ප්‍රේමසිරි කේමදාස නම් ඔහු

474 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Oct 6, 2013, 10:29:19 AM10/6/13
to ind...@googlegroups.com

ප්‍රේමසිරි කේමදාස නම් ඔහු

8:39 AM  ෴ සරිගම ලංකා ෴ 



කේමදාස මාස්ටර් නමින් සංගීත ක්ෂේත්රය දිග් විජය කළ ප්‍රේමසිරි  කේමදාස 1937 ජනවාරි 25, දිනමෙලොව උපත ලෑබු ඔහු  ශ්‍රී ලාංකේය සංගීතයේ නිම් වළළු පුළුල් කළ සංගීත රචකයා යනුවෙන් හැඳින්වීම වරදක් නොවේ. ලොව පුරා පවතින විවිධ සංගීත ශෛලීන් ගවේශනය කිරීම තුළින් අනන් සංගීත ශෛලියක් බිහි කිරීම කේමදාසයන් ගේ වෑයම විය. හේ, සිංහල ජන සංගීතය , හින්දුස්ථානී සංගීතය , බටහිර සංගීතය , වෙනත් අනේකවිධ සංගීත දහරාවන් , අද්යතන යුගයට ඔබින අයුරින් සංයුක්ත කිරීමෙන් තම තනු රචනාවන් නිර්මාණය කළේ . ඔහුගෙන්  ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්රයට දු වූ සේවය ඇගයීමක් වශයෙන් පසුකාලීන  රුහුණ විශ්වවිද්යාලය මගින් කේමදාස ශූරීන් හට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනමන ලදී.

                                                                       ජීවන තොරතුරු

ළමා කාලය

තල්පිටිය, වාද්දූව නම් ගමෙහි දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුත් පවුලක බාලයා ලෙස උපන් කේමදාස කෙරෙහි කුඩා කාලයේ දී කිසිවකුගේ අවධානය යොමු නොවූයේ . වයස අවුරුදු හයේ දී අන් සියළුම ළමුන් තම දෙමාපියන් සමග පාසලට ඇතුලත් වීමට ගියත් කේමදාස ගියේ තනිවම . දිළිඳුකම නිසාවෙන්  කේමදාසගේ අධ්යාපනය කෙරෙහි පවුලේ කිසිවකුගෙන් සහයෝගයක් නොලැබුණි. ඔහුට වයස අවුරුදු හතේ දී ඔහුගේ පියා රා මැදීමට ගොස් සිටිය දී පොල් ගසකින් වැටී මිය ගියේ . අනතුරුව පවුලේ බර කරට ගැනීමට සිදු වූයේ කේමදාසගේ මව වූ ඇලන් පෙර්රා මහත්මියට යි.  ගම්මුන් හට තම වැස්සියගෙන් ලැබෙන කිරි විකුණමින් පවුල නඩත්තු කළාය. කේමදාස ගේ වැඩිමහල් සොයුරිය පැදුරු සහ පන් මළු විවීමෙන් ආදායමක් ලැබුවාය. කේමදාස ලංකාවේ  වන විට අඩු  මිලකට මිලදී ගත හැකි  තිබූ බටනලාවක් මිල දී ගෙන වාදනය පුහුණු වූවේ . පෙරේරා පවුලේ කිසිවකුට නොතිබෙන සංගීතමය හැකියාව හා ඇල්ම කේමදාසට උර වූයේ කෙසේද යන්න කිසිවකු දැන සිටියේ නැත.
කේමදාස පසු කාලයක සඳහන් කළ පරිදි ඔහුගේ ජීවිතය වෙනස් වූයේ ඔහු ශාන්ත ජෝන් විද්යාලයේ හය වන ශ්රේණියේ උගනිමින් සිටියදී .  වන විට පන්තියේ දක්ෂතම සිසුවා වූ කේමදාසට ලැබීමට නියමිත  තිබූ ද්විත්ව උසස්වීම නොලැබුණු කල ඔහු  පිළීබඳ  විමසීමට විදුහල්පතිවරයා හමු වූයේ . කේමදාසට සිදු වූයේ විදුහල්පතිතුමාගෙන් තැලුම් පහර කෑමට . ඔහුට හිමි  තිබූ උසස් වීම ප්රදේශයේ ධනවත් දේශපාලඥයකුගේ දරුවකුට ලබා දී තිබිණ. එතැන් සිට ඉගෙනීමට තිබූ ඔහුගේ ඇල්ම ක්රමයෙන් අඩුවූ අතර බටනලා වාදනයට ඇති ආසාව දෙගුණ තෙගුණ විය.
කේමදාස සංගීතඥයකු වනු දැකීමට පවුලේ කිසිවකු අපේක්ෂා නොකළ අතර කේමදාස ගේ වැඩිමහල් සහෝදර සහෝදරියෝ ඇතැම් විට ඔහුගේ බටනලා පුස්සා දමන්නට කටයුතු කළහ. කේමදාසගේ ප්රසිද්ධම කතාවක් වූයේ ඔහු පානදුර සිට කොළඹට දුම්රියේ බටනලා වාදනය කරමින් ගිය ආකාරය යි. දුම්රියේ ගමන් කරන වරායේ සේවකයන් පිනවීම වෙනුවෙන් ඔහුට සුළු මුදලක් ලැබිණ. කුඩා කේමදාස කිසිඳු දිනක දුම්රියේ යාමට ප්රවේශපත් නොගත්තේ . ටිකට් පරීක්ෂකවරුන් පැමිණි විට හිතවත් සේවකයන් කුඩා බටනලා වාදකයා ඔවුන්ගේ කිළිටි සරම් වලින් වසා ගෙන සඟවා ගත්හ.
ඔහුට පාසලේ ජ්යේෂ්ඨ සහතික පත් විභාගය පැවත්වීමට නියමිතව තිබුණු දිනයේ දී  ලංකා ගුවන් විදුලි සේවයේ(රේඩියෝ සිලෝන්) සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට නියමිත  තිබිණ. විභාගය නිම වීමට කාලය බොහෝ ඉතිරි  තිබිය දී කුසලතා පරීක්ෂණයට පෙනී සිටීම සඳහා හේ විභාග ශාලාවෙන් නික්ම ගියේ . 

                                                              තනු රචකයෙක් වශයෙන්


සිරිසේන විමලවීර ගේ රොඩී කෙල්ල චිත්‍රප සංගීතය අධ්යක්ෂණය කරමින් කේමදාස  චිත්‍රපට සංගීත අධ්යක්ෂණයට පිවිසියේ .බඹරු ඇවිත් චිත්‍රපට තුළින් ඔහු වන විට ශ්රීලාංකේය  චිත්‍රපට සංගීතයට ආගන්තුක වූ අද්විතීය සංගීත ශෛලියක් හඳුන්වා දුන්නේ . අනතුරුව ඔහු සම්මානනීය චිත්‍රපට අධ්යක්ෂකවරයෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ගොළු හදවත සහ නිධානය වැනි චිත්‍රපට සංගීත අධ්යක්ෂණයෙන් දායක වූවේ  චිත්‍රපට සංගීත අධ්යක්ෂකයකු වශයෙන් කේමදාස විචාරකයන්ගේ ප්රසංශාවට පාත් වූ අතර එතැන් සිට ඔහු කේමදාස මාස්ටර් යන ගෞරව නාමයෙන් ආමන්ත්රණය කරන්නට විණ. චිත්‍රපටයේ රූප රාමු වලින් හැඟවෙන භාවයන් උද්දීපනය කිරීම උදෙසා බටහිර සම්භාව් සංගීතයේ භාවිතය,  චිත්‍රපට සංගීතයේ කේමදාස සළකුණ සනිටුහන් කළේය. මොහුගේ සමහර නිර්මාණ වලට වුල්ෆ්ගැන්ග් ආමේඩියස් මෝසාර්ට් සහ ගයිසෙප් වර්ඩි වැනි බටහිර ඔපෙරා නිර්මාපකයන්ගේ නිර්මාණවල ආභාසය ලැබී ඇත.
ශ්‍රී  ලාංකේය සිනමා සංගීතයට ඉන්දියානු ආභාසය ලැබ අනුකරණවලින් යැපෙමින් තිබූ යුගයක සිනමා සංගීතය ශ්‍රී ලාංකීකරණය කිරීම උදෙසා කේමදාස මහත් වෙහෙසක් දැරීය. ගොළු හදවත චිත්‍රපට සඳහා කේමදාස නිර්මාණය කළ සංගීතය සිංහල සිනමා සංගීතයේ මහත් පෙරලියක් ඇති කිරීමට සමත් විය. පසු කාලීන  ආචාර්ය ප්රේමසිරිකේමදාස  මහතා , ජයන්ත චන්ද්රසිරි ගේ අග්නිදාහය චිත්‍රපටත්, සිනමා ක්ෂේත්රයෙන් තම සමුගැනීම සනිටුහන් කරමින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අධ්යක්ෂණය කරන ලදඅම්මාවරුණේ චිත්‍රපට ත්, සංගීත නිර්මාණයෙන් දායක වූවේය. හංසවිලක්, තුන්වෙනි යාමය, පාර දිගේ සහ යස ඉසුරු වැනි චිත්‍රපට සඳහා ප්රේමසිරි කේමදාස ශූරීන් විසින් රචිත සංගීතය ඔහු  වන විට ත් සිනමා ක්ෂේත්රය තුළ ලබා තිබූ ප්රසාදය ඉහළ නංවන්නට සමත් විය. ඔහු ශ්‍රී ලංකාවෙන් පිටත දී නිශ්පාදනය වූ දහසක් මල් චිත්‍රපට  සංගීත අධ්යක්ෂණයෙන් දායක වූවේ . ඔහු අවසාන වශයෙන් දායක වූ චිත්‍රපට ලෙස සනත් ගුණතිලක ගේ එකමත් එක රටක සහ සිරිතුංග පෙරේරා ගේ කණ්යාවී හැඳින්විය හැක.
ටෙලිනාට් සංගීතයට කේමදාස ශූරීන්ගෙන් ලැබුණු දායකත්වය තුළින් ශ්‍රී ලාංකේය සංගීතයට තවත් අග්රගණ් කලාකෘති රැසක් උරුම විය. දක්ෂ ටෙලි නාට් සහ චිත්රපට අධ්යක්ෂකවරයෙකු වන ජයන්ත චන්ද්රසිරි මහතා ගේ නිර්මාණ තුළින් කේමදාස ශූරීන් ගේ අමරණීය සංගීත නිර්මාණ රැසක් බිහි විය. දඬුබස්නාමානය ටෙලි වෘතාන්තය සඳහා කේමදාසයන් නිර්මාණය කළ පෙර නොඇසූ විරූ සංගීතය, ප්රේක්ෂකයන් වශීකෘත කිරීමට සමත් විය. මේ ඉන්ද්රජාලිත ගාන්ධර්වයා දායකත්වය දැක්වූ ටෙලි නිර්මාණ අතර වන ජයන්ත චන්ද්රසිරි ගේ වෙද හාමිනේ, අකාල සන්ධ්යා, සතර දෙනෙක් සෙන්පතියෝ, ධර්මසේන පතිරාජ ගේ ගඟුලෙන් එගොඩට, ඇල්ල ළඟ වළව්ව, පුර සක්මන සහ බන්දුල විතානගේ ගේ අසල්වැසියෝ වැනි ටෙලි නාට්, ප්රේක්ෂකයන් හට කිසිදා අමතක නොවන සංගීතමය අත්දැකීම් ලබා දෙන්නට සමත් විය. ඔහු අවසාන වශයෙනසෙංගීත අධ්යක්ෂණයෙන් දායක වූ ටෙලිනාට්යය ලෙස දේවින්ද කෝන්ගහගේ අධ්යක්ෂණය කළ සදිසි තරණය හැඳින්විය හැක.
කේමදාස ජයන්ත චන්ද්රසිරි ගේ මෝරා, අත් සහ ධර්මසිරි බණ්ඩාරනායක ගේ මකරාක්ෂය, ධවල භීෂණ යන වේදිකා නාට්යවලට , දායක වූවේ .
ඔහු විසින් රචනා කරන ලද සංධ්වනි අතර මුහුද, මගේ කාලේ මව්නි සහ සිංහල අවුරුද්ද වෙයි. බුදුන් වහන්සේ ගේ පිරිනිවීමේ අවස්ථාව පාදක කොට ගෙන ඔහු විසින් නිර්මාණය කරන ලද පිරිනිවන් මංගල්යය කැන්ටාටාව විශ්ව සංගීතය තුළ හමුවන එකම බෞදිධ කැන්ටාටාව  හැඳින්විය හැක. එම සුමධුර නිර්මාණය කේමදාස ශුරීන්ගේ අවමඟුල් උත්සවයේ දී කේමදාස පදනමේ සිසු සිසුවියන් විසින් ඉදිරිපත් කරන ලදී.
කේමදාසගේ සංගීත නිර්මාණ තුළ දක්නට ලැබෙන ඔපෙරාමය සහ ප්රසංවාදී ගායනයන්, ඔපෙරා සහ හාමනි (ප්රසංවාද) පිළිබඳ  ඔහුගේ වූ පෘථුල දැනුම විදහාපායි. ඔහුගේ ජීවිත කාලය තුළ ගායනයෙහි සහ වාදනයෙහි ලා විවිධ අත්හදාබැලීම් කිරීමට කේමදාස පසුබට නොවූයේ . එකිනෙකට නොගැලපෙන රිද්ම රටා, අතිශය විප්ලවකාරී වූ ප්රසංවාදයන් සහ සිතාරය වැනි සංගීත භාණ්ඩ වාදනයෙහිලා නැවුම් ශිල්ප ක්රම භාවිත කිරීම් ඔහුගේ සංගීත නිර්මාණ තුළ නොඅඩුව දක්නට ලැබේ.
 ශ්‍රී ලාංකේය සංගීතඥයන් අතර ඔපෙරා ශෛලිය ප්රගුණ කළ සහ නිර්මාණය කළ එකම සංගීතඥයා ලෙස කේමදාස හැඳින්විය හැක.ගම්බද ප්රදේශවලින් පැමිණ කේමදාසයන්ගෙන් සංගීතය හදාරා පුහුණුව ලැබ ඔහුගේ ඔපෙරාවන්හි රඟ දක්වන දක්ෂ ශිෂ් පරපුරක් ඔහු සතුව සිටියේ . මානසවිල, දොරමඩලාව සහ සොඳුරු වර්ණදාසි කේමදාස ගේ ඔපෙරා අතර වෙයි. අවසාන වශයෙන් ඔහු නිර්මාණය කළ අග්නි ඔපෙරාව පුරාණ ශිෂ්ඨාචාරය පිළිබඳ  නිර්මාණය වූවකි. ඔහුගේ ඔපෙරා සියල්ලම සිංහල භාෂාවෙන් ලියැවී ඇති බැවින් ඒවා සිංහල ඔපෙරා ලෙස හැඳින්වීම වරදක් නොවේ. ඔපෙරා සංගීතයේ මර්මස්ථානය ලෙස හැඳින්විය හැකි ඕස්ට්රේලියාවේ සිඩ්නි ඔපෙරා හවුස් හි පවා ඔපෙරා රඟ දැක්වීමට කේමදාස ඇතුළු කණ්ඩායමට අවස්ථාව උදාවී ඇත. ශ්‍රී  ලාංකේය සංගීතයේ කේමදාස සළකුණ ඉදිරියට ගෙන යාම උදෙසා වර්තමානයේ කේමදාස පදනමේ සිසු සිසුවියෝ ක්රියා කරති. වර්තමානයේ ශ්‍රී  ලංකාවේ සිටින දක්ෂ සංගීතඥයින් වන අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා, ඉන්දිකා උපමාලි, නදීක ගුරුගේ, කසුන් කල්හාර වැන්නවුන් කේමදාසගේ ගුරුහරුකම් තුළින් සංගීත ක්ෂේත්රයට පැමිණියවුන් .
හැත්තෑවන වියෙහිදී සිදු කරන ලද වකුගඩු බද්ධකිරීමේ ශල්යකර්මයෙන් අනතුරුව  ශ්‍රී ලාංකේය සංගීතයේ අනාගාතය සුරක්ෂිත කිරීමේ අරමුණ ඇති  කේමදාස ශූරීහු නැවත සංගීත ක්ෂේත්රයට පිළිපන්නේ . මාස්ටර්, 2008 ඔක්තෝබර් 24 වන දා රාජ් ගෞරව සහිත  දැයෙන් සමුගන්නා විට 71 වන වියෙහි පසුවූවේ . එතැන් සිට ශ්‍රී ලාංකේය සංගීතය කේමදාසයෙන්ගෙන් හිස් වුණු අඩුව පිරවීමට සමත් කිසිවකු බිහි නොවීම තුළින්  ඔහුගේ විශිෂ්ඨත්වය මොනවට පැහැදිලි වෙයි.

                                             චිත්‍රපට සඳහා සංගීත අධ්යක්ෂණය



වර්ෂයචිත්‍රපටයවෙනත් සටහන්
1965සප්ත සොයාපළමු ඒකල අධ්‍යක්ෂණය
1966සැනසුම කොතැනද?එක්සත් ලංකා රසික සංගමය(1966) අතින් සම්මානයට පාත්‍ර විය
සීතල වතුර
කපටිකමලතා වල්පොල ගේ කුරුලු රෑන් ගීතය සහ පසුබිම් සංගීතය
1967රෑණ ගිරව්
මනමාලයෝ
1968ගොළු හදවතසරසවි සම්මානයට සහ ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සඟරාවේ සම්මානයට පාත්‍ර විය.
වනසරා
බයිසිකල් හොරා
1970 නාරිලතාසරසවි සම්මානයට පාත්‍ර විය.
මොකද උනේ? විචාරක සම්මානය
1971සීයෙ නෝට්ටුව
1972නිදානයවිචාරක සම්මානය
1975අහස් ගව්වවිචාරක සම්මානය
1976 ජනක සහ මන්ජු
1978බඹරු ඇවිත් ජනාධිපති සම්මානය
1980වසන්තයේ දවසක් OCIC සහ ජනාධිපති සම්මානය
හංස විලක්
1982 කලියුගය
සොල්දාදු උන්නැහේජනිධිපති සම්මානය(පිළිගැනීම ප්‍රතික්ෂේප කරන ලදී)
1983යුගාන්තයOCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
වසන්තත්තිල් ඔරු මානවිල්දකුණු ඉන්දීය චිත්‍රපටයකි. OCIC සම්මානයට පාත්‍ර විය.
රිදී නිම්නය ජනාධිපති සම්මානය
1984තුන්වෙනි යාමය OCIC සම්මානය
1985හිමකතරජනාධිපති සම්මානය
1986යුගාන්තයOCIC සහ සරසවි සම්මානයට පාත්‍ර විය.
1987මල්දෙණියේ සිමියොන්OCIC සම්මානයට පාත්‍ර විය.
1990සඳකඩ පහණසරසවි සම්මානයට පාත්‍ර විය.
සිරි මැදුරසරසවි, OCIC සහ ස්වර්ණ සංඛ සම්මානයට පාත්‍ර විය.
1992 දොළොස් මහේ පහනසරසවි සම්මානය
මධුසමය OCIC සහ ස්වර්ණ සංඛ සම්මානය
1994සුරබිදෙන ස්වර්ණ සංඛ සම්මානය
ලොකු දුව
1995 මීහරකාස්වර්ණ සංඛ සම්මානය
1996මාරුතය ස්වර්ණ සංඛ සම්මානය
1999ජුලියට්ගේ භූමිකාව OCIC සහ ජනාධිපති සම්මානයට පාත්‍ර විය.
2002අග්නිදාහය සිග්නිස් සම්මානය හා සරසවි සම්මානය
මතු යම් දවස
2005 ගරිල්ලා මාකටින්ජනාධිපති සම්මානය, සිග්නිස් සම්මානය සහ සරසවිය සම්මානය
2006 අම්මාවරුණේලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අවසන් සිනමා නිර්මාණය
2007 භේරුණ්ඩ පක්ෂියාසිග්නිස් සම්මානය
2009 එකමත් එක රටක
කණ්‍යාවී

Dayananda Attanayake

unread,
Oct 7, 2013, 3:52:25 AM10/7/13
to indraka, Dayananda Attanayake, nima...@gmail.com
Maestro Kemadasa  used background music very effectively to explicate the mood of the main characters of the film. A good example is Dr.Lester James Peiris's film Golu Hadawatha(Silent Heart), made in 1969 (44 years back) based on Karunasena Jayalath's novel. If I can correctly remember, it was the first time that the concept of theme music was introduced into Sinhala cinema. The sound of music coming from the flute was the sound of eternal torment of unexpressed love, heard repeatedly throughout the first half of the film until Dammi tells Sugath that she can't marry him.

The film was far in advance of its time and showed the touch of a master in cinematography( in Lester Peiris) and a master of cinematographic music (in Kemadasa). The first half of the film depicts the story though the eyes of Sugath and the next half unfolds the story through the eyes of Dhammi. The film departed from the normal recipe ( of hero, heroine, villain, joker, songs, fights etc.), prevalent those days and was regarded as one of the landmarks in Sri Lankan Cinema.

In my youth the novel 'Golu hadawatha'  was a favourite among teens and young people. It speaks of love spoken and unspoken, which is universal. Also, it was in a school setting, which was a part of everyone’s experiences, and the love between Sugath and Dammi was a love devoid of apparent sexual intentions.

As for me, I enjoyed Golu hadawatha as well as Gamperaliya although both represented different levels. I was even annoyed when my Sinhala teacher in Bandarawela maha vidyalaya told us that Golu Hadawatha was a immature novel ( bolanda Navakathawak) in a class discussion on Dr. Peiris's film. All the girls and boys in our class argued with him. The girls were specially annoyed as they were very fond of Karunasena Jayalath due to his skillful writing depicting physical, psychological and cultural expressions of SL girls during the transition stage from puberty to adulthood (womanhood). His first person interpretation of a girl's mentality and feelings from a girl's point of view in astonishingly great detail (despite, Jayalath being a male ) was really impressive. (Specially in the novel Gehanu Lamai).

This cinematic masterpiece displays some of the finest cinematographic examples that, to this date, aspiring cinematographers can learn from. Some of those instances are; the veralu (olives)scene where Dammi wants to make friends with him again after a day's detachment offering him some veralu fruits through the wired fence of the class room; the scene in the rubber estate where Dammi leans against a rubber tree while looking at Sugath against the backdrop of a giant rock as the sunlight filters in at just the correct angle and she looks at him through a skeletal leaf that infuses charm and a sense of absolute innocence; the scene of Sugath and Dammi after their last day of school, sitting on a fishing boat on a beach ; and at the carnival where Sugath lays eyes on Dhammi after many years while she enjoys a ride in a carousel with her fiancé. The camera work of M.S.Anandan was splendid.

One of the other reasons to love this movie is the way it was able to capture the innocence and purity of young love. There was no dancing and running around trees to proclaim their unspoken love to each other. Premasiri Khemadasa’s beautiful original music score ran pretty much throughout the film but never got in the way of the visual appeal of a single frame.
 

The theme music was no more heard in the film after Dammi says 'no' to Sugath. Khemadasa explained it was intended to symbolize the 'Heart that became silent'(Golu Hadawatha). Shelton Payagala told in a cinema forum (which I attended in Colombo) that Maestro Khemadasa did a mistake here. He said that Maestro could have used music more effectively to portray the deep anguish and distress of Sugath in the second half of the film (perhaps with another heart rendering and haunting piece of music).

GOLU HADAWATHA  theme music- DR. PREMASIRI KEMADASA
http://www.youtube.com/watch?feature=player_embedded&v=8E1JYygIar0

Goluhadawatha  The veralu scene (30sec)

https://www.youtube.com/watch?feature=player_embedded&v=Y-rwUjIhjVc




2013/10/7 Nissanka Rajapaksa <nraja...@gmail.com>

--
 
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/groups/opt_out.

Nissanka Rajapaksa

unread,
Oct 7, 2013, 9:09:12 AM10/7/13
to ind...@googlegroups.com

Nissanka Rajapaksa

unread,
Oct 8, 2013, 9:55:20 PM10/8/13
to ind...@googlegroups.com

බලියාග සිරිතේ ඇති ශාන්ති කවි රචනා අතර පිරිනිවන් මංගල්යය
කවි එකතුව බුදු රජානන් වහන්සේගේ පිරිනිවන් පෑ අවස්ථාව නිරූපණය කර රචනාවී ඇති අති විශිෂ්ඨ කාව්‍ය නිර්මාණයක් වනවා. ශෝක රFont sizeසය තීව්රව දනවන මෙම කවි 30 දයානන්ද ගුණවර්ධන මහතා ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය කෘතියෙන් තෝරාගෙන ඇත්තේ මධුර ජවනිකා වැනි තවත් සුවිශේෂි නිර්මාණයක් රටට දායාද කිරීමේ අරමුණින් වුවත් ඊට පෙර ඔහුගේ අභාවය සිදුවීම නිසා එම නිර්මාණය නොපිපි කුසුමක් බවට පත්වුණා. මේ කවි එකතුව ලබාදුන් වසන්ත ගූණවර්ධන මහතාට ස්තූතියි (පිරිනිවන් මංගල්යය සිතුවම සෝලිස් මැන්දිස් සිත්තරා‍ගේ කැළණි විහාර බිතුසිතුවම)


(1 )
පන්සාලිස් අවුරුදු අප මුනිදුන් වැඩ හිඳ
චුන්දය දුන් දන් වළදා රෝගය වන් සඳ
ගන් ගා තිර වැටෙනා මෙන් නොපැකිළ එමු හුද
සන්සාරේ අගටම විය මරුවා නෙත් බැද

(2)
එතැන් පටන් තෙමසක් ගත වුනු තැන
සොඳින් එවන් සමවත් මුනි අර ගෙන
ඉතින් පිරිනිවන් පානෙමි සිතු වන
එයින් දෙරණ කම්පාවිය අප මන

(3)
අනද තෙරිඳු වඩිමින් මුනි ළඟ ටා
නැමඳ පතුල බිම හසකර සොද ටා
නොවෙද පොළව කම්පා වුනෙ මෙවි ටා
කිමද ඇසුවෙ මුනිඳුන් ගෙන් එවි ටා

(4)
මහසත් බිහිවුනූ කලටත් එලෙ සේ
ජයගත් දින බෝ මුලදිත් සොද සේ
එමහත් කොට බිම් කම්පා වුනු සේ
අදවෙත් මගෙ පිරිනිවනද මෙලෙ සේ

(5)
එක එක රීදී තොරණින්ද
දෙක දෙක රන් රුවනින් ද
සක දිසි පිළි තොරණින් ද
නෙක රන් තරු විල සේ
දැක දැක වඩින ලෙසින් ද
මහ සඟ සපිරි වරින් ද
සල් උයනේ මුනිනන් ද
වැඩවුන් සඳ මෙලෙ සේ

(6)
සොදින එදන රැසිවන සල්වන මැද
මෙදින පිරිනිවන් පානෙමි කී සඳ
වදින හඬන මහ සඟ දැක ඉකි බිඳ
ඉදින් මෙතැන නොම හඬනුව කිය නුද

(7)
තෙරිඳුට අඩ ගසමින් අනද තොප
අඬන්නෙ කිමද මෙදැන්
තෙමසට මුල පෙරදින් නොදැනද
මරු මට කලෙ අයදුන්
සසරට මුනි නොබැදුන් සිරි නැති
සිවි විසි තැන් වඩිමින්
නිමකොට බුදුසිරි දැන් මම යමි
නිවනට අලූයම දින්

(8)
අදසිට කවර බුඳුන් සමඟ හිද
කරනෙමි පැන විසදුන්
මඟතොට ආ සමිදුන් දෙනෙත් අද
නිසල වුනේ මෙලෙසින්
සදවට තරු විලසින් තෙරුන් මැද
වදිනෙමි කවර බුදුන්
අද සිට මගෙ මුනිඳුන් කියන්නද
කාටද අනේ ඉතින්

(9)
සල්වන පිරි නිවනේ මුනිඳු සඳ
දල්වන පහන මෙනේ
මල් දන වැද දෙරණේ අඬන
කඳුළෙන් අලූයම එදිනේ
උල්දිය විල් ලෙසිනේ ගලන මහ
සෙන් කඳුළැලි මැදිනේ
සල් සුවදින් පවනේ සුසුම් හඬ
ලෙවි සැම තැන් ඇසුනේ

(10)
මල් දන නැගී පහන් කියන්
එම මල්ල රජුට මෙවදන්
වල්වැදි සත විලසින් නොයන්
කිව මල්ල රජුගෙ පුරදින්
සල්වන තුළ මුනිඳුන් නිවන් පිරි
කල් දන වැඩ විලසින්
බොල් විය අද මුනි ඳුන් සැනෙන් ගොස්
මල්ල රජුට පවසන්

(11)
මල්ල රජුන් සැට දහසම එවිගස
ගොල්ල සෙනඟ බිසවුන් හා නොවලස
දුල්ල කඳුළු දහරින් තෙමමින් හිස
නිල්ල වරල බිදිමින් එති මඟ බැස

(12)
සල්වන මල් යහනේ දැකලා මුනිදු
සල්වන සොල්වන සේ හැඬු නිරිඳු
සිල්වදනින් ඒ අනුරුද තෙරිදු
මල්ල රජුන් හට පවසයි මෙබදු

(13)
ඔවා අසන් දුක් නිස්පල වන්නේ
යවා සදුන් දර රැස්කර ගන්නේ
දවා සොහොන්කර මුනි රජිදුන්නේ
නිවා ධාතු ගනුවයි පවසන් නේ

(14)
කෙලෙසින් සෑයට මුනිදුන් ලන්නේ
කෙලෙසින් මුනිඳුගෙ ධාතු ලබන්නේ
කෙලෙසින් පෙරමුනි දැවුදැයි වන්නේ
එලෙසින් වදහල මැන තෙරි දුන්නේ

(15)
රන් සළුවෙන් මුනි බඳපොර වන්නේ
නන් සුවදින් තෙල්වත් කරමින්නේ
රන් තොරණින් රන් දෙණ සරසන්නේ
වන්දනයෙන් දර සෑ කරවන් නේ

(16)
සක්විති රජ පෙර දවනා විලස ට
වික්මැති මුනිදුන්ගේ ගූණ සිහි කොට
දුක් නැතිවම රන් දෙණ ඔසවා සිට
නික් මෙනු මුනිඳුගෙ ආදාහන යට

(17)
සතියක් ගිනිලා සෑය නොදන් නේ
මෙපවත් රහතුන් ගෙන් විමසන් නේ
ගුණයුත් එකසුප් මහ තෙරිඳුන් නේ
අදිටන් විලසින් ඒ සිදුවන් නේ

(18)
නැණ බල තෙරිඳුන් කොතැන සිටින් නේ
ගෙන ඒ සමවත් ලෙනක වෙසෙන් නේ
දැනගත් විට මේ පුවත බුදුන් නේ
එන තෙක් සෑයේ ගිනි නොවදින් නේ

(19)
සිප්පලි ගුහා උන්
එකසුප් තෙරිඳු සැනෙකි න්
සමවත් නැගීයෙමි න්
කොයි ද අප මුනි බලා දිවසි න්

(20)
පිරි නිවන් පා ලා
රන් දෙණ තුළ හොවා ලා
බුදුන් රුව දැක ලා
යන්ට නික්මුණි සැනින් එක ලා

(21)
කුසිනාරාපුර මල්ල රජුන් නේ
වෙසෙනා සැට දහසක් වැසියන් නේ
සැදෙනා අන්දම සල් සෙවනින් නේ
දකිනා මෙන් පිරිනිවන බුදුන් නේ

(22)
සුරපති සෑයට මල්වැසි ලන් නේ
නිමනැති දන වැද මල් අහුලන් නේ
පරසතු මල් කොතනින් අරගන් නේ
ගවුතම මුනිඳුගෙ සොහොනින් ගන් නේ

(23)
නොරහත් තෙර හඬලා වැටෙමින් නේ
සිරිමත් මුනි අපි කෙළෙස දකින් නේ
නොපනත් පැවිදා මෙලෙස සිතන් නේ
එමහත් මැරුණා අපි ජයගන් නේ

(24)
නායකයෙක් නැත අපට ඉතින් නේ
නෑ සැක දැන් අපි ජයගෙන ඉන් නේ
දායක දන්වැට නැත අඩුවන් නේ
ඒ දැක ඇයිදැයි අපි වැලපෙන් නේ

(25)
එබ සට සිතුවයි එකසුප් තෙරිඳු
අදසිට නැතිවෙයි ශාසන මුනිඳු
මතුවට මතුවේ නම් ඒ අවිදු
දහමට සංගායන වෙයි පසිදු

(26)
ගින්දර ඇයි නොවදින්නේ නොකියා
රන්දෙණ කින් මුනි ඉන්නේ නොකියා
මන්ද නිවන්පුර වැඩියේ නොකියා
ඇන්ද සිවුර ඇයි දුන්නේ නොකියා

(27)
සිදු කොට සිරිපා තෙරිඳු දිසාවට
සිරුරට වැන්දයි නළල තබා සිට
අදසිට බුදු දැක්මක් නැත මේ ලෝකෙට
පදසිව් ගාතාවෙන් අදිටන් කොට

(28)
මුනි සිරිපා යුග රන්දෙණ වන් නේ
තනියම සෑයට ගිනි ඇවිළෙන් නේ
මුනි පුද ධාතුව සිව් කොටසින් නේ
එහිවුන ගිනි මැද වැඩ සිට ඉන්නේ

(29)
බුදුන් පිරිනිවි අසා රජ සත් දෙනෙක්
දඹදිව රට පුරා
යොදුන් ගනනින් මුදුන් බලකොටු
සියල් සේනා පිරිවරා
පුදන්නට අප බුදුන් සැමදින
බෙදන් ධාතුව නොමසුරා
රදුන් කොළ හල බසින් පැමිණෙයි
දෝන බමුණා එම වරා

(30)
කුසිනාරා වේට දීප අල්ල කප්ප
විසල් පුර ද
සිරිසාරා පාවා රට රාමාග්‍රය
ගෙන තෝරා සාවස්තිය අටක් නගර
බමුණු එස ද
දුනි බේරා ධාතු සැමට
සව්සතනගෙ ආසිරි මැද

දයානන්ද ගුණවර්ධන
(ජේ .ඊ සේදරමන් ගේ බලි යාග විචාරය ඇසුරින් )

(Following is a comment under this video by Harsha Bulathsinhala)
This master piece was Originally recorded in early 90's. at that time i was in the Choir and sang the tenor sheet. Our first performance was took place at the Gall Face Hotel. tickets were sold out about 3 days prior to the performance and the remarkable thing happened that day was, the spectators that we had in the house was 98% foreigners.
Buddhist Cantata (Piriniwan Mangallaya) was composed and included three acts and original length was about 35-36 minutes when perform live on stage....At our first performance we had about 7 minutes standing ovation after the performance. and we had to re perform the 3rd act as per result. Original text was taken from the Book Bali Siritha by Mr. Sedaraman and particular Poetical text was re arrange by late Mr Dayananda Gunawaradane a pioneer dramatist in Sinhalese theater, then also this text was re refined by My father Lucian Bulathsingjhala. the text now days singing and also this recording includes the same.
In the first recording choir was Soprano by My sister indrachapa/ Malanie Bulathsinghala/ Indika upamali/ Nihari/Maneesha/Ivo denis/Amarasiri/Leslie Fernando/Samantha/ Sarathchndra/ Marshal Janatha and my self. First recording was held in Necho Studio and engineered by mr. Benz in 1991. then the cantata was re arranged and added various segments time to time until Maestro Khemadasa's Death. Specially the changes were happened after foaming the Khemadasa Foundation in 1993.




2013/10/7 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Dayananda Attanayake

unread,
Oct 9, 2013, 7:51:02 AM10/9/13
to indraka, nima...@gmail.com, sara...@gmail.com, wijaya dassanayake, Dharmapala Gunawardena

කේමදාස මාස්ටර්ගේ ප්‍රතිභාපූර්ණත්වයේ  විශේෂත්වය වූයේ සිනමානුරූපී සංගීතය යනු කුමක්දැයි  ඔහු දැනසිටීමයි.  බොහෝ විශිෂ්ඨ ගනයේ සංගීතඥයන්ට මේ හැකියාව නොතිබිණ. හොඳම උදාහරණය අග්‍රගන්‍ය සංගීතඥ පන්ඩිත රවි ශංකර්ය.

Ravi Shankar's music  in Sathyajith Ray's Pathar Panchali" is considered to be one of the best background music scores in world cinema. But Ray didn't use or was reluctant use Ravi as the background musician in his later films.

රවි ෂංකර් කොතරම් හොඳ සංගීතඥයකු වුවද ඔහුගේ සංගීතය සිනමාවට අනුරූප නොවන බව රායි තීරණය කලා සේ හැඟෙයි.( I am not trying to insult Pandith Ravi Shankar  - Please don't misunderstand me!)

කේමදාසගේ විශිෂ්ටත්වය වනුයේ ඔහුට ලැබුනු සෑම චිත්‍රපටයකටම ඔහු සැපයූ සංගීතය විශේෂ වීමයි. With his score for Bambaru Ewith he introduced a style of music unacquainted to Sri Lankan cinema. He then began collaborating with acclaimed director Lester James Peries handling the music for films like Golu Hadawatha and Nidhanaya. Critics praised his film scores and he was honorally dubbed "Khemadasa master." Khemadasa's signature in film music is molded by the use of elements from Classical Western music and other sources to heighten the emotion suggested by the picture. Some of his compositions are influenced by Western composers of opera such as Giuseppe Verdi and Wolfgang Amadeus Mozart.

Other scores written by the master for films such as Hansawilak,Thunweniyamaya, Paradige, Agnidahaya,Yasa Isuru widened his acclaim in the field of cinema. He has also composed music for films produced outside Sri Lanka (Thousand Flowers).

කේමදාස මාස්ටර්ගේ මරණය සිදුවී වසර දෙකකට පමණ පසු ප්‍රචාරය වූ මේ "සංහිඳ" වැඩසටහන තුල කේමදාසගේ සංගීත දිවිය තුල ඔහු සමඟ වැඩ කල ශිල්පීන්ගේ අතීත රසබර අත්දැකීම් (ගායනාද සමඟ ) විස්තර වන නිසා විශාල දැනුම් සම්භාරයක් හා රසයක් ඔබට ලැබිය හැක. විනාඩි විස්සේ කොටස් හය නැරඹීමට  ගතකරන මුලු කාලය ගැන ඔබ කිසිසේත්ම පශ්චාත්තාප නොවනු ඇත. මා කියන්නේ බොරුදැයි ඉවසීමෙන් යුතුව කොටස් හයම නරඹා ඔබම තීරණය කරන්න. මෙහිදී ජයන්ත චන්ද්‍රසිරි මහතා කේමදාස මාස්ටර් පිලිබඳව ඉතා වැදගත් නිරීක්ෂණ හා අදහස් කීපයක් ඉතා සිත්කලු අන්දමින් ඉදිරිපත් කරයි. අනෙකුත් අයද ඉතා වැදගත් අදහස් හා ගායනා සමඟින් ඔහුට සහය වේ.

SANHIDA (09-01-2011)-1
http://www.youtube.com/watch?v=qP0mAFtx2nQ&list=PL37BD15F0CE5E44D6&feature=player_detailpage

SANHIDA (09-01-2011)-2
 
http://www.youtube.com/watch?feature=player_detailpage&v=VQH97ENps30

SANHIDA (09-01-2011)-3

http://www.youtube.com/watch?feature=player_detailpage&v=ZoWAQ5r15i8

SANHIDA (09-01-2011)-4

http://www.youtube.com/watch?v=mP7so2YCqPw&feature=player_detailpage

SANHIDA (09-01-2011)-5

http://www.youtube.com/watch?feature=player_detailpage&v=DEvEaiwlQAQ

SANHIDA (09-01-2011)-6

http://www.youtube.com/watch?v=LdCJneb_mLc&feature=player_detailpage



2013/10/9 Nissanka Rajapaksa <nraja...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages