Fwd: මාධ්‍යයේ හැමෝම කැරපොත්තන් විය යුතුයි

6 views
Skip to first unread message

Nihal Ananda

unread,
Dec 8, 2023, 6:25:39 PM12/8/23
to INDRAKA group

---------- Forwarded message ---------
From: Kusal Perera <kusal....@gmail.com>
Date: Fri, Dec 8, 2023, 15:12
Subject: මාධ්‍යයේ හැමෝම කැරපොත්තන් විය යුතුයි
To:


මාධ්‍යයේ හැමෝම කැරපොත්තන් විය යුතුයි

 

මගේ විද්‍යුත් තැපෑලේ අත්සන සමග පහළින් මම මෙවැන්නක් ඉංග්‍රීසියෙන් ලියා තබා තියෙනවා. “මාධ්‍යවේදී - අනෙකුන් නොරිංගන තැන් වලට අපි රිංගනවා.” එයට පහළින් කැරපොත්තෙකුගේ වර්ණ රූපයකුත් ඇතුළු කෙරුවා. ඊට අමතරව මගේ හැම සමාජ මාධ්‍ය ගිණුමකම කැරපොත්තා ඉන්නවා. කෙටියෙන් කියුවොත් විද්‍යුත් සහ සමාජ මාධ්‍යවල මගේ සංකේතය වෙලා තියෙන්නේ මේ කැරපොත්තයි.

 

මගෙන් සමහරුන් අහනවා “මොකද්ද බං ඔය කැරපොත්තගෙ තේරුම?” කියලා. ඒකේ තේරුම ගැන ඒ නිසා පොඩි කෑල්ලක් ලියන්න හිතුනේ ඊයේ පෙරේදා මා සමග කයිවාරුවකට වාඩි වුන විදේශිකයෙකුද ඒ ගැන ඇසුව නිසයි.

 

කතාව පටන් ගන්නේ අද ඊයේ නෙවෙයි. මම හිතන්නේ මට ජී-මේල් විද්‍යුත් තැපැල් ගිණුමක් විවෘත කරන්න ඇරයුමක් ලැබුණේ 2005 අවුරුද්දේ මැදක  පමණ කියලා. ඒ කාලේ ජී-මේල් ගිණුමක් විවෘත කරන්න ආරාධනාවක් ලබන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාලයේ සැරිසරන්න අද වගේ පුළුවන්කමක් තිබුණෙත් නැහැ. එය ලොකු මිලක් වැයවෙන වැඩක්. ඒ නිසා සමාජ මාධ්‍ය ජාල නොතිබුණු, වෙබ් පුවත් අඩවිද අද මෙන් නොතිබුණු, අතළොස්සක් අපි උද්ධාමයෙන් සහ අසීරුවෙන් පෞද්ගලික බ්ලොග් අඩවි නඩත්තු කළ කාලයේ අන්තර්ජාලයට ගොඩ වන්නේ ඇත්තටම අවශ්‍යතාවක් තිබුණොත් පමණයි.

 

එවැනි දිනක වරක් වැරදි අන්තර්ජාල අඩවියකට මම අහම්බෙන් ගොඩ වුනා. සාමාන්‍යයෙන් එවැනි විටක අපි කරන්නේ වහා සම්බන්ධය කපා හරින එකයි. නැත්තං සාමාන්‍යයෙන් එම්.බී. 02ක් 04ක් වගේ උපරිමයකට අන්තර්ජාල හැසිරීම සීමා කර තිබූ ඒ කාලයේ වැයවන කිලෝ බයිට් ප්‍රමාණයට ගෙවන්න සිදු වෙනවා. නමුත් එදා ඒ අහඹු අඩවිය බා ගෙන මම මඳක් එහි රැඳුනේ ඒකේ කැරපොත්තන් වර්ග ගැන ඡායාරූප සමගින් විස්තර තිබූ නිසයි. එහි තිබූ විස්තර පුදුමාකාර යැයි මට සිතුනා. අහල තියෙනවාද ලෝකයේ කැරපොත්තන් ප්‍රභේද 4,600 ක් ඉන්නවා කියලා? උන්ගේ ආරම්භය මීට අවුරුදු මිලියන 320 ට පෙරාතුවයි කියනවා. මේ කැරපොත්තන්ගෙන් මනුස්ස වාසයේ ගැවසෙන්නේ ප්‍රභේද 30 ක් පමණ ලූ.

 

කරදකාර කෘමි විශේෂයක් ලෙස සැළකෙන කැරපොත්තන්ට ඕනෑම දේශගුණික තත්ත්වයක ජීවත් වෙන්න පුළුවන් ලූ. ඝර්ම කලාපීය ප්‍රදේශවල වගේම සෘණ සෙන්ටිග්‍රේඩ් 122 දක්වා පුදුමාකාර සීතලක වූවත් ඉන්න පුළුවන් ලූ. ඒ වගේම කැරපොත්තන් පුදුමාකාර දරාගැනීමක් ඇති සත්ව විශේෂයක්. උන්ට කිසිදු ආහාරයක් නැතිව සාමාන්‍ය ක්‍රියාකාරිත්වයක් ඇතිව මාසයක් ඉන්න පුළුවන්. තැපැල් මුද්දරයක පිටුපස ඇති මැලියම් ආහාරයට ගැනීමෙන් ජීවත් වෙන්න පුළුවන් කැරපොත්තනුත් ඉන්නවා. ඒ වගේම පොදු පිළිගැනුම නම්, මනුස්ස වර්ගයා සමස්ථයක් වශයෙන් සිය පැවැත්ම න්‍යෂ්ඨික විනාශයකින් අහෝසි කරගත්තත් කැරපොත්තන් මේ පෘථිවියේ වාසය කරනු ඇතැයි යන්නයි.

 

අනෙක මේ ලෝකයේ ඉතාම පිරිසිදු කෘමි වර්ගය කැරපොත්තන් කියලා පිළිගැනුමක් තිබෙනවා. වනජීවි ලේඛකයෙකු සහ වනජීවි සංරක්ෂකයෙකුද වන රෙක්ස් ටෘලොව්ට අනුව කැරපොත්තන් බැක්ටීරියා වර්ග විශාල සංඛ්‍යාවක ප්‍රවාහකයෙකු වූවත් ඌ තමන්ගේ පවිත්‍රතාව හැම විට තබා ගන්නවා. ඒ වගේම කැරපොත්තා ඉතාම විමසිලිවත් කුතුහලයක් ඇති කෘමියෙක්. එනිසා ඌ රිංගන්නේ නැති තැනක් නැතැයි කියනවා.

 

මේ විස්තර කියෙව්වම මම කල්පනා කෙරුවේ, ඉතාම විමසිලිවන්ත සහ කුතුහලයකුත් තියෙන, ඒ නිසා ඕනෑම තැනකට රිංගන, න්‍යෂ්ඨික බලයෙන්වත් විනාශ කරන්න බැරි, මොනවා කෙරුවත් තමන්ගේ පිරිසිදුකම තියා ගන්න, එවැනි ජීවිතයක් වෙනුවෙන් මහා සම්පත් ප්‍රමාණයක් සොයන්නෙත් නැති කැරපොත්තා මාධ්‍යවේදීන්ට මොන තරම් ආදර්ශමත් සතෙක්ද කියලයි. මාධ්‍යවේදයේ සංකේතාත්මක ප්‍රදර්ශනය කැරපොත්තා උනොත් “මරු-නෙ” කියලා හිතුනා.

 

මගේ විද්‍යුත් ලේඛන කලාවට කැරපොත්තා ආවේ එහෙමයි. දැන් මම හිතනවා විශේෂයෙන් මේ යුගයේ ස්වාධීන ගවේශනාත්මක මාධ්‍යවේදියකු කියන්නේ කැරපොත්තගේ චරිත ලක්ෂණ තිබිය යුතු මාධ්‍යවේදීන් කියලා. මාධ්‍යවේදීන් අඩුම තරමින් ඒ ලක්ෂණ වගා කරගන්න සූදානම් විය යුතුයි කියලා.

 

කුසල්

2023 දෙසැම්බර 08
 

Kusal Perera

Journalist
We creep where most don't


I always take life with a grain of salt, plus a slice of lemon and a shot of old arrack.....!

For a decent e-mail ETIQUETTE:

Please delete details of all previous senders before forwarding/sending again to reduce spam, viruses & identity theft. Its best to use the Bcc field while forwarding e-mails. Thanks.

DO PLEASE Cc to my alternate email - kusal.jo...@gmail.com

Reply all
Reply to author
Forward
0 new messages