This is interesting 5

4 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Jan 25, 2026, 4:10:14 AMJan 25
to INDRAKA group
දිල්ලි සිට නිව්යෝර්ක් දක්වා පියාසර කිරීමට ගුවන්ගත වූ යානයේ මගීන් 400ක් සිටි අතර ඔවුන් සඳහා ආහාර 200ක් පටවා තිබුණි ( වැරදීමකින් ) 

එය සොයාගනු ලැබුවේ යානය ගුවන්ගත වීමෙන් පසුව, ගුවන් සේවිකාවන් ආහාර ලබාදීම සඳහා සූදානම් වීම ආරම්භ කළවිටයි, 
කෙසේ වෙතත් එක දක්ෂ ගුවන් සේවිකාවකට අදහසක් පහළ වුණි.
[ස්ථානෝචිත ප්‍රඥාව]
ගුවන් ගමනට පැය කිහිපයකට පසු ඇය කලබලයෙන් මෙසේ නිවේදනය කරන්නට විය, 'නෝනාවරුනි මහත්වරුනි;  කරුණාවෙන් සවන්දෙන්න! මෙය සිදු වූයේ කෙසේදැයි අපි නොදනිමු, අපට ගුවන් යානයේ මගීන් 400 කට වැඩි පිරිසක් ඇත, නමුත් රාත්‍රී භෝජන සංග්‍රහ සඳහා කෑම 200 ක් පමණයි අප සතුව ඇත්තේ, 😇
තම ආහාර වේල වෙනත් ගුවන් මගියෙකුට ලබා දීමට තරම් කාරුණික වන ඕනෑම ගුවන් මගියෙකුට ගුවන් ගමනාන්තය  දක්වාම අසීමිතව නොමිලේ මත්පැන් ලැබාදීමට අපි තීරණය කළෙමු! Thank you

 ඇයගේ ඊළඟ නිවේදනය පැමිණියේ පැය හයකට පසුවය.

 'නෝනාවරුනි, මහත්වරුනි, යමෙකුට ඔවුන්ගේ අදහස වෙනස් කිරීමට අවශ්‍ය නම්, අපට තවමත් රාත්‍රී භෝජන සංග්‍රහ 180 ක් ඉතිරිව ඇත.

ඒ සුන්ඳර ගුවන් ගමනේදී රාත්‍රී භොජන සංග්‍රහය බුක්තිවිඳ ඇත්තේ ගුවන් මගීන් 20දෙනෙකු පමණී.

 කතාවේ හරය : බීමට කැමති මිනිසුන්ට ඉතා කරුණාවන්ත හදවත් ඇත. 

Arthur Arambepola

unread,
Jan 25, 2026, 7:39:25 PMJan 25
to ind...@googlegroups.com
මේක විහිළුවක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම දත්ත ප්‍රමාණය සීමිත වෙනකොට අප වඩාත් ප්‍රියකරන නිගමනයට එන එක ගැන (bias) ගැන හොඳ උදාහරණයක් හැටියට ගන්නත් පුළුවන්. ප්‍රායෝගිකවනම් සිද්ධ වෙන්නෙ අපි කැමති නිගමනයට එන්න බාධාවක් වෙල තියෙන දත්ත අමතක කරන එක නැත්තං යට ගහන එක.

Dharmapala Gunawardena

unread,
Jan 28, 2026, 7:24:37 PMJan 28
to indraka
මේ කතාව විහිලුවක් නොවේ මුලු ලෝකෙම ඔහොමයි 

On Mon, 26 Jan 2026, 1:39 pm Arthur Arambepola, <arthur.a...@gmail.com> wrote:
මේක විහිළුවක් විදිහට ගන්නත් පුළුවන්. ඒ වගේම දත්ත ප්‍රමාණය සීමිත වෙනකොට අප වඩාත් ප්‍රියකරන නිගමනයට එන එක ගැන (bias) ගැන හොඳ උදාහරණයක් හැටියට ගන්නත් පුළුවන්. ප්‍රායෝගිකවනම් සිද්ධ වෙන්නෙ අපි කැමති නිගමනයට එන්න බාධාවක් වෙල තියෙන දත්ත අමතක කරන එක නැත්තං යට ගහන එක.

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion visit https://groups.google.com/d/msgid/indraka/CAD2E_QJYjxEhue%3DXBAmuY6WL1eywZAFqFwtvqR1aBASUXg4tOg%40mail.gmail.com.

Arthur Arambepola

unread,
Jan 30, 2026, 8:59:46 PMJan 30
to ind...@googlegroups.com
දැනට ජීවතුන් අතර නැති මාගේ මිත්‍රයෙක් දිනක මෙවන් කථාවක් මා හට කීවා.

ඔහු හා වැඩකළ පුද්ගළයෙක් දිනක් යම් හේතුවක් නිසා සිහිසුන්ව වැටුනා. වැටුනු පුද්ගළයාගේ හදවතට අත තබා හෝ කණ තබා බලා අවට සිටි අය මොහු මිය ගොස් ඇති බව තීරණය කළා. නුමුත් වාසනාවකට මෙන් මොහුගේ සාක්කුවේ තිබුණු කාඩ් පතක් අන් අයට හමු වුනා. එහි සඳහන් වෙලා තිබුණා මොහුගේ හදවත ඇත්තේ සිරුරේ දකුණු පැත්තේ කියා. පපුවේ දකුණු පස පරීක්ෂා කිරීමේදී ඒ අයට තේරුනා හදවත තවමත් ක්‍රියාකරන බව. විගස ඔහු රෝහලකට රැගෙන ගොස් ජීවිතේ බේරාගත්ත.

මේ කථාව කියූ මගේ මිතුරා අන් අයගේ වින්දනය පිණිස කථා ගොතා කීමට හෝ අතිශයෝක්තියෙන් කීමට අති දක්ෂ පුද්ගලයෙක්. ඒ නිසා මා සිතුවේ මෙය ඔහු විසින් ගෙතූ පට්ටපල් බොරුවක් බවයි.

ඊයේ දින (2026 ජනවාරි 30) දින Catherine O'Hara නම් වූ 71 ව්යැති කැනේඩියානු හා අමෙරිකානු නිලියක් මිය ගියා. ඈ ගැන සොයාබැලීමට උනන්දුවක් ඇතිවුනේ Home Alone කියන චිත්‍රපටයේ ඈ රඟපා ඇති නිසයි. මට මේ චිත්‍රපටය බැලූ බවට මතකක් නම් නැහැ. නමුත් මෙය ප්‍රසිද්ධ ළමා චිත්‍රපටයක් බවට මතකයේ තිබුණා.

මේ නිලියට situs inversus නම් තත්වයක් තිබුණු බව කියැවෙනවා. එනම් සිරුරේ ඉන්ද්‍රීයන් සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙන් නොව mirror image හැටියට තිබීමයි. ලොව ජනගහනයෙන් 0.01% ට පමණ මේ තත්වය තිබෙන බව කියැවෙනවා. මේ පුද්ගලයන්ගේ හදවත කියෙන්නෙ පපුවේ දකුණු පැත්තේ.

මගේ මිත්‍රයා කියූ කථාව තනිකරම ප්‍රබන්ධයක් හෝ අතිශයෝක්තියෙන් කියන ලද්දක් වෙන්න පුඵවන්. නුමුත් මෙහෙම මිනිසුන් සිටින බව බොරුවක් නොවේ.

Nihal Ananda

unread,
Feb 2, 2026, 8:56:22 AMFeb 2
to ind...@googlegroups.com
මේක විහිළුවක් ම නොමෙයි .....
ප්‍රයෝගිකව සිද්ධ වෙන ,දත්ත අමතක කරන, යට ගාහන ජාතියට.... උදාහරණයකුත් නොවෙයි .
"බොන්න කැමති මිනිස්සු ' ...... කියවන්න, තලු මරන්න, වර නගමින් කියන්න  ආස කතාවක් , 
මට පෙන්නේ , එච්චරයි ! 
.

Nihal Ananda

unread,
Feb 2, 2026, 8:59:22 AMFeb 2
to ind...@googlegroups.com
Home  Alone ...... බලා තිබෙන බවක් මතකයි .  
මේක ළමා චිත්රපටියක් ද ? 
මට මතක family entertainment ජාතියේ එකක් බවයි .  
නත්තල් සමයේ repeatedly  බලන එකක් ලෙස ප්‍රසිද්ධ බවයි .  

Kirthi Walgama

unread,
Feb 3, 2026, 8:57:34 AMFeb 3
to ind...@googlegroups.com
I think it is a family entertainment kind of movie. 

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.

Arthur Arambepola

unread,
Feb 3, 2026, 7:58:12 PMFeb 3
to ind...@googlegroups.com
 Home Alone - චිත්‍රපට වර්ගීකරණය ගැන එච්චර සිතුවෙ නැහැ (ළමයෙක් ප්‍රධාන චරිතයක් රඟපාන විනෝදාත්මක චිත්‍රපටියක් බව පෙනුන නිසා ළමා චිත්‍රපටියක් කියල හිතුවෙ). ඒක සඳහන් කළේ Catherine O'Hara ගැන කියන්න. Catherine O'Hara ගැන කිව්වෙ ජීව විද්‍යාත්මකව වෙනස් මිනිස්සුන් ගැන උදාහරණයක් ගන්න. (හොඳ වෙලාවට මේ වෙනස මතුපිටින් හෝ ක්‍රියාකාරකම් වලදි පෙනෙන්නෙ නෑ. එහෙම වුනානම් ඔවුන් කොන්කරල අපහාසයට, උපහාසයට ලක්වෙන්නත් තිබුණ.අතීතයේදී නම් අමනුස්සයො කියල හිතල මරණයට පත්කරන්නත් ඉඩ තිබුණ. witch hunt)

බොන මිනිස්සු ගැන කථාව - බොන මිනිස්සුන්ගෙ වාසියට කියන කථා තවත් ඇති. (උදාහරණයක් - අමද්‍යප ව්‍යාපාර රැස්වීමෙදි බොන මිනිස්සුන්ගෙ බඩේ පණුවො නැති බවට කුඩා ළමයෙක් කියූ කථාව) මේවා තළු මර මර කියන්න පුළුවන් වෙන්නෙ පිළිගත් අර්ථකථනයට වෙනස් අර්ථකථනයක් දෙන්න පුළුවන් නිසා. කථාවට සීමාකරල තාර්කිකව බැලුවොත් ඒ අර්ථකථන වල වැරැද්දකුත් නෑ.

බොන අය පැත්තක තියල වෙන උදාහරණයක් ගත්තොත්
ගුරුවරියක් පන්තියෙදි කිවුවලු "උදෙන්ම නැගිටින කුරුල්ලා වැඩියෙන් පණුවො අල්ලයි කියල කියමනක් තියෙනව. මේකෙන් අපිට ගන්න තියෙන ආදර්ශය මොකක්ද?" කියල. (මේක "The early bird gets the worm" කියන ඉංග්‍රීසි කියමනේ සිංහල පරිවර්තනයක් වෙන්න ඇති.)
පැහැදිළිවම මේක ළමුන්ට උදේම නැගිටින්න උනන්දු කරවිල්ලක් නෙ.
එක පොඩි එකෙක් (සාමාන්‍ය ව්‍යවහාරයේදී මේ වගේ පොඩි එවුන්ට කියන්නෙ "ඇම්ඩන්" ල කියලනෙ) නැගිටල කිවුවලු "උදෙන්ම නැගිටින එක කුරුල්ලන්ට හොඳ වුනාට අපි වගේ පණුවන්ට අගුණයි" කියල.

Arthur Arambepola

unread,
Feb 14, 2026, 7:33:59 PM (11 days ago) Feb 14
to ind...@googlegroups.com
පූසොන්ටත්_ගිය_කලක්.pdf

Arthur Arambepola

unread,
Feb 18, 2026, 8:09:12 PM (7 days ago) Feb 18
to ind...@googlegroups.com
සාහිත්‍යය, පෞද්ගලික තොරතුරු හා දේශපාලනය එකට ගැටගැසුනාම වෙන ඇබැද්දි. (ටිකක් පරණ කථාවක් නැවත මතුවෙනව)
Patient_sues_Algerian_author_over_claims_he_used_her_in_novel.pdf

Arthur Arambepola

unread,
Feb 21, 2026, 8:19:05 PM (4 days ago) Feb 21
to ind...@googlegroups.com
Greece_Rallies_to_Obtain_Rare_1944_Photos_of_200_Political_Prisoners_Executed_by_Nazis.pdf
Reply all
Reply to author
Forward
0 new messages