Flying with One Wing (2002)’ was yet another courageous work by Asoka. This is the first time in this part of the world that the issue of gender politics is addressed in cinema. Having the World Premiere at the San Sebastian Film Festival (2002), it was adjudged as the Best Asian Film at the Tokyo International Film Festival (2002), Audience Award for Best Film at Torino International Film Festival and many more.
Aksharaya( Letter of Fire ) was considered as the most controversial work and the most talked about film in his career. Banned in Sri Lanka it raised a fundamental issue of freedom of cinematic expression in Sri Lanka’s Supreme Court..............
..........මේ විදියට කියවාගෙන යන විට මොහු මගේ පොරකි. ආඩම්බරයකි. තම සිනමා භාවිතය පිළිබඳ ඔහුගේම නිර්වචනය මෙම කෙටි වීඩියෝවෙන් නරඹන්න.
http://groundviews.org/2010/12/24/interview-with-asoka-handagama/
ඉනි අවන් චිත්‍රපටිය පිළිබදව මෙවර සුභාරතී වැඩ සටහනේ සාකච්ඡාවක් ඇති විය. ඒ සදහා අශෝක හඳගම සහ දීප්ති කුමාර ගුණරත්න සහභාගි විය. ඒ පිළිබදව උනන්දු ඇති අය පහත සබැදියාවෙන් ගොස් එය අසන්න.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.

ජාතිය – ජාතිවාදය සහ ගැටුම් පිළිබඳව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතා

මෙන්න
බුදු හිමි කෙනෙක් වැඩලා
පරන්තන් හංදියට
හදිසියේම
පාපැදිය වැනෙනවා
තිගැස්සී සිත සැලෙනවා
පුරන් ලුණු කෙත සිසාරා එන
සුළඟ සියොළඟ දවනවා
ඇයි ද මේ බුදු කෙනෙක්
පරන්තන් හංදියට?
ඉරවල් හතක ගින්නේ දැවුණු
මුරුගසන් මහ වැස්සේ තෙමුණු
කල්පාන්තයට පස්සේ නිවුණු
පොලොවකයි ආයෙත්
බුදු හිමි කෙනෙකු පහල වන්නේ
මේ බුදු හිමි කවුද
හදිසියේ විරාජමාන වී
මං සංදියේ වැඩ හිඳ
මග දෙපස යනෙන අය දෙස
විපරමින් ඉන්නා ?
ගෞතම බුදුන් නම් දැවුණා
ඇස් දෙකට දැක්කා
කාලෙකට ඉස්සර
අපි තරුණ සංදියේ
අනුදාහක් පොත් එක්ක
යාපනේ පොත් ගුල තුළම
ආයු සංස්කාරය කර
පිරිනිවන් පාලා නෙවෙයි
ඝාතනය කර
පුස්තකාල දොරකඩ
ගෙවුණු හැම රැයක්ම
ඉන් පසු
යකුන්ගේ සහ භූතයින් ගෙයි
උතුරු දකුණු බේදයක් නැතුව
හතර දිග්බාගයම
ලෙයින් කඳුලින් තෙත් කළ
අහස ගිනි ගෙන දැවුනා
පොලොව දෙදරුම් කැවුනා
බුදුන් නැති දේශයක අපි
හවුහරණක් නැතිව
මැරි මැරිත්
නොමැරීම උන්නා
ගිගුම් දීගන අහස
පොකුරු පොකුරු හෙණගෙඩි
පාත් වෙන විට හිස් මතට
වස් වසා සිටියේද හිමි ඔබ
වැහි වලා වෙස් ගත්
කළුම කළු දුමාරයට
කැමැත්තෙන් රැවටී
බුදු කෙනෙකුන් තබා
යදින්න චූල දෙවියෙකු වත්
සිටියේ නැහැ එදවස
බුරුතු පිටින් ගැහැණු
කණවැන්දුම් වනවිට
නොකියවා ම
ප්‍රේමයේ මුලකුරුවත්
තරුණ විය ගෙවුනා අපේ
ශෘංගාර සිහිනයක
නොරැඳී ම රහසේ ම.
කොහේ සිට වැඩියේද
මෙතේ බුදු නම් නොවන
මේ අලුත් බුදු හිමි
මීට පෙර කිසිදාක වැඩ නොහිඳි
පරන්තන් හංදියට
විශ්වයම දිනූවෙන්
අනන්ත ජින ය බුදු හිමි
එසේ නම් ඇයි මේ
නේක බල සේනා ?
කාගෙන් රැකෙන්න ද
කාට නම් බිය වෙත් ද
අප දන්න බුදු හිමි.
තෙලොවටම අධිපති ය
තිලෝ ගුරු බුදු හිමි
කාට හයිරන් පාන්නද
කාව බිය ගන්වන්නද
මහා වීර වූ
අප දන්නා බුදු හිමි
වාරු නැති පා සැලෙයි
අසමබර පාපැදිය
පදින විට වෙර ගෙන
දෙගිඩියාවෙන්
පසු කර
පරන්තන් හන්දියේ
වැඩ හිඳින අලුත් බුදු හිමි.
අශෝක හඳගම
බොහෝ අයගේ ලිපිවලින් හැඟෙන්නේ පවත්නා සමාජ ක්‍රමයේ ප්‍රශ්ණ තිබෙන බවයි. සමහර අයට පවත්නා ක්‍රමය වෙනස් කල යුතුයි කියල හිතනව. කමලෙ Management තෝරාගෙන තියෙනව. ගුණයා ලංකාවෙ හිටිය නම් පක්ෂයක් තෝරා ගනීවි. හඳගම තෝරාගෙන තියෙන්නෙ කලාව (Specially films). ඔහු කරන්න යන දේ අපට තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්ණය. ඒ කියන්නෙ බෝලය අපේ පැත්තෙ. හඳගම නෙවෙයි, අපවමයි විවේචනය කරගත යුත්තෙ. සමාජය වෙනස් කිරීම සඳහා අපට වඩා වැඩක් හඳගම කරනවා.
uppish thinking- තේරුම් ගැනීමට අමාරුයි. ඔබ බලපු හඳගම- චිත්‍රපටයක් ආධාරයෙන් පොඩ්ඩක් විස්තර කරනවා නම් තමයි, හොඳ.
iudch lshkafk iEu ;;amrhlÈu fjkilg n÷kajk m%mxphla.
tx.,aiag wkqj th ksrka;r õp,Hhla
tys isÿjk w;s ishqï fjkiaùï ixfõokh fkdfjkfldg th fjkia fkdjk f,il=hs yefÕkafk
ienúkau tu laIqø fjkiaùu uksk mßudkh ks¾jpkh lr .ekSu fkdfjhso
l, hq;af;
fldfyduo ta mßudkh ks¾jpkh lr.kafk
ug ;sfnk m%Yakh talhs
From:
ind...@googlegroups.com [mailto:ind...@googlegroups.com] On Behalf Of Kurundu
Hewage Nandisena
Sent: Friday, July 11, 2014 4:40 PM
To: ind...@googlegroups.com
Subject: Re: [indraka] The cinema of Asoka Handagama
බොහෝ අයගේ ලිපිවලින් හැඟෙන්නේ පවත්නා සමාජ ක්‍රමයේ ප්‍රශ්ණ තිබෙන බවයි. සමහර අයට පවත්නා ක්‍රමය වෙනස් කල යුතුයි කියල හිතනව. කමලෙ Management තෝරාගෙන තියෙනව. ගුණයා ලංකාවෙ හිටිය නම් පක්ෂයක් තෝරා ගනීවි. හඳගම තෝරාගෙන තියෙන්නෙ කලාව (Specially films). ඔහු කරන්න යන දේ අපට තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්ණය. ඒ කියන්නෙ බෝලය අපේ පැත්තෙ. හඳගම නෙවෙයි, අපවමයි විවේචනය කරගත යුත්තෙ. සමාජය වෙනස් කිරීම සඳහා අපට වඩා වැඩක් හඳගම කරනවා.
uppish thinking- තේරුම් ගැනීමට අමාරුයි. ඔබ බලපු හඳගම- චිත්‍රපටයක් ආධාරයෙන් පොඩ්ඩක් විස්තර කරනවා නම් තමයි, හොඳ.
2014-07-10 20:44 GMT+05:30 Nimal W Kanattawatte <nima...@gmail.com>:
I do not believe that Handagama's film or philosophy would widen anybodies Horizon. He is only trying to spoon feed his blunt ideas to the society, which is imposable in modern world. ( He would be a better filmmaker if somebody can avoid his uppish thinking.
Kanatte.
2014-07-08 18:37 GMT+05:30 Dayananda Attanayake <dayana...@gmail.com>:
හඳගම නම්වූ කවියා
හඳගම නම්වූ කවියා සහ හඳගම නම් වූ සිනමාකරුවා අතර පැහැදිලි වෙනසක් තිබෙන බව හේරත් හා නිස්සංක මේ තීරුවට යාකල කවි පංති දෙකම කියවූ පසු මට සිතින. සිනමාවේදී හඳගම විශ්ව සිනමා කලාවේ ඉහලම ව්‍යාකරණ භාවිතා කරයි. ජපන් මහා සිනමාකරු කුරොසාවා සහ රුසියානු මහා සිනමාකරු තර්කොව්ස්කි ගේ සිනමා නිර්මාණ වල තිබූ ශිල්පීය ප්‍රතිභාව, රසිකයා තිගැස්සෙනසුලු හා අවශෝෂණය කරගන්නාසුලු කලාත්මක නව්‍යතාවය (absorbing artistic originality) හා භාවාත්මක නිපුණතාවය සිහියට නංවයි.
හඳගම මහතාම මීට පෙර කිවූ දෙයක් මගේ සිහියට නැංවේ. කලාව යනු පෙන්වූ දෙය නොවේ නොපෙන්වූ දෙයයි, ලිවූ දෙය නොව නොලිවූ දෙයයි, කිවූ දෙය නොව නොකිව් දෙයයි.
ඔහුගේ සිනමාවට සාපේක්ෂව මෙම කවි සරළය. කිව යුතු දේ කෙලින්ම ප්‍රකාශ කරයි. එනිසා හඳගම මහතාගේම වචන වලින් කිවහොත් මෙම කවි වල කලාවක් නැත.
2014-07-08 19:48 GMT+10:00 Nissanka Rajapaksa <nraja...@gmail.com>:
පරන්තන් හන්දියේ බුදු හිමි - [අශෝක හඳගම]
POSTED BY BOONDIONLINE 7.07.2014
අශෝක හඳගම
2014-06-27 21:03 GMT+05:30 Nissanka Rajapaksa <nraja...@gmail.com>:
3D-THRIMANA / JUNE 27, 2014
ජාතිය – ජාතිවාදය සහ ගැටුම් (Video)
ජාතිය – ජාතිවාදය සහ ගැටුම් පිළිබඳව ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම මහතා
2014-06-26 16:01 GMT+05:30 Prabhath Bandara <prabhath...@gmail.com>:
"Thani Thatuwa" better to join
2014-06-25 22:03 GMT+05:30 Kithsiri Herath <nakh...@gmail.com>:
"අපි දැන් අතීතයෙන් මිදී වර්තමානයට එමු. කාලීන සිනමාකරුවන් ගෙන් කැපී පෙනෙන කෙනෙකි අශෝකා හඳගම. ඔහු ගැන තොරතුරු වෙබ් පිටු පුරා ඇත........... "
.".....මේ විදියට කියවාගෙන යන විට මොහු මගේ පොරකි. ආඩම්බරයකි. "
අශෝක හඳගම ගේ කවි පන්තියක් අහම්බෙන් හමු විය. මෑත දී... 22.06.2014 ... ලියුවක් බව පෙනේ. හඳගම අගය කරන ඔබ සැමගේ අවධානයට යොමු කරමි.
22.06.2014
අශෝක හඳගම
Shall we watch a Handagama film & discuss about it? If one can find a link to a Film available in Web better.
Hera, do you know a link for good copy of Ini Avan.
තරිඳු උඩුවරගෙදර
ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙහි මාසිකව පැවැත්වෙන සිනමා දැක්ම සහ සංවාදයට අපේ‍්‍රල් මාසයෙහි තෝරාගෙන තිබුණේ 2005දී නිෂ්පාදනය වුණු එහෙත් සිනමාහල්වල ප‍්‍රදර්ශනය නොවුණු ආන්දෝලනාත්මක ම කෘතියක් වූ අශෝක හඳගමගේ අක්ෂරය චිත‍්‍රපටයයි.
චිත‍්‍රපට දර්ශනය අවසානයේ පැවති සංවාදයට දීප්ති කුමාර ගුණරත්න, සමන් වික‍්‍රමාරච්චි, අශෝක හඳගම සහභාගි වූ අතර අනෝමා රාජකරුණා සංවාදය මෙහෙයවූවාය.
අනෝමා රාජකරුණා: ශිෂ්ටාචාර කතිකාව ඇතුළේ පැරණිතම වරද කියලා පිළිගන්නේ ව්‍යභිචාරය. එය ප‍්‍රධානතම ප‍්‍රස්තුතය බවට පත්වුණු ශ‍්‍රී ලාංකික කෘතිය තමයි අක්ෂරය. මුලින්ම අදහස් දක්වන්න ඉඩදෙමු කෘතියේ කර්තෘට.
අශෝක හඳගම: කර්තෘට කියන්න දෙයක් නැහැ. 2004 වර්ෂයේ තමයි මේ චිත‍්‍රපටිය රූපගත කළේ. අන්තිම දවසේ සුනාමියක් ආවා. ඒක චිත‍්‍රපටයට සහ මටත් ආවා. චිත‍්‍රපටිය වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කළා. මේ ප‍්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට මේ කාලය වෙනකොට මේ චිත‍්‍රපටය පෙනුණේ කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. 2003 විතර වෙනකොට සිනමාවේ ප‍්‍රකාශනය පුළුල් කරන්න අත්හදා බැලීම් කරමින් සිටියා. සුළඟ එනු පිණිස, අක්ෂරය වගේ කෘති ආවේ ඒත් එක්ක. අපි මෙතෙක් සිනමාවේ අත නොගහපු ගැටලූවක් කොහොමද ප‍්‍රකාශනය ඇතුළේ අපි කියන්නේ කියන එක පිළිබඳව අපි අපිවම අභියෝගයට ලක්කරමින් හිටපු වකවානුවක්. ඒ එක්කම ලංකාවේ සිනමා සහ කලා කථිකාව ඇතුළේ වෙනම විභවයක් හැදෙමින් තිබුණා. දීප්තිලා ඇතුළු එක්ස් කණ්ඩායම කලාව කිසියම් තලයකට ඔසවා තැබුවා. හැම එකකම පිළිබිඹුවක් මේ චිත‍්‍රපටයේ තියෙනවා. මේ මහත්තුරු දෙන්නා එතැනින් එහාට චිත‍්‍රපටය ගැන කතා කරයි. කර්තෘ විදියට මම අහගෙන ඉන්න කැමතියි.
අනෝමා: දීප්ති, අපි කෘතිය ගැන කියද්දී මනෝ විශ්ලේෂණය තියෙනවා. අපි කොහොමද ඒ පියා සහ දුව අතර සහ මව සහ පුතණුවන් අතර සම්බන්ධය සිනමාව ඇතුළේ සාකච්ඡුා කරන්නේ?
දීප්ති කුමාර ගුණරත්න: අවුරුදු දහයක් දැන් ගතවෙලා තියෙනවා. මං හිතන්නේ පසුගිය මහින්ද චින්තන යුගයේ දී සිනමාව මිනිසුන්ගෙන් ඉවත්වෙලා කියලා. සාමාන්‍යයෙන් අපේ රටේ සංස්කෘතිය තුළ සිනමා ජීවිතය කොටසක් විදියට තිබුණේ. පසුගිය අවුරුදු විස්ස තුළ, හැත්තෑ අටේ ඉඳන් චිත‍්‍රපටිවලින් සාමාන්‍ය ජනතාව වඩ වඩා ඈත්වෙනවා. ඒක විනෝද මාධ්‍යයක් හැටියට සිද්දවෙන්නේ. මේක විනෝදය කියන්නේ සරල අර්ථකථනයට අනුව. මට හිතෙන්නේ අක්ෂරය චිත‍්‍රපටය කියන්නේ ලංකාවේ සිනමා තුළ විනෝදවෙන්න තිබුණු අවසාන අවස්ථාව. ඊට පස්සේ හැදුණු ගොඩක් චිත‍්‍රපටිවල, හඳගමගෙ වුණත්.. විනෝදය සංවිධානය කිරීම ටික ටික ඈත්වුණා. මට හිතෙන්නේ චිත‍්‍රපටි මහජනයාගෙන් අයින් වුණාට පස්සේ පර්යේෂණ විදියට තමයි පවතින්නේ. චිත‍්‍රපට බලන එක අනාගතයේදී විශ්වවිද්‍යාලවල වගේ එක්තරා විශේෂ ප‍්‍රාගුණ්‍යයක් සහිත අය කරන දෙයක් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ.
අනෝමා: සමන්, චිත‍්‍රපටිය 2005 තිරගත වෙනකොට ඔබ මහේස්ත‍්‍රාත්වරයෙක්. දැන් ඔබ විශ‍්‍රාම ගිය මහේස්ත‍්‍රාත්වරයෙක්. චිත‍්‍රපටියේ එන ස්ත‍්‍රී චරිතය මහේස්ත‍්‍රාත්වරයෙක් වීම අක්ෂරය වාරණය කෙරෙහි බලපෑ කාරණයක් වුණාද?
සමන් වික‍්‍රමාරච්චි: අපි අවුරුදු දහයකට පස්සෙ නේ මේ චිත‍්‍රපටය බලන්නේ. මේ අවුරුදු දහය තුළ ලංකාව වෙනස් වෙලා. අද බලනකොට ඒ වෙනස්වීමත් එක්ක තමයි අපි අක්ෂරය කියවන්නේ. මම විශ‍්‍රාම යනකොට මහේස්ත‍්‍රාත්වරයෙක් නෙවෙයි මහාධිකරණ විනිසුරුවරයෙක්. ඒ චරිත දෙකම මේකෙ තියෙනවා. මහේස්ත‍්‍රාත්වරියක් සහ විශ‍්‍රාම ගිය මහාධිකරණ විනිසුරුවරයෙක්. මේ චිත‍්‍රපටිය තහනම් කරන්නේ ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය නෙවෙයි. ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය ඉඩ දෙනවා. මේක තහනම් කරන්නේ නඩුකාරවරුන් එකතු වෙලා. ඒ ඒගොල්ලෝ මේකට බය නිසා. මම හිතන්නේ සිනමාව හරි මොනවා හරි තහනම් කරන්නේ, ඒ අය ඒකෙන් තමන්ව දැකලා බයවෙනවා. හඳගම ෆැන්ටසිකරණය කරනවා මෙන්න මේගොල්ලො තමයි විනිශ්චයකාරවරු කියලා. විනිශ්චයකාරවරු මෙන්න මෙහෙම වෙන්න ඇති කියලා හඳගම ඔවුන්ව නිර්මාණය කරනවා. මමත් විනිශ්චයකාරවරයෙක් විදියට හිටියා. මගේ අත්දැකීමට මේක තරම් මේ විදියට අහුවෙලා නැහැ. ඒත් මේ ෆැන්ටසිකරණය තමයි ඇත්ත. තමුන්ගේ ආශාව තමයි යළි ප‍්‍රතිසංස්කරණය වෙන්නේ. ඇයි සමහර අවස්ථාවල නිරුවත් ගෑනු රූපයක් දැක්කාම ඒක වාරණය කරන්නේ? ඒගොල්ලො බයයි ඒකට. සමහර විනිශ්චයකාරවරු තමන්ව මේක ඇතුළේ දකිනවා. මට අත්දැකීමක් තියෙනවා මේ චිත‍්‍රපටය එක්ක. විනිශ්චයකාරවරු එකතුවෙලා මේ චිත‍්‍රපටිය බැලූවා. මටත් කතා කළා. මම කිව්වා මම දෙපාරක් බලලා තියෙනවා, ඒ විදියට බලන්න කැමති නැහැ කියලා. කොහොමහරි තහනම් කළ වෙලාවේ උසාවියේදී ඊඩිපස් කතාවකුත් ආවා. එතකොට විනිසුරුවරයෙක් ඇහුවා, කවුද ඊඩිපස් කියන්නේ කියලා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. සමහරක් අය කැමතියි විනිශ්චයකාරවරුන්ට කෙළවෙනවා බලන්න. පත්තරේක ගත්තත් විනිසුරුවරුන් පගාවක් ගහලා හරි මොකක් හරි තිබුණොත් අපි ආසාවෙන් කියවනවා. ඒක ඇතුළේ තියෙන්නේ නීතියට තියෙන විරෝධය. මේක ඇතුළෙත් එහෙම එකක් තියෙනවා. දැන් මේ මහාධිකරණ විනිශ්චයකාවරයාගේ භූමිකාව දැක්කාම මට මතක්වෙන්නේ ෆ්‍රොයිඩියානු ඉපැරණි පියා. එයා ඔක්කොම ගෑනු ටික අයිති කරගෙන ඉන්නවා. පුත්තු ඔක්කොම එකතුවෙලා එයාව මරනවා. ඒ වගේ එකක් මෙතැනත් වෙනවා. අම්මා, දුව, ගෙදර වැඩකාරි ඔක්කොම ගෑනු ටික ඔහුට අයිතියි. එහෙත් අවසානයේදී ඔහු බෙලහීන වෙනවා. මහේස්ත‍්‍රාත්වරිය කටුගෙයක් ඇතුළේ ¥ෂණය වෙනවා. ඒක බොහොම ආසාවෙන් කරන්න පුළුවන් දෙයක්. නීතිය පිළිබඳව තියෙන විරෝධය, නීතිය ගැන තියෙන ආශාව මෙතන නිරූපණය වෙනවා. ඒ ටික තමයි මට දැනෙන්නේ. දීප්තිට ඊට වැඩිය දේවල් කියන්න ඇති.
දීප්ති: මේ චිත‍්‍රපටය බලද්දී මම මේ චිත‍්‍රපටය සම්බන්ධව විවිධ ප‍්‍රවේශවලින් කතාකරලා තියෙනවා. මම දකින්නේ මේ කතාවේ යම් ආකෘතියක් තියෙනවා. මේක හුඟක් නවකතාවල තියෙනවා. මොහාන් රාජ් මඩවලගේ නවකතාවලත් තියෙනවා. ඇයි එහෙම වෙන්නේ කියන එක මම හිතන්නේ. සිනමාව ආට් එකක් විදියට ගත්තාම සාහිත්‍යයෙන් චිත‍්‍රපටවලට දේවල් ගන්නවා. චිත‍්‍රපටිවලට විනෝදය පෙන්වන්න පුළුවන් විදියට සාහිත්‍යයට පෙන්වන්න බැහැ. ඒ නිසා අක්ෂරය බලද්දී විනෝදය සංවිධානය කළ විදිය මම නවකතාවල දකින්නේ නැහැ. අපි අක්ෂරය ළඟ හිටියේ. මේ චිත‍්‍රපටය හැදුවාම හඳගමට ගොඩක් ප‍්‍රශ්න ඇවිල්ලා රස්සාවත් නැතිවෙන්න ගිහිල්ලා අපේ සංවිධානයෙත් ප‍්‍රශ්න ගොඩක් ඇවිල්ලා අක්ෂරය මගෙන් බේරගන්න කියලා කට්ටියක් ගිහිල්ලා ඇදවැටිලා සමහර හාස්‍යජනක සිදුවීම් පවා වුණා.
චිත‍්‍රපටියේ විනෝදය සංවිධානය කිරීම හරිම සූක්ෂ්මයි. උදාහරණයක් විදියට ඒකේ ලිංගික දර්ශනවලදී ඒවා තව පොඞ්ඩක් ඉස්සරහට ගියා නම් අපට විනෝද වෙන්න බැහැ. අපට හිතෙනවා තව චුට්ටක් ඉස්සරහට ගියා නම් මීට වඩා විනෝදයක් ලබන්න තිබුණා කියලා. මම කල්පනා කරලා බැලූවා අර තාත්තායි, දුවයි අතර සිදුවීම තව පොඞ්ඩක් ඉස්සරහට ගියා නම් හොඳයි කියලා. හොඳ වෙලාවට රවීන්ද්‍ර රන්දේණිය තව ඉස්සරහට යන්න බැහැ කියලා. මම අද ගොඩනගන්නේ මේ වගේ එකක්. සයිකෝ චිත‍්‍රපටයේ නෝමන් බේස්ට් කියලා කියන්නේ පික්චරල් ඇක්ට් එකක්. අපි නැත්නම් එයා නෑ වගේ. මේ වගේ චරිත යථාර්ථයේ නැහැ. මේ කාන්තාව ඒ වගේ. ඒ චරිතයට නමකුත් නැහැ. ඇය ඉන්නේ අපි ඉන්නවා නම් විතරයි. චිත‍්‍රපටිය පෙන්නලා ඉවර වුණාම මිය යනවා. ඒක කොහොමද ඇත්ත ජීවිතයේ කාන්තාවට ගළපන්නේ. ඒ ගැන කතා කරන්න පුළුවන් නම් හොඳයි.
සමන්: මේ වගේම විනිශ්චයකාවරයෙක් සම්බන්ධ චිත‍්‍රපටියක් තමයි කිස්ලොව්ස්කිගේ රෙඞ් චිත‍්‍රපටය. ඒකෙ ඉන්න විශ‍්‍රාමික විනිශ්චයකාරවරයා දුරකතන සංවාදවලට හොරෙන් ඇහුම්කන් දෙනවා. ඒ ඔහුට තියෙන විපරීත ආසාව තමයි ඒක. සාමාන්‍යයෙන් විනිසුරුවරුන්ගේ රස්සාවත් ඒක, අනිත් අයට තියෙන නොයෙක් ප‍්‍රශ්න ඇහුම්කන් දෙන එක. ඉතින් විනිසුරුවරයෙක් විශ‍්‍රාම ගියේ නැත්නම් ඔහු මේකම දිගටම කරන්න අවස්ථාවක් හොයා ගනියි. මේකේත් ඒ වගේ එකක් තියෙනවා. ඔහොම තමයි විනිශ්චයකාරවරු හැසිරෙන්නේ. එක අවස්ථාවක ඇය කටුගෙයි මුරකාරයාට තර්ජනාත්මකව කතා කරනවා. ඇයගේ පැත්තෙන් විශාල වැරැුද්දක් තියෙද්දිත් එහෙම කියනවා. විනිශ්චයකාරවරයෙක් රිය පදවද්දී වැරැුද්දක් කරලා පොලිසියෙන් නැවැත්තුවොත් පොලිස්කාරයාට තමයි ප‍්‍රශ්නය වෙන්නේ. හැබැයි මේවා බලන් ඉන්න එක අනිත් අයට සතුටුයි. චිත‍්‍රපටයකින් තමන් වෙතට එන්නේ තමන්ගෙම ආශාව. හැරි පොටර් චිත‍්‍රපටයේ එක්තරා අවස්ථාවක හැරී එක්තරා කැඩපතක් ඉස්සරහට යනවා. ඒකෙන් එයාට පෙනෙන්නේ තමන් දෙමාපියන් එක්ක ඉන්නවා. එයා රොන්ට පෙන්නුවාම එයාට පෙනෙන්නේ තමන් ක්වීඩිච් කියන මායා ක‍්‍රීඩාව දිනලා කුසලානයක් ගන්න ආකාරය. මේක ගැන විදුහල්පතිගෙන් ඇහුවාම කියන්නේ මේ කැඩපතෙන් පෙනෙන්නේ තමන්ගේම ආශාව බව. සිනමාපටයකත් ඒ වගේ. ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්ඩලය චිත‍්‍රපටියට බයවුණේ නැහැ. අනික් අය තමන්ගේ ආශාව හොරෙන් නරඹනවාට විනිශ්චයකාරවරුන් බයවුණා. කිසලොවුස්කිගේ රෙඩි තහනම් වුණේ නැහැ. අක්ෂරය තහනම් වුණා. විනිශ්චයකාරවරු ගැන කතන්දර ලෝකේත් ලංකාවෙත් තියෙනවා. ඒ අය වෘත්තීය යම් බලයක් සහිත පිරිසක්. හැබැයි විශේෂත්වයක් නැහැ.
අනෝමා: අශෝක ස්ක‍්‍රීන් මෙමරිස්හි ෆ්‍රොයිඞ් පැවසූ දෙයක් උපුටමින් විචාරකයෙක් වරක් ඔබේ චිත‍්‍රපටයට පසුබිම් වුණු ප‍්‍රස්තුතය පිළිබඳව කතා කළා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
හඳගම: චිත‍්‍රපටය කරන කාලය වෙනකොට රටේ සමාජය දිහා බැලූවාම අපේ සිනමාව සමග දේශපාලනය කතාවුණේ මහේක්ෂ තලයක. ඇත්තටම උත්සාහ කළේ රටේ ඒ මොහොතේ පවතින සමාජය පිළිබඳව වෙනම මානයකින් බලන්න. ඒ කතාව ගොඩනගන කොට තමයි මේක හම්බවෙන්නේ. මේක හුදු මනඃකල්පිතයක් තමයි. ඒ්ත් සමාජය ඇතුළේ පියාගේ භූමිකාව කියන කථිකාව මං හිතන්නේ එළියට ඇවිත් තිබුණා. ඒක සිනමාවේ ගොඩනගන්න මෙවලමක් විදියටයි මම චිත‍්‍රපටිය හදන්න පෙළඹෙන්නේ. විවිධ කියවීම් දායක වුණත් ප‍්‍රධාන පෙළඹවීම් එතැනින්.
දීප්ති: අක්ෂරයට අදාළ නොවුණත් එතැනින් ඛණ්ඩනය වෙච්ච සිනමාව සම්බන්ධයෙන් කාරණාවක් බෙදාගන්න කැමතියි. දැන් තියෙන ප‍්‍රශ්නයක් තමයි සිනමාව හදන්නෙ මොකටද කවුද බලන්නෙ කියලා. ප‍්‍රදර්ශකයෙක් නම් කරලාම කිව්වා සමහර චිත‍්‍රපටි කවුරුවත්ම බලන්නෙ නැහැ කියලා. සිනමාකරුවන් සමග සංවාදයක් වගේ ඇති කරගන්න කැමතියි. මට මතකයි අසූ ගණන්වල මගෙන් අහනවා, දැන් මොනවද කරන්න ඉන්නේ. මම කියනවා චිත‍්‍රපටියක් කරන්න. ස්ක‍්‍රිප්ට් එකකුත් තියෙනවා. එතකොට අර අය හිනාවෙනවා. හරි අමුතු විදියට, ඇත්තටම මට ඒ හිනාව තේරෙන්නෙ නැහැ. 87 විතර වෙද්දී මට තේරුණා ලංකාවෙ චිත‍්‍රපටි හදන්න බැහැ කියලා. දැන් තියෙන තත්ත්වය ඒ වගේ නෙවෙයි. අලූත් පරම්පරාවෙන් අහන්න තියෙනවා ප‍්‍රශ්නයක්. මම උදාහරණයක් එක්ක කියන්නම්, මයිලෝස් නෝමන් කියන චෙක් ජාතික අධ්‍යක්ෂවරයා ඇමරිකාවට ගිහින් චිත‍්‍රපටි හදනවා. ඔහු ඒ චිත‍්‍රපටි කරන්නේ හරියට චෙක්වල ඒ කාලේ තිබුණු දැඩි පාලනය තියෙනවා කියලා හිතාගෙන. ඒත් ඇමරිකාවේ එහෙම පාලනයක් තිබුණේ නැහැ. නිදහස තිබුණා. හෙයාර්, වන් ෆ්ලූ ඕවර් ද කුකූස් නෙස්ට් වගේ චිත‍්‍රපටි කිහිපයක් ඒ වගේ. ඔහු චෙක්වල හිටපු මහා අනෙකා ඉන්නවා කියලා හිතාගෙන තමයි ඇමරිකාවේ චිත‍්‍රපටි හදන්නේ. මම අහන්නේ තරුණ අධ්‍යක්ෂවරුන්ගෙන්, කුමන මහා අනෙකෙක් වෙනුවෙන්ද චිත‍්‍රපටි හදන්නේ? කවුද ඒ මහ අනෙකා? මම කියන්නේ ඒ මහා අනෙකා මිය ගිහින්. ඔබේ චිත‍්‍රපටි නරඹනවා නම්, මම හිතන්නේ ඒවා නරඹන්න ඉන්න එකම නරඹන්නා මම විතරයි.
පේ‍්‍රක්ෂකාගාරය: චිත‍්‍රපටය අවසානයේදී මව මියයෑම ෆිල්ම් එකෙන් දෙන පණිවුඩයට අත්‍යවශ්‍ය කොටසක්ද?
හඳගම: මම හිතන්නේ මව ඝාතනය වීම සිද්ධවෙන්න තිබුණා. අම්මගෙන් ගැලවෙන්න තිබුණු එකම විදිය තමයි ඇයව ඝාතනය කිරීම. අම්මගෙන්් සංස්කෘතිකමය ගැලවීමක් සිද්ධ නොවුණු තත්ත්වයක ඝාතනයකින් තමයි ඒක වෙන්න පුළුවන්.
පේ‍්‍රක්ෂකාගාරය: අවසාන භාගයේදී මුරකාරයා මහේස්ත‍්‍රාත්වරියව දූෂණය කරද්දී මුලින් ඔහු කමිසය ගලවනවා. එහෙත් ඒක අවසාන වෙලා වැටිලා ඉන්නේ ඇඳුම දාගෙන. එහි අර්ථයක් තියෙනවාද?
හඳගම: ඒක අපේ ආට් ඩිපාට්මන්ට් එකෙන් සිද්ධ වෙච්ච ලොකු අත්වැරැුද්දක්. චිත‍්‍රපටියේ පළවෙනියටම රූගත කළේ ඒ කටුගේ කඩන දර්ශනය. ඒක ඉවර වෙනකොට පාන්දර වුණා. හැමෝටම මහන්සියි. ඉන්පස්සේ පැය දෙකක විවේකයකින් පස්සේ රූපගත කිරීම් පටන් ගත්තේ. ඒ දවස්වල ඩිජිටල් තිබුණේ නැහැ. අන්තිමට තිබුණේ කොහොමද කියලා මේක දැක්කේ පස්සේ. මේ දෙක අතර පොඞ්ඩක් එළියට ගිහින් එන සිද්ධියක් තිබුණා. ඒක සංස්කරණයේදී ඉවත් කළා. ප‍්‍රංශයේදී මගෙන් කෙනෙක් ඇහුවා උඹලාගේ රටේදි දූෂණය ඉවර වෙලා කමිසය අඳිනවාද කියලා. ඉතින් මම කිව්වා ඔව් කියලා. මොකද ඒකට දෙන්න උත්තරයක් නැහැ.
අනෝමා: අක්ෂරය හරහා ලංකාවට ආ ප‍්‍රශ්නයක් තමයි නීතිය හා ළමා ආරක්ෂණය පිළිබඳ කාරණාව. විශේෂයෙන් ලිංගික හා වැඩිහිටි ප‍්‍රස්තුතයන් ඔස්සේ නිර්මාණය වන නිර්මාණ. විශේෂයෙන් දරුවන් සම්බන්ධයෙන් කලාව ඇතුළේ තියෙන සීමා. සමන් මේ ගැන අදහසක් ප‍්‍රකාශ කරන්න කැමතිද?
සමන්: චිත‍්‍රපටිය ඇතුළේ ළමයින්ට වන හිංසාවක් තමයි කතා කරන්නේ. හිංසාව තමයි ළමයින් ගේ ඇතුළෙ දාගෙන හදන එක. එක්තරා තැනක ඒක කියවෙනවා. මේක හරි කනගාටුදායක සිදුවීමක්. මේ චිත‍්‍රපටයේ හරියට අද්භූතවාදී ලක්ෂණ තියෙනවා. මේ වගේ අද්භූතවාදී කවියෙක් සාරා. කවි කියවන අවස්ථාවක එකපාරටම ඇහුණා යකඩ ඇඳුමක් ඇඳගත්ත මිනිහෙක් ඇවිල්ලා වගේ අද්භූත හඬවල්. ඒක නැතිවෙලා ගියාම සාරා පොල්ලක් අරගෙන ඇවිත් ඉස්සරහ ඉන්න අයට ගහගෙන ගහගෙන ගියා. විනිශ්චයකාරවරයා නිතර නිතර මෙහෙකාරිය ළඟට ගියාට මොකක්වත් කරගන්න හම්බවෙන්නේ නැහැ. ඒක නිකම් විධායක ජනාධිපති ක‍්‍රමය කවදාවත් අහෝසි කරන්න හම්බ වෙන්නෙ නැහැ වගේ. එක් කරන්න නිතර නිතර උත්සාහ කළත් මොකක් හරි හේතුවකින් නවතිනවා.
අනෝමා: අද වගේ දවසක අක්ෂරය නැවත කියවීම ගැන අශෝකගේ අදහස මොකක්ද?
හඳගම: අක්ෂරය ආයෙමත් පෙන්නනවාද කියන එක ප‍්‍රශ්නයක් නම් මේ මොහොතේ චිත‍්‍රපටය පෙන්වන්න අවසරයක් නැහැ. චිත‍්‍රපට තහනම් කරන්නෙ නැහැ කියන තැන රැඟුම් පාලක මණ්ඩලය ඉන්නවා. අවශ්‍ය නම් නැවත පෙන්වන්න පුළුවන්. එහෙම පෙන්වන්න ඕනෑද කියන ගැටලූව තමයි තියෙන්නේ. අන්තර්ජාලයේ විතරක් ලක්ෂ 70ක් විතර බලලා තියෙනවා. චිත‍්‍රපට ශාලාවල නොපෙන්වුවත් මේ වගේ අවස්ථාවල පෙන්වීමේ හැකියාව තියෙනවා.
අනෝමා: අක්ෂරය කියන්නේ අශෝක හඳගමගේ සිනමාවේ කඩඉමක්. දීප්ති ඔබ අක්ෂරයට පෙර සහ අක්ෂරයට පසු අශෝකගේ සිනමාව දකින්නේ කොහොමද?
දීප්ති: මට හිතෙන්නෙත් හඳගම අක්ෂරයෙන් පස්සේ මහින්ද චින්තනය යටතේ තමයි චිත‍්‍රපටි කළේ. මම හිතන්නේ අක්ෂරය තමයි වැදගත්ම. ඊට පස්සේ මහින්ද යුගයේ සිනමාව. නිල නිවේදනයකින් කිව්වේ නැහැ. ඒත් දැනගෙන හිටියා. මම කියන්නේ විමල් වීරවංශ කියන පුද්ගලයා දැඩි ලෙස වගකියන්න ඕනෑ මේකට. ඒ වගේම චම්පික රණවක. ඒ අය තමයි. අක්ෂරය තහනම් කරන පසුබිම හැදුවේ. පස්සේ සරත් සිල්වා කඩා පැනලා වළං ටික බිඳදැම්මා මිසක්. ස්ටාලින්ගේ මැදිහත්වීම එක්ක රුසියාවේ කලාවට වුණේ මොකක්ද කියන එක දැන් තමයි සාකච්ඡුා වෙන්නේ. මට යුතුකමක් නැහැ අර්ථකථනයක් දෙන්න. ඇත්තටම මගෙන් දේශපාලන ජීවිතේට විශාල හානියක් වුණා. මහින්ද චින්තන යුගය. ඉතින් සමාජයට භාරයි මහින්ද චින්තන යුගයේ අශෝක හඳගමගේ සිනමාවට මොකක්ද වුණේ කියලා හැරිලා බලන්න.