්‍රත්‍යක්‌ෂ හඳුනාගනියි. දෙයාකාර වූ පෘථග්ජන ප්‍රත්‍යක්‌ෂ, රහතුන් ගේ ප්‍රත්‍යක්‌ෂ, බුදුන් ගේ ප්‍රත්‍යක්‌ෂ යනුවෙන් ඔහු ඒවා නම් කර ඇත. ඔහු ගේ මේ අදහස්‌ ඔප්පු කිරීමට අවශ්‍ය සාධක, සාක්‌ෂි, පදනම් කිසිවක්‌ පුරුදු පරිදි ඔහු ඉදිරිපත් නො කරයි. එම නිසා ඒවා ඔහු ගේ හිතලුවක්‌ පමණක්‌ වන්නේ ය. ප්‍රත්‍යක්‌ෂ යන වචනයේ ගැබ් වූ අරුත වන්නේ ඇස්‌ ඉදිරිපිට පැහැදිලි යන්න ය. (ප්‍රති - ඉදිරිපිට අක්‌ෂ - ඇස්‌). අප ගේ ඉන්ද්‍රිsයයන් ගෙන් ලැබෙන දත්ත ප්‍රත්‍යක්‌ෂ හෝ පසක්‌ හෝ පැහැදිලි හෝ කරගන්නේ අප ගේ මොළය තුළ ඇත්තා වූ විශේෂ ස්‌ථානයක හෝ ස්‌ථාන කිහිපයක බව ස්‌නායු පිළිබඳ විශේෂඥ විද්‍යාඥයන් සාක්‌ෂි සහිතව සොයාගෙන ඇත. පෘථග්ජනයන් ද, රහතුන් ද, බුදුන් ද යමක්‌ ප්‍රත්‍යක්‌ෂ කරගන්නේ මේ ලෙසිනි. බුදුන් හෝ රහතුන් හෝ නිවන ප්‍රත්‍යක්‌ෂ කරගත්තේ යෑයි සූත්‍ර පිඨකයේ සඳහන් වී නැත. එහෙත් වෙනත් ඉන්ද්‍රිsය ගෝචර දේ උන්වහන්සේලා ප්‍රත්‍යක්‌ෂ කොටගෙන ඇත. විද්‍යාව ඉන්ද්‍රිsය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ හෙයින් එය ප්‍රත්‍යක්‌ෂ දැනුමක්‌ යෑයි කිව හැකි ය. ඉන්ද්‍රිsය ප්‍රත්‍යක්‌ෂය මිස වෙන ප්‍රත්‍යක්‌ෂයක්‌ නොමැති බව මින් පැහැදිලි වේ

ආලෝකයේ වේගයට අඩු වේගයකින් (90%) ගමන් කරන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි බව නලින් මහතා දන්නේ නැති බව මා පෙන්වා දීම නිසා ඒ මහතාට කේන්ති ගොස්‌ ඇත. විශ්වවිද්‍යාලයේ සිසුන් ගේ සහ ඒ මහතා ගේ අධ්‍යාපනය පිණිස මේ දේවල් ගැන මා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දේශන පැවැත්විය යුතු බව ඒ මහතා පවසයි. මට කියන්නට ඇත්තේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳව නලින් මහතා දේශන පැවැත්විය යුතු බවයි.

ගුරුත්වාකර්ෂණය සහ විශේෂ සාපේක්‌ෂතාවාදය එක්‌ මතවාදයක්‌ තුළට ගෙන ඒමේ දී අවස්‌ථිති සමුද්දේශ රාමුවලට කුමක්‌ සිදු වේ දැයි නලින් මහතා මගෙන් අසයි. මම පොතපතින් මේ පිළිබඳව ලබාගත් අල්ප දැනුමෙන් පිළිතුරක්‌ දීමට තැත් කරමි. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත යෑයි කීවාට වරදක්‌ නැත. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවලට පමණක්‌ වන හෙයිනි. එ විද්වතාණන්ට අවශ්‍ය වූයේ අනෙකුත් නැත හොත් සාමාන්‍ය සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් ද ආවරණය වන පරිදි එක්‌ පොදු මතවාදයක්‌ ගොඩනැ`ගීමට ය. මේ මතවාද එකතු කරනවා යන්නේ තේරුම එය ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය බිහි වීම ය. මේ සඳහා ඔහු ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ-කාල වක්‍රතාව නිසා යෑයි නව අදහසක්‌ ඉදිරිපත් කළේ ය. විශේෂ සාපේක්‌ෂතාවාදය තුළ අවකාශ-කාලය පැතලි ය. මේ මතවාද ඉදිරිපත් වූ කාලයේ ඒවාට අදාළ සාක්‌ෂි නො තිබිණි. එහෙත් දැන් ඒවා ප්‍රායෝගිකව භාවිත වන්නේ සාක්‌ෂි ලැබී ඔප්පු වී ඇති නිසා ය. මේවා බොරු බව කීම මෝඩ විහිළුවකි.

එහෙත් නලින් මහතා මෝඩ විහිළුවලට කැමැති බව පෙනේ. විශේෂ සාපේක්‌ෂතාවාදය සහ ගුරුත්වාකර්ෂණය එකතු වී සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය ගොඩනැ`ගුණේ නැති බව ඔප්පු කිරීම පහසු කාරියක්‌ බව නලින් මහතා පවසයි. මෙපමණ කලක්‌ ඒ මහතා එය නො කළේ ඒ කරුණ ගැන නො දැන සිටි නිසා විය යුතු ය. ලොකයේ ප්‍රමුඛ භෞතික විද්‍යාඥයන් නලින් මහතා ගේ හැකියාවන් ගැන නො දැනීම ලෝකය හිනස්‌සන විහිළුවකි. 

Nissanka Rajapaksa

unread,
Mar 12, 2014, 8:35:44 AM3/12/14
to ind...@googlegroups.com
අමරතුංග ගේ පරස්‌පර කිහිපයක්‌

ඩී. එස්‌ සී. උපාධිධාරී සේවාර්ජිත මහාචාර්ය අශෝක අමරතුංග මහතා ඇතැම් කරුණු එක්‌කෝ අසා ඇත. නැත්නම් ජනප්‍රිය පොතපතින් හෝ අතනින් මෙතනින් කියවා ඇත. එහෙත් ඔහු මෙරට බොහෝ වෙනත් මහාචාර්යවරුන් ඇතුළු උගතුන් මෙන් ම කිසිවක්‌ කිසි ම ගැඹුරකින් තේරුම් ගෙන නැත. ඔහුට ඇත්තේ මතුපිට දැනුමක්‌ පමණකි. ඒ මහතා ගේ අනෙක්‌ ලිපි මෙන් ම මාර්තු 5 වැනි දා ලිපිය ද පරස්‌පරවලින් ගහණ ය. තමා බෝධිසත්ත්ව චරිත නො පිළිගන්නා බවක්‌ ඒ මහතා කියන්නේ ද? මා මේ ලිපියෙන් කීමට බලාපොරොත්තු වූයේ සුත්ත නිපාතයෙහි ද්වයතානුපස්‌සනා සූත්‍රය උපයෝගී කරගනිමින් බුදුන්වහන්සේ ඊනියා සත්‍ය නාමරූප මුසාවක්‌ බව දේශනා කර ඇති අන්දම ය. (එම සූත්‍රය ගැන මගේ අවධානය යොමු කළ මගේ මිතුරකුට කෘතඥතාව පළ කරමි). එහෙත් එයට ඉඩක්‌ නො ලැබෙන්නේ අමරතුංග මහතා ගේ මාර්තු 5 වැනි දා ලිපියෙහි පරස්‌පර කිහිපයක්‌ පෙන්වීම පමා කළ නොහැකි බැවිනි. කෙසේ වුවත් අදාළ ගාථාවේ පරිවර්තනයක්‌ පමණක්‌ මෙහි දී සඳහන් කරමි. පසුව එය තේරුම් කර දීමට බලාපොරොත්තු වෙමි. පසුගිය සතියේ ඉදිරිපත් කළ ගාථාව දීඝ නිකායෙන් බව කරුණාවෙන් සලකන්න. පිටු අංක බුද්ධ ජයන්ති ත්‍රිපිටක පරිවර්තනයෙනි. 

"මහණෙනි, යම් නාම රූපයෙක්‌ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශුභ සුඛ ආත්ම වශයෙන්) මේ සත්‍යය යි දක්‌නා ලද නම්, ඒ නාමරූප බුද්ධාදී ආර්යයන් විසින් තෙල මෘෂායෙකැ යි සම්‍යක්‌ ප්‍රඥාවෙන් යථාභූත කොට දක්‌නා ලද ය යන මෙ එක්‌ අනුපස්‌සනායෙක. මහණෙනි, යම් නිර්වාණයක්‌ සදෙවක... දෙව්මිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් තෙල මෘෂායෙකැ දක්‌නා ලද නම්, ඒ නිවණ ආර්යයන් විසින් තෙල නිවණ සත්‍යය යි යථාභූත කොට සම්‍යක්‌ ප්‍රඥායෙන් මොනවට දක්‌නා ලද ය යන මෙ දෙවන අනුපස්‌සනා යි" (බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන සංයුක්‌ත නිකාය සුත්ත නිපාතය ද්වයතානුපස්‌සනා සූත්‍රය (237 පිටුව) 758 ගථාව).

අමරතුංග මහතා ගේ මාර්තු 5 වැනි දා ලිපියෙහි පරස්‌පර ගැන සඳහන් කිරීමට පළමුව කිව යුත්තක්‌ වෙයි. මගේ මමත්වයක්‌ ගැන ඒ මහතා සඳහන් කරයි. සෝවාන් වී වත් නොමැති මට යම් මමත්වයක්‌ ඇත. එසේ නො වන්නට මා මේ ලිපි කිසිවක්‌ නො ලියනු ඇත. සසර සැරිසරන අප සියලු දෙනාට ම අඩු වැඩි වශයෙන් මමත්වය වෙයි. අමරතුංග මහතා ගුණදාස අමරසේකර, මාර්ටින් වික්‍රමසිංහ ආදී උගතුන් අනුව යමින් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වූ පුනබ්භවයක්‌ විශ්වාස නො කරන්නේ දැයි නො දනිමි. මා අමරසේකර හා වික්‍රමසිංහ මහත්වරුන් ගැන සඳහන් කරන්නේ අමරතුංග මහතා ඔවුන් ගේ අච්චාරු චින්තන පරම්පරාවේ යෑයි මා විශ්වාස කරන බැවිනි. එහෙත් මා දන්නා බුදුදහමට අනුව අමරතුංග මහතා ද මමත්වය සහිත සසර සැරිසරන සත්ත්වයෙකි. ඔහු ද මෙතරම් වෙහෙසක්‌ ගෙන අසංගත වුවත් ලිපි ලියන්නේ එබැවිනි. 

මම යුද්ධයක්‌ ගැන කිසි දාක කියා නොමැත්තෙමි. අපට කොටින් සමග යුද්ධයක්‌ නො තිබිණි. යුද්ධය යන්න බටහිරයන් හා ඔවුන් ගේ මෙරට ගෝලබාලයන් විසින් යොදාගන්නා ලද පට්‌ටපල් බෙරු සංකල්පයක්‌ පමණකි. බටහිරයෝ කිසි දිනෙක ලංකාවේ හමුදාව ජ.වි.පෙ. සමග යුද්ධයක්‌ කළ බව නො පැවසූ හ. අවිගත් කොටින්ට විරුද්ධව ද අපේ හමුදා යුද්ධයක්‌ කළේ නැත. හමුදාව කොටින් හමුදා ක්‍රියාමාර්ගවලින් පරාජය කළා පමණකි. එය හමුදාවේ කාර්යභාරය වෙයි. අප යුද්ධය ගැන සංකල්පය යොදාගන්නා බැවින් බටහිරයන්ට ඊනියා පශ්චාත් යුද සංහිඳියාවක්‌ ගැන කතා කිරීමට අවස්‌ථාව ලැබී ඇත. සංකල්පීය නිරවුල් බව ගැන හැඟීමක්‌ නැති අමරතුංග මහතාට එයින් වැඩක්‌ නැත. අප තවමත් සංකල්පීය නිරවුල් බවකින් ලෝකයට දෙමළ ප්‍රශ්නය ඉදිරිපත් කර ඇත්තේ ඊනියා ජාතිකවාදීන් ද බටහිර සංකල්ප හා දැනුම මත පදනම් වන බැවිනි. 

මා අවුරුදු විසි පහකට අධික කාලයක්‌ කියා සිටියේ හමුදාවට හමුදා ක්‍රියාමාර්ගවලින් කොටින් පරාජය කිරීමට හැකි බවත් එය කළ යුතු බවත් ය. මා කාට වත් පළමුව එසේ කී බව සඳහන් කිරීමෙන් මගේ මමත්වය පෙන්නුම් නො කෙරෙයි. අමරතුංග මහතා තමා ඩී. එස්‌. සී. උපාධිධාරියකු බව සතිපතා කියන්නේ ඒ මහතා මමත්වය නැති කිරීමට ඔන්න මෙන්න කියා ඇති බැවින් ද? කෙසේ වෙතත් මා කර ඇති දෙයක්‌ කීමට මම නො පැකිළෙමි. මා දන්නා කරුණක්‌ වෙයි. එනම් මෙරට උගතුන් යෑයි කියාගන්නා අය මා කර ඇති දෙයක්‌ පවසන්නේ එයින් මට අපකීර්තියක්‌ කිරීමේ අරමුණෙන් බව ය. අමරතුංග මහතා ආසනික්‌ කතාව හා මනස පිළිබඳ කතාව කියන්නේ ඒ අරමුණෙන් ය. 

අමරතුංග මහතා කෙසේ කීව ද ආසනික්‌ පිළිබඳ ව පළමුවෙන් කරුණු අනාවරණය කළේ මා යෑයි මා කිසි දිනෙක කියා නැත. මා සැම විට ම කියා ඇත්තේ ආසනික්‌ කතාව පළමුව හෙළිදරවු කළේ නාථ දෙවියන් (හා විපස්‌සක දෙවියන්) බවත් අප, එනම් කැලණිය කණ්‌ඩායම, එය දැනගත්තේ ප්‍රියන්තා සේනානායක මහත්මිය ගෙන් බවත් ය. මේ නාථ දෙවියන් මතු බුදු වන මෛත්‍රිය බුදුන්වහන්සේ නො වන බවත් මා සඳහන් කර ඇත. විය යුතු පරිදි ම පසුගිය දා ආසනික්‌ සම්බන්ධ කතාව හෙළිදරවු කිරීම සම්බන්ධයෙන් ප්‍රියන්තා සේනානායක මහත්මිය ජාතියේ වීරමාතා නාමයෙන් පුදනු ලැබුවා ය. ඒ පිළිබඳව මා සතුටට පත් වන නමුත් එය ඊනියා ජාත්‍යන්තර කාන්තා දිනයේ දී සිදුවීම සම්බන්ධයෙන් මගේ කණස්‌සල්ල පළ කරමි. එය කළ යුතු ව තිබුණේ මහාපාලි දිනයක දී ය. මහාපාලි බිසව කවුරුන් දැයි වර්ගපූර්ණිකාව කියවීමෙන් දැනගැනීමට හැකි ය. 

ආසනික්‌ සම්බන්ධ නාථ දෙවියන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නො වුව ද සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි බෝසතාණන් වහන්සේ ගැන කියවෙයි. ඒ මහායාන අර්ථයකින් නො වේ. නියත විවරණ ගැනීම ආදිය තුන්වැනි සංගායනාවේ හෙවත් අශෝක බුදුදහමට ද එකඟ ය. එහෙත් අමරතුංග මහතා තම මාර්තු පස්‌වැනි දා ලිපියෙහි මෙසේ කියා ඇත. "තව ද මහායානයේ ප්‍රධාන සංකල්පයක්‌ වන බෝධිසත්ව සංකල්පය ද හිංදු ආගමෙන් ලබාගත් එකක්‌ බව පැවසිය හැකි ය. බෝධිසත්වයන්ට හිංදු දෙවිවරුන්ට මෙන් මුද්‍රdවක්‌, වාහනයක්‌, සංඛතයක්‌ සහ භාර්යාවක්‌ හිමි වන්නේ ය. බෝධිසත්ව සංකල්පය ලක්‌දිවට පැමිණි පසු සමහර බෝධිසත්වයෝ දේවත්වයට පත් වූ හ. උදාහරණයක්‌ ලෙස අවලෝකේතීෂ්වර නමැති බෝධිසත්වයන් නාථ දෙවියන් බවට පත් විය. නලින් මහතා තමා ගේ මිතුරියක ගේ මාර්ගයෙන් වකුගඩු රෝගයට හේතුව ආසනික්‌ බව කාටත් පෙර සොයාගත්තේ මේ නාථ දෙවියන් ගෙනි. තව ද සමන්තභද්‍ර සමන් දෙවියන් විය. මේ දෙවිවරුන් පිළිබඳ නොයෙකුත් කතන්දර නලින් මහතා කිසි ම සාක්‌ෂියක්‌ නැති ව ඉදිරිපත් කරමින් පත්තර පිටු ගණන් පුරවයි. මිනිසුන් නොම`ග යැම ඔහුට ප්‍රශ්නයක්‌ නො වන්නේ ය. කලකට පෙර ලක්‌දිව විසූ සෝම හාමුදුරුවන් සටන් කළේ දෙවිවරුන් අප ගේ බුදුදහමට ඇතුළු වීමට විරුද්ධ ව ය"

අමරතුංග මහතා මෙයින් අදහස්‌ කරන්නේ නාථ දෙවියන් යනු අවලෝකතීෂ්වර නමැති මහායාන බෝධිසත්වයන් වහන්සේ බව ද? එය එසේ නම් ඒ බව දැනගනු කැමැත්තෙමි. කිසි ම සාක්‍ෂියක්‌ නැති ව කරුණු ඉදිරිපත් කරන්නේ අමරතුංග මහතා ය. ඔහු තමන්ට අවශ්‍ය අන්දමට යමක්‌ ප්‍රකාශ කර තමන් එය පෙන්වා දී ඇති බව පසුව කියයි. බොහෝ උගතුන් යෑයි කියාගන්නා අය කරන අන්දමට යමක්‌ පළමුව ප්‍රකාශ කර පසුව ඒ සඳහා නිර්දිෂ්ටයක්‌ දීම යමක්‌ පෙන්වා දීමට ප්‍රමාණවත් බව අමරතුංග මහතා ප්‍රකාශ කරයි. ආසනික්‌ හා සම්බන්ධ නාථ දෙවියන් මෛත්‍රී බෝසතාණන් වහන්සේ නො වූවත් සුමේධ තාපසයෝ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ඇත්තා හ. අමරතුංග මහතාට අනුව ලෝකයේ පහළ වී ඇත්තේ ගෞතම බුදුරජාණන් වහන්සේ පමණ ද? උන්වහන්සේ ද එක ම භවයකින් බුද්ධත්වය ලැබීමට සමත් වූ සේක්‌ ද?

සෝම හාමුදුරුවන් පමණක්‌ නො ව වීදාගම මෛත්‍රී හාමුදුරුවන් ද දෙවියන්ට විරුද්ධ ව සටන් කර ඇත. එහෙත් දෙවියන් නැති බුදුදහමක්‌ හෝ බුද්ධාගමක්‌ හෝ බෞද්ධ සංස්‌කෘතියක්‌ හෝ නැත. දෙවියන් බඹුන් ගැන ඉහත සඳහන් සුත්තනිපාත ගාථාවෙහි ද බුදුන් වහන්සේ සඳහන් කර ඇත. අමරතුංග මහතා ගේ යථාර්ථවාදී හේතුවාදී බුදුදහමෙහි දෙවියන්ට හා බඹුන්ට ඉඩක්‌ නැද්ද? සමහර විට සිත මිස කය නැති බඹ ලොවෙහි බඹුන්ට පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් ලබාගැනීමට නොහැකි වීම අමරතුංග මහතාට ප්‍රශ්නයක්‌ වී ඇත් දැයි නො දනිමි. දෙවියන් ඇති බවට මට සාක්‍ෂි ඇත. මට සාක්‍ෂි සපයන්නේ සූත්‍ර පිටකය මිස වෙනත් අයකු නො වේ. අමරතුංග මහතාට සාක්‍ෂි සපයන්නේ සෝම හාමුදුරුවන්, කාලෝ ෆොන්සේකා හා කොවුර් ද?

අමරතුංග මහතා ආයුර්වේදය හා සිංහල වෙදකම ගැන කියන මේ පරස්‌පරය ද අපි පසුව සලකා බලමු. "කොතැනත් කවදත් තිබුණේ එක ම විද්‍යාව වන්නේ විද්‍යාවේ පදනම සැමට පොදු වූ ඉන්ද්‍රීය ගෝචර වූ සාක්‌ෂි වන නිසා ය. මෙය වටහාගත නොහැකි ව නලින් මහතා බටහිර වෛද්‍ය විද්‍යාව ආයුර්වේදය සහ සිංහල වෙදකම අතර වෙනසක්‌ නැති දැයි අසයි. (විදුසර 26-02-2014). මේ ක්‍රම තුනේ ම පදනම වන්නේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි වන්නේ ය. එය නැති තැන ඇත්තේ මිථ්‍යාව ය. යම්කිසි රෝගයකට යම්කිසි ප්‍රතිකාරයක්‌ හෝ බෙහෙතක්‌ හෝ සුදුසු බව සොයාගන්නේ එය අත්හදාබැලීමෙන් ය. රෝගීන් වැඩි ප්‍රමාණයක්‌ සුව කළ හැකි බෙහෙතක්‌ ඇතොත් එය සාක්‌ෂි ලෙස පිළිගැනේ. රෝග කාරකය සොයා ගන්නේ ද රෝග විනිශ්චය සිදු වන්නේ ද මේ ලෙස ම ය. සිංහල වෙදකමේ ද ආයුර්වේදයේ ද මේ ක්‍රමය හැර වෙන ක්‍රමයක්‌ නැත. දෙවියන් ගෙන් දැනුම ලබාගෙන රෝගවලට ප්‍රතිකාර කරන්නට ගොස්‌ අමාරුවේ වැටුණ අය අනන්ත අප්‍රමාණ ය. එලෙස අසරණ වූ අය කැලණිය විශ්වවිද්‍යාලයයේ ද සිටින බව අවශ්‍ය නම් පෙන්වා දිය හැකි ය. සිංහල වෙද මහතා තම දැනුම ලබාගත්තේ අත්දැකීමෙන් ය. ආයුර්වේද වෛද්‍යවරයා ද කළේ එය ම ය. මොවුන් රෝග පිළිබඳ තම අදහස්‌ තුළින් මතවාද ඉදිරිපත් කළ අවස්‌ථා ද නැත්තේ ම නො වේ. උදාහරණයක්‌ වශයෙන් ආයුර්වේදයට අනුව රෝග හටගැනෙන්නේ වාත පිත කප්හ යන පද්ධතියේ සමබරතාව බිඳුණු විට ය. එහෙත් අද වන තෙක්‌ මේ පද්ධතියේ ඇත්ත ස්‌වභාවය සොයාගෙන නැත. ආයුර්වේද බෙහෙත්වලින් නොයෙකුත් රෝග සුව කළ හැකි ය. එහෙත් එය සිදු වන්නේ අත්දැකීම්වලින් ලබාගත් සාක්‌ෂි මත පිහිටා ප්‍රතිකාර කිරීමෙන් මිස වාත පිත කප්හ පද්ධතිය ගැන ඇති දැනුමක්‌ නිසා නො වේ. ආයුර්වේදයේ ද සිංහල වෙදකමේ ද තිබිය හැකි අනෙකුත් මතවාද පිළිබඳව ද කිව හැක්‌කේ ඒවා පිළිගැනීමට සාක්‌ෂි නොමැති බව ය. මේ අතින් බටහිර වෛද්‍ය විද්‍යාව ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ගේ මතවාද පිළිබඳව ගැඹුරෙන් පර්යේෂණ කොට අවශ්‍ය සාක්‌ෂි සොයාගැනීමට වෙහෙසන නිසා ය.

කළ යුතු ව ඇත්තේ සාක්‌ෂි නොමැති වාත පිත සෙම වැනි අදහස්‌ අතහැර ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ පාවිච්චි කරන බෙහෙත්වල අඩංගු රෝගයට නිශ්චිත ව පහර දෙන රසායනික ද්‍රව්‍ය කුමක්‌ දැයි සොයාගැනීමට පර්යේෂණ විධිමත් ලෙස කිරීම ය. මේ පර්යේෂණ සඳහා විද්‍යාත්මක ක්‍රම සහ තාක්‌ෂණය යොදාගත යුතු =ය. මෙය ස්‌වල්ප වශයෙන් දැන් ද සිදු වන බව අපි දනිමු. සිංහල වෙදකම හා ආයුර්වේදය දියණු කළ හැක්‌කේ මේ ලෙසින් මිස ළිඳේ මැ`ඩියන් වීමෙන් නො වේ. මින් පෙනී යන්නේ සිංහල වෙදකමේ හෝ ආයුර්වේදයේ හෝ බටහිර යැයි කියන වෛද්‍ය විද්‍යාවෙන් වෙනස්‌ වූ දැනුම් පද්ධතියත් තිබිය නොහැකි බව ය. එසේ වන්නේ දැනුම ලබා ගත හැකි වන්නේ ඉන්ද්‍රීය ගෝචර වූ සාක්‌ෂි තුළින් මිස වෙන මොන ම ක්‍රමයකින් වත් නො වන නිසා ය." සිංහල වෙදකම ද ඉන්ද්‍රිය ගෝචර ය. එහෙත් සිංහල වෙදකමේ මතවාද පිළිගැනීමට සාක්‌ෂි නැත. අෙ¹aමැයිෘ


නලින් ද සිල්වා
Reply all
Reply to author
Forward
0 new messages