If you are interested in reading management in SINHALA please click the link below...
[Message clipped]
If you are interested in reading management in SINHALA please click the link below
නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක් යෑයි පැවසීමෙන් නලින් ද සිල්වා මහතා බොරු වළක වැටී ඇත. එය ඔප්පු කර ගත නොහැකි ව වළෙන් ගොඩ ඒමට දඟලන ඔහු වකුගඩු රෝග, මී උණ වැනි නො දන්නා දේවල් ගැන දෙවියන් ද ඈඳගෙන නන් දොඩවා බොරු වළ තුළ වූ පඹගාලක ද පැටලී ඇත. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක් බව ඔප්පු කරන මෙන් මා කළ ඉල්ලීමට පිළිතුරු සපයන ඔහු බටහිර විද්‍යාවේ උපන් ගෙයි දෝෂය නමින් ලිපියක් ලියා ඇත. (විදුසර - 18. 12. 2013). එහෙත් ඔහු නවීන විද්‍යාව බොරුවක් යෑයි ඔප්පු කොට නැත. ඔහු පවසන්නේ නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක් වන්නේ එහි චින්තනය හේතු කොටගෙන බව ය. එහෙත් එය එසේ වන්නේ කෙසේ දැයි පහදා දී නැත. මේ ලෙස කටමැත දෙඩීමෙන් සිදු වන්නේ ඔහු පඹ ගාලේ තවත් පැටලී වැටී ඇති බොරු වළෙන් ගොඩ ඒමට බැරි වීම ය.
නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක් බව ඔප්පු කරන්නට අසාර්ථක වෑයමක යෙදෙන නලින් ද සිල්වා මහතා "පහේ ශිෂ්‍යත්වයෙන් උපාධියට" (විදුසර- 01-01-2014)- යන මැයෙන් ලිපියක් ලියමින් ප්‍රාථමික අධ්‍යාපනය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සංයුක්‌ත වියුක්‌ත දැනුම පිළිබඳ ව පුරුදු පරිදි වැල්වටාරමක යෙදෙයි. එහෙත් නවීන විද්‍යාව බොරුවක් බව ඔප්පු කිරීමට කිසිදු සාක්‌ෂියක් ඉදිරිපත් නො කරයි. ඔහු පවසන්නේ ඔහු කියන දෙය මට වැටහෙන්නේ නැති බවයි. මට වැටහෙන්නේ මා ලෝකය නිර්මාණය කරන රාමුවෙහි ඇතුළත් කරගත හැකි අදාළ ආකෘතියට ගැලපෙන කරුණු පමණක් බව ඒ මහතා පවසයි. වාසනාවට අප බොහෝ දෙනකු සිටින්නේ ඒ ලෙස නිර්මාණය කරගත් ලෝකයක වීම සතුටට කාරණයකි. නැත හොත් මෙය පිස්‌සන් ගේ ලෝකයක් වීමට ඉඩ ඇත.Why should we read Nalinda Silva, Amaratunga ………etc……..? Is it to use that knowledge for
some Social Transformation or Just for our Knowledge?
Posted: 01/30/2014 5:49 pm EST | Updated: 01/30/2014 5:59 pm EST
"Do scientists pray?"
That's the question that occupied the thoughts of a sixth-grade Sunday school class at The Riverside Church, and who better to pose it to than one of the best scientific minds of our time, Albert Einstein?
A young girl named Phyllis penned a polite and inquisitive note to the great physicist, and she was probably surprised to receive a considerate reply. The exchange was published in the book "Dear Professor Einstein: Albert Einstein's Letters to and from Children," edited by Alice Calaprice.
January 19, 1936My dear Dr. Einstein,
We have brought up the question: Do scientists pray? in our Sunday school class. It began by asking whether we could believe in both science and religion. We are writing to scientists and other important men to try and have our own question answered.
We will feel greatly honored if you will answer our question: Do scientists pray, and what do they pray for?
We are in the sixth grade, Miss Ellis's class.
Respectfully yours,
Phyllis
He replied a mere five days later, sharing with her his thoughts on faith and science:
January 24, 1936Dear Phyllis,
I will attempt to reply to your question as simply as I can. Here is my answer:
Scientists believe that every occurrence, including the affairs of human beings, is due to the laws of nature. Therefore a scientist cannot be inclined to believe that the course of events can be influenced by prayer, that is, by a supernaturally manifested wish.
However, we must concede that our actual knowledge of these forces is imperfect, so that in the end the belief in the existence of a final, ultimate spirit rests on a kind of faith. Such belief remains widespread even with the current achievements in science.
But also, everyone who is seriously involved in the pursuit of science becomes convinced that some spirit is manifest in the laws of the universe, one that is vastly superior to that of man. In this way the pursuit of science leads to a religious feeling of a special sort, which is surely quite different from the religiosity of someone more naive.
With cordial greetings,
your A. Einstein
While the letter doesn't reveal much about Einstein's own personal views on religion, he brilliantly manages to capture the the sublime sense of wonder that science can evoke in a way that it's possible to describe as "religious."
Josh Jones of Open Culture commented, "I think it’s a moving exchange between two people who couldn’t be further apart in their understanding of the world, but who just may have found some small common ground in considering each other’s positions for a moment."
නවීන විද්‍යාත්මක දැනුම නලින් ද සිල්වා මහතා කියන පරිදි වියුක්‌ත වු දැනුමක් නොවේ
නලින් ද සිල්වා මහතා පවසන්නේ ඔහු ගේ 23.1.2014 දින මහනුවර පැවැති දේශනයට පැමිණියා නම් මට "බොහෝ දේ ඉගෙන ගැනීමට තිබිණි" බව ය. (විදුසර - 29.1.2014). මෙතෙක් කල් මා ඔහු ගෙන් කිසිවක් ඉගෙනගෙන නැත. මිථ්‍යාව නො ඉවසන කෙනකුට ඉගෙනගැනීමට ඔහු ළඟ කිසිවක් නැත. ලිපි පහළොවකටත් වැඩි ප්‍රමාණයක් විදුසර සඟරාවට ලියමින් විද්‍යාව බොරු බව ඔප්පු කරන්නට බැරි වූ ඔහු එක දේශනයකින් එය කළ බව විශ්වාස කරන්නට බැරි ය. එම දේශනයට යැම කාලිය නාස්‌ති කිරීමක් වන්නේ ය. තව ද තමා ගේ ම දේශනයක් ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව ඔහු නො දන්නා බව පෙනේ.
නලින් මහතා අලුත් දෙයක් කිසි දාක කිසි විටෙක කියා නැත. විද්‍යාව පිළිබඳ පෝල් ෆෙයරබෙන්ඩ් වැනි දාර්ශනිකයන් ගේ අදහස්‌වල එල්බගෙන ඔහු විද්‍යාව බොරුවක් යයි පවසයි. බුදු දහම පිළිබඳ මහායාන දහමේ අදහස්‌වල එල්බගෙන බුදුදහම විකෘති කරයි. නවීන විද්‍යාව පට්‌ටපල් බොරුවක් බව තවමත් ඔහු ඔප්පු කොට නැත. අයිසෙක් නිව්ටන්, ඇල්බට් අයින්ස්‌ටයින් වැනි ලෝකය වෙනස් කළ අග්‍ර ගණයේ විද්‍යාඥයන් ගේ මතවාද, සොයාගැනීම් බොරු යෑයි ඔප්පු කළ බව පැවසීම වාචාලකමක් පමණක් නො ව එම ප්‍රාඥයන්ට අවමන් කිරීමකි. මුළු ලොව ම ගරු බුහුමන් පුදන එම දෙපළට මෙලෙස අවමන් කරන්නේ බාල ප්‍රසිද්ධියක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් මිස වෙන කුමකට ද? නිව්ටන්, අයින්ස්‌ටයින් වැනි ප්‍රාඥයන් පරදන බුදුරදුන්ට පමණක් දෙවැනි වූ මහා ප්‍රාඥයා නලින් ද සිල්වා මහතා බව පිළිගැනීමට තරම් දෙයක් ඔහු ඉටු කර නැත.
බුදුරදුන් ගේ කාලාම සූත්‍රය කාලෝ ෆොන්සේකා මහතා සහ මා තේරුම් කරගෙන නැති බව නලින් මහතා කිහිප විටක් පවසා ඇත (විදුසර - 29.1.2014), එහෙත් අප තේරුම් කරගෙන නැති දෙය කුමක් ද, එය තේරුම් කරගන්නේ කෙසේ ද යන්න නලින් මහතා කිසි තැනක පැහැදිලි කොට නැත. එසේ ඇතොත් කොතැන දැයි පවසන මෙන් ඉල්ලමි. එසේ නැතොත් දැන් වත් එය කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
නලින් මහතා වියුක්‌ත දැනුම සහ සංයුක්‌ත දැනුම යනුවෙන් දැනුම වර්ගීකරණයකට භාජන කර ඇත. මා මේ කරුණ මතුපිටට ගන්නේ එම කරුණ මගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක් ද යන්නට අදාළ නිසා ය. අපට තවමත් අවශ්‍ය වී ඇත්තේ මගේ මුල් ප්‍රශ්නයට නලින් මහතා ගේ පිළිතුර බව අවධාරණය කරමි. විද්‍යාව බොරුවක් බව ඔහු තවමත් ඔප්පු කොට නැත.
විද්‍යාව නිපදවන්නේ වියුක්‌ත දැනුම බවත් එය සංයුක්‌ත නො වන බවත් සංයුක්‌ත නො වන දැනුම ප්රත්යක්ෂ දැනුමක් නො වන බවත් ප්‍රත්‍යක්‍ෂ නො වන දැනුම බොරුවක් බවත් නලින් මහතා පවසා ඇත. විද්‍යාව බොරුවක් බව ඔප්පු කොට ඇත්තේ මෙසේ ය. උදාහරණයක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ ගුරුත්වාකර්ෂණය නැමැති සංකල්පය ය. ඔහුට අනුව ගෙඩියක් බිමට වැටීම ප්‍රත්‍යක්‍ෂ ය. ගෙඩිය වැටෙන්නේ ගුරුත්වාකර්ණය නිසා යෑයි පැවසීම පට්‌ටපල් බොරුවකි. මන්ද ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන හෙයිනි. කොපමණ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි තිබුණත් ඒවා පිළිගත නොහැකි බවකි මින් අදහස් වන්නේ. මේ සාක්‌ෂි ගූරුත්වාකර්ෂණය නමැති සංකල්පය සමග සබඳතාවක් නැති බව ය ඔහු පවසන්නේ. ඉන්ද්‍රිය ගෝචර නො වන ක්‍රියාර්මයන් (phenomena) කොතෙකුත් ලෝකයේ පවතී. ඒවා පිළිබඳව ඉදිරිපත් වී ඇති මතවාද (theories) පිළිගැනෙන්නේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි ඇත්නම් පමණි. මේ සාක්‌ෂි අතර ද අෙන්‍යාන්‍ය සමිබන්ධතාවක් තිබීම සහ එකිනෙකට ආධාරකයක් (support)) වීම අත්‍යාවශ්‍ය ය. එවැනි වූ සාක්‌ෂි ගොන්නක් ගුරුත්වාකර්ෂණය පිළිබඳව ඇති බව මීට ඉහත ලිපියකින් මා පෙන්වා දී ඇත (විදුසර - 22.1.2014). ඉන්ද්‍රිය ගෝචර නො වන අනෙකුත් ක්‍රියාමර්ගයන් බොහොමයක් පිළිබඳව ද මෙය පවැසිය හැකි ය. උදා( විදුලිය, විද්යුත් චුමිබක තරංග. එමෙන් ම ඉන්ද්‍රිය ගෝචර නො වන සමහර ක්‍රියාර්මයන් පිළිබඳව මෙවැනි සාක්‌ෂි නො තිබෙන බැවින් ඒවා පිළිගැනෙන්නේ නැත. උදා ( ජීවීන් ගේ බිහි වීම.
මින් පෙනී යන්නේ විද්‍යාෙවි පදනම වන්නේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බව ය. මෙයයි සත්‍යය. මිනිසා බිහි වූ දා පටන් ඔහු ගේ විද්‍යාව වූයේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනමි වූ විද්‍යාව ය. එසේ නො වුණු අවස්‌ථාවල දී මතු වූයේ මිථ්‍යාව ය. මෙලෙස දියුණු වූ විද්‍යාව මිනිසා ගේ ඉතිහාසය ද වන්නේ ය. වෙනත් විද්‍යාවක් තිබිය නොහැකි ය. ලෝකයේ කොතැනක කිසි කලක තිබී ද නැත. ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය නමි වූ දැනුම ලබා දෙයි. නලින් මහතා පවසන වෙනත් විශේෂ වූ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් තිබිය නොහැකි ය.
පොල් ගෙඩිය බිමට වැටීම නලින් මහතාට අනුව ප්‍රත්‍යක්‍ෂ ය. එය උඩට නො යැම ද ප්‍රත්‍යක්‍ෂ ය. උඩට නො යා බිමට වැටීම ප්‍රත්‍යක්‍ෂ දැයි ඔහු පවසා නැත. ප්‍රශ්නය එතැන ය. පොල් ගෙඩිය උඩට හෝ වෙන කොහාට වත් නො යා බිමට වැටීම ප්‍රත්‍යක්‍ෂ වන්නේ කෙසේ ද? එය සිදු වන්නේ කෙසේ දැයි සොයා බැලීම මිනිසා ගේ සහජ ස්‌වභාවය ෙවි. නලින් මහතා මෙන් පොල් ගෙඩිය බිමට වැටීම පමණක් ප්‍රත්‍යක්‍ෂ කොටගෙන මිනිසා සෑහීමකට පත් වන්නේ නැත. ඒ නිසා ය විද්‍යාව මෙතරමි දියුණු වී ඇත්තේ. ඉන්ද්‍රීය ගෝචර සාක්‌ෂි නො පිළිගන්නේ නමි ඉන්ද්‍රිය ගෝචර නො වන්නා වූ කිසි ම ස්‌වාභාවික ක්‍රියාමාර්ගයකින් කිසි ම ප්‍රයෝජනයක් ලබාගන්නට මිනිසාට හැකි වන්නේ නැත. ඔහුට ඇත්තේ දෙවියන් ගේ පිහිට පමණි. විදුලි බලයෙන් ලබාගන්නා වූ කියා නිම කළ නොහැකි ඉමහත් ප්‍රයෝජන රාශිය මිනිසාට ලබා ගත හැකි වූයේ ඉන්ද්‍රිය ගෝචර නො වූ විදුලිය පිළිබඳව විද්‍යාව මාර්ගයෙන් සොයාගත් ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි ගොන්න පිළිගත් බැවිනි. සැම විද්‍යාඥයකු ම නලින් මහතා මෙන් ප්‍රත්‍යක්‍ෂ නමැති දැනුමකට කොටු වූයේ නමි අද අප සැවොම, මිනිස් සංහතිය ම සිටින්නේ නලින් මහතා සිටින බොරු වළේ ය.
වියුක්‌ත දැනුම සහ සංයුක්‌ත දැනුම යන්නෙන් නලින් මහතා අදහස් කරන්නේ කුමක් දැයි පහදා දී නැත. ප්‍රාථමික පාසලේ සිට විශ්වවිද්‍යාලය තෙක් අධ්‍යාපනය පිළිබඳව ලියා ඇති ලිපියේ (විදුසර - 01.01.2014) ඔහු නොයෙකුත් විෂයන් වියුක්‌ත සහ සංයුක්‌ත වශයෙන් හැඳිනගනියි. එහෙත් වියුක්‌ත දැනුම කුමක් ද හෝ සංයුක්‌ත දැනුම කුමක් දැයි ඔහු පහදා දී නැත. මෙවැනි දැනුම් වර්ග තිෙබි දැයි දැනගැනීම පිණිස එවැනි විස්‌තරයක් අවශ්‍ය ය. වියුක්‌ත යන වචනයෙන් අදහස් වන්නේ වෙන් වූ, ඈත් වූ (disjoined, disconnected) යන්න ය. එමෙන් ම සංයුක්‌ත යන වචනයේ අරුත ළං වූ, එක් වූ, සමිබන්ධ වූ (joined, connected) යන්න ය.
නවීන විද්‍යාව ලබා දෙන්නේ වියුක්‌ත දැනුමක් යන්නෙන් අදහස් වන්නේ සාක්‌ෂි සහා ඉන් ඔප්පු විය යුතු මතය හෝ සංකල්පය අතර සබඳතාවක් නැති බව විය හැකි ය. දැනුම පිළිබඳව පිළිගත් එක් නිර්වචනයක් වන එමානුවෙල් කාන්ට් ගේ නිර්වචනය භාවිත කොට මෙය නිරවුල් කරගත හැකි දැයි සොයා බලමු. ඊට අනුව යම් විස්‌වාසයක් (belief) සිද්ධාන්ත (facts) සමග එකග වේ නම් එය දැනුම වන්නේ ය. (සිද්ධාන්ත යන වචනය යොදාගන්නේ සුදසු වෙන වචනයක් නැති නිසා ය). මින් හැ`ගී යන්නේ විශ්වාසය සහ සිද්ධාන්ත අතර සබඳතාවක් තිබිය යුතු බව ය. තව ද එම සිද්ධාන්ත සාක්‌ෂි හැටියට පිළිගත හැක්‌කේ එවැනි සබඳතාවක් ඇතොත් පමණි. එසේ ම සාක්‌ෂි එකිනෙකට ආධාරකයක් (support) විය යුතු ය. මේ ලෙස ලබාගන්නා දැනුම කිසිසේත් ම වියුක්‌ත වු දැනුමක් විය නොහැකි ය.
දැන් මේ තර්කය ගුරුත්වාකර්ෂණය වෙත යොමු කරමු. ගුරුත්වාකර්ෂණය සර් අයිසෙක් නිව්ටන් ගේ මනස් හටගත් විශ්වාසයක් යෑයි සිතමු. ගිලිහුණු ගෙඩියක් එතැන ම නො තිබී උඩුගුවනට හෝ වෙන කොහේ වත් නො යා පොළොවට පතිත වීම සිද්ධාන්තයක් ලෙස පිළිගත හැකි ය. මෙහි දී වැදගත් සාධක වන්නේ ගෙඩිය එතැන ම නො තිබීම, උඩු ගුවතට නො යැම, අහසේ වෙන කොහේ වත් නො යැම, පොළොවට පතිත වීම යන්න ය. මේ ක්‍රියාදාමය මේ ලෙස සිදු වන්නේ ගෙඩිය ඇදගැනීමේ බලයක් පොළොව සතු විය යුතු නිසා බව සිතිය හැකි ය. මේ විශ්වාසය ඉහත සඳහන් සිද්ධාන්තයෙන් කිසිසේත්ම වියුක්‌ත වී නැත. සත්තකින් ම මෙතන විශ්වාසය පැනනැඟ ඇත්තේ සිදධාන්තය තුළින් ම ය. මෙවැනි සිද්ධාන්ත සෑහෙන ප්‍රමාණයක් නිව්ටන් තම පර්යේෂණ ම`ගින් රැස් කරගෙන ඇත. මේ සිද්ධාන්ත එකිනෙකට ආධාරකයක් වූ සාක්‌ෂි ගොන්නක් බව පැහැදිලි ය. ගුරුත්වාකර්ෂණය නමැති සංකල්පය පැනන`ගින්නේ මේ සාක්‌ෂි තුළිනි. එය එතැනට පිටතින් ආරූඪ කළ දෙයක් නො වේ.
නිව්ටන්ට පසුව ඉහත සඳහන් සාක්‌ෂි ගොන්නට තවත් සාක්‌ෂි රාශියක් එකතු වී ඇත. අභ්‍යාවකාශයේ දී මුදාහැරිය වස්‌තුවක් පොළොවට ඇද නො ගැනීම, හඳ මතු පිට මේ බලය පැවතීම, එහෙත් එම බලය හඳ මත පොළොවට වඩා අඩු වීම ඉන් සමහරකි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වන බව ඇත්ත ය. මෙවැනි ස්‌වාභාවික ක්‍රියාදාමයන් බොහොමයක් මෙලොව පවතින බව අපි දනිමු. එනමුත් එවායින් අප ලබාගන්නා ප්‍රයෝජන කියා නිම කළ නොහැකි ය. එසේ ප්‍රයෝජන ලබාගත හැකි වී ඇත්තේ එලෙස ලබාගන්නා දැනුම තුළින් නොයෙකුත් න්‍යාය නිපදවා ඒ මත පදනම් වූ ගණනය කිරීම් සිදුකිරීමෙනි. විද්‍යාව බොරුවක් නම් මේ කිසි දෙයක් මෙතරම් සාර්ථක ලෙස කළ නොහැකි ය. මේ පද්ධතිය වියුක්‌ත වූයේ නම් අහසේ පිසාසර කරන අහස් යානා බොහොමයක් කඩා වැටෙනවා ඇත. අභ්‍යවකාශය තරණය කරන්නන් ආපසු නො එනු ඇත. නලින් මහතා අහස් යානයකට ගොඩ නො වනු ඇත.
නිව්ටන් ගේ ගුරුත්වාකර්ෂණය පිළිබඳ න්‍යාය අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය විසින් නිශ්ප්‍රභ කරන ලද බව නලින් මහතා පවසන්නේ ඔහු ගේ තර්කයට ගැලපෙන පරිදි මිස තත්වාවබෝධයකින් නො වේ. බුද ග්‍රහායා ගේ චලනය නිව්ටන් ගේ න්‍යාය සමග ගැලපෙන්නේ නැති බව අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය ඉදිරිපත් වීමට පෙර ද දැන සිටි කරුණකි. අයින්ස්‌ටයින් විසින් කරන ලද්දේ එය නිවැරැදි කිරීම පමණි. තව ද ඔහු ගේ එම වාදය ම`ගින් එම න්‍යාය භාවිත කිරීමේ පරිධිය පුළුල් විය. විශේෂ සාපේක්‌ෂතාවාදය (special relativity) විසින් අධි වේගී වස්‌තු (ඉලෙක්‌ට්‍රොaන) දක්‌වා ද සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය (general relativity) විසින් අධි ගුරුත්වාකර්ෂණීය (high gravitational fields) බලය දක්‌වා ද එලෙස එම න්‍යාය පුළුල් කරන ලදි. ආලෝකයේ වේගයෙන් 90%කට අඩු වේගයකින් ගමන් කරන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි ය. හඳට යැම සඳහා එය අද ද භාවිත කරනු ලැබේ. අයින්ස්‌ටයින් ගේ න්‍යාය අධිවේගී "ක්‌වොන්ටම්" අංශු (ඉලෙක්‌ට්‍රෝන) සඳහා භාවිත කළ හැකි ය. අයින්ස්‌ටයින් ගේ න්‍යාය වුව ද "බ්ලැක් හෝල්" (black hole) නමැති අභ්‍යාවකාශයේ ඇති ස්‌ථාන සඳහා භාවිත කළ නොහැකි බව සඳහන් වේ. නිව්ටන් ගුරුත්වාකර්ෂණය කාලය මත බලපාන්නේ කෙසේ දැයි පැහැදිලි නො කළේ ය. එසේ ම ගුරුත්වාකර්ෂණය කාචයක් මෙන් ආලෝකය වර්තනයට භාජන කිරීම ඔහු පැහැදිලි කොට නැත. මේ දේවල් කිරීමට අයින්ස්‌ටයින් තැත් කළේ ය.
මිනිසා අවට ලෝකය පිළිබඳ දැනුම ලබා ගත්තේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මාර්ගයෙනි. මීට ඉන්ද්‍රිය පද්ධතිය ස්‌නායු පද්ධතිය සහ මොළය යන කොටස්‌වල ක්‍රියාකාරීත්වය අවශ්‍ය ය. ෙමි එක කොටසක් හෝ ක්‍රියා විරහිත වුවොත් අවට ලෝකය ගැන දැනගැනීම කළ නොහැකි ය. මොළය පමණක් පාවිචිචි කොට ලබාගත හැකි ප්‍රත්‍යක්‍ෂ දැනුම යනුවෙන් හැඳින්විය හැකිs දැනුමක් පිටස්‌තර වූ ලෝකය පිළිබඳව ලබා ගත නොහැකි ය. මොළය පමණක් භාවිත කොට ලබා ගත හැක්‌කේ අපගේ මනස පිළිබඳ දැනුමක් පමනි. තව ද මොළය පමණක් භාවිත කොට පිටස්‌තර ලෝකය පිළිබඳව අදහස් හෝ මත හෝ ගොඩනඟාගත හැකි ය. එහෙත් එවැනි දේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මගින් ඔප්පු කරන තෙක් ඒවා අදහස් හෝ මත හෝ පමණක් වන්නේ ය.
විද්‍යාත්මක දැනුම වියුක්‌ත දැනුමක් නො වන බව ඉහත සඳහන් ආකාරයට පහදා දිය හැකි ය. විද්‍යාත්මක දැනුම ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‌ෂ දැනුමක් වන්නේ එය පදනම් වී ඇත්තේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි මත නිසා ය. සංකල්පයක් දැනුම වන්නේ සාක්‌ෂි ඇතොත් පමණි. සංකල්ප බොහොමයක් උත්පාදනය වන්නේ එවැනි සාක්‌ෂි තුළින් ම ය. එම නිසා ඒවා සාක්‌ෂිවලින් වියුක්‌ත නැත. එහෙත් විද්‍යාව තුළ අස්‌ථිර නිවැරැදි නො වූ අවිනිශ්චිත භාවයක් නැතැයි කිව නොහැකි ය. ඊට දිය හැකි පිළිතුර වන්නේ විද්‍යාවේ ඉමහත් ජයග්‍රහණයන් සහ පෙර කල සිදු වූවා සේ එම දුර්වලකම් අනාගතයේ දී විසඳා ගත හැකි ය යන විශ්වාසය විද්‍යාව බොරුවක් නො වන බව තහවරු කරයි යන්න ය. මේ නයින් බලන කල පෙනී යන්නේ වියුක්‌ත සංයුක්‌ත ප්‍රත්‍යක්‍ෂ දැනුම යනු නලින් ද සිල්වා මහතා ගේ හිතළුවක් පමණක් බව ය. මෙවැනි බොරුවලින් විද්‍යාව පටිටපල් බොරුවක් බව ඔප්පු කළ නොහැකි ය.
වචන හා වචන
පළමුකොට ම සඳහන් කළ යුත්තක් නම් පසුගිය සතියේ මේ තීරුව යටතේ පළ වූ වෙබ් සම්බන්ධය (ඈඳීම-link) වැරැදියට මුද්‍රණය වී ඇති බව ය. එය පහත සඳහන් ආකාරයට නිවැරැදි විය යුතු ය. http://www.youtube.com/watch?v=kiLHfmfYoS4. අවශ්‍ය අයකුට සම්පූර්ණ දේශනයට සවන් දීමට පහත සඳහන් සම්බන්ධ ද යොදාගත යුතු ය. http://www.youtube.com/watch?v=-35_bat62mQ,http://www.youtube.com/watch?v=AMPlnr7LCoI/ නැත හොත් www.kalaya.org යන චින්තන පර්ෂදයේ වෙබ් අඩවියට පිවිස දේශනයට සවන් දිය හැකි ය.
අපි දැන් ඩී. එස්. සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ විද්වත් ප්‍රකාශ කිහිපයක් සලකා බලමු. ඔහු ජනවාරි 08 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. "එනමුත් ඔහුට එක් දෙයක් අමතක වී ඇති බව කිව යුතු ය. එනම් සමහර මහාචාර්යවරුන්ට විශ්‍රාම යන විට ඔවුන් ගේ මහාචාර්ය පට්‌ටම රැකගන්නට බැරි වන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඇති දුර්වලතාවක් නිසා ද නැතිනම් සහජ දුර්වලතාවක් නිසා ද යන්න පහදා දීම ය. එවැනි විධිමත් මාර්ගයක් අනුගමනය කරන විශ්වවිද්‍යාල පද්ධතිය අවතක්‌සේරුවට ලක් කරන්නේ මිදි ඇඹුල් බව පැවසූ උඩ පනින්නට බැරි හිවලා වැනි අය විය හැකි බව ද ඔහුට අමතක ව ඇත."
ඉහත සඳහන් වාක්‍යය ලියා ඇත්තේ ඩී. එස්. සී. උපාධිධාරී සේවාර්ජිත මහාචාර්යවරයා මිස ඔහු කියන අන්දමට විශ්‍රාම යන විට මහාචාර්ය පට්‌ටම රැකගැනීමට බැරි වූ මා නො වේ. එහෙත් එහි සඳහන් වන එවැනි විධිමත් මාර්ගය කුමක් දැයි මහාචාර්යතුමා නො කියයි. එවැනි යනුවෙන් සඳහන් කිරීමට ඒ විධිමත් ක්‍රමය කුමක් දැයි පළමුව ප්‍රකාශ කළ යුතු ය. එසේ නැති ව එවැනි යන වචනයට ලැබෙන වැදගත්කම, ඒ වචනයෙන් විස්‌තර වන්නේ කුමක් ද ආදිය පිළිබඳ ව අවබෝධයක් පාඨකයාට නො ලැබෙයි. මගේ මහාචාර්ය පදවිය මා විශ්‍රාම යන විට අවසන් විය. අමරතුංග මහතා ගේ මහාචාර්ය පදවිය ද එතුමා විශ්‍රාම ගිය දිනයේ සිට අවසන් විය.
එහෙත් ලංකාවේ විශ්වවිද්‍යාල මූලික වශයෙන් එංගලන්තයේ විශ්වවිද්‍යාල අනුකරණය කරමින් මහාචාර්ය ධුරයෙන් විශ්‍රාම ගිය ඇතැම් අයට ගෞරවයක් වශයෙන් මහාචාර්ය නාමය රඳවා ගැනීමට අවසර දෙයි. ඒ ඒ විශ්වවිද්‍යාල ඒ අවසරය දීම සඳහා සපුරාලිය යුතු නිර්ණායක සම්මත කරගෙන ඇත. ඒ නිර්ණායක විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස් වෙයි. කැලණිය විශ්වවිද්‍යාලයයේ නම් එක් නිර්ණායකයට අනුව අදාළ පුද්ගලයා අඩු ම තරමෙන් මහාචාර්ය පදවිය අවුරුදු අටක් දරා තිබිය යුතු ය. එසේ ම බොහෝ විට අදාළ පීඨයෙන් ඒ අවසරය දීම සනාතන සභාවට හා පාලක මණ්‌ඩලයට නිර්දේශ විය යුතු ය. විවිධ අධ්‍යයන නො වන හේතු නිසා මට මහාචාර්ය ධුරයේ සේවය කිරීමට සිදු වූයේ අවුරුදු හතක් පමණ ය. එය ද මට කිසිදු පත්වීමක් ලබා නො දීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලවලට විරුද්ධව කිසි ම නීතීඥයකු ගේ සහායක් නොමැති ව ප්‍රතිපාදන කොමිසමේ අභියාචන මණ්‌ඩලය ඉදිරියේ නඩු කීමෙන් ලබාගත් ජයග්‍රහණයක ප්‍රතිඵලයකි. හැත්තෑවේ දශකයෙහි අග පේරාදෙණිය විශ්වවිද්‍යාලය (එවකට මණ්‌ඩපය) මට පත්වීමක් ලබා නො දීමට තීරණය කළ විට අමරතුංග මහතා ඒ විශ්වවිද්‍යාලයෙහි සේවය කළේ දැයි මම නො දනිමි.
කෙසේ වුවත් අවුරුදු අටක් මහාචාර්ය ධුරය නො දැරූ ඇතැම් අයට ද කැලණිය විශ්වවිද්‍යාලයෙන් අදාළ අවසරය ලැබී ඇත. එහෙත් කැලණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨය මා සම්බන්ධයෙන් එවැනි විශේෂයක් නො කරන බව මම දනිමි. මා එම පීඨයෙහි පීඨාධිපති ධුරය අවුරුදු තුනක් දැරූ නමුත් පීඨයෙහි මාණ්‌ඩලික රැස්‌වීම් ශාලාවෙහි පීඨාධිපතිවරුන් ගේ ඡායාරූප අතර මගේ ඡායාරූපය නැත්තේ මගේ සහජ අවලක්‍ෂණයක් (දුර්වලකමක්) නිසා යෑයි මම නො සිතමි. මට මහාචාර්ය නමින් ආමන්ත්‍රණයක් අවශ්‍ය නැත. මගේ ඡායාරූපය සත පහක් නො වටිනා විශ්වවිද්‍යාලයක බිත්තියක එල්ලා තැබීමට ද මට අවශ්‍ය නැත. මට මගේ ස්‌වාධීනත්වය, විශේෂයෙන් ම බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමෙන් සිංහලයන් ස්‌වාධීන කරගැනීම සඳහා කරන අරගලයේ දී මගේ ස්‌වාධීනත්වය, වැදගත් වෙයි. අමරතුංග මහතා ගේ අපහාසාත්මක ප්‍රකාශ නො වන්නට මට ඉහත සටහන ලිවීමට අවශ්‍යතාවක් ඇති නො වීමට තිබිණි.
අමරතුංග මහතාට මහනුවර දී මා පැවැත්වූ දේශනයට සහභාගී වීමට ආරාධනා කළෙමි. ලිපියක සඳහන් කළ හැකි දෙයට වඩා බොහෝ දේ පැය දෙක හමාරක දේශනයක සඳහන් කළ හැකි ය. ඒ දේශනයට සහභාගී වී නම් ඒ මහතාට යමක් ඉගෙනගැනීමට තිබිණි යෑයි මම විශ්වාස කළෙමි. එහෙත් ඒ මහතා පෙබරවාරි 05 වැනි දින පළ වූ ලිපියෙන් කියන්නේ තමා මගෙන් කිසිවක් ඉගෙනගෙන නැති බවත් මා තමන් ගේ ම දේශනයක් ගැන පුරසාරම් දෙඩීම ශිෂ්ට සමාජය පිළිකුල් කරන බව මා නො දන්නා බව පෙනී යන බවත් ය.
මා මගේ දේශනය ගැන කළ පුරසාරමක් නැත. මා කළේ මගේ දේශනයට සහභාගි වීමට ඔහුට ආරාධනය කිරීමත් එයට සහභාගී වීමෙන් ඔහුට යමක් ඉගෙනගැනීමට හැකි බවත් කීම පමණ ය. මා කොහේ දේශන පැවැත්වුවත් එයින් බලාපොරොත්තු වන්නේ අසන්නන්ට යමක් ඉගැන්වීමට ය. අමරතුංග මහතා දේශන පවත්වන්නේ ඉගැන්වීමට නො ව දීමනාවක් (වැටුපක්) ලබාගැනීමට විය හැකි ය. මම එය නො දනිමි. බොහෝ මහාචාර්යවරුන් ගේ දේශනවලින් පොතක පතක ඇති දෙයකට වැඩි කිසිවක් ඉගෙනගැනීමට නොහැකි බවත් මම අත්දැකීමෙන් ම දනිමි. විශ්වවිද්‍යාලයයේ දී හැකිතාක් දේශනවලින් ඉවත් ව සිටීම මට ප්‍රිය විය.
මා දේශන පවත්වන්නේත් ලියන්නේත් අලුත් යමක් කියා දීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිථ්‍යාව නො ඉවසන ඔහුට මගෙන් ඉගෙනීමට කිසිවක් නැති බව ය. බටහිර විද්‍යාව නමැති පට්‌ටපල් බොරු විශ්වාස කරන ඔහු මගෙන් කිසිවක් ඉගෙන නො ගන්නා බව නම් පැහැදිලි ය. ඒ බව ඔහු ගේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ද පැහැදිලි වෙයි. ෆැක්‌ට්‌ස් (Facts) යන්න වෙනුවට සිද්ධාන්ත යන්න යෙදිය නොහැකි බව මගේ ජනවාරි 22 වැනි දා ලිපියෙන් ශබ්දකෝෂවලින් හා පාරිභාෂික ශබ්දමාලාවලින් උදාහරණ ගෙන පෙන්වීමි. එහෙත් පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් ඔහු කියන්නේ කුමක් ද?
ඔහුට අනුව ෆැක්‌ට්‌ස් යන්නට සුදුසු වචනයක් නොමැති බැවින් ඔහු දිගට ම ඒ සඳහා සිද්ධාන්තය යන වචනය යොදාගන්නා බව කියයි. ෆැක්‌ට් යන්නට තනි වචනයක් පැරැණි සිංහලයේ තිබී නැත. එයට හේතුව ෆැක්‌ට් යන්න සිංහලයන්ට විෂය වූවක් නො වූ බැවින් යෑයි සිතිය හැකි ය. එහෙත් දැන් පාරිභාෂික ශබ්දමාලාවෙහි පරිසිද්ධිය යනුවෙන් ඒ සඳහා වචනයක් වෙයි. අමරතුංග මහතා ඒ වචනයට අකැමැති නම් ඔහුට වෙනත් සුදුසු වචනයක් නිර්මාණය කරගත හැකි ය. එහෙත් ඔහු එසේ නො කර ෆැක්‌ට් යන්නෙන් දෙන අදහසට ඉඳුරා විරුද්ධ අර්ථයක් දෙන සිද්ධාන්තය යන්න යොදාගනියි. මෙයින් පැහැදිලි වන්නේ අමරතුංග මහතාට වචන පිළිබඳ නිරවුල් අවබෝධයක් නැති බව ය. අපි ලිපියෙහි අග මේ ගැන තවදුරටත් කතා කරමු.
ඒ අතර අමරතුංග මහතා පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් තවදුරටත් කියන්නේ මා කිසි දාක කිසි විටෙක කියා නැති බව ය. ඔහුට අනුව මා ෆෙයරාබන්ඩ් වැනි දාර්ශනිකයන් ගේ අදහස්‌වල එල්බගෙන (බටහිර) විද්‍යාව බොරුවක් බව පවසයි. මා ෆෙයරාබන්ඩ් ගෙන් පමණක් නො ව කූන් ගෙන් ද අභාසය ලබා ඇත. ඔවුන් නිර්මාණය කළ ඇතැම් දැනුමක් සිංහල බෞද්ධ සංස්‌කෘතියට අවශෝෂණය කරගෙන ඇත. එය මා බොහෝ විට පවසන කරුණකි. එහෙත් මා දන්නා තරමින් ෆෙයරාබන්ඩ් හෝ කූන් හෝ පොපර් හෝ බටහිර විද්‍යාව පිළිබඳ වෙනත් දාර්ශනිකයකු හෝ බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියා නැත. එසේ කියා ඇත්නම් රායප්පු ජෝසµa හා සවුන්ද්‍රනායගම් බිෂොප්වරුන් මෙන් සාක්‍ෂි නොමැති ව හිස් ප්‍රකාශ නො කර බටහිර දාර්ශනිකයකු බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු යෑයි කියා ඇත්තේ කොතැනක දැයි සාක්‍ෂි සහිතව සඳහන් කරන මෙන් ඉල්ලමි.
මා කිසි ම අලුත් සත්‍ය දෙයක් කියා නැති බව කී පළමු නැනැත්නා අමරතුංග මහතා නො වේ. මෙයට කලින් කාලෝ ෆොන්සේකා මහතා එක්‌තරා රූපවාහිනි සාකච්ඡාවක් අවසානයේ දී මට පිළිතුරුකට කාලය නො තබා ඉතා නිවට ආකාරයකට ඒ අරුත දෙන ප්‍රකාශයක් කළේ ය. ඔහු බලාපොරොත්තු නො වූ පරිදි ඔහු ගේ නිවට බව හෙළිදරවු කිරීමට මම ඒ අවස්‌ථාවම යොදාගත්තෙම්. මෙයට කලකට පෙර කලක් ජ. වි. පෙ. අනුගාමිකයකු ව සිට පසුව චින්තන පර්ෂදයේ කටයුතුවලට සහභාගී ව ජාතිය මළ කඳක් යෑයි කියමින් නැවතත් චන්ද්‍රිකා කුමාරතුංග මංගල සමරවීර දේශපාලනයට 1994 දී ගිය පාඨලී චම්පික රණවක මහතා ද මා රැම්සේ වෙත්තිමුනි මහතා ගේ අදහස් හැරෙන්නට වෙනත් දෙයක් (බටහිර) විද්‍යාව හා බුදුදහම පිළිබඳ කියා නැතැයි මහා ඝෝෂාවක් කළේ ය. වෙත්තිමුනි මහතා ගේ අදහස් සමග මා එකඟ නො වූ බව ඒ මහතාට නො වැටහුණේ ඔහුට වෙනත් දේශපාලන ප්‍රශ්නයක් තිබූ නිසා බව මම දැන සිටියෙමි.
අද අමරතුංග මහතා කියන්නේ මා මහායාන දහමේ අදහස්‌වල එල්බගෙන බුදුදහම විකෘති කරන බව ය. එය චම්පික රණවක මහතා කී දේට පටහැනි ය. දෙදෙනා ම හෝ අඩු ම තරමෙන් ඔවුන් ගෙන් එක් අයකු හෝ බොරු කියන (කී) බව පැහැදිලි ය. මා අශෝක බුදුදහමෙහි සඳහන් ඇතැම් දේ නො පිළිගත් පමණින් මා බුදුදහම විකෘති කරන බව අමරතුංග මහතා පවසන්නේ කෙසේ ද? අපි කාලෝ ෆොන්සේකා මහතා හා අමරතුංග මහතා බටහිර දැනුමට අවශ්‍ය කරන ආකාරයට කාළාම සූත්‍රය විකෘති කර ඇති ආකාරය පසුව සාකච්ඡා කරමු. මහනුවර දේශනයට සවන් දෙන්නකුට එය පැහැදිලි විය යුතු ය.
අපි සංවාදයක යෙදී ඇත්තෙමු. අප වැන්නන් සංවාද කරන්නේ, බොහෝ විට සන්නිවේදනය කරන්නේ භාෂාවක වචන යොදාගනිමිනි. එබැවින් අපි වචන යොදාගැනීමේ දී හැකිතාක් නිරවුල් වීමට උත්සාහ දැරිය යුතු වෙමු. එහෙත් අමරතුංග මහතා ඒ ගැන කිසි ම සැලකිල්ලක් නො දක්‌වයි. ඔහු වරක් ඉන්කන්සිස්‌ටන්සි යන වචනය වෙනුවට අවිනිශ්චිතතාව යන පදය යෙදී ය. එය වැරැදි බව ජනවාරි 15 වැනි දා මගේ ලිපියෙන් පෙන්වා දුනිමි. මගෙන් කිසිවක් ඉගෙනීමට නැතැයි කියන අමරතුංග මහතා ජනවාරි 29 වැනි දා ලිපියෙන් ද ඒ වරද කරයි. ඔහු "නිව්ටන් ගේ න්‍යාය තුළ අවිනිශ්චිතතාවන්, අස්‌ථිරතාවන්, නිරවද්‍ය නො වූ තැන් (inconsistency, impreciseness, uncertainty, inexactitude) තිබිය හැකි" යෑයි පවසයි. මෙහි න්‍යාය යනුවෙන් යොදාගෙන ඇත්තේ තියරි යන්නට විය යුතු ය. එය ද වැරැදි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා සිංහල වචන තුනක් වෙනුවට වරහන් තුළ ඉංගිරිසි වචන හතරක් යොදයි. පැහැදිලි ව ම මෙය කපටි උපක්‍රමයකි. තමන් කිනම් සිංහල වචනයක් කිනම් ඉංගිරිසි වචනයක් වෙනුවෙන් යොදාගන්නේ දැයි පාඨකයාට නො කීමට ඔහුට ඉන් අවස්‌ථාව ලැබෙයි. කෙසේ වෙතත් අප කතා කරන්නේ නිවුටෝනීය විද්‍යාවේ බොරුව ගැන මිස ඊනියා අස්‌ථිරතාවන්, අවිනිශ්චිතතාවන් ගැන නො වේ. බොරුව වචන දමා ගැසීමෙන් වැසිය හැකි නො වේ. මේ සියල්ලටත් වඩා අමරතුංග මහතා තම අනවබෝධය ප්‍රදර්ශනය කරන්නේ පෙබරවාරි 05 වැනි දා ලිපියෙන් වියුක්‌තය ගැන කතා කිරීමේ දී ය. ඔහු වියුක්‌තය යනුවෙන් වටහාගෙන ඇත්තේ විවික්‌තය යෘ අපි මේ සියල්ල පසුව විස්‌තරාත්මක ව සාකච්ඡා කරමු. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්‌ත ප්‍රවාද බැවින් අමරතුංග මහතා ඉගෙනගත්තත් නැතත් අප ඉක්‌මනින් එය පැහැදිලි කළ යුතු ය.
නලින් ද සිල්වා
| කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවකි ආචාර්ය නලින් ද සිල්වා මහතා "වචන සහ වචන" (විදුසර - 12.2.14) යන මාතෘකාව යටතේ වචන සම්භාරයක් ලියමින් කිසිවක් පවසා නැති නිසා එම ලිපියට පිළිතුරු ලිවීම විදුසර විද්‍යා සඟරාවේ පිටු නාස්‌ති කිරීමක් වන්නේ ය. මගේ මුල් ප්‍රශ්නය වන විද්‍යාව බොරුවක් ද? යන්නට පිළිතුරු නො දී සිටීම පිණිස ඔහු යොදාගන්නා උප්පරවැට්‌ටිවලට හසු විය යුතු නැත. එම නිසා මම අද වෙන වැදගත් කරුණක් ගැන ලියමි. මා ඉදිරිපත් කළ මුල් තර්කයේ සඳහන් වූයේ නවීන විද්‍යාව යුරෝපයේ පමණක් බිහි වූ වර්ධනය වූ විද්‍යාවක් නො ව ලෝකයේ අනෙකුත් පැරැණි ශිෂ්ටාචාරයන් තුළ බිහි වී වර්ධනය වූ විද්‍යාවන්හි දායකත්වයෙන් යුරෝපයේ දියුණු වූ විද්‍යාවක් බව ය. මිනිසා, බිහි වූ දා පටන් නො කැඩී වර්ධනය වූ මේ විද්‍යාව අද මුළු ලෝකයේ පැතිර පවතින්නේ එහි ඇති සත්‍යතාව සහ සාර්වකතාව (Universality) මනාව පිළිබිඹු කරමින් ය. නලින් ද සිල්වා මහතා පවසන්නේ විද්‍යාවට මෙවැනි ඉතිහාසයක් දායාද කරන්නේ මා පමණක් බව ය. ලෝකයේ වෙන කිසිවකු මේ අදහස නො පිළිගන්නා බව ඔහු පවසයි. මා මේ ලිපියෙන් බලාපොරොත්තු වන්නේ මේ ගැන ඔහු ගේ තිබෙන දැනුමේ ඌනතාව පෙන්නුම් කර දීම ය."විද්‍යාව බොරුවක් ද?" යන අපගේ මුල් ප්‍රශ්නයට ද මේ කරුණ අදාළ ය. විද්‍යාවේ පටන්ගැන්ම මිනිසා ගේ පටන්ගැන්ම වන්නේ ය. මිථ්‍යාවේ පටන් ගැන්ම ද එය විය. මිනිසා තම ලෝකයේ පැවැති රහස් අනාවරණය කරගැනීමට යොදා ගත්තේ විද්‍යාව හෝ මිථ්‍යාව විය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි සොයා ගත් අවස්‌ථාවල දී විද්‍යාව ඉස්‌මතු විය. එසේ නො වන අවස්‌ථාවල දී මිථ්‍යාව ඉස්‌මතු විය. මිනිස් ලෝකයේ කොතැනක දී වුවත් සිදු වූයේ මේ දෙය ම ය. මෙලෙස දියුණු වූ මිනිසා සහ ඔහු ගේ විද්‍යාව නිසා නොයෙකුත් රටවල ශිෂ්ටාචාරයන් බිහි වන්නට විය. චීනයේ, ඉන්දියාවේ, අරාබියේ, ඇමෙරිකාවේ (පැරැණි) මේ ලෙසින් ශිෂ්ටාචාරයන් බිහි වී ඒවායේ විද්‍යාව තවත් දියුණු විය. මිථ්‍යාව ද දියුණු විය. විද්‍යාවෙන් සිදු වූයේ යහපත පමණක් ම නො වී ය. එමෙන් ම මිථ්‍යාවෙන් සිදු වූයේ අයහපත පමණක් ම නො වී ය. එනමුත් විද්‍යාවෙන් සිදු වූ යහපත සංසන්දතාත්මකව ඉමහත් විය. එලෙස ම මිථ්‍යාවෙන් වූ අයහපත සංසන්දනාත්මකව ඉමහත් විය. මුල සිට ම මෙලෙසින් විද්‍යාවේ පදනම වූයේ ඉන්ද්‍රිය ගෝචර වූ සාක්‌ෂි ය. මූලිකව අද ද එය එසේ ම ය. මිනිසා කොහේ ජීවත් වුවත් ඔහු ගේ ඉන්ද්‍රිය පද්ධතිය බොහෝ සෙයින් එක සමාන විය. මිනිසා ගේ පරිසරයේ සහ ස්‌වභාවධර්මයේ වෙනස්‌කම් තිබුණ ද මූලික ගුණාංග ජීවීන්ට ඔබින ආකාරයේ සමානත්වයක් පිළිබිඹු කළේ ය. තව ද මිනිසා තුළ විපරමට, විමසුමට තිබූ සහජ අවශ්‍යතාව ඔහු කොතනැක සිටියත් එක ලෙස පැවතිණි. විද්‍යාව ආනුභුතික වූ ((empirical) පදනමක පිහිටි බව මින් අදහස් වේ. මේ නිසා මොන රටක ජීවත් වුවත් මිනිසා ගේ විද්‍යාව සමාන ක්‍රමවේදයක් අනුගමනය කිරීම අනිවාර්ය විය. පරීක්‌ෂණ, නිරීක්ෂණ, නිගමන මේ ක්‍රමවේදයට ඇතුළත් වූයේ මිනිසා තමා ගේ ජාන මගින් සහජයෙන් උරුම කරගෙන තිබූ ඥානය සහ හැකියාවන් නිසා ය. ලෝකයේ කොහේ සිදු වුවත් එක හා සමාන ඉන්ද්‍රිය පද්ධතියකින් සහ එක හා සමාන ස්‌වභාවධර්මයකින් යුතු වූ මිනිසා සහ ලෝකය අතර ගනුදෙනුව මේ අන්දමට සිදු විය යුතු ව තිබිණි. එහි වෙනසක් සිදු වන්නට ඉඩක් නැත. මෙලෙසින් විද්‍යාව චීනයේ, ඉන්දියාවේ, අරාබියේ සහ තවත් රටවල වර්ධනය විය. චීනය යකඩ, වෙඩි බෙහෙත්,, මුද්‍රණ යන්ත්‍රය, මාලිමා යන්ත්‍රය බිහි කරන්නේ මෙලෙස දියුණු වූ විද්‍යාව මාර්ගයෙනි. ඊට අවශ්‍ය දැනුම ලැබුණේ දෙවියන් ගෙන් හෝ වෙනයම් මිථ්‍යා මාර්ගයකින් හෝ නො වේ. ඉන්දියාවේ ගණිත ශාස්‌ත්‍රය සහ තාරකා විද්‍යාව දියුණු වූයේ ද මේ ක්‍රමවේදයන් භාවිත කිරීමෙනි. අරාබියේ ද ගණිත ශාස්‌ත්‍රය, වෛද්‍ය විද්‍යාව, තාරකා විද්‍යාව වර්ධනය වූයේ මේ අන්දමට ය. ඉන්දියාවේ දියුණු වූ ගණිත ශාස්‌ත්‍රය අරාබියට සංක්‍රමණය වී එහි දී එය තවත් දියුණු වූයේ ය. අරාබියට සංක්‍රමණය වූ විද්‍යාව එරටේ විද්‍යාඥයන් විසින් විශාල වශයෙන් ලේඛනගත කරන ලදී. 12 වැනි ශත වර්ෂයේ සිදු වුණු විශාල අරාබි-ලතින් පරිවර්තනය (The Arab-Latin Transla) නිසා අරාබියේ ග්‍රන්ථාරූඪ වූ විද්‍යාත්මක ලිපි ලේඛන ලතින් බසට පරිවර්තනය විය. මේවා යුරෝපයට මෙලෙසින් සංක්‍රමණය විය. අරාබියට අයත් වූ විද්‍යාත්මක ලිපි ලේඛන විශාල වශයෙන් ස්‌පාඤaඤයේ සහ ඉතාලියේ දී මෙලෙස පරිවර්තනය කරන ලදී. යුරෝපයේ විද්‍යාඥයන් ලෝකයට පෙන්වන්නට හදන්නේ මධ්‍යකාලීන පරිච්ඡේදයේ දී විද්‍යාව ලෝකයේ කිසි තැනක සැලකිය යුතු වර්ධනයක් සිදු වූයේ නැති බව ද අතීතයේ පැවැති විද්‍යාව මේ කාලය තුළ දී පරිහානියට පත් වී නව විද්‍යාවක් 15,16,17 වැනි ශත වර්ෂවල දී යුරෝපයේ හටගත් බව ද වේ. මේ කාල පරිච්ඡේදය පුනරුදය නමින් හැඳින්වේ. මේ විද්‍යාව පැරැණි විද්‍යාවට වඩා වෙනස් බව ද ක්‍රමවේදය තුළට රීතියකට යටත් වූ පර්යේෂණ ක්‍රම සහ ගණිතමය ක්‍රම ඇතුළු වී ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. එහෙත් මේ තර්කය තමන් ලෝකයේ අන් ජාතීන්ට වඩා උසස් බව පෙන්වීමට කවදත් තැත් කරන ඔවුන් ගේ උපක්‍රමයක් පමණක් බව අප වටහාගත යුතු ය. නලින් මහතාට බටහිර අරහන් වූවාට ඔහු මෙය තේරුම් කරගෙන නැත. පුනරුදය නමැති කාල පරිච්ඡෙදය තුළ විශේෂ වූ විද්‍යාවක් හට නො ගත් බවත්, මධ්‍ය කාලයේ දී ඉතා ම වැදගත් වූ විද්‍යාත්මක මතවාදයන් ගොඩනැ`ගුණු බවත්, එහෙත් මේවා කරළියට පැමිණියේ 16-17 වැනි ශත වර්ෂවල දී බවත් පෙන්වා දෙන දාර්ශනිsකයන් කිහිප දෙනකු ගේ අදහස් පහත සඳහන් ලෙස ඉදිරිපත් කළ හැකි ය. ඉන් පෙනී යන්නේ අතීත ශිෂ්ටාචාරයන් තුළ බිහි වූ විද්‍යාව මධ්‍යකාලීන යුගය තෙක් වර්ධනය වී ඊට පසු 16-17 වැනි ශත වර්ෂවල තවත් දියුණු වූ බවය. මධ්‍යකාලීන යුගය අදහස් මතවාදවලින් පිරිපුන් වූ කාලයක් බව ද, මේවායෙන් එල ප්‍රයෝජන නෙළාගත්තේ පසු කලක ජීවත් වූ ගැලීලියෝ, නිව්ටන් වැනි අය බව ද පෙන්වා දී ඇත. විද්‍යාවේ ඉතිහාසය අතීත යුගය, මධ්‍යකාලීන යුගය සහ නවීන යුගය යනුවෙන් කැඩුණු, වෙන් වුණුq එකක් නො වන බවට කරුණු කාරණා ප්‍රථමයෙන් ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ප්‍රංශයේ භෞතික විද්‍යාඥයකු සහ විද්‍යා දාර්ශනිකයකු වන පියරේ ඩියුහෙම් (PierreDuhem –1885) විසිනි. ස්‌ථිති විද්‍යාව ((Statics) බිහි වූයේ මධ්‍ය කාලීන ගණිත ශාස්‌ත්‍රය තුළින් බව ද පසුව මෙහි බලපෑම විද්‍යාව මත දිගුකාලීනව පැවැති බව ද ඔහු පෙන්වා දෙයි. ජෝඡ් සාර්ටන් (1888-1956) අවධාරණය කර සිටියේ විද්‍යාවේ ඓතිහාසික තිර පැවැත්ම විද්‍යාවේ වර්ධනයට විශාල වශයෙන් හේතු වූ බව ය. මධ්‍යකාලීන යුගයේ විද්‍යාත්මක වර්ධනයක් එළිපිට නො තිබුණාට අදහස්, මතවාද, තර්ක විතර්කවලින් අඩුවක් නො වී ය. මීට හේතුභූත වූයේ 12 වැනි ශත වර්ෂයේ සිදු වූ විශාල අරාබි-ලතින් ලිපි ලේඛන පරිවර්තනය බව ද ඔහු පවසයි. මේ අදහස්‌වලින් නියම ප්‍රයෝජනය ලබාගත්තේ පසු කලක කරළියට පැමිණි කොපර්නිකස්, ගැලීලියෝ සහ නිව්ටන් වැනි අය බව ද ඔහු කියයි. අතීත කාලීන දැනුම අවුරුදු 1000ක් වූ කළුවර යුගයක් පසු කොට හිටිහැටියේ 17 වැනි ශත වර්ෂයේ දී නැවත සොයාගත් බව විශ්වාස කළ නොහැකි බව පවසන ඡේම්ස් ප්‍රැන්ක්‌ලීන් (1982) නමැති ඕස්‌ට්‍රෙලියානු ගණිතඥ සහ විද්‍යා ඉතිහාසඥයා ඉතාලියානුවන් හොරෙන් අරගෙන තමන් ගේ යෑයි කියන විද්‍යාව සොයාගත්තේ 12 වැනි ශත වර්ෂයේ දී බව ද පවසයි. චලනය තේරුම් ගැනීම පිණිස පළමුවෙනි පියවර ගත්තේ මධ්‍යකාලීන යුගයේ බව ද ඊට පෙර අතීත කාලවල දී ඒ අදහස් පැවතුණු බව ද ඔහු පවසයි. චලනය අධ්‍යයනය කළ නිව්ටන් වැනි පසු කාලීන විද්‍යාඥයන් මේ දැනුමෙන් ප්‍රයෝඡන ලබා ගත්තේ ය. විද්‍යාවේ තිර පැවැත්ම (continuity) මින් ඔප්පු වේ. ඒ. සී. ග්‍රැහම් (1973) පවසා සිටින්නේ නවීන විද්‍යාව වෙත වඩා ළං වන්නේ ටොලමි හෝ කොපර්නිකස් ද, නැත හොත් චීන විද්‍යාඥයන් හෝ ඇමෙරිකාවේ මායාවරුන් දැයි කිව නොහැකි බව ය. තව ද නො හඳුනන අතීත තාරකා විද්‍යාඥයකු කර ඇති ප්‍රකාශයක් වන නිරීක්‌ෂණ ම`ගින් ලබාගන්නා සාක්‌ෂි ඉලක්‌කම් තුළ ඇති ගුප්ත බලයෙන් (numerology) ලබාගන්නා දැනුමට වඩා විශ්වාසදායක ය යන්නෙන් ඔප්පු වන්නේ ආනුභුතික (empirical) ක්‍රමයේ වැදගත්කම අතීත කාලයේ වුව ද හැඳිනගෙන සිටි බව ය. මෙය පසුව දියුණු වූ නවීන විද්‍යාවේ අන්තර්ගතය වූ බව ග්‍රැහම් පහදා දෙයි. නවීන විද්‍යාවේ ආරම්භය ඉන් පැහැදිලි වන බව ද ඔහු පවසයි. අතීත සංස්‌කෘති ගණනාවක බලපෑම යුරෝපයේ දියුණු වූ විද්‍යාව මත පැවැති බව අරුන් බාලා (Arun Bala 2006) පවසා සිටියි. අතීත ශිෂ්ටාචාර තුළ පැවැති විද්‍යාවන් එකිනෙකින් වෙනස් නො වූ බව ද මින් පෙන්නුම් කෙරේ. මිනිසා ගේ කායික ව්‍යqහය ගෙනහැර බලන විට දී එය සිදු විය නොහැකි බව පැහැදිලි කොට ඇත. එක ම ඉන්ද්‍රිය පද්ධතියකට කළ හැක්‌කේ එක ම ආනුභුතික ක්‍රියාකාරකම් ය. එක ම ස්‌වභාවධර්මයක් පිළිබඳව ගවේෂණයක යෙදෙන්නේ එක ම ස්‌නායු පද්ධතියක් විසින් නම් ක්‍රමවේදය ද එකක් ම විය යුතු ය. මිනිසා බිහි වූ දා පටන් ඔහු ගේ විද්‍යාව ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් විය. ආනුභුතික වූ විද්‍යාත්මක ක්‍රමවේදය වර්ධනය වූයේ එලෙස ය. අද ද එය එසේ ම ය. මේ නයින් බලන කල විද්‍යාවේ ක්‍රමවේදය සංස්‌කෘතියේ බලපෑමට යටත් නො වන බව පෙනී යා යුතු ය. විද්‍යාත්මක සාක්ෂි සංස්‌කෘතියේ බලපෑමට යටත් නො විය යුතු ය. නිරීක්ෂකයා ගේ සංස්‌කෘතික පසුබිම ඊට බලපාන බව තෝමස් කුන්a නමැති දාර්ශනිsකයා ප්‍රකාශ කරයි. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය සැකසෙන්නේ පෞද්ගලික බලපෑම අවම කිරීම අරමුණු කොට ගෙන ය. නිරීක්ෂකයා ගේ සංස්‌කෘතික පසුබිම තුළින් බිහි වූ ඔහු ගේ පෞද්ගලික මතය තම නරීක්‌ෂණය මත බලපෑමක් කිරීමට ඇති ඉඩකඩ අවම කිරීම විද්‍යාත්මක ක්‍රමවේදයේ එක් පරිශ්‍රමයක් බව අමතක කළ යුතු නැත. සංස්‌කෘතියේ බලපෑම ඇති වන්නේ විද්‍යාව කුමක් සඳහා භාවිත කරනවා ද යන තීරණය ගැනිමේ දී ය. උදාහරණයක් වශයෙන් න්‍යෂ්ටික විද්‍යාව භාවිත කරන්නේ බෝම්බ තැනීමට ද නැත හොත් බලය ලබා ගැනීමට ද යන්න සංස්‌කෘතික නිගමනයක් විය හැකි ය. සංස්‌කෘතිය විද්‍යාවෙන් වෙන් කිරීමෙන් විද්‍යාවට හානියක් සිදු වන්නේ නැත. එහෙත් මිනිසා ගේ උන්නතිය සඳහා විද්‍යාව යොදාගැනීම පිණිස සංස්‌කෘතියෙන් මඟපෙන්වීමක් කළ යුතු ව ඇත. එහෙත් මේ සඳහා සංස්‌කෘතියේ මිනිස් හිතකාමී ගුණාංග අඩංගු විය යුතු ය. බටහිර සංස්‌කෘතියේ නැත්තේ මෙය ය. අප බටහිර ගැත්තන් වූවාට මෙය හොඳින් වටහාගෙන ඇත. ආචාර්ය නලින් මහතා පවසන්නේ දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතියේ බලපෑම අනිවාර්යයෙන් ම පවතින බව ය. එහෙත් විද්‍යාත්මක ක්‍රමවේදය තැත් කරන්නේ සංස්‌කෘතියේ බලපෑම අවම කිරීමට ය. නලින් මහතා එය නො පිළිගනී. ඔහු කියන්නේ දැනුම ලබාගැනීමේ දී සංස්‌කෘතිය විසින් අත්‍යවශ්‍ය කාර්යයක් ඉටු කරන බව ය. මේ කාර්යය කුමක් දැයි ඔහු පැහැදිලි කොට දී නැත. මෙය ඔහුට ම ආවේනික වූ දැනුම් මාර්ගයක් විය යුතු ය. එය වුව ද කුමක් දැයි පැහැදිලි කොට දිය යුතු ය. එවැනි කාර්යයක් සංස්‌කෘතිය විසින් ඉටු කරනු ලබන්නේ දැයි සොයා බැලිය හැකි ය. එසේ සොයා නො බලා ප්‍රකාශයන් කිරීම නො කටයුත්තකි. එහෙත් නලින් මහතාට ඕනෑ ම දෙයක් සොයා නො බලා ප්‍රකාශන කළ හැකි ය. අප එම ප්‍රකාශන එකහෙළා පිළිගත යුතු ය. නැතිනම් අප මෝඩයන් ය. බටහිරට ගැති පුස්‌සන් ය. මේ කරුණ පිළිබඳව සොයාබැලීම සඳහා එක ම පර්යේෂණය ඇමෙරිකාවේ සහ චීනයේ සිදු කළේ යෑයි සිතමු. ප්‍රතිඵල එක හා සමාන ය. සුළු වෙනස්‌කම් තිබිය හැකි ය. ඒවා කොයි නිරීකෂකයන් ගේ ප්‍රතිඵල අතර වුව ද තිබිය හැකි වෙනස්‌කම් මිස රටවල් දෙකක් අතර ඇති සංස්‌කෘතික වෙනස්‌කම් නිසා සිදු වූ දෙයක් නො වේ. අවශ්‍ය නම් මෙසේ සිදු කර ඇති පර්යේෂණ රාශියක් උදාහරණ ලෙස දැක්‌විය හැකි ය. සංස්‌කෘතිය විසිත් යම් අත්‍යවශ්‍ය ක්‍රියාවක් විද්‍යාත්මක ක්‍රමවේදය තුළ සිදුකෙරෙන්නේ නම් මෙය මෙසේ සිදු විය නොහැකි ය. සාක්‌ෂි නොමැති ව නලින් මහතා කරන ප්‍රකාශ මැත දෙඩවීමක් පමණ ය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ පෙර කල පටන් අද දක්‌වා ලෝකයේ සැම තැන පැවතුණේ එක ම විද්‍යාවක් පමණක් බව ය. එසේ වන්නේ විද්‍යාව කවදත් කොතැනත් පදනම් වූයේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත වූ නිසා ය. විද්‍යාව දියුණු වී එහි ක්‍රමවේදය ශක්‌තිමත් වී ඉන්ද්‍රියයන්ට උපකාර වන තාක්‌ෂණය දියුණු වී ඇති බව සැබෑ ය. එනමුත් පදනම, අත්තිවාරම වෙනස් වී නැත. චීනයේ ශිෂ්ටාචාරය සහ විද්‍යාව පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කළ ජෝසොෆ් නිඩහම් නමැති අග්‍ර ගණයේ විද්‍යාඥයා ඉදිරිපත් කොට ඇති අති ප්‍රසිද්ධ ප්‍රශ්නය වන "විද්‍යාව සහ තාක්‌ෂණ කේෂත්‍රයේ චීනය පරදවා බටහිර රටවල් ඉදිරියට ගියේ ඇයි ද?" යන්න නලින් මහතා ඔහු ගේ තර්කය ඉදිරියට ගෙන යැම පිණිස නිතර කියන දෙයකි. එහෙත් නලින් මහතා ගේ තර්කය වන විවිධ රටවල විවිධ වූ විද්‍යාවන් තිබුණු බව මෙයින් ඔප්පු වන්නේ නැත. විද්වත් නීඩහම් චීනයේ තිබුණේ වෙනත් විද්‍යාවක් බව පවසා නැත. ඇත්තෙන් ම ඒ රටේ අතීතයේ පටන් තිබුණේ කවදත් හැම තැන තිබූ විද්‍යාව බව ඔහු ගේ අති විශාල නිබන්ධය වන "චීනයේ ශිෂ්ටාචාරය සහ විද්‍යාව" තුළින් පහදාගත හැකි ය. ඉහත ප්‍රශ්නයට පිළිතුරක් හැටියට විද්වත් නීඩහම් කියන්නේ නිදහස් නිෂ්පාදනයට හිතකර වාතාවරණයක් කොන්ෆිසියස් සහ ටාඔස් ධර්මයන් නිසා චීනයේ නො තිබූ බවයි. ඔහු සමග එකට වැඩ කළ නේතන් සීව්න් නමැති විද්‍යාඥයා කියන්නේ මේ ප්‍රශ්නය ඇසිය යුතු නො වන බව ය. "එය හරියට ඔබේ නම පත්තරේ 3 වැනි පිටුවේ නැත්තේ ඇයි දැයි අසනවා වැනියි" ඔහු පවසයි. කුමක් වුවත් විද්වත් නීඩහම් චීනයේ විද්‍යාත්මක ක්‍රමවේදය බටහිර විද්‍යාවට වෙනස් යෑයි පවසා නැත. තව ද ඔහු ගේ ලේඛනවලින් පැහැදිලි වන්නේ අප පැවසුවා සේ සංස්‌කෘතිය විසින් විද්‍යාව කුමක් කළ යුතු දැයි නිගමනය කරනවා ඇරෙන්නට විද්‍යාත්මක ක්‍රමවේදය තුළ යම්කිසි අත්‍යවශ්‍ය ක්‍රියාවක් සංස්‌කෘතිය විසින් නො කරනු ලබන බව ය. මේ නිසා නලින් මහතාට විද්වත් නීඩහම් ගේ පිහිට පැතිය නොහැකි ය. විද්‍යාව හැර වෙනත් දැනුම් මාර්ග තිබිය හැක. නමුත් ඒවා අංඡනම් එලි අල්ලෙ රේඛා හාෂත්‍රය දේව බැල්ම වැනි මිථ්‍යා මත මත පදනම් වු ඒවාය. මෙවා භාවිතයෙන් සත්‍ය ඝවේෂණය කිරීම කනා පල්ලම් ගැසීම වැනි අන්තරාදායක වැඩකි. මේවාද මේවා අනුමත කරන්නන්ද බොරුකාරයන් බව හෙලි කල යුතුය මහා ගත් කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අදහසක් සඳහන් කිරීමෙන් මේ ලිපිය අවසන් කළ හැක. එතුමා ලියු පළමුවෙනි නවකතාව වන "ලීලා" නමැති කෘතියේ සාංවත්සරය වැටී ඇත්තේ මේ වර්ෂයේය. එම කෘතියේ සාංඤපනයේ මෙවැනි අදහසක් සඳහන් වේ. ඇමරිකාවට එක් විද්‍යාවක්‌ද ආසියාවට තවත් විද්‍යාවක්‌ද තිබිය නොහැකිය. මේ ලෙස එතුමා අදහස් ප්‍රකාශ කලේ අවුරුදු සියයකට පෙරය. අදටද එය සත්‍යයක්‌මය. විද්‍යාව පට්‌ටපල් බොරුවක් බව පැවසීම ලාබ ප්‍රසිද්ධියක් තකා කරණ වාචාල කතාවක් පමණි. |
මහාචාර්ය එන්. ඒ. ද එස්. අමරතුංග DSc |
| බුදුදහම, විද්‍යාව සහ බටහිර චින්තනය ආචාර්ය නලින් ද සිල්වා මහතා සිංහල බුදුදහම යනුවෙන් හඳුන්වන්නේ මුල් බුදු දහම තුළට මහායාන මිථ්‍යා අදහස් එකතු වී සෑදුණු දහමක් බව පෙනේ. සිංහල බුදු දහම විය යුත්තේ මෙය නො වන බව මා විසින් පෙන්වා දෙන ලදි. (විදුසර - 05.03.2014). මේ කරුණ අපට වැදගත් වන්නේ විද්‍යාව දෙස සිංහල බෞද්ධයකු බැලිය යුත්තේ කෙසේ ද යන්න සලකා බැලීමේ දී ය. මිථ්‍යාව රජ කරන දහමක් තුළින් විද්‍යාව දෙස බැලූ විට පෙනෙන්නේ බහුභූත ය. අප තවමත් සිටින්නේ විද්‍යාව පට්‌ටපල් බොරුවක් ද යන මුල් ප්‍රශ්නය තුළ ය. එසේ වී ඇත්තේ නලින් මහතා විද්‍යාව පට්‌ටපල් බොරුවක් බව තවමත් ඔප්පු කොට නැති නිසා ය. විද්‍යාව හෝ නිව්ටන් ගේ සහ අයින්ස්‌ටයින් ගේ න්‍යාය හෝ නිකම් ම බොරු බව පැවසීමෙන් ඒවා බොරු වන්නේ නැත. නලින් මහතා ගේ මේ ක්‍රියාව අපට මතක් කර දෙන්නේ උග්‍ර නාසිවාදියකු වූ ජෝශප් ගොබෙල්ස් ය. (Joseph Goebbels1897)ග හිට්‌ලර් ගේ ඒකාධිපතිවාදය ශක්‌තිමත් කිරීම පිණිස ඔහු බොරු ගෙතුවේ ය. යම් බොරුවක් පිට පිට පැවසීමෙන් එය ඇත්තක් වන්නේ යෑයි ඔහු විශ්වාස කළ බව පෙනේ. නලින් මහතා සිතන්නේ විද්‍යාව බොරු බව සිය දහස් වාරයක් පැවසූ විට එය ඔප්පු වන බව ය. ඕනෑ ම දෙයක් ඔප්පු කරන්නට අවශ්‍ය සාක්‌ෂි ඔහුට අවශ්‍ය නැත. බුදුරදුන් ද, විද්‍යාඥයන් ද අපට කියා දී ඇත්තේ සාක්‌ෂි නොමැති ව කිසිවක් නො පිළිගන්නා ලෙසයි. නලින් මහතා පවසා ඇත්තේ බටහිර විද්‍යාවේ චින්තනය බුදු දහමට ගැලපෙන්නේ නැති බවයි. (විදුසර 05.03.2014). බටහිරයන් ලෝකය නතු කරගැනීමට ක්‍රියා කරන්නේ විද්‍යාවේ චින්තනය මත පදනම් වී නො ව ඔවුන් ගේ චින්තනය මත පදනම් ව, විද්‍යාව ඒ සඳහා උපයෝගි කරගනිමිනි. මෙය විද්‍යාවේ හෝ එහි තුළ ඇති චින්තනයේ හෝ වරදක් නිසා සිදු වන දෙයක් නො වේ. විද්‍යාත්මක චින්තනයත් බටහිර (ගී්‍රක යුදෙව් ක්‍රිස්‌ත්‍රි්‍රයානි) චින්තනයත් එකක් නො ව දෙකකි. විද්‍යාවේ චින්තනය වන්නේ කවදත් කොතැනත් පැවැති විද්‍යාවේ චින්තනය ය. එය සත්‍යය සොයාගැනීමේ මාහැ`ගි අරමුණ මත පදනම් වූ මිනිස් හිතකාමි චින්තනයක් විය. බටහිර චින්තනයට නව මාර්ගෝපදේශයක් සහ නව අරමුණක් ලබා දෙන ලද්දේ 16 වැනි ශතවර්ෂයේ විසූ ජොන් කැල්වින් වැනි රෙපරමාදු ක්‍රිස්‌තියානි ආගම් කර්තෘවරුන් විසිනි. ඡේසුස්‌වහන්සේ ගේ ක්‍රිස්‌ත්‍රියානි ආගමේ තිබූ වැඩි වැඩියෙන් අත්පත් කරගැනීමේ ප්‍රවණතාවට විරුද්ධ වූ ආචාර ධර්ම රෙපරමාදුවන් ගේ බලපෑම නිසා සමාජයෙන් ගිලිහී ගියේ ය. zඇසට ඇසක්, දතට දතක් යන ආදර්ශ වාක්‍ය පෙරදැරි කරගත් යුදෙව් ආගමික චින්තනය ද ඊට දායක වන්නට ඇත. කෙසේ වෙතත් ජෝන් කැල්වින් පූජකතුමා ගේ ප්‍රමුඛත්වයෙන් සිදු වූ මේ වෙනස තුළ ඇති චින්තනය වන්නේ දුප්පතුන් ගේ දුප්පත්කම සහ පොහොසතුන් ගේ පොහොසත්කම සාධරණීකරණය වීමකි. කැල්වින් පුමුඛ පූජකතුමන්ලා කියා සිටියේ පොහොසතුන් හොඳ ගතිගුණවලින් පරිපූර්ණ වූ නිසා ඔවුන් ගේ පොහොසත්කම සාධාරණ බව ය. පොහොසතුන් ගේ ජීවන රටාවට ද ධනවාදයේ නැ`ගීමට ද මේ කියමන දේව ආශිර්වාදයක් විය. මෙහි ප්‍රතිඑලයක් වූයේ උග්‍ර ධනවාදය සහ ඊට සරිලන පාරිභෝගික ජීවන රටාව වර්ධනය වීම ය. මෙයයි ක්‍රිස්‌ත්‍රියානි චින්තනයේ සිදු වූ විශාල වෙනසට හේතු වූයේ. විද්‍යාත්මක චින්තනය තුළ එවැනි වෙනසක් සිදුq වූයේ නැත. එනමුත් විද්‍යාව හොඳට ද නරකට ද යොදාගත හැකි ය. එලෙසින් බටහිර දී විද්‍යාව ද තාක්‌ෂණය ද යොදාගැනෙන්නේ පොහොසතුන් ගේ විනෝදකාමී, නාස්‌තිකාර ජීවන රටාව පවත්වාගෙන යැමට ය. මෙය තෘෂ්ණාව වර්ධනය වීමේ විපාකයක් බව අපි හොඳින් දනිමු. නලින් මහතා කියන ලෝක විනාශය සිදු වන්නේ විද්‍යාව නිසා නො ව බටහිර චින්තනයේ පදනම වී ඇති තෘෂ්ණාව නිසා ය. ජෙෆ්රි සැක්‌ස් නමැති විද්වත් ඇමෙරිකානු ආර්ථික විද්‍යාඥයා ඔහු ගේ නවතම කෘතියේ පවසන්නේ බටහිර චින්තනය විසින් යට වී තිබූ තෘෂ්ණාව අතිමහත් ලෙස සමාජය පුරා මුදාහැර ඇති බවයි. (Jeffrey Sachs - Price of Civilization…)'. බටහිරයන් පිස්‌සුවෙන් මෙන් කාමසුඛල්ලිකානුයෝගයේ ඇලී ගැලී ඉවක් බවක් නැති ව ලෝකය විනාශ කිරීමේ කර්තව්‍යයේ යෙදී සිටින බව අපට පෙනේ. එහෙත් මෙය විද්‍යාවේ වරදකින් සිදු වන්නක් නො වේ. විද්‍යාව බොරුවක් හෝ විනාශකාරී බලයක් හෝ යෑයි පවසා අහක දැමීම මේ අවස්‌ථාවේ දී නො කළ යුත්තකි. ලෝකය බටහිර චින්තනයෙන් බේරාගත හැකි වන්නේ නිර්මල බුදු දහමට ය. (මිථ්‍යාවෙන් තොර වූ). තෘෂ්ණාවට පිළියම ඇත්තේ මුල් බුදුදහම තුළ බැවිනි. මේ සඳහා විද්‍යාව ද බොහෝ සෙයින් අවශ්‍ය වන්නේ බටහිර අධිරාජ්‍යවාදී පිළිවෙත තුළ ඇති එක ආයුධයක් වන යුද මානසිකත්වයට මුහුණ දීම පිණිස ය. චීනය, රුසියාව වැනි රටවල් නලින් මහතා ගේ උපදෙස් මත විද්‍යාව අතහැරියා නම් මුළු ලොව ම අද වන විට බටහිරයන් ගේ අතේ ය. විද්‍යාවේ චින්තනය ස්‌වෛරී නිදහස් එකක් බව විද්‍යාව යොදාගන්නා විවිධ අරමුණු දෙස බැලීමෙන් ප්‍රත්‍යක්‌ෂ කොටගත හැකි ය. චීනය පුරාණයේ දී වෙඩි බෙහෙත් සහ මාලිමා යන්ත්‍රය නිපදවිණි. එසේ කළේ කවදත් කොතැනත් පැවැති විද්‍යාව භාවිත කරමිනි. ඔවුන් මේ දැනුම යොදාගෙන ලෝකය අල්ලන්නට වෑයම් කළේ නැත. ඔවුන් ඒ අරමුණට යොමු කිරීමට විද්‍යාව තුළ චින්තනයක් නො තිබිණි. ඔවුහු සිය චින්තනයට අනුව ක්‍රියා කළ හ. බටහිර ජාතීන් එම විද්‍යාව ම යොදාගෙන (හොරෙන් ලබාගෙන) වෙඩිබෙහෙත් සහ මාලිමා යන්ත්‍රය පාවිච්චි කළේ ලෝකය අල්ලන්නට ය. ඒ ඔවුන් ගේ චින්තනය විය. එය විද්‍යාවේ චින්තනය නො වේ. විද්‍යාව යොදා ගැනෙන්නේ කුමක් සඳහා ද යන්න තීරණය කරන්නේ සමාජ චින්තනය මිස විද්‍යාවේ චින්තනය නො වන බව මෙයින් පැහැදිලි වේ. නලින් මහතා මීට එකඟ නො වේ නම් විද්‍යාව තුළ විනාශකාරී බටහිර චින්තනය ගැබ් වී ඇත්තේ කෙසේ ද, කොතනැ දැයි පෙන්වා දිය යුතු ය. කවදත් කොතැනත් තිබූ විද්‍යාවේ ඇත්තේ නිදහස් චින්තනයකි. එය සත්‍ය ගවේෂණය නම් වූ මිනිස් අවශ්‍යතාව මත පදනම් වූවකි. මිනිසා උරුම කරගත් ඥානය ඹහු යොදාගන්නේ උරුමයෙන් දායාද වූ සෝදිසි කිරීමේ හැකියාව ප්‍රායෝගිකව භාවිත කිරීම පිණිස ය. මෙය ඔහු ගේ ජානවල ඇති ගුණාංගයක් විය. ඔහුට ඇත්තේ කාටත් පොදු ඉන්ද්‍රිය පද්ධතියකි. එසේ ම ඔහු අවට ඇත්තේ පොදු ස්‌වභාවධර්මය ය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් ව දැනුම ලබාගැනීමට ඔහු යොමු වූයේ උරුමයෙන් යෑයි කීවාට වරදක් නැත. එය ඔහු ගේ විද්‍යාවේ චින්තනය විය. එනමුත් ඔහු තුළ තෘෂ්ණාව ද උරුමයෙන් දායාද වී තිබිණි. තෘෂ්ණාව විඳගැනීමට ඔහු විද්‍යාව පාවිචිචි කළේ ය. තෘෂ්ණාව මැ`ඩලීමට කටයුතු කළ සමාජ තුළ විද්‍යාව භාවිත වූයේ බෙහෙවින් යහපත් වූ ක්‍රියාවන් සඳහා විය. තෘෂ්ණාව උලුප්පාලීමට කටයුතු කළ සමාජ තුළ විද්‍යාව භාවිත වූයේ බෙහෙවින් අයහපත් වූ ක්‍රියාවන් සඳහා විය. විද්‍යාව නිදහස් ධර්මයක් විය. ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ විද්‍යාව යුරෝපයේ දී වර්ධනය වන විට එහි ක්‍රමවේදය පාලනය කිරීම පිණිස යම්කිසි නීති රීති පද්ධතියක් සකසාගැනීමේ අවශ්‍යතාව තිබිණි. ජෝන් කැල්වින් ගේ බලපෑම හේතුවෙන් යුරෝපයේ ඇති වූ චින්තන විප්ලවය නිසා විද්‍යාත්මක ක්‍රමෙවිදයේ නිති රීති තුළ ගුණාත්මක වෙනසක් ඇති වූ බවක් පෙනෙන්නට නැත. ඇත්තෙන් ම එම නිSති රීතිවල අරමුණ වී ඇත්තේ විද්‍යාව මත පිටස්‌තර බලපෑමි අවම කිරිම ය. විද්‍යාත්මක ක්‍රමවේදය (නීති රීති) මිනිසා ගේ අයහපත දෙසට හරවන්නට හැකි බලවේගයක් යුරෝපයේ තිබුණා නම් එය රෙපරමාදු ආගමේ බලපෑම විය යුතු ය. එය එසේ සිදු වූයේ නැති බව විද්‍යාත්මක ක්‍රමවේදයේ නීති රීති පරීක්‌ෂා කර බැලීමෙන් පැහැදිලි කොටගත හැකි ය. එම නීතිරීති සැකසී ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ, නිරීක්‌ෂණ සහ නිගමන විධිමත් ලෙස පාලනය කිරීම පිණිස ය. මේවා තුළ බටහිර චින්තනයේ විනාශකාරී ගුණාංග ගැබ් වී නැත. තෘෂ්ණාව මත පදනම් වූ පාරිභෝගික ජීවන රටාව පෝෂණය කිරීම පිණිස ඇතුළු කර ඇතැයි සිතිය හැකි නීති රීති එහි තුළ නැත. එසේ ඇත්නම් පෙන්වා දෙන මෙන් නලින් මහතාට අභියෝග කරමි. විද්‍යාව බටහිර චින්තනයෙන් බිහි වූවක් බව පමණක් පැවසීම පදනම් විරහිත කතාවකි. අප ගේ චින්තනය සාදා පාදාගැනීමේ දී අප බැලිය යුත්තේ මුල් බුදු දහම සමග මහායානය හරහා පැමිණි හින්දු මිථ්‍යා මත මුසු වී පසුව වර්ධනය වූ දහමක් දෙස නො වේ. නලින් මහතා සිංහල බුදු දහම ලෙස හැඳින්වෙන දහම මුල් බුදු දහමට වෙනස් නම් ඒ වෙනස තුළ ඇත්තේ වෙන කිසිවක් නො ව ඒ මිථ්‍යා මත පමණි. නලින් මහතා නියෝජනය කරන්නේ මේ මිථ්‍යාව ය. මුල් බුදු දහම ලෙස අපට පිළිගත හැක්‌කේ පාලි නිකාය තුළ ඇත්තා වූ ද, චීන ආගම නමින් හැඳින්වෙන ග්‍රන්ථ තුළ ඇත්තා වූ ද සූත්‍රවලින් විස්‌තර වන දහම ය. අප ගේ ජනතාවට යහපතක් සිදු වන්නේ මිථ්‍යාවෙන් තොර වූ මේ දහමෙනි. අයහපතක් සිදු වන්නේ සිංහල බුදු දහම ලෙස නලින් මහතා හඳුන්වන මිථ්‍යා මත මුසු වූ දහමෙනි. නලින් මහතා ගේ සිංහල බුද්ධාගමට විද්‍යාව ගැලපෙන්නේ නැත්තේ එහි මිථ්‍යාව රජ කරන නිසා බව පාඨකයනට වැටහෙන බව නිසැක ය. දෙවි දේවතාවුන්ට, ජ්‍යෙdතිෂ්‍ය ශාස්‌ත්‍රයට, අල්ලේ රේඛා ශාස්‌ත්‍රයට, මන්ත්‍ර ගුරුකම්වලට විද්‍යාව තුළ ඉඩක් නැත. මෙවැනි දේවලට විරුද්ධ ව බුදුහු සටන් කළ සේක. බ්‍රහ්මජාල සූත්‍රයේ උන්වහන්සේ මිථ්‍යා මත සහ පාරභෞතික මත හැට දෙකක් පිටුදක්‌නා ලදි. ප්‍රත්‍යක්‌ෂය යන වචනය ගැන නලින් මහතා යළිත් වරක් සඳහන් කොට ඇත (විදුසර-05-03-2014). එහි ඔහු විවිධාකාර ප්‍රත්‍යක්‌ෂ හඳුනාගනියි. දෙයාකාර වූ පෘථග්ජන ප්‍රත්‍යක්‌ෂ, රහතුන් ගේ ප්‍රත්‍යක්‌ෂ, බුදුන් ගේ ප්‍රත්‍යක්‌ෂ යනුවෙන් ඔහු ඒවා නම් කර ඇත. ඔහු ගේ මේ අදහස් ඔප්පු කිරීමට අවශ්‍ය සාධක, සාක්‌ෂි, පදනම් කිසිවක් පුරුදු පරිදි ඔහු ඉදිරිපත් නො කරයි. එම නිසා ඒවා ඔහු ගේ හිතලුවක් පමණක් වන්නේ ය. ප්‍රත්‍යක්‌ෂ යන වචනයේ ගැබ් වූ අරුත වන්නේ ඇස් ඉදිරිපිට පැහැදිලි යන්න ය. (ප්‍රති - ඉදිරිපිට අක්‌ෂ - ඇස්). අප ගේ ඉන්ද්‍රිsයයන් ගෙන් ලැබෙන දත්ත ප්‍රත්‍යක්‌ෂ හෝ පසක් හෝ පැහැදිලි හෝ කරගන්නේ අප ගේ මොළය තුළ ඇත්තා වූ විශේෂ ස්‌ථානයක හෝ ස්‌ථාන කිහිපයක බව ස්‌නායු පිළිබඳ විශේෂඥ විද්‍යාඥයන් සාක්‌ෂි සහිතව සොයාගෙන ඇත. පෘථග්ජනයන් ද, රහතුන් ද, බුදුන් ද යමක් ප්‍රත්‍යක්‌ෂ කරගන්නේ මේ ලෙසිනි. බුදුන් හෝ රහතුන් හෝ නිවන ප්‍රත්‍යක්‌ෂ කරගත්තේ යෑයි සූත්‍ර පිඨකයේ සඳහන් වී නැත. එහෙත් වෙනත් ඉන්ද්‍රිsය ගෝචර දේ උන්වහන්සේලා ප්‍රත්‍යක්‌ෂ කොටගෙන ඇත. විද්‍යාව ඉන්ද්‍රිsය ගෝචර සාක්‌ෂි මත පදනම් වූ හෙයින් එය ප්‍රත්‍යක්‌ෂ දැනුමක් යෑයි කිව හැකි ය. ඉන්ද්‍රිsය ප්‍රත්‍යක්‌ෂය මිස වෙන ප්‍රත්‍යක්‌ෂයක් නොමැති බව මින් පැහැදිලි වේ ආලෝකයේ වේගයට අඩු වේගයකින් (90%) ගමන් කරන වස්‌තු සඳහා නිව්ටන් ගේ න්‍යාය භාවිත කළ හැකි බව නලින් මහතා දන්නේ නැති බව මා පෙන්වා දීම නිසා ඒ මහතාට කේන්ති ගොස් ඇත. විශ්වවිද්‍යාලයේ සිසුන් ගේ සහ ඒ මහතා ගේ අධ්‍යාපනය පිණිස මේ දේවල් ගැන මා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ දේශන පැවැත්විය යුතු බව ඒ මහතා පවසයි. මට කියන්නට ඇත්තේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳව නලින් මහතා දේශන පැවැත්විය යුතු බවයි. ගුරුත්වාකර්ෂණය සහ විශේෂ සාපේක්‌ෂතාවාදය එක් මතවාදයක් තුළට ගෙන ඒමේ දී අවස්‌ථිති සමුද්දේශ රාමුවලට කුමක් සිදු වේ දැයි නලින් මහතා මගෙන් අසයි. මම පොතපතින් මේ පිළිබඳව ලබාගත් අල්ප දැනුමෙන් පිළිතුරක් දීමට තැත් කරමි. අයින්ස්‌ටයින් ගේ සාපේක්‌ෂතාවාදය රඳා පවතින්නේ සමුද්දේශ රාමු මත යෑයි කීවාට වරදක් නැත. ඔහු ගේ විශේෂ සාපේක්‌ෂතාවාදයේ විශේෂ යන වචනය යෙදෙන්නේ එය වලංගු වන්නේ අවස්‌ථිති සමුද්දේශ රාමුවලට පමණක් වන හෙයිනි. එ විද්වතාණන්ට අවශ්‍ය වූයේ අනෙකුත් නැත හොත් සාමාන්‍ය සමුද්දේශ රාමු සහ ගුරුත්වාකර්ෂණීය ප්‍රත්‍යයන් ද ආවරණය වන පරිදි එක් පොදු මතවාදයක් ගොඩනැ`ගීමට ය. මේ මතවාද එකතු කරනවා යන්නේ තේරුම එය ය. ප්‍රතිඵලය වූයේ සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය බිහි වීම ය. මේ සඳහා ඔහු ගුරුත්වාකර්ෂණය සිදු වන්නේ අවකාශ-කාල වක්‍රතාව නිසා යෑයි නව අදහසක් ඉදිරිපත් කළේ ය. විශේෂ සාපේක්‌ෂතාවාදය තුළ අවකාශ-කාලය පැතලි ය. මේ මතවාද ඉදිරිපත් වූ කාලයේ ඒවාට අදාළ සාක්‌ෂි නො තිබිණි. එහෙත් දැන් ඒවා ප්‍රායෝගිකව භාවිත වන්නේ සාක්‌ෂි ලැබී ඔප්පු වී ඇති නිසා ය. මේවා බොරු බව කීම මෝඩ විහිළුවකි. එහෙත් නලින් මහතා මෝඩ විහිළුවලට කැමැති බව පෙනේ. විශේෂ සාපේක්ෂතාවාදය සහ ගුරුත්වාකර්ෂණය එකතු වී සාමාන්‍ය සාපේක්‌ෂතාවාදය ගොඩනැ`ගුණේ නැති බව ඔප්පු කිරීම පහසු කාරියක් බව නලින් මහතා පවසයි. මෙපමණ කලක් ඒ මහතා එය නො කළේ ඒ කරුණ ගැන නො දැන සිටි නිසා විය යුතු ය. ලොකයේ ප්‍රමුඛ භෞතික විද්‍යාඥයන් නලින් මහතා ගේ හැකියාවන් ගැන නො දැනීම ලෝකය හිනස්‌සන විහිළුවකි. |