අපේ ජීවිතවලට ලහි ලහිව අන්ධකාරය කඩාවැටෙමින් තිබූ භීම සමයෙක, මානවීය මිත‍්‍ර සන්ථවයට මුල් ඇදෙන්නට හැකි ගැඹුරුම තැනුත්, අවස්ථාවාදී උපයෝගීතාවට පාවෙන්නට හැකි ඉහළම ඉම් පෙදෙසුත් ගැන ඉතා කෙටි නමුත් ඊයම් බරු සා බර පාඩමක් කියාදුන් නොඋස්, සුනංගු මිනිසෙක් අපේ සුරක්ෂා ස්ථානය වූ අඳුරු මහල් ගොඩනැඟිල්ලේ පියගැට පෙළ බැස කොළොම්පුරේ අනන්ත මංමාවත් මැද මැකී ගියේ ය. ඒ 2009 ජනේරුවයි.
වසරකට පසු, 2010 ජනේරුවේ ඒ මිනිසා රළ නඟන රණකාමයෙන් සැදි කොළොම්පුර ජනී ජනයා මැද, විලෙහි ලෑ ලූණු මිටක් සේ අදිසි වනවිට අප සිටියේ එතැනින් සැතපුම් දස දහස්ගණන් දුර දැවැන්ත නඟර මැද හිස ගිනිගෙන දුවන ජනී ජනයා අතරේ, සුනංගුව හේතුවෙන් මැකී වියැකී යමිනි.
ප‍්‍රගීත් එක්නැලිගොඩ නම් මිනිසා අතුරුදහන්ව අදට පස්වසකි. මනුෂ්‍යභාවයේ ලංසුව දිනෙන් දින සිල්ලරව යන බිමක ‘ඔහුට සිදුවූයේ කුමක්දැ’යි අසන කටහඬවල්වලට වඩා ‘ඔහු කවුද? කළේ මොනවාදැ?’යි අසන කටහඬවල් ගණන වැඩිය. උදුරා ගැනෙන මනුස්ස ජීවිතවල වටිනාකම පුද්ගල උසට මහතට දිගට පළලට පර්යාය වන්නේයයි අදහන කොදෙව්වකට පිළිතුරු බඳින්නට සිදුවීමම ඛේදයකි.
ඉදින් අද අපි ඔහුගැන කිසිත් නොකියන්නෙමු. ඔහු සුස්මනය කළ බිම්කඩෙහි, ඔහු සමඟ එකට සුස්මනය කළවුන්ගෙන් කිහිප දෙනෙකුට ඔහුගැන කියන්නට ඉඩහරිමු.
සන්ධ්‍යා එක්නැලිගොඩ
තවත් එක් අතුරුදහන්වූවකු සේ මතකයෙන් පවා වැළැලී යාමට නියමිතව තිබූ ප‍්‍රගීත් අද වනතුරුත් අදෘෂ්‍යමාන තලයක ජීවමාන කරවන්නී ඔහුගේ බිරිය සන්ධ්‍යා ප‍්‍රියංගනී එක්නැලිගොඩ ය. කෙතරම් දුෂ්කර කර්තව්‍යයක් වුව පස්වසක් පුරාවට ඇය අයෝමය දිරියකින් එය සිදුකළාය.
සන්ධ්‍යා පළමු වතාවට ප‍්‍රගීත් දකින්නී ’88 අගදී ඇන්ටන් මාකස්ගේ ස්ත‍්‍රී මධ්‍යස්ථානයේදීය. ඇය එහි සේවය කරමින් සිටියාය. ඔහුට තවත් විවිධාකාර වෘත්තීය සමිති සමඟ මෙන්ම ස්ත‍්‍රී මධ්‍යස්ථානය සමඟද පයුරු පාසානම් තිබිණි.
‘‘ඒත් මට ප‍්‍රගීත් එක්ක මුළින්ම හරියට කතාකරන්න ලැබුණේ ’89 මුල. එතකොට එයා ඇන්ටන් මාකස්ගේ කොළඹ වෘත්තීය සමිති කාර්යාලයට සම්බන්ධයි. මං ගියේ ඔහු ලවා මගේ ළමා පොතකට චිත‍්‍ර අන්දගන්න. මං යනකොට ප‍්‍රගීත් මොකද්දෝ වැඩක්. චිත‍්‍රයක් අඳිනවා. විනාඩි විස්සක් විතරම ඔළුවවත් නූස්සා ඔහු වැඬේ කරගෙන ගියා. ඒක සත්‍යජිත් රායිගේ චිත‍්‍රයක්. ‘සිනෙසිත්’ සඟරාවට. එයා ඒක හරි අපූරුවට ඇඳල තිබුණා.’’ පළමු මතක හිටින හමුව ගැන අඩසියවස් අඩක් එපිට ස්මරණයන් වෙත සන්ධ්‍යා ආපසු යන්නී එලෙසිනි.
1991 අගදී ඇය ස්ත‍්‍රී මධ්‍යස්ථානයෙන් ඉවත්වන්නීය. සේවාදායකයාට එරෙහිව නඩු කියන්නීය. ස්ත‍්‍රී මධ්‍යස්ථානය සමඟ පැවැති හිතවත්කම් නොතකා ප‍්‍රගීත් සන්ධ්‍යාගේ නඩුවට උදව්කරන්නේය. ‘‘අපිට අසාධාරණයක් වුණ බවත්, අපේ සටන සාධාරණ බවත් පිළිගත් ප‍්‍රගීත් එවැනි සටනක් කරන්නේ කොහොමදැ’යි නොදැන හිටි අපට හුඟක් උදව් කළා. ප‍්‍රගීත් එතකොට මගේ යාළුවෙක් විතරයි.’’
’92 දී යහළුකම පෙමකට පෙරැළී, 92 අග ඔවුහු විවාහ වෙති. එහෙත් සන්ධ්‍යා ඔහුගේ වතගොතක්, අතීතයක් ගැන දැනසිටි දෙයක් නැති තරම්ය. ඔහු ඒවා කීවේ නැත. නොකී නිසා ඇය ඇසුවේත් නැත. ‘‘මට ඒවයෙන් වැඩක් තිබුණෙත් නෑ.’’ ඇය කියන්නී ය.
"එතකොට මොනවද සන්ධ්‍යා ප‍්‍රගීත් ගැන විවාහ වෙනකොට දැනගෙන හිටියේ?’’ මම විමසමි.
‘‘ප‍්‍රගීත් එක්නැළිගොඩ කියලා පුද්ගලයෙක් හිටියා. දක්ෂයි. නිශ්ශබ්දයි. කල්පනාකාරීයි. කතාකරන වචන කිහිපය තියුණුයි. උපහාසයෙන් අනූනයි. විහිදුණු දක්ෂතා තිබුණා. අඳින්න පුළුවන්. ලියන්නත් දක්ෂයි. අඩු පහසුකම් යටතේ වැඩකරන්න පුළුවන්. අපූරු කාටූන් ශෛලියක් තිබුණා. විවිධ දේවල් ගැන සොයා බලන්න පර්යේශණ කරන්න පුදුම උනන්දුවක් දැක්වුවා. පර්යේශණ විෂයයන් විවිධයි. ගොවිතැනේ ඉඳලා රසායනික අවි දක්වා.’’
ජනතා විමුක්ති පෙරමුණු දේශපාලනය නිසා ගෙදරින් එළියට බට ප‍්‍රගීත්, වසර ගණනකට පසු නැවත ගෙදර යවන ලද්දේ සිය පියානන්ගේ අභාවය පිළිබඳ සතියක් පමා වූ විදුලි පුවත විසිනි. ඒ විවාහයට කලිනි. ‘‘එදයින් පස්සේ ඔහු කවදාවත් ගෙදර ගිහින් නෑ. කොටින්ම අදටත් මං ඔහුගේ පවුලේ අය ගැන තොරතුරක් දන්නේ නෑ,’’සන්ධ්‍යා කියන්නී ය.
‘‘ප‍්‍රගීත් ඉන්න කාලේ ගෙදර නිතරම පිරිලා. වෙලාවක් අවේලාවක් නැතිව විවිධ අය ඔහු සොයා ආවා. ඇතැමුන් විවිධ වැඩ කරවගන්න. ලියන, අඳින වැඩ, මුද්‍රණ වැඩ, ප‍්‍රචාරණ වැඩ. සමහරු ආවේ කතා කරකර ඉන්න.’’
1988දී ජනතා විමුක්ති පෙරමුණ විසින් කෲර ලෙස ඝාතනය කරන ලද වාමාංශික ක‍්‍රියාධරයකු වූ නන්දසේන සිල්වාගේ අළු තැන්පත් කළ බඳුන වසර දහයක් තිස්සේ සිය නිවසේ තබා රැකගත්තේ ප‍්‍රගීත් ය.
‘‘නන්දෙගෙ මරණය ගැන එයා පුදුම කම්පාවකින් හිටියේ. අළු බඳුන කවදා හරි පවුලේ අයට බාරදෙන්න කියලා අපේ ගෙදර තියාගෙන හිටියා. ඒත් ඒක බාරදෙන්න කෙනෙක් හිටියේ නෑ. අන්තිමේ එයා 1998දී නන්දෙගේ අළු කළුගෙඟ් පා කළා.’’
ප‍්‍රගීත්ගේ අතුරුදහන් වීමෙන් පසු ආණ්ඩුවේ බලධරයන්ට පමණක් නොව ජනමාධ්‍යයේ ඇතැම් පොල්ම:කාරයන්ටත් තිබුණු ප‍්‍රධාන ගැටලූව වූයේ ඔහුගේ ජීවිත හිමිකම නොව ඔහු මාධ්‍යවේදියෙක්ද නැද්ද යන්නයි.
‘‘ප‍්‍රගීත් අතුරුදහන් වුණාට පස්සේ ඔහු කවුද, කරමින් හිටියේ මොනවද කියනඑක ගැන මට පොලීසියට, උසාවියට සාක්කි ඉදිරිපත් කරන්න සිදුවුණා. ඔහු සම්බන්ධවෙලා හිටපු සමහර තැන්වලින් කියන්න ගත්තා ‘ප‍්‍රගීත් අපි එක්ක හිටියේ නෑ’ කියලා. නිදසුනකට ‘යුක්තිය’ ප‍්‍රගීත් තමන් එක්ක හිටපු බව කියන්න කිසිම සාක්කියක් දුන්නේ නෑ.
‘‘ප‍්‍රගීත් හොයාගැනීමේ සටනෙදී මේ රටේ වගේම පිරටරවලත් බොහොම දෙනෙක් පුදුමාකාර සහයෝගයක් ලබාදෙනවා. ඇතැම්විට බස් එකට සල්ලි දුන්නාම මාව අඳුනාගන්න කොන්දොස්තර සහෝදරවරු සල්ලි ආපහු දෙනවා. මගතොටේ හමුවන බොහෝ අය දිරිගන්වන සුළු වචනයක් හරි කියන්න ඉදිරිපත් වෙනවා.
‘‘ඒත් සමහර තැන්වලින් සිදුවන කෙනෙහිලිකම් ගැනනම් කණගාටුවක් ඇතිවෙනවා. මං කියන්නේ පොලීසියෙන් උසාවියෙන් ආණ්ඩුවේ දේශපාලකයන්ගෙන් නෙමෙයි. මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් වැඩකරනවා කියන අයගෙන්මත් ඇතැම් විට එවැනි නොසලකා හැරීම් සිදුවෙනවා. වින්දිතයන් තමන්ගේ දුකම කියමින්, තමන් වෙනුවෙන් සටන් කිරීම ඒ අයට බාරදීලා ඉන්නකං ඒ අය කැමතියි. ඒත් තමන්ට අහිමි කරනලද දේවල් ගැන වින්දිතයන් ස්වාධීනව සටන් කරන්න ඉදිරිපත් වෙනකොට ඒ ඇතැම් අයටත් ඒක රුස්සන්නේ නෑ. නමුත් මං ඒවගෙන් සැලෙන්නේ නෑ. මට ස්ථිර අරමුණක් තියෙනවා. පළමුවැන්න ප‍්‍රගීත් හොයාගන්න එක. ඔහුට වුණේ මොකක්ද, ඒකට වගකිවයුත්තේ කවුද කියලා හොයාගන්න එක. ඊළඟට ප‍්‍රගීත් වගේම මේ රටේ අතුරුදහන් කරපු, මරාදමපු මනුස්ස ජීවිතවලට සිද්ද වුණේ මොකද්ද කියලා හොයන එක. ඒවාට යුක්තිය ඉටුකරගැනීමට බලකරන එක. එවැනි මනුස්ස ඛේදවාචක මේ පොලොවෙන් තුරන් කිරීමේ සටනට මගේ ශක්ති පමණින් දායක වීම. දුෂ්කරයි තමයි. ඒත් ජීවිතේ තියෙනකං මං ඒකට කැපවෙනවා.’’
රාජා උස්වැටකෙයියාව
ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ රාජා උස්වැටකෙයියාවට ප‍්‍රගීත් හා තිබුණේ කාලයෙන් දිගු වූද, ගුණයෙන් ගැඹුරු වූද ඇසුරකි. එය වෙසෙසින් ‘80 දශකයේ මැද සිට, ජවිපෙ දෙවැනි නැඟිටීම ඔස්සේ පැනනැඟුණු මුළුමහත් භීෂණ සමය පුරා ස්වභාවයෙන් දෘඩ එකක්ව වැඩිණි. වැඩිවශයෙන් මහනුවර ගෙවුණු මේ කාලය ‘කම්කරු ගොවි ආයතනය’ සෙවනේ, මාක්ස්වාදී ප‍්‍රවේශයකින් ලංකාව තුළ මානව විද්‍යා ශාස්ත‍්‍රීය සම්ප‍්‍රදායයක් ස්ථාපිත කිරීමෙහිලා වෙහෙසුණු ආචාර්ය නිව්ටන් ගුණසිංහ ඇසුරේ පෝෂණය වූවකි.
කලෙක ජවිපෙ දේශපාලනයෙහි බැරෑරුම්ව නියැලුණු ප‍්‍රගීත්, ’80 ජූලි වර්ජනය කෙරේ පක්ෂය දැක්වූ සතුරු ආකල්පයන්ට විරුද්ධව සිටගත් අතලොස්සෙහි සිටියෙකි. ජවිපෙන් කැඞී වෙන්වන ඔහු ජූලි වර්ජනයේ විකෘති පලවිපාක ඔස්සේ මානව අයිතීන් විෂයයෙහි උනන්දු තරුණ කි‍්‍රයාකාරිකයකුගේ භූමිකාවට පිවිසෙයි. ’83 කළු ජූලිය විසින් ඇතිකළ කම්පනය ඔහු වෙත වර්ගවාදී ගොහොරුවේ තුච්ඡත්වය පිළිබඳ වේදනාකාරී අවබෝධය ගෙනාවේය. රාජා උස්වැටකෙයියාවට තරුණ ප‍්‍රගීත් හමුවන්නේ මෙකලය.
‘‘මේ කාලෙ අපි ඇත්ත පත්තරේ ගිය යූනුස්ගෙ කාටූන් ලොකුවට පිටපත් කරලා මහනුවර නගරයේ තාප්පවල අලවනවා. ඒක එක්තරා විදියක රහසිගත අරගලයක්. ප‍්‍රගීත් තමයි වැඩිපුරම මේ කාටූන් පිටපත් කළේ.
‘‘අපි එස් බාලක‍්‍රිෂ්ණන්ගේ ‘ලංකා සමාජ ආයතනයේ’ අනුග‍්‍රහයෙන් කරගෙන ගිය ‘විමසුම’ සඟරාවේ වැඩකරන කාලයේ ප‍්‍රගීත් එහි සමීපතමයෙක්. මේ වෙනකොට ආචාර්ය නිව්ටන් ගුණසිංහත් ආපහු ලංකාවට ඇවිත් ‘කම්කරු ගොවි ආයතනය’ පිහිටුවන්න මුල්වෙලා හිටියා. බර්ටි ගජමෙරගෙදර, ජයරත්න මලියගොඩ, වගේ අය එක්ක මමත්, ප‍්‍රගීත් හා සී ජේ අමරතුංගත් නිව්ටන් ඇසුරේ කිසියම් විදියක බුද්ධිමය ශාස්ත‍්‍රීය සංවාදයක නියැලිලා හිටියා. නිව්ටන් අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි, ලූයී අල්තුසර්, නිකෝස් පුලන්සාස් වගේ මාක්ස්වාදී දේශපාලන චින්තකයන් ලංකාවට හඳුන්වා දෙමින් දේශන මාලාවක් කළා. අපි එහි ශ‍්‍රාවකයන් වගේම සංවිධාන සහායකයන් විදියටත්, මේ නව දැනුම සමඟ නිරන්තර වාද සංවාද කරන්නන් විදියටත් නිව්ටන් ඇසුරේ හිටියා. නිව්ටන්ගේ පර්යේෂණ සහායකයෙක් විදියටත් ප‍්‍රගීත් කටයුතු කළා.
මගේ මතකය නිවැරැදි නම් නිව්ටන් ගොවි කම්කරු ආයතනයේ කළ දේශන මාලාව අලළා පලකළ ‘අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි - කෙටි හැඳින්වීමක්’ කියන කෘතියේ වගේම නිව්ටන්ගේ උපාධි නිබන්ධනය ඇසුරෙන් පලකළ ‘උඩරට ගමක පන්ති පෙළගැස්ම’ කෘතියේත් පිටකවර නිර්මාණය කළේ ප‍්‍රගීත්. නිව්ටන් විසින් ’80 දශකය මැදදී අවුළුවන ලද ‘චූල සම්ප‍්‍රදායය හා මහා සම්ප‍්‍රදායය’ පිළිබඳ ආන්දෝලනාත්මක වාදයේදී මහා සම්ප‍්‍රදායයට නිව්ටන් බැටදෙනකොට ප‍්‍රගීතුත් ඔහු සමඟ හිටියා.’’
රාජා උස්වැටකෙයියාව ඇතුළු පිරිසක් එක්සත් සමාජවාදී පෙරමුණෙන් ඡන්ද සටන්වලට යනවිට, ප‍්‍රගීත් ඔවුන් අත්හැර නොයන සගයෙක් වී සිටියේය. ආණ්ඩුවේ හා ජවිපෙ භීෂණය මැද පැවැති පළමු පළාත්සභා මැතිවරණයේදී මෙන්ම ’89 මහ මැතිවරණයේදීද ප‍්‍රගීත් ඒ සටනට උරදුන් අයුරු රාජා මෙනෙහි කරයි.
‘‘89 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් සමාජවාදී පෙරමුණෙන් තරග කරනකොට අපි දෙපැත්තකින් භීෂණයකට මුහුණ දීලා හිටියා. එක පැත්තකින් ආණ්ඩුවේ භීෂණය. අනෙක් පැත්තෙන් අවි අමෝරාගත් ජවිපෙ. ඒ අතරේ ශ‍්‍රීලනිපයත් අපට හිරිහැර කළා. ප‍්‍රගීත් අපේ ප‍්‍රබලම ආධාරකාරයෙක්. අපේ ප‍්‍රචාරක වැඩ සම්පූර්ණයෙන්ම සැලසුම් කළේ ප‍්‍රගීත්. ඊට අමතරව මගේ ආරක්ෂාවට හිටියෙත් ප‍්‍රගීත්. අපි මැතිවරණ රැස්වීම්වලට ගියේ බස්වලින්. අති දුෂ්කර හා භීෂණකාරී ගමන්. ප‍්‍රගීත් පිස්තෝලය ඉනේ ගහගෙන ‘රාජා ඉස්සරහින් යන්න. මං පස්සෙන් එන්නං’ කියනවා. කතාබහක් නෑ. අපිව අඳුනන්නෙ නෑ වගේ ඉන්නේ. හැබැයි ව්‍යාඝ‍්‍රයෙක් වගේ වටපිටාව ඉවකරමින්.
‘‘දිනනවද පරදිනවද කියන එක ප‍්‍රගීත්ට වැදගත් වුණේ නෑ. ඔහු ජීවිතයත් මරණයත් අතර ඒ සටනේ හිටියා. ඡන්දය ඉවර වුණාම අපට නුවර ඉන්න බැරිවුණා. අපි කොළඹ ගියා. ප‍්‍රගීත්ටත් අපිත් එක්ක නුවර අතහැරලා කොළඹ යන්න සිදුවුණා.’’
ප‍්‍රගීත්ගේ පුද්ගල චරිතය ගැන රාජාගේ නිරීක්ෂණය තියුණුය, උණුසුම්ය. එහි සංක්ෂිප්තය මෙ’පරිද්දෙනි.
‘‘ප‍්‍රගීත් කියන්නේ එඩිතර, සූක්ෂ්ම, හෙමින් වැඩකරන කෙනෙක්. හෙමින් වුණාට අඛණ්ඩව වැඩකළා. විවේක ගත්තේ නෑ. හතිවැටුණේ නෑ. ඔහුගේ කතාබහේ බලවත් උපහාසයක් තිබුණා. දේශපාලන උපහාසයක්. හරිම විවේචනාත්මකයි. හැමෝම දකින මතුපිට දේට වඩා හැමදේකම ගැඹුරක් ඔහු දැක්කා. ඒ වගේම කිසි දේකට සැලෙන්නේ නැති මිනිහෙක්. විද්‍යාව ගැන තදබල උනන්දුවක් තිබුණු දැඩි හේතුවාදියෙක්. ඒ වගේම ඔහුතුළ හොඳ වගාකරුවෙකුත් හිටියා.
‘‘ඔහු තරමක් ගුප්ත චරිතයක්. ඒ ඔහුගේ හැටි. කැපී පෙනෙන්න, මතුපිටට එන්න උත්සාහ නොකළ චරිතයක්. රහසිගත දේශපාලනය කරන්න ඉතාම ගැලපෙන මිනිහෙක්. ඔහු බයත් නෑ. භීෂණ සමයේ වුණත් බය නැතිව හැමතැනම ඇවිද්දා. හැබැයි ප‍්‍රවේසමෙන්, කල්පනාවෙන්. ඔහු හරිම සූක්ෂ්මයි. රට වටේම මිතුරන් හිටියා. මිතුරන් වෙනුවෙන් දේශපාලනික මැදිහත්වීම් කරද්දී එහි භයානක පලවිපාක ගැන තැකුවේ නෑ.’’
අාචාර්ය සුනිල් විජේසිරිවර්ධන
තුරුණු සමාජ දේශපාලන කි‍්‍රයාකාරිකයකු වශයෙන් ප‍්‍රගීත්ගේ කොළඹ ජීවන පරිච්ඡේදයේ ආරම්භක අවදිය ගැන සමීප අත්දැකීම් ඇත්තෙකි, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන. ඒ ’80 දශකය අගය. භීෂණ සමයයි. සමාජ විද්‍යාඥයින්ගේ සංගමයේ ප‍්‍රබලයන් වූ චාල්ස් අබේසේකර, ආචාර්ය නිව්ටන් ගුණසිංහ වැන්නන් ඇසුරට ‘අධ්‍යයන කවය’ නමින් අවිධිමත්ව රොක්වූ සුනිල් විජේසිරිවර්ධන, පියල් සෝමරත්න, සුනිල් බැස්ටියන්, සීජේ අමරතුංග ඇතුළු තරුණ නඩයට ප‍්‍රගීත් ද යාවජීව සාමාජිකයකු ලෙස එක්විය. එකල සුනිල් මාවත සඟරාවේ සංස්කාරකවරයා ය.
"අපි සතියකට වතාවක් වගේ හමුවුණා. ඒ හමුවීම් පවා සිදුවුණේ තරමක් රහසිගතව. මොකද අපි හැමකෙනෙකුටම බිය කියන එක දැනෙමින් තිබුණා. මේ හමුවීම්වලදී මා ප‍්‍රගීත්ගේ බුද්ධිමය තියුණු භාවයත්, නිර්මාණාත්මක හැකියාවත් තේරුම් ගත්තා. ඔහු මේ කාලයේ යම් විදියක යටිබිම්ගත ස්වරූපයකටත් වැඩකරමින් හිටියා. ජවිපෙ ෆැසිස්ට් ස්වරූපයට එරෙහිව. විජේවීරගේ දේශපාලනය ෆැසිස්ට්වාදී බව පෙන්වමින් ඔහු යටිබිම්ගත ප‍්‍රචාරක වැඩපිළිවෙළක් දියත් කළා. ඔහු විජේවීරගේ රුව යොදාගෙන මේ ෆැසිස්ට් ලක්ෂණ නිර්මාණාත්මක ප‍්‍රබලත්වයකින් යුතුව මතුකරන විලාසයෙන් තමයි මුලින්ම මං ඔහුගේ නිර්මාණාත්මක ඇඳීමේ හැකියාව දැක්කේ.
"ඒ අතර ඔහු ‘මාවත’ට සමීප වුණා. ඒ වනවිට මාවත යමින් හිටියේ චීන ලයින් එකක ජාතිකවාදී දිශාවකට. අපි මේක ප‍්‍රතිසංස්කරණයකට ලක්කරමින් එය මාක්ස්වාදී ග‍්‍රාම්ස්චියානු පාරකට ගන්න වැඩකරමින් හිටියා. අපි එහි වූ ජාතිකවාදී දිශානතියට විරුද්ධ වෙමින් ඒ මතවාද ප‍්‍රශ්න කළා. මේකත් එක්ක ප‍්‍රගීත් අපිට තවත් සමීප වුණා. මාවත අලූතින් ප‍්‍රතිනිර්මාණය කරනකොට සඟරාව සැලසුම්කිරීම වගේම ඇතුළත සංඛේත සිතුවම් හා කවර බොහෝ ගණනකුත් නිමවුණේ ප‍්‍රගීත් අතින්. ඔහු මාවතට කෙටි ලිපිත් ලව්වා. මේ ක‍්‍රියාදාමය වසර දෙක තුනක් පැවතුණා.’’
අනතුරුව සුනිල් ප‍්‍රගීත් සමීප ඇසුරට වසර ගණනක විරාමයක් වැටෙයි. එහෙත් ප‍්‍රගීත් අතුරුදහන් වන්නට ආසන්න සමයේ ඔවුහු නැවතත් සමීපස්ථයෝ වෙති.
‘‘ඒ 2008 වසර. මට නැවතත් නිතර නිතර ප‍්‍රගීත් හමුවෙන්න ගත්තා. මං මගේ ‘පුරවැසි මංපෙත්’ කෘතිය අවසන් කරමින් හිටියේ. එහි පරිච්ඡේදයක් තියෙනවා සිංහල සංස්කෘතියේ තියෙන අභ්‍යන්තර ගැටලූ හා එහි අන්තර් සම්බන්ධතා ගැන. සංස්කෘතිය කියන්නේ ඉතාම ගැටලූ සහගත තැනක් කියන එක මගේ මූලික තර්කයක් වුණා. මේ සම්බන්ධයෙන් මට ප‍්‍රගීත් එක්ක වරින් වර සංවාද කරන්න පුළුවන් වුණා. ඒක මට මේ තර්ක ගොඩනැගීමේදී හුඟක් ප‍්‍රයෝජනවත් වුණා.’’
ලංකාවේ කුල ධූරාවලියට අයත් සියලූ තොරතුරු එක්තැන්කොට බැලූ කල්හි එම ධූරාවලිය උඩු යටිකුරු ස්වභාවයක් දරන්නේය යන්න ප‍්‍රගීත්ගේ අදහස වූ බව සුනිල් පවසයි. සාමාන්‍ය ධූරාවලියකට ප‍්‍රතිවිරුද්ධ මේ ස්වභාවය ප‍්‍රගීත් ලියූ ‘‘ශ‍්‍රී ලාංකීය රාජ්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය’’ නම් ලිපියේ ඔහු ගොනුකරන්නේ මෙලෙසිනි.
‘‘......ලංකාවේ කුල ධූරාවලිය පහළට ගමන් කරන විට, ක‍්‍රමයෙන් කුඩා වී ගොස්, එය පිරමීඩයක් හිස පහළට සිටින සේ පිහිටවූ ආකාරයක් ගනී. එම ස්වභාවයද ධූරාවලිය ශක්තිමත් වීමට ඇති තවත් හේතුවකි. පීඩකයා සංඛ්‍යාත්මකව විශාල වීමත් පීඩිතයා සංඛ්‍යාත්මකව කුඩා වීමත් නිසා දුර්වල බව එහි තේරුමයි. මේ නිසා පීඩකයාට පක්ෂපාතීත්වය දැක්වීමෙන්, තම පැවැත්ම රැකගැනීමේ පරාධීන චින්තනයකින් කුල සමාජ පෞරුෂය සංයුක්ත වී තිබේ.’’
කුලය යන්න සංස්කෘතික ප‍්‍රවාදයක් ලෙස නැවත නැවත ප‍්‍රතිනිෂ්පාදනය වන බවත්, කුල ප‍්‍රශ්නය අවතක්සේරු කැරුණත් එහි ගැඹුරු ව්‍යූහය විසින් ඇතිකරන සංස්කෘතික බලපෑම තියුණු බවත් ප‍්‍රගීත් තර්ක කරනේය’යි සුනිල් පවසයි.
ප‍්‍රගීත් අතුරුදන් වී වසර පහක් පිරෙන විට ලංකාව නම් විගඩමට ලොල් භූ වපසරිය ඇතුළේ ඇතැම් දෑ උඩුකුරුවද, තවත් දෑ යටිකුරුවද, බොහෝ දෑ උඩුයටිකුරුවද තිබේ. රටට අලූත් ජනාධිපතිවරයෙක් ලැබී තිබේ. අලූත් ආණ්ඩුවක් හා කැබිනට්ටුවක් ලැබී තිබේ. ජාතික විධායක සභාවකුත් ලැබී තිබේ.
‘අතුරුදහන් වූබව කියන ප‍්‍රගීත් විදෙස් රටක රහසිගතව දේශපාලන රැුකවරණ ලබා සිටින්නේය’යි තෙවසරකට පෙර ජිනීවාහි එක්සත් ජාතීන්ගේ වදහිංසාවලට එරෙහි කමිටුව හමුවේ කියා, අනතුරුව ප‍්‍රගීත් ඉන්නා තැනක් ‘දෙයියො දනී’යි ලංකාවේ අධිකරණයක් හමුවේ කී මොහාන් පීරිස්, අගවිනිසුරු පුටුවෙන් බැස යන්නට ඔන්න මෙන්න බව ඇතැම්හු කියති. තවෙකෙක් කියන්නෙ ඔහු එම තනතුරේ පැලපදියම් වීමට ‘ඞීල් දමමින්’ සිටින බව ය. ‘ප‍්‍රගීත් වෙස්වලාගෙන ප‍්‍රංශයේ සුවසේ වෙසෙන්නේය’යි දිවුරා කී මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දු නව ජනාධිපති සිරිසේනට සහාය පළකිරීමට එක්වී සිටී. තව තවත් අය තව තවත් තැන්වල ය. සුවසේ ය. නිවිහැනහිල්ලේ ය.
එහෙත් මේ පස්වස පුරාම ප‍්‍රගීත් සොයා මංමාවත් ගානේ ඇවිද්ද බිරිය සන්ධ්‍යා සහ දරු දෙදෙනා සංජය - හරිත්, ඊයේත් සිටියෝ මහපාරේ ය.
කොළඹ කොටුවේ දුම්රියපොළ ඉදිරිපිට ප‍්‍රගීත්ගේ කාටූන් චිත‍්‍ර එල්ලාගෙන කාෂ්ටක අව්වේ වේලෙමිනි.
ඔවුන් සිය ආදරණීයයා සමඟ, අඩුම තරමේ ඔහු වෙනුවෙන් පසිඳලූ යුක්තියක් සමඟ ආපසු ගෙදර යන්නේ කවදාද?
සනත් බාලසූරිය
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරනු ලැබුවේ 2010ජනවාරි 24වැනිදාය. ඊට හරියටම දින දෙකකට පසුව ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත විය. විපක්ෂයේ පොදු අපේක්ෂක සරත් ෆොන්සේකාගේ මැතිවරණ කටයුතුවලට සහාය දැක්වූ විශාල පිරිසක් අතරින් ප‍්‍රගීත් එක්නැළිගොඩ ඉලක්කයක් බවට පත්වූයේ කෙසේද යන්න බොහෝදෙනාට ප‍්‍රශ්නයක් විය හැකිය. එහෙත් පහත පළවන ලිපිය තුළින් හෙළිවන්නේ එහි සුවිශේෂීතාවක් ඇති බවය. මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය කළ ගවේෂණයක් ඇසුරින් කළ හෙළිදරව්වක් එක්තරා වෙබ් අඩවියක පළ කර පැය කිහිපයකින් එය ඉවත් කරන ලදී. අප විසින් එම ගවේෂණාත්මක තොරතුරු මෙසේ පළකරන්නේ මාධ්‍යවේදියකු අතුරුදන් කළ ආකාරයත් ඊට වගකිවයුත්තන් හෙළිදරව් කිරීමේ පියවරක් වශයෙනුත් පමණක් නොවේ. අදත් අප ජීවත්වන්නේ ඒ හා සමාන අනතුරක් මැද බව හුදී ජනයා විසින් දැනගත යුතු නිසාය.
2010 ජනවාරි 24වැනිදා රාජගිරියට පැමිණ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ වාහනයක නංවාගෙන ගියේ ජයලත් නමැති ඔහුගේම මිතුරෙකි. එදින හැන්දෑවේ එක්නැළිගොඩ සමග සිටි මිතුරකු වන ජී.ජී. චන්ද්‍රසිරි අප වෙත අවධාරණය කළේ තමන් ජයලත් සමග ජෙනරාල් ෆොන්සේකා හමුවීමට කොළඹ රාජකීය මාවතේ පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ කාර්යාලයට යන බව එක්නැළිගොඩ පවසා තිබූ බවයි. තමන් කඩුවෙල සිට ඉක්මනින් එන බවත් කොහේවත් නොගොසින් රැඳී සිටින ලෙසත් ජයලත් නමැත්තා දුරකථනයෙන් කතාකර පැවසූ බවත් එක්නැළිගොඩ තමා සමග ප‍්‍රකාශ කළ බව චන්ද්‍රසිරි පවසයි.

ජයලත් නමැති මිතුරා හෝමාගම සිට එන බවට 24වැනිදා සවස 4.00-4.30අතර වෙලාවක එක්නැළිගොඩට දුරකථනයෙන් පණිවුඩයක් දෙන අවස්ථාවේ ද චන්ද්‍රසිරි ඔහු සමග සිටියේය. මේ කියන ජයලත් දේශීය වෛද්‍යඇමැති සාලින්ද දිසානායකගේ කාර්යමණ්ඩලයේ සේවය කරන විශ්වාසවන්තයකු බව එක්නැළිගොඩ විසින් චන්ද්‍රසිරිට පවසා තිබිණ. සිවුරු හළ පුද්ගලයකු බව කියන ජයලත්, අතීතයේ ජවිපෙ ක‍්‍රියාකාරිකයකුව සිට පසුව ජවිපෙන් ඉවත් වී තිබේ. මොහු වර්ෂ 1988හා 89වකවානුවල ආරක්ෂක අංශ සමග මෙන්ම ‘ප‍්‍රා’ සංවිධානය සමග එකතු වී ජවිපෙ තරුණ තරුණියන් දඩයම් කිරීමේ කටයුතුවලට දායක වූ පුද්ගලයෙකි.
අතුරුදන් වීමට දින දෙකකට පෙර (22) රාත‍්‍රියක එක්නැළිගොඩ ජයලත් හා තවත් මිතුරන් දෙදෙනකු (එක් මිත‍්‍රයෙක් ටෙලිනාට්‍ය නළුවෙකි.) සමග රාජගිරියේ කිසියම් ස්ථානයක මත්පැන් පානය කර තිබේ. ආණ්ඩුවේ අතුරුදන් කිරීමේ නාම ලේඛනයේ එක්නැළිගොඩගේ නම අංක එකට ඇතැයි ජයලත් එහිදී තමන් සමග සිටි පිරිසට හෙළිකර ඇත. ගැලවීමට ඇති එකම මග ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීම බව, ජයලත් මෙහිදී එක්නැළිගොඩට යෝජනා කර ඇත. එහෙත් ඔහු විසින් එම යෝජනාව ප‍්‍රතික්ෂේප කළ බව මත්පැන් සාදයට සහභාගි වූ අයෙක් ලියුම්කරු සමග පැවැසීය.
එක්නැළිගොඩ මිතුරාගේ යෝජනාව අනුව ජනාධිපති රාජපක්ෂ හමුවීම වෙනුවට මිතුරාව ෆොන්සේකා හමුවීම සඳහා කැඳවාගෙන යාමට එකඟ කරවාගෙන තිබේ. ඒ අනුව ඔවුන් ජනවාරි 24වැනිදා රාත‍්‍රී නවයට ජෙනරාල් ෆොන්සේකා හමුවීමට වෙලාවක් යොදාගෙන තිබිණ.
2010ජනවාරි 24වැනිදා මිතුරා රාජගිරියට පැමිණ ඇමතුමක් දෙන තෙක් එක්නැළිගොඩ එවකට රාජගිරියේ පිහිටි ලංකා ඊ නිව්ස් කාර්යාලයට වී බලා සිටියේය.
එක්නැළිගොඩට රාජපක්ෂ රෙජීමයෙන් බරපතළ අනතුරක් තිබූ බව සත්‍යයකි. 2009අගොස්තු 29වැනිදා ඔහු පැහැරගෙන ගොස් වැරැදීමකින් යැයි පවසමින් නැවතත් ගෙනත් දැමුවේ අනතුරු ඇඟවීමේ සංඥාවක් ලෙස බව සිතිය හැකිය. එහෙත් එම සිද්ධියෙන් ඔහු මෙල්ල කරගැනීමේ අරමුණ කාගේ වුවත් ඉටු වූයේ නැත.
ආණ්ඩුවේ අතුරුදන් කරන නාම ලේඛනයේ අංක එකට එක්නැළිගොඩගේ නම තිබෙන බව ජයලත් දැන සිටියේ කෙසේද? ඔහු එය ඇමැති දිසානායකගෙන් දැනගත්තාද? නැතිනම් එක්නැළිගොඩ අතුරුදන් කිරීමට බලාගෙන සිටි රජයේ හෝ ආරක්ෂක අමාත්‍යාංශය විසින් නඩත්තු කරන මිනීමරු කල්ලි මගින් දැනගත්තාද? නැතිනම් එක්නැළිගොඩව එම කල්ලිවලට ගොදුරු කර දීමේ කොන්ත‍්‍රාත්තුව භාර ගත් පුද්ගලයා ජයලත්ද? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයාගතහොත් එක්නැළිගොඩව පැහැරගෙන ගොස් අතුරුදන් කළේ කාගේ උවමනාවටද යන්න සොයාගැනීම අපහසු නැත. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමයේ ආණ්ඩුවේ වියදමින් නඩත්තු කළ ‘ප‍්‍රා’ වැනි මිනිමරු කල්ලි සමග මෙන්ම රජයේ බුද්ධි අංශ සමගද කටයුතු කර ලබාගත් පරිචයක් ජයලත් වෙත තිබුණු බව සිතිය හැකිය. කෙසේ වෙතත් ඉහත තොරතුරු පෙළගැස්වීමේදී හෙළිදරව් වන කරුණු කිහිපයක් මෙහිදී නැවත සමාලෝචනය කළ හැකිය. එක්නැළිගොඩ අතුරුදන් කළ දිනයේ සවස ඔහුව රාජගිරියට පැමිණ රැගෙන ගොස් ඇත්තේ ද ජයලත් නමින් වූ අයෙකි. එසේම පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සඳහා සකස් කර ඇති ආණ්ඩු විරෝධීන්ගේ නාම ලේඛනයේ එක්නැළිගොඩගේ නම අංක එකට ඇතැයි ඔහුට කියා ඇත්තේ ද ජයලත් යැයි කියන ඔහුගේ මිතුරෙකි.
මේ ජයලත් එක්කෙනෙක්ද? දෙන්නෙක්ද? මෙහිදී උභතෝකෝටිකයක් මතුවිය හැකිය. මේ දෙදෙනකු නොව එක් අයකු ලෙස අනුමාන කරන්නට සාධක තිබේ. කඩුවෙල සිට තමා හමුවීමට පැමිණෙන ජයලත් නමැති තම මිත‍්‍රයා ගැන චන්ද්‍රසිරිට කී කරුණු වැදගත්ය. ඔහු කලක් පැවිදිව හිඳ සිවුර අතහැර දැමූ අයකු ලෙසත් දැනට සාලින්ද දිසානායක ළඟ සේවය කරන පුද්ගලයකු බවත් එක්නැළිගොඩ චන්ද්‍රසිරි මහතා සමග පවසා තිබේ. එක්නැළිගොඩව වංචනික ලෙස රවටාගෙන, පැහැරගෙන ගියා යැයි සිතිය හැකි ජයලත් නමැත්තාත් ආණ්ඩුවේ අතුරුදන් කරන නාම ලේඛනයේ ඔහුගේ නම අංක එකට ඇතැයි කී ජයලත් නමැත්තාත් එකම අයකු බවට ඔප්පු කරන්නට එම කරුණු ප‍්‍රමාණවත්ය.
මේ නිසා ජයලත්, එක්නැළිගොඩ අතුරුදන් කිරීම නමැති දම්වැලේ පුරුකක් බව, අනාවරණ වී ඇති තොරතුරු එකිනෙක සංසන්දනය කරද්දී පැහැදිලිය. එක්නැළිගොඩ රාජගිරියෙන් කැඳවාගෙන ගියේ ඔහු හඳුනන පිරිසක් මිස නාඳුනන පිරිසක් නොවේ.
එක්නැළිගොඩව පැහැරගෙන ගියා යැයි අනුමාන කරන අවස්ථාවේ ජාතික විද්වත් සංසදයේ කටයුතු කළ ගාමිණී පෙරේරා විසින් ඔහුට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇත.
එක්නැළිගොඩ දුරකථනයට පිළිතුරු දීමට සූදානමින් ‘‘අපි යන්නේ කොස්වත්තට. මේ පාරෙන් කොස්වත්තට යන්න බැහැ නේද’’ යනුවෙන් කාගෙන් හෝ අසනවා පෙරේරාට ඇසී තිබේ. කෙසේ වුවද ඒ සමගම එක්නැළිගොඩගේ දුරකථනය විසන්ධි වී ඇත. එක්නැළිගොඩ පැහැරගෙන ගියේ ඔහු දන්නා හඳුනන පිරිසක් බව පැවසීමට ප‍්‍රබල සාක්ෂියක් වන්නේ ඉහත දුරකථන ඇමතුමයි.
එක්නැළිිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කළේ ආණ්ඩුව සමග සමීප එක්තරා දේශපාලන පක්ෂයක ඇමැතිවරයකු බවට චෝදනා එල්ල විය. මේ ඇමැතිවරයාගේ පෞද්ගලික ජීවිතය හා විකෘති ආශාවන් පිළිබඳ තොරතුරු ප‍්‍රමාණයක් ඊට කලකට පෙර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ විය. එය ලියුවේ එක්නැළිගොඩ බවට සැක කරමින් ඇමැතිවරයා ඔහුගෙන් පළිගැනීමට පැහැරගෙන ගිය බවට මතයක් සමාජය තුළ පැතිර ගියේය. මාධ්‍ය ආචාර ධර්ම තුට්ටුවකට මායිම් නොකර කුණු කතාව ලියුවේ එක්නැළිගොඩ නොව තමා යැයි ‘ලංකා ඊ නිව්ස්’ හි ප‍්‍රධාන කර්තෘවරයා පසු කාලයක වගකීම භාර ගත්තේය.
පුද්ගලයන් මරාදැමීම, පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සහ ජනතාවගේ දේපළ කොල්ලකෑම සම්බන්ධයෙන් රාජපක්ෂ රෙජීමය ඇතුළු රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිවරු, මන්ත‍්‍රීවරු සහ රජයේ ඉහළ නිලධාරීහු වගකිව යුත්තෝ වෙති. විශේෂයෙන්ම එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ වගකීමෙන් රාජපක්ෂවරුන්ට ගැල වීගත නොහැකි බව සනාථ වී තිබේ. එක්නැළිගොඩ අතුරුදන් කර සතියකට පසු ඒ සඳහා සාධක හෙළිදරව් විය.
එක්නැළිගොඩ සමග සරත් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපයේ ක‍්‍රියාකාරිකයකු වූ කෙලී සේනානායක කටඋත්තරයක් ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ලදී. පැරණි රාජපක්ෂවරුන්ගේ සහ අනාගත රාජපක්ෂවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම්, වත්කම් සහ චණ්ඩිකම් ගැන එක්නැළිගොඩ විසින් ලියූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලැබී තිබිණි. මුද්‍රණය සඳහා සකස් කළ බව සිතිය හැකි එවැනි ලිපියක පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කටඋත්තර ගැනීමේදී සේනානායකට පෙන්වා ඇත. එකී පිටපතේ තිබූ අත් අකුරු එක්නැළිගොඩගේ බව කෙලී සේනානායක විසින් හඳුනාගෙන තිබේ. මෙම පිටපත රාජගිරියේ පිහිටුවා තිබූ මංගල සමරවීරට අයත් මැතිවරණ ප‍්‍රචාරක කාර්යාලයේදී එක්නැළිගොඩ අතින් නැතිවූ එකකි. 2010ජනාධිපතිවරණයෙන් පරාජය වීමත් සමග මංගල සමරවීරගේ එම මැතිවරණ කාර්යාලයේ රැඳී සිටි පිරිසක් ආණ්ඩුවට එකතු වූහ.
මේ අනුව කිසියම් පිරිසක් එක්නැළිගොඩ පිළිබඳ විශේෂ අවධානයකින් පසුවූ බව රහසක් නොවේ. එසේම එක්නැළිගොඩ සමග සමීපව ඇසුරු කළ සමහරුන් විසින් ද ඔහු ගැන තොරතුරු සපයා ඇති බව දැන් පැහැදිලිය. එසේ කියන්නට තරම් ඇති හොඳම සාක්ෂිය, ඔහු අතින් නැති වූයේ යැයි කියන මේ ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතට පත්වීමය.
රාජපක්ෂවරුන් ගැන ලියූ ලිපියක් නැති වී තිබුණා - ජී.ජී. චන්ද්‍රසිරි විසින් කළ ප‍්‍රකාශය
ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීමට වසර එකහමාරකට පෙර ඉඳලා මම ඔහුව ළඟින් ආශ‍්‍රය කළා. 2010ජනවාරි ජනාධිපතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපය විදියට අපිත් එක්නැළිගොඩත් වැඩ කළේ ජෙනරාල් ෆොන්සේකාට. ජනාධිපතිවරණයේදී ජෙනරාල්ගේ ප‍්‍රකාශන අංශයේ වැඩි බරක් ඇද්දේ එක්නැළිගොඩ. ජෙනරාල්ගේ වාර්තා චිත‍්‍රපටියක් හදලා රට පුරා බෙදාහැරියේ එක්නැළිගොඩයි. මටත් ඔහු සමග ළඟින් ආශ‍්‍රය කරන්න ලැබුණා.
මංගල සමරවීරගේ රාජගිරියෙ කාර්යාලයක් තිබුණා. එක්නැළිිගොඩ ඒ කාර්යාලයෙත් වැඩ කළා. එක්සත් ජාතික පක්ෂයේ ශිරාල් ලක්තිලකගේ කාර්යාලයෙත් ඔහු වැඩ කළා. රාජගිරියේ කොස්වත්ත හන්දියේ තිබුණු කාර්යාලයටත් එක්නැළිිගොඩ ආවා ගියා. එක්නැළිගොඩ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා මණ්ඩපයේ සාමාජිකයෙක් නොවුණත් රාජගිරියෙ මොන්ලාජ් ආයතනයේ තිබූ අපේ රැස්වීම්වලට සහභාගි වුණා. 2010ජනවාරි 22වැනිදා රාති‍්‍රයේ එක්නැළිගොඩ තවත් මිත‍්‍රයන් කිහිප දෙනෙක් සමග මත්පැන් පානය කරලා තියෙනවා. එතැනදී ජයලත් කියලා ඔහුගේ මිත‍්‍රයෙක් කියපු කතාවක් ඔහු මට කිව්වා. ආණ්ඩුවේ අතුරුදන් කිරීමේ නාම ලේඛනයේ එයාගේ නම මුලින්ම තියෙන බව තමයි ඒ මිත‍්‍රයා කියලා තිබුණෙ. මේ කියන ජයලත් සාලින්ද ඇමැතිවරයාගේ ළඟ වැඩ කරන සිවුරු ඇරපු කෙනෙක් කියලත් මට කිව්වා. ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉක්මනින් හමුවෙලා, ඒ අනතුර නැතිකරගන්න කියලත් ජයලත්, එක්නැළිගොඩට යෝජනා කරලා තියෙනවා.
එක්නැළිගොඩ ජයලත්ගේ මේ යෝජනාව ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි ජනවාරි 24වැනිදා දහවල් කෑම කෑවේ එකට. පස්සේ අපි සියලූම දෙනා එකට ඉඳලා පින්තූරයක් ගත්තා. ජනවාරි 24වැනිදා සවස 5.00විතර වෙනකම් ඔහු හිටියේ අපි සමග. ජයලත්ව ජෙනරාල්ට මුණගස්වන්න එදා සවස යන්න දාගත්තා කියලා එක්නැළිගොඩ මට කිව්වා. ජනාධිපතිවරණයට තව දින දෙකයි. ජයලත්ව ජෙනරාල්ට මුණගස්වන එක නතර කරලා එක්කෝ ගෙදර යන්න, නැතිනම් අනෙක් කාර්යාලයේ නතර වෙන්න කියලා මම ඔහුට කිව්වා. ජයලත්ට වෙච්ච පොරොන්දුව අද කොහොම හරි ඉටුකරන්න ඕනා කියලා එක්නැළිගොඩ මට කිව්වා. ඔහු ඒ වෙනකොටත් ගෙදර යෑම නතර කරලා තිබුණා. වැටිච්ච තැනක නිදාගත්තා. එක්නැළිගොඩ මා සමග කතා කරකර ඉන්නකොට එයාට දුරකථන ඇමතුම් කිහිපයක්ම ආවා. ‘හෝමාගම වැඩක් කරනවා. ඒ වැඬේ ඉවරවුණු ගමන් ඉක්මනින් එනවා. කොහෙවත් යන්න එපා’ කියලා ජයලත්, එක්නැළිගොඩට කියලා තිබුණා. ඒ බව ඔහු මා සමග කිව්වා. ජයලත්, එක්නැළිගොඩට කතා කරන කොට වෙලාව සවස 4.00ත් 4.30ත් අතර ඇති. සවස 5.00ට විතර එක්නැළිගොඩ අපෙන් වෙන් වෙලා ගියා. ජයලත් රාජගිරියට ඇවිල්ලා තියෙන්නේ සවස 6.30ත් 7.00ත් අතර වෙලාවක. ඒ ආව ගමන් එක්නැළිගොඩ වාහනයක නංවාගෙන ගිහිල්ලා තියෙනවා. ජයලත් අතීතයේ එක්නැළිගොඩගේ හොඳ මිත‍්‍රයෙක් බවයි මට කියලා තිබුණේ. ‘උඹ හෙට අනිද්දා විනාශ වෙනවා. ආරක්ෂා වෙයන්’ කියලත් ජයලත් එයාට කියලා තිබුණේ ඒ නිසා වෙන්න ඇති.
එක්නැළිගොඩ ළඟ එයා ලියපු ලිපියක් තිබුණා. මට මතකයි ඒකෙ තිබුණේ රාජපක්ෂවරුන්ගේ වත්කම්, අධ්‍යාපන සුදුසුකම් සහ චණ්ඩිකම් ගැනයි. ඒ ලිපිය නැති වුණා කියලා එක දවසක් මට එක්නැළිගොඩ කිව්වා.
And even the miserable lives we lead are not allowed to reach their natural span. For myself I do not grumble, for I am one of the lucky ones…. Is it not crystal clear, comrades that all the evils of this life of ours spring from the tyranny of the human beings? George Orwell, Animal Farm, (p.5).
Prageeth Ekneligoda, one of the best political cartoonists this country has ever produced was known for his great talent and political vision. He is now remembered for his disappearance on the night of 24 January, just two days before the 2010 Presidential elections. It was reported that Prageeth had previously been abducted in August 2009 and was released. On that occasion when he was taken by a white van he pleaded with his abductors that he needed to take his medication. He was a chronic diabetic and had undergone a bypass. His abductors had told him that it was of no use for a condemned man to take his medication. However, they let him go. On the second occasion there was no reprieve and he never came home to see his children and wife. They have been waiting for him to return home for five long years.
I had come to know Prageeth in 1986 when we developed a deep comradeship during the most intense period our lives thus far. It was a testing period for all political personalities and activists alike that demanded an unhesitating commitment to our principles. I had already left my academic job in the university to do full time politics. This period had been the prelude to the bloody political battles that engulfed the whole country, a dark and murderous chapter in the political history of Sri Lanka, which continued to the present day even after the military defeat of the Tamil Tigers. The authoritarian United National Party (UNP) government headed by JR Jayewardene and later R Premadasa had launched death squads making this country a killing field. Unlawful abductions and killings of the political opponents had now been introduced to the political process. The Peoples Liberation Front (JVP) had also begun murdering those of us who supported the political rights of Tamil people, starting with Daya Pathirana, the charismatic student leader of the Independent Student Union at Colombo University, abducted and brutally killed. We had formed the Vikalpa Kandayama (Alternative Group), which supported the devolution of political power to the Tamil Community in the North and East. The Liberation Tigers of Tamil Elam (LTTE) with its separatist political agenda had started it’s battles with the Sri Lankan security forces.
It was in these circumstances that Prageeth and I were making a dangerous and precarious journey on foot through miles of thick jungle in the Dambulla area. We had been walking since early morning and by midday we were hungry, thirsty and physically exhausted. I sat on the footpath and told Prageeth that I could not walk anymore. Prageeth got very annoyed with me and asked me how I could preach to others and yet buckle down in the face of difficulties. He put me to shame. Gathering my pride, I stood up and started walking again. We were walking to a farm in the jungle where I would work as a farm laborer, allowing me to hide from the security forces while building and organizing underground political cells.
Prageeth visited my safe houses regularly during this time. For more than six months, my life was totally dependent on him and his integrity, trust and honesty. I knew very little about him at that time beyond the fact that he was a man of great courage. This is how we lived in the political underground, eschewing personal details, family background, or personal origins. We existed at the edge of life, putting our total trust in each other. Unencumbered by the ordinary details of life, we could only depend on each other’s personal qualities and Prageeth’s selfless dedication always shone through. Very often, he walked to save money and skipped meals. He always pretended that he had eaten before he arrived to see me. I still remember his smile, which appeared even in the most difficult of times. He never expected any benefit from the help he gave me, despite the fact that he was putting his own life at risk every time he came to see me. I am alive today because he was there to protect me. I owed him everything.
After I returned to Colombo from Dambulla I never met Prageeth again. It was not possible to continue contact with Prageeth unless it was essential, in keeping with the rule of underground existence, which we lived by. We had exchanged messages every now and then. After my wife Rajani was assassinated by the LTTE in September 1989 I had to flee Sri Lanka with my two young daughters. He had sent me a beautiful painting of my wife through a friend of mine to London. He too survived all odds and had become a husband and father of two children. He had everything to live for.
How was it possible for a person like Prageeth to disappear without any trace? The answer lies in the political and security apparatus that had been created during the war against the LTTE that had suspended even a very little the political liberties hitherto we had enjoyed. The Prevention of Terrorism Act and the Emergency Regulations provided much needed cover for such oppressive structures. This gives the opportunity to create a ‘deep state’ within which many of the abductions and murders are carried out at will. The violations of the rule of law with impunity and the suppression of political dissent had become a fact of daily life and the intimidation that created along with that gave the opportunity to the state to suppress the wishes of the people. This was what happened during the 30-year war against the Tamil tigers and beyond and recently, until the Rajapaksa regime was electorally defeated in the recent Presidential elections.
The deep state targets and eliminates the talented individuals who are able to nurture alternative views and defy the status quo. The murder of Lassantha Wickramatunga in broad daylight showed how such apparatus were capable of carrying out such heinous crimes. Prageeth as a journalist had consistently supported the political rights of the Tamil community, not the LTTE. There are three possible reasons for Prageeth’s disappearance. Firstly, Prageeth was a political cartoonist. Secondly, Prageeth had campaigned for the election campaign of Sarath Fonseka who was the common candidate of the 2010 Presidential election. Thirdly, the previous government always made a strategic mistake of not being able to distinguish those who supported the rights of the Tamil people from those who supported a separate state of the Tamil Tigers. Of these three reasons, which one was more crucial to Prageeth’s disappearance only those who ordered his abduction can tell us.
Very often repressive regimes resort to violence as it gives them very effective results. What would be effective in the short term becomes a haunting nightmare in the long-term when the abductee becomes the living symbol of the political criminality of an authoritarian regime that refuses to answer the question of disappearance to the loved ones. This has happened in the case of Prageeth, as the previous government not only willfully avoided the answer but also fabricated lies to cover up their political criminality. But Sandaya and her children never allowed Prageeth’s memory to fade a way nor let his unresolved fate disappear from the local and international campaign against the atrocities of the previous regime. Sandaya’s unwavering courage and her search for truth and justice is an example for us all. She has refused to be cowed in the face intimidation and blatant lies and has kept the flame of hope alive for her husband.
Hannah Arendt in her The Promise of Politics (2005) explains that ‘Lawlessness means in either case not only that power, generated by men acting together, is no longer possible, but also that impotence can be artificially created. Out of this general powerlessness, fear arises, and from this fear come both the will of the tyrant to subdue all others and preparation of his subjects to endure domination (p.69). The previous regime was able to create such an atmosphere intimidating people against atrocities committed by them. The previous regime’s monstrosity in creating an authoritarian regime that flouted the rule of law made all of our lives precarious. Those who were considered unpatriotic were punishable at will. They had no recourse to legal protection. The regime continuously used their media personnel and institutions to vilify the journalist who were refusing to tow the government’s line. Some journalists were physically attacked on their way to work or home. There were little efforts to find culprits. The previous regime first begun the termination of the right to life of the under world ‘criminals’ in the South. In the North it was suspected ‘terrorists’ who were abducted and disappeared in their thousands. Under various pretexts after killing the criminals the police declared that they had either resisted arrest using firearms ‘forcing’ the police to shoot back and kill them or the criminals had tried to escape from custody. The judicial process was not applied to the so-called ‘criminals’ and the police became both judge and the executioner. There were no investigations and even the cabinet ministers were boasting about the termination of the underworld figures on prime time TV programs.
Many journalists who voice their opinion had to flee the country to save their life. As mentioned before Lasanth Wickramatunga had been gunned even before the victory of the war against the LTTE because he posed a challenge to the government’s propaganda. It was an embarrassment to Sri Lanka when the previous regime went on telling lies at the UNCHR session in Geneva last year, saying that Prageeth had escaped to a European country and had been living away from Sri Lanka. Even a Deputy Minster went on TV to claim that he saw Prageeth in Paris. Even before such lies were propagated there were some partisan journalists who wrote articles undermining the integrity of Prageeth and supporting the view of the government that Prageeth had not been abducted. It is the duty of the current regime to investigate Prageeth’s disappearance and let the family know what happened to him. Until that is done the young lives of his children and wife will continue to be in limbo.
I still remember Prageeth once talking to me about Maxim Gorky’s short story titled ‘My Fellow Traveller’ when we on the way walking to a safe house. I had not read the book then. I thought it would be a tribute my memory of Prageeth to end this article with the following lines that end Gorky’s short story.
‘I never met him again–the man who was my fellow-traveller for nearly four long months; but I often think of him with a good-humored feeling, and light-hearted laughter.
He taught me much that one does not find in the thick volumes of wise philosophers, for the wisdom of life is always deeper and wider than the wisdom of men’.
| ශ්රී ලාංකීය රාජ්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාකච්ඡාවකට කටු සටහනක් |
| ප්රගීත් එක්නැලිගොඩ |
| Friday, 01 May 2009 |
මිනිසෙකු ලොව ට බිහි වීමෙන් පසු, හෙතෙම ස්වභාවිකව මිය යන තෙක් ම ගතවන කාලය, ඔහු ගේ උපරිම ජීවිත කාලය ලෙස සැලකේ. නැතහොත් එය පරම ආයුෂ කාලය ලෙස හැඳින්වේ. මනුෂ්‍යයාට පමණක් නොව ලොව අන් සත්වයන්ටද මෙවැනි පරම ආයුෂ කාලයක් හිමිය. එහෙත් අන්‍ය සත්වයින් ට මෙන් නොව මිනිසාට අර පරම ආයුෂ කාල දෙකක් තිබේ. එකක් භෞතික ජීවිතයට ය. අනෙක සංස්කෘතික ජීවිතයට ය. එය බාධාවකින් තොරව විඳීම මිනිසා ගේ පරම අයිතියකි. ළදරු කාලය, ළමා කාලය, යෞවන කාලය, වැඩිහිටි කාලය, වයෝවෘධ හා මහළු කාලය වශයෙන් අවධි කිහිපයකින් මෙම පරම ආයුෂ කාලය සමන්විතය. ඒ සැම කාල අවධියකටම අර සංස්කෘතික ජීවිත කාල අවධීන් ද අයත්ය. එම අවධි එකිණෙක පුරුක් සම්බන්ධතාවයකින් යුක්තය. ඒ එක් එක් අවධියේ ගුණය හා වටිනාකම එකිනකට වෙනස් අතරම, එකක් මත අනෙක වශයෙන් රඳා පැවැත්මක් ද ඇත. ඒ නිසා මුලින් පිහිටන ඕනෑම කාල අවධියකට අයත් භෞතික ජීවිතය හෝ සංස්කෘකික ජීවිතය විනාශ වුවහොත් එය ඔහුගේ ඊ ළඟ කාල අවධියට හෙවත් පුරුකට අනර්ථයක් ඇති කරයි. ඒ අහිමි වූ කාලයේ දී ලැබිය යුතු ශාරීරික පෝෂණය මෙන්ම සමාජ-සංස්කෘතික පෝෂණය ද පසු අවදියකදී ලබා ගත නොහැකිව ඔහු බාලවන නිසාය. ජීවිතයේ මුල් අවධි කාලකන්ණි වූ මිනිසා, ඉන් පසු මිනිස් රූපයක් සහිත තිරිසනෙකු මිස නියම මිනිසෙකු නොවේ. කායික වශයෙන් පැහැරගෙන ගොස් මිනිසෙකු ඝාතනය කිරීම තරම්ම සංස්කෘතික පැහැරගැනීමට ලක්වීමද බිහිසුණු අපරාධයකි. ඒ ආකාරයට, මානවයාගේ ජීවිතය කුමන මට්ටමකින් අහිමි කිරීමකට යටත් වුවත්, ඊට සමානුපාතිකව එම සමජයේ දියුණුවේ, ප‍්‍රගතියේ, ශිෂ්ටත්වයේ පිරිහීම ද සිදුවේ. මිනිසා ගේ ජීවිතයට අවහිර කළ එබඳු රටක්, රාජ්‍යයක් මොන තරම් වටිනා අර්ථවත් නම් වලින් හැඳින්වුවත්, එය ශිෂ්ටත්වය වළ දැමූ, පිච්චියක්වත් නො වටනා නින්දිත නීච සමාජයකි. කලට වැසි වැස, ගහ කොල, ගෙඩි, මලින් බර වුවත්, ඒ බිම මිනිස් වාසයට නුසුදුසු ය. එය මවුබිමක් නොව සොහොන් බිමකි. එම නපුරු දශාව නැති කිරීමට මානවයා අර තමන්ගේ පරම ආයුෂ කාලයෙන් කොටසක් කැපකළ යුතුය. ඒ කැප කිරීම දේශපාලනයයි. නැත්නම් මනුෂ්‍ය වාසයට සුදුසු පරිසරයක් ඇති කිරීම වෙනුවෙන් කරන ආයෝජනයයි. ඇතැමෙකු එය නිදහස වෙනුවෙන් කරන සටනක් යැයි කියන විට. තවකෙකු ත‍්‍රස්තවාදය හෝ තම තමන් කැමති තවත් වචනයකින් හඳුන්වනු ඇත. ඉන් කමක් නැත. පරම ආයුෂ කාලය කවුරුන් හෝ විසින් පැහැරගත්තත්, නැත්නම් කිසියම් පාලනයක් විසින් පැහර ගත්තත් එය බිහිසුණු අපරාධයකි. එය වැලැක්විය යුතුය. ඒ ආකාරයට ජීවිතය පැහැර ගැනීමට ලක් නො වන සමාජයක් ඉතිහාසයේ කුමන කාලයක පිහිටියත් එය සංතෘප්ත සමාජයක් යැයි අපි කියමු. මානවයාගේ උපරිම ජීවන ධාරිතාව, උපරිම නිර්මාණාත්මක කුසලතාවය ශිෂ්ටාචාරයට එක්වන්නේ එබඳු සමාජයක් තුළය. අපි එයට නිදහස් සමාජයක් යැයි ද කියමු. ලේබලයක් ඊට අනවශ්‍යය. ඉතා පුලුල් අර්ථයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජයක හරය හෙවත් මුල් කණු මෙබඳු මූලධර්මයක් මත පිහිටා ඇත. සමාජ සාධාරණත්වය මෙන්ම සමානාත්මතාවය ද එ තැන ඇත. එය අමෙරිකානු නව ලෝක රටාව නොවේ. එය ඉඳුරාම ඊට ප‍්‍රතිවිරුද්ධය. එය මානව ශිෂ්ටාචාරයේ ඊළඟ යුගයේ, එනම්, ගෝලීය සමාජයක පදනමය. රුධිරය ගලා නොයන සංතෘප්ත ගෝලීය මානව සමාජයක පදනමය. මෙම පූර්විකාව, උත්තර මානව සමාජයක පදනම හෝ ප‍්‍රමිතිය සඳහා කල්පිත ආදර්ශයකි. කල්පිතයක් සේ සැලකුවත්, මේ වනවිටත් ලොව දියුණු රාජ්‍යයන් සැම එකක්ම පාහේ මෙම ආදර්ශයේ බොහෝ දුර ගමන් කොට ඇති බව කිව යුතුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මිහිරි අත්දැකීම් ගැන කතා කරද්දී උදාහරණ ලෙස ගැනෙන්නේ ඒ රටවල්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ගොඩනැගීම සම්බන්ධව මෙම සාකච්ඡුාවේදී ද ඊට පදනමක් ලෙස මෙම මූලධර්මය යොදා ගැනේ. (1* බ්‍රිතාන්‍යයන් ලංකාවට පැමිණෙද්දී, ලංකාවේ පැවැති පාලනය, වැඩවසම් රාජාණ්ඩු පාලනයක් ලෙස සැලකේ. වැඩවසම් පාලනයක් යැයි කීවත්, මෙය ශ‍්‍රී ලංකාවට සුවිශේෂ ය. විදේශිකයෙකු වූ රොබට් නොක්ස් ගේ සටහන් වලින් ද වසර දහස් ගණන් පරණ පොදු ජනතාවගේ ජනකතා ජනකවි ආදී ජන සාහිත්‍යයෙන් ද සනාතවන හැටියට එම රාජාණ්ඩුවේ තත්ත්වය කුරිරුය. බිහිසුණුය. එම වැඩවසම් රාජාණ්ඩුවට පීඩාකාරී කුල දූරාවලියක් හෙවත් ජන්ම ශ්‍රේණියක් ද අයත්ය. එය සමාජයේ ගාමක බලය දුර්වල කරමින්, සමාජ චලනයට අවහිර ඇති කරන යාන්ත‍්‍රණයකි. සමාජයක ගාමක ශක්තිය වලකාලීම කුල දූරාවලියේ ස්වභාවය ය. එනිසා කුල දූරාවලියක් ද සහිත වැඩවසම් සමාජයක තත්ත්වය යුරෝපයේ පැවැති වැඩවසම් ක‍්‍රමයට වඩා නින්දා සහගතය. එය වහල් සමාජ ක‍්‍රමයට විකල්පයක් වශයෙන් බිහි වූ පූර්ව වැඩවසම් සමාජ හැඩගැස්මක් බව පෙනේ. බ්‍රිරතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහිව 1818 දී හා 1848 දී පැනනැගුණු කැරලි මෙම ක‍්‍රෑර වැඩවසම් ක‍්‍රමය යලි පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටි බවත්, එනිසාම ඒවා ඉතිහාසය ගමනට අනුව ප‍්‍රතිගාමී කැරලි බවත් සඳහන් කළ යුතුය. (2* පංතිය මෙන්ම, කුල දූරාවලියත් බිහි වී ඇත්තේ නිශ්පාදනය හා සේවා සැපයීමේ ක‍්‍රියාවලිය තුළින් ය. එහෙත් ඒ දෙක එකක් නොවේ. පංතිය යනු සෘජු නිශ්පාදන සබඳතාවකි. එය නිශ්පාදනයේ හිමිකම මත පදනම් වෙයි. ප‍්‍රාග්ධන යෙදවුම් හෝ ශ‍්‍රම ශක්තිය යෙදවීම අනුව නිෂ්පාදනයට සම්බන්ධ වීමෙන් පංතිය තීරණය වේ. නිෂ්පාදනයට ඇති සම්බන්ධතාවය වෙනස් වනවිට පංතියේ ස්වභාවයද වෙනස් වේ. කුළය, එක් අතෙකින් නිශ්පාදන සබඳතාවයක් වුවත්, එය පදනම් වන්නේ ශ‍්‍රම ශක්තියේ ආකාරයක් වන ශ‍්‍රම විභජනය මතයි. ඉන් අදහස් කරන්නේ කිසියම් භාණ්ඩයක් නිපදවීම හෝ සේවාවක් (තේවාවක්) සැපයීම සඳහා පාරම්පරිකව කිසියම් ජන සමූහයක් චර්යා ධාර්මිකව වෙන් කිරීම මතය. ඒ ජන සමූහයේ සමාජ අනන්‍යතාවය එම භාණ්ඩය නිපදවීම හෝ සේවාව (තේවාව) සැපයීම මත තීරණය වෙයි. නිෂ්පාදනය හා සේවා සැපයීම යම් කිසි අර්ථ කථනයකට අනුව උසස් හා පහත් වශයෙන් ශ්‍රේණිගත කොට ඇත්තේ යම්සේද කුලයද ඊට සමාන්තරව ශ්‍රේණිගත කොට තිබේ. දූරාවලියක් ලෙස හැඳින්වෙන්නේ එම ශ්‍රේණිගතකිරීමයි. ඒ අනුව කුලය කිසියම් නිශ්චිත සේවාවක් හෝ නිෂ්පාදනයක් නියෝජනය කරයි. මේ නිසා නිෂ්පාදන සබඳතා වෙනස් වනවිට පංතියට වෙනස් විය හැකි නමුත් කුලයට වෙනස්විය නොහැකිය. කුලය ජන්ම අනන්‍යතාවය හා සම්බන්ධ කර තිබීම ඊට හේතුවයි. ඒ අනුව පංති අතර සංක‍්‍රමණය සිදුවිය හැකි නමුත් කුල අතර සංක‍්‍රමණය සිදුවන්නේ නැත. එය වෙනත් සමාජ සම්බන්ධතාවන්ගෙන් අර්ධ ස්වාධීන පැවැත්මක් ලබා ඇති මානව අනන්‍යතාවයකි. එහි සමාජ ස්වභාවය වඩාත්ම නෑකම් කියන්නේ ගෝත‍්‍රික සමාජ තත්ත්වයටය. දූරාවලියේ පැවැත්මට පදනම සැපයෙන්නේ, දූරාවලියේ සැම කුලයක්ම තමන්ට හිමි ස්ථානය ඉවසීමෙන් යුතුව පිළිගැනීම තුළිනි. එය චූල ගෝත‍්‍රික මානසිකත්වයකි. (3* රාජාණ්ඩුව හා කුල දූරාවලිය යනු ප‍්‍රජා පීඩක උපකරණ දෙකකි. එම උපකරණ දෙක එකමුතුව ක‍්‍රියාත්මක වෙද්දී එකම ක‍්‍රමයක කොටස් දෙකක් සේ පෙනී ගියත්, ඒවා වෙන වෙනම සමාජය මත පීඩනය හා අධිකාරිය පවත්වාගෙන යන යාන්ත‍්‍රණ දෙකකි. රාජාණ්ඩුව නිල නීති පද්ධතියක් සේ ක‍්‍රියා කරනවිට, කුල දූරාවලිය ඉන් ස්වාධීන දැඩි චර්යා ධර්ම පද්ධතියක් සේ ක‍්‍රියාත්මක වේ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් රාජාණ්ඩුව අහෝසි කරද්දී, කුල දූරාවලිය නිරුපද්‍රිතව පැවතුණේ ඒ නිසාය. එනිසා එය මුලිනුපුටා දැමීමට බ්‍රිතාන්‍ය පාලකයන් අසමත් විය. කුල දූරාවලියේ ඇති, ඊටම සුවිශේෂ වූ චර්යා ධාර්මික ගතිකත්වය ඊට හේතුවය. (4* දූරාවලියේ ඉහල සිට පහලට එන සැම කුලයක්ම හෙවත් ශ්‍රේණියක්ම, තමන්ට පහලින් පිහිටා සිටින කුල මත සිය අභිමානය පිහිටුවීමටත්, පීඩාවට පත් කිරීමේ වරප‍්‍රසාදයටත් හිමිකම් කියයි. ඒ අනුව පහලම කුලයට හැර සැම කුලයකටම පීඩකයෙකු බවට පත්වීමට අවස්ථාවක් තිබේ. එනිසා දූරාවලිය වූකලී, පර පීඩා කාමය හෙවත් හිංසන ප‍්‍රීතිය ආත්ම කොටගත් ව්‍යුහයකි. එය තමන්ට ඉහලින් සිටින පීඩකයාට යටත් වන අතර පහලින් සිටින්නා මත සිය බලය පවත්වයි. වරෙක පීඩිතයා ඊළඟ අවස්ථාවේ පීඩකයෙකු වීම මෙහි ඇති ඉන්ද්‍රජාලික ස්වභාවයකි. ඒ ඒ කුලය ගෝත‍්‍රයක් වශයෙන් හුදකලා වනවා මිස දූරාවලිය බිඳහෙලීමට ක‍්‍රියා කරන්නේනැත. පොදු විරෝධයක් ගොනුකරන්නට තරම් කුල අතර සමගියක් ඇති වන්නේ නැත. එය කුල දූරාවලියේ පැවැත්මේ ආකාරයයි. ලංකාවේ කුල දූරාවලිය පහලට ගමන් කරන විට, ක‍්‍රමයෙන් කුඩා වී ගොස්, එය පිරමිඩයක් හිස පහලට සිටින සේ පිහිටවූ ආකාරයක් ගනී. එම ස්වභාවයද දූරාවලිය ශක්තිමත් වීමට ඇති තවත් හේතුවකි. පීඩකයා සංඛ්‍යාත්මකව විශාල වීමත් පීඩිතයා කුඩා වී සිටීමත් එහි තේරුමයි. මෙ නිසා පීඩකයාට පක්ෂපාතිත්වය දැක්වීමෙන්, තම පැවැත්ම රැුකගැනීමේ, පරාධීන චින්තනයකින් කුලසමාජ පෞරුෂය සංයුක්ත වී තිබේ. (5* කුල දූරාවලියේ මෙම නෛසර්ගික ස්වභාවය මූලික වශයෙන්ම මානවයාගේ පුද්ගලික නිදහසට එරෙහිව පිහිටා සිටී. ඒ අනුව, සම අවස්ථාව, තෝරාගැනීමේ නිදහස, ආදී මූලික මානව හිමිකම් වලට එරෙහිව එය නැගී සිටී. එහි තාර්කික අන්තය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක මූලික පදනමට එරෙහිව එය නිශ්චිතවම පිහිටා ඇතිබවයි. සමානත්වය පදනම කොටගත් ආගමික සංස්ථාව වුවද කුල දූරාවලියට යටත්ව නිකායගත වී තිබීම මීට කදිම නිදසුනකි. දූරාවලියේ පහල අයෙකුට වැඳීම හෝ ගරු කිරීම ඉහල අයෙකු නොකරන බැවින්්, සිංහළ බෞද්ධ පූජක සමාජය ඇතුළත සමානත්මතාවය පවත්වාගෙන යා නොහැකි වී තිබේ. (6* මෙම විශ්මය ජනක සමාජ යාන්ත‍්‍රණය අවබෝධ කරගැනීමට අසමත් වීමෙන් එය බිඳ හෙලීමේ තාර්කික උපායක් බ්‍රිතාන්‍යයන් දැන සිටියේ නැත. (ඉන්දියානුවෙකු වූ මහත්මා ගාන්ධි ද මෙම විෂයයෙහි දී අසාර්ථක විය.) ඔවුන්ට හැකි වූයේ කුල දූරාවලියේ ඇසට පෙනුණු ම්ලේච්ඡු ලක්ෂණ කප්පාදු කිරීමට පමණය. ඒ අනුව ඉමහත් වෙහෙසකින් පසුව, දූරාවලියේ පහල කුලවලට අයත් ස්ත‍්‍රීන්ට උඩුකය වසාගැනීමට තිබූ තහංචිය ඉවත් කැරිණ. එ මෙන්ම සැම කෙනෙකුටම තමන් කැමැති පරිදි ගෙයක් දොරක් හදා ගැනීමටත් බිත්ති හුණු පිරියම් කර ගැනීමටත්, කැමැති කර්මාන්තයක් කිරීමටත් තහංචි ද ඉවත් කැරිණ. එහෙත් දූරාවලියේ මතවාදය හෝ චර්යාධාර්මික ගතිකත්වය ඉවත් කිරීමට නොහැකි විය. එනම් ඇසට නොපෙනෙන ලක්ෂණ ඉතිරිවිය. අවසානයේදී, ඉන්දියාවේදී මෙන්ම, ලංකාවේදීත්, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු මේ අමුතු සමාජ යාන්ත‍්‍රණයට බිය විය, එනිසා එය සමග සම්මුතිගතවී, රාජ්‍ය බලය පවත්වා ගැනීමට එම යාන්ත‍්‍රණයම ආධාර කොට ගත්හ. බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලංකාවේ රාජ්‍ය නිලධාරිතන්ත‍්‍රය හා නීති සමාජය ගොඩ නැගීම සිදුවී ඇති ආකාරය ඊට නිදසුනකි. පොලිස් දෙපාර්තමේන්තුව ගොඩ නැගුවේම කුල දූරාවලිය සැලකිල්ලට ගැනීමෙනි. (වර්තමානයේ දී මෙම තත්ත්වය වෙනස් වී ඇත. රට තුළ සිවිල් යුද්ධමය තත්ත්වයක් ඇතිවීමෙන් පසු දිවිදීම සඳහා ප‍්‍රභූ සමාජයට බැහැරින් සෙනග සොයා ගැනීමට සිදුවීම ඊට හේතුවයි.) සිංහල සමාජය තුළත්, දෙමළ හා මුස්ලිම් සමාජය තුළත් කියා ඊට වෙනසක් තිබුණේ නැත. ’සැබෑම ගැටළුව නම් ඉංග‍්‍රීසින් ලංකාව ආක‍්‍රමණය කිරීම නොව, පරිපූර්ණ ලෙස ආක‍්‍රමණය නොකිරීම’ යැයි කියා ආචාර්ය එස්.බී.ඞී. සිල්වා දරණ අදහස හා අපට එක්වන්නට සිදුවන්නේ මේ නිසාය.(ඌණ සංවර්ධනයේ දේශපාලන ආර්ථිකය) (7*කුල දූරාවලිය කෙරෙහි මෙතරම් අපගේ අවධානය යොමු විය යුත්තේ එක්තරා බර පතල මූලික හේතුවක් නිසාය. එය නම් සමස්ථයක් වශයෙන් ගත් කළ, පුලුල් හා විවෘත මනසක් සහිතව සිතීමට, ක‍්‍රියාකිරීමට මෙන්ම, පුද්ගලයාගේ ශක්තිය මුදාහැරීමට, බාධාවලියක් ලෙස එය ක‍්‍රියාත්මක වීමය. දූරාවලිය තුළින් උපත ලබා ඇති ගෝත‍්‍රික පරාධීන මානසිකත්වය, එම බාධක වලින් එකකිි. පරපීඩා කාමුකත්වය හෙවත් හිංසන සැපත සෙවීමට සමාජය පෙළඹීම නිසා සමාජ සාමුහිකත්වය බිඳ වැටීම තවත් එකකි. තමන් අවට ඉන්නේ සතුරන් හෝ අසමජාතීන්යැයි යැයි කියා නිරන්තරයෙන්ම පහර දීමට සතුරෙකු-අසමජාතියෙකු සොයා ගැනීම, මෙහි ස්වභාවයකි. (අසමජ්ජාතියා, විජාතිකයා, විජාතික බලවේග ආදී පද මෙම සමාජය විසින් වැළඳ ගැනීම පිටුපස ඇති සමාජ සිතිවිල්ල මෙයයි.) මෙය හුදෙක් ලාංකිකයා දූපත් වාසියෙකු නිසා පමණක්ම ඇති වූ මානසික තත්ත්වයක් නොවේ. එය සියවස් ගණනක සිට එන බැරෑරුම් පරපීඩා කාමුක සංස්කෘතියක උරුමයෙන් ගලා එන ලක්ෂණයකි. පරපීඩක ප‍්‍රීතිය සමාජයේ උගත් නූගත් සැම දෙනාගේ පොදු ලක්ෂණයක් වී තිබේ. ඒ අතර එය පවුල් ඒකකය තුළදීත්, ලාංකිකයාගේ ලිංගික විශ්වය තුළදීත් දක්නට තිබේ. ඒ අනුව පවුල් එ්කකය තුළද දූරාවලියක් පවතී. රටේ ජීවත් වන විවිධ ජන සමූහ හෙවත් ජන වර්ග ද අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා ගැන දූරාවලිගත මානසිකත්වයකින් සිතති. එකම ජන වර්ගය අතරද ප‍්‍රාදේශීය වශයෙන් බෙදී එබඳු දූරාවලිගත හැඟීමක් පවත්වාගෙන යාමට යත්න දැරෙති. කොටින්ම කියනවානම් රාජ්‍ය ගොඩ නැගීමේ ක‍්‍රියාවලියේදීත් එය සක‍්‍රීය කාර්යයක් කර ඇත. එය පුද්ගලයාගේ තාර්කික චින්තනයෙන් පිටස්තරව, පිළිගැනීමක් ඇතිව ක‍්‍රියාත්මක වෙමින් තිබේ. සැබවින්ම එය සමාජ චින්තනයේ සංසරණයවන ප‍්‍රධානතම සංඝටකයක් ය. (8* ශිෂ්ටත්වයට අනුව, කුල දූරාවලිය මෙන්ම පොදුවේ කුමන දූරාවලියත් වුවත් ම්ලේච්ඡුය. මන්ද? ජීවිතයට සීමා හෝ තහංචි පැනවීම ම්ලේච්ඡ චර්යාවක් නිසාය. යමෙකුගේ පෞරුෂය බිඳ දැමීම හෝ සීමා කිරීම හා ඒ තුළින් ඔහුගේ ජීවන ධාරිතාව සීමා කිරීමට ඊට ශක්තියක් ඇත. එනිසාම එයට පොදු සමාජ ප‍්‍රගතිය වැලැක්වීමට තරම් ශක්තියක් ඇත. ඒ අර්ථයෙන් එය කොයියම්ම ආකාරයකින් හෝ කෙනෙකුගේ පරම ආයුෂ පැහැර ගැනීමක් සිදුකරයි. අවසානයේ දී එය සමස්ථ සමාජයේම ප‍්‍රගතිය හීන කරයි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ලංකාව ශිෂ්ට කිරීමට යැයි කියා හඳුන්වා දුන් පාර්ලිමේන්තුව හා මැතිවරණ ක‍්‍රම ද, අධිකරණය ආදී උපකරණ ද නීති සමාජය ද දූරාවලිගත සමාජ පෞරුෂය ආවේශ වී, එමගින් ඒවා දූෂ්‍ය වී, ඒවායේ නිදහස්වාදී අරමුණු සිඳී, විකෘති වී ගොස් තිබේ. ඒ ආයතන ශී‍්‍ර ලාංකික ගෝත‍්‍ර හැඩයක් ගෙන තිබේ. චන්ද විමසීම් ගෝත‍්‍රික සටන් බවටද, පාර්ලිමේන්තුව ගෝත‍්‍රික වෙන්දේසි පොලක් බවටද, නීති සමාජය හා නිලධාරි තන්ත‍්‍රය ඒ වෙන්දේසි පොලට යටත්ව ක‍්‍රියා කරන, හා සමාජ නිදහසට හා යුක්තියට එරෙහිව ක‍්‍රියා කරන ව්‍යුහ බවට හැරී තිබේ. සමාජය සිය කැමැත්තෙන්ම එහි අත් අඩංගුවට පත්ව තිබේ. (9* මේ අර්ථයෙන් කල්පනා කළහොත්, ලාංකික ජන සමාජය, එහි වසර දහස් ගණනක ඉතිහාසය තුළ, කිසි දිනෙක නිදහස් හා යුක්ති ගරුක යථාර්ථයක් අත් දැක නැති බව පෙනේ. ගොඩබිම ගැන මාලූවා නොදන්නවා මෙන්, ඔවුහු නිදහස යනු කුමක්දැයි කියා නොදනිතිි. රටේ ඉතිහාසය හා පුරාවිද්‍යාව ලෙස නිල වශයෙන් පිළිගැනී ඇත්තේ, රජ වරුන්ගේත් යතිවරුන්ගේත් ජීවිත වටා ගෙතුණු, ඕපාදූප හා ඊට අදාල භෞතික ශේෂ ගැන විස්තර වාර්ථාය. සාමාන්‍ය ජනතාවගේ ජීවිතය ඉන් මැකී ගොස් ඇත. තම නිදහස හා ඉතිහාසය ගැන ඔවුහු නොදනිති. එම මැකී ගිය හෝ අත්හැර දැමූ තමන්ගේ ඉතිහාසය සෙවීම වෙනුවට, පීඩක ප‍්‍රභූසමාජයේ කථාව, හෙවත් අර්ධ ඉතිහාසය විශ්මය ජනක ලෙස තමන්ගේ ඉතිහාස කථාව ලෙස ආරෝපනය කර ගැනීමට සමාජය වෙර දරති. එය, එම සමාජය තම අතීතයේ සිටම දූරාවලිය ඉවසීමට හුරුකළ චූල සංස්කෘතික පරාධීන පුරුද්ද පෙන්නුම් කිරීමක් විය යුතුය. ඉතිහාසය හා පුරාවිද්‍යාවට වගකියන දැන උගත් වියත්තු ද මෙම විසි එක්වන සියවසේදී පවා, ඒ අසම්පූරණ ඉතිහාසය ගවේෂණයට හෝ ප‍්‍රශ්ණ කිරීමට බියක් දක්වති. (10* ශී‍්‍ර ලංකාව මේ වනවිට එකවර දහස් ගණනින් මියයන, වාර්ගික වශයෙන් එකිනෙකා මරාගෙන ඉවරයක් වන්නට මාන බලන, ශිෂ්ටත්වයේ මිනුම්දඬුවලින් මැනිය නොහැකි, අතිශය දරුණු රණබිමකි. සිවිල් යුද්ධයක් වුවත් එය රාජ්‍ය දෙකක් අතර කෙරෙන යුද්ධයකට සමානය. සත්‍ය වශයෙන් ම එය ගෝත‍්‍ර දෙකක් අතර යුද්ධයකි. එහි පදනම වූ කලී, සංඛ්‍යාවෙන් විශාල ජන වර්ගය, එනම් සිංහළ ජනවර්ගය, රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් ජාතියක් බවට පත් වී, අනෙක් ජන වර්ග තමන් යටතේ දෙවැනි හා තෙවැනි තත්ත්වයේ තබාගැනීමට දැරෙණ උත්සාහය ය. එනම් වාර්ගික දූරාවලියක් පවත්වා ගැනීමට සංඛ්‍යාවෙන් විශාල සිංහල ජනවර්ගය ක‍්‍රියා කිරීමය. දූරාවලිය ප‍්‍රතික්ෂේප කළහැකි තරමේ (පාගා දැමිය නොහැකි තරමේ) රාජ්‍ය බලයක් ලබා ගැනීමට වෑයම් කොට, එම වෑයම අසාර්ථක වූ තැන, දූරාවලියෙන් ඉවත් වීමට සංඛ්‍යාවෙන් කුඩා දෙමළ ජනවර්ගය ක‍්‍රියාකිරීම, නිදහස වෙනුවෙන් සටන් වදින්නන් ගේ අරගලයේ පදනමය. එය සංකේතවත් වන්නේ භූමිය වෙන් කර ගැනීමට දැරෙන උත්සාහයෙනි. ලංකාවේ වර්තමාන රාජ්‍ය ගොඩ නැගීමේ දී වාර්ගික සමතුලිතතාවය තබා ගැනීමට සමාජ නායකත්වය අසමත්වීම මෙහි මුලය. රණබිමේ උස් හඬින් ඇසෙන්නේත් එයයි. තම ජාතියට, නිදහස හා සාධාරණත්වය ඇති, තමන්ගේ ම රටක් වෙනුවෙන් සටන් වදින බව කැරලි කරුවන් කියන විට, ඊට ඇහුන් කන් නොදෙන ආණ්ඩුව කියන්නේ තමන් රටේ ස්වාධිනත්වය හා භෞමික අඛණ්ඩතාවය මෙන්ම ඒකීයරාජ්‍යයක් වෙනුවෙන් තමන් සටන් කරන බවය. ඉන් අදහස් කැරෙන්නේ රටේ උරුමය ඇත්තේ තමන්ට පමණක් බවය. (11* රාජ්‍ය බලය සමාන්තරව බෙදී යාම වලකා, බලය ශ්‍රේණිගත කිරීමෙන්, බල දූරාවලියක් නිර්මාණය වීම ට ඉඩ හැරීම ලංකාවේ රාජ්‍ය ගොඩ නැගීමේ ක‍්‍රියාවලියේ මූලික පරාජයකි. අසමත් කමකි. ආරම්භයේ දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රතික්ෂේප කිරීමකි. තව දුරටත් කියනවානම් බල දූරාවලියේ දෙවැනි, තෙවැනි ජනවර්ගවල ජීවිතය පැහැරගැනීමකි. ඔවුන්ගේ නිදහසට අවහිර කිරීමකි. 1912 සිට ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ දිගින් දිගටම බල දූරාවලියේ විකාශණයක් දක්නට ලැබේ. පාර්ලිමේන්තුව හා මැතිවරණ, අධිකරණය, නීති සමාජය, රාජ්‍ය නිලධාරි තන්ත‍්‍රය, අවසානයේදී මිලිටරි නිලධාරි තන්ත‍්‍රය, අධ්‍යාපනය හා අධ්‍යාපන ආයතන, මෙම බල දූරාවලිය රැකගැනීමේ උපකරණ වශයෙන් ක‍්‍රියාත්මක වෙයි. කුමන සමාජයකදී හෝ වේවා, එම රාජ්‍ය උපකරණ (ලුයී අලුතූසර්) ක‍්‍රියා කරන්නේ පවතින බල ව්‍යුහය රැකගැනීමටය. ඒ අනුව මූලික බල ව්‍යුහයේ ස්වභාවය මෙහිදී ඉහළම වැදගත්කමක් දරයි. එහි තේරුම නම්, ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය ගොඩ නැගී ඇති ආකාරය වැදගත්ම කාරණය බවයි. දූරාවලි ගත බල ව්‍යුහය පුද්ගල නිදහස හා අභිලාශයද අවසානයේ සමාජ සංවර්ධනය හා නිදහස ද සීමා කරයි නම්, අර රාජ්‍ය උපකරණද ඒ අරමුණින්ම ක‍්‍රියා කරණ බවයි. සැමට සමාකාරව බලය බෙදී, සැමට බලය බුක්ති විඳිය හැකි, සමාන්තර ගත බල ව්‍යුහය, පුද්ගල නිදහසට හා අභිලාශයන්ට ද, පොදු සමාජ සංවර්ධනයට හා නිදහසට ද, වර්ධනය වන්නට දිරි දෙයි නම්, එම රාජ්‍ය උපකරණම නිදහස්වාදී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ක‍්‍රියා කරණ බවයි. මෙයින් කුමක් පැහැදිලි කෙරේද? බ්‍රිතාන්‍යයෙන් ආනයනය කෙරුණා වුවත්, පාර්ලිමේනතුව, අධිකරණය හා නීතිය, විධිමත් අධ්‍යාපනය, නිලධාරි තන්ත‍්‍රය ඇතුළු සියළුම රාජ්‍ය උපකරණ ලංකාවේදී ක‍්‍රියා කරන්නේ වැඩවසම් උපකරණ හැටියට බවයි. ඒ රාජ්‍ය උපකරණ දෙස ඈත සිට බලා, ලංකාව යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් යැයි කියා නිශ්චය කිරීම නිවැරදි නොවේ. මේ වනාහී ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමක් පොරවාගත් වැඩවසම් වලසෙකු බව තේරුම් ගත යුතු මනාය. (12* ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ප‍්‍රජාතාන්ත‍්‍රීය ලෙස යලි ප‍්‍රතිව්‍යුහගත කළ යුත්තේ පළමු හා මූලික වශයෙන් පීඩාවන් ගෙන් තොර, රාජ්‍යයක බවට එය ගෙන ඒමටය. ශිෂ්ටත්වයට ගෙන ඒමට නම්, වැඩවසම් සම්බන්ධතාවන්ගෙන් විප්ලවීය ලෙස වෙන් වීමට අවශ්‍යය. වැඩ වසම් සම්බන්ධතාවන්ගෙන් විප්ලවීය ලෙස වෙන්වීමටනම්, වර්තමාන දූරාවලිගත රාජ්‍ය බල ව්‍යුහය, විප්ලවීය ලෙස සමාන්තරගත බල ව්‍යුහයක් දක්වා ප‍්‍රතිව්‍යුහගත කළ යුතුය. එය එකෙකු මත අනෙකාට බලයක් පවත්වාගෙන යා නොහැකි තරමට බලය බෙදී යන ව්‍යුහයක් විය යුතුය. පුද්ගල යාගේ ජීවන ශක්තිය, නිර්මාණ කුසලතා විකසිත වී. පොදු සමාජය නම් මහා ප‍්‍රවාහයට එක්ව ශක්තිමත් රාජ්‍යයක් ගොඩ නැගෙන්නේ එවිටය. සැම පුර වැසියෙකුම එය තමන්ගේ රාජ්‍යය යැයි සිතන්නේ ඉන් පසුවය’ නීතියක් ම`ගින් බියට පත්කොට ඊනියා එ්කීය රාජ්‍ය පිළිගනු යැයි කියා කීමට ඉන්පසු අවශ්‍ය වන්නේ නැත. පිළි නොගන්නන් පැහැරගෙන ගොස් චිත‍්‍ර වධයට පත්කොට, රහසිගතව ඝාතනය කරන්නට අවශ්‍යවන්නේ නැත. වැඩවසම්වාදී නින්දාසහගත බලහත්කාරයක් පවත්වා ගෙන යා යුතු වන්නේ නැත. බලය බෙදීමේ ක‍්‍රියාවලිය අවශ්‍යවන්නේ වාර්ගික සමානත්වය ඇති කිරීම සීමාව දක්වා පමණක් නොව. සැම දෙනාටම තම පරම ආයුෂ නිර්බාධිතව විඳියහැකි ශීලාචාර ශ‍්‍රී ලංකාවක් සඳහා බව මෙයින් පැහැදිලි විය යුතුය. (13* මේ අනුව ලංකාවේ රාජ්‍යය, ව්‍යුහාත්මකව හා විප්ලවීය වශයෙන් පැරණි වැඩවසම් ආකෘතියෙන් වෙන් වී නැත. පාර්ලිමේන්තුව හා මැතිවරණ, අධිකරණය හා නීතිය, නිලධාරි තන්ත‍්‍රය ආදී රාජ්‍ය උපකරණ යොදාගෙන ඇත්තේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩ නැගීම අරමුණු කොටගෙන නොව, පැරණි වැඩවසම් සමාජ ආකෘතිය අලූත් වැඩියා කර ගැනීමටය. ( මේ වනාහී 1818 හා 1848 කැරලි ප‍්‍රමාද වී ජය ගැනීමකි) මේ නිසා ලංකාවේ සමාජ ගැටුම් නිවාරණය කිරීම හෝ සමාජ අසමානත්වය අහෝසි කිරීම මෙම රාජ්‍යය ම`ගින් කළ නොහැකිය. මෙය වෙනස් නොකොට සංවර්ධිත රාජ්‍යයක් බවට පත්වන්නට ද ලංකාවට නොහැකිය. මන්ද කියනවානම්, අවස්තාව අහිමි කිරීමෙන්, අසහනයෙන් හා පීඩාවෙන් පෙළෙන සමාජයක්, කැපවීමෙන් සංවර්ධනයට උර නොදෙන බැවිනිි. තෘප්තිමත් වියහැකි අයුරින්, තමන්ට ද ප‍්‍රතිලාභ නොලැබෙන ව්‍යාපෘතිවලට උර නොදීම පෘතග්ජන මිනිසාගේ ස්වභාවය නිසාය. මේ හෙයින්, ලංකාවේ නොදියුණුවට හේතු සෙවීමේ දී වැඩවසම්වාදී රාජ්‍යය ව්‍යුහය ප‍්‍රධාන තැනක් ගනී. නොදියුණුවට හේතු වී ඇත්තේ සමාජ ගැටුම් වන අතරම සමාජ ගැටුම්වලට හේතුව නොදියුණු වීම යැයි කියා බොහෝ උගතුන් සිතති. එම සිතීම සමාජ ගැටුම් නිවාරණයට බාධාවකි. මන්ද? සමාජ ගැටුම් නොදියුණුව කෙරෙහි ඉමහත් බලපෑමක් සිදුකර ඇතත්, සමාජ ගැටුම් හට ගැනීමට හේතුව රාජ්‍යය ප‍්‍රජාතාන්ත‍්‍රවාදී ලෙස ව්‍යුහගත නොවීමය යන යථාර්ථය තේරුම් ගැනීමට එය බාධාවක් නිසාය. වර්ථමානයේ සිදුවන ලේ වැකි යුද්ධය දූරාවලිය රැුකගැනීමේ ක‍්‍රියාවලියක් බැවින් ඒ ඔත්සේ ගොස් රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළ නොහැකිය. රාජ්‍යය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොකොට සාමය හෝ සංවර්ධනය ඇති කළ නොහැකිය. ස්තුතියි, මතු සම්බන්ධයිි, |
...
[Message clipped]

දැවි දැවී ඉටි පහන
ශේෂ වන ඉටි කඳුළ
දෑඟිලි තුඩට ගෙන
හද පාරා ගනිමි...
ඇසක තෙත දැන හැඳින
කඳුළු පිසලනු බැරිව
ගලන සිතුවිලි නදිය
සඟවාන සිනාසෙමි....
අමිල දිරි හද නොබිඳ
දෑත සවි මිල කරන
බත්පතක් ගෙන ඇදෙන
රුවක් සිහිනෙන් දකිමි...
යුක්තියේ හිරු කිරණ
දකිනු රිසි පෙර ගමන
අතරමඟ නොම බිඳුණ
දෙපා මුල හිස නමමි....
සදාතන ප්‍රේමයේ
ගීතයක තනු මවන
නොනිම් සන්ධ්‍යාව ඔබ
ස්නේහයෙන් වැළඳගමි....
තරුරසී
Five people have been questioned over the disappearance of former journalist Prageeth Eknaligoda.
CID sources said that among the five questioned are two soldiers attached to the Minneriya Army camp. The CID said that the entire investigation is being conducted behind closed doors and the identity of the investigators will also not be revealed. Eknaligoda’s wife Sandhya Eknaligoda told The Sunday Leader that she was aware five people had been questioned over the incident.
She also said that among the suspects questioned was a friend of her husband, who went missing in 2010.Sandhya Eknaligoda said that she remained hopeful the investigations over the disappearance of her husband will see a breakthrough. (AW)
ගිරිතලේ හමුදා කඳවුරට අනුබද්ධව සේවය කළ දෙමළ ජාතික බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනෙකු මගින් 2010 ජනවාරි 24 දා රාත්‍රියේ රාජගිරියේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගැනීමෙන් පසු ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන ආ බවත් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සිදු කෙළේ තමන් බවත් අත් අඩංගුවට ගත් රන් බණ්ඩා සාජන්ට් මේජර් වරයා විසින් පිළිගෙන තිබේ.
මෙම ප්‍රශ්න කිරීම් දින 3 ක් තිස්සේ සිදුකරන ලද අතර මූලික වශයෙන් ප්‍රශ්න කර ඇත්තේ කාරණා දෙකක් බවත් ඉන් ප්‍රධාන කාරණාව වූයේ රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් ප්‍රගීත් එක්නැලිගොඩ විසින් ලියා මුද්‍රණයට සූදානම් කරන ලද පොතක් පිලිබඳ බවත් දෙවැනි කාරණාව වූයේ ෆොන්සේකා මහතා සහ ප්‍රගීත් එක්නැලිගොඩ අතර තිබූ සම්බන්ධය කුමක්ද යන්න බවත් සාජන්ට් මේජර් රන්බණ්ඩා පාපෝච්චාරණය කර ඇත.
ඉන්පසුව එම කඳවුරේ දෙවැනි අණ දෙන නිලධාරියා ලෙස කටයුතු කළ තාවකාලික කර්නල් වරයෙක් ලෙස උසස් වීම් ලද මේජර් සිරිවර්ධන නමැති නිලධාරියා පැමිණ ‘‘අපිට මෙයත් එක්ක ගමනක් යන්න තියෙනවා“ කියා ප්‍රගීත් එක්නැලිගොඩව රැගෙන ගිය බවත් ඉන් පසු තමා ප්රගීත් එක්නැලිගොඩ කෙනෙක් නුදුටු බවත් සාජන්ට් මේජර් රන් බණ්ඩා වැඩි දුරටත් පාපෝච්චාරණය කර තිබේ.
ඉහත කී මේජර් සිරිවර්ධන සේවය කර ඇත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න නමැති නිලධාරියා යටතේ ය. මේජර් සිරිවර්ධනට නියෝග දිය යුත්තේ කර්නල් ෂම්මි කුමාරරත්න වන අතර ඒ දිනවල ගිරිතලේ හමුදා කඳවුරේ ප්රධානියා ලෙස කටයුතු කර ඇත්තේ කර්නල් ෂම්මි ය.
ප්රගීත් එක්නැලිගොඩ විසින් ලියූ රාජපක්ෂ පවුල් ගස නමැති පොත එවක පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කරමින් ලියූ හෙලිදරව්වකි. එනම් ඒ වන විට කිසිවෙක් කතා නොකර තිබූ රාජපක්ෂලාගේ පවුලේ අය කොපමණ පිරිසක් ඒ ආණ්ඩුවේ තනතුරු ලබමින් සිටිනවාද? ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් කවරේද? ආදිය විග්‍රහ කෙරෙන පොතකි. මෙය මුද්‍රණය කිරීමට එවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ම) පාර්ශවය ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා සූදානම්ව සිටි අතර ඔහුගේ රාජගිරිය කාර්යාලයේ තිබූ සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපත යම් කිසිවෙකු විසින් සොරකම් කරගෙන ගොස් තිබිණ. පසුව එම සෝදුපත් බලමින් තිබූ ටයිප් සෙටින් පිටපතේ ඡායා පිටපත් කොපියක් පෙන්වා ප්‍රකට මුද්‍රණකරුවෙකු වූ කෙලී සේනානායක මහතාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර තිබුනේ එම පොත කෙලී සේනානායක මහතා විසින් මුද්‍රණය කරන්නේදැයි දැන ගැනීමට ය. තමන් එවැනි පොතක් මුද්‍රණය සඳහා බාරගෙන නැතැයි කෙලී සේනානායක මහතා පැවසූ විට, පොත ලිව්වේ කව්දැයි රහස් පොලිසිය විමසා සිටි නමුත් තමන් ඒ ගැන නොදන්නා බව ඔහු පවසා තිබිණ. ප්‍රගීත් පැහැරගත් දිනවලදීම කෙලී සේනානායක මහතා විසින් මේ සම්බන්ධයෙන් තමා තුල තිබූ සැකය හෙලිකරමින් ලංකා ඊ නිව්ස් වෙත පවසා සිටියේ එම පිටපතේ ප්‍රගීත් විසින් සෝදුපත් බලා සටහන් තබා තිබූ බව තමන් දුටු බවත් තමන් ප්‍රගීත්ගේ අත් අකුරු හඳුනාගත් බවයි. එවැන්නක් පිටතට ගියේ කෙසේද?
මේ අතර ප්‍රගීත්ගේ පැහැරගැනීම ගැන යලිත් රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව කීර්ති කුමාර ලොකුලියන නමැති මාධ්‍යවේදියෙක් රහස් පොලිසියට සාක්ෂියක් දෙමින් මෙම පොත ගැන සඳහන් කර තිබූ අතර ප්‍රගීත් විසින් සකස් කරන ලද ‘රාජපක්ෂ පවුල් ගස‘ නමැති පොතේ අත් පිටපතක් ප්‍රේම් කුලතිලක නමැති අයෙක් සොරකම් කරගෙන ගොස් තිබුනා යැයි ඔහු විසින් පවසා තිබිණ.
මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ අත් පිටපතක් මුද්‍රණය කිරීමටත් පෙර ගෝඨාභය රාජපක්ෂ වෙත ගියේ කෙසේදැයි යන සැකය නිරාකරණය වන්නේ මංගල සමරවීර මහතාගේ දීර්ඝ කාලයක් ලේකම් වරයෙක් ලෙස කටයුතු කළ රුවන් ෆර්ඩිනැන්ඩස් නමැත්තා ගෝඨාභය රාජපක්ෂගේ රහසිගත ගෙවීම් ලැයිස්තුවක සිට හසුවීමෙනි. එය එකළ මාධ්‍ය මගින් හෙලිදරව්වීමෙන් පසුව ලංකා ඊ නිව්ස් ඔහුගෙන් කළ විමසීමකදී ඔහු එය ප්‍රතික්ෂේප කෙළේය. නමුත් මේ වන විට ඔහු සහ ගෝඨාභය රාජපක්ෂ අතර ඇති රහසිගත සම්බන්ධය හෙලි වී හමාරය. ඉන් ප්‍රධාන සිදුවීමක් වන්නේ පරාජයේ උණුසුම මැකී යන්නටත් පෙර ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ගෝඨාභය සමග සම්මුඛ සාකච්ඡා මාලාවක් ෆර්ඩිනැන්ඩස්ට අයත් වෙබ් අඩවි හරහා ප්‍රචාරය කිරීම යි. ඒ සඳහා ෆර්ඩිනැන්ඩස් විසින් විශාල මුදලක් ගෝඨාභයගෙන් ලබා ගත් නමුත් තමන්ට කිසිදු ගෙවීමක් කෙළේ නැතැයි එම සම්මුඛ සාකච්ඡා මෙහෙයැවූ මාධ්‍යවේදිනියක් අනාවරණය කළාය. මේ අතර රුවන් ෆර්ඩිනැන්ඩස් විසින් මෙහෙයවන වෙබ් අඩවියක එංගලන්තයේ සිටින සෙවනැලි කර්තෘ වරයා එජාප ප්‍රධානියෙක් අමතා පසුගියදා කියා සිටියේ ගෝඨාභය වැඩක් කළ හැකි මිනිහෙක් බවත් ඊලඟ ආණ්ඩුවකදී ඔහු හිරේ නොදමා වැඩක් ගන්නා ලෙසත් ය. මේ ප්‍රකාශයෙන් එජාප ප්‍රධානියා විපිළිසරව ගොස් තිබුනේ රටක්ම ගෝඨාභයලා කළ වැරදි සොයා හිරේ දාන්න යැයි කියද්දී මේ යෝධයා කියන්නේ කුමක්ද? කියා ය. ඔහු යැපෙන්නේ ගෝඨාභයගේ ප්‍රතිරූප නැංවීමට ක්‍රියා කරන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ සෙවනැලි කතුවරයා ලෙස බැවින් කාරණාව පැහැදිලි වී තිබේ. මේ සියලු කාරණා අනුව මංගල සමරවීර මහතාගේ කාර්යාලයේ තිබූ ප්‍රගීත් ලියූ රාජපක්ෂ පවුල් ගසේ අත් පිටපත නැතිවූයේ කෙසේදැයි තක්සේරුවකට පැමිණිය හැකිය. රුවන් ෆර්ඩිනැන්ඩස් රාජපක්ෂලා සමග පවත්වාගෙන යන රහසිගත සම්බන්ධතා හෙලිදරව් වීමෙන් පසුව මංගල සමරවීර මහතා මේ වන විට රුවන් ෆර්ඩිනැන්ඩස් තම ලේකම් ධූරයෙන් ඉවත් කර තිබේ.
ප්‍රගීත්ගේ පැහැරගැනීම සහ ඝාතනය කරුණා ගේ වැඩක් ලෙස කරුණු විකෘති කිරීමට රුවන් ෆර්ඩිනැන්ඩස්ට අයත් මාධ්‍ය ඉතාමත් තුච්ඡ වෑයමක යෙදෙන්නේ මන්දැයි දැන් තේරුම් ගත හැකිය.
මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාමෙන් පසු දින කිහිපයක් ගිරිතලේ හමුදා කඳවුරේ රඳවාගෙන හමුදා නිලධාරීන් ඉදිරියේ ප‍්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙන බවත් ඔහු අතුරුදන්වන්නේ ඉන් අනතුරුව බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධව මෙතෙක් කරන ලද විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
එකී පැහැරගැනීමට හා ප‍්‍රශ්න කිරීමට සම්බන්ධ වූ බවට සැක කෙරෙන පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ.යේ දේශපාලන අංශයේ ප‍්‍රධානියකු ලෙස කටයුතු කළ සුරේෂ් කුමාර් ගිරිතලේ හමුදා කඳවුරේ සේවය කර විශ‍්‍රාම ගොස් සිටින මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුදු බණ්ඩා ඇතුළු තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැර ගැනීමත් අතුරුදන් කිරීමත් ගැන බොහෝ තොරතුරු මේ අයගෙන් හෙළිවන අතර ඊට සම්බන්ධ හමුදාවේ කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට හමුදාවෙන් සහයක් නොලැබෙන බවටද පොලීසිය චෝදනා කරයි. දැනට අනාවරණය වී ඇති ආකාරයට අනුව ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ පැහැර ගැනීම හා අතුරුදන් වීම සිදුව ඇත්තේ මෙසේය.
සුරේෂ් කුමාර නමැත්තාගේ පියා සිංහල ජාතිකයෙකි. මව දෙමළය. 1985 වසරේදී ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත. ඔහුගේ මව නාවික හමුදා ප‍්‍රහාරයකින්ද පියා යුද හමුදා ප‍්‍රහාරයකින්ද මියගොස් ඇත. ඔහු එල්.ටී.ටී.ඊ.යට එක්ව ඇත්තේ වයස අවුරුදු 16දීය. ඉන්දියන් සාම සාධක හමුදාව මෙරටට පැමිණීමෙන් පසු සුරේෂ් කුමාර එම හමුදාව විසින් අටවන ලද බිම් බෝම්බයකට හසුවී පාදය අහිමි වී තිබේ. එතැන් පටන් ඔහු එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශයට අනුයුක්ත කර ඇත.
පසුගිය යුද සමයේදී ත‍්‍රිකුණාමලයේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශය භාරව සිට ඇත්තේ ඔහු බව සඳහන්ය. යුද්ධය අවසන් වීමත් සමග 2009 වසරේදී ඔහු හමුදාවට භාරවී පුනරුත්ථාපනය වී තිබේ. ඔහු සතුව දුරකථන නාමාවලියක්ද තිබි ඇති අතර එය ගිරිතලේ හමුදා නිලධාරීන් විසින් ගෙන ඇත. එහි දුරකථන අංක අතර ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අංකයද තිබි ඇත. එහිදී හමුදා නිලධාරීන් සුරේෂ් කුමාරගෙන් ඒ පිළිබඳ ප‍්‍රශ්න කර ඇත.
සාම ගිවිසුම ක‍්‍රියාත්මක වූ කාලයේ මඩු ප‍්‍රදේශයේදී දොස්තර ජයලත් ජයවර්ධන මහතා හරහා තමා ප්රගීත් එක්නැලිගොඩ හඳුනාගත් බවත් එතැන් සිට ඔහු සමග සමීප සබඳතාවක් පැවැත්වූ බවත් මෙහිදී සුරේෂ් කුමාර හමුදාවට ප‍්‍රකාශ කර ඇත.
අනතුරුව ප‍්‍රගීත් එක්නැලිගොඩට දුරකථනයෙන් අමතන ලෙස හමුදාව සුරේෂ් කුමාරට දැනුම් දී ඇත. එම දුරකථන සංවාදවලට හමුදාව ඇහුම්කන් දී ඇති අතර ඒ සංවාදවලදී ප‍්‍රගීත් එක්නැලිගොඩ යුද හමුදාව දැඩි ලෙස විවේචනය කරමින් කතා කර ඇත. පසුව ගිරිතලේ හමුදා කඳවුරේ ප‍්‍රධානී ධම්මික කුමාරගේ නියෝග මත කෝප‍්‍රල් ප‍්‍රියන්ත නමැති හමුදා නිලධාරියා සුරේෂ් කුමාරගේ සොහොයුරකු ලෙස පෙනී සිටිමින් ප‍්‍රගීත් එක්නැලිගොඩ හමුවී ඇත.
එසේ හමුවී ඇත්තේ සීගිරියේ පිහිටි එක්නැලිගොඩගේ ඉඩමකදීය. සුරේෂ් කුමාර හා තමා හමුදාවෙන් කට්ටි පනිමින් සිටින බව එහිදී කෝප‍්‍රල් ප‍්‍රියන්ත එක්නැලිගොඩට ප‍්‍රකාශ කර ඇත.
හමුදාවේ සැලසුම් මත ක‍්‍රියාත්මක වෙමින් පසුව සුරේෂ් කුමාර, එක්නැලිගොඩ හට ප‍්‍රකාශ කර ඇත්තේ තමාට හා තම සොහොයුරාට රටින් පිටවීම සඳහා උපකාර කරන ලෙසයි. එහිදී ඊට සහය වන බවට පොරොන්දු වී ඇති එක්නැලිගොඩ ඊට අවශ්‍ය ලියකියවිලි තමාට භාරදෙන ලෙස ඔවුන්ට ප‍්‍රකාශ කර ඇත.
පසුව එම ලියකියවිලි රැුගෙන එන බව අඟවමින් කෝප‍්‍රල් ප‍්‍රියන්ත 2010 වසරේ ජනවාරි මස 24 දින රාජගිරියේදී එක්නැලිගොඩ හමුවී ඇති අතර ඔහුව ගිරිතලේ හමුදා කඳවුරට රැුගෙනවිත් ඇත්තේ ඉන් අනතුරුවය. හමුදා කඳවුරේ ප‍්‍රශ්න කිරීම් කළ ආකාරයත් ඉන් අනතුරුව එක්නැලිගොඩ අතුරුදන් වූ ආකාරයත් පිළිබඳ තොරතුරු ඉදිරියේදී අනාවරණය කරගත හැකි වනු ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
මට ඕන ඉඩම්. පොලිසියේ කොස්තාපල් කෙනෙක් වෙලා ඉන්න කාලේ ඉඳන්ම මට තිබච්ච හීනයක් ඒක. නමුත් කරගන්න බැරි වුණා. මල්ලි ජනාධිපති වුන එක වාසනාවට හිටියා දැන් ඕන තරම් ඉඩම් තියෙනවා, සල්ලිත් කියෙනවා. මිනිහෙකුට කවදහරි චාන්ස් එකක් වදිනවා කියලා මට කිව්වේ අපේ තාත්තා. මං බලාපොරොත්තු වෙනව ලොකු වතු ටිකකුයි මුදු වෙරළ අයිනෙන් හෝටල් පේලියකුයි පටන් ගන්න. අපේ දියුණුව රටේ දියුණුව කියලයි අපි ඉගෙන ගත්තේ. මල්ලි මේපාර දිණුවොත් තමයි ඉතිරි ටික කරගන්න වෙන්නේ. දන්නවනේ ඔන්න කොහොම හරි මල්ලි දිනවන්න.
මම අයියා ගේ ලොකු මල්ලි. රස්සාවක් නැති හින්දයි හමුදාවට ගියේ. ඒ වුණාට පළවෙනි ඔපරේෂන් එකේදිම බය හිතුණ. ඒකයි බලූ දුක් වින්දත් කමත් නෑ කියලා මල්ලිගෙ පිහිටෙන් ඇමරිකාවට පැන ගත්තේ. ඒකෙන් යන්තම් මේ කාලකණ්නි රටෙන් බේරිලා ළමයින් ට උගන්නව ගත්ත. එහෙදි මල්ලිගෙ ගැරේජ් එකේ මළකඩ හූරලා එපා වුණා. හවසට උරහිස් කැක්කුමයි. මං ඔෆිස්, එක්සෙල්, පවර් පොයින්ටට්, කෝස් ටිකක් ඉගෙන ගත්තා. ඒත් අපි වයස හින්දා වේගෙ මදි කියල හොඳ පඩියකට වැඩක් හම්බ වුණේ නෑ. වැලේ වැල් නැතිව ඉන්නකොට, අයියා ජනාධ්පති වෙච්ච එකෙන්, බැසිල් මල්ලිට වාත වෙවී, උගෙ ගෑනිගෙන් වචන අහන්නෙ නැතිව, හම්බකරගන්න රස්සාවක් හම්බ වුණා. කල දුටු කල වල ඉහගන් කියලා කියා දුන්නේ ගමේ හාමුදුරුවෝ. ඉතිං මං බල බලා ඉන්නෙ නැතිව දුන්නා පාර. වානේ සංස්ථාව ගත්තේ ඒ සල්ලි වලින්. ඉස්සර මට කොළඹ ගෙවල් තිබුණෙ නෑ. ඒක හින්දා ගෙවල් දෙකක් ගත්ත. අනිත් සල්ලි සේරම ආරක්‍ෂාවට කැරිබියන් බැංකුවෙ දැම්මා. අපේ අතේ මිටේ සල්ලි නැතුව කොහොමද අපි රටේ ජනතාව බලා ගන්නේ? අයියා දිණුවොත් තමයි ඔය ගොල්ලන්ට මගෙ සිරියාවන්ත මුණ බලන්න ලැබෙන්නේ. ඔය ගොල්ලො අයියට ඡන්දයක් දෙනවනේ. තෑන්ක්ස්.
සල්ලි කියන්නෙ දෙයියන්ගෙ මල්ලි. මම තමයි ලොක්කගෙ බාලම මල්ල. සල්ලි තමයි මගෙ පන. කොමිස් තමයි මගේ හුස්ම. හුස්ම වැටුණොත් තමයි පණ රැුකෙන්නේ. ඉතිං කොමිස් නැතුව මං කොහොමද හුස්ම ගන්නේ? මගේ සාක්කුවකින් තවත් සාක්කුවකට සල්ලි මාරු කරන්නේ නෑ කොමිස් නැතුව. මගෙ හුස්ම හිරවෙනවා දැකල ගාමිණි දිසානායක උදව් කළා. මං මහවැලියම හරවා ගත්තා මැදමූලනට. ගාමිණී වලට ගියා මං ගොඩ ආවා. පව්, මෑන් හොඳ මිනිහ. ඇමරිකාවට ගිහිල්ල පරණ කාර් රෙපෙයාර් කරලා ජීවත්වෙන්න සිද්ධ වුණේ ඊට පස්සේ. හොඳ වෙලාවට ඔය ගොල්ල අපේ අයිය ජනාධිපති කළේ. දැන් ප‍්‍රශ්නයක් නැහැ. කොමිස් කියලා මම ගන්නේ සීයට දහයක් විතරයි. ඉතිං ඒකටත් සමහරු බණිනව. මම මැඩගස්කරයෙන් මැණික් ඉඩම් විතරක් අක්කර 2000 ක් ම ගත්ත. මාතර ලලිත හෝටලෙත් ගත්ත. තව හෝටල් ගොඩාරියකුත් ගත්ත. පස්සේ කියන්නම්කෝ. නුවර ටවුන් එක මැද්දේ අර උසට උසේ හදපු බිල්ඩිමක් ගත්ත. එයාටෙල් කොම්පැනියත් ගත්ත. මයික්‍රෝ කොම්පැණියත් ගත්ත. සෙලින්කෝ එකත් ගත්ත. ඉතිං කාටද ආඩම්බර.
රූප රාජිනියකුත් වුණා. ඉස්සර, මම නං ඔය නැකැත් අරව මේව දන්නෙත් නෑ. ඕව මට විශ්වාසත් නෑ. ඔය බුද්ධාගම් කාරයන්ගෙ මළ විකාර අපේ ආගමේ නෑ නෙ. අපි බැන්දට එච්චර සරුවක් තිබුණෙ නෑ. මං හරි අමාරුවෙන් කරගෙන ගිය මොන්ටිසෝරියෙන් තමයි ජීවත් වුණේ. මහත්තයා පෙරකදෝරු රස්සාව කළාට එයාට හරියට නඩුවක් කතාකරගන්න බෑනේ. ඉතින් ආදායමක් නෑ. ඒ කාලේ හිතුණ අනේ කවදද මේ දුකෙන් මිදෙන්නෙ කියල. එහෙම ඉන්නකොට තමයි මහත්තය ට චාන්ස් එක වැදුණෙ. ජනාධිපති තරගේ ඔහොම දිනනව කියලා දන්නවනම් මහත්තය කවදාවත් සුනාමි සල්ලි හොරකම් කරන්නෙ නෑ. කොහොම වුනත් මට දැන් ලොකු ලොරි සීයක් තියෙනව. ඒව ඔක්කොම හම්බන්තොට වරායෙ වැඩට දාලයි තියෙන්නෙ. ඔය මහත්තයගෙ පවුලෙ අනිත් අය වගේ නෙමයි මම නම් මලෙන් රොන් ගන්නව වගේ තමයි කීයක් හරි හොයා ගත්තෙ. ගෑනු අපිටත් ඉතින් වියදමටත් කීයක් හරි ඕනනෙ. මිනිහගෙන්ම ඉල්ල ඉල්ල ඉන්න බෑනෙ. මහත්තය නිසා තමයි මේ ඔක්කොම ලැබුණෙ. ඉතිං මං ගැන හිතල මහත්තයට ඡන්දය දේ න්න. ප්ලීස්.
මට හොඳට කන්න ඕන. බොන්න ඕන. ඒත් මං ඒ වගේ ආතල් එකක් ගන්නෙ යාළුවොත් එක්ක ක්ලබ් ගියාම විතරයි. මට විභාගෙ පාස්වෙන්න බැරිවුණාට මට මොළේ තියෙනව. තාත්ත මට එයාටෙල් එකෙයි, මයික්‍රෝ එකෙයි ෂෙයාස් අරන් දුන්නෙත් මට වැඩ බෑ කියල හිතල වෙන්නැති. නමුත් මට වැඩ පුළුවන්. දඬුවම් මුදලාලිට මං දුන්න වැඬේ කොහොමද? තාත්ත මිනිස්සුන්ට මතට තිත පෙන්නද්දි අම්පාරෙ බාර් වල ගලන්නෙ මගේ අරක්කු. ඒත් තාත්ත කියන්නෙ මගෙම කියල දේශපාලන වැඩක් පටන් ගන්න කියල. ඉතින් නිලියො ටිකක් අල්ලගෙන ඒකත් හදා ගත්ත. ඇත්තටම හෙටක් තියා අදකුත් නෑ. හැබැයි මරු සැප. කොළම ටවුන් එකේ ගහන දැන්වීම පුවරුවකිනුත් සියේට දහයක් ගන්න හැටි කියල දුන්නෙනම් බාප්ප. කඩවලින්, කොම්පැනි වලිනුයි කප්පම් ගන්න කියා දුන්නේ අංකල්. තාත්තා ගානේ බිලියන දෙකක් දුන්න. ඒත් ඉතිං මගේ කොල්ලන්ටයි, කෙල්ලන්ටයි ඔය තුට්ටු දෙක මදි. මට නියම වයස එනකං දෙතුන් පාරක්වත් තාත්තම ජනාධිපති වෙන්න ඕන. එතකොට මගේ වයස හරි. ඒක හින්ද තාත්තට ඡන්දෙ දෙන්න. පුළුවන්නම් බෝධි පූජාවක්, ආශිර්වාද පූජාවක් එහෙම තියන්න හොඳේ.
මම කතාවට එන්න ටිකක් පරක්කු වුණේ කතරගම ඉඳන් එනකොට දෙය්යන්ට ගහපු පොල් බෑ ගෝනි ටික කොප්පරා වලට වේලන්න කියල, ගෙදර දාන්න ගිහින් ටිකක් පරක්කු වුණා. ඒකයි පරක්කු වුණේ. මොකද ඕව මම ම කරන්න ඕන. කපුවට කිව්වොත් ඌ ඉස්සර කලා වගේ පොල් ටික උගේ හොර ගෑනුන්ට දෙනව. දේවාලෙ සල්ලිත් එහෙමයි. මම දැන් ඒ සල්ලි පරිස්සමට ගෙදර ගිහින් තියනව. කාටවත් අල්ලන්න දෙන්නෙ නෑ. දෙයියන්ගේ දේ දෙයියන්ට දීල අනිත් ටික මම පරිස්සමට මගෙ එකවුන්ට් එකේ දානව. මං ළගවත් තියාගන්නෙ නෑ. ඒ වුණාට සමහර අදුර්මිෂ්ටයො මට දේවාල පුල්ලියා කියල කියනව. බලන්නකො මට අපහාස කරන්න ගිහිල්ල උන්ට වෙන දේ. දෙයියො නිකම් ඉන්නෑ. රන්මිණිතැන්නෙ උන්ට වෙච්ච දේ උන්ටත් වෙයි. මේ කතරගම දේවාල හරිම හාස්කම් තියෙනව. දැන් බලන්න කුඩු ලාල් අයිය, පොට්ට නවුෆර් මහත්තය එහෙම ඔය කුඩු ගේන්න එල්. සී. එක අරිනකොට මෙහෙට බාරයක් වෙනව. කොළඹ කස්ටම් එකේදි කරදරයක් නැතිව ඔන්න බඩු එළියට එනව. එදා ම ලාල් අයිය ඇවිත් පහුවදා පාන්දරම මැණික් ගගේන් නාලා, පේ වෙලා, බාරෙ ඔප්පු කරනව. මටත් ලොකු පඬුරක් දෙනව. කිසිම කිසි දවසක බඩු මාට්ටු වුණේ නෑ. ඇත්තට දෙහියංගෙ හාස්කම් ගැන මර්වින් අංකල් කියල දෙනකම් කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.
මට සීගිරිය බලන්න වත් යන්න බැරිවුණේ, ඉගෙන ගන්න බැරිවුණේ, ජේ.වී.පී එකේ ෆුල් ටයිම් කරන්න ගිය හින්දා නොවෙයි. අපි දුප්පත් හින්ද, ජේ.වී.පී. එකේ ෆුල් ටයිම් කරන්න ගියායින් පස්සෙ තමයි හරියට කන්නවත් ලැබුණෙ. කොහොම වුණත් මට ප‍්‍රසිද්ධිය ලැබිල වාසනාව පෑදුනේ ජේ.වී.පී. එක නිසාම තමයි. පස්සේ තමයි අපට නැගිටින්න මාර්ග පෑදුනේ වාරායෙ පොල් තෙල් ටැංකි බෝකර් වැඩෙන් පස්සේ හැම දේම ලැබෙන්න පටන් ගත්ත. සල්ලි වතුර වගේ ගලන්න පටන් ගත්ත. ඉඩම් ගෙවල් දොරවල්, යාන වාහන ඔක්කොම ලැබුණ. මගේ වයිෆ් එයාටෙල් එකේ අධ්‍යක්‍ෂ කෙනෙක් වුණේ ඊට පස්සෙ. මං පස්සෙ ලොක්කන්ට කිව්ව අපි බැසිල් සර්ල එක්ක දිගටම ඉම්මු කියල. ශෂී කිව්ව විදියටම මං මෝඩයන්ගෙන් අයින් වුනා. නව විප්ලවීය මාවත මං විවර කළා. මීයෙකුට සිංහයෙක් වෙන්න පුලූවන් බව මම ඔප්පු කළා. ලංකාවෙ ඉන්න සිංහල මිනිස්සු හරි මෝඩයි. උං රවට්ටන්න හරිම ලේසියි. අපේ ගුණදාස අමරසේකර ලෝක්ක තමයි මට ඕක කිව්වෙ. නැතිනම් මිනිස්සු මං කියන දේ අහයිද? ජේ.වී.පී. එකත් කවදහරි ඕක තේරුම් ගනීවි. ලංකාවේ දේශහිතෛශී තරුණ තරුණියන්ට මං කියනනෙ, එන්න මා හා එක්වන්න. මගේ හඬ අහන්න. ඔබේ හඬ අවදි කරන්න. සංවේදී නායකායට ඡන්දය දෙන්න. ඔබට මං දිනවන්න ඕනනම් ජනා දිනවන්න.
නිමල් කියන්නෙ කොච්චර ලස්සන නමක් ද? ඒ වුණාට වැදගත් මිනිහෙක්ගෙ වටිනාකම දන්නැති කඩප්පුලි හැත්ත මට කියන්නෙ ඇනිමල් කියල මං පොඩි තැනකින් ආව කෙනෙක් හින්ද තමයි ඔය සේරම. නමුත් මම ඉන්නේ කවදත් පොඞ්ඩන්ගෙ පැත්තෙ. ඒක නෙ මං ගමන් බිමන් යද්දි පොඩි ගෑනු ළමයි එක්කම යන්නෙ. අපේ ගමේ කතාවක් තියෙනව කොලේ යන හරක කොලෙන්ම කන්න ඕනෙ කියල. ඉතිං මං ඔය පොඩි ගතම් එකක් ගන්නව බෙහෙත් වලින්. ඒකට දොස්තරලට තමයි පීනසේ හැදිල තියෙන්නෙ. රටේ ජනතාවට කිසිම ප‍්‍රශ්නයක් නෑ. මට ඉස්සර හිටපු ඇමතිල, ඇමති නෝනල වගේ මම බේත් විකුනගන්නෙ නැති බව ඒ අය දන්නව. මම කොමිස් ගන්නෙ නියම මාත‍්‍රාවට අනුව බෙහෙත් කොම්පැනි කාරයින්ගෙන් විතරයි. ඒකේ වරදක් නෑ. අපේ රටට පාඩුවක් නෑ. ගාන කැපෙන්නෙත් පිට රටින්. ගාන තැන්පත් කරනනෙත් පිට රටමයි. දැන් බලන්න මං ඩෙංගු සම්පූර්ණයෙන් ම නැවැත්තුව. කුරුළු උණ, මී උණ, ඌරු උණ, චිකන් උණ සේරම කොහේ ගියාද නෑ. මම මදුරුවන් වඳ ම කරල දාන්න මැෂින් එකක් මගෙ ගෙදර වත්තේ හයි කරල තියෙනව. ඇමති හැටියට මං දෙන්නෙ අවවාද වලට වඩා ආදර්ශයක්. ඒක ගේන්න මං අමාත්‍යංශයෙ සල්ලි වලින් ලක්‍ෂ තුනක් වියදම් කළා. දැන් අවට ගෙවල්වලත් මදුරුවො නෑ. කොහොමද මගෙ වැඩ. රටේ ජනතාවත් මං වගේ ඒ ජාතියෙ මැෂින් හයි කරගන්න ඕන. ජීවිතේ මල් ලොක්ක ඉන්න කල්. ඒක හින්ද ලොක්ක දිනවන්න.
මම විමල් අඳුරන්නෙ බොරැල්ලේ මැස්සො මාර්කට් එකේ පත්තර ගහන කාලෙ ඉඳල. තව තවත් අය හිටියට මට දැන් ඕකුන් මතක නෑ. පෙරේත හැත්ත. මමත් හරි අමාරුවෙන් තමයි ජීවත් වුණේ. සුදුසුකම් නැති නිසා රස්සාවල් හෙව්වට හම්බ වුණේ නෑ. උස මදි හින්දා පොලීසියටවත් ගත්තෙ නෑ. හුගක් අය වගේ මමත් බැරිම තැන තමයි පත්තර රස්සාවට ගියේ. ලියනව කිව්වට මං ලියන්නෙ හරියට බොරැල්ලෙ මිහිරි බත් කඬේ මැල්ලූම් ලියනව වගේ කියල. දවසක් එකෙක් මට කීව ඒ බත් කඬේ මැල්ලූම් ලියන්න පලයන් කියල. හැබැයි මං ඒවෙනකොටත් ඉගෙන ගෙනයි තිබුනෙ තණකොල මැල්ලූම් ලිව්වත් කන පාටකයො ජාතියක් රටේ ඉන්න බව. එහෙම නැත්නම් බොලේ මම ඡන්දෙකින් දිනයිද? වාසනාව තියෙන්නෙ කුණු මුල්ලෙ නොවෙයි වලස්මුල්ල කියල මමයි ඔප්පු කළේ. පත්තරෙන් පාර්ලිමේන්තුවටත්, පාර්ලිමේන්තුවෙන් ඇමරිකාවටත්, ඇමරිකාවෙන් ආපහු ලංකාවට ඇවිත්, නිකම් නිල නො ළත් අගමැතිකමටත් ගිය එකම දස්සයා මමයි. දියුණු වෙනවනම් දියුණු වෙන්න නියම ආදර්ශයක් මම තරුණයන්ට පෙන්නල තියෙනව. බලන්න රේල්ලූවේ එහෙ මහෙ තිබිච්ච යකඩ කඳන් මේ තිබුණ. මේ නෑ. අන්න ඒ වගේ විශ්මය දනවන දේ තරුණයො කළ යුතුයි. අද රේල්ලූවෙවත්, සී.ටී.බී. යෙ වත් ප‍්‍රශ්ණ තියෙනවද? නෑ. සේරම විසඳුව. බස් ගාස්තු අඩු කළේ නැද්ද? අඩු කළා. ඉදිරි කාලෙදි මගේ වෙනම වැඩ සටහනක් තියනව, බස් වෙනුවට පාරවල් ඒ. සී. කරන්න. පයින්, බයිසිකලෙන් යන අයටත් නියම සැපක් දෙන්න. මට ඔය අයිඩියා එක ආවේ ප‍්‍රදීපත් එක්ක හැරී පොටර් පිචර් එක බලද්දි. පාරවල් ඒ.සී. කරන්න ඕන නම් ලොක්ක ජනාධිපති කරල මාව අගමැති කරන්න. බොහොම ස්තූතියි.
අලින්ට උදව් කරන්න ගියහම තමන්ගෙ බූල් ෂූට් එක තමයි සවුත්තුවෙන්නෙ කියල වඳුර කිව්වලූ. මට වෙච්ච දේවල් ගැන බලනකොට ඒ කතාව ඇත්ත කියලයි මට හිතෙන්නෙ. මම උපන්නෙ කුරුණෑගල පිරිසර ගමක. යන්තම් පේරාදෙනියෙ විශ්ව විද්‍යාලයට යන්න වාසනාව තිබුණ. මම රස්සාව කළේ අවංකවමයි. ඒත් ඉතින් ඕනම රස්සාවක ඉහළටම යනකොට බෙල්ල බේරගන්න අමාරුයි. බුදුහාමුදුරුවො කියල තියෙනව ගින්නෙන්, ගංවතුරෙන්, හොරුන්ගෙන් වාගෙම රජුන්ගෙනුත් තමන්ගෙ වස්තුව රැක ගන්න කියල. ඒ ඒකාලෙ. ගංවතුර, ගින්දර දැන් කිසිම ප‍්‍රශ්ණයක් නොවෙයි. නමුත් රජුන්ගෙන් කොහොමද මේ සල්ලි පරිස්සම් කරගන්නෙ. ඔයගොල්ලන්ට තේරෙනවනෙ මං මොන තරම් අමාරු රස්සාවක්ද කරන්නෙ කියල. ලොක්කයි, ලොක්කගෙ අයියල, මල්ලිලයි, පුතාලයි, අර කොට ඩලසයයි, සචින් කාරයයි, පියදාස කාරයගෙ කොල්ලොයි කොච්චරවත් සල්ලි ඉල්ලනව. ටිකක් නොවෙයි බිලියන ගණන්. දුනනෙ නැත්නම් බණිනව. දුන්නම රටේ මිනිස්සු බණිනව. මට එතකොට මතක් වෙන්නෙ රජකාලේ යිටපු සමරජීව මුදලිගෙ කවි. භාණ්ඩාගාරෙට හොර පොතක් තියෙනව. ඒකට කියන්නෙ අවිනිශ්චිත ගිණුම කියල. කවුරුවත් වැඩිය ඒක දන්නෙ නැ. උං ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දීල, ඒකෙන් තමයි මං ජාම බේරගෙන හිටියෙ. ඒත් ඒක මාට්ටු වුණා. හිරේ යන්නෙ නැතිව නූලෙන් බේරුණේ. යන්තම් සරත් කාරයා චුතවුනායින් ආයෙත් හුසුමක් කටක් ගත්ත විතරයි, තවත් සරතෙක් ආපි. අනේ මං වැරදි කාරයෙක් නෙවෙයි. ඔය සරත පරද්දන්න ලොක්කට ඡන්දෙ දෙන්න.
මට ගණන් බෑ. කොපි කරලයි හැමදාම ගොඩ ගියේ. නුගේගොඩ සෙන් ජෝන්ස් ඉස්කොලෙ, ඒ කාලේ මගෙ පන්තියෙ හිටපු ළමයි කවුරුත් ඒක දන්නව. මගේ ළමයින්ටත් මට වාගෙම ගණං බෑ. අනිත් විෂයනුත් එහෙමයි. නමුත් අධ්‍යාපන ඇමති වෙච්ච එකෙන් යන්තම් ලකුණු ලෙවෙල් වෙනස් කරල ළමය ගොඩ දා ගත්ත. මම නෙවෙයි. ඕන තාත්තෙක් ඒක කරනව. මගෙ ළමය විතරක්යැ, ඒකෙන් අනික් ළමයින්ටත් වාසියක් වුණේ නැද්ද? ජේ.වී.පී. කාරයො ඒ ගැන කතා කරන්නෙ නෑ. උන්ට මං කරපු උදව් මතක නෑ. මගෙ කුණු විතරයි උන්ටත් පේන්නෙ. අධ්‍යාපන ඇමති වෙලත් තමුන්ගෙ ළමය විශ්ව විද්‍යාලයට දා ගන්න බැරි නම් මොකටද ඒ අධ්‍යාපන ඇමතිකම. දැන් බලන්න මේ ප‍්‍රශ්න පත්තර ප‍්‍රශ්නයක් අල්ලගෙන මට බණිනව. ඕව මං හදපු ප‍්‍රශ්නපත්තර නොවෙයිනෙ. මමත් ඕව දැක්කෙ ඔයගොල්ලන්ගෙම මාධ්‍යයෙන් ම තමයි. සමහර ප‍්‍රශ්න පත්තරවල උත්තර අච්චු ගහල තිබුණලූ. ඉතින් ඒකෙන් ළමයින්ට ලේසි නැද්ද මං අහන්නෙ. ආයෙ කියනව ප‍්‍රශ්න පත්තරේක ලෝක සිතියම කණපිටට අච්චු ගහල තිබුණ කියල. අධ්‍යාපන ඇමති හැටියට මං අන්තිමේට මේව හොයල බැලූව. එතකොට තමයි දැන ගත්තේ ඒක එහෙම අච්චු ගහල තිබුණෙ හරි පැත්තට හරවගන්න ළමයින්ය දැනුම තියෙනවද කියල බලන්න. ඒකත් පරීක්‍ෂණයක්. මේ දැන් ප‍්‍රශ්න පත්තරවල වැරැදි කියල කියන ඒව ඔක්කොම මහින්ද චින්තනයට අනුව හදපු අලූත් අධ්‍යාපන ක‍්‍රමයයි, ඒක නවීන ක‍්‍රමයක්. ඉස්සර වාගේ පොතටම සීමාවෙලා නෑ ශිෂ්‍යයො මහන්සි වෙලා වැරදි ප‍්‍රශ්න නිවැරදිව හදා ගන්න ඕන. මං ඔයගොල්ලන්නට කියන්නම් රහසක්. මේ පාර අධ්‍යාපනය ගැන නොබෙල් සම්මානය හම්බවෙන්නේ මහින්ද චින්තන අධ්‍යාපන ක‍්‍රමයටයි. ඒක ගන්න යන්න තව කල් තියෙනවා. ඔය ගොල්ල අතිගරු ජසාධිපති තුමාට මේ පාරත් ජනාධිපති වෙන්න ඡන්දය දුනනොත් අපට අර කොබෙල් සම්මානයත් ගන්න පුළුවන්.
ඇත්තම කියනවනම් මම බොරු කියන්නෙ නෑ. කිව්වට පස්සේ ඒව බොරු වෙනව. සැකකරයගෙ පුතා වයිමටවත් ඒක නවත්වන්න බෑ. ඉතින් ඒක මගෙ වරදක් යෑ? ඒ කාලේ බඩු මිල ඉහළ යෑම නවත්වන්න පුළුවන් කියල මං කිව්වෙ ඇත්තටම යි. ලොක්කයි, පවුලෙ කට්ටියයි රටම ගිලිනව කියල මගෙ පොතේ තිබුණෙ නෑ. ඒකයි වැරදුණේ උද්දමනය නවත්වන්න බෑ බඩු මිල ඉහළ යන එක නවත්වන්න බෑ. ඉතින් ඒකට මං මක්කොරන්නද? ඒ වුනත් ලොක්ක බේරුණොත් තමයි මමත් බේරෙනනෙ. මගේ මිහිරි කටහඬ අහන්න ඔය ගොල්ල කැමති නම් ඍන ධන කරගන්න ඕන නම් මාව බේරගන්න. ඒක හින්ද ලොක්ක දිනවන්න ටටා බායි.
අතුරුදන් වූ මධ්‍යවීදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ගිරිතලේ හමුදා කදවුරේ රදවාගෙන ඔහු ලියු “පවුල් ගස” පොත පිලිබදව ප්‍රශ්න කළ බව පරීක්ෂනයෙදී දැන් හෙළිදරවු වී ඇත . ඔහුගේ එම ලිපියේ තෝරාගත් ප්‍රදාන කොටසක් “හංස සංදේශය ” මැතිවරණ පුවත්පතෙහි පලකරනු ලැබීය .මෙලෙස යලි පළකරන්නේ දෙදහස් දහයේ ජනවාරි මාසයේ ප්‍රගීත් පැහැරගෙන යන්නට දින කිහිපයකට පෙර ප්‍රකාශිත එම ලිපියයි .
– Yukthya.lk
The Sergeant Major believed to have been involved in the mysterious abduction of journalist Prageeth Eknaligoda was taken into custody at Kurunegala on Sunday.
The officer, who was attached to the Army intelligence unit,
had said he questioned Eknaligoda on a publication titled “the family tree” (pawul gaha) and his alleged affiliations with former Army Commander Field Marshal Sarath Fonseka, who was then the Common Candidate of the opposition. He had said a senior Army officer (a Major) who was at the Girithale camp took Eknaligoda away after interrogation, saying the journalist had to “go somewhere” (gamanak yanne thiyenawa) The officer had told the CID that he did not receive any news about Eknaligoda thereafter.
The development had taken place three days after his abduction in Rajagiriya, CID sources said. Eknaligoda was kidnapped two days before the Presidential election in 2010. According to the Seargent Major, a Colonel attached to the Girithale Army Camp was also aware of Eknaligoda’s fate. Highly placed Police sources told the Daily News that the CID are conducting investigations to arrest the two Army officers.
Two former LTTE cadres were taken into custody by the CID several days ago over the disappearance of journalist Prageeth Ekneligoda who went missing in 2010.
The suspects arrested from Vavuniya had been identified as Kanapathipillai Suresh alias Satya Master and Sumathipalan Suresh alias Nagulan, the Police sources said.
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කළ ප‍්‍රවීණ මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන පරීක්ෂණ වහාම අත්හිටුවන ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එම දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ට දැනුම් දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙයට හේතුව වී තිබෙන්නේ මෙම පරීක්ෂණ කටයුතු තවදුරටත් ඉදිරියට ගියහොත් එය ශ‍්‍රී ලංකා යුද හමුදාව තුළ විශාල කැළඹීමකට හේතු විය හැකි බව යුද හමුදා ප‍්‍රධානීන් විසින් අගමැතිවරයාට දැනුම් දීමය.
එක්නැළිගොඩ අතුරුදන් කිරීමට හමුදා බුද්ධි අංශ නිලධාරීන් හා ඉහළ හමුදා නිලධාරීන් කිහිප දෙනකුම ඍජුව සම්බන්ධ වී ඇත. මේ වන විට එක් නිලධාරියකු අත්අඩංගුවේ පසුවන අතර තවත් ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
එහෙත් එම නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට හෝ කටඋත්තර ලබා ගැනීම සඳහා හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දිය නොහැකි බව හමුදා ප‍්‍රධානීන් දැනුම් දී ඇත. එලෙස අත්අඩංගුවට ගැනෙන හමුදා නිලධාරීන් පසුගිය කාලයෙහි වූ සිදුවීම් හෙළිදරව් කළ හොත් එය පසුගිය යුද සමයේ දී ඒ වෙනුවෙන්ම ගොඩනැගූ විශේෂ හමුදා බුද්ධි අංශයක් මුළුමනින්ම නිරාවරණය වීම වැළැක්විය නොහැකි බව හමුදා ප‍්‍රධානීන්ගේ අදහස වී ඇත. මෙම විශේෂ බුද්ධි අංශ කණ්ඩායම එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතාගේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති අතර අනුයුක්තව කටයුතු කළ හමුදා නිලධාරීන් ප‍්‍රමුඛ පිරිස 650ක් පමණ වේ. යුද්ධයෙන් පසුව මෙම බුද්ධි අංශ කණ්ඩායම රාජපක්ෂ පාලන කාලයේ ගෙන ගිය මිලිටරිමය පාලනය පවත්වාගෙන යාමට යොදා ගෙන ඇත. එක්නැළිගොඩ මහතාගේ අතුරුදන් වීම ද එහි එක් කටයුත්තකි. මෙවැනි සිදුවීම් රැසක් මෙම කණ්ඩායම ලවා සිදු කරගෙන තිබීම නිසා මේ හෙළිවීම හමුදාව තුළ විශාල කැළඹීමකට හේතුවනු ඇති බවත් එය ‘මිලේනියම් සිටි’ පාවාදීම මෙන් විශාල ආන්දෝලනයකට තුඩු දෙන්නක් ද විය හැකි බව හමුදා නිලධාරින්ගේ මතය වී තිබේ.
කෙසේ නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන්, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, බි‍්‍රගේඩියර් ඩබ්ලිව්. ඞී. ජී. වන්නිනායක ආදී හමුදා ප‍්‍රධානීන් මෙන්ම හිටපු ඉහළ බුද්ධි අංශ නිලධාරීන් රැසක් මෙම කණ්ඩායමට අනුයුක්තව සිට ඇත.
මේ නව තත්ත්වය මත මහ මැතිවරණය අවසන් වන තෙක් මෙම විමර්ශන කටයුතු නතර කිරීමට අගමැතිවරයා තීන්දු කර ඇත.
ප්‍රදීප් එක්‌නැලිගොඩ මහතා පැහැරගෙන ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විමර්ශන වලදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ බුද්ධි අංශය ව්‍යාජ එල්.ටි.ටි.ඊ. සංවිධානයක් පවත්වාගෙන ගොස් ඇති බවත්, එම සංවිධානය මාධ්‍යවේදී එක්‌නැලිගොඩ මහතා සමග සම්බන්ධතා පවත්වා ඇති බවත් අනාවරණය වී ඇත.
එල්ටීටීඊ ඔත්තු සේවය වන 'ටොසී' හි සේවය කර පසුව යුද හමුදාවට බාර වූ පිරිසක් හා යුධ හමුදාවේ බුද්ධි අංශයේ සිටින දෙමල භාෂාව චතුර ලෙස හසුරුවන පිරිසක් විසින් එම ව්‍යාජ එල්.ටි.ටි.ටි.ඊ. සංවිධානය පවත්වා ගෙන ගොස් ඇත්තේ, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මතය.
එම ව්‍යාජ එල්.ටි.ටි.ඊ. සංවිධානය විසින් ගිරිතලේ කැලෑවක් තුල කඳවුරක් පවත්වා ගෙන ගොස් ඇති අතර එම ස්ථානයට 'ප්රගීත්' මහතා කිහිප අවස්ථාවකම ආ ගිය බව මේවනවිට අත්අඩංගුවේ පසුවන 'තවේන්ද්‍රන් (සුරේෂ් කුමාර්) පවසා තිබෙන බව වාර්තා වේ.
එල්ටීටීඊ 'ටොසී' ඔත්තු සේවයේ ප්‍රබලයකු වන කපිල් අම්මාන් යටතේ කටයුතු කර ඇති 'තවේන්ද්‍රන්' මේ වනවිට යුධ හමුදා බුද්ධි අංශය විසින් සිදුකරනු ලැබූ රහසිගත මෙහෙයුම් ගණනාවක් අනාවරණය කර ඇත.
ගෝඨා හා ෆොනිත් ගෑවිලා
ඔහු විසින් අනාවරණය කල තොරතුරු මත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් හා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා ගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතව ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම ඉදිරි දින කිහිපය තුලදී හිටපු යුධ හමුදාපති ජගත් ජයසුරිය, යුධ හමුදා බුද්ධි අංශයට සම්බන්ධව සිටි මේජර් ජනරාල් කපිල හෙන්දාවිතාරණ, බ්‍රිගේඩියර් වන්නිආරච්චි, මේජර් ජනරාල් අමල් කරුණාසේකර,මේජර් ජනරාල් ජන්මික ලියනගේ යන අයගෙන් ද කට උත්තර ලබාගැනීමට නියමිත බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.
දැනට 7ක් ඇතුලේ
ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල් කුමාර රත්නායක, ලුතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ සහ කෝප්‍රල් ජයලත් යන අය 24 වැනිදා අත්අඩංගුවට ගත් අතර, ඊට ඉහතදී මෙම සිද්ධියට සැකපිට යුද හමුදාවේ සාජන් මේජර්වරයකු සහ 'තවේන්ද්‍රන්' ඇතුළු දෙමළ ජාතිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

බොරුකියන මාධ්‍යවේදීන්ටයි, රාජපක්ෂලාට යි පණිවිඩයක්
”මම ඉල්ලන්නේ අතුරුදහන්කළ මිනිහෙක් පිළිබදවයි. පුද්ගලයෙක් අතුරුදහන් කරන්න හරි, පැහැරගෙන යන්න හරි කිසිම ආයතනයකට බලයක් නෑ. ඒ නිසා මම කියන්නේ ඔය කියන ප්‍රචාර කිසිදු වැඩක් නැහැ. මම ඉල්ලන්නේ සත්‍යය, ඒ සත්‍ය හෙළිදරව් කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම. පොලිස්පතිතුමාගෙන් මම ඉල්ලන්නේ දැනට තියෙන සත්‍ය නීත්‍යානුකූලව හෙළිදරව් කරන්න. මොකද, එය තමා මේ රටේ බොරු කියන මාධ්‍යවේදීන්ට සහ රාජපක්ෂලාට දෙන්න පුලුවන් හොදම පණිවිඩය‘‘
පිටුපස රාජපක්ෂවරැ
‘‘මේක මෙහෙයවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් බව පැහැදිලියි. දැනට හෙළි වෙලා තියනවා මේකට අණ දුන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලා‘‘
‘‘හමුදාව දැක්වූ ප්‍රතිචාරය ගැන මම පොඩ්ඩක්වත් සෑහීමකට පත් වෙන්නේ නෑ‘‘
‘‘අවසාන වශයෙන් අත්අඩංගුවට ගත් හමුදා නිළධාරින් හතරදෙනා සැළසුම් සහගතව යම් යම් පරස්පරවිරෝධී ප්‍රකාශ කරන බවටත් දැනට මට දැනගන්නට ලැබිලා තියනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මම සෑහීමකට පත් වෙනවා. නමුත් පරීක්ෂණය සම්බන්ධයෙන් පොළිස්පතිතුමා සහ හමුදාවේ අය දැක්වූ ප්‍රතිචාරය ගැන මම පොඩ්ඩක්වත් සෑහීමකට පත් වෙන්නේ නෑ..‘‘
[සංධ්‍යා එක්ණැලිගොඩ]
අතුරුදහන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්ණැලිගොඩ සම්බන්ධයෙන් මේ වන විට ඉතා වැදගත් යැයි සැළකිය හැකි තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව ඇති අතර ඒ මත හමුදා නිලධාරීන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නමුත් මේ වන විට එම අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා ට, පනවා ඇති රැදවුම් නියෝග දීර්ග කිරීම සදහා වන අදාළ ලියවිල්ලට ආරක්ෂක ලේඛම්වරයා විසින් යම් බලපෑමක් මත අත්සන් නොතබනු ඇති බවට සූදානමක් පවතින බව මේ සටහන ලියන මොහොත වන විට වාර්තාවෙයි. ඒසේ වුවහොත් ඉදිරි පරීක්ෂණවලට එය බාධාවක් වී එම පරීක්ෂණ අඩපණ විය හැකි බවට සැක පහල වනු ඇත.
ඒ සම්බන්ධයෙන් සහ මේ වන විට ප්‍රගිත් එක්නැළිගොඩ පිළිබද ඇතැම් මාධ්‍ය ගෙන යනු ලබන ප්‍රචාරයන් පිළිබදවත් අදහස් දැක්වීමට ප්‍රගීත් ගේ බිරිද සංධ්‍යා එක්ණැලිගොඩ‘විකල්ප‘ සමග විශේෂ සාකච්ඡාවකට එක්විය.
පහත පළවන්නේ එම සාකච්ඡාවයි.

එක්නැලිගොඩ සිද්ධියට
තවත් බුද්ධි නිලධාරියෙක් අද සී අයි ඩී ය හමුවට
සමන් ගමගේ
එල් ටී ටී ඊ ත්‍රස්‌තවාදය පරාජය කිරීමේ සටනේදී සුවිශේෂී කාර්යභාරයක් සිදුකළ යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ තවත් උසස් නිලධාරියකුට අද (31 දා) රහස් පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
ප්රගීත් එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම කර ඇත.
එක්‌නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය වෙත කැඳවන ලද යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ හයවන හමුදා නිලධාරියා මොහු වේ.
ඉකුත් බ්‍රහස්‌පතින්දා මෙම නිලධාරියා රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර යළි මෙසේ අද පැමිණෙන ලෙස එක්‌නැලිගොඩ විමර්ශනය සිදුකරන රහස් පොලිස් කණ්‌ඩායම විසින් දැනුම් දෙන ලදී.
............................................................................................................................................................
2015-08-31
http://www.w3lanka.com/2015/08/blog-post_70.html?spref=tw

එක්නැලිගොඩ සිද්ධියථ "ඔපරේෂන් ඩබල් එඡ්"ගැන
යුද හමුදාව රටට කියයි
සමන් ගමගේ
එක්නැලිගොඩට සාධාරණය අවශ්‍යයි
දේශීයව ඉටු නොවුනොත්
ජාත්‍යන්තරයට යැම අනිවාර්යයි
චිත්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්‌ඩාරනායක
සිරිමන්ත රත්නසේකර
ඝාතනයට ලක්‌ව ඇති මාධ්‍යවේදී ප්රගීත් එක්‌නැලිගොඩ මහතාට සාධාරණය ඉටු විය යුතු බවත් දේශීය යාන්ත්‍රණයක් තුළින් කරන පරීක්‍ෂණයකදී එය ඉටු නොවුණහොත් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරයට යැම වැළැක්‌විය නොහැකි වනු ඇති බවත් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂ ධර්මසිරි බණ්‌ඩාරනායක මහතා කියා සිටියේය.
මෙම ඝාතනයේ චුදිතයන් බේරා ගැනීමට කරන කුමන්ත්‍රණය නතර කිරීම රජයේ වගකීමක් බවත් හෙතෙම කියා සිටියේය.........................
චෝදනා ඔප්පු කිරීමට නොහැකිව
මානව හිමිකම් කවුන්සිලය ගොළු වේ
කීර්ති වර්ණකුලසූරිය
වන්නි මෙහෙයුමේදී මියගිය බව කියන සිවිල් වැසියන් 40000 ක පිරිස කවුදැයි අනාවරණය කිරීමට මානව හිමිකම් කවුන්සිලයට නොහැකි වී ඇත.
එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් පරීක්‍ෂණ මණ්‌ඩලය විසින් සිවිල් වැසියන් 40000 ක් අතුරුදන් වූ බවට චෝදනා එල්ල කර තිබේ.
40000 ක සිවිල් වැසියන් අතුරුදන් වූ බවට මානව හිමිකම් කවුන්සලයට කරුණු දන්වා ඇත්තේ බ්‍රිතාන්‍ය චැනල් ෙµda රූපවාහිනිය බවත් ඔවුන් ඊට අදාළ නිසි සාක්‍ෂි කවුන්සිලයට ඉදිරිපත් කර නැතැයි තවදුරටත් හෙළිවී ඇත.
එක්‌නැලිගොඩ සිද්ධිය මුවාවෙන් බුද්ධි අංශ පාවා දෙන්න එපා
- ගොඩඅත්තේ ඥනසාර හිමි
සිරිමන්ත රත්නසේකර
ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ සිද්ධිය මුල්කර ගනිමින් මෙරට බුද්ධි අංශ පාවා නොදෙන මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (01 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී රජයෙන් ඉල්ලා සිටියහ.
එක්‌සත් ජාතික පක්‍ෂ රජයක් යටතේ 2002 වසරේදී මෙවැනිම අයුරින් "මිලේනියම් සිටි" සිදුවීම හරහා බුද්ධි අංශ පාවාදුන් බවට චෝදනා කළ උන්වහන්සේ එය රටේ බුද්ධි අංශ විශාල බිඳවැටීමක් මෙන්ම බුද්ධි අංශ සාමාජිකයන් විශාල පිරිසක් ඝාතනය වීමට හේතුවක් වූ බවත් උන්වහන්සේ සිහිපත් කළහ.
බුද්ධි අංශ හෙළි කිරීමෙන් ඉදිරියේදී ජාතික ආරක්‍ෂාව බරපතළ අනතුරකට ලක්‌වනු ඇතැයි ද කියා සිටි ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ දෙමළ බෙදුම්වාදය මුළුමනින්ම බිඳ නොවැටී ඇති පසුබිමක සහ අයි. එස්. ත්‍රස්‌තවාදය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිමක මෙරට බුද්ධි අංශ සතුරන් වෙත විවෘත වීම අතිශය භයානක ප්‍රතිඵල දෙන කටයුත්තක් වන බව ද අවධාරණය කළහ.
එක්නැලිගොඩ සිද්ධියට තවත් බුද්ධි අංශ තිදෙනෙක් දැලේ
හමුදාව නීතිඥවරුන් මාර්ගයෙන් ඔවුන් බාරදෙයි
හේමන්ත රන්දුණු
මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ මහතා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් විශ්‍රාම ගිය යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර හිටපු හමුදා සාමාජිකයන් තිදෙනා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්‌ථා කිහිපයකදී ඔවුන්ගේ නිවෙස් වටලා තිබේ.
මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූ අතර පසුව යුද හමුදාව මගින් මෙම හිටපු යුද හමුදා සාමාජිකයන් තිදෙනා නීතිඥ වරුන් මාර්ගයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පෙරේදා (05 වැනිදා) බාරදෙනු ලැබූහ. පසුව ඔවුන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා ඇත.
එක්‌නැලිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යුද හමුදා කර්නල්වරුන් තිදෙනකු ඇතුළු යුද හමුදා බුද්ධි අංශයේ දැනට රාජකාරි කරන සහ විශ්‍රාම ගිය දසදෙනකු අත්අඩංගුවට ගෙන සිටින බව සඳහන් වේ.
පෙරේදා අත්අඩංගුවට ගත් තිදෙනා එක්‌නැලිගොඩ පැහැරගෙන යැමට සහ ඔහු ගිරිතලේ හමුදා කඳවුරේ සිරකරගෙන ප්‍රශ්න කිරීමට සම්බන්ධ වූවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කළ පරීක්‌ෂණවලදී අනාවරණය වී තිබේ.
මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ මහතා රජයේ හමුදා බුද්ධි අංශ මඟින් පැහැරගෙන ගොස් සොරිවිල (මනම්පිටිය) වැලිකන්ද ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අතුරු හමුදා කඳවුරකට බාර දී ඇති බවත් පසුව ඔහු ඝාතනය කර මෘත දේහය ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇති බවත් හමුදා බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්නැළිගොඩ මහතා සමඟ දෙමළ විමුක්ති කොටි සංවිධානයේ සාමාජිකයන් පහළොස් දෙනකු පමණ පිරිසක් ද මෙසේ ඝාතනය කර, සොරිවිල ප‍්‍රදේශයේ මඩවගුරක වළ දමා ඇත. පසුව එම මෘත දේහ උඩට පැමිණීම නිසා, ත‍්‍රිකුණාමලයට රැගෙන ගොස් මුහුදට දමා ඇතැයි හමුදා බුද්ධි අංශ තහවුරු කරයි.
මෙම අතුරු හමුදා කඳවුර 2007 වර්ෂයේ පිහිටුවා ඇත. මුල දී කරුණා අම්මාන්ගේ අණසක යටතේ පැවැති සොරිවිල කඳවුර පසුව පිල්ලෙයාන්ගේ අණසක යටතේ පාලනය විය. 2010 වර්ෂයේ මුල එම කඳවුර ඉවත් කෙරිණ.
2010 ජනවාරි 24 වනදා රාජගිරියේ දී ජාතික බුද්ධි ප‍්‍රධානී කාර්යාලයේ විදේශ බුද්ධි අංශ ප‍්‍රධානී ලූතිනල් කර්නල් ෂම්මි කුමාර රත්නායක, කෝප‍්‍රල් ප‍්‍රියන්ත හෙවත් නාදන්, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් වන කනපතිපිල්ලේ සුරේෂ් කුමාර් හෙවත් තවේන්ද්‍රන් සහ සුමතිපාලන් සුරේෂ් කුමාර් හෙවත් නගුලන් යන අය විසින් එක්නැළිගොඩව පැහැර ගන්නා ලදහ.
ලූතිනල් කර්නල් රත්නායක ඇතුළු කණ්ඩායම එක්නැළිගොඩව පැහැරගෙන ගිරිතලේ හමුදා කඳවුරට රැගෙන යන අතර පසුව එම කඳවුරේ දින කිහිපයක් තබාගෙන ප‍්‍රශ්න කර ඇත. පසුව හිටපු ආරක්ෂක ප‍්‍රධානියකුගේ නියෝගයක් මත ලූතින් කර්නල් රත්නායක විසින් ඔහුව සොරිවිල වැලිකන්ද අතුරු හමුදා කඳවුරට බාර දී ඇත. එක්නැළිගොඩව එම කඳවුරට බාර දෙන අවස්ථාවේ සොරිවිල අතුරු හමුදා කඳවුරේ ප්රධානියා ලෙස කටයුතු කර ඇත්තේ පිල්ලෙයාන්ය.
රජයේ හමුදා සහ කරුණාගේත් පිල්ලෙයාන්ලාගේත් කුලී මැර කල්ලි ඒකාබද්ධව පවත්වාගෙන ගිය නැගෙනගිර කඳවුරුවල සිය ගණන් දෙමළ තරුණයන්ට වධ දී ඝාතනය කළ බවත් දෙමළ හා මුස්ලිම් ධනවත් පුද්ගලයන් පැහැරගෙන විත් කප්පම් ගැනීමේ ව්‍යාපාරය ජයටම කරගෙන ගොස් ඇති බවත් හෙළි වී ඇත.
එක්නැළිගොඩ විසින් හමුදා බුද්ධි නිලධාරීන් ඉදිරිපිට සිදු කරන ලද, පාපොච්චාරණ එම බුද්ධි අංශ මඟින් පටිගත කර ඇති බවත් අවශ්‍ය මොහොතක දී එම හඬ පට රටට ඉදිරිපත් කරනු ඇතැයි සමහර ජාතික පුවත්පත් සඳහන් කර තිබුණි. නමුත් මේ වනතෙක් ඔහු විසින් සිදු කළා යැයි කියන පාපොච්චාරණයට ආදාළ කිසිදු හඬ පටයක් හමුදා බුද්ධි අංශ මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී නැතැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලියුම්කරු සමඟ පැවසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වාගෙන යන කිසිදු පරීක්ෂණයකට හමුදා බුද්ධි අංශයේ සහයෝගය මෙතෙක් ලබා දී නැති බවට ද එම දෙපාර්තමේන්තුව චෝදනා කරයි. මේ අතර ප‍්‍රබල ඇමැතිවරයකු මෙම පරීක්ෂණ කටයුතුවලට බාධා කරමින් සිටින බවත් දැන ගැනීමට තිබේ.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ජෝසප් පරරාජසිංහම් හා රවිරාජ් මෙන්ම මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග යන අයගේ ඝාතනවලට සම්බන්ධ අවශ්‍ය පුද්ගලයන් කිහිප දෙනකුම මේ වන විටත් ව්‍යාජ නම්වලින් විදේශ ගත වී ඇතැයි විමර්ශනවල දී හෙළි කරගෙන ඇත.
එක්නැළිගොඩ මහතා අතුරුදන් කිරීමට අදාළව 11 දෙනකු අත්අඩංගුවේ පසුවන අතර ඔවුන් නොවැම්බර් 23 වන දින දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයේ අවසර ලැබී තිබේ. එමෙන්ම ඉදිරි දින කිහිපයේ දී ඔවුන් කිහිප දෙනකු වැලිකන්ද ප‍්‍රදේශයට රැගෙන ගොස් පරීක්ෂණ කටයුතු සිදු කිරීමට නියමිත බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
- ශාන්ත විජේසූරිය
එක්නැලිගොඩ ඝාතන සැකකරුවෝ උසාවියට
2015 දෙසැම්බර් මස 07 11:14:14 | . , බුද්ධික කුමාරසිරි, මුදිතා දයානන්ද
ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් කර සිටින හමුදා බුද්ධි අංශ නිලධරයන් දෙදෙනා හෝමාගම මහේස්ත්‍රාත් හමුවට අද (7) උදේ ගෙන එනු ලැබූහ.
හෝමාගම අධිකරණය අසල ආරක්ෂාවද තර කර තිබිණි.
අද එම පෙදෙසේ උද්ඝෝෂණ හා පෙළපාළිද තහනම් කර ඇත.
උසාවි සීමාවට එපිටින් හෝමාගම නගර මධ්‍යයේදී මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය, සිව්බල සේනා ජාතික ව්‍යාපාරය හා රණ විරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

--

බුද්ධි නිලධාරීන්ට එරෙහි
නඩුව විභාග කරන හෝමාගම
මහෙස්‌ත්‍රාත් මොරටුවට මාරු කරයි
සමන් ගමගේ
ප්‍රගීත් එක්‌නැලිගොඩ ඝාතනයට සම්බන්ධ බව කියමින් සැකපිට යුද හමුදා බුද්ධි බළකායේ රණවිරුවන් හය දෙනකුට එරෙහිව රහස් පොලිසිය මගින් ගොනු කළ නඩු විභාගය පවත්වාගෙන ගිය හෝමාගම මහෙස්‌ත්‍රාත් වයි. ආර්. බී. නෙළුම්දෙණිය මහතා මොරටුව අධිකරණයට ස්‌ථාන මාරු කර යවා තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට සහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාට ලබා දී තිබූ ස්‌ථාන මාරු සුවිශේෂී නඩු විභාග පවත්වාගෙන යැම හේතුවෙන් අවලංගු කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබිණි.
එසේ තිබියදී තවත් සුවිශේෂීම නඩු කටයුත්තක් වූ එක්‌නැලිගොඩ සිද්ධිය පිළිබඳ නඩු විභාගය පවත්වාගෙන ගිය හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාගේ ස්‌ථාන මාරුව මෙලෙස ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව පසුගිය 30 වැනිදා සිට හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා මාරු කර යවා ඇත. සාමාන්‍ය ස්‌ථාන මාරු ක්‍රමවේදය අනුව හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාගේ ස්‌ථාන මාරුව සිදු කෙරුණු බව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ සහ අතිරේක මහෙස්‌ත්‍රාත් නිශාන්ත පීරිස් මහතාගේ ස්‌ථාන මාරුවීම්ද සිදු කිරීමට නියමිතව තිබුණේ එම සාමාන්‍ය ස්‌ථාන මාරු ක්‍රමය යටතේමය.
එක්‌නැලිගොඩ නඩු විභාගය පැවති ඉකුත් 30 වැනිදා අගතියට පත් එක්‌නැලිගොඩ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා අභිබවා අධිකරණය තුළදී කතා කිරීම හේතුවෙන් ඔහුට තරයේ අවවාද කිරීමටද හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයාව සිටි වයි. ආර්. බී. නෙළුම්දෙණිය මහතා පියවර ගෙන තිබිණ.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/indraka.
Two suspects who are currently in remand in connection with the disappearance of journalist Prageeth Ekneligoda have revealed the name of the ‘authority’ which gave orders to abduct the journalist, authoritative police sources said.
“With this,” they said, “the investigation has reached a major breakthrough.” Police sources added that the two suspects had hinted at the name of a top-notch member of the former government over the incident. They further added that in addition to a statement recorded from the suspects, the CID also gathered scientific evidence to unravel the mystery behind the disappearance of the journalist who was abducted in Colombo two days before the Presidential election in 2010.
The CID had arrested 11 members of the military intelligence wing in connection with the investigation. Among them are several members who were previously affiliated with the Karuna faction, led by former Deputy Minister Vinayagamoorthi Muralitharan alias Karuna Amman.
The investigation teams found evidence to suggest that the journalist had been taken to the Girithale army camp, after his abduction in Colombo. The CID also took some suspects to the Army camp to identify places where the journalist had allegedly been detained. According to Police sources, the investigation teams had received information that the journalist had been detained at the army camp for several days and the intelligence wing members had questioned him over a booklet titled ‘family tree’ and his alleged connections with former Army Commander Sarath Fonseka.
තව නඩුවකින් ඥානසාර හිමි රිමාන්ඩ්
2016 පෙබරවාරි මස 09 17:16:01
උසාවියට අපහාස කිරීමේ නඩුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප දුන් නමුත් සන්ධ්‍යා එක්නැලිගොඩට තර්ජනය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඥානසාර හිමියන් බදාදා (10) දක්වා හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
ඥානසාර හිමියනට ඇප දිය හැකිදැයි බදාදා සළකා බලන බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඊයේ දැඩි කොන්දේසි යටතේ ඇප ලැබූ ගලගොඩ අත්තේ ඥානසාර සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට තර්ජනය කිරීම වින්දිතයන් සහ සාක්කි කරුවන් ආරක්ෂා කර ගැනීමේ පනත යටතේ වරදක් බැවින් ඊට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දිය නොහැකි යයි ඊයේ නැගුණු තර්කය විසඳා ගන්නා තුරු අද දක්වා ඥානසාර ඊයේ යලිත් රිමාන්ඩ් කෙළේය.
එම නීති විභාගය අද සිදුවූ අතර ඥානසාර වෙනුවෙන් පෙනී සිටි ටිරන්ත වලලියැද්ද පෙන්වා දුන්නේ එකී පණතේ ගැසට් කර ඇත්තේ කොටසක් පමණක් බවත් තවත් කොටස් ගැසට් කර නොමැති නිසා එම පනත යටතේ මෙය අභියාචනාධිකරණයට යොමු කිරීම වැරදි බවයි.
ඊට ප්‍රතිපක්ෂව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි උපුල් කුමාරප්පෙරුම නීතිවේදියා පෙන්වා දුන්නේ ගැසට් කර නොමැති කොටස මීට අදාල නොවන බවයි. එනම් වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාශයක් ස්ථාපනය කළ යුතු යැයි පනත මගින් කියා ඇති අතර එම අධිකාරිය ස්ථාපනය කරන තුරු එකී කොටස ගැසට් කර නොමැති නමුත් ඥානසාර කරන ලද වරද අපරාධ නඩුවක් ලෙස ගණන් ගැනෙන බැවින් අදාල වන්නේ ගැසට් කර ඇති කොටස පමණක් යැයි උපුල් කුමාරප්පෙරුම නීතිවේදියා පෙන්වා දුන්නේය.
දෙපාර්ශවයේ කරුණු පිලිබඳ සලකා බැලූ රංග දිසානායක විනිසුරු වරයා මේ පිලිබඳ 16 වෙනිදාට තීන්දුවක් දෙන බව පවසා ඒ දක්වා යලිත් ඥානසාර රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළේය. ඥානසාර වෙනුවෙන් ගිනි තබා ගැනීමට සහ වාහන යට රිංගීමට සිටි සිවුරුකරුවන් එකෙකු හෝ අද අධිකරණය පැත්ත පලාතක සිටියේ නැත.
මේ අතර ඊයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ඇප නියම කිරීමේදී විනිසුරු වරයා අපූරු ප්‍රකාශයක් කරමින් නීතිඥ වලලියැද්දගෙන් ප්‍රශ්න කෙළේ එදා රිමාන්ඩ් වෙන්න ඉල්ලා සිටි ඥානසාර අද ඇප ඉල්ලන්නේ ඇයිද කියා ය. ටිරන්ත වලලියැද්ද ඥානසාරට ඇප ඉල්ලා සිටි විට ඇති වූ දෙබස මෙසේය.
මහේස්ත්‍රාත් - ‘සැකකරු ඇප ඉල්ලනවාද?‘
වලලියැද්ද - ‘ඔව් ස්වාමීනි‘
මහේස්ත්‍රාත් - ‘එදා නම් කිව්වේ අපි ඇතුළට දාපල්ලා කියලයි. ඇයි දැන් ඇප ඉල්ලන්නේ? සැකකරුවකු තමා රිමාන්ඩ් කරන ලෙස කිව්වත්, නිදහස් කරන ලෙස කිව්වත් නීතිමය කරුණු අනුව පමණයි අප තීන්දුවක් දෙන්නේ. මේ සැකකරු එදා අධිකරණයේ හැසිරුණු ආකාරයෙන් පෙනෙන්නේ මෙය සැලසුම් සහගත ක්‍රියාවක් බවයි. වෙනත් අරමුණක් ඉෂ්ඨ කර ගැනීම සඳහා ඉබේම අත්අඩංගුවට පත්වීමේ තත්ත්වයක් නිර්මාණය කරගෙන සිටි බව පේනවා. එවැනි දේ ඉෂ්ඨ කර ගැනීමට උසාවිය පාවිච්චි කිරීමට ඉඩ දිය නොහැකියි. උසාවියට අපහාස කිරීම හා රජයේ නිලධාරීන්ට තර්ජනය කිරීම ඇප දීමට සුදුසු වරදක් නොවෙයි. නමුත් සැකකරු වෙනත් ඕනෑකමක් වෙනුවෙන් අධිකරණය භාවිත කිරීමට ඉඩ දිය නොහැකියි. ඒ නිසා කොන්දේසි මත සැකකරුට ඇප නියම කරනවා.
සැකකරු මේ නඩුව හෝ අධිකරණයේ වෙනත් නඩු ගැන හෝ මාධ්‍යය ඇතුළු කිසිම තැනක කතා නොකළ යුතුයි.
එසේ කළහොත් ඇප අවලංගු කරනවා. සැකකරු හැම ඉරිදාවකම උදේ නවයත් 12ත් අතර හෝමාගම පොලිසියේ පෙනී සිටිය යුතුයි.
මෙය ලිවීමට හේතුව වන්නේ සන්ධයාගේ ආත්ම ශක්තියට මගේ ප්‍රනාමය පුද කිරීමයි. අද දිනයේ හෝමාගම උසාවියෙහි පැවති නඩු වාරයට සහභාගි වීමට තනියම බසයක නැගී ආ ඇය උසාවිය තුල බන්කුවක තනියම ඉද සිටියාය. නඩු වාරය ආ විට තනියම නැගී සිටියාය. ඇයට තර්ජනය කල උස මහත පුරුශයා වටා චීවරධාරීන් ගනනාවක්ද නීතිඥවරුන් හා වරියන් ගනනාවක්ද පොලිස් නිලධාරීන් හා ජේලර්වරුන්ද විය. වටා සිටි සියලු ගැහැනු පිරිමින් සිටියේ එම චීවරදාරියා වෙනුවෙනි.
සන්දයාට තර්ජනය කලාට විරුද්දව නඩුව ගොනු කොට තිබුනේ පොලීසියය. පෙනී සිටි නීතිඥ මහතා නඩුවට සම්පූර්න ගවුරවය ලබා දුනි, එහෙත් කිසිවික්ම ඇයට කතා කලේ හෝ ඇය දෙස බැලුවේවත් නැත. නඩුව කල් ගියේය , චීවරදාරියා තව දින ගනනකට බන්ධනාගාර ගත වුනි.
ඉන් පසුද කිසිවෙකු සන්ධයාට කතා කලේ හෝ නැත. සියලුම මාධ්යකරුවන් හා කාරියන් උසාවිය තුලදී හෝ පිටතදී සන්ධයාව දුටුවේවත් නැත. ඔවුන් සිටියේ බන්ධනාගාර රථය පසුපසය.
නඩුවෙන් පසු සන්ධයා පාරට බැස පොල හරහා තනිවම ඇවිද ගොස් බසයේ නැගී ගෙදර ගියාය.
සන්ධයා ඔබ මට නියම වීරවරියකි.
අපි සාමාන්‍යයෙන් අත් දකින්නෙ බලයෙ ඉන්න එවුන් නීතියට ඇඟිලි ගැහහීමයි. ඒත් මෙතන සිද්ධවෙන්නෙ ගෙදර යවපු එවුන් තවමත් මේ ආයතන ඇතුලෙ හොල්මං කිරීම නේද?_ NR
සිංහල ජාතිකත්වය මාර බලවත්. ඒ නිසාම තමයි සැවොම බලයට ඒම සඳහා එය පාවිච්චි කරන්නේ. සිංහල ජාතියේ සතුරා දෙමළා නොව දෙගොල්ලන්ටම වින කරන්නේ system එක බවයි අප තේරුම් ගත යුත්තෙ. MR නැති වුනත් කවුරුන් හෝ ඒම තැන ගන්නවා.ප්‍රශ්නය විසඳීමට කාටවත් අවශ්‍ය නැහැ. තමාගේ share එක වැඩි කරගන්නේ කෙසේද, කියල තමයි කවුරුත් බලාගෙන ඉන්නෙ. රජා මානසිකත්වය ඇති කලෙත් ජනතාවම තමයි.
දැන් ඉන්න කෙනාත් එසේ වූයේ නැත්නම් තමයි ඒ ඇයි කියල සොයන්න ඕන. Society කියන්නෙ structure එකක් කියල කියන්නෙ ඕක තමයි. ආත්මමූලිකත්වයන් (subjectivity) ඒ වගේම වැදගත්. මරා අල්ල ගන්නවා කියන්නේ ඔහුගේ ආත්ම මූලිකත්වය ගැණ අපේ ආත්ම මූලිකත්වය ගනන් ගන්නා ආකාරයයි.striucture එකේ static ගතිය ගනන් නොගෙන තමයි එසේ කරන්නෙ. සමාජය ව්‍යුහාත්මකව වෙනස් කරන්නේ කෙසේද යන්න තමයි සැබෑ ගැටලුව.
වැරැද්ද තියෙන්නේ ආණ්ඩුව කරවන එවුන්ගේ ද, පැරදුණු ආණ්ඩුවේ ද එහෙමත් නැත්නං වෙන කොහේවත් ද?- NR
Society Structure is the culprit. I am also an element of that Strucure.
--
If you are interested in reading management in SINHALA please click the link belowගින්න කමටහන් කොටගෙන තේජෝ කසිණයෙන් දොරින් දොර ගිනි අවුළා විකුම් පෑමෙන් නම් ගත් ශික්‍ෂාකාමී ගලගොඩඅත්තේ උන්නාන්සේ පලක් නොබැඳ ම පෙළහර පාමින් දැන් යළිත් ප‍්‍රදූර්භූත වී තිබේ. මෙවර හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙනි. අතුරුදහන් වූ මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ සම්බන්ධ විවෘත අධිකරණ නඩු විභාගය අතරවාරයේ නැගී සිට ‘ප‍්‍රගීත් කොටියෙක් යැයි ද, අත් අඩංගුවේ පසුවන රණ විරුවන් අහිංසකයන් යැයි’ද නිවේදනය කිරීමෙන් ඉක්බිති සන්ධ්‍යා එක්නැලිගොඩට ද ධර්මානුශාසනා කොට උසාවි බිමෙන් පිටව ගිය උන්නාන්සේ දැන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩ වාසය කරන බවට මාධ්‍ය වාර්තාවන්හි දැක් වේ.
ප‍්‍රස්තුත කාරණා දෙකකි. පළමුවැන්න ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන ය. ප‍්‍රගීත් අතුරුදහන් වූයේ 2010 ජනවාරි 24වැනිදා ය. එතැන් සිට පස් අවුරුද්දක් රාජපක්ෂ හවුලේ ඈයෝ ආණ්ඩු කළහ. ඒ පස් අවුරුද්ද ඇතුළත ‘ප‍්‍රගීත් කොටියෙකැ’යි කිසිවෙක් නොකීවේය. ඒ වෙනුවට පළමු වටයේ දී ‘ප‍්‍රගීත් යනු මාධ්‍යවේදියෙක් නොවේ’ යැයි තර්ක කළ ආණ්ඩුව දෙවන වටයේදී ‘ප‍්‍රගීත් අතුරුදහන් වී නැතැයි’ තර්ක කළේය. 2011 නොවැම්බරයේ දී වධ හිංසන පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවට ගිය ආණ්ඩුවේ නීතිපති මොහාන් පීරිස් ‘ප‍්‍රගීත් විදේශගතව ජීවත්වන බව රජයේ බුද්ධි අංශ දන්නේ යැයි’ ප‍්‍රකාශ කොට හය මාසයක් ඇවෑමෙන් හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණයේපෙනී සිට ‘ප‍්‍රගීත් ඉන්නා තැන දන්නේ දෙවියන් වහන්සේ යැයි’ ප‍්‍රකාශ කළේය. රජයේ බුද්ධි අංශ සහ දෙවියන් වහන්සේ අතර සම්බන්ධය ඒ මැයි මාසයේදී අනාවරණය කරන ලද්දේ ඔහු විසිනි.
යහපාලන ඇමති මණ්ඩලයේ ගරු කටයුතු හවුල්කරුවෙකු බවට දැන් පත්ව ඇති අරුන්දික ප‍්‍රනාන්දු, ප‍්‍රගීත් එක්නැලිගොඩ ප‍්‍රංශයේදී හමු වූ බව පාර්ලිමේන්තුවේදී කීවේ ඉන් අවුරුද්දකට පසු 2013 ජූනි මාසයේදී ය. ඉක්බිති ජූලි මාසයේදී හෝමාගම මහේස්ත‍්‍රාත් හමුවේ පෙනී සිටි හෙතෙම ‘ප‍්‍රගීත් ඉන්නේ බෙල්ජියමේ බැව්’ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරයෙකු මගින් දැනගත් බවට ප‍්‍රකාශ කළේය. රජයේ බුද්ධි අංශ විසින් ප‍්‍රගීත් පැහැරගෙන ගිය බවටත්, ඔහු ගිරිතලේ හමුදා කඳවුරේ රඳවා සිට පසුව අක්කෙරෙපත්තුවේදී ඝාතනය කරන්නට ඇති බවටත් විමර්ශන මගින් අනාවරණය වී ඇත්තේ දැන් ය.
පස් අවුරුද්දක් තිස්සේ මාධ්‍යවේදියෙකු ද නොවූ, අතුරුදහන් ද නොවූ ප‍්‍රගීත් ‘කොටියෙකු හෙයින් ඝාතනය කළ බවට’ හිටි අඩියේ තර්ක කෙරෙන්නේ ඒ අනුව ය. නලින් ද සිල්වාගේ චතුස්කෝටිකයට අනුකූලව ‘අපි සහ කොටි’ වශයෙන් ලෝක සත්තාව දෙපළු කොට වටහා ගන්නට පුහුණු කළ රැළවැසි ජන මුළුවකට යුක්ති ධර්මය පිළිබඳ සහේතුක මිනිස් උද්වේගයන් කුමන්ත‍්‍රණයකට වැඩිමනත් දෙයක් නොවේ. ඒ අනුව පස් අවුරුද්දක් ඇවෑමෙන් ප‍්‍රගීත් දැන් ‘කොටින්ගේ පලූවේ’ ය. ඔහුගේ ඉරණම හා අප යා කරන පොදු මිනිස් ඉරණමක රැහැනක් නොමැත්තේ එහෙයිනි.
දෙවැනි ප‍්‍රස්තුතය පලමුවැන්නට ගැට ගැසෙන්නේ ඒ ඉරණමෙනි. පැහැරගෙන යාම් සහ ඝාතනයන්ට වගකිව යුතු ‘අහිංසක රණවිරුවන්’ ගැන අධිකරණ දේශන තියන්නට දකුණේ පැවිද්දන් උසාවි ආක‍්‍රමණය කළ ඉතිහාසයක් විසි වසරකට කලින් නොතිබිණ. ඒ, දෑවුරුද්දක් තුළ භික්‍ෂූන් 650කට වැඩි පිරිසක් රාජ්‍ය හමුදා විසින් දකුණේ දී පැහැරගෙන ගොස් වධ හිංසාවන්ට පාත‍්‍ර කොට ඝාතනය කළ ඉතිහාස කතාවක් අප පිටුපසින් තිබූ හෙයිනි. පැහැරගෙන යාමෙන් අනතුරුව පොළොන්නරුවේ මීගස්වැව යුද හමුදා වධකාගාරයේදී ඇස් හා නිය උගුල්ලා, හිස් කබලෙහි පිට සම ගලවා වැලි පුරවා මරා දැමූ මැදිරිගිරිය මහ විදුහලේ සේවය කළ ගෝනදෙණියාගම සිරිනන්ද හිමිගේ සහ දිවුලන්කඩවල පිරිවෙණෙහි ඉගැන්වීමේ යෙදුණු මැදිරිගිරියේ සුමන හිමිගේ අමතකව ගිය ජීවන පුරාවෘත අයත් වන්නේ ඒ ඉතිහාස කතාවට ය. කොටිගල යුද හමුදා කඳවුරේ සෙබළුන් විසින් අහංගම ගුරුල්ලවල පුරාණ විහාර භූමියේ සිය ගුරු හිමියන් ඉදිරිපිටදීම ලේ වමනය වන තෙක් පහර දී පැහැරගෙන ගොස් වධ හිංසනයන්ට පාත‍්‍ර කොට මරා දැමූ ජාතික සංඝ සම්මේලනයේ ගාලූ දිස්ත‍්‍රික් ලේකම්වරයා වූ ගොඩකන්දේ මංගල හිමියන්ගේ පුරාවත අයත්වන්නේ ද ඒ ඉතිහාස කතාවට ය. ඇල්පිටියේ පිටිගල ඉඳිපොළ පිරිවෙණ ආසන්නයේ දී හමුදා සෙබළුන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ නක්කල කුසලඥාණ හිමියන්ගේ ද, යුද හමුදාව විසින් පැහැරගෙන යාමෙන් අනතුරුව පොල්ගොල්ලේදී ඝාතනය කළ සමාජවාදී භික්‍ෂු සංගමයේ සාමාජික කඩුගන්නාවේ සීවලී හිමියන්ගේ ද, මහමෝදර ශ‍්‍රී ගුණෝදය පිරිවෙණෙහි සිට ආපසු යමින් සිටිය දී ගමන් කරමින් සිටි බසයේ මග අවුරා සන්නද්ධ හමුදා සෙබළුන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ ගාලූ දිස්ත‍්‍රික් භික්‍ෂු සංවිධානයේ ක‍්‍රියාකාරිකයෙකු වූ රුහුණු සරසවියේ මත්තල පියදස්සී හිමියන්ගේ ද ඇතුළු සියක් සංඛ්‍යාත භික්‍ෂූන්ගේ දිවි පවත් අයත් වූයේ ද ඒ ලේ වැකි ඉතිහාස කතාවට ය. ඒ කතා සැක හැර දැනගැනීමට රිසි අයෙක් වේ නම් එවකට මානව හිතවාදී භික්‍ෂු සංවිධානය බොරැල්ලේ ගෝතමී විහාරය මුල් කොටගෙන පළකළ ‘විනිවිද’ සඟරා පිටපත් කියවා බැලීම ප‍්‍රමාණවත් වනු ඇත.
ගම් නියම් ගම් තෙත් කළ ඒ සැඩ රුධිර ගංගාවන් ගලා බැස්සේ පීඩිත මිනිස් දිවි බඳුනෙන් දුක් දොම්නස් අනුභව කොට හැදී වැඩුණු දූ දරුවන් අහිමි වීමේ වියෝග අඳුරින් වැසී ගිය දකුණේ හද්දා පිටිසර දිළිඳු ගේ-දොර හා වෙහෙර විහාර අතරිනි. ‘අහිංසක රණවිරුවන්’ වෙනුවෙන් දිවි දෙන්නට වහසි බස් දොඩන කාමභෝගී චෞර චීවරධාරීන් වික‍්‍රමාන්විතව වීදි සරන ජවනිකා ඒ ඉතිහාස කතාවල ලියා නැත්තේ ඒ නිසා ය.
නමුත් ක‍්‍රිස්තු වර්ෂ පස්වන සියවසේ ඉතිහාස ප‍්‍රබන්ධ කට පාඩමින් උගෙන, විසි පස් වසරකට පෙර ගම්බද පීඩිත දූ දරුවන්ගේ ලෙයින් ලියැවුණු ජීවන පුරාවෘත සිය කැමැත්තෙන් අමතක කළ රටක, ප‍්‍රගීත් එක්නැලිගොඩගේ ඉරණම හා අප සියල්ලන් ගැටගැසෙන පොදු මනුෂ්‍යත්වයේ රැහැනක් කිසි විටක හමු නොවනු ඇත. වර්ගවාදී සැහැසිභාවය පූජා නිමිත්තක් කොටගත් නව ආධ්‍යාත්මික දහමක් වැලිකඩින් මතුවන තුරු රොද බැඳ බලා සිටින්නන් කියා පාන්නේ ඒ අභාග්‍යසම්පන්න ඇත්තයි.
(මෙම ලිපිය 2016 ජනවාරි 31 වැනිදා 'රාවය' පත්‍රයේ මුලින් පළ විය. / ප්‍රගීත්ගේ සේයා රුව සපයා දුන් සන්ධ්‍යා එක්නැලිගොඩ සහෝදරියට ස්තූතියි.)
රෝහිත භාෂණ අබේවර්ධන
ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යනු ලැබ මේ ජනවාරි 24 වැනිදාට සය වසරකි. ‘80දශකය තුළ දකුණේ වාම සමාජ-දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රය විධිමත්ව ඇසුරු කොට ඇති ඕනෑම අයෙකුට ප්‍රගීත් අමුත්තෙක් නොවේ. ආචාර්ය නිව්ටන් ගුණසිංහ, ජයරත්න මලියගොඩ, පියල් සෝමරත්න, ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ඇතුළු දකුණේ වාම දේශපාලන හා සංස්කෘතික කථිකාවන් ප්‍රවර්ධනයට දායක වූබොහෝ දෙනෙක් ඇසුරේ ක්‍රියා කළ ප්‍රගීත්ගේ නිර්මාණාත්මක සහ විශ්ලේෂණ ශක්‍යතා අදටත් සැඟව පවතී. 2010 ජනවාරියේදී අතුරුදහන්වීමට පස් මාසයකට පෙර ප්‍රගීත් විසින් මුල්වරට ගොණු කරන ලද මෙම අසම්පූර්ණ කටුසටහන තවදුරටත් තියුණුව පරිපහදු කොට වර්ධනය කිරීමේ අභිලාෂයක් ඔහු සතුව තිබූ බව පෙනෙන්නට තිබේ. අවිවේකී ජීවිතයත්, දිවියේ ඉතිරිව තිබූ කෙටි කාලයත් ඔහු ඉන් වැළැක්වූවා විය හැක. නමුත් ඔහුගේ දේශපාලන සිතීම් පිළිබඳ වටහා ගැනීමේ අවංක ආධ්‍යාශයෙන් ‘ප්‍රගීත් යනු කවුදැයි‘ ප්‍රශ්න නගන්නන්ට ඇවැසි පිළිතුරු සපයා ගැනීමට මෙකී ලිපිය ද ඉවහල් වනු ඇතැයි අපි විශ්වාස කරමු.
වඩා වැදගත් කාරණාව වන්නේ, වර්තමානයේ ප්‍රගීත් එක්නැලිගොඩට එරෙහි වෛරී සහගතව වර්ධනය කෙරෙන දක්‍ෂිණාංශික ෆැසිස්ට් පන්නයේ කල්ලි කණ්ඩායම් වටා ගොණුවන සිංහල අතරමැදි සමාජ පන්තීන්ගේ සම්භවය හා විකාශය වටහා ගැනීමට ප්‍රගීත් දැරූ ප්‍රයත්නය ද මෙම ලිපිය මගින් විද්‍යාමාන වීමයි.
මෙම සාකච්ඡාවේදී භාවිතා කෙරෙන සංකල්ප හෝ පද සඳහා විවිධ අර්ථ ඇත. මෙම සටහනට අදාලව යොදා ගැනෙන අර්ථය මුලින් ම සඳහන් කරමි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය
‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු බහුතරයේ කැමැත්ත‘ යැයි වඩාත් ප‍්‍රචලිත මුල් කාලීන සම්ම්ත අදහස විය. බහුතරයේ කැමැත්ත සුලූතරයට අසාධාරණයක් විය හැකි බැවින් මෙම අදහස දෝෂ සහිත ය. ‘ජනතාව පාලනය කිරීම සඳහා ජනතාව විසින් පත්කරගන්නා ජනතාවගේ පාලනය‘ යැයි කියන ඇමෙරිකානු ජනාධිපති ලින්කන් ගේ අදහස ලෝක සම්මතයට පසුව ඇතුළත් වී ඇත. එයද වැඩි දෙනාගේ කැමැත්ත යන මූලධර්මය ඉක්මවා ගොස් නැත. එනිසා එමගින් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන සංකල්පය මුලූමනින් ම අර්ථවත් වන්නේ නැත. ජනතාවගෙන් වැඩිදෙනාගේ කැමැත්ත වෙනුවට සැම දෙනාගේ සහභාගීත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනුවෙන් එම මුල් අදහස මේ වන විට පරිණාමය වී තිබේ. මූලික පදනමක් වශයෙන් එය යහපත් ය. එහෙත් සමස්ත ක‍්‍රමයක් තුළ පුද්ගලයාට තිබිය යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස දක්වා මෙම අදහස ද පරිණාමය විය යුතුය. සැම පුද්ගලයෙකුටම සිය ජීවන ශක්‍යතාවන් නිර්බාධිතව ප‍්‍රකාශ කිරීමේ සාමාජයීය අවශ්‍යතාවයක් ඇත. යටත් පිරිසෙයින් නව සොයා ගැනීම් හා නව දැනුම මානව සමාජයට ගලා එන්නේ ඒ මාර්ගයෙනි. මිනිස් ශිෂ්ටාචාරයේ නියමය හා පැවැත්මේ ආකාරය එය වේ. එබැවින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ඉහත ආකෘතීන්ට පුළුල් අරුතක් අවශ්‍ය ය.
සැම මානවයෙකුට ම ද උපතින් ම හිමි පරම ආයුෂ කාලයක් තිබේ. මෙය සැම සත්ත්වයෙටම පොදු ය. මානවයාට විශේෂ ය. සත්ත්වයන්ට මෙන් නොව, මිනිසාට සංස්කෘතික ජීවිතයකට අදාළ පරම ආයුෂ කාලයක් ද ඇත. ඒ අනුව මානවයාට ජීවිත දෙකක් තිබේ. ළදරු කාලය, ළමා කාලය, නව යොවුන් කාලය, යොවුන් කාලය, මැදිවිය හා පසු මැදිවිය ද වයෝවෘධ කාලය වශයෙන් මෙම පරම ආයුෂ කාලය බෙදී යයි. එම සෑම කාලයකදීම එම නිශ්චිත කාලයට අදාළව ඔහු ට ඇයට හිමිවිය යුතු දේ නිර්බාධිතව හිමිවිය යුතු ය. එසේ හිමි නොවීම ජීවිතය පැහැරගැනීමක් වෙයි. ආහාර-පාන ආදී මූලික දේ පමණක් නොව දැනුම, අධ්‍යාපනය, තීරණ ගැනීමේ නිදහස ආදියත් මෙම පරම ආයුෂ කාලයට ඇතුළත් ය. එය ඔහුගේ - ඇයගේ ජීවන අවකාශය නම් වේ. ඒවා ඍජුව හෝ වක‍්‍රව, කිසියම් පාලන ක‍්‍රමයකින් හෝ පුද්ගලයෙකු විසින් අයෙකුට අහිමි කිරීම ජීවිතය පැහැර ගැනීමක් වෙයි. එබැවින් සැම දෙනාගේ සහභාගීත්වය සහිතව ද පුද්ගල ජීවන අවකාශ අයිතිය පරම වශයෙන් ද සහතික වී ඇති පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස දැනට නම් කරමි. මෙය උපකල්පනයකි.
ඒ අනුව දැනට ලංකාවේ රජයන මතය වන, ඡන්ද පැවැත්වීම, වැඩි ඡන්ද බලය හා පාර්ලිමේන්තුව පැවැතීම හා උසාවි ද තවත් දෙපාර්තමේන්තු පැවැතීම ආදී ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් පවත්වා ගෙන යාමට අවශ්‍ය උපකරණ ද, රජය විසින් පාලනය කරනු ලබන ’පොදු’ දේපොල, පොදු අරමුදල් ආදී උපක‍්‍රම ද පවතින්නේ ‘ප‍්‍රජාතාන්ත‍්‍රීය සමාජයක ය‘ යන නිල මතය මෙම රචනයේ දී ප‍්‍රතික්ෂේප කෙරේ. එවැනි අංගෝපාංග මිලිටරි ජුන්ටා යටතේ ද ඇති හෙයිනි.
ලාංකික වැඩවසම් ක‍්‍රමය
විවිධ යුග වලට අනුව වැඩවසම්වාදයට විවිධ අර්ථ ඇත. වැඩවසම් ක‍්‍රමයද මහාද්වීපයෙන් මහාද්වීපයට පමණක් නොව, රටින් රටද, ඇතැම් විට එකම රටේ වුවද විවිධ ප‍්‍රදේශ ප‍්‍රදේශවලට අනුව වෙනස් වේ. මෙම රචනයේ දී පැරණි උඩරට රාජාණ්ඩු යුගයට අයත් වැඩවසම්වාදය යන පදය එම අර්ථයෙන් ම යොදා ගැනේ. අතීතයේ කුමන හැඩයක් සමාජයට තිබුණත් වර්තමානයේ අප ජීවත් වන යුගයේ සමාජයට සම්බන්ධතා ඇත්තේත් අප මත බලපාන්නේත් උඩරට රාජධානියට අදාළ වැඩවසම් ක‍්‍රමයයි. එය හුදකලා වැඩවසම් ක‍්‍රමයකි. ඊට අනුව රටේ අතිරික්තය රැස්වූයේ රජු අත ය. ඒ හැර රජමහ විහාර හා දේවාලවල ය. වැඩවසම් පරිපාලනයට සම්බන්ධ ප‍්‍රභූ පවුල් අත ද ඉතා කුඩා අතිරික්තයක් රැස්වුවද එය ඕනෑම අවස්ථාවක අස්වාමික කිරීමට රජුට බලය තිබිණ. අතිරික්තය නිපදවීමට හා රැස්කිරීමට සිංහල රජුගෙන් සමාජයට තිබූ මෙම දැඩි සීමා නිසා රට තුළ මහත් අතිරික්තයක් රැස්වන්නට මගක් තිබුණේ ද නැත. ඒ හේතුව නිසාම ඉන්දියාව වැනි වෙනත් වැඩවසම් සමාජවලදී මෙන් වානිජ ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලිය ලංකාවේ වැඩවසම් ක‍්‍රමය තුළ සිදු වූයේ නැත. එ මෙන්ම සැළකිය යුතු නිදහස් අතිරික්තයක් නොමැති වීමෙන් වෙනත් රටවල මෙන් කලාව, විද්‍යාව, නව දැනුම හා ශාස්ත‍්‍ර ඥාණය ද කර්මාන්ත ද නිදහසේ වර්ධනය වන්නට අවකාශයක් ද නොවීය. ඒවා පැවැතුණේ හුදෙක් ම තේවාවන් වශයෙන් ය. පොදුජන සමාජය පැවැතුණේ මෙම වැඩවසම් පාලනයේ අත්අඩංගුවේ ය. ඔවුන්ට තමන් කැමැති ඇඳුමක් ඇඳීමට හෝ තමන් කැමති පරිදි ගෙයක් තනා ගැනීමට හෝ නිදහසක් තිබුණේ නැත.
මෙම ක‍්‍රමය වෙනස් වන්නට වූයේ ලංකාව යටත් විජිතයක් බවට පත්වීමෙන් පසුව ය. පෘතුගීසීන් යටතේ වැදගත් වෙනසක් සිදු නොවූවත් ලන්දේසි පාලනය යටතේ කැපී පෙනෙන වෙනස්කම් සිදුවිය. වැවිලි කර්මාන්තය හා මුදල් භාවිතය ඒ අතර ප‍්‍රධාන ය. ඉංග‍්‍රීසි යටත් විජිත පාලනය යටතේ වඩ වඩාත් වෙනස්කම් සිදු වූ අතර ස්වදේශීය ජනතාවට අතිරික්තය නිපදවීමේත් රැස්කිරීමේත් නිදහස් අවකාශය තරමක් විවර වුණේ ඉන් පසුව ය.
එහෙත් බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ඔවුන්ගේ පරිපාලන ක‍්‍රමවේදයට අනුව ලංකාවේ පැවැති වැඩවසම් ක‍්‍රමය හා සන්ධාන ගත විය. වැඩවසම් ක‍්‍රමයේ මුදුන හෙවත් සමාජ පිරමිඩයේ මුදුන (රජු හා ප‍්‍රධාන රදල පවුල් බලය) ඉවත් කොට, ඊට බ්‍රිතාන්‍ය පරිපාලන ක‍්‍රමය බද්ධ කරනු ලැබිණ. ඉන් පසු වැඩවසම් ක‍්‍රමයේ අතිශයින් ම ක‍්‍රෑර ලක්ෂණ පමණක් සංස්කරණය කොට, තම යටත් විජිත පරිපාලනයට පහසු අලූත් වැඩවසම් ක‍්‍රමයක් බ්‍රිතානීන් නිර්මාණය කරන ලදී. මෙම රචනයේ දී එම අලූත් වැඩවසම් ක‍්‍රමය හැඳීන්වෙන්නේ ඇන්ග්ලෝ-ලංකා වැඩවසම් ක‍්‍රමය යනුවෙන් ය. එය දුර සිට බලනවිට බ්‍රිතාන්‍ය පරිපාලන ක‍්‍රමයක් ලෙස ද, අභ්‍යන්තරිකව බලන විට දේශීය වැඩවසම් ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ නපුරු කමකට නැති පාලන ක‍්‍රමයක් ලෙසද දැකිය හැක.
ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය
වාමාංශික සම්ප‍්‍රදායයේ විවිධ ප‍්‍රබේද ඇතත් ඒ සැම ප‍්‍රබේදයකටම අයත් කවුරුත් සිය සම්ප‍්‍රදායයේ මූලික ස්ථානය මාක්ස් ට පිරිනමති. මාක්ස් ගේ මූලික සිද්ධාන්ත අලූත් කිරීමකට හෝ වැඩි දියුණු කිරීමකට ඒ කවුරුත් ඉදිරිපත් වී නැත. එබැවින් ලංකාවේ සියළු වාමාංශික ගුරුකුල (මේ ගැන මහා තියුණු විවාද ඇතත්) මාක්ස්වාදීන් ලෙස හඳුන්වමි. එහෙත් ‘වාමාංශය‘ යන පදය මාක්ස්වාදයට වඩා පැරණි ය. අනෙක් අතට සාමාන්‍ය පංතියේ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම වාමාංශික යන පදයේ ශුද්ධ අර්ථය (ප‍්‍රංශ අර්ථය) ලෙස සලකතොත් මාක්ස්වාදියෙකු නොවූ රණසිංහ පේ‍්‍රමදාස ද එම වර්ගීකරණයට අයත් යැයි තර්ක කළ හැකි ය. එබැවින් ආසන්න සම වර්ගීකරණයකට අනුව මාක්ස්වාදීන් යන්න සුදුසුයැයි සිතමි.
ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරපුර
ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරපුර වශයෙන් මෙම රචනයේ හැඳින්වෙන්නේ 1960දශකයේ දී ආරම්භ වූ ජනතා විමුක්ති පෙරමුණත් ඊට සමාන්තරව උපන් සමාජවාදය විශ්වාස කළ තවත් විප්ලවවාදී කණ්ඩායම් ය. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ ප‍්‍රධාන ඓතිහාසික සංධිස්ථානයක් වූ1964 සභාග ආණ්ඩුව ගොඩ නැගීම නිසා මාක්ස්වාදී ව්‍යාපාරයෙන් වෙන් වූ විශාල(තරුණ) පිරිස දෙවන පරපුර ලෙස ඇතැම් විට හැඳින්වේ. එහෙත් එම දෙවන පරපුර එහි මුල් පරපුරෙන් සුවිශේෂ න්‍යායික වෙනසක් පෙන්වන්නේ නැත. එමෙන්ම රුසියානු-චීන බෙදීම නිසා අලූත් ප‍්‍රවණතාවයක් හට ගත්තද එය ද දෙවන පරපුරක අතර මැද අවස්ථාවක් මිස ස්ථාවරව පැවැතුණේ නැත. ඒ අතර මුල් ව්‍යාපාරයෙන් යළිත් වෙන් වූ නව සමසමාජ පක්ෂය ද, පළමු සම්භාව්‍ය මාක්ස්වාදී ව්‍යාපාරයේම දිගුවක් මිස මුල් ව්‍යාපාරයෙන් බරපතල සිද්ධාන්තමය වෙනස්කම් නොපෙන්වයි.
හැඩයෙන් ද, පදනමින් ද දේශපාලන සංස්කෘතියෙන් හා ඥාණවිභාග මට්ටමින් ද මූලික වෙනස්කම් හඳුනා ගන්නට හැකි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ තුළින් ය. එය සිංහලෙන් මාක්ස්වාදී මතය හෝ විප්ලවවාදී මතය ප‍්‍රචාරය කළ ලංකාවේ පළමු පරපුර එයයි. රුසියාවේ නැරෝද්නික් ව්‍යාපාරය වැනි එය පදනම් වූයේත් වැඩවසම් පීඩාවට දැඩිව ගොදුරු වූ ග‍්‍රාමීය සමාජය මත ය. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයන් ආශී‍්‍රතව බලන කල ජීවන අවකාශය වඩාත් ම සීමා වූ, එනිසාම වඩාත් සටන්කාමී විභවයක් ඇති සමාජ පංති සමූහය හෝ සමාජය එයයි. එම ව්‍යාපාරයට මාක්ස්වාදී දර්ශනය ගැන පුලූල් දැනුමක් හෝ මූලික වැටහීමක් නොතබුණි. මෙම සංවිධානය ආරම්භක මාක්ස්වාදී ව්‍යාපාරයට කොතරම් වෙනස්දැයි කියන්නේනම් එය මාක්ස්වාදී පක්ෂයක් ලෙස හදුන්වනවාටත් මුල් මාක්ස්වාදී ව්‍යාපාරයේ අය විරුද්ධ ය. කොයි හැටි වෙතත් එය වාමාංශික ගනයේ ලා සැළකීම මෙන්ම මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරුකක් සේ සැලකීම මග හැරිය නොහැකි ය. ඒ අනුව එනම් මුල් ව්‍යාපාරය හා බැරෑරුම් වෙනස්කම් ඇති බැවින් එය ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරපුර ලෙස හඳුන්වමි.
දේශීය ධනේශ්වර පංතිය
මෙම පදය යොදා ගැනෙන්නේ එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන සංවිධානය ලෙස තෝරාගෙන ඒ වටා රැස් වූ ව්‍යවසායයික ප‍්‍රජාවයි. ලන්දේසි පාලන සමයේ ඡායාවක් මෙන් සටහන් වී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ ලද ව්‍යවසායික නිදහස තුළින් ඔවුහු උපන් හ. මෙම ළදරු ව්‍යාපාරික ප‍්‍රජාව මූලික ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලියට ඇතුළත්වූයේත්, අතිරික්තය රැස් කළේත් බ්‍රිතාන්‍ය පාලනය යටතේ විවර වූ අවකාශය තුළ ය. රාජාණ්ඩු පාලනය නිසා යටත් විජිත පාලනය පැමිණෙන තෙක් ඔවුන්ගේ උපතට අවකාශයක් නොවීය. මහා කාර්මික ප‍්‍රාග්ධන පදනමක් නොතිබුණු ඔවුන් ධනවත් වූයේ, මිනිරන් කර්මාන්තය, පොල් වගාව, මත්පැන් පෙරීම, ප‍්‍රවාහන කොන්ත‍්‍රාත් හා තවත් කුඩා කර්මාන්ත ද නිසා ය. ඒ අනුව ඔවුහු බ්‍රිතාන්‍ය ප‍්‍රාග්ධනයේ සහායක බල ඇණියක් මිස ස්වාධීන ශක්තිමත් පංතියක් නොවූහ. තම දරුවන් ට ඉංග‍්‍රීසි අධ්‍යාපනය ලබා දුන් ඔවුහු සමාජයේ ඉහළ සංස්කෘතික වංශයට හෙවත් බූර්ෂුවා පංතියට ඇතුළත් වීමට ක‍්‍රියා කළහ. එය ස්වභාවිකව මනුෂ්‍යයා තුළ ඇති ගතිකත්වයක් මිස ඔවුන්ගේ වරදක් නොවේ. ප‍්‍රමුඛ පෙලේ උගතෙකු හා වැවිලි කරුවෙකු වූ සර් ජේම්ස් පීරිස් 1908 දී තරම කළ කතාවක දී “අප රට තුළට ප‍්‍රාග්ධනය ගෙන ඒම ගැනත් අප සැමට සමෘධිය ළඟා කරගැනීමට මග පෙන්වීම ගැනත් බ්‍රිතාන්‍ය වැවිලිකරුවන්ට අපගේ ප‍්‍රශංසාව හිමිවිය යුතුයැයි ද, ඔවුන්ගේත් - අපගේ වැවිලිකරුවන්ගේත් අයිතිවාසිකම් හා උවමනාවන් එක සමානයැයි’’ද කියා සිටියේය. එය ඇත්තකි. දේශීය සිංහළ වැවිලිකරුවන් ද බ්‍රිතාන්‍ය වැවිලි කරුවන් මෙන් ම තම කම්කරු ශ‍්‍රම උවමනාව පිරිමසා ගත්තේ ඉන්දියාවෙන් ආනයනය කළ කම්කරුවන්ගෙන් ම වීම මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු ය. බ්‍රිතාන්‍ය පාලකයන් මෙන්ම ලංකාවේ වැඩවසම් හුවමාරු සම්බන්ධතා බිඳීමට මෙම පංතිය ද අසමත් වූ බවට එය සාක්ෂියක් නිසා ය. එහි යට අර්ථය වන්නේ සමාජයේ පැවැති වැඩවසම් ව්‍යුහය බිඳීමට තරම් පරිණත බවක් ඊට නොතිබණු බවයි.
දේශීයවාදීන් හෙවත් වැඩවසම්වාදීන්
දේශීයවාදීන් හෙවත් වැඩවසම්වාදීන් වූ කලී, යටත් විජිතවාදී ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට අඅතුළත්වීමට නො හැකි වූ හා අර්ධ වශයෙන් ඇතුළත් වූ එහෙත් වැඩවසම් චින්තනයෙන් විමුක්තිය නොලත් සමාජ ස්ථරවලින් සමන්විත මතවාදී සමූහයකි. මෙය පංතියක් වශයෙන් හඳුනා ගන්නවාට වඩා සංස්කෘතික සමූහයක් හෙවත් මතවාදී සමූහයක් ලෙස හඳුනාගැනීම පහසු ය. මන්ද කියනවා නම් ලෝකය විග‍්‍රහ කර ගැනීමට ආගමික දර්ශණයක් වැනි ඊටම විශේෂ වූ චින්තන සමස්තයක් එය සතු වීම නිසාය. ගැමි ප‍්‍රභූන් හා මධ්‍යම මට්ටමේ ගැමි ඉඩම් හිමියන්, සිංහල උගතුන්, නාගරික සිංහළ වෙළෙන්දන්, බෞද්ධ භික්ෂූන් ආදීන්ගෙන් එකල මෙම ජන සමූහය සමන්විත වූහ. යටත් විජිතවාදයත්, දේශීය වැඩවසම් ක‍්‍රමයත් තම තමන්ගේ ක්‍ෂේත්‍ර ගැන අවබෝධයක් ඇතිව පවත්වා ගෙන ගිය ඇංග්ලෝ-වැඩවසම් සන්ධානය හේතුවෙන් මෙම මතවාදී සමූහයට පැවැත්මේ අවකාශයක් නිර්මාණය විය. එහෙත් කාලයේ සංක‍්‍රාන්තියට අනුව මෙහි සමාජ අඩංගුව වෙනස් වුවත් එහි චින්තන සමස්ථයේ මූලික වෙනසක් සිදු වන බවක් පෙනෙන්නේ නැත. වටලනු ලැබූ මානසිකත්වයකින් යුතු බැවින් අතීත අනුස්මරණ වෙත පසුබසින එයට සතුරෙකු නැතිව තනිව පැවැතීමේ හැකියාවක් මේ දක්වා පෙන්වා නැත. මේ නිසා එය ප‍්‍රචණ්ඩ ගතිකත්වයක් සහිත කැරලිකාරී විභවයකින් යුක්ත වෙයි. එහි කැරලිකාරීත්වය වරින් වර පුපුරා මතුවෙමින් ද යලි යටපත් වෙමින් ද කලින් කල වෙනස් වෙනස් රූප ගනිමින් ද අවිච්ඡින්නව අද දක්වාම පවතී.
1818 දී රදල ප‍්‍රභූන් වෙතින් ද, 1848 දී ගැමි නායකයන් වෙතින් ද යටත් විජිතවාදයට එරෙහි ව්‍යාපාරයක් ලෙස එය මතු විය. 1915 දී යළිත් එය මතු වූයේ ‘යටත් විජිතවාදීන්ගේ බළල් අත්‘ සේ හැඳින් වූ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, එහෙත් ආගමික මුහුනුවරකිනි. ශිෂ්ටාචාර රිද්මයේ හැටියට එය ප‍්‍රතිගාමී ව්‍යාපාරයක් ය. එහි නායකත්වයට වීරයන් හෝ ගලවා ගන්නන් අවශ්‍ය ය. (1915 දී එය පැන නැගුණේ බෞද්ධාගමට ඉස්ලාම් ආගමෙන් සිදුවන අසාධාරණයට එරෙහිව මතු වූ ආගමික කැරැල්ලක මුහුණුවරිනි. එහෙත් මුස්ලිම් ප‍්‍රජාවට අයත් කඩ සාප්පු 4075 ක් කැරලිකරුවන්ගේ කොල්ල කෑමට ලක් වූ බවත්, ඉස්ලාම් දේවස්ථාන 17 ක් එමගින් බත් කළ බවත් පොලිස් වාර්තාවේ සඳහන් ය.) එහෙත් අතීතයෙන් ගලා එන කැරලිකාරී වැඩවසම් චින්තනය, සහාය දිවීමේ දී ධාවකයාගෙන් ධාවකයාට යෂ්ටිය මාරු වන්නා සේ එලෙසම පරපුරෙන් පරපුරට මාරුවෙමින් කුමන හෝ දේශපාලන බල කණ්ඩායමකට ආවේශ වෙමින් ඉදිරියටම පැමිණියේය. 1956 දී එය ආවේශ වූයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ය. පසුව ජනතා විමුක්ති පෙරමුණටත්, නැවත ශ‍්‍රීලනිපයත් වශයෙන් එය සංක‍්‍රමණික ස්වභාවයක් ගත්තේය. එතැන් සිට මෙය සිය සතුරා ලෙස දෙමළ ජනවර්ගය තෝරා ගත් අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව නිදහස වෙනුවෙන් පෙනී සිටින, දේශීය විදේශීය සියල්ලන් සිය සතුරන් හැටියට වර්ග කර ගත්තේය. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමේදී ප‍්‍රධාන බාධකයක් වශයෙන් ක‍්‍රියා කරන්නේ මෙයයි.
මාක්ස්වාදී ව්‍යාපාරයේ පසුබිම
ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ නැත්නම් සමාජවාදී විප්ලවවාදී ව්‍යාපාරයේ ආරම්භක වසර ලෙස, මැලේරියා වසංගතය මැඩ පැවැත්වීමට ඔවුන් ක‍්‍රියාකළ1933 වසර මම සලකමි. මැලේරියා වසංගතය මැඩපැවැත්වීම හා යුද විරෝධී සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කළ වසර, ලංකා සමසමාජ පක්ෂය පිහිටවූ 1935 වසර යොදාගන්නවාට වඩා නිවැරදියැයි සිතමි. ඒ මන්දැයි මෙහි පසුව සඳහන් කරමි. එසේ සිතුවහොත් 1917 සෝවියට් රුසියානු සමාජවාදී විප්ලවය සිදු වී දශක එකහමාරක් පමණ ගත වී ධනේශ්වර කඳවුරේ ද මහා පරිවර්තන හා කැළැඹීම් සිදු වූ විද්‍යාවේ හා මිනිස් දැනුමේ මහා සංවර්ධනයන් සිදු වී ලෝක පරිමාන මහා සංවාද සාකච්ඡා සිදු වූ සාරවත් කාලය පුරෝගාමී මාක්ස්වාදීන්ගේ ආරම්භක කාලය බව මුලින් ම සඳහන් කරමි.
එසේම මෙබඳු සාරවත් පසුබිමක් නොමැතිව 1960 දශකයේ බිහි වූ පසු පරම්පරාව වූ කලී ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ දෙවන පරම්පරාව මෙන්ම, පසුගාමී නොදියුණු මාක්ස්වාදී පරම්පරාව ලෙස හඳුන්වමි. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය ඒ අනුව කොටස් (යුග) දෙකකට බෙදමි. මෙම දෙවන කොටස සිංහල හෝ දෙමළ බසින් මාක්ස්වාදය ග‍්‍රාමීය සමාජයට ගෙනගිය දේශපාලන වාහකයෝ වෙති. එසේම පළමු පරම්පරාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැන හඳුනාගෙන සිටියා මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීමට ක‍්‍රියා කළ අතර අවාසනාවන්ත ලෙස දෙවන පරපුර හඳුනාගත හැකිවන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බිඳ දැමීමට ක‍්‍රියාකළ පරපුර වශයෙන් ය.
ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයේ පුරෝගාමීන් මාක්ස්වාදීන් බවට පත්වූයේ 1917 සෝවියට් විප්ලවය සිදු වී එහි උණුසුමත්, ඊට ආවේණික ගැටලූත් ගැන ඉතා පොහොසත් මහා විවාද හට ගත් බටහිර සරසවි තුළදී බව මුලින් ද සඳහන් කළෙමි. සෝවියට් දේශය තුළ අලූත් විප්ලවීය රාජ්‍යය ගොඩ නැගෙන හැටි මෙන්ම, පිටට නොපෙනුණ එහි බොහෝ සාහසික දේ සියැසින්ම දුටු යුරෝපීය විප්ලවවාදී සහෝදරවරුන් ගේ ඇසුරත් ඔවුනට ලැබී තිබිණ. එපමණක් නොව, එවකටත් ජීවමානව සිටි කාල් කෞට්ස්කි හා රෝසා ලක්සම්බර්ග් යන සම්භාව්‍ය මාක්ස්වාදී න්‍යායේ උරුමකරුවන් එම සම්ප‍්‍රදාය තුළ කළ කාලීන විවේචන ද ඔවුනට මුණ ගැසිණ. ඒ අනුව ඔවුන් මාක්ස්වාදීන් ලෙස උපත ලද්දේ එහි නිර්මල මහා සම්ප‍්‍රදායේ දේශපාලන සංස්කෘතිය හා දාර්ශනික වශයෙන් පොහොසත් පරිසරය තුළ බව මෙහි සඳහන් කිරීම වැදගත් ය.
එසේ ම ඔවුන් ලංකාවට සැපත් වන විට මෙහි කුමන අන්දමේ සමාජ පරිසරයක් පැවැතියේ ද යන්න ද එතරම්ම වැදගත් කාරණයක් වෙයි. ලංකාවේ වැඩවසම් ක‍්‍රමය සියවස් ගණනකින් පසුගාමී වුවත් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය යටතේ සෙමින්, එහෙත් ආර්ථික මෙන් ම සමාජයීය වශයෙන් ද කිසියම් සංක‍්‍රාන්තියකට ලක් වෙමින් තිබුණේය. නමුත් එම සංක‍්‍රාන්තියේ විශේෂ ලක්ෂණය නම් සාම්ප‍්‍රදායිකව පැවැති වැඩවසම් සමාජය ව්‍යුහාත්මක වශයෙන් හා විප්ලවීය වශයෙන් පරිවර්තනයකට ලක් නොවීමයි. එය යටත් විජිත පාලනය හා වැඩවසම් ක‍්‍රමය සමග අන්‍යොන්‍ය රඳා පැවැත්මක් ලෙස සැලකීම වඩාත් නිවැරදි ය. එම සංක‍්‍රාන්තිය යටතේ සමාජයේ වැදගත්ම අංශය වන නිෂ්පාදන හුවමාරු සබඳතා නො නැසිණ. එනම් නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී (කෘෂි කාර්මික) වැඩවසම් හුවමාරු සම්බන්ධතා නිර්බාධිතව ඉතිරි විය. නැත්නම්, ඒවා යටත් විජිත පාලනය හා අපූරුවට අනුගත විය. ඒසේත් නොවේනම්, යටත් විජිතවාදී ක‍්‍රියාවලිය අර පැරණි වැඩවසම් සම්බන්ධතා අපූරුවට පිළිගත්තේය. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් ලංකාව ආක‍්‍රමණය කළා යැයි කියා දේශීයවාදීන් නගන විලාපයේ නියම තත්ත්වය එබඳු ය. ඒ අනුව ලංකීය සමාජය අමුතු වර්ගයක දෙමුහුන් සමාජ සත්ත්වයෙකු බවට පත්වූ බව කිව යුතු ය.
මූලික අංග ලක්‍ෂණ පහක්
(1) වැඩවසම් ක‍්‍රමය යටතේ රටේ භූමිය අයිති වූයේ රජුට ය. බ්‍රිතාන්‍ය පාලකයෝ ද මහජනයා වාසය කළ හා වගා කරමින් සිටි ඉඩම් හැර අන් සියළු ඉඩම් රජයට පවරා ගත්තෝය. එය, ප‍්‍රමාණය වශයෙන් සළකතොත් රටේ භූමියෙන් සියයට අසූවක් පමණ ප‍්‍රමාණයකි. යටත් විජිතවාදී පාලනය යටතේ වැවිලි ආර්ථිකයක් ඇරැඹී කෘෂි කර්මයට නව මානයක් ලැබුණු නමුත් ගැමියා ට නිදහසක් නැති වැඩ වසම් විය ගහට බැඳුණු (කෘෂි කාර්මික) නිෂ්පාදන සබඳතා දිගටම පැවැතිණ. (මේ හේතුව නිසා වැවිලි ආර්ථිකයට උවමනා කළ කම්කරු ශ‍්‍රමය ඉංන්දියාවෙන් ආනයනය කරන්නට වැවිලි කරුවන් ට සිදුවිය.)
(2) කතෝලික ධර්මය හා ක‍්‍රිස්තියානි ධර්මය හෝ අපරදිග ආගමික සංස්ථා රට තුළ ව්‍යාප්ත වන්නට ඉඩ හළ අතරම අතීතයේදී ඉඳ හිට කිහිප වරක් පැවැත්වුණු දළදා පෙරහර වාර්ෂිකව නිති පරිදි පවත්වාගෙන යාමට බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනය ක‍්‍රියා කළාය. එපමණක් නොව, පැරණි රජු වෙනුවට ඔහුගේ ඡායාවක් ලෙස රජ මාළිගාවේ පාලනය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජුට වගකියන දිය වඩන නිළමේ නම් නවීන ඇන්ග්ලෝ-ලංකා වැඩවසම් තනතුරක් නිර්මාණය කළේය.
(3) මං මාවත්, පාසල්, තැපැල් සේවා, බැංකු ආදී අලූත් බ්‍රිතාන්‍ය ප‍්‍රාග්ධනය ලංකාවට පැමිණි අතරම නින්දගම් හා රාජකාරි ක‍්‍රමයට සිදු වූ වැඩවසම් සූරාකෑම දිගටම පැවැතිණ.
(4) පාර්ලිමේන්තුව, මැතිවරණ, පරිපාලන යාන්ත‍්‍රණ ක‍්‍රමවේද ආදී ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රමයක් පවත්වාගෙන යාමට අවශ්‍ය ආයතන හඳුන්වා දුන් අතරම, ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සම්ප‍්‍රදායික ජන්ම ශ්‍රේණි හෙවත් කුල ධූරාවලිය සමග ඒවා විශ්මය ජනක ලෙස මිශ‍්‍ර කැරිණ. රජයේ ඉහළම රැකියා, විශේෂයෙන් ම පරිපාලන රැකියා ලබාදීම පමණක් නොව, පොලීසිය වැනි ආයතනවලට බඳවාගැනීම් පවා ජන්ම ධූරාවලියට අනුව සිදුවන්නට ඉඩ හළේය. පැරණි රදල ප‍්‍රභූවරයාගේ ආකෘතිය ගත් ආණ්ඩුවේ ‘ඒජන්ත හාමුදුරුවෝ‘ කෙනෙකු පරිපාලන ධූරාවලියේ මුදුනට පත් කළේය. එමෙන් ම පියාගෙන් පුතාට වෘතිය උරුමය ගලා යන පරිද්දෙන් රජයේ දෙපාර්තමේන්තුවල රැකියා අවස්ථා ලබා දී අභිනව ව්‍යුහයන්ට ලාංකීය වැඩවසම් සම්ප‍්‍රදායට අනුගතවන්නට ඉඩ හළේය. මෙම ක‍්‍රියාවලිය වැඩවසම් ක‍්‍රමය හැව ඇරීමක් හෙවත් ගල් පොරොවෙන් හා දුන්නෙන් ජීවත් වූ වැද්දෙකු අතට තුවක්කුවක් දුන්නා හා සමාන ය.
(5) මුලූ දූපතම බ්‍රිතාන්‍ය පරිපාලනයට යටත් ව රට ඒකීය පරිපාලන ව්‍යුහයක් වශයෙන් පැවැතියත් ඒකීය සමාජයක් එනම්, ලාංකික සමූහයක් ගොඩනැගී තිබුණේ නැත. ඉන් අදහස් කරන්නේ වාර්ගික සමුහ ලෙස මිස තනි ලාංකික ජාතික සැකැස්මක් හෝ සමූහයක් ලෙස සිතීමක් පැවැතියේ නැත යන්නයි.
ඒ අනුව මූලධාර්මික වශයෙන් ගතහොත්, සමාජ පිරමීඩයේ මුදුන බ්‍රිතාන්‍ය පාලනයක් තිබුණත් මැද සිට පහලට යන විට ක‍්‍රියාත්මක වූයේ වැඩවසම් ක‍්‍රමයයි. පොදු ජනයාගේ මානසිකත්වය වැඩවසම් දීන භාවයෙන් ද සිතිවිලි සමස්තය වැඩවසම් ලෝකයෙන් ද නිදහස් වූයේ නැත. ඒ නිසාම පිරමීඩයේ ඉහල හා නාගරිකව ධනේශ්වර ප‍්‍රාග්ධන සංකේන්‍ද්‍රණ ක‍්‍රියාවලියක් සිදුවුණත් එය සමාජයේ පතුළට ගලා ආවේ නැත. එසේ ආවද ඒ ඉතා මද වශයෙනි. අනෙක් අතට දේශීය වශයෙන් ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට යන්තමින්වත් සම්බන්ධ වී වාසියක් ලබා ගත් අය ද එක්කෝ සාම්ප‍්‍රදායික ජන්ම ධූරාවලියේ රදළ ප‍්‍රභූන්ම ය. නැත්නම්, අලූතින් බිහි වූ නව ප‍්‍රභූන් ය. වැඩවසම් චින්තනයට එය ආධාරයක් විය. මෙම තත්ත්වය යටතේ, ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය කෙරෙහි විප්ලවීය ආකර්ශණයක් පොදු ජනයා තුළ ඇතිවන්නට තරම් පොදු ජන සමාජය ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියට විවෘතව නොපැවතිණ. ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය ද එය විසින් ම පොදු ජනයාට විවෘතව පැවතුණේ නැත. ඒ නිසා ඉන් ප‍්‍රමාණවත් වාසියක් දුගී ගැමියාට ලැබුණේ නැත. තමන් කැමැති වෘත්තියක නිරතවීමේ අයිතිය තමන් කැමැති ඇඳුම් ඇඳීමේ අයිතිය, ඉඩ කඩම්වලට පුද්ගලික හිමිකම ලැබීම හා ඒවායේ තමන් කැමැති වගාවක් කිරීමේ අයිතිය ආදී යම් පමණක අස්වැසිල්ලක් අලූත් ක‍්‍රමයෙන් (බ්‍රිතාන්‍ය යටත් විජිතවාදයෙන්) ලැබුණත් ඔවුන් දුටුවේ කවදත් තම ඉරණම අතට ගත් රදළ පීඩකයාගේ අත් අඩංගුවේ තමන් තවමත් සිටින බව ය; වෙනදා මෙන් ම රදළ ප‍්‍රභූ පංතිය දිදුලමින්, වැජැඹෙමින් දේශපාලන අඹරේ ද සිටින සැටි ය.
මෙම සමස්ත ක‍්‍රියාවලිය පිටතින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස පෙනෙන්නා වූද, එහෙත් ඇතුළතින් වැඩවසම් ව්‍යුහය ද ක‍්‍රියාත්මක වන්නා වූද ක‍්‍රමයක් විය. එය වූ කලී නවීන ධනේශ්වර නිෂ්පාදන සබඳතා ද පසුගාමී වැඩවසම් නිෂ්පාදන සබඳතා ද ඒවායේ ප‍්‍රතිවිරෝධතා පවතින අතරේම එකට ක‍්‍රියාත්මක වූ අමුතු ක‍්‍රමයකි. එය අමුතුම ජාන ඉංජිනේරු විද්‍යාවකට අනුව වංශ දෙකක ජාන බද්ධ කොට සකස් කළ සත්ත්‍වයෙකි. යටත් විජිතවාදයත්, දේශීය වැඩවසම් ක‍්‍රමයත් තම තමන්ගේ ක්‍ෂේත්‍ර පිළිබඳ අවබෝධයක් ඇතිව එකිනෙකින් වෙන්කර ගෙන පවත්වා ගෙන ගිය සන්ධානයකි. මෙම සන්ධානයට අවශෝෂණය නොවූ පැරණි වැඩවසම් ශේෂ වෙතින් යටත් විජිත පාලනයට එරෙහිව පැරණි කෲර වැඩවසම් ක‍්‍රමය යලි පිහිටුවීම සඳහා, වරින් වර මතු වෙමින් ද යට යමින් ද එහෙත් වෙනස් වෙමින් ඉදිරියට ගලා ආ කැරලි කාරී ව්‍යාපාරයක් විය. මෙම අතීතයෙන් ගලා එන කැරලි කාත්වය එලෙසම සහාය දිවීමේ දී ධාවකයාගෙන් ධාවකයාට යෂ්ටිය මාරු වන්නා සේ පරපුරෙන් පරපුරට මාරුවෙමින් කුමන හෝ දේශපාලන බලයකට ආවේශ වෙමින් ඉදිරියටම පැමිණියේය. වෙනත් වචන වලින් කියනවානම් කුමන හෝ දේශපාලන බලවේගයකට කුලියට ගැනීමට හැකි වාහනයක් (හැක්නියරයක්) බවට පත් වී ඉදිරියටම පැමිණියේය.
දේශීය ධනේශ්වරයේ නැඟීම
මෙහි සඳහන් කළයුතු අනෙක් වැදගත් කාරණය වන්නේ අලූත් සමාජ පංතිය වූ දේශීය ධනේශ්වර පංතියේ නැගීමයි. එම පංතිය වූ කලී මහා සම්ප‍්‍රදායේ සංස්කෘතීන්ට උරුමකම් දරන රටවල්වලදී දක්නට ලැබෙන ආකාරයේ වර්ධිත සම්භාව්‍ය පංතියක් නොවේ. යටත් විජිතවාදී ස්වාමිත්වයෙන් තීරණාත්මකව වෙන් වී සිටීමේ හැකියාවක් ඊට නොතිබිණ. ඊට ධනේශ්වර මතවාදයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී දර්ශණයක් නොතිබිණ. එනිසා වැඩවසම්වාදී චින්තනයට එරෙහිව නැගී සිටීමට ඔවුනට නොහැකි විය. මෙහි තේරුම වන්නේ ඔවුහු පංතියක් වශයෙන් නිශ්චිතව සංවිධානය වී නොසිටි බවයි. මෙම සටහනේ මුලින් සඳහන් කළ හේතු නිසා දීර්ඝ ඉතිහාසයක් නොතිබූ ඔවුන් ගේ උපතට යටත් විජිත පාලනය පැමිණෙන තෙක් අවකාශයක් ද නොවීය.
මේ අතර යටත් විජිත වාදය හා වැඩවසම් වාදය අතර වූ ප‍්‍රතිවිරෝධය පසුව මෙම අලූත උපන් දේශීය ධනේශ්වර පංතිය වෙත ද එල්ල විය. ඊට පෙර දක්වන ලද හේතු ප‍්‍රධාන විය. එහිදී දේශීය ධනේශ්වර පංතියට එරෙහිව, ගැමි සමාජය ඉදිරියේ බැලූ බැල්මටම සාධාරණ කළ හැකි කර්ක හා චෝදනා වැඩවසම්වාදීන් අත විය. දේශීය ධනේශ්වර පංතිය නම් නව ප‍්‍රභූ සමාජය ඉංග‍්‍රීසි කතා කරන හා වැඩි දෙනා කතෝලික ආගම වැළඳ ගත් අය වූහ. එ බැවින් ඔවුන් කළු සුද්දන් හා බුද්ධාගමේ සතුරන් ලෙස හැඳින්වීමට පහසු විය. අවසානයේ සමස්ත සිංහල ජාතියේ සතුරන් ලෙස නම් කොට, යටත් විජිත සතුරාගේ අනුප‍්‍රාප්තිකයා බවට පත් කොට, සිය පැවැත්ම වෙනුවෙන් අලූත් සතුරා තනා ගැනීමට වැඩවසම්වාදීන්ට අවස්ථාවක් උදා විය.
මෙම තත්ත්වය දේශීය ධනේශ්වර පංතියේ වර්ධනයට හා සමාජ නායකත්වය ස්ථාපිත වීමට බාධාවක් විය. එය නම් සමාජ මතවාදී තලයේ ආධිපත්‍යය වැඩවසම්වාදී චින්තනයට හිමි වී තිබීමයි. විශේෂයෙන් ම දේශීය ධනේශ්වර පංතියේ නායකත්වයට එරෙහිව බෞද්ධාගම, සිංහල සංස්කෘතිය, සිංහල භාෂාව මුල් කොට ගෙන විරෝධාකල්පික ව්‍යාපාරවල නැගීම කියා පාන්නේ එයයි. ඒ නිසා මාක්ස්වාදී පුරෝගාමීන් ලංකාවට පැමිණෙන විට හිසට එරෙහිව කඳත්, කඳට එරෙහිව දෙපාත් එකිනෙක සම්බන්ධව පිහිටි මෙම විකාර ‘හයිබ්‍රිඩ් සමාජ ව්‍යුහය‘ එබඳුම විකාර හයිබ්‍රිඩ් දේශපාලන ක‍්‍රමයකට ගර්භාෂයක් ව පැවැතියේ ය. ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය පසු කාලීනව මුහුණ දුන් අභියෝග තේරුම් ගැනීමට මෙම පසුබිම හඳුනාගැනීම වැදගත් ය. මන්ද කියනවා නම්, ලංකාවේ මාක්ස්වාදීන් සිය සමාජවාදී විප්ලවීය සැලැස්ම ක‍්‍රියාත්මක කරන්නට වෑයම් කළේ මෙම සංදර්භය තුළ නිසා ය. එනම් හිසට වැඩවසම් වාදයත්, පයට යටත් විජිත ප‍්‍රාග්ධනයත් සහිත දේශපාලන නොනගතයක් තුළ ය.
බ්‍රිතාන්‍ය යටත් විජිත කලාපය තුළ කොතැනත් තිබූ පොදු තත්ත්වය මෙයද? නැත්නම් මෙහි විශේෂ වෙනසක් තිබේද?- මගේ පිළිතුර නම් මෙහි විශේෂත්වයක් තිබුණා ය යන්නයි.
මාක්ස්වාදී ආර්ථික විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන් පමණක් නොව, ලිබරල් ආර්ථික විද්‍යාඥයන් ද ලංකාවේ මූලික ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක‍්‍රියාවලිය සම්බන්ධව බැස ඇති පොදු නිගමනයක් වන්නේ, ඉන්දියාවේ මෙන් මෙහි ශක්තිමත් ධනේශ්වර පංතියක් බිහි නොවූ බවයි. එසේ වූයේ මන්ද යන්නට නිශ්චිත මූලහේතු ඔවුහු නොදක්වති. ලංකාවේ ධනේශ්වර පංතිය අධිරාජ්‍ය ගැති හෝ පර ගැති ධනේශ්වර පංතියක් ලෙස හ`ඳුන්වා විශ්ලේෂණය අවසන් කරති. එයට අධිරාජ්‍ය විරෝධී වන්නට හැටියක් තිබුණේ නැති බව ඇත්තකි. එහෙත් ඇත්ත එය පමණක් ම නොවේ. එහිදී ඔවුන් ඉන්දියාවේ හා ලංකාවේ පැවැති/පවතින සමාජයන්හි විශේෂ වෙනස්කම් දක්වන්නේ නැත. පරහ ඇත්තේ එතැන ය.
ඉන්දියාවේ වැඩවසම් ක‍්‍රමය යටතේ දී නම් නිදහස් වෙළඳාමේ හා කාර්මික නිෂ්පාදන කාර්යයෙහි නිරත වී අතිරික්තය රැස් කිරීමට හැකියාවක් ඇති පුරවැසියාට නිදහස් අවකාශයක් තිබුණි. බුද්ධ කාලයේ සිටම, තත්ත්වය එයයි. ඒ නිසා සාපේක්ෂව රජුගෙන් ස්වාධීන වූ සිටුවරුන් හෙවත් මහා ධනවතුන් ද මහා ඉඩම් හිමියන් ද සිටියහ. එය නිශ්චිත සමාජ පංතියක් වශයෙන් පැවැතිණ. මහා සම්ප‍්‍රදායේ සංස්කෘතියක් හිමි වැඩවසම් ක‍්‍රමයක සාමාන්‍ය ස්වභාවය එය වේ. මෙම සටහනේ කලින් කියා ඇති පරිදි, ලංකාවේ වැඩවසම් ක‍්‍රමය එසේ මහා සම්ප‍්‍රදායට අයත් සම්භාව්‍ය වැඩවසම් ක‍්‍රමයක් නොවේ. ඒ නිසා මහා ධනවත් පංතියක් බිහිවූයේ නැත. එබඳු පංතියක පැවැත්මට නිදහසක් නැතිව මහා අතිරික්තයක් උපදින්නේද නැත. ඒ නිසා රට තුළ අතිරික්තය නිෂ්පාදනය වූයේ ඉතා ස්වල්පයකි. එම ඉතා සුළු අතිරික්තය ද රජු අතත් ඉතිරි ස්වල්පය රදළ පාලනයට යටත් රජ මහ විහාර හා දේවාල ආදී ආගමික මධ්‍යස්ථානවලත් එක් රැස් විය. මහා අතිරික්තයක් නොමැති ව සම්භාව්‍ය කලාවක්, විද්‍යාවක් හා වෙනත් ශාස්ත‍්‍රද බිහි වීමට ක‍්‍රමයක් හෝ නැත. මන්ද? ශ‍්‍රාස්ත‍්‍රඥයන් විද්‍යාධරයන් කලා කරුවන් නඩත්තු කිරීමට මහා අතිරික්තයක් අවශ්‍ය නිසා ය. මෙහි පැවැති වැඩවසම් ක‍්‍රමය යටතේ ස්වාධීනව අතිරික්තයක් රැස්කිරීමට තබා ගෙයක් හුණු පිරියම් කර ගැනීමටවත් නිදහසක් සමාජයට තිබුණේ නැත.
මහා සම්ප්‍රදාය හා චූල සම්ප්‍රදාය
සාමාන්‍ය වශයෙන් ධනේශ්වර ප‍්‍රාග්ධනය උපත ලබන්නේ වැඩවසම් ක‍්‍රමය තුළ වුවත් ලංකාවේ පැවැති චූල වැඩවසම් ක‍්‍රමය තුළ ඉහත හේතු නිසා ඊට ඉඩක් තිබුණේ නැත. ඒ නිසා ශක්තිමත් දේශීය ධනේශ්වර පංතියක් බිහිවීමට අවශ්‍ය ප‍්‍රාථමික ප‍්‍රාග්ධන සංකේන්ද්‍රණ ක්‍රියාවලිය යම්තමින්වත් ආරම්භ වූයේ යටත් විජිත පාලනය යටතේ ය. ඒ නිසා ලංකාවේ වානිජ ප‍්‍රාග්ධනය පවා ආරම්භ වූයේ ඉන්දියාවට වඩා අවුරුදු දහස් ගණනකට පසුව බව තේරුම් ගැනීම වැදගත් ය. එමගින් පෙන්නුම් කැරෙන්නේ මහා සම්ප‍්‍රදායයේ හා චූල සම්ප‍්‍රදායයේ වෙනසයි. මේ නිසා ලංකාවේ ශක්තිමත් දේශීය ධනේශ්වර පංතියක් බිහි නොවීම එම පංතියේ නෛසර්ගික (උප්පත්ති) දෝෂයක් නොව, චූල සම්ප‍්‍රදායට අයත් රදළ වැඩ වසම් ක‍්‍රමයේ නෛසර්ගික දෝෂයකි. අතීතය ශ්‍රේෂ්ට යැයි කියන උගත්තු අනුරාධපුර යුගයේ මහා කලාවක් හා විද්‍යාවක් ගැන කියති. එහෙත් හුදෙක් ම එය රට තුළින් උපන් අතිරික්තයක් නොවන බවත්, එය ගලා ආවේ වරාය බදු මගින් බවත් නොසිතති. ඒ හැරත් වර්තමාන ලංකාවේ තත්ත්වයට නිශ්චිතවම සම්බන්ධ වී ඇත්තේත්, වැදගත් වන්නේත් කන්ද උඩරට යුගය බවත් අමතක කරති.
මේ අනුව මාක්ස්වාදී ව්‍යාපාරය ආරම්භ කැරෙන විට ලාංකික ධනේශ්වර පංතිය (ධනේශ්වර ක‍්‍රමය) සිටියේ ඉන්දියාවේ ධනේශ්වර පංතිය මෙන් පරිණත පංතියක් හැටියට නොව, නොමේරූ අවස්ථාවේ ය. ඔවුන් හමුවේ බැරෑරුම් මූලික අභියෝග දෙකක් විය. කළල මට්ටමේ පැවැති දේශීය ප‍්‍රාග්ධන ක්‍රියාවලිය වර්ධිත තත්ත්වයකට ගෙන ඒම ඉන් එකකි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ උපකාරය නොමැතිව එය කළ නොහැකි වීම එහි අභියෝගයයි. එමෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් ගොඩ නැගීම අනෙක ය. එය කිරීමට නම් වැඩවසම් ක‍්‍රමය ව්‍යුහාත්මකව පරාජය කළ යුතුම විය. එහෙත් බලවත් කැරලිකාරී වැඩවසම් ධාරාව හමුවේ දුර්වල ධනේශ්වර නායකත්වයට මෙය දුෂ්කර කාර්යයක් බව නො කිව යුතු මනා ය. වැඩවසම් ක‍්‍රමයට එරෙහිව ගන්නා පියවරක් බුද්ධාගමටත්, සිංහල ජාතියටත් එරෙහි ව ගන්නා ‘දේශද්‍රෝහී පියවරක්‘ ලෙස හඳුන්වා එය සමාජ කෝලාහලයක් බවට හැරවීමට වැඩවසම්වාදීන්ට පහසුවෙන් හැකියාව තිබිණ. එනිසා ලංකාවේ දේශීය ධනේශ්වර සංවර්ධනයේ ගැටළුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමේ ගැටළුවෙන් ද වෙන් කළ නොහැකි ය.
එපමණක් නොව ලංකාවේ දේශීය ධනේශ්වර සංවර්ධනයේ පුරෝගාමී ප‍්‍රකාශකයා ලෙස හඳුනාගතහැකි අනගාරික ධර්මපාල ද මෙම අර්බුදයට මුහුන පෑවේය. එනිසා ඔහුගේ මතවාදී ව්‍යාපාරය දාර්ශනික වශයෙන් නිරවුල් නොවූ විකෘත හැඩයක් ගත්තේය. සිංහල මිනිසා (ගැමියා) තුළ නවීන සංස්කෘතියකට ඇතුළත්වීමට බාධා වශයෙන් තිබූ බොහෝ අංග ලක්ෂණ (නොහැදිච්චකම්)වලට ධර්මපාල පහර දුන්නේය. ඒ අතරම ප‍්‍රතිගාමී කැරලිකාරී වැඩවසම්වාදය යටපත් කරගනු බැරිව, සිංහල නොවන ජනවර්ග වලට එරෙහිව ද පහර දෙන්නට විය. එහෙත් එවැනි මූලික සීමාවන්ට යටත් ව හෝ ස්වදේශීය නායකත්වයේ දුර්වලකම් වටහාගෙන සිටි නිසාදෝ අනගාරික ධර්මපාල, ලංකාවට අවශ්‍යවන්නේ නවසීලන්තයට ලබා දී ඇති ආකාරයේ බ්‍රිතාන්‍ය පාලනයේ නොමද ආරක්ෂාව හා රැකවරණය සහිත නිදහසක් බව (අව්‍යක්තව) කියා සිටියේය (Return To Righteousness:A Collection of Speeches, Essays, and Letters of the Anagarika Dharmapala) ඔහුගේ සංවර්ධන ආදර්ශය වූයේ ජපානය වූ අතර. දේශපාලන ආදර්ශය වූයේ ඉන්දියාව නොව, නවසීලන්තය විය. (එදා මෙම අදහස දරුණු විවේචනයට හසු වී දැවී ගියත්, එය න්‍යායිකව අව්‍යක්ත වුවත්, එය සත්‍යයක් බව ලංකාවේ නිදහස් ව්‍යවස්ථාව සම්පාදනය කළ සර් අයිවර් ජෙනිංන්ස් ගේ පසු විපරම් සටහන්වලින් ද, නිදහසින් පසු රාජ්‍ය ගොඩ නැගීමේ ලාංකීය අත්දැකීම්වලින්ම ද තහවුරු වේ.)☐
(මතු සම්බන්ධයි)
ප‍්‍රගීත් එක්නැලිගොඩ | 2009 අගෝස්තු 16
මේදක්වා මා විසින් විස්තර කරන ලද්දේ මාක්ස්වාදී පුරෝගාමීන් මාක්ස්වාදී න්‍යායෙන් ද විෂය දැනුමෙන් ද සන්නද්ධව සිය මවුබිමට පය තබන විට පැවැතුණා වූ තත්ත්වයයි. එකල පැවැතියේ මාර්ටින් වික‍්‍රමසිංහ පෑනෙන් ලියා තහවුරු කළ හා දැන් මහාචාර්යවරුන් රූපවාහිනියෙන් මවා තහවුරු කරන සුන්දර ’අපේ ගම’ නැමති සුරංගනා කථාව නොවේ. බැද්දේගම නවකතාව තුළ ලෙනාඩ් වුල්ෆ් නිවැරදිව සටහන් කළ, ඒ වනවිටත් වැඩවසම් ග‍්‍රහණයට නොමදව ගොදුරු ව තිබුණු හා කැලෑ උණෙන් ද (මැලේරියාව), සාගින්නෙන් ද, දොරින් දොර මරණය පැමිණෙන, අඩ නිරුවත් ගැහැණුන් මිනිසුන් ජීවත් වූ, පූර්ව ශිෂ්ටාචාරයට අයත් දු:ඛිත හුදකලා ජනාවාස හා ගම්මාන පොකුරු ය. මෙම ප‍්‍රකාශය අන්තවාදී යැයි යමෙකුට පෙනී යා හැකි ය. එසේ වූවාට කමක් නැත. 1933 මැලේරියා වසංගතය මැඩලීමේ දුෂ්කර කාර්යයට මැදහත් වූ මාක්ස්වාදී පුරෝගාමීන් ට මුන ගැසුණේ එබඳු දු:ඛිත ගම් හා පීඩිත ගැමියන් ය. එම ගැමියන් විසින් මාක්ස්වාදීන් පිළිගනු ලැබුවේ සහෝදරවරුන් හැටියට නොව, දෙවිවරුන් හැටියට ය. ඒ නිසා මැලේරියාවට මෙන්ම වැඩවසම්වාදයට ගොදුරු වී තිබූ සබරගමු පළාත තුළ පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරය වේගයෙන් පැතිරී ගියේය. එම ප‍්‍රදේශ තුළ වේගයෙන් මාක්ස්වාදී ව්‍යාපාරයේ ව්‍යාප්තියද සිදු විය. එසේ වූයේ ඇයි?
‘නිර්මල ගම‘ සහ බැද්දේගම
මෙයට සුලබව ලැබෙන පිළිතුර වන්නේ සුභ සාධනයට මිනිසා තුළ ඇති කැමැත්ත යන්නයි. බැලූ බැල්මට එය එසේ පෙනුණත් ඊට වඩා මූලධාර්මික හේතුවක් ඒ තුළ සැඟවී තිබිණ. කෙටි වචනයකින් කියනවානම් එය වූ කලී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මිනිසා තුළ ඇති කැමැත්තයි. එය එම නූගත් ගැමියන්ට වචනවලට නගා ප‍්‍රකාශ කිරීමට නොහැකි වුවත් එම ගැමි සමාජය තුළ මාක්ස්වාදීන් ට තිබූ සමාජ-දේශපාලන අවකාශය එයයි. මුල් මාක්ස්වාදී ව්‍යාපාරය ඉහළ ප‍්‍රභූ සමාජයෙන්ම බිහි වී තිබීම විශේෂ වාසියක් විය. එමෙන් ම යටත් විජිත වාදයට එරෙහිව දැඩිව නැගී සිටීම නිසා මාක්ස්වාදී ව්‍යාපාරයට බාධකයක් සේ ක‍්‍රියා කිරීමට වැඩවසම්වාදයට ශක්තියක් ද නැති විය. යටත් විජිතවාදයට එරෙහිව වඩාත් ශක්තිමත්ව හා තාර්කිකව මාක්ස්වාදී ව්‍යාපාරය සටන් මෙහෙයවීමත් ඒ තත්ත්වය ඉදිරියේ වැඩවසම්වාදය පරාජය වීමත් ඊට හේතු විය. ඒ නිසා වැඩවසම් චින්තනය ඉරා දමමින් ගැමි සමාජයට ඇතුල්වීමට පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරයට හැකි විය. එය දේශීය ධනේශ්වර නායකත්වයට කළ නොහැකිව තිබූ එක්තරා මූලික ප‍්‍රජාතාන්ත‍්‍රවාදී විප්ලවයේ කාර්යයකි.
එය ප‍්‍රජාතාන්ත‍්‍රික විප්ලවීය කාර්යයක් වන්නේ කෙසේද?මැලේරියාව හෙවත් කැලෑ උණෙන් ගම් දනව් වැනැසී යාම ලංකාවට අලූත් දෙයක් නොවේ. 2500 වසරක් තිස්සේ ඈත අතීතයේත් තත්ත්වය එයම විය. වැඩවසම් පාලනය යටතේ රටේ ජනතාව වසංගතවලට ගොදුරු වී ලෙඩ වීම, මියයාම, කර්මයේ හැටියට, ලබා උපන් හැටියට සිදු වන්නක් යැයි පිළිගැණුනි. එම දුකින් ජනතාව මුදා ගැනීම රජුගේ හෙවත් වැඩවසම් පාලනතන්ත‍්‍රයේ වගකීමක් නොවීය. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම වලට අනුව එය එසේ නොවේ. රටේ ජනතාව දුකින් මුදා ගැනීම රජයේ වගකීමකි. ධනේශ්වර බ්‍රිතාන්‍ය පාලනය යටතේ වසංගතයට ගොදුරු වූ ජනතාව බේරා නොගැනීම හෝ ප‍්‍රමාණවත් ලෙස ඒ ගැන කැප නොවීම ප‍්‍රශ්නයක් වන්නේ බ්‍රිතාන්‍ය පාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් යන නම දැරූ නිසා ය. එහෙත් බ්‍රිතාන්‍ය පාලකයන් ගේ අතින් එම ප‍්‍රජාතන්ත‍්‍රීය වගකීම් ගිලිහී තිබිණ. (එය ඇංග්ලෝ-ලංකා වැඩවසම් පාලනයක් යැයි කියන්නේ ඒ නිසාය) කළල අවස්ථාවේ සිටි දේශීය ධනේශ්වර නායකත්වයටද ඒ සඳහා ප‍්‍රමාණවත් ශක්තියක් මෙන් ම දර්ශනයක් ද නොතිබුණි. මැලේරියා වසංගතය පාලනය හා මර්දනය කිරීමට පුරෝගාමී මාක්ස්වාදීන්ගේ මැදහත්වීම ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රීය මූලධර්ම මත පිහිටා තිබුණි. එහි සුබ සාධන පෙනුමක් තිබුණත් එය මූලධාර්මික වශයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී එළැඹීමකි. ව්‍යවහාරික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කාරුණික බව මෙරට ජනතාවට බරපතල ලෙස දැනුණ මුල් අවස්ථාව එයයි. (වර්තමානයේ දී ද පාලන තන්ත‍්‍ර ස්වභාවික විපත් හා ආපදාවලදී මහජනයා නොතකා හරින්නේ මේවා ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍ර නොවන නිසා බව මෙහිදී සඳහන් කළ යුතුය.) දැන් සියවස් තුන්කාලක් පමණ කල් ගත වී ඇති එම සිදුවීම් දෙස ආපසු හැරී බලනවිට පැහැදිලි කරගත හැකි වැදගත් න්‍යායික එළැඹීම් දෙකක් තිබේ.
පළමුවැන්න නම්, ලාංකික සමාජය වැඩවසම් ක‍්‍රමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයකට සංක‍්‍රමණය වීමේ වුවමනාවක් හෙවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය වෙනුවෙන් සූදානමක් පැවැති බවයි. එය සමාජයේ පහළ පීඩිත පංතිවලත්, නැගී එන ධනේශවර පංතියේත් උවමනාව වූ බවයි.
දෙවැන්න නම්, පොදු ජන සමාජයේ විප්ලවීය වෙනසක් ඇවිලීමට තරම් ඉන්ධන එම සමාජ-ඓතිහාසික උවමනාව තුළ තිබූ බවයි. 1933 දී ක්ෂණිකව මාක්ස්වාදී ව්‍යාපාරයට ව්‍යාප්ත වීමට හැකි වූයේ සමාජය තුළ වූ එම විප්ලවීය අවකාශය නිසයි.
කලින් සඳහන් කළ පරිදි බ්‍රිතාන්‍ය යටත් විජිතවාදී පාලනය ලාංකික වැඩවසම් ක‍්‍රමය හා මිශ‍්‍ර වී පැවැතියේ බරපතල ප‍්‍රතිවිරෝධයන් ද සහිතව ය. එවන් පරිපාලන ඇටවුමකට යටත් විජිතවාදීන් යොමු වූයේ 1818 හා 1848හටගත් කැරැලි නිසා බව පැහැදිලි ය. එනම් වැඩවසම් ක‍්‍රමය හා සන්ධානගත වීමෙන් වරින් වර පැන නගින කැරලි වළක්වා ගත හැකියැයි ඔවුන් කල්පනා කළ හෙයිනි. මෙම කාල වකවානුව තුළ ඉන්දියාව තුළ ද බ්‍රිතාන්‍ය ස්වාමීන් අත්හදා බලමින් සිටියේ එවැනිම උපායයකි. කොයි හැටි වෙතත් මෙම ප‍්‍රතිවිරෝධතා නැවතුණේ නැත. එය වරින් වර විවිධ රූප ගත්තේය. ආගමික පුනර්ජීවන ව්‍යාපාර වශයෙන් ද, "භාෂාවේ නිදහස“ වශයෙන් ද, ඇතැම්විට ජාතියේ නිදහස වශයෙන් ද ආදී විවිධ රූප ගනිමින් එය ප‍්‍රකාශ විය. ගන්නා රූපයේ හැටියට කැරැලිවල ඉලක්ක ද වෙනස් විය. මෙම ප‍්‍රතිවිරෝධයන් ට ඉහළින් සිට ඊට ප‍්‍රජාතාන්ත‍්‍රික නායකත්වයක් දෙන්නට දේශීය ධනේශ්වර නායකත්වයට නොහැකි වූයේ එයද වැඩවසම්වාදයේ ඉලක්කයක් වී තිබූ නිසයි.
එහෙත් මාක්ස්වාදී ව්‍යාපාරයට එබඳු බාධාවක් තිබුණේ නැත. එහි ආරම්භක ප‍්‍රජාතාන්ත‍්‍රීය එළැඹීම ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ එහෙයිනි. 1933 මැලේරියා වසංගතය මර්දනය කිරීමේ ව්‍යාපාරය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට විරුද්ධව කළ අරගලයක් සේ එක්වරම පෙනී ගියත් මෙම සටහනේ පෙර සඳහන් කළ පරිදි එය නියත වශයෙන්ම ගැටුණේ වැඩවසම් ක‍්‍රමය හා එහි මූලධර්මවලට එරෙහිව ය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට එරෙහි වීම ද තේරුම් ගතයුතු වන්නේ මෙහි වූ බ්‍රිතාන්‍ය පාලනය අර්ධ වැඩවසම් පාලනයක් නිසා ය. මැලේරියාව ‘ජනතාවගේ කරුමය‘ යැයි කියා ආණ්ඩුව (ඩී.බී.ජයතිලක) වැඩවසම් දර්ශනයක සිට ශෝක වනවිට ‘ජනතාව රැකබලා ගැනීම පරිපාලන තන්ත‍්‍රයේ වගකීමයි‘ යන සටන් පාඨය මාක්ස්වාදී ව්‍යාපාරය තුළින් නැගුණේ එහෙයිනි.
මාක්ස්වාදී ව්‍යාපාරයේ උභතෝකෝටිකය
මේ අයුරින් ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරය එහි ආරම්භයේ දී ඉතා නිවැරදිව සිය පළමු පියවර තැබීය. පොදු ජන සමාජය සාදරයෙන් එය පිළිගත්හ. සමාජයේ පීඩිතයන් ද ප‍්‍රභූ පංතියේ යහපත් අරමුණු ගැන සිතූ කොටස් ද, විවිධ පංතිවලට අයත් රැඩිකල් පිරිස් ද, උගතුන් ද පෙරලිකාරී පැවිද්දන් ද ඔවුන් හා එක්වූහ. එහෙත් මාක්ස්වාදී ව්‍යාපාරයේ ව්‍යාප්තිය ඒ ආරම්භක භූ කලාපයෙන් පිටතට තව දුරටත් ව්‍යාප්ත වූයේ නැත. මැලේරියාව වැනි සමාජ ආපදාවක් හෝ සිද්ධි වාචකයක් නොතිබුණත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩ නැගීමෙහිලා කිරීමට බොහෝ දෑ තවත් තිබිණ. ඒ අතර තාවකාලිකව ඇනහිට තිබුණු වැඩවසම්වාදයේ ගමන යළිත් පෙරට ගමන් කරන්නට විය. ප‍්‍රායෝගිකව විප්ලවීය ව්‍යාපාරයක් ලෙස ජන සමාජය තුළ මාක්ස්වාදී ව්‍යාපාරය පය තබාගත්තත් එය අඛණ්ඩව පැවැතියේ නැත.
ඒ මන්ද? පිළිතුර, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අත්හැරීමයි.
මාක්ස්වාදී ව්‍යාපාරය ඇංග්ලෝ-ලංකා වැඩවසම්වාදී පාලනයට එරෙහිව සිය සටන ඇරඹුවත් ඒ සමගම දේශීය ධනේශ්වර පංතියට එරෙහිව ද සටන් කළේය. යටත් විජිතවාදයෙන් උපත ලබා ඇතත් දේශීය ධනේශ්වර පංතිය වූ කලී ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ මිතුරු බලවේගයක් ලෙස මාක්ස්වාදී ව්‍යාපාරය විසින් හඳුනාගත්තේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීම සිය ඓතිහාසික කාර්යභාරය බව තේරුම්ගෙන තිබුණු බවක් පෙනෙන්නේ ද නැත. ඒ හැරත් න්‍යායික වශයෙන් විප්ලවයේ (සමාජවාදී) ප‍්‍රධානතම සතුරා ධනේශ්වර පංතිය බැවින් දේශීය ධනේශවර පංතිය සිටියේ කළල අවස්ථාව් වුවත් එය පංති හතුරා ලෙස අංකනය කළේය. එයින් නොනැවතී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පවා සතුරු බලවේගය වූ හා තම සැබෑම සතුරා වූ වැඩවසම්වාදී බලවේගය සතුරු බලවේගයක් බව නොතකා හැරියේය. ඇතැම් අවස්ථාවලදී එය මිතුරු බලවේගයක් වශයෙන් ද මෙම පුරෝගාමී මාක්ස්වාදීහු සැළකූහ.
වඩාත් නිවැරදිව කියනවානම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ ඉටු නොවූ කාර්යභාරය සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස කළ හැකිය යනුවෙන් එකල ජාත්‍යන්තරව සම්මත ’මාක්ස්වාදී න්‍යාය’ (ලෙනින්වාදය) පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරයේ ගමන් මග තීරණය වීමට බලපෑවේය. සිය සරසවි ජීවිතයේ දී ලද සමාජවාදය ගැන විවාදාත්මක දැනුම ද ඔවුන් විසින් නොතකා හැරිය බව පෙනේ. ඒ වෙනුවට ඔවුහු සම්මත විප්ලවීය සූත‍්‍රයට අනුව හා සිය චින්තන සමස්තයට අනුව ලාංකීය සංදර්භය විග‍්‍රහ කර ගත්තෝය. වෙනත් වචනවලින් කියනවානම් අමාරුවෙන් හෝ කරුණු සොයාගෙන මවාගෙන හෝ සම්මත සූත‍්‍රයට ඇතුල් කර ගත්හ. මූලික ප‍්‍රශ්නය බලයට පත්වීම බවත්, බලයට පත්වීමෙන් පසු සියල්ල කළ හැකිය යන ලෙනින්වාදී සූත‍්‍රයට අනුකූලව ඔවුහු ක‍්‍රියා කරන්නට වන්හ. ඒ අනුව අවංක වූත්, එහෙත් නිවැරදි නොවූත්, ලෙනින්වාදී දේශපාලන උපායමාර්ගය පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරයට (වැරදි) මග පෙන්වා තිබිණ. මේ නිසා 1933 මැලේරියා වසංගතය නිමාවීමෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ගොඩනැගීමෙහිලා වැඩවසම්වාදයට එරෙහිව කළ යුතුව තිබූ තව බොහෝ දෑ කෙරෙහි අවධානය මාක්ස්වාදී ව්‍යාපාරයෙන් ගිලිහී ගියේය. ඒ ගිලිහී යාම් වැඩවසම්වාදයේ වර්ධනයට හේතු විය.
වැඩවසම්වාදී බලවේගයන් හැව ඇරීම
එසේ ගිලිහී ගිය ඇතැම් කාර්යයන්ට වැරැදි නායකත්වය ලැබුණේ වැඩවසම්වාදී බලවේගය වෙතිනි. ඒ අනුව ආගමික පුනර්ජීවන ව්‍යාපාරය ආගමික මූලධර්මවාදී ව්‍යාපාරයක් බවට පත් විය. දේශීය භාෂා භාවිතා කිරීමේ නිදහස් ව්‍යාපාරය සිංහල භාෂා මූලධර්ම ව්‍යාපාරයක් බවට පත් වී එතැනින් නොනැවතී එය කුල ගෝත‍්‍රික ව්‍යාපාරයක් බවට ද පත් විය. දේශීය කලාවේ හා සංස්කෘතියේ නිදහසට හා පුනර්ජීවනයට ද සිදු වූයේත් එම විපතම ය. ඒවා ආරම්භයේ දී යටත් විජිත විරෝධී රූපයක් ගෙන, ඒ සමගින් ම මාක්ස්වාදී ව්‍යාපාරයේ ද ආධාර ඇතිව දේශීය ධනේශ්වර විරෝධී රූපයක් ගත්තේය. පසුව නිශ්චිත ඓතිහාසික මොහොතක දී සිංහලයාගේ විමුක්ති ව්‍යාපාරයක් ලෙස හැව ඇර මාක්ස්වාදී ව්‍යාපාරයට ද එරෙහිව නැගී සිටියේය. කවුරුන් හෝ සතුරෙකු වෙනුවෙන් අලූත් රූපයක් ගැනීම වැඩවසම්වාදයේ හෙවත් දේශීයවාදයේ ස්වභාවය බව මෙකී සටහනේ මුලදී ද මම සඳහන් කළෙමි.
සිංහල භාෂාවට පීඩාවක් තිබූ බව සත්‍යයකි. එහෙත් දෙමළ - මුස්ලිම් ජනවර්ග දෙකම කතා කළ තවත් ස්වදේශීය භාෂාවක් වූ, ඊටත් වඩා වානිජ භාෂාවක් වූත්, එනිසාම ජාත්‍යන්තර භාෂාවක් ද වූ දෙමළ භාෂාවටද පීඩාවක් තිබිණ. බෞද්ධාගමට මෙන් ම හින්දු ආගමටත්, ඉස්ලාම් ආගමටත් යටත් විජිතවාදය හා පැමිණි රාජ්‍ය අනුග‍්‍රහය ලත් කතෝලික හා ක‍්‍රිස්තියානි ආගම් වෙතින් පීඩාවක් තිබිණ. ඒවායේ නිදහසට අවශ්‍ය වූයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මිස වැඩවසම් බලයක් ගොඩනැගීම නොවේ. භාෂාව කතා කිරීමේ නිදහස මෙන්ම තමන් කැමැති ආගමක් ඇදැහීමේ නිදහස ද මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසකි.
නමුත් මාක්ස්වාදී ව්‍යාපාරය තම (සමාජවාදී) විප්ලවයේ ’ප‍්‍රධාන සතුරා’ ලෙස දේශීය ධනේශ්වර නායකත්වයත්, එහි උපකාරකයා වූ යටත් විජිත පාලනයත් එක මිටට ගෙන පහරදීම ආරම්භ කැරුණු විට නොදැනුවත්වම වැඩවසම් වාදයේ නැගීමට එය රුකුලක් විය. ධනේශ්වර නායකත්වය ද පෙරලා සිය දුර්වල අවියත් ප‍්‍රහාර මාක්ස්වාදී ව්‍යාපාරය වෙත එල්ල කිරීමෙන්, එය ද වැඩවසම්වාදය පෝෂණය වීමට ආධාර විය. ධනේශ්වර හෝ මාක්ස්වාදී නායකත්වයක් නොමැතිව සිංහල හා බෞද්ධ ගැමි නායකත්වයක් යටතේ වැඩවසම්වාදය ක‍්‍රමයෙන් වර්ධනය විය. කෙසේ වෙතත් මාක්ස්වාදී ව්‍යාපාරය විසින් ධනේශ්වර නායකත්වයට තහවුරුවන්නට ඉඩ නොදුන්නා සේම ධනේශ්වර නායකත්වය විසින් ද මාක්ස්වාදී ව්‍යාපාරයට තහවුරුවන්නට ඉඩ දෙනු නො ලැබිණ. ලාංකික සමාජයට සම්භාව්‍ය නවීන පංතියක ශක්තිමත් නායකත්වයක් ඒ නිසා ලැබුණේ නැත. ලංකාවේ පසුගිය දශක හත දෙස ආපසු හැරී බැලීමේ දී මෙම කරුණ ඉතා වැදගත් යැයි සිතමි.
මෙම ගැටුම හේතුවෙන් වැඩවසම්වාදය අභාවයට යවමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නැ`ගීමට තිබුණ අවකාශය ඇහිරිණ. ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීම වූ කලී නියත වශයෙන්ම වැඩවසම්වාදය පරාජය කිරීමකි. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැගී සිටින්නට උත්සාහ දැරෙන සැම අවස්ථාවකම ඊට එරෙහිව එක්කෝ දේශප්‍රේමය ලෙස වැඩවසම්වාදය නැගී සිටී. නැතහොත් සදාචාරවාදයක් හෝ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස නැගී සිටී. ධනේශ්වර නායකත්වය හෝ මාක්ස්වාදී ව්‍යාපාරය යන දෙකින් කුමන හෝ එක් පාර්ශවයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට ගන්නා පියවරට එරෙහිව එය හැම විටම නැගී සිටී. ඒ අතර අවාසනාවන්ත ලෙස සතුරු පාර්ශව බවට පත් වූ ධනේශ්වර නායකත්වය හා මාක්ස්වාදී ව්‍යාපාරය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැගීම පසෙකට දමා එකිනෙකාට එරෙහිව පහර දීමට සහායක බලයක් ලෙස අර වැඩවසම්වාදී ව්‍යාපාරය යොදා ගත්තෝය. එහි ප‍්‍රතිඵලයක් ලෙස මාක්ස්වාදී ව්‍යාපාරයත්, ධනේශවර නායකත්වයත් යන දෙපාර්ශවයම දුර්වල විය. වැඩවසම්වාදය ක‍්‍රමයෙන් ගලිවරයෙකු වෙමින් සිටියේය. හිසක් නොමැතිව කඳක් පමණක් තිබූ එම ව්‍යාපාරය 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක නායකත්වයට පත්කර ගැනීමෙන් අඩුපාඩුවක් ව පැවැති හිස ද ලැබුණේය. දෙමළ ජනවර්ගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම මුල සිටම මෙම මාක්ස්වාදී හා ධනේශ්වර ද්විත්ත්ව බල පොරයට හසුවිය. එතුළින් හට ගත් සාපේක්ෂ අරාජිකත්වයට හසු වී, වැඩවසම්වාදයේ මිටිපහර ද ලබන්නට විය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් දෙමළ ජනවර්ගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඉල්ලීම විකෘත වී, ප‍්‍රචණ්ඩ රූපයක් ගත්තේය. එයම පෙරළා වැඩවසම්වාදී බලය පෝෂණය වීමට ද හේතු විය. වැඩවසම්වාදය එතැන් පටන් සිය අලූත් සතුරා සොයාගනිමින් දෙමළ ජනවර්ගය යටත්කිරීමේ හා සිංහල ජාතියට කිරුළ හිමිකරදීමේ වාර්ගික රණවාදී ව්‍යාපාරයේ මෙහෙයුම බාරගත්තේය.
බල කේන්ද්‍ර තුනක්
1960 දශකය වනවිට මාක්ස්වාදී ව්‍යාපාරය පසු බැසීම ආරම්භ කොට තිබිණ. ඔවුන් නොතකා සිටියාට සිය න්‍යායික අත්තිවාරම් යල් පනිමින් තිබිණ. ‘60 දශකයේදී සමාජවාදී විප්ලවයේ බලා පොරොත්තු සැකයට භාජනය විය. එපමණක් ම නොව, ධනේශ්වර වර්ධනය ද ආපසු හැරවීමට මාක්ස්වාදී-වැඩවසම්වාදී බලය විසින් දැරුණු උත්සාහය නිසා ධනේශ්වර සංවර්ධන මාවත ගැනද බලාපොරොත්තු බි`ද වැටී තිබිණ. ඒ අරාජිකත්වය ජන සමාජය තුළ කළකිරීම රැස්කරවනු ලැබිණ. වීරයන් ට අවස්ථාව පැමිණියේය. මාක්ස්වාදී දෙවන පරපුර පළමු පරපුරට එරෙහිව කැරලි ගැසූහ.1971 දී පැනනැගි මෙම කැරැල්ල මූලික වශයෙන් ’නොමඟ ගිය’ තරුණ කැරැල්ල යැයි හැඳින්වීම විවිධ අර්ථයෙන් සත්‍ය වුවත්, පුරෝගාමී මාක්ස්වාදී ව්‍යාපාරය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අත්හැරීම සමඟ එයට ඇති සම්බන්ධය ද ඒ නොමඟ යාමට හේතුවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය යථාර්ථයක් කර ගත්තේනම් තරුණ පරපුර නොමඟ නොයන්නට ඉඩ තිබිණ.
ඇත්තටම මාක්ස්වාදී ව්‍යාපාරය හා ධනේශ්වර නායකත්වය එකිනෙකා ඛාදනය කර ගන්නා ද්විත්ත්‍ව කේන්ද්‍ර බල පොරයක් ලෙස හැඳින්වුවත් සියුම් ව සිතන්නෙකුට එහි කේන්ද්‍ර තුනක් ඇති බව පෙනී යනු ඇත. එහි තුන්වැන්න නම් වැඩවසම්වාදය හෙවත් දේශීයවාදයයි. වැඩවසම්වාදයේ නැඟීම තුළ බිඳ වැටුණේ වාර්ගික සමගිය පමණක් නොවේ. අධ්‍යාපනයේ පරිහානිය හා විශ්ව දැනුමේ දුගී භාවය, නිර්මාණ කලාවේ දාර්ශනික පරිහානිය, මාධ්‍ය සංස්කෘතියේ බිඳවැටීම, දූෂිත රාජ්‍ය නිලධාරිතන්ත‍්‍රයේ නැගීම, මිලිටරි නිලධාරි තන්ත‍්‍රයේ නැගීම (හම්සා අලෙවි), විවෘත ආර්ථිකයේ පසුබෑම, තව නිදර්ශන කිහිපයකි. සංඛ්‍යාවෙන් කුඩා ජනවර්ගවලට රාජ්‍ය පාලනයට සම්බන්ධවීමට තිබූ අවස්ථාව මැකී ගොස් ‘රට කැබලි වී තිබීම‘ අද ප‍්‍රමුඛ මාතෘකාව වී ඇතත් ඊටත් වඩා දරුණු අර්බුද රැසක් මෙම යථාර්ථය තුළ ඊට පසු පසින් ඇති බව අප තේරුම් ගත යුතු ය. ජනවාර්ගික ප‍්‍රශ්නය ලෙස අද අප කවුරුත් දන්නා සමාජය වාර්ගික වශයෙන් බෙදී යාම මෙම ගැටුම තුළ පෝෂණය වී ඇති වූ කුඩා විනාශයකි. (‘රට‘ යන්නෙන් මෙම රචනය තුළ අර්ථ කථනය වන්නේ පොදු ජන මනස තුළ හා මාධ්‍ය තුළ ග‍්‍රාම්‍ය ලෙස අර්ථදැක්වෙන ආකාරයට භූගෝලීය ඒකකයක් නොවේ. මානව සමාජයීය ඒකකයක්ය යන අර්ථයෙනි. මිනිසා බිහිවන්නට පෙර පෘථිවියෙහි ගොඩබිම් මිස ’රට’වල් නොතිබූ බැවින්, රට නමැති ප‍්‍රපංචය දෙවන යථාර්ථය තුළ ඉදි කළ මිනිස් නිර්මිතයක් බවත්, සමාජය බෙදී යාම රට බෙදීමක් ලෙසත් මෙහි අර්ථකථනය වේ. රට එක්සත් කිරීම හෝ ඒකීය කිරීම යන පද වලට ද ඒ අනුව සමාජයීය අර්ථයක් මිස භූගෝලීය අර්ථකථනයක් මෙම රචනය තුළ නැති බව සළකන්න.)
ඓතිහාසික නියමයට අනුව කොර ගසමින් හෝ ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලිය ඉදිරියට ඇදුනත් ලංකාවේ මෙම සුවිශේෂ ත්‍රෛපාර්ශවික ගැටුම්කාරී තත්ත්වය තුළ, ලංකීය ධනේශ්වර නායකත්වයට ශක්තිමත්ව සමාජය මත තහවුරු වීමට අවස්ථාවක් ලැබුණේ ම නැත. එසේ ම ඒ අතර ’සමාජවාදයට’ ලෝකයේ තහවුරුවන්නට නොහැකි වීම දේශීය වශයෙන් මාක්ස්වාදී ව්‍යාපාරයේ බසුබෑමට ද බලපෑවේය. එසේම ලංකාව තුළ ද මාක්ස්වාදී නායකත්වයට මෙම සටහනේ දැක්වූ කරුණු හේතුවෙන් සමාජය මත සිය නායකත්වය පිහිටුවන්නට නොහැකි විය. සමාජය මත සිය නායකත්වය පිහිටුවන්නට එයට නොහැකි වුවත්, ධනේශ්වර පංතියේ දර්ශනයක් නොමැති තත්ත්වය යටතේ, වැඩවසම්වාදී ව්‍යාපාරයේ අවශ්‍යතාවයක් ලෙස, ව්‍යවසාය විරෝධී හා දේශීයවාදී චින්තනයට ආධාරයක් වශයෙන්, මතවාදී තලයේ තව දුරටත් රැඳී සිටීමට ඊට අවකාශය තිබේ. විශ්මයජනක ලෙස වැඩවසම්වාදීන් ට ආධාරයක් වන්නට මාක්ස්වාදී ව්‍යාපාරයට හා එහි දර්ශනයට සිදුවී ඇත්තේ එය යාවත්කාලීන නොවීම නිසා ය. නො එසේ නම් අත්හරිණු ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රීය විප්ලවයේ කාර්යය තවදුරටත් මාක්ස්වාදී ව්‍යාපාරය වෙත පැවරී තිබෙන බව ඔවුන් වටහා ගනු ලබනු ඇත.
වමේ අවගමනයට හේතුව කුමක්ද?
මෙහිදී වහාම ප‍්‍රශ්නයක් පැන නගී. එනම්, මාක්ස්වාදී ව්‍යාපාරයේ (වමේ) අසාර්ථක වීමට හේතුව 1964 දී විප්ලවකාරී මග පාවාදීම හා ඉන් පසු දිගින් දිගටම එවැනි විප්ලවය පාවා දීම් නොවේද? යන්නයි. පිළිතුර එසේ නොවේ ය යන්නයි. අසාර්ථක වීම යන්නෙන් ගම්‍ය කෙරෙන්නේ මාක්ස්වාදී ව්‍යාපාරයේ සමාජ පදනම් දෙදරා යාමයි. නැතහොත් පරපුරින් පරපුර, වසරින් වසර සංඛ්‍යාත්මකව අඩුවීමක් පෙන්වීමයි.
මෙම රචනයේදී අවශ්‍යයෙන් ම මෙම ප‍්‍රශ්නය ම`ග හැර යා නොහැකි ය. එය ඒ තරමට ම සමාජයීය වශයෙන් දේශීය දේශපාලන වහරේ ස්ථාපිත වී තිබේ. මෙයට පිළිතුර සරල ය. ‘විප්ලවය පාවාදීම‘ හෙවත් වැඩවසම්වාදී දේශපාලන ව්‍යාපාරය සමග 1964 දී ගොඩන`ගූ සභාගය නිසා මාක්ස්වාදී ව්‍යාපාරය බිඳ වැටුණා නම් එම සභාගය ට එක් නොවූ හා එසේම ඊට විරුද්ධ වී වෙන් ව ගිය විප්ලවවාදී මාක්ස්වාදී සංවිධාන විනාශ වූයේ මන්ද? එම පක්ෂවල විප්ලවීය සාමාජිකත්වය විප්ලවය පාවා නොදුන් අය සමග නොගියේ මන්ද? සමසමාජ පක්ෂයෙන් ද කොමියුනිස්ට් පක්ෂයෙන් ද සැළකිය යුතු පිරිසක් එසේ වෙන් වී අලූත් පක්ෂ පිහිටුවා ගත්හ. ඉන් ඇතැම් ඒවා ටික කලක් මුල් පක්ෂයට වඩා විශාලව පැවැතිණ (උදා: කොමියුනිස්ට් පක්ෂයේ චීන පිල) එහෙත් වැඩි දිනක් යන්නට මත්තෙන් ඒවායේ සාමාජිකයන් එක්කෝ සිය මවු පක්ෂ වෙත ආහ. නැත්නම් ඒ මොහොතේ දී වැඩවසම්වාදී ව්‍යාපාරයේ නායකත්වය දැරූ ශ‍්‍රීලනිපය හා එක්වූහ. වඩාත් නො නැමෙන සුලූ උදවිය දිගින් දිගටම සියුම් න්‍යායික කරුණු හෝ පුද්ගලික කරුණු මත තව තවත් කුඩා කණ්ඩායම්වලට බෙදෙමින් ඉතිහාසයට ජීර්ණ වූහ. පසුව ඔවුන්ගෙන් වැඩි හරියක් දෙනා ද ශ‍්‍රීලනිප ය නම් වූ දේශපාලන‘කළු කුහරය‘ට අවශෝෂණය වී එම වැඩවසම්වාදී ව්‍යාපාරයට වාම වර්ණයක් ලබා දුන්නෝය. මේ සම්බන්ධයෙන් වාමාංශික ව්‍යවහාරයේ ඇති විහිළුවක් වන්නේ ‘විප්ලවවාදී පංතිය විසින් සිය නායකත්වය පාවා දුන්නා‘ය යන්නයි.
විප්ලවය පාවා දුන්නාය යන චෝදනාව පසුබිමෙහි ඇති දේශපාලන ප‍්‍රවාදය වන්නේ සමාජවාදී විප්ලවයට සූදානම් වූ විප්ලවවාදී පංතියක් සිටි බව හා සමාජවාදී විප්ලවයට විප්ලවවාදී අවකාශයක් ද තිබූ බවයි. නමුත් මෙය සත්‍යයක් ද? සම්භාව්‍ය මාක්ස්වාදයට අනුව නම් සමාජවාදී විප්ලවයකට අවකාශයක් නිර්මාණය වන්නේ ධනවාදයේ පූර්ණ වර්ධනයක ඵලයක් හැටියටය. තම අත ඇති යදම් හැර නැතිවන්නට කිසිවක් නැති කම්කරු පංතියක් ලෙස ලංකාවේ සිටියේ වතු කම්කරුවන් ය. එහෙත් ඔවුන් ට එක ස්වාමියෙකු වෙතින් තවත් ස්වාමියෙකු වෙත මාරු වී තමන් කැමැති තැනක තම ශ‍්‍රමය නිදහසේ විකිණීමට පුලූවන් කමක් තිබුණේ නැත. එය වහල් ශ‍්‍රමික ලක්ෂණයකි. නාගරික පාදඩ පිරිස් හා ඉතා කුඩා පිරිසක් වූ අවිධිමත් කම්කරු පිරිස විශ්වාස කළ නොහැකි සමාජ කණ්ඩායමක් විය. දුම්රිය හා ඉතා ස්වල්ප වූ කර්මාන්තවල සේවය කළ කම්කරුවන් ද සිය සේවා මුර කාලයේ කම්කරුවෙකු වුවත් ඉතිරි කාලය ගෙවූයේ ගැමි අඳුරේ තමන්ට හිමි කුඩා දේපොල හෝ වැඩවසම් ජීවිතය සමග ය. රටේ අනෙක් සෙනඟ පූර්ණ කාලීනවම වැඩවසම් ක‍්‍රමයක අංගෝපාංග විය. ධනපති පංතිය වර්ධිත පංතියක් නොව, නො මේරූ ස්වාධීන ශක්තියක් නැති පංතියක් විය. ඊට පහළ පංතිය, කාර්යාල ලිපිකරුවන්, කඩ සාප්පු කාරයන්, තැරැව්කාරයන්, හා මහජන උපයෝගිතා සේවාවන් සැපැයූවන් ආදීන් ගෙන් සමන්විත වූ, කාගෙන් හෝ යමක් පැහැරගැනීමට රාජ්‍ය ආධාරයක් සොයමින් සිටි, හීන දීන මධ්‍යම පංතිකයන් ය. (අද ද මෙම තත්ත්වයෙහි එතරම්ම මූලධාර්මික වෙනසක් නැත.)මෙවැනි සමාජයක් තුළ සමාජවාදී විප්ලවයකට අවකාශයක් තිබුණේ කෙසේද? අද වත් නැති එවැනි අවකාශයක් එදා තිබුණේ කෙසේද?
එසේ ම වැඩවසම් ව්‍යාපාරය හා 1964 දී එක් වූ මාක්ස්වාදී ව්‍යාපාරය අර ඊනියා විප්ලවවාදී පංතියත් සමග 1970 දී වාම-වැඩවසම් පොල්පොට් වාදී ව්‍යාපාරයක් බවට අනුවර්තනය වී දිගටම පැවැතුණේ කෙසේද?
එසේම ධනේශවර නායකත්වයට ද මෙම පසුගාමී වැඩවසම් බලපෑමෙන් ගැලවීමක් නොතිබුණේ මන්ද? එයද ධනේශ්වර-වැඩවසම් අමුතු සත්ත්වයෙකු වූයේ මන්දැයි විමසා බැිය යුතු ය. මෙය කණගාටු දායක තත්ත්වයකි. එහෙත් යථාර්ථය එයයි. මෙය තේරුම් ගන්නේ කෙසේද?
‘තුන්වන බලවේගයේ‘ ෆැසිස්ට්වාදය
මාක්ස්වාදී විවරණයකින් ම පැහැදිලි කරන්නේ නම් සමාජය (ජනතාව) සිය සාම්ප‍්‍රදායයික නායකත්වය හෙවත් පාලක පංති නායකත්ව ප‍්‍රතික්‍ෂේප කරනු ලබන අවස්ථා ඇත. පංති නායකත්වය යනු ධනේශ්වර පංති නායකත්වය හෝ නිර්ධන පංතික නායකත්වයයි. නිර්ධන පංති නායකත්වය හෙවත් සමාජවාදී විප්ලවීය නායකත්වය හා ධනේශ්වර නායකත්වය යන නායකත්ව දෙකම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් හට ගන්නා සාපේක්ෂ අරාජික අවකාශය තුන්වන බලවේගයක් විසින් පුරවනු ලැබේ. (ග‍්‍රාම්ස්චි) ෆැසිස්ට්වාදය යනුවෙන් හඳුනාගන්නේ මෙවැනි ඇතැම් ඓතිහාසික තත්ත්ව යටතේ මතුවන තුන්වන නායකත්වයයි. ෆැසිස්ට්වාදය වුවත් නැතත් කුමන කාලයේදීත් මෙසේ කරලියට එන තුන්වන බලවේගවල පොදු ස්වභාවයක් ඇත. එය නම් මූලධාර්මික වශයෙන් ම එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දක්වන මාරාන්තික විරෝධයයි. ලෝකයේ භයානකම දේශපාලන ප‍්‍රපංචය නාට්සි ෆැසිස්ට්වාදය යැයි සම්මත වී ඇතත් ඊටත් වඩා කෲර වන්නට මෙවැනි තුන්වන බලවේගවලට හැකියාව තිබේ. එය ඒ ඒ භූගෝලීය හා සංස්කෘතික තත්ත්ව යටතේ මෙන් ම පවතින දේශපාලන සන්දර්භයේ ස්වභාවය මත වෙනස්විය හැකි ය. අරාජිකත්වය නැමැති දේශපාලන යථාර්ථය ද කෙටි කලක් හෝ දිගු කලක් පැවතීම ඒ ඒ සංදර්භය අනුව වෙනස් වන බව ඓතිහාසික අත්දැකීම් අනුව පෙනීයයි. අද ලංකාවේ අප මුහුණ දෙමින් සිටින්නේ ද අර තුන්වන බලවේගය බලවත් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය තර්ජනයට ලක් වූ එවැනිම වූ ඓතිහාසික මොහොතකට ය.
මාක්ස්වාදී ව්‍යාපාරයත්, ධනේශ්වර නායකත්වයත් අතර ගැටුම දශක ගණනක් තිස්සේ ලංකීය දේශපාලන හා මතවාදී අවකාශයෙහි ද, සාපේක්ෂ වශයෙන් ආර්ථික පදනම්හි ද අරාජිකත්වයක් ඇති කිරීමට හේතු විය. එය දිගුකාලීනව දරාගෙන සිටීමට කුමන සමාජයකට වුවද නොහැකි ය. ධනවාදය ද නැත්නම් සමාජවාදය ද කියා නිශ්චිත මාවතක් තෝරා ගැනීමට ජන සමාජයට අවස්ථාවක් තිබිය යුතු ය. දශක 5-6ක් තිස්සේ ගැමි සමාජය ඇංග්ලෝ-ලංකා වැඩවසම් අඳුරේ අන්ත දිළින්දන් වූහ. 1975 වනවිට ඊනියා ‘සුන්දර ගම‘ න්‍යෂ්ටික බෝම්බයක් සේ පුපුරා ගොස් දුගී ස්ත‍්‍රීහු මරණයේ අවදානමද නොතකා ඉතා අඩු පහසුකම් යටතේ මැද පෙරදිග රැකියා සොයා ගියහ. අද වන විට එය සක‍්‍රීය ජනගහණයෙන් සියයට 30 කි. (සිංහලයා සුද්දන්ගේ වතුවල කුලී වැඩට නොගියේ සිය ජාතික අභිමානය නිසායැයි කියා අතීතය ගැන මිත්‍ථ්‍යා මතයක් වැඩවසම්වාදී චින්තකයන් විසින් වර්තමානයේ ගොඩ නගා ඇත. එහෙත් සත්‍ය තත්ත්වය වූයේ ලංකාවේ පැවති වැඩවසම් හුවමාරු සම්බන්ධතා වලින් එකල පොදු ජනයා නිදහස් නොවී සිටීම ය. 1948නිදහසින් පසු, ඉඩම් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන් මගින්, යම්තාක් දුරකට වැඩවසම් හුවමාරු සම්බන්ධතා දුර්වල වී තිබූ තත්ත්වය යටතේ, 1975 දී ලාංකික ගැමි ස්ත‍්‍රීන් ලක්ෂ ගණනින්, අතිශයින් ම පහත් සේවා තත්ත්වයන් ද දරා ගනිමින්, ජීවිත අනතුරුද නොතකා, ගෘහස්ථ කුලී සේවය සඳහා මැද පෙරදිගට සංක‍්‍රමණයවීම, වැඩවසම් චින්තකයින්ගේ අර සිංහල අභිමානය තුළ තාර්කිකව පැහැදිලි කෙරෙන්නේ නැත. අද ප‍්‍රධාන වශයෙන් එම සංක‍්‍රමණික ශ‍්‍රමයෙන් උපදවන ධනයෙන් ම රටත්, එම චින්තකයනුත් යැපෙන සැටි තාර්කිකව විස්තර කැරෙන්නේත් නැත.)
‘ප්‍රජාතන්ත්‍රික විප්ලවය‘ සම්පූර්ණ කිරීම
මෙම සටහනේ මුලින් ද සඳහන් කළ පරිදි ධනේශ්වර ප‍්‍රාග්ධන ක‍්‍රියාවලියේ වාසිය වැඩවසම් හුවමාරු සබඳතා නිසා ග‍්‍රාමීය සමාජය වෙත ගලා ආවේ ද නැත. මාක්ස්වාදී ව්‍යාපාරයේ ආරම්භයෙන් පසු එහි බලවත් තර්ජනය යටතේ, එහෙත් ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් ආ ධනේශ්වර සංවර්ධනය ද 1956 දී එක්වරම ඇන හිටියේය. ඒ මාක්ස්වාදී-වැඩවසම් සන්ධානය බලයට පත්වීම නිසා ය. ඉන්පසු 1970 දී යළිත් බලයට පත්ව පෞද්ගලික ව්‍යවසායයන් රජයට පවරා ගැනීමත් ඒවායේ පාලනය රාජ්‍ය නිලධාරී තන්ත‍්‍රයට පැවරීමත් සිදු විය. රාජ්‍ය කේන්ද්‍රීය ව්‍යවසාය ලෙස හැඳින්වෙන මෙම ක‍්‍රියාවලිය දිගින් දිගටම 1970 දශකය පුරාමත් සිදු විය. මෙය පොදු ජන සමාජය අවබෝධ කරගත්තේත්, මාක්ස්වාදී ව්‍යාපාරය ක‍්‍රියාවට නැගුවේත්, ප‍්‍රචාරය කළේත් සමාජවාදී ජයග‍්‍රහණයක් හැටියට ය. අද ද මෙම බලවත් සේ පාඩු ලබන රාජ්‍ය දේපොල ගැන සමාජයේ ඇත්තේ මිත්‍ථ්‍යා පිළිගැනීම් ය.
ලොව කොහේත් සිදුවුන අයුරින් මෙම රාජ්‍ය ව්‍යවසායයන් අසාර්ථක විය. මේවායින් සිදු වූයේ ඇංග්ලෝ-ලංකා වැඩවසම් ක‍්‍රමය ශක්තිමත් වීම ය. පැරණි රජු වැනි පාලකයාත්, ඔහුගේ නිළමේවරුන් ට හා නිලධාරීන්ට ජීවන මාර්ගත් මේවායින් සැපයේ. ජනතාවට සිදුව ඇත්තේ පෙර මෙන් ම මෙහි බර හිස මත දරා සිටීම ය. ධනේශ්වර ව්‍යවසායයික සංවර්ධන උපාය වනසා ඊට එරෙහිව ඇට වූ සමාජවාදී සංවර්ධන උපාය සමාජ ව්‍යසනයක් විය. මෙම ප‍්‍රජා පීඩාවේ වගකීම දැරීමට සිදු වූ මාක්ස්වාදී නායකත්වයද ජන සමාජයෙන් ප‍්‍රතික්‍ෂේප විය.
කිසිදු මාවතක් නොමැතිව කතරේ අතරමංවූ ජනතාව මිරිඟුවට මුලා වන්නා සේ දේශීයවාදය, ජාතිකවාදය, දේශ මාමකත්වය, ධර්ම රාජ්‍යය, ජාතික චින්තනය ආදී සංකීර්ණ රූප මගින් පෙනී සිටින ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී වැඩවසම්වාදයට ගොදුරුවී සිටිති. මේ වනාහී මාක්ස්වාදී ව්‍යාපාරය හා ධනේශ්වර නායකත්වය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය අත්හැරීමෙන් ලැබී ඇති නියත ප‍්‍රතිඵලයයි. එහෙත් දශක හතකට පසුව ද නැවතත් මාක්ස්වාදී ව්‍යාපාරයට මෙන් ම ධනේශ්වර නායකත්වයටද මුහණ දීමට සිදුව ඇත්තේ අත්හළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගොඩනැඟීමේ වගකීමටම ය. සී සී කඩ වී ගොස් ඇති සමාජය එක්සත් කිරීම, වැඩවසම් රාජ්‍ය ව්‍යුහය ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට ප‍්‍රතිව්‍යුහගත කිරීම, ව්‍යවසායයික ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම, පුද්ගල නිදහස හා මානව අයිතීන් සහතික කිරීම, වැඩවසම් චින්තනය පරාජය කිරීම ආදිය ඔවුන් ඉදිරියේ ඇති දැවෙන ප‍්‍රජාතන්ත‍්‍රික ගැටළු වලින් සමහරකි.
එහෙත් වැඩවසම්වාදී ව්‍යාපාරය බලවත් වී බ්‍රිතාන්‍යයෙන් ලැබුණු පාර්ලිමේන්තු උපකරණ කට්ටලය ද යොදාගනිමින් කරමින් සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සොහොන්ගත කිරීම ය. මාක්ස්වාදී ව්‍යාපාරයට මෙන් ම ධනේශ්වර නායකත්වයට ද වන්දි ගෙවීමට සිදුව ඇත්තේ තමන්ගේ ම අතීතයටය. යමෙකුට ඒකීය රාජ්‍යයක් පවත්වා ගැනීමට අවශ්‍යම නම් පළමුව ම ඒ සඳහාවත් ඒකීය සමාජයක් තිබිය යුතු නිසා ඒ සඳහා ජාතීන් අතර සමානාත්මතාවය පිළිගත යුතු බවට මාක්ස්වාදී ව්‍යාපාරයේ මුල් කාලයේ ප‍්‍රජාතාන්ත‍්‍රික අදහසක් තිබුණි. 1970 දශකයේදී එම මූලධර්මයෙන් ද මාක්ස්වාදී වයාපාරය ඉවත්වීම කණගාටුවකට කරුණකි. අද යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මඟහැර යා නොහැකි බව පෙන්නුම් කරමින් තිබේ. අද වන විට පළමු හා දෙවන බලවේග පමණක් නොව, ජයග‍්‍රාහී තුන්වන බලවේගයද නව පරපුර විසින ප‍්‍රතික්‍ෂේප කරනු ලැබෙමින් තිබේ. ඒකීය රාජ්‍යය විකාරයක් කරමින් සමාජය නියත වශයෙන් ම බෙදී ඇත. (මැතිවරණ ප‍්‍රතිඵලවලින් ද එය පෙන්නුම් කර තිබේ) ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවයේ කාර්යය අප ඉදිරියේ ඇති බව කිව යුතු ය. අපගේ මිතුරු බලවේග මොනවාද? අපගේ සතුරු බලවේග මොනවාද? අපගේ ගමන කුමන දිසාවටද යන කාලාන්තරයක් තිස්සේ සාකච්ඡා කර ඇති මාතෘකා යළිත් වරක් සාකච්ඡා කිරීමට අද සිදුව ඇත. කොටින් ම කියනවානම් මාක්ස්වාදී ව්‍යාපාරයට අලූත් උපතක්, පුනර්ජීවනයක් අවශ්‍ය වී තිබේ.
ප්රගීත් එක්නැලිගොඩ 2009 අගෝස්තු 16
If you are interested in reading management in SINHALA please click the link belowජංගම දුරකතනයක් නාදවුවත් ,ඈනුමක් ඇරියත් මිනිසුන් රිමාන්ඩ් කිරීමේ බලතල ඇති මහේස්ත්‍රාත් අධිකරණයක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් කළ ප්‍රකාශ හා හැසිරීම් සුළු කොට තැකිය නොහැකි බව හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද (18) අභියාචනාධිකරණය හමුවෙහි පැවසීය.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම ආරම්භ කරමින් එහි පළමුවැනි සාක්කිකරු ලෙස සාක්කි දෙමින් දිසානායක මහතා මේ බව කියා සිටියේය.
අභියාචනාධිකරණය හමුවේ වැඩිදුරටත් සාක්කි දුන් මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කියා සිටියේ මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ විට අධිකරණයට නියෝග දෙන ස්වරූපයෙන් කලහාකාරී ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ හැසිරුණේ යම් පූර්ව සූදානමකින් බව හැඟී ගිය බවයි.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කලහකාරී ලෙස හැසීරීමෙන් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා ලැබ සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය විභාග කිරීම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී දෙහිදෙණිය මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ සිදු කෙරිණි.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ මෙහෙයවීමෙන් සාක්කි දුන් සාක්කිකාර මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙසේද කීය.
‘‘2006 ඔක්තෝබර් 06 වැනිදා සිට මා මහේස්ත්‍රාත් විනිසුරු සේවයට එක්වූවා. 2015 දී පුත්තලම දිසා විනිසුරු ලෙසත් , 2016 ජනවාරි 01 වැනිදා සිට මා හෝමාගම අතිරේක මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ලෙස සේවය කළා. මාධ්‍යවේදියෙකු වන ප්‍රදීප් එක්නැලිගොඩ ගේ අතුරුදන්වීම සම්බන්ධ නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වුණා. එම නඩුව 2010 වසරේ සිට එම අධිකරණයේ විභාගවුණා. මා අතිරේක මහේස්ත්‍රාත් ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ කටයුතු ආරම්භ කරන විටත් , එම නඩුවේ සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන ඔවුන් සම්බන්ධයෙන් යම් යම් නියෝග විවිධ අවස්ථාවල ලබා දී තිබුණා. ඒ අතරම එම නඩුවේ සැකකරුවන්ට ඇප ලබා දිය නොහැකි බවට පූර්වගාමී විනිසුරුතුමා නියෝගයක් නිකුත් කර තිබුණා. එම නඩුව සම්බන්ධ මෙහෙයවීම් සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධි නීතිඥ දිලීප පීරිස් මහතා පෙනී සිටි අතර ඇතැම් අවස්ථාවල රජයේ අධිනීතීඥ වසන්ත පෙරේරා මහතා පෙනී සිටියා.
2016 ජනවාරි 25 වැනිදා මෙම නඩුවට සම්බන්ධ විශේෂ දෙයක් සිදු වූවා.එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ අධිනීතීඥ දිලීප පීරිස් මහතා පෙනී සිටියා. එම අවස්ථාවේ සැකකරුවන් නමදෙනෙකු අධිකරණය හමුවේ පෙනී සිටියා. එහිදී දෙපාර්ශ්වය වෙනුවෙන් කළ කරුනු දැක්වීම් පිටු 21 ක සඳහන්ව තිඛෙනවා. එය අධිකරණය වෙත යොමු කර ඇති අදාළ නඩු ගොනුවේ දැක්වෙනවා. එම කරුණු සැලකිල්ලට ගත් මා සැකකරුවන් හයදෙනෙකු තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කිරීමට නියම කළා. සෙසු සැකකරුවන් නැවත රිමාන්ඩ් බාරයට පත් කළේ පසු දිනයේදීයි. ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු එම නඩුව අවසන් කළා.පසුව වෙනත් නඩුවක් අධිකරණය හමුවෙහි කැඳවනු ලැබුවා. ඒ වන විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉවත් වෙමින් සිටියා.
ඊළඟ නඩුවේ විත්තිකරුවන් අධිකරණයට කැඳවනවාත් සමඟම විශේෂ දෙයක් සිදු වුනා. මට එය හොඳට මතකයි. ඒ වනවිට මා මහේස්ත්‍රාත්වරයෙකු ලෙස වසර 12 ක් සේවය කර තිඛෙනවා. ඒ කාලය තුළම මෙවැනි දෙයක් සිදුවී නැහැ. ඒ නිසාම මට එම සිදුවීම හොඳට මතකයි. ඒ වනවිට හෝමගාම මහේස්ත්‍රාත් අධිකරණය පවත්වා ගෙන ගියේ වෙනත් තාවකාලික ගොනැගිල්ලකයි. එය කුලියට මිලදී ගත් නිවසක සාලයක තමයි මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව පවත්වාගෙන ගියේ .ඊට හේතුවුනේ එම කාලයේ නව අධිකරණ පරිශ්‍රයක් ඉදිකරමින් පැවතීමයි. එය එතරම් විශාල ශාලාවක්ද නොවෙයි. එහි සැකකරුවන් රඳවා තබා ගැනීමට ,නීතීඥවරුන්ට අසුන් ගැනීමට ස්ථාන වෙන් කර තිබුණා. නඩුවට පැමිණි අයට අසුන් ගැනීමට තිබුනේ ආසන පේළි දෙකක් පමණයි. සෙසු ජනතාවට රැඳී සිටීමට ටකරන් මඩුවක් තිබුනා. විනිශ්චය ආසනය ඉදිරියේම විත්ති කූඩුව පැවතියා.
බී 7417/10 දරණ ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව විභාග වන අවස්ථාව වන විට සාමාන්‍ය මිනිසුන් අසුන් ගැනීමට තිබෙන සියලූ ආසන වල ස්වාමීන් වහන්සේලා අසුන් ගෙන තිබුණා. මෙම නඩුවේ හෝ ඊට පසු කැඳවූ නඩුවේ මෙම ස්වාමීන්වහන්සේලා විත්තිකරුවෙකු ලෙස නම් කර සිටියේ නැහැ. මෙම නඩුව අවසන් වන විටම අසුන් ගෙන සිටි ස්වාමීන්වහන්සේ නමක් විනිශ්චයාසනය දෙසට පැමිණ සිට ගත්තා. මාසිටි අසුන හා ස්වාමීන්වහන්සේ අතර දුර අඩි 15 ක් පමණ ඇති. අනික් නඩුව පටන් ගන්නවාත් සමගම ‘‘රණවිරුවන් හිරේ දමා තිබෙනවා .කොටි එළියට දමා තිබෙනවා. මේ සුද්දාගේ නීතිය අපි පිළි ගන්නේ නැහැ.‘‘ ලෙස කියමින් දේශන ස්වරූපයෙන් එම ස්වාමීන්වහන්සේ ප්‍රකාශ කර සිටියා. අධිකරණයේ අවසරයකින් තොරව කිසිවකුට එලෙස කතා කරන්න බැහැ. මා එකවරම විශ්මයට පත් වුණා. මා අධිකරණයේ භාෂා පරිවර්තකට කතා කර කීවා අධිකරණයේ හැසිරිය යුතු ආකාරය දන්වන ලෙසට. එය පැවසුවත් එම ස්වාමීන්වහන්සේ එය නොතකා දිගින් දිගටම අදහස් දක්වමින් සිටියා.
එම ස්වාමීන්වහසේ අත්අඩංගුවට ගන්නා ලෙස නීතීඥවරුන් ප්‍රකාශ කලා. එහෙත් මා කලබලයට පත්වූයේ නැහැ. දිගු වේලාවක් තිස්සේ භික්ෂූන් වහන්සේලා පිරිසක් අධිකරණයේ අසුන් ගෙන තිබීම සහ එම අධිකරනයේ විශේෂ ආරක්ෂාවක් නොතිබූ නිසා මට සිතුනා එම ස්වාමීන්වහන්සේලා පූර්ව සැලසුමකින් පැමිණ සිටින බව . ඔවුන් අධිකරණයට බාධා කිරීමේ අරමුණෙන් පැමිණි බවත් හැඟී ගියා.
එම ප්‍රකාශය කරනවිට එම ස්වාමීන්වහන්සේ අධිකරණයට අභියෝග කරන ආකාරයෙන් කතා කළා. එය බැගෑපත් ඉල්ලීමක් නොව. එය නියෝගයක් ස්වරූපයෙන් කළ ප්‍රකාශයක් බව හැඟී ගියා . එක්නැලිගොඩ නඩුව අවසන්ව විනාඩියක්වත් ඉක්මයාමට පෙර මෙම ප්‍රකාශය පටන් ගත්තා. එම නඩුවේ සැකකරුවන් යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරීන් ලෙස කටයුතු කළ අයයි. රණවිරුවන් ලෙස එම ස්වාමීන් වහන්සේ අදහස් කළේ එම සැකකරුවන් බව මට හැඟී ගියා.
එවිටම රජයේ අධිනීතීඥවරයා සහ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට පැමිණියා.එවිට ස්වාමීන්වහන්සේ ගේ ස්වරය දැඩි වුනා.‘රජයේ නීතීඥවරුන්ගේ අදහස් අහන්න මට අවශ්‍ය නැහැ.ඔවුන් නීතිපතිගේ නපුංසකයින්‘ යැයි උන්වහන්සේ ප්‍රකාශ කළා. එම ප්‍රකාශයෙන් පසුව එම ස්වාමීන් වහන්සේ අනෙකුත් ස්වාමීන්වහන්සේලා සමඟ අධිකරණ ශාලාවෙන් ඉවත්ව ගියා.
මා ඉදිරියේ එලෙස හැසීරීමෙන් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ බලයට අභියෝග කිරීමෙන් සහ රජයේ නීතීඥවරයාට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කිරීමෙන් දඩුවම් ලැබිය යුතු වරදක් කළ බව හැඟී ගියා . ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ නීති ප්‍රකාරව මෙම ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට නියෝග කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේ මීට පෙර ජනාමාධ්‍ය මඟින් මා දැක තිඛෙනවා. එහෙත් එම ස්වාමීන්වහන්සේ හඳුනාගන්නා ලෙස මා අනෙක් නීතීඥවරුන් ගෙන් ඉල්ලීමක් කළා. එතැන සිටි නීතීඥ මහතෙකු වන උපාලි සේනාරත්න මහතා විසින් උන්වහන්සේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ලෙස හඳුන්වා දෙනු ලැබුවා.
ඒ වගේම එම ස්වාමීන්වහන්සේ මට හොඟින් හඳුනා ගත හැකියි. උන්වහන්සේ ශරීරය හොඳින් පවත්වා ගෙන යන ,කඩවසම් අයෙකු ලෙස හැඳින්විය හැකියි. මේවනවිටත් එම ස්වාමීන්වහන්සේ අධිකරණයේ පෙනී සිටිනවා.
මා හෝමාගම පොලීසියට කළ නියෝගය අනුව ජනවාරි 26 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා එම ස්වාමීන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එම ස්වාමීන්වහන්සේට ඇප දීම ප්‍රතික්ෂේප කළ මා සැකකාර හිමිනම පෙබරවාරි 09 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරන ලෙස නියෝග කළා. පෙර දිනක එක්නැලිගොඩ නඩුව අවසානයේ අගතියට සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට යම් වචන ප්‍රකාශ කිරීමේ සිද්දියක් සම්බන්ධයෙන් එදිනම මෙම ස්වාමීන්වහන්සේ තවත් නඩුවකට ඉදිරිපත් කරනු ලැබුවා.
මෙලෙස අධිකරණයේ කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධ 40042/16 දරණ නඩුවේදී මෙම ස්වාමීන්වහන්සේට මවිසින් ඇප නියම කරනු ලැබුවා.ඊට පෙර මෙම ස්වාමීන්වහන්සේ පෞද්ගලිකවම මා ඉදිරියෙහි පෙනී සිටියේ නැහැ. එසේම මට උන්වහන්සේ සමඟ කිසිදු අමනාපයක් නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරි පියවරක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105 (3) වගන්තිය යටතේ අධිකරණයට අපහාස කිරීමේ නඩු විමසීම සඳහා අභියාචනාධිකරණයට එය යොමු කිරීමට මා තීරණය කලා. එම ස්වාමීන් වහන්සේ කළ වරද ලඝු කළ නොහැකි බව මා තීරණය කළා. සමස්ත අධිකරණයට ගැරහීම ,අධිකරණයට බාධා කිරීම ,අධිකරනයේ කලහකාරී ලෙස හැසරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා.
පුද්ගලයෙක් ඈනුමක් අරියත් ,ජංගම දුරකථනයක් නාද වූනත් ,සිර දඩුවම් නියම කරන අපේ අධිකරණයක ස්වමීන්වහන්සේ මෙලෙස අධිකරණයට බාධා කරමින් ,අභියෝග කරමින් කලහකාරී ලෙස හැසිරීම සුළු වරදක් නොවන බව මා තීරණය කළා. ඒ අනුව මා මෙම කරුණ එවකට අභියාචනාධිකරණ සභාපති විජිත් මළල්ගොඩ විනිසුරුතුමා වෙත ලිඛිත කරුණු සහිතව ලිපියක් මඟින් යොමු කළා.‘‘ යැයි හෝමාගම හිටපු මහේස්ත්‍රාත් සහ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා කීවේය.
ඒ සමඟම පැමිණිල්ලේ සාක්කි විමසීම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් අවසන් කළේය.
මෙහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා ද මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු කළේය. එහිදී සාක්කිකාර මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.
‘‘මෙම නඩුව මාධ්‍යවේදී ප්රගීත් එක්නැලිගොඩ නැමැත්තෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධව පැවතුණා. ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියෙකු බව පොලීසිය මඟින් ඉදිරිපත් කළ බී වාර්තාවේ සඳහන් වූවා. 2016 ජනවාරි 25 දින විත්තිකාර හිමියන් ගේ හැසිරීම සම්බන්ධයෙන් සඳහන් කරමින් අභියාචනාධිකරණය සභාපති විනිසුරුතුමා වෙත ලිපියක් පසුව යොමු කළා. එම ලිපියේ සහ අදාළ සිදුවීම සිදුවූ දින අධිකරණ වාර්තාව අතර යම් යම් වෙනස්කම් තිබිය හැකියි. එවැනි ලිපියක් එවීම සිදු කළේ නැති නම් මෙවැනි අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් සිදු වන්නේ නැහැ.
එදින ස්වාමීන්වහන්සේ අධිකරණ ශාලාව තුළ බොහෝ දේ කිව්වා. ඒ අවස්ථාවේදී එම ප්‍රකාශ ලඝු ලේඛිකාවක් විසින් සටහන් කර ගත්තේ නැහැ. මගේ මතකයේ තිබූ කරුණු කිහිපයක් පමණයි එහි සටහන් කර ඇත්තේ. මේ සිද්ධිය සම්බන්ධ දිවුරුම් ප්‍රකාශ 12 ක් ලබා දී තිබෙනවා. අදාළ සිදුවීම වන විට අධිකරණ ශාලවේ රැඳී සිටි නීතීඥවරුන් ඒ වන විට ප්‍රකාශ කලා මෙම ස්වාමීන්වහන්සේ අත්අඩංගුවට ගන්නා ලෙස‘‘ යැයිද දිසානායක මහතා එම හරස් ප්‍රශ්න විමසීමේදී කියා සිටියේය.
මේ නඩුවේ සාක්කි විභාගය හෙටට (19) කල් තැබිණි.