බෞද්ධ හිමිනමක් සිරැරට ගිනිතබා ගෙන මිය යාම- ජීවිත පූජාවක්ද? නැතහොත් සිය දිවි හානිකර ගැනීමක්ද?

15 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
May 27, 2013, 5:47:43 AM5/27/13
to ind...@googlegroups.com
Is it a self sacrifice or a suicide?

It’s a self-sacrifice - Jathika Hela Urumaya (Daily Mirror)


But some other report says a different story. (Although this is from the unreliable www.lankaenews.com, I think the basic news we can extract from that report is wiswaasable.)

- NR 

fndaj;af;a bkaof¾ f.a whswd¾iS f;daïnqj fukak

^,xld B ksõia -2013'uehs'27" fm'j'6'30& isrerg .sks ;ndf.k ish Èú kid .;a ÖjrOdÍ fndaj;af;a bkaør;k kue;a;d cd;sl ùrfhl= lsÍug wka;jd§ uQ,O¾ujd§ka W;aidy l<o Tyq ñ,shk .Kkska uyck uqo,a jxpd l<" wd.ñl iu.shg tfrysj mQcH ia:dk úkdY lrñka m%pkav l%shdfõ fhÿkq" wêlrKhg wjYHj isá iy wêlrKh u.yer issá foaYmd¨ ;laläfhla nj z,xld B ksõiaZ wNHka;r f;dr;=re fiajh mjihs'

mQ¾K jd¾;dj fufiah'

mÈxÑj isg we;af;a r;akmqr lyj;af;a mín; W;=re ókdj;af;a msysá iq.; úydrfha h'

cd;sl fy< Wreufha m%dfoaYSh iNd uka;%Sjrfhl= f,i me,auvq,a, m%dfoaYSh iNdjg f;aÍ m;aù we;' bka miqj úÿ,s n, uKav,fha" iuDoaê ks,OdÍka f,i wd§ /lshd ,nd fok njg fmdfrdkaÿ ù m%foaYfha uyck;djf.ka ,laI 20 lg wêl uqo,a f.k lsisÿ /lshdjla ,nd fkd§ uqo,a jxpd lr ;sfí' .=re m;aùï fok nj mjid ;reK ;reKshkaf.ka ;j;a remsh,a ,laI 10 lg wêl uqo,la jxpd lr ;sfí' fufia /lshd fok nj mjid we;af;a weue;s fcdaka fifkúr;ak uy;df.a ku úl=Kñks' fudyqg uqo,a § jxpdjg ,lajQ ck;dj fmd,sishg meñKs,s lr we;s w;r weue;s fcdaka g o meñKs,s lr we;' fudyq f.a l%shd l,dmh ysirohla jQ úg weu;s fcdaka fifkúr;ak fmd,sishg mjid we;af;a fudyqg tfrysj kS;sfhka lghq;= lrk f,ihs' kuq;a fmd,sishg fudyqg tfrysj l%shd ud¾.hla .ekSug yelsù ke;af;a fudyq iy wdrlaIl f,alï f.daGdNh w;r ;snq iïnkaOhla ksidh' tu iïnkaOh l=uk ;rd;srfï iïnkaOhlao hkak fy<s ù ke;;a fudyqg tfrysj kS;sfhka lghq;= lrkakg hk iEu wjia:djl§u wdrlaIl f,alï jrhd Bg yria ù ;sfí'

kS;sfhka ms<sirkla fkdue;s jQ úg jxpdjg ,lajQ msßia m%dfoaYSh iNdfõ§ fudyqj w,a,d .ekSug /l f.k isàu fya;=fjka fudyq m%dfoaYSh iNd /iaùï j,g iyNd.S ùuo u. yer ;sfí' miqj fudyq ùrleáh m%foaYhg ryis.;ju m<d f.dia we;'

ùrleáfha § o fudyq cd;sl fy< Wreufha foaYmd,kfha l%shdldÍlfhl= f,i lghq;= lr we;' cd'fy'Wreufha n<,a w;a ixúOdkhka jk isy, rdjfhao" fndÿ n, fiakdfõo lghq;= i|yd iyNd.S ù we;s bkaør;k lf;da,sl iy uqia,sï mQckSh ia:dk j,g myr §u i|yd l%shdldÍj ueÈy;a fjñka m%pkav uerfhl= f,i lemS fmfkk uer ls%hd isÿ lr ;sfí'

2012 wfm%a,a ui 20 fjksod oUq,a, uqia,sï foajia:dkhlg myr §u isÿl< fudyq tys§ isjqre .,jdf.k yuqodj iu. .egqulg .sfha h' ^tys fiahdrE fuys ±lafõ& isjqre .,jd mmqj fmkajd zfjä ;shmx" fjä ;shmxZ lshñka úhrefjka fuka lE .eiSh'

ùrleáhg m<d hEfuka miq 2012 foieïn¾ 9 od lf;da,sl foajia:dkhlg myr §ug iyNd.S úh' tys§ remsh,a ,laI .Kkl w,dNhla isÿl< w;r foajia:dkfha ;snQ foaj m%;sudjlao l=vq lr ;sfí' fï m%ydrhg isy, rdjh iy fndÿ n, fiakdj ixúOdk folu iyNd.S ù we;' ta iïnkaOfhka ùrleáh fmd,sish ÖjrOdÍ bkaør;k we;=¿ ;j;a uerhka 5 fofkl=g tfrysj kS;s u.ska lghq;= lsÍug .sho tys§ o wdrlaIl f,alï f.daGdNh ueÈy;a ù fudyq fírd f.k ;sfí' wvqu .Kfka fudyqf.ka lg W;a;rhla ,nd .ekSugj;a bv § ke;'

bkamiqj bkaør;k iu. isy, rdjfha iy fndÿ n, fiakdfõ uerhka 2013 ud¾;= 18 od ùrleáfha uqia,sï foajia:dkhlg myr § úkdY lr we;' óg tfrysj fmd,sish l%shdud¾. .ksoa§ Bg miqod ud¾;= 19 od bkaør;k iy wlaóuk ohdr;k hk fofokdu uerhka iu. tlaj ùrleáh fmd,sishg o myr § ;sfí' tu m%ydrfhka fmd,sishg ,laIhlg wêl w,dNhla isÿj ;sfí' fuu msßi ud¾;= 22 od ;x.,af,a uqia,sï foajia:dkhlg myr t,a, lsÍug ie,iqï lr ;snQ w;r ta ms,sn| f;dr;=re l,ska fmd,sishg ,eîu ksid th jHd¾: lsÍug yels ù ;sfí'

ud¾;= udifha 18"19" 22 Èkj, ÖjrOdÍ uer bkaør;k we;=¿ msßi úiska fmd,sishlg myr §u o we;=¿j isÿl< m%pKav l%shdjkag tfrysj kS;sfhla lghq;= lsÍug .sho m%foaYfha foaYmd,k{hka iy wdrlaIl f,alï f.daGdNh úiska fmd,sishg n,mEï t,a, lr tho j<lajd ;sfí' flfia fj;;a fmd,sishg myr §u ksid ùrleáh fmd,sish úiska fuu bkaør;k we;=¿ msßig tfrysj wxl 193$2013 orK î jd¾;dj u.ska fpdaokd /ila f.dkq lrñka ùrleáh ufyaia;%d;a wêlrKhg lreKq f.dKq lr kvq mjrd we;' tla jrla muKla wêlrKhg bÈßm;a jQ fudyq bkamiqj wêlrKh u. yer ;sfí' ta wkqj fuu .sks ;nd .ekSug Èk 3 lg l,ska tkï 2013 uehs 21 fjksod fudyq jydu w;a wvx.=jg f.k wêlrKhg bÈßm;a lrk f,i ùrleáh wêlrKh úiska ksfhda. ksl=;a lr ;sfí'

fï ish¿u isÿùï cd;sl fy< Wreuh úiska ie,iqï l< Tjqka úiska fufyhjk ,o isÿùï jk w;r fudyqf.a lghq;= i|yd úh meyeoï lr we;af;a o cd;sl fy< Wreuh úisks' 

fï wkqj fudyqf.a .sks ;nd .ekSug i;s lsysmhlg fmr fudyq cd;sl fy< Wreufhka bj;a l< l;dj fuu .sks ;nd .ekSfï ie,eiafï u fldgils' 

fmd,sish mjikafka fudyq lr ;sfnk jxpd iy m%pkav l%shd wkqj fudyq jir .Kklg ysf¾ hd hq;= mqoa.,fhla kuq;a wdrlaIl f,alï f.daGdNh" weue;s pïmsl iy isjqf¾ wkqyiska kS;sfhka .e,ù isá njhs'

fï f;dr;=re wkqj zkdrdfyakamsg bkaof¾Z iy zfndaj;af;a bkaof¾Z w;r jeä fjkila ke;' fofokdu whswd¾iS ldrfhda h'

Dayananda Attanayake

unread,
May 28, 2013, 9:27:54 AM5/28/13
to indraka
Sick Monk
In 
Theravada Buddhism, for a monk to praise the advantages of death, including simply telling a person of the miseries of life or the bliss of dying and going to heaven in such a way that he/she might feel inspired to commit suicide or simply pine away to death, is explicitly stated as a breach in one of highest vinaya code regarding prohibition of harming life, hence it will result in automatic expulsion from Sangha




Exhibition of scene outside temple via TV confirms self-burning as method to children in all Sri Lanka

Sri Lanka Buddhist monk dies after self-immolation


Dozens of people protested after the authorities rejected a state funeral for the monkDozens of people protested after the authorities rejected a state funeral for the monk

A Buddhist monk who set himself alight as an act of protest has died of his injuries in Sri Lanka.

Bowatte Indarathana was protesting against the slaughter of cattle and the alleged conversion of Buddhists by the country's minority faiths.

He set himself on fire on Friday outside the country's holiest shrine - the Temple of the Tooth in the central city of Kandy.

The government condemned media outlets showing shocking video of the incident.


'Drawing the line'

The monk - believed to be aged 30 - belonged to a Buddhist revivalist group which has been campaigning against the Muslim halal method of slaughtering animals.

Buddhism forbids its own believers from killing animals but many Buddhists in Sri Lanka do eat meat, including beef, the BBC's Charles Haviland says.

Venerable Indarathana had also been calling for an end to proselytising by Christians and followers of other faiths in the Buddhist-majority nation of about 20m people.

Dozens of monks from the same group and their supporters later staged a demonstration in the capital Colombo after the authorities rejected their demand for the monk to be given a state funeral.

Self-immolation by Buddhist monks in Sri Lanka is exceptionally rare, although many Tibetan monks have recently committed suicide in this way for political reasons, our correspondent adds.

Meanwhile, senior government official Charith Herath told the BBC the monk had forewarned a reporter from a private TV station of his plan and the journalist then filmed the suicide instead of preventing it.

The official said the media should "draw the line" and stop certain things happening.

The incident comes amid tension in Sri Lanka as hardline Buddhist groups have campaigned against the halal slaughter method practised by Muslims. Several Muslim establishments have also been targeted by hardline Buddhists in recent months.

m.bbc.co.uk/news/world-asia-22677058



--
 
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka?hl=en-US.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Nissanka Rajapaksa

unread,
May 28, 2013, 12:38:48 PM5/28/13
to ind...@googlegroups.com

ඉන්දරතන හිමි ජීවිතය පූජා කළේ හරකෙකුටද?

- පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද හිමි

2013 මැයි 28 11:33 a:m

elalawalamedanandahimiඉන්දරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති. එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති. මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්. මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්. ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා.බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ. මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා. තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි. ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි. මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.

ධර්ම ශ්‍රී තිලකවර්ධන

Nissanka Rajapaksa

unread,
May 28, 2013, 1:19:11 PM5/28/13
to ind...@googlegroups.com

2013-05-28 W3Lanka

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය

Bowatte Indrarathana funeral
බෝවත්තේ ‍ඉන්ද්‍රසාර හිමියන්ගේ ආදාහනය අද ඔහුගේ ගමේදී පැවැත්විණි. ඡායාරූපවලින් පෙනෙන ආකාරයට එයට ලොකු සෙනගක් සහභාගි වී නැත. කොළඹ සිංහල බෞද්ධ වීරයන්ට කහවත්ත දුර වැඩි හෝ තමන් වැඩ කරන තැන්වල නිවාඩු නැති හෝ වන්නට ඇත.

මා දුටු තවත් දෙයක් වන්නේ පුද්ගලයන් දෙතුන් දෙනෙකු ඉන්නා සංවිධාන ඉටි රෙදි කපා, කෝටුවල අමුණා අතන මෙතක කහ කොඩි දැම්මා මිස ජනතාව ස්වේච්ඡාවෙන් කහ කොඩි දැමීමක් කළේ නැති බවයි.

ඉන්ද්‍රසාර හිමියන් ගිනි තබා ගත් මහනුවර නගරයේ පවා කහ කොඩි නො එසවීම පිළිබඳ උරණ වූ ජාතික හෙළ උරුමයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි තුෂාර ස්වරණතිලක මැයි 27දා දහවල් මහනුවර ජෝර්ජ් සිල්වා උද්‍යානය අසල පැවැති රැස්වීමකදී "හෙට දහවල් 12 වෙන්නට පෙර මහනුවර කහ කොඩි දමන්න කියලා ඉල්ලා සිටිනවා. නැත්නම් අපි හෙට ක්‍රියා මාර්ගයක් ගන්නවා" යි කී බව වාර්තා විය. 

මිනිස්සු මේ ගිනි තබා ගැනීම ගැන කතා කරනු ඇසුණ මුත්, ඒ ගැන කම්පනයක් ඇති වී තිබුණු බවක් නම් දක්නට නො ලැබිණි. වෙසක් තොරණ්, පහන් කූඩු, දන්සල් ආදිය ගැන මිනිස්සු ඊට වඩා කතා කළ හ. සිංහල බෞද්ධ ජනතාව කිසිවක් සිදු නො වූවා සේ වෙසක් බලන්නට යනු පෙනිණි.

ඉගෙන ගන්නවා නම් සිංහල බෞද්ධ අන්තවාදීන්ට පමණක් නො ව සියලු ජාතිවාදීන්ට හා ස්වෝත්තමවාදීන්ටත් මේ පාඩමකි. ජාතිවාදය, ආගම්වාදය හා ජනප්‍රිය අන්තවාදයන් යනු සිතූ පැතූ සම්පත් මවා දෙන සුරබිදෙනකැයි මෙතෙක් සිතා සිටියා නම් දැන් ඒ ගැන නැවත කල්පනා කරන්නට මේ අත්දැකීම හොඳ අවස්ථාවකි. 

අන්තවාදය ඔස්සේ බලය හා කීර්තිය නිර්මානය කර ගැනීම දැන් අන්තයකට එමින් තිබෙන බව අපේ අදහසයි. කුමන තත්වයක් තුළ වුණත් ජනතාව මෙවැනි ප්‍රචණ්ඩත්වයක් තම දෑස් අභියස දකින්නට කැමති නැත. එය ස්වපීඩක වුවත්, අන්ත ප්‍රචණ්ඩ ක්‍රියාවකි. එය දෑසින් දුටු අයගේ හා රූපවාහිනියෙන් නැරඹූ අයගේ මනසට කරන ලද දැවැන්ත ප්‍රචණ්ඩ බලපෑමකි. 

අනෙක් පැත්තෙන් ජාතික, ආගමික අන්තවාදයන් යනු පූර්ණ පාලනයකට නතු කර ගත හැකි දේ නො වේ. අල් කයිඩා මතවාදයන්ගෙන් පෝෂණය වූ තරුණයෝ දෙදෙනෙක් එම සංවිධානය සමග කිසිදු සම්බන්ධයක් නැතිව, ස්වයංව බෝම්බයක් හදා බොස්ටන්හි පුපුරුවා හැරිය හ. 

අන්තවාදයෙන් මෝහයට පත්ව සිටි ඉන්ද්‍රරත්න හිමියෝ ද අන්තවාදී සංවිධානවලට මිනියවත් සාර්ථක ලෙස විකුණා ගන්නට බැරි අන්දමේ ක්‍රියාවකින් දිවි තොර කර ගත් හ. 

තව පන්සියයක් ගිනි තබා ගත්තත් ඔය ටික තමා ය. 

2003දී සෝම හිමි 'අපවත් කළ' අවස්ථාවේ එම මරණය දේශපාලන බල ව්‍යාපෘතිය තුළ ස්ථානගත කළේ අසපු භික්ෂු බලවේගය විසිනි. දිලිසෙන සිවුරු පෙරවූ, මුහුණුවල පියරු ගා, තොල්වල ලිප්ස්ටික් ගා, සුවඳ විහිදුවමින් හුරතල් අන්දමින් බණ කියූ මේ සාදුලා මැද පංතික උපාසකම්මලා අතර මාකට් විය. 

අසපු සාදුලාගේ දේශපාලන ‍අවසානය සලකුණු වුණේ සත්ගුණවත් ආචාර්ය මර්වින් සිල්වා විසින් සිවුර ය‍ටින් අත දමා කලටි පොල් වල්ලක් කරකවන්නා ‍සේ කරන ලද සාංඝික වෘෂණ කෝෂ ඇඹරිල්ලෙනි. 

රැඩිකල් දේශපාලන භික්ෂුවක් වන අතුරලියේ රතන හිමි අසපුවක සිරගත වී සිටියදී ඉදිරියට ආවේ බණක්,  භාවනාවක් නො දන්නා, මැරවරකම, ටුවරිස්ට් ගයිඩ් වැඩ, කාර් විකිණීම, බිස්නස් වැනි වැඩ කර කර සිටි අලුත් වලිකාර සංඝ පරපුරකි. හුරතලේට බණ කියන්න නො දත් මේ පරපුර තමන් දන්න, දන්න විධියට එක, එක දේ කරමින් සිටිති. ඔවුන් කරන දේ හැම අතින් ම රටටත්, සිංහල ජාතියටත් වින වේ. 

අනෙක් පැත්තෙන් මේ පරපුර පාලකයන්ගේ අතින් කන කුක්කෝ ය. ඒ බව ඉන්ද්‍රරතන හිමියන්ගේ මරණින් පසු බුද්ධ ශාසන අමාත්‍යංශය සම්බන්ධයෙන් ඔවුන් විසින් කරන ලද‍ ඉල්ලීමෙන් ම පැහැදිලි වේ. 

අන්තවාදය අන්තවාදයෙන් ම අවසන් වෙමින් තිබේ. 

2013/5/28 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
May 29, 2013, 10:09:29 AM5/29/13
to ind...@googlegroups.com
Published on Wednesday, 29 May 2013 13:21
EmailPrint

Elle 410px 13 05 28ගව ඝාතනයට එරෙහිව හදිසියේ මතයක් ඇතිවීම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් වියහැකි බව පොලිස් කොමිෂමේ සාමාජික පුජ්‍ය ගුණවංශ හිමියන් පවසති.

පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් සිරුරට ගිනි තබා ගෙන දිවි නසා ගැනීම සාධාරණ නොවන බවත්, කිසිදු අවස්ථාවක අවසන් මොහොතේ කල යුතු දේ මුලින් කිරීම සුදුසු නොවන බවත් උන්වහන්සේ කියා සිටිති.

උන්වහන්සේ පෙන්වාදෙන්නේ හාමුදුරුවරුන් දිවිනසාගන්නේ නම් මීට පෙර එවන් අවස්ථා ඕනෑ තරම් තිබූ බවයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාව, අරන්තලා භික්ෂු ඝාතනය, ශ්‍රී දළඳා මාළිගයට බෝම්බ ප්‍රහාරයක් එල්ලවූ අවස්ථාව ඒවාට උදාහරණ වශයෙන් දැක්විය හැකි බව උන්වහන්සේ පෙන්වා දෙති.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් එම කාරනා සඳහන් කලේ 'නෙත්' ගුවන් විදුලිය සමග පැවති සංවාදයකදීය.

එම සංවාදයේ සම්පූර්ණ සටහන අද (29) රාත‍්‍රී 7.30 'නෙත් එෆ්.එම්' රේඩියෝවේ අන්ලිමිටඞ් වැඩසටහනින් ප‍්‍රචාරය කිරීමට නියමිතය.


2013/5/28 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
May 31, 2013, 2:16:38 AM5/31/13
to ind...@googlegroups.com

සිංහල-බෞද්ධ හරක් මස් වෙනුවට බටහිර ක‍්‍රිස්තියානි හරක් මස් වැළඳීම

May 31, 2013 | Filed under: Colombo Telegraph,සිංහල | Posted by: COLOMBO_TELEGRAPH
 

ගාමිණී වියන්ගොඩ -

ගාමිණී වියන්ගොඩ

ගව ඝාතන විරෝධය හින්දු ආගමික යි. බුද්ධාගම, සකල මාංශ අනුභවය හෙලාදකී. ඊට, හාල්මැස්සා ද අයත් ය.

වෙසක් පුර පසළොස්වක දවස බෞද්ධයාට තෙමගුලකි. බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය සහ පරිනිර්වාණය එදාට සැමරේ. මෙම අවස්ථා ත‍්‍රිත්වයම බෞද්ධයා තුළ දනවන්නේ ශාන්තියකි, සිසිලසකි. ගින්දර එහි ප‍්‍රතිපක්ෂයයි. සිවුරක් පොරවාගෙන සිටි බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයෙක් එම දවසේ සිරුරට ගිනි තියාගත්තේය. එසේ කෙළේ, ලංකාවේ සිංහල-බෞද්ධයාගේ අතිපූජණීය දළදා මැදුර අභියස ය. ඒ මගින් ඔහු කෙළේ, නිර්මල බුද්ධත්වයේ ශාන්තිය සහ සිසිලසත්, සිංහල=බෞද්ධයාගේ ඓතිහාසික වන්දනීයත්වයක් එක විට කෙළසීමයි. මෙය, වීරත්වයක් හෝ පූජණීයත්වයක් වශයෙන් කෙනෙකු සළකන්නේ නම්, ඔහු හෝ ඇය මේ මියගිය පුද්ගලයාට වඩා බිහිසුණු ය. සටකපට ය. අබෞද්ධ ය. මන්ද යත්, ගිනි තබාගෙන මියගිය තැනැත්තාගේ දඩබ්බර මුග්ධත්වයට අමතරව ඔහුව සමරන්නා තුළ භයානක අවස්ථාවාදයක් ද රජයන බැවිනි.

සිංහල=බුද්ධාගමේ මූලික ස්වභාවය වන්නේ, බුදුන්ගේ ධර්මය පරයා, ජාතිය/ගෝත‍්‍රය අධිනිශ්චය වීමයි. එහි දී ජාතිය බැබළවීමට බුද්ධාගමට ගිනි තැබෙයි. ඉන්ද්‍රරතන නැමැති මෙම පුද්ගලයාගේ මළකඳ වටා කපුටු රැුලක් සේ රොදබඳින දේශපාලඥයන් දැන් කලක සිට නිරත වන්නේ එම කාර්යයේ ය.

ආගමේ අනුහසින් දේශපාලන බලය රස විඳීම බුද්ධාගමට පමණක් සීමා වන සත්තාවක් නොවේ. අනිත් ආගම් ද ඉතිහාසයේ හරි අපූරුවට එම භූමිකාවට උරදී තිබේ. එහෙත්, අවිහිංසාව මතම පදනම් වන බුද්ධාගම වැනි ආගමක්, හිංසාව විෂය කරගත් බල ලෝභය සඳහා දෛනික මට්ටමෙන් ඔට්ටුවට තැබෙන විට, එම ආගමේ වාටියවත් අවසානයේ දී ඉතිරි වෙතැ යි සිතිය නොහැක. ගංගොඩවල සෝම හිමියන්ගෙන් මෑත කාලයේ පටන්ගෙන, ජයග‍්‍රාහී යුද්ධයක සම්මාදමෙන් ගොඩනැගුණු නූතන සිංහල-බුද්ධාගම තුළ බුදුන් වහන්සේව ඝාතනය කෙරෙන්නේ, වෙඩි උණ්ඩයක් හෝ බෝම්බයක් වැනි ක්ෂණික හිටිවන අවියකින් නොව, ගිය සතියේ ලන්ඩන් නුවර ප‍්‍රධාන වීදියක දී බි‍්‍රතාන්‍ය ජාතික හමුදා සොල්දාදුවෙකුව මහ දවල් කැති පිහිවලින් කෑලි කෑලි කපා ඝාතනය කළ ආකාරයෙනි. එම ඝාතකයන් දෙදෙනා අතේ පිස්තෝලයක් ද තිබුණි. එහෙත් ඝාතනය සඳහා ඔවුන් පාවිච්චි කෙළේ, එම පහසු අවිය නොව, ප‍්‍රචණ්ඩත්වය උත්කර්ෂවත් කෙරෙන පරිදි උපරිමයෙන් ලේ වෑහෙන උල් ආයුධයි. බුදුන් වහන්සේගේ ධර්මය අද ලංකාවේ ඝාතනය කෙරෙමින් තිබෙන්නේ ද එයාකාරයෙනි.

මෑතක සිට පාරතොටේ හමුවන බොහෝ තරුණ භික්ෂූන් වහන්සේලාගේ මුහුණුවල ස්වරූපය, අප කුඩා කල දුටු භික්ෂූන් වහන්සේලාගේ පහන් සංයමයට අහලකින්වත් මායිම් නොවන ස්වභාවයකැ යි අපට සිතී ඇති වාර අනන්තයි. රට රාජ්‍යයන් ජයගත් චණ්ඩාශෝක අධිරාජයා දවසක් උදේ මාළිගාව ඉදිරිපිට පාරේ වඩින කුඩා නිග්‍රෝධ හිමි නමගේ සන්සුන් විලාසයෙන් සැදී පැහැදී ධර්මාශෝක වූ පුවත අප අසා ඇත. පසුගිය කාලයේ, බොදුබල සේනා, සිංහල රාවය සහ රාවණා බලය වැනි අන්තවාදී උමතු ව්‍යාපාර හරහා විටින් විට වීදි බැස්සවූ පුංචි සාමනේර හිමිවරුන්ගේ පවා මුහුණුවල තිබූ ප‍්‍රචණ්ඩත්වය කෙනෙකු බිය ගන්වන තරම් ය. බෝවත්තේ ඉන්ද්‍රරතන නැමැති පුද්ගලයාගේ ගිනි පූජාව එම වර්ධනයේ එක් සන්ධිස්ථානයකි.

මොහු කවුද? ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි, ඔහු නීතියට කට්ටි පනිමින් සිටි පුද්ගලයෙකි. කලක් ජාතික හෙළ උරුමයේ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වශයෙන් සිට පසුව විනය හේතු මත එම පක්ෂයෙන් නෙරපන ලද පුද්ගලයෙකි. මුස්ලිම් පල්ලියකට පහර දෙන අවස්ථාවක දී ප‍්‍රසිද්ධියේ සිවුර ගලවා පපුව නිරුවත් කොට පෙන්වමින් මදාවියෙකු සේ හැසිරෙන ඔහුගේ පින්තූරයක් එක් වෙබ් අඩවියක පළවී තිබේ. ඊට අමතරව, කතෝලික පල්ලියකට පහර දීමේ සිදුවීමකට ද ඔහු සම්බන්ධ ය. තවද, වීරකැටිය පොලිස් ස්ථානයට පහර දීමේ සිද්ධියකටත් මොහු ගෑවී තිබේ. ‘ආගම සහ ජාතිය’ වෙනුවෙන් එසේ ‘වීරකම්’ පෑමට අමතරව, සමෘද්ධි රැකියා දෙන බවට පොරොන්දු වී අසරණයන්ගෙන් වංචනික ලෙසින් මුදල් එක්රැස් කරගෙන එම පළාතෙන් පළා ගිය අයෙකු බව ද, තවත් වාර්තාවකින් කියැවෙයි. කොටින්ම, දිවිනසා ගැනීමට දින තුනකට පෙර එකී වැරදිවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, වලස්මුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් මේ පුද්ගලයාට එරෙහිව වරෙන්තුවක් නිකුත් කොට තිබීමෙන් පෙනී යන්නේ, මොහු බෞද්ධ භික්ෂුවක් සේ සැළකීම කෙසේ වෙතත්, බෞද්ධ පන්සලක් අසළකටවත් වැද්දගත යුතු නැති පුද්ගලයෙකුගේ චර්යාවකට නොමසුරුව සම්මාදම්ව සිටි බවයි.

විනය හේතු මත ඔහුව පක්ෂයෙන් පන්නා දැමූ ජාතික හෙළ උරුමයම, සත්ව පැවැත්මේ අතිමූලික ප‍්‍රාථමික විනය පවා කඩකරමින් ගිනි තබාගෙන මියගිය ඔහුගේ මිනිය වීරත්වයෙන් දැකීම තුළ ඇති දේශපාලනය වටහාගත යුතුව තිබේ. යුද ජයග‍්‍රහණයට පෙර සිටි ජාතික හෙළ උරුමය සහ යුද්ධයෙන් පසු ජාතික හෙළ උරුමය අතර වෙනස පැහැදිළිව හඳුනා ගැනීම එහි දී වැදගත් ය. යුද්ධයට පෙර මේ රටේ සිංහල-බෞද්ධ කම ජාතික හෙළ උරුමයේ ඒකාධිකාරී සන්තකයක් විය. එහෙත් යුද ජයග‍්‍රහණයෙන් පසු, ඊට හිමිකම් පාන්නෝ බොහොමයකි. එම තරගය තුළ, ‘සිංහල=බෞද්ධ’ දේශපාලනය සඳහා ඉස්සරටත් වඩා බුද්ධාගම කෙළෙසිය යුතුව තිබේ.

බොදුබල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පුවත්පතකට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක දී, ඇපල් මුද්දරප්පලම් පිටරටින් ගෙන්වන්නා සේ හරක් මස් ද පිටරටින් ගෙන්විය නොහැක්කේ මන්දැ යි ප‍්‍රශ්න කරයි. ගව ඝාතනය තහනම් කිරීම, අර ගිනි තබාගෙන මියගිය පුද්ගලයාගේ එක ඉල්ලීමකි. දැන් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවගේ දේශනාවට අනුව, ලංකාවේ සිංහල-බෞද්ධ ගවයාගේ මස් වෙනුවට බටහිර කිතුණු ගවයාගේ මස් අනුභවය, පාණාතිපාතා වේරමණී ශික්ෂා පදයට ගෑවෙන්නේ නැත. ලාංකීය හරකාගේ ජීවිතය තරම් විදේශීය හරකාගේ ජීවිතය වටින්නේ නැත. මේ ස්ථාවරය, හුදෙක් ‘අබෞද්ධ’ යන වචනයෙන් හැඳින්වීම, ඔවුන්ගේ වර්තමාන දේශපාලනය විසින් මේ රටට කරනු ලබන විනාශය අඩුවෙන් තක්සේරු කිරීමකි. (මෙවැන්නන් අබෞද්ධ වන බව අමුතුවෙන් කිව යුතු නැත).

මාළු කෑමෙන් වළකින්නැ යි මොවුන් කිසිවෙකු කිසි දවසක කියනු අප අසා නැති බව මොහොතකට පැත්තකින් තියමු. ඒත්, ඌරු මස් කෑමෙන් වළකින්නැ යි මේ තරම් හයියෙන් ඔවුන් කෑ නොගසන්නේ ඇයි? එසේ කළොත් ඉස්ලාම් ආගමිකයා සමග අනන්‍ය වීමට සිදුවන බැවිනි. අනිත් අතට, ලංකාවේ ගවමස් කර්මාන්තයේ බලය හොබවන්නේ මුස්ලිම් ප‍්‍රජාවයි. ව්‍යාපාරික පදනමකින් කෙරෙන ගව ඝාතනය සහ වෙළඳාම බොහෝ විට පවතින්නේ ඔවුන්ගේ අතේ ය. මේ මොහොතේ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව ගෙන යන ව්‍යාපාරය තුළ, ගව ඝාතනය තහනම් කැරැවීම යනු, ඒ අනුව, ඊනියා ගව-පේ‍්‍රමයට අමතරව, මුස්ලිම් ප‍්‍රජාවේ එක් ආර්ථික පදනමකට ද අභියෝග කිරීමකි. පිටරටින් හරක් මස් ගෙන්වා වැළඳීම මේ භික්ෂුවට ප‍්‍රශ්නයක් නොවන්නේ එබැවිනි.

මේ ගිනි තබා ගැනීම කල්තියා සැලසුම් කරන ලද්දක් බව දැන් හෙළිවී තිබේ. දහස් ගණන් මිනිස් ජීවිත විනාශ කෙරෙන යුද්ධයට එරෙහිව වචනයක් නොකියන මෙවැනි භික්ෂූන්, තමාගේ ජීවිතයට වඩා හරකෙකුගේ ජීවිතයක වටිනාකමක් ඇතැ යි සිතීම ගැන අපට ප‍්‍රශ්නයක් නැත. බුදුන්ගේ ධර්මය සකල සත්වයාගෙන් ගලවාගෙන සිංහලයාගේ තනි බූදලයක් කරගන්නා තරමට, එවැනි සාසනික සිතිවිලි පහළ වීම අස්වාභාවික නැති බැවිනි. එහෙත් එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මුළු රටක්ම අගතියට පත්වන්නේ නම්, ජාතීන් අතර අසමගිය තව තවත් වැපිරෙන්නේ නම්, ඒ ගැන සැබෑ බෞද්ධයා නිහඩව සිටිය යුතු ද? දේශපාලනය කරට ගත් සංඝයා වහන්සේලා මෙසේ හැසිරෙන විට ගිහියන් ද ඊට නොදෙවැනිව නටති. මේ පුද්ගලයාගේ සිරුර දැවී යන සැටි, ‘රියැලිටි ෂෝ’ ක‍්‍රමයට කැමරාවට හසු කර ගැනීමෙන් ස්වකීය ‘වෘත්තීය’ අනාගතය සරිකර ගත හැකි යැයි සිතූ ‘මාධ්‍යවේදියා’ ඊට හොඳම නිදසුනකි. මිනිස් ජීවිතයක විනාශය වළක්වා ගනු වෙනුවට ඔහුට වැදගත් වුණේ, එය විනාශ වන ආකාරය රූපගත කිරීමෙන්, මාධ්‍ය ඔස්තාද් කෙනෙකු වීමටයි. ඔහු හින්දු, ඉස්ලාම් හෝ කිතුණුවෙකු නොව, සිංහල-බෞද්ධයෙකි.

ඔබට, සිංහලයෙකු විය හැකිය. එසේම, බෞද්ධයෙකු ද විය හැකිය. එහෙත්, ඔබට සිංහල-බෞද්ධයෙකු විය නොහැකිය. මන්ද යත්, ගෞතම බුදුන් වහන්සේව එවිට ඔබට මගහැරෙන බැවිනි.



2013/5/29 Nissanka Rajapaksa <nraja...@gmail.com>

Nissanka Rajapaksa

unread,
May 31, 2013, 8:29:18 PM5/31/13
to ind...@googlegroups.com








එල්ලාවල හාමුදුරුවෝ ධර්මය දන්නෙනැහැ - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ (Lanka Truth)

2013 මැයි 30 වෙනි බ්‍රහස්පතින්දා, 17:58

දිනපතා පුවත් පතක් සමග පැවැත්වූ සම්මූඛ සාකච්ඡාවකට එක්වෙමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ ධර්මය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන බවයි. එම පුවත්පතේ මාධ්‍යවේදියා අසන පැනයකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

එහිදී මාධ්‍යාවේදියාගේ පැනය වී තිබුනේ "එල්ලාවල සේධානන්ද හිමියන් යනු ජාතික හෙළ උරුමයේ නායකත්වය දැරූ හිමිනමක්. එහෙත් උන්වහන්සේ අවධාරණය කරන්නේ කීර්තිය හා දේශපාලන වාසි තකා සිදුකරන මෙබඳු ක්‍රියා මුලුමනින්ම බුදු වදනට පටහැනි බවයිබදු දහම විනාශයට යන්නේ මෙබඳු වැඩ නිසා බවයි?

පිළිතුර " තමන් මේ මොහොතේ ස්ථානගත වී සිටින තැන් අනුව සහ තමන්ට තිබෙන වරප්‍රසාද වාසි බලාගෙන යම් යම් අය විවිධ ප්‍රකාශ කරන්න පුළුවන්. ඉන්ද්‍රරතන හිමියන් බුදු දහමට පටහැනි දෙයක් කරලා නෑ. උත්තම අරමුණක් වෙනුවෙන් ජීවිතය පූජා කළ අවස්ථා බුද්ධ චරිතයේත් ජාතක පොතේත් ඕනෑතරම් තිබෙනවා. එහෙම පටහැනියි කියලා කියනවානම් ඒක ධර්මය පිළිබඳ තිබෙන අනවබෝදය නිසා කියන කතාවක්. ජාතික හෙළ උරුමය මේකෙන් දේශපාලන ප්‍රචාරක වාසි ලබාගන්න යනවා කියලා චෝදනා කරනවානම් ඒක තමන් නරත වී සිටින පටු දේශපාලනයෙන් වාසි ගන්නට යෑමක් පමණයි. මේ අය කවුරු වෙනුවෙන්ද සේවය කරන්නේ කියලා මේ රටේ බෞද්ධ ජනතාව තීරණයක් ගනීවි. ජනාධිපති තුමා පවා හමු වී සාකච්ඡා කරලත් වැඩක් නොවුණු නිසයි ඉන්ද්‍රරතන හිමියන් මෙබඳු තීරණයකට එළඹුණේ."

මාධ්‍යවේදියා මෙහිදී තවත් පැණයක් ගොඩනගද්දී ඊට ලැබෙන්නේ මෙවැනි පිළිතුරකි.

පැණය "ඉන්ද්‍රරතන හිමියන් තුළ තිබුණේ බොධිසත්ව චරිත ලක්ෂනයක් යැයි ඔබ කීවත් මෙම සිදුවීමට පාදක වූ නිර්මාංශකභාවය සම්බන්ධයෙන් වරක් දේවදත්ත තෙරණුවන් ද කොන්දේසි ඉදිරිපත් කරද්දී බුදු රදුන් එය එකහෙළාම ප්‍රතික්ෂේප කරනවා. ඇයි බුදු රජාණන් වහන්සේ එවැනි ප්‍රතිචාරයක් දැක්වූයේ?

පිළිතුර "ඒකේ වැදගත්කම තිබෙන්නේ බුදු හාමුදුරුවෝ දැඩි නීති රීති පනවලා ඒවා පාලනය කරන්න කටයුතු කලේ නෑ. අවබෝධයෙන් එය නතර කළයුතුය කියන තැනකයි හිටියේ. අන්තවාදවලට තල්ලුකරන්න ගියේ නෑ. ඒකයි මේකයි සංසන්ධනය කරන්න බෑ... ගවමස් කන්න කැමති අය ඉන්නවානම් පිට රටින් ආනයනය කරන්න පුළුවන්..."

කෙසේ නමුත් ජාතික හෙළ උරුමයේ හිටපු නා‍යක එල්ලාවල මේධානන්ද හිමියන් මෙන්ම ජාතික හෙළ උරුමය පක්ෂයේ වත්මන් නායකයින්ද නියෝජනය කරන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවයි. එම පක්ෂයට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන ඇමතිවරයෙක්ද සිටී.


2013/5/31 Nissanka Rajapaksa <nraja...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages