Most Critical Political Issue in SL

3 views
Skip to first unread message

Amarasiri Gunawardena

unread,
Oct 31, 2023, 5:07:09 AM10/31/23
to ind...@googlegroups.com
Hi
LTTE and SL politics at the time is explained with many incidents taken place during the period. 

මේ වීඩියෝ එක තුල අඩංගු කාරණා සහ සිදුවීම් ගැන සිතා බලන විට එවකට රජය හිතා මතාම කළු ජුලියට පාර කපා ඇත. ඒ වගේම සියළුම සිදුවීම් පිටුපස බලවත් දේශපාලන [ආන්ඩුව] සහ රාජ්‍යය දෙකම එක්ව විශාල දෙමල විරෝධයක් ඇති කර ඇත. මෙය එවකට පැවති විවුර්ත ආර්තිකය හඳුන්වා දෙමින් සිටි පාර්ශවය කළේ අන්තර්ජාතික සහයෝගයද සමග විය හැකි යයි සිතේ. ලෝකයේ යුධ ගිණි දෙස බලන විට ඔර්නෑම රටක පවතින සාමකාමී සමාජයන් නොයෙකුත් ආකාරයට අවුලවමින් පැවති බැව් මගේ අදහසයි...මෙම කළු ජූලිය සහ සමස්ත යුධ වාතාවරණය ඇති කලේ රට තුලින්ම නොවිය හැක...!!

Nissanka Rajapaksa

unread,
Oct 31, 2023, 10:44:50 PM10/31/23
to INDRAKA group
//........මෙය එවකට පැවති විවුර්ත ආර්තිකය හඳුන්වා දෙමින් සිටි පාර්ශවය කළේ අන්තර්ජාතික සහයෝගයද සමග විය හැකි යයි සිතේ......//

ගුණේ,
ලංකාවේ මහජාතියේ උන්මාදයට අන්තර්ජාතික සහයෝගය ලැබුණා යැයි මට නම් විශ්වාස කරන්න බැහැ. උදා. හැටියට GST සහනය දෙන්න පවා මානව හිමිකම් ආරක්ෂා කිරීම නිර්නායකයක් විදියට ගන්නවා. අනෙක් අතට එක් ජනකොටසක් යටපත් කිරීමෙන් අන්තර්ජාතික වෙළඳාම ප්‍රවර්ධනය වේ යැයි හිතන්න පුලුවන් ද?

රටවල් අතර යුදගිණි ඇවිලවීම මීට වෙනස්. ඒවා බලය පතුරවාලීම සඳහා කරන දේවල් බව පැහැදිළියි.

Nihal Ananda

unread,
Nov 2, 2023, 1:29:36 AM11/2/23
to ind...@googlegroups.com
//මේ වීඩියෝ එක තුල අඩංගු කාරණා සහ සිදුවීම් ගැන සිතා බලන විට එවකට රජය හිතා මතාම කළු ජුලියට පාර කපා ඇත. ඒ වගේම සියළුම සිදුවීම් පිටුපස බලවත් දේශපාලන [ආන්ඩුව] සහ රාජ්‍යය දෙකම එක්ව විශාල දෙමල විරෝධයක් ඇති කර ඇත. මෙය එවකට පැවති විවුර්ත ආර්තිකය හඳුන්වා දෙමින් සිටි පාර්ශවය කළේ අන්තර්ජාතික සහයෝගයද සමග විය හැකි යයි සිතේ.......... //

කළු ජුලි , දෙමල සංහාරය ........ දෙස මේ විදියට බලන්නත් පුළුවන්. 
එහෙම නං කරන්නේ තියෙන්නේ...... වෙනත් රජයක් බලයට පත් කරන එකයි. 

1981 කළු ජුලිය කාලයේ පවතී එජාප පාලනය, JR , ආර් ප්‍රේමදාස, ඩී බී විජේතුංග යටතේ 1994 දක්වා බලයේ සිටියා. 
1994 න පසු, චන්ද්‍රිකා , මහින්ද , සිරිසේන ජනාධිපතිවරුන් යටතේ රජයන් පැවතුනා. 
හැබැයි රජයන් වෙනස් වුනා කියල , කළු ජුලි කාලේ සිදු වී විනාශයන්ට, ජිවිත හානිවලට ..... විශේෂ දෙයක් සිදු වුනේ නැහැ. 
@gune කියන ආකාරයට 1981 රජය වග කිවයුතු නම්....., එම රජයේ දේශපාලකයන් නිලධාරින් නිතිය ඉදිරියට ගෙන ඒමක් සිදු වුනෙත් නැහැ. 
මේ සමහර රජයන් බලයට ගෙන ඒමට , බලය පවත්වා ගෙන යාමට ..... ජවිපෙ පවා සහයෝගය දැක්වුවා. හැබැයි . කළු ජූලියට වගකිවයුතු යයි කියන 81 රජය /දේශපාලකයන් ගැන, ජවිපෙ  පවා හඬ නැගු බවක්, ක්‍රියා කල බවක් දන ගන්නට නැහැ. ඉදිරියේ දී ජවිපෙ බලයට පැමිණියත් ..... කළු ජුලිය ගැන අමුතු දෙයක්  වේ යයි හිතන්නට බැහැ .
එහෙම නම් ...... එවකට පවතී රජයේ වගකීම ගැන , කතා කිරීමේ තේරුමක් තියනවාද ? 

Reply all
Reply to author
Forward
0 new messages