කෙටි කතාව 14

12 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Dec 28, 2025, 11:22:07 PM12/28/25
to INDRAKA group

 1

'ඒක් චෝටී සී ලව් ස්ටෝරි'

සුපුන් රත්නායක 


සමහරවිට ඒ නම මම ලියලා තියෙන විදිහ වැරදි ඇති.හැබැයි පුංචි ආදර කතාවක් කියන එක හින්දියෙන් කියන්නේ මේ වගේ කියලා තමයි මගේ මතකය තියෙන්නේ. දැන් ඉතින් ඕකේ හින්දි වල ව්‍යාකරන හොයන්න ඕන නෑ.මෙන්න මේකයි සීන් එක.
මගේ නම රුවිනාත්.traveling agency එකක පොඩි රස්සාවක් කරාට වෘත්තීමය වශයෙන් බේබද්දෙක්.ඇත්තම කිව්වොත් බොන්න පටන් ගත්තේ මගේ පළවෙනි කෙල්ල තරහ වුණාට පස්සේ. දැන් ඉන්නෙ දාහත්වෙනි කෙල්ල ඒත් මම බොනවා.
කෙල්ලෝ එනවා යනවා,දැන් ඒ හැඟීම ඉතාම පුරුදු දෙයක්. අරක්කු මිල වැඩි වෙනවා,ඒ හැඟීමත් ඉතාම පුරුදු දෙයක්.ඒ උනාට අරක්කු තමයි මට දුක හිතෙන වෙලාවටත් මට සතුටු හිතෙන වෙලාවටත් මට ඇතිවෙන තරමට මාව මත් කරේ.
අපිට බොන්න මිත්‍ර සමාගමක් තියෙනවා.පටන් ගන්නෙ බෝතලයක් ගහලා ගෙදර යමු කියලා.අන්තිම බෝතලේ ගහනකොට උදේ හතර විතර වෙනවා.ඒ අතරේ තවත් වස විස භාවිතා වෙනවා.සින්දු අහනවා සිංදු කියනව සිංදු ගැන කතා කරනවා.ඉවර වෙලා එනකොට.. ආයේ නම් බොන්නෙ නෑ, බුදු අම්මෝ මේ ඇති කියලා හිතනවා.
එහෙම කියලා හවසට ආයෙමත් අපි බොනවා.
දැන් මේ කතාව උඹල අරක්කු බොන විදිය ගැනද? කියලා ඔබට හිතෙන්න පුළුවන්.
නෑ ඒක ගැන නෙවෙයි.ඒත් අවට පරිසරය ගැන පැහැදිලි කරන්නේ නැතුව මේ කතාව කියලා තේරුමක් නෑ.
ඉතින් ඒ වගේ එක රාත්‍රියක ඇය එනවා අපේ සංගමයේ යාළුවෙක්ගේ යාළුවෙක් විදියට.
නීතිඥවරියක්...
එයා මගේ දිහා බලන හැම වෙලාවකම මට පේන්නේ සේවා දායකයෙක් දිහා බලනවා වගේ.
මගේ යාලුවෙක්ට වැඩේ තේරිලාද කොහෙද.ඉස්සර මිනිහ මොන දෙයක් උනත් කිව්වේ බඩුම තමයි කියලා.එදා දවසේ ඒ වචන දෙක පොඩ්ඩක් සංස්කරණය කරලා මූ කියාපි නඩුම තමයි කියලා.
එහෙම කියද්දි එයා හිනා වෙනවා.හිනා වෙනකොට ඇස් චූටි වෙනවා.කම්බුල් වළ ගැහෙනවා. තොල් දෙක දෙපැත්තට ඇදෙනවා.මූණ එක පැත්තකට බර වෙනවා.සමහරවිට මේ කිසිම දෙයක් වෙන්නෙ නැතුව ඇති,මට බීලා නිසා මේ ඔක්කොම පේනවා ඇති.
කොහොම හරි වෙනදට බොන තරම් මම එදා බිව්වේ නෑ.පොඩ්ඩක් ඩීසන් ඉන්න ඕන කියලා හිතුනා.එයා නං නස්පුක් වෙන්නම ගැහුවා.හැබැයි වෙරි නෑ වගේ ඉන්නවා.
ඩාන්ස් කරනකොට ගොඩක් වෙලාවට එයා හිටිය මගේ ළඟ.සමහර වෙලාවට එයා මගේ ඇඟේ ඇතිල්ලෙනවා.එතකොට සඳ මෝදු වෙනවා.ඒ ලස්සන හැඩකාර සිරුර ගීතයේ රිද්මයට නැලවෙනකොට බලන් ඉන්න ලස්සනයි.
මගේ යාලුවොන්ට හොඳටම නෝට් මම දැන් ප්‍රේමයෙන් ගැබ්බර වෙලා කියලා.එයාටත් ඉතින් ඉන්න බෑ මාව අවුස්සනවා.එතකොට මම තව තව ඩීසන් වෙන්න හදනවා.
රුවිනාත් තව බෝතලයක් ගේමුද?
එපා මචන් දැන් ඇති නේද ?
හැමෝටම හිතාගන්න බෑ මගේ වෙනස්වීම.බෝතලයක් කියන වචනය ඇතුළේ ..බයන්නට කලින් තියෙන කොම්බුව දැක්කත් ඇති මට බොන්න හිතෙනවා...ඒත් අද ?
ඕනම පාටියක එක අවස්ථාවක් තියෙනවා ,එක පොදියට ටේබල් එකේ වාඩිවෙලා හිටපු අය තැන් තැන් වලට වෙන වෙනම ගිහිල්ලා කතා කරන.සමහර විට ඒ සිගරට් එකක් ගහන ගමන් වෙන්න පුළුවන්,,තව කෙනෙක් කෝල් එකක වෙන්න පුළුවන්,තව දෙන්නෙක් ටේබල් එකේ කතා කරන්න බැරි පෞද්ගලික දෙයක් කතා කරනවා වෙන්න පුළුවන්..ඔය වගේ නානාප්‍රකාර හේතු.
අන්න එහෙම වෙලාවක මෙච්චර වෙලා රැකගෙන හිටපු මගේ ඩීසන් කම බල්ලට දාලා...ඇගේ ලවනත සැදුනු මීවිතෙන් මම මත්වුණා.
ඊට පැයකට විතර පස්සේ පාටිය ඉවර වුණා.යාළුවො හැමෝටම ඕන වුණේ එයාගේ වාහනේ මාව එවන්න.ඒ වෙනකොට මම දැනගෙන හිටියා එයා ඉන්නෙ පාදුක්කේ කියලා. එයාව එක්ක ගෙනාපු යාළුවා හිටියේ හෝමාගම.
රුවිනාත් ඔයා කොහාටද යන්නේ? කොහොමද යන්නේ..
ම්ම්ම්ම් මට යන්නනම් ඕන ඉංගිරියට.අවුලක් නෑ මං ටැක්සියක් දාගෙන යනවා.
ඉතින් මම පාදුක්කට යනවනේ.අපිත් එක්කම යමු.
ඉතින් බලන්න බොරු කියන්නෙ කොයිතරම් ලස්සන දෙයක්ද.ඒ බොරුවේ ආනුභාවයෙන් මමත් එයත් එයාගේ යාලුවත් යන්න පිටත් වුනා.
යාලුවා හෝමගමින් දැම්මට පස්සේ තමයි අපි හරි ට්‍රැක් එකේ කතා කරන්න පටන් ගත්තේ.
රුවිණාත් තාම සිංගල් ද ?
කෙල්ල කොච්චර හිටියත් මගේ හිත කිව්වා ඔව් කියන්න කියලා.
ඔව්, කෙල්ලෙක් නෑ
ඔය වයසටත් කෙල්ලෙක් නෑ කියල කියන්නේ ,ඒක මොකක් හරි ඔයාගේ අඩුවක්..
මේකේ හැරෙන තැපෑලෙන්ම කන පැලෙන්න එකක් දුන්න වගේ කිව්වා..
කෙල්ලෝ ඉඳලා නැතුව නෙවෙයි.ඒ උනාට දැන් සීරියස් මූඩ් එකක් ඔන් වෙන්න ඕනෙ.නැත්නම් මගේ කාලයත් අපරාදේ..
ඒකනං ඇත්ත.
ඔය වගේ විවිධ දේවල් කතා කරගෙන අපි පාදුක්ක ටවුන් එකටම ළංවුණා.
රුවිනාත් මම මෙතනින් හැරෙනවා.
එයාට එච්චරයි කියන්න හම්බවුණේ.මම ආයෙමත් ඇගේ ලවණත සැදුනු මේ විත හොයාගෙන ගියා.ඒකට ටිකක් වෙලා ගත වුණා.එයා ඒ කිසිම වෙලාවක බාධා කරේ නෑ.
ආයේ කවදද අපි හම්බවෙන්නේ.
මගේ හිත මටත් කලින් ඒ ප්‍රශ්නය එයාගෙන් ඇහුවා.
ආයේ අපිට හම්බවෙන්න වෙලාවක් වෙන්නේ නෑ රුවිනාත් . මම හෙට uk යනවා හස්බන්ඩ් ගාවට.බොහෝ දුරට ආයි ලංකාවට එන එකක් නෑ.
මම කිසිම දෙයක් කියන්නේ නැතුව බලාගෙන හිටියා.
අද ආවෙත් මගේ යාලුවා ඩිනර් එකක් දෙන්න කතා කරා. අපි ඩිනර් ඉවරවෙලා එලියට බහින කොටම තමයි ඔයාගේ යාළුවාගෙන් මගේ යාළුවට කෝල් එක ආවේ.ඉතිං ආයෙමත් ලංකාවේ සෙට් වෙන්න වෙන්නේ නැති නිසා මමත් කිව්වා යමු කියලා..
එතකොට මේක මෙතනින් ඉවරද
මොකද්ද රුවිනාත් මේක කියන්නේ..
මට කියන්න මොකුත්ම තිබුනේ නෑ.මම ඇයට ගුවන් ගමනට සුභ පතලා,වාහනයෙන් බැස්ස.දැන් ඉතින් මේ වෙලාවට ත්‍රීවිල් හොයනවා කියන්නේ පිස්සු හැදෙන වැඩක්.තඩි වැස්සක සේයාවකුත් නැතුවම නෙවෙයි.
එකපාරටම බයිසිකලයක් යූ ටර්න් එකක් ගහලා නැවැත්තුවා.
ඒ බූරුව නැගපන්.
පාටියේ හිටපු මගේ යාලුවෙක්,හිත හොඳ වැඩිකමට හෝ අතිශය බීමත්කමට අපේ වාහනය පස්සෙන් ඇවිල්ලා..
ඔය දෙකෙන් මොකක් උනත් ඌ දන්නවා මට පාදුක්කේ ඉඳලා එන්න විදියකුත් නෑ.. මම ඉන්නෙ පාදුක්කෙත් නෙවෙයි කියලා.
හෙල්මට් එකක්වත් නැතුව ආයෙමත් මම පියවි ලෝකෙට ආවා.ගෙදර ගිහිල්ලා බලනකොට එයාගෙන් ෆේස්බුක් රික්වෙස්ට් එකක් ඇවිල්ලා තිබුණා..
ඊට පස්සේ මම හැමදාම එක දිගට hi ,hi ,hi කියල ඉන් බොක්ස් එකේ වාත වෙනකොට,එයා මාව බ්ලොක් කරා..
ඉතින් එතනින් ඒ කතාව ඉවර වුණා..

Nissanka Rajapaksa

unread,
Jan 3, 2026, 4:30:23 AMJan 3
to INDRAKA group
2
මාතෘ

Translation of the short story ‘Maternity’ by Lilika Narkos

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

ආමේනියානු සරණාගතයන් මාසෙයි නගරයට පැමිණ මසක් ගතවෙද්දී නගරයේ පිටත සීමාවේ වූ ඔවුන්ගේ කඳවුර කුඩා ගම්මානයක සිරි ගෙන තිබිණි. ඔවුන් තමන්ට හැකි ආකාරයෙන් තැන තැන ලැගුම් සොයාගත් බවක් දිස් විය. වඩාත්ම පොහොසත් අය සතුව කූඩාරම් තිබුණු අතර, තවත් සමහරෙකු ගරා වැටුණු මඩු වල විසූහ. නමුත් බහුතර සරණාගතයන් සෙවන ලැබුවේ කෝටු හතරක් මත රඳවන ලද පැරණි බුමුතුරුණකිනි. මෙවැනි තාවකාලික නිවහනක වෙසෙද්දී වට තිර ඇද ගැනීමට රෙදි කඩක් සොයාගත හැකි වූවෝ අනුන්ගේ දෑස් මඟ හැර ගැනීමට වාසනාවන්ත වූහ. එවැනි අවස්ථාවල ඔවුන්ට තමන්ගේම නිවසේ වෙසෙනවාට කිට්ටු හැඟීමක් දැනුණි. මෙහි පිරිමින් කුමක් හෝ රැකියාවක් සොයාගත් අතර මේ නිසා දරුවන් ට කුසගින්නෙන් පීඩා විඳීමට සිදු වූයේ නැත. 

මේ හැම දෙනා අතරින් කිසිවක් කිරීමට නොහැකි ව ඉතුරු වූයේ මිකාලි පමණි. ඔහු තම අසල්වැසියන් ඉඳහිට දුන් පාන් කැබලි ආහාරයට ගත් නමුත් ඒ පිණට කෑමත් ණය බරක් සේ ඔහුව පීඩාවට පත් කළේය. දා හතර වියැති නීරෝගී උස මහත කොලුවෙකු වූ ඔහුට රැකියාවක් සොයා ගැනීමට එකම බාධාව වූයේ තම පිටේ බැඳ තැන තැන රැගෙන ගිය අලුත උපන් බිළිඳා ය. මේ බිළිඳා ගේ උපත සිදුවුයේ මිකාලිගේ මවගේ මරණයත් සමඟයි. එතැන් සිට බිළිඳා දිවා රැයේ නොකඩවා කුසගින්නේ බෙරිහන් දුන්නේය. රෑ තිස්සේ ඇසුණු හැඬුම් නිසා තම නිදි බිඳුණු බැවින් ගැටවරයාගේම සහෝදර රටවැසියන් ඔහුව කඳවුරෙන් එළවා දැමූ පසු ඔහුට රැකියාවක් දෙන්නට කිසිවෙකු සිටියේ නැත. මේ වෙද්දී මිකාලි පවා මේ හැඬුම් ශබ්දයෙන් තෝන්තු වී සිටි අතර, ඔහුගේ මනස සිතුවිල්ලෙන් හිස් ව තිබිණි. නින්ද අහිමි වීම සහ මහන්සිය නිසා ඔහු තැන තැන ඇවිද්දේ අතරමං වූ ආත්මයක් පරිද්දෙනි. යන යන තැන මේ බෙරිහන් දෙන පොට්ටනිය ඔසවාගෙන යමින් සිටි කොලුවා කල්පනා කළේ බිළිඳා නොගැලපෙන මොහොතක මේ ලෝකයට ආවේ ඔවුන් දෙදෙනාගේම අවාසනාවට බවයි. ඇසෙන මානයේ සිටි හැම කෙනෙකුම මේ කරච්චලයට කන් දුන්නේ නොරිස්සුමෙනි. ඔවුන්ට තම තමන්ගේ ගැටළු ඇති තරම් තිබුණු අතර බිළිඳා ඉක්මණින් මිය යනු ඇතැයි ඔවුහු අනුකම්පාවෙන් නමුත් ප්‍රාර්ථනා කළහ. 

නමුත් ඒ මරණය සිදු වූයේ නැත. බිළිඳා කෙසේ හෝ ජීවත් වීමට වලි කෑ අතර තව තවත් උස් හඬින් තම සාගින්න ගැන ලොවට කියා පෑවේය. මේ හඬ නිසා ඔලුව අවුල් වූ කාන්තාවෝ තම දෙකන් වල ඇබ ගසා ගත්හ. මිකාලි බේබද්දෙකු සේ තැන තැන ඇවිදිමින් පසු විය. කිරි මිළට ගෙන දීමට ඔහු සතුව සතයක් වත් නොවූ අතර කඳවුරේ කිසිම කාන්තාවක් බිළිඳාව පෝෂණය කිරීමට හැකි තත්ත්වයක සිටියේ නැත. මේ සිදුවීම් ඕනෑම කෙනකු පිස්සු වට්ටන්නට සමත් ඒවා විය.

දිනක් මේ සියල්ල තවදුරටත් ඉවසනු නොහැකි තැන, මිකාලි ඇනටෝලියානුවන් වෙසෙන පෙදෙසට ඇවිද ගියේ ය. මොවුන් ද තුර්කි සමූල ඝාතකයන්ගෙන් බේරීමට පලා ආ අය විය. ඒ අය අතර බිළිඳා ට අනුකම්පාව පෑමට ඉඩ ඇති කිරි දෙන මවක් සිටිය හැකි බවට මිකාලිට ඔත්තුවක් ලැබී තිබිණි. එබැවින් ඔහු එහි ගියේ හද පිරි බලාපොරොත්තු ඇතිවයි. මිකාලිට ඒ කඳවුරත් තමන්ගේ කඳවුරත් අතර වැඩි වෙනසක් පෙනුණේ නැති අතර එතැනත් දුක්ඛිත බව දසත දිස් විය. තැන තැන වයෝවෘද්ධ ගැහැණුන් ලෑලි තට්ටු මත ඇන තබාගෙන සිටිනු පෙනුණි. නිරුවත් දෙපයින් යුතු කුඩා දරුවෝ දිය කඩිති වල අපිරිසිදු ජලයේ සෙල්ලම් කරමින් සිටියහ. මිකාලි කඳවුර හරහා ඇවිද යද්දී මහලු ගැහැනු කිහිප දෙනෙක් ඔහු එහි ආ හේතුව විමසුවෝය. ඒවාට පිළිතුරු දෙන්නට නොනැවතුණු ඔහු තම ගමන බාල කළේ මරියා මව්තුමියගේ පිළිමයක් රැඳුණු කූඩාරමේ දොරකඩයි. බිළිඳු හැඬුම් හඬක් එහි ඇතුළතින් රැව් නැඟිණි. 

“මේ එළියේ වැඩ ඉන්න මරිය මව්තුමියගේ නාමයෙන් මේ අසරණ, අනාථ දරුවාට කිරි ටිකක් දෙන්න පුලුවන්ද? මම දුප්පත් ආමෙනියානුවෙක්” ඔහු ග්‍රීක බසින් කීය.

ඔහුගේ ඉල්ලීම අසා කූඩාරම තුළින් තලෙළු සමෙන් යුත් සුන්දර කාන්තාවක් මතු විය. අඩවන් දෑසින් යුතුව ඉතා උද්යෝගයෙන් කිරි උරන ළදරුවකු ඈ ළයට තුරුළු කරගෙන සිටියාය.

“කෝ බලන්න ඔය දරුවා, කොල්ලෙක් ද කෙල්ලෙක්ද?

මිකාලි ගේ හදවත ප්‍රීතියෙන් ගැහෙන්නට විය. මේ වෙද්දී අසල්වැසියන් කිහිප දෙනෙක් මෙතැනට රොක් වී සිටි අතර ඔවුහු මිකාලි ට තම සොහොයුරා පිටේ රඳවාගෙන උන් ගෝනිය බිමට බෑමට උපකාර කළහ. බිළිඳා එතූ රෙදි වැසුම් මෑත් කරද්දී හැම කෙනෙකුම එහි එබුණේ කුතුහලයෙනි. 

ගැහැනුන් කණ්ඩායම එක් වරම මහා හඬින් කෑ ගැසූහ. බිළිඳා වෙතින් මනුෂ්‍ය ලක්ෂණ වලට වඩා දිස් වුයේ අමනුෂ්‍ය ලක්ෂණ යි. ඔහුගේ හිස විශාල ව පෙනුණේ සිරුර අසාමාන්‍ය ලෙස කෘශව තිබුණු බැවිණි. මෙතුවක් කල් ඔහු තම මහපටඇඟිල්ල උරමින් සිට තිබුණත් ඒ වෙද්දී එය ඉදිමී, ඔහුගේ කුඩා මුවට ඇතුළු කිරීමට නොහැකි තරමට විශාල වී තිබිණි. මේ හැම නිසා බිළිඳාගේ පෙනුම බියකරු දසුනක් වූ අතර මිකාලි පවා බියෙන් පසු බෑවේය.

“දේව මෑණියන් ට ඔප්පු වෙච්චාවේ!” එක් වයසක ගැහැනියක් කෑ ගැසුවා ය. “මේ නම් පිසාචයෙක්, ඇත්තම පිසාචයෙක්.. මට නම් කිරි තිබුණත් මූට දෙන්න හිත හයිය නැති වේවි.”

“මේ තමයි යක්ෂයා,” ගැහැනියක් කුරුසයේ ලකුණ අඳිමින් කීවාය. “හැබෑ තුර්කි පුතෙක්!”

“මේ යක්ෂයාම තමයි!” තවත් මහලු ගැහැනියක් කෑ ගසන්නට විය. “පලයන් යන්න මෙතැනින් කරුමක්කාරයා, ආයෙත් මේ පළාතේ ආවොත් බලාගෙනයි! උඹලා නිසා අවාසනාව අපේ පස්සෙනුත් එනවා!” ඈ මිකාලි වෙතට හැරී දොස් පැවරුවා ය.

රැස් ව සිටි සියලු දෙනා එක්ව තර්ජනය කරමින්, බැණ වදිමින් මිකාලි ව එතැනින් එළවා දැමූහ. දෑසේ කඳුළු පුරවාගෙන, කුසගින්නෙන් හඬන බිළිඳා කරපින්නාගෙන ඔහු එතැනින් නික්මුණේය.

ඉතින් තවත් කළ හැකි දෙයක් නොවූ අතර දරුවා හාමත් ව මිය යන්නට නියමිත ව තිබිණි. මිකාලි ට මහත් තනිකමක් සහ අසරණ බවක් දැනෙන්නට විය. කඳවුරේ මිනිසුන් කියූ පරිදි තමා මේ ඔසවාගෙන යන්නේ යක්ෂයා යැයි සිතද්දී ඔහුගේ සිරුර කිළිපොලා ගියේය. මඩුවක හෙවනකට ගිය ඔහු එතැන බිම හිඳ ගත්තේය. හාත්පස බෙහෙවින් උණුසුම් විය. ඔහු වටා දෑස මානයේ දිස් වූයේ කැලි කසලින් පිරුණු මුඩු බිමකි. මධ්‍යහ්නය හඟවමින් කොතැනක හෝ ඝණ්ඨාවක් හැඬවිණි. පෙර දිනයේ පටන් තමන් කිසිවක් ආහාරයට නොගත් බව ඒ හඬ ඔහුට සිහිපත් කළේය. ඉතින් ඔහුට මාවත් ඔස්සේ යමින්, අවන්හල් වල එළිමහන් මේස අවට හොරගල් අහුලමින්, පිඟන්වල ඉතුරු වූ පාන් වාටි සොරකම් කරමින්, නොඑසේ නම් දඩාවතේ යන බල්ලන් පවා ඉතුරු කර ගිය කෑම සොයමින්, කුණු බක්කි පෙරළමින් කුසගින්න නිවාගන්නට සිදු වනු ඇත. මිකාලිට හදිසියේම ඉදිරියේදී ගෙවෙන්නට නියමිත ජීවිතයේ මහත් කාලකණ්නි සහ බියකරු බවක් දැනුණු බැවින් ඔහු තම මුහුණ දෑතේ හොවාගෙන වැළපෙන්නට විය. 

ටික වෙලාවකට පසු ඔහු හිස ඔසවා බලද්දී තමන් ඉදිරියේ, තමා දෙස බලාගත්වනම මිනිසෙකු සිටිනු දුටුවේය. ඒ, කඳවුර වෙත කඩදාසියෙන් තැනූ විවිධ විසිතුරු භාණ්ඩ විකිණීමට පැමිණෙන චීන මිනිසා බව ඔහු හැඳින්නේය. කිසිවකු මේ මිනිසා විකිණූ භාණ්ඩ මිළදී නොගත් අතර ඔහුගේ සමේ පාටටත් කුඩා දෑසටත් ඔවුහු ඔච්චම් කළහ. කඳවුරේ කුඩා දරුවන් ඔහු පසුපස පැන්නුවේ “චීනා.. චීනා.. ගඳම ගඳයි..” යැයි තාලයට කියමිනි.

චීන මිනිසා තමන් දෙස මෘදු බැල්මක් හෙලා කතාකරන්නට මෙන් දෙතොල් සොලවන බව මිකාලි දුටුවේය. අන්තිමේදී ඔහු කුලෑටිව මෙසේ කීය. “අඬන්න එපා කොල්ලෝ.., මාත් එක්ක එන්න.”

මිකාලි ඊට පිළිතුරැ දුන්නේ හිස සලා ප්‍රතික්ෂේප කිරීමෙනි. ඔහුට අවශ්‍ය වූයේ එතැනින් පලා යන්නටයි. චීන මිනිසුන්ගේ කෘර ක්‍රියා ගැන කතන්දර ඔහු ඇති තරම් අසා තිබිණි. ඔවුන් යුදෙව්වන් පරිද්දෙන්ම, ක්‍රිස්තියානු දරුවන් සොරාගෙන ඔවුන්ව මරා ලේ බොන බවට ආරංචියක් සරණාගත කඳවුරේ පැතිරී තිබිණි. 

නමුත් ඒ මිනිසා එතැනින් ඉවත් වූයේ නැත. අන්තිමේදී මිකාලි ඔහු පසුපස ගියේ වෙන කළ හැකි දෙයක් ඔහුට කල්පනා නොවුණු බැවිණි. තමන්ට මීට වැඩියෙන් සිදුවිය හැකි විපත කුමක්ද? මෙසේ ඇවිද යන අතරේදී දුර්වල ව උන් මිකාලි බිළිඳා සමඟම ඇද වැටෙන්නටත් ගිය නමුත් චීන මිනිසා වහා පැමිණ ඔහුගෙන් බිළිඳාව ගෙන කරුණාවෙන් තුරුළු කරගත්තේය.

හිස් ඉඩම් කිහිපයක්ම තරණය කළ පසු ඔවුහු කුඩා වීදියකට එළැඹුනහ. මෙය ඔස්සේ ගිය විට කුඩා ගෙවත්තකින් වටවූ ලීයෙන් තැනු නිවසක් දිස් විය. නිවස ඉදිරිපස නතර වූ මිනිසා දෙවරක් අත්පුඩි ගැසුවේය. නිවස තුළින් අඩි ශබ්දයක් ඇසුණු අතර දොර විවර කළේ ඉතා කුඩා සිරුරකින් යුතු කාන්තාවකි. පිරිමි දෙදෙනා දුටු විට ඇගේ මුහුණ විලියෙන් රතු වූවත් ඈ සතුටු සිනාවක් පා, මඳක් නැමී ආචාර කළාය. මිකාලි දොරකඩ තාවර වෙමින් නැවතී සිටිනු දුටු චීන මිනිසා “බය වෙන්න එපා, ඇතුළට එන්න, මේ මගේ බිරිඳ” යැයි කීවේය. 

මිකාලි නිවස තුළට ගිය විට එය තරමක් විශාල කාමරයක් බව නිරීක්ෂණය කළේය. එය මැදින් කඩදාසි පැලැල්ලකින් දෙකොටසකට බෙදා තිබිණි. ඉතාම පිරිසිදුව, පිළිවෙලට තිබුණු ඒ කාමරයෙන් දුගී බවේ ලකුණු ද දිස් විය. කාමරයේ කෙළවරක වේවැල් තොටිල්ලක් තිබිණි.

“මේ මගේ දරුවා” කාන්තාව පැවසුවේ ඔවුන් වෙත සිනා මුසුව හිස ඇළ කරමිනි. “එයා තාම පුංචියි, හැබැයි හරි ලස්සනයි. එන්න බලන්න”

මිකාලි තොටිල්ල වෙත ගොස් නිහඬව ම ඒ දසුන විඳින්නට විය. අලුත උපන් පුෂ්ටිමත් ළදරුවෙකු නිස්කාංසුවේ එහි නිදමින් පසුවිය. රන් පැහැති බ්‍රොකේඩ් රෙදි කඩකින් ඔහුව ආවරණය කර තිබුණෙන් ඔහුව පෙනුණේ කුඩා රජෙකු විලසිනි.  

සැමියා බිරිඳට හඬ ගසා පිදුරු වලින් වියන ලද පැදුරක් මත වාඩිවන ලෙසට ඇයට සන් කළේය. ඉනික්බිති ඔහු වදනකුදු නොදොඩා හාමත් වූ ළදරුවා ව ඇයගේ උකුලෙන් තැබුවේ ඇය ඉදිරියේ නැමී ආචාර කරමිනි. පුදුමයෙන් දරුවා වෙත නැඹුරු වූ කාන්තාව ඔහුව ආවරණය කර තිබුණු රෙදි කඩ ඉවත් කළාය. ඇට සැකිල්ලක් මෙන් දිස් වූ ඔහු දුටු විට ඇයගෙන් නික්මුණේ අනුකම්පාවෙන් පිරි හඬකි. ඈ දරුවා තම හදට තුරුළු කරගත්තේ තන පුඩුව ඔහු වෙත පාමිනි. ඉනික්බිති මඳක් ලජ්ජාවෙන් මෙන් ඈ තම පිරුණු පියයුරත්, එහි එල්ලී පෙරේතකමින් කිරි උරන ළදරුවාත් ආවරණය වන පරිදි තම ගවොම සකසා ගත්තාය.  



Nissanka Rajapaksa

unread,
Jan 4, 2026, 2:33:32 AMJan 4
to INDRAKA group
3
බැංකුව බංකොලොත්

Translation of the story ‘The Boy who Broke the Bank’ by Ruskin Bond

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

සිසිල සඟරාව - මැයි 2025 කලාපය 

සෙත් ගෝවින්ද් රාම් ට අයත් පිපාල්නගර් බැංකුවේ පඩිපෙළ අතුගාමින් උන් නාතු තමන්ටම මොනවාදෝ මුමුණමින් සිටියේය. ඔහු තම කුඩා කොස්ස ඉක්මණින් සහ නොසැලකිල්ලෙන් එහා මෙහා ගෙන යද්දී විසිරුණු දූවිල්ල, වළාකුලක් සේ ඉහළ නැඟී නැවතත් පඩි පෙළ මත පතිත විය. නාතු කුණු ඉවත් කරන තැටිය කුණු කූඩය මත වැරෙන් හඬවද්දී රෙදි අපුල්ලන්නාගේ පුත්‍රයා වන සීතාරාම් එතැනින් ගමන් කළේය. 

සීතාරාම් ගේ හිස මත අලුතින් අපුල්ලන ලද රෙදි සහිත පොට්ටනියක් විය. ඔහු යමින් සිටියේ ඒවා බෙදා හැරීමටයි.

“ඔච්චර දූවිලි අවුස්සන්න එපා බං!” ඔහු නාතු ට හඬගා කීවේය. “උඹ ඉල්ලුව විදිහට මෙයාලා පඩිය මාසෙකට රුපියල් දෙකකින් වැඩි නොකළ නිසා උඹ තාම කෙන්තියෙන්ද ඉන්නේ?”

“මම කැමති නැහැ ඒ ගැන කතා කරන්න,” අතුගාමින් සිටි ගැටවරයා කීවේය. “ඒක තියා මගේ මාසේ පඩිය වත් ලැබුණේ නැහැ. දැන් මාසේ විසිවෙනිදාත් වෙලා. කවුද හිතන්නේ බැංකුවක් මේ විදිහට දුප්පත් මිනිහෙක්ගේ පඩිය නොගෙවා තියාගෙන ඉඳීවී කියලා? මගේ පඩිය හම්බවුණ ගමන් මම නම් මෙතන තව සතියක් වත් වැඩකරන්නේ නැහැ, අස්වෙලා යනවා යන්න.”

නාතු මෙසේ කියමින් නැවතත් තම අත වූ තැටියෙන් වැරෙන් කුණු බාල්දියට තඩි බාන්නට වූයේ තමන් කී කරුණ ඔප්පු කිරීමටත් තම ආත්ම විශ්වාසය වැඩි කරගැනීමටත් මෙනි.

“උඹේ වැඩේ හරියන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා” සීතාරාම් කීවේය. “මාත් බලන්නම්කෝ උඹට ගැලපෙන රස්සාවක් තියේද කියලා.” ඇපිල්ලූ රෙදි පොට්ටනියෙන් හිසත් උරයත් අඩක් පමණ වැසී ගොස් තිබුණු ඒ තරුණයා, නිරුවත් දෙපයින් යන්නට ගියේය. 

සීතාරම් ගිය හතරවෙනි නිවසේදී එහි ගෙහිමි කාන්තාව ගෙවත්ත අතුගාන්නට කොලුවෙකු සොයන බව ඔහුට අසන්නට ලැබිණි. ඔහු තම පොට්ටනිය ගැටගසමින් මෙසේ කීවේය. 

“මම දන්න කොල්ලෙක් ඉන්නවා අතුගාන වැඩේ කරන, ඌ මේ දවස්වල රස්සාවක් හොයනවා. ලබන මාසේ ඉඳන් වැඩ පටන්ගන්න පුළුවන්. දැනට ඒකා වැඩකරන්නේ බැංකුවේ, ඒත් එහෙ හරියට පඩි ගෙවන්නේ නැහැලු, ඒ නිසායි අයින් වෙන්න හදන්නේ.”

“හැබෑට?” ශ්‍රීවස්තා මැතිණිය කීවාය. “හෙට ඇවිත් මාව හම්බවෙන්න කියපන්කො.”

තම සේවාදායකයාට මෙන්ම මිතුරාට සේවයක් කිරීමට ඉඩ ලැබීම ගැන සතුටින් සීතාරාම් යන්නට ගියේය. 

ශ්‍රීවස්තා මහත්මියට වෙළඳපලට යාමට අවශ්‍යතාවයක් තිබිණි. බිළිඳා බලාගැනීම ගැන ආයාට උපදෙස් දුන් ඈ දිවා ආහාරය ඉක්මණින් සූදානම් කරන්නැයි කෝකියාට අණ කළා ය. ඉනික්බිති ඈ පිපාල්නගර් වෙළඳපොල වෙත ගියේ සුපුරුදු ලෙස එහි රෙදි කඩ වල සැරිසැරීමට ය. 

කඩ වීදියේ එක කෙළවරක වූ විශාල සියඹලා ගස නිසා ඒ පෙදෙසම සෙවන වී තිබිණි. ශ්‍රීවස්තා මහත්මියට තම මිතුරිය වූ භූෂන් මහත්මිය ව මුණගැසුණේ ඈ මේ සෙවනේ ගිමන් හරිමින් සිටිද්දීය.භූෂන් මහත්මිය විශාල ලේන්සුවකින් පවන් ගසමින් සිටියාය. මේ ගෙවෙන්නේ පිපාල්නගර් ඉතිහාසයේ රස්නයෙන් වැඩිම ගිම්හාන කාලය බව ඈ සපථ කළාය. ඉනික්බිති ඈ ශ්‍රීවස්තා මහත්මියට තමන් මිළදීගැනීමට බලාපොරොත්තුවන රෙදි වර්ගයේ සාම්පලයක් පෙන්වූවා ය. විනාඩි පහක් තිස්සේ ඒ දෙදෙනා ඒ රෙද්දේ පාට, මෝස්තරය සහ වියමන ගැන කතා කළහ. ඒ මාතෘකාව අවසන් වූ පසු ශ්‍රීවස්තා මහත්මිය මෙසේ කීවාය. 

“දන්නවද මෙයා, සෙත් ගෝවින්ද් රාම්ගේ බැංකුවට තමන්ගේ සේවකයන්ට පඩි ගෙවාගන්නවත් බැහැලු. බැංකුව අතුගාන කොල්ලාට මාසෙකින් පඩි ගෙවලා නැහැ කියලා අද උදේ මට අහන්න ලැබුණා!”

“දෙයියනේ!” භූෂන් මහත්මිය පුදුම වූවාය. “අතුගාන කොල්ලාට ගෙවාගන්න බැරි නම් ලොකු ප්‍රශ්නයක් ඇති. එකත් එකටම අනෙත් සේවකයන්ට ගෙවන්නෙත් නැතිව ඇති.”

ඈ සියඹලා ගස සෙවනේ ශ්‍රීවස්තා මහත්මියව තනි කර තම සැමියා සොයා ගියා ය. ඔහු සිටියේ කමල් කිෂෝර් ගේ ඡායාරූප සාප්පුව ඉදිරියේ අසුන්ගෙන එහි හිමිකරු සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 

“කොහෙද අනේ ගියේ?” භූෂන් මහත්මිය නෝක්කාඩු කීවාය. “මම පැයක විතර තිස්සේ ඔයාව හොයනවා!”

“කොහේ යන්නද?” භූෂන් මහතා කීවේය. “ඔයා එක කඩේක හිටියා නම් මට ඔයාව හොයාගන්න තිබුණා. ඒත් කොහෙද ඔයා මලෙන් මලට යන මී මැස්සියෙක් වගේ කඩෙන් කඩේට යනවානේ.”

“කියවන්න එපා අනේ, මේ රස්නේ නිසා තියෙන කරදර හොඳටම ඇති. පිපාල්නගර් වලට මොනවා වේගෙන එනවාද මන්දා, අන්න බැංකුවත් බංකොලොත් වෙන්න යනවාලු.”

මෙය ඇසු කමල් කිශෝර් වහා වහා මේ කතාව වෙත අවධානය යොමු කළේ ය. “ඒ මොන බැංකුවද?” 

“පිපාල්නගර් බැංකුව ඇර වෙන මොකක්ද? දැන් ඒකෙ සේවකයන්ටත් පඩි ගෙවන්නේ නැහැ කියලා ආරංචියි. මොකද? මට කියන්න එපා කිශෝර් මහත්තයාටත් ඒකෙ ගිණුමක් තියෙනවා කියලා!”

“මට නම් නෑ, ඒත් මගේ අසල්වැසියාට ගිණුමක් තියෙනවා!” ඉනික්බිති ඔහු අසල ඇති ලැටිස් වැටෙන් ඔබ්බෙහි සිටි කරණවෑමියා ඇමතුවේය. 

“දීප්චන්ද් ආරංචිද? අන්න පිපාල්නගර් බැංකුව බංකොලොත් වෙන්න ලු යන්නේ. පුළුවන් තරම් ඉක්මණින් තමුසෙගෙ සල්ලි ටික ගන්නවා!”

මෙය අසා කලබල වූ දීප්චන්ද් ගේ අත ලෙස්සා ගිය අතර ඒ මොහොතේ ඔහු හිසකෙස් කපමින් උන් වයස්ගත මහත්මයාගේ කණ මඳක් තුවාල විය. වේදනාවෙන් සහ ඒ මොහොතේ ඇසුණු පුවතෙහි කම්පනයෙන් කෑ ගැසූ ඒ මහතා අඩක් බාන ලද රැවුලින් යුතුව පාර පැන සිල්ලර භාණ්ඩ වෙළඳසැල වෙත දිව ගියේ එහි දුරකතනයක් වූ බැවිණි. ඉනික්බිති ඔහු වහා වහා සෙත් ගෝවින්ද් රාම් ගේ අංකය ඇමතුවේය. නමුත් ඒ මොහොතේ සෙත් නිවසේ නොසිටි අතර ඔහු කාශ්මීරයේ නිවාඩුවක් ගත කරමින් සිටි බව කියැවිණි. වයස්ගත මහත්මයා මේ කතාව විශ්වාස කළේ නැත. ඔහු ඉක්මන් ගමනින් බාබර් සාප්පුව වෙත නැවත ගොස් දීප්චන්ද් ට මෙසේ කීවේය. 

“අන්න කුරුල්ලා පියාඹලා! සෙත් ගෝවින්ද් රාම් ගම රට දාලා ගිහින්. ඒ කියන්නේ අනිවාර්යයෙන් බැංකුව කඩා වැටෙනවා.” මෙසේ කී ඔහු ඉක්මණින් තම කාර්යාලය වෙත ගියේ තම චෙක්පොත ගැනීමටයි. 

මේ පුවත කඩ වීදිය ඔස්සේ පැතිරුණේ ලැව් ගින්නක වේගයෙනි. සිල්ලර බඩු කඩයේ ගැනුම්කරුවන් වෙත ඉගිලී ගිය එය ඉන්පසු බුලත් වෙළෙන්දා, ඇඳුම් මසන්නා, රන් බඩු තනන්නා සහ පදික වේදිකාවේ උන් හිඟන්නා දක්වා ද පැතිරිණි. 

 ගණපත් නම් මහලු හිඟන්නා කොර වූ පාදයක් සහිත වූවෙකි. වසර ගණනාවක් තිස්සේ පදික වේදිකාවේ හිඟමන් යැදි ඔහුව හැම දිනකම සවස් යාමයේදී එතැනින් ඉවතට ගෙන යනු ලැබුවේ යමෙකු විසින් වීල්බැරක්කයක් තබා තල්ලු කිරීමෙනි. ඔහු කිසි දිනක ඇවිදිනු කිසිවෙකු දැක තිබුණේ නැත. නමුත් බැංකුව බංකොලොත් වන බවට ලද ආරංචිය නිසා එක්වරම ගණපත් හුන් තැනින් නැගිට බැංකුව වෙත දිව යනු දැක හැම දෙනෙක්ම පුදුමයෙන් පුදුමයට පත් වූහ. ඔහුගේ ඉතිරුම් ගිණුමේ රුපියල් දහසක්ම තිබුණු බව පසුව ආරංචි විය. 

මේ ඇතිවූ අර්බුදය ගැන වීදි කෙළවරවල එකතු වූ මිනිසුන් කණ්ඩායම් සාකච්ඡා කරන්නට විය. පිපාල්නගර් ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කිසි ව්‍යසනයක් සිදු වූයේ නැත. ඊට ගංවතුරක්, භූ චලනයක් හෝ නියඟයක් එළඹුණේ කලාතුරකිනි. මේ නිසා ළඟදීම සිදුවීමට නියමිත පිපාල්නගර් බැංකුවේ කඩාවැටීම ගැන හැම කෙනෙක්ම මහත් සේ කලබල වූහ. ඇතැම්හු කල් ඇතිව දුරදක්නා නුවණින් තම මුදල් ඉන් ඉවත් කර ගැනීම ගැන හෝ එහි මුදල් තැන්පත් නොකිරීම ගැන උදම් ඇනූහ. තවත් අය මේ කඩාවැටීමට හේතු විය හැකි හේතු කාරණා ගැන තර්ක කළහ. ඔවුන්ගේ අදහස වූයේ සෙත් ගෝවින්ද් රාම්ගේ අනවශ්‍ය වියදම් මීට හේතු වූ බවයි. එක් අයෙකු කීවේ ඔහු නිසැකවම ප්‍රාන්තය හැර ගොස් ඇති බව වූ අතර තවත් අයෙක් ඔහු රට ද හැර ගොස් ඇති බව විශ්වාස කළේය. ඔහු පිපාල්නගර්හි ම කොහේ හෝ සැඟවී වටින බව තෙවැන්නෙක් තර්ක කළේය. සිව්වැන්නා කීවේ ඔහු සියඹලා ගසේ අත්තක ගෙල වැල ලා ගෙන සිටිද්දී එදින උදෑසන අතුගාන කොලුවා විසින් ඔහුව සොයා ගත් බවයි.

එදින මධ්‍යහ්නය වෙද්දී ඒ කුඩා බැංකුව සතුව තිබුණු මුදල් සංචිත සියල්ල අවසන් වී තිබිණි. ගනුදෙනුකරුවන්ගේ හිරිහැරයට ලක්වූ බැංකු කළමනාකරු මහත් අර්බුදයකට මුහුණ දුන්නේය. හදිසි මුදල් ප්‍රතිපාදන ලබාගැනීමට නම් කිලෝමීටර් තිහකට එපිටින් වූ වෙනත් බැංකුවකින් ඉල්ලීමක් කළ යුතුය. නමුත් මේ රැස්ව සිටි පිරිසට එතෙක් ඉවසා සිටින්නට පෙරැත්ත කළ හැකිදැයි ඔහුට විශ්වාසයක් තිබුණේ නැත. යාත්‍රාවක නැඟී කාශ්මීරයේ සංචාරයක යෙදෙමින් සිටි සෙත් ගෝවින්ද් රාම් සමඟ මේ ගැන සන්නිවේදනය කිරීමට ක්‍රමයක් තිබුණේ ද නැත. 

බැංකුවේ මුදල් ආපිට ගැනීමට පොදි කමින් සිටි මිනිසුන්ට, ඒ සඳහා පසු දින නැවත ඒමට දැනුම් දෙන ලදී. මේ ගැන මනාප නොවූ ඔව්හු එහි පඩිපෙළ මත රැස් කමින් කෑ ගසන්නට වූහ. “අපේ සල්ලි දීපල්ලා, නැත්නම් අපි බැංකුව කඩනවා” “සේප්පුවේ හැංගිලා ඉන්න සෙත් ව එළියට දාපල්ලා!” මෙවැනි වැකි දසත රැව් දෙන්නට විය. බැංකුවේ තැන්පතු ලෙස පයිසයක් වත් නොතිබුණු රස්තියාදුකරුවෝ මේ සෙනඟට එකතු වී ඔවුන්ව තවත් අවුළුවන්නට වූහ. බැංකුවේ දොරකඩ සිටගෙන සිටි කළමණාකරු රැස්ව සිටි පිරිස සන්සුන් කරන්නට උත්සාහ කළේය. බැංකුව සතුව විශාල ධනයක් ඇති බවත්, මේ මොහොතේදී නැතත් ඉක්මණින් ම එය ගනුදෙනුකරුවන්ට ලබාගත හැකි බවත්, ඒ සඳහා පසු දින නැවත පැමිණෙන ලෙසත් ඔහු පැහැදිලි කළේ ය. 

“අපිට සල්ලි ඕන දැන්!” සෙනඟ අතරින් හඬක් මතු විය. “දැන්, දැන්, දැන්!” 

ඈත සිට එල්ල වූ ගඩොලකින් පිපාල්නගර් බැංකුවේ වීදුරු කවුළුවක් සුණු විසුණු විය. 

පසු දින උදෑසන බැංකුවේ පඩිපෙළ අතුගෑමට නාතු ආ විට වීදුරු කැබලි, ගල් මුල් සහ වෙනත් කසලින් එය හැඩි වී තිබිණි. කෝපයෙන් සහ පිළිකුලින් දෑත එසවූ ඔහු මෙසේ කෑ ගසන්නට විය. 

“දාමරිකයෝ, බූරු පැටව්! මට බැංකුවෙන් පඩි පරක්කු මදිවට දැන් වැඩත් වැඩි වෙලා!”

ඔහු කුණු විසුරුවමින් වේගයෙන් අතුගාන්නට විය. 

“සුබ උදෑසනක් නාතු” රෙදි අපුල්ලන්නාගේ පුතා තම බයිසිකලයෙන් බසිමින් කීවේය. “ලබන මාසේ ඉඳන් අලුත් රස්සාවකට යන්න උඹ ලෑස්ති ද? කොහොමත් දැන් බැංකුව බංකොලොත් නිසා උඹට අලුත් රස්සාවක් හොයාගන්නම වෙනවානේ.”

“ඒ කොහොමද?” නාතු ඇසුවේය. 

“ඇයි උඹට ආරංචි වුණේ නැද්ද? තව ටික වෙලාවකින් පිපාල්නගර් වලින් බාගයක්ම මෙතනට එයි එයාලගේ සල්ලි ගන්න, එතකොට උඹට බලාගන්න පුළුවන්.” තමන්ගේ නමින් බැංකු ගිණුමක් නොවූ බැවින් මෙසේ කියා සතුටින් ආචාර කළ තරුණයා, තම බයිසිකලයේ නැඟී යන්නට ගියේය. 

නාතු තමන්ටම මුමුණා ගනිමින් නැවතත් තම කාර්යයේ යෙදිණි. වැඩ අවසන් වූ පසු ඔහු ඉහළම පඩියේ වාඩි වී කළමණාකරු පැමිණෙන තුරු බලා සිටින්නට විය. ඔහුගේ අරමුණ වූයේ කෙසේ හෝ තම පඩිය ලබා ගැනීමයි. 

“බැංකුවක් මෙහෙම කඩා වැටෙයි කියලා කවුද හිතුවේ!” ඈත බලමින් කල්පනාවේ නිමග්නව ඔහු තමන්ටම කියා ගත්තේය. “කොහොමද දන්නේ නැහැ මේක වුණේ..”





Nissanka Rajapaksa

unread,
Jan 4, 2026, 6:16:10 PMJan 4
to INDRAKA group
කුඩා දැරිය

Translation of the short story ‘The Little Girl’ by Katherine Mansfield

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

කුඩා දැරියට නම් ඔහුව පෙනුණේ බිය විය යුතු, මඟහැරිය යුතු කෙනෙක් හැටියට. හැම උදෑසනකම රාජකාරියට පිටත් වන්නට පෙර ඔහු ඇයගේ කාමරයට විත් යුතුකමට මෙන් දුන් හාදුවට ඈ “බායි, තාත්තා” කියා ප්‍රතිචාර දැක්වූවත් නිවස ඉදිරිපස දිගු පාරේ ඔහු යන අශ්ව කරත්තයේ හඬ ක්‍රම ක්‍රමයෙන් අඩු වන විට ඇයට දැනුණේ සැනසිලිදායක සහනයක්.

හවස්වරුවේදී, ඔහු නිවසට පැමිණෙන වේලාවට පඩිපෙළේ අත් වැටෙන් එබී සිටින ඇයට ඔහු ආලින්දයේ ශබ්ද නඟා කතා කරනු ඇසෙනවා. “මගේ තේ එක දුම් බොන කාමරයට ගේන්න. තාම පත්තරේ ආවේ නැද්ද? මේ ගෙදර කට්ටිය ඒක ආයෙමත් කුස්සියට අරගෙන ගිහින්ද? අම්මා, ගිහින් බලන්න මගේ පත්තරේ එහේද කියලා- ආ මගේ සෙරෙප්පු දෙකත් ගේන්න.”

“කේසියා,” එවන් අවස්ථාවලදී අම්මා ඈට අඬගසනවා. “ඔයා හොඳ ළමයෙක් නම් පහළට ඇවිත් තාත්තාගේ බූට්ස් ගලවන්න පුළුවන්” දැරිය හෙමින් සීරුවේ පඩිපෙළ බසින්නේ එක් අතකින් අත් වැට තදින් අල්ලාගෙන. ඉන්පසු ඇය තවත් සෙමෙන් ආලින්දය හරහා ගොස් දුම් බොන කාමරයේ දොර තල්ලු කරනවා.
ඒ වෙද්දී ඔහු උපැස් යුවළ පැළඳගෙන සිටිනවා. ඔහු ඊට ඉහළින් දැරිය දෙස බලන්නේ ඈ මහත් බියගැන්වෙන ආකාරයට.

“ඉතින් කේසියා ඉක්මන් කරලා මේ බූට්ස් ගලවලා එළියට ගෙනියන්න. අද ඔයා හොඳ ළමයෙක් වෙලා හිටියද?”

“මම ද-ද-දන්නේ නැහැ තාත්තා”

“ඔයා ද-ද-දන්නේ නැහැ? ඔහොම ගොත ගහන්න ගියොත් අම්මාට සිද්ධ වෙනවා ඔයාව දොස්තර කෙනෙක් ළඟට අරගෙන යන්න.”

ඈ වෙන කිසිවෙක් හා කතාකරද්දී ගොත ගැසුවේ නැහැ- ඇගේ ඒ ගතිය මඟහැරිලා තිබුණේ. එහෙත් තාත්තා හා කතාකරද්දී ඈ වචන හරියට කියන්නට මහත් උත්සාහයක් ගත් නිසා ඉබේ ගොත ගැසුණා.

“මොකද වෙලා තියෙන්නේ? මේ මොකද මහා අසරණ පෙනුමකින් ඉන්නේ? අම්මා, මේ ළමයාට නිකම් දිවිනසාගන්න ඔන්න මෙන්න වගේ නොඉන්න උගන්නවා නම් හොඳයි. ආ… කේසියා මගේ තේ කෝප්පේ ගිහින් මේසේ උඩින් තියන්න- පරෙස්සමින්; ඔය අත් දෙක වයසක ගෑනියෙක්ගේ වගේ වෙව්ලනවානේ. තව එකක්, ලේන්සුව ගවුමේ අත අස්සේ නෙමෙයි, සාක්කුවේ තියාගන්න උත්සාහ කරන්න.”

“ඔ-ඔ-ඔව් තාත්තා”

ඉරිදාට පල්ලියේදී ඈ ඔහු හා එකම බංකුවේ අසුන්ගෙන ඔහු පැහැදිලිව, හඬ නඟා ගීතිකා කියන අයුරුත් පල්ලියේ දේශනාව අතරතුරේදී දෑස සිහින් කර බලමින් ලියුම් කවරයක පසුපස නිල් පැන්සලකින් සටහන් ලියන අයුරුත්, එක් අතකින් නොකඩවා බංකුවේ ගැට්ටට නිහඬව තට්ටු කරන අයුරුත් බලා සිටියා. ඔහු කොයිතරම් ශබ්ද නඟා යාඥා කළාද යත් දෙවියන් වහන්සේට පූජකවරයාගේ හඬ පරයා ඔහුගේ හඬ නිසැකවම ඇසෙන බව ඇයට සිතුණා.
ඔහු ඉතා හැඩි දැඩියි- ඔහුගේ දෑත්, බෙල්ල, ඈනුම් යවද්දී ඔහුගේ කට- මේ හැම එකක්ම විශාලයි. ඈ කාමරයේ තනියම හිඳින විට ඔහු ගැන සිතද්දී ඇයට දැනුණේ ඔහු යෝධයෙක් බවයි.

ඉරිදා හවස්වරුවල ආච්චි අම්මා ඈට දුඹුරු වෙල්වට් ගවුමක් අන්දවා විසිත්ත කාමරයට යවන්නේ අම්මා හා තාත්තා එක්ක 'හොඳ කතාබහක' යෙදෙන්න. ඒත් ඒ හැම වෙලාවකම අම්මා පුවත්පත කියවමින් සිටි අතර තාත්තා ලේන්සුවකින් මුහුණ වසාගෙන සොපාවේ ඇල වී නිදියමින් සිටියා. ඔහුගේ දෙපා රැඳවී තිබුණේ හොඳම සෝපා කොට්ට මත. ඔහු කොයිතරම් තද නින්දේ පසුවීද යත් ඔහු ගොරවමින් සිටියා.

ඈ පියානොවේ බංකුව මත හිඳගෙන ඔහු අවදි වන තුරු බොහොම බැරෑරුම් මුහුණින් ඔහු දෙස බලා සිටියා. ඔහු අවදි වූ විට නිදිගැට කඩා, වෙලාව බලා ඇය දෙස බැලුවා.

"ඔහොම එක එල්ලේ බලාගෙන ඉන්න එපා කේසියා. ඔයා නිකම් පොඩි දුඹුරු බකමූණෙක් වගේ."

එක දවසක්, ඈ සෙම්ප්‍රතිශ්‍යාව නිසා නිවස තුළටම වී උන් වෙලාවක ඊළඟ සතියේ එළඹෙන තාත්තාගේ උපන්දිනය වෙනුවෙන් තෑග්ගක් හැටියට ලස්සන කහ පාට සේද රෙදි කැබැල්ලකින් අල්පෙනිති රඳවන කොට්ටයක් මසන්නැයි ආච්චි අම්මා යෝජනා කළා.

ඈ බොහෝ වෙහෙස වී කපු නූල් දෙපටකින් කොට්ටයේ තුන් පැත්තක් මසාගත්තා. එහෙත් ඊට පුරවන්නේ මොනවාද? ප්‍රශ්නය වුණේ එයයි. ආච්චි අම්මා ගෙවත්තට ගොස් සිටි නිසා ඈ කොට්ටයට පුරවන්නට අහක දමන දෙයක් සොයන්නට අම්මාගේ කාමරයට ගියා. එහි මේසය මත තුනී කඩදාසි රැසක් විසිර තිබෙනු දුටු ඈ, ඒවා එකතුකරගෙන කුඩා කැබලිවලට ඉරා අල්පෙනිති කොට්ටයට පුරවා එහි හතරවෙනි පැත්ත මසා දැමුවා.

එදින රාත්‍රියේ නිවසේ මහා කලබලයක් සිද්ධ වුණා. තාත්තා වරාය අධිකාරිය වෙත ඉදිරිපත් කරන්නට ලියාගත් කතාව නැති වී තිබුණා. නිවසේ කාමර උඩ යට පෙරලනු ලැබුණු අතර සේවකයන්වද ප්‍රශ්න කෙරුණා. අවසානයේදී අම්මා සෙල්ලම් කාමරයට ආවා.

"කේසියා, අපේ කාමරේ මේසේ උඩ කඩදාසි ටිකක් එහෙම ඔයා දැක්කේ නැහැ නේද?"

"ආ ඔව්, දැක්කා," ඈ කීවා. "තාත්තාව පුදුම කරවන්න මම දෙන්න ඉන්න තෑග්ගට ගන්න මම ඒ ටික ඉරුවා"

"මොකක්!" අම්මා කෑ ගැසුවා. "මේ දැන්, වහාම පහළ කෑම කාමරයට එනවා."
ඉන්පස්සේ ඈ ව තාත්තා වෙතට ඇදගෙන යනු ලැබුවා. ඔහු සිටියේ දෑත් පසුපසට බැඳගෙන ඔබ මොබ සක්මන් කරමින්.

"මොකද?" ඔහු කේන්තියෙන් ඇසුවා.

අම්මා සිදු වූ දේ පැහැදිලි කළා.

ඔහු නැවතී අසිහියෙන් මෙන් ඈ දෙස බලා සිටියා.

"මේක ඇත්තක්ද?"

"නැ-නැ-නැහැ" ඈ මිමිණුවා.

"අම්මා, සෙල්ලම් කාමරයට ගිහින් මෙයාගේ ඔයා විකාර බඩුව අරගෙන එන්න- මේ ළමයාව වහාම ඇඳට දාන්න කියන්න."

නිදහසට කරුණු දක්වන්නට බැරි තරමට හඬමින් සිටි දැරිය ඇඳේ වැතිර සවස ආලෝකය ජනෙල් තිර අතරින් පෙරී විත් කාමරයේ බිම දුක්මුසු රටාවක් මවන අයුරු බලා සිටියා.

ටික වේලාවකින් තාත්තා කාමරයට ආවේ අඩි රූලක් අතැතිව.

" ඔයා මේ කරපු වැඩේට මම ඔයාට පාරක් ගහනවා," ඔහු කීවා.

"අනේ එපා, එපා!" ඈ පොරෝනාව අතරේ සැඟවෙමින් කෑ ගැසුවා.

තාත්තා පොරෝනාව ඉවත් කළා.

"වාඩිවෙන්න" ඔහු අණ කළා, "දැන් අත් දෙක අල්ලන්න. තමන්ට අයිති නැති දේවල් අල්ලන්නේ නැතිව ඉන්න ඔයාට මතක හිටින පාඩමක් උගන්නන්න ඕන."

"ඒත් ඒක ඔයාගේ උ-උ-උපන්දිනයටනේ."

අඩි රූල ඇගේ පුංචි රෝස පැහැ අත්ල මත පතිත වුණා.

ඊට පැය ගණනකට පසුව ආච්චි අම්මා පැද්දෙන පුටුවේ හිඳගෙන දැරියව සාළුවකින් ඔතාගෙන, උකුලේ තබාගෙන පද්දමින් සිටියා.

"ජේසු තුමා තාත්තාලාව හැදුවේ මොකටද?" දැරිය වැළපුනා.

"මෙන්න කෙල්ලේ මගේ සුවඳ ලැවැන්ඩර් වතුර දැම්ම පිරිසිදු ලේන්සුවක්. දැන් නිදාගන්න පැටියෝ, ඔයාට උදේ වෙද්දී මේ හැම දෙයක්ම අමතක වේවි. මම ඔයාගේ තාත්තාට මේක පැහැදිලි කරන්න හැදුවා, ඒත් අද එයාගේ හිත අවුල් වෙලා වැඩියි ඒක අහගෙන ඉන්න."

එහෙත් දැරියට ආයෙත් කිසි දවසක ඒ සිද්ධිය අමතක වුණේ නැහැ. ඉන්පසු ඔහු ව දුටු තැන ඈ රතු වූ දෙකොපුලින් යුතුව වහා වහා දෑත පසුපසට කරගත්තා.

එහා ගෙදර ජීවත් වුණේ මැක්ඩොනල්ඩ් පවුල. එහි ළමුන් පස් දෙනෙක් සිටියා. එළවලු පාත්තියට යාබදව තිබුණු වැටේ සිදුරකින් ඒ දෙස බැලූ දැරියට ඔවුන් හවස් වරුවලදී ගෙවත්තේ ඔට්ටු තියන අයුරු පෙනුණා. ඒ ගෙදර තාත්තා පුංචිම දරුවාව උර මත රඳවාගෙන, දියණියන් දෙදෙනා තම කබායේ එල්ලෙද්දී වත්තේ මල් පාත්ති වටා දිව්වේ මහා හඬින් සිනාසෙමින්. දිනක් පිරිමි දරුවන් දෙදෙනා වත්තට වතුර යොදන වතුර බටය ඔහු වෙතට - ඔව් ඔහු වෙතට- එල්ල කරනු ඈ දුටුවා. එවිට ඒ තාත්තා ඔවුන් අල්ලාගෙන ඔවුන්ට ඉක්කා වැටෙන තුරු කිති කැව්වා.

මේ ලෝකයේ විවිධ වර්ගයේ තාත්තලා ඇති බව ඇයට වැටහුණේ එදිනයි.

දිනක් අම්මා අසනීප වුණු අතර ආච්චි අම්මාත් අම්මාත් අශ්ව කරත්තයකින් නගරයට ගියා.

දැරිය නිවසේ සේවිකාව වූ ඇලිස් සමඟ නිවසේ තනිවූවා. දවල් වරුවේ ගැටළුවක් ඇති නොවුණු නමුත් ඇලිස් දැරියව නිදි ඇඳට දමද්දී ඇයට හදිසියේ මහත් බියක් දැනුණා.

"මට බය හිතෙන හීනයක් පෙනුණොත් මොකද කරන්නේ?" ඈ ඇසුවා. “මට නිතරම එහෙම හීන පේනවා. ඒ වෙලාවට ආච්චි අම්මා මව එයාගේ ඇඳට ගන්නවා. මට කළුවරේ ඉන්න බැහැ- එක එක සද්ද ඇහෙන්න ගන්නවා... මම මොකද කරන්නේ?"

"නිදාගන්න බේබි" දැරියගේ මේස් ගලවා ඒවා ඇඳ වතේ ගසමින් උන් ඇලිස් කීවා. "ඔන්න කෑගහලා ඔයාගේ අසරණ තාත්තාව නම් ඇහැරවන්න එපා"

ඒත් ඇයට සුපුරුදු නපුරු හීනය එදාත් පෙනුණා. පිහියක් සහ ලණුවක් අතින් ගත් මස් කපන්නෙක්, භයංකාර හිනාවක් එක්ක ලං ලංව එමින් සිටියා. සෙලවෙන්නවත් බැරිව ගල්ගැසී උන් ඈ "ආච්චි අම්මා, ආච්චි අම්මා!" කියා කෑ ගැසුවා. වෙව්ලමින් අවදි වූ ඈ තම ඇඳ අසල ඉටිපන්දමක් අතැතිව උන් තාත්තා දුටුවා.

"මොකක්ද ප්‍රශ්නේ?" ඔහු ඇසුවා.

"අනේ -මස් කපන මිනිහෙක් - ලොකු පිහියක්- මට ආච්චි අම්මාව ඕන"

ඔහු ඉටිපන්දමට පිඹ එය නිවා දමා, නැඹුරු වී දැරියව දෑතට ගෙන කොරිඩෝව ඔස්සේ ඇයව විශාල කාමරය වෙත ගෙන ගියා. ඇඳ මත පුවත්පතක් තිබුණා- බාගෙට දැවුණු සුරුට්ටුවක් ඔහුගේ මේස ලාම්පුව අසල රඳවා තිබුණා. ඔහු පුවත්පත බිමට දමා, සුරුට්ටුව උදුන වෙත වීසි කර දැරියව ප්‍රවේසමෙන් ඇඳ මත තබා පොරෝනාව පෙරෙව්වා. ඉන්පසු ඔහු ඇය අසලින්ම වැතිරුණා. අඩ නින්දේ සිටි දැරියගේ සිතේ ඒ වෙද්දීත් සැරිසරමින් තිබුණේ මස් කපන්නාගේ වියරු සිනහව. ඈ තාත්තාට තුරුළු වී, ඇකයේ හිස හොවාගෙන ඔහුගේ පිජාමා කමිසය වැරෙන් අල්ලාගත්තා.

අඳුර ගැන ඇයට තවදුරටත් බියක් දැනුණේ නැති නිසා ඈ නිසොල්මන්ව සිටියා. 

“ඔයාගේ කකුල් දෙක මගේ කකුල් උඩින් තියන්න, එතකොට උණුහුමක් දැනේවි." තාත්තා කීවා.

ඉතා වෙහෙස වී සිටි ඔහු දැරියට පළමුව නින්දට වැටුණා. ඇයට ඔහු ගැන පෙර නොදැනුණු අනුකම්පාවක් දැනෙන්නට වුණා. ඔහු ඈ කළින් සිතුවා තරම් විශාල නැහැ - ඔහු ගැන බලන්න කිසි කෙනෙක් නැහැ... ඔහු ආච්චි අම්මාට වඩා දැඩියි, ඒත් ඒ දැඩි බව ප්‍රියයි. දිනපතාම රැකියාවට යන්නට සිද්ධ වෙන නිසා ඔහුට මැක්ඩොනල්ඩ් මහත්තයාගේ වර්ගයේ තාත්තෙක් වෙන්න මහන්සි වැඩියි. අනේ... ඈ ඔහුගේ ලස්සන ලියවිල්ල ඉරා දැමුවා... ඈ අඩ නින්දෙන්ම සුසුමක් හෙලුවා.

"ඇයි?" තාත්තා ඇසුවා. "තවත් හීනයක්ද?"

"මගේ ඔලුව තියෙන්නේ තාත්තාගේ හදවත උඩ. මට ඇහෙනවා ඒකෙ හඬ. තාත්තාට හරිම ලොකු හදවතක් තියෙන්නේ."


Nissanka Rajapaksa

unread,
Jan 5, 2026, 7:12:51 PMJan 5
to INDRAKA group
5
දුර ඈත දේශ

(Translation of Tim Winton's short story 'Distant Lands')

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

'තඩි මේසි' යන විසුළු නම පටබැඳී තිබුණු ඈ රැකියාව කළේ ඇගේ පියාගේ පොත් කඩයේ ය. නොන්ඩි කකුලක් තිබුණු ඇගේ පියා නිරතුරුව කෝපයෙන් පසුවූයේ ඔහුගේ ආබාධය හේතුවෙන් අතීතයේදී ඔහු ව හමුදා සේවයට නොගැනීම නිසා ය. දවස තිස්සෙම ඔහු කඩය තුළ සඟරා පිරුණු රාක්ක අතර නොන්ඩි ගසමින් එහා මෙහා ඇවිද්දේ හොරු ඇල්ලීමටත් මුදල් නොගෙවා පොත් කියවමින් කඩයේ රස්තියාදු වන්නන් එළවා දැමීමටත් ය. කෙල්ල ගේ අම්මා නම් දවස පුරාම කැෂියර් පුටුවේ හිඳ පාරේ ගමන් කරන රථ දෙස දෑස යොමාගෙන ම පසුවිය. ඈ එතැන උන් බව මේසි ට නම් මතක් වූයේ පරණ නැෂනල් රේඩියෝවේ ඒකාකාරී ශබ්දය ඇසෙද්දී පමණි. නගරාන්තර දිවෙන විශාල ග්‍රේහවුන්ඩ් බසය කඩය පසු කර උතුරු දෙසින් ඇති නගරය වෙත දවසකට වරක් ගමන් කළේය. දෙමව්පියන් කඩය ඇයට භාර දී දිවා ආහාරය සඳහා නිවසට යන වෙලාව නම් ඇයට සැනසිලිදායක කාලයක් විය.

හැම දිනකම, දිවා අහාර පැයේදී උස තලඑළලු පුද්ගලයෙක් කඩයට පැමිණියේ ය. කඩයේ දොරින් ඇතුල් වූ වහාම ඔහු මඳක් නිසොල්මන් ව සිටින්නේ එක්කෝ අඳුරට දෑස හුරුකරගැනීමට, නොඑසේ නම් හිත හදා ගැනීමට ය. ඉන්පසු ඔහු කෙළින්ම යන්නේ එක් පොත් රාක්කයක් වෙතට ය. එහි තිබෙන 'දුර ඈත දේශ' නම් වූ පොතක් අතට ගන්නා ඔහු, එක පාදයක් රාක්කයේ යට තට්ටුව මත රඳවාගෙන, හිටගෙනම විනාඩි පහලවක් ඒ පොත කියවයි. මුලින්ම කඩයට ආ දිනයේ ඔහු පොත කියෙව්වේ සොරෙක් මෙනි. එදා ඔහු කියවන්නට වැය කළ තරම් ම වෙලාවක් වටපිට බලන්නට වැය කළේ ය. පොතේ විසිතුරු දම් පැහැති කවරයට ඉහළින් දිස් වුණු ඔහුගේ දෑස නොසන්සුන්ව, සුදු පැහැති ව පෙනිණි. ඔහුගේ කියවීම ගැන තමන්ට වගක් නැති බව පෙන්වීමට කෙල්ල ඔහු හා සිනා සී උරහිස් හැකිලුවා ය.

"හොඳයි ද පොත?" පළමු දවසේ ඔහු සතයක් වත් වියදම් නොකර කඩයෙන් පිටතට ඇවිද යද්දී ඇය ඇසුවා ය.

ඔහු දෑස බිමට යොමාගෙන ඈ ව පසුකරගෙන ගියා මිස පිළිතුරු ලෙස වචනයක් වත් කීවේ නැත. මහමඟට පිළිපන් ඔහු තමන්ගේ ටයි පටිය සකසාගෙන, වරාය පිසගෙන හමන දුගඳ සුළඟ නොවදින්නට කබායේ බොත්තම් පියවාගෙන යන්නට ගියේ ය.

ඉන්පසුත් ඔහු නැවත නැවත පැමිණි නමුත් ඇය දෙස බැලුවේ වත් ඇය ව හඳුනන බවක් පෙන්වූයේ වත් නැත. මුදල් නොගෙවා කඩයේ විකුණන්නට ඇති පොතක් කියවන ඔහු පකිස්තානු කාරයෙක් දැයි ඇයට සැකයක් ඇති විය. ඇගේ පියා මේ සිද්ධිය දන්නේ නම් ඔහු ව පළවා හරිනු ඇත. අමුත්තාගේ කෝපි පාට දෑත පිරිසිදුවට පිළිවෙලට තිබිණි. ඔහුගේ ඇඳුම් කට්ටලය හොඳින් මසන ලද ඉස්තරම් වර්ගයේ එකක් විය. ඔහු ගිය පසු ඇය 'දුර ඈත දේශ' පොත පරීක්ෂා කළ විට දුටුවේ ඔහු තනි කළු කෙස් ගසකින් තමන් කියවමින් උන් පිටුව සලකුණු කර ගොස් ඇති බව ය. ඒ බව හැරෙන්නට ඒ පොත කියවන ලද බවක් බැලූ බැල්මට නම් නොපෙනිණි. එහි පසු පිටුවේ 'මේ පොත කිසිදින ඉවර නොවේ යැයි ඔබ පතනු ඇත' යැයි මුද්‍රිත ව තිබිණි.

මෙසේ සති ගණන් ගත වෙද්දී 'දුර ඈත දේශ' තමනුත් කියවිය යුතුදැයි ඇය කල්පනා කරන්නට විය. තලඑළලු මිනිසා එය කියවීමෙන් මහත් ජවයක් ලබා ගන්නා බව ඔහු කඩයෙන් එලියට ගිය පසු සුළඟට එරෙහිව සිය කබාය බොත්තම් ලන අයුරෙන්ම පැහැදිලි ව පෙනිණි. එහෙත් එය පිටු බොහෝ ගණනක් ඇති පොතක් නිසාත්, ඇය පාසැල් වියෙන් පසු පොතක් කියවා නැති නිසාත්, එය කියවීම අනුන්ගේ කතාවක් හොරෙන් අසා සිටීමක් වැනි නොමනා දෙයක් බව දැනෙන නිසාත් ඇය ඉන් වැළකිණි. දැනට දිවා විවේකයේදී ඔහු එනතුරු මඟ බලා සිටීමත්, ඔහු කඩය තුල සිටින විට ඔහු හා දැනෙන අමුතු මිතුරුකම විඳීම ත් ඇයට සෑහිනි. ඇයට තමන් යම් රහස් කුමන්ත්‍රණයක කොටස්කාරියක් බව දැනෙමින් තිබිණි. කෑම පැයේ දී කඩය තුළ ක්‍රියාත්මක වූයේ ඇගේ නීති ය. පොත කියවද්දී පොත් රාක්කයේ පහළ තට්ටුව මත රැඳවුණු ඔහුගේ ඔප දැමුණු සපත්තුවත්, විදුලි බුබුළු වල එලියට දිලිසුනු ඔහුගේ පහතට නැමුණු නළල ත් ඇයට මහත් සතුටක් ගෙන දුනි.
ඇයට ක්‍රීඩාවන්ට සමත්කමක් තිබුණේ නැත. ඇය පොත්පත් කියවූයේ නැත. ඇයට පෙම්වතෙක් හිටියේ නැත. ඇතැම් දිනවල ඈ පාපැදියේ නැගී නගරයේ කෙලවර වෙත ගොස් අධිවේගී මාර්ගය දෙස බලා සිටින්නට පුරුදුව සිටියා ය. ඈ දවසින් දවස තව තවත් තර වන බවක් ඈට දැනෙමින් තිබිණි. වරාය දෙසින් හමන දුගඳ ඇයට මහත් සේ අප්‍රසන්න ව තිබිණි. මෙතරම් කල් මෙහි විසූ තමන් වෙතින් ද ඒ ගඳ වහනය වේදැයි ඇය නිතරම කල්පනා කළා ය.

පොත කියවීම හොඳින් කෙරීගෙන යනවාදැයි ඔහුගෙන් අසන්නට ඇයට කිහිප වරක්ම සිතිනි. වරක් ඇයට ඔහු ලඟට ගොස් ඔහු ඒ පොත හොරෙන් කියවීම ගැන අසා අභියෝග කරන්නටත් ඔහු එය කියවන්නේ කුමකටදැයි අසන්නටත් සිතිණි. එහෙත් එසේ කරන්නට අසුනෙන් නැගිටිද්දී ම, මුව විවර කරද්දීම ඉන් සිදුවන්නේ ඔවුන් දෙදෙනාගේම දිවා විවේකය විනාශ කර දැමීමක් බව ඇයට වැටහිණි. කඩයට ආ පළමු දවසින් පසු ඔහු ඇය දෙස එක වරක්වත් නොබැලුවත්, ඔවුන් අතර කිසිම කතාබහක් සිදු නොවූවත්, ඔහු කිසිදින කඩෙන් යමක් මිළදී නොගත්තත්, ඔවුන් එකිනෙකා ව තේරුම් ගෙන සිටි බවක් මේසි ට වැටහිණි. මීට පෙර කිසි කෙනෙක් සමඟ මෙවැනි නිහඬ තෙරුම්ගැනීමක් ඇයට දැනී නොතිබිණි.

දවසක් තලඑළලු මිනිසා පැමිණියේ ප්‍රමාද ව ය. ඒ වෙද්දී ඇගේ දෙමව්පියන් දිවා අහාරයෙන් පසු නැවත කඩයට පැමිණ තිබිණි. එය දැක ඇයට ඇගේ සිරුර සිරවෙන ගතියක් දැනිණි. ඔහු වගක් නොමැතිව කඩයේ කෙලවර පොත් රාක්කය වෙත ඇවිද ගියේ ය. ඇය හුස්මක්වත් නොගෙන බලා සිටියා ය. එහෙත් පොතට අත තියන්නත් පෙර ඔහුට ඇගේ මව රේඩියෝවට ඉහලින් ඔහු වෙත හෙලන බැල්ම දැනුණා සේ විය. ඔහු වහා වහා කඩයෙන් පිටව ගියේ ය. ඊළඟ දිනයේ ඔහු පැමිණියේ නියමිත වේලාවටම ය.
දිනක් මීටත් වඩා බරපතල අර්බුදයක් ඇති විය. දිලිසෙන කබායක් හැඳ සිටි, රතු පැහැති පිම්බුණු මුහුණක් ඇති ගැහැනියක් 'දුර ඈත දේශ' පොත මිලදීගන්නට කවුන්ටරය වෙත රැගෙන ආවා ය. ඒ වෙලාවේ මේසි ගේ අම්මා කඩයෙන් පිටත පදික වේදිකාවේ සිට තෙමුණු පත්තර මිටි කඩය තුළට ඇදගෙන එමින් සිටියා ය.

"සමාවෙන්න" කෙල්ල කීවා ය. "ඔය පොත වෙන්කරලා තියෙන්නේ"

"මොකක්? වෙන්කරලා? මේක පුස්තකාලයක් ද?" රතු මුහුණැති ගැහැණිය කෑගෑවා ය.

"ඒක ඇනවුමක්. සමාවෙන්න"

ඊළඟ දිනයේ දිවා විවේකය තෙක් ඒ පොත රඳවා ගැනීම කෙසේ හෝ කරගත යුතු යයි ඇයට දැනෙමින් තිබිණි. මෙවැනිම තවත් පොතක් නගරයෙන් ගෙන්වා ගැනීමට සති ගණනක් වැය වන්නට හැක. අමුත්තා නැතිව ගෙවෙන දිවා විවේකයන් ගැන සිතීම පවා ඇය තුළ මහත් බියක් ඇති කරන්නට සමත් විය.

"ඒ ජාතියේ වෙන පොත් නැද්ද?" මහත ගැහැණිය මස් එල්ලෙන, මුදු පිරුණු ඇඟිලි ඇති අතක් කවුන්ටරය මත තබමින් ඇසුවා ය.

"කණගාටුයි වෙන නැහැ”

කළ යුත්තේ කුමක්දැයි සිතමින් ඒ ගැහැණිය මඳ වෙලාවක් එතැන ලතවුණු නමුත් අවසානයේ ඒ පොත කවුන්ටරයේ වීදුරුව මත දමා ගසා යන්නට ගියා ය. තමන්ට පිටුපා යන ඒ මහත සිරුර දකිද්දී මේසි ට බියක් දැනිණි. 'මමත් ඒ වගෙයි' ඇයට සිතෙන්නට විය. ඒ සිරුරේ මහත බවටත් වඩා යම් වැදගත් දෙයක අඩුපාඩුවක් මේසි ට කැපී පෙනෙන්නට විය. ඒ ගැහැණියට පොත වුවමනා ව තිබුණේ නැති බවත් තමන් හා ඇති කරගත් ඒ පුංචි රණ්ඩුව කම්මැලිකම දුරු කරගැනීමට කළ දෙයක් බවත් ඇයට වැටහිණි.
අම්මා පත්තර මිටි කඩය තුලට ඇදගෙන එන අයුරු මේසි බලා සිටියා ය. තාත්තා කේන්තියෙන් නොන්ඩි කකුල විසිකරමින් එතැනින් ගියේ ය. එළියේ හිස් ග්‍රේහවුන්ඩ් බසයක් පිටත් වෙමින් තිබිණි.

එදා රෑ කඩය වසා දමන්නට උදවු වෙද්දී මේසිට මෙතෙක් කල් නොදැනුණු අමුතුම දෙගිඩියාවක් දැනෙමින් තිබිණි. එහෙත් රාත්‍රී ආහාර වෙලාව වෙද්දී එය සමනය වී තිබුණු අතර ඇය පුටුවේම නින්ද යන තෙක් රූපවාහිනිය නැරඹුවා ය.

පසු දින ඇයට මහත් වරදකාර බවක් දැනිණි. ඇයට යහළුවන් සිටියේ නැත. ඇයව රැක බලා ගත්තේ ඇගේ දෙමව්පියන් ය. ඒ කුඩා නගරයේ රැකියා සොයාගැනීම දුෂ්කර නිසා පාසැලින් ඉවත් වූ පසු ඔවුහු ඇයට රැකියාවක් දුන්නෝ ය. ඇතැම්විට ඇය හිතූ තරම් දේවල් අප්‍රසන්න නොවන්නට ඇත.
පසු දිනත් සුපුරුදු ලෙස තලඑළලු මිනිසා කඩයට පැමිණියේය. ඔහු කියවන අයුරු බලා සිටි ඇයට ඔහු කඩවසම් නැති නමුත් ඔහුගේ පැහැය ප්‍රියමනාප බව සිතිණි. ඔහුගේ දත් පෙළ ඔප දැමූ හාල් ඇට සේ දිස් විය. ඔහු පිටුවක් පෙරලද්දී ඇයට තම මුවේ නිරායාසයෙන් සිනහවක් නැඟෙනු දැනිණි. ඔහු ඒ ශබ්ද නැඟෙන සේ පිටු පෙරළන්නේ අමුතු උනන්දුවකින් ද? ඇයට මේ දැනෙමින් තිබෙන්නේ සතුට බව ඇයට ඒකාන්තයෙන්ම වැටහිණි. සතුට නම් මෙයයි, වෙන කිසි දෙයක් නොවේ.

කඩය හිස් ව තිබිණි. කඩයේ සිටියේ ‘දුර ඈත දේශ’ කියවන තලඑළලු මිනිසාත් ඔහු දෙස එළිපිටම එබී බලන ඇය ත් පමණි. ඔවුන් අතර තිබුණේ විසිතුරු ව දිලිසෙන පොත් කවර දහසක් පමණි. ‘ඔහුත් සතුටින්’ ඔහු තවත් පිටුවක් පෙරලනු බලා සිටි ඇයට සිතිණි.

ඇය බලා සිටිද්දී කෝපි පාට මිනිසා පොතේ අන්තිම පිටුව පෙරලුවේ ය. ඇයගේ උගුර සිරවෙනු සහ හදවත නතර වෙනු ඇයට දැනිණි. ඔහු සුසුමක් හෙලනු ඇයට ඇසිනි. ඔහු පොත වසා නැවත රාක්කය මත තබනු ඇයට පෙනිණි. ඔහු කවුන්ටරය වෙත එමින් සිටියේ ය.

ඔහු සිනාසෙද්දී ඔහුගේ කුඩා දසන් පැහැදිලිව දිස් විය.
“ස්තුතියි” ඔහු කීය.

ඇය මුව විවර කළත් කිසිවක් කීවේ නැත.

“මේ බස් එක‍ට” ඔහු මුදල් නෝට්ටුවක් ඇගේ අත්ලත තැබුවේ ය. “යන්නම්”

‘තඩි මේසි’ යන විසුළු නම ලැබූ කෙල්ල ඔහු යන අයුරු බලා සිටියා ය. ඔහු මහමඟට ගොස් වරාය දෙසින් හමන සුළඟ නොවදින්න කොලරය ඔසවාගෙන යන්නට ගියේ ය.

මොහොතකට පසු ඇය කඩයේ කෙළවර වෙත ඇවිද ගියා ය. ඇගේ සිතිවිලි කැළඹී, පටලැවී තිබිණි. ‘දුර ඈත දේශ’ රාක්කය මත තිබුණි. එහි තිබුණු කළු කෙස් ගස ඇය ඇහින්දා ය. එය තම ඇඟිල්ල වටා එතූ විට ලේ ගමන නවතා ඇඟිල්ල නිල් පැහැයට හරවන්නට තරම් එය සවිමත් විය. රාක්කයට පිටුපා සිටි ඇයගෙන් කෙඳිරියක් නික්මිණි. ඔහු දුන් ඩොලර් පනහේ නෝට්ටුව අලුත්ම එකක් විය. ඇය එය තම තනපට තුළ රඳවාගෙන රාක්කය ට හේත්තු වී දොර දෙස බලා සිටියා ය. ඇය හුස්ම ගනිද්දී තනපට තුළ ඇති මුදල් නොට්ටුවෙන් විදුලියක් වැනි ශබ්දයක් නිකුත් විය.

ඇයට ඇගේ දෙමව්පියන් දොරකඩදී මුණගැසිනි. ඔවුන්ගේ මුහුණු සැකයෙන් අඳුරු වන හැටි ඇයට පෙනිණි. ඇය සෙමෙන් දිලිසෙමින් සිටියා ය.




Nissanka Rajapaksa

unread,
Jan 6, 2026, 7:41:41 PMJan 6
to INDRAKA group
6
ගෙහිමි කාන්තාව

Translation of the short story The Landlady by Roald Dahl

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

බිලී වීවර් හවස දුම්රියෙන් ලන්ඩන් සිට ස්වින්ඩන් වෙත පැමිණ බාත් වෙත යන්නට තවත් දුම්රියක් ගත්තා. ඔහු බාත් වෙත එද්දී රාත්‍රී නමයට ආසන්නව තිබුණු අතර දුම්රියපොළ දොරටුව ඉදිරිපස නිවාස පෙළට ඉහළින් තරු පිරුණු පැහැදිලි අහසේ සඳ දිලිසෙමින් තිබුණා. එහෙත් වටපිට නම් තිබුණේ මාරාන්තික සීතලක්. සුළඟ පැතලි අයිස් පිහි තුඩක් සේ ඔහුගේ කොපුලට දැනුණා.

"සමාවෙන්න, මේ කිට්ටුව ටිකක් ලාබ හෝටලයක් තියෙනවාද මට නවතින්න?" ඔහු දුම්රියපොළ සේවකයෙක්ගෙන් ඇසුවා.

"'ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්' එකෙන් අහලා බලන්න." සේවකයා පාර කෙළවර පෙන්වමින් කීවා. "ඔවුන් සමහරවිට ඔබට කාමරයක් දෙයි. අර පැත්තෙන් හැතැප්ම කාලක් විතර දුරයි."

බිලී ඔහුට ස්තූති කර තම සූට්කේසයත් රැගෙන හෝටලය වෙත යාමට ඇති සැතපුම් කාල ඇවිදගෙන යන්නට වුණා. ඔහු මීට පෙර කිසි දිනක බාත් නගරයට පැමිණ තිබුණේ නැහැ. ඔහු එහි සිටි කිසි කෙනෙක් හැඳිනුවේ නැහැ. ලන්ඩන් හි ඔහුගේ කාර්යාලයේ මූලස්ථානයේ ග්‍රීන්ඩේල් මහතා නම් කීවේ එය අපූරු නගරයක් බවයි. "නවාතැනක් සොයාගන්න" ඔහු කියා තිබුණා. "ඉන්පස්සේ ගිහින් ශාඛා කළමනාකරු ව මුණගැහෙන්න."

බිලීගේ වයස දාහතයි. ඔහු අලුත් නිල් කබායක්, අලුත්ම දුඹුරු ට්‍රිල්බි තොප්පියක් සහ අලුත් දුඹුරු ඇඳුම් කට්ටලයක් ඇඳ බොහොම ජේත්තුවට සිටියා. ඔහු කඩිසර ගමනින් පාර දිගේ ගියා. බිලී මේ දිනවල හැමදේම කඩිසරව කරන්නට උත්සාහ කරමින් සිටියේ. කඩිසරකම හැම සාර්ථක ව්‍යාපාරිකයෙක්ගේම පොදු ලක්ෂණයක් බව ඔහු තීරණය කර තිබුණා. මූලස්ථානයේ ලොකු ලොක්කන් හැමදෙනෙක්ම හැමතිස්සෙම පුදුම කඩිසරකමකින් පසුවුනා. ඒක හරිම විස්මයජනකයි.

ඔහු යමින් සිටිය පාර දෙපස කඩ සාප්පු තිබුණේ නැහැ. ඒ වෙනුවට පාර දෙපැත්තේම, එක වැනිම උස නිවාස පෙළක් තිබුණා. ඒ හැම එකකටම කුලුණු සහිත ඉස්තෝප්පු වගේම, ඉදිරිපස දොර වෙත යන්නට පඩි හතර පහක් තිබුණා. කලකට ඉහතදී ඒ නිවෙස් බොහොම උජාරුවට තිබුණු බවට ලකුණු තිබුණත් දැන් නම් ඒවායේ දොර ජනෙල් වල තීන්ත ගැලවී, සුදු පැහැ බිත්ති ඉරිතලා, දුර්වර්ණ වී ඇති බව ඔහුට අඳුරේදී පවා පැහැදිලිව පෙනුණා.

යාර හයක් තරම් නුදුරින් තිබුණු නිවසක පහළ මහලේ, දීප්තිමත් ව එළිය වුණු ජනේලයක වීදුරුවට හේත්තු කර තිබුණු දැන්වීමක් එක්වරම ඔහුගේ ඇස ගැටුණා. එහි 'නවාතැන් සහ උදේ ආහාර ඇත' යැයි සඳහන් ව තිබුණා. දැන්වීමට යටින් උස මල් බඳුනක අලංකාර ක්‍රිසන්තමම් පොකුරක් දක්නට තිබුණා.

ඔහු ගමන නතර කර මඳක් කිට්ටු වී බැලුවා. විල්ලුද වැනි කොළ පැහැති තිර රෙදි ඒ ජනේලයේ දෙපස තිබුණා. ඒවා අසල ක්‍රිසන්තමම් බඳුන සුන්දරව පෙනුණා. ඔහු තව ටිකක් කිට්ටු වී ජනේලයේ වීදුරුවෙන් ඇතුළ බැලුවා. ඔහු මුලින්ම දුටුවේ බැබළෙමින් දැල්වෙන ගිනි උදුනක්. උදුන ඉදිරිපස බුමුතුරුණ මත ලස්සන පුංචි ඩෑශන්ඩ් බල්ලෙක් වකුටු වී නිදමින් සිටියා.

ඔහුට පෙනුණු තරමට, අඩ අඳුරේ තිබුණු කාමරය ප්‍රියමනාප ගෘහ භාණ්ඩ වලින් පිරී තිබුණා. පියානෝවක්, ලොකු සෝපාවක් වගේම සැප පහසු ඇඳි පුටු කිහිපයක් එහි තිබුණා. කාමරයේ එක කෙළවරක කූඩුවක විශාල ගිරවෙක් පෙනුණා. මේ වගේ තැනක සුරතල් සතුන් සිටීම හොඳ ලක්ෂණයක්- බිලී තමාටම කියාගත්තා. සමස්තයක් හැටියට ගත් විට මේ නම් නැවතීමට ඉතා සුදුසු නිවසක්. ‘ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්’ එකට වඩා නම් අනිවාර්යයෙන් සැප පහසු වේවි.

අනෙත් අතට අවන්හලක නවතින එක නිවසක නවතිනවාට වඩා තමන්ට හිතකර වේවි. හවස් වරු වලදී බියර් බොන්නත් ඩාට්ස් සෙල්ලම් කරන්නත් ඉඩ ලැබේවි, කතාකරන්න අයත් ඉඳීවී, සමහරවිට මීට වඩා සෑහෙන්න ලාබ වේවි. මීට පෙර වතාවක් දෙකක් ඔහු අවන්හල් වල නැවතී තිබුණු අතර ඒවා ගැන ඔහුට තිබුණේ කැමැත්තක්. ඔහු නවාතැන්පළවල්වල කලින් නැවතී තිබුණේ නැහැ. අවංකවම කියනවානම් ඔහුට ඒවා ගැන තරමක බියක් තිබුණා. 'නවාතැන්පොල' කියන වචනය ඇහෙද්දීම ඔහුට දිය රසට පිසූ ගෝවා, කෑදර ගෙහිමි කාන්තාවන්, පිළී ගඳගහන විසිත්ත කාමර මැවී පෙනුණා.

තව විනාඩි කිහිපයක් සීතලේ කල්පනා කරමින් උන් බිලී 'ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්' අවන්හල වෙත ගොස් එහි තතු බලා ම සුදුසු තැන තෝරාගන්නට තීරණයක් ගත්තා. ඔහු ආපසු යන්නට හැරෙද්දීම ඔහුට කුමක්දෝ අසාමාන්‍ය දෙයක් සිදුවුණා. ඔහු ජනේලය වෙතින් ඉවත්ව ආපසු හැරෙන්නට සැරසෙද්දීම ජනේලයේ තිබුණු කුඩා දැන්වීම ඔහුගේ අවධානය අමුතුම විදිහට ග්‍රහණය කරගත්තා. 'නවාතැන් සහ උදේ ආහාර ඇත'. නවාතැන් සහ උදේ ආහාර, උදේ ආහාර සහ නවාතැන්, නවාතැන් සහ ආහාර. ඒ හැම වචනයක්ම ඔහු දිහා එක එල්ලයේ බලා සිටින ඇසක් සේ පෙනුණා. ඒ ඇස් ඔහුව ග්‍රහණය කරගනිමින්, එතැනින් ඉවත්ව නොයන්නට බල කරමින් සිටියා. ඔහුටත් නොදැනීම ඔහු පඩිපෙළ නැඟ, නිවසේ දොර වෙතට ඇවිද, සීනුව නාද කරන්නට සූදානම් වෙමින් සිටියා.

ඔහු සීනුව නාද කළා. නිවසේ පසුපස පෙදෙසේ එය නාදවනු ඔහුට ඇසුණා. ඒ සමඟ ම- ඔහු සීනුවෙන් ඇඟිල්ල ඉවතට ගන්නටත් පෙර- දොර විවර වුණා. එතැන කාන්තාවක් සිටගෙන සිටියා. සාමාන්‍යයෙන් කෙනෙක් නිවසක සීනුවක් නාද කළ විට දොර ඇරෙන්නට පෙර ඔහුට විනාඩි භාගයක පමණ වේලාවක් ලැබෙනවා. එහෙත් මේ කාන්තාව නම් ජැක් ඉන් ද බොක්ස් සෙල්ලම් බඩුවක් මෙන් බොත්තම ඔබද්දීම මතුවුණු නිසා ඔහු තිගැස්සුණා.

මේ කාන්තාවට වයස හතළිස් පහක්- පනහක් පමණ පෙනුණා. ඔහුව දුටු විගස ඈ ඔහුට උණුසුම් සුන්දර සිනහවකින් සංග්‍රහ කළා.

"කරුණාකර ඇතුළට එන්න" ඇය බොහොම ප්‍රියමනාප ව කීවා. දොර විවර කරමින් ඇය මඳක් පසෙකට වෙද්දී බිලී ට තමන් ඉබේම නිවස තුළට ඇදී යන බවක් දැනුණා. ඇය පසුපසින් නිවස තුළට යන්නට දැනුණු බල කිරීම, නොඑසේ නම් ආශාව ඔහුට ඉතා බලවත් ව දැනුණා.

"මම ජනේලයේ තිබුණු දැන්වීම දැක්කා" ඔහු ආයාසයෙන් මඳක් පසුබාමින් කීවා.

"ඔව්, මම දන්නවා"

"කාමරයක් ගන්න තියෙනවාද කියලායි මම කල්පනා කළේ."

"කාමරය ඔබ වෙනුවෙන් ලෑස්තියි" ඇය කීවා. ඇයට තිබුණේ රෝස පැහැති රවුම් මුහුණක් සහ අහිංසක නිල් දෑසක්.

"මම ‘ද බෙල් ඇන්ඩ් ඩ්‍රැගන්’ එකට යද්දී ජනේලයේ තිබුණු දැන්වීම දුටුවා." බිලී ඈට කීවා.

"අනේ කොල්ලෝ," ඈ කීවා "ඇයි සීතලෙන් මිදිලා ගේ ඇතුළට නොඑන්නේ?"

"කොහොමද ඔබේ අය කිරීම්?"

"එක රැයකට පවුම් පහයි සිලිං හයයි, උදේ කෑමත් එක්ක"

ඒ මිල පුදුමාකාර විදිහට ලාභ බව ඔහුට සිතුණා. ඔහු ගෙවන්නට සූදානම්ව උන් මුදලින් භාගයකටත් අඩු ගණනක්.

"ඒ ගණන වැඩි නම් මට ඩිංගක් අඩු කරන්නත් පුළුවන්." ඇය කීවා. "ඔබට උදෑසන ආහාරයට බිත්තරයක් වුවමනාද? මේ දවස්වල බිත්තර මිල යි. බිත්තරයක් නැතිව මට සිලිං හයක් අඩු කරන්න පුළුවන්"

"පවුම් පහයි සිලිං හයක් කමක් නැහැ." ඔහු පිළිතුරු දුන්නා. "මම බොහොම කැමතියි මෙහේ නතරවෙන්න"

"මම දැනගෙන හිටියා ඔබ කැමතිවෙයි කියලා. එන්න ඇතුළට"

ඇය ඉතාම ප්‍රසන්න කෙනෙක් බව පෙනුණා. ඇය හරියට ඔහුට නත්තල් නිවාඩුවට තම නිවසට නවාතැන් ගන්නට එන්න ආරාධනා කරන ඔහුගේ පාසැලේ හොඳම මිතුරාගේ මව වැනි බව ඔහුට සිතුණා. බිලී ඔහුගේ තොප්පිය ගලවා නිවසට ඇතුල්වුණා.

"ඕක ඔතැනින් එල්ලන්න." ඈ කීවා. "ඉන්න මම ඔබේ කබාය ගලවන්න උදවුකරන්න"

විසිත්ත කාමරයට පිවිසෙන කොටසේ වෙනත් කිසිම කබායක් හෝ තොප්පියක් එල්ලා තිබුණේ නැහැ. කිසිම කුඩයක්වත් සැරයටියක් වත් එහි දක්නට තිබුණේ නැහැ.

"මුළු ගේ ම අපි දෙන්නාට" ඇය ඉහළ මාලයට යමින් ඔහු දෙස හැරී බලා කීවා. "මේකයි, මගේ පුංචි කැදැල්ලට අමුත්තෙක්ව පිළිගැනීමේ සතුට මට ලැබෙන්නේ කලාතුරකින්"

මේ ගෑනිට ටිකක් පිස්සු ද කොහෙද, බිලී තමාටම කියාගත්තා. ඒත් එක රැයකට පවුම් පහයි සිලිං හයයි නම් කවුද ඔය පිස්සු ගණන් ගන්නේ?

"මම හිතුවා ඔබට ගැනුම්කරුවන් ඕන තරම් ඇති කියලා" ඔහු විනීතව පිළිතුරු දුන්නා.

"ඔව් ඔව්.. ඇත්තටම එහෙම නම් තමයි. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මම කෙනෙක් තෝරාගනිද්දී ටිකක් පරෙස්සම් වෙනවා- ඔබට තේරෙනවා ඇති නේ"

"ආ.. ඔව් ඔව්"

"ඒත් මම හැමතිස්සේම සූදානමින් ඉන්නේ. වැදගත් තරුණ මහත්මයෙක් හදිසියේවත් ආවොත් කියලා මේ ගෙදර දිවා රැයේ සූදානමින් තියෙන්නේ. ඇත්තටම ඉඳහිට දවසක මම දොර අරිද්දී ඒ වගේ හරියටම ගැලපෙන කෙනෙක් හිටගෙන ඉන්නවා දකිද්දී හරිම සතුටක් දැනෙන්නේ, හරිම සතුටක්!" මෙය කියද්දී ඇය පඩිපෙළේ අඩක් දුර ගොස් තිබුණා. එක් අතක් අත් වැට මත තබාගෙන ඇය නැවතී හිස හරවා ඔහු දෙස බලා සුදුමැලි දෙතොලින් මඳහසක් පෑවා. "ඔබ වගේ කෙනෙක්" කියූ ඇය ඇගේ නිල් දෑස ඔහුගේ සිරුරේ ඉහළ සිට පහළටත් නැවත පහළ සිට ඉහළටත් ගෙනගියා.

"මේ තට්ටුව මගේ" පළවෙනි මහලේදී ඈ කීවා.

වුන් දෙවෙනි පඩි පෙළත් නැග්ගා. "මේ තට්ටුව තනිකරම ඔබගේ" ඈ කීවා. "මේ තමයි ඔබේ කාමරය, ඊට කැමති වෙයි කියලා මම හිතනවා." ඈ ඔහුව කුඩා, එහෙත් දැකුම්කළු කාමරයක් වෙතට කැඳවාගෙන ගොස් එයට ඇතුල් වෙද්දී එහි විදුලි පහන දැල්වූවා.

"මේ ජනේලයෙන් උදෑසන හිරු එළිය කෙළින්ම කාමරයට එනවා, පර්කින්ස් මහත්මයා. පර්කින්ස් මහත්මයා නේද නම?"

"නෑ" ඔහු කීවා. "මගේ නම වීවර්"

"වීවර් මහත්මයා, අපූරු නමක්. මම මේ ඇඳ රෙදි අතරට උණුවතුර බෝතලයක් දැම්මා ඒවා උණුසුම් වෙන්න. නුපුරුදු ඇඳක පිරිසිදු ඇඳ රෙදිත් උණුවතුර බෝතලයකුත් තියෙනවා නම් ලොකු සැනසිල්ලක් දැනෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද?"

"ස්තුතියි, බොහොමත්ම ස්තූතියි." බිලී කීවා. කෙනෙකුට ඇඳට ගොඩවන්න ලේසි වන අයුරින් ඇඳේ එක් පසෙක ඇතිරිල්ල බොහොම පිළිවෙළට නවා තිබුණු බව ඔහු දුටුවා.

"ඔබ ආව එක ගැන මට හරි සතුටුයි." ඇය බොහොම උනන්දුවෙන් ඔහුගේ මුහුණ දෙස බලමින් කීවා. "මගේ හිත කරදර වෙන්න පටන් ගනිමින් තිබුණේ"

"ආ ඒකට කමක් නැහැ!" ඔහු බොහොම ප්‍රීතිමත් විලාසයකින් කීවා. "ඔබ මා ගැන වද වෙන්න වුවමනා නැහැ." ඔහු ඔහුගේ සූට්කේසය පුටුවක් මත තබා එය විවර කරන්න සූදානම් වුණා.

"එතකොට රෑ කෑම? මෙහෙ එන්න කලින් කෑමට දෙයක් හොයාගන්න පුළුවන් වුණා ද?"

"මට පොඩ්ඩක්වත් බඩගිනි නැහැ, බොහොම ස්තූතියි" ඔහු කීවා. "මට හෙට උදේම කාර්යාලයට ගිහින් වැඩ බාරගන්න තියෙනවා. ඒ නිසා ඉක්මනින්ම නිදාගත්තොත් හොඳයි."

"හොඳයි එහෙනම් මම ඔබට බඩු ටික අස්පස් කරගන්න ඉඩදෙන්නම්. ඒත් ඔබ නින්දට යන්න කලින් කරුණාකර පහළ මාලයේ විසිත්ත කාමරයට පොඩ්ඩකට ඇවිත් පොත අත්සන් කරනවාද? ඒක නීතිය නිසා හැමෝම කළ යුතු දෙයක්. මේ වෙලාවේ අපි නීති කඩ කළ යුතු නැහැනේ නේද?" කී ඇය ඉක්මනින් දොර වසාගෙන කාමරයෙන් පිටවුණා.

මේ ගෙහිමි කාන්තාවට තරමක පිස්සුවක් තිබීම බිලීගේ සිතට කරදරයක් වුණේ නැහැ. ඇයගෙන් කිසිම හානියක් නැති බව වගේම ඇය ඉතා කරුණාවන්ත කෙනෙක් බව ඔහුට පැහැදිලි වුණා. සමහරවිට ඇයගේ පුතෙක් යුද්ධයේදී අහිමිවීමක් වැනි දෙයක් සිදුවෙලා ඈ ඒ දුකින් කවදාවත් මිදුණේ නැහැ වෙන්න පුළුවන්.

ඉන් විනාඩි කිහිපයකට පසුව, තම බඩු බාහිරාදිය අස්පස් කර දෑත සෝදාගැනීමෙන් අනතුරුව ඔහු පහළ මාලයට ගොස් විසිත්ත කාමරයට ඇතුල් වුණා. ගෙහිමි කාන්තාව එහි නොසිටියත් උදුනේ ගින්න බැබළෙමින් දැවෙමින් තිබුණා. පුංචි ඩෑශන්ඩ් බල්ලා තවමත් එය ඉදිරිපස නිදමින් සිටියා. ඒ කාමරයේ බොහොම උණුසුම් සුවපහසු බවක් දැනුණා. මම වාසනාවන්තයි, ඔහු දෑත පිරිමදිමින් සිතුවා. මෙතැන නියමයි!

අමුත්තන්ගේ තොරතුරු ලිවිය යුතු පොත පියානෝව උඩ විවරව තිබුණා. ඔහු තම පෑන ගෙන එහි තම නමත් ලිපිනයත් ලියුවා. තමන්ගේ නමට ඉහළින් තිබුණේ තව නම් දෙකක් පමණයි. සාමාන්‍යයෙන් මෙවැනි අමුත්තන්ගේ පොතක විස්තර ලියද්දී සිදුවෙන විදිහට ඔහු ඒ නම් දෙක කියෙව්වා. එක නමක් කාඩිෆ් හි ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්. අනෙකා බ්‍රිස්ටල් හි ග්‍රෙගරි. ඩබ්ලිව්. ටෙම්පල්. මේක හරි පුදුමයක් ඔහුට හදිසියේ හිතුණා. ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්. ඒ නම හරි හුරුපුරුදුයි. ඒ වගේ අමුතු නමක් ඔහු කලින් අසා තිබුණේ කොහේදී ද?

පාසැල් සගයෙක් ද? නෑ. ඔහුගේ සොයුරියගේ පෙම්වතුන් රාශියෙන් කෙනෙක් ද? තාත්තාගේ මිතුරෙක් ද? නෑ නෑ එයින් කිසිකෙනෙක් නෙමෙයි. ඔහු නැවතත් පොත දෙස බැලුවා. ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්, 231, කැතීඩ්‍රල් පාර, කාඩිෆ්. ග්‍රෙගරි. ඩබ්ලිව්. ටෙම්පල්, 27 සයිකැමෝර් මාවත, බ්‍රිස්ටල්. කල්පනා කරද්දී දෙවෙනි නමත් යම් හුරුබවක් දැනෙන වග ඔහුට සිතුණා.

"ග්‍රෙගරි ටෙම්පල්?" ඔහු මතකය අවුස්සමින් හඬ නඟා කීවා. "ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්?"

"බොහොම අපූරු කොල්ලෝ දෙන්නෙක්" ඔහුගේ පසුපසින් පිළිතුරක් ඇසුණා. ඔහු හැරී බලද්දී ගෙහිමි කාන්තාව කාමරයට පාවී ආවේ දෑතේ විශාල රිදී බන්දේසියක් සහිතවයි. ඈ එය සිරුරෙන් ඈත් කර ඔසවාගෙන සිටියේ කලබල අශ්වයෙකුගේ රැහැන් පට අල්ලාගෙන සිටින ආකාරයට.

"ඒ නම් මට හරි හුරුපුරුදුයි."

"ඇත්තටම?"

"මට හොඳටම විශ්වාසයි මම ඒ නම් කොහේදී හරි අහලා තියෙනවා කියලා. ඒක හරි පුදුමයක් නේද? සමහරවිට පත්තරවල තිබුණාද දන්නේ නැහැ. ඒ ගොල්ලෝ ප්‍රසිද්ධ අයද? නැහැ නේද? මම කියන්නේ ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෝ හරි ෆුට්බෝල් ක්‍රීඩකයෝ හරි නෙමෙයි නේ?"

"ප්‍රසිද්ධ?" ඈ තේ බන්දේසිය සෝපාව ඉදිරිපස තිබුණු මිටි කනප්පුව මත තබමින් කීවා. "අපෝ නැහැ, මම හිතන්නේ නැහැ ඒ අය ප්‍රසිද්ධ අය කියලා. ඒත් මට ඔබට සහතික වෙන්න පුළුවන් ඒ දෙන්නාම පුදුම විදිහට කඩවසම් බව. ඒ අය ඔබ වගේම උස, තරුණ, කඩවසම් අය."

බිලී නැවත වතාවක් පොත දෙස බැලුවා.

"මේ බලන්න" ඔහු එහි සඳහන් දින පෙන්වමින් කීවා. "මේ අන්තිම සටහන අවුරුදු දෙකකටත් වඩා පරණයි."

"ඇත්තද?"

"ඔව්, ඇත්තටම. ඒ වගේම ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ් ඊටත් අවුරුද්දකට කලින්- ඒ කියන්නේ ඒ සටහන අවුරුදු තුනකට වඩා පරණයි."

"දෙවියනේ," ඈ හිස සොලවමින්, කෝමල ලෙසින් සුසුමක් හෙළමින් කීවා. 

"මට දැනුනේවත් නැහැ. කාලය අපව පසුකරගෙන වේගයෙන් ගතවෙනවා නේද විල්කින්ස් මහත්මයා?"

"මගේ නම වීවර්." බිලී කීවා. "වී-ව-ර්"

"ආ ඔව්නේ!" ඈ සෝපාවේ වාඩිවෙන ගමන් කීවා. "මටත් පිස්සු! සමාවෙන්න මට. එක කනකින් ඇහෙන දේ අනෙත් කණෙන් පිටවෙනවනේ වීවර් මහත්තයා"

"දන්නාවද වැඩක්?" බිලී කීවා. "මේ හැම දෙයක්ම ගැන වඩාත්ම පුදුමම කාරණාව මොකක්ද දන්නවාද?"

"නැහැනේ, මම දන්නේ නැහැ"

"මේකයි, මලෝලන්ඩ්, ටෙම්පල් කියන මේ නම් දෙකම මට මතක තියෙන්නේ වෙන වෙනම නෙමෙයි. මොකක් නමුත් අරුම පුදුම හේතුවකට ඒ නම් දෙක එකකට එකක් සම්බන්ධයි වගේ මට හිතෙනවා. ඒ දෙන්නාම එකම දෙයක් නිසා ප්‍රසිද්ධ වුණු බවක්. මම කියන දේ තේරෙනවාද? හරියට නිකම් ඩෙම්සිගෙයි ට්යුනේගෙයි නම් දෙක වගේ... චර්චිල්ගෙයි රූසවෙල්ට්ගෙයි නම් දෙක වගේ."

"හරි විනෝදජනකයිනේ" ඈ කීවා. "ඒත් දැන් මෙතැනට එන්නකෝ. ඇවිත් සොපාවේ මගේ ළඟින් වාඩිවෙන්න. ඔබ නිදාගන්නට යන්න කලින් මම හොඳ තේ කොප්පයකුත් ඉඟුරු විස්කෝතුවකුත් දෙන්නම්."

"ඇයි කරදර වුණේ?" බිලී ඇහුවා. "ඔබෙන් මම එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. "

ඔහු පියානෝව අසල සිටගෙන ඇය කෝප්ප පීරිසි එහා මෙහා කරන ආකාරය බලාගෙන සිටියා. ඉක්මනින් එහා මෙහා යන ඇගේ පුංචි සුදුමැලි දෑතේ රත් පැහැති නිය තිබුණු බව ඔහු දුටුවා.

"මට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා මම ඒ අය ගැන දැක්කේ පත්තරයක බව" බිලී කීවා. "මට තව තත්පරයකින් මතක් වේවි. මට සහතිකයි ඒ බවට"

කෙනෙකුගේ මතකයේ කෙළවරක අපැහැදිලිව ලතවෙන මෙවැනි දෙයක් තරම් වෙනත් හිරිහැරයක් නැති තරම්. ඔහු එය අත හරින්නට කොහෙත්ම සූදානම් වුණේ නැහැ.

"විනාඩියක් ඉන්න" ඔහු කීවා. "විනාඩියක් ඉන්න. මලෝලන්ඩ්... ක්‍රිස්ටෝෆර් මලෝලන්ඩ්.. මේ අර ඊටන් වල පාසැල් ශිෂ්‍යයා නේද? බටහිර පළාතේ පා ගමනින් සංචාරයක යද්දී හදිසියේම..."

"තේ එකට කිරි දාන්නද?" ඈ ඇහුවා. "සීනි?"

"ඔව්.. ඔව්.. දාන්න... සංචාරයක යද්දී හදිසියේම.."

"ඊටන් වල පාසැල් ශිෂ්‍යයා?" ඈ ඇහුවා. "නෑ නෑ , කොහොමවත්ම එයා වෙන්න බැහැ. මලෝලන්ඩ් මහත්මයා මා ළඟට එද්දී එයා පාසැල් ශිෂ්‍යයෙක් නෙමෙයි කියලා මට සහතිකයි. එයා ඒ වෙද්දී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඉතින් එන්න, ඇවිත් මෙතන මා ළඟින් වාඩිවෙලා මේ උදුනේ ගින්දරෙන් උණුසුම් වෙන්නකෝ. ඔබේ තේ කෝප්පය ලෑස්තියි."

ඇය සෝපාවේ ඇගේ අසල හිස් ඉඩ පෙන්වා ඔහුට සන් කර බිලී එතැනට එන තුරු සිනාමුසු මුහුණින් ඔහු දෙස බලා සිටියා. ඔහු සෙමෙන් කාමරය හරහා පිය මැන ඇවිත් සෝපාවේ කෙළවරින් වාඩිවුණා. ඇය ඔහුගේ තේ කෝප්පය ඔහු ඉදිරියේ කනප්පුව මත තැබුවා.

"ඉතින්.." ඈ කීවා. "හොඳට සැප පහසුයි නේද?"

බිලී තේ කෝප්පය තොල ගාන්නට වුණා. ඇයත් එලෙසින්ම කළා. තත්පර තිහක් පමණ වෙලාවක් දෙන්නාම නිශ්ශබ්දව සිටියා. එහෙත් ඇය ඔහු දෙස බලා සිටින බව බිලී දැන සිටියා. ඇගේ සිරුර ඔහු දෙසට අඩක් හැරවී තිබුණා. ඈ තේ කෝප්පයට ඉහළින් ඔහු දෙස නෙත් යොමා සිටින බව ඔහුට දැනුණා. වරින්වර ඇය වෙතින් හමන කිසියම් සුවඳක් ඔහුට දැනුණා. එය අප්‍රසන්න සුවඳක් නොවුණු අතර ඔහුට ඉන් සිහි ගැන්වුණේ කවරක්දැයි ඔහුට හරියටම සිතාගන්නට බැරිවුණා. ඒ වෝල්නට් අච්චාරු සුවඳද? අලුතින් පදම් කළ හම්ද? රෝහලක පටු ආලින්ද වල දැනෙන සුවඳ ද?

"මලෝලන්ඩ් මහත්මයා නම් තේ බොන්න රුසියෙක්." ඇය හෙමින් සීරුවේ කීවා. "ආදරණීය මලෝලන්ඩ් මහත්මයා තරම් තේ බොන කෙනෙක් මම මුළු ජීවිතයටම දැකලා නැහැ."

"ඔහු යන්නට ඇත්තේ ළඟදී නේද?" බිලී විමසුවා. ඔහු ඒ වෙද්දීත් අමුත්තන්ගේ විස්තර පොතේ දුටු නම් දෙක පිළිබඳව සිත වෙහෙසවමින් සිටියේ. දැන් නම් ඒ නම් පුවත්පත් සිරස්තලයක දුටු බවට ඔහුට සෑහෙන විශ්වාසයක් තිබුණා.

"යන්න?" ඇය විශ්මයෙන් දෙබැම උස් කරමින් ඇසුවා. "ඇයි කොල්ලෝ, ඔහු කවදාවත් යන්නට ගියේ නැහැ. ඔහු තාම ඉන්නවා. ටෙම්පල් මහත්මයාත් තාම ඉන්නවා. ඒ දෙන්නාම තුන්වෙනි තට්ටුවේ එකට ඉන්නේ."

බිලී ප්‍රවේශමෙන් ඔහුගේ තේ කෝප්පය කනප්පුව මත තබා ගෙහිමි කාන්තාව දෙස දෑස් විදා බැලුවා. ඇය මඳහසක් පා, ඔහුව අස්වසන්නට මෙන් ඇගේ සුදුමැලි අතකින් ඔහුගේ දණහිසක් පිරිමැද්දා.

"කියන්න ඔබේ වයස කීයක් විතරද?" ඇය ඇසුවා.

"දාහතයි"

"දාහතයි!" ඇය විස්මයෙන් කෑගැසුවා. "නියමම වයස. මලෝලන්ඩ් මහත්මයාටත් දාහතයි. ඒත් එයා නම් ඔබට වඩා ටිකක් මිටියි මට මතක හැටියට, ඔබේ තරම් දත් සුදු පාටට තිබුණේත් නැහැ. වීවර් මහත්මයා ඔබ දන්නවාද ඔබට බොහොම ලස්සන සුදු පාට දත් තිබෙන බව?"

"ඒවා ඔය පෙනෙන තරම් ලස්සන නැහැ" බිලී කීවා. "කටේ පිටිපස්ස හරියේ දත් ඔක්කොම පුරවලා තියෙන්නේ"

"ටෙම්පල් මහත්මයා නම් ඔයිට වඩා ටිකක් වැඩිමල්" ඈ ඔහු කී දේ නෑසුණු ගණනට කීවා. "එයාට නම් විසි අටක්. ඒත් ඒ බව එයා මට නොකීවා නම් මම කවදාවත් විශ්වාස කරන්නේ නැහැ. එයාගේ මුළු ඇඟේම එක කැළලක් වත් තිබුණේ නැහැ."

"මොකක්?" බිලී ඇසුවා.

"ඔහුගේ සම ළදරුවෙක්ගේ වගේ"

ඉනික්බිති මඳ නිහැඬියාවක් ඇතිවුණා. බිලී තම තේ කෝප්පය ගෙන තේ උගුරක් බී නැවත එය සෙමෙන් පීරිසිය මත තැබුවා. ඇය වෙන යමක් කියන තෙක් ඔහු බලා සිටියත් ඇය නිහඬ බවක ගැලී සිටියා. ඔහු යටි තොල විකමින් කාමරයේ ඈත කෙලවර වෙත දෑස් යොමුකරගෙන සිටියා.

"අර ගිරවා," ඔහු අවසානයේදී කීවා. "දන්නවද වැඩක්? මම පාරේ ඉඳන් ජනේලයෙන් එබිලා බලද්දී මම හොඳටම රැවටුණා. මම හිතුවෙම ඌට පණ තියෙනවා කියලා."

"අවාසනාවකට ඌට දැන් නම් පණ නැහැ."

"හරිම දක්ෂ විදිහට ඒ වැඩේ කරලා තියෙනවා," ඔහු කීවා. "ඌට පණ නැහැ කියලා හිතන්නවත් බැහැ. කවුද මේක කළේ?"

"මම"

"ඔබ?"

"ඔව් මම තමයි," ඈ කීවා. "ඒ වගේම ඔබට මගේ පුංචි බැසිල් ව මුණගැහුණාද?" ඇය ගිනි උදුන ළඟ සුවපහසු ලෙස වකුටුව නිදන ඩෑශන්ඩ් බල්ලා පෙන්වමින් ඇසුවා. බිලී ඒ දෙස බැලුවා. ඒ එක්කම ඒ සතාත් මේ තරම් වෙලාවක් ගිරවා මෙන්ම නිහඬව නිසොල්මන්ව උන් බව ඔහුට හදිසියේම මතක් වුණා. ඔහු අතක් දිගු කර බල්ලාගේ පිට යන්තම් ස්පර්ශ කළා. ඒ හම තදට, සීතලට ඔහුගේ අතට දැනුණා. එහි ලොම් පසෙකට කර බලද්දී මනා ලෙස සුරකින ලද අළු පැහැති සම පෙනෙන්නට තිබුණා.

"දෙවියන්ට ඔප්පු වෙච්චාවේ" ඔහු කීවා. "මේක හරිම අරුම පුදුම දෙයක්නේ" ඔහු බල්ලාගෙන් ඉවතට හැරී ඔහු අසල අසුන්ගෙන උන් කාන්තාව දෙස මහත් ගෞරවයෙන් බැලුවා. "මේවා කරන්න හරි අමාරු ඇති නේද?"

"පොඩ්ඩක්වත් අමාරු නැහැ." ඈ කීවා. "මගේ සුරතලුන් අන්තරා වුණාම මමම ඔවුන්ට පුළුන් පුරවා සකස් කරනවා. තව තේ කෝප්පයක් බොමුද?"

"එපා, බොහොම ස්තූතියි" බිලී කීවා. ඒ තේවල යන්තමට තිත්ත ආමන්ඩ් රසක් තිබුණු නිසා ඔහුට ඒ ගැන වැඩි කැමැත්තක් දැනුණේ නැහැ.

"ඔබ පොත අත්සන් කළා නේද?"

"ආ ඔව් ඔව්"

"ඒක හොඳයි. මොකද පස්සේ මට ඔබේ නම අමතක වුණොත් මට මෙතැනට ඇවිත් පොත බලලා මතක් කරගන්න පුළුවන්. අදටත් මම ඒක නිතරම කරනවා මලෝලන්ඩ් මහත්මයාගේ නමත් අනෙත් කෙනා...මේ.."

"ටෙම්පල්," බිලී කීවා. "ග්‍රෙගරි ටෙම්පල්. මම මෙහෙම ඇහුවාට තරහා වෙන්න එපා, ඒත් පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මෙහෙට වෙන කවුරුවත් අමුත්තෝ ආවේ නැද්ද?"

ඇය තේ කෝප්පය ඉහළට ඔසවාගෙන, හිස මඳක් ඇළ කර, ඇස් කොනින් බලා ඔහුට තවත් මෘදු සිනාවක් පෑවා.

"නැහැනේ," ඈ කීවා. "ඔබ විතරයි"





Nissanka Rajapaksa

unread,
Jan 7, 2026, 6:31:50 PMJan 7
to INDRAKA group
7
කබාය

Translation of the short story ‘The Overcoat’ by Ruskin Bond

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක

 (සිසිල සඟරාව - පෙබරවාරි 2025 කලාපය)

ඒ කඳුකර වතුයායේ සීතල දේශගුණයක් පැවතුණත් හාත්පස මීදුම් රහිතව තිබුණු බැවින් ඈතින් හිමාල කඳු පන්තිය පැහැදිලි ව දිස් විය. ඒ දිනවල වතුයාය ට පිවිසෙන මාර්ගවල තැන තැන හිම වැටී තිබුණි. මා වඩාත් ප්‍රිය කළේ නිවසේ ඇඳට වී උණුසුම් ව, පොතක් කියවමින් සිටීමට වුවත් පෙරදිනක අසල්වැසි කපාඩියා යුවළගේ සාදයකට කළ ඇරයුම මා පිළිගෙන තිබුණු බැවින් එහි නොගොසින් සිටීම නොතරම් බව මට සිතුණි. එබැවින් අන්තිමේදී මම ඝන කමිස දෙකක්, පැරණි ෆුට්බෝල් මෆ්ලරයක් සහ කබායක් පැළඳගෙන සඳ එළියෙන් ආලෝකවත් වූ පාර ඔස්සේ පිටත් වූයෙමි. 

කපාඩියා නිවස තිබුණේ මගේ නිවසේ සිට හැතැප්මක් තරම් දුරිනි. මේ දුරින් අඩක් පමණ මා ගෙවූ පසු මාවත මැද තරුණියක් සිටගෙන සිටින අයුරු දුර සිටම මම දුටුවෙමි. 

බැලූ බැල්මට ඇයට වයස දාසයක්, දාහතක් පමණ විය. ඉනට තරම් දිග කොණ්ඩයකින් යුතු වූ ඈ හැඳ පැළඳ සිටියේ පැරණි තාලයට ය. රෝස සහ දම් පැහැයෙන් යුක්ත වූ ඇගේ දිගු ගවුමේ තැන තැන දිලිසෙන සීක්වින්ස් අල්ලා තිබුණු අතර එය දුටු විට මට සිහි වූයේ මගේ අත්තම්මාගේ පින්තූර ඇල්බම් වල පින්තූරයි. ඈට කිට්ටු වෙද්දී ඇයට සුන්දර දෑසක් සහ මනස්කාන්ත සිනාවක් තිබුණු බව මට පෙනුණි. 

“සුබ සන්ධ්‍යාවක්! අද බොහොම සීතල දවසක් නේද?” මම ඇගෙන් ඇසුවෙමි. 

“ඔයා සාදයටද යන්නේ?” ඈ මගෙන් විමසුවාය. 

“හරියට හරි, ඔයාගේ ලස්සන ගවුම දැක්කාම කියන්න පුළුවන් ඔයා යන්නෙත් එහෙ කියලා. එහෙනම් අපි දෙන්නාම යමු, දැන් ළඟයි.”

ඈ මා අසලින් ගමන් කරන්නට වූවාය. නොබෝ වේලාවකින් දේවදාර තුරු අතරින් කපාඩියා නිවසේ විදුලි ආලෝකය පෙනෙන්නට විය. තමන්ගේ නම ජූලි බව තරුණිය කීවාය. ඒ වෙද්දී මා ඒ වතුයාය ට පැමිණ ගත වී තිබුණේ මාස කීපයක් බැවින් මා ඉන් පෙර ඈ ව දැක තිබුණේ නැත. 

සාදයේ සෑහෙන පිරිසක් සිටි නමුත් ඒ කිසිවකු ජූලි හඳුනන බවක් නොපෙනුණි. ඈ මගේ මිතුරියක් බව හැම කෙනෙකුම අනුමාන කළ අතර මා ද ඒ අදහස බැහැර කළේ නැත. ඈ තනිකමින් පීඩා විඳි බවත් මිතුරු ඇසුරක් සොයමින් සිටි බවත් පැහැදිලි ව පෙනුණි. ඒ සාදයේදී ඈ බොහෝ ප්‍රීතියෙන් කාලය ගත කළාය. ඈ කෑම බීම ගැන වැඩි අවධානයක් යොමු නොකළත් එහි හැම කෙනෙකු අසලටම ගොස් සිනාසෙමින්, කතාකරමින්, ඔවුන්ට ඇහුම්කන් දෙමින් කාලය ගත කළාය. ඉනික්බිති සංගීතය වාදනය වීමත් සමඟම ඈ තනිවමත්, වෙනත් අය සමඟත් නටමින් බෙහෙවින් විනෝද වූවාය. බැලූ බැල්මට පෙනුණේ ඈ සංගීතයෙන් මත්ව සිටි බවකි. 

මා සාදයෙන් නික්මෙන්නට සූදානම් වෙද්දී මැදියම් රැයට ආසන්න වී තිබිණි. ඒ වෙද්දී මා සෑහෙන තරමට මධුවිත තොලගා තිබුණු අතර මට වුවමනා වූයේ නින්දට වැටෙන්නයි. මා නිවෙස් හිමියන්ගෙන් සමු ගෙන හැමට සුබ නත්තලක් පතද්දී ජූලි මා අසලට විත් ඇය ද නිවෙස බලා යන්නට සූදානම් බව පැවසුවා ය. 

“ඔයාගේ ගෙවල් කොහෙද ජූලි?”

අප සාදයෙන් පිටවූ පසු මම ඇගෙන් විමසුවෙමි. 

“මම ඉන්නේ වුල්ෆ්ස්බර්න් වල” ඈ කීවාය. “කන්ද උඩ.”

“මේ හුළඟ හරි සීතලයි. ඔයාගේ ගවුම ලස්සන වුණාට ඒකෙන් වැඩි උණුසුමක් ලැබෙන්නේ නැහැ වගෙයි නේද? මෙන්න, මගේ කබාය ඇඳගන්න. පේනවනේ, කබාය නැති වුණත් මම නම් සීතලෙන් ආරක්ෂිතයි.”

මා මගේ කබාය ගලවා අගේ උරහිස් මත රඳවද්දී ඈ විරෝධයක් පෑවේ නැත. ඉනික්බිති අපි නිවෙස් බලා ගමන් ඇරඹුවෙමු. 

අප මුලින් මුණගැසුණු ඉසව්වේදීම ඈ නැවතත් නතර වූවාය. 

“මෙතැනින් කෙටි පාරක් තියෙනවා. මම මේ කන්ද දිගේ දුවලා යන්නම්.” ඈ කීවාය. 

“ඔයාට ඒ පාර පුරුදු ද? පටු පාරක් වගේනේ පේන්නේ.”

“අයියෝ මම මේ පාරේ හැම ගහක් ගලක්ම හොඳට දන්නවා, මම නිතර ඒ පාරේ යනවා එනවා. අනික අද හොඳට හඳ එළිය තියෙන දවසක්නේ.”

“එහෙනම් කබාය ඇඳගෙන ම යන්න. මම හෙට ඇවිත් ඒක ආපිට ගන්නම්.” මම කීවෙමි. 

ඈ මොහොතක් නිසොල්මන් ව හිඳ ඉනික්බිති සිනාසී, හිස වනා, මා කී දේ අනුමත කර, ඒ කෙටි මඟ ඔස්සේ නොපෙනී ගිය අතර මම තනිවම නිවස බලා ගියෙමි. 

ඊට පසු දින මම වුල්ෆ්ස්බර්න් වෙත ඇවිද ගියෙමි. කුඩා දිය කඳුරකින් එතෙර වී, විවර ව තිබුණු යකඩ ගේට්ටුවකින් ඇතුළු වූ විට මා එහි දුටුවේ ගරා වැටුණු නිවසකි. ඊට වහලයක් නොතිබුණු අතර, ගල් ගොඩක්, කඩා වැටුණු පෝරණුවක් සහ පෙරදී බරාඳයක් තිබුණු බවට ලකුණු පෙන්වූ කණු කිහිපයක් දක්නට විය. 

ජූලි මට විහිළුවක් කළා ද? නොඑසේ නම් මා පැමිණ තිබුණේ වැරදි නිවසටද?

කඳු ගැටය වටා ඇවිද ගිය මම ඒ අසල ටේලර් යුවල පදිංචි පැරණි නිවස වෙත එළඹී, ජූලි නම් තරුණියක් ගැන විස්තර දන්නේදැයි වයස්ගත ටේලර් මහත්මියගෙන් විමසුවෙමි. 

“නෑ මම හිතන්නේ මම එහෙම කෙනෙක් දන්නේ නැහැ,” ඈ කීවාය. “කොහෙද එයා පදිංචි?”

“වුල්ෆ්ස්බර්න් වල කියලා තමයි කිව්වේ නම්, ඒත් ඒ ගෙදර ගරා වැටිලානේ.”

“පහුගිය අවුරුදු හතලිහට කවුරුවත් වුල්ෆ්ස්බර්න් වල ජීවත් වෙලා නැහැ. මේ පළාතේ මුලින්ම පදිංචි වුණ මැකිනන් ලා තමයි එහෙ හිටියේ. ඒත් එයාලගේ දුව මැරුණා ට පස්සේ..” ටේලර් මහත්මිය හදිසියේම කතාව නවතා මා වෙත අමුතු බැල්මක් එල්ල කළා ය. “මම හිතන්නේ ඒ දැරිවි නම ජූලි, කොහොමහරි ඒ ළමයා මළා ට පස්සේ එයාලා ඒ ගේ විකුණලා කොහේ හරි ගියා. ඊටපස්සේ කවුරුවත් ඒකෙ ජීවත් වුණේ නැහැ, ගේ ටික ටික ගරා වැටුණා. ඔයා හොයන ජූලි එයා වෙන්න බැහැ. ඒ දැරිවි මැරුණේ ක්ෂය රෝගේ හැදිලා. ඒ කාලේ ඒ ලෙඩේ හොඳ කරන්න ක්‍රමයක් තිබුණේ නැහැ. එයාගේ සොහොන තියෙන්න ඔය පාරේ කෙලවර තියෙන සොහොන් පිට්ටනියේ.”

මා ටේලර් මහත්මියට ස්තූති කර සොහොන් පිටිය වෙත ඇවිද යන්නට විය. ඒ වෙද්දී මට මේ ගැන තවදුරටත් තොරතුරු දැනගන්නට වුවමනාවක් නොමැති වුවත් නොදැනුවත්වම මෙන් මා ඒ වෙත ඇදී යමින් තිබිණි.

ඒ කුඩා සොහොන් පිටිය තිබුණේ දේවදාර තුරු පෙළ පාමුලයි. එතැනට තනි නිල් අහස් පසුබිමේ හිමාල කඳු පෙළේ සදාකාලික හිම පතනය මනාව පෙනුණි. අධිරාජ්‍ය ගොඩ නඟන්නට වෙහෙසී මේ වෙද්දී ලෝකයට අමතක වූ සොල්දාදුවන්, වෙළෙන්දන්, ගවේෂකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයගේ සිරුරු වල නටබුන් මේ බිමේ වැළලී තිබිණි. ජූලි ගේ සොහොන සොයා ගන්නට මට වැඩි වෙලාවක් ගත වූයේ නැත. වැඩි මෝස්‌තර නොමැති සරල සොහොන් කොතක ඇගේ නම පැහැදිලි ව සඳහන් ව තිබිණි.

ජූලි මැකිනන්
1923-39
“මොහොතක් ඈ අප ළඟ සිටියාය
දැන් සදාකාලික සැතපුමට
ඈ දෙවියන් වහන්සේ ළඟ යි”

මෝසම් වැසි ගණනාවක් මේ සොහොන් පිටිය පිස හමා ගොස් එහි සොහොන් කොත් වල අකුරු මකා දමා තිබුණද, ඒ කිසිවකින් මේ කුඩා සොහොන් කොත පීඩාවට පත් වූ බවක් නොපෙනුණි. 

මා ආපසු යාමට හැරෙද්දී සොහොන් කොත පසුපස මා මීට පෙර දැක පුරුදු යමක් මගේ නෙත ගැටුණු බැවින් මම එතැනට පා නැඟුවෙමි.

පිළිවෙලට නවන ලද මගේ කබාය එහි විය. 





Nissanka Rajapaksa

unread,
Jan 8, 2026, 6:05:52 PMJan 8
to INDRAKA group
8
අන්ධ බල්ලා

Translation of the Short Story ‘The Blind Dog’ by R. K Narayan

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

ඒ බල්ලාගේ කිසිම වැදගත් පෙනුමක් වත්, උසස් පෙළපතක ලකුණක්වත් තිබුණේ නැත. ඌ සුදු පාටින් සහ දූවිලි පාටින් යුතු වූ, නිතර තැන තැන දකින්නට ලැබුණු සාමන්‍යය බල්ලෙක් විය. උගේ වල්ගය පුංචි කාලයේදීම කවුරුන් හෝ කපා දමා තිබුණු අතර, ඌ මහා පාරේම ඉපදී, සති පොළේ කුණු ආදියෙන් යැපී දැඩි වූ සතෙක් විය. ඒ බල්ලා හට අඳුරු දෑසක්, අමුතු ගමන් විලාසයක් මෙන්ම අනවශ්‍ය කලහකාරී හැසිරීමක් තිබුණි. වයස දෑවුරුද්දක් ගතවන්නටත් පෙරාතුව උගේ ඇඟ පුරා සටන් රාශියකින් ලැබුණු කැළැල් දිස් විය. උණුසුම් මධ්‍යාහ්නයේදී විවේකයක් වුවමනා වූ වෙලාවලට සති පොළේ නැගෙනහිර ගේට්ටුව අසල බෝක්කුව තුළ ගුලි වී නිදන්නට ඌ පුරුදුව සිටියේය. සන්ධ්‍යාව එළඹෙද්දී මේ බල්ලා අහල පහල පාරවල්වල සැරි සරමින්, සුළු රණ්ඩු හබ ආදියෙහි පැටලෙමින්, කෑමට දෙයක් අහුලමින් තම දෛනික චාරිකාවේ යෙදී, නැවතත් රාත්‍රිය වෙද්දී ප්‍රධාන ගේට්ටුව අසලට ඒමට පුරුදුව සිටියේය.

මෙලෙසින් තුන් වසරක් ගත වූ තැන එක්තරා දවසක මේ බල්ලාගේ ජීවිතයේ වෙනසක් සිදු විය. දිනක් දෑසම නොපෙනෙන හිඟන්නෙක් සති පොළේ ප්‍රධාන ගේට්ටුව අසල පෙනී සිටියේය. වයසක කාන්තාවක් උදේම ඔහුව කැඳවාගෙන විත් මෙහි හිඳුවා යන්නට ගියාය. දවාලට ඇය ඔහුට කෑම ගෙනැවිත් දී ඔහුගේ කාසි එකතුකරගෙන ගිය අතර රාත්‍රිය එළඹෙද්දී නැවතත් පැමිණ ඔහුව කැඳවාගෙන ගියාය. 

මේ අසලින් නිදාගෙන උන් බල්ලාටත් කෑම සුවඳ දැනෙන්නට විය. ඌ බෝක්කුව යට තමන්ගේ නිවහනෙන් නික්මී, හිඟන්නා වෙතට කිට්ටු වී, ඔහුගේ දුප්පත් කෑම වේල දෙස වලිගය වනමින් බලා සිටියේය. හිඟන්නා තම දෑත දෙපසට වනමින් “ඔතැන කවුද?” කියා විමසද්දී බල්ලා ඔහු වෙත ගොස් ඔහුගේ අතක් ලෙවකෑවේය. අන්ධ මිනිසා බල්ලාගේ සිරුර දෙකනේ සිට වලිගය දක්වාම මෘදුව ස්පර්ශ කර, “උඹ හරි ලස්සන සතෙක් නේ, මාත් එක්ක වරෙන්” යැයි පැවසීය. ඉන්පසු ඔහු බල්ලාට කෑම අහුරක් වීසි කළ අතර බල්ලා විසින් බෙහෙවින් කෘතඥව ඒ කෑම කන ලදී. සමහරවිට ඒ, ඒ දෙදෙනා අතර මිතුදමක් ඇතිවන්නට නියමිතව තිබුණු සුබ මොහොත විය හැක.

ඉනික්බිති ඒ දෙදෙනා හැම උදෑසනකම එතැනදී මුණගැසුණහ. බල්ලා තමන්ගේ රස්තියාදු ගමන් අඩුකර අන්ධ මිනිහා අසල වාඩිවී සිටින්නත්, ඔහුට හිඟමන් ලැබෙන අයුරු බලාසිටින්නත් පුරුදු විය. ටික කලක් මෙසේ බලා සිටිද්දී එතැනින් යන එන්නන් හිඟන්නාට කාසියක් දිය යුතු බව බල්ලාට වැටහුණි. මේ නිසා කාසියක් නොදී එතැනින් යන එන අයගේ පසුපස එළවන්නත්, ඔවුන්ගේ ඇඳුම් වල කෙළවරකින් ඇදගෙන යළිත් ගේට්ටුව අසල සිටින හිඟන්නා වෙත කැඳවාගෙන එන්නත්, ඔවුන් හිඟන්නාගේ පාත්තරයට යමක් දමන තුරුම ඔවුන්ව අත්නොහැර සිටින්නත් ඌ පුරුදු විය. 

මේ අවට ගැවසුණු අය අතර ඉතාමත් දඟකාර හැසිරීමකින් යුතු වූ කොලුවෙක් විය. වයසක හිඟන්නාට විසුළු නම් කියමින් ඔච්චම් කිරීමටත්, ඔහුගේ හිඟමන් පාත්තරයේ ඇති කාසි සොරකම් කිරීමට තැත් කිරීමටත් ඔහු කැමැත්තක් දැක්වීය. මෙය සිදු වූ විට අන්ධ මිනිසා අසරණව, සැරයටිය වනමින් කෑ ගැසුවා පමණි. මේ කොලුවා හැම බ්‍රහස්පතින්දා දිනයකම සති පොළේ ගේට්ටුව අසලට පැමිණියේ පිපිඤ්ඤා හෝ කෙසෙල් පිරවූ කූඩයක් හිස මත තබාගෙනය. සෑම බ්‍රහස්පතින්දා හවස් වරුවක්ම අන්ධ මිනිසාගේ ජීවිතය අර්බුදකාරී විය. මේ ආරුක්කු දොරකඩ නිතිපතා රැස් වූවන් අතර රෝද සහිත වේදිකාවක් මත සිට වෛවර්ණ එහෙත් මඳක් සැක සහිත සුවඳ විලවුන් විකිණූ වෙළෙන්දෙක්, ගෝනියක් මත බාල කතන්දර පොත් අතුරාගෙන විකිණූ මිනිසෙක් සහ සංකීර්ණව තැනූ රාමුවක පාට පීත්ත පටි විකිණූ අයෙක් විය. බ්‍රහස්පතින්දාවන්හිදී කොලුවා නැගෙනහිර දෙසින් ඇති ගේට්ටුවෙන් මතු වෙද්දී මෙයින් එක් අයෙක් "ඒයි අන්ධයෝ අන්න උඹේ වසංගතේ එනවා--" යැයි කීය.

"දෙවියනේ අද බ්‍රහස්පතින්දාද?" එය අසා අන්ධයා අඳෝනා තබන්නට විය. ඔහු දෑත වනමින් "බල්ලෝ, බල්ලෝ, කෝ උඹ?" යැයි කෑ ගසා, බල්ලාව තමන් වෙතට ගෙන්වා ගැනීමට ශබ්දයක් කළේය. ඉනික්බිති ඔහු බල්ලාගේ හිස අතගා මුමුණන්නට විය. "අර නොසන්ඩාලයාට ඉඩ දෙන්න එපා--" කියද්දීම කොලුවා විරිත්තමින් ඔහු ඉදිරියේ පෙනී සිටියේය.

"ආ අන්ධයෝ! තාම ඇස් පේන්නේ නැහැ වගේ බොරු කරනවා නේද? උඹ ඇත්තටම අන්ධ නම් උඹට මේක පේන්නත් බැහැ--" කියමින් ඔහු හිඟමන් පාත්තරය වෙත තම අත දිගු කළේය. මෙය දැක බල්ලා ඔහු වෙත පැන තම දත් අතරට කොලුවාගේ මැණික්කටුව මැදි කරගත්තේය. කොලුවා අපහසුවෙන් තම අත බේරාගෙන පැන දුවන්නට වූ විට බල්ලා ඔහු පසුපසින් දුවමින් ඔහුව සති පොළෙන් පිටතටම එළවා දැමුවේය.

"කොහොමද ඒ වල් බල්ලාගේ ලෙන්ගතුකම මේ නාකි මිනිහාට!" විලවුන් වෙළෙන්දා විශ්මය පළ කළේය.

එක් සන්ධ්‍යාවක අන්ධ මිනිසා කැඳවාගෙන යාමට නියමිත වේලාවට වයසක ගැහැණිය පැමිණියේ නැත. සන්ධ්‍යාව රාත්‍රිය බවට හැරෙද්දී කැළඹුණු සිතින් යුතුව අන්ධ මිනිසා ගේට්ටුව අසල බලා සිටියේය. ඔහු එලෙස බලා සිටිද්දී අසල්වැසියෙක් පැමිණ 'සාමි, ඒ නාකි ගෑනි එනකම් ඉන්න එපා, එයා ආයෙත් එන්නේ නැහැ. අද දවාලේ එයා මැරුණා--" යැයි කීය.

අන්ධ මිනිසාහට තමන්ට තිබූ එකම නිවහනත්, මෙලොව ඔහුව බලාගත් එකම පුද්ගලයාත් අහිමිව තිබිණි. "මෙන්න මේ පටිය ගන්න--" පීත්ත පටි වෙළෙන්දා ඔහු විකුණමින් සිටි දේ අතරින් ගත් සුදු පැහැති රැහැනක් දිගු කළේය. "මම මේක ඔහේට නිකම් දෙන්නම්. මේක ඔය බල්ලාගේ බෙල්ලේ ගැටගහගෙන ඌට ඔහේට මඟ පෙන්නන්න ඉඩ අරින්න. ඌ ඔහේට ලෙන්ගතු හැඩයිනේ."

මෙයින් පසු බල්ලාගේ ජීවිතය වෙනම මඟක් ගත්තේය. ඌට වයසක ගැහැනියගේ රාජකාරිය පැවරුණු අතර උගේ නිදහස සම්පූර්ණයෙන් අහිමි විය. පීත්ත පටි වෙළෙන්දා ප්‍රදානය කළ රැහැනේ දිගට උගේ ලෝකය සීමා විය. උගේ පැරණි රස්තියාදු ගැසීම් සහ ඌ ආගිය තැන් සහමුලින්ම අමතක කරන්නට සිදු වූ අතර ඒ වෙනුවට සදාකාලිකව ඒ රැහැනේ කෙළවර රැඳී සිටින්නට ඌට සිදුවිය. මිතුරු හෝ සතුරු වෙනත් බල්ලන් දුටු විට ඔහු ඉබේම රැහැන අදිමින් ඒ වෙත පනින්නට සැරසුණත්, ඒ වෙනුවෙන් නොවැරදීම තම හාම්පුතාගෙන් පා පහරක් ලැබුවේය.

"තක්කඩියා, මාවත් වට්ටවන්නද හදන්නේ-- සිහියක් නැද්ද උඹට?"

ටික දිනකින් තම නෛසර්ගික හැඟීම් සහ ආවේග පාලනය කරගැනීමට බල්ලා ඉගෙන ගත්තේය. අනෙත් බල්ලන් තමන් වෙත පැමිණ ගෙරෙව්වත් ඌ උන්ව ගණන් ගත්තේ නැත. තම සගයන් හා කෙරුණු සන්නිවේදනයන් සහ තම ගමන් බිමන් ඌට අහිමි විය. මේ අහිමි වීමෙන් වාසි ලැබුවේ බල්ලාගේ නව හාම්පුතාය. ඔහු මෙතෙක් කාලයකට නොගිය තරම් දුර ඇවිදිමින් සිටියේය. බල්ලා විසින් මඟ පෙන්වනු ලදුව ඔහු මුළු දවස පුරාම ඇවිදිමින් ගත කළේය. වයසක ගැහැනියගේ අභාවයෙන් පසු එක් අතකින් සැරයටියත්, අනෙත් අතින් බල්ලා බැඳි රැහැනත් ගෙන ඔහු මෙතෙක් කල් විසූ සති පොළ අසල වූ අම්බලමේ පදිංචියෙන් ඉවත් විය. උදෑසනම තම දවස ඇරඹූ ඔහුට, එක තැනක සිටිනවා වෙනුවට තැන තැන ඇවිදීමෙන් තම ආදායම තෙගුණ කරගත හැකි බව වැටහිණි. ඔහු අම්බලම තිබුණු පාර ඔස්සේ ගමන් කර මිනිසුන්ගේ කටහඬවල් ඇසුණු විට නැවතී, අත පා, සිඟමන් යදින්නට විය. කඩපිල්, පාසල්, රෝහල්, අවන්හල් -- ඔහු මේ කිසිවක් අත්හැරියේ නැත. නතර වීමට වුවමනා වූ විට ඔහු රැහැන මඳක් ඇද්ද අතර යළිත් පිටත්වන්නට වුවමනා වූ විට කරත්තකරුවෙක් මෙන් සැර පරුෂව බල්ලාට කෑ ගැසීය. බල්ලා විසින් අන්ධ මිනිසාව වළවල්වල වැටීමෙන් සහ පඩි හෝ ගල් හා ගැටීමෙන් ප්‍රවේසම් කරමින් අඟලෙන් අඟල පඩිපෙළවල් හෝ ආරක්ෂාකාරී ස්ථාන වෙත ගෙන යන ලදී. මෙය දකින මිනිසුන් ඔහුට කාසි දෙමින් උපකාර කරන්නට වූ අතර කුඩා දරුවන් රොක් වී ඔහුට කෑම ලබා දෙනු පෙනුණි. සාමාන්‍යයෙන් බල්ලෙක් යනු නිරතුරුව ක්‍රියාශීලීව ගත කරමින් වරින්වර නිශ්චිත විවේකයන් ගන්නා සතෙකි. එහෙත් දැන් මේ බල්ලාට (අන්ධ මිනිසා ඌව හැඳින්වූයේ 'කොටියා' ලෙසයි) තම විවේකය සම්පූර්ණයෙන් අහිමි වී තිබිණි. ඌට විවේකයක් ලැබුණේ වයසක මිනිහා කොහේ හෝ හිඳගත් විට පමණය. රාත්‍රියට මිනිසා නින්දට ගියේ බල්ලා බැඳි රැහැන තම අතැඟිල්ලක පටලවාගෙනය. "උඹත් එක්ක මට අවදානමක් ගන්න බැහැ--" ඔහු කීය.

තව තවත් වැඩියෙන් ආදායම් උපයන්නට ආසාවක් මහලු හිඟන්නාව වෙලාගෙන තිබුණු නිසා විවේක ගැනීම, ආදායම් ලබන අවස්ථාවක් අපතේ හැරීමක් ලෙස ඔහුට හැඟුණි. මේ නිසා බල්ලාටත් නිරතුරුව ඇවිදීමට සිදුවූ අතර ඇතැම් විට ඌ ඊට විරෝධය පෑවේය. එහෙත් ඌ මඳක් හෝ වේගය බාල කළහොත් උගේ හාම්පුතා සැරයටියෙන් ඌට අනිනු පෙනුණි. මේ වෙලාවට බල්ලා කෙඳිරිගාන්නට හෝ ගොරවන්නට වූවොත් "කෙඳිරිය නවත්තාගනින් තක්කඩියා, මම උඹට කන්න දෙන්නේ නැද්ද? උඹට ඕන කම්මැලිකමට වැතිරිලා ඉන්න නේද?' අසමින් අන්ධ මිනිසා සාප කළේය. කෘර අන්ධ පාලකයාගෙන් මිදෙනු නොහැකිව බල්ලා ඉතා සෙමෙන් අඩි තබමින් නිරතුරුව සතිපොළ වටා ඇවිද්දේය. සති පොළේ සෙනඟ අඩු වී බොහෝ වෙලාවක් ගත වන තුරු වෙහෙසට පත් බල්ලාගේ අඳෝනාව රාත්‍රිය කීතු කරමින් ඈතට ඇසෙන්නට විය. මාස කිහිපයක් ගත වෙද්දී බල්ලා වෙත මුල් කාලයේදී තිබුණු පෙනුම අතුරුදන් වී, දිස්නය වියැකුණු ලොම් අස්සෙන් ඇටකටු පෑදුනු උගේ සිරුර මතු වී පෙනුණි. 

පීත්ත පටි වෙළෙන්දාත්, පොත් විකුනන්නාත්, සුවඳ විලවුන් වෙළෙන්දාත් ගනුදෙනු අඩු හවස් වරුවක මේ ගැන සාකච්ජාවක් පැවැත්වූහ. "පව් අර අසරණ බල්ලාව වහලෙක් වගේ තියාගෙන ඉන්නවා දකිද්දී මගේ පපුව පැලෙන්න එනවා. අපිට මුකුත් කරන්න බැරිද මේ ගැන?" පීත්ත පටි වෙළෙන්දා විමසීය. "ඔය තක්කඩියා දැන් පොලියට සල්ලි දෙනවලු- මට කීවේ පළතුරු වෙළෙන්දා--ඌ දැන් ඌට වුවමනාවටත් වඩා හම්බ කරනවා. ඌ දැන් සල්ලි වෙනුවෙන් යකෙක් වෙලා--" මේ වෙලාවේ විලවුන් වෙළෙන්දාගේ ඇස ගැටුණේ පීත්ත පටි රාමුවෙන් එල්ලෙන කතුරයි. "ඔන්න ඕක මෙහෙ දෙන්න," කී ඔහු කතුරත් ගෙන එතැනින් ඉවත් විය.

අන්ධ මිනිසා නැගෙනහිර පෙදෙසේ ගේට්ටුව පසු කරමින් සිටියේය. බල්ලා රැහැන අදිමින් පසුවිය. මඟ අසල මස් කටුවක් වැටී තිබුණු අතර බල්ලා එය අහුලා ගැනීමට තැත් කරමින් සිටියේය. රැහැන ඇදී තම අත රිදුණු නිසා අන්ධ මිනිසා බල්ලාට පා පහරක් එල්ල කළ බැවින් ඌ බෙරිහන් දෙන්නට විය. එසේ වූවත් මස් කටුව අත් හැර යන්නට හිත හදාගනු නොහැකිව බල්ලා නැවත වරක් ඒ වෙත ඇදෙන්නට උත්සාහ කළේය. අන්ධ මිනිසා නොසරුප් වදනින් බල්ලාට බැන වදින්නට විය. මේ මොහොතේ එතැනට එළඹුණු විලවුන් වෙළෙන්දා තම අත වූ කතුරෙන් රැහැන කපා දැම්මේය. රැහැනේ කොටසක් අතේ එල්ලෙමින් තිබියදී අන්ධ මිනිසා එකවරම නතර විය. "කොටියෝ, කොටියෝ උඹ කොහෙද?" ඔහු කෑ ගසන්නට විය.

"හිතක් පපුවක් නැති පාහරයා, උඹට ආයෙත් ඌව අල්ලන්න වෙන්නේ නැහැ! ඌ දැන් නිදහස්!" විලවුන් වෙළෙන්දා තමාටම මුමුණා ගනිමින් යන්නට ගියේය. බල්ලා මහත් වේගයෙන් පැන දිව්වේය. ඌ මඩ වළවල් වෙත හොම්බ ඔබමින්, අනෙත් බල්ලන් වෙත වුවමනාවෙන්ම ගැටෙමින්, චතුරශ්‍රයේ වතුර මල වටා නොනවත්වා දුවන්නට විය. උගේ දෑස සතුටින් දිලිසෙමින් තිබුණු අතර ඌ නොකඩවාම බුරමින් සිටියේය. මස් කඩය, තේ කඩය, බේකරිය වැනි උගේ පැරණි තිප්පලවල් වෙත ගිය බල්ලා ඒවායේ රස්තියාදු වන්නට විය.

අන්ධ මිනිසා මඟ සොයාගන්නට වෙහෙසේද්දී පීත්ත පටි වෙළෙන්දාත් ඔහුගේ සගයන් දෙදෙනාත් මේ දර්ශනය මහත් සේ රස විඳින්නට විය. අන්ධයා උන් තැනම සිටගෙන, සැරයටිය වනමින් සිටියේය. තමන් අවකාශයේ එල්ලෙමින් ඇති බවක් ඔහුට දැනෙන්නට විය.

"මගේ බල්ලා කෝ? මගේ බල්ලා කෝ? අනේ කවුරුහරි මට මගේ බල්ලාව හොයලා දෙන්නකෝ! ඌ ආයෙත් අහුවුණොත් මම මරනවා ඕකාව!" ඔහු වටපිට අතපත ගාමින්, අසීරුවෙන් පාර මාරුවන්නට උත්සාහ කළ අතර කිහිප තැනකදී වාහන දුසිමකට පමණ යට වන්නට ගියේය.

"හොඳ වැඩේ ඕකා යට වුණොත්, හිතක් පපුවක් නැති තිරිසනා--" ඒ දෙස බලා උන් තිදෙනා කීහ. කෙසේ හෝ, කාගේ හෝ උදව්වෙන් වයසක මිනිසා නැවතත් අම්බලම වෙත පැමිණි අතර ඔහු තම ගෝනි පඩංගුව වෙත ඇද වැටුණේ ඒ ගමනේ පීඩාවෙන් අඩක් ක්ලාන්තව ය. 

මින්පසු දින දහයක්, පහළවක්, විස්සක් යන තුරු ඔහුවත්, බල්ලාවත් දක්නට සිටියේ නැත.

"බල්ලා නම් ලෝකේ වටේ රවුම් ගහ ගහා බොහොම සතුටින්, නිදහසින් ඇති, හිඟන්නා සමහරවිට නොඑන්නම යන්න ගිහින් ඇති--" ඔවුන් මෙසේ කියා අවසන් වන්නටත් පෙර අන්ධ මිනිසාගේ සැරයටිය බිම ගැටෙන හුරු පුරුදු හඬ ඇසෙන්නට විය. බල්ලා විසින් මඟ පෙන්වනු ලැබූ මිනිසා පදික වේදිකාව ඔස්සේ එමින් සිටියේය. .

"අර බලන්න!" ඔවුහු කෑ ගැසූහ. "අර මිනිහා බල්ලාව ආයෙත් අල්ලාගෙන ගැටගහගෙන--" පීත්ත පටි වෙළෙන්දාට ඉවසුම් නොමැතිව ඔහු අන්ධයා වෙත දිව ගියේය. "ඔහේ කොහේද මේ තරම් කල් හිටියේ?"

"උඹලා දන්නවද සිද්ධ වුණු දේ?" අන්ධ මිනිසා හඬ නඟා කීය. "මේ බල්ලා පැනලා ගියා. මම අර අම්බලමේ මුල්ලේ කෑමක්වත් නැතිව, සතයක්වත් උපයාගන්න විදිහක් නැතිව හිරවෙලා මැරිලා යන්න ඉඩ තිබුණා-- තව දවසක් වත් ගෙවුණා නම් මැරිලාම යන්න ඉඩ තිබුණා-- මූ ආයෙත් ආවේ නැත්නම්--"

"කවදාද? කවදාද?"

"ඊයේ රෑ. මම මහා රෑ නිදාගෙන ඉන්දැද්දී ඌ ඇවිත් මගේ මූන ලෙවකෑවා. මට ඌව මරන්න තරම් කේන්තියක් දැනුණා. හොඳට මතක හිටින්න පාරකුත් ගැහුවා." අන්ධ මිනිසා කීවේය. " ඒත් මම අන්තිමේදී ඌට සමාව දුන්නා, කොහොමත් ඌ බල්ලෙක්නේ! පාරේ තියෙන කුණු ටිකක් අවුස්සලා කන්න හොයාගන්න තාක් රස්තියාදු ගහ ගහා හිටියාට හරියකට බඩගිනි වෙද්දී ඌ ආයෙත් මාව හොයාගෙන ආවා. දැන් ආයෙත් ඌට මාව දාලා යන්න බැහැ, මේ බලන්න මම ගත්ත දේ--" එසේ කියා ඔහු තම අත තිබුණු යකඩ දම්වැල සෙලවූයේය. 

බල්ලාගේ දෑසේ යළි දක්නට තිබුණේ බලාපොරොත්තු සුන් වූ පෙනුමකි. "පලයන් මෝඩයා," අන්ධ මිනිසා කරත්තකරුවෙකු සේ සැර පරුෂව කෑ ගැසුවේය. ඉනික්බිති ඔහු දම්වැලෙන් ඇද, සැරයටියෙන් ඇන්න විට බල්ලා සෙමෙන් අඩි කිහිපයක් ගමන් කළේය. සැරයටියේ හඬ මැකී යන තෙක් ඔවුහු සවන් දුන්හ.

"ඔය බල්ලාට නිදහස ලැබෙන්නේ මරණයෙන් තමයි." පීත්ත පටි වෙළෙන්දා ඒ දෙස බලා සුසුමක් හෙලමින් කීවේය. "තමන්ගේ විනාසයට කැමැත්තෙන්ම එන සතෙක් ගැන අපි මොනවා කරන්නද?"


Nissanka Rajapaksa

unread,
Jan 9, 2026, 7:27:58 PMJan 9
to INDRAKA group
9
රාත්‍රී භෝජන සංග්‍රහය

Translation of the short story The Dinner Party by Mona Gardner

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

මෙය සිදුවන්නේ ඉන්දියාවේදී. බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ නිලධාරියෙක් සහ ඔහුගේ බිරිඳ උත්කර්ෂවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කරනවා. ඔවුන් ද ඔවුන්ගේ අමුත්තන් සමඟ කෑම මේසයට වාඩි වී සිටිනවා. මේ අමුත්තන් අතර විදේශ තානාපතිවරු සහ ඔවුන්ගේ බිරින්දෑවරු මෙන්ම සංචාරයකට ආ ඇමෙරිකානු ස්වභාව විද්‍යාඥයෙක් ද සිටිනවා. මොවුන් වාඩිවී සිටියේ කිරිගරුඬ පොළොවක් සහ සිවිලිම් රහිත උස් වහලක් ඇති, බරාඳයට ඇරෙන විශාල වීදුරු ජනෙල් ඇති හොඳින් ඉඩකඩ ඇති කෑම කාමරයක. 

තරුණ කෙල්ලක් සහ වියපත් හමුදා නිලධාරියෙක් අතර උණුසුම් සාකච්ඡාවක් පැන නගිනවා. ඈ කියන්නේ මේ වෙද්දී ගැහැණුන් මීයෙක් දුටු සැණින් පුටුවක් උඩට නඟින යුගය පසුකර ඇති බව. ඔහු කියන්නේ එය එසේ නොවන බව. 

"ඕනෑම අර්බුදයකදී ගැහැනියක් නොවරදවා දක්වන ප්‍රතිචාරය බෙරිහන් දෙන එක" හමුදා නිලධාරියා කියනවා. "පිරිමියෙකුටත් කෑගහන්න හිතෙන්න පුළුවන්, ඒත් ඔහුට ගැහැනියකට වඩා තමන්ව පාලනය කරගැනීමේ හැකියාව අවුන්සයක් හරි වැඩියෙන් තියෙනවා. ඒ අවුන්සය තමයි අන්තිමේදී වැදගත් වෙන්නේ"

ඇමෙරිකානුවා මේ සාකච්ඡාවට සම්බන්ධ නොවී අනෙත් අමුත්තන් දෙස විමසිල්ලෙන් බලනවා. ඔහු එසේ බලා හිඳිද්දී ගෙහිමි කාන්තාවගේ මුහුණේ අමුතු පෙනුමක් ඇතිවන අයුරු දකිනවා. ඇය සීරුවෙන් ඉදිරිය බලා සිටින අතර ඇගේ මාංශ පේශීන් සියුම් ලෙස වෙවුලුම් කනවා. සුළු ඉඟියකින් ඇය තමන්ගේ පුටුව පසුපසින් හිඳින වැඩකාර කොලුවා කැඳවා, ඔහුට යමක් රහසින් කියනවා. ඔහුගේ දෑස පුදුමයෙන් මහත් වන අතර ඔහු වහා වහා කාමරයෙන් පිටතට යනවා. 

මේ සිදුවීමවත්, කොලුවා බරාඳයේ විවෘත දොරවල් වලට එපිටින් කිරි බඳුනක් තබන අයුරු වත් ඇමෙරිකන්කරු හැර අමුත්තන් අතරින් වෙන කිසිවෙක් දකින්නේ නැහැ. 

ඔහු වහා පියවි සිහියට එළඹෙනවා. ඉන්දියාවේදී කිරි බඳුනක් තැබීමෙන් අදහස් වන්නේ එකම දෙයයි- ඒ නාගයෙක් ඇල්ලීමට ඇමක් හැටියට. කාමරයේ කොතැනක හෝ නාගයෙක් සිටිය යුතු බව ඔහුට තේරුම් යනවා. මීට සුදුසුම තැන වන වහලයේ පරාල දෙස ඔහු නෙත් යොමනවා, ඒත් එතැන කිසිවක් නැහැ. කාමරයේ අනෙත් තුන් කෙළවර ම හිස්, හතරවෙනි කෙළවරෙහි සිටින්නේ ඊළඟ කෑම බඳුන් ගෙන එන්නට බලා සිටින වැඩකරුවන් පමණයි. තව ඉතිරි එකම තැනයි - ඒ මේසය යට.

ඔහුට මුලින්ම ආවේගයක් දැනෙන්නේ මේසයෙන් පසුපසට පැන අනෙත් අයට අනතුරු ඇඟවීමට. ඒත් එසේ කළහොත් නාගයා ද කලබල වී කවරෙකුට හෝ දෂ්ඨ කළ හැකි බව ඔහු දන්නවා. ඔහු ඉක්මණින් කතාකරනවා, එසේ කතාකරද්දී ඔහුගේ කටහඬ කොයිතරම් ප්‍රබල ද කියනවා නම් හැමදෙනාම ඉක්මණින්ම සන්සුන් වෙනවා.

"මට දැනගන්න ඕන මේ මේසේ වාඩිවෙලා ඉන්න අයගේ ස්වයං පාලන මට්ටම හරියටම කොයිතරම් ද කියලා. මම තුන්සීයට ගණන් කරනවා- ඒ කියන්නේ විනාඩි පහක්- ඔය එක්කෙනෙක් වත් එක මාංශ පේශියක්වත් හොලවන්න බැහැ. හෙලවුණු කෙනා රුපියල් පනහක දඩයක් ගෙවන්න ඕන. ලෑස්තියි නේ?"

ඔහු ගණන් කරද්දී මේසය වටා උන් විසි දෙනා හිඳ සිටින්නේ ගල් පිළිම ලෙසයි. "දෙසිය අසූවයි.." කියද්දී මේසය යටින් මතු වූ නාගයා කිරි බඳුන වෙත ඇදී යන අයුරු ඔහු නෙත් කොණින් දකිනවා. ඔහු වහා වහා පැන බරාඳයට යන දොරවල් වසා දමද්දී කාමරය පුරා කෑ ගැසීම් හඬ දෝංකාර දෙනවා. 

"ඔබ කීව දේ හරියටම හරි කර්නල්!" ගෙහිමියා පුදුමයෙන් කෑගසනවා. "සම්පූර්ණ ස්වයං පාලනය ගැන උදාහරණයක් මේ දැන් අපිට පිරිමියෙක් පෙන්නුවා" 

"විනාඩියක් ඉන්න" කියමින් ඇමෙරිකන්කරුවා ගෙහිමි කාන්තාව වෙත හැරෙනවා. "වින්ස් මහත්මිය, කාමරය ඇතුලේ නයෙක් උන්නු බව ඔබ කොහොමද දැනගත්තේ?"

ඇය පිළිතුරු දෙද්දී ඇගේ මුහුණ සිහින් සිනාවකින් එළිය වෙනවා. "ඌ මගේ කකුල උඩින් ඇදිලා ගිය නිසා!"




Nissanka Rajapaksa

unread,
Jan 10, 2026, 5:55:59 PMJan 10
to INDRAKA group
10
ලේලිය 

Translation of the short story 'The Daughter in Law' by Julie Bosma

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

මැක්ඩොනල්ඩ් නෝනා තමන්ගේ අනාගත ලේලියගේ චරිතය ඒතරම් හොඳ නැති බව දැනගත්තේ ගෙදර දොර විවෘත කළ ගමන්ම යි.

ජෝන් හිටියේ ඇගේ කැහැටු උරහිස් උඩින් අතක් දවටාගෙන ඈ ව තුරුලු කරගෙන. ඇගේ කොණ්ඩේ නම් ඒකාන්තයෙන්ම පාට ගන්වලා තිබුණු නිසා යි රත්තරන් පාටට පෙනුණේ කියලා මැක්ඩොනල්ඩ් නෝනා ට හිතුණා. අවට හැමුව හීතල වෙලිංටන් හුළඟ ඒ කොණ්ඩේ විසිරුවලා ආයෙත් වතාවක් සායම් උලලා තිබුණු ඇගේ මූණේ අලවලා දැම්මේ බොහොම තදින්. කෙල්ල හිනාවුණා. 

"අම්මේ, මේ සෑම්" ජෝන් ඈ ව ඉස්සරහට තල්ලු කරමින් කීවා. 

"මුණගැහුණු එක ඇත්තටම සතුටක්" පිරිමි නමක් තිබුණු ඒ කෙල්ල ආයෙත් වතාවක් හිනාවෙලා කීවා. 

"ඇතුළට ආවොත් හොඳයි" මැක්ඩොනල්ඩ් මහත්මිය ආපහු හැරිලා ඒ දෙන්නාට ඉස්සරහින් සාලයට ගියා.

ඒ දෙන්නා ගිනි උදුන ළඟ නුහුරු විදිහට හිටගෙන ඉන්න අතරේ තමන්ගේ පිටිපස්සෙන් කෙල්ලගේ මෝඩ හිනාවක් ඇයට ඇහුණා. 

"වාඩිවෙන්න පැටියෝ" කියලා ජෝන් කෙල්ල ව හාන්සි පුටුවට තල්ලු කළා. ඊට අවුරුදු දොළහකට කළින් මැක්ඩොනල්ඩ් මහත්තයා මැරුණාට පස්සේ ඒ වෙනකම්ම කිසිකෙනෙක් ඒ පුටුවේ වාඩිවෙලා තිබුණේ නැහැ.

"අර පුටුව ඊට වඩා සැපපහසු වෙයි" හයිය මෙට්ට ඇති දුඹුරු පාට සැටි පුටුව පෙන්නලා මැක්ඩොනල්ඩ් නෝනා කීවාම කෙල්ල මූණ නරක් කරගෙන එතැනට ගිහින් වාඩිවුණා.

"එහෙනම් මේ තමයි ඔයාගේ යාලුවා?" අම්මා ඇහුවා. 

"අම්මේ අපි විවාහ ගිවිසගෙන ඉන්නේ, තව මාසෙකින් මඟුල ගන්නවා. අගෝස්තු අටවෙනිදාට දිනේත් දාගෙන තියෙන්නේ. ඇයි මම කළින් කීවේ?" ජෝන් කිසිම ගෞරවයක් නැතිව කියලා සුසුමක් හෙළුවා.

"රොන් යි මායි හිතුවා අම්මා කැමති වෙයි කියලා අපට මඟුල් ගෙදර සැලසුම් කරන්න උදවු වෙන්න " සෑම් කීවා. 

"රොන්? කවුද රොන්? මගේ පුතාගේ නම ජෝන්. එයාගේ නැතිවුණු තාත්තාගේ නමත් ඒකමයි" මැක්ඩොනල්ඩ් නෝනා කීවේ නොසතුටින්.

"ඒක පොඩි විහිළුවක්" කෙල්ල තමන්ගේ බාල කොණ්ඩය හදමින් ජෝන් දිහා බලමින් කීවා. 
"රොනල්ඩ් මැක්ඩොනල්ඩ් දන්නවාද? අර මැක්ඩොනල්ඩ් එකේ ඉන්නේ. ඒවගේ මම මෙයාට හැමතිස්සෙම කියන්නේ රොන් කියලා, විහිළුවට!"

"මට නම් එතැන කිසිම විහිළුවක් පේන්නේ නැහැ" මැක්ඩොනල්ඩ් නෝනා කිසිම අනුකම්පාවක් නැතිව කීවා. "ජෝන් ගේ තාත්තා දන්නවා නම් මිනී වලෙනුත් නැගිටලා ඒවි!"

අහල පහල පිළිවෙලකට තිබුණු හැම කඩ පේළියක්ම අලුතින් අත්පත්කරගත්ත අප්‍රසන්න මැක්ඩොනල්ඩ් කෑම කඩ මතක් වෙලා ඈ කිලිපොලා ගියා. ඒවායේ විකුණන්නට ඇති හැම්බර්ගර් සහ චිප්ස් වල අප්‍රසන්න ගඳ නිතරම මහා පාරටත් දැනෙන හැටි ඈට මතක් වුණා. දවසක් ඒ කඩයක ජනේලයකින් එබිලා බලද්දී ඒ කඩය පිරෙන්න යටිගිරියෙන් කෑගහන ළමයි හිටිය බව ඈ දැක්කා. ඒ ළමයි තමන්ගේ කෑම ලැබුණු ගමන්ම ඒවා බිමට වීසි කරලා ළඟ තිබුණු කැත පාට ගෑව අට්ටාල උඩට නඟින්න දුවලා ගියා. 

රොනල්ඩ් මැක්ඩොනල්ඩ් කියන්නේ කවුද කියලා මැක්ඩොනල්ඩ් නෝනා දැනගෙන හිටියේ නැති වුණත් ඈට ඒ ගැනත් හොඳ හැඟීමක් තිබුණේ නැහැ. ඈ ඇස් දෙක අඩවන් කරලා ආයෙත් වතාවක් කෙල්ල දිහා බැලුවා. 

"මේ මහා බාල, ජරා, අයාලේ යන එකියක්! මේකිට මගේ ජෝන් ව බඳින්න දෙන්න බැහැ! කොහොමවත්ම බැහැ!" ඈට හිතුණා.

"අම්මේ තේ එකක් බොමු ද?" සමන්තා ව තුරුළු කරගන්න ගමන් ජෝන් ඇහුවා. "මට වගේම සෑම්ටත් තේ කෝප්පයක් ඕනවෙලා ඇත්තේ දැන් නම්"

"අනේ ඔව් මටත් එකක්, මිසිස් එම්" හැතිරිය කීවා. 

මිසිස් එම්! හැබෑටම!

"ජෝන් මම ඔයා කැමතිම ජාතියේ කප්කේක් හැදුවා." සැටිය උඩ සිද්ද වෙන ආලවන්තකම් නොපෙනෙන්න ඊට උඩින් ඇති බිත්තිය දිහා බලාගත්වනම ජෝන්ගේ අම්මා කීවා. 

"නියමයි අම්මා! ඒත් අමතක කරන්න එපා, මට අයිසිං නොදාපු එකක්!" කියලා ජෝන් කියද්දී සමන්තා කිසි හේතුවක් නැතිව ආයෙත් වතාවක් ඇගේ මෝඩ හිනාව හිනාවුනා. 

"මම නම් හරි ආසයි අයිසිං දැම්ම ඒවාට" ඈ කීවා. "පාට පාට සීනි කුඩු දැම්ම ඒවාටත් ආසයි"

"මම නම් කැමති අරුමෝසම් නැතිව" ජෝන් කීවා. "ගෑනු ගැන මගේ කැමැත්ත නම් ඒකෙ අනිත් පැත්ත!"

මැක්ඩොනල්ඩ් නෝනා අකමැත්ත පෙන්නන්න වැරෙන් හුස්මක් පිඹලා කුස්සියට යන්න ගියා. එහෙම යද්දී තමන්ගේ රෝස පාට සෙරෙප්පු ඇතුලේ දෙපා බොහොම බර බවක් ඈට දැනුණා.

අඳුරු කුස්සිය එළිය කරන්න තරමට දිස්නය දෙමින් තිබුණු කප්කේක් ටික ඈට බොඳ වී පෙනුණා. ඈ ජෝන් වෙනුවෙන් හැදුව අයිසිං නොදැම්ම කප්කේක් එක ඇඟිල්ලකින් අල්ලලා පුළුවන් තරම් අනිත් ඒවායින් ඈතට කළා. කුස්සියේ බේසම යට අල්මාරිය තමන් අරින හැටි ඈ බලාගෙන හිටියේ රෝබෝ කෙනෙක් වගේ. මී පාසානම් අසුරණය ඇගේ අතට ආවේ ඉබේම. 

කප්කේක්වල රෝස පාට අයිසිං උඩින් ඈ ඒවා යාන්ත්‍රිකව විසිරවූවා. මී පාසානම් අසුරනයේ තිබුණු කැට වර්ගයත් අයිසිං වල දීප්තිමත් රෝස පාටම බව දකිද්දී ඈට පුදුමයක් දැනුණා. ඈ ඒවා යන්තමට තෙරපුවා. ඇගේ ඔලුවේ අමුතු සැහැල්ලුවක්, හිස් බවක් දැනෙන්නට වුණා. අයිසිං නැති කප්කේක් එකත් අනෙත් ඒවාට එක්කළ ඈ, ඒවා සාලයට රැගෙන ගියා. තැටිල්ල ගෙන යද්දී ඇගේ දෑත වෙවුලුවේ වත් නැහැ . 

"හැමෝටම කප්කේක් ගෙනාවා!" කියද්දී ඇගෙන් පිටවුණේ ඇගේ කටහඬ නෙමෙයි. "අපට අයිසිං දැම්ම ඒවා, ජෝන් ට මුකුත් නැති ඒවා"

"අපි බැන්දාට පස්සේ නම් මම කැමති දේවල් ඔයාටත් කන්න කියලා බල කරන්න මට සිද්ද වෙනවා" කෙල්ල කීවා. 

"බලාගෙන ඉන්නේ මොකටද? ඔයා වෙනුවෙන් මම දැන් උනත් ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි!" 
එහෙම කීව ජෝන් අයිසිං කළ කප්කේක් එකක් අතට අරගෙන පුළුවන් තරම් කට ඇරලා ඒක කටට දාගත්තා.




Nissanka Rajapaksa

unread,
Jan 11, 2026, 7:33:48 PMJan 11
to INDRAKA group
11
ගෙදර හැදුණු කොටියා

Translation of the Short Story ‘A Tiger in the House’ by Ruskin Bond

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක  

සිසිල සඟරාව - නොවැම්ර් 2024 කලාපය 

මගේ සීයාට තිමති නම් කොටි පැටියා හමු වී තිබුණේ දෙහ්රා ප්‍රදේශයට කිට්ටුවෙන් ඇති ටෙරායි කැලෑවට දඩයමේ ගිය අවස්ථාවකදී ය.

සීයා දඩයක්කාරයෙකු නොවුණත් ඒ අවට වනාන්තර සහ කඳු ප්‍රදේශ ගැන ඔහුට මනා අවබෝධයක් තිබුණු බැවින් දිල්ලියේ සිට පැමිණි ප්‍රභූ පිරිසකගේ මේ දඩයම් ගමනට සම්බන්ධ වන සේ ඔහුට ද ආරාධනා කර තිබිණි. ඔහුට පැවරුණු රාජකාරි නම් ඒ ප්‍රදේශයේ භු විෂමතා ගැන ඔවුන්ට උපදෙස් දීමත්, හදිසියේවත් ඔවුන්ට කොටියෙකු හමුවුවහොත් ඌ ව වෙඩික්කරුවන් වෙතට පැන්නීම සඳහා පත් කර සිටි කණ්ඩායමට මඟ කීමත් ය.

මේ දඩයම්කරුවන්ගේ කඳවුර පවා මහත් සුඛෝපභෝගී මට්ටමින් පැවතිණි. එහි විශාල කූඩාරම් හතක් (එක වෙඩික්කරුවෙකුට එක බැගින්), භෝජන කටයුතු සඳහා කූඩාරමක්, සහ සේවක කූඩාරම් කීපයක් විය. මේ දින කීපයේදී ඔවුන්ට ලැබුණු රාත්‍රී ආහාර වේල පවා ඉතා හොඳ මට්ටමේ පැවතුණු බව සීයා පසුව කීවේය. මහා වනය මැද කුඩාරමක උණු වතුරෙන් අත සේදීමට කෝප්ප, උණුසුම් කරන ලද පිඟන්, කොටස් හත අටකින් යුතු කෑම වේලක් සහිත භෝජන සංග්‍රහයක් නිතර දක්නට නොලැබෙන බව ඔහුගේ අදහස විය. නමුත් මෙවැනි ප්‍රභූවරුන් බලයේ සිටි කාලයේ දේවල් සිදු වූයේ එලෙසිනි. මීට අමතරව මේ දඩයම් කණ්ඩායමේ අලි ඇතුන් පහලවක් ද විය. මින් අලි හතර දෙනෙකු මත ප්‍රභූන් වෙනුවෙන් ආසන පනවා තිබුණු අතර සෙසු සතුන් පුහුණු කර තිබුණේ ගොදුර දඩයම් කණ්ඩායම වෙතට පලවා හැරීමටයි.

මේ වතාවේදී කණ්ඩායමට කොටියෙකු දකින්නටවත්, වෙනත් කිසි සතෙකු දඩයම් කිරීමටවත් අවස්ථාවක් ලැබුණේ නැත. නමුත් ඔවුහු මුව රංචුවක්, මොණරුන් සහ වල් ඌරන් දුටුවහ. ඔවුන් කොටියෙකු දැකීමේ අදහස අත්හැර නරින්ට වෙඩි තබන්නට පටන් ගත් විට මගේ සීයා ඒ කණ්ඩායමෙන් මඳක් ඉවත් ව කැලය මැඳින් වැටුණු අඩි පාරක් ඔස්සේ ඉන් තරමක් ඔබ්බට ඇවිද ගොස් ඇත. මෙසේ යද්දී ඔහු නුග ගසක මුල් අතර සැඟවී සිටි අඩි එකහමාරක පමණ කුඩා කොටි පැටවෙක් දුටුවේය. සීයා ඌ ව තමන් ළඟ තබාගෙන හිඳ ඊට පසුදා දඩයම් කඳවුර අවසන් වූ පසු ඌ ව ගෙදර ගෙන ආවේය. ඒ දඩයම් කණ්ඩායමෙන් කිසිවෙකුට කිසිම සතෙකු මරා ගැනීමට හෝ මෙසේ පණ පිටින් අල්ලා ගැනීමට හෝ නොහැකි වූ අතර මෙවැනි වික්‍රමයක් කර තිබුණේ සීයා පමණි.

ඒ කුඩා කොටි පැටවාට තිමති යන නම දුන්නේ මගේ අත්තම්මා ය. මුලදී ඌ තනිකරම දැඩි වූයේ අපගේ කෝකියා වන මහමුද් ඌට දුන් කිරි වලිනි. නමුත් නොබෝ දිනකින් ඌට ඒ කිරි දිරවන්නට අපහසු බවක් පෙනුණු බැවින් උගේ කෑම වේල අමු එළු මස් සහ මෝර තෙල් වලට මාරු විය. තවත් කල් ගත වෙද්දී ඌට ලැබුණු පරෙවි සහ හා මස් ගැන ඌ වඩාත් කැමැත්තක් පෙන්වීය.

තිමති ට සගයන් දෙදෙනෙකු විය. ටොටෝ නම් වඳුරා කුඩා කොටි පැටවාගේ වලිගය ඇද ඌ ට සරදම් කිරීමට තරම් නිර්භීත වූ අතර තිමති ඉන් කුපිත වූ විට ටොටෝ ජනෙල් රෙදි දිගේ නැග සැඟවිණි. මීට අමතරව සීයා පාරෙන් සොයාගත් කුඩා බලු පැටවෙකු ද මේ සමාගමට අයත් විය.

මුලදී තිමති බලු පැටවාට බෙහෙවින් බිය වූ අතර ඌ ළඟට එද්දී තිමති විසුළු සහගත ලෙස ඌ ට තම විශාල පා වනා ඈතට දුව ගොස් සැඟවිණි. එහෙත් ටික කලක් යද්දී උන් දෙදෙනා බෙහෙවින් මිතුරු වූ අතර බලු පැටවාට තම පිට උඩ නිදා ගැනීමටද කොටි පැටවා ඉඩ දුන්නේ ය.

තමන් සමඟ සෙල්ලම් කිරීමට සුදානම් ඕනෑම කෙනෙකු වෙත කුරුමානම් ඇල්ලීම තිමති ගේ ප්‍රියතම විනෝද ක්‍රීඩාවක් විය. එකල මම සීයාගේ ගෙදර නතර වන්නට ආ විට මේ ක්‍රියාව සඳහා මා කොටියාගේ ප්රියතමයෙකු විය. එවන් අවස්ථාවලදී ඌ තම දිලිසෙන දෑසේ කපටි බැල්මකින් යුතුව, පහත් වී බඩගාගෙන මෙන් ක්‍රම ක්‍රමයෙන් මා අසලට විත්, මගේ දෙපා වෙත පැන, උඩුකුරු ව වැතිරී මහත් ප්‍රීතියෙන් පා ගසමින් මගේ වළලුකර සපන බවක් පෙන්වයි.

මේ වෙද්දී තිමති හොඳින් වැඩුණු බල්ලෙකුගේ තරම විය. මා ඌ ව ඇවිදින්නට රැගෙන යද්දී ගමේ මිනිස්සු අප ව මඟ හැර යාමට උත්සුක වූහ. මෙවැනි ගමන් වලදී තිමති දම්වැල අදිද්දී මට ඌව පාලනය කර ගැනීම පහසු වූයේ නැත. නිවසේ උගේ ප්‍රියතම තැන විසිත්ත කාමරය වූ අතර, එහි වූ දිග සෝපාවේ මහත් තේජසින් යුතුව වැතිර හිඳිමින්, තමන් ව එතැනින් එළවීමට තැත් කරන අයට ගොරවමින් කාලය ගෙවන්නට ඌ ප්‍රිය කළේ ය.

තිමති ට ඉතා පිරිසිදු ගති පැවතුම් තිබිණි. ඌ බළලෙකු මෙන් තම ඉදිරි ගාත් වලින් මුහුණ සේදුවේය. රාත්‍රියේදී කෝකියාගේ කාමරයේ නිදා ගත් ඌ හැම උදෑසනකම ඉන් පිටතට යවන මොහොත එනතුරු බලා සිටියේ ප්‍රීතිමත් නොඉවසිල්ලකිනි.

“ඔහොම යද්දී දවසක උදේ බලද්දී තිමති මහමුද් ගේ ඇඳ උඩ ඉඳීවි. මහමුද් ගේ ඇඳුම්, සපත්තු විසිරිලා තියේවි, ඒත් මහමුද් නම් දකින්න නැතිවෙයි!” අත්තම්මා අනාවැකි පවසන ස්වරයෙන් නිතර කීවාය. එහෙත් ඇත්තටම නම් එවැන්නක් සිදු වූයේ නැත. තිමති ට සය මසක් පමණ වයසේදී ඌ තුළ යම් වෙනසක් දක්නට වූ අතර ඌ එන්න එන්නම මිත්‍රශීලී බවින් අඩු විය. මා ඌ ව ඇවිදින්නට ගෙන යද්දී දිවගොස් කාගේ හෝ සුරතල් පෙකිනීස් බල්ලෙකුට හෝ බළලෙකුට කුරුමානම් අල්ලන්නට උත්සාහ කිරීම් වැඩි වනු පෙනිණි. ඇතැම් රාත්‍රී කාලවලදී අපට කුකුළු කූඩුව වෙතින් බියපත් කෑගැසීම් ඇසුණු අතර ඊට පසු දිනයේ බරාඳය පුරාවට කුකුල් පිහාටු විසිරී තිබිණි. මේ හැම දෙයක්ම නිසා තිමති ව නිරතුරුව ගැට ගසා තැබීමට සිදුවිය. අන්තිමේදී ඌ මරණීය අදහසකින් යුතුව මහමුද් වෙත කුරුමානම් පාන බවක් පෙනෙන්නට වූ විට තිමති ව සත්වෝද්‍යානයකට මාරු කිරීමට කාලය එළැඹ ඇති බව සීයා තීරණය කළේ ය.

කිට්ටුම සත්වෝද්‍යානය තිබුණේ සැතපුම් දෙසීයක් එපිටින් ලක්නව් ප්‍රදේශයේ ය. සීයා තිමති ට සහ තමන්ට දුම්රියේ පළමු පන්තියේ මැදිරියක් වෙන් කරවා ගත්තේ ඔවුන් යන දුම්රිය මැදිරියක යාමට වෙන කිසිවෙකු අකමැති වූ බැවිනි. මෙලෙස තිමති ව ලක්නව් වෙත රැගෙන යනු ලැබුණු අතර සත්වෝද්‍යාන පාලකයෝ ද හොඳින් කෑම ලබා වැඩුණු, සෑහෙන තරමේ හොඳ හැසිරීමක් ඇති කොටියෙකු තෑගි ලබන්නට සතුටු වූහ.

මීට මාස හයකට පමණ පසු අත්තම්මාත් සීයාත් ලක්නව් වෙත නෑදෑ ගමනක් ගොස් තිබිණි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සීයා එහි සත්වෝද්‍යානයට ගොස් තිමති ගේ සැප දුක් විමසන්නට තීරණය කළේ ය. මේ ගමනට මා එක් වූයේ නැතත් ඔවුන් ආපිට දෙහ්රා වෙත පැමිණි පසු මට ඒ ගැන සියලුම විස්තර ආරංචි විය.

සත්වෝද්‍යානයට ගිය පසු සීයා කෙලින්ම තිමති රැඳවූ කූඩුව වෙත ගොස් ඇත. මේ වෙද්දී වැඩිහිටි තරමට වැඩී, අලංකාර ඉරි සලකුණු සහිතව සිටි තිමති , එදින සිට ඇත්තේ තම කූඩුවේ කෙළවරක ගුලි වී හිඳිමිනි. .

“හලෝ තිමති !” කී සීයා, කූඩුව වටා වූ යකඩ වැට පහසුවෙන් තරණය කර කූඩුව වෙත ගොස් එහි කූරු අතරින් දෑත දමා ඇත. කොටියා තමන් වෙත පැමිණි විට සීයා උගේ හිස දෑතින්ම බදාගෙන අතගාන්නට පටන්ගෙන තිබේ. හිස අත ගාමින්, දෙකන් කිතිකවමින් ඉන්නා විටදී කොටියා ගොරවන්නට උත්සාහ කළ විට සීයා උගේ මුවට අතුල් පහරක් දී ඇත්තේ පෙර පුරුදු ලෙසිණි.

නොබෝ වෙලාවකින් තිමති සීයාගේ දෑත ලෙවකන්නට පටන්ගෙන ඇතත් යාබද කූඩුවේ සිටි ව්‍යාඝ්‍රයා වරින් වර කූඩු දෙක අතර මායිමට පනින්නට වූ බැවින් ඒ හැම වාරයකම ඌ බිය වී සීයා වෙතින් ඉවත් වී තිබේ. සීයා මේ ව්‍යාඝ්‍රයාට තරවටු කර එලවා දැමූ විට තිමති නැවතත් ඔහු වෙත පැමිණයත් ව්‍යඝ්‍රයාගේ බාධා කිරීම වරින් වර සිදු වූ බැවින් තිමති වැඩි වෙලාවක් ගත කර ඇත්තේ තම කූඩුවේ කෙළවරක බියෙන් ඇකිලෙමිනි.

මේ වෙද්දී මිනිසෙකුගේ සහ කොටියෙකුගේ මේ සොඳුරු මුණගැසීම දකින්නට නරඹන්නන් කිහිප දෙනෙකු රැස් වී තිබිණි. සෙනඟ අතරින් මතු වූ සත්වෝද්‍යාන සේවකයෙකු සීයා වෙත පැමිණ ඔහු කුමක් කරන්නේදැයි විමසා ඇත.

“මම මේ තිමති එක්ක කතා කරනවා,” සීයා කියා ඇත. “මම මෙයාව මීට මාස හයකට කළින් මෙතැනට භාර දෙද්දී තමුන් හිටියේ නැද්ද?”

“මම මෙහෙ වැඩට ඇවිත් ඒ තරම් කල් නැහැ,” පුදුමයට පත් වූ සේවකයාගේ පිළිතුර විය. “කරුණාකරලා ඔය දෙන්නා දිගටම කතාකරන්න. මට නම් ඌව කවදාවත් අල්ලන්න බැරි වුණා, ඌ හැමදාම හරි කේන්තියෙන් ඉන්නේ.”

“මෙයාව වෙන තැනකට නොදාන්නේ ඇයි?”සීයා අසා ඇත. “මේ එහා පැත්තෙ ඉන්න ව්‍යාඝ්‍රයා මෙයාව නිතරම බය කරනවා. මම ගිහින් සුපරින්ටෙන්ඩන්ට් හම්බවෙලා කතා කරන්නම්.”

මෙසේ පවසා සත්වෝද්‍යානයේ සුපරින්ටෙන්ඩන්ට් සොයා ගිය සීයාට ආරංචි වී ඇත්තේ ඔහු එදා වේලාසනින් පිටව ගොස් ඇති බවයි. එබැවින් සත්වෝද්‍යානය තුළ ටික වෙලාවක් ඇවිදිමින් ගත කළ සීයා නැවතත් තිමති ගේ කූඩුව වෙත ගොස් ඇත්තේ උගෙන් සමුගැනීමට යි. ඒ වෙද්දී ඇඳිරි වැටෙමින් තිබිණ.

නැවත වරක් කූඩුවේ කූරු අතරින් තිමති ව අත ගාමින්, ඌ ගොරවද්දී අතුල් පහර දෙමින් විනාඩි පහක් පමණ ගත කරද්දී තවත් සත්වෝද්‍යාන සේවකයෙකු බියෙන් මෙන් තමන් දෙස බලා සිටින බව සීයා දැක තිබේ. මොහු මීට සය මසකට පෙර තමන් තිමති ව එහි භාර දීමට පැමිණි විට සිටි සේවකයන්ගෙන් කෙනෙකු බව සීයා හඳුනාගෙන ඇත.

“ඔහෙට නම් මාව මතක ඇති,” සීයා කීවේය. “තිමති ව මේ මෝඩ ව්‍යාඝ්‍රයා ගෙන් වෙන් කරලා වෙන කූඩුවකට මාරු කරන්නේ නැත්තේ ඇයි?”

“ඒත් - සර්-” සේවකයා ගොත ගසන්නට විය. “මේ සර්ගේ කොටියා නෙමෙයි.”

“හරි හරි මම දන්නවා,” සීයා නොරිස්සුමෙන් කීවේය. “මම දන්නවා දැන් මූ මගේ නෙමෙයි කියලා. ඒත් අඩු ගානේ මගේ යෝජනාවට කන් දෙන්න ඔහෙලාට පුළුවන් නේ.”

“මට සර් ගේ කොටියාව හොඳට මතකයි,” එවිට සේවකයා කීවේය. “ඌ මීට මාස දෙකකට කළින් මළා.”

“මැරුණා!”

“ඔව් සර්, නිවුමෝනියාව හැදිලා මළේ. මේ ඉන්න කොටියා අර කඳුකර පැත්තෙන් අල්ලාගෙන ආවේ ගිය මාසේ, ඌ හරිම භයානක සතෙක් සර්!”

මෙය අසා සීයා නිරුත්තර විය. මේ වෙද්දීත් කූඩුවේ වූ කොටියා වැඩෙන උනන්දුවකින් ඔහුගේ අත ලෙවකමින් පසුවී ඇත. සීයා ඉතාමත් සෙමින් ඒ වෙතින් තම අත මුදාගෙන පිටතට ගෙන ඇත. කූඩුව තුළ වූ කොටියාගේ මුව සමීපයට එහි කූරු වලට මෙපිටින් තම මුහුණ ලං කළ සීයා, ‘සුබ රාත්‍රියක් තිමති ’ යැයි කියා, සේවකයා වෙත රවා බලා, ඉක්මන් ගමණින් සත්වෝද්‍යානයෙන් පිටවී ගොස් තිබේ.




Nissanka Rajapaksa

unread,
Jan 12, 2026, 7:19:23 PMJan 12
to INDRAKA group
12

හෘද­ය­සා­ක්ෂිය


බොබී ජී. බොතේජු

එදින මා රැස්වී­මට සහ­භාගි වීමට යන විට අඩ පැයක් පමණ ප්‍රමාද විය. ඒ වන විටත් එක්ද­හස් පන්සි­ය­යක පමණ පිරි­සක් රැස්වීම් ශාලාවේ අසුන් ගෙන සිටි­යහ. තවත් සම­හ­රෙක් දොර­ටුව ඉදි­රි­පිට පොදි­ගැසී සිටි­යහ. මම ඔවුන් අත­රින් රිංගා ගොස්, අව­සාන අසුන් පේළියේ වූ එකම හිස් අසුනේ වාඩි ගතිමි.

ඒ වන විටත් වාග් සංග්‍රා­ම­යක් ඇවි­ළෙ­මින් පැව­තිණ. එක් පසෙක මාගේ මිත්‍ර­යකු වූ සිරි­දාස නමැති විශ්‍රා­මික කාර්මික නිල­ධා­රියා මහ හඬින් යමක් කීවේය. අනෙක් පසෙහි සිටියේ දේශ­පා­ලන අනු­ග්‍ර­හ­ය­කින් විවිධ සේවා සමු­ප­කාර සමි­ති­යක අධ්‍යක්ෂ මණ්ඩ­ල­යට පත් වූ ධර්ම­දාස නමැ­ත්තෙකි. වාග් සංග්‍රා­මය කුමක් අර­බයා සිදු වන්නේ­දැයි මට වැට­හී­මක් නොවීය. ඒ, මා ප්‍රමාද වී පැමි­ණීම නිසාය.

සිරි­දාස නමැති විශ්‍රා­මික කාර්මික නිල­ධා­රියා ධර්ම­දාස නමැත්තා දෙසට අත දිගු කර­මින් ‘හොරා! පට්ට හොරා!’ යනු­වෙන් මහ හඬින් කෑගැ­සු­වේය. ඒ වචන ඉල්ලා අස් කර­ගන්නා ලෙස මුල­සු­නෙන් ඉල්ලී­මක් කෙරිණ. එහෙත් සිරි­දාස ඊට අව­නත වූ බවක් පෙනෙන්නට නොවීය. ඔහු නැවත නැව­තත් කියා සිටියේ හොර­කුට හොරෙක් යනු­වෙන් ඇම­තී­මට හැකි­යාව ඇති බවයි. ඉදිරි නීති කට­යු­ත්ත­කට ප්‍රයෝ­ජන ගැනීම සඳහා තමාගේ ප්‍රකා­ශය වාර්තා­ගත කරන තබන ලෙසද සිරි­දාස බල කර සිටි­යේය.

තමා පොලී­සි­යට ගොස් පැමි­ණිලි කරන බවට ධර්ම­දා­ස­ගෙන් තර්ජ­න­යක් එල්ල විය. එසේ කරන ලෙසත්, ඊට තමා මුහු­ණ­දී­මට සූදා­නම් බවත් සිරි­දාස ප්‍රකාශ කළේය. රැස්වීමේ කට­යුතු ඉදි­රි­යට කර­ගෙන යෑම අසීරු වූ බැවින් මූලා­ස­නය ඉවත්ව ගියේය. රැස්වීමේ කට­යුතු අත­ර­මඟ නතර විය.

දින දෙක­කට පමණ පසු සිරි­දාස නම් වූ මගේ මිත්‍රයා උප­කා­ර­යක් පත­මින් මා හමු වීමට පැමි­ණි­යේය. සිරි­දාස අමුතු ගති පැව­තුම් ඇති, කිසි විටක පසු නොබ­සින පුද්ග­ල­යකු බව දැන සිටි මම ඔහුට මගෙන් අවශ්‍ය උප­කා­රය කුම­ක්දැයි විම­සීමි.

ධර්ම­දාස නමැ­ත්තාට අප­හාස කිරීම පිළි­බඳ තමාට විරු­ද්ධව පොලී­සි­යට පැමි­ණි­ල්ලක් කර ඇති බවත්, ඒ සඳහා පැවැ­ත්වෙන පරී­ක්ෂ­ණ­යට පැමි­ණෙන ලෙස තමාට දැනුම් දුන් බවත් ඔහු පැව­සීය. ඔහුගේ ඉල්ලීම අමු­තුම එකක් විය හැකි­යැයි සිතු මම ඔහුට අවශ්‍ය කුමන ආකා­රයේ උප­කා­ර­ය­ක්දැයි විමසා සිටි­යෙමි.

තමා ප්‍රසිද්ධ රැස්වී­මේදී ධර්ම­දාස මහ­තාට අප­හාස වන ලෙස ‘හොරා’ යනු­වෙන් පැව­සීම සත්‍ය­යක් බවට සාක්ෂි දෙන මෙන් ඔහු මගෙන් ඉල්ලා සිටි­යේය. සාමා­න්‍ය­යෙන් විය යුත්තේ ඔහු එවැනි ප්‍රකා­ශ­යක් නොකළ බවට සාක්ෂි දීම බැවින්, මෙහි අර්ථය කුම­ක්දැයි මම විම­සීමි. එය ගණ­න­කට නොගත් ඔහු තමාගේ ඉල්ලීම ඉටු කිරී­මට අකැ­මැ­ති­දැයි මගෙන් විම­සු­වේය. රැස්වී­මේදී වූ සිද්ධිය සත්‍ය බවට සාක්ෂි දීම ගැට­ලු­වක් නොවූ බැවින් මම ඊට එක­ඟ­ත්වය පළ කළෙමි.

පසු දින උදෑ­සන මා හමු­වට පැමිණි ඔහු තමා සමඟ පොලිස් ස්ථාන­යට යෑමට පැමි­ණෙන මෙන් මගෙන් ඉල්ලා සිටි­යේය. අප ඒ ස්ථාන­යට යන විටත් පැමි­ණි­ලි­කාර ධර්ම­දාස මහතා සාක්ෂි­ක­රු­වන් තිහක් පමණ පිරි­ව­රා­ගෙනෙ පැමිණ සිටි­යේය.

පොලිස් ස්ථානා­ධි­ප­ති­ව­රයා පැමිණ විභා­ගය ආරම්භ කළේය. පැමි­ණිලි පක්ෂය වෙනු­වෙන් සාක්ෂි­ක­රු­වන් දහ දෙනකු පමණ පොලිස් ස්ථානය තුළට පැමිණි අතර, ඉතිරි පිරිස ඉන් පිට­තට වී බලා සිටි­යහ. වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වය වෙනු­වෙන් සිරි­දාස සහ ඔහුගේ සාක්ෂි­කරු වශ­යෙන් මම පෙනී සිටි­යෙමි. පැමි­ණිල්ල කියවූ පොලිස් නිල­ධා­රියා තමා එවැනි ප්‍රකා­ශ­යක් කළේ­දැයි සිරි­දා­ස­ගෙන් විමසා සිටි­යේය. එවිට සිරි­දා­ස­ගෙන් ලැබුණේ කිසි­වකු අපේක්ෂා නොකළ අන්දමේ පිළි­තු­රකි:

“ඔව්. මම පැමි­ණි­ලි­ක­රුට ප්‍රසි­ද්ධියේ හොරා යැයි කිවුවා.”

“එහෙම කියන්න බැහැ නෙ…”

“බැරි නැහැ. හොරෙ­කුට හොරෙක් කියල කියන්න පුළු­වන්.”

“එහෙම නම් ඔහු හොරෙක් බවට සාක්ෂි ඉදි­රි­පත් කරන්න,” පොලිස් නිල­ධා­රියා නියම කර සිටි­යේය.

“මම මගේ සාක්ෂි ඉදි­රි­පත් කරන්නෙ අධි­ක­ර­ණ­යට. කරු­ණා­කර මා අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන්න,” සිරි­දාස ඉල්ලා සිටි­යේය.

“ඒ ගැන ඔබගෙ උප­දෙස් අපට අවශ්‍ය නැහැ. මේක සිවිල් ආර­වු­ලක්. ඒ නිසා ඔබ අත්අ­ඩං­ගු­වට ගැනී­මට හෝ මේ කාර­ණය වෙනු­වෙන් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මට අපට හැකි­යා­වක් නැහැ. පැමි­ණි­ලි­කා­ර­යාට අවශ්‍ය නම් සිවිල් නඩු­වක් පැව­රිය හැකියි.”

“එහෙම නම් එසේ කරන ලෙස පැමි­ණි­ලි­ක­රුට කියන්න.”

වග­උ­ත්ත­ර­කරු තමාගේ ප්‍රකා­ශයේ වග­කීම භාර ගත් බැවින් පැමි­ණිල්ලේ හෝ විත්තියේ සාක්ෂි සට­හන් කර­ගැ­නී­මක් අවශ්‍ය නොවීය. පොලිස් නිල­ධා­රියා පැමි­ණි­ලි­කරු දෙස බැලු­වේය. පැමි­ණි­ලි­කරු මහත් අස­රණ තත්ව­යට පත්ව ඇති බව ඔහුගේ මුහු­ණින් පළ විය. එහෙත් තමා පිරි­ව­රා­ගෙන පැමිණි පිරිස ඉදි­රියේ පසු­බැ­සී­මට ඔහුට හැකි­යා­වක් නැත. ඒ නිසා වග­උ­ත්තර­ක­රුට එරෙ­හිව සිවිල් නඩු­වක් පැව­රී­මට පැමි­ණි­ලි­කරු කැමැත්ත පළ කළේය. ඒ පිළි­බඳ පොලිස් පොතේ සට­හ­නක් තබා, විභා­ගය අව­සන් කිරී­මට කට­යුතු කරන බවට පොලිස් නිල­ධා­රියා දැනුම් දුන්නේය.

වග­උ­ත්ත­ර­කරු තමාට අප­හාස කිරී­මට එරෙ­හිව සිවිල් අධි­ක­ර­ණයේ නඩු­වක් පව­රන බවට එකඟ වෙමින් ප්‍රකා­ශ­යක් දුන් ඔහු ඒ ප්‍රකා­ශ­යට අත්සන් කළේය. ඒ විග­සින්ම නැඟී සිටි වග­උ­ත්ත­ර­කාර සිරි­දාස මේ පිළි­බඳ තමාට ප්‍රකා­ශ­යක් කිරී­මට ඇති බවත්, එය සට­හන් කර­ගන්නා ලෙසත් ඉල්ලා සිටි­යේය.

පැමි­ණි­ලි­කරු තමාට එරෙ­හිව තෙම­සක් තුළ සිවිල් නඩු­වන් නොපැ­ව­රුව හොත්: ඔහු තමා අමා­රුවේ දැමීම සඳහා පොලී­සි­යට ව්‍යාජ පැමි­ණි­ල්ලක් කළ බවට තමා නඩු­වක් පව­රන බව පවසා, ඒ ප්‍රකා­ශ­යට සිය අත්සන තැබු­වේය.

අන­තු­රුව අපි පොලිස් ස්ථාන­යෙන් පිට­තට පැමි­ණි­යෙමු.

පොලිස් ස්ථානයේ සිට මඳ දුරක් ගිය පසු මම සිරි­දා­ස­ගෙන් මෙලෙස විම­සු­වෙමි:

“උඹ ළඟ සාක්ෂි තියෙ­න­වද?

“නැහැ. කිසිම සාක්ෂි­යක් නැහැ. ඒත් මට දැන­ගන්න ලැබිල තියෙ­නවා මුදල් වංචා­වක් සම්බන්ධ නඩු­වක ඔහු වැර­දි­ක­රු­වකු වූ බවත්, ඔහුට දඩ සහ අත්හි­ටුවූ සිර­ද­ඬු­වම් නියම කර ඇති බවත්. ඒත් කිසිම ලේඛ­න­යක් මා ළඟ නැහැ. මම අහපු තොර­තු­රක් විත­රයි.”

“හරි­ය­ටම සාක්ෂි නොදැන පොලී­සි­යෙදි වරද භාර ගැනීම බර­ප­තළ දෙයක් නොවේද?”

එවිට ඔහු සැහැල්ලු ලෙස සිනා සුණේය; අන­තු­රුව කතා කළේය:

“මට දැන් වයස අවු­රුදු අසූ­දෙ­කයි. පැමි­ණි­ලි­ක­රුත් මගෙ වය­සෙ­මයි, පොඩ්ඩක් එහෙ-මෙහෙ වුණත්.”

“ඉතින්?”

“නඩු පැව­රී­මට කලින් ඔහු නීති­ඥ­යකු මාර්ග­යෙන් එන්ත­ර­වා­සි­යක් එවන්න එපැයි දින දහ­හ­ත­රක් කල් දීල. මම එන්ත­ර­වා­සියෙ චෝදනා ප්‍රති­ක්ෂේප කරන බව දැනුම් දෙනවා. කිසිම හේතු­වක් දෙන්නෙ නැහැ. එහෙම නැත් නම් එන්ත­ර­වා­සිය ගණ­න­කට නොගෙන ඉන්නවා.”

“එත­කොට නඩු වැටෙයි නෙ?”

“ඒක තමයි මටත් අවශ්‍ය. උසා­වියෙ පැමි­ණිල්ල ගොනු කරන්න පැමි­ණි­ලි­ක­රුට සෑහෙන්න වෙහෙස වෙන්න සිද්ධ වෙනවා; ඊට අම­ත­රව සැල­කිය යුතු මුද­ලක් වැය කර­න්නත් සිද්ධ වෙනවා. පැමි­ණිල්ල දාපු ගමන් එක­පා­ර­ටම නඩු අහන්නෙ නැහැ නෙ. නීති­ඥ­යන් අතර තව ලිපි ගනු­දෙනු අටෝ­රා­සි­යත් හුව­මාරු වෙනව නෙ. මට මගෙ මිත්‍ර නීතිඥ මහ­ත්ම­යා­ගෙන් නොමි­ල­යේම උප­කාර ලැබෙ­නවා. ඒත් පැමි­ණි­ලි­ක­රුට නීතිඥ ගාස්තුයි, ලිය­කි­ය­වි­ලි­ව­ලට යන විය­ද­මුයි දරන්න සිද්ධ වේවි. ඒ විත­රක්ද? ඒ වෙනු­වෙන් සිදු වන රස්ති­යා­දුව?”

“ඊට පස්සෙ?”

“විත්ති වාචි­කයෙ විත්ති පක්ෂයෙ සාක්ෂි ලැයි­ස්තු­වට පැමි­ණි­ලි­කරු වංචා කළැයි කියන මට අහන්න ලැබිල තියෙන ආය­ත­නයෙ නියෝ­ජි­ත­ය­කුත් ඇතු­ළත් කර­නවා. ඒක දැක්කාම පැමි­ණි­ලි­කා­රයා පොලී­සි­යෙදි කළා වගෙ පැමි­ණිල්ල ඉල්ලා අස් කර­ගන්න උත්සාහ කළොත් ඒකට අව­සර දෙන්න මම ගාස්තු­වක් ඉල්ල­නවා.”

“ඉතින් ඊට පස්සෙ…?”

“නඩුව විභා­ග­යට ගන්න මුල් දවසෙ මම ඉදි­රි­පත් වෙනවා. මම නිවැ­ර­දි­කරු බව කිය­නවා. එවිට නඩුව විභාග කරන්න මාස හය­කට පස්සෙ විතර දින­යක් නියම කරාවි නෙ. ඒ දිනය වෙන කොටත් මම ජීවත් වෙලා හිටි­යොත් පැමි­ණී­මට නොහැකි බව දන්වා නීති­ඥ­යකු මාර්ග­යෙන් වෛද්‍ය සහ­ති­ක­යක් ඉදි­රි­පත් කර­නවා. එත­කොට තවත් හය මාස­ය­කට විතර නඩුව කල් යනව නෙ.”

“මේ හැම වාරෙ­ටම ඔහුට නීතිඥ ගාස්තු ගෙව­න්නත්, රස්ති­යාදු වෙන්නත් සිද්ධ වෙනව නෙ.”

“ඒ වෙන කොටත් මම ජීවත් වෙලා හිටි­යොත්, ඒ වගෙම පැමි­ණි­ලි­කරු ජීවත් වෙලා හිටි­යොත්, මගෙ නීති­ඥ­යාගේ කාර්ය­බ­හු­ල­ත්වය නිසා දීර්ඝ දින­යක් දෙන ලෙස ඉල්ල­නවා. සම­හර විට ඒ දින වෙන කොට මම ජීව­තුන් අතර නොඉ­න්නත් පුළු­වන්; සම­හර විට අපි දෙන්නම ජීව­තුන් අතර නැති වෙන්නත් පුළු­වන්. කාලය ප්‍රශ්නය විස­ඳාවි. කොහොම වුණත් මගෙ ප්‍රකා­ශය සමි­තියෙ විත­රක් නෙවෙයි; උසා­වි­යෙත් වාර්තා­ගත වෙලා තියේවි.”

මෙසේ කිය­මින් ඔහු මහ හඬින් සිනා සුණේය.

* * * * * * * * *

මේ සිද්ධි­යෙන් දෙදි­න­කට පමණ පසු මට කිසි­යම් අව­ශ්‍ය­තා­ව­කට නග­ර­යට යෑමට සිදු විය. ඒ අව­ස්ථාවේ නග­ර­යට පැමිණ සිටි සිරි­දාස මට මුණ­ගැ­සිණ. අපි ඉදි­රි­යට ගියෙමු. සිරි­දා­සට විරුද්ධ පැමි­ණිල්ල විභාග කළ පොලිස් නිල­ධා­රියා මාර්ගයේ වාහන හසු­රු­වන පොලිස් නිල­ධා­රි­යාගේ කට­යුතු නිරී­ක්ෂ­ණය කර­මින් පාර අයිනේ සිට­ගෙන සිටි­යේය. අප දුටු විගස ඔහු තමා අස­ලට පැමි­ණෙන ලෙස අපට සංඥා කළේය.

අපි ඔහු අස­ලට ගියෙමු.

“ඔහෙට විරු­ද්ධව පැමි­ණිල්ල කරපු තැනැත්තා පොලිස් පැමි­ණිල්ල ඉල්ලා අස් කර­ගත්ත නෙ… මම හිතන්නෙ එයා දැන­ගන්න ඇති ඔහේ ළඟ ප්‍රබල සාක්ෂි තියෙ­න­වයි කියල,” පොලිස් නිල­ධා­රියා කීවේය.

“මගෙ ළඟ කිසිම සාක්ෂි­යක් නෑ. ඒත් එයා සැක කර­නවා මා ළඟ සාක්ෂි ඇතැයි කියලා. ඒත් සාක්ෂි තියෙන්නෙ පැමි­ණි­ලි­කා­රයා ළඟ­මයි. ඒ තමයි ඔහුගේ හෘද­ය­සා­ක්‍ෂිය.”

https://www.silumina.lk/2026/01/10/%e0%b7%81%e0%b7%8f%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%93%e0%b6%ba-%e0%b7%83%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e0%b6%bb%e0%b7%84%e0%b6%ba/54888/%e0%b7%84%e0%b7%98%e0%b6%af%e0%b6%ba%e0%b7%83%e0%b7%8f%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b7%92%e0%b6%ba/?fbclid=IwY2xjawPRkM9leHRuA2FlbQIxMQBzcnRjBmFwcF9pZAwzNTA2ODU1MzE3MjgAAR6hnyU2NZrDePU0-sdvlxONPzwZrNJ5_eu7SAYKxuGeBX7Jp5TKEJTxJsi1hw_aem_HeXcArGuyw-lDGlFIDp8wg




Nissanka Rajapaksa

unread,
Jan 13, 2026, 7:30:11 PMJan 13
to INDRAKA group
13
ගිනිකූරු විකිණූ දැරිය

Translation of the short story ‘The Little Match-Seller’ by Hans Christian Anderson

පරිවර්තනය- හෙල්මලී ගුණතිලක 

සිසිල සඟරාව - ජනවාරි 2025 කලාපය 

වසරේ අවසාන දිනය වූ එදින, හිම වැටෙන, බෙහෙවින් සීතල දිනයක් විය. රාත්‍රිය එළඹෙමින් තිබිණි. මේ වෙලාවේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටි දුගී දැරිය හිස් වැස්මක් වත් පාවහන් වත් රහිතව සිටින බවක් පෙනුණි. ඇය නිවසින් නික්මෙද්දී අගේ දෙපයේ සෙරෙප්පු යුගලක් තිබුණු බව සත්‍යය වූවත් ඒවායින් ඇති පල කුමක්ද? ඒ ඇගේ මව පාවිච්චි කළ සෙරෙප්පු නිසා ඒවා ඇගේ දෙපයට විශාල විය. වේගයෙන් ගමන් කළ අශ්ව රිය දෙකක ගැටීමෙන් බේරීමට ඈ දිව යද්දී ඒවා ඇගේ දෙපයින් ගිලිහී ගොස් තිබිණි. 

ඉන් එක් සෙරෙප්පුවක් සොයාගන්නටවත් නොමැති වූ අතර අනෙක හිඟන කොලුවෙකු විසින් ඩැහැගෙන යන ලදී. තමන්ට දරුවෙකු ඇති කලක ඒ සෙරෙප්පුව තොටිල්ලක් ලෙස පාවිච්චි කිරීම ඔහුගේ අදහස විය. අන්තිමේදී කුඩා දැරිය ඇගේ නිරුවත් කුඩා දෙපයින්ම ගමන් කළ අතර ඒ දෙපය සීතලෙන් නිල්- රතු වී තිබිණි. ඈ පරණ ඒප්‍රනයක සාක්කුවේ ගිනිකූරු මිටි කීපයක් බහාගෙන සිටි අතර තව එක් මිටියක් ඇගේ අතේ විය. ඒ දවස පුරාවටම කිසි කෙනෙකු ඇගෙන් එක් ගිනිකූරු මිටියක් වත් මිළට ගෙන තිබුණේ නැත. ඇයට කිසිවෙකු වත් සතයක් හෝ දී තිබුණේ නැත. 

කුසගින්නෙන් සහ සීතලෙන් පීඩිතව වෙව්ලමින් ඈ හෙමි හෙමින් ඉදිරියට ගියා ය. ඇගෙන් දිස් වූයේ ශෝකයේ ප්‍රතිමූර්තියකි. 

ඇගේ ගෙල දෙපස වූ අලංකාර, රන්වන්, කැරළි කෙස් ඇදහැලෙන හිම කැටි වලින් වැසෙන්නට වූවත් ඇයට ඒ ගැන වගක් තිබුණේ නැත. වටපිට ගොඩනැගිලි වල කවුළු අතරින් ඉටිපන්දම් එළි දිලිසෙමින් දිස් විය. රොස්ට් කළ පාත්ත මස් සුවඳ දසත විහිදිණි. එය නව වසර උදාවට පෙර දවස බව ඇයට සිහි විය. 

නිවෙස් දෙකක් අතර මුල්ලක බිම හිඳගත් ඈ සීතලෙන් මුවා වීමට උත්සාහ කළාය. තම කුඩා දෙපය තමන්ගේ සිරුර වෙතට ලං කරගත් නමුත් ඈට වැඩි වැඩියෙන් සීතල දැනෙන්නට විය. ඒ දවසේ කිසිම වෙළඳාමක් නොකර, කිසි ආදායමක් උපයා නොතිබුණු බැවින් ඈ ආපිට තම නිවසට යාමට සිතුවේ නැත. එසේ ගියහොත් නිසැක ව ම ඇගේ පියා ඇයට පහර දෙන බව ඈ දැන සිටියාය. අනෙත් අතට තම නිවසද මෙතරම්ම සීතල විය. එහි හිසට ඉහළින් පියසක් තිබුණද, එහි විශාල හිඩැස් පිදුරු සහ රෙදි කැබලි ආදියෙන් වසා තිබුණද ඒ අතරින් සුළඟ උරුවම් බාමින් හමා ගියේය. 

මේ වෙද්දී ඇගේ කුඩා දෑත සීතලට සම්පූර්ණයෙන් මෙන් හිරි වැටී තිබිණි. අහෝ! එක ගිනිකූරක් කොයිතරම් සහනයක් ගෙනෙනු ඇතිද! ගිනිකූරු මිටියෙන් එකම එක ගිනිකූරක් පිටතට ගෙන එය බිත්තියේ ගාවා දල්වා තම ඇඟිලි ඉන් උණුසුම් කරන්නට ඇත්නම්! මෙසේ සිතූ ඈ ඉන් එකක් පිටතට ගත්තාය. “රිෂ්!” එය ඇවිලුණු හැටි, ගිනිගත් හැටි! ඉන් නික්මුණේ ඉටිපන්දමක වැනි ආලෝකයකි. ඈ අත්ලෙන් ඒ එළිය මුවා කරද්දී ඈට දැනුණේ එය අපූරු දිලිසුමක් බවයි. පිත්තල පාද සහ කැටයම් සහිත විශාල වානේ උදුනක් ඉදිරිපස තමන් වාඩිවී සිටින බවක් ඇයට දැනුණි. ඒ ගින්න දැවුණේ මහත් උද්යෝගයෙනි, ඉන් ලැබුණු උණුහුම සතුට ගෙන එන්නක් විය. කුඩා දැරිය උණුසුම ලැබීමට තම දෙපා ද දිගු කළා ය- නමුත් හදිසියේම ඒ කුඩා ගිනි දැල්ල නිවී ගිය අතර ඒ සමඟම උදුන ද අතුරුදන් විය. ඇගේ අතේ ඉතිරිව තිබුනේ දැවුණු ගිනිකූර පමණි. 

ඈ දෙවෙනි ගිනි කූරත් දැල්වූවාය. එය දැවෙද්දී විහිදුණු දීප්තිමත් ආලෝකය අසල බිත්තිය මතට වැටී එය වේල් පටක් සේ දුහුල් වූයේ ඇයට ඒ නිවසේ ඇතුළත පෙනෙන ලෙසයි. කෑම මේසය මත හිම මෙන් සුදෝ සුදු මේස රෙද්දක් අතුරා තිබුණු අතර ඒ මත වටිනා පිඟන් කට්ටලයක් දක්නට විය. එක් පලංගානක ඇපල් සහ වියළි ප්ලම් පුරවා රොස්ට් කළ පාත්තයෙකු දුම් දමමින් තිබිණි. නමුත් වඩාත්ම පුදුම සහගත කාරණාව නම් ඒ පාත්තයා හදිසියේම මේසයෙන් බිමට පැනීමයි. ඌ පපුවේ ඇනුණු හැන්දකුත් ගෑරුප්පුවකුත් සහිතව ඒ මේ අත වැනෙමින් කුඩා දැරිය අසලටම එද්දී - හදිසියේම දෙවෙනි ගිනිකූරත් නිවුණි. ඉනික්බිති එතැන ඉතිරි වූයේ ගනකම්, තෙත, සීතල බිත්තිය පමණි. ඈ තවත් ගිනිකූරක් අතට ගත්තාය. දැන් ඇය සිටියේ විසිතුරු ලෙස සරසන ලද නත්තල් ගසක් යටයි. එය ඇය පෙර වේලාවක ධනවත් වෙළෙන්දාගේ නිවසේ වීදුරු දොරවල් තුළින් දුටු නත්තල් ගසටත් වඩා විශාල විය. 

නත්තල් ගසේ කොළ පැහැති අතු ඉති අතරින් විදුලි බුබුළු දහස් ගණනක් දැල්වෙමින් තිබිණි. ඒ අතර ඈ සාප්පු කවුළු වල දැක ඇති අන්දමේ විසිතුරු ලෙස පාට දිලුණු සිතුවම් වූ අතර ඒවා ඈ දෙස බලා සිටිනවා මෙන් පෙනුණි. ඒ විසිතුරු අල්ලන්නට දැරිය අත දිගු කළ සැණින් ඒ ගිනිකූරත් නිවී ගියේ ය. නත්තල් ගසේ විදුලි එළි ටිකෙන් ටික ඉහලට එසවෙනු ඈ දුටුවාය. නොබෝ වේලාවකින් ඒවා දෙව්ලොව තරු ලෙසින් පෙනෙන්නට වී හදිසියේම ඉන් එකක් පොළොවට කඩා වැටී එහි දිගු ගින්දර සලකුණක් ඉතිරි කළේය. 

“කවුරු හරි මැරිලා!” දැරිය කීවාය. ඇයට ආදරය කළ එකම පුද්ගලයා වන ඇයගේ මියගිය අත්තම්මා ඈ ට කියා තිබුණේ තරුවක් කඩා වැටුණු විට කිසිවකුගේ ආත්මයක් පොළොවෙන් නික්මී දෙවියන් වෙත යන බවයි.

ඇය තවත් ගිනිකූරක් දැල්වූවා ය. යළිත් වතාවක් ආලෝකය පැතිරෙද්දී ඒ මැද සිටියේ ඇගේ අත්තම්මා යි. දිදුලමින්, බැබලෙමින් සිටි ඇයගේ මුහුණේ තිබුණේ ආදරබර පෙනුමකි.

“අත්තම්මා!” දැරිය කෑ ගැසුවාය. “අනේ මාව ඔයා එක්ක එක්කගෙන යන්න. ගිනිකූරු නිවෙද්දී හැම දේම අතුරුදන් වෙනවා, උණුසුම් උදුන, රසම රස රෝස්ට් කළ මස්, ලස්සන නත්තල් ගහ, මේ හැම දෙයක්ම!” මෙසේ කියා ඈ ගිනිකූරු මිටියක්ම බිත්තියේ අතුල්ලා දැල්වූවාය. ඈට වුවමනා වූයේ ඇගේ අත්තම්මා ව තමන් සමීපයේ තබා ගැනීමටයි. ගිනිකූරු දැල්වෙද්දී විසිරුණු ආලෝකය මධ්‍යහ්නටත් වඩා දීප්තිමත් විය. ඇයට අත්තම්මා මෙතරම් අලංකාරව, මේතර උස් ව කවදාවත් පෙනී නැත. අත්තම්මා කුඩා දැරියගේ අතින් අල්ලාගත් පසු දෙදෙනාම දිලිසෙන ආලෝකය වෙතට සතුටින් පියාඹා ගියෝය. ඔවුන් ගිය පෙදෙසේ සීතලවත්, කුසගින්න වත්, සිත් තැවුල් වත් තිබුණේ නැත. ඔවුන් සිටියේ දෙවියන් සමඟයි. 

පසු දිනට එළිවන සීතල හෝරාවේදී වීදිය අයිනේ නිවසක බිත්තියට වාරු වී දැරිය හිඳ සිටියා ය. ඇගේ දෙකොපුල් රෝස පැහැයෙන් දිලිසුණු අතර මුවේ මඳ සිනාවක් විය. ගෙවී ගිය වසරේ අවසන් රාත්‍රියේ ඈ අධික සීතල නිසා මියැදී සිටියාය. දරදඬු ව සිටි ඇයගේ අතේ තිබුණු ගිනිකූරු මිටි අතුරින් එකක් පමණක් පිලිස්සී අවසන් ව තිබිණි. “ඇයට උණුහුම් වෙන්න වුවමනා වෙන්න ඇති,” එය දුටු මිනිස්සු කීහ. ඈ දුටු විසිතුරු සුන්දර දේ ගැන කිසිවෙකු හීනෙන් වත් අනුමාන කළේ නැත. නව වසර උදා වෙද්දී කුඩා දැරිය තම අත්තම්මා සමඟ පිවිසුණු ඒ උත්කර්ෂවත් පෙදෙස ගැන කිසිවෙකුට ඉඟියක් වත් ලැබී තිබුණේ නැත. 





Nissanka Rajapaksa

unread,
Jan 14, 2026, 9:35:30 PMJan 14
to INDRAKA group
14
මරන්න ගෙන ගිය බැටළුවා

Translation of the short story Lamb to the Slaughter by Roald Dah

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

උණුසුම්ව, පිරිසිදුව තිබුණු කාමරයේ ජනෙල් තිර වසා තිබිණි. ඇගේ පුටුව අසලත් ඊට ඉදිරියෙන් තිබුණු හිස් පුටුව අසලත් මේස ලාම්පු දල්වා තිබිණි. ඈ පසුපස තිබූ මේසය මත උස වීදුරු දෙකක සෝඩා වතුරත්, විස්කිත් විය. තර්මොස් බඳුනක් අලුත් අයිස් කැටවලින් පුරවා තිබිණි 

මේරි මැලෝනි ඇගේ සැමියා රැකියාවෙන් පසු ගෙදර එනතුරු බලාගෙන සිටියා ය. 

ඇය වරින්වර ඔරලෝසුව දෙස නෙත් යොමු කළේ කලබලයකින් නොවේ. ඈ එසේ කළේ ගතවෙන හැම විනාඩියක් පාසාම ඔහු එන වෙලාව ළඟා වන බව මතක් කරමින් සතුටු වන්නට ය. ඈ වටා පැතිරුණේ මඳහසක ස්වරූපය යි. ඈ කළ හැම දේකම මුදු බව දැවටී තිබිණි. මැහුම වෙත ඇගේ හිස නැමී තිබුණේ නොවූ විරූ නිසල බවකිනි. මේ ඇගේ ගැබිණි බවේ හය වෙනි මාසය නිසා ඇගේ හමේ විනිවිද පෙනෙන ගතියක් තිබුණි. ඇගේ වත පුරා අමුතු සිලිටි බවක් පැතිරී තිබුණු අතර, දෑස අලුත් සෞම්‍ය ගතියකින් පෙරට වඩා විශාලව දිස් විය. ඔරලෝසුවේ වෙලාව පහට දහයක් ලෙස සටහන් වෙද්දී ඈ වඩාත් හොඳින් සවන් දෙන්නට විය.  ඉන් සුළු මොහොතකට පසු, හරියටම වේලාවට, එළියේ රථයක් නවත්වන හඬත්, එහි දොරක් වැසෙන හඬත්, කවුළුව අසලින් පිය ගැටෙන හඬත්, දොරේ යතුර කරකැවෙන හඬත් ඇසිණි. ඇය මැහුම පසෙකින් තබා නැගිට ඉදිරියට ගියේ ඔහු එද්දීම හාදුවක් දීමට ය. 

“හෙලෝ ඩාලිං” ඈ කීවා ය.
“හෙලෝ ඩාලිං” ඔහු පිළිතුරු දුන්නේ ය. 

ඇය ඔහුගේ කබාය ගෙන එය අල්මාරියේ රැඳවූවා ය. ඉනික්බිති බීම තබා තිබුණු තැනට ගොස් ඔහුට සැර බවින් වැඩි බීම වඩියක් ද, තමන්ට සැර අඩු වීදුරුවක් ද ගෙනැවිත් නැවත මහමින් සිටි ඇඟලුම අතට ගෙන හිඳගත්තා ය. ඔහු ඇයට ඉදිරියෙන් ඇති අසුනේ හිඳ, දෑතින්ම උස වීදුරුව කලතමින් සිටියේ එහි වූ අයිස් කැට ගැටී සිහින් හඬක්  නැංවෙන ලෙසිණි.  

ඇයට නම් මේ දවසේ තෘප්තිකර ම වේලාව යි. පළමු විස්කි වීදුරුව අවසන් වන තුරු ඔහු නිහඬව සිටීමට ප්‍රිය කරන බව ඇය දැන සිටියා ය. දවස පුරාම නිවසේ තනිව ගත කළ දිගු හෝරාවන්ට පසු එළැඹෙන මේ වේලාවේ ඈ ද නිහඬව ඔහුගේ සමාගම විඳින්නට කැමැත්තෙන් සිටියා ය. ඔහු ඇසුරේ දැනෙන සුවය උපරිමයෙන් විඳිමින් ඔහු හා තනි වූ විට ඔහුගෙන් නික්මුණු පිරිමි රශ්මියේ ඈ කිමිදුණේ හිරු රැස් නාන අයෙක් මෙනි. ඔහු දොරකින් ඇතුල් වන ආකාරයට, කාමරයක් හරහා දිගු අඩි තබමින් ඇවිදින ආකාරයට, සැහැල්ලුවෙන් අසුනක හිඳ සිටින ආකාරයට ඈ ආදරය කළා ය. ඔහු ඈ දෙස බලද්දී ඔහුගේ දෑසේ දිස් වූ තියුණු, කල්පනා භරිත පෙනුමටත්, ඔහුගේ මුවේ හැඩයටත් ඈ ප්‍රිය කළා ය. ඒ හැමටත් වඩා ඔහු විස්කි වීදුරුවේ බලයෙන් තමන්ගේ මහන්සිය අඩු වෙන තෙක් ඒ තෙහෙට්ටුව ගැන කිසිවක් නොකීම ගැනත් ඇයට මහත් ආදරයක් දැනුණි. 

“මහන්සි ද ඩාලිං?”

“ඔව්” ඔහු කීය. “හරි මහන්සියි” එසේ කියූ ඔහු හදිසියේම වෙනදාට නොකරන දෙයක් කළේ ය. ඒ, වීදුරුව ඔසවා එහි ඉතිරි ව තිබුණු විස්කි වඩිය එක හුස්මට මුවට හලා ගැනීම ය . ඇය ඔහු දෙස එක එල්ලේ බලා සිටියේ නැතත් වීදුරුවේ අඩකට වඩා විස්කි තිබුණු බව අයිස් කැට හිස් වීදුරුවේ ගැටෙන හඬින් ඇයට වැටහිණි. පුටුවේ ඉදිරිපසට නැමී මොහොතක් නිසොල්මන් ව උන් ඔහු, නැගිට තවත් විස්කි වීදුරුවක් වත්කර ගැනීම පිණිස සෙමෙන් ඇවිද ගියේ ය. 

“මං අරන් දෙන්නම්!” ඇය හඬ නගා කීවේ පුටුවෙන් වහා වහා නැගිටමිනි.  

“වාඩිවෙන්න” ඔහු කීය. 

ඔහු නැවත පැමිණි විට ඔහුගේ අලුත් බීම වඩියේ විස්කි සාන්ද්‍රණය වැඩි කම නිසා එය තද පැහැති බව ඇයට පෙනිණි. 

“ඩාලිං, ඔයාගේ සෙරෙප්පු දෙක ගෙනත් දෙන්නද?”

“එපා”

ඔහු අඳුරු පැහැ බීම වීදුරුව තොලගාන අයුරු ඈ බලා සිටියා ය. එහි සැර බව නිසාම තෙල් ගතියෙන් යුතු රැළි නැගෙනු ඇයට පෙනිණි. 

“ඔයා තරම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් දවස තිස්සෙම හිටගෙන ඉන්න වෙන එක හරි අසාධාරණයක් කියලායි මට නම් හිතෙන්නේ” ඈ කීවා ය. 

ඔහු කිසිවක් කීවේ නැති නිසා ඇය යළිත් ඇගේ අතේ වූ මැහුම වෙත නෙත යොමු කළා ය. ඔහු වීදුරුව තොලගාන හැම වරකම එහි අයිස් කැට ගැටෙන හඬ ඇයට පැහැදිලි ව ඇසිනි. 

“ඩාලිං මම ඔයාට චීස් ටිකක් ගේන්නද? අද බ්‍රහස්පතින්දා නිසා මම රෑට කෑම හැදුවේ නැහැ.”

“එපා” ඔහු කීය.

“ඔයාට කෑමට එළියට යන්න මහන්සි වැඩි නම් තාම උයන්න පරක්කු වැඩි නැහැ” ඇය දිගටම කියාගෙන ගියා ය. “ෆ්‍රීසර් එකේ ඕනෑතරම් මස් ජාති තියෙනවා. ඔයාට ඔය පුටුවෙන් නැගිටින්නේවත් නැතිවම කෑම කන්න පුළුවන්”
ඔහුගෙන් පිළිතුරක්, සිනහවක්, කුමක් හෝ සන් කිරීමක් ලැබේදැයි ඇගේ දෑස බලාපොරොත්තුවෙන් විය. 

“කොයිකටත් මම ඔයාට මුලින්ම චීස් ටිකක් එක්ක ක්‍රැකර්ස් ටිකක් ගේන්නම්” ඇය යළිත් කීවා ය. 

“මට ඕන නැහැ” ඔහු කීය.

ඔහු දෙස අයාගත් විශාල දෙනෙතින් යුතුව ඇය නොසන්සුන් ව පුටුවේ හිඳ සිටියා ය. 

“ඒත් ඔයා මොනවා හරි කන්න ඕන නේ! මම ලෑස්ති කරන්නම්, එතකොට ඔයාට ඕන නම් කන්න පුළුවන්, අකමැති නම් නොකා ඉන්න පුළුවන්” 

ඇය පුටුවෙන් නැගිට මැහුම මේස ලාම්පුව අසලින් තැබුවා ය. 

“වාඩිවෙන්න” ඔහු කීවේය. “විනාඩියකට වාඩිවෙන්න”

ඇයට බියක් දැනෙන්නට වූයේ එවිට ය. 

“ඉතින් වාඩිවෙන්න” ඔහු නැවතත් කීය.

ඇය හෙමින් සීරුවේ පුටුවට පහත් වූයේ කැළඹුණු විශාල දෑස ඔහු දෙස යොමාගත් ගමන්ම ය. ඔහු දෙවෙනි බීම වඩිය අවසන් කර හිස් වීදුරුව තුළට ඔරවාගෙන සිටියේ ය. 

“මේ අහන්න” ඔහු කීය. “මට ඔයාට කියන්න දෙයක් තියෙනවා”

“ඇයි ඩාලිං? මොකක් හරි ප්‍රශ්නයක් ද?”

මේ වෙද්දී ඔහු සම්පූර්ණයෙන්ම නිසොල්මන් ව සිටියේ ය. ඔහු හිස නවා සිටියේ ලාම්පුවේ ආලෝකය මුහුණෙන් කොටසකට වැටී මුව අඳුරේ තිබෙන ලෙස ය. ඔහුගේ වම් ඇස අසල නහරයක් ගැහෙන බව ඇයට පෙනිණි. 

“ඔයාට මේක ටිකක් කම්පනයක් වෙයි” ඔහු කීය. “ඒත් මම සෑහෙන්න කල්පනා කරලා තීරණය කළා ඒක ඔයාට කෙළින්ම කියන එකයි කරන්න ඕන කියලා. ඔයා මට වැඩිය දොස් කියන එකක් නැහැ කියලා මං හිතනවා”

ඉනික්බිති ඔහු ඇයට කීවේ ය. ඒ සඳහා උපරිමයෙන් විනාඩි තුන හතරක් මිස ඊට වැඩි වේලාවක් ගත වූයේ නැත. ඇය බොහෝ සෙයින් නිශ්චලව ඒ සියල්ල අසා සිටියේ කැලඹීමක් මුසු වූ ත්‍රාසයකිනි. ඔහුගේ මුවින් ගිලිහෙන වචනයක් පාසා ඔහු ඇයගෙන් දුරස් වෙමින් සිටියේ ය. 

“ඉතින් ඒක තමයි විස්තරය” ඔහු අවසන් වශයෙන් කී ය. “මං දන්නවා මේ ඔයාට මේක කියන්න හොඳ වෙලාවක් නෙමෙයි කියලා, ඒත් වෙන ගැලපෙන වෙලාවක් එන එකක් නැහැ. මම කොහොමත් ඔයාට සල්ලි දෙන්නම්, ඔයාගේ වැඩ කටයුතු ගැන බලන්නම්. ඒත් ඔයා ප්‍රශ්න ඇති කරන්නේ නැතිවෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙම වුනොත් මගේ රස්සාවට හොඳ නැහැ” 

ඇයට මුලින්ම සිතුණේ ඒ කිසිවක් විශ්වාස නොකර ප්‍රතික්ෂේප කරන්නට ය. සමහරවිට ඔහු කිසි දෙයක් නොකියන්නට ඇති  බවත්, මේ සියල්ලම ඈ සිතින් මවා ගන්නට ඇති බවත් ඇයට සිතිණි. සමහරවිට ඈ සුපුරුදු වැඩකටයුතු වල නියැලුනොත්, මේ කිසිවක් නොඇසුණා සේ රඟපෑවොත් ටික වෙලාවක් යද්දී මේ කිසිවක් සිදු නොවූ බව ඇයට දැනෙනු ඇත. 

“මම කෑම ලෑස්ති කරන්නම්” ඇය රහසෙන් මෙන් කියන්නට සමත් විය. මෙවර නම් ඔහු ඇයව වැළකුවේ නැත. 
කාමරය හරහා ගමන් කරද්දී ඇයට තමන් පාවෙන බවක් දැනිණි. සුළු අප්පිරියාවක්, ඔක්කාර ගතියක් ඇරෙන්නට ඇයට වෙන කිසිවක් දැනුණේ නැත. ඇය යාන්ත්‍රිකව මෙන් බිම් මහලට ගොස්, විදුලි බුබුල දල්වා, ෆ්රීසරය විවර කර, අත ගැටුණු පළමු දේ පිටතට ගත්තා ය. එය ඔතා තිබුණු කඩදාසිය ඉවත් කර ඇය එය දෙස බැලුවා ය. 

එය බැටළු මස් ගාතයක් විය. 

එහෙනම් ඔවුන්ට රෑ කෑමට බැටළු මස් අහාරයට ගනු හැක. මස් ගාතයේ සිහින් කෙළවර දෑතින්ම අල්ලාගෙන ඇය එය යළි උඩුමහලට ගෙන ගියා ය. විසිත්ත කාමරය හරහා යද්දී ඔහු ඇයට පිටුපා කවුළුවෙන් පිටත බලා  සිටිනු දැක ඇය නැවතුණා ය. 

“දෙවියන්ගේ නාමෙට මට කෑම හදන්න එපා” ඇය නැවත ආ හඬ ඇසුණත් ආපසු හැරී නොබලාම ඔහු කීය. “මම එළියට යනවා”

ඒ මොහොතේ මේරි ඔහු වෙත ඇවිද ගොස්, බිඳක්වත් නොනැවතී, ඈ අත තිබුණු සීතලෙන් ගල් වූ මස් ගාතය ඉහළට ඔසවා හැකි වෙර යොදා ඔහුගේ හිස පසුපසට පහර දුන්නා ය. 

එය යකඩ ආයුධයකින් ගැසූ පහරක් තරමට ශක්තිමත් විය. 

ඈ අඩියක් පසුපසට ගෙන බලා සිටියා ය. වඩාත්ම පුදුම සහගත කරුණ වූයේ පහර වැදුණු පසු ත් ඔහු තත්පර හතරක් පහක් වැනි වැනී සිටගෙනම පසුවීමයි. ඉන්පසු ඔහු කපා හෙළූ කඳක් සේ බිම ඇද වැටුණි. 

ඔහු ඇද වැටුණු හඬේ බියකරු බව, ඔහුගේ සිරුරේ ගැටී මේසයක් උඩු යටිකුරු වීම වැනි දේ ඇයව කම්පනයෙන් මුදවා ගැනීමට සමත් විය. ඇය සෙමෙන් සිහි එලවා ගනිමින් සිටියා ය. ඇයට පුදුමයක් ද තද සීතලක් ද දැනෙමින් තිබිණි. වේගයෙන් ඇසිපිය හෙලමින් ඇය ඔහුගේ සිරුර දෙස බලා සිටියේ ඒ විහිලු සහගත මස් ගාතය දෑතින්ම තදින් අල්ලාගත්වනම ය.  

හරි, ඈ තමාටම කියාගත්තා ය. මම එයාව මැරුවා. 

ඇගේ මනස හදිසියේම නිරවුල් වී තිබුණේ පුදුම සහගත ලෙස ය. ඇය ඉතා වේගයෙන් සිතන්නට විය. රහස් පරීක්ෂක නිලධාරියෙක්ගේ බිරිඳ වූ ඈ මීට අදාළ දඬුවම ගැන හොඳාකාරවම දැනගෙන සිටියා ය. ඇයට ඒ ගැන කම්පාවක් දැනුණේ නැති අතර එය එක්තරා ආකාරයක සැනසිල්ලක් සේ සිතෙමින් තිබිණි. එහෙත් දරුවාට කුමක් සිදුවනු ඇතිද? නූපන් දරුවන් කුසේ දරාගත් මිනීමරුවන් වෙනුවෙන් තිබුණේ කවරාකාරයේ නීති ද? ඔවුන් අම්මාත් දරුවාත් දෙදෙනාම මරා දැමුවා ද? නොඑසේ නම් දඬුවම දීමට දරුවා බිහි වන තුරු බලා සිටියා ද? 

මේරි මැලෝනි ඒ ගැන දැන සිටියේ නැත. ඒ නිසා ඒ අවදානම ගැනීමට ඇගේ සූදානමක් තිබුණේ ද නැත. 

ඇය මස් ගාතය කුස්සියට ගෙන ගොස්, එය බඳුනක බහා, විදුලි පෝරණුව ක්‍රියාත්මක කර, එය ඊට ඇතුළු කළා ය. ඉනික්බිති දෑත සෝදා ඉහළ මාලයේ නිදන කාමරය වෙත දිව ගියා ය. කැඩපත ඉදිරියේ හිඳ කොණ්ඩය පිළිවෙල කර වත්සුණු තවරා ගත්තා ය. ඇය සිනාවක් පලඳාගන්නට උත්සාහ කළ නමුත් එය අමුතු විරිත්තීමක් සේ දිස් විය. ඈ යළි වරක් උත්සාහ කළා ය. 

“හෙලෝ සෑම්” ඈ උද්යෝගයෙන්, ශබ්ද නගා කැඩපතට කීවා ය. 
ඇගේ කටහඬේ තිබුණේ නොගැලපෙන ස්වරයකි. 

“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, බෝංචි ටින් එකකුත් දෙන්න”
එවර නම් ඇගේ කටහඬත් සිනාවත් සාමාන්‍ය වෙමින් තිබිණි. ඇය තව කීපවරක් ඒ ස්වරය අභ්‍යාස කළා ය. ඉන්පසු පහත මාලයට දිවගොස්, කබාය ඇඟලාගෙන, නිවසේ පසුපස දොරින් පිටවී මහමඟට බැස්සා ය. 

වෙලාව සවස හය පසු වී නොතිබුණත් කඩය තුළ විදුලි බුබුළු දැල්වී තිබුණි. 

“හෙලෝ සෑම්” ඇය කවුන්ටරය පසුපස උන් මිනිසා වෙත සිනාවක් පාමින් කීවා ය. 

“සුබ සන්ධ්‍යාවක් මිසිස් මැලෝනි, කොහොමද?”
“කරුණාකරලා මට අල ටිකක් දෙන්න සෑම්, ආ.. ඔව්, බෝංචි ටින් එකකුත් දෙන්න”
ඔහු ඈ ඉල්ලූ දෑ දීමට උත්සුක විය. 

“පැට්‍රික් ට මහන්සිලු, අද රෑ කෑමට එලියට යන්න බැහැලු” ඈ ඔහුට කීවාය. “අපි සාමන්‍යයෙන් බ්‍රහස්පතින්දාට රෑ කෑමට එළියට යනවා. අද ඉතින් ගෙදර උයන්න එලවලු මොනවත් නැති බව එයාට අහු වුණා” 

“එහෙනම් මස් ටිකකුත් ඕනද මිසිස් මැලෝනි?”

“නෑ, බොහොම ස්තූතියි, මස් තියෙනවා. මම ෆ්රීසර් එකෙන් හොඳ බැටළු මස් ගාතයක් ගත්තා”

“ආ!”

“අනේ මන්දා සෑම්, මම නම් ඒතරම් කැමති නැහැ හීතල පිටින්ම මස් උයන්න, ඒත් අද ඒක කරන්න වුණා. ඔයා හිතන්නේ ප්‍රශ්නයක් නැතිවෙයිද?”

“මම නම් හිතන්නේ ඕකේ ලොකු වෙනසක් නැහැ කියලා” කඩහිමියා කීය “මේ ලොකු අල වලින් දාන්නද?”

“ඔව් ඒවා හොඳයි, එයින් දෙකක් දාන්න”

“වෙන මොනවාද?” ඔහු හිස ඇල කර ඇය දෙස බලා සිනාසෙමින් ඇසීය. “කෑමට පස්සේ? අතුරුපසට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ?”

“සෑම් හිතන්නේ මොනවාද හොඳ?”

කඩහිමියා කඩය සිසාරා නෙත් යොමු කළේය. “ ලොකු චීස්කේක් කෑල්ලක් දුන්නොත් මොකද? එයා ඒවාට කැමති බව මම දන්නවා”

“නියමයි” ඈ කීවාය. “එයා චීස්කේක් කන්න හරිම ආසයි” 

හැමදේම ඔතා අසුරා දුන් පසු ඈ මුදල් ගෙවා, ඇගේ කාන්තිමත් ම සිනහව ඔහුට දී “බොහොම ස්තූතියි සෑම්, සුබ රාත්‍රියක්” කීවාය. 

“ඔබටත් බොහොම ස්තූතියි මිසිස් මැලෝනි, සුබ රාත්‍රියක්”

දැන්, මේ සිදුවන්නේ රෑ කෑම පිළියෙළ කෙරෙන තුරු බලා සිටින තම සැමියා වෙත් තමන් ඉක්මනින් ගෙදර යෑම බව ඇය තමන්ටම කියා ගත්තාය. ඔහු දවස පුරා වෙහෙසවී ගෙදර පැමිණ ඇති නිසා ඇය රෑ කෑම හැකි තරම් රසවත් ව පිළියෙළ කළ යුතු ය. මෙවැනි සිතුවිල්ලකින් නිවසට යන ඇය හට හදිසියේ වත් එහිදී අසාමාන්‍ය, බියකරු දෙයක් දකින්නට ලැබුණොත් ඇය කම්පනයත් ශෝකයත් නිසා උමතුවෙන් මෙන් හැසිරෙන්නට ඉඩ ඇත. එහෙත් ඇය එවැනි කිසි දෙයක් තුන් හිතකින් වත් බලාපොරොත්තු වන්නේ නැත. ඇය මේ කඩයෙන් එළවලු මිළදීගෙන ගෙදරට යනවා පමණි. මිසිස් පැට්‍රික් මැලෝනි බ්‍රහස්පතින්දා හවසක කඩෙන් එළවලු මිළදීගෙන තම සැමියාට රෑ කෑම සූදානම් කරන්නට ගෙදර යනවා පමණි. 

එහෙමයි ක්‍රමය, ඇය ඈ ටම කියාගත්තාය. හරි විදිහට, සාමාන්‍ය විදිහට හැම දේම කරන්න. හැමදේම ස්වභාවිකව කරද්දී රඟපාන්නට වුවමනා නොවනු ඇත. 

ඉතින් මේ විදිහට සිතූ නිසා නිවසේ පසුපස දොරටුවෙන් ඇතුළු වෙද්දී ඈ පුංචි තාලයක් මුමුණමින්, සිනාසෙමින් සිටියා ය.  
“පැට්‍රික්!” ඈ හඬ නඟා කතා කළා ය. “ඔයාට කොහොමද ඩාලිං?”
 
ඇය අත වූ පාර්සලය මේසය මත තැබූ ඈ විසිත්ත කාමරය වෙත ගියා ය. එසේ ගොස් හදිසියේම ඔහු එහි බිම වැටී සිටි අයුරු දුටු විට, ඔහුගේ දෙපා ඇකිලී, අතක් සිරුරට යටවී ඇඹරී තිබෙනු දුටු විට ඇයට සැබවින්ම කම්පනයක් දැනුණි. ඔහු ගැන ඇගේ සිතේ නිධන්ගතව තිබුණු ආදරය උතුරායන්නට විය. ඇය ඔහු වෙත දිවගොස්, ඔහු අසල දණගසාගෙන වැළපෙන්නට විය. එය කෙතරම් පහසු වීද යත් කිසිම රඟපෑමක් අවශ්‍ය වූයේ නැත. 

විනාඩි කිහිපයකට පසු ඇය නැගිට දුරකථනය වෙත ගියා ය. පොලීසියේ දුරකථන අංකය ඇය දැන සිටි අතර අනෙත් පසින් පිළිතුරු ලැබුණු විට ඈ කෑගසන්නට විය. 

“ඉක්මනට එන්න! ඉක්මනට! පැට්‍රික් මැරිලා!”

“කවුද කතාකරන්නේ?”

“මිසිස් මැලෝනි, මිසිස් පැට්‍රික් මැලෝනි”

“මොකක්? පැට්‍රික් මැලෝනි මැරිලා?”

“මට එහෙම හිතෙනවා” ඈ හඬා වැටෙන්නට විය. “එයා බිම වැටිලා ඉන්නේ, මට හිතෙන්නේ එයා මැරිලා කියලා”
“අපි ඉක්මණටම එනවා” 

පොලිස් රථය ඉතාමත් ඉක්මණින් පැමිණියේ ය. ඇය දොර විවර කළ විට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් නිවසට ඇතුළු විය. ඈ ඔවුන් දෙදෙනාව හැඳිනුවාය. ඈ ඒ පොලිස් ස්ථානයේ හැම දෙනෙක්ම පාහේ හැඳිනුවා ය. ඇය වැළපෙමින් ජැක් නූනන් නම් පොලිස් නිලධාරියාගේ සිරුරට බර විය. ඔහු සෙමෙන් ඇයව පුටුවක අසුන් ගැන්වුවේය. 

“එයා මැරිලාද?” ඇය හඬමින්ම ඇසුවා ය. 

“බොහොම කණගාටුයි, මැරිලා නම් තමයි. මොකද වුණේ?”

ඇය කඩයට ගිය අයුරු, ආපසු නිවසට ආ පසු ඔහු බිම වැටී සිටිනු දුටු අයුරු කෙටියෙන් විස්තර කළා ය. ඇය හඬමින් විස්තර කියද්දී නූනන් නම් පොලිස් නිලධාරියා මියගිය මිනිසාගේ හිස පසුපස වියළි ලේ පැල්ලමක් දුටුවේය. ඔහු වහාම දුරකථනය වෙත ගියේ ය. 

වැඩි වෙලාවක්  ගතවන්නට මත්තෙන් දොස්තර කෙනෙක්, රහස් පරීක්ෂක වරුන් දෙදෙනෙක්, පොලිස් ජායාරූප ශිල්පියෙක්, ඇඟිලි සලකුණු විශේෂඥයෙක් ඇතුළු තවත් නිලධාරීහු කිහිපදෙනෙක්ම පැමිණියහ. මල සිරුර අසල රහස් සාකච්ඡා පැවැත්විණි. රහස් පරීක්ෂක නිලධාරීන් ඇගෙන් නොනවත්වා ප්‍රශ්න රැසක් අසන්නට විය. ඔවුහු ඇයට කරුණාවෙන් කතා කළහ. ඇය යළිත් මුල සිටම ඇගේ කතාව කීවා ය.  පැට්‍රික් එද්දී ඈ ඇඳුමක් මසමින් සිටි බව, ඔහුට මහන්සි වැඩි නිසා කෑමට එළියට නොගොස් සිටින්නට තීරණය කළ බව, ඇය මස් පිසීම සඳහා පෝරණුවට දමා එළවලු ගෙන ඒමට කඩයට ගොස් එද්දී ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කළා ය.

“කොයි කඩේ ද?” එක් නිලධාරියෙක් ඇසීය. 

ඇය ඊට පිළිතුරු දුන් විට ඔහු ඇගෙන් ඉවතට හැරී තවත් නිලධාරියෙකුට රහසින් යමක් කීවේ ය. දෙවැන්නා වහා වහා නිවසින් පිටතට ගියේ ය. 

පැය කාලකින් ඔහු නැවත පැමිණියේ සටහන් පිරුණු කඩදාසියක් අතැතිව ය. වැළපෙමින් සිටි ඇයට ඔවුන්ගේ රහස් සාකච්ඡාවල ඇතැම් වැකි ඇසිණි. 

“බොහොම සාමාන්‍ය විදිහට හිටියේ.. සතුටින්.. මහත්තයාට හොඳ කෑමක් දෙන්න ඕනෑකම තිබුණා, බෝංචි, චීස්කේක්.. එයා නම් වෙන්න විදිහක් නැහැ”

ටික වෙලාවකට පසු දොස්තරත්, ජායාරූප ශිල්පියාත් තව මිනිසුන් දෙදෙනෙකුත් සිරුර රැගෙන ගියහ. ඇඟිලි සලකුණු ශිල්පියාත් ගිය පසු ඉතිරි වූයේ රහස් පරීක්ෂක නිලධාරීන් දෙදෙනාත් පොලිස් නිලධාරීන් දෙදෙනාත්  පමණි. ඔවුන් ඇයට සැලකුවේ ඉතා විනීතව ය. ඇයට මේ නිවසින් පිටව යන්නට ජැක් නූනන් යෝජනා කළේ ය. ඇගේ සොයුරියගේ නිවසට එසේත් නැත්නම් ඔහුගේම නිවසට වුව යා හැකි බවත් ඔහුගේ බිරිඳ ඇයට නවාතැන් දෙනු ඇති බවත් ඔහු කීය. 

එහෙත් ඇය ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කළා ය. ඇයට අඩියක් වත් සෙලවෙනු බැරි තරමේ අපහසුවක්  දැනෙන බව කී ඇය ඔවුන්ගේ රාජකාරි වලට බාධාවක් නොකරන බවට පොරොන්දු වී එතැනම රැඳී සිටින්නට අවසර ඉල්ලුවා ය.

ඇයට අමාරුවක් දැනෙනවා නම් නිදන කාමරයට ගොස් මඳක් වැතිරී සිටීම වඩාත් සුදුසු නොවන්නේදැයි එවර ජැක් නූනන් විමසුවේ ය. 

ඇයට ඒ පුටුවටම වී ටික වෙලාවක් සිටින්නට අවශ්‍ය බව ඇය කියා සිටියා ය. ටික වේලාවක් ගත වූ පසු ඇයගේ අමාරු ගතිය පහවූ විට ඇය එතැනින් ඉවත්වන බව කීවා ය. 

ඉන්පසු ඔවුහු ඇයට එතැනම ඉන්නට ඉඩ හැර නිවස පරීක්ෂා කිරීමේ නියැලුණහ. ඉඳහිට රහස් පරීක්ෂක වරයෙක් ඇයගෙන් ප්‍රශ්නයක් දෙකක් අසනු පෙනිණි. ඇගේ සැමියා මියගොස් ඇත්තේ හිසේ පසුපසට එල්ල කළ තද පහරක් නිසා බව ජැක් නූනන් ඇයට සෙමෙන් පැහැදිලි කළේය. ඔවුහු ඒ ආයුධය සොයමින් සිටියහ. මිනීමරුවා එය රැගෙන පලායන්නට ඉඩ තිබුණු බවත් නොඑසේ නම් එය ඉවත දමා හෝ සඟවා යන්නට ඇති බවත් ඔහු පැහැදිලි කළේ ය. 

“මේක ඉතින් පරණ කතාවම තමයි. ආයුධය හොයාගත්තොත් මිනීමරුවා අල්ලන්න පූළුවන්”

ටික වෙලාවකට පසු එක් රහස් පරීක්ෂකවරයෙක් ඇය අසලින් අසුන් ගෙන නිවසේ ආයුධයක් ලෙස භාවිත කළ හැකිව තිබුණු දෙයක් ගැන ඇයට අදහසක් තිබුණේ දැයි විමසුවේ ය. මුරිච්චි යතුරක්, එසේත් නැත්නම් බර යකඩ  මල් පෝච්චියක් වැනි දෙයක් නිවසින් අතුරුදන් වී ඇත්දැයි සොයා බලන මෙන් ඔහු ඉල්ලා සිටියේ ය. 

ඔවුන්ගේ නිවසේ යකඩ මල් පෝච්චි නොතිබුණු බව ඈ කීවා ය. 

“එහෙනම් මුරිච්චි යතුරක්?”

එවැනි ආයුධයක් නොතිබුණු බවට ඇයට විශ්වාස නමුත් එවැනි වෙනත් දේ ගරාජයේ තිබෙන්නට හැකි බව ඈ කීය.  

නිවස පරීක්ෂාකිරීම නොකඩවාම සිදු විය. තවත් පොලිස් නිලධාරීන් නිවස වටා සැරිසරන බව ඇය දැනගෙන සිටියා ය. ඔවුන්ගේ අඩි ශබ්දය මිදුල දෙසින් නිරතුරුව ඇසුණු අතර වරින්වර විදුලි පන්දම් එළියක් තිර රෙදි අතරින් පෙනිණි. ඒ වෙද්දී රාත්‍රිය එළැඹි තිබුණි. වෙලාව රාත්‍රී නමයට ආසන්න බව සාලයේ ඔරලෝසුවෙන් ඇය දුටුවා ය. නිවස පරීක්ෂා කරමින් උන් නිලධාරීන් සිව් දෙනා හෙම්බත් ව සිටියහ.  

“ජැක්” ඊළඟ වතාවේ ජැක් නූනන් එතැනින් යන්නට ආ විට ඈ ඔහුව ඇමතුවේ ය. “මට අතනින් බොන්න මොනවා හරි ගෙනැත් දෙනවා ද?”

“හරි ඉන්න මම දෙන්නම්, ඔයා කිව්වේ විස්කි ද?”

“ඔව්, හැබැයි පුංචි වීදුරුවක්. එයින් මගේ අමාරු ගතිය මඟ ඇරිලා යන්න පුළුවන්”
ඔහු ඇය අතට වීදුරුවක් දුන්නේ ය. 

“ඔයාත් එකක් බොන්න. දැන් හොඳටම මහන්සි ඇතිනේ. මට කොයිතරම් හොඳට සැලකුවාද ඔයගොල්ලෝ හැමෝම.”

“අපේ නීති වලට නම් පටහැනියි, ඒත් මම පොඩ්ඩක් බොන්නම්, නැතිනම් තව ටිකක් වෙලා යන්න කළින් මාව මහන්සියට ඇදගෙන වැටෙයි”

එයින් පසු එතැනට පැමිණි අනෙත් අයත් මඳ පෙරැත්තයකින් පසු පුංචි විස්කි වඩියක් බීමට එකඟ විය. ඔවුහු වීදුරු අතැතිව තැන තැන සිටගෙන සිටි අතර ඈ ළඟපාතක සිටි නිසා අපහසුතාවයෙන් එකල මෙකල වෙමින් ඇගේ හිත හැදීමට නොයෙක් දේ කියමින් පසු වූහ. කුස්සියට යන්නට ගිය ජැක් නූනන් යළිත් එසැණින් නැවත පැමිණියේ ය

“මිසිස් මැලෝනි, තාම පෝරණුව වැඩකරන බව දන්නවාද? මස් ටික තාම ඇතුලේ ද?”

“ආ ඔව්නේ! හැබෑටම!” ඇය කීය. 

“මම ඒක නිවලා දාන්නද?”

“අනේ ජැක් ඒක නිවනවාද? බොහොම ස්තූතියි”

පොලිස් නිලධාරියා දෙවෙනි වරට කුස්සියෙන් පිටතට එද්දී ඈ කඳුළු පිරුණු විශාල දෑසින් ඔහු දෙස බැලුවා ය. 

“ජැක් නූනන්”

“ඔව්?”

“ඔයාට පුලුවන්ද මට උදව්වක් කරන්න?- ඔයාටයි මේ අනෙත් කට්ටියටයි?”

“අපි උත්සාහ කරන්නම් මිසිස් මැලෝනි”

“මෙතැන ඉන්න හැමෝම පැට්‍රික් ගේ හොඳ යාලුවෝ, ඔයගොල්ලෝ ඇවිත් ඉන්නේ එයාව මැරුව මිනීමරුවා අල්ලන්න. ඔයගොල්ලන්ගේ රෑ කෑම වෙලාව දැන් හොඳටම පහුවෙලා නිසා හැමෝටම දැන් උහුලන්න බැරි තරම් බඩගිනි ඇති. ඔයගොල්ලන්ට කෑම ටිකක් නොදී ගෙදර තියාගත්තා කියලා දැනගත්තොත් පැට්‍රික්ගෙන් මට කවදාවත් සමාවක් ලැබෙන එකක් නැහැ. ඔයගොල්ලෝ එකතුවෙලා අර කෑම ටික කනවාද? පෝරණුවේ තිබුණු මස් ටික මේ වෙද්දී ගාණට හරි ගිහින් ඇති.”

“කොහොමවත්ම බැහැ” නූනන් කීය. 

“අනේ කොහොමහරි කන්න” ඈ බැගෑපත් වූවාය. “මට නම් කිසි දෙයක් කටේ තියන්න බැහැ. එයා ඉන්දැද්දී උය උයා හිටිය දෙයක් නම් කොහොමවත්ම කන්න බැහැ. ඒ නිසා ඔයගොල්ලෝ ඒ ටික කෑවොත් මට ඒක ලොකු උදව්වක් වේවි. ඊටපස්සේ රාජකාරි ඉවරකරන්න”

නිලධාරීහු කිහිපදෙනා මුලදී අදිමදි කළත් ඔවුන් හැමදෙනාම තද කුසගින්නෙන් පසු වුණු බැවින් අවසානයේදී හැමදෙනාම කුස්සියට ගොස් කෑම බෙදාගන්නට වූහ. කාන්තාව ඇය උන් තැනම හිඳිමින් ඔවුන්ගේ කතාබහට සවන් දෙමින් සිටියාය. මස් තළුමරමින් ඔවුනොවුන් අතරේ කතා කරමින් සිටි ඔවුන්ගේ හඬ ඇයට ඇසිණි. 

“තව ටිකක් බෙදා ගන්න චාලි”

“ඉවර කරන්න හොඳ නැහැ නේද?”

“එයා කිව්වේ අපිට ඉවර කරන්න කියලා, ඒ නිසා කමු”

“පැට්‍රික් ට ගහන්න මිනීමරුවා පාවිච්චි කරලා තිබුණේ ලොකු ආයුධයක්. දොස්තර කිව්වේ හිස්කබල කුඩුවෙලා කියලා”

“ඒ නිසාම තමයි ඒක හොයාගන්න එක ලේසි වෙන්න ඕන”

“ඔව් මමත් හිතුවේ ඒකමයි”

“ඔයතරම් ලොකු ආයුධයක් නම් මිනීමරුවාට පැනලා යද්දී ඕක උස්සාගෙන යන්න බැහැනේ”

“මම නම් කියන්නේ ඕක මේ හතර මායිමේ ම ඇති”

“සමහරවිට අපේ නහයවල් යටම ඇති, මොකද කියන්නේ ජැක්?”

එහා කාමරයේ මේරි මැලෝනි සෙමෙන් සිනාසෙන්නට පටන් ගත්තාය. 




Nissanka Rajapaksa

unread,
Jan 17, 2026, 7:03:39 PMJan 17
to INDRAKA group
15
රතු කොරල්

Translation of the short story Red Coral by Sangeetha Bhaskaran

පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 

හට්ටියේ වූ කිරි ටික උතුරද්දී එහි මැද තිබුණු තේ කොළ ඉහළට එසවෙන දෙස බලා උන් මා ලිප නිවා දැමුවා. තේ පෙරාගැනීමට මා ගත්තේ තැඹිලි පාට මිටක් ඇති අවපැහැ ගැනුණු තේ පෙරනය. අම්මා කිසි දවසක කිසිම දෙයක් ඉවත දැම්මේ නැහැ. එළවළුවලත් මස්වලත් කහට උරාගත් කපන ලෑල්ල, හැඩය ඇද වී ගිය ඇලුමිනියම් කෝප්ප, කාලයක් තිස්සේ එකතුවුණු දැලි කුණු නිසා නියම පාටත් අමතකව ගිය ප්ලාස්ටික් පිඟන් රඳවනය- කුස්සිය හාත්පස දෑස් යොමුකරද්දී මීට දෙවසරකට කලින් මා නිවසින් යාමට පෙර තිබුණු අයුරින්ම මේ සියලු දේ දකින්නට මට පුළුවන් වුණා. දැන් අම්මා නැති නිසා තවත් මේ බඩු පාවිච්චි කරන්න පුළුවන් කියා ඇගෙන් බැණුම් නොඅහාම මට ඒවා ඉවතලන්නට පුළුවන්.

තාත්තා වාඩිවී සිටියේ අබලන් ඇඳ උඩයි. ඇඳේ ගෙවී ගිය කොහු මෙට්ටය තිබුණේ කොයි මොහොතක හෝ කඩා වැටෙන්නට ළංවෙමින්. තාත්තාගේත් වැඩි වෙනසක් පෙනෙන්නට තිබුණේ නැහැ. සෙමෙන් බීඩියක් උරමින් සිටි ඔහුගේ රැළි වැටුණු සම එල්ලා හැලුණේ ඔහුට අඩක් පිරවූ මල්ලක පෙනුමක් දෙමින්. ඔහු මා දිහා නොබලා යාන්ත්‍රිකව මගේ අතින් තේ වීදුරුව ගත්තා. අපේ අතැඟිලි යන්තමින් ගෑවෙද්දී ඔහුගේ රත් පැහැ දෑස දෙස මා බැලුවේ එහි යම් හඳුනාගැනීමක්, පිළිගැනීමක් සොයමින්. එසේ බලද්දීත් කිසි දවසක නොලැබෙන දෙයක් සෙවීම ගැන මට මා ගැනම අනුකම්පාවක් දැනුණා.

අම්මා අන්ත්‍රා වුණා. මට දුරකථන ඇමතුම ලැබුණේ ඊයේ රාත්‍රියේ. අම්මාගේ මරණය ගැන අසල්වැසියෙක්ගෙන් දැනගන්නට ලැබීමත්, ඈ මැරුණේ කවර හේතුවක් නිසාදැයි නොදැනීමත් අතරින් වඩාත්ම නරක දේ කුමක්දැයි සිතාගන්නට මා අපොහොසත් වුණා. රජයේ රෝහලේ මරණ පරීක්ෂකවරයා අම්මාගේ මළ සිරුර කපා පරීක්ෂා කරන්නට රුපියල් දාහක් ඉල්ලා තිබුණු නිසා එය නොගෙවාම ඇය මියගියේ හෘදයාබාධයකින් කියා තාත්තා නිගමනයකට ඇවිත් තිබුණා.

අම්මාගේ මළගමට මා ගමට යායුතු බව මා රැකියාව කළ නිවසේ කාන්තාවට කී විට ඇගේ මුහුණ අනුකම්පාවෙන් රැළි නැඟුණත්, මා නැති අතරේ නිවසේ ඉවුම් පිහුම්, පිරිසිදු කිරීම් ආදිය කරමින් ඇගේ දරුවා ව බලාගන්නේ කෙසේද කියා ඇය සිතමින් සිටියා. දින කිහිපයකින් ආපිට එන්නට මා පොරොන්දු වුණා. මා ඇගෙන් මුදල් අත්තිකාරමක් ඉල්ලුවත් තම සැමියා ඊට අකමැති වනු ඇති බව ඈ කීවා. "සල්ලි ටික පරෙස්සම් කරගන්න මාලා. ඔයාගේ පවුලේ උදවිය ඒ සල්ලි අරගත්තොත් ඔයාට කිසි දෙයක් ඉතුරු වෙන්නේ නැහැ" මා හා කතා කරද්දී නිතර පාවිච්චි කරන වඩාත් හොඳ දේ හඳුනන ආරක්ෂකයෙකුගේ මවුවත් කටහඬින් ඈ කීවා.

ආරංචිය ලැබී පැයක් යද්දී මම නගරයෙන් බස් රථයකට ගොඩවුණා. එය පිරී තිබුණත් අන්තිම පේළියේ ඉඩක් ලබාගන්නට මා සමත් වුණා. නින්දෙන් නිරතුරුව තම ඔළුව මගේ උරහිසට බර කළ වයසක කාන්තාවකුත්, බොහොම සතුටින් මගේ කලවට තමන්ගේ කලව තදකරගෙන උන් මැදිවියේ පිරිමියෙකුත් අතරමැද මා සිරවී හිටියා. අප අබලන් අධිවේගී මාර්ග මතින් පැද්දී පැද්දී යන අතරතුර බස් රියේ විවර කවුළු අතරින් උණුසුම් වාතයත් දූවිලිත් ගසාගෙන ආවා. මගේ සිරුර සිරවී තිබීමත්, මහන්සියත් නිසා ශෝකයේ අහුමුලු වලට මගේ මනසට ඇවිදගෙන යන්නට අවසර දෙන්නට ලැබුණේ නැහැ. අම්මා නැතිව කිසිම වටිනාකමක් නැති නිවසකට මා යමින් සිටියා.

තාත්තා තේ බීවේ කල්පනාවේ ගැලෙමින්. ඔහු මොනවා සිතමින් ඇත්ද? දිනපතා ඔහු දත් මැද්ද පසු ඔහු අතට දුම් දමන තේ වීදුරුව දෙමින්, එය නිවෙන්නට පෙර බොන්නැයි නිරතුරුව මතක් කරමින් අවුරුදු හතළිහක් තිස්සේ වතාවත් කළ ගැහැනිය ගැන ඔහු සිතමින්ද? ඔහු කාලයක් ගොවියෙක් වී සිටියා. පුපුරු ගසන අව්වේ වැඩ කිරීමෙන් පිරිමින්ගේ සමටත් සිහිකල්පනාවටත් කුමක්දෝ සිදුවෙන බව සත්‍යයක්. ඔහු මා හා කතා කළේ අත්‍යවශ්‍ය දෙකට පමණයි. ඔහුගේ අවධානය දිනාගැනීමේ ගෞරවය හිමිවුණේ මගේ සහෝදරයාටයි. අප ඒ කුඩා නිවසේ සිරවී සිටි මුළු කාලය පුරාවටම ඔහු අම්මාගේ සැමියා ව සිටියා පමණයි. දැන් ඔහු දවස පුරාම කිසි දෙයක් කළේ නැහැ. ආණ්ඩුවේ සහන වැඩසටහනකට සම්බන්ධ වීම නිසා මසකට යම් මුදලක් ඔහුගේ ගිණුමේ තැන්පත් වුණා, එය ඔහුගේ දෛනික අරක්කු වියදමට ප්‍රමාණවත්. අම්මා ගේ දොර වියදම් පිරිමසාගත්තේ මා එවූ මුදලින්.

මගේ සොයුරා, බිකූ ගැන මට පළමු වරට සිහිවුනේ මා නැවත ආ පසුවයි. අම්මාගේ මරණය ඔහුගේ රස්තියාදුකාර ජීවිතයට වැඩි බලපෑමක් නොකරන බවට මට සහතික වුණත් ඔහුව දකින්නට මට වුවමනාවක් ඇතිවුණා.

"තාත්තේ මම මළගෙදරට වුවමනා දේවල් අරගෙන එන්නම්. කවුරුවත් ආවොත් කතාකරන්න තාත්තා ඉන්න"

ඔහුට මා කී දේ ඇසුනත් නෑසුණු ලෙසින් ඇසිපිය ගසමින් පසුවුනා. කාලයත් සමඟ වැඩි දෙයක් වෙනස් ව තිබුණේ නැහැ.

"මම හෙට ආපිට යන්න ඕන, ඒ නිසා හැමදේම ඉක්මනට කළොත් හොඳයි."

ඒ මගේ කටහඬ ද? මා ඒ වචන කීවාද? මා අම්මාගේ මරණය බොහොම කාර්යක්ෂමව, ශීඝ්‍ර ව පරිපාලන කරන හැටි! තාත්තා යමක් කියන්නට සූදානම් ව නැවත නිහඬවුණා.

පසුම්බිය විවර කර, එන්නට කලින් යන්තම් සූරා එකතු කරගත් ගත් මුදල ගණන් කළ මා මළගෙදරට අවශ්‍ය දේ මිලදීගැනීමට වෙළඳපළ වෙත ගියා. මඩ පිරුණු කාණු ඔස්සේ ඇවිදිද්දී ගමේ අලුත් දේත් පරණ දේත් මට පැහැදිලිව පෙනුණා. මගේ ගමේ මිනිස්සු ඉතාමත් ප්‍රිය කළ දම් පාට සහ ලා කොළ පාට තීන්ත ආලේපිත තාප්ප, තැන තැන විකිණීම සඳහා ගොඩ ගසා තිබුණු පුන්නක්කු මිටි, ඉස්සර කෝලා විකිණූ එකම කඩය දැන් ඊට වඩා ලොකු, ණයට බඩු දෙන කඩ නිසා සැඟව ඇති හැටි, මාළු වෙළෙන්දියගේ බුලත් කහට බැඳුණු දත් දෙපෙළ, ඇගේ රැළි වැටුණු සම, පළල් උකුල වැනි මේ හැම දෙයක්ම මගේ ඇස ගැටුණා. මගේ ගම පුළුල් වී තිබුණත් දියුණු වීමට බලකිරීම හමුවේ එහි ඇතිව තිබුණු ව්‍යාකූල බව මට පැහැදිලිව පෙනුණා.

මා යන මඟ දිගට විවිධ අය මා නැවත්වූවා. සමහරු තමන්ගේ ශෝකය පළ කළ අතර සමහරු මා දෙස දෑස් විදහා බලා සිටියා. ඒ බැල්මවල් මට කොයිතරම් හුරුපුරුදුද නම් ඒවා දුම් කැරලි මෙන් වාෂ්ප වී වාතයට එක් වී යන බවක් මට හැඟුනා.

මම මල්කරුවන් වෙත ගොස් පිච්ච මල් සහ තුල්සි මිලදී ගත්තා. අම්මා වෙනුවෙන් නැවුම් මලින් අලුතින් ගෙතූ මල් මාලා සෙවූවත් මට දක්නට ලැබුණේ පරවී දුර්වර්ණ වූ මල් වැල්. මාව හඳුනාගත් කාන්තාවක් පාරේ අනෙත් පස ඇගේ මල් කරත්තය වෙතට එන්නට කියා මා හට අඬගැසුවා. ඇය ඇගේ පසුපස තිබුණු මල්ලකින් නැවුම් මල් වැල් අහුරක් ගෙන මා හට දුන්නා. මා පසුම්බිය පිටතට ගනිද්දී ඈ කරුණාවෙන් මගේ මුහුණ අතගා මුදල් ප්‍රතික්ෂේප කළා. පැය දොළහකටත් අඩු කාලයකදී ඇයට මරණය ගැන ආරංචි වී මෙවැනි අනුකම්පාවක් ඇතිවීම මට පුදුමයක් ගෙන දුන්නා. ඈ මට වඩා බොහෝ දේවල් දන්නා බව මට ඇගේ දෑසින් පෙනුණා. මා නිවසේ නොසිටි අවුරුදු කීපය තුළ අප පවුලේ සිදුවූ දේවල් ගැන දැන සිටීමේ උඩඟු බවක සේයාවක් ඒ දෑසේ තිබුණා.

මා ඇයට ස්තූති කර ඉතිරි බඩු මුට්ටු මිලදීගැනීමට කඩපළට ගියා. සඳුන් ආලේප, කපුරු, හාල්, කිරි, එළඟි තෙල්...එළඟිතෙල් බඳුන අතට ගනිද්දී අම්මා විස්මයෙන් මුව අයාගෙන, ඈ වෙනුවෙන් මා මේ තරම් වියදමක් නොකරනු ඇතැයි ප්‍රාර්ථනා කරමින් මා දෙස බලා සිටින අයුරු මට මැවී පෙනුණා.

මා නැවත නිවසට ගිය විට අසුභ හැඟීමක් මගේ සිරුර වෙලාගත්තා. බිකූ නැවත පැමිණ සිටියා. ඔහු තාත්තා ඉදිරියෙන් සිටගෙන මහා හඬින් යමක් අසමින් සිටියා. ඔහුගේ කුමක්දෝ අඩුපාඩුවක් තිබුණු බව පසුපසින් වුව පැහැදිලිව පෙනුණා.

බිකූට වයස දහතුනේදී ඔහු හොඳ පෙළපතක බැල්ලියක් ගෙදර ගෙනාවා. ඌට සිනිඳු දුඹුරු ලොම් සහ සිනාසෙන දෑසක් තිබුණා. ඌව ලැබුණේ කොහෙන්දැයි කිසිකෙනෙක් බිකූගෙන් ඇසුවේ නැහැ. රානි මගේ සගයා බවට පත්වුණා. මගේ කෑම වේල්වලින් හොඳම කොටස් මා ඈ වෙනුවෙන් ඉතිරි කළා. දිනක් ඔහු තවත් දඩෝරියෙක් ගෙනවිත් අපගේ දූවිලි පිරුණු පටු මිදුලට අතහැරියා. ඒ බල්ලා බියපත්ව උන් රානි මතට නැඟගත්තා. දෙමසකට පසු ඉපදුණු පළමු පැටවුන් රොත්ත සාමාන්‍ය ඉන්දියානු වල් බල්ලන්ට වඩා පෙනුමට සිටියා. සතියක් යද්දී, කිරි උරමින් සිටි ඒ පැටවුන් පෙට්ටියක් දමාගෙන අතුරුදන් වූ බිකූ පැය කීපයකට පසු යළිත් ආවේ පුළුල් සිනහවක් ඇතිවයි. මෙය දිගින් දිගටම සිදුවුණා. හැම මාස කීපයකටම වරක් බලු පැටවුන් වැහි වහින්නට වුණා. නිරතුරුව පැටවුන් වැදීමත් හරියාකාරව ආහාරයක් නොලැබීමත් නිසා රානිගේ පෙනුමේ දීප්තිය සම්පූර්ණයෙන්ම නැතිව ගියා. වලිගය වනන්නටවත් ශක්තියක් නොමැතිව ඈ දුර්මුඛව මිදුලේ වැතිර සිටියා. දිනක් නිවස පසුපස ගේට්ටුවෙන් පැන යන තුරුම ඈ බිඳෙන් බිඳ මියයමින් සිටියා.

මගේ පා සළඹ හඬ ඇසී බිකූ හැරී බැලුවා. ඔහුගේ මුහුණ දුටු විට මට කම්පනයක් ඇතිවුණා. ඉස්සර උක් යායවල අඳුරු කෙළවර වලට කෙල්ලන්ව රවටා ගෙන්වා ගන්නට සමත් වූ ඔහුගේ කඩවසම් මුහුණ දැන් විරූපව ගොස් තිබුණා. ඔහුගේ නාසය කැඩී, වම් ඇස තැලී දම් පැහැ වී තිබුණු අතර නළලේ තුවාල සලකුණු පෙනුණා. බිකූ සටන්කරුවෙක් ලෙසට ගමේ ප්‍රසිද්ධියක් උසුලා තිබුණු අතර ඔහු මුදලට, බලයට හෝ කිසි හේතුවක් රහිතවම වුවත් සටන් කළා.

"ආ අමුත්තී, කොහොමද? ඒ ගෑනි උඹට ඉතුරු කරලා ගියේ මොනවද බලන්නද ආවේ?" ඔහු ද්වේෂයෙන් ඇසුවා. ඔහුගේ ඇනුම්පද ගණන් නොගෙන මා ඔහුව පසුකර යන්නට උත්සාහ කරද්දීම ඔහු මගේ මැණික්කටුවෙන් අල්ලා තද කර බලා සිටියේ අප කුඩා කලදී මෙන් මා වේදනාවෙන් කෑ ගසන තෙක් . මගේ ඇඟිලි නිල් පැහැ වෙද්දී මා ඔහුගේ තර්ජනාත්මක බැල්ම දෙස හිස් බැල්මෙන් බලා සිටියා. මේ ලෝකේ ගැහැනියක් ලෙස පැවැත්මක් වුවමනා නම් උපේක්ෂාසහගත විය යුතු බව මා උගෙන තිබුණා. ඔහු බොරුවට සිනාසී මගේ අත අතහැර දැමුවා. බිකූ මා දෙස බලන ආකාරයේ යම් හිරිහැර සහගත බවක් ගැබ්ව තිබුණා. ඔහු ආයාසයෙන් ඔහුගේ බැල්මේ සැර බාල කරන්නට උත්සාහ දරද්දී තාත්තා බිම තිබුණු පැල්ලමක් වැනි දෙයක් දෙස තදින් නෙත් යොමා සිටියා.

"ඉතින් කියපන් බලන්න, උඹේ නගරයේ රස්සාව කොහොමද?" බිකූ මගේ උරහිසෙන් අල්ලා වැරෙන් තල්ලු කර මාව බලෙන් ඉන්දවූවා.

"හොඳයි"

"උඹ තාම ඉන්නේ කලින් පවුල එක්කම ද? උඹ උන්ට මොනවාද කරලා දෙන්නේ?" ඔහු තාත්තාගේ සාක්කුවෙන් බීඩියක් ගෙන එය දල්වා ගනිමින් ඇසුවා.

"මම උයනවා, ගේ දොර පිරිසිදු කරනවා"

"එච්චරයි?"

"ඔව්"

"ඇයි උන්ට ළමයෙකුත් ඉන්නවා නේද?" ඔහු ක්‍රමක්‍රමයෙන් මා වෙත ළංවෙමින් ඇසුවා. ඔහුගේ දත් වැඩි ප්‍රමාණයක් දිරා ඇති බව දැකීම මට සතුටක් ඇති කළා.

"ඔව් මම එයාවත් බලාගන්නවා"

බිකූ තාත්තාගේ උරයට ගසමින් සිනාසුණා. සාමාන්‍යයෙන් ඔහු තමාගේ සිනාවට අන් අයවද හවුල් කරගෙන ඔහු කරන අපහාසයට කුඩා බල සේනා එක්කාසු කරගන්නට හපනෙක්. ඒත් අද තාත්තා ඔහුව නොදුටුවා සේ සිටියා.

"උඹ නැතිව උන් වැඩ කරගන්නේ කොහොමද?"

ඔහු ඒ ප්‍රශ්නය අසමින් කියාපාන දේ මට වැටහුණා. බස් රථයේ ආපසු එන ගමනේදීත්, අම්මා මිය යාමෙන් මා මත පැටවුණු වගකීමේ බර පිළිබඳව මා කල්පනා කළා. පිරිමි දෙදෙනෙක්ව රැකබලාගන්න ගැහැනියෙක් අවශ්‍ය බව මා නොදැන සිටියා නොවේ. මා එවෙලේ රණ්ඩුවකට සූදානම් නැති බව දැනගෙන ඔහු කපටි බැල්මෙන් මා දෙස බලා සිටියා.

තාත්තා මා දෙසට හැරුණා. මට ඔහුගේ කටහඬ ඇසුණේ අවුරුදු දෙකකට පසු ප්‍රථම වරට. ඔහුගේ පැලුණු දෙතොලින් දුර්වල වාක්‍යක කොටසක් පිටවුණා.

"මාලා අපිට උඹව ඕනෑ"

ඔහු එසේ කියද්දී මට ඔහුගේ මුහුණ බලන්නට අපහසු වුණා. වයස විසිහතරක් වන මට පිරිමියෙකුගේ ආදරය දැනුණේ නැහැ. මට අවුරුදු හයේදී බෝනික්කෙක් ඉල්ලද්දී එය සල්ලි නාස්තියක් බව කී ඔහු බිකූට ක්‍රිකට් පිත්තක් ගෙනැවිත් දුන්නා. මා පාසැල් යන්නට කොයිතරම් ආසාදැයි දැනගෙන ඔහු මා ඉන් අස්කරගත්තේ ඒ වෙද්දී මා සිතන්නට පටන්ගෙන තිබීම ඔහුට ඉවසන්නට බැරි වුණු නිසායි. අවුරුදු දහතුනේදී මා මල්වර වූ කාලයේදී මා හා යහන්ගත වන්නට තරම් වටිනාකමක් ඇතැයි කිසිම කොල්ලෙක් නොසිතන නිසා මා සමඟ තමතමන්ගේ වාසනාව උරගා බලන්නැයි ඔහු බීමත්ව ඔහුගේ මිතුරන් හා විහිළු කළා.

දැන් ඔහු මට නවතින්නැයි කියන අපූරුව! මගේ හිස තුළින් පොතක් පිටතට ගෙන එහි පිටු ගලවමින් ඔහු වෙත විසිකරන්නට ඇත්නම් කියා මට සිතුණා. 'මේ බලන්න මේ තමයි තමුන් මං වෙනුවෙන් කවදාවත් නොකීව, නොකළ දේවල්. තමුසේ කොහොමද දැන් මේ ලැජ්ජා නැති ඌරෙක් වගේ හැසිරෙන්නේ?' වෙහෙස වී වැඩ කර හැම මාසයකම මා එවූ මුදල ගැන ඔහුට යළිත් මතක් කර දෙන්නට මට වුවමනා වුණා. නගරයේදී මට යහන්ගත වෙන්නට පිරිමි මුණගැහුණු බව, උන් හා ලැගුම්හලක ගත කළ පැය කිහිපයකදී වුව මගේ මුහුණටත් සිරුරටත් උන් පෙම් කළ බව මට කියන්නට වුවමනා වුණා.

එහෙත් අම්මාට මෙන්ම මටත් වුවමනාවට වඩා අනුන් රැකබලාගැනීමට නැඹුරු, ඉතා ලේසියෙන් රිදවුම් වලට සමාව දෙන ගතිගුණ තිබුණා. මීට හේතුව තමන්ගේකමක් දැනීමට තිබෙන වුවමනාව සියලු අපහාස සහ අතපසු කිරීම් වලට වඩා බලවත් වීමයි. තාත්තාගේ රැළි ගැසුණු බුරුල් සමත් ඉරි තැළුණු දෑතත් මාව මහත් දුකකින් පුරවද්දී මගේ සිත අවුල් වී ගියා.

එක දිනක් පමණක් මෙහි ගතකරන්නට මගේ තිබුණු අදිටන නිවසට අඩිය තැබූ පමණින්ම දියවී ගියේ මතකයන් නැගී ආ නිසායි. නගරයේ නිවසේදී මා සේවිකාවක් පමණයි. එහි කිරිගරුඬ පොළොවේ කෙළවරක මා වෙනුවෙන් පැදුරක් එලා තිබෙනවා. ගෙහිමි කාන්තාව ඉතා කරුණාවෙන් මට නිවසේ ඉතුරු වූ කෑම බෙදා දෙනවා. අගේ සැමියා අහල පහළ සිටිනා විට මා දෙස සැකයෙන් බලනවා. දරුවාත් හැමවිටම මට අසම්පූර්ණ ආදරයක් දෙන්නේ මා හරියටම කවුදැයි ඇයට නිතර සිහිපත් කෙරෙන නිසායි. එහිදී මා පඩියක් ගෙන සේවාවක් කරන කෙනෙක් පමණයි. කිසිම කෘතඥ බවක් නැති මේ මිනිසුන් දෙදෙනා සමඟ මේ බිත්ති හතර අතරේ හැරෙන්නට මට වෙනත් නිවහනක් තිබුණේ නැහැ.

ඒ වෙලාවේ තීරණයක් ගන්නට මම සුදානම්ව සිටියේ නැහැ. අවමංගල්‍යයට මගේ මුළු අවධානයම යොමු කළ යුතුව තිබුණා.

ටික වෙලාවකින් ගමේ මිනිසුන් අප නිවසට පැමිණෙන්නට පටන්ගන්නා නිසා අම්මාව සූදානම් කළ යුතුව තිබුණා. අපගේ නිවසේ තිබුණු එකම කාමරයේ පරණ පොරෝණයක එතූ පොට්ටනියක ඇගේ සිරුර සතපා තිබුණා. පොරෝනයේ දුර්වර්ණ වූ මල් මෝස්තරය දෑස් විදා මා දෙස බලා සිටියේ එය ඉවත් කරන්නයැයි ආයාචනා කරන්නාක් මෙන්. ගැඹුරු හුස්මක් ගත් මා පොරෝනයේ කෙළවර ඇඟිලි තුඩින් අල්ලා එය සෙමෙන් ඉවත් කළා. ඇගේ උදාසීන මුහුණේ දෑස වැසී තිබුණා. ඒ වෙද්දී පැය දොළහක් ගත වී ගිහින්. කලක් උණුසුම් ව තිබුණු ඇගේ කොපුල අධික ලෙස සීතල ව දැනුණා. ඉස්සර ඇය මා තුරුලට ගෙන ඇගේ කොපුලෙන් මගේ කොපුල පිරිමදිද්දී සම හරහා දැනුණු ආදරයේ උණුසුමින් අප නැහැවී ගිය අයුරු මට මතක් වුණා. මරණය විසින් ඇගේ දෑත දරදඬු කර තිබුණා. මා ඇගේ අතක් ගෙන මගේ දෙඅත්ල මැද තබා වේගයෙන් පිරිමදින්නට ගත්තේ සොහොනේ ගිනි ලා ඇය අළු ගොඩක් වන්නට කලින් හැකි තරම් ඇයව මට කාවද්දා ගන්නයි.

මට දැනුණේ අමුතු අසම්පූර්ණ දුකක් ඇයගේ නිදහස් වීම ගැන රහස් සතුටකින් ඒ දුක පලුදු වී තිබුණා. ඇය අවසානයේදී මේ ලෝකයෙන් යන්නට ගොස් තිබුණා. දුගී බවේ කිමිදුණු, තමන්ගේ වුවමනා එපාකම් ගැන නොසලකා සැමියාගේත් දරුවන්ගේත් වුවමනාවන් ගැන සැලකූ ජීවිතයකින් මිදී ඇය අන්තිමේදී නික්ම ගොසින්. සල්ලි, සල්ලි, සල්ලි... අපේ දෛවය තීරණය කළ අච්චු ගැසූ කඩදාසි! යාබද නගරයේ බැංකුවක පිරිසිදු කරන්නියක් ලෙස ඇය අලුයම සිට හවස් කාලය දක්වා වෙහෙස වූයේ සල්ලිවල කුමන මායා බලයක් නිසාදැයි කල්පනා කරමින්, මා වැඩුණේ. ඇය එහි පොළොව සහ පඩිපෙළවල් අතුගාමින් පිරිසිදු කරමින් ගත් මුදල අතුරුදහන් වූයේ විදුලි වේගයෙන්.

මා ඇයව නාවා ඇඳුම් මාරු කළ යුතුව තිබුණා. ඔව්, යන තැනකට සම්පූර්ණයෙන්ම පිරිසිදු වී යන්නට ඇය බලාපොරොත්තු වේවි. ඇයගේ සේසතම තැන්පත් කර තිබුණු මළ කෑ ට්‍රන්ක පෙට්ටිය අවුස්සද්දී මා රැකියාවට ගිය පසු ඇයට මිල දී ගෙන දුන් පළමු සාරිය ඇගේ ඇඳුම් අතර තිබී හමුවුණා. සියුම් ලෙස ලෝකඩින් වැඩ දැමු වාටියක් සහිත එය තද කොළ පැහැති ක්‍රේප් සේද සාරියක්. වෙනදාට ඇය අඳින මල් වැටුණු බාල පොලියෙස්ටර් සාරිවලට වඩා එය බෙහෙවින්ම වෙනස්. ඇයගේ සියලුම ආභරණ බහාලූ පෙට්ටියක්ද එතැන තිබුණා. එහි විවිධ වර්ණවලින් යුත් ප්ලාස්ටික් වළලු, තඹ නාස් තෝඩු කිහිපයක්, විශේෂ අවස්ථාවකට ඇය පළඳින බාල මුතු මාලයක් සහ රතු කොරල් කරාබු ජෝඩුවක් තිබුණා. ඉන් එක් කොරල් කරාබුවක් අතට ගත් මා පළමු වරට ඒ දෙස සුපරීක්ෂාවෙන් බැලුවා.

ඈත අතීතයේ දවසක නැකත්කරුවෙක් අපේ ගමට ආවා. අම්මා එවැනි දේ ගැන අන්ධ විශ්වාසයෙන් සිටි නිසා ඇගේ හැඹිලියත් සොයාගෙන මාත් ඇදගෙන ඔහුව මුණගැහෙන්නට දිව ගියා. ඒ වෙද්දී මට වයස කීයක් තරම්දැයි මට මතක නැහැ. ඒත් ඒ මහලු මිනිසා ඇගේ රළු අතේ මැකුණු රේඛා අතගා කී නැණවත් අනාවැකි අසා ඇගේ දෑස් දැල්වුණු හැටි මට හොඳහැටි මතකයි. ඔහුගේ බලවත් බව මතුකර පෙන්වීම සඳහා ඒවා කියවුණේ තරමක් නොපැහැදිලි ලෙසට. රතු කොරල් පාවිච්චි කිරීමෙන් ඇගේ පවුලට සෞභාග්‍යය උදාවන බව ඔහු එදා කීවා. මේ අපගේ එකම ගැලවුම බව සිතා සති ගණනක් තිස්සේ ඇය මේ ගල් ලබාගන්න ක්‍රමයක් කල්පනා කළා. එක් ඉරිදා දිනයක ඇය මා කැටුව උගස් බඩු කඩයකට ගියා. එහි සිටි රැවුල්කාර මිනිසා තමන්ට මේ ගනුදෙනුව පාඩුවක් වුවත් එය දරාගන්නට සුදානම් බව කියූ විට ඇය ඇගේ රන් මාලය දී කොරල් කරාබු දෙකක් ගත්තේ ඉතා සතුටින්. ඒ රාත්‍රියේ බිකූ මාව අල්ලාගෙන සිටිද්දී තාත්තා අම්මාට පහර දුන් තරමට ඇය මිය යනු ඇතැයි මට සිතුණා. ඇගේ මඟුල් මාලය විකුණා දමන්නට ඇය කොයිතරම් මෝඩදැයි ඒ හැම පහරක් පාසාම නැවත නැවතත් කීම ඔහුට මහත් සතුටක් ගෙන දුන්නා. ඇගේ තැළුණු දෑතට මා තුරුල් කරගෙන, සෙමින් අඬමින් "මාලා උඹ කවදාහරි මෙතැනින් යන්න ඕන. මොනවා කළත් කමක් නැහැ, ගිහින් ආයෙත් එන්න විතරක් එපා" යැයි ඈ මට කීවේ ඒ රාත්‍රීයේමයි.

මා කොළ පැහැති සාරියත්, වළලු කිහිපයකුත් මුතු මාලයත් පිටතට ගෙන කුස්සියෙන් වතුර භාජනයකුත් තුවායකුත් ගෙන ආවා. සෙමෙන් ඇගේ ඇඳුම් ඉවත් කළ මා ඇයව පිසදමන්නට පටන් ගත්තා. ඈ ව පිසදමන වාරයක් පාසා මගේ පපුවේ යමක් හිරවෙන බවක් මට දැනුණා. කඳුළු ඒවි යැයි මා ප්‍රාර්ථනා කළත් ඒවා ළංවිය නොහැකි දුරක තිබුණා.

ළමා කාලයේදී මා වරින්වර අම්මාගේ නිරුවතේ කොටස් දැක තිබුණා. ඇය මා ඉදිරියේ හැට්ටය මාරු කරද්දී ඇගේ එල්ලා හැලෙන පියයුරුද, රාත්‍රියේ හෙවණැලි අතරේ තාත්තා ඇයව පෙරළා ගනිද්දී ඇගේ කලවාද, ඇගේ කොන්දේ බාම් ගාන්නයැයි ඈ මගෙන් ඉල්ලූ දිනවල ඇගේ තට්ටම්ද මා යන්තමින් දැක තිබුණා. එහෙත් එදා ඒ හැම කොටසකම එකතුවක් දුටු විට මගේ ඇතුළාන්තයෙන්ම අනුකම්පාවක් නැඟ එන අයුරු මට දැනුණා.

ඇයව පිසදා, ඇය පුරුද්දක් ලෙස කොතැනක ගියත් තවරාගන්නා ටැල්කම් පුයර ගා, ඇගේ දෑත හැට්ටය තුළින් රිංගවා එහි පලු දෙක පියවූ මා, ඇයට සාරිය අන්දවන්නට සූදානම් වුණා. ඇගේ සිරුර දරදඬුව තිබුණු නිසා මෙය අභියෝගයක් වූවත් ඒ සිනිඳු ලිස්සනසුලු සාරිය ඇගේ ඉණ වටා දවටා පපුව හරහා සාරි පොට දමන්නට මා සමත් වුණා. ඈ අසලින් තැබීම සඳහා පිඟානක් මත හාල්, එළඟිතෙල් සහ සීනි සෑහෙන තරමක පංගු මා බෙදා සූදානම් කළා. මේවා ඇයගේ ආත්මය සඳහාද, නොඑසේ නම් දෙවියන් සඳහාදැයි මා හරියටම දැන නොසිටියත් ඒ චාරිත්‍ර ඉටු කළේ ඇගේ ආත්මය අතෘප්තිමත් වේයැයි බියෙන්.

මා කාමරයෙන් පිටවෙද්දී බිම තබා ඇති උණ ලී මැස්සක් දුටුවා. අවසානය ළඟ බව දැනෙද්දී මගේ පපුවේ වූ සිරවුම උගුර වෙත මාරු වූවා.

නිවසට මිනිසුන් පැමිණෙන්නට වුණා. තාත්තාත් බිකූත් කිසිම හැඟීමකින් තොරව ඔවුන් වෙත යොමු වූ අතර මා කෙළවරකට වී සිටියා. ශෝකවන්නන් අතරින් සමහරෙක් අම්මාගේ දේහයට ආචාර කළේ එක්කෝ කඳුළු පිසිමින්, අතකින් මුව වසාගනිමින්, පපුවට ගසාගෙන කෑ ගසමින් එසේත් නැත්නම් නිහඬ ව. ඔවුන්ගෙන් සමහර අය අවුරුදු ගණනක් තිස්සේ ඇය ගැන එක් රැස් කරගත් කතන්දර කීවේ ඔවුන් ඇයව කොයිතරම් හොඳින් දැන සිටියාදැයි පෙන්වන්නටයි. දෙවියන්ගෙන් තමන්ගේ සොයුරිය ගෙන ගියේ ඇයිදැයි විමසමින්, වැඩිම ශබ්දයකින් වැලපෙමින් සිටියේ අම්මා තරුණ මනාලියක්ව සිටිද්දී ඇයට විහිළු කළ බව ඇය කී එක් මාමා කෙනෙක් බව මට පෙනුණා.

මට තේ හදන්නට උදවු කරන්නට ආ නැන්දා කෙනෙක් මා දිගටම නතරවන්නට බලාපොරොත්තුවේදැයි විමසුවා. මා ඒ ගැන නොදන්නා බව කී විට "ඔව් සල්ලි වැදගත් තමයි. ඒත් උඹේ තාත්තා දැන් වයසයි. උඹට දැන් කසාද බඳින්න වෙන්නේත් නැහැනේ. මේ ගෙදරත් උඹේ නමට ලියාගෙන තාත්තාවත් බලාගෙන ඉන්නයි තියෙන්නේ. බිකූ කොයි වෙලාවකවත් ගෙදරක නැහැ."

තාත්තා වයසයි. ඔහු අම්මාට වඩා වැඩුමල්. ඔහු ඒ වෙද්දීත් බාල මත්පැන් පානය කළා, දෙවරක් ඔහුගේ කැඩුණු දණහිස සකසා තිබුණා, ඔහු බීඩි උරා රෑ තිස්සේ කැස්සා. මුදල් තිබුණා නම් දෙවෙනි මනමාලියක් ගැන පවා ඔහු සිතන්නට ඉඩ තිබුණා. ඔහු ඇවිදින සුන්බුන් ගොඩක් වුවත් ඔහු ජීවත්ව සිටියා, නමුත් ඇය යන්න ගිහින්. ජීවිතය තරම්ම මරණයත් අසාධාරණ බව මට හැඟුණා.

රාහු කාල ආදී දේ ගැන දන්නා බව පෙනුණු අමුත්තෙක් තාත්තාගේ කනට කොඳුරා යමක් කියන තෙක්ම කොයිතරම් වෙලා ගතව තිබුණිදැයි මට වගක් දැනුණේ නැහැ. සැමියාත් පුතාත් ඇගේ සිරුර උණ ලීයෙන් සැකසුණු මැස්ස උඩින් ඔසවා තැබුවා. ඇගේ සිරුර සෙලවුණ තරමට මැස්ස බර දරාගන්නට සවිමත්දැයි සිතමින්, එහි දිග මිටවල් අතරින් සිරුර කඩා වැටේදැයි සිතමින් මා වද වූවා. ඇගේ සිරුර වෙත මා අත දිගු කළ විට බිකූ එය ගසා දැමුවා.

කිසිම කලාවක් රහිතව පිරිමින් ඇගේ සිරුර ඔසවා අපගේ නිවසේ පටු දොරකඩින් පිටතට ගත්තා. තවත් ගැහැනුන් රැසක් හඬමින් සිටියා. ඇගේ දෙපතුල් අතුරුදන් වන අයුරු මා බලා සිටියා.

හිස් වූ නිවසේ වටපිට බලද්දී පළමු වරට මට හැඬුම් ආවා. මගේ අම්මා යන්න ගිහින්. ඈව අන්තිම වරට දුටු මොහොත මා සිහිපත් කළා. ඒ මා නැවතත් රැකියාවට යන්නට සුදානම් වෙද්දී, ඇය වංගෙඩියේ කොටා සැකසූ පොල් අච්චාරු බෝතලයකට අසුරමින් සිටි මොහොතයි. තාත්තාගේ ණය සියල්ල ගෙවා අවසන් නිසා ගෙදරට අඩුවෙන් මුදල් එවන්නැයි ඇය මට කියමින් සිටියා. නගරයෙන්ම හොඳ තරුණයෙක් සොයාගෙන කසාද බඳින්නයැයි මට කියද්දී ඇගේ කටහඬ වෙවුලුම් කෑවා. මා ලස්සන ගැහැනියක් බවට පත්වෙමින් සිටි නිසා මා රැකියාව කළ නිවසට ආ ගිය පිරිමින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ඈ කීවා. මා ඊට සිනාසුණු විට ඇගේ වදන්වල බරපතලකම තේරුම් ගන්නයැයි ඈ කෝපයෙන් කීවා. "උඹ පිරිමි ගැන දන්නේ නැහැ මාලා, තමන්ගේ අවසරය නැතිව පිරිමියෙක් තමන්ව අයිති කරගන්න ක්‍රමයක් හොයාගන්න එකට වඩා වෙන කරුමයක් නැහැ." මගේ මල්ලට තෙල් පෙඟුණු රසකැවිලි ඔබමින් ඈ කීවා. පසුව, මා ඒ මල්ලේ ඇඳුම් ඉවත් කරද්දී ඒ රසකැවිලි තිබුණු පෙට්ටියෙන් කාන්දු වූ එළඟිතෙල් මගේ ඇඳුම්වල පැල්ලම් ඇතිකර තිබීම ගැන මා ඈ ට ශාප කළා.

බිකූත් තාත්තාත් නැවත එන්නට කලින් මා බඩු මුට්ටු සූදානම් කරගෙන නිවසින් පිටවූවා. යන්නට පෙර මොහොතක් නිවස මැද හිඳ සිටි මට, අම්මා කුස්සියේ දහදිය පිසිමින් සිටගෙන සිටින අයුරුත්, මා පාසැලේදී උගත් වචන හඬ නඟා කියවමින් සිටින අයුරුත් මැවී පෙනුණා. ඉනික්බිති අම්මාගේ සාරි කිහිපයකුත්, ආභරණ කිහිපයකුත් ගත් මා ආපසු නොබලාම පිටවී යන්නට ගියා.

බිකූ කේන්තියෙන් දිව ඇවිත් මා නැවත නිවස වෙත ඇදගෙන යයිද බලමින් මා බස් නැවතුමේ සිටියා. එසේ වේ යැයි මා ප්‍රර්ථනා කරමින් පවා සිටියා. අවාසානයෙදී බස් රථය පැමිණි විට මා එයට නැඟ ගත්තා. කුඩා කඩමණ්ඩිත්, කොළ පැහැති සහ දුඹුරු පැහැති කුඹුරුත් පසු කරමින් එය අධිවේගී මාර්ගයට එළඹුණා. මෙවර නම් මට බසයේ අසුන් පේලියක්ම තනි භුක්තියට ලැබී තිබුණා.

සමහරවිට තාත්තා කී දේ හරි වන්නට ඇති. සමහරවිට කිසිදාක නොලැබෙන ජීවිතයක් ගැන බලාපොරොත්තුවෙන් සිටි ඇගේ හදවත අවසානයේදී වෙහෙසවී නවතින්නට ඇති.

ඇගේ කොරල් කරාබු දෙක මගේ අත්බෑගයේ සුරක්ෂිතව තිබුණා. ඒවා කීයකට විකිණිය හැකිදැයි සොයාබලන්නට මා බලාපොරොත්තු වුණා.




Nissanka Rajapaksa

unread,
Jan 29, 2026, 8:16:05 PMJan 29
to INDRAKA group
16
විශෝ­ධ­නය 

මියන්මාර් ලේඛිකා තින් වින් යීං ගේ Cleanup කෙටිකතාවේ පරිව­ර්ත­නය 
 එම්.එම්. පාලිත මහින්ද මුණ­සිංහ විසින්.
(සිළුමිණ පුවත්පතෙනි)

නිවසට පැමිණි පුද්ග­ලයා නොපෙනී ගිය පසු, කින් කින් ෆ්යු මේසය මත තිබුණු තෑගි­බෝග දෙස බැලු­වා ය. ඔහු තබා ගිය තෑගි ඉවත් කිරී­මට පෙර, තවත් අමු­ත්තෙක් එහි   පැමි­ණි­යේ ය. එවර කුඩා මේසය තෑගි­ව­ලින් පිරී ඉතිරී ගියේ ය. ඇයගේ පුතුන් දෙදෙනා අමු­ත්තන් පිටව යන තෙක් නොපෙනී සිටී­මට මනා පුහු­ණු­වක් ලබා සිටි­ය හ.

“අම්මේ… මේ මොකක්ද?”

“මට කේක් ඕනේ… කේක් ඕනේ…” බාලයා කෑමො­ර­ගැ­සු­වේය.

“මටත් කේක් ඕනේ…” වැඩි­මලා ඉදි­රි­යට පැමි­ණි­යේය.

“ඉව­සන්න… ටිකක් ඉන්න… කෑග­හන්න එපා… ඔයා­ලට දෙනවා…”

මවගේ ස්ථිර­සාර පොරො­න්දුව මත ළමයි දෙදෙන සන්සුන් වූහ. පළ­මුව පැමිණි අමුත්තා තබා තිබුණු නිල් පොලි­තීන් බෑගය මත ‘ළම­යින් සඳහා’ යැයි සට­හ­නක් විය. ඈ ඉන් ඉව­තට ගත්තේ විශාල කේක් එකකි.

“හුරේ…! කේක්! ” බාලයා ප්‍රීති­යෙන් කෑගැ­සු­වේය.

“මේ… ඔයාට මේක කපලා ළමයි දෙන්නට දෙන්න පුළු­වන්ද?”

පැමිණි අමු­ත්තන් ගේට්ටු­වෙන් පිට­තට ගිය වග දැකී­මෙන් පසු ඈ තාන්ට් සින් වෙතින් උප­කාර ඉල්ලා සිටි­යාය. ඈ දෙස රවා බැලූ ඔහු හිස් කෝපි කෝප්පය ඔස­වා­ගෙ­නම හුන­ස්නෙන් නැඟිට සිටි­යේය.

“හා හා… කෝ දෙන්න..! ” යැයි පව­ස­මින් ළම­යින් දෙදෙ­නාත් ඇද­ගෙන තාන්ට් සින් මුළු­තැ­න්ගෙය දෙසට ගමන් කළේය.

“බටර් කුකීස්… තවත් එකක්… ම්… කුකීස් ගොඩාක්…!”

‘දෙයි­යනේ! ඔවුන් මේ තරම් ප්‍රමා­ණ­යක් ගෙනාවේ ඇයි…’

ඈ සිහින් හඬින් කොඳු­ර­මින් පාර්සල් ගණන් කර බැලු­වාය. අඩුම තර­මින් ඒවා දරු­වන් වෙනු­වෙන් දින තුන­ක­ට­වත් සෑහෙන බව ඇයට අව­බෝධ විය. අව­සා­න­යට පැමිණි අමුත්තා තබා ගිය තැඹිලි පාට පොලි­තීන් බෑගය එවර ඈ අතට ගත්තාය. ආයත හැඩයේ පැතලි, දිගටි පොදි­යෙන් එළි­යට ගත් ලුංගිය තාන්ට් සින් සඳ­හාම වූ මිල අධික එකක් බව පෙනිණ. එක්ව­රම ඇයට සිහි­පත් වූයේ දැන­ට­මත් ඒවා­යින් දහ­යක් පමණ ඔහු සතුව තිබෙන බවයි.

‘මං අහල තියෙ­නවා සම­හරු තෑගි ආපසු විකු­ණන බව’ කින් කින් ෆ්යු මිමි­ණු­වාය.

ඇය ඉහ­ළට ඇද­ගත් බර හුස්ම යළි පිට කළාය. වර්ණය හෝ මෝස්ත­රය දෙස නොබ­ලාම ඈ ලුංගිය පසෙ­කට දැමු­වාය. ඒ සම­ඟම ඇය කන­ස්ස­ල්ලෙන් කල්පනා කළාය. කින් කින් ෆ්යු එයට අත තැබූ සැණෙ­කින්ම ඇයගේ සිති­විලි අතු­රු­දන් විය.

‘මේ තරම් ලොකු ඉස්සෝ…! අඩුම තර­මින් කිලෝ පහ­ක්වත් මෙතන ඇති.’

එසැ­ණින් ඈ එය පරීක්ෂා කිරී­මට පටන් ගත්තාය. එහි බර අනු­මාන කිරී­මට උත්සාහ කිරී­මේදී ඇයට නොදැ­නු­ව­ත්වම ඇයගේ ලෝබ­කම ඉස්මතු විය. යළි සුසු­මක් හෙළ­මින් ඇය බෑගය අත්හැර දැමු­වාය. මාතෘ වාට්ටුවේ වැතිර සිටි කාලයේ ඇයට ලැබුණු තෑගි බෝග ගැන ඇයට සිහි­පත් විය. මෙයට වසර තුන­කට පෙර මෙවැ­නිම වාස­නා­වක් ඔවුන් වෙත උදා වූයේය. ඒ කාලය ඇයගේ බාල­යාගේ වය­සට සමාන විය. දුෂ්කර කාල­ය­කින් පසු සෙන­සු­රා­දා­වක උදෑ­සන ඇයගේ වැඩි­ම­හල් දරු­වාගේ උපත සිදු විය. ගමේ වැඩි­හිටි වය­ස්ගත කාන්තා­වන් පැව­සුවේ එදින අවා­ස­නා­වන්ත දව­සක් බවයි. ඔවුන්ගේ ආක­ල්පය පිළි­බඳ කින් කින් ෆ්යු වැඩි­දුර සිතුවේ නැත.

මේ වාස­නා­වන්ත යුගය සැබ­වින්ම ආරම්භ වූයේ තාන්ට් සින් වර්ත­මාන තන­තු­රට උසස් කිරී­මත් සමඟ ලැබූ මාරු වීමත් සම­ඟය. ඊට පෙර ඔහු සාමාන්‍ය සේව­ක­යෙකි. එකල නෑදෑ­යන් සහ අස­ල්වැ­සියෝ ඔවුන්ගේ නිවෙස තුළත්, ඉන් පිට­තත් නිතර ගැව­සු­ණහ. ඔවුන් වෙත ආග­න්තුක සත්කාර පිරි­නැ­මී­මට ඈ මහත් ආශා­වක් දැක්වූ­වාය.

මෑතදී තාන්ට් සින් ලත් මේ ජන­ප්‍රි­ය­ත්වය ඇයට තර­මක් නුහුරු බවක් දැන­වූ­යේය. ඇයගේ ජීවි­තයේ මීට පෙර කව­දා­වත් දැක නැති අය සමඟ වාඩි වී කතා­බස් කිරීම ඇයට අප­හසු දෙයක් විය. තම ස්වාමි­පු­රු­ෂයා ඉටු කර දෙන උප­කාර වෙනු­වෙන් ලැබෙන තෑගි බෝග ඇය අප­හ­සු­තා­වට පත් කළේය. කින් කින් ෆ්යු තද­බල ලෙස ඒවා ප්‍රති­ක්ෂේප කළාය. ඒ පිළි­බඳ කතා­බහ කිරී­ම­ට­වත් ඈ අකැ­මැති වූවාය.

“ඇත්ත වශ­යෙන්ම මේ මොක­වත් ගේන්න එපා…” බොහෝ අව­ස්ථා­ව­ලදී තාන්ට් සින් අමු­ත්තන් ඉදි­රියේ පව­සන ආකා­රය ඇය අසා ඇත.

එහෙත් අමු­ත්තන් පිටව ගිය පසු ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇති විය.

“ඔයා මේවා අර­ගෙන සතුටු වෙනව නේ… ඔයා කොයි වේලා­ව­ක­වත් ඒවා ප්‍රති­ක්ෂේප කරන්නේ නෑ නේ… ” කින් කින් ෆ්යු තම අකැ­මැත්ත පවසා සිටි­යාය.

“ඔය ඉතින්… මං කියලා තියෙ­නව නේ…”

“ඔයා මොන තරම් එපා කිවු­වත් එයින් වැඩක් වුණේ නැහැ නේද…? මිනිස්සු හැම වෙලා­ව­කම ඒ මේ දේවල් ගෙනත් මෙතන අත­හ­රි­නවා.” ඈ පවසා සිටි­යාය.

“මං ඔය දේවල් බාර ගන්නේ නැති බව ඔයා දන්නව නේ…”

“ඒ අය ඔයා­ගෙන් ඒ මේ දේ කර දෙන්න කියා ඉල්ල­නවා. පස්සෙ මේ දේවල් ගෙනත් තිය­නවා. ඒ මිනිස්සු අවං­කයි කිය­න්නත් බෑ. ඒව බාර­ගන්න ඔයා අවං­කත් නෑ.” ඈ තර­මක් උස් හඬින් යළි පවසා සිටි­යාය.

“විනා­ඩි­යක් ඉන්න… ඔයා මට චෝදනා කරන්නේ කොහො­මද? ඔයා තර්ජ­නය කරලා මගේ චරි­ත­යට විරු­ද්ධව එක වච­න­ය­ක්වත් කියන්න එපා.”

“නෑ නෑ… මම කිවුවේ… ඔයාට දැන­ගන්න විත­රයි.”

“මගේ වැඩ­වල අත යට කිසිම දෙයක් නැහැ.”

“ඒ වුණාට මං හිතන්නේ නැහැ ඔයා මේ දේවල් ගන්න ඕනැ­මයි කියලා…” ඇය ඉවත බලා­ගෙන පැව­සු­වාය.

“මං මිනි­සුන්ට උදවු කරලා කිසි වෙලා­වක කිසිම දෙයක් බලා­පො­රොත්තු වෙන්නෙ නෑ… ඒක ඔයා දන්නවා නේ. මං නොකළ යුතු කිසිම උද­වු­වක් කර­න්නෙත් නෑ. මට කරන්න පුළු­වන් දේ විත­රයි කරන්නෙ.” තාන්ට් සින් අව­ධා­ර­ණය කළේය.

“හරි හරි… හොඳයි. ඔයාට පුළු­වන් හැම දෙයක්ම, එයා­ලට කරලා දෙන්න.”

“සම­හර අය වැඩක් කරලා දෙන්න එළි­පි­ටම අල්ලස් ඉල්ලා සිටි­නවා. මං ඒ වාගේ කෙනෙක් නෙමේ, තේරු­ණාද?” ඔහු පැව­සුවේ තර­මක් අම­නාප වූ ස්වර­යෙනි.

“ඔයා මේ ගැන මොකද කියන්නේ? ඒක පොඩි ලුංගි­යක් වුණත්… දිය­මන්ති මල්ලක් වුණත්… කුලප්පු වෙලා මට ගර­හන්නෙ.”

“ඔව්. මම කුලප්පු වෙලා… ඉතින් මොකද?” නිහැ­ඬි­යාව පැව­තියේ සුළු මොහො­තකි.

“මං මට පුළු­වන් විදි­හට නේ හම්බ කරන්නේ… මං කොයිම වෙලා­ව­ක­වත් අල්ලස් ගන්නෙ නැහැ… මගේ පර­ම්ප­රාවේ ඒ වාගේ දේවල් කව­දා­වත් සිද්ධ වෙලා නැහැ. අපි දීම­නා­ව­ලින් යැපෙ­න්නෙත් නෑ…” කින් කින් ෆ්යු නොක­ඩ­වාම පව­සා­ගෙන ගියාය.

“පර බැල්ලී! උඹ හිතන්නෙ අපේ අය මොන වගේ කිය­ලද? මේක මතක තියා­ග­නින්. උඹලා හැමෝ­ටම වඩා අපි අවං­කයි. උඹ ඕනෑ­වට වැඩියි…”

තාන්ට් සින් ගොර­වන්න පටන් ගත්තේය. ඔහු වෙනු­වෙන් ඈ ගත් උත්සා­හය ගැන කින් කින් ෆ්යු ලජ්ජා­වට පත් වූවාය. ඒ සමඟ නිහඬ වූ ඇය, ඔහුගේ දර්ශ­න­යෙන් ඉවත්ව ගියාය. වාස­නාව ගලා ඒම වළ­කා­ගත හැකි ක්‍රම­යක් නැති බව අව­සා­නයේ ඈ තේරුම් ගත්තාය.

“බැන්…බැන්…. බෑන්ග්….!”
එක්ව­රම ඈ උද්දා­ම­යට පත් වී හඬ නැඟීය.

 පිරිමි ළම­යින් දෙදෙ­නා­ගෙන් හෝ ඇයගේ ස්වාමි­පු­රු­ෂ­යා­ගෙන් ‘හ්ම්…’ ශබ්ද­ය­ක්වත් නොතිබූ බැවින් කින් කින් ෆ්යු ඔවුන් සෙවීම සඳහා ආලි­න්දය දෙසට ගියාය. තම සැමියා පොතක්ද අතැ­තිව, වාත­ල­යට ඇදී යන සුරුට්ටු දුම දෙස බලා­ගෙන සිටින අයුරු ඈ දුටු­වාය.

“මේ… ළමයි දෙන්න කොහෙද? ඔයා ඒගො­ල්ලන්ව බලා­ග­න්න­වද? මං නාග­න්නවා… ඔයාට ෂැම්පු බේසමේ තිය­න්නම්…”

තාන්ට් සින් සිහි­න­ය­කින් අවදි වූවකු ලෙස ඈ දෙස බැලු­වේය.

“ඇයි ඔයා සෙන­සු­රාදා වෙන­කම් ඉන්නෙ නැත්තේ…?”

“ඇයි? අද උදේ ඔයාම නෙ කිවුවේ, මට නාගන්න කියලා. ඇයි දැන් එපා කියන්නෙ?” ඈ බලා සිටියේ තාන්ට් සින් දෙසයි.

ඔහු දෑස් පහත් කර ඈ දෙස බලා, නිවී ගිය සුරු­ට්ටුව ඉව­තට වීසි කළේය.




Nihal Ananda

unread,
Feb 2, 2026, 9:07:44 AMFeb 2
to ind...@googlegroups.com
16
විශෝ­ධ­නය 

මියන්මාර් ලේඛිකා තින් වින් යීං ගේ Cleanup කෙටිකතාවේ පරිව­ර්ත­නය 
 එම්.එම්. පාලිත මහින්ද මුණ­සිංහ විසින්.
(සිළුමිණ පුවත්පතෙනි
...................
මේ කතාවේ .....පොඩි අල්ලලා යන ගතියක් තියෙනවා . 
අල්ලලා යන්නේ මොකද්ද  ? ..... හරියටම කියන්න අමාරුයි  !! 

Nihal Ananda

unread,
Feb 3, 2026, 12:04:50 AMFeb 3
to ind...@googlegroups.com
15
රතු කොරල්
Translation of the short story Red Coral by Sangeetha Bhaskaran
පරිවර්තනය - හෙල්මලී ගුණතිලක 
...............................................................................................
කියවන්නට අමාරු........ ,   කතාවක් . පරිවර්තනයකරන්නට ඊටත් අමාරු විය හැකියි .  
 
අමාරුවෙන් කියවූවා .
අමාරුව තියෙන්නේ, කතාවේ කර්කශ  දුක්ඛදායක විස්තර තුලයි . 
ලංකාවේ , ඈත දුෂ්කර ගමක වුනත් , මෙහෙම තත්වයක් තිබේද ?   'නැත'  යනු මගේ අදහසයි . 
ඉන්දියාවේ  ධුෂ්කර ගමක වුවත් , මෙවැනි තත්වයක් තිබිය නොහැකි බව, මගේ විශ්වාසයයි .
  
කොහොම වුනත් , ප්‍රධාන චරිත අතර සම්බන්ධතා, ගැටුම් , මානසික ගැටුම්   මනාව විස්තර කරනවා.
කතා නායිකාව , හැඟීම් දැනෙන  බුද්ධිමත් කෙනෙකු ලෙස ඉදිරිපත් කිරීම විශේෂයි .
ඒ නිසාම ,  අමානුෂික පුද්ගල සම්බන්ධතා තුල වුවත් යම් මානුෂික භාවයක් ,  කතුවරයා ඉදිරිපත් කරනවා . 
කියවිය හැක්කේ ඒ නිසයි .  .   .    

Nihal Ananda

unread,
Feb 3, 2026, 12:47:47 AMFeb 3
to ind...@googlegroups.com
attn: @nissanka
(so many short stories translations...... in this link )

Nissanka Rajapaksa

unread,
Feb 6, 2026, 9:23:02 PMFeb 6
to INDRAKA group
17
තක්කාලි ගෙඩි දාහත   || සිළුමිණ 

කැනේ­ඩි­යානු ලේඛක ජස්ප්‍රීත් සිං විසින් ලියන ලද්දකි.
 පරිවර්තනය පාලිත ජය­කො­ඩි

ආදි හා අර්ජුන් ගජ යහ­ළු­වන් දෙදෙනා ඉගෙන ගත්තේ කාශ්මී­රයේ පිරිමි ආදර්ශ පාස­ලේය. එහි පන්ති කාමර පව­ත්වා­ගෙන යනු ලැබූයේ කූඩා­ර­ම්ව­ලය. අලු­තින් ඉදි­වෙ­මින් තිබුණු ගඩොළු - සිමෙන්ති ගොඩ­නැ­ඟිල්ල පිහි­ටියේ මේ තුනේ කැලැ­සියේ කොල්ලන්ගේ ඇසට හසු නොවන දුර­කින් නොවේ. එහි ඉදි­කි­රීම් කොත­රම් හෙමින් සිදුවී ද යත් ඔවුන්ගේ ගුරු­තු­මිය නර්ගීස් පැව­සූයේ එහි ඉගෙන ගන්නට කවදා හෝ හැකි වන්නේ මේ බටු කොල්ලන්ගේ මුනු­පු­රන්ට බවයි.

ගණිත පන්තිය මේ දැන් දැන්ම වාගේ පටන් ගෙන තිබුණු අතර එක්ව­නම එහි කඩා වැදුණේ හමුදා ඇඳු­ම­කින් සැරසී ගත් පුද්ග­ල­යෙකි. අඩ­වන් කර ගත් දෙඇ­ස­කින් යුතු කෙල්ලක් ඔහු පසු­පස ඇවිද ආයේ පොත් මල්ලද තක්කාලි ගෙඩි දාහ­තක් ද එල්ලා­ගෙ­නය. නොගෙතූ කොණ්ඩය ඉස්මු­දු­ණින් එක්කොට පහ­තට වැටෙ­න්නට සලස්වා සිටි ඇය හැඳ සිටි නිල් පැහැ සාම්ප්‍ර­දා­යික කාශ්මීර ඇඳුම ඇගේ ඇඟට වඩා තර­මක් විශාල වූ බවක් පෙනුණි.

“මගේ දුව වාඩි කර­වන්න පුළු­වන් කොතැ­නින්ද? මිනිසා ඇසුවේ උස් හඬිනි.

“කෙහො­මද මේ පන්තියෙ ඉන්ද­වන්නෙ?“ නර්ගීස් මහ­ත්මිය ඇසු­වාය. “මේක පිරිමි පාස­ලක්.“

කෙල්ල වහා ඔහු පිටු­පස සැඟ­වු­ණාය.

“බය වෙන්න එපා කෙල්ලෙ.“ මිනිසා පැව­සීය.

“තැන­කින් ගිහින් ඉඳ­ගන්න.“

ඉනි­ක්බිති ගුරු­තු­මිය වෙත ඇවිද ගිය ඔහු තම රිවෝ­ල්ව­රය ඇද ගත්තේය.

“නීති,“ නර්ගීස් මහ­ත්මිය දෙඩූයේ අමා­රු­වෙන් හුස්ම ගනි­මිනි. “කඩන්න බෑ.“

“මේ පළා­ත­ක­වත් කෙල්ලන්ගේ ඉස්කෝ­ල­යක් නැහැ, නෝනා මහ­ත්තයා“ ඔහු පැව­සීය. “හොඳට අහ­ගන්න: මගේ දරුවා ගෙදර යැව්වොත් හර­වලා, මං ඔහෙට වෙඩි තියා දානවා.“

මුළු පන්ති­යම මුණු මුණු ගාන්නට පටන් ගත්තේ බියත් තැති ගැන්මත් හේතු­වෙනි.

“නිශ්ශ­බ්ද­වෙ­නවා!“ නර්ගීස් මහ­ත්මිය තම දෙතොල මත ඇඟිල්ල තබා පෙන්වූ­වාය. “හොඳ­ටම නිශ්ශබ්ද වෙනවා.!“

මෙ වේලෙයි තම ගුරු­ව­රිය වේවැල ඇද නොගත්තේ මන්දැයි ආදී හා අර්ජුන් පුදුම වූවෝය. වෙනදා එබඳු කල­බ­ල­යක් කළ­හොත් නිසැ­ක­වම අව­වා­දය ලැබුණේ එයින් වූ බැවිනි.

හමු­දා­කා­රයා කූඩා­රම සිසාරා බැලූයේ ලොවි ගෙඩි දෙකක් තර­මට රතු කර ගත් දෙනෙ­තින් යුතු­වය. එහි වම්පස කොල්ල­න්ගෙන් පිරී තිබුණි. කූඩා­රමේ දකු­ණු­පස පිරී ගොස් තිබුණේ ද කොල්ල­න්ගෙනි.

“කෙල්ල,“ දෙකේ කොළ­යට වැටුණු නර්ගීස් මහ­ත්මිය දෙඩු­වාය. “මගේ පුටුව අර­ගෙන පන්තිය මැද්දෙන් ඉඳ­ග­න්නවා.“

එයින් සැන­සි­ල්ල­කට පත් බවක් පෙන්වූ මිනිසා තම රිවෝ­ල්ව­රය පහත් කර ගත්තේ කූඩා­ර­මින් පිටව ඈත කඳු­කර ඉසව්ව වෙත ඇවිද යන්නට වීය. ඔහු කූඩා­ර­මෙන් පිටව ගොස් බොහෝ වේලා යන තුරුත් ඔහුගේ බරැති අඩි ශබ්දය දෝංකාර දෙනු ඔවු­නට ඇසිණ.

එදා නර්ගීස් මහ­ත්මිය වෙන­දාට වඩා වේලා­සන විවේක කාලය ලබා දෙන්නට කල්පනා කළාය.

විවේක කාල­යේදී ද තම අසු­න­ටම ඇලී සිටි කෙල්ල තමා ගෙනා තක්කාලි එකින් එක කන්නට පටන් ගත්තාය. ආදි සහ අර්ජුන් හෙමි හෙමින් ඇයට කිට්ටු කර­න්නට වූ අතර සෙස්සෝ ද ඔවුන් දෙදෙනා අනු­ග­ම­නය කළෝය. තක්කාලි විකද්දී දෙ හනු සෙල­වුණා මිස, ඒ හැර කිසිඳු සෙල­වී­මක, හැරී­මක ලකු­ණක් ඈ වෙතින් දකි­න්නට නොහැකි විය. කොල්ලෝ ඇයට තම තමන්ගේ නම් පව­ස­මින් හඳුන්වා දුන්නෝය. ඇය බිය­ගුළු ගති­යෙන් යුතුව තක්කාලි විකා ගිලි­මින්ම සිටි­යාය. ඇය හය වැනි තක්කාලි ගෙඩිය කා දැම්මේ පස්වැ­න්නට වඩා බොහෝ වේග­යෙනි. අන්ත­යේදී අර්ජුන් ඔහුගේ නම පව­සද්දී ඇය මෝඩ පහේ සිනා­වක් පෑවේ කාන්තිය විහි­දුණු දෙනෙ­තින් යුතු­වය.

කිසි­වෙකු ඇගෙන් නම ඇසූයේ නොවේ. ඔවුහු ඇගේ තාත්තා ගැන ඇසී­මෙන් ද වැළකී සිටි­යෝය. ඒ වෙනු­වට, ඔවුහු තමා සංචා­රය කර තිබුණු නගර ගැන ද, නර­ඹ­න්නට ගිය ක්‍රිකට් තරග හෝ ඔවුන් නරඹා තිබුණු අමි­තාබ් - රේඛාගේ චිත්‍ර­පට ගැන ද පුර­සා­රම් දොඩ­මින් සිටි­යෝය. ආදි හා අර්ජුන් ඇයට ඊළඟ දවසේ තෑගි ගෙන එන බවට ද පොරොන්දු වී තිබුණි; සම­න­ල­යින් හා නර්ගීස් මහ­ත්මි­යගේ අභ්‍යා­ස­ව­ලට පිළි­තුරු ඒ තෑගි අතර විය.

ඇය පාපන්දු සෙල්ල­මට එක් නුවූ නමුත් කොල්ලන් පාසල් බිමේ පාප­න්දු­වට පොර කෑ අයුරු කවු­ළු­වෙන් දෙඇස් යව­මින් බලා සිටි­යාය. බිය­පත්ව සිටි බවක් පෙනුණේ නමුදු, ඇය දිගින් දිග­ටම පිං පොං බෝල තරම් වූ අර රතට හුරු තක්කාලි විකා කමින් සිටි­යාය.

ආදි හා අර්ජුන් අනෙක් කොල්ලන් සමඟ රංඩු­වට වැටී සිටියේ නැත. ඔවුහු වැඩ අහ­වර නුවූ අලුත් ගොඩ­නැ­ඟිල්ල ඇතුළේ පරණ ටය­ර­යක් පෙර­ළ­මින් සිටි­යෝය. ටය­රය සිමෙන්ති ගොඩක වැදී අනෙක් පස පෙරළී යද්දී අර්ජුන් තම යහ­ළුවා වෙත හැරුණේ යම් රහ­සක් හෙළි­ද­රව් කර­න්නට මෙනි.

“මං ලොකු වුණාම, මං එයාව කසාද බඳි­නවා.

“කාවද?“ ආදි ඇසීය.

“අර කෙල්ල!“

“එයාගෙ තාත්තා ඔයාට වෙඩි තියල දායි.“ ආදි පැව­සීය.

“මං මැරන්න වුණත් ලෑස්තියි.“ අර්ජුන් පැව­සූයේ ඒ ගැන සැල­කි­ල්ලක් නො දක්ව­න්නාක් මෙනි.

“මැරෙන්නෙ මොකො­ටද? ඇයි ලියු­මක් ලියන්නේ නැත්තේ?“

“ලියු­මක්?“

“එයා උත්ත­ර­යක් එව්වොත්, ඔය දෙන්නට පැනල යන්න පුළු­වනි.“ ආදි යෝජනා කළේය.

විවේක කාලය අව­සන් වෙද්දී කෙල්ල තක්කාලි ගෙඩි එකො­ළ­හක් කා අව­සන් කර තිබුණි. සීනුව නාද කළ නර්ගීස් මහ­ත්මිය ඉති­හා­සය පාඩම පටන් ගත්තාය. සාමා­න්‍ය­යෙන් ගතා­නු­ග­තික ගුරු­ව­රි­යක වූ නමුදු අද දවසේ ඇගේ දේශ­නය ඊට වඩා හාත්ප­සින් වෙනස් විය.

“ළමයි“ ඇය පාඩම පටන් ගත්තේ ශාන්ත ස්වර­ය­කිනි.

“අර පේන ඈත කඳු­ක­රයේ උද්‍යාන දෙකක් පිහිටා තියෙ­නවා. වම් පැත්තේ ශාලි­මර්; දකුණේ තියෙන්නේ නිශාත් ෂාලි­මර් ඉඳි­කළේ අධි­රා­ජයා අධි­රා­ජි­ණිය වෙනු­වෙන්. නිශාත් උද්‍යා­නය ඉදි­කළේ අධි­රා­ජි­ණි­යගේ සහෝ­ද­රයා; ඒත් අධි­රා­ජි­ණිය වෙනු­වෙ­න්මයි.“

“ඔව්, මැඩම්.“ කොල්ලන් උත්තර දුන්නේ ගාම්භී­ර­වය. අර්ජුන් දුටුයේ කෙල්ල දහ තුන් වැනි තක්කාලි ගෙඩි­යත් කා දමන අන්ද­මය.

‘1632 අවු­රුද්දෙ එක හව­සක, අධි­රා­ජි­ණිය නිශාත් උද්‍යා­න­යට ලැබෙන ජල සැප­යුම නතර කළා. දන්න­වාද ඒ ඇයි කියලා?“

“නැහැ, මැඩම්!“

“හේතුව තමයි නිශාත් ශාලි­මාර් තරම්ම අලං­කාර වීම.“

“ඔව්, මැඩම්“ කොල්ලෝ එක­වර ශබ්ද නග­න්නට පටන් ගත්තෝ. ආදි බලා සිටියේ කෙල්ල දා හතර වැනි තක්කාලි ගෙඩිය ද කන්නට පටන් ගත් අයු­රුය.

උද්‍යාන ගැන පාඩම අර්ජුන් අව­ධා­නය යොමු කළේ බාගෙ­ටය. ඔහු තම නිල් පාට පැන්ස­ලින් ආදර හසු­නක් ලිවීමේ යුහු­සු­ළුව සිටි­යේය. හසුන ලියා අහ­වර වූ ඔහු එය ආදි අත පත් කෙළේ අඩු­පාඩු බල­න්න­ටයි. ආදිගේ මක­නය බොහෝ වතා­වක් ඒ මත එහි මෙහි ඇදුනු අතර ඔහු අතින් පේළි කිහි­ප­යක් ද ඊට එක් විය.

“මේක කොහො­මද එයාට දෙන්නේ?“ ආදි මිමි­ණීය.

“මං ගිහින් දෙන්නම්“

“මෝඩයා, අලුත් විදි­හ­කට කර­නවා.“

මේ ආදර ලියැ­විල්ල පණි­වුඩ ගෙන යන ගුවන් යාන­යක් බවට හැරවූ ඔහු නර්ගීස් මහ­ත්මිය කළු ලෑල්ල මත ඉති­හාස පාඩමේ යම් කොට­සක් ලිය­න්නට හැරෙන තෙක් බලා සිට එය ගුව­න්ගත කෙළේය.

අර්ජුන් දුටුයේ මුළු පන්ති­යම හිස හරවා එදෙස බැලූ බවය. හැරී බැලූ ඔවුන් දුටුයේ වංගු ගස­මින් ඇදුනු කර­දාසි ගුවන් යානය දෑකැ­ත්ත­කින් කප­න්නාක් බඳු හඬක් නග­මින් කූඩා­ර­මින් පිට­තට ගොස් යළි කුංකුම සුව­ඳක් ද සම­ඟින් ඇතු­ළට ආ අයු­රුය. කුරු­ල්ලකු මෙන් ඇදුනු එය නර්ගීස් මහ­ත්මි­යගේ මීව­ද­යක් බඳු කොණ්ඩය පසු කෙළේ මහත් වේග­ය­කිනි. ඉනි­ක්බිති වේගය අඩු වී ගිය එය සාන්ත දාන්තව ඇද වැටුණ් ඉති­රිව තුබුණු තක්කාලි ගෙඩි තුන මතය.

“කෙල්ල,“ කෝප­යට පත් නර්ගීස් මහ­ත්මිය පැව­සූයේ ඉණට දෙ අත ඇන­ගෙ­නය. “ඒක මෙහේ ගේනවා.“

කෙල්ල ඇගේ අණ පිළි­පැ­ද්දාය.

කෙල්ල අතින් ආකාස යාත්‍රාව උදුරා ගත් ඇය එය දිග හැර, නිල් පැහැ අකු­රින් ලියා තුබුණු දේ මුළු පන්ති­ය­ටම ඇසෙන ලෙස කිය­ව­න්නට පටන් ගත්තාය.

බාගෙට පණ නැති වී ගිය අර්ජුන් ආදි වෙත හැරු­ණේය. අර්ජුන්ගේ දෙ ඇස බියෙන් වෙව්ල­න්නට පටන් ගෙන තිබිණි.

“මං ඔයාට චිත්‍ර­ප­ට­වල පෙන්වන තර­ම­ටම ආද­රෙයි.“

නාසය උඩට සීරු ආදි තම දිගු සප­ත්තු­වෙන් පොළොව හාර­න්නට වෑයම් කළේය.

“මට ඕනෑ ඔයාව කසාද බඳින්න. මට පුළු­වනි. ඔයා වෙනු­වෙන් නිශාත් උය­නට වඩා ලස්සන එකක් හදන්න. අපි ඔයාට කන්නත් එක්ක ඒ උද්‍යා­නයේ තක්කාලි හිට­වමු. මගේ ඊළඟ සැලැස්ම මොකක්ද කියලා දැන­ගන්න මට උත්ත­ර­යක් එවන්න.“

මේ පියා­ඹන හාදුව අධි­රජ ආදි ගෙන්.

අර්ජුන් සැන­සුම් සුසු­මක් හෙළීය. ආදි සිය දෙ අත අස්සේ මුහුණ හංගා ගත්තේ ඩෙස්කු­වට බර වෙමිනි. නර්ගීස් මහ­ත්මි­යට ඔහුගේ රහස හෙළි විය. යහ­ළු­වන්ට ඔහුගේ රහස හෙළි විය.

“කෙල්ල,“ ගුරු­ව­රිය ඇසුවේ ඇස් කර­ක­වි­මිනි. “ඔයා කැම­තිද ආදි අධි­රා­ජයා කසාද බඳින්න?“

ලැජ්ජා­වට පත් ඇය තම උද­රය අල්ලා ගත්තා අමුතු සුව­ඳැති තක්කාලි තල­ප­යක් වම­නය කළාය. ඉනි­ක්බිති කඳුළු ගංගා­වක් එක­වර හිස් කළ ඇය කූඩා­ර­මෙන් පැන ඈත කඳු­ක­රය දෙසට දුව­න්නට පටන් ගත්තාය.

ගුරු­තු­මිය ආදිට පිටි අත්ලෙන් පහර කීප­යක් දුන්නාය. ඔහුට කුකුල් වෙස් මුහුණ පැල­ඳ­ගෙන ඉන්නට සිදු­විය. ඊට අම­ත­රව දවසේ ඉතිරි හරිය දෙ අත ඉහ­ළට ඔස­වා­ගෙන ඉන්න­ටද ඔහුට අණ ලැබුණි.

කූඩා­රම පුරා පැතිර ගියේ භයං­කර නිහැ­ඬි­යා­වකි. ඩෙස්කුව මත ඉතිරි වී තිබුණු ඉතිරි තක්කාලි ගෙඩි දෙක දෙස බලා­ගත් වනම අර්ජුන් මොහො­තක් කල්ප­නා­වට වැටී සිටි­යේය. කෙල්ල තම පියා සමඟ ආ පසු පැමි­ණෙන බවත් ඔවුන් දෙදෙ­නාට වෙඩි තබා දමන බවත් ඔහුට නියත විය. දෙදෙනා; ඔව්, ආදි­ටත් නර්ගීස් මහ­ත්මි­ය­ටත් !

==================================

 


Nihal Ananda

unread,
Feb 7, 2026, 1:11:16 AMFeb 7
to ind...@googlegroups.com
බැලුවා  .....
අමු තක්කාලි තරම් ම ...... රසවත් කතාවක් ! 
හැබැයි ,  කෙටි කතාවක් නම් නොවෙයි  !! 
...................................................................

Nissanka Rajapaksa

unread,
Feb 10, 2026, 12:25:15 AMFeb 10
to INDRAKA group
18

සරෝජා


ආරි­ය­වංශ චන්ද්‍ර­සිරි

"කිරි­බණ්ඩා කිතු­ලෙන් වැටිලා… මිනි­හට අන්ති­මයි… ඉස්පි­රි­තාලෙ පැටෙ­වුවා පැට්ටේ­රියේ ලොරි­යෙන්…”

රනා ඉඟ­ටි­යට අත තබා­ගෙන ටික වේලා­වක් හති­ඇ­රි­යේය. කඩේට පැමිණ සිටි ගැහැනු පිරිමි මුව අයා­ගෙන ගල්ගැසී බලා සිටි­යහ.

“දෙයි­හා­මු­දු­රු­වනේ! මේකා මොන මඟු­ල­කට කිතුලෙ බඩ­ගෑ­ව ද යකෝ මේ හිමි­දි­රියේ…?”

කළු­බ­ණ්ඩාගේ කතාව රනාට ඇල්ලුවේ නැත. ඔහු මොහො­තක් කළු­බණ්ඩා දෙස රවා­ගෙන බලා සිටි­යේය.

“කිතු­ලට ගියේ තණ­කොළ කපන්න නෙමේ යකෝ… රා උගු­රක් බොන්ඩ, මලක් පදම් කරන්න….” එතැ­නින් යුද්ධය නතර විය.

මොහො­ත­කින් කිතුල් ප්‍රවෘ­ත්ති­යෙන් පාස­ල ද ගිනි ගත්තේය. වඩාත්ම කම්පා වූයේ බෝඩිමේ සිටින සත්ගු­ණ­වත් ගුරු­භ­ව­තුන් වන අපි ­ම ය. ඒ, කිතුල් රා නිසාම නොව; කිරි­බණ්ඩා හිත හොඳ මිනි­සෙක් නිසා ය. ගුරු මණ්ඩ­ල­යෙන් බාග­යක් පමණ සිටියේ තේව­ත්තේ ය. බෝඩි­ම්කා­රයෝ පණ්ඩිත කතා කිය­මින් සිටි­යහ. විදු­හ­ල්පති අති­ප­ණ්ඩිත වී සිටි­යේය.

මේ අතර රනාට සල්ලන් වූ කළු­බණ්ඩා කඩ­යෙන් පල්ලම් බැස, තේව­ත්තට ගාට­න්නට විය.

“ඕකා ලැයිමේ දෙම­ළි­යක් බඳින්න උන්න කියන්නේ හැබෑද කළුවෝ?” විදු­හ­ල්පති හොට දැම්මේය.

“අනේ අනිච්චං! මෙච්චර හිංගල එකියො ඉන්දැද්දි… ඕකට පිස්සුද කොහෙද?” කළු­බණ්ඩා පිළි­තුරු දුනි.

“එහෙ­මද… ජාති­යක් ජන්ම­යක් නැති උන්ගෙ පැට­වුන්ට පාරක තොටක වත් යන්න එන්න පුළු­වන්ද?”

“ඕකුන් දෙන්නා එක් වුණොත් බිහි වෙන්නෙ සංකර සනු­හ­ර­යක් නෙව…” විදු­හ­ල්පති කතා දැම්මොත් ඉතිං… තිරිංග ඇත්තේම නැත.

ඒ අස්සේ කළු­බණ්ඩේ මූලා­ස­නය ගත්තේය.

“දැන් ඉතිං කතා දමල වැඩක් නෑ. කවුරු හරි ඉස්පි­රි­තාලෙ පැත්තට ගොහින්, මොකද තත්තෙ – කොහො­මද ලෙඩාට කියලා බැලුව නං…” මඳක් ඇද පැද නතර වූ කළු­බණ්ඩා දෑස් කුඩා කොට පිරිස හරහා වට­යක් නැර­ඹු­වේය.

“මොනවා බල­න්නද? මේ ඉන්නේ බඩුව බදුල්ලේ ඉඳලා එන විද්දියා මාස්ටර්…”

කළු­බණ්ඩා නිවැ­ර­දිය. මේ වන විට අධි­කාරි මාස්ටර්ද, බදුලු රෝහල සහ වෛද්‍ය­වරු ගැනත්, දඩා­ව­තේ­ යන ඇඟ පුරා වැලි කඩ­දා­සි­යක් ඇල්ලුවා සේ ලොම් හැලුණු බලු නට්ටන් ගැනත් දීර්ඝ තෝම්බු­වක් දිග­හ­රි­මින් සිටි­යේය. මේ කතා­වෙන් එක්ව­රම විදු­ලිය විසන්ධි වූවාක් මෙන් තිගැ­ස්සුණු අධි­කාරි මුව පුරා සිනා­වක් තව­රා­ගෙන විදු­හ­ල්පති අස­ලට කිට්ටු කළේය.

“සර්… මම වේලා­ස­නින්ම යන්ඩද ලෙඩාගෙ විස්තර බලාන එන්ඩ?”

“තව සුනංගු වෙන්නෙ නැතුව යනවා ඕයි, පොතේ අත්සන් කර­නව. පිට වුණ වෙලාව දාන්න ඕනැ නෑ..” විදු­හ­ල්ප­ති­තුමා උගුර පාදා වට­පිට බැලු­වේය. “මෙහෙම වින්නැ­හි­යක් වෙච්ච වෙලා­වක… මට පුළු­වන් නම් මුළු ඉස්කෝ­ලෙ­ටම නිවාඩු දෙනවා.”

“ලොකු සර්, ඔන්න අලුත් කතා­වක් යනවා, ඕකා කිතුලෙ කර­ටියෙ ඉඳන් දෙම­ළිට අඬ­ග­හලා, යටි­ගි­රි­යෙන් හූ තුනක් කියා­ගෙන බිමට පැන්නා කියලා,” කළු­බණ්ඩා ගිනි­මැ­ළ­යට කටින් හුළං පාරක් පිම්බේය.

ඔහුගේ පස්සෙන් තේව­ත්තට පැමිණ සිටි රාම­සාමි “ආඬ­වනේ…. ඒක බොරු කතා­වක් අප්පා…” කිය­මින් හකුරු කෑල්ල කටේ ඔබා­ගෙන පාරට බැස, ලයි­මට අඩි ඉක්මන් කළේය.

“මොන කතා හැදු­වත් කිරි­බණ්ඩා දෙපැ­ත්තෙම මහ එවුන්ට ඇහු­ම්කන් දුන්නා. ඔය මඟුල කැඩෙන්ඩ වැඩි­යෙන්ම බල­පෑවේ අපේ පන්සලේ ලොකු උන්නාන්සේ. මොන බේබද්දා වුණත්, ඌ රත්න­ත්තරේ නම්බුව තියපු එක කෝටි­යක් වටි­නවා…” ඔය කළු­බ­ණ්ඩාගේ කටින් හොඳක් පිට වුණා­මය!

• • •

ගමේ උද්ධච්ච සනු­හරේ සැම දෙනා මේ මඟු­ලට විරු­ද්ධව කඳ­වුරු බැඳ­ගෙන යුද ප්‍රකාශ කර­මින් සිටි­යහ. සරෝ­ජාගේ පාර්ශ්ව­යද එසේ­මය. හේතු කාරණා වටින් ගොඩින් සොයා බැලූ නායක හාමු­දු­රුවෝ දිනක් දෙපා­ර්ශ්ව­යම පන්ස­ලට කැඳ­වූහ. ක්‍රිෂ්ණා, සරෝ­ජාගේ ඇවැස්ස මස්සිනා විය. දෙදෙ­නා­ගේම වැඩි­හි­ටියෝ ඔවුන්ගේ විවා­හය බිලිඳු වියේ සිටම තහ­වුරු කර­ගෙන සිටි­යහ. එහෙත් හිතු­ව­ක්කාර සරෝ­ජාගේ තුරුණු සිත කිරි­බ­ණ්ඩාට පිස්සු හැදෙ­වුවා මිස, ඔහුට ආද­රය කළේ නැත. ඇය මුළු ගම­ටම ගිනි තියා සියුම් සතු­ටක් වින්දාය. නායක උන්නාන්සේ බුදු­මැ­ඳුරේ දොර­ක­ඩට වී මඟ බලා­ගෙන සිටි­යහ. කලින්ම පැමිණි සරෝ­ජාගේ පාර්ශ්වය බෝම­ළුව අසල ගල් පඩි මත වාඩි වී සිටි­යහ. කැලෑ වැදී සිටි කිරි­බ­ණ්ඩාද දොක්කා­ගෙන අක්කණ්ඩි ඇතුළු පිරිස පන්ස­ලට එන විට මඳක් පමා වී තිබිණි. ඔවුන් ඉදි­රි­යට එද්දී සරෝජා ඇතුළු සැම හිස් පහත් කර බයාදු සිනා­වක් පා, හුන් තැන්ව­ලින් නැඟී සිටි­යහ. උද්ධච්ච පිරිස නාස­යට කෙළින් ඉදි­රිය බලා ගමන් කොට, ලොකු උන්නා­න්සේට වැලි පොළොවේ දණ නමා වන්දනා කළහ.

“ඕන්න දැක්කද ජාති කුල මල හොයන උන්ගෙ බෞද්ධ­කම. හා! දැන් ඉතිං කට්ටි­යම යමු බුදුගේ ඇතු­ළට.”

හින්දු භක්තික සරෝ­ජ­ලා­ටද පන්සල නුහුරු තැනක් නොවීය. පන්සලේ කට­යු­තු­ව­ලදී හින්දූ­හුද කෝවිලේ කට­යු­තු­ව­ලදී බෞද්ධ­යෝද සම­ඟි­යෙන් එකට එක් වී කට­යුතු කළහ. ලොකු උන්නාන්සේ සිය­ල්ලන්ම පන්සිල්හි පිහි­ටු­වූහ. හින්දූ­හුද වැඳ­ගෙන සිටි­යහ. අව­සා­නයේ පිරිස සමඟ උන් වහන්සේ බෝ සෙව­ණට වැඩම කළහ.

“හොඳයි. කෝ… මන­මාල අප්පු කිරි­බණ්ඩේ ඉස්ස­ර­හට ආව නං… ඒ මදි. මන­මා­ලිත් එක්ක…”

හීනෙන් බිය වූ මුහු­ණක් ඇතිව සිටි කිරි­බණ්ඩේ සෙමෙන් සෙමෙන් ඉදි­රි­යට ගෑටු­වේය. කිසිදු කෝල ගති­යක් නොපෑ සරෝ­ජාද ලොකු උන්නාන්සේ පසෙ­කින් සිට­ග­ත්තාය.

“ළම­යිනේ… කෝවිලේ මහ පූසාරි තැනත් මට ඔක්කොම විස්තරේ කිවුවා. කෝ… මෙතැන ඉන්න­වද මේකිව බඳින්න ඉන්න ඉල­න්දා­රියා ක්‍රිෂ්ණාද – මොකාද?”

උන් වහන්සේ විප­රම් නෙතින් වට­පිට බැලූහ. ගංදි­යට හසුව ගොඩට බඩ­ගාන කටු­ස්සකු මෙන් ඉදි­රි­යට ආ ක්‍රිෂ්ණා ඔවුන් අස­ලින් සිට­ග­ත්තේය. ඔහු ලජ්ජා­වෙන් මිරි­කෙ­මින් සිටි­යේය. සරෝජා කාටත් හොරෙන් ක්‍රිෂ්ණාගේ අතක් මිරි­කු­වාය.

“කිරි­බණ්ඩා, ඕන්න කට්ටි­යම හොඳින් ඇහු­ම්කන් දීපල්ලා. මුන් දෙන්නා බිලි­ඳු­ කා­ලෙම විවාහ පොරො­න්දු­වක් දීලා තියෙ­නවා වැඩි­හි­ටියො වුණාම විවාහ කර­වන්න. ඒව උන්ගෙ ආගමේ දේව පොරොන්දු. මං ඒ ගැන මොක­වත් කියන්නෙ නෑ…”

උන් වහන්සේ මොහො­ත­කට පඩි­ක්ක­මට නැඹුරු වූහ.

ඒ කිසි­වක් කිරි­බ­ණ්ඩාට ඇසුණේ නැත. සරෝජා ක්‍රිෂ්ණාගේ අතක් මිරි­කන සැටි කිරි­බණ්ඩා හොඳින් දුටු­වේය.

“වැඩි කතා ඕනැ නෑ. කිරි­බණ්ඩෙ, ලොකු අක්කා තමුන්ගෙ අම්මා කියලා හිතා­ගෙන, කකුල් දෙක අල්ලල වැඳල පොරොන්දු වෙනවා කිසි දාක වැඩි­හි­ටි­යන්ට පිටින්, සනු­හ­රේට පිටින් කිසිම කට­යු­ත්තක් කරන්නෙ නෑ කියලා…”

ලොකු උන්නා­න්සේගේ දීර්ඝ දේශ­න­යෙන් පසු සැහැල්ලු සිතින් කිරි­බණ්ඩා, සරෝජා දෙස බැලු­වේය. ඇය තාමත් ක්‍රිෂ්ණාගේ අත මිරි­කා­ගෙන සිටී. වහා දිව ගිය කිරි­බණ්ඩා දණ නමා, අක්කාගේ දෙපා වැල­ඳ­ග­ත්තේය.

නායක හිමි­යන් වට කර­ගත් සැම­ගේම මුහු­ණු­වල සැන­සි­ලි­දා­යක සතු­ටක් තැවරී තිබිණි.

එහෙත් එය අව­සා­නය නොවීය. කිරි­බණ්ඩා දින කීප­යක්ම පරි­ස­ර­යෙන් අතු­රු­දන් වී සිටි­යේය. ඔහු ගැන කිසිදු හෝඩු­වා­වක් දැන­ගන්න ලැබුණේ නැත. කිතු­ලෙන් වැටුණ දිනට කලින් දවසේ සරෝජා සහ ක්‍රිෂ්ණාගේ විවා මඟුල ජය­ටම යෙදී තිබිණි. මෝලං සහ තප්පු සංගී­තය එදා මද්ද­හනේ සිටම තේවත්ත සිසාරා ඝෝෂා කළේය. යාන්ත­මින් ක්ලැරි­නට් නළා හඬද ඇසිණි.

එදින පාන්ද­රම කොහේදෝ සිට කිතුල අස­ලට පැමිණි කිරි­බණ්ඩා ගසට අතක් තබා­ගෙන මහ හඬින් සිනා සුණේය. එය වියරු සිනා­වක් විය. කන්දෙන් කන්දට ප්‍රති­රාව දුන් සිනා හඬ අව­සන් වන විට කිරි­බණ්ඩා කිතුල් කර­ටිය මතට වී පැසුණ රා මුට්ටිය කට තබා­ගෙන බොමින් සිටි­යේය. දින ගණ­නා­ව­ක්පැසී තිබුණු එය විනා­කිරි වී තිබිණ.

• • •

රෝගි­යාගේ ගුණ-පණ බලා ඒමට වේලා­සන පාස­ලින් ගිය අධි­කාරි මාස්ටර් පසු­වදා උදේ බස­යෙන් බැස, අන් අයද පෙර­ළා­ගෙන කාර්යා­ල­යට දිව ආවේය. අවට සිටි සැම දෙන කිසිත් නොකියා අධි­කාරි දෙස බලා සිටි­යෝය. මේ අතර විදු­හ­ල්ප­තිද දිවැ­විත් පිරි­සට එක් විය.

“කොහො­මද අධි­කාරි ලෙඩාට?” විදු­හ­ල්පති විම­සීය.

“හොඳ­ටම අමා­රුයි සර්… සිහි­යක්-පතක් නෑ. කිරි­බ­ණ්ඩෙට දෙන්ඩ ඕනෑ ලේ වර්ගය මේ පළාතෙ කිසිම ඉස්පි­රි­තා­ලෙක නෑ…”

අධි­කා­රිගේ කතා­වෙන් සැම දෙන කල­බල වූහ.

විදු­හ­ල්පති මා ඇම­තීය:

“මේ බල බල ඉන්න වෙලා­වක් නෙමේ… තමුසෙ ගිහිල්ලා ස්ටාෆ් එකේ ඉන්න පණ ඇති උන්ටයි, දොළහ-දහ­තුන පන්ති­වල ගැට­ය­න්ටයි කාර­ණාව කියලා, ලැයි­ස්තු­වක් හද­නවා… මං තේ වත්තෙන් වාහ­න­යක් ඉල්ල­ගන්නං ඉස්පි­රි­තා­ලෙට යන්න.”

පැයක් යන්නට මත්තෙන් පාසල් නඩය තේ වත්තේ ලොරි­ය­කින් බදුල්ල රෝහල බලා පිටත්ව තිබිණි.

එළි වුණ යාමයේ මංගල යහන උණු­සුම් කළ කිරි­බ­ණ්ඩේගේ පුවත සරෝ­ජාගේ කන­ටද වැටී තිබු­ණේය. එය ඇසූ මොහොතේ පටන් සරෝජා වැල­හි­න්නක ලෙස වැල­පෙ­න්නට වූවාය.

“අනේ ක්‍රිෂ්ණා… මේ ඔක්කො­ටම මුල මමයි. ක්‍රිෂ්ණා… මට කිරි­බ­ණ්ඩෙට වැඳලා සමාව ගන්න ඕනෑ. අනේ ක්‍රිෂ්ණා… අපි ඉක්ම­නට ඉස්පි­රි­තා­ලෙට යං…”

සරෝ­ජාගේ ඇවි­ටිල්ල ඉවත ලිය නොහැ­කිය. ළතෙත් වන සංවේදි මිනි­සකු වූ ක්‍රිෂ්ණා, සරෝජා සමඟ පාරේ බස­යෙන් බදුල්ල බලා පිටත් විය. ඔවුන් දෙදෙනා රෝගියා සොයා වාට්ටු­වට එද්දී පාස­ලින් ගිය කණ්ඩා­යම කොරි­ඩෝ­වේදී හමු විය. ඔවුන් දුටු සැණින් විදු­හ­ල්පති සරෝජා දෙස නොබ­ලාම ක්‍රිෂ්ණා අස­ලට ළං විය.

“මේ ක්‍රිෂ්ණා වෙන්න ඇති…?”

“එහෙ­මයි සර්…” පැවසූ ක්‍රිෂ්ණා බිය­පත් මුහු­ණින් බිත්ති­යට හේත්තු විය.

“මේ අරව-මේව හොයන වෙලා­වක් නොවෙයි, ක්‍රිෂ්ණා… කිරි­බණ්ඩ අපි වාගෙම මනු­ෂ්‍ය­යෙක්. දැන් මිනිහ ඉන්නෙ අමා­රු­වෙන්. අපි විස්සක් විතර ඉස්කෝ­ලෙන් ආවත්, ලෙඩාට ඕනැ කරන ලේ වර්ගය එක්කෙ­නෙක් ළඟ­වත් නැහැ… ”

කතාව නැවතූ විදු­හ­ල්පති මොහො­තක් ක්‍රිෂ්ණා දෙස බලා සිටි­යේය.

“ක්‍රිෂ්ණා තමා­වත් ගමෙන් එවලා තියෙන්නෙ කිරි­බ­ණ්ඩෙගෙ වාස­නා­වට වෙන්න පුළු­වන්. අපි කෝක­ටත් ගිහින් පරීක්ෂා කරලා බල­මුද?”

“මම එක­ප­යින් කැමැ­තියි ලොකු සර්, හා… යමු යමු පරීක්ෂා කරල බලන්න ඉක්ම­නට…”

සතුට ඉහ­වහා ගිය සරෝජා, ක්‍රිෂ්ණාගේ අත අල්ලා­ගෙන ඉස්සර වූවාය.

ක්‍රිෂ්ණාගේ ලේ වර්ගය කිරි­බ­ණ්ඩාට හරි­ය­ටම ගැළ­පිණ.

https://www.silumina.lk/2026/02/07/%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BB%E0%B7%84%E0%B6%BA/56390/%E0%B7%83%E0%B6%BB%E0%B7%9D%E0%B6%A2%E0%B7%8F/?fbclid=IwdGRjcAP3nMtjbGNrA_ecV2V4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHvdio6ybSoPUE1aL2Kj7sbkMje0ODdrHAJnFrR8qVKm1PLa5qmC1vHly99g7_aem_jE8hymst_FUGfpwtX0p2EA




Nissanka Rajapaksa

unread,
Mar 1, 2026, 12:25:02 AMMar 1
to INDRAKA group
19
(මං මේ දවස්වල කියවගෙන යනව "කල් ඉකුත් වූ මිනිසා" නමින් කුමාරි වැලිහිඳ පරිවර්තනය කරපු වංග කෙටිකතා එකතුවක්. ඔක්කොම කතා ලස්සනයි. ඒකෙ තියෙන "මා කොතැන ද?" නම් කෙටිකතාවෙ ඉංග්‍රීසි පරිවර්තනය යි පහත අලවලා තියෙන්නෙ. මං මේක තෝරගත්තෙ ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම විසින් මේ දවස්වල අන්න අසරණ භාවටය පත්කරපු ශ්‍රී ලාංකීය ක්‍රීඩා ලෝලීන්ට, සහ තවත් එවැනි බොහෝ අයට, මේ මගින් යම් සහනයක් ලැබේවි දැයි කියල හිතලයි.
# සිංහල පරිවර්තනය පොටෝ ගහල නොදැම්මෙ කතෘ අයිතිය ගැන හිතලයි.
# ලෝක ප්‍රසද්ධ වෙච්ච බොහෝ වංග කතාවල ඉංග්‍රීසි පරිවර්තන මේ වෙබ් අඩවියේ තියනව.)
_____________________

Look at me : Sirshendu Mukhopadhyay
translated from Bengali to English by Nilanjan Bhattacharya



Please look at me, just once. Here I am, standing squashed in a corner. I got on the bus a little while ago, barely finding myself a toehold on the crowded footboard. Then, slowly and patiently, I pushed my way through the dense jungle of bodies, slithering under armpits and ferreting between legs. Unfortunately, I can't reach the overhead rod for support – it’s too high for a short person like me. I support my weight against the back of a seat, instead.span styleWhenever the bus lurches and sways, I lose my balance and bump against other people's bodies. Nobody seems to mind terribly – I’m so slight, they probably don't even feel my weight.

So that’s where I am right now – leaning against the back of a seat. Tall people loom over me like mountains on every side. They tower over me so completely that I doubt they can see me. Even if they do, they take little notice of me, as though it doesn't make the least difference to them whether I exist or not. This, perhaps, is in large part due to the fact that there is nothing distinctive about my appearance. I'm five foot two, slightly built but not excessively thin, dark skinned but not so dark that people would take a second look. Being over forty, my hair has started to thin, yet I'm far from bald – at least, fully bald people sometimes attract curious glances. Then there's my face – it’s neither handsome nor spectacularly ugly. My nose is neither chiselled nor flat; my eyes are not large, but neither are they piggishly small. So here I stand, unnoticed, anonymous, in the middle of a motley crowd.

Just after I got married, a rather tragically interesting thing happened. A couple of days after the wedding, I went shopping with my newly wed wife. We were due to go back to my wife's parents' home in a few days for the dwiragaman ceremony, so I needed to buy some clothes as gifts for my new in-laws. I asked my wife, "Do you want to go to the New Market?" Frankly, I didn't make enough money to be able to shop at the New Market – I had always bought my clothes from the cheap, roadside stalls in my neighbourhood. The main reason I suggested the New Market was to impress my wife. She was a small-town girl, who had never been to this famous Calcutta landmark. A secondary reason was that my wife’s family was a good bit better off than my own. I figured that shopping at New Market would not only please my wife, but when her relatives found out where their gifts had been purchased, my stock in their eyes would go up. But in hindsight, my suggestion had been extremely wrong-headed, for had we not gone to the New Market that day, the whole sorry incident would never have happened.

Anyway, we went to the New Market, and my wife was immediately entranced by the glittering spectacle. She would pause in front of every shop, walking very slowly, her eyes glued to the shop window. Eventually, she even forgot to look at me. I was naturally a bit hurt at being ignored by my new wife. I tried to show off my sophistication by pointing out this or that to her, but rather than pay attention to particulars, she was devouring the scene in its entirety.

When my hurt feelings reached a sufficient level of pique, I deliberately slowed my own pace and fell behind. Not noticing that I was no longer at her side, my wife continued to amble along by herself. At one point, I stopped walking and simply stood there. Her mesmerized eyes fixed on window displays, my wife walked on in the goose-stepping, marionette-like gait of soldiers offering a guard of honor.

Standing at my spot, I watched her being borne along the glittering hallways by the tide of shoppers. She was speaking occasionally, as if I was still with her, but not really caring to check. After she had gone quite a long way, she suddenly grew excited at the sight of something and turned around to point it out to me. Discovering my absence for the first time, she started looking around with a stricken face. Unable to resist the temptation of having some more fun at her expense, I hid myself in one of the maze-like alleyways of the market. Let the country girl look for me now. Let her pay the price of ignoring me all this time. Allowing myself a little smile, I peered out to see her retracing her steps back and forth, panic writ clear on her face.

I felt sorry for her, but deciding to reveal myself after heightening the tension a bit more, I retreated deeper into the alleyway. My wife walked up and down the main passageway several times, turned into this alley or that, looking for me frantically. I kept her in my sights the entire time. At one point, I realized that if she didn’t find me soon, she was going to start crying. She was practically on the verge of tears, her eyes reddened and watery. So when I spotted her entering a certain alley, I quickly entered the alley from the other end, and stood waiting for her with a smile. She hurried in my direction – our eyes met, she passed within a foot of me, yet she could not recognize me.

I was perplexed – did she really not see me? I took another path and stood in front of a glassware store under a very bright light. Once again, she approached from the opposite direction, her eyes raking the crowds. Once again, our eyes met, but she continued to walk, not even turning around to take a second look. This happened a few times more: our paths continued to cross – in front of a bookstore, in the alley with the fruit stalls, in the toy department. Every time she failed to recognize me. Searching for me in a crazed manner, she kept passing me by. It occurred to me then that the country girl was actually quite sly – perhaps sensing that I had deliberately hidden myself, she was pretending not to recognize me. But looking at her increasingly anxious face, that did not seem to be the case.

Finally, I stood in front of a watch store and intercepted her directly. Stepping right in front of her, I said, “Hey.” She stared at me with startled disbelief. After looking me up and down for a few seconds, she said in a trembling voice, “Where were you? I’ve been looking for you all this time.” From her tone, I could tell she was sincere in her relief. On our way home, I told her the truth. I also told her that during our game of hide-and-seek, I had given her multiple opportunities to find me; that, in fact, I had stood right in her path on several occasions. She didn’t believe me at first, but when I insisted repeatedly, she said in a worried voice, “Really? In that case, never hide yourself from me again. It could be dangerous.”

Stop, conductor, stop…this is where I get off. Could you kindly step aside, sir…Brother, try not to knock my eyeglasses off. See? Nobody listens to me. Even before I had the chance to step off, the conductor rang the bell to get the bus moving again. The hefty man at the door remained immovable, and the young man in the short-sleeved shirt bent my glasses with his elbow. This is what I meant when I said nobody takes any notice of me – not on the street, not on buses, not on trams.

It’s a nice day today – a cuddly, caressing kind of day with a light breeze and bright sunlight. It’s almost the beginning of autumn, so the heat lacks its usual bite. I was feeling quite energized as I was walking to my office, just beyond the next intersection. As I reached the intersection and was about to cross the road, the traffic policeman on duty suddenly lowered his outstretched arm, letting loose a cascade of moving vehicles in my path. Hello, Mr. Traffic Cop, did you not see me as I was about to cross? Had you kept your arm raised for just a couple more seconds, would it have fallen off its socket?

The elevator on which I’m riding now looks to be about a hundred years old. It’s surrounded on all sides by cast iron grillwork, like a moderately capacious cage. The elevator shudders at regular intervals and climbs very, very slowly. I’ve been riding on this elevator for the past thirteen years. Ramswarup Abhogi, the lift-attendant, has ferried me up and down six days a week for the past thirteen years. Let’s see, Ramswarup, you’ve seen me since I was quite young, haven’t you? I must have been twenty-six or twenty-seven when I first started working here – age had not started leaving its mark on my face yet. Now tell me what my name is. If I were to really ask Ramswarup this question, I know he’ll reply with great confidence, “Why, you’re Arabinda-babu, of course.” But he would be wrong. I’ve never in my entire life been Arabinda. What I’ve been, ever since I was little, is Arindam Basu.

I work for a bank. My office is on the second floor. In the early days, I was rotated through various departments, but for the past ten years or so, I’ve stayed put at the cash department. Besides being able to count huge stacks of currency bills quickly, I’m also very accurate in my arithmetic, which is why the higher-ups in the cash department never want to let go of me. Even when I’m transferred out of the department, they manage to bring me back. I work with both receipts and payments – mostly in payments, though, because that’s where they really need sharp-eyed people. I sit inside a wire cage, facing a chest-high cabinet with many small drawers. I can almost tell without looking which drawer contains how many bills or coins of what denomination. When making a payment to a customer, I open the appropriate drawer, pull out a wad of bills, close the drawer, count the money once, then count it again, just to be sure. I hand the money to the payee, and then turn to the next customer. Taking the brass token from the customer, I open another drawer, take out the money, count it…and so on. People who wait in line outside the tiny opening set in the wire mesh screen in front of me probably find my routine excruciatingly monotonous. “Poor man, what a deadly boring job he has,” they probably think to themselves.

My customers see me through the mesh partition, but they don’t remember me. Take the case of Rambabu, for instance. Rambabu is an old customer of ours. The owner of a large factory, he’s so rich that even the chief manager of our bank treats him with deference. Rambabu is somewhat finicky – rather than send an employee to cash a check, he often comes to the bank himself. I’ve made payments to him countless times – he accepts the money through the window and smiles at me graciously.

My wife’s oldest brother visited Calcutta once and lavished a lot of money on entertaining us. One night he took me out to dinner at a fancy restaurant on

Park Street , where I ran into Rambabu. He was sitting at a table by himself, sipping a glass of clear gin, a distant look in his eyes. I’m not an ambitious kind of person – it would never occur to me to hobnob with somebody like Rambabu out of an ulterior motive. Simply from a sense of acquaintanceship, I stopped at his table and greeted him. Rambabu looked up at me with a frown and said, “Where have I seen you before? I can’t seem to remember…”

I was feeling embarrassed in front of my brother-in-law. If the man failed to recognize me, or if he turned out to be an arrogant jerk, I would lose face hugely. In desperation, I mentioned the name of my bank and said, “I work at the cash counter.” Immediately, Rambabu’s expression cleared up like the gin in his glass. He smiled widely and said, “Oh, of course, I remember now. Actually, I’m so used to seeing you behind that wire screen and the little window that I couldn’t place you in a different context. It’s all a matter of context, you see – separated from our milieu, we are nothing. Your context is that wire cage with the tiny window, mine is this suit-and-tie and my balding head. When stripped of these familiar cues, we find that we humans have no real identity of our own.”

He continued, “Actually, I was thinking about this matter of perspective just before you came along. My family lived in a succession of railway townships when I was young – my father was a railway clerk. When we were living in Katihar, a neighbour’s daughter used to come to our place often. She had a stepmother at home and not much love. She used to sit by my mother’s side on the kitchen floor, near the stove. Tugging her torn dress to cover her knees, she would roll out chapattis for my mother to bake. Sometimes she would carry my crybaby younger sister and walk around in circles, trying to put her to sleep. My mother once told me, ‘I’m going to marry you to this girl one day.’ After that, I started paying particular attention to her – in fact, I almost became obsessed with her. She had a sad, thin face, and a fragile, delicate sort of beauty – as if she was not destined to live long on this earth.”

Rambabu sighed at this point. I asked breathlessly, “So what happened? Did she die early?” Rambabu shook his head. “No, why would she die?” he said. “I duly married her when I grew up. She’s my wife now – fat and ill-tempered, keeps me under a tight rein. But when I see her opening the fridge, or pawing through her jewelry, or scolding the servants, or ordering the chauffeur to get the car out, I can’t believe she’s the same girl, the same Beli who had smiled so happily when my mother visited her when she was ill and gave her a couple of oranges. We had a huge fight earlier this evening. I was feeling pretty mad after the fight – the love I had for her once seemed to have vanished into thin air. But sitting here by myself, I could once again see her as she used to be – huddling close to the stove, trying to cover her knees with her torn dress. I also remembered the look of compassion in my mother’s eyes as she observed the pitiful body language of the unloved young girl. Now I feel love for her once again – after I get home tonight, I’m going to try to assuage her anger. I’m sure you understand,” Rambabu took a sip of the gin and smiled at me again. “That little window through which I see you always,” he said. “That’s what really frames you in my mind – that little window.”

A young man of twenty-three or twenty-four is standing outside my cage, tapping his brass token absent-mindedly on the counter. We're slightly acquainted with each other. His father owns a business that deals in scrap iron. It was the father who used to come to the bank earlier; now it’s the son. If our eyes meet during a transaction, I ask, "How's your father?" He smiles politely and replies, "He's well, thank you." I can't help feeling, however, that if I were to be removed from the cash counter one day and replaced by another nondescript-looking cashier, the young man would probably not even notice the difference. He would still tap his token on the counter-top, he would still look around vacantly, and if his eyes should meet those of the new person, he would still give him a smile of vague acquaintance. It would probably take him quite a while to figure out that I was no longer at my post. For even though he's standing outside my window at this moment, it's not me he's thinking about – most likely he's thinking about his new girlfriend, or the new scooter he's about to buy.

The young man just turned his head and glanced briefly at the girl at the reception counter; then he glanced at his watch. Looking idly at the number on his token, he watched as my hands swiftly counted a boringly large bundle of money. He looked at my face for a moment and then looked away, but I know he didn't really see me.

I had another fifteen minutes to go until two o'clock. I would then close the cash counter and go downstairs for my lunch break. If the young man saw me in front of a street vendor, drinking tea from an earthen cup and munching Thin Arrowroot biscuits, would he be able to recognize me?

How are the bananas? Forty paise a pair? Are you kidding me? Yes, I know they're Martaman bananas – Martaman bananas are easy to recognize. Should I buy them? Actually, it's not my day today to eat bananas – I just had some yesterday. I eat bananas only every other day, you see. Well, give me one, anyway. Yes, just one -- here's twenty paise. Mmmm....the banana tasted good. After I finished eating, I clutched the peel carefully in my palm and then walked around the neighborhood for fifteen minutes or so, the banana peel still clutched in my hand.

People were walking by unhurriedly, the expressions on their faces placid and unremarkable. These were people who had not taken part in any war or revolution. They had not had to sacrifice their lives for some great cause; they had not even achieved any particularly significant or complex accomplishment. They were emblematic of how the nation was slowly being depleted – everybody walking around in their own daze, indifferent to everybody else in the world. People such as these had a one-dimensional view of time: for example, the year 1969 was just a number to them – they had no conception of how that year fit into a two thousand year-old history. "India" was just another word for these people, like "telepathy" or "Creek Row."

Look at me, please – me, Arindam Basu – a not-tall, not-thin, not-light skinned individual. I'm not telepathy, not Creek Row, not even India -- there's a certain distinction between Arindam Basu and these other words, but will you people ever be able to tell the difference?

No use talking about such things. Sometimes I wonder – do I even exist? Bank customers shove their hands into my little window and count the money I give them – a few smile their thanks. If and when somebody else sits in my wired cage, they will extend their hands for the money and occasionally smile their thanks in exactly the same fashion – they won't even notice that a huge change had occurred behind the mesh screen. Somewhat like the scene at the New Market years ago: my wife walking around in a panic, searching for me desperately, yet missing me again and again, right under her nose.

I put the banana peel down carefully in the middle of the sidewalk. Unmindful members of the public, if any of you steps on that peel and slips, I hope you’ll be jolted into awareness as you’re falling. If you’re not too injured from the fall, or if you prevent yourself from falling at the last minute, you’ll have gained a valuable lesson. You’ll be more aware of your surroundings. You’ll open your eyes and look around yourself. Realizing that you could have broken an arm or a leg had the accident been serious, you’ll become more cautious about the dangers that surround you. Perhaps the drowsy “I” within each of you will awake and exclaim, “How wonderful it is to be alive.” As a result of this near accident, perhaps you’ll become more connected to the rest of the humanity. Who knows, you might even suddenly remember that today is July 16th of 1969, your marriage anniversary, which you had totally forgotten. You’ll also remember that you passed your fortieth birthday this year. After all this, perhaps you’ll admit to yourself that I did you a favour by placing that banana peel in your way on a sleepy afternoon in this warless, revolution-less India.

Are you thinking of the moon now? And the three brave men who’re walking around on the moon as we speak? Don’t, I’m warning you. For people like us, it’s no use thinking about such exploits – they make us feel terribly excited for a while, only to sink back into a deep apathy afterwards. Those astronauts have very sophisticated machines. They’ve gone to the moon, fine; they’ll eventually return to the earth safely and soundly. But don’t let that make you feel wantonly excited and careless. Keep your eyes on the road. Once you turn the corner near the Governor’s Mansion, you’ll see a great, green park in front of you, covered by a vast, clear sky. At this point, take good notice of all the people who are walking by you, try to remember as many faces as you can, so that you might recognize them immediately if you were to see them somewhere else.

On this fair and pleasant evening, I’m walking fairly close to you near the edge of that vast green expanse – look at me. I left work a little early today to watch a football game. You seem to be headed in the same direction, no?

Look at that player – such an idiot – spoiled such a great opportunity by standing on the offside. Just ten minutes left to the end of the game, not a single goal yet. And that guy over there – he shouldn’t be wearing that red-and-yellow jersey. Kick him out of the field. Yes, sirs, lambaste him with your choicest obscenities – I can’t curse well, alas. But look, my whole body is shaking with tension. Since this morning, I’ve been obsessing about those three men on the moon – so much so that my nerves are all jangled. To make things worse, that no-good rival team is gaining a point at the expense of my favourite team.

One whole point – what a shame! Only eight or nine minutes are left now. What do you think, sir, will they be able to score a goal finally? But how? The other team has massed its players like a solid wall around the goalpost. And my team – from their moves so far, does it seem as if they even want to score a goal? Especially that guy over there – the one who stood to the offside and missed a golden opportunity. I feel like going up to him and yelling, “Look at me, pal, I’m Arindam Basu – I’ve been a supporter of this team since my childhood. Whenever this team has won, I’ve made offerings to God; whenever it’s lost, I’ve thought about committing suicide. But you – do you understand any of this? You don’t even know that I – a unique individual within this faceless crowd – am looking at my watch anxiously with tears in my eyes. Anyway, why should it matter to you? Whether I smile or cry – or do something else – nobody really cares.

No sir, there was no goal, after all. The referee just blew on his whistle to call an end to the game. Please look at me once. Notice how broken-spirited and fatigued I’ve become – my shoulders are drooping in dejection. See, I love my team so much, but my love, my devotion doesn’t mean a thing to them – they have no idea I even exist. Yet at the end of every win or loss by that team, I’ve laughed, jumped for joy, wept, backslapped complete strangers hundreds of times. It was all pointless – it didn’t make the slightest difference to anybody. And the fact that I’ve been worried sick about those three men on the moon – I couldn’t eat my lunch today in agitation – even that doesn’t mean a thing.

Please look at me once. I know you’re probably worried about your team’s standing in the league tables. In addition, you’re no doubt thinking about those men on the moon. So many things are happening around the world – athletes are making record-breaking jumps of up to twenty nine feet-and-a-half, presidents are dying from assassins’ bullets, your favourite party is losing the elections, the revolution is taking too long to happen. I guess that’s why you don’t see me – Arindam Basu, bank clerk – even though I’m standing right by your side.

Look, there's my four-year-old son, Hapu, leaning from the railing of our second-floor veranda, waiting for me. Before I left for work this morning, he told me repeatedly, "Come home early today, Baba. I want to go to the Rathyatra fair." There he is, waiting eagerly for my return, his bright eyes shining under a thatch of thick, curly hair. I can see those eyes even from this distance.

No sooner do I set foot inside the stairwell, he comes running down the stairs, his mother yelling behind him, "Hapu, Hapu, where are you? Come here immediately." Grinning from ear to ear, Hapu virtually leaps into my arms and says, "You're late, Baba. Aren’t we going to the fair?" Yes, sirs, I feel a great sense of repose when I come home to this little family of mine at the end of the day. Scooping Hapu up, I inhale the sweet scent of childhood sweat on his body. He feels warm and soft in my arms, like sunlight on a winter morning. Burying my face into his body gives me the sensation of taking an invisible, deeply comforting bath. I say to him, "Of course, we'll go, son. But I'm very hungry. Let me have something to eat and rest for a while."

While I’m taking my rest, Hapu stays by my side and keeps saying excitedly, "Hurry, hurry. We're going to be late." When his mother tries to get him off me, I stop her. "Oh, don't scold him," I say. "He's just a child." Truth be told, I actually rather enjoy his clinging affection – it makes me feel as if I'm the most important person in his universe.

Hapu seems to go berserk at the fair, trying to wriggle free of my grip and running off here and there. I tell him, "Don't be impatient, Hapu. Hold my hand – that way you'll get to see everything." His eyes roving around the fairground ceaselessly, he keeps asking in a loud, excited voice, "What's this, Baba? And that? And that thing over there?" I reply patiently, "This here is a Ferris wheel. And that's the circus. And that one is the Globe of Death."

Nibbling on a crispy papad, Hapu goes for a ride by himself on the Ferris wheel. I can see him from the ground as he floats high up in the sky, laughing wildly and gesturing at me. He swoops down to the earth and shoots up again, smiling and waving at me. I love watching him having a good time.

On the high platform adjoining the Globe of Death, Hapu clutches me tight and watches as a couple of gravity-defying motorcycles zoom up and down the circular walls with a deafening noise.

From there we go to a half-hour show at the circus. We see a man with two heads, a singing doll, an eight-foot tall man, and various other wonders. Hapu is silent with astonishment. His eyes are shining like stars.

When we come out of the circus tent, I let go of his hand – it’s beginning to feel clammy with sweat. Freed of my grip, he begins to walk slightly ahead of me, exploring different attractions. There he is, examining a tray of whistles set outside a stall; then he stops at another stall to watch a race between little model airplanes. Next he looks in wonderment at people shooting airguns at a target made up of brightly coloured balloons. He is beginning to weave in and out of the crowds -- I quicken my steps to keep pace with him. My thoughts stray to my soccer team...they wasted a point unnecessarily. Then I think about the three mortal human beings hurtling through space on their way back to the earth....were they going to make it safely?

I realize suddenly that I can no longer see Hapu. I remember catching a glimpse of his blue shirt just before a swirl of people hid him from my view. I run in that direction, calling, " Hapu-u-u."

Sirs, have any of you seen a small boy wearing a blue shirt? His name is Hapu -- a very restless child. You haven't? He has a mop of thick, curly hair and bright, curious eyes. No, he's not the boy standing outside the toy stall, although they do have certain similarities. No, I can't remember any particular detail of his appearance – he’s pretty average looking, just like me. I can only tell you that he's four years old and he's wearing a blue shirt. True, there are hundreds of boys in this fairground who would match that description. No, sirs, it would be impossible for me tell from afar which of these hundreds of kids is my Hapu – and perhaps he can't tell which of these thousands of adults is his father, either. Even his mother failed to recognize me in a crowd once...If by any chance you run into my boy, please tell him that his father – yes, that's right, I'm his father. Please take a good look at me now – for heaven's sake, try to remember me.


https://www.parabaas.com/article.php?id=6253

Nissanka Rajapaksa

unread,
Mar 18, 2026, 7:15:19 AMMar 18
to INDRAKA group
20

පවුලේ කතාව


ෂර්මිලා බංදුනී දංවත්ත

ආදර්ශවත් පවුලකට උදාහරණයක් ඕනෑ වුණු වෙලාවට මුළු ගම ම ඇඟිල්ල දික් කළේ පීරිස් පවුල දිහාවට. මුළු ගමේම විතරක් නෙවෙයි මුලු ප්‍රදේශයේම පැතිරිලා තිබුණා පීරිස් පවුලේ කීර්තිනාමය.

බීගෙන ආපු සැමියා බිරිඳට තඩිබාන ගමන් කිව්වේ,

“බලපන් පීරිස් නෝනා දිහාව

උදේට දැක්කත් ඇති. දවසම කිරි උතුරනවා.

ඒකට උඹ. දවසම අඬෝවැඩියාව.”

පඩි ගත්ත දවසට බාර් ගානේ ඇවිදලා පඩි පැකට් එක බාර් එකටම පූජා කරපු සැමියට බිරිඳ කිව්වේ,

“බලනවා පීරිස් මහත්තයා දිහාව. අන්න නියම පිරිමියෙක්. වැස්සකටවත් ගොඩවෙලා නැතිව ඇති බාර් එකකට.”

ළමයෙක් වැරද්දක් කෙරුවාම අම්මලා කිව්වේ,

“බලපල්ලා පීරිස් ගෙදර ළමයි දිහාව. සිරිමත් වගේ දරුවෝ.”

පීරිස් පවුලේ ළමයි හතර දෙනාම ගියේ ගමේ ඉස්කෝලෙට. ඒ ළමයින්ගේ කීර්තියෙන් ඉස්කෝලේ බැබළුණා. ඉස්කෝලේ කීර්තියෙන් විදුහල්පතිතුමා, ගුරු මණ්ඩලය විතරක් නෙවෙයි, ගුරු දෙගුරු සංගමයත් බැබළුණා.

ඉරිසියාකාර කතා තැන තැන නොකියවුණාමත් නෙවෙයි. බීගත් දවසක ප්‍රනාන්දු කඩේ ගාවදී කියලා තිබුණා,

“ඔය පීරිසා ගෑණිට බයයි.

ඒකයි ඔය හැටි සිල්වන්ත.”

එහෙම කියලා ගෙදර යන ගමන් පාරේ වැටිලා දත් දෙකකුත් හලා ගත්තා.

“අපි නොදන්න පීරිස් නෝනගේ පතිවුර්තාව. කැත ගෑනිගේ පතිවුර්තාව ඉබේ රැකෙනවයි කියලා කියනවනේ.”

නාන තොට ළඟදී එහෙම කියලා තිබුණේ සියඹලා ගහ ගාව ගෙදර රාණි. පහුවදා උදේ වෙනකොට නසරාණි ගැන ගම පුරා කැලෑ පත්තර ඇලවිලා තිබුණේ කසිප්පු අල්ලද්දී රාණිගේ මිනිහා වසන්තගේ කසිප්පු පොළ මඟහරින පෙරේරා සාජන් මහත්තයව අල්ලලයි.

“හොඳ මිනිස්සුන්ට කතා හදන එක සහගහන වැඩක්” එහෙම කිව්වේ හතර පෝයටම සිල් ගන්න සුමනාවතී උපාසකම්මා. පීරිස් මහත්තයා වැඩ කළේ නගර සභාවේ තක්සේරු නිලධාරියෙක් විදියට. අකුරට වැඩ. මොන තරම් හම්බකරන්න පුළුවන් රස්සාවක්ද? පීරිස් මහත්තයා එක්ක ඒ සෙල්ලම් හරියන්නේ නැහැ. වැඩි වැඩ නැහැ. පාරේ බස් එකේමයි ගමන.

වැඩ ඇරිලා එන ගමන්ම හන්දියේ සේකරගේ කඩයට ගොඩවෙන පීරිස් මහත්තයා ගෙදරට ඕනෑ කරන බඩුමුට්ටු ටික සිලි සිලි මල්ලක දාගෙන එල්ලගෙන එනවා. ලැම්බට්ගේ මාළු ලෑල්ලෙන් කපන මාළු පන්සීයක් හරි, මේබල්ගේ මස් කඩෙන් පොඩි කුකුළෙක් හරි අරගෙන එන්නත් අමතක කරන්නේ නැහැ.

උදේට එකටම ගෙදරින් පිටවන දරුවන් පයින්ම ළඟ තියෙන ඉස්කෝලෙට යනවා. හවස පන්ති, ටියුෂන් පන්ති ඉවරවෙලා තනි තනිව පාර අයිනෙන් ගෙදර එනවා. පාරේ යන එන හැම ගෑනු ළමයටම විහිළු කරන හන්දියේ සැලුන් එක ළඟ රස්තියාදු වෙන කොලු නඩේවත් පීරිස් ගෙදර ගෑනු ළමයින්ට මොකුත්ම කිව්වේ නැහැ. උන්ට ඒකට හිත් දුන්නේ නැහැ. තරුණ වියට එළඹුණත් නියම පාසල් ගතියෙන්ම ඇඳලා පැලඳලා බිම බලාගෙන යන ඒ ගෑනු ළමයි දෙන්නව දැක්කම කොල්ලන්ට මතක් වුණේ තමන්ගේ අක්කලා, නංගිලාව.

පීරිස් ගෙදර පිරිමි ළමයි දෙන්නා ගමේ පිරිමි ළමයි එක්ක වෙනසක් නැතිව ආශ්‍රය කළා. සෙල්ලම් කළා. හවසට පිට්ටනියේ බෝල ගැහුවා. ඒත් තාත්තා එන්න කලින් ගෙදර ගියා. මළ ගෙවල්වල, පින්කම් පොළවල්වල රස්තියාදු වෙන්න ඒ ළමයින්ට වෙලාවක් තිබුණේ නැහැ. පොතේ පතේ වැඩ තිබුණා. හොරෙන් සිගරැට් බොන, මත් වෙන විට කන කොල්ලෝ අතරේ පීරිස් ගෙදර පිරිමි ළමයි බෝ පැළ දෙකක් වගේ හැදුණා.

එදත් වෙනදා වගේම දවසක්. අල්ලපු ගෙදර ජෙනිටා කියන විදියට පාන්දර හතරට පීරිස් ගෙදර කුස්සියේ ලයිට් දාලා තිබිලා තියෙනවා. රේඩියෝ එකේ පිරිත් ඇහිලත් තියෙනවා. ප්‍රෙෂර් කුකර් එකත් කෑගහලා නිවෙනවා. උදා ගීත යන වෙලාවට ළමයි ඉස්කෝලේ යන්න පිටත් වෙලත් ති‍ෙයනවා. වෙනදා වගේම වැඩට යන්න ලෑස්ති වෙලා දොර පඩිය උඩදී පීරිස් මහත්තයා පීරිස් නෝනගේ නළලට හාද්දක් දෙනවා තමන් දෑහින්ම දැක්ක බව ඉස්සරහා ගෙදර ඩල්සි දිවුරලාම කියනවා.

උදේ දහයට විතර මහන්න දීපු ගවුමක් ගෙනියන්න ආපු ඉන්ද්‍රානි පැය භාගයක් විතර ඉඳලා ගවුමේ තිබුණු අඩුපාඩුවකුත් හදාගෙනයි ගිහිං තිබුණේ. ඒ වෙලාවෙදි නම් පීරිස් නෝනා වෙනදා වගේම හොඳ සිරියාවට, කඩිසරකමට හිටියා කියලා ඉන්ද්‍රානිට විශ්වාසයි.

ලියුම් බෙදන පෝස්ට්මන් කපිල කියන විදියට නම් ලියාපදිංචි නොකළ තැපෑලෙන් ටිකක් බර ලියුමක් ඇවිත් තියනවා පීරිස් මහත්තයා නමට.

එදා හවස ඉස්කෝලේ ගිහිං, පංති ගිහිං, සෙල්ලම් කරන්න ගිහින් පීරිස් ගෙදර ළමයි වෙනදා වෙලාවටම ගෙදර ඇවිත් තියෙනවා. පහමාරට හන්දියේ නවත්වන බස් එකෙන් බැහැපු පීරිස් මහත්තයා කඩේට ගොඩවෙලා රටලූනුයි, අලයි, එළවළු දෙක තුනකුයි අරගෙන තියෙනවා. එනගමන් මේබල්ගේ කඩයට ගොඩවෙලා කුකුළු මස් කිලෝ එකක් ගත්ත බව මුදලාලියි, මේබලුයි අහන අහන අයට කිව්වා .

හන්දියේ ඉඳලා ගෙදර එන අතරමඟදී පින් ලිඳ ළඟදී තමන්ව නවත්වලා පීරිස් මහත්තයා මාළු පාන් හයක් ගත්ත බව චූන් පාන් රථයේ ළහිරු අහන්නෙත් නැතිව කිව්වා.

පීරිස් ගෙදර පැත්තෙන් පිඟානක් හරි කෝප්පයක් හරි බිඳෙන සද්දේ ඇහෙනකොට හරියටම රූපවාහිනියේ ප්‍රවෘත්ති පටන්ගත්තා විතරයි කියලා ජෙනිටාට විශ්වාසයි. ඒ එක්කම තමයි පීරිස් මහත්තයා හයියෙන් හයියෙන් කතාකරන හඬ ඇහිලා තියෙන්නෙත්. ඒ වෙලාවේ මුළු ගමේම රූපවාහිනී විසන්ධි වෙලා, ගුවන් විදුලි යන්ත්‍ර නිහඬ වෙලා. ඒ හින්දම ඊට ගෙවල් විස්සකට විතර එහායින් ඉන්න ඉන්ද්‍රතිස්සටත් පීරිස් මහත්තයාගේ සැර හඬ ඇහිලා තියෙනවා. හැබැයි, අහගෙන හිටපු කාටවත්ම කිව්වේ මොනවද කියන එක නම් වැටහිලා නැහැ.

හැන්ද, හැඳිගගා හිටපු හොද්දටම අතහැරලා වැට ළඟට දුවගෙන ආපු ජෙනිටාට විතරක් පීරිස් නෝනගේ හීන් හැඬුම් හඬ ඇහිලා තියෙනවා. ඒ අඬන අතරෙම “ඇයි මට මෙහෙම කළේ”

කියලා කීප සැරයක්ම අහනවා ඇහුණු බවකුත් ජෙනිටා කියනවා.

වෙනදා වගේම රෑ දහයට පීරිස් ගෙදර ලයිට් නිවිලා තියෙනවා. ඒත් වෙනදා වගේ නෙවෙයි රෑ මැදියමත් පහුවෙනකම් ගමේ අනිත් ගෙවල්වල ලයිට් දැල්වුණා. පහුවදා වෙනදා වෙලාවටම පීරිස් ගෙදර කුස්සියේ එළි දැල්වුණා.

පීරිස් මහත්තයා වැඩට යන වෙලාවට දඩිබිඩියේ නැඟිටගෙන ජනේලය ඇරගෙන හිටි ඉස්සරහා ගෙදර ඩල්සි නම් කියන්නේ එදා පීරිස් මහත්තයා පීරිස් නෝනගේ නළලට වෙනදා දෙන හාද්ද දුන්නේ නැහැ කියලයි.

වෙනදා වගේම දවස් ගතවුණා.

“ඔය පීරිස් ගෑනිගේ හොරයක් අහුවෙලා.

කවුද කැලෑ පත්තරයක් ගෙදරටම එවලා.”

එක පාරක් මට්ටු වෙලත් නොහැදුණු රාණි ගම පුරා පැතිරුවා.

“ඔය පීරිස් කාරයාගේ හොර ගෑනියෙක් පීරිස් කාරයට ලියුමක් එවලා. ඒක පීරිස් කාරයගේ ගෙදර ගෑනි කඩලා බලලා.”

ප්‍රනාන්දු දවසක් හන්දියේදී මහ හයියෙන් කිව්වා. මොකද්ද හරි මොකද්ද වැරදි කියලා හිතාගන්න බැරුව ගමේ මිනිස්සු අන්ද මන්ද වුණා. පීරිස් මහත්තයයි,නෝනයි දික්කසාද වෙන්න යනවා කියලා තමන්ට හොඳටම විශ්වාසයි කියලා කිව්වේ උසාවියෙන් එවපු ලියාපදිංචි ලියුමක් පීරිස් නෝනගේ අතටම භාරදීපු පෝස්ට්මන් කපිල.

කපිල කියපු කතාව ඇත්තක් බව සනාථ කළේ ටවුමේ ජයසූරිය පෙරකදෝරු මහත්තයා ළඟ වැඩකරන සුජානි. පීරිස් නඩුවේ පීරිස් මහත්තයා වෙනුවෙන් පෙනී ඉන්නේ ජයසූරිය පෙරකදෝරු මහත්තයා. දික්කසාදයට හේතුව තමන් දන්නා නමුත් එය රහසක් බවයි සුජානි කිව්වේ. ඒත් ඒ ගැන තමනුත් හරියට නොදන්නා බව දැනගෙන හිටියේ සුජානි විතරයි.

නඩු දිනය යෙදිලා තිබුණේ විසි දෙවැනි බදාදට. මුළු ගමම වෙනදාට වඩා වේලාසන ඇහැරුණා. ළමයින්ව ඉස්කෝලේ යවන්න අම්මලාට අමතක වුණා. වැඩට ගෙනියන්න කෑම පරක්කු නිසා මූණ බුම්මගෙන පිරිමි බඩගින්නෙම වැඩට ගියා. වෙනදා නැති කසිලි බිසිලියක් හන්දියේ තිබුණා. වැඩක් නැතිවත් සමහරු කතා කරකර හන්දියේ තාවර වුණා.

ඒ හැමෝගෙම ඇස් යොමු වෙලා තිබුණේ කඩේ ළඟ බස් නැවතුම්පොලට. හතයි හතළිස් පහ වෙනකොට පීරිස් පවුල වංගුවෙන් මතුවුණා. පීරිස් මහත්තයා ඉස්සරහින්. පීරිස් නෝනා අඩි කීපයක් පිටුපසින්. දරුවෝ ඊට පිටුපසින්. අලුත්ම මෝස්තරයට එකම රෙද්දෙන් මහපු ඇඳුම් පවුලම ඇඳගෙන හිටියා. හන්දියේ ගැවසුණු අය හිටියේ තම තමන්ගේ කතාවල. ඒත් ඇස් බැල්ම යොමුවෙලා තිබුණේ පීරිස් පවුල දිහාවට. ඒත් කිසිම කෙනෙක් ඔවුන් ගැන තව කෙනෙක් එක්ක කතා නොකරන්න ගිවිසගෙන හිටියා වගේ. ඒ මාතෘකාව හිතලම අමතක කළා.

කියන්න තරම් විශේෂයක් නැතිව දවස ගතවුණා. දෙකයි තිහට හන්දියට එන බස් එකේ පීරිස් පවුල ඇවිත් බැස්සා. පීරිස් නෝනා ඉස්සරහින් ඔළුව කෙළින් කරගෙන ඇවිදගෙන ගියා.ඒ පිටිපස්සෙන් දරුවෝ හිනා වෙවී කතා කරකර ආවා. අන්තිමට පීරිස් මහත්තයා මුහුණ බර කරගෙන ඇවිදගෙන ආවා. කාටවත්ම මොකුත්ම හිතාගන්න බැරි වුණා. පීරිස් නඩුව කතාකරපු වෙලාවේ ජෝඩුව කූඩු දෙකකට නග්ගපු නඩුකාරයා ටික වෙලාවක් ඔවුන් දිහා බලාගෙන ඉඳලා තියෙනවා.

“මොකද්ද මේ විකාරේ, එකම ඇඳුම ඇඳගෙන ඇවිත් දික්කසාදය ඉල්ලන්න යුෂ්මතුන්ට පිස්සුද? මම මේ නඩුව සමථ මණ්ඩලයට යොමු කරනවා. නඩුකාරයා තීන්දුව දීලා තියෙනවා.

සමථ මණ්ඩලයට ගියාද නැද්ද කියන්න කවුරුවත් හරියට දන්නේ නැහැ. ඒත් නඩුවට පස්සෙන්දා වැඩට යන්න ලෑස්ති වෙලා පීරිස් මහත්තයා පීරිස් නෝනට හාද්දක් දුන්න බව ඉස්සරහා ගෙදර ඩල්සි නම් දිවුරලාම කියනවා.


https://www.silumina.lk/2026/03/14/%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BB%E0%B7%84%E0%B6%BA/58243/%E0%B6%B4%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B7%9A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80/?fbclid=IwdGRjcAQnZaBjbGNrBCdk1WV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHsSckDIgyfdz2K8dn1kOz-z0I_FZpRy4QmfX3dLbcQpT4gV79kkeb3PLbM1d_aem_474YN9abToW7qh9je3xfXw




Nihal Ananda

unread,
Mar 19, 2026, 12:17:00 PMMar 19
to ind...@googlegroups.com
20

පවුලේ කතාව

ෂර්මිලා බංදුනී දංවත
----------------------..............
කතාව  මුල හරිය කියවන කොටම ......... මේක නං  'කෙටි කතාවක් ' වෙන්න බෑ  කියල තේරුනා .  
ඒත්   කතාව ඉවර වෙන කොට ...... , පිරිස් පවුලට ලොකු විච්චුම්බරනයක්  වෙන්න නියම්ත බව පෙනුන නිසා ,  ඒ කුතුහලයෙන්  අන්තිම වෙනකම් කියෙව්වා .  
හැබැයි , මහා ලොකු විච්චුම්බරනයක් වුනේ නෑනේ ....... අපරාදේ සල්ලි ! 
මේ ලේඛිකාව ....... ගමේ චරිත නිරුපනය කරලා තියෙන විදිය , දෙබස්  ගැන හිතල බලන්න වටිනවා . 
 මේ විදියට හිතන කියන චරිත ගම්වල , දැන් කාලේ නම්  නැහැ .  කොයි කාලෙක හරි හිටියද ?  එහෙමත් නැහැ .  
ඒ වුනාට ඒක  'යතාර්ථවාදී ' කියල, ගම්වල මිනිස්සු ඔහොම තමයි කියල  හිතන්නත් පුළුවන් . 
ගම්වල මිනිස්සු හිතන්නේ මතන්නේ ඔහොමයි ..... කියල ,අපේ  ෆැන්ටසියක් තියෙනවා  !  

මෙව්වා ඉතින් ,  කෙටිකතා විදියට  සිළුමිණ පත්තරෙත් පල වෙනවානේ  ...........
සිළුමිණ ..... හැම ඉරිදාම බොහොම උනන්දුවෙන් කියවපු කාලයකුත් තිබුන බවක් මතකයි .  70 -75 කාලයේ විය යුතුයි .ඉරිදා පත්තර තුනක් තිබුනා , සිළුමිණ ( ආණ්ඩුවේ ලේක්හවුස් )  , ශ්‍රී ලංකාදීප ( විජේවර්ධන පවුලේ  )  , රිවිරැස  ( ගුණසේන මුදලාලි ලාගේ )  . ඒ කාලේ , ඉරිදාට පත්තර තුනම අකුරක් නෑර වගේ කියෙව්වා .  

සිළුමිණ ........ මාර්ටින් වික්‍රමසිංහ  ත් කතෘ කම කරපු පත්තරයක් ...... 40 දශකයේ අග /50 දශකයේ මුල හරියේ විය යුතුයි .  

Nissanka Rajapaksa

unread,
Mar 26, 2026, 9:39:14 PMMar 26
to INDRAKA group
21

කන්දක් උඩ දරුවෝ


කහඳ තීක්ෂණ 

වරුවකින් වැඩ නිමවී ආ තාත්තා දියකාවෙකු මෙන් වර්ෂාවේ තෙතමනය දරාගෙන පැමිණියේය. කුඩය පසෙකින් දිගහැර තැබූ හෙතෙම මා හා නංගී දෙස බලා අම්මා වෙත බලා සිටියේ තරමක් බියමුසු වූ දෑස දල්වාගෙනය. ඔහුගේ මුහුණේ තිබුණු විනාශකාරි බැල්ම එක හෙළා පිඟාන දෙස යොමා තිබුණේය.

“මහත්තයෝ, මොකද වුණේ…?

“වැඩට නොගිහින් ගෙදර ආවේ මොකෝ..?”

රේඩියෝවේ ශබ්ද තරංග සෘජුව ඔහුගෙ සවන ඩැහැගත් බව මා දැන සිටියේය. ඒ මොහොතින් මවගේ පැනයන් ඔහුට මඟහැරුණා විය හැකියි.

“මෙන්න දැන් ලැබුණ විශේෂ නිවේදනයක්, දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් තුනකට දැඩි අවදානම් රතු නිවේදන නිකුත් කර ඇත. අනුරාධපුරයට පැමිණි ගංවතුර නිසාවෙන් ප්‍රධාන මාර්ග සියල්ල අවහිර වී ඇති නිසා විකල්ප මාර්ග භාවිත කරන්නැයි රජය විසින් මහජනතාවගෙන්….”

“තාත්තේ…ඔයාගේ සපත්තු දෙකේ ඇයි මෙච්චර මඩ…” නංගී ඔහුගේ සපත්තු දෙක දෙස බලා සිටියේය. අම්මා එකවරම පුටුවෙන් නැඟිට බියට පත් වී ඔහු දෙස බලා සිටියේය.

“කොහොමද ඔයාගෙ අත කැපුණේ..?” අම්මා එකවරම මේසයේ ගලා ආ ලේ පැල්ලම් දැක ඇසුවේ ඇගේ බිය දෙගුණ තෙගුණ වෙමින්ය.

“මහත්තයෝ…ඉස්සරහ පාර එක්ක බොලාට ඔය කන්ද ගාවින් යන්න බෑ. බලහන් ගස් ඇඹරෙන ඇඹරිල්ල. උඹලා ඉක්මනටම වටේ පාරේ පලයං…” බස් රථ මාර්ගය හරහා මිනිසුන් පොදියක් සිටගත්තේ එයට යාමට තිබූ පාර අවහිර කරමින්ය. රියැදුරු නිකටට අත තබා කෙසේ හෝ තත්ත්වය පාලනය වේ යැයි සිතුවත් ඇති වූ බහින්බස්වීම නිසා ඔහුත් සිය ආසනයෙන් බැස ඒ වෙතට ගියේය. සයිමන් අසල සිටි අම්මෙක් හා දරු පැටියෙක් නිසාවෙන් ඔහුට ඒ වෙත සහභාගිවීමට නොහැකි විය.

“මෙහෙම වුණොත් නම් වැස්ස තව වැඩි වෙනවා, මුන් මොන මගුලක් කරනවද මන්දා…” අල්ලපු අසුනේ සිටි මහල්ලා එසේ කියමින් සිය ලොකොට්ටුව ගෙන වේලාව බලන්නට පටන් ගත්තේය. “අනේ මන්දා, මොන මගුලක් කරනවද කියලා මාමේ…දැනටමත් පරක්කුයි සෑහෙන්න…”

“උඹලත් ඔය බස් එකේ යන්න එපා බං, මොළේ තියන මිනිස්සුනේ, ගෙවල්වලට ගිහින් ඉඳහල්ලා…” එක් මනුස්සයෙක් පැමිණ පිටුපස සිටි අයට පැවසුවේය.

“ඕන ලබ්බක් කරගනින්, අයියේ මුන්ව යටකරන් පලයං බං, මේ මිනිස්සු ගෙනිච්චෙ නැති වුණොත් වෙන පාඩුව මුන්ට තේරුම් කරන්න බෑ…” කොන්දොස්තර පැවසුවේය.

බස් රියැදුරු බසය වෙතට ඇවිත් පණගන්වා ගියරය කඩා ඔවුන් යටකරගෙන යෑමේ අරමුණින් එය ඉදිරියට නංවාගෙන ගෙන ගියේය.

වර්ෂාවේ අධිකවීම බසයට දරාගත හැකි විය. ඔහු තරමක සෙමින් ඔවුන්ව ගෙන ගියේ මහා කන්ද අසලින්ය. එය ඉතා නිස්කලංක හා මහා වැස්සේ වුවත් බලා යන්නට පුළුවන් ආකාරයේ ඉතාමත් අලංකාර දසුනක්ද විය. කුඩා බිලිඳාගේ හැඬීම නැවතී ඇති නිසා සයිමන් සුපුරුදු පරිදි පත්තරය දෙස බලා යන අතර සියල්ලෝම නිවී සැනසිල්ලේ සුසුම් හෙළනා අයුරු දිස්විය. කොන්දොස්තරවරයා බසයේ රියැදුරු අසුන ළඟ තිබූ එන්ජින් කවරය මත වාඩි වී ඉදිරියේ වූ වීදුරුවෙන් කන්ද දෙස බලා සිටියේය.

“අයියේ…අර ගහ නිකන් පහළට ඇදෙනවා වගේ…”

“කෝ බලන්න…ඒ උඹට බස් එකේ යන නිසා එහෙම පේන්නෙ…”

සයිමන්ද පත්තරය පසෙක දා මඳක් කල්පනා කරමින් ගියේ නිවසේ වතුර බිල කෙසේ අද ගෙවන්නට හැකි වේ දෝයි සිතමින්ය. ඔහුත් එම දසුන නොදුටුවේ නැත. මහා ගස් කිහිපයක් සෙමින් පහළට එනවා ඔහු වඩාත් හොදින් දුටුවේය..

“ඒ…ඒ…අයියේ…කන්ද එනවා…කන්ද එනවා…”

සයිමන්ගේ හඬෙන් සියල්ලන්ම කලබල විය.

කොන්දොස්තරවරයා පා පුවරුවට ආ විගස ඔහු දුටුවේ විශාල බිම් පහුරක් තමා වෙත එනවා මෙනි.

“හැමෝම හොඳ​ට අල්ලගනිල්ලා.”

“ජනෙල් වහපල්ලා…ජනෙල් සේරම වහපල්ලා…”

රියදුරු කෑ මොර දුන් විට ඔවුන් සියල්ලෝම දෙවියන් සිහිකර ගත්තේය. මහා මඩ ගොඩක් මුළු බස් රථයම වසාගන්නට සමත් වූවේය. සයිමන් අපහසුවෙන් හුස්ම ගත්තේය. ඔහු පා පහරින් ජනේලය කඩා එළියට ගියේ මඩේ සිටි ඌරෙකු මෙන්ය. ඉදිරිපස කැඩී පොඩිවී තිබෙනු දුටු ඔහු සිතුවේ රියැදුරා හා කොන්දොස්තර යන්න ඕන තැනට ගොස් ඇති බවය. තමා අසල රැඳුණු අම්මාගේ හිස යකඩ බටයක් පසාරු වී ගොස් ඇති බව දුටු හෙතෙම සිය ඇස්වල කඳුළු පුරවාගත්තේය. කුඩා බිලිඳා සිටියේ අසුනක් යටය. ඔහුගේ හිස තුවාල වූ අතර බස් රථයට නැවත බඩගා ගිය සයිමන් කෙසේ හෝ බිලිඳාව අතට ගත්තේය. බස්රථයේ සිටි කුඩා ළමයෙකුගේ ඉණ දක්වා පස් තිබුනේය. බිළිදා සෙමින් ඔහුගේ වැහි කබායෙන් ඔතා ගල මත තබන්නට සෙමින් අඩි තියා අබලන් වූ බසය මතින් ගියේය.

“මාමේ…මාව බේරගන්න…මට බයයි…අනේ මාමේ…” කුඩා ළමයා හඬනා විලාපයට ඔහු මහත් සේ බියට පත් වූවේය.

“දඟලන්න එපා, එහෙම වුණොත් ඔයා යටට යනවා තවත්…මට අත දෙන්න දඟලන්නැතිව.”

අහිංසක මිනිසුන් යටවී අත් කකුල් එළියට මතුවී තිබෙනු දැකීමෙන් ඔහු මහත් සේ බියට පත්විය. වෙව්ලන දෑතක් වුවත් එය අල්ලා ගැනීමට දරුවා අපොහොසත් වුවහොත් කෙටි වෙලාවකින් බසය නැවතත් පහළට තල්ලු වෙනවා සිකුරුය.

“මාව විශ්වාස කරන්න, ඔයා පුළුවන් උපරිමයෙන් උඩට පුෂ් කරන්න. අර අතන සීට් එක අල්ලගන්න, එතකොට මට ඔයාව ගන්න ලේසියි, හරිද…” සයිමන් එසේ කීවත් දරුවාට එය කරන්නට පුළුවන් දැයි කිසිසේත් සිතුණේ නැත.

“මහත්තයෝ, ඔය ගලට යන්න…ඔය ගල අල්ලන් ඉන්න අපි එනකන්…” ඈතින් හඩඟා මිනිසුන් කියද්දිත් සයිමන් කුඩා දරුවාව අත් නොහැරියේය.

සයිමන් ඔහුගෙ අත අල්ලාගත්තේ ගිරයකට හසුවුණා මෙන් තදින්ය. ඔහු උඩට ගන්නවාත් සමඟම බසය තවත් පස් මත තල්ලු වී යන නිසා හැකි ඉක්මනින් විශාල ගල මතට ගොඩවිය යුතුය. වර්ෂාව අධික නිසා කුඩා බිලින්ඳා දැනටමත් තෙතබරි ගැහි ඇති බව ඔහුට සිතුණේය. කෙටි වේලාවකින් අවට ජනතාව රැස් වී සයිමන් හා ළමයින් දෙදෙනාව බේර ගත්තේය. වතුර බෝතලයක් ගෙනැවිත් දුන් සැණින් සයිමන් කුඩා ළමුන් දෙදෙනාට සෙමින් පොවන්නට පටන් ගත්තේය. බිලිඳා එහි සිටි ගැහැනියක අත හෙමින් සීරුවේ නැළවෙන අතර අසල තිබූ ත්‍රීවීලරයකින් දරුවා රැගෙන යන්නට විය.

“මහත්තයාගෙයි මේ දරුවන්ගෙයි පූරුවේ වාසනාව, මෙච්චර වැස්සක බොලාට පිස්සුනේ බස් එකක් මේ කඳු ගැට්ට මැදින් යවන්න…” අයෙක් කීවේය.

“අපිට ඒකේ බරපතළක් තේරුන් නෑ මාමේ, අපිට එහා ගමේ වුන් කිව්වා යන්න එපා කියලා. අර පොඩි කොල්ලා ඇතුළෙ කෑගහද්දි මං ගත්තේ…” සයිමන් කීවේය.

“අනෙක් සේරම ඉවරයි…” ඔහු වැලපෙන්නට විය.

“පොඩි එකාගෙ කකුලක් කැඩිලා මං හිතන්නෙ, මහත්තයා ඉක්මනට බෙහෙත් දාගෙන ගෙදර යන්න…”

නිසල දේහයන් මැදින් සයිමන් කොර ගා ගමන් ගත්තේ දැඩි කම්පනයකින්ය.

“සයිමන්…?”

ඔහු එකවරම තම බිරිඳගේ මුහුණ දෙස බලා සිටියේ උදෑසන ලත් කම්පනයේ ප්‍රතිබිම්බයද පෙන්නාගෙනය. නමුත් ඔහු තවමත් ඇහැරුණේ නැත.

“තාත්තේ…මොකක්ද වුණේ…”

දුව ඇසුවාය.

“චේතනා…අපි ඉක්මනින් මෙහෙන් යන්න ඕන…” තාත්තා කීවේය.

“මොකක්…?

“ඩෑම් එක ඇරියොත් මේ හැමදේම ඉවරයි..හොඳම දේ අපි යන එක, ඉක්මනට ඔය තියෙන දෙයක් ගන්න…”

ඔහු කෑම මේසයෙන් නැඟිට්ටේ ආගන්තුකයෙක් සේය.

නංගී අත තිබූ බෝනික්කා ඈ තදින්ම තුරුලු කරගෙන සිටියාය.

තාත්තාට ඇසුණ යම් අමුත්තක සේයාවට කල්තියාම දොර මඳක් හැර අවට බැලුවේය. ඔහුගෙ දෙපා මට්ටමට ඇති ජල කදම්බය දුටු හේ පුදුමයෙන් පුදුමයට පත්විය. ඔහු සිහිනයක් දකිනවා මෙන් ඒ දැක දොර වැසුවේය.

“මිදුල යටවෙලා..!”

“මොකක්..?”.

“මහත්තයෝ….මහත්තයෝ…එකපාරම මෙච්චර උඩට වතුර ආවෙ කොයින්ද ?”

“වැව් බැම්ම කැඩිලා…ඉක්මන් කළොත් හන්දියට යාගන්න පුළුවන්…”

ජලපහර කෙමෙන් සීග්‍රයෙන් වැඩිවෙත්ම අම්මාගෙ ඉණට උඩින් මගේ දණහිස් වතුරට වැසෙන්නේ මෙතෙක් සවියෙන් දරා සිටි මා සෙමින් අතහැරෙමින් ලිස්සා යන්නට මත්තෙන්ය. නංගි තාත්තාගේ බෑගය අතින් මුදුනට ඔසවාගත් අතර නංගීද බියවූයේ එන වතුර පහරට තාත්තාගෙ හිස වැසෙන්නට යන නිසාය. වඩාත්ම බියකරු සිතිවිල්ල වූයේ අප කිසිවෙකුට පිහිනීමට නොහැකිකමය.

“ස…ස…සයිමන්…!!!”

අම්මා කෑගැසුවේය. ඉබේටම මා බියෙන් වැලපුණේය.

“දරුවා…දරුවා ගන්න…”

ඇය මා තවත් වැර යොදා ඉහළට දරා ගත්තාය. දෙවියනේ, ඇයට එතරම් සවියක් ඇතැයි කිසිදා මට සිතුණේ නැත.

අපට මුණගැසුණ මාමා අප දෙස නොබලාම යන්නට වූයේ ඒ මොහොතේම කඩා වැටුණ විදුලි කණුව නිසාවෙන්ය. එයට ඔහු බියවූවේය. පාරේ නවතා තිබු ලොරි රථයක් තාත්තා අල්ලාගත්තේ ගසාගෙන යන සැඩ වතුර පොදියෙන් බේරිමටය.

“දුවේ ඉක්මනට මේකට නඟින්න…”

“බෑ…අනේ…මට බයයි…”

“බයවෙන්න එපා, තාත්තා අම්මව අරගෙන ආයෙ මෙතනට එනවා…”

ඒ කැප කිරීම ගැන වචනෙකින් කිව නොහැකිය.

තාත්තා ගසක කඩා වැටුණ අත්තක එල්ලි කෙසේ හෝ අතපය ගසාගෙන තාප්පේ කණුවක් අල්ලාගෙන එයට ගොඩ විය. මවද සෙමින් අඩිය තබා නිවසේ තාප්පය ළඟට පැමිණි විටම තාත්තා මා රැගෙන තාප්පයේ බැම්ම මත තබා අම්මා ගන්නට පාත් වන විටම ජලපහර කඩා වැදුණේ මුහුදු රළක් මෙන්ය. අම්මා එයට ගසාගෙන යන්නට මත්තෙන්ම තාප්ප බැම්මද කැඩෙන්නට විය.

ඒ මොහොතේම තාත්තාද අම්මා හා එක් විය.

“පුතේ…ඔතනම ඉන්න, කොහේවත් යන්න එපා…” ඔහු අම්මා සමඟ ඈත​ට ඇදෙන මුත් දෙදෙනාගෙ අත පය කිසිවිටක ඒ සා ජලයත් සමඟ පොර බදින්නට නොහැකි විය. මා නංගි දෙස බැලුවත් ඇය සිටි රථය අනෙක් පසට පෙරළී තිබුණේ ඇගේ බෝනික්කා වතුරේ පා කරවමින්ය.

හඬා වැලපුණත් , කෑ මොර දුන්නත් තාත්තා හෝ අම්මා බොර වතුරේ නොපෙනීම ගියේය. පැය ගණනකින් ආ හමුදා නිලධා​රින් කිහිපදෙනා ගොළු වී සීතලේ ගැහෙමින් සිටි මා අතට ගත්තේය.

“කොල්ලා පණපිටින්…!” එය මට ඇසුණ අවසන් වචනයද විය. මා ක්ලාන්ත වී ගියේ ඉන්පසුවය.

අවදි වන විට මා සිටියේ කූඩාරම් පොදියක මැදිවය. මා ඉන් ඇවිද තනිවම යන විට දුටුවේ වයස්ගත මිනිසුන්, ලෙඩ වී සිටි දරුවන්, තුවාල ලැබූ පිරිසට බෙහෙත් කරනා හෙදියන්ය. මළගමින් පිටතට විත් මා බැලුවෙ අම්මා හෝ තාත්තා කොහේ සිටිනවා දැයි සොයමින්ය. සුදු රෙදිවලින් වැසු මළකඳන් කිහිපයක් අසල මිනිසුන් ඇවිද යනවා දුටු මා දුවමින් ඒ වෙතට ගියේය. තවත් මා වැනිම ළමයෙක් මළසිරුරක් අසල නොසෙල් වී කිහිලිකරුවක වාරුවෙන් සිටගෙන සිටියේය.

“මේ ඔයාගේ කවුද..?”

“දන්නෑ…හමුදා සර්ලා කිව්වා මූණ බලන්න එපා කියලා.” ඔහු කීවේය.

“ඔයාට මොකක්ද වුණේ.?”

“ ම්මම…මම…බස් එකක හිටියේ…ඒක කන්දට යට වුනා. ලොකු සර්ලා කිව්වා අම්මයි තාත්තයි හොයා ගන්නම් කියලා.”

“එයාලා බස් එකේද හිටියේ..?” මම ඇසුවෙමි.

“ඔව්…”

“ඒයි…ඔය මොකද කරන්නෙ..?”

මම ඒ රෙදිකඩ තරමක් ඉවත් කර බලන්න පටන් ගත්තෙමි, ඒ විටම ඔහු මා නවතාලන්න සැරසුණේය.

“මම මගේ අම්මයි තාත්තයි නංගීවයි හොයනවා…”

මා ඔහුට තදින් කීවේය…එය ඉවත් කළ විටම අප දැඩි කම්පනයකට මුහුණ දුන්නේය.

“ඒ මගේ තාත්තා නෙවෙයි…ඒත් මං එයාව දන්නවා…එයා මාව බේරගත්තා…බස් එකේදි…” ඔහු කීවේය.

ඒ ඉන්නේ…මගේ තාත්තා…!!!

අපි දෙන්නම හිටියේ කන්දක් උඩ. ඒත් ඒ කන්ද එකපාර නාය ගියා.

https://www.silumina.lk/2026/03/21/%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%BB%E0%B7%93%E0%B6%BA-%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BB%E0%B7%84%E0%B6%BA/58656/%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A-%E0%B6%8B%E0%B6%A9-%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9D/?fbclid=IwdGRjcAQyvhVjbGNrBDK6RGV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHhTgF7md3Oy8DGvZF7f10_r4VEdTlsGaLLDKDfdLcuC0ka4JJEtj8AuVrP24_aem_J4CTEGAE0ichkgk6xegFfw



Nissanka Rajapaksa

unread,
Mar 28, 2026, 11:33:06 PMMar 28
to INDRAKA group
22
කපුරු මල්

ඉන්දු ගමගේ

මං හරි ආදරෙයි ඔයාට. මොන ප්‍රශ්න ආවත් ඔයා බයවෙන්න එපා”.

කඩමලු වෙච්ච රෙදි කෑල්ලක් වගේ ඉරිලා ගිය මගේ ජිවිතේට විහාරා කියන්නේ හාස්කමක්. මං මොනවා කරත් මගේ පැත්තෙන් හිටගන්න විහාරා දෙපාරක් හිතුවේ නෑ. මේ බංකුව උඩට වෙලාම අපි දෙන්නා කොච්චර නං හීන මැව්වද? පාක් එකේ ඇවිදින්න ඕනි තරම් තැන් තිබුණත් අපි දෙන්නම ආස කරේ මේ බංකුවට. පාක් එකක සුන්දරයි කියන්න තැන් ගොඩක් තිබ්බත් ඒ හැම තැනකටම වඩා මේ මාර ගහ යට ති‍ෙයන පුංචි බංකුව අපිට සුන්දර වුනා. අපි දෙන්න හම්බුණ පළවෙනි දවසේ එයා මං එනකල් බලාගෙන හිටියේ මෙන්න මේ නිස්කලංක මාර ගහයට තිබුනු බංකුවට වෙලා. සුරංගනා කතාවල ඉන්න දිග කොණ්ඩයක් තිබුණ රපුන්සල් කෙනෙක් බංකුව උඩ වාඩි වෙලා ඉන්නවා වගේ එදා මට විහාරව පෙනුනේ. අපේ ජීවිතවල අවුල් වෙව්ව තැන්, සතුටු හිතෙන වෙලාවට අපි දෙන්නම මෙතනට ආවා. එයා එනකම් මං බලන් හිටියා. මං එනකං එයා බලන් හිටියා. අපි දෙන්න එනකම් මේ බංකුවත් බලන් ඉන්නැති.

රස්සාවෙන් මං ලියන්නෙක්. පත්තරවලට ලියන්නෙක්. එයා චිත්‍ර ශිල්පිනියක්. මගේ ගොඩක් ආර්ටිකල්වල චිත්‍ර ශිල්පිනිය වුණේ එයා. ආර්ටිකල් එකක් ලියලා දුන්නම හරිම පින්තූරේ හරිම විදිහට එයා ඇඳල දුන්නා. හිතේ ති‍ෙයන දේ කියාගන්න බැරි උනාම තොල් දෙක කනපිට පෙරලගෙන ඇස් දෙකත් ලොකු කරගෙන එයා බලන් හිටියා. එයාට තියෙන්නෙ දිගැටි ලොකු ඇස්. වම්පැත්තෙ කම්මුලේ මැදින් චූටි ලපයක්. තදට වැවිච්ච ඇහි බැමි. දිග ඇහි පිහාටු ඒ ඔක්කොම නිකං එකට එක ගැලපුන් නෑ. ඒත් ලස්සනයි. අපි දෙන්නා වගේම. එයා ආසම කපුරු මල්වලට. මං කපුරු මල්වලට වැඩි කැමැත්තක් නැහැ. සමහරදාට එයා එනකොට මට කපුරු මලක් අරන් එනවා. එයාගෙ අතින්ම එයාම වවපුවා.

“මෙව්වර මල් තියෙද්දිත් ඇයි ඔයා ඔය තරම් කපුරු මල්වලට ආස.”

“අරලිය, පිච්ච කිව්ව ගමන් මට දැනෙන්නෙ හරි ගෞරවයක්. නිකං පන්සල් යනවා වගේ හැඟීමක්. රෝස මලත් සුවඳයි. හැබැයි සෑහෙන්න මේන්ටේන් කරන්න ඕනෙ. පොඩ්ඩ බැරි වුන ගමන් පැලේ මැරෙනවා. කපුරු මල් එහෙම නෑ. කපුරු මල්වලට පුලුවන් ඕනි තැනක පැලවෙන්න ඕනි දේශගුණයක හැදෙන්න. කිසිම ආදරයක්, ගෞරවයක් නැති වුනත් කපුරු මලට පුළුවන් හෙටත් පිපෙන්න. ඔයත් ඒ වගේ වෙන්න” මගෙ ඇස් දිහා බලන් එයා එහෙම කියනවා. කපුරු මල්වලට ආස නැති මං ටිකෙන් ටික ආස වෙන්න ගත්තෙ එහෙම. අපි එනකොට හන්දියේ සල්ගා හෝටලෙන් තෝසේයි වඩෙයි ගෙනත් බංකුවෙ තියන් කන්න පුරුදු වෙලා හිටියා. සල්ගගේ දෝසිවලට තමා විහාරා ආසම.

“මේ ඔයා දන්නවද මම එනකොට කූඹි රැලක් එකතු වෙලා සල්ගගෙ කඩෙන් දෝසි අරන් දුවනවා. මමත් ඇතැරියෙ නෑ කෑගැහුවා සල්ගා අයියට, නැත්තං ඉතිං අපි දෙන්නටනෙ සුද්දා නැති වෙන්නේ. ආ මෙන්න කන්න” දෝසි කෑල්ලක් අරං ආපු දවසක විහාරා එහෙම කියනවා. කියලා එයාම කට පුරාම හිනා වෙනවා. ඒ හිනාවට මට දැනෙනවා මං ජීවත් වෙනවා කියලා. එන හැම දවසකම පුංචි චිට් එකක්. ඒ හැම එකක්ම මං බලන්නෝනි ගෙදර ගිහාම. බලලා ඊළඟ දවසේ ඒකට උත්තරයක්. මුලදී මට ඒක නුහුරු වුණත් දැන් ඒක අපිට පුරුද්දක් වෙලා.

“කොන්ඩෙ කපන්නම ඕනි නෑ කැරලි කැරලි වැවිලා මූණට වැටෙනකොට ඔයා ලස්සනයි.

මං වෙනුවෙන් ඉන්න”

ඔහොම ලිය ලිය මොනාම හරි දෙනවා. ඒත් එයාගෙ හැම ලියුමකම අන්තිමට “මං වෙනුවෙන් ඉන්න” කියන එක තිබුණා. ඒ වචනවලට මං ආස කරා. මුලින් මම ලිව්වෙ නැති වුණත් මටත් කාලයක් යද්දි ඒක පුරුද්දක් වුණා. ඉතිං මං හැමදාම එයාට ලිව්වේ “ඉතින් ඉන්නම ඕනිද?”

“මං හිතන් ඉන්නෙ කොණ්ඩේ කපලා රැවුලත් කපන්න…මට ආදරෙයිද බලන්න…

ඉතිං ඉන්නම ඕනිද?”

අපේ හැම ලියුමකම “මං වෙනුවෙන් ඉන්න, ඉතිං ඉන්නම් ඕනිද” මේ වචන ටික තිබුනා. ඒවා නිකන්ම නිකන් වචන නෙමෙයි. අපි ඒවට බැදිලා හිටියා. අපි ඒ වචන වෙනුවෙන් ජීවත් උනා. දවසක විහාරයි මමයි පාර්ක් එකේ බංකුව උඩට වෙලා පුංචි දරුවෝ සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්නවා. විහාරා හිමීට මගේ පැත්ත හැරිලා බැලුවා. ඒ වගේ කෙලි පොඩ්ඩක් අපිටත් හිටියනන් කියලා හිතාගෙන වගේ. මට ඒ ඇස් තේරෙනවා. මං දිහාම බලන් ඉදලා මං උත්තරයක් නොදුන්න නිසා ආයම පොඩි අය දිහා බලලා හිනා වෙනවා. ඒ තමයි එයා. මගෙ කපුරු මල.

අද නොවැම්බර් 28 මං මේ බලන් ඉන්නෙ එයා එනකං, හරියටම අගෝස්තු 27 ඒ මූන දැක්කට පස්සේ එයාව දකින දවස අද. එදත් මට ලියුමක් හම්බුනා. ඇත්තටම ලියුම් ගොඩක්.

“තෙරුවන් සරණයි!

අර ළා කොළ පාට ෂර්ට් එක ආය අදින්නෙපා ඔයා නාකි පාටයි. සල්ග ගේ කඩෙන් දෝසි කන එක නවත්තන්න වෙයි දැන් ඒ තරං රහක් නෑ. ඊළඟ දවසට මල්මගෙ කඩෙන් බෝල මුරුක්කු කමු. අප්පච්චි ගෙනත් තිබ්බා. පුදුම රසක්. ඒ උනාට ටික දවසකට කන්න බැරිවෙයි. මොකද මට අප්පච්චි එක්ක නුවර යන්න වෙනවා. කලින් කිව්වේ නෑ කියලා තරහ වෙන්නෙපා ඔයාට පුලුවන්නේ බලන් ඉන්න මං එනකං. ඔයාට පාලු හිතෙන එකක් නෑ ලඟ එන ඡන්දෙ නිසා ඔයාට ගොඩක් ලියන්න වෙයි. ඉතිං මං හිතුවා ඔයාටත් කරදර නොකර අප්පච්චිට ටිකක් උදව් කරා නම් හොදයි කියලා. මං නැතුව දෝසි එහෙම කනවා නෙමෙයි හරිද. මං හැම ලියුමකමටම දිනයක් දැම්මා. ලියපු දිනේට විතරක් අනිත්වා බලන්න. අපේ ආදරේ තියන තැන ඉඳන් කියවන්න.

මං වෙනුවෙන් ඉන්න.”

කලින් මේ විදිහට කොහේ හරි යනකොට ආදර ලියුමක් ලියන පුරුද්දක් එයාට තිබ්බා. ඒක හරි අහිංසකයි. හැබැයි මේ පාර මට මං නමින් චූටි චූටි ලියුම් ගොඩක්. කොහොම ලිව්වද මේ චූටි චූටි ලියුම්. දවස් ගාණක ඉඳන්ම ලියන්න ඇති, එයාට හිතෙන්නැති මට පාළු හිතෙයි කියලා, එක සතියට ලියුම් දෙක ගානෙ ලියල තිබුණා. හැම ලියුමක්ම කියවන්න ඕන දිනේ ඒ ලියුම් කවරවල ලියලා. එයා ආවෙ නැති උනත් ඒ ලියුම් මේ බංකුව උඩ ඉඳගෙනම මම කියෙව්වා. එයාගෙ ඉල්ලීම් හරි අහිංසකයි. ඒ හැම එකක්ම මං වෙනුවෙන්, අපි වෙනුවෙන් කරපු අහිංසක ඉල්ලීම්, මං එයාට මෙච්චර බැඳෙන්න තරම්, මට එයාව මෙච්චර දැනෙන්න තරම් එයා කොහොම ආදරේ කරන්න ඇතිද කියලා මට තේරෙන්න ගත්තේ මේ චූටි චූටි ලියුම්වලින්. එයා නැතුව ලියුම්වලින් විතරක් එයාව දකින එක, විඳින එක එව්වරම ලේසි නැහැ. ඒත් ඒක හරි සුන්දර අත්දැකීමක්.

මුලින්ම හරි අහිංසක ඉල්ලීම් තිබ්බෙ එයාට. මං නැතුව දෝසි කන්නෙපා, බෝල මුරුක්කු කන්නත් එපා, ඔයා ලියනකොට වචන පොඩ්ඩක් හැඩ කරලා ලියන්න, වැඩිය තරහ ගන්නෙපා, මතක් කරලා අම්මගෙ බෙහෙත් දවසට යන්න, එන පෝයට මං වෙනුවෙන් පන්සල් යන්න. මං ආවම අපි දෙන්නම පන්සල් යමු. තේ වත්තේ පල්ලි යන්න ඕනි. එහෙ හරි ලස්සනයිලු වගේ ඉල්ලීම්. ඒවා හරි පුදුම ඉල්ලීම්. ඒත් අන්තිම ලියුම්වල ඒක ටික ටික වෙනස් වෙන්න අරං තිබ්බා.

“තෙරුවන් සරණයි!

ඔයාට පුළුවන්නේ හැමදාම මං එන්න කලින් ඇවිත් මං වෙනුවෙන් බලන් ඉන්න. ඇයි අර රතු ෂර්ට් එක මදින් නැතුව අදින්නෙ හැමදාම මං ඒකට කැමති නෑ. ඔයා කැමති දේම විතරක් ලියන්නෙපා අනිත් අයගෙ දේවලුත් අහලා ලියන්න එතකොට ලස්සනයි. ඔයා ගෙනත් දුන්න තැඹිලි තෙල් එකට මගෙ කොණ්ඩෙ හොඳටම ගියා. ආය මං ඒක ගාන්නෙ නෑ. ඉස්සර වගේ සුවඳත් නෑ. ඔයා හිතන්නේ ලෙච්චමී ඇඳුමට මං කැතයි කියලා නේද? බෝල මුරුක්කුද දෝසිද රහ කියලා මට හිතා ගන්න බෑ. ඊළඟ දවසේ දෙකම කාලා බලමු. අපි අපිටම ආදරේ කරමු. මේ ගෙවුණ සති ටිකට මාව අමතකත් ඇති.

මං වෙනුවෙන් ඉන්න”.

“තෙරුවන් සරණයි!

මම ලබන ඉරිදා එනවා. එතකොට අර ක්‍රීම් පාට කලිසමට කළු ෂර්ට් එක අඳින්න. මං ආසයි. මං ඔයාගෙ සමහර දේවල්වලට අකැමැතියි. ඒත් ඒවා එච්චර නරකම නෑ. නර්මදා කියනවා ඔයා නිකං හෙණ පණ්ඩිතයිලු. මේ ගෙවන දවස් හරිම අමුතුයි. පාළුයි. ඔයාටත් එහෙම වෙන්නැති. මං ඉක්මනින් එනවා. මං ආස දෝසි කන්න. නෑ බෝල මුරුක්කු. යාළුවෙලා අවුරුදු තුනක් ගියා කියලා මට හිතන්නවත් බෑ ඔයාව මට තාමත් දැනෙනවා. මේක කියවන ගමන් මූණ පුළුටු කරගෙන ඉන්නෙපා. හිනාවෙන්න.

අපි වෙනුවෙන් ඉන්න”.

අපි වෙනුවෙන් ඉන්න? මට හිතාගන්න බෑ ඇයි විහාරා එහෙම ලිව්වේ කියලා. එයාට ඒක අමතක වෙන්නැති. ඒත් ඒක වෙනසක්. කවදාවත් නොලියපු දේවල් එයා ලියන්න ගත්තා. රතු ෂර්ට් මැදලා අඳිනවට අකැමැති කෙනෙක් එයා. ටිකක් තරහින් කියලා තේරුණත් මට හිතුනෙ විහාරා විහිළුවක් කරනවා ඇති කියලමයි. අද එයා එන නිසාම මං මල්මගෙන් බෝල මුරුක්කුයි සල්ගගෙන් දෝසියි අරගෙන පැය භාගෙකට කලින්ම ආවේ එයා ආස කපුරු මල් පොකුරකුත් අරගෙන. මෙච්චර කාලයක් දුරින් ඉඳපු නිසා එහෙම හොඳයි කියලා මට හිතෙනවා. මල් දෙන රොමෑන්ටික් කෙනෙක් නොවුණට අද රොමෑන්ටික් පෙම්වතෙක් වෙන්නෝනෙ කියලා මට හිතුණා.

විහාරා පුංචි පුංචි ආදර සිද්ධිවලට හරි ආසයි. ලොකු ලොකු තෑගි නැතත් එයා වෙනුවෙන් ගේන වඩේ පාර්සලේට එයා පුදුම වෙන්නෙ හැමදාමත් පලවෙනි දවසෙ වගේමයි. දැන් පැය 1 1/2 ක්ම ගිහිං අද එන්න අමතක වෙලාවත්ද? නෑ එයා කවදාවත් අමතක කරන්නෑ අපේ දවස් ගැන. මං වෙනුවෙන් දවස ගානෙ හැඩ වෙලා එන විහාරව මාස දෙකකට පස්සෙ පිළිගන්න දූවිලි සපත්තුව ගැලපෙන්නෙ නැහැනෙ. ඉතින් මම බෑග් එකට අත දාලා ලේන්සුව අරගෙන එයා එන්න කලින් ලස්සනට සපත්තු දෙක පිහිදාන්න ඕනි කියලා හිතුවා. සපත්තුවේ තිබුන අන්තිම දුවිලි ටිකත් පිහිදලා ඔලුව උස්සන්න හදද්දිම හුරුපුරුදු කකුල් දෙක ඇවිත් මං ලඟින් නැවතුනා. එයාගේ පුරුදු සුවඳ මට දැනුනත් ඒ අතරින් කවදාවත් නොදැනුණු නුපුරුදු සැර සුවඳක් ආවා. “ඔව් එයා ඇවිත්. මගෙ කපුරු මල” මං හිමීට ඔලුව උස්සලා බැලුවා. වෙනදා වගේම ආදරෙන් මං දිහා බලන හැටි බලන්න.

“දෙයියනේ ඔයා”

මට හිතා ගන්න බෑ විහාරද, මගෙ කපුරු මලද මේ. කළුවෙලා. ඇදිලා ගිහිං අයිස් කැප් එකක් ඔළුවෙ දාගෙන. මට මාව දරාගන්න බෑ. කකුල් දෙකම පණ නැති ගානයි. ඒත් පුරුදු හිනාවෙන් මං දිහා බලපු විහාරා බංකුවෙන් වාඩි වුණා.

“ඇයි මොකද වුණේ? මොකද ඔයාට වෙලා තියෙන්නෙ. ඔයාගෙ ලස්සන කොණ්ඩේ, ඔයාගේ මූණ”

“ඇයි මං කැතයිද දැන්?”

“නෑ නෑ රත්තරං, මට කියන්න මොකද වුණේ ඔයාට”

මොකුත්ම කියන්නෙපා කියලා එයා මගෙ අත හයියෙන් අල්ලගත්තා. පැයක් දෙකක් ඉන්නැති විහාරා මගෙ උරහිසට ඔළුව තියාගෙන. ගිරවියෙක් වගේ කියවන එයාගෙ කතාවලට හුරු වෙලා හිටපු මට මේ නිහඬ බව හරි නුහුරුයි. ඉර ටිකෙන් ටික බැහැගෙන හැන්දෑ අහස තැඹිලි පාට වෙන විදිහ දැක්කම මට දැනුණේ හරි ආසාවෙන් දවස් ගානක් කියවපු ලොකු පොතක් ඉවර වෙන්න යනවා වගේ හැඟීමක්. කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දී එයා ඔළුව කෙළින් කළා. මං දිහා බලාගෙන ඉඳලා මාව ඉම්බා. එයාගෙ උණුසුම් තොල් සීතල වෙලා. ඒ ඇස්වල ලියවෙලා තිබ්බෙ මොනවද කියලා මට හිතාගන්න බෑ. මං ළඟ ඉන්න කියන්න ඕනි වුණත් මට වචන එන්නෙ නෑ. අන්තිමට එයාගෙ ලියුම මගෙ අතින් තියලා කපුරු මල් ටිකත් අරගෙන එයා ගියා. ගේට්ටුව ළඟදි පුරුදු විදිහටම එයා මං දිහා අන්තිම පාරටත් බලලා නොපෙනී ගියා. මේ එයාගෙ අන්තිම ලියුම, අන්තිම වචන ටික.

“තෙරුවන් සරණයි!

බොරු කිව්වට සමාවෙන්න. ඔයාගෙ තැඹිලි තෙල් එකට මගෙ කොණ්ඩෙ ගියෙ නෑ. නර්මදා කවදාවත් ඔයා ගැන මොකුත් කිව්වෙ නෑ. අර රතු ෂර්ට් එක මදින් නැතුවයි ලස්සන. අප්පච්චි එක්ක නුවර ගියේ නෑ මං අපේක්ෂා එකේ හිටියෙ. මේ මගේ අන්තිම දවස්. මං හිතුවා ඔයා මාත් එක්ක තරහ වෙයි කියලා. ඒත් ඔයා තාමත් ඉන්නවා. ඔයාගෙ ආදරේ මට දැනෙනවා වැඩියි. මාව මතක් වෙනකොට ආයම මාව කියවන්න. ආදරෙයි මගේ කපුරු මල.

මං වෙනුවෙන් තවත් ඉන්නෙපා ඔයා වෙනුවෙන් ඉන්න”.


Nihal Ananda

unread,
Mar 29, 2026, 12:36:19 AMMar 29
to ind...@googlegroups.com
22
කපුරු මල්
ඉන්දු ගමගේ
...........................................
කෙටි කතාවක , ගති ලක්ෂණ තියෙනවා .  
ඒ වුනාට , හරි භාවාතිෂයි ....  අභව්‍යයි .....ෆැන්ටසිමයි .
ෆේස්බුක් පාඨකයන්ට තමයි .....! 

කොල්ලෙක් කෙල්ලෙක් ලව් එකක , මෙහෙම පැත්තක් තියෙන්න පුළුවන් .  
හැබැයි , ඒ චරිත ජිවත් වෙන්නේ මහා පොළොවේ නෙවෙයි ද ? 
මේ වගේ ට්‍රැජික්  සිද්ධියකට මුහුණ දෙන්නේ , මෙහෙමද ? 

Nissanka Rajapaksa

unread,
Mar 31, 2026, 4:39:52 AMMar 31
to INDRAKA group
23

රතු රෝස මල

මගේ සොහොයුරකු වූ සෝමපාලගේ අසනීපය ගැන දැනගන්නට ලැබුණු වේලෙහි මා තුළ මහත් ශෝකයක් ඇති විය. සෝමපාල මට වඩා අවුරුදු හත අටකින් බාල වුවද මා ඔහුට සැලකුවේ හිතවත් මිත්‍රයකු ලෙසිනි.

සෝමපාලට මගේ ගෙදර නැවතී බෙහෙත් ගත හැකි බව දන්වා ඔහුට එහි පැමිණෙන ලෙස ආරාධනා කොට ලියුමක් ඇරියෙමි. සෝමපාලගේ නෑදෑයෝ මගේ අදහසට එකඟ වූහ. ඔවුන් හැමටම වඩා කැමති වූයේ සෝමපාලගේ මවය. මා විනීත ගුණධර්ම පුරුදු පුහුණු කළ තරුණයෙකැයි යන්න ඈ මා පිළිබඳව ඇතිකර ගත් අදහස බව මම දැන සිටියෙමි. ඒ සියල්ලටම වඩා මා අඳුනන, උමතු රෝග විශේෂඥයකුගෙන් බෙහෙත් ගැනීමට හැකිවීම සෝමපාලගේ පැමිණීමට විශේෂ සාධකයක් විය.

මා තනිකඩයකු වූ බැවින් සෝමපාල සමඟ හිතවත් තරුණ මෙහෙකරුවකුද ගෙන එන ලදී. සෝමපාලගේ ප්‍රයෝජනය පිණිස මම ගෙදර ඉතාමත් දැකුම්කලු කාමරයක් දුනිමි. මල් වත්තට මුහුණලා ඇති කවුළු පේළියකින් යුත් එය, ඔහුගේ අභාවයට ගිය කල්පනා ශක්තිය වර්ධනය කිරීමෙහි පොහොසත් වෙතියි යන කිසියම් අදහසක් මා තුළ විය.

සෝමපාල පැමිණ දවස් දෙක තුනක් යනතුරු ම මහත් නිශ්ශබ්දතාවක් ඉසුළුවේය. කීපදිනකින් එය මගහැරී යතියි මම සිතුවෙමි. ඔහු පැමිණි පසුදා ම මම සෝමපාල මුලින් සඳහන් කළ දොස්තර මහතා කරා ගෙන ගියෙමි. දොස්තර මහතා බොහෝ වෙලාවක් ඔහු පරීක්ෂා කිරීමෙන් පසු ඔහුගේ මොළයෙහි අවුරුදු තුන හතරක පමණ සිට අවුල් ගතියක් ඇති වී තිබෙන බවත් ක්‍රමයෙන් ඔහුගේ ශරීරය කෘශවීම භීතියට කරුණක් බවත් පැවසුවේය. ඉන් පසු දිනපතාම දොස්තර මහතා ලවා සෝමපාලව පරීක්ෂා කරවන ලදී. දවසකට රාත්තල් තුන හතරක් බර අඩුවන බව දිනපතා පරීක්ෂා කිරීමෙන් අනතුරුව  වැටහිණ. එහෙත් ප්‍රතිකාර වශයෙන් දොස්තර විසින් නියම කරන ලද්දේ පෝෂ්‍ය ආහාර දීමත්, මොළයට සුළු ව්‍යායාම කරවීමත් පමණකි.

සෝමපාල බොහෝ විට කාලය ගත කළේ නිකට අත්ල මත රුවාගෙන, රැළි ගැසුණු නළලින් යුතුව කල්පනා කිරීමෙනි. ඔහුට එතරම් කල්පනා කිරීමට කුමක් හේතුවී දැයි මම නොදනිමි. දිනපතා කන්තෝරුවට ගොස් රෑවී ගෙදර එන මට ඔහුගේ හැසිරීම ගැන දැනගත හැකිවූයේ තරුණ මෙහෙකරුවාගෙනි. ඔහු අවංක කරුණා වන්ත තරුණයෙක් විය. මම සෑමදාම ඔහුගෙන් සෝමපාල කළ කී දෑ නොවරදවා ඇසුවෙමි. සෝමපාල පැමිණ සුමාන දෙකකට පමණ පසු මා නැති විටෙක ඔහුට හෘදයාබාධයක් ඇති වූ බව දිනක් මෙහෙකරුවා මා සමඟ කීවේය. එදින ඔහු වෙනදාට වඩා වෙනස්බවකින් හැසුරුණු බව ද ඔහු විසින් මා සමඟ පවසන ලදී.

සෝමපාලගේ කාමරයේ සිට යාර විස්සක් පමණ ඈතින් රතු රෝස පඳුරක් වෙයි. පඳුරු ලා වැඩුණු එය වටා, ගසට කිසිවකුට ළං නොවන සේ සාදන ලද යකඩ වැටක් ඇත. මම රෝසමල්වලට මෙතරම් ප්‍රිය කළේ කුමක් නිසාදැයි මම නොදනිමි. කුඩාකල අපේ ගෙදර මිදුලෙහි වූ රෝස පඳුරක් ගැන මට මතක ඇත. එහි වූ රෝස මල් උදයෙහි පිනිදිය සලා පෙති විහිදන විට මම ඒ අවට  මහත් ප්‍රීතියකින් බොහෝ වේලාවක් ගෙව්වෙමි.

සෝමපාල  එදින කවුළු දොරින් රෝස පඳුර දෙස බලා සිට පසුව  එහි ගොස්  රෝස මල කැඩීමට තැත් කළේය. එහෙත් මෙහෙකරුවාගේ වැළැක්වීම නිසා ඔහුට එසේ කළ නොහැකි විය. අතින් අල්වා බලෙන් තමාගේ කාමරයට ගෙනෙන ලද ඔහු ස්වල්ප  වෙලාවකින් හෘදයාබාධයකින් පෙළෙන්නට විය.

ඔහු පසුදා දොස්තර බැලීමට යා නොහැකි දුර්වල තත්වයක සිටි බැවින් දොස්තර නිවෙසට කැඳවන ලදී. සෝමපාලට හදිසියේ ඇති වූ හෘදයාබාධය ගැනත් ඔහුගේ අස්වාභාවික මානසික තත්වය පිළිබඳවත් මම දොස්තර මහතාට කීවෙමි. දොස්තර ලෙඩා පරික්ෂා කර බලා, හෘදයාබාධය අන්කිසිවක් නිසා නොව දුර්වලකම නිසා ඇති වූ බව කීවේය. ඔහු රෝස මලේ පුවත ගැන කිසිත් නොකීවේය. ඔහුගෙන් ප්‍රශ්න කිරීම නුසුදුසු යයි සිතූ බැවින් මම නිශ්ශබ්ද වීමි. සෝමපාලට වෙනදාටත් වඩා පෝෂ්‍ය ආහාර දීමටත්, දුව පැන ඇවිදීමෙන් ඔහුට යළි හෘදයාබාධය ඇතිවිය හැකි නිසා කාමරයෙන් පිටතට නොයෑම ත් නියම කරන ලදී.

පසු දින කන්තෝරුවට යෑමට පෙර, මම තරුණ මෙහෙකරුවාට දොස්තර නියම් කළ ආකාරයට සෝමපාලව බලාගන්නා ලෙස කීවෙමි. එදින සෝමපාල මා ගෙදර එනතුරු ජනේලය අසලින් නොසෙල්වී සිටි බවත්, දෙවරක්ම තමාට කාමරයෙන් පිටතට යෑමට ඉඩ දෙන ලෙස මෙහෙකරුවාගෙන් ඉල්ලා සිටි බවත් මා ගෙදර පැමිණි විගස ඔහු මා සමඟ කීවේය. ඔහු එදින දෙවරක් හෘදයාබාධයෙන් පෙළුණේය. මම ඇඳුම් මාරු කිරීමටත් පෙර සෝමපාල සිටි කාමරයට ගියෙමි. එහි යන විටද ඔහු ඇඳමත දිගාවී, ඇර තිබුණු කවුළු දොර වෙත රැදුණු දෙනෙතින් යුතුව සිටියේය. මා දුටු විගස ඔහු දෙනෙත් බිමට හරවා මහා වේදනාවකින් පෙළෙන්නකු මෙන් නළල රැලි ගස්සන්නට විය. මම ඔහුගේ උරහිස මත සුරත රඳවා ' සෝමපාල ' යි ඇමතුවෙමි. ඔහු කිසිත් නොකීවේය. ඔහුගේ දෙනෙත් ක්‍රමයෙන් විශාලවන අයුරු මට පෙනිණ. ඒවායේ කඳුළු පිරි තිබුණාදැයි මට හරි හැටි කිව නොහැක. බොහෝ වේලාවක් නිශ්ශබ්දව සිටි ඔහු මගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවේය. ඔහුගේ දෙනෙතෙහි පුදුමාකාර බැල්මක් රැඳී තිබිණි.

'' මට කාමරයෙන් එළියට යන්න දෙන්න '' යි ඔහු කීවේය.

'' ඇයි සෝමපාල, සෝමපාලට තේරෙන්නේ නැද්ද වැඩිය වෙහෙස වෙන්න හොඳ නැති බව. ඊයේ අර පපුවේ අමාරුව හැදුනෙත් මම නැති වෙලාවෙ වෙහෙස වෙලා '' යි මම පිළිතුරු දුනිමි.

ඔහු ඊට කිසිත් නොකීවේය. ඇඳ මත දිගා වී දෙනෙත් වසා ගෙන බිත්තිය දෙසට මුහුණ ලා නිදන්නට විය. ඔහුගේ මුහුණෙහි ඊට පෙර නොවූ මලානික ගතියක් එදින පෙනිණ. ඔහුගේ තත්වය භයානක යයි හැඟී ගිය බැවින් දොස්තර ලවා යළිත් පරීක්ෂා කරවීමට සිතුවෙමි.

දොස්තර වෙනදා මෙන් ඔහු පරීක්ෂා කොට, හෘදයාබාධයට හේතුව වෙහෙසීම බවත් වෙන අලුතෙන් කිසියම් අසනීපයක් දැන ගැනීමට නැති බවත් කීවේය. රෝගියාට ඇඳෙන් බැසීමට ඉඩ නොදෙන ලෙසද නියම කරන ලදී.

පසුදා කන්තෝරුවට යෑමට පෙර තරුණ මෙහෙකරුවාට, සෝමපාල බලාගත යුතු ආකාරය පැහැදිලි කොට, සෝමපාලට කොයි ක්‍රමයකින් නමුත් ඇඳෙන් බැසීමට ඉඩ නොදිය යුතු යයි කීවෙමි. එදින මම වෙනදාට වඩා කලින් කන්තෝරුවෙන් ආවෙමි.

මම ගෙට ගොඩනැගුණු විගසම සෝමපාලගේ කාමරයට ගියෙමි. සෝමපාලට එවිට නින්ද ගොස් තිබෙණු දුටු මා සිත තුළ ප්‍රීතියක් ඇති විය. ඔහුගේ තත්වය සුවදායක අතට හැරෙන්නට ඇතැයි මම සිතුවෙමි. ඔහුගේ මුහුණෙහි වෙනදා වූ දුක්මුසු සිත් වේදනා කරවන සුලු පෙනුම පහව ගොස් පියකරු භාවයක් එහි විය. ඔහු අවදි කිරීමට නුසුදුසු යයි සිතූ මම කාමරයෙන් එළියට පැමිණ මෙහෙකරුවා සමඟ කථා කරන්නට වීමි.

" අද මොකද පොඩි මහත්තය නිදාගන්නේ '' යි මම ඔහුගෙන් ඇසුවෙමි.

නැහැ. දැන් පැය දෙකක් විතර ඉඳල නිදි. දවල්  බෙහෙත් බීවයින්  පස්සෙ නිදාගන්න පටන් ගත්තු ගමන තමයි තාම ඔය '

"කොහොමද ඇඳෙන් නැගිටින්න හැදුවද? " යි මම ප්‍රශ්න කළෙමි.

"නැහැ. උදේ වරුවෙ කල්පනා කර කර හිටිය. වැඩි හැල හොල්මනක් නැතුව. මම දවල් බෙහෙත් ගේන්න ගියා. ඒ අතර ඇදෙන් නැගිටින්න නැහැ. මං එනකොටත් නිදාගෙනයි හිටියෙ"

සෝමපාලට නින්ද ගිය බව ඇසීමෙන් මා තුළ සතුටක් ඇති විය. මම ඇඳුම් මාරු කොට ඉස්තෝප්පුවට වුත් පත්‍රය බලන්නට සිතුවෙමි. බොහෝ දවසකින් පත්‍රය බැලීමට කරම්වත් විවේකයක් දැනුනේ එවිටය. පත්‍රය රැගෙන පුටුව මත වාඩි වී මිදුල දෙස බැලූ මගේ දෙනෙත් පළමු වරට ඇදී ගියේ රෝස පඳුර වෙතය. එහි වූ රෝස මල් පොකුර දක්නට නොතිබිණ. මම වහා පඳුර ළහට ගියෙමි. එහි වූයේ රෝස මල් පොකුර පිටින්ම කැඩීමෙන් ඉතුරුවන ලද ඉති කැබෙල්ල පමණකි. රෝස පොකුරෙහි පිපී තිබුණේ එක මලක් බව මට මතක් විණ. මම තරුණ මෙහෙකරුවා කැඳවා ඔහුගෙන් රෝස මලට කුමක් වී දැයි ඇසුවෙමි. එහෙත් ඔහුට ඒ ගැන කිසිවක් කීමට නුපුළුවන් විය. රෝස පඳුරත් සෝමපාලත් අතර වූ සම්බන්ධය ගැන මට සිහිවිණ. රෝස මල සෝමපාල විසින් කිසිවෙකුට නොපෙණෙන ලෙස කඩන්ට ඇතැයි මම සිතුවෙමි. නින්දෙන් අවදි වූ විට ඔහුගෙන් ඒ ගැන ඇසිය යුතු යයි මම තීරණය කරගත්තෙමි.

සෝමපාල අවදි වූ විට, මම ඔහුගෙන් ඒ සම්බන්ධව ඇසිය යුතු යයි සිතාගෙන කාමරයට ගියෙමි. එහෙත් ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කිරීමෙන් ඔහුගේ සිතෙහි යළි කිසියම් කැලඹීමක් ඇති වෙතියි යන බියෙන් මම කිසිත් නොඇසුවෙමි.

සෝමපාල මා කාමරයට ඇතුළු  වූ විගසම මහත් දයාවකින් මෙන් මා දෙස බැලුවේය. ඔහුගේ මුහුණෙහි වූ වෙනදා නොමැති පැහැදිලි පෙනුම හා පියකරු බව ගැන මට වඩාත් පැහැදිලි වූයේ එවිටය. '' සෝමපාලට දැන් සනීප වගෙයි" යි මම කීවෙමි. ඔහුගේ කට කොනකින් සිනහ රැල්ලක් මතු විය.

" ඔව් - ස - නිප - යි නින්ද - ගි - යා '' ඔහු පිළිතුරු දුන්නේ ගොතගසමින් වෑයමිනි.

මම ඔහුට ළංව ඔහුගේ මුහුණ දෙස ඕනෑකමින් බැලුවෙමි. ඔහු කිසිවක් කීමට දැඩි ආශාවකින් සිටින බව මට පෙනිණ.

දැඩි දුර්වලත්වය නිසා ඔහු කී දෙයින් මට ඇසුනේ ඇතැම් කොටස් පමණකි. එහෙත් ඔහු කිවේ මේයයි මට සිතුණි.

"අර රෝසමල කැඩුවෙි මමයි.මට එය විනාශ කිරීමට වුවමනා වී තිබුණා.මගේ අභාග්‍ය උදාකරේ මෙයයි.එහෙත් මට නම් මෙය විනාශ කරන්නට බැහැ.

මීට මොළව ගත් ඔහුගේ අතෙහි රෝස මල වූ බව මට පෙනිණ.මම එය ඔහුගෙන් ගැනීමට තැත් නොකළෙමි.

 ඔහුට කතා කිරීමට නොහැකි වී තිබෙණු දුටු මම බියෙන් ගැහෙන්නට වීමි. දොස්තරට වහාම පැමිණෙන ලෙස පණිවිඩයක් ඇරියෙමි. දොස්තර පැමිණෙන තෙක්ම මම කාමරයෙන් එළියට නොගොස් සෝමපාල අසලින්ම සිටියෙමි. මගේ පුදුමයට කරුණක් වූයේ ඔහුගේ මුහුණේ වූ ශාන්ත පියකරු පෙනුමය. එය භයානක අඩියක සිටින්නෙකු කෙරෙහි නොව ලෙඩකින් සුව වන්නෙකු කෙරෙහි ඇති වන පෙනුමක් ලෙස මට හැඟී ගියේය.

දොස්තර සෝමපාල පරීක්ෂා කර බලා ඔහුගේ තත්වය ඉතා දුර්වල බවත් තත්වය කෙබඳු අතකට පෙරළේදැයි කිව නොහැකි බවත් ප්‍රකාශ කළේය. හදිසියේ හෘදයේ දුර්වලත්වය වැඩිවී නම් තත්වය ඉතා භයානක වන්නට පුළුවන් බවද ඔහු විසින් කියන ලදි.

එදින රාත්‍රී සෝමපාලගේ තත්වය දරුණු අතට හැරිණ. දොස්තරවරුන් ගණනක්  කැඳවන ලදී. එයින් පලක් නොවීය. පසුදා එළිය වැටීමට දෙපැයකට පෙර හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් ඔහු මළේය.

සෝමපාලගේ මරණය මගේ දැඩි ශෝකයට හේතු විය. ඔහුගේ රෝගය සඳහා වියදම් කොට දුප්පත් වී සිටි ඔහුගේ මවුපියනට ද මට උපකාර කිරීමට සිදුවිය. එබැවින් මම ඒ ගෙය විකුණා චාම් ජීවිතයක් ගෙවීමට සිතුවෙමි.

සෝමපාලගේ මරණයෙන් අවුරුදු තුන හතරකට පසු මම මිත්‍රයෙකු සමග වාසයට ගියෙමි. අවුරුදු තුන හතරකට පෙර විවාහ වූ මගේ මිත්‍රයා ඒ ගෙයි වාසයට පැමිණ මසක්වත් ඉකුත් නොවීය.

විශාල සමව පිහිටි වත්තකින් යුත් ඒ ඉඩම ඉතා සිත් ගන්නාසුලු එකකි. ගෙයද දැකුම්කලු එකක් වුවද පරණ ගෙයක් අලුත් වැඩියා කිරීමෙන් සාදන ලද්දකි. මම එහි ඉස්තෝප්පුවට ඇරුණ කුඩා කාමරය නැවතීම පිණිස ගත්තෙමි. කුඩා වුවද, ගෙයි අන්‍ය කාමර හා සම්බන්ධයක් නොමැති ඒ කාමරය මගේ සිත තදින් ඇද ගත්තේය.

මගේ මිත්‍රයා විනෝදකාමි එකෙකි. ඔහු මා අඳුනා ගෙන ස්වල්ප කලක් වුවද ඒ කාලය තුළ අප අතර විශාල සම්බන්ධයක් ඇති විය. ඔහුගේ බිරිඳ ද ඔහු මෙන්ම අලංකාර ජීවිතයක් ගත කිරීමට ප්‍රිය කළ එකියකැයි මට සිතේ. උස් සිරුරකින් යුත් ඈ පෙනුමෙන්ද බොහෝ සේ සිත් අලවයි.

එහි පැමිණි කීප දිනකින් අපි ගෙයි ඉදිරිපස වූ වත්තෙහි මල් වැවීම ආරම්භ කෙළෙමු. අප තුළ වූ දැඩි ආශාව නිසා ස්වල්ප කල කින්ම ගෙමිදුල නොයෙක් මලින් සැදි දර්ශනිය මල් වත්තක් බවට පෙරළිණ.

අවුරුද්දෙහි මල් බෙහෙවින් පිපෙන කාලය පැමිණියේය. මල් වත්තෙහි හැම ගසක්ම පාහේ මලින් වැසෙන්නට විය. මගේ කාමරය ඉදිරියෙහි මා විසින් ආදරයෙන් වවන ලද විශාල රතු රෝස මල් ගසෙහි ද ටික දිනකින් මල් හට ගන්නට විය. මගේ කාමරය අසල මෙය වැවීමට ද හේතු වූයේ මල් වලට තිබූ ආශාවය.

පළමු ඇති වූ පොහොට්ටු එක දෙක පිපී මල් බවට වැඩෙන තුරු මම නො ඉවසිල්ලෙන් සිටියෙමි. ටික කලකින් පිපෙන පොහොට්ටුවලින් යුතු ඇතැම් මල් ඉති මගේ කාමරයේ කවුළුවේ තිරයට හේත්තු වී සිටින සැටි දකින මා තුළ වූ ප්‍රීතිය බොහෝ විය. ටික දිනකින් රතු රෝස මල් නොදැනුවත්වම මගේ කාමරයට ඇදෙතියිද මට සිතිණ. රෝස මල් දකින හැමවිටම මට සෝමපාල ගැනද සිහි විය.

මම දිනක් උදයෙහි කිසියම් වැඩක යෙදී සිටියෙමි. මිත්‍රයාගේ බිරිඳ කාමරයට පැමිණ කථා කරන්නට වූවාය.

මේ රෝස පඳුර උදුරල දමනවා. මේක නිසා මෙතන බිත්තියත්  ජනෙල් රෙද්දත් දෙකම කිලුටු වෙනවා '' යි ඈ කීවාය.

මම පුදුමයෙන් මෙන් ඈ දෙස බලා සිටියෙමි. ජනෙල් රෙද්ද රෝස පඳුර නිසා කිලුටු වන්නේ කෙසේ දැයි මට නොවැටහිණ.

" මොන බොරුද, මොකක් කිලුටු වුණත් මේක නම් උදුරන්න දෙන්න බැහැයි '' මම ඇයට කීවෙමි.

'' බෑ බෑ මොන, ඕක උදුරලා දමනවා '' යි ඈ කමරයෙන් ඉවත් වෙමින් කීවාය.

මම ඈ කී දෙය නොපිළිගත්තෙමි. ඈ සරදමක් වශයෙන් මා කෝප කරවීමට කිසිවක් කියන්නට ඇතැයි මට සිතිණ. ඈ එවැනි සරදම් කිරීමෙහි ද බෙහෙවින් දක්ෂය.

එදින භවස කන්තෝරුවෙන් පැමිණි මා තුළ ඇති වූ කෝපය නිම් හිම් නැති විය. ජනේලය ඉදිරියෙහි වූ රෝස පඳුර මුලින්ම උදුරා දමා තිබෙණ බව මට පෙනිණ.

රෝස පඳුර කවුරුන් විසින් උදුරන්නට ඇද්ද යන බව මට වැටහිණි. මම ඇගෙන් කිසිවක් නෑසුවෙමි. ඈ හා කථා කරන්නට යෑමෙන් විශාල කලහයක් ඇතිවෙන බව මට සිතිණ.

ඉන් කීප දිනක් පසුවන තුරුද මම ඈ සමග කථා නොකෙළෙමි. ඈ නොයෙක් විට මා සමඟ කථා කිරීමට සූදානම් බවක් දැක් වූ මුත් මම කෝපයෙන් අහක බලා ගත්තෙමි. දින කීපයක් ගත වූ පසුද මගේ සිතෙහි වූ කෝපය අඩු නොවීය.

දිනක් හවස මම කාමරයෙහි මේසය අසලට වී කිසිවක් ලියමින් සිටියෙමි. මිත්‍රයාගේ බිරිඳ සෙමෙන් කාමරයට ඇතුළු  වී මේසය අසල වූ පුටුවක වාඩි වූවාය. එය ඈ සමඟ කෝප වූවාට පසු ඈ ඒ කාමරයට පැමිණි පළමු වතාවය.

" රෝස පඳුර උදුරා දම්මේ මමයි '' ඈ දිග කථාවක් කීමට සැරසෙන්නියක මෙන් කීවාය. මම කිසිත් නො කීවෙමි. එහෙත් එවිට මගේ කෝපය බෙහෙවින් අඩුවී තිබුණේය.

" මම එය උදුරා දැම්මේ බිත්තිය කිලුටු වන නිසා නොවෙයි. එය මගේ සිතට දුක් දෙන්නක් නිසා.''

ඈ කී අන්තිම වචන ඇසීමෙන් මා තුළ මවිතයක් ඇතිවිණ. සෝමපාල ගැන මට එවිට සිහිවිණ.

'' ඒ ඇයි දැ? '' යි මා නො දැනුවත්වම වාගේ මුවෙන් පිටවිණ.

එය මා විසින් නෑසිය යුත්තක් බව මට වැටහුනේ එය ඇසීමෙන් සුවය. '' නෑ ඒක මට වුවමනා නෑ '' යි මම කීවෙමි.

" නෑ ඒක හංගන්න දෙයක් නෑ '' යි ඈ පිළිතුරු දුන්නාය. මගේ නොඉවසිලිමත් ආශාව කෙතරම් දැඩි වුවද මම එය යටපත්කර ගැනීමට කළෙමි.

" නෑ මට එය ඕනැ නෑ.''

'' මම විවාහ වන්නට පෙර මට තරුණයෙක් ප්‍රේම කළා. ඔහු සිටියේ අපි ඒ දවස් වල සිටිය ගෙට යාබද වත්තේ. ඒ වත්තේ තිබුණා ලස්සන  රතු රෝස මල් පඳුරක්. මම ඒ දවස්වල රෝස මල්වලට විශෙෂයෙන් ප්‍රිය කළා. දිනක් මම අපේ වත්තේ ඇවිදින කොට රෝස මල් පඳුරෙ රෝස මල් කීහිපයක් පිපී තිබෙන බව දැක්කා. තරුණයා රෝස පඳුර ළඟ කිසිවක් කරමින් සිටියා. ඔහු අපේ ගෙදරට කීපවිටක් ඇවිත් තිබෙනවා. එහෙත් මා ඊට පෙර ඔහු සමග කථා කරලා නැහැ. අපේ ගෙදරත් ඒ ගෙදරත් වෙන් කර තිබුණේ මිටි තාප්පයකින්, මම තාප්පය ළඟට ගිහින් ඔහුගෙන් නැටි දිග රෝස මල් කීහිපයක් ඉල්ලුවා. අපේ ගෙදර මල් පෝච්චි කීපයක් තිබුණ නමුත් මල් දැමීමට නැති නිසා ඒවා පාවිච්චි නොකර තිබුණා. ඔහු මට මල් කීපයක් දුන්නා " යි කී ඈ මදක් සිනහ වෙමින් මාදෙස ඕනෑකමින් බැලුවාය.

ඊට පසුව ඔහු මට ප්‍රේම කරන්නට පටන් ගත්තා. මා ඔහුට කිසිවිටක ප්‍රේම කළේ නැහැ. මා ප්‍රේම නොකරන බව පෙනෙත්ම ඔහුගේ ප්‍රේමය දියුණු වුණා. ඔහු ස්නායු දුර්වලත්වයෙන් පෙළෙන
කෙනෙක්. කල්යත්ම ඔහුගේ ප්‍රේමය තව තව දියුණු වුණා. ඔහු කිසියම් අභාග්‍යයකට තමන්ගේ වුවමනාවෙන්ම පත්වන බව මව පෙණුනා. ඊට කලකට පසුව මම විවාහ වී ඒ ගේ අත්හැර වෙන පළාතකට ගියා.

" මගේ විවාහයෙන් පසුව ඔහු ඉතා අවාසනාවන්ත කාලයක් ගත කළ බව මට ආරංචි වුණා. ඔහු ගැන සිහිවන විට මා තුළ දැන් ශෝකයක් ඇතිවන මුත් කරන්නට දෙයක් නැහැ. එය ඔහුගේම වරදයි.

" මෙහි ඇති රෝස පඳුර දැකීමෙන් මට ඔහු ගැන සිහිවන්නට පටන් ගත්තා. එයින් ඇතිවන වේදනාව නැති කිරීමටයි මම එය උදුරා දැම්මේ '".

ඈ කී දෙය ඇසූ මා තුළ මවිතයක් ඇති විය. සෝමපාල පිළිබඳ කීවේ සම්පුර්ණ සත්‍යය දැයි මට සැක සිතිණ. ඇගේ දෙඇසෙහි හෝ කට හඬෙහි අවංක භාවයක් රැඳි නොතිබුණේය. ඈ සෝම -සැක සිතින. ඇගේ නොරැඳි තිබුනේය.

ඈ සමඟ සෝමපාලගේ ජීවිතයේ අන්තිම කොටස පිළිබඳව කීමට මා තුළ දැඩි ආශාවක් ඇති වුවද මම එය නොකීවෙමි. එය අසන්නාගේ සිත් කකියවන සුලු  ශෝකී පුවතක් බැවිනි.


https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%BB%E0%B6%AD-%E0%B6%BB%E0%B7%83-%E0%B6%B8%E0%B6%BD/299-690282?fbclid=IwdGRjcAQ4YWZjbGNrBDhgjmV4dG4DYWVtAjExAHNydGMGYXBwX2lkDDM1MDY4NTUzMTcyOAABHm91GwukgsktNdu3Fqx5Y4WK-iEBeDXRcQmD14MGN2OVzvW-iuG4dMWjBWnE_aem_clVnUkqUlh-zSy9-oIIK0A



Nissanka Rajapaksa

unread,
Mar 31, 2026, 10:08:58 PMMar 31
to INDRAKA group
24

තෝඩුව



" මොනවා කරන්නද ?
හිත හදාගන්න බලන්න නංගියේ.
මරණය කියන එක කාටත් උරුමයි.
ඒක වළක්වන්න මොන සක්කරයටවත් බැහැ.
වෙලාව ආවහම යන්නම වෙනවා ."       

අක්කා යන්න ලෑස්ති වෙලා එහෙම කිව්වේ වෙන කියන්නම දෙයක් නැති නිසා වෙන්න ඇති.
           පහුගිය සතිය පුරාම ඔය වචන ටික එක එක විදියට අහලා කාත් එක්ක හරි කතාකරද්දී දැන් සමන්තිගේ කටින් පිටවෙන්නෙත් ඒ වචන ටිකමයි. ගහක් ගලක් වගේ හිටිය ජයසුමන මේ තරම් කබලෙන් තමන්ව දාලා යයි කියලා සමන්තිගේ තුන් හිතකවත් තිබුණේ නැහැ.
               කසාදෙට අවුරුදු තිහක් වුණාට දෙන්නගේ ආශ්‍රයට අවුරුදු තිස් පහකටත්  වැඩී. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීය ප්‍රේමවන්තයෙක් වුණු ජයසුමන ස්වාමිපුරුෂයෙක් විදියටත් ඒ නම්බුව රැක්කා. කවදාවත්ම දෙන්නා අතර හිත රිදෙන වචනයක්වත් හුවමාරු වුණේ නැහැ. ඇත්තටම එහෙම ගෙවන ජීවිතයත් ටිකක් නීරසයි කියලා හිතණු වෙලාවලුත් දෙන්නටම තියෙන්න ඇති.
          විශ්‍රාම යන්න හරියටම මාසයයි තිබුණේ. ජයසුමනට පපුවේ අමාරුව හැදුණේ කන්තෝරුවේදිමයි. එහෙන්ම ඉස්පිරිතාලෙට ඇතුළු කරලා තිබුණා. සමන්ති යනකොටත් නොවියයුතු සියල්ල සිදුවී අවසන්.  

" අන්තිම මොහොතේ දෑහැට පේන මානයේ වත් ඉන්න බැරි වුණානේ.
මට දුක ඒකමයි "
         සමන්ති ඇඬුවේ එහෙම කිය කිය. 
         මරණ ගෙදරට අඳුනන අය වගේම නාඳුනන අයත් ගොඩක් ආවා. හුඟක්ම ජයසුමනගේ ලේඛක හිත මිතුරන්. අනෙත් අය කාර්යාලයේ කට්ටිය.

" අරයත් මේ අතරේ ඇති "
    ඒ කලබල අස්සෙත් සමන්තිට හිතුණා.
          හත් දවසේ බණ කියවලා එදා උදේ දානය දුන්නට පස්සේ එකම දුවත් සැමියයි දරුවයි එක්ක පිටවෙලා ගියේ පහුවෙනිදා ඉඳලා වැඩට යන්න තිබුණු නිසයි. තනි නොතනියට ඉතුරු වුණු යසෝමත් මහන්සියට නිදි. සමන්තිත් ඉස්සරහා දොර අඩවල් කරගෙනම ඇඳට ගියේ කකුල් දෙකට විවේකයක් දෙන්න හිතාගෙනයි.
               ඇඳට ගිය සමන්ති කොට්ටය ඇඳ විට්ටමට තියලා ඒකට හේත්තු වුණා. ජයසුමනගේ කොට්ටය තවමත් ඒ විදියටම තියෙනවා. ඒ කොට්ටය අතට ගත්ත සමන්තී පපුවට තුරුළු කරගත්තා. සමන්තිට දැනුණේ ජයසුමනගේ සුවඳ. ඒ උණුසුම. සමන්තිටත් නොදැනිම වේලිලා තිබුණු කඳුළු උල්පත්වලට පණ ඇවිත් ගලන්නට වුණා. ඒ කඳුළුවලට නිදහසේ ගලන්න ඉඩ ඇරලා සමන්ති ඇස් පියාගත්තා.
            ඒ එක්කම කොට්ට උරය ඇතුළේ යමක් තදට අහුවෙන බවක් සමන්තිට දැනුණා. අත දාලා බලනකොට යතුරක්. ඒ ජයසුමනගේ ලියන මේසයේ කබඩ් එකේ යතුර. අවුරුදු තිහක කසාද ජීවිතයේ යම්කිසි පැල්ලමක් ඇතිකළා නම් ඇති කළේ ඔය යතුර තමයි. දෙන්නා අතර බෙදා නොගත් යමක් තිබුණානම් ජය සුමනගේ තනි අයිතියට පවරාගෙන තිබුණු ඔය යතුර තමයි.
            කොහොමත් නිශ්ශබ්ද ජයසුමන ගෙදර ඉන්න වෙලාවෙන් වැඩි වෙලාවක් හිටියේ කන්තෝරු කාමරයේ. එක්කෝ ලියමින්. නැත්නම් කියවමින්. කොහේ හරි යනවනම් ලියන මේසේ කබඩ් එක ලොක් කරලා ගියා. කවදාවත්ම යතුර අමතක කරලා ගියේ නැහැ. යන යන තැන අරගෙන ගියා. මහා නිධානයක් රකින්න වගේ කබඩ් එක රැක්කා.

" මොනවද අනේ ඔය තරම් ඕකේ රකින්න තියෙන්නේ. "
      සමන්ති ඇහුවත් හිනාවෙනවා ඇර උත්තරයක් දුන්නේ නැහැ.
           ඒ ගැන හිතන්න මහා ලොකු දෙයක් නැතත් සමන්ති ඒ ගැන හිතුවා. ප්‍රශ්නයක් ඕනම නිසා හිතින් ප්‍රශ්නයක් හදාගත්තා. ඒ ගැන හිතමින් නිදි වැරුවා. සැකය පෝෂණය කරන්න කරණු රැස්කළා. විඳෙව්වා. ඒත් ඒ  ජයසුමනට නොදැනෙන්න.
           එකත් එකටම වෙන ගැහැනියකගේ පිංතූරයක්, ලියුම් මිටියක්, අර සිංදුවක තියනවා වගේ දම් පාට පුංචි වීදුරු වළල්ලක්, ඒ මොකවත්ම නෙවෙයිනම් වාටියට රෝස මලක් මහපු ලේන්සුවක්වත් ඇතී කියලා සමන්ති සැක කළා. ඒත් සමන්ති දන්න තරමට තමන්ට කලින් ජයසුමනට පෙම්වතියක් ඉඳලා නැහැ. 

එහෙනම් තවමත් ආශ්‍රය කරන කෙනෙක්ද ?
වැඩ කරන තැන කෙනෙක්ද ?
ලියන කියන ඉස්තිරියාවක්ද ?
        සමන්තී, එක එක දාට සැකය එක එක පැත්තට හැරෙව්වා.ඒත් හෝඩුවාවක් හොයාගන්න බැරි වුණා.
              
                 කල්පනාකිරීම අතරමග නවත්තපු සමන්ති පිටි අල්ලෙන් කඳුළු පිහදාගෙන ඇඳෙන් බහැල ජයසුමනගේ කන්තෝරු කාමරයට ගියා. දෙවරක් නොහිතම යතුර ලියන මේසයේ යතුරු හිලට දමලා කැරකෙව්වා.හරිම පිලිවලට අහුරපු ෆයිල් කවර එකින් එක එළියට අරගෙන බලනකොට ඒවායේ තිබුණේ ජයසුමන ලියූ පොත් පත්වල අත්පිටපත්. නැත්නම් පත්තරවල පළවුණු ලිපි. 
            ඔක්කොම එළියට ගත්තට පස්සේ තමයි දැක්කේ යටම තට්ටුවේ මුල්ලක තියෙන නිල් පාට විල්ලූද පෙට්ටිය.
           සමන්තිට එකපාරටම ඇතිවුණේ සතුටක්. ඒක මෙච්චර කල් හොයපු දෙයක් හම්බවුණා වගේ සතුටක්. ගැහෙන ඇඟිලි වලින් සමන්තී පෙට්ටිය ඇරියා.

" තෝඩුවක් "

" රතු පාට ගල් අල්ලපු රිදී පාට පුංචි තෝඩුවක් "

"මේ ඒ තෝඩුව."

 අවුරුදු තිස් ගණනකට එහා දවසක සැන්දෑවක, මුහුදු වෙරළේදී අතුරුදන් වුණු තමන්ගෙම තෝඩුව.
එදා තමයි මුල්ම වතාවට ජයසුමන සමන්තිව සිපගත්තේ.


https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%AD%E0%B6%A9%E0%B7%80/299-689281



Nissanka Rajapaksa

unread,
Apr 1, 2026, 8:07:12 PM (13 days ago) Apr 1
to INDRAKA group
25

කනප්පුව

පනිට්ටුව පණ ලබන්නට ටික වේලාවකට කලින් බල්ලකු උඩුබුරන්න‍ට පටන් ගත්තේ කොහෙන්දෝ අහුලා ගත් ඔට්ටුපාල් බෝලයක් ඉවතට වීසි කර දමමිනි. ගරා වැටුණු පෙනුමට අලුතින් තැනූවක් වැනි නිවෙස ඉදිරිපිට හරක් බඳින තුන්හුලස් මිදුලේ එහා මෙහා වන කිලුටු බෝලය දෙස බල්ලා කුතුහලයෙන් හොම්බ වනමින් බලා සිටියේ ය. මඩ වුණු මිදුල පැත්තකින් උඩහට යන මඩ පාර දිගේ පහළට දිව ආ වස්සෙක් ඉදිරිගාත් දෙක පැටලී බිම පෙරළුණි. කන්දේ පදිංචි අසල්වැසියන් ගණන දහඅටක් වුණු නමුත් මිනිස් වාසයක හැලහොල්මනක් දැකිය හැකි නොවී ය. අහසේ තිබුණේ අඳුරු රූප සහිත දේවාල පෙතිකඩ එල්ලා ඇති ඇවුරුණු පාළු ශාලාවක පෙනුම ය. අඳුරු අහසේ වම් පැත්තෙන් විදුලියක් කෙටුවේ ය. පසුගිය දින කිහිපය පුරා වැටුණු වැස්ස නිසා කන්දේ පස් කණ්ඩි සෝදා ගලන මඩ පාරවල් බොහෝ විය. 

ඒ මොහොතේ මා වෙත දිව ආ කනප්පුව ආපසු හැරී ගෙට දිව්වේ කිසිවක් හදිසියේ මතක් වුණු අයුරිනි. ඒ වේගෙන් ආපසු දිව ආ කනප්පුව එහි මා ද නංවා ගෙන වැහිබර අහසට නැඟුණේ කාලගුණ දෙපාර්තමේන්තුවේ රතු නිවේදන කන වැකුණු අයුරිනි. මම දැඩිව කනප්පුවේ බීරලු දාරය තදින් අල්ලා ගෙන සිටියෙමි. ම‍ගේ කකුල් සට සට ගා වෙවුලන්ට විය. වාසියකට තිබුණේ එක කකුලක මගේ කට්ටා සෙරෙප්පුව නැතිකම පමණි. මම කකුල් දෙක කනප්පුවේ කකුල් තුන අතරේ පටලා ගෙන සිටියෙමි. කනප්පුවෙන් ලිස්සා නොවැටී සිටීම බෙහෙවින් අපහසු විය. මුලින් සුළඟින් ඇඹරෙන අතුපතර බේරමින් අහසට නැඟුණු කනප්පුව උස ඇහැටු ගස් මුදුන්වල ගැවී නොගෑවී ගමන් කළේ ය. තවත් ගසක මුදුන් අත්තක කකුල වැදී මගේ කට්ටා සෙරෙප්පුව ගැලවී බිම වැටුණි.  

කනප්පුව පැත්තෙන් පැත්තට හැරෙමින් අහසේ ගමන් කළේ ඒ ගමන හොඳට හුරු අයුරිනි. එය හරි කෙළින් ගමන් කළේ පිට්ටනියක් වැනි හිස් බිම් කඩක් උඩින් යන විට පමණි. මට කනප්පුවේ පණ්ඩිතකම ගැන පුදුම සිතුණි. අත්හැර දැමූ ලැයින් කාමර පේළියක තහඩු වහලවල් සුළඟට ගසා ගෙන ගොස් ඇති බව මම දුටිමි. වැල්ලවාය කඳු ඈතින් පෙනුණේ කළුවලා පිරුණු අහසට තැබූ ආධාරක මෙනි. දික්පිටිය පාරේ ලොරියක් ගමන් කරමින් තිබුණි. කෑ ගසමින් අල්ලපු ගෙදරකට දුවන ගැහැනියකගේ විලාපය මට ඇසුණේ ඒ පෙදෙසේ දී කනප්පුව තරමක් පහළින් ඇදී ගිය හෙයිනි.

ටෙලිෆෝන් කණු පේළිය ඔස්සේ ඇස් යැවූ මට දිප්පිටිය තැපැල් කන්තෝරුවත්, ඒ කිට්ටුව තිබෙන ඉන්ධන පිරවුම්හලත් හඳුනා ගන්නට පුළුවන් විය. කනප්පුව මා රැගෙන යන්නේ කොතැනකට දැයි වටහා ගන්නට නුපුළුවන් වුණත් එය මගේ සිත තුළ ඇති වන නිහඬ කල්පනාවලට අනුකූලව පාවෙන බව මට හැඟුණි. මගේ පැරණි මිතුරකු වූ විජයසුන්දරගේ නිවසත්, රබර් දර කඩයත්, පිටරට රැකියාවකට ගොස් සිටින සංඛපාලිගේ අලුත් නිවසත් එහා මෙහා දුවන මගේ ඇසට හසු විය. තෙත් වුණු ගෝනි පඩංගු ගොඩක් හා සිමෙන්ති ගල් තුන්හාර සියයක් ඇගේ නිවසේ මිදුලේ තිබුණි. පොද වැස්ස නිසා හබරල කොළයක් හිසට උඩින් අල්ලා ගත් කුදු මනුස්සයෙක් පාරක ගමන් කළේ ය. තල් අතු ඉහළා ගෙන දෙනමක් දිග කුඹුරක් මැදින් පංශූකූලයකට වඩිමින් සිටියහ. 

මහ වැස්ස වැටෙන්නට වූ විට ද මගේ කනප්පු ගමන නොනැවතුණි. වැස්ස සමඟ ඇති වුණු දුමාරයකින් පහළ පොළොව වැසී ගියේ ය. කනප්පුවට ද පාර වැරදුනා සේ වැස්සේ එහා මෙහා ඉබාගාතේ ගමන් කරන්නට විය. ඕනෑවට වැඩියෙන් පහළින් ගමන් ගත් නිසා දෝ කනප්පුව යමක වැදී එහි කකුලක් ගැලවී ගියේ ය. මට මහත් බියක් දැනුණි. ඒ සමඟ අකුණු පුපුරා යන්නට විය. පොල් ගසක හිසක් අසුරු සැණින් ගිනි ගන්නා අයුරු මම දුටුවෙමි. ඒ තට්ටු බිල්ඩිමක් හා පිට්ටනියක් ඇති රජගිරි මහා විද්‍යාලය හරියේ දී ය. තව අකුණක් මල්පා විහාරයට පාත් වී අකුණු සන්නාහකය නිසා පුස්සක් වී ගියේ ය. 

මම කනප්පුව තදින් අල්ලා ගෙන එහි ඇලී සිටියේ කකියන අත්වලිනි. එය මා හෙම්බත් කරන අන්දමේ ගමනකි. මා දකින්නේ සිහිනයක් නොවන බව සනාථ කර ගන්නට මම ඇඟිල්ලක් විකුවෙමි. මට රිදිල්ල දැනුණි. එය කිසි දින නොගිය ගමනකි. සාමාන්‍ය ලෝකයක සිදු විය නොහැකි දෙයකි. හදිසියේ අදිසි ද්වාරයක් විවෘත වූ අයුරින් මම වලා දෝනාවක් මැදින් ගමන් කරන්නට වීමි. මට මහත් සීතලක් හා සැහැල්ලුවක් දැනුණි. ඒ ගමනින් පසුව මට හැඟුණේ මා නැවතත් මගේ නිවස පිහිටි කඳු ගැටය දෙසට ගමන් කරන බවකි. 

මට ඇවිදින කන්දක් පෙනුණි. කන්ද ගමන් කළේ ඒ මත වූ තෙත පස් කණ්ඩි සහ මූකලාන ද රැගෙන ය. කැලෑ රබර් ගස් මුලින් ඉදිරී ගියේ ය. එය එක්තරා අන්දමකින් ගස් උදුරා දැමීමකි.  එක තැනක ලැහැබින් හිස් වූ භූමිය දිස් වුණේ ඕජස් ගලන තුවාලයක් මෙනි. එය නෙරා එන උදරයක් සමඟ ගමන් කළ කන්දකි. කන්දේ එක් අර්ධයක සමතලා පෙනුමක් ද, තව අර්ධයක නිම්නයක පෙනුමක් ද, මොල්ලියක් තිබුණු තැනක හාන්සි පුටුවක පෙනුමක් ද විය. ඒ මට හුරුපුරුදු පොළොව නොවී ය. එනමුත් මා මුලින් සිතූ සැටි නිවැරදි ය. මට නැවත වැල්ලවාය කඳු වැටියත්, දිප්පිටියත්, දර කඩයත් පෙනෙන්නට විය. ආ ගමනේ දී නුදුටු අම්බදෙණිය පාරත්, මහඔයත්, මඩකුඹුර වෙල් යායත් මට පෙනෙන්නට පටන් ගත්තේ ය. එවිට වැස්ස සම්පූර්ණයෙන් නතර වී තිබුණි. අලුත් අව් රැල්ලක් ගලා  ඇවිත් තිබුණි. ඒ නිසා සියල්ල මට පැහැදිලිව දකින්නට පුළුවන් විය. වැස්සෙන් පෙඟුණ පහළ පොළොවේ තිබුණේ මඩ කඩිති සහිත ශෝකභරිත පෙනුමකි. 

මා බිමට පෙරළා දමන තරමේ වේගයකින් කනප්පුව පහත් වුණේ මගේ නිවස පිහිටි කන්ද පාමුල පන්සල හා මහා විද්‍යාලය අතර ඇති ක්‍රීඩා පිටියට ය. එහි විශාල පිරිසක් රැස් වී අරනායක කඳු යාය පැත්ත බලා සිටියහ. සමහරු විලාප දුන්නහ. ඒ වන විට ද පොලීසිය හා එස්කැවේටරයක් පැමිණ තිබුණි. තවත් බොහෝ පිරිස් එහි පැමිණෙමින් සිටියහ. පිරිවෙණේ භික්ෂූන් විසි නමක් පමණ පාර දිගේ දිව එමින් සිටියහ. වේදනාවෙන් වියරු වුණු එකෙකු දෙපැත්තට වැනෙන සුදු හිසකෙසින් යුතුව දුවන්නට වු‍‍ණේ ගඟකට ළිඳකට පනින වුවමනාවකිනි. තව පිරිසක් ඉමහත් ආයාසයක් දරා ඔහු නතර කර ගත්හ. 

මගේ නිවසේ පමණක් නොව අසල්වැසි නිවෙස්, ගහකොළ, හරකබාන, ගල්පඩි, රබර් මඩුව, පැති ලියැද්ද යනාදියෙහි ද ලකුණක්වත් දකින්නට නොවී ය. පැහැදිලිව පෙනුණේ කන්ද ඉහළ සිට පහළට ගහකොළ ද පෙරළා ගෙන ගලන අලුත් මඩ ගංගාව පමණි. උල්පත් සක්‍රීය වී පැවතුණු නිසා වතුර කොතෙකුත් කාන්දු විය. මගේ නිවසෙහි විය හැකි දිග කළු තල් පරාලයක්, වඩුගැටය සහිත වහලේ ලොකු කොටසක් සමඟ අඩි ගණනක් පහළට රූට්ටා ඇවිත් තිබුණේ මගේ සිත වියරු කරමිනි. ඇස්බැස්ටස් වහලක පළුවක් පහළට ඇලවුණු ගස් දෙබලක සිර වී තිබුණි. කොකුන් රෑනක් ලැග සිටින්නේ ඔච්චම්මා සහ ආගතාහාමිගේ පොඩි පැල්පත් දෙක තිබුණු හරියේ ය. මඩ පාර දිගේ ඉදිරියට ඇදෙන අලුත් බයිසිකලය එහි හිමිකරුවා වුණු සුරවීර කොහි ගියා දැයි සොයන්නා සේ පෙනුණි. 

කනප්පුව පුළුවන් තරමට පහළට ඇවිත් මා බිමට පෙරළා දැමී ය. කනප්පුව ඈතට වීසි වී ගියේ ය. වැටුණු මඩ ගොඩින් නැඟිට ගත් මම මගේ තුන්වෙනි ගම වූ නායගිය කන්ද දෙස දුකින් බලා සිටියෙමි. මගේ දිවි ගැලවීම බොහෝ දෙනෙකුට ගැටලුවක් විය. ඔවුන් සිතා ඇත්තේ මා කන්දට යට වුණු බව ය. මගේ දිග කලිසම අවලස්සන වී තිබුණු නමුත් කවුරුවත් එය සැලකිල්ලට ගත්තේ නැත. කනප්පුව වීසි වී ගියේ කොතැනකට දැයි කල්පනා කරමින් මම සෙනඟ අතරේ එහා මෙහා ගියෙමි. 

 



Nissanka Rajapaksa

unread,
Apr 3, 2026, 4:59:20 AM (12 days ago) Apr 3
to INDRAKA group
26

කලිසමෙි අගය

"එහෙනම් ඒ ගෑනු ළමයා මා එක්ක විවාහ වෙන්න කැමති නෑ?" යි සිරිමන් සිල්වා, කපුරාලගෙන් ඇසී ය. 

" ඔව්, අකමැත්ත ගෑනු ළමයාගේමයි, වෙන වැරැද්දක් නෙවි "

" මම කලිසම්  නාඳින නිසා! එහෙම නෙව? " යි කපුරාල කියන තෙක් නිසොල්මන් නොවූ සිරිමන් සිල්වා කපුරාල ඇදලා පැදලා කියන්ට හැදු කීම සම්පූර්ණ කෙළේ ය. 

" ඔව්, එහෙම තමයි. ඒ ළමයාත් මහත්තයාගේ වෙන වැරැද්දක් කියන්නේ නැහැ. පවුලේ අනිත් ඔක්කොම ළමයි කපාල අඳින මහත්තැන් කසාද බැඳ තියෙන නිසා රෙදි අඳින කෙනෙක් කැපෙන්නේ නැත කියනවා. "

" මම හිතුවා ඒ ගෑනු ළමයා මට අකමැති වෙන එකක් නෑ කියා. ඒකයි තමුසෙට කතා කරන්න කීවේ. මම දැනට කොණ්ඩේ කපාලා රෙදි අඳින නිසා කලිසමක් ඇඳ ගැනීමෙන් ඇඳුම වෙනස් කිරීම පහසුයි. ඒ ළමයා විවාහ කරගන්න මම කොපමණ කැමති වුණත් ඒකනම් කරන්නේ නැහැ. " 

" මහත්තයාගේ විදිය මං දන්නවා-ඒක නිසා තමයි මං කලිසම් අඳින්නය යි යෝජනා නොකරේ " යි සිරිමල් කපුරාල කී ය. 

කපුකම් කරන නමුත් කපටියකු හෝ බොරුකාරයකු හෝ නොවන ඔහු දෙපක්‍ෂයම අසන්තෝෂ නොකරන්නට වෑයම් කරන්නෙකි.  එහෙයින් ඔහු මනමාලයා,  මනමාලියට කෝප වෙතියි යන සැකයෙන් ඇගේ ගුණ කියන්ට වූයේ ය. 

" ඒ ළමයා අසතුටු වුණේ වෙන වරදක් නිසා නෙවි. අනිත් අක්කලා ඔක්කොම කපාල අඳින මහත්තැන් බැඳලා ඉන්න නිසා ඒ ළමයා විතරක් රෙදි අඳින කෙනෙක් බැඳ ගත්තාම ටිකක් හිතට අමාරු වෙනවා නෙවෑ. " 

" ඔව් මට තේරෙනවා. මීට පස්සේ කපාලා අඳින මහත්තැන්ය නොකියා කලිසම් අඳින මහත්තැන්ය කියනවා, එතකොට කාටත් තේරෙනවා"  සිරිමන් සිල්වා කට කොනට සිනාවක් නගමින් කීය. 

" කපාලා අඳින මහත්තැන් ය කියන්නේ ඒ ළමයා නෙවි, අපි" යි සිරිමල් කපුරාල කීය. 

සිරිමන් සිල්වා කොළඹ ගොස්, නිල් රෙදි වලින් නොයෙක් මිනුම්වලට කොට කලිසම් දෙසීයක් මහන්ට සාප්පුකාරයකුට නියම කොට දෙතුන් දවසකින් ගමට පැමිණියේ ය. 

පැමිණි ඔහු, ගමේ සියලු ලොකු කුඩා තරුණයන් ද ලොකු මිනිසුන් සතුටු නම් ඔවුන් ද රැස්කොටගෙන, සතියකට වරක් බැගින් තරග කෙළි පැවැත්වීමටත්, ඒ තරගවලින් දිනූවන්ට තෑගි දීමටත් තීරණය කරගෙන ගමේ තවත් ධනවත් මිනිසුන් හත් අට දෙනකුන්ද ඊට කැමති කරවා ගත්තේ ය. 

තෑගි දීම සඳහා පමණක් නොව අනෙකුත් සියලු දේ සඳහා වියදම් කරන්නේ සිරිමන් සිල්වා ය.

මුද්‍රිත පත්‍රිකා දහස් ගණනක් ගම පුරා විසුරුවා හරින ලදී. පළමු සතියේ තරග කෙළියට ගමේ සිටි  තරුණයෝ ද ළමයි ද ලොකු මිනිසුන් ටික දෙනෙක් ද පැමිණියෝ ය. 

රෙදි හැඳගෙන ක්‍රීඩා කිරීමේ අමාරුව වර්ණනා කළ සිරිමන් සිල්වා 'තරගයට එන සියලූ දෙනාම කොට කලිසම් හැඳගත යුතුය' යි යෝජනා කෙළේ ය. කොට කලිසම් නොහැඳගත් කිසිවෙක් තරගයට නොගන්නා ලදී. 

" අපට මොන කලිසම් ද ?" කියමින් ලොකු මිනිස්සු පසුබෑහ. සබකෝලය වැඩි ඉලංදාරීහු ද පසුබෑහ. 

අනුන්ගේ ඇනුම් පද හෝ සිනා හෝ නොතකන තරුණයෝ ද ළමයිද නොමිලයේ ලැබෙන කොට කලිසම් හැඳගෙන තරග කෙළිසෙල්ලමට සූදානම් වූහ. 

කලිසම් ඇඳීමට ආශාවෙන් සිටි තරුණයෝ ද ළමයි ද අපි 'කැමති' යි කියමින් එක පයින් සිටගත්හ.

එදින ඒ ඒ තරග කෙළියෙන් ජයගත් පළමු වැන්නාට දෙන ලද තෑග්ග රුපියල් විසිපහකි; දෙවැන්නාට රුපියල් පහළොවකි; තුන්වැන්නාට රුපියල් දහයකි.

දෙවැනි සතියෙහි තරග කෙළියට ඉදිරිපත් වූවන්ගේ ගණන ක්‍රමයෙන් වැඩි වී ය. 

ඇනුම් පද හා සිනා නොතකන ඇතැම් මහල්ලෝ කොට කලිසම් හැඳගෙන තරගයට බැසීමට කැමති වූහ. 

මසක් ගෙවෙන්ට පෙර සිරිමන් සිල්වා කොළඹින් දෙවරක්ම කොට කලිසම් ගෙන්වූයේය.

තුන් මසක් ගිය තැන කොට කලිසම් හැඳගෙන තරග කෙළියට බැසීමට අකමැති එකෙකු මහල්ලන් අතරිනිදු සොයාගත නොහැකි වී ය. 

කවුරුනුත් මහත් වූ ආශාවෙන් කොට කලිසම් හඳින්ට වූ බැවින් තරගයට එළඹුණු සියලු දෙනාටම, තම තමන්ගේ කොට කලිසම් ගෙදරට ගෙන ගොස් කැමති නම් එයින් ප්‍රයෝජන ගැනීමට ද ඉඩ හරින ලදී.

පළමු දෙතුන් සතිය තුළ කොට කලිසම් ගෙන ගියේ ටික දෙනෙකි.

දෙමසක් ඉකුත් වූ තැන කවුරුත් කොට කලිසම් ගෙදරට ගෙන යන්ට වූහ.

මුලදී ගෙදර දී කොට කලිසන් හැන්දේ ළමයින් පමණි.

එහෙත් හමසක් ඉකුත් වූ තැන කොට කලිසමින් නොසැරසුණු ඉලන්දාරියකු සොයාගන්නා ලද්දේ අමාරුවෙනි. 

කලිසම් හැදීමේ ලාභයත් පහසුවත් කාටත් ක්‍රමයෙන් වැටහුණි.

ගමේ තරග කෙළි සංගමයෙන් ලැබුණේ එකෙකුට කොට කලිසම බැගිනි. හමසක් ගිය තැන තරුණයන්ටත්, ළමයින්ටත් කොට කලිසම් දෙක තුන බැගින් ලැබිණ.

 කලිසම හොඳ බව, පහසු බව, වැටහුණු සියලු දෙනාම සරම් වෙනුවට කොට කලිසන් මස් වන්ට පටන් ගත්හ.

මුලදී සමිතිය උදෙසා වියදම් කෙළේ සිරිමන් සිල්වා ය. හමස ඉකුත් වූ තැන අන්‍යයන්ගෙන්ද සමිතියට උපකාර ලැබෙන්ට වී ය. 

"දෙයියෝ සාක්කි! දැන් ගබංචියාගේ පුතාත් අඳින්නේ කලිසම් නොවැ" යි සූරියකාන්ත හාමිනේ කීවා ය.

" අනේ අම්මේ! ඒක නෙවෙන්නම්. කලිසමට ගිය කල. ගස් යන පොඩියාගේ පුතාත් දැන් ගෙදරටත් කොට කලිසම් ඇඳගෙනමයි ඉන්නේ. "යි සූරියකාන්ත හාමිනේගේ ලොකු දූ කීවා ය. 

ඈ කපාලා අඳින මහත්මයකු සමග විවාහ වූයේ මීට අවුරුදු දහයකට පමණ පෙර ය.  

" අපේ මහත්මයා දැන් කලිසම් අදින්ටත් ලැජ්ජයි කියනවා. ගිය පෝය දා මහත්තයයි මායි පන්සලට යන්න යනකොට ඉස්සරහටම හම්බ වුණේ කොට කලිසමක් ඇඳගෙන මාළු බාන්න යන අබරංගෙ පුතා! 'කලිසම් අඳින්නත් ලැජ්ජයි.' මහත්තයා කිව්වේ එදා! " යි  සූරියකාන්ත හාමිනේගේ දෙවැනි දූ කීවා ය. 

" මෙන්න මේ දැරිවි තමයි මේක කෙරේ! " යි කියමින් තුන් වැනි දූ තම බාල නගා දෙස යටසින් බලා තක්කඩි සිනාවක් නැගුවා ය. 

තුන් වැනි දුව කපාලා අඳින මහත්තයකු සමග විවාහ වී දෑ අවුරුද්දකට වැඩි නොවී ය. එහෙයින් කලිසමට තිබුණු සැලකිල්ල ද තවම ඇගේ සිතින් තුනී නොවී ය. 

" මේක නෙව පුදුමේ! අබරන්ගේ පුතාටත් කලිසම් ඇන්දෙව්වේ මමය කියන්නේ පිස්සුවෙන් වෙන්න ඇති! " යි කියමින් බාල නංගි තරහයෙන් කතා කළාය. ඈ අක්කාට රවා බලා හුනස්නෙන් නැංගා ය. 

" නංගී නොවෙන්නම් මේ ඔක්කොටම කලිසම් ඇන්දෙව්වේ! " යි ඈ තම නංගීට යළිත් සරදම් කළා ය. 

" නංගී සිරිමන් සිල්වාට අකමැති වුණ හින්දා තමයි මේ ඔක්කොම! " 

" ඔව්" යි ඈ තරහයෙන් කීවා ය. " එතකොට මං විතරෙයි අකමැති වුණේ? අක්කලත් හොඳටම අකමැති වුණා. දැන් හැමෝම කලිසම් අඳින්න ගත්තාම මං වැරදි කාරයා වුණා!" යි කියමින් ඈ හඬන්ට වුවා ය.

"ලිසා දැන් කැමැතිය යි කපුරාල අත සිරිමන්‍ට කියාලා යවනවා!" යි මෑණියෝ සිනාසෙමින් කී හ. ලිසාගේ සහෝදරියෝ ද සිනාසෙන්ට වූහ. 

" වැඩේ හරිගියා මහත්තයා! ඒ ළමයා විතරක් නෙවි අක්කලත් කැමතියි.  නමුත් ගමේ කපාලා අඳින මහත්තැන් නම් හරියට මහත්තයා එක්ක කේන්ති! යි කියමින් සිරිමල් කපුරාල සිනාසුණේ ය  

"මං දන්නවා" යි කියමින් සිරිමන් සිල්වා ද සිනාසුණේ ය.  

"කොහොම ද ? කවුද කිව්වේ?" 

" පුංචි නෝනා අද උදේ මට ලියුමක් එවා තිබුණා, එයා අකැමැති නැත.  අක්කලාය මුලදී අකැමැති වුණේ!  තරහ වෙන්න එපාය!" 

මෙවර කපුරාල සිනාසුණේ කොක්හඬ නඟමිනි.


https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%9A%E0%B6%BD%E0%B7%83%E0%B6%B8-%E0%B6%85%E0%B6%9C%E0%B6%BA/299-687343




Nissanka Rajapaksa

unread,
Apr 3, 2026, 7:51:24 PM (11 days ago) Apr 3
to INDRAKA group
27

ආධාර පත්‍රය


"අම්මේ
  අම්මේ "
          පුටුව උඩම අඩ නින්දකට වැටී සිටි සුජාතා ගැස්සී අවදි වුණේ නිපුනිගේ හඬින්.
නිපුනි අද මේ වෙලාවට නිවසේ සිටින්නේ ඇයි දැයි ඇයට එක්වරම සිතාගත නොහැකි වූවත් එය සෙනසුරාදා දිනයක්.

" ඇයි
  ඇයි 
මට ටිකක් නින්ද ගියා"

" අම්මේ, ලොකු හාමුදුරුවෝ වැඩම කරලා"

" කෝ, කොහෙද "
             තුනටියේ වේදනාව අමතක වුණු සුජාතා පුටුවෙන් නැගිට්ටේ ඉද්ද ගැහුවා වාගේය.

" ඉස්තෝප්පුවේ,
මම පුටුවකට සුදු රෙද්දකුත් දාලයි ආවේ.
අම්මව හම්බවෙන්නමයි වැඩම කරලා තියෙන්නේ."
         ඇඳන් හිටිය ගවුම ගලවලා ඇඳ උඩට දාපු සුජාතා ,ඉස්කිරිමේ තිබුණු හෝදපු ගවුමක් ඇඳගත්තා.පනා පාරවල් දෙක තුනක් ගහලා කොණ්ඩෙ එක්තැන් කරගෙන ඉස්තෝප්පුවට ගියේ මූණේ පවුඩර් ටිකකුත් උලාගෙනයි.

" අපේ හාමුදුරුවනේ,ඔබ වහන්සේ වැඩමකරන්න මහන්සි වුණේ පණිවිඩයක් එව්වා නම් මම පන්සලට එනවනේ" 
           සුජාතා කිව්වේ පාත්වී හාමුදුරුවන්ට වඳින ගමන්.

" අනේ ඒකට කමක් නැහැ ඉස්කෝලෙ හාමිනේ.
තවත් ගෙවල් හතර පහකට යන්නත් එක්කමයි අද දොට්ට බැස්සේ.
මෙහෙන්ම ගමන පටන්ගන්න හිතුවා.
ලොකු ඉස්කෝලේ මහත්තයා ඉන්න කාලෙත් ඕනෑම සුබ කටයුත්තක් පටන්ගන්ගනිද්දි මුලින්ම වැඩියේ මෙහෙටනේ.
ඉස්කෝලෙ මහත්තයා නැතිවුණාට පස්සෙ ඉස්කෝලෙ හාමිනෙත් අපිට බොහොම උපකාර කරලා තියෙනවා."

" එහෙමයි හාමුදුරුවනේ "
" පන්සලේ බෝධි ප්‍රාකාරය දැන් බොහොම අබලන්. තැන තැන පුපුරලා. මුල් ගිහිං.
දායක සභාවෙ අදහස තියෙන්නේ බැම්ම ඉවත්කරලා රන් වැටක් හදන්නයි. එහෙම කළොත් බොහොම අලංකාරයට හිටීවි.
ලොකු මුදලකුත් යනවා.
ඒ මුදල් එකතු කරගන්න වෙන්නේ ගමේ දානපතියන්ගෙන්ම තමයි.
ටවුමේ තොග කඩේ සිරිවර්ධන මුදලාලි යන මුදලින් බාගයක්ම දෙනවා. ඉතිරි මුදල තමයි අපට හොයාගන්න තියෙන්නේ.
ඉතින්ඉස්කෝලෙ හාමිනේගේ පින්වත් දෑතින්ම මුලින්ම ආධාර පත්තරයට ගණනක් ලියන්නකෝ .
අදම මුදල් දෙන්න ඕන නැහැ. ලබන මාසෙ පළවෙනිදා වෙනකොට ලැබුණොත් ඇති ."

" සුජාතගේ ඉහ මොළ දාලා ගියේ බැංකු පොතේ තියන සොච්චම මතක් වෙලා. දෙන්නගෙම පැන්ෂන් එක ලැබුණත් බෙහෙත් වලටයි ගෙදර අඩුවැඩියටයි ගියහම මාසෙ අන්තිමට පොතේ ඉතුරුවෙන දෙයක් නැහැ.
             ඒත් සිරිවර්ධන මුදලාලි මතක්වෙද්දී දැනෙන්නේ ලැජ්ජාවක්. ඒ කාලේ කඩේ බඩු කිරන්න ගිය කොල්ලා. දැන් මහ මුදලාලි කෙනෙක්. දැක්ක තැන " ඉස්කෝලේ හාමිනේ" කියලා ඔළුව පාත්කරනවා තමයි.

" අනේ අනිච්චං අපිට ගිය කලක් "
          සුජාතාට හිතුණා.

මොනවා කරන්නද ? ඉස් ඉස්සෙල්ලම ආපු නිසා ලක්ෂයක් වත් නොලියා බැහැ. ලක්ෂ දෙකක් වත් ලියන්න තිබුණා නම් හොඳයි. ඒත් පොතේ ඉතිරිවෙලා තියෙන්නෙත් ලක්ෂ දෙකයි. ඒකත් බොහොම අමාරුවෙන් බේරගෙන ඉන්නේ. ලෙඩක් දුකක් හැදුනොත් බෙහෙත් ගන්න, නැත්නම් තමන්ගේ අවසන් කටයුත්තකට හරි ගන්න හරි කියලා තමයි ඕක ඉතිරිකරගත්තේ.

" නිපුනි දන්නවානම් ඕකටත් විදලා "
           සුජාතාගේ හිතේ දුව ගැන ඇතිවුණේ කලකිරීමක්.

" දැන් ගමේ හැමතැනම අලුත් සල්ලිකාරයෝ.
ලක්ෂය හොඳටම මදි.
මැරුණු මහත්තයටත් හොඳ නැහැ.
ලක්ෂ දෙකක්ම ලියනවා.
ලෙඩ වුණොත් ආණ්ඩුවේ ඉස්පිරිතාල තියෙන්නේ.
මැරුණොත් ඉන්න එකෙක් වළලන්න, පුච්චන්න බැරිනම් කාණුවකට හරි ඇදලා දාන්නේ නැතෑ .
යනකොට ගෙනියන්න තියන්නේ ඔච්චරයි."
        එහෙම හිතපු සුජාතා රුපියල් ලක්ෂ දෙකක්ම ලියලා දෝතින්ම ආධාර පත්තරය ලොකු හාමුදුරුවන්ට පිළිගන්වලා වැන්දා.
            සුජාතාගේ කරට උඩින් ආධාර පත්තරය කියවපු නිපුනි කතා නොකරම ගෙට ගියා. ලොකු හාමුදුරුවෝ ආපහු වඩිනකොට වඳින්නවත් ආවේ නැහැ.

" කොච්චරවත් නෑ, නෑ කිව්වට අම්මා ළඟ තියෙන සල්ලි එළියට එන්නේ ආධාර පත්තරයක් දැක්කොත් තමයි."
      රෑට උයන ගමන් නිපුනි කිව්වා.

" ඇයි මම උඹලගෙ ඕනෑ එපාකම්වලට දෙන්නේ නැද්ද?" 
        එහෙම කියාගෙනම කුස්සියෙන් පිටවුණු සුජාතා කාමරයට ඇවිත් ඇඳේ ඇලවුණා. හවස හයියෙන් හයියෙන් එහාට මෙහාට ඇවිදපු නිසා කොන්දෙ අමාරුව වැඩිවෙලා.
               සුජාතාට දරුවෝ දෙන්නයි. වැඩිමලා නිපුනි. පුතා රුචිර. නිපුනි ඉස්කෝලේ යන කාලෙමයි කැලුම් එක්ක සම්බන්ධයක් පටන්ගත්තේ.

" ඕක නිසා තමයි නිපුනිට කැම්පස් යන්නත් බැරිවුණේ." 
          සුජාතා තනියම කියවනවා.
     
තරවටු කළත් අවවාද අනුශාසනා දුන්නත් ඒ සම්බන්ධය බිඳින්න බැරිවුණා. උසස් පෙළ කරලා මග නවතින්න සිද්ධවුණා.

"මක්කරන්නද
කරුමෙ "
     සුජාතා තොල් මැතිරුවා .
      රජයේ ලිපිකාර විභාගයට පෙනී ඉඳලා තමයි ඔය රස්සාව හම්බවුණේ.

" ඉස්කෝලෙ මහත්තයා මොනතරම් මහන්සි වුණාද ඕකවත් හදලා දෙන්න" 
           සුජාතට මහත්තයා මතක්වෙලා සුසුමක් පිටවුණා.
                නිපුනි රස්සාවට ගිහින් ටික කලකින්ම කැලුම්ව බැන්දා. කැලුම් වැඩකළේ මොකක්දෝ පුද්ගලික තැනක. එක තැනක වැඩි දවසක් රැඳෙන්න බැරි ගතියක් කැලුම්ට තියනවා. දැනට රස්සාවල් දහයක් පහළොවක් කරලා ඇති. එකක්වත් ස්ථිර නැහැ. ගන්න ගානත් බීමටම වියදම් කරනවා. කුලී ගෙවල් මාරු කරකර ඉන්දැද්දි ඉස්කෝලෙ මහත්තයමයි කිව්වේ මහගෙදර ඇවිත් නතරවෙන්න කියලා. මහත්තයා නැතිවුණේ ගේ ඔප්පුවකින් පවරලා නෙවෙයි.

" නැත්නම් මෙලහකට මේකත් උකස් කරලා"
         සුජාතාගේ හිතට ආවේ තරහක්.
           රුචිර නම් බැංකු නිලධාරියෙක්. ගමේ එන්නෙ යන්නේ කලාතුරකින්. කසාද බැඳලා එහෙම බින්න බැස්සා. මහගෙදර අක්කා ඉන්න එක ගැන ඉන්නේ නොහොඳින්. අවුරුද්දටත් රෙදි කෑල්ලක් අරගෙන පවුල පිටින් ඇවිත් කරපොවලා යනවා විතරයි.
            නිපුනිගේ පඩිය මදි දරුවෝ දෙන්නගේ කටයුතු කරගන්නවත්. ඉස්කෝල වෑන් එකටම පහළොස් දාහක් ඕන. පන්ති ගාස්තු ඊට වැඩී. ඒ නිසා ගෙදර වියදම දරන්න වුණේ සුජාතාට. හොඳ වෙලාවට ලයිට් බිල විතරයි. වතුර ළිඳෙන්. ඒත් ඒකත් ලයිට් බිලටම එකතුවෙනවා.
         කැලුම් නම් සත පහක් ගෙදර වියදමට දෙනවද කියලා සැකයි. ඒත් කැලුම්ට විරුද්ධව වචනයක් කිව්වොත් නිපුනි එන්නේ හැපින්න වගේ පෙනේ පුප්පගෙන.
 
" හෙටම ගිහින් සල්ලි ටික බැංකුවෙන් ගන්න ඕනෑ.
 ගත්ත ගමන්ම පන්සලට ගිහින් හාමුදුරුවන්ට දීලම එන්න ඕනෑ.
නිපුනි දැනගත්තා මගේ ළඟ සල්ලි තියෙන බව. නැත්නම් හෙට හවසම මොකක්හරි අහකදාන්න බැරි වුවමනාවක් කියාගෙන සල්ලි ටික ඉල්ලගෙන එයි.
      සුජාතා ඇඳේ ඉඳගෙනම කල්පනා කළා.

    සල්ලි ගෙදර ගෙනත් තියාගන්නත් බැහැ.
කොට්ටෙ යට තියාගත්තත් අතුරුදන් වෙනවා.
නිපුනි ගන්නවද, ළමයි ගන්නවද කියලා හිතාගන්න බැහැ.
කැලුම් නම් සුජාතාගේ කාමරයට එන්නේ නැහැ.

" මම හෙට උදේ ටවුමට යනවා . "
   රෑට කෑම කන ගමන් සුජාතා නිපුනිට කිව්වා.

" හදිස්සියෙම
බැංකුවට යන්නද?"
          නිපුනි උත්තරය කටටම දුන්නා.

" මේ ගේ ඇතුළෙවත් ඇවිදගන්න බැරුව අම්මා කොහොමද තනියම බැංකුවට යන්නේ."

" වෙනදා යන විදියටම තමයි.
මොකෝ, වෙනදත් උඹලා මගේ තනියට එනවද ?
උඹලගේ වුවමනාවකට සල්ලි ගන්න දවසකට ඇරෙන්න."

" ඒක තමයි මම ඒකාලෙම අම්මට කිව්වේ කාඩ් එකක් හදාගන්න කියලා.
 වැඩ ඇරිලා එන ගමන්ම සල්ලි ගෙනත් දෙන්න තිබුණා.

" හොඳට තියෙයි.
එහෙම වුණානම් මෙලහකට කීයක්වත් පොතේ නැහැ."
           සුජාතා හිතින් හිතුවා මිසක් කටින් පිට කළේ නැහැ. 
       
  කාඩ් එකක් ඉල්ලන්න මැනේජර් මහත්තයා ළඟට ගියපු වෙලාවක කියපු කතාවක් සුජාතට මතක් වුණා.

" කාඩ් එකක් අරගෙන මිස්ට පරෙස්සම් කරගන්න පුළුවන්ද?
ගෙදර අයගෙන් තමයි වැඩිපුරම පරිස්සම් කරගන්න වෙන්නේ."
       සුජාතා එදා හිතාගත්තා කවදාවත්ම කාඩ් එකක් ගන්නේ නැහැ කියලා.

              සුජාතා නින්දට ගියේ පහුවදාට ඇඳන් යන්න සාරියයි හැට්ටෙයි සූදානම් කරලා. අලුත් සාරියක් නම් ගත්ත කාලයක් මතක නැහැ. දැන් හැමතැනටම අඳින්නේ මගුල් ගෙවල්වල ඇඳලා පරණ වූණු සාරි දෙක තුනක්. සුදු සාරියක් නම් මීට අවුරුදු දෙකකට විතර ඉස්සර අරගත්තා. මරණෙට, දානෙට, පින්කමට සේරටම අඳින්නේ ඒ සාරිය.
     විශ්‍රාම අරගෙනත් දැන් කොච්චර කලක්ද?
ඒකාලේ ඇඳපු සාරිත් විශ්‍රාම ගත්තයින් පස්සේ දුන්නේ නිපුනිටම තමයි. උගන්වන කාලේ නම් සුජාතා පිළිවලට ඇන්දා.
         සුජාතා කොහොමත් පාන්දරින් නැගිටිනවා. මොනතරම් අතේ පයේ අමාරු තිබුණත් නිපුනිට උයන්න පොල් ටිකක් හරි ගාලා දෙනවා. එදා නම් නැගිටගන්නවත් බැරි තරමටම කොන්දේ කැක්කුම වැඩි වෙලා. නැගිට්ටේ හිතේ හයියට. ඒ තරම්ම ඇඟේ කෙඩෙත්තුවකුත් තිබුණා. තෙල් ටිකක් ගාන්නවත් නිපුනිටත් වෙලාවක් නැහැ. තෙල් තලි ගාගෙන බස් වල යන්නත් බැහැ. වෙනදා වගේ කුස්සිය දිහාවට යන්නේ නැතිව හෙමි හෙමින් මූණ හෝදගෙන සාරිය පටලවාගත්තා.

"අපි යනවා.
අම්මා පරිස්සමෙන් යන්න.
රත්තරං බඩු එහෙම දාගෙන යන්න එපා "
           කියාගෙන නිපුනි දරුවෝ දෙන්නත් එක්කම පිටවෙලා ගියා.
            සාරියේ කටුව ගහන්නවත් කෙනෙක් නැහැ. කටුව ගහන්න යුද්ධයක් කරන්න වුණා. ඒක ගහලා ඉවරවෙනකොට අත් දෙකත් රිදෙනවා. මූණට පවුඩර් ටිකක් දාගෙන කණ්නාඩියෙන් බැලුවහම කර පාළුයි.

" චේන් එකක් වත් නැතිව ගෙයින් එළියට යන්න පුළුවන්ද?"
             සුජාතා රත්තරං චේන් පොට දාගත්තා.ඒ පෙට්ටියෙම තිබුණු වළල්ලත් අතක දාගත්තා. බැංකු පොතයි, හැඳුනුම්පතයි අනිත් කළමනා ටිකයි දාපු බෑග් එක උරේ එල්ලගත්තා. කුඩේ ගන්න හැදුවත් ඕනෑ නෑ කියලා හිතුණා.
          හතහමාරෙ බස් එක ටවුමට එනකොට අටහමාරයි. බස් ස්ටෑන්ඩර්ඩ් එකේ ඉඳලා බැංකුවට තියෙන දුර ත්‍රී වීලරයක යනවද කියලා කල්පනා කලත්

" එනකොට  එනවා" 


            කියලා හිතුවා.

උදේ අව්ව වුණත් හරි සැරයි. කකුලත් බැරි අමාරුවෙන් අද්දගෙන බැංකුවට යන්නම පැය බාගයක් විතර ගතවුණා. එක වරම පෝලිමට එකතු නොවී පුටුවක වාඩි වුණේ හිටගෙන ඉන්න බැරිකමටමයි. එදා සඳුදා දවසක් නිසා පෝලිමත් දිගයි. පැන්ෂන් දවස් නිසා තවත් කලබලයි.
        ටිකක් වාඩිවෙලා ඉඳලා නැගිටින්න හැදුවත් කොන්දේ අමාරව පිට දිගේ ඉහළට ඇදෙනවා. සුජාතා හෙමිහිට පෝලිමට එකතුවුණා. සල්ලි අරගෙන ඇවිත් ආයෙමත් පුටුවක ඉඳගත්තා. බෑග් එක ඇරලා සල්ලි ටික පරිස්සමට ඇතුළු සාක්කුවට දාලා වැහුවා. වායුසමිකරණ යන්ත්‍ර තිබුණත් සුජාතාව දාඩියෙන් තෙත් වෙලා. ගිනිගහන අව්වක් පායලා තියෙනවා වීදුරුවෙන් පේනවා. ඒත් මෙතෙන්ට වෙලා වාඩිවෙලා හිටියොත් දහයාමාරේ බස් එක මගහැරෙයි කියලා බයයි.
                 හෙමින් පුටු ඇන්ද අල්ලගෙන නැගිටපු සුජාතා බෑග් එක හොඳින් කිහිල්ලට තද කරගත්තා. සාරි පොට අරගෙන බෑග් එක නොපෙනෙන විදියට කර වටේ ඔතාගත්තා.බැංකුවේ පඩි පෙළ බැහැලා පාරේ ගමන්කරන සෙනග අතරට එකතු වුණා.
             ත්‍රී වීලරයක්වත් පේන මානයක තිබුණේ නැහැ.

" අඳුනන්නේ නැති ඒවට නගින්නත් බයයි."
          අනිත් අතට හිතුණා.

" ටික දුරනේ
හෙමින් හෙමින් යනවා "

    මීටර් දෙතුන් සීයක් යනකොට වෙනදා නැති හතියකින් පපුව හිරවෙනවා වගේ සුජාතාට දැනුණා. ඇස් දෙක නිලංකාර වුණා. පාරේ යන එන නොපැහැදිලි රූප අතරේ තමන් ඉන්නේ කොතනද කියන එක සුජාතාට අමතක වුණා. වාරු නැති දෙපා ඉදිරියට ඇදගෙන යන්න හැදුවත් තව දුරටත් ඒවා ප්‍රතිචාර දැක්වූයේ නැහැ. කිහිල්ලට තද වී තිබූ බෑග් එක ගිලිහෙනවාවත්  සුජාතාට දැනුණේ නැහැ. කපා හෙලූ ගසක් වගේ සුජාතා පදික වේදිකාව අයිනේ ඇද වැටුණා. හිරු අහසේ බැබළෙමින් තිබුණා.

" අල්ලන්න....අල්ලන්න"
" ඇම්බියුලන්ස් එකකට කතා කරන්න "

කොහෝදෝ ඈත ලෝකයකින් සුජාතාට ඇහුණා.


https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%86%E0%B6%B0%E0%B6%BB-%E0%B6%B4%E0%B6%AD%E0%B6%BB%E0%B6%BA/299-682178




Nissanka Rajapaksa

unread,
Apr 4, 2026, 7:54:20 PM (10 days ago) Apr 4
to INDRAKA group
28

නූල් කෑල්ල




දවස අඟහරුවාදා බැවින් ගොදාවීලාහි ගොවියෝ අඟහරුවාදා පොළට සිවු දිගින් ම රැස්‌ කමින් සිටියෝ ය. ගොවියන් ඉතා හෙමිහිට ගමන් කළේ සතිය පුරා කුඹුරේ ගොවිපළේ බර වැඩ කිරීමෙන් ලද, තෙහෙට්‌ටුව නිසාය.

නගුල පොළොවට තද කිරීම හේතු කොට පහත් වූ එක්‌ උරහිසකින් හා ගොයම් කපන්නට පහත් වීමෙන් කුදු ගැසුණු කොඳුවලින් විකෘති වුණු ගොවියෝ දුක්‌බර දර්ශනයක්‌ උද්වහනය කළහ. තදින් කැඳ දමා මැද තිබුණු ඔවුන්ගේ උඩුකබා දොහෝ නොහොත් කමිස, පිරී පිම්බී, බැලුනවල සිරියක්‌ දැරීය. මේ සුළං පිම්බි තිබුණු බැලුනවලින් එළියට නෙරා තිබුණු හිස්‌ගෙඩි හා දෑත දෙපය හේතු කොට ගෙන ඒ බැලුන අහසේ යන බැලුන නො ව බිම යන බැලූන බව බැල්මට පෙනෙන්නට තිබුණේ ය.

ඇතැම් ගොවියන් අඟහරුවාදා පොළේ දී විකිණීම පිණිස එළදෙනුන් දක්‌කා ගෙන ගිය අතර, ඔවුන්ගේ බිරියන්, කොළ අත්තක්‌ ගෙන ඒ දෙනුන් ගේ පිටට තට්‌ටු කරමින් ගමන් කළේ, උන්ගේ ගමන ඉක්‌මන් කරවන්නට විය යුතු ය. අතින් කොළ අතු දරා සිටි මේ ගෙවිලියන්ගේ හිස මත වූයේ වසන ලද කූඩය. මේ කූඩවලින් කුඩා කුකුළු පැටව් හිස්‌ එළියට දමා අවට විසිතුරු බලමින් සිටියෝ ය.

එදා ගොදාවිලාව එක ම හිස්‌ ගොඩකි. විකුණන්නට ගෙන එනු ලැබූ සතුන්ගේ හැඬිම් හා දෙනෝදාහකගේ දොඩමළු ස්‌වරය හේතු කොට ගෙන එම වෙළඳපොළ එක ම කරච්චලයක්‌ විය. හැම ගොවිපොළකම තිබුණු කුණු කන්දල්, පිදුරු හා දහදිය, දුර්ගන්ධය වහනය වන වෙනත් නොයෙක්‌ දේ මෙදා එක්‌ තැනකට රොක්‌ වී තිබුණු නමුත් ගැමියන්ට එහි කිසි ම වෙනසක්‌ නො දැනුණා වැන්න.

හකීම් ද ගොදාවිලා වෙළෙඳපොළට ගමන් කරමින් සිටියේ ය. ඔහු කඩ මණ්‌ඩියට පිය නඟත් ම ඔහුට පාරේ වැටී තිබුණු නූල් කෑල්ලක්‌ දකින්නට ලැබිණ. නියම නෝමල් මනුෂ්‍යයකු වූ හකීම් අතිශයින් ම සකසුරුවම පුරදු පුහුණු කළ කෙනෙක්‌ වූයේය. වාත ගායකින් පෙළුණු නමුදු වාත රෝගය මඳකට අමතක කළ හෙතෙම දෙකට නැමී නූල් කැල්ල අහුලා ගත්තේ ය. ඔහු නූල් කෑල්ල රැගෙන එය ගුලියක්‌ ලෙස ඔතමින් සිටිත් ම, ඔහුට පෙනී ගියේ මළදාන ඔහු දෙස ඕනෑ කමින් බලා සිටිය බව ය. අසරු ඇඳුම් සපයන්නකුවූ මළදාන

ඔහුගේ කඩපිලේ හකීම් දෙස පරීක්‌ෂාකාරී ලෙස බලා සිටින බව පෙනිණ. මේ දන්නා එක්‌ කලක්‌ එකට වෙළෙඳාම් කළ නමුදු කිසියම් කරුණක්‌ හේතු කොට ගෙන මෑත කාලයේ දී සතුරන් බවට පත් වී සිටියහ. එහෙයින්, තමා මහ මඟ වැටී තිබුණු නූල් කැබැල්ලක්‌ අහුලා ගනු, තමාගේ පසමිතුරාට පෙනුණු බැවින් හකීම්ට ඇතිවූයේ බලවත් ලැජ්ජාවකි. ඔහු ලහිලහියේ ම එය කමීසය අස්‌සෙහි ගසාගෙන යළි ස්‌වකීය පසමිතුරාට නො පෙනෙන ලෙස එය සාක්‌කු වේ දමා ගනිමින් නැතිවුණු දෙයක්‌ සොයන්නාක්‌ මෙන් තව තවත් මහපාරට නුඹුරු වී බලන්නට විය. ඔහු මහ පාරේ තිබී නූල් කෑල්ලක්‌ අහුලා ගත් බව සිය සතුරාට වසන් කරන අටියෙන් එසේ කළ නමුදු, බර වූ හිසින් යුතු ව හෙතෙම වෙඵෙඳපොළට පිය නැගුවේ ය.

වෙළහෙලඳාම කරන, බඩු කේවෙල් කරන පිරිස මැද, හකීම් ද ගත යුතු දේ විපරම් කරමින් සැරිසැරී ය. ඇතැම් ගොවි කෙනෙක්‌ සතුන් විකුණති. තවෙකෙක්‌ කිරි දොවා විකුණති.

ගෙවිලියෝද ඔවුන්ගේ කුඩා ධීවර කොටලු පැටවුන් එළියට ගෙන ඔවුන් දෙපා එකට තබා බැඳ පැත්ත දමා, ගැනුම්කරුවන් එන තුරු බලා සිටියෝ ය. පැත්ත වැටී සිට නමුදු තැති ගත් නෙතින් බල බලා රන්වන් කරමල් උඩුකුරු කෙරෙමින් පැටවුන් මහත් විපරමින් පසු වන බව පෙනිණ.

ඔවුහු සතුන්ගේ ගණන කීහ. ගැණුම්කරුවෝ අඩුවෙන් ඉල්ලූහ. ඊට පිළිතුරු වශයෙන් හිස්‌ බැමවූ ගෙවිලියන් ගැණුම්කරුවන් මිල ගණන වැඩිවී, යන්නට යන බව දැක ගැනුම්කරුවන් හට ආපසු කතා කළ හැටි දැකුම්කලු විය.

ඉර මුදුන් වත් ම බඩු ගැනීම හා විකිණීම අනුක්‍රමයෙන් කෙළවර වන්නටත් පොළේ රැස්‌ වූ පිරිස කඩ මණ්‌ඩිය දෙසට - බොජුන් හල් දෙසට ඇදෙන්නටත්. පටන් ගත්හ. ජෝදානයේ බොජුන් හලේ මැද කාමරය කන බොන පිරිසගෙන් පිරී තිබුණේ ය. ඒ අසල කරත්ත, බර කරත්ත, අත් කරත්ත ආදී අනේක විධ වාහන නවතා තිබුණේ ය.

පිරිස කෑම කන කාමරයට යා බදව පිහිටියේ බත් කඩේ මුළුතැන් ගෙය යි. ගිනි උදුනේ එළුවන් බැටළුවන් හා කුකුළන් ගාත් පිටින් හා පලු පිටින් පිලිස්‌සෙනු එහි රැස්‌ වූ පිරිස දුටුවේ, යටි තොල් ඔස්‌සේ රූරා ඇද හැළුණු සෙවල සහිත ව ය. ඒ මාංශයේ දර්ශනයෙන් - නැහැ - එහි සුවඳින් රැස්‌ව සිටි පිරිස ගේ දෙතොල් තෙත් වූ බව ඇත්ත ය. වඩාත් පොහොසත්කම් ඇති තැනැත්තෝ රස දෑ භුක්‌කි වින්දෝ ය. අසුන් විකුණන්නකු හා තාබෑරුම්කරුවකු වූ ද කාසිකාර තක්‌කඩියකු වූ අයකුට හිමි ජෝදානයේ මේ ආපනාශාලාවට හැම තරාතිරකම ගණන්කාරයෙක්‌ ම පැමිණියේය.

මස්‌ බදුන් මේසයට එයි. මස්‌ බදුන් හිස්‌ වෙයි. සයිඩර් බෝතල් හිටි හැටියේ හිස්‌ වෙයි. පිරිස දොඩමළු වෙති. එහෙත් මේ දොඩමළු බව මුළු ගන්වමින් අණ බෙරකරු මේ ආපන ශාලාව ඉදිරිපිට නැවතී මහ හඬින් අණ බෙරය ගැසී ය. සියල්ලෝ ම සාවධාන වූහ. අණ බෙරය ගසා අවසන් කළ බෙරකරු තෙමේ, පුරපති විසින් ප්‍රකාශ කරන්නට නියම කරන ලද ප්‍රකාශනය ශබ්ද නගා කියවූයේ ය.

"අද උදය කාලයේ බැන්සිවිලාවට යන මාර්ගයේ දී පෙරවරු නවයටත් දහයටත් අතරතුර නාගරාධිපතිවරයාට අයත් වූ කාලවර්ණ පුස්‌තකයක්‌ නැති වූ බවත් ෆ්‍රැන්ක්‌ පන්සියක නොට්‌ටුවලින් හා වෙක්‌ කාර්යාලයීය ලිපි රාශියකින් ද පිරී ගිය ඒ පොත සොයා දුන් හෝ ඒ පිළිබඳ සත්‍ය තොරතුරක්‌ දුන් කවරකුට වුව ද ෆ්‍රැන්ක්‌ විස්‌සක පරිත්‍යාගයක්‌ කරන බවත්, ගොදාවිලාහි සියලු ම වැසියන් හට හා විශේෂයෙන් අඟහරුවාදා පොළට පැමිණි ගොවියන්හට මෙයින් අණබෙර ලවා සැල කර සිටිනු ලැබේ."

මේ ප්‍රකාශනය කළ අණබෙරකරු යන්නට ගියේ ය. තව මොහොතකින් ඔහුගේ බෙර හඬ හා ඉන් අනතුරුව ඔහුගේ කටහඬ ද තවත් ඈත තැනකින් ඇසෙන්නට විය.

බොජුන් හලේ සිටි කා අතර කථාවත්, කාගේ කථාවත්, දැන් මේ අණ බෙරය ගැන විය. ෆ්‍රැන්ක්‌ පන්සියයක්‌ අඩංගු වූ පොත අසුලා ගත්තේ කවරෙක්‌ද? එය සොයා දී ෆ්‍රැන්ක්‌ විස්‌සේ පරිත්‍යාගය ලබන්නේ කවරෙක්‌ ද? යනු කා අතරත් සාකච්ඡා වුණු කථාව ය. මේ කතා බහෙන් ම භෝජනය කෙළවර වී එහි සිටි පිරිස කෝපි බොන්නට සැරසෙත් ම, පොලීසියේ නිලධාරියෙක්‌ බොජුන් හල ඉදිරියේ පෙනී සිටියේ ය. පෙනී සිට මෙසේ ප්‍රශ්න කෙළේ ය.

හකීම් ගොවිරාල මෙහි සිටිනවා ද? කවුරුත් නිශ්ශබ්ද වූහ. මේසයේ එහා කෙළවරෙහි අසුන් ගෙන සිටි හකීම් - ඔව් මා මෙහි ඉන්නවා යැයි උත්තර දුන්නේ ය. එහෙනම් මාත් එක්‌ක එන්න පුළුවන් ද නගරාධිපති කන්තෝරුවට ? නගරාධිපතිතුමාට වචන කීපයක්‌ කථාකරන්න තියෙන බව කියනවා.

විස්‌මයෙන් විස්‌මිත වූ ගොවියා, බොමින් සිටි කෝපි කෝප්පය එක උගුරට හිස්‌ කොට උදෑසන වෙළෙඳපොළට එද්දී තිබුණු හිසටත් වඩා දැන් හිස බර වූ බැවින් වඩාත් කුදු වී පොලිස්‌ නිලධාරියා වෙතට පැමිණියේ ය. පුදුමයෙනුත් පුදුමයට පත් වූ හකීම්ට, ඔව් මා මේ ඉන්නේ - මා මේ ඉන්නේ යන්නට වැඩි යමක්‌ කියන්නට නො තිබුණේ ය.

හාන්සි පුටුවක දීගා වී දිටි නගරාධිපතිවරයා හකීම් දෙස හෙළුයේ තියුණු බැල්මකි. වැරදිකරුවකු දෙස බලා විනිසුරුවකු හෙළන අන්දමේ පරීක්‌ෂණාත්මක බැල්මකි.

"අද උදේ වරුවේ බැන්සිවිලාවට යන පාරේ තිබී පොත අසුලා ගත්තේ නුඹ යි?" නගරාධිපති රළු බසින් බලා ප්‍රශ්න කළේ ය. පුදුමයට පත් වූ ගොවියා තැති ගත් නමුත් මෙසේ ඇසී ය.

"මම ? මම ? මම පොතක්‌ ඇහුලුවා?"

"ඔව් නුඹ තමා"

"සමාවෙන්න මම එහෙම දෙයක්‌ ගැන අසුවෙ වත් නැහැ"

"ඇසුවේ නැහැ - නමුත් දැකලා තිබෙනවා නුඹ ඒ අහුලා ගෙනයනවා"

"මා අහුලනවා දැක්‌කා ? කවුද දැක්‌කේ"

"මළදාන - අසරු ඇදුම් සපයන මළදාන"

මහලු ගොවියාට පසමිතුරා මතක්‌ විය. හෙතෙම කෝපයෙන් සැලුණේ ය.

"බොරුකාරයා, ඔහු මගේ එදිරිකාරයා ඔහු දුටුවා මා මෙන්න මේ නූල් කෑල්ල අහුලනවා" යැයි කියමින් හකීම් සිය කමිස සාක්‌කුවේ දමා ගෙන සිටි නූල් කැබැල්ල ඉවතට ගෙන නගරාධිපතිවරයාට දැක්‌ වී ය. එහෙත් එය කිසි සේත් විශ්වාස නොකරන නියායෙන් හෙතෙම හිස සැලුවේ ය.

"පොත නුඹ අහුලා ගත්තා විතරක්‌ නොවෙයි, එය අහුලා ගෙන, ඊට පසු පාරේ ගල්ගැහී බලා සිටියා, එහි තිබී මුදල් නෝට්‌ටු බිම වැටී ඇද්දැ යි නූඹ විපරමින් බලා සිටියා" නගරාධිපතිවරයා මෙසේ කියත් ම ස්‌වකීය සතුරා කෙරෙහි කෝපයෙන් පුපුරනවාට වඩා වෙන දෙයක්‌ හකීම්ට කරන්නට නොතිබුණේ ය. අන්තිමේ දී හෙතෙම ගොත ගැසුවේ ය.

"මිනිසකුගේ අවංකකමේ - නියම අවංක කමේ - මඩ ගාන්නට මෙහෙමත් බොරු ගොතන මිනිස්‌සු (බොරුකාර මිනිස්‌සු)"

එහෙත් මේ කිසිවක්‌ නගරාධිපතිවරයාගේ සිතෙහි ඇති වූ සැකය ඉවත් කරන්නට නොහැකි විය. නගරාධිපති තබා එතැන සිටි කිසිවෙක්‌ හකීම් ගේ වචන විශ්වාස නො කළෝය. අන්තිමේ දී හෙතෙම තමාගේ ම කැමැත්තෙන් තමාගේ ශරීරය සෝදිසි කර බලන ලෙස ඉල්ලා සිටියේ ය. පොලිස්‌ නිලධාරියා පරීක්‌ෂා කළේ ය. හකීම් ද හැම සැක්‌කුවක්‌ ම අනික්‌ පිට පරෙළා දැක්‌වීය. එහි වූ පොතක්‌ නැත. කාසියක්‌ නැත.

නඩු පවරනු ලැබූ විට උසාවියේ පෙනී සිටින්නට සූදානම් වී සිටින ලෙස නියෝග ලැබූ හකීම් බලවත් වූ කෝපයකින් කනස්‌සල්ලකින් හා කලකිරීමකින් යුක්‌ත ව එතැනින් ඉවත් ව ගියේ ය.

හකීඹ්, ෆ්‍රැන්ක්‌ පන්සියයකුත් සමඟ පොතක්‌ අහුලා වසන් කළ බව හැම තැන ම ප්‍රකට විය. ඔහු නගරාධිපති කාර්යාලයේ සිට කඩමණ්‌ඩියට එන විට ජනයා කථා කරමින් සිටියේ "හකීම් ෆ්‍රැන්ක්‌ පන්සියයක්‌ හොරකම් කළ බව" ය. බලවත් විත්ත වේගයට පත් වූ මේ අහිංසක මහලු ගොවියා හැම දෙනා ඉදිරියේ ම දිවුරා කීවේ තමා නූල් කෑල්ලක්‌ අහුලා ගත් බව ය. එහෙත් කිසිවකුත් එය විශ්වාස නො කළහ. සියල්ලෝ ම උසුළු විසුළු කළහ.

ඔහුගේ ගමට යන මඟ දිගට ම මහජනයාගේ කථාව මේ ගැන විය. හකීම් ෆ්‍රැන්ක්‌ පන්සියයක්‌ හොරකම් කිරීමේ විත්තියත් තව නොබෝ දිනකින් ඔහුට සිර බත් කන්නට සිදුවන බවත් හැම දෙනකුගේ ම තුඩ තුඩෙහි කියැවෙන්නට පටන් ගති. "මා මුදල් ඇහුලුවේ නෑ - මා අහුලා ගත්තේ මෙන්න මේ නූල් කෑල්ල" මේ ගැන ඇසූ හැම දෙනකුට ම හකීම් නූල පෙන්නමින් කියා සිටියේ ය. එහෙත් ඔවුහු හැම දෙනෙක්‌ ම සිනාසුණහ.

පසු දින පහන් විය. හකීම්ට මඟට බැසීමට අසීරු වූයේ "ඕකා හොරා ඕකා හොරා" යන හඬ ඔහුගේ දෙසවනෙහි රුඟුම් දෙන්නට වූ බැවිනි. 

"මම හොරෙක්‌ නොවෙයි. මා අහුලා ගත්තේ නූල් කෑල්ලක්‌" යනු හකීම් සෑම දෙනාට ම කී කතාව යි.

"නාකි තක්‌කඩියා, හොරකම් කරලා මදිවට තව සුද්ධ වෙන්නත් එනව" යනු ඔවුන්ගේ ආක්‍රෝශ පරිභවය විය.

නූල් කෑල්ලක්‌ රැගෙන හෙතෙම ගෙයින් ගෙට ගියේ ය. තමාගේ නිදොස්‌ බව පවස පවසා ගියේ ය. එහෙත් හැම තැනකින් ම ලැබුණේ විසුළු සිනාවකි. හකීම් බලවත් ලෙස කලකිරී අසනීප විය.

පසු දා දාවල් එක්‌තරා ගොවියෙක්‌ ෆ්‍රැන්ක්‌ පන්සියය සහිත පොත නගරාධිපතිවරයා වෙත ගෙන ගොස්‌ ෆ්‍රෑන්ක්‌ විස්‌සේ ත්‍යාගය ලබා ගත්තේ ය. මේ ගොවියාට මෙය පාරේ දී සම්බ වී එය ඔහුගේ ඉඩම් හිමියාට භාර දෙන ලදින්. ඉඩම් හිමියා එය නගරාධිපතිවරයාට එවීය. මේ පුවත ද ගම පුරා පතළ විය. හකීම් ගේ නිදොස්‌ බව ඔප්පු විය. හෙතෙම විජයග්‍රාහී වුයේ ය. ප්‍රිතියෙන් ඉපිළී ගියේ ය. නැති වී ගිය හොඳ නම් යළිත් ලබා ගත්තෙමැ යි පස්‌ වනක්‌ ප්‍රීතියෙන් පිනා ගියේ ය.

"මෙහෙමත් බොරු කියන මිනිස්‌සු සිටිනවා නෙ" යනුවෙන් ඔහු යන යන හැම තැන ම ස්‌වකී ය විස්‌මය පළ කළේ ඒ බොරුව ගෙතූ මළදාන පසමිතුරාට අවලාද මුඛයෙනි.

දවසක්‌ හකීම් මළදාගේ කඩ පිල පසුකරමින් මාර්ගයේ යද්දී එහි සිටි එක්‌ මිහිහෙක්‌ හකීම් දෙස බලා "තුං" යන අනුකරණයෙන් මහා මාර්ගයට කෙළ පිඩක්‌ ගැසී ය.

"තක්‌කඩියා" යි එකෙක්‌ කී ය.

"ඕකා හොරා" යැයි තවෙකෙක්‌ කෑ ගැවේ ය. හකීම් නැවත වරක්‌ පුදුමයට පත් විය. මුදල් සහිත පොත ලැබීමෙන් පසුත් - තමාගේ නිදොස්‌ බව ඔප්පු වීමෙන් පසුත්, මිනිසුන් තමාට කෙළ ගැසීම, නින්දා පරිභව කිරීම ඔහුට ඉවසිය නොදෙන කරුණක්‌ විය.

"ඇයි මුදල් ටිකත් පොතත් ලැබුණා නො වැ" යි එකෙක්‌ කී ය.

"ලැබුණා නොවෙන්නම් මුලින් එය අහුලා වසන් කර ගෙන හිටලා, පසු ව හිරේ යාවි යි භයෙන් ම යාළුවකු අත එවූ විත්තිය අපි දන්නේ නෑත්දෑ" යි අනෙකා කොක්‌ හඬලා සිනාසුණේ ය. හකීම්ගේ සිත තදින් ම පෑරුණේය. ඊටපසු සතියේ ඔහු අඟහරුවාදා පොළට යන විට එහි රැස්‌ වූ හැරම ගොවියකු ම ගෙවිලියක ම හකීම් දෙස බැලුවේ ඉතා පිළිකුලිනි.

"තක්‌කඩියා"

"හොරා"

"බොරුකාරයා" යනු ඔහුට ලැබුණු විරුදාවලි ය. සිත පෑරී ගිය හකීම් තෙමේ තමාගේ නිර්දෝෂී භාවය යනහැම තැනත්. මඟ දිගටත් ගෙයින් ගෙටත් කියාගෙන ගියේ ය.

"මා අහුලා ගත්තේ නූල් කෑල්ලක්, මම හොරෙක්‌ නො වෙයි"

එහෙත් සියල්ලෝ ම සිණාසුණහ. කොල්ලෝ සරදමින් වැඩ ගත්හ.

"හීන් නූලේ හොරා"

එය නොවැම්බර් මාසය විය. සිත පෑරුණු හකීම්ගේ ශරීරය දුර්වල වන්නට වූයේ ය. දෙසැම්බර් අවසානයේ දී හෙතෙම ඔත්පල ව ඇඳට වැටුණේ ය. ජනවාරි මාසයේ මුල හරියේ දී හෙතෙම අවසන් හුස්‌ම හෙළීය.

"හා අහුලා ගත්තේ නූල්කෑල්ල, නගරාධිපතිතුමනි, මම හොරෙක්‌ නොවෙයි" යනු අවසන් සයනයේ දී ඔහු කී අවසන් වචන කීපය ය.ගී ද මෝපසං 

(ගී ද මෝපසං ගේ The Piece of String නමැති කෙටිකතාවෙි පරිවර්තනයකි.)

Nissanka Rajapaksa

unread,
Apr 5, 2026, 7:22:35 PM (9 days ago) Apr 5
to INDRAKA group
29

ඔට්ටුව

මෙය සරත් සමයේ එක් රාත්‍රියක් විය. විශ්‍රාමික බැංකුකරුවකු තම මතකයන් අතරින්, වසර පහළොවකට පෙර, ඔහු තවත් එක් සරත් සමයේ දිනෙක, එක්තරා සාදයක් ලබා දුන්නේ කෙසේද යන්න සිහිපත් කරයි. එහි බුද්ධිමත් පිරිමි බොහෝ දෙනෙක් සිටියහ. ඔවුන් වඩාත් ප්‍රිය කළේ කතාබස් කිරීමටය. ඒ අතරින් ඔවුන් වැඩි වශයෙන් කතා කළේ මරණ දඬුවම ගැනය. ආගන්තුකයන් ලෙස රැස්ව සිටි ජනමාධ්‍යවේදීහු හා බුද්ධිමත්හු බොහෝ දෙනෙක්, මෙම මරණ දඬුවම අනුමත නොකළහ. මෙය ක්‍රිස්තියානි රාජ්‍යට නුසුදුසු දඬුවම් ක්‍රමයක් ලෙස ඔවුහු සැලකුහ. ඉන් සමහර අයගේ මතය වූයේ, මරණීය දණ්ඩනය සෑම තැනකම ජීවිතාන්තය දක්වා සිරගත කිරීම ලෙස වෙනස් විය යුතු බවය. 

"සමාවෙන්න මහත්මයා.. මම ඔබ සමඟ එකඟ නොවෙමි" යැයි ඔවුන්ගේ සත්කාරක බැංකුකරුවෙක් පැවසීය. "මම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබාදීම සදහා උත්සාහ නොකරමි. නමුත් කෙනකුට පරාර්ථකාමීව විනිශ්චය කළ හැකි නම්, මරණ දණ්ඩනය ලබාදීම, ජීවිතාන්තය දක්වා සිරදඬුවම ලබාදීමට වඩා සදාචාරාත්මක හා මානව හිතකාමීයි. වරදට අනුව නීතියෙන් කොයිතරම් වධහිංසා කළයුතු කෙනෙක් වුවත්, ඔබ මිනිත්තු කිහිපයකින් ඔහු හෝ ඇය මරා දමනවාද? නැතහොත් ජීවිත කාලය පුරාවටම ඒ සඳහා වධදෙමින් දඬුවම් කරනවාද..?" ඔහුගේ තර්කය විය.

"ඒ දෙකම එක සමානයි. සදාචාරාත්මක නෑ.." යනුවෙන් රැස්ව සිටි අමුත්තන්ගෙන් එක් තරුණයෙක් කීය."ඒ දෙකේම තියෙන්නෙ එකම අරමුණක් - ඒ කෙසේ හෝ ඔවුන් මරණයට ලක්කරන එක. මතක තබාගන්න, අපට ආපසු ගත නොහැකි දෙයක්, මරණයට කල් දැමීමට අපට අවශ්‍යය වුවත් එසේ කරන්න අපිට කිසිම අයිතියක් නැහැ." ඔහු තම මතය සැකවින් ඉදිරිපත් කළේය.

අමුත්තන් අතර තරුණ නීතීඥයෙකු වූ අතර, ඔහු වයස අවුරුදු විසිපහක් පමණ වූ යෞවනයෙක් විය. ඔහුගේ මතය විමසූ විට ඔහු මෙසේ කීය. 

"මරණ දණ්ඩනය හා ජීවිතාන්තය දක්වාම සිරගත කිරීම, එක සමානව සදාචාරාත්මකයි.නමුත් මරණ දඬුවම සහ ජීවිතාන්තය දක්වා සිරගත කිරීම අතර මට යම් තෝරා ගැනීමක් සිදු කිරීමට වුවහොත් මම නියත වශයෙන්ම තෝරා ගන්නේ දෙවැන්නයි. කොහෙත්ම මා මරණය තෝරාගන්නෙ නෑ. ඊට වඩා කෙසේ හෝ ජීවත්වීම මා අගයනවා."

සජීවී සාකච්ඡාව ආරම්භ විය. තරුණ උද්වේගකර බැංකුකරුවෙක් හදිසියේම වැරෙන් නැගී සිටියේය. ඔහු මේසයට වැරෙන් පහර දී සැමගේ අවධානය යොමාගනිමින් යෞවනයාට එකවර කෑගැසුවේය.

"එය කොහෙත්ම සත්‍යයක් නොවේ. ඔබට කෙසේවත් වසර පහක්වත්, කිසිවකුත් නොමැතිව තනිවම සිරගතවී සිටිය නොහැකියි. ඔබට එසේ කළහැකි නම්, මම ඒ වෙනුවෙන් මිලියන දෙකක ඔට්ටුවක් වුවද අල්ලන්න සූදානම්"

යෞවනයා මෙසේ කීය. "ඔබ එය පැවසුවේ සත්‍යවශයෙන් නම්, මම ඇත්තටම එයට කැමතියි. ඒත් මම වසර පහක් පමණක් නෙවෙයි, වසර පහළොවක් වුවත් ඉන්න සූදානම් ඒ වෙනුවෙන්."

"මොනවා! වසර පහළොවක් ?" බැංකුකරු මොරගැසීය. "මහත්වරුනි! එසේ නම් මේ වෙනුවෙන් මගෙන් මිලියන දෙකක් සූදානම්."

"එසේ නම් ඔබ එකඟයි... හොඳයි... ඔබේ මිලියන දෙකට, මගේ නිදහස ඔට්ටුයි.." තරුණයා තරයේ පැවසීය.

අනුමැතියක් නොමැතිවූත් අඥානවූත් මෙම ඔට්ටුව දෙදෙනාම අනුමත් කළහ. බැංකුකරු ඔහුගේ දිවියේ මෙතෙක් සිදුකළ ඉපයීම් ගණනය කිරීම්වලින් පසුව, තමගේ මෙම මිලියන ගණනක් වූ ඔට්ටුව ඇල්ලීම ගැන සතුටු විය. ඔහුට මුදල් වලින් කිසිදු අඩුවක් නොවීය. දිනක් රාත්‍රී භෝජන සංග්‍රහයේදී, ඔහු ඔට්ටුව බාරගත් තරුණයා විහිළුවට ලක් කරමින් මෙසේ කීය.

"තරුණයා, තවමත් ඔබට කාලය තිබෙනවා, ඔබ හොඳට සිතා බලන්න. මා සඳහා මෙය මිලියන දෙකක මුදලකි. එහෙත් ඔබට, ඔබේ ජීවිතයේ හොඳම අවුරුදු තුනක් හෝ හතරක් අහිමි වෙනවා. මම මෙසේ වසර තුනක් හෝ හතරක් ලෙස පැනවූයේ, මම දන්නවා ඔබට දිගු කලක් සිරගෙය තුළ රැඳී සිටිය නොහැකි බව. කෙසේ හෝ ඔබ කෙනෙකු සිරගත නොකොට, ඔබම ස්වේච්ඡා රැඳවි⁣යකුසේ සිරගතවීම ඔබට කාලයත් සමග අනිවාර්යයෙන්ම දරාගත නොහැකි බව ඔබ කෙසේවත් අමතක නොකරන්න. එලෙසම ඕනෑම මොහොතක ඔබේ අදහස වෙනස් වූ විගස ඔබට සිරමැදිරියෙන් එළියට පැමිණිය හැකිය. නමුත් එය, ඔබේ ඔට්ටුව, ඔබව පැරදවීමට හේතු වීම ගැන, මම ඔබ වෙනුවෙන් කනගාටු වෙමි."

බැංකුකරු මේ සියල්ල මතකයට නඟාගෙන, ඔහු ඔහුගෙන්ම මෙසේ ඇසීය. "මට කියන්න, ඔබ එම ඔට්ටුව තැබීමේ අරමුණ කුමක්ද? එම මිනිසාගේ ජීවිතයේ වසර පහළොවක කාලය අහිමි වීම වෙනුවෙන් ඔබගේ මිලියන දෙකක් වූ මුදල ඔබට ඉවත දැමීමට හැකිද? මරණ දඬුවම ලබාදීම ජීවිතාන්තය දක්වා සිර කිරීමට වඩා හොඳ හෝ නරකද යන්න තහවුරු කිරීමට මෙය ප්‍රමාණවත්ද? 

නෑ... කොහෙත්ම නෑ. ඒ සියල්ල විකාර සහගත හා අර්ථ විරහිතයි. මගේ පැත්තෙන් එය, එක් සුරතල් මිනිසකු සදහා වූ ඔට්ටු මිලකිරීමක් පමණක් වන අතර, ඔහුගේ පැත්තෙන් බැලූවිට ඉතා සරලවම පෙනෙන්නේ මුදල් සදහා ඔහු තුළ වූ තණ්හාවයි."

එවිට ඔහුට සවස අනුගමනය කළ දේ මතකයට නැගුණි. බැංකුකරුගේ උයනේ පිහිටි ලැගුම්හල්වල දැඩි අධීක්ෂණය යටතේ තරුණ වියේදී ඔහුගේ වහල් භාවය වසර ගත කළ යුතු බව තීරණය විය. වසර පහළොවක් තිස්සේ ඔහු ලැගුම්හලේ සීමාව ඉක්මවා නොයෑම, මානව වර්ගයා බැලීම, මිනිස් හඬ ඇසීම හෝ ලිපි සහ පුවත්පත් ලබාගැනීම සඳහා යාමට ඔහු නිදහස් විය යුතු නැත. ඔහුට සංගීත භාණ්ඩයක් සහ පොත් පත් ලබා දීමට අවසර ලැබුණු අතර, ලිපි ලිවීමටත්, වයින් බොන්නටත්, දුම් පානය කිරීමටත් ඉඩ දුන්නේය. ගිවිසුමේ කොන්දේසි අනුව, බාහිර ලෝකය සමග ඔහුට ඇති එකම සම්බන්ධතාව වූයේ එම අරමුණ සඳහා අරමුණු කර ගත් කුඩා කවුළුවක් මගිනි. තමාට අවශ්‍යය ඕනෑම දෙයක් තිබුණේ නම් ඒ පොත්, සංගීතය, මිදි යුෂ හා වෙනත් දේ - යම් ඇණවුමක් ලිවීමෙන් ඔහු කැමති ඕනෑම ප්‍රමාණයකින් වුවද ඒවා ජනේලය හරහා පමණක් ලැබිය හැකිය. ඔට්ටුවේ එකඟතාවට අනුව මෙලෙස ඔහුගේ සිරගත කිරීම දැඩි ලෙස හුදෙකලාම එකක් විය. 

එම තරුණයා 1870 නොවැම්බර් 14 වැනි දින දහවල් 12.00 සිට 1885 නොවැම්බර් මස 14 වැනි දින දහවල් 12.00 දක්වා අවුරුදු 15 ක් නොකඩවාම එහි රැඳී සිටීමට ගිවිසුම අනුව බැඳී සිටියේය. කෙසේ හෝ ඔට්ටුව අවසාන වීමට මිනිත්තු දෙකකට පෙර පවා සිරකරුවා කොන්දේසි බිඳ දැමීමට උත්සාහයක් වූයේ නම්, ඔහුට මිලියන දෙකක මුදලක් ගෙවීමට බැඳී සිටීමෙන් බැංකුකරු නිදහස් වෙයි.

* * * * * *

ඔහු සිරගතකොට පළමු වසරේදී, ඔහුගේ කෙටි සටහන්වලින් විනිශ්චය කළ හැකි යම් දෙයක් විය. සිරකරුවා තනිකමෙන් හා අධික මානසික අවපීඩනයෙන් පීඩා වින්දේය. පියානෝවේ ශබ්දය දිවා රෑ නොබලා ඔහුගේ නවාතැනෙන් ඇසෙණු ඇත. වයින් හා දුම්කොළ, ඔහු ප්‍රතික්ෂේප කළේය. ඔහු ලියා ඇති පරිදි වයින් ඔහුගේ ආශාවන් උද්යෝගිමත් කරයි. නමුත් එම ආශාවන් සිරකරුවකුගේ නරකම සතුරන්ය. දුම්කොළ ඔහුගේ කාමරයේ ආශ්වාස වාතය බිඳ දමයි. පළමු වසර තුළ ඔහු යැවූ පොත් මූලික වශයෙන්ම පදනම් වූයේ, සැහැල්ලු චරිතයක්, සංකීර්ණ වූ ආදරණීය නවකතාවක් හා තවත් ප්‍රබන්ධ කතා මතය.

දෙවැනි අවුරුද්දේදී පියානෝව නවාතැනේ එක තැනක නිශ්ශබ්දව සිටි අතර සිරකරුවා ඉල්ලා සිටියේ සම්භාව්‍ය කෘති පමණි. පස්වන අවුරුද්දේ දී සංගීතය නැවතත් ඇසුණු අතර සිරකරුවා වයින් ඉල්ලා සිටියේය. ජනේලයෙන් ඔහු බලා සිටි අය කීවේ, එම අවුරුද්ද මුළුල්ලේම සිරකරු ආහාර ගැනීම, වයින් පානය කිරීම හා ඔහුගේ ඇඳ මත හිඳිම පමණක් සිදුකළ බවයි. අන් අවස්ථාවලදී ඔහු කෝපයෙන් තමාටම කතා කළ අවස්ථාද තිබුණි. ඔහු පොත් කියවීම නොකළේය. සමහර රාත්‍රීන්ගේ ඔහු ලිවීමට වාඩි වී සිටියේය. ඔහු පැය ගණනක් ලියමින් සිටියේ ය. පසු දිනයේ, තමාම පෙරදින රාත්‍රීයේ ලියූ දෑ, පසුව තමා විසින්ම කෑලි වලට ඉරා දමන ලදී. වරකට වඩා වැඩි වාර ගනණක් ඔහුගේ හැඬීමට ඔහුම කන් දුන් අවස්ථා ද තිබුණි.

හයවැනි අවුරුද්දේ දෙවැනි භාගයේ සිරකරුවා දැඩි උනන්දුවෙන් විවිධ භාෂා ඉගෙන්නිමට යොමුවිය. දර්ශනය හා ඉතිහාසය අධ්‍යයනය කිරීම ආරම්භ කළේය. ඔහු මෙම අධ්‍යයනය සඳහා දැඩි උනන්දුවෙන් කටයුතු කළේ ය. එසේ කිරීම නිසා ඔහුට අවශ්‍ය වූ පොත් ආදිය ලබා ගැනීම සඳහා බැංකුකරුට ප්‍රමාණවත් තරම් වෙහෙස වී ඉපයීම් කටයුතු කිරීමට සිදුවිය. වසර හතරක් ඇතුළතදී ඔහුගේ ඉල්ලීම මත පොත් වෙළුම් හැටක් පමණ ලබාගෙන තිබේ. මෙම කාල පරිච්ඡේදය  තුළ බැංකුකරුට තම සිරකරුවාගෙන් පහත ලිපිය ලැබුනේ ජේලර් හරහාය.

"මගේ ආදරණීය ජේලර්, මම ඔබට භාෂා 6 කින් මේ ලිපි ලියා දෙමි, මෙම භාෂාවන් දැන සිටි අය වෙතොත් ඔවුන්ට මේවා පෙන්වන්න. ඔවුන්ට මේවා හොඳින් කියවන්න දෙන්න. ඔවුන්ට මාගේ එක් අත්වැරැද්දක්වත් මෙයින් ලැබුණහොත් දන්වන්න. සෑම යුගයකම, සෑම රටකම සිටින සියලු ජන කොටස්, විවිධ භාෂාවලින් කතා කරයි. එම ගිනි දැල්වලින් ඉදිරියේදී සියල්ලම දැවෙනු ඇත. මට දැනගන්න ලැබුණු පරිදි, දැන් මගේ ආත්මයට දැනෙන්නේ කෙතරම් සතුටක්ද?. හිරකරුවකුගේ ආශාවක් ඉටු විය. මෙහි වැරැද්දක් වී ඇත්නම්, උද්‍යානය තුළදීම වෙඩි තැබීම් දෙකක් තබන ලෙස බැංකුකරු  නියෝග කළේය.

දසවැනි අවුරුද්දේ පසුව සිරකරුවා මේසය මත නිශ්චලව වාඩි වී සිට සුබාරංචි හැර අන් කිසිවක් කියෙව්වේ නැත. සිවු වසරකින් වෙළුම් හයසියයක් පමණ ඉගෙන ගත් මිනිසකු සිටිනවායැයි එක් විටකදීම පහසුවෙන් අවබෝධ කර ගත හැකි වීම බැංකුකරුවකුට අමුතු දෙයක් විය. ආගම පිළිබඳව, දේවවේදය හා ඉතිහාසය ද ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය ද ඔහු අනුගමනය කළේය.

ඔහු සිරභාරයේ ගත වූ දෙවසරක කාලය තුළ සිරකරු ඉමහත් ලෙස පොත් කියවීය. එක් අවස්ථාවක ඔහු ස්වභාවික විද්‍යාවන් සමඟ කාර්යබහුල වී සිටි අතර පසුව ඔහු බයිරන් හෝ ශේක්ස්පියර්ගේ නිර්මාණ ඉල්ලා සිටියේය. රසායනික විද්‍යාව පිළිබඳ පොත්පත් සහ වෛද්‍ය ව්ද්‍යාව පිළිබඳ අත්පොත මෙන්ම නවකතා සහ දර්ශනවාදය හෝ දේවධර්මය පිළිබඳ යම් යම් ලිපි ද ඉල්ලා සිටියේය. ඔහුගේ මෙම කියවීමෙන් අදහස් කළේ, විටෙක මුහුදේ ගැඹුරට පිහිනමින් තම නැව සුන්බුන් වූ කෙනෙකු ඔහුගේ ජීවිතයේ පළමු වතාවට මෙලෙස එක් වරක් හෝ ජීවිත බෙිරාගැනීමට උත්සාහ කිරීමක් වැනි ලෙසයි.

* * * * * *

විශ්‍රාමික බැංකුකරු, මේ සියල්ල මතකයට නැංවීය.

"හෙට දහවල් දොළොහ  වන විට ඔහු සිය නිදහස යළි ඇති කරගනු ඇත, අපගේ ගිවිසුම මගින්, මම ඔහුට මිලියන දෙකක මුදලක් ගෙවිය යුතුය. මම ඔහුට ගෙවිය යුතු මුදලත් සමග මම මුළුමනින්ම විනාශවනු ඇත."

මීට වසර 15 කට පෙර බැංකුකරුගේ වත්කම, ඔහුගේ මුළු ගණනය කිරීම්වලින් මිලියන ගණනක් ඉක්මවා තිබුණි. කාලයත් සමග ඔහු දැන් විශාල ණයකරුවෙකි. ඔහුගේ ණය ප්‍රමාණය හෝ ඔහුගේ වත්කම් ප්‍රමාණය ගැන තමාගෙන්ම විමසීමට තරම් ඔහු බිය විය. කොටස් වෙළෙඳපොළ කඩාවැටීම, සූදුවට යොමුවීම හා අකටයුතු සූක්ෂමතා නිසා වසර ගණනාවක් පුරා, ධනය නිසිලෙස නොලැබීම හේතුවෙන් ද, ඒ හේතුවෙන් නැවත නැවත සූදුවේ නියැළීම, ඔහුගේ වාසනාව පිරිහීමට තුඩු දුන් අතර උඩඟු, නිර්භීත, ආත්ම විශ්වාසයකින් යුත් කෝටිපති ව්‍යාපාරිකයාගේ සෑම නැගිටීමක් සඳහාම වූ උත්සාහයකම, ඔහුගේ ආයෝජනවල වැටීම්වලින් ඔහු බියට පත් විය. 

"සාපලත් ඔට්ටුව...!" විශ්‍රාමික බැංකුකරුවකු වූ මහලු මිනිසා තම බලාපොරොත්තු සුන් කරවමින් හිසකෙස් කැසුවේය. "මේ මිනිසා මැරුණේ නැත්තේ ඇයි? දැන් ඔහු වයස හතළිහකි. ඔහු මගේ වත්කමින් අවසාන සතය වනතෙක් ගැනීමට නියමිතය. ඔහු ඉන්පසුව විවාහ වී, ජීවිතය භුක්ති විඳිනු ඇත, විනෝදය සඳහා සූදුවේ නියැළෙන අතර, හිඟන්නෙකු මෙන්, මට ඔහු දෙස ඊර්ෂ්‍යාවෙන් බැලිය යුතු වෙයි. සෑම දිනකම එම වාක්‍ය ඔහුගෙන් අසනු ඇත. 

"මගේ ජීවිතයේ සතුට වෙනුවෙන් මම ඔබට ණය ගැතියි, මම දැන් ඔබට උදව් කරන්නම්. ඔබ හෝ කවුරුන් හෝ බංකොලොත් වීමෙන් වැළකී සිටීය යුතුය. නැතහොත් බංකොලොත්භාවය යනු මිනිසෙකුගේ මරණයට සමාන වූ නින්දාවකි."

* * * * * *

සවස තුන විය. බැංකුකරු හොඳින් වටපිටාවට ඇහුම්කන් දුන්නේ ය. හැමෝම නිවස තුළ නිදා සිටි අතර, එළිමහනේ ගොරෝසු ගස්වලින් පවා රහසින් හෝ කිසිවක් ඇසෙන්නේ නැත. කිසිදු ඝෝෂාවක් නොකිරීමට, ඔහු ද උත්සාහ කළ අතර, අවුරුදු පහළොවක් විවෘත කර නොතිබූ දොරේ යතුර ආරක්ෂකයකුගෙන් ඔහු ගෙන ගියේ ය.

උද්‍යානය අඳුරු හා සීතල විය. වැස්ස වැටුණි. තෙත් සුළඟක් හමන ලදී. උද්‍යානය ගැන පරෙස්සම්  නෙතින් ගවේෂණය කළේය. බැංකුකාරු ඔහුගේ ඇස් කුඩා කර අඳුරු කර බැලුවේය. නමුත් සුදු පිළිම, නවාතැන් හෝ ගස් ද දැකිය නොහැකි විය. නවාතැනට ගොස්, ඔහු දෙවරක් මුරකරු කැඳවා තිබේ. පිළිතුරක් නැත. මුරකරුවා කාලගුණය වෙතින් රැකවරණය ලබා ගෙන ඇති අතර, මුළුතැන්ගෙයි හෝ හරිතාගාරයේ කොහේ හරි නිදාගෙන සිටියේය.

"මගේ අභිප්‍රාය ඉටු කිරීමට මට උගුලක් තිබුණේ නම්.." වයස්ගත මිනිසාට සිතුණි. "එසේ නම් සැකය මුලින්ම මුරකරුවාට වැටෙනු ඇත. එවිට මා කිසිසේත්ම මෙයට අදාළ  නොවනු ඇත."

ඔහුට පඩිපෙළ හා දොරටුවේ අන්ධකාරය හොඳින් දැනේ. ඉන්පසුව ඔහු කුඩා ඉඩකින් ගමන් කරමින්, ගිනි කූරක් දල්වා අවට ආලෝකමත් කළේය. එහි කිසිදු ආත්මයක් තිබුණේ ද නැත. එහි ඇඳ ඇතිරිල්ලල් නොමැතිව ඇඳක් තිබිණි. අන්තිම කෙළවරේ අඳුරු යකඩ උදුනක් තිබිණි. සිරකරුවාගේ කාමරයට ඇතුළු  වන දොරවල්වල මුද්‍රා තවමත් නොකැඩී තිබිණි.

ඔහුගේ ගිනිකූර නිවීගිය පසු, මහලු මිනිසා, හැඟීම්වලින් වෙව්ලමින්, කුඩා කවුළුව හරහා බැලූවේය. සිරකරුවාගේ කාමරය තුළ ඉටිපන්දමක් දැල්වී තිබිණි. ඔහු මේසයේ හිඳගෙන සිටියේය. ඔහුගේ කොණ්ඩයෙන් පිරිණු පිටුපස හැරෙන්නට වෙන කිසිවක් දැකීය නොහැකි විය. විවෘතවූ පොත් දෙකක් මේසය මත තිබූ අතර, කුඩා පුටු දෙකක් සහ මේසය අසල බිම ඇතිරුම එළා තිබුණි .

මිනිත්තු පහක් ගත වූ අතර සිරකරුවා වරක්වත් කලබල වූයේ නැත. වසර පහළොවක සිරදඬුවමකදී, ඔහුට තවමත් නිසි ලෙස අඳුරින් පෙනී සිටීමට උගන්වා තිබේ. බැංකුකරු සිය ඇඟිල්ලෙන් දොර සොලවා ඇතුළත බැලූ අතර සිරකරුගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. එවිට බැංකුකරු පරෙස්සමෙන් දොර විවරය වැසුවේය. 

මුද්‍රා තැබූ ප්‍රධාන දොරටුවේ යතුර කවුළුවට දැමුවේය. එයින් යම් ලෝහමය හඬක් ඇති වූ අතර දොර විවරවී ඇදී ගියේය. බැංකුකරු පුදුමයට පත් වූ අතර, විනාඩි තුනක් ඔහු නිසොල්මන්ව සිටින්නට විය. එය කාමරය මෙතෙක් තිබූ ලෙසම නිස්කලංක විය. පසුව ඔහු ඇතුළට යන්නට සිතුවේය. මේසය මත සාමාන්‍ය පුද්ගලයෙකු මෙන් නොව මිනිසෙකු නොසෙල්වී සිටියි. ඔහුගේ ඇටකටු හොඳින්ම මතුවූ සහිත ඇටසැකිල්ලක්ම විය. කාන්තාවකගේ වරලස මෙන් දිගු රැලි සහිත රැවුලක් වැනි දිගු කැටයමක් ඔහු තුළ විය. ඔහුගේ මුහුණේ දීප්තිමත් කහ පැහැයක් ගත් අතර ඔහුගේ කම්මුල් කුහර, ඔහුගේ පිටුපසට දිගු හා පටු විය. ඔහුගේ හිස වසා තිබිණි. එය කෙතරම් භයානකද යත් එය දෙස බැලීම අති භයානක විය. ඔහුගේ හිසකෙස් දැනටමත් රිදී පැහැ වී තිබුණු අතර, ඔහුගේ ඉමිහිරි පෙනුමැති මුහුණ දකින විට ඔහු සතළිස්වියැති බව කිසිවෙකු විශ්වාස නොකළේය. ඔහු නිදා සිටියේය. ඔහුගේ හිසකෙස් ඉදිරිපිට, මේසය මත යමක් ලියා තිබූ කඩදාසි කැබැල්ලක් විය.

"දුර්වල අහිංසකයා..."යැයි බැංකුකරු සිතුවේය. "ඔහු නිදාගෙන සිටින අතර බොහෝ විට සිහින දකිමින් සිටිනවා විය යුතුය. මේ අර්ධ ලෙස මිය ගිය මිනිසා ගෙන ඇඳ උඩට විසි කළ යුතුය. කොට්ටය සමඟ ඔහු ටිකක් යටපත් කර දැමූ විට අතිශයින්ම සංවේදී විශේෂඥයකුට පවා මෙය සාහසික මරණයක් යැයි සොයා ගත නොහැකි වනු ඇත. නමුත් මුලින්ම ඔහු මෙහි ලියා ඇති දේ අපි කියමු..."

බැංකුකරු මේසය වෙතින් පිටුපා හිඳ පහත පරිදි එය කියවීය.

"උදේ දොළහ වෙද්දී නැවත මගේ නිදහස සහ මගේ අයිතිය මෙන්ම අනිත් මිනිස්සු සමඟ ඇසුරු කරන්නට අවස්ථාව ද මට ලැබෙයි. නමුත් මම මේ කාමරයෙන් පිටත් වී හිරු එළිය දැකීමට පෙර, මම ඔබට වචන කිහිපයක් පැවසිය යුතු යැයි මා සිතනවා. නිදොස් හා ජීවිතය අවතක්සේරු කිරීමට දෙවියන් වහන්සේ ඉදිරියෙහි මා පැහැදිලි හෘදසාක්ෂියකින් ඔබටමෙසේ කියමි. ලෝකයේ ඇති හොඳම දේ ලෙස නින්දාසහගත වූ නිදහස, ජීවත්වීම සහ මනා සෞඛ්‍යය ආදිය පෙන්වාදුනි."

"අවුරුදු පහළොවක් පුරා මම පෘථිවියේ ජීවිතය ගැන ඉතා උනන්දුවෙන් අධ්‍යයනය කළෙමි. ඇත්ත වශයෙන්ම මා පොළොවටවත් මිනිසුන්ටවත් එක්ව නොසිටි නමුත් ඔබේ පොත්වලදී මම මිහිරි වයින් පානය කළෙමි, ගීත ගායනා කළෙමි. වනාන්තරවල වල් ඌරා සහ මාළු අල්ලාගෙන කෑවෙමි. කාන්තාවන්ට ආදරය කළෙමි. වලාකුළු සේ ඔබේ රසිකයකු මෙන් සුන්දර කතාන්දර ගැන කම්පා වී ඇත. ඔබේ පොත්වල සිට, මම මනරම් වූ කඳු මුදුනකට නැග්ගා. එතැන් සිට මම සූර්යයා නැගෙන අයුරු බලා සිටියෙමි. අහස, සාගරය හා කඳු මුදුන් ද රත්රන් ද ඒ අතර විය. මම මගේ හිස ඉහත්තාවේ අකුණු කුණාටුවක් ගසාගෙන සිටිමි. මම හරිත වනාන්තර, කෙත්වතු, ගංගා, ජලාශ, නගර ආදිය දැක තිබේ. සොදුරු ගායනා සහ එඬේරුන්ගේ ඝෝෂාව ද මට ඇසුණි. මම දෙවියන් වහන්සේ සමග සංවාදයේ යෙදෙන්නට සලස්වා ඇති ආගන්තුක යාළුවන්ගේ පියාපත් පවා ස්පර්ශ කර ඇත. ඔබේ පොත්වල මා පතුලටම ඇද හැරුණු අතර, ප්‍රාතිහාර්යයන් තුළින් මරා දැමූ හා පිලිස්සුම් සිදු කළ නගර, නව ආගම් දේශනා ආදිය මා හා විටෙක සමීප විය.

"මම ඔබගේ පොත් හෙළා දැක්කේය. මේ ලෝකය යනු දැනුම හා ආශීර්වාදයයි. එය විටෙක මායාකාරිය. එනම් රැවටිල්ලකි. ඔබ ආඩම්බර, නුවණැත්තෙකු සහ කදිම අයකු විය හැකිය. ඔබේ ඉතිහාසය ඔබේ අමරණීය ජනයා සමග එක්ව හෝ ගින්නෙන් මිදෙන්නට ඉඩ තිබේ."

"ඔබ ජීවත් වන සියල්ල මම පිළිකුල් කරන ආකාරය මෙයයි. මම මිලියන දෙකක පාරාදීසයේ සිහින දුටු අතර දැන් මා විසින්ම ඒවා හෙළා දකිනවා. මුදල් සඳහා මාගේ අයිතිය අහිමි කිරීම සඳහා මම මෙතැනින් පිටත් වීමට පැය පහක් තිබියදීම මා විසින්ම කලින්ම නික්ම යන්නෙමි. ඒ නිසා ඔට්ටුව සඳහා වූ සංයුක්තය මෙයින් බිඳ දමන්න..."

බැංකුකරු මෙය කියවා මේසය මත තැබුවේය. මේ අමුතු මිනිසාගේ හිස සිඹගෙන, ඉමහත් වැලපීමකින් එළියට ආවේය. වරෙක ඔහු කොටස් වෙළෙඳපොළේ දැඩි ලෙස අහිමි වූ විට පවා, තමාට තවත් වඩාත් අපහාසයක් විය හැකි නිසා, ඔහු ගෙදරට පැමිණ තම ඇඳ මත වැතිර සිටියේය. කඳුළු සහ හැඟීම් පැය ගණනාවකටම ඔහුගෙන් නින්ද ඈත් කර තැබුවේය. සියල්ල අවිනිශ්චිතය. තාවකාලිකය. 

ඊළඟ උදෑසන මුරකරුවෝ සුදුමැලි වූ මුහුණු සමඟ දිව ගොස් සිරකරුවා ජනේලයෙන් පිටතට පැන ලැගුම්හලෙහි දොරටුව වෙත ගොස් කැලයට පැන අතුරුදන් වූ බව තමන් දුටුවා යැයි කීහ. බැංකුකරු එක්වරම, එම ඔත්තුකරුවන් අතරින් කුටියට ගොස් සිරකරුවාගේ පැනයාමට අනවශ්‍යය කතාවක් ගොඩනැගීම වැළක්වා ගැනීම සඳහා පෙරදිනක සිරකරුගේ මේසය මත තැබූ මිලියන ගණනක් අතහැර දැමූ එම ලියැවිල්ල අතට ගත්තේය. ඔහු නිවෙසට පැමිණ එය තමාගේ  ආරක්ෂිත ⁣සේප්පුවෙි දමා සදහටම වසා දැම්මේය.

ඇන්ටන් චෙකොෆ්ගේ
The bet කෙටිකතාවෙි සිංහල පරිවර්තනයකි.


https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%94%E0%B6%A7%E0%B6%A7%E0%B7%80-The-Bet/299-657612

Nissanka Rajapaksa

unread,
Apr 6, 2026, 7:58:52 PM (8 days ago) Apr 6
to INDRAKA group
30
වැලේ ගෙඩි

" අර බේත වැඩකරලා නැහැ වගේ "

වසන්ති කිව්වේ ඇවිළෙන ළිප දිහා බලාගෙන.
" කොහොමද දන්නේ ?"
අජිත් ඇහුවේ බත් පිඟාන දිහා බලාගෙන.
" දැන් දඟලනවා වගෙත් දැනෙනවා "
" බෙහෙත ගන්නකොට පරක්කු වැඩි ඇති "
අජිත්ගේ කටහඬ ඇහෙන නෑහෙන ගානයි.
" එක අතකට අපි කරන්න හැදුවේ මොන අපරාධයක්ද ? 
මේත් අපේම දරුවෙක්නෙ."
වසන්තී බත් පිඟාන  අතගගා ඉන්න අජිත් දිහාවට හැරුණා.

" ඒක ඇත්ත
ඒත් අපි වෙන මොනවද කරන්නේ.
මේ වයසට තවත් දරුවෝ හදන්න පුළුවන්ද?
ඔයාට දැන් හතළිස් තුනක්. මට පනහක්.
ලොක්කි ලබන අවුරුද්දේ බඳිනවා. මද්දු උසස් පෙළ ලියනවා.
චූටිට නම් ගානක් වෙන එකක් නැහැ."

" අනික ලොක්කි බඳින්න ඉන්න ගෙදර කට්ටියට මූණ දෙන්නේ කොහොමද? 
ගමේ එකාලා මොනවා නොකියයිද ?
අජිත් කිව්වේ සාලෙට ඇතුළුවෙන දොර දිහාවට එබිලා දරුවෝ කවුරු හරි එනවද කියලා බලන ගමන්.

" මම ඕක කලින්ම කිව්වා.
මම මොන තරම් පරෙස්සම් වුණාද?
ඔයාගෙන් තමයි බේරෙන්න බැරි වුණේ."
වසන්ති සැරවුණා.

" මටම දොස් කියන්නේ මොකද . මාත් ඉතින් හුස්ම වැටෙන මිනිහෙක්නේ. පෙති බොමුයි කියලා කිව්වහමත් මහත් වෙනවයි කියලා බෑ කිව්වෙත් ඔයාමනේ.
මිඩ් වයිෆ් නෝනත් කී පාරක් නම් ගෙදරටම ඇවිත් කිව්වද ක්ලිනික් එක පැත්තේ එන්න කියලා.
වැඩ, වැඩ කිය කියා ඔයාමනේ මග ඇරියේ."
අජිත් නිදහසට කරුණු කිව්වා.

" එක අතකට චූටි හම්බවුණු වෙලාවෙම මිසීලා කියපු විදියට ඔපරේෂන් එක කරගෙන ආවනම් ඉවරයි.
ඔයානේ කොල්ලෙකුත් ඕනෑමයි කියලා හිටියේ"

" මේ පාර කොල්ලෙක්ද දන්නේ නෑ "
අජිත්ගේ ඇස් දිලිසුණා.

" විකාර!
මම මේ දෙලොව රත්වෙලා ඉන්නවා
ඔයා එනවා සුරුට්ටු පත්තුකරන්න."
ළිපට පිඹින්න පාත්වෙන ගමන් වසන්තී අජිත්ට පිම්බා.

" නැවි නැවී ළිපට පිඹින්නේ ගෑස් එකෙන් උයන්නකෝ "

" හොඳට ඉඳී 
වත්තේ මේ තරම් දර පොල් කොළ තියෙද්දී
ගෑස් එක පිරිමහගන්නවා හදිස්සියකට"
        
" ඒක නෙවෙයි,
උදේට ඔක්කාරෙ එනවා .නවත්තගන්න බැහැ
දැන් කොයි වෙලාවක හරි ලොක්කිට මේක දැනෙනවා.
ඊයේ මගෙන් ඇහුවා , අම්මා ලෙඩින්ද
මූණත් සුසුමැලි වෙලා කියලා."

පහුවදා පාන්දර හතරට එලාම් එක වදිනවා වසන්තිට ඇහුණේ නැහැ. ඇඟේ කෙඩෙත්තුවට හොඳටම නින්ද ගියා. ඇහැරෙනකොට පහමාරයි. වැඩට ගෙනියන්න බත් බැඳගන්න බැරි වුණා. ඉස්කෝලෙ යන දෙන්නට නම් පරිප්පු උයලා සම්බෝලයක් කොටලා බත් බැඳලා දුන්නා. බත් බඳිද්දී ආපු ඔක්කාරය නවත්තගන්නම බැරි වුණා. ගේ පිටිපස්සේ පොල් ගහ බදාගෙන වමනෙ කරනකොට මද්දු තමයි පිට අතගෑවේ,

" අම්මා ඊයේ රෑට මොකුත් කෑවෙි නැහැනේ?
බඩ හිස් වෙලා ඇති" කියමින්
අජිත්, වත්තම් කරගෙන ඇඳට එක්කරගෙන ආවා.
හැමෝම පිටවෙලා ගියාට පස්සේ උදේ වරුවෙම වසන්ති කළේ නිදාගන්න එක. දොළහට විතර ඇහැරුණේ අල්ලපු වත්තේ ඉන්න අජිත්ගේ අම්මා ඇවිත් කතාකරන සද්දෙට.

" මොකෝ මේ ගිනි දවල් දොරවලුත් වහගෙන නිදි.
මිදුල වත් අතුගාගෙන නැහැ.
ගෙවල් මිදුල් පාළුවට ගිහින් "
නැන්දම්මා ආවෙම ආඩාපාලි කියාගෙන.
ඒත් ගෙනත් තියන කොස් පිඟාන දැක්කම වසන්තිට කන්නම හිතුණා. නැන්දම්මා  ඉන්දැද්දිම උණු උණු කොස්වලට පොල් සම්බෝලත් දාගෙන කෑවා.
නැන්දම්මා බලාගෙන හිටියේ අමුතු විදියට.

" මොකද මැලවිලා ගිහිං.
අසනීපයක් වත්ද?"

" ඔව් අම්මේ
බඩේ අමාරුවක්.
ඊයේ දවසටම මොකුත්ම කන්න බැරි වුණා. ඔළුව උස්සගෙන ඉන්න පණ නෑ කැරකිල්ල වගේ ."

" ඉතිං බං බෙහෙත් ටිකක් ගන්න එපායැ " 
එහෙම කියපු නැන්දම්මා ඉදල හොයාගෙන මිදුලත් අතුගාලා දැම්මා.
දරුවෝ එන්නේ හවස පන්ති වලටත් ඉඳලා. ඒ එනකොට උයලා තියන්න මාළු ඩිංගක් අරගෙන එන්න වසන්ති හන්දිය පැත්තට ගියා. මුලින් ඇන්ද ගවුමට බඩ පේනවයි කියලා හිතුණු නිසා ලොකුයි කියලා පැත්තකට දාලා තිබුණු ගවුමක් ඇඳගත්තා. මාළු අරගෙන එනකොටයි සුරංගනී හම්බවුණේ.
සුරංගනී, වසන්ති දිහා  බැලුවේ අමුතුවට.

" මොකෝ නංගියේ ඇදිලා පැදිලා ගිහිං.
බබාලා හම්බවෙන කාලෙට අඳින තාලේ ගවුමකුත් ඇඳගෙන.
වාසියක් ද ?"

" මේ වයසට මොන වාසිද අක්කේ."
කියාගෙනම වසන්ති අඩිය ඉක්මන් කළා.
හතරදෙනාම හවස ගෙදර ආවේ එකටම වගේ. අජිත්,  මාළු පාන් ගෙනත් තිබුණා. කුස්සියට ඇවිත් අඹ අච්චාරු උරයක් හොරෙන්ම වසන්තිගේ අතේ තිබ්බා. රෑට උයන ගමන්ම මැටි කෝප්පයකින් වහගෙන වසන්තී ඒකෙන් ඩිංග ඩිංග කෑවා.
දෙන්නට නිදහසේ කතාකරන්න පුළුවන් වුණේ ළමයි කාමරවලට ගියායින් පස්සේ. කාමර තුනක් තියෙන ගෙදර ලොක්කි තනියම කාමරයක් අයිතිකරගෙන. රෑට පාඩම් කරන දෙන්නා එකක. පස්දෙනාම එකම කාමරයක නිදාගත්තු කාලය මොන තරම් ලස්සනද කියලා සමහරදාට අජිතුයි, වසන්තී කතාකරනවා.

" දවල් වුණු සිද්ධි වසන්තී අජිත් එක්ක කිව්වේ රහසින්. පොඩි කෙල්ලෝ දෙන්නා අල්ලපු කාමරේ පාඩම් කරනවා.

" අම්මට සැක හිතුණද?" අජිත් ඇහුවා
 
" අනේ මන්දා
සුරංගනීට නම් සැක හිතුණා."

" ඕන එකෙක් ඕනෑ දෙයක් හිතපුවාවේ .
අපි අපේ දරුවා හදාගමු .
වැලේ ගෙඩි වැලට බර නෑ කියනවනේ."

" ඔයා ඔහොම කිව්වට මොන තරම් ප්‍රශ්න එනවද අජිත්.
රටේ ලෝකෙ මිනිස්සු නම් මොනවා කිව්වම මොකද.
අපේ කෙල්ලන්ට මොනවා හිතෙයිද?
උන් ලැජ්ජාවට අපි එක්ක වෛර බැඳගනී. 
ලොක්කි බඳින්න ඉන්න කොල්ලගෙ අම්මණ්ඩිත් එක්තරා විදියක ගෑනියෙක්නේ.
ඔය මංගල්ලෙට මුලදි කැමති වුණෙත් නැහැනේ.
මේ පිටින් දාලා මගුලත් නවත්තන්න හදයි ද දන්නේ නැහැ."

" හ්ම් 
ඒකත් ඇත්ත" 
අජිත් එකඟ වුණා.

" අනිත් එක මේ කෙල්ලො තුන්දෙනාගේ වියදම් බලාගන්නෙත් මොන තරම් අමාරුවෙන්ද?
ඕ ටී කරලම ඔයත් වයසට වඩා වයසට ගිහිල්ලා. ආයෙමත් මුල ඉඳන් දරුවෙක් හදන්න මටත් පණ නැහැ.
ලොක්කිගේ මඟුලටත් සල්ලි හොයාගන්න තියනවා.
මේ වෙලාවේ තවත් දරුවෝ හදන්න අපට වත්කමක් නැහැ"
වසන්තී කිව්වේ බිඳුණු හඬින්.
කතා කරකර ඉඳලා නින්දට යනකොට දොළහටත් කිට්ටුයි. ඒත් විසඳුමක් හිතාගන්න දෙන්නටම බැරි වුණා.
පහුවදා උදේ  වසන්තී දරුවන්ට වැඩිපුර මූණ දෙන්න ආවේ නැහැ. දෙහි ගෙඩියක් නහයට ළංකරගෙන  ඉව්වා. කට්ටිය පිටවෙලා යනකම් ඉඳලා පොල් ගහ බදාගෙන වමනෙ දැම්මා. අල්ලපු වැටේ ඉන්න නැන්දම්මට ඇහෙයි කියලා හිතුනත් තමන්ව පාලනය කරගන්න වසන්තිට බැරි වුණා.
බැරි අමාරුවෙන් ගෙවල් මිදුල් අතුගාලා කාමරයට ආපු වසන්ති අල්මාරිය අවුස්සමින් හෙව්වේ ගවුම් පොඩියක්. ඒක ඇඳ උඩ තියාගෙන අතින් රැලි අරිනකොටම කුස තුළින් සියුම් දැඟලිල්ලක් දැනුණා .වසන්තිගේ ඇස් වලට කඳුළු ඉනුවා.

" අපි අසරණයි පුතේ "
වසන්තී කුස පිරිමදිමින් මිමිණුවා.
කෙටි නිවාඩුවක් දමලා එදා හවස අජිත් වේලපහ ගෙදර ආවා. අජිත්ගේ මූණේ තිබුණේ බැරෑරුම් බවක්.

" මේ ප්‍රශ්නයට විසඳුමක් නම් යාළුවෙක් කිව්වා"
අජිත් කිව්වේ වසන්ති හදාගෙන ආපු තේක අතට ගන්න ගමන්.

" හොඳ දොස්තර කෙනෙක්  ඉන්නවලු.
ටක්කෙටම වැඩේ කරනවලු.
අම්මට අවුලකුත් නැතිලු.
මම තැන අහගත්තා. ඔයා කැමතිනම් ගිහිං බලමු."

" වෙන මොනවා කරන්නද ?
එහෙනං ගිහිං බලමු"
වසන්ති සුසුමක් හෙළා ළය සැහැල්ලු කරගත්තා.

" කෝකටත් කියලා හෙට නිවාඩුවක් දමලයි ආවේ.
තව පරක්කු කරන්න බැහැනෙ. හෙටම යමු"

නිදාගන්නට ඇඳට ගියත් වසන්තිට නින්ද ගියේ නැහැ. නින්ද යාගෙන එනකොටම ගැස්සිලා ඇහැරෙනවා. නින්දත් නොනින්දත් අතර දරුවෙක්ගේ මූණ පේනවා. පාන්දර පොඩ්ඩක් නින්ද ගියත් එලාම් එකට ඇහැරුනේ දාඩිය දාගෙන. නින්ද ගිහින් වගේ හිටියත් අජිත්ටත් හරියට නින්ද නොගිය බව වසන්තිට දැනුණා.

" තාත්තා අද වැඩට යන්නේ නැද්ද? "
ලොක්කි ඇහුවේ වැඩට යන්න එළියට බහින ගමන්. වෙනදා දෙන්නා එකටමයි ගෙදරින් පිටවෙන්නේ.

" නෑ
අද අම්මව දොස්තර කෙනෙක් ළඟට එක්ක යන්න කියලා.
පහුගිය ටිකේම හිටියේ අසනීපෙන්නේ."

" ඒක තමයි මාත් කිව්වේ "
කියාගෙනම ලොක්කි පිටවෙලා ගියා.
 
දෙන්නා ගෙදරින් පිටවෙනකොට අට පහුවෙලා. බස් එකට නගින්න හන්දියට යනකොටයි ප්‍රියන්ත හම්බවුණේ. 

" කොහෙද මේ අලුත් ජෝඩුව යන්නේ.
ක්ලිනික් යනවද?"
ප්‍රියන්ත ඇහුවේ හිනා වෙවී.

බස් එකේ ඒතරම් සෙනඟ හිටියේ නැහැ. දෙන්නටම එකම සීට් එකේ වාඩිවෙන්නත් ලැබුණා. ඒත් මගදි සෙනඟ පිරුණා. කුඩා දරුවකු අතින් අල්ලගෙන ගැබිනි මවක් වසන්තිලා ඉඳගෙන ඉන්න තැනටම තල්ලු වෙලා ආවා. වසන්තිගේ මූණ බලපු අජිත් නැගිටලා ඒ අම්මට ඉඳගන්න දුන්නා.දරුවත් උකුලේ තියාගෙන ඒ අම්මා ඉඳගත්තේ හරිම පරිස්සමට. තමනුත් දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද කියලා මතක් වෙලා වසන්තිගේ පපුව දාලා ගියා.
ටවුමෙන් බැහැලා දෙන්නා එක්ක පයින්ම යාළුවා කියාපු තැන හොයාගෙන ගියා. කලබලේට කුඩයක් වත් ගේන්න අමතක වුණා. ත්‍රී වීලරයක නගින්නත් දෙන්නම පසුබෑවා. ප්‍රධාන පාරෙන් අතුරු පාරකට හැරිලා ටික දුරක් ගිහින් පුංචි දෙවට පාරකටත් හැරිලා ටික දුරක් යනකොට තැන හම්බවුණා.
දොස්තරගෙ නමත් එක්ක " ඉංග්‍රීසි බෙහෙත් ශාලාව" කියලා සඳහන් වුණු බෝඩ් එකේ ලෙඩ්ඩු බලන වෙලාව විදියට සඳහන් වුනේ උදේ අටේ ඉඳලා දොලහ වෙනකම්. ඒක පරණ තාලෙ ගෙයක් . පිටතින් කිසිකෙනෙක් පේන්න හිටියේ නැහැ. දොරෙන් ඇතුල් වෙලා සාලෙට ගියහම ඉඳගන්න පුටු තියලා තිබුණා.
අඳුනන කවුරුහරි ඉඳී කියන සැකයට වැඩිය වටපිට බලන්නේ නැතිව ඉන්න දෙන්නම උත්සාහ කළා. තරුණ හෙදියක් වාඩිවෙන තැන පෙන්නුවා. සාරිය ඇඳපු මැදිවියේ ගැහැණු කෙනෙක් කාටත් උපදෙස් දෙමින් වරින් වර දොස්තරගෙ කාමරය ඇතුලට ගියා. ඒ වේගෙන්ම පිටතට ආවා.
වසන්ති හිටියේ හොඳටම බයවෙලා . අජිත් ඊටත් වඩා බයවෙලා. මූණත් එක්කම කළු වෙලා. ඉඳගෙන ඉන්න කවුරුවත් කාගෙවත් මූණ බැලුවේ නැහැ. ජෝඩු පහ හයක් හිටියා. අම්මෙකුයි දුවෙකුයි කියලා හිතන්න පුළුවන් දෙන්නෙකුත් හිටියා. සමහර ජෝඩු ලොක්කිටත් වඩා බාලයි වගේ. තමන් දෙදෙනා මෙතෙන්ට ගැලපෙන්නේ නැති බවක් දෙදෙනාටම වැටහුණා.
පැයක් විතර යන්න ඇති. මැදිවියේ කාන්තාව ඇවිත් වසන්තිලාට ඇතුලට කතාකළා. වසන්තිගේ අතින් අල්ලලා නැගිටින්න උදව් කරනකොට ඒ අතේ සීතල අජිත්ගේ හදවතට දැනුණා.
වයස හැටක් පමණ වන වෛද්‍යවරයා, දෙන්නව පිළිගත්තේ හිනා මුසු මුහුණකින්. වෛද්‍යවරයාගේ කාමරයේ තද සීතල ඉවසන්න බැහැ වගේ වසන්තිට දැනුණා. දින වකවානු විස්තර අසා දැනගත් වෛද්‍යවරයා වසන්තිව ඇඳට දාල හොඳින් පරීක්ෂා කළා.

" අදම කරන්න වෙයි.
දැනුත් ප්‍රමාදයි."
වෛද්‍යවරයා කිව්වේ වචන බර කරමින්.වැයවන මුදල කොලයක සටහන් කරලා අජිත් දිහාට තල්ලුකරන ගමන්.

" එලියෙන් වාඩිවෙලා ඉන්න
දොළහෙන් පස්සේ තමයි කරන්නේ
හවස් වෙනකොට ගෙදර යන්න පුළුවන් "
    
එලියට එනකොට එහි හිටියේ අම්මයි , දුවයි, තව ජෝඩුවකුයි විතරයි.
මුලින්ම කතාකලේ අම්මටයි දුවටයි. අම්මා දුවව බලෙන්ම වගේ කාමරයක් ඇතුලට තල්ලු කරගෙන ගියා. දුවගේ මූණේ තිබුණේ බය බිරාන්ත පෙනුමක්. කාලය ගතවුණා . බිත්තියේ එල්ලලා තිබුණු ලොකු මූණක් තියෙන රවුම් ඔරලෝසුවේ ටික් ටික් හඩ විතරයි නිහඬතාවය බින්දේ.
හිටි හැටියෙම වහපු කාමරය ඇතුලෙන් ගෑණු ළමයගේ ලතෝනියක් ඇහෙන්නට වුණා. කලබල වූ හෙදියන් එහෙ මෙහෙ දිව්වා. මැදිවියේ කාන්තාව දුවන ගමන් ඇමතුමක් ගෙන කාටද
" ඉක්මනට එන්න"
යැයි කිව්වා.

 "යමු "
අජිත් නැගිට්ටේ, වසන්තිවත් නැගිට්ටවාගෙන. කියන පරක්කුවෙන්ම වසන්තිත් අජිත් පිටුපස වැටුණා. දෙන්නා නැවතුනේ ප්‍රධාන පාරට පැමිණියායින් පසුවයි. වසන්තිගේ නලල දෙපැත්තෙන් දහඩිය බේරෙනවා. මහ පාර කියලා බලන්නෙවත් නැතිව සාක්කුවෙන් ලේන්සුවක් ගත්ත අජිත් වසන්තිව එක අතකින් තුරුළු කරගෙන අනිත් අතින් දාඩිය පිසදැම්මා.
               
" ඕන දෙයක් වෙච්චාවේ
අපි දරුවා හදාගමු"
අජිත්ගේ කටහඬ වෙව්ලුවා.
වැඩි කතාබහක් නැතිව දෙන්නා ගෙදර ආවා. දෙන්නම හිටියේ තමන්ගෙම කල්පනා ලෝකවල.
වසන්තිට නිදාගන්න කියලා අජිත් රෑට ඉව්වා. රූපවාහිනියේ අටහමාරේ කතාව බල බල පස්දෙනාම කෑම කෑවා.

" මහන්සී " 
කියාගෙන ලොක්කි නැගිට්ටෙ කාමරයට යන්න.

" අමතක වුණා
අම්මට බෙහෙත් ගත්තද?
මොකද කිව්වේ?"
ලොක්කි ඇහුවේ දොර රෙද්ද අතින් අල්ලගෙන.


" සුබ ආරංචියක් තියනවා කියන්න "
අජිත් කිව්වේ තප්පර දෙක තුනක නිහඬතාවයකින් පස්සේ.

" අම්මා චූටි බබෙක් ගේන්නයි යන්නේ"

" ආව් ,මල්ලියෙක්ද ?"
චූටි ඇහුවා

" නෑ ,නෑ
මට ඕන නංගියෙක්ව"
මද්දු , චූටිව බදාගත්තා.

" ඔව්,ඔව් නංගියෙක්
මගේ ෆ්ලවර් ගර්ල්ටත් ගන්න පුළුවන්නේ".
ලොක්කි කිව්වා.

ඒ හඬෙි ගැබ්වෙලා තිබුණේ මොන වගේ හැඟීමක් දැයි හිතාගනු බැරිව අජිතුයි, වසන්තී මූණට මූණ බලාගත්තා.


https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%80%E0%B6%BD-%E0%B6%9C%E0%B6%A9/299-678265



Nissanka Rajapaksa

unread,
Apr 7, 2026, 9:53:21 PM (7 days ago) Apr 7
to INDRAKA group
31

සහෝදරයෝ

පාසල් ගුරුවරයාගේ නම බාර්ඩ්ය. ඇන්ඩර්ස් නමින් ඔහුට සොහොයුරෙක් සිටියේය. ඔවුහු එකිනෙකා කෙරෙහි වූ මහත් ස්නේහයෙන්ම කල් ගෙවූහ. එකටම යුද හමුදාවට බැඳී එකටම නගරයේ විසුවෝය. එකටම යුද පිණිස ගොස් එකම භට කණ්ඩායමේ සේවාව කළාහු දෙදෙනාම කෝප්‍රල් තනතුරට උසස් වූහ. යුද්ධය අවසන් වී ගෙදර ආපසු ඔවුන් දෙදෙනා මිනිසුන් විසින් හඳුන්වන ලද්දේ හොඳ හැඩි දැඩි පුරුෂයන් දෙදෙනෙකු ලෙසිනි.

ඉක්බිති ඔවුන්ගේ පියා මළේය. ඔහු දරුවනට සෑහෙන දේපළක් ඉතිරි කර ගියේය. එය හවුලේ බෙදා ගැන්ම අමාරු කාරියක් වූයෙන් එසේ නොකොට වෙන්දේසියේ විකිණීමට දෙසොහොයුරෝ කතා කරගත්හ. එහිදී තමා කැමති දේ මිලදී ගැනීමටත් ලැබෙන ලාබ බෙදා ගැනීමටත් ඔවුනට හැකිවනු ඇතැයි ඔවුහු කීවෝය. එය එසේම සිදුවිය.

ඔවුන්ගේ පියා සතු ලොකු රන් ඔරලෝසුවක් විය. එහි ප්‍රසිද්ධිය බොහෝ දුර පැතිර ගොස් තිබුණි. ඒ පළාත්වල සිටි මිනිසුන් එතෙක් දැක තිබුණු එකම රන් ඔරලෝසුව එය වූ හෙයිනි. මේ ඔරලෝසුව වෙන්දේසියේදී ඉදිරිපත් කළ විට එය මිලදී ගනු කැමැති වූ ධනවත් ඉල්ලුම්කරුවෝ බොහෝ වූහ. එහෙත් දෙසොහොයුරන් ඉල්ලුම් කිරීමට පටන් ගත් කල සෙස්සෝ ඉන් වැළකී සිටියහ. එය ලබා ගැනීමට ඇන්ඩර්ස් තමාට ඉඩ දෙනු ඇතැයි බාර්ඩ් සිතීය. ඇන්ඩර්ස්ද බාර්ඩ්ගෙන් එයම බලාපොරොත්තු විය. ඔවුහු තරඟයට මෙන් ඉල්ලුම් කළහ. එසේ කරද්දී දෙසොහොයුරෝ උනුනුන් දෙස නොමනාපයෙන් බැලූහ. ඔරලෝසුවේ මිල ඩොලර් 20 දක්වා ඉහළ නැංවූ තම සොහොයුරා නිර්දය එකෙකැයි බාර්ඩ්ට හැඟෙන්නට විය. ඉන් පසු ඔහු එහි මිල ඩොලර් 30 ට නගින තෙක්ම සිය සොහොයුරා ඉක්මවමින් ඉල්ලුම් කළේය. එහෙත් එවිටද ඇන්ඩර්ස් නොනැවතුණි. තමා නොයෙක් විට ඇන්ඩර්ස්ට පිහිට වුණු හැටි බාර්ඩ්ට මතක් විය. දෙදෙනාගෙන් වැඩිමලා තමා නොවේදැයි ඔහු සිතීය. ඇන්ඩර්ස් ඒවා අමතක කොට ඇතැයි ඔහුට හැඟුණි. ඔරලෝසුවේ මිල ඩොලර් 30 ද ඉක්මවා නැගුණි. ඇන්ඩර්ස්ද නොනවත්වා ඉල්ලුම් කළේය බාර්ඩ් එක්වරම එය ඩොලර් 40 කට ඉල්ලීය. ඉන් පසු ඔහු තම සොහොයුරා දෙස නොබැලීය. වෙන්දේසි කාමරය තුළ දැඩි නිශ්චලත්වයක් පැතිර යමින් තිබුණි. වෙන්දේසිකරු පමණක් නැවත නැවත මිල ගණන හඬ ගා කීය. ඔරලෝසුව ඩොලර් 40 කට ඉල්ලීමට තරම් බාර්ඩ් පුළුවන්කාරයෙක් වී නම් තමා වැන්නෙකුට එය කෙසේ කළ නොහැකිදැයි ඇන්ඩර්ස් සිතන්නට විය. බාර්ඩ් එය ඔහු සතු කරගන්නට කැමැත්තෙන් සිටී නම් ඔහු එය කෙසේ හෝ ලබාගනු ඇතැයි සිතූ ඇන්ඩර්ස් තම සොහොයුරා ඉක්මවා ඉල්ලුම් කළේය. බාර්ඩ්ට එය පෙනුණේ තමා මෙතෙක් විඳි ලොකුම අවනම්බුව ලෙසිනි. ඔහු ඔරලෝසුව ඩොලර් 50 කට ඉල්ලුවේ දුබල හඬිනි. එහි බොහෝ මිනිස්සු රැස්ව සිටියහ. ඔවුන් ඉදිරියේ තමා හාස්‍යයට ලක් කිරීමට සොහොයුරාට ඉඩ නොතබමියි තමාටම කියාගත් ඇන්ඩර්ස් නැවතත් මිල වැඩි කොට ඉල්ලීය. බාර්ඩ් මහා හඬින් සිනාසුණි.

"ඩොලර් සීයයි. මදි පාඩුවට ඔන්න මගේ සහෝදරකමත්."

එන්න හැරෙමින් එසේ කියූ බාර්ඩ් කාමරයෙන් පිටවී ගියේය.

මඳ වේලාවකට පසු එළියට ආ මිනිහෙක් නුදුරින් හුන් බාර්ඩ් දැක ඔහු වෙත පැමිණියේය. එවේලේ බාර්ඩ් සිටියේ තමා විසින් වෙන්දේසියේදී මිල දී ගන්නා ලද අසුට සෑදලය යොදමිනි.

"ඔරලෝසුව ඔහෙට අයිති වුණා. ඇන්ඩර්ස් ඊට පස්සෙ ඉල්ලුවෙ නෑ."

ආරංචිය ඇසූ සැණින් බාර්ඩ් තුළ බලවත් පසුතැවිල්ලක් හට ගති. ඔහුට සිහි වූයේ ඔරලෝසුව නොව තම සොහොයුරාය. සෑදලේ යොදා අවසන් වුවද අසු පිට නොනැග උගේ බඳෙහි තබාගත් අතැතිව ඔහු නැවතී සිටියේ දෙගිඩියාවෙනි. බොහෝ මිනිස්සු එළියට ආහ. ඇන්ඩර්ස්ද ඔවුන් අතර විය. සෑදලේ යෙදූ අසුද ඇතිව නික්ම යෑමට සූදානම්ව උන් තම සොහොයුරා ඔහු විසින් දක්නා ලදී. බාර්ඩ් කල්පනා කරනුයේ කුමක්දැයි ඇන්ඩර්ස්ට යන්තම් වැටහුණි.

"ඒයි බාර්ඩ් අර ඔරලෝසුවට උඹට බොහොම ස්තූතියි. මීට පස්සෙ මං උඹ ඉන්න හතර මායිමක පස් පාගයි කියලා හිතන්න එපා".

ඔහු එහි සිට කෑ ගසා කීවේය.

"උඹටත් මීට පස්සෙ මගේ හෙවණැල්ලවත් දකින්න හම්බවෙන්නෙ නෑ ඇන්ඩර්ස්. තේරුණාද?"

අසු පිට නැගුණු බාර්ඩ් පිළිතුරු දුන්නේය. ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබුණි. ඉන් පසු කවදාවත් ඔවුහු තම පියා සමග එකට ජීවත් වූ මහගෙදරට පා නොතැබූහ. නොබෝ කලකින්ම ඇන්ඩර්ස් ගොවි පවුලකින් හිරයක් ගත්තේය. එහෙත් ඔහු තම සොහොයුරා මංගල්‍යයට නොකැඳවීය. බාර්ඩ්ද පල්ලියට නොගියේය. විවාහ වුණු මුල් අවුරුද්දේම ඇන්ඩර්ස්ට සිටි එකම එළදෙන මිය ගියාය. ගෙයි උතුරු පැත්තේ තැනක දිගේලි කර උන් ඌ එහිම මැරී සිටිනු එක් උදෑසනක දක්නා ලදී. උගේ මරණයට හේතුව කිසිවෙක් නොදත්තේය. ඇන්ඩර්ස් වෙතට තව තවත් දුක් කරදර පැමිණියේය. ඔහුගේ ජීවිතය එන්න එන්නම අවාසනාවන්ත විය. එහෙත් ඔහුට දරුණුම විපත සිදු වූයේ සීත ඉතා අධික කාලයේ එක් රැයක තම පිදුරු මැස්ස හා එහි වූ සියලු දේ ගින්නෙන් අළු වී යාමෙනි. ගින්න ඇවිළුණේ කෙසේදැයි කිසිවෙක් නොදත්තේය.

"මාව නැති බංග කරලා දාන්න හිතාපු එකෙක් මේක කරන්න ඇත්තෙ?"

ඇන්ඩර්ස් පැවසුවේය. එදා මුළු රෑම ඔහු වැලපුණේය. ඉන් පසු ඔහු දිළින්දෙක් විය. වැඩ කිරීම කෙරෙහි ඔහු තුළ පැවති සියලු ආසා අතුරුදහන්ව ගියේය.

ගින්න ඇතිවූ දාට පසු දින සවස බාර්ඩ් තම සොහොයුරාගේ ගෙදරට පැමිණියේය. එවේලේ ඇන්ඩර්ස් ඇඳෙහි වැතිර උන්නේය එහෙත් ගෙට ඇතුළු වන බාර්ඩ් දුටු ඔහු නැගී සිටියේ ඉද්ද ගැසුවාක් මෙනි.

"උඹ මොකටද මෙහාට ආවෙ?"

ඇන්ඩර්ස් ඇසුවේය. ඉන් පසු කතා නොකළ ඔහු නැගිට තම සොහොයුරා දෙස බලා ගත්වනම සිටියේය.

පිළිතුරු දීමට පෙර බාර්ඩ් ටික වේලාවක් නැවතී හුන්නේය.

"මං ආවෙ උඹට පිහිට වෙන්නයි ඇන්ඩර්ස්. උඹ අමාරුවෙ වැටිලා ඉන්නෙ."

"උඹ බලාපොරොත්තු උණාට වැඩිය දෙයක් මට සිද්ධ වෙලා නෑ. හොඳ හිතින් දැම්ම පලයන් යන්න. තව වෙලා හිටියොත් මොකෙන් මොක වෙයිද කියන්න බෑ."

"උඹ හිතන හැටි වැරදියි ඇන්ඩර්ස්. මං කනගාටු වෙනවා...."

"උඹ හොඳ හිතින් යනවද නැද්ද බාර්ඩ්. දෙවියන්ගෙ නාමෙන් පලයන් යන්න."

බාර්ඩ් අඩියක් පස්සට ගති.

"උඹට අර ඔරලෝසුව ඕන නම් ඒක අරගනින්."

බාර්ඩ් වෙවුලන කටහඬින් පැවසීය.

"මං උඹට මෙතනින් යන්න නේද කිව්වෙ බාර්ඩ්."

ඇන්ඩර්ස් යටිගිරියෙන් කෑ ගැසීය. තවත් එහි නැවතී සිටීමට අකමැති වූ බාර්ඩ් පිටවී ගියේය.

සිය සොහොයුරාගේ ගෙදරට යාමට පෙර බාර්ඩ් කල දවස ගෙවූයේ මෙසේය. තම සොහොයුරාට වන් දුක් කරදර ගැන ඇසූ සැණින් ඔහුගේ සිත වෙනස් විය. එහෙත් අහංකාරය නිසා ඔහු පසු බැස්සේය. පල්ලිය කරා යෑමට ඔහුගේ සිත පෙලඹී ගති. එහිදී ඔහු අපමණ දේ පොරොන්දු වී ආවේය. එහෙත් ඒවා ඉටු කිරීමට ඔහු තුළ ශක්තිය නොමැති විය. තම සොහොයුරා චසන ගෙය පෙනෙන තෙක් මානයට නිතර නිතර ගිය බාර්ඩ් එහිදී ආපසු හැරී ආවේය. විටෙක කිසිවෙක් ගෙයින් එළියට එමින් සිටියේය. තවත් විටෙක එහි අමුත්තෝ වූහ. එසේ නැතහොත් ඇන්ඩර්ස් එළියට වී දර පළමින් හූන්නේය. ඒ සෑම විටම යම් කිසිවක් බාධාවට සිටියේය.

සීත කාලයේ අග හරියේ එක් ඉරිදාවක බාර්ඩ් නැවතත් පල්ලියට ගියේය. එදා ඇන්ඩර්ස්ද එහි විය. ඔහු බාර්ඩ් විසින් දක්නා ලදී. ඔහු කෙට්ටු වී සුදුමැලිවී උන්නේය. ඔහු එදින හැඳ සිටියේ ඔවුන් එකට ජීවත් වූ කාලයේ ඔහු විසින් අඳිනා ලද ඇදුම්මය. එහෙත් ඒවා දැන් පරණ වී ගොසිනි. තැන තැන අණ්ඩ අල්ලා තිබුණි. පූජාව ඉවර වෙන තුරුම ඇන්ඩර්ස් ස්වාමි දෙස නොසෙල්ලී බලා සිටියේය. තම සොහොයුරා උණුවන හිතක් ඇති කරුණාවන්ත එකෙකැයි බාර්ඩ්ට හැඟුණි.ඔහුට ඔවුන්ගේ ළමා කාලය සිහි විය. කුඩා දරුවෙකුව සිටියදී ඇන්ඩර්ස් තුළ පැවති හොඳ ගති ගුණ ඔහු ආදරයෙන් සිහි කළේය. සත්ප්‍රසාදයට පවා සහභාගි වූ බාර්ඩ් කුමක් සිදුවුවද තම සොහොයුරා සමග සමාදාන වන බවට දෙවියන් ඉදිරියේ තිරසර ලෙස පොරොන්දු විය. සත්ප්‍රසාදයේදී ලත් මිදි යුෂ පානය කළ මොහොතේ මේ අධිෂ්ඨානය ඔහුගේ ආත්මය පුරා පැතිර ගියේය. සොහොයුරා කරා ගොස් ඔහු ළඟින් හිඳගැනීමේ දැඩි ආශාවක් සත්ප්‍රසාදයෙන් නැගී සිටි ඔහුට තදින් දැනී ගියේය. කිසිවෙක් බාධාවට සිටියේය. ඇන්ඩර්ස් හිස ඔසවා නොබැලීය. පූජාවෙන් පසුවද තවත් කිසිවක් බාධාවට සිටියේය. ඒ අවට බොහෝ මිනිස්සු වූහ. ඇන්ඩර්ස්ගේ බිරිඳද ඔහු සමග උන්නාය. බාර්ඩ් ඇය හැඳින නොසිටියේය. ඇන්ඩර්ස්ගේ ගෙයිදීම ඔහු හමුවී නිවී සැනසිල්ලේ කතා කිරීම වඩා හොඳ යැයි බාර්ඩ් තීරණය කළේය.

එදින සවස් වුණු පසුව ඔහු පිටත් විය. කෙළින්ම දොරකඩට ගිය ඔහු එහි නැවතී කන් යොමා සිටියේය. ගේ ඇතුළේ තම නම කියැවෙනු බාර්ඩ්ට ඇසුණි. කතා කරමින් සිටියේ ඇන්ඩර්ස්ගේ බිරිඳය.

"එයා අද උදේ සත්ප්‍රසාදෙටත් ගියා. ඒ වෙලාවෙ ඔයා ගැන හිතන්න ඇති. මට ඒක හොඳටෝම විශ්වාසයි."

ඈ පැවසුවාය.

"නෑ එයා හිතන්න ඇත්තෙ මං ගැන නෙමෙයි. මං ඒක දන්නවා. එයා හිතන්නෙ එයා ගැනම විතරයි."

ඇන්ඩර්ස් පිළිතුරු දුන්නේය.

ඉන් පසු බොහෝ වේලාවක් යනතුරු කිසිවක් නොකියැවුණි. එය සීතල රැයක් වුවද බාර්ඩ්ට හොඳටම ඩහදිය දැම්මේය. ඇන්ඩර්ස්ගේ බිරිඳ කේතලයක් ළිප තබමින් සිටියාය. ළිපෙහි ගින්දර හොස් හොස් ගාමින් ඇවිළුණි. වරින් වර එයින් සට පට ගා පිපිරුම් හඬක් පිට විය. ගෙතුළ උන් දරුවෙකු ඉඳ හිට අඬනු ඇසුණි. ඇන්ඩර්ස් දරුවා නැළවීය. අන්තිමේදී බිරිඳ නැවතත් කතා කළාය.

"ඔයා කොච්චර කිව්වත් ඇන්ඩර්ස් ඔයාට ඔයාගෙ හිතෙන් බාර්ඩ් අමතක කරලා දාන්න බෑ. එයාටත් එහෙමයි. ඒකයි ඔය දෙන්නට වෙලා තියෙන්නෙ. මට නං ඒක හොඳටෝම විශ්වාසයි. ඒ උණාට ඔයගොල්ලො ඒක පිළිගන්න කැමති නෑ."

"මේ ඔය කතාව නවත්තලා දාන්න. අපි වෙන දෙයක් ගැන කතා කරමු."

ඇන්ඩර්ස් පැවසුවේය.

ටික වේලාවකට පසු ඔහු නැගිට එළියට ආවේය. බාර්ඩ් අසල වූ දර මඩුවෙහි සැඟවී ගති. එහෙත් ඇන්ඩර්ස්ද දර ටිකක් ගෙන යනු පිණිස මඩුවට පැමිණියේය. සැඟවී ගත් මුල්ලේ සිටි බාර්ඩ්ට තම සොහොයුරා හොඳින් දැක ගත හැකි විය. ඇන්ඩර්ස් ඉරිදා හැඳ සිටි පරණ ඇඳුම් මාරු කොට සිටියේය. බාර්ඩ් ඇඳ සිටියාක් මෙන් ඔහුද තමා ළඟ තිබූ සොල්දාදු ඇඳුම ඇඟලාගෙන හුන්නේය. මේ ඇඳුම් කවදාවත් නාඳින්නට දෙසොහොයුරෝ එකිනෙකාට පොරොන්දු වී සිටියහ. පරම්පරාගත වස්තු වශයෙන් ඒවා තම දරුවන් අතට පත්කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය. ඇන්ඩර්ස්ගේ ඇඳුම දැන් හොඳටම පරණ වී ඇත. එය තැන තැන ඇල්ලූ අණ්ඩවලින් යුතු විය. මේ නිසා ඔහුගේ ශක්තිමත් මනාව වැඩුණු සිරුර වැරහැලි පොදියක් සේ පෙනුණි. එක් වරම බාර්ඩ්ට ඇසී ගියේ තම සාක්කුවේ ඇති රන් ඔරලෝසුව නගන ටික් ටික් හඬය. කෝටු ගොඩ වෙත ගිය ඇන්ඩර්ස් දර එකතුකර නොගෙනම ඊට හේත්තු වූයේය. ඉන් පසු ඔහු තාරකාවලින් පැහැදී බබලන ආකාශය දෙස බැලීය. තදින් සුසුමක් හෙළා තමාටම මිමිනුවේය.

"අයියෝ දෙයියනේ!"

තම ජීවිතාන්තය තෙක්ම බාර්ඩ්ට ඒ වචන අමතක නොවීය. එවේලේ ඔහුට එළියට ඒමට සිතුණද ඇන්ඩර්ස් කහින හඬ ඇසී ඔහු පසු බෑවේය. බාර්ඩ්ගේ සිත තම සොහොයුරා නිසා උපන් ස්නේහයෙන් තෙමී ගියේය. තවත් නම් ඔහුට තම සොහොයුරාගෙන් වෙන් වී සිටිය නොහැකිය. දර ඉපල් ටිකක් එකතු කරගත් ඇන්ඩර්ස් මඩුවෙන් පිටවී ගියේ බාර්ඩ්ගේ ඇඟේ ගෑවීගෙන මෙනි. ඉපල් කොන් පවා ඔහුගේ මුහුණේ වැදුණි.

විනාඩි දහයකටත් වැඩි කලක් බාර්ඩ් එතැනම රැඳී සිටියේ මුල් ඇද ගියාක් මෙනි. එහෙත් ඔහු ඒ බවක් නොදත්තේය. දරුණු සිත් තැවුලකින් සිටි ඔහුට ඒ සීතල රැයේ වෙව්ලිල්ලක් නොසෑදීම පුදුමයකි. ඉන්පසු බාර්ඩ් මඩුවෙන් එළියට ආවේය. එවේලේ ඇන්ඩර්ස්ගේ ගෙදරට යාමට ඔහු බිය විය. ඒ නිසා ඔහු වෙනත් උපායක් කල්පනා කළේය. ඇන්ඩර්ස්ගේ පිදුරු මඩුව වෙත ගිය බාර්ඩ් එහි ඇතුළු වී දොර වසා ගති. දැල්වූ පන්දමේ එළියෙන් ඔහු තම සොහොයුරා ලන්තෑරුම එල්ලා තිබෙන ඇණේ සොයන්නට විය. හිමිදිරි පාන්දර පිදුරු මඩුවට එන ඇන්ඩර්ස් තම ලන්තෑරුම එල්ලා තැබුවේ එහිය. බාර්ඩ් තමා ළඟ තිබූ ඔරලෝසුව ගෙන අර ඇණේ එල්ලීය. ඉන් පසු පන්දම නිවා දැමූ ඔහු නික්මුණි. ඔහුගේ සිතෙහි වූ බර කෙතරම් සැහැල්ලු වීද යත් වැටී තිබුණ හිම උඩින් ඔහු වාත වේගෙන් දිව ගියේ කුඩා දරුවෙකු මෙනි.

ඇන්ඩර්ස්ගේ පිදුරු මැස්ස පෙර දින රෑ ගිනිගෙන ඇති බව පසු දා බාර්ඩ්ට අසන්නට ලැබුණි. තමා දල්වා සිටි පන්දමෙන් වීසි වී ගිය ගිනි පුපුරු නිසා එය සිදුවන්නට ඇතැයි ඔහුට සිතුණි.

මෙයින් බලවත් සේ කම්පා වී ගිය බාර්ඩ් එදා මුළු දවසම ගෙවූයේ ගෙට වැදී තනිවය. ලෙඩ වී ගියා සේය. ඔහු තම ගීතිකා පොත ගෙන මුළු දවස තිස්සේම ගායනය කෙළේය. ඔහුට පිස්සු හැදී ඇතැයි ගෙදර මිනිස්සු සිතූහ. ඒත් සවස් වුණු පසුව ඔහු ගෙදරින් පිට විය. හඳ එළියෙන් අවට එළිය වී තිබුණි. බාර්ඩ් සොහොයුරාගේ ගෙමිදුලට ගියේය. කලින් ඒ අසල වූ පිදුරු මඩුව දැන් එහි නැත. ඒ වෙනුවට ඇත්තේ අඟුරු ගොඩක් පමණි. ඒවා අවුස්සා බැලූ ඔහුට එහි තිබූ උණු වී ගිය කුඩා රන් ගුළියක් අසු විය.

සිදුවූ සියල්ල පැහැදිලි කොට කියා සමාව අයැද සිටීමේ බලවත් ආ⁣සාවෙන් බාර්ඩ් තම සොහොයුරාගේ ගෙදරට ගියේ රන් ගුළියද අතැතිවය.

බාර්ඩ් අඟුරුගොඩ අවුස්සමින් සිටිනු කුඩා දැරියක් දැක සිටියාය. එසේම ඔහු ඉරිදා සවස සිය සොහොයුරාගේ ගේ දෙසට යනු නැටුමකට ගිය කොලු රැළක්ද දැක සිටියෝය. සඳුදා ඔහු හැසිරුණු පුදුම විලාසය ගෙදර මිනිස්සු විස්තර කළහ. සොහොයුරන් දෙදෙනා උනුනුන්ට තදින්ම සතුරුව සිටි බව කවුරුත් පාහේ දැන සිටියෙන් මේ තොරතුරු වගකිවයුත්තන්ට දන්වන ලදිී. ඉන් පසු විභාගයක් පැවැත්වුණි. බාර්ඩ්ට විරුද්ධව නැගූ චෝදනා ඔප්පු කිරීමට කිසිවෙක් සමත් නොවීය. එහෙත් ඔහු කෙරෙහි මිනිසුන් තුළ වූ සැකය පෙර සේම පැවතුණි. ඉන් පසු තම සොහොයුරා ළඟට යාම බාර්ඩ්ට කෙසේ වත් කළ නොහැකි දෙයක් විය.

පිදුරු මැස්ස ගිනි ගත්.විට ඇන්ඩර්ස් බාර්ඩ් ගැන සිතීය. එහෙත් ඔහු කිසිවක් නොකීවේය. ගින්නට පසු දින සවස තම ගෙට ඇතුළු වුණු බාර්ඩ්ගේ සුදුමැලි මුහුණත් අමුතු පෙනුමත් දුටු ඇන්ඩර්ස්ට සිය සොහොයුරා දැඩි සිත් තැවුලකින් පෙළෙන බව පසක් විය. එහෙත් තමාගේම සොහොයුරාට මේ සා දරුණු අපරාධයක් කළ බාර්ඩ් සමාව නොලැබිය යුත්තෙකැයි ඇන්ඩර්ස් සිතීය. ගින්න ඇතිවූ දින සවස බාර්ඩ් තම ගේ දෙසට යනු මිනිසුන් දුටු සැටි ඇන්ඩර්ස්ට පසුව අසන්නට ලැබුණි. විභාගයේදී කිසිවක් හෙළි නූණද වරදකරු තම සොහොයුරාම බව ඇන්ඩර්ස් ඒත්තු ගත්තේය.

විභාගයේදී සොහොයුරෝ දෙදෙනා උනුන්ට මුණ ගැසුණහ. බාර්ඩ් හොඳ ඇඳුමෙන් සැරසී සිටියේය. ඇන්ඩර්ස් ඇඟලාගෙන හුන් ඇඳුම වැරහැල්ලකි. තම සොහොයුරා විභාග ශාලාවට ඇතුළුවත්ම බාර්ඩ් ඔහු දෙස බැලුවේය. එවේලේ

බාර්ඩ්ගේ දෑසේ තිබූ බැගෑපත් ඉල්ලීම ඇන්ඩර්ස්ගේ ඇතුළු හදටම පෙනී ගියේය. කිසිවක් නොකියන ලෙස ඔහු තමාගෙන් ඉල්ලා සිටිතියි ඇන්ඩර්ස් සිතීය. සිද්ධිය පිළිබඳව ඔහු සිය සොහොයුරා සැක කරන්නේදැයි ඇන්ඩර්ස්ගෙන් ඇසූ විට නෑයි ඔහු හඬ නගා කීවේ තිරසර ලෙසය.

එදායින් පසු ඇන්ඩර්ස් තදින් බීමට ඇබ්බැහි විය. වැඩි කල් නොගොස්ම ඔහු ඉතා අමාරු අඩියකට වැටුණි. බීමට ඇබ්බැහි නූණද බාර්ඩ්ගේ ජීවිතය ඊටත් වඩා දුක් පිරුණක් විය. ඔහු කෙතරම් වෙනස් වී සිටියේද යත් මිනිසුනට ඔහු හඳුනාගත නොහැකි වී ගියේය.

දිනක් කරුවල වැටීගෙන එද්දී බාර්ඩ් කුලියට ගෙන සිටි කාමරයට ඇතුළු වූ එක් දුප්පත් ගැහැනියක් ඇය සමග එන මෙන් ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහු ඈ හැඳින්නේය. ඒ තම සොහොයුරාගේ බිරිඳය. ඇගේ පණිවිඩය කුමක්ද යන්න බාර්ඩ්ට වහා වැටහුණි. ඔහු මළාක් මෙන් සුදු මැලි විය. නොපමාව හැඳ පැලඳ ගත් බාර්ඩ් කිසි කතාවක් නැතිව ඇය සමග පිටත් වී ගියේය. ඇන්ඩර්ස්ගේ ගෙයි ජනේලය අතරින් යන්තමින් පෙනුණේ මලානික පහන් එළියකි. වරක එය වෙව්ලමින් සිටියේය. තවත් වරක එය අතුරුදහන්ව ගියේය. ඔවුන් දෙදෙනා මේ එළිය බලාගෙන ගමන් කළේ වැටුණු හිම අතරින් පාරක් නොතිබුණු හෙයිනි. බාර්ඩ් මෙවරද ගෙයි දොරකඩට විත් නැවතුණි. එවිට හදිසියේ දැනී ගිය ගඳකින් ඔහු ලෙඩ වූවාක් මෙන් විය. ඔවුහු ගෙට ඇතුළු වූහ. කුඩා දරුවෙක් ළිප අසලට වී අඟුරු කමින් සිටියේය. දැලි තවරාගත් මුහුණෙන් යුත් දරුවා හිස ඔසවා බලා සුදු දත් පෙන්නා සිනාසුණි. ඒ බාර්ඩ්ගේ සොහොයුරාගේ දරුවාය.

ඇන්ඩර්ස් ඇඳේ වැතිර උන්නේය. ඔහුගේ සිරුර රෙදි ගොඩකින් පොරවා තිබුණේය. උස්ව පිහිටි සිනිඳු නළල් තලයකින් යුත් ඔහු සුදුමැලි වී කෙට්ටු වී සිටියේය. ඇන්ඩර්ස් ගිලී ගිය දෑස ලොකු කර සිය සොහොයුරා දෙස බැලීය. බාර්ඩ්ගේ දෙපා පණ නැති වී ගියේය. ඔහු ඇඳ පාමුල මහා හඬින් හඬා වැටුණි. ඔහු දෙස ඕනෑකමෙන් බැලූ රෝගියා කිසිවක් නොපැවසුවේය. අවසානයේදී ඔහු සිය බිරිඳට එතැනින් ඉවත්ව යන ලෙස දැන්වීය. එහෙත් බාර්ඩ් නොයා සිටින මෙන් ඇයට හිසින් කීවේය. ඉන් පසු සොහොයුරෝ දෙදෙනා උනුනුන් හා කතා කිරීමට පටන් ගත්හ. තරඟයට මෙන් ඔරලෝසුව ඉල්ලුම් කළ දින පටන් මේ දිනය තෙක් අවුරුදු ගණනක් තිස්සේ සිදුවුණු සියලු දේ ඔවුහු උනුනුන්ට හෙළි කළෝය. සිය කතාව අවසානයේදී බාර්ඩ් රන් ගුළිය එළියට ගත්තේය. මෙතෙක් දින ඔහු එය තමා යන යන තැන රැගෙන ගියේය. ඔවුන් මේ අවුරුදු කිහිපය තුළ එකම එක දිනයක්වත් නියම සතුටින් යුතුව ගත නොකළ බව ඔවුන්ගේ කතා බහේදී හෙළි වුණි.

ඉතා දුර්වලව සිටි ඇන්ඩර්ස් වැඩිපුර කතා නොකළේය. බාර්ඩ් තම සොහොයුරා ලෙඩ වී සිටින තාක් කල් ඔහුගේ ඇඳ අසලම හිඳ තනි රැක්කේය.

"දැන් මට හොඳටම සනීපයි. දැන් ඉතින් අපි ඉස්සර හිටියා වගේම එකට ජීවත් වෙන්න ඕනෙ. කවදාවත් වෙන් වෙන්නෙ නැතුව."

දිනක් උදෑසන නින්දෙන් පිබිදුණු ඇන්ඩර්ස් සිය සොහොයුරාට පැවසීය.

එහෙත් එදින ඔහු මිය ගියේය.

වැන්දඹුව සහ දරුවා බාඩ් විසින් තම ගෙදරට ගෙනයන ලදහ. එතැන් පටන් ඔවුන් හොඳින් රැක බලා ගැනුණි. දෙසොහොයුරන් එදා ඒ ඇඳ අසලදී පැවසූ සියලු දේ ගේ බිත්තිය අතරින් පිට වී අවුත් මිටියාවතේ ජීවත් වූ සියලු මිනිසුන්ගේ කන්වල ලැගුම් ගති. බාර්ඩ් ඒ මිනිසුන් අතර ඉතාමත් උසස් ලෙසින් ගරු බුහුමන් ලැබූවෙකු බවට පත් විය. මහා දුකක් විඳිමින් සිට නැවත සෙත අත් පත් කරගත්තෙකු වශයෙන් හෝ දිගු කලක් අතුරුදහන්ව හිඳ ආපසු පැමිණ සිටින්නෙකු වශයෙන් හෝ සලකා ඔවුහු බාර්ඩ්ට ගරු බුහුමන් කළෝය. ඔවුන්ගේ හිතවත්කම නිසා බාර්ඩ්ගේ සිතට දිරිය උපන්නේය. ධාර්මික මිනිසෙකු බවට පත් ඔහුට ලෝකයට හිත වැඩ පිණිස තම ජීවිතය කැප කිරීම රිසි විය. පැරණි කෝප්‍රල් වරයා තුළින් පාසල් ගුරුවරයෙක් බිහිවුණි. ඔහු කුඩා දරුවන්ගේ සිත්වලට මුළුමනින්ම කාවැද්දූ දෙය ආදරය විය. කුඩා දරුවන් ඔවුන්ගේ කෙළි යහළුවෙකු සහ පියෙකු මෙන් සිතා තමාට ආදරය කරන තුරුම ඔහුද එය පුරුදු කළේය.


නෝර්වීජියානු ලේඛක
බියෝර්න්ස්ටේනේ බියෝර්න්සෙන් ගේ කෙටි කතාවකි.

https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%83%E0%B7%84%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA/299-682941




Nissanka Rajapaksa

unread,
Apr 8, 2026, 8:37:10 PM (6 days ago) Apr 8
to INDRAKA group
32

අපි කතා කරමු

" මම පන්සලට ගිහින් එන්න යනවා."

දොර රෙද්ද මෑත්කර කාමරයට එබී මංගලී පවසනු ඇසුණත් , මා සිටියේ නින්ද ගොස් ඇතුවාක් මෙන් මවාපානා උත්සාහයකය. මගෙන් පිළිතුරක් ලැබෙන තුරු පමා නොවූ ඇය ඉදිරිපස දොර වසාගෙන පිටව යනවාත් ත්‍රී රෝද රථයක් පණගන්වනවාත් ඇසුනෙන් තව දුරටත් නින්දේ යැයි ඇඟවිය යුතු නැති හෙයින් කොට්ටය ඇඳ ඉහපතට හේත්තුකර පහසු ඉරියව්වකට මාරු වුණෙමි.
         පෙරදා රැයෙහි මා නින්දට යන තුරුම මංගලී ඇඳට පැමිණියේ නැත. නාන කාමරයේ සිට එන ගමන් මුළුතැන්ගෙට එබී බැලුවත් ඒ වන විටත් මංගලී හිටියේ පලා තෝරමිනි.

ඔච්චර කොළ මොකටද? "

" උදේට කැඳ හදන්න"
                 යැයි පැවසුවා මිස හැරී මා දෙස බැලීමට වත් මංගලී උනන්දුවක් දැක්වූයේ නැත.
      පාන්දර තුනට පමණ මට ඇහැරුණේ පොල් ගානා හඬිනි.

" මංගලී නිදාගත්තෙම නැද්ද ?
සෙනසුරාදා වෙලත් මේතරම් පාන්දරින් පොල් ගාන්නේ මොකද?"
             හිතුණත් මුළුතැන්ගෙයින් එන සද්ද බද්දවලට කන්දී සිටියා මිස ඇඳෙන් නැගිට ගොස් සොයා බැලීම වළකන හේතු කාරණා බොහොමයක්ම පසුගිය සතිය පුරාම සිදුවිය. එක වහල යට අවුරුදු ගණනක් එකට සිටි අප දෙදෙනා අමුත්තන් වී ඇත. මෙතුවක් කලක් උගුරට හොරා බෙහෙත් කන්නාක් මෙන් මංගලී සඟවාගෙන හිටි හැඟීම් එළිපිටම ප්‍රදර්ශනය වන්නට පටන්ගත්තේ පසුගිය සෙනසුරාදා සිටය.
              අද නිවාඩු දිනයක් බැවින් පාන්දර නැගිටගෙන ඉවීමේ වුවමනාවක්ද නැත.

" කිරි බත් උයන්නද දන්නේ නෑ "
        ඒත් අද මාසේ පළවෙනිදත් නෙවෙයි.කාගෙවත් උපන් දිනයකුත් නෙවෙයි.

" පාන්දර තුනට නැගිටගෙන කිරි බත් උයන්න මංගලීට පිස්සුද?
ඊටත් මේ වගේ වාතාවරණයක "
              සතියේ දිනවල වැඩට ගෙනයෑම සඳහා කෑම පිසීමට වත් පාන්දර තුනට නැගිටින්නේ නැත. ඒ දිනවලද නැගිටින්නේ හතරහමාරට හෝ පහටය. මංගලී සමගම මමත් නැගිටින්නේ ඇයට පොල් ටික ගා දෙන්නටය. තේ වක්කරන්නේද මමය. උසස් පෙළ සඳහා සූදානම් වන දියණිය රැය පුරා නිදි වරා පාන්දරට නිදාගනී. ඇය මේ දින වල පාසල් යන්නේද නැත.

"දුවට පන්ති ගෙනියන්න උයනවද? 
සෙනසුරාදාට පන්ති තියෙන්නේ හවසට නේ ?"
           තවත් ඇඳට වී සිටීමේ තේරුමක් නැතැයි සිතුණු බැවින් නැගිට මුළුතැන්ගෙට ගියේ තේකක් හදාගන්නටය. මුළුතැන්ගෙට එබී බැලූ විට එය එකම යුද පිටියකි. උයා පිහා ඉතිරි වූ ඉතුරු බිතුරු එහෙමම දමා මංගලී ගොස් ඇත. එය ඇගේ සිරිත නොවේ. වැඩට යන දිනවලත් ඇය පිටව යන්නේ මුළුතැන් ගෙය පිළිවලක් කොටය. හොදි ඇතිලි පේලියට වසා ඇත.එය ගණනින් හතකි.

" මේ තරම් ඉව්වේ මොනවද?"
           කරමූඩිය ඔසවා බැලූ විට දුටුවේ සුදු ලූනු මාළුවකි. ලොකු ඇතිලියේ පොලොස් ඇඹුලකි. කාරණය වැටහුණේ එවිටය. මංගලී පන්සලට ගොස් ඇත්තේ දං කදක් අරගෙනය. මගේ හදවත හිරි වැටී ගියේ කිසි දිනක නොදැනුණු වේදනාවකිනි.

" මංගලී මේ තරම් කාලයක් ජීවත් වෙලා තියෙන්නේ මා එක්ක නෙවෙයි "
         ඒ සමගින්ම සිතේ ඇතිවූයේ නිර්දය ලෙස මා රවටා ඇතැයි යන සිතුවිල්ලකි . අවුරුදු විස්සක් පමණ එක වහලක් යට හිටියත් කවදාවත්ම මංගලී මට අවංක වී නැත.
          උපාධිය ලබා විශ්වවිද්‍යාලයෙන් පිටවූ පසු රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රැකියාවට එක් වූ මා පරිපාලන සේවාව සමත්ව එවකට සේවය කරමින් සිටියේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේය. වයස තිස් පහකට ආසන්න වූවත් එතෙක් අවිවාහකව සිටීමට හේතුව වූයේ මගේ මව කේන්දරය හිස් මුදුනින් පිළිගත් නිසාය. සෑම සති අන්තයකම මව සමග මනමාලියන් බැලීමට ගොස් හති වැටී සිටි සමයකි එය. මව පවසා සිටියේ මගේ කේන්දරය සමගින් කිසිදු කේන්දරයක් නොගැළපෙන්නේ මගේ කේන්දරය එතරම්ම බලවත් නිසා බවය. නමුත් මා සිතා සිටියේ අවිවාහකවම ජීවිතයේ ඉතිරි අඩ ගෙවා දැමීමට සිදුවෙතැයි කියාය.
            මංගලී පිළිබඳ ආරංචිය රැගෙන ආවේ ඇගේ මස්සිනා වන මගේ වෘත්තීය සගයකු වූ පියතිස්සය. ඒ වන විට වයස තිස් දෙකද ඉක්මවා සිටි මංගලීගේ විවාහය පමා වීමටද හේතුව කේන්දරය බව පැවසුවේ පියතිස්සය. උපාධිධාරිනියක වූ මංගලී රැකියාව කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේය. ගම මාතර වූ නිසා නැවතී සිටියේ තම අක්කාගේ නිවස වන පියතිස්සගේ නිවසේය.

" මුලින්ම කේන්දර බලලම ඉමු "
මා පැවසුවේ ඒ යෝජනාවත් එතනින්ම නිම වන්නට බොහෝ ඉඩකඩ තිබූ නිසාය.
            පසුදා උදෑසනම පියතිස්ස මංගලීගේ කේන්දරය රැගෙන ආවේය. අම්මා එය බලවාගෙන පැමිණියේ පස්වනක් ප්‍රීතියෙන්ය.

" ඔන්න බලන්න පහුවෙලා හරි හරියටම හරියන කෙනා ලැබුණා."

" තවම බලන්න ගියෙවත් නැතිව "


          මම කීවෙමි.

" බලන්න දෙයක් නැහැ. ඕක හරියනවා. ගෑනු ළමයත් හොඳ ඇති" අම්මා පැවසුවේ විශ්වාසයෙනි.
            ඊළඟ සෙනසුරාදා මව සමග පිළියන්දල පිහිටි පියතිස්සගේ නිවෙසට ගියේ මනමාලිය බැලීමටය.
          වැඩි විච්චූරණ නැති ලා පැහැති සාරියකින් සැරසී සිටි මංගලී මට තවම මතකය.
          මෙතුවක් බලන්නට ගිය කිසිම යුවතියකගෙන් නොදුටු සිරියාවක් මා මංගලී වෙතින් දුටුවේය. කිසිදු සබකෝලයක් නැතිව කතාබහ කරමින් අපට සංග්‍රහ කළ මංගලී මවගේද සිත් ගෙන තිබිණි. විවාහයට පෙර අපට ඇසුරු කිරීමට ලැබුණේ ටික කලකි. එයත් බොහෝවිට නෑදෑ පිරිවර අතරේය. තනිව හමුවූ දින දෙක තුනට මංගලී යනු මට ගැළපෙනම ගැහැනිය යැයි මම තීරණයකට එළැඹුනෙමි.
                කඩිනමින්ම විවාහ දිවියට පිවිසි අපි පදිංචි වූයේ මා සාදා නිමකර තිබූ මහරගම නිවසේය. මංගලී ඉතා ඉක්මනින් විවාහ දිවියට හුරු වූවාය. උදෑසන උයා පිහා බත් බැඳගෙන නිවෙසින් පිටවන අප බොහෝ විට නිවෙසට පැමිණියේද එකටමය. මංගලී කා සමගත් සුහදව ඇසුරු කළ නමුත් ඇයට විශේෂ මිතුරු මිතුරියන් නොමැති බව ටික කලකදීම මට වැටහිණි. එමෙන්ම අතීත තොරතුරු හෝ විශ්වවිද්‍යාල ජීවිතය පිළිබඳ තොරතුරු ඈ කතා නොකළ තරම්ය. මා මගේ විශ්වවිද්‍යාලයේ සමකාලීනයන්ගේ සුහද හමු සඳහා නොවරදවාම සහභාගී වූ නමුත් මංගලී ඒ කිසිවකට සහභාගී නොවූවාය.
          විවාහයෙන් වසරක් ගිය තැන අපට දියණියක් ලැබිණි. දියණියට වසර දහයක් වන තෙක්ම ඇය රැක බලාගැනීමට මංගලීගේ මව අප සමග නැවතී සිටියාය. කුහුල දනවන දෙබසක් මා සවනට වැටුණේ දිනක් අහම්බෙන් මුළුතැන්ගෙය දෙසට යද්දීය.

" උඹ තවම අර සමිබන්ධය ගැන හිතනවද ?
මෙච්චර මේ දෙවියෙක් වගේ මිනිහෙක් ලැබිලා ඉඳිද්දී "

" අම්මට පිස්සුද අම්මේ,
මම ඒවා ඔක්කොම අමතක කරලා ඉවරයි "
         ඉන් පසු පැතිරුණේ නිහැඬියාවකි. යන ගමන නවතා ඉස්තෝප්පුවට පැමිණ පුටුවක වාඩිවූ මට ඇති වූයේ අනවශ්‍ය යමක් හදවතට ඇතුළු වූවා වැනි හැඟීමකි . කල් යත්ම ක්‍රමයෙන් එය අමතකව ගියේය.
               අප දෙදෙනාගේ විවාහ දිවිය ප්‍රීතිමත් එකකැයි මගේ පැත්තෙන් බලා පැවසීමට හැකිය. හැලහැප්පීම් හෝ ගැටුම් අප අතර නොවීය. කිසිදු විටක මගේ අදහස් ඉක්මවා කටයුතු කිරීමට මංගලී උත්සාහ දැරුවේ නැත . විශ්වවිද්‍යාලේදී හෝ යුවතියක හා පෙමින් නොබැඳුණු මම අවංකවම මුළු හදවතින්ම මංගලී හා බැඳුණෙමි. නමුත් මංගලී ඇත්තටම සතුටෙන් දැයි මාහට විටෙක සිතිණි.
             මංගලීගේ යම් ගුප්ත ස්වභාවයන් හැඟුණු තැන් නැතිවාම නොවුණි. යම් දුකක් , සුව නොවන වේදනාවක් වැනි යමක් ඇය සඟවාගෙන ඇතැයි විටෙක මට සිතිණි. නමුත් ඒ පිළිබඳව විමසීමට තරමේ යමක්ද නොතිබිණි.
                    මහා මැතිවරණයක් ප්‍රකාශයට පත්කරන විට අපේ විවාහයට දස වසරක් පමණ ගතවී තිබිණි. බුරුතු පිටින් අලුත් මුහුණු දේශපාලන කරලියට පැමිණුනි. වාද විවාද සාකච්ඡා රෑ මැදියමද පසුවන තුරුත් රූපවාහිනි නාලිකාවල විකාශය විය. වෙනදා නැති උනන්දුවකින් මංගලී රූපවාහිනි ප්‍රවෘත්ති කෙරෙහි උනන්දු වූවාය. පසුවදාට වැඩට යාමට තිබියදීද සමහර දිනවලදී මැදියමද ගෙවෙන තුරු දේශපාලන සාකච්ඡා අසා සිටියාය.

" මොකද?
ඡන්දෙ වත් ඉල්ලන්නද ?"
           මා කීවේ විහිලුවටය.

" නෑ ඉතිං , අපිත් මේවා දැනගෙන ඉන්න එපායැ"
           මංගලී පැවසුවේ මුහුණ රතු කරගෙනය.

             ටික දිනක් ගතවෙද්දී අලුත දේශපාලනයට එක්වූ මුහුණක් කතාකරද්දී මංගලීගේ ඇස් දිලිසෙන බවත් දැඩි උනන්දුවකින් ඊට කන්දෙන බවත් නිරීක්ෂණය වූයේ අහම්බෙන් මෙන්ය. ඒ ඔස්සේ තව දුරටත් යාමේදී එහි යම් සත්‍යයක් ඇති බවත් ඒ සාකච්ඡාවලදී ඔහුට අවාසිදායක කරණු ඉදිරිපත් වීමේදී මංගලීගේ ඇස් අඳුරු වන බවත් රූපවාහිනිය නිවා දමා ඇඳට යන බවත් මට සහතික විය. තවත් ඉවසා සිටිය නොහැකි වූ දිනයක 

" ඔයා දීඝායු සූරියබණ්ඩාරව අඳුනනවද?"
       විමසුවේ මටම මා පාලනය කරගත නොහැකි වූ විටකය. තිගැස්සුණු මංගලී පුදුමයෙන් මා දෙස බලා 

" ඔව්, මම ඉන්න දවස්වලමයි පේරාදෙණියේ හිටියේ. අපිට වඩා සීනියර් " 
       පැවසුවේ සන්සුන් වන්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින්ය.
           දීඝායු පිළිබඳව සොයන්නට මා පෙළඹුණේ ඒ අනුවය. උඩරට වංශවත් පවුලකින් පැවත එන ඔහු ඉඩම් හිමියෙකි. එමෙන්ම ධනවත් ව්‍යාපාරිකයෙකි. දේශපාලනයට පිවිස ඇත්තේ පරම්පරා උරුමය අනුවය. මෙයට පෙර ඔහුගේ සීයාත් , මහප්පාත් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත. විවාහ වී සිටින්යේද හිටපු ඇමතිවරයෙකු වූ සාලිය රණබාහුගේ දියණිය සමගය.
           දීඝායු ඉදිරිපත් වූයේ අප එතෙක් කලක් සහාය දැක්වූ පක්ෂයෙන් නොව විපක්ෂයෙනි. මංගලී තම අදහස් සහ මතවාද ශීඝ්‍රයෙන් වෙනස්කරගනිමින් සිටියාය. කෙළින් නොපැවසූවත්  එවර ඇගේ සහාය විපක්ෂයට බව පැහැදිලිවම පෙනෙන්නට තිබිණි. කිසිවක් නොපැවසූ මම කරබාගෙන හිටියේ දේෂපාලන මත වාද එක වහල යට නොතිබිය යුතු බැවින්ය. කෙසේ හෝ විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් විපක්ෂය බලයට පත්විය. ඒ දින කිහිපයේ මංගලීගේ මුහුණේ තිබුණු එළිය මට තවම මතකය.
          ගෙවී ගිය දස වසක කාල පරාසය තුළ දිඝායු යනු දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් බවට පත්විය. මන්ත්‍රීවරයකු , උප ඇමතිවරයකු ලෙසින් පැමිණි ගමනේ අවසන ඔහු නතරවූයේ බලයේ සිටින රජයේ ප්‍රබල ඇමති පදවි කිහිපයක්ම දරමිනි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් පදවියකට උසස්වීමක් ලද මංගලීද සිටියේ ඔහුගේ අමාත්‍යශයකට අනුයුක්තවය.
                දැනට මාස දෙකකට පමණ ඉහතදී දියණිය අසනීපවී රෝහල් ගතකිරීමට සිදුවිය. දියණිය සමග රෝහලේ නතරවූ මංගලීට අවශ්‍ය ඇඳුමක් ගෙනයාමට මංගලී  ඇගේ අල්මාරියේ යතුර මට දුන්නාය. ඉන් පෙර කෙදිනකවත් මා ඇගේ අල්මාරිය ඇර තිබුණේ නැත. ඇය ගෙනෙන්නට කියූ ඇඳුම එක්වරම සොයාගැනීමට හැකි වූයේ නැත. රෙදි කිහිපයක් පිටතට අදිද්දී එක්වරම බිමට වැටුණේ පැරණි දින පොතකි.වහා එය ඇහිඳ අල්මාරිය තුළට දමන්නට හදද්දී එතුළින් පිටතට පැමිණ තිබෙන ඡයාරූපයක් දුටුවේ අහම්බෙනි. එදෙස නොබැලුවානම් හොඳයැයි සිතුණේ බැලූ පසුවය.
               වර්ණය මඳක් වියැකී තිබූ එහි සිටියේ තරුණ යුවළකි. තරුණිය මංගලීය. හොඳින් බලනවිට මට පෙනීගියේ ඒ තරුණයා දීඝායු   ඇමතිවරයා බවය. ඔවුන් වාඩිවී සිටියේ පේරාදෙණි වළේ ගැට්ටකය. මංගලී නොකියූ බොහෝ දේ එම ඡායාරූපයෙන් මාහට කියවාගත හැකි විය. මට දැනුණේ කොහේ හෝ තැනක මා අතහැර දමා ඇති බවය. ඡායාරූපය දින පොත ඇතුළටම දමා රෙදි අතර සැඟවූ මම මේවනතුරුම ඒ පිළිබඳව මංගලී සමග කතා නොකළෙමි.
              එදා සිට මා මංගලී පිළිබඳව දුටුවේ වෙනත් ඇහැකිනි. වෙනත් කෝණයකිනි. මා නොදත් බොහෝ රහස් සඟවා සිටින රහස් ගබඩාවක් පරිද්දෙනි. මට දැනුණේ මමත් මංගලීත් වෙනත් කක්ෂයන් දෙකක භ්‍රමණය වන ග්‍රහ වස්තූන් දෙකක් පරිද්දෙනි. නමුත් මා අවංකවම මංගලීට කිසිදු වෙනසක් දැක්වූයේ නැත. නමුත් මංගලීගේ දශමයක වෙනසත් මට රිදෙන මට්ටමට පැමිණ තිබිණි.
                මෙම වසර මැතිවරණ වර්ෂයක් විය.  දකුණු අත යැයි හැඳින්වෙන තරමටම දීඝායු ඇමතිවරයා ජනාධිපතිතුමා හා සමීප ඇසුරක් පැවැත්වීය. මීළඟ මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කරනු ලබන්නේ දීඝායු ඇමතිවරයාය යන්න බොහෝ දෙනාගේ අදහස විය. සැබවින්ම ඔහු හොර මැර වංචාවලින් තොර යහපත් අයෙක් ලෙස කා අතරත් ප්‍රසාදය දිනාගෙන තිබිණි.
           ගිය සතියේ සිකුරාදා මා කාර්යාලයේ සිටිද්දී මංගලීගෙන් දුරකතන ඇමතුමක් ලැබිණි. උණ ගැනෙන්නට එන බැවින් වේලාසන ගෙදර යන බව ඇය පැවසුවාය. නිවාඩුවක් දමා පැමිණෙන්න දැයි විමසුවත් ඇය පැවසුවේ, දැනටමත් තමන් කාර්යාලයෙන් පිටවී  ත්‍රීරෝද රථයකට නැග ඇති බවය.
          එම ඇමතුමෙන් පසුව කාර්යාල කාමරයෙන් පිටතට පැමිණි මට යම් සිදුවීමක් සිදුවී ඇති බව දැනුණේ කාර්යාලයේ සේවකයන්ගේ හැසිරීමෙනි. සිදුවී ඇත්තේ කුමක්දැයි විමසූ විට දැනගැනීමට ලැබුණේ හදිසියේ අසනීප වී රෝහල් ගතකළ දීඝායු ඇමතිවරයා ඊට ටික වෙලාවකට පෙර මියගොස් ඇති බවය. දැනගත් තොරතුරු වලට අනුව ඇමතිවරයා මියගොස් ඇත්තේ හෘදයාබාධයකිනි.
                  එදින හවස වැඩ නිමවී මා නිවෙසට පැමිණියේ මහා බරක් හිස මත තබාගෙන පැමිණෙන්නාක් පරිද්දෙනි. මා පැමිණෙන විටත් නිවෙස තිබුණේ අඳුරේය. එදින දියණිය ප්‍රමාදවී පැමිණෙන දිනයකි. ඇතුළෙන් අගුල්දා තිබූ දොර මා සතු යතුරෙන් ඇරගෙන නිවෙසට ඇතුළු වූ මා පැය බාගයක් පමණම අඳුරේම සාලයේ වාඩිවී සිටියේ මංගලීට මුහුණ දෙන්නේ කෙසේදැයි සිතමිනි. නිවසේ විදුලි පහන් දල්වා නිදන කාමරයට එබී බලද්දී මංගලී ඇඳේ හරහට වැතිර සිටියාය . ඇඟට අත තබා කතාකලත් මංගලී කතා නොකළාය.
නමුත් ඇය සිටින්නේ අවදියෙන් බව මට රහසක් නොවීය.
              ගතවූ දින කිහිපයේම රූපවාහිනී නාලිකාවල වැඩි ඉඩක් වෙන්කර තිබුණේ ඇමතිවරයාගේ අභාවය වෙනුවෙනි. ඒ කිසිවක් නැරඹීමට මංගලී උනන්දු නොවූවාය. මංගලී උත්සාහ කළේ මා මගහැර සිටින්නටය. ඇය රාත්‍රීයේ ඇඳට පැමිණෙද්දී මට නින්දගොස්ය. උදෑසන මා නැගිටින විට ඇය වැඩ පටන්ගෙනය. මංගලී දින තුනක්ම වැඩට නොගිහින් හිටියේ ඇඟට හරි නැති බව පවසමිනි.

" බෙහෙත් ටිකක් ගන්න යං"
       යැයි කතා කළත්,

" අදත් බලමු "
              ඇගේ පිළිතුර විය. එකම රථයේ වැඩට යද්දී වුවද ඇය සිටියේ වෙනත් කල්පනාවකය. අසන යමකට වුවද පිවිතුරු දුන්නේ කල්පනාවෙන් තොරවය. අවසන ඇයට ඇගේ පාඩුවේ ඉන්නට දෙන්න මම මගේ හිත හදාගත්තෙමි.
          ඊයේට දීඝායු ඇමතිවරයා මියගොස් දින හතකි. ඒ වෙනුවෙන් තම අතින්ම පිසූ දන් කදක් පන්සලට පූජාකරන්නට මංගලී හිතන්නට ඇත. ඉන් වත් ඇගේ හිත හැදෙනවානම් ලොකු දෙයකි. කාටත් යහපතකි. උගුරට හොරා බෙහෙත් ගිලිමින් ගතකරන අමිහිරි යුගය අවසන් කිරීමට නම් ඇය සමග මේ පිළිබඳව විවෘතව කතා කළයුතුයැයි මම සිතාගතිමි. නැතිනම් මේ දින කිහිපයේ අප නිවෙස වෙලාගත්  අඳුර සදහටම පවතිනු ඇත.

https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%85%E0%B6%B4-%E0%B6%9A%E0%B6%AD-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/299-688930


Nissanka Rajapaksa

unread,
Apr 9, 2026, 8:01:07 PM (5 days ago) Apr 9
to INDRAKA group
33

අවුරුදු ඇවිත්

පාර දිගේ ඇත් ගමනින් පැමිණි කිරි පැහැති බෙන්ස් රථය පතරංග යකඩ ගේට්ටුවක් ඉදිරිපිට නැවතී දෙපාරක් නලාව හැඬවීය. විනාඩි දෙක තුනක කාල පරාසයකින් දිව ආ වයස හැට පහක පමණ ගැහැනියක් විවර කළ ගේට්ටුවෙන් ඇතුළු වූ රථය පැරණි පන්නයේ විශාල නිවසේ පෝටිකෝව යට නතරවිය. රියදුරු අසුන පැත්තේ දොර විවෘත වී එළියට බැහැගත් මැදි වයසේ පසුවන රියදුරු වටෙන් දුව ගොස් පිටුපස වම් පැත්තේ දොර ඇරියේය.

" ලසන්ත, ඔය බෑග් ටික සාලේ මේසය උඩින් තියන්න. "
           කියාගෙන රථයෙන් බිමට බැස්ස වසුන්දරා කඩිසරව ගෙට ඇතුළු වූවාය. වෙලාව හවස තුන පමණ වුවත් පරිසරයේ පැවතියේ දරාගත නොහැකි උණුසුමකි. ඔසරි පොටින් පවන් සලමින් වසුන්දරා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවේ ඉඳගත් නිසා වහාම විදුලි පංකාව ක්‍රියාත්මක කළ ජයන්තී,
සුදු හාමිනේට බොන්න මොනවාහරි ගේන්නදැයි ඇසුවාය. 

" මට වතුර එකක් ගේන්න ජයන්ති.
ඇඟ හෝදගෙන කාලම ඉන්නවා. හරි බඩගිනී.
ගිනි අව්වේ එහාට මෙහාට ඇවිදලා මට නිකං කරකැවිල්ල වගේ.
ලසන්තටත් කන්න දෙන්න.
ජයන්ති කාලද?"
 අනිත් අතට වසුන්දරා ඇසුවාය.

" ඔව් ,බලා ඉඳලා මම කෑවා.
ටවුමේ සෙනගද සුදු හාමිනේ."
    ජයන්ති ඇසුවේ පීරිසියක තබාගෙන ආ වතුර වීදුරුව වසුන්දරා අතට දෙන ගමන්ය.

" පුදුම සෙනගක් ජයන්තී .
  කොහෙන් එන සෙනගද දන්නේ නැහැ.
බැංකුවට ගියා. එතැනත් පෝලිම. මම නම් හැමදාම යන කඩයට ගිහින් අපි දෙතුන්දෙනාට ඇඳුම් තෝරගෙන ආවා මිසක් කඩ ගානේ ගියේ නැහැ. අනිත් බඩු ලසන්ත අරගෙන එනකම් මම කාර් එකට වෙලා වාඩි වෙලා හිටියා.
ලසන්තගේ දරුවන්ටයි නෝනටයි ඇඳුම් ගන්න කියලා සල්ලි දුන්නා .
කිරි කපන කට්ටියට ඇඳුම් ගන්න කලින්ම සල්ලි දුන්න එක හොඳට ගියා.
මට දැන් ඕවා කරන්න බැහැ ජයන්තී. 
මිනිස්සුන්ට සල්ලි නෑ, නෑ කිව්වට රෙදි කඩවල පෝලිම."

" හුඟක් මිනිස්සු රෙදි කෑල්ලක් ගන්නේ අවුරුද්දට විතරයිනේ. වැඩ කරන තැන් වලින් බෝනස් එහෙමත් හම්බවෙනවා කියන්නේ. ඉතින් වන්දනාවේ යන්න වගේ රෙදි කඩවලට රිංගනවා."
       ජයන්ති කීවේ හිස් වීදුරුව අතට ගන්නා ගමන්ය.

" එක අතකට අපිට  ඕවයේ ගානක් නැති වුණාට දරු මල්ලෝ නෑදෑයෝ ඉන්න අයට අවුරුද්දක් ලබනවා කියන්නේ සතුට ගේන දෙයක්."
      සුසුමක් හෙලූ වසුන්දරා ගෙතුළට ගියේ ඇඳුම් මාරු කර, ඇඟ සෝදාගැනීමටය.
          උදේ හත, හතහමාර වන තුරු නිදාගැනීම වසුන්දරාගේ සිරිතය. වසුන්දරා නැගිටීමට පෙර නිවෙස අතු පතු ගා උදේ කෑමද මේසයට ඇර ජයන්ති බලාසිටින්නේ උණු උණුවේම කිරි කෝපි එක සාදා දෙන්නටය. ඒත් එදා ජයන්තී පුදුම වුණේ හය හමාරටත් කලින් කුස්සියේ දොරකඩ පෙනී සිටි වසුන්දරා දැකීමෙන්ය. 

" ඇයි සුදු හාමිනේ, නින්ද ගියේ නැද්ද? 

" කොහෙ නිදාගන්නද? 
කන ළඟින්ම වගේ උණ වෙඩි පත්තුවෙන්න ගත්තනේ."

" ඔය රමණිලගේ ගෙදර පොඩි එවුන්.
ඊයේ හවස ඉඳලම මම දැක්කා උණ බටයක් වට කරගෙන ගිනි පිඹිනවා. රමණිගේ නඩේම අවුරුද්දට ගමට ඇවිල්ලා. දරුවොයි, දරුවන්ගේ දරවොයි එකතු වුණහම රමණිට ගෙදරම අවුරුදු උත්සවයක් වුණත් තියාගන්න පුළුවන්. "

           ජයන්තී හදා දුන් කිරි කෝපි එකත් අරගෙන ඉස්තෝප්පුවට ගිය වසුන්දරා හාන්සි පුටුවේ ඉඳගත්තාය. ලසන්ත මිදුල අතුගායි. වේලුණු කොළ සර සර ගා මිදුල පුරා දුවයි. ඒ එක කොළයකටවත් බේරී යන්න නොදෙන ලසන්ත ඉදලෙන් මට්ටු කර මිදුලේ තැන තැන ගොඩවල් ගසයි. අඹ ගස්වල අඹ පිරිලාය. උදේට හොඳ අඹ වගේම අඹ කොටත් කූඩයක් පිරෙන්නට ඇහිලිය හැකිය. තාප්පය අයිනේ ඇති අඹ ගස් තුන හතර බදු ගන්නට කීපදෙනෙක් ආවත් වසුන්දරාට දෙන්නට හිත දුන්නේ නැත. පාරට වැටෙන ගෙඩි අහල පහල ළමයින්ටත් ඉතිරිය කුරුල්ලන්ට,ලේනුන්ට හා වවුලන්ටත් වෙන්කර තබන්නට වසුන්දරා කැමතිය. උදේට ඇහිඳගන්නා අඹ පමණක් හවසට ලසන්ත ගෙදර යන විට රැගෙන යයි.
           අඹ ගස්වලට වසුන්දරාට වඩා වයසය. පුංචි කාලයේ අයියලා තුන් දෙනාටත් වසුන්දරාටත් තාත්තා අඹ කපලා දෙන්නේ ඉදුණු අඹ කූඩයක් ළඟ තබාගෙනය. ඒත් ඉඳහිට කන අඹයක දැන් ඒ රසය නැත්තේ ඇයි දැයි වසුන්දරාට හිතාගන්නට බැරිය.
            පාර පැත්තෙන් වීසිවී ආ පොලු කෑල්ලක්  අඹ වල්ලකට වදිනුත් අඹ පොකුර කැඩී වීසිවෙනුත් වසුන්දරා බලාගෙනය. අඹ වල්ල වැටෙනවත් එක්කම කලබල වූ ලසන්ත ගේට්ටුව ඇරගෙන පාරට පැන කොල්ලන් රොත්තක් පසුපස එළවාගෙන ගියේ වටු රැලක් පසුපස පන්නන වටු වැද්දෙකු වාගේය. කොල්ලන් රැළම රිංගා ගත්තේ රමණිගේ වත්තටය. වසුන්දරාට හිනහය. ඒ රමණීගේ මුණුබුරන් වන්නට ඇත.

" මූං නම් කොල්ලෝ නෙවෙයි මාරයෝ."
      ඉදලත් වනමින් ලසන්ත ගේට්ටුව වසා දමන්නේ රමණිලාට බනිමින්ය.

" ඔන්න ඔහේ කමක් නෑ ලසන්ත.
පොඩි එවුන් නේ."

" එහෙම කියලා බෑ මැඩම්. දැන්ම බය කරලා තියාගත්තේ නැත්නම් පස්සට මේවායේ වසන්න හම්බවෙන්නේ නැහැ."

කම්මැලිකමට ෆෝන් එක අතට ගත් වසුන්දරා එහි උඩ පහල ගියාය. අවුරුදු සුබ පැතුම්, අවුරුදු සිංදු, වෙළෙඳ වාසි, ගවුම් මෝස්තර විතරක් නොව රස කැවිලි සාදන පහසු ක්‍රමවලින් ෆෝන් එක පිරිලාය. 

" අපිත් තෙල් තාච්චියක් ළිපේ තියන්නේ නැද්ද සුදු හාමිනේ ?"
    ජයන්තිගේ හඩින් හිස ඔසවා බැලූ වසුන්දරා මොහොතන් නිහඬව සිටියාය.

" අපි දෙන්නටම සීනි, ප්‍රෙෂර්, කොලෙස්ටරෝල්.
ඒත් මොනවා කරන්නද ?
කොකිස් ටිකක්වත් හදමු."

" අද දහ තුන. හෙට දාහතර. හෙට තමයි අවුරුදු.
එහෙනම් දවල්ට උයලා ඉවරවුණු ගමන් මම හාල් ටිකක් දියේ දාන්නම්. රෑට කොකිස් බදිනවා."
ජයන්තිගේ මුහුණේ සතුටු හිනාවකි.
 
" මම බ්ලෙන්ඩර් එකේ පිටි ටික කොටලා දෙන්නම්. ජයන්ති මෝල් ගස් උස්සගෙන දඟලන්න ඕනෑ නැහැ. "
         
          දහවල් කෑමෙන් පස්සේ ලසන්ත සූදානම් වූයේ වේලාසන ගෙදර යාමටය.

" මං නැතිව මැඩම්ලට දවස් තුන හතරක් ඉන්න වෙනවා. අපේ එක්කෙනාගේ ගමේ ගිහින් එන්නත් හිතාගෙන ඉන්නවා."
    ලසන්ත කීවේ වසුන්දරාට වඳින ගමන්ය.
     හාල්, පොල්, සිල්ලර තුනපහ පමණක් නොව සැලකිය යුතු මුදලකුත් වසුන්දරා ලසන්ත අත තැබීය.

" කමක් නෑ ලසන්ත. අපි දෙන්නා මේ වැඩ ටික බලාගන්නම්.
අනිත් එක මට විශේෂ ගමනකට තියෙන්නේ පන්සලට යන එක  විතරයි. පන්සලට නම් මටයි ජයන්තිටයි පයින් ගිහින් එන්න පුළුවන්.
මොකෝ මගේ අයියලගේ ගෙවල්වල යන්න කියලයැ. "
            ලසන්තත් නික්ම ගිය පසුව නිවසේ රජයන්නට වූයේ වෙනදා නොදැනුණු පාළුවකි. බාහිර පරිසරය නැවුම් බවකින් කුළුගැන්වී තිබුණත් වසුන්දරාට දැනුණේ තමන් දෙදෙනා පමණක් හුදෙකලා දූපතක තනිවී ඇති බවකුයි. තැනින් තැන රතිඤ්ඤා පිපිරෙන සද්දය, සුළඟට මුසුවී එන කැවිලි සුවඳ, ඈත ලවුඩ්ස්පිකරයකින් ඇසෙන අවුරුදු ගීතය පමණක් නොව සති කීපයක සිට වසුන්දරාලාගේ වත්තේ නැවතී සැරින් සැරේ අවුරුදු මතක් කරන කොහාගේ සද්දයද අයිති වන්නේ ඒ දූපතෙන් එහා ලෝකයටය.
           වසුන්දරා ඇඳේ ඇලවූණේ මහන්සියට නොව පාළුවටය. රමණිලාගේ ගෙවල් පැත්තෙන් ඇහෙන්නේ කැට පෙරළන හඬකි. රමණීගේ දරු මුණුබුරන් කැට ගසනවා වෙන්නට ඇත. 
ඒ අතරින් බිලිඳකු කෑ මොර දෙන හඬක්ද විටින් විට වසුන්දරාට ඇසේ. 

" අර චූටි ගෙයි ඔය තරම් රොත්තක් රිංගගෙන ඉන්නකොට පොඩි එකාට රස්නේ ඇති. "
         ඒත් ඒ බිලිඳු හඬින් තමන්ගේ හදවතේ සියුම්ම තැනක් පහුරු ගානවා වගේ දැනුනෙන් , වසුන්දරා කෙලින් වී ඇඳ විට්ටමට කොට්ටය තබා එයට හේත්තු වූවාය.
              වසුන්දරා, පුතුන් තිදෙනෙකුට පසුව සිරිමාන්න පවුලට ලැබුණු එකම දියණියයි. විදුහල්පති වරයෙකු වූ සිරිමාන්න මහතාත් ගුරුවරියක වූ තිලකලතා ඉස්කෝලේ හාමිනේත් ඇහැක් වගේ වසුන්දරා බලාගත්තේ තම පවුලේ ගෞරවය වාගේම බැබලීමත් වසුන්දරා ලෙස සලකමින්ය. අයියලා තුන්දෙනා කොළඹ ඉස්කෝලවල නේවාසිකව ඉගෙනගත්තත් වසුන්දරා ආසන්න නගරයේ බාලිකාවට ගියේ තිලකලතා ඉස්කෝලේ හාමිනේ එහිම ගුරුවරියක වූ නිසාය. ගෙදර වාහනයෙන්ම යන එන වසුන්දරා ගමේ අය සමග වැඩි ඇසුරට නොවැටුණේ ඇගේ ආඩම්බරයක් නිසා නොව ඒ සඳහා ඇයට අවස්ථාවක් නොලැබුණු නිසාය.
              පාසලේදී ඇසුරට කොතෙකුත් මිතුරියන් හිටියත් කුඩා වසුන්දරා ගෙදර ආවේ අල්ලපු වත්තේ රමණී සමග සෙල්ලම් කිරීමට බලාගෙනය. රමණීද වසුන්දරාගේ පෙළේමය. වසුන්දරාලාගේ වත්තක කිරි කැපූ රමණීගේ මවුපියන්ට දරුවකුට හිටියේ රමණී පමණි. රමණී ගියේ ගමේ ඉස්කෝලෙටය. 
             සාමාන්‍ය පෙළ ලියා ගෙදර නැවතුණු රමණී රෙදි වියන තැනක වැඩට යද්දී උසස් පෙළ හොඳින් සමත්වූ වසුන්දරා විශ්වවිද්‍යාලයට ඇතුළු වූවාය. වැඩට යද්දී හඳුනාගත් කපිල සමග රමණී පැන ගිය බවත් දරුවකු ලැබීමට ඉන්නා නිසා නැවතත් කපිල සමගම නිවසට පැමිණ සිටිනා බවත් ආරංචි වූයේ වසුන්දරා පේරාදෙණියේ සිට නිවාඩුවකට පැමිණ සිටි වෙලාවකය.
            වසුන්දරා රමණී බලන්නට ගියේ අම්මා එපා කියද්දීය. වැහැරණු ශරීරයත්, නෙරා ආ කුසත් දරාගෙන රමණී පොල්කිච්චියක මෙන් සිනාසුණා වසුන්දරාට මතකය. පේරාදෙණියෙන් හෝ වසුන්දරාට පෙම්වතෙක් සොයාගැනීමට බැරි වුයේ මන්තරයක් ජප කරනා ලෙස අම්මා මැතිරූ උපදෙස් මාලාව නිසාය.

" ඕවයේ නෑ අපිට ගැළපෙන අය.
මුලින්ම බලන්න ඕනෑ පෙළපත.
ඊළඟට යමක් කමක් තියෙනවද කියන එක.
බොන කන අය නම් අපිට හරියන්නේ නැහැ. "
              අවසානයේ වසුන්දරා පේරාදෙණියේ සිට ආවේද ගියා වාගේම තනිකඩවය. තාත්තාගේ මැදිහත් වීම නිසා පත්වීම ලැබුණේද නිවසේ සිටම යන දුරක තිබූ ඉස්කෝලෙකටය.
          කපුවන්ගේ යාම් ඊම්, හෙප්පු ඇල්ලිලි, කැම මේස ඇරිලි, අතරම කාලය ගෙවී ගියේ කාටත් හොරාය. වසුන්දරාගේ කේන්දරයේ සෙනසුරු හිටියේ ඉන්නට ඕනෑ තැන නොව සෙනසුරුට ඕනෑ තැනය. කුජ හතේ පදිංචි විය. එන එන කේන්දර ප්‍රතික්ෂේප විය. හරියන කේන්දරවල අයිතිකාරයෝ වසුන්දරාට හරි ගියේ නැත. ඔය අතර රමණීගේ පවුල දරුවන් හය දෙනෙක් දක්වාම පුළුල් විය.

" අයියලගේ යුතුකම තමයි තමන්ට කලින් නංගිව බන්දලා දෙන එක. "
         වසුන්දරාට අවුරුදු විස්සේදී තාත්තා කිව්වේ එහෙමය. ඒත් මුලින්ම පෝලිමෙන් පිට පැන්නේ දෙවෙනි අයියාය. වසුන්දරාට තිහ වෙනකොට අයියලා තුන්දෙනාම විවාහකය. වසුන්දරාට හතළිහ වෙනකොට අයියලා රට හැරගොස්ද අවසන්ය. ඉන් පසු එළැඹියේ අම්මාත්, තාත්තාත් මාරුවෙන් මාරුවට ලෙඩ වෙන කාල පරිච්ඡේදයය. ඒ වන විට වසුන්දරා තවමත් ගෙදර බව අයියලාට මෙන්ම අම්මලාටත් අමතකවී ගොස්ය. ආම්මාගෙත් තාත්තාගේත් ලෙඩ ඇඳන් ළඟ හිඳ සත්කාර කරද්දී වසුන්දරාට හිතුණේ හිතා මතාම තමන් ගෙදර රඳවාගත් බවක්ය.
               වසුන්දරාට පනහා වෙද්දී අම්මත්, තාත්තත් පරලොව ගියේ මහා ගේ පත්තන්දරයක්, දේපළ නඩු අටෝරාශියක් වගේම ජයන්තීද වසුන්දරා පිට පවරාය. දේපළ නඩු බේරුමක් කර අයියලාගේ කොටස් වෙන්කර පිළිවලක් වන විට වසුන්දරාට විශ්‍රාම යන කාලය හරිය. මෙනවියක් ලෙස ගුරු සේවයට එක් වූ වසුන්දරා මෙනවියක් ලෙසම අවුරුදු හැටේදී විශ්‍රාම ගියාය. වසුන්දරාට උරුමවූ ගොඩ මඩ ඉඩකඩම්වල වැඩට කිහිපදෙනෙකු හිටියත් රබර් කට්ටිය බලාහදා ගන්නේ රමණීත්, කපිලත්ය. තවමත් රමණීත් වසුන්දරාත් අතර කුඩා කල ඇල්ම ඒවාගේම පැවතියත් එය පෙන්වීමට දෙදෙනාම ඉක්මන් වන්නේ නැත.
          දෙදෙනාම එක්වී කොකිස් ටික බැදගන්නා විට රෑ දහයද පසුවෙලාය. කොකිස් බදිද්දී හැමූ තෙල් සුවඳ ගේ පුරා විහිදුනේ එතෙක් අරක්ගෙන තිබූ පාළුව අඳුර එක සැණින් පලවාහරින්නට මෙන්ය. ළිප ගිනි මෙලවීමේ නැකත තිබුණේ පසුදා උදෑසන දහයයි හතළිස්පහටය. අනුභවය තිබුණේ දොළහයි දහයටය. උදෙන්ම ජයන්තී සමග පන්සල් ගිහින් ආ වසුන්දරා ජයන්තී ආහාර පිසින තුරු රූපවාහිනියේ රට වටා අවුරුදු සිරි නැරඹුවාය. නැකතට ගම පුරාම රතිඤ්ඤා පත්තුවූවත් රතිඤ්ඤා පත්තුනොවූයේ වසුන්දරාලාගේ නිවසේ පමණි. ඒ අඩුව පුරවන්නට මෙන් රමණිලාගේ නිවසින් ඉහළ නැගි අහස් කූරු දෙක තුනක් පුපුරා ගියේ වසුන්දරාලාගේ වහලය උඩය.
                දවල්ට කිරිබත් කෑ පසු වසුන්දරාට මෙන්ම ජයන්තිටද දැනුණේ අලස නිදිමත ගතියකි. ඇඳට ගොස් නිදාගන්නට හිතුණත් මේ අවුරුදු දවසේ අවේලාවේ නින්ද හොඳ නැතැයි සිතූ වසුන්දරා තමන්ගේ සුපුරුදු හාන්සි පුටුවේ දිග ඇදුණාය. ජයන්තිත් පැමිණ ඉස්තෝප්පුවේ පඩිය උඩ වාඩිවූයේ බණ පොතක් කියවන්නටය. ඇහැ පියවීගෙන එද්දීම වසුන්දරාට ඇහැරුණේ ගේට්ටුවේ කොක්ක පන්නන සද්දයටය. වසුන්දරා කෙලින් වී පුටුවේ වාඩිවුයේ පැමිණෙන්නේ කවුදැයි බැලීමටය.
            ආවේ රමණිය. රමණී අතේ සුදු රෙද්දකින් වැසූ කැවිලි පිඟානකි. ඒ පස්සෙන් පොඩි කොලු, කෙලි පෙරහැරකි. රැගෙන ආ කැවිලි පිඟාන ජයන්තී අතට දුන් රමණී පඩිය උඩින්ම වාඩිවූවාය.

" රමණිට අවුරුදු ජය වගෙයි ."

" අනේ මොන ජයක්ද සුදු හාමිනේ.
මෙන්න මේ ළමයි ටික ගෙදර ඇවිත් ඉන්නවා."
           උඩු ඇන්දේ ඉස්සරහම දතක අඩුව පෙන්වමින් රමණී සිනාසුනාය. 

" තෑගි එහෙමත් ලැබෙන්න ඇතිනේ."

" අපෝ ඔව්.
මටයි, ළමයින්ගේ තාත්තටයි උන්ට පුළුවන් හැටියට තෑගි බෝග අරගෙන ආවා. ඒවයින් නම් අඩුවක් නැහැ. දෙයියනේ කියලා උන් කාටත් දැන් හොඳයි. "
     රමණී නැවතත් සිනාසුණාය.
         ඒ අතර මිදුලේ පොල්කිච්චන් මල්ල පොළොවේ ගැසුවාක් මෙන් සද්දයකි. රමණී සමග පැමිණි කොලු කෙලි රැළ අඹ ගස් දිගේ බඩගායි. මිදුලේ කොටු පනී. දෙන්නෙක් ගේට්ටු පලුවක නැග එය එහාට මෙහාට පද්දයි. මෙතෙක් එන්නට අමතකව තිබූ අවුරුදු වසුන්දරාලාගේ වත්තට ඇවිත් ඇත්තේ දැන්ය.

" ජයන්තී, මේ දරුවන්ටත් එක්ක තේ ටිකක් වක්කරන්න.
අපි හදපු කොකිසුත් ගේන්න.

කනුවකට අත ගසා පඩිය උඩින් නැගිටගත් ජයන්තී ගෙතුලට ගියේ හිනා කටක් පුරවාගෙනය.

 https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AF-%E0%B6%87%E0%B7%80%E0%B6%AD/299-690688


Nissanka Rajapaksa

unread,
Apr 10, 2026, 9:42:44 PM (4 days ago) Apr 10
to INDRAKA group
34

සංසාර ප්‍රේමී

" සඳුන් අද පරක්කුයි"

ඔරලෝසුව දිහා බැලුනේ පුරුද්දට වගේ. ඒකේ වෙලාව දහයයි කාලයි. පෙරෙයිදා උදේ දහයයි කාලට ඩියුටි ඕෆ් වෙච්ච ඔරලෝසු කටු තවමත් එතනමයි.

" එනකොට බැට්රි කෑලි දෙකක් ගේන්න "
              උදේ යද්දී ත් එයාට ඒක ඇහුනේ නැහැ. ඔරලෝසුව නැවතුණු බවක් වත් සඳුන් දන්නේ නැහැ. එයා වෙලාව බලන්නේ එලාම් එක තියන්නේ ෆෝන් එකෙන්. ගෙදර ඉන්න වෙලාවට ඔරලෝසු දිහා බල බල ඉන්න තරම් විවේකයක් සඳුන්ට නැහැ.

ගේට්ටුවේ කොක්ක පැන්නෙන සද්දේ ඇහුණා.

" සඳුන් වෙන්න ඇති"
           මම දිව්වා දොර අරින්න. එතකොටම එයා ළඟ තියෙන යතුරෙන් දොර ඇරගෙන සඳුන් ගෙට ආවා. ගෙයි ලයිට් දාලා කකුල් දෙකත් දික්කරගෙන සෙටියේ ඇලවුණා.

" පව්, හරිම මහන්සි පාටයි.
මූණත් එක්ක කළු වෙලා
මොකක්හරි ප්‍රශ්නයක්ද?
ඇයි රෑ වුණේ?
කෝච්චිය මිස් වුණා ද?
          මම ප්‍රශ්ණ වැලක් ඇහුවා. සඳුන් ඇස් පියාගෙන හිටියා.එයාගේ හිත තිබුණේ ගොඩක් ඈත. මට ඒක ඉවෙන් වගේ දැනුණා.

" දුවව එක්කගෙන එන්න යන්නේ නැද්ද?"
         වෙනදා ලයිට් දාපු ගමන්ම  අල්ලපු වැටේ තියෙන අම්මලගේ ගෙදරට ගිහින් දුවව එක්කගෙන එනවා. අද ඒකේ වගක් නැහැ.

" ගිහිං වොෂ් එකක් දාගන්න "
        කෙස් අතරින් ඇඟිලි යවමින් ඔළුව අතගාන ගමන් මම හෙමින් කිව්වා. එයා බිත්තිය පැත්තට හැරුණා.

දුවවත් එක්ක අම්මා ගෙට ගොඩවුණේ ඒ වෙලාවෙයි.

" ඇයි පුතේ අසනීපයක් ද? ඇඳුම් පිටින්ම ඇලවුණේ. ලයිට් දාලා තියෙනවා දැකලයි අපි ආවේ.
වොෂ් එකක් දාගන්න. මම තේකක් හදන්නම්."

" අම්මේ"
ඇලවෙලා හිටපු සඳුන් කෙලින් වෙලා වාඩිවුණා. යන ගමන නවත්වලා අම්මා,

" ඇයි පුතේ " කියලා ඇහුවා.
මම සඳුන් ළඟින් ඉඳගත්තා.

" මට ප්‍රමෝශන් එකක් ලැබිලා"

" කොච්චර හොඳද?"
            අම්මත් ඉස්සරහ පුටුවෙන් වාඩිවුණා.

" ඒ එක්කම මාරුවකුත් ලැබිලා "

" කොහාටද"

" සිංගප්පූරුවේ තියෙන බ්‍රාන්ච් එකට."
            අම්මගේ මූණ එළිය වුණා. මගේ හිත අඳුරු වුණා. දුව පුදුමයෙන් තාත්තගෙයි ආච්චිගෙයි මූණු මාරුවෙන් මාරුවට බැලුවා.

" කොච්චර කාලෙකටද?"

" අවුරුදු දෙකකට 

ඕන නම් තවත් දික්කරගන්න පුළුවන්.නවතින්න එපාට්මන්ට් එකකුත් ලෑස්ති කරලයි තියෙන්නේ. ෆැමිලි එකටම යන්න පුළුවන් කියලයි ලෙටර් එකේ තියෙන්නේ.

" දුවගේ ප්‍රශ්ණෙට මොකද කරන්නේ?" සඳුන් ඇහුවේ මමත් අහන්න හදපු ප්‍රශ්ණයමයි.

" ඉස්කෝලේ ගමන නැත්නම් දුවව ගෙනියන්න තිබුණා. මේ තරම් හොඳ ඉස්කෝලෙකින් දුවව අස්කරගන්න එක අපරාදයක් කියලත් හිතෙනවා. වැඩට ගියහම දුවව බලාගන්න  කෙනෙකුත් එහෙ නැහැ.ඒත් මම නැතිව දුව මෙහෙ ඉඳීද දන්නේ නැහැ."
සඳුන් දිග හුස්මක් හෙළුවා.
මට කතාකරන්න වචන අමතක වුණා.

" පුතා හිත නිදහසේ යන්න. මම දුවව මගේ ඇස් දෙක වගේ බලාගන්නම්. කොහොමත් ටික කලකට හරි පුතා මේ පරිසරයෙන් ඈත්වෙලා ඉන්න එක හොඳයි කියලා මටත් හිතෙනවා."
         අම්මා කිව්වා.
දුව ඇවිත් අපි දෙන්නා අතරින් වාඩිවෙලා සඳුන්ගේ ඇඟට හේත්තු වුණා.
              අම්මා හවස ඇවිත් රෑට උයලා තියලා ගිහින් තිබුණා. සඳුන්ටයි දුවටයි උදේට ගෙනියන්න කෑම අම්මා මහ ගෙදරින්ම හදාගෙන එනවා. සඳුන් කරන්නේ තේකක් හදාගෙන දුවට කිරි එකක් හදලා දෙන එක විතරයි.

" පව් අම්මා. මේ වයසට මොනතරම් මහන්සි වෙනවද?" 
     මම අම්මා තේ හදන දිහාව කුස්සියේ පුටුවකට වෙලා බලාගෙන හිටියා. වොෂ් එකක් දාගෙන ආපු සඳුන් තේ එක බීලා දුවගේ ස්කූල් බෑග් එක ඇදගෙන පොත් ටික බැලුවා. හෝම් වර්ක් ඔක්කොම හවස අම්මා කරවලා තිබුණා. දුවගේ සපත්තු පොලිෂ් කරපු සඳුන් එයාගේ සපත්තු දෙකක් පොලිෂ් කරගත්තා. දුවගෙයි එයාගෙයි උදේට අඳින ඇඳුම් ටිකත් මැදලා තිබ්බා.

" ඉස්සර නම් ඔය වැඩ ඔක්කොම මම තනියම කරගත්තා. වැඩටත් ගියා "
       මට ටිකක් හයියෙන් කියවුණා . ඒක ඇහිලා වගේ සඳුන් පස්ස හැරිලා බැලුවා.
               දුවත් එක්ක ඇඳට ගිය සඳුන් දුවට නින්ද යනකම් " ලේඩි බර්ඩ් " පොතකින් කතාවක් කියලා දුන්නා. මම දුවට එහා පැත්තෙන් ඇඳ විට්ටමට හේත්තු වෙලා හිටියා. දුවගේ සුවඳ දැනෙනකොට හිත වාවන්නේ නැහැ. දුවට නින්ද යන්න ඉස්සර සඳුන්ට නින්ද ගියා.

" පවු , දවසෙම මහන්සි වෙලා ගෙදර ඇවිල්ලත් විවේකයක් නැහැ."
දන්නෙම නැතුව මටත් නින්ද ගියා.
        උඩ වීසිවෙලා ඇහැරුනේ එලාම් එකේ සද්දෙට. සඳුන්ට නම් ඇහුණු වගක් පේන්න තිබුණේ නැහැ. දෙවෙනි පාරටත් එලාම් එක වදිනකොට මම සඳුන්ව හයියෙන් හෙලෙව්වා .

" නැගිටින්න

නැගිටින්න "
සඳුන් නින්දෙන්ම අනිත් පැත්තට හැරුණා.
          සඳුන්ට ඇහැරුණේ තුන්වෙනි පාරට එලාම් එක වදිනකොටයි. එතකොට විනාඩි විස්සක් විතර ප්‍රමාදයි.
                සඳුන්ට තවම දුවගේ කොණ්ඩේ ගොතාගන්න බැහැ. මම දුවගේ කොණ්ඩය කපන්න හදනකොට සඳුන් තමයි විරුද්ධ වුණේ.

" ඔහොම තිබුණාවේ
චූටි කෙල්ලන්ට කොණ්ඩේ දිගට ලස්සනයි."
            සඳුන් කිව්වා.

කෑම පෙට්ටි දෙකත් අරගෙන ආපු අම්මා දුවගේ කොණ්ඩය ගෙතුවා . හත වෙනකොට සුරංගගේ ත්‍රී වීලරය ගේට්ටුව ළඟට ආවා. දුවව ඉස්කෝලෙට දාගෙන සඳුන් යයි ස්ටේෂන් එකට. ඇක්සිඩන්ට් එකේදි කාර් එක කුඩු පට්ටම් වුණාට පස්සේ සඳුන් වාහනයක් ගත්තේ නැහැ.එයානම් කියන්නේ මීට පස්සේ කවදාවත් වාහන එලවන්නේ නැහැ කියලයි.
                 සඳුනුයි , දුවයි පිටවෙලා ගියාට පස්සේ ගේ ඇතුලේ පුදුම නිශ්ශබ්දතාවයක්  තියෙන්නේ. දරාගන්න හරි අමාරුයි. ගේත් අස්කරලා , අතුගාලා රෙදි ටිකත් හෝදලා දාලා අම්මත් ගෙදර ගියා. දිනිති අක්කා ඉන්න නිසා අම්මට ඒ ගෙදර වැඩ නැහැ.

" උමංගා ඉන්න කාලේ කවදාවත්ම මට කරදරයක් දීලා නැහැ ."
     දවසක් අම්මා සඳුන් එක්ක කිව්වේ කඳුළු පිහදාන ගමන්.
               දවල් දහය එකොළහ වෙනකොට මට හිතුනා සඳුන්ගේ ඔෆීස් එක පැත්තේ ගිහින් එන්න. ඇක්සිඩන්ට් එකෙන් පස්සේ  මාසයක් විතර ගෙදර ඉඳලා ඔෆීස් යන්න පටන්ගත්ත දවස්වල තනියම අරින්න බය නිසා මමත් එයා එක්කම ගියා. එයා ඕෆ් වෙනකම් නිදි කිර කිර පැත්තක වාඩිවෙලා හිටියා. ඒත් දැන් මම ඒ පැත්තේ යන්න කම්මැලී . කෝච්චි වල, බස් වල තෙරපි තෙරපි යනකොට මට කැරකිල්ල වගේ. දාඩිය ගඳයි වාහන කරච්චලයයි ඉවසන්න බැහැ.
           සමහර දවස්වලට දුවගේ ඉස්කෝලේ ඇරෙන වෙලාවට ගිහින් ස්කූල් වෑන් එකේ එයත් එක්කම එනවා. @@පුංචි දරුවෝ රංචුවක් එක්ක එනකොට ඒ දවස්වල මම තුනේ හතරේ පංති වල වැඩ කළ හැටි මතක්වෙනවා.

"  පුංචි එවුන්ට තවම මාව මතක ඇති."

දුව ගෙදර එනකොට මම ටිකක් නින්ද ගිහිල්ලා. නාවලා ඇඳුම් මාරුකරලා අම්මා දුවව එහෙ එක්කගෙන ගියා.දැන් ඉතින් සඳුන් එනකම්ම මට කරන්න වැඩක් නැහැ.පංසල පැත්තේ ගිහින් එන්න හිතුවේ ඒකයි. පංසලට අඩිය තියනකොටම මාව නිවෙනවා. හිතේ කලබල ගතිය නැතිවෙලා යනවා. සංසාරේ ඇවිද්දා ඇතී කියලා හිතෙනවා. සඳුනුයි මායි හමුවුණු මුල්ම භවයත් අවසන් භවයත් මේක නෙවෙයි කියලා දැන් මම දන්නවා. ඒත් දැන් මේ ආ දුර හොඳටම ඇති. අපි දෙන්නම හෙම්බත් වෙලා. ඒත් නිවන කියන්නේ ලේසියෙන් ලඟාකරගන්න බැරි සැනසීමක් කියලත් මට තේරෙනවා.
           බෝ මළුවේ කොනක වාඩිවෙලා දන්න ගාථා ඔක්කොම කියලා වැන්දා. බෝධි පූජා කවිත් කට පාඩමින් කිව්වා. පොඩ්ඩක් භාවනා කරන්න හැදුවම දාහක් දේවල් මතකයට එනවා.
               
" පුතාට යන්න තියෙන්නේ කොයි දවස්වල වගේද?"
හවස අම්මා සඳුන්ගෙන් ඇහුවා.

" ලබන මාසේ පළවෙනිදා ඉඳලයි වැඩ බාරගන්න තියෙන්නේ. ඒත් අවුරුද්දේ දානේ දීලම යන්න පහළොස්වෙනිදා වෙනකම් දින ඉල්ලගත්තා."

"අපි පිරිතක්ම කියමු නේද අම්මේ! "
      ටිකක් වෙලා නිහඬව ඉඳපු සඳුන් කිව්වා.

" මාත් කියන්නමයි හිටියේ" මම කිව්වා.

" පුතා කැමති විදියකට කරමු "

" අපේ ටීචර් තාත්තව මතක්කරන්න කිව්වා "
     දුව එහෙම කිව්වේ නිදාගන්න ගිහින් ඇඳේ පෙරලි පෙරලි ඉන්න ගමනුයි.

" දැන් ටීචර්ට සනීපද?"
           සඳුන්ට මොටද ඒවා. මගේ හිත කිව්වා.

" ඔව් , ඒත් ඇවිදින්නේ අමාරුවෙන් ."
දුව ඇඳෙන් බැහැලා ඇවිදලා පෙන්නුවා.

" පවු"
සඳුන්ට කියවුණා.
මගේ හිත ඇවිලුණා.

ඇක්සිඩන්ට් එකෙන් පස්සේ සති ගානක් යනකම් සඳුන් හිටියේ කම්පනයෙන්. එදා ඒ ගමන යනකොට දුවව ගෙදර දාලා ගියේ අම්මගේ වදේට.

" රෑ පානේ දුර මළගෙවල් වල යන්න නරකයි "
      අම්මා කීප වතාවක්ම කිවුවා. මගේ බලකිරීමටයි සඳුන් යන්න ලෑස්ති වුණේ. දිලූපගේ මහත්තයා මැරිලා තිබුණේ හාට් ඇටෑක් එකකින්. ඒක නොගිහින්ම බැරි මරණයක්. දිලූපා මගේ හොඳම යාළුවා .
       කුරුණෑගලින් ආපහු එන්න පිටත්වෙනකොටත් දොළහට කිට්ටුයි. සතියම වැඩට ගිහිල්ලා සිකුරාදා වෙනකොට සඳුන් හිටියෙත් මහන්සියෙන් . හයි වේ එකේදි මටත් නින්ද ගියා. සඳුන්ටත් නින්ද යන්න ඇති.කාර් එක දැක්ක මිනිස්සු කිව්වේ,

" පුදුමයි මේකේ පණපිටින් මිනිහෙක් හිටපු එක"
         සඳුන්ට තිබුණේ සීරීම් තුවාල විතරයි. ඇත්තටම ඒක පුදුම බේරිල්ලක්.
          දුවට ඇඳේ හරහට නින්ද ගිහින් තිබුණා. මමත් අයිනකින් ඇලවුණා. බෙඩ් සයිඩ් කබඩ් එක උඩ තිබුණු අපි දෙන්නගේ මගුල් පිංතූරය අතට ගත්ත සඳුන් ගොඩක් වෙලා ඒ දිහා බලාගෙන හිටියා. ලයිට් එක නිව්වට පස්සෙත් සඳුන් හිටියේ ඇහැරගෙන. එයා හිතන්නේ මොනවද කියලා මට නොතේරුනත් ඒ හිතන්නේ අපි ගැන කියලා දැනුනා.
       යාළුවෝ අපි දෙන්නට කිව්වේ 
" සකඳ මලයි බබළු වැලයි කියලා"
  ඒක මොන තරම් ලස්සන උපමාවක්ද? බැන්දට පස්සෙත් අපි දෙන්නා නිතරම හිටියේ එකට. ඒක සසර පුරුද්දක් කියලා දන්නේ මම විතරයි.
            මමත් උදේ සඳුනුයි දුවයි එක්කම පිටවුණා. මට හිතුනා දුවගේ ටීචර්ව බලලා එන්න. සඳුන් ගියේ එයාගේ සිංගප්පූරු ගමන ගැන කියන්න. ඈතදිම සඳුන් එනවා දැකලා ටීචර්  මූණේ මල් පිපුනා. ඒත් ගමන ගැන අහලා මල් පරවුණා.

" හොඳ වැඩේ. තවම යන්නේ කොර ගගහා. ඒත් මට්ටු වෙලා නැහැ." 
              මට කියවුණා.

ඒ සිද්දියෙන්  පස්සේ දුව හිටියේ ගොළු වෙලා වගේ . ඒ නිසා ටීචව හම්බවෙන්න සඳුන්ට නිතර නිතර යන්න සිද්ධ වුණා. සති කීපයක් යනකොට දුව සාමාන්‍ය තත්වයට ආවා. ටීචගේ අවධානය සඳුන් පැත්තට හැරුණා. සුළු දෙයටත් සඳුන්ව ගෙන්නවගත්තා. වයස පහුවෙමින් තිබුණත් ටීච බැඳලා හිටියෙත් නැහැ. දවසක් උදේ සඳුන් ඇවිත් යනවත් එක්කම කෙසෙල් ලෙල්ලක් පෑගිලා ටීචර් කකුල කඩාගත්තා. කවුරුවත් දන්නෑ එතෙන්ට කෙසෙල් ලෙල්ලක් ආව විදිය.
          ගෙදර හරි කලබලයි. පිරිත නිසා වගේම සඳුන්ගේ ගමන නිසත් නෑදෑයෝ, යාළුවෝ යනවා එනවා. ඒ අතරේ මං ගැනත් කතා වෙනවා . මමවත් නොදැන හිටපු මගේ ගුණ දොස් ගැන මම අහගෙන ඉන්නවා. සඳුන්ට හරිම වෙහෙස පාටයි . ඔක්කොම බර එයාගේ කර උඩ. මමත් මට කරන්න පුළුවන් දෙයක් තියනවද කියලා හොයලා බැලුවා.
           මගේ අම්මයි තාත්තයි ආවේ පිරිත දවසේ උදේ. ඒ දෙන්නා අවුරුද්දක කාල පරාසයකදී අවුරුදු දහයකින් වයසට ගිහින්. අම්මා , ඩයි කිරිල්ලත් අත ඇරලා දාලා. කොණ්ඩේ පුලුන් කුල්ල වගේ . මම ඒ දෙන්නත් එක්කම හිටියා. ඒගොල්ලන්ගේ සුවඳ දැනෙනකොට කඳුළු එනවා. මම පුංචි සීරීමක් වත් කරගත්තොත්  තාත්තා කොයි තරම් කලබල වුණාද.
           පිරිත් පටන්ගන්න කලින් අනුශාසනාවෙදි හාමුදුරුවෝ සඳුන්ට කිව්වේ හිත හදාගන්න . ජීවිතයට මුහුණ දෙන්න කියන එකයි.

හාමුදුරුවන්ට වඳිනකොට සඳුන්ට ඇඬුණා.

" අනේ හාමුදුරුවනේ , මං හරිම පවුකාරයෙක්. උමංගට මේ අපරාධය සිද්ධ කළේ මං"
 මගේ පපුව පැලෙන්න ආවා.

" මහත්තයා, ඒක මහත්තයගේ වරද නෙවෙයි. ඕනම කෙනෙකුට වාහනයක් එලවද්දී නින්ද යන්න ඉඩ තියෙනවා. අධික වෙහෙසත් ඒකට එක හේතුවක්. ඒ වුණත් උමංගා නෝනගේ කර්මයත් ඒකට බලපාලා තියෙනවා"
       හාමුදුරුවෝ සඳුන්ගේ හිත හැදුවා. මම එළිවෙනකම්ම මණ්ඩපය ඉස්සරහ වාඩිවෙලා පිරිත් ඇහුවා. ගිනි ගොඩකට වතුර වක්කරනවා වගේ මගේ හිත නිවිලා යනවා මට දැනුනා.

දවල් දානය වෙලාවේ 
" ඉච්චිතං පච්චිතං තුයියං
කිප්ප මේව සමිජ්ජතූ"
           හාමුදුරුවරු තාලයට ගායනා කරද්දී

" ඉදම්මේ ඤාතීනං හෝතූ"
 කියලා සඳුනුයි දුවයි පැන් වැඩුවා.
           මගේ හිතේ බැඳීම් එකින් එක ලිහි ලිහී යනවග  තේරුණා. මට දැනුනේ අසීමිත සැනසුමක්. හාමුදුරුවරු ආපහු වඩිද්දීම ඉස්සරහ දොරෙන් පිටවුණු මම පාර දිගේම පංසල දිහාට ඇවිදගෙන ගියා.

https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%83%E0%B7%83%E0%B6%BB-%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8/299-686622


Nihal Ananda

unread,
Apr 11, 2026, 10:17:12 AM (4 days ago) Apr 11
to ind...@googlegroups.com
On Sat, Apr 11, 2026 at 7:12 AM Nissanka Rajapaksa <nraja...@gmail.com> wrote:
34

සංසාර ප්‍රේමී.

....................................
අමුතු ආකෘතියකින් ලියල තියෙන කතාවක් .....
ඒ හින්දම අවසානය දක්වාම කුතුහලයකින් කියවන්න පුළුවන් .
අවසානයේදී වුනත් ,  කතාවේ කථකයා ගැන ගැටලුව ලිහා ගන්න අමාරුයි .  
ආපහු , දෙතුන් සැරයක් එහාට මෙහාට ගිහින් තමයි ලෙහා ගත්තේ .  
අන්තර්ගතයේ ,ඒ තරම්  depth එකක් නැති එක නම් ප්‍රශ්නයක් .  

මේ ශයිලියෙන්..... , මියගිය කෙනෙක් , ජිවිතයේ තමන්ට සමීප චරිත හැසිරෙන හැටි , තමන් ගැන කතා කරනහැටි  ගැන  බලා ඉන්න විදිය ........ ලියලා තියෙන සිංහල  කෙටි කතා  තියෙන්නේ,  එකයි  දෙකයි .
මට මතක තියෙන එක කතාවක් ලියලා තියෙන්නේ  " යසලාල් වන්නිආරච්චි "  නම් , එකම කෙටි කතා පොතක් ලියපු ,ප්‍රකාශ කරපු ලේඛකයෙක් ...... !! 
වන්නි ගේ   කෙටි කතාවේ නම  " පුණ්‍යා " ද ?  .... පොතේ නමත් ඒක ද   ? 
වන්නි ගේ කතාව මතක තියෙන්නේ ..... නිර්මාල් දේවසිරි ත්  වරක් දෙවරක් ,මේ කතාවේ ශයිලිය ගැන සඳහන් කර තිබෙන නිසයි .  

Nissanka Rajapaksa

unread,
Apr 11, 2026, 9:15:37 PM (3 days ago) Apr 11
to INDRAKA group
35

සරුංගල්

වෘක්ෂලතාවෝ නව දලු පිණිස පැරණි පත් හළන්නාක් මෙන් රාත්‍රිය නව හිරු පිණිස මලානික තරු නිවා දැම්මේ ය. ඒ අතරතුර හිරුගේ පැමිණීම ලොවට කියන්නාක් මෙන් පෙරදිග අහස ළා රන් පැහැ සිනිඳු සේලයකින් සැරසුණි. ජීවිත කාලය පුරා ම මල් වෙනුවෙන් කැපවු සමහරක් ගස් රැයක් පුරාවට විළිලා නව මල් පුබුදුවත්දී ඒ රෑ පුරාවට අඳුර හා සිනාසුණ සේපාලිකාදී පුෂ්පයෝ නටුවලින් ගිලිහී බිම සිපගන්නට වෙති. රාත්‍රියට, අඳුරට ශාප කළ කෘමීහු උදයේ පිපෙන මල් හා එක්ව සතුටු වෙති.

ස්වභාව ධර්මය අපූරු ය. කිසිවෙකුටවත් වළක්වාළිය නොහැකි ස්වභාවයේ පැවැත්ම තුළ කාලය ගෙවී යයි. ඒ අතරතුර හිරු සිය පළමු රැස් දහර විදාහළේ විය. විසල් තරු අතරින් පෙරී පැමිණි ළපටි හිරු රැස් ගජනායක වලව්වේ අවපැහැගත් පැරණි බිත්ති විසින් ගිලගත්තාක් මෙන් වලව්වත්, වලව්වත්තත් පුරා අඳුරු මූසල ස්වභාවයක් ම පළ කරන්නට විය.

වලව්වේ ළමාතැනී, වයසක ඩල්සි නෝනා උදැසන අවදි වුයේ පාළු වලව්ව සිසාරා නැගුණු පියානෝ වාදනය නිසාවෙනි. සිය ස්වාමීයා ඇඳෙහි අනෙක් පස නොවනු දුටු ඕ කිමෝනා ස්වරූපයේ දිගු ගවුම මනා ව සකස් කොට ගෙන ආලින්දයට පිවිසියා ය.

“සුභ උපන් දිනක් වේවා…

සුභ උපන් දිනක් වේවා…”

එඩ්වඩ් ගජනායක සිය බිරිඳ ව පුදුමයටත්, සතුටටත් පත් කරමින් පියානෝව වාදනය කරමින් ඉංග්‍රිසියෙන් ගායනා කළේ ය.

“එඩ්වඩ් ඔබට ස්තූතියි. ඇත්තට ම ඔබ ආදරණීය ස්වාමිපුරුෂයෙක්.”

මහලු ගැහැනිය ද මහලු ස්වාමියා ව වැළඳගෙන සිය සතුට ප්‍රකාශ කළා ය. ඇත්තෙන් ම මේ ජවනිකාව පැරණි ඉංග්‍රීසි වේදිකා නාට්‍යයක කොපියක් සිහිකරන්නාක් මෙන් විය.

“හැත්තෑ පහක්. ඒත් එදා වගේ ම යි.”


“බොරු කියන්නෙපා මම නාකිවෙලා.”

මහලු ගැහැනිය කීවේ තම අවංක අදහස නම් නො වේ. ඔවුහු මහ හඬින් සිනාසෙන්නට වූහ. වලව්වේ ඝනකම බිත්ති අතර සිරව ගිය ඒ හඬ කුස්සියේ සිටි එමලිනාටවත් ඇසුණා නො වේ.

“එඩ්වඩ් දැන් එයාල කථා කරාවි. ඔයා ෆෝන් එක ළඟ ම ඉන්න. ඔන්න එයාලා කථා කරපු ගමන් මට කථා කරන්න ඕන. මං යනව මට ගොඩක් වැඩ තියෙනවා අද.”

මැහැලිය ආලින්දයෙන් පිට වූවා ය.

“කේක් එක කපන්නේ කීයට ද?”

මහල්ලා කෑ ගසා ඇසුවේ ය.

“අටයි දහයට. එඩ්වඩ් ඔයාට හැමදාම ඕක මතක් කරන්න ඕන. මේ කිව්වෙ පනස් දෙවෙනි අවුරුද්දට.” යි මැහැල්ල ද උස් හඬින් පිළිතුරු දුන්නා ය.

මෙහෙකාරිය වූ එමලිනා විසිතුරු ලෙස සරසන ලද කේක් ගෙඩියක් හා ඉටිපන්දම් කිහිපයක් රැගෙන විත් සෝපාව සමඟ වූ කුඩා ස්ටූලය මත තබා නිහඬ ව ම පිටව ගියා ය. මහල්ලා ඒ ඉටිපන්දම් කේක් ගෙඩිය හා සම්බන්ධ කොට ආලින්දය කෙළවර මේසයක් මත රෙදි බෝනික්කන්ට අලුත් ඇඳුම් අන්දවන බිරිඳ දෙස බැලුවේ ය.

“එඩ්වඩ් එන්න ෆෝන් එකේ සද්දෙ මෙතනට ඇහෙනවනෙ.”

මහල්ලා ඊට අවනතව මැහැලිය වෙත සෙමින් ඇවිද ගියේ ය.

“මේ ටෙනිසන්ගෙ අලුත් ඇඳුම. එයා කොහොමටත් ළා නිල් පාටට කැමති යි.”

අඩි දෙකක් පමණ උසැති පිරිසේ ලොකු පිරිමි බෝනික්කා දෙමහල්ලන්ට සිය ලොකු පුතු සිහිකරමින් ආලින්දයේ සෝපාව මත හැමදාම හිඳින්නෙකි. තවත් බෝනික්කෝ තිදෙනෙක් වෙති. එකක් පිරිමි එකකි. දෙකක් ගැහැනු බෝනික්කෝ වෙති. ඒ සියල්ල සිය දරුවන් වෙනුවට ය.

“අයෝමගෙ කොණ්ඩෙ ටිකක් අවුල් වෙලා නේ ද?”

“කෝ මං හැමදාම පීරනවා. ඒ උනාට හිටින්නෙම නැහැනෙ.”

උදෑසන අටවෙත්දී උපන් දින සාදයට සියල්ල සූදානම් ව පැවතිණි. මහලු ඩල්සි නෝනා තුළ කනස්සල්ලක් ව පැවතුණේ එතෙක් එකදු දරුවෙකු හෝ දුරකථන ඇමතුමක් නොදීම සම්බන්ධයෙන් පමණි.
ඉස්මෝක් කොට රිදී පැහැ නූලකින් හැඩ දැමු සුදු පැහැ උපන්දින ඇඳුමින් සැරසුණ මැහැල්ල මුතු පටක් ද සිය රැලි වැටුණු ගෙල වටා බැඳගෙන ආලින්දයට පිවිසියා ය. ඒ වන විට කෑම වර්ග කිහිපයක් ද එමලිනා විසින් කුඩා ස්ටූලය මත තබා තිබුණි.

සුපුරුදු පරිදි දිගු සෝපාව මත බෝනික්කන් හතර දෙනා පිළිවෙළට තබා තිබුණි. ඔවුනට ඉදිරියෙන් මහලු යුවළ අනෙක් කුඩා සෝපා කොටස් දෙකේ හිඳ සිටි අතර මෙහෙකාර එමලිනා ස්වාමිවරුන් ඉදිරිපසින් බෝනික්කන්ට පසුපසින් සිටගෙන සිටියා ය.

“තව මිනිත්තු පහයි තියෙන්නෙ. ඔයා දන්නව ද එඩ්වඩ් මම ඉපදුණ දවසෙ ඉඳල අපේ පැත්තට කිරි ඉතිරෙන්න පටන් ගත්තලු.”
මැහැලිය කීවේ හිස ද සලමිනි.

“මම ඉපදුණාමත් එහෙම ම තමයි කියලා අපේ පැත්තෙත් කියනවා. ඒක නෙමෙයි ඩල්සි මම මේ කල්පනා කළේ කෝ මේ ළමයි එක්කෙනෙක්වත් තාම කථා කළේ නැහැනෙ. ඒ අයට අමතක වෙලාවත් ද?”
“එඩ්වඩ් කලබල වෙන්නෙපා. ඒ අයට වැඩ ඇතිනෙ. තව ටිකකින් ඔක්කොමලා කථා කරාවී.”

මැහැලිය කීවේ බිත්තියේ වූ ඔරලෝසුව දෙස බලමිනි.

“අනේ රත්තරන් ඔරලෝසුවක් බැඳගෙන ඔයා මේ කබල් බිත්ති ඔරලෝසුවකින් වෙලාව බලනවා.”

ඩල්සි හෙන්නායක පෙම්වතිය ව සිටි කල එඩ්වඩ් විසින් මේ රත්රන් ඔරලෝසුව තිළිණ කළේ ඇගේ විසි එක්වන උපන් දිනය නිමිති කරගෙන පැවති සාදයේ දී ය. ඒ කරුණ එසේ සිහි කරනු වස් මෙවෙලේ එසේ කියන ලද්දේ වෙයි.
“සමා වෙන්න එඩ්වඩ් මට අමතක වුණා. මට දැන් ගොඩක් දේවල් අමතක වෙනවා. මොකද මන්දා.”

“හරි අපිට කේක් එක කපන්න වෙලාව හරි.”

මහල්ලා රිදී පිහිය මැහැලියට දෙමින් කීවේ ය. මැහැලිය කේක් කපද්දී ඇගේ අත වෙව්ලන්නට විය.

“කලබල වෙන්නෙපා.” යි කියූ මහල්ලා එමලිනා සමඟ එකතුව ආයෙම සුභ පැතුම් එකතු කරන්නට විය.

කේක් කෑල්ලක් අතට ගත් ඩල්සි ගජනායක එඩ්වඩ් ගජනායකට කැව්වා ය. මහල්ලා ද මැහැලියගේ අතින් කේක් කෑල්ල ගෙන පෙරළා ඈට කැව්වේ ය. එමලිනාගේ අතට ද කේක් කෑල්ලක් ලැබිණ. එමලිනා පහත් වී ස්වාමි දියණියගේ දෙපා වැන්දා ය.

“නැගිටපන්. මොකද ඔය ඇස්වල කඳුළු?”

“සතුටට.”

“සතුටට?”

“ඔව් මැඩම්. හැත්තෑපහක් කියන්නේ ලොකු ගාණක්.”

එමලිනා නොනැගිට ම කීවා ය.

“උඹ බයවෙන්නෙපා මම තව අවුරුදු දහයක් ඉන්නවා.”

“නෑ විසිපහක්”

“එච්චර කල් ඉන්න බෑ එඩ්වඩ්.”

මැහැලිය සෝපාවේ හිඳ ගනිමින් කීවා ය.

“ඔයාට මං ලස්සන ගිෆ්ට් එකක් දෙනවා.” යි කියූ මහල්ලා මැහැලියවත් ඇදගෙන පියානෝව ළඟට ගියේ ය.

“ලස්සන සින්දුවක්. ඔයා ප්ලේ කරන්න. මම කියන්නම්.”

පියානෝ වාදනයෙහි අතිශය දක්ෂ වූ ඩල්සි ගජනායක සිය වෙව්ලන ඇඟිලි තුඩුවලින් වාදනය කරත්දී එඞ්වඞ් ගජනායක සිය ගැයීම ආරම්භ කළේ ය.

“ගේ කිරිල්ලී…
කව්රුත් යත්දී ඉගිල්ලී
තනියම සිටියා නොසෙල්ලී
ගේ කිරිල්ලී…”

පියානෝ වාදනය අත්හල මැහැලිය මෙවෙලේ තාලයට අත්පුඩි ගසන්නට වූයේ ගැයුමට උචිත අන්දමින් වාදනයක් කිරීමට නොහැකි තරමට ඇගේ සිත වේදනාවට ලක්ව තිබූ නිසාවෙනි. එමලිනා ද ස්වාමි දියණියට අනුව යමින් අත්පුඩි ගසන්නට වූවා ය.

“තුඩින් අහර ගෙන පියඹා ඇවිදින්
තුඩින් තුඩ තියා කැවූ පෙවූ
පැටවුන් ගියමුත් ඉගිල්ලී
වියළි පරැඬලා කූඩුවේ තනියට
ඈ පමණයි ගේ කිරිල්ලී…

අහසේ කරණම් මෙහෙමයි කියලා
පියඹන්නට ගුරුහරුකම් දුන්
පැටවුන් දුරු රට ඉගිල්ලී
පියා වාරු නැති දවසෙත් තනියට
ඈ පමණයි ගේ කිරිල්ලී….”

“නවත්වන්න එඩ්වඩ්. ඕක නවත්වන්න. මගේ හිතට හරි දුකයි. කෝ තාම කවුරුවත් කථා කෙරුවෙ නැහැනෙ.” යි කියූ මැහැලිය නැගිට ගොස් ඡායාරූප වෙළුම් කිහිපයක් රැගෙන ආවා ය.

“මේ බලන්න අපි එයාලගේ උපන්දින සමරපු හැටි. කෝ මේ කිසි කෙනෙකුට ඒවා මොනවත් මතක නැහැනේ.”

“ඇයි අපේ දරුවො අපිට මෙහෙම කරන්නේ?” එඩ්වඩ් ද කීවේ බලවත් කලකිරීමෙනි.

“බේබිලා කෝල් කරාවි මැඩම්. තාම ඒ රටවලට එළිවෙලා නැතුව ඇති.” එමලිනා හදිස්සියේ මතක් වූවක් ලෙසින් කීවේ කලබලයෙනි.

“ඕ.. ඇත්තනේ එඩ්වඩ් අපිට ඒක අමතක වුණානේ.” දෙමහල්ලන්ගේ මුවඟ ආයෙම හිනාවක් ඉපදිණි.

“අපි කමු. එයාලා ඉක්මනට කෝල් කරාවි.”

ඔවුන් උදෑසන ආහාරය සඳහා හෝරාවකට ආසන්න කාලයක් ගතකර තිබුණි. ඒ අතරතුර හෝ දරුවන් වෙතින් ඇමතුමක් නොලදමුත් ඔවුන් බලාපොරොත්තු අත්නොහැර ම නිදන කාමරයට යන ලදී.

මැහැලිය සෙමෙන් තම ඇඳුම් අල්මාරිය විවෘත කළා ය. නැඟුණු පුස් ගඳින් කමරය පිරී ගියත් ඔවුනට ඒ බවක් නොදැණුනි.

“මේ පළාතෙම තිබුණ හොඳ ම ඇඳුම් මේවා. දැන් කිසිකෙනෙක් අඳින්න කැමති නැහැනේ. නිරායට මං දවසක් කිව්වම ‘අම්මට පිස්සු’ කියලා මට හිනා වුණා.” අනතුරුව මහල්ලා ද තම ඇඳුම් අල්මාරිය විවෘත කළේ ය.

“ඇයි මේවා…! දිසාපතිවත්, අඩුම ගානේ ආණ්ඩුකාරයෙක්වත් මෙතරම් වටින කෝට් අඳිනවා මම දැකලා නෑ.”

මහල්ලා කීවේ දෙබැම ඉහළට නගා හිස සලමිනි. මැහැලිය ද එය අනුමත කරනු වස් හිස සලන්නට වූවා ය.

රාත්‍රිය ද එළඹිණ. මහල්ලා පමණක් පිජාමා ඇඳුමත් ඇඳ ගති. ඩල්සි ගජනායක ලමාතැනී උපන්දින ඇඳුමින් ම පසු වුවා ය. උදෑසන ඔවුන් තුළ වූ උද්යෝගය, සතුට අතුරුදන්ව පැවතිණි.

“දරුවො අපිට මෙහෙමයි කරන්නේ.” මැහැලිය සුසුම් පිට සුසුම් හෙළන්නට වුවා ය. ඇය ව අස්වසන්නට කිසිවෙකු ඉදිරිපත් නොවුණි.

“එඩ්වඩ් මාව ඉක්මනට මැරේවි. එහෙම වුණොත් මගේ අන්තිම කැමැත්ත එයාලට දන්වන්න.”

මහල්ලා තුළ ද ජීවත් වීමේ ආශාවක් ඉතිරිව නොතිබිණි. එහෙයින් හෙතෙම නිහඬ ව අසා සිටියේ විය.

“එයාලට කියන්න මං මැරුණට පස්සෙදි මගේ මිනිය හතර පැත්තෙන් එයාලගේ දරු පවුල් එක්ක මිනිත්තු පහක් හිටගෙන ඉඳලා යන්න කියලා. එච්චරයි.”

“අනේ මැඩම්…”

එමලිනා ඉකිගසා අඬන්නට වූවා ය. ඈව අස්නොවැසූ ඩල්සි ගජනායක හදිසි පණක් ලද කලෙක මෙන් නැගී සිට වේගවත් ගමනින් පියානෝව ළඟට ගොස් හිඳ ගත්තා ය. සෙස්සන් ද ඈට ළං විය. දෑස් පියාගත් මැහැලිය පියානෝව වාදනය කරමින් ගයන්නට වූවා ය.

“සුළඟට හාදු තියා උඩ ආකාසේ
කරණම් ගැසූ වලාකුළු අතරේ
රැලි බිඳී ගිය සරුංගල් තනි වී
ඉකිබිඳී මහපොළවේ
වසන්තේ සිහිනයක් පමණක්දෝ
සිත රැවටූ මායාවේ…

පරක් තෙරක් නැති අනන්ත සාගරයේ
සුසුම් රළ නැග බිඳේ හද ගැඹුරේ
අත් තටු බිඳී අසරණ වෙලා…
ඉගිලෙමි කෙසේ තව ජීවිතේ පැටලේ..

එක තරුවක් නැති අනන්ත ආකාසේ
මතක සැමරුම් ඉකිබිඳී රහසේ
අත්වැල් බිඳී අසරණ වෙලා…
මහගිරි දඹේ මුල ජීවිතේ නැවතී…”

ඇගේ වේදනාත්මක ගීත රාවය ගජනායක වලව්වෙන් නැගී අනන්ත ආකාශය පුරා සීමා මායිම් නොමැතිව පැතිර යන්නට විය.

ආනන්ද සාගර හිමි

https://www.lankadeepa.lk/keti_katha/%E0%B7%83%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD/299-685701


Nihal Ananda

unread,
Apr 12, 2026, 8:54:24 AM (3 days ago) Apr 12
to ind...@googlegroups.com


On Sun, Apr 12, 2026 at 6:45 AM Nissanka Rajapaksa <nraja...@gmail.com> wrote:
35

සරුංග

................................................................ 

පේන  විදියට.......  මේ කතාව  ලියල තියෙන්නේ ,  හාමුදුරු කෙනෙක් 
හාමුදුරු කෙනෙක්ට  කොහොමද ....... මෙහෙම  අදහස් පහල වෙන්නේ  ? 
 
මේ වගේ  වලව් පරිසරයක් 1970 න්  පමණ මෙහා  තිබෙන්න විදියක් නැහැ .  
කතාවේ කියවෙන  චරිත , වලව් පරිසරය  ගැන කිසිම අත්දැකීමක් නිරීක්ෂණයක් තිබෙන්න විදියක් නැහැ . 
අතීතය ගැන අහල තියෙන කතාවලින් , තනිකරම  පරිකල්පනයෙන් තමයි මෙහෙම කතාවක් ගොතන්න ඕනා .
හාමුදුරු කෙනෙක් , එහෙම කතා ගොතන්නට පෙලභවිමක් එන්නේ කොහොමද  ?   

සෑහෙන උනන්දුවකින් කැපවීමකින් අභ්යාසයකින්  තමයි ලියලා තියෙන්නේ . 
පලවෙනි paragraph එක , විදග්ධ වචන ,උපමා බහුලයි .  
ටිකක් හිතලා බැලුවොත් ,  මේ කවි වල දාර්ශනික universal  අර්ථයකුත් තියෙනවා .

Nissanka Rajapaksa

unread,
Apr 12, 2026, 12:10:09 PM (3 days ago) Apr 12
to INDRAKA group
සරුංගල
========

මේ කතාවට අදාලව හේරා මතුකරපු කරුණු වලට ස්තුතියි. ඒ නිසාම මං මේ කතෘ තුමා ගැන ගූගල් කරල බැලුව.

මගේ හෙවිල්ලට අනුව මොහු 1961 දී මෙලොවින් සමුගත් සාගර පලන්සූරිය කවියා විය යුතුයි. 

හේරා මතුකරපු කරුණු බොහොමයකට පිළිතුරු ඒ හරහා ලැබේ යයි සිතමි.

සාගර පලන්සූරිය කවියාගේ ජීවන අන්දරය පහත:




Nissanka Rajapaksa

unread,
Apr 12, 2026, 8:26:47 PM (2 days ago) Apr 12
to INDRAKA group
36

දුක දියකිරීම


වෙලාව පහයි. වැඩ ඇරිලා මිනිස්සු ගෙදර යන වෙලාව. පාරේ එකම ගාලගෝට්ටියක්. වාහන බ්‍රේක් ගහන සද්ද,හෝන් ගහන සද්ද , බැණ අඬගහගන්න සද්ද හැරියට්ට හොඳට පුරුදුයි. තට්ටු පිට තට්ටු නැගුණු බිල්ඩින් වලට ඉර මුවා වෙලා. වේලාසනම කළුවර ගලන්න හේතුව ඒකයි. තනි තට්ටුවේ කුරුමිටි ගෙදරට ලැටිස් අස්සෙන් බැස යන හිරුගේ රැස් කැරැල්ලක් එබෙනවා. හැරියට්ට දැනුණේ මහ පාළු හැඟීමක් . පහුගිය දවස් ටිකේ නම් නර්ස් නෝනලා හරි හිටියා බනින්න, කෑගහන්න.

               ටිකට් කපලත් දවස් දෙකක්ම වාට්ටුවේ බංකුවක් උඩ ඉන්න වූණේ ගෙදර එන්න ක්‍රමයක් නොතිබුණු නිසයි. ගෙවල් දෙකකට එහායින් ඉන්න ෆාරුක් ඒ වාට්ටුවෙම ඉන්න ලෙඩෙක් බලන්න ඇවිත් හැරියට්ව දැකලා ගෙදරට ගෙනත් බැස්සුවා.

" ෆාරුක් ඉස් අ ගුඩ් ෆෙලෝ 
නැත්නම් මම තවම ඉස්පිරිතාලේ"
            හැරියට් තනියම කියවනවා. තනියම කතාකරන එක දැන් හැරියට්ට පුරද්දට ගිහිල්ලා. වචනයක් කතාකරන්න, කතාකරන දේ අහගෙන ඉන්න කෙනෙක් නැතිවෙනකොට තමන් එක්කම හරි කතාකරන්න පුරුදු වෙනවා. අනිත් අතට හැරියට් වගේ ගෑනියකුට කතානොකර ඉඳලා පුරුද්දක් නැහැ.
               හැරියට්ගේ ගෙදර කාමර තුනයි. කාමර දෙකක් තියෙන්නේ ඉස්තෝප්පුව දෙපැත්තේ. ඒ කාමර දෙකෙන් එළියට දොරවල් තියෙනවා. රිචඩ් මැරුණට පස්සේ හැරියට් ජීවත් වෙන්න කීයක් හරි හොයාගත්තේ ඒ කාමර දෙක කුලියට දීලා. විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න පිරිමි ළමයි හය දෙනෙක් ඒ කාමර දෙකේ ඉන්නවා. කෑම බීම නැහැ. කාමරය විතරයි. ලයිට් බිල් , වතුර බිල් ගෙවලා යන්තම් මාසේ පිරිමහගන්න  ඒ ගාන ඇති. ආණ්ඩුවෙන් මාස් පතා දෙන ආධාර මුදලකුත් ලැබෙනවා.
                   
" වට් හෑස් හැපන්ඩ් ටු දිස් බෝයි?"

           බට්ටා ෆෝන් එක අතට ගත්ත හැරියට් ඇහැ ළඟටම කරලා මතකයෙන් නොම්මර ටික එබුවා. වැදිලා වැදිලා නැවතුණා. රාජු කතාකළේ නැහැ.

" මේකා දැන් හිතලම මාව මග අරිනවද කොහෙද"
         ඉඳගෙන හිටිය පුටුවෙන් නැගිට්ට හැරියට් ලැටිස් අස්සෙන් පාර දිහා බලාගෙන හිටියේ අඳුනන කවුරුවත් පාරේ යනවනම් කතාකරන්න හිතාගෙන.

" කාගෙ හරි අත රාජුට පණිවිඩයක්  යවාගත්තොත් "

" බීලා ලෙඩ වැඩි කරගෙන නම් ආයේ මේ පැත්තේ එනවා එහෙම නෙවෙයි."
         ඊයේ එන්න හදනකොට ලොකු මිසී කිව්වේ සැරෙන්.

" මේ වතාවෙත් කොහොම හරි ගොඩ දැම්මා . ආයේ නම් ලේසි වෙන එකක් නැහැ."
           ෆෝන් එක අතට ගත්ත හැරියට් රාජුට කෝල් එකක් ගත්තා.

" ඒපාර ඒ මඟුල වැඩකරන්නේ නැහැ"
         හැරියට්ට කියවුණා.

   බෝඩිං වෙලා ඉන්න ළමයින්ට යන්න එන්න එක වෙලාවක් නැහැ. මේ එනවා. මේ යනවා. සමහරු සමහර දවසට දවසෙම නිදාගන්නවා . රෑට එළිවෙනකම්ම ලයිට් දාගෙන වැඩ. ඒකට නම් හැරියට් කැමති නැහැ. ඒත් වචනයක්වත් කියන්නේ නැහැ.

" දේ ආ යෙට් ස්ටුඩන්ට්ස් , නෝ?
තනි නොතනියට වත් මට දැන් ඉන්නේ උන් විතරයි"
             හැරියට් හිත හදාගන්නවා.

" ඒ කොල්ලෙකුට කිව්වොත් ගෙනත් දෙයි.
චා...චා...
දැට්ස් නොට් ගුඩ්.
දේ ආ ස්ටිල් චිල්ඩ්රන්"

              හැරියට් බෙර කොට වගේ කකුල් අද්ද අද්ද ඇඳට ගෑටුවා. ටිකක් ඉඳගෙන ඉන්නකොට ඇඳට යන්න හිතෙනවා. ඇඳේ ඇලවෙලා ඉන්නකොට ඒකත් එපා වෙනවා . දවල්ට ටිකක් නින්ද ගියොත් රෑට නින්ද යන්නෙම නැහැ.
         නින්ද යන්න නම් එක බෙහෙතයි තියෙන්නේ . ඒත් දොස්තරලා නම් කියන්නේ ඒක ගත්තොත් මේ පාර  අවසන් නින්දම නිදාගන්න පුළුවන් වෙයි කියලයි.
         හැරියට් ඉපදුණු සමාජයේ ගෑනු බොනවයි කියන එක අරුමයක් නෙවෙයි. හැරියට් ඉපදුනේ මේ කොටහේනේමයි. ඒත් ඒ කාලේ ගෑනු බිව්වේ ගෙදර පෙරාගත්ත වයින්. නත්තල ළං වෙනකොට ගෑනුන්ගේ මුල්ම රාජකාරිය ඒක . පෙරලා බූලිවල දාලා හංගලා තියන්නේ පිරිමින්ගෙන් පරෙස්සම් කරගන්න.
            හැරියට්ගේ මම්මා ටිකක් බිව්වා. ආච්චි මම්මා හොඳට බිව්වා. පප්පත් දිනපතාම බිව්වා. පප්පා වැඩ කළේ නොතාරිස් කන්තෝරුවක ක්ලාක් කෙනෙක් විදියට. හැරියට්ට මතකයි ඒ කාලේ හැමදාම ඉරිදට ගෙදර පාටි. පල්ලි ගිහිං එනකොට පප්පට ස්පෙෂල් ලන්ච් එකක් හදලා තියන්න ඕනෑ. නැත්තම් ගෝරි. පප්පා අඩු වයසින්ම මැරුණේ මේ ලෙඩේ හින්දයි. රිචඩ්ටත් මේ ලෙඩේමයි.
                හිත මෙල්ල කරගන්න හැදුවට හරියන්නේ නැහැ. පොඩි ෂොට් එකක් නැතිව බත් කටක් උගුරෙන් පහළට යන්නේ නෑ. ඇඟට කිසිම පණක් කඳක් නැහැ. හැරියට් කොහොමත් ගෙදර උයන්නේ නෑ. ළඟ බත් ගෙදරකින් උදේටයි දවල්ටයි කෑම එවනවා. රෑට පිටි එකක් හදාගෙන බොනවා. දැන් සතියකට වැඩී ඉස්පිරිතාල ගමන නිසා පොඩ්ඩක් කටේ ගාගන්න බැරි වෙලා.

" ඩොක්ටස් ආ ක්‍රේසි
මේ ඔක්කොම ලෙඩ ඒක නැති නිසයි. පොඩ්ඩක් හරි තිබුණානම් බත් කටක් කන්න තිබුණා"
             
          හැරියට් පවුලේ එකම දරුවා. පප්පා කිව්වේ " මයි ලිට්ල් රෝස් බඩ් " කියලයි. හැරියට් ඉපදුණේ පිරිසුදු කතෝලික පවුලක . පප්පගේ පරම්පරාව එංගලන්තයට නෑකම් කිව්වා . අම්මා මොරටුවේ සිංහල කතෝලික. හැරියට්ට තවම හැටකට වැඩිය නැහැ. ඒත් හැත්තෑ පහක පෙනුමයි . ඒ මේ ලෙඩේ හින්දා. කණ්නාඩියෙන් දැක්කම තමන්ට තමන් අඳුනන්න බැහැ. ඒ කාලේ තිබුණු ලස්සන කොහේ හැංගිලද මන්දා. තමන්ට තමන් මගහැරුණේ රිචඩ්ගේ මරණෙත් එක්ක කියලයි හැරියට් හිතන්නේ.
               හැරියට්ට තවමත් හොඳට සින්දු කියන්න පුළුවන්. ටිකක් වැඩිවුණු දාට පරණ රෙකෝඩ්  ප්ලේයර් එක දාගෙන හයියෙන් සින්දු කියනවා. රිචඩ්ගේ පරණ කෝට් එකක් ඇඳගෙන තනියම නටනවා. උදේට බෝඩිං වෙලා ඉන්න ළමයි "ඇන්ටිට ඊයේ ටිකක් වැඩි වුණා නේද?" අහනකොට නම් හැරියට්ට ලැජ්ජයි .

           ඇඳට වෙලා හිටියට නින්ද යන්නේ නැහැ. මුළු ඇඟේම ඇට කටු කැඩිලා යනවා වගේ දැනෙනවා. ළඟදි ඉඳලා අත් දෙකම ගැහෙනවා.

" ඔය බෙහෙත නැතුව"
              අල්ලපු ගෙදර ඇන්ටනි නම් කියන්නේ එහෙම.

"බීම නිසා හැදුණු ස්නායු අමාරුවක් " ඉස්පිරිතාලෙදි කිව්වා.
          ඇඳෙන් නැගිටලා සාලෙට ගියපු හැරියට් සෙටියේ ඇලවුණා . පප්පයි , මම්මයි, රිචඩුයි බිත්තියේ පේලියට ඉඳගෙන හැරියට් දිහා බලාගෙන ඉන්නවා. ඒ මූණුවල තියෙන්නේ දුකක්ද , සතුටක්ද කියලා  හැරියට්ට හිතාගන්න බැහැ.

" ළඟදිම ඔය පේලියට තව එකක් එකතුවෙයි ."
           ළඟදී ගත්ත පිංතූරයක්වත් තමන් ළඟ නැහැ කියලා හැරියට්ට කල්පනා වුණේ ඒ වෙලාවේ.

" මේ ඉන්න විදියට නම් පිංතූරයක් අරගෙනත් වැඩක් නැහැ. පරණ එකක්වත් හොයලා තියන්න ඕනෑ"
        හැරියට් හිතුවා.

තමන් මැරුණොත් මරණේ කටයුතුවලට වත් ටෙරන්ස් එයිද කියලා සැකයි . අවුරුදු ගණනාවකින් ලංකාවට ඇවිත් නැහැ.

" මමී...
හව් ආ යූ? "
        කියලා අහලා නැහැ.

" ඉන්න එකෙක් වළදායි.
ගඳ ගහනකන් තියාගෙන ඉන්න එකක් නැහැ.
රිචඩ් ළඟින්ම වැලලුවොත් හොඳයි."
           රිචඩ් මතක් වෙලා හැරියට්ට ඇඬුණා.

" මට මොනතරම් ආදරෙන් හිටියද?
හොඳ මිනිස්සුන්ව තමයි ඉක්මනටම ස්වර්ගයට ගෙන්නගන්නේ.
පවුකාර මම ඉතුරු වුණා. "

            හැරියට් ඒ කාලේ පල්ලියේ ගීතිකා කණ්ඩායමේ හිටියා. පියානෝ එක ගැහුව මිස් ඉසබෙල් මැරණේ හදිස්සියෙමයි. පල්ලියේ මංගල්ලේ ළඟ නිසා ෆාදර් කොහෙන්දෝ තරුණ ඉලන්දාරියෙක් හොයාගෙන ඇවිත් තිබුණා. ඒ තමයි රිචඩ්. පල්ලියෙමයි නැවතිලා හිටියේ. පස්සේ දැනගත්ත හැටියට ෆාදර්ට නෑකමක් තියෙන මීගමුව පැත්තේ කෙනෙක්. එතකොට හැරියට්ට පහළොවකට වඩා නැහැ. රිචඩ් අවුරුදු අටක් විතර වැඩිමල්. ඒ තමයි හැරියට්ගේ ජීවිතේ හොඳම කාලය. කොන්වන්ට් එකේ ඉඳලා ආව ගමන්ම කෑවා නොකෑවා පල්ලියට දුවන්නේ ගීතිකා පුහුණු වෙන්නම නෙවෙයි කියලා මම්මා දැනගෙන හිටියේ නැහැ.
                   තලවිල මංගල්ලෙට, මඩු මංගල්ලෙට විතරක් නෙවෙයි මාතර පල්ලියේ මංගල්ලෙටත් කොටහේනෙන් යන කණ්ඩායමට එකතුවෙලා හැරියට්ලත් යනවා. රිචඩුත් ඔය ගමන්වලට එකතු වුණු දවස්වල තමයි දෙන්නගේ ප්‍රේමය මුහුකුරා ගියේ. මම්මට ඉව වැටිලා තිබුණත් පප්පා දැනගන්නකොට අවුරුදු තුන හතරක් ගතවෙලා. දැනගත්ත දවසේ පප්පා යකා නැටුවා. සම්බන්ධය නැවැත්තුවේ නැත්නම් ගෙදර හරියේ තුවක්කුවක් , පිස්තෝලයක් නැතත් රිචඩ්ට වෙඩි තියනවා කියලමයි කිව්වේ.
                හැරියට්ට තහංචි වැටුණා . ගීතිකා කණ්ඩායම තහනම් වූණා. ප්‍රේමයේ ලුණු රස හැරියට්ට විතරක් නෙවෙයි රිදඩ්ටත් හොඳට දැනුණා. රිචඩ්ට හරියට රස්සාවක්වත් ඉන්න තැනක්වත් නැති එක තමයි හේතුව විදියට කිව්වේ.
          රිචඩ් සංගීත කණ්ඩායමක ඕගන් ගහන්න ගියා . දෙවියන්ගේ ආශීර්වාදයෙන් රිචඩ්ලගේ සංගීත කණ්ඩායම රටේ ජනප්‍රිය වුණා. හොඳට වැඩ ලැබුණා. අන්තිමට පප්පගේ කැමැත්තත් ලැබුණා.
               කසාද බැඳලා පදිංචි වුණේ හැරියට්ගේ මහගෙදරමයි. රිචඩ් සංගීත කණ්ඩායම එක්ක රට වටේ ගියා. හැම රෑයකම ප්‍රසංගයක් වැරදුණේ නැහැ. ඒ ගැන වැඩිපුරම ආඩම්බර වුණේ පප්පා. බැඳලා අවුරුදු තුනකට විතර පස්සේ ටෙරන්ස් හම්බවුණා.
              පාටි එකකදි විතරක් ඩ්‍රින්ක් එකක් ගත්ත රිචඩ්ගේ බීම එක පාරටම වැඩිවුණා. මිනිස්සු බොන්නේ ප්‍රශ්න අමතක කරන්න කිව්වට රිචඩ් බිව්වේ ප්‍රශ්න නැතිකමටද කොහෙද.ඒ කාලේ රිචඩ් ගෙදර හිටියොත් පාටි.හැරියට්ටත් බලකරලා ටිකක් පෙව්වා.වයින් විතරක් බිබී හිටපු හැරියට්ට විස්කි බ්‍රෑන්ඩි රස වැටුණා.පප්පට කලින්ම පෙන්ෂන් යන්න වුණේ අසනීප වුණු නිසයි.සිරෝසිස් හැදෙනකොට පප්පට පනස් දෙකයි.ඒත් බීම නම් නැවැත්තුවේ නැහැ .ඉක්මනටම ස්වර්ගස්ථ වුණා .
             මේ පිරිමි දෙන්නම බිව්වයි කියලා ගෝරි දාගන්නේ නැහැ.බොන්න බොන්න හීලෑ වුණා.බීමට තිබුණු කැදරකම නිසාම රිචඩ් සංගීත කණ්ඩායමේ වැඩ මග ඇරියා.කොහොමත් සාමාජිකයෝ වයසට යනකොට ප්‍රේක්ෂක ආකර්ෂණයත් අඩුවේගන ගියා.අලුත් කණ්ඩායම් බිහිවුණා.පස්සෙ කාලෙක පොඩි හෝටලේක සති අන්තයේ  ඕගන් ගහන්න ගියා.
           පුංචි කාලේ ඉඳලම ටෙරන්ස්ට තිබුණේ රට යන පිස්සුව.හරියට ඉගෙනගත්තෙත් නැහැ.පවුලේ ආභාසයෙන් එන ඉංග්‍රීසි කතාව විතරයි සුදුසුකමක් විදියට තිබුණේ.පප්පගේ නෑයෙක්ගේ මාර්ගයෙනුයි ඉතාලි යන්න ලැබුණේ.ඒ ගමනට සල්ලි හොයාගත්තේ වත්තේ පිටිපස්සේ කෑල්ල විකුණලයි.

" තිබුණ නම් අද කීයයකට දෙන්න තිබුණු  ඉඩම් කෑල්ලක්ද?"
              හැරියට්ට හීල්ලුණා.
             ටෙරන්ස් ගියා ගියාමයි.මුල් කාලෙදි කතාකළා.සල්ලිත් කීයක්ද එව්වා.ඒත් රිචඩ්ගේ මරණයට වත් ආවේ නැහැ.
             දවසක් රිචඩ් ලේ වමනේ දාගෙන කාමරේ වැටිලා හිටියා.අවසාන කාලේ රිචඩ් කළේ මිනී බෑන්ඩ් එකක පියානෝ එකෝඩියන් එක ගහන එක.ඒකෙන් තමයි දෙන්නා යන්තම් ජීවත්වුණේ.අන්තිමට රිචඩ් එක්තැන් වුණා.ඒත් බීම නැවැත්තුවේ නැහැ.ගෙදර තියන වටිනා බඩු එක එක විකුණ විකුණ රිචඩ්ට බොන්න ගෙනත් දුන්නා.ඒ ආදරයට .බොන්න නැතිව රිචඩ් විඳින දුක බලා ඉන්න බැරිව.කැන්ඩ්ල් හෝල්ඩර්  පවා විකුණුවා.වටිනා දෙයකට ඉතුරු වුණේ සුරුවම විතරයි.

" ඔය තරම් ඉක්මනට රිචඩ්ට ස්වර්ගයට යන්න පාර කැපුවේ මමද?"
       හැරියට්ට වෙලාවකට හිතෙනවා.මම්මගේ කරමාලේ විකුණලා තමයි රිචඩ්ගේ මළගෙදර කටයුතු කළේ.ටෙරන්ස්ට දැන්නුවත් ඒ පණිවිඩය ලැබුණද කියලා ආරංචියක්වත් නැහැ.බෝඩිමට ළමයි ටික හොයලා දුන්නේ පල්ලියේ ෆාදර්.ෆාදර් තමයි ආණ්ඩුවෙන් ලැබෙන ආධාර මුදලකුත් හදලා දුන්නේ.
            රිචඩ්ගේ මරණෙන් පස්සේ හැරියට්ට රිචඩ් විතරක් නෙවෙයි තමන්වත් නැතිවුණා.මොන කරදර තිබුණත් ලස්සනට ඇඳලා ගෙදරටත් පොඩි මේකප් එකක් දාගෙන හිටපු හැරියට් කොහේදෝ හැංගුණා.ඇස් රතු වෙලා ඇස් යට කළු වෙලා ,කොණ්ඩේ තැන තැන සුදු වෙලා මූණ එල්ලා හැලෙන මේ ගැහැනිය හැරියට්ට වත් අඳුනන්න බැහැ.රිචඩ්ගේ අන්තිම කාලේ බොන්න ගෙනත් දුන්නේ හැරියට්.හැමදාම අරක්කු ගේන්න සල්ලි නැති නිසා අන්තිමට අන්තිමට ගෙනාවේ කසිප්පු.ගෙන්නගන්න කෙනෙක් හොයාගන්න නැති දවසට තැබෑරුම්, කසිප්පු පොළවල් හොයාගෙන යන්න හැරියට්ටම සිද්ධවුණා.
                දැන්නම් හැරියට්ට වයින් ටිකක්, විස්කි ටිකක් තියා අරක්කු ටිකක්වත් බොන්න ලැබෙන්නේ පරණ යාළුවෙකුගේ ගෙදර  පාටියකට කතාකළොත් විතරයි .ඉස්සර වගේ දැන් ගෙවල්වල පාටි දාන්නේ නැහැ.හෝටල්වල තියෙන ඒවට ආරාධනා ලැබුණත් තෑගි ගන්න හැරියට්ට හයියක් නැහැ.පරණ වෙච්ච ගවුම් සාරි ඇඳගෙන යන්නත් බැහැ.ඒ නිසාම අසනීපය පිට දාලා මග අරිනවා.දැන් හැරියට්ට බාර් එකට යන්න අමාරුයි.රාජුට කියලා කියලා තමයි ගෙන්නවගන්නේ.වෙන ත්‍රීවීලර් කාරයෝ නම් හයර් එක වගේ දෙගුණයක් ගන්න වෙලාවලුත් තියෙනවා.රාජු එහෙම කරන්නේ නෑ.හයර් එක විතරයි.
                  ජනවාරි පළවෙනිදා මාග්‍රට්ගේ ගෙදර ගිහින් ආවට පස්සේ හැදුණු බඩේ අමාරුව හොඳ වුණේ නැහැ.වමනෙ යන්නත් ගත්තා.අන්තිමට ලේ වමනේ යනකොට බෝඩිං වෙලා ඉන්න ළමයි දෙන්නෙක් තමයි ඉස්පිරිතාලෙට ගෙනිච්චේ.දොස්තරලා කියන්නත් ඉස්සෙල්ලම හැරියට් දැනගෙන හිටියා මේත් ඒ ලෙඩේමයි කියලා.හැරියට් එදාම හිත හදාගත්තා කලින්ම රිචඩ් ළඟට යන්න පුළුවන්වෙයි කියලා.
          ඉවසන්නම බැරි ඇටන්ඩන් ගෑනු කියන කතා තමයි.බීලා බීලා ලෙඩ හදාගෙන එනවා කියලා පැත්තකට දාලා තියනවා.
           ෆාදර් ගෙදරටත් ඇවිත් අවවාද කළා බොන්න එපා කියලා.

" බොන් නෑ " කියලා හිතුවත් රෑ වෙනකොට,අඳුර ගලනකොට, ලයිට් දානකොට උහුලගන්න බැරි තනිකමක් දැනෙනවා.එතකොට බොන්න හිතෙනවා.
             දැන් නොබී බෑ.ඇඟ වෙව්ලනවා.වමනේ යනවා.කන්න බැහැ.කීප පාරක්ම ඉස්පිරිතාලේ යන්න වුණේ කියන දේ නාහපු නිසයි.මේපාර බඩේ වතුර තිබිලා බට දාලා ඒවා අස්කළා.තමන්ට වැඩි කාලයක් නැහැ කියලා හැරියට්ටම තේරෙනවා.මැරෙන්න කලින් එක සැරයක් ටෙරන්ස්ව දකින්න ආසයි.
         හැරියට් රාජුට කෝල් එකක් ගත්තා.ඒ පාර රාජු කතාකළා.

" රාජු සනා මේ පැත්තේ එනවද?" හැරියට් ඇහුවේ බොහොම ආදරෙන්.

" මේක කරන්න බෑ ඇන්ටී.
ඔන්න මම නං ආයේ ගෙනත් දෙන්නේ නෑ.ඊයේ ෆාදර් හම්බවෙලා මට හොඳටම බැන්නා.හැරියට්ව මරාගන්නද හදන්නේ ඇහුවා."

" ප්ලීස් සනා, අදට විතරයි "

" බෑ,බෑ ඇන්ටී.මට ගෙදරිනුත් බනිනවා.    රාජු ෆෝන් එක කට් කළා.
               හැරියට් ඉඳගෙන කල්පනා කළා.නැගිටලා එහාට මෙහාට ඇවිද්දා.කාමරයට ගිහිං ගවුම මාරුකරගත්තා.සෙරෙප්පු දෙකට කකුල් ඔබාගන්න සටනක් කරන්න වුණා.ඒ තරමටම කකුල් ඉදිමිලා.අල්මාරිය ඇරලා ලාච්චුව අතගාලා අන්තිම පන්දාහේ කොළේ හොයාගත්තා .ඒකත් හෑන්ඩ් බෑග් එකට ඔබාගෙන දොරත් වහගෙන පාරට බැස්සා.එතකොට වෙලාව හයට ඇති.ඒත් හොඳටම අඳුරුයි
             ත්‍රී වීලර් පාක් එකේ නිහාල්ගේ එක විතරයි තිබුණේ.නිහාල් එක්ක සෙල්ලම් බැහැ .හයර් එකේ ගානයි බාර් එකෙන් බෝතලේ ගේනවට දෙසීයයි.ඒත් මොනවා කරන්නද? හැරියට් ඒකට නැග්ගා.
             බාර් එක ළඟ නවත්තපු නිහාල් බැහැලා ගිහින් බාගෙ බෝතලයක් අරගෙන ඇවිත් හැරියට්ට දුන්නා.ආපහු එද්දී හාන්දියෙන්ම බැස්සේ බයිට් එකට මොකුත් ගන්න හිතාගෙන.වඩේ කාරයගෙන් වඩේ කීපයකුත් අරගෙන අතකුත් උස්සගෙන හැරියට් සුදු ඉරෙන්ම පාර පැන්නේ දෙපැත්තත් හොඳට බලලයි.පාරේ මැදක් එනකොටම හැරියට් ළඟින්ම ඇස් කණකරන එළියක් මතුවෙනවා මතකයි.දඩස් ගාන සද්දය හැරියට්ටම ඇහුණා.
            සද්දේ ඇහිලා ත්‍රී වීලර් පාක් එකේ හිටපු රාජු දුවගෙන එනකොටත් සෙනග පිරිලා ඉවරයි.පොලිස් බයිසිකලයක් නවත්තලා රාලාහාමිලා දෙන්නෙක් බැහැලා ආවෙත් එතකොටමයි.
                 පාර මැද වීදුරු කටු.වඩේ වගයකත් හැමතැනම විසිරිලා තිබුණා.ඒ අතරින් සැර ගඳක් එක්ක  දියරයක් ගලාගෙන ගියා.

" වැඩක් නැහැ" රාලහාමිගේ කෙනෙක් කිව්වා

" බීපු ගෑනියෙක්ද කොහෙද" අනිත් රාලහාමි කිව්වා.
            
රාජු ගැහැනියගේ මූණට එබුණා.

" ඕ.... මුරුගා "
          රාජුට කියවුණා

https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%AF%E0%B6%9A-%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8/299-685341


Nissanka Rajapaksa

unread,
Apr 13, 2026, 8:00:58 PM (2 days ago) Apr 13
to INDRAKA group
37

දවසක වෙහෙස

 

අප තවමත් ඇඳ මත සිටියදී ඔහු ජනෙල් පියන් වසන්නට කාමරයට ආවේය. ඔහු අසනීප ගතියකින් පෙළෙන බව මට දැනුණි. ඔහු වෙව්ලමින් සිටි අතර මුහුණ සුදුමැලි වි තිබුණි. වේදනාව ගෙනදෙන ක්‍රියාවක යෙදෙන්නාක් මෙන් සෙමෙන් ඇවිද්දේය. 

"ෂාට්ස්, මොකද වෙලා තියෙන්නේ?"

"මගේ ඔළුව කකියනවා."

"ආපහු ගිහිල්ලා ඇඳේ හාන්සි වුණා නම් හොඳයි." 

"ඕන නෑ, මට අමාරුවක් නෑ." 

"ඇඳට යන්න. මම ඇඳුම් ඇඳගෙන බලන්න එන්නම්." 

එහෙත් පහත මාලයට එද්දී මා දුටුවේ ඇඳුම් ඇඳගෙන ගිනි උඳුන අසල වාඩි වී දැඩි සේ ගිලන්ව, වේදනාවෙන් පීඩිතව සිටි වයස අවුරුදු නමයක දරුවෙකි. නළලට අත තබා බලද්දී ඔහුට උණ ගැනී ඇති බව දැනගත හැකි විය. 

"ඇඳට යන්න. ඔයාට සනීප නෑ." 

"මට අමාරුවක් නෑ." ඔහු පැවසීය. 

වෛද්‍යවරයා පැමිණි පසු ඔහුගේ උෂ්ණත්වය පරීක්ෂා කර බැලීය. 

"කීයද?" මම ඇසුවෙමි. 

"එකසිය දෙකයි." 

පහත මාලයේ සිටි වෛද්‍යවරයා  ඖෂධ වර්ග තුනක් පාට තුනකින් යුත් බෙහෙත් කරල්වලින් ලබාදී ඒවා පාවිච්චි කිරීම සඳහා උපදෙස් ද තබා ගියේය. එකක් උණ බැසීම සඳහා ද තවත් එකක් විරේකයක් ලෙස ද තුන්වැන්න අම්ල තත්වය පාලනය කිරීම සඳහා ද විය. ප්‍රතිශ්‍යා විෂබීජ පවතින්නේ අම්ල තත්ත්වය  යටතේ පමණ කැයි ඔහු පැහැදිළි කළේය. ප්‍රතිශ්‍යාව පිළිබඳව හැමදෙයක්ම දැනසිටි බව පෙනුන ඔහු උණ එකසිය හතර ඉක්මවා නොගිය හොත් කරදර වීමට කිසිවක් නොමැති බව ද පැවසීය. මෙය මෘදු ප්‍රතිශ්‍යා තත්වයක් බව ද නියුමෝනියාව වළක්වා ගතහොත් කිසිදු අවදානමක් නොමැති බව ද ඔහුගේ අදහස විය. 

කාමරයට පැමිණ දරුවාගේ උෂ්ණත්වය ලියා තබා කරල් වර්ග දියයුතු වේලාව සඳහන් සටහනක් සකස් කළෙමි.

"ඔයාට අහගෙන ඉන්න පොතක් කියවන්නද?" 

"කමක් නෑ, ඔයා කැමති නම්." ළමයා පැවසීය. ඔහුගේ මුහුණ බෙහෙවින් සුදුමැලිව තිබූ අතර ඇස් යට කළුපැහැ ගැන්වී තිබුණි. ඇඳෙහි නිශ්චලව වැතිර සිටි ඔහු අවට සිදුවන දේවල් පිළිබඳ සංවේදී නොවන බවක් දැක්වීය. 

මම හවර්ඩ් පයිල්ගේ 'මුහුදු කොල්ලකරුවන්ගේ පොත' කෘතියෙන් කොටසක් හඬනගා කියවූයෙමි. එහෙත් ඔහු මා කියවන දෙයට ඇහුම්කන් නොදෙන බව මට පෙනිණ. 

"ඔයාට දැන් කොහොමද, ෂාර්ට්ස්?" මම ඔහුගෙන් ඇසුවෙමි. 

"තවම නම් තිබුණා වගේමයි." ඔහු පැවසීය. 

ඇඳෙහි පාමුල වාඩිවූ මා ඊළඟ බෙහෙත් කරල දීමට වේලාව පැමිණෙන තෙක් පොත කියවූයෙමි. ඔහු නින්දකට වැටීම සිදුවිය යුතුව තිබුණත් මා හිස ඔසවා බලන විට ඇඳ පාමුල දෙස අමුතු ආකාරයකට ඔහු බලාසිටිනු පෙනිණ. 

"ඇයි පොඩ්ඩක් නිදාගන්න උත්සාහ කරන්නේ නැත්තේ? බෙහෙත් බොන්න වෙලාව එනකොට මං ඇහැරවන්නම්." 

"නෑ, මං ඇහැරලාම ඉන්නම්." 

"තාත්තා, මාත් එක්ක මෙතැන ඉන්න ඕනැ නෑ ඒක ඔයාට කරදරයක් නම්." ටික වේලාවකට පසු ඔහු පැවසීය. 

"නෑ, ඒක මට කරදරයක් නෙවෙයි."

"නෑ මං කිව්වේ ඉන්න එකෙන් හිතට කරදරයක් දැනෙනව නම් ඉන්න අවශ්‍ය නෑ කියලයි." 

ඔහුගේ සිත මදක් අවුල් වී ඇතැයි සිතූ මම එකොළහට දීමට නියම කර තිබූ කරල් දීමෙන් පසු මද වේලාවකට නිවෙසින් බැහැර වීමි. එය දීප්තිමත්, සීතල දිනයක් විය. බිම මිදුන හිම කැටිවලින් වැසී තිබුණ හෙයින් පත්‍ර රහිත ගස්, පඳුරු, කප්පාදු කරන ලද පඳුරු, තණකොළ හා ශාඛ රහිත බිම යන සියල්ලෙහිම අයිස් ආලේප කර ඔප දැමුවාක් මෙන් විය. මම කුඩා අයිරිෂ් බලුපැටවා ද කැටුව මිදීගිය දිය පහරක් අද්දරින් වූ මාවත දිගේ උඩහට ඇවිද ගියෙමි. එහෙත් වීදුරු මෙන් ඔප වැටුණ මතුපිට සිටගෙන සිටීම හෝ ඇවිදීම අසීරු කාර්යයක් විය. රත්පැහැති බල්ලා වැටී ලිස්සා ගිය අතර මම දෙවරක්ම තදින් වැටුණෙමි. වරක් තුවක්කුව මා අතින් ගිලිහී අයිස් මත ඉවතට ලිස්සා ගියේය. 

උස්ව පිහිටි ඉවුරක එල්ලී තිබූ පඳුරක් යට සිටි වටු රංචුවක් එළියට ගැනීමට අපි සමත් වීමු. ඉවුරට ඉහළින් උන් නොපෙනී යද්දී ඉන් දෙදෙනකු මරාදමන්නට මට හැකිවිය. රංචුවේ සිටි සමහර කුරුල්ලෝ ගස්වල වැසූ අතර වැඩි දෙනෙක් කපා ගොඩගසා තිබූ අතු ගොඩවල් අතරට වැදී ගත්හ. උන් ඉවතට පලවා හැරීමට අයිස්වලින් ආවරණය වී තිබූ අතු ගොඩවල් මතට කිහිපවරක් පැනීමට සිදුවිය. අයිස්වලින් වැසී ලිස්සන සුලු අතුගොඩ මත අඩමානයට සිටගෙන සිටියදී එළියට එන උන්ට වෙඩිතැබීම අසීරු දෙයක් විය. මට දෙදෙනකු මරාදැමීමට හැකි වූ අතර පස්දෙනකු මගහැරිණ. ගෙදරට මෙතරම් සමීපව වටු කුරුලු රංචුවක් සිටීමත් වෙනත් දිනයක දඩයම් කිරීම සඳහා විශාල සංඛ්‍යාවක් ඉතිරිව සිටීමත් පිළිබඳ සතුටින් ආපසු හැරුණෙමි. 

නිවෙසට පැමිණි මට අනෙක් අය පවසා සිටියේ ළමයා කිසිවෙකුටත් කාමරයට ඇතුළුවීමට ඉඩදී නැති බවයි. 

"ඔයාට ඇතුළට එන්න බෑ. මට හැදිලා තියන ලෙඩේ ඔයාට බෝවෙන්න දෙන්න බෑ." ඔහු පැවසීය. 

ඔහු වෙත ගිය මා හට දැකගත හැකි වූයේ මා පිටව යන අවස්ථාවේ සිටි අයුරින්ම සුදුමැලි මුහුණින්, කම්මුල්වල ඉහළට වන්නට උණ නිසා රත්පැහැ ගැන්වී, තවමත් කලින් සිටියාක් මෙන්ම ඇඳෙහි පාමුල දෙස දෑස් දල්වාගෙන සිටින බවයි. 

මම ඔහුගේ උෂ්ණත්වය මැන බැලූයෙමි.

"කීයක් තියනවද?"

"සීයක් විතර ඇති." මම කීවෙමි. එය එකසිය දෙකයි දශම හතරක් විය. 

"ඒක එකසිය දෙකට තිබුණේ." ඔහු පැවසීය. 

"කව්ද කිව්වෙ?"

"දොස්තර."

"ඔයාගේ උෂ්ණත්වය වරදක් නෑ. ඒක වදවෙන්න තරම් දෙයක් නෙවෙයි." 

"මම වදවෙන්නෙ නෑ. ඒත් මට කල්පනා නොකර ඉන්න බෑ."

"හිතන්න යන්න එපා. සැහැල්ලුවෙන් ඉන්න." 

"සැහැල්ලුවෙන් තමයි ඉන්නේ." කියූ ඔහු කෙළින් බලා සිටියේය. නිසැකවම ඔහු කුමක් හෝ දෙයක් ගැන හැඟීමක් සිත යට සඟවාගෙන සිටින බව පෙනුනි. 

"වතුර ටිකක් එක්ක මේක බොන්න." 

"ඒකෙන් හොඳක් වෙයි කියලා හිතනවද?" 

"ඇත්තටම, ඒකෙන් හොඳ වෙයි." 

අසුනක වාඩි වූ මම මුහුදු කොල්ලකරුවන් ගැන වූ පොත විවෘත කොට කියවීම ඇරඹීමි. එහෙත් ඔහු එයට සවන් නොදෙන බව පෙනුණ පසු කියවීම නැවතීමි. 

"මම කොයි වෙලාවෙ මැරෙයි කියලද ඔබ හිතන්නේ?" ඔහු විමසීය. 

"මොකක්ද කිව්වේ?"

"මං මැරෙන්න තව කොච්චර වෙලා යයිද?"

"ඔයා මැරෙන්නෙ නෑ. මොකද ඔයාට වෙලා තියෙන්නේ?"

"ඔව්, මම මැරෙන්නයි යන්නේ. මට ඇහුණා එයා කියනවා එකසිය දෙකයි කියලා." 

"උණ එකසිය දෙකට තිබුණට මිනිස්සු මැරෙන්නෙ නෑ. ඒක මෝඩ කතාවක්." 

"මම දන්නවා ඒක එහෙම වෙනවා කියලා. ප්‍රංශයේ පාසල් යද්දී ළමයි මට කිව්වා අංශක හතළිස් හතර වුණාම ඔබට ජීවත්වෙන්න බෑ කියලා. මට එකසිය දෙකක් තියනවා." 

උදෑසන නමයේ සිට මුළු දවසම ඔහු මියයෑමට බලාපොරොත්තුවෙන් සිට ඇත. 

"අනේ, අහිංසක ෂාර්ට්ස්. පැහිච්ච, පුංචි ෂාර්ට්ස්. ඒක හරියට හැතැප්මයි කිලෝමීටරුයි වාගේ." මම පැවසූවෙමි. "ඔයා මැරෙන්නෙ නෑ. ඒක වෙනස් විදියේ උෂ්ණත්වමානයක්. ඒකෙ සාමාන්‍ය උෂ්ණත්වය තිස් හතයි. මේ වර්ගයේ අනූඅටයි." 

"ඔයාට හොඳටම විශ්වාස ද?"

"සත්තකටම." මම කියා සිටියෙමි. "ඒක හරියට සැතැප්මයි කිලෝමිටරුයි වාගේ. අපි කාරෙකේ සැතපුම් හැත්තෑවක් යනකොට ඒක කිලෝමීටර්වලින් කීයක් වෙනවද?"

"ආ, ඒකද?" ඔහු කීය. 

එහෙත් ඇඳ පාමුල දෙසට යොමුව තිබූ ඔහුගේ බැල්ම සෙමින් ලිහිල් විය. අන්තිමේදී ඔහු සිරකරගෙන සිටි පීඩනය ද ලිහිල් විය. ඊළඟ දවස වනවිට එය හොඳටම සංසිඳී තිබූ අතර ඔහු කිසිත් වැදගැම්මකට නැති සුළු දේවලට පවා කෑගසන්නට පටන්ගෙන තිබුණේය.  

පරිවර්තනය
මහින්ද අබෙිසිංහ

https://www.lankadeepa.lk/keti_katha/%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B6%9A-%E0%B7%80%E0%B7%84%E0%B7%83/299-682602




Reply all
Reply to author
Forward
0 new messages