ලියනගේ අමරකීර්ති
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
ඉතිහාසය යනු විකෘතියක් ද? ප්‍රකෘතියක් ද? සත්‍යයක් ද? ප්‍රබන්ධයක් ද? මෙ’පැන කිසිවකටත් එක එල්ලේ ‘‘ඔව්’’ හෝ ‘‘නැහැ’’ යැයි පවසන්නට සමත් කිසිවකු මෙලොව ඇතැයි විශ්වාස කළ නොහැකි ය.
මන්ද එක් එක් යුගයන්හි දී එක් පුද්ගලයන්/හෝකණ්ඩායම් ඔවුනොවුන්ගේ පැවැත්මටත්, වාසියටත් ඉතිහාසය සැකසුවෝ ය. පසු කලක දී එකී ඉතිහාසය අර්ථකථනය කිරීම ද සිදු වූයේ මීට වෙනස් අන්දමින් නොවේ.
එක් එක් වකවානුවල එක් එක් පුද්ගලයන් සහ කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ලද ඉතිහාස කතා මෙන් ම පෞරාණික සාක්ෂිවලින් ද මෙය ප්‍රකට කෙරේ. සරල ම උදාහරණය මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා විසින් කරන ලද ඓතිහාසික ප්‍රකාශය යි. එනම්, බුදුන් වහන්සේ ලංකාවට වැඩම නොකළ බවට එතුමා කර ඇති ප්‍රකාශය යි. පුරාවිදු පර්යේෂකයකු ලෙස ලොව පසිඳු එතුමාගේ අන් සියලු නිගමනයන් එකපැහැර පිළිගන්නා ලක්වාසී බෞද්ධයෝ ඉහත කී ප්‍රකාශනය පමණක් බැහැර කරති. ඒ තමන් අදහන යම් ධර්මතාවක් තිබේ නම් එය බැහැර කිරීමට ඇති නොකැමැත්ත ය. නමුඳු බුදුන් වහන්සේ ම වදාළේ උන්වහන්සේ කී පමණින් ම කිසිවක් පිළි නොගන්නා ලෙස යි. එසේ නම් මේ සියල්ල සාපේක්ෂතාවාදයට යටත් නොවන්නේ ද?
පසුගිය වකවානුවේ ලාංකීය සිනමා කර්මාන්තය ඩැහැගත් එක් රැල්ලක් වූයේ බෞද්ධ ඉතිහාස කතන්දර සිනමාවට නැගීම ය. මීට පෙර සිංහල සිනමා ඉතිහාසයේ එබඳු කතන්දර නොතිබුණේ යැයි මින් අදහස් නොකෙරේ. අංගුලිමාල, අජාසත්ත, පටාචාරා, කුණ්ඩලකේශී ආදි කතන්දර ද සිනමාවට නැගිණි.
එහෙත් 2009 වසරෙන් ඉක්බිති කරළියට පැමිණි මේ ඉතිහාස කතන්දර නිර්මාපකයෝ සිය නිර්මාණ ජනතාව අතරට රැගෙන ආවේ හුදෙක් කර්මාන්තයේ දියුණුව අභිප්‍රායෙන් නොව මෙරට සිංහල බෞද්ධ ජනතාව තුළ ජාතිමාමකත්වය (ඊනියා) ඇති කිරීම උදෙසා ය. එහෙත් මොවුන් වටහා නොගත් එක් කරුණක් තිබිණ. එනම් ජාතිමාකත්වය හෝ ජාත්‍යාලය බලහත්කාරයෙන් හුදී ජනයාගේ මනස්බතුළට රිංගවිය නොහැකි බව යි. එහි කූඨප්‍රාප්තිය මේ මොහොතේ අපට දර්ශනය වෙයි.
වසර ගණනාවක් පුරා පෙරුම්පුරා ජයන්ත චන්ද්‍රසිරි සිය අභිනව සිනමා නිර්මාණය වන ‘‘මහරජ ගැමුණු’’ එළිදක්වා ඇත. මෙහි වැඩකටයුතු ආරම්භ කරන සමයේ මෙරට බහුතරයක් දිවි ගෙවූයේ ප්‍රභාකරන් නමැති දෙමළා ඝාතනය කළ රුධිර ගංගාවේ පිහිනමින් ය. එකළ ජාතික කොඩිය එක් අතකින් ද ගල් බෝතලය අනෙක් අතින් ද රැගෙන ජයඝෝසා නගමින් පෙළපාලි ගිය ඇතැම්හු එම ජාතික කොඩියේ ම වමනය දමමින්, එය ම එළාගෙන එහි සැතපී තව තවත් සිහින දකින්ට වූහ.
ඒ එදා ය.
නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ සියල්ල නොපිට හැරෙන්නේ ය. එය ලෝක ස්වභාවය යි. එහෙයින් වර්තමානයේ කරළියට පැමිණි ‘‘මහරජ ගැමුණු’’ සිනමා නිර්මාණයේ ඓතිහාසික වටිනාකම අවතක්සේරු වී ඇති බව ලියුම්කරුගේ අදහස යි.
ජයන්ත චන්ද්‍රසිරි යනු මෙරට වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ ද, රූපවාහිනී නාට්‍යය ක්ෂේත්‍රයේ ද, සිනමා ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන වෙනස්කම් සහිත නිර්මාණ කෞෂල්‍යයක් විදහා පෑ නිර්මාණකරුවකු බව අවිවාදිත ය. එහෙත් ඒ බහුතරයක් නිර්මාණ තුළ ඔහු සිය අනන්‍යතාව මැනවින් රැකගෙන සිටියේ ය. වේදිකාවේ ‘‘අත්’’ නාට්‍යය ද, රූපවාහිනියේ: ‘‘වෙදහාමිණේ’’ සහ ‘‘දඬුබස්නාමානය’’ ද සිනමා ක්ෂේත්‍රයේ: ‘‘අග්නිදාහය’’, ගරිල්ලා මාර්කටිං’’ සහ ‘‘සමනල සංධ්වනිය’’ ඒ අතුරින් සුවිශේෂිත ය. එහෙත් ‘‘මහරජ ගැමුණු’’ ඒ හා සාපේක්ෂව පවතින්නේ අවවර්ධිත තත්ත්වයක ය.
මේ සඳහා බලපා ඇති කරුණු කිහිපයකි.
ප්‍රථමයෙන් ම ඓතිහාසික වෘතාන්තයක් ඇසුරින් නිර්මාණය කරන ඕනෑම නිර්මාණයක් ප්‍රේක්ෂකයාගේ විශ්වාසය දිනාගත යුතු ය. මන් ද බුද්ධිමත් ප්‍රේක්ෂකයා ගැමුණු රජු පිළිබඳව පළමුවෙන් ම අසන්නේ මෙම නිර්මාණය තුළින් නොවේ. එළාර රජු පිළිබඳව ද එසේ ම ය.
මහාවංශයේ ද, වෙනත් ඓතිහාසික ග්‍රන්ථවල ද එළාර පිළිබඳ දක්වන ආකල්ප නිෂේධනීය මෙන් ම සාධනීය ලක්ෂන ද විදහා දක්වයි. එහෙත් සිංහල බෞද්ධ ලබ්ධිකයෝ මහානාම හිමියෝ එළාර පිළිබඳ සඳහන් කර ඇති එක් සුගුණක් හෝ කථිකා කරන්නට මැළි වෙති. එමෙන් ම එළාර මෙරටට පැමිණියේ කුමන රටකින් ද යන්න පවා අපැහැදිලි ය. මහාවංශයේ සඳහන් වන්නේ එළාර සොළී රටින් පැමිණි බවයි. සොළී හෙවත් චෝළ යනු රට යනු එකල දක්ෂිණ භරතයේ පැවති එක් ප්‍රදේශයකි.
දක්ෂිණ භාරතය යනු හුදෙක් දෙමළ මිනිසුන් පමණක් දිවි ගෙවූ දේශයක් හෝ හින්දු ආගමිකයන් පමණක් දිවි ගෙවූ දේශයක් නොවේ. එහෙත් අපේ ඉතිහාසකරුවා එකපැහැර ම එළාර දෙමළ ලෙසත් ඔහු හින්දු භක්තිකයකු ලෙසත් අර්ථ ගන්වයි. තවත් ඉතිහාස ග්‍රන්ථවල එළාර පැමිණියේ ඔරිස්සාවෙන් බව සඳහන් කරයි. මෙම මත දෙක ම වැරදි හෝ නිවැරදි යැයි ගම්‍ය කරන්නට කිසිවකු උත්සාහ කළ බවක් ද දක්නට නොමැත.
නිර්මාණකරුවා නිරන්තරයෙන් ම වෙහෙසිය යුත්තේ පවතින මතය පමණක් ම තම නිර්මාණයට දායක කරගැනීම නොවේ. ඔහු පර්යේෂකයකු නම් එකී ඓතිහාසික කරුණු ගැඹුරින් විමර්ශනය කොට ඒ තුළින් තම නිර්මාණය ඔපවත් කළ යුතු ය. කුමන හෝ නිර්මාණයක් පර්යේෂණාත්මක නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි වන්නේ එවිට ය. නමුඳු ජයන්ත සිය නිර්මාණයේ දී හුදෙක් පවතින මතය ම ස්ථීර කරන්ට යත්න දැරූ බව ‘‘මහරජ ගැමුණු’’ නැරඹීමේ දී පසක්වන මූලික කරුණ යි.
නිර්මාණ ආරම්භයේ දී රෝගාතුරව සිටිනා සාමණේර පිළිබඳ දර්ශන පෙළක් දිගහරින ජයන්ත එය දුටුගැමුණු පිළිබඳ ඉතිහාසයේ ආරම්භය ලෙස සනිටුහන් කරයි. එහෙත් මහා වංශයේ එය සඳහන්වන්නේ මෙලෙසිනි.
‘‘එකල්හි කොටගල විහාරයෙහි ශීලයෙන් ව්‍රතයෙන් යුක්ත වූ හැමකල් නානාප්‍රකාර පින්කම් කරන්නා වූ සාමණේර කෙනෙක් විසුයේ ය. ඒ තෙමේ අහස් සෑ මිදුලට සුවසේ නැගෙනු පිණිස හිණි තුනක් හා ගල් ලැහැලි ද තැබුයේ ය. පැන් දන් දුන්නේ ය. සංඝයාට වත් ද කළේ ය. හැම කල් හි ක්ලාන්ත වූ දේහ ඇති ඔහුට මහත් ආබාධයෙක් විය.කෙළෙහිගුණ දන්නා භික්ෂූහු සිවි ගෙයකින් උහු ගෙනවිත් තිස්සාරාම යෙහි සීලාපස්සපිරිවෙනෙහි තබාගෙන උපස්ථාන කළෝ ය.’’
මහාවංශය 22 වන පර්ච්ඡේදය ගාථා 25 සිට 29 දක්වා.
මෙම කොටස කියවීමේ දී දක්නට ලැබෙන ප්‍රධාන කරුණ නම් එම සාමණේරයන් වහන්සේ තම වයසට ගැළපෙන කෙළලොල් ක්‍රියාවක නිරතව ඇති බව ය. එසේ හැරුණ විට උන්වහන්සේගේ ප්‍රඥාමහිමයක් මෙයින් පිළිබිඹු නොවේ. එබඳු ක්‍රියාවක නිරතවීම හේතුකොටගෙන ම රෝගාතුර වූ උන්වහන්සේ මතු ආත්මයක බුද්ධිමත් ශූර පාලකයකු වේ ද යන්න සැක සහිතය.
මන්ද ජාතක කතාපොතේ සඳහන් පරිදි ම දේවදත්ත අනාදිමත් ආත්ම ගණනාවක සිට ම දුෂ්ට ය. ඔහු කවරදාවත් සුගතියට පත්වූයේ නැත. එමෙන් ම බුදුන්වහන්සේ දේශනා කළ ඇතැම් ජාතක කතාවල වර්තමාන කතාවේ මූඪයෝ කල්ප ගණනාවක සිට ම පැවත එන්නේ මූඪයන් ලෙස ය. එසේ නම් මෙම සාමණේරයන් වහන්සේ මතු ආත්මයක දී ගැමුණු කුමරු ලෙස උප්පත්තිය ලබන්ට හේතුකාරක වූයේ කුමක් ද? එමෙන් ම මෙම සිනමා නිර්මාණය ආරම්භ කළ යුතුව තිබුණේ එකී සාමණේරයන් වහන්සේගේ ළද බොළඳ ක්‍රියාකලාපය ද ප්‍රදර්ශනය කරමිනි. නමුත් එය ඉතිහාසයට කැළැලකි; අවමානයකි; අපහාසයකි. එහෙයින් අධ්‍යක්ෂවරයා එය මගහැර ගොස් අතරමැදින් නිර්මාණය ආරම්භ කරයි.
එමෙන් ම ඔහු හැකි සැම අවස්ථාවක ම යත්න දරන්නේ එළාරගේ බලලෝභීත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ය. ඔහු සිය රාජධානිය වූ පිහිටි රට රුහුණෙන් පැමිණෙන යම් පුද්ගලයකු විසින් ආක්‍රමණය කරන්නේ යැයි සැකයෙන් කල් ගෙවයි. මෙය එළාරට පමණක් සීමා වූවක් නොවේ. බලය අත්පත් කරගත් තැන් සිට එකී බලධරයා වෙහෙසෙන්නේ අල්ලාගත් බලය රැකගැනීමට සහ එම බලය තව තවත් වර්ධනය කරගැනීම සඳහා ය.
ගැමුණු ක්‍රියාකරන්නේ ඊට ප්‍රතිපක්ෂ පිළෙහි සිටිමිනි. එහි දී ඔහු නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ සම්බුද්ධ ශාසනයේ අභිවෘධිය වෙනුවෙන් කැපවන වගයි. ඒ සඳහා කිසිඳු වගවිභාගයකින් තොරව මිනිස් ජිවිත ඕනෑ තරම් විනාශ කිරීමට ඔහු මැළි නොවේ. නමුඳු බුදුන් වහන්සේ කිසිඳු අවස්ථාවක බුද්ධාගම රැකගැනීම වෙනුවෙන් ජනඝාතන කළ යුතු යැයි දෙසා වදාරා නැත. නිර්මාණකරුවකු ලෙස ජයන්ත තම අවධානයයොමු කළ යුතුව තිබුණේ මෙවන් මානයන් කෙරෙහි ය. නමුත් ඔහු ඇවිළෙන ගින්නට පිදුරු දමමින් ආගම්වාදය ව්‍යාප්ත කිරීම සඳහා මිනිසුන් ඝාතනය කිරීම අනුමත කොට ඇත. වර්තමානයේ අල්කයිඩා ඇතුළු වෙනත් ඉස්ලාම් සංවිධාන විසින් සිදු කරනු ලබන්නේ ද මෙම ක්‍රියාවලිය ම ය. එසේ නම් අප එයත් අනුමත කළ යුතු ද?
‘‘ඍජු ස්වභාව ඇති එළාර නම් දෙමළ තෙමේ රාජ්‍ය පිණිස සොළී රටින් මෙහි අවුත් අසේල රජු අල්වාගෙන සතළිස් සතර හවුරුද්දක් රාජ්‍ය කළේ ය. රජ තෙමේ විනිශ්ච කාලයෙහි සතුරන් කෙරෙහිත් මිතුරන් කෙරෙහිත් මධ්‍යස්ථව ඇඳ ඉස පසෙක ඉතා දික් යොතකින් විනිශ්චය කැමැත්තවුන් විසින් හඬවනු පිණිස මිණියක් එල්විය. ’’
මහා වංශය 21 වන පරිච්ඡේදය ගාථා 13 සිට 15 දක්වා
දුටුගැමුණු රජතුමා පිළිබඳ ලියන්නට පරිච්ඡේද 18 ක් වෙන් කළ මහානාම හිමි එළාර පිළිබඳව වෙන් කොට ඇත්තේ එක් පරිච්ඡේදයකි. එහෙත් එම පරිච්ඡේදය තුළ එ’හිමියෝ එළාරගේ යහපත් ගතිපැවතුම් වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කොට ඇත. ඉන් හැඟෙන්නේ එළාර යනු ඉතිහාස කතන්දරකරුවන් ඉස්මත්තට ගෙන එන තරමේ නරුමයකු නොවන බවයි. මහානාම හිමියන් එම පරිච්ඡේදයෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි කොටසක් වෙන් කොට ඇත්තේ එළාරගේ යහගුණ ඉදිරිපත් කරනු පිණිස ය.
උන්වහන්සේ දුටුගැමුණු පිළිබඳ ලියූ සියල්ල පිළිගන්නා සිංහල බෞද්ධයෝ මේ කොටස ප්‍රතික්ෂේප නොකළ ද එ’සැටියෙන් ම පිළිගන්නට ද මැළි වෙති. ජයන්ත චන්ද්‍රසිරි නමැති සිනමාකරුවා ද මේ සාමාන්‍යය ජනයාගේ මතය අභිභවා යන්නට සමත් නොවන්නේ ය. එය එක් පසෙකින් සිංහල බෞද්ධයන්ගේ විරෝධයට ලක් වේවි යැයි ඇති බිය නිසාවෙන් විය හැකි ය. එසේත් නැත්නම් දුටුගැමුණු යනු සර්වසාධාරණ රජකු යැයි තමන් ද විශ්වාස කරන බැවින් විය හැකි ය. නමුත් මෙම මතය අභියෝගයට ලක් කරන අවස්ථා ද ඓතිහාසික නිර්මාණ තුළ දක්නට ඇත.
‘‘විහාර දේවිය:
... මහතෙරුන් ලියාගෙන යන මහපුස්තකයේ නුඹ ගැනනෙ ඔය ලොකුවට කතාකරන්නෙ. නුඹේ දක්ෂකම්ගැන, වීරකම් ගැන, ගුණවත්කම් ගැන එක දිගට කියවෙනව.කොටින්ම අනුරාධපුරේ අන්තිම සටන ගැන ලියා තියෙන හැටි දැක්කම මටත් පුදුම හිතුණා. එළාර ද්වන්ධව සටන සඳහා නුඹට ආරාධනා කරල එවපු පයින්ඩෙයි තැගියි ගැන වචනයක් නොකියා ඒ අදහස හරියට නුඹේම ශ්‍රේෂ්ඨ අදහසක් විදියටයි දක්වල තියෙන්නෙ.’’
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන-රත්නවල්ලි නාට්‍යය මුද්‍රිත පිටපත- පිටුව 25
මේ ඉතිහාසයට අභියෝග කරනවා ද? ඉතිහාසය ප්‍රශ්න කරනවා ද? එසේත් නැත්නම් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරනවා ද? සැබැවින් ම මෙය සිදු නොවන්නට ඇතැයි අපට විශ්වාස කළ හැකි ද? නිර්මාණකරුවා මෙවැනි සිද්ධියක් තම නිර්මාණය හරහා සමාජගතකරන විට එය දැවැන්ත අභියෝගයකි. එහෙත් ඔහු එය පසෙකලා මේ ඉදිරිපත් කරන්නේ සැඟවුණ සැබෑ ඉතිහාසය නොවන්නේ ද? පර්යේෂණාත්මක නිර්මාණයක් නම් සැබැවින් ම මෙසේ විය යුතු ම ය. එය ඉතිහාසයට අභියෝග කළ හැකි නිර්මාණයක් විය යුතු ය.
දුටුගැමුණු සැදැහැවත් බෞද්ධයෙකි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා දස දහස් ගණනක් ජිවිත ඝාතනය කර දේපළ ද විනාශ කරවූයෙකි. අඳෝමැයි! මේ සියල්ල බුද්ධ ශාසනය රැකගැනීම සඳහා ම ය. මේ ගැමුණු බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහා ක්‍රියාකළ තවත් ආකාරයකි.
‘‘ගැමුණු:
නමුත් රත්නවල්ලි දේවාලය වෙනස්. මේ මහා දේවතාවිට අත තියන්න කාටවත් බෑ. මුළු අනුරාධපුරේ දශ දිග්භාගෙ ඇගේ තේජස පැතිරෙනව. කොටින්ම මමත් ඇයට බයයි. මහතෙරුන්ට හොරෙන් මමත් ඇයට පූජාවක් යවනවා පූර්ණිමා රාත්‍රියේ මහ පූජාකර්මය සිද්ධ වෙනකොට.
විහාර දේවිය:
ඒ කියන්නෙ නුඹ මහා චේතිය බඳින්නෙ නෑ, තෙළඹුව කපන්නෙ නෑ?
ගැමුණු:
නැහැ මෑණියනි, වෙන පාරක් ඇත්තෙ නෑ. රත්නවල්ලි මාව පරසක්වල ගැහුවත් මම තෙළඹුව කපනව, චේතිය බඳිනව. ගැමුණු මහා සෑය! ඒක කරන්න මුළු ගාඩි වංශෙම කඩුගාල දාන්න අනොත් එහෙනම් ඒකත් මම කරනව.’’
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන-රත්නවල්ලි නාට්‍යය මුද්‍රිත පිටපත- පිටුව 29
මේ සැබෑවද?, යථාර්ථය ද?, ප්‍රබන්ධය ද?, නිර්මාණකරණය ද?, පෙර පැවසූ පරිදි ඉතිහාසය අභියෝගයට ලක්කිරීම ද? රජු තම අභිප්‍රායයන් ඉටුකරගනු වස් කළ හැකි සෑම ම්ලේච්ඡ පියවරක් ම අනුගමනය කරන වග මින් පසක් නොවන්නේ ද?
එහෙත් ජයන්ත මේ ගැමුණු රජු සඟවා ඇත; ශුද්ධවන්තයකු කොට ඇත.
අප දන්නා ඉතිහාසයට අනුව ගැමුණුකුමරුගේ යුද ජයග්‍රහනය පිටුපස ක්‍රියාත්මක වූ අදිසි හස්තය විහාර මහා දේවිය යි. එහෙත් ජයන්ත මේ කිසිවක් සිය නිර්මාණයට ග්‍රහණය කරගන්නට අසමත්ව ඇත. විහාර මහා දේවිය යනු මටසිළිටු ළඳක් නොව ආඩම්බරකාර, ගරු ගාම්භීර, රාජ අදහසින් හිස උදුම්මාගත් ගැහැනියකි.
‘‘ගැමුණු
නැහැ මෑණියනි, යුද්ධයක් කරන්න උනා නං ප්‍රශ්නෙ එහෙනං අහවරයි. යුද්ධ කරන්න අපට අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් තියෙනවයැ. ඒත් මේ ගාඩිත් එක්ක යුද්ධ කරන්න බෑ. උන්ට කිසිම බල සෙනඟක් නෑ. උන් මහ පුදුම ජාතියක් - උන් අතර ආරවුල් කොලාහල කවුරුත් දැකල නෑ - යක්ෂයො නාගයෙ වගේ නෙවෙයි.
විහාරදේවී
එහෙනං ඉතිං වැඩේ පහසුයිනෙ. උන් එච්චර අහිංසක මොඩයෝ රැලක්නං කාෂිකර්මාන්තයේ යහපත පෙන්නලා අපේ චාරිත්‍රවලට හරවගන්න එකයිනෙ කරන්න ඕන.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන-රත්නවල්ලි නාට්‍යය මුද්‍රිත පිටපත- පිටු 35, 36
මේ රොඩි රැහේ ස්වංනීර්ණ අයිතිය කොල්ලකැමක් නොවන්නේ ද? පසුගිය වසර තිහක් පුරා අප අත්වින්දේ මහජාතියේ අණසකට සුළු ජාතිකයන් යැයි කියනා ජන කොටසක් නතු කරගැනීමට කළ අනුවණ ක්‍රියාවේ ඵල විපාක නොවන්නේ ද?
එසේ නම් කලාකරුවාගේ යුතුකම සහ වගකිම වන්නේ තව තවත් එවැනි අනුවන ක්‍රියා ඔප්නංවමින් කරළියට රැගෙන ඒම ද?
සිනමා රූපීය වශයෙන් සිත් සත් ඇද බැඳගන්නා ‘‘මහරජ ගැමුණු’’ ඉතිහාසයේ විකෘතියක් ලෙස සලකන අතර ම ජයන්ත චන්ද්‍රසිරිනම් වූ නිර්මාණකරුවා එළාර දුටුගැමුණු ඉතිහාස කතන්දරය පත අට එකට සිඳවා කළ නිර්මාණයක් ලෙස ද සැලකිය හැකිය. නමුත් අපේ අනාගත පරපුර ඉතිහිසය යනු මේ යැයි විශ්වාස කළහොත් අනාගතයේ තව තවත් යුද සිය දහස් ගණනින් ඇතිවීම නොවැළැක්විය හැකි ය.
ජයසිරි අලවත්ත
අජිත් පැරකුම් සහ ජයසිරි අලවත්ත දෙදෙනාම දරන්නේ ඊට වෙනස් මතයක්. ඔවුන් කියනවා මෙය ජාතිමාමකත්ව සිනමා රැල්ළම තවදුරටත් කූඨප්‍රාප්තියට ගෙන ඒමක් කියලා. (දැනටමත් මේ චිත්‍රපටිය ආදායම් වාර්ථා තබා ඇති බවක් ඊයේ අහන්න ලැබුනා. සමහර විට මෙයත් මේ කාරණයට අදාල වියහැකියි.)
"පසුගිය වකවානුවේ ලාංකීය සිනමා කර්මාන්තය ඩැහැගත් එක් රැල්ලක් වූයේ බෞද්ධ ඉතිහාස කතන්දර සිනමාවට නැගීම ය. මීට පෙර සිංහල සිනමා ඉතිහාසයේ එබඳු කතන්දර නොතිබුණේ යැයි මින් අදහස් නොකෙරේ. අංගුලිමාල, අජාසත්ත, පටාචාරා, කුණ්ඩලකේශී ආදි කතන්දර ද සිනමාවට නැගිණි.
එහෙත් 2009 වසරෙන් ඉක්බිති කරළියට පැමිණි මේ ඉතිහාස කතන්දර නිර්මාපකයෝ සිය නිර්මාණ ජනතාව අතරට රැගෙන ආවේ හුදෙක් කර්මාන්තයේ දියුණුව අභිප්‍රායෙන් නොව මෙරට සිංහල බෞද්ධ ජනතාව තුළ ජාතිමාමකත්වය (ඊනියා) ඇති කිරීම උදෙසා ය." - ජයසිරි අලවත්ත
100% ක් එකඟයි.
කිසියම් විචාරයක් සමග එකඟ වීමට හෝ නොවීමට කෙනෙකුට සම්පූර්ණ අයිතියක් තියනවා. මේ කියන විචාර ගැන මගේ එකඟත්වයෙන් මෙතනට ඇති අදාලත්වය මොකක්දැයි මට නං හිතා ගන්න බැහැ. ඒක මගේ පෞද්ගලික කාරණයක් නොවෙයිද?
අපි කතා කළ යුත්තෙ චිත්‍රපටිය ගැන සහ ඒ ගැන ලියැවුනු විචාර ගැන නොවෙයිද?
- NR
“මහරජ ගැමුණු“ චිත්‍රපටය ඇරඹෙන්නේ ඒ පාඨයත් සමගිනි. මහානාම හිමියන් යනු “මහාවංශය“ කෘතියේ කතුවරයාය. පාඨයෙන් කියවෙන්නේ මහාවංශයේ ඇති කතාව, වර්තමානයට ගැලපෙන පරිදි නොව, මහාවංශයේ ඇති පරිද්දෙන්ම කීමට මහානාම හිමියන් සිනමාකරුවාට දැනුම් දී ඇති වගකි. ඉන්, “මේ චිත්‍රපටයේ ඇත්තේ මහාවංශ කතාවම මිස, වර්තමානය පිණිස වන කතාවක් නොවේ“ වැන්නක් ද ඇඟවේ. ඉතිහාස කතාවක් හෝ පුරාණෝක්තියක් මත පදනම්ව චිත්‍රපට කිරීමේ දී ලොව බොහෝ චිත්‍රපට කරුවන් තමන් ජීවත්වන වර්තමානයට අනුවර්තනය වන පරිදි කතා වෙනස් කොට තිබේ. එහි විශේෂ ගැටළුවක් මා දකින්නේ නැත. චිත්‍රපටය යනුම ප්‍රබන්ධයක් බැවිනි.
අනෙක් අතට වංශකතාවක් තුල “සිදුවීමේ සිදුවීම“ම අඩංගු වෙතැයි පැවසීමට ද හැකි නොවේ. වංශකතා යනු කිසියම් අතීතයක සිදුවූ සිදුවීම් සමූහයක්, විවිධ මූලාශ්‍රයන් හරහා එක් රැස්කර, ඒවාට සෑහෙන කාලයකට පසු යුගයකදී ලියන ලද අඛ්‍යානයන් වන බැවිනි. එහිදී බොහෝවිට එම කතාව ලියවෙන යුගයේ පවතින සමාජ දේශපාලනික සාධකවල බලපෑමට අදාල පුවත ලක්වීමේ වැඩි ඉඩකඩක් ද ඇත. (වර්තමානය වනවිට ඉතිහාසය ලියවෙන මෙවන් ආකාරයන් ගවේෂණය කිරීම දියුණු අධ්‍යාපන ආයතනවල විෂයක් ලෙස ද උගන්වනු ලබයි).
එහෙත්, තමන් මහාවංශ කතාවම ඉදිරිපත් කරන්නේ යයි කියන චිත්‍රපටයක, මහාවංශයේ සදහන් කරුණු වෙනස් කොට ඇත්නම් එය බැරෑරැම් තත්වයකි. විශේෂයෙන් බාල පරම්පරාවන් පොතින් පතින් ඉතිහාසය ඉගෙන ගන්නවාට වඩා දෘශ්‍ය මාධ්‍ය හරහා ඉතිහාසය ඉගෙන ගන්නට යොමුව සිටින කාලයක එය සමාජීයව බරපතල දුර්විපාක ගෙනදිය හැකි වරදක් ද වේ.
“මහරජ ගැමුණු“ චිත්‍රපටය දුටු පසු මට සිතුනේ ප්‍රධාන අවස්ථා කිහිපයකදී ජයන්ත චන්ද්‍රසිරි සිනමාකරුවා මහානාම හිමියන්ගේ පණිවිඩය නොසලකා හැර ඇති බවයි. එනම් “සිදුවීමේ සිදුවීම“ට වඩා “දැන් සිදුවීම“ට ගැලපෙන පරිදි මහාවංශයේ සිදුවීම වෙනස් කෙරී ඇති බවයි. එනිසා තමන්ට වඩාත් නිර්මාණශීලි වීමට තමන්ට තිබුණු ඉඩකඩක් ජයන්තට මහහැරී ඇති බවයි. මෙය විශේෂයෙන්ම සිදුව ඇත්තේ එළාර සහ දුටු ගැමුණු අතර වන සබඳතාව සම්බන්ධයෙනි.
මහාවංශයේ නිරූපිත එළාර කෙබදු අයෙක්ද? නීතිය අකුරටම ක්‍රියාත්මක කල, ධාර්මික පාලකයෙකි. සියල්ලටමත් වඩා, නිසැකවම බුද්ධාගමට ගෞරව කල රජෙකි. තමන් ගමන් කල රථයේ විය ගස වැදී සෑයක කොටසක් බිඳී ගොස් ඇති බවක් දැනගත්විට, කම්පාවට පත්වී තමාවද එම රථයටම යට කරන්න යැයි ඉල්ලා සිටි අයෙකි. ධර්මිෂ්ඨබව දෙවියන්ට පෙන්වා රටට නිසි කලට වැසි ලබා දීමට ද සමත් වූවෙකි. චිත්‍රපටයේ නිරූපිත එළාර කෙබදුද? ජයසිරි මහ බෝධිය කැප්පවීමට, බුදු සසුන වැනසීමට කුමන්ත්‍රණ කල අයෙකි. මායිම් ගම්මානවල වසන අහිංසකයන් අනුකම්පා විරහිතව මරාදැමීමට මුල්වූවෙකි. මහාවංශය සහ චිත්‍රපටය අතර මේ කාරණා සම්බන්ධ වෙනස මතුවන්නේම “සිදුවීමේ සිදුවීම“ට වඩා ඉතිහාස පුවත තුලින් “දැන් කතාව“ කියන්නට යාමෙනි. එනම්, කාලය හරහා මහානාම හිමියන් තමන් වෙත එවූ පණිවිඩයට පරස්පර දෙයක් සිනමාකරුවා අතින් සිදුව ඇත.
දුටු ගැමුණු පුවත විවිධ වංශකතාවල අඩංගු වී ඇති ආකාරය පිළිබදව විශ්ලේෂණයක යෙදෙන මහාචාර්ය ගණනාථ ඔබේසේකර පෙන්වා දෙන්නේ එළාර ඇතුළු පිරිස බෞද්ධ වෙහෙර විහාර විනාශ කල තිරශ්චීන සාහසිකයන් පිරිසක් ලෙස නිරූපණය වන්නේ දාහත්වන සහ දහ අටවන සියවස්හි රචිත රාජාවලිය සහ රාජරත්නාකාරය යන කෘතීන් තුල බවයි. මේ කෘතින් විමසීමේදී ඒවා රචනා කරන ලද සමාජ දේශපාලනික පසුබිම සිහිතබා ගැනීම වැදගත් බව ද ඔහු පෙන්වා දෙයි. සිංහල රාජ්‍යත්වය, පසුව සිංහල බොද්ධයන් බවට පත්වූ දකුණු ඉන්දියානු රජ පවුල් අතට පත්වූයේ මේ යුගයේදීය. මෙලෙසම, දශක ගණනක දෙමළ ඊලාම් යුද්ධයකින් අනතුරුව නිමවෙන “මහරජ ගැමුණු“ද, “දැන් සිදුවීම“ නිසා “සිදුවීමේ සිදුවීම“ අමතක කරයි.
අනෙක් අතට දුටු ගැමුණු ද මහාවංශයේ වඩාත්ම කේන්ද්‍රිය වන චරිතයයි. ඔහු අන් සියළු රජවරුනට වඩා බුදු සසුනේ ශික්ෂණය යටතේ හැදී වැඩෙන්නකි. ජනඝාතක යුද්ධයකට අවතීර්ණවීම එවන් රජකු තුල වරදකාරීත්වයක් ඇති කරන්නට ඇතිවාට සැක නැත. (යුද්ධයේ දී මිය ගිය දහස් ගණන් මිනිසුන් සම්බන්ධයෙන් දුටු ගැමුණු තුල ඇති වන මේ වරදකාරීත්වය හා පසුතැවිල්ල මහාවංශය තුල සදහන්ය). එක් අතකින් ඔහු ආක්‍රමණික රජෙකුට එරෙහිව සටන් කල යුතුය. අනෙක් අතින් එසේ සටනකට එළැඹීම ඔහුව නිර්මාණය කරන බුදු දහම නම් අහිංසාව පෙරටු කොටගත් ධර්මයට පටහැණි වෙයි. මෙය තුල ඔහු පත්වනු ඇති මානසික ගැටුම, කලා නිර්මාණයක් සදහා සරුපසක් සපයන්නකි. ජයන්ත චන්ද්‍රසිරි ද මිනිස් මනසේ ඇතිවන මෙවන් ගැටුම් නිර්මාණාත්මක ලෙස ප්‍රති නිර්මාණය කිරීමට සමතෙකි. ඔහුගේ මීට පෙර නිර්මාණය වූ සමනල සංධ්වනිය තුල, තමන් සොරාගත් පෙම් හසුනක් නිසා හටගත් වරදකාරීත්වය සහ එම ලියුමේ හිමිකාරියගේ ආදරය සොයා යාමේ ආශාව අතර ගැටවරයෙකු තුල ඇතිවන මානසික ගැටුම ඔහු විසින් මනරම් සිනමා සිත්තමක් බවට පත්තර තිබිණි. කෙසේවුවද, “මහරජ ගැමුණු“ තුල ඉහත කී මානසික ගැටුම පිළිබද කිසිදු සඳහනක් නැත. ඒ වෙනුවට දේශපාලන වේදිකාවක් සදහා උචිත තර්කයක් වන “අපි මෙසේ සටන් කිරීමෙන් අපේ සසර ගමන දිගුවනවා. එහෙත් මේ උතුම් ධර්මය වෙනුවෙන් අපේ සසර ගමන අපි පරිත්‍යාග කරමු“ යන ප්‍රකාශය ඔහු දුටු ගැමුණුගේ මුවට නංවයි. මෙය, මෑත කාලයේ කඩාපණින මැරවර භූමිකාවක නියැලුණු චීවරධාරී බලසේනා කල්ලිවලට පවා තම හැසිරීම සුජාත කරගැනීම සදහා හොදින් යොදා ගත හැකි තර්කයකි. මෙතැනදී ද ප්‍රමුඛ වී ඇත්තේ “සිදුවීමේ සිදුවීම“ට වඩා “දැන් සිදුවීමේ“ ආනුභාවයයි.
අවසාන සටනට පෙරාතුව, තමා හා ද්වන්ධ සටනකට පැමිණෙන ලෙස ගැමුණු එලාරට අභියෝග කරන අතර, එළාර ද එය පිළිගනියි. මෙය විශිෂ්ට අවස්ථාවකි. තමන් සිය ජාතිය වෙනුවෙන් දිවි පුදන බවට දේශපාලකයන් කොතෙක් දිවුරා පැවසුවත් අවසානයේදී දේශපාලනය යනු බලය පිළිබද ක්‍රීඩාවකි. සිංහල ජාතිකවාදය සහ දෙමල ජාතිකවාදය එකිනෙකාගෙන් පෝෂණය වෙමින් ස්වකීය දේශපාලන බලය ගොඩ නගා ගත් ආකාරයත් ඒ ජනවර්ග දෙකට අයත් සාමාන්‍ය ජනතාව ඉන් විපතට වැටුනු ආකාරයත් අප දැක ඇත්තෙමු. ඒ අතින් මේ රජවරුන් දෙදෙනාම ශ්‍රේෂ්ඨයෝය. තමන් නිරතව සිටින්නේ බල ක්‍රීඩාවක බව තේරුම්ගන්නා ඔවුහු දෙදෙන, සිය ජනතාව අනතුරේ නොහෙලා තමන් දෙදෙනා අතර වන සටනකින් දිනුම තීරණය කිරීමට ගිවිස ගනිති.
මේ සටන මෙන්ම දුටු ගැමුණු හා එලාර අතර වන අවසාන සංවාදය ද ජයන්තගේ සුපුරුදු නිර්මාණාත්මක හැකියාවන් ප්‍රකට කරවන අවස්ථාවකි. දුටු ගැමුණුගේ දෙඅත්මත එළාර අවසන් සුසුම හෙලයි. තමන් ඔහු මිය ගිය ස්ථානයේ ඔහු වෙනුවෙන් සෑයක් ඉදිකරන බව ගැමුණු එළාරට පවසයි. ඒ ඇයිද යන්න සදහා එතරම් හේතු චිත්‍රපටය තුල හමුවන්නේ නැත. සෑයක් ඉදිකෙරෙනුයේ විශේෂිත හේතුන් මතය. සිය පියා වූ කාවන්තිස්ස රජු මිය යන තැනවත් සෑයක් ඉදිකිරීමට ගැමුණු රජු පෙළඹෙන්නේ නැත. එසේනම්, ශ්‍රී මහා බෝධිය කැප්පවීමට සොර සේනා යැවූ, අහිංසක ජනයා කුරිරු ලෙස ඝාතනය කල, තමාව මරන්නට ද දිගටම කුමන්ත්‍රණය කල එළාර වෙනුවෙන් සෑයක් බැදිය යුතු යයි දුටුගැමුණු සිතන්නේ ඇයි? මහාවංශය තුල නම් මෙයට පිළිතුරක් ඇත – එනම්, ආක්‍රමණික මිථ්‍යා දෘෂ්ඨිකයෙකු වුවත් ඔහු ධාර්මික, නීති ගරුක සහ බුදු දහමට ගරු කල රජෙකු බැවිනි. මනෝවිශ්ලේෂණය ඇසුරු කරගනිමින් දුටුගැමුණු පුවත පිළිබද විග්‍රහයක යෙදෙන මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ එළාර විසින් දුටුගැමුණු වෙත පීතෘ භූමිකාවක් රඟ දක්වන ලද බවයි. චිත්‍රපටයේ කතාව ගොඩනැගී ආකාරය සැලකීමට ගැනීමේ දී සෑයක් ගොඩ නැගීමට දුටුගැමුණු පෙළඹවූ හේතුව ලෙස ඉතිරිවන්නේ මේ සාධකය පමණකි.
අවසාන වශයෙන් තමන් එළාර යටතේ සිටි සාමාන්‍ය ජනතාවට කිසිදු හිරිහැරයක් නොකරන බවත්, ඔවුනට සාමාන්‍ය වැසියන් දිවිගෙවීමට ඉඩ සලසන බවත් දුටු ගැමුණු එළාරට පොරොන්දු වෙයි. මෙය ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය නැවත ප්‍රකට කරන අවස්ථාවකි. එසේම, “දැන් සිදුවීමේ“ දී අප නොදුටු දෙයකි. දෙමළ ඊලාම් යුද්ධය අවසානයේ ජයග්‍රාහකයා කියා සිටියේ දැන් රටේ ජාති දෙකක් නැති බවත්, ඇත්තේ රටට ආදරය කරන අය සහ රටට ද්‍රෝහි අය පමණක් බවත්ය. මේ තුල සිය අයිතිවාසිකම් ඉල්ලා සිටි ඕනෑම අයෙකු ජාති භේදයකින් තොරව රටට ද්‍රෝහි වූවෙකු ලෙස නම් කිරීමේ වරම ජයග්‍රාහකයා හිමිකරගත්තේය. මේ අවස්ථාවෙන් උපරිම ලෙස වාසිගත් පරපෝෂිත කුඩා දුටුගැමුණුලා සමූහයක් ද ඒ සමගම බිහිවූ අතර, රිසි ලෙස දේශද්‍රෝහීන් නම් කරමින් ස්වකීය අවස්ථාවාදී න්‍යාය පත්‍ර සපුරා ගැනීමට ඔවුහු සමත්වූහ. (මේ දිනවල ඔවුන් කියමින් සිටින්නේ ඉහත නැතැයි කියූ ජාති දෙකෙන් එකක් නිසා තමන් ඡන්දයෙන් පරාජය වූ බවයි.) යුද්ධයෙන් වසර පහක් ගෙවුන පසුව පවා එම ප්‍රදේශවල සිටි හමුදා ආණ්ඩුකාරයන් වෙනුවට පරිපාලන සේවයේ නිලධාරීන් එම ප්‍රදේශවලට පත් කිරීම ද්‍රෝහිකමක් බව පවසමින් කෑමොර දෙන මේ කුඩා දුටුගැමුණුලා, මේ චිත්‍රපටය බැලීම වැදගත්ය.
දුටුගැමුණු මරන්නට එන එළාරගේ මරාගෙන මැරෙන සටන්කරුවාගේ සිට, සටන් සංවිධානය කිරීමට වඩා, නාන තොටේදී පවා රජ පවුලට ආරක්ෂාව සැපයීමට සැදී පැහැදී සිටින දසමහා යෝධයන් කට්ටලය දක්වා බොහෝ දේ අපට සිහිපත් කර දෙන්නේ “සිදුවීමේ සිදුවීම“ට වඩා “දැන් කතාව“යි. ඒ නිසා චිත්‍රපටය නරඹන්නා චිත්‍රපටයේ සිටින මහරජ ගැමුණු, වර්තමානයේ සිටින දුටුගැමුණුලා සමග සසදන්නට නිතැතින්ම පෙළඹෙයි. සිය රචනාවේ අවසාන භාගයේ දී ඔබේසේකර පවසන පහත වාක්‍යය චිත්‍රපටය නැරඹා ආපසු එනවිට සිතට නැගුණේ එනිසා විය යුතු යයි සිතමි.
“දුටුගැමුණු නම් යලි ඉපදී ඇත. නමුත් මෙවර ඔහු තුල බෞද්ධ හෘද සාක්ෂියක් නැත.”