ගණඳුරු මැදියම දකිනෙමි අරුණලු - “Sprinkling moonlight in the gloomy night of life.”

7 views
Skip to first unread message

Dayananda Attanayake

unread,
Dec 16, 2016, 12:10:11 AM12/16/16
to indraka, Nimal Weeraratna Kanattawatta, Dharmapala Gunawardena, wijaya dassanayake, Sarath Samarasekara, Dayananda Attanayake

ගණඳුරු මැදියම දකිනෙමි අරුණලු -  “Sprinkling moonlight in the gloomy night of life.”


ශ්‍රී ලාංකික ගීත අම්බරයේ තවත් තරුවක් පායා ඇත. අප ඉච්ඡා භංගයට පත් කරමින් ශෘති  භංග ගීත නපුංසක කටහඬවල් මඟින් නිරතුරුව උත්කර්ෂයට නංවන එෆ් එම් නාලිකාවල කන් කරච්චලයෙන් අප මුදවා ගැනීමට සමත් නැවුම් හඬක් බිහිවී ඇත. තාමත් ඉතාම තරුණ වියේ පසුවන ඇය ගායන ලොවට පිවිසියේ කෙළිලොල් නව යොවුන් වියේ වුවද ඈ පිළිබඳ පුළුල් ප්‍රබුද්ධ ප්‍රේක්ෂක අවධානය යොමුවූයේ පංඩිත අමරදේවයන් සමඟ ඇය ගායනා කල 'හන්තාන සිහිනේ' ගීතයෙන් පසුවය.


උමාරියා සිංහවංස ගායනයේදී ශෘති පිහිටවීම අතිශය නිරවද්‍යය. එමෙන්ම ඇය මෙහිදී ඉතා සියුම්ය. ගායකයෙකු හෝ ගායිකාවක සතු මෙම ශඛ්‍යතාවය අගයමින් සුනිල් එදිරිසිංහයන් වරක් පැවසුවේ "හීයක් නියම ඉලක්කයට විදිනවා" වැනිය යනුවෙනි. එසේම උච්ච,ඉහල ස්වරයෙන් දක්ෂ ලෙස ගායනය කල හැකි ගායිකාවන්ගේ හිඟයක් අප රටේ පවතී. ඇය ඒ අඩුව පිරිමැසීමට උපන් හපනියකි. 


උපන් හපනියක යයි කීවේ ඇය බාල වියේ සිටම ගායනයට දක්ෂ වූ නිසාය. නාන කාමරයට වැදී නාන විට පවා ඇය ගී ගැයුවාය ( bathroom singing). එවැනි අවස්ථාවල ඇගේ ගායනයට සවන් දෙමින් ශෘතියෙන් පිට ගිය හැම විටකම එලියේ සිට කෑගසා ඇය නිවරද කලේ දක්ෂ ගායකයෙකු වූ ඇගේ පියාය. ඇය ගායන ලොවට ඇද දැමුවේ දක්ෂ ගායිකාවක වන ඇගේ මවය. එසේම ලැජ්ජාශීලී භාවය නිසා නිතරම වේදිකාව පිටුපසට වී සමූහ ගායනයන්ට පමනක්(chorus singing) දායක වූ ඇය වේදිකාව ඉදිරියට ගෙන ප්‍රේක්ෂකාගාරය මවිත කිරීමට සමත් ගායිකාවක් බවට පත් කලේ ඇගේ වැඩිමල් සොයුරිය වන තවත් විශිෂ්ඨ ගායිකාවක වන උමාරා සිංහවංසය. 


දෙවියන්ගෙන් කලාතුරකින් ලැබෙන දායාදයක් ලෙස බොහෝ දෙනා සලකන උපතින් ලද ප්‍රතිභාවට අමතරව ඇය හඬ පාලනය, ගායන තාක්ෂණය ( voice training, singing techniques etc.) වැනි අත්‍යාවශ්‍ය කුසලතා ප්‍රගුණ කලේ උසස් යයි සම්මත සංගීත පාසැලක නොව සිය නිවසේදීමය. ඇය සියුම්, සියුමැලි මැටි පිඬක් මෙන් ආදරයෙන් අතපත ගා, තලා පෙලා අඹරවා ගායන කෞශල්‍යය ඔප මට්ටම් කලේ ඇගේ මව සහ පියාය.

සිංහවංශ යනු ඇගේ ඉන්දුනීසියානු මුතුන් මිත්තන්ගේ පෙළපත්නාමය බව ඔබ දන්නෙහිද? එය කොතරම් ආශ්වාදජනක ප්‍රපංචයක්ද?( What a pleasurable, surreal and sweet coincidence?). ඉන්දුනීසියානු මැලේ- මුස්ලිම් සම්භවයකට උරුමකම් කියමින් අපේ වාසනාවකට ශ්‍රී ලංකාවේ ප්‍රාදූර්භූත වී සිටින උච්ච ස්වරයන්හි අපූර්ව ගායන හැකියාවක් හා හඬක් හිමි ඇයට සිංහල භාෂාව පූර්ණ වශයෙන් හුරු නැති වුවද ශ්‍රී ලාංකික නාමය ඉංග්‍රීසි ගීත ගායනය තුලින් අන්තර්ජාතික තලයට රැගෙන යාමට අදිටන් කොට ගෙන සිටින්නීය. රාජ්‍ය, දේශපාලන හෝ වෙළඳ අනුග්‍රහය නොමැතිව වුවද ඇගේම වියදමින් හා උත්සාහයෙන් චීනය හා යුක්‍රේනය යන රටවල පැවති අන්තර්ජාතික ගායනා තරඟ වලට සහභාගි වී ජයග්‍රනය කොට ඇගේ භද්‍ර යෞවනයේදීම  ඇය  දැනටමත් ශ්‍රී ලංකාවට කීර්තිය රැගෙන විත් ඇත.( Silver in China and bronze in Ukraine - she missed Gold in China just by 0.01 points and she was just 19 years old then)


මෙවැනි දෙවල් ගැන බොහෝ දෙනෙක් නොදනිති. නොදන්නේ විද්‍යුත් ඉලෙක්ට්‍රෝනික මාධ්‍ය මේවා ජනතාවට නොකියන නිසාය. අප රටේ හතු පිපෙන්නක් මෙන් බිහිවන මෙම මාධ්‍ය රට පුරා "ඥාණ අරුචියක්" බෝ කරමින් සිටිති. මෙය "කෑම අරුචියට" වඩා භයානකය. කෑම අරුචියට බෙහෙත් තිබේ. ඥාණ අරුචියට බෙහෙත් නැත. තිබුනත් මාධ්‍ය ඒවා සඟවා ගෙන ඇත. අපේ රට කඩේ යන්නන්ගේ පාරාදීසියක් වී ඇත. ඔවුන් යැවිය යුත්තේ කඩේ නොව පාසැල්ය. අප රටට අවශ්‍ය වී ඇත්තේ සියුම් වින්දනය පුරුදු පුහුණු කරවීමය. අවශ්‍ය වී ඇත්තේ කඩේයෑම නොව පාසැල් යෑමය.


පුද්ගලික ගුවන් විදුලි නාලිකා දැන් දැන් හැසිරෙන්නේ බලු බෙට්ට වුව විකුණා ලාභ ලබන්නට හැකි නම් එය සිදුකිරීමේ වරදක් නැත යන සංකල්පයේ සිට විය යුතුය. මිනිසුන් දැන් මේ ජහජරාවන් අහන්නේ නැති නිසා බලෙන් මුදල් ලබා දී ඒවා අස්සවා ගන්නට තරම් උන් බංකොලොත් වී සිටිති.  අතීතයේ පැවති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සමාජ වගකීමක් තිබුනද මේවාට ඒවා නැත. අතීතයේ නිවේදිකාවක් නිවේදකයෙන් වන්නට සාහිත්‍ය දැනුම වැදගත් සාධයක් වුවත් අද එය අවලංගු කාසියකි. පාසල් අධ්‍යාපනය තුල සිංහල සාහිත්‍ය හදාරා කුඹුරු කොටන්නදැයි බහුතරයක් සිතනා නිසාම අද සාහිත්‍ය ඉගෙනගන්නා පිරිස අඩු වී තිබේ.


සන්නිවේදන හැකියාව කෙසේ වෙතත්, තම උසස් නිලධාරීන්ට ශාරීරික අල්ලස් පවා දෙන්නට අකමැති නැති මාල ගිරවියන්, ගිරා පෝතකයන් පිරිසක් එෆ් නාලිකා වල සේවයට එකතු වන්නේ ඉහත විස්තර කල පසුබිම තුලය. අපිත් එක්ක සෙට් වී ෆන් එක ගන්නා හැටියට අපට ඇරයුම් කරනා ඔව්හු අඩුම තරමේ ප්‍රේමකීර්ති වැනි චරිත හෝ ඔවුන්ගේ මාධ්‍ය භාවිතය  පිළිබද අසා හෝ තිබේදැයි සැක සිතේ. එෆ් එම් නාලිකා තුල වුවද නිසි ලෙස බස හසුරන අතලොස්සක් සංනිවේදකයන් සිටිනා වග ඔවුනට කරනා ගෞරවයක් වශයෙන් මෙහි සටහන් කල යුතුමය.

මේ කියූ එෆ් නාලිකා අතර ඇතමෙක් මුදල් වලට, පැකේජ් ක්‍රමයට ගීත ජනප්‍රිය කිරීමේ කොන්ත්‍රාත්තුද භාර ගනියි. තෝරා ගන්නා පැකේජය අනුව දිනකට ගීතය වාදනය කරනා වාර ගනන තීරණය වන අතර...ගීතය මාසයක පමණ කාලයක් දින පතා වාදනය කර ඊලග මාසයේදී ගීතය වාදනය වන විට අපි විසින් හිට් කලා යැයි ලේබලයක් අලවති. නමුත් ඒවා සැබැවින්ම හිට් වී දැයි මුදල් ගෙවූ උන් හොයන්න යන්නේ නැත.

උමාරියා ඔබ ශ්‍රී ලාංකික දියණියකි. ලක් මවට ලැබුනු විශිෂ්ඨ සම්පතකි. ඔබට සහ ඔබේ ඉදිරි ගමනට අපි ශුභ පතමු. ඔබට නිවැරැදි මඟ පෙන්වීමක් හා මනා දැක්මක්ද යහපත් පද රචනා හා ගීත තනුද  ඉදිරියේදී ලැබේවා යයි පතමු.


Umaria Sinhawansa (Born 5th of January 1991) is a Sri Lankan pop, R&B and Jazz singer. Born and raised in Colombo, attained her education at Muslim Ladies College and Gateway International school, Colombo, She was first exposed to singing competitions as a child. The talent and the love for music comes naturally, she comes from a well known family of musicians. At the age of 11 years she started her professional career where she performed for a large audience along with her elder sister, Umara who is one of the most sought-after top female vocalists in Sri Lanka.


Umaria joined up with the biggest names of the Sri Lankan music industry, Batiya and Santhush (BNS) for her debut in Sri Lankan music, singing a duet which was known as “Pethu Pem Pethum” sung with BNS for the very popular movie ‘Asai Mang Piyambanna’ (I would like to fly). The song and the video became an overnight hit and the song became a chart topper. After much hard work and and effort, it is still one of the most requested songs and will continue to be so. Her second song, which was for the film ‘Rosa Kele’ stayed on top of the charts for months after its release both in audio and video. With her songs becoming instant hits, Umaria was invited by BNS to perform and be a part of their musical shows. So far she has performed in both local and international shows and won the hearts of audiences all over the world with her unique style of performance. In 2010 she represented Sri Lanka at the “Asia New Singer Competition” in Beijing, and managed to grab the Silver award for her country.( She missed the Gold merely by 0.01 points). She managed a bronze in Ukraine too.


Umaria is the youngest artist who has had the honor of being nominated for the Best Singer Award for two years in a row, for the years 2007 and 2008, at Sri Lanka’s premier Film Awards – Sarasaviya Film Awards. The road to International fame and success has just begun for this young lady. Using her background in western music as a platform and achievements as a motivator, 25-year old Umaria Sinhawansa is presently looking forward to taking Sri Lankan music to greater heights by reaching out to the International arena with her unique vocal range and style.. We wish her good luck !


Listen to the following 4 songs( there are many more) and decide yourself. Use head phones, otherwise you will miss the real beauty of music.

------------------          ---------------------------        ----------------------           ---------------------


ප්‍රථම සිංහල සිනමාවේ අසහාය නිළිය සහ අග්‍ර ගන්‍ය (unique) ගීත කෝකිලාව මෙන්ම සිංහල සිනමාවේ කඳුලු බිංදුව වූ පුරාවෘතයක්‌ බඳු රුක්මණී දේවිය අපූර්ව වූ ගායන හැකියාවක් හා අපූර්ව වූ කටහඬක්  හිමිවූ ගායන ශිල්පිනියකි. ඇය 1978 දී අවාසානාවන්ත ලෙස මියගිය පසු එවැනි කටහඬක් නැවත බිහිනොවීය. පහත්, මධ්‍යම මෙන්ම  ඉහල ස්වරයන්හි ගී ගැයීමේ මනා හැකියාවක් තිබූ ඇයගේ කටහඬ සතු නිරන්තර ශෝකී ස්වරය නිසා කලා රසිකයින් ඇයට වහ වැටින. විචාරකයන් ඇය "මෙලඩි ක්වීන්"(melody queen) ලෙස හැඳින්වුයේ ඇගේ ගීත නිසාවෙනි. රුක්මණී අනෙක් සංගීඥයන් මෙන් සංගිතය ඉගෙන නොතිබිණි. රුක්මණියට අපරදිග සංගිතයට මෙන්ම ඉන්දීය පෙරදිග රාගධාරී සංගිතයට  අනුවද ගීත ගායනා කළ හැකි වූවා ය.


1991 දී උමාරියා උපත ලබන විට රුක්මනී දෙවිය අප හැර ගොස් බොහෝ කල්ය. පැරණි තැටියක දූවිලි පිසදා දමා ඒ ගීත කෝකිලාවියගේ ගීතයකට සිය සුමධුර කටහඬින් නවතම විරහ වර්ණයක් එක්කරමින් රුක්මනී දේවිය අප දෑස් ඉදිරියේ ප්‍රති නිර්මාණය කිරීමට උමාරියා දරන මේ ප්‍රසස්ථ උත්සාහය  ඔබ නෙත් අගට කඳුළු බිඳුවක් වත් ගෙන නො එන්නේ නම් මම ඒ ගැන පුදුමයට පත් වෙමි.



(1) UMA-RIA - Adaraya Nisa (Rukmani Devi)

     https://www.youtube.com/watch?v=Q0DOeZxUmYw&spfreload=5



(2) UMA-RIA - Nim Him Sewwa (Pandith Amaradeva) 

     https://www.youtube.com/watch?v=9nuFnX7jfkU 



(3) Hemin Sare Piya Wida - T.M. Jayarathna With Uma-ria Sinhawansa 

     https://www.youtube.com/watch?v=A2QNGmlZB54



( 4) Hanthana Sihine - W. D. Amaradeva ft Umaria New Sinhala Song Releases 2014

ගල් පිළිම හා බොල් පිළිම වල වෙනස ඔබ අපට මොනවට කියාදුන්නේය. අප කාටත් නොකියා රහසේම අප හැර ගිය මහා ගාන්ධර්වයානනි. නැවත ඔබ අප අතරටම කවදා හෝ එන තුරු බලා සිටිමු.


      https://www.youtube.com/watch?v=W0BUz2eHfmI 














Kirthi Walgama

unread,
Dec 4, 2019, 11:47:06 AM12/4/19
to ind...@googlegroups.com, Nimal Weeraratna Kanattawatta, Dharmapala Gunawardena, wijaya dassanayake, Sarath Samarasekara, Dayananda Attanayake
A song my father loved. 
.
Reply all
Reply to author
Forward
0 new messages