එක කුඩයක් යට ගෑවි නොගෑවී - වික්ටර් රත්නායක

46 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 9:41:45 PM2/15/14
to ind...@googlegroups.com

 

එක කුඩයක් යට . . . ගෑවි නොගෑවී . . .

දවසක් හැන්දෑවේ . . .

මතකද ඔබ . . මා . . පියවර මැන්නා . . .

පිනිමල් වරුසාවේ . . .

 

කිසිවකු සමඟින් එකට තුරුළු වී . . .

ඉර බැස යන වේලේ . . .

ඔබ යනු දුටුවිට . . . මතකය රිදවයි . . .

අපෙ ඉස්සර කාලේ . . .

 

මඳ අව් රස්නෙට වුව සෙවනක් ඇත . . .

ඔබ හට අද දවසේ . . .

වැස්සට අව්වට තනිව මුහුණ දෙමි . . .

මගේ මහිම එලෙසේ . . .

 

 - වික්ටර් රත්නායක

- දෙල්තොට චන්ද්‍රපාල

- ස්ටැන්ලි පීරිස්

 http://www.youtube.com/watch?v=93M0qQPxWAI

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 9:52:55 PM2/15/14
to ind...@googlegroups.com
සූරිය දෙනුවන් පුබුදින අලුයම
නිදිකුම්බා වැල නිදිගන්වා
පෙරදා අප දුටු සිහින නෙළන්නට
එන්න දේවිකා පියා සලා...

මිහිදුම් සළුවෙන් දෑස මුවා කොට
පිනි කඳුළැල් මඟ දිග රන්දා
සැමරුම් විජිතය සොයා ඉගිල යමු
එන්න දේවිකා සිනා සලා...

නිදිකුම්බා වැල දෑස හරින තුරු
අතීත හෙවණැළි ළඟට වෙලා
අපේම ආදර ලොවක හිනා වෙමු
හද ජීවිතයෙන් ඈත් වෙලා...

ගායනය - වික්ටර් රත්නායක
පද රචනය - මහින්ද අල්ගම
සංගීතය - සරත් දසනායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 9:56:41 PM2/15/14
to ind...@googlegroups.com

රන් දේදුන්නක් දිග හැර පෙම් මල් 

මාවතක් මවලා

මල් හී දුනු ගත් කුමර කුමරියන් 

මාවතේ පිරිලා

 

වළා යහනේ උදා පවනේ

යොවුන් මල් පිපුණා

මතක සයුරේ සිහින අතරේ

තරඟ වැල් නැගුණා

 

සිනා දෙතොලේ කඳුළු දෑසේ

වචන දැන හඳුනා

තක්සලාවේ කියූ පාඩම 

යළිදු සිත ඇඳුනා

  

-බඹා කෙටූ හැටි චිත්‍රපටියෙන්

ගායනය - වික්ටර් රත්නායක 

පද: ධර්මසිරි ගමගේ

තනුව: නන්දා මාලිනී

http://www.youtube.com/watch?v=pWAutEzCHDQ

 

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:00:39 PM2/15/14
to ind...@googlegroups.com

මා තනි කුටියේ මගේම මනසේ

ඇගේ සුවඳ බිඳු තවරා ඈතක

නො එනා ගමන් ගියා දෝ

සුළං රොදේ...සුළං රොදේ...

 

ළමා වියේ සිට ළසෝ තැවුල් විඳ

දුක් ගිනි පීඩා හිසින් දරාගෙන

සිතේ වියෝ ගිනි කතරක් වූ සඳ

ඔබත් නොයනු මැන මා හැරදා

සුළං රොදේ...සුළං රොදේ...

 

ඇගේ මගේ දුක් ප්‍රේම විරහ ගී

අනන්තයේ කඳු අතරේ සඟවා

මගෙන් වියෝවූ ඇගේ ලෝකයට

ඔබත් නොයනු මැන මා හැරදා...

සුළං රොදේ...සුළං රොදේ...

 

 - වික්ටර් රත්නායක

- උපාලි ධනවල විතාන

- සරත් දසනායක

http://www.youtube.com/watch?v=v0WovACEI8w



Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:05:19 PM2/15/14
to ind...@googlegroups.com

පාවෙලා හෙමින් ඇවිත් ඉන්න මා ළඟින්....

සීත රෑ වළාකුළේ ඉන්න මා ළඟින්....

මා පියන් සොහෝයුරන් දුරු කතර ගිහින්....

ප්‍රේමයේ පැතුම් මලක් පරවෙලා ගිහින්...

 

විරහ ගීතයක් ගයන්න

තනුව මට දියන්

මා පැතූ ඔබේ නුවන්

සිහිල පා කරන්

 

විරහ ගීතයක් ගයන්න

තනුව මට කියන්

මා දමා මගේ ළඟින්

හැංගිලා නොයන්

 

ගේය පද - බුද්ධදාස ගලප්පත්ති 
සංගීතය - සෝමපාල රත්නායක 
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී

http://www.youtube.com/watch?v=nYg9FUFN5Tk


Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:24:50 PM2/15/14
to ind...@googlegroups.com
විකසිත තරු රෑනේ...
එපා මවන්නට ඉතින් ඇගේ රුව..
මුකුලිත මල් ළඳුනේ....
එපා අසන්නට ඉතින් ඇගේ වත..
ඈ නැත මගේ ලොවේ.......

එකම සිතක් ලෙස සිත් දෙක හඳුනා
එකම පැතුම වී දෙසිතම පිපුණා
හෙටත් උදෑසන කුරුල්ලනේ තොප
ඈ මා එන මඟ බලා හිඳිනවද.....
ඈ නැත මගේ ලොවේ.......

අටවක පෝයට පන්සල වැඳලා..
කන්දෙ විහාරේ දෙවියන් පුදලා..
පහන් දල්වලා දෑතම සිපගෙන
දිවුරා කීවත් පලා නොයන වග...
ඈ නැත මගේ ලොවේ.......

-උපාලි ධනවලවිතාන
-එච්. එම්. ජයවර්ධන
-වික්ටර් රත්නායක 

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:29:58 PM2/15/14
to ind...@googlegroups.com
ලමන්දුනේ.... ලමන්දුනේ.... 
මා හද ගැහෙනා රිද්මය ඔබගෙයි ලමන්දුනේ ...

ඔබගේ ඇකයෙන් සමුගත් මොහොතින් 
මුළු ලොව ඔබ යැයි හඳුනා ගත්තෙමි 
ලමන්දුනේ...ලමන්දුනේ.....

ඔබේ දයාවෙන් ලෝකය පිරිමැද 
ඒ ලොව කඳුළට මමද මුහුන් වෙමි 
ලමන්දුනේ.....ලමන්දුනේ......

ගේය පද - මහින්ද අල්ගම 
සංගීතය - ආචාර්ය වික්ටර් රත්නායක 
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක ඇතුළු පිරිස

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:31:38 PM2/15/14
to ind...@googlegroups.com
ඇර තබන්න කවුළුව මගෙ කුටියේ 
මා මියයන මොහොතේ 
සඟවා පොදි බැඳ නෑ කිසිවක් 
ඇස දල්වා බලන්න 
මා ළඟ ඇත්තේ මිනිස්කම පමණයි....

එකම පන්තියේ එකට උගත් අය 
ගේ දොර යානා හා හිනැහෙන සඳ 
හතර රියන පමණකි මා උරුමය 
එනමුදු හදවත මහා විශ්මයකි.... 

දූ දරුවන් නැති මුත් මට මෙලොවේ 
හැම පුතෙකුට දුවකට පිය වූයෙමි 
මැරෙන්න බිය නැති මා සයනය වට 
ඒ දූ දරු සෙනෙහස දළුලනු ඇත 


ගේය පද - මහින්ද අල්ගම 
ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:36:05 PM2/15/14
to ind...@googlegroups.com
නිය පෙළ සිඳලයි දෑත පාන්නේ
තුරුළට ගන්නට ආදරයෙන්
දැලිපත සිඳලයි කොපුල පාන්නේ
මුව සිප ගන්නට ආදරයෙන්

මව් නැති යාමේ මා උර මඬලේ
දෙතොල් හොවයි කිරි සුවඳ සොයා
දහදිය සුවඳක් දැණුනි ද පුතුනේ
දෙරණට මුහුවන නුඹ වෙනුවෙන්

නිදි නැති යාමේ මා ළය තුරුලේ
කැලුම් ගෙනෙයි මුදු සිනහ පපා
උණුසුම් සුසුමක් දැණුනි ද පුතුනේ
පවනට මුහුවන නුඹ වෙනුවෙන්

ගේය පද -සිසිර දිසානායක 
සංගීතය - ජයන්ත රත්නායක
තනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:37:43 PM2/15/14
to ind...@googlegroups.com
සායම් පෙඟූ ලවන් පුරා 
ආරාධනා ඡායාවෝ 
දඟකාරියේ ආශා මවයි 
මායම් නෙතේ රූ සිනා

දම් පාට මල් සාය දැවටී ඉඟේ 
ඔබ පා නඟා යද්දි කරනා දඟේ 
චංචලේ උකුල් තලේ කලඹයි සිතුම් මගේ

සබකෝල සුවිනීත සීතාවියන් 
නොදනීවි බිඟු ලොල් සරාගී හැඟුම්
ජීවිතේ සැබෑ ලොවේ 
ඉඳුරන් බලා හිඳී

ගේය පද - ආචාර්ය අජන්තා රණසිංහ 

තනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:40:26 PM2/15/14
to ind...@googlegroups.com
අන්න බලන් වෑ කන්ද මතින් 
කිරි ගඟක් ගලාගෙන එයි 
රස තරඟ නැගී රඟ දෙයි 
සඳේ රිදී කැන් වැදී හදේ 
පෙම් ගඟක් ගලාගෙන එයි
රස තරඟ නැගී රඟ දෙයි .....

සුදෝ සුදෝසුදු සඳෙත් කැළැල් නොවැ 
සඳවතියේ ඒ ඇයි
සඳේ පහන් විඳ විඳත් ලපේ ගැන 
කතා කරන්නේ ඇයි..... පෙම්බරයෝ 

ලොවේ මහා ගුණ නදී දියෙන් 
දන කසළ දකින්නේ ඇයි 
නදී දියෙන් යට මැණික් නගා ගතහොතින් 
තැතින් වැඩ වෙයි.... පෙම්බරයෝ 

අපේ දෙනෙත් ඔවුනොවුන් වතේ 
මේ තරම් ඇලෙන්නේ ඇයි 
වහා දෙදෙන එක් අතක් බලමු 
රන් පියුමේ හිරු නැඟ එයි.... පෙම්බරයෝ 

ගේය පද - අරිසෙන් අහුබුදු 
ගායනය - වික්ටර් රත්නායක සමඟ නිරංජලා සරෝජිනී

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:42:12 PM2/15/14
to ind...@googlegroups.com
සොඳුරු වත මිලින කිම අද කියන් කාරණා 
පෙම්බරිය මමයි නුඹෙ හද දිනූ පෙම්බරා 
ඉසුරුමුණි ගලම කඳුළින් තෙමී නැහැවෙනා 
කාරණා කියන් නුඹෙ හද දවා පාරනා...

අඳුරු බිම ගලන දොම්නස හදේ මෝරනා 
පෙම්බරිය මමයි නුඹෙ හද පෙමට යාවෙනා... 

පෙම්බරාණනේ කොයිවෙද වින්ද සිසිලස
දුටුවෙ නෑ වසර ගණන් උදා හිරුත් පිපෙනු අහසින...

එපා පෙළන්නට මා හද මා ප්‍රියේ කිසිත් නොදනිම්
උයන් තුරු පහස උදුරා මේ සිපිරිගෙයට ලූ පව....

කියන්නේ කෙසේ පිළිතුරු කඳුළු කාරණා
රන්මසු උයන් වැව් තෙර උපන් ප්‍රේමය මුදා දෙන්නෙ කෙදිනදෝ....

සුපෙම්බරාණනි කෙදිනද විඳින්නේ වනේ අසිරිය
පුර දනෝ සරණ මේ ඉම පෙම් දෙලෙන් බැඳෙනු කෙලෙසින...

ගේය පද - යසනාත් ධම්මික බණ්ඩාර 
සංගීතය - නවරත්න ගමගේ
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක සමග නිර්මලා රණතුංග

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:44:49 PM2/15/14
to ind...@googlegroups.com
හිමිකාරි ඔබයි මගෙ ජීවිතයේ
ජීවිතය මට නොදුන්නූ
හිමිකාරි ඔබයි මගෙ ජීවිතයේ
ආදරය මට නොපෙන්වූ... 

සිත හඬා වැටෙන දුක්බර මොහොතේ
සඳ පිපී සැඟවිලා ගියෙ කොතැනේ
ඔබ මගෙන් ඈත් වී ගිය මොහොතේ
දුක දරාගන්න හැකිවෙද කෙලෙසේ..

තරු කඩා වැටුණු කළුවර අහසේ
ඔබ තනි තරුවයි පිපි හද මඬලේ
මල් පිපී පරව ගිය මල් උයනේ
ඔබ සුවඳ මලයි මගෙ හද උයනේ..

ගේය පද -- බුද්ධදාස ගලප්පත්ති

තනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:46:31 PM2/15/14
to ind...@googlegroups.com
පසුකර ආ අතීතයට 
ආපසු යන ගමනේ
අමතක කළ නුඹේ දෙනුවන් තුළින් 
අතීතය දුටිම්.... 

නීල නුවන් පොපියා 
මා දෙනුවන් දෙස බලන් 
කැඩපත් වන් මගේ දෙනයන ඇඳි 
අතීතය බලන්..... 

සීත කඳුළු ඔය දෑසින් 
මතුවී එන ගමනේ 
මුසපත් කළ ඇස අඩවන් කර 
අතීතය වසන්.....
ආ..........

ගේය පද - ආචාර්ය ගාමිණී ෆොන්සේකා 

තනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:52:32 PM2/15/14
to ind...@googlegroups.com
ප්‍රේම වසන්තයේ මාල ගිරා දේවී 
ඈත දිගන්තයේ හෙමින් ඉගිළ යාවී 
නුඹේ නමින් ගී ගයා වලා රොදක පා වෙලා 
ප්‍රේමයෙන් ළඟින් හිඳින්න ආවේ..... 

ඔබ මා තුරුලේ මඳහාසෙ පාලා 
වන මල් යහනේ තුරු සෙවනේ 
උණුසුම් සුව වෑහෙන දෙතොලේ 
ගීයක් වන්නෙමි මම සබඳේ...... 

රෑ තරු වියනේ හඳ පාන වාගේ 
තනි වී හිඳිනා විට යහනේ 
කඳුළැල් වැටෙනා සඳ දෙනෙතේ 
සුසුමක් වන්නෙමි මම නිබඳේ...... 

ගේය පද - ගීතනාත් කුඩලිගම 

තනු නිර්මාණය සහ ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 10:55:53 PM2/15/14
to ind...@googlegroups.com
රෑ ස‍ඳේ මා සොයා මේ මාවතේ
අදින් පසු යළි එපා එන්නට
ඔබෙන් සමු ගන්නම්
රෑ ස‍ඳේ මා සොයා... 

එදා සඳ හිරු හා බැඳී
සැඳෑ තරු අතරේ රැඳී
මගේ සුසුමින් දැවී ගිය මා
ඇගේ කඳුළින් යළි උපන්නෙමි

ඇගේ සුවඳින් මා මුදා
මගේ සෙවණින් ඈ සදා
කෙසේ කවදා වියෝ වූයෙද
කියා දන්නෙත් ඔබම පමණයි

ගේය පද - කුමාරදාස සපුතන්ත්‍රි 
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ 
ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:00:20 PM2/15/14
to ind...@googlegroups.com
වක්කඩ ළඟ බැද්ද ඉමේ ඉද්ද ගැසී බලා හිඳී
ගමේ ගැටවු නුඹ යන මඟ කඩ පිළ ළඟ බලා හිඳී
කට කොනකින් වත් එපා හිනා නගන්න
නෙත කොනකින් වත් එපා බැලුම් හෙලන්න...

මල්ගෝමර සිහින් බඳේ සුළඟ දකී ටිකිරි නගේ
මුතු දත් පෙල පුරා නටන කොමළ හිනා බිංදු බිංදු
අනේ කොහෙද නුඹේ රුවට මං දැක නැහැ ගමේ ළන්දු

වත පියුමේ රුවට ළඳේ හඳපානත් වියරු වැටේ
ගොම්මන් කළුවර යාමේ තනි මඟ නොම යන් නිරතුරු
ඔය ලස්සන වසා ගනිං දීගෙක යන දා එන තුරු

පද රචනය - උපාලි ධනවනවිතාන

සංගීතය - සරත් දසනායක
ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:24:24 PM2/15/14
to ind...@googlegroups.com
තාත්තෙ අද සංගීත පංතියේ
රාග තාල හරි ආස හිතුන මට
සර්පිනාව ගහලා 
කියමුකො අපි දෙන්නා

හේනේ කුඹුරේ වයස ගියා මිස 
අකුරු කළේ නෑනෙ පුතේ
ඉහල ගමේ මාස්ටර්නෙ මට
සර්පිනාව කියලා දුන්නේ
ඔය රාග තාල නම් දන්නෙම නෑ මං

ඔය අපූරුවට ගැයුවේ 
හරි අපූරුවට වැයුවේ
ඕව තමයි රාග තාල
සංගීතෙට ඉගෙන ගන්න අපි
ඉස්කෝලේ  සංගීත පංතියේ

ඉගෙන ගන්න හැටි කොහොම උනත් අපි
වයන්නෙ මේ සත්සරනෙ පුතේ
ගයන්නෙ මේ සත්සරනෙ පුතේ

සංගීතය කොයි කාටත් මිහිරියි
ශිල්ප දැනං ගැයුවොතින් පුතේ

තාත්ත දුන් අවවාද රකින්නම්
ගයමු වයමු අපි එකතු වෙලා දැං


Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:29:07 PM2/15/14
to ind...@googlegroups.com
සිඟිති තොලින් මා ඔබෙන් ඉරූ කිරි 
ආදරයේ සුවඳයි අම්මා...... 

හද සීත ගඟුලින් මතු වී 
මෙත් කරුණා මුදිතා ගංඟා 
තෙමා තෙමා ලොව අමා නමාලන 
මිනිස් බිමේ සමනොළ කන්දයි අම්මා....... 

ඔබ ශාන්තිවාදී ගුණයේ 
දරු සෙනෙහේ මහ අනුහසිනේ 
දුකඳුර මිහිරක් විලසින් ඉවසන 
මිනිස් බිමේ සමනොළ කන්දයි අම්මා....... 

පද රචනය - අරිසෙන් අහුබුදු 
 සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක 
මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ " වජිරා "චිත්‍රපටියෙන්.....

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:31:29 PM2/15/14
to ind...@googlegroups.com
සීතල දිය තලාවේ දුරුතු මහේ 
හීතල හිම පිපෙන සැඳෑවේ 
ඔබයි මමයි සඳයි රැයයි තනිවෙලා..... 

මීදුම් සළු ඇඟ දැවටෙන කඳුකර මිටියාවතේ 
පෙම් උණුසුම් පොරෝනයෙන් 
වෙලන්න මගෙ ජීවිතේ..... 

සොඳුරු නිමල නිහඬ ලොවේ 
ප්‍රේම රාජධානියේ 
ඔබයි මමයි ළඟින් ඇසේ පිළිරැව් පෙම් ගීතයේ.... 

ගේය පද - අජන්තා රණසිංහ 
සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක 
ගායන සහාය - නිරංජලා සරෝජිනී

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:35:51 PM2/15/14
to ind...@googlegroups.com
රිය පෙරහැරකින් මංඟල ගමනින්
පිටගම් ගිය ළඳුනේ
තාමත් ඔබ ප්‍රිය මනාප හදවත
සිහිනෙන් වත් අමනාප නොවේ...

ඕවිට අද්දර බෑවුම් කන්දේ
ළඳු අයිනේ තිබු පුංචි පැලේ
ඒ මල පිපුනේ මටම නොවේදෝ
දොවියනි ඇයි ඔබ සාප කලේ...

ළිහිණි ගිරා කැළ සිංදු අහන්නට
පෙරසේ එනවා කන්ද දිගේ
ගම හැර ගිය දා හෙලූ කඳුළු දැක
තාමත් සඳ නෑ ගමට මගේ...

පද රචනය - උපාලි ධනවලවිතාන

සංගීතය  - සරත් දසනායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:45:54 PM2/15/14
to ind...@googlegroups.com
නුරා රොන් බරින් පියවුන
ඇගේ සොඳුරු ඉඳුවර ඇස්
ලොවේ කාටවත් කවරදාකවත්
මිහිරි නොවේවා...

මහද සේ සැලී පොපියන
ඈ දොතොල් නුරා උල්පත
ලොවේ අනෙකෙකුට කිසිදා
මිහිරි නොවේවා...

ජීවිතේ නිවා සනහන
ඈ සෙනේ දයා දියපොද
ලොවේ අනෙකෙකුට කිසිදා
සිහිල් නොවේවා...

පද රචනය - ජගත් ගාමිණී මාවතගම

සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:52:38 PM2/15/14
to ind...@googlegroups.com
කදුළු මල් පිපුන දා
හදවතින් ගලා ආ
සෙනෙහසින් වියරු වූ
ජිවිතය නැවතිලා...

කලක් පපුවේ රැදී
ආත්මය උමතු වී
නිමක් නැති ප්‍රේමයේ
සොහොන් කොත පාමුලේ
පරාජිත වී හැඩූ...

වෛරයක් නෑ හිතේ
ආදරේ නාමයෙන්
මතුව ඉපැදෙන භවේ
මෙහෙම දුක් නොවේවා
නිවන් දකිනා තුරා...

පද රචනය - ශාන්ත දේශබන්දු
සංගීතය - ඩී.ඩී. ගුණසේන


Nissanka Rajapaksa

unread,
Feb 15, 2014, 11:55:51 PM2/15/14
to ind...@googlegroups.com
කාගේ සිනා දෝ 
කාගේ හසරැළි දෝ...
අද මා දෙනුවන් අදහන්නේ...//

කඳුළේ කතාවෙන් අප වෙන් වූ වෙලාවේ
තුන් තිස් පැය හැඬුවා...
දෑසේ විඩාවෙන් වැළපුන මොහොතේ
ඈ නෑ මා පැතුයේ...

කවදා කොහේ හෝ යළි හමුවේදැයි ඈ
හද නිරතුරු ඇසුවා...
මා හා අතීතෙන් පැන ගිය දවසේ
මා නෑ ඈ සෙව්වේ...


පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය: වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 16, 2014, 12:02:06 AM2/16/14
to ind...@googlegroups.com
ජීවිතේ මුළු ජීවිතේ මා නෙතින් දුටු ආදරේ 
ඔබේ නේත්‍ර වේ මා නෙතින් දුටු ආදරේ ඔබේ නේත්‍ර වේ..... 
රත්තරන් ප්‍රියංගා මා ඔබගේ දෑසේහී 
පෙම් කඳුළක් වේවා ප්‍රියේ 

රෑ දිවා හැඟුමින් ළයේ පැතූ ප්‍රාර්ථනා 
රෑ දිවා හැඟුමින් ළයේ පැතූ ප්‍රාර්ථනා 
රත්තරන් ප්‍රියංගා මා ඔබගේ දෑසේහී 
දුක් කඳුළක් වේවා ප්‍රියේ 

ආදරේහී චේතනා වේදනාවේ වේදනා 
අත්විඳින්නේ මා විනා කවුරුන්දෝ ළඳුනේ 
කවදාක හෝ ප්‍රියේ මුළු ලෝකයා ඔබෙන් 
වෙන්වූ දිනේ දා ඔබ ළඟ මා ඉන්නම් 

හුදකලා මා ජීවිතේ ආදරේ සරණේ පතා 
ඔබ සොයා ඒවී ප්‍රියේ අසරණ වූ දා මා 
ප්‍රේමේ නොදේවි නම් කරුණාව හෝ දෙවා 
මට දෙන්න ජීවිතේ ලස්සන නෙතින් බලා 

ගේය පද - අජන්තා රණසිංහ 
සංගීතය - සරත් ද අල්විස් 
ගායනය - වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 16, 2014, 12:05:36 AM2/16/14
to ind...@googlegroups.com
හිතේ පිපෙන මල්.....සිත් දෙවැටේ යා
දැලේ බමර වැල් හිතවට කැරකේයා...
ළඳේ නුඹේ සුවඳ ගෙනේයා...

නෙතේ සසල නිල් මහනෙල් 
ඔමරි ලතාවෝ...
මගේ හදට පෙම් මුවරද
සිහිල ගෙනාවෝ.....

මදන මතින් මත් විහඟුන්
බමන සැඳෑවේ...
සසල හැඟුම් සිත් සයුරින්
දෙතෙර ගලා ඒ.....



- කුමාරදාස සපුතන්ත්රි
- වික්ටර් රත්නායක

Nissanka Rajapaksa

unread,
Feb 16, 2014, 12:09:08 AM2/16/14
to ind...@googlegroups.com
හෙවනැල්ල වගේ යන එන තැන
එන්න මගේ...
පිසලන්න මගේ තනි නොතනිය
හෙවන වගේ...
නේක ජාති සංසාරේ......
නේක ජාති සංසාරේ...

ගරා වැටුණු නගර කොනේ
හඬා වැටුණු මට නුඹගේ....//
සිනා පොදින් දැනුණු සුවේ 
ජාති ජාති සංසාරේ......
ජාති ජාති සංසාරේ...

හිතේ ඉඩට පාර බැඳන්
කුමක් කරම් කොටු වුණු මං....// 
හමුවෙන්නැයි පතනු මිසක
ජාති ජාති සංසාරේ...
ජාති ජාති සංසාරේ......


පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සංගීතය සහ ගායනය : වික්ටර් රත්නායක

http://www.youtube.com/watch?v=7BTdYbpGq90

Nissanka Rajapaksa

unread,
Feb 16, 2014, 12:15:44 AM2/16/14
to ind...@googlegroups.com

දුක කියන්නට කෙනෙක් නැතිදා
දුක ඇසූ නුඹ අද මගේ
දුකට හිනැහෙන්නේ

වියළි කරතරට වැහි පොදක් ලෙස
කඩාගෙන වැටි නුඹේ සෙනෙහස
මහා මේඝයක් ලෙසින් හමාවිත්
මට මාවත් නැති කළේ කොහොමද

හදවත ඇවිළුණු අතීත දුක්ගිනි
සුවපත් කළ පින නුඹට අයිති මුත්
ප්‍රේමය මිය ගිය නුඹ හද දෙවොලේ
හෙටක් පතන්නට හිතට වාරු නැත

ගී පද: ඩිෂාන් නානායක්කාර
ගැයුම: වික්ටර් රත්නායක
සංගීතය: එච්. එම්. ජයවර්ධන
http://www.youtube.com/watch?v=8ktZwQvIaVk
Reply all
Reply to author
Forward
0 new messages