--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
ඔස්ට්‍රේලියානු ජාතික ලේඛිකා කේට් වෝකර්ගේ “ලව් ලෙටර්ස්” නමැති කෙටි කතාවේ සිංහල පරිවර්තනයයි, මේ.
මගේ නම නික්. මගේ පෙම්වතියගේ නම ප්ලවුර්. ඇයට හෙලන් නමින් මිතුරියක් සිටියාය. හෙලන්ගේ පෙම්වතාගේ නම ක්ලයිව්. මේ ක්ලයිව් අරුම පුදුම ජාතියේ කෙනෙක්. මා දන්නා, ඔහුගේ අරුම පුදුම වැඩවලින් එකක් තමයි, ඔහු තම පෙම්වතිය වූ හෙලන්ට දිනපතාම පිටු තුනක ලියුමක් ලියන එක.
එදින දිවා ආහාර විවේක කාලය මුළුල්ලේම ප්ලවුර් මා සමඟිනුයි සිටියෙ, ඇය දිගින් දිගටම කතා කළේ ක්ලයිව් ගැනයි. “මොකක්ද ඒ හාදයාගේ වැරැද්ද...?” අන්තිමේදී මම ප්ලවුර් ගෙන් ඇසුවෙමි.
“වැරැද්ද...? එයාගෙ ඇති වැරැද්දක් නෑ නික්..., ඒ උණාට ඔයාගෙ කිසි ප්‍රේමණීය බවක් නෑනෙ...”
“නෑ... නෑ... ඇත්ත වශයෙන්ම මම ඔයාට ගොඩාක් ප්‍රේම කරනවා... මේ බලන්න” යැයි කියමින් මා ඇයට ප්‍රේම කරන බව ඔප්පු කිරීම පිණිස, දිව ගෑම සඳහා මගේ අයිස් ක්‍රීම් එක ඇගේ මුව වෙත දික් කළෙමි.
“ඇයි... ඇයි මොකද...?” මම ඇගෙන් ඇසුවෙමි.
“ඔයා මට ආදරේ නැහැ” ඇය කීවාය.
“නැහැ... ඇත්ත වශයෙන්ම මම ඔයාට ආදරෙයි.” මම ඇයට පැවසුවෙමි.
“ඔබ මට ඇති තරම් ආදරය කරන්නේ නැහැ...” ඇය කීවාය.
“ඇති තරම්...? ඇති තරම් කියන්නෙ කොච්චරක් විතරද? අයිස් ක්‍රීම් කීයක් විතරද ඇති තරම් කියන්නෙ...”
“ක්ලයිව් හෙලන්ට ලියනවා වගේ ඔයා මට ලියුම් ලියන්නෙ නැහැ” ඇය කීවාය.
“ලියුම් ලියන්ට උවමනාවක් නැහැනෙ. මම හැමදෑම ඔයාව කොම්පියුටර් ක්ලාස් එකේදී දකිනවනෙ. කෙමිස්ට්‍රි ක්ලාස් එකේදිත් දකිනවනෙ.”
“ඒකට මොකද... ක්ලයිව් හැමදාම හෙලන්ව දකිනවනෙ.
“හරි.. හරි.. මම ඔයාට ලියුමක් ලියන්නම්කො” මම කිව්වෙමි.
ලියුම් ලියන්නම් යැයි ඇයට අවනතවීම ගැන මම සතුටු වූයෙමි. ප්ලවුර් ඇත්තටම ලස්සනයි. කොළ කෑල්ලක පේළි දෙක තුනක් කුරුටුගා නොඉඳීම වෙනුවෙන් මට ඇයව අහිමිකර ගත නොහැකිය. ඇය මගේ පෙම්වතිය කරගැනීම නිසා ලොකර් කාමරයේදී මා අනෙක් පිරිමි ළමයින්ගේ ඊර්ෂ්‍යාවට ලක් වූයෙමි.
මම එදින රාත්‍රියේදී ඇයට ලියුමක් ලිවීම සඳහා ඉඳගතිමි. “ආදරණීය ප්ලවුර්...” පසුව පැය භාගයක්ම ගතවන තෙක් මම කොළය දෙස බලා සිටියෙමි. හැමදාම දකින කෙනෙකුට ලියුම්වල ලියන්නේ මොනවාද. මම පැන්සල විකුවෙමි. නියපොතු විකුවෙමි. කිසිවක් හිතාගත නොහැකිවූ මම අන්තිමේදී අම්මාගෙන් විමසුවෙමි.
“එදිනෙදා සාමාන්‍ය දේවල් ගැන ලියන්න...” මව පැවසුවාය. ඉතින් මම මෙසේ ලියුවෙමි. “අඟහරුවාදා පරිගණක පන්තියේ සිද්ධවුණේ හරිම ජංජාලයක් නේද..., ඒකෙ හොඳම දේ තමයි, පතුලෙ තියෙන පුංචි බොත්තම පෙන්නන්ඩ කියල බ්‍රැන්ඩො කොම්පියුටරේ ඇල කරද්දි මොනිටරය බිමට වැටීම. නැද්ද මං අහන්නෙ...”
එච්චර ප්‍රියජනක පාඩමක් නොවුණත් මම රසායන විද්‍යා පන්තිය ගැනත් ලියුවෙමි.
මෙලෙස මම ඉතාමත් නිර්මාණාත්මක ලෙස ලිපිය හමාර කොට අවසානයට පසුවදනක්ද ඊට එක් කළෙමි.
ඊළඟ දිනයේදී ලියුම මට ආපසු ලැබුණි. ‘විස්සෙන් පහමාරයි’ යනුවෙන් එහි පහළින් ලකුණු කර තිබුණි.
“මොකක්ද ඒකෙ ඇති වැරැද්ද...?” මම ප්ලවුර් ගෙන් විමසුවෙමි.
“එකක් කියල කියනව නම් ඔයාගෙ ස්පෙලින් මිස්ටෙක් (අක්ෂර වින්‍යාසය දුර්වලයි) බොහොමයි.”
“මම ඒකෙ ලිව්වෙ අපට පුද්ගලිකවූ දේවල්නෙ.”
“ඒ වගක් මම දැක්කෙ නැහැ” ඇය පැවසුවාය. “පුද්ගලිකවූ කිසිම දෙයක් ඔබ ලියල තිබුණෙ නැහැ.”
එවැන්නක් ද ඇයට ඕනැකරල තියෙන්නෙ...? පුද්ගලික ලිපියක්?
මම ඒ ගැන විනාඩි පහක් පමණ කල්පනාකර බැලුවෙමි.
අනුන්ට නොකියන තරමේ පුද්ගලික කාරණාවල් දෙක තුනක් හෙළිකළොත් ඇය මටම තියා ගන්නට හැකිවෙයි. ඔව් මම එය කරමි.
‘ආදරණීය ප්ලවුර්...’ මම ඒ රැයේ දෙවන ලියුම පටන් ගත්තෙමි. මෙය නම් කිසිවකුටවත් කියන කාරණාවක් නොවේ. ක්‍රීඩා දිනවලදී පමණක්, නැත්නම් ඌෂ්ණ දිනවලදී ඇත්ත වශයෙන්ම මම දහදිය ගඳ යන්නට සෙන්ට් ජාතියක් ගානවා.
නෑ, එය ගොඩක්ම පුද්ගලික වැඩියි. මම කොළය ඉරා දමා නැවතත් පටන් ගතිමි. ‘ආදරණීය ප්ලවුර් ඔයා අනුමාන කරන්නෙ කුමක් කියාද? අද ඉතිහාසය පාඩමේදි, මිසිස් හැසල් නිකම් නිස්කාරණෙ මාව හොඳටම මැඩෙව්වා. ලැජ්ජාවෙ පණ ගියා. බරියං ඇස් හරව හරවා ගිල්ඩා මං දිහා බැලුවා. ඒ මදිවට හිචි හිචි ගගා මහ හයියෙන් හිනාවුණෙ මට අපහාසෙට.’
ලියාගෙන යනකොට ඇත්ත වශයෙන්ම පුද්ගලික කාරණාවල් ලියන එක අරුමයක් නොවන බව මට තේරුම් ගියා. අර්ධ වාර්ෂික ඉංග්‍රීසි විභාගවලදි ඇත්ත වශයෙන් මා ලද ලකුණු මම ඇයට කිව්වෙමි. මෑතකදී නැරඹූ චිත්‍රපටයක් ගැනත් කිව්වෙමි. එම චිත්‍රපටයේ ප්‍රධාන ගොවි තරුණයාට ඔහුගේ සීසාන අශ්වයා නැතිවීම, ඔහුගේ බිරිය නැතිවීම, ඊළඟට ඔහුගේ දරුවාත් නැතිවීම, ඔහුගේ එළදෙනුන්ට කුර රෝගය වැලඳීම ආදිය ගැනත් කිව්වෙමි. මෙම අහිමිවීම් සියල්ල විඳ දරා, ඉඳගෙන සිටි ඔහුගේ දෑස්වල දුක්මුසු කෝපය පිටාර ගැලුවද, අවසානයේදී ඔහු නැගිට, බැසයන සූර්යයා දෙසට දිරිමත් ශක්තිමත් මිනිසකු වගේ උදාරම් ලෙස ඇවිද ගිය ආකාරය ගැනද කිව්වෙමි.
මගේ අංක දෙක ලියුම සඳහා ඇගේ එකම විවේචනය වූයේ, ‘ඔබ මා ගැන කිසි දෙයක් කියා නැත’ එදින ඇය දවල් ආහාර ගැනීම සඳහා හෙලන් වෙත ගියාය.
දැන් නම් ඉතින් හදිසි අනතුරු ඇගවීමේ බොත්තම ඔබන්නටයි තියෙන්නෙ. ප්ලවුර් මාගෙන් ඈත්වී යමින් සිටියාය.
මම සැන්ඩ්විච් ටික ආපසු බෑගයට ඔබාගෙන ක්ලයිව් සොයා ගියෙමි. හිණිපෙත පාමුලදී මම ඔහුව කොටුකර ගතිමි.
“හරි... ඔබ හෙලන්ට දෙන ලියුම්වල මොනවද ලියන්නෙ?” මම ඔහුගෙන් විමසුවෙමි.
ක්ලයිව් සියල්ල හෙළිකරන්ට තරම් ත්‍යාගශීලි ළමයෙක් විය.
මම මෙය කියවිය යුතුයි.
“ප්‍රේමණීය හෙලන්, ඔයාගේ කෙස් රන්කෙඳි වගෙයි... ඔයාගේ දෙනුවන් මට සිහිගන්වන්නේ සැඳෑ හිරුගේ ආලෝක ධාරාවන් වැටුණ තෝරස්බි නදියේ දිය රැලි තරංග නංවන ආකාරයයි... ඔයාගෙ කන් පෙති... ඔයාගෙ ඇස් පිහාටු... හරියට... ඔන්න ඔය විදිහට තව තව දේවල්. ඒක හරියට කාව්‍යාත්මක වර්ණනාවක් වගෙයි.
එය එතරම්ම ආහ්ලාද ජනක වර්ණනාවක් නොවුණාම නොවේ. ඊළඟට ඔහු යොමුවී තිබුණෙ ඔහුගේ ආදරය ප්‍රකාශ කිරීමටයි. ‘ඔබව මට සුවිශේෂ වන්නේ..., ඉතිහාස පාඩම් වෙලාවේදී ප්‍රේමාර්ධ දෑසින් මා ඔබ දෙස බලා සිටියේ..., ඔබ ගැන නොසිතා මට නූඩ්ල්ස් එක රැලක් වත් කන්නට නොහැකියි... ඒ මක්නිසාද කියනවා නම්....’
“මේ වගෙ දේවල් ලියනවාට ගෑනු ළමයි ඇත්තටම ආසද?” මම ඔහුගෙන් ඇසුවෙමි.
“හෙලන් ආසයි.” ඔහු කිව්වේය. “ලියුම් ලියන එක නැවැත්තුවොත් හෙලන් හෙටම මාව අත්හැර දමාවි. ඔබේ පෙම්වතිය තියා ගන්නට ඕන නම් මේ වගේ කැපකිරීම් කරන්ට වෙනව.”
ආදර්ශයක් ලෙස ක්ලයිව්ගේ පොටෝ කොපිය මේසය මත තියාගෙන මම මගේ තුන්වන ලියුම ලිවීම ආරම්භ කළෙමි.
‘ආදරණීය ප්ලවුර්, ඔයාගෙ කෙස් මොනවගේද කියනව නම්...’ මම පටන් ගතිමි. ‘ඈතට ඒවා සියුම් සිල්ක් කෙඳි වගේ පියකරුව පෙනෙන බව මා සිතාගෙන සිටියත් ඇත්තටම ඒවා ඇල්ලුවොත් දැනෙන්නේ ලාටු ගෑමෙන් එකට ඇලි හැඩපලු ගෙතී ඇති බවකි. මම හිතන්නෙ හෙයාර් ස්ප්‍රේ ගොඩක්ම වැඩියි වගේ.”
මම ඒ ආරම්භය ඉවත ලා නැවතත් පටන් ගතිමි.
‘ආදරණීය ප්ලවුර්... ඔබේ ඇස්...’ සත්‍ය වශයෙන්ම ඒවා කුඩා වැඩියි. අනිත් එක වපරයි. මම හිතන්නෙ ඇය කණ්ණාඩි දෙකක් දානවා නම් හොඳයි. ඒත් ඇය ඒකට කැමැතිවෙන එකක් නැහැ.
මම ඇස් යන්න මකා දැමුවෙමි.
‘ආදරණීය ප්ලවුර් ඔබේ මුහුණ සැබැවින්ම ලස්සනයි. ඔබ හරියට සබන් දැන්වීම්වල පෙනී සිටින ලස්සන විකට නෘත්‍යාංගනාවක් වගෙයි...’ මට හිතෙනවා වරුවක් වුණත් ඇගේ මුහුණ ගැන ලියන්ට පුළුවන් කියා. නමුත් අර විදිහට කිව්වහම ඇය ගැන කියන්නට ඇති සියලු වර්ණනාවල් එහි අඩංගුවී ඇති බවයි පෙනෙන්නට තිබුණෙ.
අනතුරුව මම මගේ ප්‍රේමය ප්‍රකාශ කිරීමට යොමු වුණෙමි. ‘මම ඔයාට ප්‍රේම කරන්නේ..., මම මගේ පැන්සල විකුවෙමි. නියපොතු විකුවෙමි. මේ වතාවේ නම් අම්මාගෙන් අහන්නට බැරිය.
මම කල්පනාවේ නිමග්නව සිටියෙමි. එකට එක්ව ආ ගිය, පහුවුණ සුමාන තුනේදීම අප කතාබස් කළේ මොනවාද? ඇත්තටම අපි බොහෝ දෙයක් කතා කළේ නැත. මා හොකී සෙල්ලම් කිරීම ගැනත් ඒ ගැන ගැඹුරින් කතා කිරීමටත් ඇය කිසිදු උනන්දුවක් නොදැක්වූවාය. ඒ වගක් තබා, අඩිය ගෙවීගිය මගේ සුදුපැහැ බූට්ස් දෙක ගැනවත් ඇය කිසිවක් ඇසුවේ නැත.
ඇයට ලියුම් ලිවීම මගේ හිතට මහත් කරදරකාරී ක්‍රියාවක් වීම පුදුමයට කරුණක් නොවේ. ඒ අප දෙදෙනා අතර පොදු වශයෙන් කතා කළ හැකි කිසිවක් නොමැති නිසා. මම ඇය ගැන දැන සිටියේද මඳ වශයෙනි.
න්‍යෂ්ටික අවි හරණය ගැන ඇගේ අදහස කුමක්ද?. සමහරවිට ඇයට ඒ ගැන කිසිදු අදහසක් නැතිව ඇති. මා නොදැනු වත්ව ඈ ලිබියාවට පක්ෂපාතී කෙනෙක්ද?.
මම ලියුම ඉරා පොඩිකර දැමුවෙමි. ක්ලයිව්ගේ පොටෝ කොපියද ඉරා විසි කළෙමි. හිතේ කිසිදු අවුලක් නොමැතිව මේ වර ලියන්නම්. මම නැවතත් ආරම්භ කළෙමි.
‘ආදරණීය ප්ලවුර්, මේ ලියුම් ලිවීම ඉතා හොඳ කාර්යයක් වන්නේ එමඟින් වැදගත් දේ ඔබට පැවසීමට මට අවස්ථාව උදාවන නිසාය. මම හිතනවා ඔබ ප්‍රසන්න ගැහැනු ළමයෙක් කියා. පසුගිය සුමාන තුනේදී ස්ථිර හැඟීමෙන් යුතුව, ඔබ සමඟ කළ ආශ්‍රයෙන් මා ලද්දේ මහත් ආහ්ලාදයකි. එනමුත් දැන් අප එය නතර කළ යුතුයැයි මම කල්පනා කරමි. එය අප දෙදෙනාටම පුද්ගලික වශයෙන් දරා ගැනීමට බැරි පාඩුවක් වුණත්, අප දෙදෙනාටම උදාරම් ලෙස වෙන්වී යා හැකියයි විශ්වාස කරමි... මේ වගට ඔබේ ආදරණීය නික්.’
කොම්පියුටර ක්ලාස් එකේදි මම ලියුම ඇගේ ඩෙස්ක්එක මතට අතහැරියෙමි. කිසිදු අමනාප හැඟීමක් නොපෙන්වා එය රැගත් ඇය වහාම කවරය විවෘතකොට ලියුම එළියට ගත්තාය. නමුත් ඊට දින දෙකකට පසුව මගේ පුද්ගලික ලියුමේ ඡායා පිටපත් පාසල පුරා විසුරුවා හරිමින් තිබිණ.
මම ඒ ගැන තැකීමක් නොකළෙමි. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇස් බරියං ගිල්ඩා, ඉතිහාසය පන්තියේදී තුණ්ඩු කෑල්ලක් රහසේ මා වෙත විසිකළාය. ‘නික්, ඔබේ අදහස් ගැඹුරුයි. මම ඔබේ විලාසයට ඇලුම් කරමි. යි’ එහි ඉතා සැකෙවින් සටහන් කර තිබුණි. මම නැවත වරක් බරියං දෑස දෙස බැලුවෙමි. මට ඇගේ විලාසයට සත්තකින්ම කැමැත්තක් තිබුණේ නැත. ඉතිහාස පාඩමේදී මරු හිනාවක් දැම්මත් ඇය කොම්පියුටර්වලදී අති ශූර තැනැත්තියක් වූවාය.
මම මගේම පිළිවෙළ අනුව, මෙ වතාවේදී අවංක හා කෙළින්ම කාරණයට අදාළව වහාම පිළිතුරක් ලිව්වෙමි; ‘ආදරණීය ගිල්ඩා, එදා කතා පැවැත්වීමේ දිනයේදී, තුන්වන ලෝකයේ සාගත සහන කටයුතු පිළිබඳව ඔබ පැවැත්වූ මිනිත්තු තුනක කතාව ඉතාමත් අනර්ඝයි. ඔබ මා සමඟින් එකතුවන්නට කැමති නම්, විදුහල් චතුරශ්‍රයේදී මා දවල් කෑම කන්නේ ඔබ සමඟයි.
පරිවර්තනය
ඩී.එම්. රණවීර
Witold Gombrowicz

The Baroness was a charming creature. The Baron had taken her from a family of high principles and had no reason to mistrust her, despite the fact that the tooth of time had already gnawed into him quite deeply . . . And yet a disquieting element of grace and charm lay dormant within her, which could easily complicate the practical application of the Baron’s imponderabilia (since the Baron was a bit of a stickler). One day, after a period of conjugal life graced with the quiet bliss of marital duty, the Baroness came running to her husband and threw her arms around his neck. “I think I ought to tell you this. Henryk has fallen in love with me . . . Yesterday he declared himself to me, so quickly and suddenly that I had no time to stop him.”
“And are you in love with him, too?” he asked.
“No, I don’t love him, because I have pledged my love to you,” she replied.
“Very well then,” he said. “If you are in love with him but do not love him because it is your duty to love me, then my esteem for you doubles and I love you twice as much. And the young chap’s suffering is a well-deserved punishment for his weakness of character—losing his heart to a married woman! Principles, my dear! Should he ever make another declaration of love, tell him that you also have a declaration to make—but of principles. A man of unshakable principles can walk through life with his head held high.”
But soon after, the Baron received some dreadful news. Henryk had no pluck in him whatsoever. Spurned by the Baroness, the young man took to drinking and carousing, then he became melancholic, nothing interested him anymore, the world lost its charm, and he seemed to be at death’s door. According to widespread rumor, his imminent demise was due to unrequited love. “Fine doings, these!” said the Baron to his wife. “Here we are eating canapés while he can’t get anything down . . . Do you realize? . . . Because the image of you is preying on his mind. I wonder what he sees in you. I’ve been living with you for all these years and I’ve never had any feelings for you that could be called violent. In any case, this is a serious business and I am surprised to see you looking so well, knowing that wretch is suffering because of you.”
A week later he was in an even fouler mood. “Well, bravo!” he sneered. “You should be proud of yourself! Your charms have proved most effective—Henryk has one foot in the grave.”
“What can I do about it?” she replied with tears in her eyes. “I never led him on, I have no reason to reproach myself.”
“Good grief! You are the cause of his hopeless state, your arabesques, your curves and features are the germs eating away at him.”
“What can I do? He’s gone mad. Do you know what he suggested the day he declared his love? Divorce!”
“What? Divorce? You’re not a strumpet yet, are you? Yes, of course, you’ll get your divorce, but you know when?—when I die, when I breathe my last, while still professing the same unshakable principles.”
“And what if he dies?”
“Dies!” exclaimed the Baron furiously. “That’s blackmail, for which I refuse to break my vow to keep you until my dying day!”
The Baroness suffered bouts of terrible anguish. The last thing she wanted to do was to act unethically, and yet her heart bled at the thought of Henryk’s misery. Besides, the Baron, a member of many societies, had developed a distinct aversion to her. He simply could not bear to look at her beauty. Her bodily functions started to disgust him. One day he asked her, “How about a bread roll?” And when she declined, he laughed with ferocious scorn: “Ha-ha, he is at the point of death, and she is unable to eat a bread roll.” As she floated around the house, gracefully swinging her hips, as she smiled wanly, as she slept or combed her hair, all he saw in her actions was shameless cruelty and dark eroticism. One time she tried to show him affection. “Pray do not touch me,” he shouted. “You hellcat! A fine mess you’ve got me into. Not another word out of you! Now I can see that a morally responsible man should never get involved with someone else’s carnality, under no circumstances whatsoever.
“Right!” the Baron continued. “It can’t go on like this. This morning I heard that he made an attempt on his life. Are you even capable of grasping that to push a man into suicide is far worse than to strangle him with your own hands? That unprincipled whippersnapper is going to ruin us as well as himself. I have made up my mind—we cannot burden our conscience with such an awful responsibility. If there is no alternative—too bad, I give you my blessing, I’ll jolly well go along with it; and now you, in the name of higher necessity, go ahead and play your part—do as your filthy womanhood dictates.”
“Darling!”
“Too bad! Could I have foreseen when I married you that one day you would be forced to choose between murder and adultery?”
“If there really is no other way out, and if you believe it’s the right thing to do, I’ll go along with it,” she said. “As for my part, I will find it hard, but as God is my witness, I am entirely blameless.”
“Ptooey!” said the Baron.
At this point the young man started to recover. The Baroness, however, was visibly wasting away. Her domestic life was hell on earth. Her husband required her to dine apart at a little table and had her use a special set of tableware. One day she accidentally touched him. “You are besmirching me,” he said with cold indifference. “Look here! You touched me; now I must interrupt my reading and go to the bathroom to wash.” He frequently blurted out the insulting word adulteress. At four o’clock he would take out his watch: “Now then,” he would say, “it’s time for you to go, don’t be late for your wanton philanthropy.” She tried in vain to explain that she was innocent. “There is one thing I ask of you,” he replied. “Please refrain from introducing an atmosphere of indulgence and tolerance of sin into this house.Otherwise we might as well invite common streetwalkers for luncheon—after all, it is God’s honest truth that they are just as innocent.” The distraught Baroness tried several times to break off her reluctant affair, but each time the young man threatened to kill himself, and it was clear that this was not mere rhetoric.
“No,” said the Baroness, “I cannot bear it anymore. My life has become unspeakable torment. I have fallen into atrocious sin—but why? Because I am alluring. No one can understand, without personal experience, how strange it is in moral terms to be alluring. I am fed up with it. I shall disfigure myself, only I’m not sure if Henryk will be able to cope with it.”
“That’s more like it!” exclaimed her husband enthusiastically. “This might indeed plunge Henryk into madness, but our sorry plight requires us to take certain risks, and besides, we will prepare him for it. And to prove that I, ever the loyal husband, always stand by you when it comes to the moral burden, I shall disfigure myself, too.”
“You won’t have that much to do,” she replied.
They went to their rooms, and soon there emerged two hideous scarecrows. The Baron hugged and kissed his wife. “And now Henryk must be prepared for this blow.” So he wrote the following letter:
Dear Sir,
It is with great sadness that I must inform you of my wife’s frightful accident. One of her lovers, in a fit of jealousy over an admirer who had recently ceased to be a platonic friend, threw vitriol in her face. The poor woman has lost the charms that she was so good at putting to use all around her. Please come and take a look at her. Nota bene: in my attempt to rescue her I, too, was horribly maimed.
“There, we have done our duty,” he declared.
It looked as if Henryk would go insane, but the news of his lover’s unfaithfulness gave him strength. He got over his feelings, which could not withstand that monstrous sight. The Baroness, however, started to sink fast, and it soon transpired that the cause of her pernicious anemia was her love for Henryk, which erupted with elemental strength following the end of the affair.
“Is there a curse on my house?” cried the Baron. “Here she goes again!”
The dying woman asked to see Henryk, and the doctors endorsed her wish. “For God’s sake,” the Baron whispered to Henryk, “she is ready to die with a declaration of sinful love on her lips.” “Have you gone mad?” he shouted at his wife. “In your place I would prefer to enjoy a clean conscience. I don’t think you realize how dreadful you look. And as for the lover who used to burn for your body, he has been scorning and disdaining you ever since you disfigured yourself for his sake. Break it off and you will soon recover and return to the world of principles.”
“This time I won’t be fooled,” said the Baroness, and expired.
The two men were left alone with the corpse.
“She perished as a victim of duty,” said the Baron. “I hold you responsible for her death.”
“It’s your wife,” replied the young man. “It’s your corpse.”
—Translated from the Polish by Tul’si Bhambry
යක්ෂයා [ගී ද මෝපසාන් ගේ කෙටි කතාවක්.]
මිය යන ගැහැණිය සිටි ඇඳේ දෙපස දොස්තර සහ ගොවියා හිඳ ගෙන සිටියෝය.
ඇය නිසලව එහෙත් හොඳ කල්පනාවෙන් යුතුව ඔවුන්ගේ සාකච්චාවට සවන් දුන්නාය.
මරණය පිළිගත් ඇය ඊට විරුද්ධ නොවෙමින් කෙමෙන් මිය යමින් සිටී. ඇයගේ කාලය
පැමිණ ඇත. දැන් ඇයට වයස අවුරුදු අනූ දෙකකි.
ජූලි මාසයේ රත් වූ හිරු ගේ කිරණ හොඳින් සකසා නැති මැටි පොළවේ වැටී රටා මවයි.
පරම්පරා හතරක පිටිසර මිනිසුන් පොලුවලින් තලා තනා ඇති ඒ මැටි පොළවේ, පැරණි
තාලයේ ඇඳේ ගොවියාගේ මව සැතපී සිටියාය. ඈත කුඹුරු වල ඉපනැළි සුවඳ, රත් වී
එන සුළං සමඟ කාමරයේ ජනේලයෙන් ඇතුලට එයි. පළඟැටියන් ඒකාකාරී ශබ්දයක්
ඇති කරන්නේ කුඩා දරුවන්ට සැණකෙළියකින් මිළට ගෙන දුන් නළා ශබ්දයක් වැනි
හඬක් ඇති කරමිනි.
දොස්තර ඔහුගේ හඬ පුබුදු කරමින් ගොවියාට මෙසේ කීවේය. ...“හොනොරේ බොන්ටෙම්ප්,
උබේ අම්මාව තනි කරලා එළියට යන්න උඹට බැහැ. ඇය ඕනෑම වෙලාවක මැරේවි”.
එහෙත් ගොවියා සිටින්නේ තදබල අපහසුතාවයකිනි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.
“ඒ වුනාට මම මගේ තිරිඟු ටික ගෙට ගන්න ඕනා”...”සෑහෙන කාලයක් ඒවා ඔහේ
පොළොවේ වැටිලා තිබ්බා”...”ඒවා ගෙට ගේන්න කාලය හරි”...” අම්මේ ඔබ මොකද
කියන්නේ?...
මියයන ගැහැණිය ඇසෙන් සහ නළලෙන් ඉඟි පාමින්, ඇයගේ පුතා කියන දෙයට එකඟ
වූවාය. එය “ගිහින් තිරිඟු කපපන්, මට තනියම මිය යන්න පුළුවන්’ සේ කිව්වා වැනි විය.
එහෙත් දොස්තර මේ අසා වියරු වී, අඩි පොළවේ හප්පා මෙසේ කීවේය. “උඹ තිරිසනෙක්ට
අන්තයි”... “උඹ මේක අහගනින්”... “උඹට මේ වැඩේ කරන්න මම ඉඩ දෙන්නේ නැහැ..
” අද දිනයේ උඹට තිරිඟු ගෙට ගන්න ඕනා නම්, ගිහින් රපෙට් නෝනා අම්මාව බලා කියා
ගෙන ඉන්න එක්ක ගෙන වරෙන්”...” මම කියන දේ ඇහුවේ නැත්නම්, වෙලාව ආවාම මම
උඹට බල්ලෙක් වගේ මැරෙන්න අරිනවා”...” උඹට මම කියන දේ ඇහුනද?
සිහින් උසැති, හෙමෙන් ගමන් කරන්නෙක් වූ හොනොරේ, දොස්තර කී දේ සහ තිරිඟු ගෙට
ගැනීමේ කාර්යය අතරේ තීරණයක් ගත නොහැකිව පැකිළුනේය. “රපෙට් නෝනා, ලෙඩෙක්
බලා ගන්න කොච්චර අය කරාවිද?..”...”මම දන්නේ කොහොමද මිනිහෝ? ඒක තීරණය
වෙන්නේ ඇය ලෙඩා බලාගන්න කාල සීමාව මතයි”...
දොස්තර මහතා ඔහු වෙත කඩා පැන්නේය. ...”දෙයියන්ගේ නාමෙට ඒක රපෙත් නෝනා
එකක බලා ගනින්”...” හැබැයි, තව පැයක් ඇතුළත ඒ වැඩේ කරන්න ඕනා”...” උඹට ඇහුනද?
...”හරි දොස්තර මහත්තයා, තරහා වෙන්න එපා, මම ඒක කරන්නම්”...දොස්තර නිවසෙන්
බැහැරට යන විට මෙසේ කියාගෙන ගියේය....”පරෙස්සම් වෙයන්, ...! සෑහෙන්න පරෙස්සම්
වෙයන්...!!, මට තරහා ගියාම මම විහිළු කරන්නේ නැහැ”... ගොවියා අම්මාට මෙසේ කීවේය. ..
”අම්මේ මම රපෙත් නෝනාව එකක ගෙන එන්න යනවා”...” එතෙක් ඔහොම ඉන්න”...
මැහැළිය හිස සැලුවාය.
රපෙත් නෝනා වයසක රෙදි සෝදන්නියකි. ඊට අමතරව ඇය කලේ අහළ පහළ සිටින
අසල්වාසීන්ගේ මිය යන අය බලා ගැනීමය. මිය ගිය කෙනෙක් ජීවත්ව සිටි කාලයේ කෙනෙක්
ඇඳි ලිනන් ඇඳුම ස්තිරික්කයෙන් හොඳින් මැද දීමද, ඒ තැනැත්තා මිය ගිය පසු එම ලිනන්
ඇඳුම් මිනියට ඇන්ඳීමද ඇය කලාය. එසේ ශරීරය මැහුම තුලටලා අවසන් වන ඇය එතනම
සිට අනෙක් පාරිභෝගිකයන්ගේ මැසීමේ යෙදේ. දෙකට නැමී කුදු වී සිටි ඇය, ගිය වසරේ
පළගත් ඇපල් ගෙඩියක් මෙන් රැළි ගැසී සිටියාය. ඇය කපටි, ඊර්ෂ්‍යා සහගත කෙනෙක් විය.
සමහර අය කියන විදියට ඇය අසාමාන්‍ය සේ, මිය යන අය සහ එම මිය යාමේ අරගළය ගැන
නොයෙක් කතා කීවාය. ඇය කතාකලේ ඇය ඉදිරියේ මිය යන අය සහ නොයෙක් ආකාරයේ
මරණ ගැන පමණි. ඒවා ඉතා සවිස්තරාත්මක සේ ඇය විස්තර කලාය. වෙඩික්කාරයෙක්
තමන් මැරූ සතුන් ගැන කියනවා මෙන් ඇය ඒවා කියා සිටියා. ඒවා දෙවතාවක් කිව්වද එහි
වෙනසක් තිබුනේ නැත.
හොනොරේ ඇයගේ නිවසට ඇතුල් වන විට ඇය ගමේ ගැහැණුන්ගේ ඇඳුම් වලට කැඳ දමමින්
සිටියා. ...”ශුභ සැන්දෑවක් රපෙත් අම්මා”..”ඔබ හොඳින් ඉන්නවා ඇතැයි මා විශ්වාස කරනවා”...
හිස හරවා හොනොරේ දෙස බැලූ රපෙත් නෝනා, ...”සාමාන්‍ය විදියට ඉන්නවා”...” ඔබට
කොහොමද? ...”ඔහ්, මම නම් හොඳින් ඉන්නවා, එහෙත් මගේ අම්මාට අසනීපයි”...”ඔබේ
අම්මා? ...”මොකද ඇයට වෙලා තියෙන්නේ?... හොනොරේ මෙසේ කිව්වේය. ...”අම්මා ගේ
පාද වල ඇඟිලි උඩට තියන්න කාලේ ඇවිත්”...
රපෙත් නෝනා කැඳ බාල්දියෙන් දෑත ඉවටට රැගෙන, ඉක්මන් දුකක් සිතට ගනිමින් මෙසේ
ඇසුවාය....”ඔය කියන තරම් ඇයට අසාධ්‍යද?...”ඔව්, දොස්තර කියන විදියට හෙට උදේ
වනතුරුවත් විශ්වාස නැහැ”... යන මුදළ ගැන එක වර අහන්න අකමැති හෙයින් තවත් කතා
කරන්න හොනොරේට අවශ්‍ය වුනද, කතා කරන්න වෙන විශේෂ දෙයක් නැති හෙයින්,
හොනොරේ හිත හදාගෙන මෙසේ ඇසුවේය.
...”ඇයගේ අවසානය වන තුරු ඇය අසල සිටිනවාට ඔබ කීයක් අය කරනවාද? ..”ඔබ දන්නවා,
මම එතරම් සල්ලි තියෙන කෙනෙක් නොවේ”... “මට වැඩකාරියක් තියාගන්න වත්කමක් නැහැ”...”
මගේ අම්මා මහන්සි වෙලා වැඩ කළා”...” ඒකයි අද මෙහෙම වුනේ”...” ඇය දහ දෙනෙක්ගේ වැඩ
තනියම කළා”...”කරදර සහ මහන්සිය නිසා ඇය ඇඳට වුනා”...”ඇය වගේ වැඩ කරන අය අද
හොයා ගන්න නැහැ”...
මහළු ගැහැණිය ව්‍යාපාරික කාන්තාවක් සේ හැඟීම් වලින් තොරව මෙසේ කීවාය. ...”ගණන්
දෙකක් තියෙනවා”... “මහත්වරුන්ගෙන්, සල්ලි ඇති අයගෙන් මම දහවල් කාළයට ෆ්‍රෑන්ක්
දෙකක් සහ රාත්‍රියට ෆ්‍රෑන්ක් තුනක් මම ගන්නවා”...”අනෙක් අයගෙන් මම දවාලට ෆ්‍රෑන්ක්
එකක් සහ රාත්‍රියට ෆ්‍රෑන්ක් දෙකක් ගන්නවා”... එහෙත් ගොවියා තමාගේ අම්මා ගැන වඩා
හොඳින් දනී.
ඇය ශක්තිමත් ගැහැණියක් විය. ඒ නිසා සමහරවිට අම්මා තවත් සතියක් පමණ ජීවත් වනු ඇත. ...
”නැහැ, එහෙම නොවේ”...” අන්තිම අවස්ථාව වන තුරු අම්මා බලාගන්නවාට ගාණක් කියන්න”...
” දොස්තර කියන්නේ, ඇය ඉක්මනින් මිය යයි කියලා”...” එහෙම වුනොත් එය ඇයට පාඩුවක්
වුනාට, ඔබට ලාබයක් වෙනවා ”...
රපෙත් නෝනා ගොවියා දෙස පුදුමයෙන් බැලුවාය. ගොවියා ඇයට බොරුවක් කරන්න හදනවාද,
එසේ නැතහොත් ඇත්තටම අඩු කාලයක් මියයන ගැහැණිය බලා කියා හිඳ, වැඩි ලාභයක් ගන්නට
ඇයට හැකි වේද යන්න ගැන මඳක් සිතා මෙසේ කීවාය. ...”මට මොකුත් කියන්න බැහැ, ඔබේ අම්මා
දකින තුරු”...”එහෙනම් මාත් එකක එන්න”...”ඇවිත් අම්මාගේ තත්වය බලන්න”... හොනොරේ කීවේය.
අත පිසදා ගත් ඇය, ගොවියා සමඟ යන්නට ලැහැස්ති වූවාය. ඔවුන් පාරේ කතාකලේ නැත. ඇය
කෙටි පියවරවල් තබමින් යන අතර, ගොවියා දිග පියවරවල් තබමින් දිය පහරවල් උඩින් යන්නා
මෙන් ගමන් ගත්තේය. ග්‍රීෂ්මය මඟ හරින්නට, කුඹුරු වල වැතිර සිටි එළදෙනුන් ඔවුන් දෙස හිස
ඔසවා බැලුවේ, අලුත් තණකොළ දෙන්නට කෙනෙක් එති යයි සිතනවා මෙණි.
ඔවුන් නිවසට ළඟාවන විට, හොනොරේ මෙසේ කෙඳිරුවේය. ...“ඔක්කොම ඉවර වෙලාද? එහෙත්
ඔහුගේ කෙඳිරීමේ එම අදහස ගැබ්ව තිබිණ.
නමුත් වයෝවෘද්ධ මැහැළිය මිය ගොස් සිටියේ නැත. ඇය උඩුපෙළි අතට ඒ අපහසු ඇඳේ දුක්මුසු
සේ වැතිර සිටියාය. පොරෝනාවෙන් ඇයගේ අත් වැසී තිබුනද, ඒ කෙට්ටු කෝටු අත් දැකීම දුක්මුසු
දර්ශනයක් විය. ඒවා ඉතා සිහින් විය. අපහසු ආකාරයේ වැඩ කල ඕනාවට වඩා වෙහෙස වූ ඇයගේ
අත්, අමුතු සතෙක් ගේ මෙන් නහර ගැට ගැසී කොරව නිසලව තිබුනේ, ශත වර්ෂයකට කිට්ටු
කාලයක් ඇය කල වැඩ වලට සමු දෙන්නාක් මෙන් විය. රපෙත් නෝනා මිය යන මැහැළිය හොඳින්
පරීක්ෂා කළාය. ඇයගේ හෘද ස්ඵන්දනයට සවන් දුන්නාය. පපුවට තට්ටු කලාය. ඇය මැහැළිය
අමාරුවෙන් හුස්ම ගන්නා හඬට සවන් දුන්නේ, මැහැළිය කතා කරනවා මෙන් සිතාය.
මෙසේ මැහැළියව නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කල ඇය, අද දින රාත්‍රියවත් ඇය ජීවත් වන්නේ
නැතැයි නිගමනය කලාය. ...”ඉතින්? ...”ඔබ මොකෝ කියන්නේ?... ගොවියා ඇසුවේය. රපෙත් නෝනා
මෙසේ කිව්වාය. ...” ඇය තව දින දෙකක් හෝ තුනක් විතර වුණත් සිටීවි”...”ඔබ මට ඒ සඳහා ෆ්‍රෑන්ක්
තුනක් දිනකට ගෙවන්න ඕනා”...
...”මොනවා?...”ෆ්‍රෑන්ක් තුනක්? ...ෆ්‍රෑන්ක් තුනක්? ...ගොවියා මහ හඬින් කෑ ගැසුවේය. ..”රපෙත්
නෝනාගේ මොළේ හොඳ නැද්ද? ..”ඇය තව පැය පහ හයකට වඩා ජීවත් වන්නේ නැහැ”... ගාණ
හෙට්ටු කර ගැනීමට, ඔවුන් තදින් වාද කලෝය. එහෙත් රපෙත් නෝනා, ඇයගේ මතය වෙනස් කලේ
නැත. ඇය ගෙදර යනවා යයි ගොවියාට තර්ජනය කලාය.
කුඹුරේ ඇති තිරිඟු ඉබේම කැපී නිවස බලා එන්නේ නැති බව ගොවියා සිතුවේය. අවසානයේ ඔහු ඇය
කියූ මුදළට එකඟ විය. එහෙත් ඔහු මෙසේ කීවේය....”බොහොම හොඳයි, ෆ්‍රෑන්ක් හයයි”...”මිනිය එළියට
ගන්නා තුරු ඔබ ඉන්න ඕනා”... එය හෙට්ටු කිරීමේ අවසානය විය. දෙදෙනාම මේ සම්මුතියට එළඹිණි.
අව්වේ වේලි වේලි තිබුණු තිරිඟු දෙසට ගොවියා ගමන් කලේය. සාත්තුකාරිය තම ගෙදර බලා ගමන්
ගත්තාය. ඇය නැවත ගොවියාගේ නිවසට පැමිණියේ ඇඳුම් ගොන්නක් රැගෙනය.
රපෙත් නෝනා මිය යන කෙනෙක් බලා ගන්නට පැමිණි අවස්ථාවක වුවද කාලය අපතේ හරින කෙනෙක්
නොවීය. මිය යන්නා ගේ ඇඳ අසල සිට ඇය අයගේ වැඩ හෝ කුලියට ගත් වැඩ කිරීම ඇගේ සිරිත විය.
හදිසියේ ඇය මහන හැඳුමෙන් හිස හරවා මැහැළිය දෙස බැලූ රපෙත් නෝනා මෙසේ ඇසුවාය.
...”අන්තිම දේව වරප්‍රසාදය ඔබට ලැබුණාද අම්මේ ? මහළු ගැහැණිය නැහැ යයි කියන්නට, අපහසුවෙන්
හිස සැලුවාය. එවිට ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් වූ රපෙත් නෝනා උඩ පැන; ...”දෙයියනේ, ඒ කොහොමද?
මම දැන්ම පල්ලියට ගිහින් පූජකතුමාව රැගෙන එන්නම්” ... කියා ඇය වහ වහා නිවසෙන් එළියට බැස
දුවමින් මෙන් ගමන් ගත්තාය. ඇයගේ ගමන දැක, පාරේ සෙල්ලම් කරමින් සිටි ළමයින් සිතුවේ කොහේ
හෝ අනතුරක් වී ඇත කියාය.
රපෙත්ගේ ඉල්ලීම පිට, පූජකයා ලහි ලහියේ හොනොරේගේ නිවස බලා යන්නට පිටත් විය. නිසළ
ගම්මානයේ කුඹුරු හරහා වැටී ඇති පටු මාවත් හරහා ඇවිද ගිය සුදු පැහැ ලෝගුවක් හැඳි පූජකයා
ඉදිරියේ, සම්ප්‍රදානුකූල සිරිත අනුව පිරිමි ළමයෙක් සීනුවක් හඬවමින් ඇවිද ගියේය. දෙවියන් වහන්සේ
මැවූ ශරීරය, නොබෝ දිනකින් සාමකාමී පිටිසර ගම්මානය හරහා සොහොනට ගෙන යන බව එයින්
කියැවිණි. ඈත වැඩ කරමින් සිටි ගොවියෝ, ඔවුන්ගේ වැඩ මඳකට නවත්වා හැඳ සිටි තොප්පි ඔසවා
පූජකයා ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත්වන තුරු නිසලව හිඳ ආචාර කලහ. ලියැදි වල තිරිඟු නෙළමින්
සිටි ගැහැණු එය නවත්වා කුරුස ලකුණ සටහන් කලහ.
ලියැද්දක බැඳ සිටි පෝනියෙක් අශ්වයෙක් මේ පිරිස දැක හේසාරාවය කරමින් කලබලව උඩ පනින්නටත්
දඟලන්නටත් පටන් ගත්තේය. පෝනියා කොතරම් පූජකයාට බය වුනේද යත්, ඌ දැඟලූ තැන මඩ වළක්
මෙන් මඩ විය. පූජකයා ඈතට ගමන් කරමින් සිටියද, බිය පත් වූ කිකිළියක් පාර හරහා දුව ගොස් ඇය
සැඟව සිටින තැනට ලඟා වූවාය.
රතු කබායක් හැඳ පූජකයාට පෙර ගමන් කල ළමයා ඉක්මනින් ගමන් කලේ යාඥාවක් කියමිණි. පූජකයාද
හතරැස් හිස් වැසුමක් හිස ලාගෙන, මුහුණ පැත්තටකට හරවා ගෙන යාඥාවක් තෙපළමින් ගමන් ගත්තේය.
රපෙත් නෝනා මේ දෙදෙනාටම පසුව පල්ලියේ සිටිනවා මෙන් අත් බැඳ ගෙන බොහෝ ආගමානුකූල
වේශයක් ගෙන ගමන් ගත්තාය.
මේ පිරිස දුටු හොනොරේද, ...”අපේ පූජක තුමා කොහෙද යන්නේ ? කියා ඇසුවේය. ඔහු සමඟ සිටි, වඩා
ඥාණවන්තවූ පිරිසේ කෙනෙක් මෙසේ කීවේය....”පූජකතුමා ඔබේ අම්මාට සැක්‍රමේන්තුව ගෙන යනවා”...
ගොවියා පුදුම වූයේ නැත. ...”ආ වෙන්න පුළුවන්” ... ඔහුගේ පිළිතුර විය. ඉන් පසු ඔහු සාමාන්‍ය ආකාරයට
ඔහුගේ වැඩේ යෙදින.
මැහැළිය පාපොච්චාරණය කළාය. පාරිශුද්ධ බව සහ දේව වරප්‍රසාදය ලබා ගත්තාය. පූජකයා නැවත පසු
ගමන් ගත්තේය. ගැහැණු දෙදෙනා ඒ වාතය හිරවුණු කුඩා කාමරයේ තනි වූහ. රපෙත් නෝනා, මැහැලිය
දෙස බලමින්, තව කොපමණ දවසක් ඇය ජීවත් වේදැයි සිතුවාය. දවස ගෙවී ගොස් ඇත. දහවළ හැමූ
උණුසුම් වියළි වාතය වෙනුවට දැන් සීතල සුළං හමයි.
වෙල් යායෙන් එන සීතල සුළං පහර වැදී බිත්තියේ එල්ලා ඇති පින්තුරයක් සෙලවේ. කලක් සුදු පැහැයට
තිබුණු ජනේලයේ තිර රෙදි කහ පැහැ ගැන්වී ඇත. සුළඟ නිසා ඒවා පියාඹනවා මෙනි. හරියට මිය යන
ගැහැණියගේ ආත්මය, ඇගේ සිරුරෙන් බැහැර වෙන්න හදනවා මෙනි.
නොසෙල්වී සිටින මැහැල්ලගේ ඇස් ඇරී ඇත. ඇය දොරෙන් එහා ඈත ක්‍ෂිතයේ අනනන්ත දුරට විහිද යන
තිරිඟු වෙල් යාය දෙස බලා සිටින්නේ, අසළ ඇති මරණය කුමක් නිසා ප්‍රමාද වෙනවාද අසන ලෙසිණි.
උගුරේ හිරවුණු ඇයගේ කෙටි සුසුම් වලින් සමහර විට නළාවක මෙන් හඬක් ඇසුණි. ඉක්මනින් එය
නැවතිය හැක. ලොවට තවත් කෙනෙක් නැතිවුනද, කිසි කෙනෙක් ඒ ගැන දුක් වන එකක්ද නැත.
රාත්‍රී කාලයේ හොනරේ ගෙදර ආවේය. මව සිටින සයනය වෙත ගොස් ඇය තවමත් ජීවත් වෙනවා දැක
රපෙත් නෝනා ගෙන් ඔහු මෙසේ ඇසුවේය. ...”ඇයට දැන් කොහොමද?... “ ඒ විදියම තමා”...රපෙත් නෝනා
පිළිතුරු දුන්නාය. “හෙට උදේ පහට එන්න”...”පහට එනවා, ...රපෙත් නෝනා පිළිතුරු දුන්නාය.
ඇය පසු දිනය ආරම්භයේදී පැමිණි විට හොනරේ තමා විසින්ම හදාගත් සුප් බඳුනක් හිස් කරනවා දුටුවාය.
ඇය හොනරේගෙන් මෙසේ ඇසුවාය. ...”ඉතින්, ඔබේ මව මිය ගියේ නැද්ද? ...”ඇත්තටම අනෙක් අතට ඇයට
තරමක් සුවය ලැබිලා වගේ”...ඔහුගේ ඇසෙහි කොණක කපටි කමේ සේයාවක් තිබිණ. මෙසේ කියමින් ඔහු
කාමරයෙන් පිට විය.
රපෙට් නෝනා මහත් වික්ෂිප්තව මිය යන ගැහැණිය දෙස බැලුවාය. ඇය තවමත් සිටින්නේ මුල් තත්වයෙනි.
හැඟීම් විරහිතව ඔහේ අලස පෙනුමෙන් යුතුව ඇය ඇඳේ වැතිර සිටී. මේ දුටු රපෙත් නෝනා, ඇය මේ විදියට
සිටියහොත් තවත් දින දෙකක්, හතරක් පමණක් නොව, දින අටක් වුවද ජීවත්ව සිටිනු ඇතැයි සිතුවාය.
ඇගේ කෑදර සිත බියෙන් පිරුණි. ඒ අතර ඇයව රැවටූ කපටි ගොවියා සහ, සිතු තරම් ඉක්මනින් මිය නොයන
ගැහැණිය කෙරේ ඇයට ඇති වූයේ මහත් කෝපයකි.
කෙසේ වුවද ඇය මැහැළිය දෙස ඉඳ හිට හොරෙන් බලමින් වැඩ කරන්නට පටන් ගත්තාය. හොනරේ උදේ
ආහාරය ගන්නට එන විට, ඔහු සතුටින් පසුවිය. ඔහු හිතුවාටත් වඩා හොඳින් තිරිඟු අස්වැන්න එකතු
කිරීමේ කාර්යයේ යෙදුණි. රපෙට් නෝනාගේ සිත දැන්, කම්මලක් වැනි විය. ඇය තරහෙන් පිපිරෙමින්,
මේ කාලකන්ණි මැහැළිය ජීවත් වන සෑම විනාඩියක්ම ඇයට වන අලාභය ගැන සිතුවාය. මේ ඇට්ටර
නාකි ගැහැණිය, ඌරු හිසක් ඇති මේ මැහැළිය ගේ සුවාසය, බෙල්ල මිරිකා සදහටම නවත්වා දමන්නට
ඇයට ක්ෂණික සිතක් පහළ වූවද, එහෙත් එයින් ඇති විය හැකි අනතුරුදායක තත්වය ගැන සිතුවාය.
මේ අතර ඇගේ සිතට අනෙක් සිතුවිල්ළක් ඇයට පැමිණියාය. ඇඳ අසළට ගිය ඇය මැහැළියගෙන් මෙසේ
ඇසුවාය. ...”ඔබ යක්ෂයා දැක තිබේද?
මැහැළිය ‘නැහැ’ යන්න පෙන්වන්නට හිස නමින් කුඩා කෙඳිරියක් ඇති කලාය. දැන් රපෙත් නෝනා,
යක්ෂයා ගැන කතා දුර්වල මනසක් ඇති මැහැළියට මෙසේ කියන්නට පටන් ගත්තාය. ..”මිය යන්නට
විනාඩි කීපයකට පෙර යක්ෂයා එන්නේ මෙහෙමයි”... ”යක්ෂයා අතේ කොස්සක් තියෙනවා”...” හැළියක්
ඔහුගේ හිසේ නවා ගෙන ඉන්නේ”...”ඔහු මහා විශාල ශබ්ද ඇති කරනවා”...”කව්රුන් හෝ ඔහුව දුටුවොත්,
එය ඒ දුටු කෙනාගේ අවසානයයි”...
ඉන්පසු ඇය පසුගිය වසරේ යක්ෂයා දුටු අයගේ නාමාවළියක් ඇය කියාගෙන ගියාය. “ජොසපින්’ , ඉයුජින්’,‘
රැටියර්’, ‘සොෆී’, ජෝන්, ජෙෆ්රි ... මේ නාමාවළිය කියාගෙන යන විට, බිය පත් වූ මැහැළිය ඇයගේ උපරිම
ශක්තිය යොදමින් කාමරයේ අනෙක් කොන දෙස බලන්න උත්සාහ ගත්තාය. මේ අතර රපෙට් නෝනා
හදිසියේම ඇඳ අසලින් ඉවත්ව ගියාය.
ඇය අල්මාරියෙන් පොරෝනාවක් ගෙන, ඇඟ වටා ඔතා ගත්තාය. කකුල් තුනක් ඇති යකඩ සාස් පාන මුනින්
නවා ඔළුව උඩ තබා ගත් ඇය දැන් පෙනෙන්නේ අන් තුනක් ඇති සතෙක් මෙනි. කොස්ස දකුණු අතට ගත්
ඇයගේ, වමතේ තිබුනේ බඳුන් වැසීමට ගන්නා විශාල යකඩ පියනකි. ඇය කාමරයේ දොර අසලට ගොස්,
මැහැලිය දෙසට ඒ පියන විසි කළාය. පියන බිම වැටෙන විට මහා ශබ්දයක් ඇති විණ. ඊළඟට ඇය කලේ
පුටුවට නැගීමයි. නොයෙකුත් විකාර ශබ්ද ඇති කරමින් උඩ පැන්නාය. කොස්ස උඩ දමමින් විකාර
රැඟුමක් පෑවාය.
අපමණ භීතියකින් වෙළුණු මැහැළිය, විශාල දිරියක් ගෙන නැගිටින්නට උත්සාහ කළාය. ඇය සිහින් දඬු
වැනි අත් දෙකෙන් ඉස්සෙන්නට උත්සාහ කලාය. ඇය උරහිස් යන්තම් ඔසවා ගත්තද, ඇය හුස්ම තදවීමෙන්
නැවතත් ඇඳ මතටම ඇද වැටුනාය. ඒ ඇයගේ අවසානය විය.
රපෙට් නෝනා බොහෝ ශාන්තව ඒ සියළු දේ තිබුණු තැන් වලින්ම තිබ්බාය. පොරෝනාව අල්මාරිය ඇතුළේද,
සාස් පාන කුස්සියේ රාක්කය මතද, යකඩ පියන කුස්සියේ මුල්ලකින්ද තැබුවාය.
දැන් සම්ප්‍රදාය අනුව, භීතියෙන් මුව සහ ඇස් විවර වී තිබුණු මැහැළිය ගේ දේහයේ ඇස් සහ කට වසා දැමුවාය.
මල් කිනිත්තක් කඩා, එය දැමූ ශුද්ධ වූ ජලය ඇති පීරිසියක් දේහය අසළ තබා, දේහය අසල දන ගසා ගෙන
ඇයගේ වෘත්තියට ගැලපෙන අයුරෙන් මළවුන් සඳහා වූ යාඥාව ඕනාකමෙන් සහ ගෞරවණීය අයුරෙන්
කියන්න පටන් ගත්තාය.
හොනරේ හවස් යාමයේ පැමිණෙන විට, යාඥා කරන රපෙත් නෝනා දැක ඇයට ගෙවිය යුතු මුදළ කුමක්දැයි
ගණන් බැලුවේය. ඇය අම්මා බලාගෙන ඇත්තේ දහවල් තුනක් සහ රාත්‍රියක් පමණි. ඒ අනුව ඇයට ලැබිය යුතු
ගණන ෆ්‍රෑන්ක් පහකි. එහෙත් පොරොන්දුව පරිදි ඇයට ෆ්‍රෑන්ක් හයක් ගෙවිය යුතුව තිබිණ.
අපටත් දැන් “රපෙත් නෝනා”කෙනෙක් සොයා ගන්න කාලය ඇවිත්!
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
Visit this group at https://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/d/optout.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
Dear Norma,
I am writing from San Juan, from the one and only hotel here. I visited Mother this afternoon—a half-hour drive along a tortuous road. Her condition is as bad as I had feared, and worse. She cannot walk without her stick, and even then she is very slow. She has not been able to climb the stairs since returning from the hospital. She sleeps on the sofa in the living room. She tried to have her bed shifted downstairs, but the men said it had been built in situ, could not be moved without being taken to pieces first. (Didn’t Penelope have a bed like that—Homer’s Penelope?)

Her books and papers are all upstairs—no space for them downstairs. She frets, says she wants to get back to her desk, but can’t.
There is a man named Pablo who helps in the garden. I asked who does the shopping. She says she lives on bread and cheese plus what the garden provides, doesn’t need more. Nevertheless, I said, couldn’t she get one of the women from the village to come in and cook and clean? She wouldn’t hear of it—she doesn’t have relations with the village, she says. What about Pablo? I said—Isn’t Pablo part of the village? Pablo is my responsibility, she said. Pablo does not belong to the village.
Pablo sleeps in the kitchen, as far as I can see. He is not all here, or not all there, or whatever the euphemism is. I mean, I think he is an idiot, a simpleton.
I didn’t raise the chief subject—wanted to, but didn’t have the courage. I’ll do so when I see her tomorrow. I can’t say I am hopeful. She has been cool to me. She has a shrewd idea, I suspect, of why I have come.
Sleep well. Give my love to the children.
John
“Mother, can we discuss your living arrangements? Can we talk about the future?”
His mother, seated in her stern old armchair, built no doubt by the same carpenter who built the immovable bed, says not a word.
“You must know that Helen and I worry about you. You have had one bad fall, and it is only a matter of time before you have another. You aren’t getting any younger, and living by yourself in a house with steep stairs in a village where you are not on good terms with your neighbors—frankly, it doesn’t seem a viable existence, not anymore.”
“I don’t live by myself,” his mother says. “Pablo is with me. I have Pablo to rely on.”
“I agree, Pablo lives with you. But can you really rely on Pablo in an emergency? Was Pablo any help to you last time? If you hadn’t been able to telephone the hospital, where would you be today?”
Even as the words leave his mouth, he knows he has made a mistake.
“Where would I be?” says his mother. “You seem to know the answer, so why ask me? Under the earth, being devoured by worms, I presume. Is that what I am supposed to say?”
“Mother, please be reasonable. Helen has been investigating and has located two places not far from where she lives where you would be well looked after and where she and I believe you would feel at home. Will you allow me to tell you about them?”
“Two places. By places do you mean institutions? Institutions where I will feel at home?”
“Mother, you can call them what you will, you can sneer at Helen and sneer at me, but that doesn’t alter the facts—the facts of life. You have already had one serious accident, of which you are suffering the consequences. Your condition is not going to get better. On the contrary, it is all too likely to get worse. Have you thought what it will be like to be bedridden in this godforsaken village with only Pablo to see to your needs? Have you thought what it will be like for Helen and me, knowing that you are in need of care, yet unable to care for you? Because we can’t come flying thousands of kilometers every weekend, can we?”
“I don’t expect you to.”
“You don’t expect us to, but that is what we will have to do, that is what one does if one loves someone. So please do me a favor and listen quietly while I set the alternative before you. Tomorrow or the next day or the day after that, you and I will leave this place and drive to Nice, to Helen. Before we leave I will help you pack up everything that is important to you, everything you want to hold on to. We will pack it all in boxes ready to be shipped once you are settled.
“From Nice Helen and I will take you to see the two homes I mentioned, the one in Antibes, the other just outside Grasse. You can have a look at them and see how you feel. We will put no pressure on you, none at all. If you like neither, so be it, you can stay with Helen while we look elsewhere, there is plenty of time.
“We just want you to be happy, happy and safe, that is the goal of it all. We want to be sure that if there is some mishap, there will be someone at hand, and you will be taken care of.
“I know you don’t like institutions, Mother. Nor do I. Nor does Helen. But there comes a point in our lives when we have to compromise between what we ideally want and what is good for us, between independence on the one hand and security on the other. Here in Spain, in this village, in this house, you have no security at all. I know you disagree, but that is the brute reality. You could fall ill and no one would know about it. You could have another fall, and lie unconscious, or with broken limbs. You could die.”
His mother gives a little flick of the hand, as if to dismiss the possibility.
“The places Helen and I are proposing are not like institutions from the old days. They are well designed, well supervised, well run. They are expensive because they spare no expense in the interest of their clientele. One pays, and in return one gets first-class care. If it turns out that expense is an issue, Helen and I will happily contribute. You will have your own small apartment; in Grasse, you can have a small garden of your own too. You can either take your meals in the restaurant or have them brought to your apartment. Both places have a gymnasium and a swimming pool; they have medical staff on hand at all times, and physiotherapists. They may not be heaven, but for someone in your position they are the next best thing.”
“My position,” says his mother. “And what exactly is my position, according to you?”
He throws up his hands in exasperation. “Do you want me to say it?” he says. “Do you really want me to say the words?”
“Yes. Just for a change, just as an exercise, tell me the truth.”
“The truth is that you are an old woman in need of care. Which a man like Pablo cannot give.”
His mother shakes her head. “Not that truth. Tell me the other truth, the real truth.”
The real truth?”
“Yes, the real truth.”
Dear Norma,
“The real truth”: that was what she demanded, or perhaps implored.
She knows very well what the real truth is, as do I, so it should not have been hard to speak the words. And I was angry enough to do so—angry at having to come all this way to perform a duty for which you or Helen or I will get no thanks, not in this world.
But I could not. I could not say to her face what I have no difficulty in writing here, now, to you: The real truth is that you are dying. The real truth is that you have one foot in the grave. The real truth is that already you are helpless in the world, and tomorrow you will be even more helpless, and so forth day after day, until the day comes when there will be no help at all. The real truth is that you are in no position to negotiate. The real truth is that you cannot say No.
You cannot say No to the ticking of the clock. You cannot say No to death. When death says Come, you must bow your head and come. Therefore accept. Learn to say Yes. When I say, Leave behind the home you have made for yourself in Spain, leave behind your familiar things, come and live in—yes—an institution where a nurse from Guadaloupe will wake you up in the morning with a glass of orange juice and a cheery greeting (Quel beau jour, Madame Costello!), do not frown, do not dig in your heels. Say Yes. Say, I agree. Say, I am in your hands. Make the best of it.
Dear Norma, there will come a day when you and I too will need to be told the truth, the real truth. So can we make a pact? Can we promise that we won’t lie to each other, that no matter how hard it may be to say the words, we will say them—the words It is not going to get better, it is going to get worse, and it is going to go on getting worse until it can get no worse, until it is the very worst?
Your loving husband,
John
Copyright © 2011 by J.M. Coetzee



(Hector Hugh Munro හෙවත් Saki Munro ගේ The Open Window කෙටි කතාවේ පරිවර්තනයකි. )
” මගේ නැන්දා ඉක්මනින් ම ඒවි නටෙල් මහත්මයා… ” දැරිය කීවාය. ඇය ඉතා විනීත මෙන් ම තැන්පත් පෙනුමක් තිබූ පහළොස් හැවිරිදි දැරියකි. ” ඉතින් ඇය එනකම් ඔබට බලා ඉන්න වෙනවා.. කමක් නැහැ.. මම ඉන්නවනේ ඔබේ තනියට..”
පැමිණීමට නියමිත නැන්දණිය පිළිබඳව, මේ දැරියගේ සිත සතුටුවන ආකාරයේ යමක් කීමට ෆ්රැම්ටන් නටෙල් උත්සාහ කළේය. එමෙන් ම මේ සම්පුර්ණයෙන් ම නාඳුනන මිනිසුන් මැදට පැමිණීම තම ස්නායුවලට අත්කර දෙනු ඇත්තේ කුමනාකාරයේ සෙතක් දැයි ඔහු කල්පනා කළේය.
“ඔබ මේ පළාතේ මිනිස්සු ගැන මොනවම හරි දන්නවද?” දැරිය ඇසුවේ දිගින් දිගටම කල්පනාවේ ගිලී සිටි අමුත්තාගෙනි.
“මම අඳුනන කවුරුවත් මෙහෙ නැහැ..” නටෙල් කීවේය. “මෙහෙ දේවගැතිතුමාගේ පාලනය යටතේ තිබෙන කාර්යාලයේ මගේ අක්ක අවුරුදු හතර පහකට කලින් රැකියාවක් කළා. ඉතින් එයා තමයි මාව මෙහෙට යොමු කළේ. පළාතේ කිහිප දෙනෙකුගේම නමට මාව හඳුන්වාදීමේ ලිපි ඇය ලියල දුන්න..
සැපල්ටන් මහත්මිය විවාහකද, අවිවාහක්ද, වැන්දඹු ද යන්නවත් ෆ්රැම්ටන් නටෙල් දැන සිටියේ නැත. වචනයෙන් විස්තර කිරීමට නොහැකි වූවත් , මේ ගෙදර පිරිමියෙකු ජීවත්වූ ලකුණු ඇතැයි නටෙල්ට සිතුණි.
“මේ ඔක්තෝබර් මාසයේ හැන්දෑවක් වෙලත් අපි ඔය ලොකු ජනේලය වහන්නේ නැත්තේ ඇයි කියල ඔබට හිතෙනවා ඇති.. ” දැරිය කීවේ විශාල, උස් ජනේලයක් පෙන්වමිනි. විවෘතව තිබූ ඒ තුලින් නිවසේ උද්‍යානයට පිවිසිය හැකි බව නටෙල් දුටුවේය.
“අපොයි ඔව්.. ඇගේ කතා බහට මම සවන් දෙමින් හිටියේ ඉතා ආශාවෙන්…”
“මේ ජනේලය විවෘතව තියෙන එක ගැන ඔබේ විරුද්ධත්වයක් නැහැ කියල මම හිතනවා.. මගේ ස්වාමියා සහ මල්ලිලා දෙන්න දඩයමේ ගියානේ.. ඔවුන් ගෙට ඇතුළුවෙන්න පුරුදු වෙලා තියෙන්නේ ඔය ජනේලයෙන්.. අද ඒගොල්ලෝ විල්ලුවෙන් එහා මඩ වගුරේ දඩයමේ ගියා…
සැකයක් නෑ දැන් ඉතින් ගෙදර් ඇවිල්ල මේ මගේ බුමුතුරුණුවල මඩ ගානවා… පිරිමි අයට ඔව්වයේ ඒ හැටි ගානක් නෑ.. නැද්ද..?”
සතුන් දඩයම් කිරීම ගැන ඇය දිගින් දිගටම දොඩවන්නට වූයේ අප්‍රමාණ සතුටකිනි. වාසනාව තිබේ නම් ශීත සෘතුවේ වුවද තාරාවෙකු දඩයම් කරගැනීමට ඇති හැකියාව ගැන ඇය කීවාය. ෆ්රැම්ටන් නටෙල්ගේ සිතට මේ කතාබහ නිසා ඇතිවී තිබුණේ අප්‍රමාණ භීතියකි. ඇගේ දෙනෙත් ඔහු පසෙකින් තිබූ විවෘත ජනේලය දෙසට නිරතුරුවම යොමුව තිබූ අයුරු ඔහු භීතියෙන් යුතුව නිරීක්ෂණය කළේය. ඛේදවාචකයක සංවත්සරය යෙදී ඇති මෙවන් දිනයකම මෙහි පැමිණීමට සිදුවීම කෙතරම් අවාසනාවක් ද!
” දොස්තරලා එකඟ වුණා මම සිත කළඹන සහ ශාරීරික වෙහෙස ඇතිවෙන හැම දෙයක්ම මඟහැරලා විවේක ගන්න ඕන කියන එක ගැන… ” දිගින් දිගටම ඇදී ගිය මාතෘකාවෙන් දැඩි නොසන්සුන්කාරී අපහසුවකට පත්ව සිටි ඔහු කීවේය. ” ඔවුන් කියන්නේ මම “සම්පූර්ණ විවේකයක්” ගත යුතු බවයි. ඒත් මම ගන්න ඕන කෑම බීම ගැන නම් ඔවුන්ගේ එකඟත්වයක් නැහැ… ”
“නෑ ..?” සැපල්ටන් මහත්මිය ඈනුමක් හරින්නාක් මෙන් ඉතා උදාසීන අයුරින් විමසුවාය. මීළඟට ඇය එක්වරම කලබල වූවා ය. ඒ නටෙල් කියූ දෙයකට නම් නොවේ.
“ඔය එන්නෙ අන්තිමට! ” ඇය කෑගැසුවේ අප්‍රමාණ සතුටකින් සහ ප්‍රබෝධයෙනි.
“ඇති යන්තම් තේ වෙලාවට ආව… බලන්නකෝ හැටි… මේ අය නිකම් ඇස් ළඟට එනකම් මඩ වගුරක ගිලිලා ඉඳල වගේ.. !!”
ෆ්රැම්ටන් නටෙල් කිළිපොලා ගියේය. ඔහු දැරිය දෙස බැලුවේ ඉතා සානුකම්පිත සහ, තමන්ට මෙම තත්වය තේරෙන බවක් දෑසින් පළ කරමිනි. විවෘත ජනේලය දෙසට යොමුව තිබූ ඇගේ දෑස් බියෙන් ත්‍රස්තව තිබුණි. භීතියෙනුත් භීතියට පත් නටෙල් ආපසු හැරී තමන් පිටුපසින් වූ විවෘත ජනේලය දෙසට නෙත් යොමු කළේය.
ක්‍රමයෙන් දැඩිවෙමින් පැවති අන්ධකාරයත් සමඟ තණබිම හරහා ජනේලය දෙසට ඇවිද ආවේ මිනිස් රූ තුනකි. ඔවුන් තිදෙනාගේම අත්වල තුවක්කු තිබුණු අතර එක් අයෙකුගේ උරහිසෙන් සුදු පැහැති කබායක් ද එල්ලා වැටුණි. ඔවුන් සමීපයෙන් ම උඩ පනිමින් දුව ආවේ දුඹුරු පැහැ කුඩා ස්පැනියල් සුනඛයෙකි. ඔවුන් තණබිම හරහා ආවේ අවතාර බඳු නිශ්ශබ්දතාවයකිනි.
එක්වරම ඒ නිහඬ බව බිඳිමින් අඳුර තුළින්,….
“බර්ටි.. ඔබ කොහෙද මේ දුවන්නේ… ?” යැයි හඬක් නැගුණි.
වියරුවෙන් මෙන් නැඟී සිය තොප්පිය සහ සැරයටිය අතට ගත් ෆ්රැම්ටන් නටෙල් සාලය හරහා දිව ගොස්, විවෘතව තිබූ දොරෙන් එළියට පැන කුඩා මාවත දිගේ ඔහු පැමිණි දෙසටම දිවගියේය. ඉදිරියෙන් ආ පාපැදිකරුවෙකුට ඔහුගේ ඇඟේ නොහැපීමට පාරෙන් ඉවත්වී බයිසිකලය බඩවැටියට හේත්තු කරගැනීමට සිදුවිය.
“ඔන්න අපි ගෙදර ආවා… ” සුදු වැහි කබාය උරහිස මත දමාගෙන් සිටි පුද්ගලයා ජනේලයෙන් නිවස තුලට ඇතුළුවෙමින් කීවේය. “සෑහෙන්න මඩ නාල නම් තමයි..ඒත් ඉන් වැඩි හරිය දැන් වේලිලා…
කවුද අර අපි එද්දිම ඉස්සරහ දොරෙන් පැනල දිව්වේ? ”
“අනේ මන්ද… මේ නටෙල් කියල කවුද හාදයෙක්.. හරි පුදුම මිනිහෙක්. මෙහෙ ආව වෙලාවේ ඉඳන් එයාට තියෙන අසනීප ගැන කියෙව්වා. ඕගොල්ලෝ එනවා දැක්ක විතරයි අවතාරයක් දැකල බය වුණා වගේ ගෙයින් එළියට පැනල දිව්වා. එයා අපිට ආයිබෝවන් කිව්වෙත් නෑ, එකපාරටම යන එක ගැන සමාව ඉල්ලුවෙත් නෑ.. නිකං ම පැනල දිව්වා මෙලෝ සිහියක් නැතුව..”
“මම හිතන්නේ එයා බය වුණේ අපේ බල්ලව දැකල.. ” ලේලිය කීවේ ඉතා සන්සුන් ආකාරයෙනි. “එයා බල්ලන්ට බොහොම බයයි කියල මාත් එක්ක කිව්වා. එක පාරක් පිස්සු බලු රංචුවක් එයා පස්සේ එලෝගෙන ඇවිත්, උන්ගෙන් බේරෙන්න ගංගානම් ගඟ අයිනේ තිබ්බ විශාල සොහොන් පිට්ටනියකට පැනගන්න එයාට සිද්ධවෙලා. උන් එතනටත් ඇවිත්. අන්තිමේදී එතන තිබ්බ අලුත හාරපු මිනී වලකට බැහැල තමයි බේරිලා තියෙන්නේ. එයාට සිද්ධවෙලා මුළු රෑම ඒකෙ ගත කරන්න.. බල්ලෝ ටිකත් මිනී වල වටේ හිටියලු මුළු රෑම – බුර බුර, මෙයාව හපන්න පැන පැන, සෙම බේර බේර.. ඉතින් ඒකම මදෑ මිනිහෙක්ව පිස්සු වට්ටවන්න..!”
ඉතා කෙටි කාලයක් තුල අපූර්ව ආකාරයේ කතා ගෙතීමට මේ දැරියට තිබුණේ අති විශිෂ්ඨ හැකියාවකි.

(උර්දු ලේඛක ක්‍රිශන් චන්දර් ගේ උපහාසාත්මක කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙනි. ඉන්දීය සාහිත්‍ය ඇකඩමිය විසින් පළ කරන ලද Krishan Chandar- Selected Short Stories කෘතියේ මෙය ඇතුළත් වන්නේ The Brinjal Cutout නමිනි.)
ඉතින් මොරම්පූර් හි මගේ ව්‍යපාරික කටයුතු මුළුමනින් ම කඩා වැටීම හේතු කොට ගෙන මා මේ වනවිට සිටින්නේ ආර්ථික ආගාධයේ පතුළට ම වැටිලා ය. අපේ පවුලේ අයට තාමත් එසේ නොවුණාට වැඩිකල් යා නොදීම හාමතේ ඉන්නට සිදු වනු නිසැක ය. මගේ පසුම්බියේ තව ඉතිරි ව ඇත්තේ පයිසා පනහක් පමණි.
‘ආටා පොඩ්ඩක් හරි නැද්ද?’ මම බිරියගෙන් විමසීමි. ‘තියෙනවා’ ඕ පිළිතුරු දුන්නා ය. ‘යාන්තම් චපාති හතරකට සෑහෙන තරමට’
මම සාක්කුවේ තිබූ අන්තිම ඇනා අටේ කාසිය අතට ගතිමි. ‘ගිහිල්ල වම්බටු ටිකක් ගේන්න’ එය ඇය අත පත් කරමින් මම කිමි.‘රසට වම්බටු වෑංජනයක් උයන්න, අපි චපාති කමු ඒවත් එක්ක’
‘දවාල නම් කොහොම හරි පිරිමහා ගත්තෑකි’ මගේ යහපත් ස්ත්‍රිය කණගාටුවෙන් එවිට කීවා ය. ‘ඒත් හැන්දෑවට මොකද කරන්නේ?’
‘ඒ ගැන කරදර වෙන්න එපා සීදේවී, උඩ ඉන්න ඇත්තො අපි ගැන බලා ගනීවි’
එවිට මගේ දෑස එක්වර ම නතර වූයේ අප විවාපත් අලූත අග්‍රාහි තාජ්මහල් වෙත ගිය විනෝද ගමනේ දී අපේ ආදරයේ සිහිවටනයක් ලෙස මා ඇයට තිලිණ කළ වීදුරු මංජුසාවක ඇතුළත් කොට ඇති තාජ් මන්දිරයේ අනුරුව වෙතයි. එය දැන් අපේ සාලයේ සයිබෝට්ටුව මත තබා තිබේ. ආදරය විසින් නිමවනු ලබන දෑ ගැන කිසිවකුටත් ඉඳුරා ම කිව නොහැකි ය. රුපියල් දහයක් වටනා ඒ ත්‍යාගය ඇයට දුන් විට ඇගේ දෑස් දිදුළේ ය.
‘මොකුත් ම නැත්නම් මේ ටාජ්මහල හරිම අපුරුයි’ මම දෑස් එහි අලවා ගෙන ම කීමි. ‘විකුණන්න’
එවිට ලේ සියල්ල ඉවතට ඇද ගත්තාක් මෙන් ඇගේ මුහුණ සුදුමැලි විය. කණගාටුවෙන් සහ තරහින් වෙව්ලන හඬින් ඇය කීවේ ‘මට ඔයා ඒක විකුණනව බලා ඉන්න බෑ. ඒක මගේ විවාහ සතුටේ සංකේතය’ කියා ය.
‘හරි හරි මම ඒක විකුණන්නේ නෑ.’ මම ඇගේ වික්‍ෂිප්තිය සංහිඳුවනු වස් නිවුණු සරින් කීමි. ‘වෙනින් මොනව හරි විකුණනව. උඩ ඉන්න ඇත්තො අපට වෙනින් මොකක් හරි මඟක් පෙන්නාවි. දැන් ඉතිං ඉස්සෙල්ලාම ගිහිං වම්බටු අරන් එන්නකෝ. මට හොඳටම බඩගිනියි.’
වම්බටු මිල දී ගෙන ආ මගේ බිරිය කුස්සි පිහියෙන් ඒවා කපන්නට වූවා ය. පළමු වම්බටු කරල දෙකට කැපූ ඈ පිහිය හඬනගා බිම දැමුවා ය.
‘ඒයි’ ඇගේ හඬ මා සොයා ආයේ ය.
‘බලන්න’ ඕ වම්බටු අඩ මා වෙත පෑවා ය. ‘මේකෙ මොනව හරි ලියල තියෙනවානේ.’
මම ඒ දෙස විපරමින් බැලිමි. තෙත් ගතියෙන් යුත් වම්බටු පෙත්තේ ඇට මුතු ඇමිණු සේ තිබූ අතර Allah යනුවෙන් ලියා තිබිණි.
‘අනේ දෙයියනේ’ මම නලලත පහරා ගනිමින් කීමි. ‘ඒ මුස්ලිම් අයගේ දෙවියන් වහන්සේ’
එසමයේ මා පදිංචිව සිටි පුර්බියන් නිවාස සංකීර්ණයේ හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන වර්ගවලට අයත් ප්‍රජාව සම අයිතිවාසිකම් භුක්ති විඳමින් සාමයෙන් දිවි ගෙවූහ. ආරංචිය ඇසූ ඒ මිනිස්සු සිය නිවාසවලින් නික්ම මගේ නිවස්නයට ඇ දී ආහ. හින්දුහු සහ ක්‍රිස්තියානිහු දැඩි සේ විවේචනාත්මක වුහ. ඔවුහු මේ ප්‍රකට සාධකය පිළිගැනිම ප්‍රතික්‍ෂෙප කළෝ ය. එහෙත් මුස්ලිම්මු සිය විශ්වාසයේ තදින් ම එල්බ ගෙන සිටියෝ ය. හජ් වන්දනාවේ අත්දැකීම් ඇති මියැන් අච්චාන් එය වෙත ප්‍රථම භක්ත්‍යාදර පූජාව කළේ ය.
මම ටාජ් මහලේ අනුරුව බහා තිබුණු වීදුරු කුටීරයෙන් එය ඉවතට ගෙන පසෙක තබා කාටත් පැහැදිලිව දැක ගත හැකි වන පරිදි වම්බටු කැබැල්ල එහි තැන්පත් කළෙමි. ඒ එක්කම වාගේ මුස්ලිම්මු එය ඉදිරිපිට බිම කොළ පැහැති ඇතිරිල්ලක් අතුළහ. දුම්කොළ වෙළෙන්දා වන මුනී මියැන් ශුද්ධ කුරාණ පාඨ සජ්ඣායනා කරන්නට වන්නේ ය.
නොබෝ වේලාවකින් වම්බටු පෙත්තේ කතන්දරය නගරයට ද පැතිර ගියේ ය. අපේ ගමට අල්ලපු ගම් සියල්ලේමත් නුදුරින් පිහිටි ගම්වලත් මිනිස්සු සුනංගු නොවී එය දැක බලා ගන්නට මගේ නිවස වටා රොද බඳිමින් සිටියෝ ය.
‘මේ ගැන මොකුත් හිතෙන්නෙ නැද්ද? අල්ලාගේ ලාංඡනය ඇවිල්ල තියෙන්නේ මිත්‍යදාස්ටිකයකුගේ ගෙදරට නේ!’ ඇතැමෙක් කීහ.
වැටෙන පුද පඬුරු ප්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේ ය. පළමු දින පහළොව තුළ රුපියල් එක්දහස් පන්සියයක් ඉක්මවන මුදලක් එක් රැස් වු අතර ඉන් තුන්සියයක් හෂිස් අදිමින් පැය විසිහතර පුරා ම එය මුර කළ කිරන් ෂා පූජක තැනට දෙන ලදී.
දෙසතියකින් මිනිසුන්ගේ ආගමික උද්‍යෝගය හීන වි ගිය අතර වන්දනාමානයට පැමිණියේ ඉඳහිට එකෙක් දෙන්නෙක් පමණි. එක් රැයෙක කරන් ෂා තුමා හෂිස්වලින් මත් ව දැඩි නින්දේ සිටි අවස්ථාවක කුතුහලාත්මක ව බිරිය ඇහැරවා වම්බටු කෑල්ල සහිත මංජුසාවේ පිධානය විවෘත කැර ඇයට එය දක්වා දැන් එහි දකින්නට ඇත්තේ කුමක් ද’යි විමසීමි.
‘අල්ලා’ ඕ තෙපළා ය.
මම එය මදක් එහා මෙහා කළෙමි. එවිට ඊ මත ආලෝකය පතිත වන කෝණය වෙනස් වී ය.
‘දැන් මොකක්ද කියැවෙන්නේ?’
‘ ඕම්. ඒ ඕම්’ ඕ විමතියෙන් එහෙත් නිශ්චිත ව කීවා ය.
මහ රැයේ ම මම පණ්ඩිත රාම් දයාල්ගේ නිවෙස වෙත ගොස් දොරට තට්ටු කළෙමි. කාරණය ඔහුට විස්තර කැර දුන් මම ඔහු මගේ නිවෙස වෙත කැඳවා ගෙන ආමි. ‘අරේ ඇත්තමයි. ඒ තියෙන්නේ ඉංගී‍්‍රසි AU අකුරු. ඒකෙන් කියැවෙන්නේ ඕං තමයි.‘ එය පිරික්සු හේ හඬ නගා කී ය. ‘මේකුං අපිව රැවැට්ටුවා පහුගිය සති දෙකේ ම’
පණ්ඩිතගේ කෑ ගෑමෙන් කිරන් ෂා විභ‍්‍රාන්තියෙන් මිදි ගැස්සී අවදි විය. මෙතැන සිදු වෙමින් පවතින්නේ කුමක් ද’යි වටහා ගන්නට ඔහුට තවත් වේලාවක් ගත විය. ඔහුට කළ හැකි වූයේ අබබ්බ ලෙසින් අප දෙස බලා හිඳී ම පමණක් ම ය. පණ්ඩිත තෙමේ පහරක් දී ඔහු නැගිටු වීය. ඔහුගේ පස්සට තවත් පහරක් දුන් පණ්ඩිත ‘උඹලා අපේ ධර්මයට නිගරු කළා. ඕං කියා පැහැදිලි ව පේන්න තිබෙද්දිත් ඒ තියෙන්නේ අල්ලා කියා අපේ ධර්මයට නිගරු කළා. අපහාස කළා.’ කියමින් ඔහු මගේ නිවෙසින් පළවා හළේ ය.
ඇත්තට ම එහි ඇත්තේ ‘ඕං’ ය යන පුවත ලැව් ගින්නක් සේ වහා පැතිර ගියේ ය. වම්බටු කැබැල්ල ඉදිරිපිට ස්තෝත්‍ර සජ්ඣායනය ඇරැඹිණි. ජනයා පැමිණ ශ්ලෝකයක් හෝ පාඨයක් හෝ කියා සම්මාදමක් දුන්නෝ ය. ඒවායින් පණ්ඩිතගේ කොටහ මම ඒ ඒ අවස්ථාවල ම ඔහුට දිනිමි. ඔහු බොහෝ මහන්සියෙන් ශ්ලෝක ගායනයේ යෙදුණු අතර වැටෙන දෙයකින් වැඩිපුර ඔහුගේ පැත්තට ඇද ගන්නට නිතර සූදානමින් සිටියේ ය. එහෙත් ඔහු මුලා කරන්නට මම සමත් විමි. වම්බටු කැබැල්ලට මගේ හිමිකම අත් හැර දමන්නට මට නොහැකි ය.
වම්බටු හරස්කඩ හොඳින් දැක බලා ගනු සඳහා මහා නගරයේ සිට යෝගීන් ද සාධුන් ද මගේ නිවසට වැල නොකැඩි එන්නට පටන් ගෙන ගත වූයේ නොබෝ දිනකි. Allah ගේ තැන AU විසින් අභිභවනු ලැබීම වේගයෙන් සිදු වූ අතර එය අදහන්නටත් අසීරු අරුමයක් ම විය. පනිපිත් සංග්‍රාමයේ දී මිසදිටුවන් අතින් හිංසා ලැබුවන් ගැන උන් වහන්සේගේ අවධානය යොමු වී ඇත් ද? මේ අතර හින්දු ආගම අන් සියලූ ආගම්වලට වඩා උසස් බව තරයේ කියා සිටින සම්මේලන පවා පැවැත්විණි. මෙයාකාරයෙන් මම මේ ආගම් දෙකේ අනුගාමිකයන් අතර ආතතියක් ඇති කිරීමේ නිර්මාපකයා වීමි.
වම්බටු හරස් කැපුමේ ඇත්තේ AU හැර අන් යමක් නොවෙතැයි හින්දුහු තරයේ කියා සිටියෝ ය. ඒ අතර මුස්ලිමුන් දැඩි ව කර්ක කළේ එහි ඇත්තේ Allah හැර අන් යමක් නොවන බවයි.
‘ ඕං’
‘අල්ලා’
‘හරී. ඕං සත්‍ය’
‘අල්ලා හ්උ- අක්බාර්’
එම දවස් පහලොව තුළ ද රුපියල් එක්දහස් පන්සියය ඉක්මවන මුදලක් එක් රැස් වී තිබිණි. ඒ පූජා කළ රණබරණවලට අමතර වශයෙනි. ඒ සියල්ල මහත් වාසනාවක් සේ මා වෙත ම ඇද ගතිමි.
නැවතත් පෙර මෙන් ම මිනිසුන්ගේ උනන්දුව හින වී ගියේ ය. කිසියම් දෙයක් කළ යුතු ය’යි මම සිතීමි. ඇත්තට ම ඒ වනාහි ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක් වූයේ ය.
කෙසේවෙතත් වෙසෙසින් සඳහන් කළ යුතු කාරණයක් නම් වම්බටු මුහුණතේ ස්වරූපය නොවෙනස් ව පැවැති බවයි. සමහරවිට උඩ ඉන්නා ඇත්තන්ගේ හාස්කමින් විය යුතු ය.
එක් රැයෙක රාම් දයාල් ගුරුතුමා බෑං වඩියකින් සප්පායම් වී නිදි ආගාධයක කිමිදෙද් දී මම, මගේ යහපත් බිරින්දෑ නැගිටුවා ගෙන එය ඉදිරියට කැඳවා ගෙනවුත් ‘සීදේවී දැන් බලන්න ළං වෙලා, මොකක්ද පේන්නේ කියලා’ කීමි.
‘AU ඇර ආයේ මොකක්ද එහෙනං?’ ඕ නිදිමතේ ම නොමනාපයෙන් කොඳුළා ය.
මම වම්බටු කැබැල්ලේ කෝණය වෙනස් කළෙමි. ඕ මා දෙස වික්ශිප්තියෙන් බලා දබරැඟිල්ල මුවේ රුවා ගත්තී ය. ‘රාම දෙවියනේ කුරුසයක්නේ. ක්‍රිස්තියානි කුරුසයක්’
මම මුව පියා දෙතොල් මත දබරැඟිල්ල තබා පෙන්විමි. ‘සද්ද කරන්න එපා හෙට එළිවෙනකං. මම උදෙන් ම ගිහිල්ල කතෝලික පල්ලියෙ පියතුමා ව කැන්දං එන්නම්. එතකම් ඉන්න’
ඊළඟ උදෑසන පල්ලියේ පියතුමා තවත් ක්‍රිස්තියානි බැතිමතුන් එකොළොස් දෙනෙකුන් ද කැටුව මගේ නිවස වෙත ආයේ ය. වීදුරු මංජුසාවේ තිබූ වම්බටු කැබැල්ල දුටු ඔවුහු භක්තියෙන් ආලෝලනය වූවෝ ළය මත කුරුසි සටහන් කැර ගනිමින් ගීතිකා ගායනය ඇරඹූහ. ඉන්පසු ගොතන ලද ශිරස්කවලින් හිස් වසාගත් ලස්සන ගවොමින් සැරැහුණු පියකරු ක්‍රිස්තියානි යුවතියෝ සිය කෙණ්ඩාවල සහ උඩිපතුළ්වල මනරම් පැහැ විදාරණය කරමින් මගේ නෙත් සැනැහූහ. ඔවුහු වම්බටු කෑල්ල මත සටහන් වැ තිබූ ක්‍රිස්තුන්ගේ කුරුසයේ හාස්කම දැක ධර්ම සංවේගයට පත් වූහ.
නාගරිකයන් අතර මේ හේතුවෙන් කලහ පැන නැංගේ ය. එහි ඇත්තේ ‘ ඕම් ය’යි හින්දුන් කියනවිට ‘අල්ලා ය’යි මුස්ලිම්හු කිහ. ‘ඔය දෙකම නොවේ. එහි ඇත්තේ කුරුසය’යි එවිට ක්‍රිස්තියානිහු කීහ. මේ නිසා උද්ගත වූ ආරාවුල් ගල් ගසා ගන්නා, පිහියෙන් ඇන ගන්නා තරමට දුර දිග ගිය අතර ඇතැම් ඒවා මාරාන්තික වූහ. සාන්තපුර් හි හින්දුන් දෙදෙනකු ද මිස්ර් මොහොල්ලාවේ මුස්ලිම්මු දෙදෙනෙක් ද මරා දමන ලද්දෝ ය. නගර මධ්‍යයේ මහ දවාලේ ක්‍රිස්තියානි මිෂනාරියකු ඝාතනය විය. ඇඳිරි නීතිය පනවන ලද්දේ ය.
මා සිටින්නේ අනතුරුදායක අඩියකය ය යන්න එවිට මට වැටහිණි. මා අත්අඩංගුවට ගන්නට ඉඩ ඇති බව මට පෙනී ගියේ ය. පසු දින උදේ ඒ ගැන පුර්වාපේක්‍ෂා ප්‍රකට වූ අතර මම සියලූ අපරාධවලට මුල් වූ වම්බටු කැබැල්ල කානුවට විසි කොට, මා සන්තක සියල්ල පොදි ගසා ගෙන රාත්‍රිය පහන් වන්නට පෙර මෙතැනින් වහංගු වී යා යුතු බව බිරියට කිමි. එවිට වෙනත් නගරයක වෙනත් ව්‍යාපාරික කටයුත්තක් මට ඇරැඹිය හැකි වනු ඇත.
ඉතින් එදා රාත්‍රියේ බොම්බායට යා හැකි දුම්රිය මට අල්ලා ගත හැකි වූ අතර මම එනුවර පදිංචියට ගියෙමි. වම්බටු කෑල්ලේ අනුහසින් එක්රැස් කැර ගත් මුදලින් මා ටැක්සියක් මිල දී ගත් අතර එයින් නගරය පුරා එහා මෙහා වේගයෙන් යමින් මුදල් උපයමින් මගේ යහපත් බිරින්දෑ සමඟ සන්තෝෂවත් දිවියක් ගත කරමි. මෙය අසා සිටි යහපත් මිතුරනි, දැන් මා මේ සූදානම් වන්නේ මේ කතාව අවසන් කරන්නට ය.
මේ කතාව කියා අවසන් වීමෙන් පසු මගේ වීදුරුවේ වු අවසන් වඩිය ද එක හුස්මට ගිල දැමීමි. එවිට වීදුරුව ඔසොවන්නට පෙර තිබුණු තැන ශේෂ වී ඇති තෙත් සළකුණ මගේ නෙත ගැටිණි. ‘බලන්න මොහමද්බායි, ’ මම මගේ සහායගාමි ටැක්සි රියැදුරුට එය පෙන්විමි. ‘ඒක මොනවාගේ ද පේන්නේ? ඕම් ? අල්ලා ?’
මොහමද්බායි වහා සළකුණ දෙස නෙත් යෙමී ය. අනතුරුව හේ ප්‍රබෝධවත් ලෙසින් මගේ පිටට තට්ටු කළේ ය.
සහෝදරයා අමතක කරන්නෙපා මේ බොම්බේ බව. මේහේ අපට ඕං නෑ. අල්ලා ම්හ්. කුරුසෙත් එහෙමයි. රුපියල් විතරයි. ඔව් රුපියල් විතරයි. ඒව තමා අපව ඇදං යන්නෙ. මුළු ලෝකෙම ඇදං යන්නේ. දෙවියන්වත් ඇදං යන්නෙ.’
එහි තැනට කිසි අදාළකමක් නොමැති සදොස් දැයක් ලියැවී තිබුණාසේ, ඔහු එක් වරක් අත්ල ඒ හරහා ගෙන ගොස් මකා දැමී ය. ඉන්පසු හේ පිටව යමු’ සන් කරමින් මගේ පිටට තට්ටු කොට පෙරමුණ ගත්තේ ය.
--
කළු සුද්දා (කෙටි කතාව)
- කුෂ්වාන්ත් සිං
(කුෂ්වාන්ත් සිං 1915 - 2014 දැනට පාකිස්‌තානයට අයත් හදාලි නම් ගම්මානයේදී උපත ලැබීය. දිල්ලි හා ලාහෝර් විශ්වවිද්‍යාලවල ශිල්ප හැදැරූ හෙතෙම ඉනික්‌බිති එංගලන්තයට ගොස් නීතිය හැදැරීය. ඔහුගේ පළමු නිර්මාණය Mark of
Vishnu ඇතුළු කෙටිකතා ග්‍රන්ථය 1950 දී ප්‍රකාශයට පත් විය. ඉනික්‌බිති Train to
Pakistan, Delhi, I shall not Hear the Nightingale වැනි ජනප්‍රිය නවකතාද කෙටිකතා රාශියක් ද ලියා තැබීය. පුවත්පත් කලාව, විචාරය වැනි අංශයන්හි මෙන්ම හෙතෙම දේශපාලනයෙහිද ඉදිරියෙන් සිටි දඩබ්බරයෙකි. ඔහු රාජ්‍ය සභා නියෝජිතයෙක් ද විය.
කලාකරුවකුට පිරිනැමෙන ඉහළම සම්මානය වන 'පද්ම භූෂණ' සම්මානයෙන් පිදුම් ලද කුෂ්වාන්ත් සිං ඉන්දිරා රජය විසින් රන් දෙවොල වෙත එල්ල කරන ලද හමුදා ප්‍රහාරයට විරෝධය පාමින් නම්බු පිටින් ඒ සම්මානය ආපසු බාර දුන්නේය.)
දුම්රිය ස්‌ථානයේ පළමු පංතියේ මහත්වරුන්ගේ විවේකාගාරයෙහි වූ කැඩපතින් ශ්‍රීමත් මෝහන් ලාල් තම රුව ඔජ වඩවමින් සිටියේය. ආයෙ කතා දෙකක් නැත. මේ කැඩපතත් පැහැදිලිවම මේඩ් ඉන් ඉන්ඩියා ය. එහි කණපිට රසදිය තට්‌ටුව තැනින් තැන ගැලැවී ගොස් ඇති අයුරුත්, එහි මතුපිට ආලෝක විනිවිදක වීදුරුව හරහා දිග ඉරි විහිද ගොස් ඇති අයුරුත් දුටු ශ්‍රීමත් මෝහන් ලාල් කැඩපත කෙරෙහි උපන් කුලුණු ගුණයෙන් යුතුව ඔලොක්‌කු පාන්නට විය.
"උඹේ කියල ආයෙ වෙනසක් දැකගන්න පුළුවන් වේවිය? මේ රටේ අනික් හැම දේ වගේම උඹත් ඒ මල්ලෙම තමයි. අදක්‍ෂයි, අසමර්ථයි, අජූවයි, හොන්දු මාන්දුයි," ඔහු මිමිණීය.
"මේඩ් ඉන් ඉන්ඩියා" වුවත් කැඩපතද බකන්නිලාගෙන ඒ ඔලොක්‌කුව විඳදරා හිටියේ නැත. කැඩපත ශ්‍රීමත් මෝහන් ලාල්ට පෙරළා සිනාසුණේය.
"තමුන්නැහැගෙ කතාවෙත් ඇබින්දක නිරවද්‍යතාවක් තියෙනව තමයි, නාකි පැංචෝ, කීර්තිමත්, ක්‍රියාශූර - එච්චරක්‌යෑ, කඩවසම් බවත් කියන්න පුළුවන්නෙ. නියමෙට කප්පාදු කළ උඩු රැවුල, ඇඳුම් කට්‌ටලේ සැවිලේ රෝවලින් (කබා කෝට් නිර්මාණය පිළිබඳ පතල කීර්තියක් ලත් සන්නාලින් වෙසෙන ලන්ඩනයේ පිහිටි වීදියකි.) මහපු එකක් බවයි පෙනෙන්නෙ. බොත්තම් කාසෙ කානේෂන් මලකුත් හිනැහෙන්නෙ, ඕඩිකෝලෝන් පුසුමේ බැරුවා, විලවුන් සුවඳ පුස්‌ඹ සබන් ඇඟ ගා ලා· ඔව්, නාකි පැංචෝ, තමුන්නැහැගෙ කතාවෙ ඇබින්දක නිරවද්‍යතාවයක් නැත්තෙත් නෑ.
ශ්‍රීමත් මෝහන් ලාල් පපුව පෙරට දැමීය. කීප විටක්‌ම තම බිලියොල් ටයි පටිය (ඔක්‌ස්‌පර්ඩ් කොලීජි නිල නාමය) සුමට කර ගත්තේය. කැඩපතට අත වනා සමු දුන්නේය.
අත් ඔරලෝසුව විමසා බැලූ හෙතෙම දඩිබිඩි ම-ජානයකට තව කලවේලා ඇති බවට තීරණය කළේය.
"කවුරුවත් ඇතුළෙ ඉන්නවද?"
සුදු පැහැ නිල ඇඳුමින් යුත් ආවතේවකාරයෙක් කම්බි දැල් දොර අස්‌සෙන් හිස ඔබා ඇසුවේය.
"එක උගුරකට සෑහෙන පමණට..."යි ඇණවුම් කළ ශ්‍රීමත් මෝහන් විශාල වේවැල් සෝපා පුටුවක ගිලී සිතිවිල්ලක් සමග හුරතල් වන්නට විය. විවේකාගාරයෙන් පිටත බිත්තිය දිගට සර් මෝහන් ලාල්ගේ බඩුමුට්‌ටු කලමනා ටික පෙළගස්‌වා තිබිණි. දුඹුරු පාටට කොරපොතු ගැසුණු කුඩා ට්‍රන්ක පෙට්‌ටියක් මත වාඩිගත් මෝහන් ලාල් මැතිනිය, ලෙච්මී දැහැත් විටක් සපමින් පුවත්පතකින් පවන්සලා ගනිමින් සිටියාය. එතුමිය වනාහි හතළිහේ මැද භාගයෙහි පසුවූ මිටි තර කාන්තා රත්නයකි. ඇය රක්‌තවර්ණ බෝඩරයෙන් යුත් කිළිටි වී ගිය සුදු පැහැ සාරියක් හැඳ සිටියාය. ඇගේ එක් නාස් පුඩුවක දියමන්ති නාසිකාභරණයක් දිස්‌න දෙමින් තිබිණි. ඇගේ මැණික්‌කටුවල රන් වළලු කීපයක් නැලැවි නැලැවී තිබිණි. ඇය ආවතේවකරුවා සමග කදේ වැටී සිටියේ ශ්‍රීමත් මෝහන් ලාල් විසින් ඔහු ඇතුළට කැඳවා ගන්නා තුරු පමණි. ඔහු එතැනින් පිටව ගිය සැණින් ඇය එතැනින් ඇදී ගිය දුම්රිය කුලීකරුවෙකුට හඬගෑවාය.
"බවලතුන්ගෙ කෝච්ච් පෙට්‌ටි නවත්තන්නෙ කොයි හරියෙද?"
"හරියටම පදික වේදිකාවෙ කෙළවරේ..."
තම තලප්පාව කුෂනයක් ලෙසට තලා සකස් කැරගත් කුලීකාරයා වානේ ට්‍රන්ක පෙට්‌ටිය හිසට ගෙන පදික වේදිකාව පහළට ඇදී යන්නට විය. තම පිත්තල කෑම පෙට්‌ටිය ඔසවා අතට ගත් ලාල් මැතිණිය ඔහු පසුපසින් ඇදෙන්නට වූවාය. ඒ යන අතරමගදී පෙට්‌ටි කඩකාරයා ළඟ මඳක් නතර වූ ඇය තම රිදී පැහැ දැහැත් විට මංජුසාවට අවශ්‍ය අඩු වැඩිය සම්පූර්ණ කර ගත්තාය. කුලීකාරයා විසින් බිමින් තබන ලද වානේ ට්‍රන්ක පෙට්‌ටිය උඩ වාඩිගත් ඇය පාලුව යන්නටත් එක්‌ක ඔහු කතාවට අල්ලා ගත්තාය.
"මේ පාරෙ කෝච්චිවල හුඟක් සෙනගද, මලයා?"
"මේ දවස්‌වල හැම කෝච්චියකම කට කපලා. ඒත් ඉතින් මේ ඇත්තිට බවලතුන්ගෙ පෙට්‌ටියෙ ඉඩක් නොලැබෙන එකක් නෑ..."
"එහෙනම් ඉතින් මට කෑම ටික සප්පායම් වෙන කරදරයක් ඉවසන්ට වේවි වගේ..."
පිත්තල කෑම බඳුන විවර කළ ලාල් මැතිණිය තදබද කොට එබූ චපාති පොදියක් හා අඹ අච්චාරුවක් එළියට ගත්තාය. ඇය සප්පායම් වන අතරේ ඇය ඉදිරිපිටින් ඇනබා ගත් කුලීකාරයා ඇඟිල්ලෙන් බොරලු පොළොවේ ඉරි අඳින්නට විය.
"මේ ඇත්ති තනියමද ගමනෙ යෙදෙන්නෙ?"
"නෑ මගේ මහත්තයත් එක්‌ක තමයි, මලයා. එයා විවේකාගාරේ, එයා ගමන් කරන්නෙ පළමු පන්තියෙනෙ. එයා අබ්බගාත් මහත්තයෙක් වාගෙම ඇමැති කෙනකුත් වෙනවනෙ. ඉතින් කෝච්චියෙදි ලොකු ලොකු නිලධාරි මහත්තුරු ඉංගිරිස්‌කාරයො එහෙම මුණගැහෙනවනෙ. මං ඇවිල්ල මේ නිකම්ම නිකං ගොඩේ අම්මණ්‌ඩියක් නෙ, මට ඔය ඒ ගොල්ල යේස් බේස් ගාන ඒව තේරෙන්නෙත් නෑ. ඒ ගොල්ලන්ගෙ චාලිත්තර තේරෙන්නෙත් නෑ. ඒක හින්ද මට ඔය සාමාන්‍ය බවලතුන්ගෙ කෝච්චි පෙට්‌ටිය සැපයි..."
ලෙච්මී කතාබහට එක්‌වූයේ ඉමහත් සංතෝෂයකිනි. කෙටි සංවාදයකට වුවත් ඇය දැඩි රුචියක් දැක්‌වූයේ නිවසේදී ද ඇයට කතා බහ කරන්නට කිසිවෙක් නොවූ බැවිනි. ඇගේ සැමියාට කිසිදාක ඇය වෙනුවෙන් වැය කරන්නට කාලයක් නොවිණි. ඔහු බිම් මාලයේ වාසය කළ අතර ඇය ඉහළ මාලයේ කුටියක සිර වී සිටියාය. ඇගේ නූගත් දිළිඳු ඥති මිත්‍රාදීන් තම බංගලාවේ ඔබ මොබ හක්‌කලන් කරනු ඔහු නොඉවසීය, එහෙයින් ඔවුහු කලාතුරකින්වත් එහි නොආවෝය. ඉඳහිට දවසක රාත්‍රියේ ඔහු ඈ වෙත පැමිණෙයි. ඒ මිනිත්තු කීපයකට පමණි. එහිදී සුද්දාගේ බස මුසු හින්දුස්‌තානියෙන් ඇයට අණ කරන ඔහුට ඈ අවනත වන්නීය. මේ නිශාචර ආවෝ ගියෝ සංවාසයෙන් ඔවුන් දෙදෙනාටම ඉතිරි වූ ඵලයක් නම් නැත්තේය.
යකඩ සංඥ හස්‌තය පහත වැටුණේය. හඬ තලන්නට වූ සීනුවෙන් සංනිවේදනය වූයේ දුම්රිය ළඟාවන බවය. ලාල් මැතිනිය හනි හනික සප්පායම කම්මුතු කළාය. ඇය නැගිට සිටියේ අඹ ඇටයක් ඉවත විසිකිරීමේ ලෝභයෙන් එහි අවසන් ඇඹුල් බින්දුවත් සුප්පමිනි. අත කට බුඩු බුඩු ගා සෝදා පවිත්‍ර කර ගන්නට පොදු කරාමය වෙත යන අතරේ ඇය දිගට දිග රාමතෙල් පාරක් පිටකළාය. ඉනික්‌බිති තම සාරි පොටින්ම අත කට පිසදාගත් ඇය දිගටම රාම තෙල් අරිමින් ආපසු වානේ ට්‍රන්ක පෙට්‌ටිය වෙත ගියේ ලුණු ඇඹුල් සහිත අහර වේලක් සපයා දීම වෙනුවෙන් දෙවියන්ට පිං දෙමිනි.
කෝච්චිය දුම් ගොබයක් වැමෑරීය. කෝච්චියේ පශ්චාත් භාගයෙහි කෙළවර වූ නියාමක මැදිරිය යාබද හිස් මැද පන්ති කාන්තා මැදිරියකට මුහුණලා ලෙච්මී තැග්ගැහෙනු දැකිය හැකි විය. දුම්රියේ අනෙක් හැම මැදිරියක්‌ම මගීන්ගෙන් පිරී ගොසිනි. සිය ස්‌ථුල තරබාරු ශරීර කූඩුව මැදිරි දොර තුළින් ඇතුළට රිංගවා ගත් ඇය ජනෙල් කවුළුවක් අසල අසුනක වාඩි ගත්තාය. සාරි ගැටය උනා ඉන් ඇනා දෙකකුත් තව සිල්ලර කාසි කීපයකුත් ගත් ඇය කුලීකාරයා නිදහස් කොට හැරියාය. ඊළඟට එක හිත් දරාගෙන බුලත් කොක්‌කනය දිගහැරගත් ඇය බුලත් කොළ දෙකකම රතු හා සුදු හුණු තවරා කරුංකා ගෙඩි කීපයක් පෙති ගසා කරදමුංගු ද එක්‌කොට ගත්තාය. ඒ පොදිය මුව තුළට ඔබා ගත් විට ඇගේ දෙකොපොල් ඉලිප්පී පෙනෙන්නට විය. නිකට මත දෙඅත්ල රුවා ගත් ඇය සැහැල්ලු බැල්මෙන් යුතුව බලා සිටින්නට වූයේ වේදිකාවේ පොදිකන මගීන් දෙසය.
යකඩ යකාගේ ආගමනය ශ්‍රීමත් මෝහන් ලාල්ගේ චිත්ත ඒකාග්‍රතාවයට කිසිදු බලපෑමක් එල්ල නොකෙළේය. ඔහු තම විස්‌කි බඳුන තොල ගාමින්ම ආවතේවකරුවාට අණකළේ තම බඩුමුට්‌ටු පළමු පන්තියේ මැදිරියකට පටවන විට තමාට දන්වන ලෙසිනි. තක්‌කු මුක්‌කුව තදියම, ගිනි පුග්ගාය කෙනෙක් චාරයක් නැතිව හැදී වැඩුණු බව කියාපාන පෙරනිමිතිය. සර් මෝහන් වැදගැම්මකට අනුව හැදී වැඩී ඇතුවාය. ඔහුට හැම දෙයක්‌ම "අංග පුලාවක්" ඇතිව පිළිවෙළකින් තිබිය යුතුය. විදේශගතව සිටි පස් අවුරුද්ද ඇතුළත ඔහු ඉහළ පැලැන්තියේ ඇවතුම් පැවතුම් හා ආකල්ප ද උකහාගෙන ඇත්තේය. ඔහු තම මාතෘ භාෂාව වූ හින්දුස්‌ථානිය කතාකළේ නම් ඒ කලාතුරකිනි. එසේ කතාකරන අවස්‌ථාවක පවා එය ඉංගිරිසි ඌරුවට බර වී තිබිණි. ඉතා අත්‍යවශ්‍ය වචන පමණකි කතා කළේ. එමෙන්ම ඒවා මනාව ඉංගිරිසිකරණය වූ ඒවාද විය. එහෙත් ඔහු තම ඉංගිරිසිය ගැන උදම් විය. ඒවා ඔක්‌ස්‌පර්ඩ් විශ්වවිද්‍යාලයේ ප්‍රමිතියට කිසි ලෙසකින් අඩු නොවීය. ඔහු සංවාදයට ප්‍රිය කළේය, මනාව තෙම්පරාදු වූ ඉංගිරිසිකාරයෙකු ලෙස පොත්පත්, දේශපාලනය, සාහිත්‍යය හා මිනිසුන් වැනි ඕනෑම මාතෘකාවක් පිළිබඳව කතා කළ හැකි විය. ඔහු නියම ඉංගිරිසිකාරයකු ලෙස කතාකරන බව ඉංගිරිසිකාරයාගේම කටින් ඔහු කොතෙකුත් අසා ඇත්ද?
තමාට තනිවම ගමනේ යෙදෙන්නට වේදැයි ශ්‍රීමත් මෝහන් ලාල් දෙගිඩියාවට පත් විය. මේ ඉසව්ව ස්‌ථිර හමුදා අඩවියක් බැවින් දුම්රියේ ඉංගි්‍රසිකාර නිලධාරීන් ඉන්නට බැරි නැත. උෙද්‍යාaගිමත් සංලාපයකට ගොනු වීමේ රතියෙන් ඔහුගේ හදවත උණුසුම් වන්නට විය. ඔහු බොහෝ ඉන්දියානුවන් මෙන් සුද්දන්ට "පැනලා දෙන" ජාතියේ අයෙක් නෙවේ. එමෙන්ම ඔහු කෑ කොස්‌සන් ගහන, ඇට්‌ටර, කලහකාරී අයෙක් ද නොවේ. ඔහු තම කරුණු කාරණා ගලපා ගත්තේ අධිගෘහිත යථාර්ථවාදී රීතියකිනි.
ජනේලය අසල වූ මුල්ලක් වෙත ඇදුණු හෙතෙම .ඔයෑ ඔසපැs. පුවත්පතේ කොපියක් අතට ගත්තේය. ඔහු හරස් පද ප්‍රහේළිකාව පුරවන අතර පුවත්පත නවා ගත්තේ එහි නම කාටත් පැහැදිලිව ප්‍රදර්ශනය වන අයුරිනි. ඔයෑ ඔසපැs නම නිතරම කාගේත් අවධානයට ලක්‌වෙයි. ඔහු 'මං කියවලා ඉවරයි' යන්න සංඥ කරමින් පුවත්පත පසෙකින් තබද්දී කෙනෙක් එය ඉල්ලා ගන්නට පෙළඹෙයි. ඇතැම් විට කෙනෙක් ඔහුගේ බිලියොල් ටයි පටිය අඳුනා ගන්නට සමත් වෙයි. එය ඔහුට ඉමහත් අභිමානයක් ගෙන එන්නට හේතුවකි. ඔහු ගමන් බිමන් වලදී නිතරම එය පැළඳ සිටින්නේ එබැවිනි. එය ඔක්‌ස්‌පර්ඩ් කොලීජි, ගුරුවරු, පීඨාධිපතිවරු, පංති නායකයන්, බෝට්‌ටු තරග හා රගර් තරගවලින් පිරි සුරංගනා ලොවක සිදුවීම් දිගහරවන සුලු තිරපටක් වන්නේය. ඔයෑ ඔසපැs පුවත්පතත,a බිලියොල් ටයි පටියත් තම වගකීම ඉටු නොකෙළේ නම්, සර් මෝහන් ලාල් තම ආවතේවකරුවා බණවා විස්‌කි බඳුන ඉවත් කරවයි. විස්‌කිවලට දැපනෙ නොවැටෙන ඉංගිරිසිකාරයන් කොයින්ද· ඊළඟට එළියට එන්නේ ඉංගිරිසි සිගරට්‌වලින් පිරුණු සර් මෝහන් ලාල්ගේ රත්රන් සිගරැට් කොපුවයි. ඉංගිරිසි සිගරැට් ඉන්දියාවෙ? ඒ කොහොමෙයි? එයාට කොහෙන්ද ඒවා ලැබුණෙ? නිච්චියටම එයාට ගාණක් නෑ. ඊළඟට මෝහන් ලාල්ගේ උපහාසාත්මක හිනාව සත්තකින්ම ඔහුට නෑ තමයි. ඒත් ඔහුට තම ආදරණීය පෞරාණික ඉංග්‍රීසි සමග සංනිවේදනය වන්නට මාධ්‍යයක් ලෙස ඉංග්‍රිසිකාරයා පාවිච්චි කළ හැකිද? ඒ පස්‌වසර තුළ දුඹුරු පැහැ කලිසම හා ගවොම් ද, වර්ණවත් ක්‍රීඩා ඇඳුම් ද, ටෙනිස් තරග ද, ෂබබි දෙ ඤමරඑ හි (ලන්ඩනයේ නීති සංසද හතරකට අයත් ගොඩනැඟිලි) රාත්‍රි ආහාරය තදබදයෙන් යුත් පස් අවුරුදු උද්දීපිත කාලයක් අශීලාචාර අපිරිසිදු නූගතුන් සහිත ඉන්දියාවේ ගතකරන අවුරුදු හතළිස් පහකට වඩා ඒ පස් අවුරුද්ද ඉතා වටනේය.
සර් මෝහන්ගේ සිතිවිලිදාමය බිඳවැටුණේ මහත්තයාගේ බඩුබාහිරාදිය එන්ජිම ළඟම පිහිටි පළමු පන්ති මැදිරියේ ස්‌ථානගත කළ බව දැනුම්දෙන ආවතේවකරුගේ හඬිනි. සර් මෝහන් ලාල් තම මැදිරිය සොයා යන්නට වූයේ රජ ගමනිණි. ඔහුට බියක් ඇති වූයේ මැදිරිය හිස්‌ව තිබෙනු දැකීමෙනි. සුසුමක් හෙළුE හෙතෙම මුල්ලක වාඩිගෙන ඔසපැs පුවත්පත දිගහැර ගත්තේය. හාස්‍යජනක කාරණය නම් මේ වන විට ඔහු එය කීප වතාවක්‌ම කියවා අවසන් කොට තිබීමය.
සර් මෝහන් ජනයා පොදිකන මගී වේදිකාව දෙස හිස පහත් කරන විට ඔහුගේ මුහුණ දැල්වී ගියේ ඉඩකඩක් සොයමින් සියලු දුම්රිය මැදිරිවලට හොස්‌ස පොවමින් දඩිබිඩි ගා දුවන ඉංගිරිසිකාර සොල්දාදුවන් දෙදෙනකු දුටු විටදීය. ඔවුන්ගේ පිට දිගට තම කලප්පන්න පිරි ඔලගු එල්ලී තිබිණි. ඔවුහු ඉමහත් නොඉවසිල්ලෙන් පසුවන බවකි. ඔවුන් ලැයිස්‌තුගත වී තිබුණේ දෙවන පන්තියේ ගමන් කිරීමට වුවත් ඔවුන් තමා ළඟට කැඳවාගත යුතු යෑයි සර් මෝහන් ලාල් තීරණය කළේය. තමා ඒ පිළිබඳව නියාමකවරයා සමග කතා කළ යුතුය.
ඊට පෙර අවසාන මැදිරිය ළඟට පැමිණි සොල්දාදුවෙක් ජනෙල් කව්ළුවෙන් හිස ඔබා බැලීය. මැදිරිය සිසාරා බලන ඔහුට හිස්‌ව තිබෙන නිදන යහන් දැකගන්නට ලැබිණි.
"අරේ, බිල්," ඔහු කෑගැසීය, "එකෙක් ඉන්නවානෙ..."
ඔහුගේ සගයා ද එහි පැමිණ ඇතුළ බැලූ කල්හි සර් මෝහාන් දැකගන්නට ලැබිණි.
"ඔය කල්ලා එළියට ඇද දාපන්..." ඔහු තම සගයාට කොඳුළේය.
ඔවුහු දොර ඇරියෝය. බාගෙට හිනාවේගන බාගෙට විරෝධය පාමින් සිටි සර් මෝහන් ලාල් දෙසට හැරුණේය.
"බැහැපිය·" බිල් ගුගුළේය.
"ගොඩෙයා බැහැපිය. ආමි, පේන්නෙ නැද්ද?" ජිම් කෑගෑවේ තම කාකි නිල ඇඳුම දක්‌වමිනි.
"එකයි, දෙකයි, තුනයි බැහැපාන්·"
"මා කියන්නෙ මා කියන්නෙ සහතිකවම..." සර් මෝහන් තම ඔක්‌ස්‌පර්ඩ් උච්චාරණ විධිය උපයෝගී කොට ගනිමින් ගොත ගසන්නට විය. සොල්දාදුවෝ ඇස් ගෙඩි එළියට පන්නාගෙන නිහඬ වූවෝය.
ඇත්තටම එය ශබ්ද වන අයුරින් නම් ඉංගි්‍රසි වගේ තමයි, එහෙත් ඔවුන්ගේ වෙරිමත් කන් විශ්වාස කරනවාට වඩා ඔවුන්ට එය පැහැදිලිය. එන්ජිම නළාව හැඩවූ කල්හි නියාමකයා තම කොළ පැහැ කොඩිය වැනුවේය.
ඔවුහු පළමුව ඔහුගේ සූට්‌කේසය වේදිකාව මතට විසි කළෝය. ඊළඟට ඔහුගේ උණුසුම් බෝතලය, නිදන යහන් කට්‌ටලය, බ්‍රිෆ් කේසය. සර් මෝහන් කෝපයෙන් පිපිරෙන්නට විය.
"අඥනයො... අඥනයො..." කෝපයෙන් ගොරහැඩි වූ කටහඬින් ඔහු කෑගසන්නට විය. "මං උඹලා අරෙස්‌ට් කරනවා, ගාඩ්... ගාඩ්..." බිල් සහ ජිම් යළිත් ගැස්‌සී සිටියෝය. එය ඉංග්‍රීසි වගේ නම් තමයි, එහෙත් එය තමන් දන්නා රැජිනගේ ඉංගිරිසියටත් එහා ගිය එකකි.
"උඹේ උලව් කුණු කට වහගනින්·" යි කියමින් ජිම් සර් මෝහන් ලාල් තල්ලු කොට දැමුවේය. ශ්‍රීමතාණෝ මුණින් අතට ඇද වැටුණෝය.
එන්ජිම තවත් කෙටි නලා හඬක් නිකුත් කළෙන් දුම්රිය ඉදිරියට ඇදෙන්නට විය. සර් මෝහන් ලාල්ගේ ගාත් සතර ග්‍රහණයට ගත් සොල්දාදුවෝ ඔහු ඔසවා සිමෙන්ති කොට්‌ටයක් සේ දෙපාරක් පද්දා දුම්රියෙන් එළියට වීසි කළෝය. ඔහු පිටිපසට රෝල් වී ගොස් යහන් ඇතිරිලි කට්‌ටලයේ පැටලී සූට්‌කේසය මත පතිත විය.
"තුන් ඈවරායි·"
සර් මෝහන්ගේ දෙපා පොළොවට ඇලී ගොසිනි. ඔහුට කතාකර ගත නොහැකි විය. ඔහු කෙමෙන් වැඩිවන රිද්මයකට අනුව තමා පසුකොට යන දුම්රියේ ආලෝකවත් කවුළු දෙස ඔරවාගෙන බලා සිටින්නට විය. රතු එළියක් ද සමග දුම්රියේ වල්ගා කෙළවර දැකගන්නට ලැබිණ. එහි විවෘත එළිපත්තේ කොඩි කීපයක් අතින් ගත් නියාමකවරයා විමසිල්ලෙන් පසුවිය.
මැද පන්ති කාන්තා මැදිරියෙහි ලෙච්මීගේ තරබාරු කෝමල සිරුර ඔහුට දැකගන්නට ලැබිණි ද මන්දා ඇගේ දියමන්ති නාසිකාභරණය දුම්රිය ස්‌ථානයේ විදුලි එළි හා තරගෙට දිස්‌න දෙන්නට විය. ඇය පුල පුලා බලා සිටියේ කෝච්චිය දුම්රිය ස්‌ථානයෙන් පියමං වන තුරු ය. ඒ අන් කිසිවක් නිසා නොවේ. තම කට පුරා පිරී තිබෙන බුලත් කෙළ දහරාව බුරූස් ගා පිටතට විද මුඛය නිදහස් කැර ගැනීමටය. දුම්රිය මගී වේදිකාවේ ආලෝකවත් පෙදෙස පසුකරනවාත් සමගම සර් මෝහන් ලාල් ආර්යාව සිත පුරා කෙළ තැම්බක් විදාහලේ වක් වූ ඊගහක් මෙන් ඒ අඳුරු ගුලිය රක්‌තවර්ණයට හරවමිනි.
* පරිවර්තනය - කලාභූෂණ ගුණතිලක මැටියගනේ
(කැනේඩියානු සාහිත්‍යය ගැන අපට තිබෙන්නේ අල්ප දැනුමකි. රුසියානු ප්‍රංශ බ්‍රිතාන්‍යය වැනි ලෝක සාහිත්‍යයේ දැවැන්තයන් තරම් කැනේඩියානු සාහිත්‍යය කතා බහට ලක්‌වෙන්නේ නැත. එහෙත් කැනේඩියානු සාහිත්‍යය විශ්ව සාහිත්‍යයේ නව මානයක් අපට පෙන්වමින් සිටී. මෙම කෙටිකතාවේ රචකයා වන කැනේඩියානු ජාතික Dan Ross නවකතා සිය ගණනක කතුවරයයෙක් වන අතර ඔහු විසින් රචනා කරන ලද කෙටිකතා සංඛ්‍යාව පන්සියයකට වැඩිය. මේ එයින් එක් කෙටිකතාවක් වන Always a Motive නම් කෙටිකතාවේ පරිවර්තනයකි.
පරිවර්තනය - සමන් කළුආරච්චි)
නිල් පැහැගත් මළානික ආලෝකය විහිදුවන වීථි පහන් කණුව යට ඔහු සුළු වේලාවක් රැඳී සිටියේය. සුව නින්දෙහි පසුවන දරුවා ඉතාම පරිස්‌සමින් සිය බාහුවේ හොවා ගත් ඔහු දරුවාගේ අවිහිංසක මුහුණත් මෘදු කෙස් රොදත් දෙස යළිත් වරක් නෙත් යොමු කළේ උතුරා ගිය සොවින් යුක්‌තවය.
හුදෙකලා වූ පාළු මාවතේ ඔහු මොහොතක් රැඳී සිටියේ කළ යුත්තේ කුමක් දැයි හරිහැටි වටහා ගත නොහැකි වූ අයුරිණි. ඔහු තරුණය. ඇඳුම් වැරහැලි වී ගොසිනි. එය වසන්තයේ උණුසුම් රැයක් වූ අතර ඔහු හිස් වැස්‌මක් පැළඳ සිටියේ නැත. තද කළු පැහැති කැරලි කෙස් රොදින් සහ සුදුමැලි වී ගිය මුහුණින් යුක්‌ත වූ ඔහුගේ ස්‌වභාවයෙහි දැකිය හැකි වූයේ කිසියම් අස්‌වාභාවික බවකි.
හදිසියේම සිය හිත හදාගත් ඔහු හුදෙකලා වීදිය ඔස්‌සේ අවිද ගියේ ගඩොලින් බැඳුණු තට්‌ටු නිවාස ගොඩනැඟිල්ලක් වෙතය. විවරව තිබුණු දොරෙන් ගොඩනැඟිල්ල ඇතුළට පැනගත් ඔහුගේ දෙනෙත් ලියුම් පෙට්‌ටිවල සටහන් කර තිබූ නිවැසියන්ගේ නාම පුවරු අතර සැරිසරන්නට වූයේ අසුරුසැනිනි. මිලර්ස් වාසය කරන්නේ දෙවැනි මහලේ බව දුටු ඔහු ඒ සැනින් ම දෙවැනි මහළ වෙත ගමන් කරන්නට වූයේය.
මිලර්ස්‌ගේ නිවසේ විදුලි සීනුව නාද කිරීමෙන් පසු මොහොතක් ගෙවී ගියේය. කොරිඩෝවේ අඩ අඳුරු ආලෝකය අතරේ ඔහු එහි රැඳී සිටියේ ළයෙහි හොවා ගත් දරුවා ද අතැතිවය. විවර වූ දොර පියන්පත් අතරින් එළියට ආ බැනියමකින් සහ කලිසමකින් සැරසී සිටි තඹ පැහැගත් කෙස් රොදින් යුත් තරුණ මිනිසා ප්‍රශ්නකාරීව මේ අමුත්තා දෙස බැලුවේ නිදිබර දැසිනි.
"මෙන්න ඔයාගේ පුතා..." සෙමෙන් පැවසුවේය. එයාට කරදරයක් නැහැ... එයා හොඳින්...." භීතියට පත්ව සිටි තරුණ පියාගේ මුහුණ පුරා ඔහුගේ දෙනෙත් දිව යමින් තිබිණ.
ඉකි බිඳුමක් වැනි හඬක් නංවමින් දරුවා සිය දැතට ගත් මිලර්ස් තමන් සතු වූ ඒ මහාර්ඝ වස්‌තුව ද රැගෙන තම මහල් නිවාසය තුළට දිව ගියේ ක්‌ෂණික බියපත් බැල්මක් අමුත්තා වෙත හෙළමිනි.
ඒ මොහොතේම තරුණ අමුත්තා ද සෝපාන පෙළ ඔස්‌සේ වහ වහා පහළට ඇදුණේ කැළඹීමට පත් වූ හැඟීම් සමුදායක් ද සමගිනි.
සියල්ල එකවර සිද්ධ වූයේ ඔහු මහල් නිවාස ගොඩනැඟිල්ලෙන් පිට වී වීදිය දිගේ ඇවිද මොහොතේය. අඳුරු සෙවණැලි තුළින් ඡායාවන් මතුව එන අතරේ දැස් නිලංකාර කරවමින් දීප්තිමත් ආලෝක ධාරාවන් එල්ල වන්නට වූයේ ඔහුගේ දැත් දැඩි ග්‍රහණයකට ලක්‌වද්දීමය.
"බේරෙන්න හදන්න එපා...." දැඩි හඬක් ඔහුට අනතුරු හැඟෙව්වේ. මේ පොලිසියෙන්"
පොලිස් මූලස්‌ථානයට යැමට ගත වූයේ විනාඩි කිහිපයක් පමණි. පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ බාහු යුග්මයන්ගේ ග්‍රහණයෙන් යුක්‌තව පටු ප්‍රවේශ මාර්ගය ඔස්‌සේ ඇවිද යමින් ආලෝකවත් වූ විශාල ගොඩනැඟිල්ලට ඔවුන් ඇතුලු වෙද්දී පුවත්පත් වාර්තාකරුවෝ රැසක් පොලිස් රථ පිරිවරා ගනිමින් සිටියහ.
අවසානයේදී ඔහුට නතර වන්නට සිදු වූයේ මිනිසුන් තිදෙනකු පිරිවරාගෙන විශාල කාර්යාල කාමරයක් තුළය. මුලදී ම ඔහුට අනතුරු හැඟවීමක් සිදුකළ තැනැත්තා එම දැඩි හඬින් ම යළිත් ඔහු ආමන්ත්‍රණය කළේ පුළුල් වූ මේසයට එපිටින් හිඳගෙනය. "මම ඉන්ස්‌පෙක්‌ටර් වින්ටර්ස්" කතාව මුලින් ම තමුන්ගෙන්ම පටන් ගන්න එක හොඳයි. ඒක අපි හැමෝටම පහසුවක් වේවි. විශේෂයෙන්ම තමුන්ටත්.
කැරලි ගැසුණු කළු පැහැති කොණ්‌ඩයෙන් යුත් තරුණයා සිය දෙතොල තෙත් කර ගත්තේය. "ඔයගොල්ලෝ හිතන්නෙ මම අර ඒ දරුවාව පැහැර ගත්තා කියලයි.... ඒත් ඔයාලට වැරදීමක් වෙලා තියෙන්නේ."
පොලිස් පරීක්‍ෂකවරයාට තිබුණේ පුළුල් මුහුණකි, තියුණු මුවකි. එහෙත් මෙවර සිනහ ගියේය.
ඒක අඩුම තරමින් හොඳ ආරම්භයක්‌වත් නෙමෙයි..." ඔහු පෝරම කොළයක් එළියට ඇද පෑනක් අතට ගත්තේය. "නමයි.... ලිපිනයයි.....?"
"ජෝ මැනෙටි, අංක 284, හැත්තෑ නමය වීදිය" ඔහුගේ ස්‌වරය උද්යෝගිමත් නැත. එහි ගැබ්ව ඇත්තේ අපේක්‍ෂා භංගත්වයකි.
පොලිස් පරීක්‍ෂකවරයා හිස සෙළවූයේය. "රැකියාව....?"
"මම සංගීතවේදියෙක්..... ඒත් දැන් මම ඒක කරන්නේ නැහැ..."
"විවාහ වෙලාද....?"
ජෝ හිස සෙළවූයේය. "ඔව්.... ඒත් දැන් එයා මාව අත්හැරලා ගිහින්. එයා දැන් පදිංචි වෙලා ඉන්නේ වෙන තැනක"
පොලිස් පරීක්‍ෂකවරයා හැම දෙයක් ම සටහන් කර ගත්තේය. ඉන් අනතුරුව ඔහු එක එල්ලේ හිස ඔසවා ඔහු දෙස බලමින් මෙසේ ඇසීය." මොකක්‌ද හේතුව....? මම අදහස් කරන්නේ මුලින්ම ළමයා පැහැර ගත්ත එකයි පස්‌සේ ආපහු ඒ විදියට ළමයාව ගෙනත් භාර දුන්නු එක ගැනයි...."
ජෝ ගැඹුරු හුස්‌මක් ගත්තේය." මම ළමයව පැහැර ගත්තේ නැහැ. මම ළමයාව ගෙනල්ලා භාර දුන්නා විතරයි."
අඳුරු පැහැති පෙනුමකින් යුත් තරුණයා දෙපැත්තෙන් සිටි තම සහායකයන් දෙදෙනා දෙස පොලිස් පරීක්‍ෂකවරයා බැල්මක් හෙළුවේය. ඉන් පසුව ඔහු සිය සිරකරුවා දෙස හෙළුවේ මිත්‍රශීලී බැල්මක් නොවේ. "දැන් අපි ඔය තේරවිලි කතා නවත්වමු... මොකක්‌ද තමුන්ට කියන්න තියෙන්නේ.....?"
ජෝ යාන්තමින් සෙළවුණේය. "මම කාරෙක එළව එළවා හිටියේ.... මම හුඟාක් දුර කාරෙක අරගෙන ගියා... ටික වෙලාවකට මම නතර වෙලා ඉන්න තැනින් ඈත් වෙලා ඉන්නයි මට ඕන වුණේ. මම සුපර් මාර්කට් එක ළඟ කාරෙක නතර කරලා බඩු වගයක් අරගෙන එන්න ගියා. මම ඇවිත් බලනකොට දරුවා මගේ කාරෙකේ ඉස්‌සරහ සීට් එකේ හිටියා. එතැන පොඩි සටහනක් තිබුණා මේ මිලර්ගේ දරුවා කියලා...."
පොලිස් පරීක්‍ෂකවරයා අවිශ්වාසයෙන් හිස සෙළවූයේය." ඒ සටහනට මොනව ද කළේ....?"
"මම ඒක දරුවාගේ කමිසයෙන් ගලවලා ගත්තා" ජෝ පැවසුවේය. "දරුවා වෙහෙස නිසා අඬ අඬා තමයි හිටියේ. ඒ නිසා මම එයාට කිරි ටිකක් දුන්නා. ඊට පස්‌සේ මම ඒ සටහන ඉරල දැම්මා.
"ඔය කිවුව හැම දෙයක්‌ම බොරු මනස්‌ගාත නෙමෙයි කියලා ඔප්පු කරන්න නම්...." තවත් කඩදාසියක් සොයන අතරේ කටහඬ අවදි කළ පොලිස් පරීක්‍ෂකවරයා" "අපිට කියන්න තමුන් ගිය කඩයේ නමයි. තැනයි, ඔයා එතැනට ගිය වෙලාවයි...."
ජෝ එම තොරතුරු ලබා දුන්නේ මෙසේද කියමිනි. ඊට පස්‌සේ දරුවත් අරගෙන කාරෙකින්ම මම ඉන්න තැනට ආවා....
"හොඳයි දැන් අපි එතැනට එමු" පොලිස් පරීක්‍ෂකවරයා එසේ කීවේ තමන් ලියාගත් තොරතුරු ඇතුළත් කඩදාසිය තම සහායකයකුට පවරා ඔහුට මෙසේද අණ දෙමිනි." මේ ගැන හොයලා බලන්න"
පොලිස් පරීක්‍ෂකවරයා යළිත් සිය අවධානය ජෝ වෙත යොමු කළේය." මිලර්ගේ දරුවා පැහැර ගෙන ගිහින් කියන එක තමුන් නොදැන හිටියා වෙන්න බැහැනේ....?"
අඳුරු පෙනුමැති තරුණයා හිස සෙළවූයේය. "මම හවස කාරෙක එළවනකොට කාර් එකේ රේඩියෝ එකෙන් ඒ ගැන මට අහන්න ලැබුණා."
සිය දැත් එකිනෙක තදින් පිරිමැදි පොලිස් පරීක්‍ෂකවරයා මේසය ඉදිරියට නැඹුරු වූ අතර ඔහුගේ ස්‌වරයෙහි ගැබ්ව තිබුණේ බරපතළ චෝදනාත්මක ස්‌වරූපයකි. "ඒ කියන්නේ මෙච්චර දෙයක් වෙලත් දරුවා තමුන් ළඟ පැය ගාණක් තියාගෙන හිටියා මිසක් වගකිව යුතු තැනකට ගෙනියන්න කිsසිම උත්සාහයක් ගත්තේ නැහැ. මේ කතාන්දරයට මම රැවටෙයි කියලද තමුන් හිතුවේ...?
ජෝ දෙවුර හැකිළුවේය. "මම කියන්නේ ඇත්ත" ඔහු පැවසුවේ සාවධානවය.
"මම හිතන්නේ තමුන් මිලර්ගේ දරුවා පැහැරගෙන අන්තිමට තමන්ටම තමුන් කරන්නේ කියන්නේ මොනවද කියන එක හිතාගන්න බැරිව ගියා..." පොලිස් පරීක්‍ෂකවරයා ගිගිරුවේය. "ඒකයි තමුන් ආපහු සැරයක් දරුවාව එයාගේ දෙමව්පියන් ළඟට අරගෙන ගියේ."
පොලිස් පරීක්‍ෂකවරයාගේ මේසය මත ඇති දුරකථනය නාදවූයෙන් රිසීවරය ඔසවා මිනිත්තු කිහිපයක් එයාට සවන් දුන් පොලිස් පරීක්‍ෂකවරයා කිසියම් දෙයක් වටහා ගත්තාක් මෙන් තරහින් ගෙරවූයේය. අවසානයේදී රිසීවරය තබා ඔහු ජෝ මැනෙටි දෙස ඔරවා බැලුවේ සිය දෙනෙත්වලින් අමුතුම ආකාරයේ දීප්තිමත් මවමිනි. එම දීප්තිය කිසියම් ආකාරයක අවබෝධයක් නිසා ඇති වූවක් බව පෙනෙන්ට තිබිණ.
"ජෝ" ඔහු කටහඬ අවදි කළේය. "ඒ කෝල් එක ආවේ ඔයාගේ මහල් නිවාසයෙන්. අපේ අයගෙන් කෙනෙක් ඔයා ගැන සමහර දේවල් හොයා ගෙන තියෙනවා. මාස කීපයකට කලින් ඔයාට ඔයාගේ අවුරුදු හයේ පුතා නැතිවුණා කියන්නේ ඇත්තද?"
ඒ ප්‍රශ්නයත් සමග ජෝ මැනෙටි ඊට ප්‍රතිචාර දැක්‌වූයේ අස්‌වාභාවික ස්‌වභාවයකිනි. ඔහුගේ මුහුණ වඩාත් සුදුමැලි වූ අතර සිය අසුනේ හරිබරි ගැසුණු ඔහුගේ මුහුණෙන් කිසිදු ආකාරයක හැඟීමක් පළ නොවීය. ඔහු පිළිතුරු දුන්නේ ඒකාකාරී ස්‌වරයකිනි. "පාරේ ගිය ට්‍රක් එකකට හැපිලයි පුතා නැතිවුණේ. ඒක වුණේ මම රස්‌සාවෙ වැඩකට ටවුන් එකෙන් පිටට ගිහින් හිටිය වෙලාවකයි."
පොලිස් පරීක්‍ෂකවරයාගේ ගාම්භීර මුහුණේ වූයේ විනිවිද යන බැල්මකි. සිය මේසය මතුපිට වෙත නෙත් යොමු කළ පොලිස් පරීක්‍ෂකවරයා කටහඬ අවදි කළේ සිහින් ස්‌වරයෙනි. "මේ රස්‌සාවේදී පුලුවන් තරම් මානුෂික වෙන්න මම උත්සාහ කරනවා කියන එක තමුන්ට කියන්න මං කැමතියි ජෝ.... ඒක හැම වෙලාවෙදිම කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒත් මම එහෙම කරනවා. තනියම දරුවෙක් එදා වඩා ගන්න එක ඒ තරම් ලේසි වැඩක් නොමෙයි කියලා මං දන්නවා. ඒත් හැම සාක්‍ෂියක්‌ම තියෙන්නේ තමුන්ට විරුද්ධවයි. හුඟාක් වෙලාවට තමුන් වගේ පසුබිමක් තියෙන කෙනෙක් මේ වගේ දේකට ගෑවුණාම සිද්ධ වෙන දේ තමයි මෙතැන වෙලා තියෙන්නේ. බොහොමයක් වෙලාවට ඒක සිද්ධ වෙන්නේ අම්මා කෙනෙක්‌ට තමාගේ දරුවෙක් නැති වුණාමයි. තමුන් මං කියන එක අහගෙන ද ඉන්නේ....?
ජෝ ඔහු දෙස බැලුවේ විඩාපත් දැසිනි." මම ඒක කළේ නැහැ ඉන්ස්‌පෙක්‌ටර්" ඔහුගේ හඬෙහි ගැබ්ව තිබුණේ මෘදු ස්‌වරයකි.
හොඳයි පොලිස් පරීක්‍ෂකවරයා විඩාපත් ස්‌වරයෙන් කතාව ඇරඹුවේය. "දැන් අපි බලමු ළමයා පැහැර ගත්ත වෙලාවේ තමුන් හිටියේ කොහේද කියලා. අද උදේ එකොළහයි තිහට විතර තමුන් හරියට ම හිටිය තැන කියමු බලන්න...."?
ජෝ හිස පහතට නැමුවේය." මම දන්නේ නැහැ. කොහේ හරි තැනක කාරෙක එළවන ගමන්"
"ඒක ඒ තරම් සාර්ථක පිළිතුරක් නෙමෙයි... එහෙම නේද....?" පොලිස් පරීක්‍ෂකවරයාගෙන් කටහඬෙහි ගැබ්ව තිබුණේ තරමක උපහාසාත්මක ස්‌වරයකි. ළමයව අරගෙන ගිහින් තියෙන්නේ එයාගේ මහල් නිවාසය ඉස්‌සරහින් එකොළහයි තිහත් එකොළහයි හතළිස් පහත් අතර වෙලාවේ. ඒ වෙලාවේ තමුන් වෙන තැනක හිටියා කියලා ඔප්පු කරන්න බැරි වුණොත් තමුන්ට සිද්ධ වෙන්නේ ලොකු අමාරුවක වැටෙන්න."
තරුණයා යළිත් හිස එසවුයේය. "මේ කිසිම දෙයක් ඔප්පු කරන විදිහක් ගැන මට පේන්නෙ නැහැ" ඔහු පැවසුවේය. "මගෙ ඔළුවට ලොකු බරක් දැනුනම මට මගේ කාමරයේ ඉන්න පුළුවන් කමක් නැහැ. මම කාරෙක අරගෙන එළවනවා. කොහෙට හරි... මගෙ ඔළුවට සහනක් දැනෙනකම් නිකම් ඔහේ කාරෙක එළවනවා...."
"තමුන් අද ගියේ කොහාටද....?"
"ටවුන් එකෙන් උතුරු පැත්තට. මම ගම්මානය පැත්තේ ටිකක් ඈතට ගිහින් ආපහු අනිත් පැත්තට ආවා."
"ඒකත් එහෙම ද...? පොලිස් පරීක්‍ෂකවරයා පැවසීය." එතකොට තමුන් එක්‌ක කවුරුත් හිටියේ නැද්ද....? තමුන්ව දන්න අඳුනන කවුරුවත් මුණ ගැහුණේ නැද්ද...? එහෙම නැතිනම් පෙට්‍රල් ෂෙඩ් එකක හරි රෙස්‌ටෝරන්ට් එකක හරි පොඩ්ඩකටවත් නැවතුණේ නැද්ද...."?
"කාරෙකේ පෙට්‍රල් පිරිලා තිබුණා. ඒ වගේම මේ දවස්‌වල මට වැඩිය කෑමට ප්‍රියක් නැහැ." ඔහුගේ ස්‌වරය අධෛර්යවත්ය.
ප්‍රශ්න කිරීම දිගින් දිගටම සිදුවූ අතර ලැබුණු පිළිතුරුවල ගැබ්ව තිබුණේ ආරම්භයේදී මෙන්ම බලාපොරොත්තු විරහිත ස්‌වභාවයකිනි. බොහෝ වෙලාවකට පසුව පොලිස් පරීක්‍ෂකවරයා බාහුවෙන් ඔහු ග්‍රහණය කරගෙන කාමරයේ දොර වෙත රැගෙන ගියේය. කොරිඩෝවේ රාජකාරියේ යෙදී සිටි නිල ඇඳුම් ලා ගත් පොලිස් නිලධාරියා ඔහු සාමාන්‍ය සිර මැදිරියක් වෙත ගෙන ගියේය.
පසුදා උදැසන දහයට ඔහු නැවතත් පොලිස් පරීක්‍ෂකවරයාගේ කාමරයේ තිබූ මේසය අනෙක් පැත්තේ හිඳ ගෙන සිටියේ යළිත් වරක් ඒ විසල් මුහුණැති මිනිසා ඉදිරිපිටය.
පොලිස් පරීක්‍ෂකවරයා ඉදිරියට නැමුණේය. "මැනෙටි... මම කැමතියි තමුන්ගේ කතාන්දරයට ආපහු එක සැරයක් යන්න. තමුන් ඊයේ උදේ නැගිට්‌ට වෙලාවේ ඉඳන් වෙච්ච දේවල් හැම එකක්‌ම."
සිය අසුනේ විඩාපත්ව එල්ලී වැටුණු කළු පැහැති හිසකෙසින් යුත් තරුණයා සිය සුපුරුදු කතාන්දරය යළිත් වරක් කටපාඩමින් මෙන් කියන්නට වූයේ කෙතරම් වේදනාබර සහ විඩාපත් පහත් හඬකින් ද යුත් ඔහු කී දේ තෝරා බේරා ගන්නට පොලිස් පරීක්‍ෂකවරයාට තරමක වෙහෙසක් ගන්නට සිදුවිය.
"මම කිව්ව සේරම ඇත්ත" අවසානයේදී ඔහු කීවේය.
පොලිස් පරීක්‍ෂකවරයා සිගරැට්‌ටුවක් දල්වා ගත්තේය. "තමුන්ට ඒක එහෙම වෙන්න පුලුවන්. ඒත් මට නම් ඒක පේන්නේ පැහැරගෙන යැම කියන චෝදනාව යටතේ තමුන්ට නඩුවකට මුහුණ දෙන්න සිද්ධ වෙන්න යනවා වගෙයි."
ඒ මොහොතේම දොරට තට්‌ටු කරන හඬක් ඇසුණු අතර පොලිස් නිලධාරියකු කාමරයට ඇතුලු වූයේ අළු පැහැති නිල ඇඳුමකින් සැරසී ගත් තවත් මිනිසෙකු ද සමගය.
පොලිස් නිලධාරියා පොලිස් පරීක්‍ෂකවරයා ඇමතුවේය. "මේ මහත්මයාට ඕනලු සර්ට යමක් කියන්න."
ඒක හුඟක් වැදගත් දෙයක් ද....? "පොලිස් පරීක්‍ෂකවරයාගෙන් දිස් වූයේ කෝප සහගත පෙනුමකි.
අළු පැහැති නිල ඇඳුමින් සැරසුණු කුඩා මිනිසා පියවරක් ඉදිරියට පැමිණ ඔහු තම කතාව ආරම්භ කළේය. "මම හිතන්නෙ ඒක එහෙමයි කියලා සර්" ඔහු ජෝ මැනෙටි වෙත මිත්‍රශීලී සිනහවක් පෑවේය. "මේ තරුණයා මිලර්ගේ දරුවාට පැහැර ගත්තේ නැහැ."
ඔහු කී දෙයින් කාමරය තුළ පැතිර ගියේ ඉදිකටුවක් පවා බිම වැටුණ ද හඬ නැගෙන තරමේ පුළුල් නිශ්ශබ්දතාවයකි.
පොලිස් පරීක්‍ෂකවරයා මවිත වූ බවත් පෙන්නුම් කළේය. "මොකක්‌ද තමුන් කිව්වේ...."?
"මම අද උදේ පත්තරේ කියවද්දී මැනෙටි මහත්මයාගේ පිංතූරය පත්තරයේ දැක්‌ක ගමන් මේ එයා කියලා ඒ මොහොතේම අඳුන ගත්තා. "අළු පැහැති ඇඳුමින් සැරසුණු කුඩා මිනිසා පැවසුවේ තරමක අභිමානයකිනි."
එයා කවුරු කියලද...? පොලිස් පරීක්‍ෂකවරයා ප්‍රශ්න කළේ සිය ඉවසීමේ සීමාව ඉක්‌මවා යන ස්‌වභාවයක් පළ කරමිනි.
"මම රාජකාරි කළ හයිවේ එකේ ගේට්‌ටුවේ දී තමන්ගේ ඉතුරු ගන්න නතර වුණේ නැති එක්‌කෙනා විදියට. එයා මට ඩොලරයක් දුන්නා. ඒත් මම ඉතිරි සල්ලි දෙන්න කලින් එයා යන්න ගියා. එයා හොඳ කල්පනාවකින් හිටිය බවක් පෙනුණේ නැහැ. මම එයා යනවත් එක්‌ක කෑ ගැහුවා. ඒත් ඒක වැඩක් වුණේ නැහැ. ඒ මෙයාම තමයි. ඒ වගේම එතකොට වෙලාව හරියටම එකොළහයි තිහයි. ඒක මම හරියට ම දන්නේ මගේ ඩියුටි නිසයි. එකම වෙලාවේ ටවුන් එකෙන් එළියට යන්නයි ඒ වෙලාවෙම ටවුන් එක ඇතුලේ ඉන්න දරුවෙක් පැහැර ගෙන යන්නයි එයාට බැහැනේ."
පොලිස් පරීක්‍ෂකවරයා රවා බැලුවේය. "මේ හැම දෙයක් ම මීට කලින් තමුන්ට වාර්තා කරන්න බැරි වුණේ ඇයි..."?
කුඩා මිනිසා දෙවුර හැකිළුවේය. "මේ කතාව පත්තරේ දකිනකල් ඒක එච්චර වැදගත් දෙයක් වෙයි කියලා මම හිතුවෙ නැහැ."
පොලිස් පරීක්‍ෂකවරයා ජෝ මැනෙටි වෙත බැල්මක් හෙළු අතර ධෛර්යවත් කරවන සිනහවක් ඔහුගේ විසල් මුහුණේ ඇදී යමින් තිබිණ. "තමුන් නිර්දෝෂයි කියලයි පේන්නේ තරුණයා..."
සුදුමැලි මුහුණින් සහ කළු පැහැති කැරලි හිසකෙසින් යුත් තරුණයාගේ මුහුණේ සැනසුම් සහගත බවක් පෙන්නුම් කරන කිසිදු විශේෂ සළකුණක් දැකිය හැකි වූයේ නැත. "මං කිව්වා මම කියන්නේ ඇත්ත කියලා." ඔහු පැවසීය.
ටික වේලාවකට පසු පොලිස් පරීක්‍ෂකවරයා ඔහු දුටුවේ පොලිස් මූලස්‌ථානයේ දොරටුව අබියසදීය. මෙම උස් මහත් මිනිසාගෙන් දක්‌නට ලැබුණේ අසාමාන්‍ය ස්‌වභාවයක් වූ අතර නුහුරු පෙනුමක සේයාවක් වෙත ඇදී ගොස් තිබිණ. එහෙත් සිය සුරත ගෙන ජෝ මැනෙටි වෙත අතට අත දීමේදී එහි වූයේ දැඩි ග්‍රහණයක් සහ මිත්‍රශීලී ස්‌වභාවයකි.
"මෙතැන සිට තේරුම් ගන්න බැරි එකම දෙයක් තියෙනවා." ඔහු පැවසුවේ සිය විමසිලි සහගත දැසින් තරුණයා දෙස විපරම් කරමිනි. "ඇත්තටම ඒ ඇයි කියලා තාම තේරුම් ගන්න බැහැ. ඇයි තමුන් ඒ දරුවා කෙළින් ම අපි ළඟට ගෙනාවෙ නැත්තේ.
ජෝ මැනෙටි පිළිතුරු දීමට පැකිළුණේය. පොලිස් පරීක්‍ෂකවරයාගෙන් ඔබ්බෙහි වූ කලබලකාරී මාවත අද්දර කුඩා දරුවන් කෙළි සෙල්ලම් කරන ස්‌ථානය වෙත ඔහු වෙත් රැඳවූයේය. "මම හිතන දේ ඉන්ස්‌පෙක්‌ටර්ට තේරුම් ගන්න පුලුවන් වෙයිද කියන එක ගැන මට සැකයි." ඔහු කීවේ නිසොල්මන්වය.
"මට ඒකට අවස්‌ථාවක් දෙන්න" පොලිස් පරීක්‍ෂකවරයා පැවසුවේය.
"හොඳයි තරුණයා කීවේ ගැඹුරු සුසුමක්‌ද හෙළමිනි." මට ඕන වුණේ තමන්ගේ නැති වුණු දරුවා ආපහු ලැබුණු තාත්තා කෙනෙක්‌ගේ මුහුණේ පෙනුම බලාගන්නයි.
ආපසු හැරී නොබලා ම පිය ගැටපෙළ සෙමින් බැස ගිය ඔහු ජනාකීර්ණ වීදියේ නොපෙනී ගියේය.
http://www.divaina.com/2012/08/12/nimna03.html
සරෝජිනී (කෙටි කතාව)
කුෂ්වාන්ත් සිං
සරෝජිනී ගැන කියන්න තරම් වරදක් නැත. ඇය යහපත් තරුණියක් වශයෙන් හැමෝම පිළිගනිති. එහෙත් ඇයගේ යහපත් භාවයෙන් ඇයට නම් කිසිදු සෙතක් සිදු වී නැත. දහඅට වැනි වියේ පසුවූ ඇයගේ පෙනුම විසිඅට වැනි වියේ පසුවන්නියකගේ මෙනි. හැසිරීම හතළිස් වැනි වියේ පසුවන මැදි වයසේ කාන්තාවකගේ මෙනි. කළු මිටි ඈ තරමක් මහත යෑයි කිව හැකිය. තදින් තෙල් අතුල්ලා පීරණ ලද කොණ්‌ඩය පිටුපසින් මඳක් උස්‌කොට බැඳ ගැනීම ඇගේ සිරිතය. බිත්තරයක හැඩය ගත් ඇගේ මුහුණ තැනින් තැන ළප කැලැල්ය. ඕනෑවටත් වඩා මම ඇගේ දේහ ලක්‌ෂණ ගැන සඳහන් කරන්නේ යෑයි ඔබට සිතෙනු ඇත. ඒ ගැන අමනාප නොවන්න. ඇය යහපත් තරුණියක් බව මම මුලින්ම පැවසුවෙමි. තව එක් ලක්‍ෂණයක් ගැන සඳහන් නොකරම බැරිය. ඇයට ඉඟටියක් ඇති නැති තරම්ය. ඇය පුරුද්දක් වශයෙන් අඳින්නේ සුදු පැහැති සාරිය. නාසයේ කෙළවර රඳවාගෙන සිටින ඝන ලෙන්සය සහිත උපැස් යුqවළ කියා පාන්නේ ඇය බොහෝ සේ පොත්පත් වල ගැලී සිටින බවයි. එසේ නැතිව ඇය උප්පත්තියෙන් ලද දෘෂ්ටි ඌනතාවයකින් පෙළෙන්නියක් නොවේ.
සරෝජිනී නිවසින් පිට යනවා නම් සාරි පොටින් හිස ආවරණය කර ගැනීමට පරෙස්‌සම් වූවාය. ඇයගේ වයසේ තරුණ තරුණියන් අතර ඇය ජනප්‍රිය නොවූවද වැඩි වියේ ගැහැනු ඇයට බෙහෙවින් ඇළුම් කළහ. තම තරුණ දූවරුන් දඟ වැඩක් කළ විට ඔවුන්ට අවවාද දෙන්නේ සරෝජිනී මෙන් හොඳින් හැසිරෙන ලෙසය. උදේ පාන්දරින් අවදි වන සරෝජිනී හොඳින් සූදානම් වී පාපැදියෙන් පාසලට යයි. ආපසු එයි. පාසලේ අනෙක් කොල්ලන් කෙල්ලන් මෙන් රංචු ගැසී විහිළුවෙන් පාර පුරා යැමක් ඈ ළඟ නැත.
ඇයගේ මෙම හොඳ ගතිගුණවලට තවත් ටිකක් එකතු කරන්නේ නම් කිසි විටෙක ඇස් බැමි, තොල් නිය ආලේපනවලින් හැඩ ගැන්වීමට ඇය උනන්දු වූයේ නැත. දෙවියන් තමන් මැවූ ආකාරය මැනවැයි ඇය සිතුවා විය හැකියි. සම වයසේ අනෙක් ගැහැනු ළමයින් මෙන් ඇය පිරිමි ළමයින් ගැන උනන්දුවක් දැක්‌වූ බවට කිසිදු සාක්‍ෂියක් නැත. ඔවුන් ඈ ගැන කෙසේ සිතුවා දැයි මම නොදනිමි. ඇයගේ දහනව වැනි උපන් දිනයේ දී ඇගේ පන්තියේ ගැහැනු ළමයි ඇයට තෑග්ගක් වශයෙන් විලවුන් කට්‌ටලයක් එවා තිබිණි. සරෝජිනී ඒ පිළිබඳ සිතුවේ ඇයට කරන ලද සමච්චලයක් වශයෙනි. ඇය ඒ ගැන කල්පනා කළාය. කෙසේ වුවද යහපත් තරුණියක් වූ ඇය ඒ ගැන ඔවුන් සමග ආරෝවක් ඇති කර ගැනීමට සිතුවේ නැත. විලවුන් කට්‌ටලය අල්මාරියේ තැබූ ඇය ඒ ගැන අමතක කළාය. ඇය බිත්තියේ එල්ලා තිබෙන මුහුණ බලන කණ්‌නාඩිය ආපස්‌සට හැරෙව්වාය.
විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය අවසන් විය. ඇය ඒ සඳහා පිළිතුරු ලීවේ එතරම් උනන්දුවකින් නොවේ. තවදුරටත් ඉගෙනීමේ කටයුතු සඳහා ඇය තුළ උනන්දුවක් නොතිබිණි. අනෙක් ළමයින් වසර ගණනක වෙහෙස නිමාවීම නිසා ඇතිවන ප්‍රීතිය භුක්‌ති විඳීම සඳහා සාද පවත්වන අතර ඇය සිරිත් පරිදි නිවස බලා පිටත් වූවාය. ඇයගේ සිත කල්පනා සාගරයකි. විභාගය සමත් වූවත් මාස කීපයකින් විශ්වවිද්‍යාලයට ඇතුල්වනු ඇත. තවද මාස කීපයකින් විභාග ප්‍රතිඵල එන විට ඇය අසමත්ව තිබුණහොත් ගෙදර ජීවිතයද ඉන් අවසාන වේ. දෙමව්පියන් කාට හෝ ඇය විවාහ කරදී ඔවුන්ගේ බරෙන් නිදහස් වනු ඇත. බොහෝ විට තම අනාගත ස්‌වාමිපුරුෂයා ඇයට දකින්න ලැබෙන්නේ විවාහයට පෙර එක් වතාවක් විය හැකියි. "ඉතින් කවුරුන්ද මා විවාහ කර ගන්නේ?" ඇයට සිතිණි. පාසල් වියේ දී කිසිදු ශිෂ්‍යයෙකු ඇය හා මිත්‍ර වීමට වත් උත්සාහ දරා නැත.
මෙවැනි සිතුවිලි ගොන්නක පැටලී ඇය නිවස කරා පාපැදිය පැද්දාය. ඇය පාපැදිය පැද්දේ මාර්ගයේ වැරැදි පැත්තෙනි. අවාසනාවක මහත ඇය පලතුරු පෙට්‌ටියක් හිස මත තබාගෙන යන පදික වෙළෙන්දෙකුගේ ඇඟේ හැපුණේය. ඇය ඇද වැටුණේ ඔහුගේ ඇඟ උඩටය. වාසනාවකට මෙන් ඇයට හෝ වෙළෙන්දාට බරපතළ තුවාලයක් සිදුවූයේ නැත. දෙදෙනාටම සිදු වූයේ සුළු සීරීම් කීපයක් පමණි. වරද ඇයගේ වුවද වෙළෙන්දා එය ගණන් නොගෙන ඇය හා සිනාසුණේය. එහෙත් ලැඡ්ජාවත් අභිමානයත් සිතට නැඟුණු ඈ කඩා පැන්නාය.
"ඔහේගෙ ඇස් පොට්‌ට වෙලාද?"
සෙල්ලක්‌කාර තරුණ පදික වෙළෙන්දෙකු වූ ඔහු එය ගණන් නොගත්තේය. වටපිට බලා පේන තෙක් මානයක කිසිවකු නැති බව සැක හැර දැනගත් ඔහු පිළිතුරු දුන්නේ ය.
"එක ඇහැක් පේනවා. පුංචි කුමාරියේ"
පිළිතුරු දීමෙන් නොනැවතී එකම ඇස වසා ඉඟියක් කර දෙතොලට තැබූ අත ඇය දෙසට පා ආදරණීය තොත්තුවක් ද පා කර හැරියේය.
සරෝජිනීගේ මුහුණ ලඡ්ජාවෙන් රත් පැහැ ගැනුණි. "ඌරා... බූරුවා... ඇය බැණ වැදුණාය. පදික වෙළෙන්දා එය ගණනකට නොගත්තේය. සෙල්ලක්‌කාර තරුණයකු වූ ඔහු ඉන් විනෝදාස්‌වාදයක් ලබන බව පෙනුණි. නැවතත් ඔහු ඇස වසා ඉඟියක් කර තවත් තොත්තුවක් ඈ දෙසට පා කර හැරියේය.
ඇය ජීවිතයේ කිසි දිනෙක මෙවැනි සිදුවීමකට මුහුණ පා නැත. ඇය පාපැදියට නැගී වේගයෙන් පැදගෙන නිවසට ආවාය. කාමරයට වැදී මුහුණ කොට්‌ටයක ඔබා ගත්තාය. කල්පනා කළාය. එයා නරක මිනිහෙක් වෙන්න බෑ. මගේ වරද... ඒත් එයාට කේන්ති ගියේ නෑ. ඉර බැස ගියේය. ජනේලයෙන් සඳ එළිය ඇගේ ඇඳ මටත වැටෙද්දී ඇය ඇස් පියා ගත්තාය.
පසුදා උදෑසන ඇඳ මතින් ඇය නැගී සිටියේ ප්‍රමෝදිත මනෝ භාවයකින් යුතුවය. ඇයගේ සිතුවිලි මෘදුය. සමහර විට ඔහුට ඇය පිළිබඳ සිතක් පහළ වූවා විය හැකිය. ඇය දිගටම ඒ ගැන කල්පනා කළාය. ඔව්. සමහර විට එහෙම වෙන්න පුළුවන්...
ඇය අල්මාරිය ඇරියා ය. මුල්ලකට දමා තිබූ විලවුන් පෙට්‌ටිය යෙහෙළියන් දුන් උපන්දින තෑග්ග අතට ගත්තාය. මුහුණ බලන කණ්‌නාඩිය හරි පැත්තට හැරෙව්වාය. තොල් පාට කළාය. ඇහි බැමි පාට කළාය. කෙස් වැටිය මුදාහැර හිස දෙපසට ගස්‌සා විසුරුවා හැරියා ය. (ඇයට දිගු කෙස් වැටියක් තිබුණි) නැවත ප්‍රවේශමෙන් ගොතා උන්ඩි කොට හිස පිටුපස ලතාවකට ගැටගසා ගත්තාය. මල් බඳුනෙන් මල් කිනිත්තක් ගෙන හිසේ පැළඳගත් ඇය නළලේ තිලකයක් තැබුවාය. මුහුණ ඒ මේ අත හරවා හැඩ බැලුවාය. ඇගේ නව පෙනුම ගැන තෘප්තිමත් වූ ඇය මෙසේ සිතුවාය.
"ඔව් සමහර විට එහෙම වෙන්න පුළුවන්"
* පරිවර්තනය - යසපාල වනසිංහ
--
ඉන්දීය ලේඛක ආර්. කේ. නාරායන්ගේ The Shelter කතාවේ පරිවර්තනය
වැස්‌ස කඩා හැළුණේ හදිසියෙනි. වැස්‌සෙන් බේරීමට දුවයන්නට තිබුණ එකම ආවරණ ස්‌ථානය වූයේ, දැවැන්ත කඳක් සහිතව, ඉහළ අතුපතර හොඳින් විහිදී ගිය පාර අයිනේ වූ දැවැන්ත නුග ගස ය. තමා සිටින දිසාවට ඉඳහිට ගහන දිය, සුළඟින් සමඟ, සට පට ගා වැටෙන දියබිඳු දෙස ඔහු මැදහත් සිතින් බලා සිටියේය. සම්පූර්ණයෙන්ම තෙත බරිත වූ දඩාවතේ යන බල්ලෙක් ඇඟ ගසා දමන අයුරු ද පාර අයිනේ සිටි මී හරක් දෙන්නෙක් සුළඟට වැටුණු නුගකොළ කන හැටි ද ඔහු බලා සිටියේය. ඇදවී වකුටු වී ගිය නුග ගසේ සුවිශාල කඳට මුවා වී තවත් සිකිවකු සිටගෙන සිටින බව, ඔහුගේ දෙනෙතට ලක්‌විය. යාන්තමට විහිදෙන මල් සුවඳක් තමා දෙසට පාව එන බවක් ද ඔහුට දැනෙන්නට විය. තව දුරටත් තම කුතුහලය දරා සිටීමට නොහැකි බව ඔහුට හැඟුණි. නුග ගසේ කඳ අසලට ගිය ඔහුට මුහුණ ට මුහුණ ලා එහි සිටි ඇයව හමුවුණි. "ඕ.... හ්...." තම මුල්ම ප්‍රතිචාරය හැටියට ඔහුට හයියෙන්ම කියවිණි. තමා මහත්වූ කාලකණ්‌ණි අවුලකට පත්වුණාක් මෙන් ඔහුට දැනුනි. ඔහු දැක බියට පත්වුණාක් බඳු වූ ස්‌ත්‍රිය තම කෑ ගැසීම යටපත් කර ගත්තාය. තම කාලකණ්‌ණි නොසන්සුන් කම පහව ගිය පසු "කණගාටුවෙන්ඩ එපා, මං අහකට යන්නම්" ඔහු කියා සිටියේය. එහි කිසියම් අමන, තකතීරු ලැජ්ජාවක් බඳු දෙයක් ඔහුට දැනුණේ වෙන්වෙලා ගොඩක් කලකට පසුව මෙසේ, යළි තම බිරිඳ දැකගන්නට ලැබීමෙනි. ඔහු යළි තමා කලින් සිටි තැනට ගියේ ඇගෙන් ඈත්වෙමිනි. නමුත් "ඇයි ඔහේ මෙතෙන්ට ආවේ" කියා අසන්නට ඔහු ආපසු ඈ සිටින තැනට ගියේය.
ඇය පිළිතුරක් නොදෙයි කියා ඔහු බිය වූ නමුත් "වැස්‌ස හින්දා" යෑයි ඇය කීවාය. "ඕ...හ්..." කියා යළි ඔහුට ඊබේටම කියවුණේ, ඇය එම වචන දෙක කීවේ විහිළුවකට ගනිමින් යෑයි ඔහුට හැඟුණ නිසාය. "ඕ...හ්" යයි යළි පැවසූ ඔහු ඇය සමඟ සිනාසෙන්නට මෙන් උත්සාහ කළේය. "මාත්... මෙතෙන්ට... ආවේ... වැස්‌ස හින්දා තමයි" ඔහු කියා සිටියේ මුග්ධ හැඟීමකින් වෙළීගෙන ය. පිළිතුරු ලෙස ඇය කිසිවක් නොකීවාය. කාලගුණය කවදත් කතාවට මාතෘකාවක් නිසා, එහිම එල්ලීගෙන "හිතුවෙවත් නැති වැස්‌සක් තමයි කඩා වැටුණේ" ඔහු කීවේ බලාපොරොත්තු සුන් වූ විලාශයෙනි. ඇය එයට ද කිසිදු ප්‍රතිචාරයක් නොදී ඉවත බලා ගෙනම සිටියාය. තවදුරටත් ඔහු කාලගුණ විෂය ඔස්‌සේ දිගටම කතා කරන්නට උත්සාහ කළේය. "වැස්‌ස ගැන පොඩ්ඩක් හරි සැකයක් තිබුණ නම් මට ගෙදර නවතින්නට තිබුණා... නැත්නම් කුඩේ අරං එන්න තිබුනා" ඔහු කී දෙය ගැන ඇය තුට්‌ටුවකටවත් ගණන් නොගත්තාය. ඒ කියන දෙයට ඇය බීරෙක් මෙන් සිටියා ය. "මං කියාපු එක ඇහුනද" කියා අසන්නට ඔහුට උවමනා වුව ද, ඇයට තරහ එයි කියා ඔහු බිය විය. ඔලුව නරක් වූ විට ඇය ඕනෑම දෙයක් කිරීමට තරම් බැරිකමක් නැත. අවසාන අර්බුදය සිදුවුණ රාත්‍රිය වන තෙක් ඇගේ හැඟීම්, සිතුවිලිවල ශක්‌තිය පිළිබඳව ඔහු කිසිදිනක දැනගෙන නොතිබුණි.
විවාහ වී ගතකළ අවුරුදු ගණන තුළ, ඔවුන් තුළ අර්බුද ගණනාවක්‌ම පැනනැගී තිබිණි. පැයක් හැර පැයක් ගානේ මෙලොව තුළ වූ හැම දෙයක් පිළිබඳවම මෙන් වෙනස් වෙනස් අදහස් ඔවුහු දැක්‌වූහ. හැම ප්‍රශ්නයක්‌ම ඉක්‌මනින්ම අර්බුදයක් බවට පත්වුණි. දෙන්නාගෙන් එක්‌කෙනෙක්‌වත් එය සුළුකොට තකා නොසලකා හරින්නට සූදානම් වූයේ නැත. ඒ කොයිවාගේ දෙයක් ද කියනවානම්, "රේඩියෝ සිලෝන්" එකට ඇහුම්කන් දෙනව ද, නැත්නම් "ඕල් ඉන්ඩියා රේඩියෝ" එකට ඇහුම්කන් දෙනවද, "ඉංග්‍රීසි චිත්‍රපටයක්" බලනව ද, දෙමළ චිත්‍රපටයක් බලනව ද", "පිච්ච මලේ සුවඳ ද වැඩියෙන් වටින්නේ", නැත්නම් "රෝස මලේ ලස්‌සන ද වැඩියෙන් වටින්නේ" වැනි දේවල් ය. යම්කිසි දෙයක් වචන හුවමාරුවකට හැරී, ඉන්පසු එය මානසික ආතතියක් කරා නිර්මාණය වෙයි. නැවත සැනසිලිදායක වාතාවරණයක් ඇතිකර ගැනීමට, දෙදෙනා අතර වූ බේදය දින ගණනක්‌ම බලපායි. යළි මිත්‍රත්වයක් ගොඩ නැගීමට තරම්, යම් සැනසිලිදායක තත්ත්වයක් ඇතිවන විට, ඔවුහු මිත්‍රත්වයේ සංගීත භාණ්‌ඩය වාදනය කරගෙන යති. එය පූජා කුටියේ දෙවියන් ඉදිරියේ ද සංඥ කොට, නැවත එහෙම නොවන බවට සපථ කොට, ඔවුහු සියලු කරදර ධූරිභූත වූවා යයි සලකති. එහෙත් එය පැවතියේ ඉතා කෙටි කලකට පමණි. "අදින් පස්‌සෙ අපි සණ්‌ඩුසරුවල් වෙන්නේ නෑ" කියා පොරොන්දු වූ මුල්ම වගන්තියම, පැය විසිහතරක් ඇතුළත කඩා දමති. අනිකුත් වගන්ති සියල්ලම ද ගෙදර දොර වියදම්, වෙනත් කෑම පිළිබඳ විවේචන, නීතියට අනුව විමර්ශනය වන අය වැය සාකච්ඡා යනාදිය තවදුරටත් ප්‍රලාප බවට පත්වෙයි.
වැස්‌සේ සිටගෙන සිටින ඔහුට, ඇය අනික් කෙරවලේ සිටීම ගැන සතුටක් දැනෙයි. එදා රාත්‍රියේ තමා විසින් ඇය එළියට දමා, දොර වැසුවායින් පසුව, ගොඩක් කල්ගත වන තෙක්‌ම ඈ ගැන තොරතුරක් දැනගැනීමට ක්‍රමයක් ඔහුට නොමැති විය. සුපුරුදු පරිදි ඔවුන් එදින ද රණ්‌ඩුවූයේ කෑම වෙනුවෙනි. තමා ගෙදරින් පිටවී යන බවට ඇය තර්ජනය කළාය. "ඉතින් පලයන්" යනුවෙන් තරහින් කෑ ගැසූ ඔහු වහාම දොර ඇරියේය. ඇය අඳුරේම පිටවී ගියාය. ඔහු දොරේ යතුරු නොදමා බෙහෝ වේලාවක්, ඇය ආපසු එතැයි යන බලාපොරොත්තුවෙන් බලා සිටියේය. එහෙත් ඇය ආපසු නොආවාය.
"නැවත ඔහේ දකින්ඩ හම්බවෙයි කියලා මං හිතුවෙ නෑ" ඔහු කියා සිටියේය.
"ඔහේ හිතුව ද මං වතුරකට පැනලා මැරුණා කියලා" ඇය කියා සිටියාය.
"ඔව් මං බයවුණා" ඔහු කීවේය.
"ඔහේ බැලුව ද මාව අහල පහල ළිංවල, පොකුණු වල, නැත්නම් ගඟේ".
"නෑ මං බැලුවෙ නම් නෑ".
"මට පුදුමයි ඔහේ... එච්චර මං ගැන දුක්‌වුණා කියලා".
"මං දන්නවා ඔහේ ගිලිලා මැරුණේ නෑ කියලා... කොහොමද ඔහේ මට කියන්නේ... මං ඔහේ ගැන බැලුවේ නෑ.... කියලා?".
ඔහු ඈ දෙස බැලුවේ කණගාටුවෙනි.
"ඒකෙන් පේන්නේ තමුසෙට හදවතක් නෑ කියන එකයි" ඇය අඩිහප්පමින් මෙන් කීවාය.
"ඔහේ එහෙම කියන එක අසාධාරණයි" ඔහු කියා සිටියේය.
"අනේ දෙවියනේ... එහෙනම් ඔබ වහන්සේ... දැන් මගේ චරිතය ගැන කියන්ඩත් පටන් අරගෙන ඈ... අනේ.. මගේ ඉරණමේ තියෙන මූසල කම ද... මේ දැන් වැස්‌ස කඩා වට්‌ටලා... මාව මෙතෙන්ට එව්වේ..."
"මං.... නම් කියන්නේ... වැස්‌ස කඩා වැටුණේ හොඳට කියලා.... අපි ආයෙම එකතු කළා... මේ කාලය තුළ ඔහේ මොනවද කළේ කියල ඇහුවට කමක් නැද්ද?"
"ඇයි... මං... උත්තර බඳින්න ඕනැ ද ඒකට...?" ඇගේ කටහඩේ තිබූ උද්යෝගයට ඔහු තරමක් පසුබා සිටියේය. තමා චාටුකාරයෙක් හැටියට ඔහුට දැනුණි. ඇයව ආපසු නිවසට කැඳවාගෙන යැමට, ඇය කැමැතිකරවා ගැනීමට තමාට හැකිවේද? මේ වාක්‍යය කොතරම් තම දිව අග නලියෑවත් එය එළියට දමන්නට නොහැකිව ඔහු ආපසු බලෙන්ම මෙන් ගිලගත්තේය.
"ඔහේ.... මට මොනවාවෙලා ඇති ද කියල නිකමට හිතල බැලුවේ නැද්ද....? මේ මාස කීපයේ මං මොනවා කරනවා ඇති ද කියලා දැනගන්ඩ හිතුවේ නැද්ද...?"
ඇය එයට පිළිතුරු නොදුන්නාය. ඇය කලින්ටත් වඩා සැලකිල්ලෙන් වැස්‌ස වහින හැටි දිහා බලා සිටියාය. හදිසියේම සුළඟේ දිසාව වෙනස්‌වී ගසාගෙන ආ වතුරෙන් ඇගේ මුහුණ නෑවී ගියේය. ඇගෙන් සමාව ගැනීමක් ලෙස, තම අතේ වූ රෙදි කඩකින් ඇගේ මුහුණේ වූ වතුර පිසදැමීමට ඔහු වේගයෙන් ඈ වෙත ළං වූයේය. ඔහුගේ ළං වීමෙන් ඇගේ කෝපය යළි වැඩිවිය.
"මං ගැන කරදර වෙන්නට ඕන් නෑ..." ඇය කෑ ගැසුවාය.
"ඔහේ තෙමෙනවා" ඉහළ අත්තකින් වැටෙන වතුර බිඳු ඇගේ හිසමත පතිත වෙමින් තිබුණි. ඔහු කනස්‌සල්ලෙන් මෙන් ඈට අත දිගුකරමින් කියා සිටියේ, "ඔහේ තේරුමක් නැතිව තෙමෙනවා.. ටිකක් මෙහා පැත්තට වුණානම්,.. ඔහේ කැමති නම් මං ඔහේ ඉන්න පැත්තට ඇවිත්.... හිටගන්නම්" ඔහු බලාපොරොත්තු වූයේ මහත් සැලකිල්ලකින් ඈ වෙත ළංවීමට ය.
"මං ගැන ඔහේ කනගාටුවෙන්ඩ අවශ්‍ය නෑ" හිටිතැනම හිටගෙන පාරට උඩින් ගලා යන වතුර කඳ දෙස බලාගෙනම ඇය කියා සිටියාය.
"මං ඉක්‌මනට ගිහිල්ලා කුඩයක් හරි, ටැක්‌සියක් හරි අරගෙන එන්ඩද?"
ඇය නිකමට මෙන් ඔහු දෙස බලා අහක බලා ගත්තාය. එසේම ඔහු තවත් මොනවාදෝ ඒ අයුරින්ම කියා සිටියේය.
"හිතුවද මං..... ඔහේගේ සෙල්ලම් බඩුවක් කියලා".
"සෙල්ලම් බඩුවක් කියලා? ඇයි ඔහේ කියන්නේ...? මං එහෙම දෙයක් කීවේ නෑනෙ".
"හිතෙන.... හිතෙන වෙලාවට.... මං අල්ලා ගන්ඩයි.... වීසිකරන්ඩයි පුළුවන් කියලද... ඔහේ හිතන්නේ.... ඒවට තමයි... සෙල්ලම් බඩු කියලා කියන්නේ".
"මං කවදාවත් කියලා නෑ... ඔහේට යන්ඩ කියලා" ඔහු කියා සිටියේය.
"මං... තවත් අහන්නේ නෑ... ඔහේ කියන ඒවා එකක්‌වත්..."
"මට කොච්චර කනගාටුද කියලා කියනවානම්.. සමහරවිට මං මැරෙයි".
"වෙන්ඩ පුළුවන්... ඒ වුණාට ඒක ගිහිල්ලා කියනවා වෙන කාටහරි".
"ඒ වාගේ දේවල් කියන්ඩ මට ඉතින් වෙන කවුරුවත් නෑනේ..." ඔහු කීවේය.
"ඒකයි ඔහේගෙ ප්‍රශ්නෙ... එහෙම නේද...? මට ඒකෙ ඇති වැදගත්කමක් නෑ..."
"ඔහේට හදවතක් කියලා එකක් නැද්ද හැබෑට" ඔහු අයැද සිටියේය. "මං මේ ගැන කණගාටුයි කියලා කියද්දීවත් විශ්වාස කරනවා.. මං දැන් හුඟක් වෙනස් වෙලා..."
"ඇයි... මම... මමත් එහෙමයි... කලින් මම නොවෙයි දැන්... මං කිසිම දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නෙ නෑ.... බලාපොරොත්තු සුන්කර ගන්නෙත් නැ..." ඇය කීවාය.
"ඔහේ... මොනවා කරනවද කියලා කියන්නේ නැද්ද...?" ඔහු ඇයැද සිටියේය. ඇය අහකට හිස සැලුවාය.
"කව්දෝ කීවා ඔහේ කරන්නේ... හරිජන වැඩ... නැත්නම්.. ඒ වගේ දෙයක් කියලා.. මං කොහොමද ඒවා පස්‌සෙ හොය හොයා බලන්නේ... මොනවා කරනවද කියලා".
ඊට පිළිතුරු වශයෙන් ඇය කිසිත් නොකීවාය.
"ඔහේ මේ හරියෙද ඉන්නේ... හැමදාම... නැත්නම්...?" ඇගේ ලිපිනය සොයාගැනීමට කරන ඔහුගේ උත්සාහය අවංක එකක් විය. ඇය යළිත් වැස්‌ස දෙස නෙත් යොමුකර බැලුවාය. ඒ සමඟම පිළිකුලකින් මෙන් මූණ ඇඹුල් කරගෙන ඔහු දෙස බැලුවාය.
"තවදුරටත් මං වැස්‌සට දොස් කියන්නේ නෑ... අපට ආයෙ මුණ ගැහෙන්න... එකතුවෙන්න ලැබුණෙ වැස්‌ස නිසානේ".
"නෑ කොහොමටවත්.. අවශ්‍යතාවයක් නෑ... එහෙම මාව අල්ලන්ඩ බෑ..."
එසේ කියමින් ඇය, වේගයෙන් එළියට බැස, දුව යන්නට වූවාය.
"ඔහොම ඉන්න... ඔහොම ඉන්ඩ... මං පොරොන්දු වෙනවා මෙතන ආයෙ කතා නොකර ඉන්ඩ. ආපහු එන්ඩ.. තෙමෙන්ඩ එපා..." ඔහු ඇය පසුපස දුවමින් කියන්නට විය.
එහෙත් ඇය, දුහුල්, සුදු සුවිශාල තිරයක් මෙන් ඇද හැලෙන වැස්‌ස අතරින් මේ වනවිටත් අතුරුදන් වී තිබිණි.
පරිවර්තනය - ආණමඩුවේ විඡේසිංහ
දඬුවම (කෙටිකතාව)
දැඟලිය නොහැකි ලෙස දෙදෙනා විසින් සුප්පන්ගේ දෙපසින් සිට දෙඋරෙන් අල්ලා සිටිනු ලබද්දී තවත් දෙදෙනකු ඔහුගේ අත්දෙක පිටුපසට කොට ලණුවකින් බැඳ දැමූහ.
වේදනාව ඉවසාගත නොහී හෙතෙම මුනින් අතට බිම ඇද වැටුණේය. අමනයකු අල්ලා ගැනීමට දෙදෙනකු ප්‍රමාණවත්ය. එහෙත්..... මෙහි දස දෙනකුට වැඩි පිරිසක් පොලු, මුගුරු අතැතිව සූදානම්ව සිටියෝය.
''කඩුල්ලෙන් එපිට ඉඳන් අත පාන එකා ගෙදර ඉන්න ගෑනු ඉල්ලනවා.... හ්ම් ගෑනු...තුඃ''
සුප්පන්ගේ මුහුණට කාරා කෙළ ගැසූ ලොකු කංකානම, හැඳ සිටි කළු කෝට් එකෙහි ඇතුළු සාක්‌කුවේ දම්වැලක එල්ලෙන ඔරලෝසුව අතට ගෙන වෙලාව බැලුවේය. ''හ්ම්...... වෙලාව හතරහමාරයි....''
ලැයිම් පේළිය ඉදිරිපිට ගල් ඇල්ලූ පොදු මිදුලට යාර දහයක් පහලොවක් පමණ ඈතින් වර්ග අඩි හතරක සිමෙන්ති බැම්මකි. හරි හතරැස් ගොඩැල්ලක් බඳු එහි මැද ත්‍රිකෝණාකාරව සිට වූ ගලකි. ඒ ගණ දෙවිඳුය. ඇඟිලි තුනකින් හරහර ඇඳි විභූති (හෝම අළු) මැද තැබූ සඳුන් කුංකම තිලකය හොඳින් දිස්‌වේ. ගණ දෙවිඳුට පිටුපසින් ගොඩැල්ලේ සිටු වූ ත්‍රිශූලයක් ද ඇත. සඳුන් තිලක සලකුණු ත්‍රිශූලයේදී ගෙලෙහි බැඳි පාට සේදුණු කහරෙදි සුළඟේ ළෙල දෙමින් තිබිණි. ත්‍රිශූලයෙහි උල් තුනෙහි ගැසූ දෙහි ගෙඩිවලින් ගැලූ දෙහි ඇඹුල් ඉස්‌ම කුංකුම මත තැවරී රත් පැහැයෙන් වැක්‌කෙරී එල්ලෙමින් තිබිණි. මේ නිකම්ම ගොඩැල්ල කෝවිලයි. අව්වට වේළීම ද වැස්‌සට තෙමීමද ගණ දෙවිඳුට හුරුවූ ජීවිතයකි. වතුයායේ මිනිසුන් විසින් මෙහි කිනම් හෝ මොහොතක පොල් ගෙඩියක් ගසයි. උත්සව දවසකදී කවුරුන් විසින් හෝ පූජාව ද පවත්වනු ලබයි. නොවැම්බරයේ පැවැත්වෙන කාර්තිකෛ දීපම් පූජාවේ දී කපුරු පත්තු කෙරේ. ගණ දෙවිඳු ඉදිරියේ මෙය නොවරදවාම වාර්ෂිකව පවත්වාගෙන එයි. දෙවි ගොඩැල්ලට මඳක් එපිටින් වාඩිවී සිටීමට හැකි පරිදි කළුගල් සූරිය ගසක් මුල එක්‌කොට තබා සාදා ඇත. සූරිය ගසෙහි අතු නැගෙනහිර දෙසට විහිදී ඇත.
''තව පැය බාගයක් තියෙනවා.'' ගිනි මැලයෙන් තප්පුව රත් කරමින් සිටි සීරංගන්ට ඇසෙන සේ පැවසූ ලොකු කංකානම, වාඩිවී සිටි ගල් ගොඩැල්ලෙන් නැඟිට්‌ටේය.
වතුර පිරි මැටි කළයක් සුප්පන්ගේ හිසට වත් කළ එකෙක්, ''මොකද වෙවුලන්නේ'' සීතලද කම්බිලියක් ගෙනැත් දෙන්ඩ ද මහත්තයට පොරව ගන්ඩ'' යෑයි ඇසුවේය.
වේට්‌ටිය පමණක් හැඳ සිටි සුප්පන් සීතලේ වෙවුලමින් සිටියේය.
රෙදි කඩක දවටාගෙන සිටි දැලි පිහිය අතට ගෙන අනෙක් අතේ අල්ලෙහි දෙපසට හරවමින් ඇතිල්ලූ ආවඩෙයප්පන් බාබර්, සුප්පන්ගේ හිස බූ ගෑමට පටන් ගත්තේය. කහ හිරු කිරණ ඔහුගේ හිසෙහි පතිත වී දිලිසෙන්නට විය.
''ගහපිය තප්පුව·'' ලොකු කංකානම රිදී විල්ලක් දැමූ කළුවර බස්‌තම දකුණතින් අල්ලාගෙන වමතින් උඩු රැවුල ඇඹරුවේය.
තප්පු හඬ නැඟෙත්ම සුප්පන් කෙළින් කර අල්ලා ගනු ලැබීය. ලැයිං කාමරවල සිට පැමිණ සෙනග රැස් වූහ.
''ඔය බවලත් ඇත්තෝ මෙහාට වරෙල්ලා· උඹලගේ මුත්‍රා මේකාගේ කටට වත්කර පල්ලා· අනුන්ගේ ගෑනු තමයිලු මූට ඕනෑ.'' ලොකු කංකානම ගර්ජනා කරද්දී සූදානම් කරගෙන සිටි එළවරා මල්මාලය සුප්පන්ගේ ගෙලට දැමූ අයෙක්, ඔහුගේ කම්මුල ඇතැඟිලිවලින් අඹරා ලොකු කංකානම දෙස බැලුවේය.
තප්පු ගැසීම නතර කළ සීරංගන්, දකුණු උරයේ එල්ලාගෙන සිටි තප්පුව දරුවකු මෙන් අල්ලාගෙන තප්පු ගැසූ කෝටුව අල්ලාගෙන දකුණත ඉහළට ඔසවා, ''වත්තේ ජනයිනි මේ අසාපල්ලා· මේ සිටින කෝවිල් ලැයිමේ සුප්පන්... ගල්කටුවක් වගේ........ මේකා අපේ මුණියාන්ඩි කංකානමගේ බාරියාව තනියම ඉන්න වෙලාවක් බලලා ඒ ඇත්තිව දූෂණය කරලා අවමානයට පත් කරපු නිසා, අපේ ගමේ සිරිතට කොණ්‌ඩේ බූ ගාලා පෙරහැරෙන් එක්‌කගෙන යනවා...' යෑයි චෝදනාව ප්‍රකාශයට පත් කළේය. ඔහුගේ තප්පු ගැසීම නැවත ආරම්භ විය. ලොකු කංකානම ඔහුට උදේම රා බෝතල් දෙකක් බීමට මුදල් දී තිබිණි.
''සුප්පන් එහෙම දෙයක් කෙරුවද? මේ ප්‍රශ්නය රැස්‌ව සිටි බොහෝ දෙනෙකුට ඇතිවී තිබිණි.
''ගමේ'' හිටියා නම් මේකගේ ඇඟ පුරාම කළුපාට රතුපාට තිත් තියලා බූරුවෙක් පිටේ නග්ගලා තමයි පෙරහැරේ ගෙනියන්නේ. හ්ම් හ්ම් යමං''
සුප්පන් හැඳ සිටි තෙත වේට්‌ටිය ගලවා වීසි කෙරිණි. ඉතිරි වූයේ අමුඩය පමණි.
''මං නොකරපු වැරැද්දකට මට මෙහෙම වධ දෙනව නේ..... අනේ දෙයියනේ ඔබ වහන්සේට ඇස් නැද්ද? සුප්පන් දෑසට නැඟෙන කඳුළු පිස දමමින් අවට රැස්‌ව සිටියවුන් දෙස නිහඬව බැලුවේය.
සීරංගන් තප්පුව ගසමින් ඉදිරියෙන් යද්දී ''හ්ම්..... යමාං'' යෑයි පවසමින් අයෙක් පිටුපසින් තල්ලු කරද්දී සුප්පන් නිහඬව ඇවිද ගියේය. ඔවුන් පසු පසින් ලොකු කංකානම සමඟ දහ දොළොස් දෙනෙක් පෙරහැරේ ගමන් ගත්හ. තප්පුවේ හඬ කඳුවල වැදී දෝංකාර හඬ නැංවීය.
සුප්පන් නොහොත් සුප්පයියාට... තමිල්නාඩුව, සේලම්, ආත්තූර් දාලුකා, සෙංගවල්ලි ගම, ආනියම්පට්‌ටි තැපැල් කාර්යාලය, භාරකරු මාරියායි යන ලිපිනයෙන් ලිපි ලැබී තිබිණි. ඔහුට ගමේ විස්‌තර දැන ගැනීමේ ආශාවක් ඇති විය. වරෙක දුවමින් ද සෙමෙන් ගමනින්ද ගොස් ඔහු ලොකු කංකානම්ගේ නිවෙස ඉදිරිපිට නතර විය. වත්තේ සිටිනවුන්ගෙන් හතරෙන් තුනකටත් වැඩි දෙනෙක් අත්සන වෙනුවට ඇඟිලි සලකුණ තබන්නෝ වෙති.
පිටුපසින් තටු විහිදා ගත්තාක් වැනිව ඉන දක්‌වා එල්ලී සුළඟේ ළෙලදෙන තෙත කොණ්‌ඩය අතින් ගසා දමමින් ගල් ලයිසන් කළ මිදුලේ පඩිය මත, තාමරෙයිවල්ලි වතුයායේ ලොකු කංකානම වූ කරුංගවේල් වාඩි වී සිටියේය. උණු වතුර නෑමත් සැඳෑ කහ හිරු රැස් තැපීමත් ඔහුගේ දෛනික සුඛයන් වේ. ලොකු භාජනයක් තබා වසා තිබුණ ගලින් බැඳි ළිපෙහි දර තෙමී දුම් අවට පැතිරෙන්නට විය.
සුප්පන් බයාදු ලෙස දෝතින්ම දිගු කළ ලිපිය අතට ගත් ලොකු කංකානම ''ගමෙන් ලියුමක් ඇවිල්ලා වගේ අන්න අර පඩික්‌කම මෙහාට ගනිං.''
ඔහු ලිපිය දිග හැර අකුරු එකින් එක එකතු කර තාලයට කියවයි. ''ශ්‍රී මහාරාජ............ මගේ ඇහැටත් වඩා වටිනා පුතා සුප්පයියාට අම්මා මාරියායි ලියන ලියුමයි.... ගමේ මාත් අපේ හිතවතුනුත් සුවෙමු. නුඹ සුවෙන් හිටින්න ගම්බාර පේච්චියම්මන්ටත් මරුදවීරන්ටත් රෑත් දවාලුත් වන්දනා කරනවා. නුඹ ගමට ආ හැටියේ ම මරුදවීරන්ට එළුවෙක් කපා බත් උයා පූජා කරනවා කියා බාරයක් වුණෙමි.'' උගුර පාදා කාරා කෙළ ගැසූ ලොකු කංකානම ඉන්දියාවේ ඉගැන්නිල්ල තමයි බං අකුරු කියන්නේ අකුරුම තමයි බං...'' යෑයි පැවසුවේය.
වත්තේ කම්කරුවන්ට එන ලිපි සියල්ලම කාර්යාලයේදී ලොකු කංකානමට භාර දෙනු ලැබේ. ඒවා සිය නිවසට ගෙනැවිත් සීරුවෙන්ව ගලවා කියවා බලා, බත් ඇට පොඩිකර අලවා අදාළ අයට භාරදීම මොහුගේ සිරිතකි. මේ නිසා දෙවැනි වර ඒ ලිපි කියෑවීමේදී අකුරු එකතු කොට කියෑවීමේ අපහසුව අඩුවේ.
තාලය යළි ආරම්භ වෙයි....... "තව දුරටත් පහළ වීදියේ මරුදමුත්තු අත නුඹ එවූ රුපියල් විස්‌ස ලැබුණා. උඹගේ නැන්දාගේ දුව පොන්නි කොටහළු වුණ සිරිතට කප්රුක හිටවන්න ඕනේ නුඹයි. නුඹගේ පුංචි අම්මාගේ පුතා එක්‌කගෙන ගෙහුං ඒ කටයුතු කෙරුවෙමි. අපේ පංගුවට අපි බත් උයා දුන්නෙමි. මාර්තු මාසයේ පාළොස්‌වැනිදාට වතුර නාවන්න යොදා ගෙන තිබේ. කංකානම් මහත්තයාට කියලා උඹ වහාම ඇවිත් පොන්නිව කසාද බැඳගෙන ලංකාවට එක්‌කරගෙන යන්න. පුතා කවදාද දකින්නේ කියා ආසාවෙන් ඉන්නේ. නුඹ මගේ ඇස් දෙකේ ඉන්නේ. තවත් කාරණයක් තියෙනවා. හමුදාවේ ඉන්න උඹගේ බාප්පා රෙංගන්, යුද්දෙට ගිහිල්ලා මැරුණා කියා ලියුමක් ලැබුණා. රෙංගන්ට වචනෙ දීලා හිටිය මරුදායි කෙල්ල මාස දෙකකට ඉස්‌සෙල්ලා ඒකිගෙ මස්‌සිනා පලනියප්පන් එක්‌ක පුනාච්චි කන්ද පැත්තට පැනලා ගියා. තාමත් ගමට මාස හයක් වැස්‌සේ නැහැ. වගාකරන්න බැරුව ඉන්නවා. අපි ළඟ හිටිය එකම හරකත් කන්න නැතුව මැරිල ගියා. ගෙයි වහළයට පිදුරු සෙවිල්ලන්න ඕනෑ. බිත්තිවලට හුණු ගාන්න ඕනෑ.''
මවගේ ලිපියෙහි විස්‌තර වලින් සුප්පයියාගේ සිත වෙනතක දිව ගියේය. කලින්ම මේවා හිතලා සල්ලි එක්‌කාසු කරලා තියපු එක හොඳට ගියා. නැන්දාගේ දුව හොඳ රතු පාටය. ඇය බාල කාලයේදී දිග සාය ඇඳගෙන තමා සමඟ හරකුන්ට තණ කැවීමට දක්‌කාගෙන පැමිණි අන්දම ද දැන් ඇය සාරියක් හැඳ සුන්දරව සිටිනු ඇතැයි ද දරාගත් සිහින බිම තබන දිනය බලාපොරොත්තු ව සිටි සුප්පයියා, ක්‍ෂණයකින් ගමට ගොස් ආපසු පැමිණියේය.
ඔහු මාසයේ වැටුප ගත් විගස රුපියල් 10 ක් ලොකු කංකානමට දෙයි. වසර හතරක් තිස්‌සේ මෙය සිදුවෙමින් පැවතියේය. ගමට යෑවීමට ගත් මුදල් අඩුවූ පසු තව රුපියල් තුන්සියයක් වත් ඉතිරිවී තිබිය යුතුය. අම්මාට සාරියක් පොන්නිට සාරි, හැට්‌ට..... ඔහුට වේට්‌ටියක්, කමිසයක් ඉතිරි මුදල මඟුල් වියදමට.
''මොකද කතාවක් නැතුව උඹ බුම්මගෙන ඉන්නේ?''
''ගමට යන්න ඕනෙ''
''අප්පට බොල, මේ බලාපල්ලා.... මේකාට කසාද බඳින්න ආසාවක් ඇතිවෙලා වගේ.''
''අම්මා එන්න කියලා ලිවුමේ ලියලා තියෙනව නේ.''
''ඇයි බං සුප්පා නිකරුණේ වියදං කරන්නේ? වැඩ රාජකාරි අල්ලලා දාලා ගමට යනවා කියන්නේ? ජුලි මාසෙ තේරු උත්සවයට මං ගමට යනවා. ආපහු එනකොට උඹගේ නැන්දගෙ දුව එක්‌කරගෙන ඇවිදිල්ලා. මෙහේදීම උඹේ මංගල්ලෙ කරන්නම්. ගිය වතාවේ මං ගමට ගියාම සෙගප්පි කෙල්ල එක්‌කගෙන ඇවිල්ලා මුනියාණ්‌ඩිට කසාද බැන්දුවා. අන්න ඒ වගේ කරපුවම ඇති බං.''
''කංකානම් මහත්තයාගෙ කතාව ඉහටත් උඩිං, මං හරහට කතා කරනවා එහෙම නෙමෙයි. අම්මා මගේ ඇස් දෙකෙන් දකින්න ආසයි.''
''අම්මද එහෙම නැත්තං නැන්දගෙ දුවද.?''
''ගමට ගිහිල්ලා එන්ඩ ලොකු මහත්තයට කියලා වත්තෙ ගානෙ ටිකට් අරන් දෙන්න ඕනෙ කංකානම් මහත්තයා තමයි. ඒත් එක්‌කම කංකානම් මහත්තයට මං එක්‌කාසු කරලා තියන්ඩ දීපු සල්ලිත් දුන්නොත්...''
''කොහෙද යකෝ මහ ලොකු සල්ලියක් තියන්නේ? හිටපං හිටපං. ගණං බලමු.'' ලොකු කංකානම නිවස ඇතුළට ගියේය.
සුප්පයියා, බිත්තියේ වීදුරු යෙදූ රාමුවලින් එල්ලා තිබූ පිංතූර දෙස බැලුවේය. මුලින්ම මහත්මා ගාන්ධිය. ඊළඟට සුභාෂ් චන්ද්‍රබෝස්. කෙළවරෙහි ජවහර්ලාල් නේරුය. බිත්තියේ ලෑලි කෑල්ලක ගසා සවිකර ඇති මුව අං තට්‌ටුවකි. එහි පැත්තකින් එල්ලා ඇති කසයකි. එය ''නොහොබිනා වැඩ කරනවුන්'' කණුවක බැඳ දමා හම ගැසීමට, ''හතර පහක් ගසා යහ මඟට හරවා මිනිසෙක් කිරීමට''ලොකු කංකානමට උපකාරී වන උපකරණයකි. අං තට්‌ටුවේ තවත් අඟක එල්ලූ කළු කෝට් එකකි.
ගණන් පොත් රැගෙන පුටුවේ වාඩිවූ ලොකු කංකානම, පොත්වල සටහන් පෙරළා අකුරු එකතු කොට තාලයට ඇද පැද, ''කරුප්පන්..... මුත්තන්.... වෙසනාණ්‌ඩි...... පළනි.. වීරායි....වෙල්ලච්චි.... ඔඩෙයානි.... කුරුපච්චි... කුප්පච්චි ....සුප්පන්.... හරි මේ තියෙන්නේ අහගනිං...... සුප්පා උඹගේ ගණන්වලින් රුපියල් හැටක් ඉතුරුව තියෙනවා.''
ඔළුවට කළුවර බස්‌තමෙන් පහර දුන්නාක් මෙන් සුප්පන්ට දැනුණි.
තප්පුවේ හඬ විලාපයක් මෙන් පැතිරෙමින් පෙරහැර ගමන් කරයි. පහළ කොටසේ ලැයිං කාමර පෙළ මිදුලෙහි පිරිමි ගැහැනු හා ළමයි රැස්‌ව සිටියහ. පීඩිත ස්‌වරූපය, භීතිය මුසු මුහුණු ඔවුන් වෙතින් දක්‌නට ලැබිණි. පෙරහැර නතර විය. තප්පු ගැසීම නතර කළ සීරංගන් තප්පුවට ගසන කෝටුව ඉහළට එසැවීය.
''වතු ජනයිනි අසත්වා· මේ විලි ලැඡ්ජා නැති අවලමා....... සුප්පන්.....මුණියාන්ඩි පොඩි කංකානම් මහත්තයාගේ බාරියාව තනියම ඉන්න වෙලාවේ බලහත්කාරයනේ දූෂණය කරලා නින්දා කරපු නිසා. අපේ ගමේ සිරිතට හිස බූ ගාලා....'' යනුවෙන් ඔහු චෝදනාව පැවසීය. නිහඬව රැස්‌ව සිටියවුන් පසු කර පෙරහැර ඉදිරියට යයි.
''ඇයි දෙයියනේ ඉතුරුවෙලා තියෙන්නේ රුපියල් හැටක් විතරද? විස්‌මයෙන් පියවි තත්ත්වයට පැමිණි සුප්පන් ඇසුවේය.
''ඇයි යකෝ .... මං බොරු ගණන් කියනවද? මොකෝ උඹේ සල්ලි අරගෙන ගිහිල්ලා මං ගමේ මාලිගා බඳින්ඩද?..... මේ අහපං. උඹට මතකද මං මිනිස්‌සු එක්‌කාසු කරන්න ගමට එනකොට මුළුගමටම කොලරාව. පවුලකින්ම එක්‌කෙනෙක් දෙන්නෙක් ගානෙ මැරෙන්න වැටිලා හිටිය වෙලාව. උඹේ තාත්තයි අයියයි පිටපිට මැරුණා නේද? එක මරණෙකට දහය ගානේ මං රුපියල් විස්‌සක් ණයට දුන්නා. අමතක කෙරුවද? කල්පනා කරලා බලාපං... හරිද? හ්ම් මේ කෙළ පඩික්‌කම එළියට ගෙනියලා හලලා හෝදගෙන වරෙන්, තඹ හැලියේ වතුර තියෙනවා.'' එසේ පැවසූ ලොකු කංකානම, මුව අඟක එල්ලී තිබූ කසය දෙසත් සුප්පන් දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේය.
''හේදුවද? හරි. මෙහාට ගෙනෙං.... මේ අහපං සුප්පා. උඹ මෙහේ එක්‌කගෙන එනකොට උඹේ අම්මට තව රුපියල් දහයක් දුන්නා. එතකොට ඔක්‌කොම රුපියල් තිහයි. උඹ තාමත් මේ ගනුදෙනුවට ණයකාරයෙක්. උඹ දෙන සල්ලිවලින් මාස්‌පතා පොලිය අඩුකරගෙන ඉතුරු සල්ලි තියාගෙන ඉන්නවා. මං උඹ එක්‌කගෙන ආවෙ නැත්තං උඹත් ගමේ පණුවෝ ගහලා ඉඳීවි.''
ලොකු කංකානමගේ නිවසේ අත් උදව්වට පැමිණි සෙල්ලායි ''මහත්තයා මං ගිහිල්ලා එන්නම්'' යෑයි පවසමින් ලොකු කංකානම පසුකර යද්දී ඇයගේ නිතඹට සුරතලයට සෙමෙන් තට්‌ටු කළ කංකානම, දිව යන ඇයගේ පිටුපස සුන්දරත්වය දෙසට යොමු කළ දෑස් ඉවතට නොගෙන දිව සපාගෙන අනතුරුව ''ම්... ම්'' යනුවෙන් සුසුමක් හෙළුවේය.
ලැයිං පේළි සියල්ල පසු කළ පෙරහැර, තප්පු හඬ සමගින්, අලුතෙන් තේ ඇට සිටුවන කන්ද අසලට ගියේය.
''එහෙනම් උඹට තව අවුරුදු හතරකින්වත් ගමට යන්න වෙන්නේ නැහැ.. උඹේ නැන්දගෙ දුව කසාද බැඳගන්නත් බැරි වෙනවා මේ මොන අසාධාරණයක් ද බං? තේ ඇට සිටුවීමට වළවල් හාරන අතරදී.
''ඉරණම තමයි... හැම දෙයක්‌ම නළලේ කොටලා තියෙන විධියට තමයි සිද්ධ වෙන්නේ. මීට වඩා හොඳයි ගමේ ඉඳලා මැරිලා ගියා නම්. ලොකු කංකානම මං හැම මාසෙකම දීපු සල්ලි වංචා කරලා බොරු ගණන් ලියාවි කියලා මං හීනෙකින් වත් හිතුවේ නැහැ.'' එක පෙළට වළවල් හාරමින් සිටි සුප්පන් සිහින් හඬින් මරුදමුත්තුට පැවසුවේ අසල කිසිවකුටත් ඇසුණේදැයි වටපිට බලමිනි.
මෙය, මීට මාස තුනකට පෙර, දිවියන්, ඌරන්, මුවන්, ගෝනුන්, ගැරඬින් බොහෝමයක් ජීවත්වූ වනයකි. වනය කළ එලිකොට පාත්ති සාදා පාරවල් කපා පස් කඩා වැටීමට නොහැකි ලෙස ගල් වැටි සකස් කිරීමේ ප්‍රතිඵලයකි මේ වගා භූමිය. සාමාන්‍ය වනයක් රැකියාවකට පැමිණි තැනක් යනුවෙන් නොසලකා පොළොවත් වැඩ කිරීමත් දේවත්වයෙන් සලකා එයට ඇලුම් කරන්නන්ගේ උතුම් කාර්යයකි.
''මිනුම් ලීයට නූලක් විතර ඉඩ තියලා හරි කෙළින් වළ හාරපං· පේළියෙන් පේළිය බලමින් පොඩි කංකානම, මුනියණ්‌ඩි, සුප්පන් අසලට ආවේය.
''සුප්පා අඩියට දෙකට ලැයිමට දුවලා මගේ පවුල සෙගප්පිගෙන් කැඳ වතුර ටිකක් භාජනේකට දාලා ඉල්ලගෙන වරෙන්.''
''හොඳමයි පොඩි කංකානම් මහත්තයා.''
''සුපිරින්ටැන්ඩන් මහත්තයා එන්ඩ පුළුවන්. කරත්ත පාරෙන් යන්ඩ එපා. ගුරුපාරෙන් යන එක ලේසියි. සෙගප්පිගේ ඇඟට ටිකක් අමාරුයි කියලා ගෙදර ඉන්නවා.''
හති දමමින් දුවමින්ද ඉක්‌මන් ගමනින්ද ලැයිමට ගිය සුප්පන්, ''සෙගප්පි අක්‌කා.....'' යනුවෙන් පවසමින් අඩවන් කොට තිබූ දොර තල්ලුකොට ඇතුළට ගියේය.
ලොකු කංකානමත් සෙගප්පිත් සිටි ආකාරය දුටු සුප්පන් මවිතයට පත් විය.
මුහුණ හරවා බැලූ කංකානමගේ ඇහි බැමි උස්‌ව කෝපාවිෂ්ට බැල්ම ගමෙහි දක්‌නට ඇති කඩුවක් අතින් ඔසවාගෙන සිටින ගම්මුර දෙවි මාඩසාමිගේ වැනි යෑයි සුප්පන්ට හැඟුණි.
සුප්පන් ආපසු ඒ දෙස නොබලා පැමිණි පාරෙන්ම දුවන්නට පටන් ගත්තේය.
සැන්දෑවේදී කාර්යාලයට ගිය ලොකු කංකානම, සුදු මහතා ඉදිරියේ සිට, දකුණත නළල මත තබා සැලියුට් ගසා දෑත් බැඳගෙන යටහත් භාවය පෑවේය.
''ලැයිමේ තනි පංගලමේ හිටපු පොඩි කංකානම්ගේ පවුල සෙගප්පිට සුප්පන් බලහත්කාරකම් කරලා සර්....'
''සුප්පන් වත්තට ණය ගෙවන්ඩ තියෙනවද?'' සුදු මහතා, ප්‍රධාන ලිපිකරුගෙන් ඇසුවේය.
''නෝ...... සර්'' පොත් පෙරළා නොබලාම පිළිතුරු දීමේ මේ හැකියාව නිසා ප්‍රධාන ලිපිකරුට සියලු වරප්‍රසාදවලට පදනම වැටී තිබිණි.
''කංකානි ඒකා උඹ ගෙනාපු මිනිහා. උඹට කැමැති දෙයක් කොරාපං'' සුදු මහතා හැමවිටම එසේය. එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙක් මරා ගනී.
වතුයායේ මායිම් කැලෑව කෙළවර දී පෙරහැර නතර විය. මෙතැන් සිට සැතපුම් දෙකක් මහකැලෑවයි.
කැලෑව දෙසින් සිංහල ගම්මානයට යන ගුරුපාර අසල පොළොවේ පස් ටිකක් මුදුන් කළ කංකානම, ගෙන ආ කපුරු පෙති එහි තබා ගිනි දැල්වීය.
''උඹලා සේරම අපේ වරිගෙ මිනිස්‌සු. වෙන කුලේක එකෙක් වෙච්ච සුප්පන් මට ද්‍රෝහිකම් කෙරුවා. මට හතුරුකම් කරන්නෙ නැහැ කියලා උඹලා හැමෝම මේ කපුරු දැල්ලට අත තියලා දිවුරන්ට ඕනෑ.''
දිවුරුම් දීම හමාර වෙත්ම කපුරුද නිවී ගියේය.
''යකෝ සුප්පන්.... තෝ, ලොකු කංකානම මගේ සල්ලි කොල්ල කෑවා කියලා ලැයිං ගානේ කිය කියා ඇවිද්දෙ නැද්ද?''
''නැහැ කංකානම් මහත්තයා..... සත්තකින්ම නැහැ''
''මොනවද යකෝ නෑ කියන්නේ?..... මෙහාට දීපං ඔය කසේ·'' ලොකු කංකානම සිතේ උතුරා යන කෝපය නිවෙන තුරුම කසයෙන් නොනවත්වාම සුප්පන්ට පහර දුන්නේය. ''ලිහා දාපල්ලා ඕකාව·.''
සුප්පන්, කංකානමගේ දෙපා මුල වැටී වැන්දේය. අඳුර පැතිරෙමින් වැස්‌සක් ළඟ එන බවක් කියා පෑවේය.
''මට ඉහළින් මේ වත්තේ කිසි දෙයක් වෙන්න බැහැ. මට හම්බවෙන පැන්ස කාසි උඹලට නවත්තන්ඩ පුළුවන්ද? ගමේ ඉඳන් මිනිස්‌සු මෙහාට අරන් ආවේ හිස් අතින් ආපහු යන්ඩද යකෝ?'' මීට පස්‌සේ උඹ මේ වත්තට උඹේ පය තිබ්බොත් මරුදවීරන්ගේ තියෙන වෙනම අත් කකුල් වගේ උඹේ අත් කුකුල් වෙනම කපලා අරගෙන මේ කැලෑවේ උඹව වළදානවා. දුවපං කොහේ හරි දුවපං'' ලොකු කංකානම නැවතත් කසය ඉහළට එසවීය.
පරිවර්තනය - උපාලි ලීලාරත්න
(බ්රසීල ලේඛක, හරිකුවෙස් ඩිලීමා බරෙටෝ - කළු සුදු දෙමාපිය යුවලකට දාව උපන් හරිකුවෙස් ඩිලීමා බරෙටෝ වෘත්තියෙන් සිවිල් සේවකයෙක් විය. බ්‍රසීලයේ ශ්‍රේෂ්ට නවකතාකරුවකු වශයෙන් පිදුමි ලැබූ ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සමාජ විචාරකයකු වශයෙනි. ඇමෙරිකානු සාහිත්‍ය විචාරකයකු වන ඬේවිඞ් ජැක්සන් පවසන්නේ, ඩිලිමා බැරෙටෝ සිය ලේඛන කලාව තියුණු සාමාජ විචාරක අවියක් ලෙස යොදා ගෙන තිබෙන බවය. 1915 දි ඔහු ලියා පල කළ triste flim de policorpo quarema නමැති නවකතාවෙන් ඔහු සමස්ත බ්‍රසීලියානු සමාජය පිළිබඳවම මහා ප්‍රහසන චිත්‍රයක් මවා පායි.
බ්‍රසීලියානු සාහිත්‍යයට කළ මහැගි සේවාව වෙනුවෙන් සිය ජීවිතයේ අවසාන කාලයේදි විශේෂ සම්මානයක් බරෙටෝ වෙත ප්‍රදානය කරන ලදී. මේ කෙටිකතාව ඔහු විසින් 1920 දී ලියා පල කළ කෙටිකතා සංග්රහයක එන The man who knows Javanese නම් කෙටිකතාවේ සිංහල අනුවාදයයි.)
කැස්ට්‍රෝ මට හම්බවුණේ කාලෙකට පස්සේ. මිනිහා මගේ හොඳ මිතුරෙක් ඉතින් එහෙම කෙනෙක් ගාවෙදි දොඩමළු වන එක අහන්න දෙයක්යැ. ඉතින් ජීවිතේ බොහොම ගෞරවාන්විතව කළ යුතු දේවල්වලින් යටි මඩි ගැසූ හැටි මට බොහොම සැහැල්ලූවෙන් විස්තර කරන්න ඔහු ඉදිරියේදී පුළුවන් වුණා. මනාවුස්වලදී ඒ කාලෙ මම කරපු නීතිඥ වෘත්තිය සඟව ගෙන මගේ ගනුදෙනු කරුවන්ගෙ වැඩි ප‍්‍රසාදයක් දිනා ගත්තෙ ශාස්ත්‍රකාරයකු ලෙස හෝ ඉන්ද්‍රජාලිකයකු ලෙස පෙනී සිටිමිනුයි. අපි බීම වීදුරු දෙක බී හමාර කළ විට කැස්ට්‍රෝ මම කරපු විස්තරවලින් හොඳටම පුදුමයට පත්වෙලා හිටියෙ. ‘උඹ නං මාර ජීවිතයක් නෙ බං ගත කරල තියෙන්නෙ.’
ප්රතිචාරයෙන් මම වඩාත් ධෛර්යයට පත්වුණා.’ කැස්ට්‍රෝ. මේ සමාජය දිහා බලල අපිට අපේ ජීවිතේ ගැන බොහොම ලස්සන දේවල් ලියන්න පුළුවන්. උඹ විශ්වාස කරනවද මන්ද මම ජාවා භාෂාව ඒ කියන්නෙ මලය රටේ භාෂාව උගන්න ගුරුවරයෙක් වෙලා අන්තිමට කවුන්සල්වරයෙක් දක්වා ඉහළ ගියා කියල?’
‘ඇත්තටම කියාපං මොකක්ද වුණේ කියල. උඹට තව බිටර් එකක් ගෙනැල්ල දෙන්නද?’
‘හරි… හරි…. මම කතාව පටන් ගත්ත. මම රියෝවලට එන කොට අතේ පිච්චියක් නෑ. මම එක බෝඩිමක ඉඳල තව එකකට හිමීට මාරු වෙවි හිටියේ. කීයක්වත් හොයා ගන්නෙ කොහොමද කියල නිනව්වක් නැතිව. ඔන්න එක දවසක් කොමරසියෝ සඟරාවෙ මෙන්න මේ වගේ දැන්වීමක් තිබුණ. ‘ජාවා භාෂාව දන්න ගුරුවරයෙක් ඕනෑ කර තිබේ.’
මේ රස්සාවට ඉල්ලන ගොඩක් අය නැතිව ඇති කි්යල මට හිතුන. මේ ජාවා භාෂාවෙ වචන දෙකක් තුනක් ඉගෙන ගන්න පුළුවන් නං මට ඇහැක් වෙයි මෙිකට උත්සාහයක් දාන්න.’
. මම මොකුත් හිතන්නෙ නැතිව එහෙමම ගියා ලයිබි‍්‍රයට. ඊට පස්සෙ විශ්ව කෝෂෙ ජේ අකුර තියෙන කාණ්ඩෙ අරගෙන බැලූව ජාවා රට ගැනයි. ජාවා භාෂාව ගැනයි මොකක් හරි විස්තරයක් තියෙනවද කියලා. මං හිතුව හරි. විනාඩි ගාණක් ඇතුළත දැන ගත්ත, ජාවා කියන්නෙ සොන්ඩා කියන දූපත් සමූහය අතර තියෙන විශාල දූපතක් කියන එක. ඒක, ඒ කාලෙ ලන්දේසි යටත් විජිතයක්. එතකොට ජාවා භාෂාව පවුලට අයිති ඒ රටටම ආවේණික භාෂාවක්. ඒ වගේම ඒ රටටම අදාළ සාහිත්‍යයක් තියෙනවා. ජාවා භාෂාවෙ අකුරු පරණ හින්දි හෝඩියෙ අකුරුමයි……
. විශ්ව කෝෂයෙන්ම මම දැනගත්ත ජාවා භාෂාව ඉගෙනගන්න හදාරන්න ඕනි පොත් මොනවද කියලත්. ඉතින් ඒ එක පොතක් අරගෙන භාෂාවෙ හෝඩිය හොයා ගෙන අකුරු ශබිද කරන විදියත් බලල එ්වා මතක් කර කර ආයෙත් පාර දිගේ ඇවිදින්න පටන් ගත්ත….
. මෙහෙම ඇවිද ගෙන යනකොට ජාවා භාෂාවෙ රූපාක්ෂර මගේ හිත ඇතුළෙ නටන්න පටන් ගත්ත. මම විටින් විට මං ලියාගත්ත කෙටි සටහන් දිහැත් බැලූව. ළඟ උද්‍යානයටත් ගිහිල්ල අකුරු වැල්ලේ ඇන්ද. ඒ එ්ව මතකයෙ රඳවගන්නයි. අනික අතත් හුරුවෙනවනෙ. එහෙම ලිව්වම.
. මම ආයෙත් අර දැන්වීමම කියවල බැලූව. හරි, අහල තිබුණෙ ජාවා භාෂාව උගන්වන ගුරුවරයෙක් ගැන තමයි. මම ආයෙත් ලයිබ්‍රියට ගිහින් ජාවා භාෂාව ගැන තව ඉගෙන ගන්න පටන් ගත්තා. ජාවා භාෂාව උගන්වන ගුරුවරයෙක් හැටියට මම ඉගෙන ගන්න ඕනි. ඒකෙ හෝඩිය විතරද නැත්නම් භාෂාවෙ ඉතිහාසයත් උගන්වන්න වෙයිද යන ප්රශ්නයත් මගේ හිතේ තිබුණ. මට කොහොමටත් ජාවා භාෂාවෙ ආශ්‍රිත ග්‍රන්ථ ගැනයි, එහි ඉතිහාසය ගැනයි උනන්දුවක් තිබුණ. ඒ හරිය උගන්වන්න ලැබුණොත් කොච්චර එකක්ද? ඒත් මට එදා එච්චරම දෙයක් ඉගෙන ගන්න නං බැරි වුණා…..
. දවස් දෙකකට පස්සෙ මට ලියුමක් ආවා රොක් කොන්ඩි කියන සමාගමේ සේවය කරන ආචාර්ය මනුවෙල් ෆෙලිසියානෝ හම්බ වෙන්න කියල. මේ තනතුර ගැන කතා කරගන්න….
. මම ඉතින් වැඬේට සූදානම් වුණා. මම එම භාෂාවෙ ලේඛකයින් කීපදෙනෙක්ගෙ නම් ටිකකුයි, ‘කොහොමද සැප සනීප?’ කියල ජාවා භාෂාවෙන් අහන හැටියි. එ්කෙ ව්‍යාකරණ රීති දෙක තුනකුයි ඉගෙන ගෙන තව තවත් සූදානම් වුණා….
. නියමිත දිනයේ ලිපිනය හොයාගෙන දහඩිය පෙරා ගෙනම එතෙන්ට ඇවිදින්න ගත්තා. පරණ අඹ ගස්වලින් පිරිච්ච නිකං අත් ඇරල දාපු වගේ නිවාසයක්, ඒක. එ්ක දිරා යමින් තිබෙන එකක් වගෙයි මට පෙනුනෙ. මට ඒ වෙලාවෙ හිතුන දෙයක් තමයි, මේ විදියට ගෙයක් දිරා දිරා හැලි හැලී යමින් තියෙන්නෙ, දුප්පත්කමට වඩා ඉන්න මිනිස්සුන්ගෙ නොසැලකිල්ල හින්ද කියල. මට තේරුන හැටියට අවුරුදු ගාණකින් බිත්තිවල තීන්ත ගාලත් නැහැ. එ්වයෙ සායම් තීරු පිටින් ගැලවිලා, කඩතොලූ මතුවෙමින් තිබුණ. වීදුරු උළු කැටවල කාලය ඉකුත් වෙලා. තැන් තැන්වල කෑලි නැහැ. ඒව මට පෙනුනෙ හරියට කිසිම සැලකිල්ලක් නොදක්වපු දත් ඇන්දකට වෙච්ච දෙයක් වගෙයි. .
. එතකොට ගෙවත්ත පුරාම වල් වැවිල තිබුණෙ හරියට තැනින් තැන තිබුණ මල් පඳුරුවලින් පලිගන්න ආක‍්‍රමණය කරන්න හදනව විදියටයි. යාන්තම් පණ බේරගෙන වගේ මල් දෙක තුනක් පිපිල තිබුණ….
. මම ඉතින් දොරට තට්ටු කළා. හුඟ වේලාවක් ගියා ඒක ආරෙන්න. ටිකින් ටික අඩි සද්දෙ ඇහෙන්න ගත්ත. ගෙදර තිබුණ පෞරාණිකකම නිසා මා හමුවෙන්න එන මිනිසා කෙරෙහි මා තුළ කිසියම් ගෞරවයක් පැලපදියම් වෙලා තිබුණට මිනිහ දැක්කට පස්සෙයි හිතුවෙ මෙතැනින් පැනල යන්නයි. ඒ ඔහුගෙ වයස නිසා ඇතිවන ගෞරවාන්විත හැඟීම හින්ද ඔහුව මගේ ගෝලයා කරගෙන මේ වගේ රැුවටීමකට හසු කරන්න හොඳ නැහැ කියන සිතිවිල්ල ඇති වෙච්ච හින්දයි. එ්ත් මම දෙගිඩියාවෙන්ම එතනම රැුඳිල උන්නා….
‘මම තමයි, අර ජාවා භාෂාව උගන්වන්න ආපු ගුරුවරයා. ඔබතුමා අර දැන්වීමෙන් ඉල්ල තිබුණෙ.’ මම කථා කළා මුලින්ම….
ඊට පස්සෙ ඔහු බොහොම හෙමින් මෙහෙම ඇහුවා. ‘එහෙම නං මහත්තය මට ජාවා භාෂාව උගන්වන්න කැමතියි.?’
. මගෙන් පිළිතු ආවේ මං හිතන්නත් ඉස්සර වෙලා… ‘ඔව්.. ඔව් මට පුළුවන්.’
. සමහර විට මහත්තයට පුදුම ඇති. මම තමයි ජැකුවෙන්වල බැරන්වරයා මට ඕන කරන්නෙ පරම්පරාවෙ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න. සමහරවිට ඔහේ දන්නවද දන්නෙ නෑ මම තමයි, ඇල්බරනාස් කවුන්සිල්වරයාගේ මුණුපුරා. එයා ලන්ඩන් ගියාපු වෙලාවක අමුතු භාෂාවකින් ලියාපු පොතක් ගෙනැල්ල තියෙනවා. ජීවත්වෙලා ඉන්න කාලෙදි එයා ඒ පොත ගැන බොහොම ගෞරවයෙන් කථා කළේ. තමන්ට කරපු උපකාරයට කළගුණ සැලකීමක් විදියට කවුරු හරි කෙනෙක් දුන්න එකක්. දුන්න මනුස්සය කියල තියෙන්නෙ මේක ජාවා භාෂාවෙන් ලියල තියෙනව කියලයි. මේ පොත අයිතිකාර ගත්ත කොනාගෙ ඔක්කොම අපල දුරුවෙලා වාසනාව උදාවෙනව කිව්වලූ….
‘සීය අපේ තාත්තට කියල තියෙන්නෙ. මට නං මේව ගැන එච්චරම විශ්වාසයක් නැහැ. කොහොම වුණත් මේක උඹේ පුතාටත් පවරපන්.’ කියලයි. ‘එයාට හරි කියපන් මේකෙ තියන ඒව අවබෝධ කරගන්න.’ කියලත් කිවිව……
. තාත්තා මහලූ වෙනකල්ම මේ ගැන කිසිම විශ්වාසයක් තිබිබෙ නැහැ. නමුත් පොත එයා ගාවම තියාගත්ත. මැරෙන කොට තමයි, මේ පොතේ වග මට කිව්වෙ. හැබැයි මමත් මේ ගැන එච්චරම විශ්වාසයක් තිබිබෙ නැහැ. මං මගේ පාඩුවෙ ජීවත් වුණා. ඉතින් මේ ගැන නිනව්වක් නැති වුණා. ඒත් මෑත කාලෙදි මගේ හිතට වද දෙන ප්රශ්න වැලක්ම ඇතිවුණා. අවාසනාවන්ත සිද්ධීන් ගණනාවකට මූන දෙන්න සිද්ධ වුණා. අන්න එතකොට තමයි, මට මේ වාසනාව ගෙන දෙන පොත ගැන මතක් වුණේ. මට දැන් මෙික කියවන්න ඕනි. තේරුම් ගන්න ඕනි. මොකද මේ ජීවිතේ අවසාන කාලෙදි තවත් මේ වගේ දේවල් ඇති වෙලා දුප්පත් වෙන්න මං කැමති නැහැ. ඒකයි, මම මේ ජාවා භාෂාව ඉගෙන ගන්න හදන්නෙ.’
. ඔහු නිහඬ වූ මට පෙනුනේ ඔහුගේ ඇස් දුමාරයකින් බැඳිල වගේ තෙත් වෙලා තියෙනව. මිනිහ සේවකයකුට කියල පොත මං අතට පත් කළා..
. ඒක හම් බැම්මෙන් බැඳල තිබුණ විශාල පොතක්. පරණ වීම නිසා කහපාට වේගෙන යන කොළවල අකුරු ලොකුවට අච්චු ගහලයි තිබුණෙ. වෙලාවට පෙරවදන තිබුණෙ ඉංගී‍්‍රසියෙන්. ඒකෙන් දැනගත්ත පොත ලියල තියෙන්නෙ, කුලන්ග කියල ජාවා රේ සම්භාව්‍ය ගණයේ ලේඛකයෙක් කියල….
. මම වහාම බැරන්වරයට දැන්නුව ඒ වග. හැබැයි මම කිව්වේ නැහැ, ඒ විස්තර අහුල ගත්තෙ, පෙරවදනෙන් කියල. ඉතින් ඒ වග නොදත් මහලූ මිනිසා මට බොහොම ගරු බුහුමන් දක්වන්න ගත්ත. එ් මට ජාවා භාෂාව ගැන දැනුමක් ඇත්තෙකු ලෙස සලකලයි. අනික, මම විස්තර කරන කොට එහෙම කළේ පොතට සෙමෙන් තට්ටු කර කර ජාවා භාෂාව ගැන ඉහළම දැනීමක් හඟවමිනුයි. අවසානයේදී අප ගෙවිය යුතු ගාස්තු හා කොන්දේසි හා පැමිණිය යුතු වේලාවල් කතා කරගත්ත. මං මිනිහට සහතිකයක් දුන්න අවුරුද්දක් යන්න කලින් පොත කියව ගන්න පුළුවන් වෙන්න භාෂාව උගන්වන්නම් කියල…..
. ඉතින් මම මිනිහට එදා මුල්ම පාඩම කළා. ඒත් මිනිහ මං තරම් වැඬේට අවධානයක් යොදවන බව පෙනුනේ නැහැ. මිනිහට අඩුගානෙ හෝඩියෙ අකුරු හතරක්වත් කියවන්නවත් ලියන්නවත් බැරිවුණා. මාසයක් ගත වුණා. හෝඩියෙ භාගයක් උගන්වන්න. අලූත් දෙයක් ඉගෙන ගන්න කොට කලින් ඉගෙනගත් දේවල් අමතක වෙන ගතියකුත් මිනිහට තිබුණ….
. එයාගෙයි දුවයි, බෑනයි දෙන්නමත් වරින් වර ආව කොහොමද ලොක්ක ඉගෙන ගන්නෙ කියල බලා ඉන්න. මං හිතන්නෙ නැහැ එ් ගොල්ලො වත් මෙි පොත ගැන මොකවත් දන්නවද කියල. මිනිහ ඉගෙන ගන්න හැටි බලා ඉන්න එක ඒ දෙන්නට විනෝද ජනක වැඩක් වුණා. අනික මිනිහව මේ වගේ දේකට යොමු කරල පැත්තකට කරල තියෙන එකත් ඒ අයට කිසියමි අස්වැසිල්ලක් වගේ කියල මට දැනුනා….
. ඩොනා මරියා ඩා ග්ලෝරියා තමයි දුවගෙ නම. එයාගෙ සැමියා පළාතේ ප්රධාන මහේස්ත්රාත්වරය. මිනිහට හැම තැනම සම්බන්ධකමි තිබුණ. මට ජාවා භාෂාව ගැන අවබෝධයක් තිබීම නිසා මිනිහ මට ලොකු ගෞරවයක් දැක්වුව. මිනිහ කිසිම පැකිලීමක් නැතිව හැමෝටම කියන්න මම ජාවා භාෂාව දන්නව කියල කියන්න. ඉතින් මහලූ බැරන්වරයත් මගේ ඉගෙනීම ගැන සතුටු වෙලා. මාස දෙකකට විතර පස්සෙ මිනිහ මට කිව්වා, භාෂාව උගන්වන එක නවත්තල දවස ගානෙ පොතේ පිටුව බැගින් එයාට පරිවර්තනය කරන්න කියල……
මට ඕන මේක තේරුම් ගන්න විතරයි. මිනිහ කිව්වා. මිනිහ කියන එකත් හරි. කවුරු හරි පරිවර්තනය කරන දේ ඔහේ අහගෙන හිටියට වැඬේ ඉවරයි. මේ විදියට ගිහිල්ල පොත තේරුමි ගත්තම මිනිහගෙ වැඬේ හරි….
. ඉතින් දන්නවනෙ, තමුසෙ අද වෙනකලූත් මං දන්න ජාවා භාෂාවක් නැහැ. මම කළේ මොකක් හරි බොළඳ කථාවක් ගොතාගෙන ගිහිල්ල ඒක අර පොතේ තිබිච්ච එකක් හැටියට මිනිහ ඉදිරියේ ඇද බාන එක තමයි. මිනිහ ඒ බහුබූත කථා අහගෙන හිටියෙ හරියට දේවදූතයෙක්ගෙ මුවෙන් ගලා හැලෙන දෙයක් අහගෙන ඉන්නව වගේ භක්තියකිනුයි ප්‍රීතියකිනුයි…..
. මිනිහ මට ගේ ඇතුලෙ නවාතැන් දීල වෙනත් තෑගි බෝගත් දීල මාව සතුටු කළා. කොටින්ම කියනව නං මං බොහොම සුකුමාර ජීවිතයක් ගත කරන්න පුරුදු වුණා….
මේකට තව හේතුවක් වුණේ, මෙච්චර කල් අමතක වෙලා හිටපු පෘතුගාලෙ ඥාතියෙකුගෙ උරුමයක් මිනිහට ලැබෙන පාටක් තිබුණ හින්දයි. මේ අර පොත තේරුම් ගත්ත නිසා බව මිනිහ තදින් විශ්වාස කළා. ඉතින් මමත් මිනිහගෙ විශ්වාසය තහවුරු කරන්න කථා බහ කළේ පැනල…….
. මං මේ කරන වැඩේ ගැන කිසිම පසුතැවිල්ලක් හිතේ ඇති වුණේ නැහැ. හැබැයි මම බයේ හිටියෙ ජාවාවල පිටිසර පැත්තක කෙනෙක් කොහෙන් හරි මතුවෙිවි කියලා. මගේ බය තවත් වැඩිවුණේ මම ජාවා බස දන්නා නිසා තානාපති සේවයේ තනතුරක් පිරිනමන්න කියල බැරන්වරයා මගේ අතේම කරුරුවල විස්කවුන්ටි වරයාට භාර දෙන්න ලියුමක් දුන්න වෙලාවෙ. මම මේකට විවිධ හේතු දක්වල යන්න බැහැම කිව්වා. මගේ මූණ කැතයි. කිසිම පෙනීමක් නැහැ. වගේ ඒව. මොන…! මේ කිසිම එකකින් මිනිහව නතර කර ගන්න මට බැරිවුණා…..
‘ඔයාට පිස්සුද මහත්තයා? ඔයා වගේ අය තමයි මේ තනතුරුවලට දාන්න ඕනි.’ මිනිහ කියපි….
. බැරිම තැන මමත් මේ ලියුම අරන් විදේශ අමාත්‍යාංශයට ගියා. බොලේ වැඬේ හරි….
. අධ්‍යක්ෂවරයා අංශ ප්රධානියා කැඳවල කිව්ව, ‘මෙන්න අපිට අන්තිමට ජාවා භාෂාව දන්න කෙනෙක් හම්බවෙලා කියල. ඊට පස්සෙ මාව ඒ ඔෆිස් එකේ වැඩ කරන හැමෝම ගාවට ගිහින් අඳුන්වල දුන්නා. ඒත් එක ක්ලාක් කට්ටෙක් නං මා දිහා බලා ගෙන උන්නෙ හරියට මාව කන්න වගේ. අනිත් කවුරුත් මං දිහා ලොකු ගෞරවයකින් බැලූව මතකයි. එ් අය ඇහුවෙ ‘ජාවා භාෂාව ඉගෙන ගන්න හුඟක් ආමාරුද? මෙහෙ නෑනේ ඔය භාෂාව දන්න කවුරුත්…’
. අර මං දිහා කන්න වගේ හිටපු එකා මගෙන් ටික වෙලාවකට පස්සෙ අහනව මහත්තය මං ජා භාෂාව නං දන්නෙ නැහැ. හැබැයි මං දන්නව කනකා භාෂාව. මහත්තය දන්නවද ඒක?…
. මං එකපාරටම නැහැයි කියල මිනිහව මග ඇරියා. ඊට පස්සෙ ඒගොල්ලො මාව ප්රධාන ඇමතිවරයා ගාවට එක්කල ගියා. මිනිහ නැගිටල මට අතට අත දුන්නා……
. මේ වගේ ජාවා භාෂාව දන්න හොඳ කෙනෙක් ඔය තනතුරට සුදුසු වැඩියි කියල මිනිහ කිවිව. ‘මං දෙන්නං ඔහේට ඔසිනියාවටම බලපාන කොන්සියුලේට් තනතුරක්. මේ දවස්වල නං ඒකෙ ඇබෑර්තු නැහැ. හොඳයි මං ඒකට පිළියමක් යොදන්නං. දැම්මම ඒකට යන්න පුළුවන්. ඒක තමයි, බාලේවලට ගිහින් භාෂා අධ්‍යයන සමුළුව නියෝජනය කරන එක.’ කියලා….
. ඉතින් අර මහලූ බැරන්වරය මිය ගියා. පොත භාර ගත්තෙ එයාගෙ බෑන. මිනිහ ඒක එයාගෙ මුනුපුරාට පවරාවි…..
. මං ඉතින් මේ අතරෙ ඇත්තටම ජාවා භාෂාව ඉගෙන ගන්න තැනක් හෙව්ව. හම්බ වුණේම නැහැ. මේ අතරෙ එක එක භාෂා අධ්‍යයන වාර සඟරා මම ගෙන්න ගත්ත. ඔය තියෙන්නෙ ඉතාලි -ඉංගී‍්‍රසි භාෂා අධ්‍යයන සංගමයේ සැසි වාර්තා. මානව භාෂාව අධ්‍යයන කවය. ඔය ඔක්කොම මහ මහ බහුබූත. ඒවගෙ ඇති කෙහෙල්මලක් නැහැ. ඒ අතර පොත් සාප්පු කාරයො ව්‍යාකරණ විශාරදයො සමහර පරිභාෂික වචන විග්රහ කරගන්න මගේ උපදෙස් පවා පැතුව. මට තවමත් සොන්ඩා දූපතේ පත්තරේකින් මගේ දැනුම ගැන ප්රශංසා කරල ලියුම එවනවා….
. හැබැයි ජාවා භාෂාව හදාරන ශිෂ්‍යයො වගේකට නං හමිබවෙන්න වේලාවක් දෙන්න බැහැ කිව්ව. ඒ වුණාට කර්තෘවරයාගෙ ආරාධනාව උඩ මම ජර්නල් ද කැමෙසියෝ සඟරාවට නූතන ජාවා සාහිත්‍යය ගැන ලිපියකුත් ලිව්වා….
‘උඹ මාර යකෙක්නෙ.’ මගෙ යාළුව අහනව. ‘ජාවා භාෂාව ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව කොහොමද ලිපියක් ලියන්නෙ ඔය වගේ?’
. හරිම සුළු දෙයක්. මම ඉස්සර වෙලා කරන්නෙ ඔය විශ්වකෝෂෙ වගේ ඒව පෙරලලා ජාවා දූපත ගැන පොඩි විස්තරයක් කරන එක. ඊට පස්සෙ පුළුවන් තරම් ඒ සාහිත්‍යය ගැන පිට මිනිස්සු කිව්ව දේවල් ලිපියට ඇතුල් කරනවා .
. හැබැයි දවසක් නං මට කෙලවෙන්නම ගියා. පොලීසිය වතාවක් වෙරි වෙචිච නාවිකයෙක් අත්අඩංගුවට අරගෙන. මිනිහ අමුතු භාෂාවක්ලූ කථා කරන්නෙ. ඒ ගොල්ලො භාෂා පරිවර්තකයො ගොඩක් ගෙන්නල. මටත් එන්න කිව්ව. මං කළේ ටිකක් පරක්කු වෙලා එතෙන්නට ගිය එකයි. මං යනකොට යන්තං ඕලන්ද තානාපතිවරයා මැදිහත් වෙලා මිනිහ නිදහස් කර ගෙන. මොකද මිනිහ කථා කරපු භාෂාවෙ ඕලන්ද වචන කීපයක් තිබිල තියෙනවා. ඇත්තටම ඒකා ජාවා භාෂාව කථා කරන මිනිහෙක්ලූ…..
. ඉතින් මාස හයක් ඇතුළත මාව හැවානාවල කොන්සල්වරයා විදියට පත් කරල යැව්ව. මම මේ පාර ආපහු ඇවිල්ල කොහෙන් හරි ජාවා භාෂාව ඉගෙන ගන්නයි බලා ඉන්නෙ. බලපන් බැරි වෙලාවත් ඔය දුන්න තනතුර ගැන අසතුටු වුණා නං මොකද මට වෙන්නෙ කියලා…?
‘මොකක්ද උඹම කියපන්කො.’ මගේ යාලුව කට ඇරගෙන ඒ ප්රශ්නය පෙරලා මගෙන්ම ඇහුව.
මේ රටේ මොන බොරුවද කරන්න බැරි?’ මට එහෙනං භූත විද්‍යාව ඉගෙනගෙන බැක්ටීරියා විද්‍යාඥයෙක් හැටියට ප්රසිද්ධ වෙන්නත් තිබුණ. අපි දැන් යමු.
ඩබ් එච් උපසේන ගේ ”එලොව ගිහින් මෙලොව ආ කෙනෙක්” කෙටිකතා සංග්රහයෙන්
|
(James Joyce ලියූ Evelin නම් කෙටි කතාවේ පරිවර්තනයයි. පරිවර්තනය සුනිලා විඡේසිංහ)
මාවත කෙමෙන් හුරු පුරුදු සන්ධ්‍යා කලබලයෙන් පිරී යමින් පැවතුණි. ඇය ජනේලය අසල වාඩි වී සිටියේ එදෙසට නෙත් යොමාගෙනය. ඇගේ හිස ජනෙල් තිරයට වාරු වී තිබිණි. දූවිල්ලෙන් ගැවසි ජනෙල් තිරයෙන් හමා ආ අමුතු ගන්ධයකින් ඇගේ නැහැ පුඩු පිරී ගියේය. ඇයට දැනුණේ තම සිතත් ගතත් මහත් වෙහෙසට පත් වී ඇති සෙයකි.
මිනිස්‌සු බොහෝ දෙනෙක් ඇගේ නිවස පසු කොට ගියහ. නිවාස පෙළෙහි අවසාන නිවස්‌නයෙන් පිටතට ආ කිසිවෙක් කොන්ක්‍රීට් පදික වේදිකාව දිගේ කඩිනමින් ඇවිද යමින් සිටියේය. ඔහුගේ පා ගැටෙන හඬ ඇය අසා සිටියාය. අලුතින් තැනූ රතු පැහැති නිවාස ඉදිරිපිට බොරළු පාරට ඇදී ගිය ඔහුගේ පියවර හඬ කෙමෙන් තුනී වී මැකී ගියේය.
එක්‌තරා කාල සීමාවෙක ඒ බිම් කඩ අවට විසූ දරු දැරියන්ගේ කෙළි පිටිය බවට පත්ව තිබූ අයුරු ඇයට සිහිපත් විය. පසු කලෙක බෙල්ෆාස්ට් සිට පැමිණි කවුදෝ පොහොසතෙක් ඒ ඉඩම මිලදී ගෙන එහි අලුත් නිවාස කිහිපයක් ඉදිකරවූයේ ය. ඒවා ඔවුන්ගේ දුඹුරු පැහැති කුඩා නිවාසවලට වඩා බෙහෙවින් වෙනස් විය. ගඩොලින් තැනූ එම අපූරු රත් පැහැති නිවෙස්‌වල වහළ සූර්ය රශ්මියෙන් බැබලුණි.
මේ මුළු වීදියේම කුඩා දරුවන් එකල සෙල්ලම් කළේ එම ඉඩමෙහි ය. ඩිවයින්ස් පවුලේ වෝටර්ස් පවුලේ හා ඩන්ස් පවුලේ සියලු දූ පුතුන් කෙළි දෙළෙන් එක් වූයේ එහිදී ය. ආබාධිත කුඩා දැරියක වූ කියෝ ද ඇගේ සහෝදර සහෝදරියෝ ද නිරන්තරවම ඔවුන් හා එක්‌වූහ.
අර්නස්‌ට් නම් කිසිදාක ඔවුන් සමඟ ක්‍රීඩාවෙහි යෙදුණේ නැත. ඒ ඔහු අනෙක් දරුවන්ට වඩා ලොකු මහත් හා වැඩුණු දරුවකු වූ බැවිනි.
ඇගේ පියා ඔවුන් ක්‍රීඩා කරන මේ බිමට පිවිසෙන්නේ කටු සහිත කළු පැහැති වේවැලක් ද රැගෙනය. එහෙත් කුඩා කියෝ ඔහු එලෙස එනු දුටු විගස සංඥාවකින් ඒ බව ඇයට හඟවන්නට පුරුදුව සිටියාය. එක අතකට ඔහු එතරම් රළු පරළු පුද්ගලයෙක් ද නොවේ. කෙළි දෙලෙන් පසුවන දරුවන් දකින ඔහුගේ කෝපය සෙමෙන් නිවී යයි.
ඒ බොහෝ කලකට පෙර ය. එකල ඇගේ මව ද ජීවත්ව සිටියාය. දැන් ඇය සහ ඇගේ සොයුරු සොයුරියන් කුඩා දරුවෝ නොවෙති. අම්මා පමණක් නොව 'ටිසී ඩන්ස්' ද මියගොසිනි. වෝටර්ස් පවුල ආපසු එංගලන්තයේ පදිංචියට ගොසිනි.
සෑම දෙයක්‌ම වෙනස් වේ. ඒ සොබා දහමේ හැටිය. අනෙකුත් බොහෝ දෙනා සේ ම දැන් ඇය ද සූදානම්ව සිටින්නේ ගෙදර හැර දමා යන්නටය.
'ගෙදර·'
ඇය කාමරය සිසාරා දැස් යෑව්වාය. මේ සියලු ආම්පන්න ඇය සෑම සතියකට වරක්‌ම දූවිලි ගසා පිසදමා තැබුවා නොවේද? වසර ගණනාවක සිට එය ඇයගේ පුරුද්දක්‌ව පැවතුණි.
සියලුම බඩු භාණ්‌ඩ පුරා දූවිලි තැවරී තිබුණි. මේ තරම් දූවිලි කන්දරාවක් කොහේ සිට ගසාගෙන ආවා දැයි ඇය මොහොතකට සිතුවාය.
කැඩී ගිය හාමෝනියම් එකට ඉහළින් බිත්තියේ එල්ලී සිටින කහ පැහැති ගැහැනු ඡායාරූපයක් එහි විය. ගෙවුණු අවුරුදු ගණනාවක් පුරා එය එතැන එලෙසම පවතින්නකි. එහෙත් ඒ පින්තූරයේ හිඳින පූජකවරයා කවුරුන්දැයි ඇය කවදාවත්ම හරි හැටි දැන සිටියේ නැත.
ඔහු තාත්තාගේ පැරැණි පාසල් මිතුරකු බව පමණක් ඇය අසා ඇත. නිවසට එන ඕනෑම ආගන්තුකයකුට තාත්තා එකී පින්තූරය පෙන්වන්නේ කිසියම් ගෞරවයකිනි.
"දැන් එයා ඉන්නේ ඕස්‌ට්‍රේලියාවේ මෙල්බර්න්වල" ඒ හැම විටම ඔහු එසේ පැවසුවේය.
මේ හුරු පුරුදු ආම්පන්න සමහර විට නැවත කිසිදාක ඇයට දකින්නට ඉඩක් නොලැබෙනු ඇත. ඇය තම නිවස හැර දමා යන්නට ඒකමතික තීරණයක් ගෙන හමාරය.
"එම තීරණය කොතෙක් දුරට ප්‍රඥාවන්ත විය හැකිද?"
ප්‍රශ්නයේ දෙපැත්ත දෙපසට දමා ඇය කිරා බැලුවාය.
නිවසින් ඇයට සෙවණ මෙන්ම ආහාරපාන ද ලැබුණි. ඇගේ ජීවිතය පිළිබඳව සියලු කරුණු කාරණා දන්නා උදවිය ඇත්තේ මෙහිය. රැකියාවේ මෙන්ම නිවසේ ද සියලු වැඩ කටයුතු ඇය ඉතා වෙහෙසව ඉටු කළාය.
ඇය තරුණයකු හා බැඳී වසන් වී ගොස් ඇති බව දැන ගත් විට සේවා ස්‌ථානයේ අය කොතෙකුත් කයි කතන්දර පවසනු ඇත. ඇය මෝඩ ගැහැනු ළමයකු යෑයි ඔවුන් මුමුණනු ඇත. වෙළෙඳ දැන්වීමක් පළ කිරීමෙන් වහා ඇයගේ පුරප්පාඩුව ද පුරවනු ඇත.
මිස් ගවන් නම් ඇගේ නික්‌ම යැම පිළිබඳව අපමණක් සතුටු වනු ඇත. ගවන් හැම විටම උත්සාහ කළේ ඇය හා දබරයක පැටලෙන්නට ය.
"මිස් හිල් ඔයාට පේන්නෙ නැද්ද අර නෝන මහත්තුරුන්ට පරක්‌කු වෙනවනෙ."
"මිස් හිල් කරුණාකරල මීට වඩා උනන්දුවෙන් වැඩ කරන්ඩ"
ගවන් එවැනි දැ කීවේ වටපිටාවට ඇසෙන්නටමය.
මේ අනුව සේවා ස්‌ථානය හැර යෑම ඇය හට මහත් ශෝකයක් ගෙන දෙන කාරණාවක් නොවේ.
නමුත් අලුත් නිවහන?
ඈත එපිට නන්නාඳුනන දේශයක ඇති ඒ නව වාසස්‌ථානය කෙබඳු තැනක් විය හැකිද?
ඇය එහි ගිය විට විවාහක කාන්තාවකි.
'එව්ලින් නෝනා මහත්මිය'
මිනිසුන් ඇයට කිසියම් ගෞරවයකින් සලකනු ඇත. අම්මා සැලකුම් ලැබූ අයහපත් ආකාරයට ඇයට නම් කුඩම්මාගේ සැලකිලි නොලැබෙනු ඇත.
දැන් ඇගේ වයස දහනවයටත් වැඩිය. එහෙත් තවමත් තාත්තාගේ නපුරුකම්වලට බඳුන් වන්නට ඇයට බොහෝ විට සිදුවේ. එවැනි විටෙක ඇගේ රුධිර පීඩනය ඉහළ යන බවක් ද දැනේ.
හැරී හා අර්නස්‌ට් ගැන මෙන් තාත්තා ඇය පිළිබඳව සොයා බලන්නට එකල ද උනන්දු වූයේ ද නැත. ඒ ඇය ගැහැනු ළමයකු වූ නිසා විය යුතුයි.
එහෙත් දැන් අර්නස්‌ට් ද මිය ගොසිනි. පල්ලියේ සැරසිලි කටයුතු කරන හැරී හට බොහෝ විට දුර පළාත්වලට යැමට සිදු වේ.
සෙනසුරාදා හැන්දැව ගෙදර එකම යුද්ධයකි. ඇය සතියට උපයන සිලිං හතම තාත්තා අතට දුන්නාය. හැරී ද හැකි හැම විටම නිවසට මුදල් එව්වේය.
ඒත් වෙළෙඳපොළට යන්නට ඒ මුදල් තාත්තාගෙන් ලබා ගැනීම අතිශය දුෂ්කර කාර්යයක් විය. ඔහු පැවසුවේ ඇයට මොළේ නැති බවය. එබැවින් මුදල් කළමනාකරණය ඇය නොදන්නා බව ය.
අවසානයේදී ඇය අතට මුදලක් පත් වන්නේ බොහෝ අසීරුවෙනි. එවිට ඇය වහා කඩමණ්‌ඩියට දිව යන්නීය. කළු පැහැති සමින් කළ තම අත් බෑගය තදින් අල්වා ගෙන කුළු බඩු පිරවූ මල්ල අත දරාගෙන සෙනඟ අතරේ තෙරපෙමින් ඈ පා ගමනින් ම ගෙදර පැමිණෙයි.
ගෙදර දොර කටයුතු හැරුණු විට ඇයට තවත් වැදගත් රාජකාරියක් කරන්නට තිබේ. තමාට බාල දරුවන් දෙදෙනා පාසලට යවන්නටත් ඔවුන්ට කෑම් බීම් සපයන්නටත් සිදු වූයේ ද ඇයටමය.
සැබැවින් ම ඒ අසීරු කාර්යයකි. තිත්ත කටුක ජීවිතයකි. එහෙත් දැන් ඒ සියලු කටයුතුවලින් මිදී ඇය නික්‌ම යන්නට සූදානමින් සිටින්නීය. ෆ්‍රෑන්ක් සමඟ අලුත් ජීවිතයක්, වෙනස් ජීවන රටාවක් සොයා යන්නට ඇය සැදී පැහැදී සිටින්නීය.
ෆ්‍රෑන්ක් කරුණාවන්තය. විවෘත හදවතක් ඇත්තෙකි. ඇය ඔහු හා පිටත්ව යන්නට නියමිතව ඇත්තේ අද රාත්‍රි බෝට්‌ටුවෙනි. ඒ ඔහුගේ ප්‍රිය බිරිඳ වී ඔහු සමඟ බුවනෝර්ස් අයර්ස් හි වාසය කරනු පිණිසය. ඔහුගේ නිවස ඇත්තේ එහි ය. එය ඇය පිළිගන්නට බලා සිටී.
ඔහු දුටු පළමුවැනි දවස ඇයට තවමත් මිහිරි මතකයකි. ඒ දිනවල ඔහු නවාතැන් ගෙන සිටියේ ප්‍රධාන පාරට කිට්‌ටුවෙන් තිබූ ඇය දන්නා හඳුනන නිවසකය. සති කිහිපයකට පෙර දිනෙක ඇය එහි යන විට ඔහු ගේට්‌ටුව අසල සිටගෙන සිටියේය. ඇය දුටු විගස ඔහු තමා පැළඳ සිටි උස් තොප්පිය ගලවා අතට ගත්තේය. එවිට කැරලි ගැසුණු ඔහුගේ හිසකෙස් දුඹුරු පැහැති මුහුණට වැටුණි.
එතැන් සිට දිනපතා සන්ධ්‍යා කාලයේදී සේවා ස්‌ථානයෙන් පිටතදී ඇය මුණ ගැසෙන්නට ඔහු පුරුදු වූයේය. ඇය ගෙදර දක්‌වා කැඳවාගෙන ගියේ ද ඔහුය.
දිනක් ඔහු 'ඊදයෑපස්‌බ ඨසරක' නමැති චිත්‍රපටය නරඹන්නට ද ඇය කැඳවා ගෙන ගියේය. ඉන් පෙර තරුණයකු සමඟ සිනමා ශාලාවකට නොගොසින් තිබූ ඇයට එය ඉතා ප්‍රමුදිත වූ අත්දැකීමක් විය. සංගීතයට බෙහෙවින් ප්‍රිය කරන අයකු වූ ප්‍රෑන්ක් චිත්‍රපටය නරඹන අතරතුරදී ගීතයක් ගායනා කළේය. එය නාවිකයකුට පෙම් කළ ගැහැණු ළමයකු පිළිබඳ ගීතයකි. එදින ඇගේ සිත ප්‍රීතියෙන් සසලව තිබුණි.
තරුණයකුට පෙම් කිරීම පිළිබඳව මුලදී ඇය චකිතයට පත්ව සිටියාය. පසුව ඇය ඔහුට සැබෑවටම ඇලුම් කළාය. ඔහු ඈත දුරු රටවල් පිළිබඳව නොයෙකුත් කතන්දර ඇයට කියා දුන්නේය.
ඔහු ජීවිතය ආරම්භ කොට ඇත්තේ කැනඩාවට යන 'ඇලන් ලයින්' නෞකාවේ නැව් තට්‌ටුවේ සුළු සේවකයෙක් ලෙසටය. ඒ මසකට පවුමක වැටුපටය. විවිධ නැව්වල නම් ද ඒවා තුළ සිදු කෙරෙන විවිධ සේවාවන් ද ඔහු ඇයට විස්තර කළේය. හෙතෙම මැගලන් සමුද්‍ර සන්ධිය හරහා ද යාත්‍රා කොට ඇත. භයානක පැංගෝනියන්ස්‌වරුන් පිළිබඳව ද ඔහු ඇයට නොයෙකුත් කතා පැවසුවේය.
ඔහු තම මාතෘ භූමියට පැමිණ තිබුණේ නිවාඩුවකට ය. ඇය මුණගැසුණේ එහිදී ය. මේ අතර ඇගේ පියා විසින් ඔවුන්ගේ සම්බන්ධයට තහනම් නීති පැනවිණි.
"මං හොඳහැටි දන්නවා නාවිකයන්ගේ ජීවිත ගැන"
දිනක් ඔහු එලෙස පවසමින් ප්‍රෑන්ක් සමඟ දබරයක පැටලුණේය. එතැන් සිට ඇය ඔහු හමුවූයේ පියාට රහසේ ය.
මාවතෙහි අන්ධකාරය ක්‍රමයෙන් දැඩි වෙමින් තිබිණි. ඇගේ උකුල මත සුදු පැහැ ලියුම් දෙකක් පැටලී තිබුණි. ඉන් එකක් හැරීටය. අනෙක ඇගේ පියාටය. ඔහු යහපත් පියාණන් කෙනකු වූ අවස්‌ථා ද නැතිවා නොවේ. මෑත දිනෙක ඇය අසනීප වූ විටෙක ඔහු ඇයට අසා සිටින්නට හොල්මන් කතන්දරයක් කීවේය. ඇයට අහරද පිළියෙළ කොට දුන්නේය.
තවත් දිනෙක ඔවුහු කන්දක් මුදුනට විනෝද ගමනක් ගොසින් සිටියහ. එකල අම්මා ද ඔවුන් සමඟ සිටියාය. දරුවන් සියලු දෙනා සිනහ ගන්වමින් තාත්තා ඇගේ ඔඩොක්‌කුවෙහි වාඩි වී සිටියේය.
ඇයට පිටත්වන්නට නියමිත වේලාව සෙමෙන් ගෙවී යමින් තිබුණි. එහෙත් ඇය තවමත් ජනෙල් තිරයට පිට දී ගත් ගමන්මය. අර දූවිලි ගන්ධය තවමත් දැනේ.
මාවතේ ඈත කොනකින් ඕගනයක හඬ ඇසේ. ඒ හඬ ද රැගෙන සුළඟ හමා ආවේ ඇය අම්මාට දුන් පොරොන්දු සිහිපත් කරවමිනි. හැකිතාක් තරම් කාලයක් ගෙදර දොර කටයුතු නිසි පරිදි පවත්වාගෙන යන්නට ඇය අම්මාට පොරොන්දු වී සිටින්නීය.
අම්මා අසනීපව ගත කළ ඒ අවසාන රාත්‍රිය ඇයට හොඳ හැටි මතකය. ඉතාලියේ ශෝකී සුළඟ එදින ද හමා ගියේ මෙවැනිම වූ ශෝකී ඕගන් වාදනයක් වැළඳගෙනය.
'උන්ට පිස්‌සු'
දුක්‌මුසු ලෙස ඕගනය වැයූ වාදකයාට පැන්ස හයක් දී තාත්තා ඒ මොහොතේ ඔහු පලවා හැරියේය.
අම්මාගේ කටහඬ ඇයට ඇසෙන්නා සේ විය. ඇය වහා භීතියෙන් මෙන් නැගී සිටියාය.
මේ සියලු දුක් වේදනාවන්ගෙන් මිදී යා යුතුය. ෆ්‍රෑන්ක් ඇය සෙනෙහසින් ආරක්‍ෂා කරනු ඇත. ඔහු ඇයට ආදරයත්, ජීවිතයත් ලබා දෙනු ඇත. මේ සා අසන්තෝෂයෙන් හැම විටම දිවි ගෙවන්නේ මන්ද? සතුටින් ජීවත් වන්නට ඇයට ද අයිතිවාසිකමක් ඇතිවා නොවේද?
බෝට්‌ටු අංගනයේ උතුරු දිශාවට ඇදී යන සෙනඟ කන්දරාව අතරට ඇය ද මුහුම් වූවාය. ඔහු ඇගේ අත අල්වාගන්නවාද, බෝට්‌ටුවේ වෙන් කළ අසුන් පිළිබඳව නොයෙකුත් දැ පවසනවා ද ඇයට මතකය.
දුඹුරු පැහැ ගමන් මලු රැගත් හමුදා සොල්දාදුවන්ගෙන් වට පිටාව පිරී තිබෙන බව ද ඇය දුටුවාය. විවරව තිබූ විශාල දොරට එපිටින් දිස් වූයේ බෝට්‌ටුවේ කළු පැහැති විශාල කුඹ ගසයි. එහි කවුළු සියල්ල දීප්තිමත්ව බැබලුණි.
ඇගේ සිත ශෝකයෙන් අවුල්ව ගියේය. අනතුරුව තම තොල් සීතලව, සුදුමැලි වෙනු ඇයට දැනුණි. තමාට පිහිට වන්නැයි ඇය දෙවියන්ගෙන් අයැද සිටියාය.
ඒ හා ම බෝට්‌ටුවෙන් නිකුත් වූයේ දීර්ඝ වූ සංවේගාත්මක නළා හඬකි. මීදුම පසාරු කරමින් ඒ හඬ ඇගේ හෘදය වෙත ගලා ආවේය.
හෙට ඇය මුහුද මැද ෆ්‍රෑන්ක් සමඟ බුවනෝර්ස් අයර්ස් වෙත යමින් සිටිනු ඇත. බෝට්‌ටුවේ වෙන් කළ අසුන් ඔවුන් එනතුරු බලා හිඳී.
සිරුර පුරා ගලා ගිය සංවේගය ඇයට ඔක්‌කාරය ගෙන ආවාය. ඇය නිහඬව තොල් මතුරමින් යාච්ඤාවක යෙදෙන්නට උත්සාහ කළාය.
මහ හඬින් සීනුවක් නාද වූයේ ඒ සමගමය. හරියට එය ඇගේ හදවත අසල නාද නැංවූවා සේ ය.
ඔහු අත තදින් අල්ලා ගනිමින් තමා වහා කැඳවනු ඇයට දැනුණි.
'එන්ඩ'
මුළු මුහුදම රැළි නගන්නේ ඇගේ හදවත මතය. ඔහු ඇය ඇදගෙන යන්නේ මුහුදට ය. තමා එහි ගිලී මිය යනු ඇතැයි ඇයට සිතුණි.
ඇය ඉතා තදින් අසල වූ යකඩ අත්වාරුව අල්ලා ගත්තාය. ඔහු ඉදිරියට, බෝට්‌ටුවේ සීමාවට ඇදී ගියේ ඇය පසුපස එතැයි යන දැඩි විශ්වාසයෙනි..
'එව්ලින්........ ඒවී......."
එහෙත් ඇය යකඩ වැට තව තවත් තදින් ග්‍රහණය කර ගත්තාය.
මුහුදු සීමාවෙන් මෙපිට සිට ඇය ඔහු දෙස බලා සිටියේ සුදුමැලි වූ වතින් යුතුවය. හරියට බොහෝ සේ අසරණ වූ සතකු සේ ය. ඇගේ දෑසේ ආදරය හෝ සමුගැනීම පිළිබඳව කිසිවක් ලියැවී තිබුණේ නැත. ඔහු හඳුනන බවට සලකුණක් හෝ ඇගේ මුහුණේ සටහන්ව නොතිබුණි.
ද්‍රෝහිවීම (කෙටි කතාව)
සුජාතා බාලසුබ්‍රමනියම්/ Sujatha Balasubramamiam
(ඉන්දියාවේ ප්‍රකට ලේ කාවකි)
සිංහල අනුවාදය : බොබී ජී. බොතේජු
"ශාස්‌ත්‍රී මහත්මයා කරුණාකරල ඇතුළට එන්න. කළමණාකාරතුමා තව මිනිත්තු කිහිපයකින් පැමිණ ඔබ හමුවේවි" පිළිගැනීමේ නිලධාරිනියගේ ආචාරශීලී කටහඬ ඔහුව එක්‌තරා ප්‍රමාණයකට ධෛර්යමත් කළේය. ශාස්‌ත්‍රී තමා ඇඳ සිටි පරණ ලොම් කබායේ අත් දිග අරිමින් කමිසයේ බොත්තම් ගැලවී ඇති තැන් වසා ගැනීමට කටයුතු කළේය. ඔහු ඇතුළට ගොස් හඬ නොනැඟෙන්නට දොර වසා දැමුවේය.
ගෘහ භාණ්‌ඩ පිළිවෙළකට තබා ඇති කාර්යාල කාමරය පිරිසිදුය. අගනා දැවයෙන් කළ විශාල මේසයක් කාමරය මැදට වන්නට විය. මේසයට පිටුපසින් කැරකෙන පුටුවකි. මේසය ඉදිරිපිට අමුත්තන්ට අසුන් ගැනීමට සුවපහසු අසුන් කිහිපයකි. ජනේලය අසලට වන්නට පොත් පිරුණු රාක්‌කයක් සහ ලිපිගොනු තැන්පත් කළ කැබිනට්‌ටුවක් විය.
කාමරය තුළට ගමන් කරන විට බිම අතුරා තිබූ පලස්‌වල ශාස්‌ත්‍රීගේ දෙපා ගිලී ගියේය. හේ එක් අසුනක වාඩි විය. සාක්‌කුවෙන් පිටතට ලේන්සුව ඇදගත් හේ තම නළල සහ නිකට පිස දැමුවේය. ඔහුගේ සිහින් රැලි වැටුණ අත් සුදු පැහැගත් හිසකෙස් වෙත යොමු විය.
"දෙවියනි, මේ වාරෙවත් ඔව් කියන්න. මට කිසියම් ජයග්‍රහණයක් ලැබේවා·" හේ සිතින් දෙවියන් යෑද්දේය. අපූරුවට ගෘහ භාණ්‌ඩ තැන්පත් කර ඇති මෙවැනි කාර්යාල කාමරවලට ඔහු කී වරක් නම් යන්නට ඇද්ද? කොපමණ වාරයක් ඔහුගේ ඉල්ලීම ආචාරශීලී ලෙස ප්‍රතික්‍ෂේප කරන්නට ඇද්ද?
නිවසේදී ඔහු දෙස බලා සිටින අපේක්‍ෂාවෙන් පිරුණු නිහඬ දෑස්............. ඔහු නැවත වරක් ඊට මුහුණ දෙන්නේ කෙසේද? සියල්ල නිහඬවම වටහා ගන්නා ඔහුගේ බිරිඳ සහ දියණිය කිසි දිනක ඔහුගෙන් කිසිවක් නොවිමසයි. දින, සති, මාස ගෙවී යද්දී වීදුරු වළලු වලින් නැඟෙන සිලිං බිලිං නාදය, සාරිවලින් නැඟෙන සර සර නාදය අසන්නට බලා සිටින ඔවුන්ගේ බලාපොරොත්තු ක්‍රමයෙන් ක්‍ෂය වී යයි. විෂ වායුවකින් මෙන් ඔවුන්ව හිරිවට්‌ටා නිහඬ කර ඇත.
එහෙත් මෙවර ඊට වඩා වෙනස් ශාස්‌ත්‍රී සිතුවේය. මෙවර ඔහු බොහෝ කලක් අපේක්‍ෂා කළ සතුට සහ ප්‍රීතිය ලැබෙනු ඇත. හැඟීම්වලට වඩා එහා ගිය විශ්වාසයකින් යුතුව හේ පුටු ඇන්දට හේත්තු වී කාමරය නිරීක්‍ෂණය කළේය. අඩක් විවර වූ ජනේලයෙ තිර රෙද්ද අතරින් හිරු එළිය වැටුණේ අපූරු සෙවණැලි රටා මවමිනි. හිරු එළිය රතු පැහැති දුරකථන රිසීවරය මතට වැටී එය ගිනි බෝලයක් මෙන් දිලිසෙයි. තීන්ත බෝතලයට ඔබා ඇති සිහින් කළු පැහැති පෑන උල් පිහියක් මෙනි. ඊට වම්පසට වන්නට ලා නිල් පැහැති බාල වර්ගයේ ප්ලාස්‌ටික් පින්තූර රාමුවකි. මෙම අලංකාර කාමරයට කොහෙත්ම නොගැලපෙන මෙම රාමුවට ශාස්‌ත්‍රීගේ නෙත් යොමු විය. ඔහු නැගිට ඉදිරියට ගොස් එය අතට ගත්තේය. කළු පැහැ ගැන්වී ඇති රාමුවේ තැනින් තැන එය ස්‌වර්ණාලේපිත රාමුවක්‌ව පැවැති බවට සලකුණු ඇත. එම රාමුවට සවිකළ ඡායාරූපයක් නැත රාමුව පමණකි.
තුනී රාමුව අතට ගත් ශාස්‌ත්‍රී එය හරවා බැලුවේය. එය ඔහුට හුරු පුරුදු ය. මෙම රාමුව මීට පෙර ඔහු දුටුවේ කොහෙදීද? විසි වසරකට පෙර? තිස් වසරකට පෙර? කොයිල්පට්‌ටි? මනූර්? නැහැ. දේවකුලම් ඔව් ඒ දේවකුලම්හිදී ය.
සුන්දරී අලුත පිපිණු දැ සමන්මලක් මෙන් පිවිතුරුය. අහිංසකය. ඕනෑම විටෙක තලා පොඩිකර දැමිය හැකි දෑ සමන් මලක් වැනි සුන්දරී· ඒ සියලු වේදනාත්මක මතකයන් ශාස්‌ත්‍රීට පැහැදිලිව පෙනෙන්නට විය. අහෝ දෙවියනි, ඒ අවුල් සහගත අවස්‌ථාවේ මම මඟ හැරියේ ඇයි? ඔහු තමා සමඟම කෙඳිරුවේය. හේ දෙ ඇස් වසාගෙන පරණ මතකයන් සිහියට නඟා ගන්නට වෑයම් කළේය. සෑම සිද්ධියක්‌ම ඔහුගේ මනසේ හොල්මන් කරන්නට විය.
"නාන්න උණු වතුර ලෑස්‌තියි" සිහින් ගීතවත් හඬ ඇසූ චන්ද්‍රන් හිස ඔසවා බැලුවේය. පැන යැමට සූදානම්ව සිටින මුව පොව්වකු මෙන් ඇය සිටගෙන සිටියාය. ඇයට වයස දහඅටක්‌වත් නොවන්නට ඇත. ඇගේ ඝනකම් කපු සාරිය ඇගේ පපුවේ සිහින් බව හිරකරගෙන සිටී. ඇගේ හැඩකාර මුහුණේ දුඹුරු දීප්තිමත් ඇස් ඔහුගේ මුහුණ දෙසට යොමු වූ අතර, අනතුරුව ඇය යන්නට ගියාය. චන්ද්‍රන් හෙමිහිට උරුහම්බාමින් තමාගේ තුවාය සොයන්නට විය.
දේවකුලම්වලට පැමිණි ප්‍රථම දිනය සුබ මොහොතින් ආරම්භ වූ හැටියි ඒ. එය ඔහුගේ ප්‍රථම රැකියාවයි. ප්‍රාදේශීය තැපැල් කාර්යාලයේ ලිපිකරු පත්වීමක් ලැබුණු විගසම හේ දේවකුලම් වෙත ළඟා වූයේ නතර වීමට සුදුසු ස්‌ථානයක් සොයා ගැනීම පිළිබඳ කිසිදු හැඟීමක් නැතිවය.
වාසනාවකට මෙන් කුලියට දීමට කාමරයක් ඇති මැහැල්ලකගේ නිවසට කෙනෙක් ඔහුව යොමු කළේය. සාමාන්‍ය මුදලකට ආහාර සැපයීමටත් එම කාන්තාව එකඟ වූ අතර, තමන්ගේ ගැටලුවලට ඉක්‌මනින් පහසුවෙන් විසඳුම් ලැබීම ගැන චන්ද්‍රන් සතුටු විය. අනතුරුව දැන් මේ මොහොතේ එම නිවසේදී ඔහු දුටු ප්‍රේමණීය දර්ශනය· චන්ද්‍රන් උනන්දුවෙන් කාමරයෙන් පිටතට ආවේය.
සුන්දරී - ඇගේ නම එයයි. මැහැල්ලගේ අනාථ ලේලියකි. ඊළඟ දින කීපය තුළ චන්ද්‍රන්ට යාන්තමින් දැක ගත හැකි වූයේ ඇය නිවස තුළ එහා මෙහා යන දර්ශනය පමණකි. එහෙත් ඔහුගේ මනඃකල්පිත ලෝකය ගිනි ගැනීමට එය ප්‍රමාණවත් විය. හිරු රැසින් දුඹුරුවන් වූ ඇගේ රන්වන් අත් පා, සුන්දර ගමන් ලතාව ඇගේ කොණ්‌ඩයෙන් විහිදෙන පිච්ච මල් සුවඳ, චන්ද්‍රන්ගේ සිතිවිලි මුළු කාලය පුරාම ඇය වටා දැවටෙන්නට විය. ඔහුට ඇය සමඟ කතා කිරීමට අවශ්‍ය විය. ඇගේ රූසිරියෙන් ඇස් පිනවා ගන්නට අවශ්‍ය විය. ඔහු ඇය වෙත ළඟා වෙන සෑම විටම ඕ කුස්‌සියේ අඳුරට මුසුව අතුරුදන් වන්නීය.
එදින චන්ද්‍රන් වේලපහින් කාර්යාලයේ සිට ආපසු පැමිණියේය. දොර විවෘතව පැවැති අතර තම කාමරයට යෑම පිණිස හේ කුඩා සාලයට ඇතුළු විය. සුන්දරී පැදුරක වාඩි වී මල් වට්‌ටියක් ළඟ තබාගෙන මල් මාලයක් ගොතමින් සිටින්නීය. ඔහු දුටු විගසම නැගී සිටි ඕ කුස්‌සියට දිව යැමට සැරසුණාය.
"කරුණාකරල නවතින්න" හේ ආයාචනා කළේය. "ඔයාගෙ නැන්ද කෝ?"
"නැන්දා කෝවිලට ගිහිල්ලා. අද සිකුරාදා" සුන්දරී මිහිරි ලෙස පිළිතුරු දුන්නාය. ඇය දොර අසලට වී සිටගෙන ගොතමින් සිටි මාලය අතරින් ඇඟිලි යවමින් සෙල්ලමක යෙදුණාය.
"මේ බලන්න" චන්ද්‍රන් ධෛර්ය සම්න්න ලෙස පියවරක් ඉදිරියට තැබුවේය. "මාව දැක්‌ක ගමන් පැනල දුවන්නෙ ඇයි? මම ඔයාව ගිලගන්න ආපු කොටියෙක්‌වත්, සිංහයෙක්‌වත් නෙවෙයිනේ. මට කියන්න මා ගැන ඔය තරම් බය මාව මිනී කන රාක්‍ෂයෙක් වගේ පේනවද?"
සුන්දරී ඔහුගේ කඩවසම් මුහුණ, උදාර පෙනුම දෙස යාන්තමින් බැලුවාය. ඇය සිනාව සැඟවීමට මුහුණ සඟවා ගත්තාය. ඇය තම වම් පාදයේ ඇඟිල්ලෙන් බිම කුරුටු ගාන්නට වූවාය.
"නැහැ ඒක නෙවෙයි" ඕ බයාදු ලෙස ආරම්භ කළාය.
"ඔයා මට කැමැති නැත්නම් නැහැයි කියල කියන්න. මම මේ මොහොතෙම යන්න යනවා" චන්ද්‍රන් පැවසුවේය.
"ආ........ නැහැ නැහැ එහෙම හිතන්න එපා" පහරක් වැදුණු කලක මෙන් සුන්දරී කලබලයෙන් පිළිතුරු දුන්නාය. ඇය ඇගේ අනුරාගී ඇසින් ඔහු දෙස මොහොතක් බලා සිට මාතෘකාව වෙනස් කළාය. "මම කෝපි එකක් ගේන්නද?" නැවත වරක් ඇය ඇතුළට වැදී අතුරුදන් වූවාය. එහෙත් මෙවර චන්ද්‍රන් තම කාමරයට ඇතුළු වූයේ තමා කිසියම් ජයග්‍රහණයක් කළේය යන හැඟීමෙනි.
ඉන් පසු සුන්දරී මඳක් ලිහිල් බවක් පළ කළාය. ඇය විගසින් පලා නොගිය අතර සෑම උදැසනකම ඔහු වැඩට යැමට පෙර ඔහු සමඟ වචන කීපයක් හුවමාරු කර ගැනීමට පවා පුරුදු වූවාය. රාත්‍රි ආහාර ගනිද්දී ඇය ඔහු කැමැතිම ආහාර වර්ග ඇගේ දැතින්ම සංග්‍රහ කළාය. ක්‍රමයෙන් අන්නොන්‍ය බැඳීම වර්ධනය විය. සුන්දරීගේ නැන්දා චන්ද්‍රන්ව ප්‍රිය කළ අතර, ඔහුට තම පවුලේ සාමාජිකයකුට මෙන් සැලකුවාය. චන්ද්‍රන්ගේ උනන්දුව වැඩි වූ අතර, සුන්දරීගේ මුහුණේ මෘදු බව දකින්නට රාත්‍රියේ නිදි වරමින් බලා සිටියේය.
උදැසන හිරු රැස් ගිනියම් සහ බිහිසුණු විය. සුන්දරී නිවස පිටුපස ළිඳෙන් වතුර අදිමින් සිටියාය. සිව්වැනි වරටත් වතුර ඇද ගැනීමෙන් පසු ඇය බාල්දිය ළිඳ වටා බැඳ තිබූ තාප්පය මත තබා තම අත් දෙස බැලුවාය. රළු කඹයේ ඇතිල්ලීම නිසා ඇගේ අත්ල තද රත් පැහැ ගැන්වී ඇත.
"ඔයාගෙ අත් දැක්‌කහම මට මතක් වෙන්නෙ මොනවද කියල ඔයා දන්නවද?" ඇගේ පසුපසට පැමිණි චන්ද්‍රන් විමසුවේය. "නෙළුම් මලේ රෝස පාට ලස්‌සන පෙති" සුන්දරී හිස ඔසවා සිනාසුණාය. "ඔච්චර ලස්‌සනට කතා කරන්න ඔයා කොහෙන්ද ඉගෙන ගත්තෙ?"
"ඕනෑම මිනිහෙකුට කවියෙක් වෙන්න ඔයා දැකීම ප්‍රමාණවත්" චන්ද්‍රන් පිළිතුරු දුන්නේය. "ඔයාගෙ මෘදු අත රිදෙනව දකින්න මම කැමැති නැහැ මම ඔයාට වතුර ඇදල දෙන්නම්" කඹය වෙත ළඟා වූ හේ බාල්දිය ළිඳට පහත් කළේය. සුන්දරී කඹය අල්ලා ගැනීමට අත දිගු කළාය. මොහොතකට දෙදෙනාගේ ඇඟිලි එකිනෙක ගැටිණ. චන්ද්‍රන්ට තමාගේ මුළු සිරුරම ගිනියම් වූ බව දැනිණ.
"සුන්දරී" හේ ඇගේ අතකින් අල්ලාගෙන විගසින් කෙඳිරුවේය. "ඔයා දන්නවද මම ඔයාට කොයි තරම් ආදරෙයිද කියල? සුන්දරී මා දිහා බලන්න ඔයා මට බයද? ඔයාගෙ කෙස් ගහකට හරි හානියක් වුණොත් මම මැරෙනවා කියල ඔයා දන්නවද?" චන්ද්‍රන් මෘදු ලෙස පැවසුවේය.
කෝවිල පිටුපස ඇති උද්‍යානයේ ගල් බංකුව මත ඔවුන් වාඩි වී සිටි සැන්දෑවකි.
"මේ වෙලාවෙම ඔයා එක්‌ක විවාහ වෙන්න ඇතිනම්..... ඒත් මගේ දෙමවුපියො පරණ තාලෙ අය. ඒ අයට කියල ඒ අයව කැමැති කරව ගන්න ඕන. ඒත් දවසින් දවස ඔයා මගෙ ළඟින්...... ඒක කොයි තරම් දරුණුද?"
"ඔයා හිතනවද ඒක මට පහසුයි කියල?" සුන්දරී මිමිණුවාය. මගෙ හදවතේ ඉඩ තියෙන්නෙ ඔයාට විතරයි. ඒක කාටවත් වෙනස් කරන්න බැහැ."
එක්‌වරම චන්ද්‍රන් ඇගේ අතකින් අල්ලා ගත්තේය. "සුන්දරී අපි ඇයි දැන්මම විවාහ වෙන්නෙ නැත්තෙ? ඇයි අපි සංගීතය, මිනිස්‌සු, උත්සව ගැන බලබලා ඉන්නෙ. කොහොම වුණත් විවාහ පොරොන්දුව පූජනීයයි." හේ ඇගේ නිකටින් අල්ලා ඇය තමා දෙසට හරවා ගත්තේය.
"හෙට ඔයා කහ නූල් පොටකුයි හරන්කහයි අරගෙන එන්න. මම කෝවිල් උද්‍යානයේදී ඔයාව විවාහ කර ගන්නවා. අපි සැමියයි බිරිඳයි. කවුරුවත් ඒ බව දැන ගන්න ඕනෙ නැහැ. ඔයා මොකද කියන්නේ?" හේ බලවත් හැඟීමකින් යුතුව බල කළේය. සුන්දරීගේ ඇස් දීප්තියෙන් බැබළෙද්දී ඕ හිස සැලුවාය.
හිරු කඳු වළල්ලට මුවා වී බැස ගියේය. ග්‍රීෂ්ම සෘතුවේ සන්ධ්‍යාවේ උණුසුම දවස තුළ හිර වී හුස්‌ම නොගෙනම අපේක්‍ෂා සහගතව සිටී. පඳුරු අතර සියුම් අඳුර ඇය අපේක්‍ෂාවෙන් සිටී. ඇය පය පැකිළෙමින් හිස නමාගෙන පැමිණියාය. හේ උනන්දුවෙන් කහ නූල් පට සහ ඇගේ අත වූ හරන්කහ ගෙන ඇගේ ගෙල වට බැන්දේය.
"සුන්දරී මගෙ ප්‍රේමිය" හේ ප්‍රමෝදයෙන් මුසපත්ව කෙඳිරුවේය. ගං ඉවුරේ වූ තණ පඳුරු අතරින් ඇයව කැඳවා ගෙන හේ සිසිල් සෙවණකට ගියේය.
සුන්දරී සමනළියක් මෙන්ම වරින් වර සින්දු මුමුණමින් නිවස තුළ හැසිරුණාය. පහනක් දිලෙන්නාක් මෙන් ඇගේ මුහුණේ සතුට බබළන්නට විය. ඇය කෝපි කෝප්පයක් රැගෙන චන්ද්‍රන්ගේ කාමරයට ගියාය.
"ඔයා හුඟක් කතා කරනවා. ඒත් කවදාවත් මට තෑග්ගක් දීල තියෙනවද?" ඕ සරදම් ලෙස විමසුවාය.
"මම ඔයා වෙනුවෙන් ඕන දෙයක් කරනවා සුන්දරී" චන්ද්‍රන් දැඩි අදිටනින් පැවසුවේය.
"මම ඔයාට සඳ ගෙනැවිත් දෙන්නම් ඔයාට ඕනෙනම් අහසින් තරු කඩාගෙන එන්නම්" ඇයට ළංවෙමින් හේ කීවේය. සුන්දරී සිනාසෙමින් ඔහුගෙන් ගැලවී පැන ගත්තාය.
"නැහැ නැහැ ඔයාට මාව ඔය විදියට රවට්‌ටන්න බැහැ. දැන් මට ඔයාගෙන් පුංචි දෙයක් ඕනෙ. ඔයා මට ඒක දෙනවයි කියල පොරොන්දු වෙන්න."
"ඕනම දෙයක්" චන්ද්‍රන් දැඩි උනන්දුවෙන් විමසුවේය.
"ඔයා අදම මට ඔයාගෙ පින්තූරයක් දෙන්න"
හේ සැනසුම් සුසුමක් හෙළුවේය. "ඕකටද ඔයා ඔච්චර වෙලා තෙපර බෑවෙ?"
එදින සන්ධ්‍යාවේම ඡායාරූපයක් ලබාගත් හේ එය තැබීමට සුදුසු රාමුවක් සොයමින් දේවකුලම් සාප්පුවල සැරිසැරුවේය. ප්ලාස්‌ටික් වලින් නිම කළ රන් මල්වැලක වාටියකින් යුත් ලා නිල් පැහැති රාමුව ඔහුගේ සිත් ඇද ගත්තේය. හේ එය සුන්දරී වෙනුවෙන් මිලට ගත්තේය.
*******
ග්‍රීෂ්ම සෘතුව ගෙවී ගොස් සරත් සෘතුව සහ වර්ෂා කාලය ඇරඹිණ. සෑම තැනකම සැඟවුණ වෙනස්‌කම් ඇති විය. චන්ද්‍රන්ගේ වැඩවලට වැඩි කාලයක් යෙදවීමට සිදුවූ අතර ඔහු නිවසට එනවිට ප්‍රමාද විය. ඔහු නිතරම මිත්‍රයන් සමඟ පිටත ගිය අතර ඕනෑකමින්ම ප්‍රමාද වී ආපසු පැමිණියේය. සුන්දරී සමඟ කතා බහ පරණ පුරුදු මට්‌ටමට වඩා අඩු විය. ඔහුට විශේෂ ආහාර සූදානම් කර ඇය පෙරැත්ත කළත් ඔහු ආහාර අරුචි බව ඇඟවූවේය. විභාගයකට සූදානම් වන බව අඟවමින් හේ කාමරයේ දොර වසාගෙන ඇයව දැකීමෙන් වැළකුණේ ය.
එදින සන්ධ්‍යාවේ තද හිසරදයකින් යුතුව නිවසට පැමිණි හේ ඇඳට වැටුණේය. සෑම පැත්තකින්ම ශෝකයක් සහ නොරිස්‌සුම් සහගත බවක් ඔහුට දැනිණ. සුන්දරී නිහඬවම පැමිණ ඔහුගේ නළලට අත තබා බැලුවාය. චන්ද්‍රන් වහා ඇගේ අත ඉවතට තල්ලු කළේ ඇගේ ස්‌පර්ශය අප්‍රිය බව අඟවමිනි.
"ඇයි ඔයා මට සැනසිල්ලෙ ඉන්න දෙන්නෙ නැත්තේ? කරුණාකරල කාමරයෙන් පිටවෙලා යන්න. මට කරදර කරන එක නතර කරන්න" හේ කෝපයෙන් කෑ ගෑවේය. සුන්දරී නිහඬවම නොපෙනී ගියාය. කමකට නැති ගෑනියෙක්, ඇඳේ පෙරළෙන ගමන් ඔහුට සිතිණ.
දින කීපයකට පසු සුන්දරී ඔහුගේ කාමරයේ දොරටුව අසලටම පැමිණියාය. ඔහු පොත වෙතින් හිස මෑත් කර රවා බැලුවේය.
"මොනවද ඕනෙ?" හේ කර්කශ ලෙස විමසුවේය.
"මුකුත් නැහැ" සුන්දරී ආරම්භ කළාය. ඇගේ කටහඬ වෙව්ලයි. ඇය සාරි පොටේ කෙළවර අඹරවමින් කතා කළාය. "ඔයා අපේ විවාහය ගැන ඔයාගෙ පාර්ශ්වයට දැනුම් දෙන්න කාලෙ ඇවිත් නේද?" ඇය කලබලයෙන් කියාගෙන ගියාය.
චන්ද්‍රන් රවා බැලුවේය. මවිතය නිසා ඔහුට වචන නැති විය.
දැන් හරි පස්‌සෙ හරි කියන්න වෙනවා. ඔයා දන්නවනෙ මගෙ තත්ත්වය....... ඇය හිස නවාගෙන මෘදු ලෙස කීවාය.
හේ එක්‌වරම හුනස්‌සෙන් නැඟී සිටියේ කෝපාග්නියෙන් දැවෙන දැසින් බලමිනි. මොන විවාහයක්‌ද?" හේ කෑ ගෑවේය. "උඹ හිතනවද උඹගෙ බෙල්ලෙ නූලක් ගැට ගැහැව්ව පලියට මම උඹත් එක්‌ක විවාහ වුණයි කියල? මට කියපන් කවුද අපිව දැක්‌කේ? කවුරුවත් නැහැ. උඹ ඔය ගැන තදින්ම කියා හිටිනවා නම් මම උඹගෙ අතකින්වත් ඇල්ලුවේ නැහැයි කියල දිවුරනවා. උඹ කාත් එක්‌ක හරි ගිහින් මගේ පිටේ බර පටවන්න හදනවා. උඹල ඔය ජාතියෙ මිනිස්‌සු. මිනිහෙක් ටිකක් කරුණාවෙන් කතා කරපුවහම ඒ මිනිහව අල්ල ගන්න උත්සාහ කරනවා. දැහැට නොපෙනී පලයන්" හේ කෝපයෙන් අත වැනුවේය.
සුන්දරී දිගු වේලාවක් නිහඬව ම ඔහු දෙස බලා සිටියාය. ඇගේ ඇස්‌වල තිබූ ගැඹුරින් පෙනී ගියේ ඔහු මේ ආකාරයෙන් හැසිරෙනු දැකීමෙන් ඇය මවිත වූ බවයි. මේ අස්‌වාභාවික නිහඬතාවෙන් ඔහුගේ සිත චංචල විය. ඔහු අපේක්‍ෂා කළේ ඇය හඬා වැළපී පෙරළි කරමින් දෝෂාරෝපණය කරනු ඇත කියාය. මෙවැනි නිහඬතාවක් නොවේ.
"පිටවෙයන්" හේ නැවතත් කෑ ගෑවේය. සුන්දරී සිහිනයක මෙන් ඉවතට ගියාය.
චන්ද්‍රන් ගමන් බෑගය ගෙන තම භාණ්‌ඩ ඇසිරීමට පටන් ගත්තේය. හේ නොසැලකිල්ලෙන් සියලුම ඇඳුම් එතුළට ඔබා මල්ල වසා දැමුවේය. හේ සුන්දරීගේ නැන්දා හමු වී තමාව වෙනත් නගරයකට අනපේක්‍ෂිත ලෙස මාරු කර ඇති බව පවසා ඔහුගෙන් අය විය යුතු මුදල් ගෙවා දැම්මේය. අඩ පැයක් තුළ ඔහු පිටව යැමට සූදානම් විය.
සුන්දරී ජනේලයෙන් සියල්ල බලා සිටියාය. ගමන් මල්ලක් රැගෙන නිවසට පැමිණි ආකාරයෙන් ම ඔහු පිටව යන සැටි දෙස ඇය බලා සිටියාය. ඕ එක් අතකින් තම ගෙල වටා ගැට ගසා ඇති කහ නූල තරයේ අල්ලා ගෙන සිටි අතර, ඇගේ ඇස්‌වලින් හෝ මුහුණින් කිසිදු හැඟීමක් පළ නොවීය. චන්ද්‍රන් කලබලයෙන් ඉදිරියට ගියේය. හේ තැපැල් කාර්යාලයේ රැකියාවෙන් ඉල්ලා අස්‌වී දේවකුලම්වලින් පිටත්ව යන ඊළඟ දුම්රියට නැඟුණේය. දුම්රිය පිටත්වන විට හේ සැනසුම් සුසුමක් හෙළුවේය. අනතුරුව අසුනක වාඩි වී අනාගත සැලසුම් සකස් කළේය.
*******
දොර විවෘත විය. තරුණයෙක් ඇතුළු විය. "ශාස්‌ත්‍රී මහත්මය හුඟ වෙලාවක් ප්‍රමාද වුණාට සමාවන්න."
රාමචන්ද්‍රන් ශාස්‌ත්‍රී නැගිට ඔහුට ආචාර කළේය. කළමනාකරු තම අසුන වෙත ගියේය.
"ශාස්‌ත්‍රී මහත්මය මම ඔබගෙ අයදුම්පත පරීක්‍ෂා කළා. ඔබගෙ පුළුල් අත්දැකීම් ගැන අපි සෑහීමකට පත් වුණා. ඒත්......."
"ඔව් සර්" ශාස්‌ත්‍රි උනන්දුවෙන් ඉදිරියට නැඹුරු විය.
ඔහු අත පින්තූර රාමුව තිබෙනු කළමනාකරු දුටුවේය.
"ආහ්· ඔබ මේ පින්තූර රාමුවට කැමති වගෙ. ඒක හැම විටම හුඟ දෙනෙක්‌ගෙ කුතුහලයට හේතු වෙලා. ඒකෙ තියෙන්නෙ රාමුව විතරයි. පින්තූරය නැහැ."
ශාස්‌ත්‍රිට මොහොතකට සම්මුඛ පරීක්‍ෂණය පිළිබඳව අමතක විය. "කරුණාකර මට කියන්න පුළුවන්ද ඇයි මේ පින්තූර රාමුව මේසෙ උඩ තියාගෙන ඉන්නෙ කියල" හේ ගොත ලෑවේය.
"මේක තමයි මගෙ පියා ගැන තියෙන එකම සිහිවටනය. ඔහු මිය යැමට ටික වේලාවකට කලින් මේ නින්තූර රාමුව අම්මට දීල තියෙනවා. ඒ වෙනකොටත් මම ඉපදිලා නැහැ. මගෙ අම්මා කියල තියෙනවා ඒ අය කෙටි ප්‍රීතිමත් ජීවිතයක් ගත කළයි කියලා. ඇය නිතරම කිව්වේ මගෙ පියා කරුණාවන්ත ශ්‍රේෂ්ඨ කෙනෙක් කියල. ඔබත් දන්නවනෙ අපි බොහොම කෙටි කලයි ජීවත් වෙන්නේ" තරුණයා සුසුමක් හෙළුවේය. "ඔහු දේවකුලම් අසලදි දුම්රිය අනතුරකින් මැරුණලු"
එහෙත් රාමචන්ද්‍රන් ශාස්‌ත්‍රී නොපැහැදිලි හඬින් කිසිවක් කියන්නට සැරසිණ. දැන් ඔහුට සියල්ල වැටහේ. ඔහු දේවකුලම්වලින් පිට වී සතියකට පසු දුම්රිය අනතුරක් සිදුවිය. ඔහු අනතුරින් මැරණලු."
ඔහු අනතුරින් මිය නොගිය බව සුන්දරී හොඳින්ම දන්නවා ඇත. එහෙත් ඇය පැවසුවේ තම සැමියා අනතුරින් මියගිය බවයි.
"ඔබේ අම්මා...?" ඔහු තරුණයාගෙන් විමසුවේය.
මගෙ අම්මා මීට අවුරුදු දහයකට ඉස්‌සර මියගියා. මේ පින්තූර රාමුව ඇය ළඟ නිතරම තිබුණා. ඇය මිය යැමට මඳ වේලාවකට පෙර එය මට භාර කළා. මේක දෙන ගමන් ඇය කිව්වා උඹගෙ පියාගෙ වාසනාව උඹට ගෙනෙන වස්‌තුව මේකයි කියල" කළමනාකරු ගැඹුරු හඬින් කීවේය.
ශාස්‌ත්‍රී කල්පනා කළේය. තමාට ද්‍රෝහී වූ තැනැත්තාගේ ගෞරවය ආරක්‍ෂා කිරීම සඳහා සුන්දරී එහි තිබූ ඡායාරූපය විනාශ කරන්නට ඇත.
"ඒත් පුරප්පාඩුව ගැන ශාස්‌ත්‍රී මහත්තය, මට ඔබගෙ අයදුම් පත්‍රය ප්‍රතික්‍ෂේප කරන්නයි සිද්ධ වෙලා තියෙන්නෙ. ඔබගෙ වයස් සීමාව ඉක්‌මවල තියෙන නිසා. වයස පනහ ඉක්‌මවූ කිසිවෙකුට රැකියා දෙන්න අපට පුළුවන් කමක් නැහැ" කළමනාකරු සමාව අයදිමින් කීවේය.
මගෙ පුතේ යනුවෙන් කීමට පහසු බව ශාස්‌ත්‍රීට සිතිණ. පිපාසය බඩගින්න අවසන් කොට ජීවිතය නැවත ආරම්භ කොට සිනාවීමට අපේක්‍ෂා කරන පවුලේ සියල්ලන්ගේම බලාපොරොත්තු සඵල කිරීමට නම් කිව යුත්තේ එයයි.
මම වරක් ඇයට ද්‍රෝහී වුණා හේ සිතුවේය. ඇය ඇගේ පුතාට ලබාදුන් මතක සටහනටවත් ද්‍රෝහී නොවන්නට මට ඉඩ දෙන්න.
"මට තේරෙනව සර්" සන්සුන්ව පිළිතුරු දුන් රාමචන්ද්‍රන් ශාස්‌ත්‍රී පිටතට ආවේ ඔහුට පිටුපා ඇති දොරටුව වසා දමමිනි.
මිත්‍රයෝ දෙදෙනා
(ගී ද මෝපසාන්ට්‌ගේ Two friends නම් කෙටි කතාවේ පරිවර්තනය නිමල් ෆ්රැන්සිස් විසිනි.)
එය, පැරිසිය මහා දුර්භික්‌ෂයකින් ගිල ගත් කාලයක් විය. වහලයක වැසූ ගේ කුරුල්ලෙකු හෝ කාණුවක මීයකුවත් දක්‌නට නොලැබිණි. ලැබුණු ඕනෑම දෙයක් මිනිසුන්ගේ ආහාරය විය.
මේ දුෂ්කර සමයේ ජනවාරි මස එක් දීප්තිමත් උදෑසනක, වෘත්තියෙන් ඔරලෝසු සාදන්නෙකු වූ මොරිසෝට් මහතා කලිසම් සාක්‌කු තුළ දෑත් රුවා ගෙන හිස් වූ උදරයෙන් යුතුව අලසව පෙත් මඟක් දිගේ සක්‌මන් කරමින් සිටියේ ය. හදිසියේම ඔහුට මුහුණට මුහුණ ලා සිටියේ මසුන් මැරීමේ හවුල්කරුවා වූ ද සිය ගජයා වූ ද සවුවා- මහතා ය.
යුද්ධයට පෙර සිටම මොරිසෝට්‌ගේ පුරුද්දක් වූයේ පසුපස එල්ලා ගත් ටින් බඳුන හා අතකින් ගත් බිලී පිත්ත සහිතව කොලොම්බෙස් දක්‌වා දුම්රියෙන් ගොස් එතැන් සිට ලා මෙරෙන්තේ දක්‌වා පයින් ගමන් කොට තම සිහින පාරාදීසයට පැමිණ රෑ බෝ වනතුරු මාළු බෑම ය. සෑම ඉරිදා උදෑසනකම එහිදී ඔහුට හමුවන්නේ නොටර්ඩෑම්හි රෙදිපිළි වෙළෙන්දෙකු වූ නිර්භීත, ප්‍රීතිමත් හා උෙද්‍යා්ගිමත් කුඩා මිනිසා සවුවා- මහතා ය. ඉන්පසු ඔවුන් දෙදෙන එක්‌ව සිය බිලී පිති දියට දමාගෙන කල් ගත කරන්නේ එකිනෙකා කෙරෙහි බැඳි උණුසුම් වූ මිත්‍රත්වයෙන් යුතුව ය. සමහර දිනවල ඔවුන් එක වචනයක්‌වත් කතා නොකළ අතර සමහර දිනවලදී තොරතෝංචියක් නොමැතිව කතා කළහ. නමුත් ඔවුන් දෙදෙනාම හොඳාකාරවම තේරුම්ගත් දෙයක් වූයේ වචනවලින් තොරව ඔවුන් එකම රුචි අරුචිකම්වලින් හා හැඟීම්වලින් බැඳී සිටි බව ය.
දිය මතුපිට පැතිර තිබූ මීදුම් වලාවන් මත උදා ළා හිරු එළිය පතිත වී තිබූ වසන්තයේ එක් උදයක මොරිසෝට් සිය සගයාට මෙසේ පැවසී ය.
"හරිම ප්‍රසන්නයි"
"මට හිතාගන්නවත් බැහැ" අනෙකා ඊට පිළිතුරු බැන්දේ ය.
ඔවුන් එකිනෙකා අගය කර ගැනීමටත්, එකිනෙකා තේරුම් ගැනීමටත් ඒ වචන කිහිපය ඔවුනට ප්‍රමාණවත් විය.
එය සරත් ඝෘතුවේ එක් දවසක අවසානය විය. බැස යන හිරුගේ අවසන් රැස් දහර වලාකුළු ලේ රතු පැහැයට හරවා තිබූ අතර ගඟ දිය ද තද රතු පැහැයකට හරවා තිබිණි. ගඟ දිය මතින් පරාවර්තනය වූ හිරු රැස් මිතුරන් දෙදෙනාගේ මුහුණු ද වර්ණවත් කර තිබිණි. ශීත ඝෘතුවේ පළමු සීතල ස්‌පර්ශය විඳ ගනිමින් සිටි ගං දෑලෙහි වූ වෘක්‌ෂයන් ද එකී හිරු රැස් විසින් වර්ණවත් කරන ලද්දේ විය.
මොරිසෝට් වෙත හැරුණු සවුවා- මෙසේ පැවසීය.
"මොන තරම් අපූරු දර්ශනයක් ද?"
මොරිසෝට් ලේ පැහැ ගත් ගඟ දියෙන් දෑස් නොගෙනම පිළිතුරු දුන්නේය.
"ඔව්. බෙල්වෙයාර්ඩ්වලට වඩා අපූරුයි"
"ඒ වුණත් මේක හරිම දුක්‌ඛිත කාලයක්" සවුවා- කොඳුලේ සුසුමක් හෙළමිනි.
අහස වලාකුළුවලින් තොර වූ අතර නිල් පැහැයෙන් දීප්තිමත්ව පැවතියේය. මිතුරන් දෙදෙනා දුක්‌බරව නිහඬව ගමන් කරමින් සිටියහ.
"මාළු බෑම ගැන හිතුවොත්.." මොරිසෝට් මිමිණීය. "ඒක කොච්චර ෂෝක් කාලයක් ද?"
"ආයෙත් මාළු බාන්න ගියොත් කොහොමද..." මොරිසෝට් සවුවා-ගෙන් විමසුවේ බලාපොරොත්තු සහගතවය.
ඉන්පසු ඔව්හු මඟ තිබූ කුඩා අවන්හලකට ඇතුළු වී සුළු මත්පැන් වඩියකින් සප්පායම් වී නැවත ගමන් ඇරඹූහ. ඔව්හු සුළු දුරක් එසේ ගමන් කළ අතර හදිසියේම යමක් සිහි වූවාසේ මොරිසෝට් නැවතුණේය.
"අපි තව ටිකක් බිව්වොත් මොකද...?"
"ඔබේ කැමැත්තක්" සවුවා- සිය මිතුරාට එකඟ විය.
ඉන්පසු ඊළඟ අවන්හලට ඇතුළු වූහ.
තවත් ස්‌වල්ප වේලාවකින් මිතුරෝ දෙදෙනා අවන්හලෙන් එළියට පැමිණි අතර හිස් උදරවලට ඇතුල් වූ මධ්‍යසාර හේතුවෙන් ඔවුන්ගේ සමබරතාවය ගිලිහී ගොස් තිබිණි. අවන්හලෙන් එළියට පැමිණි ඔවුන්ට සිසිල් මන්ද මාරුතයක සුව දැණුනු අතර එය කදිම දවසක් බව හැඟී යන ලද්දේය. නැවුම් වාතය විසින් සවුවා- මහතාගේ මද්‍යසාර මත වැඩි කරමින් තිබූ අතර හදිසියේම ඔහු නැවතී මෙසේ පැවසීය.
"අපි එතැනට යා යුතු යෑයි මා සිතනවා"
"කොහේටද?"
"මාළු බාන්න"
"කොහේටද?"
"ඇයි? අපේ පරණ තැන. ප්‍රංශ සීමා මුරපොළ තියෙන්නේ කොලොම්බෙස් කිට්‌ටුව. මම කර්නල් ඩුමොලින්ව හඳුනනවා. අපිට ලේසියෙන් ඇතුල් වෙන්න පුළුවන්."
මොරිසෝට් ආශාවෙන් සලිත විය. "නියමයි. මම ලෑස්‌තියි."
ඉන්පසු තම තමන්ගේ බිලී පිති රැගෙන ඒම පිණිස ඔවුන් වෙන් වූහ.
හෝරාවකට පමණ පසු ඔවුන් දෙදෙන ඉහළ මාවතේ එක්‌ව ගමන් කරමින් සිටියහ. තවත් අඩ හෝරාවකට පසු ඔව්හු කර්නල්ගේ නිවස්‌නයේ සිටිනු දක්‌නා ලද්දේ ය. මිතුරන්ගේ ඉල්ලීම කර්නල්වරයා සිනාසෙමින් ඉතා සුහදව ඉටු කළ අතර මුර පදය ද සහිතව එතැන් සිට ඔවුන් නැවත ගමන ආරම්භ කළහ.
ඔව්හු ඉක්‌මණින්ම මායිම් මුරපොළ පසු කළහ. ඉන්පසු ඔවුන්ගේ ගමන් මාර්ගය වැටී තිබුණේ ජන ශුන්‍ය වූ කොලොම්බෙස් මැදිනි. සේන් නදිය අසබඩ වූ කුඩා මිදි වත්ත සමීපයට ඔවුන් පැමිණෙන විට වේලාව පූර්ව භාග එකොළහ වී තිබුණි. විශාල තැනිතලාව ඈතටම පැතිරී තිබූ අතර මුළුමණින්ම හිස්‌ව පැවතියේය. දුඹුරු පැහැ ගත් දූවිලි පසත් මුඩු චෙරි ගස් කීපයකුත් දකින්නට තිබුණි.
සවුවා- මහතා ඈත කඳු මුදුනට අත දිගු කොට කෙඳිරි ගැවේය.
"අර පේන කන්ද උඩ පර්සියන්ලා ඉන්නවා."
එම මුඩු පාළු කන්ද මිතුරන් දෙදෙනා බියෙනුත් සැකයෙනුත් අවුල් කරන දර්ශනයක් විය.
පර්සියානුවන්. ඔව්හු, ඔවුන්ව තවම දැක තිබුණේ නැත. නමුත් පසුගිය මාස කීපය මුළුල්ලේ ඔවුන් පැරිසියේදී කළ සමූහ ඝාතන, කොල්ලකෑම් හා පතුරුවමින් සිටිනා භීෂණය මිතුරන් දෙදෙනාටම මතකයට නැඟුණු නමුත් දෙදෙනාම එය එකිනෙකාට නොහඟවා සිටියහ. ඔව්හු මේ නොදන්නා ජයග්‍රාහී ජාතිය කෙරෙහි වූ වෛරයකින් වෙලී සිටියහ.
"අපිට ඔවුන් මුණ ගැසුණා කියල හිතමු" හදිසියේ මොරිසෝට් පැවසී ය.
"අපි ඔවුන්ට මාළු දෙමු." සවුවා- මහතා පිළිතුරු සැපයීය.
ඔවුන් අවිනිශ්චිතව මඳ වේලාවක් ගත කළහ. එම ආගන්තුක ප්‍රදේශයේ පැතිර තිබූ නිශ්ශබ්දතාව ඔවුන් වටා දැවටෙමින් ඔවුන් බිය ගන්වමින් තිබුණි.
අන්තිමේදී සවුවා- මහතා එඩිතරව මෙසේ පැවසීය. "යමු. පරෙස්‌සමින් යමු."
ඉන්පසු ඔවුන් ගමන් මාර්ගය වෙනස් කොට කුඩා චෙරි වත්ත මැදින් ගමන් කළහ. ඉහළ වියනක් බඳු වූ චෙරි ගස් යටින් දෙකට නැමී ගත් දෙදෙනා ඇස් කන් යොමා ගෙන සෝදිසියෙන් රිංගමින් ගමන් ගත්හ.
ගං ඉවුර වෙත යැමට පටු මුඩු බිම් කඩක් පසු කිරීමට සිදු වී තිබුණි. මඳක් නැවතුණු ඔව්හු එක්‌වරම දුවමින් මෙන් එම වියළි ඉපනැලි බිම්කඩ තරණය කොට ගං ඉවුරට සේන්දු වූහ. මොරිසොට් නැවී පොළවට කණ ළං කොට තමන් කරා පැමිණෙන අඩි ශබ්දයක් ඇසේදැයි බලමින් ස්‌වල්ප වේලාවක් නිහඬව සිටියේය. ඔහුට කිසිදු හඬක් නෑසිණි. තමන් තට්‌ට තනියම සිටිනා සේ ඔවුන්ට සිතුනි. අවිනිශ්චිත තත්ත්වය පහව ගොස් තිබූ අතර විශ්වාසවන්ත භාවයක් ගොඩ නැඟෙමින් තිබුණේය. මාළු බෑම ආරම්භ කරන ලද්දේය.
මොරිසෝට් මහතා ප්‍රථම රැවටෙන්නා ද, සවුවා- මහතා දෙවැන්නා ද අල්ලා ගත් අතර ඉන්පසු බිලී පිත්ත ඔසවන වාරයක් වාරයක් පාසා දිලිසෙන හා නලියන රිදී පැහැ මසුන් ඉහළට ඇදී ආහ. ඔවුන්ගේ දෙපා පාමුල තිබූ හීනි දැල් මල්ලට මසුන් වරින් වර වැටුණු අතර මිතුරන් දෙදෙනා බොහෝ කලකට පසු තම සුපුරුදු විනෝදාංශයේ උපරිම ලෙස ගිලී සිටියහ.
හිරු රැස් ඔවුන් දෙදෙනාගේ පිටුපසට පතිත වී ඔවුන්ගේ පසුපස පෙදෙස් රත් කරමින් තිබිණි. ඔවුනට කිසිවක් ඇසුණේවත් ඔවුන් කිසිවක් සිතුවේවත් නැත. ඔව්හු ලෝකයම අමතක කොට මාළු බාමින් සිටියහ.
එක්‌වරම පොළව යටින් එන්නාක් බඳු බිහිසුණු පිපිරුම් ශබ්දයක් ඔවුන් හිඳ සිටි ගං ඉවුර ද දෙදරවමින් ඇසුණේ මිතුරන් දෙදෙනා පියවි සිහියට හෙළමිණි. කාලතුවක්‌කු. වහා හිස හරවා බැලු මොරිසෝට්‌හට දකින්නට ලැබුණේ ඈත ගං ඉවුරෙන් එහා කඳු මුදුනෙන් මතු වූ සුදු පැහැ දුමාරය ය. ඊ ළඟ මොහොතේ තවත් සුදු දුම් වළාවක් ඊට පිටුපසින් මතු වූයේ කළින් බඳු භයානක පිපිරීමක් ද සහිතවය. ඉන් පසු මිනිත්තුවෙන් මිනිත්තුව කන්ද සිය මරණීය සුදු දුමාර හුස්‌ම පිට කළේ භයානක ගෙරවිල්ල ද සමඟය.
සවුවා- මහතා උරහිස් හැකිලීය. "උන් ආයෙ ඇවිත්."
මොරිසෝට් මොහොතක් ගඟ දියෙහි උඩට හා යටට ඉපිලෙමින් තිබෙන බිලි පිති ඉපියාගෙන් දෑස් ඉවතට ගෙන කෝපයෙන් කඳු මුදුන දෙස බැලුවේය.
"එකාට එකා මරා ගන්නෙ මුන්ට පිස්‌සුද?"
"මුන් තිරිසනුන්ටත් වඩා අන්තයි" සවුවා- මහතා පිළිතුරු දුන්නේය. "ආණ්‌ඩුවත් යුද්දෙ නවත්වන්නේ නෑ"
"රාජාණ්‌ඩු කාලෙ වෙන රටවල්වලට විරුද්ධව යුද්ධ. දැන් ජනරජ ආණ්‌ඩුව සිවිල් යුද්ධ" මොරිසෝට් කීවේය.
ඉන්පසු දෙදෙනා සන්සුන් දේශපාලන සාකච්ඡාවක නිරත වූහ. සාමකාමී පුරවැසියන් ලෙස දෙදෙනා එකම මතයක සිටි අතර එම මතය වූයේ ඔවුන් කිසි දිනක නිදහස් නැති බවය. පර්සියානුවන් නිරන්තරයෙන්ම කාලතුවක්‌කු උණ්‌ඩ වලින් ප්‍රංශ ජනතාවගේ නිවාස කඩා බිඳ දැමූ අතර, ඔවුන්ගේ ජීවිත කුඩු කර දැමූහ. ඔවුන්ගේ සිහින පුපුරුවා දැමූහ. ඔවුන්ගේ භාර්යාවන්ගේ, දියණියන්ගේ, මෑණිවරුන්ගේ හදවත් නිමා නොවන විපතකට හෙළුෑහ.
"එවන් විපතක් " මොරිසෝට් කම්පාවෙන් පැවසීය.
එක්‌වරම ඇසුණු ශබ්දයකින් හැරී බැලු ඔවුනට දකින්නට ලැබුණේ වංශාධිපති සේවකයන්ගේ ඇඳුමෙන් සැරසුණු, උස, රැවුල්කාර, තොප්පි පැළඳ සිටි මිනිසුන් කිහිප දෙනෙකු ඔවුන් වට කර සිටි බවය. උන්ගේ රයිපල මාළු බාන්නන් දෙදෙනා දෙසට එල්ල වී තිබුණි.
මිතුරන් දෙදෙනාගේ අතින් ගිලිහුණු බිලී පිති ගඟ දියේ පාවෙන්නට විය.
ඊ ළඟ තත්පර කීපය ඇතුළත මිතුරන්ගේ දෑත් පිටුපසට කර ලණුවකින් ගැට ගසන ලද අතර බෝට්‌ටුවක් තුළට දමා ගෙන ලා මෙරෙන්තෙ වෙත ගෙන යන ලදහ. ඔවුන් සිතූ ලෙසම එම නිවස පිටුපස සොල්දාදුවන් පිරිසක් සිටියහ. ඒ අතර වූ දළ ලොමින් යුත් යෝධයකු බඳු එකකු පුටු අතර ඇවිදිමින්, දිග මැටි පයිප්පයක් උරමින් නියම ප්‍රංශ භාෂාවෙන් ඔවුන් ඇමතුවේය.
"හොඳයි මහත්වරුනි, හොඳට මාළු අසුවුණාද?"
එවිට එක් සොල්දාදුවකු මාළු පැස ප්‍රවේශමෙන් යෝධයාගේ දෙපා මුලට හෙලුවේය. පර්සියානුවා සිනාසුණේය.
"මට පේන හැටියට නරක නැහැ. නමුත් මේ ගැන අපිට කතා කරගන්න දෙයක් තිබෙනවා. බය නොවී මම කියන දෙයට හොඳින් සවන් දෙන්න. නුඹලා, මා ගැනත් මගේ ක්‍රියාකාරකම් ගැනත් සෙවීමට එවූ ඔත්තුකාරයන් බව මා හොඳින් දන්නා බව නුඹලා දැන ගත යුතුයි. සාමාන්‍යයෙන් මම කරන්නෙ එහෙම උන් අහු වුණාම වෙඩි තියල දාන එකයි. මාළු බානවා කියලා මාව රවට්‌ටනවට වඩා උඹලා ඇත්ත කියන එක වඩා හොඳයි. උඹලා මගෙ අතටම අහු වුණා. දැන් ඒකෙ විපාකය විඳපල්ලා. යුද්දෙ හැටි එහෙම තමයි.
නමුත් මම උඹලට යෝජනාවක් කරන්නම්. උඹලා මෙහාට ඇවිල්ලා ඉන්නෙ මායිම් මුරපොළ හරහා නිසා උඹලට ආපසු යන්නට මුර පදයක් තිබිය යුතුයි. ඒ මුර පදය මට කියාපල්ලා. එතකොට උඹලට කිසිම කරදරයක් නැතිව ගෙදර යන්න පුළුවන්."
මිතුරන් දෙදෙනා මරණය දුටුවා සේ සුදුමැළිව ගිය අතර දෑත් තරයේ අල්ලා ගෙන නිහඬව සිට ගෙන සිටියහ.
"එහෙනම් දෙන්නම දන්නෙ නෑ." නිලධාරියා යළි කතාව ඇරඹුවේය. "ඒක කිව්වොත් උඹලාට සංතෝෂෙන් ගෙදර යන්න පුළුවන්, රහසත් රැකෙයි. අකැමති වුණොත් ඒකෙ තේරුම මරණය. ක්‌ෂණික මරණය.. දෙකෙන් එකක් තෝරා ගනිල්ලා."
ඔවුන් නිශ්චලව සිට ගෙන සිටි අතර දෙදෙනාගේම තොල් සෙළවුණේ නැත.
පර්සියානුවා බොහෝ සන්සුන්ව ගං ඉවුර වෙත ඇවිද ගොස් ගඟ දෙසට අත දිගු කළේය.
"හොඳට කල්පනාවට ගනිල්ලා. තව මිනිත්තු පහකින් උඹලා මේ ගං පතුලෙ. තව මිනිත්තු පහකින්.. මං හිතන්නෙ උඹලා දෙන්නා හොඳ මිත්‍රයෝ."
මාළු බාන්නන් දෙදෙනා නිහඬවම සිටියහ. පර්සියානුවා සෙබළුන් දෙසට හැරී ඔවුන්ගේ භාෂාවෙන් කිසියම් විධානයක් නිකුත් කළේය. ඉන්පසු ඔහු පුටුව රැගෙන සිරකරුවන්ගෙන් මඳක් එපිටට ගමන් කළ අතර රයිපල රැගත් සෙබළුන් දොළොස් දෙනෙකු හඬ නගා ගණන් කරමින් පියවර විස්‌සක් පසුපසට ගොස් පේළියට සිට ගත්හ.
"මම උඹලට මිනිත්තුවක් දෙනවා." නිලධාරියා පැවසීය. "දෙකක් එහෙම නොවෙයි."
මඳක් කල්පනා කර වහා අසුනෙන් නැගී සිටි නිලධාරියා සිරකරුවන් දෙදෙනා වෙත ගොස් මොරිසෝට්‌ගේ බාහුවෙන් අල්ලා ඔහු මඳ දුරක් ඉවතට ඇදගෙන ගොස් පහත් හඬින් මෙසේ පැවසීය.
"ඉක්‌මනට මුරපදය කියපන්. උඹේ මිත්‍රයා මේ කිසි දෙයක් දැන ගන්නේ නැහැ. මම උඹලට අනුකම්පා කළා කියලා අඟවන්නම්."
මොරිසෝට් වචනයක්‌වත් පැවසුවේ නැත. නිලධාරියාද වචනයක්‌වත් නොපැවසූ අතර මොරිසෝට් ආපසු රැගෙන ගොස් සිටුවා, සවුවා- මහතාවද ඒ අයුරින්ම රැගෙන ගොස් එම යෝජනාවම කරන ලද්දේය. සවුවා- මහතාගෙන්ද පිළිතුරක් නොලැබුණු අතර නැවත දෙදෙනාව පෙළට සිටුවනු ලැබිණ.
මොහොතක නිහැඬියාවක් පැවතිණි. නිලධාරියා විධානයක් නිකුත් කළ අතර සොල්දාදුවන් රයිපල ඔසවා එල්ලය ගත්හ.
හදිසියේම මොරිසෝට් මහතාගේ දෑස් බිමට යොමු වූ අතර ඔහුට දක්නට ලැබුණේ ඔවුනට අඩි කිහිපයක් එපිටින් බිම පතිත වී තිබූ දැල් කූඩයෙන් ඉවතට පැමිණ සිටි, දෙදෙනාගේ ඇමට රැවටුණු මසුන් තොගය ය. තවමත් දඟලමින් සහ වෙව්ලමින් සිටි මත්ස්‍යයන් මතට බැස යන හිරුගේ අවසන් රැස් දහර වැටී උන් රිදී පාටින් දිළිසෙමින් සිටියහ. මොරිසෝට් මහතාගේ හදවත බර වී තිබුණි. දෑසට පිරුණු කඳුළු ඔහු නවතා ගෙන සිටියේ ආයාසයෙනි.
"සමු ගනිමු, මිත්‍රයා" ඔහු ගොත ගසමින් පැවසුවේය.
"සුබ සැන්දෑවක් මගේ මිත්‍රයා" සවුවා- පෙරළා පැවසීය.
ඔව්හු බියෙන් වෙව්ලමින් කිටි කිටියේ දෑත් මිරිකා ගෙන සිටියහ.
නිළධාරියා කෑගැසීය.
"ෆයර්"
උණ්‌ඩ දොළහක් පිට වූයේ එකම හඬකිනි.
සවුවා- මහතා ක්‌ෂණිකව ඉදිරියට වැටුණු අතර මොරිසෝට් මහතා මඳක් පැත්තකට නැවී මිතුරාගේ සිරුර හරහට උඩුබැලිව පතිත විය. පපුව අසලින් ඉරුණු කබායේ සිදුරකින් නොකඩවා රුධිරය ගලා ගිය අතර විවරව තිබූ මොරිසෝට් මහතාගේ දෑස එක එල්ලේ අහස දෙසට යොමුව පැවතුණේය.
ඉන්පසුව පර්සියානුවා විසින් තවත් විධානයක් නිකුත් කෙරිණි.
වහා ක්‍රියාත්මකව විශාල කළු ගල් කිහිපයක් හා කඹ රැගෙන පැමිණි සොල්දාදුවන් ඒවා මිතුරන්ගේ දෙපාවල ගැට ගසා ගං ඉවුර වෙතට ඔවුන්ව ඔසවා ගෙන යනු ලැබිණ.
ඒ වනවිටත් කඳු මුදුනින් කාල තුවක්‌කු වෙඩි හඬ නොකඩවා ඇසුණු අතර දුම් වලාවන්ගෙන් වැසී තිබුණි.
සොල්දාදුවන් දෙදෙනෙකු විසින් මොරිසෝට් මහතාගේ සිරුර හිසෙන් හා පාද වලින් ඔසවා ගත් අතර තවත් දෙදෙනෙකු එසේම සවුවා- මහතාගේ සිරුරද ඔසවා ගන්නා ලද්දේය. ශක්‌තිමත් දෑත් වලින් එසැවුණු සිරුරු දෙක කිහිප විටක් දෙපසට පද්දා ඉවුරෙන් අඩි කිහිපයක් පහතින් ගලා ගිය ගං දිය මතට වීසි කරන ලදී.
ඉහළට නැඟුණු ජල රැල්ලක් යළි පතිත වූ අතර සුළියක් සමඟින් මතු වූ පෙණ දහරකින් ගං දිය නැවත නිශ්චල විය. එසැණින් පැතිරුණු තරංග මාලා කිහිපයක රුධිරය මිශ්‍ර වෙමින් තිබිණි.
නිලධාරියා හැරී නිවස්‌නය දෙසට ගමන් කළ අතර බිම තැන තැන දඟලමින් සිටි රිදී පැහැ මත්ස්‍යයන් දැක එක්‌වරම හඬක් නැගීය.
"අහා. අර මාළු."
කෲර සිනාවක් පෑ හෙතෙම මහ හඬක් නැඟීය. "විල්හෙල්ම්"
නිල ඇඳුමට උඩින් සුදු පැහැ ඒප්‍රනයක් දමා ගෙන සිටි සොල්දාදුවෙකු නැගී සිටියේය.
"මේ මාළු ටික බැදලා අරං වරෙන්. අපරාදෙ. අරුන් දෙන්නා සිටියා නම් මට නියම මාළු පිඟානක් හදලා දෙනවා."
ඉන්පසු ඔහු යළිත් දිගටම පිඟන් මැටි පයිප්පය උරන්නට විය.
කුණු මස් බුදින්නෝ (කෙටි කතාව)
(වියට්‌නාම් ලේඛක න්ගුයෙන් කොන්ග් හොආන් Nguyun Cong Hoan (1903-1977) න්ගුයෙන් කොන්ග් හොෂාන් වියට්‌නාමයේ වැන්ග් ගියාන්ග් දිස්‌ත්‍රික් වාසියෙකි. ගමේ ගුරුවරයකු වූ ඔහු ලේඛන කටයුතු ආරම්භ කළේ 1920 දීය. 1945 වනවිට ඔහු යථාර්ථවාදී නවකතාකරුවකු ලෙස ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුවේය.)
සිංහල අනුවාදය - බොබී පී. බොතේජු විසිනි
ඔහුගේ මරණය සිදුවූයේ ප්‍රථම වරට බැවින් තමා කළ යුත්තේ කුමක්‌දැයි ක්‍ෂිත් (Xich) දැන නොසිටියේය.
ඔබ අපේ නගරයේ වාසය කරන කෙනෙක් නම්, කපටියෙක් නම්, ඔබ මේ ලෝකය හැරයැමට තීරණය කරන්නේ සිකුරාදා රාත්‍රියේය. එවිට ඔබගේ බිරිඳට සහ දරුවන්ට පුවත්පත් දැන්වීමක් පළ කර නෑදැ හිතවතුන්ට දන්වා අවමංගල උත්සවය ඉරිදා දින සිදු කළ හැකිය. ගමේදී නම් හදිසි අනතුරකදී නොවුවහොත් බුද්ධිමත් මිනිස්‌සු ඉරිදා සහ උත්සව දින තෝරා නොගනිති. මන්ද යත් මේ දිනවල බාධාවකින් තොරව මරණ පරීක්‍ෂණය සිදු කරවා ගත හැකි බැවිනි.
අවාසනාවකට මෙන් කෙනෙක් දෙවරක් නොමැරෙති. එබැවින් අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගත නොහැකිය. මේ නිසා බොහෝ මිනිස්‌සු මේ කාරණයේදී මෝඩයන් මෙන් වැරදි සිදු කරති.
සරල නොදියුණු ගැමියකු වූ ක්‍ෂිත්ව (Xich) නිදසුනකට ගත හැකිය. ඔහු කිසිදු හේතුවක් නැතිව සතියකට පෙර සෙනසුරාදා රාත්‍රියේ දියේ ගිලුණි.
එය සිදුවූයේ මෙසේය.
ඔහුගේ පියා කූ (Cuu) මහල්ලා ගමේ උණ බම්බු වැටට එපිටින් පිහිටි නෙළුම් පොකුණ කුලියට ගත්තේය. ඔහු තම පුතාගේද උපකාරයෙන් පොකුණ මැද ලී කණු සිටුවා මඩුවක් තැනුවේය. නෙළුම් පොකුණ හොරුන්ගෙන් බේරා ගැනීම සඳහා පියාත් පුතාත් මාරුවෙන් මාරුවට එම මඩුවේ නිදා ගත්හ.
එම විශේෂ වූ සන්ධ්‍යාවේ ක්‍ෂිත් (පුතා) සමාජ ශාලාවට ගොස් තම මිත්‍රයන් සමඟ වීදුරු කීපයක්‌ම පානය කළේය. හිරු බැස යැමෙන් පසු නිවසට පැමිණි ඔහුට මුර රාජකාරිය සඳහා මඩුව වෙත යන ලෙස ඔහුගේ පියා උපදෙස් දුන්නේය.
ඔහු දිය බඳුනක් සහ කොට්‌ටයක් රැගෙන වැනි වැනී බොහෝ දුර ගමන් කළේය.
පසුදින උදැසන ඔහු නිවසට නොපැමිණියේය. උදැසන අට වනවිට පොකුණේ කෙළවරකට වන්නට ඔහුගේ මළ සිරුර දිය මත පාවෙමින් තිබෙනු දක්‌නට ලැබිණ.
ඔහුගේ මරණය පිළිබඳව විවිධ අදහස් පළවූ අතර ඉන් කාරණා දෙකක් පමණක් සත්‍යය ලෙස පිළිගැනිණ.
ඔහුගේ මත් ගතිය නිසා ඔහුට උණ බම්බු වැට අල්ලා ගෙන පැමිණීමට නොහැකිවූ නිසා ඔහු ගැඹුරු ජලයට වැටුණ බව ඉන් පළමු අදහස විය.
දෙවැනි උපකල්පනය වූයේ මත්පැන් බීමෙන් පසුව ඇතිවූ මත්ගතිය නිසා නින්දෙන් දඟලද්දි ඔහුව ජලයට වැටෙන්නට ඇති බවයි.
කෙසේ වෙතත් පුද්ගලික හේතුවක් මත ඔහු දිවිනසා ගත් බවට පැතිර ගිය අදහසද නිහඬ කිරීමට නොහැකි විය. මිනීමැරුමක්‌ද යන්න පිළිබඳව පවා රහසේ කතාබස් කෙරිණ.
කුතුහලයෙන් යුතු වූ ගමේ සැළකිය යුතු අය ඊට පෙර දින රාත්‍රියේ පියා සහ පුතා අතර වාදයක් ඇතිවූවේද යන්න පිළිබඳව අසල්වැසියන්ගෙන් ප්‍රශ්න කර සිටියහ. මළ සිරුරේ සම්පූර්ණ විස්‌තරය පිළිබඳව ඔවුහු දැඩි සැළකිල්ලක් දැක්‌වූ අතර දරුණු අපරාධයක් පිළිබඳ සුළු සළකුණක් හෝ තිබේදැයි බැලීමට විමසිලිමත් වූහ.
මේ අනතුර පිළිබඳ ප්‍රවෘත්තිය සැලවූ වහාම මුළු ගමම නෙළුම් පොකුණ වෙත පැමිණීම ස්‌වභාවිකය. මේ අපූරු තරුණයාගේ මරණය හැමගේම කනස්‌සල්ලට හේතු විය. දියේ ගිලෙමින් සහ පෙරලෙමින් තිබූ මළසිරුර දැකීමෙන් කඳුළක් නොසලා සිටීමට කිසිවෙකුට නොහැකි විය.
ක්‍ෂිත්ගේ මව වූ කු මහත්මිය පොළවේ හැපෙමින් වැළපුණාය. කිහිප විටක්‌ම ඇය ජලයට පැන තම පුත්‍රයාගේ සිරුර ඔසවාගෙන ඒමට තැත් කළත් අවට සිටි මිනිස්‌සු ඇයව වැළැක්‌වූහ. තම පුත්‍රයාගේ සිරුර ගොඩ ගෙන ඒමට තහනම් කළ ගමේ නායකයන්ට ශෝකයෙන් සිටි ඇය ශාප කළාය. නරඹන්නන් දෙස බලමින් ඇය ඉකිගසන්නට වූවාය.
"මගෙ හදවත පැලෙන්න යනවා" ඇය විලාප දුන්නාය. "හදවත පැලෙන්න යනවා".
තමන්ට හැකි අයුරින් ඇයව සැනසීමට අසල්වැසියෝ උත්සාහ කළහ.
"මුලාදැනියා ඇවිත් පරීක්‍ෂණ අවසන් කරල වාර්තාව සකස් කරනකම් ඉවසන්න. ඊට පස්‌සෙ ඔහෙට හිතේ හැටියට ලොකු අවමංගල උත්සවයක් පවත්වන්න පුළුවන්. ඒත් දැනට ඔහුගේ සිරුර අල්ලන්න එපා. ඔහුගෙ සිරුර ජලයෙන් ඉවත් කළොත් බැරිවෙලාවත් ඔහුගෙ සිරුරේ සළකුණක් ඇතිවුණොත් එතකොට මුලෑදැනියා ඔහෙට අවමංගල්‍යය තියන්න ඉඩ දෙන එකක් නැහැ. මිනිය ගොඩබිමේ තිබුණොත් ඔහු දියේ ගිලුණයි කියල ඔහු විශ්වාස කරන එකක් නැහැ".
"ඒත් ඇයි ඔහු මගෙ පුතාව වළලන්න ඉඩ දෙන්නෙ නැත්තෙ?"
"ඇයි? ඇයි කියන්නේ වෛද්‍යවරයකු ලවා මළසිරුර පරීක්‍ෂා කරවන්න අවශ්‍ය නිසා. ඒකට කාලය ගතවෙනවා. තේරුණාද?"
කු මහත්මිය නාසය සහ ඇස් පිසදමා ගසක සෙවන යට තබා තිබූ හිස් මිනී පෙට්‌ටිය අසලින් වාඩිවූවාය. තමාගේ පුතාව වළ දැමීමට අවසර ලැබෙන තෙක් ඇය බලා සිටියේ වෙළෙඳ පලට ගිය තම මව ආපසු පැමිණෙන තෙක් බලා සිටින දරුවකු මෙනි.
මුලාදැනියාට දැන්වීමට උදැසනම කෙනෙක් පිටත්ව ගියේය. දැනටමත් මධ්‍යහ්නය පසුවී ඇත. එහෙත් පණිවිඩකරු ආපසු පැමිණ නැත. දිස්‌ත්‍රික් නගරය එතරම් දුරකින් නොපිහිටියත් ඔහු බොහෝ වෙලාවක් ගතවීත් නොපැමිණීම නොවිසඳුන ගැටලුවක් විය.
සවස එක, දෙක සහ තුන පසුවුවත් ඔහු ආපසු නොපැමිණියේය.
කු මහත්මියට තවදුරටත් ශෝකය පාලනය කර ගත නොහැකිවූ අතර අඬන්නට කඳුළුද ඉතිරිව නොතිබිණ. ඇය නැගිට හිස් මිනී පෙට්‌ටිය වටා ගොස් නැවත පොකුණ දෙසත් බලා පැමිණ දණහිස් දෙක අතර හිස රුවාගෙන මුලාදැනියාගේ පැමිණීම හඟවන මෝටර් රියේ නලා හඬ ඇසෙන තෙක් බලා සිටියාය.
වරින්වර ඇය තිගැස්‌සී හිස සැලුවාය. අනතුරුව සුසුම් හෙළුවාය. ඒ හීන් හඬ ඇසෙන්නේ ළඟම ඇති හාල් මොලෙනි.
ග්‍රීෂ්ම හිරුගේ රැස් දැඩිව දැනිණ. මළසිරුරේ පෙනුම වෙනස්‌වන්නට විය. පිටතට විහිද තිබූ අතපය හැකිලෙන්නට විය. හිසකෙස් හිස වටා පාවෙන්නට වූ අතර එය මෑ පැලයක මුල් විහිද ඇති ආකාරයෙන් දිස්‌විය. පොකුණේ ජලය උස පහත් වූයේ දුනු සහිත මෙට්‌ටයක් (spring bed) උස් පහත්වන ආකාරයෙනි.
අනතුරුව මළසිරුර අනිත් පැත්තට පෙරලුනි. ජීවත්ව සිටි කාලයේ ශාන්ත පුද්ගලයකු වූ ක්‍ෂිත්, ඉදිමුණු කම්මුල්, පිම්බුන මුහුණින් සහ විශාල බඩකින් යුත් හරකකු මෙන් වේ යෑයි සිතුවේ කවුද? ඔහුගේ ඇස්, කන් දක්‌වාම ඇදී ගොසිනි. දඟර ගැසී ගිය අතපය සහ විකෘතව ගිය සිරුර දෙස බැලීමෙන් ඕනෑම කෙනෙකුගේ ඇඟ කිළිපොලා යයි. මේ වනවිට සානුකම්පිත ප්‍රේක්‍ෂකයෝ ක්‍රමයෙන් තුනීවන්නට විය. පොකුණ අසල සිටගෙන සිටීමට ධෛර්යය ඇති කිසිවෙකු නොවීය. එම ස්‌ථානය පසුකරගෙන යැමට සිදුවූ අය පන්කොළ තොප්පියෙන් මුහුණ වසාගෙන නාසය තද කරගෙන එම ස්‌ථානය පසුකොට ඈතට ගොස් පිළිකුලෙන් කෙළ ගැසූහ.
නිවසේ නතර වූ කු මහතාද ඔහුගේ බිරිඳ මෙන් බලවත් චිත්ත පීඩාවෙන් පසුවූයේය. ඔහු අඩක් මියගිය තත්ත්වයෙන් පසුවුවද තම සංවේගය පළ කිරීම සඳහා නිවසට පැමිණෙන හිතවතුන් වෙනුවෙන් නිවස විවෘතව තබා ගැනීමට බැඳී සිටියේය.
ඉඩක් ලැබුණ හැමවිටකම ඔහු තම ශරීරයේ බර ඇඳ මත තබා තම හදවතේ වූ ශෝකයේ බර හා කඳුළු හිස්‌කර ගැනීමට උත්සාහ කළේය. පොකුණ අසබඩ සිටින තම මහලු බිරිඳ පිළිබඳවද ඔහු කරදර වීය. ඇය ගැන පරීක්‍ෂාවෙන් නොසිටියහොත් ශෝකය නිසා බොහෝවිට ඇය ජලයට පැනීමට ඉඩ ඇත. එවැන්නක් සිදුවුවහොත් ඔහුට බරපතළ ශෝක දෙකකට මුහුණ දීමට සිදුවන අතර කිසිදු සැනසුමක් නොලැබෙනු ඇත.
නෑදැයෝ පැමිණ අවමංගල කටයුතු සූදානම් කළහ. මියගිය තැනැත්තාට ගරු කිරීම සඳහා කුඩා අල්තාරයක් සකස් කොට කුඩා ඉටිපන්දම් දෙකක් සවි කිරීමට කෙනෙක් කටයුතු කළේය. අනෙක් අය අවමංගල පෙරහැරේ යන සංගීත කණ්‌ඩායම සඳහා සුදු රෙදිවලින් හිස් වැසුම් සකස් කළහ.
අන්තිමේ අපට දැනගන්නට ලැබුණේ එදින ඉරිදාවක් බැවින් මුලාදැනියා කාර්යාලයට නොපැමිණි බවයි. ඔහු ඊට පෙරදින පාන්දර හතර වන තෙක් හැනෝයි නගරයේ ආලිංගන නැටුමකට සහභාගි වී ඇත. ඉරිදා හැන්දැවේ සෑම කාර්යාලයක්‌ම වසා දැමීමට නියමිතය. මේ බව දැනගත් මහලු කු ඇස් පියාගෙන මහ හඬින් මොර දුන්නේය. ඒ මොහොතේම පොකුණ අසල සිටි ඔහුගේ බිරිඳ ක්‌ලාන්තව ඇද වැටිණ. මුළු ගමම බලා සිටියහ.
සියලු සූදානම් කිරීම් සම්පූර්ණ විය. නෑදැයෝ සහ ඔවුන්ගේ පවුල්වල අය පසුදින පැමිණීමේ පොරොන්දුව පිට තම තමන්ගේ නිවෙස් බලා ගියහ. අනෙක් අය ක්‍ෂිත් අවසන් නින්දට යෑමට නියමිත ස්‌ථානය කරා ගෙනයන අවමංගල පෙරහැරේ මළ බෙර හඬ ඇසෙන තෙක් තම තමන්ගේ වැඩවලට ගියහ. කු තම බිරිඳ කැටුව ඒමට ගියේය. මහලු දෙමව්පියෝ මරණ පරීක්‍ෂණය සඳහා මුලෑදැනියා එනතෙක් බලා සිටීම සඳහා බට පැදුරක් එලාගෙන ඒ මත වාඩිවී බලාගෙන සිටියහ.
හිස් මිනී පෙට්‌ටියට සරදම් කරන්නාක් මෙන් මළසිරුර පැයෙන් පැය ඉදිමෙන්නට විය.
ස්‌වභාව ධර්මයේ වැදගත් සිදුවීමක් අපේක්‍ෂාවෙන් සියල්ලෝම සන්සුන්ව සිටියහ. බැසයන හිරුගේ දැඩි උණුසුමට ගස්‌වැල් කිසිසේත්ම ඇහුම් කන්දෙන තත්ත්වයක පසු නොවීය. මේ නිහඬතාව සහ පාළුව මැද ඇවිස්‌සුණ මාළු සහ මැසි මදුරු කැළ මළසිරුර වටා පොදිකන්නට වූහ. සැන්දැ වනවිට පිළිකුල් සහගත දුගඳක් අවට සිසාරා පැතිර යන්නට විය.
පියාපත් විහිදාගෙන පැමිණි කපුටෙක් උණ පඳුරේ නැවෙන අත්තක ලැගුම් ගත්තේය. ඌ පියාපත් නටවමින් සමබරතාව රැක ගැනීමට උත්සාහ කළේය. පහත පෙනෙන දේ දෙස ඌ ආශාවෙන් බලා සිටියේය. ඒ සමගම තවත් කපුටෙක් ඌට එක්‌විය. උන් එක්‌ව හඬ නගන්නට වූයේ අතිරේක බල ඇණි කැඳවීමට මෙනි. ඊට පිළිතුරු වශයෙන් තවත් කපුටෝ පැමිණියහ. එකෙක් පියාඹා ගොස් ක්‍ෂිත් ගේ උදරය මත වැසුවේය. සියල්ල සන්සුන්ව පවතින බව පෙනී ගිය හෙයින් සියලු කපුටෝ එතනට පියාසර කර මළසිරුරට පහර දෙන්නට වූහ. ඔවුන්ගේ තියුණු හොටින් ඇන සිරුර ඉරා දමන්නට වූහ.
මේ ආකාරයෙන් ක්‍ෂිත් මාළුන්ගේ, මැසි මදුරුවන්ගේ සහ කපුටන්ගේ හිතවතකු බවට පත්විය. භයානක තර්ජනයක් විය හැකිව තිබූ ඔහුගේ අවයව සහ මුහුණේ බිය ජනක පෙනුමින් කිසිදු ඵලක් නොවීය. සත්තු ඒවා ගණනකට නොගත්හ.
පසුදින පෙරවරු නවය වන තෙක්‌ම මුලාදැනියාගේ මෝටර් රථයේ නලා හඬ නොඇසිණ.
බියට පත් කපුටෝ ඉවතට පියාඹා ගියහ. මැසි මදුරුවෝද ඉවතට ගියහ. පුංචි මාළුවෝ පොකුණේ පතුලට කිඳා බැස්‌සහ.
පොකුණ වටා දිස්‌ත්‍රික් ප්‍රධාන මුලාදැනි (Monsieur Mandarin) ලි ට්‍රී හුයෙන් මහතා, (Mr. Le Tri Huyen) ඔහුගේ ප්‍රධාන ලිපිකරු සහ පොලිස් නිලධාරියකු මහත් උජාරුවෙන් රැස්‌වී රාජකාරි ආරම්භ කළේ කෙළ ගසමිනි.
පොලිස් නිලධාරියා කෝටුවක් ගෙන සිරුර අනිත් පැත්ත පෙරලුවේය. මුලාදැනියා එය පරීක්‍ෂා කර තම නිරීක්‍ෂණයන් කළ අතර ප්‍රධාන ලිපිකරු ඒවා සටහන් කර ගත්තේය. ඔවුන් වටා ගමේ වැදගතුන්, මහලු දෙමව්පියන් සහ ඔවුන්ගේ දරු මුණුපුරන් සහ ගම්මු නිහඬවම බලා සිටියහ. ඔවුන් අත් බැඳගෙන සිටියේ ගරු කිරීම ඇඟවීමේ අටියෙනි.
ඔවුන් කෙළ ගසමින් සිටි අතර ඔවුන්ගේ ඇස් මළසිරුර වෙතින් ඉවතට නොගියේය. සමහරෙක් සුසුම් හෙලූහ. තවත් සමහරු තම ඇස් කොන්වල රැස්‌වූ කඳුළු පිස දැමූහ.
පරීක්‍ෂණය අවසන් විය. ප්‍රේක්‍ෂකයන්ව විසුරුවා හරින ලෙස මුලාදෑනියා පොලිස් නිලධාරියාට නියෝග කළේය. එහි පැවැති සංවේගජනක තත්ත්වය සළකා මුලාදෑනියා කරුණාවන්ත ලෙස කු මහතා ඇමතුවේය.
"අරේ... මේ පොකුණෙ මාළු සහ නෙළුම් විකුණල අවුරුද්දකට කීයක් විතර ආදායමක් ලබනවද? පියාට්‌සර් (piastres) (වියට්‌නාම් මුදල් ඒකකයක්) පන්සීයක් විතර?"
අනතුරට කිසිදු සම්බන්ධයක් නැතත් මෙම ප්‍රශ්න කිරීමට තරමක් පසු බෑ කු මහතා කෙසේවුවත් පිළිතුරක් දුන්නේය.
"ඔව් මුලාදැනි මහත්තය" (Monsieur Mandarin)
"උඹ මාවු විස්‌සක (මාවු එකක් හතරැස් මීටර් 3600 කි) කුඹුරක් වැඩ කරනවා?"
"විසිදෙකක මුලාදැනි මහත්තයා" (Monsieur Mandarin)
"මේ ගැන මම ඇහුවේ උඹගෙ මුදල් තත්ත්වය ගැන මම හොඳාකාරවම දන්න බව උඹට පෙන්නා දෙන්න. මළසිරුර සම්බන්ධයෙන් කියනවා නම් මට කණගාටුයි උඹට දැනුම් දෙන්න අද මළසිරුර භූමදානය කරන්න මට අවසර දෙන්න බැරි බව".
"මට බොහොම සැක සහිත දේවල් නිරීක්‍ෂණය වුණා. ඒක නිසා මගෙ වගකීම ප්‍රාදේශීය නිලධාරියාට දැනුම් දීල වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම".
හදිසි අකුණු ගැසීමකට මුහුණ දුන්නාක් මෙන් කු මහල්ලා වෙව්ලන්නට විය. ඔහුගේ මුහුණ වේදනාවෙන් රැලි ගැසුණේය.
"අපට අනුකම්පා කරන්න මුලාදැනි මහත්තය" (Monsieur Mandarin)
"එයා සමහරවිට සියදිවි නසාගෙන ඇති. ඒත් ශල්‍ය වෛද්‍යවරයා සිරුර විවෘත කරල විස්‌තරයක් ලබාදීම අවශ්‍යයි".
කු මැහල්ල තම මුහුණ වසාගෙන වේදනාවෙන් මොර දුන්නාය.
"මගෙ අසරණ දරුවෝ...."
තම දරුවාගේ ඉදිමුණු සහ නරක් වූ සිරුර ගැන කියමින් විලාපදෙන මවගේ දර්ශනය බැලීමට සැවොම රැස්‌වූහ.
කෙසේ වෙතත් මුලාදැනියාගේ සන්සුන් මුහුණට කිසිදු බලපෑමක් ඇති කිරීමට මේ කඳුළු සමත් නොවීය. ඔහු මෙහි සිටින්නේ නීතිය නියෝජනය කිරීමටයි. ඔහු තමාත් ලෙයින් සහ මසින් සැදුණ සත්වයකු බව නොසිතුවේය. නොසෙල්විය හැකි තඹ හෝ ගල් පිළිමයක් මෙන් හෙතෙම සිටියේය. මවගේ වේදනාත්මක විලාපයෙන් හෝ කඳුළුවලින් හෝ පියාගේ කන්නලව්වලින් කෙරෙන බලපෑම්වලට ඉඩක් නොවීය. ගල් සහ තඹවලට වඩා තද ගතියෙන් අඩු එහෙත් ගල්වලට සහ තඹවලට වඩා තියුණු දේවල්ද නැතිවා නොවේ. කු මහල්ලා ළඟද ඒවායින් ටිකක් ඇත... ඒ නම් මුදල්ය....
නරක්‌වෙන මළසිරුර දෙස බලමින් ගැඹුරු කල්පනාවක නිරතව සිටින මුලාදැනියා දෙස බලමින් කු ධෛර්යය උපදවාගෙන බැගෑපත් ලෙස ඇමැතුවේය.
"මුලාදැනි මහත්තය, අපේ දුප්පත් නිවසට විවේක ගන්න එන්න කියල ආරාධනය කරනවා. කරුණාකර ඒ ආරාධනය බාරගන්න".
"එහෙම බලාපොරොත්තු වෙනවද?" ඒ මොහොතේ මුලාදැනියා මැස්‌සන් එලවීම සඳහා තම අත ඔසවනු පෙනිණ, ඔහු පිළිකුලෙන් කෙළ ගසා පිළිතුරු දුන්නේය.
"බොහොම කැමැත්තෙන් බාරගන්නවා, මේ දර්ශනය බලාඉන්න බැහැ. මේ සිරුර මැස්‌සන්ගෙන් වැහිලා. හොඳටම ඉදිමිලා. කපුටන් සහ මාළු වට කරගෙන ඉන්නවා" එහෙත් මළසිරුර කපා පරීක්‍ෂා කරන තෙක් මිනි පෙට්‌ටියේ තැබිය හැක්‌කේ කීයටදැයි ඔහුට හරියටම කිව නොහැකිය.
ඔවුන් කුගේ නිවස බලා යන අතර මුලාදැනියා තම ලිපිකරු සමඟ කතා කළේය.
"මගෙ අදහස අනුව නම් මේක මිනීමැරුමක්. අපට වාර්තාවුණ හැටියට හදිසි අනතුරක් නොවෙයි".
මුලාදෑනියා පසෙකින් ගමන් කළ කු මහතා ගෞරවයෙන් යුතුව ඔහුව ඇමැතුවේය.
"මුලාදෑනි මහත්තය මගෙ අසරණ කොල්ල වෙනුවෙන් මම සාක්‍ෂිකාරයෝ කැඳවන්නම්. මම කවදාවත් බොරු කියන්නෙ නැහැ. මම කිසිවක් සඟවනවා නම් මම සූදානම් ඕනෑම වද වේදනාවක් දඬුවමක් විඳින්න. මම බැගෑපත්ව ඉල්ලා සිටිනවා මගෙ පුතාව වළලන්න අවසර දෙන්න. මම මගෙ කළගුණ පෙන්වන්නම්.
මුලාදැනියා තම මුහුණ කු දෙසට හැරවූයේය. ඔහුගේ හැඟීම් ශාන්තවී ඇත. ඔහුට කු ගේ හැඟීම් වටහාගත හැකිය.
"මට සිදුවුණ කරදරවලට උඹගෙන් ලැබෙන කළ ගුණ සැළකීම කොච්චරද?" ඔහු මෘදු ලෙස විමසුවේය.
"පියාට්‌සර් (piastres) දහයක් මුලාදැනි මහත්තය" (පියාස්‌ටර් යනු වියට්‌නාමයේ මුදල් ඒකකයකි)
"ආ... මේ බලපන් මට දැන්ටමත් පියාස්‌ටර 10 ක් පෙට්‍රල්වලට වියදම්" මුලාදැනියා සිනාසෙමින් කීවේය.
ලිපිකරු තම අදහස කීමට ඉදිරිපත්විය. "ඒක සැළකිය යුතු මුදලක් වෙන්න එපායෑ මුලාදැනිතුමනි" අනතුරුව කු දෙසට හැරී දෝෂාරෝපණය කරන්නට විය.
"මේ බලාපන්. උඹට වාසනාව තියෙනව නම් උඹගෙ කළගුණ සැලකීම පියස්‌ටර් සියයකට වැඩි කරන්න පුළුවන්. එතකොට උඹගෙ පුතාව ගෞරවනීය විදියට වළලන්න ඉඩ ලැබෙනවා. මේක සාමාන්‍ය දෙයක්. මුලාදැනිතුමනි, මෝඩයෝ සේරම සූදානම් කරල, ඒත් ගාස්‌තුව ගැන හිතල නැහැ".
මහලු කු රවා බලමින් ලිපිකරුගේ කනට කෙඳිරුවේය.
"මා වෙනුවෙන් මුලාදැනිතුමාට කතා කරන්න. මට පියාස්‌ටර් සියයක් දෙන්න නම් අමාරුයි. එතුමා පියාට්‌සර් (piastres) පනහක් බාරගන්නවා නම්...?
මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන බවත් තවත් කිසිවක් එකතු කිරීමට ඉඩ නොදෙන බවත් අඟවන බැල්මක් ලිපිකරු තම නෙරාගිය ඇස්‌වලින් හෙළුවේය.
"උඹලව විශ්වාස කරන්න බැහැ".
ඔහු කු වෙත නැවී පහත් හඬින් කතා කළේය.
"මිත්‍රයෙක් වශයෙන් මම හොඳම දේ කරන්න පොරොන්දු වෙන්නම්. ඒත් එයාට අසූවයි මට දහයයි".
"ඒත් ඇත්තටම මා ළඟ එච්චර මුදලක් නැහැනේ".
"කමක් නැහැ. උඹගෙ වචනෙ විතරක් ඇති. පස්‌සෙ ගෙවන්න පුළුවනි. මම උඹ වෙනුවෙන් ඇප වෙන්නම් - නොවැදගත් උපකාරයක් - පොඩ්ඩක් හිතපන්. උඹගෙ හදවගේ ඉඩ තියෙනවද උඹගෙ පුතාව මේ විදියට තියන්න".
කු සුසුමක් හෙළුවේය.
කු ආපසු හැරී තම බිරිඳ දෙස බැලුවේය. ඇය ශෝක වේදනාවෙන් පොළවේ හැපෙන්නීය. ඔහුට තවදුරටත් කඳුළු සඟවා ගත නොහැකිය. එම නිසා තවදුරටත් හෙට්‌ටු කිරීමට උත්සාහ කළේය. අන්තිමේ පියාට්‌සර් (piastres) විස්‌සක් ගෙවීමට කැමැත්ත ලබා ගත හැකිවිය.
අඩ පැයකට පසු මැසි මදුරුවෝ, මාළු සහ කපුටෝ හදිසියේම තම බලාපොරොත්තු කඩකර ගත්හ. දිස්‌ත්‍රික් ප්‍රධාන මුලාදැනි (Monsieur Mandarin) ලී ට්‍රී හුයෙන් මහතා තමන්ගෙ ගොදුර පැහැරගත් බව උන් දැන්ගන්නේ කෙසේද?
නිදි මත (කෙටි කතාව)
(ඇන්තන් චෙකොව්ගේ කතාවක ඡායානුවාදයකි)
නන්දසේන හේරත්
එය නිසල රැයකි. සුමනා නම් වූ කුඩා මෙහෙකාර දැරිය තොටිල්ල පදවමින් සිටියි. ඇගේ වයස අවුරුදු දොළහක් පමණ වේ. තොටිල්ලේ සිටි බිලිඳාට අවුරුද්දකට වඩා වයස නැත. දැරියගේ මුවින් පිටවන්නේ ඉතා සියුම් නැළවිලි ගී හඬකි. අඳුරු රැයේ පැවති නිසලතාව බිඳිමින් එම ගී රාවය කාමරය තුළ රැව් දෙයි. එහෙත් එය කාමරයෙන් පිටතට ඇසෙන්නේ නැත.
දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
පුතේ උඹේ ලොකු අම්මා
අතේ වළල්ලක් දැම්මා
කුඩා ලන්තෑරුමක් අසල වූ මේසය මත ඇත. එහි එළිය ඉතා අඩුය. මුළු කාමරයම අඩ අඳුරකින් වැසී පවතී. කාමරයේ එක් පසෙක සිට අනෙක් පස දක්‌වා වැටී ඇති රෙදි වැලෙහි කලිසමක් හා කුඩා දරුවාගේ ඇඳුම් කීපයක් එල්ලා ඇත. එම ඇඳුම්වල අඳුරු සෙවණැලි බිත්තියෙහි, තොටිල්ලෙහි හා දැරියගේ සිරුර මත වැටී ඇත. මඳ සුළඟින් ලෙළෙන පහන්සිල නිසා එම අඳුරු සෙවණැලිවලට ජීවය ලැබේ. තොටිල්ල පැද්දෙන විට ඒ මත හා සුමනාගේ සිරුර මත වැටුණ අඳුරු සෙවණැලි රිද්මයකට අනුව ඒ මේ අත සැලේ. එය හමා එන සුළඟේ බලවේගයක් වැනිය.
ටික වේලාවකට පසු දරුවා ඇහැරී හඬයි. එම හැඬීම නො නැවතී පවතී. බොහෝ වේලාවක් හැඬීම නිසා දරුවා වෙහෙසට පත්වී ඇත. ඔහු කොපමණ වේලා හඬනු ඇද්දැයි කිසිවෙක් නොදනිති. දැරිය දරුවා නැළවීමට උත්සාහ කළද ඇයට තදින් නිදිමත දැනේ. මොහොතකින් දෑස් පියවී ඈ නිදි කිරා වැටීමට පටන් ගනී. ඇගේ හිස පහතට එල්ලී ඇත. බෙල්ල දිගේ කිසියම් වේදනාවක් ගමන් කරනු ඈට දැනේ. ඈට ඇසිපිය හෝ තොල් හෝ සෙලවිය නොහැක. ඇගේ මුළු සිරුරම ලීයෙන් කළාක් වැන්න.
නැතේ කාසි නොව නිම්මා
පුතා නාඩා දොයියම්මා
දැරියගේ ගී හඬ නැවතත් සියුම්ව නැගේ. එහෙත් යාබද කාමරයේ නිදන ගෙහිමියා හා ස්‌වාමි දුව නින්දෙන් ගොරවන හඬ ඇගේ ගීතයට බාධාවකි.
ඉගිළෙන පළඟැටියෙක් කීප වරක්‌ම මේසය මත වූ ලැන්තෑරුමේ චිමිනියට පනී. ඌ නිශ්ශබ්ද වන්නේ උගේ තටු සිඳුණ පසුවය.
සුමනා තොටිල්ල පදවන විට ඉන් නැගෙන්නේ ඉතා සිහින් හඬකි. එය ලෙඩකුගේ කෙඳිරියකට සමාන ය. එම හඬ හා මුසු වන සුමනාගේ ගී හඬ අපූරු සංගීතයක් බඳුය. ඒ සංගීතය දරුවාගේ නින්දට උපකාරයකි. පියවි සිහියෙන් සිටින අය පවා මෝහනයට පත් කරවීමට එම සංගීතය සමත්ය. සුමනා ම ද එම සංගීතයෙන් මත් වී යයි. එවිට ඇගේ දෑස් නැවතත් පියවේ. එහෙත් ඇයට නිදාගත නොහැකිය. නින්ද දෙවියන් විසින් ඇයට තහනම් කරන ලද්දකි.
කෙමෙන් පායන සඳ අවට ආලෝකමත් කරමින් වලාකුළු අතරින් නැගී එයි. දහවල් කාලයේ තිබූ කලබලකාරී ලෝකය දැන් නැත. මුළු නගරයම නිදයි. සුමනා සිටි තැනට විසල් නගරයේ නිවෙස්‌වල වහළ දැකගත හැකිය. දුරකථන රැහැන් මත කුඩා කුරුල්ලෝ ලැග සිටිති. සුමනාට කුටියේ කවුළුවෙන් නගරය හොඳින් පෙනේ. දහවල සිඟා ගිය යදියෝ පදික වේදිකාවේ අහුමුළුවලට වී වකුටුව නිදති. ප්‍රමාද වී ආ එක් යදියෙක් විශාල ගොඩනැඟිල්ලක් අයිනේ සිය බඩු පොදි තබා නිදන්නට සැරසේ. අලුයම කුරුලු නාදය ඇසෙන තෙක් ඔවුහු නිදාගනු ඇත.
සිහිල් සුළං සෙමෙන් සෙමෙන් ජනේලය තුළින් කාමරය වෙත ගලා එයි. අහසේ වලාකුළු එකක් පසුපස එකක් ඇදී යයි. ටික වේලාවකින් මුළු අහස්‌තලයම වලාකුළෙන් තොර වෙයි. එවිට නගරය පුරා පතිත වන දීප්තිමත් සුදු සඳරැස් හේතු කොට මුළු නගරයම කිරි සයුරක් ලෙසින් බැබළෙන්නට පටන්ගනී.
අතට වෙරළු ඇහිඳ ගෙනේ
ඉණට පළා නෙළා ගෙනේ
බරටම දර කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
නිදිමතින් බර වූ සුමනාගේ දෑස් පියවී ඇත. ඇගේ ලෝකය විකාර සිතිවිලිවලින් ගහනය. අඩ නින්දේ පසුවන ඇයට තම අතීතය සිහියට නැගෙයි. දැන් ඇය ඉදිරියේ මැවී ඇත්තේ කුඩා කල ඈ විසූ පැල්පතේ දසුනකි. මහලු මව හා රෝගී පියා එහි සිටිති. දැඩි වේදනාවකින් පෙළෙන පියාගේ කෙඳිරිලි හඬ ඔහු නිදන කාමරයෙන් ඇසේ. ඔහුගේ සිරුර හොඳටම වැහැරී ගොස් ඇත. ඔහුගේ මුවෙහි ඇත්තේ ඇදී ගිය දත් දෙපෙළකි.
අයියෝ... අයියෝ... අයියෝ...
මහල්ලාගේ කෙඳිරිල්ල මෙන් ම රෝගයද උත්සන්න වී ඇත. සුමනාගේ මව සුමනා මෙහෙවර කරන ගෙදර ස්‌වාමි දුව වෙත කඩිනමින් දුව යයි. ඇයට ගෙහිමියා මිදුලේ සිටිනු පෙනේ. ඈ ඔහු ඉදිරියේ දණින් වැටී යාඥ කරයි.
"අනේ මහත්තයෝ... අපේ මනුස්‌සයාට හරිම අමාරුයි. මොකක් හරි කරලා එයාව බේරලා දෙන්න බුදු බව අත්වෙයි."
සුමනා තවමත් පියා අසලය. මව ගොස් බොහෝ වේලාවක් ගතවී ඇත. පියාගේ තත්ත්වය එන්න එන්න ම දරුණු වේ.
තවත් සුළු මොහොතක් ගතවෙයි. එම සීතල රැයේ ඔවුන්ගේ අඳුරු නිවසට ගොඩවැදුණ අමුත්තෙකි. ඒ අන් කිසිවෙකු නොව ස්‌වාමි දුව විසින් එවන ලද තරුණ දොස්‌තර මහතා ය. හෙතෙම ආරෝහ පරිණාහ පුද්ගලයෙකි.
පහනක් ගෙනෙන්න. මහලු ස්‌ත්‍රිය අතන මෙතන අතපත ගා කැඩුණ ගිනිපෙට්‌ටියක් ගෙන දැල්වීමට සැරසේ. එහෙත් එහි ගිනිකූරු දැල්වෙන්නේ නැත. දොස්‌තර මහතා සිය සාක්‌කුවෙන් ගිනිපෙට්‌ටියක් ගෙන එය දල්වයි.
"ඉන්න දොස්‌තර මහත්තයෝ... මම ඉක්‌මනට පානක් ගේන්නම්."
ඇය වහා ගොස් කුප්පි ලාම්පුවක් රැගෙන එයි. දොස්‌තර මහතා එය දල්වා මේසය මත තබයි. ලෙඩාගේ මුහුණ අඳුරුය. සුදුමැලිය. යට ගිලුණ දෑසෙහි රැඳී ඇත්තේ අසීමිත වේදනාවක් කියාපාන බැල්මකි. දොස්‌තර මහතා ලෙඩා පරීක්ෂා කරයි.
මේ අසනීපෙ හැදිල කොච්චර කල්ද? දොස්‌තර මහතාගේ ප්‍රශ්නය වෙනුවෙන් ලෙඩාගේ මුවින් පිටවන්නේ දුක් අඳෝනාවකි.
"අයියෝ... දැන් ටිකක් කල්. අයියෝ... මම තව වැඩි වේලාවක් ජීවත් වෙන්නෙ නෑ දොස්‌තර මහත්තයෝ. තව පැය දෙක තුනකට වඩා... අයියෝ... අයියෝ..."
"නෑ නෑ එහෙම කියන්න එපා."
දොස්‌තර මහතා ලෙඩා පරීක්ෂා කරයි. ඔහුගේ මුහුණේ ඇත්තේ බලාපොරොත්තු සුන් වූ ලකුණු ය. අනතුරුව ඔහු මහලු ස්‌ත්‍රිය අමතා මෙසේ කියයි.
"මේ ලෙඩා ඉක්‌මනින් ඉස්‌පිරිතාලෙට ගෙනියන්න. මෙයාට එහෙදි ඔපරේෂන් එකක් කරයි. මම ලියුමක් දෙන්නම්."
දොස්‌තර මහතා යමක් ලියා ඈ අත තබා නික්‌ම යැමට සැරසෙයි.
"අනේ දොස්තර මහත්තයෝ අපි මේ රෑ කොහොම යන්නද?" "පරක්‌කු වෙන්න එපා ලෙඩාට අමාරුයි. මම ඔබේ ස්‌වාමි දුවට දන්වන්නම්. ඒ අය වාහනයක් එවාවි."
දොස්‌තර මහතා පිටව යයි. මහලු ස්‌ත්‍රියත් සුමනාත් නැවත ලෙඩා ළඟ තනිවෙති. ටික වේලාවකින් කුඩා පැල්පත ඉදිරියේ රථයක් නතර වෙයි. එය ස්‌වාමි දුව විසින් එවන ලද කුලී රථයකි. රථයෙන් කිසිවෙක් එළියට එයි. යළිත් ලෙඩාගේ කෙඳිරිලි හඬ... මොහොතකින් රථය පණ ගැන්වෙන හඬ...
යළිත් ඒ මැදියම් රැයේ සුමනා පමණක් එම අඳුරු පැල්පත තුළ තනිවෙයි. බිම වාඩි වී බිත්තියට පිට දී සිටින ඇගේ සිත තුළ අඳුර විසින් ගෙන එනු ලබන නොයෙක් විකාර සිතිවිලි හොල්මන් කරයි. පියාගේ මරණය ඉක්‌මනින් ළඟාවනු ඇතැයි ඇයට සිතේ.
ටික වේලාවකින් නැවතත් වාහනය පැල්පත ඉදිරිපිට නතර වෙයි. සුමනාගේ මව විලාප නඟමින් ඉන් පිටතට එයි. දැරිය දෑස් දල්වා එදෙස බලා හිඳී.
"දුවේ... තාත්තා අපි දාල ගියා දුවේ. අපි පරක්‌කු වුණා වැඩිලු." එම වචන දැරියගේ හදවතට යවුල් පහරක් මෙනි. ඈට කුමක් වී දැයි ඇයම නොදනී. ඇගේ පිටට වේගවත් පහරක් එල්ල වූ බැවින් ඇය ඇස් හැර බලයි. "පර බැල්ලි... දරුවා කෑගහනවා... මේකි හොඳටම නිදි."
ඇගේ කම්මුලට යළිත් පහරක් වැදේ. එහෙත් ඉන් කිසිදු වේදනාවක් ඇයට දැනෙන්නේ නැත. ඒ ඇගේ සිරුර ලීයෙන් කළාක් වැනිවූ නිසාය. තමා මෙතෙක් වේලා දැක ඇත්තේ සිහිනයක් බව ඇයට අවබෝධ වෙයි.
මෙහෙ දීපන් ඔය දරුවා... උඹ දරුවා නළවනවාද? නිදි කිරනවද?
ස්‌වාමි දුව දරුවාට දීමට කිරි පිළියෙල කරයි. ඇගේ සිරුර තරබාරුය. නින්දෙන් අවදි වීම නිසා ඇගේ කෙස් වැටිය අවුල් වී ඇත. ඈ හැඳ සිටින්නේ නින්දට යැමට සුදුසු ඇඳුමකි. කිරි සාදා බෝතලයකට දමා සුමනා අතට දෙන ස්‌වාමි දුව නිදා ගැනීම සඳහා නැවතත් ඇගේ කාමරයට යයි. දරුවා කිරි උරමින් යළිත් දෑස් පියා ගනී.
සඳ බැස ගොස් ඇත. කුඩා කුරුල්ලෝ එකිනෙකා කෑගැසීමට පටන් ගනිති. ඉන් කියෑවෙන්නේ රාත්‍රිය ගෙවී ගොස් අරුණලු උදාවන බවයි. උන්ගේ ගීතය ලොවම අවදි කිරීමට සමත් ය. තැන් තැන්වල ලැග රැය පහන් කළ යදියෝ තවත් දිනක් උදෙසා සූදානම් වෙති.
සිහිල් සුළං රොදක් ඉඳහිට ජනේලය තුළින් කාමරයට එයි. කාමරය තුළ පැවති අඳුර කෙමෙන් පහවී යත්ම ලන්තෑරුමේ එළිය කණාමැදිරි එළියක් බවට පත්වේ. රැයක් එළිවන තුරු හොල්මන් කළ හෙවණැලි මැකී ගොස්‌ය.
"සුමනා ළිපට ගින්දර ගනින්."
ස්‌වාමි දුවගේ උදෑසන පළමුවන විධානය ඇසේ. එවිට සුමනාගේ දෙනෙත් ඇරෙයි. ඇය වහා තොටිල්ල හැර දමා මුළුතැන්ගෙයට දුව යයි. එළිවන තුරු ඇගේ සිතෙහි පැවති දුක් දොම්නස් පහව ගොසිනි. නිදිමත ගෙන එන අඳුරට වඩා ආලෝකය සුමනාගේ සිත පිනවයි. ඇය දෑත් ඔසවා නැගී එන ළා හිරු කිරණෙන් ගත සතපා ගනී.
දර මඩුවේ තිබූ දර පතුරු රැසක් ඇගේ උකුල මතින් අවුත් ළිපට වැටේ. ඇගේ දෑත් ඉතා කඩිසර ය. මොහොතකින් ළිප ගිනි දැල්වේ. දැරිය එම ගිනි දැල්වලින් සිය දෑත් රත්කර ගනී.
කේතලය ලිපේ තියාපන් සුමනා.
දෙවන විධානයද ඇසේ. දැරිය තවත් දර පතුරු කීපයක් ලිපට දමා කේතලය ඒ මත තබයි. අලුතින් ගිනි දලු කීපයක් නැගී එයි. සුළු වේලාවකින් කේතලය උතුරන්නට පටන් ගනී.
සුමනා පෝච්චියක් පුරවා තේ වක්‌කරයි. අනතුරුව ස්‌වාමි දුව පැමිණ එය රැගෙන තේ පිළියෙල කරයි. නිවසේ සියලු දෙනා තේ බිව් පසු සුමනා පෝච්චියේ ඉතිරිව ඇති තේ ස්‌වල්පය කෝප්පයකට දමා අත්ලට සීනි ටිකක් ගෙන පිල මත වාඩිවෙයි.
"සුමනා තේ බීලා ගේ අතුගාල මිදුල අතු ගාපන්. බඩුමුට්‌ටු හොඳට පිහල අතුගාන්න ඕනෑ. අද අමුත්තො කීප දෙනෙක්‌ම එනවා."
සුමනා කීකරුව විධානය පිළිපදී. සාලයේ ඇති පොලිස් කළ දැව භාණ්‌ඩ ඇය අතින් එකින් එක පිස දැමෙයි. අනතුරුව ඈ ගේ අතුගා බඩු බාහිරාදිය පිළිවෙළට තබා මිදුල ද අතුගායි.
"සුමනා උඹ දන්නෙ නැද්ද මේ කැලැන්ඩරේ දින කොළේ කඩල දාන්න."
"සුමනා මිදුල අතුගාල මහත්තයගෙ සපත්තු දෙක පොලිෂ් කරපන්."
"සුමනා පත්තරේ ඇවිල්ලද බලල ගෙනෙන්... සුමනා ලොකු බේබිගෙ ඇඳුම් අන්දපන්."
විධාන කීපයක් පිළිවෙළින් ඇයට ඇසේ. ඒ සියල්ල එකින් එක ඈ අතින් ඉටු වේ. සුමනා වැඩ ඉවර නම් බේබි බලාගනින්. ඒ උදය කාලයේ අන්තිම විධානයයි. ඉන්පසු සෑහෙන වේලාවක් යන තුරු ඇයට විධාන නොඇසේ.
සවස් වරුවේ අමුත්තන් ළඟාවන වේලාව එළඹෙයි. මුළුතැන්ගෙයි අර්තාපල් ගෙඩියක් ශුද්ධ කරන ඇගේ දෑස් පියවෙන්නේ ඉබේය. ඇගේ දෑස් ඉදිරිපිට අර්තාපල් ගෙඩිය නැටුමක් නටතියි ඇයට සිතේ.
"සුමනා ඉක්‌මන් කරපන්... මොකද උඹ ඔතන නිදි කිරනවද?"
රාත්‍රී භෝජනය පිළියෙල වන තුරු සුමනා කපයි. කොටයි. සෝදයි. අඹරයි. පිස දමයි. අහුරයි. අතුගායි. ස්‌වාමි දුවගේ කෝපාන්විත විධාන ඒ අතරතුර වරින් වර ඇසේ.
නැවතත් අඳුර ක්‍රමයෙන් ලොව ගිල ගන්නට සැරසේ. සුමනාට අඳුර අප්‍රිය ය. ඒ අඳුර නිදිමත ගෙන එන නිසාය. දැන් ඇගේ හිස් මොළය කරකැවෙන්නා සේය. හිස දෙපසින් හටගන්නා තදබල වේදනාවක් ඇගේ සිරුර පුරා විහිදී යයි. ඇගේ කන් අගුල් වැටී ඇත. අඳුර විසින් සුමනාගේ දෑස් බැඳ දැමීමට සැරසෙද්දී රාත්‍රී අමුත්තෝ පැමිණෙති. යළිත් විධාන කීපයක්‌ම ඇසේ.
සුමනා කඩේට දුවලා වරෙන්
සුමනා ටින් කටර් එක හොයල ගනින්
කේතලේට ගින්දර දාපන්
ඈ කඩයට දුවන්නේ හැකි ඉහළම වේගයෙනි. අමුත්තන් පිටව යන්නට බොහෝ වේලාවක් ගතවන බැවින්ද නිවසේ කේතලය කුඩා එකක් වන බැවින්ද ඇයට කීප වාරයක්‌ම කේතලය උණු කරන්නට සිදු වේ. අමුත්තෝ එකිනෙකා සමුගනිති. ස්‌වාමියා හා ස්‌වාමි දුව යළිත් නින්දට සැරසෙති.
"සුමනා තොටිල්ල පද්දාපන්" ස්‌වාමි දුවගේ අවසාන විධානය ඇසේ.
යළිත් කුඩා ලන්තෑරුම දැල්වේ. රෙදි කැබලි කීපයක් එල්ලුණ රෙදිවැල, බිත්තිය තොටිල්ල හා සුමනාගේ සිරුර මත නටන අඳුරු සෙවණැලි ආදිය ද පෙර සේමය.
උඹෙ අම්මා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
එතැන මලක් පිපුණායේ
එමල නෙළා එන්න ගියේ
වරින් වර ඇහැ අරින දරුවා හඬන්නට පටන් ගනියි. එවිට තොටිල්ලේ වේගය වැඩි වේ. දරුවා යළිත් දෑස පියා ගනී.
ජනේලයෙන් පිටත නිදන නගරය සුමනාට දැකගත හැකිය. පදික වේදිකාවේ යදියෝ නිදති. දුරකථන
රැහැන් මත කුරුල්ලෝ නිදති. සුමනාගේ සිහිය ඒ මේ අත පාවේ. මව පියා දොස්‌තර මහතා...
නිදිමත නිසා සුමනාගේ දෑස් පියවේ. එහෙත් ඇගේ නින්දට බාධා පමුණුවන කිසියම් ගුප්ත බලවේගයක් කාමරය තුළ ඇතැයි ඇයට සිතේ. ඈ ඉන් මිදිය යුතුය. ඈ උත්සාහ කරන්නේ එම බලවේගය කුමක්‌දැයි හඳුනා ගැනීමටය. එය කොහි සැඟවී ඇද්ද? ඇගේ දෑස් පියවීමට ඉඩ නොදෙන ඒ බලය කුමක්‌ද?
ඇයට කිසිවක් වැටහුණ බව ඇගේ මුහුණෙන් පෙනේ. මඳ සිනාවක් පා ඈ තොටිල්ලේ නිදන දරුවා දෙස බලයි. ඇගේ සිනාව වියරු සිනාවකි.
එකෙණෙහිම පළඟැටියෙකුගේ බියකරු නාදය උස්‌ව නැගේ.
එම ගුප්ත බලවේගයෙන් ඇය නිදහස් විය යුතුය. ඇගේ දෑස පියවීමට ඉඩ නොදෙන එම බලවේගය සුන්කළ යුතුය. කිසියම් මායාකාරී බලාපොරොත්තුවක් ඇගේ සිත තුළ නලියයි. තොටිල්ල මත සිහින දකිමින් නිදන දරුවා එම බලවේගය නොවේද? ඈ එම බලවේගය විනාශ කර දැමිය යුතුය.
සුමනා වියරු සිනාවකින් යුතුව දරුවා දෙස බලා හිඳී. අනතුරුව ඇගේ වෙවුලන දෑත්වලින් දරුවාගේ ගෙල ටිකින් ටික සිරවේ. අගේ වියරු සිනාව කාමරය තුළ දෝංකාරය දෙයි.
දැන් ඈ නිදහස් ය. සියලු බලවේගයන්ගෙන් නිදහස් ය. ඇයට නිදා ගැනීමට ඉඩ නුදුන් එම බලවේගය විනාශ වී ඇත. දැන් ඇයට සුවසේ දෑස් පියාගත හැකිය.
රතු මරණයේ වෙස් මුහුණ (කෙටි කතාව)
(එඩ්ගා ඇලන් පෝ ලියූ The masque of the red death හි පරිවර්තනයකි. ඇමරිකානු ජාතික කවියකු, ලේඛකයකු හා සාහිත්‍යධරයකු වූ එඩ්ගා ඇලන් පෝ (1809 - 1849) ලේඛන කටයුතුවලින් පමණක් ජීවිකාව සපයා ගැනීමට උනන්දු වූ ප්‍රථම ඇමරිකානු ලේඛකයා විය. ඇමරිකානු සාහිත්‍ය ලොවට ප්‍රචලිත කිරීමට මහත් සේ වෙහෙස ගත් ඔහු ඇමරිකා තුළ පමණක් නොව ලොවේම ප්‍රසිද්ධියට පත් විය. නාට්‍ය පිටපත් රචකයකු අද්භූත කථා රචකයකු, කවියකු ලෙසින් මහත් දක්‍ෂතාවයක් දැක්‌වූ ඇලන් පෝ ගේ මරණින් පසු ඔහු වෙනුවෙන් එරට කෞතුකාගාර කිහිපයක් ඉදිවිය. ඒ සඳහා ඔහු ජීවත් වූ නිවාස යොදා ගන්නා ලදී. The masque of the red death ඇතුළු කෙටි කතා රැසක්‌ද, පද්‍ය රචනා නිර්මාණ සංග්‍රහ 14 ක් ද නාට්‍ය අත්පිටපත් රැසක් ද ලොවට දායාද කළ ඔහු වසර හතළිහක් වූ කෙටි ජීවිත කාලය තුළදී සාහිත්‍ය ලොවේ කීර්තියක් ලබා ගත්තේය. - පරිවර්තනය මල්කාන්ති ගුණතුංග )
'රතු මරණය' දිගු කාලයක් තිස්‌සේම රට විනාශ කරමින් තිබිණ. මෙතුවක් කලකට කිසිම වසංගත රෝගයක් එතරම් දරුණු වී නොතිබූ අතර මාරාන්තික ද නොවීය. රුධිරයේ රක්‌ත වර්ණය සහ භීෂණය එහි අවතාරය සහ මුද්‍රාව විය.
ඔබට දැනෙන තියුණු වේදනාව සහ කරකැවිල්ල සමඟම සම මත, විශේෂයෙන් මුහුණේ රතු ලප නැගී ඉන් රුධිර වහනය ඇරඹෙනු ඇත. ඔබට උදව් උපකාර කිරීමට කිසිවෙකුත් නොමැතිව සෑම දෙනාම ඔබ හැර යන්නේ එවිටය. ඉන් අනතුරුව අඩ හෝරාවක් තුළ නියත ලෙසම බිහිසුණු මරණය ඔබ වෙත ළඟා වෙනු ඇත.
එනමුදු ප්‍රොස්‌පෙරෝ කුමරු සතුටින් කල් ගත කළ නිර්භීත සහ විචක්‍ෂණ බුද්ධිමතෙක් වූයේය. ඔහුගේ රටවැසියන්ගෙන් අඩක් ම මියගිය ඉක්‌බිති හෙතෙම නයිට්‌වරුන්, සැහැල්ලු ගති ගුණ ඇති මිතුරන් සහ පුරඟනන් අතරින් නිරෝගී වූවන් දහසක් දෙනා තෝරා කැඳවාගෙන ඉතා දුර බැහැරක හුදකලාවේ පිහිටි තම මාලිගයකට පිවිසුනේය.
කුමරුගේ අභිරුචිය පරිදි තැන වූ එය සුවිසල් අලංකාර තේජස්‌වී පෙනුමැති මාලිගයක් විය. ඉතා ශක්‌තිමත්, උසැති පවුරේ අයෝමය දොරටු වූයේය. සියලු දෙනාම මාලිගා භූමියට පිවිසුණු පසු දොරටුපල්ලෝ දොරගුළු උණුකොට විශාල මිටිවලින් තලා යළි කිසි විටක විවර කළ නොහැකි ලෙසින් මුද්‍රා තැබූහ. මන්දිරය බාහිර ලෝකයෙන් සදහටම වෙන් කරන ලදී. කිසිවකුට කිසිවිටක දුක් වීමට හෝ වැලපීමට අවකාශ නොවූයේ ඇති තරම් මිහිරි බොජුන් ද, වයින්ද, වාදනයන් ද ගායකයන්ද නළඟනන්ද, කවටයන් ද, රූමතියන් ද මාලිගෙය තුළ වූ බැවිනි. ඇතුළත සියල්ල ආරක්‍ෂිත වූයේය. මාලිගයෙන් පිටත වූයේ බිහිසුණු රතු මරණයයි.
මෙසේ විවේක සුව විඳිමින් මාස පහක් හෝ හයක් ගෙවී යද්දී බිහිසුණු රතු මරණය තව තවත් රෞද්‍ර ලෙසින් පැතිර යමින් තිබිණ. එසේ වෙද්දී ප්‍රොස්‌පෙරෝ කුමරු තම විශේෂ අමුත්තන් දහස වෙනුවෙන් වෙස් මුහුණු පැළඳ සහභාගි වියයුතු විශේෂිත සාදයක් සූදානම් කළේය. මෙම වෙස් මුහුණු රංගනය පසිඳුරන් පිනවීම සඳහා ම වූයේය.
මඳක් ඉවසනු මැන·
එය පැවැත්වූ ස්‌ථානය පිළිබඳව ඔබට කිව යුතුමය.
එහි අති විශේෂිත ආකාරයට සැකසූ කාමර පේළි හතක් විය.
බොහෝ මාලිගාවල මෙබඳු කාමර පෙළ ඇත්තේ දර්ශන පථයට විෂය වන පරිද්දෙන් මුත් මෙහිදී එය විශේෂ වූයේය. නිරතුරුවම විශ්මය ඇති කිරීමේ කුමරුගේ අභිප්‍රාය පරිදි මෙම කාමර තනන ලද්දේ අමුතුම ආකාරයකටය. කාමර අතරින් ඇවිද යන ඔබට සෑම යාර විස්‌සකදී හෝ තිහකදී හැරෙන්නට සිදුවේ. එසේ හැරුණු කල ඔබ ඇතුළු වන්නේ අලුත්ම ආකාරයේ කාමරයකට ය. වම් අතට හා දකුණට සෑම බිත්තියකම මධ්‍යයේ උස, පටු, ගොතික් ක්‍රමයට තැනූ කවුළුවකින් වැසුණු කොරිඩෝරයකට පිවිසෙයි. මෙහි කවුළු ද එක් කාමරයක සිට අනිකට වෙනස් වූ වර්ණයන් යුතු විය.
උදාහරණයක් ලෙස ගනිතොත් නැඟෙනහිර දෙසට තිබූ එක් කාමරයක ජනෙල් වීදුරුවල සිට කාමරයේ සියලුම සැරසිලි සහ ගෘහ භාණ්‌ඩ දීප්තිමත් නිල් පැහැයෙන් යුතු විය. දෙවැනි කාමරයේ ජනෙල් වීදුරු. සැරසිලි හා ගෘහ භාණ්‌ඩ සියල්ලම දම් පැහැති විය. තෙවැනි කාමරයේ වූ සියල්ල කොළ පැහැති වූ අතර, සිව්වැන්නේ තැඹිලි පැහැය ද, පස්‌වැන්නේ සියලු දෑ ධවල වර්ණයෙන් යුතු විය. සයවැනි කාමරයේ වූ සියල්ල ජම්බුල වර්ණය ගත්තේය. සත්වැනි කාමරය සුවිශේෂී වූයේය. එහි වූ සියලු දෑ තද කළු පැහැය ගති. එහි බිත්තිවල තද කළු පැහැ විල්ලුද තිර රෙදි සීලිමේ සිට පහතට එල්ලා තිබිණි. නමුත් එහි ජනෙල් වීදුරුවල වර්ණය සම්පූර්ණයෙන් වෙනස් වූයේය. එහි තද රතු පැහැ විය. එසේය· එම වීදුරු රුධිරයේ වර්ණයම විය.කාමර කිසිවක පහනක් හෝ ඉටිපන්දම් එළියක් හෝ නොවීය. එහෙත් සෑම කාමරයකටම එපිටින් වූ කොරිඩෝරයේ කාමර කවුළුව ආසන්නයේ බරැති තෙපාවක් මත ගිනිදැල් නික්‌මෙන ලෝහ බඳුනක් බැගින් තබා තිබිණ. ඉන් නික්‌මුණු ආලෝකය වර්ණවත් ජනෙල් වීදුරු අතරින් පෙරී කාමරයට පිවිසියේය. මෙම ආලෝක කදම්බයන් අපූරු දීප්තිමත් බවක් පෑවේය. වඩාත් බටහිරින් පිහිටි කළු පැහැ කාමරයේ ජනෙල් වීදුරු තුළින් පෙරී ආ රුධිර පැහැති ආලෝකය කළු පැහැති තිර රෙදි හා ජනෙල් පඩි මත වැටී බියකුරු බවක් ගෙනදුන් අතර එහි ඇතුළු වූ කිහිපදෙනා ද එම සීමාවේ සිටීමට නිර්භීත නොවූහ.
මෙම කාමර පෙළේ බටහිර බිත්තියට හේත්තු කොට තැබූ කළුවර ලීයෙන් තැනු හෝරා යන්ත්‍රයක් වූයේය. එහි වූ අවලම්භය නීරස, ගැඹුරු, ඒකාකාරී නාදයක් නගමින් දෙපසට පැද්දුනේය. මිනිත්තු කටුව හෝරා යන්ත්‍රයේ මුහුණත වටා ගමන් කොට හෝරාවක් සපිරූ විට පැහැදිලි ගැඹුරු සුවිශේෂී නාදයක් ඉන් නිකුත් වත්ම වාදකයෝ සිය වාදන නතර කොට ඊට කන්දුන්හ. වෝල්ට්‌ස් නැටුම නැටුවෝ සිය රංගනය නතර කළහ. මොහොතකට ප්‍රීතිමත් සාදයේ සියල්ලෝම හෝරා යන්ත්‍රයේ නාදය සමගම නතර වූ අතර ඇතැම්හු සුදුමැලිව ගියහ. වඩාත් මුහුකුරා ගියෝ සන්සුන්ව තම දෙබැම පිරිමදිමින් සිතුවිලි සන්සුන් කර ගැන්මට උත්සුක වූවෝය. සියල්ලම නිහඬ වී ගියපසු සියල්ලෝම ඔවුනොවුන් අතර වූ නිහඬතාවය සිහින් සිනා හඬින් බිඳලූවෝය. ගායකයෝ එකිනෙකා දෙස බැලුම් හෙළමින් ඊළඟ පැයේදී හෝරා යන්ත්‍රයේ නාදයට අනුව මෙබඳු අනුවණ ලෙස ක්‍රියා නොකරන බවට තමන්ටම ගිවිස ගත්හ.
නමුත් තවත් තත්පර තුන්දහස් හයසීයකට පසු හෝරා යන්ත්‍රය සිය ගැඹුරු හඬ මුදා හරිත්ම යළි යළිත් සිදු වූයේ එයමය.
එය අමතක වුනාවේ. කුමරුගේ සුවිශේෂී රසිකත්වය හා අපූරු සිතුවිලිවලට අනුව ඔහු වර්ණ සහ අනිකුත් කරුණු ගැන අමුතු අයුරකින් දකින්නෙක් වූයේය. ඔහුගේ නිර්මාණශීලී බව තියුණුය. ඔහුගේ රසිකත්වය රුදු ප්‍රභාවකින් යුතු විය. ඇතැම්හු කුමරු උමතු වූවෙකියි සිතුවද ඔහුගේ සමීපතමයෝ එය එසේ නොවන බව දත්හ.
කාමර පේළි සයෙහි සැරසිලි සහ අලංකාරය පිළිබඳව ඔහු උපදෙස් දුන් අතර ඔහුගේ ම වූ රසිකත්වයෙන් මඟ පෙන්වූ ආකාරයට සහභාගිවන්නන් ගේ ඇඳුම් ආයිත්තම් ගැන ද අවධානය යොමු විය. සියලුදෙනාම වෙස් මුහුණ සහ ඊට ගැලපෙන ඇඳුම් ද ඇඳිය යුතු වූයේය. සාදයේ සියල්ල තිබිණ. ශෝභන හා අශෝභන දෑ ද බියකුරු බව ද එහි වූයේ උමතු සිහිනයක සරන්නාක් මෙනි. අමුතු ඇඳුම් හැඳ වෙස්‌මුහුණු ද පැළඳ ගත්තෝ උමතු සංගීත නාද රටාවලට අනුකූලව නර්තනයේ යෙදෙමින් කාමර වෙත ඇදී ගියෝය. ඔවුන්ගේ පාද වලින් නැගෙන හඬ දෝංකාර නැංවීය. විල්ලුද තිර යෙදූ ශාලාවේ වූ කළුවර හෝරා යතුර යළිත් සිය ගැඹුරු හඬ නංවත්ම මොහොතකට සියල්ල නිසල් වී සිහිනයෙන් මිදී ගියේය. එහි රැව්දුන් නාදයන් ද මැකී යන විට පිරිස යළි උමතු රංගනයට බටහ. බටහිර දිග වූ කළු පැහැති සත්වන කාමරයේ වීදුරු තුළින් රක්‌ත වර්ණ ආලෝක ධාරා තීව්‍ර ලෙස ගලා ආවේය. රැය කෙමෙන් නිම වෙමින් පැවති ඒ යාමයේ තද රතු ආලෝකය රක්‌ත රුධිර වර්ණ වීදුරු තුළින් ගලාවිත් මුගටි ලොමින් කළ බුමුතුරුණු වඩාත් රතු පැහැ කළේ එහි පා එබූවෙකුගේ ආසන්නයේ වූ හෝරා යන්ත්‍රයේ ගාම්භීර ප්‍රබල ගර්ජනාවෙන් සවන් පුරවාලමිනි.
අන් සියලු කාමර අමුත්තන්ගෙන් පිරී තිබුණි. මැදියම් රැය හඟවන හෝරා යන්ත්‍රයේ හඬ නැංවෙන තෙක් ඔවුහු උමතුවෙන් මෙන් රඟමින් සිටියෝය. හෝරා යන්ත්‍රය සිය සුවිශේෂී ගැඹුරු හඬ නඟන්නට වූයෙන් සියලු දෙනාම නිහඬ වූහ. සීනුව දොළොස් වරක් හඬ නැංවීමට නියමිතය. එහෙත් එහි නාද වීම නොනවත්වාම සිදුවන අතරතුර සියල්ලෝම නිහඬ බවේ ගිලුනෝය.
ඒ අසා සිටියවුන්ගේ මුහුණු වඩවඩාත් සුදුමැළි පැහැ වන්නට විය. ඒ අතරේ පෙර කිසිවකුත් විසින් දක්‌නට නොලද වෙස්‌මුහුණු ලූවෙකුගේ රූපයක්, ඡායාමාත්‍රයක් වැන්නක් පාවී ගියේය. මෙම හදිසි ආගන්තුකයා පිළිබඳ ආරංචිය කසු කුසුවක් සේ කෙඳිරිලි හඬින් සෑම දෙනා අතර පැතිර ගියේය. ඔහුට එදිරිව නැගුණු හඬ විශ්මයක සිට කෝපය, තර්ජනය හා බියකුරු බව දක්‌වා වැඩී ගියේය. මළ මිනියක ආකාරයෙන් අමුතු හැඩයක වෙස්‌මුහුණක් පැළඳ සිටි අමුත්තා පිළිබඳව සියල්ලෝ ම කොඳුරමින් කතා කළෝය. එම කෝපය ඔහු හැඳ සිටි ඇඳුම හා වෙස්‌මුහුණ කෙරේ ඇති වූවකි. ඔහු එසේ කළේ පිරිස විනෝද කිරීම විය හැකිය. නමුත් එය කිසිසේත්ම විහිළුවක් නොවීය. එය සෑම දෙනාම භීතියට පත්කළේය.
ආගන්තුකයා ඇඳ සිටියේ කලු පැහැති ඇඳුමක් වූ අතර, ඔහුගේ වෙස්‌මුහුණ රතු පැහැති වු මළ සිරුරක මුහුණට සමාන වූවක් විය. සැම දෙනාටම බිය ගෙන දුන් එය රතු මරණයේ මුහුණම වැනි විය.
පිරිස අතරින් සෙමින් ඇවිද ආ අමුත්තා ප්‍රොස්‌පෙරෝ කුමරුගේ නෙත ගැටුණු වහාම, කුමරුවා කෝපයෙන් උමතු විය.
"මොකාද ඒ? කුමරු කෝපයෙන් තමා අසල වූ මුර භටයකු ඇමතීය.
මේ භයානක විහිළුව කළේ මොකාද? ඌ අල්ලාගෙන වෙස් මුහුණ ගලවා බලාපල්ලා. අපි හෙට උදේම ඒකාගේ හිස ගසා දමමු." කුමරු ගුගුලේය.
"මොකාද ඒ?" කුමරා තම අතවැසියන්හට උස් හඬින් කෑ ගැසීය. 'කව්ද ඒ පාච්චල් කෙරුවාව කළේ? ඌ අල්ලා වෙස් මුහුණ ගලවාපල්ලා. හෙට ඉර පායන කොටම පවුරේ ඌ එල්ලනවා·
ප්‍රොස්‌පෙරෝ කුමරු එසේ කෑ ගැසුවේ නැඟෙනහිර වූ නිල් පැහැති කාමරයේ සිටය. එම හඬ කාමර සත පුරාම රැව් පිළිරැව් දුන්නේය. ශක්‌තිවන්තයකු වූ කුමරුගේ උස් හඬට සියලු සංගීත නාදයන් නිහඬ වූයේය.
නිල් පැහැ කාමරයේ වූ කුමරු වටා සිටි අතවැසියෝ සුදුමැලිව සිටියෝය. කිසිවකුත් බලෙන් පැමිණි අමුත්තාට ළංවීමට බිය වූහ. කිසිවකුගේ බාධාවකින් තොරව ඔහු ගාම්භීර ගමනින් කාමරයෙන් කාමරයට ඔව්.... නිල් කාමරයෙන් දම් කාමරයට ඉන් කොළ පැහැ කාමරයට ඉන් තැඹිලි පැහැ කාමරයට ආදී වශයෙන් අවසානයේ කළු පැහැ විල්ලුද තිර යෙදූ කාමරය දක්‌වාම ගමන් කරන්නට වූයේය.
කෝපයට පත් කුමරු උඩඟු අමුත්තා පසුබස ලුහුබඳින්නට වූ අතර භීතියෙන් මුසපත්ව සිටි කිසිවකුත් ඔහු අනුගමනය නොකළෝය. තම සිරිය අතට ගත් කුමරු උමතු ආවේශයකින් මෙන් කලු පැහැ කාමරය තුළට පිවිසෙනවාත් සමඟම ආගන්තුකයා එක්‌වරම කුමරුට මුහුණලා ආපසු හැරෙද්දී බිහිසුණු විලාපයක් නැගුනේය.
ප්‍රොස්‌පෙරෝ කුමරුගේ සිරිය දිදුලමින් ලොම් බුමුතුරුණු මත නිහඬව වැටුණු අතර ජීවයෙන් තොර වූ කුමරුගේ සිරුරද ඒ හා සමඟම බිම ඇද වැටිණ.
හදිසියේම උමතු ආවේගයකින් මෙන් එහි දිව ආ මධුපානෝත්සවයට රැස්‌වූවෝ එක්‌වනම කලු කාමරයට පිනූහ. හෝරා යන්ත්‍රයේ විශාල සෙවනැල්ල මැද කලු පැහැති ඇඳුමින් හා මළ මිනියක වෙස්‌මුහුණින් සැරසී සිටි අමුත්තා ඔවුන් විසින් අල්ලා ගනු ලැබුවද ඒ ලෝගුව තුළ මිනිස් අතකට ස්‌පර්ශ වූ කිසිවක්‌ම නොවීය. ඇතුළත වූයේ හිස් බව ම පමණි. බිහිසුණු රතු මරණය නිහඬ රාත්‍රියේ සොරකු සේ තමන් වෙත පැමිණි බව සියල්ලෝම වටහා ගත්හ.
මධුපානෝත්සවයේ සිටියෝ එකිනෙකා බැගින් බිහිසුණු රතු මරණය වැළඳ ගෙන රුධිරයෙන් පෙඟී ගිය බිමට වැටුණෝය. නොනවත්වා හඬ නංවමින් සිටි විසල් හෝරා යතුර ද අවසන් තැනැත්තාගේ ඇද වැටීමත් සමඟම ඉබේටම නිහඬ වූයේය. තෙපා මත වූ ගිනිදැල් ද එකිනෙකෙහිම නිවී ගිය අතර හාත්පස අන්ධකාරය සමඟම රතු මරණයේ අසීමාන්ති බලය ද දස දෙස වසා පැතිර ගියේය.
යුක්‍රේන් ලේඛක ඉවාන් (අයිවන්) ප්‍රැන්කෝ
ඉවාන් (අයිවන්) ප්‍රැන්කෝ බටහිර යුක්‌රේනියානු සාහිත්‍යයේ ප්‍රකට පුද්ගලයකු වන ප්‍රැන්කෝ 1856 අගෝස්‌තු 27 දින උපතලැබුවේය ඔහුගේ ප්‍රථම නිර්මානය පළවූයේ 1874 දීය සමාජය විනිවිද දකින නිර්මාණ රාහියක් ඔහු අතින් බිහිවී ඇත.
සිංහල අනුවාදය
බොබී ජී. බොතේජු
එක්‌තරා කාලයක බෙස්‌කීම් කඳුකරයේ වම් පැත්තේ නොව දකුණු පැත්තේ පිහිටි අපේ රටේ සිංහයා නම් වූ ශේ්‍රෂ්ට අධිරාජයෙක් වාසය කළේය. ඔහුගේ සම්පූර්ණ වාසගම වුයේ "බඩ පිරී තිබෙන විට මස් අවශ්‍ය නොවේ" යන්නය. ඔහු යහපත් සාධාරණ අධිරාජයෙක් විය. කිසිවෙකු ඔහුට විරුද්ධව පැම්ණිලි ඉදිරිපත් කළේ නැත. එසේ පැම්ණිලි කිරීමට කිසිවෙකු උත්සාහ කළේ නම් ඒ බව අප දැන ගැනීමටත් පෙරාතුවම පැම්ණිලි කළ තැනැත්තා අධිරාජයාගේ දත් අතර හිරවී මෙලොව හැර ගිය ගණනට තවත් එකක් එකතු කරයි. මේ සිංහයා සියලුම වනසතුන්ගේත් කුරුල්ලන්ගේත් පාලකයා වූ අතර ඒ සියලුම සත්තු ඔහුගේ අණට කීකරු වූහ.
මෙම සත්ව රාජධානියේ පුරාණයේ සිට පැවත එන ආණඩුක්‍රම ව්‍යවස්‌ථාවක් පැවතුණි. මෙම ව්‍යවස්‌ථාව අනුව කිසිවෙකුට අසීමිත බලතල භුක්‌ති විඳිය නොහැකිවූ අතර සෑම සතෙකුටම තමාට අල්වා මරා හම ගසා ගත හැකි සතුන් භුක්‌ති විඳිමට පමණක් බලය තිබිණ. අධිරාජයා ඉදිරියේ සියලු දෙනාට සමාන අයිතිවාසිකම් හිමිවිය. සියල්ලන්ටම වඩා ශක්‌තිමත් තැනැත්තා වූයේ අධිරාජයායි. ඔහුට තමාට රිසි පරිදි ඕනෑම සතෙකු අල්වා මරා හම ගසා භුක්‌ති විඳිමට බලය තිබිණ. ඔහුගේ අණසක යටතේ සිටි ආණුඩුකාරවරුන්වූ වලසා, වෘකයා, කොටියා වැනි ආණ්‌ඩුකාරවරුන්ට තමන්ට වඩා පහත් වර්ගයේ සතුන් සම්බන්ධයෙන් පමණක් අධිරාජයා සතුව කිබූ බලතල භූක්‌ති විඳීමේ වරප්‍රසාදය හිමිවිය.
මේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සතුන් බොහෝ කලක් ජීවත්වුයේද නැද්ද යන්න ගැන කිසිවක් කිව නොහැකිය. මෙම ව්‍යවස්‌ථාවෙන් සතුන් හොඳටම හෙම්බත්වූ දවසක් පැමිණි බවකීම ප්‍රමාණවත්වේයැයි සිතමි. මේ පැරණි ව්‍යවස්‌ථාව හොඳටම තිත්ත වූ විට සතුන්ගෙන් සමහරෙක් තමන්ගේ අධිරාජයා වූ සිංහයා හමුවීමට ගියහ.
"මහෝත්තම අධිරාජයාණනි, පැරණි ව්‍යවස්‌ථාව අවලංගු කරනු මැනවි. අප සියලු දෙනාටම සමාන අයිතිවාසිකම් තිබේ නම් එය සත්‍ය වශයෙන්ම ඉටුවිය යුතුයි. ඔබතුමා අපේ අධිරාජයායි. අපට ඔබතුමා යටතේ ජීවත්වීමට අවශ්‍යයි. ඔබතුමාට ඔබතුමාගේ කැමැත්ත පරිදි ඕනෑම සතෙකු- අල්ලා මරා හම ගැසීමට අයිතියක් තිබේ. එහෙත් ඔබතුමාගේ ආණඩුකාරවරු ඔබතුමාගේ බලතලවලට සමාන බලතල පාවිච්චි කරති. ඔවුන් ඔබතුමගේ සම තත්වයේ සිට එම බලතල පාවිච්චි කරන බැවින් දුර්වල සතුන් වන අපට- බැටථවන්, කුකුළු පැටවුන්, හාවුන් වැනි අපට කාගේ පිළිසරණක්‌ද? අපට තවදුරටත් ජීවත්වෙන්න බැහැ. අපට සිද්ධවෙලා තියෙන්නෙ මැරෙන්න එහෙම නැතිනම් මැරුම් කන්න යන දෙකින් එකක් තෝරා ගැනීමටයි".
සිංහ අධිරාජයා මේ ආයාචනයට සාවධානව සවන් දුන්නේය. ඒ අවස්‌ථාවේ ඔහුගේ බඩ පිරී තිබුන බැවින් ඔහු සතුටින් පසුවිය.
"මාගේ යටත් වැසියනි, උඹලා කෙතරම් නිවැරදිද? වලහෙක් හෝ කළු උකුස්‌සෙක් හානියක් කරන්න සැරසෙන කොට උඹලාට දුවන්න, හැංගෙන්න තැනක් හොයාගන්න බැරි බව මට වැටහෙනවා. මාගේ දරුවෙනි, උඹලගේ කැමැත්ත ඉටු කරනවා. දැනට පවත්නා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මම අවලංගු කරනවා. ඒ වෙනුවට නව ව්‍යවස්‌ථාවක් ප්‍රකාශයට පත් කරනවා. මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ සියලු දෙනාටම නීතියෙන්ම සමඅයිතිවාසිකම් හිමිවෙනවා. නීතිය වනුයේ නීතියේ ආරක්‍ෂකයා වනුයේත් මමයි. මාගේ දරුවනි, උඹලා සම්බන්ධයෙන් සම්පූර්ණ අයිතිය තියෙන්නේ මට පමණයි. අනිත් සියලු සතුන් හීලෑවි දිව්‍යමය සාමයේ වරප්‍රසාද භුක්‌ති විඳිමින් මුථ රටේම ජීවත්වුවාවේ. කිසිම සතෙකුට තවත් සතෙකුව තුවාල කිරීමට පහර දීමට හෝ මරා දැමීමට අයිතියක් නැහැ. කිසිවෙකු විසින් එවැනි අපරාධයක් කරනු ලැබ තිබේ නම් වහාම මට පැමිණිලි කරන්න. එවිට මම නීතියෙන් පනවා ඇති විධිවිධාන අනුව අපරාධකරුට නිසි දඬුවම් ලබාදෙනවා".
සියලුම සත්තු සිය අධිරාජයාගේ කාරුණික වදන් අසා අතිශයින් ප්‍රිතියට පත්ව තම නිවෙස් බලා ගියහ. වචනයෙන් ප්‍රකාශ කළාක් මෙන්ම අධිරාජයා ඇත්ත වශයෙන්ම රට පුරාම නව ව්‍යවස්‌ථාව පැනවීය. එම ව්‍යවස්‌ථාව අනුව ඉන් පසු කිසිම සතෙකුට තවත් සතෙකුව මරා දැමීමට, කෑලිවලට ඉරා දැමීමට හෝ ගිල දැමීමට කිසිදු අයිතියක් නැත. දිව්‍යමය සාමය මුලු රාජධානිය පුරාම රජ කළ යුතුය.
එහෙත් මෙම නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ගැන අසා වලස්‌සු. වෘකයන් ඇතුලු අනෙක් මාංශභක්‌ෂක සත්තු කලබලයට පත්වූහ. ඔවුන් අතර හටගත් සන්ත්‍රාසයේ ස්‌වභාවය ඔබ දැකිය යුතුව තිබිණ. නායකයා අපව රැක බලා ගත යුතුය. වනයේ තිබූ ගල්ගුහා වලින් ගස්‌වල බෙන වලින් ගොරවන හඬ හා තප්පුලන හඬ අසන්නට ලැබිණ. ඉන්පසු ඔව්හු එක් රැස්‌වී වහාම අධිරාජයා හමුවන්නට ගියහ. කළු වළාකුලකින් වැසී ගිය කලක මෙන් ඔව්හු අධිරාජයාගේ මාළිගය වට කර ගත්හ. ඔවුන් කෙතරම් විශාල ගාලගෝට්‌ටියක් කළේද යත් එය කුමන දවසක්‌දැයි සිතා ගැනීමටවත් අධිරාජයාට නොහැකිවිය. වඩා දරුණු වුයේ වෘක දේනුවන්ගේ වැලපීමයි. "ඕ දැන් අපි අපේ පුංචි පැටවුන්ට කන්න දෙන්නේ මොනාද? මීට පස්‌සෙ උන් කන්න ඕනෑ තණකොළද? ගස්‌වල පොතු කාලා උන්ට ජීවත්වෙන්න පුලුවන්ද?"
මේ සියලුම වැලපීම් කෑගැසීම් වලට කන් දුන් සිංහයා උගේ දත් විලිස්‌සා වලිගය වනා මහා හඬින් ගෙරෙව්වේය. උගේ ගෙරවීම කෙතරම් භයංකරවිද යත් සියලුම සත්තු බියෙන් ක්‌ලාන්තවූහ. ඉන්පසු මීයට පිම්බාක් මෙන් නිහඬතාවක් ඇතිවිය. මොහොතකට පසු සිංහයා ඔවුන්ව ඇමතුවේය.
"නිශ්ශබ්ද වෙයවු කාලකණ්ණි කැරලිකරුවනි, කිසියම් කෙනෙක් යළිත් ශබ්ද කලොත් ඔහු ඉන්පසු මොහොතක්‌වත් ජීවතුන් අතර ඉන්න ඉඩ තබන්නෙ නැහැ. උඹලා මොනවද කල්පනා කරන්නෙ? උඹලා මං කවුරුයි කියල හිතුවද? සියලු සතුන්ගේ පාලකයා මම නෙවෙයිද? මම බැටළුවන්ගෙ ආරක්‍ෂකයා, එලුවන්ගෙ මිත්‍රයා, වසු පැටවුන්ගෙ අනුශාසකයා, කුකුලු පැටවුන්ගෙ පියා පමණක්‌ද? උඹලා සියලු දෙනා වලහා, වෘකයා, කොටියා, රාජාලියා, උකුස්‌සා අනිත් සතුන් මාගේ දරුවන් නෙවෙයිද? උඹලා හිතනවද මම උඹලාට බඩගින්නෙ ඉන්න සලස්‌සන විදියෙ ව්‍යවස්‌ථාවක් පැනෙව්වා කියල? කවුරු හරි එහෙම කියනවා නම් ඒකා මෝඩයෙක්".
"ආඥාවට කන්දීපල්ලා. අලුත් ආණුඩුක්‍රම ව්‍යවස්‌ථාවේ පළමුවන පරිච්ඡේදය තිබෙන්නෙ මෙහෙමයි. සියලුම සතුන් නීතිය ඉදිරියෙ සමානයි. නීතිය වනුයේ අධිරාජයා වන මමයි. එම නිසා අද පටන් සියලුම ආණ්‌ඩුකාර පදවි අවලංගු කිරීමට මම ආඥා කරනවා. මගේ උසාවියල මගේ හමුදාවල මගේ පෞද්ගලික ආරක්‍ෂක භට කණ්‌ඩායම් වශයෙන් උඹලා සියලු දෙනම මා ළගට ඇවිත් වැඩ කරන්න ඕනෙ. අනිත් සියලුම සතුන් නීතියේ ආරක්‍ෂකයා වන මටත් මගේ උසාවියටත් ආහාර සපයන්න ඕනෙ. ඒ සඳහා අපි අයවැය ලේඛනයක් පිළියෙල කළ යුතුයි. අප සියලු දෙනාටත් අපේ පවුල්වල අයටත් දිනපතාම කොපමණ ආහාර ප්‍රමාණයක් අවශ්‍ය වනවාද කියල සොයා බලා ඒ අයවැය ලේඛනය සකස් කළ යුතුයි. ඒ අයවැය ලේඛනය තිරිසනුන්ගේ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කර එහිදී එය පිළිගත්තාට පසු උඹලාට දිව්‍ය ලෝකෙ දොරටුව අසළ ඉන්නවා වගෙ හැඟේවි. අලුත් ව්‍යවස්‌ථාව යටතේ ජීවත්වන එක එවැනි ව්‍යවස්‌තාවක් නැතිව ජීවත්වනවාට වඩා පහසු බව උඹලාට දැන් තේරේවි. ඉස්‌සර ව්‍යවස්‌ථාවෙ තිබුනා වගෙ සතුන් මරා ගැනීමේ අයිතිය උඹලාට තිබුණා නම් වෙහෙස වෙන්න සිද්ධ වෙනවා. රැකගෙන ඉන්න, පස්‌සෙන් එලවන්න, අල්ල ගන්න, සටන් කරන්නත් සිද්ධවෙනවා. සමහර වෙලාවට තුවාලත් සිද්ධවෙනවා. හුගක් වෙලාවට උඹලට ඉන්න සිද්ධවෙන්නෙ බඩගින්නෙ. දැන් ඒ සේරම ඉවරයි. අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව නීති ගත කරන්න අපේක්‍ෂා කරන අයවැය ලේඛනය අනුව සියලුම වර්ගවල සතුන්ට සිද්ධ වෙනවා ස්‌වේච්ඡාවෙන්ම ඇවිත් තමන්ගෙ කොටස බාර දෙන්න. එවිට උඹලාට තියෙන්නෙ ඒ කොටස බාරගෙන රස විඳිම්න් ගිල දමන එක විතරයි. දැන් උඹලාට වැටහෙනවද අලුත් ව්‍යවස්‌ථාවෙ අර්ථ නිරූපනය?
අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌තාව පිළිබඳ ඥනාන්විත අර්ථ නිරූපනය ඇසූ කොටි, වෘකයන්, උකුස්‌සන් ඇතුළු සත්තු අධික සතුටින් පිනා ගියහ. තිරිසනුන්ගේ මන්ත්‍රණ සභාවට අයවැය ලේඛනය ඉදිරිපත් කර සම්මත වුනාට පසු ඔවුන් කියාවි අපිමයි මේ ව්‍යවස්‌ථාව තීන්දු කළේ. මෙවැනි ව්‍යවස්‌ථාවක් ඕනෑ කළෙත් අපටමයි. ඒ නිසා අපි ස්‌වේච්ඡාවෙන්ම ව්‍යවස්‌ථාව රැක ගැනීමට අවශ්‍ය දේවල් සපයමු. අධිරාජයාගේ අවශ්‍යතා සහ බලාපොරොත්තු සම්පූර්ණ කිරීම තිරිසනුන්ගේ මන්ත්‍රණ සභාව සතු යුතුකමක් නිසා අපි ඒ යුතුකම ඉටු කරමු.
ඔව්හු සතුටින් පිනුම් ගසන්නටත් ගොරවන්නටත් තම තමන්ගේ හඬින් මොරදෙන්නටත් පටන් ගත්හ. "ශ්‍රේෂඨයි ශේ්‍රෂ්ඨයි ශ්‍රේෂ්ඨයි අපේ ඥානවන්ත අධිරාජයා දිනේවා·" ඉන්පසු ඔවුහු පසු පාදවලින් සිටගෙන අධිරාජයා ඉදිරියේ ඔවුන්ගේ ජාතික නැටුම ඉදිරිපත් කළහ. අනතුරුව ඔවුන්ගේ සංගීත කණ්‌ඩායම ජාතික ගිය ගායනා කළහ.
දී - ර් - ඝා - යු - වේ - වා·
සිංහයා කළින් පැවසු පරිදි සියල්ල සිදුවූ බව කීම අවශ්‍ය නොවේ. වලස්‌සු, වෘකයන්, වල් ඌරන්, රාජාලියන් ඇතුළු සත්තු ඔවුනට අවශ්‍ය ආහාර, ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය ආහාර සහ ඔවුන්ගේ අනාගත පවුල්වලට අවශ්‍ය ආහාර වසරකට අවශය ප්‍රමාණයන් ඇස්‌තමේන්තු කළහ. අධිරාජයාත් ඇමැතිවරුනුත් අයවැය ලේඛනය පිළියෙළ කර නිමවූ වහාම එය තිරිසනුන්ගේ මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කිරීම සඳහා තිරිසනුන්ගේ මන්ත්‍රණ සභාවේ සැසිවාරයක් කැඳවනු ලැබීය.
"හොඳයි මාගේ දරුවනි, දෙවියන්ට ස්‌තුති කරපල්ලා. උඹලාගේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථවා අනුමත කරපල්ලා".
"එසේමයි රාජකීය උත්තමයාණෙනි" සියලුම සත්තු කෑ ගසා පිළිතුරු දුන්හ.
"හුගක් හොඳයි මාගේ දරුවනි, මට අතිශයින් සතුටුයි. ඊළගට මා කියන දෙයට කන් දිපල්ලා. උඹලා අනුමත කළ මේ ව්‍යවස්‌ථාව උඹලාගේ ඇහැ මෙන් රැක ගනිල්ලා. අවශය ඕනෑම වේලාවකදී මේ ව්‍යවස්‌ථාව රැක ගැනීමට සියලුම පරිත්‍යාග කරපල්ලා. මෙම ව්‍යවස්‌ථාව රැක ගැනීමට උඹලාට අයිති දේවල් පමණක් නෙවෙයි අවශ්‍ය වුනොත් උඹලාගේ ජීවිත පවා පූජා කරපල්ලා".
"මේ ව්‍යවස්‌ථාව රැක ගැනීමට අපි ඕනෑම මොහොතක ඕනෑම පරිත්‍යාගයක් කිරීමට සුදානම්" බූරුවන්, හරක් සහ බැටළුවන් ඇතුළු අනෙකුත් රාජපාක්‍ෂික සත්තු හඬ නගා පැවසූහ.
"උඹලාගේ රාජපාක්‍ෂික භාවය ගැන මම සතුටුවෙනවා. මාව විශ්වාස කරපල්ලා. මේ ව්‍යවස්‌ථාව නියම වටිනාකම දන්නේ මමයි. මා උඹල වෙත පැනවූ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගේ රාජ්‍ය පුරාම බලපානවා ඇති. එයින් උඹලාට මෙන්ම මටත් යහපතක් වෙන නිසා එය රැක ගත යුතුයි. එම ව්‍යවස්‌ථාව පෘතුවිය මත ඇති අති පූජනිය වස්‌තුවක් ලෙස රැක ගත යුතුයි. බාහිර සහ අභ්‍යන්තර සතුරන්ගෙන් බේරා ගත යුතුයි. උඹලා පමණක් නෙවෙයි මමත් දිවා රාත්‍රි දහදිය මහන්සිය නොබලා මෙම ව්‍යවස්‌ථාව රැක ගැනීමට කටයුතු කරනවා. මම මේ සඳහා ස්‌ථිර ආරක්‍ෂක බලුමුළුවක් පත් කර සිටිනවා. උඹලාගේ දුර්වලම සතාට උනත් සමාදානයේ සැතපිය හැකි පරිදි ඔවුන් ආරක්‍ෂාව සලසාවි. දෙවියන් වහන්සේ උඹලාට දීර්ඝායුෂ ලබා දී තිබෙනව".
"අපේ ඥානවන්ත සහ කරුණාවන්ත අධිරාජයා" සියලුම සත්තු - කෑගැසුහ. එහෙත් කළින් තරම් සතුටකින් නම් නොවේ. ඉන්පසු අධිරාජයා දිගටම කතා කරගෙන ගියේය.
"මේ තියෙන්නෙ නවආණඩුක්‍රම ව්‍යවස්‌ථාව පවත්වාගෙන යැම සඳහා පිළියෙල කළ අයවැය ලේඛනයයි. උඹලා සෑම දෙනාම මේ අයවැය ලේඛනයට ස්‌වේච්ඡාවෙන්ම දායක විය යුතුයි. උඹලාගේ යහපත පිණිස පැනවූ නවව්‍යවස්‌ථවා රැක ගැනීම සඳහා උඹලාම වියදම් දැරිය යුතුයි. ඊට හිලව්වට මාගේ රාජ්‍යය පුරාම දිව්‍යමය සාමය පතුරුවන බවට සහතිකවම ප්‍රතිඥා දෙනවා".
සේවකයෝ මුද්‍රිත සංඛ්‍යා ලේඛන සියලුම සතුන් අතර බෙදා හැරියහ. සංඛ්‍යා ලේඛන දුටුවිට හරක්, බූරුවන්, බැටළුවන් වැනි සතුන්ගේ කොඳු නාරටි දිගේ සීතලක් ගලා ගියේය. එහෙත් දැන් ඔවුනට කළ හැක්‌කේ කුමක්‌ද? දැන් සියල්ලම ලේඛන ගත කොට අවසන්කර ඇත. කොපමණද? කවදාද? දායකත්වය යා යුත්තේ කොතනටද? කාටද යන්න පැහැදිලිවම සඳහන් කර ඇත. ඔවුන් මීට වඩා නොඉල්ලන බව නම් සහතිකය.
"ලේකම් අයවැය ලේඛනය හයියෙන් කියවනවා." සිංහයා අණ කළේය. කිසියම් කෙනෙකුට මෙම අයවැය ලේඛනය පිළිsබඳ විවාදයක් අවශ්‍යද?"
මහලු බුරුවෙක් නැගිට කතාව ආරම්භ කළේය.
"මේ අයවැය ලේඛනය ලේකම් විසින් නැවත කියවනු ලැබීම අවශ්‍ය නැහැ. අප සියලු දෙනාම අයවැය ලේඛනය කියෙව්වා. අපි එක්‌වරම වටහාගත්තා අයවැය ලේඛනයක් නොමැතිව නව ව්‍යවස්‌ථාව පවත්වාගෙන යා නොහැකි බව. අපි සියලු දෙනාම අධිරාජයා කෙරෙහි විශ්වාසය තබා තිබෙනවා. ඒ නිසා අපි ඔහුගේ නාමයෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම්. එම නිසා මම මේ මන්ත්‍රණ සභාවට කියා සිටින්නේ මේ අයවැය ලේඛනය විවාදයකින් තෙරව ඒකමතිකව පිළිගන්නා ලෙයසි. එයට පක්‍ෂ සියලු දෙනාම නැගී සිටින්න."
සියල්ලෝම නැගී සිටියහ. අයවැය ලේඛනය ඒකමතිකව සම්මත විය. එදා පටන් එම සත්ව රාජධානිය පුරාම ඇත්තටම දිව්‍යමය සාමය රජ කළේය.
ලැන්තන් මහත්තයා - කෙටිකතාව
ආචාර්ය සඳුන් විජේසිරි
(ගීද මෝපසංගේ කෙටිකතාවක් ඇසුරෙනි)
සිළුමිණ සත්මඩල
ලැන්තන් මහතාට ඇය මුණ ගැසුණේ ඔහුගේ දෙපාර්තමේනතුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී තැන විසින් පිළියෙල කරන ලද සාදයක දී ය. ඔහු තම නෙත් බිඟුන් රන් හුයක පටලා, මාලතී පුෂ්පයක් බඳු ඇය වෙත පියා හඹන්නට ඉඩ හළේය. උහු රිසිසේ සැරි සැරූහ. ඔහුගේ මතක ලොවේ ඇය තනි වූවාය.
ඕ වසර කිහිපයකට පෙර පරලොව සැපත් වූ ප්‍රාදේශීය වරිපනම් නිලධාරියෙකුගේ එක ම දියණිය වූවාය. කලක් ඇවෑමෙන් මව, දැරියත් කැටුව පැරිස් නගරයට පැමිණියාය. දියණිය සරණ පාවාදීමේ අදහස පෙරදැරිව ඇය අසල්වැසි මධ්‍යම පන්තිකයන් හා ඇසුරට වැටුණාය. මවත්, දියණියත් දුප්පත් වුව ද අවංක නිස්කලංක දිවියකට කැමැති, යුක්තිගරුක ඇත්තෝ වූහ. ඕනෑම තරුණයෙකු සිහින ලොවෙහි දී පමණක් කලාතුරකින් දකින තරමේ රූපශ්‍රීයෙන් හෙබි ඕ යහපත් භාර්යාවක් සතු ගුණාංග මොනවට පළ කළා ය. දෙවඟනක බඳු ඇයගේ දෙතොල් අතර නිරතුරු රැඳි මන්දස්මිතය ඇගේ හදවත කියාපාන්නක් බඳු විය.
සෑම කෙනෙක් ම පාහේ ඇගේ ගුණාංග වර්ණනා කළහ. ඇගේ හදවත දිනන්නා මිහිපිට වසන වාසනාවන්ත තැනැත්තා වනු ඇතැයි කවුරුත් අනාවැකි පළ කළහ.
ප්‍රාදේශීය ඇමතිවරයකුගේ ප්‍රධාන ලිපිකරු වශයෙන් උසස් වීමක් ලැබ මසකට ෆ්රෑන්ක් තුන්දහස් පන්සියයක් ඉපැයූ ලැන්තන්ගේ යෝජනාවට ඇගේ මව එක පයින් එකඟ වූවා ය.
ලැන්තන් අදහා ගන්නට බැරි තරමින් ප්‍රීති ප්‍රමෝදයට පත්විය. ඇය ගෘහයේ කටයුතු ඉතා දක්ෂ අන්දමින් මෙන්ම ‘සුඛෝපභෝගී’ තත්ත්වයකට ළං වන තරමින් ඉටු කළා ය. ඇය පිසූ ආහාර දිව්‍ය භෝජන මෙන් රස දැනවිය. ඇය වටා පැතිරී සුන්දරත්වය හමුවේ ලැන්තන් වසර හයක් ඉක්ම ගිය තැනේ දී පෙරටත් වඩා ඇයට ඇලුම් කළේ ය.
එය එසේ වුවත් නාට්‍ය නැරඹීමට ඇගේ තිබූ ආශාවත්, අරුමෝසම් ආභරණ පැලඳීමට ඇය තුළ වූ ගිජුකමත් ලැන්තන්ගේ සිත් ගත්තක් නොවීය.
ඇගේ යෙහෙළියෝ කෙසේ හෝ ඇය රංග ශාලාවකට එක්කර ගෙන යෑමට මං පෑදූහ. කලින් ආසන වෙන්කරවා ගැනීම ඔවුහු ඇය වෙනුවෙන් ඉටු කළහ. ලැන්තන්ට මෙය හිසරදයක් වුවද, අකැමැත්තෙන් හෝ එකඟ වීමට සිදුවිය. දවස පුරා රාජකාරී කටයුතු ඉටුකිරීමෙන් ලබන වෙහෙසට වඩා වෙහෙසක් ලැන්තන්ට මේ නිසා දැනිණි. නාට්‍ය ශාලාවකට ඇය රැගෙන ගොස් නැවතත් නිවසට ගෙනවිත් ඇරලීමට ඇගේ යෙහෙළියක සූදානම් කරගන්නැයි ලැන්තන් ඇයට කන්නලව් කළේ ය. ඇය ඊට අකැමැත්ත පළ කළා ය. තීරණයකට එළැඹීම පසුවට කල් දැමුවා ය. කලකට පසුව ඔහුගේ යෝජනාවට ඇය කැමැති වූයෙන්, ලැන්කන් සිය කෘතඥතාව ඇයට නොමඳව පළ කළේය.
නාට්‍යය නැරඹීමට යෑමේ දී ඕ අනිවාර්යයෙන් ම විසිතුරු ආභරණ පැලඳුවා ය. චාම් ඇඳුම් පැලඳුම්වලට වඩා ඇගේ ආභරණ වෛර්ණ ඒවා විය. දියමන්ති ඇල්ලූ තෝඩු ඇගේ කන් පෙති සැරසීය. විචිත්‍ර මාල ඇය සුමුදු ගෙල වටා විය. කුඩා මැණික් ගල් එබ්බ වූ වළලු ඇය සුරත් සැරසීය.
තම බිරිය ප්‍රදර්ශන භාණ්ඩයක් බඳු යැයි සිතූ ලැන්තන් සිය අමනාපය පළ කළේය. “වටිනා ආභරණ මිලට ගන්නට ඔයාට වත්කමක් නැතිකොට, ඔයාගේ ලස්සන පෙනෙන්න ඕන ස්වභාවයෙන්, ඔයා සතු චාම් ගතිගුණවලින් නේදැ” යි දිනක් ඔහු ඇගෙන් විමසීය.
ඇය සුපුරුදු සිනාවෙන් මුව සරසා ගත්තීය. “ඉතින්... මං මොනවා කරන්න ද? මං දන්නවා ඔයා කියන දේ හරි කියලා. ඒත් මම මේ තියන ආශාව කොහොම ද නැති කරලා දමන්නෙ?” ඇය දොඩමලු වූවා ය.
ඇයට මේ තරම් වටිනා ආභරණ කොහෙන් ද? ලැන්තන් වරෙක සිතුවේය.
සමහර සැඳෑවෙක ඔවුන් ගිනි උඳුන අසල සිටිද්දී ඇය තමා සතු ආභරණ පිරි පෙට්ටිය ගෙනැවිත් ටීපෝව මත මුණින් නමා එකිනෙක පලඳින්නී ය. ඇය වරෙක සිඟිත්තියක මෙන් ලැන්තන්ගේ ගෙල වටා ද පලඳවන්නී ය. උමතුෙවන් මෙන් සිනාසෙන්නීය. ඔහුගේ ගෙල බදාගෙන හාදු දෙන්නීය.
එක් ශීත සන්ධ්‍යාවෙක ඇය ගීත නාටකයක් නරඹා ශීතලයෙන් ගැහි ගැහී ගෙට ගොඩ වැදුණා ය. ඊළඟ දිනයේ දරුණු කැස්සකින් පෙළෙන්නට වූ ඇය, සතියක් ඉක්ම ගිය තැනේ දී මරු වසඟ වූවාය.
ලැන්තන් සතු වූ ආත්මය කවුරුදෝ සොරා ගත් සෙයකි. අසාර වූ, අනන්ත වූ ලෝකයේ ඔහු තනි වූවේය. ඇගේ සොහොන වෙත උමතුවෙන් පියමං කරන ඔහු, සිහි විකල් ව ගෙට ගොඩවෙයි. මසක් ඉක්ම යන්නට පෙර ඔහුගේ හිසකේ සුදු විය. ඉවසා දරා ගන්නට බැරි වේදනාවෙන් ඔහු හෙම්බත් විය. රිදී සීනුවක් වන් ඇගේ කටහඬ දුටුවන් වශී කරන ඇගේ මුදු සිනහව, දෙවඟනකගේ බඳු රූපශ්‍රීය මතක සටහන් අතරට එක්ව ඔහුට වධ දෙන්නට විය.
නික්ම යන දින ගණන් ඔහුගේ ශෝකය තුනී කරන්නට අපොහොසත් වූ සේ ය. කාර්යාලයේ තම මිතුරන් සතුටු සාමීචියේ යෙදෙද්දී, ලැන්තන්ට හොරා දෙනුවන් කෙරෙන් වෑහෙන කඳුළු බිඳු වළකාලන්නට කෙනෙක් නොවූහ.
ඇයගේ ඇඳුම් පැලඳුම් කාමරයේ තුබූ තැන්වල එසේම තිබෙන්නට ඉඩහළ ඔහු, ඒවා දෙස බලා දැහැනකට සම වැදුණකු මෙන් නිසොල්මන් ව උන්නේය.
ජීවිතය තව දුරටත් ගෙවීමට ඔහුට මහත් ගැටලුවක් විය. තම ආදරණීය බිරියගේ දෑතින් සියලු සැප විඳි ලැන්තන්ට එදිනෙදා දිවිය ගෙවාගන්නට වත් තමා ඉපයූ වේතනය මදි විය. ඔහු ණයගැතියෙක් විය. මාසයේ වැටුප් ගෙවන දිනට තව සතියක් තිබෙද්දී ඔහු අත තඹ දොයිතුවක් නොවූයෙන් කුමක් හෝ විකිණිය යුතු යැයි ඔහු කල්පනා කළේය. අවසාන දිනය දක්වාම දිනපතා පාහේ තම බිරිඳ මොනයම් හෝ අලුත් ආභරණයක් ගෙනාවා නේ දැයි ඔහුට මතක් විය. ඒත් ඇය එතරම් ආදරයෙන් රැස්කළ ඒවා මා විකුණා දමන්නේ කෙසේ ද? ඔහු ඇගේ ‘නිධානයේ’ දොර විවර කළේය. ඇස් අදහාගත නුහුණු ඔහු, වටිනාකමෙන් අඩු යැයි සිතුණු මාලයක් තෝරාගෙන එය ෆ්රෑන්ක් හතක් හෝ අටක් වටිනු ඇතැයි තක්සේරු කළේය. මාලය සාක්කුවේ ලා ගත් ඔශු, විශ්වාසවන්ත කෙනෙකු සොයා යන්නට පටන් ගත්තේය.
එක් ආභරණ සලක් ඉදිරිපට නැවතුණු ඔහු, ලජ්ජාවෙන් මිරිකුණේය. ‘මේ මාලෙ අරන් ගියාම මම හිඟන්නෙක් කියලා ඒ මිනිස්සු හිතාවි. මේ වගේ නොවටිනා මාලයක්’ ඔහු කෙසේ හෝ දිරි උපදවා ඊට ගොඩවිය.
“මුදලාලි මේ මාලය කීයක් විතර වටිනව ද?” ඔහු තැතනුවේය. සාප්පු අයිතිකරු ඒ අතට ගෙන පරීක්ෂා කොට බලා බර කිරුවේය. තම සගයෙකුට කථා කළ මුදලාලි ඇසෙන නෑසෙන තරමින් මොකක්දෝ කීය. මේ සියල්ල දුටු ලැන්තන් හදිසියේම වාගේ, “ඔව් මම දන්නවා මුදලාලි ඒක එච්චර වටින්නේ නැති බව... ඒත් මේ වෙලාවෙ හැටියට....” යි කීෆව්ය.
“සර් මේ මාලය ෆ්රූන්ක් දොළොස් දහටත්, පහළොස් දාහටත් අතර වටිනවා. ඒත් මහත්තයට මේක ලැබුණේ කොහොමද කියලා හරියට කියන තුරු මිලයට ගන්න බැහැ...”
ලැන්තන් තද නින්දකින් ගැස්සී අවදි වූවෙකු බඳු විය. දෙසවන් අදහාගත නුහුණු ඔහු, අන්දමන්ද විය. අවසානයේ ඔහු ගොත ගසමින්, “මොනවා මුදලාලි ඔය ඇත්තමදැ” යි ඇසීය.
“ඔබ විශ්වාස නොකරනවානම් මට කරන්න දෙයක් නෑ. මට දැනට ඒක පහළොස් දාහක් වටිනවා. ඕන්නම් වෙනින් තැනකට ගිහිල්ලා බලවා ගන්නා. මීට වඩා අඩු ගණනක් කීවොත් නැවතත් මෙතැනට එන්න” යි මුදලාලි තරමක අමනාපයකින් කීය.
ලැන්තන් මාලයත් රැගෙන ඉන් පිටවිය. ඔහුට දැන් අවශ්‍ය වූයේ තනිවීමටය. කිසි කෙනෙකුගේ සෙවණැල්ලක් හෝ නොගෑවී හුදෙකලා වීමටය.
ඔහු තනිව සිනාසුණේය. ‘මන් කොච්චර මෝඩයෙක් ද? මට මුදලාලි කීව ගානට මේක දෙන්න තිබුණේ. ඒ මෝඩ මිනිහා බඩුවක් තක්සේරු කරන්න දන්නේ නැහැ.’
ඔහු ඒ මගෙහි ඇති වෙනත් ආභරණ සලකට ගොඩවුණේය. මාලය දුටු සැණින් ඒ සාප්පු හිමියා මවිත වී, “ඇත්ත වශයෙන්ම මේ මාලය මට හොඳට අඳුනාගන්න පුළුවන්... මේක විකුණුවේ මම...” යි කීවේය.
ලැන්තන්ට දහවල් තරු පෙනෙන්නට ඔන්න මෙන්නය. “මේක කීයක් වටිනවාද?” ඔහු පුදුමය අතරින් විචාළේය. “සර් මේක මම විකුණුවේ ෆ්රූන්ක්් විසිපන් දාහට. ඕන්නම් මම නැවත ගන්නන් ෆ්රූන්ක් දහ අටදාහට. හැබැයි මේක මහත්තයට ලැබුණේ කොහොම ද කියලා දැනගන්න ඕනැ.”
මෙවර ලැන්තන් තුළ පුදුමයෙන් ශරීරයේ අඩක් පණ නැතිව ගියේ ය. “හොඳට බලන්න. හොඳට බලන්න. මේක එච්චර වටිනවා ද කියලා.” ලැන්තන් කන්නලවු කළේය.
“මට කරුණාකරලා සර්ගේ නම කියන්න පුළුවන් ද?” ඔහු විමසීය.
‘ඔව්, මම ලැන්තන්...” ඔහු සිය රැකියා ස්ථානයත්, ලිපිනයත් කීවේය.
සාප්පුකරු ගිණුම් පොතක් ගෙන, පිටු පෙරළන්නට පටන් ගති. “ඔව් සර් කියාපු ලිපිනයේ ලැන්තන් නෝනට, 1876 ජූලි 20 වැනිදා මම මේ මාලය වික්කා.”
ඔවුහු දෙදෙනාම තුෂ්නිම්භූතව එකිනෙකා දෙස බැලූහ.
“සර් මට මේ මාලය එක දවසකට දෙන්න. මම එය භාරගත් බවට සර්ට රිසිට් පතක් දෙන්නම්.”
ලැන්තන් මාලය ඔහුට භාර දී, රිසිට් පත රැගෙන මාවතට වන්නේය. ඔහු පාර හරහා ගියේය. මඳ දුරක් ගමන් කළේය. ඔහු ආපසු හැරී බැලුවේය. තමා මෙතෙක් වැරදි මාර්ගයක පැමිණ ඇතැයි වැටහිණි. ඔහු සිහි විකල්ලෙන් මෙන් මිමිනුවේය. ‘මගේ බිරිඳ මෙතරම් වටිනා මාල ගත්තේ කොහොම ද? ඒක වෙන්න බැහැ. තෑගි ලැබෙන්නට ඇති. එහෙනම් කාගෙන් ද? කොහෙන් ද? කොහොම ද?
ඔහු නොදැනුවත්වම පාර මැද්දට පැමිණ ඇත. මහ පොළොව කැරකෙන්නට පටන් ගෙන ඇතැයි ඔහුට සිතුණේය. මහ පාර මැද ඔහු සිහිසන් නැතිව ඇදවැටිණි. නැවත සිහිය ලබද්දී ඔහු අසල ඔසුසලක සිටියේ ය. නාඳුනන පුද්ගලයකුගේ උපකාරයෙන් නිෙවසට ළඟා වූ ඔහු ගෙට වැදී දොරගුළු ලා ගති. ඔහු හැඬුවේය. විලාප දුන්නේය. ලේන්සුව තෙත් වනතුරු කඳුළු පිස දැමුවේය.
හිරු රැසින් දැවුණු ඔහුට හදිසියෙන් ඇහැරුණේය. ඇඳෙන් නැගිටින්නට පවා සිතක් ඔහුට නොතිබිණි. කාර්යාලයට පැමිණිය නොහැකි බව දන්වා ඔහු ලිපියක් යැවුවේය. සාප්පුකරු සමඟ තනිකර ආ මාලය හදිසියේම ඔහුගේ මතකයට නැඟිණි. කඩිමුඩියේ ඇඳගත් ඔහු නිවෙසින් පිටවිය.
“මන් පොහොසත් නම් කොච්චර ලේසියෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් ද? සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන්. වැඩට හිතුණොත් විතරක් යන්න පුළුවන්. නැතිනම් ගෙදර නවතින්න පුළුවන්. ලෝකෙ ඕන මුල්ලකට යන්න පුළුවන්...”
ඔහුට හනික කුස ගින්නක් දැනිණි. පෙර දින දහවල් ආහාර වේලක් ගත්තට පසුව, අනුභව නොකළ බව ඔහුට පසක් විය. ඒත් කෝ සල්ලි. සාක්කු දෙකම හිස්. ඒත් මාලය ෆ්රූන්ක් දහ අටදාහක්. මොන සම්පතක් ද? ප්‍රෑන්ක් දහ අටදාහක්.
ඔහු සාප්පුව ඉදිරිපිටට පැමිණ එහාටත්, මොහටත් ගමන් කරන්නට පටන් ගති. යම්දෝ නොයම්දෝ, ෆ්රූන්ක් දහ අටදාහක්.
ඔහු දුටු සැණින් සාප්පු හිමියා ඔහුව හැඳින ගති. මුව පුරා සිනාසී හනිකට ආසනයක් පිරිනැමුවේය.
“මම ඔබට ප්‍රෑන්ක් දහ අටදාහක් දෙන්නම් සර්” සාප්පු හිමියා කීයෙන් ලැන්තන් ගොත ගසමින් “හා” යි කීවේය.
ගැහෙන දෑතින් යුතු ව ප්‍රෑන්ක් දාහේ කොළ දහඅටක් ගත් ලැන්තන්, ආපසු යන්නට හැරිණි. සිනාසුණේය. “මගේ ළඟ තවත් මේ වගේ මාල තියෙනවා. ඔබ ගන්නට කැමැති ද?”
“ඔව් සර් ඔක්කොම ගේන්න”
සාප්පු හිමියාත්, ඔහුගේ සගයන් කිහිප දෙනෙකුත් ඔහුගේ නිවසට ගියහ. ලැන්තන් දැන් නියම වෙළෙඳ ව්‍යාපාරිකයෙක් බඳු ය. තම බිරිය විසින් මිලයට ගනු ලැබූ භාණ්ඩයන්ගේ නියම බිල්පත් පරීක්ෂා කර, නියමිත ගණන් හිලව් සාප්පු හිමියාට දැන්වූවේය. අරුංගල් ජෝඩුව ප්‍රෑන්ක් විසිදාහයි, වලලු ෆ්රූන්ක් තිස්පන්දාහයි, කොණ්ඩ කටු, මුදු ෆ්රූන්ක් දහසය දාහයි. සියලුම ආභරණළුල වටිනාකම ප්‍රෑන්ක් එක්ලක්ෂ අනූහය දහසකි.
ලැන්තන්ගේ වටිනාකම එන්න එන්න ම ඉහළ යයි. මිටෙන් හළ කුරුල්ලකු මෙන් ඔහු ආඩම්බරයෙන් දෙපා ඔබා ගමන් යයි.
පෙනෙන්ට තිබුණු හොඳම අවන්හලට ගිය ඔහු බෝතලය ෆ්රූන්ක් විස්ස ගණනේ වයින් බීවේය. හොඳට බඩ කට පුරා කෑවේය. කුලී රියක් මිලට ගෙන නගරය පුරා සැරිසැරුවේය.
“මන් පොහොසත්, ෙම් බලනවා... ෆ්රූන්ක් ලක්ෂ දෙකක් මුළු ලෝකයටම ඇසෙන්නට බෙරිහන් දෙන්නට ඔහුට සිතිණි.
ඔහු තම කාර්යාලයට ගොඩවිය. තම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ළඟට මහත් ආඩම්බරයෙන් පියමං කළේය. “සර් මම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙනවා. මට ප ෆ්රූන්ක් ලක්ෂ දෙකක නිධානයක් පහළ වුණා.” ඔහු කාර්යාලයේ උන් සෑම සගයෙකුටම අතට අත දී සමුගත්තේය. රාත්‍රී භෝජනය සඳහා ඉතා විශාලම හෝටලයක් තෝරමින් ගමන් ගත්තේය.
පැයෙන් පැය ෆ්රූන්ක් ලක්ෂය බැගින් වැඩි කරමින් ඔහු හයියෙන් කෑගහන්නට ඔහුට සිත්විය.
ජීවිතයේ පළමු වතාවට නාට්‍යයක් නැරඹීමට ඔහුට ආශාවක් උපනි. ඔහු නාට්‍යය නරඹා මහත්සේ අමන්දානන්දයට පත් විය.
මාස හයකට පසු ඔහු නැවතත් විවාහයකට ඇතුළු විය. ඒ බිරිය මහත් වූ ධනයක් හිමි කතක් වූවාය. ඒත් ඇය, ඔහුගේ ජීවිතය සහමුලින්ම විනාශ ෙකාට දැමුවාය.
සුනන්ද එරංග පෙරේරා
වරාය ඉදිරියෙන් තිබූ අවන්හල් ෙප්ළිය මුළුමනින් ම අපිළිවෙළින් යුතුය. එයින් බොහොමයක් ලෑලි ගසා බෙලෙක් තහඩු හෙවිල්ලා තිබුණි. ඒ අතර දැඩි හිරු රැසින් යුතු දූවිලි සුළඟින් අහසට නගී. එය ඔරොත්තු නොදෙන තරම්ය. අහර පිසින තෙල් කර වූ ගද දුම්කොළ දුමත් වොඩ්කා සැරත් සමඟ එක්වී අවන්හල් අතර පා වෙමින් තිබුණි.
දිවා ආහාරයට කම්කරුවන් එන්නේ රොතුපිටින්ය. ඔවුන් දහදියෙන් යුතුය. වෙහෙස නිසා ඔවුන් සිටියේ නොරුස්සන සුලු බවින්ය. හීන් වොඩ්කා අඩියක් සමඟ අර්තාපල් සහ පාන් බුදින ඔවුන් කළ සහ කළ යුතු හැම බර කටයුත්තක් ම අමතක කර දමයි. ඔවුන් ගේ කටහඬවල් ප්‍රීතිමත් අවලාදයන්ගෙන් සහ පිළිසඳරෙන් යුතු වේ.
“වොඩ්කා සැර මේ පාහරයො බාල කරනව.”
“අසමජ්ජාති හැත්ත. ඕකුන් මක බෑ වෙන්න ඕනැ.”
“ඊට හපන් දුංකොළ. පෙණහළුවලට වගේ වගක් නෑ.”
නම් දරාපු බේබද්දෙකු සහ තක්කඩියෙකු සේ ප්‍රකට චෙල්කාෆ් ඔවුන් අතරට පැමිණියේය.
“ආයුබෝවන් මිත්‍රවරුණි. සාර් උතුමාණන්ට ආශිර්වාද වේවා!”
“අම්මට හුඩු චෙල්කාෆ්. කොහේද පහුගිය දොහේ වාෂ්ප වෙලා හිටියෙ?”
හැම කම්කරුවෙකු ම චෙල්කාෆ් හඳුනයි. යහමින් මුදල් ඇති විට ඔහු තම මිතුරන්ට ඉස්මුරුත්තාවට කන්න බොන්න දෙයි.
“ගුදමෙන් රෙදි පීස් දෙකක් පන්නලයි කියන්නෙ.” එක් සගයෙකු චෙල්කාෆ්ට ළංවී කියයි.
“ඉතින් මට කියන්නෙ?” චෙල්කාෆ් කියන්නේ පිරිසිදු චරිතවත් කෙනෙකු සේ උස් හඬින්ය.
“ඒකට කමක් නෑ. ඇතුළට යන්න එපා. සිකුරටි ඇහැ ගහගෙන ඉන්නෙ ඔහේ එනකං.”
“මිෂ්කා දැක්කෙ නැද්ද?” පැමිණිලි චෝදනා පිළිබඳව කිසිදු හැඟීමක් චෙල්කාෆ් තුළ නැත.
“මොන?”
“පච්ච මිෂ්කා”
මිෂ්කා හදිසි අනතුරකට මුහුණ දී රෝහලේ ය. චෙල්කාෆ් ගේ බලාපොරොත්තු බිඳී ගියේය. අද රාත්‍රියේ මිෂ්කා අවශ්‍යමය. ඊළඟට කළ යුත්තේ කුමක්ද යන්න පිළිබඳව හිතන්නවත් බැරිය.
කම්කරුවන් යළි වැඩමුරයට පිටත්ව ගිය පසු අවන්හල් අතර නිහඬ හිස් බවක් පැතිර ගියේය. හුදකලාව අතීරණාත්මකව සිටි චෙල්කාෆ් දුටුවේ තමා ඉදිරිපස බංකුවේ කුඩා ඔළොගුවක් උකුලේ තබා ගෙන හිස් බැල්මෙන් යුතුව සිටි ගැටවරයෙකි. අවුල් වූ හිස කෙසින් යුතු ඔහුගේ කාංසියෙන් යුතු දෑසේ යෞවනය උතුරයි. නිසැකවම ගමෙන් පැමිණි ගැටවරයා ගේ පිබිදුණු යෞවනය පිළිබඳව ඉරිසියාවක් උපන්නත් චෙල්කාෆ් තුළ අලුත් බලාපොරොත්තු ඇති විය.
“මොකද ඉලංදාරියා කල්පනාව? හරි හමං වැඩක් හම්බ උණේ නැද්ද?” ගැටවරයාගේ බංකුවේ වාඩි වෙමින් චෙල්කාෆ් ඇසුවේය.
“නෑ.” ගැටවරයා කීවේය. රූබල් පන්සියයක් හොයාගන්න ආවෙ. දවස් හතරකට හම්බුකළේ රූබල් දෙකයි.”
“දවල්ට කෑවෙ නෑ නේද?” චෙල්කාෆ් ඇසුවේය.
ගැටවරයා අවහන්හලකට කැඳවාගෙන ගිය චෙල්කාෆ් දවසින් බේරන ණය පොතට ඌරුමස්, පාන් සමඟ වොඩ්කා ඇණවුම් කළේය. චෙල්කාෆ් ගේ ඉල්ලීම පරිදි ගැටවරයා ජීවිතයේ ප්‍රථම වරට මත්පැන් පානය කළේය.
“මොකක්ද නම?”
“ගව්රීල”
“රූබල් පන්සියයක් අහවල් දේකටද?”
ගව්රීල ගේ සිනහව ප්‍රසන්න විය. ඔහු ගේ දෑස් ආදරයෙන් පිරී ගියේ ය. ඔහුට අවශ්‍ය තම හුරුබුහුටි නෑනා විවාහ කර ගැනීමට ය. කුඩා ගොවිපළක්, ගෙයක් සහ යාන්තමට හෝ යා හැකි අශ්වයකුත් එයට අවශ්‍යය යි මාමණ්ඩිය කීවේ ඒ විදිහටයි. එයට රූබල් පන්සියයක් අවශ්‍ය ය.
“වරෙන් අද රෑ මාත් එක්ක මාළු බාන්න. උඹට තියෙන්නෙ හබල් ගාන්න විතරයි. මං රූබල් පන්සියයක් දෙන්නම්.”
ගව්රීල තවත් වොඩ්කා වීදුරුවක් බීවේය. ඉන්පසු චෙල්කාෆ් රාත්‍රියේ කූද්දන තෙක්ම ඔහු පාළු කඩ කාමරයකට වී හොඳ හැටියට නිදා ගත්තේය.
“මෙලෝ වගතුවක් නැති පාන් කඩයක්නෙ මං අල්ලගත්තෙ. උඹට හබල් ගාන්න පුළුවන්ද?”
ගව්රීල ගියේ වැනෙමින්ය. එහෙත් චෙල්කාෆ් තෝරාගෙන තිබූ ඔරුව ඔහු මැනවින් හබල් ගාගෙන ගියේය.
“ඔය නැව් අස්සෙන් හෙමිහිට යමං.”
මැදියමට ආසන්නයේ අහසේ තරු විසිරිලාය. අඳුරේ බොහෝ තැන් නිශ්ශබ්දයි. වෙරළේ මුර භටයෝ කිරා වැටෙමින් තම සේවයේ යෙදුණහ. චෙල්කාෆ්ගේ අණ පරිදි ඔවුනට නොහැගෙන්න ඔරුව පා වී ගියේය.
“අයියෙ කෝ මාළු අල්ලන්නෙ නැද්ද?” ඔරු තට්ටුවේ බර කල්පනාවකින් සිටි චෙල්කාෆ්ගෙන් ගව්රීල ඇසුවේය.
“කටවහගෙන හෙමිහිට යමං. වැඩිය කියවන්න ආවොත් හබලෙන් ගහල මුහුදට දානව පරය.”
ගව්රීල වෙවුලා ගියේය. මේ මාළු බෑමක් නොවේ. මේ චෙල්කාෆ් ගේ මොනවා හෝ අළුගුත්තේරු වැඩකි.
ඔරුව මහ නැවක් සමීපයේ නැවැත්වීය. චෙල්කාෆ් එහි පිටතට තිබූ ලණු ඉනි මග දිගේ සතෙකුසේ බඩ ගාගෙන ගියේය. ඔහු අතුරුදහං විය. මිනිත්තු දහයකින් ඔහු ගව්රීලට කතා කෙළ්ය.
“එයාට වෙයං”
චෙල්කාෆ් ඔරුවට රෙදි පීස් දහයක් බා ලණුව දිගේම රූටා විත් ඔරුවට ගොඩ විය.
“දැන් ආපු මග දිගේම හෙමිහිට පැදපං. පොලිස් මුරපොළ ගාවදි පා වෙන්න ඇරපං. නැත්නම් උඹට නෑනව බැඳගන්න වෙන්නෙ අවුරුදු පනහ පැනල. එතකං හිරේ විලංගුවෙ තමයි.”
ගව්රීලට සිහිපත් වූයේ තම නෑනාය. ඇය හුරුබුහුටිය. පුංචි කිරිල්ලියක් වැනිය. ගව්රීල ගමෙන් පිට වෙන දා ඇගේ ඇස්වල පුරාවාගෙන සිටියේ ප්‍රාර්ථනාත්මක කඳුළුය.
ගව්රීල සියලු වගකීම් දරාගෙන ඉතා මැනවින් ඔරුව පැදවූයේය. ඔවුන් නිරුපද්‍රිත විය. ඔරුව පිටත් වූ තැනටම නවත්වන විට චෙල්කාෆ් ගේ දුෂ්ට නපුරුගති හැම දෙයක්ම අතුරුදහං විය.
“හරි ගව්රීල මල්ලියෙ. උඹ දක්ෂයි. මං එන කං උඹ ඔය වැල්ලෙ උදේ වෙනකං නිදාගනිං.”
චෙල්කාෆ් ඔරුව සමඟ යළිත් නොපෙනී ගියේය. ගව්රීල වැල්ලේ වකුටු වී හොඳහැටියට නිදා ගත්තේය.
චෙල්කාෆ් කූද්දන තෙක්ම ගව්රීලගේ නින්ද සුවපත් විය. චෙල්කාෆ් සිටියේ මහත් උද්‍යෝගයෙනි.
“මල්ලි උඹ හරි වාසනාවන්තයි. ඉදා උඹේ රූබල් පන්සීය. දැන් ගමට ගෙහුං කසාද බැඳගනිං.”
“කීයක් විතර හම්බ උණාද අයියෙ?”
“වැඩිය නෑ. රූබල් හාර දහස් පන්සියයයි.”
ගව්රීල තිගැස්සුණේය. මේ මුදලින් ගමේ කොයිතරම් නම් දේවල් කළ හැකිද? ලොකු ඉඩමක්. ඌරන් කුකුළන් එළුවන් සහිත ගොවිපළක්, අශ්ව කරත්තයක්.
“උඹේ ඇස් දෙක අමුතුයි.” චෙල්කාෆ් කීවේය.
“අනේ අයියෙ. ඔය සල්ලි ටික මට තියෙනව නං දූ දරුවො හදාගෙන මැරෙන කං සැපට ඉන්න පුළුවන්.”
“එතකොට මං?” සුන්දර ගැමි පවුලක් සිතේ ඇඳී ගිය චෙල්කාෆ් කෝපයෙන් ඇසුවේය.
“අයිය එක රැයින් මේ සල්ලි ටික බීල නාස්ති කරාවි. ඇරත් අයියට මේ වගේ සල්ලියක් හම්බුකරන එක මහ කජ්ජක් යැ.”
එය ක්ෂණිකව විකල්පයන් දෙකක් අතර උපන් අසමතුලිත බවක් විය. ඉරිසියාවත් පැහැරගැනීමක් හා රැක ගැනීමට ඕනෑකමක් එය වඩාත් ආවේගශීලී ප්‍රචණ්ඩ බවක් කරා එක් වෙමින් තිබුණි. ඒ සමඟම දෙදෙනාම අසමතුලිතව පොර බදන්නට වූහ. බිම වැටුණු ගව්රීල ගේ ඇඟමත සිටි චෙල්කාෆ් පෙරළා දැමූ ගම්බද ගැටවරයා ඒ සමීපයේ තිබූ ගලක්ගෙන වෙර යොදා පාඩදඩයාට ගැසුවේය.
ගව්රීල කලබලයට පත් විය. ගමේදී උපන් මෙතෙක් රැකගත් අහිංසක බව එහි තිබුණි. ගව්රීල ගේ සිත තැති ගැනුණි. මුහුදින් දිය දෝතක් ගෙන ආ ඔහු චෙල්කාෆ් ළඟ දණ ගසා එය ලේ ගලන තුවාලයට දැමීය. චෙල්කාෆ් ඇසපිය සලන විට ගව්රීල බැගෑපත් විය.
“අනේ අයියෙ මට සමාවෙන්න. මං මහ පොළොව නුහුලන අපරාධයක් කළේ. අයිය ඊයෙ මට වොඩ්කා වීදුරු දෙකකුත් අරං දුන්න. අනේ මට කීයක්වත් එපා අයියෙ මං යන්නම්.”
චෙල්කාෆ් වාඩි විය. ගව්රීල පිටුපා යමින් සිටියේය. චෙල්කාෆ් කෑ ගැසීය.
“කොහේද යන්නෙ? මෙහෙට වරෙං බැල්ලිගෙ පුතෝ.”
ගව්රීල බිය පත්ව චෙල්කාෆ් සමීපයට පැමිණියේය.
“මට සමාවෙන්න අයියෙ. ශාන්ත ජෝන් ගේ නාමයෙන් මට සමාව දෙන්න අයියෙ.”
“කටවහපං අළුගුත්තේරු බලුපැටිය. උඹේ ගමේ ගෙහුං මදන දිට්ටිය ඉහට ගහල ළමයි කී දෙනෙක් හදා ගන්නවද?”
චෙල්කාෆ් කලිසම් සාක්කුවේ ඔබා තිබූ සල්ලි මිටිය අතට ගෙන එයින් නෝට්ටු කීපයක් උඩ සාක්කුවට දමා ඉතිරි ටික ගව්රීලට දිගු කළේය.
“ඉඳා ගනිං.”
“අනේ එහෙම හරි නෑනෙ අයියෙ.”
“ගත්තෙ නැත්තං මං උඹේ ඔළුව කුඩු කරනව. සල්ලි ටික අරං පස්ස නොබල ගමට පලයං. ගෙහුං නෑනා සහේට අරං ඇති පදං ළමයි හදපං.”
ඔවුහු දෙපැත්තකට වෙන් වී ගියහ. ගව්රීල මුදල් තැන්පත් කළ ඔළොකුව තම පපුවට තුරුළු කර ගෙන ගමන් කළේය.
උදෑසන හිරු එළිය පැහැබර විය. මුහුදේ එහා කොළ පැහැයත් නිල් පැහැයත් පැතිරිලාය. රළ සුපුරුදු ලෙස වෙරළට ඇදී ආවේය. මිනිසුන් දෙදෙනෙකු අතර උපන් අරගලයක මතකයක්වත් ඉතුරු නොකර දිගු රළ වෙරළට පැමිණ ආපසු ගියේය.
නික්ම ගිය ප්‍රේමාදරය
සුනන්ද එරංග පෙරේරා
(ඇලෙක්සැන්ඩර් කුප්රින් ගේ 'රත් මිණි වළල්ල' කෙටිකතාව ඇසුරෙන් ප්‍රතිනිර්මාණය කළ කෙටිකතාවකි.)
ජෙනරාල් සීයා වේරා බඳ වටා තුරුලු කර ගනිමින් උද්‍යානයේ කෙළවරේ තිබූ තම අශ්ව කරත්තය සමීපයට ගියේ පොල්කා නැටුමට අනුගත ගීතයක් ගයමින් ය.
“කෝ මට මගෙ ලස්සන වසන්ත තරුවේ මූණ ඉඹින්න ඕනැ.”
දහනම හැවිරිදි වේරා එයට කැමැති විය. ඇය තම සීයාට බෙහෙවින් ආදරය කළා ය. හමුදාවේ ඉහළ නිලයක් දැරුවත් ඔහු රළු නො වීය. ඔහු සාර් හමුදාවට කිසිදු ආකාරයකින් නො ගැළපෙන්නේ යැයි කීවේ ආච්චියි. සැහැල්ලු වතින් යුතු තම ස්වාමියාට ආදරය කරමින් ම ඇය තෘප්තියෙන් මිය ගියා ය.
“මං මළාට පස්සෙ ඔයා කවුරුද ගෙන්න ගන්නෙ?”
මියෑදෙන්න මිනිත්තු දහයකට පෙර ආච්චි තම ආදරණිය ස්වාමියාගෙන් ඇසුවා ය.
“කවුරුවත් නෑ. ඒත් මං කුරුල්ලෙක් වගේ පියාඹනව. ඒ උණත් මාව දාල යන්න එපා රත්තරන්.”
ආච්චී බොහෝ සන්සුන් ව මිය ගියා ය. දෙදවසක් තම නිදන කාමරයට වී දොරගුළු වසා ඉස්තරම් වර්ගයේ වොඩ්කා බොමින් වැළපුණ ජෙනරාල් සීයා හිම වැටෙද්දී විවේකයක් ගැනීමට යාල්ටාවට ගියේ ය. එහි ප්‍රතිඵලය වූයේ ඔහුට වේරාගේ දහඅට වැනි උපන් දිනයට පැමිණීමට නො හැකි වීම ය. එහෙත් ඇගේ දහනව වැනි උපන් දිනයට පැමිණීමට ඔහුට හැකි විය.
හිමෙන් ගල් ගැසී ගිය ඉපලක් වැනි කුදිරකාරයා අශ්ව කරත්තයේ සිටියේ තම ස්වාමියාගේ අණට පමණක් අවධානය යොමු කරමින් ය. සීයා ගැඹුරු හඬින් සන්සුන් ව වේරාට කතා කළේ ය.
“මං ජීවිතය ආදරය කඳුළ මේ ඔක්කොම හැබෑවට ම දැකල තියෙනව දුවේ. වයසට ගියත් කෙල්ලකුගෙ හිත ඇතුළෙ තියෙන චමත්කාරය මං අඳුනනව. පසුගිය හිම වැටෙන කාලෙ මං යාල්ටාවේ තානායමේ ඉන්නකොට මට උපස්ථාන කළේ අවුරුදු විසිතුනක කිර්ගිස්ථාන් කෙල්ලෙක්. මං එනකොට ඒකි වැලහින්නක් වාගෙ ඇඬුවා.”
සීයා හැමදාමත් සැහැල්ලුවෙන් කතා කරන හැම දෙනාට ම ආදරය කරන යහපත් ලෝකායතවාදියකු වන්නේ යැයි වේරා සිතුවා ය.
“ඉතින් සීයා කියන්නෙ මොකක්ද?”
සීයා තම මිනිබිරියගේ ආකර්ෂණීය වත දෙස බලා සිටියේ ය. ඇගේ දෙනෙත් තිගැස්සෙන සුලු ය. සියල්ලෙන් පිරිපුන් ඇගේ කය කවියක් සේ ය. ඒ සුන්දර කවියේ භාව මැනැවින් හඳුනාගත් පිරිමියකු ඇයට මෙතෙක් හමු වී තිබේ ද?
ජෙනරාල් සීයාගේ හඬ පැහැදිලි ය. එසේ ම නිරවුල් ය.
“අර දුවට ආදරය කරන නන්නාඳුනන පෙම්වතා. කවුද මේ... මට මතක් උණා ෂේන් නේද?”
වේරාගේ දෙතොලට නැඟුණේ සැහැල්ලු සිනහවකි. එහෙත් ජෙනරාල් සීයාගේ හඬ ගැඹුරු විය.
“දුවේ! හැම ගැහැනියක් ම ප්‍රාර්ථනා කරන අතිසුන්දර ප්‍රේමයක් කොහේ හරි තියෙනවා. ඒත් ඒක කවදාවත් මුලිච්චි වෙන්නෙ නෑ. එහෙම උණත් ඒක කවදාවත් පවතින්නේ නෑ. හෙමිහිට ම නික්මිල යනව.”
ජෙනරාල් සීයා රැගත් වංශවත් අශ්ව කරත්තය නොපෙනී යන තෙක් වේරා බලා සිටියා ය. ඇයට අවශ්‍ය වූයේ උද්‍යානයේ තනි වන්නට ය. සදාචාර සම්පන්න ගතානුගතික පවුරට උඩින් පා වෙන සොඳුරක් පිළිබඳ ව ප්‍රියමනාප සිතිවිල්ලක් ඇගේ සිතට නැඟුණි.
වේරාගේ මේ උපන් දින උත්සවයට සහභාගි වූයේ ජෙනරාල් සීයා හැරුණු විට හෙන්රි, වික්ටර් සහ ඈන් යන තිදෙනා පමණි. මෙයින් ඈන් වේරා ගේ අක්කා ය. වික්ටර් ඇයගේ සහෝදරයා ය. ඔහු රජයේ නීතිඥවරයෙකි. ඔහු තමා අයත් වන්නේ සිටු පරපුරට බව අමතක නොකළේ ය. නිතර ම අත් දෙක කලිසම් සාක්කුවේ ඔබා සිටින ඔහුට තමා ඉදිරියේ සිටින හැම දෙනා ම අමු මෝඩ රැළක් විය. බොහෝ නීතිඥවරුන් සතු වන අත්තුක්කංසන පරවම්භනය ඕනෑවටත් වඩා ඔහු තුළ පිහිටා තිබුණි.
අනෙක් තැනැත්තා වූ හෙන්රි වේරාට දහසය සම්පූර්ණ වන විට ඇයව විවාහ කර ගත්තේ ය. පාරම්පරික ව ලැබුණු සිටු මැඳුරේ සිටි සේවක සේවිකාවන් විසිතුන් දෙනාත් ප්‍රවේණි ගොවි පිරිසත් කියා සිටියේ ඔහු යහපත් කරුණාවන්ත ස්වාමියකු වන බව ය.
හෙන්රි වේරාට බොහෝ ආදරය කළේ ය. බාගදා එය පැවතියේ හැඟීමක් සේ පමණි. ඔහු ඇවිද ගියේ සන්සුන් ලෙස ය. වේරාගේ සිත නොරිදවීමට ඔහු වග බලා ගත්තේ ය. නෘත්‍ය ශාලාවේ දී හෝ සම්භාෂණයක දී අනෙක් කුලීන තරුණයන් වේරා දෙස බලන බව ඔහු දැන සිටියේ ය.
උපන් දින කේක් ගෙඩිය කැපීමෙන් අනතුරුව වේරා පියානෝව වාදනය කරමින් කඳුකරයේ පැණි කිරිල්ලියගේ ආදරය නම් සුප්‍රකට ගීතය ගායනා කළා ය. එය ප්‍රංස මත්පැන් වීදුරු ගණනාවක් බීමට තරම් උද්‍යෝගයක් ජෙනරාල් සීයා තුළ ඇති කළේ ය.
ආහාර ගැනීමෙන් අනතුරුව ජෙනරාල් සීයා වේරා සමඟ හැමදාමත් උපන් දිනය දා අලුතෙන් බලන වේරාගේ සේයා රූ එකතුව බලන්නට විය. වේරා ගේ උත්පත්තියේ සිට හැම වැදගත් සිදුවීමක් ම සීයා සිහිපත් කළේ ය. ඒ හැම දෙයක් ම සතුටු මතකයෙන් යුක්ත විය.
එහි එක් පිටුවක සීයා ඉහත දී නොදුටු සුදු කඩදාසියක අඳින ලද උපහාසාත්මක මුහුණක් ඇඳ තිබුණි. ඒ යටින් තිබුණේ වේරාගේ පෙම්වතා ෂේන් යනුවෙනි.
“මේ මොකක්ද දුවේ?”
හොඳ විහිළු කතාවකට කැමැති වේරා සිනාසුණා ය.
“ඔය අයියගෙ විකාර වැඩ.” ඇය දිගට ම කතා කළා ය.
“මං දන්නෑ සීයෙ. මට අවුරුදු දාහතරෙ ඉඳල කවුරුහරි මගෙ පස්සෙන් එනවා.”
තමාට ආදරය කරමින් වසර ගණනාවක් තමා පසුපසින් එන ෂේන් නම් වූ තරුණ්‍යකු පිළිබඳ කතා පුවතක් වේරා සීයාට කීවා ය.
ෂේන් වේරාගේ පසළොස්වෙනි උපන් දිනයේ සිට හැම උපන් දිනයට ම සුබ පැතුවේ ය. ප්‍රථමයෙන් ඔහු එවූ ලිපි බොහෝ බොලඳ විය. ඇය නෘත්‍ය ශාලාවකදී අමතක ව ගිය චිජිනි පතක් ද ලේන්සුවක් ද ප්‍රවේශ පත්‍රයකින් අඩක් ද ඔහු සතු කරගෙන තිබුණි. සන්ධ්‍යාවේ දී තනිව හෝ ස්වාමියා සමඟ හෝ වේරා එළිමහනට ගියේනම් ඔහු අසල සිටි බව ලියා දන්වයි. වේරා ගේ විවාහයේ දී ෂේන් තමාට අහිමි වන එහෙත් තමා එක සිතින් ආදරය කරන ඇය ගේ අනාගතයට සියලු මුනිවරයන්ගේ ආනුභාවයෙන් ආශිර්වාද කර තිබුණි.
ජෙනරාල් සීයා බොහෝ වේලාවක් නිහඬ ව සිටියේ ය. අනතුරුව හැම දෙනාගෙන් ම සමු ගත්තේ ය. වේරා සමඟ අස් රිය දක්වා පැමිණි සීයා පිටත්වීමට පෙර කියූ දේ ඇයට බර වැඩිය.
මැඳුර දෙසින් ඇහෙන්නේ අයියා වික්ටර්ගේ හඬ ය. කිසිවකට ඔහු කෝපයට පත් වී සිටී. වේරා ඉක්මන් ගමනින් උද්‍යානය හරහා ගොස් පවුලේ සාමාජිකයන් සිටි විසිත්ත කාමරයට ඇතුළු වූවා ය.
“මේ එන්නෙ. මෙයා තමයි මේ සේරටම වග කියන්න ඕනැ”
“මොකක්ද අයියෙ?”
“තව මොනවද කියන්න තියෙන්නෙ”
තමාගේ උපන් දිනය ගත කළ යුත්තේ සතුටින් ය. එහෙයින් වේරා තම ස්වාමියාට බැගෑපත් වූවා ය.
“අනේ හෙන්රි ඔයාවත් කියන්නකො ඇයි කියල.”
අලංකාර ඔතනයක බහා තිබූ මේ වන විටත් විවෘත කරන ලද මේසය මත තිබූ කුඩා මංජුසාවක් හෙන්රි පෙන්වූයේ; වේරා එය බැලුවා ය. එහි තිබූ විචිත්‍ර සුදු කඩදාසියක මෙසේ ලියා තිබුණි.
“සදාදරණීය වේරා කුමරිය! ඔබගේ දහනව වැනි උපන් දිනයට මම හදවතින් ම සුබ පතමි. ඒ සමඟ ම කවදා හෝ මගේ බිරියට දිය යුතු යැයි සම්මත කළ අපේ පරපුරේ උරුමයක් වූ මේ රත්මිණි වළල්ල මම ඔබට පරිත්‍යාග කරමි.
මෙයට,
ජේ. ජේ. ෂේන්
රතු නිල් ගල් ඔබ්බවා අලංකාර කරන ලද රත් මිණි වළල්ල රනින් නිම කරන ලද්දේ විය.
“ඉතින් මං මොනව කරන්න ද?” වේරාගේ දෑසට කඳුළු නැඟිණි.
සැබවින් ම එය නොවිය යුත්තකි. අද කෙතරම් මිහිරි ලෙස ගත විය හැකි දිනයක් වන්නට තිබුණේ ද?
“ප්‍රශ්නය තියෙන්නෙ මේක හොර බඩුවක් නම්. අපේ පරපුරේ නම්බුව? ගෞරවය? වික්ටර් මඳක් සන්සුන් ව සිටියේ ය. අවසානයේ වික්ටර් මෙසේ කීවේ ය.
“හරි අපි මෙහෙම කරමු. අපි මේක ආපහු ගෙහුං දෙමු.”
එදා රාත්‍රිය ඇඳිරි සීත දුක්මුසු රාත්‍රියක් විය. මැඳුරේ උද්‍යානයේ රෑ කොවුලන් ගායනා කළේ දුක්බර ගීතයන් ය. සඳ තරු එළියක් අහසේ අහලකවත් නොවීය.
හෙන්රි වේරාට කැමැති විදිහට නිදි යහනේ ඉන්නට ඉඩ හැරියේ ය. සන්සුන් වතක් ඇති හෙන්රි වේරාගෙන් මේ පිළිබඳ ව අහන්නවත් අකැමැති විය. එය තමන් අදහන විශ්වාස කරන බිරියගේ යහපත් චරිතය පිළිබඳ ව අනවශ්‍ය ප්‍රශ්න කිරීමකි.
තමන් කරන කියන හැම දෙයක ම ඉහළ සාර්ථක බවක් අපේක්ෂා කරන වික්ටර් පසු දින උදෙන් ම ආවේ ය.
“ඒක එච්චර දෙයක් නෙවි. නගර සභා පුරවැසි ලේඛනයෙන් මේ පිස්සව මං හොයා ගත්තා. මිනිහ විදුලි පණිවුඩ දෙපාර්තමේන්තුවෙ සාමාන්‍ය ලිපිකරුවෙක්.”
හෙන්රි සහ වික්ටර් නැඟුණු අස් රිය ෂේන්ගේ ලිපිනයට අනුව ගමන් කරමින් තිබුණි. පිටත් වීමට පෙර හෙන්රි වේරාගේ නළල සිප ගත් විට ඇය බැගෑපත් වූවා ය.
“අනේ හෙන්රි කාටවත් හිරිහැරයක් කරදරයක් වෙන්න දෙන්න එපා.”
ප්‍රධාන වීදියෙන් අතුරු වීදි ගණනාවක් ඔස්සේ ගමන් කළ රිය බලු බළලුන්ගෙන් ද නිරුවත් දරුවන් වීදි පුරා ක්‍රීඩා කරන ඉඳුල් වතුර ගඳින් යුතු පටු වීදියක ඇඳිරි පැහැති දෙමහල් ලෑලි නිවසක් සමීපයේ නවත්වනු ලැබීය.
දොරට තට්ටු කළේ වික්ටර් ය. එය කීප වතාවක් කරන විට දොරේ රවුම් පියනක් විවර වී ගනකමැති වීදුරුවක් පෙනෙන්නට විය.
“ෂේන් ඉන්නෙ මෙහෙ ද?”
දොර හැරුණි. මහලු කාන්තාවක් ගෙත්තමක් සහිත ව ඉදිරියෙන් සිට ගත්තා ය.
“ෂේන් ඔහේගෙ පුතා ද?”
“මරියා මවු තුමිය මට එහෙම භාග්‍යයක් දුන්නෙ නෑ. ඒත් දැන් අවුරුදු දෙක තුනක ඉඳල මයෙ පුතා.”
මැහැල්ලගෙ මඟ පෙන්වීමට අනුව දෙදෙනා ලී තරප්පුව නැඟ උඩු මහලේ තිබු එක ම කාමරයේ දොරට තට්ටු කළේ ය.
“එන්න ඇතුළට.” බොහෝ දුර ඈත නිම්නයට සිට සිහින් කටහඬක් පා වී ආවේ ය.
එළියේ සිට ආ දෙදෙනාට මඳක් ඇඳිරියෙන් යුතු කාමරයේ පුටුවක් දිගැද්දී සිටි ෂේන් දැකගැනීමට මොහොතක් ගත විය.
ෂේන්ට තිබුණේ කෙට්ටු නොවූ සිහින් කයකි. ඔහුගේ හිසකෙස් කැරළි ගැසිලා ය. ගම්බද සුන්දර යුවතියකගේ මුහුණේ ඇති සෙනෙහෙබර රුවක් එහි තිබුණි. ඔහුගේ දෙනෙත් සිහින් ය.
“මං රජයේ නීතිඥ සිටුවර වික්ටර්. මේ ඉන්නෙ වේරා කුමරියගේ ස්වාමියා හෙන්රි කුමාරය.”
“මං දන්නව. වාඩි වෙන්න” ෂේන් සිහින් හඬින් කීවේ ය.
එහි වාඩි වීමට තිබුණේ ඇඳ පමණි. දිගට ම කතා කළේ වික්ටර් ය.
“අවශ්‍ය නෑ. දන්නවනෙ ආපු කාරණය. මෙන්න තමුසෙගෙ කෙහෙම්මල් වළල්ල. අපි වංශාධිපතියො. ඔහේට වේරා කවුද? ඔය බහුබූත ආදරය මෙතනින් නවත්ත ගන්නව හොඳයි.”
ෂේන් නැගිට කවුළුව සමීපයට ගියේය. වේරා කුමරිය ස්වාමියා සමඟ ගමන් බිමන් යන වංශාධිපති අශ්ව කරත්තය පහළ පාර අයිනේ ය.
“මම මේ වළල්ල ආපසු ගන්නම් නීතිඥ මහත්තයො. ඒත් මිනිහකුගෙ හිතේ යුවතියක් පිළිබඳ ව උපන්න ආදරය නවත්වන්නෙ කොහොම ද කියල මට කියන්න.” ෂේන් නිරවුල් ව සන්සුන් ව කීවේ ය.
වංශවත් නොවූ එසේ ම තුට්ටු දෙකේ පඩියකට සේවය කරන අලුගුත්තේරු පඟරකුගේ හිතේ කුමරියක පිළිබඳ ව උපන් කෙහෙම්මල් ආදරය හේතු කොටගෙන ෂේන් ව කවුළුවෙන් ඇද පාරට වීසි කිරිමට උපන් හැඟීම වික්ටර් මැඬ ගත්තේ ආයාසයෙනි. එය සන්සුන් කිරීමට හෙන්රි සිතුවේ ය.
“මේ වේරාගෙ දහනව වෙනි උපන් දිනේ. එයා මේ වළල්ල හින්ද ඉන්නෙ හැඬු කඳුළෙන්. ඔයාගෙ ආදරය හින්ද වේරාගෙ ජීවිතය අපායක් වෙන්න ඕනැ ද?”
ෂේන් කම්පාවෙන් තැති ගත්තේ ය. වේරා නොහැඬිය යුතුය. තමාගේ සදාදරණීය ප්‍රේමය සිටිය යුත්තේ සතුටින් ය.
“ඔව්. තමුසෙගෙ කරදරේ හින්ද වේරා දිවිනසා ගනිවි.” වික්ටර්ගේ හඬ උස් විය.
ෂේන්ගෙ දෙනෙත් රත් පැහැති විය.
“මං මේ කියන්නෙ හෙන්රි කුමාරයට. මං තුන්හිතකින්වත් වේරට දුකක් දෙන්න හිතුවෙ නෑ. ඒත් මං නිසා ඇය කඳුළින් නම් ඔබ ගෙහුං කියන්න ආයෙ මගෙන් කරදරයක් වෙන්නෙ නෑ කියලා.”
ප්‍රශ්නය සරල ලෙස විසඳා ගැනීමට හැකිවීම පිළිබඳ ව හෙන්රි සතුටු විය. එහෙයින් ෂේන් කියූ හැම දෙයක් ම ඔහු වේරාට කීවේ ය.
දවස ගෙවී ගියේ සාංකාවෙන් යැයි වේරා සිතුවා ය. අවුරුදු ගණනාවක් තමා පසුපසින් ආ, එහෙත් හමු නොවූ අදෘශ්‍යමාන පෙම්වතාගෙන් දැන් මිදී අහවරය. එසේ ම සිහිනමය ප්‍රේමයක් පිළිබඳ මතුරන ඔහුගේ ලිපි ද දැන් සමාප්තය. තමා ෂේන් ගේ අවධානයට රුචි කළ බව හැඟෙන විට වේරා තැති ගත්තා ය.
රාත්‍රියේ දිගින් දිගට ම කතා කිරීමට කිසිවක් දෙදෙනාටම නො තිබුණි. එය වේරාට දිගු නිශ්ශබ්ද රාත්‍රියක් විය.
උදෑසනින්ම පිබිදුණු වේරා ගෙඋයනට ගියාය. උද්‍යානය මල් සුවඳින් යුක්තය. ඇය එහි බංකුවක හිඳගත් පසු සේවකයකු පැමිණ යටහත් ව ප්‍රාදේශීය අලුයම පුවත්පත ඇයට පිරිනැමුවේය. උදෑසනින්ම පුවත්පත කියවීම හෙන්රිගේ පුරුද්දය. හෙන්රි තවමත් එළිමහනට පැමිණ නැත.
එහි මුල් පිටුවේ විශේෂත්වයකින් පළ කර තිබූ කුඩා පුවතක් කියවූ වේරා කෙතරම් කලබල වූයේ ද යත් පුවත්පත රැගෙන හෙන්රි සොයා දිව ගියා ය. හෙන්රි ඉක්මනින් එය කියවූයේය.
“විදුලි සන්දේශ දෙපාර්තමේන්තුවේ සේවය කළ විසිහතර හැවිරිදි ජේ. ජේ. ෂේන් නමැත්තා ඊයේ හවස පපුවට වෙඩි තබා ගෙන සියදිවි නසාගෙන ඇත. නිධන්ගත රෝගයක් නිසා උපන් කලකිරීමෙන් තමා මෙය සිදුකර ගන්නා බව ඔහු ලියා තිබේ.”
වරදක් කළා යන හැඟීමක් හෙන්රිගේ දෙනෙතේ තිබුණි.
වේරා සිහිනයෙන් මෙන් ඇවිද ගොස් යහනේ වැතිරුණා ය. කොහේ දෝ ඈතක තිබූ ස්නේහයක බින්දු මාත්‍රයක් මහ වතුරක් වී ඉවුරු තළා ගලා යන්නට විය. ඇගේ සිතිවිලි නිශ්චිත විය. ඇය හෙන්රි සොයා ගියේ ඒ නිශ්චිත හැඟීමෙනි.
“මං ප්‍රථම වතාවට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න ද හෙන්රි”
“ඔයා කැමති ඕනෑම දෙයක් කියන්න.” වරදක් කළා ය යන හැඟීමක් බාගදා හෙන්රි තුළ තිබුණා විය හැකිය.
“මං මේ මැරුණු කෙනාව බලල එන්න ද?”
“යන්න වේරා. ඔයා කැමැති ඕනෑම වෙලාවක යන්න.”
වේරා උද්‍යානයට ගොස් පිපීගෙන එන රතු රෝස මලක් රැගෙන ආවා ය. ඉන්පසු මුතුකැටවලින් සහ රේන්ද වලින් හැඩ ගැන්වුණු දිගැති ළා රෝස පැහැති ගවුමක් හැඳ ගත්තාය. එය හෙන්රි වේරා විවාහ කරගත් දින හැඳි මංගල ගවුමය.
අශ්ව කරත්තයේ රියැදුරාට පෙර දිනයේ ගිය පාර මතක ය. පෙර දිනයේ මෙන් නොව මැහැල්ල ඉක්මනින් දොර හැරියා ය.
“ෂේන් මහත්තයගෙ දේහය තියෙන්නෙ මෙහේ ද?”
“අනේ ඔව්. ඕං උඩ තට්ටුවෙ. කාත් කවුරුත් ඉන්න එකක්යැ. හෙට නගර සභාවෙන් වළ දමාවි.”
“මේක උණේ කොහොම ද අම්මෙ?” වේරාගේ ප්‍රශ්නයට මැහැල්ල හඬන්නට වූවා ය.
“ඕං උදේ මහත්තුරු දෙන්නෙක් ඇවිත් කතා කර කරා හිටියා. ඊට පස්සෙ කාමරේමයි හිටියෙ. හැන්දෑවෙ වෙඩි තියාගෙන. ශාන්ත පීතර මුනිවරයා තමයි දන්නෙ ෂේන් පුතාගෙ නිධන්ගත රෝගෙ.”
වේරා තනිව පියගැට පෙළ නඟිද්දී මැහැල්ල ෂේන් කියූ දෙයක් සිහි කළා ය.
“හරි තමයි, ෂේන් පුතා දවසක් කිව්ව එයා කවදහරි අකාලෙ මළොත් ලස්සන නෝන කෙනෙක් එයාව බලන්න එයි කියල.”
වේරා සෝපානය නැංගේ මහා බරක් රැගෙන යන්නා සේ ය. තවමත් සැහැල්ලුවකින් යුතු සීයා කියූ සදා ආදරණීය ප්‍රේමයේ යථාව වේරාට හැඟී ගියාය. දොර නොවසා තිබුණි. යහනේ තිබූ ෂේන්ගේ දේහයේ හිස පැත්තේ දිගැති ඉටිපහනක් දල්වා තිබුණි.
සඳතරු අතරින් දේදුන්නක පැහැය ගෙන නිම්න මිටියාවත් හි දිය කඳුරු තෙමාගෙන මල් සුවඳින් යුතු හැම ගැහැනියක් ම පතන ආදරය; ෂේන් සමඟ ම මිය ගොස් තිබුණි. ඔහු ජීවත් වූයේ නම් මහලුව මියෑදෙන තෙක් තමාට ආදරය කරනු ඇත. ආදරය මේ ආත්මයේ හමාර කිරීම සඳහා ඔහු නික්ම ගියේය.
ෂේන්ගේ නිසල සිරුරේ වත ප්‍රසන්න විය. ඔහු කෙතරම් නම් කාලයක් අහිංසක ව හදවතින් තමා සමඟ ආදරයෙන් දොඩන්නට ඇති ද? වේරා ගේ සිරුරම දැවී ගියේය.
වේරා තමා ගෙන ආ රෝස මල මංගල පෝරුවේදී හෙන්රිගේ කබායේ පැලඳුවා සේ ෂේන්ගේ කමිසයේ පැලඳුවා ය. මොහොතක් ෂේන් ගේ මුහුණට නැඹුරුව සිටි වේරාගේ කඳුළු ෂේන්ගේ දෙතොල් මත වැටුණි.
වෙවුලන දෙඅතින් ෂේන් ගේ හිස එසවූ වේරා දෙතොල් මත දෙතොල් තබා ඉකිබිඳිමින් කෙඳරුවා ය.
“උපදින ආත්මයක් ආත්මයක් ගානෙ මට සමාව දීල මගේ ම වෙන්න රත්තරන්.”
අහස තවමත් උදෑසනයි. ස්ටෙප්ස් තණබිම හරහා ගලා ආ සුළඟේ හිම සිහිලෙන් යුතු සිහිලක් විය. හැම ගැහැනියක් ම පතන, එහෙත් කිසිදා හිමි නොවන ප්‍රේමාදරයක සුවඳ එහි තිබුණා විය හැකිය.
ඇමරිකානු ලේඛක ඕ. හෙන්රිගේ "The Municipal Report" කෙටි කතාවේ සිංහල අනුවාදය
නිමල් ෆ්රැන්සිස්
ඉන්පසුව ඔහු මා හෝටලයේ බීමහල වෙත තල්ලු කරගෙන ගොස් වාඩි කරවීය. වේටරයකුට මහ හඬින් අඬගැසූ ඔහු බීම වඩියක් ඇණවුම් කොට සිය පුරාඡේරුව ඇරඹීය. තමා හා තම පරම්පරාව ගැන ද, භාර්යාව හා ඇගේ පරම්පරාව ගැන ද තොරතෝංචියක් නැතිව කතා කළ ඔහු සිය බිරියගේ පොහොසත්කම පෙන්වූයේ සිය කෝට් සාක්‌කුවෙන් එළියට ගත් රිදී කාසි අහුරක් පෙන්වමිනි.
නමුත් මේ වනවිට මට ඔහුව ඇති වී තිබූ අතර ඔහුට සුබ රාත්‍රියක් පතා අමාරුවෙන් ගැල වී ගතිමි.
අනතුරුව මගේ කාමරයට පැමිණි මම ජනේලය හැර මඳ වේලාවක් රාත්‍රි නගරයේ සුන්දර සිරිය විඳ ගතිමි. දැන් වෙලාව රාත්‍රී දහයයි. 'කදිම නිස්‌කලංක තැනක්' යි මටම පවසා ගෙන මා ඇඳට නැඟුණේ සුව නින්දක් ලබා ගැනීමේ අපේක්‌ෂාවෙනි.
දකුණේ ඉපදී නිව්යෝර්ක් නගරයට සංක්‍රමණය වූ මම දැනට නගරයේ විශාල ලෙස අලෙවි වන සඟරාවක ලේඛකයකු ලෙස සේවය කරමින් සිටින්නෙමි. මෑත දිනක මගේ ප්‍රධානියා යම් කටයුත්තක් සඳහා නෑෂ්විලි වෙත යා හැකි දැයි මගෙන් විමසීය. නෑෂ්විලීහි වෙසෙන අසලියා අදයිර් නම් නිදහස් ලේඛිකාවකගෙන් අපේ සඟරාවට ලිපි හා කවි ලැබෙමින් තිබිණි. අප සඟරාවේ කතුවරයා ඇගේ ලේඛන ශෛලිය ඉතා ඉහළින් අගය කළ අතර අපේ සඟරාවට පමණක් ලිවීමේ කොන්තරාත්තුවකට ඇය පොළඹවා ගැනීමට අපේ ප්‍රකාශකයාට ඇවැසි විය. මට පංගාර්තු වී තිබුණේ එකී ගිවිසුමට ඇගේ අත්සන ලබා ගැනීමේ කටයුත්තයි.
අදයිර් මෙනෙවිය සොයා ගනු පිණිස මම පසුදා උදෑසන 9 ට පමණ හෝටලයෙන් පිට වූයෙමි. ඒ වන විටත් වැස්‌ස ඇදහැලෙමින් තිබූ අතර මා වෙත පැමිණියේ කළු, මහත, බොකුටු ඝන අළු පැහැති හිසකේ ඇති (පසුව දැන ගත් පරිදි) මහලු 'සීසර් මාමා' ය. මා මින් පෙර දැක නැති ඉතා දිග, මැසූ අළුත අළු පැහැයෙන් තිබෙන්නට ඇතැයි සිතිය හැකි හමුදා නිලධාරියකුගේ වැනි කබායක් ඔහු හැඳ සිටියේය. නමුත් කාලයක් තිස්‌සේ අව්වට හා වැස්‌සට හසු වී තිබූ එය දැන් දේදුන්නේ සියලු පාට කුලියට ගෙන තිබුණි. එයට තිබුණේ එකම බොත්තමක් පමණක් වූ අතර කහ පැහැති, සත පණහේ කාසියක් තරම් වූ එය කබායෙහි වම් පැත්තේ එල්ලෙමින් තිබුණේය. සීසර් මාමා අශ්ව කරත්තයෙහි පැති දොර හැර මෘදු ස්‌වරයෙන් කටහඬ අවදි කළේය.
'ඇතුළට නගින්න සර්, මං ඔබව නගරයේ ඕනෑම තැනකට ගෙන යන්නම්.'
'මට යන්න ඕනෙ ජැස්‌මින් වීදියේ නො. 861 ට' කියමින් මා අශ්ව කරත්තයට නැඟීමට සැරසෙත්ම මහලු මිනිසා මා වැළැක්‌වූයේය. මම පුදුමයෙන් ඔහු දෙස බැලුවෙමි.
'ඔබ මොකටද එහාට යන්නෙ මහත්මයා?'
එක්‌වරම මගේ කෝපය දැල්විණ. 'උඹට මොකටද ඒක?'
මහළු මිනිසා සන්සුන්ව සිනාසුණේය.
'මුකුත් නෑ සර්. මම කිව්වෙ ඒක හරි පාළු පැත්තක්. නගින්න සර්, මම ඔබව එහාට ගෙන යන්නම්.'
ජැස්‌මින් වීදියේ නො. 861 නිවස පෙර ඉතා ශෝභමානව තිබූවක් වූ නමුත් දැන් එය පරණ හා ජරාවාස වෙමින් තිබෙන බව පැහැදිළිව පෙනුණි. මම කරත්තයෙන් බැස ගතිමි.
'ඩොලර් දෙකයි සර්.' සීසර් මාමා කීය. මම වොලට්‌ටුවෙන් ඩොලරයේ නෝට්‌ටු දෙකක් ඇද ඔහුට දුනිමි. ඒවා ඔහු අත තබද්දී මා දුටුවේ ඉන් එක නෝට්‌ටුවක් එහි මැද දක්‌වාම ඉරී තිබුණු අතර එය නිල් පැහැති පටියකින් අලවා තිබුණි. තවද එහිම දකුණු පැත්තේ උඩ කොණ සුළු ප්‍රමාණයක කොටසක් නොමැති බවයි. සීසර් කිසිත් නොකියා එය භාර ගත්තේය. මා දොරට තට්‌ටු කොට සුළු වේලවකින් අසලියා අදයිර් මෙනෙවිය දොර විවෘත කළාය. පණස් වියැති පමණ වූ ඇගේ හිස කෙස් ඇගේ කුඩා වෙහෙසකර මුහුණෙන් පිටුපසට ඇද හොඳින් පීරා ගැට ගසා තිබුණි. ඇය අව පැහැ වූ කහ පැහැති ගවොමකින් සැරසී සිටියාය. එය පරණ වුවත් ඉතා පිරිසිදු විය. අසලියා අදයිර් මෙනෙවිය නිවසේ ඇතුළු කාමරයකට මා කැඳවා ගෙන ගියාය. අබලන් රවුම් මේසයක් වටා පරණ පුටු තුනක් තබා තිබුණි. අපි එහි වාඩි වූයෙමු. එහි තිබූ අනෙක් එකම ගෘහ භාණ්‌ඩය වූයේ කාමරයේ මැදට වන්නට තබා තිබූ පරණ රතු සෝපාවකි. අනතුරුව අපි කතාව ඇරඹුවෙමු. අපේ සඟරාව විසින් ගෙනෙන යෝජනාව මම ඇයට ඉදිරිපත් කළෙමි. ඇය ඇගේ පවුලේ තොරතුරු මා සමඟ පැවසුවාය. දකුණේ වංශවත් පවුලකට අයත් ඇගේ පියා විනිසුරුවරයෙක් විය. ඇය මා සමඟ පැවසූයේ ඇය කිසි දිනක පාසල් නොගිය බවත් නිවසට ගෙන් වූ ගුරුවරුන් මගින් ඇගේ දෙමාපියන් ඇයට අධ්‍යාපනය ලබා දුන් බවත්ය. අපි සාකච්ඡාව සාර්ථකව නිම කළෙමු. ගිවිසුම අත්සන් කරන්නට පසුදා පැමිණෙන බව පැවසූ මම ආපසු යෑම පිණිස නැගිට සිටියෙමි. මේ මොහොතේ නිවසේ පිටුපසට දොරට කිසිවෙකු තට්‌ටු කරන හඬක් නැඟිණ. අසලියා ඉතා මෘදු පහත් හඬින් මගෙන් සමාව අයැද පිටුපස දොර වෙත ඇදී ගියාය. මිනිත්තුවකින් පමණ පසු ඈ ආපසු ආවේ මහත් වූ ප්‍රබෝධයකිනි. දීප්තිමත් ඇස් හා පින්ක් පැහැ දෙකොපුල ඇය වසර දහයකින් පමණ තරුණ කොට තිබුණි.
'ඔබ යන්නට පෙර අපි තේ කෝප්පයක් බොමු.' ඈ හදිසියේ කීවාය. ඉන්පසු ඈ අර අබලන් මේසය මත වූ පිත්තල සීනුවක් නාද කළාය. එවිට අවු.12 ක් පමණ වයෑසති කළු ගැහැනු ළමයෙකු සාලයට දිව ආවාය. අසිලියා ඇගේ කුඩා පරණ පසුම්බිය ඇර ඩොලරයේ නෝට්‌ටුවක් එළියට ගත්තාය. පුදුමයකි. එය මැද දක්‌වා ඉරුණු හා නිල් පටියකින් අලවා තිබුණි. ඇයි? එහි දකුණු පස උඩ කෙළවරේ කොටසක් තිබුණේත් නැත. මම සීසර් මාමාට දුන් වගේම එකක්!
'බේකර් මහත්මයාගෙ කඩේට යන්න ඉම්පි.' ඇය කීවාය. 'ගිහිං සත විසිපහක තේ සහ සත දහයක සීනි කේක් අරගෙන එන්න. කරුණාකරලා ඉක්‌මනට එන්න.' දැරිය කාමරයේ දොරෙන් පිටට දිව ගිය අතර අපට ඇසුණේ පිටුපස දොර වැසෙන හඬයි. දැරිය බෙරිහන් දෙන හඬ ඊළඟට ඇසිණ. එයටම මිශ්‍රව කෝප වූ මිනිසෙකුගේ ගොරෝසු හඬක් ද ඇසුණි. අසලියා නැඟී සිටියා ය. ඇය කාමරයෙන් පිට වන විට ඇගේ මුහුණ හැඟීම් විරහිතව සුදුමැලිව තිබූ බව හදිසියේ මට පෙනිණ. ඉන්පසුව මට ඇසුණේ මිනිසාගේ බැන අඬ ගසන ගොරෝසු හඬ හා ඔහු අස්‌වසන අසලියාගේ සන්සුන් ස්‌වරයයි. මඳ වේලාවකින් නැවත දොර තදින් වැසුණු අතර අසලියා ආපසු පැමිණියාය.
'මට හරි කනගාටුයි.' ඇය බිම බලාගෙන මිමිණුවා ය. 'ඔබට තේ පැන් සංග්‍රහයක් කරන්න මට හොඳටම ඕනෑකම තිබුණා. නමුත් බේකර් මහත්මයාගෙ කඩේ තේ නැති බවයි පෙනෙන්නෙ. කමක් නෑ. අපි හෙට හමු වුණාම තේ ටිකක් බොමු.'
ඉන්පසු අප සමුගත් අතර මම ආපසු හෝටලයට පැමිණියෙමි.
එදින රාත්‍රි ආහාරය ගැනීම පිණිස මා භෝජනාගාරයට යන අතර නැවතත් මේජර් වෙන්ට්‌වර්ත් කාස්‌වෙල් හමු විය. එවර ද ඔහුගෙන් ගැලවීම අපහසු වූ අතර ඔහු මා පෙර දා මෙන් බීමහල වෙත තල්ලු කරගෙන ගොස් බීම වඩි දෙකක් ඇණවුම් කරන ලද්දේ ය. එයට ගෙවීම පිණිස ඔහු තම පොකට්‌ටුවෙන් ඩොලර් නෝට්‌ටු දෙකක් එළියට ගෙන කවුන්ටරය මත තැබීය. දෙවියනේ. අර පුදුමාකාර ඩොලරයේ නෝට්‌ටු දෙක. එකක් මැද දක්‌වා ඉරී නිල් පටියෙන් ඇලවූ සහ දකුණු උඩ කෙළවරේ මුල්ල නැති ඩොලරය හා අනෙක. ඒවා මේජර් කාස්‌වෙල්ගේ අතට ආවේ කෙසේද?
පසු දින මධ්‍යාහනයේ මා හෝටලයෙන් එළියට පැමිණෙන විට සීසර් මාමා මා බලාපොරොත්තුවෙන් පිටත රැඳී සිටියේය. මා අසලියා මෙනෙවියගේ නිවසට ගෙනයාමටත් අපගේ කටයුතු අවසන් වනතුරු රැඳී සිට මා නැවත ආපසු හෝටලයට ඇරලවීමටත් ඔහු එකඟ විය.
අසලියා අදයිර්ගේ පෙනුම එතරම් හොඳ නොවන බව ඇය දොර විවෘත කළ විට මට පෙනී ගිය කාරණයක් විය. අපි සුපුරුදු මේසයේ වාඩි ගත් අතර මම ඇයට ගිවිසුම විස්‌තර කළෙමි. ඇය ඊට අත්සන් කළාය. ඉන්පසු ඇය මේසයෙන් නැඟී සිටින්නට උත්සාහ කිරීමේදී ක්‌ලාන්ත වූයෙන් ඇලවී ගොස් බිම පතිත විය. මම වහා ඇය ඔසවා රතු සෝපාව මත තබා දොර ළඟට දුව ගොස් උදව් පිණිස සීසර්ට කෑගැසුවෙමි. ඔහු වහා දුව ගොස් මිනිත්තු පහකින් නැවත පැමිණියේ වෛද්‍යවරයකු සමඟය. මඳ වේලාවක් අසලියා මෙනෙවිය පරීක්‌ෂා කළ වෛද්‍යවරයා කළු මහළු රියෑදුරා දෙසට හැරුණේය.
'සීසර් මාමා' ඔහු කලබලව පැවසීය. 'අපේ ගෙදරට දුවලා ගිහිං, මගේ නෝනාගෙන් කිරි යි බිත්තර කිහිපයකුයි ඉක්‌මනට ඉල්ලා ගෙන එන්න. පුළුවන් තරම් ඉක්‌මනට.'
ඉන්පසු ඔහු මා දෙසට හැරුණේය. 'ඇයට හුඟ දවසකින් සෑහෙන කෑමක් ලැබී නැහැ.' වෛද්‍යවරයා පැවසීය. 'ඇයට උදව් කරන්න පුළුවන් හුඟක් යාළුවෝ සිටියත්, ඇය හුඟක් ආඩම්බරයි. කාස්‌වෙල් මහත්මිය උදව් ගත්තේ මේ මහලු කළු මිනිහගෙන් පමණයි. ඔහු ඇගේ පවුලේ සේවකයෙක්.'
'කාස්‌වෙල් මහත්මිය?' මම මහත් වූ පුදුමයට පත් වූයෙමි. 'මම හිතුවෙ ඇය අසලියා අයිදර් මෙනෙවිය කියලා.'
'එහෙම හිටියා' වෛද්‍යවරයා පිළිතුරු දුන්නේය. 'ඒ මීට අවුරුදු විස්‌සකට පෙර. වෙන්ට්‌වර්ත් කාස්‌වෙල් සමඟ විවාහ වෙන්න කලින්. ඔහු කමකට නැති බේබද්දෙක්. සීසර් මාමා මේ අසරණ ගෑණිට දෙන සොච්චමත් ඒ කාලකන්නිය උදුර ගෙන ගිහිං බොනවා.'
කිරිත්, බිත්තරත් රැගෙන සීසර් පැමිණි පසු මම, වෛද්‍යවරයාත් සමඟ එළියට පැමිණියෙමි. කාස්‌වෙල් මහත්මිය ආහාර ගත් අතර වෛද්‍යවරයා පිට වී ගියේය. පිටත සිටියත් මට ඔවුන්ගේ කතා බහ හොඳින් ඇසිණි. 'මම ඊයෙ දීපු සේරම සල්ලි ඔහු ගත්තාද, අසලියා මහත්මිය?' සීසර් ඇසීය. 'ඔව්, සීසර්. ඩොලර් දෙකම ඔහු ගත්තා' ඇගේ සන්සුන් හඬ මට ඇසුණේ යම්තමිනි.
මම ඔවුන් සිටි තැනට පැමිණ අප සඟරාවේ ගිවිසුමේ අගය වූ ඩොලර් පනහක මුදල ඇය අත තැබීමි. ඉන්පසු සීසර් මාමා විසින් මා නැවත හෝටලයට ඇරලවන ලදී.
පැය කීපයකට පසු රාත්‍රී ආහාරයට පෙර මම හෝටලයෙන් පිටතට පැමිණියෙමි. කුමක්‌දෝ පැහැදිළි කළ නොහැකි හැඟීමකින් මගේ හිස බර වී තිබිණ. මඳ දුරක් ඇවිද ගිය මට දක්‌නට ලැබුණේ ගබඩාවක් ඉදිරිපිට මිනිසුන් පිරිසක් කළබලයෙන් මෙන් රැස්‌ව සිටින අන්දමය. මම ඉක්‌මනින් ඒ දෙසට ඇවිද ගියෙමි. මේජර් කාස්‌වෙල් බිම වැතිර සිටි අතර පෙනෙන අන්දමට ඔහු මියගොස් සිටියේය.
කවුරුන් හෝ ඔහු සොයා ගන්නා විට ඔහු කෝලාහලයකින් මිය ගොස් ඇතැයි විශ්වාස කළ හැකි ලකුණු තිබූ බව කියෑවිණි. ඇත්ත වශයෙන්ම කියතොත් ඒ වන විටත් ඔහුගේ දෑත් තදින් මිට මෙළවී තිබිණි. මම කොස්‌වෙල්ගේ සිරුරට නැවී ඔහුගේ දකුණු මිට දිග හැරියෙමි. එවිට මිටෙන් හැළුණු යම් කිසිවක් රෝල් වී පැමිණ මගේ සපත්තුවක හැපී නතර විය. මම එය පාගා ගෙන සිට සෙනඟට නොදැනෙන්නට අසුලා පොකට්‌ටුවට දමා ගත්තෙමි. මිනිසුන් පැවසුවේ සොරෙකු විසින් ඔහු මරා දමා ඇති බව ඔවුන් විශ්වාස කරන බවය. ඔවුන් තවදුරටත් කීවේ තමා ළඟ තිබූ ඩොලර් පනහක මුදලක් කොස්‌වෙල් සැමටම පෙන්වූ බවය. නමුත් ඔහුගේ සිරුර සොයා ගන්නා විට එම මුදල ඔහු ළඟ තිබී නැත. නෑෂ්විලීහි මට පැවරී තිබූ කටයුතු අවසන් බැවින් පසුදා උදෑසන මම නිව්යෝක් බලා පිටත් වනු පිණිස දුම්රියට නැඟුනෙමි. අලසව ඇදී ගිය දුම්රිය ස්‌වල්ප වේලාවකින් ගඟක් උඩින් තිබූ පාලමකට සේන්දු විය. මම මගේ පොකට්‌ටුව හැර කොස්‌වෙල්ගේ මිටෙහි තිබී පෙරළී ආ දෙය අතට ගෙන එය පාලමට පහළින් ගලා යන ගඟ දිය මතට වීසි කළෙමි. සිහින් හඬක් නඟමින් ගඟ දිය මත පතිත වූ එය ලතාවකට දෙපැත්තට පැද්දෙමින් පතුල වෙත සෙමෙන් කිඳා බසිනු හිස හරවා බැලූ මට පෙනිණ. එය සත පනහේ කාසියක් වැනි කහ පැහැති බොත්තමක් විය.
(වියට්‌නාම් ලේඛක බුයි හියෙන් Bui Hien විසිනි 1919 Nghe Tinh දිස්‌ත්‍රික්‌කයේ උපත ලැබූ බුයි හෙයින් Bui Hien කෙටිකතා සංග්‍රහ කීපයකම කතුවරයෙකි. 1945 දී විප්ලවයට සම්බන්ධ වූ හෙතෙම වියට්‌නාම් යුද්ධයේ දරුණු අවස්‌ථාවලදී සොල්දාදුවන් සමග එක්‌ව කටයුතු කළේය.)
සිංහල අනුවාදය බොබී ජී බොතේජු විසිනි
වසරකට පෙර ලුයෙන් ගරිල්ලන් සමග එක්‌වූයේ ඔවුන්ගේ කටයුතු පිළිබඳ මනා අවබෝධයක් ලබා නොතිබියදීය. තම රහස්‍ය කටයුතු කරගෙන යමින් දිගටම ගමේ රැඳී සිටීම අනතුරුදායක විය. පසුගිය වතාවේ ඔහු රැස්‌වීමෙන් පිටව ගිය පසු ඔහු පිළිබඳව සෙවිල්ලෙන් පසුවන බව ඔහුට පෙනී ගියේය. තමන්ට කරන ලද අවවාද පිළිබඳව සැළකිල්ලක් නොදක්‌වමින් දිගටම කටයුතු කළ හේ තම බිරිඳට පවා තොරතුරු සැඟවූවේය. තමාව හෙළිදරව් වන බවට ඔහු තුළ සැකයක් නොවීය.
තමාව පිළිබඳව පමණක් අනාවරණය වීම ඔහුට ගැටලුවක් නොවීය. එහෙත් ඔහුගේ බිරිඳ සහ ඔවුන්ගෙ කුඩා දියණිය ඔහුගේ හිතට වදයක් විය. ඔහුට ඔවුන්ව රැගෙන යාමේ හැකියාවක් නැත. රූකඩ බලධාරින් සමග කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ඔහු තම බිරිඳට විස්‌තර කර දුන්නේය. ඔවුන් කරදරයකට පත්වීම වැලැක්‌වීම පිණිස තමන්ව ගරිල්ලන් පැහැර ගෙනගිය බවට පැමිණිලි කරන ලෙස ඔහු ඇයට උපදෙස් දුන්නේය. ඇය ලතෝනි ගසමින් බලධාරීන්ට තම පැමිණිල්ල ඉදිරිපත් කළාය. ඒ අවස්‌ථාවේ ඇය තමන්ගේ රංගනය විශිෂ්ට ලෙස ඉටු කළාය.
ඔහුට නිතරම ඔවුන් පිළිබඳ තොරතුරු ලබාගත හැකි විය. එහෙත් ඔහුට තම ආදරණීයයන්ව මුණගැසීමේ ඉඩක් නොවීය.
ඔව්හු සම්ප්‍රදායට එරෙහිව පෙම් සබඳතාවක් මත විවාහ වූහ. ඒ සඳහා අතරමැදියන්ගේ සහායක් නොලැබුණ අතර නිල පිළිගැනීමක්‌ද නොවීය. පාරේදී මුණ ගැසුණ ඔව්හු එකිනෙකා කෙරෙහි බැඳීමක් ඇති කර ගත්හ. විවාහ මංගල්‍යය සිදු කරනු ලැබුවේ ඉතාමත් සරල ආකාරයෙනි. දියණියගේ උපත ඔවුන්ගේ සතුට වර්ධනය කළේය. එහෙත් මේ අධිරාජ්‍යවාදි යුද්ධය නොපැවතියේ නම් ඔවුන්ගේ සතුට වඩාත් ඔප් නැංවෙනු ඇත.
එතරම් අපහසුවක් නොමැතිව පැමිණ රහසේම ඔවුන්ව හමුවන්නට ලුයෙන්ට හැකියාව තිබිණ. එහෙත් තමන් නිවසට පැමිණීම ආරංචිවේ යැයි ඔහු බියවිය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගෙන සතුරු පාක්‍ෂිකයන් තම බිරිඳව දුෂ්කරතාවට පත් නොකර නොසිටිනු ඇත. කැලෑව මැදින් කණ්‌ඩායමක් රැගෙන යාමට ඔහුට අණ ලැබෙනවිට ඔහු ගරිල්ලා කණ්‌ඩායමට එක්‌වී වසරක් ගතවී තිබුණි. එහි ගොස් ආපසු එන අතරෙදියි ඔහුට තම බිරිඳ හමුවූයේ.
සාමාන්‍ය ගොවියකුගේ ඇඳුමින් සැරසුන ඔහු උදැල්ලක් කර තබාගෙන ගමන් කළේය. ඔහු කලිසමේ කකුල් නවාගෙන සිටියේය. ඔහුව කිසිවකුගේ සැකයට භාජනය නොවීය. මේ නිසා ඔහුට සතුරු මුරපොළවල් අසලින්ම ගමන් කිරීමට හැකිවිය. ඔහු තම ගම්මානය අසළට එනවිට උදෑසන නිමාවී දිවා කාලය ඇරඹි තිබිණ. ඔහු දුරදිම දුටුවේ තරුණ කාන්තාවන් මුර පොලේ සොල්දාදුවන් සමග කතා බහ කරමින් ප්‍රීතියෙන් සිටින ආකාරයයි.
ඔහු ගමන් වේගය අඩුකොට කිසිදු විශේෂයක් නැති සාමාන්‍ය ගොවියකු මෙන් ඒ දෙස කෙළින්ම බලා සිටියේය. එකවරම ඔහුට සිනා හඬක් ඇසිණ. ඔහුගේ සිරුර සලිත විය. එය තම බිරිඳගේ හඬ බව ඔහුට හඳුනාගත හැකිවිය. ඔහු කණ්‌ඩායම දෙස රහසින් ළංවී නැවතත් බැලුවේය. ඔහු නිවැරදිය. ඔහුගේ බිරිඳ සතුරු සොල්දාදුවන් මැද· නුග ගසට පිටදී සිටින ඇගේ මුහුණ කාන්තියෙන් බැබළෙයි. ඇය තමා අතවූ පන් තොප්පියෙන් තමන්ට පවන් සලා ගනිමින් සිටින්නීය. එහෙත් ඒ විශාල උදරය ඔහුගේ බිරිඳට අයත් විය නොහැකිය. ඔහු නැවතත් බැලුවේය. ඔහුට වැරදිමක් සිදුව නැත. ඒ පිම්බුන උදරය සහිතව සිටින්නේ සහතිකවම ඔහුගේ බිරිඳයි. ඇය ඔහුව දුටුවාය. ඇගේ සිනාව අතරමග නතර විය. ඇය සුදුමැලි වූ අතර ඇය පන් තොප්පිය තමා ඉදිරියට ගත්තේය.
ක්‌ෂණික බැල්මක් හුවමාරු විය. ලුයෙන් ගමන් වේගය වැඩි කරමින් ඈතින් ඈතට ගමන් කළේය. එහෙත් සිනා හඬ ඔහුට වදදෙමින් ඔහු පසුපස එන්නට විය. ඔහු දිග සුසුමක් හෙලුවේය. ඔහුගේ හිස අවුල් ජාලයකි. තවදුරටත් සැක කළ හැකි දෙයක් නැත. ඔහුගේ බිරිඳ තවත් දරුවකු අපේක්‍ෂාවෙන් සිටින්නීය. ඔහුගේ හදවත රිදුම් දෙන්නට විය. සැමියෙකු සොයා ගැනීමේදී අතරමැදියන්ගේ සහාය ලබා නොගන්නා තරුණියන්ව විශ්වාස නොකළ යුතු බවට ඔහුට අවවාද කරනු ලැබුවේ ඔහු විවාහවීමට පෙරයි. ඔහු ඊට කන්දුන්නේ නම් මෙවැනි ව්‍යසනයකට ගොදුරුවේද? ඇය පිළිබඳව ඔහු කෙතරම් කරදර වීද? ඔහු ගරිල්ලන් අතින් මියයන්නට ඇතැයි සැකයක් ඇතිකර අසරණ තරුණියට නැවත විවාහවන ලෙස රූකඩ බලධාරින් බලකළාවත්ද ? නැහැ. එසේ වීමට ඉඩක් නැත. ඇය තම දියණියගේ කටයුතු අතපසු කරමින් මේ භට කණ්‌ඩායම් සමග අවිනීත ලෙස කෙළිදෙලෙන් ගත කළ යුතු නොවේ. ඔහුගේ දියණිය· මෙවැනි මවක සිටින ඔහුගේ දියණියට කුමක් සිදුවේවිද? අතහැර දමනු ලබන දරුවන්ගේ කණගාටුදායක ඉරණමෙන් ඇයත් පීඩා විඳිනවාද? ඇයට අර්ධ සොහොයුරෙක් ලැබුණ විට කුමක් සිදුවේවිද ?
දැන් කළ යුත්තේ කුමක්‌ද ? ඔහු ගමන නතර කොට තම බිරිඳ හමුවී ඇය සමග කෙළින්ම කතා කළ යුතුද? ඔහුට කාලය නැත. තම කණ්‌ඩායම හමුවන ස්‌ථානයට ළඟාවීමට ඔහු තව මුර කපොලු කිපයක්‌ම පසු කළ යුතුවේ. සතුරන්ගේ බලය පවතින ප්‍රදේශයේ තම සහෝදරයන්ව නවතා තබා ගැනීම භයානක වැඩකි.
මෝඩයා වෙන්න එපා එතකොට බලමු ඔහු තමාටම කියා ගත්තේය.
එසේ කීම නම් පහසුය. එහෙත් තම බිරිඳ උදරය ඉදිරියට නෙරාගෙන සතුරු සොල්දාදුවන් අතරටවී සිනාසෙමින් සිටින දර්ශනය අමතක කරන්නේ කෙසේද? ඔහුට සියල්ල අමතකව ඒ ගැන පමණක් කල්පනා කරමින් සිටියේය. ඔහුගේ මිතුරෝ ඔහුගේ වෙනසට හේතු විමසුහ. ඔවුන්ට තමන්ගේ අවාසනාව පිළිබඳව දැනගන්නට ලැබී ඇතැයි සැක සිතුනත් ඔහු සත්‍යය හෙළිදරව් නොකළේය. ඔවුන් ඒ බව දැනසිටියේ නම් ඔහුට අනුකම්පා කොට ඒ බව ඔහුගෙන් සඟවන්නට ඇත.
එදින සන්ධ්‍යාවේ ඔහු රැස්‌වීමට යෑමට සූදානමින් සිටියදී ගරිල්ලා භටයෙක් පැමිණියේය.
"ලුයෙන් සහෝදරයා ඉන්නවද?"
"ඒ මම" ඔහු සැකයෙන් යුතුව පිළිතුරු දුන්නේය. "මොකක්‌ද කාරණාව?"
"තරුණ කාන්තාවක් ඔබ ගැන අහනවා"
"ඇය කොයි වගේද?"
"මම ඇයව දැක්‌කෙ නැහැ. කණ්‌ඩායම් නායකයා තමයි මට උපදෙස් දුන්නේ ඔබව තාන්ග් මහත්මිය ළඟට කැඳවාගෙන එන්න කියල අමුත්තිය හමුවෙන්න.
ඒ ඇය වෙන්න ඇති ලුයෙන් කල්පනා කළේය. ඇය තමාගේ වරද සාධාරණීකරණය කිරීමටත් තමාගෙන් සමාව ඇයදීමටත් පැමිණ සිටීද? ඔහු කෝපයෙන් යුතුව ඉක්‌මන් පියවර තබමින් ගරිල්ලා භටයා පසුපස ගියේය. ඔහු ගස් මුලක පැටලී වැටෙන්නටද ගියේය. ඒ මගෙ බිරිඳ වෙන්න බැහැ. ඇය මේ විදියට එන්න බැහැ හේ කල්පනා කළේය.
ඔහු දොරටුවට පියවර තබන විටම අමුත්තිය දුටුවේය. ඒ ඔහුගේ බිරිඳයි.
"ඔයා රැස්‌වීමක කියල මට දැනගන්න ලැබුණා" ඇය මහත් උද්යෝගයෙන් යුතුව කියාගෙන ගියාය.
ලුයෙන්ට තමන්ගේ උගුරේ කිසිවක් හිරවී ඇතිවාක් මෙන් දැනිණ. ඔහුට මුඛය විවෘත කළ හැකි වූයේ මඳවෙලාවකට පසුවයි.
"මෙහාට එන්න, අපේ ළමය කා ළඟ තියලද ආවෙ?"
"අම්ම ළඟ"
"එතකොට මට කියන්න........... "
තම බිරිඳගෙන් ඇසිය යුත්තේ කුමක්‌ද එය අසන්නේ කෙසේදැයි නොදැන ඔහු නතර විය. ඇය මනහර ලෙස සිනාසුනාය.
"මුර කපොල්ල ළඟදී ඔයාව දැක්‌කහම මම තිගැස්‌සුනා"
මේ සිහිපත් කිරීම ඔහුගේ කෝපය ඇවිස්‌සුවේය. ඔහු දත්මිටි කමින් ඇසට කඳුළු නැඟීම වළකා ගැනීමට උත්සාහ කළේය. ඔහුට තම බිරිඳගේ උදරය දැකිය නොහැකි වූයේ එය මේසයට ආවරණය වී තිබූ බැවිනි.
"අද හැන්දෑවෙ මගෙ බඩ ලස්‌සණ දර්ශනයක් නොවෙන්න ඇති. එහෙම නේද?"
එය ඕනෑවටත් වඩා වැඩි ප්‍රකාශනයකි. ඔහුගේ බිරිඳට එවැනි අවිනීත ලෙස හැසිරීමට හැකි වූයේ කෙසේද? ඔහුට කෑ ගසා තම හැඟීම් සහ කෝපය ප්‍රකාශ කිරීමට අවශ්‍ය විය. එහෙත් තවමත් ඔහුගේ උගුරේ යමක් හිරවී ඇත.
" ආ....." ඇය තවදුරටත් සිනහවෙමින් ඔහු දෙස කෙළින් බැලුවාය.
"ඒ තමයි කොඩි. ඔයා අනුමාන කරන්න ඇති. එහෙම නේද?"
ලුයෙන්ට එක්‌වරම නොවැටහිණි. මේ කොඩි ගැන කියන්නේ මොනවාද ? එක්‌වරම ඔහුට අවබෝධ විය. විප්ලව සංවත්සරය සැමරීම සඳහා අලුතින් සකස් කළ කොඩි. සහෝදරයන්ට දීමට ගෙනයාමට ඇය බඩේ බැඳගෙන ගර්භනියකගේ වෙස් ගෙන ඇත. තම අවුල් සහගත බව සඟවා ගනිමින් ලුයෙන් මවිතය පළ කළේය.
"ඔයාට දැන් අකුරු කියවන්න පුලුවන්?"
"මට දැන් කියවන්න පුලුවන්. මම හෝඩි පන්තියෙ පාඨමාලාව සම්පූර්ණ කළා. ඊට පස්‌සෙ තමයි මට මේ වැඩේ පැවරුවෙ".
මේ වැඩේ යයි කියනවිට ඇය ආඩම්බරයෙන් තම සැමියා දෙස බැලුවාය.
ලුයෙන් තම බිරිඳ දෙස බැලුවේ ඇස් විශාල කරමිනි. ඇගේ මුව පුරා දඟකාර සිනාවක් පැතිර ගියේය.
කැස්ට්‍රෝ මට හම්බවුණේ කාලෙකට පස්සේ. මිනිහා මගේ හොඳ මිතුරෙක් ඉතින් එහෙම කෙනෙක් ගාවෙදි දොඩමළු වන එක අහන්න දෙයක්යැ. ඉතින් ජීවිතේ බොහොම ගෞරවාන්විතව කළ යුතු දේවල්වලින් යටි මඩි ගැසූ හැටි මට බොහොම සැහැල්ලූවෙන් විස්තර කරන්න ඔහු ඉදිරියේදී පුළුවන් වුණා. මනාවුස්වලදී එ් කාලෙ මම කරපු නීතිඥ වෘත්තිය සඟව ගෙන මගේ ගනුදෙනු කරුවන්ගෙ වැඩි ප‍්‍රසාදයක් දිනා ගත්තෙ ශාස්ත‍්‍රරකාරයකු ලෙස හෝ ඉන්ද්‍රජාලිකයකු ලෙස පෙනී සිටිමිනුයි. අපි බීම වීදුරු දෙක බී හමාර කළ විට කැස්ට්‍රෝ මම කරපු විස්තරවලින් හොඳටම පුදුමයට පත්වෙලා හිටියෙ. ‘උඹ නං මාර ජීවිතයක් නෙ බං ගත කරල තියෙන්නෙ.’
ප්රතිචාරයෙන් මම වඩාත් ධෛර්යයට පත්වුණා.’ කැස්ට්‍රෝ. මේ සමාජය දිහා බලල අපිට අපේ ජීවිතේ ගැන බොහොම ලස්සන දේවල් ලියන්න පුළුවන්. උඹ විශ්වාස කරනවද මන්ද මම ජාවා භාෂාව එ් කියන්නෙ මලය රටේ භාෂාව උගන්න ගුරුවරයෙක් වෙලා අන්තිමට කවුන්සල්වරයෙක් දක්වා ඉහළ ගියා කියල?’
‘ඇත්තටම කියාපං මොකක්ද වුණේ කියල. උඹට තව බිටර් එකක් ගෙනැල්ල දෙන්නද?’
‘හරි… හරි…. මම කතාව පටන් ගත්ත. මම රියෝවලට එන කොට අතේ පිච්චියක් නෑ. මම එක බෝඩිමක ඉඳල තව එකකට හිමීට මාරු වෙවි හිටියේ. කීයක්වත් හොයා ගන්නෙ කොහොමද කියල නිනව්වක් නැතිව. ඔන්න එක දවසක් කොමරසියෝ සඟරාවෙ මෙන්න මේ වගේ දැන්වීමක් තිබුණ. ‘ජාවා භාෂාව දන්න ගුරුවරයෙක් ඕනෑ කර තිබේ.’
. මෙි රස්සාවට ඉල්ලන ගොඩක් අය නැතිව ඇති කි්යල මට හිතුන. මේ ජාවා භාෂාවෙ වචන දෙකක් තුනක් ඉගෙන ගන්න පුළුවන් නං මට ඇහැක් වෙයි මෙිකට උත්සාහයක් දාන්න.’
. මම මොකුත් හිතන්නෙ නැතිව එහෙමම ගියා ලයිබි‍්‍රයට. ඊට පස්සෙ විශ්ව කෝෂෙ ජේ අකුර තියෙන කාණ්ඩෙ අරගෙන බැලූව ජාවා රට ගැනයි. ජාවා භාෂාව ගැනයි මොකක් හරි විස්තරයක් තියෙනවද කියලා. මං හිතුව හරි. විනාඩි ගාණක් ඇතුළත දැන ගත්ත, ජාවා කියන්නෙ සොන්ඩා කියන ¥පත් සමූහය අතර තියෙන විශාල ¥පතක් කියන එක. ඒක, එ් කාලෙ ලන්දේසි යටත් විජිතයක්. එතකොට ජාවා භාෂාව පවුලට අයිති එ් රටටම ආවේණික භාෂාවක්. එ් වගේම එ් රටටම අදාළ සාහිත්‍යයක් තියෙනවා. ජාවා භාෂාවෙ අකුරු පරණ හින්දි හෝඩියෙ අකුරුමයි……
. විශ්ව කෝෂයෙන්ම මම දැනගත්ත ජාවා භාෂාව ඉගෙනගන්න හදාරන්න ඕනි පොත් මොනවද කියලත්. ඉතින් එ් එක පොතක් අරගෙන භාෂාවෙ හෝඩිය හොයා ගෙන අකුරු ශබිද කරන විදියත් බලල එ්වා මතක් කර කර ආයෙත් පාර දිගේ ඇවිදින්න පටන් ගත්ත….
. මෙහෙම ඇවිද ගෙන යනකොට ජාවා භාෂාවෙ රූපාක්ෂර මගේ හිත ඇතුළෙ නටන්න පටන් ගත්ත. මම විටින් විට මං ලියාගත්ත කෙටි සටහන් දිහැත් බැලූව. ළඟ උද්‍යානයටත් ගිහිල්ල අකුරු වැල්ලේ ඇන්ද. එ් එ්ව මතකයෙ රඳවගන්නයි. අනික අතත් හුරුවෙනවනෙ. එහෙම ලිව්වම.
. මම ආයෙත් අර දැන්වීමම කියවල බැලූව. හරි, අහල තිබුණෙ ජාවා භාෂාව උගන්වන ගුරුවරයෙක් ගැන තමයි. මම ආයෙත් ලයිබි‍්‍රයට ගිහින් ජාවා භාෂාව ගැන තව ඉගෙන ගන්න පටන් ගත්තා. ජාවා භාෂාව උගන්වන ගුරුවරයෙක් හැටියට මම ඉගෙන ගන්න ඕනි. එ්කෙ හෝඩිය විතරද නැත්නම් භාෂාවෙ ඉතිහාසයත් උගන්වන්න වෙයිද යන ප්රශ්නයත් මගේ හිතේ තිබුණ. මට කොහොමටත් ජාවා භාෂාවෙ ආශි‍්‍රත ග‍්‍රන්ථ ගැනයි, එහි ඉතිහාසය ගැනයි උනන්දුවක් තිබුණ. එ් හරිය උගන්වන්න ලැබුණොත් කොච්චර එකක්ද? එ්ත් මට එදා එච්චරම දෙයක් ඉගෙන ගන්න නං බැරි වුණා…..
. දවස් දෙකකට පස්සෙ මට ලියුමක් ආවා රොක් කොන්ඩි කියන සමාගමේ සේවය කරන ආචාර්ය මනුවෙල් ෆෙලිසියානෝ හම්බ වෙන්න කියල. මේ තනතුර ගැන කතා කරගන්න….
. මම ඉතින් වැඬේට සූදානම් වුණා. මම එම භාෂාවෙ ලේඛකයින් කීපදෙනෙක්ගෙ නම් ටිකකුයි, ‘කොහොමද සැප සනීප?’ කියල ජාවා භාෂාවෙන් අහන හැටියි. එ්කෙ ව්‍යාකරණ රීති දෙක තුනකුයි ඉගෙන ගෙන තව තවත් සූදානම් වුණා….
. නියමිත දිනයේ ලිපිනය හොයාගෙන දහඩිය පෙරා ගෙනම එතෙන්ට ඇවිදින්න ගත්තා. පරණ අඹ ගස්වලින් පිරිච්ච නිකං අත් ඇරල දාපු වගේ නිවාසයක්, එ්ක. එ්ක දිරා යමින් තිබෙන එකක් වගෙයි මට පෙනුනෙ. මට එ් වෙලාවෙ හිතුන දෙයක් තමයි, මේ විදියට ගෙයක් දිරා දිරා හැලි හැලී යමින් තියෙන්නෙ, දුප්පත්කමට වඩා ඉන්න මිනිස්සුන්ගෙ නොසැලකිල්ල හින්ද කියල. මට තේරුන හැටියට අවුරුදු ගාණකින් බිත්තිවල තීන්ත ගාලත් නැහැ. එ්වයෙ සායම් තීරු පිටින් ගැලවිලා, කඩතොලූ මතුවෙමින් තිබුණ. වීදුරු උළු කැටවල කාලය ඉකුත් වෙලා. තැන් තැන්වල කෑලි නැහැ. එ්ව මට පෙනුනෙ හරියට කිසිම සැලකිල්ලක් නොදක්වපු දත් ඇන්දකට වෙච්ච දෙයක් වගෙයි. .
. එතකොට ගෙවත්ත පුරාම වල් වැවිල තිබුණෙ හරියට තැනින් තැන තිබුණ මල් පඳුරුවලින් පලිගන්න ආක‍්‍රමණය කරන්න හදනව විදියටයි. යාන්තම් පණ බේරගෙන වගේ මල් දෙක තුනක් පිපිල තිබුණ….
. මම ඉතින් දොරට තට්ටු කළා. හුඟ වේලාවක් ගියා එ්ක ආරෙන්න. ටිකින් ටික අඩි සද්දෙ ඇහෙන්න ගත්ත. ගෙදර තිබුණ පෞරාණිකකම නිසා මා හමුවෙන්න එන මිනිසා කෙරෙහි මා තුළ කිසියම් ගෞරවයක් පැලපදියම් වෙලා තිබුණට මිනිහ දැක්කට පස්සෙයි හිතුවෙ මෙතැනින් පැනල යන්නයි. එ් ඔහුගෙ වයස නිසා ඇතිවන ගෞරවාන්විත හැඟීම හින්ද ඔහුව මගේ ගෝලයා කරගෙන මේ වගේ රැුවටීමකට හසු කරන්න හොඳ නැහැ කියන සිතිවිල්ල ඇති වෙච්ච හින්දයි. එ්ත් මම දෙගිඩියාවෙන්ම එතනම රැුඳිල උන්නා….
‘මම තමයි, අර ජාවා භාෂාව උගන්වන්න ආපු ගුරුවරයා. ඔබතුමා අර දැන්වීමෙන් ඉල්ල තිබුණෙ.’ මම කථා කළා මුලින්ම….
ඊට පස්සෙ ඔහු බොහොම හෙමින් මෙහෙම ඇහුවා. ‘එහෙම නං මහත්තය මට ජාවා භාෂාව උගන්වන්න කැමතියි.?’
. මගෙන් පිළිතු ආවේ මං හිතන්නත් ඉස්සර වෙලා… ‘ඔව්.. ඔව් මට පුළුවන්.’
. සමහර විට මහත්තයට පුදුම ඇති. මම තමයි ජැකුවෙන්වල බැරන්වරයා මට ඕන කරන්නෙ පරම්පරාවෙ පොරොන්දුවක් ඉෂ්ඨ කරන්න. සමහරවිට ඔහේ දන්නවද දන්නෙ නෑ මම තමයි, ඇල්බරනාස් කවුන්සිල්වරයාගේ මුණුපුරා. එයා ලන්ඩන් ගියාපු වෙලාවක අමුතු භාෂාවකින් ලියාපු පොතක් ගෙනැල්ල තියෙනවා. ජීවත්වෙලා ඉන්න කාලෙදි එයා එ් පොත ගැන බොහොම ගෞරවයෙන් කථා කළේ. තමන්ට කරපු උපකාරයට කළගුණ සැලකීමක් විදියට කවුරු හරි කෙනෙක් දුන්න එකක්. දුන්න මනුස්සය කියල තියෙන්නෙ මේක ජාවා භාෂාවෙන් ලියල තියෙනව කියලයි. මේ පොත අයිතිකාර ගත්ත කොනාගෙ ඔක්කොම අපල දුරුවෙලා වාසනාව උදාවෙනව කිව්වලූ….
‘සීය අපේ තාත්තට කියල තියෙන්නෙ. මට නං මෙිව ගැන එච්චරම විශ්වාසයක් නැහැ. කොහොම වුණත් මේක උඹේ පුතාටත් පවරපන්.’ කියලයි. ‘එයාට හරි කියපන් මේකෙ තියන ඒව අවබෝධ කරගන්න.’ කියලත් කිවිව……
. තාත්තා මහලූ වෙනකල්ම මේ ගැන කිසිම විශ්වාසයක් තිබිබෙ නැහැ. නමුත් පොත එයා ගාවම තියාගත්ත. මැරෙන කොට තමයි, මේ පොතේ වග මට කිව්වෙ. හැබැයි මමත් මේ ගැන එච්චරම විශ්වාසයක් තිබිබෙි නැහැ. මං මගේ පාඩුවෙ ජීවත් වුණා. ඉතින් මේ ගැන නිනව්වක් නැති වුණා. එ්ත් මෑත කාලෙදි මගේ හිතට වද දෙන ප්රශ්න වැලක්ම ඇතිවුණා. අවාසනාවන්ත සිද්ධීන් ගණනාවකට මූන දෙන්න සිද්ධ වුණා. අන්න එතකොට තමයි, මට මේ වාසනාව ගෙන දෙන පොත ගැන මතක් වුණේ. මට දැන් මෙික කියවන්න ඕනි. තේරුම් ගන්න ඔිනි. මොකද මේ ජීවිතේ අවසාන කාලෙදි තවත් මේ වගේ දේවල් ඇති වෙලා දුප්පත් වෙන්න මං කැමති නැහැ. එ්කයි, මම මේ ජාවා භාෂාව ඉගෙන ගන්න හදන්නෙ.’
. ඔහු නිහඬ වූ මට පෙනුනේ ඔහුගේ ඇස් දුමාරයකින් බැඳිල වගේ තෙත් වෙලා තියෙනව. මිනිහ සේවකයකුට කියල පොත මං අතට පත් කළා..
. එ්ක හම් බැම්මෙන් බැඳල තිබුණ විශාල පොතක්. පරණ වීම නිසා කහපාට වේගෙන යන කොළවල අකුරු ලොකුවට අච්චු ගහලයි තිබුණෙ. වෙලාවට පෙරවදන තිබුණෙ ඉංගී‍්‍රසියෙන්. එ්කෙන් දැනගත්ත පොත ලියල තියෙන්නෙ, කුලන්ග කියල ජාවා රේ සම්භාව්‍ය ගණයේ ලේඛකයෙක් කියල….
. මම වහාම බැරන්වරයට දැන්නුව එ් වග. හැබැයි මම කිව්වේ නැහැ, එ් විස්තර අහුල ගත්තෙ, පෙරවදනෙන් කියල. ඉතින් එ් වග නොදත් මහලූ මිනිසා මට බොහොම ගරු බුහුමන් දක්වන්න ගත්ත. එ් මට ජාවා භාෂාව ගැන දැනුමක් ඇත්තෙකු ලෙස සලකලයි. අනික, මම විස්තර කරන කොට එහෙම කළේ පොතට සෙමෙන් තට්ටු කර කර ජාවා භාෂාව ගැන ඉහළම දැනීමක් හඟවමිනුයි. අවසානයේදී අප ගෙවිය යුතු ගාස්තු හා කොන්දේසි හා පැමිණිය යුතු වේලාවල් කතා කරගත්ත. මං මිනිහට සහතිකයක් දුන්න අවුරුද්දක් යන්න කලින් පොත කියව ගන්න පුළුවන් වෙන්න භාෂාව උගන්වන්නම් කියල…..
. ඉතින් මම මිනිහට එදා මුල්ම පාඩම කළා. එ්ත් මිනිහ මං තරම් වැඬේට අවධානයක් යොදවන බව පෙනුනේ නැහැ. මිනිහට අඩුගානෙ හෝඩියෙ අකුරු හතරක්වත් කියවන්නවත් ලියන්නවත් බැරිවුණා. මාසයක් ගත වුණා. හෝඩියෙ භාගයක් උගන්වන්න. අලූත් දෙයක් ඉගෙන ගන්න කොට කලින් ඉගෙනගත් දේවල් අමතක වෙන ගතියකුත් මිනිහට තිබුණ….
. එයාගෙයි දුවයි, බෑනයි දෙන්නමත් වරින් වර ආව කොහොමද ලොක්ක ඉගෙන ගන්නෙ කියල බලා ඉන්න. මං හිතන්නෙ නැහැ එ් ගොල්ලො වත් මෙි පොත ගැන මොකවත් දන්නවද කියල. මිනිහ ඉගෙන ගන්න හැටි බලා ඉන්න එක එ් දෙන්නට විනෝද ජනක වැඩක් වුණා. අනික මිනිහව මෙි වගේ දේකට යොමු කරල පැත්තකට කරල තියෙන එකත් ඒ අයට කිසියමි අස්වැසිල්ලක් වගේ කියල මට දැනුනා….
. ඩොනා මරියා ඩා ග්ලෝරියා තමයි දුවගෙ නම. එයාගෙ සැමියා පළාතේ ප්රධාන මහේස්ත්රාත්වරය. මිනිහට හැම තැනම සම්බන්ධකමි තිබුණ. මට ජාවා භාෂාව ගැන අවබෝධයක් තිබීම නිසා මිනිහ මට ලොකු ගෞරවයක් දැක්වුව. මිනිහ කිසිම පැකිලීමක් නැතිව හැමෝටම කියන්න මම ජාවා භාෂාව දන්නව කියල කියන්න. ඉතින් මහලූ බැරන්වරයත් මගේ ඉගෙනීම ගැන සතුටු වෙලා. මාස දෙකකට විතර පස්සෙ මිනිහ මට කිව්වා, භාෂාව උගන්වන එක නවත්තල දවස ගානෙ පොතේ පිටුව බැගින් එයාට පරිවර්තනය කරන්න කියල……
මට ඕන මෙික තේරුම් ගන්න විතරයි. මිනිහ කිව්වා. මිනිහ කියන එකත් හරි. කවුරු හරි පරිවර්තනය කරන දේ ඔහේ අහගෙන හිටියට වැඬේ ඉවරයි. මේ විදියට ගිහිල්ල පොත තේරුමි ගත්තම මිනිහගෙ වැඬේ හරි….
. ඉතින් දන්නවනෙ, තමුසෙ අද වෙනකලූත් මං දන්න ජාවා භාෂාවක් නැහැ. මම කළේ මොකක් හරි බොළඳ කථාවක් ගොතාගෙන ගිහිල්ල එ්ක අර පොතේ තිබිච්ච එකක් හැටියට මිනිහ ඉදිරියේ ඇද බාන එක තමයි. මිනිහ එ් බහුබූත කථා අහගෙන හිටියෙ හරියට දේව¥තයෙක්ගෙ මුවෙන් ගලා හැලෙන දෙයක් අහගෙන ඉන්නව වගේ භක්තියකිනුයි පී‍්‍රතියකිනුයි…..
. මිනිහ මට ගේ ඇතුලෙ නවාතැන් දීල වෙනත් තෑගි බෝගත් දීල මාව සතුටු කළා. කොටින්ම කියනව නං මං බොහොම සුකුමාර ජීවිතයක් ගත කරන්න පුරුදු වුණා….
. මෙිකට තව හේතුවක් වුණේ, මෙච්චර කල් අමතක වෙලා හිටපු පෘතුගාලෙ ඥාතියෙකුගෙ උරුමයක් මිනිහට ලැබෙන පාටක් තිබුණ හින්දයි. මේ අර පොත තේරුම් ගත්ත නිසා බව මිනිහ තදින් විශ්වාස කළා. ඉතින් මමත් මිනිහගෙ විශ්වාසය තහවුරු කරන්න කථා බහ කළේ පැනල…….
. මං මේ කරන වැඬේ ගැන කිසිම පසුතැවිල්ලක් හිතේ ඇති වුණේ නැහැ. හැබැයි මම බයේ හිටියෙ ජාවාවල පිටිසර පැත්තක කෙනෙක් කොහෙන් හරි මතුවෙිවි කියලා. මගේ බය තවත් වැඩිවුණේ මම ජාවා බස දන්නා නිසා තානාපති සේවයේ තනතුරක් පිරිනමන්න කියල බැරන්වරයා මගේ අතේම කරුරුවල විස්කවුන්ටි වරයාට භාර දෙන්න ලියුමක් දුන්න වෙලාවෙ. මම මෙිකට විවිධ හේතු දක්වල යන්න බැහැම කිව්වා. මගේ මූණ කැතයි. කිසිම පෙනීමක් නැහැ. වගේ එ්ව. මොන…! මේ කිසිම එකකින් මිනිහව නතර කර ගන්න මට බැරිවුණා…..
‘ඔයාට පිස්සුද මහත්තයා? ඔයා වගේ අය තමයි මේ තනතුරුවලට දාන්න ඕනි.’ මිනිහ කියපි….
. බැරිම තැන මමත් මේ ලියුම අරන් විදේශ අමාත්‍යාංශයට ගියා. බොලේ වැඬේ හරි….
. අධ්‍යක්ෂවරයා අංශ ප්රධානියා කැඳවල කිව්ව, ‘මෙන්න අපිට අන්තිමට ජාවා භාෂාව දන්න කෙනෙක් හම්බවෙලා කියල. ඊට පස්සෙ මාව එ් ඔෆිස් එකේ වැඩ කරන හැමෝම ගාවට ගිහින් අඳුන්වල දුන්නා. ඒත් එක ක්ලාක් කට්ටෙක් නං මා දිහා බලා ගෙන උන්නෙ හරියට මාව කන්න වගේ. අනිත් කවුරුත් මං දිහා ලොකු ගෞරවයකින් බැලූව මතකයි. එ් අය ඇහුවෙ ‘ජාවා භාෂාව ඉගෙන ගන්න හුඟක් ආමාරුද? මෙහෙ නෑනේ ඔය භාෂාව දන්න කවුරුත්…’
. අර මං දිහා කන්න වගේ හිටපු එකා මගෙන් ටික වෙලාවකට පස්සෙ අහනව මහත්තය මං ජා භාෂාව නං දන්නෙ නැහැ. හැබැයි මං දන්නව කනකා භාෂාව. මහත්තය දන්නවද එ්ක?…
. මං එකපාරටම නැහැයි කියල මිනිහව මග ඇරියා. ඊට පස්සෙ එ්ගොල්ලො මාව ප්රධාන ඇමතිවරයා ගාවට එක්කල ගියා. මිනිහ නැගිටල මට අතට අත දුන්නා……
. මේ වගේ ජාවා භාෂාව දන්න හොඳ කෙනෙක් ඔය තනතුරට සුදුසු වැඩියි කියල මිනිහ කිවිව. ‘මං දෙන්නං ඔහේට ඔසිනියාවටම බලපාන කොන්සියුලේට් තනතුරක්. මේ දවස්වල නං එ්කෙ ඇබෑර්තු නැහැ. හොඳයි මං ඒකට පිළියමක් යොදන්නං. දැම්මම ඒකට යන්න පුළුවන්. ඒක තමයි, බාලේවලට ගිහින් භාෂා අධ්‍යයන සමුළුව නියෝජනය කරන එක.’ කියලා….
. ඉතින් අර මහලූ බැරන්වරය මිය ගියා. පොත භාර ගත්තෙ එයාගෙ බෑන. මිනිහ එ්ක එයාගෙ මුනුපුරාට පවරාවි…..
. මං ඉතින් මේ අතරෙ ඇත්තටම ජාවා භාෂාව ඉගෙන ගන්න තැනක් හෙව්ව. හම්බ වුණේම නැහැ. මේ අතරෙ එක එක භාෂා අධ්‍යයන වාර සඟරා මම ගෙන්න ගත්ත. ඔය තියෙන්නෙ ඉතාලි -ඉංගී‍්‍රසි භාෂා අධ්‍යයන සංගමයේ සැසි වාර්තා. මානව භාෂාව අධ්‍යයන කවය. ඔය ඔක්කොම මහ මහ බහුබූත. ඒවගෙ ඇති කෙහෙල්මලක් නැහැ. එ් අතර පොත් සාප්පු කාරයො ව්‍යාකරණ විශාරදයො සමහර පරිභාෂික වචන විග්රහ කරගන්න මගේ උපදෙස් පවා පැතුව. මට තවමත් සොන්ඩා ¥පතේ පත්තරේකින් මගේ දැනුම ගැන ප්රශංසා කරල ලියුම එවනවා….
. හැබැයි ජාවා භාෂාව හදාරන ශිෂ්‍යයො වගේකට නං හමිබවෙන්න වේලාවක් දෙන්න බැහැ කිව්ව. ඒ වුණාට කර්තෘවරයාගෙ ආරාධනාව උඩ මම ජර්නල් ද කැමෙසියෝ සඟරාවට නූතන ජාවා සාහිත්‍යය ගැන ලිපියකුත් ලිව්වා….
‘උඹ මාර යකෙක්නෙ.’ මගෙ යාළුව අහනව. ‘ජාවා භාෂාව ගැන කිසිම දෙයක් දන්නෙ නැතිව කොහොමද ලිපියක් ලියන්නෙ ඔය වගේ?’
. හරිම සුළු දෙයක්. මම ඉස්සර වෙලා කරන්නෙ ඔය විශ්වකෝෂෙ වගේ එ්ව පෙරලලා ජාවා ¥පත ගැන පොඩි විස්තරයක් කරන එක. ඊට පස්සෙ පුළුවන් තරම් එ් සාහිත්‍යය ගැන පිට මිනිස්සු කිව්ව දේවල් ලිපියට ඇතුල් කරනවා .
. හැබැයි දවසක් නං මට කෙලවෙන්නම ගියා. පොලීසිය වතාවක් වෙරි වෙචිච නාවිකයෙක් අත්අඩංගුවට අරගෙන. මිනිහ අමුතු භාෂාවක්ලූ කථා කරන්නෙ. එ් ගොල්ලො භාෂා පරිවර්තකයො ගොඩක් ගෙන්නල. මටත් එන්න කිව්ව. මං කළේ ටිකක් පරක්කු වෙලා එතෙන්නට ගිය එකයි. මං යනකොට යන්තං ඕලන්ද තානාපතිවරයා මැදිහත් වෙලා මිනිහ නිදහස් කර ගෙන. මොකද මිනිහ කථා කරපු භාෂාවෙ ඕලන්ද වචන කීපයක් තිබිල තියෙනවා. ඇත්තටම ඒකා ජාවා භාෂාව කථා කරන මිනිහෙක්ලූ…..
. ඉතින් මාස හයක් ඇතුළත මාව හැවානාවල කොන්සල්වරයා විදියට පත් කරල යැව්ව. මම මෙි පාර ආපහු ඇවිල්ල කොහෙන් හරි ජාවා භාෂාව ඉගෙන ගන්නයි බලා ඉන්නෙ. බලපන් බැරි වෙලාවත් ඔය දුන්න තනතුර ගැන අසතුටු වුණා නං මොකද මට වෙන්නෙ කියලා…?
‘මොකක්ද උඹම කියපන්කො.’ මගේ යාඹවට කට ඇරගෙන ඒ ප්රශ්නය පෙරලා මගෙන්ම ඇහුව.
මෙි රටේ මොන බොරුවද කරන්න බැරි?’ මට එහෙනං භූත විද්‍යාව ඉගෙනගෙන බැක්ටීරියා විද්‍යාඥයෙක් හැටියට ප්රසිද්ධ වෙන්නත් තිබුණ. අපි දැන් යමු.
ඩේවිස් එස් පාන්ගාපාන්ගා
සිංහල අනුවාදය බොබී ජී. බොතේජු විසිනි
(Davis S Phangaphanga මලාවි රාජ්‍යයේ ලේඛකයෙකි. ඔහු මලාවි විශ්වවිද්‍යාලයේ කෘෂිකර්මය පිළිබඳ උපාධිය ලබා ඇත. දැනට මලාවි කෘෂිකර්ම අමාත්‍යාංශයේ උපදේශකයකු ලෙස සේවය කරයි. මෙම කෙටි කතාව 1998 පොදු රාජ්‍ය මණ්‌ඩල ලේකම් කාර්යාලය අප්‍රිකානු කලාපය වෙනුවෙන් පැවැත්වූ කෙටි කතා තරගයෙන් ප්‍රථම ස්‌ථානයට පත්විය.)
ගම්මානය අවට ලෝකය සමඟ සම්බන්ධ කෙරෙන එකම මාවත වූ වළගොඩැලි සහිත බොරලු පාරේ ඉහළටත්, පහළටත් පරීක්‍ෂාවෙන් බැලුවේ ප්‍රධානියා යි. ඔහුගේ උපදේශකයන් දසදෙනා විශාල පත්‍ර සහිත බ්‍රාස්‌විස්‌ටිජියා (brachystegia) ගසේ සෙවණ යට වූ ලී බංකුව මත වාඩි වී සිහිල් සුළං පහස විඳිමින් සිටියහ. විශේෂ අමුත්තන් සඳහා සැප පහසු පුටු තුනක් තබා ඇත. ඔව් ගම්මු රැස්‌වී සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් පැමිණෙන තෙක් බලා සිටිති.
පාලමක් ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරමින් සිටියි. ගම්මුන්ට අයත් කාර්යභාරය වූයේ වැලි සහ ගල් සපයා දීමයි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය ආරම්භ කොට පස් මසක් ගත වී ඇතත් ගම්මුන්ගේ පාර්ශ්වයෙන් කිසිවක් සිදුව නැත. ව්‍යාපෘතිය අතරමඟ ඇනහිට ඇත.
ඇවිස්‌සුණ දූවිලි වළාවෙන් සහ කන් බිහිරි කරවන නාදයෙන් මෙතෙක් නිදි කිරමින් සිටි ගම්වැසියෝ අවදි වූහ. මෝටර් රථයක් සහ ලෑන්ඩ් කෲෂර්Êවැගන් රථයක් රැස්‌වීම පැවැත්වෙන ස්‌ථානයට පැමිණ නතර විය.
මෝටර් රථ නතර කරත්ම ප්‍රධානියා අමුත්තන්ව පිළිගැනීමට ඉදිරියට ගියේය. රථවලින් බැස අගනා ඇඳුම් කට්‌ටලවලින් සැරසී සිටි තිදෙනෙක් තමන්ට පනවා තිබූ අසුන්වල වාඩි ගත්හ. ඉරුණු කමිස සහ අණ්‌ඩ දැමූ කලිසම් ඇඳ සිටි ගැමියන් සහ එම නිලධාරීන් අතර වූ වෙනස කැපී පෙනුණි. සෙරෙප්පු පැළඳ සිටියේ ප්‍රධානියා පමණි. ලෝකය මැවූ දෙවියන් වහන්සේ කොටසක් පොහොසතුන් ලෙසත්, තවත් කොටසක් දුප්පතුන් ලෙසත් මැව්වේ ඇයි දැයි සිතමින් කෙනෙක් මවිත වූයේය. රැස්‌වීම ආරම්භ විය.
ගමේ පූජකතුමා කෙටි, එහෙත් සිත් කා වදින දේශනයක් කළේය. මිනී පෙට්‌ටිය තබා ඇති තැනට මිනිස්‌සු හතරදෙනෙක් ළං වූහ. ඔවුහු පෙට්‌ටිය ඔසවා ගත්හ. අවමංගල පෙරහැර කනත්ත බලා පිටත් විය. මියගිය දරුවාගේ මව පොළවේ හැපෙමින් ඒ පසුපස ගමන් කළාය. තෙමසක කාලයක් තුළ ගමේ මරණ තුනක්‌ම සිදුවිය. කොළරාව බොහෝ දෙනකුට මරු කැඳෙව්වේය. තවත් පිරිසක් ඇඳන් මත ගුලි ගැසුනහ. ප්‍රධානියාට කර කියා ගත හැකි දෙයක් නොවීය.
ප්‍රධානියා විසින් පිළිගැනීමේ කතාව පවත්වනු ලැබීමෙන් අනතුරුව දිස්‌ත්‍රික් සංවර්ධන නිලධාරියා තම සගයන්ව හඳුන්වා දුන්නේය. ඉන් එක් අයෙක් තවත් දිස්‌ත්‍රික් සංවර්ධන නිලධාරියෙකි. අනෙක් තැනැත්තා සංවර්ධන අමාත්‍යාංශ මූලස්‌ථානයේ නිලධාරියෙකි. පාලම ඉදිකිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව ගම්මුන් උනන්දුවක් නොදක්‌වන්නේ මන්දැයි දැන ගැනීමට ඔවුහු පැමිණ සිටියහ. ඒ පිළිබඳව විමසමින් ඔහු අසුන් ගත්තේය.
උස තට්‌ට හිසක් ඇති මිනිසෙක් නැගී සිටියේය. ඔහු ප්‍රධානියා වෙනුවෙන් කතා කරන ප්‍රකාශකයායි. ඔහු අත්කොට කමිසය හරිගස්‌සමින් අවට බලමින් කතාව ඇරඹුවේය.
"ඔබගේ ව්‍යාපෘතිය උදෙසා අපේ ශක්‌තියෙන් බිඳක්‌වත් වැය නොකළ බව ඇත්ත. අපි කියා සිටින්නේ අපේ දැවෙන ප්‍රශ්නවලට ඔබේ ව්‍යාපෘතියෙන් පිළිතුරක් නොලැබෙන බවයි. අපේ ගමේ අපි, අපේ පුතුන්, දූවරුන්, මව්වරු හැම කෙනෙක් ම භූමදාන කරනවා. අප මිය යන්නේ පාලමක් නැති නිසා නොවේ. පිරිසිදු වතුර සහ සෞඛ්‍ය පහසුකම් නැති නිසා. පාලමක් අවශ්‍ය වන්නේ ඔබේ ආණ්‌ඩුවේ මිනිස්‌සුන්ට කෙළවරක් නැති, වැදගැම්මකට නැති ගමන් බිමන්වල පහසුවෙන් යෙදෙන්නටයි. අපට අවශ්‍ය වන්නේ අපේ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් මිස ඔබගේ ගැටලු විසඳා ගැනීමට අවශ්‍ය පහසුකම් නෙවෙයි."
ඔහු අත්පොළසන් සහ ඝෝෂා හඬ මැද නතර කළේය.
මහත්වරු තිදෙනා පරාජය බාර ගනිමින් තම මෝටර් රථ වෙත ගමන් කළහ. ආපසු යන අතර ඔවුහු බොහෝ වේලාවක් නිහඬව සිටියහ. ගැමියාගේ කතාව පිළිබඳව තිදෙනා වෙන වෙනම කල්පනා කරමින් සිටියහ.
මෝහනයට පත් වූවාක් මෙන් තිදෙනාම එකවර හඬ නගා කෑ ගැසුහ. "ඇත්තටම ඒක අපේ වැරදි ප්‍රවේශයක්"
මේ අතර ගමේ තවත් ජීවිතයක් කොළරාව විසින් පැහැර ගනු ලැබ තිබිණ.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
සත් හැවිරිදි තරබාරු බරපතළ හාදයකු වූ ග්‍රිෂා තම නිවසේ කුස්‌සියේ දොරේ යතුරු සිදුරට ඇස තබා ගෙන ඒ වෙලාවෙහි කුස්‌සිය ඇතුළත වූ සිදුවීම් බලාගෙන අසා ගෙන සිටියේය. කුස්‌සිය තුළ ඔහු මින් පෙර නොදුටු අසාමාන්‍ය දෙයක් සිදුවෙමින් තිබෙන බව ග්‍රිෂාගේ අදහස විය. තරබාරු, රතු හිස කෙස්, උඩු රැවුලක් හා නාස් තුඩෙහි එල්ලෙන දහඩිය බිංදුවක් සහිත රියෑදුරන් අඳින වර්ගයේ කබායකින් සැරසුණු පිටිසර ගැමියකුගේ පෙනුමෙන් යුතු පුද්ගලයෙක් මස් හා ලුණු පෙති ගසන මේසයට මුහුණ ලා හිඳගෙන සිටියේය. ඔහු තම දකුණතේ ඇඟිලි පහ මත තේ පීරිසියක් සමබරව තබාගෙන අනෙක් අතින් සීනි කැටයක් ශබ්ද නගා සපමින් පීරිසියෙන් තේ උරා බොමින් සිටියේය. නිවසේ ආයා වූ අක්‌සින්යා ස්‌ටෙපනොව්නා අබලන් ස්‌ටූලයක වාඩි වී ඔහුට මුහුණ ලා තේ පානය කරමින් සිටියාය. ඇගේ මුහුණ ගාම්භීර එහෙත් ජයග්‍රාහී හැඟීමක් පළ කරමින් තිබුණි. පෙලගේයා නිවසේ අහර පිසින්නිය උදුන අසල කාර්ය බහුලව සිටියාය. ඇය සිටියේ ඔවුන්ගෙන් මුහුණ සඟවාගෙනය. ග්‍රිෂා දුටු ආකාරයට උදුනේ ගින්නෙන් නැගි පාට සෙවණැළි තද රතු දම් පාටින් පටන් ගෙන සුදුමැලි පැහැය දක්‌වා ඇගේ මුහුණේ සටහන් අඳිමින් තිබුණේය. ඇය වෙව්ලන දෑතින් කෙළවරක් නොමැතිව පිහි, ගෑරුප්පු, දර කැබලි, රෙදි කඩමාළු එහා මෙහා කරමින්ද ගිනි උදුන අවුස්‌සමින්ද තමාටම කොඳුරා ගනිමින් ද සිටියාය. එසේ වුවද ඇය ඇත්තට කිසිවක්‌ම කළේ නැති බව ග්‍රිෂාට තේරුම් ගොස් තිබුණි. ඇය තේ පානය කරන දෙදෙනා දෙස වැරදීමකින්වත් නොබැලූ අතර ආයා අසන ප්‍රශ්නවලට හූ මිටි තැබුවේ මුහුණවත් නොහරවාය.
'ඩැනිලෝ සිමියොනිච්' ආයා ආගන්තුක සත්කාර ස්‌වරයකින් ඔහු ඇමතුවාය. ඇයි තේ නිකම්ම බොන්නේ? වොඩ්කා ටිකක් දා ගන්නෙ නැතුව.'
අනතුරුව ඇය වොඩ්කා බෝතලයක් හා වීදුරුවක් අමුත්තා ඉදිරියේ තැබුවාය. ඒ අවස්‌ථාවේ ඇගේ මුහුණේ තිබුණේ ප්‍රයෝගකාර හැඟීමකි.
'මං කවදාවත් මේවා අල්ලාවත් නැහැ' රියැදුරා කළබල වෙමින් කීවේය. 'කරුණාකර මට බලකරන්න එපා, අක්‌සින්යා ස්‌ටෙපනෝවා.'
'මොකක් මිනිහෝ.... ඩ්‍රැයිවරයෙක් බොන්නෙ නැහැ?.. ඇරත් තනිකඩයකුට නොබී ඉන්න පුළුවන්ද?'
රියැදුරා ඇස් කොණින් බෝතලය දෙස ද අනතුරුව ආයාගේ ප්‍රයෝගකාර මුහුණ දෙස ද බැළුවේය. ඔහුගේ මුහුණ 'උඹට මාව අල්ලන්න බැහැ, නාකි මායාකාරි' වැනි කපටි බැල්මකින් යුක්‌ත විය.
'සමාවෙන්න, මම බොන්නෙ නැහැ. ඔන්න වෙළෙන්දෙකුට නම් බොන්න පුළුවන්, මොකද ඔහු ඉන්නෙ ගෙදර නිසා. නමුත් රියෑදුරන් වන අපි එහෙමද? අපි හැම වෙලාවෙම ඉන්නෙ මහ ජනයා එක්‌ක, නැද්ද? ඔබට පොඩ්ඩක් වැඩි වුණොත් ඔබ ඉන්නෙ කොහෙද කියලා දැනගන්න කළින් නින්ද ගිහින් තියෙයි. නැත්නම් ඩ්‍රැයිවර් පුටුවෙන් බිමට වැටිලා තියෙයි. ඊට පස්‌සෙ මොකද වෙන්නෙ කියලා හිතා ගන්න පුළුවන්නේ.'
'ඔබ දවසකට කීයක් හම්බ කරනවාද, ඩැනිලෝ සිමියොනිච්?'
'ඒක හරියටම කියන්න බැහැ. එක දවසක රූබල් තුනක් හම්බ කළොත් අනෙක් දවසේ තුට්‌ටුවක්‌වත් නැතිව හිස් අතින් ආපසු එන්ඩ පුළුවන්. හැම දවසක්‌ම වෙනස්. මිනිස්‌සු හරි කපටියි. හැම තිස්‌සෙම බලන්නෙ ලාබෙට ට්‍රෑම් එකේ යන්ඩ. දෙවියන්ට ස්තුති වෙන්න, මට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මට කෑමයි අඳින්ඩ ඇඳුමුයි ඕනැවටත් වඩා තියෙනවා... තව කෙනකුටත් එක්‌ක..' (මෙහිදී රියැදුරා පෙලගේයා වෙත නෙත් කොණින් බැලුවේය.) ඒ අය කැමති නම්..'
ග්‍රිෂාට ඊට පසු කියූ කිසිවක් අසා ගැනීමට ඉඩ ලැබුණේ නැත. ඔහුගේ මව හදිසියේ ඔහුට පිටුපසින් පෙනී සිටියාය.
'ගිහිල්ලා පන්තියට යන්න ලෑස්‌ති වෙන්න. මේවා අහගෙන ඉන්න ඔයාට ඕනෙ නැහැ.'
ග්‍රිෂා පන්තියට ගිය ද, තම පාඩම් පොත ඔහු ඉදිරියේ දිගහැරී තිබුණ ද පාඩම්වලට නම් ඔහුගේ හිත ගියේ නැත. ඔහුගේ සිත විවිධාකාර වූ ප්‍රශ්න වලින් පිරී තිබිණි. 'පෙලගේයා කසාද බඳින්න යනවා.' ඔහු සිතුවේය. 'පුදුමයි... මට තේරෙන්නෙ නැත්තෙ ඇයි මිනිසුන් කසාද බඳින්නෙ කියලා. මම්මා පපාව කසාද බැඳලා. වෙරෝට්‌ච්කා අක්‌කා පාවෙල් ඇන්ඩි්‍රයිච්ව.. පපා, පාවෙල් ඇන්ඩි්‍රයෙච්ව කසාද බැන්දෙ නැත්තේ ඇයි? ඒ ගොල්ලන්ට රත්රන් ඔරලෝසු, මාල, වටිනා සූට් ඕන තරම්.. සපත්තු හැම තිස්‌සෙම දිලිසෙන්න පොලිෂ් කරලා. ඒත් අර භයානක ඩ්‍රැයිවර්ට තියෙන්නෙ රතු නහයකුයි, ෙෆල්ට් සපත්තුයි විතරයි... ඇයි ආයා, අසරණ පෙලගේයා ඒ මිනිහට කසාද බන්දවන්න හදන්නෙ?'
අමුත්තා පිටව ගිය පසු පෙලගේයා කුස්‌සිය පිරිසිදු කිරීම ඇරඹුවාය. ඇගේ කලබලය තවමත් පැවතුණි. ඇගේ මුහුණ රතු වී තිබූ අතර තැතිගැන්මක්‌ද පිළිබිඹු කළේය. ඇය කොස්‌ස තදින් අල්ලා ගෙන සෑම මුල්ලක්‌ම පස් වරකටත් වඩා අතුගෑවාය. ඇය මම්මා වාඩි වී සිටි කාමරය බොහෝ වේලා ගත කරමින් අතුගෑවාය. ඇය ඇගේ පීඩනය තනිවම දරා ගෙන සිටි අතර එය විවෘතව කා සමඟ හෝ බෙදා ගැනීමට උවමනා වී ඇති බව පෙනුණි.
'ඔහු ගියා' මම්මා තව දුරටත් කතා නොකරම සිටින බැවින් ඇය කෙඳිරිලි හඬින් කතාව ඇරඹුවාය.
'කාට වුණත් පේනවා මිනිහා හොඳ කෙනෙක් කියලා' මම්මා මසමින් සිටි ඇඳුමෙන් දෙනෙත් ඉවතට නොගෙනම පැවසුවාය. 'තැන්පත්, අවංක පාටයි.'
'මම කියන්නේ, මට එයාව බඳින්න ඕනෙ නැහැ, මැඩම්.' එක්‌වරම පෙලගේයා හඬා වැටුණාය. 'මම කියන්නෙ මට බැහැ.'
'මෝඩ වෙන්න එපා, පෙලගේයා. ඔයා පොඩි ළමයෙක් නෙමෙයි. මේක වැදගත් අවස්‌ථාවක්. විකාර කතා කරලා වැඩක් නැහැ.. ඔබ ඔහුට කැමතිද?'
'මම දන්නේ නෑ, මැඩම්.' පෙලගේයා හඬමින් කීවාය.
'ඇය ඒ මිනිහාට කැමති නෑ' ග්‍රිෂා සිතුවේය.
'මේ මොන උඩඟුකමක්‌ද? මම අහන්නෙ, උඹ එයාට කැමතිද?'
'ඒ වුණාට ඔහු වයසයි, මැඩම්'
'එකෙණෙහිම ආයා එහා කාමරයේ සිට එතැනට ඉගිලී මෙන් අවුත් කතාව මැදට පැන්නාය. ඔහුට තවම හතළිහ පැනලත් නැහැ. ඇරත් උඹට තරුණයෙක් උවමනා මොකටද? ඒ මිනිහාව කසාද බැඳපන්. එච්චරයි.'
'මම දිවුරනවා, මට ඕනෙ නැහැ.' පෙලගේයා බියෙන් කෙඳිරුවාය.
'විකාර කියවන්නෙ නැතුව හිටපං. මොන වර්ගයේ කපටියෙක්‌ද උඹට ඕනෙ? ඕනෑම ගෑනියෙක් ඔහුව කසාද බඳින්න පොර කනවා. උඹට විතරක් බෑ. උඹට ඕනෙ අර තැපැල්කාරයත් එක්‌ක මුකුළු කරන්න. ලැඡ්ජා නැති මූසලී...'
'ඔබ ඩැනිලෝව මීට කළින් දැකලා තියෙනවාද?' මම්මා පෙලගේයාගෙන් ඇසුවාය.
'මම කොහොම දැකල තියෙන්ඩද? අද තමයි පළවැනි සැරේට ඇස් දෙකට දැක්‌කේ. අක්‌සින්යා එකපාරටම උස්‌සා ගෙන ඇවිල්ලා කුස්‌සියට අතහැරියා...නින්දිත යකා... ඒ මිනිහා ආවෙ මගෙ විනාසෙත් අරගෙන.'
රාත්‍රී කෑම මේසයට පෙලගේයා ආහාර බඳුන් රැගෙන එන විට රියෑදුරා ගැන කියමින් සියල්ලෝම ඇයට විහිළු කරන්නට වූහ. ඇය බයාදු ලෙස මුහුණ රතු කරගෙන මෝඩ සිනහවක් නඟමින් හැරී ගියාය.
'කසාද බැඳිල්ල ලැඡ්ජා සහගත දෙයක් වෙන්ඩ ඇති. ග්‍රිෂා සිතුවේය. අතිශයින්ම
ලැඡ්ජා සහගත.'
සියලුම ව්‍යාංජන වල ලුණු අධික විය. බාගෙට පිසුණු කුකුළු මස්‌වල ලේ ගඳක් දැනිණි. පෙලගේයා අතින් පිඟන් හා පිහි කිහිපයක්‌ම බිම පතිත විය. නමුත් කිසිවකුත් ඇයට දොස් පැරුවේ නැත. සැමටම ඇගේ හැඟීම් තේරුම් ගතහැකි විය. පපා පමණක් කෝපයෙන් අත පිස්‌නාව මේසය මත දමා ගසා මම්මා දෙසට හැරුණේය.
'මොකක්‌ද උඹලාට ඒ ගොල්ලන්ව විවාහ කරවන්න තියෙන උවමනාව? ඒක උඹලාගෙ වැඩක්‌ද? ඒ අයගෙ කසාද ඒ අයට අවශ්‍ය විදියට කරගන්න ඉඩ දීපල්ලා'
රෑ කෑමෙන් පසු ග්‍රිෂා නිදන්නට යන විට අසල්වැසි නිවෙස්‌වල මෙහෙකාරියන් කුස්‌සිය තුළ ඔබ මොබ හැසිරෙනු දක්‌නට හැකි විය. එසේම ඔවුන්ගේ රහස් මන්ත්‍රණ බොහෝ වේලාවක් පැවතියේය. ආයා සහ පෙලගේයා කොරිඩෝරයේ රහසින් කොඳුරන හඬ රාත්‍රියේ හදිසියේ අවදි වූ ග්‍රිෂාට ඇසිණි. ආයාගේ පොළඹවන සුළු වචන ද, පෙලගේයාගේ ඉකි බිඳුම ද, මෝඩ සිනහව ද මාරුවෙන් මාරුවට ඇසිණ. ඉන්පසුව ග්‍රිෂාට නින්ද ගිය අතර අශ්වයකු පිට නැඟුණු මායාකාරියක් පෙලගේයා රැගෙන යනු ඔහු සිහිනෙන් දුටුවේය.
පසුදින ඉතාම සාමකාමී විය. කුස්‌සියේ ජීවිතය හුරුපුරුදු මඟට වැටුණු අතර රියැදුරා පැමිණියේ නැත. ආයා ඇගේ අලුත් සළුව කර්කශ සුළඟට එරෙහිව වනමින් පැයකට හෝ දෙකකට කොහේදෝ පිටව ගියාය. පෙලගේයා ඉන්පසු රියැදුරාව නොදුටු අතර, ඔහුගේ නම සඳහන් කළ විට හඬන්නට වූවාය.
සවස මම්මා කුස්‌සියට පැමිණියාය. උෙද්‍යා්ගිමත්ව හා අහංකාරව ආයාට හා පෙලගේයාට මෙසේ පැවසුවාය.
'ඇත්ත වශයෙන්ම උඹට ඔහුව කසාද බඳින්න පුළුවන්.. ඒක උඹලාගෙ වැඩක්. ඒත් මම උඹට කිව යුතුයි පෙලගේයා, ඔහුට මෙහෙ ඉන්න බැහැ.. තව කවුරුත් කුස්‌සියේ පදිංචි වෙනවට මම කැමති නැහැ. අනෙක මතක තියා ගනින් උඹට පිට නිදා ගන්න ඉඩ දෙන්නත් බැහැ.'
'මොනවා කියනවද මැඩම්' පෙලගේයා යටිගිරියෙන් පැවසුවාය. 'ඇයි මාව ඔහු වෙතට වීසි කරන්නෙ?'
ටික දිනකට පසු එක් දීප්තිමත් ඉරිදාවක උදයේ කුස්‌සියට ගිය ග්‍රිෂා විශ්මයෙන් ඇළලී ගියේය. කුස්‌සිය සෙනඟින් පිරි අධික තදබදයක් පැවතිණි. මුළු මිදුලේම අරක්‌කැමියන් පිරී සිටියහ.
රැකවලෙක්, පොලිස් භටයන් දෙදෙනෙක්, බලය ලත් නිලධාරියෙක් හා ෆීල්කා කොළුවා ද එහි විය... ෆීල්කා කොළුවා වෙනදාට අපුල්ලා ගතයුතු වර්ගයේ එකකු වුවද දැන් ඔහු පිළිවෙළකට හිස පීරා පිරිසිදුව සිටිනා බව පෙනුණි. පෙලගේයා හිසට මලක් පැළඳ, අලුත් කපු ගවොමක් හැඳ කුස්‌සිය මැද සිට ගෙන සිටියාය. ඇගේ පැත්තකින් සිට ගෙන සිටියේ අර රියැදුරාය. ප්‍රීතිමත් යුවල රතු වූ මුහුණින් දහඩිය දමමින් අමාරුවෙන් සිට ගෙන සිටියහ.
'හොඳයි.. මේ මොහොතේ මම සතුටු වෙනවා...' බලය ලත් නිලධාරියා දිගු නිහැඬියාවකට පසු පැවසීය. පෙලගේයා ඉකිබිඳින්නට පටන් ගත්තාය. සොල්දාදුවා විශාල පාන් ගෙඩියක් මේසය මත තබා ආයාගේ පැත්තකින් සිට ගත්තේය. අනතුරුව යුවළ වෙනුවෙන් යාඥා කිරීමට පටන් ගත්තේය. මනමාල රියැදුරා සොල්දාදුවා වෙත පැමිණ දණින් වැටී ශබ්ද නගා ඔහුගේ අතට තොත්තුවක් දුන්නේය. ආයාට ද එයම කරනු ලැබීය. පෙලගේයා යන්ත්‍රානුසාරයෙන් මෙන් මනාලයා අනුගමනය කළ අතර ඊට අමතරව නැමී පොළොවටද ආචාර කළාය. අන්තිමේදී පිට දොර විවෘත වූ අතර සාදය සුදු මීදුමෙන් පිරුණු මිදුල වෙත සංක්‍රමණය විය.
'අනේ සිද්ධ වුණු දෙයක්.' ග්‍රිෂාට සිතුණේ පෙලගේයාගේ ඉකි ගැසීම ඇසීමත් සමඟය. 'ඔවුන් ඇයව කොහේද ගෙන යන්නෙ? මම්මායි පපායි ඇය ගැන බලන්නෙ නැත්තේ ඇයි?'
විවාහ උත්සවයෙන් පසු කුස්‌සියට යාබද ලොන්ඩරිය තුළ කොන්සර්ටිනා වාදනය හා ගීත ගායනය බොහෝ සවස් වන තුරුම පැවතිණි. මම්මා මුළු සවසම එහා මෙහා ඇවිදිමින් සිටි අතර ආයාගෙන් වොඩ්කා සුවඳ වහනය විය. තේ බඳුන උණු කිරීමටද කිසිවකු සිටියේ නැත. එබැවින් සවස තේ පානය සිදු වූයේ නැත. ග්‍රිෂා නිදා ගැනීමට යන වේලාව වනවිටත් පෙලගේයා ආපසු පැමිණ සිටියේ නැත.
'අනේ අසරණ ගෑණි. කොහෙට හරි වෙලා කළුවරේ හඬ හඬා ඇති.' ග්‍රිෂා සිතුවේය. 'අර යක්‌ෂ ඩ්‍රැයිවරයා කියනවා ඇති 'කට වහගනින්' කියලා.'
පසුදා උදයේ පෙලගේයා නැවත කුස්‌සියේ පෙනී සිටියාය. මිනිත්තුවකින් පමණ රියැදුරා පැමිණියේය. ඔහු මම්මාට ස්‌තුති කොට පෙලගේයා දෙස දැඩි ක්‌ෂණික බැල්මක් හෙළුවේය. අනතුරුව මෙසේ පැවසුවේය.
'ඔබලා ඇයව හොඳින් බලා ගන්නවා නේද, මැඩම්? මවක් හා පියෙක් වගේ. අනෙක ඔබ, අක්‌සින්යා ස්‌ටෙපනොව්නා, ඇයව අතරමං කරන්න එපා. මම ඇගේ නීත්‍යානුකූල ස්‌වාමි පුරුෂයා ලෙස ඉල්ලා සිටිනවා. අනෙක් කාරණය මැඩම්, කරුණාකර මට ඇගේ වැටුපෙන් රූබල් පහක අත්තිකාරමක් දෙන්න, මට මගේ අශ්වයට කර පටියක් ගන්න උවමනා වෙලා තියෙනවා.'
ග්‍රිෂාට නැවත ප්‍රශ්නයක් පැමිණ තිබේ. පෙලගේයා නිදහසේ ජීවත් වෙමින්, තමන්ට කැමති දෙයක් කරමින් කල් ගත කළාය. කවරකු හෝ විසින් ඇගේ අයිතිවාසිකම් හා ඈ සතු දේ අත්පත් කර ගනිමින් තිබුණි. ග්‍රිෂා පීඩාකාරී හැඟීමක් වැනි දෙයකින් පෙළෙමින් සිටියේය. මේ මිනිසා කරන අකටයුත්තට එරෙහිව ඔහුගේ ගොදුර වූ පෙලගේයා අස්‌වැසීමට ග්‍රිෂාට ඇවැසි විය. තමන් හඬන්නට ආසන්න බව ඔහුට දැනුණි. ඔහු වහා ස්‌ටෝරු කාමරයෙන් විශාල ඇපල් ගෙඩියක් ගෙන කුස්‌සියට දිවගොස් එය පෙලගේයාගේ අතෙහි තබා මිට මෙලවූවේය.
නැගෙනහිර ප්‍රංශයේ බලය බිඳුණු අවස්ථාවේ, ප්‍රංශ සොල්දාදුවන් එක්දාස් පන්සීයක් පමණ නියත මරණයෙන් බේරීමට ස්විස්ටර්ලන්තයට පැන යන ලදී. සාගතය, අධික සීතල වැනි දේ නිසා ඔවුන් හෙම්බත් වුනෝය. ඒ පිරිසට අපද අයත් විය. අපට තිබුණු විශාලතම ප්‍රශ්ණය වූයේ කූඩාරම් නැති වීමය. ආහාරද ඉතා හිඟ විය. එතනින් ස්විස්ටර්ලන්තයට පැමිණි අප විසි දෙදෙනෙක් එක් වීමු. අපට එහිදී ආරක්ෂාව මෙන්ම විඩා හැරීමට අවස්ථාව ලැබිණ. සැමදාම යමක් අනුභවයට මෙන්ම, සැම රැයකම නිදා ගන්නට එහිදී අපට වාසනාව තිබිණ.
ස්විස්ටර්ලන්ත හමුදාව, එකිනෙකාට විරුද්ධව සටන් කල ප්‍රංශ සහ ජර්මන් හමුදා අතර සිටියද, නැගෙනහිර ප්‍රංශයේ යුද්ධය තදින් ඇවිළෙමින් පැවතිණ. ලීග දෙක තුනක් එහා ජර්මන් හමුදාව ජයග්‍රහණය කරන බව ඇසීම අපට ඉවසා සිටිය හැකි නොවිය. විශේෂයෙන් අප මේ වන විට ශක්තිමත්ව සෞඛ්‍ය සම්පන්නව සිටිය නිසා, සටන් බිමට නැවත යාමට ආශාවක් අපට තිබිණ. ඇත්ත වශයෙන්ම අප සිටිය ස්ථානය නිසා අපට ආරක්ෂාව ලැබිණ. එහෙත් ඒ නිසාම අප බලයෙන් රහිත යන අදහස සිතේ තිබිණ.
අපේ කැප්ටන් උස සිහින්, එහෙත් යකඩ වැනි තදැති සොල්දාදුවෙකි. නිළයෙන් උප ලෙෆ්ටිනන්ට් කෙනෙක් වූ ඔහු ජර්මානුවන්ට විරුද්ධව දරුණු සටන් කල කෙනෙක් විය. ඔහුට මේ කිසි දෙයක් නොකර ස්විස්ටර්ලන්තයේ ඉන්නා නිදහස් ජීවිතය, තිත්ත වී තිබිණ. දිනක් ඔහු අප පස් හය දෙනෙකුට කතා කළේය.
…”මෙහි සිට පැය දෙකක් ඇවිද්දොත්, නුඹලා දන්නේ නැද්ද ජර්මන් වරු හරියට ලෝර්ඩ්ලා වගේ අපේ කඳු වල ඇවිදනා බව? …”මට මෙහෙ හිරවෙලා ඉන්න බැහැ”… “ මම යනවා”… …
”එහෙත් කැප්ටන්, කොහොමද එය ඔබ කරන්නේ ?" අප ඇසුවෙමු.
…”කොහොමද? …ඒක එච්චර අමාරු නැහැ…පසුගිය හය මාසය තුල අපි කරපුවා අමතකද?"
…”අමතක නැහැ, එහෙත් තුවක්කු නැතිව අපි මොනවා කරන්නද?"
…”මොනවා ? ආයුධ නැතිව?…”අපිට ඒවා එහෙදී හොයාගන්න පුළුවන්”
… …”එහෙත් එහෙම ගියොත්, අපි ස්විස්ටර්ලන්තයේ මිනිසුන් සමඟ ඇති කරගත් සම්මුතියට ද්‍රෝහී වෙනවා”
…”ඕවා ඔක්කොම වැරදි හේතු…අපි නැවත ගිහින් පෘසියන් වරු මරමු”
පෘසියන්වරු යනු එකල සිටි ජර්මන් හමුදාවේ සොල්දාදුවන්ට කිව් නමකි.
…” නුඹලා මාත් එකක එන්න බලාපොරොත්තුවක් නැත්නම්, මම තනියෙන් යනවා. මට වෙන කව්රුවත් ඕනා නැහැ”… ඔහු කීවේය.
අනිවාර්යයෙන්ම අප මේ අදහසට විරුද්ධ වූයෙමු. එහෙත් කිසි අයුරකින් කැප්ටන්ගේ තීරණය වෙනස් කල නොහැකි විය. අප කැප්ටන්ගේ අදහසට එකඟ විය යුතුය යන අදහස මෙන්ම, එවැන්නෙක් අප දමා යාම පිළිබඳවද අකමැති වූ හෙයින් අවසානයේ මේ අදහසට කැමති වූයෙමු. අනෙක් දේ වූයේ, ඔහු බොහෝ වතාවක් අපව නොයෙකුත් ආකාරයේ ආපදා වලින් බේරා ගැනීමය. මෙවැනි අගනා මිනිසෙක් අපට වටී. කැප්ටන්ගේ සැලැස්ම මෙසේ විය. එය කාලයක් තිස්සේ ඔහු සිතා සිටි සැළැස්මක් විය.
ඔහු හඳුනන කෙනෙක් ගෙන් කරත්තයක් ගෙන, එම කරත්තයේ ‘ස්විස් චීස්’ පටවා ඊට යටින් පිදුරු දමා අප එහි සැඟව යාම එම සැලැස්මේ මූලික පියවර විය. දෙදෙනෙක් එම චීස් කරත්තයේ ආරක්ෂාවට යනවා සේ පෙන්වූයෙමු. අනෙක් අය චීස් කරත්තයේ පිදුරු අතර සැඟව ගියහ. ස්විස් නිළධාරීන් අපට දේශ සීමාවෙන් යන්නට ඉඩ දුන්හ.
පිදුරු අතර සිරවී, සීතලේ වෙව්ලමින් බාගෙට හුස්ම ගොස් සිටි මා ඉන් එළියට පැන්නෙමි.
ජර්මන් ආරක්‍ෂක කපොළු දුර්වල විය. දොරටුවේ සිටි ජර්මන් නිළධාරියා කතා කලේ උතුරු ජර්මනියේ භාෂාවය. කැප්ටන් කැඩුණු ජර්මන් භාෂාවෙන් කතා කළේය. ජර්මානුවා තමා උගතෙක් බව පෙන්වන්නට, කැප්ටන් කියූ දේ තේරුණු බව හැඟවූවේය. අප රාත්‍රී කාලය වන විට චීස් කරත්තය සමඟ කුඩා ගම්මානයකට පැමිණියෙමු. අප කුමක් කරම්දෝ යයි නොදනිමු. අපගේ එකම බලාපොරොත්තුව වූයේ කැප්ටන්ගේ දිරිය විය.
චීස් හැර වෙන කන්න දෙයක් තිබුනේද නැත. පතරොම් දාහක් පමණ කරත්තයේ සඟවා ගෙන ආවද, තුවක්කු තිබුනේ නැත. එහෙත් කැප්ටන්ගේ සැලසුමක් තිබිණ. ගම්මානයේ අප සැඟව සිටියදී ඔහු සහ තවකෙක් හිස් කරත්තය පදවා ගෙන ඔමෙන්ස් වෙත ගියෝය. එතනදී කරත්තය අතහැර ඔවුන් බෙසන්කන් වෙත ගොස් නිර්භීත ප්‍රංශ ජෙනරාල් කෙනෙක් වූ රෝලන්ඩ් හමු විය. ඔහු කැප්ටන් ගේ අභිප්‍රාය අසා සිනාසී, රයිෆල් තුවක්කු 6ක් දුන්නේය. බෙසන්කන් හී මෙතෙක් සිටි කැප්ටන්ගේ බිරිඳද සමඟ ඔවුන් නැවත එන්නට පිටත් වූවෝය. රයිෆල් තුවක්කු හය කෙනෙක් දුටුවහොත් සැකයක් ඇති විය හැකි බැවින්, ඔවුන් ගමන් කලේ රාත්‍රියේ දීය.
ඔවුන් අප වෙත පැමිණි රාත්‍රියේ, කැප්ටන් අවට ප්‍රදේශය නිරීක්ෂණය කිරීමට තනිවම ගියේය. තද කඳු බෑවුමක තිබුණු කුඩා ගම්මානයේ දුප්පත් මිනිසුන් සිටි අබල දුබල නිවාස කීපයක් විය. ‘කූලී’ සේ හැඳින්වුණු ගම්මානයේ එම මිනිසුන් මේ කන්දේ තිබුණු ගස් කපා දර වෙළෙන්දන්ට ඒවා විකුනුවෝය. මේ දර ගොඩ ගසා තිබෙන තැනට කැප්ටන් ගිය පසු, ඉන් බොහෝ ඈතින් පැමිණි වෙඩිල්ලක ශබ්දයක් අපට ඇසිණ. කැප්ටන් අපට කියා සිටියේ, ඔහුගේ නළාව හඬවන්නේ නැත්නම් අපගේ පැමිණීම අනවශ්‍ය බවය.
එළු හමකින් තනා තිබුණු කැප්ටන්ගේ නළාව ලීගයක් පමණ දුර ඇසේ. වෙඩිල්ලේ හඬ ඇසුනද, ඔහුගේ අණ නැතිව අපට සෙලවීමට නොහැකි හෙයින්, අප වික්‍ෂිප්තව අපගේ රයිෆල් තුවක්කුද සූදානම් කරගෙන බලා සිටියෙමු. කැප්ටන් ගේ බිරිඳ අපට වඩා නොසන්සුන් වූවාය.
හදිසියේ ඔහුගේ හොරණෑ ශබ්දය අපට ඇසුණේය. අප බලාපොරොත්තු වූ පරිදි කන්ද පහළින් ආ යුතු ශබ්දයක් ගමෙන් පැමිණියේ මන්ද යන්න පුදුමයකි. එය අපට අබිරහසක් විය. නමුත් ඔහු මිය ගොස් ඇතිද? අපව උගුලකට අසු කරගන්නට වෙන කෙනෙක් මේ නළාව පිඹින්නේද? එහෙත් කැප්ටන්ගේ බිරිඳ, හදිසියේම කෑ ගසමින්, “එන්න එන්න ඔහුට කරදරයක් වෙලා නැහැ”…කියමින් එළියට දිව්වාය. කැප්ටන් අසෙක් පිට නැගී තම නළාව පිඹිමින් පැමිණීම සතුටක් විය. කැප්ටන් මෙසේ කීවේය. … “ජර්මන් ලංසක්කාරයෙක් දොරටුව අසළට පැමිණි විගස, මා ඔහු මරා දමා, ඔහුගේ අශ්වයා පැහැර ගතිමි. මා පසුපස ජර්මානුවන් අට දෙනෙක් හෝ දහ දෙනෙක් පැමිණියද, කැලෑවේ අඩි පහරවල් හරහා ඔවුන් මඟ හරවමින් පැමිණියෙමි. දැන් ඔවුන් විසින් අපව සාමකාමීව අල්ලාගන්නට පෙර අපි ඔවුන් රයිෆල් උණ්ඩවලින් ඔවුන් පිළිගත යුතු වේ”…
ජර්මානුවන් එන තුරු අප සැඟව බලා සිටියෙමු. එහෙත් කිසි කෙනෙක් අප හඹා ආවේ නැත. මේ අතර කැප්ටන් සමඟ ගිය, පීඩලොට් නම් අපගේ අනෙකුත් සගයා දැකීමට නොහැකි වීම ගැන අප අසතුටට පත් වුනෙමු. ඔහු දක්ෂ වෙඩික්කාරයෙක් බවද තුවක්කුව හොඳින් හසුරවන්නෙක් බවද කැප්ටන් කීවේය. රාත්‍රිය එත්ම අප ඔහු සොයා ගියෙමු. සෑම තැනකම බැලුවද ඔහු සොයා ගැනීමට නොහැකි වීම සිත් කරදර කරන්නකි. එහෙත් මධ්‍යම රාත්‍රිය වන විට, ඈතින් පෙනෙන දීප්තිමත් එළියක් දුටුවෙමු.
…”බිය ගුල්ලෝ”..! අනිවාර්යයෙන්ම, ඔවුන් දර වෙළඳපොලේ මිනිසුන්ගේ ගෙවල් පුළුස්සලා”…”අපි ගිහින් බලමු”… කැප්ටන් කීවේය.
තවත් විනාඩි විස්සකින් පමණ අප කඳු පාමුළට පැමිණියෙමු. ඇත්තටම ගින්න ඇතිවී තිබුනේ, ගෙයක් පසුපසය. එහෙත් අප බොහෝ හෙමෙන් පිය නැගුවෙමු. හේතුව වූයේ මෙය කුමක් හෝ උගුලක් වන්නට හැකි හෙයිණි. හදිසියේ පිඩලොට් ගේ හඬ ඇසිණි. එහෙත් එය දුර්වල හඬක් විය. එය දුක්මුසු භයානක දසුනක් විය. පිඩලොට්ව කණුවක බැඳ දමා, ගින්නෙන් දැවෙන්න ඉඩ හැර තිබිණ. ඔහු දරුණු සේ දැවී තිබිණ …ඔහු කෑ ගැසූවේය… “ශුභ උදෑසනක් කැප්ටන් !…”මේ කාලකන්ණි විස්සක් අපිව මරන්න ආවා”
…”විස්සක් ආවා?"
අප මවිත වුනෙමු. …”ඔව් ඒකයි මම කැප්ටන්ගේ අණ නොතකා තනියෙන් සටන් කලේ”…” එහෙම නූනා නම්, උන් අපි ඔක්කොම මරනවා”…”හතර දෙනෙක් යාර විස්සක් ඈත ඉඳන් මට පහර දුන්නා”…ඔහු කීවේය.
කැප්ටන් එවිට මෙසේ ඇසීය. …” ඇයි ඉතින් උදව් ඉල්ලලා කතා කලේ නැත්තේ ?"
…”මම ඕනෑකමින්ම එය කලේ”…”ඔබ සියල්ලන්ම ආවා නම්, ඔබට මාව බේරා ගන්න බැරි වෙනවා වගේම සියල්ලන් මැරේවි”…”කොහොමද පස් දෙනෙක් විස්සක් එකක සටන් කරන්නේ?"
අපි හනික ඔහුව තවමත් ප්‍රචණ්ඩව දැල්වෙන ගිණි දළු වලින් ගලවා ගතිමු.
…”අපි ඔබට මේ ගමන යන්න නොදුන්නා නම් වඩා හොඳයි…”මට ඇත්තටම මෙතෙන්ට ඔබව ගෙනෙන්න ඕනා වුනේ නැහැ”…”මේ ගැන අපි මින් පස්සේ කතා නොකරමු”…”ඔබට දැන් කොහොමද, සනීපයක් දැනෙනවාද ?" කැප්ටන් ඇසීය.
…”නැහැ , මගේ හුස්ම හිරවෙනවා”…”උන් මාව මේ ගහේ බැන්දා”…”මාව බාගෙට මැරෙන්න උන් මට තැලුවා”…”මගේ අත කැඩුවා, කඩලා එය කැරකුවා”… ”මම කඳුළු බිංදුවක් හෙළුවේ නැහැ”…”මේ මගේ අවසානයි”…”එහෙත් දැන් මට සතුටුයි, මගේ මිත්‍ර වරුනි”…”එයින් එක හොඳක් වුනා”
එවිට කැප්ටන් මෙසේ කීවේය. …”පිඩලොට්, අපි ඔබ වෙනුවෙන් ඒ පළිය ගන්නවා”
…” මම එය දන්නවා, …විශේෂයෙන් මේ කණ්ඩායම සමඟ ගැහැණියෙක් ඉන්නවා”..” ඒ ඊයේ කැප්ටන් මරපු, ලංසක්කාරයෙක්ගේ බිරිඳ”…”ඇයත් ලංසක්කාරයෙක් වගේ ඇඳලා ඉන්නේ”… “ඇයයි, මට වැඩියෙන්ම වධ දුන්නේ”…”මාව පුච්චන්න කියා යෝජනා කලේ ඇයයි” …මෙසේ කියමින් ඔහු සිහි නැති වුණේය.
කැප්ටන් ගේ බිරිඳ ඔහුගේ මුහුණේ වෑහෙන දහදිය පිහ දැම්මාය. අපගේ ඇස් වල කඳුළු සඟවන්නට නොහැකි විය.
ඔහු තවත් පැය භාගයක් පමණ වේලාවකදී මිය ගියේය. එහෙත් මිය යන්නට පෙර සතුරන් ගිය දිශාව ඔහු අපට කීවේය. අපේ හදවත් වේදනාවෙන් සහ පළි ගැනීමේ අදහසින් පිරී තිබිණ.
..”මේ නිසා අපි පෘසියන් හමුදාවම මැරුවත් මදි, එහෙත් පිඩලොට්ගේ මිණීමරුවන් පස්සේ යමු”… කැප්ටන් කීවේ මහත් ආවේගශීලීවය… …”මේ මගේ අණයි”… ”අපි තව දුරටත් දිවුරලා පොරොන්දු වෙමු, මම මළත් මේ දේ වෙන්න ඕනා”…”…”හැම සිරකරුවෙක්ම හමුවුණු විටදීම මරා දමන්න ඕනා”…”ලංසක්කාරයා ගේ ගෑණිට වධ දීලා මරන්න ඕනා…!”
එවිට කැප්ටන්ගේ බිරිඳ මෙසේ කීවාය. …”ඇයව වෙඩි තියා මරන්න එපා”…”මොකද ඇය ගැහැණියෙක් නිසා”…”වධ දීම පමණක් ඇති”…”එහෙත් ඔබ මේ සතුරන් සොයා යාමේදී මැරුනොත්, මගේම දෑතින් ඒ ගැහැණිය මරනවා”
පසු දින උදෑසන ගව් හතරකට එහා අහම්බෙන් මෙන් අපට පෘසියන් වරු කණ්ඩායමක් මුණ ගැහුණි. අපේ ක්‍ෂණික ප්‍රහාරය සාර්ථක විය. මොහොතකින් අපට සිරකරුවන් පස් දෙනෙක් ලැබිණ. කැප්ටන් ඔවුන් ගෙන් ප්‍රශ්න අසා, ඔවුන් පිඩලොට් ගේ මරණයේ කොටස්කරුවන් යයි තේරුම් ගත්තේය. මෙහිදී අපෙන් එකෙක් අපූරු යෝජනාවක් ගෙනාවේය. එනම් මේ සිරකරුවන් සියල්ලන් නිර්වස්ත්‍ර කල යුතු බවය. එහි ගැහැණියක් සිටින බව තේරුම් ගත් පසු අපට ඇතිවූ ප්‍රීතිය නිම් හිම් නැති විය.
ඔව්, ඒ ගැහැණිය පිඩලොට්ට වධ කල ගැහැණිය වූවාය. පිරිමි සිරකරුවන් හතර දෙනාට ඒ වෙලාවේම වෙඩි තියා දැමුවෙමු. ගැහැණියටද වෙඩි තබා දැමීමට අප සියල්ලන්ට අවශ්‍යතාවය තිබුණද, එය කැප්ටන්ගේ බිරිඳ මහත් පරිශ්‍රමයෙන් යුතුව වැළක්වූවාය.
අනෙක් දවසේ පෘසියන් වරු සහ නැගෙනහිර ප්‍රංශය අතර සටන් විරාමයක් ඇති වූ බවට ආරංචි ලැබිණ. අපගේ සැලැස්ම මේ නිසා තාවකාලිකව නවත්වන්නට සිදු විය. එහෙත් මේ නිසා නැගෙනහිර විසූ අපෙන් දෙදෙනෙක් ගම් බිම් බලා ගියහ. ඉතිරි වුනේ බෙසන්කන් සිට පැමිණි අප දෙදෙනෙක්, කැප්ටන් සහ ඔහුගේ බිරිඳ පමණි.
සටන් විරාමය අමතක කර, බෙසන්කන් වටලා පෘසියන් වරු තවමත් සිටි හෙයින් අපගේ අදහස වෙනස් නොකළෙමු. කැප්ටන් කීවේ සටන් විරාමය උගුලක් බවය. ශීත සෘතුව අවසන් වූ වහාම ජර්මන්වරු සේනා තර කරගෙන නැවත පහර දීම ආරම්භ කිරීම පැහැදිළි හෙයින්, අප සිතා සිටි සැලැස්ම ඒ අයුරෙන්ම දිගටම ක්‍රියාත්මක කල යුතුය යන්න, ඔහුගේ අදහස විය.
එය ඉතා දරුණු ශීත සෘතුවක් වූ හෙයින්, අපි එතරම් එළියට නොගියෙමු. තවද ගැහැණු සිරකාරිය බලා ගැනීමටද අපට සිදු විය. ඇය මානසිකව බොහෝ වැටුණු බවක් පෙන්වුවද, අයගේ සැමියා මරා දැමූ කැප්ටන් දෙස ක්‍රෝධයෙන් පසුවන බව ඇය ඔහු දෙස බලන ආකාරයෙන් පෙනිණ. මීටත් වඩා දඬුවමක් ඇයට අනවශ්‍යය. පිඩලට්ට වධ කිරීම සම්බන්දයෙන් ඇය මේ ආකාරයට වධ විඳීම ගැන අප කැමති වුනෙමු. එහෙත්, අපි ‘මේ ගැහැණිය අව තක්සේරු කලෙම්’ යයි මොහොතකටවත් නොසිතුවෙමු. මුලින් ඇයව ලණුවකින් බැඳ අසළ තිබුණු විශාල ඕක් ලී බංකුවේ ගැට ගැසුවෙමු.
එහෙත් ඇය කලබලයක් නොපෙන්වූ හෙයින්, දින කීපයකට පසු ඇයව ලිහා දැමුවෙමු. ආයුධ අත ඇති අප හතර දෙනෙක්ට සසඳා, ආයුධයක්වත් අත නැති ගැහැණියෙක්ට බිය විය යුතු නැත යයි සිතුවෙමු. තවද ඈ සිටිය යුතු වුනේ, කාමරයේ අන්තයේය. නිවාසයේ දොර ළඟ කෙනෙක් සැමවිට මුරට සිටියේය. ඒ අතර කැප්ටන් ඔහුගේ බිරිඳ සහ මම නිදා ගත්තෙමු.
කැප්ටන් නිවාසය මුර කරන එක් දිනක, ලංසක්කාරයාගේ බිරිඳ සාමාන්‍ය තරමටත් වඩා නිසලව නිදා ගත්තාය. ඇය එදා සිනහ මුසු මුහුණෙන් සිටියාය. එහෙත් මධ්‍යම රාත්‍රියේ විශාල කෑ ගැසීමක් නිසා උඩ ගොස් බිම වැටුනෙමු. වහා අවදි වී බලන විට, කැප්ටන් සහ ලංසක්කාරයා ගේ බිරිඳ පොර බදනවා දුටිමු. අප වහා ඔවුන් වෙන් කළෙමු. ඇය වියරුවෙන් කෑ ගසමින්, සිනහ වෙමින් සිටියාය. කැප්ටන් තවමත් මාරයා සමඟ පොර බදනවා මෙනි. අඳුරේ එතරම් අපට නොපෙනුණ නිසා පහනක් රැගෙන විත් බැලූ විට, කැප්ටන් ගේ බෙල්ලේ බයිනෙත්තුව ඇණී තියෙන බවත්, එයින් බොහෝ ළේ වහනය වී ඇති බවත් පෙනිණ.
වචනයක් හෝ කියන්නට නොහැකිව, විනාඩි කීපයකින් කැප්ටන් මිය ගියේය. ඇය ක්ෂණිකව කැප්ටන්ගේ තුවක්කුවේ එල්ලී බයිනෙත්තුව ගලවා ගෙන ඔහුට ඇන ඇත.
ඔහුගේ බිරිඳ කඳුළු බිඳුවක් සෙලුවේ නැත. ඇය ලංසක්කාරයා ගේ බිරිඳ දෙස එක එල්ලේ බලා සිටියාය. ඒ බැල්මේ රුදුරු බව උපරිම අයුරෙන් තිබිණ. ඉන් පසු ඇය මෙසේ කීවාය. “මේ ගෑණි මටයි අයිති”…”සතියකට පෙර නුඹලා දිව්රුවා, මේ ගෑණි මම තෝරන අයුරෙන් මැරෙන්න ඕනා කියා”…”දැන් මගේ ස්වාමි පුරුෂයා මැරුණ නිසා නුඹලා ඒ දිව්රීම අනුව කටයුතු කල යුතුයි”…”මේ ගෑනිව ගිනි උදුන ගාව ගැට ගහපල්ලා”…”ඉන් පසු නුඹලාට ඕනා තැනක යන්න පුළුවන්”…”එහෙත් මෙතනින් ඉතා ඈතකට යා යුතුයි.”…”මම මගේ පළිය ඇයගෙන් ගන්නම්”…”කැප්ටන්ගේ ශරීරය මෙතන තියන්න” …” මෙතන ඉන්න ඕනා අප තුන්දෙනා පමණයි”… අපි ඇයට අවනත වුනෙමු. ඇය අපට ලියන බවට පොරොන්දු වූවාය.
දින දෙකකට පසු මට ඇයගෙන් පහත ළිපිය ලැබුණි. එහි දාතම වූයේ, අප එදින ඒ ස්ථානයෙන් ගිය පසු දිනය විය.
දයාබර හිතවත;
මගේ පොරොන්දුව අනුව ඔබට ලියන්නෙමි. මා එම නිවසේ සිටිමි. ගැහැණු සිරකාරිය මා පෘසියන් නිළධාරියෙක්ට භාර දුන්නෙමි. හිතවත, මම මෙය ඔබට කිවයුතු වෙනවා. “මේ ගැහැණිය ජර්මනියේ ළමයි දෙදෙනෙක් අතහැර දමා තමන්ගේ ආදරණීය ස්වාමියා සමඟ යුධ බිමට විත් තියෙන්නේ, ඔහුට ඇති අවදානම අඩු කර ආරක්ෂා කර ගැනීමේ අදහසින්”…”දරුවන් දෙදෙනා ඔවුන්ගේ සීයා සහ ආච්චි ළඟ ඉන්නවා”…
…”මේ සියලු දේ මා දැනගත්තේ ඊයේ දින තුලයි”…”
පළි ගැනීමේ අදහස වෙනුවට මානුෂීය ලෙස මේ දෙස බලන්නට මම තීරණය කලෙමි. එහෙත් මා මුලින් මේ ගැහැණියට මට හැකි හොඳම ආකාරයෙන් තර්ජනය කරමින්, …”පිඩලොට් මිය ගිය ආකාරයෙන්ම, පුච්චා මරණ බව ඇයට මම කීවෙමි” …”එහෙත් මේ වෙලාවේදී කලබල නැතිව ඇය මා දෙස බලා මෙසේ කිව්වා”…
…”ප්‍රංශ ගෑණි, … “මා දෙස ඔය ආකාරයෙන් ද්වේශයෙන් කටයුතු කරන්න හේතුව කුමක්ද ? නුඹ හිතන්නේ නුඹගේ ස්වාමි පුරුෂයා මිය යාම සම්බන්දව මේ කරන්න හදන දේ හරි කියලාද ? …”මා ‘ඔව්’ කීවෙමි. …” මගේ ස්වාමි පුරුෂයා මැරූ එකේ පළිය ගැනීමටයි මේ ලැහැස්ති වෙන්නේ ”…”එනම් දැන් නුඹ මට කරන්න හදන දේ මයි”…”ඉතින් නුඹ පළි ගැනීම අනුමත කල නිසා, මේකටත් ලැහැස්ති වෙයන්”…මා කීවෙමි. ඇය; …මා බිය නොවෙමි ”… කියා කීවාය.
ඇත්තටම ඇයගේ දිරිය අඩු වූ බවක් පෙනුනේ නැත. ඇයගේ මුහුණ සංසුන් වූ අතර මා දෙස ඈ බියෙන් තොරව බැලුවාය. මේ අතර මා ලී කොටන් සහ වියළි කොළ ඇයගේ දෙපස අතුරා, ඇයගේ මරණය වඩාත් කෘර කරවීමට වෙඩි බෙහෙත් කොපු ගලවා, එහි කුඩුද එහි දැමුවෙමි. මා මොහොතක් මේ කරන්න හදන දෙය ගැන සිතා බැලුවෙමි. මේ අතර කැප්ටන් ගේ ලෙයින් වැකුණු ශරීරය එහි ඇත. මා ඔහු දෙස බැලුවෙමි. ඔහු සුදුමැළි වී ඇත. ඔහු මදෙස බලා සිටින්නේ, වීදුරු ඇස් දෙකකින් මෙනි.
මා මොහොතකට නැවතී ඔහුගේ සුදුමැළි දෙතොල් සිප ගතිමි. මා හිස ඔසවන විට ඇය හඬමින් සිටියාය. එය මට විමතියක් විය.
…”අන්තිමට එහෙනම් නුඹට බිය හිතුණා නේද ? මා ඇසුවෙමි.
… “නැහැ, …ඔබ, ඔබගේ ස්වාමිපුරුෂයා සිප ගන්නවා දුටු මටද, මගේ ආදරය කළවුන් මතක් වුනා”…ඇය දිගටම ඉකි බිඳින්නට පටන් ගෙන හදිසියේ නැවතී, මෙසේ ඇසුවාය. …”ඔබට ළමයි ඉන්නවාද? මගේ ඇඟ මොහොතකට හිරි වැටිණි. මේ ගැහැණියට ළමයින් සිටිනවා යයි මොහොතකට මට සිතුණි. ඇයගේ පොකට් සාක්කුවේ තිබුණු දේ ගන්න යයි ඇය මට සන් කළාය. එහි මා දුටුවේ කුඩා දරුවන් දෙදෙනෙක්ගේ පින්තුර සමඟ ලොකු ළමා අකුරෙන් ලියන ලද ළිපියකි.
පින්තුර දෙකේ පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක් සිටියේය. කම්මුල් ලොකු ඔවුන්, ජර්මන් ළමයින් ගේ නියම ස්වභාවය විය. ඒ ළිපි කවරය ඇතුළත ‘අම්මේ ආදරෙයි’ යන වචන සමඟ, ගැට ගැසූ ඔවුන්ගේ කෙස් රොදවල් කීපයක්ද විය. මට මගේ කඳුළු නවත්වා ගැන්මට නොහැකි විය. මා ඇය ලිහා දැමුවෙමි. නැවත මගේ ස්වාමි පුරුෂයා ගේ මුහුණ නොබලා ඇයට යන්නට ඉඩ හැරියෙමි. යන්නට පෙර, ඇය කඳුළු පිරි දෑසින් යුතුව මා වැළඳ ගත්තාය.
මා මගේ ස්වාමි පුරුෂයා වෙත යමි.
දයාබර හිතවත; ඔබට හැකි ඉක්මනින් මෙහි පැමිණෙන්න. පැමිණ අප දෙදෙනාගේ ශරීරවලට කළයුතු දේ කරන්න.
මා හැකි ඉක්මනින් ඒ ස්ථානයට යන විට පෘසියන් නිළධාරින් එහි සිටියහ. මෙහි තේරුම කුමක්දැයි මා අසන විට, ප්‍රංශ හමුදාවේ කැප්ටන් කෙනෙක් සහ ඔහුගේ බිරිඳගේ දේහයන් නිවස ඇතුලේ ඇතැයි ඔවුන් කීහ. මා ඔවුන්ගේ නම් සහ වතගොත කී විට, මා ඔවුන්ව හොඳින් හඳුනන බව ඔවුන් තේරුම් ගත්හ. ඔවුන්ගේ අවසාන කටයුතු කිරීමට ඉඩ දෙන සේ මා ඔවුන්ගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියෙමි. එහෙත් ඔවුන් කීවේ වෙන දෙයකි.
“ඔවුන්ගේ හොඳම යහළුවා යයි කියන වෙන කෙනෙක්, ඒ කටයුතු කිරීමට බාර ගෙන ඇත. ඒ හෙයින් ඔබ ඒ නිවස ඇතුලේ මේ වෙලාවේ සිටින යහළුවා සමඟ කතා කර කැමති දෙයක් කරන්න” කියාය. මා ඇතුළට යන විට කැප්ටන් සහ ඔහුගේ බිරිඳ ඇඳක් උඩ තබා රෙද්දකින් වසා තියෙනවා දුටුවෙමි. මා එය ඔසවා බැලුවෙමි. කැප්ටන්ගේ බිරිඳද, සිය දිවි නසා ගෙන තිබුනේ කැප්ටන්ගේ මෙන්ම බෙල්ලට වැදුණු බයිනෙත්තු පහරකිනි.
ජර්මන් නිළධාරීන් විසින් මට කියූ හොඳම යහළුවා, ඒ ඇඳට සමීපව සිටියාය. ඇය මිය ගිය යුවළ දෙස බලමින් හඬමින් සිටියාය.
ඒ ලංසක්කාරයාගේ බිරිඳ විය.
සුළං රැල්ලක් වත් නැති දිනෙක, ගඟට ඉහළින් කපු පළසක් ඇතිරුවා මෙන් වන මීදුමකි. ඒ ඝන මීදුම හේතුවෙන් ගං ඉවුරු වත් නොපෙනේ. එහෙත් කෙමෙන් දිනය උදාවත්ම කන්ද අසල ඇති නිවාස සුදු තිත් මෙන් පෙනෙන්නට ගත්තේය. කුරුල්ලන්ගේ ශබ්දයෙන් සහ ගඟෙන් අනෙක් පසින් ඇසෙන ශබ්දයකින් නිසළතාවය බිඳ යයි. ඒ ශබ්දය අතරතුර කෙනෙක් කතා කරනවාද, ගඟට වරින් වර යමක් වැටෙනවා මෙන් ශබ්දයක්ද ඇසේ. පඳුරු වල මෙතෙක් රාත්‍රිය ගත කල කුරුල්ලන් මේ ශබ්දයෙන් කළබල වී ඉගිල යාමට පටන් ගත්තෝය. හදිසියේ ගම්මානය පැත්තේ ගං ඉවුර දෙසින් අපහසුවෙන් හඳුනා ගත හැකි චායාවක් මතුවිය. එය මිනිසුන් දෙදෙනෙක් සිටින කුඩා ඔරුවකි.
හබල් ගසන මිනිසා වහා නැගිට අල්ලා ගත් මාළු දෙස බලා, මාළු දැළ කරේ දමාගෙන අනෙකාට මෙසේ කීවේය. …”මැලොච්,… උබේ තුවක්කුව අරන් වරෙන් ගං ඉවුරෙන් හාවෙක් වත් අල්ලාගන්න…!
අනෙකා පිළිතුරු දුන්නේය. …”හරි මට මිනිත්තුවක් දීපන්”… මෙසේ කියමින් ඔහු ඔරුවෙන් බැස ගිය අතරේ අනෙකා සුරුට්ටුවක් පත්තු කර ගත්තේය. ඔහුගේ නම චිලොට් විය. මේ දෙදෙනා විශේෂයෙන් කියන්නට එක වෘතියක් නොකරන ගං ඉවුරේ නොයෙක් දේ එකතු කරන අය වූහ. පහළ තලයේ නාවිකයන් වූ ඔවුන්, සාගතයක් ඇති කලකදී පමණක් ගංගාවෙන් ඈතට ගොස් මුහුදේ යාත්‍රා කලහ. අනෙක් දින වල ඔවුන් ගංගාවේ දිවා රාත්‍රී හබල් ගැසුවේ යමක් සොයාගන්නට හැකි යන බලාපොරොත්තු වෙනි. සමහරවිට සාන්ත ජර්මේන් වනයට ගොස් මුවෙක් වෙඩි තියති.
එසේ නැතහොත්, ගංගාවේ ගිළී මියගිය අයගේ ඇඳුම් සහ කණකර ගලවා ගත්හ. එසේ නැතහොත් හිස් බෝතල් සහ ගඟේ පාවී යන දේ අහුළා විකුණුවහ. මේ ආකාරයේ උළා කන්නන් වී, පහසු අයුරෙන් ඔවුන් ජීවත් වූහ. සමහරවිට ඔවුන් ගංගා ඉවුරේ ඇති කුඩා ආපන ශාලාවකින් සප්පායම් වී දෙපැත්තට යති. දින කීපයක් වෙන්ව සිටියද මේ දෙදෙනා නැවත ගංගාවේ ඔරු පදිනවා දැකිය හැක. ගංගාව දිගේ ඉවුරේ ඇති කිසියම් බෝට්ටුවක් සොරකම් කල ඇති බවද එහි අයිතිකරු ඒ ගැන දැන ගැනීම සමඟම, ඉන් කිලෝ මීටර් තිහ හතළිහක් ඔබ්බේ තවත් කෙනෙක්, ෆ්‍රෑන්ක් පණහකට හෙට්ටු කර ලබා ගත් බෝට්ටුව ගැන සතුටු වන්නටද හේතුව මේ දෙදෙනාය.
මැලෝච් කඩමාළු වලින් ඔතාගත් ඔහුගේ තුවක්කුව රැගෙන නැවත පැමිණියේය. ඔහු උස අවුරුදු හතළිහක් හෝ පණහක් පමණ වයසක, සැම විටෙක සැකයෙන් යුතුව වට පිට කෙනෙකි. එහෙත් චිකෝට් ඊට වෙනස්වූ මහත මිටි රතු මුහුණක් ඇති කෙනෙකි. ඔහු දිගටම ඔහුගේ වම් ඇස අඩවන්ව තියාගෙන සිටියේ යමක් දෙස සැම විටම ඉලක්කයක් ගන්නවා මෙනි. ඇස ඇර තබා ගන්න කියන අයට ඔහු කීවේ; …”මට හේතුවක් පෙනුන වෙලාවට මම ඒක ඇරලා තියා ගන්නම් නංගි ”,.. කියාය. ඔහුගේ තක්කඩි මිතුරා ඇතුළු සැමටම නංගි කියා කතා කිරීම ඔහුගේ සිරිත විය.
නැවතත් ඔවුන් පැදවූ ඔරුව හිම මෙන් සුදු පැහැ මීදුම අතරේ නොපෙනී ගියේය. ඔවුන් ගං ඉවුරේ අනෙක් පසට සේන්දු වුනේ කිසි ශබ්දයක් නොකරමිනි. ඒ ඉවුරේ, සතුන් මැරීමට තහනම් සාන්ත ජර්මේන් වනය තිබිණ. එහි ගස් යට සතුන් විසින් තනන ලද බොහෝ ගුල් තිබිණ. මැලොච් දණගසා ගත් ඉලක්කය අනුව පරිසරයේ නිහඬ බව බිඳිමින් පත්තු කල වෙඩිල්ල අළු පැහැ හාවෙක්ට වැදින. හාවා අහුළා ගත් ඔවුන්, වනයේ ආරක්ෂක නිළධාරීන්ට හසු නොවීමට ඔරුව වහා ඉවතට පැදවූහ. තුවක්කුව ඔරුව පත්ලේ කඩමාළු අතර සැඟවුණු අතර, හාවා චිකොට්ගේ සැහැල්ලු කමිසය අතර සැඟවිණි.
…”නංගි, තව හාවෙක් අල්ලමුද ?…චිකොට් ඇසුවේය. …”මම එකඟයි” … මැලෝච් පිළිතුරු දුන්නේය. ඔරුව ජල පහර දිගේ පහළට ඇදිණ. මීදුම නිසා තවමත් ඉවුරු නොපෙනේ. කුඩා වළාකුළු මෙන් මීදුම් කැටි ගඟ ඉහත්තාවේ පෙනේ. මනාළියකගේ සුදුවන් වේලය මෙන්, ගස් සුදෝ සුදුව මීදුම් අතරින් පෙනේ. ගං ඉවුරේ පහළ ඔරුව නැවැත්වූ ඔවුන් තවත් හාවෙක් වෙඩි තියා ගත්හ. ඉන්පසු ඔවුන් තවත් ගංගාව දිගේ පහළට ගොස් බෝට්ටුව ඉවුරට ඇද දමා, ඉවුරේ වාඩි වූහ. ඉර නිල් අහසේ කෙමෙන් නැඟ එන බව පෙනේ. ගංගාවේ අනෙක් පස අඩ වෘතාකාරව පෙනෙන කන්ද මිදි වැල් වලින් වැසී ඇත. කන්දේ ඈතට ඉහළට වන්නට එක් ගෙයක් පිහිටා ඇත.
මේ අතර ගංගාවේ අනෙක් ඉවුරේ ගැහැණියක් ලණුවකින් ගැටගැසූ වයස්ගත වූ බූරුවෙක් ඉතා අපහසුවෙන් ඇදගෙන එන බව පෙනේ. වයසට ගිය තදවූ කකුල් හොළවන්න අකමැති මුරණ්ඩු බූරුවා ලණුව තදින් අනෙක් පසට අදී. මේ දුටු චිලොට්,..”ඒයි මැලොට්,…මොකෝ කියන්නේ පොඩි විනෝදයක් ගම්මුද ? …”ඔව් නැතිව?…මැලොට් කීවේය. …”එහෙනම් ඉක්මන් කරපං නංගියේ” … චිකොට් හබළ අතට ගත්තේය. ඔවුන් හරියටම ගැහැණිය සිටි ගඟේ අනෙක් පසට ඔරුව පැද්දෝය.
…”ඒයි නංගි…මොකද මේ කරන්නේ ?…”හරියට කෝච්චි එන්ජිමයි පෙට්ටියයි වගේ..? … ගැහැණිය පිළිතුරු නොදුන්නාය. ..”කොහේ රේස් එකකටද මේ සතාව අරන් යන්නේ? …
අවසානයේ ගැහැණිය පිළිතුරු දෙමින්, …”මම මකාට් වලට යනවා”… “මුගෙන් ඇති වැඩක් නැහැ”…”මරන්න යන්නේ”
… “ඉතින් මේකට කීයක් ලැබේවිද?" චීකොට් ඇසුවේය…ගැහැණිය දහදිය ගලන මුහුණ පිටි අල්ලෙන් පිසදා … “මම කොහොමද දන්නේ?… වැඩිම වුනොත් ෆ්‍රෑන්ක් තුනක් ලැබේවි”…කියා කීවේය.
…”හරි මම ෆ්‍රෑන්ක් පහක් දෙන්නම්…මොකෝ කියන්නේ?…”
තත්පරයක් සිතු ගැහැණිය, …”හරි එකඟයි” කියා කීවේය.
මැලොට් පුදුමයෙන් මෙසේ ඇසුවේය. …”මොකටද මේ මළ කඳක් ගන්න යන්නේ? … චිකොට් ඔහුගේ වසා ගෙන සිටි ඇස මෙහිදී ඇරියේ ප්‍රීතියෙනි. ඔහුගේ මුහුණම ප්‍රීති උද්දාමයෙන් රතු වී තිබිණ.
…”හිත කරදර කරගන්න එපා නංගි… මට අදහසක් තියෙනවා”…ඔහු ගැහැණියට ෆ්‍රෑන්ක් පහක් දී බූරුවා මිළදී ගත්තේය.
… “හරි දැනුයි සෙල්ලම පටන් ගන්නේ…එක සැරේ එක්කෙනාටයි වෙඩි තියන්න පුළුවන්...හැබැයි කිට්ටු වෙන්න බැහැ…එක සැරේ මරන්නත් බැහැ”…ඔහු බූරුවා සිටි තැන සිට, පියවර හතළිහක් පසුපසට ගියේය. මේ අතර බූරුවා නිදහස් වූ බව දැනීමෙන්දෝ තණකොළ දෙසට හැරිණි. එහෙත් වයසට වඩා වැඩ කළ බූරුවා දුර්වල නිසා බිම වැටෙන්නට ඔන්න මෙන්නය.
සෙමෙන් තම ඉලක්කය ගත් මැලොට්, …”චිකොට්, …ඔන්න කණට පොඩි ගම්ම්රිස් පොඩ්ඩක්”…කියමින් බූරුවාට වෙඩි තිබ්බේය. උණ්ඩය බූරුවාගේ දිගැති කණක් හරහා ගියේය. දැන් බූරුවා ඒ වේදනාව නිසා කන් ගසා දමද්දී, මිතුරෝ දෙදෙනා සිනහ වෙමින් සතුටින් උඩ පැන්නහ. මේ දුටු ගැහැණිය බූරුවාට වධ දෙනවාට අකමැතිව ෆ්‍රෑන්ක් පහ නැවත ඔවුන්ට දී බූරුවා නැවත ඉල්ලා සිටියද, මැලොට් ඇයට තර්ජනය කලේ තුවක්කුව ඇයගේ සාය වෙතට එල්ල කරමිනි. ඇය බැන වදිමින් එතනින් යන්නට ගියාය. ඇය ශාප කරමින් ඈතට යන හඬ මිතුරන්ට ඇසිණි.
මැලොට්, තුවක්කුව චිලොට් ගේ ඉලක්කය ගන්නා වාරය සඳහා දුන්නේය. චිලොට් ඉලක්කය ගෙන වෙඩි තැබුවද, උණ්ඩය බූරුවාගේ කකුලේ ගෑවී ගියා පමණි. බූරුවා සිතුවේ, ඇට මැස්සෙක් කකුලට විදින්නට ඇත කියාය. බූරුවා උගේ කකුලට වලිගයෙන් පවන් ගසන්නට පටන් ගත්තේය. මැලොට් සිනහව නවත්වා ගන්නට නොහැකිව බිම වාඩි විය. චිලොට් නැවතත් උණ්ඩයක් දමා මෙවර බූරුවාට වෙඩි තිබ්බේ, මැලොට් වෙඩි තැබූ කණටම විය. දැන් බූරුවාට මේ සෙල්ලම තේරී නොන්ඩි ගසමින්, හෙමෙන් හැල්මේ වැනි වැනී දුවන්නට පටන් ගත්තේය.
මිනිසුන් දෙදෙනාම දැන් බූරුවා පසු පස එළවති. මැලොට් දිග අඩි තබමින් දුවන අතරේ, මිටි මිනිසෙක් වූ චිලොට් කෙටි අඩි තබමින්, දිව එළියට දමමින් හති දමමින් දුවයි. එහෙත් දුර්වල වයසක බූරුවාට තවත් දුවන්නට නොහැකිව, අතර මඟදී නැවත මාරයන් මෙන් පසුපස එන මිනිසුන් දෙදෙනා දෙස හැරී බලා, බිම වැටී මරහඬ තියන්නට පටන් ගත්තේය.
හති දමමින් හෙම්බත්ව දහදිය දමමින් සිටි චිලොට් තුවක්කුව අතට ගෙන,…”හේ…මැලොට් නංගි,…! …මේ සැරේ මම මෙයාට බෙහෙත දෙනවා”… කියමින්, තුවක්කුව බූරුවාගේ කට ඇතුලට දමා කොකා ගැස්සුවේය.
පිටුපසට පියවරක් පැන වැටී, නැවත නැගිටින්නට වෙර දැමූ බූරුවා පැත්ත හැරී වැටී නෙත් පියා ගත්තේය. බූරුවාගේ ශරීරය කිහිප වතාවක් වේගයෙන් ගැසී නිසළ විය. මිතුරෝ නැවත සිනහ වෙන්නට පටන් ගත්හ.
එහෙත්, ඔවුන්ගේ මුදළට නියම විනෝදය නොලැබුණු බව සිතූ මැලොට්,…”දැන් අපි මොකද කරන්නේ? …යයි ඇසූ විට චිකොට් පිළිතුරු දෙමින්,
…”නංගි කලබල වෙන්න එපා”…”රෑ වෙන කොට තව විනෝදයක් ලැබේවි…දැනට මෙයාව ඔරුවට දමමු”… මිය ගිය බූරුවා ඔරුවේ මැද තබා අලුත් තණකොළ වලින් වසා දැමූහ.
ඒ උඩ මිතුරෝ දෙදෙනා විවේක ගත්හ. දහවළ වන විට, ඔරුවේ කොනක සඟවා තිබුණු වයින් බෝතලයක්, අමු ළූණු, බටර් සහ පාන් රැගෙන කන්නට බොන්නට පටන් ගත්තෝය. වෙරි වූ ඔවුන් නැවත තවමත් උණුසුම්ව සිටි බූරුවා මත වැටී නිදා ගත්හ.
දිනය ගෙවෙන සන්ධ්‍යාවේ චිකොට් නැගිට, ලී කියතක් අදිනවා මෙන් හඬ නගමින් ගොරවමින් නිදන මිතුරාට අතින් ඇන,…”දැන් අපි යමු නංගි”… යයි කියා, ඔරුව පදවන්නට පටන් ගත්තේ, සාන්ත ජර්මේන් වනයට ඔබ්බේ තිබුණු එප්‍රන් වෙත යාමටය.
ඔවුන් මඩ සහිත ගංගාවේ වැවී ඇති ලිලී මල් පඳුරු හරහා ඔරුව පදවා ගෙන ගියහ. ඔරුවට නැවෙන ලිළී මල්, ඔරුව යත්ම නැවත නැගිටී. චිලොට් ඔරුව මඳකට නවත්වා අලුත් සැලැස්ම මැලොට්ට කීවේය. මේ අසා මැලොට්ට සිනහ නවතා ගන්නට නොහැකි විය. ඉවුරේ ඔරුව නැවැත්වූ ඔවුන්, තණකොළ ගඟට විසි කර ඒ අතර සඟවා තිබුණු බූරුවාගේ කකුල් වලින් අල්ලා අසළ ඇති පඳුරක, කුර පමණක් පෙනෙන සේ උඩු පෙළි අතට සැඟවූහ.
ඔවුන් අසළ ඇති මහළු ජූල්ස් ගේ වයින් අවන්හළට යනවිට රාත්‍රිය සෑහෙන තරමට අන්ධකාර වී එහි සිටි අවසාන ගැනුම් කරුවාද පිටවී ගොස්ය. ඔවුන් දුටු විටම මහළු ජූල්ස් පැමිණ ඇසකින් ඉඟි කරමින්, …”හොඳයි, ඔබට ඒවා ලැබුණද ? සේ ඇසුවේය. …
උරහිස් ඇකිළු චිලොට්, … “සමහරවිට වෙන්න පුළුවන්…නොවෙන්නත් පුළුවන් ”… කියා කීවේය.
…” ඒ වුනාට ඔබ ගාව අඩු ගානේ අළු පාට උන් ඇති නේද ? …කියා ඇසූ විට චිකොට් කමිසය ඇතුලට අත දා, හාවන් දෙදෙනා ඇද, …”ජෝඩුවක් ෆ්‍රෑන්ක් තුනයි” කීවේය.
ඒ අනුව පැවති හෙට්ටු කිරීමේ විවාදය බොහෝ වෙලා පැවතී, අවසානයේ හාවන් දෙදෙනා ෆ්‍රෑන්ක් දෙකයි හැට පහකට තීන්දු වුණි. මිතුරන් දෙදෙනා යන්නට ලැහැස්ති වූ විට, ජූල්ස් ට ඔවුන්ගේ ඉඟි වැටහිණි. …”ඔබලා ගාව තව මොනවා හෝ තියෙනවා වගේ”…” එහෙත් ඒ මොනවාද කියා කියන්නේ නැහැ කියා මට තේරෙනවා” කියා ඔහු පැවසුවේය. …”වෙන්න පුළුවන්, එහෙත් එය ඔබට නොවේ”..”ඔබගේ ලෝභ කම වැඩියි ” චිලොට් කීවේය. මහල්ලාගේ කුතුහලය වැඩිවී,…”මොකක්ද ඒ? ලොකු බඩුවක්ද” කියා ක්‍ෂණිකව ඇසුවේ, මිතුරන් දෙදෙනා නැවත වාඩිවී මෙසේ කියන්න පටන් ගත්හ.
…”මෙහෙමයි ඒක වුනේ”…”එප්‍රන් කැලෑවේ අපි ඉන්න විට, මොකෙක් හෝ අපට කිට්ටුවෙන් ගියා”…” මැලොට් තුවක්කුව අරගෙන එක සැරේ වෙඩි තිබ්බා විතරයි සතා කකුල් උඩ දාගෙන වැටුණා” …”ඒත් කැලෑ ආරක්‍ෂකයෝ වටේ ඉන්න නිසා අපි එතනින් ඉක්මනට යන්න ගියා”…”හැබැයි මට කියන්න බැහැ, ඒ මොකාද කියා”…”මොකද මම දන්නේ නැහැ”…
කුතුහලයෙන් සිටි මහල්ළා, …”ඒකා මුවෙක් වත්ද ?” …කියා ඇසුවේය. …”වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්”….චිකොට් කී විට මහල්ළා නැවතත්; …”එහෙනම් ගෝනෙක් වෙන්න ඇති”…කීවේය. …”නැහැ ගෝනෙක් නම් වෙන්න බැහැ, මම අන් දැක්කේ නැහැ”…චිකොට් කීවේය.
… “ඉතින් ඒකාව මෙතෙන්ට ගෙනත් දෙන්නේ නැත්තේ ඇයි? යන මහල්ළාගේ ප්‍රශ්නයට චිකොට් මෙසේ උත්තර දුන්නේය. …” නැහැ නංගි, මට එතෙන්ට යන්නේ නැහැ, මොකෝ මම විකුණන්නේ මෙතන ඉඳලා”…”මම මගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනා”… ”ඕනා තරම් මිනිස්සු ඉන්නවා ඌව ගන්න…හැබැයි අත් පිට මුදලට…ෆ්‍රෑන්ක් විසි පහයි,…අඩු නැහැ “…චිකොට් කීවේය.
ගණන තීන්දු විය. ෆ්‍රෑන්ක් විසිපහ සාක්කුවේ දමා වීදුරුවේ අඩියේ තිබූ දියරය කටට හලා ගත් චිකොට්, අඳුරේ නොපෙනී යන්නට පෙර මෙසේ කීවේය. …” ඒකා ගෝනෙක් නම් නොවේ”…”මොකාද කියලා මම දන්නේ නැහැ”…”හැබැයි එතන මොකෙක් හරි නොහිටියොත් මේ සල්ලි ආපහු දෙන්නම්”…!
…”ඔහු පසුපස අඳුරේ යන මැලොට්, හඬක් නොනැගෙන සේ සිනහ වෙමින්, චිකොට්ගේ පිටට තට්ටු කරමින් සතුට ප්‍රකාශ කලේය.
සැන් ෆ්රැන්සිස්කෝ නගරයේ තනිකඩ නීතිඥයෙක් සිටියේය. ඔහු අවුරුදු 60ක් පමණ වයස, ධනවත් මෙන්ම නුවණැති කෙනෙක් විය.
ඔහු තට්ටු දෙකේ මහල් නිවාසයක ජීවත් වූයේ සෑම් නම් චීන සේවකයෙක් සමඟය. සේවකයා ඔහු සමඟ අවුරුදු පහළොවක් ජීවත් වුණු අතර ස්වාමියාගේ සියළු අවශ්‍යතා දැන සිටි අතර නීතිඥයාට උපදෙස් දීමට අවශ්‍යතාවයක් නොවීය. නිවසට එන එක අමුත්තෙක් වුවද, සීයක් වුවද හුදෙක් ඒ අමුත්තන් ගණන පමණක් සෑම්ට කීම ප්‍රමාණවත් විය.
සෑම් ඔහුගේ කෝකියා, මුරකාරයා පමණක් නොව හිතවතාද විය. සෑම් නිවසට අවශ්‍ය දේ ගෙන ආවේය. උදේ හතට තම ස්වාමියා අවදි වන විට නාන කාමරය සකසා තිබිණ. මදින ලද ඇඳුම් සකසා තිබිණ. එදිනට අවශ්‍ය සපත්තු කන්නාඩියක් මෙන් මැද තිබිණ. පහළ තට්ටුවේ උදේ ආහාරය උණුසුම් ලෙස සකසා තිබිණ. ස්වාමියා දොරෙන් එළියට යන විට සෑම් කබාය, තොප්පිය සහ යෂ්ටිය ඔහුට දෙන්නේය. වහින දවසක යෂ්ටිය වෙනුවට කුඩයක් අතට දෙන්නේය. ස්වාමියා නැවත නිවස කරා පැමිණෙන විට දොර අරින්නේද සෑම් මය. සෑම් කිසිදා නිවාඩුවක් ගත්තේ නැත. පෙනෙන විදියට ඔහු කෑම කන්නේ හෝ නිදා ගන්නේද නැත. අවශ්‍ය වෙලාවට ඔහු පෙනී සිටී. නැතිනම් ඔහු පෙනෙන්නට නැත.
සති ගණන් ස්වාමියා හා සේවකයා එකිනෙකා වචනයක් වත් කතා කරන්නේ නැත්තේ ඔවුන් එකිනෙකා ගේ හන්ගීම් හොඳින් තේරුම් ගත් නිසාය. ස්වාමියා සෑම්ට බොහෝ හිතවත් වූයේය. සෑම්ගේ මාසික පඩිය වූයේ ඩොලර් සීයකි. එසේ වුවද වෙනත් ආකාරයක කෘතඥතාවයක් පෙන්වන්නට අවශ්‍ය වුවද සෑම් ඒ කිසි දෙයක් බලාපොරොත්තු වූයේ නැත. ඔහුට අවශ්‍ය වූයේ කීකරුව සේවය කිරීම පමණි.
එහෙත් නීතිඥයාගේ කෝප්පයට කෝපි වක්කරන අතරේ සෑම් ඔහුගේ කහ පැහැ මුහුණේ හැඟීම් විරහිතව මෙසේ කීවේය. …”මාස්ටර් මම ලබන සතියේ ඔබේ සේවයෙන් ඉවත් වෙමි”. … වඩා හොඳ සේවකයෙක් ඔබට හඳුන්වා දෙමි”… නීතිඥයා සිනහ වී සුදු ඇඳුමක් ඇඳ සිටි සෑම් දෙස හොඳින් බලා මෙසේ කීවේය.
…”ඔබ මගෙන් ඉවත් වී යනවා? …ඔබට මා ගෙවනවා මදිද ? … මෙහි පැමිණි සෑන්ඩර්ස් දොස්තර මහතා කියූ අයුරෙන්, ඔඅබ වටිනා මනුස්සයෙක්…මෝඩයෙක් වෙන්න එපා… මා ඔබට මසකට ඩොලර් එකසිය පණහක් ගෙවන්නම්”…
…”ලබන සතියේ මා ඔබ හැර යනවා”…චීනා නොඉවසිල්ලෙන් කීවේය.
…”ආහ්, මට තේරෙනවා…ඔබ යන්නේ විවාහ වෙන්නයි…බොහොම හොඳයි, ඇයවත් මෙහි කැටුව එන්න…ඇත්තෙන්ම මේ නිවසේ දෙන්නෙකුට වැඩ තියෙනවා…මා ඒ අවශ්‍ය ගමන් බලපත් ඔබට තනා දෙන්නම්”…නීතිඥයා කීවේය….
“මම ලබන සතියේ චීනයට යනවා…නැවත කිසි දිනෙක මා නැවත එන්නේ නැහැ” …සෑම් හෙමෙන් එහෙත් ඉතා ස්ථිරව කියා සිටියේය.
…”දෙයියන්ගේ නාමයට ඔබ යන්නේ නැහැ”… නීතිඥයා කෑ ගැසුවේය. …
”දෙයියන්ගේ නාමයට මම යනවා”…චීනා හෙමෙන් වුවද තදින් කීවේය. එය මේ දෙදෙනා මේ අයුරෙන් කතා කල මුල් අවස්ථාව විය.
තමා හිඳගෙන සිටි පුටුව පසෙකට කල නීතිඥයා වෙනස් ස්වරයකින් මෙසේ කීවේය…”සෑම් ඔබ මට සමාව දිය යුතුයි…මම තදින් කතා කළා…මට ඔබව අයිති නැහැ.”එහෙත් මෙසේ මගෙන් ඉවත්වන්නට, මාකල වරද කියන්න…ඔබ දන්නවා, ඔබව මට අවශ්‍ය බව …” එවිට සෑම් මෙසේ කීවේය.
…”නැහැ මා එය ඔබට කියන්නේ නැහැ…ඔබ මට සිනහා වේවි”…
”නැහැ මා සිනහ වෙන්නේ නැහැ”…නීතිඥයා කීවේය.
සෑම් මෙසේ කීවේය. …”මා චීනයට යන්නේ මැරෙන්නටයි …
”මොන විකාරයක්ද? ඔබට මේ රටේ මැරෙන්න පුළුවන්…මට පෙර ඔබ මිය ගියහොත්, ඔබගේ දේහය චීනයට යවන බවටමා පොරොන්දු වුනේ නැද්ද ?…" නීතිඥයා ඇසුවේය.
…”නැහැ, ප්‍රශ්ණය එය නොවේ. මම තව සති හතරක් සහ දින දෙකකින් මැරෙනවා” …
… ”මොකක් ?" නීතිඥයා කලබලයෙන් ඇසුවේය.
…”මගේ සොහොවුරා මරණ දඬුවම ලැබී හිරේ ඉන්නවා… බිරිඳක් සහ දරුවෙක් සිටින ඔහුගේ වයස අවුරුදු විසි හයයි…මගේ වයස පණහයි …චීනයේ නීතිය අනුව, පව්ලේ කෙනෙක්ට මරණීය දණ්ඩනය ලැබූ කෙනෙක් වෙනුවෙන් මිය යන්න පුළුවන් …මා චීනයට ගොස් මෙතෙක් ඉතිරිවූ මුදල් මගේ සහෝදරයාට දී, ඔහු වෙනුවෙන් මිය යනවා…ඔහු ජීවත් වේවි” …
පසු දින අළුත් චීන සේවකයෙක් නීතිඥයාගේ සේවයට පැමිණියේය. ඔහු සති දෙකකින් සෑම් කරන සියලු දේ නොපිරිහෙළා කරන්නට ඉගෙන ගත්තේය. හදිසියේම සෑම් නීතිඥයාට නොකියා නිවසෙන් ගියේය. සති හතරක් සහ දින දෙකකදී ඔහු ගේ හිස ගසා මරණයට පත් කරන ලද බව ආරංචි විය. ඔහුගේ සොහොයුරා නිදහස් විය.
නීතිඥයාගේ නිවස සාමාන්‍ය ආකාරයට පැවතිණි. එහෙත් ‘සෑම්’ කියනවා වෙනුවට, අළුත් සේවකයාට ‘චාලි’ කියන හැමවිටෙකම නීතිඥයා සොවින් බර විය.
වියට්‌නාම් ලේඛක පාන් ඩයි ටොන් (1883 -1924)
සිංහල අනුවාදය බොබී ජී. බොතේජු
මධ්‍යම රාත්‍රි පසුවී පැයක් ගතවෙද්දිත් ධාරානිපාත වැස්‌ස නොකඩවා ඇද හැලිණ. රතු ගංගාවේ ජලය සියලු බාධක බිඳගෙන පිරී ඉතිරී යන්නට විය.
වේල්ලේ ගමට අයත් කොටසට තවදුරටත් ජලය රඳා ගත නොහැකිය. දැනටමත් ස්‌ථාන කීපයකින්ම ජලය පිටාර ගැලිම ආරම්භ වී ඇත. වේල්ල මුලුමනින්ම බිඳීයාමේ අවදානමක් මතුව ඇත.
හැන්දෑ වරුවේ සිටම ගොවීහු දහස් ගණනක් එක් රැස්‌වී සවල්, උදලු ආදිය යොදා ගනිමින් පස් ගොඩ කරමින් ලී කඳන් මුක්‌කු ලෙස යොදා ගනිමින් වේල්ල ශක්‌තිමත් කිරීමට උත්සාහ කළහ. ඉඟටිය දක්‌වා මඩේ එරෙමින්, දහදිය වතුර මෙන් වැක්‌කෙරෙද්දීත් මහා ව්‍යසනයකින් ගැලවීමට දරන උත්සාහයක දර්ශනයකි ඒ. බෙර, හොරණෑ නොකඩවා වාදනය කෙරුන අතර තමන්ගේ ආත්ම ශක්‌තිය වර්ධනය කර ගැනීම සඳහා මහා හඬින් කෑගසමින් වැඩ කළත් ඔවුන්ගේ උත්සාහය අවසාන අදියරට පත්ව ඇත. ධාරානිපාත වර්ෂාව නොකඩවා ඇදහැලුන අතර ගගේ ජල මට්‌ටම තවදුරටත් ඉහළ යන්නට විය. මහා ව්‍යසනයක් වැලැක්‌වීමට දැරූ මිනිස් උත්සාහය අසාර්ථක වූ බව පැහැදිලිය. වේල්ලට ජලයේ බර තවදුරටත් උසුලා ගත නොහැකිය. සියලු උත්සාහයන් පසුබසින්නට පටන් ගෙන ඇත.
හිසේ සිට දෙපතුල දක්‌වා මඩ නාගෙන, පොදු ජනතාව තමන්ට ඉතිරිව ඇති සියලුම ශක්‌තිය සහ ධෛර්යය එක් රැස්‌කරගෙන තමන්ගේ ජීවිත, දුප්පත් ගෙවල් සහ කුඔqරු ගංවතුරින් බේරා ගැනීම සඳහා බලවත් සිත් වේදනාවෙන් සහ සන්තාපයෙන් යුතුව දැඩි වෑයමක නිරතවූහ.
මේ අර්බුදකාරී අවස්‌ථාවේ නායකතුමාට සිදුවූයේ කුමක්‌ද? "ජනතාවගේ පියා සහ මව" ලෙස හැඳින්වෙන ඔහු ඉන්නේ කොහේද? ඇත්තටම ඔහු සිටියේ වැඩි ඈතක නොවේ. මේ විනාශය සිදුවන ස්‌ථානයට යාර සියගණනක් නුදුරින්වූ ගමේ පොදු නිවාසයවූ ගොඩනැගිල්ලේයි. මෙම මන්දිරය ගොඩ නගා තිබුනේ ගංවතුර කෙතරම් ඉහළට නැගුනත් ඉන් කිසිදු හානියක් සිදුවිය නොහැකි උස් ස්‌ථානයකයි.
එහි අභ්‍යන්තරය දිවා කාලයේ මෙන් ආලෝකමත් කර ඇත. දාසයන්, සොල්දාදුවන් සහ සේවකයෝ නොකඩවාම කඩිමුඩියේ එහාමෙහා ගියහ. මධ්‍යම කුටියේ විශේෂයෙන් සකස් කළ ආසනයක "ජනතාවගේ මව සහ පියා" වන ඔහු හුදකලාව තේජස්‌ව සිංහාසනාරූඪව සිටියේය. ඔහුගේ වම් අත කදිම සමින් කළ කොට්‌ටයක් මත විවේක ගනියි. බිම වාඩිවී සිටින සේවකයෙක් ඔහුගේ දකුණු කකුල පිරිමදිමින් සිටියි. කඩවසම් සොල්දාදුවෙක් ඔහුගේ පසෙකින් සිට විශාල පිහාටු අවානකින් මුලාදෑනියාගේ මුහුණට පවන් සලයි. අනිත් පැත්තේ සිටගෙන සිටින තැනැත්තා පයිප්පය සුදානම් කරගෙන ගෞරව පෙරදැරිව බලා සිටියි.
එක් ක්‍රීඩකයෙක් කෑගැසුවේය. "සාම් අට මම ගන්නවා", (කාඩ් ක්‍රිඩාවේ භාවිත කරන කාඩ් එකක නමක්) "වැන් හත මම ගන්නවා" තවත් ක්‍රිඩකයෙක් පිළිතුරු දුන්නේය. ක්‍රිඩකයෝ සමහරවිට හඬ නගා සහ තවත් සමහර අවස්‌ථාවල හෙමිහිට එහෙත් හැමවිටම ආචාරශීලිීව තරඟ වැදුනහ.
ඔහු තමන් කරමින් සිටි ක්‍රීඩාවේ යෙදී සිටියේ දිව්‍ය ලෝකයත් පොළවත් එකවර කඩා වැටුනත්, වේල්ල කැඩී මිනිසුන් ගසාගෙන ගියත්, එය ගණනකට නොගෙනය.
රතු සහ කළු පැහැති කාඩ් 120 ක මායා බලය "ජනතාවගේ මව සහ පියා"ව මෝහනය කර ඇත. වේල්ල කඩා වැටුනත්, ජලය වේල්ල පෙරලාගෙන ගියත් තමන් කරමින් සිටින ක්‍රීඩාව තරම් එය වැදගත් නොවේ. රාත්‍රී කාලයේ එම මන්දිරයෙන් පිටත ජල මට්‌ටම ඉහළ නැගි අතර දහස් ගණන් ජනතාව අනිත් මිනිසුන්ව කැඳවාගෙන ගිය අතර බැරි මිනිසුන්ව ඔසවාගෙන ගියහ. මහා මන්දිරය තුළ රාජ සභාව සිටීම ආරක්‍ෂිතය. දාසයන් පිරිවරා සිටින නායකතුමාගේ මහේශාක්‍ය බව දෙස බලනවිට මහ විපත්තියක් ලඟ ලඟම එන බව කවුරු විශ්වාශ කරත්ද? එහෙත් මේ ජනතාව තමන්ගේම රටවැසියන් නොවේද? එකම ලේ ඇති, එකම පවුලකට අයත්, ගැහැණුන් සහ පිරිමින් නොවේද?
එය එසේවූවාවේ · මිනිසුන් හිටියත් නැතත් කම් නැත. මෙවැනි සුළු දෙයකට කාඩ් ක්‍රිඩාව නතර කළ හැකිද? මෙවැනි අවස්‌ථාවක් මග හැරීමට හදවතක් තියෙන්නෙ කාටද? නායකතුමා ජයග්‍රාහී මානසිකත්වයනේ පසුවිය. ඔහු කෙතරම් දක්‍ෂ ක්‍රිඩකයෙක්‌ද? එතුමා නැවත වරක් තවත් වටයක් ජයග්‍රහණය කළේය. ඔහු ඉන් තෘප්තියක් ලබන්නේ නැතැයි කිව හැක්‌කේ කාටද?
කෙතරම් වේලි කැඩී ගියත් කොපමණ භූමි ප්‍රමාණයක් ජලයෙන් යටවුනත් හොඳ සැලසුමකින් යුතුව ක්‍රීඩා කරන්නේ නම් ජයග්‍රහණය සහතිකය. මේ අශිෂටයන්ට මේ බව නොතේරෙන හැටි·
නායකතුමා පළමුවන වටයේ සිට අවසාන වටය දක්‌වා ජයග්‍රහණය ලබමින් සිටියේය. අනෙක් ක්‍රීඩකයන් තමන්ගේ කාඩ් ඔහු ඉදිරියේ දිග අරියි. වෙනත් කෙනෙකු ජයග්‍රහණය ලබනවිට ඔහු නායකතුමා ඉදිරියේ දිනා ගැනීමෙන් වැළකී සිටියි. ඒ නිසා නායකතුමා නොකඩවා ජයග්‍රහණය කිරීම පුදුමයක් ද නොවේ. නායකතුමාගේ ජයග්‍රහණය හැමගේම කැමැත්තයි. අන්තිමට නායකතුමාට ක්‍රිඩාවෙන් විරාමයක් ගැනීමට අවශ්‍ය විය. ඔහු දැනටමත් ප්‍රණීත සුප් භාජනය අවසන් කර ඇත. එතුමා එක් අතකින් රැවුල අතගාමින් අනිත් අතින් කාඩ්පතක් තම කලවයේ රිද්මායනුකූලව අතුල්ලමින් සිටියි. ඊට තරමක් නුදුරින් පොළව සහ අහස ගුගුරුවාලමින් මහා විපත්තියක මහා ඝෝෂාව ඇසේ. සෑම කෙනෙකුම ඒ ශබ්දයෙන් උඩ විසිවී ගියත් නායකතුමා නොසෙල්වී තම ප්‍රතිවාදී ක්‍රිඩකයා ඊළඟ කාඩ් පත අදින තෙක් සන්සුන්ව බලා සිටියි. මෙවරත් එතුමාට තවත් ජයග්‍රහණයකි. තවත් කෙනෙක් බියපත් ලෙසින් කෙඳිරුවේය. "ඔබතුමාට ගෞරවයෙන් සඳහන් කරන්නේ --- සමහරවිට මෙලහකට වේල්ල කැඩිල ඇති"
නායකතුමා නොඉවසිල්ලෙන් ඔහු දෙස රවා බැලුවේය.
"ඒක එහෙම වුනාවෙ"
අනතුරුව කාඩ් කුට්‌ටම නැවත සකස් කර ඉදිරියට නැවී ප්‍රධාන ලිපිකරුට දොස් පැවරුවේය.
"හොඳයි ඔහෙ ක්‍රීඩා කරන්නෙ නැද්ද? යකෝ උඔ ක්‍රිඩා කරන්නේ නැද්ද?"
මනා පුහුණවක් ලබා සිටි ලිපිකරු එකවරම පිළිතුරු දුන්නේය.
"ඔබගෙ සේවය සඳහා - මම කැපවෙනවා"
හරියටම ඒ මොහොතේ දහස් ගණනකගේ විලාප හඬ හැම පැත්තෙන්ම ඇසිණ. ඒ සමගම ජලයේ හඬ සහ සතුන්ගේ කෑගැසීම් ඇසිණ. දැන් මන්දිරයේ දර්ශනයද වෙනස්‌විය. නායකතුමා හැර අන් සියල්ලෝම කලබලවී සිටිති. හදිසියේම හිසේ සිට දෙපතුල දක්‌වා මඩ තවරාගත් ගොවියෙක් දොර තල්ලුකරගෙන ඉදිරියට පැමිණියේය.
"අතිගරු නායකතුමනි, වේල්ල කැඩිල ගියා"
"වේල්ල කැඩිල ගියා, වේල්ල කැඩිල ගියා" නායකතුමා ගෙරෙව්වේය.
"ඇයි කලබල කරන්නෙ? උඔ කොයිතරම් නිර්භිත වෙලාද? කෝ ආරක්‍ෂකයො? මේ රස්‌තියාදුකාරයාට ඇතුලට එන්න ඉඩ දුන්නෙ ඇයි? මෙතන විනයක් නැද්ද?"
"ඔබතුමාගේ සේවයට..."
"වහාම මේකව බෙල්ලෙන් අල්ලල එළියට දාන්න. වහාම.. වහාම ඇහෙනවද?"
අනතුරුව ඔහු ප්‍රධාන ලිපිකරු දෙසට හැරුනේය.
"මොන කාඩ් එකද ඔහෙ දැම්මෙ?"
"ඔබතුමාගෙ සේවයට කැපවෙනවා. මම තාම ක්‍රිඩා කළේ නැහැ"
"හොඳයි ක්‍රිඩා කරන්න. ඇයි බලන් ඉන්නෙ?"
වේවලන දෑතින් කාඩ් පැකට්‌ටුවෙන් කාඩ් එකක් ඉවතට ගත් හේ දුර්වල හඬින් කතා කළේය.
"චී චී"
නායකතුමා ඒ කාඩ් එක අනිත් පැත්ත පෙරළා බැලුවේය.
"මේ බලන්න. මම දැනගෙන හිටියා. මම මේ පාරත් දිනුම්. ආයිත් දිනුම්" එතුමා කාඩ් සියල්ල විසුරුවා හැරියේය. "ආයිත් දිනුම්. වට තුනම දිනුම්. අපූරු ක්‍රිඩාවක්. දැන් මට පයිප්පෙ ගෙනෙල්ලා. පයිප්පෙ"
මේ ආකාරයෙන් නායකතුමා අතිවිශාල ජයග්‍රහණ පිටපිට ලබද්දී පිටත අඳුරේ මුථ පළාතම කෝපවූ ජලයෙන් වැසී ගොසිනි. නිවාස සහ කුඔරු අස්‌වැන්න සමග ජීවිත ගංවතුරේ ගසාගෙන ගොස් ගිලී ඇත. ජීවත්වන අයට නිවාස අහිමිය. ජලයේ ගිලුණු අයට පොළව හිමිය. ජලය දියසුළි නංවමින් ගලා ගියේය. සිදුවූ විනාශය කෙතරම්ද යත් ඒ ගැන කීමට ඉතිරිවූයේ කිහිපදෙනෙකු පමණි.
… “මා විසඳූ වැඩි තරමක් නඩු හබ වලට හේතු පළිගැනීමේ ක්‍රියා නිසා විය. අවුරුදු සිය ගණන් පැරණි ඉඩම් හෝ, පෞද්ගලික පළහිලව්ද මේ නඩු වලට හේතු විය. අවුරුදු දෙකක් මට අසන්නට ලැබුනේ මේ ආකාරයේ නඩුය. මගේ ඔළුව පිරී තිබුනේ ඒ ආකාරයේ නඩු වලිනි.
"සමහරවිට ඒවා ඉතා දුක්මුසු මෙන්ම, සමහර විටෙක පව්ලක කීර්තිය සහ ගෞරවය රැක ගැනීමට කල මිණී මැරුම් විය “…
ඉංග්‍රීසි ජාතිකයෙක් මුහුද අසළ කුඩා නිවාසයක් අවුරුදු කීපයකට කුළියට ගත් බව දිනක් අසන්නට ලැබිණ. එක්තරා ආකාරයක අමුතු මිනිසෙක් වූ ඔහු තනියම ජීවත් වූයේය. ඔහු නිවාසයෙන් බැහැරට ගියේ මසුන් මැරීමට සහ දඩයමට පමණි. කිසි කෙනෙක් සමඟ කතා කලේ නැති ඔහු නගරයට ගියේ නැත. සෑම උදෑසනකම ඔහු රිවෝල්වරය සහ රයිෆලය පුරුදු වුණේය. ඔහු එංගලන්තයේ ඉහළ සමාජයට අයත් කෙනෙක් බවද, දේශපාලන හේතුන් නිසා ප්‍රංශයට පැමිණි බවටද කට කතා ඇති විය. ඔහු යම් ආකාරයක දරුණු මිනිසෙක් බවද කියැවිණි.
මා විනිසුරෙක් වූ හෙයින්, මෙවැනි මිනිසුන් ගැන පරීක්ෂාවෙන් සිටියෙමි. එහෙත් වඩා වැඩි දෙයක් ඔහු ගැන සොයා ගැනීමට නොහැකි විය. කෙසේ හෝ ඔහු කෙරේ සැක කරන්න දෙයක් තිබුනේද නැත. ඔහුගේ නම ‘සර් ජෝන් රොවෙල්’ විය. නයිට් පදවියක් තිබුණු මේ අද්භූත පුද්ගලයා ගැන නගරයේ කියැවුණු කටකතා කෙතෙක්ද යත්, දිනක ඔහු හමුවීමට සිතා ගතිමි. එසේ හෙයින් ඔහු ජීවත්වන ප්‍රදේශයේ දඩයම් කිරීම ආරම්භ කලෙමි. දිනක මා ඔහුගේ ඉඩමට යාබදව පියාසර කල කුරුල්ලෙකුට වෙඩි තැබූ විට මගේ බල්ලා දුව ගොස්, කුරුල්ලා මා වෙත රැගෙන ආවේය. සර් ජෝන් රොවෙල් හමුවීමට මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට ඉටා ගතිමි. ඒ කුරුල්ළාව ඔහු වෙත ගෙන ගොස් එය මට අයිති නැති බවද, අයිතිය ඔහුට යයි කියා පිරි නැමුවෙමි.
ඔහු රතු කෙස් සහ රැවුල ඇති, යෝධයෙක් මෙන් උස පුළුල් උරහිස් ඇති විශාල මිනිසෙකි. ඔහු මට උණුසුම් ලෙස ස්තුති කළේය. මේ ආකාරයෙන් මා ඔහුට හිතවත් වුනෙමි. එක් රාත්‍රියක මා ඔහුගේ නිවස අද්දරින් යන විට ඔහු, ඔහුගේ වත්තේ කොනක පුටුවක හිඳ දුම් පයිප්පය උරනවා දුටිමි. මා ඔහුට ආචාර කල විට, ඔහු මට බීර වීදුරුවක් බීමට ආරාධනා කලේය. ඉංග්‍රීසි සිරිත් විරිත් අනුව ඉතා නිහතමානීව ලෙස කතාකළ ඔහු, ප්‍රංශයේ ජීවත්වීමට කැමති බව කීවේය. මා ඔහුගේ ජීවිතය පිලිබඳ විමසුවෙමි. අප්‍රිකාවේ මෙන්ම ඇමරිකාවේ ඇවිද ඇති බව ඔහු කීවේය.
ඔහු සිනහවෙමින්, …”මා බොහෝ රටවල් වල ඇවිද ඇත්තෙමි”…කියා කීවේය. මා ඔහුගෙන් දඩයම් පිළිබඳ ඇසුවෙමි. හිපපොටේමස්, අලින්, කොටින් සහ ගොරිල්ලා සතුන් ගැන මහත් කුතුහලය දනවන කරුණු ඔහු කීවේය. මා; … ඔබ කියන සතුන් භයානක දැයි ඇසුවෙමි. ඔහු මඳ සිනහවක් පාමින්; …”නැහැ, දරුණුම සතා මිනිසා වේ” ඔහු කීවේය. …”මා මිනිසුන්ද දඩයම් කර ඇත්තෙමි” … ඔහු කීවේය.
ඉන්පසු ඔහු ආයුධ ගැන කතා කරන්නට පටන් ගත්තේය. ඔහු විසින් එකතු කරන ලද නා නා ආකාරයේ ආයුධ පෙන්වීමට මා ඔහුගේ නිවසේ ඇතුළු කාමරයට ගෙන ගියේය. මේ තරම් විවිධ වර්ගයේ ආයුධ ප්‍රමාණයක් එක තැනක තියෙනවා මා කිසි දින දැක නැත. මුලින් දුටු විට තිගැස්සී ගියද, සාලය මැද තිබූ අද්භූත අමුතු දෙයකට මගේ සිත ගියේය. එය, රතුපාට වෙල්වට් රෙද්දක් උඩ තැබූ, දැවැන්ත දම්වැලකින් එතු මිනිස් අතකි. එය කළු පැහැ වේලන ලද අතක් විය. පෙනෙන විදියට, එය පොරවකින් කපන ලද අතක් විය. මේ වේලන ලද මිනිස් අතේ නියපොතු කහ පැහැ වී තිබිණ. එය බිත්තියට බැඳ තිබුනේ අලියෙකුටවත් ගලවා ගත නොහැකි දම්වැලකිණි. මා මෙසේ ඇසුවෙමි.
…”මොකක්ද මේ …?"
ඉංග්‍රීසි කාරයා කලබල නැතිව මෙසේ කීවේය. …”මේ ඇමරිකාවේ සිටි මගේ දරුණුම සතුරා”…” අතේ ඇට කඩුවකින් කපා, ඔය අත සතියක් වේළුවා”…
අතේ තරමින් සිතු විට, එහි හිමිකරුවාද යෝධයෙක් වන්නට ඇත. …”මේ මිනිසා බොහෝ ශක්තිමත් දැවැන්තයෙක් වෙන්නට ඇති”… මා කීවෙමි. ඉංග්‍රීසි කාරයා නැවතත් කලබලයක් නැතිව මෙසේ කීවේය. …”ඔව්, එහෙත් මා ඔහුට වඩා ශක්තිමත් වුනෙමි…මේ අත ශක්තිමත් දම්වැලකින්ද බැඳ දැමුවෙමි” …
ඔහු විහිළු කරනවා යයි සිතා මා මෙසේ කීවෙමි. …”මේ දම්වැලේ ඇති ප්‍රයෝජනය කුමක්ද? …”අත පැනලා යන්නේ නැහැ”… සර් ජෝන් රොවෙල් බැරෑරුම් සේ මෙසේ කීවේය.
…”නැහැ, මෙය හැමවිටම පැන යන්න හදනවා…දම්වැල අවශ්‍යයි” …
මා ඔහුගේ මුහුණ දෙස බලා, මොහු පිස්සෙක්ද නැතහොත් විහිළු කරුවෙක්දයි සිතුවෙමි. ඔහුගේ මුහුණෙන් මට කිසි දෙයක් තේරුම් ගත නොහැකි වූ අතර, ඔහු ඉතා ස්ථාවර සේ නැවත එය අවධාරණය කළේය. එසේ වුවද කිසියම් ව්‍යසනයකදී පාවිච්චි කල හැකි අයුරෙන් පතරොම් දමා ඇති රිවෝල්වර තුනක් කාමරයේ ඇති බව නිරීක්ෂණය කලෙමි.
දින කිහිපයක් මා ඔහු හමු වීමට ගියෙමි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ඔහුව මේ නගරයේ අයට මෙන්ම මටද අමතක විය. වසරක් ගත විය. මගේ සේවකයා දිනක් උදේ පාන්දරින්ම මා නැගිටවා, ‘සර් ජෝන් රොවෙල්’ඝාතනය කර ඇති බව පවසා සිටියේය. තවත් පැය භාගයකදී මා පොලිස් කොමසාරිස් සහ කැප්ටන් සමඟ ඔහුගේ නිවසට ගියෙමි. සර් ජෝන් ගේ සේවකයා දුකෙන් සහ භීතියෙන් යුතුව පසු වූයේය. මා මුලින් ඔහු සැක කළද ඔහු නිවැරදි කරුවෙක් බව පෙනිණ. මුර බල්ලන් දෙදෙනාට එදා සිදු වූ කිසි දෙයක් ඇසී තිබුනේ නැත.
සර් ජෝන් සිටි කාමරය ඇතුලේ බිහිසුණු සටනක් වූ බවට සාධක තිබිණ. ඔහුගේ කමිසය ඉරී තිබිණ. පෙනෙන විදියට ඔහු අවසානයේ මරා දමා තිබුනේ ගෙල මිරිකා විය. ඔහුගේ මුහුණ භීතියෙන් මුසපත්ව කළුව තිබිණ. යමක් කටේ රැඳේ තිබිණ. එය සුළඟිල්ලක මුල් පුරුක විය. ඔහුගේ බෙල්ලේ හිල් පහක් හෝ හයක් තිබිණ. එයින් පෙනුනේ ඔහුව ඝාතනය කරන්නට ඇත්තේ යකඩ උලකින් ඇන බවය. මරණ පරීක්‍ෂණයට පැමිණි දොස්තර පුදුමාකාර තීන්දුවක් දුන්නේය. …”සාක්ෂි අනුව මොහු මරා දමා ඇත්තේ ඇට සැකිල්ලක් විසිණි”…!
මෙය ඇසූ විට ඇඟ වෙව්ලමින් දැනුණු සීතලක් මගේ පිටට දැනිණ. මා වහා ඔහුගේ ආයුධ ඇති ස්ථානයට දුව ගියෙමි. රතු පැහැ වෙල්වට් රෙද්ද උඩ තබා දම්වැලකින් බැඳ තිබුණු අත එහි නොතිබිණි. විශාල දම්වැල කැඩී එල්ලෙමින් තිබුනේය. මිණීමරුවෙක් පැමිණි ආකාරයක් සම්බන්දව ජනේලයක් හෝ දොරක් ඇර දමා තිබීමක් වැනි කිසිම සාක්‍ෂියක් සොයා ගැනීමට නොහැකි විය.
ඔහුගේ සේවකයා කෙටියෙන් කී දේ මෙසේ විය. …”මාසයක් පමණ කාලයක සිට සර් ජෝන්ට දිනපතා ළිපි ලැබෙන්නට විය. ඔහු ඒවා ලැබුණු වහාම පුච්චා දැම්මේය. මේ කාලයේ සර් ජෝන්, බිත්තියට සවි කර ඇති අතට වියරුවෙන් මෙන් සැමදා කසයෙන් පහර දුන්නේය. ඔහු සිරිතක් සේ සැමදා ඔහුගේ කාමරය පරීක්ෂාකාරී ලෙස ඇතුළතින් අගුල් දමන්නේය. බොහෝ ප්‍රමාද වී නිදියන ඔහු සැමවිට අතේ දුරින් තුවක්කු සහ පිස්තෝල තබා ගනී. රාත්‍රී කාලයේ ඔහු කෑගසමින් කෙනෙක් සමඟ රණ්ඩු වන ශබ්ද ඇසේ. එහෙත් ඔහු මියගිය දිනයේ කාමරයෙන් කිසි ශබ්දයක් නොඇසුණි” …
මේ ගුප්ත කතාන්දරය සැලවූ පසු නගරයම කැළඹිණි. ඔහුට සම්බන්ද වූ සියල්ලන්ගෙන්ම සාක්ෂි ගන්නට පොලිස් කොමසාරිස්ට නියෝග කලෙමි. මිණී මැරුමට සම්බන්ද කුඩා හෝ විස්තරයක් තිබේ නම්, ඒ පසු පස හඹා ගියෙමි. එහෙත් සර් ජෝන් රොවෙල්ගේ මිණී මරුවා සොයාගන්නට නොහැකි විය.
ඔහුගේ මරණයෙන් තුන් මසකට පසු මා තෙවතාවක් එකම සිහිනය දැක භීතියෙන් මුසපත්ව නැගිටියෙමි. එනම්, ඇටසැකිල්ලක අතක් දොර සහ ජනේල වල තිර සහ බිත්ති වල, දැවැන්ත මකුණෙක් මෙන් ගමන් කිරීමය. නින්දෙන් බියවී නැගිටුණු මා ඉන් පසු දුටුවේ, අඳුර අතරේ උඩ පනිමින් යන ඇඟිලි වලින් ඇවිදින අතකි.
පසු දින සර් ජෝන් රොවෙල්ගේ සොහොන උඩ ඇටසැකිල්ලක අතක් සොයා ගෙන ඇතැයි යන ආරංචිය ලැබී එතනට ගියෙමි. එය කළු පැහැ ඇට පෑදුණු, සම වියැළී ගිය අතක් විය.
එහි සුළඟිල්ලේ මුල් පුරුක නොතිබිණි.ම
ඉන්දීය ලේඛක ප්‍රේම්චන්ද්ගේ The Takur's Well කෙටි කතාවේ පරිවර්තනයකි
පරිවර්තනය - ඩී. එම්. රණවීර
ජෝකු, සෙම්බුව කටට ළං කළා.
"වතුර ගඳයි." ඔහු ගංගිට කිව්වා. "මේ මොන වතුරක්‌ද? මේ වතුර බොන්ඩ බෑ. මගෙ උගුර කට වේලිලා. උඹ මට බොන්ඩ දුන්නේ පල්වෙච්ච වතුර"
සෑම සැන්දෑවකම ගංගි ඇතලෙට වතුර පුරවා තැබුවා. ළිඳ තිබුණෙ ගොඩක් ඈත. ඒ හින්දා දවසට දෙතුන් සැරයක් එහි යෑම අමාරු කටයුත්තක්. ඇය මේ වතුර ගෙනාවෙ ඊයේ. එතකොට නම් මේ වතුරෙන් ගඳක් ආවෙ නෑ. දැන් වතුර ගඳ වෙන්නෙ කොහොමද? ඇය සෙම්බුව ගෙන නහයට ළං කළා. ඇත්ත නේන්නම්. වතුර ගඳයි. ආයෙ දෙකක් නෑ මොකෙක් හරි සතෙක් ළිඳට වැටිලා මැරෙන්නට ඇති. දැන් ඉතිං වතුර ගෙනෙන්නේ කොහෙන්ද? අනේ මන්දා.
ටාකූර් ගේ ළිඳට යෑමට ඇයට අවසර නැහැ. වෙන කොහෙ හරි තියෙන ළිඳකට මේ වෙලාවෙ ගියොත් මිනිස්‌සු ඇයට මොනවා නොකියයි ද? ගමේ එහා කෙළවරේ කඩේ මුදලාලිගේ ගෙදර නම් ළිඳක් තියෙනවා. නමුත් ඒකෙන් වතුර ටිකක් ඇද ගන්නට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැහැ. ඇය වැනි මිනිස්‌සුන්ට වතුර ටිකක් ගත හැකි ළිඳක් ගමේ අහළක නැත.
ජෝකු, ලෙඩින් වැටී දින කීපයක් ගත වී ඇත. ටික වේලාවක් පිපාසය ඉවසා ගෙන සිටි ඔහු "මට හොඳටම වතුර තිබහයි දිව ගිලෙන්ට යනවා. අනේ මට වතුර ටිකක් දියං. මම නහය මිරිකාගෙන හරි ඩිංගක් බොන්නං."
ගංගි, සෙම්බුව ඔහු අසල තැබුවා. ගඳ ගහන පල් වතුරබීලා ලෙඩේ හොඳටම වැඩි වෙයි. ඇය දන්නේ එපමණි. නමුත් වතුර උණුකර බීම, වඩාත් පරිස්‌සම් බව ඇය දැන සිටියේ නැත. ඇය කිව්වේ "කොහොමද මේ වතුර බොන්නෙ? කව්ද දන්නෙ මොන වගේ සතෙක් ළිඳට වැටිල මැරුණද කියලා. මම වෙන ළිඳකින් වතුර ටිකක් හොයාගෙන එන්නම්....."
විමතියට පත් ජෝකු ඇස් දල්වා ඇය දෙස බලා සිටියා. මේ අවේලාවෙ කොහෙන් වතුර ගේන්ඩද? ටාකුර්ටයි මුදලාලිටයි ළිං තියෙනවනෙ. ඒ අය මට වතුර ටිකක් ගන්ඩ නොදී ඉන්න එකක් නැහැ.
"උඹට නම් ආපහු එන්ඩ වෙන්නෙ අත පය කඩාගෙන තමයි. ඕං මං කිව්ව. මෙන්න මෙහාට වෙලා නිකං හිටපං. බ්‍රාහ්මණයො උඹට සාප කරයි. ටාකූර් උඹට කෙවිට පාර දෙයි. සල්ලි පොලියට ණයට දීලා ගිනි කන මුදලාලි එකට පහක් ගනියි. අපි වගේ මිනිස්‌සු මොන කරදරේක වැටිල හිටියත් අනුකම්පාවක් දක්‌වල, උදව්වක් පදව්වක් කරන එක්‌කෙනෙක් මේ ගමේ ඉන්නවද? අපි මැරුණත් ගෙයි දොරකඩට ඇවිල්ල ඇහැක් ඇරල බලන කෙනෙක් ඉන්නවද? එහෙව් එකේ ඒ මිනිස්‌සු උඹට වතුර ටිකක් ළිඳකින් ඇද ගන්ඩ ඉඩ දෙයි කියල හිතනවද?"
ඔහොම තමයි ගමේ මිනිස්‌සුන්ගෙ හැටි. ඒක එහෙම නොවේ කියල ගංගි නොදන්නවා නොවේ. ඒ වුණාට ගඳ ගහන පල් වතුර බොනකං බලා ඉන්ට පුළුවනෑ.
වෙලාව රෑ නමයට ඇති. උදේ හිට රෑ වෙනකං කුඹුරුවල වෙහෙස මහන්සි වී වැඩ කරපු සියලු දෙනා හරියට තලා දැම්මා වගේ තද නින්දේය. නමුත් පස් හය දෙනෙක් වල්පලි දෙඩීම සඳහා ටාකුර්ගේ ගෙදරට එකතු වී සිටියා. මේ දිනවල කුඹුරු වැඩ ගැන කතා බහ ඇතිවුණේ නැහැ. මේ දිනවල කතාබහට ලක්‌වුණ ප්‍රධාන මාතෘකාව වූයේ උසාවියේදී වුණ සිදුවීම් සම්බන්ධ එක එක්‌කෙනාගේ දස්‌ස පස්‌ස කම් ගැනයි. "පළාතේ පොලිස් ප්‍රධානියාට පගාව දීලා. තමාට විරුද්ධව පවරා තිබූ නඩුවෙන් කිසිම දඩයක්, දඬුවමක් නැතිව නිදහස් වෙන්නට තරම් ටාකුර් මොන තරම් දක්‍ෂයෙක්‌ද හැබෑට. ඒ විතරක් නං මදෑ. වැදගත් නඩුවක, නඩු පයිල් එක එහෙම පිටින්ම තමන් අතට ගන්ඩ ටාකූර් දැම්ම කපටි සූත්තරේ කොහොමද? නඩුකාරයයි, උසාවියෙ ලියන්නයි දෙන්නම කියල තිබුනෙ, ඒ නඩුවෙ කොපියක් නම් කොහොමටවත් ගන්න බැරි වගක්‌ලු. එක්‌කෙනෙක් සීයක් ඉල්ලුවලු. අනෙක් එක්‌කෙනා පනහක්. ඒ වුණාට සත පහක්‌වත් නොදී නඩු කොපිය ටාකුර්ගෙ අතට ඉගිල්ලිල ආව. ඒ වගේ වැඩ කරන්ඩ ක්‍රම සහ විදි තියෙනවා. උඹල දැනගනිල්ලා."
ටාකුර්ගෙ ළිඳෙන් වතුර ටිකක් ගන්ඩ හිතාගෙන, ගංගි මේ වෙලාවෙ එබිකං කර කර ටාකුර්ගෙ වත්ත ළඟට ඇවිත් හිටියා.
අසලින් දල්වා තිබූ තෙල් පහනක මඳ එළිය ළිඳ දිහාවට යාංතං වැටී තිබුණා. ගංගි තාප්පයකට මුවා වෙලා සුදුසු වෙලාව එනකං බලා හිටියා. ගමේ අනිත් හුඟ දෙනෙක් වතුර බීවේ මේ ළිඳෙන්. ඇය වැනි අවාසනාවන්ත කීප දෙනෙකුට මේ ළිඳෙන් වතුර පනිට්‌ටුවක් ඇද ගැනීම තහනම් වෙලයි තිබුණෙ.
ආත්මානුකම්පාවෙන් වේදනාවට පත් ඇගේ පපු කැනති, මේ වැට කඩොලු, සීමා බන්ධන, තහංචි ගැන මුර ගාන්නට වුණා. අනික් අය උසස් යැයි සැලකෙත්දී ඇය විතරක් පහත් ඇයි. ඔවුන් කරේ පූණ නූලක් දාගෙන ඉන්න හින්දද. උන්ගෙන් එකෙක් ඉන්නවද පහත් නීච වැඩ නොකරන. ඔවුන් හොරකං කරනවා. වංචා කරනවා. උසාවියේදී පවා බොරු කියනවා. එළුවන් මේච්චල් කරගෙන යන්තම් දවස ගැට ගහ ගන්නා දුප්පත් වේලුගෙන්, ටාකුර් එළුවෙක් හොරකම් කළා. එදා රෑම සතාව මස්‌කරගෙන කෑවා. උසාවියේදී බොරු කීවා. ගමේ පුජකයගේ ගෙදර ඔවුන් අවුරුද්දෙ දොළොස් මහේම සූදු කෙළිනවා. මුදලාලි එළඟිතෙල් වලට පොල්තෙල් කලවං කරල විකුණනවා. මේ අය ගමේ මිනිස්‌සුන්ගෙන් පුළුවන් තරම් වැඩ ගන්නවා. දෙන්නෙ සොච්චම් ගාණක් ඒකෙන් ජීවත් වෙනවා තියා ලෙවකන්ඩවත් පුළුවනෑ. ඔන්න ඔහොමයි ඔවුන් උසස් වෙලා ඉන්නෙ. බලපුළුවන්කාරයො වෙලා ඉන්නෙ. මේව නිකං වචනෙට විතරක් සීමා වෙච්ච දේවල් නෙ. නෑ. ගංගි හිතුවා. අපි උන් වගේ හොඳ අයයි කිය කියා ගම වටේ ඇවිදින්නෙ නෑනෙ. ගංගි ගෙදරින් එළියට බැහල යනකොට ඔවුන් ඈ දෙස බැලුවේ කාම රාගයෙන් දැල්වුණ දෑස් වලින්. ඇය දෙස බැලූ හැම එකාම එහෙමයි. නමුත් ඔවුන් පුරසාරම් දෙඩුවෙ ඔවුන් තරම් හොඳ වැදගත් අය වෙන කොහේවත් නෑ කියලා.
ඇයට ඇහුණා මිනිසුන් කීපදෙනෙක් ළිඳ දිහාවට එන සද්දෙ. ඇගේ පපුව ගැහෙන්ඩ පටන් ගත්තෙ හරියට දෙමෝලෙන් වී කොටනව වගේ. කාගෙ හරි ඇහැ ගැහුනොත් ඉතිං මොන යකෙක්‌වත් නෑ ඇයව බේරා ගන්ඩ. ඈට සිද්ධ වන්නෙ උන් එකෙකුගෙ නිහීන පා පහරකට ලක් වන්නට. බාල්දියයි කඹයයි කිහිලි ගසාගත් ඇය කළුවරේම හීන් සැරේ රිංගලා රිංගලා ගිහින් ගහකට මුවා වුණා. කවදද මේ මිනිස්‌සුන්ගෙන් කාට හරි අනුකම්පාවක් ලැබෙන්නෙ. තමන්ගෙ කුඹුරේ වැඩ කරන්ඩයි කියල බල කළහම, ඒක බෑ යි කිව්ව එකම කාරණාවට, ඔවුන් මහගුට තඩිබෑවෙ හරියට තිරිසනෙකුට වගේ. මාස ගණනක් යනකං මහගු කෙළ ගහන කොට කටින් ලේ පිටවුණා. මේ වගේ වැඩ හින්ද මිනිස්‌සු හිතන්නෙ ඔවුන් අනෙක් අයට වඩා උසස් කියල
ගෑනු දෙන්නෙක් වතුර ගෙනියන්ඩ ළිඳට ආවා. කදේට වැටුණ ඔවුන්ගෙන් එකියක්. "ඒ ගොල්ලො එහාට වෙලා කකා බිබී ඉඳගෙන අපට කියනව වතුර ගෙනෙල්ල කියල. කොච්චර වතුර ඇද්දත් වැඩියෙන් එක සත පහක් දෙනවද?"
"මහංන්සි අරින්ඩ කියල අපි ඩිංගක්‌වත් ඉඳගෙන හිටියොත් පිරිමින්ට ඒ ගැන තියෙන්නෙ හරිම රුදාවක්‌නෙ. ඒ අය හිතන්නෙන් අපි නිකං ඔහේ ඉඳගෙන ඉන්නව කියල."
"ඒක නං ඇත්ත තමයි. උඹ කිසි දවසක දැකල තියෙනවද උන්ට වතුර ඕන වුණහම ළිඳ ළඟට ඇවිත් එක වතුර ජෝගුවක් වත් අරගන යනව. උන් අපට අණ කරන්නෙ හරියට අපි වහල්ලුයි කියල හිතාගෙන."
"ඉතිං උඹ වහලියක් නොවෙයි නං වෙන කවුද? උඹ සුමේ කරන්නෙ කන්ඩ බත් කටකුයි, අඳින්ට වස්‌තරේකුයි, තව ඔය රුපියල පහක් හයක් ලැබෙන එකටනෙ. උඹ මායං දංල වැඩිපුර කීයක්‌වත් ගහගත්තෙ නැත්තං ඔයිට වැඩිය වෙන මොනවද?. ඒකත් උන් දෙන්නෙ හරියට ඇඟෙන් ඇටයක් යනව වගේ. මෙහෙම කඹුරන්නෙ . වහලියො නැත්තං වෙන මොක්‌කුද?
"මට ලැජ්ජ කරන්ඩ එපා අක්‌කෙ. මේ සුම්මක්‌කරේ ඔක්‌කොම කරන්නෙ පණ කෙන්ද රැක ගන්ඩනෙ. මේ කරන වැඩ කන්දරාව වෙන අයට කරල දුන්න නං මට හොඳට සලකාවි. මීට වඩා ලේසියෙන් ඉන්ඩත් තිබුණ එහෙනං. මේ වැඩවලින් හෙම්බත් වෙලා අපි මැරිල වැටුණත් මෙහෙ ඉන්න එකෙක්‌වත් ඇහැක් ඇරල බලයිද? අපිටම දොස් කියනව මිසක්."
කළගෙඩිවලට වතුර පුරවා ගත් ගැහැනු දෙන්නා ආපසු ගියා. ගංගි හැංගිලා හිටපු ගහ අස්‌සෙන් එළියට ඇවිත් හීං සැරේ ළිඳට කිට්‌ටු කෙරුවා. වල්පල් කතා කරන්ඩ ඇවිල්ල හිටිය මිනිස්‌සු පිට වී ගොසින්. දොර වසා දැමූ ටාකූර් නිදා ගැනීමට ගෙයි ඇතුළට ගියා. ගංගි සැනසුම් සුසුමක් හෙළුවා. වතුර ඩිංගක් ගන්න හොඳම වෙලාව. රාස්‌සයාගෙන් මී පැණි ටිකක් හොරෙන් ගන්ඩ ගිය කුමාරයාත් ගියෙ බොහොම පරිස්‌සමින්ලුනෙ. ගංගි ඇඟිලි උඩින් අඩිය අඩිය තියමින් ළිං බැම්ම වෙත ළං වුණා. මෙවැනි ජයග්‍රාහී හැඟීමක් ඇයට කවදාවත් ඇතිවෙලා නැහැ.
ගංගි කඹේ බොලෙක්‌කෙට දාල, ළිඳෙන් වතුර බාල්දියක් ඇද ගැනීමට සැරසුනේ හරියට රාත්‍රියකදී සොල්දාදුවෙක් සතුරු බලකොටුවකට බහිනව වගේ. ඒ අතරතුර වටින් පිටින් කවුරු හරි ඒ දැයි ඔලුව හරව හරවා බැලුවා. අහුවුණොත් නං ඉඳල ඉවරයි. ආයෙ කිසිම අනුකම්පාවක් නෑ. අන්තිමේදී දෙවියන්ගෙන් පිහිට ඉල්ලමින් හිතට දහිරිය ඇරං බාල්දිය ළිඳ ඇතුළට පාත් කළා.
හෙමින් හෙමින් බාල්දිය වතුරෙන් පිරුණා. කිසිම සද්දයක් බද්දයක් නෑ. ගංගි සියලු වැර යොදා බාල්දිය ඉහළට ඇද්දා. බාල්දිය ළිං බැම්මෙ කට මට්‌ටමට පැමිණි පසු ඇය එය ඔසවා ළිං බැම්ම උඩින් තැබීමට උත්සහ කළා. හැඩි දැඩි අත් තියෙන කෙනෙකුට වුණත් ඒක එතරම් ලේසියෙන් කරන්නට බැරි දෙයක්. ඇය බාල්දිය අල්ලා ළිං බැම්ම උඩින් තැබීමට හැදුවා විතරයි. කන කීරි ගැහෙන සද්දෙන් ටාකුර්ගෙ ගෙදර දොර ඇරුණා. දැන් නං ඉතිං කොටි කටෙන් ගැලවිල්ලක් වෙන්නෙ නැහැ.
ඇගේ අතින් කඹය අතෑරුණා. හඬ නගාගෙන බාල්දිය ළිඳ ඇතුළට වැටුණා. ඊට පස්‌සෙ කඹය. කුබුහ්.... කුබුහ්..... කියා බාල්දිය වතුරේ ගිලෙන සද්දෙ ඇහුණා.
"කවුද ඔය..... කවුද ඔය......." යැයි මොරදීගෙන ටාකූර් ළිං දිහාට දුවගෙන ආවා. ළිං පඩියෙන් පැන්න ගංගි පණ එපා කියා දිව්වා. පුළුවන් තරම් හයියෙන් දිව්වා.
ගංගි හතිමුණින් දාගෙන ගෙදර එනකොට, ජෝකු ගඳ ගහන පල් වතුර සෙම්බුව කටේ තියාගෙන හිටියා.
සවස් වරුවේ රනේ සහ ඔහුගේ බිරිඳ සේති ලඟම හිතවතකු බැලීමට ගියේය. කෑමට බීමට ඇතිතරම් තිබූ නිසා ආපසු පැමිනි පසු රෑට උයන්නට ඔවුනට අවශ්‍ය නොවීය. අඳුර වැටෙනතුරු වත්තට වී කාලය ගතකළ ඔවුන් ගෙට ඇතුල්වනවිට සාමාන්‍යයෙන් නිදාගන්නා වෙලාව ලංවී තිබුනි. රනේ තරමක් කේන්තියෙන් බුමිමාගෙන සිටියේය. ඔහුව කතාකරවන අදහසින් සේති විවිධ දේ ගැන කතාකරමින් ඔහුට අනිමින් ඔහු ඇවිස්සුවාය.“අපේ පලාත්වල මේ මකුලුවට කියන්නෙ දිවිමකුලුව කියල. උඹලගෙ පලාතෙ ඌට කියන්නෙ මොකාද”“මම දන්නෙ නෑ මොනව කියනවද කියල”“මිනිස්සු කියන්නෙ මූ කෙස් හොරකමි කරනව කියල එහෙම නේද”ලඟ තිබූ සපත්තූව අතට ගත් රනේ මකුලුවා මැරීම සඳහා එය ඉහලට එසවීය .“මරන්න එපා මරන්න එපා” ඇය ලතෝනි දුන්නාය.එයට ඇහුන්කන් නොදුන් රනේ එක පහරින්ම මකුලුවා මරා දැමිය.“අනේ දෙවියනේ ඌ දිව්‍යලෝකෙම ඉපදෙන්න ඕන. අනුන් කියන කිසි දෙයකට ඇහුන්කන් දෙන්න උඹට ඕනකමක් නෑ. මේ කරපු දේට උඹට හොඳක් නම් වෙන්නෙ නෑ. කරුමෙ ගෙවන්න වෙයි.”“ඕන දෙයක් වුනාවෙ කරුමෙ මම ගෙවන්නම්”“ස්ස්.... මට ඇහෙනව අල්ලපු කාමරේ සද්දයක් මම හිතන්නෙ මිනිහ එක්ක තව කවුරු හරි ඉන්නව”“මාව කේන්ති කරවන්න මිනිහ කෙල්ලව ගේන්න ඇති”රාති‍්‍රයේදී අල්ලපු කාමරයේ තදින් යමක් බිම වැටෙන ශබ්දයට හොඳින් නිදාගෙන සිටි රනේට ඇහැරුනි . ලොකු සද්දයක් ඇසීම නිසා ටිකවෙලාවකට කලින් සේතිටද ඇහැරුනි. ඒ අවස්තාවේ ඇය රනේව නැගිටවීම සඳහා කිහිපවතාවක්ම ඇඟට ඇන්නමුත් ඔහුව ඇහැරවීමට නොහැකිවිය. ඇයටද යමක් ඇසුනු බව ඇය ඔහුගේ කනට කෙඳුරුවාය. අඩනින්දේම ඔවුන් තවදුරටත් ඇහුන්කන්දීගෙන සිටියමුත් වෙනත් කිසිවක් ඉන්පසු ඇසුනේ නැත. අල්ලපු කාමරය කියා කීවද ඔවුන්ගේ කාමරය සහ එම කාමරය අතර පටු කොරිඩෝවක් තිබූ නිසා ශබිද හොඳින් ඇසුනේ නැත. රනේ ලාම්පු කුප්පිය පත්තු කලේය. බිත්තියේ එල්ලාතිබූ බඳපටිය අරගත්තේය.“මේ මෝඩ ගුර්කා ආමිකාරය දැන් මොකාටද එන්න හදන්නෙ?” බඳපටිය බඳිමින් ඔහු පැවසුවේය.ඔහු දොරලඟට යනවිට බිරිඳ ඔහු නැවත්වූවාය.“දැන් එකපාරක් ඒ මිනිහ එක්ක ගෝරි ඇල්ලුව මදිද උඹට? තවත් රන්ඩුවක් පටන්ගන්නද හදන්නෙ? ඒව ඔක්කොම ඉවරයි එලියට යන්න එපා”“මට යන්න දීපන් මම යතුරු හිලෙන් එබිල බලන්නයි යන්නෙ මොනව වුනත් මේ අපේ ගෙදර”“´ කවුද අර පුදුමයි”“කවුද කවුද එතන ඉන්නෙ?”“කවුරු උනත් මට හරියට පේන්නෙ නෑ කවුරුහරි කාමරේ ඉඳල එලියට පැනල දුවල ගියා”“ගෑනියෙක්”“මිනිහෙක්. මම දැක්ක තොප්පියක් දාගෙන හිටියෙ මට හිතෙනව මොනවහරි නරක දෙයක් වෙලා”ඔවුන් දෙදෙන කොරිඩෝවට පැමින ගුර්කා භටයාගේ කාමරය දෙසට ගියේය. එතරම් අඳුරු නොවූවත් දොර සමිපූර්ණයෙන්ම ඇරදමා ඇති බව ඔවුන් දුටුවේ දොර කිට්ටුවටම ගිය පසුය. කාමරය ඇතුලත තිත්ත කලුවරය . ඔවුන් ටික වේලාවක් හොඳින් ඇහුංකන් දුන්නේය. කිසිම ශබ්දයක් නැත. යමෙක් සිටිනා බවට හෝ නිදාගන්නාවිට ඇසෙන හුස්ම ගන්නා ශබ්දයක්වත් නැත. ඔහු කාමරයේ නැතිබවට රනේට විශ්වාසය.ඔහු ඉක්මනටම තම කාමරයට දුවගොස් බූමිතෙල් ලාම්පුව රැගෙන ආවේය. ඇඳේ ඔලුව තබන පැත්තටවන්නට කුල්ලකටත් වඩා විශාල පැල්ලමක් ලෙස වැටී ඇති ලේ ගොඩක් සහ කැපුම් තුවාල සහිතව ලේ ගලමින් ඇඳලඟ බිම වැටීසිටින ගුර්කා භටයාව ලාම්පුවේ මඳ එලියෙන් දුටුවේය .ඔහුගේ නිකටේ සහ බෙල්ලේ ගුර්කා භටයන් පාවිචිචිකරන වක් පිහියකින් ඇන්න තුවාල දක්නට තිබූ අතර උගුරු දන්ඩ කපා නැත. හිස වෙන්කර නොතිබුනි. ඔහුගේ ඇස් විශාලව හිස් අවකාශය දෙසට විවරව ඇත. ඔහු මරුවිකල්ලෙන් මෙන් හිස ඒ පැත්තට මේ පැත්තට වනමින් සිටියේය. යමකින් අනිනවා වැනි ශබ්ද කිහිපවරක්ම ඇසුනු බව සේතිට මතක්වුනි. නමුත් ඒවා පිහියකින් අනින ඒවා බව ඇයට ඒ අවස්තාවේදී සැක හිතුනේ නැත. වැටහුනේ දැන්ය . රනේ ගුර්කා භටයාට වතුර ටිකක් පෙව්වේය. විනාඩියකට පමන පසු එක්වරම ගැස්සුනු ගුර්කා භටයා නිහඬවිය. වතුර ටික බීමට පහසුවනසේ රනේ ගුර්කා භටයා ගේ හිස එසවීය. එසේ කිරීමේදී තමන්ගේ ඇඳුමේ ලේ ගෑවුනබව රනේ ට නොවැටහුනි .“මේ මොන අපරාධයක්ද මට බලන්ඉන්න බෑ. කාටද මේවගේ දෙයක් කරන්න පුලුවන් දෙවියනේ”ලාමිපුව අත තබාගෙන සේති කෑගසන්නට විය. රනේ නිහඬව සිටියේය.ගුර්කා භටයා මියගොස් ඇතිබව සැකහැර දැනගත් පසු නැගිට ගත් රනේ දිග සුසුමක් හෙලීය.“මම දැනගෙන හිටියනම් මේ බැල්ලිගෙ පුතා මැරෙන්න යනබව මම ඌ එක්ක ගෝරි දාගන්නෙ නෑ. දැන් මොකද කරන්නෙ?”“අල්ලපු ගෙදරට කියන එක හොඳයි”“නෑ. මම මේ විස්තර ගම්මුලෑදෑනියට කියන්නම් ”“මට බෑ තනියම ගෙදර ඉන්න”“බෝඡුරාඡුලගෙ ගෙදර පලයන් ඔවුන් තවම නිදි නැතිව ඇති”රාන්බහදූර් ගුරන්ග් ඒ ඔහුගේ සමිපූර්ණ නමය. ඔහු කාමරයට ගොස් තොප්පිය සහ කබාය ගත්තේය. ඔහු තම පිහිය ගැනීමට සැරසුනා පමනි. එහෙත් ඔහුගේ සිතට යමක් දැනුන නිසා එය තිබුන තැනම තිබෙන්නට ඉඩහැරියේය. කාමර දෙකේම දොරවල් වසා දමනා ලෙස සේතිට කී ඔහු ඉක්මන් ගමනින් ගම්මුලෑදෑනියාගේ නිවස දෙසට ගමන් කලේය.අහස වලාකුලෙන් බරව ඇත. සඳ එලිය නැත. එහෙත් පාරේ ගමන්කිරීමට තරම් එලියක් ඇත. රනේට රාති‍්‍රයට ඇසෙන කිසිම හඬක් ඇසුනේ නැත. යමෙකුට රසවිඳිය හැකි රාති‍්‍රයේ පැහැදිලි සොඳුරු දසුන් කොතරම් තිබුනද රනේ ට ඒ් කිසිවක් පෙනුනේ නැත.ඔහුගේ හිතේ අවධානය සම්පූර්නයෙන්ම යොමුවී තිබුනේ ගුර්කා භටයා ගේ කාමරයේ සිට පිටව ගිය පුද්ගලයාගේ රුව සිහියට නගා ගැනීමටය. නමුත් ඔහුගේ උත්සාහය නිෂ්පල විය. ඒ අවස්තාවේ ඔහු සිටියේ අවදිවූ ගමන් තද නිදිමතේය. ගුර්කා භටයා ගේ කාමරය දෙස බැලීමට පෙර ඔහුගේ දෑස් ගිනිකූරු සහ ලාම්පුවේ කහපැහැ මලානික එලිය දෙස යොමුවී තිබූ නිසා ඔහු ඉදිරියේ සියල්ල පෙනී නොපෙනී ගියේය. එවැනි තත්වයක් තුල කරුවලේම පැන දුවන්නකු හඳුනාගැනීම ඉතාමත් අපහසුය.ගම්මුලෑදෑනියාගේ නිවස ආසන්නයෙදී ඉද්දගැසුවාක් මෙන් ඔහු එක්වරම නැවතුනේය. ඔහුට යමක් සිහිවිය. ගම්මුලෑදෑනියා මිනීමැරුම ගැන සැකකර ඔහු අත්අඩංගුවට ගනියිද? මිනීමරුවා පැනල ගියා කියල මුලාදෑනියා විශ්වාසකරයිද? මිනීමැරුම දැනගත්ගමන්ම රනේ මිනීමරුව පස්සෙ කෑගහගෙන දිවිවෙ නැත්තෙ ඇයි? රනේ කියන්නෙ උසමහත තරුණයෙක් ඔහුට මිනීමරුව අල්ලගන්න එක අමාරුවැඩක් නොවෙයි. මිනීමරුවව හඳුනාගන්න හෝ හැඩහුරුකම් කියන්න රනේ ට පුලුවන් වෙන්න ඕන.මිනීමරුව තමන් නොවෙයි කියන්න රනේට තියෙන එකම සාක්කිය ඔහුගෙ බිරිඳ සහ කතාකරන්න බැරි උඩ ඉන්න දෙවියො විතරයි. කවුද සේති ට ඇහුංකන් දෙන්නෙ? ඔවුන් කියාවි ඒක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ වැඩක් කියල.සැක හිතෙන ලොකුම සාක්කිය තමයි කවුරු හරි කියන්න පුලුවන් එදා හවස වෙච්ච සිද්ධිය. සේතිට කරදර කල නිසා ඔහු ගුර්කා භටයා සමග ගෝරිදාගත්ත වෙලාවෙ ඔවුන් දෙදෙනාව දෙපැත්තට කරපු හැමෝටම ඇහුන ඔහු කේන්තියෙන් කෑ ගහල කියපු දේ.“මම උඹව මරනව මට නැතිවෙන්න තියෙන්නෙ එක ඡීවිතයයි”එතන හිටිය හැම දෙනාටම ඒක හොඳට මතක ඇති ඔවුන් ඒ ගැන කියාවි.දෙවියනේ ඇයි මිනීමරුව පස්සෙන් දුවන්න මට හිතුනෙ නැත්තෙ? එහෙම කරානම් මිනිහව අල්ලගන්න තිබුන. දැන් පරක්කු වැඩියි හැමදේටම මිනිහව ඡීවිතේටම අල්ලගන්න බැරිවේවි.ආපසු හැරුනු රනේ අඩි දෙක තුනක් ඉක්මනටම ගමන්කලේය. නැවත නැවතී හෙමින්ම ඔලුව වැනූ ඔහු අඳුරේම නොපෙනී ගියේය.ඔහු තවමත් හිරිමල් වියේය. ඡීවිතය පටන්ගත්තා පමනි. යන්තම් අවුරුදු විසිදෙක ලැබුවා පමනි. ඔහුට ඇති එකම ගැලවිම ඉන්දියාවට පැනයාමයි . සේති මතක් වීමෙන් ඔහුගේ උගුර කට වියලී ගියේය. මිනීමැරුමට අසුවේයැයි වූ බිය ඉදිරියේ ආදරය පලාගියේය. ඔහුගේ කලින් තත්වය සහ දැන් තත්වය අතර වෙනස අහසට පොලව මෙන්විය.ඔහු තමන් ගැන නිතරම සිතාසිටියේ මිනීමරුවන් අත්අඩංගුවට ගන්නා රඡයේ නිලධාරියෙකු ලෙසය. එහෙත් අනිත් මිනිස්සුන්ට අනුව දැන් ඔහු මිනිමරුවෙකි. ඔහුට සැම අතින්ම බිය දැනෙන්නට විය. කිසිදෙයකට බයනැති දිරිය පුද්ගලයෙකු ලෙස ඔහුට පිලිගැනීමක් තිබුනි. දැන් ඔහු බස්සෙකුගේ හඬට පවා තිගැස්සෙයි. ඔහු අසිහියෙන් මෙන් හිස හැරුනු අත දුවන්නට විය. ඈතට දිවයන තරමට ඔහු තමාගේ වල තමාම කපාගෙන තවතවත් හිරවිය.********************බරාදාරි උසාවි ක‍්‍රමයේ තුන්වැනි දිස්ති‍්‍රක් උසාවියේ මහේස්ත‍්‍රාත්වරයා වන මහලු පත්මනිධි ලමීචානේ තම නඩු හොඳින් ක‍්‍රමානුකූලව විශ්ලේශනය කරයි. ඔහු නඩුවල තීන්දු ලබානොදී එම නඩු ඉහල බලධාරීන්ට ඉදිරිපත් කරයි. ඔහුගේ පුරුද්දවනුයේ විත්තිකරුවන් හෝ පැමිණිලිකරුවන්ට සැරවැරනොවී ඔවුන් සමග සැමවිටම කාරුණිකව සහ ආදරයෙන් කතාබහ කිරීමය .“ලාල් බහදුර් හිරකාරයව අරගෙන එන්න”“රනේ වාඩිවෙන්න පුතා ඔබ බොහොම පෙනුමැති ඉලන්දාරියෙක් එහෙම නේද?”“හොඳ පෙනුමෙන් ඇති වැඩේ මොකක්ද සර් කෙනෙකුට අවශ්‍ය වන්නේ හොඳ වෙලාවක්. මගේ කරුම ශක්තියයි හොඳවෙන්න ඕන”“තියෙන විදිහට අද උඹේ නඩුව අහන්නෙ ඉහලම නිලධාරීන් ඉදිරියේ උඹට තේරුනාද?”“ඔව්. ඒක කොහොම වෙයිද සර්?” රනේ පුරුද්දට මෙන් ඇසුවේය.“රනේ උඹට ගැලවීමක් වෙන එකක් නෑ” ලමීචානේ තම තොල් තදකරගනිමින් හිස වැනීය.“වරදක් කරානම් ඒකට දඬුවම් ලැබෙන්න ඕන. ඒත් වරදක් නොකල කෙනා ඇයි දඬුවම් විඳින්නෙ? කවුරු හරි වහ බිව්වොත් මැරෙනව. ඒත් වහ නොබිව්කෙනා මැරෙන්න අවශ්‍ය නෑ සර්” රනේ වැරදිකරුවෙකු නොවන හැඟීමෙන් පැවසීය .“ඒක ඇත්ත නමුත් මොනව කරන්නද උඹ ගුර්කා භටයා එක්ක රණ්ඩු කළ දවසෙ ඌව මරල මිසක් නවතින්නෙ නැහැයි කියපු එක ඇහුනු පිලිගතහැකි සාක්කි කාරයො ගොඩක් ඉන්නව”“උඹේ බිරිඳ ම්.. ම්.. ම්.. මොකක්ද එයාගෙ නම ඔව් සේති ඇයත් කිව්වා උඹ එහෙම කෑගැහුවා කියල. නමුත් උඹ පිලිගත්තෙ නෑ එහෙම කිව්වයි කියල ඊට පස්සෙ”“ඒ උනාට.......” රනේ යමක් කීමට උත්සාහ දැරීය.“මට බාධා කරන්න එපා ”“මිනීමැරුම සිදුවුන රෑ එයට ටිකකට කලින් උඹේ ගෙවල් ලඟින් ගෙදර යමින් හිටියා කවුද එයාගෙ නම කන්චා නීවර් හරිද?”“එයාට ඇහුනා උඹේ ගෑනි මරන්න එපා මරන්න එපා කියල ලතෝනි දෙනවා. ඊට පස්සෙ මිනිහට ඇහුනා උඹේ ගෑනි කෑගහනවා එයා දිව්‍ය ලෝකෙ ඉපදේවා කියල.”“සේති පිලිගත්තා එයා එහෙම කිව්වා කියල. තවදුරටත් ඇය කිව්වා එයා එහෙම කෑගැහුවෙ උඹ කුඩා මකුලුවෙකුව මරන්න හැදුව නිසා කියල. කවුද ඒක විශ්වාස කරන්නෙ? ඒ අතරෙ උඹ කිව්වා එහෙම දෙයක් වුනේම නෑ කියල”“ඇත්ත සර් මම ඒක මුලදි ප‍්‍රතික්ෂේප කලා තමයි බයට. ඒත් පස්සෙ.....”“මට ඇහුංකන් දීපන්. උඹ එහෙම කිව්වෙ නෑ කියල මුලදි උසාවියට බොරුකියල පස්සෙ පිලිගත්ත. එහෙම කිවුවයි කියල. දැන් ඒක පිලිගත්තයි කියල ඇති වැඩේ මොකක්ද? උඹ මිනීමැරුම කෙරුවෙ නෑ කියල දැන් දිව්රුවට උඹ දැන් කියනදේවල් ඇත්තවුනත් උඹට සති ගානක් ගියා එහෙම කියන්න. උඹ විනිසුරුවරුන්ට වැඩේ ලේසි කලා උඹව වැරදිකාරය කරන්න”“ගුර්කා භටයා සේතිට කරදර කලනිසා උඹ ඔහුත් එක්ක ලොකු තරහකින් හිටිය එක පුදුමයක් නෙවෙයි. ගමේ වෙන කිසිකෙනෙක් ගුර්කා භටයා එක්ක තරහින් හිටිය කියල කවුරුවත් කියන්නෙනෑ”“මිනිහ හුඟ කාලයක් මෙහේ හිටියෙ නෑ. මිනිහ බොහොම පොහොසත්. සේප්පුවෙ නෝට්ටු ගොඩක් සහ ඉන්දියන් රුපියල් තිබිල තියෙනවා. නමුත් ඔහුව මරල තියෙන්නෙ සල්ලි ගන්න නොවෙයි කියලයි පේන්න තියෙන්නෙ. කිසි දෙයක් හොරකම් කරල නෑ. අනික උඹ කෙලින්ම ගමිමුලෑදෑනිය ලඟට ගිහින් එයාට විස්තරය කිව්වනම් උඹට ගැලවෙන්න පොඩි අවස්තාවක් තිබුනා. ඒත් රනේ ඒ විදියට පැනල ගිහින් උඹ ඔක්කොම අවුල්කරගත්තා”“කාට හරි උඹේ නඩුව කිව්ව ගමන්ම ඔවුන් කියාවි එයා ඒක කලේ නැත්නම් ඇයි මිනිහ පැනල ගියෙ කියල. මමත් ඒකම කියනවා. අතන ඉන්න පැමිනිලි පක්ෂයත් ඒකම කියනවා. කවුද එහෙම නොකියන්නෙ?”“මට මොකක්ද කරන්න පුලුවන් සර් කරුමෙට මට කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරිවුනා. උන් හිටිතැන් අමතක වුනා. මට දැනුනෙ නෑ මම පැනල යනව කියල”“ඌ මගේ ගෑනි සේතිට කරදර කරන කොට කේන්තිය වැඩිකමට කිසිදෙයක් කල්පනාවුනේ නෑ. මම ඉබේම ඌ ලඟට ගියා. මට හිතන්න බැරිවුනා. මට හොඳටම කේන්ති ගිහින් තිබුනෙ. මම කියන්නෙ මොනවද කියල දැනුනෙ නෑ. මම හිතාමතා හෝ නොහිතා කලේ එච්චරයි. මම වෙන කිසිම වැරැද්දක් කලේ නෑ”“පැනල ගිය එක තමයි මම කරපු එකම අත්වැරැද්ද මෝඩකම. මම බයට පැනල ගියනිසා දඬුවම් විඳින්න ඕන කියල ඔවුන් කියනවනම්......”“මිනිස්සු කියනවා බයවුනාම උඹ කලබල වෙනව කියල”“මේ බලපන් හාදය. පරිවේෂණ සාක්කි ඒ කියන්නෙ විමර්ශණාත්මකව ගොඩ නගපු සාක්කි කියනඑක අරුම පුදුම දෙයක්”ඒ අවස්තාවේදී පුහුණුව ලබන සුදු ජාතිකයෙකු පැමින අසුන් ගත්තේය. ලමිචානේ තමාගේ පලපුරුද්ද පෙන්වීමට ටිකක් හිතට අරගෙන කතාව දිගටම කරගෙන ගියේය .“පරිවේෂණ සාක්කිවලට පුලුවන් අහිංසකයෙකුව අපරාධකාරයෙක් කරන්නත් අපරාධකාරයෙකුව අහිංසකයෙක් කරන්නත්”“ඉහල විනිසුරු තුමා තවම ඇවිත් නැතිනිසා එතුමා එන්න කලින් මේ පුරුදුවෙන එකාට පාඩමක් දෙකක් කියාදෙන්න ඉඩදීපන්”“ස්තී‍්‍ර දූෂණ වලදි මිනීමැරුම් වලදි ඇසින් දුටු සාක්කිකාරයො ඒ කියන්නෙ ඒ සිද්ධි ඇත්තටම දැක්ක මිනිසුන්ව සහ සාක්කි හොයාගන්න හරිම අමාරුයි. ඇසින් දුටු සාක්කිකාරයො හිටියත් ඒවා සාමාන්‍යයෙන් විශ්වාසදායක නෑ. ඒ ඒ වෙලාවෙ තියෙන වාතාවරනය අනුව සාක්කි වල තත්වය වෙනස් වෙනවා. එවැනි නඩුවලදි නීතිය කි‍්‍රයාත්මක කරන නිලධාරින්ට තීරන ගන්න උදව්වෙන ප‍්‍රධානම දේ තමයි පරිවේෂණ සාක්කි”“උඹට තේරුනාද රනේ. පරිවේෂණ සාක්කි. නඩුඅහන අයගෙ තිරණවලට ලොකුම බලපෑමක් කරන්නෙ පරිවේෂණ සාක්කි. ඒ කියන්නෙ විමර්ශණය කරල ගොඩනගපු සාක්කි. ඒව ගැන අවිශ්වාසයෙන් බොරුයි කියල හිතන එකෙන් කිසිම වැඩක් වෙන්නෙ නෑ”“ඒව ඇත්ත වෙන්නත් පුලුවන්. බොරු වෙන්නත් පුලුවන්. ඒව බොරුයි කියල හිතල නඩු ඉදිරියට ගෙනියන්න විදියක් නෑ”“පවත්නා වාතාවරනය තුල විත්තිකාරයට එල්ලවෙලා තියන චෝදනා ඇත්තවගේ කියල තේරුනොත් විත්තිකාරයට නිදහස් වෙන්න ලේසිවෙන්නෙ නෑ”“දැන් උඹේ නඩුව ගනින්. උඹට කරන්න පුලුවන් එකම දේ මිනීමැරුම නොපිලිගන්න එක. නිකමට හිතමු උඹ මිනීමැරුම කලේ නෑ කියල. හරිද මම මෙහෙම හිතනව විතරයි . මම කියන දේගැන එචිචර ලොකුවට හිතට ගන්න එපා. උඹ ඇත්තටම අහිංසක නම් මෙහෙමයි සිද්ධිය වෙන්න ඇත්තෙ”“උඹ ගුර්කා භටය එක්ක ගුටි ඇනගන්න ගියවෙලාවෙ උඹලව දෙපැත්තට ඇදලගන්න උත්සාහකරපු අය අතර කවුරුහරි හිටිය අපරාධයක් කරන අදහස ඇතිව”“ගුර්කා භටයා ලඟ සල්ලි තියෙනව කියල එයා නොදන්න විදියකුත් නෑ. උඹ ගුර්කා භටයව මරල මිසක් පස්ස බලන්නෙ නෑ කියන එකත් එයාට ඇහුන. එයාගෙ ඔලුවට ආව දරුනු අදහසක්. ගුර්කා භටයව මරල සල්ලි අරගෙන උඹව මිනීමැරුමට අහු කරන්න”“දැන් උඹයි ගෑනියි යාලුවගෙ ගෙදර ඉඳල ඇවිල්ල වත්තට වෙලා වාඩිවෙලා ඉන්නවෙලාවෙ එයා ගුර්කා භටය ලඟට ගිහින් නවතින්න ඇහුව”“සමහරවිට මිනිහ තවදුරටත් කියන්න ඇති උඹ දන්නෙ නෑ උඹට වෙන්නෙ මොනවද කියල තනියම නිදාගත්තොත් . විශේශයෙන්ම උඹව මරනවයි කියපු එකාගෙම ගෙදර. මටත් උඹ එක්ක මෙහේ නිදාගන්න දීපන්”“ගුර්කා භටය මේකට කැමති වෙලා මිනිහට නිදාගන්න දුන්න එදා ? උඹල නිදාගන්න යන්න කලින් කතාකල දේවලුත් සමහරවිට මිනිහට ඇහෙන්න ඇති”“සමහරවිට මේ වනවිට මිනීමරුව මෙහෙම දෙයක් හිතල නැතිවෙන්නත් පුලුවන්”“මට යමක් අමතක වුනා හරි කමක්නෑ”“උඹේ ගෑනි කියපුදේ මතක්කරමු. මරන්න එපා ඒක කරන්න එපා. හරි ඒ කිවුවෙ මකුලුවෙකුට කියල පිලිගනිමු”“දැන් උඹල දෙන්න නිදියි කියල අපරාධකාරයට තේරුනා. ඊටපස්සෙ ගුර්කා භටයට නින්ද ගියාකියල හරියටම දැනගත්තට පස්සෙ ඔහු නැගිටල ගුර්කා භටයව මරල දැමිම. ඒවුනාට පිහියෙන් අනින සද්දෙ උඹලට ඇහෙයි කියල ඔහුට එකපාරින්ම තදින් ඇනල මරන්න බෑ. ඒනිසා සිද්ධවුනා හෙමින් හෙමින් කීපපාරක්ම අනින්න. ගුර්කා භටය දඟලන එක නැවතුනාම ඔහුට අවශ්‍යවුනේ නෑ බෙල්ල කපල දාන්න. අවශ්‍ය වුනේ සල්ලි පෙටිටිය ඇරල සල්ලි අරන් පැනල යන්න. ඒ උනාට යතුර අරන් පෙටිටිය අරින්න හදනකොටම පන අදිමින් හිටිය ගුර්කා භටයව ඇඳෙන් බිමට වැටුන. එතකොට ලොකු සද්දයක් ඇතිවුනා. අපරාධකාරයට කිසිදෙයක් හිතාගන්න බැරිවුනා. උඹල කතාකරන සද්දෙ ඇහුනගමන්ම මිනිහ හොඳටම කලබලවුනා. එයා යතුරු කැරැල්ල කොට්ටෙ යටින් තියල සල්ලිත් නොගෙනම පැනලගියා ”“ඊට පස්සෙ අවංක ගූරන්ග් ඡාතිකයෙක් වුන උඹ ගුර්කා භටයට වතුර පොවන්න ගියාම උඹේ අත්වල සහ ඇඳුම්වල ලේ ගෑවුනා. උඹට තිබුන ඒව හෝදල දාන්න. ඒත් උඹ ඒක දැක්කෙ නෑ. උඹ හිතුව ගම්මුලෑදෑනියව හමුවෙන්න ඒත් උඹ ඒක කලෙත් නෑ. උඹ හිතුව උඹව අත්අඩංගුවට ගනියි කියල . උඹේ ඔලුවට ආව පැනල දුවපන් කියල. උඹ පැනල ගියා. ඒ වැඩෙන්වෙන ප‍්‍රතිපලය ගැන උඹ හිතුවෙ නෑ. උඹව අල්ලගත්තට පස්සෙ උඹේ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා. උඹ වැරදි විදියටතමයි තීරන ගත්තෙ. උඹ මුලදි කිසිදෙයක් පිලිගත්තෙ නෑ . හැමදේටම නැහැයි කිව්වා. ප‍්‍රතික්ෂේප කලා. ඊට පස්සෙ එක එක දේවල් පිලිගත්තා. දෙයියො තමයි දන්නෙ ඇයි එහෙම කලේ කියල. උඹ අහිංසක නම් නිවැරදිකාරය නම් එහෙම තමයි සිද්ධවෙන්න අැත්තෙ. ඒ වුනාට උඹට මොනවද කරන්න පුලුවන්. දැන් පවතින තත්වය අනුව පරිවේෂණ සාක්කි මත උඹව කොටුවෙලයි තියෙන්නෙ ”“චිටිවාන් වල රාප්ති ගඟ ලගදි අත්අඩංගුවට ගන්න තුරු උඹ පැනල ගිහින් හැංගුනා. උඹේම කතානිසා උඹ හොඳටම තදවෙලයි ඉන්නෙ. අන්තිමට උඹ හුඟක් දේවල් පිලිගත්තා. මිනීමැරුම විතරක් පිලිගත්තෙ නෑ”“දැන් ඉතින් උඹට මොනවද කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ. උඹ පැනල ගිහින් හැංගුනේ නැතිනම් පහල උසාවියෙදි ඒ කියන්නෙ බටහිර අංක දෙක උසාවියෙදි මුලදිම ඇත්ත කිවුව නම් සමහරවිට මේ මිනීමැරුම සැකසහිතයි කියල උඹලගෙ ගෝරිය වෙලාවෙ හිටපු අයගැන හොයල බලල විමර්ශනයක් කරන්න තිබුන. කවුද දන්නෙ? ඔවුන්ට මොනවහරි හෝඩුවාවක් හොයාගන්න තිබුන”“උඹ මේ කතාව දැන් කිවුවොත් එතරම් වැඩක් වෙන එකක් නෑ. ඔවුන් උඹ ගැන තවදුරටත් සැක හිතන එක විතරයි වෙන්නෙ”රනේ මහේස්ත‍්‍රාත්වරයා දෙස එක එල්ලේ බලා සිටියේය. මහේස්ත‍්‍රාත්වරයා කී දෙයින් ඇතිවූ බලපෑම පිලිබඳව කිසිදු හැඟීමක් ඔහුගේ මුහුනෙන් පිලිබිඹු නොවීය. නලලෙන් දහඩිය දමන්නට විය.කියූ කිසිවක් ඔහු තේරුම් නොගත් නිසා හෝ කිවූ සියලු දේ ඔහුගේ හිතට තදින් කාවැදුනු නිසා හෝ ඔහුගේ වියලුනු ඇස්වලින් පිටවීමට ආසන්නවූ කඳුලු ගලා නොගියේය. ඔහුගේ තොල් දෙතුන් වතාවක්ම සෙලවුනි. ඔහු සමහරවිට පරිවේෂණ සාක්කි කියමින් මුමුනන්නට ඇත.මහේස්ත‍්‍රාත්වරයා කතාව ඉවරකල පසු රනේ දිගු හුස්මක් ගත්තේය. ඔහු බිම බලාසිටියේය. එහාට මෙහාට ඇඹරුනේය. ඔහුගේ අතීත ඡීවිතයම බිම ඇතිරූ පිගන්ගඩොල් තුලින් බලාගත හැකිවෙතැයි ඔහු පිගන්ගඩොල දෙස බලාසිටියේය.“හැම දෙනාටම කොලරාව හැදිල මැරුනා. අපි ඔක්කොම ලොකු පවුලක්. මම හැර අනිත් ඔක්කොම මැරිල ඇයි මම විතරක් ඉතුරු වුනේ. මේ ජරා කාලකන්නි අවසනාවන්ත තත්වයට වැටෙන්න මේ කරුමෙ ගෙවන්න” ඔහු කෙඳිරීය.***********************************“ඔව් කතා කරන්න”“බටහිර අංක දෙක උසාවිය රනේගෙ අභියාචනය අංක තුන ඉහල උසාවියට ඉදිරිපත් කරල” මහේස්ත‍්‍රාත් ලමීචානෙ නිශ්චිත තීන්දුවක් ගත නොහැකිව දෙගිඩියාවෙන් පැවසීය .“පවතින වාතාවරනයට අනුව දිස්ති‍්‍රක් ආන්ඩුකාරයා දැන් සියලුම සාක්කි පිලිඅරගෙන නමුත් අනිත් අතට....”“ඔක්කොම හරි. සාක්කි හැමදෙනාම පිලිගත්තා එහෙම නේද”“නමුත් ඔහුගෙ ප‍්‍රතික්ෂේප කිරීම නිසා.....”“ඔහුගෙන් අහන්න මොනවද ඔහු කියන්නෙ කියල”“ස්වාමීනි මම හොඳ ගූරන්ග් ඡාතිකයෙක් මට සාධාරණයක් ඉටුනොවී මැරෙන්න අවශ්‍ය නැහැ අත් දෙක එකිනෙක පටලවමින් ඉහලට ඔසවමින් රනේ අඬන්නට විය. මම කිසිම වරදක් කරල නෑ ස්වාමිනි”“මෝඩය එහෙනම් ඇයි උඹ පැනල ගියෙ ”“ස්වාමිනි කරමින් හිටියෙ මොනවද කියල මම දන්නෙ නෑ”“මොනවද උඹට කරන්න පුලුවන් හැමදෙනාටම ඒත්තු ගිහින් තියෙන්නෙ උඹ තමයි වරදකාරය කියල ”රනේ එනතුරු උද්‍යානය අසල ලුමාඩි පන්සල ලඟට වී සේති බලාසිටියාය. ඉන්පසු එක තැනක වාඩිවී සිටීම අපහසුනිසා ඇය උද්‍යානයේ ගේට්ටුව හා ඩර්හාරා මුස්ලිම් පල්ලිය අතර එහාට මෙහාට ඇවිදින්නට විය. ඇවිදීම නිසා ඇගේ කකුල් වලට මහන්සි දැනෙන්නට විය. පාර දිහා බලාසිටීම නිසා දෑස් රිදෙන්නට විය. අවසානයේදී ඇය ඡුරන්ග් බහදූර් පිලිරුව පිටුපස බිත්තියට හේත්තුවිය. ඇගේ සිත ඔවුන් දෙදෙන පලමුවෙන් මුනගැසුන අවස්තාවට ගියාය.ඇය ගුරුවරයාගේ ගෙදර සිටිනවිට හැඳින්වූයේ රමිබඩාන් ලෙසය. හැමදෙනාම ඇයට සේති ලෙස කතාකරන විට රනේ දිගටම ඇයට රාමා ලෙස ඇමතීය. ඇය ගුරුගෙදරින් පිටව ගෙදර යනවිට ඇය සමග යාමට කෙනෙකු සොයමින් සිටියාය. බනේස්වර් දිස්ති‍්‍රක්කයේදී ඇයට රනේ හමුවිය. රනේ ගැහැනුන් ඉදිරියේ ලැඡ්ඡාකාරයෙකි . ඇගේ ගම් පලාත බලායන අයෙකු දන්නේදැයි ඇය ඔහුගෙන් ඇසුවාය. ඔහු සමග කතාකරමින් සිටියදී ඇය ඔහු පිලිබඳව බොහෝ දේ දැනගත්තාය. ඔහුගේ පවුලේ සියලුම දෙනා කොලරා වසංගතයෙන් මියගිය බවත් ඡීවත්වන්නේ තනියම බවත් දුප්පතෙකු නොවූවත් ස්වේච්චාවෙන් රයිපල් හමුදාවට බැඳී ඇති බවත් ඇය දැනගත්තාය. රනේ ගේ ලැඡ්ඡාව වැඩිවන තරමට ඇය තවතවත් ඔහුට ආකර්ශණය විය. දුර්ගා දේවිය පුදන දසේන් නම් වූ විශේෂ නිවාඩුව රනේටද ලැබුනි. තමතමන්ගේ පාරම්පරික නිවාස ඇති ගමට ගොස් දසේන් උත්සවය සැමරීම සාමාන්‍ය සිරිතය. ඔවුන් දෙදෙනාම එකට රනේගේ ගමේ යායුතු බව ඇය ඔහුට ඒත්තු ගැන්වූවාය. ගමට ගියවිට රනේගේ නිවසට ඇය කැමතිවිය. එහි දින කිහිපයක් නතරවූ ඇය තනියම නිදාගැනීමට බය බව කියා රනේගේ කාමරයට ගියාය. රනේ ආදරය ගැන ඇගෙන් ඉගෙනගත්තේය. ඔහුද ඇයට ආදරය කලේය.දම්වැල් වල සද්දයෙන් ඇය සිහින ලොවින් මිදුනාය. මෙයට පෙර දෙවතාවක්ම එම සද්දය ඇසී ඇය නැගී සිටියද ඔහු පැමිනියේ නැත. මේ වතාවෙත් ඇය හිස ඔසවා පන්සල පැත්ත බැලුවාය. තවත් මිනිසුන්ට මැදිව සෙමින් සෙමින් ඇවිදින රනේව ඇයදුටුවාය. ඔහු දම්වැල අතේ තබාගෙන සිටියි. මුලදී නඩු විභාග වලදී මෙලෙස දුටුවිට ඇය ඔහු ලඟින්ම සිටියාය. ටික කලක්යද්දී ඇය එයට හුරු වූවාය. දැන් ඇයට ගානක් නැති තරම්ය. සුලු වේදනාවක් පමනක් ඇතිවේ. පුදුමයකි ඇගේ තුල තිබූ සංවේදනීය හැඟීම් නැතිවූවාද? ඇයට එම ප‍්‍රශ්ණය ඇසීමට අවශ්‍ය නැත. පිලිතුර ඇගේ හදවතින්ම ලැබී ඇත. ඔහු වරදකරු බව තීන්දු වී ඇත.“මොකද වුනේ? ” රනේ ලංවත්ම ඇය සුපුරුදු ලෙස ඇසීය. රනේ සිටියේ බිම බලාගෙනය. සේතිගේ කටහඬ ඇසුනු විගස නැවතුනු රනේ ඇගේ මුහුණ දෙස බලාසිටියේය.අමතක වූ යමක් මතක් කිරීමට උත්සාහගන්නාවු අයෙකුගේ විලාශයක් ඔහු කෙරෙන් දිස්විය. ඇය නැවත කතාකරන තුරු ඔහු පිලිතුරු නොදුන්නේය.“වරදකරු”සේති වැලපෙන්නට විය. එහෙත් ඇගේ දෑස් වියලී ඇත.“දුක් වෙන්න එපා” රනේ පාරේ ඈත බලමින් දම්වැල හකුලමින් සහ දිගහරිමින් පැවසුවේය.“ඉපදුනොත් යම්දවසක මරණය නියතයි. එකම ගැටලුව ඒක සිද්ධවෙන්නෙ ඉක්මනටමද පහුවෙලාද කියන එක. මම දිව්‍යලෝකෙ උසාවියෙදි සියලු දේ විස්තර කරනව”“පරිවේෂණ සාක්කි” ඔවුන් දිගටම කිවිවා.“මොනවද ඒ කියන්නෙ”“ මම දන්නෙ නෑ” ඔහු බිරිඳ දෙසට හැරුනේය.“පරිවේෂණ සාක්කි මේක තමයි මට වුනේ”කුඩාකල පඩිපෙලකින් වැටීමකින් සිදුවූ කැලලක් රනේගේ නිකටේ විය. කැලල ඇති ප‍්‍රදේශය වෙවුලන්නට විය. නාස්පුඩු ගැහෙන්නට විය. නමුත් දෑස් ප‍්‍රබෝධමත්ය.“සේති උඹ ඉන්න තැනක උඹට සතුට තියෙයි. සතුටින් ජීවත්වෙයන්”අඩි කීපයක් ඉදිරියට ගිය ඔහු නැවතී ඇය දෙස සතුටින් බැලුවේය.“මට සතුටු වෙන්න හිත හදාගන්න එක දෙයක් තියෙනවා හමුදා රෙමේන්තුව හිතනව ඇති මම මිනිහව මැරුව කියල. ඒත් උඹ දන්නව මම නිර්දෝෂයි කියල. එහෙම නේද”සේති හිස සැලුවාය.“මට ඒ හොඳටම ඇති”රනේ ඉවතට යනබව සේතිට ඇසුනි. ඇය හිස ඔසවා බැලීය. දම්වැල්වල හඬ ටිකෙන් ටික නොඇසී යයි. නමුත් ඔහුගේ දිගු බෙල්ල වටා එල්ලෙන යකඩවිලංගු ඇයට තවමත් පෙනේ.මට ඒ හොඳටම ඇති. ඔහු කිවූ දෙය ඇසෙයි.ඇගේ හදවත තුල සිරවී තිබූ වේදනාව එලියට පැන්නේය. ඔහු සමග කතාකරන විට වියලී තිබූ කඳුලු මහා වරුසාවක් සේ ඇද හැලෙන්නට විය. මින්පසු ඔහු දක්නට නොලැබේ. ඔහුගේ කටහඬ නොඇසේ. ඇය ඔහු ගිය දෙස කඳුලු පිරි දෙනෙතින් බලා සිටියාය.
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+unsubscribe@googlegroups.com.
එහෙත් එය අතිශයින්ම සංගීතමය හඬක් විය. නමුත් එය අස්වාභාවික ස්වරයකින් අද්භූතාකාර භාවයක් ඇති කලෙන්, සෑම පැයක් අවසානයේදීම, බාල් නැටුමෙහි වාද්‍ය වෘන්ධයට අයත් සංගීතඥයෝ තම සංගීතය මොහොතකට නවතා, එම හඬ ඇසීමට නිසොල්මන් වූවෝය.දින 3
ඉන්දියානු ලේඛක ප්‍රබංජන් - අනුවාදය උපාලි ලීලාරත්න
සුමදි, සෙනඟ වැඩිපුර නොමැති දුම්රියේ ජනේලයක් අසල වාඩි වී සුළං දහරා මුහුණේ වැදෙද්දී ඒ විඳ දරා ගනිමින්, හිස කළඹවන ගමනක නිරත ව සිටියා ය. දුම්රියපළෙහි දුම්රිය නතර කළ පසු කිසිවකු විසින් තමා පිටු පසින් අල්ලා තල්ලු කරනු ලබනවාක් මෙන් නොවී ප්‍රවේශමෙන් වේදිකාවට බැසගත් ඇයට ඉමහත් සතුටක් දැනුණි.
"ශිව දෙවියනේ" යන්න මුමුණමින් නතර වූ බවක් පළ කළ ඒ දුම්රිය දෙස බැලූ ඇයට බූරුවකු සිහිප ත් වී ය. අන්‍යයන් ඔසවාගෙන යනවාය යන හැඟීමෙන් තොරව බර උසුලා යෑම ජීවිතය කරගෙන දිවි ගෙවන මේ දුම්රියත් බූරුවාත් කොපමණක් නම් අර්ථවත් දිවියක් ගත කරනවා නොවේ දැයි ඇයට හැඟුණි.
විරුද්ධ දිශාවට ගමන් කිරීමට අපේක්‍ෂාවෙන් සිටින කීප දෙනෙක් හැර මුළු වේදිකාවම හිස් ව පැවතියේ ය. හිස් කොන්ක්‍රීට් බංකුව, ඇවිල්ලා වාඩි වෙන්නකෝ" යැයි ආරාධනා කරන්නාක් මෙනි. ටික වේලාවෙක් එහි වාඩි වී සිට යා යුතු යැයි සුමදි සිතුවා ය. ඉක්‌මනට නිවසට ගොස් "වාඩිවීම" හැර වෙනත් කාර්යයක් ද ඇයට නො මැත්තේය.
බංකුවේ වාඩි වී දෑස් පියාගත් විට දී ඇයට තම පියාගේ මුහණ මැවී පෙනුණි. ඔහු මේ වෙලාවේ දී කරන්නේ මොනවාද? මේ වන විටත් දහ වතාක් ම කියවූ "හින්දු පුවත්පතේ එක් පුවතක් එකළොස් වැනි වතාවටත් කියමින් සිටිනවා විය යුතුය.
ඒ අතර වාරයේ දී විනාඩියකට වරක් මිදුලේ කිසියම් සෙවණැල්ලක් වැටෙනු ඇතැයි යන හැඟීමෙන් නැඟිට විත් "දරුවා ආවා ද?" යැයි විමසමින් සිටිනවා ඇත.
"තාත්තේ.... තාත්තේ..." සුමදිගේ සිත කැළඹෙන්නට විය. ඈ බංකුවෙන් නැඟිට නිවස වෙත ගමන් කරන්නට පටන් ගත්තාය.
කඩ වීදිය පසුකොට කුලී රථ නැවතුම්පළ ද පසුකර ගොස් දකුණට හැරුණ විට දී ම ඇති වංගුවේ ගෙදර සුමදිගේ මහ ගෙදරයි.
පාරෙන් හැරෙද්දී ම පියා බලා සිටිනු ඕ දුටුවාය. පුවත්පතක් අතේ තබාගෙන බැනියමත් සිවු රියන් වේට්‌ටියත් හැඳ සිටි ඔහු තම දියණිය සුමදි පැමිණෙනු දැක වහා ම මඟට ගියා ය. පාර මැද දී දෙදෙනා ම එකට හමු වූහ.
"තාත්තෙ".
"එන්න දුව... එන්න යමු හුඟ දවසකින් දැක්‌කේ නැහැනේ කියලා මං මේ හිතහිතා හිටියේ...."
පියා ඉදිරියෙන් යද්දී සුමදි ඔහු පිටු පසින් නිවස දෙසට ගමන් කරන්නට වූවාය.
සුපුරුදු ලෙස ම යාබද වත්තේ ලොකු අම්මා පාර අද්දර ම වාඩි වී සිටියා ය. එක්‌වර ම කුස දෙසින් ගින්නක් මතු වූවාක් මෙන් සුමදිට දැනුණි.
"ආ... සුමදි ද? මේ එන ගමන් වෙන්නැති...?" ලොකු අම්මා ඇසුවා ය.
"ඔව් ලොකු අම්මේ...."
"හ්ම් තාමත් ඉතිං නාලා කියල ද ආපහු යන්න වෙලා තියෙන්නේ...?"
ලොකු අම්මා එසේ අසද්දී සුමදි හිස බිමට නැඹුරු කරගෙන නිවසට ඇතුළු වූවා ය. ඇගේ මුළු සිරුරම දහඩියෙන් තෙමී ගියේය.
"චිඃ... කොච්චර කැත වැඩක් ද?...." ඇයට සිතුණි.
සුමදිගේ අම්මා හාල්වල ගල් අහුලමින් සිටියා ය.
"වරෙන් වරෙන් දුවේ.... මොකද මෙච්චර පරක්‌කු?.... කෝච්චිය පරක්‌කු ඇති"
අම්මාගේ හැටි එහෙම ය. ඇය ම විමසා ඇය ම පිළිතුරු දෙන්නී ය.
සුමදි තරමක් ඈත් වී මුල්ගකට වී වාඩි වූවාය.
"දරුවා හොඳට ම තෙහෙට්‌ටු වෙලා ඇවිල්ලා ඉන්නෙ... බොන්න කෝපි ටිකක් වත් කරලා දෙන්න". පියා පැවසුවේය.
"උණු වතුර බෝතලේ වතුර ඇති. කිරි ටික රත් කරන්න විතරයි තියෙන්නේ?" මව කුල්ල පැත්තකින් තබා නැඟිට තරමක් වැනෙමින් මෙන් ගොස් කණුවක් අල්ලා ගත්තාය.
"මගේ ඇඟ දැන් මට ම වාවගන්න බැහැ කෙල්ලේ" යැයි පැවසූ මව, තරබාරු සිරුර සොලවමින් කුස්‌සියට ගියා ය. එවිට පියා, පොත් පහක් හයක් රැගෙනවිත් සුමදි ඉදිරියේ තැබුවේය.
"මේවා කොහෙන්ද තාත්තේ?" පොත් පෙරළා බලන ගමන්ම සුමදි ඇසුවාය.
"පුස්‌තකාලෙන් ගෙනාවා දුවේ. දැන් මේ ගමේත් පුස්‌තකාලයක් තියෙනවා. දුව එනකොට දකින්නත් අැති. කඩ වීදියේ ලොකුවට බෝඩ් එකක් එහෙම දාලා තිබුණේ. මාත් පුස්‌තකාලෙට බැඳුනා. දුව නිසා තමයි බැඳුණේ. මං පොත් කියවන්න කැමැති නැහැ නේ. දුව නම් පොත් ගුල්ලෙක්. මේ දවස් තුනේ කියවන්නේ නැතුව ඔයා වෙන මොනවා කරන්න ද? ඔහේ හාන්සි වෙලා වහලේ යට ලීය දහා බලාගෙන නේ ඉන්නේ. ඔයා දිහා බලන්නත් දුකයි එතකොට. ඒක නිසා කමක් නැහැ. දරුවා පොත් කියව කියවා හරි ඉඳීවි නේ කියලා හිතලා මං ගෙනාවා" පියා පැහැදිලි කෙළේය.
සුමදි අත තිබූ පොත් ඉබේ ම ගිලිහුණි. තමා නිසා පියාත් මවත් විඳිනවේදනාව, හිරිහැරය ගැන සිහිවෙද්දී ඇයගේ සිතට වේදනාවක් දැනුණි. ඒ සමඟම තමන්ට් පමණක් සීමා වූ රහසක් මුළු ගමට ම හෙළි වීම ගැන සිහිවී ගත විළියෙන් හැකිළුණි. කාමරයට ඇතුළු වූ ඈ හිස බිමට හරවාගෙන බිම වාඩි වූවාය.
මව කෝපි රැගනෙවිත් සුමදි ඉදිරියේ බිම තබා යළිත් සිටි තැනට ගොස් කුල්ල රැගෙන බිම වාඩි වූවාය.
සුමදි සෙමෙන් සෙමෙන් කෝපි තොල ගාල්නට වූවයා. මවගේ දෑතින් සැකසෙන හැම ආහාරයක් ම ඇයට අමෘතය මෙනි. නියම පදමට උණුසුමු වූ දිව මුලට තිත්ත රසය දනවන, හොඳ සුවඳින් යුතු කෝපි කෝප්පයේ අන්තම බිංදුව තෙක් ම ඈ බිව්වාය.
"තව කෝපි ටිකක් දෙන්න ද දුවේ" මව ඇසුවාය.
"එපා අම්මේ... තව ටික වෙලාවක් ගියාම බොන්න බැරියෑ" සුමදි පිළිතරු දුන්නාය.
එවිට ම මිදුලට පියමා ආ කපුටෙක් හඬ නැඟුවේය.
"අනේ... අනේ... කාක්‌කෝ.... නෑයෝ ආවට පස්‌සෙ ඇවිල්ලා නෑයෝ එනවා කියලා කෑ ගහනවා... කාලෙ හැටි? කාක්‌කොත් වෙනස් වෙලා..." මව පැවසුවාය.
පියා සිනාසුණේය. ඔහුගේ සිනහව සුමදිට සතුටක් වීය.
"ඔයාගේ ගෙදර මනුස්‌සයා කොහොමද? මිනිහා මොනවද කියන්නේ දුවේ?" පියා ඇසීය.
"ඔහේ ඉන්නවා... එනකොට මුරුක්‌කු හදාගෙන එන්න කියලා කිව්වා... අම්මා හොඳට මුරුක්‌කු හදනව නේ.. ඉතිං අම්මා බෑණට හදලා යවන්නකෝ..." යැයි සුමදි පවසද්දී වට්‌ටක්‌කා බෑයක් සිනාසෙන්නාක් මෙන් මව සිනාසුණාය.
"ඕවා හදලා දෙන එක මහ වැඩක් යෑ... .ඒ වුණාට මොකද උඹගෙ නැන්දම්මා ගැන හිතුව ම කන කෑම ටිකවත් උගුරෙන් පහළට යන්නෑ..."
සුමදි යුගදිවියට පිවිස සැමියාගේ නිවසට ගොස් ඊළඟ මාසයේ දසීම "ඒ දින තුන සඳහා මහ ගෙදරට ආපසු එවූ දාම තම මවගේත් පියාගේත් සිත් බිඳී ගිය බව ඇයට වැටහුනි.
"මුන් මොන තරම් පහත් මිනිස්‌සුද...." පියා එදා පැවසුවේය.
"නැන්දම්මා එක විධියක් අම්මේ... කිලිවලට අහුවෙන එක එයාලට හොඳ නැහැල්ලු. මේ ගේ පුංචියි ඔක්‌කොම එකට ඉන්නේ... ගේ ඇතුළෙ ඕවා තියාගෙන ඉන්න පුළුවන්ද...? මේ දවස් තුන එහෙම ඉඳලා නාලා පිරිසිදු වෙලා එහෙම මෙහෙ වරෙන් කියලා මාව මෙහාට එව්වා අම්මා.. ." යැයි සිදු වූ සියල්ල විස්‌තර කළ සුමදි ලැඡ්ජාවෙන් හැකිළෙමින් හඬන්නට පටන් ගනිද්දී මවට හිතට මහා කළු ගලක් මෙන් බරක් දැනුණි.
"දුවගේ කරුමෙට මෙහෙ ම වුණා නෙ...." මව පැවසුවාය.
"හරි.... හරි... දරුවා දැන් මේ ආවා විතරයි නේ... මහන්සිත් ඇති... ටිකක් විවේක ගන්න දෙන්න..." පියා පැවසීය. ඔහුට මේ විෂයය පිළිබඳව කථා කිරීම ලැඡ්ජාවකි. කිසියම් ආකාරයක ජුගුප්සාජනක හැඟීමකින් ඔහුගේ මුහුණ රතු වේ....
පියා, සුමදිට ගෙවත්ත දෙසට මුහුණ ලා ඇති කාමරයක් වෙන්කර දුන්නේය. විදුලි පංකාවක් නොමැතිව දියzණියට නිදා ගැනිමට අපහසු යෑයි සිතා අලුත් ම විදුලි පංකාවක් ද එහි සවි කළේය.
සුමදි ඒ දින තුන ම ගත කරන්නේ මෙහි ය.
තද හිසදරයක් සමගින් ඇයට මේ දින තුනේ ආරම්භය පටන් ගනී. නළල පිපිරී යන තරම් දැඩි වේදනාවක් දැනෙයි. කිසි කෙනෙකු දෙස හිස ඔසවා බැලිය හැකි නොවේ. මුළු සිරුර ම තළා පෙළා දැමුවාක් මෙන් තෙහෙට්‌ටුවක් ද කුස පෙදෙසින් සිහින් වේදනාවක් ද දැනෙයි. ඇතැම් විට ආහාර ගැනීමට ද නොහැකි ව, වේදනාවෙ උසුලා ගැනීම නිසා නළල රැළි ගැන්වී සිටියදී ම සුමදි නැන්දම්මා දෙස බලද්දී නැන්දම්මාට කාරණය අවබෝධ වෙයි.
"හ්ම්.... එහෙනම් පිටත් වෙයං...." නැන්දම්මා අණ කරන්නීය.
සුමදිගේ සැමියා, කේසවන්ට ලොව කිසිම දෙයක් පිළිබඳව උනන්දුවක් නැත. මව පවසන්නේ කුමක් ද එයත්, කාර්යාලයේ ලොක්‌කා පවසන්නේ කුමක් ද එයත් පමණි ඔහු කරනුයේ.
මොවුන්ගේ නියෝග අනුවත මොවුන්ගෙන් කුමක් කළ යුත්තේ දැයි අසා ඒ අනුවත් ක්‍රියා කිරීමයි ඔහුගේ ජීවිතය.
කේසවන් උදේ ම අවදි වූ විගසම දිය නා පිරිසිදු වෙයි. ඉන් පසුව කෑමට වාඩි වී කෙසෙල් කොළය දෙස බලාගෙන එක් අතකින් කෙසෙල් කොළය අල්ලාගෙන අනික් අතින් කෑම කන්නට පටන් ගනී.
"කෙහෙල් කොළේ අතින් අල්ලාගෙන කෑම කන්නේ ඇයි? හුළඟේ යෑයි කියලද?" නැන්දම්මා නොමැති වේලාවක දී සුමදි අසන්නීය.
එයට පිළිතුරු වශයෙන් ඔහුගේ මුවින් පිට වනුයේ සමච්චල් සිනහවකි.
කෑමෙන් පසු ව අත සෝදා අතේ තෙල් වියළීමටත් පෙර දෙපයට සෙරෙප්පු බස්‌සවා ගනී.
හැන්දැ යාමයේ හතට හත හමාරට පමණ කාර්යාලයෙය් සිට රාජකාරිය නිමා කොට ඔහු නිසට පැමිණෙයි. ඒ වන විට ඔහුගේ මුහුණේ නින්දෙන් අවදි වූ ස්‌වභාවයක් රැඳී තිබේ.
ගැහැණු පිරිමි හැම කෙනෙක්‌ම රැකියාවලට යති. ඔවුන් සියලු දෙනා නිදා සිට නිවසට පැමිණෙන්නෝ ද? බස් රථයේ දි නිදාගෙන පැමිණි බව කේසවන්ගේ මුහණ නොකියා පවසයි.
මුහුණ, අත් පා සෝදා ගන්නා ඔහු රාත්‍රී අට වන විට කැමට වාඩි වෙයි. සුපුරුදු ලෙස එක අතකින් කෙසෙල් කොළය අල්ලාගෙන කෑම කන්නට පටන් ගනී. කෑම කා අත් සේදුවා ද නැද්ද කියා නො දනිතත් ඔහුගේ දෑස් නිඳිබර වෙයි. අනතුරුව ඇඳට පැමිණ උඩුබැලි අතට වැතිරී නිදා ගන්නා කේසවන්, පසු දිනට පහන් වෙද්දී පමණකි කේසවන් බවට යළි පත් වනුයේ.
විදුලි පංකාව වේගයෙන් කැරගන බවක් සුමදිට හැඟුණි. එයින් හඬක් මතුවෙයි. හඬ සමඟ සුළඟ ඇයට ප්‍රිය නොවීය. ඈ සිටි තැනින් නැඟිට ගොස් විදුලි පංකාවේ වේගය අඩු කළා ය. සුළං විහිදිමේ වේගය අඩාල වි සෙමෙන් සුළං විහිදෙන්නට පටන් ගත්තේය. මේ ප්‍රමාණයට සුළං හැමීම ඇයට ප්‍රිය ජනක වීය. සුළං පහර දෙන්නාක් මෙන් නොවිය යුතුය. ගතේ තැවරී ය යුතුය. එය ගතට සුවදායකය.
කුමණ කරුණක් නිසා හෝ නින්ද සුමදි වෙත නො පැමිණියේය. තමන් නිසා මවත් පියාත් විඳින වේදනාව ගැන ඕ දැන සිටියා ය. මේ සුළු කරුණ නිසා සැතපුම් විස්‌සක් දුරින් පිහිටි ගෙදරට මාස් පතා ම සුමදි එවීම පිළිබඳව මවත්, පියාත් වේදනාවෙන් පසුවෙති. එහෙත්... සිය දියනිය හොඳින් ජීවත් වන්නීය. යන තෘප්තිමත් හැඟීමෙන් ඔවුහු තරමක් සැනීමෙන් සිටිති. එය එසේ නොවන බව ඔවුන් දැන ගතහොත්....?
සුමදි පෙරැළෙමින් නිදා ගැනීමට වැර දැරුවාය. ඈ කියවමින් සිටි 'මෝහකටු' නම් පොතේ එක් තැනෙක සඳහන් වැකි කිහිපයක් සිහි කළාය.
බාබු දෙස බැලූ යමුනා "මේකට ද මෙච්චර පෙරුම් පිරුවේ...?" යැයි ඇසුවාය.
වසර ගණනාවක ඇසුරෙන් පසුව බාබුත් යමුනාත් ගතික් එක් වීමෙන් අනතුරුව යමුනා එසේ ඇසුවේ දෙදෙනාගේ ම සිරුර පිළිබඳව අවබෝධයක් ලැබූ නිසාය.
"මේක ද?... මේකට ද?.... මේ..... වෙනුවෙන් ද?.... මේ වෙනුවෙන් ම... .ද?......" යනුවෙන් යමුනා නැඟූ ප්‍රශ්නවලින් ඇය තමන් විසින් ම තමන් පිළිබඳව පූර්ණ අවබෝධයක් ලබා ගනු ලබන්නීය.
සුමදි.... තම මනසට යමුනා කැඳෙව්වා ය. ඇයට කථා කළාය.
"යමුනා ජීවිතය කියන්නෙත් මේකට ම නේද? ශරීරයත් ජීවිතය ම තමයි නේද?....
"ඔයා නම් කාලා බලලා අහනවා මෙච්චර ද කියලා.... යමුනා.... ඒත්.... මං බඩගින්නේ ම ඉන්නවා කෙල්ලේ...." සුමදි යටි සිතින් පැවසුවාය.
¥¥
මව, මුරුක්‌කු සාදා නිමකොට අතර මඟදී නො කැඩෙන්නට ටින් එකකට අසුරන්නට වූවාය. සුමදි දිය නා හමාර වී කෑම කා , ආපසු සැමියාගේ නිවසට යෑමට සූදානම් වෙමින් සිටියා ය. මව ඉදිරිපිට මුරුක්‌කු දහස් ගණනක් අතුරා ඇති අන්දම ඕ දුටුවාය. එයින් එකක් අතට ගත් ඈ කෑල්ලක් හපමින් කථා කළාය.
"මෙච්චර මොකට ද අම්මේ?... ටිකක් හදන්න තිබුණනේ..."
"දවස් හතරක් වත් තියාගෙන කන්න පුළුවන්නේ දුවේ. මොකද නරක් වෙනවා කියලද?
කුඩා ප්‍රමාණයේ දැතිරෝද වැනි මුරුක්‌කු.... ඒවා මතුපිට නෙරීම්, කටු මෙන් අතේ ඇණෙණ සුළුය. තුවාල වී ලේ ගැලීමට තරම් තියුණු නොවූ මේ කටු මුවට දැමූ විට දී දිය වි යයි. දිවේ දී මුරුක්‌කු මිශ්‍රණයේ තලත් සෙසු ද්‍රව්‍යයත් වෙන් වෙයි. ඒවා වෙන වෙනම රස විඳිය යුතුය.
"මුරුක්‌කු නම් හරි රසයි අම්මේ.... නැන්දම්මාගේ අතින් හදාපු මේ මුරුක්‌කු බෑනා හොඳට රස කරකර කන්න හදයි..." සුමදි වර්ණනා කළාය.
කිසිවකු විසින් මව වර්ණනා කරනු ලබන්නේ නම් ඇයට කුඩා දැරියක මෙන් ලැඡ්ජාවක් දැනෙයි.
එවන් අවස්‌ථාවකදී මව දෝතීන් මුහුණ වසා නො ගන්නවා පමණකි.
"පලයං කෙල්ලේ විහිළු නොකර"
මව බොරු අමනාපයකින් පැවසුවාය ඒ වන විට ඇයගේ මුහණ ඉදුණ තක්‌කාලි ගෙඩියක් මෙන් රතු වී තිබිණ.
"තව ගිතෙල් ටිකකුයි කිරි ටිකකුයි දැම්මා නම් මීටත් වඩා රසට තියෙයි" මව පැවසුවාය.
පියා හොඳින් හැඳ පැළඳ ගෙන දුම්රිය නැවතුම්පළ දක්‌වා ම සුමදි කැඳවාගෙන යයි. දුම්රිය ප්‍රවේශපතක් රැගෙන ඇයට දී ඈ දුම්රියට නංවා, දුම්රිය පිටත් වූවාට පසුව ශෝකය සිතේ සිර කරගෙන යළි නිවසට පැමිණෙයි. ඉන් පසුව ඔහුට තෘප්තිමත් බවක් දැනෙයි.
සුමදි මුරුක්‌කු ටික් එක අතට ගත්තාය.
"පරෙස්‌සමින ගිහින් එන්න දුවේ. ගිය ගමන් ලියුමක් එවන්න එන මාසෙ එනකොට...." මව පැවසීමට අදහස්‌කළ දේ එක්‌වර ම ගිල ගත්තේ කිසියම් වැරැද්දක් සිදු වූ අන්දමිනි. ඈ මුහුණ පසෙකට හරවා ගත්තේ නොකිව යුතු දෙයක් ඉබේම මුවින් පිට වූයේය යන හැඟීමෙනි.
මවගේ පසුතැවිල්ල සුමදිට වැටහුණි.
"මම ගිහින් එන්නම් අම්මේ" කිසිවක් සිදු නොවූ අයුරින් සිනාසෙමින් පැවසූ සුමදි මවගෙන් සමු ගත්තාය.
කිසිවක් නො පැවසූ පියා. සුමදි සමඟ ගමන් කෙළේය. කුමක් හෝ කථා කළ යුතු යැයි ඔහු සිතුවේය. එහෙත් කථා කරන්නේ මොනවා දැයි ඔහුට සිතාගත නොහැකි වීය.
"ඔක්‌කොම හරියට තියෙනවා නේද දුවේ?" ඔහු දුම්රිය නැවතුම්පළේ දී ඇසුවේය.
"ඔක්‌කොම හරි තාත්තේ. තාත්තා කලබල වෙන්න එපා." සුමදි සිනාසෙමින් පිළිතුරු දුන්නාය.
දුම්රිය පැමිණෙන තුරුවාඩි වී සිටිය යුතු යැයි ඕ සිතුවාය. එහෙත් ඒ සිමෙන්ති බංකුවේ තරුණියක් වාඩි වී සිටියා ය. ඈ සුමදි මෙන් ම ළා බාල යුවතියකි. ඇය අතේත් සූට්‌කේසයක් තිබිණි.
"පව්... මෙයාටත් මට වගේ ම ද දන්නේ නෑ". සුමදි එසේ සිතුවාය.
දුම්රිය පැමිණියේය.
සුමදිට කාන්තා මැදිරියේ වාඩි වීමට අසුනක් ලැබිණි. ඇය පියා දෙස බැලුවාය. ඔහු වේදිකාවෙව් සිටගෙන පොත් සාප්පුව දෙස බලා සිටියේය. එහෙත් පියා උවමනාවෙන් ම පොත් සාප්පුව දෙස බලා සිටිනවා නොවන බව ඈ දැන සිටියාය. එක් වරම හඬන්නට ඕනෑයැයි ඇයට සිතුනි. එහෙත් ආයාසයකින් දත් තද කර ගනිමින් ඈ ඒ හැඟීම යටපත් කර ගත්තාය.
¥¥
පුදුමකි. කේසවන් එදින සේවය නිමකොට සවස 6.00 වන විට දී නිවසට පැමිණියේය.
"මොකද අද මෙච්චර ඉක්‌මනට?" සුමදි ඇසුවාය.
"ඔයා ආපු හින්දා තමයි" ඔහු එසේ පවසනු ඇතැයි ද එසේ පැවසිය යුතු යැයි ද ඕ අපේක්ෂා කළාය.
"අද කත්තෝරුවේ එක් කෙනෙක් මාරුවෙලා ගියා. ඉතිං අද එයාට සමුදීමේ උත්සවය නිසා කන්තෝරුවේ වැඩ හවස හතරට නැවත්තුවා". කේසවන් පිළිතුරු දුන්නේය.
"ඇයි ඉතිං ඔයා උත්සවයට හිටියේ නැද්ද?"
"මට මොනවටද ඒවා?" ඔහු පැවසුවේය.
මුරුක්‌කු ටින් එක දුටු වහාම ඔහුගේ මුහුණ විකසිත වීය. දින තුනකට පසුව නිවසට පැමිණි තම බිරිඳ සුමදි දුටු විටදී වත් ඔහුට මෙවැනි සතුටක් ඇති වූයේ නැත.
"මේ මෙසානවද ?... මුරුක්‌කු ද?"
"හම්"
ඒ ඇසුණ නැන්දම්මා නිවසින් පිටත සිට කෑ ගැසුවාය. "දැන් මුරුක්‌කු කෑවම ඊළඟට කෑම කන්නේ කොහොමද? පස්‌සේ ඔය මුරුක්‌කු කන්න පුළුවන්. මහ ලොකු මුරුක්‌කු... මේ ලෝකේ කොහෙන්වත් හොයා ගන්න බැරි කෑමක් නේ...."
මුරුක්‌කු ටින් එක දෙසට දිගු කළ කේසවන්ගේ අත එක් වරම පහතට එල්ලා වැටුණි. යම් හෙයකින් සුමදි අමෘතය ගෙන ආවේ නම්, "පුඃ ඔය මොනව ද? ඔය අමෘතය නේ... " යැයි නැන්දම්මා සමච්චල් සහගතව පවසනු නියතය.
සුමදිට, කේසවන් කෑම කා පැමිණෙන තුරුම පැවසීමට දෙයක් තිබුණේ නැත. ඔහු හා කථා කිරීමට ද ඇයට ප්‍රිය නොවුණි. සිත කතා කරන අන්දම විවෘත කර පෙන්විය යුතු ද? පෙන්විය හැකි ද?.... එහෙත් අද.... කතා කළ යුතු යෑයි ඕ තීරණය කළාය.
කෑම කා පැමිණි කේසවන්, ඇඳ විට්‌ටමට හේත්තු වී වාඩි වූයේය.
"ඔයාට යමක් කියන්න තියෙනවා." සුමදි පැවසුවාය.
"ඉතිං කියන්න" ඇඳේ හාන්සි වෙමින් කේසවන් පැවසුවේය.
නැන්දම්මා නින්දට ගොස් ඇති බව තහවුරු විමෙන් පසුව සුමදි කතා කරනනට පටන් ගත්තාය.
"හැම මාසෙකම මේ වගේ වුනාම මහ ගෙදර යන එක මට ලඡ්ජාවක්. එදා රික්‌ෂෝකාරයාත් ඇහුවා... මොකද නෝනා මහ ගෙදරට යන්නේ? කියලා... කෝච්චියේ යන්න ටිකට් ගන්න ගියා ම කවුන්ටරේ ඉන්න කොල්ලත් බලන බැල්ම ඉවසන්න බැහැ..... මිනිහත් මේක දන්නවද කොහෙද? අල්ලපු වත්තේ ලොකු අම්මා කොයි වෙලෙ මාව දැක්‌කත් එයාට මතක් වෙන්නේ ඒකමයි.. මේක හරි කැතයි... ඔයා අහගෙන ද ඉන්නෙ...?"
"හම්"
"මේක පිට මිනිස්‌සු දැන ගන්න ඕන කාරණයක් ද? මගේ ශාරීරික පෞද්ගලිකත්වය, රහස්‍යභාවය ගැන ඔයාටත් අයිතියක් නැන්ද? මට ඒකෙන් අවමානයක් වෙනවා නම් ඒක ඔයාට බලපාන්නේ නැද්ද කේසවන්?... මං හැම මාසෙම ඒ ගැන හිතල ම කලකිරෙනවා.... මේ අවමානය ලැඡ්ජාව නිසා මං මැරි මැරී උපදිනවා.... ඔයාටවත් බැරි ද නැන්දම්ම්මට මේ ගැන තේරුම් කරලා දෙන්න" සුමදි සුතේ සිරවූ වේදනාව මුදා හැරියාය.
කේසවන්ගෙන් පිළිතුරක් නැත.
"ඇහුණ ද ඔයාට....?"
කේසවන්ගේ මුවින් සිහින් ගෙරවුම් හඬක් නිකුත් වෙමින් පැවතිණ.
හැඟීම් අක්‍රීය වූ තත්ත්වයට පත් වූ බවක් සුමදිට හැඟුණි. විදුලි පහන නිවා දැමූ ඕ ඇඳේ වැතිරුණාය.
යළිත් ඊළඟ මාසයේ දී.... තවත් දින විසි අටකට පසුව... ඈ මහ ගෙදර යා යුතු වෙයි. හරියට ම දොළහට පිට වී රික්‌ෂෝවක නැඟී දුම්රිය නැවතුම්පළට ගොස් ටිකට් පතක් රැගෙන දුම්රියේ නැඟී ජනේලයක් අසල අසුනක වාඩි වී හිස කෙස් කළඹවමින් ගමන් කොට ගමේ දුම්රියපළෙන් බැස සිමෙන්ති බැංකුවේ ටික වේලාවක් වාඩි වී සිට නිවසට ගමන් කරද්දී පියා මඟට පැමිණ කැඳවාගෙන යද්දී.... ඔහු පිටුපසින් ගමන් කරද්දී.... ලොකු අම්මා සුමදි දෙස බලා....................
ඇයටත් නො දැනීම දෑසින් වැගිරුණ කඳුළු දෙකන් අසලින් ගලා විත් කොට්‌ටය තෙමා දැමුවේය. රාත්‍රී විදුලි පහනෙන් විහිදෙන මඳ ආලෝකයෙන් නැහැවී පසෙක නිදා සිටින තම සැමියා දෙස ඕ බැලුවාය. දෙ කකුල් නමාගෙන වකුටු වී කුඩා දරුවකු මෙන් ඔහු නිදා සිටියේය.
නොවරදවා ම ඊළඟ වතාවේදීත් බූරුවෙක් වැනි ඒ දුම්රියට ස්‌තුති කළ යුතු යැයි සුමදි සිතුවාය.
ඔහු නිවසෙන් පිටත් වන්නට පෙර, සූ මෙසේ ඇසුවාය:
“ඔයා උදේ වෙන්න කළියෙන් එන්නෙ නෑ නේද, ප්‍රියාදරය?”
ඔහු බලාපොරාත්තු සුන් වූ ලෙසකින් හිස වැනුවේ ය. මන්ද ඒ ප්‍රශ්නය ඔහුට බොහෝ වතාවක් ඇසී ඇත. ඇය තව දුරටත් එසේ අසන්නේ නැත්නම් යැයි සිතී ඇති වාර අනන්තය. ඇය කිසි විටෙකත් කිසිම දෙයක් ගැන පැමිණිල්ලක් නොකළා ය. ඇයගේ නිල් පැහැති ඇස් ඔහු දිහා නිහඬව සංසුන්ව බලා සිටියහ. ඒත් ඔහුට ඇයගේ කටහඬේ යම් දුකක් ගැබ් වී ඇතැයි, අවලාදයක් මුසු වී ඇතැයි සිතිණ. ඒත් අද රාත්‍රියේ, ප්‍රශ්නයත් ස්වරයත් යම් විලසකින් වෙනස් යැයි ඔහුට දැනුණි. සූ එතරම් ගණනක් නොගන්නවා වැනි ය. ඇය නැවතත් මෙසේ ඇසුවාය:
“ඔයා උදේ පාන්දර වෙනකම් එන්නෙ නෑ නේද?”
“දෙයියෝ තමා දන්නෙ, ප්‍රියාදරිය,” ඔහු නිදහසට කරුණු කීවා ය. “මමත් ඒකට කැමති නැහැ ඔයා වගේ ම. ඒත් රස්සාවක් කියන්නෙ රස්සාවක්.”
ඔහු නොයෙකුත් වතාවල් වල දී නොයෙකුත් ආකාර වලින් පැහැදිලි කර ඇත. නැව් බඩු පටවන ගබඩා වැඩපොලක සේවය කරනා ලිපිකරුවෙකුට තමන් වැඩ කරන කාල වේලා මොනවා දැයි තීරණය කරන්නට බැරි ය. ඉතින් ඔහුට තෝරා ගන්නට රස්සාවල් නැති හෙයින්, ඔහු රෑ වැඩ කළ යුතුය. හැම සවසකම වැඩ නිමා වී ගෙදර එන සැමියන් ඇති කාන්තාවන් දිහා ඈ බලනා අයුරු ඔහු දැක ඇත. දවසේ වැඩ අවසන් වී ඔවුන් දීප්තියෙන් බැබළෙන ලාම්පුවක් යට එළිය ඇති මේසයක වාඩි වී රාත්‍රී ආහාර ගනිති. තම නිවහන සූ විසින් ඉතා ලස්සනට තබා ගන්නේ වියදම් කරන්නට මුදලක් නැතිවය. ඔවුන් කුලියට ජීවත්වෙන අඳුරු පැල දීප්තිමත්, උණුසුම් පුංචි හාස්කමක් බවට හැර වී ඇති බවත්, කුස්සියේ රතු හා සුදු කොටු වැටිච්ච පැහැපත් කුඩා දීසි පේලියක් ඇති බවත්, ඒවා අතරින් තම සෙල්ලම් බඩු සමඟින් සෙල්ලම් කරන දරුවෙක් සේ සතුටින් සිහින් ඇඟකින් හා බ්ලොන්ඩ් හිසකෙස් වලින් යුතු වූ සූ කැඳ දැමූ රතු හා සුදු කොටු වැටිච්ච විහිදෙන ගවුමක් ඇඳ සිටිනා බවත් ඔහු නොදකියි. එය ඔවුන් විවාහ වූ පසු ගෙවෙනා තුන්වැනි වසරයි. ඔහු මෙතැනට පළමුවෙන් ආවේ විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබි විට. තැන තැන ඉරි තලා ගිය තීන්ත පහරින් යුතු පාළු කාමර වලට තම තරුණ මනාලිය ගෙනෙද්දී ඇයට දෙන්නට කිසිවක් ඔහු සතු නොවීය. ඔවුන් ඉදිරියේ වූයේ මාස අන්තිමේ දී ගෙවා ගත නොහැකි කුලියයි. ඒ දවස් ගැන හිතද්දී ඔහුගේ තොල් බරපතල බවකින් පියවුණි.
“මේ රස්සාව මම කොහොම හරි අල්ල ගෙන ඉන්න ඕන, රත්තරනෙ. ඔයා අකමැති වුනත්. මාත් ඒකට අකමැතියි. ඒත් ඉස්සර අපි ගෙව්ව ජීවිතය ආයෙත් ගෙවන්න මම ඔයාට ඉඩ තියන්නෙ නැහැ.” ඔහු කීවේය.
“ඔව්,” සූ කීවාය. “සැබැවින්ම.” ඒත් ඇයගේ බැල්ම ඔහු පසුකරගෙන ගොසිනි. ඔහුගේ වදන් නෑසෙනා සේය.
ඇයව සිපගත් ඔහු ඉක්මණින් දොර වෙතට ගියේය. එහෙත් සූ ඔහුව නැවැත්වූවාය.
“ලැරී,” ඇය ලයාන්විතව ඔහුට මතක් කළාය, “අද සෙනසුරාදා.”
ඔව්, එය සෙනසුරාදාය. ඔහුට අමතකව ගොස් තිබිණ. නෝට්ටු රඳවනය අතට ගත් ඔහු ඇයට සතිපතා දෙන මුදල් ඇය අත තැබීය. ඒ නෝට්ටු රඳවා ගත් අත වෙනදාට වඩා උත්සුක වූවකි.
අනතුරුව ඇය ඔහු දිහා බලා සිනාසුනාය.
ඇයගේ සතුට පිරි, තක්කඩි වැඩක් කළා යැයි පෙන්වන සිනාව, ඇයගේ දෑස් බබළවන්නටත්, එයින් ඇයගේ අහිංසක හා විවෘත බව දිස්කරන්නටත් සමත් විය. ඔහු පිටත් වී ගියේය.
චාම්, පිළිවෙලකට හැඳි සිය අළු කබායේ කොලරය ඔසවා ගත් ඔහු සිහින් පොද වැස්සේ වීදියේ ගමන් ගති. ඔහු වරක් ආපසු හැරී බැලුවේය. ඒ පසුතැවිල්ලෙනි. දොර උඩින් වූ ලාම්පුව දිහා හේ බැලුවේය. එයින් දිස් වූ නොම්මරය දිහා බැලුවේය. අංක 745, ඔහුගේ අංකය, ඔහුගේ නිවස, අංක 745, ග්‍රාන්ට් වීදිය. ඉක්බිතිව ඔහු ඉක්මණින් උමං දුම්රිය පොළ වෙත පියනැඟුවේය.
ග්‍රෑන්ඩ් සෙන්ට්‍රල් හි පොදි ගැසි ජනතාව පිරුණු වේදිකාවට බට ඔහු නික්ම යන දොරටුවක් සොයා ගියේ නැත. ඔහු ඉක්මණින් ගියේ ගමන්බඩු රඳවන අල්මාරි ඇති ස්ථානයටයි. එයින් අල්මාරියක් ඇර පිළිවෙලකට තැබි සූට්කේස් එකක් අතට ගත් ඔහු පිරිමි වැසිකිළි සොයා ගියේය. මිනිත්තු පහළොවකින් ඔහු එයින් පිටතට පිවිසීය. එහි වූ කළු තරබාරු සේවකයා ගෞරවය මුසු ප්‍රශංසාවෙන් ඔහු දිහා බැලුවේය. සිහින් උස් සිරුරකින් යුතු වූ ඔහු සන්ධ්‍යා සාදයකට යන සම්පූර්ණ ඇඳුම් කට්ටලයක් හැඳ සිටියේය. දිළිසෙන සපත්තු අග සිට පැත්තකට ඇල වී රැඳී වී තිබුනු පැහැපත් උස් තොප්පිය හුවා දැක්වූයේ සුන්දර සන්ධයාවක් ගෙවන්නට යන ලෝකයේ ප්‍රීතියෙන් කල් ගෙවනා කඩවසම් තරුණයෙකි. ඔහු වැඩ කරන්නට අඳින චාම් ඇඳුම් පිරි සූට්කේසය නැවත ගමන්බඩු රඳවන අල්මාරියේ තැන්පත් කළේය. ඇඟිලි එකිනෙකට සෙමින් ගසා සද්දයක් පිට කළ ඔහු නික්ම යන දොරටුවක් වෙත ගියේ ඉක්මණකින් නොවේ. සැහැල්ලුවෙනි.
පාර්ක් ඇවනියු හි මහේශාක්‍ය දොරටුවක් අසල වූ රත්තරන් පාට පටි පැළඳි මුරකාරයෙක් කාලයක් දැන හඳුනන බව පෙන්වන ගෞරවයකින් ලැරී වෙත නැවී ආචාර කළේය. කිසිවක වැදගැම්මක් නොතකන විලාසයකින් ලැරී සෝපානය වෙතට ගියේය. ආනුභාසම්පන්න දොරක් ඉදිරියේ ලැරීගේ සතුටු සිනාව නැවතිණ. එහි නාම පුවරුව: ක්ලෙයාර් වෑන් නස් එස්කෝර්ට් කාර්යාලය.
ලැරී මේ ස්ථානයට අකමැතිය. මේ රස්සාවට අකමැතිය. සෑම සන්ධ්‍යාවකම, හැම රාත්‍රියක් පාසා ම, ඔහුට තරබාරු වංශවත් අවිවාහක ස්ත්‍රීන්ව, මෝඩ, කිසිත් කාරණාවක් නැතිව හිනාවෙන පිටගම් වලින් පැමිණි වැන්දඹු කාන්තාවන්ව, රාත්‍රී සාද, සංග්‍රහ සහ නැටුම් සඳහා එක්ක යන්නට සිදුවේ. ඔහුට ආචාරශීලීව නැවෙන්නට සිදුවේ. සිත්කළු ලෙසින් සිනාවෙන්නට සිදුවේ. මිලියනපතිවරයෙක් සේ සුළු සන්තෝසම් මුදල් වේටර්වරුන් වෙත දෙමින් නටන්නට ද සිදුවේ. කිසිත් කමකට නැති කතාබහින් කාලය ගෙවන්නට ද, කිසිත් කමකට නැති කතාබස් අසා සිටින්නට ද සිදුවේ. ඔහුගේ සිතුවිලි සැතපුම් ගණන් දුර දුවද්දී, නිහඬ කුඩා කාමරයක තනි සෙවනැල්ලක් වැටෙනා ලාම්පුවක් යටින් සිටිනා සූ මතක් වෙද්දී, කිව්වේ මොකක් දැයි මතක් කරගන්නට සිදුවේ.
මේ බව සූ නොදන්නා එක වැදගති.
ඇය කිසිදවසක මෙය දැනගනු නොමැත. තමන් රස්සාවට කරන්නේ මෙය යැයි ඇය දැන ගන්නවාට වඩා ඔහු මිය යන්නට වඩා කැමතියි. මෙය වැදගත් රස්සාවකි. ඔව්, ඉතා වැදගත් රස්සාවකි! මිස් වෑන් නස් ඒක වගබලා ගන්නීය. එහෙත් ඒක පිරිමියෙකුට සුදුසු රස්සාවක් නොවේ යැයි ලැරීට සිතේ. එහෙත් ඔහු ස්තූති පූර්වක විය යුතුය. මන්ද එය රස්සාවකි. එයින් ග්‍රාන්ට් වීදියේ 745 දරණ කුඩා නිවස පවත්වා ගෙන යන්නට හැකිය.
සූ කිසිදිනෙක ඔහුගේ කැප කිරීම ගැන දැනගත යුතු නැත. මෙවැනි රස්සාවක් කරනවා යැයි දැනගත්තොත්, කුලෑටි, නිහඬ සූ, කිසිදා රාත්‍රී සමාජශාලාවක් දැක නැති සූ, බියට පත්වනු නිසැකය. මුලින්, ඇයව රාත්‍රියේ එළියට ගෙන යන්නැයි ඇය යටහත් පහත්ව ඉල්ලා සිටියාය. එහෙත් ඔහුගේ කෝපය හමුවේ ඇය ඒ ගැන නැවත කතා කළේ නැත. නැවත ඉල්ලුවේ නැත. එවැනි නපුරු, හඬින් පිරුණු තැන්වලට ඇයව කිසිදිනෙක ඔහු එක්කගෙන යන්නේ නැත. ඔහුව හොඳින් හැමෝම දන්නා තැන්වලට. ඔහුගේ රස්සාවත් හැමෝම දන්නා තැන්වලට. අනික, මේ දිළිසෙන ලෝකය, ජෑස් සංගීතය, වේටර්වරු ඔහුට එපා වී ඇත.
ඔහු සුසුම් හෙලුවේය. උරහිස් කෙලින් කරගෙන රාත්‍රී කාර්යයන් අරඹනු පිණිස මිස් වෑන් නස්ගේ කාර්යාලය වෙත පා නැඟුවේය.
ලැරී නිවසින් පිටත් වී ගිය පසු, වැසුණු දොර දිහා සූ දිගු කාලයක් හිටගෙන බලාගෙන උන්නාය. ඇයගේ අතේ සල්ලි නෝට්ටු හිර වී තිබුණි. අනතුරුව ඇය කුස්සියේ ලාච්චු අස්සේ සැඟවී තිබි කුඩා ටින් පෙට්ටියක් එළියට ගත්තාය. ඇයගේ රහස් කැටයට අන්තිම ඩොලරය එකතු කළාය. දැන් එහි ඩොලර් සියයක් එකතු වී ඇත. හරියටම සියයක්. ඇය බලාපොරොත්තුවෙන් සිටි රාත්‍රිය මෙයයි.
ගෙදර වියදමට දුන් මුදල් වලින් ඉතා ප්‍රවේසමෙන්, ඉතා දුෂ්කර ලෙසින් ඇය ඉතිරි කරන්නට සමත් වූවාය. දැන් ඇය සූදානම්ය. ඇය අල්මාරිය වෙත ගොස් සන්ධ්‍යා ගවුමක් එළියට ගත්තාය. එය ලස්සන නිල් පැහැයෙන් වූ දිළිසෙන ගවුමකි. වසර දෙකකින් ඇය එය කිසිම තැනකට හැඳ නැත. එය ඉතා ප්‍රෙව්සමෙන් ඇය ඇඳ මත දිග හැරියාය. ඒ දිහා බලා සිටියේ සතුටිනි. එක රාත්‍රියකට, එක රාත්‍රියක් පමණකට, ඇය එය අඳින්නටත්, එය හැඳ නටන්නටත්, සිනාවෙන්නටත්, නිව්යෝර්ක් පැමිණ පසු නිතර අහන්නට ලැබෙන රාත්‍රී සමාජශාලාවක දිළිසෙන ලයිට් බලන්නටත් ඇයට හැකිය. ලැරීව රවටනවා යැයි ඇයට සිතුණි. ඒත් ඒක කිසිත් වරදක් නොවන රැවටීමක් නේද! කුඩා කාලයක් පමණක් නටන්නට, අහිංසක විනෝදයක් ලබන්නට, ලැරීට වටහාගත නොහැකි වූවකට, මහන්සියෙන් වැඩ කරන ලැරී කිසිසේත්ම සිතන්නේ නැති වූවක් කරන්නට … ඇය ලැරීට ඉතා ආදරෙයි. ඔවුන්ගේ පුංචි ගෙදර ගැන ඇයට ඇත්තේ මහත් සතුටකි. ඒත් ඇය ගෙවනා ඒ පාළු සන්ධ්‍යාවන් ඉතා දීර්ඝය. ඇය තවමත් තරුණය. ඇය හැඳ සිටිනා නිල් ගවුමෙන් ඇය ඉතා පියකරු යැයි පෙනේ. එක රාත්‍රියක් පමණක් … එහි වරදක් නැහැ, ලැරී දැනගන්න අවශ්‍ය නැහැ.
කවුරු හරි පිරිමියෙකු හා ගියොත් ඒක වෙන දෙයක්. ඇය එහෙම යනවා නෙමෙයිනෙ. ඇය තමන් වෙනුවෙන් ගෙවලා තමයි යන්නෙ. ඒක හරියට කරන්නෙ. ඩොලර් සියයක්, එක හිතුවක්කාර පිස්සුවකට. එය ආරක්ෂා සහිතව සහ වැදගත් විදියට සකස් කරගන්නා හැටි ඇයට ඇසී තිබුණි. ඇයගේ හදවත ස්පන්දනය වෙනවා ඇයට දැනුණි. ඇය දුරකතනය වෙත ගියාය.
පාර්ක් ඇවනියු හි කාර්යාලයේ කාර්යක්ෂම ලේකම්වරියක් තම මේසය ඉදිරියේ සිටගෙන ඉන්නා ලැරී ඩීන් දිහා බැලුවාය.
“ඔයාගේ අද කාර්යය, මිස්ට ඩීන්,” ඇය කීවාය, “රාත්‍රි භෝජනය, නැටුම්, නගරයේ හොඳම තැනේ දී, සම්පූර්ණ සන්ධ්‍යා ඇඳුම් කට්ටලයෙන්. පැයකින් ඔබ ගිහින් මුණගැහෙන්න ඕනා, මිසිස් ඩීන්ව -ඥාතියෙක් නෙමෙයි නේද?- ස්ථානය අංක 745, ග්‍රාන්ට් වීදිය.”
ග්‍රහචාරය
ආරවුල් ඇතිකරගැනීමෙන් වලකින ලෙසත් අනවශ්‍ය පැටලිලි වලට නොයන ලෙසත් ඔහුට තදින්ම අවවාද කෙරුනි. මේ දිනවල ඔහුගේ ග්‍රහචාරය හොඳනැත. සියලුම ග්‍රහයන් නීච වී ඇත. ඔහුගේ ඉතාසුළු ප්‍රකාශයක් වුව මහ ආරවුලකින් කෙලවරවිය හැක. එනිසා කට පරිස්සම්කරගැනීම සුදුසුය. ඔහු ගැන කලින් කිවු සියළුම අනාවැකි හරි ගියේය. විස්තර කළ නොහැකි ලෙස ඔහු හොඳටම බියවී ඇත. විශාල රන්බඩු වෙළඳසැලේ කොනක වාඩිවූ ඔහු දවස පුරාම ගනන් එකතු කළේය. වෙළඳසැලේ ගිණුම් සකස් කරන්නේ ඔහුය. දවස අවසානයේ ඔහු පිටව ගියේය. ගමන අතර මගදී සිය නිවස ආසන්නයේ පිහිටි මිතුරාගේ නිවසට ගොඩවිය. මිතුරා සමග සතුටුසාමීචියට ඔහු ප්‍රිය කළේය. මිත්‍රයා හඳහන් බැලීමට සහ අනාවැකි කීමට රුසියෙකි. මිත්‍රයා ඉඳහිට ඔහුටද නොමිලයේම අනාවැකි පවසයි. ඔහුට කිවු අනාවැකි ඒ ආකාරයෙන්ම සිදුවුනි."සති දෙකක පමන කාලයක් ඔබට මුදල් ප්‍රශ්ණයක් ඇතිවෙනව. ලැබෙන්න තියෙන මුදල්වත් වෙලාවට ලැබෙන එකක් නෑ." එය එසේම සිදුවිය. ගමේ ඇති ඔහුට අයත් කුලියට දී ඇති ගෙදරින් ලැබෙන කුලිය වෙලාවට නොලැබුනි. ලිපිනය ලියද්දී සිදුවූ සුලු වැරැද්දක් නිසා ලිපිය ඔහු අතට පත්වූයේ මුලු ඉන්දියාවම පුරාම ගමන් කිරීමෙන් පසුවය.සෙනසුරු අපලෙ නිසා ගෙදර හැමෝම ලෙඩ වෙන්න පුලුවන්. මිතුරා තවත් විටෙක පැවසීය. ඔහුගේ වයසක අම්මාගේ සිට මාස හතරක් වයසැති අත දරුවා දක්වාවූ සියලුදෙනාටම ඊලඟ සතියේ උන සහ හෙම්බිරිස්සාව වැළඳුනි. ඔහුද ඇඟේ මහන්සියට නිවාඩුවක් ගැනීමට සිතුමුත් රත්රන් බඩු සාප්පුවේ අයිතිකරුගෙන් එයට ඉඩ නොලැබුනි.අලුත්ම අනාවැකියනම් මිතුරා ඊයේ සවස කිවූදේය."මම හිතනවා ඔබේ අපල කාලය ගෙවෙන්න ලඟයි. ඉක්මනින්ම හොඳකාලයක් ලබනවා. නමුත් හෙට සඳුද දවසම පුලුවන් තරම් පරිස්සමෙන් කතාකරන්න. කතා නොකර ඉන්න තරමට හොඳයි. ඔබ කියනදේ වැරදියට ඇහිල එහෙමත් නැත්නම් අනුන් කියනදේ ඔබට වැරදි විදියට ඇහිල ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඒහින්ද කතාකරන එක පුලුවන් තරම් මග හරින්න. කට පරිස්සම් කරගන්න."ඇඳේ වැතිරී සිටි ඔහු දෑස් විවරකළ වහාම තමාටම කතාකරගත්තේය. අද කාඑක්කවත් කතා කරන්න හොඳනැහැ. වචනයක් වැරදුනොත් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. හිමින් සීරුවේ ඇඳෙන් බැසගත් ඔහු කුඩා දරුවාගේ කම්මුල මිරිකීය. අනෙක් දරුවාගේ පිටට තට්ටුවක් දැමීය. හත්හැවිරිදි පුතා පාසල්යාමට අදිමදි කරයි. ඔහුට බැනීමට කට ඇරිය මුත් වචන පිට නොකළේය. දරුවාට දෙවියො බැලුවාක් මෙනි."ඇයි ලමයින්ට ඕන විදියට වැඩකරන්න දෙන්නෙ?" බිරිඳ ඇසුවාය.හිස යාන්තමට සෙලවූ ඔහු නාන කාමරයට ගියේය. දියණිය නාන කාමරයේය. ඇය පැයකටවත් එලියට නොඑනු ඇත. වැඩට යන වෙලාවට නනකාමරයට නොයන ලෙසට ඇයට කොතරම් අවවාද කලත් වැඩක් නැත. ඔහු දොරට දෙතුන්වතාවක් තට්ටු කලේය. ප්‍රතිචාරයක් නැත. දොරදෙස රවාබැලූ ඔහු මිදුලේවූ පයිප්පය ලඟට ගියේ ය. පෙරදින රාත්‍රියේ ආහාර ගැනීමේදී ඔහු හිස එසවූයේ නැත. කිසිම කතාවක් නැත. බිරිඳගේ ප්‍රශ්ණ වලට ලැබුනේ ඔව් නෑ බෑ පිලිතුරු පමනි. ඔව් නෑ බෑ තරඟයක් මෙනි.රැකියාවට යන අතරමගදී පදිකවේදිකාවේ නැවතී කාගෙන් හෝ බුලත් විටක් ඉල්ලා ගැනීමේ සිරිතක් ඔහුට විය. උදේ පාන්දරින්ම ට්‍රෑම් එකට යන අයෙකු ලෙස මිනිසුන්ට හැඟෙනසේ ඔහු හැසිරුනේය. අද කාගෙන්වත් බුලත් විටක් නොඉල්ලූ ඔහු කවුරුන් හෝ බුලත් විටක් දෙන තුරු බලා සිටියේය. ඉල්ලීමකින් තොරව හැමදාම දෙනවිදියට බුලත්විටක් දෙන්න අද ඔවුන්ට ඕනැකමක් නැත්නම් බුලත් නොකෑමට අදිටන් කරගත් ඔහු පාරට බැස්සේය.ට්‍රෑම් එකේ සෙනග පිරී ඇත. මගියෙක් ඔහුගේ කකුල පාගාගෙන සිටියි. ඔහු ඉවසා සිටියේය. එහාමෙහා යන කොන්දොස්තර ඔහුව පැත්තකට තල්ලු කලේය. එකතැන හිරවී සිටිතැයි ඔහුට ඉතා පහත් ලෙස බැන වැදුනේ ය. ඔහු නිශ්ශබ්දව සිටියේය. වෙනදා පාස් කිව් පමනින් ඉවත්ව යන ටිකට් පරීක්‍ෂක වරයා, අද පාස් එක පෙන්වන ලෙස බල කළේය. ඔහු ඉතාමත් අපහසුවෙන් සාක්කුවට අතදමා අතපතගා පාස් එක සොයන අතරතුරෙදී ටිකට් පරීක්‍ෂක වරයා නොරිස්සුම් සහගතව දිගින්දිගටම බනින්නටවිය. ශාස්ත්‍රි කට ඇරියේ නැත. කේන්තිය ගිල ගත්තේය. ආගම වෙනුවෙන් දිවිපුදන්නෙකුසේ සියලු දුශ්කරතා ඉවසාසිටියේය.ඔහු ප්‍රමාද වූයේ විනාඩි දෙකකි. ඒ වනවටිත් අයිතිකරු පැමින සිටියේය. අයිතිකරුගේ බැල්ම පැය දෙකක් ප්‍රමාද වී පැමිනියාක් මෙනි. සියළු චෝදනාවලට ඉවසීමෙන් කන්දෙමින් ශාස්ත්‍රි අයිතිකරු ඉදිරියේ ගොලුවෙකුසේ හිට ගත්තේය."මොකද හිටි පිලිමයක් වගේ කතා නැතුව හිටගෙන ඉන්නෙ? බොහොම පහසු ඇති ඔහොම ඉන්න." ඔහු දෙස බැලූ අයිතිකරු කෑගැසීය."මොන යකෙක් වැහිලද අද?" කටින් එලියට පැනීමට ආ වචන ටික ශාස්ත්‍රි ගිලගත්තේය. කෙඳිරියක් පමණක් පිටවීය."ආ... මොකක්ද කීවෙ? ” අයිතිකරු ඇසීය."මොනවද...... ආ දැන් වෙලාව කීයද සර්" ඔහු ට කියවුනි.
"මගෙන්ද වෙලාව අහන්නෙ. මට කේන්ති එන්න කලින් ගිහින් වාඩිවෙනව ශාස්ත්‍රි."ශාස්ත්‍රි තමන්ගෙ තැනට ඉක්මනින් පැනගත්තේය. වැඩපොලේ සුපුරුදු දිනචරියාව ඇරඹුනි. සේවකයෙකු ෂෝකේස් පිසදමා සකස්කර ඒවා නියමිත තැන්වල තැබීය. මිළ අඩු ලාභබඩු සේම ඉතාවටිනා ස්වර්ණභරණද මිලදී ගැනීමට සහ විකිණීමට මිනිසුන් පැමිනියේය. අයිතිකරුගේ මුහුණට සිසිල් පවන් සලමින් කුඩා විදුලි පංකාව ශබ්දනගමින් කැරකෙන්නට විය. අයිතිකරුගේ බාලපුතා පැමින අමතර වියදම් සඳහා මුදල්ඉල්ලා කරදර කර මුදල් රැගෙන ගියේය.සාප්පුවේ කොනකටවන්නට පිහිටි ඔහුට අදාල තැන ශාස්ත්‍රි වාඩිවිය. ඔහු නොපෙනන තරමට ගිණුම් පොත් ඔහුවටා විය. ගිණුම් පොතේ මෙතෙක් එකතුකළ පේලි ප්‍රමානය අනුව ඔහු වෙලාව අනුමාණ කළේය. දෙකටවත් ලංවෙලා ඇති. තව පැය අටක්වත් ඉන්නවෙයි වගේ දවසෙ වැඩ ඉවරකරන්න."මේ දියමන්තිය එලියටඅරන් ඒක ප්ලැටිනම් ලෝහයෙන් බඳින්න පුලුවන්ද?" ශාස්ත්‍රි ඉදිරියේ සිටගත් ගනුදෙනුකරුවෙක් එතරම් නොවටිනා ආභරණයක් පෙන්වා ඇසීය. ඕනෑවට එපාවට මෙන් ආභරණය දෙස බැලූ ශාස්ත්‍රී "අන්න අතනින් අහන්න" යැයි කවුන්ටරයක් පෙන්වීය."එතනට යන්න මම දන්නවා. ඉස්සරල මගේ ප්‍රශ්ණෙට උත්තර දීල ඉන්න." ගනුදෙනුකරු තරහින් පැවසීය. ශාස්ත්‍රි හිස වැනුවේය.මේ ගැන කිසිමදෙයක් දන්නෙ නැහැවගෙයි පේන්නෙ."මං කිසි දෙයක් දන්නෙනෑ" ශාස්ත්‍රී කීවේ ය."එහෙනම් මෙතනින් අස්වෙලා පලයන්." එසේ කෑගැසූ ගණුදෙනුකරු, අයිතිකරු ලඟට ගොස් ඔහු ඉදිරිපස වාඩිවිය."ශාස්ත්‍රී මෙහාට එනවා." අයිතිකරු කෑගැසීය."එනව සර්." හිස නොඋස්සාම ශාස්ත්‍රී පිළිතුරු දුන්නේය.ගිණුම් පොතේ එකතුකරමින් සිටි පිටුවේ තව පේලිතුනක් එකතුකිරීමට ඇත. දැන් නතරකලහොත් නැවතත් මුල සිටම එකතුකිරීමට සිදුවේ. ඔහු දිගටම ගනන් එකතු කලේය. අයිතිකරුගේ ඉවසීමේ සීමාව ඉක්මවාගොස් බෙරිහන්දෙන්නට විය."මම කතාකරාම පෑන තියල මෙහාට එනව. එනවද නැද්ද?"තව එක පේලියක් ඉතුරුව ඇත. මෙම පේලිය මගහැරුනොත් සවස්කාලයම ගිණුම්පොතේ එල්ලී සිටීමට සිදුවනු ඇත. අයිතිකරු දිගටම කෑගසයි. පොතෙන් මොහොතකට ඇස ඉවතටගත් ශාස්ත්‍රී ඔලුව උස්සා බැලීය. අයිතිකරුගේ මුහුණ කේන්තියෙන් රතුවී ඇත. වචනයක්වත් නොදෙඩූ ශාස්ත්‍රී ගනන් එකතුකිරීම අවසන්වනතුරු නොනැගිටීමට තීරනය කලේය. ඔහු කලබල නොවී බිහිරෙක් සේ දිගටම ගනන් එකතුකළේය. මදවේලාවකට පසු ඔහු සිය ස්වාමියා ඉදිරියේ සිටගත්තේය. මේසය මත තිබෙන ලිපි ලේඛණ සුළඟට යෑම වැලැක්වීම සඳහා බරට තබන ඊයම් බෝලය අයිතිකරුගේ අතෙහි විය. මිනිහ මට ඒකෙන් දමල ගහන්න හැදුවද දන්නෙ නෑ. එසේ සිතු ශාස්ත්‍රී නොසැලී සිටියේය.කරදරකාර ගනුදෙනුකරු පහසුවට වාඩිවී සිදුවනදේ ගැන ඉතා ආසාවෙන් සහ කැමැත්තෙන් බලාසිටියේය. ඔහු දෙස බැලූ ශාස්ත්‍රීට සිදුවන සියල්ල තමාගේ ආත්මගරුත්වයට හානිදායක බව සිතුනේය.මට රුපියල් පනහක් ගෙවන්නෙ පිනට නොවෙයිනෙ. මම වහලෙක් වගේ වැඩකරනව. මට නිග්‍රහ කරන්න මාව සවුත්තුකරන්න බොස්ට තියෙන අයිතිය මොකක්ද. එසේ සිතු ශාස්ත්‍රීට සියල්ල එපාවිය. කේන්තිය ඉහවහා ගියේය. ඔහුගේ ඇස්බැමි නටන්නට විය."මොකටද ඕක අතට ගත්තෙ?" අයිතිකරු අතතිබූ ඊයම් බෝලය දෙස බලමින් ඔහු ඇසීය."මෝඩය. උඹට ඒකෙන් වැඩක් නැහැ. උඹ උඹේ වැඩක්බලාගනින්. අද මොනවද උඹට වෙලාතියෙන්නෙ?" අයිතිකරු බැනවැදුනේය."අඬගැහුවම වෙලාවට එන්න බැරි ඇයි?"කේන්තිය පුපුරා යාමට ආසන්නව සිටි ශාස්ත්‍රි තම ආවේගය අමාරුවෙන් මැඩ පවත්වා ගත්තේය."මම ගනන් එකතුකරමින් හිටියෙ සර්." තම කේන්තිය පාලනය කරගනිමින් ශාස්ත්‍රි යටහත්ව පැවසීය."අඬ ගැහුවම එන්න දැනගන්න. ඇයි මේ මහත්තයට නරක විදියට තදින් කතා කලේ?""මම එහෙම කලේ නැහැ." ශාස්ත්‍රි හෙමින් කීවේය."මම බොරු කියනවයි කියලද කියන්නෙ?" ගනුදෙනුකරු රවාබලමින් කෑගැසීය.ශාස්ත්‍රි තමාගේ කටට ආ උත්තරය ගිල ගත්තේය. අනෙකාට රිදෙන්නට පාරක් ගැසීමට සිතුනමුත් මිත්‍රයාගේ අවවාදය සිහිවීමෙන් නිහඩ විය. කට පරිස්සම් කරගන්න...."ශාස්ත්‍රි මම අවසාන වතාවට අවවාද කරන්නෙ. ගනුදෙනු කාරයින් ට මිත්‍රශීලීව හොඳින් සලකන්න ඕන. එහෙම බැරිනම් මෙහෙන් අස්වෙලා යන්න පුලුවන්." ඔහු දෙස බලමින් බොස් පැවසීය."මම ප්ලැටිනම් ගැන දන්නෙ නැහැයි කියන එක විතරයි කීවෙ.""මට ඒව වැඩක් නැහැ. මේ සාප්පුවෙ වැඩකරන හැමෝම ඕනෑම අංශයක දෙයක් ගැන විස්තර කරන්න ගනුදෙනු කරුවො අහන ඕනෑම ප්‍රශ්ණයකට උත්තර දෙන්න දැනගන්න ඕන. එහෙම බැරි අයට මා ලඟ රක්‍ෂාව නෑ. උඹට තේරුනා නේද?" ශාස්ත්‍රි ආපසු යන්නට හැරුනේය."මට දැනගන්න ඕනවුනේ මේක ප්ලැටිනම් වලින් හදන්න පුලුවන්ද කියල විතරයි. ඒවගේ පොඩිදෙයක් ගැනවත් එයාට උත්තර දෙන්න බැරිද?" ගනුදෙනුකරු නැවතත් කීවේය."එච්චරද ඇහුවෙ. පොඩිලමයෙකුට වුනත් ඒකට උත්තර දෙන්න පුලුවන්." බොස් ගේ හඬ ශාස්ත්‍රිට ඇසුණි."ශාස්ත්‍රි මෙහෙ එනවා" ශාස්ත්‍රි නැවතත් අයිතිකරු ඉදිරියේ හිට ගත්තේය."ප්ලැටිනම් ගැන මොනවද දන්නෙ?""මම කිසිදෙයක් දන්නෙ නෑ සර්.""උඹ මටද කියන්නෙ? හරි ආපහු වැඩකරන තැනට යන්න පුලුවන්. මම උඹ ගැන බලාගන්නම්. මගේ දෑහට නොපෙනි ඉක්මනට පලයන්."ශාස්ත්‍රි ලැජ්ජාවෙන් ආපසු හැරුනේය."මේ කොල්ලො හරිම මුරණ්ඩුයි මේ කාලෙ." ගනුදෙනු කරු පැවසූදෙය ශාස්ත්‍රිට ඇසුනි. "මේ ඔක්කොම ඔවුන්ගෙ වෘත්තිය සමිති නිසා. මම ඔබට කියන්නෙ. මම ඒවගැන අවශ්‍ය කටයුතු කරලයි තියෙන්නෙ. ඒත් තවමත් ඒවගැන කල්පනාවෙන් සුපරික්‍ෂාවෙන් ඉන්න ඕන."සාප්පුවෙ කොනක වූ තමාවැඩකරන තැන ශාස්ත්‍රි වාඩිවිය. නැවතත් ගිණුම් පොතට හිත යොමුකිරීමට උත්සාහ කලත් වැඩකටයුතු කලින් මෙන් නිසිලෙස සිදුනොවීය. ඔහුගේ හිතට වදදෙන කරුණක්විය. මෝඩයෙක් ඇවිත් දවසම කාලකණ්නි කළා. ඒ මෝඩය නිසා මට හැම අපහාසයක්ම විඳින්න වුනා. මම මෙතන අවුරුදු විස්සක් වැඩකරල තියෙනව.තම අවශ්‍යතාවය නිමකරගත් ගනුදෙනුකරු ආපසු යනගමන් ශාස්ත්‍රි දෙස සමච්චල් බැල්මක් හෙලා උජාරුවෙන් ඉවත්ව ගියේය.වහාම අහක බැලූ ශාස්ත්‍රි පොතට ඇස් යොමුකලේය. "මේ මිනිහ මට අරියාදුකරන්නම ඉපදුනු එකෙක් වගේ. මිනිහ කවුද කියලවත් මම දන්නෙ නැහැ."පාට ජනෙල් අතරින් ආ නිල් පැහැගැනුනු හිරු කදම්භය සාප්පුවේ සිවිලිම දක්වා විහිදුනි. එහි තේරුම අඳුර වැටීගෙන එනබවයි. බොස් නැගිට ඉවත්ව ගියේය. පහල කාරය පනගන්වන ශබ්දය ඇසුනු ගමන්ම සේවකයන්ද පිටව යෑමට නැගිට්ටේය. ඔවුන් සියලු දෙනාම දොරෙන් එලියට ගියේය. එහෙත් ශාස්ත්‍රි සහ මුරකරු සාප්පුව තුලම සිටියහ. බොස්ගේ බාධාකිරීම් නිසා ඔහුකරමින් සිටි සියල්ල අවුල් විය. එකතු කළ ගනන් වැරදිය. ඔහුට නැවතනැවතත් ගිණුම් පොතේ වැඩකිරීමට සිදුව ඇත. ලයිට් එක දැල්වූ ඔහු රාත්‍රි නවය වනතුරු වැඩකළේය. ඔහු රිදෙන ඇඟිලිමිරිකමින් පඩිපෙල බැස පාරට ගියේය.මට නිකන්ම නම කියලයි කතා කලේ. බොසුයි නොදන්න ගනුදෙනුකාරයොයි එකතුවෙලා හැමදෙනාම ඉස්සරහ මට අපහාස කලා. ප්ලැටිනම් ප්ලැටිනම් ප්ලැටිනම්.මාසෙකට රුපියල් පනහකටත් වඩා අඩුපඩියකට මම අවුරුදු විස්සක් වැඩකලා. වෙන තැනකට ගොස් මේ ගානම හෝ ඊට වැඩියෙන් හොයාගන්න උත්සාහ නොකර මෙතනම ලැගගෙන ඉන්න හිතුනේ ඇයිද යන්න ගැන ඔහුටම පුදුම සිතුනි.බොස් මගෙන් සමාව ගන්න තුරු අද රැ කෑම කන්නෙ නැහැ. මගෙන් සමාව ගන්න කියල බොස්ට බලකරනවා. එහෙම නොවුනොත් මම අස්වෙලා යනව. මොනවවුනත් මට කමක්නැහැ. බිරිඳ සහ දරුවන් බඩගින්නේ සිටින අයුරු ඔහුට මැවී පෙනුනේය. ඒ කිසිවක් දැන් ඔහුට වැදගත් නැත. ණයක් අරගෙන පොඩිකඩයක් දාගෙන මම කොහොමහරි ජීවත්වෙනව. ඕනදෙයක් වුනාවෙ. දැන් ඔහුට අවශ්‍යවනුයේ ගණකාධිකාරීවරයෙකු හෝ පවුලේ ප්‍රධානියා ලෙස නොසිතා සාමාන්‍ය මිනිහෙකු ලෙස තමාගේ ආත්මගරුත්වය නැවත ලබාගැනීමය. ඔහුට බොස්ගේ අතේ තිබූ ඊයම් බෝලය සිහිවුණි. සිදුවුනු සියලුදේට වඩා ඔහුට රිදුනේ එය මතක්වීමෙනි.කල්පනාවට වැටුනු ඔහු ට්‍රෑම්පාර දිගේ පහලට ගමන්කළේය. රෝයපේටා වලට යන ට්‍රෑම් රථය ඔහු ඉදිරියේ නැවැත්වීය. එහි නැගී ගෙදර යනවාදැයි ඔහු සිතින් විමසීය. ඔහු ට්‍රෑම් රථයටයන්නට හැරියේය. කිල්පෝක් යන බසයක් එනතුරු බලාසිටි ඔහු එයට ගොඩවිය.ඔහු සිය ස්වාමියාගේ බංගලාවට ලංවනවිට රාත්‍රි දහයට පමන විය. ඇම්බර් වලව්ව"හුඟක් රෑවෙලානෙ සර්." මුරකරු පැවසීය."ඔව් මම දන්නව. ඒත් මට බොස්ව මුනගැහෙන්න ඕන." ඔහු උත්තර දුන්නේය."බොස් තවම නැගිටලද.""ඔව් දැන්තමයි රෑ කෑම කෑවෙ. ඉස්සරහ කාමරේ ඉන්නව."ටිකදුරක් ඉදිරියට ගිය ශාස්ත්‍රීට මිතුරාගේ අවවාදය මතක්වීමෙන් යම් අපහසුතාවයක් දැනෙන්නට විය. කට පරිස්සම් කරගන්න. කතාකරන එක මගහරින්න පුලුවන්නම්මගහරින්න. කතා නොකරඉන්න බැරිමනම් විතරක් කතාකරන්න.නමුත් දැන් ඔහුට ආපසු හැරීමට නොහැක. ඔහුගේ ඉරණම ඔහු ඉදිරියට තල්ලු කළේය. ඔහු සාලය මැද හිටගත්තේය. බොස් පත්තරයක් බලමින් සෝපාව මත සුවසේ වැතිර සිටියි. ශාස්ත්‍රි දෙගිඩියාවෙන් හිටිතැනම නැවතී සිටියේය.මගහරින්න පුලුවන්නම් කතාකරන එක මග හරින්න. කට පරිස්සම් කරගන්න.මිත්‍රයාගේ වචන ඔහුගේ මොලය ඇතුලේ බෙර ගසන්නාක් මෙන් රැව් දෙන්නට විය. කතා නොකර ඉන්න හොඳම වෙලාව මේක. ඔහු තමාටම කියා ගත්තේය. ආපසු හැරී ඉක්මනින්ම දුවයන්නට ඇත්නම් යයි ඔහුට සිතුනේය. ගෙදරදි බොස්ට කතාකරන එක අමාරුයි. සාප්පුවෙදි කතාකරන එක වඩා හොඳයි. ශස්ත්‍රිගේ හිත වැනෙන්නට විය. ශාස්ත්‍රි තීරනයක් ගැනීමට පෙර පත්තර පිටුවට උඩින් හිස එසවූ බොස් සිටගෙන නොසැලී සිටින ශාස්ත්‍රි දුටුවේය."ආ.. ශාස්ත්‍රි මට තේරෙනව උඹේ හැසිරීම ගැන උඹ දැන් කනගාටුවන බව. මම උඹ ගැන කල්පනාකරමින් හිටියෙ. ආයෙත් දවසක් මා එක්ක එකටඑක කියන්න අවොත් උඹව එවෙලම අස්කරනවා. අමතක කරන්න එපා. ඒවගේම උඹ අනිත් අයටත් හොඳින් සලකන්නෙ නෑ කියලත් නරක විදියට කතාකරනව කියලත් මට තේරුනා." ශාස්ත්‍රි දෙස දෙස ටික වෙලාවක් බලාසිටි බොස් පැවසීය."අර මිනිහ එන්නෙ ප්ලැටිනම් වලින් හදන්න පුලුවන්ද දැනගන්න." බොස් නැවතත් කීය."ඔව් සර්. ප්ලැටිනම් වලින් හදන්න පුලුවන්ද දැනගන්න. ” ශාස්ත්‍රි බොස් කිවු දෙයම ප්‍රතිරාවය කළේය."මිනිහ පිස්සෙක්. මිනිහ මගේ ඉස්සරහ වාඩිවෙලා ඉන්නවෙලාවෙ මගේ අතේ ඊයම් බෝලය තියෙනව දකින්න ඇතිනෙ.""ඔව් සර් මම දැක්ක.""ඒ ගැන උඹට කලබල වෙන්න වැඩක් නැහැ. පිස්සු වුනත් හොඳසිහියෙන් වුනත් කවුරු උනත් කමක් නැහැ. උඹට තියෙන්නෙ අහන ප්‍රශ්ණෙට කාරුණිකව උත්තර දෙන්න. ප්ලැටිනම්ද රත්තරන්ද රිදීද මැටිද කඩමාලුද කියල ප්‍රශ්ණයක් නැහැ. මගේ සාප්පුවෙ වැඩකරන අය හැම අංශයකම දේවල් දැනගන්න ඕන. අද උඹේ හැසිරීමටයි කතාවටයි උඹව අස්කරන්නත් ඉඩතිබුන. නමුත් උඹ දැන් ආව නිසා එහෙම වෙන්නෙ නැහැ.""මගෙ ප්‍රතිපත්තිය තමයි අවංකව වරද පිලිගන්න කෙනෙකුට සමාව දෙනඑක. හොඳටම රෑවෙලා. උඹට දැන් යන්න පුලුවන්.""ඔබට ගොඩක් ස්තුතියි. සුබ රාත්රියක් සර්." කියන්න පුලුවන් උපරිම යටහත්බාවයෙන් ශාස්ත්‍රි කීවේය.මගතොටදී හෝ ගෙවුනු කාලය තුලදී සිදුවූ අපහසුතාවයන් හෝ කරදර කිසිවක් ගෙදර යන අතරතුරදී ශාස්ත්‍රිට දැනුනේ නැත. එදා දවසේ අපලයෙන් බේරීමට හැකිවීම ගැන ඔහුගේ සිත සියුම් සතුටකින් පිරී ඇත.
ග්‍රහචාරය

ජෙෆ් පීටර්ස් සහ ඇන්ඩි ටකර් තම ඊළඟ හවුල් ව්‍යාපාරය කුමක් විය යුතු දැයි වාද කරමින් සිටියහ. දෙදෙනාගේම අදහස වූයේ ලෙහෙසියෙන් හා ඉක්මනින් මුදල් ටිකක් සොයා ගන්නා ව්‍යාපාරයක් ආරම්භ කිරීමය. අවසානයේ දෙදෙනාගේම යෝජනා සම්මුතියෙන් එක් අදහසක් ස්ථිර කර ගන්නා ලද්දේය. එය වනාහි විවාහ බ්‍රෝකර් කාර්යාලයක් පටන් ගැනීමය. ඒ සඳහා ඔවුන් මුලින්ම කළේ පුවත්පත්වල පළ කිරීම පිණිස දැන්වීමක් සකස් කිරීමය. බොහෝ වේලා තර්ක හා වාද විවාද කිරීමෙන් පසු සකස් කළ දැන්වීම මෙසේ විය.
‘මනහර රූසපුවකින් යුත් තිස් දෙහැවිරිදි වැන්දඹුවක් නැවත විවාහ වීමට අදහස් කරයි. මුදලින් ඩොලර් 3000 ක් හෝ වෙනත් වටිනා දේපළ හිමි ඇය පතන්නේ ආදරණීය හදවතක් හිමි දුප්පත් සහකරුවෙකි. හොඳ පෙනුමක් නොමැති හෝ මඳක් වයස වුවද සලකා බැලිය හැක. නමුත් ඔහු අවංක හා විශ්වාසදායක විය යුතු අතර ඇයගේ දේපළ ආරක්ෂා කරමින් ඒවා තව තවත් දියුණු කළ හැකි අයෙක් විය යුතුය. ඔබ මේ ගැන උනන්දු වන්නේ නම් විස්තර හා ලිපිනය එවන්න. අත්සන් කළේ ලෝන්ලි පීටර්ස් හා ටකර් ඒජන්තවරු බාරේ, කයිරෝ, ඉලිනොයිස්.
එසේ දැන්වීම් ලියා අවසන් කිරීමෙන් පසු ජෙෆ්, ඇන්ඩිගෙන් ඇසූ පළමු ප‍්‍රශ්නය මෙසේය.
‘‘ ඔක්කොම හරි නියමයි. ඒත් කෝ වැන්දඹුව?’’
ඇන්ඩි, ජෙෆ් දෙස නොසතුටු බැල්මක් හෙළුවේය. ‘‘මංගල දැන්වීමක් එක්ක වැන්දඹුවකට ඇති වැඬේ මොකක්ද?’’
‘‘ මේක අහපන්.’’ ජෙෆ් පිළිතුරු බඳිමින් කීවේය. ‘‘ උඹ දන්නවනෙ මගේ පිළිවෙළ, ඇන්ඩි. හැම නීති විරෝධී කටයුත්තක්ම නීත්‍යානුකූල විය යුතුයි. අපිට විකුණන්න දෙයක් තිබිය යුතුයි. එය පෙනෙන්නට අවශ්‍යයි. අපි එය නිෂ්පාදනය කළ යුතුයි. පොලිසිය මා එක්ක පැටලෙන්නේ නැත්තේ ඒ නිසා. දැන් අපි මේ වැඬේ කරගෙන යන්න නම්, දැන්වීමේ විදියට වැන්දඹුවක් සොයා ගත යුතුයි. ලස්සන ඇතුව හෝ නැතුව.’’
‘‘හොඳයි.’’ ඒ ගැන සිතීමෙන් පසු ඇන්ඩි කීවේය. ‘‘එය වඩා හොඳයි. තැපැල් කාර්යාලය අපේ විවාහ ඒජන්සිය ගැන සොයන්න ඉඩ තියෙනවා. ඒ වුණාට නොකෙරෙන මඟුලකට කාලය වැය කරන්න පුළුවන් වැන්දඹුවක් අපි කෙහෙන්ද හොයන්නේ?’’
එවන් වැන්දඹුවක් ගැන හදිසියේ ජෙෆ්ගේ මතකය අවදි විය.
‘‘මට පරණ යාළුවෙක් සිටියා ෂේක් ට්‍රෝටර් කියලා’’ ඔහු පැවසීය. ‘‘වැරදි වීදුරුවෙන් ඇල්කොහොල් පාවිච්චි කරලා මිනිහා බිරිඳව වැන්දඹුවක් කළා. මං නිතරම වගේ යාළුවගේ ගෙදර නතර වෙලාත් තියෙනවා. මං හිතන්නෙ අපිට ඇයත් එක්ක වැඩ කරන්න පුළුවන්.’’
මිසුස් ෂේක් ට්‍රෝටර් වාසය කළේ වැඩි ඈතක නොවූ කුඩා නගරයකය. ඇය රූමත් නොවූ අතර තරුණ ද නොවූවාය. එහෙත් ජෙෆ්ට අනුව නම් ඇයට හොඳ පෙනුමක් තිබිණි. උවමනාව පැවසූ පසු ඇයගේ ප‍්‍රශ්නය වූයේ, ‘‘ ඔබ මේ ගෙන ආවේ අවංක ගනුදෙනුවක්ද, පීටර්ස් මහත්මයා?’’ යන්නයි.
‘‘මිසුස් ට්‍රොටර්’ ජෙෆ් ඇය ඇමතීය. ‘‘මිනිස්සු තුන්දාහක් ඔබව කසාද බඳින්න පොරකන්නේ ඔබෙ මුදලූයි, දේපළයි නිසා. ඔවුන් ඒ වෙනුවට මොනවාද ඔබට දෙන්නේ? මොකුත් නැහැ. කම්මැලි, වංක හොඳයි කියලා මුකුත්ම නැති, හීන දකින යක්කු. අපි උන්ට පාඩමක් උගන්වන්න ඕනෙ. දැන් ඔබට වැටහුණාද?’’
‘‘ඔව්, මට වැටහුණා.’’ ඇය පැවසුවාය. ‘‘නමුත් මොනවාද මට කරන්න තියෙන්නෙ? ඔබ කියන විදිහට මේ මුකුත්ම නැති යක්කු ටික මම නොසලකා හරිනවාද, එහෙම නැත්නම් මුන් ටික අහුර පිටින්ම විසි කරනවාද?’’
කිරීමට ඇති දෙය කෙතරම් ලෙහෙසිදැයි ජෙෆ් ඇයට විස්තර කළේය. ඒ අනුව ඇය කදිම හෝටලයක නවාතැන් ගන්නා අතර කිසිවක් කළ යුතු නැත. ඔහු හා ඇන්ඩි බාරේ සියලූ ලිපි කටයුතු සිදුවනු ඇත. එසේම ව්‍යාපාරයෙ සියලූ වගකීම ඔවුන් දරනු ඇත. ඒ අතර සමහරකු ඇය පුද්ගලිකව හමුවීමට හෝටලයට ඒමට ඉඩ ඇති අතර ඇය ඔවුන් මුහුණට මුහුණ හමු වී ඔවුන්ව ප‍්‍රතික්ෂේප කළ යුතුය. මේ සඳහා ඇයට සතියකට ඩොලර් විසිපහක් හා හෝටල් ගාස්තු ගෙවනු ලබන්නේය.
‘‘මට සූදානම් වීම පිණිස විනාඩි පහක් දෙන්න.’’ මිසුස් ට්‍රොටර් කීවාය. ‘‘ඊට පස්සේ ඔබේ ගෙවීම පටන් ගන්න පුළුවන්.’’
විනාඩි පහකට පසු ජෙෆ් විසින් කිසිවකුට සැකයක් ඇති නොවන පරිදි ඔවුන්ගේ කාර්යාලයෙන් සෑහෙන දුරක වූ හෝටලයක මිසුස් මහත්මිය නවාතැන් ගන්වන ලද්දේය. දැන් ජෙෆ් පීටර්ස් සහ ඇන්ඩි ටකර් ඔවුන්ගේ කොක්කට මසුන් අල්ලා ගැනීමට සූදානම්ය. ඔවුන් සිය දැන්වීම සියලූ පුවත්පත්වල පළ කළහ. ඉන්පසු මිසුස් ට්‍රොටර් නමින් බැංකු ගිණුමක් විවෘත කොට ඩොලර් දෙදහසක් එහි තැන්පත් කරන ලද්දේය. කිසිවකු හෝ විසින් විවාහ ඒජන්සියේ අවංක භාවය ගැන ප‍්‍රශ්න කළහොත් පෙන්වීම පිණිස බැංකු පොත ඇයට දෙනු ලැබිණ. ඔවුන් මිසුස් මහත්මිය සම්පූර්ණයන්ම විශ්වාස කළ අතර මුදල් ඇය නමින් තිබීම සූරක්ෂිත බව ද සිතූහ.
දැන්වීම ඉතා ඉක්මනින් පළ දරා තිබූ අතර දිනකට සියයකටත් වඩා ලිපි ගලා එන්නට පටන් ගැනිණි. ඒවාට පිළිතුරු සැපයීම පිණිස ජෙෆ් හා ඇන්ඩිට දිනකට පැය දොළහකටත් වඩා වැඩ කරන්නට සිදු විය. බොහෝ අය ලියා ඒවා තිබුණේ ඔවුන්ගේ රැකියා හදිසියේ අහිමි වූ බවය. ලෝකයා ඔවුන් වරදවා වටහා ගෙන තිබිණි. නමුත් ඔවුන්ගේ හදවත් ආදරයෙන් පිරී තිබූ අතර ඔවුන් ඉතාම හොඳ ගතිගුණ ඇති අය වූහ. ජෙෆ් හා ඇන්ඩි ලිපි එවූ සියල්ලන්ට පිළිතුරු සපයමින් ඔවුන්ට ඉහළම ස්තුතිය පුද කළහ. ඒ සමග තමන් පිළිබඳ තවත් විස්තර හා ඡුායාරූපයක් ද එවන ලෙස සඳහන් කරන ලදි. එසේම ඔවුන් එවන ලිපි සුරූපී වැන්දඹුව වෙත යැවීම පිණිස ඒජන්සියට වැය වන තැපැල් ගාස්තු ලෙස ඩොලර් දෙකක් පිළිතුරු ලිපිය සමඟ එවන මෙන් ද සඳහන් කෙරිණි.
ඉල්ලීම පරිදි පිළිතුරු එවූ සියලූ දෙනාම පාහේ ඩොලර් දෙක බැගින් එවා තිබිණි. ඇත්ත වශයෙන්ම එය පහසු ව්‍යාපාරයක් බව පෙනෙන්නට විය. ඇන්ඩි හා ජෙෆ් දෙදෙනාට පිළිතුරු කවර විවෘත කිරීම හා ඒවායින් මුදල් එළියට ගැනීම කරදරයක් වන තරමටම ඉල්ලූම්කරුවන් ප‍්‍රමාණය බොහෝ විය. ඉල්ලූම්කරුවන් කිහිපදෙනෙක් පුද්ගලිකවම ඔවුන් හමුවන්නට පැමිණියහ. වහාම ඔවුන් මිසුස් මහත්මිය වෙත යොමු කරන ලද අතර ඒ පිළිබඳව ඇය කලින් ගිවිස ගත් පරිදි කටයුතු කළාය.
දිනකට ඩොලර් දෙසියයකටත් වඩා ඔවුන්ගේ ආදායම ඉතා ඉක්මනින් ඉහළ නඟින්නට විය. වැඩිකල් නොයවාම දිනක් ෆෙඩරල් තැපැල් පරීක්ෂකවරයකු ඔවුන් හමු වීමට පැමිණියේය. මෙතරම් විශාල ලිපි සංඛ්‍යාවක් එකම ලිපිනයකට ලැබීම ඔහුට ප‍්‍රශ්නයක් වී තිබිණි. නමුත් තමන් නීති විරෝධී කිසිවක් නොකරන බව නිලධාරියාට ඒත්තු ගැන්වීමට ජෙෆ් සමත් විය.
තුන් මසකට පසු ජෙෆ් හා ඇන්ඩි ඩොලර් තුන් දහසකටත් වඩා උපයා තිබූ අතර ව්‍යාපාරය නැවැත්වීමට කාලය එළඹ ඇති බව ඔවුහු නිගමනය කළහ. සමහර ඉල්ලූම්කරුවන් තමන් ප‍්‍රතික්ෂේප වීමට හේතුව කුමක්දැයි ප‍්‍රශ්න නැඟීමට පටන් ගෙන තිබිණි. ඇරත්, මිසුස් මහත්මිය ඇගේ රැකියාවෙන් වෙහෙසට පත්ව සිටියාය. බොහෝ ඉල්ලූම්කරුවන් ඇයව බැලීමට පැමිණීම ගැන ඇය නොකැමැත්තෙන් පසු වූවාය. දිනක උදය කාලයේ ජෙෆ් ඇය හමුවීම පිණිස හෝටලයට ගියේ ඇගේ අවසාන දීමනාව ගෙවීමට හා ඇයට රැකියාවෙන් සමු දීමටය. ඒ හැර ඇගේ නමට බැංකුවේ තැන්පත් කළ ඩොලර් දෙදහස ද ආපසු ලබා ගැනීම ඔහුගේ අදහස විය. නමුත් ඔහු ඇගේ කාමරයට ඇතුල් වූ පසු ඔහුට දක්නට ලැබුණේ පාසල් යෑමට නොකැමැති දරුවකු මෙන් හඬමින් සිටිනා මිසුස් මහත්මියය.
‘‘ඇයි? ඇයි?’’ ජෙෆ් වහා විමසුවේය. ‘‘මොකක්ද වෙලා තියෙන්නෙ? කවුරුහරි ඔබට බැන්නාද? නැත්නම් ගෙදර යන්න ඕනෙද?’’
‘‘නැහැ, පීටර්ස් මහත්මයා.’’ ඇය ඇඬුම අතරින්ම පැවසුවාය. ‘‘ මම ඔබට ඇත්තම කියන්නම්. ඔබ හැමදාම මගේ මහත්තයා ෂේක්ට හොඳ යාළුවෙක් වෙලා හිටියා. ඒක නිසා මට ඔබට ඕනෙ දෙයක් කියන්න පුළුවන්.’’ ඉන්පසු ඇය ලජ්ජාවෙන් මෙන් හිස පහතට හරවා ගත්තාය. ‘‘මම ආදරෙක පැටලිලා. මම කෙනෙකුට ආදරේ කරනවා. මට ඔහු නැතුව ඉන්න බැහැ. හැම වෙලාවෙම මගේ හිතෙ ඉන්නෙ ඔහු විතරයි.’’
‘‘ එහෙනම් ඔබට පුළුවන් ඔහු සමග යන්න.’’ පුදුමයට පත් වූ ජෙෆ් කීවේය. ඉන්පසු පැවති මඳ නිහැඬියාවෙන් අනතුරුව ජෙෆ් නැවත කතා කළේය. ‘‘ ඔබ ඔහු ගැන හිතනවා වගේ ඔහුත් ඔබ ගැන ඔහොම හිතනවාද?’’
‘‘ ඔහුත් එහෙමයි.’’ මිසුස් ට්‍රෝටර් පැවසුවාය. ‘‘ නමුත් පොඩි ප‍්‍රශ්නයක තිබෙනවා.’’ ඇය පැකිලෙමින් කීවාය. ‘‘ ඔහු අර දැන්වීම අනුව මා හමුවෙන්න පැමිණි අයගෙන් කෙනෙක්.’’ ඉන්පසු ඇය බිම බලාගත් අතර පයේ මහපටැඟිල්ලෙන් කාමරයෙහි පොළොව සූරන්නට වූවාය. ‘‘ අර ඩොලර් දෙදහස ඔහුට නොදුන්නොත් ඔහු මාව විවාහ කරගන්න එකක් නැහැ.’’ විනාඩියක පමණ නිශ්ශබ්දතාවකින් පසු ඇය නැවත කතා කළාය. ‘‘ඔහුගේ නම විලියම් විල්කින්සන්.’’
ඉන්පසුව ද තවත් නිහැඬියාවක් ඇරඹිණ. එය අවසානයේ ජෙෆ්ට ඇය පිළිබඳව අනුකම්පාවක් ඇති වී තිබිණි. ඇය මහත් පී‍්‍රතියට පත් කරමින් ඔහු කීවේ ඩොලර් දෙදහස ඇයට පිරිනමන්නට ඔහු කැමැති බවය. එහෙත් ඒ පිළිබඳව සිය හවුල්කරුවා සමග කතා කළ යුතු බව ද ඔහු පැවසීය.
විවාහ ඒජන්සි කාර්යාලයට ආපසු පැමිණි ජෙෆ්, සිද්ධිය ඇන්ඩිට විස්තර කළේය.
‘‘ ඔය වාගේ දෙයක් වෙයි කියලා මම බලාපොරොත්තු වුණා.’’ සියලූ විස්තර අසා සිටි ඇන්ඩි අවසානයේ පැවසීය. ‘‘ ඔබ කිසිදා ගැහැනියක් විශ්වාස නොකළ යුතු වගේම, ඔවුන්ගේ හැඟීම් නොසලකා හැර කිසිදු සැලසුමක් නොසෑදිය යුතුයි.’’
‘‘ ඔබ කියන දේ ඇත්ත. ඒ වුණත් මේ කාරණය ගැන අපි අනුකම්පාවෙන් බැලිය යුතුයි. ගැහැනියකගේ හදවත කඩා බිඳ දමන එක හොඳ දෙයක් නොවෙයි.’’
ජනේලයෙන් ඉවත බලාගෙන එයට සවන් දීගෙන සිටි ඇන්ඩි එයට එකඟත්වය පළ කළේය.
‘‘ කළයුතු දෙය මම ඔබට කියන්නම් ජෙෆ්. ඔබ මෘදු, උදාර, ත්‍යාගශීලී හදවතක් තිබෙන හොඳ මිනිහෙක්. සමහර විට මම එහෙම නොවන තද, ලෝභ, සැක කරන මිනිහෙක් වෙන්න පුළුවන්.’’ ඇන්ඩි පෙර ඉරියව්වෙන්ම සිටිමින් කියා ගෙන ගියේය. ‘‘ දැන් ඔබ ගිහින් මිසුස් ට්‍රෝටර් මහත්මිය හමුවෙන්න. බැංකුවෙන් ඩොලර් දෙදහස ලබා ගෙන විල්කින්සන් මහතාට දී ඔහු සමග සතුටින් සිටින ලෙස ඇයට කියන්න. මම ඔබව අතරමඟදී හමුවෙන්නම්.’’
ජෙෆ් බොහෝ වේලාවක් ඇන්ඩිගේ දෑත අල්ලා ගෙන සිටියේය. ‘‘ නැහැ ඇන්ඩි, ඔබත් හොඳ මිනිහෙක්.’’
ඉන්පසු ඔහු ආපසු මිසුස් මහත්මිය හමුවනු පිණිස ගිය අතර ඇය පෙර සේම හඬමින් සිටියාය. ඔහුගේ කතාවට සවන් දුන් පසුත් ඇය හැඬූ අතර ඒ ඉහවහා ගිය සතුටින් යුතුව විය.
දින දෙකකට පසු ජෙෆ් හා ඇන්ඩි නගරය අතහැර යෑමට බඩු අස් කරමින් සිටියහ.
‘‘කලින් හමුවෙලාත් නැති නිසා ඔබ කැමැති නැද්ද අපි නගරයෙන් යෑමට පෙර අපට උදව් කළ මිසුස් මහත්මියව මුණගැසෙන්න? ජෙෆ් ඇන්ඩිගෙන් ඇසීය. ‘‘ඇය කැමැති වෙයි මගේ හවුල්කරුවාට ස්තුති කරන්න.’’
‘‘ඇයි? මම කියන්නෙ අවශ්‍ය නැහැ.’’ ඇන්ඩි කලබලව පිළිතුරු දුන්නේය. ‘‘මම හිතන්නේ අපි ඉක්මනින් දුම්රිය අල්ලා ගත්තොත් හොඳයි.’’
ජෙෆ් තමන් මෙතෙක් කරමින් සිටි කාර්යය ඉක්මන්ව කරන්නට විය. ඒ ඔවුන් දෙදෙනකු මෙතෙක් උපයා ගත් මුදල් ප‍්‍රවේශමෙන් බෑගයේ තැන්පත් කිරීමය. ඒ අතර ඇන්ඩි තම සාක්කුවෙන් විශාල නෝට්ටු මිටියක් එළියට ගෙන ජෙෆ් දෙසට දිගු කළේය.
‘‘මේ සල්ලිත් ඔතැනින්ම තියන්න’’
‘‘මේ කොහෙන් ද?’’ ජෙෆ් පුදුමව ඇසීය.
‘‘මේ අර මිසුස් ට්‍රෝටර් මහත්මියගේ ඩොලර් දෙදහස’’ ඇන්ඩිගේ පිළිතුර විය.
‘‘ඒවා ඔබට ලැබුණේ කොහොමද?’’
‘‘ඇය මට ඒවා දුන්නා.’’ ඇන්ඩි පිළිතුරු බැඳීය. ‘‘පසුගිය තුන් මාසෙට සතියට රාතී‍්‍ර තුනක් විතර, මම ඇය හමු වුණා’’.
‘‘එ.. එතකොට විලියම් විල්කින්සන්?’’ ජෙෆ් අන්දමන්දව ඇසීය.
‘‘ඒ මං තමයි’’
(1905 දී එංගලන්තයේ නොතැම්ප්ටන්ෂයර්හි උපත ලද එච්. ඊ. බේට්ස්, කෙටි කතා, නවකතා, සහ විවිධ රචනා ඇතුළු ග‍්‍රන්ථ 40 කට අධික සංඛ්‍යාවක කතුවරයෙකි. ඔහුගේ කෘතීන් මේ වන විට විවිධ භාෂාවන්ට පරිවර්තනයව ඇත. "Go Lovely Rose" නැමැති කෙටි කතාවේ පරිවර්තනයකි.)
පරිවර්තනය වින්ටන් කුරේ
‘‘ අන්න එයා තමයි දුවට අහස් යානාවේදී මුණ ගැහිච්ච ඉලන්දාරියා’’ කාටරට් මැතිනිය පැවසුවාය.
‘‘ දැන් ගිහින් ඔයා නිදාගන්න’’
නිදන කුටියේ කවුළු දොර අතරින් පිරුණ සඳකින් වෑහෙන මුදු එළියක් පතිත වෙමින් තිබිණි. විලෝ තුරුවල පත‍්‍රයන් පාවෙන්නාක් මෙන් සෙමින් සෙලවෙමින් තිබිණි. සිහින්ව නැගි අතුරිකිලි සරත් සමයෙහි අහසට නැඟී තිබිණි.
‘‘ අහස් යානාවේ ඉලන්දාරියෙක් හිටිය බව මම දැන ගත්තෙ අද තමයි’’ කාටරට් මහතා පැවසීය.
‘‘ ඔයා එයාව දැක්ක’’ කාටරට් මැතිනිය පැවසුවාය.
‘‘ අපි දුව මුණ ගැහෙන වෙලාවෙ එයා එතන හිටියා. රේගුව පැත්තෙන් දුව ඉලන්දාරිය එක්ක එනකොට ඔයා එයාව දැක්කා.’’
‘‘දුව තව කෙනෙක් එක්ක ආ බවක් මට කොහෙත්ම මතකයක් නැහැ’’
‘‘ එයා දාගෙන හිටිය තොප්පිය ගැන ඔයාට හොඳ මතකයක් තියෙන බව මට විශ්වාසයි. ඔයා කිව්වා ඒකෙ තියෙන්නෙ ලස්සන පාටක් කියලා. ඒකෙ වාටිය පහතට නැඹුරු වෙලයි තිබුණෙ.’’
‘‘දෙවියන්ට ඔප්පු වෙච්චාදෙන්’’ කාටරට් මහතා පැවසුවේය.
ඒ ඉලන්දාරියාද? මිනිහට අවුරුදු හතළිහක් නැත්නම් ඊටත් වැඩි වෙන්න ඕනෑ. මිනිහ මගේ වයසෙ තරමට ඇති’’
‘‘එයාට වයස අවුරුදු විසි අටයි. ඔයා කොයි පැත්තෙද නිදාගන්නෙ කියල තීරණය කළාද?’’
‘‘ මම ටික වෙලාවක් ඉඳගෙන ඉන්නවා’’ කාටරට් මහතා පිළිතුරු දුන්නේය.
‘‘ මට ඇහුණ හුඟ වෙලාවකට ඉස්සෙල්ලා තුන වදින හඬ. මට නැගිට ගන්න බැහැ’’
‘‘ඔයා ටිකක් හාන්සිවෙලා හිටියොත් ඔයාට නැගිට ගන්න පුළුවන් වෙයි’’ ඇය පිළිවදන් දුන්නාය.
වේගයෙන් හඹා යන සුළඟින් විලෝ ගසෙහි ළපත් වලින් නැගෙන හඬට සවන් යොමාගෙන සිටි කාටරට් මහතා සිතුවේ එය තම ආලින්දයට ඇදී එන මෝටර් රියකින් නැෙඟන හඬ ලෙසය. එනමුදු එම සුළං රැල්ල තුරු පත් කළඹවමින් අන් දිසාවකට ඇදී යන කල්හි එම හඬ මෝටර් රියකින් නැගෙන හඬක් නොවන බවත් සරත් සමයෙහි මැද භාගයෙහි උස් පහත් වෙමින් ඇදී යන සුළඟ බවත් ඔහු අවබෝධ කර ගත්තේය.
‘‘ ඔයා කොහෙද යන්න හදන්නෙ?’’ කාටරට් මැතිනිය ඔහුගෙන් විමසුවාය.
‘‘ මම යනව පල්ලෙහාට වතුර ටිකක් බොන්න’’
‘‘ඔයිට වැඩිය හොඳයි ඇස් දෙක පියවෙන්නත් එක්ක ටිකක් හාන්සිවෙලා හිටියනං’’
‘‘ මට කොහොමටත් මේ හඳ එළියෙ නින්ද යන්නෙ නැහැ.
ඊටත් වඩා හරිම රස්නෙ.’’
‘‘දෙවියන් වහන්සේගෙ නාමයෙන් ඔයා සෙරෙප්පු දෙකක් දාගෙන යන්න’’
පහත මාලයේ තරප්පු පේළිය කෙළවර හා කුස්සිය අතර සුදු සඳ රැස් වැතිර තිබිණි. තම නග්න දෙපතුල්වලට මුළුතැන්ගේ උණුහුම ඔහුට දැනිණි. නළ ජලයෙහි උණුහුම දැණුන හේ වීදුරුව දෙවරක් ජලයෙන් පුරවා බීගෙන ගියේය. ඔහු තවත් වීදුරුවක් පුරවා ගත්තේ එහි සීතල බවක් දැනෙන්නට ප‍්‍රථමය. පාවහන් යුවළ කොතැනක දැම්මේදැයි ඔහුට නිනව්වක් නොවීය.
තමන් එය උඳුන අසල තැබූ බැව් ඔහුට සැණින් සිහිපත් වූයේය. සෙරෙප්පු දෙක පැළඳගත් හේ මුළුතැන් ගෙයි දොර විවර කර ගෙමිදුලට පිය නැගුවේය.
පිපී බරවූ කහ සහ සුදු රෝස මල්හි වෙනසද විකසිත වීමට ආසන්න මල් කැකුළු මෙන්ම ජූලි මස වියළි පොළව මත පරවී ගිලිහී ඝනව වැතිර ගත් මල් පෙතිද ඔහු දුටුවේය.
ඔහු බොහෝ දුර පියමන් කළෙහිය. එනමුදු මොහොතකට වුව ඔහුට අහසෙහි එකද තරුවක් හෝ දක්නට නොලැබිණි. පැහැදිලි නිල්වන් අහසෙහි පායා ඇති සඳෙන් නැගෙන එළිය සරත් සමයෙහි නිල්වන් අඳුර අතරින් තුරු හිස් මුදුන් මත වැටී ඇති අයුරු දකින ඔහු තුළ සියුම් කෝපයක් ඇති විය.
‘‘සූ - සුසී, දෙවියන්ගේ නාමයෙන් උඹ කොහේ ගියාදැයි කියපන්’’ යි හේ තමාටම කොඳුරා ගත්තේය.
ඔහු තම දියණියට ඇතැම් විට සුසාන් යන සුරතල් නමින්ද ඇමතුවේය. ඇය ස්විට්සර්ලන්තයට පිටත්වීමට සති තුනකට පෙර ඇයගේ දහනව වැනි උපන් දිනයෙහි ඔහු ඇයට ‘සුසී’ යනුවෙන්ද ඇමතුවේය. ඇයගේ මන බඳනා සුළු කදිමට වැඩුණු සිරුර ගැනත් ඇයගේ හුදකලා ස්විට්සර්ලන්ත ගමන ගැනත් සියල්ලෝම එදින දොඩමළු වූහ. ඇය අන් කවර දිනයක වුවද නොදුටු ළදැරියකගේ පෙනුමකින් තමා දුටුවේ ඇයගේ දෙතොල්හි ගල්වා තිබී ආලේපයන් නිසා යැයි ඔහුට සිතිණි. ඇය විසින් ෂෙරී වීදුරු කීපයක් හිස් කරනු දුටු හේ විමතියට පත්වූයේය. එමෙන්ම ඇය අහස් යානා ගමන පිළිබඳව කිසිදු විමතියක් නොදක්වන බව ඔහු දුටුවේය.
අඩහෝරාවකට වරක් නින්නාද දෙන නගරයේ ඔරලෝසුවේ හඬත් ඒ හා මොටෝ රියකින් නැගෙන හඬක් ඔහුට ඇසිණි. මෙවර තමන්ට කිසිදු අයුරකින් වරදින්නට නොහැක. සැතපුම් කාලකට පමණ දුරින් දුම්රියපළට ආසන්න වංගුවෙන් හැරෙන රියකින් නැගුණ විදුලි පහන් එළිය ඔහු පැහැදිලිව දුටුවේය.
ඔහු තුළ සියුම් සතුටක් මෝදු විය. මෝටෝ රිය තමා දෙසට වේගයෙන් පිවිසෙන හඬ ඇසිණි. ඔහු වේගයෙන් තම නිවෙස දෙසට දුවන්නට පටන් ගත්තේය. ඔහුට අවශ්‍ය වූයේ ඇය නිවෙසට ළඟා වන්නට පෙර කෙසේ හෝ තම සයනයෙහි දිගා වන්නටය. මෙලෙසින් තම දියණිය අතර මගදී මුණගැසීමට තමන්ට අවශ්‍ය නැතැයි ඔහුට සිතුණි. ඇඳ සිටි පිජාමා කලිසම අඟල් කිහිපයක් දිග වූ බැවින් තණ අග රැඳි පිණි බිඳු වලින් තෙත්ව තිබිණි. එබැවින් ඔහුට දිව යෑමට අපහසු බවක් ඇති විය. තම දෑතින් මඳක් එය ඔසවා ගත් හේ යළි දුවන්නට පටන් ගත්තේය.
‘‘ කෙතරම් අස්වාභාවික වූත් සිදු නොවිය හැකි වූත් දෙයක්ද?’’ ඔහු සිතුවේය.
මුළුතැන්ගේ දොර අසලදී ඔහුගේ එක් සෙරෙප්පුවක් ගිලිහී වැටිණි. එය පයලා ගැනීමට නැවතුණ ඔහුට යළිදු මෝටර් රියක හඬක් ඇසුණි. එය අන් කිසිවක හඬක් නොවන බව ඔහුට පැහැදිලිය. එනමුදු විදුලි පහන්වල ආලෝකය නොපෙනී ගියේය. නැවතද සුපුරුදු පරිදි පැතිර ගත්තේ කෙමෙන් වියැකී යන සුළෙඟ් දෝංකාරය පමණි.
‘‘ මොන තේරුමක් නැති වැඩක්ද මේක? අපි බාල් නැටුම්වලින් පස්සෙ ආවේ ඇවිද ගෙනනෙ? ඒකත් ඒ විනෝදාංශයෙම කොටසක්නෙ’’ ඔහු තමාටම කියා ගත්තේය.
හේ සැණින් උදාසීන බවට පත් වූයේය. ගබඩාගාරය අසල වූ දිගු වංගුව සිහිපත් වූ සැණින් ඔහු යළිඳු තැති ගත්තේය. වංගුව බෙහෙවින් අවදානම් සහිත බවත් වේගයෙන් පැමිණෙන රියකට එය පාලනය කර ගැනීමට නොහැකිව අනතුරකට ලක්විය හැකි බවත් ඔහුට පසක් විය. සෑම සතියකදීම එහි රිය අනතුරක් සිදු විය. දෙවියනේ මොනවද මේ මිනිහ ගැන දන්නෙ? සමහර විට ඔහු විවාහකයෙකු වීමටද බැරි නැත. කපටියෙකු වීමටද බැරි නැත. දවසින් දවස තරුණියන් හඹා යන සළෙලෙකු වීමට වුවද බැරි නැත.
ඔහු තුළ සැණින් බියකරු සැක සංකාවක් මෝදු වන්නට පටන් ගත්තේය. එම අශුභ සිතුවිල්ල ඇය ගුවන් යානයට ඇතුළු වීමේදීත් එය ගුවනට නැගෙන මොහොතේදීත් ඇති වූ හැඟීමට සමාන වූයේය. එහි තුළ ගැබ්ව ඇත්තේ බියකරු වූත් විනාශකාරී වූත් බවකි. ඇය යළි නොඑන බවට ඔහුට පසක් වූයේය.
කිසියම් අද්භූත බවකින් තමන්ගේ රුධිර ධාරාව වෙන් වී බිංදු බිංදු බවට පත්වන බැව් ඔහුට හැඟුණි.
පිජාමා කලිසමෙහි බඳ නූල තදින් බැඳගනිමින් රෝස උයන හරහා ගේට්ටුව දෙසට වේගයෙන් දිවගිය බවට ඔහුට සිහිකල්පනාවක් නොවීය. ගේට්ටුවෙන් පිට මහමඟ ඒ මේ අත ඇවිදිනු පමණි ඔහුට අවබෝධ වූයේ.
දෙවියනේ ඔහු සිතුවේය. කෙතරම් පහසුවෙන් යුතුව මේ සියල්ල සිදුවිය හැකිද? ගැහැනු ළමයෙක් අහස් යානාවකින්, දුම්රියකින් එහෙමත් නැත්නම් බසයකින් හරි වෙන මොනයම් වාහනයකින් හරි යනකොට මොකක් හරි භයානක දෙයක පටන් ගැන්මක් ඇති වෙන්න පුළුවන්
ඔහු මහ මාවත ඔස්සේ ඉදිරියට ගමන් ගත්තේය. තැති ගැන්මෙන් යුත් ඔහුගේ සිරුරේ ලේ බිඳු වහා දෙපා වෙත ගලා යන බවක් ඔහුට හැඟුණි. ඈත අහසේ ලා කහවන් ආලෝකයක් දුටු ඔහුට රැය ගෙවී ඉක්ම ගොස් ඇති බවත් නව දවසක් උදාව ඇති බවත් පසක් විය. ඔහුට එය අදහා ගැනීමට බෙහෙවින් අපහසු විය. කාටරට් මහතා ළතැවිල්ලෙන් යුතුව දිවීමට පටන් ගත්තේය.
මොහොතකට පසුව පමණි, ඔහුට යාර සියයකට පමණ ඈතින් කහ වර්ණයෙන් යුත් ආලෝක ධාරාවන් යුගලක් තමා දෙස එක එල්ලේ යොමුව තිබෙන බවක් පෙනුනේ. එය නවතා ඇති රියක ආලෝකය බව ඔහුට අවබෝධ විය. ඒ පිළිබඳ කුමක් කළ යුතු දැයි ඔහුට තැකීමක් නොවීය. එම රිය වෙත ගොස් වීදුරු කවුළුවට තට්ටුකර පියෙකුගේ දැඩි ස්වරයෙන් මගේ දුව ඕක ඇතුළෙ ඉන්නවද? සුසාන් යමු ගෙදර’’ යි පැවසීමට ඔහුට නොහැකි විය. බොහෝ දුරට එතුළ වෙනයම් අයෙකුගේ දියණියක් සිටීමේ ඉඩකඩ ඇත. බොහෝ විට තමන් විසින් කරනු ලබන දෑ පිළිබඳ දැඩි අවබෝධයෙන් පසුවන දියණියක් එහි සිටීමටද ඉඩකඩ ඇත. පිජාමා ඇඳුමෙන් සැරසුණ මැදි වියෙහි පසුවන්නා වූ ආගන්තුකයෙකුගේ හොරෙන් එබිකම් කිරීමෙන් බාධා කිරීම ගැන ඇය නුරුස්සන බවක් දක්වන්නට ද පිළිවන.
ඔහු නැවතුණි. අරුණාලෝකයේ රැස් මාලා පැතිරෙමින් සිතිජය කසා වර්ණයෙන් පැහැපත් වන අයුරු ඔහු දුටුවේය. සැණකින් ඔහුගේ සිත තැන්පත් සිතුවිලි සමුදායකින් පිරී ඉතිරී ගියේය. නිවට නියාලූ අමනයෙකු ලෙස නොහැසිරිය යුතු බවත් ධෛර්යවන්තයෙකු ලෙස හැසිරිය යුතු බවත් ඔහුට අවබෝධ විය.
‘‘ හෙදියක් වගේ හැසිරීම නවතා දැමිය යුතු යැයි ඔහු තමන්ටම කියා ගත්තේය. ගෙදර ගිහින් නිදාගනින්. උඹ එයාව විශ්වාස කරන්නෙ නැද්ද? හැම මොහොතෙම උඹ අනිත් අයව විශ්වාස නොකරන විටයි කරදර හිරිහැර ඇත්තටම පටන් ගන්නෙ. ගෙදර ගිහින් නිදාගන්නවා. වැඩකට නැති දුර්වල මිනිහා’’ ඔහු තමන්ටම කියා ගත්තේය. "ඒ ළමයා පුංචි කාලෙදිවත් උඹ මෙච්චර කුලප්පු වුණේ නැහැ.’’
ඔහු ආපසු හැරෙන්නට මත්තෙන් මෝටර් රියෙහි එන්ජිම ක‍්‍රියාත්මක වන හඬ ඔහුට ඇසෙන්නට විය. ඔහු අවට බලද්දී පාර දෙසින් මෝටර් රියේ ආලෝක ධාරා තමන් දෙසට ඇදෙන අයුරු හේ දුටුවෙහිය. කිසිදු දිනෙක තමන් මෙලෙස තකතීරුවෙකු ලෙසින් හැසිරී නොමැති බවට ඔහුට අවබෝධ වන්නට විය. එහෙත් ඔහුට කිසිවක් කරකියා ගත නොහැකි බවත් කළ හැකිව ඇත්තේ මාවත කොනක ඇති බඩවැටියේ කපොල්ලක ඉක්මනිින් සැඟවී සිටීම බවත් ඔහු අවබෝධ කර ගත්තේය. බඩ වැටිය එතරම් උසින් යුක්ත නොවීය. ගව ආහාරයට දෙන තෙත බරිත බවින් යුත් තණ කොළ ගාලක ඇන තියාගෙන සිටින බවත් තම පිජාමාවේ පපු පෙදෙස සහ උරහිස දක්වාත් තෙත බරිතව ඇති බවත් හේ පසක්කර ගත්තේය. මෙම මොහොත වනවිට අහසේ වර්ණය රන්වන් පාටින් දිදුළන්ට විය. සියලූම වර්ණයන් යළිදු පැහැදිලිව දිස්වන්නට විය. එමෙන්ම ඔහුට බඩ වැටියෙහි පිනි අතරින් ඉහළට නැගෙන කහ සහ රෝස පැහැයෙන් යුත් පුෂ්පයන්ගේ සුවඳ දැනෙන්නට විය.
ඔහු තමන් පසුකර මෝටර් රිය ගිය පසුවය තත්පරයකට හෝ තම හිස එස වූයේ. සුසී එම මෝටර් රිය තුළ සිටියාද? නොසිටියා දැයි ඔහුට දැක ගැනීමට නොහැකි විය.
දැඩි අසහනකාරී බවින් යුතුව මෝටර් රිය ගමන් ගත් මග ඔස්සේ ඔහු පියමන් කළේය. ඔහු බෙහෙවින් අපහසුකාරී බවින් පසු වූයේය. ඔහුගේ පිජාමාව මුළුමනින්ම පින්නෙන් තෙත් බරිතව ඇත. නිදි යහනට පිවිසීමට පෙර වෙනත් ඇඳුමක් ඇඳිය යුතු බවත් සිරුර පිසදාගත යුතු බවත් හේ පසක් කර ගත්තේය.
‘‘දෙවියනේ, මුන් අපිව මොන තරම් මෝඩයින් විදියටද පත් කරන්නෙ?’’ ඔහු සිතුවේය. ‘‘ කෙහෙල් මල ඒ දුව නෙවෙන්නත් පුළුවන්. ඕහ්, සමහර විට දුව නොවෙන්න පුළුවන්ද?"
ඔහුගේ දෙපා නැවතත් අප‍්‍රාණික වන බවත් සීතල වන බවත් අවාසනාවන්ත අයුරින් ඔහුට දැනෙන්නට විය. ඔහුගේ පපුව හා උරහිස දෙපස දක්වා වූ පින්නෙහි තෙතමනය ඔහුගේ මතකයෙන් ඉවත්ව ගියේය.
‘‘ ඕග් සුසී, දෙවියන්ගෙ නාමයෙන් මෙහෙම දෙයක් ආයෙත් කරන්න එපා. මෙහෙම දෙයක් අපිට ආයෙත් කරන්න එපා.’’
ඉනික්බිති එම මෝටර් රිය තම නිවසේ ගේට්ටුව අසල නවතා ඇති බව ඔහු අවබෝධ කර ගත්තේය. ඔහුට ඒ පිළිබඳව සැණින් තහවුරු වූයේ අරුණලූ මැනවින් විහිදී තිබූ බැවිනි. රියෙහි පසු පස රතු එළියද නිවාදමා තිබිණි.
තත්ත්පරයකින් හෝ දෙකකින් පසු හෝ සුසී දැක ගත්තෙහිය. ඕ දිගැති දම් පැහැති මලින් සුසැදි සැඳෑ ඇඳුමෙන් සැරසී සිටියාය. එමෙන්ම ඇය සැඳෑ ඇඳුම සාය දක්වා දෑතින් ඉහළට ඔසවාගෙන සිටියේ ප‍්‍රීතිමත් ලෙසිනි. ඈත දුරක සිට වුවද ඇයගේ සුන්දරත්වය ඔහුට දැකගත හැකි විය. විහඟ නාදයෙන් තොර වූ සරත් සමයෙහි උදෑසන නිහඬතාවක් දැක්විය. ඇයගේ කට හඬ ඔහුට පැහැදිලිව ඇසෙන්නට විය. සුන්දර ළබැඳි බාලිකා හඬින් ඇය ඔහු ඇමතුවාය.
‘‘ ආයුබෝවන්! ඔව් සුන්දරයි. ඔයාට ස්තුතියි!"
දැන් කළ යුතුව ඇත්තේ ඔවුනට තමන් දකිනු නොහැකි ලෙස පසුවීම යැයි ඔහු සිතුවේය. ඔවුනගෙන් ඈත්ව සිටීමට ඔහුට අවශ්‍ය විය. ඈත පිහිටි ගේට්ටුවෙන් ගෙවුයනට රිංගා ගත හැකි වුවහොත් නාන කාමරයට පිවිස ඇඟපත සෝදාගෙන පිරිසිදු පිජාමාවකින් සැරසෙන්නට හැක.
මොහොතකින් මෝටර් රිය හරවා තමන් දෙසට එන අයුරු ඔහුට දිස්වන්නට විය. මෙවර ඔහුට සැඟවෙන්නට අවස්ථාවක් නොමැත. ඔහුට කළ හැකිව ඇත්තේ මාවත මායිමට ළංවී රිය යන තෙක් පසුවීම පමණි. අවාසනාවන්ත තත්පර කීපයක් හේ උදා එළියේ නිරුවතින් මෙන් ඔහු පසු වූයේය. රිය එන මඟ නොසැලකිල්ලෙන් බලන්නාක් මෙන් පසු වූයේය. මෝටර් රිය යාර කීපයක් ඔහු පසුකර ගොස් නැවතිණි. ඉනික්බිතිව ඉන් නැගෙන හඬට ඔහු මවිතයෙන් යුතුව සවන් යොමාගෙන සිටියේය.
‘‘ සර්, මට සමාවෙන්න, ඔබතුමා කාටරට් මහත්මයාද?’’
‘‘ ඔව්’’ හේ තෙපළීය. තැන්පත් බවින්ද උදාර ලීලාවෙන්ද කෝපයෙන් තොරවද තම හඬ පාලනය කර ගැනීමෙන් යුතුව එලෙස පැවසීමට ඔහු වග බලා ගත්තේය.
‘‘මම බිල් ජෝර්ඩාන් සර්’’
මැනවින් පීරන ලද කෙහෙ වැටියෙන් ඔහුගේ තාරුණ්‍ය බව හොඳින් දිස්වන්නට විය. රාත‍්‍රි භෝජනය සඳහා ඔහු හැඳ සිටි අඳුරුවන් ජැකැට්ටුව ඔහුට මැනවින් ගැලපුණ බවක් දිස්විය.
‘‘ මට කනගාටුයි. අපි එන්න හුඟක් පරක්කු වුණා. මම හිතනවා මහත්මයා සුසී ගැන කණස්සල්ලෙන් හිටියෙ නැහැ කියලා.’’
‘‘ අපෝ නැහැ. දෙවියන්ගෙ නාමයෙන් නැහැ’’
‘‘ඒක මගෙ අම්මගෙන් වෙච්ච වරදක්. එයා තමයි අපිව මෙච්චර වෙලාවක් තියා ගත්තෙ. ’’
‘‘ මම හිතුවෙ ඔය ගොල්ලො ඩාන්ස් කරමින් ඉන්නව ඇති කියලා.’’
‘‘අනේ නැහැ සර්. මගේ අම්මා එක්ක රෑ කෑම ගත්තා. අපි ටික වෙලාවක් පිට්ටනියෙ ඩාන්ස් කළා. ඒත් ඊට පස්සෙ තුන විතර වෙන කල් කැනස්ටා සෙල්ලම් කළා. මගෙ අම්මා ඒ ක‍්‍රීඩාවට හුඟක් කැමතියි. හුඟක් දුරට මගෙ අම්මගෙ ප‍්‍රමාදයෙන් තමයි මේ වරද සිද්ධ වුණේ’
‘‘ ඔහ්.., ඒකට කමක් නැහැ. ඔබලා හොඳට සන්තෝෂ වුණානෙ’’
‘‘ඔව්, අපි බොහොම වෙලාවක් සන්තෝෂ වුණා. ඒත් සර් මම හිතුව ඔබතුමා සුසී ගැන කණස්සල්ලෙන් පහුවෙනවා ඇති කියලා’’
‘‘ දෙවියන්ගෙ නාමයෙන් එහෙම දෙයක් නැහැ.’’
‘‘ එහෙම නම් බොහොම හොඳයි සර්!"
තරුණයා කිහිප වරක් තමන්ගේ තෙත බරිත වූ පිජාමා කලිසම දෙස බලමින් ‘‘ අද හොඳ උණුසුම් රාත‍්‍රියක් නේදැයි’’ කටරට් මහතාගෙන් විමසීය.
‘‘ හුඟක් රස්නෙයි. මට නිදාන්නවත් බැරිවුණා’’
‘‘නිදාගන්න. මටත් ඒක මතක් වෙනවා. ‘‘ ඔහු මිත‍්‍රශීලි ලෙස සිනාසුණේය.
සුදු පැහැවන් දීප්තිමත් ඔහුගේ දත් දෙපළ තාරුණ්‍ය බව තව දුරටත් මූර්තිමත් කළේ කඩවසම් බව ඉස්මතු කරමිනි.
‘‘ මම ගෙදර යන එක හොඳයි. නැත්නම් උදේ කෑම වෙලාවත් ළංවෙයි. සුබ රාත්රියක් සර්!"
‘‘ සුබ රාත‍්‍රියක්!"
මෝටර් රිය ඉදිරියට ධාවනය වන්නට පටන් ගත්තේය. තරුණයා එක අතක් එළියට දමමින් වෙන්ව යන බව හැඟවීය. කාටරට් මහතා එසැණින් ඔහු ඇමතුවේය.
‘‘ ඔයා හැන්දෑවකදී එන්න. අපිත් එක්ක රාත‍්‍රි කෑම ගන්න. එන්න ඕනෑමයි’’
‘‘ බොහොම කැමතියි. බොහොම ස්තුතියි සර්. සුබ රාත‍්‍රියක්’’
කාටරට් මහතා මාවත ඔස්සේ පිය නගන්නට වූයේය. තමන්ට ‘සර්’ යනුවෙන් අමතනු ලැබීම ගැන හේ බෙහෙවින් ඇලූම් කළෙහිය. කාටරට් මහතාට ඔහු ගැන කිසියම් පැහැදීමක් ඉන් ඇති විය. ඉන් නැගුණ උද්දාමයෙන් විශේෂිත වූ ආත්ම තෘප්තියක් ඔහු ලැබීය.
ඔහු උයන් දොරටුව වෙත සමීප වෙන විට උදා අරුණලූ දැඩිව පතිත වෙමින් තිබිණි. රාත‍්‍රිය පුරාවට දැඩිව වැසී තිබුණ රෝස මල්වල පෙති විකසිත වෙමින්ද නැවුම් බවකින්ද දිස්වන්නට විය. එම මල් අතර කළු පැහැයට හුරු තද ලෝහිත වර්ණයෙන් යුත් එක් සුන්දර රෝස මලක් නෙළාගෙන උඩු මහලේ පසුවෙන තම බිරිඳට පිළිගැන්විය යුතු යැයි ඔහුට සිතුණි. එනමුදු එය සුපිපුණ තැන එලෙසම තිබෙන්නට හැරිය යුතු යැයි ඔහු තීරණය කළේය.
එම මොහොත වන විට සඳ මඬල මිලාන වෙමින්ද විහඟුන් නීල ගඟනත සිසාරා පියාසර කරමින්ද පසු වූහ.