සුපුන් රත්නායක
එදින මා රැස්වීමට සහභාගි වීමට යන විට අඩ පැයක් පමණ ප්‍රමාද විය. ඒ වන විටත් එක්දහස් පන්සියයක පමණ පිරිසක් රැස්වීම් ශාලාවේ අසුන් ගෙන සිටියහ. තවත් සමහරෙක් දොරටුව ඉදිරිපිට පොදිගැසී සිටියහ. මම ඔවුන් අතරින් රිංගා ගොස්, අවසාන අසුන් පේළියේ වූ එකම හිස් අසුනේ වාඩි ගතිමි.
ඒ වන විටත් වාග් සංග්‍රාමයක් ඇවිළෙමින් පැවතිණ. එක් පසෙක මාගේ මිත්‍රයකු වූ සිරිදාස නමැති විශ්‍රාමික කාර්මික නිලධාරියා මහ හඬින් යමක් කීවේය. අනෙක් පසෙහි සිටියේ දේශපාලන අනුග්‍රහයකින් විවිධ සේවා සමුපකාර සමිතියක අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූ ධර්මදාස නමැත්තෙකි. වාග් සංග්‍රාමය කුමක් අරබයා සිදු වන්නේදැයි මට වැටහීමක් නොවීය. ඒ, මා ප්‍රමාද වී පැමිණීම නිසාය.
සිරිදාස නමැති විශ්‍රාමික කාර්මික නිලධාරියා ධර්මදාස නමැත්තා දෙසට අත දිගු කරමින් ‘හොරා! පට්ට හොරා!’ යනුවෙන් මහ හඬින් කෑගැසුවේය. ඒ වචන ඉල්ලා අස් කරගන්නා ලෙස මුලසුනෙන් ඉල්ලීමක් කෙරිණ. එහෙත් සිරිදාස ඊට අවනත වූ බවක් පෙනෙන්නට නොවීය. ඔහු නැවත නැවතත් කියා සිටියේ හොරකුට හොරෙක් යනුවෙන් ඇමතීමට හැකියාව ඇති බවයි. ඉදිරි නීති කටයුත්තකට ප්‍රයෝජන ගැනීම සඳහා තමාගේ ප්‍රකාශය වාර්තාගත කරන තබන ලෙසද සිරිදාස බල කර සිටියේය.
තමා පොලීසියට ගොස් පැමිණිලි කරන බවට ධර්මදාසගෙන් තර්ජනයක් එල්ල විය. එසේ කරන ලෙසත්, ඊට තමා මුහුණදීමට සූදානම් බවත් සිරිදාස ප්‍රකාශ කළේය. රැස්වීමේ කටයුතු ඉදිරියට කරගෙන යෑම අසීරු වූ බැවින් මූලාසනය ඉවත්ව ගියේය. රැස්වීමේ කටයුතු අතරමඟ නතර විය.
දින දෙකකට පමණ පසු සිරිදාස නම් වූ මගේ මිත්‍රයා උපකාරයක් පතමින් මා හමු වීමට පැමිණියේය. සිරිදාස අමුතු ගති පැවතුම් ඇති, කිසි විටක පසු නොබසින පුද්ගලයකු බව දැන සිටි මම ඔහුට මගෙන් අවශ්‍ය උපකාරය කුමක්දැයි විමසීමි.
ධර්මදාස නමැත්තාට අපහාස කිරීම පිළිබඳ තමාට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් කර ඇති බවත්, ඒ සඳහා පැවැත්වෙන පරීක්ෂණයට පැමිණෙන ලෙස තමාට දැනුම් දුන් බවත් ඔහු පැවසීය. ඔහුගේ ඉල්ලීම අමුතුම එකක් විය හැකියැයි සිතු මම ඔහුට අවශ්‍ය කුමන ආකාරයේ උපකාරයක්දැයි විමසා සිටියෙමි.
තමා ප්‍රසිද්ධ රැස්වීමේදී ධර්මදාස මහතාට අපහාස වන ලෙස ‘හොරා’ යනුවෙන් පැවසීම සත්‍යයක් බවට සාක්ෂි දෙන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටියේය. සාමාන්‍යයෙන් විය යුත්තේ ඔහු එවැනි ප්‍රකාශයක් නොකළ බවට සාක්ෂි දීම බැවින්, මෙහි අර්ථය කුමක්දැයි මම විමසීමි. එය ගණනකට නොගත් ඔහු තමාගේ ඉල්ලීම ඉටු කිරීමට අකැමැතිදැයි මගෙන් විමසුවේය. රැස්වීමේදී වූ සිද්ධිය සත්‍ය බවට සාක්ෂි දීම ගැටලුවක් නොවූ බැවින් මම ඊට එකඟත්වය පළ කළෙමි.
පසු දින උදෑසන මා හමුවට පැමිණි ඔහු තමා සමඟ පොලිස් ස්ථානයට යෑමට පැමිණෙන මෙන් මගෙන් ඉල්ලා සිටියේය. අප ඒ ස්ථානයට යන විටත් පැමිණිලිකාර ධර්මදාස මහතා සාක්ෂිකරුවන් තිහක් පමණ පිරිවරාගෙනෙ පැමිණ සිටියේය.
පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ විභාගය ආරම්භ කළේය. පැමිණිලි පක්ෂය වෙනුවෙන් සාක්ෂිකරුවන් දහ දෙනකු පමණ පොලිස් ස්ථානය තුළට පැමිණි අතර, ඉතිරි පිරිස ඉන් පිටතට වී බලා සිටියහ. වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් සිරිදාස සහ ඔහුගේ සාක්ෂිකරු වශයෙන් මම පෙනී සිටියෙමි. පැමිණිල්ල කියවූ පොලිස් නිලධාරියා තමා එවැනි ප්‍රකාශයක් කළේදැයි සිරිදාසගෙන් විමසා සිටියේය. එවිට සිරිදාසගෙන් ලැබුණේ කිසිවකු අපේක්ෂා නොකළ අන්දමේ පිළිතුරකි:
“ඔව්. මම පැමිණිලිකරුට ප්‍රසිද්ධියේ හොරා යැයි කිවුවා.”
“එහෙම කියන්න බැහැ නෙ…”
“බැරි නැහැ. හොරෙකුට හොරෙක් කියල කියන්න පුළුවන්.”
“එහෙම නම් ඔහු හොරෙක් බවට සාක්ෂි ඉදිරිපත් කරන්න,” පොලිස් නිලධාරියා නියම කර සිටියේය.
“මම මගේ සාක්ෂි ඉදිරිපත් කරන්නෙ අධිකරණයට. කරුණාකර මා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න,” සිරිදාස ඉල්ලා සිටියේය.
“ඒ ගැන ඔබගෙ උපදෙස් අපට අවශ්‍ය නැහැ. මේක සිවිල් ආරවුලක්. ඒ නිසා ඔබ අත්අඩංගුවට ගැනීමට හෝ මේ කාරණය වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරිමට අපට හැකියාවක් නැහැ. පැමිණිලිකාරයාට අවශ්‍ය නම් සිවිල් නඩුවක් පැවරිය හැකියි.”
“එහෙම නම් එසේ කරන ලෙස පැමිණිලිකරුට කියන්න.”
වගඋත්තරකරු තමාගේ ප්‍රකාශයේ වගකීම භාර ගත් බැවින් පැමිණිල්ලේ හෝ විත්තියේ සාක්ෂි සටහන් කරගැනීමක් අවශ්‍ය නොවීය. පොලිස් නිලධාරියා පැමිණිලිකරු දෙස බැලුවේය. පැමිණිලිකරු මහත් අසරණ තත්වයට පත්ව ඇති බව ඔහුගේ මුහුණින් පළ විය. එහෙත් තමා පිරිවරාගෙන පැමිණි පිරිස ඉදිරියේ පසුබැසීමට ඔහුට හැකියාවක් නැත. ඒ නිසා වගඋත්තරකරුට එරෙහිව සිවිල් නඩුවක් පැවරීමට පැමිණිලිකරු කැමැත්ත පළ කළේය. ඒ පිළිබඳ පොලිස් පොතේ සටහනක් තබා, විභාගය අවසන් කිරීමට කටයුතු කරන බවට පොලිස් නිලධාරියා දැනුම් දුන්නේය.
වගඋත්තරකරු තමාට අපහාස කිරීමට එරෙහිව සිවිල් අධිකරණයේ නඩුවක් පවරන බවට එකඟ වෙමින් ප්‍රකාශයක් දුන් ඔහු ඒ ප්‍රකාශයට අත්සන් කළේය. ඒ විගසින්ම නැඟී සිටි වගඋත්තරකාර සිරිදාස මේ පිළිබඳ තමාට ප්‍රකාශයක් කිරීමට ඇති බවත්, එය සටහන් කරගන්නා ලෙසත් ඉල්ලා සිටියේය.
පැමිණිලිකරු තමාට එරෙහිව තෙමසක් තුළ සිවිල් නඩුවන් නොපැවරුව හොත්: ඔහු තමා අමාරුවේ දැමීම සඳහා පොලීසියට ව්‍යාජ පැමිණිල්ලක් කළ බවට තමා නඩුවක් පවරන බව පවසා, ඒ ප්‍රකාශයට සිය අත්සන තැබුවේය.
අනතුරුව අපි පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණියෙමු.
පොලිස් ස්ථානයේ සිට මඳ දුරක් ගිය පසු මම සිරිදාසගෙන් මෙලෙස විමසුවෙමි:
“උඹ ළඟ සාක්ෂි තියෙනවද?
“නැහැ. කිසිම සාක්ෂියක් නැහැ. ඒත් මට දැනගන්න ලැබිල තියෙනවා මුදල් වංචාවක් සම්බන්ධ නඩුවක ඔහු වැරදිකරුවකු වූ බවත්, ඔහුට දඩ සහ අත්හිටුවූ සිරදඬුවම් නියම කර ඇති බවත්. ඒත් කිසිම ලේඛනයක් මා ළඟ නැහැ. මම අහපු තොරතුරක් විතරයි.”
“හරියටම සාක්ෂි නොදැන පොලීසියෙදි වරද භාර ගැනීම බරපතළ දෙයක් නොවේද?”
එවිට ඔහු සැහැල්ලු ලෙස සිනා සුණේය; අනතුරුව කතා කළේය:
“මට දැන් වයස අවුරුදු අසූදෙකයි. පැමිණිලිකරුත් මගෙ වයසෙමයි, පොඩ්ඩක් එහෙ-මෙහෙ වුණත්.”
“ඉතින්?”
“නඩු පැවරීමට කලින් ඔහු නීතිඥයකු මාර්ගයෙන් එන්තරවාසියක් එවන්න එපැයි දින දහහතරක් කල් දීල. මම එන්තරවාසියෙ චෝදනා ප්‍රතික්ෂේප කරන බව දැනුම් දෙනවා. කිසිම හේතුවක් දෙන්නෙ නැහැ. එහෙම නැත් නම් එන්තරවාසිය ගණනකට නොගෙන ඉන්නවා.”
“එතකොට නඩු වැටෙයි නෙ?”
“ඒක තමයි මටත් අවශ්‍ය. උසාවියෙ පැමිණිල්ල ගොනු කරන්න පැමිණිලිකරුට සෑහෙන්න වෙහෙස වෙන්න සිද්ධ වෙනවා; ඊට අමතරව සැලකිය යුතු මුදලක් වැය කරන්නත් සිද්ධ වෙනවා. පැමිණිල්ල දාපු ගමන් එකපාරටම නඩු අහන්නෙ නැහැ නෙ. නීතිඥයන් අතර තව ලිපි ගනුදෙනු අටෝරාසියත් හුවමාරු වෙනව නෙ. මට මගෙ මිත්‍ර නීතිඥ මහත්මයාගෙන් නොමිලයේම උපකාර ලැබෙනවා. ඒත් පැමිණිලිකරුට නීතිඥ ගාස්තුයි, ලියකියවිලිවලට යන වියදමුයි දරන්න සිද්ධ වේවි. ඒ විතරක්ද? ඒ වෙනුවෙන් සිදු වන රස්තියාදුව?”
“ඊට පස්සෙ?”
“විත්ති වාචිකයෙ විත්ති පක්ෂයෙ සාක්ෂි ලැයිස්තුවට පැමිණිලිකරු වංචා කළැයි කියන මට අහන්න ලැබිල තියෙන ආයතනයෙ නියෝජිතයකුත් ඇතුළත් කරනවා. ඒක දැක්කාම පැමිණිලිකාරයා පොලීසියෙදි කළා වගෙ පැමිණිල්ල ඉල්ලා අස් කරගන්න උත්සාහ කළොත් ඒකට අවසර දෙන්න මම ගාස්තුවක් ඉල්ලනවා.”
“ඉතින් ඊට පස්සෙ…?”
“නඩුව විභාගයට ගන්න මුල් දවසෙ මම ඉදිරිපත් වෙනවා. මම නිවැරදිකරු බව කියනවා. එවිට නඩුව විභාග කරන්න මාස හයකට පස්සෙ විතර දිනයක් නියම කරාවි නෙ. ඒ දිනය වෙන කොටත් මම ජීවත් වෙලා හිටියොත් පැමිණීමට නොහැකි බව දන්වා නීතිඥයකු මාර්ගයෙන් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කරනවා. එතකොට තවත් හය මාසයකට විතර නඩුව කල් යනව නෙ.”
“මේ හැම වාරෙටම ඔහුට නීතිඥ ගාස්තු ගෙවන්නත්, රස්තියාදු වෙන්නත් සිද්ධ වෙනව නෙ.”
“ඒ වෙන කොටත් මම ජීවත් වෙලා හිටියොත්, ඒ වගෙම පැමිණිලිකරු ජීවත් වෙලා හිටියොත්, මගෙ නීතිඥයාගේ කාර්යබහුලත්වය නිසා දීර්ඝ දිනයක් දෙන ලෙස ඉල්ලනවා. සමහර විට ඒ දින වෙන කොට මම ජීවතුන් අතර නොඉන්නත් පුළුවන්; සමහර විට අපි දෙන්නම ජීවතුන් අතර නැති වෙන්නත් පුළුවන්. කාලය ප්‍රශ්නය විසඳාවි. කොහොම වුණත් මගෙ ප්‍රකාශය සමිතියෙ විතරක් නෙවෙයි; උසාවියෙත් වාර්තාගත වෙලා තියේවි.”
මෙසේ කියමින් ඔහු මහ හඬින් සිනා සුණේය.
* * * * * * * * *
මේ සිද්ධියෙන් දෙදිනකට පමණ පසු මට කිසියම් අවශ්‍යතාවකට නගරයට යෑමට සිදු විය. ඒ අවස්ථාවේ නගරයට පැමිණ සිටි සිරිදාස මට මුණගැසිණ. අපි ඉදිරියට ගියෙමු. සිරිදාසට විරුද්ධ පැමිණිල්ල විභාග කළ පොලිස් නිලධාරියා මාර්ගයේ වාහන හසුරුවන පොලිස් නිලධාරියාගේ කටයුතු නිරීක්ෂණය කරමින් පාර අයිනේ සිටගෙන සිටියේය. අප දුටු විගස ඔහු තමා අසලට පැමිණෙන ලෙස අපට සංඥා කළේය.
අපි ඔහු අසලට ගියෙමු.
“ඔහෙට විරුද්ධව පැමිණිල්ල කරපු තැනැත්තා පොලිස් පැමිණිල්ල ඉල්ලා අස් කරගත්ත නෙ… මම හිතන්නෙ එයා දැනගන්න ඇති ඔහේ ළඟ ප්‍රබල සාක්ෂි තියෙනවයි කියල,” පොලිස් නිලධාරියා කීවේය.
“මගෙ ළඟ කිසිම සාක්ෂියක් නෑ. ඒත් එයා සැක කරනවා මා ළඟ සාක්ෂි ඇතැයි කියලා. ඒත් සාක්ෂි තියෙන්නෙ පැමිණිලිකාරයා ළඟමයි. ඒ තමයි ඔහුගේ හෘදයසාක්ෂිය.”
රනා ඉඟටියට අත තබාගෙන ටික වේලාවක් හතිඇරියේය. කඩේට පැමිණ සිටි ගැහැනු පිරිමි මුව අයාගෙන ගල්ගැසී බලා සිටියහ.
“දෙයිහාමුදුරුවනේ! මේකා මොන මඟුලකට කිතුලෙ බඩගෑව ද යකෝ මේ හිමිදිරියේ…?”
කළුබණ්ඩාගේ කතාව රනාට ඇල්ලුවේ නැත. ඔහු මොහොතක් කළුබණ්ඩා දෙස රවාගෙන බලා සිටියේය.
“කිතුලට ගියේ තණකොළ කපන්න නෙමේ යකෝ… රා උගුරක් බොන්ඩ, මලක් පදම් කරන්න….” එතැනින් යුද්ධය නතර විය.
මොහොතකින් කිතුල් ප්‍රවෘත්තියෙන් පාසල ද ගිනි ගත්තේය. වඩාත්ම කම්පා වූයේ බෝඩිමේ සිටින සත්ගුණවත් ගුරුභවතුන් වන අපි ම ය. ඒ, කිතුල් රා නිසාම නොව; කිරිබණ්ඩා හිත හොඳ මිනිසෙක් නිසා ය. ගුරු මණ්ඩලයෙන් බාගයක් පමණ සිටියේ තේවත්තේ ය. බෝඩිම්කාරයෝ පණ්ඩිත කතා කියමින් සිටියහ. විදුහල්පති අතිපණ්ඩිත වී සිටියේය.
මේ අතර රනාට සල්ලන් වූ කළුබණ්ඩා කඩයෙන් පල්ලම් බැස, තේවත්තට ගාටන්නට විය.
“ඕකා ලැයිමේ දෙමළියක් බඳින්න උන්න කියන්නේ හැබෑද කළුවෝ?” විදුහල්පති හොට දැම්මේය.
“අනේ අනිච්චං! මෙච්චර හිංගල එකියො ඉන්දැද්දි… ඕකට පිස්සුද කොහෙද?” කළුබණ්ඩා පිළිතුරු දුනි.
“එහෙමද… ජාතියක් ජන්මයක් නැති උන්ගෙ පැටවුන්ට පාරක තොටක වත් යන්න එන්න පුළුවන්ද?”
“ඕකුන් දෙන්නා එක් වුණොත් බිහි වෙන්නෙ සංකර සනුහරයක් නෙව…” විදුහල්පති කතා දැම්මොත් ඉතිං… තිරිංග ඇත්තේම නැත.
ඒ අස්සේ කළුබණ්ඩේ මූලාසනය ගත්තේය.
“දැන් ඉතිං කතා දමල වැඩක් නෑ. කවුරු හරි ඉස්පිරිතාලෙ පැත්තට ගොහින්, මොකද තත්තෙ – කොහොමද ලෙඩාට කියලා බැලුව නං…” මඳක් ඇද පැද නතර වූ කළුබණ්ඩා දෑස් කුඩා කොට පිරිස හරහා වටයක් නැරඹුවේය.
“මොනවා බලන්නද? මේ ඉන්නේ බඩුව බදුල්ලේ ඉඳලා එන විද්දියා මාස්ටර්…”
කළුබණ්ඩා නිවැරදිය. මේ වන විට අධිකාරි මාස්ටර්ද, බදුලු රෝහල සහ වෛද්‍යවරු ගැනත්, දඩාවතේ යන ඇඟ පුරා වැලි කඩදාසියක් ඇල්ලුවා සේ ලොම් හැලුණු බලු නට්ටන් ගැනත් දීර්ඝ තෝම්බුවක් දිගහරිමින් සිටියේය. මේ කතාවෙන් එක්වරම විදුලිය විසන්ධි වූවාක් මෙන් තිගැස්සුණු අධිකාරි මුව පුරා සිනාවක් තවරාගෙන විදුහල්පති අසලට කිට්ටු කළේය.
“සර්… මම වේලාසනින්ම යන්ඩද ලෙඩාගෙ විස්තර බලාන එන්ඩ?”
“තව සුනංගු වෙන්නෙ නැතුව යනවා ඕයි, පොතේ අත්සන් කරනව. පිට වුණ වෙලාව දාන්න ඕනැ නෑ..” විදුහල්පතිතුමා උගුර පාදා වටපිට බැලුවේය. “මෙහෙම වින්නැහියක් වෙච්ච වෙලාවක… මට පුළුවන් නම් මුළු ඉස්කෝලෙටම නිවාඩු දෙනවා.”
“ලොකු සර්, ඔන්න අලුත් කතාවක් යනවා, ඕකා කිතුලෙ කරටියෙ ඉඳන් දෙමළිට අඬගහලා, යටිගිරියෙන් හූ තුනක් කියාගෙන බිමට පැන්නා කියලා,” කළුබණ්ඩා ගිනිමැළයට කටින් හුළං පාරක් පිම්බේය.
ඔහුගේ පස්සෙන් තේවත්තට පැමිණ සිටි රාමසාමි “ආඬවනේ…. ඒක බොරු කතාවක් අප්පා…” කියමින් හකුරු කෑල්ල කටේ ඔබාගෙන පාරට බැස, ලයිමට අඩි ඉක්මන් කළේය.
“මොන කතා හැදුවත් කිරිබණ්ඩා දෙපැත්තෙම මහ එවුන්ට ඇහුම්කන් දුන්නා. ඔය මඟුල කැඩෙන්ඩ වැඩියෙන්ම බලපෑවේ අපේ පන්සලේ ලොකු උන්නාන්සේ. මොන බේබද්දා වුණත්, ඌ රත්නත්තරේ නම්බුව තියපු එක කෝටියක් වටිනවා…” ඔය කළුබණ්ඩාගේ කටින් හොඳක් පිට වුණාමය!
• • •
ගමේ උද්ධච්ච සනුහරේ සැම දෙනා මේ මඟුලට විරුද්ධව කඳවුරු බැඳගෙන යුද ප්‍රකාශ කරමින් සිටියහ. සරෝජාගේ පාර්ශ්වයද එසේමය. හේතු කාරණා වටින් ගොඩින් සොයා බැලූ නායක හාමුදුරුවෝ දිනක් දෙපාර්ශ්වයම පන්සලට කැඳවූහ. ක්‍රිෂ්ණා, සරෝජාගේ ඇවැස්ස මස්සිනා විය. දෙදෙනාගේම වැඩිහිටියෝ ඔවුන්ගේ විවාහය බිලිඳු වියේ සිටම තහවුරු කරගෙන සිටියහ. එහෙත් හිතුවක්කාර සරෝජාගේ තුරුණු සිත කිරිබණ්ඩාට පිස්සු හැදෙවුවා මිස, ඔහුට ආදරය කළේ නැත. ඇය මුළු ගමටම ගිනි තියා සියුම් සතුටක් වින්දාය. නායක උන්නාන්සේ බුදුමැඳුරේ දොරකඩට වී මඟ බලාගෙන සිටියහ. කලින්ම පැමිණි සරෝජාගේ පාර්ශ්වය බෝමළුව අසල ගල් පඩි මත වාඩි වී සිටියහ. කැලෑ වැදී සිටි කිරිබණ්ඩාද දොක්කාගෙන අක්කණ්ඩි ඇතුළු පිරිස පන්සලට එන විට මඳක් පමා වී තිබිණි. ඔවුන් ඉදිරියට එද්දී සරෝජා ඇතුළු සැම හිස් පහත් කර බයාදු සිනාවක් පා, හුන් තැන්වලින් නැඟී සිටියහ. උද්ධච්ච පිරිස නාසයට කෙළින් ඉදිරිය බලා ගමන් කොට, ලොකු උන්නාන්සේට වැලි පොළොවේ දණ නමා වන්දනා කළහ.
“ඕන්න දැක්කද ජාති කුල මල හොයන උන්ගෙ බෞද්ධකම. හා! දැන් ඉතිං කට්ටියම යමු බුදුගේ ඇතුළට.”
හින්දු භක්තික සරෝජලාටද පන්සල නුහුරු තැනක් නොවීය. පන්සලේ කටයුතුවලදී හින්දූහුද කෝවිලේ කටයුතුවලදී බෞද්ධයෝද සමඟියෙන් එකට එක් වී කටයුතු කළහ. ලොකු උන්නාන්සේ සියල්ලන්ම පන්සිල්හි පිහිටුවූහ. හින්දූහුද වැඳගෙන සිටියහ. අවසානයේ පිරිස සමඟ උන් වහන්සේ බෝ සෙවණට වැඩම කළහ.
“හොඳයි. කෝ… මනමාල අප්පු කිරිබණ්ඩේ ඉස්සරහට ආව නං… ඒ මදි. මනමාලිත් එක්ක…”
හීනෙන් බිය වූ මුහුණක් ඇතිව සිටි කිරිබණ්ඩේ සෙමෙන් සෙමෙන් ඉදිරියට ගෑටුවේය. කිසිදු කෝල ගතියක් නොපෑ සරෝජාද ලොකු උන්නාන්සේ පසෙකින් සිටගත්තාය.
“ළමයිනේ… කෝවිලේ මහ පූසාරි තැනත් මට ඔක්කොම විස්තරේ කිවුවා. කෝ… මෙතැන ඉන්නවද මේකිව බඳින්න ඉන්න ඉලන්දාරියා ක්‍රිෂ්ණාද – මොකාද?”
උන් වහන්සේ විපරම් නෙතින් වටපිට බැලූහ. ගංදියට හසුව ගොඩට බඩගාන කටුස්සකු මෙන් ඉදිරියට ආ ක්‍රිෂ්ණා ඔවුන් අසලින් සිටගත්තේය. ඔහු ලජ්ජාවෙන් මිරිකෙමින් සිටියේය. සරෝජා කාටත් හොරෙන් ක්‍රිෂ්ණාගේ අතක් මිරිකුවාය.
“කිරිබණ්ඩා, ඕන්න කට්ටියම හොඳින් ඇහුම්කන් දීපල්ලා. මුන් දෙන්නා බිලිඳු කාලෙම විවාහ පොරොන්දුවක් දීලා තියෙනවා වැඩිහිටියො වුණාම විවාහ කරවන්න. ඒව උන්ගෙ ආගමේ දේව පොරොන්දු. මං ඒ ගැන මොකවත් කියන්නෙ නෑ…”
උන් වහන්සේ මොහොතකට පඩික්කමට නැඹුරු වූහ.
ඒ කිසිවක් කිරිබණ්ඩාට ඇසුණේ නැත. සරෝජා ක්‍රිෂ්ණාගේ අතක් මිරිකන සැටි කිරිබණ්ඩා හොඳින් දුටුවේය.
“වැඩි කතා ඕනැ නෑ. කිරිබණ්ඩෙ, ලොකු අක්කා තමුන්ගෙ අම්මා කියලා හිතාගෙන, කකුල් දෙක අල්ලල වැඳල පොරොන්දු වෙනවා කිසි දාක වැඩිහිටියන්ට පිටින්, සනුහරේට පිටින් කිසිම කටයුත්තක් කරන්නෙ නෑ කියලා…”
ලොකු උන්නාන්සේගේ දීර්ඝ දේශනයෙන් පසු සැහැල්ලු සිතින් කිරිබණ්ඩා, සරෝජා දෙස බැලුවේය. ඇය තාමත් ක්‍රිෂ්ණාගේ අත මිරිකාගෙන සිටී. වහා දිව ගිය කිරිබණ්ඩා දණ නමා, අක්කාගේ දෙපා වැලඳගත්තේය.
නායක හිමියන් වට කරගත් සැමගේම මුහුණුවල සැනසිලිදායක සතුටක් තැවරී තිබිණි.
එහෙත් එය අවසානය නොවීය. කිරිබණ්ඩා දින කීපයක්ම පරිසරයෙන් අතුරුදන් වී සිටියේය. ඔහු ගැන කිසිදු හෝඩුවාවක් දැනගන්න ලැබුණේ නැත. කිතුලෙන් වැටුණ දිනට කලින් දවසේ සරෝජා සහ ක්‍රිෂ්ණාගේ විවා මඟුල ජයටම යෙදී තිබිණි. මෝලං සහ තප්පු සංගීතය එදා මද්දහනේ සිටම තේවත්ත සිසාරා ඝෝෂා කළේය. යාන්තමින් ක්ලැරිනට් නළා හඬද ඇසිණි.
එදින පාන්දරම කොහේදෝ සිට කිතුල අසලට පැමිණි කිරිබණ්ඩා ගසට අතක් තබාගෙන මහ හඬින් සිනා සුණේය. එය වියරු සිනාවක් විය. කන්දෙන් කන්දට ප්රතිරාව දුන් සිනා හඬ අවසන් වන විට කිරිබණ්ඩා කිතුල් කරටිය මතට වී පැසුණ රා මුට්ටිය කට තබාගෙන බොමින් සිටියේය. දින ගණනාවක්පැසී තිබුණු එය විනාකිරි වී තිබිණ.
• • •
රෝගියාගේ ගුණ-පණ බලා ඒමට වේලාසන පාසලින් ගිය අධිකාරි මාස්ටර් පසුවදා උදේ බසයෙන් බැස, අන් අයද පෙරළාගෙන කාර්යාලයට දිව ආවේය. අවට සිටි සැම දෙන කිසිත් නොකියා අධිකාරි දෙස බලා සිටියෝය. මේ අතර විදුහල්පතිද දිවැවිත් පිරිසට එක් විය.
“කොහොමද අධිකාරි ලෙඩාට?” විදුහල්පති විමසීය.
“හොඳටම අමාරුයි සර්… සිහියක්-පතක් නෑ. කිරිබණ්ඩෙට දෙන්ඩ ඕනෑ ලේ වර්ගය මේ පළාතෙ කිසිම ඉස්පිරිතාලෙක නෑ…”
අධිකාරිගේ කතාවෙන් සැම දෙන කලබල වූහ.
විදුහල්පති මා ඇමතීය:
“මේ බල බල ඉන්න වෙලාවක් නෙමේ… තමුසෙ ගිහිල්ලා ස්ටාෆ් එකේ ඉන්න පණ ඇති උන්ටයි, දොළහ-දහතුන පන්තිවල ගැටයන්ටයි කාරණාව කියලා, ලැයිස්තුවක් හදනවා… මං තේ වත්තෙන් වාහනයක් ඉල්ලගන්නං ඉස්පිරිතාලෙට යන්න.”
පැයක් යන්නට මත්තෙන් පාසල් නඩය තේ වත්තේ ලොරියකින් බදුල්ල රෝහල බලා පිටත්ව තිබිණි.
එළි වුණ යාමයේ මංගල යහන උණුසුම් කළ කිරිබණ්ඩේගේ පුවත සරෝජාගේ කනටද වැටී තිබුණේය. එය ඇසූ මොහොතේ පටන් සරෝජා වැලහින්නක ලෙස වැලපෙන්නට වූවාය.
“අනේ ක්‍රිෂ්ණා… මේ ඔක්කොටම මුල මමයි. ක්‍රිෂ්ණා… මට කිරිබණ්ඩෙට වැඳලා සමාව ගන්න ඕනෑ. අනේ ක්‍රිෂ්ණා… අපි ඉක්මනට ඉස්පිරිතාලෙට යං…”
සරෝජාගේ ඇවිටිල්ල ඉවත ලිය නොහැකිය. ළතෙත් වන සංවේදි මිනිසකු වූ ක්‍රිෂ්ණා, සරෝජා සමඟ පාරේ බසයෙන් බදුල්ල බලා පිටත් විය. ඔවුන් දෙදෙනා රෝගියා සොයා වාට්ටුවට එද්දී පාසලින් ගිය කණ්ඩායම කොරිඩෝවේදී හමු විය. ඔවුන් දුටු සැණින් විදුහල්පති සරෝජා දෙස නොබලාම ක්‍රිෂ්ණා අසලට ළං විය.
“මේ ක්‍රිෂ්ණා වෙන්න ඇති…?”
“එහෙමයි සර්…” පැවසූ ක්‍රිෂ්ණා බියපත් මුහුණින් බිත්තියට හේත්තු විය.
“මේ අරව-මේව හොයන වෙලාවක් නොවෙයි, ක්‍රිෂ්ණා… කිරිබණ්ඩ අපි වාගෙම මනුෂ්‍යයෙක්. දැන් මිනිහ ඉන්නෙ අමාරුවෙන්. අපි විස්සක් විතර ඉස්කෝලෙන් ආවත්, ලෙඩාට ඕනැ කරන ලේ වර්ගය එක්කෙනෙක් ළඟවත් නැහැ… ”
කතාව නැවතූ විදුහල්පති මොහොතක් ක්‍රිෂ්ණා දෙස බලා සිටියේය.
“ක්‍රිෂ්ණා තමාවත් ගමෙන් එවලා තියෙන්නෙ කිරිබණ්ඩෙගෙ වාසනාවට වෙන්න පුළුවන්. අපි කෝකටත් ගිහින් පරීක්ෂා කරලා බලමුද?”
“මම එකපයින් කැමැතියි ලොකු සර්, හා… යමු යමු පරීක්ෂා කරල බලන්න ඉක්මනට…”
සතුට ඉහවහා ගිය සරෝජා, ක්‍රිෂ්ණාගේ අත අල්ලාගෙන ඉස්සර වූවාය.
ක්‍රිෂ්ණාගේ ලේ වර්ගය කිරිබණ්ඩාට හරියටම ගැළපිණ.

Please look at me, just once. Here I am, standing squashed in a corner. I got on the bus a little while ago, barely finding myself a toehold on the crowded footboard. Then, slowly and patiently, I pushed my way through the dense jungle of bodies, slithering under armpits and ferreting between legs. Unfortunately, I can't reach the overhead rod for support – it’s too high for a short person like me. I support my weight against the back of a seat, instead.span styleWhenever the bus lurches and sways, I lose my balance and bump against other people's bodies. Nobody seems to mind terribly – I’m so slight, they probably don't even feel my weight.
So that’s where I am right now – leaning against the back of a seat. Tall people loom over me like mountains on every side. They tower over me so completely that I doubt they can see me. Even if they do, they take little notice of me, as though it doesn't make the least difference to them whether I exist or not. This, perhaps, is in large part due to the fact that there is nothing distinctive about my appearance. I'm five foot two, slightly built but not excessively thin, dark skinned but not so dark that people would take a second look. Being over forty, my hair has started to thin, yet I'm far from bald – at least, fully bald people sometimes attract curious glances. Then there's my face – it’s neither handsome nor spectacularly ugly. My nose is neither chiselled nor flat; my eyes are not large, but neither are they piggishly small. So here I stand, unnoticed, anonymous, in the middle of a motley crowd.
Just after I got married, a rather tragically interesting thing happened. A couple of days after the wedding, I went shopping with my newly wed wife. We were due to go back to my wife's parents' home in a few days for the dwiragaman ceremony, so I needed to buy some clothes as gifts for my new in-laws. I asked my wife, "Do you want to go to the New Market?" Frankly, I didn't make enough money to be able to shop at the New Market – I had always bought my clothes from the cheap, roadside stalls in my neighbourhood. The main reason I suggested the New Market was to impress my wife. She was a small-town girl, who had never been to this famous Calcutta landmark. A secondary reason was that my wife’s family was a good bit better off than my own. I figured that shopping at New Market would not only please my wife, but when her relatives found out where their gifts had been purchased, my stock in their eyes would go up. But in hindsight, my suggestion had been extremely wrong-headed, for had we not gone to the New Market that day, the whole sorry incident would never have happened.
Anyway, we went to the New Market, and my wife was immediately entranced by the glittering spectacle. She would pause in front of every shop, walking very slowly, her eyes glued to the shop window. Eventually, she even forgot to look at me. I was naturally a bit hurt at being ignored by my new wife. I tried to show off my sophistication by pointing out this or that to her, but rather than pay attention to particulars, she was devouring the scene in its entirety.
When my hurt feelings reached a sufficient level of pique, I deliberately slowed my own pace and fell behind. Not noticing that I was no longer at her side, my wife continued to amble along by herself. At one point, I stopped walking and simply stood there. Her mesmerized eyes fixed on window displays, my wife walked on in the goose-stepping, marionette-like gait of soldiers offering a guard of honor.
Standing at my spot, I watched her being borne along the glittering hallways by the tide of shoppers. She was speaking occasionally, as if I was still with her, but not really caring to check. After she had gone quite a long way, she suddenly grew excited at the sight of something and turned around to point it out to me. Discovering my absence for the first time, she started looking around with a stricken face. Unable to resist the temptation of having some more fun at her expense, I hid myself in one of the maze-like alleyways of the market. Let the country girl look for me now. Let her pay the price of ignoring me all this time. Allowing myself a little smile, I peered out to see her retracing her steps back and forth, panic writ clear on her face.
I felt sorry for her, but deciding to reveal myself after heightening the tension a bit more, I retreated deeper into the alleyway. My wife walked up and down the main passageway several times, turned into this alley or that, looking for me frantically. I kept her in my sights the entire time. At one point, I realized that if she didn’t find me soon, she was going to start crying. She was practically on the verge of tears, her eyes reddened and watery. So when I spotted her entering a certain alley, I quickly entered the alley from the other end, and stood waiting for her with a smile. She hurried in my direction – our eyes met, she passed within a foot of me, yet she could not recognize me.
I was perplexed – did she really not see me? I took another path and stood in front of a glassware store under a very bright light. Once again, she approached from the opposite direction, her eyes raking the crowds. Once again, our eyes met, but she continued to walk, not even turning around to take a second look. This happened a few times more: our paths continued to cross – in front of a bookstore, in the alley with the fruit stalls, in the toy department. Every time she failed to recognize me. Searching for me in a crazed manner, she kept passing me by. It occurred to me then that the country girl was actually quite sly – perhaps sensing that I had deliberately hidden myself, she was pretending not to recognize me. But looking at her increasingly anxious face, that did not seem to be the case.
Finally, I stood in front of a watch store and intercepted her directly. Stepping right in front of her, I said, “Hey.” She stared at me with startled disbelief. After looking me up and down for a few seconds, she said in a trembling voice, “Where were you? I’ve been looking for you all this time.” From her tone, I could tell she was sincere in her relief. On our way home, I told her the truth. I also told her that during our game of hide-and-seek, I had given her multiple opportunities to find me; that, in fact, I had stood right in her path on several occasions. She didn’t believe me at first, but when I insisted repeatedly, she said in a worried voice, “Really? In that case, never hide yourself from me again. It could be dangerous.”
Stop, conductor, stop…this is where I get off. Could you kindly step aside, sir…Brother, try not to knock my eyeglasses off. See? Nobody listens to me. Even before I had the chance to step off, the conductor rang the bell to get the bus moving again. The hefty man at the door remained immovable, and the young man in the short-sleeved shirt bent my glasses with his elbow. This is what I meant when I said nobody takes any notice of me – not on the street, not on buses, not on trams.
It’s a nice day today – a cuddly, caressing kind of day with a light breeze and bright sunlight. It’s almost the beginning of autumn, so the heat lacks its usual bite. I was feeling quite energized as I was walking to my office, just beyond the next intersection. As I reached the intersection and was about to cross the road, the traffic policeman on duty suddenly lowered his outstretched arm, letting loose a cascade of moving vehicles in my path. Hello, Mr. Traffic Cop, did you not see me as I was about to cross? Had you kept your arm raised for just a couple more seconds, would it have fallen off its socket?
The elevator on which I’m riding now looks to be about a hundred years old. It’s surrounded on all sides by cast iron grillwork, like a moderately capacious cage. The elevator shudders at regular intervals and climbs very, very slowly. I’ve been riding on this elevator for the past thirteen years. Ramswarup Abhogi, the lift-attendant, has ferried me up and down six days a week for the past thirteen years. Let’s see, Ramswarup, you’ve seen me since I was quite young, haven’t you? I must have been twenty-six or twenty-seven when I first started working here – age had not started leaving its mark on my face yet. Now tell me what my name is. If I were to really ask Ramswarup this question, I know he’ll reply with great confidence, “Why, you’re Arabinda-babu, of course.” But he would be wrong. I’ve never in my entire life been Arabinda. What I’ve been, ever since I was little, is Arindam Basu.
I work for a bank. My office is on the second floor. In the early days, I was rotated through various departments, but for the past ten years or so, I’ve stayed put at the cash department. Besides being able to count huge stacks of currency bills quickly, I’m also very accurate in my arithmetic, which is why the higher-ups in the cash department never want to let go of me. Even when I’m transferred out of the department, they manage to bring me back. I work with both receipts and payments – mostly in payments, though, because that’s where they really need sharp-eyed people. I sit inside a wire cage, facing a chest-high cabinet with many small drawers. I can almost tell without looking which drawer contains how many bills or coins of what denomination. When making a payment to a customer, I open the appropriate drawer, pull out a wad of bills, close the drawer, count the money once, then count it again, just to be sure. I hand the money to the payee, and then turn to the next customer. Taking the brass token from the customer, I open another drawer, take out the money, count it…and so on. People who wait in line outside the tiny opening set in the wire mesh screen in front of me probably find my routine excruciatingly monotonous. “Poor man, what a deadly boring job he has,” they probably think to themselves.
My customers see me through the mesh partition, but they don’t remember me. Take the case of Rambabu, for instance. Rambabu is an old customer of ours. The owner of a large factory, he’s so rich that even the chief manager of our bank treats him with deference. Rambabu is somewhat finicky – rather than send an employee to cash a check, he often comes to the bank himself. I’ve made payments to him countless times – he accepts the money through the window and smiles at me graciously.
My wife’s oldest brother visited Calcutta once and lavished a lot of money on entertaining us. One night he took me out to dinner at a fancy restaurant on
Park Street , where I ran into Rambabu. He was sitting at a table by himself, sipping a glass of clear gin, a distant look in his eyes. I’m not an ambitious kind of person – it would never occur to me to hobnob with somebody like Rambabu out of an ulterior motive. Simply from a sense of acquaintanceship, I stopped at his table and greeted him. Rambabu looked up at me with a frown and said, “Where have I seen you before? I can’t seem to remember…”I was feeling embarrassed in front of my brother-in-law. If the man failed to recognize me, or if he turned out to be an arrogant jerk, I would lose face hugely. In desperation, I mentioned the name of my bank and said, “I work at the cash counter.” Immediately, Rambabu’s expression cleared up like the gin in his glass. He smiled widely and said, “Oh, of course, I remember now. Actually, I’m so used to seeing you behind that wire screen and the little window that I couldn’t place you in a different context. It’s all a matter of context, you see – separated from our milieu, we are nothing. Your context is that wire cage with the tiny window, mine is this suit-and-tie and my balding head. When stripped of these familiar cues, we find that we humans have no real identity of our own.”
He continued, “Actually, I was thinking about this matter of perspective just before you came along. My family lived in a succession of railway townships when I was young – my father was a railway clerk. When we were living in Katihar, a neighbour’s daughter used to come to our place often. She had a stepmother at home and not much love. She used to sit by my mother’s side on the kitchen floor, near the stove. Tugging her torn dress to cover her knees, she would roll out chapattis for my mother to bake. Sometimes she would carry my crybaby younger sister and walk around in circles, trying to put her to sleep. My mother once told me, ‘I’m going to marry you to this girl one day.’ After that, I started paying particular attention to her – in fact, I almost became obsessed with her. She had a sad, thin face, and a fragile, delicate sort of beauty – as if she was not destined to live long on this earth.”
Rambabu sighed at this point. I asked breathlessly, “So what happened? Did she die early?” Rambabu shook his head. “No, why would she die?” he said. “I duly married her when I grew up. She’s my wife now – fat and ill-tempered, keeps me under a tight rein. But when I see her opening the fridge, or pawing through her jewelry, or scolding the servants, or ordering the chauffeur to get the car out, I can’t believe she’s the same girl, the same Beli who had smiled so happily when my mother visited her when she was ill and gave her a couple of oranges. We had a huge fight earlier this evening. I was feeling pretty mad after the fight – the love I had for her once seemed to have vanished into thin air. But sitting here by myself, I could once again see her as she used to be – huddling close to the stove, trying to cover her knees with her torn dress. I also remembered the look of compassion in my mother’s eyes as she observed the pitiful body language of the unloved young girl. Now I feel love for her once again – after I get home tonight, I’m going to try to assuage her anger. I’m sure you understand,” Rambabu took a sip of the gin and smiled at me again. “That little window through which I see you always,” he said. “That’s what really frames you in my mind – that little window.”
A young man of twenty-three or twenty-four is standing outside my cage, tapping his brass token absent-mindedly on the counter. We're slightly acquainted with each other. His father owns a business that deals in scrap iron. It was the father who used to come to the bank earlier; now it’s the son. If our eyes meet during a transaction, I ask, "How's your father?" He smiles politely and replies, "He's well, thank you." I can't help feeling, however, that if I were to be removed from the cash counter one day and replaced by another nondescript-looking cashier, the young man would probably not even notice the difference. He would still tap his token on the counter-top, he would still look around vacantly, and if his eyes should meet those of the new person, he would still give him a smile of vague acquaintance. It would probably take him quite a while to figure out that I was no longer at my post. For even though he's standing outside my window at this moment, it's not me he's thinking about – most likely he's thinking about his new girlfriend, or the new scooter he's about to buy.
The young man just turned his head and glanced briefly at the girl at the reception counter; then he glanced at his watch. Looking idly at the number on his token, he watched as my hands swiftly counted a boringly large bundle of money. He looked at my face for a moment and then looked away, but I know he didn't really see me.
I had another fifteen minutes to go until two o'clock. I would then close the cash counter and go downstairs for my lunch break. If the young man saw me in front of a street vendor, drinking tea from an earthen cup and munching Thin Arrowroot biscuits, would he be able to recognize me?
How are the bananas? Forty paise a pair? Are you kidding me? Yes, I know they're Martaman bananas – Martaman bananas are easy to recognize. Should I buy them? Actually, it's not my day today to eat bananas – I just had some yesterday. I eat bananas only every other day, you see. Well, give me one, anyway. Yes, just one -- here's twenty paise. Mmmm....the banana tasted good. After I finished eating, I clutched the peel carefully in my palm and then walked around the neighborhood for fifteen minutes or so, the banana peel still clutched in my hand.
People were walking by unhurriedly, the expressions on their faces placid and unremarkable. These were people who had not taken part in any war or revolution. They had not had to sacrifice their lives for some great cause; they had not even achieved any particularly significant or complex accomplishment. They were emblematic of how the nation was slowly being depleted – everybody walking around in their own daze, indifferent to everybody else in the world. People such as these had a one-dimensional view of time: for example, the year 1969 was just a number to them – they had no conception of how that year fit into a two thousand year-old history. "India" was just another word for these people, like "telepathy" or "Creek Row."
Look at me, please – me, Arindam Basu – a not-tall, not-thin, not-light skinned individual. I'm not telepathy, not Creek Row, not even India -- there's a certain distinction between Arindam Basu and these other words, but will you people ever be able to tell the difference?
No use talking about such things. Sometimes I wonder – do I even exist? Bank customers shove their hands into my little window and count the money I give them – a few smile their thanks. If and when somebody else sits in my wired cage, they will extend their hands for the money and occasionally smile their thanks in exactly the same fashion – they won't even notice that a huge change had occurred behind the mesh screen. Somewhat like the scene at the New Market years ago: my wife walking around in a panic, searching for me desperately, yet missing me again and again, right under her nose.
I put the banana peel down carefully in the middle of the sidewalk. Unmindful members of the public, if any of you steps on that peel and slips, I hope you’ll be jolted into awareness as you’re falling. If you’re not too injured from the fall, or if you prevent yourself from falling at the last minute, you’ll have gained a valuable lesson. You’ll be more aware of your surroundings. You’ll open your eyes and look around yourself. Realizing that you could have broken an arm or a leg had the accident been serious, you’ll become more cautious about the dangers that surround you. Perhaps the drowsy “I” within each of you will awake and exclaim, “How wonderful it is to be alive.” As a result of this near accident, perhaps you’ll become more connected to the rest of the humanity. Who knows, you might even suddenly remember that today is July 16th of 1969, your marriage anniversary, which you had totally forgotten. You’ll also remember that you passed your fortieth birthday this year. After all this, perhaps you’ll admit to yourself that I did you a favour by placing that banana peel in your way on a sleepy afternoon in this warless, revolution-less India.
Are you thinking of the moon now? And the three brave men who’re walking around on the moon as we speak? Don’t, I’m warning you. For people like us, it’s no use thinking about such exploits – they make us feel terribly excited for a while, only to sink back into a deep apathy afterwards. Those astronauts have very sophisticated machines. They’ve gone to the moon, fine; they’ll eventually return to the earth safely and soundly. But don’t let that make you feel wantonly excited and careless. Keep your eyes on the road. Once you turn the corner near the Governor’s Mansion, you’ll see a great, green park in front of you, covered by a vast, clear sky. At this point, take good notice of all the people who are walking by you, try to remember as many faces as you can, so that you might recognize them immediately if you were to see them somewhere else.
On this fair and pleasant evening, I’m walking fairly close to you near the edge of that vast green expanse – look at me. I left work a little early today to watch a football game. You seem to be headed in the same direction, no?
Look at that player – such an idiot – spoiled such a great opportunity by standing on the offside. Just ten minutes left to the end of the game, not a single goal yet. And that guy over there – he shouldn’t be wearing that red-and-yellow jersey. Kick him out of the field. Yes, sirs, lambaste him with your choicest obscenities – I can’t curse well, alas. But look, my whole body is shaking with tension. Since this morning, I’ve been obsessing about those three men on the moon – so much so that my nerves are all jangled. To make things worse, that no-good rival team is gaining a point at the expense of my favourite team.
One whole point – what a shame! Only eight or nine minutes are left now. What do you think, sir, will they be able to score a goal finally? But how? The other team has massed its players like a solid wall around the goalpost. And my team – from their moves so far, does it seem as if they even want to score a goal? Especially that guy over there – the one who stood to the offside and missed a golden opportunity. I feel like going up to him and yelling, “Look at me, pal, I’m Arindam Basu – I’ve been a supporter of this team since my childhood. Whenever this team has won, I’ve made offerings to God; whenever it’s lost, I’ve thought about committing suicide. But you – do you understand any of this? You don’t even know that I – a unique individual within this faceless crowd – am looking at my watch anxiously with tears in my eyes. Anyway, why should it matter to you? Whether I smile or cry – or do something else – nobody really cares.
No sir, there was no goal, after all. The referee just blew on his whistle to call an end to the game. Please look at me once. Notice how broken-spirited and fatigued I’ve become – my shoulders are drooping in dejection. See, I love my team so much, but my love, my devotion doesn’t mean a thing to them – they have no idea I even exist. Yet at the end of every win or loss by that team, I’ve laughed, jumped for joy, wept, backslapped complete strangers hundreds of times. It was all pointless – it didn’t make the slightest difference to anybody. And the fact that I’ve been worried sick about those three men on the moon – I couldn’t eat my lunch today in agitation – even that doesn’t mean a thing.
Please look at me once. I know you’re probably worried about your team’s standing in the league tables. In addition, you’re no doubt thinking about those men on the moon. So many things are happening around the world – athletes are making record-breaking jumps of up to twenty nine feet-and-a-half, presidents are dying from assassins’ bullets, your favourite party is losing the elections, the revolution is taking too long to happen. I guess that’s why you don’t see me – Arindam Basu, bank clerk – even though I’m standing right by your side.
Look, there's my four-year-old son, Hapu, leaning from the railing of our second-floor veranda, waiting for me. Before I left for work this morning, he told me repeatedly, "Come home early today, Baba. I want to go to the Rathyatra fair." There he is, waiting eagerly for my return, his bright eyes shining under a thatch of thick, curly hair. I can see those eyes even from this distance.
No sooner do I set foot inside the stairwell, he comes running down the stairs, his mother yelling behind him, "Hapu, Hapu, where are you? Come here immediately." Grinning from ear to ear, Hapu virtually leaps into my arms and says, "You're late, Baba. Aren’t we going to the fair?" Yes, sirs, I feel a great sense of repose when I come home to this little family of mine at the end of the day. Scooping Hapu up, I inhale the sweet scent of childhood sweat on his body. He feels warm and soft in my arms, like sunlight on a winter morning. Burying my face into his body gives me the sensation of taking an invisible, deeply comforting bath. I say to him, "Of course, we'll go, son. But I'm very hungry. Let me have something to eat and rest for a while."
While I’m taking my rest, Hapu stays by my side and keeps saying excitedly, "Hurry, hurry. We're going to be late." When his mother tries to get him off me, I stop her. "Oh, don't scold him," I say. "He's just a child." Truth be told, I actually rather enjoy his clinging affection – it makes me feel as if I'm the most important person in his universe.
Hapu seems to go berserk at the fair, trying to wriggle free of my grip and running off here and there. I tell him, "Don't be impatient, Hapu. Hold my hand – that way you'll get to see everything." His eyes roving around the fairground ceaselessly, he keeps asking in a loud, excited voice, "What's this, Baba? And that? And that thing over there?" I reply patiently, "This here is a Ferris wheel. And that's the circus. And that one is the Globe of Death."
Nibbling on a crispy papad, Hapu goes for a ride by himself on the Ferris wheel. I can see him from the ground as he floats high up in the sky, laughing wildly and gesturing at me. He swoops down to the earth and shoots up again, smiling and waving at me. I love watching him having a good time.
On the high platform adjoining the Globe of Death, Hapu clutches me tight and watches as a couple of gravity-defying motorcycles zoom up and down the circular walls with a deafening noise.
From there we go to a half-hour show at the circus. We see a man with two heads, a singing doll, an eight-foot tall man, and various other wonders. Hapu is silent with astonishment. His eyes are shining like stars.
When we come out of the circus tent, I let go of his hand – it’s beginning to feel clammy with sweat. Freed of my grip, he begins to walk slightly ahead of me, exploring different attractions. There he is, examining a tray of whistles set outside a stall; then he stops at another stall to watch a race between little model airplanes. Next he looks in wonderment at people shooting airguns at a target made up of brightly coloured balloons. He is beginning to weave in and out of the crowds -- I quicken my steps to keep pace with him. My thoughts stray to my soccer team...they wasted a point unnecessarily. Then I think about the three mortal human beings hurtling through space on their way back to the earth....were they going to make it safely?
I realize suddenly that I can no longer see Hapu. I remember catching a glimpse of his blue shirt just before a swirl of people hid him from my view. I run in that direction, calling, " Hapu-u-u."
Sirs, have any of you seen a small boy wearing a blue shirt? His name is Hapu -- a very restless child. You haven't? He has a mop of thick, curly hair and bright, curious eyes. No, he's not the boy standing outside the toy stall, although they do have certain similarities. No, I can't remember any particular detail of his appearance – he’s pretty average looking, just like me. I can only tell you that he's four years old and he's wearing a blue shirt. True, there are hundreds of boys in this fairground who would match that description. No, sirs, it would be impossible for me tell from afar which of these hundreds of kids is my Hapu – and perhaps he can't tell which of these thousands of adults is his father, either. Even his mother failed to recognize me in a crowd once...If by any chance you run into my boy, please tell him that his father – yes, that's right, I'm his father. Please take a good look at me now – for heaven's sake, try to remember me.
ආදර්ශවත් පවුලකට උදාහරණයක් ඕනෑ වුණු වෙලාවට මුළු ගම ම ඇඟිල්ල දික් කළේ පීරිස් පවුල දිහාවට. මුළු ගමේම විතරක් නෙවෙයි මුලු ප්‍රදේශයේම පැතිරිලා තිබුණා පීරිස් පවුලේ කීර්තිනාමය.
බීගෙන ආපු සැමියා බිරිඳට තඩිබාන ගමන් කිව්වේ,
“බලපන් පීරිස් නෝනා දිහාව
උදේට දැක්කත් ඇති. දවසම කිරි උතුරනවා.
ඒකට උඹ. දවසම අඬෝවැඩියාව.”
පඩි ගත්ත දවසට බාර් ගානේ ඇවිදලා පඩි පැකට් එක බාර් එකටම පූජා කරපු සැමියට බිරිඳ කිව්වේ,
“බලනවා පීරිස් මහත්තයා දිහාව. අන්න නියම පිරිමියෙක්. වැස්සකටවත් ගොඩවෙලා නැතිව ඇති බාර් එකකට.”
ළමයෙක් වැරද්දක් කෙරුවාම අම්මලා කිව්වේ,
“බලපල්ලා පීරිස් ගෙදර ළමයි දිහාව. සිරිමත් වගේ දරුවෝ.”
පීරිස් පවුලේ ළමයි හතර දෙනාම ගියේ ගමේ ඉස්කෝලෙට. ඒ ළමයින්ගේ කීර්තියෙන් ඉස්කෝලේ බැබළුණා. ඉස්කෝලේ කීර්තියෙන් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය විතරක් නෙවෙයි, ගුරු දෙගුරු සංගමයත් බැබළුණා.
ඉරිසියාකාර කතා තැන තැන නොකියවුණාමත් නෙවෙයි. බීගත් දවසක ප්‍රනාන්දු කඩේ ගාවදී කියලා තිබුණා,
“ඔය පීරිසා ගෑණිට බයයි.
ඒකයි ඔය හැටි සිල්වන්ත.”
එහෙම කියලා ගෙදර යන ගමන් පාරේ වැටිලා දත් දෙකකුත් හලා ගත්තා.
“අපි නොදන්න පීරිස් නෝනගේ පතිවුර්තාව. කැත ගෑනිගේ පතිවුර්තාව ඉබේ රැකෙනවයි කියලා කියනවනේ.”
නාන තොට ළඟදී එහෙම කියලා තිබුණේ සියඹලා ගහ ගාව ගෙදර රාණි. පහුවදා උදේ වෙනකොට නසරාණි ගැන ගම පුරා කැලෑ පත්තර ඇලවිලා තිබුණේ කසිප්පු අල්ලද්දී රාණිගේ මිනිහා වසන්තගේ කසිප්පු පොළ මඟහරින පෙරේරා සාජන් මහත්තයව අල්ලලයි.
“හොඳ මිනිස්සුන්ට කතා හදන එක සහගහන වැඩක්” එහෙම කිව්වේ හතර පෝයටම සිල් ගන්න සුමනාවතී උපාසකම්මා. පීරිස් මහත්තයා වැඩ කළේ නගර සභාවේ තක්සේරු නිලධාරියෙක් විදියට. අකුරට වැඩ. මොන තරම් හම්බකරන්න පුළුවන් රස්සාවක්ද? පීරිස් මහත්තයා එක්ක ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. වැඩි වැඩ නැහැ. පාරේ බස් එකේමයි ගමන.
වැඩ ඇරිලා එන ගමන්ම හන්දියේ සේකරගේ කඩයට ගොඩවෙන පීරිස් මහත්තයා ගෙදරට ඕනෑ කරන බඩුමුට්ටු ටික සිලි සිලි මල්ලක දාගෙන එල්ලගෙන එනවා. ලැම්බට්ගේ මාළු ලෑල්ලෙන් කපන මාළු පන්සීයක් හරි, මේබල්ගේ මස් කඩෙන් පොඩි කුකුළෙක් හරි අරගෙන එන්නත් අමතක කරන්නේ නැහැ.
උදේට එකටම ගෙදරින් පිටවන දරුවන් පයින්ම ළඟ තියෙන ඉස්කෝලෙට යනවා. හවස පන්ති, ටියුෂන් පන්ති ඉවරවෙලා තනි තනිව පාර අයිනෙන් ගෙදර එනවා. පාරේ යන එන හැම ගෑනු ළමයටම විහිළු කරන හන්දියේ සැලුන් එක ළඟ රස්තියාදු වෙන කොලු නඩේවත් පීරිස් ගෙදර ගෑනු ළමයින්ට මොකුත්ම කිව්වේ නැහැ. උන්ට ඒකට හිත් දුන්නේ නැහැ. තරුණ වියට එළඹුණත් නියම පාසල් ගතියෙන්ම ඇඳලා පැලඳලා බිම බලාගෙන යන ඒ ගෑනු ළමයි දෙන්නව දැක්කම කොල්ලන්ට මතක් වුණේ තමන්ගේ අක්කලා, නංගිලාව.
පීරිස් ගෙදර පිරිමි ළමයි දෙන්නා ගමේ පිරිමි ළමයි එක්ක වෙනසක් නැතිව ආශ්‍රය කළා. සෙල්ලම් කළා. හවසට පිට්ටනියේ බෝල ගැහුවා. ඒත් තාත්තා එන්න කලින් ගෙදර ගියා. මළ ගෙවල්වල, පින්කම් පොළවල්වල රස්තියාදු වෙන්න ඒ ළමයින්ට වෙලාවක් තිබුණේ නැහැ. පොතේ පතේ වැඩ තිබුණා. හොරෙන් සිගරැට් බොන, මත් වෙන විට කන කොල්ලෝ අතරේ පීරිස් ගෙදර පිරිමි ළමයි බෝ පැළ දෙකක් වගේ හැදුණා.
එදත් වෙනදා වගේම දවසක්. අල්ලපු ගෙදර ජෙනිටා කියන විදියට පාන්දර හතරට පීරිස් ගෙදර කුස්සියේ ලයිට් දාලා තිබිලා තියෙනවා. රේඩියෝ එකේ පිරිත් ඇහිලත් තියෙනවා. ප්‍රෙෂර් කුකර් එකත් කෑගහලා නිවෙනවා. උදා ගීත යන වෙලාවට ළමයි ඉස්කෝලේ යන්න පිටත් වෙලත් තිෙයනවා. වෙනදා වගේම වැඩට යන්න ලෑස්ති වෙලා දොර පඩිය උඩදී පීරිස් මහත්තයා පීරිස් නෝනගේ නළලට හාද්දක් දෙනවා තමන් දෑහින්ම දැක්ක බව ඉස්සරහා ගෙදර ඩල්සි දිවුරලාම කියනවා.
උදේ දහයට විතර මහන්න දීපු ගවුමක් ගෙනියන්න ආපු ඉන්ද්‍රානි පැය භාගයක් විතර ඉඳලා ගවුමේ තිබුණු අඩුපාඩුවකුත් හදාගෙනයි ගිහිං තිබුණේ. ඒ වෙලාවෙදි නම් පීරිස් නෝනා වෙනදා වගේම හොඳ සිරියාවට, කඩිසරකමට හිටියා කියලා ඉන්ද්‍රානිට විශ්වාසයි.
ලියුම් බෙදන පෝස්ට්මන් කපිල කියන විදියට නම් ලියාපදිංචි නොකළ තැපෑලෙන් ටිකක් බර ලියුමක් ඇවිත් තියනවා පීරිස් මහත්තයා නමට.
එදා හවස ඉස්කෝලේ ගිහිං, පංති ගිහිං, සෙල්ලම් කරන්න ගිහින් පීරිස් ගෙදර ළමයි වෙනදා වෙලාවටම ගෙදර ඇවිත් තියෙනවා. පහමාරට හන්දියේ නවත්වන බස් එකෙන් බැහැපු පීරිස් මහත්තයා කඩේට ගොඩවෙලා රටලූනුයි, අලයි, එළවළු දෙක තුනකුයි අරගෙන තියෙනවා. එනගමන් මේබල්ගේ කඩයට ගොඩවෙලා කුකුළු මස් කිලෝ එකක් ගත්ත බව මුදලාලියි, මේබලුයි අහන අහන අයට කිව්වා .
හන්දියේ ඉඳලා ගෙදර එන අතරමඟදී පින් ලිඳ ළඟදී තමන්ව නවත්වලා පීරිස් මහත්තයා මාළු පාන් හයක් ගත්ත බව චූන් පාන් රථයේ ළහිරු අහන්නෙත් නැතිව කිව්වා.
පීරිස් ගෙදර පැත්තෙන් පිඟානක් හරි කෝප්පයක් හරි බිඳෙන සද්දේ ඇහෙනකොට හරියටම රූපවාහිනියේ ප්‍රවෘත්ති පටන්ගත්තා විතරයි කියලා ජෙනිටාට විශ්වාසයි. ඒ එක්කම තමයි පීරිස් මහත්තයා හයියෙන් හයියෙන් කතාකරන හඬ ඇහිලා තියෙන්නෙත්. ඒ වෙලාවේ මුළු ගමේම රූපවාහිනී විසන්ධි වෙලා, ගුවන් විදුලි යන්ත්‍ර නිහඬ වෙලා. ඒ හින්දම ඊට ගෙවල් විස්සකට විතර එහායින් ඉන්න ඉන්ද්‍රතිස්සටත් පීරිස් මහත්තයාගේ සැර හඬ ඇහිලා තියෙනවා. හැබැයි, අහගෙන හිටපු කාටවත්ම කිව්වේ මොනවද කියන එක නම් වැටහිලා නැහැ.
හැන්ද, හැඳිගගා හිටපු හොද්දටම අතහැරලා වැට ළඟට දුවගෙන ආපු ජෙනිටාට විතරක් පීරිස් නෝනගේ හීන් හැඬුම් හඬ ඇහිලා තියෙනවා. ඒ අඬන අතරෙම “ඇයි මට මෙහෙම කළේ”
කියලා කීප සැරයක්ම අහනවා ඇහුණු බවකුත් ජෙනිටා කියනවා.
වෙනදා වගේම රෑ දහයට පීරිස් ගෙදර ලයිට් නිවිලා තියෙනවා. ඒත් වෙනදා වගේ නෙවෙයි රෑ මැදියමත් පහුවෙනකම් ගමේ අනිත් ගෙවල්වල ලයිට් දැල්වුණා. පහුවදා වෙනදා වෙලාවටම පීරිස් ගෙදර කුස්සියේ එළි දැල්වුණා.
පීරිස් මහත්තයා වැඩට යන වෙලාවට දඩිබිඩියේ නැඟිටගෙන ජනේලය ඇරගෙන හිටි ඉස්සරහා ගෙදර ඩල්සි නම් කියන්නේ එදා පීරිස් මහත්තයා පීරිස් නෝනගේ නළලට වෙනදා දෙන හාද්ද දුන්නේ නැහැ කියලයි.
වෙනදා වගේම දවස් ගතවුණා.
“ඔය පීරිස් ගෑනිගේ හොරයක් අහුවෙලා.
කවුද කැලෑ පත්තරයක් ගෙදරටම එවලා.”
එක පාරක් මට්ටු වෙලත් නොහැදුණු රාණි ගම පුරා පැතිරුවා.
“ඔය පීරිස් කාරයාගේ හොර ගෑනියෙක් පීරිස් කාරයට ලියුමක් එවලා. ඒක පීරිස් කාරයගේ ගෙදර ගෑනි කඩලා බලලා.”
ප්‍රනාන්දු දවසක් හන්දියේදී මහ හයියෙන් කිව්වා. මොකද්ද හරි මොකද්ද වැරදි කියලා හිතාගන්න බැරුව ගමේ මිනිස්සු අන්ද මන්ද වුණා. පීරිස් මහත්තයයි,නෝනයි දික්කසාද වෙන්න යනවා කියලා තමන්ට හොඳටම විශ්වාසයි කියලා කිව්වේ උසාවියෙන් එවපු ලියාපදිංචි ලියුමක් පීරිස් නෝනගේ අතටම භාරදීපු පෝස්ට්මන් කපිල.
කපිල කියපු කතාව ඇත්තක් බව සනාථ කළේ ටවුමේ ජයසූරිය පෙරකදෝරු මහත්තයා ළඟ වැඩකරන සුජානි. පීරිස් නඩුවේ පීරිස් මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නේ ජයසූරිය පෙරකදෝරු මහත්තයා. දික්කසාදයට හේතුව තමන් දන්නා නමුත් එය රහසක් බවයි සුජානි කිව්වේ. ඒත් ඒ ගැන තමනුත් හරියට නොදන්නා බව දැනගෙන හිටියේ සුජානි විතරයි.
නඩු දිනය යෙදිලා තිබුණේ විසි දෙවැනි බදාදට. මුළු ගමම වෙනදාට වඩා වේලාසන ඇහැරුණා. ළමයින්ව ඉස්කෝලේ යවන්න අම්මලාට අමතක වුණා. වැඩට ගෙනියන්න කෑම පරක්කු නිසා මූණ බුම්මගෙන පිරිමි බඩගින්නෙම වැඩට ගියා. වෙනදා නැති කසිලි බිසිලියක් හන්දියේ තිබුණා. වැඩක් නැතිවත් සමහරු කතා කරකර හන්දියේ තාවර වුණා.
ඒ හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුණේ කඩේ ළඟ බස් නැවතුම්පොලට. හතයි හතළිස් පහ වෙනකොට පීරිස් පවුල වංගුවෙන් මතුවුණා. පීරිස් මහත්තයා ඉස්සරහින්. පීරිස් නෝනා අඩි කීපයක් පිටුපසින්. දරුවෝ ඊට පිටුපසින්. අලුත්ම මෝස්තරයට එකම රෙද්දෙන් මහපු ඇඳුම් පවුලම ඇඳගෙන හිටියා. හන්දියේ ගැවසුණු අය හිටියේ තම තමන්ගේ කතාවල. ඒත් ඇස් බැල්ම යොමුවෙලා තිබුණේ පීරිස් පවුල දිහාවට. ඒත් කිසිම කෙනෙක් ඔවුන් ගැන තව කෙනෙක් එක්ක කතා නොකරන්න ගිවිසගෙන හිටියා වගේ. ඒ මාතෘකාව හිතලම අමතක කළා.
කියන්න තරම් විශේෂයක් නැතිව දවස ගතවුණා. දෙකයි තිහට හන්දියට එන බස් එකේ පීරිස් පවුල ඇවිත් බැස්සා. පීරිස් නෝනා ඉස්සරහින් ඔළුව කෙළින් කරගෙන ඇවිදගෙන ගියා.ඒ පිටිපස්සෙන් දරුවෝ හිනා වෙවී කතා කරකර ආවා. අන්තිමට පීරිස් මහත්තයා මුහුණ බර කරගෙන ඇවිදගෙන ආවා. කාටවත්ම මොකුත්ම හිතාගන්න බැරි වුණා. පීරිස් නඩුව කතාකරපු වෙලාවේ ජෝඩුව කූඩු දෙකකට නග්ගපු නඩුකාරයා ටික වෙලාවක් ඔවුන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා.
“මොකද්ද මේ විකාරේ, එකම ඇඳුම ඇඳගෙන ඇවිත් දික්කසාදය ඉල්ලන්න යුෂ්මතුන්ට පිස්සුද? මම මේ නඩුව සමථ මණ්ඩලයට යොමු කරනවා. නඩුකාරයා තීන්දුව දීලා තියෙනවා.
සමථ මණ්ඩලයට ගියාද නැද්ද කියන්න කවුරුවත් හරියට දන්නේ නැහැ. ඒත් නඩුවට පස්සෙන්දා වැඩට යන්න ලෑස්ති වෙලා පීරිස් මහත්තයා පීරිස් නෝනට හාද්දක් දුන්න බව ඉස්සරහා ගෙදර ඩල්සි නම් දිවුරලාම කියනවා.
වරුවකින් වැඩ නිමවී ආ තාත්තා දියකාවෙකු මෙන් වර්ෂාවේ තෙතමනය දරාගෙන පැමිණියේය. කුඩය පසෙකින් දිගහැර තැබූ හෙතෙම මා හා නංගී දෙස බලා අම්මා වෙත බලා සිටියේ තරමක් බියමුසු වූ දෑස දල්වාගෙනය. ඔහුගේ මුහුණේ තිබුණු විනාශකාරි බැල්ම එක හෙළා පිඟාන දෙස යොමා තිබුණේය.
“මහත්තයෝ, මොකද වුණේ…?
“වැඩට නොගිහින් ගෙදර ආවේ මොකෝ..?”
රේඩියෝවේ ශබ්ද තරංග සෘජුව ඔහුගෙ සවන ඩැහැගත් බව මා දැන සිටියේය. ඒ මොහොතින් මවගේ පැනයන් ඔහුට මඟහැරුණා විය හැකියි.
“මෙන්න දැන් ලැබුණ විශේෂ නිවේදනයක්, දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් තුනකට දැඩි අවදානම් රතු නිවේදන නිකුත් කර ඇත. අනුරාධපුරයට පැමිණි ගංවතුර නිසාවෙන් ප්‍රධාන මාර්ග සියල්ල අවහිර වී ඇති නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි රජය විසින් මහජනතාවගෙන්….”
“තාත්තේ…ඔයාගේ සපත්තු දෙකේ ඇයි මෙච්චර මඩ…” නංගී ඔහුගේ සපත්තු දෙක දෙස බලා සිටියේය. අම්මා එකවරම පුටුවෙන් නැඟිට බියට පත් වී ඔහු දෙස බලා සිටියේය.
“කොහොමද ඔයාගෙ අත කැපුණේ..?” අම්මා එකවරම මේසයේ ගලා ආ ලේ පැල්ලම් දැක ඇසුවේ ඇගේ බිය දෙගුණ තෙගුණ වෙමින්ය.
“මහත්තයෝ…ඉස්සරහ පාර එක්ක බොලාට ඔය කන්ද ගාවින් යන්න බෑ. බලහන් ගස් ඇඹරෙන ඇඹරිල්ල. උඹලා ඉක්මනටම වටේ පාරේ පලයං…” බස් රථ මාර්ගය හරහා මිනිසුන් පොදියක් සිටගත්තේ එයට යාමට තිබූ පාර අවහිර කරමින්ය. රියැදුරු නිකටට අත තබා කෙසේ හෝ තත්ත්වය පාලනය වේ යැයි සිතුවත් ඇති වූ බහින්බස්වීම නිසා ඔහුත් සිය ආසනයෙන් බැස ඒ වෙතට ගියේය. සයිමන් අසල සිටි අම්මෙක් හා දරු පැටියෙක් නිසාවෙන් ඔහුට ඒ වෙත සහභාගිවීමට නොහැකි විය.
“මෙහෙම වුණොත් නම් වැස්ස තව වැඩි වෙනවා, මුන් මොන මගුලක් කරනවද මන්දා…” අල්ලපු අසුනේ සිටි මහල්ලා එසේ කියමින් සිය ලොකොට්ටුව ගෙන වේලාව බලන්නට පටන් ගත්තේය. “අනේ මන්දා, මොන මගුලක් කරනවද කියලා මාමේ…දැනටමත් පරක්කුයි සෑහෙන්න…”
“උඹලත් ඔය බස් එකේ යන්න එපා බං, මොළේ තියන මිනිස්සුනේ, ගෙවල්වලට ගිහින් ඉඳහල්ලා…” එක් මනුස්සයෙක් පැමිණ පිටුපස සිටි අයට පැවසුවේය.
“ඕන ලබ්බක් කරගනින්, අයියේ මුන්ව යටකරන් පලයං බං, මේ මිනිස්සු ගෙනිච්චෙ නැති වුණොත් වෙන පාඩුව මුන්ට තේරුම් කරන්න බෑ…” කොන්දොස්තර පැවසුවේය.
බස් රියැදුරු බසය වෙතට ඇවිත් පණගන්වා ගියරය කඩා ඔවුන් යටකරගෙන යෑමේ අරමුණින් එය ඉදිරියට නංවාගෙන ගෙන ගියේය.
වර්ෂාවේ අධිකවීම බසයට දරාගත හැකි විය. ඔහු තරමක සෙමින් ඔවුන්ව ගෙන ගියේ මහා කන්ද අසලින්ය. එය ඉතා නිස්කලංක හා මහා වැස්සේ වුවත් බලා යන්නට පුළුවන් ආකාරයේ ඉතාමත් අලංකාර දසුනක්ද විය. කුඩා බිලිඳාගේ හැඬීම නැවතී ඇති නිසා සයිමන් සුපුරුදු පරිදි පත්තරය දෙස බලා යන අතර සියල්ලෝම නිවී සැනසිල්ලේ සුසුම් හෙළනා අයුරු දිස්විය. කොන්දොස්තරවරයා බසයේ රියැදුරු අසුන ළඟ තිබූ එන්ජින් කවරය මත වාඩි වී ඉදිරියේ වූ වීදුරුවෙන් කන්ද දෙස බලා සිටියේය.
“අයියේ…අර ගහ නිකන් පහළට ඇදෙනවා වගේ…”
“කෝ බලන්න…ඒ උඹට බස් එකේ යන නිසා එහෙම පේන්නෙ…”
සයිමන්ද පත්තරය පසෙක දා මඳක් කල්පනා කරමින් ගියේ නිවසේ වතුර බිල කෙසේ අද ගෙවන්නට හැකි වේ දෝයි සිතමින්ය. ඔහුත් එම දසුන නොදුටුවේ නැත. මහා ගස් කිහිපයක් සෙමින් පහළට එනවා ඔහු වඩාත් හොදින් දුටුවේය..
“ඒ…ඒ…අයියේ…කන්ද එනවා…කන්ද එනවා…”
සයිමන්ගේ හඬෙන් සියල්ලන්ම කලබල විය.
කොන්දොස්තරවරයා පා පුවරුවට ආ විගස ඔහු දුටුවේ විශාල බිම් පහුරක් තමා වෙත එනවා මෙනි.
“හැමෝම හොඳට අල්ලගනිල්ලා.”
“ජනෙල් වහපල්ලා…ජනෙල් සේරම වහපල්ලා…”
රියදුරු කෑ මොර දුන් විට ඔවුන් සියල්ලෝම දෙවියන් සිහිකර ගත්තේය. මහා මඩ ගොඩක් මුළු බස් රථයම වසාගන්නට සමත් වූවේය. සයිමන් අපහසුවෙන් හුස්ම ගත්තේය. ඔහු පා පහරින් ජනේලය කඩා එළියට ගියේ මඩේ සිටි ඌරෙකු මෙන්ය. ඉදිරිපස කැඩී පොඩිවී තිබෙනු දුටු ඔහු සිතුවේ රියැදුරා හා කොන්දොස්තර යන්න ඕන තැනට ගොස් ඇති බවය. තමා අසල රැඳුණු අම්මාගේ හිස යකඩ බටයක් පසාරු වී ගොස් ඇති බව දුටු හෙතෙම සිය ඇස්වල කඳුළු පුරවාගත්තේය. කුඩා බිලිඳා සිටියේ අසුනක් යටය. ඔහුගේ හිස තුවාල වූ අතර බස් රථයට නැවත බඩගා ගිය සයිමන් කෙසේ හෝ බිලිඳාව අතට ගත්තේය. බස්රථයේ සිටි කුඩා ළමයෙකුගේ ඉණ දක්වා පස් තිබුනේය. බිළිදා සෙමින් ඔහුගේ වැහි කබායෙන් ඔතා ගල මත තබන්නට සෙමින් අඩි තියා අබලන් වූ බසය මතින් ගියේය.
“මාමේ…මාව බේරගන්න…මට බයයි…අනේ මාමේ…” කුඩා ළමයා හඬනා විලාපයට ඔහු මහත් සේ බියට පත් වූවේය.
“දඟලන්න එපා, එහෙම වුණොත් ඔයා යටට යනවා තවත්…මට අත දෙන්න දඟලන්නැතිව.”
අහිංසක මිනිසුන් යටවී අත් කකුල් එළියට මතුවී තිබෙනු දැකීමෙන් ඔහු මහත් සේ බියට පත්විය. වෙව්ලන දෑතක් වුවත් එය අල්ලා ගැනීමට දරුවා අපොහොසත් වුවහොත් කෙටි වෙලාවකින් බසය නැවතත් පහළට තල්ලු වෙනවා සිකුරුය.
“මාව විශ්වාස කරන්න, ඔයා පුළුවන් උපරිමයෙන් උඩට පුෂ් කරන්න. අර අතන සීට් එක අල්ලගන්න, එතකොට මට ඔයාව ගන්න ලේසියි, හරිද…” සයිමන් එසේ කීවත් දරුවාට එය කරන්නට පුළුවන් දැයි කිසිසේත් සිතුණේ නැත.
“මහත්තයෝ, ඔය ගලට යන්න…ඔය ගල අල්ලන් ඉන්න අපි එනකන්…” ඈතින් හඩඟා මිනිසුන් කියද්දිත් සයිමන් කුඩා දරුවාව අත් නොහැරියේය.
සයිමන් ඔහුගෙ අත අල්ලාගත්තේ ගිරයකට හසුවුණා මෙන් තදින්ය. ඔහු උඩට ගන්නවාත් සමඟම බසය තවත් පස් මත තල්ලු වී යන නිසා හැකි ඉක්මනින් විශාල ගල මතට ගොඩවිය යුතුය. වර්ෂාව අධික නිසා කුඩා බිලින්ඳා දැනටමත් තෙතබරි ගැහි ඇති බව ඔහුට සිතුණේය. කෙටි වේලාවකින් අවට ජනතාව රැස් වී සයිමන් හා ළමයින් දෙදෙනාව බේර ගත්තේය. වතුර බෝතලයක් ගෙනැවිත් දුන් සැණින් සයිමන් කුඩා ළමුන් දෙදෙනාට සෙමින් පොවන්නට පටන් ගත්තේය. බිලිඳා එහි සිටි ගැහැනියක අත හෙමින් සීරුවේ නැළවෙන අතර අසල තිබූ ත්‍රීවීලරයකින් දරුවා රැගෙන යන්නට විය.
“මහත්තයාගෙයි මේ දරුවන්ගෙයි පූරුවේ වාසනාව, මෙච්චර වැස්සක බොලාට පිස්සුනේ බස් එකක් මේ කඳු ගැට්ට මැදින් යවන්න…” අයෙක් කීවේය.
“අපිට ඒකේ බරපතළක් තේරුන් නෑ මාමේ, අපිට එහා ගමේ වුන් කිව්වා යන්න එපා කියලා. අර පොඩි කොල්ලා ඇතුළෙ කෑගහද්දි මං ගත්තේ…” සයිමන් කීවේය.
“අනෙක් සේරම ඉවරයි…” ඔහු වැලපෙන්නට විය.
“පොඩි එකාගෙ කකුලක් කැඩිලා මං හිතන්නෙ, මහත්තයා ඉක්මනට බෙහෙත් දාගෙන ගෙදර යන්න…”
නිසල දේහයන් මැදින් සයිමන් කොර ගා ගමන් ගත්තේ දැඩි කම්පනයකින්ය.
“සයිමන්…?”
ඔහු එකවරම තම බිරිඳගේ මුහුණ දෙස බලා සිටියේ උදෑසන ලත් කම්පනයේ ප්‍රතිබිම්බයද පෙන්නාගෙනය. නමුත් ඔහු තවමත් ඇහැරුණේ නැත.
“තාත්තේ…මොකක්ද වුණේ…”
දුව ඇසුවාය.
“චේතනා…අපි ඉක්මනින් මෙහෙන් යන්න ඕන…” තාත්තා කීවේය.
“මොකක්…?
“ඩෑම් එක ඇරියොත් මේ හැමදේම ඉවරයි..හොඳම දේ අපි යන එක, ඉක්මනට ඔය තියෙන දෙයක් ගන්න…”
ඔහු කෑම මේසයෙන් නැඟිට්ටේ ආගන්තුකයෙක් සේය.
නංගී අත තිබූ බෝනික්කා ඈ තදින්ම තුරුලු කරගෙන සිටියාය.
තාත්තාට ඇසුණ යම් අමුත්තක සේයාවට කල්තියාම දොර මඳක් හැර අවට බැලුවේය. ඔහුගෙ දෙපා මට්ටමට ඇති ජල කදම්බය දුටු හේ පුදුමයෙන් පුදුමයට පත්විය. ඔහු සිහිනයක් දකිනවා මෙන් ඒ දැක දොර වැසුවේය.
“මිදුල යටවෙලා..!”
“මොකක්..?”.
“මහත්තයෝ….මහත්තයෝ…එකපාරම මෙච්චර උඩට වතුර ආවෙ කොයින්ද ?”
“වැව් බැම්ම කැඩිලා…ඉක්මන් කළොත් හන්දියට යාගන්න පුළුවන්…”
ජලපහර කෙමෙන් සීග්‍රයෙන් වැඩිවෙත්ම අම්මාගෙ ඉණට උඩින් මගේ දණහිස් වතුරට වැසෙන්නේ මෙතෙක් සවියෙන් දරා සිටි මා සෙමින් අතහැරෙමින් ලිස්සා යන්නට මත්තෙන්ය. නංගි තාත්තාගේ බෑගය අතින් මුදුනට ඔසවාගත් අතර නංගීද බියවූයේ එන වතුර පහරට තාත්තාගෙ හිස වැසෙන්නට යන නිසාය. වඩාත්ම බියකරු සිතිවිල්ල වූයේ අප කිසිවෙකුට පිහිනීමට නොහැකිකමය.
“ස…ස…සයිමන්…!!!”
අම්මා කෑගැසුවේය. ඉබේටම මා බියෙන් වැලපුණේය.
“දරුවා…දරුවා ගන්න…”
ඇය මා තවත් වැර යොදා ඉහළට දරා ගත්තාය. දෙවියනේ, ඇයට එතරම් සවියක් ඇතැයි කිසිදා මට සිතුණේ නැත.
අපට මුණගැසුණ මාමා අප දෙස නොබලාම යන්නට වූයේ ඒ මොහොතේම කඩා වැටුණ විදුලි කණුව නිසාවෙන්ය. එයට ඔහු බියවූවේය. පාරේ නවතා තිබු ලොරි රථයක් තාත්තා අල්ලාගත්තේ ගසාගෙන යන සැඩ වතුර පොදියෙන් බේරිමටය.
“දුවේ ඉක්මනට මේකට නඟින්න…”
“බෑ…අනේ…මට බයයි…”
“බයවෙන්න එපා, තාත්තා අම්මව අරගෙන ආයෙ මෙතනට එනවා…”
ඒ කැප කිරීම ගැන වචනෙකින් කිව නොහැකිය.
තාත්තා ගසක කඩා වැටුණ අත්තක එල්ලි කෙසේ හෝ අතපය ගසාගෙන තාප්පේ කණුවක් අල්ලාගෙන එයට ගොඩ විය. මවද සෙමින් අඩිය තබා නිවසේ තාප්පය ළඟට පැමිණි විටම තාත්තා මා රැගෙන තාප්පයේ බැම්ම මත තබා අම්මා ගන්නට පාත් වන විටම ජලපහර කඩා වැදුණේ මුහුදු රළක් මෙන්ය. අම්මා එයට ගසාගෙන යන්නට මත්තෙන්ම තාප්ප බැම්මද කැඩෙන්නට විය.
ඒ මොහොතේම තාත්තාද අම්මා හා එක් විය.
“පුතේ…ඔතනම ඉන්න, කොහේවත් යන්න එපා…” ඔහු අම්මා සමඟ ඈතට ඇදෙන මුත් දෙදෙනාගෙ අත පය කිසිවිටක ඒ සා ජලයත් සමඟ පොර බදින්නට නොහැකි විය. මා නංගි දෙස බැලුවත් ඇය සිටි රථය අනෙක් පසට පෙරළී තිබුණේ ඇගේ බෝනික්කා වතුරේ පා කරවමින්ය.
හඬා වැලපුණත් , කෑ මොර දුන්නත් තාත්තා හෝ අම්මා බොර වතුරේ නොපෙනීම ගියේය. පැය ගණනකින් ආ හමුදා නිලධාරින් කිහිපදෙනා ගොළු වී සීතලේ ගැහෙමින් සිටි මා අතට ගත්තේය.
“කොල්ලා පණපිටින්…!” එය මට ඇසුණ අවසන් වචනයද විය. මා ක්ලාන්ත වී ගියේ ඉන්පසුවය.
අවදි වන විට මා සිටියේ කූඩාරම් පොදියක මැදිවය. මා ඉන් ඇවිද තනිවම යන විට දුටුවේ වයස්ගත මිනිසුන්, ලෙඩ වී සිටි දරුවන්, තුවාල ලැබූ පිරිසට බෙහෙත් කරනා හෙදියන්ය. මළගමින් පිටතට විත් මා බැලුවෙ අම්මා හෝ තාත්තා කොහේ සිටිනවා දැයි සොයමින්ය. සුදු රෙදිවලින් වැසු මළකඳන් කිහිපයක් අසල මිනිසුන් ඇවිද යනවා දුටු මා දුවමින් ඒ වෙතට ගියේය. තවත් මා වැනිම ළමයෙක් මළසිරුරක් අසල නොසෙල් වී කිහිලිකරුවක වාරුවෙන් සිටගෙන සිටියේය.
“මේ ඔයාගේ කවුද..?”
“දන්නෑ…හමුදා සර්ලා කිව්වා මූණ බලන්න එපා කියලා.” ඔහු කීවේය.
“ඔයාට මොකක්ද වුණේ.?”
“ ම්මම…මම…බස් එකක හිටියේ…ඒක කන්දට යට වුනා. ලොකු සර්ලා කිව්වා අම්මයි තාත්තයි හොයා ගන්නම් කියලා.”
“එයාලා බස් එකේද හිටියේ..?” මම ඇසුවෙමි.
“ඔව්…”
“ඒයි…ඔය මොකද කරන්නෙ..?”
මම ඒ රෙදිකඩ තරමක් ඉවත් කර බලන්න පටන් ගත්තෙමි, ඒ විටම ඔහු මා නවතාලන්න සැරසුණේය.
“මම මගේ අම්මයි තාත්තයි නංගීවයි හොයනවා…”
මා ඔහුට තදින් කීවේය…එය ඉවත් කළ විටම අප දැඩි කම්පනයකට මුහුණ දුන්නේය.
“ඒ මගේ තාත්තා නෙවෙයි…ඒත් මං එයාව දන්නවා…එයා මාව බේරගත්තා…බස් එකේදි…” ඔහු කීවේය.
ඒ ඉන්නේ…මගේ තාත්තා…!!!
අපි දෙන්නම හිටියේ කන්දක් උඩ. ඒත් ඒ කන්ද එකපාර නාය ගියා.
22කපුරු මල්ඉන්දු ගමගේ

සෝමපාලට මගේ ගෙදර නැවතී බෙහෙත් ගත හැකි බව දන්වා ඔහුට එහි පැමිණෙන ලෙස ආරාධනා කොට ලියුමක් ඇරියෙමි. සෝමපාලගේ නෑදෑයෝ මගේ අදහසට එකඟ වූහ. ඔවුන් හැමටම වඩා කැමති වූයේ සෝමපාලගේ මවය. මා විනීත ගුණධර්ම පුරුදු පුහුණු කළ තරුණයෙකැයි යන්න ඈ මා පිළිබඳව ඇතිකර ගත් අදහස බව මම දැන සිටියෙමි. ඒ සියල්ලටම වඩා මා අඳුනන, උමතු රෝග විශේෂඥයකුගෙන් බෙහෙත් ගැනීමට හැකිවීම සෝමපාලගේ පැමිණීමට විශේෂ සාධකයක් විය.
මා තනිකඩයකු වූ බැවින් සෝමපාල සමඟ හිතවත් තරුණ මෙහෙකරුවකුද ගෙන එන ලදී. සෝමපාලගේ ප්‍රයෝජනය පිණිස මම ගෙදර ඉතාමත් දැකුම්කලු කාමරයක් දුනිමි. මල් වත්තට මුහුණලා ඇති කවුළු පේළියකින් යුත් එය, ඔහුගේ අභාවයට ගිය කල්පනා ශක්තිය වර්ධනය කිරීමෙහි පොහොසත් වෙතියි යන කිසියම් අදහසක් මා තුළ විය.
සෝමපාල පැමිණ දවස් දෙක තුනක් යනතුරු ම මහත් නිශ්ශබ්දතාවක් ඉසුළුවේය. කීපදිනකින් එය මගහැරී යතියි මම සිතුවෙමි. ඔහු පැමිණි පසුදා ම මම සෝමපාල මුලින් සඳහන් කළ දොස්තර මහතා කරා ගෙන ගියෙමි. දොස්තර මහතා බොහෝ වෙලාවක් ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ මොළයෙහි අවුරුදු තුන හතරක පමණ සිට අවුල් ගතියක් ඇති වී තිබෙන බවත් ක්‍රමයෙන් ඔහුගේ ශරීරය කෘශවීම භීතියට කරුණක් බවත් පැවසුවේය. ඉන් පසු දිනපතාම දොස්තර මහතා ලවා සෝමපාලව පරීක්ෂා කරවන ලදී. දවසකට රාත්තල් තුන හතරක් බර අඩුවන බව දිනපතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව වැටහිණ. එහෙත් ප්‍රතිකාර වශයෙන් දොස්තර විසින් නියම කරන ලද්දේ පෝෂ්‍ය ආහාර දීමත්, මොළයට සුළු ව්‍යායාම කරවීමත් පමණකි.
සෝමපාල බොහෝ විට කාලය ගත කළේ නිකට අත්ල මත රුවාගෙන, රැළි ගැසුණු නළලින් යුතුව කල්පනා කිරීමෙනි. ඔහුට එතරම් කල්පනා කිරීමට කුමක් හේතුවී දැයි මම නොදනිමි. දිනපතා කන්තෝරුවට ගොස් රෑවී ගෙදර එන මට ඔහුගේ හැසිරීම ගැන දැනගත හැකිවූයේ තරුණ මෙහෙකරුවාගෙනි. ඔහු අවංක කරුණා වන්ත තරුණයෙක් විය. මම සෑමදාම ඔහුගෙන් සෝමපාල කළ කී දෑ නොවරදවා ඇසුවෙමි. සෝමපාල පැමිණ සුමාන දෙකකට පමණ පසු මා නැති විටෙක ඔහුට හෘදයාබාධයක් ඇති වූ බව දිනක් මෙහෙකරුවා මා සමඟ කීවේය. එදින ඔහු වෙනදාට වඩා වෙනස්බවකින් හැසුරුණු බව ද ඔහු විසින් මා සමඟ පවසන ලදී.
සෝමපාලගේ කාමරයේ සිට යාර විස්සක් පමණ ඈතින් රතු රෝස පඳුරක් වෙයි. පඳුරු ලා වැඩුණු එය වටා, ගසට කිසිවකුට ළං නොවන සේ සාදන ලද යකඩ වැටක් ඇත. මම රෝසමල්වලට මෙතරම් ප්‍රිය කළේ කුමක් නිසාදැයි මම නොදනිමි. කුඩාකල අපේ ගෙදර මිදුලෙහි වූ රෝස පඳුරක් ගැන මට මතක ඇත. එහි වූ රෝස මල් උදයෙහි පිනිදිය සලා පෙති විහිදන විට මම ඒ අවට මහත් ප්‍රීතියකින් බොහෝ වේලාවක් ගෙව්වෙමි.
සෝමපාල එදින කවුළු දොරින් රෝස පඳුර දෙස බලා සිට පසුව එහි ගොස් රෝස මල කැඩීමට තැත් කළේය. එහෙත් මෙහෙකරුවාගේ වැළැක්වීම නිසා ඔහුට එසේ කළ නොහැකි විය. අතින් අල්වා බලෙන් තමාගේ කාමරයට ගෙනෙන ලද ඔහු ස්වල්ප වෙලාවකින් හෘදයාබාධයකින් පෙළෙන්නට විය.
ඔහු පසුදා දොස්තර බැලීමට යා නොහැකි දුර්වල තත්වයක සිටි බැවින් දොස්තර නිවෙසට කැඳවන ලදී. සෝමපාලට හදිසියේ ඇති වූ හෘදයාබාධය ගැනත් ඔහුගේ අස්වාභාවික මානසික තත්වය පිළිබඳවත් මම දොස්තර මහතාට කීවෙමි. දොස්තර ලෙඩා පරික්ෂා කර බලා, හෘදයාබාධය අන්කිසිවක් නිසා නොව දුර්වලකම නිසා ඇති වූ බව කීවේය. ඔහු රෝස මලේ පුවත ගැන කිසිත් නොකීවේය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම නුසුදුසු යයි සිතූ බැවින් මම නිශ්ශබ්ද වීමි. සෝමපාලට වෙනදාටත් වඩා පෝෂ්‍ය ආහාර දීමටත්, දුව පැන ඇවිදීමෙන් ඔහුට යළි හෘදයාබාධය ඇතිවිය හැකි නිසා කාමරයෙන් පිටතට නොයෑම ත් නියම කරන ලදී.
පසු දින කන්තෝරුවට යෑමට පෙර, මම තරුණ මෙහෙකරුවාට දොස්තර නියම් කළ ආකාරයට සෝමපාලව බලාගන්නා ලෙස කීවෙමි. එදින සෝමපාල මා ගෙදර එනතුරු ජනේලය අසලින් නොසෙල්වී සිටි බවත්, දෙවරක්ම තමාට කාමරයෙන් පිටතට යෑමට ඉඩ දෙන ලෙස මෙහෙකරුවාගෙන් ඉල්ලා සිටි බවත් මා ගෙදර පැමිණි විගස ඔහු මා සමඟ කීවේය. ඔහු එදින දෙවරක් හෘදයාබාධයෙන් පෙළුණේය. මම ඇඳුම් මාරු කිරීමටත් පෙර සෝමපාල සිටි කාමරයට ගියෙමි. එහි යන විටද ඔහු ඇඳමත දිගාවී, ඇර තිබුණු කවුළු දොර වෙත රැදුණු දෙනෙතින් යුතුව සිටියේය. මා දුටු විගස ඔහු දෙනෙත් බිමට හරවා මහා වේදනාවකින් පෙළෙන්නකු මෙන් නළල රැලි ගස්සන්නට විය. මම ඔහුගේ උරහිස මත සුරත රඳවා ' සෝමපාල ' යි ඇමතුවෙමි. ඔහු කිසිත් නොකීවේය. ඔහුගේ දෙනෙත් ක්‍රමයෙන් විශාලවන අයුරු මට පෙනිණ. ඒවායේ කඳුළු පිරි තිබුණාදැයි මට හරි හැටි කිව නොහැක. බොහෝ වේලාවක් නිශ්ශබ්දව සිටි ඔහු මගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවේය. ඔහුගේ දෙනෙතෙහි පුදුමාකාර බැල්මක් රැඳී තිබිණි.
'' මට කාමරයෙන් එළියට යන්න දෙන්න '' යි ඔහු කීවේය.
'' ඇයි සෝමපාල, සෝමපාලට තේරෙන්නේ නැද්ද වැඩිය වෙහෙස වෙන්න හොඳ නැති බව. ඊයේ අර පපුවේ අමාරුව හැදුනෙත් මම නැති වෙලාවෙ වෙහෙස වෙලා '' යි මම පිළිතුරු දුනිමි.
ඔහු ඊට කිසිත් නොකීවේය. ඇඳ මත දිගා වී දෙනෙත් වසා ගෙන බිත්තිය දෙසට මුහුණ ලා නිදන්නට විය. ඔහුගේ මුහුණෙහි ඊට පෙර නොවූ මලානික ගතියක් එදින පෙනිණ. ඔහුගේ තත්වය භයානක යයි හැඟී ගිය බැවින් දොස්තර ලවා යළිත් පරීක්ෂා කරවීමට සිතුවෙමි.
දොස්තර වෙනදා මෙන් ඔහු පරීක්ෂා කොට, හෘදයාබාධයට හේතුව වෙහෙසීම බවත් වෙන අලුතෙන් කිසියම් අසනීපයක් දැන ගැනීමට නැති බවත් කීවේය. රෝගියාට ඇඳෙන් බැසීමට ඉඩ නොදෙන ලෙසද නියම කරන ලදී.
පසුදා කන්තෝරුවට යෑමට පෙර තරුණ මෙහෙකරුවාට, සෝමපාල බලාගත යුතු ආකාරය පැහැදිලි කොට, සෝමපාලට කොයි ක්‍රමයකින් නමුත් ඇඳෙන් බැසීමට ඉඩ නොදිය යුතු යයි කීවෙමි. එදින මම වෙනදාට වඩා කලින් කන්තෝරුවෙන් ආවෙමි.
මම ගෙට ගොඩනැගුණු විගසම සෝමපාලගේ කාමරයට ගියෙමි. සෝමපාලට එවිට නින්ද ගොස් තිබෙණු දුටු මා සිත තුළ ප්‍රීතියක් ඇති විය. ඔහුගේ තත්වය සුවදායක අතට හැරෙන්නට ඇතැයි මම සිතුවෙමි. ඔහුගේ මුහුණෙහි වෙනදා වූ දුක්මුසු සිත් වේදනා කරවන සුලු පෙනුම පහව ගොස් පියකරු භාවයක් එහි විය. ඔහු අවදි කිරීමට නුසුදුසු යයි සිතූ මම කාමරයෙන් එළියට පැමිණ මෙහෙකරුවා සමඟ කථා කරන්නට වීමි.
" අද මොකද පොඩි මහත්තය නිදාගන්නේ '' යි මම ඔහුගෙන් ඇසුවෙමි.
නැහැ. දැන් පැය දෙකක් විතර ඉඳල නිදි. දවල් බෙහෙත් බීවයින් පස්සෙ නිදාගන්න පටන් ගත්තු ගමන තමයි තාම ඔය '
"කොහොමද ඇඳෙන් නැගිටින්න හැදුවද? " යි මම ප්‍රශ්න කළෙමි.
"නැහැ. උදේ වරුවෙ කල්පනා කර කර හිටිය. වැඩි හැල හොල්මනක් නැතුව. මම දවල් බෙහෙත් ගේන්න ගියා. ඒ අතර ඇදෙන් නැගිටින්න නැහැ. මං එනකොටත් නිදාගෙනයි හිටියෙ"
සෝමපාලට නින්ද ගිය බව ඇසීමෙන් මා තුළ සතුටක් ඇති විය. මම ඇඳුම් මාරු කොට ඉස්තෝප්පුවට වුත් පත්‍රය බලන්නට සිතුවෙමි. බොහෝ දවසකින් පත්‍රය බැලීමට කරම්වත් විවේකයක් දැනුනේ එවිටය. පත්‍රය රැගෙන පුටුව මත වාඩි වී මිදුල දෙස බැලූ මගේ දෙනෙත් පළමු වරට ඇදී ගියේ රෝස පඳුර වෙතය. එහි වූ රෝස මල් පොකුර දක්නට නොතිබිණ. මම වහා පඳුර ළහට ගියෙමි. එහි වූයේ රෝස මල් පොකුර පිටින්ම කැඩීමෙන් ඉතුරුවන ලද ඉති කැබෙල්ල පමණකි. රෝස පොකුරෙහි පිපී තිබුණේ එක මලක් බව මට මතක් විණ. මම තරුණ මෙහෙකරුවා කැඳවා ඔහුගෙන් රෝස මලට කුමක් වී දැයි ඇසුවෙමි. එහෙත් ඔහුට ඒ ගැන කිසිවක් කීමට නුපුළුවන් විය. රෝස පඳුරත් සෝමපාලත් අතර වූ සම්බන්ධය ගැන මට සිහිවිණ. රෝස මල සෝමපාල විසින් කිසිවෙකුට නොපෙණෙන ලෙස කඩන්ට ඇතැයි මම සිතුවෙමි. නින්දෙන් අවදි වූ විට ඔහුගෙන් ඒ ගැන ඇසිය යුතු යයි මම තීරණය කරගත්තෙමි.
සෝමපාල අවදි වූ විට, මම ඔහුගෙන් ඒ සම්බන්ධව ඇසිය යුතු යයි සිතාගෙන කාමරයට ගියෙමි. එහෙත් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමෙන් ඔහුගේ සිතෙහි යළි කිසියම් කැලඹීමක් ඇති වෙතියි යන බියෙන් මම කිසිත් නොඇසුවෙමි.
සෝමපාල මා කාමරයට ඇතුළු වූ විගසම මහත් දයාවකින් මෙන් මා දෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූ වෙනදා නොමැති පැහැදිලි පෙනුම හා පියකරු බව ගැන මට වඩාත් පැහැදිලි වූයේ එවිටය. '' සෝමපාලට දැන් සනීප වගෙයි" යි මම කීවෙමි. ඔහුගේ කට කොනකින් සිනහ රැල්ලක් මතු විය.
" ඔව් - ස - නිප - යි නින්ද - ගි - යා '' ඔහු පිළිතුරු දුන්නේ ගොතගසමින් වෑයමිනි.
මම ඔහුට ළංව ඔහුගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවෙමි. ඔහු කිසිවක් කීමට දැඩි ආශාවකින් සිටින බව මට පෙනිණ.
දැඩි දුර්වලත්වය නිසා ඔහු කී දෙයින් මට ඇසුනේ ඇතැම් කොටස් පමණකි. එහෙත් ඔහු කිවේ මේයයි මට සිතුණි.
"අර රෝසමල කැඩුවෙි මමයි.මට එය විනාශ කිරීමට වුවමනා වී තිබුණා.මගේ අභාග්‍ය උදාකරේ මෙයයි.එහෙත් මට නම් මෙය විනාශ කරන්නට බැහැ.
මීට මොළව ගත් ඔහුගේ අතෙහි රෝස මල වූ බව මට පෙනිණ.මම එය ඔහුගෙන් ගැනීමට තැත් නොකළෙමි.
ඔහුට කතා කිරීමට නොහැකි වී තිබෙණු දුටු මම බියෙන් ගැහෙන්නට වීමි. දොස්තරට වහාම පැමිණෙන ලෙස පණිවිඩයක් ඇරියෙමි. දොස්තර පැමිණෙන තෙක්ම මම කාමරයෙන් එළියට නොගොස් සෝමපාල අසලින්ම සිටියෙමි. මගේ පුදුමයට කරුණක් වූයේ ඔහුගේ මුහුණේ වූ ශාන්ත පියකරු පෙනුමය. එය භයානක අඩියක සිටින්නෙකු කෙරෙහි නොව ලෙඩකින් සුව වන්නෙකු කෙරෙහි ඇති වන පෙනුමක් ලෙස මට හැඟී ගියේය.
දොස්තර සෝමපාල පරීක්ෂා කර බලා ඔහුගේ තත්වය ඉතා දුර්වල බවත් තත්වය කෙබඳු අතකට පෙරළේදැයි කිව නොහැකි බවත් ප්‍රකාශ කළේය. හදිසියේ හෘදයේ දුර්වලත්වය වැඩිවී නම් තත්වය ඉතා භයානක වන්නට පුළුවන් බවද ඔහු විසින් කියන ලදි.
එදින රාත්‍රී සෝමපාලගේ තත්වය දරුණු අතට හැරිණ. දොස්තරවරුන් ගණනක් කැඳවන ලදී. එයින් පලක් නොවීය. පසුදා එළිය වැටීමට දෙපැයකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මළේය.
සෝමපාලගේ මරණය මගේ දැඩි ශෝකයට හේතු විය. ඔහුගේ රෝගය සඳහා වියදම් කොට දුප්පත් වී සිටි ඔහුගේ මවුපියනට ද මට උපකාර කිරීමට සිදුවිය. එබැවින් මම ඒ ගෙය විකුණා චාම් ජීවිතයක් ගෙවීමට සිතුවෙමි.
සෝමපාලගේ මරණයෙන් අවුරුදු තුන හතරකට පසු මම මිත්‍රයෙකු සමග වාසයට ගියෙමි. අවුරුදු තුන හතරකට පෙර විවාහ වූ මගේ මිත්‍රයා ඒ ගෙයි වාසයට පැමිණ මසක්වත් ඉකුත් නොවීය.
විශාල සමව පිහිටි වත්තකින් යුත් ඒ ඉඩම ඉතා සිත් ගන්නාසුලු එකකි. ගෙයද දැකුම්කලු එකක් වුවද පරණ ගෙයක් අලුත් වැඩියා කිරීමෙන් සාදන ලද්දකි. මම එහි ඉස්තෝප්පුවට ඇරුණ කුඩා කාමරය නැවතීම පිණිස ගත්තෙමි. කුඩා වුවද, ගෙයි අන්‍ය කාමර හා සම්බන්ධයක් නොමැති ඒ කාමරය මගේ සිත තදින් ඇද ගත්තේය.
මගේ මිත්‍රයා විනෝදකාමි එකෙකි. ඔහු මා අඳුනා ගෙන ස්වල්ප කලක් වුවද ඒ කාලය තුළ අප අතර විශාල සම්බන්ධයක් ඇති විය. ඔහුගේ බිරිඳ ද ඔහු මෙන්ම අලංකාර ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කළ එකියකැයි මට සිතේ. උස් සිරුරකින් යුත් ඈ පෙනුමෙන්ද බොහෝ සේ සිත් අලවයි.
එහි පැමිණි කීප දිනකින් අපි ගෙයි ඉදිරිපස වූ වත්තෙහි මල් වැවීම ආරම්භ කෙළෙමු. අප තුළ වූ දැඩි ආශාව නිසා ස්වල්ප කල කින්ම ගෙමිදුල නොයෙක් මලින් සැදි දර්ශනිය මල් වත්තක් බවට පෙරළිණ.
අවුරුද්දෙහි මල් බෙහෙවින් පිපෙන කාලය පැමිණියේය. මල් වත්තෙහි හැම ගසක්ම පාහේ මලින් වැසෙන්නට විය. මගේ කාමරය ඉදිරියෙහි මා විසින් ආදරයෙන් වවන ලද විශාල රතු රෝස මල් ගසෙහි ද ටික දිනකින් මල් හට ගන්නට විය. මගේ කාමරය අසල මෙය වැවීමට ද හේතු වූයේ මල් වලට තිබූ ආශාවය.
පළමු ඇති වූ පොහොට්ටු එක දෙක පිපී මල් බවට වැඩෙන තුරු මම නො ඉවසිල්ලෙන් සිටියෙමි. ටික කලකින් පිපෙන පොහොට්ටුවලින් යුතු ඇතැම් මල් ඉති මගේ කාමරයේ කවුළුවේ තිරයට හේත්තු වී සිටින සැටි දකින මා තුළ වූ ප්‍රීතිය බොහෝ විය. ටික දිනකින් රතු රෝස මල් නොදැනුවත්වම මගේ කාමරයට ඇදෙතියිද මට සිතිණ. රෝස මල් දකින හැමවිටම මට සෝමපාල ගැනද සිහි විය.
මම දිනක් උදයෙහි කිසියම් වැඩක යෙදී සිටියෙමි. මිත්‍රයාගේ බිරිඳ කාමරයට පැමිණ කථා කරන්නට වූවාය.
මේ රෝස පඳුර උදුරල දමනවා. මේක නිසා මෙතන බිත්තියත් ජනෙල් රෙද්දත් දෙකම කිලුටු වෙනවා '' යි ඈ කීවාය.
මම පුදුමයෙන් මෙන් ඈ දෙස බලා සිටියෙමි. ජනෙල් රෙද්ද රෝස පඳුර නිසා කිලුටු වන්නේ කෙසේ දැයි මට නොවැටහිණ.
" මොන බොරුද, මොකක් කිලුටු වුණත් මේක නම් උදුරන්න දෙන්න බැහැයි '' මම ඇයට කීවෙමි.
'' බෑ බෑ මොන, ඕක උදුරලා දමනවා '' යි ඈ කමරයෙන් ඉවත් වෙමින් කීවාය.
මම ඈ කී දෙය නොපිළිගත්තෙමි. ඈ සරදමක් වශයෙන් මා කෝප කරවීමට කිසිවක් කියන්නට ඇතැයි මට සිතිණ. ඈ එවැනි සරදම් කිරීමෙහි ද බෙහෙවින් දක්ෂය.
එදින භවස කන්තෝරුවෙන් පැමිණි මා තුළ ඇති වූ කෝපය නිම් හිම් නැති විය. ජනේලය ඉදිරියෙහි වූ රෝස පඳුර මුලින්ම උදුරා දමා තිබෙණ බව මට පෙනිණ.
රෝස පඳුර කවුරුන් විසින් උදුරන්නට ඇද්ද යන බව මට වැටහිණි. මම ඇගෙන් කිසිවක් නෑසුවෙමි. ඈ හා කථා කරන්නට යෑමෙන් විශාල කලහයක් ඇතිවෙන බව මට සිතිණ.
ඉන් කීප දිනක් පසුවන තුරුද මම ඈ සමග කථා නොකෙළෙමි. ඈ නොයෙක් විට මා සමඟ කථා කිරීමට සූදානම් බවක් දැක් වූ මුත් මම කෝපයෙන් අහක බලා ගත්තෙමි. දින කීපයක් ගත වූ පසුද මගේ සිතෙහි වූ කෝපය අඩු නොවීය.
දිනක් හවස මම කාමරයෙහි මේසය අසලට වී කිසිවක් ලියමින් සිටියෙමි. මිත්‍රයාගේ බිරිඳ සෙමෙන් කාමරයට ඇතුළු වී මේසය අසල වූ පුටුවක වාඩි වූවාය. එය ඈ සමඟ කෝප වූවාට පසු ඈ ඒ කාමරයට පැමිණි පළමු වතාවය.
" රෝස පඳුර උදුරා දම්මේ මමයි '' ඈ දිග කථාවක් කීමට සැරසෙන්නියක මෙන් කීවාය. මම කිසිත් නො කීවෙමි. එහෙත් එවිට මගේ කෝපය බෙහෙවින් අඩුවී තිබුණේය.
" මම එය උදුරා දැම්මේ බිත්තිය කිලුටු වන නිසා නොවෙයි. එය මගේ සිතට දුක් දෙන්නක් නිසා.''
ඈ කී අන්තිම වචන ඇසීමෙන් මා තුළ මවිතයක් ඇතිවිණ. සෝමපාල ගැන මට එවිට සිහිවිණ.
'' ඒ ඇයි දැ? '' යි මා නො දැනුවත්වම වාගේ මුවෙන් පිටවිණ.
එය මා විසින් නෑසිය යුත්තක් බව මට වැටහුනේ එය ඇසීමෙන් සුවය. '' නෑ ඒක මට වුවමනා නෑ '' යි මම කීවෙමි.
" නෑ ඒක හංගන්න දෙයක් නෑ '' යි ඈ පිළිතුරු දුන්නාය. මගේ නොඉවසිලිමත් ආශාව කෙතරම් දැඩි වුවද මම එය යටපත්කර ගැනීමට කළෙමි.
" නෑ මට එය ඕනැ නෑ.''
'' මම විවාහ වන්නට පෙර මට තරුණයෙක් ප්‍රේම කළා. ඔහු සිටියේ අපි ඒ දවස් වල සිටිය ගෙට යාබද වත්තේ. ඒ වත්තේ තිබුණා ලස්සන රතු රෝස මල් පඳුරක්. මම ඒ දවස්වල රෝස මල්වලට විශෙෂයෙන් ප්‍රිය කළා. දිනක් මම අපේ වත්තේ ඇවිදින කොට රෝස මල් පඳුරෙ රෝස මල් කීහිපයක් පිපී තිබෙන බව දැක්කා. තරුණයා රෝස පඳුර ළඟ කිසිවක් කරමින් සිටියා. ඔහු අපේ ගෙදරට කීපවිටක් ඇවිත් තිබෙනවා. එහෙත් මා ඊට පෙර ඔහු සමග කථා කරලා නැහැ. අපේ ගෙදරත් ඒ ගෙදරත් වෙන් කර තිබුණේ මිටි තාප්පයකින්, මම තාප්පය ළඟට ගිහින් ඔහුගෙන් නැටි දිග රෝස මල් කීහිපයක් ඉල්ලුවා. අපේ ගෙදර මල් පෝච්චි කීපයක් තිබුණ නමුත් මල් දැමීමට නැති නිසා ඒවා පාවිච්චි නොකර තිබුණා. ඔහු මට මල් කීපයක් දුන්නා " යි කී ඈ මදක් සිනහ වෙමින් මාදෙස ඕනෑකමින් බැලුවාය.
ඊට පසුව ඔහු මට ප්‍රේම කරන්නට පටන් ගත්තා. මා ඔහුට කිසිවිටක ප්‍රේම කළේ නැහැ. මා ප්‍රේම නොකරන බව පෙනෙත්ම ඔහුගේ ප්‍රේමය දියුණු වුණා. ඔහු ස්නායු දුර්වලත්වයෙන් පෙළෙන
කෙනෙක්. කල්යත්ම ඔහුගේ ප්‍රේමය තව තව දියුණු වුණා. ඔහු කිසියම් අභාග්‍යයකට තමන්ගේ වුවමනාවෙන්ම පත්වන බව මව පෙණුනා. ඊට කලකට පසුව මම විවාහ වී ඒ ගේ අත්හැර වෙන පළාතකට ගියා.
" මගේ විවාහයෙන් පසුව ඔහු ඉතා අවාසනාවන්ත කාලයක් ගත කළ බව මට ආරංචි වුණා. ඔහු ගැන සිහිවන විට මා තුළ දැන් ශෝකයක් ඇතිවන මුත් කරන්නට දෙයක් නැහැ. එය ඔහුගේම වරදයි.
" මෙහි ඇති රෝස පඳුර දැකීමෙන් මට ඔහු ගැන සිහිවන්නට පටන් ගත්තා. එයින් ඇතිවන වේදනාව නැති කිරීමටයි මම එය උදුරා දැම්මේ '".
ඈ කී දෙය ඇසූ මා තුළ මවිතයක් ඇති විය. සෝමපාල පිළිබඳ කීවේ සම්පුර්ණ සත්‍යය දැයි මට සැක සිතිණ. ඇගේ දෙඇසෙහි හෝ කට හඬෙහි අවංක භාවයක් රැඳි නොතිබුණේය. ඈ සෝම -සැක සිතින. ඇගේ නොරැඳි තිබුනේය.
ඈ සමඟ සෝමපාලගේ ජීවිතයේ අන්තිම කොටස පිළිබඳව කීමට මා තුළ දැඩි ආශාවක් ඇති වුවද මම එය නොකීවෙමි. එය අසන්නාගේ සිත් කකියවන සුලු ශෝකී පුවතක් බැවිනි.

අක්කා යන්න ලෑස්ති වෙලා එහෙම කිව්වේ වෙන කියන්නම දෙයක් නැති නිසා වෙන්න ඇති.
පහුගිය සතිය පුරාම ඔය වචන ටික එක එක විදියට අහලා කාත් එක්ක හරි කතාකරද්දී දැන් සමන්තිගේ කටින් පිටවෙන්නෙත් ඒ වචන ටිකමයි. ගහක් ගලක් වගේ හිටිය ජයසුමන මේ තරම් කබලෙන් තමන්ව දාලා යයි කියලා සමන්තිගේ තුන් හිතකවත් තිබුණේ නැහැ.
කසාදෙට අවුරුදු තිහක් වුණාට දෙන්නගේ ආශ්‍රයට අවුරුදු තිස් පහකටත් වැඩී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය ප්‍රේමවන්තයෙක් වුණු ජයසුමන ස්වාමිපුරුෂයෙක් විදියටත් ඒ නම්බුව රැක්කා. කවදාවත්ම දෙන්නා අතර හිත රිදෙන වචනයක්වත් හුවමාරු වුණේ නැහැ. ඇත්තටම එහෙම ගෙවන ජීවිතයත් ටිකක් නීරසයි කියලා හිතණු වෙලාවලුත් දෙන්නටම තියෙන්න ඇති.
විශ්‍රාම යන්න හරියටම මාසයයි තිබුණේ. ජයසුමනට පපුවේ අමාරුව හැදුණේ කන්තෝරුවේදිමයි. එහෙන්ම ඉස්පිරිතාලෙට ඇතුළු කරලා තිබුණා. සමන්ති යනකොටත් නොවියයුතු සියල්ල සිදුවී අවසන්.
" අන්තිම මොහොතේ දෑහැට පේන මානයේ වත් ඉන්න බැරි වුණානේ.
මට දුක ඒකමයි "
සමන්ති ඇඬුවේ එහෙම කිය කිය.
මරණ ගෙදරට අඳුනන අය වගේම නාඳුනන අයත් ගොඩක් ආවා. හුඟක්ම ජයසුමනගේ ලේඛක හිත මිතුරන්. අනෙත් අය කාර්යාලයේ කට්ටිය.
" අරයත් මේ අතරේ ඇති "
ඒ කලබල අස්සෙත් සමන්තිට හිතුණා.
හත් දවසේ බණ කියවලා එදා උදේ දානය දුන්නට පස්සේ එකම දුවත් සැමියයි දරුවයි එක්ක පිටවෙලා ගියේ පහුවෙනිදා ඉඳලා වැඩට යන්න තිබුණු නිසයි. තනි නොතනියට ඉතුරු වුණු යසෝමත් මහන්සියට නිදි. සමන්තිත් ඉස්සරහා දොර අඩවල් කරගෙනම ඇඳට ගියේ කකුල් දෙකට විවේකයක් දෙන්න හිතාගෙනයි.
ඇඳට ගිය සමන්ති කොට්ටය ඇඳ විට්ටමට තියලා ඒකට හේත්තු වුණා. ජයසුමනගේ කොට්ටය තවමත් ඒ විදියටම තියෙනවා. ඒ කොට්ටය අතට ගත්ත සමන්තී පපුවට තුරුළු කරගත්තා. සමන්තිට දැනුණේ ජයසුමනගේ සුවඳ. ඒ උණුසුම. සමන්තිටත් නොදැනිම වේලිලා තිබුණු කඳුළු උල්පත්වලට පණ ඇවිත් ගලන්නට වුණා. ඒ කඳුළුවලට නිදහසේ ගලන්න ඉඩ ඇරලා සමන්ති ඇස් පියාගත්තා.
ඒ එක්කම කොට්ට උරය ඇතුළේ යමක් තදට අහුවෙන බවක් සමන්තිට දැනුණා. අත දාලා බලනකොට යතුරක්. ඒ ජයසුමනගේ ලියන මේසයේ කබඩ් එකේ යතුර. අවුරුදු තිහක කසාද ජීවිතයේ යම්කිසි පැල්ලමක් ඇතිකළා නම් ඇති කළේ ඔය යතුර තමයි. දෙන්නා අතර බෙදා නොගත් යමක් තිබුණානම් ජය සුමනගේ තනි අයිතියට පවරාගෙන තිබුණු ඔය යතුර තමයි.
කොහොමත් නිශ්ශබ්ද ජයසුමන ගෙදර ඉන්න වෙලාවෙන් වැඩි වෙලාවක් හිටියේ කන්තෝරු කාමරයේ. එක්කෝ ලියමින්. නැත්නම් කියවමින්. කොහේ හරි යනවනම් ලියන මේසේ කබඩ් එක ලොක් කරලා ගියා. කවදාවත්ම යතුර අමතක කරලා ගියේ නැහැ. යන යන තැන අරගෙන ගියා. මහා නිධානයක් රකින්න වගේ කබඩ් එක රැක්කා.
" මොනවද අනේ ඔය තරම් ඕකේ රකින්න තියෙන්නේ. "
සමන්ති ඇහුවත් හිනාවෙනවා ඇර උත්තරයක් දුන්නේ නැහැ.
ඒ ගැන හිතන්න මහා ලොකු දෙයක් නැතත් සමන්ති ඒ ගැන හිතුවා. ප්‍රශ්නයක් ඕනම නිසා හිතින් ප්‍රශ්නයක් හදාගත්තා. ඒ ගැන හිතමින් නිදි වැරුවා. සැකය පෝෂණය කරන්න කරණු රැස්කළා. විඳෙව්වා. ඒත් ඒ ජයසුමනට නොදැනෙන්න.
එකත් එකටම වෙන ගැහැනියකගේ පිංතූරයක්, ලියුම් මිටියක්, අර සිංදුවක තියනවා වගේ දම් පාට පුංචි වීදුරු වළල්ලක්, ඒ මොකවත්ම නෙවෙයිනම් වාටියට රෝස මලක් මහපු ලේන්සුවක්වත් ඇතී කියලා සමන්ති සැක කළා. ඒත් සමන්ති දන්න තරමට තමන්ට කලින් ජයසුමනට පෙම්වතියක් ඉඳලා නැහැ.
එහෙනම් තවමත් ආශ්‍රය කරන කෙනෙක්ද ?
වැඩ කරන තැන කෙනෙක්ද ?
ලියන කියන ඉස්තිරියාවක්ද ?
සමන්තී, එක එක දාට සැකය එක එක පැත්තට හැරෙව්වා.ඒත් හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා.
කල්පනාකිරීම අතරමග නවත්තපු සමන්ති පිටි අල්ලෙන් කඳුළු පිහදාගෙන ඇඳෙන් බහැල ජයසුමනගේ කන්තෝරු කාමරයට ගියා. දෙවරක් නොහිතම යතුර ලියන මේසයේ යතුරු හිලට දමලා කැරකෙව්වා.හරිම පිලිවලට අහුරපු ෆයිල් කවර එකින් එක එළියට අරගෙන බලනකොට ඒවායේ තිබුණේ ජයසුමන ලියූ පොත් පත්වල අත්පිටපත්. නැත්නම් පත්තරවල පළවුණු ලිපි.
ඔක්කොම එළියට ගත්තට පස්සේ තමයි දැක්කේ යටම තට්ටුවේ මුල්ලක තියෙන නිල් පාට විල්ලූද පෙට්ටිය.
සමන්තිට එකපාරටම ඇතිවුණේ සතුටක්. ඒක මෙච්චර කල් හොයපු දෙයක් හම්බවුණා වගේ සතුටක්. ගැහෙන ඇඟිලි වලින් සමන්තී පෙට්ටිය ඇරියා.
" තෝඩුවක් "
" රතු පාට ගල් අල්ලපු රිදී පාට පුංචි තෝඩුවක් "
"මේ ඒ තෝඩුව."
අවුරුදු තිස් ගණනකට එහා දවසක සැන්දෑවක, මුහුදු වෙරළේදී අතුරුදන් වුණු තමන්ගෙම තෝඩුව.
එදා තමයි මුල්ම වතාවට ජයසුමන සමන්තිව සිපගත්තේ.
https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%AD%E0%B6%A9%E0%B7%80/299-689281

පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්නට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර දමමිනි. ගරා වැටුණු පෙනුමට අලුතින් තැනූවක් වැනි නිවෙස ඉදිරිපිට හරක් බඳින තුන්හුලස් මිදුලේ එහා මෙහා වන කිලුටු බෝලය දෙස බල්ලා කුතුහලයෙන් හොම්බ වනමින් බලා සිටියේ ය. මඩ වුණු මිදුල පැත්තකින් උඩහට යන මඩ පාර දිගේ පහළට දිව ආ වස්සෙක් ඉදිරිගාත් දෙක පැටලී බිම පෙරළුණි. කන්දේ පදිංචි අසල්වැසියන් ගණන දහඅටක් වුණු නමුත් මිනිස් වාසයක හැලහොල්මනක් දැකිය හැකි නොවී ය. අහසේ තිබුණේ අඳුරු රූප සහිත දේවාල පෙතිකඩ එල්ලා ඇති ඇවුරුණු පාළු ශාලාවක පෙනුම ය. අඳුරු අහසේ වම් පැත්තෙන් විදුලියක් කෙටුවේ ය. පසුගිය දින කිහිපය පුරා වැටුණු වැස්ස නිසා කන්දේ පස් කණ්ඩි සෝදා ගලන මඩ පාරවල් බොහෝ විය.
ඒ මොහොතේ මා වෙත දිව ආ කනප්පුව ආපසු හැරී ගෙට දිව්වේ කිසිවක් හදිසියේ මතක් වුණු අයුරිනි. ඒ වේගෙන් ආපසු දිව ආ කනප්පුව එහි මා ද නංවා ගෙන වැහිබර අහසට නැඟුණේ කාලගුණ දෙපාර්තමේන්තුවේ රතු නිවේදන කන වැකුණු අයුරිනි. මම දැඩිව කනප්පුවේ බීරලු දාරය තදින් අල්ලා ගෙන සිටියෙමි. මගේ කකුල් සට සට ගා වෙවුලන්ට විය. වාසියකට තිබුණේ එක කකුලක මගේ කට්ටා සෙරෙප්පුව නැතිකම පමණි. මම කකුල් දෙක කනප්පුවේ කකුල් තුන අතරේ පටලා ගෙන සිටියෙමි. කනප්පුවෙන් ලිස්සා නොවැටී සිටීම බෙහෙවින් අපහසු විය. මුලින් සුළඟින් ඇඹරෙන අතුපතර බේරමින් අහසට නැඟුණු කනප්පුව උස ඇහැටු ගස් මුදුන්වල ගැවී නොගෑවී ගමන් කළේ ය. තවත් ගසක මුදුන් අත්තක කකුල වැදී මගේ කට්ටා සෙරෙප්පුව ගැලවී බිම වැටුණි.
කනප්පුව පැත්තෙන් පැත්තට හැරෙමින් අහසේ ගමන් කළේ ඒ ගමන හොඳට හුරු අයුරිනි. එය හරි කෙළින් ගමන් කළේ පිට්ටනියක් වැනි හිස් බිම් කඩක් උඩින් යන විට පමණි. මට කනප්පුවේ පණ්ඩිතකම ගැන පුදුම සිතුණි. අත්හැර දැමූ ලැයින් කාමර පේළියක තහඩු වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති බව මම දුටිමි. වැල්ලවාය කඳු ඈතින් පෙනුණේ කළුවලා පිරුණු අහසට තැබූ ආධාරක මෙනි. දික්පිටිය පාරේ ලොරියක් ගමන් කරමින් තිබුණි. කෑ ගසමින් අල්ලපු ගෙදරකට දුවන ගැහැනියකගේ විලාපය මට ඇසුණේ ඒ පෙදෙසේ දී කනප්පුව තරමක් පහළින් ඇදී ගිය හෙයිනි.
ටෙලිෆෝන් කණු පේළිය ඔස්සේ ඇස් යැවූ මට දිප්පිටිය තැපැල් කන්තෝරුවත්, ඒ කිට්ටුව තිබෙන ඉන්ධන පිරවුම්හලත් හඳුනා ගන්නට පුළුවන් විය. කනප්පුව මා රැගෙන යන්නේ කොතැනකට දැයි වටහා ගන්නට නුපුළුවන් වුණත් එය මගේ සිත තුළ ඇති වන නිහඬ කල්පනාවලට අනුකූලව පාවෙන බව මට හැඟුණි. මගේ පැරණි මිතුරකු වූ විජයසුන්දරගේ නිවසත්, රබර් දර කඩයත්, පිටරට රැකියාවකට ගොස් සිටින සංඛපාලිගේ අලුත් නිවසත් එහා මෙහා දුවන මගේ ඇසට හසු විය. තෙත් වුණු ගෝනි පඩංගු ගොඩක් හා සිමෙන්ති ගල් තුන්හාර සියයක් ඇගේ නිවසේ මිදුලේ තිබුණි. පොද වැස්ස නිසා හබරල කොළයක් හිසට උඩින් අල්ලා ගත් කුදු මනුස්සයෙක් පාරක ගමන් කළේ ය. තල් අතු ඉහළා ගෙන දෙනමක් දිග කුඹුරක් මැදින් පංශූකූලයකට වඩිමින් සිටියහ.
මහ වැස්ස වැටෙන්නට වූ විට ද මගේ කනප්පු ගමන නොනැවතුණි. වැස්ස සමඟ ඇති වුණු දුමාරයකින් පහළ පොළොව වැසී ගියේ ය. කනප්පුවට ද පාර වැරදුනා සේ වැස්සේ එහා මෙහා ඉබාගාතේ ගමන් කරන්නට විය. ඕනෑවට වැඩියෙන් පහළින් ගමන් ගත් නිසා දෝ කනප්පුව යමක වැදී එහි කකුලක් ගැලවී ගියේ ය. මට මහත් බියක් දැනුණි. ඒ සමඟ අකුණු පුපුරා යන්නට විය. පොල් ගසක හිසක් අසුරු සැණින් ගිනි ගන්නා අයුරු මම දුටුවෙමි. ඒ තට්ටු බිල්ඩිමක් හා පිට්ටනියක් ඇති රජගිරි මහා විද්‍යාලය හරියේ දී ය. තව අකුණක් මල්පා විහාරයට පාත් වී අකුණු සන්නාහකය නිසා පුස්සක් වී ගියේ ය.
මම කනප්පුව තදින් අල්ලා ගෙන එහි ඇලී සිටියේ කකියන අත්වලිනි. එය මා හෙම්බත් කරන අන්දමේ ගමනකි. මා දකින්නේ සිහිනයක් නොවන බව සනාථ කර ගන්නට මම ඇඟිල්ලක් විකුවෙමි. මට රිදිල්ල දැනුණි. එය කිසි දින නොගිය ගමනකි. සාමාන්‍ය ලෝකයක සිදු විය නොහැකි දෙයකි. හදිසියේ අදිසි ද්වාරයක් විවෘත වූ අයුරින් මම වලා දෝනාවක් මැදින් ගමන් කරන්නට වීමි. මට මහත් සීතලක් හා සැහැල්ලුවක් දැනුණි. ඒ ගමනින් පසුව මට හැඟුණේ මා නැවතත් මගේ නිවස පිහිටි කඳු ගැටය දෙසට ගමන් කරන බවකි.
මට ඇවිදින කන්දක් පෙනුණි. කන්ද ගමන් කළේ ඒ මත වූ තෙත පස් කණ්ඩි සහ මූකලාන ද රැගෙන ය. කැලෑ රබර් ගස් මුලින් ඉදිරී ගියේ ය. එය එක්තරා අන්දමකින් ගස් උදුරා දැමීමකි. එක තැනක ලැහැබින් හිස් වූ භූමිය දිස් වුණේ ඕජස් ගලන තුවාලයක් මෙනි. එය නෙරා එන උදරයක් සමඟ ගමන් කළ කන්දකි. කන්දේ එක් අර්ධයක සමතලා පෙනුමක් ද, තව අර්ධයක නිම්නයක පෙනුමක් ද, මොල්ලියක් තිබුණු තැනක හාන්සි පුටුවක පෙනුමක් ද විය. ඒ මට හුරුපුරුදු පොළොව නොවී ය. එනමුත් මා මුලින් සිතූ සැටි නිවැරදි ය. මට නැවත වැල්ලවාය කඳු වැටියත්, දිප්පිටියත්, දර කඩයත් පෙනෙන්නට විය. ආ ගමනේ දී නුදුටු අම්බදෙණිය පාරත්, මහඔයත්, මඩකුඹුර වෙල් යායත් මට පෙනෙන්නට පටන් ගත්තේ ය. එවිට වැස්ස සම්පූර්ණයෙන් නතර වී තිබුණි. අලුත් අව් රැල්ලක් ගලා ඇවිත් තිබුණි. ඒ නිසා සියල්ල මට පැහැදිලිව දකින්නට පුළුවන් විය. වැස්සෙන් පෙඟුණ පහළ පොළොවේ තිබුණේ මඩ කඩිති සහිත ශෝකභරිත පෙනුමකි.
මා බිමට පෙරළා දමන තරමේ වේගයකින් කනප්පුව පහත් වුණේ මගේ නිවස පිහිටි කන්ද පාමුල පන්සල හා මහා විද්‍යාලය අතර ඇති ක්‍රීඩා පිටියට ය. එහි විශාල පිරිසක් රැස් වී අරනායක කඳු යාය පැත්ත බලා සිටියහ. සමහරු විලාප දුන්නහ. ඒ වන විට ද පොලීසිය හා එස්කැවේටරයක් පැමිණ තිබුණි. තවත් බොහෝ පිරිස් එහි පැමිණෙමින් සිටියහ. පිරිවෙණේ භික්ෂූන් විසි නමක් පමණ පාර දිගේ දිව එමින් සිටියහ. වේදනාවෙන් වියරු වුණු එකෙකු දෙපැත්තට වැනෙන සුදු හිසකෙසින් යුතුව දුවන්නට වුණේ ගඟකට ළිඳකට පනින වුවමනාවකිනි. තව පිරිසක් ඉමහත් ආයාසයක් දරා ඔහු නතර කර ගත්හ.
මගේ නිවසේ පමණක් නොව අසල්වැසි නිවෙස්, ගහකොළ, හරකබාන, ගල්පඩි, රබර් මඩුව, පැති ලියැද්ද යනාදියෙහි ද ලකුණක්වත් දකින්නට නොවී ය. පැහැදිලිව පෙනුණේ කන්ද ඉහළ සිට පහළට ගහකොළ ද පෙරළා ගෙන ගලන අලුත් මඩ ගංගාව පමණි. උල්පත් සක්‍රීය වී පැවතුණු නිසා වතුර කොතෙකුත් කාන්දු විය. මගේ නිවසෙහි විය හැකි දිග කළු තල් පරාලයක්, වඩුගැටය සහිත වහලේ ලොකු කොටසක් සමඟ අඩි ගණනක් පහළට රූට්ටා ඇවිත් තිබුණේ මගේ සිත වියරු කරමිනි. ඇස්බැස්ටස් වහලක පළුවක් පහළට ඇලවුණු ගස් දෙබලක සිර වී තිබුණි. කොකුන් රෑනක් ලැග සිටින්නේ ඔච්චම්මා සහ ආගතාහාමිගේ පොඩි පැල්පත් දෙක තිබුණු හරියේ ය. මඩ පාර දිගේ ඉදිරියට ඇදෙන අලුත් බයිසිකලය එහි හිමිකරුවා වුණු සුරවීර කොහි ගියා දැයි සොයන්නා සේ පෙනුණි.
කනප්පුව පුළුවන් තරමට පහළට ඇවිත් මා බිමට පෙරළා දැමී ය. කනප්පුව ඈතට වීසි වී ගියේ ය. වැටුණු මඩ ගොඩින් නැඟිට ගත් මම මගේ තුන්වෙනි ගම වූ නායගිය කන්ද දෙස දුකින් බලා සිටියෙමි. මගේ දිවි ගැලවීම බොහෝ දෙනෙකුට ගැටලුවක් විය. ඔවුන් සිතා ඇත්තේ මා කන්දට යට වුණු බව ය. මගේ දිග කලිසම අවලස්සන වී තිබුණු නමුත් කවුරුවත් එය සැලකිල්ලට ගත්තේ නැත. කනප්පුව වීසි වී ගියේ කොතැනකට දැයි කල්පනා කරමින් මම සෙනඟ අතරේ එහා මෙහා ගියෙමි.
26

" ඔව්, අකමැත්ත ගෑනු ළමයාගේමයි, වෙන වැරැද්දක් නෙවි "
" මම කලිසම් නාඳින නිසා! එහෙම නෙව? " යි කපුරාල කියන තෙක් නිසොල්මන් නොවූ සිරිමන් සිල්වා කපුරාල ඇදලා පැදලා කියන්ට හැදු කීම සම්පූර්ණ කෙළේ ය.
" ඔව්, එහෙම තමයි. ඒ ළමයාත් මහත්තයාගේ වෙන වැරැද්දක් කියන්නේ නැහැ. පවුලේ අනිත් ඔක්කොම ළමයි කපාල අඳින මහත්තැන් කසාද බැඳ තියෙන නිසා රෙදි අඳින කෙනෙක් කැපෙන්නේ නැත කියනවා. "
" මම හිතුවා ඒ ගෑනු ළමයා මට අකමැති වෙන එකක් නෑ කියා. ඒකයි තමුසෙට කතා කරන්න කීවේ. මම දැනට කොණ්ඩේ කපාලා රෙදි අඳින නිසා කලිසමක් ඇඳ ගැනීමෙන් ඇඳුම වෙනස් කිරීම පහසුයි. ඒ ළමයා විවාහ කරගන්න මම කොපමණ කැමති වුණත් ඒකනම් කරන්නේ නැහැ. "
" මහත්තයාගේ විදිය මං දන්නවා-ඒක නිසා තමයි මං කලිසම් අඳින්නය යි යෝජනා නොකරේ " යි සිරිමල් කපුරාල කී ය.
කපුකම් කරන නමුත් කපටියකු හෝ බොරුකාරයකු හෝ නොවන ඔහු දෙපක්‍ෂයම අසන්තෝෂ නොකරන්නට වෑයම් කරන්නෙකි. එහෙයින් ඔහු මනමාලයා, මනමාලියට කෝප වෙතියි යන සැකයෙන් ඇගේ ගුණ කියන්ට වූයේ ය.
" ඒ ළමයා අසතුටු වුණේ වෙන වරදක් නිසා නෙවි. අනිත් අක්කලා ඔක්කොම කපාල අඳින මහත්තැන් බැඳලා ඉන්න නිසා ඒ ළමයා විතරක් රෙදි අඳින කෙනෙක් බැඳ ගත්තාම ටිකක් හිතට අමාරු වෙනවා නෙවෑ. "
" ඔව් මට තේරෙනවා. මීට පස්සේ කපාලා අඳින මහත්තැන්ය නොකියා කලිසම් අඳින මහත්තැන්ය කියනවා, එතකොට කාටත් තේරෙනවා" සිරිමන් සිල්වා කට කොනට සිනාවක් නගමින් කීය.
" කපාලා අඳින මහත්තැන් ය කියන්නේ ඒ ළමයා නෙවි, අපි" යි සිරිමල් කපුරාල කීය.
සිරිමන් සිල්වා කොළඹ ගොස්, නිල් රෙදි වලින් නොයෙක් මිනුම්වලට කොට කලිසම් දෙසීයක් මහන්ට සාප්පුකාරයකුට නියම කොට දෙතුන් දවසකින් ගමට පැමිණියේ ය.
පැමිණි ඔහු, ගමේ සියලු ලොකු කුඩා තරුණයන් ද ලොකු මිනිසුන් සතුටු නම් ඔවුන් ද රැස්කොටගෙන, සතියකට වරක් බැගින් තරග කෙළි පැවැත්වීමටත්, ඒ තරගවලින් දිනූවන්ට තෑගි දීමටත් තීරණය කරගෙන ගමේ තවත් ධනවත් මිනිසුන් හත් අට දෙනකුන්ද ඊට කැමති කරවා ගත්තේ ය.
තෑගි දීම සඳහා පමණක් නොව අනෙකුත් සියලු දේ සඳහා වියදම් කරන්නේ සිරිමන් සිල්වා ය.
මුද්‍රිත පත්‍රිකා දහස් ගණනක් ගම පුරා විසුරුවා හරින ලදී. පළමු සතියේ තරග කෙළියට ගමේ සිටි තරුණයෝ ද ළමයි ද ලොකු මිනිසුන් ටික දෙනෙක් ද පැමිණියෝ ය.
රෙදි හැඳගෙන ක්‍රීඩා කිරීමේ අමාරුව වර්ණනා කළ සිරිමන් සිල්වා 'තරගයට එන සියලූ දෙනාම කොට කලිසම් හැඳගත යුතුය' යි යෝජනා කෙළේ ය. කොට කලිසම් නොහැඳගත් කිසිවෙක් තරගයට නොගන්නා ලදී.
" අපට මොන කලිසම් ද ?" කියමින් ලොකු මිනිස්සු පසුබෑහ. සබකෝලය වැඩි ඉලංදාරීහු ද පසුබෑහ.
අනුන්ගේ ඇනුම් පද හෝ සිනා හෝ නොතකන තරුණයෝ ද ළමයිද නොමිලයේ ලැබෙන කොට කලිසම් හැඳගෙන තරග කෙළිසෙල්ලමට සූදානම් වූහ.
කලිසම් ඇඳීමට ආශාවෙන් සිටි තරුණයෝ ද ළමයි ද අපි 'කැමති' යි කියමින් එක පයින් සිටගත්හ.
එදින ඒ ඒ තරග කෙළියෙන් ජයගත් පළමු වැන්නාට දෙන ලද තෑග්ග රුපියල් විසිපහකි; දෙවැන්නාට රුපියල් පහළොවකි; තුන්වැන්නාට රුපියල් දහයකි.
දෙවැනි සතියෙහි තරග කෙළියට ඉදිරිපත් වූවන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වී ය.
ඇනුම් පද හා සිනා නොතකන ඇතැම් මහල්ලෝ කොට කලිසම් හැඳගෙන තරගයට බැසීමට කැමති වූහ.
මසක් ගෙවෙන්ට පෙර සිරිමන් සිල්වා කොළඹින් දෙවරක්ම කොට කලිසම් ගෙන්වූයේය.
තුන් මසක් ගිය තැන කොට කලිසම් හැඳගෙන තරග කෙළියට බැසීමට අකමැති එකෙකු මහල්ලන් අතරිනිදු සොයාගත නොහැකි වී ය.
කවුරුනුත් මහත් වූ ආශාවෙන් කොට කලිසම් හඳින්ට වූ බැවින් තරගයට එළඹුණු සියලු දෙනාටම, තම තමන්ගේ කොට කලිසම් ගෙදරට ගෙන ගොස් කැමති නම් එයින් ප්‍රයෝජන ගැනීමට ද ඉඩ හරින ලදී.
පළමු දෙතුන් සතිය තුළ කොට කලිසම් ගෙන ගියේ ටික දෙනෙකි.
දෙමසක් ඉකුත් වූ තැන කවුරුත් කොට කලිසම් ගෙදරට ගෙන යන්ට වූහ.
මුලදී ගෙදර දී කොට කලිසන් හැන්දේ ළමයින් පමණි.
එහෙත් හමසක් ඉකුත් වූ තැන කොට කලිසමින් නොසැරසුණු ඉලන්දාරියකු සොයාගන්නා ලද්දේ අමාරුවෙනි.
කලිසම් හැදීමේ ලාභයත් පහසුවත් කාටත් ක්‍රමයෙන් වැටහුණි.
ගමේ තරග කෙළි සංගමයෙන් ලැබුණේ එකෙකුට කොට කලිසම බැගිනි. හමසක් ගිය තැන තරුණයන්ටත්, ළමයින්ටත් කොට කලිසම් දෙක තුන බැගින් ලැබිණ.
කලිසම හොඳ බව, පහසු බව, වැටහුණු සියලු දෙනාම සරම් වෙනුවට කොට කලිසන් මස් වන්ට පටන් ගත්හ.
මුලදී සමිතිය උදෙසා වියදම් කෙළේ සිරිමන් සිල්වා ය. හමස ඉකුත් වූ තැන අන්‍යයන්ගෙන්ද සමිතියට උපකාර ලැබෙන්ට වී ය.
"දෙයියෝ සාක්කි! දැන් ගබංචියාගේ පුතාත් අඳින්නේ කලිසම් නොවැ" යි සූරියකාන්ත හාමිනේ කීවා ය.
" අනේ අම්මේ! ඒක නෙවෙන්නම්. කලිසමට ගිය කල. ගස් යන පොඩියාගේ පුතාත් දැන් ගෙදරටත් කොට කලිසම් ඇඳගෙනමයි ඉන්නේ. "යි සූරියකාන්ත හාමිනේගේ ලොකු දූ කීවා ය.
ඈ කපාලා අඳින මහත්මයකු සමග විවාහ වූයේ මීට අවුරුදු දහයකට පමණ පෙර ය.
" අපේ මහත්මයා දැන් කලිසම් අදින්ටත් ලැජ්ජයි කියනවා. ගිය පෝය දා මහත්තයයි මායි පන්සලට යන්න යනකොට ඉස්සරහටම හම්බ වුණේ කොට කලිසමක් ඇඳගෙන මාළු බාන්න යන අබරංගෙ පුතා! 'කලිසම් අඳින්නත් ලැජ්ජයි.' මහත්තයා කිව්වේ එදා! " යි සූරියකාන්ත හාමිනේගේ දෙවැනි දූ කීවා ය.
" මෙන්න මේ දැරිවි තමයි මේක කෙරේ! " යි කියමින් තුන් වැනි දූ තම බාල නගා දෙස යටසින් බලා තක්කඩි සිනාවක් නැගුවා ය.
තුන් වැනි දුව කපාලා අඳින මහත්තයකු සමග විවාහ වී දෑ අවුරුද්දකට වැඩි නොවී ය. එහෙයින් කලිසමට තිබුණු සැලකිල්ල ද තවම ඇගේ සිතින් තුනී නොවී ය.
" මේක නෙව පුදුමේ! අබරන්ගේ පුතාටත් කලිසම් ඇන්දෙව්වේ මමය කියන්නේ පිස්සුවෙන් වෙන්න ඇති! " යි කියමින් බාල නංගි තරහයෙන් කතා කළාය. ඈ අක්කාට රවා බලා හුනස්නෙන් නැංගා ය.
" නංගී නොවෙන්නම් මේ ඔක්කොටම කලිසම් ඇන්දෙව්වේ! " යි ඈ තම නංගීට යළිත් සරදම් කළා ය.
" නංගී සිරිමන් සිල්වාට අකමැති වුණ හින්දා තමයි මේ ඔක්කොම! "
" ඔව්" යි ඈ තරහයෙන් කීවා ය. " එතකොට මං විතරෙයි අකමැති වුණේ? අක්කලත් හොඳටම අකමැති වුණා. දැන් හැමෝම කලිසම් අඳින්න ගත්තාම මං වැරදි කාරයා වුණා!" යි කියමින් ඈ හඬන්ට වුවා ය.
"ලිසා දැන් කැමැතිය යි කපුරාල අත සිරිමන්‍ට කියාලා යවනවා!" යි මෑණියෝ සිනාසෙමින් කී හ. ලිසාගේ සහෝදරියෝ ද සිනාසෙන්ට වූහ.
" වැඩේ හරිගියා මහත්තයා! ඒ ළමයා විතරක් නෙවි අක්කලත් කැමතියි. නමුත් ගමේ කපාලා අඳින මහත්තැන් නම් හරියට මහත්තයා එක්ක කේන්ති! යි කියමින් සිරිමල් කපුරාල සිනාසුණේ ය
"මං දන්නවා" යි කියමින් සිරිමන් සිල්වා ද සිනාසුණේ ය.
"කොහොම ද ? කවුද කිව්වේ?"
" පුංචි නෝනා අද උදේ මට ලියුමක් එවා තිබුණා, එයා අකැමැති නැත. අක්කලාය මුලදී අකැමැති වුණේ! තරහ වෙන්න එපාය!"
මෙවර කපුරාල සිනාසුණේ කොක්හඬ නඟමිනි.

"අම්මේ
අම්මේ "
පුටුව උඩම අඩ නින්දකට වැටී සිටි සුජාතා ගැස්සී අවදි වුණේ නිපුනිගේ හඬින්.
නිපුනි අද මේ වෙලාවට නිවසේ සිටින්නේ ඇයි දැයි ඇයට එක්වරම සිතාගත නොහැකි වූවත් එය සෙනසුරාදා දිනයක්.
" ඇයි
ඇයි
මට ටිකක් නින්ද ගියා"
" අම්මේ, ලොකු හාමුදුරුවෝ වැඩම කරලා"
" කෝ, කොහෙද "
තුනටියේ වේදනාව අමතක වුණු සුජාතා පුටුවෙන් නැගිට්ටේ ඉද්ද ගැහුවා වාගේය.
" ඉස්තෝප්පුවේ,
මම පුටුවකට සුදු රෙද්දකුත් දාලයි ආවේ.
අම්මව හම්බවෙන්නමයි වැඩම කරලා තියෙන්නේ."
ඇඳන් හිටිය ගවුම ගලවලා ඇඳ උඩට දාපු සුජාතා ,ඉස්කිරිමේ තිබුණු හෝදපු ගවුමක් ඇඳගත්තා.පනා පාරවල් දෙක තුනක් ගහලා කොණ්ඩෙ එක්තැන් කරගෙන ඉස්තෝප්පුවට ගියේ මූණේ පවුඩර් ටිකකුත් උලාගෙනයි.
" අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේ වැඩමකරන්න මහන්සි වුණේ පණිවිඩයක් එව්වා නම් මම පන්සලට එනවනේ"
සුජාතා කිව්වේ පාත්වී හාමුදුරුවන්ට වඳින ගමන්.
" අනේ ඒකට කමක් නැහැ ඉස්කෝලෙ හාමිනේ.
තවත් ගෙවල් හතර පහකට යන්නත් එක්කමයි අද දොට්ට බැස්සේ.
මෙහෙන්ම ගමන පටන්ගන්න හිතුවා.
ලොකු ඉස්කෝලේ මහත්තයා ඉන්න කාලෙත් ඕනෑම සුබ කටයුත්තක් පටන්ගන්ගනිද්දි මුලින්ම වැඩියේ මෙහෙටනේ.
ඉස්කෝලෙ මහත්තයා නැතිවුණාට පස්සෙ ඉස්කෝලෙ හාමිනෙත් අපිට බොහොම උපකාර කරලා තියෙනවා."
" එහෙමයි හාමුදුරුවනේ "
" පන්සලේ බෝධි ප්‍රාකාරය දැන් බොහොම අබලන්. තැන තැන පුපුරලා. මුල් ගිහිං.
දායක සභාවෙ අදහස තියෙන්නේ බැම්ම ඉවත්කරලා රන් වැටක් හදන්නයි. එහෙම කළොත් බොහොම අලංකාරයට හිටීවි.
ලොකු මුදලකුත් යනවා.
ඒ මුදල් එකතු කරගන්න වෙන්නේ ගමේ දානපතියන්ගෙන්ම තමයි.
ටවුමේ තොග කඩේ සිරිවර්ධන මුදලාලි යන මුදලින් බාගයක්ම දෙනවා. ඉතිරි මුදල තමයි අපට හොයාගන්න තියෙන්නේ.
ඉතින්ඉස්කෝලෙ හාමිනේගේ පින්වත් දෑතින්ම මුලින්ම ආධාර පත්තරයට ගණනක් ලියන්නකෝ .
අදම මුදල් දෙන්න ඕන නැහැ. ලබන මාසෙ පළවෙනිදා වෙනකොට ලැබුණොත් ඇති ."
" සුජාතගේ ඉහ මොළ දාලා ගියේ බැංකු පොතේ තියන සොච්චම මතක් වෙලා. දෙන්නගෙම පැන්ෂන් එක ලැබුණත් බෙහෙත් වලටයි ගෙදර අඩුවැඩියටයි ගියහම මාසෙ අන්තිමට පොතේ ඉතුරුවෙන දෙයක් නැහැ.
ඒත් සිරිවර්ධන මුදලාලි මතක්වෙද්දී දැනෙන්නේ ලැජ්ජාවක්. ඒ කාලේ කඩේ බඩු කිරන්න ගිය කොල්ලා. දැන් මහ මුදලාලි කෙනෙක්. දැක්ක තැන " ඉස්කෝලේ හාමිනේ" කියලා ඔළුව පාත්කරනවා තමයි.
" අනේ අනිච්චං අපිට ගිය කලක් "
සුජාතාට හිතුණා.
මොනවා කරන්නද ? ඉස් ඉස්සෙල්ලම ආපු නිසා ලක්ෂයක් වත් නොලියා බැහැ. ලක්ෂ දෙකක් වත් ලියන්න තිබුණා නම් හොඳයි. ඒත් පොතේ ඉතිරිවෙලා තියෙන්නෙත් ලක්ෂ දෙකයි. ඒකත් බොහොම අමාරුවෙන් බේරගෙන ඉන්නේ. ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙත් ගන්න, නැත්නම් තමන්ගේ අවසන් කටයුත්තකට හරි ගන්න හරි කියලා තමයි ඕක ඉතිරිකරගත්තේ.
" නිපුනි දන්නවානම් ඕකටත් විදලා "
සුජාතාගේ හිතේ දුව ගැන ඇතිවුණේ කලකිරීමක්.
" දැන් ගමේ හැමතැනම අලුත් සල්ලිකාරයෝ.
ලක්ෂය හොඳටම මදි.
මැරුණු මහත්තයටත් හොඳ නැහැ.
ලක්ෂ දෙකක්ම ලියනවා.
ලෙඩ වුණොත් ආණ්ඩුවේ ඉස්පිරිතාල තියෙන්නේ.
මැරුණොත් ඉන්න එකෙක් වළලන්න, පුච්චන්න බැරිනම් කාණුවකට හරි ඇදලා දාන්නේ නැතෑ .
යනකොට ගෙනියන්න තියන්නේ ඔච්චරයි."
එහෙම හිතපු සුජාතා රුපියල් ලක්ෂ දෙකක්ම ලියලා දෝතින්ම ආධාර පත්තරය ලොකු හාමුදුරුවන්ට පිළිගන්වලා වැන්දා.
සුජාතාගේ කරට උඩින් ආධාර පත්තරය කියවපු නිපුනි කතා නොකරම ගෙට ගියා. ලොකු හාමුදුරුවෝ ආපහු වඩිනකොට වඳින්නවත් ආවේ නැහැ.
" කොච්චරවත් නෑ, නෑ කිව්වට අම්මා ළඟ තියෙන සල්ලි එළියට එන්නේ ආධාර පත්තරයක් දැක්කොත් තමයි."
රෑට උයන ගමන් නිපුනි කිව්වා.
" ඇයි මම උඹලගෙ ඕනෑ එපාකම්වලට දෙන්නේ නැද්ද?"
එහෙම කියාගෙනම කුස්සියෙන් පිටවුණු සුජාතා කාමරයට ඇවිත් ඇඳේ ඇලවුණා. හවස හයියෙන් හයියෙන් එහාට මෙහාට ඇවිදපු නිසා කොන්දෙ අමාරුව වැඩිවෙලා.
සුජාතාට දරුවෝ දෙන්නයි. වැඩිමලා නිපුනි. පුතා රුචිර. නිපුනි ඉස්කෝලේ යන කාලෙමයි කැලුම් එක්ක සම්බන්ධයක් පටන්ගත්තේ.
" ඕක නිසා තමයි නිපුනිට කැම්පස් යන්නත් බැරිවුණේ."
සුජාතා තනියම කියවනවා.
තරවටු කළත් අවවාද අනුශාසනා දුන්නත් ඒ සම්බන්ධය බිඳින්න බැරිවුණා. උසස් පෙළ කරලා මග නවතින්න සිද්ධවුණා.
"මක්කරන්නද
කරුමෙ "
සුජාතා තොල් මැතිරුවා .
රජයේ ලිපිකාර විභාගයට පෙනී ඉඳලා තමයි ඔය රස්සාව හම්බවුණේ.
" ඉස්කෝලෙ මහත්තයා මොනතරම් මහන්සි වුණාද ඕකවත් හදලා දෙන්න"
සුජාතට මහත්තයා මතක්වෙලා සුසුමක් පිටවුණා.
නිපුනි රස්සාවට ගිහින් ටික කලකින්ම කැලුම්ව බැන්දා. කැලුම් වැඩකළේ මොකක්දෝ පුද්ගලික තැනක. එක තැනක වැඩි දවසක් රැඳෙන්න බැරි ගතියක් කැලුම්ට තියනවා. දැනට රස්සාවල් දහයක් පහළොවක් කරලා ඇති. එකක්වත් ස්ථිර නැහැ. ගන්න ගානත් බීමටම වියදම් කරනවා. කුලී ගෙවල් මාරු කරකර ඉන්දැද්දි ඉස්කෝලෙ මහත්තයමයි කිව්වේ මහගෙදර ඇවිත් නතරවෙන්න කියලා. මහත්තයා නැතිවුණේ ගේ ඔප්පුවකින් පවරලා නෙවෙයි.
" නැත්නම් මෙලහකට මේකත් උකස් කරලා"
සුජාතාගේ හිතට ආවේ තරහක්.
රුචිර නම් බැංකු නිලධාරියෙක්. ගමේ එන්නෙ යන්නේ කලාතුරකින්. කසාද බැඳලා එහෙම බින්න බැස්සා. මහගෙදර අක්කා ඉන්න එක ගැන ඉන්නේ නොහොඳින්. අවුරුද්දටත් රෙදි කෑල්ලක් අරගෙන පවුල පිටින් ඇවිත් කරපොවලා යනවා විතරයි.
නිපුනිගේ පඩිය මදි දරුවෝ දෙන්නගේ කටයුතු කරගන්නවත්. ඉස්කෝල වෑන් එකටම පහළොස් දාහක් ඕන. පන්ති ගාස්තු ඊට වැඩී. ඒ නිසා ගෙදර වියදම දරන්න වුණේ සුජාතාට. හොඳ වෙලාවට ලයිට් බිල විතරයි. වතුර ළිඳෙන්. ඒත් ඒකත් ලයිට් බිලටම එකතුවෙනවා.
කැලුම් නම් සත පහක් ගෙදර වියදමට දෙනවද කියලා සැකයි. ඒත් කැලුම්ට විරුද්ධව වචනයක් කිව්වොත් නිපුනි එන්නේ හැපින්න වගේ පෙනේ පුප්පගෙන.
" හෙටම ගිහින් සල්ලි ටික බැංකුවෙන් ගන්න ඕනෑ.
ගත්ත ගමන්ම පන්සලට ගිහින් හාමුදුරුවන්ට දීලම එන්න ඕනෑ.
නිපුනි දැනගත්තා මගේ ළඟ සල්ලි තියෙන බව. නැත්නම් හෙට හවසම මොකක්හරි අහකදාන්න බැරි වුවමනාවක් කියාගෙන සල්ලි ටික ඉල්ලගෙන එයි.
සුජාතා ඇඳේ ඉඳගෙනම කල්පනා කළා.
සල්ලි ගෙදර ගෙනත් තියාගන්නත් බැහැ.
කොට්ටෙ යට තියාගත්තත් අතුරුදන් වෙනවා.
නිපුනි ගන්නවද, ළමයි ගන්නවද කියලා හිතාගන්න බැහැ.
කැලුම් නම් සුජාතාගේ කාමරයට එන්නේ නැහැ.
" මම හෙට උදේ ටවුමට යනවා . "
රෑට කෑම කන ගමන් සුජාතා නිපුනිට කිව්වා.
" හදිස්සියෙම
බැංකුවට යන්නද?"
නිපුනි උත්තරය කටටම දුන්නා.
" මේ ගේ ඇතුළෙවත් ඇවිදගන්න බැරුව අම්මා කොහොමද තනියම බැංකුවට යන්නේ."
" වෙනදා යන විදියටම තමයි.
මොකෝ, වෙනදත් උඹලා මගේ තනියට එනවද ?
උඹලගේ වුවමනාවකට සල්ලි ගන්න දවසකට ඇරෙන්න."
" ඒක තමයි මම ඒකාලෙම අම්මට කිව්වේ කාඩ් එකක් හදාගන්න කියලා.
වැඩ ඇරිලා එන ගමන්ම සල්ලි ගෙනත් දෙන්න තිබුණා.
" හොඳට තියෙයි.
එහෙම වුණානම් මෙලහකට කීයක්වත් පොතේ නැහැ."
සුජාතා හිතින් හිතුවා මිසක් කටින් පිට කළේ නැහැ.
කාඩ් එකක් ඉල්ලන්න මැනේජර් මහත්තයා ළඟට ගියපු වෙලාවක කියපු කතාවක් සුජාතට මතක් වුණා.
" කාඩ් එකක් අරගෙන මිස්ට පරෙස්සම් කරගන්න පුළුවන්ද?
ගෙදර අයගෙන් තමයි වැඩිපුරම පරිස්සම් කරගන්න වෙන්නේ."
සුජාතා එදා හිතාගත්තා කවදාවත්ම කාඩ් එකක් ගන්නේ නැහැ කියලා.
සුජාතා නින්දට ගියේ පහුවදාට ඇඳන් යන්න සාරියයි හැට්ටෙයි සූදානම් කරලා. අලුත් සාරියක් නම් ගත්ත කාලයක් මතක නැහැ. දැන් හැමතැනටම අඳින්නේ මගුල් ගෙවල්වල ඇඳලා පරණ වූණු සාරි දෙක තුනක්. සුදු සාරියක් නම් මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අරගත්තා. මරණෙට, දානෙට, පින්කමට සේරටම අඳින්නේ ඒ සාරිය.
විශ්‍රාම අරගෙනත් දැන් කොච්චර කලක්ද?
ඒකාලේ ඇඳපු සාරිත් විශ්‍රාම ගත්තයින් පස්සේ දුන්නේ නිපුනිටම තමයි. උගන්වන කාලේ නම් සුජාතා පිළිවලට ඇන්දා.
සුජාතා කොහොමත් පාන්දරින් නැගිටිනවා. මොනතරම් අතේ පයේ අමාරු තිබුණත් නිපුනිට උයන්න පොල් ටිකක් හරි ගාලා දෙනවා. එදා නම් නැගිටගන්නවත් බැරි තරමටම කොන්දේ කැක්කුම වැඩි වෙලා. නැගිට්ටේ හිතේ හයියට. ඒ තරම්ම ඇඟේ කෙඩෙත්තුවකුත් තිබුණා. තෙල් ටිකක් ගාන්නවත් නිපුනිටත් වෙලාවක් නැහැ. තෙල් තලි ගාගෙන බස් වල යන්නත් බැහැ. වෙනදා වගේ කුස්සිය දිහාවට යන්නේ නැතිව හෙමි හෙමින් මූණ හෝදගෙන සාරිය පටලවාගත්තා.
"අපි යනවා.
අම්මා පරිස්සමෙන් යන්න.
රත්තරං බඩු එහෙම දාගෙන යන්න එපා "
කියාගෙන නිපුනි දරුවෝ දෙන්නත් එක්කම පිටවෙලා ගියා.
සාරියේ කටුව ගහන්නවත් කෙනෙක් නැහැ. කටුව ගහන්න යුද්ධයක් කරන්න වුණා. ඒක ගහලා ඉවරවෙනකොට අත් දෙකත් රිදෙනවා. මූණට පවුඩර් ටිකක් දාගෙන කණ්නාඩියෙන් බැලුවහම කර පාළුයි.
" චේන් එකක් වත් නැතිව ගෙයින් එළියට යන්න පුළුවන්ද?"
සුජාතා රත්තරං චේන් පොට දාගත්තා.ඒ පෙට්ටියෙම තිබුණු වළල්ලත් අතක දාගත්තා. බැංකු පොතයි, හැඳුනුම්පතයි අනිත් කළමනා ටිකයි දාපු බෑග් එක උරේ එල්ලගත්තා. කුඩේ ගන්න හැදුවත් ඕනෑ නෑ කියලා හිතුණා.
හතහමාරෙ බස් එක ටවුමට එනකොට අටහමාරයි. බස් ස්ටෑන්ඩර්ඩ් එකේ ඉඳලා බැංකුවට තියෙන දුර ත්‍රී වීලරයක යනවද කියලා කල්පනා කලත්
" එනකොට එනවා"
කියලා හිතුවා.
උදේ අව්ව වුණත් හරි සැරයි. කකුලත් බැරි අමාරුවෙන් අද්දගෙන බැංකුවට යන්නම පැය බාගයක් විතර ගතවුණා. එක වරම පෝලිමට එකතු නොවී පුටුවක වාඩි වුණේ හිටගෙන ඉන්න බැරිකමටමයි. එදා සඳුදා දවසක් නිසා පෝලිමත් දිගයි. පැන්ෂන් දවස් නිසා තවත් කලබලයි.
ටිකක් වාඩිවෙලා ඉඳලා නැගිටින්න හැදුවත් කොන්දේ අමාරව පිට දිගේ ඉහළට ඇදෙනවා. සුජාතා හෙමිහිට පෝලිමට එකතුවුණා. සල්ලි අරගෙන ඇවිත් ආයෙමත් පුටුවක ඉඳගත්තා. බෑග් එක ඇරලා සල්ලි ටික පරිස්සමට ඇතුළු සාක්කුවට දාලා වැහුවා. වායුසමිකරණ යන්ත්‍ර තිබුණත් සුජාතාව දාඩියෙන් තෙත් වෙලා. ගිනිගහන අව්වක් පායලා තියෙනවා වීදුරුවෙන් පේනවා. ඒත් මෙතෙන්ට වෙලා වාඩිවෙලා හිටියොත් දහයාමාරේ බස් එක මගහැරෙයි කියලා බයයි.
හෙමින් පුටු ඇන්ද අල්ලගෙන නැගිටපු සුජාතා බෑග් එක හොඳින් කිහිල්ලට තද කරගත්තා. සාරි පොට අරගෙන බෑග් එක නොපෙනෙන විදියට කර වටේ ඔතාගත්තා.බැංකුවේ පඩි පෙළ බැහැලා පාරේ ගමන්කරන සෙනග අතරට එකතු වුණා.
ත්‍රී වීලරයක්වත් පේන මානයක තිබුණේ නැහැ.
" අඳුනන්නේ නැති ඒවට නගින්නත් බයයි."
අනිත් අතට හිතුණා.
" ටික දුරනේ
හෙමින් හෙමින් යනවා "
මීටර් දෙතුන් සීයක් යනකොට වෙනදා නැති හතියකින් පපුව හිරවෙනවා වගේ සුජාතාට දැනුණා. ඇස් දෙක නිලංකාර වුණා. පාරේ යන එන නොපැහැදිලි රූප අතරේ තමන් ඉන්නේ කොතනද කියන එක සුජාතාට අමතක වුණා. වාරු නැති දෙපා ඉදිරියට ඇදගෙන යන්න හැදුවත් තව දුරටත් ඒවා ප්‍රතිචාර දැක්වූයේ නැහැ. කිහිල්ලට තද වී තිබූ බෑග් එක ගිලිහෙනවාවත් සුජාතාට දැනුණේ නැහැ. කපා හෙලූ ගසක් වගේ සුජාතා පදික වේදිකාව අයිනේ ඇද වැටුණා. හිරු අහසේ බැබළෙමින් තිබුණා.
" අල්ලන්න....අල්ලන්න"
" ඇම්බියුලන්ස් එකකට කතා කරන්න "
කොහෝදෝ ඈත ලෝකයකින් සුජාතාට ඇහුණා.


මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද යන්න සිහිපත් කරයි. එහි බුද්ධිමත් පිරිමි බොහෝ දෙනෙක් සිටියහ. ඔවුන් වඩාත් ප්‍රිය කළේ කතාබස් කිරීමටය. ඒ අතරින් ඔවුන් වැඩි වශයෙන් කතා කළේ මරණ දඬුවම ගැනය. ආගන්තුකයන් ලෙස රැස්ව සිටි ජනමාධ්‍යවේදීහු හා බුද්ධිමත්හු බොහෝ දෙනෙක්, මෙම මරණ දඬුවම අනුමත නොකළහ. මෙය ක්‍රිස්තියානි රාජ්‍යට නුසුදුසු දඬුවම් ක්‍රමයක් ලෙස ඔවුහු සැලකුහ. ඉන් සමහර අයගේ මතය වූයේ, මරණීය දණ්ඩනය සෑම තැනකම ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ලෙස වෙනස් විය යුතු බවය.
"සමාවෙන්න මහත්මයා.. මම ඔබ සමඟ එකඟ නොවෙමි" යැයි ඔවුන්ගේ සත්කාරක බැංකුකරුවෙක් පැවසීය. "මම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබාදීම සදහා උත්සාහ නොකරමි. නමුත් කෙනකුට පරාර්ථකාමීව විනිශ්චය කළ හැකි නම්, මරණ දණ්ඩනය ලබාදීම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබාදීමට වඩා සදාචාරාත්මක හා මානව හිතකාමීයි. වරදට අනුව නීතියෙන් කොයිතරම් වධහිංසා කළයුතු කෙනෙක් වුවත්, ඔබ මිනිත්තු කිහිපයකින් ඔහු හෝ ඇය මරා දමනවාද? නැතහොත් ජීවිත කාලය පුරාවටම ඒ සඳහා වධදෙමින් දඬුවම් කරනවාද..?" ඔහුගේ තර්කය විය.
"ඒ දෙකම එක සමානයි. සදාචාරාත්මක නෑ.." යනුවෙන් රැස්ව සිටි අමුත්තන්ගෙන් එක් තරුණයෙක් කීය."ඒ දෙකේම තියෙන්නෙ එකම අරමුණක් - ඒ කෙසේ හෝ ඔවුන් මරණයට ලක්කරන එක. මතක තබාගන්න, අපට ආපසු ගත නොහැකි දෙයක්, මරණයට කල් දැමීමට අපට අවශ්‍යය වුවත් එසේ කරන්න අපිට කිසිම අයිතියක් නැහැ." ඔහු තම මතය සැකවින් ඉදිරිපත් කළේය.
අමුත්තන් අතර තරුණ නීතීඥයෙකු වූ අතර, ඔහු වයස අවුරුදු විසිපහක් පමණ වූ යෞවනයෙක් විය. ඔහුගේ මතය විමසූ විට ඔහු මෙසේ කීය.
"මරණ දණ්ඩනය හා ජීවිතාන්තය දක්වාම සිරගත කිරීම, එක සමානව සදාචාරාත්මකයි.නමුත් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම අතර මට යම් තෝරා ගැනීමක් සිදු කිරීමට වුවහොත් මම නියත වශයෙන්ම තෝරා ගන්නේ දෙවැන්නයි. කොහෙත්ම මා මරණය තෝරාගන්නෙ නෑ. ඊට වඩා කෙසේ හෝ ජීවත්වීම මා අගයනවා."
සජීවී සාකච්ඡාව ආරම්භ විය. තරුණ උද්වේගකර බැංකුකරුවෙක් හදිසියේම වැරෙන් නැගී සිටියේය. ඔහු මේසයට වැරෙන් පහර දී සැමගේ අවධානය යොමාගනිමින් යෞවනයාට එකවර කෑගැසුවේය.
"එය කොහෙත්ම සත්‍යයක් නොවේ. ඔබට කෙසේවත් වසර පහක්වත්, කිසිවකුත් නොමැතිව තනිවම සිරගතවී සිටිය නොහැකියි. ඔබට එසේ කළහැකි නම්, මම ඒ වෙනුවෙන් මිලියන දෙකක ඔට්ටුවක් වුවද අල්ලන්න සූදානම්"
යෞවනයා මෙසේ කීය. "ඔබ එය පැවසුවේ සත්‍යවශයෙන් නම්, මම ඇත්තටම එයට කැමතියි. ඒත් මම වසර පහක් පමණක් නෙවෙයි, වසර පහළොවක් වුවත් ඉන්න සූදානම් ඒ වෙනුවෙන්."
"මොනවා! වසර පහළොවක් ?" බැංකුකරු මොරගැසීය. "මහත්වරුනි! එසේ නම් මේ වෙනුවෙන් මගෙන් මිලියන දෙකක් සූදානම්."
"එසේ නම් ඔබ එකඟයි... හොඳයි... ඔබේ මිලියන දෙකට, මගේ නිදහස ඔට්ටුයි.." තරුණයා තරයේ පැවසීය.
අනුමැතියක් නොමැතිවූත් අඥානවූත් මෙම ඔට්ටුව දෙදෙනාම අනුමත් කළහ. බැංකුකරු ඔහුගේ දිවියේ මෙතෙක් සිදුකළ ඉපයීම් ගණනය කිරීම්වලින් පසුව, තමගේ මෙම මිලියන ගණනක් වූ ඔට්ටුව ඇල්ලීම ගැන සතුටු විය. ඔහුට මුදල් වලින් කිසිදු අඩුවක් නොවීය. දිනක් රාත්‍රී භෝජන සංග්‍රහයේදී, ඔහු ඔට්ටුව බාරගත් තරුණයා විහිළුවට ලක් කරමින් මෙසේ කීය.
"තරුණයා, තවමත් ඔබට කාලය තිබෙනවා, ඔබ හොඳට සිතා බලන්න. මා සඳහා මෙය මිලියන දෙකක මුදලකි. එහෙත් ඔබට, ඔබේ ජීවිතයේ හොඳම අවුරුදු තුනක් හෝ හතරක් අහිමි වෙනවා. මම මෙසේ වසර තුනක් හෝ හතරක් ලෙස පැනවූයේ, මම දන්නවා ඔබට දිගු කලක් සිරගෙය තුළ රැඳී සිටිය නොහැකි බව. කෙසේ හෝ ඔබ කෙනෙකු සිරගත නොකොට, ඔබම ස්වේච්ඡා රැඳවියකුසේ සිරගතවීම ඔබට කාලයත් සමග අනිවාර්යයෙන්ම දරාගත නොහැකි බව ඔබ කෙසේවත් අමතක නොකරන්න. එලෙසම ඕනෑම මොහොතක ඔබේ අදහස වෙනස් වූ විගස ඔබට සිරමැදිරියෙන් එළියට පැමිණිය හැකිය. නමුත් එය, ඔබේ ඔට්ටුව, ඔබව පැරදවීමට හේතු වීම ගැන, මම ඔබ වෙනුවෙන් කනගාටු වෙමි."
බැංකුකරු මේ සියල්ල මතකයට නඟාගෙන, ඔහු ඔහුගෙන්ම මෙසේ ඇසීය. "මට කියන්න, ඔබ එම ඔට්ටුව තැබීමේ අරමුණ කුමක්ද? එම මිනිසාගේ ජීවිතයේ වසර පහළොවක කාලය අහිමි වීම වෙනුවෙන් ඔබගේ මිලියන දෙකක් වූ මුදල ඔබට ඉවත දැමීමට හැකිද? මරණ දඬුවම ලබාදීම ජීවිතාන්තය දක්වා සිර කිරීමට වඩා හොඳ හෝ නරකද යන්න තහවුරු කිරීමට මෙය ප්‍රමාණවත්ද?
නෑ... කොහෙත්ම නෑ. ඒ සියල්ල විකාර සහගත හා අර්ථ විරහිතයි. මගේ පැත්තෙන් එය, එක් සුරතල් මිනිසකු සදහා වූ ඔට්ටු මිලකිරීමක් පමණක් වන අතර, ඔහුගේ පැත්තෙන් බැලූවිට ඉතා සරලවම පෙනෙන්නේ මුදල් සදහා ඔහු තුළ වූ තණ්හාවයි."
එවිට ඔහුට සවස අනුගමනය කළ දේ මතකයට නැගුණි. බැංකුකරුගේ උයනේ පිහිටි ලැගුම්හල්වල දැඩි අධීක්ෂණය යටතේ තරුණ වියේදී ඔහුගේ වහල් භාවය වසර ගත කළ යුතු බව තීරණය විය. වසර පහළොවක් තිස්සේ ඔහු ලැගුම්හලේ සීමාව ඉක්මවා නොයෑම, මානව වර්ගයා බැලීම, මිනිස් හඬ ඇසීම හෝ ලිපි සහ පුවත්පත් ලබාගැනීම සඳහා යාමට ඔහු නිදහස් විය යුතු නැත. ඔහුට සංගීත භාණ්ඩයක් සහ පොත් පත් ලබා දීමට අවසර ලැබුණු අතර, ලිපි ලිවීමටත්, වයින් බොන්නටත්, දුම් පානය කිරීමටත් ඉඩ දුන්නේය. ගිවිසුමේ කොන්දේසි අනුව, බාහිර ලෝකය සමග ඔහුට ඇති එකම සම්බන්ධතාව වූයේ එම අරමුණ සඳහා අරමුණු කර ගත් කුඩා කවුළුවක් මගිනි. තමාට අවශ්‍යය ඕනෑම දෙයක් තිබුණේ නම් ඒ පොත්, සංගීතය, මිදි යුෂ හා වෙනත් දේ - යම් ඇණවුමක් ලිවීමෙන් ඔහු කැමති ඕනෑම ප්‍රමාණයකින් වුවද ඒවා ජනේලය හරහා පමණක් ලැබිය හැකිය. ඔට්ටුවේ එකඟතාවට අනුව මෙලෙස ඔහුගේ සිරගත කිරීම දැඩි ලෙස හුදෙකලාම එකක් විය.
එම තරුණයා 1870 නොවැම්බර් 14 වැනි දින දහවල් 12.00 සිට 1885 නොවැම්බර් මස 14 වැනි දින දහවල් 12.00 දක්වා අවුරුදු 15 ක් නොකඩවාම එහි රැඳී සිටීමට ගිවිසුම අනුව බැඳී සිටියේය. කෙසේ හෝ ඔට්ටුව අවසාන වීමට මිනිත්තු දෙකකට පෙර පවා සිරකරුවා කොන්දේසි බිඳ දැමීමට උත්සාහයක් වූයේ නම්, ඔහුට මිලියන දෙකක මුදලක් ගෙවීමට බැඳී සිටීමෙන් බැංකුකරු නිදහස් වෙයි.
* * * * * *
ඔහු සිරගතකොට පළමු වසරේදී, ඔහුගේ කෙටි සටහන්වලින් විනිශ්චය කළ හැකි යම් දෙයක් විය. සිරකරුවා තනිකමෙන් හා අධික මානසික අවපීඩනයෙන් පීඩා වින්දේය. පියානෝවේ ශබ්දය දිවා රෑ නොබලා ඔහුගේ නවාතැනෙන් ඇසෙණු ඇත. වයින් හා දුම්කොළ, ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු ලියා ඇති පරිදි වයින් ඔහුගේ ආශාවන් උද්යෝගිමත් කරයි. නමුත් එම ආශාවන් සිරකරුවකුගේ නරකම සතුරන්ය. දුම්කොළ ඔහුගේ කාමරයේ ආශ්වාස වාතය බිඳ දමයි. පළමු වසර තුළ ඔහු යැවූ පොත් මූලික වශයෙන්ම පදනම් වූයේ, සැහැල්ලු චරිතයක්, සංකීර්ණ වූ ආදරණීය නවකතාවක් හා තවත් ප්‍රබන්ධ කතා මතය.
දෙවැනි අවුරුද්දේදී පියානෝව නවාතැනේ එක තැනක නිශ්ශබ්දව සිටි අතර සිරකරුවා ඉල්ලා සිටියේ සම්භාව්‍ය කෘති පමණි. පස්වන අවුරුද්දේ දී සංගීතය නැවතත් ඇසුණු අතර සිරකරුවා වයින් ඉල්ලා සිටියේය. ජනේලයෙන් ඔහු බලා සිටි අය කීවේ, එම අවුරුද්ද මුළුල්ලේම සිරකරු ආහාර ගැනීම, වයින් පානය කිරීම හා ඔහුගේ ඇඳ මත හිඳිම පමණක් සිදුකළ බවයි. අන් අවස්ථාවලදී ඔහු කෝපයෙන් තමාටම කතා කළ අවස්ථාද තිබුණි. ඔහු පොත් කියවීම නොකළේය. සමහර රාත්‍රීන්ගේ ඔහු ලිවීමට වාඩි වී සිටියේය. ඔහු පැය ගණනක් ලියමින් සිටියේ ය. පසු දිනයේ, තමාම පෙරදින රාත්‍රීයේ ලියූ දෑ, පසුව තමා විසින්ම කෑලි වලට ඉරා දමන ලදී. වරකට වඩා වැඩි වාර ගනණක් ඔහුගේ හැඬීමට ඔහුම කන් දුන් අවස්ථා ද තිබුණි.
හයවැනි අවුරුද්දේ දෙවැනි භාගයේ සිරකරුවා දැඩි උනන්දුවෙන් විවිධ භාෂා ඉගෙන්නිමට යොමුවිය. දර්ශනය හා ඉතිහාසය අධ්‍යයනය කිරීම ආරම්භ කළේය. ඔහු මෙම අධ්‍යයනය සඳහා දැඩි උනන්දුවෙන් කටයුතු කළේ ය. එසේ කිරීම නිසා ඔහුට අවශ්‍ය වූ පොත් ආදිය ලබා ගැනීම සඳහා බැංකුකරුට ප්‍රමාණවත් තරම් වෙහෙස වී ඉපයීම් කටයුතු කිරීමට සිදුවිය. වසර හතරක් ඇතුළතදී ඔහුගේ ඉල්ලීම මත පොත් වෙළුම් හැටක් පමණ ලබාගෙන තිබේ. මෙම කාල පරිච්ඡේදය තුළ බැංකුකරුට තම සිරකරුවාගෙන් පහත ලිපිය ලැබුනේ ජේලර් හරහාය.
"මගේ ආදරණීය ජේලර්, මම ඔබට භාෂා 6 කින් මේ ලිපි ලියා දෙමි, මෙම භාෂාවන් දැන සිටි අය වෙතොත් ඔවුන්ට මේවා පෙන්වන්න. ඔවුන්ට මේවා හොඳින් කියවන්න දෙන්න. ඔවුන්ට මාගේ එක් අත්වැරැද්දක්වත් මෙයින් ලැබුණහොත් දන්වන්න. සෑම යුගයකම, සෑම රටකම සිටින සියලු ජන කොටස්, විවිධ භාෂාවලින් කතා කරයි. එම ගිනි දැල්වලින් ඉදිරියේදී සියල්ලම දැවෙනු ඇත. මට දැනගන්න ලැබුණු පරිදි, දැන් මගේ ආත්මයට දැනෙන්නේ කෙතරම් සතුටක්ද?. හිරකරුවකුගේ ආශාවක් ඉටු විය. මෙහි වැරැද්දක් වී ඇත්නම්, උද්‍යානය තුළදීම වෙඩි තැබීම් දෙකක් තබන ලෙස බැංකුකරු නියෝග කළේය.
දසවැනි අවුරුද්දේ පසුව සිරකරුවා මේසය මත නිශ්චලව වාඩි වී සිට සුබාරංචි හැර අන් කිසිවක් කියෙව්වේ නැත. සිවු වසරකින් වෙළුම් හයසියයක් පමණ ඉගෙන ගත් මිනිසකු සිටිනවායැයි එක් විටකදීම පහසුවෙන් අවබෝධ කර ගත හැකි වීම බැංකුකරුවකුට අමුතු දෙයක් විය. ආගම පිළිබඳව, දේවවේදය හා ඉතිහාසය ද ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ද ඔහු අනුගමනය කළේය.
ඔහු සිරභාරයේ ගත වූ දෙවසරක කාලය තුළ සිරකරු ඉමහත් ලෙස පොත් කියවීය. එක් අවස්ථාවක ඔහු ස්වභාවික විද්‍යාවන් සමඟ කාර්යබහුල වී සිටි අතර පසුව ඔහු බයිරන් හෝ ශේක්ස්පියර්ගේ නිර්මාණ ඉල්ලා සිටියේය. රසායනික විද්‍යාව පිළිබඳ පොත්පත් සහ වෛද්‍ය ව්ද්‍යාව පිළිබඳ අත්පොත මෙන්ම නවකතා සහ දර්ශනවාදය හෝ දේවධර්මය පිළිබඳ යම් යම් ලිපි ද ඉල්ලා සිටියේය. ඔහුගේ මෙම කියවීමෙන් අදහස් කළේ, විටෙක මුහුදේ ගැඹුරට පිහිනමින් තම නැව සුන්බුන් වූ කෙනෙකු ඔහුගේ ජීවිතයේ පළමු වතාවට මෙලෙස එක් වරක් හෝ ජීවිත බෙිරාගැනීමට උත්සාහ කිරීමක් වැනි ලෙසයි.
* * * * * *
විශ්‍රාමික බැංකුකරු, මේ සියල්ල මතකයට නැංවීය.
"හෙට දහවල් දොළොහ වන විට ඔහු සිය නිදහස යළි ඇති කරගනු ඇත, අපගේ ගිවිසුම මගින්, මම ඔහුට මිලියන දෙකක මුදලක් ගෙවිය යුතුය. මම ඔහුට ගෙවිය යුතු මුදලත් සමග මම මුළුමනින්ම විනාශවනු ඇත."
මීට වසර 15 කට පෙර බැංකුකරුගේ වත්කම, ඔහුගේ මුළු ගණනය කිරීම්වලින් මිලියන ගණනක් ඉක්මවා තිබුණි. කාලයත් සමග ඔහු දැන් විශාල ණයකරුවෙකි. ඔහුගේ ණය ප්‍රමාණය හෝ ඔහුගේ වත්කම් ප්‍රමාණය ගැන තමාගෙන්ම විමසීමට තරම් ඔහු බිය විය. කොටස් වෙළෙඳපොළ කඩාවැටීම, සූදුවට යොමුවීම හා අකටයුතු සූක්ෂමතා නිසා වසර ගණනාවක් පුරා, ධනය නිසිලෙස නොලැබීම හේතුවෙන් ද, ඒ හේතුවෙන් නැවත නැවත සූදුවේ නියැළීම, ඔහුගේ වාසනාව පිරිහීමට තුඩු දුන් අතර උඩඟු, නිර්භීත, ආත්ම විශ්වාසයකින් යුත් කෝටිපති ව්‍යාපාරිකයාගේ සෑම නැගිටීමක් සඳහාම වූ උත්සාහයකම, ඔහුගේ ආයෝජනවල වැටීම්වලින් ඔහු බියට පත් විය.
"සාපලත් ඔට්ටුව...!" විශ්‍රාමික බැංකුකරුවකු වූ මහලු මිනිසා තම බලාපොරොත්තු සුන් කරවමින් හිසකෙස් කැසුවේය. "මේ මිනිසා මැරුණේ නැත්තේ ඇයි? දැන් ඔහු වයස හතළිහකි. ඔහු මගේ වත්කමින් අවසාන සතය වනතෙක් ගැනීමට නියමිතය. ඔහු ඉන්පසුව විවාහ වී, ජීවිතය භුක්ති විඳිනු ඇත, විනෝදය සඳහා සූදුවේ නියැළෙන අතර, හිඟන්නෙකු මෙන්, මට ඔහු දෙස ඊර්ෂ්‍යාවෙන් බැලිය යුතු වෙයි. සෑම දිනකම එම වාක්‍ය ඔහුගෙන් අසනු ඇත.
"මගේ ජීවිතයේ සතුට වෙනුවෙන් මම ඔබට ණය ගැතියි, මම දැන් ඔබට උදව් කරන්නම්. ඔබ හෝ කවුරුන් හෝ බංකොලොත් වීමෙන් වැළකී සිටීය යුතුය. නැතහොත් බංකොලොත්භාවය යනු මිනිසෙකුගේ මරණයට සමාන වූ නින්දාවකි."
* * * * * *
සවස තුන විය. බැංකුකරු හොඳින් වටපිටාවට ඇහුම්කන් දුන්නේ ය. හැමෝම නිවස තුළ නිදා සිටි අතර, එළිමහනේ ගොරෝසු ගස්වලින් පවා රහසින් හෝ කිසිවක් ඇසෙන්නේ නැත. කිසිදු ඝෝෂාවක් නොකිරීමට, ඔහු ද උත්සාහ කළ අතර, අවුරුදු පහළොවක් විවෘත කර නොතිබූ දොරේ යතුර ආරක්ෂකයකුගෙන් ඔහු ගෙන ගියේ ය.
උද්‍යානය අඳුරු හා සීතල විය. වැස්ස වැටුණි. තෙත් සුළඟක් හමන ලදී. උද්‍යානය ගැන පරෙස්සම් නෙතින් ගවේෂණය කළේය. බැංකුකාරු ඔහුගේ ඇස් කුඩා කර අඳුරු කර බැලුවේය. නමුත් සුදු පිළිම, නවාතැන් හෝ ගස් ද දැකිය නොහැකි විය. නවාතැනට ගොස්, ඔහු දෙවරක් මුරකරු කැඳවා තිබේ. පිළිතුරක් නැත. මුරකරුවා කාලගුණය වෙතින් රැකවරණය ලබා ගෙන ඇති අතර, මුළුතැන්ගෙයි හෝ හරිතාගාරයේ කොහේ හරි නිදාගෙන සිටියේය.
"මගේ අභිප්‍රාය ඉටු කිරීමට මට උගුලක් තිබුණේ නම්.." වයස්ගත මිනිසාට සිතුණි. "එසේ නම් සැකය මුලින්ම මුරකරුවාට වැටෙනු ඇත. එවිට මා කිසිසේත්ම මෙයට අදාළ නොවනු ඇත."
ඔහුට පඩිපෙළ හා දොරටුවේ අන්ධකාරය හොඳින් දැනේ. ඉන්පසුව ඔහු කුඩා ඉඩකින් ගමන් කරමින්, ගිනි කූරක් දල්වා අවට ආලෝකමත් කළේය. එහි කිසිදු ආත්මයක් තිබුණේ ද නැත. එහි ඇඳ ඇතිරිල්ලල් නොමැතිව ඇඳක් තිබිණි. අන්තිම කෙළවරේ අඳුරු යකඩ උදුනක් තිබිණි. සිරකරුවාගේ කාමරයට ඇතුළු වන දොරවල්වල මුද්‍රා තවමත් නොකැඩී තිබිණි.
ඔහුගේ ගිනිකූර නිවීගිය පසු, මහලු මිනිසා, හැඟීම්වලින් වෙව්ලමින්, කුඩා කවුළුව හරහා බැලූවේය. සිරකරුවාගේ කාමරය තුළ ඉටිපන්දමක් දැල්වී තිබිණි. ඔහු මේසයේ හිඳගෙන සිටියේය. ඔහුගේ කොණ්ඩයෙන් පිරිණු පිටුපස හැරෙන්නට වෙන කිසිවක් දැකීය නොහැකි විය. විවෘතවූ පොත් දෙකක් මේසය මත තිබූ අතර, කුඩා පුටු දෙකක් සහ මේසය අසල බිම ඇතිරුම එළා තිබුණි .
මිනිත්තු පහක් ගත වූ අතර සිරකරුවා වරක්වත් කලබල වූයේ නැත. වසර පහළොවක සිරදඬුවමකදී, ඔහුට තවමත් නිසි ලෙස අඳුරින් පෙනී සිටීමට උගන්වා තිබේ. බැංකුකරු සිය ඇඟිල්ලෙන් දොර සොලවා ඇතුළත බැලූ අතර සිරකරුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. එවිට බැංකුකරු පරෙස්සමෙන් දොර විවරය වැසුවේය.
මුද්‍රා තැබූ ප්‍රධාන දොරටුවේ යතුර කවුළුවට දැමුවේය. එයින් යම් ලෝහමය හඬක් ඇති වූ අතර දොර විවරවී ඇදී ගියේය. බැංකුකරු පුදුමයට පත් වූ අතර, විනාඩි තුනක් ඔහු නිසොල්මන්ව සිටින්නට විය. එය කාමරය මෙතෙක් තිබූ ලෙසම නිස්කලංක විය. පසුව ඔහු ඇතුළට යන්නට සිතුවේය. මේසය මත සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව මිනිසෙකු නොසෙල්වී සිටියි. ඔහුගේ ඇටකටු හොඳින්ම මතුවූ සහිත ඇටසැකිල්ලක්ම විය. කාන්තාවකගේ වරලස මෙන් දිගු රැලි සහිත රැවුලක් වැනි දිගු කැටයමක් ඔහු තුළ විය. ඔහුගේ මුහුණේ දීප්තිමත් කහ පැහැයක් ගත් අතර ඔහුගේ කම්මුල් කුහර, ඔහුගේ පිටුපසට දිගු හා පටු විය. ඔහුගේ හිස වසා තිබිණි. එය කෙතරම් භයානකද යත් එය දෙස බැලීම අති භයානක විය. ඔහුගේ හිසකෙස් දැනටමත් රිදී පැහැ වී තිබුණු අතර, ඔහුගේ ඉමිහිරි පෙනුමැති මුහුණ දකින විට ඔහු සතළිස්වියැති බව කිසිවෙකු විශ්වාස නොකළේය. ඔහු නිදා සිටියේය. ඔහුගේ හිසකෙස් ඉදිරිපිට, මේසය මත යමක් ලියා තිබූ කඩදාසි කැබැල්ලක් විය.
"දුර්වල අහිංසකයා..."යැයි බැංකුකරු සිතුවේය. "ඔහු නිදාගෙන සිටින අතර බොහෝ විට සිහින දකිමින් සිටිනවා විය යුතුය. මේ අර්ධ ලෙස මිය ගිය මිනිසා ගෙන ඇඳ උඩට විසි කළ යුතුය. කොට්ටය සමඟ ඔහු ටිකක් යටපත් කර දැමූ විට අතිශයින්ම සංවේදී විශේෂඥයකුට පවා මෙය සාහසික මරණයක් යැයි සොයා ගත නොහැකි වනු ඇත. නමුත් මුලින්ම ඔහු මෙහි ලියා ඇති දේ අපි කියමු..."
බැංකුකරු මේසය වෙතින් පිටුපා හිඳ පහත පරිදි එය කියවීය.
"උදේ දොළහ වෙද්දී නැවත මගේ නිදහස සහ මගේ අයිතිය මෙන්ම අනිත් මිනිස්සු සමඟ ඇසුරු කරන්නට අවස්ථාව ද මට ලැබෙයි. නමුත් මම මේ කාමරයෙන් පිටත් වී හිරු එළිය දැකීමට පෙර, මම ඔබට වචන කිහිපයක් පැවසිය යුතු යැයි මා සිතනවා. නිදොස් හා ජීවිතය අවතක්සේරු කිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි මා පැහැදිලි හෘදසාක්ෂියකින් ඔබටමෙසේ කියමි. ලෝකයේ ඇති හොඳම දේ ලෙස නින්දාසහගත වූ නිදහස, ජීවත්වීම සහ මනා සෞඛ්‍යය ආදිය පෙන්වාදුනි."
"අවුරුදු පහළොවක් පුරා මම පෘථිවියේ ජීවිතය ගැන ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළෙමි. ඇත්ත වශයෙන්ම මා පොළොවටවත් මිනිසුන්ටවත් එක්ව නොසිටි නමුත් ඔබේ පොත්වලදී මම මිහිරි වයින් පානය කළෙමි, ගීත ගායනා කළෙමි. වනාන්තරවල වල් ඌරා සහ මාළු අල්ලාගෙන කෑවෙමි. කාන්තාවන්ට ආදරය කළෙමි. වලාකුළු සේ ඔබේ රසිකයකු මෙන් සුන්දර කතාන්දර ගැන කම්පා වී ඇත. ඔබේ පොත්වල සිට, මම මනරම් වූ කඳු මුදුනකට නැග්ගා. එතැන් සිට මම සූර්යයා නැගෙන අයුරු බලා සිටියෙමි. අහස, සාගරය හා කඳු මුදුන් ද රත්රන් ද ඒ අතර විය. මම මගේ හිස ඉහත්තාවේ අකුණු කුණාටුවක් ගසාගෙන සිටිමි. මම හරිත වනාන්තර, කෙත්වතු, ගංගා, ජලාශ, නගර ආදිය දැක තිබේ. සොදුරු ගායනා සහ එඬේරුන්ගේ ඝෝෂාව ද මට ඇසුණි. මම දෙවියන් වහන්සේ සමග සංවාදයේ යෙදෙන්නට සලස්වා ඇති ආගන්තුක යාළුවන්ගේ පියාපත් පවා ස්පර්ශ කර ඇත. ඔබේ පොත්වල මා පතුලටම ඇද හැරුණු අතර, ප්‍රාතිහාර්යයන් තුළින් මරා දැමූ හා පිලිස්සුම් සිදු කළ නගර, නව ආගම් දේශනා ආදිය මා හා විටෙක සමීප විය.
"මම ඔබගේ පොත් හෙළා දැක්කේය. මේ ලෝකය යනු දැනුම හා ආශීර්වාදයයි. එය විටෙක මායාකාරිය. එනම් රැවටිල්ලකි. ඔබ ආඩම්බර, නුවණැත්තෙකු සහ කදිම අයකු විය හැකිය. ඔබේ ඉතිහාසය ඔබේ අමරණීය ජනයා සමග එක්ව හෝ ගින්නෙන් මිදෙන්නට ඉඩ තිබේ."
"ඔබ ජීවත් වන සියල්ල මම පිළිකුල් කරන ආකාරය මෙයයි. මම මිලියන දෙකක පාරාදීසයේ සිහින දුටු අතර දැන් මා විසින්ම ඒවා හෙළා දකිනවා. මුදල් සඳහා මාගේ අයිතිය අහිමි කිරීම සඳහා මම මෙතැනින් පිටත් වීමට පැය පහක් තිබියදීම මා විසින්ම කලින්ම නික්ම යන්නෙමි. ඒ නිසා ඔට්ටුව සඳහා වූ සංයුක්තය මෙයින් බිඳ දමන්න..."
බැංකුකරු මෙය කියවා මේසය මත තැබුවේය. මේ අමුතු මිනිසාගේ හිස සිඹගෙන, ඉමහත් වැලපීමකින් එළියට ආවේය. වරෙක ඔහු කොටස් වෙළෙඳපොළේ දැඩි ලෙස අහිමි වූ විට පවා, තමාට තවත් වඩාත් අපහාසයක් විය හැකි නිසා, ඔහු ගෙදරට පැමිණ තම ඇඳ මත වැතිර සිටියේය. කඳුළු සහ හැඟීම් පැය ගණනාවකටම ඔහුගෙන් නින්ද ඈත් කර තැබුවේය. සියල්ල අවිනිශ්චිතය. තාවකාලිකය.
ඊළඟ උදෑසන මුරකරුවෝ සුදුමැලි වූ මුහුණු සමඟ දිව ගොස් සිරකරුවා ජනේලයෙන් පිටතට පැන ලැගුම්හලෙහි දොරටුව වෙත ගොස් කැලයට පැන අතුරුදන් වූ බව තමන් දුටුවා යැයි කීහ. බැංකුකරු එක්වරම, එම ඔත්තුකරුවන් අතරින් කුටියට ගොස් සිරකරුවාගේ පැනයාමට අනවශ්‍යය කතාවක් ගොඩනැගීම වැළක්වා ගැනීම සඳහා පෙරදිනක සිරකරුගේ මේසය මත තැබූ මිලියන ගණනක් අතහැර දැමූ එම ලියැවිල්ල අතට ගත්තේය. ඔහු නිවෙසට පැමිණ එය තමාගේ ආරක්ෂිත සේප්පුවෙි දමා සදහටම වසා දැම්මේය.
ඇන්ටන් චෙකොෆ්ගේ
The bet කෙටිකතාවෙි සිංහල පරිවර්තනයකි.
https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%94%E0%B6%A7%E0%B6%A7%E0%B7%80-The-Bet/299-657612

" අර බේත වැඩකරලා නැහැ වගේ "
වසන්ති කිව්වේ ඇවිළෙන ළිප දිහා බලාගෙන.
" කොහොමද දන්නේ ?"
අජිත් ඇහුවේ බත් පිඟාන දිහා බලාගෙන.
" දැන් දඟලනවා වගෙත් දැනෙනවා "
" බෙහෙත ගන්නකොට පරක්කු වැඩි ඇති "
අජිත්ගේ කටහඬ ඇහෙන නෑහෙන ගානයි.
" එක අතකට අපි කරන්න හැදුවේ මොන අපරාධයක්ද ?
මේත් අපේම දරුවෙක්නෙ."
වසන්තී බත් පිඟාන අතගගා ඉන්න අජිත් දිහාවට හැරුණා.
" ඒක ඇත්ත
ඒත් අපි වෙන මොනවද කරන්නේ.
මේ වයසට තවත් දරුවෝ හදන්න පුළුවන්ද?
ඔයාට දැන් හතළිස් තුනක්. මට පනහක්.
ලොක්කි ලබන අවුරුද්දේ බඳිනවා. මද්දු උසස් පෙළ ලියනවා.
චූටිට නම් ගානක් වෙන එකක් නැහැ."
" අනික ලොක්කි බඳින්න ඉන්න ගෙදර කට්ටියට මූණ දෙන්නේ කොහොමද?
ගමේ එකාලා මොනවා නොකියයිද ?
අජිත් කිව්වේ සාලෙට ඇතුළුවෙන දොර දිහාවට එබිලා දරුවෝ කවුරු හරි එනවද කියලා බලන ගමන්.
" මම ඕක කලින්ම කිව්වා.
මම මොන තරම් පරෙස්සම් වුණාද?
ඔයාගෙන් තමයි බේරෙන්න බැරි වුණේ."
වසන්ති සැරවුණා.
" මටම දොස් කියන්නේ මොකද . මාත් ඉතින් හුස්ම වැටෙන මිනිහෙක්නේ. පෙති බොමුයි කියලා කිව්වහමත් මහත් වෙනවයි කියලා බෑ කිව්වෙත් ඔයාමනේ.
මිඩ් වයිෆ් නෝනත් කී පාරක් නම් ගෙදරටම ඇවිත් කිව්වද ක්ලිනික් එක පැත්තේ එන්න කියලා.
වැඩ, වැඩ කිය කියා ඔයාමනේ මග ඇරියේ."
අජිත් නිදහසට කරුණු කිව්වා.
" එක අතකට චූටි හම්බවුණු වෙලාවෙම මිසීලා කියපු විදියට ඔපරේෂන් එක කරගෙන ආවනම් ඉවරයි.
ඔයානේ කොල්ලෙකුත් ඕනෑමයි කියලා හිටියේ"
" මේ පාර කොල්ලෙක්ද දන්නේ නෑ "
අජිත්ගේ ඇස් දිලිසුණා.
" විකාර!
මම මේ දෙලොව රත්වෙලා ඉන්නවා
ඔයා එනවා සුරුට්ටු පත්තුකරන්න."
ළිපට පිඹින්න පාත්වෙන ගමන් වසන්තී අජිත්ට පිම්බා.
" නැවි නැවී ළිපට පිඹින්නේ ගෑස් එකෙන් උයන්නකෝ "
" හොඳට ඉඳී
වත්තේ මේ තරම් දර පොල් කොළ තියෙද්දී
ගෑස් එක පිරිමහගන්නවා හදිස්සියකට"
" ඒක නෙවෙයි,
උදේට ඔක්කාරෙ එනවා .නවත්තගන්න බැහැ
දැන් කොයි වෙලාවක හරි ලොක්කිට මේක දැනෙනවා.
ඊයේ මගෙන් ඇහුවා , අම්මා ලෙඩින්ද
මූණත් සුසුමැලි වෙලා කියලා."
පහුවදා පාන්දර හතරට එලාම් එක වදිනවා වසන්තිට ඇහුණේ නැහැ. ඇඟේ කෙඩෙත්තුවට හොඳටම නින්ද ගියා. ඇහැරෙනකොට පහමාරයි. වැඩට ගෙනියන්න බත් බැඳගන්න බැරි වුණා. ඉස්කෝලෙ යන දෙන්නට නම් පරිප්පු උයලා සම්බෝලයක් කොටලා බත් බැඳලා දුන්නා. බත් බඳිද්දී ආපු ඔක්කාරය නවත්තගන්නම බැරි වුණා. ගේ පිටිපස්සේ පොල් ගහ බදාගෙන වමනෙ කරනකොට මද්දු තමයි පිට අතගෑවේ,
" අම්මා ඊයේ රෑට මොකුත් කෑවෙි නැහැනේ?
බඩ හිස් වෙලා ඇති" කියමින්
අජිත්, වත්තම් කරගෙන ඇඳට එක්කරගෙන ආවා.
හැමෝම පිටවෙලා ගියාට පස්සේ උදේ වරුවෙම වසන්ති කළේ නිදාගන්න එක. දොළහට විතර ඇහැරුණේ අල්ලපු වත්තේ ඉන්න අජිත්ගේ අම්මා ඇවිත් කතාකරන සද්දෙට.
" මොකෝ මේ ගිනි දවල් දොරවලුත් වහගෙන නිදි.
මිදුල වත් අතුගාගෙන නැහැ.
ගෙවල් මිදුල් පාළුවට ගිහින් "
නැන්දම්මා ආවෙම ආඩාපාලි කියාගෙන.
ඒත් ගෙනත් තියන කොස් පිඟාන දැක්කම වසන්තිට කන්නම හිතුණා. නැන්දම්මා ඉන්දැද්දිම උණු උණු කොස්වලට පොල් සම්බෝලත් දාගෙන කෑවා.
නැන්දම්මා බලාගෙන හිටියේ අමුතු විදියට.
" මොකද මැලවිලා ගිහිං.
අසනීපයක් වත්ද?"
" ඔව් අම්මේ
බඩේ අමාරුවක්.
ඊයේ දවසටම මොකුත්ම කන්න බැරි වුණා. ඔළුව උස්සගෙන ඉන්න පණ නෑ කැරකිල්ල වගේ ."
" ඉතිං බං බෙහෙත් ටිකක් ගන්න එපායැ "
එහෙම කියපු නැන්දම්මා ඉදල හොයාගෙන මිදුලත් අතුගාලා දැම්මා.
දරුවෝ එන්නේ හවස පන්ති වලටත් ඉඳලා. ඒ එනකොට උයලා තියන්න මාළු ඩිංගක් අරගෙන එන්න වසන්ති හන්දිය පැත්තට ගියා. මුලින් ඇන්ද ගවුමට බඩ පේනවයි කියලා හිතුණු නිසා ලොකුයි කියලා පැත්තකට දාලා තිබුණු ගවුමක් ඇඳගත්තා. මාළු අරගෙන එනකොටයි සුරංගනී හම්බවුණේ.
සුරංගනී, වසන්ති දිහා බැලුවේ අමුතුවට.
" මොකෝ නංගියේ ඇදිලා පැදිලා ගිහිං.
බබාලා හම්බවෙන කාලෙට අඳින තාලේ ගවුමකුත් ඇඳගෙන.
වාසියක් ද ?"
" මේ වයසට මොන වාසිද අක්කේ."
කියාගෙනම වසන්ති අඩිය ඉක්මන් කළා.
හතරදෙනාම හවස ගෙදර ආවේ එකටම වගේ. අජිත්, මාළු පාන් ගෙනත් තිබුණා. කුස්සියට ඇවිත් අඹ අච්චාරු උරයක් හොරෙන්ම වසන්තිගේ අතේ තිබ්බා. රෑට උයන ගමන්ම මැටි කෝප්පයකින් වහගෙන වසන්තී ඒකෙන් ඩිංග ඩිංග කෑවා.
දෙන්නට නිදහසේ කතාකරන්න පුළුවන් වුණේ ළමයි කාමරවලට ගියායින් පස්සේ. කාමර තුනක් තියෙන ගෙදර ලොක්කි තනියම කාමරයක් අයිතිකරගෙන. රෑට පාඩම් කරන දෙන්නා එකක. පස්දෙනාම එකම කාමරයක නිදාගත්තු කාලය මොන තරම් ලස්සනද කියලා සමහරදාට අජිතුයි, වසන්තී කතාකරනවා.
" දවල් වුණු සිද්ධි වසන්තී අජිත් එක්ක කිව්වේ රහසින්. පොඩි කෙල්ලෝ දෙන්නා අල්ලපු කාමරේ පාඩම් කරනවා.
" අම්මට සැක හිතුණද?" අජිත් ඇහුවා
" අනේ මන්දා
සුරංගනීට නම් සැක හිතුණා."
" ඕන එකෙක් ඕනෑ දෙයක් හිතපුවාවේ .
අපි අපේ දරුවා හදාගමු .
වැලේ ගෙඩි වැලට බර නෑ කියනවනේ."
" ඔයා ඔහොම කිව්වට මොන තරම් ප්‍රශ්න එනවද අජිත්.
රටේ ලෝකෙ මිනිස්සු නම් මොනවා කිව්වම මොකද.
අපේ කෙල්ලන්ට මොනවා හිතෙයිද?
උන් ලැජ්ජාවට අපි එක්ක වෛර බැඳගනී.
ලොක්කි බඳින්න ඉන්න කොල්ලගෙ අම්මණ්ඩිත් එක්තරා විදියක ගෑනියෙක්නේ.
ඔය මංගල්ලෙට මුලදි කැමති වුණෙත් නැහැනේ.
මේ පිටින් දාලා මගුලත් නවත්තන්න හදයි ද දන්නේ නැහැ."
" හ්ම්
ඒකත් ඇත්ත"
අජිත් එකඟ වුණා.
" අනිත් එක මේ කෙල්ලො තුන්දෙනාගේ වියදම් බලාගන්නෙත් මොන තරම් අමාරුවෙන්ද?
ඕ ටී කරලම ඔයත් වයසට වඩා වයසට ගිහිල්ලා. ආයෙමත් මුල ඉඳන් දරුවෙක් හදන්න මටත් පණ නැහැ.
ලොක්කිගේ මඟුලටත් සල්ලි හොයාගන්න තියනවා.
මේ වෙලාවේ තවත් දරුවෝ හදන්න අපට වත්කමක් නැහැ"
වසන්තී කිව්වේ බිඳුණු හඬින්.
කතා කරකර ඉඳලා නින්දට යනකොට දොළහටත් කිට්ටුයි. ඒත් විසඳුමක් හිතාගන්න දෙන්නටම බැරි වුණා.
පහුවදා උදේ වසන්තී දරුවන්ට වැඩිපුර මූණ දෙන්න ආවේ නැහැ. දෙහි ගෙඩියක් නහයට ළංකරගෙන ඉව්වා. කට්ටිය පිටවෙලා යනකම් ඉඳලා පොල් ගහ බදාගෙන වමනෙ දැම්මා. අල්ලපු වැටේ ඉන්න නැන්දම්මට ඇහෙයි කියලා හිතුනත් තමන්ව පාලනය කරගන්න වසන්තිට බැරි වුණා.
බැරි අමාරුවෙන් ගෙවල් මිදුල් අතුගාලා කාමරයට ආපු වසන්ති අල්මාරිය අවුස්සමින් හෙව්වේ ගවුම් පොඩියක්. ඒක ඇඳ උඩ තියාගෙන අතින් රැලි අරිනකොටම කුස තුළින් සියුම් දැඟලිල්ලක් දැනුණා .වසන්තිගේ ඇස් වලට කඳුළු ඉනුවා.
" අපි අසරණයි පුතේ "
වසන්තී කුස පිරිමදිමින් මිමිණුවා.
කෙටි නිවාඩුවක් දමලා එදා හවස අජිත් වේලපහ ගෙදර ආවා. අජිත්ගේ මූණේ තිබුණේ බැරෑරුම් බවක්.
" මේ ප්‍රශ්නයට විසඳුමක් නම් යාළුවෙක් කිව්වා"
අජිත් කිව්වේ වසන්ති හදාගෙන ආපු තේක අතට ගන්න ගමන්.
" හොඳ දොස්තර කෙනෙක් ඉන්නවලු.
ටක්කෙටම වැඩේ කරනවලු.
අම්මට අවුලකුත් නැතිලු.
මම තැන අහගත්තා. ඔයා කැමතිනම් ගිහිං බලමු."
" වෙන මොනවා කරන්නද ?
එහෙනං ගිහිං බලමු"
වසන්ති සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තා.
" කෝකටත් කියලා හෙට නිවාඩුවක් දමලයි ආවේ.
තව පරක්කු කරන්න බැහැනෙ. හෙටම යමු"
නිදාගන්නට ඇඳට ගියත් වසන්තිට නින්ද ගියේ නැහැ. නින්ද යාගෙන එනකොටම ගැස්සිලා ඇහැරෙනවා. නින්දත් නොනින්දත් අතර දරුවෙක්ගේ මූණ පේනවා. පාන්දර පොඩ්ඩක් නින්ද ගියත් එලාම් එකට ඇහැරුනේ දාඩිය දාගෙන. නින්ද ගිහින් වගේ හිටියත් අජිත්ටත් හරියට නින්ද නොගිය බව වසන්තිට දැනුණා.
" තාත්තා අද වැඩට යන්නේ නැද්ද? "
ලොක්කි ඇහුවේ වැඩට යන්න එළියට බහින ගමන්. වෙනදා දෙන්නා එකටමයි ගෙදරින් පිටවෙන්නේ.
" නෑ
අද අම්මව දොස්තර කෙනෙක් ළඟට එක්ක යන්න කියලා.
පහුගිය ටිකේම හිටියේ අසනීපෙන්නේ."
" ඒක තමයි මාත් කිව්වේ "
කියාගෙනම ලොක්කි පිටවෙලා ගියා.
දෙන්නා ගෙදරින් පිටවෙනකොට අට පහුවෙලා. බස් එකට නගින්න හන්දියට යනකොටයි ප්‍රියන්ත හම්බවුණේ.
" කොහෙද මේ අලුත් ජෝඩුව යන්නේ.
ක්ලිනික් යනවද?"
ප්‍රියන්ත ඇහුවේ හිනා වෙවී.
බස් එකේ ඒතරම් සෙනඟ හිටියේ නැහැ. දෙන්නටම එකම සීට් එකේ වාඩිවෙන්නත් ලැබුණා. ඒත් මගදි සෙනඟ පිරුණා. කුඩා දරුවකු අතින් අල්ලගෙන ගැබිනි මවක් වසන්තිලා ඉඳගෙන ඉන්න තැනටම තල්ලු වෙලා ආවා. වසන්තිගේ මූණ බලපු අජිත් නැගිටලා ඒ අම්මට ඉඳගන්න දුන්නා.දරුවත් උකුලේ තියාගෙන ඒ අම්මා ඉඳගත්තේ හරිම පරිස්සමට. තමනුත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද කියලා මතක් වෙලා වසන්තිගේ පපුව දාලා ගියා.
ටවුමෙන් බැහැලා දෙන්නා එක්ක පයින්ම යාළුවා කියාපු තැන හොයාගෙන ගියා. කලබලේට කුඩයක් වත් ගේන්න අමතක වුණා. ත්‍රී වීලරයක නගින්නත් දෙන්නම පසුබෑවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිලා ටික දුරක් ගිහින් පුංචි දෙවට පාරකටත් හැරිලා ටික දුරක් යනකොට තැන හම්බවුණා.
දොස්තරගෙ නමත් එක්ක " ඉංග්‍රීසි බෙහෙත් ශාලාව" කියලා සඳහන් වුණු බෝඩ් එකේ ලෙඩ්ඩු බලන වෙලාව විදියට සඳහන් වුනේ උදේ අටේ ඉඳලා දොලහ වෙනකම්. ඒක පරණ තාලෙ ගෙයක් . පිටතින් කිසිකෙනෙක් පේන්න හිටියේ නැහැ. දොරෙන් ඇතුල් වෙලා සාලෙට ගියහම ඉඳගන්න පුටු තියලා තිබුණා.
අඳුනන කවුරුහරි ඉඳී කියන සැකයට වැඩිය වටපිට බලන්නේ නැතිව ඉන්න දෙන්නම උත්සාහ කළා. තරුණ හෙදියක් වාඩිවෙන තැන පෙන්නුවා. සාරිය ඇඳපු මැදිවියේ ගැහැණු කෙනෙක් කාටත් උපදෙස් දෙමින් වරින් වර දොස්තරගෙ කාමරය ඇතුලට ගියා. ඒ වේගෙන්ම පිටතට ආවා.
වසන්ති හිටියේ හොඳටම බයවෙලා . අජිත් ඊටත් වඩා බයවෙලා. මූණත් එක්කම කළු වෙලා. ඉඳගෙන ඉන්න කවුරුවත් කාගෙවත් මූණ බැලුවේ නැහැ. ජෝඩු පහ හයක් හිටියා. අම්මෙකුයි දුවෙකුයි කියලා හිතන්න පුළුවන් දෙන්නෙකුත් හිටියා. සමහර ජෝඩු ලොක්කිටත් වඩා බාලයි වගේ. තමන් දෙදෙනා මෙතෙන්ට ගැලපෙන්නේ නැති බවක් දෙදෙනාටම වැටහුණා.
පැයක් විතර යන්න ඇති. මැදිවියේ කාන්තාව ඇවිත් වසන්තිලාට ඇතුලට කතාකළා. වසන්තිගේ අතින් අල්ලලා නැගිටින්න උදව් කරනකොට ඒ අතේ සීතල අජිත්ගේ හදවතට දැනුණා.
වයස හැටක් පමණ වන වෛද්‍යවරයා, දෙන්නව පිළිගත්තේ හිනා මුසු මුහුණකින්. වෛද්‍යවරයාගේ කාමරයේ තද සීතල ඉවසන්න බැහැ වගේ වසන්තිට දැනුණා. දින වකවානු විස්තර අසා දැනගත් වෛද්‍යවරයා වසන්තිව ඇඳට දාල හොඳින් පරීක්ෂා කළා.
" අදම කරන්න වෙයි.
දැනුත් ප්‍රමාදයි."
වෛද්‍යවරයා කිව්වේ වචන බර කරමින්.වැයවන මුදල කොලයක සටහන් කරලා අජිත් දිහාට තල්ලුකරන ගමන්.
" එලියෙන් වාඩිවෙලා ඉන්න
දොළහෙන් පස්සේ තමයි කරන්නේ
හවස් වෙනකොට ගෙදර යන්න පුළුවන් "
එලියට එනකොට එහි හිටියේ අම්මයි , දුවයි, තව ජෝඩුවකුයි විතරයි.
මුලින්ම කතාකලේ අම්මටයි දුවටයි. අම්මා දුවව බලෙන්ම වගේ කාමරයක් ඇතුලට තල්ලු කරගෙන ගියා. දුවගේ මූණේ තිබුණේ බය බිරාන්ත පෙනුමක්. කාලය ගතවුණා . බිත්තියේ එල්ලලා තිබුණු ලොකු මූණක් තියෙන රවුම් ඔරලෝසුවේ ටික් ටික් හඩ විතරයි නිහඬතාවය බින්දේ.
හිටි හැටියෙම වහපු කාමරය ඇතුලෙන් ගෑණු ළමයගේ ලතෝනියක් ඇහෙන්නට වුණා. කලබල වූ හෙදියන් එහෙ මෙහෙ දිව්වා. මැදිවියේ කාන්තාව දුවන ගමන් ඇමතුමක් ගෙන කාටද
" ඉක්මනට එන්න"
යැයි කිව්වා.
"යමු "
අජිත් නැගිට්ටේ, වසන්තිවත් නැගිට්ටවාගෙන. කියන පරක්කුවෙන්ම වසන්තිත් අජිත් පිටුපස වැටුණා. දෙන්නා නැවතුනේ ප්‍රධාන පාරට පැමිණියායින් පසුවයි. වසන්තිගේ නලල දෙපැත්තෙන් දහඩිය බේරෙනවා. මහ පාර කියලා බලන්නෙවත් නැතිව සාක්කුවෙන් ලේන්සුවක් ගත්ත අජිත් වසන්තිව එක අතකින් තුරුළු කරගෙන අනිත් අතින් දාඩිය පිසදැම්මා.
" ඕන දෙයක් වෙච්චාවේ
අපි දරුවා හදාගමු"
අජිත්ගේ කටහඬ වෙව්ලුවා.
වැඩි කතාබහක් නැතිව දෙන්නා ගෙදර ආවා. දෙන්නම හිටියේ තමන්ගෙම කල්පනා ලෝකවල.
වසන්තිට නිදාගන්න කියලා අජිත් රෑට ඉව්වා. රූපවාහිනියේ අටහමාරේ කතාව බල බල පස්දෙනාම කෑම කෑවා.
" මහන්සී "
කියාගෙන ලොක්කි නැගිට්ටෙ කාමරයට යන්න.
" අමතක වුණා
අම්මට බෙහෙත් ගත්තද?
මොකද කිව්වේ?"
ලොක්කි ඇහුවේ දොර රෙද්ද අතින් අල්ලගෙන.
" සුබ ආරංචියක් තියනවා කියන්න "
අජිත් කිව්වේ තප්පර දෙක තුනක නිහඬතාවයකින් පස්සේ.
" අම්මා චූටි බබෙක් ගේන්නයි යන්නේ"
" ආව් ,මල්ලියෙක්ද ?"
චූටි ඇහුවා
" නෑ ,නෑ
මට ඕන නංගියෙක්ව"
මද්දු , චූටිව බදාගත්තා.
" ඔව්,ඔව් නංගියෙක්
මගේ ෆ්ලවර් ගර්ල්ටත් ගන්න පුළුවන්නේ".
ලොක්කි කිව්වා.
ඒ හඬෙි ගැබ්වෙලා තිබුණේ මොන වගේ හැඟීමක් දැයි හිතාගනු බැරිව අජිතුයි, වසන්තී මූණට මූණ බලාගත්තා.
https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%80%E0%B6%BD-%E0%B6%9C%E0%B6%A9/299-678265

පාසල් ගුරුවරයාගේ නම බාර්ඩ්ය. ඇන්ඩර්ස් නමින් ඔහුට සොහොයුරෙක් සිටියේය. ඔවුහු එකිනෙකා කෙරෙහි වූ මහත් ස්නේහයෙන්ම කල් ගෙවූහ. එකටම යුද හමුදාවට බැඳී එකටම නගරයේ විසුවෝය. එකටම යුද පිණිස ගොස් එකම භට කණ්ඩායමේ සේවාව කළාහු දෙදෙනාම කෝප්‍රල් තනතුරට උසස් වූහ. යුද්ධය අවසන් වී ගෙදර ආපසු ඔවුන් දෙදෙනා මිනිසුන් විසින් හඳුන්වන ලද්දේ හොඳ හැඩි දැඩි පුරුෂයන් දෙදෙනෙකු ලෙසිනි.
ඉක්බිති ඔවුන්ගේ පියා මළේය. ඔහු දරුවනට සෑහෙන දේපළක් ඉතිරි කර ගියේය. එය හවුලේ බෙදා ගැන්ම අමාරු කාරියක් වූයෙන් එසේ නොකොට වෙන්දේසියේ විකිණීමට දෙසොහොයුරෝ කතා කරගත්හ. එහිදී තමා කැමති දේ මිලදී ගැනීමටත් ලැබෙන ලාබ බෙදා ගැනීමටත් ඔවුනට හැකිවනු ඇතැයි ඔවුහු කීවෝය. එය එසේම සිදුවිය.
ඔවුන්ගේ පියා සතු ලොකු රන් ඔරලෝසුවක් විය. එහි ප්‍රසිද්ධිය බොහෝ දුර පැතිර ගොස් තිබුණි. ඒ පළාත්වල සිටි මිනිසුන් එතෙක් දැක තිබුණු එකම රන් ඔරලෝසුව එය වූ හෙයිනි. මේ ඔරලෝසුව වෙන්දේසියේදී ඉදිරිපත් කළ විට එය මිලදී ගනු කැමැති වූ ධනවත් ඉල්ලුම්කරුවෝ බොහෝ වූහ. එහෙත් දෙසොහොයුරන් ඉල්ලුම් කිරීමට පටන් ගත් කල සෙස්සෝ ඉන් වැළකී සිටියහ. එය ලබා ගැනීමට ඇන්ඩර්ස් තමාට ඉඩ දෙනු ඇතැයි බාර්ඩ් සිතීය. ඇන්ඩර්ස්ද බාර්ඩ්ගෙන් එයම බලාපොරොත්තු විය. ඔවුහු තරඟයට මෙන් ඉල්ලුම් කළහ. එසේ කරද්දී දෙසොහොයුරෝ උනුනුන් දෙස නොමනාපයෙන් බැලූහ. ඔරලෝසුවේ මිල ඩොලර් 20 දක්වා ඉහළ නැංවූ තම සොහොයුරා නිර්දය එකෙකැයි බාර්ඩ්ට හැඟෙන්නට විය. ඉන් පසු ඔහු එහි මිල ඩොලර් 30 ට නගින තෙක්ම සිය සොහොයුරා ඉක්මවමින් ඉල්ලුම් කළේය. එහෙත් එවිටද ඇන්ඩර්ස් නොනැවතුණි. තමා නොයෙක් විට ඇන්ඩර්ස්ට පිහිට වුණු හැටි බාර්ඩ්ට මතක් විය. දෙදෙනාගෙන් වැඩිමලා තමා නොවේදැයි ඔහු සිතීය. ඇන්ඩර්ස් ඒවා අමතක කොට ඇතැයි ඔහුට හැඟුණි. ඔරලෝසුවේ මිල ඩොලර් 30 ද ඉක්මවා නැගුණි. ඇන්ඩර්ස්ද නොනවත්වා ඉල්ලුම් කළේය බාර්ඩ් එක්වරම එය ඩොලර් 40 කට ඉල්ලීය. ඉන් පසු ඔහු තම සොහොයුරා දෙස නොබැලීය. වෙන්දේසි කාමරය තුළ දැඩි නිශ්චලත්වයක් පැතිර යමින් තිබුණි. වෙන්දේසිකරු පමණක් නැවත නැවත මිල ගණන හඬ ගා කීය. ඔරලෝසුව ඩොලර් 40 කට ඉල්ලීමට තරම් බාර්ඩ් පුළුවන්කාරයෙක් වී නම් තමා වැන්නෙකුට එය කෙසේ කළ නොහැකිදැයි ඇන්ඩර්ස් සිතන්නට විය. බාර්ඩ් එය ඔහු සතු කරගන්නට කැමැත්තෙන් සිටී නම් ඔහු එය කෙසේ හෝ ලබාගනු ඇතැයි සිතූ ඇන්ඩර්ස් තම සොහොයුරා ඉක්මවා ඉල්ලුම් කළේය. බාර්ඩ්ට එය පෙනුණේ තමා මෙතෙක් විඳි ලොකුම අවනම්බුව ලෙසිනි. ඔහු ඔරලෝසුව ඩොලර් 50 කට ඉල්ලුවේ දුබල හඬිනි. එහි බොහෝ මිනිස්සු රැස්ව සිටියහ. ඔවුන් ඉදිරියේ තමා හාස්‍යයට ලක් කිරීමට සොහොයුරාට ඉඩ නොතබමියි තමාටම කියාගත් ඇන්ඩර්ස් නැවතත් මිල වැඩි කොට ඉල්ලීය. බාර්ඩ් මහා හඬින් සිනාසුණි.
"ඩොලර් සීයයි. මදි පාඩුවට ඔන්න මගේ සහෝදරකමත්."
එන්න හැරෙමින් එසේ කියූ බාර්ඩ් කාමරයෙන් පිටවී ගියේය.
මඳ වේලාවකට පසු එළියට ආ මිනිහෙක් නුදුරින් හුන් බාර්ඩ් දැක ඔහු වෙත පැමිණියේය. එවේලේ බාර්ඩ් සිටියේ තමා විසින් වෙන්දේසියේදී මිල දී ගන්නා ලද අසුට සෑදලය යොදමිනි.
"ඔරලෝසුව ඔහෙට අයිති වුණා. ඇන්ඩර්ස් ඊට පස්සෙ ඉල්ලුවෙ නෑ."
ආරංචිය ඇසූ සැණින් බාර්ඩ් තුළ බලවත් පසුතැවිල්ලක් හට ගති. ඔහුට සිහි වූයේ ඔරලෝසුව නොව තම සොහොයුරාය. සෑදලේ යොදා අවසන් වුවද අසු පිට නොනැග උගේ බඳෙහි තබාගත් අතැතිව ඔහු නැවතී සිටියේ දෙගිඩියාවෙනි. බොහෝ මිනිස්සු එළියට ආහ. ඇන්ඩර්ස්ද ඔවුන් අතර විය. සෑදලේ යෙදූ අසුද ඇතිව නික්ම යෑමට සූදානම්ව උන් තම සොහොයුරා ඔහු විසින් දක්නා ලදී. බාර්ඩ් කල්පනා කරනුයේ කුමක්දැයි ඇන්ඩර්ස්ට යන්තම් වැටහුණි.
"ඒයි බාර්ඩ් අර ඔරලෝසුවට උඹට බොහොම ස්තූතියි. මීට පස්සෙ මං උඹ ඉන්න හතර මායිමක පස් පාගයි කියලා හිතන්න එපා".
ඔහු එහි සිට කෑ ගසා කීවේය.
"උඹටත් මීට පස්සෙ මගේ හෙවණැල්ලවත් දකින්න හම්බවෙන්නෙ නෑ ඇන්ඩර්ස්. තේරුණාද?"
අසු පිට නැගුණු බාර්ඩ් පිළිතුරු දුන්නේය. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණි. ඉන් පසු කවදාවත් ඔවුහු තම පියා සමග එකට ජීවත් වූ මහගෙදරට පා නොතැබූහ. නොබෝ කලකින්ම ඇන්ඩර්ස් ගොවි පවුලකින් හිරයක් ගත්තේය. එහෙත් ඔහු තම සොහොයුරා මංගල්‍යයට නොකැඳවීය. බාර්ඩ්ද පල්ලියට නොගියේය. විවාහ වුණු මුල් අවුරුද්දේම ඇන්ඩර්ස්ට සිටි එකම එළදෙන මිය ගියාය. ගෙයි උතුරු පැත්තේ තැනක දිගේලි කර උන් ඌ එහිම මැරී සිටිනු එක් උදෑසනක දක්නා ලදී. උගේ මරණයට හේතුව කිසිවෙක් නොදත්තේය. ඇන්ඩර්ස් වෙතට තව තවත් දුක් කරදර පැමිණියේය. ඔහුගේ ජීවිතය එන්න එන්නම අවාසනාවන්ත විය. එහෙත් ඔහුට දරුණුම විපත සිදු වූයේ සීත ඉතා අධික කාලයේ එක් රැයක තම පිදුරු මැස්ස හා එහි වූ සියලු දේ ගින්නෙන් අළු වී යාමෙනි. ගින්න ඇවිළුණේ කෙසේදැයි කිසිවෙක් නොදත්තේය.
"මාව නැති බංග කරලා දාන්න හිතාපු එකෙක් මේක කරන්න ඇත්තෙ?"
ඇන්ඩර්ස් පැවසුවේය. එදා මුළු රෑම ඔහු වැලපුණේය. ඉන් පසු ඔහු දිළින්දෙක් විය. වැඩ කිරීම කෙරෙහි ඔහු තුළ පැවති සියලු ආසා අතුරුදහන්ව ගියේය.
ගින්න ඇතිවූ දාට පසු දින සවස බාර්ඩ් තම සොහොයුරාගේ ගෙදරට පැමිණියේය. එවේලේ ඇන්ඩර්ස් ඇඳෙහි වැතිර උන්නේය එහෙත් ගෙට ඇතුළු වන බාර්ඩ් දුටු ඔහු නැගී සිටියේ ඉද්ද ගැසුවාක් මෙනි.
"උඹ මොකටද මෙහාට ආවෙ?"
ඇන්ඩර්ස් ඇසුවේය. ඉන් පසු කතා නොකළ ඔහු නැගිට තම සොහොයුරා දෙස බලා ගත්වනම සිටියේය.
පිළිතුරු දීමට පෙර බාර්ඩ් ටික වේලාවක් නැවතී හුන්නේය.
"මං ආවෙ උඹට පිහිට වෙන්නයි ඇන්ඩර්ස්. උඹ අමාරුවෙ වැටිලා ඉන්නෙ."
"උඹ බලාපොරොත්තු උණාට වැඩිය දෙයක් මට සිද්ධ වෙලා නෑ. හොඳ හිතින් දැම්ම පලයන් යන්න. තව වෙලා හිටියොත් මොකෙන් මොක වෙයිද කියන්න බෑ."
"උඹ හිතන හැටි වැරදියි ඇන්ඩර්ස්. මං කනගාටු වෙනවා...."
"උඹ හොඳ හිතින් යනවද නැද්ද බාර්ඩ්. දෙවියන්ගෙ නාමෙන් පලයන් යන්න."
බාර්ඩ් අඩියක් පස්සට ගති.
"උඹට අර ඔරලෝසුව ඕන නම් ඒක අරගනින්."
බාර්ඩ් වෙවුලන කටහඬින් පැවසීය.
"මං උඹට මෙතනින් යන්න නේද කිව්වෙ බාර්ඩ්."
ඇන්ඩර්ස් යටිගිරියෙන් කෑ ගැසීය. තවත් එහි නැවතී සිටීමට අකමැති වූ බාර්ඩ් පිටවී ගියේය.
සිය සොහොයුරාගේ ගෙදරට යාමට පෙර බාර්ඩ් කල දවස ගෙවූයේ මෙසේය. තම සොහොයුරාට වන් දුක් කරදර ගැන ඇසූ සැණින් ඔහුගේ සිත වෙනස් විය. එහෙත් අහංකාරය නිසා ඔහු පසු බැස්සේය. පල්ලිය කරා යෑමට ඔහුගේ සිත පෙලඹී ගති. එහිදී ඔහු අපමණ දේ පොරොන්දු වී ආවේය. එහෙත් ඒවා ඉටු කිරීමට ඔහු තුළ ශක්තිය නොමැති විය. තම සොහොයුරා චසන ගෙය පෙනෙන තෙක් මානයට නිතර නිතර ගිය බාර්ඩ් එහිදී ආපසු හැරී ආවේය. විටෙක කිසිවෙක් ගෙයින් එළියට එමින් සිටියේය. තවත් විටෙක එහි අමුත්තෝ වූහ. එසේ නැතහොත් ඇන්ඩර්ස් එළියට වී දර පළමින් හූන්නේය. ඒ සෑම විටම යම් කිසිවක් බාධාවට සිටියේය.
සීත කාලයේ අග හරියේ එක් ඉරිදාවක බාර්ඩ් නැවතත් පල්ලියට ගියේය. එදා ඇන්ඩර්ස්ද එහි විය. ඔහු බාර්ඩ් විසින් දක්නා ලදී. ඔහු කෙට්ටු වී සුදුමැලිවී උන්නේය. ඔහු එදින හැඳ සිටියේ ඔවුන් එකට ජීවත් වූ කාලයේ ඔහු විසින් අඳිනා ලද ඇදුම්මය. එහෙත් ඒවා දැන් පරණ වී ගොසිනි. තැන තැන අණ්ඩ අල්ලා තිබුණි. පූජාව ඉවර වෙන තුරුම ඇන්ඩර්ස් ස්වාමි දෙස නොසෙල්ලී බලා සිටියේය. තම සොහොයුරා උණුවන හිතක් ඇති කරුණාවන්ත එකෙකැයි බාර්ඩ්ට හැඟුණි.ඔහුට ඔවුන්ගේ ළමා කාලය සිහි විය. කුඩා දරුවෙකුව සිටියදී ඇන්ඩර්ස් තුළ පැවති හොඳ ගති ගුණ ඔහු ආදරයෙන් සිහි කළේය. සත්ප්‍රසාදයට පවා සහභාගි වූ බාර්ඩ් කුමක් සිදුවුවද තම සොහොයුරා සමග සමාදාන වන බවට දෙවියන් ඉදිරියේ තිරසර ලෙස පොරොන්දු විය. සත්ප්‍රසාදයේදී ලත් මිදි යුෂ පානය කළ මොහොතේ මේ අධිෂ්ඨානය ඔහුගේ ආත්මය පුරා පැතිර ගියේය. සොහොයුරා කරා ගොස් ඔහු ළඟින් හිඳගැනීමේ දැඩි ආශාවක් සත්ප්‍රසාදයෙන් නැගී සිටි ඔහුට තදින් දැනී ගියේය. කිසිවෙක් බාධාවට සිටියේය. ඇන්ඩර්ස් හිස ඔසවා නොබැලීය. පූජාවෙන් පසුවද තවත් කිසිවක් බාධාවට සිටියේය. ඒ අවට බොහෝ මිනිස්සු වූහ. ඇන්ඩර්ස්ගේ බිරිඳද ඔහු සමග උන්නාය. බාර්ඩ් ඇය හැඳින නොසිටියේය. ඇන්ඩර්ස්ගේ ගෙයිදීම ඔහු හමුවී නිවී සැනසිල්ලේ කතා කිරීම වඩා හොඳ යැයි බාර්ඩ් තීරණය කළේය.
එදින සවස් වුණු පසුව ඔහු පිටත් විය. කෙළින්ම දොරකඩට ගිය ඔහු එහි නැවතී කන් යොමා සිටියේය. ගේ ඇතුළේ තම නම කියැවෙනු බාර්ඩ්ට ඇසුණි. කතා කරමින් සිටියේ ඇන්ඩර්ස්ගේ බිරිඳය.
"එයා අද උදේ සත්ප්‍රසාදෙටත් ගියා. ඒ වෙලාවෙ ඔයා ගැන හිතන්න ඇති. මට ඒක හොඳටෝම විශ්වාසයි."
ඈ පැවසුවාය.
"නෑ එයා හිතන්න ඇත්තෙ මං ගැන නෙමෙයි. මං ඒක දන්නවා. එයා හිතන්නෙ එයා ගැනම විතරයි."
ඇන්ඩර්ස් පිළිතුරු දුන්නේය.
ඉන් පසු බොහෝ වේලාවක් යනතුරු කිසිවක් නොකියැවුණි. එය සීතල රැයක් වුවද බාර්ඩ්ට හොඳටම ඩහදිය දැම්මේය. ඇන්ඩර්ස්ගේ බිරිඳ කේතලයක් ළිප තබමින් සිටියාය. ළිපෙහි ගින්දර හොස් හොස් ගාමින් ඇවිළුණි. වරින් වර එයින් සට පට ගා පිපිරුම් හඬක් පිට විය. ගෙතුළ උන් දරුවෙකු ඉඳ හිට අඬනු ඇසුණි. ඇන්ඩර්ස් දරුවා නැළවීය. අන්තිමේදී බිරිඳ නැවතත් කතා කළාය.
"ඔයා කොච්චර කිව්වත් ඇන්ඩර්ස් ඔයාට ඔයාගෙ හිතෙන් බාර්ඩ් අමතක කරලා දාන්න බෑ. එයාටත් එහෙමයි. ඒකයි ඔය දෙන්නට වෙලා තියෙන්නෙ. මට නං ඒක හොඳටෝම විශ්වාසයි. ඒ උණාට ඔයගොල්ලො ඒක පිළිගන්න කැමති නෑ."
"මේ ඔය කතාව නවත්තලා දාන්න. අපි වෙන දෙයක් ගැන කතා කරමු."
ඇන්ඩර්ස් පැවසුවේය.
ටික වේලාවකට පසු ඔහු නැගිට එළියට ආවේය. බාර්ඩ් අසල වූ දර මඩුවෙහි සැඟවී ගති. එහෙත් ඇන්ඩර්ස්ද දර ටිකක් ගෙන යනු පිණිස මඩුවට පැමිණියේය. සැඟවී ගත් මුල්ලේ සිටි බාර්ඩ්ට තම සොහොයුරා හොඳින් දැක ගත හැකි විය. ඇන්ඩර්ස් ඉරිදා හැඳ සිටි පරණ ඇඳුම් මාරු කොට සිටියේය. බාර්ඩ් ඇඳ සිටියාක් මෙන් ඔහුද තමා ළඟ තිබූ සොල්දාදු ඇඳුම ඇඟලාගෙන හුන්නේය. මේ ඇඳුම් කවදාවත් නාඳින්නට දෙසොහොයුරෝ එකිනෙකාට පොරොන්දු වී සිටියහ. පරම්පරාගත වස්තු වශයෙන් ඒවා තම දරුවන් අතට පත්කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඇන්ඩර්ස්ගේ ඇඳුම දැන් හොඳටම පරණ වී ඇත. එය තැන තැන ඇල්ලූ අණ්ඩවලින් යුතු විය. මේ නිසා ඔහුගේ ශක්තිමත් මනාව වැඩුණු සිරුර වැරහැලි පොදියක් සේ පෙනුණි. එක් වරම බාර්ඩ්ට ඇසී ගියේ තම සාක්කුවේ ඇති රන් ඔරලෝසුව නගන ටික් ටික් හඬය. කෝටු ගොඩ වෙත ගිය ඇන්ඩර්ස් දර එකතුකර නොගෙනම ඊට හේත්තු වූයේය. ඉන් පසු ඔහු තාරකාවලින් පැහැදී බබලන ආකාශය දෙස බැලීය. තදින් සුසුමක් හෙළා තමාටම මිමිනුවේය.
"අයියෝ දෙයියනේ!"
තම ජීවිතාන්තය තෙක්ම බාර්ඩ්ට ඒ වචන අමතක නොවීය. එවේලේ ඔහුට එළියට ඒමට සිතුණද ඇන්ඩර්ස් කහින හඬ ඇසී ඔහු පසු බෑවේය. බාර්ඩ්ගේ සිත තම සොහොයුරා නිසා උපන් ස්නේහයෙන් තෙමී ගියේය. තවත් නම් ඔහුට තම සොහොයුරාගෙන් වෙන් වී සිටිය නොහැකිය. දර ඉපල් ටිකක් එකතු කරගත් ඇන්ඩර්ස් මඩුවෙන් පිටවී ගියේ බාර්ඩ්ගේ ඇඟේ ගෑවීගෙන මෙනි. ඉපල් කොන් පවා ඔහුගේ මුහුණේ වැදුණි.
විනාඩි දහයකටත් වැඩි කලක් බාර්ඩ් එතැනම රැඳී සිටියේ මුල් ඇද ගියාක් මෙනි. එහෙත් ඔහු ඒ බවක් නොදත්තේය. දරුණු සිත් තැවුලකින් සිටි ඔහුට ඒ සීතල රැයේ වෙව්ලිල්ලක් නොසෑදීම පුදුමයකි. ඉන්පසු බාර්ඩ් මඩුවෙන් එළියට ආවේය. එවේලේ ඇන්ඩර්ස්ගේ ගෙදරට යාමට ඔහු බිය විය. ඒ නිසා ඔහු වෙනත් උපායක් කල්පනා කළේය. ඇන්ඩර්ස්ගේ පිදුරු මඩුව වෙත ගිය බාර්ඩ් එහි ඇතුළු වී දොර වසා ගති. දැල්වූ පන්දමේ එළියෙන් ඔහු තම සොහොයුරා ලන්තෑරුම එල්ලා තිබෙන ඇණේ සොයන්නට විය. හිමිදිරි පාන්දර පිදුරු මඩුවට එන ඇන්ඩර්ස් තම ලන්තෑරුම එල්ලා තැබුවේ එහිය. බාර්ඩ් තමා ළඟ තිබූ ඔරලෝසුව ගෙන අර ඇණේ එල්ලීය. ඉන් පසු පන්දම නිවා දැමූ ඔහු නික්මුණි. ඔහුගේ සිතෙහි වූ බර කෙතරම් සැහැල්ලු වීද යත් වැටී තිබුණ හිම උඩින් ඔහු වාත වේගෙන් දිව ගියේ කුඩා දරුවෙකු මෙනි.
ඇන්ඩර්ස්ගේ පිදුරු මැස්ස පෙර දින රෑ ගිනිගෙන ඇති බව පසු දා බාර්ඩ්ට අසන්නට ලැබුණි. තමා දල්වා සිටි පන්දමෙන් වීසි වී ගිය ගිනි පුපුරු නිසා එය සිදුවන්නට ඇතැයි ඔහුට සිතුණි.
මෙයින් බලවත් සේ කම්පා වී ගිය බාර්ඩ් එදා මුළු දවසම ගෙවූයේ ගෙට වැදී තනිවය. ලෙඩ වී ගියා සේය. ඔහු තම ගීතිකා පොත ගෙන මුළු දවස තිස්සේම ගායනය කෙළේය. ඔහුට පිස්සු හැදී ඇතැයි ගෙදර මිනිස්සු සිතූහ. ඒත් සවස් වුණු පසුව ඔහු ගෙදරින් පිට විය. හඳ එළියෙන් අවට එළිය වී තිබුණි. බාර්ඩ් සොහොයුරාගේ ගෙමිදුලට ගියේය. කලින් ඒ අසල වූ පිදුරු මඩුව දැන් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ අඟුරු ගොඩක් පමණි. ඒවා අවුස්සා බැලූ ඔහුට එහි තිබූ උණු වී ගිය කුඩා රන් ගුළියක් අසු විය.
සිදුවූ සියල්ල පැහැදිලි කොට කියා සමාව අයැද සිටීමේ බලවත් ආසාවෙන් බාර්ඩ් තම සොහොයුරාගේ ගෙදරට ගියේ රන් ගුළියද අතැතිවය.
බාර්ඩ් අඟුරුගොඩ අවුස්සමින් සිටිනු කුඩා දැරියක් දැක සිටියාය. එසේම ඔහු ඉරිදා සවස සිය සොහොයුරාගේ ගේ දෙසට යනු නැටුමකට ගිය කොලු රැළක්ද දැක සිටියෝය. සඳුදා ඔහු හැසිරුණු පුදුම විලාසය ගෙදර මිනිස්සු විස්තර කළහ. සොහොයුරන් දෙදෙනා උනුනුන්ට තදින්ම සතුරුව සිටි බව කවුරුත් පාහේ දැන සිටියෙන් මේ තොරතුරු වගකිවයුත්තන්ට දන්වන ලදිී. ඉන් පසු විභාගයක් පැවැත්වුණි. බාර්ඩ්ට විරුද්ධව නැගූ චෝදනා ඔප්පු කිරීමට කිසිවෙක් සමත් නොවීය. එහෙත් ඔහු කෙරෙහි මිනිසුන් තුළ වූ සැකය පෙර සේම පැවතුණි. ඉන් පසු තම සොහොයුරා ළඟට යාම බාර්ඩ්ට කෙසේ වත් කළ නොහැකි දෙයක් විය.
පිදුරු මැස්ස ගිනි ගත්.විට ඇන්ඩර්ස් බාර්ඩ් ගැන සිතීය. එහෙත් ඔහු කිසිවක් නොකීවේය. ගින්නට පසු දින සවස තම ගෙට ඇතුළු වුණු බාර්ඩ්ගේ සුදුමැලි මුහුණත් අමුතු පෙනුමත් දුටු ඇන්ඩර්ස්ට සිය සොහොයුරා දැඩි සිත් තැවුලකින් පෙළෙන බව පසක් විය. එහෙත් තමාගේම සොහොයුරාට මේ සා දරුණු අපරාධයක් කළ බාර්ඩ් සමාව නොලැබිය යුත්තෙකැයි ඇන්ඩර්ස් සිතීය. ගින්න ඇතිවූ දින සවස බාර්ඩ් තම ගේ දෙසට යනු මිනිසුන් දුටු සැටි ඇන්ඩර්ස්ට පසුව අසන්නට ලැබුණි. විභාගයේදී කිසිවක් හෙළි නූණද වරදකරු තම සොහොයුරාම බව ඇන්ඩර්ස් ඒත්තු ගත්තේය.
විභාගයේදී සොහොයුරෝ දෙදෙනා උනුන්ට මුණ ගැසුණහ. බාර්ඩ් හොඳ ඇඳුමෙන් සැරසී සිටියේය. ඇන්ඩර්ස් ඇඟලාගෙන හුන් ඇඳුම වැරහැල්ලකි. තම සොහොයුරා විභාග ශාලාවට ඇතුළුවත්ම බාර්ඩ් ඔහු දෙස බැලුවේය. එවේලේ
බාර්ඩ්ගේ දෑසේ තිබූ බැගෑපත් ඉල්ලීම ඇන්ඩර්ස්ගේ ඇතුළු හදටම පෙනී ගියේය. කිසිවක් නොකියන ලෙස ඔහු තමාගෙන් ඉල්ලා සිටිතියි ඇන්ඩර්ස් සිතීය. සිද්ධිය පිළිබඳව ඔහු සිය සොහොයුරා සැක කරන්නේදැයි ඇන්ඩර්ස්ගෙන් ඇසූ විට නෑයි ඔහු හඬ නගා කීවේ තිරසර ලෙසය.
එදායින් පසු ඇන්ඩර්ස් තදින් බීමට ඇබ්බැහි විය. වැඩි කල් නොගොස්ම ඔහු ඉතා අමාරු අඩියකට වැටුණි. බීමට ඇබ්බැහි නූණද බාර්ඩ්ගේ ජීවිතය ඊටත් වඩා දුක් පිරුණක් විය. ඔහු කෙතරම් වෙනස් වී සිටියේද යත් මිනිසුනට ඔහු හඳුනාගත නොහැකි වී ගියේය.
දිනක් කරුවල වැටීගෙන එද්දී බාර්ඩ් කුලියට ගෙන සිටි කාමරයට ඇතුළු වූ එක් දුප්පත් ගැහැනියක් ඇය සමග එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහු ඈ හැඳින්නේය. ඒ තම සොහොයුරාගේ බිරිඳය. ඇගේ පණිවිඩය කුමක්ද යන්න බාර්ඩ්ට වහා වැටහුණි. ඔහු මළාක් මෙන් සුදු මැලි විය. නොපමාව හැඳ පැලඳ ගත් බාර්ඩ් කිසි කතාවක් නැතිව ඇය සමග පිටත් වී ගියේය. ඇන්ඩර්ස්ගේ ගෙයි ජනේලය අතරින් යන්තමින් පෙනුණේ මලානික පහන් එළියකි. වරක එය වෙව්ලමින් සිටියේය. තවත් වරක එය අතුරුදහන්ව ගියේය. ඔවුන් දෙදෙනා මේ එළිය බලාගෙන ගමන් කළේ වැටුණු හිම අතරින් පාරක් නොතිබුණු හෙයිනි. බාර්ඩ් මෙවරද ගෙයි දොරකඩට විත් නැවතුණි. එවිට හදිසියේ දැනී ගිය ගඳකින් ඔහු ලෙඩ වූවාක් මෙන් විය. ඔවුහු ගෙට ඇතුළු වූහ. කුඩා දරුවෙක් ළිප අසලට වී අඟුරු කමින් සිටියේය. දැලි තවරාගත් මුහුණෙන් යුත් දරුවා හිස ඔසවා බලා සුදු දත් පෙන්නා සිනාසුණි. ඒ බාර්ඩ්ගේ සොහොයුරාගේ දරුවාය.
ඇන්ඩර්ස් ඇඳේ වැතිර උන්නේය. ඔහුගේ සිරුර රෙදි ගොඩකින් පොරවා තිබුණේය. උස්ව පිහිටි සිනිඳු නළල් තලයකින් යුත් ඔහු සුදුමැලි වී කෙට්ටු වී සිටියේය. ඇන්ඩර්ස් ගිලී ගිය දෑස ලොකු කර සිය සොහොයුරා දෙස බැලීය. බාර්ඩ්ගේ දෙපා පණ නැති වී ගියේය. ඔහු ඇඳ පාමුල මහා හඬින් හඬා වැටුණි. ඔහු දෙස ඕනෑකමෙන් බැලූ රෝගියා කිසිවක් නොපැවසුවේය. අවසානයේදී ඔහු සිය බිරිඳට එතැනින් ඉවත්ව යන ලෙස දැන්වීය. එහෙත් බාර්ඩ් නොයා සිටින මෙන් ඇයට හිසින් කීවේය. ඉන් පසු සොහොයුරෝ දෙදෙනා උනුනුන් හා කතා කිරීමට පටන් ගත්හ. තරඟයට මෙන් ඔරලෝසුව ඉල්ලුම් කළ දින පටන් මේ දිනය තෙක් අවුරුදු ගණනක් තිස්සේ සිදුවුණු සියලු දේ ඔවුහු උනුනුන්ට හෙළි කළෝය. සිය කතාව අවසානයේදී බාර්ඩ් රන් ගුළිය එළියට ගත්තේය. මෙතෙක් දින ඔහු එය තමා යන යන තැන රැගෙන ගියේය. ඔවුන් මේ අවුරුදු කිහිපය තුළ එකම එක දිනයක්වත් නියම සතුටින් යුතුව ගත නොකළ බව ඔවුන්ගේ කතා බහේදී හෙළි වුණි.
ඉතා දුර්වලව සිටි ඇන්ඩර්ස් වැඩිපුර කතා නොකළේය. බාර්ඩ් තම සොහොයුරා ලෙඩ වී සිටින තාක් කල් ඔහුගේ ඇඳ අසලම හිඳ තනි රැක්කේය.
"දැන් මට හොඳටම සනීපයි. දැන් ඉතින් අපි ඉස්සර හිටියා වගේම එකට ජීවත් වෙන්න ඕනෙ. කවදාවත් වෙන් වෙන්නෙ නැතුව."
දිනක් උදෑසන නින්දෙන් පිබිදුණු ඇන්ඩර්ස් සිය සොහොයුරාට පැවසීය.
එහෙත් එදින ඔහු මිය ගියේය.
වැන්දඹුව සහ දරුවා බාඩ් විසින් තම ගෙදරට ගෙනයන ලදහ. එතැන් පටන් ඔවුන් හොඳින් රැක බලා ගැනුණි. දෙසොහොයුරන් එදා ඒ ඇඳ අසලදී පැවසූ සියලු දේ ගේ බිත්තිය අතරින් පිට වී අවුත් මිටියාවතේ ජීවත් වූ සියලු මිනිසුන්ගේ කන්වල ලැගුම් ගති. බාර්ඩ් ඒ මිනිසුන් අතර ඉතාමත් උසස් ලෙසින් ගරු බුහුමන් ලැබූවෙකු බවට පත් විය. මහා දුකක් විඳිමින් සිට නැවත සෙත අත් පත් කරගත්තෙකු වශයෙන් හෝ දිගු කලක් අතුරුදහන්ව හිඳ ආපසු පැමිණ සිටින්නෙකු වශයෙන් හෝ සලකා ඔවුහු බාර්ඩ්ට ගරු බුහුමන් කළෝය. ඔවුන්ගේ හිතවත්කම නිසා බාර්ඩ්ගේ සිතට දිරිය උපන්නේය. ධාර්මික මිනිසෙකු බවට පත් ඔහුට ලෝකයට හිත වැඩ පිණිස තම ජීවිතය කැප කිරීම රිසි විය. පැරණි කෝප්‍රල් වරයා තුළින් පාසල් ගුරුවරයෙක් බිහිවුණි. ඔහු කුඩා දරුවන්ගේ සිත්වලට මුළුමනින්ම කාවැද්දූ දෙය ආදරය විය. කුඩා දරුවන් ඔවුන්ගේ කෙළි යහළුවෙකු සහ පියෙකු මෙන් සිතා තමාට ආදරය කරන තුරුම ඔහුද එය පුරුදු කළේය.
නෝර්වීජියානු ලේඛක
බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන් ගේ කෙටි කතාවකි.
https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%83%E0%B7%84%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA/299-682941

දොර රෙද්ද මෑත්කර කාමරයට එබී මංගලී පවසනු ඇසුණත් , මා සිටියේ නින්ද ගොස් ඇතුවාක් මෙන් මවාපානා උත්සාහයකය. මගෙන් පිළිතුරක් ලැබෙන තුරු පමා නොවූ ඇය ඉදිරිපස දොර වසාගෙන පිටව යනවාත් ත්‍රී රෝද රථයක් පණගන්වනවාත් ඇසුනෙන් තව දුරටත් නින්දේ යැයි ඇඟවිය යුතු නැති හෙයින් කොට්ටය ඇඳ ඉහපතට හේත්තුකර පහසු ඉරියව්වකට මාරු වුණෙමි.
පෙරදා රැයෙහි මා නින්දට යන තුරුම මංගලී ඇඳට පැමිණියේ නැත. නාන කාමරයේ සිට එන ගමන් මුළුතැන්ගෙට එබී බැලුවත් ඒ වන විටත් මංගලී හිටියේ පලා තෝරමිනි.
ඔච්චර කොළ මොකටද? "
" උදේට කැඳ හදන්න"
යැයි පැවසුවා මිස හැරී මා දෙස බැලීමට වත් මංගලී උනන්දුවක් දැක්වූයේ නැත.
පාන්දර තුනට පමණ මට ඇහැරුණේ පොල් ගානා හඬිනි.
" මංගලී නිදාගත්තෙම නැද්ද ?
සෙනසුරාදා වෙලත් මේතරම් පාන්දරින් පොල් ගාන්නේ මොකද?"
හිතුණත් මුළුතැන්ගෙයින් එන සද්ද බද්දවලට කන්දී සිටියා මිස ඇඳෙන් නැගිට ගොස් සොයා බැලීම වළකන හේතු කාරණා බොහොමයක්ම පසුගිය සතිය පුරාම සිදුවිය. එක වහල යට අවුරුදු ගණනක් එකට සිටි අප දෙදෙනා අමුත්තන් වී ඇත. මෙතුවක් කලක් උගුරට හොරා බෙහෙත් කන්නාක් මෙන් මංගලී සඟවාගෙන හිටි හැඟීම් එළිපිටම ප්‍රදර්ශනය වන්නට පටන්ගත්තේ පසුගිය සෙනසුරාදා සිටය.
අද නිවාඩු දිනයක් බැවින් පාන්දර නැගිටගෙන ඉවීමේ වුවමනාවක්ද නැත.
" කිරි බත් උයන්නද දන්නේ නෑ "
ඒත් අද මාසේ පළවෙනිදත් නෙවෙයි.කාගෙවත් උපන් දිනයකුත් නෙවෙයි.
" පාන්දර තුනට නැගිටගෙන කිරි බත් උයන්න මංගලීට පිස්සුද?
ඊටත් මේ වගේ වාතාවරණයක "
සතියේ දිනවල වැඩට ගෙනයෑම සඳහා කෑම පිසීමට වත් පාන්දර තුනට නැගිටින්නේ නැත. ඒ දිනවලද නැගිටින්නේ හතරහමාරට හෝ පහටය. මංගලී සමගම මමත් නැගිටින්නේ ඇයට පොල් ටික ගා දෙන්නටය. තේ වක්කරන්නේද මමය. උසස් පෙළ සඳහා සූදානම් වන දියණිය රැය පුරා නිදි වරා පාන්දරට නිදාගනී. ඇය මේ දින වල පාසල් යන්නේද නැත.
"දුවට පන්ති ගෙනියන්න උයනවද?
සෙනසුරාදාට පන්ති තියෙන්නේ හවසට නේ ?"
තවත් ඇඳට වී සිටීමේ තේරුමක් නැතැයි සිතුණු බැවින් නැගිට මුළුතැන්ගෙට ගියේ තේකක් හදාගන්නටය. මුළුතැන්ගෙට එබී බැලූ විට එය එකම යුද පිටියකි. උයා පිහා ඉතිරි වූ ඉතුරු බිතුරු එහෙමම දමා මංගලී ගොස් ඇත. එය ඇගේ සිරිත නොවේ. වැඩට යන දිනවලත් ඇය පිටව යන්නේ මුළුතැන් ගෙය පිළිවලක් කොටය. හොදි ඇතිලි පේලියට වසා ඇත.එය ගණනින් හතකි.
" මේ තරම් ඉව්වේ මොනවද?"
කරමූඩිය ඔසවා බැලූ විට දුටුවේ සුදු ලූනු මාළුවකි. ලොකු ඇතිලියේ පොලොස් ඇඹුලකි. කාරණය වැටහුණේ එවිටය. මංගලී පන්සලට ගොස් ඇත්තේ දං කදක් අරගෙනය. මගේ හදවත හිරි වැටී ගියේ කිසි දිනක නොදැනුණු වේදනාවකිනි.
" මංගලී මේ තරම් කාලයක් ජීවත් වෙලා තියෙන්නේ මා එක්ක නෙවෙයි "
ඒ සමගින්ම සිතේ ඇතිවූයේ නිර්දය ලෙස මා රවටා ඇතැයි යන සිතුවිල්ලකි . අවුරුදු විස්සක් පමණ එක වහලක් යට හිටියත් කවදාවත්ම මංගලී මට අවංක වී නැත.
උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රැකියාවට එක් වූ මා පරිපාලන සේවාව සමත්ව එවකට සේවය කරමින් සිටියේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේය. වයස තිස් පහකට ආසන්න වූවත් එතෙක් අවිවාහකව සිටීමට හේතුව වූයේ මගේ මව කේන්දරය හිස් මුදුනින් පිළිගත් නිසාය. සෑම සති අන්තයකම මව සමග මනමාලියන් බැලීමට ගොස් හති වැටී සිටි සමයකි එය. මව පවසා සිටියේ මගේ කේන්දරය සමගින් කිසිදු කේන්දරයක් නොගැළපෙන්නේ මගේ කේන්දරය එතරම්ම බලවත් නිසා බවය. නමුත් මා සිතා සිටියේ අවිවාහකවම ජීවිතයේ ඉතිරි අඩ ගෙවා දැමීමට සිදුවෙතැයි කියාය.
මංගලී පිළිබඳ ආරංචිය රැගෙන ආවේ ඇගේ මස්සිනා වන මගේ වෘත්තීය සගයකු වූ පියතිස්සය. ඒ වන විට වයස තිස් දෙකද ඉක්මවා සිටි මංගලීගේ විවාහය පමා වීමටද හේතුව කේන්දරය බව පැවසුවේ පියතිස්සය. උපාධිධාරිනියක වූ මංගලී රැකියාව කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේය. ගම මාතර වූ නිසා නැවතී සිටියේ තම අක්කාගේ නිවස වන පියතිස්සගේ නිවසේය.
" මුලින්ම කේන්දර බලලම ඉමු "
මා පැවසුවේ ඒ යෝජනාවත් එතනින්ම නිම වන්නට බොහෝ ඉඩකඩ තිබූ නිසාය.
පසුදා උදෑසනම පියතිස්ස මංගලීගේ කේන්දරය රැගෙන ආවේය. අම්මා එය බලවාගෙන පැමිණියේ පස්වනක් ප්‍රීතියෙන්ය.
" ඔන්න බලන්න පහුවෙලා හරි හරියටම හරියන කෙනා ලැබුණා."
" තවම බලන්න ගියෙවත් නැතිව "
මම කීවෙමි.
" බලන්න දෙයක් නැහැ. ඕක හරියනවා. ගෑනු ළමයත් හොඳ ඇති" අම්මා පැවසුවේ විශ්වාසයෙනි.
ඊළඟ සෙනසුරාදා මව සමග පිළියන්දල පිහිටි පියතිස්සගේ නිවෙසට ගියේ මනමාලිය බැලීමටය.
වැඩි විච්චූරණ නැති ලා පැහැති සාරියකින් සැරසී සිටි මංගලී මට තවම මතකය.
මෙතුවක් බලන්නට ගිය කිසිම යුවතියකගෙන් නොදුටු සිරියාවක් මා මංගලී වෙතින් දුටුවේය. කිසිදු සබකෝලයක් නැතිව කතාබහ කරමින් අපට සංග්‍රහ කළ මංගලී මවගේද සිත් ගෙන තිබිණි. විවාහයට පෙර අපට ඇසුරු කිරීමට ලැබුණේ ටික කලකි. එයත් බොහෝවිට නෑදෑ පිරිවර අතරේය. තනිව හමුවූ දින දෙක තුනට මංගලී යනු මට ගැළපෙනම ගැහැනිය යැයි මම තීරණයකට එළැඹුනෙමි.
කඩිනමින්ම විවාහ දිවියට පිවිසි අපි පදිංචි වූයේ මා සාදා නිමකර තිබූ මහරගම නිවසේය. මංගලී ඉතා ඉක්මනින් විවාහ දිවියට හුරු වූවාය. උදෑසන උයා පිහා බත් බැඳගෙන නිවෙසින් පිටවන අප බොහෝ විට නිවෙසට පැමිණියේද එකටමය. මංගලී කා සමගත් සුහදව ඇසුරු කළ නමුත් ඇයට විශේෂ මිතුරු මිතුරියන් නොමැති බව ටික කලකදීම මට වැටහිණි. එමෙන්ම අතීත තොරතුරු හෝ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳ තොරතුරු ඈ කතා නොකළ තරම්ය. මා මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීනයන්ගේ සුහද හමු සඳහා නොවරදවාම සහභාගී වූ නමුත් මංගලී ඒ කිසිවකට සහභාගී නොවූවාය.
විවාහයෙන් වසරක් ගිය තැන අපට දියණියක් ලැබිණි. දියණියට වසර දහයක් වන තෙක්ම ඇය රැක බලාගැනීමට මංගලීගේ මව අප සමග නැවතී සිටියාය. කුහුල දනවන දෙබසක් මා සවනට වැටුණේ දිනක් අහම්බෙන් මුළුතැන්ගෙය දෙසට යද්දීය.
" උඹ තවම අර සමිබන්ධය ගැන හිතනවද ?
මෙච්චර මේ දෙවියෙක් වගේ මිනිහෙක් ලැබිලා ඉඳිද්දී "
" අම්මට පිස්සුද අම්මේ,
මම ඒවා ඔක්කොම අමතක කරලා ඉවරයි "
ඉන් පසු පැතිරුණේ නිහැඬියාවකි. යන ගමන නවතා ඉස්තෝප්පුවට පැමිණ පුටුවක වාඩිවූ මට ඇති වූයේ අනවශ්‍ය යමක් හදවතට ඇතුළු වූවා වැනි හැඟීමකි . කල් යත්ම ක්‍රමයෙන් එය අමතකව ගියේය.
අප දෙදෙනාගේ විවාහ දිවිය ප්‍රීතිමත් එකකැයි මගේ පැත්තෙන් බලා පැවසීමට හැකිය. හැලහැප්පීම් හෝ ගැටුම් අප අතර නොවීය. කිසිදු විටක මගේ අදහස් ඉක්මවා කටයුතු කිරීමට මංගලී උත්සාහ දැරුවේ නැත . විශ්වවිද්‍යාලේදී හෝ යුවතියක හා පෙමින් නොබැඳුණු මම අවංකවම මුළු හදවතින්ම මංගලී හා බැඳුණෙමි. නමුත් මංගලී ඇත්තටම සතුටෙන් දැයි මාහට විටෙක සිතිණි.
මංගලීගේ යම් ගුප්ත ස්වභාවයන් හැඟුණු තැන් නැතිවාම නොවුණි. යම් දුකක් , සුව නොවන වේදනාවක් වැනි යමක් ඇය සඟවාගෙන ඇතැයි විටෙක මට සිතිණි. නමුත් ඒ පිළිබඳව විමසීමට තරමේ යමක්ද නොතිබිණි.
මහා මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන විට අපේ විවාහයට දස වසරක් පමණ ගතවී තිබිණි. බුරුතු පිටින් අලුත් මුහුණු දේශපාලන කරලියට පැමිණුනි. වාද විවාද සාකච්ඡා රෑ මැදියමද පසුවන තුරුත් රූපවාහිනි නාලිකාවල විකාශය විය. වෙනදා නැති උනන්දුවකින් මංගලී රූපවාහිනි ප්‍රවෘත්ති කෙරෙහි උනන්දු වූවාය. පසුවදාට වැඩට යාමට තිබියදීද සමහර දිනවලදී මැදියමද ගෙවෙන තුරු දේශපාලන සාකච්ඡා අසා සිටියාය.
" මොකද?
ඡන්දෙ වත් ඉල්ලන්නද ?"
මා කීවේ විහිලුවටය.
" නෑ ඉතිං , අපිත් මේවා දැනගෙන ඉන්න එපායැ"
මංගලී පැවසුවේ මුහුණ රතු කරගෙනය.
ටික දිනක් ගතවෙද්දී අලුත දේශපාලනයට එක්වූ මුහුණක් කතාකරද්දී මංගලීගේ ඇස් දිලිසෙන බවත් දැඩි උනන්දුවකින් ඊට කන්දෙන බවත් නිරීක්ෂණය වූයේ අහම්බෙන් මෙන්ය. ඒ ඔස්සේ තව දුරටත් යාමේදී එහි යම් සත්‍යයක් ඇති බවත් ඒ සාකච්ඡාවලදී ඔහුට අවාසිදායක කරණු ඉදිරිපත් වීමේදී මංගලීගේ ඇස් අඳුරු වන බවත් රූපවාහිනිය නිවා දමා ඇඳට යන බවත් මට සහතික විය. තවත් ඉවසා සිටිය නොහැකි වූ දිනයක
" ඔයා දීඝායු සූරියබණ්ඩාරව අඳුනනවද?"
විමසුවේ මටම මා පාලනය කරගත නොහැකි වූ විටකය. තිගැස්සුණු මංගලී පුදුමයෙන් මා දෙස බලා
" ඔව්, මම ඉන්න දවස්වලමයි පේරාදෙණියේ හිටියේ. අපිට වඩා සීනියර් "
පැවසුවේ සන්සුන් වන්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින්ය.
දීඝායු පිළිබඳව සොයන්නට මා පෙළඹුණේ ඒ අනුවය. උඩරට වංශවත් පවුලකින් පැවත එන ඔහු ඉඩම් හිමියෙකි. එමෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකි. දේශපාලනයට පිවිස ඇත්තේ පරම්පරා උරුමය අනුවය. මෙයට පෙර ඔහුගේ සීයාත් , මහප්පාත් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. විවාහ වී සිටින්යේද හිටපු ඇමතිවරයෙකු වූ සාලිය රණබාහුගේ දියණිය සමගය.
දීඝායු ඉදිරිපත් වූයේ අප එතෙක් කලක් සහාය දැක්වූ පක්ෂයෙන් නොව විපක්ෂයෙනි. මංගලී තම අදහස් සහ මතවාද ශීඝ්‍රයෙන් වෙනස්කරගනිමින් සිටියාය. කෙළින් නොපැවසූවත් එවර ඇගේ සහාය විපක්ෂයට බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. කිසිවක් නොපැවසූ මම කරබාගෙන හිටියේ දේෂපාලන මත වාද එක වහල යට නොතිබිය යුතු බැවින්ය. කෙසේ හෝ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් විපක්ෂය බලයට පත්විය. ඒ දින කිහිපයේ මංගලීගේ මුහුණේ තිබුණු එළිය මට තවම මතකය.
ගෙවී ගිය දස වසක කාල පරාසය තුළ දිඝායු යනු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. මන්ත්‍රීවරයකු , උප ඇමතිවරයකු ලෙසින් පැමිණි ගමනේ අවසන ඔහු නතරවූයේ බලයේ සිටින රජයේ ප්‍රබල ඇමති පදවි කිහිපයක්ම දරමිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් පදවියකට උසස්වීමක් ලද මංගලීද සිටියේ ඔහුගේ අමාත්‍යශයකට අනුයුක්තවය.
දැනට මාස දෙකකට පමණ ඉහතදී දියණිය අසනීපවී රෝහල් ගතකිරීමට සිදුවිය. දියණිය සමග රෝහලේ නතරවූ මංගලීට අවශ්‍ය ඇඳුමක් ගෙනයාමට මංගලී ඇගේ අල්මාරියේ යතුර මට දුන්නාය. ඉන් පෙර කෙදිනකවත් මා ඇගේ අල්මාරිය ඇර තිබුණේ නැත. ඇය ගෙනෙන්නට කියූ ඇඳුම එක්වරම සොයාගැනීමට හැකි වූයේ නැත. රෙදි කිහිපයක් පිටතට අදිද්දී එක්වරම බිමට වැටුණේ පැරණි දින පොතකි.වහා එය ඇහිඳ අල්මාරිය තුළට දමන්නට හදද්දී එතුළින් පිටතට පැමිණ තිබෙන ඡයාරූපයක් දුටුවේ අහම්බෙනි. එදෙස නොබැලුවානම් හොඳයැයි සිතුණේ බැලූ පසුවය.
වර්ණය මඳක් වියැකී තිබූ එහි සිටියේ තරුණ යුවළකි. තරුණිය මංගලීය. හොඳින් බලනවිට මට පෙනීගියේ ඒ තරුණයා දීඝායු ඇමතිවරයා බවය. ඔවුන් වාඩිවී සිටියේ පේරාදෙණි වළේ ගැට්ටකය. මංගලී නොකියූ බොහෝ දේ එම ඡායාරූපයෙන් මාහට කියවාගත හැකි විය. මට දැනුණේ කොහේ හෝ තැනක මා අතහැර දමා ඇති බවය. ඡායාරූපය දින පොත ඇතුළටම දමා රෙදි අතර සැඟවූ මම මේවනතුරුම ඒ පිළිබඳව මංගලී සමග කතා නොකළෙමි.
එදා සිට මා මංගලී පිළිබඳව දුටුවේ වෙනත් ඇහැකිනි. වෙනත් කෝණයකිනි. මා නොදත් බොහෝ රහස් සඟවා සිටින රහස් ගබඩාවක් පරිද්දෙනි. මට දැනුණේ මමත් මංගලීත් වෙනත් කක්ෂයන් දෙකක භ්‍රමණය වන ග්‍රහ වස්තූන් දෙකක් පරිද්දෙනි. නමුත් මා අවංකවම මංගලීට කිසිදු වෙනසක් දැක්වූයේ නැත. නමුත් මංගලීගේ දශමයක වෙනසත් මට රිදෙන මට්ටමට පැමිණ තිබිණි.
මෙම වසර මැතිවරණ වර්ෂයක් විය. දකුණු අත යැයි හැඳින්වෙන තරමටම දීඝායු ඇමතිවරයා ජනාධිපතිතුමා හා සමීප ඇසුරක් පැවැත්වීය. මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ලබන්නේ දීඝායු ඇමතිවරයාය යන්න බොහෝ දෙනාගේ අදහස විය. සැබවින්ම ඔහු හොර මැර වංචාවලින් තොර යහපත් අයෙක් ලෙස කා අතරත් ප්‍රසාදය දිනාගෙන තිබිණි.
ගිය සතියේ සිකුරාදා මා කාර්යාලයේ සිටිද්දී මංගලීගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. උණ ගැනෙන්නට එන බැවින් වේලාසන ගෙදර යන බව ඇය පැවසුවාය. නිවාඩුවක් දමා පැමිණෙන්න දැයි විමසුවත් ඇය පැවසුවේ, දැනටමත් තමන් කාර්යාලයෙන් පිටවී ත්‍රීරෝද රථයකට නැග ඇති බවය.
එම ඇමතුමෙන් පසුව කාර්යාල කාමරයෙන් පිටතට පැමිණි මට යම් සිදුවීමක් සිදුවී ඇති බව දැනුණේ කාර්යාලයේ සේවකයන්ගේ හැසිරීමෙනි. සිදුවී ඇත්තේ කුමක්දැයි විමසූ විට දැනගැනීමට ලැබුණේ හදිසියේ අසනීප වී රෝහල් ගතකළ දීඝායු ඇමතිවරයා ඊට ටික වෙලාවකට පෙර මියගොස් ඇති බවය. දැනගත් තොරතුරු වලට අනුව ඇමතිවරයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකිනි.
එදින හවස වැඩ නිමවී මා නිවෙසට පැමිණියේ මහා බරක් හිස මත තබාගෙන පැමිණෙන්නාක් පරිද්දෙනි. මා පැමිණෙන විටත් නිවෙස තිබුණේ අඳුරේය. එදින දියණිය ප්‍රමාදවී පැමිණෙන දිනයකි. ඇතුළෙන් අගුල්දා තිබූ දොර මා සතු යතුරෙන් ඇරගෙන නිවෙසට ඇතුළු වූ මා පැය බාගයක් පමණම අඳුරේම සාලයේ වාඩිවී සිටියේ මංගලීට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමිනි. නිවසේ විදුලි පහන් දල්වා නිදන කාමරයට එබී බලද්දී මංගලී ඇඳේ හරහට වැතිර සිටියාය . ඇඟට අත තබා කතාකලත් මංගලී කතා නොකළාය.
නමුත් ඇය සිටින්නේ අවදියෙන් බව මට රහසක් නොවීය.
ගතවූ දින කිහිපයේම රූපවාහිනී නාලිකාවල වැඩි ඉඩක් වෙන්කර තිබුණේ ඇමතිවරයාගේ අභාවය වෙනුවෙනි. ඒ කිසිවක් නැරඹීමට මංගලී උනන්දු නොවූවාය. මංගලී උත්සාහ කළේ මා මගහැර සිටින්නටය. ඇය රාත්‍රීයේ ඇඳට පැමිණෙද්දී මට නින්දගොස්ය. උදෑසන මා නැගිටින විට ඇය වැඩ පටන්ගෙනය. මංගලී දින තුනක්ම වැඩට නොගිහින් හිටියේ ඇඟට හරි නැති බව පවසමිනි.
" බෙහෙත් ටිකක් ගන්න යං"
යැයි කතා කළත්,
" අදත් බලමු "
ඇගේ පිළිතුර විය. එකම රථයේ වැඩට යද්දී වුවද ඇය සිටියේ වෙනත් කල්පනාවකය. අසන යමකට වුවද පිවිතුරු දුන්නේ කල්පනාවෙන් තොරවය. අවසන ඇයට ඇගේ පාඩුවේ ඉන්නට දෙන්න මම මගේ හිත හදාගත්තෙමි.
ඊයේට දීඝායු ඇමතිවරයා මියගොස් දින හතකි. ඒ වෙනුවෙන් තම අතින්ම පිසූ දන් කදක් පන්සලට පූජාකරන්නට මංගලී හිතන්නට ඇත. ඉන් වත් ඇගේ හිත හැදෙනවානම් ලොකු දෙයකි. කාටත් යහපතකි. උගුරට හොරා බෙහෙත් ගිලිමින් ගතකරන අමිහිරි යුගය අවසන් කිරීමට නම් ඇය සමග මේ පිළිබඳව විවෘතව කතා කළයුතුයැයි මම සිතාගතිමි. නැතිනම් මේ දින කිහිපයේ අප නිවෙස වෙලාගත් අඳුර සදහටම පවතිනු ඇත.

" ලසන්ත, ඔය බෑග් ටික සාලේ මේසය උඩින් තියන්න. "
කියාගෙන රථයෙන් බිමට බැස්ස වසුන්දරා කඩිසරව ගෙට ඇතුළු වූවාය. වෙලාව හවස තුන පමණ වුවත් පරිසරයේ පැවතියේ දරාගත නොහැකි උණුසුමකි. ඔසරි පොටින් පවන් සලමින් වසුන්දරා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගත් නිසා වහාම විදුලි පංකාව ක්‍රියාත්මක කළ ජයන්තී,
සුදු හාමිනේට බොන්න මොනවාහරි ගේන්නදැයි ඇසුවාය.
" මට වතුර එකක් ගේන්න ජයන්ති.
ඇඟ හෝදගෙන කාලම ඉන්නවා. හරි බඩගිනී.
ගිනි අව්වේ එහාට මෙහාට ඇවිදලා මට නිකං කරකැවිල්ල වගේ.
ලසන්තටත් කන්න දෙන්න.
ජයන්ති කාලද?"
අනිත් අතට වසුන්දරා ඇසුවාය.
" ඔව් ,බලා ඉඳලා මම කෑවා.
ටවුමේ සෙනගද සුදු හාමිනේ."
ජයන්ති ඇසුවේ පීරිසියක තබාගෙන ආ වතුර වීදුරුව වසුන්දරා අතට දෙන ගමන්ය.
" පුදුම සෙනගක් ජයන්තී .
කොහෙන් එන සෙනගද දන්නේ නැහැ.
බැංකුවට ගියා. එතැනත් පෝලිම. මම නම් හැමදාම යන කඩයට ගිහින් අපි දෙතුන්දෙනාට ඇඳුම් තෝරගෙන ආවා මිසක් කඩ ගානේ ගියේ නැහැ. අනිත් බඩු ලසන්ත අරගෙන එනකම් මම කාර් එකට වෙලා වාඩි වෙලා හිටියා.
ලසන්තගේ දරුවන්ටයි නෝනටයි ඇඳුම් ගන්න කියලා සල්ලි දුන්නා .
කිරි කපන කට්ටියට ඇඳුම් ගන්න කලින්ම සල්ලි දුන්න එක හොඳට ගියා.
මට දැන් ඕවා කරන්න බැහැ ජයන්තී.
මිනිස්සුන්ට සල්ලි නෑ, නෑ කිව්වට රෙදි කඩවල පෝලිම."
" හුඟක් මිනිස්සු රෙදි කෑල්ලක් ගන්නේ අවුරුද්දට විතරයිනේ. වැඩ කරන තැන් වලින් බෝනස් එහෙමත් හම්බවෙනවා කියන්නේ. ඉතින් වන්දනාවේ යන්න වගේ රෙදි කඩවලට රිංගනවා."
ජයන්ති කීවේ හිස් වීදුරුව අතට ගන්නා ගමන්ය.
" එක අතකට අපිට ඕවයේ ගානක් නැති වුණාට දරු මල්ලෝ නෑදෑයෝ ඉන්න අයට අවුරුද්දක් ලබනවා කියන්නේ සතුට ගේන දෙයක්."
සුසුමක් හෙලූ වසුන්දරා ගෙතුළට ගියේ ඇඳුම් මාරු කර, ඇඟ සෝදාගැනීමටය.
උදේ හත, හතහමාර වන තුරු නිදාගැනීම වසුන්දරාගේ සිරිතය. වසුන්දරා නැගිටීමට පෙර නිවෙස අතු පතු ගා උදේ කෑමද මේසයට ඇර ජයන්ති බලාසිටින්නේ උණු උණුවේම කිරි කෝපි එක සාදා දෙන්නටය. ඒත් එදා ජයන්තී පුදුම වුණේ හය හමාරටත් කලින් කුස්සියේ දොරකඩ පෙනී සිටි වසුන්දරා දැකීමෙන්ය.
" ඇයි සුදු හාමිනේ, නින්ද ගියේ නැද්ද?
" කොහෙ නිදාගන්නද?
කන ළඟින්ම වගේ උණ වෙඩි පත්තුවෙන්න ගත්තනේ."
" ඔය රමණිලගේ ගෙදර පොඩි එවුන්.
ඊයේ හවස ඉඳලම මම දැක්කා උණ බටයක් වට කරගෙන ගිනි පිඹිනවා. රමණිගේ නඩේම අවුරුද්දට ගමට ඇවිල්ලා. දරුවොයි, දරුවන්ගේ දරවොයි එකතු වුණහම රමණිට ගෙදරම අවුරුදු උත්සවයක් වුණත් තියාගන්න පුළුවන්. "
ජයන්තී හදා දුන් කිරි කෝපි එකත් අරගෙන ඉස්තෝප්පුවට ගිය වසුන්දරා හාන්සි පුටුවේ ඉඳගත්තාය. ලසන්ත මිදුල අතුගායි. වේලුණු කොළ සර සර ගා මිදුල පුරා දුවයි. ඒ එක කොළයකටවත් බේරී යන්න නොදෙන ලසන්ත ඉදලෙන් මට්ටු කර මිදුලේ තැන තැන ගොඩවල් ගසයි. අඹ ගස්වල අඹ පිරිලාය. උදේට හොඳ අඹ වගේම අඹ කොටත් කූඩයක් පිරෙන්නට ඇහිලිය හැකිය. තාප්පය අයිනේ ඇති අඹ ගස් තුන හතර බදු ගන්නට කීපදෙනෙක් ආවත් වසුන්දරාට දෙන්නට හිත දුන්නේ නැත. පාරට වැටෙන ගෙඩි අහල පහල ළමයින්ටත් ඉතිරිය කුරුල්ලන්ට,ලේනුන්ට හා වවුලන්ටත් වෙන්කර තබන්නට වසුන්දරා කැමතිය. උදේට ඇහිඳගන්නා අඹ පමණක් හවසට ලසන්ත ගෙදර යන විට රැගෙන යයි.
අඹ ගස්වලට වසුන්දරාට වඩා වයසය. පුංචි කාලයේ අයියලා තුන් දෙනාටත් වසුන්දරාටත් තාත්තා අඹ කපලා දෙන්නේ ඉදුණු අඹ කූඩයක් ළඟ තබාගෙනය. ඒත් ඉඳහිට කන අඹයක දැන් ඒ රසය නැත්තේ ඇයි දැයි වසුන්දරාට හිතාගන්නට බැරිය.
පාර පැත්තෙන් වීසිවී ආ පොලු කෑල්ලක් අඹ වල්ලකට වදිනුත් අඹ පොකුර කැඩී වීසිවෙනුත් වසුන්දරා බලාගෙනය. අඹ වල්ල වැටෙනවත් එක්කම කලබල වූ ලසන්ත ගේට්ටුව ඇරගෙන පාරට පැන කොල්ලන් රොත්තක් පසුපස එළවාගෙන ගියේ වටු රැලක් පසුපස පන්නන වටු වැද්දෙකු වාගේය. කොල්ලන් රැළම රිංගා ගත්තේ රමණිගේ වත්තටය. වසුන්දරාට හිනහය. ඒ රමණීගේ මුණුබුරන් වන්නට ඇත.
" මූං නම් කොල්ලෝ නෙවෙයි මාරයෝ."
ඉදලත් වනමින් ලසන්ත ගේට්ටුව වසා දමන්නේ රමණිලාට බනිමින්ය.
" ඔන්න ඔහේ කමක් නෑ ලසන්ත.
පොඩි එවුන් නේ."
" එහෙම කියලා බෑ මැඩම්. දැන්ම බය කරලා තියාගත්තේ නැත්නම් පස්සට මේවායේ වසන්න හම්බවෙන්නේ නැහැ."
කම්මැලිකමට ෆෝන් එක අතට ගත් වසුන්දරා එහි උඩ පහල ගියාය. අවුරුදු සුබ පැතුම්, අවුරුදු සිංදු, වෙළෙඳ වාසි, ගවුම් මෝස්තර විතරක් නොව රස කැවිලි සාදන පහසු ක්‍රමවලින් ෆෝන් එක පිරිලාය.
" අපිත් තෙල් තාච්චියක් ළිපේ තියන්නේ නැද්ද සුදු හාමිනේ ?"
ජයන්තිගේ හඩින් හිස ඔසවා බැලූ වසුන්දරා මොහොතන් නිහඬව සිටියාය.
" අපි දෙන්නටම සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්.
ඒත් මොනවා කරන්නද ?
කොකිස් ටිකක්වත් හදමු."
" අද දහ තුන. හෙට දාහතර. හෙට තමයි අවුරුදු.
එහෙනම් දවල්ට උයලා ඉවරවුණු ගමන් මම හාල් ටිකක් දියේ දාන්නම්. රෑට කොකිස් බදිනවා."
ජයන්තිගේ මුහුණේ සතුටු හිනාවකි.
" මම බ්ලෙන්ඩර් එකේ පිටි ටික කොටලා දෙන්නම්. ජයන්ති මෝල් ගස් උස්සගෙන දඟලන්න ඕනෑ නැහැ. "
දහවල් කෑමෙන් පස්සේ ලසන්ත සූදානම් වූයේ වේලාසන ගෙදර යාමටය.
" මං නැතිව මැඩම්ලට දවස් තුන හතරක් ඉන්න වෙනවා. අපේ එක්කෙනාගේ ගමේ ගිහින් එන්නත් හිතාගෙන ඉන්නවා."
ලසන්ත කීවේ වසුන්දරාට වඳින ගමන්ය.
හාල්, පොල්, සිල්ලර තුනපහ පමණක් නොව සැලකිය යුතු මුදලකුත් වසුන්දරා ලසන්ත අත තැබීය.
" කමක් නෑ ලසන්ත. අපි දෙන්නා මේ වැඩ ටික බලාගන්නම්.
අනිත් එක මට විශේෂ ගමනකට තියෙන්නේ පන්සලට යන එක විතරයි. පන්සලට නම් මටයි ජයන්තිටයි පයින් ගිහින් එන්න පුළුවන්.
මොකෝ මගේ අයියලගේ ගෙවල්වල යන්න කියලයැ. "
ලසන්තත් නික්ම ගිය පසුව නිවසේ රජයන්නට වූයේ වෙනදා නොදැනුණු පාළුවකි. බාහිර පරිසරය නැවුම් බවකින් කුළුගැන්වී තිබුණත් වසුන්දරාට දැනුණේ තමන් දෙදෙනා පමණක් හුදෙකලා දූපතක තනිවී ඇති බවකුයි. තැනින් තැන රතිඤ්ඤා පිපිරෙන සද්දය, සුළඟට මුසුවී එන කැවිලි සුවඳ, ඈත ලවුඩ්ස්පිකරයකින් ඇසෙන අවුරුදු ගීතය පමණක් නොව සති කීපයක සිට වසුන්දරාලාගේ වත්තේ නැවතී සැරින් සැරේ අවුරුදු මතක් කරන කොහාගේ සද්දයද අයිති වන්නේ ඒ දූපතෙන් එහා ලෝකයටය.
වසුන්දරා ඇඳේ ඇලවූණේ මහන්සියට නොව පාළුවටය. රමණිලාගේ ගෙවල් පැත්තෙන් ඇහෙන්නේ කැට පෙරළන හඬකි. රමණීගේ දරු මුණුබුරන් කැට ගසනවා වෙන්නට ඇත.
ඒ අතරින් බිලිඳකු කෑ මොර දෙන හඬක්ද විටින් විට වසුන්දරාට ඇසේ.
" අර චූටි ගෙයි ඔය තරම් රොත්තක් රිංගගෙන ඉන්නකොට පොඩි එකාට රස්නේ ඇති. "
ඒත් ඒ බිලිඳු හඬින් තමන්ගේ හදවතේ සියුම්ම තැනක් පහුරු ගානවා වගේ දැනුනෙන් , වසුන්දරා කෙලින් වී ඇඳ විට්ටමට කොට්ටය තබා එයට හේත්තු වූවාය.
වසුන්දරා, පුතුන් තිදෙනෙකුට පසුව සිරිමාන්න පවුලට ලැබුණු එකම දියණියයි. විදුහල්පති වරයෙකු වූ සිරිමාන්න මහතාත් ගුරුවරියක වූ තිලකලතා ඉස්කෝලේ හාමිනේත් ඇහැක් වගේ වසුන්දරා බලාගත්තේ තම පවුලේ ගෞරවය වාගේම බැබලීමත් වසුන්දරා ලෙස සලකමින්ය. අයියලා තුන්දෙනා කොළඹ ඉස්කෝලවල නේවාසිකව ඉගෙනගත්තත් වසුන්දරා ආසන්න නගරයේ බාලිකාවට ගියේ තිලකලතා ඉස්කෝලේ හාමිනේ එහිම ගුරුවරියක වූ නිසාය. ගෙදර වාහනයෙන්ම යන එන වසුන්දරා ගමේ අය සමග වැඩි ඇසුරට නොවැටුණේ ඇගේ ආඩම්බරයක් නිසා නොව ඒ සඳහා ඇයට අවස්ථාවක් නොලැබුණු නිසාය.
පාසලේදී ඇසුරට කොතෙකුත් මිතුරියන් හිටියත් කුඩා වසුන්දරා ගෙදර ආවේ අල්ලපු වත්තේ රමණී සමග සෙල්ලම් කිරීමට බලාගෙනය. රමණීද වසුන්දරාගේ පෙළේමය. වසුන්දරාලාගේ වත්තක කිරි කැපූ රමණීගේ මවුපියන්ට දරුවකුට හිටියේ රමණී පමණි. රමණී ගියේ ගමේ ඉස්කෝලෙටය.
සාමාන්‍ය පෙළ ලියා ගෙදර නැවතුණු රමණී රෙදි වියන තැනක වැඩට යද්දී උසස් පෙළ හොඳින් සමත්වූ වසුන්දරා විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. වැඩට යද්දී හඳුනාගත් කපිල සමග රමණී පැන ගිය බවත් දරුවකු ලැබීමට ඉන්නා නිසා නැවතත් කපිල සමගම නිවසට පැමිණ සිටිනා බවත් ආරංචි වූයේ වසුන්දරා පේරාදෙණියේ සිට නිවාඩුවකට පැමිණ සිටි වෙලාවකය.
වසුන්දරා රමණී බලන්නට ගියේ අම්මා එපා කියද්දීය. වැහැරණු ශරීරයත්, නෙරා ආ කුසත් දරාගෙන රමණී පොල්කිච්චියක මෙන් සිනාසුණා වසුන්දරාට මතකය. පේරාදෙණියෙන් හෝ වසුන්දරාට පෙම්වතෙක් සොයාගැනීමට බැරි වුයේ මන්තරයක් ජප කරනා ලෙස අම්මා මැතිරූ උපදෙස් මාලාව නිසාය.
" ඕවයේ නෑ අපිට ගැළපෙන අය.
මුලින්ම බලන්න ඕනෑ පෙළපත.
ඊළඟට යමක් කමක් තියෙනවද කියන එක.
බොන කන අය නම් අපිට හරියන්නේ නැහැ. "
අවසානයේ වසුන්දරා පේරාදෙණියේ සිට ආවේද ගියා වාගේම තනිකඩවය. තාත්තාගේ මැදිහත් වීම නිසා පත්වීම ලැබුණේද නිවසේ සිටම යන දුරක තිබූ ඉස්කෝලෙකටය.
කපුවන්ගේ යාම් ඊම්, හෙප්පු ඇල්ලිලි, කැම මේස ඇරිලි, අතරම කාලය ගෙවී ගියේ කාටත් හොරාය. වසුන්දරාගේ කේන්දරයේ සෙනසුරු හිටියේ ඉන්නට ඕනෑ තැන නොව සෙනසුරුට ඕනෑ තැනය. කුජ හතේ පදිංචි විය. එන එන කේන්දර ප්‍රතික්ෂේප විය. හරියන කේන්දරවල අයිතිකාරයෝ වසුන්දරාට හරි ගියේ නැත. ඔය අතර රමණීගේ පවුල දරුවන් හය දෙනෙක් දක්වාම පුළුල් විය.
" අයියලගේ යුතුකම තමයි තමන්ට කලින් නංගිව බන්දලා දෙන එක. "
වසුන්දරාට අවුරුදු විස්සේදී තාත්තා කිව්වේ එහෙමය. ඒත් මුලින්ම පෝලිමෙන් පිට පැන්නේ දෙවෙනි අයියාය. වසුන්දරාට තිහ වෙනකොට අයියලා තුන්දෙනාම විවාහකය. වසුන්දරාට හතළිහ වෙනකොට අයියලා රට හැරගොස්ද අවසන්ය. ඉන් පසු එළැඹියේ අම්මාත්, තාත්තාත් මාරුවෙන් මාරුවට ලෙඩ වෙන කාල පරිච්ඡේදයය. ඒ වන විට වසුන්දරා තවමත් ගෙදර බව අයියලාට මෙන්ම අම්මලාටත් අමතකවී ගොස්ය. ආම්මාගෙත් තාත්තාගේත් ලෙඩ ඇඳන් ළඟ හිඳ සත්කාර කරද්දී වසුන්දරාට හිතුණේ හිතා මතාම තමන් ගෙදර රඳවාගත් බවක්ය.
වසුන්දරාට පනහා වෙද්දී අම්මත්, තාත්තත් පරලොව ගියේ මහා ගේ පත්තන්දරයක්, දේපළ නඩු අටෝරාශියක් වගේම ජයන්තීද වසුන්දරා පිට පවරාය. දේපළ නඩු බේරුමක් කර අයියලාගේ කොටස් වෙන්කර පිළිවලක් වන විට වසුන්දරාට විශ්‍රාම යන කාලය හරිය. මෙනවියක් ලෙස ගුරු සේවයට එක් වූ වසුන්දරා මෙනවියක් ලෙසම අවුරුදු හැටේදී විශ්‍රාම ගියාය. වසුන්දරාට උරුමවූ ගොඩ මඩ ඉඩකඩම්වල වැඩට කිහිපදෙනෙකු හිටියත් රබර් කට්ටිය බලාහදා ගන්නේ රමණීත්, කපිලත්ය. තවමත් රමණීත් වසුන්දරාත් අතර කුඩා කල ඇල්ම ඒවාගේම පැවතියත් එය පෙන්වීමට දෙදෙනාම ඉක්මන් වන්නේ නැත.
දෙදෙනාම එක්වී කොකිස් ටික බැදගන්නා විට රෑ දහයද පසුවෙලාය. කොකිස් බදිද්දී හැමූ තෙල් සුවඳ ගේ පුරා විහිදුනේ එතෙක් අරක්ගෙන තිබූ පාළුව අඳුර එක සැණින් පලවාහරින්නට මෙන්ය. ළිප ගිනි මෙලවීමේ නැකත තිබුණේ පසුදා උදෑසන දහයයි හතළිස්පහටය. අනුභවය තිබුණේ දොළහයි දහයටය. උදෙන්ම ජයන්තී සමග පන්සල් ගිහින් ආ වසුන්දරා ජයන්තී ආහාර පිසින තුරු රූපවාහිනියේ රට වටා අවුරුදු සිරි නැරඹුවාය. නැකතට ගම පුරාම රතිඤ්ඤා පත්තුවූවත් රතිඤ්ඤා පත්තුනොවූයේ වසුන්දරාලාගේ නිවසේ පමණි. ඒ අඩුව පුරවන්නට මෙන් රමණිලාගේ නිවසින් ඉහළ නැගි අහස් කූරු දෙක තුනක් පුපුරා ගියේ වසුන්දරාලාගේ වහලය උඩය.
දවල්ට කිරිබත් කෑ පසු වසුන්දරාට මෙන්ම ජයන්තිටද දැනුණේ අලස නිදිමත ගතියකි. ඇඳට ගොස් නිදාගන්නට හිතුණත් මේ අවුරුදු දවසේ අවේලාවේ නින්ද හොඳ නැතැයි සිතූ වසුන්දරා තමන්ගේ සුපුරුදු හාන්සි පුටුවේ දිග ඇදුණාය. ජයන්තිත් පැමිණ ඉස්තෝප්පුවේ පඩිය උඩ වාඩිවූයේ බණ පොතක් කියවන්නටය. ඇහැ පියවීගෙන එද්දීම වසුන්දරාට ඇහැරුණේ ගේට්ටුවේ කොක්ක පන්නන සද්දයටය. වසුන්දරා කෙලින් වී පුටුවේ වාඩිවුයේ පැමිණෙන්නේ කවුදැයි බැලීමටය.
ආවේ රමණිය. රමණී අතේ සුදු රෙද්දකින් වැසූ කැවිලි පිඟානකි. ඒ පස්සෙන් පොඩි කොලු, කෙලි පෙරහැරකි. රැගෙන ආ කැවිලි පිඟාන ජයන්තී අතට දුන් රමණී පඩිය උඩින්ම වාඩිවූවාය.
" රමණිට අවුරුදු ජය වගෙයි ."
" අනේ මොන ජයක්ද සුදු හාමිනේ.
මෙන්න මේ ළමයි ටික ගෙදර ඇවිත් ඉන්නවා."
උඩු ඇන්දේ ඉස්සරහම දතක අඩුව පෙන්වමින් රමණී සිනාසුනාය.
" තෑගි එහෙමත් ලැබෙන්න ඇතිනේ."
" අපෝ ඔව්.
මටයි, ළමයින්ගේ තාත්තටයි උන්ට පුළුවන් හැටියට තෑගි බෝග අරගෙන ආවා. ඒවයින් නම් අඩුවක් නැහැ. දෙයියනේ කියලා උන් කාටත් දැන් හොඳයි. "
රමණී නැවතත් සිනාසුණාය.
ඒ අතර මිදුලේ පොල්කිච්චන් මල්ල පොළොවේ ගැසුවාක් මෙන් සද්දයකි. රමණී සමග පැමිණි කොලු කෙලි රැළ අඹ ගස් දිගේ බඩගායි. මිදුලේ කොටු පනී. දෙන්නෙක් ගේට්ටු පලුවක නැග එය එහාට මෙහාට පද්දයි. මෙතෙක් එන්නට අමතකව තිබූ අවුරුදු වසුන්දරාලාගේ වත්තට ඇවිත් ඇත්තේ දැන්ය.
" ජයන්තී, මේ දරුවන්ටත් එක්ක තේ ටිකක් වක්කරන්න.
අපි හදපු කොකිසුත් ගේන්න.
කනුවකට අත ගසා පඩිය උඩින් නැගිටගත් ජයන්තී ගෙතුලට ගියේ හිනා කටක් පුරවාගෙනය.

ඔරලෝසුව දිහා බැලුනේ පුරුද්දට වගේ. ඒකේ වෙලාව දහයයි කාලයි. පෙරෙයිදා උදේ දහයයි කාලට ඩියුටි ඕෆ් වෙච්ච ඔරලෝසු කටු තවමත් එතනමයි.
" එනකොට බැට්රි කෑලි දෙකක් ගේන්න "
උදේ යද්දී ත් එයාට ඒක ඇහුනේ නැහැ. ඔරලෝසුව නැවතුණු බවක් වත් සඳුන් දන්නේ නැහැ. එයා වෙලාව බලන්නේ එලාම් එක තියන්නේ ෆෝන් එකෙන්. ගෙදර ඉන්න වෙලාවට ඔරලෝසු දිහා බල බල ඉන්න තරම් විවේකයක් සඳුන්ට නැහැ.
ගේට්ටුවේ කොක්ක පැන්නෙන සද්දේ ඇහුණා.
" සඳුන් වෙන්න ඇති"
මම දිව්වා දොර අරින්න. එතකොටම එයා ළඟ තියෙන යතුරෙන් දොර ඇරගෙන සඳුන් ගෙට ආවා. ගෙයි ලයිට් දාලා කකුල් දෙකත් දික්කරගෙන සෙටියේ ඇලවුණා.
" පව්, හරිම මහන්සි පාටයි.
මූණත් එක්ක කළු වෙලා
මොකක්හරි ප්‍රශ්නයක්ද?
ඇයි රෑ වුණේ?
කෝච්චිය මිස් වුණා ද?
මම ප්‍රශ්ණ වැලක් ඇහුවා. සඳුන් ඇස් පියාගෙන හිටියා.එයාගේ හිත තිබුණේ ගොඩක් ඈත. මට ඒක ඉවෙන් වගේ දැනුණා.
" දුවව එක්කගෙන එන්න යන්නේ නැද්ද?"
වෙනදා ලයිට් දාපු ගමන්ම අල්ලපු වැටේ තියෙන අම්මලගේ ගෙදරට ගිහින් දුවව එක්කගෙන එනවා. අද ඒකේ වගක් නැහැ.
" ගිහිං වොෂ් එකක් දාගන්න "
කෙස් අතරින් ඇඟිලි යවමින් ඔළුව අතගාන ගමන් මම හෙමින් කිව්වා. එයා බිත්තිය පැත්තට හැරුණා.
දුවවත් එක්ක අම්මා ගෙට ගොඩවුණේ ඒ වෙලාවෙයි.
" ඇයි පුතේ අසනීපයක් ද? ඇඳුම් පිටින්ම ඇලවුණේ. ලයිට් දාලා තියෙනවා දැකලයි අපි ආවේ.
වොෂ් එකක් දාගන්න. මම තේකක් හදන්නම්."
" අම්මේ"
ඇලවෙලා හිටපු සඳුන් කෙලින් වෙලා වාඩිවුණා. යන ගමන නවත්වලා අම්මා,
" ඇයි පුතේ " කියලා ඇහුවා.
මම සඳුන් ළඟින් ඉඳගත්තා.
" මට ප්‍රමෝශන් එකක් ලැබිලා"
" කොච්චර හොඳද?"
අම්මත් ඉස්සරහ පුටුවෙන් වාඩිවුණා.
" ඒ එක්කම මාරුවකුත් ලැබිලා "
" කොහාටද"
" සිංගප්පූරුවේ තියෙන බ්‍රාන්ච් එකට."
අම්මගේ මූණ එළිය වුණා. මගේ හිත අඳුරු වුණා. දුව පුදුමයෙන් තාත්තගෙයි ආච්චිගෙයි මූණු මාරුවෙන් මාරුවට බැලුවා.
" කොච්චර කාලෙකටද?"
" අවුරුදු දෙකකට
ඕන නම් තවත් දික්කරගන්න පුළුවන්.නවතින්න එපාට්මන්ට් එකකුත් ලෑස්ති කරලයි තියෙන්නේ. ෆැමිලි එකටම යන්න පුළුවන් කියලයි ලෙටර් එකේ තියෙන්නේ.
" දුවගේ ප්‍රශ්ණෙට මොකද කරන්නේ?" සඳුන් ඇහුවේ මමත් අහන්න හදපු ප්‍රශ්ණයමයි.
" ඉස්කෝලේ ගමන නැත්නම් දුවව ගෙනියන්න තිබුණා. මේ තරම් හොඳ ඉස්කෝලෙකින් දුවව අස්කරගන්න එක අපරාදයක් කියලත් හිතෙනවා. වැඩට ගියහම දුවව බලාගන්න කෙනෙකුත් එහෙ නැහැ.ඒත් මම නැතිව දුව මෙහෙ ඉඳීද දන්නේ නැහැ."
සඳුන් දිග හුස්මක් හෙළුවා.
මට කතාකරන්න වචන අමතක වුණා.
" පුතා හිත නිදහසේ යන්න. මම දුවව මගේ ඇස් දෙක වගේ බලාගන්නම්. කොහොමත් ටික කලකට හරි පුතා මේ පරිසරයෙන් ඈත්වෙලා ඉන්න එක හොඳයි කියලා මටත් හිතෙනවා."
අම්මා කිව්වා.
දුව ඇවිත් අපි දෙන්නා අතරින් වාඩිවෙලා සඳුන්ගේ ඇඟට හේත්තු වුණා.
අම්මා හවස ඇවිත් රෑට උයලා තියලා ගිහින් තිබුණා. සඳුන්ටයි දුවටයි උදේට ගෙනියන්න කෑම අම්මා මහ ගෙදරින්ම හදාගෙන එනවා. සඳුන් කරන්නේ තේකක් හදාගෙන දුවට කිරි එකක් හදලා දෙන එක විතරයි.
" පව් අම්මා. මේ වයසට මොනතරම් මහන්සි වෙනවද?"
මම අම්මා තේ හදන දිහාව කුස්සියේ පුටුවකට වෙලා බලාගෙන හිටියා. වොෂ් එකක් දාගෙන ආපු සඳුන් තේ එක බීලා දුවගේ ස්කූල් බෑග් එක ඇදගෙන පොත් ටික බැලුවා. හෝම් වර්ක් ඔක්කොම හවස අම්මා කරවලා තිබුණා. දුවගේ සපත්තු පොලිෂ් කරපු සඳුන් එයාගේ සපත්තු දෙකක් පොලිෂ් කරගත්තා. දුවගෙයි එයාගෙයි උදේට අඳින ඇඳුම් ටිකත් මැදලා තිබ්බා.
" ඉස්සර නම් ඔය වැඩ ඔක්කොම මම තනියම කරගත්තා. වැඩටත් ගියා "
මට ටිකක් හයියෙන් කියවුණා . ඒක ඇහිලා වගේ සඳුන් පස්ස හැරිලා බැලුවා.
දුවත් එක්ක ඇඳට ගිය සඳුන් දුවට නින්ද යනකම් " ලේඩි බර්ඩ් " පොතකින් කතාවක් කියලා දුන්නා. මම දුවට එහා පැත්තෙන් ඇඳ විට්ටමට හේත්තු වෙලා හිටියා. දුවගේ සුවඳ දැනෙනකොට හිත වාවන්නේ නැහැ. දුවට නින්ද යන්න ඉස්සර සඳුන්ට නින්ද ගියා.
" පවු , දවසෙම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලත් විවේකයක් නැහැ."
දන්නෙම නැතුව මටත් නින්ද ගියා.
උඩ වීසිවෙලා ඇහැරුනේ එලාම් එකේ සද්දෙට. සඳුන්ට නම් ඇහුණු වගක් පේන්න තිබුණේ නැහැ. දෙවෙනි පාරටත් එලාම් එක වදිනකොට මම සඳුන්ව හයියෙන් හෙලෙව්වා .
" නැගිටින්න
නැගිටින්න "
සඳුන් නින්දෙන්ම අනිත් පැත්තට හැරුණා.
සඳුන්ට ඇහැරුණේ තුන්වෙනි පාරට එලාම් එක වදිනකොටයි. එතකොට විනාඩි විස්සක් විතර ප්‍රමාදයි.
සඳුන්ට තවම දුවගේ කොණ්ඩේ ගොතාගන්න බැහැ. මම දුවගේ කොණ්ඩය කපන්න හදනකොට සඳුන් තමයි විරුද්ධ වුණේ.
" ඔහොම තිබුණාවේ
චූටි කෙල්ලන්ට කොණ්ඩේ දිගට ලස්සනයි."
සඳුන් කිව්වා.
කෑම පෙට්ටි දෙකත් අරගෙන ආපු අම්මා දුවගේ කොණ්ඩය ගෙතුවා . හත වෙනකොට සුරංගගේ ත්‍රී වීලරය ගේට්ටුව ළඟට ආවා. දුවව ඉස්කෝලෙට දාගෙන සඳුන් යයි ස්ටේෂන් එකට. ඇක්සිඩන්ට් එකේදි කාර් එක කුඩු පට්ටම් වුණාට පස්සේ සඳුන් වාහනයක් ගත්තේ නැහැ.එයානම් කියන්නේ මීට පස්සේ කවදාවත් වාහන එලවන්නේ නැහැ කියලයි.
සඳුනුයි , දුවයි පිටවෙලා ගියාට පස්සේ ගේ ඇතුලේ පුදුම නිශ්ශබ්දතාවයක් තියෙන්නේ. දරාගන්න හරි අමාරුයි. ගේත් අස්කරලා , අතුගාලා රෙදි ටිකත් හෝදලා දාලා අම්මත් ගෙදර ගියා. දිනිති අක්කා ඉන්න නිසා අම්මට ඒ ගෙදර වැඩ නැහැ.
" උමංගා ඉන්න කාලේ කවදාවත්ම මට කරදරයක් දීලා නැහැ ."
දවසක් අම්මා සඳුන් එක්ක කිව්වේ කඳුළු පිහදාන ගමන්.
දවල් දහය එකොළහ වෙනකොට මට හිතුනා සඳුන්ගේ ඔෆීස් එක පැත්තේ ගිහින් එන්න. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මාසයක් විතර ගෙදර ඉඳලා ඔෆීස් යන්න පටන්ගත්ත දවස්වල තනියම අරින්න බය නිසා මමත් එයා එක්කම ගියා. එයා ඕෆ් වෙනකම් නිදි කිර කිර පැත්තක වාඩිවෙලා හිටියා. ඒත් දැන් මම ඒ පැත්තේ යන්න කම්මැලී . කෝච්චි වල, බස් වල තෙරපි තෙරපි යනකොට මට කැරකිල්ල වගේ. දාඩිය ගඳයි වාහන කරච්චලයයි ඉවසන්න බැහැ.
සමහර දවස්වලට දුවගේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගිහින් ස්කූල් වෑන් එකේ එයත් එක්කම එනවා. @@පුංචි දරුවෝ රංචුවක් එක්ක එනකොට ඒ දවස්වල මම තුනේ හතරේ පංති වල වැඩ කළ හැටි මතක්වෙනවා.
" පුංචි එවුන්ට තවම මාව මතක ඇති."
දුව ගෙදර එනකොට මම ටිකක් නින්ද ගිහිල්ලා. නාවලා ඇඳුම් මාරුකරලා අම්මා දුවව එහෙ එක්කගෙන ගියා.දැන් ඉතින් සඳුන් එනකම්ම මට කරන්න වැඩක් නැහැ.පංසල පැත්තේ ගිහින් එන්න හිතුවේ ඒකයි. පංසලට අඩිය තියනකොටම මාව නිවෙනවා. හිතේ කලබල ගතිය නැතිවෙලා යනවා. සංසාරේ ඇවිද්දා ඇතී කියලා හිතෙනවා. සඳුනුයි මායි හමුවුණු මුල්ම භවයත් අවසන් භවයත් මේක නෙවෙයි කියලා දැන් මම දන්නවා. ඒත් දැන් මේ ආ දුර හොඳටම ඇති. අපි දෙන්නම හෙම්බත් වෙලා. ඒත් නිවන කියන්නේ ලේසියෙන් ලඟාකරගන්න බැරි සැනසීමක් කියලත් මට තේරෙනවා.
බෝ මළුවේ කොනක වාඩිවෙලා දන්න ගාථා ඔක්කොම කියලා වැන්දා. බෝධි පූජා කවිත් කට පාඩමින් කිව්වා. පොඩ්ඩක් භාවනා කරන්න හැදුවම දාහක් දේවල් මතකයට එනවා.
" පුතාට යන්න තියෙන්නේ කොයි දවස්වල වගේද?"
හවස අම්මා සඳුන්ගෙන් ඇහුවා.
" ලබන මාසේ පළවෙනිදා ඉඳලයි වැඩ බාරගන්න තියෙන්නේ. ඒත් අවුරුද්දේ දානේ දීලම යන්න පහළොස්වෙනිදා වෙනකම් දින ඉල්ලගත්තා."
"අපි පිරිතක්ම කියමු නේද අම්මේ! "
ටිකක් වෙලා නිහඬව ඉඳපු සඳුන් කිව්වා.
" මාත් කියන්නමයි හිටියේ" මම කිව්වා.
" පුතා කැමති විදියකට කරමු "
" අපේ ටීචර් තාත්තව මතක්කරන්න කිව්වා "
දුව එහෙම කිව්වේ නිදාගන්න ගිහින් ඇඳේ පෙරලි පෙරලි ඉන්න ගමනුයි.
" දැන් ටීචර්ට සනීපද?"
සඳුන්ට මොටද ඒවා. මගේ හිත කිව්වා.
" ඔව් , ඒත් ඇවිදින්නේ අමාරුවෙන් ."
දුව ඇඳෙන් බැහැලා ඇවිදලා පෙන්නුවා.
" පවු"
සඳුන්ට කියවුණා.
මගේ හිත ඇවිලුණා.
ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සති ගානක් යනකම් සඳුන් හිටියේ කම්පනයෙන්. එදා ඒ ගමන යනකොට දුවව ගෙදර දාලා ගියේ අම්මගේ වදේට.
" රෑ පානේ දුර මළගෙවල් වල යන්න නරකයි "
අම්මා කීප වතාවක්ම කිවුවා. මගේ බලකිරීමටයි සඳුන් යන්න ලෑස්ති වුණේ. දිලූපගේ මහත්තයා මැරිලා තිබුණේ හාට් ඇටෑක් එකකින්. ඒක නොගිහින්ම බැරි මරණයක්. දිලූපා මගේ හොඳම යාළුවා .
කුරුණෑගලින් ආපහු එන්න පිටත්වෙනකොටත් දොළහට කිට්ටුයි. සතියම වැඩට ගිහිල්ලා සිකුරාදා වෙනකොට සඳුන් හිටියෙත් මහන්සියෙන් . හයි වේ එකේදි මටත් නින්ද ගියා. සඳුන්ටත් නින්ද යන්න ඇති.කාර් එක දැක්ක මිනිස්සු කිව්වේ,
" පුදුමයි මේකේ පණපිටින් මිනිහෙක් හිටපු එක"
සඳුන්ට තිබුණේ සීරීම් තුවාල විතරයි. ඇත්තටම ඒක පුදුම බේරිල්ලක්.
දුවට ඇඳේ හරහට නින්ද ගිහින් තිබුණා. මමත් අයිනකින් ඇලවුණා. බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබුණු අපි දෙන්නගේ මගුල් පිංතූරය අතට ගත්ත සඳුන් ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා. ලයිට් එක නිව්වට පස්සෙත් සඳුන් හිටියේ ඇහැරගෙන. එයා හිතන්නේ මොනවද කියලා මට නොතේරුනත් ඒ හිතන්නේ අපි ගැන කියලා දැනුනා.
යාළුවෝ අපි දෙන්නට කිව්වේ
" සකඳ මලයි බබළු වැලයි කියලා"
ඒක මොන තරම් ලස්සන උපමාවක්ද? බැන්දට පස්සෙත් අපි දෙන්නා නිතරම හිටියේ එකට. ඒක සසර පුරුද්දක් කියලා දන්නේ මම විතරයි.
මමත් උදේ සඳුනුයි දුවයි එක්කම පිටවුණා. මට හිතුනා දුවගේ ටීචර්ව බලලා එන්න. සඳුන් ගියේ එයාගේ සිංගප්පූරු ගමන ගැන කියන්න. ඈතදිම සඳුන් එනවා දැකලා ටීචර් මූණේ මල් පිපුනා. ඒත් ගමන ගැන අහලා මල් පරවුණා.
" හොඳ වැඩේ. තවම යන්නේ කොර ගගහා. ඒත් මට්ටු වෙලා නැහැ."
මට කියවුණා.
ඒ සිද්දියෙන් පස්සේ දුව හිටියේ ගොළු වෙලා වගේ . ඒ නිසා ටීචව හම්බවෙන්න සඳුන්ට නිතර නිතර යන්න සිද්ධ වුණා. සති කීපයක් යනකොට දුව සාමාන්‍ය තත්වයට ආවා. ටීචගේ අවධානය සඳුන් පැත්තට හැරුණා. සුළු දෙයටත් සඳුන්ව ගෙන්නවගත්තා. වයස පහුවෙමින් තිබුණත් ටීච බැඳලා හිටියෙත් නැහැ. දවසක් උදේ සඳුන් ඇවිත් යනවත් එක්කම කෙසෙල් ලෙල්ලක් පෑගිලා ටීචර් කකුල කඩාගත්තා. කවුරුවත් දන්නෑ එතෙන්ට කෙසෙල් ලෙල්ලක් ආව විදිය.
ගෙදර හරි කලබලයි. පිරිත නිසා වගේම සඳුන්ගේ ගමන නිසත් නෑදෑයෝ, යාළුවෝ යනවා එනවා. ඒ අතරේ මං ගැනත් කතා වෙනවා . මමවත් නොදැන හිටපු මගේ ගුණ දොස් ගැන මම අහගෙන ඉන්නවා. සඳුන්ට හරිම වෙහෙස පාටයි . ඔක්කොම බර එයාගේ කර උඩ. මමත් මට කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා හොයලා බැලුවා.
මගේ අම්මයි තාත්තයි ආවේ පිරිත දවසේ උදේ. ඒ දෙන්නා අවුරුද්දක කාල පරාසයකදී අවුරුදු දහයකින් වයසට ගිහින්. අම්මා , ඩයි කිරිල්ලත් අත ඇරලා දාලා. කොණ්ඩේ පුලුන් කුල්ල වගේ . මම ඒ දෙන්නත් එක්කම හිටියා. ඒගොල්ලන්ගේ සුවඳ දැනෙනකොට කඳුළු එනවා. මම පුංචි සීරීමක් වත් කරගත්තොත් තාත්තා කොයි තරම් කලබල වුණාද.
පිරිත් පටන්ගන්න කලින් අනුශාසනාවෙදි හාමුදුරුවෝ සඳුන්ට කිව්වේ හිත හදාගන්න . ජීවිතයට මුහුණ දෙන්න කියන එකයි.
හාමුදුරුවන්ට වඳිනකොට සඳුන්ට ඇඬුණා.
" අනේ හාමුදුරුවනේ , මං හරිම පවුකාරයෙක්. උමංගට මේ අපරාධය සිද්ධ කළේ මං"
මගේ පපුව පැලෙන්න ආවා.
" මහත්තයා, ඒක මහත්තයගේ වරද නෙවෙයි. ඕනම කෙනෙකුට වාහනයක් එලවද්දී නින්ද යන්න ඉඩ තියෙනවා. අධික වෙහෙසත් ඒකට එක හේතුවක්. ඒ වුණත් උමංගා නෝනගේ කර්මයත් ඒකට බලපාලා තියෙනවා"
හාමුදුරුවෝ සඳුන්ගේ හිත හැදුවා. මම එළිවෙනකම්ම මණ්ඩපය ඉස්සරහ වාඩිවෙලා පිරිත් ඇහුවා. ගිනි ගොඩකට වතුර වක්කරනවා වගේ මගේ හිත නිවිලා යනවා මට දැනුනා.
දවල් දානය වෙලාවේ
" ඉච්චිතං පච්චිතං තුයියං
කිප්ප මේව සමිජ්ජතූ"
හාමුදුරුවරු තාලයට ගායනා කරද්දී
" ඉදම්මේ ඤාතීනං හෝතූ"
කියලා සඳුනුයි දුවයි පැන් වැඩුවා.
මගේ හිතේ බැඳීම් එකින් එක ලිහි ලිහී යනවග තේරුණා. මට දැනුනේ අසීමිත සැනසුමක්. හාමුදුරුවරු ආපහු වඩිද්දීම ඉස්සරහ දොරෙන් පිටවුණු මම පාර දිගේම පංසල දිහාට ඇවිදගෙන ගියා.
34සංසාර ප්‍රේමී.

වෘක්ෂලතාවෝ නව දලු පිණිස පැරණි පත් හළන්නාක් මෙන් රාත්‍රිය නව හිරු පිණිස මලානික තරු නිවා දැම්මේ ය. ඒ අතරතුර හිරුගේ පැමිණීම ලොවට කියන්නාක් මෙන් පෙරදිග අහස ළා රන් පැහැ සිනිඳු සේලයකින් සැරසුණි. ජීවිත කාලය පුරා ම මල් වෙනුවෙන් කැපවු සමහරක් ගස් රැයක් පුරාවට විළිලා නව මල් පුබුදුවත්දී ඒ රෑ පුරාවට අඳුර හා සිනාසුණ සේපාලිකාදී පුෂ්පයෝ නටුවලින් ගිලිහී බිම සිපගන්නට වෙති. රාත්‍රියට, අඳුරට ශාප කළ කෘමීහු උදයේ පිපෙන මල් හා එක්ව සතුටු වෙති.
ස්වභාව ධර්මය අපූරු ය. කිසිවෙකුටවත් වළක්වාළිය නොහැකි ස්වභාවයේ පැවැත්ම තුළ කාලය ගෙවී යයි. ඒ අතරතුර හිරු සිය පළමු රැස් දහර විදාහළේ විය. විසල් තරු අතරින් පෙරී පැමිණි ළපටි හිරු රැස් ගජනායක වලව්වේ අවපැහැගත් පැරණි බිත්ති විසින් ගිලගත්තාක් මෙන් වලව්වත්, වලව්වත්තත් පුරා අඳුරු මූසල ස්වභාවයක් ම පළ කරන්නට විය.
වලව්වේ ළමාතැනී, වයසක ඩල්සි නෝනා උදැසන අවදි වුයේ පාළු වලව්ව සිසාරා නැගුණු පියානෝ වාදනය නිසාවෙනි. සිය ස්වාමීයා ඇඳෙහි අනෙක් පස නොවනු දුටු ඕ කිමෝනා ස්වරූපයේ දිගු ගවුම මනා ව සකස් කොට ගෙන ආලින්දයට පිවිසියා ය.
“සුභ උපන් දිනක් වේවා…
සුභ උපන් දිනක් වේවා…”
එඩ්වඩ් ගජනායක සිය බිරිඳ ව පුදුමයටත්, සතුටටත් පත් කරමින් පියානෝව වාදනය කරමින් ඉංග්‍රිසියෙන් ගායනා කළේ ය.
“එඩ්වඩ් ඔබට ස්තූතියි. ඇත්තට ම ඔබ ආදරණීය ස්වාමිපුරුෂයෙක්.”
මහලු ගැහැනිය ද මහලු ස්වාමියා ව වැළඳගෙන සිය සතුට ප්‍රකාශ කළා ය. ඇත්තෙන් ම මේ ජවනිකාව පැරණි ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක කොපියක් සිහිකරන්නාක් මෙන් විය.
“හැත්තෑ පහක්. ඒත් එදා වගේ ම යි.”
“බොරු කියන්නෙපා මම නාකිවෙලා.”
මහලු ගැහැනිය කීවේ තම අවංක අදහස නම් නො වේ. ඔවුහු මහ හඬින් සිනාසෙන්නට වූහ. වලව්වේ ඝනකම බිත්ති අතර සිරව ගිය ඒ හඬ කුස්සියේ සිටි එමලිනාටවත් ඇසුණා නො වේ.
“එඩ්වඩ් දැන් එයාල කථා කරාවි. ඔයා ෆෝන් එක ළඟ ම ඉන්න. ඔන්න එයාලා කථා කරපු ගමන් මට කථා කරන්න ඕන. මං යනව මට ගොඩක් වැඩ තියෙනවා අද.”
මැහැලිය ආලින්දයෙන් පිට වූවා ය.
“කේක් එක කපන්නේ කීයට ද?”
මහල්ලා කෑ ගසා ඇසුවේ ය.
“අටයි දහයට. එඩ්වඩ් ඔයාට හැමදාම ඕක මතක් කරන්න ඕන. මේ කිව්වෙ පනස් දෙවෙනි අවුරුද්දට.” යි මැහැල්ල ද උස් හඬින් පිළිතුරු දුන්නා ය.
මෙහෙකාරිය වූ එමලිනා විසිතුරු ලෙස සරසන ලද කේක් ගෙඩියක් හා ඉටිපන්දම් කිහිපයක් රැගෙන විත් සෝපාව සමඟ වූ කුඩා ස්ටූලය මත තබා නිහඬ ව ම පිටව ගියා ය. මහල්ලා ඒ ඉටිපන්දම් කේක් ගෙඩිය හා සම්බන්ධ කොට ආලින්දය කෙළවර මේසයක් මත රෙදි බෝනික්කන්ට අලුත් ඇඳුම් අන්දවන බිරිඳ දෙස බැලුවේ ය.
“එඩ්වඩ් එන්න ෆෝන් එකේ සද්දෙ මෙතනට ඇහෙනවනෙ.”
මහල්ලා ඊට අවනතව මැහැලිය වෙත සෙමින් ඇවිද ගියේ ය.
“මේ ටෙනිසන්ගෙ අලුත් ඇඳුම. එයා කොහොමටත් ළා නිල් පාටට කැමති යි.”
අඩි දෙකක් පමණ උසැති පිරිසේ ලොකු පිරිමි බෝනික්කා දෙමහල්ලන්ට සිය ලොකු පුතු සිහිකරමින් ආලින්දයේ සෝපාව මත හැමදාම හිඳින්නෙකි. තවත් බෝනික්කෝ තිදෙනෙක් වෙති. එකක් පිරිමි එකකි. දෙකක් ගැහැනු බෝනික්කෝ වෙති. ඒ සියල්ල සිය දරුවන් වෙනුවට ය.
“අයෝමගෙ කොණ්ඩෙ ටිකක් අවුල් වෙලා නේ ද?”
“කෝ මං හැමදාම පීරනවා. ඒ උනාට හිටින්නෙම නැහැනෙ.”
උදෑසන අටවෙත්දී උපන් දින සාදයට සියල්ල සූදානම් ව පැවතිණි. මහලු ඩල්සි නෝනා තුළ කනස්සල්ලක් ව පැවතුණේ එතෙක් එකදු දරුවෙකු හෝ දුරකථන ඇමතුමක් නොදීම සම්බන්ධයෙන් පමණි.
ඉස්මෝක් කොට රිදී පැහැ නූලකින් හැඩ දැමු සුදු පැහැ උපන්දින ඇඳුමින් සැරසුණ මැහැල්ල මුතු පටක් ද සිය රැලි වැටුණු ගෙල වටා බැඳගෙන ආලින්දයට පිවිසියා ය. ඒ වන විට කෑම වර්ග කිහිපයක් ද එමලිනා විසින් කුඩා ස්ටූලය මත තබා තිබුණි.
සුපුරුදු පරිදි දිගු සෝපාව මත බෝනික්කන් හතර දෙනා පිළිවෙළට තබා තිබුණි. ඔවුනට ඉදිරියෙන් මහලු යුවළ අනෙක් කුඩා සෝපා කොටස් දෙකේ හිඳ සිටි අතර මෙහෙකාර එමලිනා ස්වාමිවරුන් ඉදිරිපසින් බෝනික්කන්ට පසුපසින් සිටගෙන සිටියා ය.
“තව මිනිත්තු පහයි තියෙන්නෙ. ඔයා දන්නව ද එඩ්වඩ් මම ඉපදුණ දවසෙ ඉඳල අපේ පැත්තට කිරි ඉතිරෙන්න පටන් ගත්තලු.”
මැහැලිය කීවේ හිස ද සලමිනි.
“මම ඉපදුණාමත් එහෙම ම තමයි කියලා අපේ පැත්තෙත් කියනවා. ඒක නෙමෙයි ඩල්සි මම මේ කල්පනා කළේ කෝ මේ ළමයි එක්කෙනෙක්වත් තාම කථා කළේ නැහැනෙ. ඒ අයට අමතක වෙලාවත් ද?”
“එඩ්වඩ් කලබල වෙන්නෙපා. ඒ අයට වැඩ ඇතිනෙ. තව ටිකකින් ඔක්කොමලා කථා කරාවී.”
මැහැලිය කීවේ බිත්තියේ වූ ඔරලෝසුව දෙස බලමිනි.
“අනේ රත්තරන් ඔරලෝසුවක් බැඳගෙන ඔයා මේ කබල් බිත්ති ඔරලෝසුවකින් වෙලාව බලනවා.”
ඩල්සි හෙන්නායක පෙම්වතිය ව සිටි කල එඩ්වඩ් විසින් මේ රත්රන් ඔරලෝසුව තිළිණ කළේ ඇගේ විසි එක්වන උපන් දිනය නිමිති කරගෙන පැවති සාදයේ දී ය. ඒ කරුණ එසේ සිහි කරනු වස් මෙවෙලේ එසේ කියන ලද්දේ වෙයි.
“සමා වෙන්න එඩ්වඩ් මට අමතක වුණා. මට දැන් ගොඩක් දේවල් අමතක වෙනවා. මොකද මන්දා.”
“හරි අපිට කේක් එක කපන්න වෙලාව හරි.”
මහල්ලා රිදී පිහිය මැහැලියට දෙමින් කීවේ ය. මැහැලිය කේක් කපද්දී ඇගේ අත වෙව්ලන්නට විය.
“කලබල වෙන්නෙපා.” යි කියූ මහල්ලා එමලිනා සමඟ එකතුව ආයෙම සුභ පැතුම් එකතු කරන්නට විය.
කේක් කෑල්ලක් අතට ගත් ඩල්සි ගජනායක එඩ්වඩ් ගජනායකට කැව්වා ය. මහල්ලා ද මැහැලියගේ අතින් කේක් කෑල්ල ගෙන පෙරළා ඈට කැව්වේ ය. එමලිනාගේ අතට ද කේක් කෑල්ලක් ලැබිණ. එමලිනා පහත් වී ස්වාමි දියණියගේ දෙපා වැන්දා ය.
“නැගිටපන්. මොකද ඔය ඇස්වල කඳුළු?”
“සතුටට.”
“සතුටට?”
“ඔව් මැඩම්. හැත්තෑපහක් කියන්නේ ලොකු ගාණක්.”
එමලිනා නොනැගිට ම කීවා ය.
“උඹ බයවෙන්නෙපා මම තව අවුරුදු දහයක් ඉන්නවා.”
“නෑ විසිපහක්”
“එච්චර කල් ඉන්න බෑ එඩ්වඩ්.”
මැහැලිය සෝපාවේ හිඳ ගනිමින් කීවා ය.
“ඔයාට මං ලස්සන ගිෆ්ට් එකක් දෙනවා.” යි කියූ මහල්ලා මැහැලියවත් ඇදගෙන පියානෝව ළඟට ගියේ ය.
“ලස්සන සින්දුවක්. ඔයා ප්ලේ කරන්න. මම කියන්නම්.”
පියානෝ වාදනයෙහි අතිශය දක්ෂ වූ ඩල්සි ගජනායක සිය වෙව්ලන ඇඟිලි තුඩුවලින් වාදනය කරත්දී එඞ්වඞ් ගජනායක සිය ගැයීම ආරම්භ කළේ ය.
“ගේ කිරිල්ලී…
කව්රුත් යත්දී ඉගිල්ලී
තනියම සිටියා නොසෙල්ලී
ගේ කිරිල්ලී…”
පියානෝ වාදනය අත්හල මැහැලිය මෙවෙලේ තාලයට අත්පුඩි ගසන්නට වූයේ ගැයුමට උචිත අන්දමින් වාදනයක් කිරීමට නොහැකි තරමට ඇගේ සිත වේදනාවට ලක්ව තිබූ නිසාවෙනි. එමලිනා ද ස්වාමි දියණියට අනුව යමින් අත්පුඩි ගසන්නට වූවා ය.
“තුඩින් අහර ගෙන පියඹා ඇවිදින්
තුඩින් තුඩ තියා කැවූ පෙවූ
පැටවුන් ගියමුත් ඉගිල්ලී
වියළි පරැඬලා කූඩුවේ තනියට
ඈ පමණයි ගේ කිරිල්ලී…
අහසේ කරණම් මෙහෙමයි කියලා
පියඹන්නට ගුරුහරුකම් දුන්
පැටවුන් දුරු රට ඉගිල්ලී
පියා වාරු නැති දවසෙත් තනියට
ඈ පමණයි ගේ කිරිල්ලී….”
“නවත්වන්න එඩ්වඩ්. ඕක නවත්වන්න. මගේ හිතට හරි දුකයි. කෝ තාම කවුරුවත් කථා කෙරුවෙ නැහැනෙ.” යි කියූ මැහැලිය නැගිට ගොස් ඡායාරූප වෙළුම් කිහිපයක් රැගෙන ආවා ය.
“මේ බලන්න අපි එයාලගේ උපන්දින සමරපු හැටි. කෝ මේ කිසි කෙනෙකුට ඒවා මොනවත් මතක නැහැනේ.”
“ඇයි අපේ දරුවො අපිට මෙහෙම කරන්නේ?” එඩ්වඩ් ද කීවේ බලවත් කලකිරීමෙනි.
“බේබිලා කෝල් කරාවි මැඩම්. තාම ඒ රටවලට එළිවෙලා නැතුව ඇති.” එමලිනා හදිස්සියේ මතක් වූවක් ලෙසින් කීවේ කලබලයෙනි.
“ඕ.. ඇත්තනේ එඩ්වඩ් අපිට ඒක අමතක වුණානේ.” දෙමහල්ලන්ගේ මුවඟ ආයෙම හිනාවක් ඉපදිණි.
“අපි කමු. එයාලා ඉක්මනට කෝල් කරාවි.”
ඔවුන් උදෑසන ආහාරය සඳහා හෝරාවකට ආසන්න කාලයක් ගතකර තිබුණි. ඒ අතරතුර හෝ දරුවන් වෙතින් ඇමතුමක් නොලදමුත් ඔවුන් බලාපොරොත්තු අත්නොහැර ම නිදන කාමරයට යන ලදී.
මැහැලිය සෙමෙන් තම ඇඳුම් අල්මාරිය විවෘත කළා ය. නැඟුණු පුස් ගඳින් කමරය පිරී ගියත් ඔවුනට ඒ බවක් නොදැණුනි.
“මේ පළාතෙම තිබුණ හොඳ ම ඇඳුම් මේවා. දැන් කිසිකෙනෙක් අඳින්න කැමති නැහැනේ. නිරායට මං දවසක් කිව්වම ‘අම්මට පිස්සු’ කියලා මට හිනා වුණා.” අනතුරුව මහල්ලා ද තම ඇඳුම් අල්මාරිය විවෘත කළේ ය.
“ඇයි මේවා…! දිසාපතිවත්, අඩුම ගානේ ආණ්ඩුකාරයෙක්වත් මෙතරම් වටින කෝට් අඳිනවා මම දැකලා නෑ.”
මහල්ලා කීවේ දෙබැම ඉහළට නගා හිස සලමිනි. මැහැලිය ද එය අනුමත කරනු වස් හිස සලන්නට වූවා ය.
රාත්‍රිය ද එළඹිණ. මහල්ලා පමණක් පිජාමා ඇඳුමත් ඇඳ ගති. ඩල්සි ගජනායක ලමාතැනී උපන්දින ඇඳුමින් ම පසු වුවා ය. උදෑසන ඔවුන් තුළ වූ උද්යෝගය, සතුට අතුරුදන්ව පැවතිණි.
“දරුවො අපිට මෙහෙමයි කරන්නේ.” මැහැලිය සුසුම් පිට සුසුම් හෙළන්නට වුවා ය. ඇය ව අස්වසන්නට කිසිවෙකු ඉදිරිපත් නොවුණි.
“එඩ්වඩ් මාව ඉක්මනට මැරේවි. එහෙම වුණොත් මගේ අන්තිම කැමැත්ත එයාලට දන්වන්න.”
මහල්ලා තුළ ද ජීවත් වීමේ ආශාවක් ඉතිරිව නොතිබිණි. එහෙයින් හෙතෙම නිහඬ ව අසා සිටියේ විය.
“එයාලට කියන්න මං මැරුණට පස්සෙදි මගේ මිනිය හතර පැත්තෙන් එයාලගේ දරු පවුල් එක්ක මිනිත්තු පහක් හිටගෙන ඉඳලා යන්න කියලා. එච්චරයි.”
“අනේ මැඩම්…”
එමලිනා ඉකිගසා අඬන්නට වූවා ය. ඈව අස්නොවැසූ ඩල්සි ගජනායක හදිසි පණක් ලද කලෙක මෙන් නැගී සිට වේගවත් ගමනින් පියානෝව ළඟට ගොස් හිඳ ගත්තා ය. සෙස්සන් ද ඈට ළං විය. දෑස් පියාගත් මැහැලිය පියානෝව වාදනය කරමින් ගයන්නට වූවා ය.
“සුළඟට හාදු තියා උඩ ආකාසේ
කරණම් ගැසූ වලාකුළු අතරේ
රැලි බිඳී ගිය සරුංගල් තනි වී
ඉකිබිඳී මහපොළවේ
වසන්තේ සිහිනයක් පමණක්දෝ
සිත රැවටූ මායාවේ…
පරක් තෙරක් නැති අනන්ත සාගරයේ
සුසුම් රළ නැග බිඳේ හද ගැඹුරේ
අත් තටු බිඳී අසරණ වෙලා…
ඉගිලෙමි කෙසේ තව ජීවිතේ පැටලේ..
එක තරුවක් නැති අනන්ත ආකාසේ
මතක සැමරුම් ඉකිබිඳී රහසේ
අත්වැල් බිඳී අසරණ වෙලා…
මහගිරි දඹේ මුල ජීවිතේ නැවතී…”
ඇගේ වේදනාත්මක ගීත රාවය ගජනායක වලව්වෙන් නැගී අනන්ත ආකාශය පුරා සීමා මායිම් නොමැතිව පැතිර යන්නට විය.
ආනන්ද සාගර හිමි
https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD/299-685701
35සරුංගල
................................................................

වෙලාව පහයි. වැඩ ඇරිලා මිනිස්සු ගෙදර යන වෙලාව. පාරේ එකම ගාලගෝට්ටියක්. වාහන බ්‍රේක් ගහන සද්ද,හෝන් ගහන සද්ද , බැණ අඬගහගන්න සද්ද හැරියට්ට හොඳට පුරුදුයි. තට්ටු පිට තට්ටු නැගුණු බිල්ඩින් වලට ඉර මුවා වෙලා. වේලාසනම කළුවර ගලන්න හේතුව ඒකයි. තනි තට්ටුවේ කුරුමිටි ගෙදරට ලැටිස් අස්සෙන් බැස යන හිරුගේ රැස් කැරැල්ලක් එබෙනවා. හැරියට්ට දැනුණේ මහ පාළු හැඟීමක් . පහුගිය දවස් ටිකේ නම් නර්ස් නෝනලා හරි හිටියා බනින්න, කෑගහන්න.
ටිකට් කපලත් දවස් දෙකක්ම වාට්ටුවේ බංකුවක් උඩ ඉන්න වූණේ ගෙදර එන්න ක්‍රමයක් නොතිබුණු නිසයි. ගෙවල් දෙකකට එහායින් ඉන්න ෆාරුක් ඒ වාට්ටුවෙම ඉන්න ලෙඩෙක් බලන්න ඇවිත් හැරියට්ව දැකලා ගෙදරට ගෙනත් බැස්සුවා.
" ෆාරුක් ඉස් අ ගුඩ් ෆෙලෝ
නැත්නම් මම තවම ඉස්පිරිතාලේ"
හැරියට් තනියම කියවනවා. තනියම කතාකරන එක දැන් හැරියට්ට පුරද්දට ගිහිල්ලා. වචනයක් කතාකරන්න, කතාකරන දේ අහගෙන ඉන්න කෙනෙක් නැතිවෙනකොට තමන් එක්කම හරි කතාකරන්න පුරුදු වෙනවා. අනිත් අතට හැරියට් වගේ ගෑනියකුට කතානොකර ඉඳලා පුරුද්දක් නැහැ.
හැරියට්ගේ ගෙදර කාමර තුනයි. කාමර දෙකක් තියෙන්නේ ඉස්තෝප්පුව දෙපැත්තේ. ඒ කාමර දෙකෙන් එළියට දොරවල් තියෙනවා. රිචඩ් මැරුණට පස්සේ හැරියට් ජීවත් වෙන්න කීයක් හරි හොයාගත්තේ ඒ කාමර දෙක කුලියට දීලා. විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න පිරිමි ළමයි හය දෙනෙක් ඒ කාමර දෙකේ ඉන්නවා. කෑම බීම නැහැ. කාමරය විතරයි. ලයිට් බිල් , වතුර බිල් ගෙවලා යන්තම් මාසේ පිරිමහගන්න ඒ ගාන ඇති. ආණ්ඩුවෙන් මාස් පතා දෙන ආධාර මුදලකුත් ලැබෙනවා.
" වට් හෑස් හැපන්ඩ් ටු දිස් බෝයි?"
බට්ටා ෆෝන් එක අතට ගත්ත හැරියට් ඇහැ ළඟටම කරලා මතකයෙන් නොම්මර ටික එබුවා. වැදිලා වැදිලා නැවතුණා. රාජු කතාකළේ නැහැ.
" මේකා දැන් හිතලම මාව මග අරිනවද කොහෙද"
ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිට්ට හැරියට් ලැටිස් අස්සෙන් පාර දිහා බලාගෙන හිටියේ අඳුනන කවුරුවත් පාරේ යනවනම් කතාකරන්න හිතාගෙන.
" කාගෙ හරි අත රාජුට පණිවිඩයක් යවාගත්තොත් "
" බීලා ලෙඩ වැඩි කරගෙන නම් ආයේ මේ පැත්තේ එනවා එහෙම නෙවෙයි."
ඊයේ එන්න හදනකොට ලොකු මිසී කිව්වේ සැරෙන්.
" මේ වතාවෙත් කොහොම හරි ගොඩ දැම්මා . ආයේ නම් ලේසි වෙන එකක් නැහැ."
ෆෝන් එක අතට ගත්ත හැරියට් රාජුට කෝල් එකක් ගත්තා.
" ඒපාර ඒ මඟුල වැඩකරන්නේ නැහැ"
හැරියට්ට කියවුණා.
බෝඩිං වෙලා ඉන්න ළමයින්ට යන්න එන්න එක වෙලාවක් නැහැ. මේ එනවා. මේ යනවා. සමහරු සමහර දවසට දවසෙම නිදාගන්නවා . රෑට එළිවෙනකම්ම ලයිට් දාගෙන වැඩ. ඒකට නම් හැරියට් කැමති නැහැ. ඒත් වචනයක්වත් කියන්නේ නැහැ.
" දේ ආ යෙට් ස්ටුඩන්ට්ස් , නෝ?
තනි නොතනියට වත් මට දැන් ඉන්නේ උන් විතරයි"
හැරියට් හිත හදාගන්නවා.
" ඒ කොල්ලෙකුට කිව්වොත් ගෙනත් දෙයි.
චා...චා...
දැට්ස් නොට් ගුඩ්.
දේ ආ ස්ටිල් චිල්ඩ්රන්"
හැරියට් බෙර කොට වගේ කකුල් අද්ද අද්ද ඇඳට ගෑටුවා. ටිකක් ඉඳගෙන ඉන්නකොට ඇඳට යන්න හිතෙනවා. ඇඳේ ඇලවෙලා ඉන්නකොට ඒකත් එපා වෙනවා . දවල්ට ටිකක් නින්ද ගියොත් රෑට නින්ද යන්නෙම නැහැ.
නින්ද යන්න නම් එක බෙහෙතයි තියෙන්නේ . ඒත් දොස්තරලා නම් කියන්නේ ඒක ගත්තොත් මේ පාර අවසන් නින්දම නිදාගන්න පුළුවන් වෙයි කියලයි.
හැරියට් ඉපදුණු සමාජයේ ගෑනු බොනවයි කියන එක අරුමයක් නෙවෙයි. හැරියට් ඉපදුනේ මේ කොටහේනේමයි. ඒත් ඒ කාලේ ගෑනු බිව්වේ ගෙදර පෙරාගත්ත වයින්. නත්තල ළං වෙනකොට ගෑනුන්ගේ මුල්ම රාජකාරිය ඒක . පෙරලා බූලිවල දාලා හංගලා තියන්නේ පිරිමින්ගෙන් පරෙස්සම් කරගන්න.
හැරියට්ගේ මම්මා ටිකක් බිව්වා. ආච්චි මම්මා හොඳට බිව්වා. පප්පත් දිනපතාම බිව්වා. පප්පා වැඩ කළේ නොතාරිස් කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට. හැරියට්ට මතකයි ඒ කාලේ හැමදාම ඉරිදට ගෙදර පාටි. පල්ලි ගිහිං එනකොට පප්පට ස්පෙෂල් ලන්ච් එකක් හදලා තියන්න ඕනෑ. නැත්තම් ගෝරි. පප්පා අඩු වයසින්ම මැරුණේ මේ ලෙඩේ හින්දයි. රිචඩ්ටත් මේ ලෙඩේමයි.
හිත මෙල්ල කරගන්න හැදුවට හරියන්නේ නැහැ. පොඩි ෂොට් එකක් නැතිව බත් කටක් උගුරෙන් පහළට යන්නේ නෑ. ඇඟට කිසිම පණක් කඳක් නැහැ. හැරියට් කොහොමත් ගෙදර උයන්නේ නෑ. ළඟ බත් ගෙදරකින් උදේටයි දවල්ටයි කෑම එවනවා. රෑට පිටි එකක් හදාගෙන බොනවා. දැන් සතියකට වැඩී ඉස්පිරිතාල ගමන නිසා පොඩ්ඩක් කටේ ගාගන්න බැරි වෙලා.
" ඩොක්ටස් ආ ක්‍රේසි
මේ ඔක්කොම ලෙඩ ඒක නැති නිසයි. පොඩ්ඩක් හරි තිබුණානම් බත් කටක් කන්න තිබුණා"
හැරියට් පවුලේ එකම දරුවා. පප්පා කිව්වේ " මයි ලිට්ල් රෝස් බඩ් " කියලයි. හැරියට් ඉපදුණේ පිරිසුදු කතෝලික පවුලක . පප්පගේ පරම්පරාව එංගලන්තයට නෑකම් කිව්වා . අම්මා මොරටුවේ සිංහල කතෝලික. හැරියට්ට තවම හැටකට වැඩිය නැහැ. ඒත් හැත්තෑ පහක පෙනුමයි . ඒ මේ ලෙඩේ හින්දා. කණ්නාඩියෙන් දැක්කම තමන්ට තමන් අඳුනන්න බැහැ. ඒ කාලේ තිබුණු ලස්සන කොහේ හැංගිලද මන්දා. තමන්ට තමන් මගහැරුණේ රිචඩ්ගේ මරණෙත් එක්ක කියලයි හැරියට් හිතන්නේ.
හැරියට්ට තවමත් හොඳට සින්දු කියන්න පුළුවන්. ටිකක් වැඩිවුණු දාට පරණ රෙකෝඩ් ප්ලේයර් එක දාගෙන හයියෙන් සින්දු කියනවා. රිචඩ්ගේ පරණ කෝට් එකක් ඇඳගෙන තනියම නටනවා. උදේට බෝඩිං වෙලා ඉන්න ළමයි "ඇන්ටිට ඊයේ ටිකක් වැඩි වුණා නේද?" අහනකොට නම් හැරියට්ට ලැජ්ජයි .
ඇඳට වෙලා හිටියට නින්ද යන්නේ නැහැ. මුළු ඇඟේම ඇට කටු කැඩිලා යනවා වගේ දැනෙනවා. ළඟදි ඉඳලා අත් දෙකම ගැහෙනවා.
" ඔය බෙහෙත නැතුව"
අල්ලපු ගෙදර ඇන්ටනි නම් කියන්නේ එහෙම.
"බීම නිසා හැදුණු ස්නායු අමාරුවක් " ඉස්පිරිතාලෙදි කිව්වා.
ඇඳෙන් නැගිටලා සාලෙට ගියපු හැරියට් සෙටියේ ඇලවුණා . පප්පයි , මම්මයි, රිචඩුයි බිත්තියේ පේලියට ඉඳගෙන හැරියට් දිහා බලාගෙන ඉන්නවා. ඒ මූණුවල තියෙන්නේ දුකක්ද , සතුටක්ද කියලා හැරියට්ට හිතාගන්න බැහැ.
" ළඟදිම ඔය පේලියට තව එකක් එකතුවෙයි ."
ළඟදී ගත්ත පිංතූරයක්වත් තමන් ළඟ නැහැ කියලා හැරියට්ට කල්පනා වුණේ ඒ වෙලාවේ.
" මේ ඉන්න විදියට නම් පිංතූරයක් අරගෙනත් වැඩක් නැහැ. පරණ එකක්වත් හොයලා තියන්න ඕනෑ"
හැරියට් හිතුවා.
තමන් මැරුණොත් මරණේ කටයුතුවලට වත් ටෙරන්ස් එයිද කියලා සැකයි . අවුරුදු ගණනාවකින් ලංකාවට ඇවිත් නැහැ.
" මමී...
හව් ආ යූ? "
කියලා අහලා නැහැ.
" ඉන්න එකෙක් වළදායි.
ගඳ ගහනකන් තියාගෙන ඉන්න එකක් නැහැ.
රිචඩ් ළඟින්ම වැලලුවොත් හොඳයි."
රිචඩ් මතක් වෙලා හැරියට්ට ඇඬුණා.
" මට මොනතරම් ආදරෙන් හිටියද?
හොඳ මිනිස්සුන්ව තමයි ඉක්මනටම ස්වර්ගයට ගෙන්නගන්නේ.
පවුකාර මම ඉතුරු වුණා. "
හැරියට් ඒ කාලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. පියානෝ එක ගැහුව මිස් ඉසබෙල් මැරණේ හදිස්සියෙමයි. පල්ලියේ මංගල්ලේ ළඟ නිසා ෆාදර් කොහෙන්දෝ තරුණ ඉලන්දාරියෙක් හොයාගෙන ඇවිත් තිබුණා. ඒ තමයි රිචඩ්. පල්ලියෙමයි නැවතිලා හිටියේ. පස්සේ දැනගත්ත හැටියට ෆාදර්ට නෑකමක් තියෙන මීගමුව පැත්තේ කෙනෙක්. එතකොට හැරියට්ට පහළොවකට වඩා නැහැ. රිචඩ් අවුරුදු අටක් විතර වැඩිමල්. ඒ තමයි හැරියට්ගේ ජීවිතේ හොඳම කාලය. කොන්වන්ට් එකේ ඉඳලා ආව ගමන්ම කෑවා නොකෑවා පල්ලියට දුවන්නේ ගීතිකා පුහුණු වෙන්නම නෙවෙයි කියලා මම්මා දැනගෙන හිටියේ නැහැ.
තලවිල මංගල්ලෙට, මඩු මංගල්ලෙට විතරක් නෙවෙයි මාතර පල්ලියේ මංගල්ලෙටත් කොටහේනෙන් යන කණ්ඩායමට එකතුවෙලා හැරියට්ලත් යනවා. රිචඩුත් ඔය ගමන්වලට එකතු වුණු දවස්වල තමයි දෙන්නගේ ප්‍රේමය මුහුකුරා ගියේ. මම්මට ඉව වැටිලා තිබුණත් පප්පා දැනගන්නකොට අවුරුදු තුන හතරක් ගතවෙලා. දැනගත්ත දවසේ පප්පා යකා නැටුවා. සම්බන්ධය නැවැත්තුවේ නැත්නම් ගෙදර හරියේ තුවක්කුවක් , පිස්තෝලයක් නැතත් රිචඩ්ට වෙඩි තියනවා කියලමයි කිව්වේ.
හැරියට්ට තහංචි වැටුණා . ගීතිකා කණ්ඩායම තහනම් වූණා. ප්‍රේමයේ ලුණු රස හැරියට්ට විතරක් නෙවෙයි රිදඩ්ටත් හොඳට දැනුණා. රිචඩ්ට හරියට රස්සාවක්වත් ඉන්න තැනක්වත් නැති එක තමයි හේතුව විදියට කිව්වේ.
රිචඩ් සංගීත කණ්ඩායමක ඕගන් ගහන්න ගියා . දෙවියන්ගේ ආශීර්වාදයෙන් රිචඩ්ලගේ සංගීත කණ්ඩායම රටේ ජනප්‍රිය වුණා. හොඳට වැඩ ලැබුණා. අන්තිමට පප්පගේ කැමැත්තත් ලැබුණා.
කසාද බැඳලා පදිංචි වුණේ හැරියට්ගේ මහගෙදරමයි. රිචඩ් සංගීත කණ්ඩායම එක්ක රට වටේ ගියා. හැම රෑයකම ප්‍රසංගයක් වැරදුණේ නැහැ. ඒ ගැන වැඩිපුරම ආඩම්බර වුණේ පප්පා. බැඳලා අවුරුදු තුනකට විතර පස්සේ ටෙරන්ස් හම්බවුණා.
පාටි එකකදි විතරක් ඩ්‍රින්ක් එකක් ගත්ත රිචඩ්ගේ බීම එක පාරටම වැඩිවුණා. මිනිස්සු බොන්නේ ප්‍රශ්න අමතක කරන්න කිව්වට රිචඩ් බිව්වේ ප්‍රශ්න නැතිකමටද කොහෙද.ඒ කාලේ රිචඩ් ගෙදර හිටියොත් පාටි.හැරියට්ටත් බලකරලා ටිකක් පෙව්වා.වයින් විතරක් බිබී හිටපු හැරියට්ට විස්කි බ්‍රෑන්ඩි රස වැටුණා.පප්පට කලින්ම පෙන්ෂන් යන්න වුණේ අසනීප වුණු නිසයි.සිරෝසිස් හැදෙනකොට පප්පට පනස් දෙකයි.ඒත් බීම නම් නැවැත්තුවේ නැහැ .ඉක්මනටම ස්වර්ගස්ථ වුණා .
මේ පිරිමි දෙන්නම බිව්වයි කියලා ගෝරි දාගන්නේ නැහැ.බොන්න බොන්න හීලෑ වුණා.බීමට තිබුණු කැදරකම නිසාම රිචඩ් සංගීත කණ්ඩායමේ වැඩ මග ඇරියා.කොහොමත් සාමාජිකයෝ වයසට යනකොට ප්‍රේක්ෂක ආකර්ෂණයත් අඩුවේගන ගියා.අලුත් කණ්ඩායම් බිහිවුණා.පස්සෙ කාලෙක පොඩි හෝටලේක සති අන්තයේ ඕගන් ගහන්න ගියා.
පුංචි කාලේ ඉඳලම ටෙරන්ස්ට තිබුණේ රට යන පිස්සුව.හරියට ඉගෙනගත්තෙත් නැහැ.පවුලේ ආභාසයෙන් එන ඉංග්‍රීසි කතාව විතරයි සුදුසුකමක් විදියට තිබුණේ.පප්පගේ නෑයෙක්ගේ මාර්ගයෙනුයි ඉතාලි යන්න ලැබුණේ.ඒ ගමනට සල්ලි හොයාගත්තේ වත්තේ පිටිපස්සේ කෑල්ල විකුණලයි.
" තිබුණ නම් අද කීයයකට දෙන්න තිබුණු ඉඩම් කෑල්ලක්ද?"
හැරියට්ට හීල්ලුණා.
ටෙරන්ස් ගියා ගියාමයි.මුල් කාලෙදි කතාකළා.සල්ලිත් කීයක්ද එව්වා.ඒත් රිචඩ්ගේ මරණයට වත් ආවේ නැහැ.
දවසක් රිචඩ් ලේ වමනේ දාගෙන කාමරේ වැටිලා හිටියා.අවසාන කාලේ රිචඩ් කළේ මිනී බෑන්ඩ් එකක පියානෝ එකෝඩියන් එක ගහන එක.ඒකෙන් තමයි දෙන්නා යන්තම් ජීවත්වුණේ.අන්තිමට රිචඩ් එක්තැන් වුණා.ඒත් බීම නැවැත්තුවේ නැහැ.ගෙදර තියන වටිනා බඩු එක එක විකුණ විකුණ රිචඩ්ට බොන්න ගෙනත් දුන්නා.ඒ ආදරයට .බොන්න නැතිව රිචඩ් විඳින දුක බලා ඉන්න බැරිව.කැන්ඩ්ල් හෝල්ඩර් පවා විකුණුවා.වටිනා දෙයකට ඉතුරු වුණේ සුරුවම විතරයි.
" ඔය තරම් ඉක්මනට රිචඩ්ට ස්වර්ගයට යන්න පාර කැපුවේ මමද?"
හැරියට්ට වෙලාවකට හිතෙනවා.මම්මගේ කරමාලේ විකුණලා තමයි රිචඩ්ගේ මළගෙදර කටයුතු කළේ.ටෙරන්ස්ට දැන්නුවත් ඒ පණිවිඩය ලැබුණද කියලා ආරංචියක්වත් නැහැ.බෝඩිමට ළමයි ටික හොයලා දුන්නේ පල්ලියේ ෆාදර්.ෆාදර් තමයි ආණ්ඩුවෙන් ලැබෙන ආධාර මුදලකුත් හදලා දුන්නේ.
රිචඩ්ගේ මරණෙන් පස්සේ හැරියට්ට රිචඩ් විතරක් නෙවෙයි තමන්වත් නැතිවුණා.මොන කරදර තිබුණත් ලස්සනට ඇඳලා ගෙදරටත් පොඩි මේකප් එකක් දාගෙන හිටපු හැරියට් කොහේදෝ හැංගුණා.ඇස් රතු වෙලා ඇස් යට කළු වෙලා ,කොණ්ඩේ තැන තැන සුදු වෙලා මූණ එල්ලා හැලෙන මේ ගැහැනිය හැරියට්ට වත් අඳුනන්න බැහැ.රිචඩ්ගේ අන්තිම කාලේ බොන්න ගෙනත් දුන්නේ හැරියට්.හැමදාම අරක්කු ගේන්න සල්ලි නැති නිසා අන්තිමට අන්තිමට ගෙනාවේ කසිප්පු.ගෙන්නගන්න කෙනෙක් හොයාගන්න නැති දවසට තැබෑරුම්, කසිප්පු පොළවල් හොයාගෙන යන්න හැරියට්ටම සිද්ධවුණා.
දැන්නම් හැරියට්ට වයින් ටිකක්, විස්කි ටිකක් තියා අරක්කු ටිකක්වත් බොන්න ලැබෙන්නේ පරණ යාළුවෙකුගේ ගෙදර පාටියකට කතාකළොත් විතරයි .ඉස්සර වගේ දැන් ගෙවල්වල පාටි දාන්නේ නැහැ.හෝටල්වල තියෙන ඒවට ආරාධනා ලැබුණත් තෑගි ගන්න හැරියට්ට හයියක් නැහැ.පරණ වෙච්ච ගවුම් සාරි ඇඳගෙන යන්නත් බැහැ.ඒ නිසාම අසනීපය පිට දාලා මග අරිනවා.දැන් හැරියට්ට බාර් එකට යන්න අමාරුයි.රාජුට කියලා කියලා තමයි ගෙන්නවගන්නේ.වෙන ත්‍රීවීලර් කාරයෝ නම් හයර් එක වගේ දෙගුණයක් ගන්න වෙලාවලුත් තියෙනවා.රාජු එහෙම කරන්නේ නෑ.හයර් එක විතරයි.
ජනවාරි පළවෙනිදා මාග්‍රට්ගේ ගෙදර ගිහින් ආවට පස්සේ හැදුණු බඩේ අමාරුව හොඳ වුණේ නැහැ.වමනෙ යන්නත් ගත්තා.අන්තිමට ලේ වමනේ යනකොට බෝඩිං වෙලා ඉන්න ළමයි දෙන්නෙක් තමයි ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.දොස්තරලා කියන්නත් ඉස්සෙල්ලම හැරියට් දැනගෙන හිටියා මේත් ඒ ලෙඩේමයි කියලා.හැරියට් එදාම හිත හදාගත්තා කලින්ම රිචඩ් ළඟට යන්න පුළුවන්වෙයි කියලා.
ඉවසන්නම බැරි ඇටන්ඩන් ගෑනු කියන කතා තමයි.බීලා බීලා ලෙඩ හදාගෙන එනවා කියලා පැත්තකට දාලා තියනවා.
ෆාදර් ගෙදරටත් ඇවිත් අවවාද කළා බොන්න එපා කියලා.
" බොන් නෑ " කියලා හිතුවත් රෑ වෙනකොට,අඳුර ගලනකොට, ලයිට් දානකොට උහුලගන්න බැරි තනිකමක් දැනෙනවා.එතකොට බොන්න හිතෙනවා.
දැන් නොබී බෑ.ඇඟ වෙව්ලනවා.වමනේ යනවා.කන්න බැහැ.කීප පාරක්ම ඉස්පිරිතාලේ යන්න වුණේ කියන දේ නාහපු නිසයි.මේපාර බඩේ වතුර තිබිලා බට දාලා ඒවා අස්කළා.තමන්ට වැඩි කාලයක් නැහැ කියලා හැරියට්ටම තේරෙනවා.මැරෙන්න කලින් එක සැරයක් ටෙරන්ස්ව දකින්න ආසයි.
හැරියට් රාජුට කෝල් එකක් ගත්තා.ඒ පාර රාජු කතාකළා.
" රාජු සනා මේ පැත්තේ එනවද?" හැරියට් ඇහුවේ බොහොම ආදරෙන්.
" මේක කරන්න බෑ ඇන්ටී.
ඔන්න මම නං ආයේ ගෙනත් දෙන්නේ නෑ.ඊයේ ෆාදර් හම්බවෙලා මට හොඳටම බැන්නා.හැරියට්ව මරාගන්නද හදන්නේ ඇහුවා."
" ප්ලීස් සනා, අදට විතරයි "
" බෑ,බෑ ඇන්ටී.මට ගෙදරිනුත් බනිනවා. රාජු ෆෝන් එක කට් කළා.
හැරියට් ඉඳගෙන කල්පනා කළා.නැගිටලා එහාට මෙහාට ඇවිද්දා.කාමරයට ගිහිං ගවුම මාරුකරගත්තා.සෙරෙප්පු දෙකට කකුල් ඔබාගන්න සටනක් කරන්න වුණා.ඒ තරමටම කකුල් ඉදිමිලා.අල්මාරිය ඇරලා ලාච්චුව අතගාලා අන්තිම පන්දාහේ කොළේ හොයාගත්තා .ඒකත් හෑන්ඩ් බෑග් එකට ඔබාගෙන දොරත් වහගෙන පාරට බැස්සා.එතකොට වෙලාව හයට ඇති.ඒත් හොඳටම අඳුරුයි
ත්‍රී වීලර් පාක් එකේ නිහාල්ගේ එක විතරයි තිබුණේ.නිහාල් එක්ක සෙල්ලම් බැහැ .හයර් එකේ ගානයි බාර් එකෙන් බෝතලේ ගේනවට දෙසීයයි.ඒත් මොනවා කරන්නද? හැරියට් ඒකට නැග්ගා.
බාර් එක ළඟ නවත්තපු නිහාල් බැහැලා ගිහින් බාගෙ බෝතලයක් අරගෙන ඇවිත් හැරියට්ට දුන්නා.ආපහු එද්දී හාන්දියෙන්ම බැස්සේ බයිට් එකට මොකුත් ගන්න හිතාගෙන.වඩේ කාරයගෙන් වඩේ කීපයකුත් අරගෙන අතකුත් උස්සගෙන හැරියට් සුදු ඉරෙන්ම පාර පැන්නේ දෙපැත්තත් හොඳට බලලයි.පාරේ මැදක් එනකොටම හැරියට් ළඟින්ම ඇස් කණකරන එළියක් මතුවෙනවා මතකයි.දඩස් ගාන සද්දය හැරියට්ටම ඇහුණා.
සද්දේ ඇහිලා ත්‍රී වීලර් පාක් එකේ හිටපු රාජු දුවගෙන එනකොටත් සෙනග පිරිලා ඉවරයි.පොලිස් බයිසිකලයක් නවත්තලා රාලාහාමිලා දෙන්නෙක් බැහැලා ආවෙත් එතකොටමයි.
පාර මැද වීදුරු කටු.වඩේ වගයකත් හැමතැනම විසිරිලා තිබුණා.ඒ අතරින් සැර ගඳක් එක්ක දියරයක් ගලාගෙන ගියා.
" වැඩක් නැහැ" රාලහාමිගේ කෙනෙක් කිව්වා
" බීපු ගෑනියෙක්ද කොහෙද" අනිත් රාලහාමි කිව්වා.
රාජු ගැහැනියගේ මූණට එබුණා.
" ඕ.... මුරුගා "
රාජුට කියවුණා

අප තවමත් ඇඳ මත සිටියදී ඔහු ජනෙල් පියන් වසන්නට කාමරයට ආවේය. ඔහු අසනීප ගතියකින් පෙළෙන බව මට දැනුණි. ඔහු වෙව්ලමින් සිටි අතර මුහුණ සුදුමැලි වි තිබුණි. වේදනාව ගෙනදෙන ක්‍රියාවක යෙදෙන්නාක් මෙන් සෙමෙන් ඇවිද්දේය.
"ෂාට්ස්, මොකද වෙලා තියෙන්නේ?"
"මගේ ඔළුව කකියනවා."
"ආපහු ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා නම් හොඳයි."
"ඕන නෑ, මට අමාරුවක් නෑ."
"ඇඳට යන්න. මම ඇඳුම් ඇඳගෙන බලන්න එන්නම්."
එහෙත් පහත මාලයට එද්දී මා දුටුවේ ඇඳුම් ඇඳගෙන ගිනි උඳුන අසල වාඩි වී දැඩි සේ ගිලන්ව, වේදනාවෙන් පීඩිතව සිටි වයස අවුරුදු නමයක දරුවෙකි. නළලට අත තබා බලද්දී ඔහුට උණ ගැනී ඇති බව දැනගත හැකි විය.
"ඇඳට යන්න. ඔයාට සනීප නෑ."
"මට අමාරුවක් නෑ." ඔහු පැවසීය.
වෛද්‍යවරයා පැමිණි පසු ඔහුගේ උෂ්ණත්වය පරීක්ෂා කර බැලීය.
"කීයද?" මම ඇසුවෙමි.
"එකසිය දෙකයි."
පහත මාලයේ සිටි වෛද්‍යවරයා ඖෂධ වර්ග තුනක් පාට තුනකින් යුත් බෙහෙත් කරල්වලින් ලබාදී ඒවා පාවිච්චි කිරීම සඳහා උපදෙස් ද තබා ගියේය. එකක් උණ බැසීම සඳහා ද තවත් එකක් විරේකයක් ලෙස ද තුන්වැන්න අම්ල තත්වය පාලනය කිරීම සඳහා ද විය. ප්‍රතිශ්‍යා විෂබීජ පවතින්නේ අම්ල තත්ත්වය යටතේ පමණ කැයි ඔහු පැහැදිළි කළේය. ප්‍රතිශ්‍යාව පිළිබඳව හැමදෙයක්ම දැනසිටි බව පෙනුන ඔහු උණ එකසිය හතර ඉක්මවා නොගිය හොත් කරදර වීමට කිසිවක් නොමැති බව ද පැවසීය. මෙය මෘදු ප්‍රතිශ්‍යා තත්වයක් බව ද නියුමෝනියාව වළක්වා ගතහොත් කිසිදු අවදානමක් නොමැති බව ද ඔහුගේ අදහස විය.
කාමරයට පැමිණ දරුවාගේ උෂ්ණත්වය ලියා තබා කරල් වර්ග දියයුතු වේලාව සඳහන් සටහනක් සකස් කළෙමි.
"ඔයාට අහගෙන ඉන්න පොතක් කියවන්නද?"
"කමක් නෑ, ඔයා කැමති නම්." ළමයා පැවසීය. ඔහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලිව තිබූ අතර ඇස් යට කළුපැහැ ගැන්වී තිබුණි. ඇඳෙහි නිශ්චලව වැතිර සිටි ඔහු අවට සිදුවන දේවල් පිළිබඳ සංවේදී නොවන බවක් දැක්වීය.
මම හවර්ඩ් පයිල්ගේ 'මුහුදු කොල්ලකරුවන්ගේ පොත' කෘතියෙන් කොටසක් හඬනගා කියවූයෙමි. එහෙත් ඔහු මා කියවන දෙයට ඇහුම්කන් නොදෙන බව මට පෙනිණ.
"ඔයාට දැන් කොහොමද, ෂාර්ට්ස්?" මම ඔහුගෙන් ඇසුවෙමි.
"තවම නම් තිබුණා වගේමයි." ඔහු පැවසීය.
ඇඳෙහි පාමුල වාඩිවූ මා ඊළඟ බෙහෙත් කරල දීමට වේලාව පැමිණෙන තෙක් පොත කියවූයෙමි. ඔහු නින්දකට වැටීම සිදුවිය යුතුව තිබුණත් මා හිස ඔසවා බලන විට ඇඳ පාමුල දෙස අමුතු ආකාරයකට ඔහු බලාසිටිනු පෙනිණ.
"ඇයි පොඩ්ඩක් නිදාගන්න උත්සාහ කරන්නේ නැත්තේ? බෙහෙත් බොන්න වෙලාව එනකොට මං ඇහැරවන්නම්."
"නෑ, මං ඇහැරලාම ඉන්නම්."
"තාත්තා, මාත් එක්ක මෙතැන ඉන්න ඕනැ නෑ ඒක ඔයාට කරදරයක් නම්." ටික වේලාවකට පසු ඔහු පැවසීය.
"නෑ, ඒක මට කරදරයක් නෙවෙයි."
"නෑ මං කිව්වේ ඉන්න එකෙන් හිතට කරදරයක් දැනෙනව නම් ඉන්න අවශ්‍ය නෑ කියලයි."
ඔහුගේ සිත මදක් අවුල් වී ඇතැයි සිතූ මම එකොළහට දීමට නියම කර තිබූ කරල් දීමෙන් පසු මද වේලාවකට නිවෙසින් බැහැර වීමි. එය දීප්තිමත්, සීතල දිනයක් විය. බිම මිදුන හිම කැටිවලින් වැසී තිබුණ හෙයින් පත්‍ර රහිත ගස්, පඳුරු, කප්පාදු කරන ලද පඳුරු, තණකොළ හා ශාඛ රහිත බිම යන සියල්ලෙහිම අයිස් ආලේප කර ඔප දැමුවාක් මෙන් විය. මම කුඩා අයිරිෂ් බලුපැටවා ද කැටුව මිදීගිය දිය පහරක් අද්දරින් වූ මාවත දිගේ උඩහට ඇවිද ගියෙමි. එහෙත් වීදුරු මෙන් ඔප වැටුණ මතුපිට සිටගෙන සිටීම හෝ ඇවිදීම අසීරු කාර්යයක් විය. රත්පැහැති බල්ලා වැටී ලිස්සා ගිය අතර මම දෙවරක්ම තදින් වැටුණෙමි. වරක් තුවක්කුව මා අතින් ගිලිහී අයිස් මත ඉවතට ලිස්සා ගියේය.
උස්ව පිහිටි ඉවුරක එල්ලී තිබූ පඳුරක් යට සිටි වටු රංචුවක් එළියට ගැනීමට අපි සමත් වීමු. ඉවුරට ඉහළින් උන් නොපෙනී යද්දී ඉන් දෙදෙනකු මරාදමන්නට මට හැකිවිය. රංචුවේ සිටි සමහර කුරුල්ලෝ ගස්වල වැසූ අතර වැඩි දෙනෙක් කපා ගොඩගසා තිබූ අතු ගොඩවල් අතරට වැදී ගත්හ. උන් ඉවතට පලවා හැරීමට අයිස්වලින් ආවරණය වී තිබූ අතු ගොඩවල් මතට කිහිපවරක් පැනීමට සිදුවිය. අයිස්වලින් වැසී ලිස්සන සුලු අතුගොඩ මත අඩමානයට සිටගෙන සිටියදී එළියට එන උන්ට වෙඩිතැබීම අසීරු දෙයක් විය. මට දෙදෙනකු මරාදැමීමට හැකි වූ අතර පස්දෙනකු මගහැරිණ. ගෙදරට මෙතරම් සමීපව වටු කුරුලු රංචුවක් සිටීමත් වෙනත් දිනයක දඩයම් කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ඉතිරිව සිටීමත් පිළිබඳ සතුටින් ආපසු හැරුණෙමි.
නිවෙසට පැමිණි මට අනෙක් අය පවසා සිටියේ ළමයා කිසිවෙකුටත් කාමරයට ඇතුළුවීමට ඉඩදී නැති බවයි.
"ඔයාට ඇතුළට එන්න බෑ. මට හැදිලා තියන ලෙඩේ ඔයාට බෝවෙන්න දෙන්න බෑ." ඔහු පැවසීය.
ඔහු වෙත ගිය මා හට දැකගත හැකි වූයේ මා පිටව යන අවස්ථාවේ සිටි අයුරින්ම සුදුමැලි මුහුණින්, කම්මුල්වල ඉහළට වන්නට උණ නිසා රත්පැහැ ගැන්වී, තවමත් කලින් සිටියාක් මෙන්ම ඇඳෙහි පාමුල දෙස දෑස් දල්වාගෙන සිටින බවයි.
මම ඔහුගේ උෂ්ණත්වය මැන බැලූයෙමි.
"කීයක් තියනවද?"
"සීයක් විතර ඇති." මම කීවෙමි. එය එකසිය දෙකයි දශම හතරක් විය.
"ඒක එකසිය දෙකට තිබුණේ." ඔහු පැවසීය.
"කව්ද කිව්වෙ?"
"දොස්තර."
"ඔයාගේ උෂ්ණත්වය වරදක් නෑ. ඒක වදවෙන්න තරම් දෙයක් නෙවෙයි."
"මම වදවෙන්නෙ නෑ. ඒත් මට කල්පනා නොකර ඉන්න බෑ."
"හිතන්න යන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න."
"සැහැල්ලුවෙන් තමයි ඉන්නේ." කියූ ඔහු කෙළින් බලා සිටියේය. නිසැකවම ඔහු කුමක් හෝ දෙයක් ගැන හැඟීමක් සිත යට සඟවාගෙන සිටින බව පෙනුනි.
"වතුර ටිකක් එක්ක මේක බොන්න."
"ඒකෙන් හොඳක් වෙයි කියලා හිතනවද?"
"ඇත්තටම, ඒකෙන් හොඳ වෙයි."
අසුනක වාඩි වූ මම මුහුදු කොල්ලකරුවන් ගැන වූ පොත විවෘත කොට කියවීම ඇරඹීමි. එහෙත් ඔහු එයට සවන් නොදෙන බව පෙනුණ පසු කියවීම නැවතීමි.
"මම කොයි වෙලාවෙ මැරෙයි කියලද ඔබ හිතන්නේ?" ඔහු විමසීය.
"මොකක්ද කිව්වේ?"
"මං මැරෙන්න තව කොච්චර වෙලා යයිද?"
"ඔයා මැරෙන්නෙ නෑ. මොකද ඔයාට වෙලා තියෙන්නේ?"
"ඔව්, මම මැරෙන්නයි යන්නේ. මට ඇහුණා එයා කියනවා එකසිය දෙකයි කියලා."
"උණ එකසිය දෙකට තිබුණට මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒක මෝඩ කතාවක්."
"මම දන්නවා ඒක එහෙම වෙනවා කියලා. ප්‍රංශයේ පාසල් යද්දී ළමයි මට කිව්වා අංශක හතළිස් හතර වුණාම ඔබට ජීවත්වෙන්න බෑ කියලා. මට එකසිය දෙකක් තියනවා."
උදෑසන නමයේ සිට මුළු දවසම ඔහු මියයෑමට බලාපොරොත්තුවෙන් සිට ඇත.
"අනේ, අහිංසක ෂාර්ට්ස්. පැහිච්ච, පුංචි ෂාර්ට්ස්. ඒක හරියට හැතැප්මයි කිලෝමීටරුයි වාගේ." මම පැවසූවෙමි. "ඔයා මැරෙන්නෙ නෑ. ඒක වෙනස් විදියේ උෂ්ණත්වමානයක්. ඒකෙ සාමාන්‍ය උෂ්ණත්වය තිස් හතයි. මේ වර්ගයේ අනූඅටයි."
"ඔයාට හොඳටම විශ්වාස ද?"
"සත්තකටම." මම කියා සිටියෙමි. "ඒක හරියට සැතැප්මයි කිලෝමිටරුයි වාගේ. අපි කාරෙකේ සැතපුම් හැත්තෑවක් යනකොට ඒක කිලෝමීටර්වලින් කීයක් වෙනවද?"
"ආ, ඒකද?" ඔහු කීය.
එහෙත් ඇඳ පාමුල දෙසට යොමුව තිබූ ඔහුගේ බැල්ම සෙමින් ලිහිල් විය. අන්තිමේදී ඔහු සිරකරගෙන සිටි පීඩනය ද ලිහිල් විය. ඊළඟ දවස වනවිට එය හොඳටම සංසිඳී තිබූ අතර ඔහු කිසිත් වැදගැම්මකට නැති සුළු දේවලට පවා කෑගසන්නට පටන්ගෙන තිබුණේය.
පරිවර්තනය
මහින්ද අබෙිසිංහ