කෙටි කතා 2

59 views
Skip to first unread message

Nissanka Rajapaksa

unread,
Aug 17, 2019, 7:37:55 PM8/17/19
to ind...@googlegroups.com
අහිමි වීම
කලිඳු පන්සිළු

මං කැඩුණු සෙරෙප්පුවවත් හදා ගන්නේ නැතුවම ඒක පුපුරු ගහන දකුණු අතේ ඇඟිලි අතර
රුවාගෙන ගියේ සේපාලිකා නැන්දාගේ පණිවුඩේ හින්දා
"දුවේ....උඹලෑ තාත්තා ඇඳෙන් වැටිල..... ටිකක් අමාරුයි. අපේ මිනිහා ත්‍රීවිල් එකේ දාගෙන ඉස්පිරිතාලෙට ගෙනිච්චා.... විගහට පලයන්.....˜
මං කොච්චර හයියෙන් දිව්ව ද කියන්න දන්නෙ නෑ. ඒත් මං දිව්වේ තාත්තා හින්දා නෙවෙයි
කියන එක මං හොඳට ම දැනගෙන හිටියා. චූටි මල්ලී ගෙදර තනියෙන් ද නැත්තං සේපාලිකා
නැන්දාගේ ගෙදර ද කියලා අහගන්න බැරි වුණු එක ගැන මං මට ම නොසෑහෙන්න බැණ ගත්තා.
මං තාත්තාට ආදරේ නැතුව නෙමෙයි. ඒත් අම්මා ගෙදර ඉන්න කාලේ තාත්තා අම්මාට ගහපු
හැටි දැකපු හින්ද ද මන්දා මට තාත්තා ගැන අනුකම්පාවක් හිතෙන්නේ නැහැ. ඒත් එහෙම 
කිව්වට ඇඟේ වම්පැත්ත ම වෙව්ල වෙව්ල, 
"ද්....ද්....දු....වේ.......˜ කියන කොට මගෙ හිත උණු නොවුණා කිව්වොත් මං බොරුකාරියක් වෙනවා.
තාත්තා හොඳට හිටපුකාලේ අපිට අඩුවක් පාඩුවක් නොතිබ්බට ගඳ ගගහ හතර ගාතෙන් ඇවිත්
දන්න සේරම කුණුහරප ටික කියලා අම්මාගේ කොණ්ඩෙන් අල්ලන් මූණ හරහා පාරවල් දෙක
තුනක් ගහනකොට මටත් හයියෙන් කෑගැහුණා නම්, අම්මට කොච්චර රිදෙන්න ඇති ද......?
ඒ හින්ද ම ද කොහේද අම්මා මාවත් එක්කරං දවසක් කුරුණෑගල ටවුමට ගිහින් කුවේට් යන්න
ෆෝර්ම් එකක් පිරෙව්වේ. ඊට සතියකට විතර පස්සෙ අම්මා, තාත්තාට යනවාවත් නොකියා
කුවේට් ගියා.
අම්මා රට යන්න කලින් ඇඳේ නිදාගෙන හිටපු මල්ලි දිහා බලලා ඇහේ මතුවුණු කදුළු බිංදු
හංගගෙන බාගෙට එල්ලෙන කාමරේ දිරච්ච දොර කෑල්ල හෙමින් හෙමින් අඩවල් කරද්දි මට
මතක් වුණේ අභිනිෂ්ක්‍රමණය කරන්න කලින් යසෝදරාවයි, රාහුල කුමාරයයි දිහා බලපු සිදුහත්
කුමාරයාව....
සිද්ධාර්ථ කුමාරයා ලෝකෙටම සැනසීම හොයන්න ගිහිගෙයින් නික්මුණාම යසෝදරාවයි
රාහුලවයි බලාගන්න සුද්ධෝදනලා හිටියට අපේ ගෙදර සුද්ධෝදන ඊට වඩා ගොඩක් වෙනස්
කියලා මට හිතුණු වාර අනන්තයි.
මං කරගැට ආපු කකුල්දෙකේ යටිපතුල් දෙක පිහිද පිහිද සේපාලිකා නැන්දගේ ගෙදරට අඩිය
තියනකොට ම චූටි මල්ලි ඇවිත් මාව බදා ගත්ත විදිහට මට දැන් මහා බරක් පැටවෙලා තියෙනවා
කියලා යාන්තමට වගේ දැනුණා.
චූටි මල්ලිගේ සිනිඳු කොණ්ඩෙ අතගගා අපේ ගෙදරට යනකොට මගෙ අල්ලට දැනිච්ච
වේදනාව නොවෙන්න මං අච්චුපොතට කවරයක් නොදැම්මට සිංහල සර් ගහපු වේවැල් පාරවල් ටික
සදහට ම අමතක වෙලා යන්න තිබුණා.
"සිංහල රචනා ලියන්න පුළුවන් වුණාට උඹල වගේ හම්පඩ කෙල්ලො තමයි මේ රට කන්නේ...
කාලකන්නි.... කවරයක් දා ගන්න සල්ලි නෑ... ඔච්චරට ම අහේනිය නම් මේක අස්සට ඇවිල්ල
පව් දෙන්නේ මොකද...?.... පලයල්ලා ගෙවල්වලට .... තොපිට හරියන්නේ පාරවල් ගානේ හිඟාකන
එක තමයි....˜
සිංහල සර් එහෙම කොච්චර බැන්නත් මට කිසිම හැඟීමක් ආවේ නෑ. ගිය අවුරුද්දේ දහය
පන්තියට අලුතෙන් ම ආපු ගමන් නම් එහෙම බණිද්දී මම ටොයිලට් එකට ගිහින් ඉකි ගගහා
අ`ඩපු හැටි මතකයි. ඒත් දැන් එහෙම නෑ..... ඒවා පුරුදුයිනේ......
ඒත් පළවෙනි වාරේ සිංහලවලට වැඩිම ලකුණු තිබ්බ ඉරිසියාවට මගේ රචනාව කීතු කීතු කරලා
දාපු අමාෂා නම් සිංහල සර් බණින වෙලාවට "හිඃ... හිඃ....˜ ගගා යාළුවොත් එක්ක හිනාවෙනවා මට
යන්තමට වගේ පේනවා.
හැමදාම සිංහලවලට වැඩිම ලකුණු ගත්තත් පළවෙනි වාරේ අමාෂාට ලකුණු ගන්න බැරිවුණේ
අපේ පන්තියේ ප්‍රශ්න පත්තර කලාපෙන් ආපු සර්ල බලපු හින්ද කියලයි දේවිකා කිව්වේ...
"ඔයා ..... ගණන් ගන්න එපා දිනිති.... ඕකිට ඔච්චර හයියක් ආවේ සිංහල කාරයා ඒකිගේ අම්මත්
එක්ක මොකක්දෝ හුටපටයක් කරගෙන හින්දලු˜
දේවිකා එහෙම කියද්දි මං විගහට දේවිකාගේ කට වැහැව්වේ ඒකත් මගේ පිටින් යයි කියලා තිබ්බ
බයට.
සිංහල සර් කොච්චර එහෙම කිව්වත් සංගීත මිස් මගේ හිත හදන්න ගොඩක් වෙලා මාත් එක්ක
කතා කරනවා... මලක් වගේ පිපිලා ඉස්කෝලෙට එන සංගීත මිස් මගේ ඔළුව අතගාලා ගොඩක්
ආදරෙන් ළඟට කර ගන්නවා.
"දුවේ ...... ඔයාට තියෙන ප්‍රශ්න ඕන දෙයක් මට කියන්න..... ඔය ...... සිංහල සර් කියන ඒවා එච්චර
ගණන් ගන්න එපා.....!˜
සංගීත මිස් එහෙම කියන වෙලාවට මං මිස්ටත් නොදැනෙන්න ඉකි ගහන්න ගන්නේ අම්ම ව
මතක් වෙලා....
අම්ම හිටියනං සංගීත මිස්ටත් වඩා හොඳට මගේ දුක ඛෙදා ගනී නේද කියලා මට හිතෙනකොට
හයියෙන් කෑ ගහල කුවේට්වලට ඇහෙන්න "අම්මේ ....!˜ කියන්න හිතෙනවා.
වෙසක් පෝය දවසේ මිස්ගෙ සල්ලිවලින් මහපු කිරිම කිරිපාට ළමා සාරියක් මට අන්දවලා භක්ති
ගීත කණ්ඩායමේ සිංදු කියපු වෙලාවේ සිංහල සර්ගෙයි, අමාෂාගෙයි මූණු කරත්තෙට අහුවුණු
කජු ලෙලි වගෙ තිබුණා....
ඉස්කෝලේ ඇරිලා ගෙදර එන වෙලාවට ඉස්කෝලේ එහා පැත්තේ ලී මඩුවේ වැඩ කරන
කමල් අයියා මගෙ පස්සෙන් ඇවිත් අඹ ගෙඩියක් දෙනවා. එහෙම දීලා,
"කන්න ළමයෝ.... මං ඕකට මුකුත් කරලා නෑ˜ කියලා කියන ගමන් අමුතු බැල්මක් මගෙ දිහාවට
දානවා. කමල් අයියාගේ ඇස් බෝල දෙක මගේ නහයගාව ඉඳලා ඛෙල්ල දිගේ පල්ලෙහාට යන
ගමන් එක එක තැන්වල නවතිනවා.... කමල් අයියා බල කරන හින්දා අඹ ගෙඩිය ගත්තට
ගෙවල් ගාවට වෙනකල් අතේ තියන් ඇවිත් මුළු වත්තෙ ම ජරාව එකතුවෙන ගඳ ගහන ගලිය යටට
විසිකරන්නේ මට එයා ගැන තිබ්බ අකමැත්තට වඩා අමුතු බයක් හිතුණ හින්දයි. එක දවසක්
සේපාලිකා නැන්දා දුන්නු පත්තර කෑල්ලක තිබ්බ ප්‍රවෘත්තියක් මතක් වුණා. ගෑනු ළමයින්ට නිදිපෙති
දාපු කෑම කවලා සිහි නැති කරවලා කැලෑවලට උස්සන් යනවා කියලා ඒ පත්තර කෑල්ලෙ තිබ්බා.
මේ ඔක්කොම දේවල් ඔළුවෙ තියාගෙන ඇවිත් මල්ලි මුළු ගේ පුරා ම විසි කරලා තියෙන පරණ
ටයර් කෑලි, රෝද නැති වාහන කෑලි ඔක්කොම එකතු කරලා එයා නිදා ගන්න පැදුර ළඟින් හෙමීට
අඩුක් කරන්නේ හෙටත් මේ ටික ම කරන්න වෙනවා කියලා දැනගෙන.
 - - - - -
තාත්තට අංසබාගේ හැදුණෙ අම්මා රට ගිහින් මාසෙකට විතර පස්සේ. අම්මා රටගිය එකට
තාත්තාට ගාණක්වත් නෑ. ඒ මදිවට වෙනදටත් වඩා බීලා ඇවිල්ලා ගෙදර දී ගහන්න අම්මා නැති
හින්දා පාරෙ යන ගෑනියෙක් අල්ලගෙන ගහන්න යනකොට ඒ ගෑනිගේ මිනිහා ඇවිත් පොල්ලකින්
ඔළුවට ගැහුවට පස්සෙ තමයි අංසබාගෙට ආවේ.
ඒ වෙලත් ගොත ගගහ කියපු වචන දහයෙන් නවයක් ම කුණුහරුප නොවුණෙ මාත් එක්ක
කතා කරනකොට විතරයි.
තාත්තා මට ආදරේ වුණාට අම්මට සලකපු විදියෙන් තාත්තව මට එපා වුණා. ඒ වුණත්
නොවරදවා ම උදේ කෑම, දවල් කෑම, රෑ කෑම ටික අම්මා එවන සල්ලි ටිකෙන් පිරිමහගන්න තාත්තා
දුන්නු උපදෙස් ටික දිහා බැලුවම තාත්තා කුලී කාරයෙක් වුනාට හොඳට ඉගෙනගෙන තියෙනවා
කියලා වෙලාවකට මට හිතුණා.
"ක්.....ක්..... කවු.....ද?.....ද්....ද්....දුවේ....... උම්බ........ට ග්..ග...හ.......න ස්.....ස්.....ර්ර්....?˜
කියලා තාත්තා අමාරුවෙන් ඇහුව වෙලාවේ මට මතක් වුණෙ දේවිකා එයාගේ අම්මට සිංහල
සර් ගැන කිව්වයි කියපු කතාව....... සේපාලිකා නැන්දා ඒක අහපු ගමන් තාත්තාට ඇවිත් ඒක
කියලා තිබුණා.......
මං තාත්තාට සිංහල සර් ගැන නොකිව්වේ එහෙම කියලා වැඩක් නැති හින්දා....... තමන්ගේ වැඩක්
පළක් කරගන්නවත් හයිය හත්තිය නැති තාත්තට සිංහල සර් ගැන මොනාද කරන්න පුලූවන්......?
 - - - - -
මං එදා දවසෙම මල්ලිත් එක්ක හිටියෙ තාත්තත් අම්මත් නැති අසරණ චූටිමල්ලිට මාවවත් අඩුම
ගානේ ඕන හින්දා.... පියල් මාම තාත්තව මහ ඉස්පිරිතාලෙට ගිහින් දාලා එනකොට හවස හයත්
පැනල තිබුණේ. ඊළඟ දවසේ උදේම බත් කැඳ ටිකක් පරණ හෝර්ලික්ස් බෝතලෙකට දාගෙන
පියල් මාමගෙ ත්‍රීවිල් එකේ මහ ඉස්පිරිතාලෙ ගියේ මල්ලිව සේපාලිකා නැන්දට බාරදීලා.
කුවේට් ගිය දවසේ ඉදන් එක ලියුමක් විතරක් එවල තිබුණ අම්මට, තාත්තට අමාරුයි කියලා
කෝල් එකක් දෙන්නං කියලා සේපාලිකා නැන්දා කිව්ව....
"කෝල් එක ගන්න ටවුමට යන්න ඕනි.....!˜ එහෙම කියලා මගෙ අතට රුපියල් 10ක් දුන්නේ තාත්තට
මොනාහරි ගන්න වුණොත් කියලයි.....
මං තාත්තා ගාවට යනකොට තාත්තා හිටියේ සිහිය නැතුව ..... අවුරුදු ගාණකට කලින් වත්ත ම 
හොල්ලපු කෙරුම්කාරයා අද මහ ඉස්පිරිතාලෙ ගඳ ගහන වාට්ටුවක මලකඩ කාපු යකඩ ඇඳක්
උඩ අපහසුවෙන් වැතිරිලා ඉන්නවා දැක්කහම මට මතක් වුණේ උපරතන හාමුදුරුවෝ බුද්ධාගමට 
උගන්නපු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය. "මේ ලෝකේ....හැම දෙයක් ම වෙනස්
වෙනවා.... හැමදෙයක් ම අත්හරින්න වෙනවා.....˜
සාන්ත දාන්තව උගන්නපු උපරතන හාමුදුරුවන්ගේ පාඩම පන්තියෙ කාට නැතත්
මට හොඳට තේරුණෙ මට ඒ හැම දෙයක් ම අත්දකින්න පුළුවන් වුණ හින්ද වෙන්න ඇති
කියලා දැන් මට හිතෙනවා.....
තාත්තා ඇස් ඇරියෙම නෑ.... තාත්තට සේලයින් ගහපු නර්ස් නෝන කියපු විදිහට තාත්තාගේ
ජීවිතෙ ගැන විශ්වාසෙ තියන්න බෑ.
"දවස් දෙකකින් ඩොක්ටර් ආවේ නෑ..... තව සතියක් විතර එන්නෙ නැති වෙයි..... ප්‍රයිවට්
වැඩක් කියලා කිව්වා.......˜
එහෙම කිව්වෙ අපි දිහා සිනාමුසු මුහුණින් බලපු තාත්තාගේ එහා ඇඳේ හිටපු නැන්දා කෙනෙක්......
තාත්තාට කැඳ ටික පොවන්නවත් බැරිවෙච්ච එක ගැන මගෙ හිතේ ලොකු කනගාටුවක් තිබ්බා....
ඒත් ඉතින් මොනවා කරන්න ද කියලා හිතාගෙන හීතල වෙච්ච හෝර්ලික්ස් බෝතලෙත් අතේ
තියාගෙන ත්‍රීවිල් එකෙන් ම ගෙදරට ආවා....
ගෙදර ආපු ගමන් මං ගියේ මල්ලි ව බලන්න....
ඒත් සේපාලිකා නැන්දගේ ගෙදරින් ඇහුණ සද්දෙ හින්දම මං ටිකක් හයියෙන් අඩි තිබ්බා.
"ඕකී... ඕකිට ළමයින්ට වඩා මනමාලකම ලොකු වුණා... මෙහෙ ළමයි දෙන්නයි මිනිහයි දුක්
විඳිනවා. ඒකි කුවේට්වල පවුල් කනවා.....˜
සේපාලිකා නැන්දා එහෙම කිය කිය වත්තට ම ඇහෙන්න කෑ ගැහුවෙ අම්මා ගැනයි කියලා
මට තේරුණේ කුවේට් කියන වචනෙ ඇහුණට පස්සේ.
"ආං..! ආවද? ...... උඹලෑ අම්මා අයේ ලංකාවට එන්නේ නැතිලු. එහෙ මිනිහෙක් එක්ක
පවුල් කනවලු.... මටත් බැන්න අනුන් ගැන හොයන්නැතුව තමන් ගැන හොයාගනිං කියලා....
ඕකිට මං......!˜
අම්මා හුඟ කාලෙකින් ලියුමක්වත් නොඑවපු හේතුව දැන් මට තේරුම් ගියා. එදා සිද්ධාර්ථ
සත්‍යය සොයාගෙන ආපහු යශෝදරාවයි රාහුල කුමාරයාවයි දුකින් මුදාගන්න කිඹුල්වත් නුවරට
වැඩියට සුද්ධෝදනවත් නැති අපේ ගෙදරට අම්මා ආපහු එන්නේ නෑ කියලා හිතුණා ම මේ මුළු
ලෝකෙ ම මගෙ ඔළුව උඩට කඩං වැටුණා වගේ දැනුණා...
"ආං .... ඉදා උඹලෑ අම්මා ගිය මාසේ එවපු සල්ලි අදයි හම්බුණේ.....˜
එහෙම කියලා කහ ගැහිච්ච ලියුම් කවරයක් සේපාලිකා නැන්දා මට දික් කරා....
මට කිසිම හිතිවිල්ලක් පහළ වුණේ නෑ... මල්ලිව වඩා ගෙන ආ පිට හැරිලා ලියුම් කවරෙත් අතේ
තියාගෙන හෙමින් හෙමින් ගෙවල් පැත්තට ඇවිද්දා.....
"කොහේ ද කෙල්ලේ....... උඹ ඔය යන්නේ.......?˜
සේපාලිකා නැන්දා එහෙම ඇහුවට මට කිසිම දෙයක් තේරුණේ නෑ.
"දන්නේ නෑ....˜ මං එහෙම කිව්වේ කිසිම දෙයක් නොතේරුණු නිසා කියලා නැන්දා දන්නව ද
දන්නෙ නෑ.
 - - - - -
දෙකට කාලක් තියෙද්දී ඉස්කෝලේ ඇරිලා ගෙවල්වල යන ළමයි දිහා මමත් මල්ලිත්
බස්හෝල්ට් එකට වෙලා බලාගෙන හිටියා. සුදු ම සුදු පාටට උදේට යන ළමයි හවස කණ කොක්කු
වෙලා එන හැටි මට හිතින් මැවිලා පෙනුණා. මගෙත් මල්ලිගෙත් ඇස් ළමයින්ගේ සුදු ඇඳුම
දිහාවට තදින් ම යොමුවෙලා තිබ්බා.... ඒ මට ආයේ කවදාවත් අඳින්නට නොලැඛෙන
මල්ලිට කිසිදාක අඳින්නට නොලැඛෙන පාසල් නිල ඇඳුම ඒක නිසා වෙන්න ඇති.....

උපුටා ගැනීමථ "නුවණ" අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාවේ
සිංහල භාෂා ඒකකයේ වාර්ෂික ප්‍රකාශනය - 2016

Nissanka Rajapaksa

unread,
Aug 18, 2019, 8:25:10 PM8/18/19
to ind...@googlegroups.com
ගුරු තරුව පායා බැස ගියා ය
එදා මිස් කෙනෙකු වීම හරි ලේසි දෙයක් විය. මා වඩා ආසා කළේ සාරියට ය. ඒ මිස් කෙනෙකු වූ අපේ අම්මා ද සාරි අඳින්නියක වූ නිසා වන්නට ඇත. රටේ ම මිස්ලාට අඳින්නට දෙන්නට තරම් සාරි ගොඩක් අපේ අම්මා ගේ අල්මාරියේ අහුරා තිබුණත් ඈ ඇන්දේ ඒවායින් හතරක් පහක් පමණි. අල්මාරිය තුළ වූ සැවැන්දරා මුල්වලින් මිස් කෙනෙකුට ආවේණික සුවඳ ලබා දුන්නේ ය. රත්තරන් පාට බෝඩරය සහිත දිළිසෙන සාරිය මා වඩාත් ම ආසා කළ සාරිය වුව ද ඇය කිසි දාක එය ඇන්දේ නැත.

මා ඒ සාරිය ඇන්ද ද මිස් කෙනෙකු වීමට එය පමණක් සෑහුණේ නැත. ඒ සඳහා කණ්ණාඩි දෙකක් අවශ්‍ය ම විය. කඩවත ආත්තම්මලහා ගිය දිනෙක සොල්දරයේ තිබී අහුළා ගත් වීදුරු බිඳුණ කණ්ණාඩි රාමුව මගේ පිහිටට ආවේ ය. එය පළඳා ගත් විට මගේ මුහුණින් අඩකටත් වැඩියෙන් පිරී ගිය ද මිස් කෙනෙකුගේ පෞරුෂය ලබා දුනි. දිග තේ කෝට්ටක් කඩා ගත් විට සියලු සුදුසුකම් සම්පූර්ණ ය. යතුරු කට්ටක් ගසා අලුත්වැඩියා කර ගත් අම්මාගේ පරණ, ගෙවී ගිය, අඩි උස සපත්තු දෙකත් ලා ගෙන කකුල් අද්ද අද්දා සාලයට පැමිණෙමි. ටෙඩී බෙයාර්ලා ද, ලොකු කුඩා බෝනික්කෝ ද පංතියේ ළමයි වූහ. උන් කෑ කෝ නො ගැසුවෝ ය. කොලු තාත්තලා නො වුණෝ ය. දඬුවමට තේ කෝට්ටෙන් තැළුෑ විට කර බාගෙන ම සිටියෝ ය. මානව අයිතිවාසිකම් උල්ලංගනය වූවා ය කියමින් ගුරුවරයාට විරුද්ධ ව පොලීසි නො ගියෝ ය. මම උන්ගේ පන්ති භාර මිස් වූයෙමි.

කිරි දත් වැටී අලුත් දත් මතුවන විට ගෙයි මිදුලෙන් එපිට සිටින ගුරුතුමිය දුටුවෙමි. මම ඇගේ අතේ එල්ලී පාසල් ගියෙමි. හැතැප්මක් පමණ පයින් යන ඒ ගමන හරි විනෝදජනක ය. මඟ දී හමුවන හැම දෙනා ම අම්මාට මිස් කියා අමතති. සිරිදාස මාමා බෙල්ල පහත් කර ආචාර කළේ ය. මුණ ගැහෙන ඇතැම් ගැහැනියක් මගේ නිකට මිරිකුවා ය. පසුපසින් හිරු පායන විට අපේ සෙවණැලි බොහෝ ඈතට දිගු වෙයි. පුංචි මා ද එවිට බොහෝ උස යයි. මම ඒ කළුවන් රූපයට සාරි අන්දා මිස් කෙනෙකු කරමි.

''..... මල් වැටිච්ච සාරි අඳින්නේ... පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ.. එයාට අපි ටීචර් කියලයි අමතන්නේ...'' 
ටීචර් කියා තිබුණත් ඒ සිංදුවේ හිටියේ අපේ අම්මා ය. 

කන්ද උඩහ පංතියේ අම්මා සිටිනු පෙනෙයි. හෙට්ටි මිස් අහක බලනකම් හිඳ මම ඉස්සී එබී බැලුවෙමි. අක්කලා මොනවාදෝ ලියති. අම්මා පොතකට එබීගෙන නිකන් හිඳී. ඉන්ටෝල් බෙල් එක වදිනවාත් සමඟ ම මා හැල්මේ දුවන්නේ ගුරු විවේකාගාරයට ය. ඔක්කෝ ම මිස්ලා ගේ තේ බෝතල් අතරින් මම අම්මා ගේ තේ බෝතලය එකවර ම හඳුනා ගනිමි. ගෙදරදී වාගේ නො වෙයි. ඒ තේ එක හරි රහ ය. ඉතින් මිස් කෙනෙකු වූ විට ඒ වාගේ රහ තේ කොයි තරම් බොන්න හැකි ද?

දොළහ මාරට අපට ඉස්කෝලේ ඇරුණ විට අම්මා මා ගෙනැවිත් ඇගේ පංතියේ අන්තිම පේළියේ වාඩි කරවන්නී ය. අපේ අම්මා සැර නැත. ඒත් අයියලා අක්කලා බයෙන් වාගේ කෑ නො ගහා අම්මා කියන දේවල් අසා හිඳිති. අම්මා අහක බලන විට සමහර අයියලා මා දිහා බලා ඇස් ලොකු කර දිව එළියට දමති. මට බය නො සිතුණා ම නො වේ. ඒත් අම්මා හිඳිද්දී කුමට බය වෙන්න ද? අම්මාට කිව්වොත් උන්ගේ පිට පැළෙන්න දෙනවා ඇතැයි මට සිතේ. ඒත් සමහර අක්කලා අයියලා හරි ම හොඳ ය. මට කාක්කො සාදා දෙති. ස්ටිකර් දෙති. පාට පැන්සල් දී චිත්‍ර අඳින්නට කියති. මම ද ලෝභ නැති ව ඒවා අරගනිමි. කොහොම වුණත් ඒ අය අම්මාට හරි ආදරේ ය. වාරයක් පටන් ගන්නා විට අපි වාගේ ම අම්මාට බුලත් දී වැන්ද හ.

එක දවසක් අපේ ගෙදරට අක්කා කෙනෙක් ආවා ය. ඇය විසින් ටීපෝව මත තබන ලද පාර්සලය දෙස ගිජු බැල්මක් හෙළාගෙන සිටිය ද ඈ අම්මාට වැඳ නැගිටින විට ඇසේ නැඟී තිබූ කඳුළු දකිත් ම මට ඇය ගැන දුක සිතුණි. අම්මා ගේ ඇස්වල ද කඳුළු පිරී තිබිණි. ඒත් ඈ අම්මාට ''ගිහින් එන්නම් මිස්'' කියා ගියේ බොහෝ ම සතුටිනි. 
''දැක්කනේ ඔයත් ඒ තක්සලා අක්කා වගේ ඉගෙන ගන්නෝන.''
ඒ වචන නො තේරුණත් ඉගෙන ගත් විට අඬන්නට සිදුවෙනවායි මට සිතිණි.
'' බෑ බෑ මට ඉගෙන ගන්න බෑ... මට මිස් කෙනෙක් වෙන්න ඕනෑ.''
'' මිස් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕන.... විශ්ව විද්‍යාලෙ යන්න ඕන.'' 

එය නම් බොරු කතාවක් විය යුතු ය. අම්මා ඒ කියූ තැන්වලට යනවා අප දැක නැත. අම්මා එක පාරට ම මිස් කෙනෙකු වී තිබේ. එබැවින් මගේ ඉගෙනීමට ආසාවක් නො විණි.
'' අයි වෝන්ට් ටු බී අ ටීචර්''

තුන හතර පංතිවල දී ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේ දී පළමු වරට ප්‍රකාශිත ප්‍රාර්ථනාව අට නවය වෙද්දී වඩා සාර ව දලු ලන්නට පටන් ගත්තේ ය. දයා මිස්ට තිබුණේ වෙනස් ඉගැන්වීම් ශෛලියකි. ඇය අප පසුපස නො පැන්වුවා ය. අච්චු පොතේ ම ගණන් සාදා දුන්නත් ඇය ඒවා බලා දෙන්නීය. මා ගණන්කාරියක කරවූයේ ඇයයි. ජාගොඩ සර් ගේ කඩ ඉරි ඇඳීමේ ක්‍රමය අපි හුණු කැබලි ඉවර වන තුරු පුරුදු වීමු. රංජිත් සර් ගේ කතා විලාසය ළමයින්ට විද්‍යාව ඉගෙන ගන්නට ආරාධනා ස්වරයක් විය.

********

හදිසියේ උදා වූ ඒ දවස මට හොඳට මතක ය. ප්‍රථම වැහි පොද බිමට වැටෙනු අපි මිදුලට බැස බලා සිටියෙමු. වසන්තය ගෙන ඒම පිණිස ඒ වන විට කොවුලෝ ද වැස්ස හා අත්වැල් බැඳගෙන සිටියහ. කොවුල් කිල්මෙන් ඔකඳ වූ මඳ සුළඟ නිඳා හුන් ගස් වැල්වලට ඇඟිල්ලෙන් තට්ටු කරමින් හනි හනික දිව ගියේ ය. කබ කඩමින් කුසීත ව ඈනුම් අරින ඔවුන්ට පරිසරයේ සිදු ව ඇති වෙනස පෙනෙන්නට විය. අලුත් ම උදෑසනකි එය. අවුරුදු ගණනක නියඟයෙන් වේළී කළු ගැහී ඉපල් වූ කෙට්ටු ගස්වල තැන තැන ළා කොළ පාටට සිනා එබිකම් කරනු පෙනිණ. ටික වේලාවකින් වට පිටේ හැම ඇසක් ම ඇරුණි. ඒ හැම ඇස් බෝලයක ම බලාපොරොත්තුව දිළිහිණි. බොහො දුකින් සඟවාගෙන මල් තැනූ ගහක් ඒ මල් සඟවා ගත් තැනින් ඔසවා අහස පෙන්වී ය. පොඩි උන් ද අත් උස්ස උස්සා කිසිදා නො දුටු අහසට සුරතල් සිනා විසි කළහ. කෘෂ වූ ඇතැම් ගසක් සිය කෙට්ටු අත පය දෙස නැමී බලා සිය අතීතය මෙනෙහි කළහ. වැලමිටේ වූ බැටන් පොලු පහරින් වූ තුවාල කැළල ඔහු සෙමෙන් අත ගෑවේ ය. වැහි පොද දකිත් ම ඔහුට එය ආභරණයක් විය. මුළු උද්‍යානයට ම හොඳ කලක් ලබාවියැ යි හැම දෙගුරු වැඩිහිටි ගහ වැල ම සිතුවෝ ය.

********

හෙට දවස උදාවන තුරු බලාගෙන හුන් ඒ රාත්‍රිය මගේ ජීවිතයේ ලස්සන ම රාත්‍රිය යි. හරිහැටි හැඳින්නේ නැති වුවත් අහසේ පෙනුන වඩාත් ම දීප්තිමත් තරුව ගුරු තරුව කියා නම් කළෙමි. ඒ තරුව කැඩපතක් වෙමින් මගේ රුව ඒ තුළ පෙනිණි. මම තරුව හා සිනාසුණෙමි. පසු දා උදෑසන අලුත් ම අලුත් සාරියක් ඇඳ කෝල ව බිම බලාගෙන නුපුරුදු ගමනින් යන යුවතියක දෙස ඒ මඟ දෙපස ගහවැල බලා උන්නා මට මතක ය. ගුරු පුහුණුවට මට ලැබුණු ඉස්කෝලයට සැතපුම් දෙකක් පයින් යාමට සිදු විය. අතර මඟ දී මට අපිත් සමඟ එකට පුහුණු පත්වීම් ලද මාලි මිස්ගේ දූත්, මිතුරියන් දෙදෙනෙකුත් හමු විය. ඒත් උන් ගියේ ගෙවල් ළඟ ම ඉස්කෝලයට ය. ලොකු ලොක්කෝ කීප දෙනෙක් උන් ගේ අත් බෑගවලින් ඉස්සී මා දෙස බලා ඔලොක්කුවට සිනා සී යළිත් සැඟවෙනු මම දුටුවෙමි. රාජ්‍ය සේවයේ පළමු පාඩමක් මම රාජ්‍ය සේවයටත් පෙර ඒ මොහොතේ උගත්තෙමි. එදා පටන් අම්මා හා මාලි මිස් අතර වූ ඇයි හොඳැයියත් මා හා බඩ බැඳගෙන හුන් යෙහෙළියන් අතර වූ බැඳීමත් දියවී යන්නට විය.

මා සිත කිසියම් අපුලකින් පිරී යන්නට විය. එහෙත් ඒ පුංචි පාසල මා ආදරයෙන් පිළිගත්තේ ය. පිට්ටනිය මත තණකොළවල අග්ගිස්සේ වූ හැම පිනි බිංදුවක ම හිරු රැස් වැදීමෙන් ළදරු සිනා වැගිරෙන්නට පටන් ගත්තේ ය. මම උන්ගේ අලුත් මිස් වීමි. හරි හුරතල් පංති කාමරයකි ඒ. එහෙත් පොඩි උන් පෑන් පැන්සල් ගනිද්දී සමහර ලොකු මිස්ලා, සර්ලා ඊට අමතර ව බ්ලේඩ් තල, දැලි පිහි ළඟ තබාගෙන සිටියහ. පාසලේ තැන තැන බොරු වළවල්, කම්බි වැටවල්, බෝතල් කටු එමට තිබුණි. තමාට ඉහළ පංතියක කාල සටහනක් ලැබෙන්නට යද්දී කොහෙන්දෝ ආ බ්ලේඩ් තල පහරකට කැපුණ තුවාල කැළල පෙන්වමින් එක් ගුරුවරියක් මට ඔවදන් දුන්නා ය. එහෙත් පිපුණ මල් සම්පත් අතර කටු අමතක කර දැමීමට මම සිතා ගත්තෙමි. අනෙක පොඩි අපට ඕවා කුමට ද? පුංචි උන් මිස් මිස් කිය කියා මා වටා ම සැරි සැරූහ. ඉස්කෝලේ ඇරුණ පසු උන් මගේ පසුපස ම ඇවිත් හංදියේ දී උන්ගේ ගෙවල් පාරට හැරෙති.

පොඩි උන් නතර වූ පසු ඌ මගේ පස්සෙන් එන්නට පටන් ගත්තේ ය. අහක බලන හැම විටෙක හැම කොල්ලා ම වාගේ ඌ කුස රජුගේ භූමිකාව රඟපාන්නට විය. ඌ හිතාගෙන හිටියේ කුස රජ්ජුරුවෝ රස්සාවක් නැති රස්තියාදුකාරයෙක් කියා ය. මම මහ ලොක්කියක නො වුණ ද මේ වාගේ එකෙක් එක්ක නම් යා නො හැකි ය. අම්මල තාත්තල ඔවුන්ගෙ රීරි මාංසෙ දියවෙන තුරු අප පෝසනය කළේ දහ දුක් විඳල, හෙට ගැන හිතල හිත හෑල්ලු කරගෙන. බොල් එෆ් එම් නාලිකාවක ජනප්‍රිය කරවීම සඳහා ගෙනා බාල සිංදුවක් දවසකට දහ දොළොස් වතාවක් ඇහෙන විට එක්තරා උපරිම සීමාවක දී අපේ කණේ ද එය තැන්පත් වීමට බැරි නැත. මට බය හිතුණේ ඒ ගැන ය. එහෙත් ඒ හැම චක චක සිංදුවක් පරයා මට නිරංජලා ඇසුණි. '' සක්විති රජෙකුට අත් දෙක දෙන්නයි මවු පියො මා හැදුවේ....''

ඌ නතර වූවත් පසුපස එන පිරිපත නම් නො නැවතුණේ ය.

වසන්ත ගිවිසුම ලිහී යමින් තිබිණි. වැසි බිඳු වලාකුළුවල ම නැවතිණි. ඉන්පසු කොවුලා තනිව ම ගීතය ගයන්නට පටන් ගත්තේ ය. ඈත අහසේ ගුරු තරුව එක්වර ම ගැස්සිණි. එහි එළිය මඳක් අඩු වන්නට විය. හදිසියේ අහස බැලූ එක් රැයෙක ගුරු තරුව පෙනෙන්නට නො තිබුණි. ඇස පහළට ම ගෙන එන විට දිය වී යමින් තිබෙන තාරකාව මට දුකින් අත වනනු පෙනිණ. පසු දා කඩඉම් විභාගයේ ලකුණු ලැබිණි. උපාධිය ඉහළින් සමත්, සාමාර්ථ පවා හිමි ඇතැම් පුහුණු ලාභිනියක් වැළහින්නක් බවට පත් කරනු ලැබ තිබිණි එය විසින්. හඬන්නට සිටි ඇතැම් අයෙක් සාද තෙපුල් මැද සිනාසුන හ. ඒ සිනහ මතින් විසි වුණේ ද පෙර අත් බෑගවල සිටියවුන් ගේ කිරි සුද ය. 

'' පුහුණුව කියන්නේ රස්සාව නො වෙයි.''
''පුරප්පාඩු නැහැ.''
'' ඊළඟ ආණ්ඩුව ඔක්කො ම එළවල දානව.''

නේක කතා බහ කනින් කොනින් ඇසෙන්නට විය. අවසානයේ කහ පාට පසුබිමේ රතු පාට අකුරු ලියාගෙන ගුරු තරුවට ඉඩ නො දෙන ගින්දර විසි කරන හිරු ගේ රශ්මිය යට පාරට බැස කෑ ගැසුවෙමු.

පාරේ කොනෙක, පදික වේදිකාව මත තක්සලා අක්කා ද වාඩි වී කෑ ගසයි. මහත් සේ තෙහෙට්ටු වූ ඇගේ වත දහඩියෙන් නැහැවී ඇත. මා ඇය වෙතට එනු දුටු ඇය වහා නැඟිට මා මඟහැර සෙනඟ අතරේ නො පෙනී ගියා ය.

වීණා වාදනය මෙන් නොව අපේ වචන බොහෝ රළු පරළු එමෙන් ම සාධාරණ හා සත්‍යවාදී වූ බැවින් බීරි අලියෙකුට වුව ඉවසා සිටිය නො හැකි විය.

'' ගුරුවරු විදියට විසිදහසක් ''
'' තරඟ විභාගයක් තියෙනවා ''
'' මෙච්චර තරඟ කරල ගුටි කාගෙන ආපු උන්ට තව මොන තරග ද? ''

කවුරුවත් එසේ නෑසුවේ විභාගවලට ඇති නො තිත් ආශාව නිසා නොව ඒ වන විට හකු පාඩ රිදෙන තුරු කෑ ගසා ඇති වී සිටි බැවිනි. තරඟ විභාගයේ දී ඔවුහු අපේ බුද්ධිය පිරික්සුවෝ ය. අභියෝග ඉදිරිපත් කළහ. ඒත් ''තරඟ විභාගය යනු කුමක් ද?'' යන ප්‍රශ්නය නම් එහි අසා නො තිබුණි. ඒ එයට නිවැරදි පිළිතුර සෑම දෙනා ම දන්නා නිසා ය. නැතිනම් එය භූමිතෙල් ගැවසෙන පසුබිමේ ගිනි පුළිඟු ප්‍රශ්නයකි. ''දේශපාලන මැදිහත්වීම'' වඩාත් ම නිවැරදි පිළිතුරට හැමෝට ම ලකුණු සීය දෙන්නේ කෝම ද?.

තරඟ විභාගයේ ප්‍රතිඵල පැමිනිණි. එය පැටළුණ නූල් බෝලයක් විය. පැටළුණ තැන් පෙන්වා දුන්න ද තමන් අතින් වරදක් විණැයි පිළිගන්නට ලොකු ලොක්කෝ කැමති නො වූහ. පිළිසරණට හිටියෝ උඩ ඉන්නා දෙවියෝ පමණි. එහෙත් හතළිස් එක්දහසක ගේ ප්‍රශ්න තිස්තුන් කෝටියකට වඩා අධික ය. පැටලීම් හිතා මතා ම කරන්නට ඇත. ඒ නූල් පනින රිලවුන්ට ඉනිමං බඳින්නට බොහෝ ප්‍රයෝජනවත් ය.

ඔවුන්ගේ වරදින් මගේ නම තිබුණේ වෙනත් විෂය ක්ෂේත්‍රයක් යටතේ ය. එය නිවැරදි කරවා ගැනීමට කකුල් කඩුත්තුව හැදෙන තුරු කොළඹ යන්නට මට සිදු විය. උන් වරද මා පිට ම දමා ගසමින් ඇඟ බේරා ගනිති. අප කියන බොහෝ දේ උන්ට පැහැදිලි නැත. ලොක්කන් විතරක් නම් මදෑ. සොක්කන්ගේ ද ගැම්බර බලන්නට අපට සිදු විය. අපේ ගමේ සිටි කළු කපුටෙක් අප දැකුමෙන් පිම්බී සෙබඩෙකු බවට පත් විය. ඌ පිල් සළමින් ඔළුව ගස්ස ගස්සා අප ඉදිරියෙන් අහක බලාගෙන යන්න ගියා ය. ''නොදකින් විතරක් අට පාස් නැති කපුටා.''

එක ම ප්‍රශ්නයට දහ දොළොස් වතාවක් උත්තර දීමෙන් හකු පාඩ ගැළැවී ගිය එක් දවසක මගේ තරහා ලොක්කා ගේ මේසය උඩ දමා ගසා ආපසු පැමිණියෙමි. මගේ ඇස් පිපිරී දුක උතුරා ගියේ ය. 

කඳුළින් තෙත් වූ ඇස වටේ සියලු දේ ම පෙනුණේ බොඳ වී ය. ඒ අතරින් තක්සලා අක්කා ගේ කෙට්ටු මුහුණ ඉතා පැහැදිලි ව පෙනෙන්නට විය. එහි සෑ ම සියුම් ඉසියුම් රේඛාවක් ම මම දුටිමි. බොහෝ කාලයක් තිස්සේ කඳුළු ගලා ගිය ගං හෝවල ද, ඒ දිය එක්රැස් ව තිබූ වළ ගොඩැලිවල ද ශේෂයෝ ඒ වත මත සිටියහ. 

''සම්මුඛ පරීක්ෂණය ''
එහි නෑසුවේ ඉගෙන ගත් දේ පමණි. 

'' කම්පියුටර් කෝස් එකක් කරල තියෙනව ද? ''
''ඔව් සර් ''
'' ආ මේ අවුරුද්දක කෝස් එකක්නෙ. අවුරුදු දෙකක එකක් කරල නැද්ද? ''

'' කම්පියුටර් කෝස් එකක් කරල තියෙනව ද? ''
'' ඔව් සර් ''
'' ආ මේ අවුරුදු දෙකක එකක්නේ . තුනක එකක් කරල නැද් ද?''

''එම් ඒ එකක් කරල තියෙනව ද?
පී එච් ඩී එකක්? ''

''ඇයි බූරුවෝ බලපන්කෝ උපාධිය අරන් තියෙන අවුරුද්ද. කණෙක් නො වේ නම් පේන්නැද්ද අවුරුද්දකින් කෝම ද එම් ඒ කරන්නෙ කියලා.''

මට එසේ සිතුණ ද නො කීවේ ඊළඟ උත්සාහයෙන් උගේ හොම්බ තැළෙතැයි බය සිතුණ නිසා නො ව ඉන් ද පලක් නොවන වග දන්නා නිසයි. 

කොහේදෝ සිට ඇවිත් තක්සලා අක්කා මගේ අතින් අල්ලා ගත්තා ය. ගුරු තරුවේ සෞන්දර්යයට යටින් අන්ධකාර අහසක් ඇති බව ඇය මට පෙන්වුවා ය. මම අකැමැත්තෙන් වුවත් ඒ දෙස බැලුවෙමි. එය සත්‍යයකි. මම ඒ කබොල්ල කඩා දමමි. සැරව පිරි කුණු ලේ වන් පිළී ගඳැති මතකය මිරිකි මිරිකී උඩට එයි. ''හරි මහන්සියි කකුල් රිදෙනවා'' කියමින් පැමිණ අම්මා ඇඳේ දිගාවෙනු මට පෙනෙයි. ''මට අස් වෙන්න හිතෙනවා පුතේ.'' අත හිස මත ගසාගෙන පොත තුළට එබීගෙන ඇය බලන්නේ ළමයින්ගේ ඇගයීම් ය. ඔළුවෙ කැක්කුමට බොන පෙති කාඩ් කීපයක් ම ඇගේ මේසය මත තනි රකී. තව තවත් ගැඹුර බලද්දී ඒ මතකය තුළ එදා මා දුටු නමුත් වහා අමතක කර දැමූ බොහෝ තැන් මිරිකි මිරිකී තිබෙනු මම දුටිමි. ඒ අම්මාට දුෂ්කර මාරුව ලැබුණ දා ය. නංගී ලැබෙන්නට සිටි කාලය ය. බඩකුත් උස්සාගෙන අම්මා මාරුව හදා ගන්නට කන්තෝරු ගානේ යයි. මා ද ඇගේ තනියට අතේ එල්ලාගෙන ය. බඩදරු ගෑනියෙකැයි කවුරුත් ඇයට අනුකම්පා නො කරති. අද වගේ ම උන් එක ම ප්‍රශ්නය දහ දොළොස් වතාවක් අසති. බබාලා වෙති. එකිනෙකා කපා දමමින් මහ රැයේ පන්දම් අල්ලාගෙන ටයි කෝට් තෙක් එන්නට පාර හොයා ගන්නා ඔවුන්ට නො තේරෙන්නේ අප කියන ප්‍රශ්නය පමණි. අම්මා උදේ හතරට ඇහැරෙයි. පාඩමට සූදානම් වෙයි. පරීක්ෂකලා එන දවස්වලට පණ බයේ ඇගයීම්, වාර සටහන්, දින සටහන් ලියා සම්පූර්ණ කරයි. රතු ඉරට පෙර හනි හනික ඉස්කෝලෙට යා යුතුයි. කාලච්ඡේද අට ම හුස්මක් කටක් නො ගෙන ඉගැන්විය යුතු යි. අවුරුද්ද ඉවර වීමට පෙර විෂය නිර්දේශ සම්පූර්ණ කළ යුතු යි. 

තක්සලා අක්කා ගේ ඇස් බෝලය මත අම්මාගේත් මගේත් මුහුණු සමපාත වී වරින් වර මතු වෙයි. 

Nissanka Rajapaksa

unread,
Aug 19, 2019, 5:29:51 PM8/19/19
to ind...@googlegroups.com
යථාවබෝධය
ඉන්දීය ලේඛක රාමේන්ද්‍ර කුමාර් විසිනි
වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. යොවුන් සහ ළමා සාහිත්‍ය සම්මාන රැසක් දිනූ ලේඛකයෙකි
සිංහල අනුවාදය බොබී ජී බොතේජු විසිනි

"ලතා මිනිත්තුවකට එන්න පුලුවන් ද?˜ වී. කේ. සත්‍යන් මහතා තම කාමරයේ සිට ඇමතුවේ ය.
"පොඩ්ඩක් ඉන්න අප්පා. දැන් මට එන්න බැහැ. මම නිත්‍යාගේ උදේ කෑම ලෑස්ති කරනවා˜ ලතා
පිළිතුරු දුන්නා ය.
නිත්‍යා ඇගේ මව දෙස බැලුවා ය. ඇය නොරිස්සුම් ගතියක් පෑවා ය.
නිත්‍යා උදේ ආහාරය ගැනීමෙන් පසු පාසැල් ඇඳුමින් සැරසීම සඳහා තම කාමරයට ගියා ය. 
මිනිත්තු පහකට පමණ පසු ඇය පාවහන් පැලැඳීමට සැරසෙද්දී සීයාගේ කාමරය දෙසින්
කටහ`ඩක් ඇසිණ.
"ලතා මට රුපියල් දෙසිය පනහක් අවශ්‍යයි˜
"ඒත් තාත්තා ගිය සතියෙත් රුපියල් පන්සීයක් ගත්තානෙ˜
"ඔව් මම දන්නවා. ඒත් මම මොනව කරන්න ද? ඔයා දන්නවනෙ ඛෙහෙත් කොයිතරම් ගණන් ද
කියල. ඒ මදිවට දොස්තර මහත්තය කිව්වා මට පලතුරු ආහාරයට ගන්න කියල. මගේ ඇඟේ
ගාන තෙලුත් ඉවරයි. තෙල් ගාල මාව සම්භාහනය කරන රංගටත් ගෙවන්න ඕනෙ˜
"මට තේරෙන්නෙ නැහැ කොහොමද අපි ජීවත්වෙන්නෙ කියල. මේ විදියට ගියොත් අපට
සේවකයව අස්කරන්න වේවි. ගෙදර වැඩ සේරම මා පිට පැටවේවි.˜
ඒ සමගම රික්ෂෝවේ සීනු නාදය ඇසුණ බැවින් නිත්‍යා පිටතට දිව ගියා ය. පාසැල් යන අතරමගදී
ඇයට ඇසුණු සීයා සහ තම මව අතර වූ සංවාදය ගැන ඇය කල්පනා කළා ය. ඇගේ මව තම සීයාට
කතා කළ ආකාරය පිළිබඳ ව නිත්‍යා කැමති නොවූවා ය.
 - - - - -
සත්‍යන් මහතා දින දර්ශනය දෙස බැලුවේ ය. ඒ අගෝස්තු හතරවැනි දිනයි. ඔහුගේ පුතා වූ වාසු
පැමිණීමට නියමිතව ඇත්තේ හයවන දිනයි. වාසු ඖෂධ සමාගමක අලෙවි නියෝජිතයෙකි. ඔහු
වැඩි කාලයක් නිවසින් පිටත සංචාරයේ යෙදෙයි.
මාස නවයකට පෙර සත්‍යන් මහතා සතුටින් ජීවත් වූ මිනිසෙක් විය. තෙවසරකට පෙර ඔහු
පෞද්ගලික උපාධි විද්‍යාලයක ආචාර්ය තනතුරින් විශ්‍රාම ගත්තේ ය. ඔහුට අර්ථ සාධකයෙන් ලැබුණ
මුදල් සහ පාරිතෝෂික මුදලින් වැඩි කොටසක් හේ තම දරු දෙදෙනා වෙනුවෙන් වැය කළේ ය. ඔහුගේ දියණියන් චිත්‍රාගේ විවාහ මංගල්‍යය සඳහා ලැබුණ මුදලින් අඩකටත් වැඩි ප්‍රමාණයක්
වියදම් විය. ඉතිරි මුදල් වාසුට ස්කූටරයක් සහ නිවසට වර්ණ රූපවාහිනියක් මිලට ගැනීම සඳහා
යෙදවිණ. වර්ණ රූපවාහිනිය නිවසට ගෙන ආ අවස්ථාවේ නිත්‍යා කෙතරම් සතුටු වූවා ද යන්න
ඔහුට තවමත් මතක ය. ඔහු විශ්‍රාම යාමෙන් තෙමසකට පසු ලතා යෝජනාවක් ඉදිරිපත් කළා ය.
"අප්පා ඉතා හොඳ ගණිත ගුරුවරයෙක්. ඒ නිසා පුද්ගලික පන්තියක් පටන් ගන්නෙ නැත්තෙ
ඇයි? අසරණ ළමයි - විද්‍යාව සහ ගණිතය පාසලේ දී උගන්වන්නෙ ඉතා පහළ මට්ටමින්.
ඒ නිසා ළමයි පීඩා විඳිනවා. බොහෝ පාසැල්වල සහ විද්‍යාලවල ගුරුවරු එක්කෝ ඉගැන්වීමට
උනන්දුවක් දක්වන්නෙ නැහැ එහෙම නැත්නම් ඉගැන්වීමට අසමර්ථයි. ඒ නිසා හැම තැනම
පුද්ගලික පන්ති පැතිරිලා. මේ උපකාර පන්ති මුදල් ඉපයීමට කැපවෙලා. සිසුන්ව සූරාකනවා.
අප්පා උගන්වන්න පටන්ගත්තොත් ඒක සමාජ සේවයකුත් වේවි˜
"ඒත් මම පන්ති පවත්වන්නෙ කොහෙද?˜
"මේ ගෙදර. අපි ආලින්දය පන්ති කාමරයකට හරවමු. අපි ඩෙස් පුටු ටිකකුයි කළු ලෑල්ලකුයි
ගනිමු˜
"අපි ළමයින්ව සම්බන්ධ කරගන්නෙ කොහොමද?˜
"මම ඒ ගැන බලාගන්නම්. මම ආරංචිය පතුරුවලා හරින්නම්. අප්පා පන්ති පටන් ගන්න
බව දැනගත්තොත් ළමයින් පෝලිමේ ඒවි. ළමයින් ව බඳවා ගැනීම, ගාස්තු අය කර ගැනීම සහ
අනෙක් විධිවිධාන යෙදීම මට බාරදෙන්න. අප්පා ඉගැන්වීම පටන් ගන්න සූදානම් වෙන්න. අප්පා
අපට මේකෙන් හොඳක් සිද්ධවෙනවා. මම කොහෙ හරි කියවලා තියෙනවා කාර්යය බහුල ජීවිතයක්
ගත කරපු කෙනෙක් විශ්‍රාම ගියාට පස්සෙ වැඩ කටයුතු නතර කළහම ඉක්මනින් වයසට යනව
කියල. ඉගැන්වීම අප්පගෙ ශරීර සෞඛ්‍යයට විතරක් නෙවෙයි මානසික සෞඛ්‍යයටත් හොඳයි˜
"මම හිතනවා ඔයා කියන දේ ඇත්ත කියල. ඒත් මට එක දෙයක් කියන්න තියනවා ගුරු වෘත්තිය
ශ්‍රේෂ්ඨ වෘත්තියක්. මට ඒක ව්‍යාපාරයක් විදියට සලකන්න බැහැ. මා ළග තිඛෙන දැනුම ඛෙදා
ගැනීම විකුණන්න මට බැහැ. ඒ නිසා පන්ති ගාස්තු සාධාරණ වෙන බවට සහතික වෙන්න˜
"ඇත්තමයි අප්පා මම වෙළඳපළේ ගාස්තු ගැන හොයලා බැලුවා. ඊට වඩා අඩු ගණනක් නියම
කරන්නම්˜
සතියකට පසු පන්ති ආරම්භ විය. දොරෙහි පිට පැත්තේ කුඩා දැන්වීම් පුවරුවක් සවි කරනු ලැබීය.
සත්‍යන් උපකාරක පන්ති ආරම්භයේ දී සිසුන් දහදෙනෙකු පැමිණි අතර සත්‍යන් මහතාගේ
කීර්තිය පැතිර ගියේ ය. ඉක්මනින් ළමයින් විස්සක් වූ අතර සති කිපයකින් තිහක් විය.
සය මසකට පමණ පසු අසළ තිබූ සමාජ ශාලාවකශාලාවක් කුලියට ගැනීමට ලතා සමත් වූවා ය. එම ශාලාවේ පන්ති පවත්වන ලෙස ඇය සත්‍යන් මහතාව පෙලඹවුවා ය. උදය වරුවේ
සිසුන් හතළිහ බැගින් වූ කණ්ඩායම් දෙකකටත් සවස් වරුවේ සිසුන් හැටක කණ්ඩායමකටත්
ඉගැන්වීමට සත්‍යන් මහතාට සිදු විය. සත්‍යන් මහතා ඉගැන්වීමට අවධානය යොමුකර ගෙන
සිටි අතර ලතා ගාස්තු එකතු කිරීම, ලිපි ද්‍රව්‍ය සැපයීම ඇතුළු අනෙක් වැඩ කටයුතුවල නිරත
වූවා ය.
තමන්ගේ නව රාජකාරිය පිළිබඳව සත්‍යන් මහතා සතුටට පත් විය. ඉගැන්වීමට දැඩි ලෙස ප්‍රිය කළ
හෙතෙම ප්‍රශ්න ඇසීමට කැමති තරුණ ළමයින්ව දිරිමත් කළේ ය.
වාසු නිතරම පාහේ ගෙදරින් පිටව සිටි බැවින් ලතා ක්‍රියාකාරී ලෙස කටයුතු කළා ය. ඇය
සත්‍යන් මහතාගේ අවශ්‍යතා සියල්ල ඉටු කළා ය. දක‍ෂ සූපවේදිනියක් වූ ඇය ඔහුගේ ප්‍රියතම
ආහාර වර්ග පිළියෙල කර දුන්නා ය. දැන් ඇය මෙහෙකරුවකුත් සේවයට යොදවා ගත් බැවින්
සීයාගේ සහ නිත්‍යාගේ කටයුතු කිරීමට ඇයට වැඩි කාලයක් ඉතිරි කර ගත හැකි විය.
සියල්ල යහපත් ලෙස ගලායද්දී හදිසියේම ඛේදවාචකයක් සිදුවිය. ජලය පානය කිරීම සඳහා
මධ්‍යම රාත්‍රියේ අවදිවූ සත්‍යන් මහතාට තම සිරුරේ දැඩි වේදනාවක් දැනිණ. පියවර කීපයක්
ඉදිරියට ගිය ඔහු අනතුරුව සිහිසුන්ව ඇද වැටිණ. වාසනාවකට මෙන් වාසු නිවසේ සිටි අතර සත්‍යන් 
මහතාව වහාම රෝහල් ගත කෙරිණ. ඔහුව වහා ම දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කෙරිණ. පැය
තුනකට පසු වෛද්‍යවරයා වාසුට කතා කළේ ය.
"සත්‍යන් මහතාට දරුණු හෘදයාබාධයක් වැළඳිලා. ඔහුගේ සිරුරේ වම් පැත්ත අඩපණවෙලා˜
"එයාට එහෙ මෙහෙ යන්න පුලූවන්ද?˜ ලතා විමසුවාය.
බැහැ නෝනා එයාගේ වම් අතයි කතුලයි පණ නැහැ. එයාගෙ කටහඬටත් ඒක බලපාලා˜
"ඒකට ඛෙහෙතක් නැද්ද? දොස්තර මහත්තය˜
"එයාගෙ තත්ත්වය වර්ධනය කරගන්න පුලූවන්. නිතරම ව්‍යායාම් කරන්න ඕනෙ. ශරීරය
සම්භාහනය කරන්න ඕනෙ. සුදුසු ආහාර ගත යුතුයි. ඒ වගෙම ආත්ම විශ්වාසය වැඩි කරවන්න
අවශ්‍යයි. ඉතා හොඳ විකලාංග වෛද්‍යවරයෙක්ව මට නිර්දේශ කරන්න පුලූවන්. ඔහු ලෙඩාව පරීක‍ෂා
කරල සුදුසු ප්‍රතිකාර නියම කරාවි˜
සත්‍යන් මහතාව දින දහයකට පසුව රෝහලෙන් මුදා හැරිණ. පසුදින ම විකලාංග වෛද්‍ය ආර් කේ
රාජන් හමුවට ගෙනයාමට වාසු කටයුතු කළේ ය.
ව්‍යායාම් පිළිබඳව ඉගෙනීම සඳහා සතියක් ම තමා වෙත එන ලෙස වෛද්‍යවරයා සත්‍යන් මහතාට
උපදෙස් දුන්නේ ය. අනතුරුව ඔහුට තම ව්‍යායාම නිවසේ සිට ම කළ හැකි ය.
වාසුට රාජකාරි සඳහා පිටතට යාමට සිදුවු අතර තම මාමණ්ඩියව සායනය වෙත ගෙනයාම ලතා
වෙත පැවරිණ. ඔහුට බස් රථයේ ගමන් කළ නොහැකි බැවින් කුලී රියක් ගැනීමට සිදුවිය. මුල්
දින කීපයේ ලතා කිසිවක් නොකීවාය. අනතුරුව ඇය වෛද්‍ය රාජන් සමග කතා කළාය. 
"ඔහු සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න අවස්ථාවක් තියෙනවද?˜
"සාමාන්‍ය තත්ත්වය කියල අදහස් කළේ මොකක්ද?˜
"මම කිව්වේ හෟදයාබාධය වැලඳීමට කලින් ඔහු හොඳ ක්‍රියාකාරිත්වයෙන් සිටියා. හැමදාම දවසට
දෙවරක් උපකාර පන්ති පැවැත්වූවා. දවසකට පැය හතරක් විතර හිටගෙන ඉන්න පුරුදුවෙලා
හිටියා.˜
"ඒක නම් කරන්න බැහැ. ඒක ප්‍රාතිහාර්යයක් වෙන්න ඕනේ. නියමිත ව්‍යායාම් කරල නියමිත
ආහාර පාන ගෙන සම්භාහනය කළොත් නොන්ඩි ගගහ ඇවිඳින්න පුළුවන්වේවි. ඒ වගෙ
වෙහෙසකාරී වැඩක් නම් ආයිත් කවදාවත් කරන්න බැරිවේවි. ඔහුට ඒ සඳහා ශක්තිය යොදවන්න ඉඩ
දෙන්න බැහැ. ඔහුගෙ තත්ත්වය අනුව ඒ විදියට වෙහෙසවීම මාරාන්තික වෙන්න පුළුවන්.˜
එදිනට පසු ලතාගේ හැසිරීමේ වෙනසක් සිදුවිය.
ඇය වෛද්‍යවරයාගේ ගාස්තු කුලී රිය සහ ඛෙහෙත්වලට යන වියදම් පිළිබඳව මැසිවිලි
නගන්නට වුවාය.
විකලාංග සායනයට දසවාරයක් යාමෙන් පසු වෛද්‍ය රාජන්, සත්‍යන් මහතාට මෙලෙස
කීවේය. "දැන් ඔබ ගෙදර සිට ව්‍යායාම් කරන්න උත්සාහ කරන්න. ඔබට උපකාර වෙන්න මම
මගෙ සහායක පිල්ලෙව එවන්නම්. ඔබට තනියම ව්‍යායාම් කරන්න පුරුදු වෙනකම් ඔහු ඔබට
උපකාර කරාවි˜
පිල්ලෙගේ ආධාරය ලබාගෙන වුවත් ව්‍යායාම් කරන්නට තමාට අපහසු බව සත්‍යන් මහතාට
වැටහිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් හිතුවාටත් වඩා වැඩි කාලයක් පිල්ලෙයිගේ සේවය ලබාගැනීම හැර
වෙනත් විකල්පයක් නොවීය. පිල්ලේගේ පැමිණීමත් වියදම්වලට එකතු විය. සත්‍යන් මහතා ඉතිරි කර
තිබූ සියලූම මුදල් වියදම් විය. දැන් රුපියලක් ලබා ගැනීම සඳහා වුවත් ලතාගේ ආධාරය ඉල්ලීමට
ඔහුට සිදුවිය. ඇය හැමවිට ම අදිමදි කළාය. මේ ගැන වාසුට කීමට හැකිවුවත් සැමියා සහ බිරිඳ
අතර ගැටලුවක් ඇති කිරීමට ඔහුට අවශ්‍ය නොවූ නිසා ඔහු සියල්ල තනිවම විඳ දරා ගත්තේය.
 - - - - -
නිත්‍යා තම සීයාට ඛෙහෙවින් ආදරය කළා ය. ඔහු අසනීප වීමට පෙර සෑම දිනකම ඔහු ඇයව
උද්‍යානයට රැගෙන ගියේ ය. ඇය ක්‍රිඩා කරන අතරතුර අසළ ඇති බංකුවක වාඩිවන සත්‍යන්
මහතා තම අසල්වැසි මිතුරකු වන චාලම් මහතා සමග කතා බස් කරමින් සිටින්නේ ය. ඔහු ඇයට
චොක්ලට්, අලුත් ඇඳුම් සහ වෙනත් තෑගි ගෙනවිත් දුන්නේ ය. ලස්සන ඇඳුම් තරගයට සහභාගිවී
ඇය ප්‍රථම ත්‍යාගය දිනාගත් දවසේ ඔහු ඇයට එක් දිනක් රූපවාහිනියේ පෙන්වූ වර්ගයේ අලුත්
බයිසිකලයක් තෑගි කළේ ය. ඔහු ඇයට විහිළු කතා කියා සිනා ගැන්වූවේ ය. එහෙත් ඔහුගේ
අසනීපයෙන් පසු ඔහු වෙනස්වී ඇත. දැන් ඔහු ඇෙඳහි දිගාවී සිවිලිම දෙස බලා සිටී.
රො ්හලෙ ් සිට ඔහු නිවසට පැමිණි අයුරු දුටු නිත්‍යා තිගැස්සුණා ය. ඔහුට ඇවිදීමට
නොහැකි ය. පියා සහ ඔහුගේ මිතුරෝ සීයාව ඔසවාගෙන පැමිණියහ. ඔහුගේ මුහුණේ
පැත්තක් ඇදවී ඇති අතර ඔහුට කතා කරගත නොහැකි ය. දැන් ඔහුගේ තත්ත්වය යාන්තමින්
යහපත් ය. හැරමිටියක ආධාරයෙන් ඔහුට හෙමිහිට ගමන් කිරීමේ හැකියාව ඇත. එහෙත්
ඔහුගේ කතාව පැහැදිලි නැත. ඔහු කියන්නේ කුමක්දැයි වටහා ගැනීමට සමහර අවස්ථාවල
ඇයට වෙහෙස දැරීමට සිදුවිය.
තම මවගේ හැසිරීම පිළිබඳව නිත්‍යා අසතුටට පත්වූවාය. අතීතයේදී ඇය සීයා ගැන උනන්දුවෙන්
සොයා බැලුවාය. සන්ධ්‍යාවේ ඔහු නිදා සිටින විට ඔහුට කිසිදු බාධාවක් නොවන ලෙසට නිත්‍යාගේ
මව කටයුතු කළාය. සීයාගේ කාමරයට ඇතුළුවීම පවා නිත්‍යාට තහනම් විය. පුංචි හිසරදයක්
පිළිබඳව හෝ සීයා පැමිණිලි කළහොත් ඇය වහාම වෛද්‍යවරයකු සොයා ගොස් ඛෙහෙත් ලබා
දුන්නාය. නිත්‍යාට කෑමට විශේෂ යමක් අවශ්‍ය වු විට ඇය සීයා සොයා ගියාය. තමා ඉල්ලීමක් කළ
විට අම්මා එකඟ නොවන බව ඇය දැන සිටියාය. සීයාට පැමිණිලි කළ විට ඔහු නිත්‍යාගේ මවට
කතා කළේය. "ලතා අද උපමා හදන්න පුළුවන්ද? මම හුඟ කාලෙකින් උපමා රස බැලූවෙ නැහැ˜
පැයක් ගතවනවිට උණුවෙන්ම උපමා සීයාට ගෙනවිත් දෙනු ලැබිණ. නිත්‍යා සීයාගේ
පිඟානෙන්ම තම උපමා කොටස ලබාගත්තා ය. එහෙත් දැන් ඇය සීයා ගැන කරදර නොවන්නීය.
ඔහු කිසිවක් ඉල්ලා සිටි විට ඇය අවලාද කියන්නීය. මෙම වෙනස නිත්‍යාට ප්‍රහේළිකාවකි.
දිනක් ඇය ඒ පිළිබඳව සීයාගෙන් විමසුවාය. ඔහු වචනයක්වත් නොදෙඩුවාය. ඔහු ඇයව ළගට
ඇදගෙන ඇයව සිප ගත්තේය. සීයා දෙස බැලුවිට ඇයට දක්නට ලැබුණේ සීයාගේ ඇස්වල කඳුළු
ඇති බවයි.
 - - - - -
"අම්මා, රොකී වත්තෙ වමනෙ දානවා˜ නිත්‍යා තම මවට කීවාය. රොකී ඔවුන්ගේ සුරතල්
බල්ලායි. තමා දන්නා කාලයේ සිටම රොකී තම ගෙදර සිටි බව ඇයට මතකය. දඩාවතේ ගිය
බල්ලෙකු වූ ඌ රෞද්‍ර පෙනුමක් ඇති සතෙකි.
නිත්‍යා රොකීට ආදරය කළාය. සෑම දිනකම ඌ නිදාගන්නේ ඇගේ ඇඳ යටයි. සන්ධ්‍යාවේ ඇය
පාසැල අවසන්වී නිවසට පැමිණෙනවිට රික්ෂෝව වෙත දිව එන රොකී බුරමින් වල්ගය වනමින්
ඇයව පිළිගන්නේය. එපමණක් නොවේ. රොකී ආරක‍ෂකයෙකි. වරක් ඇගේ මිතුරියකවු ශ්‍රී ධර්
ඇගේ පිටට යාන්තමින් පහරක් එල්ල කළ විට රොකී ඉදිරියට පැන ඇගේ අත හපා කෑවේය.
අසරණ ශ්‍රී ධර් බියෙන් ක්ලාන්ත වූවාය.
"අම්මා ඇයි බලන් ඉන්නේ? කරුණාකරලා ගිහින් බලන්න. රොකී අසනීපයෙන්˜
"මට වෙලාවක් ලැබුණහම ගිහින් බලන්නම්. දැන් මට කරදර කරන්න එපා˜
එදින සන්ධ්‍යාවේ තමන්ව රැගෙන යන රික්ෂෝකරුට අම්මා මෙසේ කියනු ඇයට ඇසිණ.
"මොහාන් රොකීව අරගෙන ගිහින් කොහෙට හරි
දාන්න. ආපහු එන්න ඉඩ තියන්න එපා˜ ඇය රික්ෂෝකරු අත රුපියල් විස්සක නෝට්ටුවක්ද
තැබුවාය.
"හෙට උදේ නිත්‍යාව ගෙනිහින් ඉස්කෝලෙ බැස්සුවට පස්සෙ මම රොකීව ගෙනියන්නම්.˜
නිත්‍යා ගැස්සුණා ය. මොහාන් පිටව ගිය පසු ඇය අම්මා සමග වාදයක පැටලූණා ය.
"අම්මා මොකද මේ? ඇයි රොකීව පන්නන්න හදන්නෙ? අම්මා දන්නවා මම රොකීට හොඳටම
කැමති බව˜
"ඌට අසනීපයි ළමයෝ˜
"එහෙනම් දොස්තර කෙනෙක් ගාවට ගෙනියන්න˜
"විකාර කතා කරන්න එපා. වැදගැම්මකට නැති නාකි බල්ලකු වෙනුවෙන් රුපියල් සීයක් දෙසීයක්
වියදම් කරන්න කියලද ඔයා කියන්නෙ. ඔයාට ඕනෙ නම් අපි වෙනත් බල්ලකු ගෙනත් හදමු. මම
මොහාන්ට කියන්නම් බලු පැටියෙකුව හොයලා ගෙනත් දෙන්න කියල˜
 - - - - -
එදින රාත්‍රි නිත්‍යාට නින්දක් නොවීය. ඇය නපුරු සිහින දුටුවාය. මොහාන් ඇගේ සීයාව රික්ෂොවේ
දමාගෙන යයි. සීයාගේ අත් පා බැඳ ඇත. ඇය හඬමින් රික්ෂෝව පසුපස දිවයයි.
පසුදින හිමිදිරියේම අවදිවූ ඇය අම්මාගේ කාමරයට ගියාය. නිවසේ සේවිකාවවූ රාධා තවමත් පැමිණ
නැත. අම්මා බිම අතුගාමින් සිටියා ය.
"අම්මා මට කාරණයක් දැනගන්න තියෙනවා˜
"ඔව්˜ නිත්‍යාගේ මුහුණේ වූ ගැඹුරු පෙනුම දෙස ඕ මවිතයෙන් බැලුවාය.
"අම්මා, අම්මා ඊයෙ මොහාන්ට කිව්ව නේද රොකී වැදගැම්මකට නැති නාකි බල්ලෙක් නිසා
අරගෙන ගිහින් දාන්න කියලා. සීයත් අසනීපයෙන් ඉන්න වැදගැම්මකට නැති කෙනෙක් කියල
එයාවත් යවන්නද අම්ම ලෑස්තිවෙන්නෙ? මට අලුත් බල්ලෙක් ගෙනල්ල දෙන්න සූදානම් වුණා
වගෙ මට අලුත් සීයා කෙනෙක් හොයලා දෙන්නද හදන්නෙ?˜ ආපසු හැරුණ නිත්‍යා තම කාමරයට
දිව ගිය අතර ඇගේ දෙනෙතින් කඳුළු කඩා වැටිණ.
 - - - - -
එදින සවස නිත්‍යා පාසැලේ සිට ආපසු නිවසට පැමිණෙන විට නිවසේ දොරකඩ කුලී රියක්
නවතා තිඛෙනු දුටුවා ය. ඇගේ සීයා සහ රොකී කුලී රිය තුළ සිටි අතර අම්මා ඊට ගොඩවෙමින්
සිටියා ය.
"නිත්‍යා සීයා පපුවෙ අමාරුවක් ගැන කියනවා. මම සීයාව රාජන් දොස්තර මහත්තය ගාවට
ගෙනියනවා. රොකීව පශු වෛද්‍යවරයා ගාවට ගෙනියනවා. ඔයාගෙ කෑම මේස උඩ ඇති.
රාධාට කියන්න ඒව රත් කරල කෑමට දෙන්න කියලා˜ අනතුරුව ඇය නිත්‍යාට ළංවී ඇගේ
කනට කෙඳිරුවා ය. "නිත්‍යා අද උදේ ඔයා කරපු කතාව මට තදින් දැනුණා. මම සීයගෙන් සමාව
ඉල්ලුවා. සීයා මට සමාව දේවි˜ ඇය කුලී රියට නැගි අතර ඇගේ සීයා කුලී රියෙන් හිස පිටතට
දමා නිත්‍යාට සුභ පැතුවේය.
ඇය දිවගොස් ඔහුගේ අත් බදාගත්තා ය.
"ස්තුතියි නිත්‍යා˜ ඔහු පැවසුවේ ය. ඔහු නිත්‍යාවසිපගන්නා විට ඔහුගේ කම්මුල් 
කදුළුවලින් තෙත්වී ඇති බව නිත්‍යාට දැනිණ.

උපුටා ගැනීම: "නුවණ" අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික භාෂා හා මානව ශාස්ත්‍ර ශාඛාවේ

Nissanka Rajapaksa

unread,
Aug 20, 2019, 5:49:06 PM8/20/19
to ind...@googlegroups.com
 මළ ගෙයක් හා මරණයක්
ගැමුණු පී. දසනායක

තිරයත් තෙලුත් තිබියදී පොල් තෙල් පහන නිවී යයි. එහි තිරගින් අවසන් දුම් රැළි කිහිපය විසිරයේ. ලොකු නංගී පැමිණ ගිනි කූරක් ගසා යළි පහන පත්තු කර තිරය තව ටිකක් ඉදිරියට තල්ලු කරයි. පහන වඩා දීප්තිමත්ව දැල්වේ. 

*******

දෑවුරුද්දකට කලින් එක්තරා දිනෙක අම්මා උදේ පාන්දරින්ම බුදු පාන පත්තු කළාය. ප්‍රඥාලෝකය විහිදුන පහනින් තෙල් බිඳක් ඇඟිලිවල තවරා ඉන් මා හිස පිරි මදිද්දී ඈ ඒ ආලෝකයෙන් බොහෝ දුර දකින බව මම දුටිමි. මඟ මඟ හමුවිය හැකි අසුබ දසුන් වල අපල කැපී යන්නට තරම් බලගතු සමන් පිච්ච මල් වතුර බඳුන රැගෙන ඉදිරියට ආවාය ඈ. මහ වරුසාව බුරාගෙන කඩා පැන්නද, අපි ඉදිරියටම පා තැබුවෙමු.

පහමාරේ කෝච්චිය අපට වැරදුණේ නැත. ඒ දවස් වල කොහොමටත් සීතලය. ඒත් එදා වඩ වඩාත් සීතල දැනෙන්නට විය. සිතිවිලි වලට තටු ලැබී කැදැල්ල වෙත පියඹමින් තිබුණි. නංගිලා මල්ලිලා හා ගෙවු රංඩු සරුවල් පිරි මිහිරි යුගය ඈත සිට අත වැනීය. කෝච්චිය ගමන් කළේ "කොහොමද රිසල්ස්, කොහොමද රිසල්ස්" කියමිනි. ප්‍රතිඵල ආ දවස මතකයේ මතුපිටම ස්ථරයේ වාඩිලාගෙන සිටියේය. 

*******

සාලය නිශ්ශබ්දය. පසුගිය දින දෙකම නිදි වැරූ අම්මාට නින්ද ගොසින්ය. සාලයේ බිත්තිය මත එල්ලූ පින්තූර කණපිට ගසා ඇත. එක පින්තූරයක කණපිට සැරසී ඇත්තේ මා විසින් අඳින ලද චිත්රරයකිනි. මෙපමණ කලක් සැංගී සිටි සිතුවම අද එළියට පැමිණ ඇත.

*******

මගේ ජීවිතයද කණ පිට හැරුණේ සරසවියට ඇතුළු වූ දවසේ සිටය. එදා මා වටකරගෙන නැඟී සිටියෝ සුදුපාට උස ගොඩනැගිල්ලෝය. මා නිකම්ම අඟුටුමිට්ටෙකු බවට පත් වී තිබිණි. ඒ සුදු උස ගොඩනැගිලි ඇඟිලි උරුක් කර කර මගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න ඇසීය. ටයි කෝට් ඇඳ කාරෙකෙන් ගමන් යන ගෞරවනීය සිහිනය තුළ සැඟව තිබුණේ පිළිකුලයි. දවසක් දෙකක් ගත වන විට මිනී කාමරයේ ගැවසීමට සිත කැමති කරවා ගත්තද, එහිදී ඇතැම්හු බඩ බොකු හාරන්නට වූහ. ඇතැමෙක් ඔපරේෂන් සැත් වලින් එකිනෙකා කපා ගත්හ. මෙහි ජීවත් වන්නට නම් ඇඟේ ඇති සියුම් ස්නායු තන්තු ව්‍යවච්ඡේදනය කළ යුතුව තිබුණි. පපුව පලා නිරීක්ෂණය කළ විට මා දුටුවේ ක්ෂීණ වී ගිය හෘදාංකුරය. කපාලාස්ථිය තුලින් අත් දම දමා මොළය තව තවත් දැනුම හිඟා කන්නට විය. නොලැබුණ විට තර්ජන ගර්ජන මඟින් ලබා ගන්නට වෙර දැරීය. නිරන්තර පිට දමන කුණු ඕජස් මතින් පියාඹා ඉවත් වන්නට මට ඕනෑ විය. ගෙදර හා කොලඹ අතර නිරන්තර උඩ පහත සංචරණයන් පිණිස මා දෑතේ යකඩ පිහාටු දලු ලෑය. 

*******

පොඩි හාමුදුරුවෝ සාලයට වඩිති. “ඔහොම තමයි අම්මේ ජීවිතේ හැටි." අම්මා සැනසෙන්නට ඇතැයි සිතා දෝ උන්වහන්සේ ආපසු වඩිති.

*******

ජීවිතේ එහෙම තමයි. එදා බිතු සිතුවම් කියා නම් කරන්නට උත්තර දිසාවෝ පෙනෙන්නට නොසිටියෝය. "ඔබයි රම්‍ය සඳ කිරණ" යි කියන්නට ද කවුරුත් සිටියේ නැත. නොසිතූ, නොපැතූ මොහොතක හදිසියේ නෙළුම් මල් දියෙන් මතු වූයේ ද නැත. ඒ තරමට ඒ වතුර කුණු ඕජස් ගලන විස පිරුණේ විය. ඔවුහු උඩ බලාගෙන ගමන් කරන්නට වූහ. උසම ගොඩ ගොඩනැගිලි මුදුන්වල ඔවුන්ගේ සිහින කැදලි ඉදිව තිබිණි. සිතින් ඔවුහු ඒවායේ බිජු ලෑහ. හැබෑවටම එහි යාමට පිය ගැට පෙළවල් හා විදුලි සෝපාන සොය සොයා දිව ගියෝය. මගේ පෑන ගිලිහී වැටුණේ ඔය අතරෙදීය. යළි අහුලාගෙන ලියන්නට බැලුවද පෑනේ ලේඬියා ගොස් තිබිණි. සෙරෙප්පුවක උළා බැලුව ද එය ලියැවුණේ තීන්ත කැටි ගැසෙමිනි.

*******

මිනිය වටා මැස්සෝ කීප දෙනෙක් කරකැවෙති. එක් මැස්සෙක් පියාඹා විත් නළල මත ඈඳි ගනියි. සුදු හාමිනේ පත්තර පිටුවක් ගෙන් උන් එළවා දමන්නිය.

*******

නිල මැස්සෝ විවිධ දුෂ්කරතා රැගෙන මා ජීවිතය මත වැසුවෝය. විභාගය අසමර්ථ වීමෙන් මහපොළ කපා දැමිනි. අත නොපා ජීවත් වීමට තිබූ එකම සරණද ඉන් නැතිව ගියේ. මිල මුදල් අවශ්‍යතා වෙනදාට වඩා හිතවත්ව අසලම කැරකෙන්නට විය. බඩගින්න ඉවසිය නොහැකි දවස බඩ බොකු කපා එම්බාම් කෙරුවද සඳුන් රුකක් වූයේ නැත. සිඳිත මඬිත ඉන් තව තවත් කුණු ජරාවම ගලා එන්නට විය. අත මිට මෙළවුණේ සඳුන් හරයක් අතේ ගුළි වූ නිසා නොවේ. තරහටය. මා සමඟම ඇති වූ තරහටය. 

කොළඹින් ආ යහළුවො ආචාර කරති. ඔවුන්ගේ මුහුනු ශෝකයෙන් භරිත වී ඇත. ඇඟිල්ලෙන් ඇන්නා නම් ඇස් පුපුරා කඳුළු පනිනු ඇත. 

*******

ඉස්සර අපිද යහළුවකුගේ මළ ගෙදර ගියෙමු. මියගොස් සිටියෝ යාළුවා ගේ මෑණියෝය. කුලියට ගත් බස් රියෙන් අපි පිටත් වීමු. මුලින් සිහින් ගී හඬින් ඇරැඹි ගායනාව පසුව බජව් සාජ්ජයක් විය. මළ ගෙදර ළං වත්ම අපි මුහුණු මත මල් වඩම් ලා ගත්තෙමු. සාතිෂය සංවේගය මිදුල අයිනේ ඉහළින්ම එල්ලුවෙමු.

*******

පාංසකූලයට හාමුදුරුවෝ වඩිති. අම්මා පොළොවේ හැපි හැපි විලාප තබයි. "බලන්න ලොකු හාමුදුරුවනේ මට උන්න එකම කොල්ලා මට නැතිවුණා..."

*******

"අනේ සර්... මං බැච් මිස් වෙලා!"
එදා පීඨාධිපති ඉදිරියේ මා දුක් ගැනවිල්ල ඇරැඹුවේ එලෙසිනි. 
"අයිසේ විභාග තියෙන්නෙ ලියන්න. ෆේල් වෙනව නැත්නම් පාස්වෙනවා."
ඔහු පළපුරුද්දෙන්ම, පැමිණෙන විලාසයෙන්ම රෝගියා හඳුනා ගෙන තිබිණි. මේසය දෙසම බලාගෙන ප්‍රතිකාරය දමා ගැසුවේ ඒ ආකාරයටය.
"සර් ඒකෙන් මහපොළත් කැපිල සර්"
ඉදිරියේ තබා ඇති ඊයම් බරුව සේම විය ඔහුත්. ඒ හිත තැබූ තැනමය. සියලු බලාපොරොත්තු පා වී ගිය පසු පිය ගැට පෙළ බැස නේවාසිකාගාරයට පැමිණියෙමි.

*******

දවුල් හඬ අතරේ දේහය දර සෑයේ දැවෙයි. ඉතිරි වූ අවසාන රූප කායෝ සෑය මුදුනින් අවකාශයට එකතුවෙත්.

*******

නේවාසිකාගාර කාමරෙයි ඇඳ මත වාඩි වෙද්දී බොහෝ මුහුණු බිත්ති මත ඇඳී තිබිණි. අයෙක් ඔලොක්කුවට සිනාසුනහ. "දැන් ඉතින්... ගෙදර පලයන්..." "ෆේල් නේ?..." ෆේල්..ෆේල්..ෆේල්..ෆේල්...ෆේල්..ෆේල්..." ආර්ථිකයට, අපහාසයට, උපහාසයට අධිපති යක්ෂයෝ මට වස කුප්පියේ මූඩියේ ඇර දුන්නෝය. මම එය කටට හළා ගතිමි.

*******

මරණයේ කටයුතු අවසානයේ අල්ලපු ගෙදර රංසි අක්කා අම්මාගේ අත අල්ලාගෙන හද පත්ලෙන් නැගෙන ශෝකය ප්‍රකාශ කොට සමුගෙන යයි. මගේ සිත ඇයට නොදැනෙන සේ ඈ පසුපස ගමන් කරයි. ඈ නැවතුනේ පින් ළිඳ ළඟය.

"මරණ ගෙදර ගිහින් වගේ"
"මදැයි දොස්තරලා කොරා"
" විභාගේ පේල් වෙලා වහ බීලලු... එහෙ ඉඳන් ආපු මහත්තැන් කෙනෙක් කිව්වෙ..."
"කොරන්න බැරි මළ ඉලව් මොකට ගියාද බං..අපි වගේ වත්තෙ පිටියෙ වැඩක් බලං හිටියනං අහවරනේ."
"දැන් මහ අම්මණ්ඩිගේ රැස්පොට් බහීවී."

*******

මාස දෙකකට පසු මා සිත කොළඹ යයි. දැන් මා සිටින්නේ සරසවිය තුළය. එදා සරසවියමය එය. කිසිවක්, කිසිවෙක්, කිසිලෙසකින්වත් වෙනස් වී නැත. සරසවිය අලුත් ඇඳුම් ඇඳ මේ සැරසෙන්නේ අනිද්දා පැවැත්වෙන ගොයින් ඩවුන් නයිට් එකකට ලු. සියලු ශිෂ්‍යයෝ සුපුරුදු පරිදි උඩ බලාගෙන ඇවිදිති. සිත නේවාසිකාගාරයේ මගේ කාමරයට පිවිසෙයි. සුගත්, මගේ කාමර සගයා පොත තුළ හිස ඔබාගත් පරිදිමය. මගේ මේසයට අලුතින් ළමයෙක් පැමිණ තිබේ. මා ඔහු හඳුනන්නේ නැත.මගේ ස්වල්ප වූ විද්‍යාව පොත් කිහිපය හා ගත හැකි උපකරණ මිතුරන් විසින් බෙදා ගනු ලැබ තිබේ. මා මහාර්ඝ වස්තු කොට සළකා රැක ගත් කවි පොත් මගේ ඇඳ ඇතිරිලි සමඟ ගිනිබත් කර තිබේ. බිත්තියේ ගසා තිබූ කපුගේ ගේ පින්තූරය ගලවා දමා හිපොක්‍රටීස් එහි එල්ලා තිබේ. වෛද්‍ය විද්‍යා පින්තූර වලින්ම විභූෂිත වූ එම බිත්ති අයත් කාමරය දැන් නම් වෛද්‍යවරයෙකුගේමය. මා විසින් ආදර්ශ පාඨයක් සේ බිත්තියේ ලියා තබන ලද රත්න ශ්‍රී ගේ කවියක කැබැල්ලක් නොමැකිය හැකි නිසාම තාම ජීවත් වේ. "දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය - කටු පොකුර සිපගන්න හෙට මලක් වනු පිණිස"

*******

"අයියෙ, අද ලයිට් එන්නෙ නැතුව වගෙයි. මෙන්න ඉටිපන්දමක්."

ලොකු නංගී මා අතට ඉටිපන්දමක් දී ගිනි කූරක් ගැසීය. කාමරයේ ගන කළුව දිය වී යයි. මම ඉටිපන්දම නොනිමෙන සේ පරිස්සමෙන් ගෙන ගොස් මේසය මත ගැසුවෙමි. ලාච්චුවේ දමාගෙන හුන් වස කුප්පිය අතේ ගුළි කරගෙන පිළිකන්නට ගිය මම කිසිවෙකුට නොදැනෙන සේ බිමට හැළුවෙමි.

Nissanka Rajapaksa

unread,
Aug 21, 2019, 8:02:50 PM8/21/19
to ind...@googlegroups.com
පියවර හඬ
ඇමරිකන් ජාතික විල්බර් ඩැනියෙල් ස්ටීල් (1886 - 1970) ප්‍රකට
ලේඛකයෙකු හා නාට්‍ය රචකයෙකු ද විය. ඔහු එක්සත් ජනපදයේ
ජනකාන්ත කෙටිකතාකරුවා යන විරුදය ඉසිලී ය.
පරිවර්තක රංජිත් ඉලූප්පිටිය
(සහකාර කොමසාරිස්) 

ඇමෙරිකාවේ ඊසාන දිග වෙරළ තීරුවෙහි නගරයක් ඇත. එය නව එංගලන්ත මුහුදුබඩ නගර
අතුරින් පැරණි එකකි. එහි පෘතුගීසි ජාතිකයන් විශාල සංඛ්‍යාවක් වෙසෙන බැවින්, එය ඛෙහෝ
දුරට පෙනී යන්නේ පෘතුගීසි දූපත්වලට අයත්, දුරින් පිහිටි පෘතුගීසි කොලනියක් ලෙසිනි.
මේ කතාවේ කියැවෙන මිනිසා බටහිර දූපත්හි ශාන්ත මයිකල් දූපතේ සිට පැමිණි පෘතුගීසි
ජාතිකයෙකි. ඔහු නමින් බෝස් නීග්‍රෝ වී ය. ඔහු සපත්තු සාදන්නෙකි. සපත්තු අලුත්වැඩියා 
කරන්නෙක් හෙවත් සපතේරුවෙක් විය. එසේ ම ඔහු අන්ධයෙක් ද විය.
ඔහු ප්‍රීතිමත් පුද්ගලයෙක් විය. ඔහු තුළ වූ ප්‍රීතිමත් ස්වභාවයත් ඔහු ජීවිතය භාරගත් ප්‍රීතිමත් විලාසයත්
කිසිවකට විනාශ කර දැමිය හැකි නොවී ය.
උදෑසන අවදි වූ වෙලාවේ සිට ඔහු සිය ශක්තිමත් දෑතින් අතිවිශාල, පාලනය කළ නොහැකි චලන
සිදු කරයි. ඔහු සිය වැඩහලට ආවේ ගී ගයමිනි. එම හ ශක්තිමත් විය¦ ඒ හ නිපදවන ඔහුගේ
පපුව තරම් ම ගැඹුරු විය. එම හ වැඩහලේ දොර ළඟින් පෙරැළී වීදිය දිගේ ද ගලා යයි. සිය
උදෑසන රාජකාරි අහවර කළ ධීවර ජනතාව, මහ සයුර ඉදිරිපිට වෙරළ දිගේ ආගිය තොරතුරු
කතාබහ කරමින් හා සිගරට් උරමින් සිටින්නෝ, 'ඔන්න බෝස් නම් දැනටමත් වැඩ පටන් අරන්,'
යැයි කියති.
අනතුරුව ඔවුහු හිඳගෙන සිටීම පිණිස ඔහුගේ වැඩහලට එති. එම නගරයෙහි, සපතේරුවකුගේ
වැඩහල යනු සමාජ ශාලාවක් බඳු තැනක් විය. එතුළ වූ අඩ එළියෙන්, කෙනෙකුට ඕනෑ ම
වේලාවක දැකගත හැක්කේ දුම්කොළ දුම අතරින් පෙනෙන, හිඳගෙන සිටින්නා වූ මිනිසුන් ය.
විල්බර් ඩැනියෙල් ස්ටීල් සපතේරුවා වැඩ කරන ආකාරය දෙස බලාගෙන
ඔවුහු පැය ගණන් එහි හිඳගෙන සිටිති. ඔවුහු හැම දෙයක් පිළිබඳ ව ම එහි සිට කතාබහ කරති.
ජනතාව සපතේරුවන් හඳුනා ගන්නේ ඔහු ඇසුරු කරන පුද්ගල ස්වභාවය අනුව ය. බෝස්
නීග්‍රෝගේ සමාගමය වූයේ තරුණ ජනතාව ය. ඔහුට මහල්ලන් සමග කිසිදු සමීප ඇසුරක් නොවූ
තරම් විය. ඔහුගේ ම හිස දෙස බැලුව ද එහි වූ ඝන කොණ්ඩය සුදු වෙලා ය. එපමණක් නොව
ඔහුට ලොකු මහත් වූ පුතෙක් ද සිටියේ ය. එහෙත් ඔහුගේ වැඩහලෙහි තිබූ පුටු වෙන් ව තිබුණේ
ශක්තිමත් හා නිර්භීත වූත්, රැයෙන් අඩක් ම මත්පැන් බොමින් ගත කළ හැකි වූත් අනතුරුව
උදේ පාන්දර තුනට වැස්සේත් ඝනාන්ධකාරයේත් එළියට බැස තමන්ගේ බෝට්ටුවලට ගොස් වැඩ
කළ හැකි වූත් තරුණයන්ට ය. ඔවුහු වැඩ කරන අතර ගී ගැයූහ: බෝට්ටුව පතුලේ පණ ගැහෙමින්
දඟලන, ලිස්සන මාළුන් සිටිය දී කෙළි කවටකම් කළහ¦ සාමාන්‍යයෙන් මිනිසුන් එකතු වූ කල කතා
කරන හැම දෙයක් පිළිබඳ ව ම විහිළු - තහළු කළහ. මිනිස් වර්ගයා ඇති වූ දා සිට සිදුවන
ආදරය කිරීම, උපත හා මරණය වැනි හැම දෙයක් ගැන ම උස් හඬින් කෑ ගැසූහ.
තමන්ගේ වැඩ හා ආදරය ගැනත්, තම අපේක‍ෂා හා සිහින ගැනත්, ඔවුන් කරන කතාබහට කන්
දෙමින් සපතේරුවා වඩා තදින් හුස්ම ගත්තේ ය. තම හද ගැස්ම ඉහළ නංවා ගත්තේ ය. ඔහු හැඩි -
දැඩි, උස මහතින් යුත්, අසීමිත කාය ශක්තියකින් යුත්, දිරිමත් හා එඩිතර මනුෂ්‍යයෙක් විය. ඔහු හැදී
වැඩී තිබුණේ ම ශ්‍රේෂ්ඨ කටයුතු කිරීම සඳහා ය. එවැනි කටයුතු ගැන ඇසීම පවා ඔහුට සිය අන්ධ
ඝනාන්ධකාරය තුළින් ජීවිතය නැමති ගින්න වඩා දීප්තිමත් ව අවුළුවන්නක් විය. 
බෝස් නීග්‍රෝ වැනි මනුෂ්‍යයෙකු මෙතරම් ප්‍රීතියෙන්, මෙතරම් විනෝදයෙන්, මෙතරම්
ප්‍රාණවත් හා ශක්තිය සපිරි ස්වභාවයකින් සිටීමට තරම් කිසිදු හේතුවක් පෙනෙන්නට තිබුණේ නැත.
ප්‍රථමයෙන් ඔහුට සිය ඇස් පෙනීම අහිමි විය.
අනතුරුව ඔහුට සිය බිරිය අහිමි විය. සිය පණටත් වඩා සෙනෙහසකින් හා අසීමිත බැඳීමකින් යුතු
ව ඔහු ආදරය කළ ඔහුගේ බිරිය මිය ගියා ය.
ඔහුට පුත්තු හතර දෙනෙක් සිටියහ. එකකුට පසු අනෙකා බැගින් එයින් තිදෙනකු ඔහුගෙන්
උදුරා ගනු ලැබිණි. අවසානයේ දී ඔහුට ඉතිරි වූයේ පවුලේ බාලයා වූ මැනුවෙල් පමණි. එකකට
පසු එකක් බැගින් දෛවයෙන් ලද ඒ බියකරු ප්‍රහාරවලින් ලද ශෝක වේදනාවෙන් සෙමෙන්
සුවය ලබමින් තමා තුළ වූ ප්‍රීතිමත් හා විනෝදකාමී ප්‍රාණවත් භාවය යළි ළඟා කර ගැනීමට ඔහු සමත්
විය. ඒ කිසිවකින් තමා පරාජය කළ නොහැකි බව ප්‍රත්‍යක‍ෂ කරමින් ඔහු යළි සුපුරුදු ජීව ගුණය ළඟා
කරගෙන වැඩෙන්නට විය.
ඔහු තුළ තවත් එක් අසාමාන්‍ය දෙයක් විය. ඔහු සිය මුළු ජීවිත කාලය පුරා ම වැඩ කිරීම හැරෙන්නට
වෙනත් කිසිවක් නොකළේ ය. ජීවත් වීම පිණිස වැඩ කරනු වෙනුවට, වැඩ කිරීම පිණිස ම ජීවත්
වන මිනිසුනට දෛවය කුරිරු ලෙස පහර දෙන කල ඔවුන්ට එම ප්‍රහාරයට මුහුණ දී යළි නැගී
සිටීමේ ශක්තිය ලැඛෙන්නේ කලාතුරකිනි. "දිගට ම වැඩ කරලා ඇති පලේ මොකද්ද?˜ යි ඔවුහු
දුර්වල ලෙස විමසති; වැඩ කිරීම නවතා දමති.
එහෙත් බෝස් නීග්‍රෝ කවරදාවත් වැඩ කිරීම නතර කළේ නැත.
අඳුරේ වැඩ කිරීම- වැඩ, වැඩ, වැඩ- සාර්ථකත්වයක් නොදුටුවත් වැඩ; පෙනෙන තෙක් මානයක
අවසානයක් නොපෙනෙන වැඩ- පෝෂ්‍යදායී ආහාර නැත; සේවකයන් නැත; හොඳ නිවසක් ද
නැත. එහෙත් වැඩවල අවසානයක් ද නැත.
ඔහු වැඩ කළ ආකාරය - විශේෂයෙන් ම පසුගිය, ගතවුණු මුල් අවුරුදුවල වැඩ කළ ආකාරය- සපත්තු
අලුත්වැඩියා කිරීමේ වැඩ ගොඩ ගැසුණු කාලවල, සමහර විට ඔහු දවල් කාලයේ පමණක් නොව, මහ
රෑ පවා වැඩ කළේ ය. නිහඬ නිසංසල වීදිය දිගේ මැදියම් රැයේ ඇවිද යන ඕනෑ ම කෙනකුට, බෝස්
නීග්‍රෝගේ වැඩහලෙන් නැවත - නැවතත්, නැවත - නැවතත් අනවරතයෙන් නැගෙන ඇණයකට තළන
මිටියක හ ආගන්තුක අත්දැකීමෙක් වනු ඇත. ඔහු අන්ධයකු බව දන්නා අයට එය විශේෂයෙන් ම
ආගන්තුක වනු ඇත.
ඔහුගේ වැඩහලෙන් නැගුණේ ඇණවලට වදින මිටියේ හ පමණක් නොවේ. නගරයේ වෙසෙන
කිසිදු මිනිසකුට, රාත්‍රියේ කිසි යම් ම හෝ වේලාවක ඔහුගේ 'නිරීක‍ෂණයට' ලක් නොවී,
ඔහුගේ වැඩ හල පසු කර යා නොහැකි ය. කෙනකු පියවර දහයක් දොළහක් තබන කල නොහොත්
පියවර හ දහයක් දොළහක් නැගෙන කල රාත්‍රි අන්ධකාරය කපාගෙන, බෝස්ගේ ගොරහැඩි
නමුත් මිත්‍රශීලී උස් හ නැගෙයි: "ගුඩ් නයිට්, ඇන්ටන්!˜ 
"උඹටත් ගුඩ් නයිට් කැලෙබ් ස්නෝ!˜
ගනඳුරු මැදියමේ ඇසුණත් බෝස් නීග්‍රෝට කෙනෙකුගේ පියවර හ ශ්‍රවණය යනු මහ දවාලක්
මෙන් විය. කෙනකුගේ පියවර හ ඇසීමෙන් පමණක් ඔහු හඳුනා ගැනීමේ අපූරු හැකියාවක්
මේ අන්ධයාට තිබිණි. 
මේ තරම් රාජකාරි බහුල නිසා ම බෝස් නීග්‍රෝ වනාහි යමක් කමක් ඇත්තෙකි යි කිව හැකි ය.
මහ පාරේ පදික වේදිකාව ආසන්නයේ ම ඔහුගේ වැඩ හල පිහිටා තිබුණු අතර එය පිටුපස ඔහුට
අයත් ඔහු ජීවත් වන නිවස පිහිටියේ ය.
ඔහුගේ බාල ම පුතාට හෙවත් ජීවතුන් අතර සිටින එක ම පුතා වන මැනුවෙල්ට නිතර ම යමක්
ඔහුගෙන් ලැබිණි. එදිනෙදා වියදමට බෝස්ගෙන් ඔහුගේ 'සාක්කුවට කාසියක්' ලැබීම නිසැක විය.
එය ඩොලරයක්, ඩොලර් පහක් හෝ මැනුවෙල්ට අවශ්‍ය වී නම් ඩොලර් දහයක් වුව ද විය හැකි ය.
මැනුවෙල් ඔහුට 'හොඳ කොල්ලෙක්' විය. බෝස් එලෙස ප්‍රකාශ කළා පමණක් නොව එය ඔහුට
කිසිදු සැකයකින් තොර කාරණයක් ද විය.
සිය අන්ධ භාවය තිබිය දී පවා සිය අසල්වැසියන් හා ඔවුන්ගේ දරුවන් දැකීමටත් ඔවුන්ගේ අඩු
ලූහුඬුකම්, වැරැදි, අසමත් වීම්, වැරැදි හැසිරීම් යනාදිය ඔවුන් දකිනවාටත් වඩා හොඳින් 'දැකීමේ'
හැකියාව බෝස්ට අපූරුවට පිහිටා තිබුණු නමුත් තරමක අමුත්තක් වූයේ සිය පුතා සැබෑවට ම
කෙබඳු ගතිගුණ සහිත කෙනකු දැයි දැකීමට ඔහුට නොහැකි වීමයි. අසල්වැසියන් බොහෝ දෙනකුට
අනුව මැනුවෙල් යනු වෙන මොන දෙයින් සමන්විත වුවත් 'හොඳ' යැයි කිව හැකි යමක්
දැකිය හැකි තරුණයෙක් නොවී ය. සත්තකින් ම ඔවුන් සිතුවේ මැනුවෙල් යනු කිසිදු චාරයක් නැති
එකකු වශයෙනි.
මැනුවෙල් වැඩ කිරීමට කිසිදු කැමැත්තක් නොදැක්වී ය. ඔහුගේ එම නොකැමැත්ත බෝස්
නීග්‍රෝ සරල ව විස්තර කළේ 'ඔහු එතරම් හයිය හත්තිය ඇති එකෙක් නොවෙයි' යනුවෙනි. ඔහු
එය අනෙක් අය සමග කීමෙන් නොනැවතී තමාට ම ද කියා ගත්තේ ය. ඇත්ත වශයෙන් ම මැනුවෙල්
යනු ඉතා ම ශක්තිමත් තැනැත්තෙක් ද නොවී ය. තමා ශක්තිමත් වීම සඳහා කිසිවක් නොකරන
බැවින් ඔහු ශක්තිමත් විය යුත්තේ මන්ද? අනෙක් අතට ජීවත් වීමට හා පැවැත්මට අවශ්‍ය සියලු
දේ පියා විසින් ඔහුට සපයා දෙනු ලබන කල හා ඉල්ලන ඕනෑ ම වේලාවක 'සාක්කුවට' කාසි
වැටෙන කල ඔහු වැඩ කළ යුත්තේ මන්ද? ඕනෑ නම් සෙනසුරාදා රාත්‍රියකට, ඉල්ලුවොත් ඩොලර්
දහයක් වුණත්!
සපතේරුවා හමුවීමට එන මිනිසුන්, අනෙක් හැම දෙයක් ගැන හා අනෙක් හැම කෙනකු
ම ගැන කතා කරමින් වාද-විවාද කර ගත්ත ද, සපතේරු පුතාගේ අලස, කිසිදු වැදගැම්මකට
නැති ව නිකරුණේ ගත කරන ජීවිතය පිළිබඳ ව සපතේරුවා කරන විග්‍රහය ගැන කිසි දාක
වාද කර ගත්තේ නැත. බෝස් යනු අන්ධයෙකි; තමන් සියලු දෙනා ම ඔහුගේ ආගන්තුක මිත්‍රයෝ ය. 
එසේ ම එම ශක්තිමත්, හැඩි දැඩි තරුණයෝ බෝස්ට ඛෙහෙවින් ඇලුම් කළහ, ගෞරව කළහ.
මැනුවෙල් ගැන ඔවුන්ගේ සිත්වල කුමන අදහසක් තිබුණ ද ඔවුහු ඒ ගැන වචනයක් හෝ කතා
නොකළහ. තම පුතා හොඳ කොල්ලෙක් යැයි බෝස් සිතන්නේ නම් ඔහු 'හොඳ කොල්ලෙක්'
ම තමා!
පසු කලෙක, නරක දෙය සිදු වූ පසු, එයට වැඩි වශයෙන් ම වගකිව යුත්තේත් දෝෂාරෝපණ
ලැබිය යුත්තේත් වෙනත් කිසිවකු නොව බෝස් ම යැයි ඔවුන් පැවසීම වැළැක්වීමට එය සමත්
නොවී ය.
"එයා කොල්ලා හුරතල් කළා ඕනැවට වඩා වැඩියි,˜ යි ඔවුහු කීහ. "කොල්ලගෙන් බලෙන් හරි
වැඩ ගන්නයි එයාට තිබුණෙ˜, "එයාට තිබුණෙ මැනුවෙල්ට කියන්න 'උඹට ඩොලරයක් ඕනැ නම්,
ඉස්සර වෙලා ගිහින් කොහොම හරි ඩොලරයක් උපයා ගනින්' කියලා.˜
ඇත්ත වශයෙන් ම, නරක දෙය සිදුවීමට පෙර, බෝස්ට එම අවවාදය කෙළින් ම දුන්නේ එක ම
එක මිනිසකු පමණි. ඔහු වනාහි කෑම්ප්ඛෙල් වුඩ් නැමැත්තා වූ අතර ඔහු බෝස්ගේ වැඩහලෙහි
කිසි දාක හිඳගෙන නොසිටි කිහිප දෙනාගෙන් කෙනෙක් ද විය.
ඇමෙරිකාවේ සෑම කුඩා නගරයක ම පාහේ, 'කවදා හරි ඉහළට ම යයි,' 'සෑහෙන දුරක් යන්න
පුළුවන් වෙයි' 'කවදා හරි හොඳ සාර්ථකත්වයක් ලබයි' යැයි පෙනී යන එක් තරුණයෙකු සිටින
බව පෙනී යයි. නිතර ම පාහේ ඔහු එම නගරයේ ම උපන් තැනැත්තෙක් නොව වෙනත් කුමන හෝ
නගරයකින් පැමිණි පිටස්තරයෙකි. ඔහු නිතර ම මහන්සියෙන් වැඩ කරන්නෙකි; නිතරම තම ඇඳුම්
පැලඳුම් හා බාහිර පෙනුම ගැන සැලකිලිමත් වන්නෙකි. යහපත්, උන්නතිකාමී තරුණයකුගේ
ආදර්ශයකැයි ඔහු සලකනු ලැබිණි.
මේ නගරයේ සිටි එම වර්ගයේ තරුණයා කෑම්ප්ඛෙල් වුඩ් විය. ඔහු ඇමෙරිකාවේ වෙනත්
ප්‍රදේශයක සිට බැංකුවේ සේවය කිරීම සඳහා පැමිණි තැනැත්තෙක් විය. ඔහු නවාතැන් ගත්තේ
බෝස් නීග්‍රෝගේ නිවසේ ඉහළ මහලේ ය.
සිය පවුලේ ඉතිරි ව සිටි එක ම සාමාජිකයා වූ මැනුවෙල් සමග ජීවත් වීම සඳහා බෝස්ට තම
නිවසේ පහළ මහල වුවමනාවටත් වඩා ප්‍රමාණවත් විය.
කෑම්ප්ඛෙල් වුඩ් සපතේරුවාගේ වැඩහලෙහි කවදාවත් හිඳගෙන නොසිටි නමුත්, වැඩහල
හරහා එළියට - ඇතුළට යන එන සෑම විටෙක ම මහලු සපතේරුවාට ප්‍රීතිමත් හා උණුසුම්
'ගුඩ් මෝනිං' හෝ 'ගුඩ් ආෆ්ටර්නූන්' හෝ 'ගුඩ් නයිට්' වැනි ශුභ පැතුමක් පිරිනැමීමට ද, එසේ
නැතහොත් කාලගුණය ගැන අදහස් පළකිරීමක් හා වැසි වැටීමේ හැකියාව ගැන සඳහනක් කිරීමට
ද ඔහු අමතක නොකළේ ය.
මේ තරුණයා සම්බන්ධයෙන් බෝස් තුළ වූයේ මිශ්‍ර හැඟීමකි. බැංකුවේ ඔහු දැරූ තනතුර නිසා
බෝස් ඔහුට ගරු කළ අතර ඔහු එබඳු උසස් තනතුරක් දැරූ නිසා ම බෝස් අකැමැති වූත්,
විශ්වාසය නොතැබුවා වූත් යම් කිසිවක් බෝස්ගේ සිතේ කොනක ඔහු ගැන විය. එය එසේ වූයේ
බෝස් නූගත් මහල්ලකු වූ නිසා ය.
නූගත් මිනිස්සුන්ට විශාල පරිමාණයේ ව්‍යාපාර හා බැංකුකරණය වනාහි නීතිය ගැන තිඛෙන
අදහස වැනි ම වූ අසහනය ජනිත කරවන්නකි.
කැම්ප්ඛෙල් වුඩ් යහපත් ලෙස හැසිරුණු නිසා ම, ඔහු ගැන තමන් එබඳු හැඟීමක් ඇති කර ගැනීම
නොමනා යැයි ඔහු සිතූ බව ද සඳහන් කළ යුතු ය.
එහෙත්, එක්තරා සන්ධ්‍යාවක, කෑම්ප්ඛෙල් වුඩ් මහතා උඩු මහලට යාම සඳහා වැඩහල හරහා යන
අතර වැඩහලේ වෙනත් කිසිවකු ඒ අවස්ථාවේ නොසිටින බව දැක, අප දැනටමත් කතා කර ඇති
මැනුවෙල් ගැන කිසි යම් අවවාදයක් බෝස්ට දීම පිණිස මඳකට නැවතුණේ ය.
"ඇයි ඔයා මැනුවෙල්ට සපත්තු හදන හැටි උගන්නන්නෙ නැත්තේ?˜
මහල්ලා මැනුවෙල් ආරක‍ෂා කර ගනු පිණිස වහා ම සූදානම් විය, සමහර විට ඔහු ඇසූ ප්‍රශ්නයේ
මතුපිටින් පෙනෙන්නට තිඛෙනවාට වඩා බරපතළ යමක් එහි සැඟවී ඇති බවට, බෝස්ගේ සවැනි
ඉන්ද්‍රිය ඔහුට අනතුරු හැඟවූවා විය හැකි ය.
"සපත්තු හැදිල්ල හොඳයි ඉතින් අන්ධ මනුස්සයෙකුට නම්,˜ යි බෝස් කීවේ ය.
"ආ... මම දන්නෙ නැහැ... ඒත් මොකවත් ම නොකර ඉන්නවාට වඩා අඩු තරමින් ඒක වත්
ඉගෙන ගන්නවා නම් හොඳ නැද්ද?˜
බෝස් ඉහළට ඔසවා ගත් මිටිය එලෙස ම රඳවා ගෙන වැඩ කිරීම නැවැත්වී ය. ඔහු නොසැලී, ස්ථීර ව 
අචල ව හා චිත්තවේගී නොවූ ස්වභාවයකින් හිඳගෙන සිටිනු පෙනී ගියේ ය. එහෙත් ඔහුගේ
ඇතුළාන්තය කෝපයෙන් පිරී ගියේ ය. මහල්ලා දැඩි සේ කම්පනයට පත්වූයේ තම පුතා කිසි ම
කමකට නැති නාස්තිකාරයකු හා නිකමකු බවට වුඩ් විසින් කරන ලද ඇඟවීමෙනි. එයින් ඔහු
කොතරම් කම්පනයට පත්වී ද යත්, වෙන දා වහා ම ලැඛෙන ඔහුගේ පිළිතුර වූ "මැනුවෙල්
කියන්නෙ ඒ තරම් හයිය හත්තිය තියෙන ළමයෙක් නෙවෙයි කියලා දන්නවානෙ˜ යන්න කීමට පවා
ඔහුට නොහැකි විය. තමා වුඩ්ට වෛර කරමින් සිටින බව සැණෙකින් ඔහුට හැඟී ගියේ ය. තමා
මේ මනුෂ්‍යයා විශ්වාස නොකරන බව දැන් ඔහුට සහතික විය; පෙරට වඩා සිය ගුණයක් වැඩියෙන්
සහතික විය. තමාගේ පුතා ගැන මෙබඳු දෙයක් කීමට තරම් මේ මිනිහාට කොහෙන් ද එච්චර
හයියක්, එච්චර ලොකුකමක් ලැබුණෙ? අනෙක, මෙයා කියන දේ මැනුවෙල්ගෙ කනට ම වුණත්
ඇහෙන්න පුළුවන් තැනක ඉඳලා එහෙම දෙයක් කියන්න තරම් මේකා බය නැති හැටි?
ඇහෙන්න පුළුවන් ද? මැනුවෙල්ට ඇසෙනු ඇත්තේ කොහේ සිටියා නම් ද? සිය අන්ධකාර
ලෝකයේ වාඩි වී සිටින බෝස්ට කිසිදු හක්, කිසිදු පියවර හක් හෝ බිම් ලෑලි තට්ටුවේ
සිදුවන කිසිදු චලනයක හක් හෝ ඇසුණේ නැත. එය එසේ වුව ද අන්ධයන්ට හිමි ආගන්තුක
සවැනි ඉන්ද්‍රියයෙන් ඔහු දැන සිටියේ මැනුවෙල් වැඩහලේ සිට නිවස කරා යන ද්වාර මාර්ගයේ,
දොරට පිටතින් නැගිට සිටින බවකි. 
සිය හැඟීම් පාලනය කර ගනු සඳහා බෝස් යෝධ ප්‍රයත්නයක් දැරුවේ ය. ඔහුගේ උගුරෙන් නික්මුණු
 - රළු සහ කර්කශ හ - සිය පුතාගේ කන තිඛෙන තැනට නොව එමෙන් දස ගුණයක දුරක
සිටින්නකුගේ කනට පවා ඇසෙන දුරක් ගෙන යාමට තරම් ප්‍රමාණවත් විය.
"මැනුවෙල් කියන්නෙ හොඳ කොල්ලෙක්!˜ යි ඔහු  නගා කීවේ ය.
"ඔව්.... ම්.... ඔව්.... මමත් එහෙම හිතනවා.˜
වුඩ් සිය සිරුරු බර එක පාදයකින් අනෙක් පාදයට මාරු කළේ ය. එහෙත් ඔහු තරමක අසහනයකට
පත් වූ බවක් පෙනෙන්නට විය.
"හොඳයි, හොඳයි, මම එහෙනම් යන්නම්කො. මම... අනේ දෙයියනේ!˜
ඒ මොහොතේ යමක් සිදු වෙමින් පැවතිණි. කිසිවක් නොපෙනෙන බැවින් තේරුම් ගත නොහැකි වුව ද, 
යම් කිසිවක් බිම වැටෙන්නට නොදී අල්ලා ගැනීම සඳහා වුඩ් උත්සාහ කරමින් සිටිති යි
යන හැඟීම බෝස්ට ඇති විය. එහෙත් ඒ සමග ම ඇති වුණු හ කියාපෑවේ වුඩ්ගේ උත්සාහය
අසාර්ථක වූ බව ය. වැටුණු දෙය ගෙබිම මත ගැටෙද්දී ඇතිවුණු ලෝහ හ බෝස්ට නොවැරදී ම 
ඇසිණි. ගෙබිම හා ගැටී නැගුණු හ නිසැක ව ම රනින් නිමැවුණු කාසි එකිනෙක ගැටීමෙන්
නැඟුණක් බව බෝස්ට ඊටත් වඩා ප්‍රත්‍යක‍ෂ විය.
ඔහුට දැන් සියල්ල අවබෝධ විය.
කැම්ප්ඛෙල් වුඩ්ගේ කබාය තුළ එතරම් ප්‍රවේශම් සහගත නොවන ලෙස සඟවා ගෙන සිටි රන්
කාසි බෑගයක් ලිස්සා ගොස් බිමට වැටෙන්නට ඇතැයි බෝස් අවබෝධ කර ගත්තේ ය.
එය වැටුණු හ මැනුවෙල්ටත් ඇසෙන්නට ඇති. ඒ ගැන කිසිදු සැකයක් බෝස්ට නොවී ය.
ක‍ෂණික ව පැන නැගුණු භීතියකින් හා සන්ත්‍රාසයකින් බෝස් හිඳගෙන සිටි ඉරියව්වේ ම
ගල් ගැසී ගියේ ය. එයට විස්මය ද එක් විය. පුදුමය ඇති වූයේ තමා ගැන ම ය! මැනුවෙල් හොඳ
ළමයකු නොවෙති යි ඔහු කිසි ම දිනෙක කුකුසක් ඇති කර ගත්තේ නැත. මැනුවෙල් හොඳ ළමයකු
වෙන්න ම ඕනෑ. තමා සිය පණටත් වඩා ආදරය කළ නමුත් දැන් මළවුන්ගේ ලෝකයට ගොස්
සිටින ගැහැනියගේ පුතා වශයෙන් මැනුවෙල් හොඳ ළමයකු විය යුතු ම ය. ඔහු එබඳු හොඳ
ළමයකු නම්, 'අනේ ඒ කාසි පොදිය වැටුණු හඬ මැනුවෙල්ට නෑසුණා නම් කොච්චර හොඳද!' යි
තමාට සිතෙන්නේ ඇයි? තමා එබන්දක් ප්‍රාර්ථනා කරන්නේ ඇයි?
සිත කම්පනයට පත් කරන, ආත්මය විනාශ කර දමන, අසත්‍ය යැයි ප්‍රතිෙක‍ෂ්ප කළ නොහැකි
යථාව නැගී සිටියේ ය.
බෝස්ගේ සිත තුළ අසුරු සැණෙන් විදුලි කොටන්නට වූ මේ ආවේගාත්මක හැඟීම පිළිබඳ
සලකුණක් වත් ඔහුගේ මුහුණෙහි හෝ සිරුරෙහි හෝ සටහන් ව නොතිබිණි. එහෙත් තමා තව
දුරටත් තමාගේ ම පුතා වූ මැනුවෙල් විශ්වාස නොකරන බවට තම සිත තුළ පහළ වූ හැඟීමෙන්
බෝස් මහත් සේ කම්පනයට පත් ව සිටියේ ය.
මේ මොහොතේ වුඩ් පවසන්නට උත්සාහ කළේත් එය ම බවට ඔහු විශ්වාස කළේ නැත. ඔහු කියූ
දෙයින් සමහර විට වචනයක්... දෙකක්... අතරින් පතර යමක්... ඔහුට වැටහිණි.
"ආණ්ඩුවෙ සල්ලි, ඔයාට තේරෙනවා ද?... අලුත් වරාය මේ දවස්වල හදන නිසා - සල්ලි කන්දරාවක්
- බැංකුවේ එච්චර ගොඩක් සල්ලි තියෙන බව හුඟ දෙනෙක් දන්නවා - දන්න මිනිස්සු ඕනැවටත්
වඩා වැඩියි - .... මෙහෙයි හැම තැනමයි ඉන්න මිනිස්සු - බැංකුවෙ සේප්පුවෙ දාලා සල්ලි තිබ්බට
පරිස්සම් වෙයි ද කියලා හිතන්න අමාරුයි - සේප්පුව හදලා තියෙන්නෙ ටින්වලින් - ඔයාට
හින්දා මම මේක කියන්නෙ - දෙයියනේ එහෙම වෙන්න නම් එපා!˜
වුඩ් පැවසූ විස්තරයෙන් බෝස්ට ඇසුණේ එබඳු වචන කිහිපයක් පමණි. එයින් බෝස්ට තේරුම්
ගියේ මෙයයි:
වුඩ් මහතා අතේ ඇත්තේ රජයේ මුදල් ය. එම මුදල් බැංකුවේ තබා එනවාට වඩා මෙහි රැගෙන ඒම
වඩා ආරක‍ෂිත යැයි වුඩ් මහතා සිතයි. බැංකුවෙන් මුදල් සොරා ගැනීම එතරම් අපහසු නොවේ.
බැංකුවේ මුදල් යහමින් තිඛෙන බව දන්නා අය අතරින් කවුරුන් නම්, මේ තරුණ බැංකු
නිලධාරියා තම කබාය තුළ සපත්තු වැඩපොළ පිටුපස ඇති තමන්ගේ කාමරය කරා මෙතරම්
අප්‍රවේශම්කාරී යැයි පෙනෙන ආකාරයට එම මුදල් රැගෙන යාමේ වගකීම භාර ගෙන ඇතැයි
යන්තමින් වත් සැක නොකරනු ඇත. එය එසේ නම් රත්රන් කාසි තැන්පත් කර තැබීම සඳහා
ඇති වඩාත් ම ආරක්ෂා සහිත ස්ථානය තමාගේ නිවස නොවේ ද?
රන් කාසි බෑගය බිම වැටීම ගැන ඔහු කනගාටු විය. තමා ඒ ගැන කනගාටු වන්නේ, තමාට බෝස්
ගැන විශ්වාසයක් නැති නිසා නොව රත්තරන් සඟවා තබන රහසිගත ස්ථානය පිළිබඳ දැනගැනීම
නිසා පැවරෙන වගකීම වෙනත් කිසිවකු සමග ඛෙදා ගැනීමට තමා අකැමැති නිසා යැයි ඔහු
කියා සිටියේ ය. අඩු තරමින් බෝස් සමග වත්.
කෙසේ වුව ද මුදල් ගැන දැන ගත්තේ බෝස් පමණක් වීමත්, වෙනත් කිසිවකු දැන ගන්නවාට
වඩා, බෝස් පමණක් එම රහස දැන ගැනීමත් ගැන තමා සතුටු වන බව ඔහු කීවේ ය. දැන් ඔහු කලින්
තරම් රත්රන්වල ආරක‍ෂාව පිළිබඳ ව කනස්සල්ලට පත්වූයේ නැත. එක අවංක මිනිසෙක් තවත් එවැනි ම 
අවංක මිනිසකු හඳුනා ගැනීම එයට හේතුව ලෙස ඔහු දැක්වී ය.
"මම ඔයාව විශ්වාස කරනවා නීග්‍රෝ මහත්තයා. මම මා ගැන විශ්වාස කරන තරමට ම ඔයාවත්
විශ්වාස කරනවා. මේ රහස ගැන දන්න එක ම එක්කෙනා ඔයා විතරක් වෙන තාක් කල් ම මම
ඔයාව විශ්වාස කරනවා. මම දැන් මගේ කාමරයට යනවා. ගිහින් මේ බෑග් එක මගේ ඇඳ යටට විසි
කරනවා. ගුඩ් නයිට්!˜ 
ඒ රාත්‍රියේ බෝස් රෑ කෑම කෑවේ නැත. සිය ජීවිතයේ පළමු වැනි වතාවට ඔහුට කෑම කෑ
නොහැකි විය. මීට පෙර හැම දා ම - සිය ජීවිතයට ප්‍රබල හෙණ පහර මෙන් වැදුණු ජීවිත අහිමිවීම්වල
දී පවා - ඔහු තමා ඉදිරියෙන් තැබූ දෙයක් නොකා සිටියේ නැත. එහෙත් මෙම රාත්‍රියේ, අතින් වත්
නොඇල්ලු සිය කෑම පිඟානට ඉහළින් ඔහු සිය පෙනීමක් නොමැති දෑසින් මැනුවෙල් දෙස
පරීක‍ෂාකාරී ව 'බලා සිටියේ ය.' ඔහු කෑම කන
ආකාරයට, චලනය වන ආකාරයට හා ආශ්වාස ප්‍රශ්වාස කරන ආකාරයට සවන් දෙමින් ඔහු
පරීක‍ෂාකාරී ව බලා සිටියේ එවැනි දෙයකින් වත් තම පුතාගේ සිත තුළ ඇති හැඟීම්වල සලකුණක්
අසුලා ගත හැකි වෙති යි අපේක‍ෂාවෙනි.
එයින් පලක් නොවූ තැන බෝස් තවත් මහා ප්‍රයත්නයක් දැරුවේ ය. "මැනුවෙල්, උඹ හරි ම
හොඳ කොල්ලෙක්!˜ යි ඔහු කීවේ ය.
ඔහුගේ එම ප්‍රකාශයෙහි ආයාචනය, අපේක‍ෂා භංගත්වය හා නියෝග කිරීම වැනි ගුණාංගවල
සම්මිශ්‍රණයක් ගැබ් ව තිබිණි. 
"මැනුවෙල්, උඹට සමහර විට සල්ලි ටිකක් හෙම ඕනැ ද දන්නෙත් නැහැ. මේ බලපන්. මේක කීයක් ද? 
ඩොලර් දහයෙ නෝට්ටුවක් ද? හොඳයි, උඹ මේක තියාගනින් පුතේ. මේකත් අරගෙන එළියට
ගිහින් ටිකක් විනෝද වෙලා වරෙං...˜
දරුවා මුදල් නෝට්ටුව ගත්තේ ය. එසේ වුව ද එයින් පවා බෝස්ට සහනයක් නම් නොලැබිණි.
ඔහු නිවසින් පිටවී ආපසු සිය වැඩහලට ගියේ ය.
ඒ වන විට එය අඳුරේ ගිලී පැවතිණි. සිය මෙවලම් පිළිවෙළකට සකස් කළ ඔහු වැඩ පටන් ගැනීමට
සියල්ල සූදානම් කළේ ය. එහෙත් තමාට වැඩ කළ නොහැකි බව ඔහුට දැනෙන්නට විය. ඔහු සිටියේ 
සවන් දෙමිනි. වැඩි කල් නොයවා ම ඔහුට පියවර  ඇසෙන්නට විය. එදා රාත්‍රියේ කතාන්දරය
ලියැවී තිබුණේ පියවර හවලිනි.
ඔහුට නිවස තුළ පහළ මහලෙන් පියවර හඬ ඇසෙන්නට විය. මෙහාට යන හ, එහාට යන
, සුළඟට හ නතර විය; යළි ආරම්භ විය.
ඉදිරියට යන පියවර හ... පසුපසට එන පියවර ... අනතුරුව යළි ඉදිරියට... කිසි ම අරමුණකින්
තොර ව සිදු කෙරෙති යි හැඟී යන, අවසානයක් නොදකින නිවස තුළ ඇවිදීමෙන් නැගෙන පියවර
 ස්නායු ප්‍රකෝප කරවන්නක් හා අසහනය ජනිත කරවන්නක් විය.
බෝස් හිඳගෙන සිටි පුටුවෙන් නැගිට්ටේ ය.
ඔහුගේ ඇතුළාන්තයෙන් ඔහුට යමක් - කිසි යම් පණිවුඩයක් - නික්මෙන්නට පටන් ගති. තමා
යා යුතු ය. කුමක් සිදු වන්නේ දැයි සොයා ගත යුතු ය. තමා ඒ සිදු වන දෙය තමාගේ පෙනී
සිටීමෙන්, තම පෞරුෂත්වයෙන්, තමාගේ යහපත්කමින් කෙසේ හෝ නැවැත්විය යුතු ය. සිදු
වන්නට යන්නේ කුමක් වුව ද එය වැළැක්විය යුතු ය. එහෙත්, වෙනත් යම් කිසිවක් - සමහර විට
තමන්ගේ පාර්ශ්වයෙන් කිසි ම ක්‍රියා මාර්ගයක් නොමැති ව - සිදු වෙති යි යන හැඟීම විසින්
ඔහුගේ ගමන නවත්වනු ලැබිණි. ඔහු යළි පුටුවේ ගිලී ගියේ ය. ඔහුගේ දෑත පහළට එල්ලා හැලිණි.
ඔහුට ඉහළ මහලෙනුත් පියවර හ ශ්‍රවණය වන්නට පටන් ගති. අනතුරුව ටික වේලාවක් යන
තුරු කිසිවක් නෑසිණි. කාලය ගත වී ගියේ ය.
සිය අන්ධකාරයේ ගිලී සිටි බෝස්ට පැය ගණනක් ගෙවෙන්නට ඇතැයි හැඟිණි. අනතුරුව, ඔහුට
තරප්පු පෙළ මුදුනේ සිට කෑම්ප්ඛෙල් වුඩ් කතා කරන හ ඇසිණි.
"පහළ තට්ටුවෙ මොකක් හෝ කරදරයක් ද? ඇයි ඔයා නිදා ගන්නෙ නැත්තෙ?˜
ඉන් මොහොතකට පසු මැනුවෙල්ගේ කට හඬ නික්මිණි. "මට අද නිදිමත නැහැ. නිදා ගන්න
බැහැ වගේ.˜
"මටත් නිදිමත නැහැ. ඔයා කැමති ද මාත් එක්ක ටික වෙලාවක් කාඩ් සෙල්ලම් කරන්න?˜
"ඔව්.˜
පහළ මහලේ පියවර හ, ඉහළ මහලේ පියවර  සමග එක්වීම සඳහා ඉහළ මහලට ගියේ ය.
ඊළඟට දොරක් වැසෙන හ ඇසිණි.
බෝස් නිශ්චල ව වාඩි වී සිටියේ ය. ඔහු කළ යුතු ව තිබුණේ තමාට හැකි තරම් වේගයෙන්
ඉහළ මහලට දිව ගොස් එම කාමරයේ දොරට වේගයෙන් තඩිබෑම ය. එහෙත් ඔහුට සෙලවීමට
පවා නොහැකිවාක් මෙන් ඔහුගෙන් පෙනී ගියේ ය.
නගරයේ ඔර්ලෝසු කණුවේ මැදියම් රාත්‍රි දොළහේ කණිසම හ දී බොහෝ වේලාවකට පසු ඔහුට
පියවර හ ඇසිණි. එම පියවර හ නිවසේ සිට වැඩහලේ මුල්ල වටා පැමිණ අනතුරුව දුර ඈතට
ඇදී වියැකී යන්නට විය. එම පියවර හ සුළගේ  සමග මුසු ව නෑසී ගියේ ය. බෝස්ගේ සියලු
මස්පිඬු තද වී ගියේ ය. උඩ පැන නැගිටින්නටත්, දොර ඇද වහා ම විවර කර ගන්නටත් ඔහුට
අවශ්‍ය විය. "උඹ ඔය මොකද්ද කරන්නෙ? ඔහොම නැවතියං! ඉක්මනට කියාපං! උඹ ඔය කොහෙ ද
යන්නෙ?˜ යි මැදියම් අන්ධකාරය තුළින් කෑගසා කියන්නට ඔහුට අවශ්‍ය විය. එහෙත් පෙර පරිදි ම
ඔහුට එසේ කළ නොහැකි විය. යම් කිසිවක් විසින් ඔහුට සෙලවීමට නොහැකි වන පරිදි ඔහු පුටුවට
ම තද කර අලවාගෙන සිටිනු ලැඛෙති යි ඔහුට හැඟිණි. ඔහු සෙලවුණේ නැත. අනතුරුව, ඔහුගේ
ජීවිතයේ ඉතිරි සම්පූර්ණ දස වර්ෂයක කාලයක් රැඳී තිබුණු ඒ පියවර හ සම්පූර්ණයෙන් ම නෑසී
ගොස් තිබිණි.
දැන් අසා සිටින්නට කිසිවක් තිබුණේ නැත. එහෙත් ඔහු දිගට ම සවන් යොමාගෙන සිටියේ ය. ඔහුගේ
ශක්තිමත් දෑත් නිම නොවූ වැඩ මත තබාගෙන ඔහු අසා සිටියේ ය.
එදා රාත්‍රියේ සුළඟ වේගවත් විය. සුළඟ හැමුවේ නිවසේ සිට වැඩහල දෙසට නොව වැඩහලේ සිට
නිවස දෙසට ය. සෙසු සියලු අන්ධයන්ට තිඛෙන්නා වැනි ම වූ බලවත් හැඟීම් සංවේදිතාවක් හෝ
ආඝ්‍රහන සංවේදිතාවක් තිබුණු බෝස්ට, පුටුවේ ඔහේ හිඳගෙන, කිසිවක් නොඇසී හිඳින්නට සිදු
වූයේ එලෙස වැරැදි දිශාවට සුළං හමමින් තිබුණු බැවිනි. වීදියේ එපිට තැන්වලින් කෑ මොර දෙන
වල් ශ්‍රවණය වන තුරු ම, තමාට සිදුව තිඛෙන අතිශය බලවත් හා නපුරු ඛේදවාචකය පිළිබඳ ව
කිසිවක් ම නොදැන ඔහුට සිටීමට හැකි වූයේ ඒ නිසා ය.
"ගින්නක්! ගින්නක්!˜ යි වීදියේ සිටින මිනිසුන් කෑගසනු ඔහුට ඇසිණි. "ගින්නක්! ගින්නක්!˜
ගින්න ඇවිලී ඇත්තේ වෙනත් කොතැනක වත් නොව තමාගේ ම නිවසේ ය යන අවබෝධය ඔහු
කරා එළැඹුණේ ඉතා ම සෙමෙනි.
අරුණෝදයට පැය බාගයකට පසු ගින්න නිවා දමා නිවස පිරික්සන්නෝ සිරුර - එහි ඉතිරි ව
තිබූ දෙයට සිරුර යැයි කිව හැකි නම් අන්න ඒ සිරුර - සොයා ගත්හ. ඒ සොයා ගනු ලැබීම ආවේ
බරපතල කම්පනයක් ලෙසිනි. එතරම් තරුණ වූත්, මනා සෞඛ්‍ය සම්පන්න ව පසුවුණා වූත්
කෑම්ප්ඛෙල් වුඩ් වැනි මිනිසෙකු, ගින්න ඇවිලී උඩු මහලට ළඟා වීමට පෙර නින්දෙන් අවදි
නොවුණේ මන්දැයි විශ්වාස කිරීම පවා අසීරු යැයි බැලු බැල්මට ම පෙනිණි. හොඳයි ඔහු තද නින්දේ
ම සිටියා වුවත්, ඔහු සිය සිරුරට ගිනි ඇවිලීමට පෙර අවදි නොවනු ඇද්ද!
අනෙක් වැදගත් කරුණ නම් ඔහු නිදාගෙන සිටි බවට සලකුණු පෙනෙන්නට නොවීම ය.
ඇවිලුණු ගින්නෙන් කර ඇති විනාශය කුමක් වුව ද, මරණයට පත් වන අවස්ථාවේ ඔහු ඉහළ
සිට පහළට ම යන තෙක් සම්පූර්ණ ඇඳුම් කට්ටලයකින් සැරසී සිටි බව පැහැදිලි ව ම
දක්නට ලැබිණි. බැංකුවේ ගනුදෙනුකරුවන් සියලු දෙනා ම හොඳින් දන්නා ඇඳුම් කට්ටලයෙන් ඔහු
සැරසී හිඳ තිබිණි. මිනිසකු සාමාන්‍යයෙන් සිය පූර්ණ ඇඳුම් කට්ටලයෙන් සැරසී නින්දට යන්නේ
නැත. මළ සිරුරේ හිස බරැති යකඩ උපකරණයක හැපුණාක් මෙන් බිඳී ගොස් තිබිණි.
කල් නොයවා ම මිනිස්සු, "කෝ මැනුවෙල්?˜ යි ප්‍රශ්න කරන්නට පටන් ගත්හ.
බෝස් නීග්‍රෝ තාමත් සිය වැඩහලේ පුටුවේ හිඳගෙන සිටියේ ය. ඔහු කම්පනයකට පත් වූ
බවක් නොපෙනිණි. පුටු ඇඳි මත සිය ඝන ලෝම සහිත දෑත රුවාගෙන ඔහු නොසැලී, අකම්පිත ව
සිටියේ ය. ඔහුගේ අන්ධ දෑසෙහි කිසිදු වෙනසක් සටහන් ව නොතිබිණි. ඔහුට ඔහුගේ නිවස අහිමි
වී ගොසිනි, ඔහුට තමාගේ පුතා ද අහිමි වී ගොස් ඇති සෙයක් දක්නට ලැබිණි. එහෙත් ඔහුට ඊටත්
වඩා වටිනා යමක්- කිසිවකුට මිල දී ගැනීමට හෝ විකිණීමට හෝ නොහැකි අමිල යමක් - අහිමි වී
ගොස් තිබිණි. එය නම් තම ජීවිතය ඔහුට මෙතරම් ආදරණීය එකක් බවට පත් කරමින් ඔහුගේ
ඇතුළාන්තය තුළ මෙතෙක් කල් ඇවිලෙමින් තිබූ ප්‍රීතිමත් බවේ ආභ්‍යන්තරික ගින්න ය.
"කෝ මැනුවෙල්?˜ යි ඔවුහු ඔහුගෙන් ඇසූහ.
ඔහු කතා කරන විට ඔහුගෙන් නැගුණු හ, මේ වන විටත් මළවුන් අතරට එක් වුණු මිනිසකුගෙන්
නැගෙන හකට සමාන විය.
"ඔව් හැබෑට ම! කෝ මැනුවෙල්?˜ යි ඔවුන්ගේ ම ප්‍රශ්නයෙන් ඔහු ඔවුන්ට පිළිතුරු දුන්නේ ය.
"තමුසෙ අන්තිමට එයත් එක්ක හිටියෙ කොයි වෙලාවෙ ද?˜
"රෑ කෑම වෙලාවෙ.˜
"අපිට කියපං බෝස්, අර රත්තරන් ගැන තමුසෙත් දැනගෙන හිටියා ද?˜
සපතේරුවා එසේ යැයි අඟවමින් හිස වැනුවේ ය.
"එතකොට මැනුවෙලුත් ඒක දැනගෙන හිටියා ද?˜
මැනුවෙල් දැනගෙන සිටියා දැයි තමා කෙසේ දැනගන්න දැයි අවශ්‍ය නම් ඔහුට පෙරළා ප්‍රශ්න
කළ හැකි ව තිබිණි. එහෙත් ඔහු පෙර පරිදි ම හිස වනා එය එසේ යැයි පළ කළේ ය.
"රෑ කෑමෙන් පස්සෙ, බෝස් තමුසෙ සපත්තු වැඩපොළට ගිහින් හිටියා. එහෙම නේ ද? එතකොට
තමුසෙට මොනවා හරි ඇහුණා ද?˜
ඔහු තමාට ඇසුණු දේ දිගට ම කියාගෙන යන්නට විය: පියවර හඬ
පහළ සහ ඉහළ; කාඩ් ක්‍රීඩා කිරීමට කෙරුණු අසාමාන්‍ය ආරාධනය; අවසානයේ දී
අවසාන පියවර හඬ වැඩහලේ අඳුරු බිත්තියෙන් ඈතට පසු කරගෙන ගිය ආකාරය. එහෙත් ඒ
සියල්ල ඔහුගේ චිත්තාභ්‍යන්තරයේ රැව් පිළිරැව් දෙමින් හඬ නැගුණු නමුත්, ඔහු තම මුවින් ඒ
කිසිදු කරුණක් පිට කළේ නැත. ඔහුගේ මුව ගොළු ව තිබිණි. 
ඊට වඩා වැඩි දුර කිසිදු තොරතුරක් ඔහුගෙන් ලබා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ. ඔහු
ක්‍රියා කළේ තමාට කිසිවක් දැකිය නොහැකි බව පමණක් නොව, කිසිවක් නොඇසෙන බවක් ද
පාමිනි; තමාගේ කථන හැකියාව ද අහිමි වී ඇති බවක් පාමිනි. ඔහු යළිත් සිය මුව විවර කළේ
තවත් එක් වරක් පමණි. පොලීසිය පිට ව යන්නට සූදානම් වන කල සිය වචනවල කිසිදු භාවාත්මක
ප්‍රකාශනයක් නොපළකරමින් ඔහු මෙසේ කීවේ ය: "දැන් මට නැති වෙන්න කියලා ආයෙ තව කිසි
ම දෙයක් ඉතුරු වෙලා නැහැ. මගෙ තිබුණු හැම දේ ම ඉවරයි. මගෙ ගෙදර, මගෙ අන්තිම පුතා
විතරක් නෙවෙයි මගෙ ගෞරවයත් ඉවරයි. මම තව දුරටත් ජීවත් වෙන්න කැමැතියි කියලා ඔය
මහත්තුරුන්ට හිතෙන එකකුත් නැහැ. ඒත් මට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මට වැඩ කරන්න
සිද්ධ වෙනවා. අර කැචෝරා! කවදා හරි දවසක ඌ ආපහු එයි. කවදා හරි දවසක එක අන්දකාර
රෑක - නිකම් බලලා යන්න හරි ඌ ආයෙමත් මෙහෙ එයි. අන්න එදාට මම ඔය මහත්තුරුන්ට
හැම දෙයක් ම පෙන්නන්නම්. අර කැචෝරා!˜
කැචෝරා යන පෘතුගීසි වචනය එක්තරා බලු වර්ගයක් හැඳින්වීමට යෙදෙන්නකි. එයින් 'පර
බල්ලා' යන අරුත ගම්‍ය වේ. ඔහු විසින් කරන ලද නීච ක්‍රියාව හේතු කොට ගෙන ඔහු තම පවුලේ
කෙනකු ලෙස පමණක් නොව, මනුෂ්‍යයකු ලෙස පවා සලකනු ලැබීමට වත් හිමිකමක් නොමැති
සෙයකි. 
"අර කැචෝරා!˜ 
තමන් බලාපොරොත්තු වෙනවාට වඩා බොහෝ කලින් ඒ කැචෝරා ආපසු එනු ඇතැයි බෝස්
වටා සිටි අය පැවසූහ. ඔහු සිය බෙල්ලට වැටුණු තොණ්ඩුව ද සහිත ව එනු ඇතැයි ඔවුන් කී කල
බෝස් සෙමෙන් සිය හිස වැනුවේ ය.
"නැහැ. තමුසෙලාට ඒ කැචෝරාව දැන් ම අල්ලාගන්න ලැඛෙන එකක් නැහැ. ඒත් කවදා හරි
දවසක....˜
මැනුවෙල් නීග්‍රෝ කවදාවත් සොයා ගත හැකි වූයේ නැත. මාස ගත වී අවුරුදු බවට පත්විය.
බෝස් නීග්‍රෝ ඔහුගේ නිවස යළි තනා ගත්තේ නැත. ඔහුට එය යළි ඉදිකර ගැනීමට අවශ්‍යතාවක්
තිබුණේ ද නැත. අවශ්‍යතාවක් තිබුණ ද එසේ කිරීම ඔහුට පහසු කාර්යයක් වූවේ ද නැත. ඔහු
තමා වෙනුවෙන් කිසිදු මුදලක් නිකරුණේ වියදම් නොකළ නමුත් ඔහුගේ ඉපැයීම එන්න එන්න ම
පහළ යන්නට වීම එයට හේතුව විය.
බෝස් සම්පූර්ණයෙන් ම වෙනස් මිනිසකු බවට පත් ව සිටියේ ය. ඔහුගේ වැඩහල පෙර පුරුදු පරිදි
මිනිසුන් එකතු වී කතා බහ කරන, සිනා සෙන සමාජ ශාලාවක් ලෙස තව දුරටත් පැවතිණැයි
ඔබට අපේක‍ෂා කළ නොහැකි ය. ඔහුගේ වැඩහල සුසාන භූමියක පවතින නිහැඬියාවක
ගිලී පවතින බව ඔබට දැක ගත හැකි වනු ඇත.
මිනිස්සු - විශේෂයෙන් ම එම නගරයේ ජීවත් වූ මිනිස්සු - සුසාන භූමියේ පවතින නිහැඬියාව ප්‍රිය
නොකළහ. බෝස්ගේ තරුණ මිත්‍රයෝ එහි පැමිණ නොයෙක් වර නොයෙක් ආකාරයෙන් උත්සාහ
කළහ. ඔවුහු පෙරටත් වඩා උස් හඬින් කතා කර බැලුහ; පෙරටත් වඩා හිනා යන විහිළු කතා කීහ;
වඩා උස් හඬින් සිනාසුණහ. එසේ වුව ද අන්ධ සපතේරුවාගේ පාෂාණිභූත නිශ්ශබ්දතාව නැමැති
යෝධ පර්වතය බිඳ දැමීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැත. එබැවින් ඔවුහු වැඩහලෙන් පිට
ව ගොස් බෝස්ට තමාගේ පාඩුවේ සිටින්නට ඉඩ හළහ.
කාලය ගත වෙද්දී, බෝස්, එක්තරා ආකාරයක, එක තැන ඔත් ජීවිතයකට වඩ වඩාත් හුරු විය.
ඔත් ජීවිතයක ලක‍ෂණය වන්නේ ප්‍රාණය නිරුද්ධ වී නැති නමුත් කිසිදු අවයවයක් ක්‍රියාත්මක කළ
නොහැකි ව අචල ව පැවතීමයි. වසර ගණනාවක් තිස්සේ ඔහු තමාට අයත් යැයි ඉතිරි ව තිබූ කුඩා
සපත්තු වැඩ පොළෙන් එළියට බැස යනු දැකීම කණ කැස්බෑවකු විය සිදුරෙන් අහස බැලීමක් බඳු
විය.
තම කුඩා වැඩහලට වී සිටිමින්, දවසේ පැය විසිහතර මුළුල්ලේ ම ඔහු කුමක් කළේ ද? ඔහුට
දිනකට ලැබුණු සුළු වැඩ ප්‍රමාණය නිම කිරීමට ඔහුට පැයකට හෝ දෙකකට හෝ වඩා අවශ්‍ය
නොවී ය. එහෙත් වැඩහල පසු කරගෙන දවසේ ඕනෑ ම වේලාවක ගමන් කරන ඕනෑ ම කෙනකුට
- රෑ මැදියමේ දී පවා - ඔහුගේ මිටියෙන් නැගෙන පහර දීම් හ ඇසෙනු ඇත. එම පහර දීම් එක
දිගට ම ඇසිණි. එසේ ම ඒවා බලවත්, වේගවත් හා ශක්තිමත් මිටි පහරවල් විය. ඔහුගේ පහරවල්
වැදෙන්නේ කුමක් මතට ද? සමකට ද? සමක් හෝ සපත්තුවක් හෝ නොමැති ව හුදු ලෝහ අච්චුව
මතට ද? කුමන ප්‍රයෝජනයක් පිණිස ද? කුමන නිමාවකට ද?
හොඳයි, අවශ්‍ය නම් කෙනකුට ඒ අත් දෙක කෙබඳු දැයි උපකල්පනය කර ගත හැකි ය. කිසි දාක
හිරු එළියට නිරාවරණය නොවන බැවින් ඒවා දිනෙන් දින ම සුදු මැලි බවට පත් වෙමින් පවතී.
එහෙත් ඒ නිමාවක් නොදකින්නාවූ වෙසෙහකාරී මිටි පහරවල් නිසා ඒ අත් වඩ වඩා ඝන වෙයි;
ශක්තිමත් වෙමින් පවතී. ශක්තිමත් වන්නේ කුමන ප්‍රයෝජනයක් සඳහා ද? සමහර විට එක්තරා
දිනයක...
"අර කැචෝරා! කවදා හරි දවසක...˜
මේ අන්ධ මනුෂ්‍යයා යනු අත් දෙකක් හා කන් දෙකක් පමණකැයි ඔබ කියනු ඇත. සවන් දෙමින්
සිටින - පුරා වසර නවයක් තිස්සේ අවදියෙන් සිටින සෑම මොහොතක ම දැඩි වුවමනාවෙන්
තියුණු ලෙස සවන් දෙමින් සිටින - මිනිසකු ඔබට සිතින් මවා ගත හැකි ද? පියවර හ
සවන් දෙමින් සිටින මිනිසකු - දවහල් කාලයේත්, රාත්‍රි කාලයේත්, ශිශිරයේත්, ගිම්හානයේත්,
යළි ශිශිරයේත් මෙතරම් ඕනෑකමකින් සවන් යොමාගෙන සිටින මිනිසකු - ඔබට සිතින් මවා
ගත හැකි ද? ප්‍රථම අවුරුදු තුන මුළුල්ලේ, එම පියවර හ කවදා, කුමන මොහොතක තමාට
ඇසෙනු ඇද්දැයි ඔහු විමතියට පත් ව බලා සිටියේ ය. ඊළඟ වර්ෂ තුන පුරා එම හ තමාට යළි කිසි
දිනෙක ශ්‍රවණය නොවනු ඇද්දැයි විමතියට පත් ව ඔහු කල් ගත කළේ ය. කිසි යම් සැකයක් ඔහුගේ
සිතට පිවිස ඔහුට කරදර කරන්නට පටන් ගැනීම ඊළඟ වර්ෂ තුනේ දී සිදු විය. හිතන්න තමාගේ
ශ්‍රවණේන්ද්‍රිය දුර්වල වී ගිය හොත්? තම සවන් තම වසඟයෙන් වෙන් වී ගිය හොත්? කුමක් සිදු වනු
ඇද්දැයි ඔහු විපිළිසර විය. හිතන්න! ඔහුට තමා අසලට ම පැමිණ. පියවර හ හඳුනා ගැනීමට
නොහැකි වීමෙන් තමා රැවටීමට ඔහු සමත් වුවහොත්! අර කැචෝරා පැමිණ ආපසු යාමට
සමත් වුව හොත් තමාට කුමක් සිදු වනු ඇද්ද?
ඔහුට අතක් වත් තැබීමට තමාට අවස්ථාවක් නොලැබුණ හොත් තමාට කුමක් සිදු වනු ඇද්ද?
එබඳු සිදුවීමක් දැනටමත් සිද්ධ වී තිබේදැයි කවුද දන්නෙ?
හිතන්න! එසේ නොමැති ව තමාට පියවර හඬ ඇසුණොත්? එම හ තමාගේ වැඩහල තුළට ම
පැමිණිය හොත්? අනෙක් ගැටලුව නම් එම හඬ ඔහුගේ ම පියවර හ යැයි තමා ප්‍රත්‍යක‍ෂ කර
ගන්නේ කෙසේ ද? තමා ඔහුට පහර දුන්නොත් කුමක් සිදු වනු ඇද්ද? හොඳයි, පහර දීමට තමා
සමත් වූවා ම යැයි සිතමු. පහර කෑ පුද්ගලයා බැරි වෙලාවත් ඒ කැචෝරා ම නොවේ නම්? මිනිසුන්
සිය දහස් ගණනින් නොව ලක‍ෂ ගණනින් පිරී සිටින ලෝකයේ, තමාට ඇසෙන පියවර හ ඒ
කැචෝරාගේ ම පියවර හ නොවුණ හොත්? තමා අපේක‍ෂාවෙන් සිටින ඒ කැචෝරාගේ පියවර හ,
එවන් ලක‍ෂ සංඛ්‍යාත පිරිසකගේ පියවර හඬින් වෙන් කර ගැනීමට තමා අසමත් වනු ඇද්ද?
හිතන්න! තමා අතින් අත්වැරැද්දක් සිදු වීමට ඉඩක් නැද්ද? එසේ වුවහොත් මිනිසුන් තමා අල්ලාගෙන
එල්ලා මරා දමනු ඇත. තමා එල්ලා මරා දැමීම ගැන එතරම් බියක් වේදනාවක් හෝ තැති ගැනීමක්
ඔහුට නොතිබිණි. එහෙත් එසේ වුවහොත් අර කැචෝරා මෙහි පැමිණ කිසිදු උවදුරකින් තොර ව, 
නිය පිටින් පහරක් වත් නොලබා සිනා සිසී ආපසු යනු ඇත.
හිතන්න!
කෙතරම් අරුමයක් වුව ද කෙතරම් අවිශ්වාස සහගත වුව ද, මේ සැක සංකා එසේ ම තිබිය දී, 
ඔහු එම පියවර හ හඳුනා ගැනීමට සමත් විය. ඔහුට එය ඇසුණු කල, අවම වශයෙන්
මොහොතකට ඔහුට එය අර කැචෝරාගේ ම බවට නොසැලෙන ප්‍රත්‍යක‍ෂ භාවයක් දැනුණේ ය.
එය සිදු වූයේ ශීත සෘතුවේ එළැඹෙන නිවාඩු සමයේ එක්තරා සන්ධ්‍යාවක ය. දොර අසලට
පැමිණෙන තුරු ම ඔහුට එම පියවර හ නො ඇසීම එතරම් පුදුමයට කරුණක් නොවී ය.
මන්ද යත්, ප්‍රීතියෙන් මත් ව ගමන් කරන කොලු නඩයක් ඔහුගේ වැඩහල පසුකරමින් ගියේ ද ඒ
මොහොතේ ම ය. ඔවුන්ගේ ගායන ගෝට්ටියෙන් හා පියවර හඬින් බෝස්ගේ වැඩපොළ හෙල්ලුම්
කා ගියේ ය....
බෝස් පුටුවේ හරිබරි ගැසුණේ ය. ඔහුගේ මානසික පීඩනය හා ස්නායු ප්‍රකෝපනය එහි දැඩි ම පීඩනය
ඇති අවස්ථාව කරා ඉහළ නගින්නට විය. ඔහුගේ මස්පිඬු ශක්තිමත් දැව අරටුවක් මෙන් දැඩි වන්නට
විය. ඔව්! ඔව්! ඒත් නෑ නේ ද? තමන්ට කිසිවක් ඇසී නැහැ නේ ද? එක ම එක පියවර හකට
වඩා යමක් තමාට ඇසුණේ නැහැ නේ ද? එක ම එක පියවර හකට වඩා වැඩි යමක් තමාට
ඇසුණේ නැහැ නේ ද? අහෝ සෙනෙහෙබර දෙවියනි! ඔහුට එය ස්ථීර ව ම විනිශ්චය කළ
නොහැකි විය!
ඔහු සිය දෙතොල විවර කළේ ය.
"මොකද්ද මහත්තයො මගෙන් කෙරෙන්න ඕනෑ?˜
"ම්... බලමු. මම - අනේ මන්දා... ඔහේට ඇත්ත ම කියනවා නම්...˜
බෝස්ට කට හ හඳුනා ගත නොහැකි විය.
එහෙත් එය වුවමනාවෙන් ම වෙනස් කර ගත් ක් විය නොහැකි ද?
"දැන් මගේ කන් ඇහෙනවා හොඳට ම අඩුයි මහත්තයෝ,˜ යි ඔහු කීවේ ය. "ටිකක් ළඟට
ඇවිල්ලා කිවුවා නම්!˜
පියවර හ ගෙබිම දිගේ අඩ දුරක් පැමිණියේ ය.
අනතුරුව එය නතර විය. ඔහු තව දුරටත් ඉදිරියට ඒමට පැකිළෙන්නාක් මෙනි. කට හඬේ වූයේ ද
කිසි යම් අඩමාන සටහනකි.
"මම මේ නිකම් වටපිට බලන්න ආපු ගමන්... මගෙ ළඟ තියෙනවා සපත්තු කුට්..... 
- ඒක නෙවෙයි ඔහේ සපත්තු රෙපෙයාර් කරනවා නේ ද?˜
බෝස් සිය හිස නවා එසේ යැයි හැෙඟව්වේ ය. සැබැවින් ම එය අමුත්තා විසින් නගන ලද
පැනයට සැපයූ පිළිතුරක් නොවී ය. මක් නිසා ද යත් විමසන ලද පැනය ඔහුට නො ඇසුණු තරම්
විය. ඔහුට ඇසුණු එක ම දෙය වූයේ ගෙබිම මත නැගුණු පියවර හ ම පමණි.
දැන් ඔහුට නිසැක විය; තම අනුමානය ප්‍රත්‍යක‍ෂයක් බව ඔහුට සහතික විය. අවසානයේ දී ඔහු, ඒ
ප්‍රත්‍යක‍ෂය නිසා ම චිත්තාභ්‍යන්තර සංහිඳියාවකට පත් විය.
ඔහුට යළිත් වරක් අමුත්තාගේ කට හ ඇසෙන්නට විය.
"හොඳයි, ඒත්... මට සපත්තු දෙක නම් අරගෙන එන්න බැරි වුණා. මම මේ නිකමට වගේ වටපිට
බලලා යන්න ආපු ගමන්.˜
"ඔහොම පොඩ්ඩක් ඉන්න!˜ යි බෝස් කීවේ ය.
අනතුරුව ශිශිර සුළඟට සවන් දෙන්නාක් මෙන් හිස නවාගෙන සිටි ඔහු, "අද රෑ නම් ඉවසන්න
බැරි තරම් සීතලයි වගේ. මහත්තයා දොර ඇරලා දාලා වෙන්නැති ඇතුළට ආවෙ. ඒත් කමක් නැහැ
ඔහොම ඉන්න!˜ යි කීවේ ය.
එක ම එක නොනවතින චලනයකින් පුටුවෙන් පහළට නැවුණු ඔහු පුටුව අසල ම එල්ලෙමින්
පැවති ලණුවක කෙළවර අල්ලා ගත්තේ ය. කිසිදු පැකිලීමක් නැති ව ම... අතගා බැලීමක් පවා අවශ්‍ය
නැති ව ම... ඒ එක ම චලනය කිරීම සඳහා වර්ෂ නවයක් තිස්සේ ඔහු කොපමණ වාර ගණනක් -
සිය දහස් වාර කොපමණ සංඛ්‍යාවක් නම් - පුරුදු වී සිටියේ ද!
එක තනි වේගවත් ඇදිල්ලක් - ඒ ඇදීමත් සමග වැඩහලේ ඉදිරි දොර වැසී අගුලු වැටිණි. ඉදිරිපිට
දොර පමණක් නොව පිටුපස පැත්තට යන අනෙක් දොර ද ඉබේ ම අගුලු වැටිණි. අනතුරුව, සිය
පුටුව මත සිටිමින් ම ඉදිරියට නැවී, ඔහු ඉදිරිපිට වූ කුප්පි ලාම්පුව පිඹ නිවා දැම්මේ ය. බෝස් එය
දැල්වූවේ ඔහුට පියවර හ ඇසෙන්නට මිනිත්තු කිහිපයකට පෙර පැමිණි පාරිභෝගිකයකුට
පෙනීම ලබා දීම සඳහා ය.
බෝස්ගේ වැඩහල තුළ කිසිදු හක් නොතිබිණි.
වැඩපොළෙන් පිටතට පාර දිගේ එහාටත් මෙහාටත් ඇවිද යන්නවුන්ගේ පියවර හ ඇසෙන්නට විය.
ඒවා මිදී ගිය පාර දිගේ නාද නැංවී ය. එහෙත් වැඩහල තුළ තිබූ ඝනාන්ධකාරය තුළ වූයේ
නිහැඬියාව ම පමණි.
බෝස් සවන් දී ගෙන සිටියේ ය; හුස්ම ගැනීම පවා නතර කරගෙන සවන් දීගෙන සිටියේ ය.
වැඩපොළ තුළ ඔහු සමග සිටි තැනැත්තා කවරකු වුව ද ඔහු කොහෙත් ම හුස්ම ගන්නා බවක් වත්
පෙනෙන්නට නොතිබිණි. සියලු ශබ්ද නතර වී ගියාක් මෙන් පෙනී ගිය එම අවස්ථාවේ, බළලකු
විසින් අල්ලා ගනු ලැබීමට ආසන්න අවස්ථාවක පසුවන කුඩා මී පැටියකු මෙන් සිටින මේ
මනුෂ්‍යයාගේ සිරුර තුළ රුධිර ගමනාගමනය පවා නතර වී ඇති සෙයකි.
එය බෝස්ට පවා - බළලාට පවා - දරාගත නොහැකි දුෂ්කර අවස්ථාවක් විය. සවන් දී
සිටීම, නිසල ව සිටීම යනු, ශ්‍රමය වැය වන කාර්යයකටත් වඩා දුෂ්කර, අමාරු කටයුත්තක්
විය. කුමන දිශාවකට කඩා පැනිය යුතු දැයි නිශ්චිත අවබෝධයක් නොතිබුණු නමුත්, ඉදිරියට
කඩා පැනීමට ඔහු තුළ වූ බලවත් ආශාවට එරෙහි ව ඔහුට තමා සමග ම අරගලයක නිරත වන්නට
සිදු විය. නිශ්චල ව සිටීම පිණිස ඔහු පුටුවේ ඇඳි දෙක දෑතින් තදින් සිර කර ගත්තේ ය. නිහ ව
සිටීම පිණිස ඔහු සිය දත්වලින් යටි තොල තදින් විකා ගත්තේ ය. මිනිසා සිටින තැන නිවැරැදි ව ම
හඳුනා නොගෙන ඔහු ඉදිරියට නොපනිනු ඇත!
නිසැක ව ම ඔහු කඩා නොපනිනු ඇත.
ඒ අවස්ථාවේ දී, අනපේක‍ෂිත ව වැඩහලේ මැද හරියෙන් ඔහුට හක් ඇසුණේ ය. එය තව දුරටත්
පපුව තුළ රඳවා සිර කරගෙන සිටිය නොහැකි වූ, තදබල, වෙහෙසකර, බියපත් ප්‍රශ්වාසයක පුපුරා
පිට ව යාමක් විය.
සැණෙකින් පුටුවෙන් එසැවෙමින් බෝස්, ඉදිරියට කඩා පැන්නේ ය.  
නිසල, අන්ධකාර වාතලය දෙබෑකරමින් ඔහුගේ අතැඟිලි වේගයෙන් ඉදිරියට ඇදී ගියේ ය. ඒවා
යම් කිසිවක් සමීපයට ගමන් කළේ ය. ඔහුගේ අතැඟිලිවලට ග්‍රහණය වූයේ කෙස් රොදකි¦
ඝනකම කෙස් රොදකි. එය පිරිමියකුගේ මුහුණේ වැඩෙන ආකාරයේ කෙස් රොදකි.
පිටත වීදියේ යාර සියයක් ඇතුළත ඉහළට සහ පහළට යමින් සිටි මිනිස්සු එක් වර ම නතර වී
එකිනෙකාගේ මුහුණු දෙස බැලුහ.
"මොකද්ද ඒ සද්දෙ?˜
ඔවුනට ඇසුණේ යටිගිරියෙන් නැඟූ මර හඬ නැගුමකි. එය එක ම එක, තනි, දීර්ඝ හගෑමක්
විය. එය මනුෂ්‍ය උගුරකින් නැගුණු තියුණු මරහක් බවට කිසිදු සැකයක් නොවී ය. එය
නැගී ආවේ කොහෙන් ද? සපත්තු වැඩපොළ ආසන්නයේ පසු වූවෝ එය බෝස් නීග්‍රෝගේ
සපත්තු වැඩපොළෙන් නැගුණු බව කීහ.
නතර වූවෝ වහා ම දොර අරින්නට උත්සාහ කළහ. එය වසා දමා පමණක් නොව අගුලු ද ලා
තිබිණි. රාත්‍රියට නිවස වසා අගුලු ලෑවාක් මෙනි.
වැඩහල තුළ පහනක් නොවූයෙන් අන්ධකාරයේ ගිලී තිබිණි. ඔවුහු දොරට තඩිබාන්නට වූහ.
පිළිතුරක් නොවී ය. අනතුරුව රැස්වූවන්ගෙන් සමහරු වැඩහලේ පිළිකන්න පැත්තට දිව ගියහ.
එහෙත් එම දොර ද අගුලු ලා තිබිණි. අවසානයේ දී ඔවුහු දොර කඩා ඇතුළු වී පහන දැල්වූහ.
ගෙබිම මත බෝස්ගේ දෙපා මුල, වැටුණු ආකාරයට ම සිරුර වැතිරී තිබිණි. සපතේරුවාගේ යෝධ රළු
දෑතේ දැඩි පීඩනයට අසු වී එහි පිටකොන්ද කැඩී ගොසිනි. එහෙත් එම දෑත්, දැන් තිබුණේ ඉතා ම
දුර්වල තත්ත්වයක ය. මිටියක් ඔසවා ගැනීමට පවා නොහැකි තරම් දුර්වල, අප්‍රාණික තත්ත්වයක ය.
එය විශ්වාස කිරීමට නොහැකි තරමේ තත්ත්වයක් විය.
ඔවුන්, බෝස් දකින කල ඔහු සිටියේ පුටුවේ වාඩි වෙලා ය. ඔහුගේ දෑත පුටු ඇන්ද මත වැතිර
තිබිණි. අවසානයේ දී සිය අන්ධ දෑස්, දොර ළඟට වී කටවල් ඇරගෙන බලා සිටින මිනිසුන් දෙසට
එසැවිණි. "දැන් මට එක දෙයක් කියපල්ලා. මේ ඉන්න එකා අර කැචෝරා ද?˜
ඔහු යළි දුර්වල තත්ත්වයට පත් කර තිබුණේ යළි ඔහුගේ සිතට අරක් ගෙන, සිත වික‍ෂිප්ත භාවයට
පත් කළ සැකයයි. තමා විසින් මරා දමන ලද්දේ මරා දැමිය යුතු ව සිටි මිනිසා ම දැයි නිවැරැදි ව,
සැකයකින් තොර ව ම දැන ගැනීමට ඔහුට අවශ්‍ය වී තිබිණි. එය ප්‍රත්‍යක‍ෂ කර ගන්නා තුරු ඇති වූ
සැකයෙන් ඔහු අකර්මණ්‍ය වී සිටියේ ය.
"මැනුවෙල්ද?˜ යි ඔවුනතුරින් එකෙක් ඇසුවේ ය.
"තමුසෙ කියන්නේ මැනුවෙල් ගැන ද?˜
"මැනුවෙල්? මැනුවෙල් නෙවෙයි. මැනුවෙල් කියන්නෙ හොඳ කොල්ලෙක්. ඒත් මට දැන්
කියාපල්ලා මේකා අර කැචෝරා ම ද?˜
පිරිස අපේක‍ෂා නොකළ යම් කිසිවක් බෝස්ගේ ප්‍රශ්නයෙහි ගැබ් ව තිබිණි. මියගිය මිනිසාගේ
මුහුණ දෙසට ඔවුහු වඩා දීර්ඝ හා ගැඹුරු බැල්මක් හෙලන්නට වූහ.
"උඹලටත් පෙනෙනවා ද බලපල්ලා,˜ යි පිරිසේ සිටියවුන්ගෙන් එකෙක් කීවේ ය. "මට නම්
පෙනෙන්නෙ මේකාගෙ මූණ අර කෑම්ප්බෙල් වුඩ්ගෙ මූණ වගේමයි. අර බැංකුවෙ වැඩ කරපු
එකා - අර පිච්චිලා මැරුණ එකාගෙ මූණ වගේමයි. උඹලට මතක ද? මට නම් පෙනෙන්නෙ මිනිහා
වගේමයි.˜
"ඒ කැචෝරා පිච්චුණේ නැහැ. වුඩ් කියන එකා පිච්චිලා මළේ නැහැ. මෝඩයෝ!˜
පුටුවේ වාඩි වී හිඳිමින් ම බෝස් කතා කරන්නට විය. ඔහුගේ දීර්ඝ නිහැඬියාවට පසු ඔහුගේ
කටහ හඳුනා ගැනීමට නොහැකි තරම් වෙනස් වී තිබණි. "ඒ කැචෝරා පිච්චිලා මළේ නැහැ.
මගෙ කොල්ලා තමයි පිච්චිලා මළේ. ඒ කැචෝරා මගෙ කොල්ලව මැරුවා. ඒ කැචෝරා උගෙ ඇඳුම්
ඔක්කොම මගෙ කොල්ලාට ඇන්දුවා. ඊට පස්සෙ ඌ මගෙ ගෙට ගිනි තිබ්බා. මම ඒක එදා ඉඳලා
ම දැනගෙන තමයි හිටියෙ. මොක ද, එදා මගෙ ගෙදරින් එළියට යන පියවර හ ඇහෙන කොට
මම දැන ගත්තා ඒ හ බැංකුවෙ වැඩ කරපු ඒ කැචෝරාගෙ පියවර හ ම තමයි කියලා. ඌ
කොහෙ ද යන්නෙ කියලා මම දැනගෙන හිටියෙ නැහැ. මගෙ හිත මට කිව්වා - කොහෙ ද යන්නෙ
කියලා එයාගෙන් අහලා බලාපන් කියලා. ඒත් මම දැනගෙන හිටියෙ නැහැ ඌ යන්නෙ මගෙ ගෙටත්
ගිනි තියලයි කියලා. මම දැනගෙන හිටියෙ නැහැ ඌ මගෙ කොල්ලට ඒ වගේ අපරාධයක් කරලයි
යන්නෙ කියලා. මෝඩයිනේ! උඹලා හිතුවා ද මම මෙච්චර කාලයක් බලාගෙන හිටියෙ මගෙ ම
කොල්ලා මාව හොයාගෙන එනකල් ය කියලා?˜ 
එය නීතිය ඉදිරියේ මිනිමැරුමක් වූ නමුත්.... ඒ මිනීමැරුම සම්බන්ධයෙන් කිසිවෙක්, කිසි දා
බෝස්ට දඬුවම් නොකළහ. කුඩා නගරයක නීතිය සමහර විටෙක අන්ධ ය. එහෙත් එය එක ඇසක
ඇතිවන අන්ධභාවයක් පමණි.
කෑම්ප්ඛෙල් වුඩ් නැමැත්තා හෘදයාබාධයක් වැලඳී වැටී මියගියහයි නීතිය ඉදිරියේ සනාථ වූ බව මම
විශ්වාස කරමි.
මුල දී ඉතා සෙමෙන් නමුත්, - දුප්පත් තැනැත්තකු කරන ආකාරයට කොටස් වශයෙන් නමුත් බෝස්
යළි සිය නිවස ඉදිකිරීම ආරම්භ කළේ ය.
එසේ ම මුල දී ඉතා සෙමෙන් නමුත්, මිය ගිය පොළොවෙන් දුර්වල ලෙස ඉහළට වැඩී එන
පැලෑටියක් මෙන්, මිනිසකුගේ ජීවිතයේ ප්‍රීතිය නැමැති මිල කළ නොහැකි අග්නිය බෝස් කරා
යළි ළඟා වන බව දක්නට ලැබිණි. එය සිය මුළු ජීවිත කාලය පුරා ඔහුට විඳින්නට සිදු වූ අනේක
විධ දුඃඛ දෝමනස්සයන් හා අවස්ථාව එළැඹෙන තුරු අපේක‍ෂාවෙන් පසු වූ දීර්ඝ කාලාන්තරය තුළ
දී වුව ද සම්පූර්ණයෙන් නිම නොවී, නොනිවී, මිය නොගොස් ඉතිරි වූ ගිනි පුපුරෙන් නැගුණු
අග්නියක් විය.
සෙමෙන් නමුත්, ශක්තිමත් හා නිර්භීත තරුණයෝ එකා එකා බැගින්, ඔහු සමග කතාබහේ නියැලීමටත්
සිනා සීමටත් බෝස්ගේ සපත්තු වැඩපොළ කරා යළිත් එන්නට පටන් ගත්හ.





Nissanka Rajapaksa

unread,
Aug 22, 2019, 7:59:16 PM8/22/19
to ind...@googlegroups.com
මල් කළඹ

රඟහල නෙක් පැහැ විදුලි එළියෙන් බැබලේ. මේ උදුල පහන් එළි අතර මම හුදෙකලාවෙන් ඔබ මොබ සැරිසැරීමි. ඒ අතරත මගේ සගයන් වී දැයි විපරමින් පසුවන මගේ සිතෙහි මඳ චකිතයක් ද නැතුවා නොවේ. රඟහල තුළ අඩක් රඟ දැක්වූ නාට්‍යය පිළිබඳ කතා-බහ සෑම අතකම රැව් දේ. 

රඟහලට එපිටින් වූ එළිසබෙත් මල් හල වෙත ගිය මට තෙල්මාට තිලිණ කිරීමට මල් කළඹක් තෝරා ගැනීම අපහසු කටයුත්තක් වූයේ, එහි තිබූ සියළුම මල්වල සුන්දරත්වය ඈ සතු වූ බැවිණි. මට සහය වෙමින් විවිධ මල් වර්ග මට පෙන්වන තරුණ වෙළඳෙ සේවිකාව වෙහෙස වූවා පමණි. මට මලක් තේරීම ඈට අපහසු කටයුත්තක් විය.

''එහෙනම් මම කියන්නද ඔයා මෙතන තියන හැම මලකින්ම මල ගානෙ අරගෙන බොකේ එකක් හදාගන්න.'' ඇය අපූරු යෝජනාවක් කළා ය.

නාට්‍යයේ ඉතිරි අඩ ඇරඹෙන්නට ඇත. මම මල් කළඹ ගෙන රොබරෝසියා මල් වැටුණ පාර දිගේ රඟහල වෙත දිවගියෙමි. මා අත වූ මල් කළඹ මටත් වඩා ප්‍රවේශම් කරගැනීම මගේ අරමුණ වූ හෙයින් පාර මාරු වන විට මා රතු පැහැ ජගුවර් රථයකට හැපෙන්නට ගොස් ඇද වැටුණෙමි. රථයේ වූ මැදිවියේ පුද්ගලයා දුව ආවේ ය.

''ආ යූ මෑඩ් මෑන්?'' 
ඔහු මට නැගිටින්නට උදව් කළ අතර මගේ අවධානය දකුණතේ වූ මල් කළඹ වෙත යොමු විය. 
''ඔය කමිසේ මඩ'' යැයි කියමින් අවඥා සහගත ලෙස සිනාසුන ඔහු තුළින් මිළ අධික සැර මත්පැන් ගඳක් වහනය වන්නට විය. මම එපිටින් පේන රඟහල දෙස බැලුවෙමි.
''ආ අන්න පටන් ගත්තා ඉක්මනට ගියා නං හරි'' යැයි කියමින් ඔහු රථයේ නැගී වංගුව පසුකර ගියේ විදගෙන ය. මා තව දුරටත් එතැන නොනැවතී ඇතුළු වීමේ දොරටුව වෙත දිව ගියෙමි. 

''මොකද මහත්තයා පරක්කු උනේ දැන්නං දොර අරින්න බෑ පටං ගත්තනේ....''
මම මහළු දොරටුපල්ලාට මුදලින් අත්ලසක් දෙන්නට උත්සහ කළත් රඟහල් දොරටුව ඔහු ලවා අරවා ගන්නට අපොහොසත් වීමි. පැරදුණ මා රඟහල් උයනේ වූ සිමෙන්ති බංකුව වෙත ගියෙමි. රඟහල තුළින් මධුර ස්වර විටින් විට ඇසේ. ඒ මධුර ස්වර අතරට එක් වූ තෙල්මා ගේ සිහින් ස්වර ද විටින් විට ඇසේ. එහෙත් කිසිවිටක රඟහල තුළින් පිටතට එවැනි හඬක් නැගෙන්නේ නැත. එසේනම් ඒ කුමක්ද, ඒ ඇසෙන්නේ මා හද තුළම නැගෙන නොඉවසිලිමත් ස්වරය ද?

රඟහලේ කුළුණු මුදුනේ ඇති ඔරලෝසුවේ වේලාව රාත්‍රී අටයි තිහට ළං වෙමින් තිබිණ. නාට්‍යය නිමා වීමට ඇත්තේ තවත් අඩ හෝරාවක් පමණි. එහෙත් මට ඒ අඩ හෝරාව ඉවසීමෙන් ගත කළ හැකි වේ ද? සති අග දිනයක් වූ හෙයින්දෝ වෙනදාටත් වඩා පිරිසක් අද දින නාට්‍යය නැරඹීමට පැමිණ සිටිය හ. විවිධ වර්ගයේ මොටෝ රථයන්ගෙන් රථ අංගනය ගැවසී ගෙන ඇත. ඒ අතරතුර කලා ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ තරාතිරමේ අය ද නාට්‍යය නැරඹීමට පැමිණ සිටිනු දැක ගත හැකි විය.
කලාව මගේ විෂය පථය නොවුණ ද ඉඳ හිට හොඳ නාට්‍යයක් නැරඹීම මගේ පුරුද්ද ය. තෙල්මා රඟන නාට්‍යය නැරඹීමට පැමිණියේ ද එසේ අහඹු ලෙස ය. ''හංස විල'' යැයි නම් කෙරුණ මේ නළුව ගායනය, වාදනය, නර්තනය මුසු ඔපෙරා නැමති ශෛලියෙන් නිෂ්පාදනය කොට තිබිණ. ධවල සේද පිහාටු වලින් නිම වන ලද කොට, රවුම් ගවුමක් හැඳ විදුලි රේඛාවක් මෙන් ක්ෂණික වේගයෙන් කරකැවෙන, සිහින් ස්වරයෙන් විරහ ගී ගයන තෙල්මා ගේ දිගැටි දෑසත් අවිහිංසක බැල්මත් දැකීමට පිට පිටම මම මේ ගී නළුවට පැමිණියෙමි. ප්‍රථම දිනයේ ඈ දැක්මෙන් ගල් ගැහුණ මගෙ හදත් ඇසත් නිරතුරේ ඈ දකින්නට පෙරුම් පිරුවේ ය. එහෙත් මට ඈ දැකිය හැකි වූයේ රඟහලේ වේදිකාවේදී පමණි. නළුවෙන් පසු ඈ වට කර ගන්නා රසිකයින් මා ඈ හමුවන්නට දරන තැතත්, ඇය මා වෙත ළං කරන හැම මොහොතක්මත් මගෙන් උදුරා ගනී.

කෙතරම් උත්සාහ ගත් නමුදු ඇය හමු වීමට මට කිසිදු අවස්ථාවක් උදා වූයේ නම් නොවේ. සමහර දිනෙක ඇය එන තෙක් නේපත්‍යාගාරයේ කෙළවරේ බලා සිටිය ද ඇය ඉන් එළියට අවුත් ඇගේ යෙහෙළියන් සමග රඟහලෙන් පිටතට විත් ඇගේ සුඛෝපභෝගී රථයේ නැගී අතුරුදහන් වන්නීය. ඈ පිළිබඳව කිසිවෙකුගෙන් හෝ විමසන්නට තරම් ධෛර්යයක් මා තුළ නොවීම ගැන මට ම පුදුම ය. රාජකාරී කටයුතු වලින් තොර අන් කිසිදු දෙයක් පිළිබඳ අමුතු උනන්දුවක් මා තුළ නොවීම නිසා ඇය පිළිබඳව කිසිවෙකුගෙන් විමසීමට මම මැලි වීමි. සමහර දිනෙක ඇගේ ඡායාරූප පුවත්පත් වල පළ වී තිබෙනු දකින විට, ඒවා රහසින් එකතු කොට තබා ගැනීමට මට ඕනෑ විය. එසේ එකතු කර ගත් ඡායාරූප කිහිපයක් මගේ කාමරයේ පොත් රාක්කයේ සඟවා ගෙන සිටියෙමි. එහෙත් මා නැති අතර මගේ කාමරය පිරිසිදු කළ නංගීට ඒවා අසු වීමෙන්, ඈ මා සරදමට ලක් කළ බැවින් ඉන් ලජ්ජාවට පත් වූ මම ඇගේ ඡායාරූප එකතු කිරීමේ ආශාවෙන් මඩනා ලදිමි. 

''සර් මලක් ගන්නවද අද මේකේ සිය වෙනි ෂෝ එක! මිනිස්සු පොර කකා ඇතුළට ගියේ. අද හැමෝම මල් දෙනවා ප්‍රධාන නිළියට.'' මල් විකුණන කොල්ලා මගේ වමතෙහි වූ මල් කළඹ දුටුවේ නැත.
'
'එක මලක් වෙනුවට මල් ගොඩක්. සොරි සර්. සර්ට කියන්ඩ මට තාම බැරි උණානේ ඒ නිළියට මලක් දී ගන්ඩ. හැමදාම එනවා කොහොම හරි මිස් වෙනවා. කොහෙද මේ පත්තරකාරයොයි කැමරාකාරයොයි ඒ මිස් ව වට කර ගන්නවනෙ. පැය ගාණක් බලං ඉඳලත් එක දවසක්වත් බැරි උනා. මේ ෂෝ එකේ මං මල් විකුණන්නෙත් සියවෙනි වතාවට. තව විකුණගන්ඩ බැරි උනොත් මං මේ සේරම දෙනවා ඒ මිස්ට.''

මගෙන් කිව යුතුව තිබූ දෙය ඔහු විසින් කියැවිණ.

''තමුසෙ බලලා තියනවද ෂෝ එක?''
''ඔව්. තුන් පාරක් බැලුවා. හැබැයි හොරෙං රිංගලා.''
''තමුසෙ යකාගෙ මිනිහෙක්නෙ. ටිකට් බලන කට්ටියට අහුවුන්නැද්ද?''
''ම් හූ.... සර්ට කියන්ඩ සර්..... ඒ මිස් ගෙ කටහඬ..... ප්හූ.... අපේ පල්ලියෙවත් නෑ එච්චර හොඳට ගීතිකා කියන සිස්ටර් කෙනෙක්. ලස්සනත් ඒ වගේමයි. කොහොමද සර් ඒ මිස්ගෙ කැරකිල්ල....! හරියට.... හරියට.... සුළි සුළඟක් වගේ....''

''මේ හලෝ මෙහාට එනවකෝ... දෙනවකෝ මට මල් ටිකක්..'' පැජරෝ එකකින් බට තඩි මහත්තයෙක් විත් ඔහුට අඬ ගැසුවේ ය. ඔහු ගිය පසු මා මගේ ලොවේ යළිත් තනි විය. 

තෙල්මා පිළිබඳ මසිතේ දහසක් සිතුවිලි මාලා ගෙතෙන්නට වන්නේ කවදා සිටදැයි මම නොදනිමි. කෙතරම් සිතුවත් උල්පතකින් වතුර ගලන්නාක් මෙන් ඈ පිළිබඳ අනේක විධ සිතුවිලි ධාරා මසිතේ උපදී. 
ඇය කාගේ කවුද, ඉන්නේ කොහේද, කිසිවක් මා දන්නේ නැත. කිසි දිනෙක ඇය මා තුළ රඳවා ගැනීමේ අදහසක් ද මට නොමැත. එහෙත් ඇය සමග මොහොතක් වෙලා හෝ ගත කිරීමේ ආශාවෙන් මම පෙළෙන්නට වීමි. බැඳ තබා ගන්නට සිතුවත් අල්ලා බැඳ ගත නොහෙන සුළඟ මෙන් ඇය මා තුළම දැවටෙයි. එහෙත් අල්ලනු නොහැකි යි.

''මොකද ඇතුළට යන්න බැරි වුණාද, එළියෙ ඉන්නේ?'' කඩවසම් තරුණයෙක් සිගරට්ටුවක් උරමින් මවෙත ආවේ ය. 

''මටත් බැරි උණා. කොහෙද මේ ටිකට් අස්ප ගණංනේ. මේ මොහොත වෙනකං ට්‍රයි කළා කවුන්ටරේ හාදයත් එක්ක බැරි උණා හලෝ. ඒකිව දකින්ඩ විතරයි මට ඕනේ. ඉඩ දෙන්නෑ අයිසෙ මෙවුං...''

මේ නහරයා පිළිබඳ මා තුළ කෝපයක් හට ගැණින. එහෙත් ඔහු ද තෙල්මාගේ රසිකයෙකි. මා මෙන්ම ඔහුට ද ඈව නොදැක සිටිය නොහැකි වී තිබේ. ඈ සතු අසිරිය නැරඹීමට අපි මෙතරම් ආසා ඇයි දැයි නොදනිමු. නොදැක්ම ඉවසිය නොහැක. ඈ අන් සතු නම්.....?

''මගේ ජීවිතේට දැක්කේ නෑ එච්චර ලස්සන ඩාන්සර් කෙනෙක්''
''ෂා... මාරයි කවුද ඒ නිළිය?''
''අනේ එයාගෙ කටහඬ.. ස්වීට් අයියෝ... මට හරියට ඇඬුණා....''

අසන, දකින කාගේත් තුඩ තුඩ රැව් දෙන්නේ ඇගේ ගුණ ගැයුම් ය. ඈ රුවට වශී වූවෝ ය. ඇගේ හඬට කීකරු වූ හදවත් ඇත්තෝ ය. 

අවේලාවේ තරමක සිරි පොදක් වැටෙන්නට විය. නළුව අවසන් වීමට තව විනාඩි කීපයක් තිබේ. සිරිපොදෙන් බේරීමට මට අවශ්‍ය නොවුණත් තෙමී අපිරිසිදු වුවහොත් තෙල්මා හමුවන විට, ඈ මා ගැන සිතන විදිහ සිහි වී සිරි පොදෙන් බේරී මම අසල වූ සමර්-හට් එක තුළට වැදුණෙමි. ෆ්ලොරන්ස් විදුලි එළිය කපා ගෙන වැටෙන සිරිපොද අමුතු චමත්කාරයක් ගනී. මේ සිරි පොදේ තෙමෙන සිතක් පහළ වුවද එය ක්ෂණිකව මැඩ ගතිමි. 

කළු හංසයාගේ රුදුරු ප්‍රේම මංකොල්ලයට හසු වූ තෙල්මාගේ විරහී හඬ මා තුළ අනුරාව නැගේ. ඒ දුක්බර හඬින් මගේ ඇස් කෙවෙණි තෙමිණි. මම දෑස් පියා ගතිමි. එකා දෙන්නා සමර්-හට් එක තුළට ආහ. මල් කළඹ පොඩි වෙනු ඇතැයි සිතූ නිසා මම එය නොතැලෙන සේ මා ළයට තුරුළු කොට ගතිමි. මල් සුගන්ධයෙන් මගේ නැහැ පුඩු මිහිරෙන් පිරෙන්නට විය. මල් පෙති වලටත් වඩා සිනිඳු ඇගේ දෙතොල් මට සිහි වේ.

''අන්න කට්ටිය එනවා. නාට්‍යය ඉවරයි වගේ...''
''අද මේ අන්තිම ෂෝ එකලුනේ. මං වැඩ කරන ගෙදර නෝන මහත්තයගෙන් බේරුමක් නැති වුනා. අද මං ගමේ යන්න උන්නේ. මේ කෙහෙල්මල් නාට්‍යය හින්දා අද ගෙදර යන්නත් බැරි උනා. ආ ඔය එන්නේ...''

අන්තිම ෂෝ එක යැයි රියැදුරා කියන විට මගෙ හදවත නැවතුණේ, හැල්මේ දුවන තුරෙඟකු මැජික් බලයකින් ගල් ගැහෙන්නාක් මෙනි. සෙනග පොකුරු පිටින් රඟහල් දොරටුවෙන් පිටතට ඇදේ. ඔවුන් මුවඟ රැඳෙන්නේ ඇගේ අසිරිමත් රැඟුම් ගැනම ය. නොකල් සිරිපොදයේ ද නැවතුමක් නැත. 

තෙල්මා මග හැරේවි දෝ හෝ'යි හැඟුණ බැවින් ගෙල උස්ස උස්සා රඟහල් දොරටුව පිරික්සන්නට වීමි. මේ අන්තිම දර්ශනය වන්නේ නම් ඈ බලන්නට තවත් දිනක් නොඑළඹෙනු ඇත. එසේ නම් අද අප හමුවන අවසන් දවස ද? සෙනග පොකුරු ටිකෙන් ටික අඩු විය. පත්තරකාරයෝ ද කැමරාකාරයෝ ද රඟහලෙන් පිටතට පමිණියෝ යන්නට ගියෝ ය. සිරිපොද ක්‍රමයෙන් වේගවත් වැස්සක් බවට පෙරළිණ. නළුවේ සමහර නළු නිළියෝ ද රඟහලෙන් පිටතට අවුත් රිය මත නැගී පිටව ගියෝ ය. මා දන්නා තරමින් නළුවේ අධ්‍යක්ෂකවරයා සහ සංගීත අධ්‍යක්ෂකවරයා ද පිටතට ආහ.

''තෙල්මා කොහොමද යන්නේ? ඇරලවන්නද?''
''වාහනේ ඒවි.'' 
රඟහල තුළින් තෙල්මාගේ හඬ ඇසී මගේ නොඉවසිල්ල තියුණු කළේය. 
''එහෙනං හෙට පාටි එකට වරද්දනැතුව එන්ඩ. මාටින්, නෝනගෙ වාහණේ එනකල් නෝනව බලා ගනිං. ආ මේක උඹ තියා ගනිං- උඹ කොහොමත් හිත හොඳ මනුස්සය. ආයෙත් දවසක බලමුකෝ.''

රුපියල් දාහක නෝට්ටුවක් දොරටුපල්ලාට දෙමින් අධ්‍යක්ෂකවරයා සහ සගයා රියට නැග නොපෙනී ගියහ.

නළුව නිම වී සියල්ලෝ පිටත්ව ගියත් තෙල්මා රඟහලෙන් පිටතට නේන්නේ ඇයි? වැස්ස තදින් වහී. ඇය බලන්නට මම රඟ හල තුළට යන්නට සිතා සමර්-හට් එකෙන් අඩි දෙක තුනක් රඟහල තුළට ළං වීමි. එවිටම ඈ රඟහලෙන් පිටතට පැමිණියා ය. ඇය තාමත් මේක්-අප් පිටිනි. ඇය දුටු මම ගල්-භීත වුනෙමි. මා දුටු ඇය ද ගල් ගැහුණාය. අප දෙදෙනාම මේ වැස්ස යට.... තෙමෙමින්..... තෙමෙමින්......

''නෝනා තෙමෙන්නැතුව ඇතුළට යන්න.''
ඈ ඇතුළට යන්නට හැරී.... නැවත මා දෙස බැලී.....
මා ගොළු වී.... වචන හිර විණ.
දහිරිය ගෙන, 
''තෙල්මා... ''
ඇය නැවත හැරී.... 
''ඇයි?''
''මං හිටියේ ඔයාට සුභ පතන්න....''
''නෝන වහිනවා මෙහාට එන්න..''
තෙල්මා මවෙතට සම්පූර්ණයෙන්ම හැරිණ.
''ඉතින් සුභ පතන්න....''
මගේ උගුර යන්තම් තෙමිණ.
''හොඳටම වහිනවා.... ඔයාව තෙමෙනවා...''
''ඉතිං....'' ඇය ඇගේ සිහින් ගෙල අහස දෙසට හරවන ගමන් කීවාය. මට සිනා පහළ විය.
''ඉතිං කියන්නේ... මේ හොඳටම වැහි....''
''ඉතිං සුභ පතන්න...''
ඇගේ දිගැටි දෑසෙන් සිනා වෙමින් සිහින් සරින් කීවා ය.
''මගෙන් සුභ පැතුම්...'' 

මෙතෙක් වේලා තෙමි තෙමීත් මා අත උණුසුම් වූ මල් කළඹ ඈ වෙතට පෑවෙමි. මගේ දකුණත ඇගේ වමතේ ස්පර්ශ වීමෙන් මහද වේගයෙන් ද ප්‍රීතියෙන් ද ගැහෙන්නට විය.
''මෙච්චර ගොඩක් මල්.....!'' 
මා නොසිතූ තරම් ඈ සතුටු වූවා ය. මේ හීනයක් ද? 
''නෝනා තෙමෙනවා.. ඇතුළට එන්න..''
මාටින්ගේ හඬ අපට ඇසුණේ හීනයක දී මෙනි. වැස්ස ඇගේ රතදර තෙමා හැලේ. ඇගේ දිගු වරල දිගේ වෑහෙන දිය බිඳිති ෆ්ලොරන්ස් එළියෙන් දිදුලයි. 

''ඔයා කවුද?''
''මම සඳරූ''
''නාට්‍යය බැලුව ද?''
''ඔව්.. පස් වතාවකටත් වඩා.... අද බැරි වුනා... මං පරක්කු වුණා.... මේ හොඳටම වැහි...''
''ඉතිං හොඳයිනේ.... ඔයා නොහිටියනම් මට මේ වැස්සෙ තෙමෙන්න බෑ...''
''අසනීප වෙයි...''
''අදින් මගෙ අසනීපෙ ඉවරයි..!''
''ඒ කිවුවේ?''
''මේ නට්‍යයේ අද අන්තිම දවස....''
''එහෙනං ඒක ඇත්තක් ද?'' මගේ බලාපොරොත්තු සුන් විය.
''ඔව්. අද මේකෙ අන්තිම දර්ශනය...''
''එතකොට.... එතකොට....''
''ඔව් මං මේ නාට්‍යය ඒ තරං කැමැත්තෙන් කළේ නෑ.''
''මොනවා.. ඇත්තද? ඒත් ඔයාගෙ රඟපෑම බොහොම ඉහළයි...''
''ඔයා නාට්‍ය කරන කෙනෙක් නෙමේ නේද?''
''ම් හූ..'' 
''ඒක තමයි...නාට්‍ය නොකරන අය තමයි නාට්‍ය අගය කරන්නේ....''
''ඇත්තටම මොන තියරි එකක් වත් මම දන්නේ නෑ... ඒත් නාට්‍යය නම් හැබෑ ලස්සනයි....''
''ලස්සනයි ද?''

ඇගේ රෝස කම්මුල ඇකිළිණ. මගේ පිළිතුරෙන් ඈ දුකට පත් වීම පිළිබඳව මට මා ගැන තරහක් උපන. 

''තෙල්මා... අපි හොඳටම තෙමෙනවා.. යමු ඇතුළට....''
''මට බෑ.... මම මෙහෙම ඉන්න කැමතියි.... දැන් කවුරුවත් අපිව දකින කෙනෙක් නෑනෙ.. පත්තරකාරයො.. කැමරාකාරයෝ.... රසිකයෝ.... කවුරුත් නෑ.... මට පුළුවන් මං කැමති විදිහට ඉන්න...'' ඇගේ දිගැටි දෑස් මලානික වෙන හැටි......!
''ඔයා ඉන්නවද මාත් එක්ක මේ වැස්සෙ?''
''ඔව්.. ඉන්නම්'' මා පැකිළුණේ නැත.
''ඔයා ගෙනාපු මල් වලට ස්තූතියි. ඇයි ඔයා මම වෙනුවෙන් මෙහෙම තෙමෙන්නේ....?''
ඒ ප්‍රශ්නයෙන් මා නිරුත්තර විය.
''මං... මං... ඔයා කැමති නම් තෙමෙන්න... මං මොනවා කරන්නද?''
''මං ආස නෑ රසිකයො මං වෙනුවෙන් එහෙම කරනවට... ඒක මට මහ වදයක්....''
''නෝන මේ කුඩේ ඉහළ ගන්න අසනීප වෙයි..''
''මාටින් ඔය කුඩේ ගෙනියන්න.... මට ඕන්නෑ.... මට ඕනෙ තෙමෙන්න... ඇති තරම් මේ වැස්සෙ තෙමෙන්න....''

ඇය මල් කළඹ දකුණතට ගෙන වමතින් කුඩය ගෙන වැස්සේ කරකැවෙන්නට වූවා ය. හරියටම රඟ පෑමක් වාගේම. 

''නෝනා මටයි බැණුම් අහන්න වෙන්නේ...''
ඇය කුඩය අතට ගෙන ඉවතට වීසි කළා ය. එය රෝල් වී ගොස් උඩ අතට හැරී වැස්සට තෙමෙන්නට විය. මාටින් එය අහුලා ගන්නට දිවුවේ ය. 

''ඔයා නාට්‍යයේ ආසම මොන සීන් එකට ද?''
''ඔයා ඉන්න හැම මොහොතකටම''යැයි මට කියවෙන්නට ආවත් මම ගිල ගතිමි. 
''එහෙම නෑ.... මුළු නාට්‍යයටම...''
''බොරු එපා... ඇත්ත කියන්න....''

මම ලජ්ජාවෙන් බිම බලා ගතිමි. මිණි කිංකිණියක් සෙලවෙන්නාක් මෙන් ඇය මට සරදමට සිනාසෙන්නී ය.

''අනිත් අය වගේම ඔයත් කැමති මං ඉන්න සීන් වලට නේද?''
ඇය මගේ දෑසට එබී කියන්නී ය. මා සීතලෙන් හිරිවැටී සිටියත් මගේ යටි හිතේ සිතැඟි ඇය කියවූ නිසා මගේ දෙකණ්සේ රත් විය. 

''සඳරූ... නාට්‍ය කියන්නේ මායාවක්.... ඇස්බැන්ඳුමක්.. හරියට ඔයා මං ගැන හිතනවා වගේ... ඇත්ත එතන නෑ... මට බෑ තවත් ඔයාලව රවට්ටන්න....''
ඈ එය මා සමීපයටම විත් මගේ ඇස් ඉදිරියේ සිට කියන්නී, වැස්සට ඇගේ වත්සුණු දිය වී යමින් තිබිණ. දැසෙහි ගෑ අඳුන්, ඇසි පිය මත තැවරී විකාරයක් සේ පෙණින. ඇගේ රතදරවල ගෑ රෝස පැහැය දියව ගොස් පඬු පැහැයක් දොතොල් මත රැඳී තිබිණ. විශ්මයෙන් යුතුව මා ඇගේ මුහුණ නිරීක්ෂණය කරන දෙස ඈ ඕනෑකමින් බලාසිටින්නී, 

''සඳරූ, මාව හොඳින් බලන්න...''
ඇය මා ළඟටම විත් මගේ දෑසට එබී ගැඹුරු සිහින් ස්වරයෙන් කියන්නී, ඇගේ ගිළුණු ඇස් වටයේ ලොකු කඳුළු ගුලි දෙකක් සිර වී තිබිණ.
''මේ මල් කොච්චර ලස්සනද? ඒත් මේවා හෙට පරවෙනවා...''

ඇගේ හුස්මේ උණුසුම ද මගේ කම්මුලට දැනෙන තරම් ඈ මට ළං විය. එකෙණෙහි ම, ජගුවර් රථයක් විත් රඟහල් ගේට්ටුව අසල නතර විය. එක දිගට නලාව නාද විය. 

''මල් වලට ස්තූතියි... මං යන්නං...'' 

ඇය මගේ උණුසුම් කම්මුල මත ඇගේ සීතල දෙතොල තැබුවාය. මම ගල් ගැසුනෙමි. ඇය යළි නොහැරී ගොස් රථයට නැග ගත්තී ය.
රිය කවුළුවේ වැහි බිඳු තැවරීමෙන් බොඳ වුණු ඇගේ රුව මට පෙනේ. ඇය මට අත වනා නොපෙනී ගියා ය.

Nissanka Rajapaksa

unread,
Aug 23, 2019, 8:03:16 PM8/23/19
to ind...@googlegroups.com
නිවැරදි මාවත
බී.ජී.එම්. ජනප්‍රිය
දෙපස වවා ඇති උත්තුංග විලෝ ගස් දෙපෙළ නිසාදෝ නිදහස් මාවතේ ඇත්තේ කොළඹට නොගැලපෙන පෙනුමකැයි මට සෑම විටම සිතේ.

මම ඒ මාවතෙහි ඉදිරියට ඇවිද යමින් සිටියෙමි.මගේ නිදහස් සිතිවිලි වල ගලායාමට බාධා කරමින් එක්වරම ඇය මතු වූවාය.

‘එස්කියුස් මී, අයැම් සර්චින් ෆෝ ද නැෂනල් මියුසියම්.’

ලා දම් පැහැති ඇදෙන සුළු රෙද්දකින් මසා තිබුණු දණහිස දක්වා පළා තිබූ ගවුම තුළ බැස තිබුණේ හැඩැති තරුණ සිරුරකි. ඇගේ ඇසිපියන් වේගයෙන් සැසලුණි.

ළා රත් පැහැති දලු කිහිපයක් කෙළවරෙහි අමුණාගත් විලෝ රිකිල්ලක් පසුබිම් කර ගත් ඇගේ මුහුණ ආලේඛ්‍ය සිතුවමක් මෙන් මගේ දෑස අල්ලා ගත්තේය. ඇගේ ප‍්‍රසාදජනක සිනහව වතෙහි මේ අංගයෙන් නික්මෙතැයි කිව නොහැකි ප‍්‍රභාවක් පරිද්දෙන් වත පුරාම තැවරී ඇත. ඇගේ නාසය මතත් කොපුල් ශිඛර මතත් පෑදී තිබූ රත් පැහැය ඈ ස්වභාවය කොට ගත්තක් ද, එසේත් නොමැති නම් උණුසුම් දේශගුණය නිසා සිදු වූවක්ද,යන්න සිතාගත නොහැකි විය. (ඒ වන විට දහවලෙහි උණුසුම් ගතිය පහව යමින් සැන්දෑව එළඹෙමින් තිබූ බැවින්.) ඇසට වැටෙන හිරු එළිය හා දුහුවිල්ල නිසාවෙන් දෝ ඇගේ ඇසිපියන් අඩවන්ව තිබිණි. ඇස් යට අර්ධ චන්ද්‍රාකාරයෙන් නිර්මාණය වී ඇති මඳ ගිලා බැස්මේ හැඩය අනුගමනය කරමින් දහඩිය බිඳු කීපයක රේඛාවක් නැගී තිබිණි. ඒවා තිබෙන බව ඇගේ වතට දැනෙන්නේ ද, දැනෙන්නේ නම් ඒ සිසිලසක් ලෙසින් ද, දාහයක් ලෙසින් ද යන්න සිතාගත නොහැකි විය. ඒවා ඇඟිලි තුඩින් ස්පර්ශ කොට පිරික්සන්නට ඇත්නම් යන හැඟුමත් සමඟ එක්තරා කවියක් මගේ මතකය දෙසට ඇවිද ආවේය.(එය මා කලින් ලියා තිබූවක් ද,කොතැනකදී හෝ අසා තිබූවක් ද, එසේත් නොමැති නම් එවේලේම සිතට ආවක් ද යන්න පිළිබඳ නොඅසන්න.)

තනිවීමි ඈ සමඟ
කළු හංසයන් පීනන 
විල් තෙරක ඉවුරක, බංකුවක 
සරත් කළ සුරත් පත් 
එකින් එක විසුරුවන 
විසල් මේපල් තුරක සෙවනක ...
ඉඳින් මා බලා ඉමි 
ඈ වතෙහි මතුව ආ ඩා බින්ඳු 
කෙතරම් සිසිල්දැයි බලන්නට ඇත්නම් යැයි කියා

ඇගේ රුව ඇසට යොමු වූ මොහොතේ සිට කවිය ගෙතී/සිහි වී අවසන් වූ පසුත් මගේ නෙත ඉඳුරාම යොමුව තිබුණේ ඇගේ වතට ය. තුන්වෙනියා පැමිණියේ මේ මොහොතේ ය. ඒ දෙනෙත ද යොමු වී පැවතුණේ මගේ දෙනෙත මෙතෙක් වේලා දැරූ ඉලක්කයටම ය. ඒ රුවෙහි ඇඳුම් වැරහැළි ගොඩක් පමණක් වූ අතර මුහුණ වක‍්‍රාකාර රැළි ගොඩක එකතුවක් බඳු විය. එහි වූ දෑස කුඩා ළමයෙකුට හසුව දිය සිඳී යන අත්ලක උඩුකුරුව දඟලන ඉස්ගෙඩියෙකුගේ බඩවත මෙන් ආයාචනාත්මකව සහ බලාපොරොත්තු සහගතව සසැළෙමින් තිබිණි. ඒ දෑස දුටුවේ අප දෙදෙනාගෙන් ඇය පමණි. මා පිළිබඳව කිසිදු තැකීමක් නොකරන්නේ වූවද, මගේ දෑස ඒ තුන්වෙනි දෑස දක්වා විතැන් විය. ඒ වන විටත් මගේ අතැඟිලි තුන් වෙනියා මෙන්ම කෙට්ටු මගේ පසුම්බිය පුරා ඔබ මොබ දුවමින් තිබිණි. අතිශයින් වටිනා මාරු කාසි කිහිපයක ගැටෙන්නට ඒ ඇඟිලි සමත් විය.

ඒ වන විටත් තුන්වෙනියාගේ දෑසට සිය ඉලක්කය අහිමි වෙමින් පැවතුණි.

ප‍්‍රමාණාත්මකභාවය පිළිබඳව ගැටළු මතුවිය හැකි වුවද මම තුන්වැනියාගේ බලාපොරොත්තුව ඉටු කිරීමට සමත් වීමි. එසැණින් තුන්වන දෑස දුරස් වී ගියේය.

මම පසුම්බිය නැවත සාක්කුවට දමන්නට පෙර නැවත පරීක්ෂා කළෙමි. එහි වූයේ රුපියල් දහයක් පමණි. මා කොටුව බස් නැවතුම්පොළට යා යුතු අතර ඒ සඳහා තවත් රුපියල් දෙකක් උවමනාය. පසුම්බි වලට ඉබේ මුදල් පැමිණෙන ක‍්‍රමයක් පිළිබඳව මගේ විශ්වාසයක් නොවූ බැවින් මම එය නැවත පරීක්ෂා නොකළෙමි. දැන් මා දන්නා හඳුනන අයෙකු පැමිණෙන තුරු රස්තියාදු වීම හෝ මුදල් අඩුවෙන් දී බස් රියේදී අවමානයට ලක් වීම යන දෙකෙන් එකකට හෝ දෙකට ම යටත් විය යුතුය.

ඒ වන විට ඇය වට රවුමෙන් එපිට වෙනත් පාරකට පිවිස එහි ඉදිරියට ගමන් කරමින් සිටියාය. මම වට රවුම හරහා දිව ගොස් අත්පුඩියක් ගසා ඇයට කතා කළෙමි.

‘හේයි මිස්, යූ ආ ෆලොවින් ද කරෙක්ට් වේ?'

Nissanka Rajapaksa

unread,
Aug 24, 2019, 7:26:31 PM8/24/19
to ind...@googlegroups.com

රතු බොත්තම් - [ජයතිලක කම්මැල්ලවීර]


රේණුකාට රක්ෂාව ලැබුණේ කිසිදු පෙරනිමිත්තකින් තොරවය. ඇය හෝ ඇගේ මව මතක ඇති කාලයක සුබ සිහිනයක් දුටුවේ නැත. එදා උදයේත් කබ පිසිමින් දොරකඩට බට වහාම නෙත ගැටුණේ අකුණු වැදීමෙන් අතු හැලී ගිය දීගජන්තු පොල්කඳමය. එහෙත් බස්නාහිරින් හිරු නැගී ආවා සේ උදේ හතහමාර වන විට ග්‍රාමසේවක මහත්තයා දොරකඩ පෙනී සිටියේය. 

”හා....නේ.......... රාළහාමිනේ!” අම්මා කුඩා කල ඇගේ කටට හුරුව තිබූ වචනයෙන්ම ගෞරවාචාර දක්වමින් උළුවස්ස ළඟ කඳ නවන විට මළ කෑ ජනෙල්කූරු අතරින් රේණුකා ග්‍රාමසේවකගේ හිනා කට දුටුවාය. 

මේ මනුස්සයාට ගෙයක් ගානේ යන්න ධෛර්යය ලැබුණේ කොහොමදැයි සිතමින් දොරකඩට පැමිණි රේණුකා දෙස අම්මාගේ පාත්වුණු උරහිසට උඩින් බැලූ ග්‍රාමසේවක මහත්තයා  ”ඔන්න අපට කරන්ඩ පුළුවන් දේ අපි කළා. ලබන සුමානේ ඉඳන් රස්සාවට යන්ඩ ලෑස්ති වෙන්ඩ!” යයි කිවේය. 

”ගාමන්ට් එකේ රස්සාව දෙන්නෙ මුද්දරකාඩ් තියෙන අයට විතරයි.” 

”ගාමන්ට් එකේ?” 

”ඔව් ලබන සුමානේ විවෘත කරනව” 

”කොහෙද?” 

”ඇයි අර හෙණගහපු කන්දෙ” 

”හෙණගහපු කන්දෙ ගාමන්ට් එකක්?” 

”ඔව්. ඇයි? පුදුමද?” 

”පුදුම නේන්නම්. කන්දෙ කොයි පැත්තෙද?”
 

රේණුකා මිදුලට බැස ග්‍රාමසේවක සමග එකපෙළට හිටගෙන අතේ දුරින් පේන හෙණ ගහපු කන්ද දෙස විමසිල්ලෙන් බැලුවාය. ඒ බැල්මට ගාමන්ට් එකක් නොව තනි ජංගියක් කන්දේ වනා තිබුණත් එය පෙනෙන්නට ඕනෑය. එහෙත් රේණුකාගේ ඇස් දැක්කේ උසට උසේ හිටගෙන ඉන්නා අකුණු වැදුණු පොල්කඳම පමණය. 

”මෙතෙන්ට පේන්නෙ නෑ. කන්දෙ එහා පැත්තෙ. ආ මේ පෝම් එක පුරවලා හවසට ගෙදරට එවන්ඩ අම්ම අතේ” 

ග්‍රාමසේවකගේ පයිල් කවරයෙන් එළියට ආ ඉල්ලුම්පත්‍රය රේණුකා අතට යත්ම ”හොඳමයි රාළහාමි” යි පිළිතුරු දුන්නේ අම්මාය. 

ගමේ මිනිස්සු ඒ පැත්ත බලා මේ පැත්ත බලන විට ප්‍රාදූර්භූතව නැගී සිටියාවූ ”මොඩර්න් ගාමන්ට්”විවෘත කෙරුණේ සිරි සිරි පොදවැස්සේය. කන්ද කපා තැනූ අලුත් පාර දිගේ සෙරෙප්පු ගලවාගෙන, ඇඟිලිකරු අස්සෙන් මතුවී එන චිරිමඩ මත සීරුවෙන් ගොස් වැඩ පටන්ගත් රේණුකාලාට මේ සිදුවූයේ කුමක්දැයි වටහා ගන්නටවත් කාලයක් නොලැබිණි. 

මාසයක් එක සීරුවට වැඩකරන්නට ‘ඕඩර්’ ලැබී තිබේ. උදේ හයේ සිට හැන්දෑවේ හය වනතුරු වැඩ ලැබේ. කැන්ටිම කෑල්ලට තවම වහල ගහලා නැත. වහල ගසා සිමෙන්ති දැමූ වහාම තේ එකත් කෑම පාර්සලයත් මැෂිම ළඟටම එවනු ලැබේ. එතෙක් හන්දියට කැඳවාගෙන ගොස් හෝටලයෙන් කෑම අරන්දෙයි. මෙය සති දෙකක් වැනි කෙටි කාලයකට පමණක් අනුගමනය කෙරෙන අතිශයින් ම තාවකාලික සැලැස්මකි. 
කිව්ව වෙලාවට විවෘත කළ යුතු නිසා තවම පටන් ගෙන ඇත්තේ ‘ෆිනිෂින් සෙක්ෂන්’ පමණි. රේණුකාලාට පැවරී ඇති රාජකාරිය වන්නේ වෙනත් ‘ගාමන්ට් එකකින්’ මසා එවා ඇති කළු කමිසවලට රතු බොත්තම් ඇල්ලීමය. වාඩිවීමට කකුල් තුනේ ස්ටූලයත්, අත් ඉදිකටුවත් කළු නූල් පන්දුත්, ප්ලාස්ටික් ටින්වල පිරවූ හිල් හතරේ රතු බොත්තනුත් සපයා දී ඇත. 

ලොකු මේසයක් වටා ස්ටූල් තබාගෙන වාඩිවී සිටින රේණුකා සහ යෙහෙළියෝ මුහුණු පහත් කරගෙන කළු කමිසවල බොත්තම් අල්ලති. බොත්තම් ඇල්ලූ සහ නොඇල්ලූ කළු කමිස මේසය මත කඳුගැසී ඇත. සෑම කෙල්ලකම ඉදිරියෙන් නිල් පැහැ ප්ලාස්ටික් බඳුනක් වේ. එක් බොත්තමක් කමිසයට සවි වූ පසු අතක් දිගු වී ප්ලාස්ටික් භාජනයට බසී. සිහින් දර දර හඬක් බඳුනේ නැගෙයි. රතු බොත්තමක් සහිතව කෙල්ලගේ අත ආපසු කමිසය වෙත එයි. ඒ වන විට කමිසයේ දාරය බිඳගෙන ආ ඉදිකටුව හෙණගහපු කන්දේ මැරුණු පොල්ගස මෙන් උඩට මතුවී සිටී. බොත්තම් හිල් හතරෙන් එකක් ඉදිකටු මුහුණත මතින් පහළට බසී. ඉදිකටුව ඉල්පී අවුත් බොත්තමේ තවත් සිදුරක් මැදින් ආපසු යට යයි. 

පැය දෙකක් පමණ එක දිගට කරබාගෙන වැඩකරන රේණුකා දෑස පියාගෙන මුහුණ වහලය වෙත හරවා බෙල්ල හැකි තරම් පිටුපසට නවයි. දෙතුන්වරක් එසේ ව්‍යායාමයේ යෙදෙන ඈ වැඩෙහි යෙදී සිටි අනෙක් යෙහෙළියන් දෙස බලයි. ඔවුහු කරබාගෙන වැඩෙහි යෙදී සිටිති. පාතට හැරුණු මුහුණුවල නාස්කොන් ඇහිබැම සහ හිස් මුදුන රේණුකාට පෙනෙයි. ඔවුන්ගේ අත් වසා සිටින කළු කමිස මත රතු බොත්තම් කැපී පෙනෙයි. ඈ දෑස් ඔසවා, හිස කරකවා වට පිට බලයි. ශාලාවේ එක් පැත්තක පමණක් සුදු බිත්තියේ ඇස් මට්ටමට ඉහළින් කුඩා හුළං කපොලු ඇයට පෙනෙයි. ඒ හුළං කපොලුවලින් එපිට කැකෑරෙන අව්වත් හිස් අහසත් ඇය දකී. 

කැන්ටිම දමන්නට ගොඩනැගිලි හදන්නේ රේණුකා වැඩ කරන කෑල්ලෙන් එහා හුළං කවුළු ඇති පැත්තේය. ඒ පැත්තේම යාර කිහිපයක් ඈතින් වැසිකිලි පේළියකි. මුත්‍රා කරන්නට එහි යන විට රේණුකාට වැසිකිලි පේළියට පහළ බෑවුමත් එහි කෙළවර තැනින් තැන රතු පස්ගොඩවල් දැමූ වගුරත් පෙනේ. වගුරට ඔබ්බෙන් තවත් බූ ගෑ කන්දකි. ඒ කන්දෙන් එහා අහසය. 

දැන් රේණුකාගේ රක්ෂාවේ වයස සතියකි. ඈ ප්ලාස්ටික් බඳුන ඔඩොක්කුවට ගෙන එතුළට අතක් දමා අවුස්සා බලන්නට වූවාට. ඇය එසේ කළේ හිල් හතරේ රතු බොත්තම හැර වෙනත් පාටක එකම එක බොත්තමක්වත් එහි තිබෙන්නට බැරි නැතැයි යන සිතුවිල්ල ඈ තුළ පහළ වූ බැවිනි. එහෙත් එහි වූයේ දහස් ගණනක් රතු බොත්තම් පමණි. දින දහයක් යන විට ඇයට ඇගේ යෙහෙළියන්ගේ මුහුණු ද රතු බොත්තම් සේ පෙනෙන්නට විය. 

රේණුකා අඳුරේම ඇඳෙහි වැතිර කල්පනා කරමින් සිටි අවස්ථාවක ඇගේ අම්මා චිමිනි ලාම්පුව අතින් ගෙන ඇගේ ඇඳ වෙත ගියේ රස්සාවට පස්සේ තම දියණිය කතාබහකින් තොර වූයේ මන්දැයි සිත තුළ පවතින සැකය විසින් මෙහෙයවනු ලැබීමෙනි. 

අම්මා චිමිනි ලාම්පුව ඔසවා එහි එළිය ඇඳට වැටෙන්නට සැලැස්වූවාය. එසවුණු ලාම්පුවේ එළිය වැටුණු අම්මාගේ මුහුණ දුටු රේණුකා කලබල වී කෙලින් වූවාය. 

”අම්මගේ මූණ රතු බොත්තමක් වගේ. ඔය ඇස්, කට, බොත්තම් හිල් වගෙයි.” 

අම්මා දියණිය කෙරෙහි මහත් බියකින් බිරන්තට්ටුවී බලා සිටියදී රේණුකා සිනාසී මවගේ කලවා බදාගත්තාය. 

දහවල් කෑම විවේකය ලැබෙන තුරු රේණුකා බලා සිටියේ නොඉවසිල්ලෙනි. වෑන් රථයට නැගී සැතපුම් භාගයක් දුරින් පිහිටි හන්දියේ හෝටලය වෙත යන ගමන ඇයට මහත් සහනයක් අත්කර දුන්නේය. වෑන් රථයේ කවුළුවෙන් පිටත බලා සිටින් ඇය හන්දිය තෙක් ඇති ගෙවල් ගණින්නට පටන් ගත්තාය. ඉන් පසු ඒවායේ මිදුල්වල ඇති මල් පඳුරු ගැන්නාය. රෝස පඳුරු වෙනමත්, දුඹුරු පැහැ ක්‍රෝටන් ගස් වෙනමත් ගැන්නාය. දිනක් රෝස පඳුරු ගැණ බැලූ ඇය ඊළඟ දවසේ ගැන්නේ බෝගන්විලා පඳුරුය. තෙවන දිනයේ එක පාටක ක්‍රෝටන් ද සිවූවන දිනයේ වෙනත් පාටක ක්‍රෝටන් ද ආදී වශයෙන් දවසින් දවස එක් එක් වර්ගය ගැණ බැලුවාය. මල් පඳුරු ගැණ අවසන් කළ ඈ ගෙවල්වල ඇති ජනෙල් ගණන ගණන් කරන්නට පටන් ගත්තාය. 

කැන්ටිම ඉදි විය. වටේට කෙටි බිත්ති නැගී කපරාරු විය. දිනක් එහි වහල මතින් දුම් නැගෙන්නට පටන් ගත්තේය. හෙට සිය වාහනයේ නැගී ගේ දොර ගස්කොලන් ගනිමින් හන්දියට යන එන ගමනද නවතින බව රේණුකාට අවබෝධ වූයෙන්, ගැස්මක් හටගත්තේය. දෑතේ ඇඟිලිවලින් පටන්ගත් ගැස්ම අත්දඬු දිගේ ගොස් සරුවාංගයටම බෝ විය. 

ගැහෙන අත්වලින් ප්ලාස්ටික් බඳුන ඔසවා, දෙපා පළල් කිරීමෙන් බූරු ඇඳක් සේ බොකු ගසාගත් සාය මත බොත්තම් හලාගත් රේණුකා ඒවා එකින් එක ගණින්නට පටන් ගත්තාය. බොත්තම් වලින් අඩක් ගණන් කළ ඈ එම උත්සාහය අතහැර හිස ඔසවා අවට බලන්නට විය. එවිට යෙහෙළියන්ගේ මුහුණ පෙනෙන්නට පටන් ගත්තේය. පෙරදී හුළං කවුළුවලින් එපිට දුටු හිස් අහසද දැන් ඒ රතු බොත්තම් වලින් ආවරණය වී තිබේ. 

පසළොස්වක පෝය දවසේ තරමක් වේලාසනින් ගෙදර යන්නට රේණුකාලාට ඉඩ ලැබිණ. ගෙදර ආ රේණුකා ගෙය දොරකඩ වාඩි වී හෙණගහපු කන්ද දෙස බලා සිටන්නට වූයේ ”ගාමන්ට් එකේ වහලවත් මෙතනට පෙනෙන්නෙ නැත්තෙ ඇයිදැ”යි සිතමිනි. කන්දට ඔබ්බෙන් අහස රත්පැහැ ගැනී තිබිණ. හෙණගහපු පොල්ගහේ කඳ දිගේ රූටා වැටුණු විශාල රතු බොත්තමක් ගස මුල තියෙනු රේණුකා දුටුවාය. හෙමිහිට ගස මුලින් ඉවත්වූ රතු බොත්තම කන්ද දිගේ පහළට පෙරළි ගොස් නොපෙනී යන තුරු ඈ එසේම බලා සිටියාය. 


Nihal Ananda

unread,
Aug 24, 2019, 11:26:39 PM8/24/19
to INDRAKA group
මේ කතාවේ නම් .... කෙටිකතාවක  'ගතියක් ' දැනුනේ නැත.  
එසේ නමුදු කම්මල්ලවිර , වර්තමානයේ කතා ලියන, ශුර කෙටි කතාකරුවෙකි. කෙටි කතා පොත් කිහිපයක්ම (8/10 ක් ?)  ලියා ඇත. කම්මල්ලවිරගේ ලිවීමේ විශේෂත්වයක් ඇත. ඔහු ලිවිම ආරම්භ කර ඇත්තෙම මැදි විය ඉක්මවූ , විශ්‍රාමික වයසකදිය. මේ නිසා හැම කතාවක්ම පාහේ අත් දැකීම මත පදනම් වූ. මනා  පරිනත බවකින් යුක්තය. කාලයකින් කියවුයේ නැතත්, තවමත් මගේ  මතකයේ රැඳී ඇති, කම්මල්ලවිර කතා කිහිපයක් ම ඇත. පොතක් දෙකක් මිලදී ගෙන හෝ කියවා බැලීම වටී ! 

Nissanka Rajapaksa

unread,
Aug 25, 2019, 6:30:29 PM8/25/19
to ind...@googlegroups.com

තෙල් කුයිල

[ඉන්දියානු ලේඛිකා අම්රිතා ප්‍රීතම් විසින් රචිත ''Stench of Kerosene'' නම් කෙටි කතාවෙ හි පරිවර්තනය කි.]

පිටතින් ඇසුණේ වෙළඹකගේ හේෂාරවයකි. ගුලරි එය හැඳින ගත්තාය. වෙළඹ එවා තිබුණේ ගුලරි ගේ දෙමාපියන් විසිනි. වහ වහා පිටතට දිව ආ ඕ වෙළඹගේ ගෙල මතින් සිය හිස තබා ගත්තී, දෙමාපියන් වෙත යාමට විවර වූ ද්වාරය එය බැව් හොඳින් දැන සිටි බැවිනි. 

ඇගේ සැමියාගේ ගම පිහිටා තිබුණේ උස් තැනි බිමෙකය. ඉන් පහළට දිවෙන මාවත් වඩාත් වංගු සහිත වූ අතර කඳු පාමුල තෙක් දැඩි බෑවුම් සහිතව ප්‍රපාතාකාරයෙන් විහිදී තිබිණි. එහි සිට මයිල කිහිපයක් ඔබ්බෙන් වූ චම්බාවෙහි ගුලරිගේ දෙමාපියෝ විසූහ. කඳු මුදුනේ සිට බලන්නෙකුට ඈතින් පිහිටි චම්බාව එක එල්ලේ බලාගත හැකිය. ගුලරි මාපියන් පිලිබඳ සාංකාවෙන් පසුවන හැම මොහොතකම මානක් ද කැටුව කඳු මුදුනට එන්නට පුරුදුව සිටියාය. එවිට සූර්ය රශ්මි කදම්භයෙන් නැහැවී දිදුලන චම්බාව දකින ඕ හද පුරා මැවෙන භක්ත්‍යාදරයෙන් කුල්මත් වූවාය. 

සෑම වසරකටම වරක් පාහේ අස්වනු නෙළන සමයේ දී, සිය දෙමාපියන් වෙත යාමටත් ඔවුන් හා දින කිහිපයක් එක්ව ගත කිරීමටත් ගුලරි වරම් ලද්දීය. ගුලරී කැඳවාගෙන එනු පිණිස කෙනෙකු චම්බාවෙහි සිට ලකර්මන්දාවට යැවීම ඇගේ මාපියෝ සිරිතක් කොට ගෙන සිටියහ. එකල විවාහ වී පිටගම් ගොස් සිටි ඇගේ මිතුරියෝ ද අස්වනු මංගල්‍ය සඳහා සිය ගම් පියස වෙත ආහ. වාර්ෂික මිතුරු හමුව දුක් සුසුම් හා ප්‍රීතිය රැගත් සිදුවීම් වලින් පිරීතිරි යන්නට මග බලමින් හුන්නේය. ඔවුහු එක්ව ගමන් බිමන් ගියහ. ලඟ ලඟම එන අස්වනු මංගල්‍යය සඳහා අලුත් ඇඳුම් සූදානම් කලහ. දුපට්ටාවන් ට සායම් පෙවීම, කැඳ දැමීම සහ දිස්නය සඳහා තලාතු මිනිරන් ඉසීම කළහ. වීදුරු වළලුත් රිදී කරාබුත් මිල දී ගත්හ. 

අස්වනු මංගල්‍යය උදාවන තෙක් ගුලරී ඇඟිලි ගනිමින් හුන්නාය. මෙතෙක් කල්ගුවන සිසාරා පැතිරී හුන් මෝසම් වළාකුළු සියල්ල සරත් සුළඟ විසින් පලවා හැරපැහැදිලි අහසක් මතු කරද්දි ගුලරීට ඒ පිළිබඳ හිතන්නට තිබූ කාලය මඳ විය. ඕ ගවයන්ට තණ කැවීම් කළාය. ගෙදර දොර කටයුතු කළාය. නැන්දා මාමාවෙනුවෙන් අහර පිලියෙල කලාය. ගමෙන් කෙනෙකු ඈ කැටුව යන්නටඑන්නට පෙර සියල්ල කඩිනමින් අහවර කොට නොඉවසිල්ලෙන් බලා හුන්නාය. දැන් යළිත් වරක් එම මොහොත උදාවී ඇත. ඕ උතුරායන ප්‍රමෝදයෙන් යුතුව වෙළඹ සුරතල් කළාය. ගුලරී කැඳවා ගෙන යාමට පැමිණි මෙහෙකරුවා වූ නාතුට අචාර කළ ගුලරී එළඹෙන දින යෙදී ඇති ගමනට ලහි ලහියේ සුදානම් වූවාය. ඒ පිළිබඳ ගුලරී තුල වූ ප්‍රබෝධය වචනයෙන් කීමට ඈට අවැසි නොවූයේ ඇගේ මුහුණ ඈ තුල හද තුල වූ සියළු හැඟුම් වල කැඩපතක් බඳු වූ බැවිනි. මානක් හුකාවෙන් දුම් උගුරක් ඇද මොහොතකට දෙනෙත පියා ගත්තේය. ඒ දුම්කොල වලින් නැගුණු අප්‍රසන්න බවෙන් හෝ ගුලරීට මුහුණ දීමට ඔහු තුල වූ අපහසුතාවයෙන් විය හැකිය. 

''ඔයා සැණකෙළියට එනව නේද....එක දවසකට හරි?'' ගුලරී බැගෑපත් වූවාය. පිලිතුරු නොදුන් මානක් උරමින් සිටි මැටි පයිප්පය පසෙකින් තැබුවේය. 

'' ඇයි කතා කරන්නෙ නැත්තෙ?'' ගුලරී නෝක්කාඩුවෙන් ඇසුවාය. 

''මම ඔයාට දෙයක් කියන්නද?'' 

''මම දන්නව ඔයා මොකද්ද කියන්න යන්නෙ කියල - අම්ම තාත්ත බලන්න යන්නෙ අවුරුද්දටම එක සැරයයි කියලනේ... මීට කලින් කවදාවත් මම ඔයාව නවත්තල තියෙනවද ගුලරී?'' 

''එහෙනම්, මේ වතාවෙ මාව නවත්තන්න ඔයාට තියෙන වුවමනාව මොකද්ද?'' ගුලරී පෙරලා ඇසුවාය. 

'' මේකයි......'' මානක් වචන ගිල ගත්තේය. 

'' ඔයාගේ අම්මගෙ අකමැත්තක් නැත්නම් ඔයා එපා කියන්නෙ ඇයි?'' ඕ ළදැරියක සේ මුරණ්ඩු වූවාය. 

''අම්මා......'' ඉන් එහා කියන්නට වදනකුදු මුවට නොආයෙන් මානක් කිසිවක් නොකියා නිහඩ විණි. 

බලාපොරොත්තු සහගත දිගු රාත්‍රියකින් පසු එළඹ් උදෑසන අරුණ නැගෙන්නට ටත් පෙර ගුලරී සූදානම් වූවාය. ඈට දරුවන් නොවීය. එබැවින් දරුවන් තබා යාමේ හෝ කැටුව යාමේ ගැටළුව ඈට නොවීය. ගුලරී මානක්ගේ දෙමාපියන් වෙත ගොස් වැඳ ඔවුන්ගෙන් සමුගත්තාය. ඔවුහූ ඈ හිස මත අත් තබා ආශීර්වාද කළහ. නාතු සෑදලය දමා ගමන සඳහා අසු සූදානම් කළේය. 

''මගක් දුරට මම එන්නම්'' මානක් කීය. 

තුටින් ඉපිල ගිය ගුලරී මානක්ගේ බටනලාව ගෙන දුපට්ටාව තුල සඟවා ගත්තාය. 

ඛජියාර් ග්‍රාමය පසුකරත්ම චම්බාව දෙසට දිවෙන මාර්ගය වඩාත් බෑවුම් සහිත විය. මෙතෙක් වේලා දුපට්ටාව තුල සඟවා ගෙන සිටි බටනළාව පිටතට ගත් ගුලරී එය මානක් අත තැබුවාය. 

''මේක පිඹ්නවද?'' 

එහෙත් මානක් සිතිවිලි ගොන්නක අතරමංව හුන්නේය. එබැවින් කිසිත් නෑසිනි. 

"අනේ, ඇයි මේක පිඹින්නැත්තෙ?'' ගුලරී බොරු තරහක් මවා ගත්තාය. 

දුක් මුසු බැල්මක් ඔහු වෙතින් පල විණි. බටනළාව දෙතොලතර තැබූ මානක් නුහුරු වැලපිල්ලක් බඳු තනුවක් ගුවනට මුසු කළේය. 

''ගුලරී යන්නෙපා...මම ආයෙත් කියන්නෙ මේ වතාවෙ විතරක් නොගිහින් ඉන්න බැරිද?'' බට නළාව ගුලරී අත තබමින් මානක් කියා සිටියේය. ඉන් එහා යමක් කීමට ඔහුට නොහැකි විණි. මුව ගොළු වී වචන පැටලිණි. 

''ඒත් ඇයි?'' ඕ පෙරලා ඇසුවාය. ''සැණකෙළිය දවසට එන්න, අපිට ආපහු එකටම එන්න පුළුවන්, මම පොරොන්දු වෙනවා.'' 

මානක් කිසිවක් නොදෙඩුවේය. 

ඔවුහු මග අසල නැවතුනහ. නාතු ඔවුන් දෙදෙනාට තනිවන්නට ඉඩ දී වෙළඹ ද රැගෙන අඩි කිහිපයක් ඉදිරියට ගොස් නැවතුනේය. එම මොහොතේ මීට සත්වසරක ට පෙර මෙවැනිම දිනයක නිදිගත් මතකයන් මානක් තුල අවදිවන්නටවිණි. එබැවින් නාතු පිලිබද නොපහන් බවක් මානක් තුල ඇති වන්නට වූයේය. මෙවැනි ම දිනක මානක් සිය මිතුරන් හා චම්බාවෙහි සැණකෙළියට යමින්උන්නේය . මානක්ට ප්‍රථම වරට ගුලරී මුණගැහුනේ එහි දීය. එහිදී ඔවුහු එකිනෙකා ගේ හදවත් හුවමාරු කර ගත්හ. ඉඩ ලද සෑම මොහොතකම ගුලරී හා මානක් හුදෙකලාව හමු වන්නට වූහ. 

''ඔයා හරියට කිරි වැදුණු ගොයමක් වගේ ගුලරී''ඇගේ අත ගනිමින් මානක් පැවසූ අයුරු ඔහුට සිහිපත් විණි. 

''හරක් ඇදෙන්නෙ කිරි වැදුණු ගොයමට තමයි...... ඒත් මිනිස්සු කැමති වී සහල් කරල බත් කන්න. ඔයා මට කැමතිනම් ඇයි අපේ තාත්තව මුණගැහෙන්නෙ නැත්තෙ?'' ඕ මානක් වෙතින් සියත මුදා ගනිමින් පැවසුවාය. 

විවාහෝත්සවයට පලමුව දෑවැද්ද තීන්දු කිරීම මානක් ගේ නෑදෑයන් අතර සිරිතක් වශයෙන් කෙරිණ. දෑවැදි පිණිස කොපමණ වටිනාකමක් ගුලරී ගේ පියා විසින් නියම කරාවිදැයි මානක් පසුවූයේ බියෙනි. එහෙත් ගුලරීගේ පියා කලක් නගරයේ ජීවත් වූ පුද්ගලයකු වූ අතර මුදල් හදල් හා වත් පොහොසත් කම් වලින් ඔහුට හිඟයක් නොතිබිණි. ගුලරීට හැම අතින්ම යහපත් ස්වාමියකු ලැබෙන්නේ නම් දෑවැදි නො ඉල්ලන බවට ඔහු දිවුරා තිබිණි. ''මානක්'', ඔහු තීරණය කළේය. සියලු අවශ්‍යතා පූරණය කිරීමෙන් අනතුරුව මානක් හා ගුලරී එකම කැදැල්ලකට වූහ. 

"මොනව ගැනද අප්පෙ ඔයතරමට හීන දකින්නෙ?''ඕ විහිළු කලාය. 

මානක් කිසිත් නොදෙඩීය. ඈතින් ඇසුණේ වෙළඹගේ නො ඉවසිලිමත් හේෂාරවයයි. එසැනින් ගුලරී යන්නට නැගීසිට්යාය. 

''මෙතන ඉඳල හැතැප්ම දෙකක් විතර එහායින් තියෙනවයි කියන කැළේ ඔයා දන්නවද ? මිනිස්සු කියනව ඒ කැලේ මැද්දෙන් යන ඕනෙම කෙනෙක් බීරි වෙනව කියල....හරියටම ඔයත් දැං ඒ කැලෙ මැද්දෙන් ගිහින් ආවා වගේ.... මං කියන කිසිම දෙයක් ඇහෙන්නෙ නැති හැටි...'' ගුලරී කීවාය. 

''ඔයා හරි ගුලරී....ඔයා කියන කිසිම දෙයක් මට ඇහෙන්නෙ නැහැ තමා.'' මානක් හීල්ලුවේය. 

ඔවුහු මොහොතකට එකිනෙකා දෙස බලා ගත් වනම හුන්නෝය. එහෙත් මානක් ට හෝ ගුලරීට එකිනෙකාගේ හැඟුම් තේරුම් ගත නොහැකි විය. 

''මම දැන් යන්න ඕනෙ...ඔයා ආපහු ගියොත් හොඳයි දැන්.... ගෙදර ඉඳලා සෑහෙන දුරක් ආව නේ'' මානක් අමතා ඕ මුදු ලෙස කීවාය. 

''පයින්ම ආවනෙ ගොඩක් දුර... දැන් අස්සයගෙ පිටට නැග්ගොත් හොඳයි නේද?'' මානක් පිලිතුරු දුන්නේය. 

''ආ, ඔයාගේ බට නළාව'' 

''තියාගන්න'' 

''සැණකෙලිය දවසෙ ඇවිත් මේක පිඹිනව නේද?''දෙතොල මත රැඳුනු මුදු මද හසින් යුතුව ඕ නැවතත් විමසා සිටියාය. ඇගේ දෙනෙත සූර්ය කාන්තියෙන් බැබලිණි. මානක් ඉවත බලා ගත්තේය. සොවින් දෙවුර හැකුළු ගුලරී චම්බාව වෙත පිටත්ව ගියාය. 

මානක් ආපසු හැරුණි. 

නිවසට ගොඩ වැදුනු මානක් කිසිදු උද්යෝගකින් තොරව ඇඳමතට ඇද වැටුණේය. 

''මෙච්චර වෙලා කොයි දීපංකරේක හිටියද .... චම්බාවටම ගියාද ඇරලන්න'' මව ගෝරනාඩු කළාය. 

''ගොඩක් දුර නෙමෙයි...කන්ද උඩට විතරයි''මානක් ගේ හඩ බර වී තිබිණ. 

''නාකි ගෑනියෙක් වගෙ බෑඟිරි තලන්නෙ මොකද.... මිනිහෙක් වෙයන්'' මව බැන වැදුනාය. 

''අම්මත් ගෑනියෙක් නේද....නිකමටවත් තෙතමනයක් නැද්ද ඔය හිතේ හැබෑටම''යයි පෙරළා අසන්නට මානක් ට සිතුනද ඔහු නිහඬ විය.

මානක් සහ ගුලරී විවාපත් ව සත් වසරක් ගෙවී ගියද ඔවුනට දරුවන් නොවීය. අට වෙනි වසරටත් එයම සිදුවනු දැකීමට අකමැති වූ මානක්ගේ මව ඒ සඳහා රහසිගතව උපායක් යෙදුවාය. එනම්, මේ වසරේ සැණකෙලිය සඳහා ගුලරී නිවසින් පිටව ගිය කල මානක් වෙනුවෙන් දෙවන බිරියක කැඳවා ගෙන ඒමය. ඇය ඒ සඳහා රුපියල් පන්සීයක මුදලක් ගෙවා ඇති බව මානක් ද දැනසිටියේය. මවටත් සිරිතටත් ගරු කල මානක්ගෙ සිරුර අලුතින් කැඳවාගෙන ආ ගැහැණිය වෙනුවෙන් ප්‍රතිචාර දක්වුවද හදවත ඔහු තුලම මියැදී තිබිණ. 

එක් උදෑසනක මානක් මැටි පයිප්පයෙන් දුම් උරමින් සිටිනා අතරතුර ඔහුගේ පැරණි මිතුරකු මානක් පසු කර යමින් හුන්නේය. 

''ඒයි, භවානි කොහෙ යන ගමන්ද මේ උදේ පාන්දරින්ම ?'' 

භවානි නතර විය. මිටිකර බඳින ලද කුඩා පොට්ටනියක් ඔහුගේ උරහිසේ විය. 

''මෙ ලඟට ගිහිල්ල එන්න කියල...'' 

'' කොහෙහරි විශේෂ ගමනක් යනව වෙන්න ඕනෑ''මානක් කීය.  ''මොකද කියන්නෙ....දුමක් උරනවද?'' ඔහු නැවතත් භවානි දෙස බලමින් විමසා සිටියේය. 

මානක්ගේ අතින් මැටි පයිප්පය ගත් භවානි ඔහු අසලින් ඇන තියාගත්තේය. 

''මම චම්බාවට යනව..සැණකෙළියට'' අවසානයේ භවානි කීවේය. භවානිගේ වදන් ඉඳිකටු තුඩක් සේ මානක් ගේ හදවත සිදුරු කළේය. 

''සැණකෙළිය අද ද ?'' 

''හැම අවුරුද්දෙම වගේ...එකම දවසෙ තමයි'' භවානි පිලිතුරු දුන්නේය. ''ඇයි, අමතකද, මීට අවුරුදු හතකට කලියෙනුත් මේ වගේම දවසක සැණකෙළික උන්න'' ඉන් එහාට කිසිත් නොකීමට භවානි වග බලා ගත්තේය. 

භවානි ගේ සෝපහාස වදන් සියල්ල මානක් තුළ කැළඹුමක් ඇති කලේය. එකෙණෙහිම මැටි පයිප්පය පසෙකින් තැබූ භවානි පොට්ටනිය ද අතින් ගෙන නැගීසිටියේය. ඔහුගේ බටනළාව පොට්ටනියෙන් පහලට එල්ලෙමින් තිබිණි. භවානි ඈත නොපෙනී යන තුරුම මානක්ගේ දෙනෙත රැඳී තිබුනේ ඒ වෙතය. 

පසු දා උදෑසන කුඹුරෙහි වැඩ කරමින් හුන් මානක් සැණකෙලිය නිමවී ආපසු එන භවානි දැක ඕනෑකමින් ඔහුව මඟ හරින්නට මෙන් ඉවත බලාගත්තේය. භවානි සමග සැණකෙලිය පිලිබඳ වදනක් හෝ කතා කරන්නට මානක් ට අවශ්‍ය නොවිණි. එහෙත් අනෙක් පසින් පැමිණි භවානි මානක් ඉදිරියෙන් හිඳගත්තේය. ඔහුගේ මුහුණ සොවින් අළු පැහැ ගැන් වී තිබිණ. 

''ගුලරී ජීවතුන් අතර නැහැ'' භවානි බිඳුණු හඬින් කීවේය. 

''මො ක ......ක්??'' 

''ඒකි ගිණි තියාගෙන...භූම්තෙල් වක්කරගෙන.. උඹේ දෙවෙනි කසාදෙ ගැන අහල...'' 

මානක් වේදනාවෙන් ගල් ගැසිණි. ඔහු ට කල හැකි වූයේ නිසලව නෙත් හයාගෙන තමා ගේ ජීවිතය දැවී පිළිස්සී යන අයුරු විඳගැනීම පමණකි. 

කාලය වේගයෙන් ඉගිල ගියේය. මානක් නවතා දමා තිබුණු ගොවිතැන් කටයුතු නැවත ආරම්භ කළේය. කන්නට යමක් ලද විටෙක එය අනුභව කළේය. එහෙත් ඔහු ඇවිදින මළමිනියක් වැනි විය. මුහුණ හැඟුමින් තොර විය. දෙනෙත තුල හිස් බව විය. 

''මම මෙයාගේ ගෑනි නෙමෙයි....හරියට පිට එකියක් වගේ'' මානක් දෙවනුව කැඳවා ගෙන ආ බිරිඳ නොහොඳ නෝක්කාඩු කියන්නට වූවාය. 

එහෙත් ඉක්මනින්ම ඕ ගැබ්බර වූවාය. තම අළුත් ලේලිය කෙරෙහි බොහෝ සෙයින් සතුටට පත්වූ මානක් ගේ මව වහ වහා මානක් වෙත දිව ගොස් පුවත සැල කර සිටියාය. එහෙත් කිසිත් නොවැටහුණු කලෙක මෙන් ඔහුගේ දෙනෙත හිස් බවින් මිරිකී තිබිණි. 

දරුවා ලැබීමෙන් පසු, කාලයත් සමග සියල්ල වෙනස් වෙනු ඇතැයි කියමින් මානක් ගේ මව තම ලේලිය අස් වැසුවාය. එබැවින් සියල්ල විඳදරා ගන්නා ලෙස ඕ තම ලේලියගෙන් අයැද සිටියාය. 

ඕ පුතකු බිහිකළාය. මානක් ගේ මව උතුරා යන ප්‍රීතියෙන් ප්‍රමුදිතව උන්නාය. බිළිඳා නහවා පිරිසිඳු කල මානක්ගේ මව බිළිඳා රෙදි කඩකින් ඔතා ඔහු ගේ උකුල මත තැබුවාය. ඔහු තම උකුල මත හිඳින දරුවා දෙස මොහොතක් නිසොල්මන්ව බලා හුන්නේය. කිසිත් අවබෝධනුවූවාක් මෙන් නොනවත්වාම බලා හුන්නේය. සුපුරුදු හිස් බවම හැරෙන්නට වෙනත් කිසිදු හැඟීමක් එහි සටහන්ව නොතිබිණි. සැණෙකින්, හිස් බවින් වැසී තිබුණු දෙනෙත් එකවරම භීතියෙන් විසල් විණි. මුව විවර විණි. 

''මූව අහකට ගනිල්ලා... මූව අහකට ගනිල්ලා... මූ ලඟ භූමි තෙල් ගඳයි'' 

මානක් උමතුවෙන් මෙන් කැගෑවේය.

Nissanka Rajapaksa

unread,
Aug 26, 2019, 8:07:17 PM8/26/19
to ind...@googlegroups.com

යකඩයා - කේ. ජයතිලක 

[කටු සහ මල් - 1956]
නැන්දා දීග දී අවුරුදු දාසයක් වන නමුත් තවමත් තාත්තා මාමාගේ හීයට මැඩවුමට අවුරුදු පතාම වාගේ හරකා බාන යවයි. ගෑනියක දීග දුන් පසුවත් හරකාබාන යැවීමෙන් ඇගේ සැමියාගේ වැඩපලවලට උදවු දීම ගැමියන් අතරේ සිරිතක් වසයෙන් කෙරෙන්නකි. මෙවැනි බැඳීමක් ඔවුන් අතර නැති නමුත් බොහෝ දෙනා එය සලකනුයේ යුතුකමක් වශයෙනි. 

එක් අවුරුද්දක මාමාගේ හීයට හරක් තුන් බානක්ම සපයන ලද්දේ තාත්තා විසිනි. හීයට පෙර දින හරකුන් දක්කා ගෙන ඔවුන් ගේ ගමට ගියේ මාමාගේ ලොකු පුතා වූ තිස්සත් මාත් ය. ඇඳිරි වැටෙන තුරුම තණ කවා රෑටත් හොඳට කෑම ඇති තැන්වල හරක් බැඳීමෙන් පසු, අපි කවුරුත් පසුදා උදය උවමනා වන අනෙක් උපකරණ සුදානම් කිරීමෙහි යෙදුණෙමු. 

මාමා පළමුකොට ම වියගස්වල සිදුරුවලට ලණු දමා එවා එහි ම දවටා පැත්තකින් තැබීය. ඊට පසු පොල් පට්ටා ඉරා මදය හැර අඹරා නඟුල් වත අගට ගැට ගැසීය. මේ අතර තිස්සත් මමත් මල්කෑර හා පේර කෝටුවල ගැට සැස ඒවා හොල්ලු කෙළෙමු. පිටි කොටන හලන හඬ වරින් වර ගෙතුලින් ඇසුණ හෙයින් එහිත් වැඩ කටයුතු අධික බව අපට දැන ගත හැකි විය. 

උපකරණ සියල්ල සුදානම් කිරීමෙන් පසු අපි හඳ එළිය වැටී තිබුණ මිදුලට වී සෙල්ලම් කිරීමට පටන් ගතිමු. මාමා ඉස්තෝප්පුවේ හාන්සිපුටුව මත දිගා වී කල්පනා කෙළේය. ඔහු එවිටත් කල්පනා කෙළේ පසුවදා හීය ගැනමය. 

"කන්නිමහරින් තුන් බාණයි. අපේ බාණයි හතරයි. මෙතියෙස් ගෙ මීමයි. යකඩය ගෙ බාණයි. පීතර ගෙ මී දෙනයි"
 ඔහු අපටත් ඇසෙන්නට ගණන් බැලීය. 

"තිස්ස උදෙන්ම සේනත් එක්ක ගිහින යකඩය ගෙ හරක් බාණ අරන් එන්ඩ ඕනෑ." 

"හා" කියමින් තිස්ස සෙල්ලම් කරමින්ම පිළිතුරු දුන්නේය. පසුවදා උදෙන්ම තිස්සත් මමත් යකඩයා ගේ ගෙදරට යෑමට පිටත් විණිමු. වත්ත දිගේ පහළට ගොස් වෙල මැදින් එගොඩ ගොඩට ගිය අපි කැලෑ පාරක් ඔස්සේ ටික දුරක් අවුත් යකඩයා ගේ ගෙදර අසළට පැමිණියෙමු. 

යකඩයාගේ ගෙය තිබුණේ වැලි සහිත බිමක ය. ගෙයට මිදුලක් නැතැයි කිවයුතු තරමට ම ඒ වටා හැම තැනම ගස් කොළන් විය. පුවක් ගස් හා කෙසෙල් පඳුරු ද අත්ගොබ වලට වඩා මහත නැති කොස් හා අඹ ගස් ද එකිනෙකට ළං ළං ව වැඞී තිබිණ. පෙර දින රෑ තරමක් තදින් වැස තිබුණ හෙයින් උඩහින් වැලි ගලා ඒම නිසා මුළු පෙදෙසම තෙත වැලිවලින් වැසී තිබිණ. අපි ඇඟිලි සහිත පා සටහන් ඇතිවන පරිදි සෙල්ලක්කාර ලෙස පා තබ තබා ගෙ පිළ ළඟට ගියෙමු. 

දෙගොඩ හරි වයසේ කැහැටු ස්ත‍්‍රියක් එහි මුල්ලක පැදුරක් වියමින් සිටියාය. නහරවැල් ඉල්පී ඇස්ගෙඩි ඉගිලී තිබුණ ඈ බැලූ බැල්මට පෙනුණේ ගැහැනියකට වැඩියෙන් යකින්නකට හුරුවය. ඈ පොරවා ගෙන සිටි දිග සාටකයක් වැනි ගොමස්කඩයේ ඉහළ කොටස පුරා අවුල් වී ගිය ඇගේ ඉදුණු හිසකේ විසිර තිබිණ. 

"කෝ අබරන් අයියා?" යි තිස්ස ගෙපිළට අතක් තබමින් ඇසීය. 

පිළිතුරක් දීමට පෙර ඈ පපුව කැඞීයන තරමට කැස්සාය. කැස්සෙන් පසු ගොරෝදේ ඇද "තුඃ" ගා ගෙයි මුල්ලට කැහි පිඩක් දමනවාත් එක්කම කළු තරබාරු පුරුෂයෙක් ගෙයි සිට ඉස්තෝප්පුවට ආවේය. ඔහුගේ අත පය යකඩෙන් වාත්තු කළාක් මෙන් ශක්තිමත්ව වැඞී තිබිණ. ඉතා සැලකිල්ලෙන් කරකනවන ලද උඩු රැවුල නිසා ස්වභාවයෙන්ම මුහුණේ පිහිටි රෞද්‍ර කම වඩාත් ඉස්මතුව පෙනිණ. ඔහුගේ දෑස් ද ඉදීගෙන එන ගොරක මද තරමට රත් පැහැ විය. 

"ආ... අන්න තාත්තා කිව්වා හරක බාන ඉල්ලගෙන යන්න" ඔහු දුටු විගස තිස්ස කීවේය. 

"අන්න පල්ලෙහා ළිඳ ළඟ බැඳල ඇති ලිහාගෙන පලයන්" යකඩයා කිසි ගරු සරුවක් නැතිව කීය. 

"ඇයි බොල තොගෙ අත පය කැඩිලද? ගිහින් ලිහල දීපියකො, ඒ ළමයින්ට ලිහාගෙන යන්ඩ කියන්නෙ"යි ඒ සමඟ ම අර කැහැටු ගැහැනිය ඔහුට කඩා පැන්නාය. මා උඩගොස් බිම වැටෙන තරමට ගැස්සිණ. කිසිම ගැහැණියක කිසිම පිරිමියෙකුට ඒ අන්දමට කතා කරනු මා කිසි දිනක අසා නැත. 

ඇගේ කඩා පැනීම සුවච කීකරු බල්ලෙකු මෙන් ඉවසූ යකඩයා අපත් සමඟ ම වත්ත පහළට අවුත් හරකා බාන ලිහා වත්තෙන් පිටවන තුරු දක්කාගෙන ගොස් අපට බාර දුන්නේය. මා එතෙක් ම සිතමින් සිටියේ හරකුන් ගැන නොව අර කොරකහ ඉපලක් වැනි ගැහැණියට මේ ශක්තිමත් පුරුෂයා මේ තරමි ආංඩු ඇයි ද යන්න ගැනයි. 

යකඩයා පෙනුමෙන් කොයිතරම් නපුරු පුද්ගලයෙක් වී ද යත හොත්, ඔහු සවන් පථයෙන් නොව දර්ශන පථයෙන් ඉවත් වන තුරුත් මම මේ ගැන කතා කරන්නට බිය වීමි. ඔහු නොපෙනී ගිය වහා ම මම ඒ ගැන තිස්ස ගෙන් ඇසුවෙමි. 

"අනේ මන් දන්නෑ. එහෙම තමයි ඒ මිනිහගෙ හැටි. ගෑනිට සලකන්නෙ හරියට රජ බිසොවකට වගෙ බයාදු කමෙන්. ඒ උණාට ගමේ සේරම යකඩයාට බය යි. ඌ ඒ තරමට රෞද්‍රයි." මෙසේ කියූ තිස්ස ඔවුන් පිළිබඳ අතීත කතාවක් ද මා සමඟ කීය. 

ඔහු කියූ කතාවෙහි කෞතුක අගය හැරෙන්නට වෙන ගත යුත්තක් එදා මට නොවීය. එහෙත් ඔවුන් ගේ ජීවිතය හැඩ ගැසුණ අච්චුව එය යැයි දැන් මට සිතේ. තිස්ස කියූ සියල්ල, දැන් මට මතක නැත . එය කෙටි කතාවකට නැඟීමට මා දැරූ ප‍්‍රයන්නතය ද නිශ්ඵල වී ගියේය. මෙහි පහත දැක්වෙන්නේ ඔහු කියූ කතාවෙන් මට මතක ඇති කරුණුය. 

යකඩයාත් ඔහුගේ පවුලත් හුඟ කලකට පෙර පිට ගමකින් එහි පදිංචියට පැමිණි අය ය. 

යකඩයා ගේ නියම නම අබරන් ය. ඔහුගේ බිරිඳගේ නම පුංචිනෝනා ය. ඈ තරමක ඉඩම් හිමියකුව සිටි සුරබියෙල් මුදලාලිගේ එකම දුව ය. පුංචිනෝනා කුඩා කලම ඇගේ මව මිය ගියා ය. සුරබියෙල් මුදලාලි ගේ වත්ත මුරකරන ලද්දේ ඒ ගමටත් පිට ගම්කාරයකු වූ යකඩයා ගේ පියා විසිනි. ඔහු එහි පැමිණෙන විට යකඩයාත් පුංචිනෝනාත් දෙදෙනාම ළදරුවෝය. කුඩා කාලයේදී පුංචිනෝනාගේත් ඇගේ පියාගේත් වැඩපල කරන ලද්දේ යකඩයා විසිනි. ඔහු අතින් කිසියම් වැරැද්දක් වූ විට පුංචිනෝනා ද සුරබියෙල් මුදලාලි අනුව යමින් ඔහුට අඩතේට්ටම් කරන්නට විය. මේ නිසා කුඩා කල සිට ම යකඩයා තුළ මුදලාලිත් ඔහුගේ දුවත් කෙරෙහි තිබුණේ තද භයක් හා කීකරු කමෙකි. ඇතැම් මෙහෙකරුවන් හිරිහැර කරදර විඳිමින් ම ස්වාමියා කෙරේ දනක්වන භක්තියද යකඩයා තුළ විද්‍යාමාන විය. ඇතැම් විට එය ඔහුට සිය පියාගෙන් ලැබුණක් විය යුතුය. 

ගෙදර වැඩපල නැති වේලාවලට යකඩයා කෙළේ අහළ පහළ කොල්ලන් සමඟ ගුටි ඇණ ගැනීමය. ගුටි ඇණ ගැනීමෙන් කවදාවත් කිසිවකුට ඔහු පරාජය කළ නොහැකි විය. මුදලාලි ගේ කුස්සියෙන් හොඳට කෑම බීම ලැබුණ නිසා ඔහුගේ ශරීරයද හොඳට වැඞී තිබිණ. එහෙයින් ගැමි දරුවන් තුන් හතර දෙනකු සමඟ පොර බැඳීම ඔහුට ලෙහෙසියෙන් ම කළ හැකි විය. යකඩයාට කදුළු නැත යනුද එකල කොල්ලන් අතර පැතිර පැවති කතාවකි. 

පුංචිනෝනා දීගයක දෙන්නට පෙරම සුරබියෙල් මුදලාලි මිය ගියේය. ඔහු සිටියදී ඈට මඟුල් දෙක තුනක්ම කතා කළ නමුත් තරමක විසයක් හා ආඩම්බරයක් ඇතිව සිටි පුංචිනෝනා ඒ එකකටවත් කැමති නොවූවාය. ඈට ඕනෑ කෙළේ තමාට ආන් බාන් කරගත හැකි පුරුෂයෙකි. 

තාත්තා ගේ මරණයෙන් පසු ඉඩකඩම් හා ගෙදොර දොර පාලනය කිරීමේ තනි බලය පැවරුණේ පුංචිනෝනාටය. ආර්ථීක සංරක්ෂණය හෝ සංවර්ධනය පිළිබඳ ව කිසිම හැඟීමක් නැති ඈත් සමග වැඩ කළ නොහැකි තැන යකඩයාගේ පියාද අස් වී වෙන රක්ෂාවක් සොයා ගියේය. ඔහුට කිසිම කීකරු කමක් නැතිව සිටි යකඩයා පරණ පුරුදු ස්වාමි දුව වෙතම නතර විය. 

මුදලාලිගේ මරණයෙන් පසු ආදායම අඩු වූ නමුත් පුංචිනෝනා ගේ වියදමත් විසේත් වැඩි විය. ඇයට සුදුසු ස්වාමි පුරුෂයකු නොලැබුණ නිසා හිතුවක්කාර කමට යකඩයා සමඟ හාදවුණු ඈ පසුව ඔහු සමඟ විවාහ වූවාය. 

යකඩයා කිසිම වත්කමක් ඇත්තෙක් නොවීය. විවාහයෙන් පසුවත් ස්වකීය තනි අයිතිය වූ ඉඩ කඩම් පාලනය කෙළේ පුංචිනෝනාය. යකඩයා ඇගේ ස්වාමියා වූවත් පෙර මෙන් ඈ කිය කරන දේට එකඟ වන සුවච මෙහෙකරුවෙක් පමණක් විය. මේ නිසා නරක පාලනයත්, විනෝදකාමී ජීවිතයත්, පසු ඉඩම්වලට අයිතිවාසිකම් කියාගෙන ආ නෑදෑයින් සමඟ නඩුහබ වලට පැටලීමත් නිසා කල් යෑමේ දී ඇගේ ඉඩකඩම් සියල්ල විකිණී ගියේය. 

ඉඩකඩම් සියල්ල විකිණී පාරට බසින්නට වූ පසු ඇයට ගිය නුවණ පහළ විය. මේ සියල්ලට හේතුව යකඩයා වැනි අනාථයකු සමඟ විවාහ වීම යැයි ඈ සිතුවාය. 

"යකෝ උඹ එක්ක ආව මිසක මට රාජකුමාරේක් එක්ක යන්ඩ තිබුණෙ නැද්ද?" කියමින් ඈ නොයෙක් විට යකඩයාට බැණ වැදුණාය. යකඩයා ද ඈ කියන සියල්ල එසේම පිළිගත්තේය. ඈ ඔහු සමඟ ආවේ වී නමුත් හොඳ පොහොසතකු සමඟ සමඟ විවාහ වන්නට පුළුවන් කම තිබුණු තැනැත්තියක බව දැන් වුව ද ඈ ගුණ කියමින් ඔහු සඳහන් කරන්නේ තරමක ආඩම්බරයෙනි. කොයි තරම් බැන්නත් ඈ ඔහුට ආදරේ නැතැයි කිසිවකු කියනු ඇසීමටවත් යකඩයා කැමති නැත. ඇත්ත හෝ බොරුව වේවා! සමහරවිට ඈ ඔහුගේ කෙස්වැටියෙන් අල්ලාගෙන පහර දෙන බවද ඇතැම් ගැමියෝ පවසති. 


Nihal Ananda

unread,
Aug 27, 2019, 5:52:04 AM8/27/19
to INDRAKA group
කේ ජයතිලකගේ කතාවක් පල කිරීම ඉතා හොඳය.  ( තවත් කතා පල කල හැකි නම් තවත් හොඳය ..!)

අපේ පරම්පරාවේ කියවන්නට පුරුදු වූ අයට .... මුල් කාලයේම පාහේ ( අවු 12/15 ?) ජයතිලක  ගේ කතා කියවන්නට ලැබුනා. පාසල්/ගමේ පුස්තකාලයේ නොවරදවා වික්‍රමසිංහ ,ජයතිලක,  අමරසේකර, සේනානායක පොත් තිබුන නිසයි. මතක විදියට ....අපට ලඟින්ම දැනුනේ, ගමේ චරිත ගැන ලියා  තිබු  ජයතිලකගේ කතායි. කෙටි කතා පොත් කිහිපයක් ම තිබෙනවා , කටු සහ මල්, වජිර පබ්බත, එක ගෙයි අවුරුද්ද ....
ජයතිලක ගේ නවකතා නම්  10/12 ක් පමණ තිබෙනවා. 'චරිත තුනක් ' විශේෂයි. ( මගේ) අදහසේ හැටියට .... මේ දක්වා සිංහලෙන් ලියවී ඇති 'විශිෂ්ටතම' නවකතාව මෙයයි ! (පිටු 100 කටත් අඩුයි) 

මේ කෙටි කතාවේ  ' සුවිශේෂත්වයක්'  පෙනෙන්නේ නැතිද ? මෙගි ස්ත්‍රී  -පුරුෂ සම්බන්දය ... සාමාන්‍යයෙන් ගමක (හෝ නගරයක පවා ) අහන්නට දකින්නට නැති දෙයකි. [ අද කාලයේ ලියවුනු කතාවක් නම් ...හඳගමගේ චිත්‍රපටියකට, පස්චාත් නුතන විචාරකයන්ගේ නොමඳ අවධානයට ,බරසාර විචාරයන්ට,.... යොමුවන කතාවකි]. කතුවරයා , එය සාමාන්‍යකරණය කර ඇති අන්දම කොයි තරම් අපූරු ද ?
-KH

Nissanka Rajapaksa

unread,
Aug 27, 2019, 5:13:44 PM8/27/19
to ind...@googlegroups.com

බොහොඬෙක් - [ඇන්ටන් චෙකොව්]

පරිවර්තනය - රන්සිරිමල් ප්‍රනාන්දු

පොලිස් අධිකාරි ඔච්චම්යෙලොව් අළුත් පිට කබායක් හැඳ පාර්සලයක් කිහිල්ලේ ගසාගෙන වෙළඳ චතුරස්‍රය හරහා ගමන් කරයි. රතු පෑ හිසකේ ඇති පොලිස් භටයෙක් රාජසන්තක කළ ගූස්බෙරි පිරවූ කූඩයක්ද රැගෙන ඔහු පසු පස සීරුවෙන් පය තබා එයි. හාත්පස නිහඬය. චතුරශ්‍රයෙහි වෙන එකදු මිනිස් පුළුටක් නැත. බඩගින්නෙන් පෙලෙන කටවල් මෙන් පෙනුනු වෙළඳහල්වල සහ තැබෑරුම්වල හැර දැමූ දොරවල් කනස්සල්ලෙන් මෙන් දෙවියන්ගේ ලෝකය දෙස බලා සිටිති. ඒවා අසල හිඟන්නෙක් වත් ගැවසුනේ නැත. 

"ඔහෝ උඹ හපනවා ආ... වනචර සිව්පාවා"ඔච්චම්යෙලොව් ට හදිසියේම ඇසෙයි. "කොල්ලනේ, යන්ඩ දෙන්ඩ එපා ඕකාට! හපාකන එක තහනම් මේ දවස්වල! අල්ල ගනින්! ආහ්... ආහ්!" 

බල්ලකුගේ වේදනාත්මක අඳෝනාවක් ඇසෙයි. හඬ ආ දෙසට හැරී බලන ඔච්චම්යෙලොව් පිචුගින් ගේ ලී මඩුවෙන් කකුල් තුනකින් කුන්දු ගසමින්, විපරමින් අවට බලමින් දුව එන, බල්ලකු දකියි. කැඳ දමා මැදි කමිසයකුත් බොත්තම් ගැලවුණු උඩ කබායකුත් හැඳි මිනිහෙක් බල්ලා පසුපසිනි. බල්ලා හඹා ආ මිනිසා, ඉදිරියට පිම්මක් පැන බිම පෙරලී උගේ පස්සා කකුල්වලින් අල්ලා ගනී. නැවත වරක් බල්ලා ගේ අඳෝනාවත්, "යන්ඩ දෙන්ඩ එපා...!" යි කෑ ගැසිල්ලත් ඇසෙයි. නිදිබර මුහුණු වෙළඳ හල් වලින් එබෙත්. ඉතා ඉක්මණින්, අහම්බෙන් මහ පොළව පුපුරා මතුවූවා සේ, ලී මඩුව වටා ජන සමූහයක් එක් රැස්ව සිටිති. 

"කළබලයක් වගෙයි සර්..." පොලිස් භටයා කියයි. 

ඔච්චම්යෙලොව් අඩ රවුමක් වමට කැරකී දිග අඩි තබමින් පිරිස වෙත යයි. 

කලින් සඳහන් වූ බොත්තම් ගැලවුනු උඩු කබාය හැඳි මිනිසා ලී මඩුවේ ගේට්ටුව අසල සිටගෙන දකුණත ඉහලට ඔසවා ලේ ගලන ඇඟිල්ලක් රැස්වුනු පිරිසට පෙන්වනු පෙනෙයි. "උඹට පෙන්නං නං මම, තක්කඩියා!" ඔහුගේ මුහුණේ පැහැදිලිව ලියැවී ඇති සෙයක් පෙනෙයි. ඇත්තෙන්ම ඔහුගේ ඉහලට එසවුණු ලේ තැවරුණු ඇඟිල්ල සෙලවුණේ ජයග්‍රහණයේ ධජයක් ලෙලදෙන්නාක් මෙනි. ඔච්චම්යෙලොව් මේ මිනිසා හරූයිකිං නම් රන්කරුවා බව හැඳින්නේය. මේ කලබැගෑනියට මුල්වූ චූදිතයා, උල්වු හොම්බක් සහ පිට මැද කහවන් ලපයක් සහිත සුදු බොර්සෝයි බලු පැටියා, පිරිස මැද බිම, ඉදිරි පාද ඉදිරියට දිගු කරගෙන වාඩිවී, බියෙන් ගැහෙමින් සිටියි. උගේ හැඬුම්බර ඇස්වල අසරණකමත් භීතියත් හොඳින් සටහන් වී තිබෙයි. 

"අහවල් හේතුවකටද මේ?" ඔච්චම්යෙලොව් පිරිස පීරාගෙන ඉදිරියට යමින් අසයි "මොකක් ද මේ උඹ මෙතන කරන්නෙ? අහවල් කාරණාවකටද ඔය ඇඟිල්ල වනන්නෙ... ? කාටද උඹ ඔය බෙරිහන් දෙන්නෙ?" 

"අනේ සර්, මම මගේ පාඩුවෙ මේ පැත්තෙන් ඇවිදන් ආවෙ කාටවත් කිසිම කරදරයක් නොකර"හරුයිකිං මිට මෙලවූ අතට කහිමින් පටන් ගනියි... "මම දර ටිකක් ගන්න එක ගැන මිත්රි මිත්රිච්ට කතා කර කර ඉඳිද්දි තමයි මෙන්න මේ පාදඩ තක්කඩියා මොනම හේතුවක් වත් නැතුව පැනල මගේ ඇඟිල්ල හපා කෑවෙ... සමාවෙන්න ඕනෙ මට... මම වැඩකරන මනුස්සයෙක්නෙ... මගේ කර්මාන්තෙ සියුම් වැඩක්... මේකට නම් මට වන්දියක් ඕනෙ... මේ අබලන් ඇඟිල්ලෙන් කිසි වැඩක් කරගන්න බැරුව යයි තව සතියකටවත් මට. නැද්ද මං අහන්නෙ... ? ඒක නීතියක් නෙවෙයි නේ සර්, මේ වගේ තිරිසනෙකුට අපි යට වෙලා ඉන්න ඕනැයි කියන එක... මේ විදිහට හැම එකාවම හපා කෑවොත් ජීවත් වෙන එකේ තියෙන වටිනාකම මොකක් ද සර්...?" 

"හ්ම්... බොහොම හොඳයි" කහිමින් සිය ඇස් බැමි ඔසවා බලා තිරසාර හඬකින් ඔච්චම්යෙලොව් කියයි. "බොහොම හොඳයි... කාගෙ බල්ල ද මේකා? මම මේක ලේසියෙන් අරින්නෙ නෑ! මේ වගේ තමුන්ගේ බල්ලො ඉබාගාතෙ අරින උන්දලට මම උගන්නන්නම්! කාලෙ හරි මේ වැදගතුන් ගැන සලකා බලන්න, ඒ ගොල්ල නීතිය පිළිපදින්නෙ නැත්නම්! හොඳ දඩයක් වැදුනාම තක්කඩියට... මම උගන්නන්නං තමුන්ගේ බල්ලන්ව යි හරකුන්ව යි ඉබාගාතෙ යැවිල්ලෙ පල විපාක! උගන්නන්නං මං පාඩමක් අද!... යෙල්ඩයිරින්" 

අධිකාරිවරයා පොලිස් භටයා අමතා කෑ ගසයි, "හොයනවා මේ බල්ල කාගෙද කියල! මට ඕනෙ වාර්තාවක්! බල්ලාව වහාම මරා දාන්න ඕනෙ. කිසි ප්‍රමාදයක් නැතුව! සහතිකෙන්ම මූට පිස්සු... ජල භීතාකාව... මං ආයෙත් අහනවා... කාගෙ බල්ලා ද මේ?" 

"මට නම් පේන්නෙ ජෙනරාල් ෂිඟාලොව් ගෙ බල්ල වගේ," පිරිස අතරින් කවුරුදෝ හඬගා කියයි. 

"ජෙනරාල් ෂිඟාලොව් ගෙ, හ්ම්... මගෙ මේ කබාය ගලවන්න උදව්වෙයන් යෙල්ඩයිරින්... මේක මිනිමරු රස්නයක්! එකත් එකටම වැස්සක ලකුණක්... මෙතන එක දෙයක් තියෙනවා මට තේරුම් ගන්න බැරි, මොන විදිහෙන් ද මේකා උඹව හපාකෑවෙ?"ඔච්චම්යෙලොව් හරුයිකිං දෙසට හැරෙයි. "පැහැදිලිවම මේ පුංචි බලුකුක්කට බෑ සද්දන්ත උඹේ ඇඟිල්ලට පනින්න... එකත් එකටම උඹ ඔය ඇඟිල්ල සූරගන්න ඇති ඇණේකට. ඉතින් උඹට පහල වෙන්න ඇති මේ වන්දි අරගන්න කල්පනාව. අපි දන්නවනෙ... උඹලව! මම නොදන්නව ද යකෝ?" 

"මේ මිනිහා ඔය සතාගෙ මූණට සිගරට් එක ඇල්ලුවා සර්, විහිළුවට... එතකොටයි බල්ල හැපුවෙ... ඔය මනුස්සයා විකාරකාරයෙක් සර්!" 

"ඒක පචයක් වපරයෝ! දැක්ක නැති දේවල් ගැන මොකටද උඹ පච ගහන්නෙ? මේ සර් දැන උගත් මහාත්මයෙක්. එයාට තේරෙනව කවුද පච ගහන්නෙ කවුද ඇත්ත කියන්නෙ කියල... දෙයියන්ට වගේ... ඉතින් මම කියන්නෙ බොරු නම් ඒක උසාවිය බලාගනී. නීතිය එහෙමනෙ... අපි හැමෝම එක සමානයි නේ මේ දවස්වල. මතක තියා ගනිල්ලා... මගේ සහෝදරයාත් පොලිස් භට හමුදාවෙ.." 

"නවත්තපල්ලා ඔය බැනගැනිල්ල!" 
"නෑ, මේකා ජෙනරාල්ගෙ බල්ලෙක් නෙමෙයි,"පොලිස් භටයා නිශ්චිත ස්වරයකින් කියයි. "ජෙනරාල් ට මේ වගේ බල්ලෙක් නෑ. එයාගෙ උන් සේරම දඩ බල්ලො." 

"තමුන් ඒක හරියටම දන්නව ද?" 

"අපොයි ඔව් සර්... !" 

"මමත් දන්නව ඒක. ජෙනරාල් ගෙ බල්ලො ජාතකයක් තියෙන වටිනා උන්. ඒකට මේ අවලම් සතා. මවිල් නෑ... කිසි හැඩයක් නෑ.... වල් සතෙක්. මේ වගේ බල්ලෙක් හදා ගන්න එකේ කිසිම තේරුමක් නෑ. මේ වගේ සතෙක් පීටර්ස්බර්ග් වල හරි මොස්කව් වල හරි ගෙනිච්ච නම් දන්නවද මොකද වෙන්නෙ කියල? නීති රීති ගැන කිසි කතාවක් නැතුව ඇහිපිය ගහන්න කලින් බෙල්ල හිරකරල මරා දායි! උඹට තුවාල වුනා නේ ද හරුයිකිං, ඒක ලේසියෙන් ලිස්සල අරින්න දෙන්න බෑ... අපි මුන්ට පාඩමක් උගන්නන්න ඕනෙ! ඒකට කාලෙ හරි දැන්...!" 

"ඒත් මේකා ජෙනරාල්ගෙ වෙන්න බැරිමත් නෑ... ,"
පොලිස් භටයා හඬනගා සිතයි. "මූණෙන් නං ඒ විදිහෙ පෙනුමක් නෑ.... ඒත් ඊයෙ පෙරේද මම මේ වගේ සතෙක් දැක්ක එයාලගෙ වත්තෙ ඉන්නව...."

"ඕකා ජෙනරාල් ගෙ තමයි. ඒක සහතිකයි!" පිරිස අතරින් හඬක් නැගෙයි. 

"හ්ම්, උදව් වෙයන් මට කබාය දා ගන්න, යෙල්ඩයිරින්, මගේ කොල්ලා... මේ හුළඟ සැරවේගනයි එන්නෙ. සීතලයි මට... මේකාව ජෙනරාල්ගෙ ගෙදරට ගෙනිහින් විපරම් කරපන්. කියපන් මට හම්බවෙලා එව්ව විත්තිය. මේ පාරවල් වල අතන මෙතන යන්න දෙන්න එපා කියපන්.... මේකා වටිනා බල්ලෙක් වෙන්න ඇති. මේ හැම රස්තියාදුකාර ඌරම උගේ කටේ සුරුට්ටු ඔබන්න ගියොත් බොහොම ඉක්මනින් ඌ නැති නාස්තිවෙලා යයි. බල්ලෙක් කියන්නෙ සියුමැලි සතෙක්.... දාපන් අලිඔළුවා උඹේ ඔය අත පහලට. උඹේ ඔය තකතිරු ඇඟිල්ල ප්‍රදර්ශනය කරන එකේ කිසිම වැදගැම්මක් නෑ. මේක උඹේම වැරැද්ද…" 

"මේ එන්නෙ ජෙනරාල් ගෙ කෝකිරාල, අහමු බලන්න එයාගෙන්... මේ ප්‍රෝහොර්! මෙහාට ආවනං මගෙ මනුස්සයො. බලමුකො මේ බල්ල දිහා... මේ ඔහේලගෙ බල්ලෙක් ද?" 

"අරුම කතාවක් තමයි! අපට කවමදාකවත් මේ වගේ එකෙක් හිටියෙ නැහැ!" 

"තවත් අහ අහා කාලෙ නාස්ති කරන්න වැඩක් නෑ"ඔච්චම්යෙලොව් කියයි. "මේකා දඩාවතේ යන බල්ලෙක්! තවත් කාල නාස්ති කරන්න වැඩක් නෑ මූ ගැන කතා කර කර ඉඳල... මේකා දඩාවතේ යන එකෙක් කියල මෙයා කියනව නම් ඉතින්... ඌ දඩාවතේ යන එකෙක් තමයි... ඌ විනාශ කර දාන එකයි කෙරෙන්න ඕන. එච්චරයි." 

"මේ අපේ බල්ලෙක් නෙමෙයි" ප්‍රෝහෝර් දිගටම කියයි. "ඒකා අයිති ජෙනරාල්ගෙ මල්ලිට. එයා ආවෙ ටික දවසකට කලින්. අපේ සර් මේ ජාතියෙ බල්ලන්ට කිසි ආසාවක් නෑ. ඒකට මල්ලි... එයා කැමතිම මුන්ට..." 

"ඔය කියන්නෙ උතුමාණන්ගෙ සහෝදරය මෙහෙ කියල ද? ව්ලැඩිමියර් ඉවානිච්?" ඔච්චම්යෙලොව් අසයි. ප්‍රීතියෙන් කුල්මත්වූ ඔහුගේ මුහුණ සිනහවකින් එළිය වෙයි. "අහා... නිකමටවත්! මම දැනගෙන හිටියෙ නෑනෙ... එයා සංචාරයකට ඇවිල්ල ද?" 

"ඔව්" 

"ආහ්, මට නිකමටවත් .... එයාට අයියගෙන් ඈත්වෙලා ඉන්න බෑ මනෙ.... බලාපල්ලා මම දැන හිටියෙ නෑනෙ! එහෙනම් මේ පොඩි උතුමාණන්ගෙ බල්ලා? අහන්නත් සන්තෝසයි... අහන්නත් සන්තෝසයි... අරන් යන්න අරන් යන්න. කොහොමටත් නරක කුක්කෙක් නොවෙයි... බොහොම ජව සම්පන්න සතා... මේ මිනිහගෙ ඇඟිල්ලත් ඩැහැගත්තා! හහ් හහ් හා.... එන්න... ඇයි වෙවුලන්නේ? රර්ර්... රර්ර්... දඟකාරයාට තරහ ගිහින්... කදිම පොඩි කුක්කෙක්"
 

ප්‍රෝහෝර් බල්ලා කැඳවාගෙන ලී මඩුවෙන් පිටත් වී යයි. පිරිස හරුයිකිං දෙස බලමින් සිනාසෙති. 

"මම උගන්නන්නං උඹට දවසක!" ඔච්චම්යෙලොව් ඔහුට තර්ජන ය කර, සිය විශාල කබාය සිරුර වටා දවටා ගනිමින් චතුරශ්‍රය හරහා ඇවිද යයි.


Nissanka Rajapaksa

unread,
Aug 28, 2019, 5:43:00 PM8/28/19
to ind...@googlegroups.com
අපේක්ෂා
[අන්තිම කැමැත්ත - 1994]

අපේක්ෂාට ද නම් තබන්නට ඇත්තේ අනෙක් දරුවන්ට නම් තබන ආකාරයටම විය යුතුය. ඇය උපන් වේලාවේ නවග්‍රහයන් කොහේ හිටියේ දැයි පරණ ඈපා පංචාංගයකින් ගණන් බැලූ පන්සලේ නායක හාමුදුරුවෝ නමේ මුලට ‘අ’ යන්න හොඳ බව කියන්නට ඇත. සුබ නැකතින් උපන් මේ කුල කුමරිය ශිල්ප ශාස්ත‍්‍රයෙහි දක්ෂවන බව ද සමාජයේ උසස් තාන්න මාන්න ලබන බව ද වේලාපත්කඩයේ සටහන් කරන්නට ඇත. 

අපේක්ෂාට ළමාවියක්, ගැටවරවියක් තිබුණු නමුත් ඈ කෙරෙහි කිහිප දෙනෙකුගේ හෝ අවධානය හොමු වූයේ තරුණවියද අඩක් පසුකර සිටයදීය. ගවොමට උඩින් පටලවාගත් පාට හැඳිනිය නොහැකි රෙදිපට දණහිස්තෙක් ඔසවා ගැටගසා ගෙන, දණහිස සිට පහළට කෙණ්ඩා සහ දෙපතුල් වැසෙනසේ ගෝනි කැබලි ඔතා ගෙන, ඔළුවේ පන්කොළ තොප්පියක් දමාගෙන ඈ පාරේ තාර දමන්නීය. පා ගමනින් ද, බයිසිකල්, මෝටර් බයිසිකල් සහ බසරථවලින් ද ගමන් කරන්නෝ ඇය දකිති. 

‘යකඩ ගෑණියක්’ඉන් එකෙකුට දෙන්නෙකුට සිතෙයි. අපේක්ෂා අත ඇත්තේ මල්වලට වතුර දමන කෑන් එකකි. එහෙත් එහි කෙමිය කෙළවර මල් පුනීලය වෙනුවට පළල් උදලු තලයක් වැනි තහඩුවක් සවිකර ඇත. කෑන් එක ඇලකර එල්ලාගත් විට කෙමිය දිගේ එන උණු තාර එම තලයේ වැදී විහිදී යමින් පාර මත වැක්කෙරෙන්නේ අපේක්ෂාගේ ගෝනිපඩංගු බරවා කකුල්වලට ද ඉඳහිට ටිකක් විසිකරමිනි. 

තාර දැමිල්ලද කලාවකි. පුහුණුවක් අවශ්‍ය වැඩකි. පැහෙන තාර බැරලයෙන් කෑන් එකට ගන්නා තාර, නිවෙන්නට පෙර පාරට දැමිය යුතුය. කෑන් එක පහතට එල්ලොගෙන එකතැන නැවතී සිටයොත් පාරේ තාර මොල්ලි හැදෙයි. කෙමියෙන් තාර වැටෙන වේගයට අනුව කෑන් එක එල්ලාගත් තැනැත්තාද පස්සෙන් පස්සට දිව්වොත් පමණි ගානට තාර වැටෙන්නේ. දිවිල්ල ද තාර වැටෙන වේගයට ගැලපෙන දිවිල්ලක් විය යුතුය. වේගය වැඩි වුවහොත් තාර වැටෙන්නේ තැනින් තැනටය. කෑන් එක ඉස්සුණොත් තාර හුළඟේ යයි. හුළං අත තමා දෙසට නම් උණු තාර, ගෝනි පඩංගුවට උඩින් ඇඟටත් ඇඳුමටත් විසිවෙයි. උණු තාර ඇඟට වැටුණොත් ගසා දැමීම බොරුය. ඒවා ඇඟ බදාගන්නේ හම මස පුච්චාගෙනය. පස්සෙන් පස්සට දිව යා යුත්තේ ද කෙලින්මය. එසේ නොවුණහොත් තාරපටිය ඇදවී හිස්තැන් ඉතිරි වෙයි. බැරිවෙලාවත් අත ලිස්සා තාර කෑන් එක බිම වැටුණොත් මූණ කට පවා බේරා ගැනීමට හැකිවේදැයි කිව නොහැකිය. 

මේ හැම අනතුරක්ම මඟ හරවා ගනිමින් අපේක්ෂා පාරේ තාර දමයි. 

තාර බාල්දිය පහත්කර එල්ලා ගත් විට ඇගේ පුළුල් නිතඹ නැටවෙන්නට පටන් ගනී. පාරේ බසයක හිඳ බලන්නෙකුට කෑදර හිතක් වුවද පහළවන්නට බැරි නැත. කර පළල් ගවොමක් හැඳ පැමිණ දවසක නම්, ඉදිරියෙන් යන මෝටර් බයිසිකල්කාරයෙකු ඩාදියෙන් පෙඟුණු ඇගේ පුන් පියවුරු දෙස හෙල්මට් ඇහෙන් බලනු ඇත. අපේක්ෂා පිරිමින් සමග කරට කර සිටන්නේ මේ අඟ පසඟවල උදව්වෙනි. ඔවුහු ඒවාට යටි හිතින් කෑදර වන බැවින් ඇගේ පෞරුෂයට යටත් වෙති. 

දවල් කෑමට වැඩ නවත්වා පාරේ පයිප්පකින් ඇඟට වතුර දමා ගත් විට අපේක්ෂාගේ පළල් මූණේ මස්පිඩු රත්පැහැ ගනී. පන්කොළ තොප්පිය අතට ගෙන උකුළේ උඩුකුරු කර ඒ මත තබා දිගහරින බත්මුල පිරිමියෙකුටත් වැඩි තරම් වෙයි. පන්කොළ තොප්පිය ඉවත් කළ විට ඇගේ දුඹුරු පැහැ ගැහුණු කෙස්ස දක්නට පුළුවන. ඇයට මේ පන්කොළ තොප්පිය ලැබී ඇත්තේ මෑතකදී බවට සාක්ෂි තිබේ. අව්වට වේලී මැදින් කැඩුණු කෙස්, දූවිල්ලත් ඩහදියත් ගෙන ගොනුගැසී මුහුණට වැටෙයි. 

බත් කා අවසන් කළ ඈ ගල්රෝලට නැගී එහි සුක්කානම ළඟ වාඩිවෙයි. 

"ඔය කෙල්ල කවදහරි ඕකත් එළවයි"

"යකඩ ගෑනි"

"බැඳගත්තු මිනිහෙකුට නිකං ඉඳන් කන්ඩ පුළුවනි. ඒකි හොයල දෙයි."


අපේක්ෂා නගර සභාවේ රස්සාවට ආවේ පාර සුද්ද කරන කම්කරු ස්ත්‍රියක් හැටියටය. රක්ෂාවේ අනියම් තත්ත්වය වෙනස් වී නැතත් කාණු පාටියෙන් තාර පාටියට උසස්වීමක් සහිත ස්ථාන මාරුවක් ඇයට ලැබුණේ කාණු පාටියේදී උදැල්ලෙන් පෑ හරඹ නිලධාරීන්ගේ සැලකිල්ලට භාජනය වූ බැවිනි. මෑතක දී ඇයට තාර පාටියෙන් ලයිට් පාටියට තවත් උසස්වීමක් ලැබිණ. ඒ අනුව අපේක්ෂා දැන් වැඩකරන්නේ ගස්වල සහ ලයිට් කණුවලය. 
අලුත් රාජකාරියට ගැලෙපන අයුරින් දැන් ඈ දණහිස තෙක් කකුල් නැවූ කලිසමක් හඳී. ලයිට් කණුවට හේත්තු කළ ඇලුමිනියම් ඉණිමගේ නැග බල්බ් එකක් මාරුකරන අපේක්ෂාගේ පිරුණු තට්ටම් දෙස ඉණිමග අල්ලාගෙන බිම සිටින එකා බලන්නේ ඉස්සර තාර පාටිය්දී සමහරු ඒ දෙස බැලුවාට වඩා කෑදර දෑසිනි. ඇය ඉණිමගේ පහළට බසින විට ඌ ඉණිමං කඳේ අත් ගසාගෙන ම මුහුණ පැත්තකට ඇලකරන නමුත් අපේක්ෂාගේ කලිසමේ පස්ස සාක්කුවේබොත්තම උගේ නැහැයේ වදියි. තට්ටම් මසෙහි පහස කලිසම් රෙද්ද විනිවද අත්දඬුවලට දැනෙයි. 

පාරේ ලයිට් වයර්වලට නැමුණු අතුවලට ලයිට් පාටියේ කම්මැලියන් උණකෙකි මානන විට අපේක්ෂා තවත් එවැනි ගහක දෙබලකට පය ගසා නැග අතු කපා දමයි. කරන්ට් එක තිබියදීම කැඩුණ හොල්ඩරයක් මාරු කරන්නට තරම් දැන් ඈ ශිල්පඥානයද ලබා සිටින්නීය. 

"ඔන්න බලාපල්ල ඕකි ලයිට් පෝර්මන් වෙලා තමයි නවතින්නෙ. යකඩ ගෑනි"

"ලැජ්ජ බය නෑ. දුප්පත් උණාට කිසි කෙනෙක් මායිම් කරන්නෙ නෑ. "


තාර පාටියේ ඇත්තෝ තවම ඉඳ හිට අපේක්ෂා ගැන කතා කරති. 

අපේක්ෂා තවමත් අනියම් කම්කරු පදනමේ සිටියත් පළාත් සභා ඡන්දයට නාම යෝජනා බාරගත් දා සිට ඡන්ද දවස දක්වා ඇයට පඩි සහිත නිවාඩු ලැබිණ. සවස හතරට නගරසභා කාර්යාලය ලඟට පැජරෝ රථයක් එන්නේ ඇය අලුත් රාජකාරියට කැඳවාගෙන යාමටය. කාණුපාටියේ සහ තාරපාටියේ වැඩකරන කාලයේ ට‍්‍රැක්ටර් ටේලරයේ නැගී යද්දී මෙන් දැන් ඇගේ අත්ගොබ, පියයුරු, තට්ටම් නොගැස්සෙයි. අලුත් රාජකරිය සඳහා රෙද්දක් සහ හැට්ටයක් අඳින අපේක්ෂා පරණ ඇඳුමේ කොටසක් වූ පන්කොළ තොප්පිය පළඳියි. 

පැජරෝව රැස්වීමේ සෙනඟ අස්සට හොස්ස දමා නවතින විට වේදිකාවේ සිටි ඇමතිතුමාගෙන් ඇරඹෙන අතපොළසන් හඬ භූමිය පුරා පැතිර ගොස් තැනින් තැන නැඟෙන විසිල් හඬත් සමග නවතිනනේ අපේක්ෂා වේදිකාවට අවතීර්ණ වී වාඩිවූවාටත් පසුවය. ඇය එනතෙක් ඇගේ පුටුව ඇමතිවරයා අසලම හිස්ව තබා තැබෙනුයේ හාමුදුරුනමකටවත් එහි අසුන්ගන්නට ඉඩ නොදෙමිනි. 

කාණුපාටියේදී උදැල්ලෙන්ද, තාරපාටියේදී තාරකෑන් එකෙන්ද, ලයිට්පාටියේදී අඬුවෙන් පිහියෙන්ද විදහා පෑ දස්කම් පරදා ඡන්ද වේදිකාව මතද අපේක්ෂා තම හැකියාවන් පෙන්වූවාය. ආණ්ඩු පක්ෂ වේදිකාවේ වැඩිපුරම අත්පොළසන් ලබන කතාව කරන්නේ ඇයයි. මිනිසුන් ඇගේ කතාව එනතෙක් බලා සිටින්නේ එහි කරුණුවලට වඩා ඒවා ඉදිරපත් කරන චතුර විලාශය දැකීමේ ආසාවෙනි. ඈ කතා කළේ ඇමතිවරයාගේ පුත‍්‍රයාගේ ජයග‍්‍රහණය වෙනුවෙනි. ඇමතිවරයාගේ අමාත්‍යාංශයේ නම නිතර වැරදුණත් අපේක්ෂකයාගේ අංකය නම් ඈ කිසි විටෙක වැරැද්දුවේ නැත. 

"මම පුංචි ගමක නැති බැරි පවුලක දුප්පත් කෙල්ලක්. මට අතේ පයේ හයිය තිබුණට කිසිම ආණ්ඩුවක් මට රස්සාවක් දුන්නෙ නෑ. අපේ ඇමතිතුමා නිසා අද මම දුකක් නැතුව කාල ඇඳල ඉන්නව. එතුමා කරන ජනතා සේවයට උදව්වෙන්ඩ අපි එතුමාගේ පුතාත් පළාත් සභාවට පත්කරමු"

එකම කරුණක් කිහිප වරක් නැවත නැවත කීවද කටහඬ උස් පාත් කිරීමෙන්, අත් එසවීමෙන් පහත දැමීමෙන් විහිදුවීමෙන්, කඳ නැවීමෙන් හැරවීමෙන් විවිධ ඉරියව් පෑම නිසා ඇගේ කතාව විචිත්‍ර එකක් විය. 

"යකඩ ගෑනියෙක්."

මිනිසුන් අතපොළසන් දුන්නේ අපේක්ෂාගේ ඒ යකඩ කමටය. 

හවස හතරට ආරම්භ කෙරෙන ඡන්ද රැස්වීම ඇමතීමේ රාජකාරිය අවසන්කර අපේක්ෂා නිවසට එන්නේ රාත‍්‍රී දහයට පමණය. දිනකට රැස්වීම් හතර පහක් ඇමතීමට ඇයට සිදුවෙයි. ඇමතිගේ රියැදුරන්ගෙන් කෙනෙකු අපේක්ෂා නිවසට ඇරලවීමට පැජරෝව පදවාගෙන එයි. ඒ ගමනේදී අපේක්ෂා වාඩිවෙන්නේ ඉදිරි අසුනේය. රථය පදවන අතර රියැදුරාගේ වම් අත සුක්කානම් වළල්ල දිගේ ඉහළ පහළ යන්නේ වයිපරය වැඩකරන්නාක් මෙනි. විටෙක ඒ අත සුක්කාම් වළල්ල දිගේ රූටා අවුත් පහළට ලිස්සා වැටෙයි. අපේක්ෂාගේ කලවා මතට යන්නට ධෛර්යය නැතිව මගින් හැරී නැවත සුක්කානම වෙත එයි. 

පැජරෝවෙන් බැස කළුවරේ දෙවට දිගේ යන අපේක්ෂා නිවසකින් පාරට වැටී ඇති එළිය තීරුවක් පසුකර යන විට නිවැසියෝ ඇය හැඳින ගනිති. 

"යකඩ ගෑනි."

කාණුපාටියේදී, තාරපාටියේදී, ලයිට්පාටියේදී මෙන්ම ඡන්ද ව්‍යාපාරයේදී ද තමන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් අපේක්ෂාගේ පැවතුම් එකසේම විය. ලෝකයා මොනවා කියන්නේ දැයි නොතකා තමන්ගේ වැඞේ අනෙක් අයට වඩා හොඳින් කිරීම ඇගේ පුරුද්දයි. 

අපේක්ෂාගේ රාජකාරිය හොඳින් කෙරුණත්, පළාත් සභා ඡන්දයෙන් ආණ්ඩු පක්ෂය දිනුවත් ඇමති පුතා පරාජයට පත්විය. අපේක්ෂා කිසි අපුලක් නැතිව පරණ ෂොකෝ කලිසම හැඳ, අව්වට පාට පිලිස්සී පැල්ලම් ගැහුණු ටී ෂර්ට් එක උඩින් දමාගෙන, පන්කොළ තොප්පියද අතට ගෙන නගර සභාවේ වැඩට ගියාය. 

කාණුපාටියේ කණ්ඩායම උදලු, සවල්, ඉදල් සහ කූඩ පටවාගෙන ට‍්‍රැක්ටර් ටේලරයට නැග ගත්විට රියැදුරු, ඇන්ජිම පණ ගන්වා රේස් කළේය. 

"හා ඔහෙත් නගින්ඩ" සුපවයිසර් අපේක්ෂා දෙස බලා මුහුණෙන්ද සංඥාවක් කළේය. 

"මම?" ඈ නැවත පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියාය. 

"ඔව්, ඔහේ තමයි. ඔය කොයිවත් කැෂුවල් වැඩ. අද ඉඳන් මේ පාටියේ වැඩ කරනව."

පන්කොළ තොප්පිය පැළඳ එහි වාටිය අතින් පහළට ඇද සකස් කරගත් අපේක්ෂා ටේලරයේ රෝදයකට පය තබා වාරු ගෙන එකවරම නැග ගත්තාය. ඇය එහි ඇන්ද දෑතින් මිරිකා ගත් විට ට‍්‍රක්ටරය නගර සභා මිදුලෙන් ඇදී ගොස් පාරට හැරී තැනින් තැන තාර ගැලවී වළවල් සෑදුණු පාර දිගේ වේගයෙන් ගමන් කරන්නට විය. 

"ඔතන ගැස්සෙනවා වැඩියි. මෙහාට වරෙන්" ටේලරයේ ඉදිරිපසට ගොඩගැසී සිටි හතර පස්දෙනා අතුරින් එකියක් කීවාය. 

"නෑ මට පුරුදුයි." අපේක්ෂා පිළිතුරු දුන්නේ ගැස්සිල්ලට ඔරොත්තු දෙන හඬකිනි. 





Nissanka Rajapaksa

unread,
Aug 29, 2019, 6:04:33 PM8/29/19
to ind...@googlegroups.com

සිලිඳු [Audio කෙටි කතාව]

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ "ගොළු දැරිය"කෙටිකතා එකතුවෙන්.  





Nissanka Rajapaksa

unread,
Aug 30, 2019, 6:30:12 PM8/30/19
to ind...@googlegroups.com
කූඩාරම

කූඩාරම කොයි තරම් හොඳ තත්වයේ තිබ්බ එකක් වුනත් ඒක අටවගන්න තරම් හොඳ තැනක් හොයාගන්න අපි දෙන්නටම බැරි වුනා. අපි ගියපු හැමතැනකම භූමියේ පිහිටීම කූඩාරමක් අටවන්න තරම් සුදුසු තත්වයේ තිබුනෙ නෑ . අපි දිගින් දිගටම හොඳ තැනක් හොය හොයා ඇවිද්දා. කොයි වෙලාවේ හරි සමතලා භූමියක් අපි ඉස්සරහ මතුවෙයි කියල හිත, හිත අපි දෙන්න කූඩාරම කරේ තියාගෙන අවුරුදු තුනක් විතර මේ විදිහට ඇවිද්දා.

භූමියේ පිහිටීම විෂම වුනත් ටිකක් මහන්සි වෙලා බිම සකස් කළොත් ඒ වගේ තැනක වුනත් කූඩාරමක් අටවන්න පුලුවන් කියන එක අපි දෙන්නගෙම ඔලුවලට ආවෙම නෑ.

කෝම කෝමහරි අන්තිමට අපි හිතාගෙන හිටපු විදිහෙ භූමි ප්‍රදේශයකට අපි දෙන්න සේන්දු වුනා. එක පැත්තකින් ප්‍රපාතාකාර බෑවුමක් තිබුනත් කූඩාරමක් අටවන්න එතැන කියාපු තැනක්. එතෙන්ට ටිකක් නුදුරින් දොළ පාරක් ගලාගෙන යන සද්දෙ හිටන් ඇහෙනවා. 

මෙච්චරකල් බරට බරේ කරේ තියාගෙන ආපු කූඩාරම අපි දෙන්න බිමින් තිබ්බා. මං අකුලල තිබ්බ කූඩාරම අටවන්න කියල හිතාගෙන ඒකෙ කෑලි වෙන වෙනම ඇදල ගත්තා. අන්න එතකොට තමයි මට තේරුනේ කූඩාරමේ ඇලුමිනියම් බට ඇතුලු ප්‍රධාන අවයව ටික අපේ කර උඩම කාලයත් එක්කම ගෙවිල ගිහින් කියලා. කූඩාරම් රෙද්ද වුනත් භාවිතයට නුසුදුසු තත්වයට පත් වෙලා තිබුනා. 

ආපහු හිටපු තැනටම ගිහින් අලුතින් හොඳ තත්වයේ කූඩාරමක් අරගෙන එන්න ගියොත් වෙන කෙනෙක්ට ඒ භූමිය අයිති වෙන්න පුලුවන් කියල එයා කිව්වා . අර කලින් කිව්ව ප්‍රපාතාකාර බෑවුම දිගේ පහළට බැස්සනම් ලේසියෙන් වගේම ඉක්මණින් ආපහු නුවරට ගිහින් අලුත් කූඩාරමක් අරන් එන්න පුලුවන් නේද කියල මගෙ ඔලුවට ආවා . මං ඒක එයාට කිව්වා. එයත් ටිකක් වෙලා කල්පනා කරල ඒකට කැමති වුනා. 

ඒ වෙනකොට හොඳටම හවස් වෙලත් තිබුනා . මං ඉණේ ගහගෙන හිටපු දඩයම් පිහිය ඇදල අරගෙන ඒකෙ තුඩෙන් එයා වටේට රවුමක් ඇන්දා . ඊට පස්සෙ ඒ පිහිය එයාගෙ අතටම දුන්නා. දැන් එයා ආරක්ෂිතයි කියන හැඟීම මට ඇතිවුනා . පස්සෙ මම උරහිසේ එල්ලගෙන ආපු හයිය තියෙන කඹේ අරගෙන ඒකෙ එක කොණක් එයාට අල්ලගන්න දුන්නා. ඒකෙ අනිත් කොණ අරගෙන එයා මගෙ ඉණ වටේ ගැට ගැහුවා. 

මං දිගින් දිගටම ප්‍රපාතෙන් පහළට බහින්න පටන් ගත්තා. ඒක කොහොමටවත් ලේසි වැඩක් වුනේ නෑ. මීදුමෙන් මුළු පැත්ත පළාතම වැහිල තිබ්බ නිසා මට පල්ලෙහා කිසි දෙයක් පෙනුනෙත් නෑ. ප්‍රපාතෙන් බිමට බැහැගන්න මට මාස පහක් විතර ගියා . අලුතින්ම කියල කූඩාරමක් ගන්න තරම් වත්කමක් මේ වෙනකොට මට ඉතුරුවෙලා තිබුනෙ නෑ . ඒ හින්දම මං ප්‍රපාතෙන් බහින ගමන් නිතරම මගෙ ජීව දත්ත කැටිකරපු ඉල්ලුම් පත්‍ර බර ගාණක්ම සැරින් සැරේ ප්‍රපාතෙන් පහළට වීසි කළා. ඒවගෙන් එකක් පල්ලෙහා තිබ්බ කොන්ත්‍රාත් සමාගමක වැඩ බිමට වැටිල තිබිල කවුරුහරි ඇහිඳගෙන ගිහින් ඒකෙ ලොක්කට දීල තියෙනව. මං එතැන මාස හයක් විතර එක දිගට වැඩ කළා. 

අලුත් කූඩාරමක් ගන්න තරම් වත්කමක් එකතු කරගත්තට පස්සෙ දවසක මං නුවර වීදියකට ගිහින් ඉස්තරම් වර්ගයේ කූඩාරමකුයි තව එයාට පුංචි ලා දම් පාට ගල් අල්ලපු කරාඹු දෙකකුයි අර ගත්තා . මේ ගතවුනු මුලු කාලෙ පුරාවටම අර මගෙ ඉණේ ගැටගහල තිබ්බ කඹේ එහෙම්මම තිබුනා. 

දවසක් හුඟක් දීප්තිමත්ව ඉර පායල තිබ්බ උදේ වරුවක මං ඒ අකුලල තිබ්බ කූඩාරම අරගෙන මගෙ පිටේ එල්ලගෙන ආපහු අර ප්‍රපාතෙ දිගේ ඉහළට නගින්න පටන් ගත්තා . කාලයක් ගතවෙලා තිබුනත් කඹේ හොඳ හයියට තිබුනා. කූඩාරමේ බරත් උස්සගෙන ප්‍රපාතය නගින්න කොයිතරම් අමාරුද කියල මට ඉක්මණටම තේරුනා . කීප වතාවක්ම මං ලිස්සල වැටෙන්නම ගියා. එක පාරක් වැටෙන්න ගියපු වෙලාවක මං එයාට ගත්ත කරාඹු ජෝඩුවෙන් එකක මැද්දෙ අල්ලල තිබ්බ ලා දම් පාට ගලක් ගැලවිලා ප්‍රපාතෙට වැටිල මීදුම මැද්දෙන් අතුරුදන් වුනා. 

ඝන මීදුම් ගුලි අත් වලින් අයින් කර කර මාස කීපයක්ම මං මේ විදිහට ප්‍රපාතෙ දිගේ ඉහළට බඩ ගෑවා. මුදුනට කිට්ටු වෙනකොට මං ප්‍රපාතෙ පැත්තක පිපිල තිබ්බ පුංචි කහ පාට කැළෑ මල් ටිකක් කඩාගෙන පොඩි මල් පොකුරකුත් හදා ගත්තා. 

කෝමහරි මං ආපහු අපි අර හිටපු භූමිය මතුපිටට ආවා . ඒකත් මට මතක විදිහට එක්තරා සැන්දෑවක්. මං උඩට ආපු ගමන්ම හිතාගෙන හිටියෙ එයාව දකින්න වුනත් මං මුලින්ම දැක්කෙ භූමියෙ එක පැත්තකට වෙන්න තට්ටු දෙකට හදල තිබ්බ හුරුබුහුටි ගෙයක්. 

සිද්ධ වෙලා තියෙන්න පුලුවන් හුඟක් දේවල් මං ඒ තට්ටු දෙකෙන් තේරුම් ගත්තා. ඒත් මගෙ ඉණේ ගැටගහල තිබ්බ කඹේ ඒ ගෙදර උඩ තට්ටුවෙ කවුළුවකින් ඇතුලට විහිදිල තියෙන එක හරියටම තේරුම් ගන්න මට බැරි වුනා. ඒ හින්දම මං ඒ ගෙදර වහලෙට යවල තිබ්බ මල් වැලක් දිගේ උඩට නැගල අර කවුළුවෙන් ඇතුලට ඔලුව දැම්මා. 

එතකොටයි මං දැක්කෙ අපි දෙන්නගෙ නම් දෙකේ මුල් අකුරු කොටපු මිටක් හයිකරල තිබ්බ දඩයම් පිහියෙන් එයා මොනවද එළවළු වගයක් කපන හැටි. ඒ පිහිය දැක්ක ගමන්ම මං ඒක අදුන ගත්තා. එත් මං හිතන්නෙ එයා ඒකට අලුත් තලයක් හයි කරලා. ඒ තලේ වෙන කාගෙද පිරිමි නමක වාසගමක් කොටල තියෙනව මම දැක්කා . එයාගෙ අතේ අර කඹේ අනිත් කොණ තාමත් තියෙන හැටිත් මං දැක්කා . ඒ කියන්නෙ එයා කඹේ අත ඇරලත් නෑ. මං හිතන්නෙ කඹේ එයාගෙ අල්ලෙ මස් විදගෙන ගිහින් අල්ලටම ඇලිල වෙන්න ඇති. හැමදේම බොහොම ස්වාභාවික විදිහට සිද්ධ වෙල තිබුනා. 

ඒ හැන්දෑව මට තාමත් හොඳට මතකයි. ප්‍රපාතෙ තිබ්බ මීදුම කපාගෙන හඳ එක පැත්තකින් උඩට මතුවුනා. මං අර කවුළුවෙන් හුඟක් වෙලා එයා දිහා දිගටම බලාගෙනම හිටියා . කාර් එකක් ඇවිත් හෝන් පාරක් ගහනකම්ම බලාගෙන හිටියා. එයා උඩ තට්ටුවෙන් පහළට තරප්පු පේලිය බහින සද්දෙ ප්‍රපාතෙන් අනිත් පැත්තෙ තිබ්බ කඳු වල හැප්පි හැප්පි දෝංකාර දුන්න හැටි මට තාමත් ඇහෙනවා. 

මං අර පුංචි කරාඹු කුට්ටමයි කහ පාට පොඩි මල් පොකුරයි කවුළුව ළඟ තියල වහලෙන් බිමට බැහැගත්තා.



Nissanka Rajapaksa

unread,
Aug 31, 2019, 10:38:25 PM8/31/19
to ind...@googlegroups.com
එක් සොවුරු ඝාතනයක්

සාක්ෂි පෙන්වා දෙන පරිදි, මිනීමැරුම සිදුකොට ඇත්තේ මේ ආකාරයටය:

මිනීමැරුම සිදු කළ ෂමර්, එක් සඳ පහන් රැයක නවයේ කණිසමට පමණ, මරණයට ලක්වූ වෙසේ සිය කාර්යාලයෙන් පිටව ගොස් තම නිවෙස පිහිට වීදියට හැරෙන මුල්ලෙහි ස්ථානගත වූයේය.

රාත්‍රී වාතය දැඩි ශීතයෙන් යුතු විය. එහෙත් ෂමර් හැඳ සිටියේ නිල් පැහැති තුනී ඇඳුම් කට්ටලයක් පමණි; ඔහුගේ කබායේ බොත්තම් පියවා තිබුණේද නැත. එහෙත් ඔහුට ශීතල නොදැනිණි. අනෙක, ඔහු සිටියේ නිරන්තරයෙන් ඔබ මොබ ඇවිදිමිනි. අඩක් බයිනෙත්තු තුඩක් ද අඩක් කුස්සි පිහියක් ද වූ ඔහුගේ ආයුධය හෙතෙම තද කොට අල්ලාගෙන සිටි අතර එය ආවරණය කොට නොතිබිණි. ඔහු පිහිය සඳ එළියට අල්ලා බැලුවේය; පිහිතලය දිලිසිණි; එහෙත් ෂමර්ට ඒ මදිය. ගිනිපුළිඟු පිටවන තෙක් හෙතෙම පදික වේදිකාවේ ගල්වලට ඉන් පහර දුන්නේය. ඇතැම්විට ඉන් පිහියට වූ හානිය ගැන පසුතැවිලි වූවාක් මෙන් හෙතෙම තනි කකුලෙන් සිටගෙන ඉදිරියට නැවී පිහිය වයලීන අලුවක් මෙන් අල්ලාගෙන සිය බූට් සපත්තු අඩියේ එය අතුල්ලන්ට වූ අතර පිහිය බූට් සපත්තුවේ ගෑවෙන හඬටත් දෛවෝපගත හරස්වීදිය දෙසින් නැගිය හැකි ඕනෑම ශබ්දයකටත්​ සවන් දෙන්නට විය.

ඒ අසල පිහිටි ගොඩනැගිල්ලක දෙවැනි මහලෙහි වූ සිය නිවෙසේ ජනේලයකින් මේ සියල්ල දෙස බලාගෙන සිටි පල්ලාස් නම් සාමාන්‍ය පුරවැසියා එම මිනීමැරුම සිදුවීමට ඉඩ හැරියේ මන්ද? මිනිස් ස්වභාවයේ සැටි බලන්න! කමිස කොලරය උඩට ඔසවා ගෙල වසාගෙන, සිය රාත්‍රී ඇඳුම ස්ථුල ශරීරයෙහි ඔතාගෙන, හිස දෙපසට වනමින් ඔහු පහළ බලාගෙන සිටියේය.

ඊට ගෙවල් පහකට එහා, වීදියේ ප්‍රතිවිරුද්ධ පැත්තේ, සිය රාත්‍රී ඇඳුමට උඩින් ලොම් කබායක් හැඳගත් වෙසේ මහත්මිය අද රෑ සිය සැමියා වෙනදා නැති පරිද්දෙන් සුනංගු වන්නේ මන්දැයි බැලීමට නිවෙසෙන් එළියට එබී බැලුවාය.

අවසානයේදී වෙසේගේ කාර්යාලයේ දොරට උඩින් එල්ලා ඇති, දොර සීනුවකට නොගැලපෙන තරමේ විශාල හඬක් පිටකරන සීනුව නගරය හා ඊට උඩින් ඇති අහස සිසාරා සිය හඬ පතුරවමින් නාද විය. වෙසේ නමැති උද්යෝගිමත් රාත්‍රී සේවකයා ගොඩනැගිල්ලෙන් එළියට බටුයේය. ඔහු තවමත් වීදියේ දකින්නට නොවූ අතර ඔහුගේ පැමිණීම දැනුම් දෙන ලද්දේ සීනුහඬින් පමණි. එකෙණෙහිම, පදික වේදිකාව මත ගැටෙන ඔහුගේ​ සන්සුන් පියවර හඬ ඇසෙන්නට විය.

පල්ලාස් තවත් ඉදිරියට නැඹුරු විය. තමා ඉදිරිපිට සිදුවන්නට යන සිද්ධියේ කිසිවක් මග හැරෙනවාට කැමැති වූයේ ඔහු නොවේ. සීනු හඬ ශ්‍රවණය කළ වෙසේ මහත්මිය සැනසීමට පත් වූවා හඬ නගා ජනේලය වසා දැම්මාය. එහෙත් ෂමර් දණ ගසා ගත්තේය. ඔහුගේ සිරුරේ වෙනත් නිරාවරණය වූ ස්ථාන නොවූයෙන් හෙතෙම සිය මුහුණත් දෙඅත්ලත් පදික වේදිකාවට තබා තද කළේය. සෑම දෙයක්ම මිදී යන ශීතයේ, ෂමර් පමණක් ගිනියම් වී හුන්නේය. වීදි දෙක දෙපසට බෙදෙන මුල්ලේ වෙසේ මදකට නතර වූයේය. හදිසි ආසාවක් ඔහු තුළ ජනිත විය. අඳුරු නිල්පැහැයෙන් හා රන්වන් පැහැයෙන් සුසැදි රෑ අඹර ඔහුට ඇරයුම් කළේය. කිසිවක් නොදැන ඔහු හිස නගා ඒ දෙස බලා සිටි අතර කිසිවක් නොදැන සිය හිස්වැසුම ඔසවා හිසකේ අතගෑවේය. ඔහුගේ මෑත අනාගතය අර්ථ විවරණය කරන කිසි රටාවක් අහසේ නිමැවුණේ නැත. සියලු දේ හැඟීම් විරහිතව, තේරුම්ගත නොහැකි තැන්වල රැඳී තිබිණි. වෙසේ කිසිදු බාධාවකින් තොරව ඉදිරියට ඇවිදගෙන යෑම අතිශය යුක්ති සහගත ක්‍රියාවක් විය. එහෙත් ඔහු ඇවිද ගියේ ෂමර්ගේ පිහිය වෙතටය.

සිය ඇඟිලි තුඩුවලින් සිටගෙන, අත හොඳින් දිගහැර ගනිමින් පිහිය පහත්කොට අමෝරාගෙන ෂමර් "වෙසේ!" යැයි යටිගිරියෙන් කෑ ගැසුවේය. "වෙසේ! උඹට කවදාවත්ම ආපහු ජූලියාව දකින්න බෑ!"කෙලින්ම උගුරටත්, උගුරෙන් වම්පසටත්, තුන්වැනිවර උදරයේ ගැඹුරටත් ෂමර්ගේ පිහිය කිඳා බැස්සේය. දිය මීයන් කපා විවර කරන විට ද නගන්නේ වෙසේ නැගුවාක් වැනි හඬකි.

"ඉවරයි," කියූ ෂමර්, දැන් තමාට අනවශ්‍ය, ලේ තැවරුණු පිහිය ළඟම වූ නිවෙසේ මිදුලට වීසි කළේය. "මිනීමැරීමේ සතුට! තව එකෙකුගේ ලේ හැලීමෙන් ලැබෙන දැඩි ප්‍රීතිය, සහනය! වෙසේ, නාකි රෑ කුරුල්ලා, යාලුවා, එකට අඩි ගහපු සගයා, උඹ පාරේ යටින් තියෙන අඳුරු මහපොළොවට දියවෙලා යනවා. ඇයි උඹට බැරි නිකම්ම ලේ පුරවපු මල්ලක් වෙන්න? එතකොට මට තිබ්බා උඹව පාගලා අතුරුදහන් කරලා දාන්න. අපට ඕනෑ හැම දෙයක්ම සැබෑවක් වෙන්නේ නෑ. මල් පිපිච්ච හීන හැම එකකම පල හටගන්නේ නෑ. උඹේ මැරිච්ච ශරීරය මෙතැන තියෙනවා, ඒකට කොච්චර පයින් ගැහුවත් උඹට ගාණක් නෑ. උඹ අහන මෝඩ ප්‍රශ්නෙන් ඇති වෙන හොඳ මොකක්ද?"

පල්ලාස් තම සිරුර තුළ වූ හලාහල විෂෙන් හුස්ම ගැනීමට අපහසුව, සිය නිවෙසේ පියන් දෙකේ දොර වේගයෙන් විවෘත වන විට ඒ ඉදිරිපිට සිටගෙන සිටියේය. "ෂමර්! ෂමර්! මම හැම දෙයක්ම දැක්කා. මට මොනවත් මග ඇරුණේ නෑ." පල්ලාස් සහ ෂමර් ඉතා සියුම්ව එකිනෙකා පරීක්ෂාකර ගත්හ. එම පරීක්ෂාවේ ප්‍රතිඵලයෙන් පල්ලාස් සෑහීමට පත්වූ අතර ෂමර් කිසිදු නිගමනයකට එළැඹුණේ නැත.

දෙපසින් මිනිසුන් කණ්ඩායමක් පිරිවරාගත් වෙසේ මහත්මිය වේගයෙන් දිව ආවාය. කම්පනය කරණ කොට ගෙන ඇගේ මුහුණ බෙහෙවින් වියපත් වී තිබිණි. ඇගේ ලොම් කබාය ඉදිරියෙන් විවෘත වූ අතර ඇය වෙසේගේ සිරුර මතට කඩා වැටුණාය. රාත්‍රී ඇඳුමෙන් වැසුණු ඇගේ සිරුර වෙසේට අයත් වූ අතර යුවළ වැසූ ලොම් කබාය සොහොනක් මත වැවෙන සිනිඳු තණ පලසක් සේ වටේ බලාසිටින්නවුන්ට පෙනිණි.

සිය ඔක්කාරයේ අවසන් අදියර සමග අසීරුවෙන් ඔට්ටු වෙමින් සිටි ෂමර්, සෙමෙන් අඩි තබමින් ඔහු ඉවත රැගෙන ගිය පොලිස් නිලධාරියාගේ උරැහිස මත සිය මුව තැබීය.

(විලා සහ එඩිවින් මුයිර්ගේ ඉංග්‍රීසි පරිවර්තනයෙනි.)

Nissanka Rajapaksa

unread,
Sep 3, 2019, 6:04:33 PM9/3/19
to ind...@googlegroups.com
සාරධා ගේ මංගල්‍යය


සාරධා ගේ සරණ මංගල්‍යයට මම සහභාගී වූයෙමි. එදා ඊට මම සහභාගී වූයේ මන්දැයි අද මම පුදුම වෙමි. 

උදේ නවයට වැදගත් සාකච්ඡාවක් යෙදී තිබුණි. කොළඔ නගරයේ පෝලියෝ රෝගය නැවත හිස ඔසවන බවට බලගතු සාක්ෂි වාර්තා වී තිබුණ හෙයින්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා කාර්ය්‍යාලයේ මෙම සාකච්ඡාව පැවැත්විණි. ප්‍රජා සෞඛ්‍ය භාර වෛද්‍යවරුන්ගේ, උපදේශකයින්ගේ, සාත්තු සේවිකාවන්ගේ සංඛ්‍යා ලේඛන, වගු සටහන් හා දත්තයන්ගේ අවසාන නිගමනය වශයෙන් අවුරුදු හයකට වරක් පෝලියෝ රෝගය හිස ඔසවන බව පෙන්නුම් කොට තිබුණි. මෙම සටහන් හා නිගමන කුඩා දරුවන්ගේ අත් පා අතර පිළිසිඳ ගැනීම වැළැක්වීම ආපේ සාකච්ඡාවේ අරමුණ විය. මගේ වගකීම වූයේ, සන්නිවේදන මධ්‍යය ඔස්සේ මුඩුක්කු පැල්පත් වල ජීවත් වන ඔවුන් වෙත මෙම රෝගය පිළිබඳව අනතුරු හැඟවීමයි. මම කිසිදාක සංඛ්‍යාලේඛණ, වගු සටහන් හා දත්ත කියවීමෙන් කිසියම් ම ආකාරයක හෝ රසයක් භුත්ති නො විඳිමි. එසේ වුවද එදා නම් පිදුරු වැනි නීරස සංඛ්‍යා ලේඛන තුළ, ගැබ්ව ඇති අර්ථාන්විත නිගමන පිළිබඳව දිගින් දිගටම විස්මයට පත් වූයෙමි. කම්පාවට හා ශෝකයට පත්වූයෙමි.

සාකච්ඡාව අවසානයේදී, දහවල් එකොලහ හමාරට පමණ මම මගේ කාර්යාලයට පැමිණියෙමි. එන අතර මඟ දී හැම දා පුරුදු පරිදි බ්‍රැන්ඩි භාගයක් මිලදී ගතිමි. පළමුවන බ්‍රැන්ඩි වීදුරුව තොල ගාමින් සිටියදී මගේ ලේකම්වරිය දින පොත ද ගෙන මා ඉදිරියෙහි පෙනී සිටියා ය. 

"මොකද ඉන්ද්‍රාණි"

"සර් ට හවස දෙකට වැදගත් උත්සවයකට සහභාගී වෙන්ඩ තියෙන්වා."

ඈ තතනන්නේ, අඩුවෙන් මත් පැන් ගත යුතු යැ යි මට යෝජනා කිරීමට ය. 

"වැදගත් උත්සවයක්?"

"ඔව් සර්. මඟුල් ගෙදරක්!"

"මඟුල් ගෙදරක්? ඉන්ද්‍රාණි දන්නවනේ මං කවදාවත් අවමඟුල් මඟුල්වලට සහභාගී නොවන බව!"

"නමුත් සර්, මේකට නම් යන්නම ඕන කියලා සර්මයි ඩයරියේ ලියන්ටම කීවේ! මෙන්න කාඩ් එක!"

ඉතා අලංකාර ලෙස මුද්‍රණය කරන ලද සුභ මංගල්‍යාරාධනාවක් ඉන්ද්‍රාණි මගේ දෑස ඉදිරියේ දිග හරියි. 

"සාරධා චම්මුගම් - සරත් වික්‍රමසිංහ"

සාරධා....... සරත්...... මම ඔවුන් ගේ නම් ඔස්සේ කිසිවක් සිහිපත් කොට ගැනීමට මහන්සි වෙමි. "සරත්" නම් ඔස්සේ බොහෝ දෙනෙකු මට මතක් වේ. සාරධා..... ? ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ආරාධනාවක් ලැබ මා සහභාගී වූ සාදයක් මට මතක් වේ. එහිදී මට සාරධා මුණ ගැසුණා මතක ය. ඈ ඇමෙරිකානු ජාතිකයෙකු හා විවාහ වී සිටියා ය. මට සාරධා වශයෙන් මතක් වන්නේ ඈ පමණකි. සමහර විට ඈ මට හඳුන්වා දුන් ඇමෙකානු ජාතිකයා සමග සැබැවින් ම ඈ විවාහ වී නොසිටියා වන්නට පුළුවන. ඈ චම්මුගම් බව මට කොහොමටවත් මතක නැත. ඈ ද්‍රවිඩ විදියට ඉංග්‍රීසී උච්චාරණය කෙළේ නැත. කොළඹ හැදී වැඩුනු ඇතැම් ද්‍රවිඩ අය ගේ උච්චාරණයේ ද්‍රවිඩ ගතියක් මිශ්‍ර නොවන වගද ඒ අතර මගේ කල්පනාවට එයි. 

කොහොම වුණත් මෙබඳු මඟුල් ආරාධනාවක් නො ලැබුණු බව ඉන්ද්‍රණිට කියන්නේ කෙලෙස ද? ඇගේ අතේ සත්‍ය ආරාධනාවක් පැහැදිළිවම තිබේ. 

"මං ඇඳුම් සූට් එක්ක මැදලා තිබ්බා - සර් - ගිය වතාවේ එංගලන්තෙන් ගෙනාපු නිල් පාට සූට් එක!"

"තෑග්ගක් නම් අරන් තියන්න අමතක වුණා රුපියල් පන්සීයක් විතර ඇන්විලොප් එකක දාලා දෙන්ඩ - මෙන්න සල්ලි. ඇන්විලොප් එකේ මම ලියලා තියෙනවා සර්ගේ නම. එහෙම හොඳයි නේද?"

ඈ ලියුම් කවරය මේසය මත තබයි. 

..... බොහෝ වේලාවකට පසු ඉන්ද්‍රාණි නැවතත් මගේ කාමරයට ඇතුළු වූවාය. මම පුදුමයෙන් බලා සිටිමි. ඈ ඉතා අලංකාර මල් ගැවසුණු සාරියක් ඇඳ සිටියා ය. හිසකේ අමුතු මොස්තරයකට බැඳ ගෙන සිටියා ය. ඈ උදේ වරුවේ සිටියේ චාම් ගවුමක් ඇඳගෙනය. කොණ්ඩය කරල් දෙකක් වන්නට ගොතා ගෙන ය. 

"මොකද මේ?" 

ඈ විළියෙන් මෙන් පැකිළෙයි - කවදාවත් නැතිව රෝස පැහැයෙන් දෙතොල් ද ගා ගෙන ඇත. නිය ද රෝස පැහැයෙන් පැහැපත් ය. රෝස මල් වැටුනු සාරියක් භාරත ක්‍රමයට හැඳ සිටී. 

"ඇයි සර් - එදා කීවේ මාත් එක්ක පාටියකට යන්ඩ හරි ආසයි කියල - අනික හැම දෙනාම ජෝඩු පිටින් ගිහින් ඉන්න කොට සර්ට හරි තනියි කියල කිව්වේ."

එසේ කීවේ කවදා දැයි සිහිකොට ගැනීමට මම තතනමි. 

"බීලා හිටපු වෙලාවක ද එහෙම කීවේ!"

ඈ විළිබරව සිනාසෙයි. ඒ අතර මගේ දෑස මහත් ඕනෑකමින් ඇගේ සිරුර දිහා බලයි. ගවුම් ඇඳගෙන සිටිනවාට වඩා සාරිය ඇන්දාම ඈ වඩාත් ලස්සණ ය. නැඹ විවෘතව තිඛෙන සේ ඈ සාරිය හැඳ සිටිය ද කොහොමටත් ලස්සන ඇය භාරත සාරිය හැඳ සිටින අද කවදාටත් වඩා ලස්සනය. සාරිය නොව, කිසියම් හේතුවක් නිසා, ඊට යටින් වූ ඇගේ හැඩ වැඩ මගේ අවධානයට විවෘත වේ. 

"සර් ඉක්මණට ඇඳ ගත්තොත් හොඳයි. ඩ්‍රයිවර් කියනවා වෙලාවට යන්ඩ බැරිවෙයි කියලා!"

"කොහේද මංගල්‍යය තියෙන්නේ"

"බේරුවල"

"බේරුවල?"

"ඔව් - බේරුවල රිවර් සයිඩ් හෝටලයේ"

"බේරුවලට කොහොමද පැය භාගෙන් යන්නේ"

"ඒක තමයි සර් - මටත් ඇඳ ගන්ඩ වෙලා ගියා"

මම එහෙන් මෙහෙන් මූණ කට සෝදා ගතිමි. අලූත්ම සූට් එක හැඳගෙන කාමරයෙන් එලියට ආවෙමි. කාර්යාලයේ කිසිම සේවකයකු නැත. 
"ඔක්කොමලා අද නිවාඩු - ඉන්ද්‍රාණි කියයි. සියල්ලන් ම එක දවසෙහි නිවාඩු ගැනීම ස්වාභාවික කාරණයකැ"යි ඈ සලකන්නා සේය. 

"අද හොඳ නැකත් දවසක් - හැම දෙනාටම මංගල්‍යාරාධනා ලැබිලා! "

ඒ අතරේ ඈ මගේ මූණ පුරා බලයි. 

"සර් රැවුල කපලත් නෑ නෙ? අපෝ - අපෝ - ඔහොම යන්නේ කොහොමද වැදගත් මංගල්‍යකට!"

මම කබාය හා ටයි පටිය ඇඳගෙනම "ඩ්‍රයි ෂේව්" එකක් ගතිමි. ඈ තුවායක් ගෙන කබාය ගසා දමයි. ඉන්පසු අත් බෑගය ඇර සෙන්ට් බෝතලයක් ගනී. ඇගේ අතින්ම මගේ හිසේ හා කම්මුලේ සෙන්ට් තවරයි. මම විශ්මයට පත්වෙමි. ඈ කවදාවත් මෙසේ මගේ සිරුර ස්පර්ශ කොට නැත. වමනේ ගිය දිනක මගේ පිට ඇතිල්ලූවා යම්තම් මතකය.  

කාර්යාලය වසා දැමූ අපි ගේට්ටුවෙන් පිට වූයෙමු. රියදුරු සෝමපාල වාහනය අසල වෙයි. තවත් පුදුමයක් විය. ඔහු පිටුපස දොර ඇර බලා සිටී. සාමාන්‍යයෙන් මා ගමන් කරන්නේ ඔහු සමග ඉස්සරහ ආසනයේය. අද පමණක් පස්ස ආසනයේ වාඩි ගන්නා ලෙස ආරාධනය කරන්නේ මන්ද? මේ ගැන පුදුම වන අතරම මම ඔහුට අවනත වූවා සේ පළමුකොට ඉන්ද්‍රාණිට ඇතුළුවන්නට ඉඩදී ඇයගාව පිටුපස ආසනයේ වාඩිගතිමි. දොර වැසූ පසු පිච්චමල් සුවඳක් අතර, මම ගොනු වීමි. මෙයද ඉතා අස්වාභාවික යැයි මට සිතේ. ඇගේ දෙතොල් නිය හා සාරියද රෝස පාටය. මගේ ඇගෙන්ද ඇගේ සිරුර පුරාද, වාහනය වන්නේ පිච්චමල් සුවඳකි. මටත් නො දැනීම පුරුද්දට වගේ සිගරැට්ටුවක් හා ගිනි පෙට්ටිය මගේ අතේ විද්‍යමානවිය. පිච්චමල් සුවඳ විසිර යතැයි බියෙන් මෙන් මම දුම්වැටිය නො දල්වා සිටියෙමි. 

සෝමපාල ඉතා වේගයෙන් එය පදවයි. කිසියම් නුහුරු ගතියක් මට දැනෙන්නට වෙයි. හැමදාම ඉදිරි ආසනයේ ඉඳගෙන යන මට අද දැනෙන වෙනසට හේතුව පිටුපස ආසනයේ ඉඳගෙන යාම යැයි සිතන්නට වෑයම් කරමි. ඉන්ද්‍රානි සමඟ යාම දැයි විටෙක මට සිතේ. ඈ මගේ හඳුනාගෙන වගේ මෙසේ කියයි.  

"සර්රුයි මායි මෙහෙම යනවා කවුරු හරි දැක්කොත් මොනව හිතයිද දන්නේ නෑ" ඈ සෝමපාලට ඇහෙතියි මගේ කනට කොඳුරයි. අගේ ප්‍රශ්වාසය මගේ කනට කිතියකි. 

"මොනව හිතන්නද ? මම සිතමි. කිසියම් දෙපාර්තමේන්තුවක රජයේ සේවකයින්ට නම් මෙහෙම යන්නට වරමක් නැත. අප වැඩ කරන්නේ එක්සත් ජාතින්ගේ ළමා අරමුදලට අනුබද්ධ කාර්යාලයකය. දෙපාර්තමේන්තු රෙගුලාසිවලින් අපි බැඳි නො සිටිමු" 

"ඒ වුනත් සර් මගේ බොස්! මම සෙක්‍රටරි! නීතියක් නැතත් විනය නීති තියෙනවා නේද? සාම්ප්‍රදායිකව අප පිළිපැදිය යුතු!"

"ඒ වුනත් ඉන්ද්‍රාණි ම නොවෙයි ද මේ ගමනට ලෑස්ති වුනේ ?"  

මොරටු පාලම අසල අපේ වාහනයට නතරවීමට සිදුවිය. මගුල් රිය පෙරහරක් පාලම දිගේ එමින් තිබේ, ඉස්සරහ ඛෙන්ස් රථය සරසා ඇත. ඉන්ද්‍රාණි ඒ රියට එබී බැලූවාය. මනාල යුවල මට මනාව නො පෙනේ. ඇය රිය වෙත නැවී සිනාසුනාය. සිනාසෙන අතර, ඇගේ වම්අත මගේ අතෙහි තැවරෙයි. මා දිහා නො බලාම ඇය මගේ අතැඟිලි තදින් මිරිකුවාය. ඊලඟට මගේ මූණ බලා දෑස පුරා සිනාසුනාය. ඈ නැවතත් මිරිකාවි යැයි බලාපොරොත්තුව මෙන් මගේ අත තාන්තුවා වෙයි. ඇය එසේ කලේ නැත. ඒ වෙනුවට මගේ ටයි පටිය දිහා බලා හිඳගෙන සිටින ආකාරය වෙනස් කොට හැරී ටයි පටිය දෑතින්ම සකස් කළාය. ලේන්සුව ගෙන නිකට පිසදා ගත්තාය.  

බේරුවල හංදියට ලඟාවන විට සවස හතර වී තිබුණි. "දෙකට කීවට මගුල් පාටියක් දෙකටම ඉවර වෙන්නේ නෑනේ" ඉන්ද්‍රාණි කියයි. 
"කොහෙද සර් පාටිය තියෙනවා කීවේ?" සෝමපාල වාහනය නවත්වා අසයි. 

"රිවර් සයිඩ් හෝටලේ" 

පාර අයිනේ සිටි කිහිප දෙනෙකුගෙන්ම එම හෝටලයට යන පාර කොහෙදැයි ඔහු ඇසුවේය. එහෙම හෝටලයක් බේරුවල නැත. ඉන්ද්‍රාණි නැවත නැවතත් මගුල් ඇරයුම් පත කියවා බැලූවාය. 

"මේකෙ තියෙන්නේ රිවර් සයිඩ් හොටෙල් බේරුවල කියල තමයි. පොලිස් කාරයෙකුගෙන් අහන්ඩ ! නැත්නම් කඩේකින් අහන්ඩ පාරේ යන මිනිස්සු පිට පලාත්වල අය වෙන්ඩ පුළුවන්" 

සෝමපාල රථයෙන් බැස කඩ කීපයකටම යයි. පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු සමගද කතා කරයි. හිස සලමින් තමාටම කතා කරගනිමින් පැමිණෙයි.  

"සර් රිවර් සයිඩ් කියල හෝටලයක් නෑනෙ මෙහෙ, අර කඩේ තේ බිබී හිටපු ලියුම් ඛෙදන පියොං කෙනෙක් කීවා. එහෙම නම තියෙන බංගලාවක්වත් නෑ කියල. "රිවරිනා" කියල නම් ටුවරිස්ට් හෝටලයක් තියෙනවලූ තව හැතැක්ම කාලක් විතර ගියාම". 

"හරි වැඩේනේ මේ කාඩ් එකේ නම් තියෙන්නේ රිවර් සයිඩ් කියලා මේ දෙකේම තියෙන්නේ එහෙම. හොඳයි රිවරිනා වලටත් ගිහින් බලමු". අගේ කටහඬෙහි අවිනිශ්චිත භාවයක් ගෑවී තිබුණි. 

"රිවරිනා" හෝටල් භුමියේ රියගාලෙහි මගුල් රථ කිහිපයක්ම නතර කොට තිබුණි. මහත් හරසරින් අප පිළිගත් සේවකයෙක් පිළිගැනීමේ නිළධාරිණිය වෙත කැඳවාගෙන යන ලදි. මගුල් ඇරයුම් පත ඇයට පෙන්වමින් ඉන්ද්‍රාණි යමක් කතා කළාය. මම ආලින්දයෙහි වූ විසිතුරු බැලූවෙමි. එහි වූ අපූරු හෝරා යන්ත්‍රය මගේ සිත් ගත්තේය. එය අන්තර් ජාතික හෝරාවකි. ලන්ඩන් නගරයේ වේලාව උදේ 12.30 බව එහි සටහන්ව තිබේ.  

"මේක වැරදිමක්ලූ, මේ පළාතෙවත් නැහැල්ලූ මේ වගේ නම තියෙන හෝටලයක් ඛෙන්තොට නම් තියෙනවලූ "රිවර් ඉන්" කියල එකක්" ඉන්ද්‍රාණි මහත් සංවේගයට පත්ව ඇත. 

"මේක කාගේවත් සරදමක්ද? අනික සාරධා කියලා බඳින්න හිටපු කෙනෙකුත් මං දන්නේ නැහැ. සරත්ල නම් කිහිප දෙනෙක්ම මං දන්නවා". 
මම නැවත මංගලාරාධනා පත්‍රය බලමි.  

මේ තියෙන්නේ ටෙලිපෝන් නොම්මරයක් ! දුරකථනය.......... මං කියන්නම් ඉන්ද්‍රාණි ගිහිල්ලා අහන්ඩ සරත් සහ සාරධා කියන දෙන්නා අද මෙතන බඳිනවද කියලා - අපි දැක්කනෙ මඟුල් කාර් නවත්තල තියෙනවා. අර ඇහෙන්නේ බෑන්ඩ් සංගීතයක්. චෙක් කරන්ඩ". 
මේ වර ඈ සිනා සෙමින් මා වෙත ආපසු පැමිණියාය. 

"සර් - මේ නොම්මරේ මේ හෝටලේ ටෙලිපෝන් නොම්මරයමයි, අනික මේ හෝටලේ තියෙනවා සාමාන්‍යයෙන් වෙඩිංස් ගන්න ශාලා තුනක්. එකක නම ‘Fairyland’. අනික ‘Wonderland’. තව ශාලාවක් තියෙනවලූ ඒකේ වෙඩිංස් ගන්නේ පිටරට හිපියොලූ. ඒකට කියන්නේ ‘The Pub’. කියලලූ!"

ඈ මගේ මුහුණ පුරා සිනාසුණාය. 

මම ඉන්ද්‍රාණි සමග එම හෝටලයේ සියළු මගුල් උළෙලවල් තිබූ ශාලාවලට ගමන් කළෙමි. එහි කිසි තැනක සාරධා හෝ සරත් හෝ නොසිටියහ. 

මම නැවත එම හෝටලයේ ආපන ශාලාවට පැමිණියෙමි. මම ඉන්ද්‍රාණි සමග එතැන හිඳගෙන සිටිමි. 

අප ඇතුල් වන විට එහි විදේශිකයින් පස් දෙනෙක් වාඩි වී සිටියහ. සියළු දෙනාම ඉන්ද්‍රාණි දිහා හැරී බැලුහ. දිගින් දිගටම බලා සිටින්නට වූහ! ඔවුන්ට ඇය දිහා නො බලා නොසිටිය හැක්කා සේය. ඉන්ද්‍රාණි ඒ තරමටම පියකරු යැයි මට සිතුණි. ඇය දිහා කෑදර විදිහට ඔවුන් බලා සිටිම අශෝභන ක්‍රියාවකැයි මට සිතේ. මම බ්‍රැන්ඩි දෙකක් ඕඩර් කලෙමි.  

මම ඈ දෙස බැලීමි. ඈ සඳහා පළතුරු යුෂ බඳුනක් ඇණවුම් කිරීමට මට සිතේ. මා මවිතයට පත්කරමින් ඈ මෙසේ කීවාය. 

"මට කූල් ස්ටවුට් එකක් ! නැත්නම් බියර් " 

"ඔයා බියර් බොනවාද ?" මම විශ්මයෙන් අසමි.  

"නෑ - අද හිතුනා" 

හෝටල් සේවකයෙක් අප වෙත එයි, ඔහු ලියුම් කෑල්ලක් මගේ අත තබයි. එය සෝමපාලගේ ලියුමකි.  

"සර් හෙට උදේ 8.30ට මං එනවා" 

"What the bloody hell". මට කියවුනේ කෝපයෙනි.  

"කවුද මේ මිනිහා අපහු යන්ඩ කීවේ? මගේ සල්ලිත් කබි හෝල් එකේ."

ඉන්ද්‍රාණි කිසිම අමුත්තක් නුවූවාසේ සිනා සෙයි. බීර වීදුරුවක්ම එක දිගට හිස් කරයි. කහී. 

"මම හිතුවට වැඩිය සැරයි නේ!"

දෙවැනි බ්‍රැන්ඩිය වහා මගේ හිස අවුල් කලේ යැයි සිතේ. සිවිලිමේ ඇති විදුලි බල්බ සහිත කලා භාණ්ඩ කැරකී ගොස් නැවතින. තව සේවකයෙක්ද පැමිණ අපට ආචාර කළේය. තවත් කාඩ් පතක්, එයද අපවෙත එවූ මගුල් ඇරයුම් පතට සමානය. එහි පිටුපස කිසියම් සටහනක් වේ. 

"කරුණාකර අපේ කාමරයට පැමිණෙන්න - නොම්මර 11 සාරධා-සරත්"

මෙතනින් පිටවන්නේ කෙසේද? ගෙවීමට මුදල් නොමැත. මම සාක්කුව අත ගාමි. අපන ශාලාවේ කවුන්ටරය භාර සේවකයා Bartender සිනාසෙමින් බිල් පොතක් මා ඉදිරියේ තබයි. 

"මෙතන අත්සන් කරන්ඩ සර්!". බිලෙහි "නොම්මර 11 කාමරය යැයි" සටහන්ව ඇත.  

"යන්තම් ඇති මනාල ජෝඩුව හම්බුනා." 

මගේ දෙකකුල් පැද්දෙයි. සේවකයා සමග අපි ගමන් කළෙමු. 

කාමරයේ දොර හැර සේවකයා එකත් පසව සිටියි. අප ඇතුලූ වූයෙමු.  

"ගුඩ් නයිට් සර්!" දොර වැසේ, 

මම විශ්මයෙන් අවට බැලීමි. මේසය මත රෝස මලක් සවි කළ කාඩ් පතකි. 

"මධු සමයට අපෙන් ආසිරි! සාරධා-සරත්"

ඉන්ද්‍රණි කිසිවක් නුවූවා සේ ඇඳ වෙත යයි. මෙට්ටය මත රෙදි දෙකක් නවා තිබේ. ඈ එය දිග හැර ඔසවා බලයි. 

සුසිනිඳු රෝස පාට දුහුල් නයිටියක් - සරමක් - 

ඈ ඉතා ප්‍රීතියෙන් නයිටිය තම ඇඟට තබා බැලූවාය. එය ඇගේ දණ ඉහ දක්වා දිග ය. නයිටිය තුළින් ඇගේ රෝස පාට සාරිය පෙනෙයි. 
මා තුළ මේ වන විට කිසියම් සැකයක් මතු වී තිබුණි. මෙය ඉන්ද්‍රණීගේ කුමන්ත්‍රණයක් ද? මෙම සිතිව්ල්ල ඔස්සේ පැහැදිලිව සිතීමට ද මට බැරිය. ඇස් විවෘත කළ විගස මුළු කාමරයම බ්‍රැන්ඩි මතින් භ්‍රමණය වෙයි. 

කෙසේ හෝ මා තුළ අනියම් ආසාවක් පැළපයම් විණි. ඉන්ද්‍රාණි මා යටතේ මා හා වසර පහක් සේවය කොට ඇත. මා වැඩ කරන්නේ ඉතා දිළිඳු පැල්පත් මුඩුක්කු වල ය. එහි සේවය මැනවින් ඉටු කිරීම සඳහා, හවස් වරුවේ ද, නිවාඩු දිනවල ද මම වැඩ කළෙමි. ඇය ද සතියකට දින හතක් ම වැඩ කළා ය. 

ඈ ඉතා පියකරු ස්ත්‍රියකි. දිගටි අත් පා නිතර මගේ ඇස් වසඟ කොට ගනී. ඈ වසර පහක් ම තම රාගී කය හික්මවා ගෙන සිටියේ කෙසේ ද? සාරි රෙදි ගලවා, මෙම නයිටිය හැඳ ගතහොත්, මා මගේ කය වාවා ගන්නේ කෙසේ ද? 

"ට්‍රීං - ට්‍රීං" හදිස්සියේ ටෙලපෝනය නාද විය. 

"හලෝ!"

"හලෝ - හලෝ - ආ සනී - කොහොමද, කාමරය හොඳ ද? මං මේ සරත්. මතක නෑ නේද? කමක් නෑ - අපේ ආරාධනය- මං බොහොම පරිස්සම් වුනා- සනීට පිනසේ නෑ නේද? මං කීවා එයාකන්ඩිෂන් ටිකක් අඩුවෙන් තියන්න කියලා - ඕනෑ නම් වැඩි කර ගන්ඩ. ඕක මේ හෝටලේ තියෙන සැපපහසු වැඩිම කාමරයක් Diplomat Room එකක්. ඔය ප්‍රිජ් එකේ ඇති කෑමයි, විස්කියි, ඕනෑ දෙයක් කන්ඩ බෝන්ඩ - අපේ ගාණේ ඔක්කොම බිල්!"

මට කිසිවක් කීමට වුවමනා විය. "සරත් - මං දන්නෑ තමුසේ කවුද කියල - මේක හරි අස්වාභාවික..."

"හලෝ - සාරධා ට ඕනෑලූ ඉන්ද්‍රාණිට කථා කරන්ඩ !"

මම අප්‍රාණික වූයෙ මි. ඉන්ද්‍රණි රිසීවරය උදුරා ගත්තා ය. ඈ උද්යෝගයෙන් කථා කරයි. එසේ නමුදු ක්‍රමයෙන් ඇගේ මුහුණ වෙනස් විය. ඈ අඳුරු මුහුණින් රිසීවරය තැබුවාය. ටෙලිපෝනය දිහා බලාගෙන තමාට ම කතාකරගන්නවා වගේ කතා කළා ය. 

"ඇයි මොකද?" මම සිහි එළවා ගන්නට තතනමින් අසමි. 

ඈ මා දෙස නො බලා ම කතා කරයි. 

"හරි වැඩේ! තාත්තයි අම්මයි මාමයි රිදී නැන්දයි හෙට උදේ එනවලූ - පවුලේ අයට නොකියා බැඳපු එක වැරදියි කියල ඔක්කොම කියනවලූ - නමුත් දැන් මොනවා කරන්ඩ ද? චාරිත්‍රානුකූල ව ඔක්කො ම එනවලූ"

මට මේ වන විට බ්‍රැන්ඩි බී වගවත් මතක නැතිව ගොස් තිබුණි. 

"මොකද ඉන්ද්‍රාණි මේ කියන්නේ ? අපි බැන්දේ කවද ද? රිදී නැන්දා එක්ක එන්ඩ අපේ අම්මලා තාත්තලා නොවෙයි ද? මොකද්ද මේ කුමන්ත්‍රණය? හයියෝ..... මං ඔයා එක්ක කොච්චර විශ්වාසෙන් හිටියා ද? මගේ කාර්ය්‍යාල ජීවිතය ම ඔයා ට පවරලා තිබුණේ - දැන් මොකද?"

"මට තේරෙන්නේ නෑ සර්!" ඈ බොහෝ වෙලාවකට පසු කියයි. 

"සර් දන්නවා මං සර් ගේ විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජන ගත්තෙ නෑ. අපි එකතු වෙලා දුප්පත් ළමයින්ට සේවයක් කළා. -"

ඈ නැඟී සිට කාමරය වටා රවුමක් ගියා. ශීතකරණය හැරියා ය. එහි වූ බෝතල් හා වෙනත් භාණ්ඩ දිහා බලා සිට, වීදුරුවක් ගෙන, විස්කි බෝතලයකින් ස්වල්පයක් වත්කොට මට දුන්නාය. ආපසු ගොස් බීර බෝතලයක් හැර, බොතලය පිටින් ම කට තබා මඳින් මඳ බීවාය. බිම බලාගෙන බොහෝ වේලා කල්පනා කරමින් සිට, නයිටිය ගෙන නැගිට්ටාය. 

"මොනවා කරන්ඩ ද? මං ඇඟ හෝදා ගෙන නයිටිය ඇඳ ගෙන එන්නම් - හෙට රිදී නැන්දා එයි - පවුලේ නම්බුව බලන්ඩ"

පළමුකොට ඈ හිසකේ මුදා හෙළුවාය. දෙවනුව හැට්ටය ලෙහුවා ය. සාරිය ගලවා දැමුවා ය. දැන් ඈ හැඳ සිටින්නේ බ්‍රෙසියරය හා යට ඇඳුම පමණකි. ඉන්පසු ඈ නයිටිය ගෙන නාන කාමරයට ඇතුළු වූවාය. ඇතුළු වන අතර ඉතිරි ඇඳුම් ද ගලවමින් ගියා ය. හදිස්සියේ ඈ ඉතා අවිනීතව හැසිරෙන්නේ යැයි මට සිතිණ. කවදාවත් නැතිව බීර බිව් නිසාද? එතකුදු ඈ බීර බීවේ හැමදා මත්පැන් බීමට හුරු පුරුදු ගැහැණියක් ලෙස නොවේද? මට ක‍ෂණිකව එක්තරා කල්පනාවක් ඇති විය. මා ඈ පිළිබඳව දන්නේ කාර්යාලයේ කරන කියන දෑ තුළින් පමණකි. එයින් පිටත ඈ කුමක් කළාද? කෙසේ හැසිරුණා ද? මම කිසිවක් නොදනිමි. දිනපතාම දිවා කාලය කාර්යාලයේ ගත කළ බව ඇත්ත ය. 

ඒ සමඟ ම මම භීතියෙන් සන්ත්‍රාසයෙන් නැගිට්ටෙමි. ඈ විලාප දීගෙන නාන කාමරයෙන් එළියට පැන්නා ය. ඈ සම්පූර්ණයෙන් නග්න ය. ඈ මා දෙස නො බලා නාන කාමරය දිහා බලා ගෙන වියරුවෙන් කෑ ගාන්නී ය. 

"සර් - සර් - ටබ් එකේ කවුද කෙල්ලෙක් - මරා දාලා."

මම ඒ මේ අත වීසිවෙමින් වත්තම් වෙමින් ගියෙමි. 

සියල්ල වටහා ගැනීමට මට මොහොතක් ගත විය. විසිරන මත්පැන් මතය සමඟ සියල්ල ක්‍රමයෙන් මගේ දෑසට පැහැදිලි වන්නට විය. එතැන මළ මිනියක් නොවීය. සාරධා කරවටක් දියෙහි ගැලී කිරිගරුඬ නාන බේසමෙහි හාන්සි වී සිටියා ය. මගේ මුහුණ පුරා ඇය සිනාසුණා ය. 

"You remember me? Don’t you?"

"මාව මතක නේ ද? ඇයි මේ බය වෙලා වගේ - මාව මතක නැද්ද?" ඈ නැවත සිනාසෙයි. " හොඳට මතක් කරලා බලන්න.!"
වහා මම ඇය හඳුනා ගත්තෙමි. 

ඉන්පසු ඉන්ද්‍රාණි, මට කිසිම ආකාරයකින් හෝ ප්‍රශ්නයක් වූයේ නැත.


Nissanka Rajapaksa

unread,
Sep 4, 2019, 5:30:24 PM9/4/19
to ind...@googlegroups.com

එස්තෙර් ලුසෙරෝ- ඉසබෙල් අය්යන්දේ

වුහු තාවකාලික දඬුමැස්සක් මත තබා ගෙන එස්තෙර් ලුසෙරෝ රැගෙන ආවෝය. ඇය තුවාල ලැබූ ඌරෙකු මෙන් රුධිරය වගුරුවමින් සිටි අතර ඇගේ අඳුරුවන් දෙනෙත භීතියෙන් විසල්ව තිබිණි. දොස්තර අන්හෙල් සන්චෙස් ඇය දුටු විට ඔහුගේ සුපුරුදු සුප්‍රකට සන්සුන්බව ඔහුට මතක ඇති කාලයේ සිට පළමුවැනි වතාවට අතුරුදන් විය. ඒ හේතුවක් නැතිව නොවේ. ඇය පළමුවරට දුටුදා පටන් ඔහු ඇය සමග පෙමින් වෙලී සිටි බැවිනි. එවක ඇය තවමත් බෝනික්කන් සමග සෙල්ලම් කරන කුඩා දැරියක වූවාය. ඔහු, අවසන් මහා සංග්‍රාමය නිමවී පෙරළා පැමිණෙමින් සිටි වැඩිහිටියෙක් විය. මාස ගණනාවකින් නොකැපූ රැවුලෙන්ද, ඉකිළි පෙදෙසෙහි සදහටම සිරවූ මූණිස්සමකින්ද යුත් ඔහු සිය රයිෆලය දණහිස් මත හරහට තබාගෙන සිය භට කණ්ඩායමේ ඉදිරියෙන්ම ගමන් කළ ට්‍රක් රථයක වහළෙහි නැගී නගරයට ඇතුළු වූයේ සිය ජීවිතයේ ඊට පෙර හෝ  ඊට පසු හෝ නුවූ විරූ තරම් ප්‍රීතියකිනි.  විමුක්තිකාමීන් වෙත ජය ‍ඝෝෂා නගන මහා ජනකාය මැද රතු පැහැති කඩදාසි කොඩියක් වනන කුඩා දැරියක ඔහුගේ නෙත ගැටී තිබිණි. ඔහු තිස් හැවිරිදි වූ අතර ඇය තවමත් දොළොස්වැනි වියවත් නොඉක්මවා සිටියාය. එහෙත් කිරිගරුඬ බඳු ඇයගේ අත පයද ඇගේ බැල්මෙහි වූ ගැඹුරද දුටු අන්හෙල් සන්චෙස් දැරිය තුළ රහසේ පැලව වැඩෙන සුන්දරත්වය දිවැසින් මෙන් දුටුවේය. ට්‍රක්රථය මුදුනේ තම උස් ස්ථානයේ සිට දැරිය සිය දෘෂ්ටි පථයෙන් මැකී යන තුරුම ඔහු ඇය දෙස බලා සිටියේ ඈ වනාහී වගුරු උණ සහ ජයග්‍රහණයේ ප්‍රීතිය විසින් නිර්මාණය කළා වූ කිසියම් මායාවී දර්ශනයක්ය යන විශ්වාසයෙනි.  එහෙත් එදා රාත්‍රියේ තාවකාලික පෙම්වතියකගේ තුරුලේ සැතපෙන්නට ඔහු‍ගේ වාරය පැමිණි විට ඔහු ඇගේ ආලිංගනයෙන් කිසිදු අස්වැසුමක් නොලැබුවේය. වෙන හේතුවක් නිසා නොවේ නම් ඇය මිරිඟුවක්ද යන්න නිශ්චය කර ගැනීමටවත් තමා අර දැරිය සොයා යායුතු බව ඔහුට වැටහිණි. පසුවදා, ජයග්‍රහණ සැමරුමේ කලබලය වීදිවලින් තුරන්ව ගොස් ඒකාධිපති පාලනයේ සුන්බුන් අතු ගා දමා යළිත් ලොවට නීතිය හා සාමය ගෙන ඒමේ කර්තව්‍යය ආරම්භ වූ විට සන්චෙස් නගරය පීරා ඇය සෙවීමට පිටත්ව ගියේය. ඔහුගේ පළමු සැලසුම වූයේ සෑම පාසලකටම ගොස් සොයා බැලීමයි. එහෙත් යුද්ධයේ අවසාන කාලයේ සිට පාසල් වසා දමා ඇති බව ඔහු දැන ගත්තේය. මේ නිසා නගරයේ සෑම නිවසකම දොරට තට්ටු කර බැලීමට ඔහුට සිදුවිය. 
බොහෝ දිනක් මේ ඉවසිලිමත් වන්දනා ගමනෙහි යෙදී, එම දැරිය යනු ඇත්ත වශයෙන්ම දුර්වල හදවතේ උපන් මායාවක් බව ඔහුට සිතෙන්නට පටන් ගත් විටම හෙතෙම නිල් පැහැයෙන් සායම් කළ කුඩා නිවෙසක් වෙත පැමිණියේය. නිවෙසෙහි ඉදිරිපස වෙඩි උණ්ඩවලින් සෑදුණු හිල්වලින් පිරී තිබූ අතර වීදිය දෙසට ඇරුණු එකම ජනේලය ආවරණය ‍වී තිබුණේ මල් වැටුණු රෙද්දකින් මැසූ තිරයකින් පමණි. ගෙදර කවුරුන් හෝ වෙත්දැයි ඔහු කිහිප වතාවක්ම විමසූ නමුදු පිළිතුරක් නොලැබුණු බැවින් ඇතුළට යෑමට ඔහු තීරණය කළේය. ඇතුළු කාමරයේ වූයේ ලී බඩු කිහිපයක් පමණි. කාමරය සිසිල්ද සෙවණැලිවලින් ගහණද විය. මේ කුඩා කාමරය මැදින් ඇවිද ගෙන ගිය ඔහු තවත් දොරක් විවර කරගෙන නොයෙක් අබලි ද්‍රව්‍ය ගොඩගසා තිබූ විශාල මැද මිදුලකට පිවිසියේය. අඹ ගසක් යට සවිකළ එල්ලෙන ඇඳක්ද, රෙදි සෝදන ඔරුවක් හා පසුපසට වන්නට කුකුළු කූඩුවක්ද, බෙහෙත් පැලෑටි, එළවළු සහ මල් පැල සිටවූ ටින් බෙලෙක්ක හා මැටි බඳුන් රාශියක්ද එහි තිබිණි. අවසානයේදී, තමා සිහිනෙන් දුටුවේයැයි සිතූ දැරිය එහි වූවාය. එස්තෙර් ලුසෙරෝ-- සිය නමෙහි තේරුමට එනම් 'උදෑසන තාරකාව' යන්නට ගැලපෙන ලෙස ප්‍ර‍භාවත්ව, පාවහනින් නොපැළඳ, ලාබ කපු ඇඳුමකින් සැරසුණු ඕ  සිය සුන්දර කේශ කලාපය සපත්තු නූලකින් ‍‍ගෙල හරියට වන්නට ගැට ගසා ගෙන සේදූ රෙදි එල්ලන්ට සිය මිත්තණියට උදව් කරමින් සිටියාය.  ඔහු දුටු ඔවුහු දෙදෙන ඉවෙන් මෙන් අඩියක් පස්සට ගත්හ. බූට් සපත්තු පැළඳි ඕනෑම කෙනෙකු විශ්වාස නොකරන්නට ඔවුන් උගෙන සිටි බැවිනි ඒ.

"බය වෙන්න එපා." තෙල්, දහදිය වැකුණු සිය හිස්වැසුම ගලවා අතට ගත් ඔහු මඳක් ඉදිරියට නැවුණේය. "මම වැඩකරන පංතියේ කෙනෙක්"‍‍.

එදා පටන් ඔහු එස්තෙර් ලුසෙරෝ කෙරෙහි නිහඬව ඇලුම් කිරීමට පමණක් සීමා වූයේ තවමත් ‍වැඩිවියටවත් නොපැමිණි දැරියක කෙරෙහි හටගත් මේ අසම්මත ආශක්තබව කෙරෙහි ලජ්ජාවට පත් වෙමිනි. ලබාගත් බලයේ ලාභාංශ බෙදන විට, ඇය නිසා අගනුවරට යෑමේ අවස්ථාව ප්‍රතික්ෂේප කළ ඔහු දෙවියන් විසින් අමතක කරන ලද ඒ නගරයේ වූ එකම රෝහලේ අධ්‍යක්ෂවරයා වශයෙන් රැඳීසිටීම තෝරා ගත්තේය. සිය පරිකල්පනයෙහි සීමාවෙහි විනා ඉන් පිටත මේ ප්‍රේමය පරිසමාප්තියට පත් කර ගැනීමේ කිසිදු අපේක්ෂාවක් ඔහු තුළ නොවීය. ඔහු ජීවත් වූයේ ඉතා කුඩා තෘප්තීන් වෙනුවෙනි: ඇය සිය පාසැලට ඇවිද යන සැටි බලා සිටීම; ඇයට සරම්ප වැළඳුණු විට සාත්තු සප්පායම් කිරීම; ඉතාම කුඩා දරුවන්ට පමණක් සෑහෙන පරිදි කිරි, බිත්තර සහ මස් තිබී සෙස්සන් කෙසෙල් සහ ඉරිඟුවලින් පමණක් සෑහීමට පත්වූ  කාලයක ඇයට විටමින් වර්ග සපයා දීම; ඇයගේ නිවෙසෙහි මැද මිදුලෙහි පුටුවක වාඩි වී මිත්තණියගේ උකුසු ඇස් බැල්ම යට හිඳ ඇයට චක්කරය පාඩම් කරවීම ආදිය ඒවා විය. ඔහු අමතන්නට වඩාත් සුදුසු නමක් අවශ්‍ය වූ නිසාවෙන් එස්තෙර් ලුසෙරෝ ඔහුට "මාමා" යැයි අමතන්නට පටන් ගත් අතර ඔහුගේ පැමිණීම වනාහි විප්ලවය නිසා හටගත් විස්තර කිරීමට අසීරු තවත් එක් ගුප්ත සංසිද්ධියක් ලෙස මිත්තණිය පිළිගත්තාය.

"එයා වගේ උගත් මිනිහෙකුට, දොස්තර කෙනෙකුට, ඉස්පිරිතාලේ ලොක්කා වගේම ජාතියේ වීරයෙකුට නාකි ගෑනියෙකුගේ වල්පල් කතාවලිනුයි එයාගේ මිණිපිරීගේ නිශ්ශබ්ද කමෙනුයි ලැබෙන පලය මොකක්ද ?" නගරයේ ඕපාදූපකරු‍වෝ එකිනෙකාගෙන් විමසා ගත්හ.

වසර ගණනක් ඉක්ම යත්ම, සෑම විටෙකම සිදුවන්නාක් මෙන්, දැරිය විකසිත වූවාය. එහෙත් අන්හෙල් සන්චෙස්  විශ්වාස කළේ ඇය විෂයෙහි සිදුව ඇත්තේ අතිශය පුදුම සහගත දෙයක් බවත්, මිත්තණිය සිය මහන මැෂිමේ මැසූ පාසල් නිල ඇඳුම්වලට යටින් විකසිත වූ සුන්දරත්වය පෙනුණේ තමාට පමණක් බවත්ය. ඒ අතරම, තමාගේ හැඟීම් අවදි කළාක් මෙන්ම, ඇය තමා දෙස බලන සියලු දෙනාගේම හැඟීම් අවුස්සන බව ඔහු තරයේ විශ්වාස කළේය. එස්තෙර් ලුසෙරෝ වටා බඹරුන් රොද නොබඳින්නේ මන්දැයි ඔහු විමතියට පත් විය.  අති ප්‍රබල හැඟීම් සමුදායකින් නිර්මාණය කරනු ලැබූ මහත් වධයකින් හෙතෙම පීඩා වින්දේය:  සියලු පිරිමින් කෙරෙහි වූ ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු රහිත බ‍වේ ඵලය වූ නිරන්තර ශෝකභරිත බව සහ නිරුවත්,  කාමාශක්ත දැරිය කාමරයේ සෙවණැලි අතර හිඳ රාගී ඉඟි බිඟිවලින්  තමාට අඬගසන්නේයැයි සිතෙහි මවා ගත් කල දිවානිද්‍රා සමයෙහි ඔහු දවන නිරය බඳු ගින්න ඔහුට පීඩා කළේය. වධයට පත් ඔහුගේ අභ්‍යන්තරය ගැන කිසිදා කිසිවෙකු දැන සිටියේ නැත. කරුණාවන්ත, මෘදු මිනිසෙකු ලෙස ඔහු ප්‍රකට විය. අවසානයේදී ඔහුට මනාලියක සෙවීමේ කටයුත්තෙන් වෙහෙසට පත් නගරයේ කාන්තාවන්ට තම වෛද්‍යවරයා තරමක් අමුතු පුද්ගලයෙකුය යන්න පිළිගැනීමට සිදුවිය.

"එයා අර 'ජාතියෙ' එක්කෙනෙක් නම් වෙන්න බෑ." ඔවුහු මිමිණූහ. "ඒත් මැලේරියාවයි, ඉකිළියෙ හිර වෙච්ච මූණිස්සමයි නිසා ගෑනුන්ට තියෙන ආසාව එයාගෙන් සදහටම නැතිවෙලා ගිහිල්ලා."

තමා වසර විස්සක් ප්‍රමාද වී මෙලොවට බිහි නොකිරීම ගැන සිය මවටත්, තමාගේ සිරුර සහ ආත්මය යන දෙකම  හානියට පත් කොට කැළැල් ඉතිරි කළා වූ සිය දෛවයටත් අන්හෙල් සන්චෙස් ශාප කළේය.  මේ ලොව හෝ වෙනත් ලොවක හෝ සිටින සුන්දරතම කාන්තාව ඇය බව කිසිම පිරිමියෙකුට සොයාගත නොහැකි වන පරිදි, සොබා දහමෙහි යම් චලතාවක් කරණ කොට ගෙන එස්තර් ලුසෙරෝගේ ප්‍රභාව සැඟව යන ලෙසට ඔහු දෙවියන් යැද්දේය. ඒ දෛවෝපගත බෘහස්පතින්දා දවසේ මිත්තණිය පෙරටු කර ගත් කුතුහලයෙන් පිරි ජන පිරිවරක් විසින්  දඬු මැස්සක තබා ඇය රෝහලට ගෙන එනු ලැබූ විට වෛද්‍යවරයා හද කීරිගස්වන හඬක් නැගුවේ එබැවිනි. ඇය වසා තිබූ ඇතිරිල්ල ඉවත් කළ ඔහුට ඇ‍යගේ සිරුර හිල් කොට ගෙන ගිය කට ඇරුණු තුවාලය පෙනිණි. තමන් ඉතා උග්‍ර ලෙස ප්‍රාර්ථනා කිරීමෙන් මේ ව්‍යසනය උදා කළ බවත් ඇය කිසි දිනෙක තවත් පිරිමියෙකුට අයත් නොවනු ඇති බවත් ඔහුට දැනිණි.

"එයා මැද මිදුලෙ තියෙන අඹ ගහට නගින කොට ලිස්සලා අපි පාත්තයා බඳින උල උඩට වැටුණා." මිත්තණිය විස්තර කළාය.

"අනේ අසරණ කෙල්ල. මේක හරියට කවුරුහරි ලේ උරාබොන වවුල් ආත්මයක් විනාශ කරන්න හැදුවා වගේ වැඩක්", දඬු මැස්ස ඔසවාගෙන ඒමට සහය වූ අසල්වැසි මිනිසා කීවේය. "එයාව උලෙන් මුදවා ගන්න අපි හරියට මහන්සි වුණා."

එස්තෙර් ලුසෙරෝ සිය දෑස වසාගෙන සෙමෙන් කෙඳිරි ගෑවාය.

එතැන් පටන් අන්හෙල් සන්චෙස් මරණය සමග පෞද්ගලික ද්වද්ව සටනකට එළැඹුණේය. දැරිය බේරාගැනීම සඳහා ඔහු සිය සියලු හැකියාවන් යොදා ගත්තේය. ඇය ශල්‍ය කර්මයකට බඳුන් කළ ඔහු ඇයට එන්නත් දුන්නේය, තමාගේම රුධිරය පාරවිලයනය කළේය, ප්‍රතිජීවක ඖෂධවලින් ඇය පුරවාලූයේය‍. එහෙත් පැය හතළිස් අටකට පසු, බැම්මක් බැඳ නවතාලිය නොහැකි මහා ජල ප්‍රවාහයක් මෙන් ඇගේ තුවාලයෙන් ජීවය පිටව යන බව පැහැදිලිව පෙනිණි. මිය යමින් සිටි දැරියගේ පසෙක වාඩිවී ආතතියෙන් සහ ශෝකයෙන් පීඩිතව ඇයගේ සයනය පාමුල හිස තබා ගත් ඔහුට අලුත උපන් ළදරුවෙකුට මෙන මිනිත්තු කිහිපයකට තදින් නින්ද ගියේය.  ඔහු සිහිනයෙන් දැවැන්ත මැස්සන් දුටු අතර ඇය සිය උග්‍ර වේදනාවේ නපුරු සිහින තුළ අතරමංව ඉබාගාතේ ඇවිදිමින් සිටියාය. ඉදින් ඔවුන් මේ කිසිවෙකුට අයත් නොවූ භූමි‍යෙහි එකිනෙකා හමු වූ අතර ඔවුන් දෙදෙනාටම පොදු සිහිනය තුළ ඇය ඔහුගේ අතෙහි එල්ලී මරණයට තමා ගෙන යෑමට ඉඩ නොදෙන ලෙසටත් තමා කිසි දිනෙක අතහැර නොදමන ලෙසටත් ඔහු වෙත ආයාචනා කළාය. නේග්රෝ රිවාස් නමැත්තෙකු ගැනත් ඔහුගේ ජීවිතය ඔහුට නැවත ලබා දුන් විකාරරූපී ප්‍රාතිහාර්යයක් ගැනත් ඉතා පැහැදිලිව සිහියට නැගීමෙන් අන්හෙල් සන්චෙස් අවදි විය. වහ වහා කාමරයෙන් පිටවූ ඔහු කොරිඩෝරයේ රැඳී නොනැවතී යාඥාවන් මුමුණමින් සිටි මිත්තණිය පසු කොට ගියේය.

"දිගටම යාඥා කරන්න. මම විනාඩි පහළොවකින් ආපහු එනවා." දිව යන අතර ඔහු කෑ ගෑවේය.

ස වසරකට පෙර, ඒකාධිපති ආණ්ඩුවේ සෙබළුන්ට වටලා පහර දීම පිණිස රටේ ඔබ මොබ ගමන් කරමින් දැඩි උණුසුමෙහි සහ මදුරුවන්ගේ ගැලවිය නොහැකි වධයෙන් පීඩිතව අන්හෙල් සන්චෙස් සහ ඔහුගේ සගයන් ඝන වනාන්තරයේ දණක් උසැති අකුල් මැදින් පිය නගන විට, ඔවුන් පරමාදර්ශයන්ගෙන් පිරුණු හිස්වලිනුත් කවි පිරුණු ගමන් මලුවලිනුත් උණ්ඩ රැඳවූ බඳපටිවලිනුත් සමන්විත‍, වට කරනු ලැබූ, උමතු සිහින දකින්නන් අතළොස්සක් මිස වෙන කිසිවෙකුත් නොවූ විට, ගැහැනියකගේ හෝ සබන්වල හෝ සුවඳක් ඔවුන‍්ගේ සිරුරුවල මාස ගණනාවක් තිස්සේ ‍‍නොතැවරී තිබූ විට, කුසගින්න සහ බිය තවත් සමක් මෙන් සිරුරේ දැවටුණු විට, ඔවුන් නොනැවතී ඉදිරියට ගමන් කරවූ එකම සාධකය අපේක්ෂා භංගත්වයම වූ විට, ඔවුන් සෑම තැනකම සතුරන් දැක තමන්ගේ සෙවණැලි පවා විශ්වාස නොකළ විට, නේග්රෝ රිවාස් පටු ගිරිකඳුරකට ඇද වැටී අඩි විස්සක් පමණ පහළට රූටා වුත් වැරහැලි දැමූ මල්ලක් පරිද්දෙන් ශබ්ද විරහිතව ආගාධයේ පතුළට වැටී තිබිණි. තියුණු දාර සහිත ගල් සහ ඇඹරුණු රුක් කඳන් මගහැර ලණු මගින් ඔහු සිටි තැනට බසින්නට ඔහුගේ සගයන්ට විනාඩි විස්සක් පමණ ගත විය. රුධිරයෙන් පෙඟී ගිය රිවාස් උඩට ගෙන ඒමට තවත් පැය දෙකක් පමණ ගත වූයේය.

මේ නේග්රෝ රිවාස් දැවැන්ත මිනිසෙක් විය. විනෝදකාමී, නිර්භීත පුද්ගලයෙකු වූ හෙතෙම ඕනෑම මොහොතක ගී ගැයීමට සූදානමෙන් සිටි අතර දුර්වල සගයෙකු කර පිට තබා ගෙන යෑමට ඕනෑම ‍වේලාවක ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වූයේය. ‍එහෙත් දැන් ඔහු ඉදුණු දෙළුම් ගෙඩියක් මෙන් කැපී විවර වී සිටි අතර ඔහුගේ පිටේ මැද හරියෙන් පටන් ගත් ගැඹුරු කැපුම පපුවේ මැද හරිය වන තෙක් පැතිරී තිබිණි. එයින් ඔහුගේ ඉළ ඇට පවා පෙනිණි. සන්චෙස් හදිසි ප්‍රථමාධාර කට්ටලයක් රැගෙන ගිය නමුදු මේ තුවාලයට එය යන්තමින් වත් සෑහුණේ නැත. මායාවෙන් මිදුණු ඔහු තුවාලය මසා දමා රෙදි පටිවලින් එය වෙලුවේය. තම අතෙහි තිබූ ඖෂධද ඔහු රෝගියාට ලබා දුන්නේය. පොලු දෙකකට තබා බඳින ලද කැන්වසයක් මත රිවාස් තැබූ ඔවුහු මාරුවෙන් මාරුවට එය ඔසවා ගෙන ගියහ. මැස්සේ සෑම චලනයක් පාසාම රිවාස්ගේ ජීවිතයෙන් මිනිත්තුවක් අඩුවන බව පැහැදිලිව පෙනෙන තුරු ඔවුහු එසේ කළහ. නේග්රෝ රිවාස්ගේ සිරුරෙන් උල්පතකින් මෙන් රුධිරය බුබුලු දමමින් පිටවූ අතර ඔහු කාන්තා පියයුරු සහිත තලගොයින් ගැනත් ලවණමය චණ්ඩ මාරුත ගැනත් කියමින් නන් දොඩවන්නට වූයේය.

ඔහුට නිදහසේ මැරෙන්නට ඉඩ හැරීම පිණිස කඳවුරු බඳින්නට ඔවුන් සැලසුම් කරමින් සිටින විට, කලු පැහැති දිය වළක් අසල බොහෝ මිතුරුකමකින් එකිනෙකාගේ උකුණන් බලමින් උක්කුටියෙන් වාඩිවී සිටි ඉන්දියානුවන් දෙදෙනෙකු ඔවුන්ගෙන් එකෙකුගේ නෙත ගැටිණි. ඉන්දියානුවන් දෙදෙනාට පිටුපසින් ඝනැති වන මීදුමෙන් වැසී තිබුණේ ඔවුන්ගේ ගම්මානයයි. ඔවුන් බොහෝ ඈත කාලයක සිට හුදෙකලාව විසූ ගෝත්‍රයක් වූ අතර මේ ශතවර්ෂය සමග ඔවුන්ගේ තිබූ එකම සම්බන්ධය වූයේ දෙවියන්ගේ නීති පිළිබඳ දේශනා කරන්නට එහි පැමිණෙන්ට තරම් නිර්භය වූ මිෂනාරිවරයෙකු පමණි. එහෙත් ඔහුගේ ව්‍යායාමය සාර්ථක වී තිබුණේ නැත.  ඊටත් වඩා බරපතළ කාරණය වූයේ මේ ඉන්දියානුවන් කිසි දිනෙක විප්ලවය ගැන හෝ 'නිදහස නැත්නම් මරණය !' යන සටන් පාඨය ගැන හෝ අසා නොතිබීමයි.  මෙවැනි විශාල අඩුපාඩු සහ භාෂා බාධකය තිබියදීත්,  මේ වෙහෙසට පත්වූ මිනිසුන්ගෙන් තමාට බරපතළ අනතුරක් නැතැයි ඉන්දියානුවන්ට වැටහිණි. ඉදින් ඔවුහු ඉතා බියගුළු ලෙස කැරලිකරුවන් පිළිගත්හ.  කැරලිකරුවෝ මියයමින් සිටි මිනිසා පෙන්වූහ. ඉන්දියානුවන්ගේ නායකයා යැයි ඔවුන් සිතූ තැනැත්තා  සදාකාලික අන්ධකාරයෙන්ද මඩ සහ මූත්‍ර ගඳින්ද පිරී තිබූ මඩුවකට ඔවුන් කැඳවාගෙන ගියේය. එහිදී ඔවුහු නේග්රෝ රිවාස් පන් පැදුරක් මත දිගා කරවූහ. ඔහුගේ සගයෝද ගෝත්‍රයේ සාමාජිකයෝද ඔහු වටකර ගෙන සිටියෝය. ඊට මඳ වේලාවකට පසු සිය පූර්ණ චාරිත්‍රානුකූල ඇඳුමෙන් සැරසුණු යකැදුරා එතැනට සම්ප්‍රාප්ත විය. ඔහු පැළඳ සිටි මල් මාලාද යකැදුරාගේ උමතු දෑසද ඔහුගේ ගතෙහි මිදී තිබූ තට්ටු ගණනක් වූ කැත කුණු ජරාවද දැකීමෙන් අණදෙන නිලධාරියා බියට පත් විය. එහෙත් තුවාල ලැබූ මිනිසා වෙනුවෙන් කරන්නට තවත් කිසිවක් ඉතිරි වී නැති බවද යකැදුරා යමක් කරන්නට සමත් වුවහොත්-අඩුම ගණනේ ඔහුට මැරෙන්න‍ට සහය වීම හෝ කරන්නට සමත් වුවහොත්- එය කිසිම දෙයක් නැතිවාට වඩා හොඳ බවද අන්හෙල් සන්චෙස් පෙන්වා දුන්නේය.  මේ අමුතු, අර්ධ නග්න සුව කරන්නාට සිය කටයුත්ත අවධානයෙන් යුතුව කරනු හැකි වනු පිණිස ඔවුන්ගේ ආයුධ බිම තබන ලෙසටත් කිසිදු බාධාවක් නොකරන ලෙසටත් අණ දෙන නිලධාරියා සිය සගයන්ට අණ කළේය.

පැය දෙකකට පමණ පසු ‍නේග්රෝ රිවාස්ගේ උණ බැස ගිය අතර ඔහුට ජලය ගිලින්නට හැකියාව ලැබිණි. අඳුර වැටෙන වේලාව එන විට ඔහු සයනයෙහි හිඳගෙන ඉරිඟු කැඳ ආහාරයට ගත් අතර දින දෙකකට පසු මඩුවෙන් පිටතට පය ගසන්නට ඔහුට හැකි විය. ඔහුගේ තුවාලය සම්පූර්ණයෙන්ම සුවවීමට පටන්ගෙන තිබිණි. අනෙක් ගරිල්ලන් රෝගියාගේ ප්‍රගතිය නිරීක්ෂණය කරමින් සිටින අතරතුර අන්හෙල් සන්චෙස් කළේ යකැදුරා පිටුපසින් වනාන්තරයේ කරක් ගසමින් බෑගයකට ඖෂධීය පැලෑටි එකතු කිරීමයි. වසර ගණනාවකට පසු අගනුවරදී, නේග්රෝ රිවාස් පොලිස්පති ධුරයට පත් කරන ලදී. තමා මරණයේ මුවවිටට ළංවූ ඒ සිද්ධිය ඔහුට මතක් වන එකම අවස්ථාව වූයේ නාඳුනන ගැහැනියක සමග රමණයේ යෙදීමට සිය කමිසය ගලවද්දී ඔහුගේ සිරුර දෙකඩ කරමින් පැතිරුණු ඒ කැළල කුමක්දැයි ඇය නොවරදවාම කරන ප්‍රශ්න කිරීම පමණි.

"නේග්රෝ රිවාස් බේරාගන්න නිරුවත් ඉන්දියානුවෙකුට පුළුවන් වුණා නම්, යක්ෂයත් එක්ක ගිවිසුමක් ගහලා හරි මම එස්තෙර් ලුසෙරෝව බේරාගන්නවාමයි." ඒ අවස්ථාව වන තුරුම අමතකව ගොස් තිබූ එහෙත් පසුගිය වසර ගණනාව පුරාම තමා සන්තකයේ තබා ගෙන හුන් ඒ ඖෂධීය පැලෑටි සොයමින් ගෙය අනෙක් පැත්ත හරවන අතර ඔහු ශපථ කළේය. පැරණි ට්‍රන්ක පෙට්ටියක පතුලේ පත්තර කඩදාසිවලින් ඔතා තිබූ ඒ පැලෑටි, ඔහුගේ කවි ලියූ සටහන් පොත, යුද හිස්වැසුම සහ යුද්ධයේ සෙසු සමරු සටහන් අතර තිබී ඔහුට හමුවිය. 
පාරේ වූ තාර උණුකරවා දැමූ සැඩ හිරු යටින්, කිසිවෙකු තමා පසුපසින් හඹා එන්නාක් මෙන් ඔහු රෝහල වෙත පෙරළා දිව ගි‍යේය.  පඩි දෙක බැගින් නගිමින් ඉහළ මහලට දිව ගිය හෙතෙම දහදිය වගුරුවමින් එස්තෙර් ලුසෙරෝගේ කාමරයට කඩා වැදුණේය. මිත්තණියද රාජකාරියේ නිරත හෙදියද ඔහු දිව යනු දුටුවෝ ඔහු පසුපසින් කාමරයේ දොර තෙක් ගොස් ඇතුළට එබී බැලූහ. ඔහු සිය සුදු කබාය, කපු කමිසය, තද පැහැති කලිසම, කලු ක‍ඩයෙන් ගත් මේස් කූට්ටම සහ ඔහු සැමවිටම පැළඳි රබර් අඩි සහිත සපත්තු ගලවා දමනු ඔවුහු බලා සිටි‍‍යෝය. ඔහු සිය යට ඇඳුමද උනා දමා ආධුනික සෙබළෙකු මෙන් සම්පූර්ණයෙන්ම නග්නව සිටිනු භීතියෙන් ගල් ගැසුණු ඔවුන්ට ඊළඟට පෙනිණි. 

"සුද්ද වූ මරියාවෙනි, දේව මාතාවනි," මිත්තණිය කොඳුළාය.

වෛද්‍යවරයා රෝගියා වැතිර හුන් ඇඳ කාමරයේ මැදට තල්ලු කරනුද සිය දෑත එස්තෙර් ලුසෙරෝගේ හිස මත තත්ත්පර කිහිපයක් තබා ගෙන සිටිනුද ඉන් අනතුරුව රෝගී දැරිය වටා උමතු නර්තනයක යෙදීම ආරම්භ කරනුද දොරෙහි වූ කුඩා කවුළුවෙන් ඔවුන්ට යන්තමින් පෙනිණි. ඔහු සිය දණහිස් කෙතරම් උසකට එසවූයේද යත් ඒවා ඔහුගේ පපුවෙහි ස්පර්ශ විණි.  ඔහු එක්වරම බිමට පහත් වූ අතර සිය අත් වනමින් මුහුණෙන් විකාරරූපී මුහුණු සාදන්නට වූයේ සිය දෙපාවලට පණ දුන් ඒ අභ්‍යන්තර රිද්මය එක මොහොතකටවත් නැති නොකර ගනිමිනි. පැය බාගයක් පමණ තිස්සේ ඔහු උමතු වූවෙකු මෙන් නර්තනයේ යෙදුණේය. ඔක්සිජන් ටැංකිද සේලයින් බෝතල් රඳවනද මග හරිමින් නොනැවතීම ඔහු නැටුවේය. අනතුරුව සිය සුදු කබායේ සාක්කුවෙන් වියළි කොළ කිහිපයක් ගත් හෙතෙම ඒවා ටින් බේසමක දමා අතින් කුඩු කරන්නට කරන්නට වූයේ ඒ මතට යළි යළිත් කෙළ ගසමිනි. ඒ මිශ්‍රණය තලපයක් ආකාරයට සාදා ගත් හෙතෙම එය රැගෙන මියයමින් සිටින දැරිය වෙත පිය නැගුවේය. ඔහු තුවාලයේ වෙලුම් පටි ඉවත් කරනුද, රාජකාරියෙන් බැඳී සිටි හෙදිය සිය වාර්තාවේ දැක්වූ පරිදි, ජීවාණුහරණයේ මූලිකම සිද්ධාන්තවලට පවා ‍නොසලකමින් ඒ පිළිකුල් සහගත ආලේපය තුවාලයෙහි තවරනුද ඔහුගේ රහස් පෙදෙස ලජ්ජා සහගත ලෙස දැරිය වෙත නිරාවරණය වී තිබූ සැටිද ගැහැනු දෙදෙනා බලා සිටියෝය. ප්‍රතිකර්මය සම්පූර්ණ වූ විට, අධික වෙහෙසෙන් යුක්තව එහෙත් පරම සුඛදායී සිනහවකින් ප්‍රභාවත්ව වෛද්‍යවරයා බිම ඇද වැටිණි.

වෛද්‍ය අන්හෙල් සන්චෙස් රෝහලේ අධ්‍යක්ෂවරයා සහ විප්ලවයේ අසහාය වීරයා නොවුණේ නම් ඔවුන් ඔහු කුදලා කෙලින්ම පිස්සන් කොටුවට යැවීමට ඉඩ තිබිණි. ‍එහෙත් ඔහු අගුලු දැමූ දොර කඩා විවෘත කරන්නට නිර්භය වූ කිසිවෙකු නොසිටි අතර අවසානයේදී නගරාධිපතිවරයා ගිනිනිවන හමුදාවේද සහය ඇතිව ඒ වගකීම භාරගන්නා විට පැය දහහතරක් ඉක්ම ගොස් තිබිණි. ඒ වන විට වෛද්‍යවරයා සිය ඇඳුම් උනා දමා යළිත් චාරිත්‍රානුකූල නැටුමක යෙදෙමින් ප්‍රතිකර්මයේ දෙවැනි අදියර ක්‍රියාත්මක කරමින් සිටි අතර එස්තෙර් ලුසෙරෝ සයනයෙහි ඇන්දට හේත්තු වී දීප්තිමත් දෑසින් යුතුව සිය අන්හෙල් මාමා නටන සැටි විනෝදයට පත්වමින් බලා සිටියාය. දින දෙකකට පසුව, අගනුවර සිට විශේෂයෙන් එවන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොමිසම පැමිණෙන විට රෝගී දැරිය සිය මිත්තණියගේ අතෙහි එල්ලී රෝහල් කොරිඩෝරයේ ඇවිදිමින් සිටියාය. යළි ජීවනය ලැබූ දැරියගේ සහ සිය වෘත්තීය සගයන් පිළිගැනීම සඳහා මනා ලෙස හැඳ  පැළඳ තම මේසය අසල සිටි රෝහල් අධ්‍යක්ෂවරයාගේ ඡායා මාත්‍රයක් දැකීමේ අපේක්ෂාවෙන් මුළු නග‍රයේම මිනිස්සු රෝහලේ තුන්වැනි මහල දිගේ ඇවිද ගියහ.  කොමිසම වෛද්‍යවරයාගේ අසාමාන්‍ය නර්තනය ගැන විස්තර ඇසීමෙන් වැලකුණු අතර ඒ වෙනුවට සිය අවධානය යොමු කළේ යකැදුරාගේ අරුම පුදුම ඖෂධ පැලෑටි පිළිබඳවය.

එස්තෙර් ලුසේරෝ අඹ ගහෙන් වැටී වසර බොහෝ ගණනක් ඉකුත්ව ගොස් ඇත. වායු ගෝල පරීක්ෂකවරයෙකු සමග විවාහ වූ ඇය අගනුවර පදිංචියට ගිය අතර එහිදී කිරිගරුඬ බඳු අතපයවලින් සහ අඳුන්වන් ‍දෑසකින් යුත් බිළිඳියක ප්‍රසූත කළාය. ඇය ඉඳහිට සිය අන්හෙල් මාමා වෙත දැඩි ලෙස අක්ෂර වින්‍යාස වැරදි සහිත කාන්සාව පිරුණු තැපැල්පත් එවන්නීය.  අරුම පුදුම ඖෂධ පැලෑටි සොයා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගවේෂණ සංචාර හතරක් දියත් කළ මුත් එයින් කිසිදු පලක් නොවිණි. ඉන්දියානු ගමද ඒ සමගම මරණීය තුවාල සඳහා විද්‍යාත්මක ප්‍රතිකාරයක් සොයාගැනීමේ බලාපොරොත්තුද වනාන්තරය විසින් ගිල ගනු ලැබ ඇත.

දොස්තර අන්හෙල් සන්චෙස් තවමත් හුදෙකලාව සිටියි. ඔහුගේ එකම සමාගමය වන්නේ ඔහුගේ ආත්මය කිසිදා අවසන් නොවෙන මධුපානෝත්සවයක දවමින් දිවා නිද්‍රා පැයේ ඔහු සොයා කාමරයට පැමිණෙන එස්තෙර් ලුසෙරෝගේ රුව පමණි. ඔහු ආදිවාසී භාෂාවලින් නිරතුරුවම තාරකා සමග කතා කරනු ඇසෙන බැවින් වෛද්‍යවරයෙකු ලෙස ඔහුගේ කීර්තිය ප්‍රදේශය පුරා දිගින් දිගටම පැති‍රී වැඩෙන්නට පටන් ගෙන තිබේ.  

Nissanka Rajapaksa

unread,
Sep 27, 2019, 6:19:08 PM9/27/19
to ind...@googlegroups.com

එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි

පරාක්‍රම නිරිඇල්ල

සිල්වා රාගම දුම්රිය පොලෙන් කෝච්චියට ගොඩ වී මැදිරියක හිස්ව තිබුණු ආසනයක වාඩි විය. මහත්
සේ කලකිරුණු වේදනාත්මක ඉරියව්වකින් සිටි ඔහු ඉක්මණින්ම බර කල්පනාවකට වැටුණි. කෝච්චිය
හෙලවි හෙලවී ගමන් කරණවිට තමන්ට ඉදිරි ආසනයේ තමන් මෙන්ම හෙලවි හෙලවී සිටි මගියෙකු
තමන් දෙස උවමනාවෙන් බලා සිටින බව, කල්පනාවෙන් මිදුනු සිල්වාට දැකගත හැකි විය. සිල්වාද ඔහු
දෙස ඕනෑකමින් හොඳට බැලුවේය. ඉදිරියේ සිටි මිනිහා සිනා සී,
“මුදලාලිට මාව මතකද?” ඇසුවේය.
“දැකලා පුරුදුයි වගේ…….. ඒත් එකපාරටම කියන්න නිච්චියක් නෑ”. එසේ කියූ සිල්වා තවමත්
ඕනෑකමින් ඔහු දෙස බලා සිටිමින්ම මේ කවුදැයි කල්පනා කරන්නට විය.
“ඇයි මතක නැද්ද? මුදලාලිගෙ ගම්පහ කඬේට අල්ලපු බෝතල් පත්තර කඬේ දාගෙන හිටියෙ. මම
නඩරාජා.”
“අම්මපා! මේ නඩා නේන්නං.”
සිල්වා උතුරා යන මහත් සතුටින් නඩරාජාගේ දෑතම අල්ලා ගත්තේය. මහඵ වියට පත් තමාට එතරම්
සමීපව සිටි නඩරාජා අමතක වීම ගැන සිල්වාට ලජ්ජාවක්ද දැනුණි. එතැන් සිට නඩරාජා කුරුණෑගලින්
බසිනතුරු ඔවුන් දෙදෙනා යෙදුණු සුහද සංවාදයෙහි කොටසකි මේ.
සිල්වා – කොච්චර කාලෙකට පස්සෙද නඩාව දැක්කෙ?
නඩා – පනස් අටේ කෝලහලෙට පස්සෙ අදනෙ දැක්කෙ. (කාලය ගණන් බලා) අයියෝ කඩවුලේ

2

අවුරුදු තිහක් ! පුඃ !!
සිල්වා – මොන තරම් සන්තෝසද සෑහෙන කාලෙකින් දැකගන්න ලැබුනාට.
නඩා – මටත් හුඟාක් සන්තෝසයි තමා. දැන් අපි නාකියො වෙලා.
සිල්වා – දැන් ඉතිං කොහෙද මේ යන්නෙ?
නඩා – මම යනවා මගෙ ගේනි බලන්න කුරුණෑගල.
සිල්වා – මොකද එයා එහෙ කරන්නෙ?
නඩා – ලොකු බංගලාවක වැඩ. ඉතිං, මුදලාලි තමුසෙ කොහෙද යන්නෙ?
සිල්වා – මම යනවා අනුරාධපුරේටත් එහා, සේනපුර අනාථ කඳවුරට මගෙ නංගිව බලලා එන්න.
නඩා – එයා එතන මොකද?
සිල්වා – ඒගොල්ල අනාත වෙලා. පවුල පිටින්ම ඉන්නෙ එතන. තමුසෙලාගෙ කොටි ඒගොල්ලන්ගෙ
ගෙවල් ගිනි තියලා එලෙව්වානෙ.
නඩා – අයියෝ ෂාමි…….. පවු……. (මොහොතක නිහැඬියාවක්) …….. ඉතිං ඇයි ඒගොල්ලන්ව
මුදලාලිගෙ ගෙදරට එක්ක එන්නෙ නැත්තෙ?
සිල්වා – මස්සිනා කැමති නෑ උපන් ගම දාලා එන්න. තත්වෙ හොඳ උනාම කොහොමහරි හිටපු තැනට
කවදාහරි යන්න තමයි එ්ගොල්ල බලාපොරොත්තුවෙන් ඉන්නෙ. එ්ත ඉති කවදා නං තත්වෙ
හොඳ වෙයිද කවුද දන්නෙ. මම යං කියලා අඬගැහුවා එ ්ත් එන්නෙ නෑ. මොනවා කරන්නද?
………ඈයි ඇයි තමුසෙලාගෙ ඔය කොටි ඔය වගේ දරුණු විදියට හැසිරෙන්නෙ?
නඩා – ඒ තරුණ කොල්ලො කියනවා "ඒගොල්ලො කොටි උනේ කවදාවත් දෙමෙලුන්ගෙ ප්‍රශ්න
විසඳෙන්නෙ නැති හින්දා ̈. එ ්ගොල්ලො ඉගෙන ගත්තාට වැඩක් නෑ ̈. ජොබ්ස් නෑ ̈.
අනාගතේ නෑ ̈. ඒගොල්ලන්ට සලකන විදිය අසාධාරණයි ̈. ඉතිං බැරිම තැන රටක්
හදන ්න තමයි එ ්ගොල්ලන්ට ඕනැ වෙලා තියෙන්නෙ.
සිල්වා – ඉතිං ඕයි අපේ සිංහල කොල්ලොත් කියන්නෙ ඔය ටිකමනෙ.
නඩා – ඇත්තට? හරිම ප්‍රශ්නය තමයි.
සිල්වා – කොහොම උනත් තමුසෙලාගෙ කොටි අපේ මිනිස්සුන්ව අනාත කඳවුරුවල ලග්ගෝපු එක
හරිය කියලා හිතනවද?
නඩා – වැරදියි……. සම්පූර්ණයෙන්ම වැරදියි ! (නිහඬතාවයක්) මුදලාලි, අපිත් හිටියනෙ අනාත
කඳවුරක.
සිල්වා – ඇතිතට? ඒ කොහොමද?

3
නඩා – ඇයි මුදලාලි, අපි වඩමරච්චියෙ ඉන්නකොට සිංහල ආමි එක අපේ ගෙවල් කැඩුවනෙ. උඩින්
ඇවිල්ලාත් බෝම්බ දැම්මා. පොලොව දිගේ ඇවිල්ලාත් ෂෙල් ගැහුවා. අපි හිටියෙ ගේනිගෙ
තාත්තාගෙ ගෙදර. ඉතිං ඒ ගේත් කැඩිලා ඉන්න තැනක් නැතුව කෝවිලේ අනාත කඳවුරක
හිටියා. අපි විතරක් නෙවේ මුදලාලි, තමුසෙ දන්නවාද ඉන්ඩියන් ආමි ආවට පස්සෙ තවත්
දෙමළ අනාතයො ඉන්නවා. අදත් ඉන්නවා.
සිල්වා – නඩා කොච්චර කල් හිටියාද අනාත කඳවුරේ?
නඩා – ඉඳලා ඉඳලා බැරිම තැන එ ්කෙන් පැනලා අපි මෙහෙ ආවා, ගිය මාසෙ. ගේනි බංගලාවක
රස්සාවකට ගියා. මම කොළඹ හෝටලේක වැඩ. ගේනිගෙ අම්මලා තාත්තලා තාම යාපනේ.
දැං මැරිලාද දන්නෙ නෑ. දැනගන්න විදියකුත් නෑ.
සිල්වා – තමුසෙට දැන් දරුවොත් ඇතිනෙ?
නඩා – කොල්ලො දෙන්නෙක් හිටියා මුදලාලි.
සිල්වා – ඉතිං ඒ දෙන්නා?
නඩා – දෙන්නාම ටයිගර්ස්ලාට එකතු උනා. එක්කෙනෙක් මැරුණා. අනිකා ඉන්නව ̈……… කොහෙ
ඉන්නවද දන්නෙ නෑ. (නිහැඬියාවක්) …….මුදලාලිගෙ ළමයි?
සිල්වා – ඔවු. දුවයි, පුතයි.
නඩා – දෙන්නාට වරදක් නැතුව ඇතිනෙ?
සිල්වා – දුව උගන්නනවා අම්පාර පැත්තෙ. දැන් හරිම භයානක පැත්තක්. අපි එයා ගැන හරිම බයෙන්
ඉන්නෙ.
නඩා – එතකොට පුතා?
සිල්වා – පුතා විශ්ව විද්‍යාලෙට ගියා ගියාමයි. (දිග සුසුමක් හෙලයි)
නඩා – ඇයි මුදලාලි?
සිල්වා – ඌ ජේ.වී.පී. එකට එකතුවෙලා ̈. ඉන්නවාද මැරිලාද දන්නෙ නෑ. කිසිම ආරංචියක් නෑ.
නඩා – හරි වැඬේනෙ, මට වෙච්ච දේමයි.
(දෙදෙනාම බොහෝ වේලාවක් නිහඬව සිටිති.)
නඩා – මුදලාලි, සිංහල පොලීසියයි ආමි එකයි අපේ කොල්ලො හොය හොයා අපේ ගෙවල් කඩලා
ගිනි තිබ්බනෙ. දෙමළ මිනිස්සුත් මැරුවනෙ. දැං එ ්ගොල්ලො සිංහල මිනිස්සුන්ගෙ ගෙවලුත්
කඩනව ̈, ගිනි තියනව ̈, ඉස්කෝලෙ යන දරුවොත් විනාස කරනව ̈, නේද?
සිල්වා – ඒක නේන්නං බලනවකො.

4
නඩා – අපිටත් කළේ ඔය ටිකමයි මුදලාලි…… ඉතිං මුදලාලි, ඔය සිංහල පොලීසියයි, ආමි එකයි අපේ
කොල්ලො එක්ක යුද්ද කරනකොට සිංහල මිනිස්සු, අම්මලා තාත්තලා පන්සලේ පූජා තිබ්බා
නේද, “අපේ ආමි පොලිස් ආරක්ෂා කරන්න”, කියලා?
සිල්වා – ඔව් ඕයි. හහක් ලියා බෝදි පූජා කරන්ඩ.
නඩා – අන්න හරි ! බෝති පූජා! (නඩරාජාට මහ හඬින් සිනා නැගෙයි.)
සිල්වා – මළ ඉලව්ව !
(සිල්වා නොරුස්නා කේන්ති ඉරියව්වකින් ඉවත බලා සිටියි.)
නඩා – ඔය ආමි එක, පොලීසිය තමුසෙලාගෙත් නෙවෙයි, අපෙත් නෙවෙයි මුදලාලි…… අයියෝ ෂාමි!
දෙමළ මිනිහත් මැරෙනවා, සිංහල මිනිහත් මැරෙනවා. ඉවර නෑ. නරක කාලෙ තමයි.
(සිල්වා සහ නඩරාජා නැවතත් නිහඬව සුසුම් හෙලති.)
සිල්වා – ඈ නඩා, තමුසෙ පනස් අටේ කෝලහලෙදි තමුසෙගෙ ගම්පහ කඬේ නැති උනාට පස්සෙ
මොනවද කළේ? කොහොමද ජීවත් උනේ?
නඩා – කඬේ කඩාපු දවසෙ තමුසෙ මාව හංගාගෙන හිටියානෙ. ඒක හින්දා මාව බේරුනා. මට ඒක
අමතක වෙන්නෙ නෑ. තමුසෙ එදා දෙයියො වගේ මට බැලුවා.
සිල්වා – මම ඒක කළේ මනුස්සකමට.
නඩා – ඒ කෝලාලෙ ඉවරවෙලා මම කොච්චියෙ ආවා යාපනේ. ඇවි යාපනේ මාකට් එකේ මාලු
ලෑල්ලක් දැම්මා. ටිකක් ටිකක් ෂල්ලි ආවාම සිල්ලර කඩයක් දැම්මා, ටවුමෙ පොලීසිය කිට්ටුව.
ටික ටික මට හොඳ උනා. මම කසාද බැන්දා. ළමයි හම්බ උනා. ඔහොම ඉන්නකොට තමයි
එයිටිවන් අවුරුද්දෙ පොලිස් රාළහාමිලාට කවුද වෙඩි තියලා මැරුවා කියලා පොලීසිය ඇවිත්
ටවුමෙ කඩ කැඩුවා. අපේ කඩෙත් කැඩුවා. මම මොනවා කරන්නද මුදලාලි? මම අහිංසක
මිනිහා. මගෙ කඬේ ඉවරයි. ආයිත් පාරක් මගෙ ඔක්කොම සුරුස් ගානකොට ඉවරයි.
(ඔහු හඬ නොනැගෙන සේ, දුම්රියේ ජනේලයට ඔලුව තබාගෙන සිල්වාට හැර වෙනත් අයට
නොපෙනෙන සේ අඬයි.)
සිල්වා – අපොයි දෙයියනේ !
(නඩරාජා ඇඬීම අවසන් වූ පසු සුසුමක් ඇර රහසින් කඳු`ඵ පිසගෙන නැවතත් කෙළින් වෙයි.)
සිල්වා – බලනවකො ඕයි, මගෙ කඩෙත් කැඩුවනෙ.
නඩා – මොනවා? ගම්පහ කඬේ?
සිල්වා – ඔව්. එච්චරමනෙ මට ආදායමකට තිබුනෙ.

5

නඩා – කවුද කැඩුවෙ? පොලිස්ද? ආමිද?
සිල්වා – දෙගොල්ලන්ගෙන් කවුරුහරි.
නඩා – මොකද ඒ කැඩුවෙ?
සිල්වා – ‍ෙදාලොස් වෙනිදා කඩ වහන්න කියලා කොල්ලො කඬේට ඇවිත් ලියුමක් දුන්නා. ඉතිං
නොවහා පු`ඵවනැ. මම කඬේ වහලා ගෙදරට වෙලා හිටියා. හදිසියෙ මට ආරංචි උනා
ටවුමෙ වහපු කඩ කඩනවා කියලා. ඉතිං මම දුවගෙන ආවා. ඇවිත් බලනකොට කඬේ කඩලා
ඇරලා. බාගයක් විතර බඩු අඩුයි. ඇදලා.
නඩා – තමුසෙගෙ බඩු බාගෙද නැති උනේ? මගෙ ඔක්කොම තමයි නැති උනේ. තුන්පාරක්ම
ඔක්කොම නැති උනා. පනස් අටේ ගම්පහදි. එයිටි වන් යාපනේදි. එයිටි සික්ස්
වඩමරච්චියෙදි. ඔක්කොම නැති උනා. ඔහොම යනකොට, තව ටික දවසකින්
තමුසෙලාගෙත් ඔක්කොම නැතිවෙයි.
සිල්වා – ඒ කොහොමද?
නඩා – මම පොඩි ජාතියෙ එකා හින්දා ඔක්කොම එකපාරටම නැති උනා. තමුසෙලා ලොකු
ජාතියනෙ. ඒක හින්දා ටික ටික හෙමින් හෙමින් තමයි නැති වෙන්නෙ. බලනවා මං
කියන්නෙ බොරුද කියලා.
සිල්වා – හැබෑමයි.
නඩා – ඉස්සර සිංහල පොලීසියයි ආමි එකයි යාපනේ හිටියා. අපි බයෙන් හිටියා. අපි විනාස
උනා. දැං ඉන්නවා ඉන්ඩියන් ආමි. අපි තවත් විනාසයි. ඉන්න තැනුත් නැතිවෙලා. කන්න
නැතිවෙලා. අපිට වගේ කවදාහරි ඉන්ඩියන් ආමි හරි ඇමරිකන් ආමි හරි ආවොත් සිංහල
මිනිහාට තව හොඳට තේරෙයි.
සිල්වා – ඇත්තටම එහෙම වෙයි ද නඩා?
නඩා – ඒක දෙයියො තමයි දන්නවා.
(සිල්වා නළලේ නැගුණු ඩා බිඳු පිසීමට බැනියම් සාක්කුවෙන් ලේනුසුව ගනිද්දී ඔහුගේ අතින් වේදනාවක නැගෙන බවත්, අතේ මැණික් කටුව තෙල් තැවරුණු රෙදි පටිවලින් වෙලා ඇති බවත් නඩරාජා දකියි.)
නඩා – ඇයි මුදලාලි මොකද අත?
සිල්වා – එදා ‍ෙදොලොස් වෙනිදා මට සිද්ධ වෙච්ච දෙයක් තමයි.
නඩා – ආමිද? පොලිස්ද?
සිල්වා – සිවිල් ඇඳලා හිටියෙ. කවුද දන්නෙ නෑ.

6

නඩා – තමුසෙගෙ පුතා ජේ.වී.පී. ගියා කියලා එයාලා දන්නවද?
සිල්වා – ඒක හුඟක් අය දන්නවා.
නඩා – අයියෝ ෂාමි! මුදලාලි ඔය අතිනුත් අර බෝති පූජාවලට මල් ගත්තා නේද? පාන පත්තු
කළා නේද?
(සිල්වා නිරුත්තරව අසරණව බලා සිටියි. ටික වේලාවකින් දෙදෙනා යළි කතාබහ අරඹති.
දුම්රිය පණ අදිමින් ඇදි ඇදී යද්දී නඩරාජා කුරුණෑගලින් බසිනතුරුම ඔවුහු තවත් බොහෝ
දේ කථා කළහ.)


Nissanka Rajapaksa

unread,
Sep 28, 2019, 7:38:26 PM9/28/19
to ind...@googlegroups.com
අම්මා

මම පුස් ගඳින් යුත් දැව අල්මාරියේ ලාච්චුව විවෘත කලේ වෙව්ලන දෑතින්. පරණ ෆයිල්කවරයක් ඇතුළේ වූ අවපැහැ ගැණුනු මුදල් නෝට්ටු කීපය දෙතුන් පාරක් ගණන් කළේ ඔහුට තව දවස් කීයක් ඉතිරිව ඇත්දැයි නිසැකවම දැනගන්න. එච්චරයි. ඔව්, එච්චරම තමයි. ඊට වඩා තව පැන්සයක්වත් වැඩිපුර තිබුණෙ නැහැ.

හැම සීතල නොවැම්බරයකම මට මතක්වෙන්නේ දවසෙන් දවස මරණයේ දෙඅත්, වෙත ළඟා වෙමින් උන්න ජේම්ස්ගේ අපේක්ෂා විරහිත මුහුණ. අහිමි වීමේ වේදනාව හුළඟක් වගේ අපි වටේ වියරුවෙන් කැරකෙනකොට මමත්, ජේම්සුත් වියැලී ගිය තුරුපත් දෙකක් වගේ විකල්ලෙන් ජීවිතය බදා ගෙන උන්නා.

ජේම්ස්, මගේ ආදරණීය ස්වාමිපුරුෂයා, පොරෝණා තට්ටු තුනක් ඇතුළට කිඳාබැහැලා, බෙහෙත් සැරට වේළිලා ගිය ඇස්වලින්, දිගටම ඉටිපහන් රුකේ මළානික කහ එළිය දිහා බලාගෙන උන්නා.

*******

"අම්මේ.."

පුතාගෙ කටහඬින් මම පියවි ලෝකෙට කඩාපාත් වුණා. අර සීතලම සීතල නොවැම්බරයටත් වඩා මූසල වර්තමානයේ මට අකැමැත්තෙන් වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබුණෙ ජේම්ස්ගේ කුඩා ආකෘතිය, මගේ පුතා නිසයි. 

ලිපේ තිබුණු පාස්තා බඳුනේ වතුර උණු වෙලා බාගයක්ම පිටතට උතුරලා ගිහින්, ඒත් පුතා ලිප නිවා දානකම් ගින්දර නිමිලා ගිහින් තිබුණෙ නෑ.

මට වුවමනා උනා මගේ පුංචි ජේම්ස්ට හැම දෙයක්ම කියන්න. හැම දෙයක්ම කෑගහල කියන්න. එයා කෑම මේසෙ පුටුවක වාඩි වෙලා කුතුහලයෙන් දැවෙන ඇස් වලින් මගෙ දිහා බලන් හිටියා. ඒ ඇස් දිහා තවදුරටත් කෙලින් බලන් ඉන්න හයියක් නැති වෙද්දි, හදවතේ වේදනාව ඇස් වලින් වාන් දමන්න කලියෙන් මම අනිත් පසට හැරිලා ලිප පත්තු කලේ අරමුණකින් තොරව.

*******

ජේම්ස්ගේ බෙහෙත් ටික අරන් එන්න එදා හැන්දෑවේ නගරයට ගිය ගමනත්, ඒ ගමනෙදි මුණගැහුනු ස්මිත් මහත්තයත්, ගිලිහිලා වැටෙන්න නියමිතව තිබුණු අපේ ජීවිත වලට එළියක් ගෙනාව කියලයි මම විශ්වාස කළේ. ස්මිත් මහත්තයාගෙ සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාවකට යන්න ජේම්ස් අකැමැත්තෙන් කැමැත්ත දුන්නේ, එයා, දේවදූතයෙක් විදියට වළාකුළු අතරට නික්මෙන්න කලින් ඕනෑම සාමාන්‍ය මනුස්සයෙක් වගේ, තව වැඩිපුර දවස් කීපයක් හරි මහපොළව මත ඇවිද යන්න ආසාවෙන් පෙළුන නිසා.

හැම දෙයක්ම හොඳින් සිද්ධ වුණා. රැකියාව අමිහිරි වුණත් ඒ ඇතුළෙන් මතුවුණේ බලාපොරොත්තුවේ උණුහුම. ජේම්ස් දවසෙන් දවස සුව අතට හැරෙමින් හිටියා. 

"මේ ගෙවෙන්නේ අපේ ජීවිත වල දෙසැම්බරය ජේම්ස්" මම කිව්වේ එහෙම. "බලන බලන අත ඔයාට පෙනෙනව ඇත්තෙ දණක් උසට හිම කඳු. සීතලෙන් තොල් පුපුරු ගහනවා තමයි. ඒත් මේ තමයි නත්තල් මාසය. අහන්න, බලාපොරොත්තුවේ උණුහුමෙන් මගෙ හදවත ගැහෙන හැටි." ජේම්ස් අඩවන් දෙනෙතින් යුතුව මගේ පපුවට හිස තියාගෙන උන්නේ පොඩි දරුවෙක් වගේ.

හැමදේම යහපත් අතට හැරෙමින් තිබුණා, ස්මිත් මහත්තයාගෙ බාල පුතා ග්‍රෙගරි අලුත් ව්‍යාපාරයකට අත ගහනකම්.

ඒ ව්‍යාපාරය අපේ කුඩා නගරයට අලුත්. මටත්, මාෂාටත්, සාරාටත් සම්බාහන මධ්‍යස්ථානයේ රැකියාව අතහැරලා ග්‍රෙගරි මහත්තයාගෙ අළුත් ව්‍යාපාරයේ රැකියාවට සම්බන්ධ වෙන්න අණ ලැබුණෙ නොසිතූ විදියට. ස්මිත් මහල්ලා කිව්වේ කිසි කෙනෙකුට අපේ අනන්‍යතාවය හෙළි නොවෙන බව. අපි ඔහුව විශ්වාස කලා. ඔහු අපේ ස්වාමියා නිසා, අපිට ස්මිත් පවුලෙන් කිසිම අවැඩක් සිද්ධ නොවෙන වග අපි තදින්ම විශ්වාස කලා.

රැකියාව අහිමිවීමත්, අලුත් රැකියාව ගැනත් තොරතුරු, මඳින් මඳ සුව අතට හැරෙමින් සිටි ජේම්ස්ගෙන් වසං කරන්න මම ප්‍රවේසම් වුණා. පොඩි දරුවෙක් වගේ සුළු දේකිනුත් සැලෙන ජේම්ස්ගේ මානසික තත්වය ස්ථාවරව තබා ගනිමින් ඔහුව ඉක්මනින් සනීප කරගන්නයි මට වුවමනා වෙලා තිබුණේ.

*******

මම ගෙදර පිටුපසට වෙන්න පැල කර ඇති ගෙරේනියම් මල් මුහුණු අතගාමින් එතැන බිම වාඩිවුණේ මතක සෙවණැලි වල පීඩාව ඉවසා ගන්න බැරිම තැන.  

"පාහර බැල්ලී!" ජේම්ස්ගේ පා පහරවල් වලින් නිරුවත් කළවා සහ නිතඹ පුරා සීරුම් පහරවල් නැගෙන්නට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ. ඊගාවට ඔහුගේ පය එසවුණේ මගේ උදරයට ඉහළින්.

"දරුවා...! මගෙ දරුවා...! මේ ඔයාගෙම දරුවා...!"

මම දෑතින්ම කුස ආවරණය කරගෙන විලාප දුන්නේ පිස්සියෙක් වගේ. ඒ, දැන් මට පිටුපසින් එළිමහන් බංකුව උඩ වාඩිවෙලා වරින්වර මා දිහාවට අමනාප බැල්මන් විසිකරන මගේ පුංචි ජේම්ස් පැටියාව බේරගන්න.

එදා ඉඳන් අද දක්වාම, හැම ස්නානයක් අතරෙම මම වියරුවෙන් වගේ ගෙල පිටුපස සිට පියයුරු හරහා කළවා දක්වාම අතුල්ලන්නේ ඒ අමිහිරි සළකුණ මකා දමන්න. ඒත් අවසානයේ ඉතිරි වෙන්නේ මල් පෙති මත සිහින් සීරුම් රැසකුත්, තැනින් තැන නැගෙන ලේ බින්දු කිහිපයකුත් පමණයි.

මල් අත්තක පැටලුණු දිගු ගවොම් සාය ඉහළ එසවුණ සැනෙන් මම සර්පයෙක් දෂ්ඨ කලාක් මෙන් තැතිගැන්මෙන් දෙපා ආවරණය කරගත්තේ පුංචි ජේම්ස් දෙස යටැසින් බලමින්. තදින් හිත රිද්දවාගෙන, ගෙරේනියම් මලක් පෙත්තෙන් පෙත්ත සිඳ දමමින් හුන් මගේ පුංචි පුතා ඒ ගැන තැකීමක් කලේ නෑ.

ඔහු මේ අඳුරු හෙවණැලි නොදැකිය යුතුයි. කවදාවත්ම!

*******

මගේ පුංචි පුතා බයිසිකලය තල්ලු කරගෙන ගේ දිහාවට ඇවිද ගෙන එනවා. ඔහු මගේ සැමියා වගේමයි. බැස යන හිරුගේ අවසන් කිරණ කිහිපය ඔහුගේ රන්පැහැති හිසකෙස් මත පතිත වෙලා දිස්නෙ දෙනවා. ඔහු තවදුරටත් පුංචි කොලුපැටියෙක් නොවෙන බවත්, තාත්තා වගේම කඩවසම් ගැටවරයෙක් බවට වැඩී ඇති බවත් මට අවබෝධ වුණේ ඒ වෙලාවෙ.

ජේම්ස් පොත් මිටිය සාලයේ ටීපෝව මත තියලා වචනයක්වත් නොදොඩාම නාන කාමරයට වැදුණා. ඒ ඉසිඹුවේදී මම ඔහුගේ පාඩම් පොත් පෙරළමින් එහි වූ වටකුරු අත් අකුරු අතගාන්නට වුණේ මහත් ආශාවෙන්.

එක්වරම පොත් අතර වූ ප්ලාස්ටික් කවරයක් බිම වැටුණා.

"සර්ප නළඟන" යනුවෙන් ඇල අකුරෙන් සටහන් වුන ඒ නිල් චිත්‍රපටි තැටියේ කවරය මට හඳුනාගන්න අපහසු වුනේ නැහැ. මම එය අහුලාගෙන නොපිට පෙරලා බැලුවා. "ග්‍රෙගරි ස්මිත් - පෞද්ගලික පිටපත් එකතුව" යනුවෙන් කුඩා වැල් අකුරෙන් එහි පිටුපස සටහන් වී තිබුණා.

*******

මම නැවත වරක් සීඩී කවරයේ උන් තරුණ කාන්තාවගේ ගෙල, පියොවුරු සහ නිතඹ වසා පැතිරුණු මල් මෝස්තරයකින් යුතු පච්චය වටා අතැඟිලි දිවෙව්වා. උසැති වීදුරු දර්පණයෙන් දිස්වෙන කාන්තාව තරමක් මහළුව, බොහෝ විඩාපත්ව, මදක් වෙනස්ව දිස්වුණත්, සිරුර වසාගෙන සර්පයෙක් මෙන් එතී ගත් පච්ච සළකුණ මදක් හෝ වෙනස් වී තිබුණේ නෑ.

කටුක ගන්ධයෙන් යුත් තෙල් වලින් සිරුර නැහැවෙද්දී මම ඉක්මනින් ලයිටරය දැල්වූවා. විවර කවුළුවෙන් හමා ආ මූසල නොවැම්බර් සුලං රැල්ලකින් පණ ලද ගිනි දළු වහ වහා මගේ නිරුවත් සමට කාවැදුනු පච්චයේ මල්පෙති රටාව ලෙවකමින් ඉහළ නගින්නට වුණා. 

Nissanka Rajapaksa

unread,
Sep 29, 2019, 6:45:17 PM9/29/19
to ind...@googlegroups.com
අපි දැක්කේ නැහැ!
කරුණා පෙරේරා
සිළුමිණ සත්මඩල

“අපි කුමක් කරමුද?”

“අපි බොරු කියමු!”

ලක්ෂිතා ගුරු මේසය ළඟ හිටගෙන ඇසූ පැනයට පිළිතුර ලැබුණේ පන්තියේ එහා කෙළවරේ සිටිය හේමන්තගෙන්.
“ඒයි හේමන්ත. කවුද අපි කියන්නෙ....?”

“කටවහගෙන ඉන්න ම බැරි සවන්දිට අපි ගැන විග්‍රහයක් ඕන වෙලා.

“අපි කියන්නෙ අපි....!”

හඬවල් කිහිපයක් එක තැන් වුණා.

“මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි....”

අරුණි පන්තිය ඉස්සරහට ඇවිත් වැඳගෙන කෑගහලා කියනවා.

“අපි තුෂ්ණීම්භූතව බලාගෙන ඉමු...!”

“නෑ නෑ මං කියනව සර් ඇත්තට ම මං දැක්කෙ නෑ කියල...”
“එතකොට මොකද වෙන්නෙ?”

“මොනවද දරුවො තොප දුටුවේ නැත්තෙ....?”

“මේ.... මේ....”

“ඔව් මේ මේ....?”

“මෙතන ලයිට් එකක් තිබුණ කියල මං දැක්කෙ නෑ....!”

තිසර ගේ කතාව, පන්තිය පුරාම දිව්වෙ මහ හිනා හඬක් එක්කයි. විදුර පන්තිය ඉස්සරහට ඇවිත් හිටගත්තෙ දොරටුව ළඟට ගිහින් දෙපැත්තට ම ඔළුව හරවල බලලයි.

“ඇත්තට ම සහෝදරවරුනි, ඔබට සිද්ධවෙනවා මේ බොරුවේ භාෂාව හොඳින් අධ්‍යයනය කරන්න. මන්ද මිනිසුන් විසින් සාදා නිම කර ඇති මිනිසුන් විසින් ම එහා මෙහා පද්දන මේ මහා වනාන්තරයේ ඔබටත් ජීවත්වීමට උවමනා නිසා.... ඔබ බොරුවේ භාෂාව හොඳින් අධ්‍යයනය කළ යුතුයි.”

‍ලොකු අත්පොළසන් හඬක් මතු වුණා.

“එසේ නම් සහෝදරවරුනි, අපි බොරු කියමු” තිසර හඬ නැඟුවා.

“අපි බොරු ගොතමු!”

දිව්‍යා මොර දුන්නා.

“බොරු ගොතන්නට පෙර පරිසරය ආරක්ෂා සහිත දැයි බලන්න මිත්‍රවරුනි.”

කවුරුත් සිමෙන්ති පෙළොවට එබි එබී තැනින් තැනට සීරුවෙන් ගමන් කරන්ට වුණා.

“ඩෙස්ක් උඩ, පුටු උඩ, සාක්ෂි තිබෙන්නට ඉඩ ඇති බව අමතක කරන්ට එපා!”

“මේ ඇත්තමයි, මෙන්න මේ පුටුව උඩ පුංචි වීදුරු කෑල්ලක්....!”

“තව ඇති හොයමු!”

“ඇස් අසූවක්...!”

“එසේ මෙසේ පරීක්ෂාවක් නෙවෙයි....”

“මේ මේ වත්සලා අද ඇස් අසූවක් නෑ. හැරිල බලන්නකෝ ආපස්සට.... දැක්කද.... එකයි දෙකයි.... තුනයි.... නවයක් ම ඇවිත් නෑ....”

“ඒකත් හොඳයි. එතකොට ඇස් හැටදෙකයි.... ලස්සන ඉලක්කම් දෙකක්”

“ඒයි මේ මෙතන තියෙන හීනි කුඩු ගොඩ.... කොහොමද අරන් දාන්නෙ...?”

“අරන් දාන්නේ තමයි! මෙතන අර බඩා වාඩිවෙලා හිටිය නම් එහෙම. හොඳ වෙලාවට අද මිනිහ ඇවිත් නැහැ”

“මේ අහගනිල්ලා... මට හිතට ආව එක....” සේපාල අලුත් කතාවකට ඇවිත්.

“හිතට ආව එක නෙවෙයි, සර් පන්තියට එන්න ඉස්සෙල්ලා මේව අස්කරන්න ඕනෙ...”

“එච්චරද ශ්‍යාමා...? එතකොට, කොහොමද? කවුද...? කොයි වෙලාවෙද? ඒවට උත්තර කෝ?”

“අනේ මට නම් තේරෙන්නෙ නෑ”

“ඉතින් ඒකනේ මං කියන එක අහන්න කිව්වෙ...”

“හා ඉතින් කියනව...” සේපාල පටන් ගත්තා.

“විදුලි බුබුල ආලෝකයකි.

බිඳුණු පසු මහා වියවුලකි.....”

“ඒයි සේපාල බිඳුණු පසු නෙවෙයි, බින්ද පසු මහා වියවුලකි....” තිසර කෑ ගැසුවා.

“හරි එහෙම කියමු....

සිරි සිරි කුඩු ගංගාවකි"

ගෑනු ළමයි පිරිමි ළමයි, මල් සමනල් ඔක්කෝ ම එක රොත්තට හිනාවෙන්න පටන් ගත්තා. ඒ හිනාව ටික වෙලාවක් පන්තිය පුරා ඇවිද්දා.... එළියට එහෙම යනවා නෙවෙයි.... කියල කවුරු හරි තරවටුවක් කෙරුවද කියල හිතාගන්න බෑ. හිනාව නැවතුණේ ලක්ෂිතා ගේ හඬින්.

“අපි කුමක් කරමු ද?”

ලක්ෂිතා ප්‍රශ්න කරනවා.

“අපි බොරු කියමු!”

හේමන්ත පෙර ලෙස ම විසඳුම දුන්නා.

“ආ හරි... හේමන්ත එක බොරුවක් කියනව බලන්ඩ”

“මං ඉතින්, ගණනුත් බැරි, සිංහලත් බැරි, ඉතිහාසෙට ෆේල් ලකුණු ගන්න මිනිහ නේ ලක්ෂිතා... මට ඔය වැඩේ අමාරුයි...”

“මේ අමර... බෝලෙ උඩ වීසි කරනවා වගේ ලේසි නෑ බොරු ගොතන එක...”

අමර, උමයංගී දිහා බැලුවෙ, අසරණ පුංචි දරුවකු විදියටයි. තිසර ඔහු වෙතට ළං වුණේ හිනහවෙවී... තිසර අමරගේ අතක් අල්ලා ගත්තා.

“දැන් ඊළග පියවරට... අත් වැරැද්දක් වුණත් හිතා මතා ඕනකමින් ම කරපු වැරැද්දක් වුණත් ඒක ගැන හිතල දුක්වෙන්නෙ පල් මෝඩයො. හිතන්න ඕනෙ දඬුවමෙන් බේරෙන හැටි විතරයි...”

“ඒවට තමයි බොරු කියල ජාතියක් ලෝකෙට ඇවිත් ඉන්නෙ. ඒ ජාතියට උපන්බිමක් නෑ... අදහන්න ආගමක් නෑ. හිතවත්කම් නෑ. අඳුරනකම් නෑ. නරින්ගෙන් කුලියට ගත්තු මොළේ විතරයි වැඩ කරන්නෙ....”

සේපාල වැඩි විස්තර සැපයුවේ එහෙමයි. ඒ අතරේ පන්තියේ එහාට මෙහාට ඇවිද ඇවිද හිටිය විපුලී ඇවිත් සේපාල ළඟ නැවතුණා.

“අද අපේ සර් ඇවිත් නැද්ද....?” විපුලී අහන්නෙ රහසෙන් ව‍ගේ.
“වෙන පන්තියක ඇති.”

“නෑ මං හිතන්නෙ අද ඇවිත් නෑ. ඇවිල්ල නම් මේ වෙනකොට මේ පැත්තෙ රවුමක් ගහලා...”

“අපේ සර් නැතිවුණාට පන්තියට එන වෙන සර් ‍කෙනෙක් ඇහැව්වොත්...?”

“සර්ල නෙවෙයි ඕවා හොයන්නේ ටීචර්ලා.”
“හරි ඉතින් කවුරුහරි ඇහැව්වොත්....?”
“අපි ‍‍බොරු කියමු!”

හේමන්ත නැවතත් පන්තිය හිනැස්සුවා.
“මෙන්න මෙහෙමයි...!”

“සර් හරි ටීචර් හරි කවුරු හරි එනවා. අපි අපේ පාඩුවෙ පොත් දිග ඇරගන්නවා. අපි ඉන්නෙ පොත් දිහා බලාගෙන....”
“ආ ළමයි කෝ මේ පන්තියෙ බල්බ් එක...?” සර් අහන්නෙ පුදුමවෙලා. එතකොට අපි....?”

“ඔව්, හේමන්ත එතකොට අපි?”

කවුදෝ කෑ ගැහැව්වා.

“අපි කියනව 'බල්බ් එකක්....?' අපි උඩ බලනව... 'අපිට මතක නෑනේ සර් බල්බ් එකක් තිබුණා කියල....”

එතකොට සර් අහනවා “ඔය බිත්තියෙ අල්ලල තියෙන ස්විච් එක මොකක්ද එහෙනම් කියල....”

හීන් හිනාවක හඬක් මතුවෙලා නැති වුණා.

“ඒක තමයි... දවල්ට කළුවර නැති නිසා ලයිට් දාන්න ඕනෙ නෑ නේ. ස්විච් එක විතරක් හයි කරලා ඇති...!”

හීන් හිනාව මහ හිනාවක් වුණා.

ඒ මහ හිනාව ආයෙම හීන් හිනාවක් වෙලා අවසන් හුස්ම පහතට දැම්මට පස්සෙ, ලක්ෂිතා මුල් ප්‍රශ්නෙ අරගෙන පන්තියෙ මැදට ආවා.

“අපි කුමක් කරමුද?”

“අපි බොරු කියමු!”
හේමන්ත සද්දෙට කිව්වා.

“අපි කට්ටිය සල්ලි එකතුකරලා අලුත් බල්බ් එකක් ගෙනත් හෙට උදේට හයි කර ගනිමු”

ශ්‍යාමාගෙයි ඒ සොයා ගැනීම. සේපාල ශ්‍යාමා දිහා බලාගෙන හිටියා.

“ඇයි?”

ශ්‍යාමා අහනවා.

“නෑ... ඇත්තට ම අපේ සෙවීම්, උපායමාර්ග, නිරීක්ෂණ මේ ඔක්කෝම මුළුමනින් ම අත්හරින තැනදි තමයි ආලෝකය මතුවෙන්නෙ.”

සේපාල කිව්වා.

“ඒ තමයි සේපාල අවබෝධය!”

ලක්ෂිතා කිව්වේ බොහෝම සන්සුන්ව.


Nissanka Rajapaksa

unread,
Sep 30, 2019, 4:37:01 PM9/30/19
to ind...@googlegroups.com
සෝපානය
ඉන්දීය ලේඛක සංජෙ හවනුර්
-Dinamina
අනුවාදය බොබී ජී. බොතේජු

අවසාන ප්‍රතික්‍රියාවෙන් තිගැස්සුණ ඔව්හු නිහඬවම පිටතට වී සිටියහ. මොන තරම් කුතුහලය දනවන දෙයක්ද? ගජනන්රා ඕ කල්පනා කළේය. සෝපානය අපව අද්භුත ලෝකයකට ගෙන යාම පිළිබඳ මා බියට පත් විය යුතුය. ඔවුන් ආපසු පැමිණි ස්ථානය අමුතු නුපුරුදු ස්ථානයක් නොවේ. පැරැණි භාරත භූමියටමයි. එහි අගනුවර දිල්ලියටමයි. ඉන්ද්‍රප්‍රසාද් පාරේ පිහිටි ඔවුනට හුරුපුරුදු මහල් 16 කින් යුත් වානිජ්‍ය භවාන් වෙතයි. සෑම දෙයක්ම සාමාන්‍ය පරිදි තිබේ. එසේ නම් අපට සිදු වූ අමුතු දෙය කුමක්ද? අප භූතයින් බවට පත් වී සිටියෙමුද? ඔහු කණ්ඩායමේ අනෙක් අය දෙස බැලුවේය. අඳුරු අවාසනාවන්ත මුහුණු, තමන් අයත් නොවන එහෙත් තමන්ට හුරුපුරුදු පරිසරයට ඔවුහු බිය වී සිටිති.

‘නවත්තන්න’ ගජනන්රා ඕ තමාටම කියා ගත්තේය. ‘අපට අපේ ඉදිරි ජීවිත කාලය සෙවනැලි විදියට ගත කරන්න බැහැ. මෙයින් ගැලවීමට ක්‍රමයක් ආරම්භ කිරීමට කෙනෙකුට අවස්ථාව තියෙනවා. ඔහු ඒ සඳහා සුදානම් විය. මේ වන විට සෝපානය ඉදිරියේ තවත් පිරිසක් පෝලිම් ගැසී සිටිති. හොඳින් හැඳ පැළඳගත් මහත්මයකු වෙත ගජනන්රා ඕ ගමන් කළේය. ‘ශ්‍රීමන්ජී දැන් වෙලාව කීයද ?” පිළිතුරක් නැත. ආචාරශීලී විමසීම ඇසුණ බවක් නොපෙනුණ අතර එම තැනැත්තා කිසිවක් නොඇසුණ ආකාරයට සිටියේය. හොඳින් හැඳ පැළඳගත් තැනැත්තාගේ අත් ඔරලෝසුව දෙස බැලීමට ගජනන්රා ඕ පහත් විය.

ඔහුට කෙළින් සිටීමට බොහෝ වෙලාවක් ගත විය. අවසානයේ නැ‍ඟී සිටි ඔහුට තමන් අසීරු තත්ත්වයට පත් කළ මවිත කරවන කාරණය අවබෝධ වන්නට විය. සෝපානයෙන් ඉහළ ගිය පසු යථාර්ථය විසින් ඔවුන්ව පිළි නොගැනීමටට හේතුව අවබෝධ කර ගැනීම ආරම්භ විය. ඒ ගැන කිසිදු සැකයක් නැත. 'අප අන් අය නොහඳුනන පිරිසක්' ඔහු සිතුවේය. එය දෙක දෙක එකතු වූ විට හතර වනවාක් මෙන් තර්කානුකුල සත්‍යයකි.

ඔහු පිරිස දෙසට හැරුණේය. ‘කරුණාකරල හැම කෙනෙක්ම සවන් දෙන්න. කිසියම් නොදන්නා විකාරයක් නිසා අපගේ පැවැත්ම ලෝකයට සංනිවේදනය කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වෙලා. අපට ඔවුන්ව නිරීක්‍ෂණය කරන්න, අහන්න, ඔවුන්ගේ සුවඳ විඳගන්නත් පුළුවන්. ඒත් අපට ඔවුන්ව ස්පර්ශ කරන්න බැහැ. අනොන්‍ය වශයෙන් අපගේ භෞතික සම්බන්ධතා ක්‍රියා කරන්නෙ නැහැ. අප එකිනෙකාගේ ශරීර පසුකර යනවා. ඒත් අප අතර විතරයි” තම සගයන් දෙස බලමින් ඔහු පැවසුවේය. ‘සියලුම හැගීම් සහ දැනීම් හොඳ තත්ත්වයේ පවතිනවා”

‘හොඳයි අපි ඒක එකතු කරමුද?” දිනකාර් එකඟ වූවේය. ‘ඒත් ඇයි? මං කියන්නෙ අප අප වැඩ කරන තැනම භූතයින් වගෙ හැසිරීම මොන තරම් හාස්‍යජනකද? මෙවැනි තත්ත්වයක් ඇති වුණේ කොහොමද?”

‘ඒ ඔක්කොම අර සෝපානය නිසා” ජොයිසි පැවසුවාය. ඒකට මොකෙක් හරි ආරූඪ වෙලා. ඒත් අපි කොහොමද මේ තත්ත්වයෙ ඉඳල සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්නෙ?”

‘අපි සෝපානයෙන් ගිය විදියටම ආපහු යන්න උත්සාහ කරමුද?”

‘ඇයි නැත්තෙ? සෝපානයට පුළුවන් වේවි අපව ආපසු යථා තත්ත්වයට අරගෙන එන්න”

‘පොඩ්ඩක් ඉන්න” ගජනන්රා ඕ මැදිහත් විය. ‘එම හැකියාව තවම මගෙන් ඉවත් වෙලා නැහැ. අපි මුලින්ම සෝපානයට ඇතුළු වෙනකොට අපි බොත්තම් එබුවෙ එක්තරා පිළිවෙලකට. මම හිතනවා ඒ ක්‍රියාව සෝපානයට අණ දීමක් වැනියි කියල. අපි කලින් බොත්තම් ඔබපු ක්‍රමයට විරුද්ධ ආකාරයට බොත්තම් එබුවොත් අපට ආයිත් යථා තත්ත්වයට පත් වෙන්න පුළුවන්” ඔහු තරයේ ප්‍රකාශ කළේය. ‘සෝපානය තුළට අප නැවත ඇතුළු වීමේ ගැටලුව පැන නගින්නෙත් නැහැ”

‘එහෙම නම් මට ඔබට කියන්න ප්‍රවෘත්තියක් තියෙනවා” කිමතිලාල් මහ හඬින් පැවසුවේය. ඔහුගේ උද්යෝගය එම අංක අනුපිළිවෙල කීමට යාමේ දී අඩු වන්නට විය. එහෙත් කිසිවකු ගණන් ගත් බවක් නොපෙනිණ.

‘ඒක අපුරුයි” ගජනන්රා ඕ ප්‍රීතියෙන් පැවුසවේය. ‘දැන් අපි ඔක්කොටම කරන්න තියෙන්නෙ සෝපානය හිස් වෙනකම් ඉඳල ආපසු කළින් කරපු දේට ප්‍රතිවිරුද්ධ නියෝගය දෙන එක. මට සහතිකයි අපට ජය ගන්න පුළුවන් බවට”

‘මට දැන් සහතිකයි” ගජනන්රා ඕ මවිතය පළ කළේය. ‘සෝපානය අපව ආපහු ගෙන යාවි. එහෙම නැත්නම් අපේ පැවැත්ම සම්පුර්ණයෙන්ම විනාශ කර දමාවි. මෙම සෝපානයේ මෙහෙයුම් පද්ධතියට මේ විකාර උපදෙස් දෙන්න ඇත්තෙ කවුද? ඒත් මේ වෙලාව එවැනි වැරදි අදහස් ගැන සඳහන් කරන්නවත් අවශ්‍ය නැහැ. එකම අවස්ථාව වෙන්නෙ ආපස්සට කැරකැවීම”

ඔවුහු තවමත් සිහි විසඥව පසු වන සර්ධාරිනිවත් ඇදගෙන සෝපානය වෙත ගියහ. දොර විවෘත කරන බොත්තම ඔබාගෙන ගජනන්රා ඕ ඔහු කළින් සිටි තැනටම පැමිණියේය. කිමතිලාල් බොත්තම් එබීම ඇරඹුවේය. 14, 11, 7, 5, 3, 2 දොර හෙමිහිට වැසෙන දෙස ඔවුහු මහත් ඕනෑකමින් බලා සිටියහ. නැවත වරක් සෝපානය තුළ අඳුර රජ විය. ආතතිය දරාගත නොහැකි තරම් විය.

සෝපානය ගමන් ආරම්භ කරන්නට විය.

‘දිනුවා ජොයිසි” ප්‍රීතිඝෝෂා නැගුවාය.

‘ඉක්මන් වුණා වැඩියි. සෝපානය නතර වෙනකම් ඉන්න ඕනෙ” ගජනන්රා ඕ තදින් පැවසුවේය. සෝපානය ඉහළට නගින්නට විය. ඉහළට ඉහළට ඉහළට............ එය නතර වෙන්නේ නැද්ද? එක වරම එය නතර විය. ‘දෙවැනි මහල” කෙනෙක් කීවේය.

දොර විවෘත වූයේ වේදනාත්මක හඬකින් ඉතා හෙමිහිටය. පිටත කිහිප දෙනෙක් සිටියහ. සෝපානය තුළ වූ පිරිස සිත් වේදනාවෙන් නිහඬව සිටියහ. දැන් වෙලාව කීයද? අපි දැන් ඉන්නෙ අපේ ලෝකයෙද? මේ මිනිස්සුන්ට අපිව දකින්න පුළුවන්ද? ඒ අය අපත් සමඟ කතා කරන්නෙ නැත්තෙ ඇයි? අපිව සාදරයෙන් පිළිගන්නෙ නැත්තෙ ඇයි?

බාහිරව පැවැති නිහඬතාවයෙන් මඳ වෙලාවකට පසු පිටත සිටි පිරිසෙන් කෙනෙක් කතා කළේය. ‘මොකක්ද කාරණය? සරධාරිනිට මොකද වුණේ?”

ලෞකික වූ එම එකම වාක්‍යයෙන් අට දෙනාම යථා තත්ත්වයට පත් වුහ. සෝපානය තුළ වූ හත් දෙනාගේ සිනාව බෝ විය.

‘ආ ඔබ සිහින දකිනවාද? එහෙම නැත්තම් මොකද?” සෝපානයේ දොර හෙමිහිට වැසෙද්දි සරදම් හඬක් ඇසිණ.

ගජනන්රා ඕ හදිසි බොත්තම ඔබා සෝපානය පහතට ගෙනාවේය. ‘අපි වහාම සර්ධාරනිව පිටතට ගනිමු. අසරණ ගැහැනිය..............”

ඇයට ප්‍රතිකර ලබා දීමට කටයුතු කරගෙන යද් දී දිනාකර් චෛත්‍යනයා ගජනන්රා ඕ දෙසට හැරුණි. ‘සර් දැන් වුණේ මොකක් කියලද ඔබතුමා හිතන්නෙ?”

‘හොඳයි මම සාමාන්‍ය වෛද්‍යවරයෙක්වත්, මානසික වෛද්‍යවරයෙක්වත් නෙවෙයි. මට තේරුන හැටියට එක්තරා ප්‍රමාණයකට හුදකලා වීමේ බියෙන් පෙළෙනවා. හුස්ම අල්ලාගෙන සෝපානය වෙතයි අර කාන්තාව ආවේ. සෝපානය ඇතුළේ තදබදය, සෙනග, අඳුර..........ඒ සේරටම වඩා සෝපානය එකවරම ඉහළට යාම, මේ නිසා ඇයට සුළු හෘදයාබාධයක් ඇති වෙලා. සීතල සරුවත් වීදුරුවකට ග්ලුකෝස් මිශ්‍ර කරල ඇයට දීලා ටිකක් වෙලා ව්වේක ගන්න සැලැස්සුව නම් ඇය සාමාන්‍ය තත්ත්වයට පත් වේවි”

ඔහු නපුරු සිහිනය දකිමින් පීඩා විඳි අවස්ථාවක ඔහු ලබා තිබූ වෛද්‍ය දැනුම ක්‍ෂණිකව ඉදිරිපත් කිරීම පිළිබඳ දිනකර් විශ්මයට පත් විය.

‘මොකක්? මොකක්ද වුණේ?” අනෙක් අයද දැන් එතනට රැස් වුහ.

‘නැහැ...නැහැ... මුකුත් නැහැ. මම පැහැදිලි කළා හුදකලා වීම නිසා ඇති වන බිය ගැන. බොහෝ දෙනෙක් අඳුරෙදි හිරවෙලා ඉන්න බයයි. බොහෝ අවස්ථාවල හුදකලා වීමේදී සිද්ධ වෙනවා. මිනිස්සුන්ට හිතෙනවා තමන් මිය ගිහිල්ල කියල. එහෙම නැත්නම් පියාසර කරනව කියල හරි ගිලෙනවා කියල හරි. මේ අසරණ ගැහැනිය හුගක් වෙහෙසට පත්වෙලා ඉන්න ඇති මේ තද උණුසුම් පරිසරයෙ”

දිනකාර් සැකයේ ගිලී සිටියේය ඔහුට මුහුණ දීමට සිදු වූ අත්දැකීම ඉන්ද්‍රජාලයක්ද? එහෙත් මුළු සිද්ධියම ඔහුගේ මනසේ පැහැදිලිව සටහන්ව තිබේ. අපේ සමහර සිහින අපට පැහැදිලිව මතකයට නොනැගේද? එහෙත් මේ සන්සුන් පෙනුමක් ඇති මහත්මයා කවුද? අනෙක් අය සිතන්නේ මොනවාද? දිනකාර් ඔවුන් දෙස සැක සිතින් බැලුවේය. ඔවුන්ගේ හිස් බැල්ම දෙස බලන විට ඔහුට කිසිවක් සිතා ගත නොහැකි විය. ඔවුහු ද ආරවුලකට මැදිව සිටිති. ඔහු සිත හදා ගත්තේය. සියල්ලම ඉතාමත් අමුතුය. ජාතික මට්ටමේ පුවත්පතක බල සම්පන්න කතුවරයකු සෝපානයේ දී හුදකලා බියෙන් පෙළීම සුදුසු නොවේ. උරහිස ගස්සමින් දිනකාර් චෛත්‍යන්යා ඉවතට ගියේය.

තුරග තරඟ පිටියේ වසර කීපයක අත්දැකීම් ඇතිව සිටි නිමතිලාල් ඔහු අසා ඇති වේගයෙන්ම දුවන අශ්වයා ගැනත් ඔහුට හමු වී ඇති දක්‍ෂම අශ්වාරෝහකයා ගැනත් කල්පනා කළේය. ඔහුට මේ ගැන කිසිදු සැකයක් නොවීය. සන්සුන් පෙනුමක් ඇති මිනිසා ඕනෑකමින්ම බොරු කියයි. මෙය සංදර්ශන කිරීමට සුදුසු වෙලාවක් නොවේ. එය පසුව නුවණින් විමසා බැලීම වඩා වාසි සහිතය. කිමතිලාල් හෙමිහිට එම ස්ථානයෙන් ලිස්සා ගියේය.

ගජනන්රා ඕ තොරතෝංචියක් නැතිව දක්වන සැකය ජෙයිසිගේ මනස තුළද තහවුරු විය. සන්ධ්‍යාවේ මධ්‍යම යාමයේ කෙතරම් අපුරු මායාවක්ද? තමන් සිතෙහි මවාගෙන සිටින දේ ඒත්තු ගනිමින් ඉතිරි පිරිස විසිර ගියහ.

සර්ධාරනී අවදි වී භූතයින් සහ ඝෝෂා කරන යක්‍ෂයින් ගැන කියමින් මොර දෙන්නට වුවාය. වෛද්‍යවරයා ඇයට නිදි බෙහෙත් විශාල ප්‍රමාණයක් ලබා දී ඇයව නින්දට යැවීය. පැය විසි හතරකට පසු ඇය දෙවන වර අවදි වූ විට ඇයට යථාර්ථය සහ මායාව අතර වෙනස හඳුනා ගත හැකි නොවීය.

...................................................................................

එම සන්ධ්‍යාවේ කිමතිලාල් දහතුන් වෙනි අශ්වයා සඳහා ඔට්ටු අල්ලා ජයග‍්‍රහණය කළේය. ජොයිසි ජාත්‍යන්තර පරිගණක උපදේශක ආයතනයේ දත්ත පරිගණක ගත කිරීමේ රැකියාව බාර ගත්තාය.

මවිත කරවන සුළු වෙනස ඇත්තටම ඇති වූයේ දිනකාර් චෛත්‍යන්නයාටයි. පැහැදිලිව කියනවා නම් ඔහු කර්තෘත්වය දරණ ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතටයි. ඉන් පසු එළඹුන සති කීපය තුළ පුවත්පතේ අලෙවිය තුන් ගුණයකින් වැඩි විය. දිනාකර් තම පුවත්පතට ගවේෂණාත්මක පුවත්පත් කලාව එක් කරමින් නව මානයක් ඇති කළේය. ඔහුගේ තරගකාරී පුවත්පත් ආයතන සමාජශාලාවල සිදු වන අර්ධ සත්‍යයෙන් යුත් ඕපාදුප යොදා ගනිමින් දේශපාලන ගවේෂණත්මක පුවත්පත් කලාවක යෙදුණ අතර දිනකාර් ප්‍රබල සාක්‍ෂි සහිතව කරුණු අනාවරණය කළේය. මුල් ලියවිල්ලේ ඡායා පිටපත් සාක්‍ෂි ලෙස ඉදිරිපත් කරමින් ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පත ගවේෂණාත්මක පුවත්පත් කලාවේ ඒකාධිකාරය හිමි කර ගත්තේය.

එම දිනවල පෙනී ගියේ කිසිදු රහස්‍ය ලියවිල්ලක් දිනකාර්ගේ පුවත්පතේ විශේෂ වාර්තාකරුවන්ගෙන් ගැලවීමක් ලබා නැති බවයි. ඔහු ඉදිරිපත් කළ සංවේදී ලේඛනවලින් අනාවරණය වු තොරතුරුවලින් රජය අපහසුතාවට පත් විය. රටේ පරිපාලන යන්ත‍්‍රයේ ඉහළ මට්ටමේ සිදු වන දුෂණ අකාර්යක්‍ෂමතා සෑම දිනකම හෙළිදරව් කරමින් ජනතා අවධානය දිනා ගැනීමට පුවත්පත සමත් විය. ලිඛිත සාක්‍ෂිවලට අමතරව අමාත්‍යවරුන් සහ පෞද්ගලික ලේකම්වරුන් අතර උත්සව අවස්ථාවල සිදුවන සාකච්ඡා උපුටා දක්වමින් කරුණු පෙන්වා දීමට දිනකාර් සමත් විය. විරුද්ධ පාක්‍ෂිකයින් විසින් ඉස්මතු කරන ලද මධ්‍යම රජයේ කැබිනට් මණ්ඩලය හොඳින් හිතා බලා ගත් ඉතාමත් රහස්‍ය තීරණ, නගරය කටකතා වලින් පිරවීමට සමත් විය. දිනකාර් චෛතන්‍යා රජය බලෙන් අවදි කරවා ශීත කාමරවල නින්දේ සුවපහසු ලෙස නිදන අයගේ කටයුතු පිළිබඳ කුඩා දේ විශාල කොට පෙන්වන කණ්ණාඩියකින් මෙන් පෙන්වා මහජනතාවට අවබෝධයක් ලබා දුන්නේය.

මෙහි පසුබිමේ සිටියේ වැඩි ප්‍රසිද්ධියක් නැති රාජ්‍ය ආයතනයි. දිනකාර් චෛතන්‍යයා කුමන අන්දමේ ජාලයක් පවත්වා නඩත්තු කරන්නේ ද? එය ජාලයකි. ඕනෑම දෙපාර්තමේන්තුවක ඕනෑම ලේඛනයකට ළඟා වීමට ඔහුට හැකියාව ලැබී ඇත්තේ කෙසේද? ආරක්‍ෂාක විධිවිධාන ඉතා තදින් ක්‍රියාත්මක වේ. ඔහුගේ සම්බන්ධතා, ගමන්-බිමන් සහ හැසිරීම් ඉතා සමීපව නිරීක්‍ෂණය කරනු ලැබීය. රජයේ රහස් පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් රජයට ලබා දෙන ලද්දේ සරල විශ්වාස කළ නොහැකි වාර්තාවකි.

දිනකාර් චෛත්‍යන්‍යයා හෝ ඔහුගේ කාර්ය මණ්ඩලයේ කිසිවෙක් ඔහුගේ පුවත්පතේ පළ වන ගවේෂණවලට කිසිදු සම්බන්ධයක් නැත. ඔහුට සියලු වාර්තා සහ සාක්‍ෂි ලැබෙන්නේ නොදන්නා එකම මාර්ගයකිනි. ඒ මාර්ගය හඳුනා ගැනීමට කිසිදු ක්‍රමයක් නැත. දිනකාර් චෛත්‍යන්‍යාය පවා එම මාර්ගය පිළිබඳ නොදනියි. ඇත්තෙන්ම මෙම අභිරහස නිසා ඔහු පිස්සු වැටී ඇත.

රජයේ දක්‍ෂතම කණ්ඩායමක් විසින් සකස් කරන ලද වාර්තාවට අනුව වගකිව යුතු දෙදෙනෙකු ගැන රජයේ අවධානය යොමු කර තිබේ. ස්වදේශ කටයුතු- භාර ලේකම්වරයා තම දෑතම ඔසවා නිහඬ ආයාචනයක් කළේය. ගජනන්රා ඕ තමාටම ප්‍රශංශා කර ගත්තේය. හඳුනා ගැනීමෙන් වැළකී සිටීමට ඔහු දැරූ පුර්වෝපාය සාර්ථක වී තිබේ.

. 'මගෙන් ඔබට කෙරෙන්න ඕනෙ මොනවාද?”ගජනන්රා ඕ ආචාරශීලී ලෙස විමසුවේය. මෙම උදෑසන එම අමුත්තාව හමු වීමට ඔහු අපේක්‍ෂා නොකළේය.

කිමතිලාල් කෙළින්ම කාරණයට පිවිසියේය. 'මම කැමැතියි දැනගන්න සර් ඔබතුමා දිනාකර් චෛත්‍යන්‍යයාට දෙන ලේඛනයි ඡායාරූපයි ලබා ගන්නෙ කොහොමද කියල?”

ක්‍රීඩාව අවසන් වී තිබේ. එහෙත් ගජනන්රා ඕ නිර්භිත උත්සාහයක් දැරවේය. 'මට වැටහෙන්නෙ නැහැ. මොන ලියවිලිද? කවුද?”

'ඔබට කතාවක් ගොතන්න කාලය දෙන්න තරම් මම මෝඩයෙක් නෙවෙයි. ඔබට මාව අමතක වෙලා ඇති. එදා සෝපානයේදී මම තමයි නියම අංක පිළිවෙල දැන සිටි කෙනා. ඔබ වහාම මගෙ ප්‍රශ්නයට උත්තර දෙන්නෙ නැත්නම් මම ඔබේ නම රහස් තොරතුරු අංශයට හෙළි කරනවා. දිනකාර් පස්සෙන් යන එම කාර්යාලයේ නිලධාරීන් කිහිප දෙනෙකු ගැන මම දන්නවා. ගමට සහතිකයි ඔබ ඒ ගැන දන්න බව.

දිනාකර් ගේ පසුපස ඔහුගේ සෙවනැල්ලක් මෙන් දිවා රාත්‍රී සැරිසරන නියෝජිතයන් දහ දෙනාගේ නම්, ජීව දත්ත සහ ඡායාරූප එදින උදෑසන ගජනන්රා ඕ ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පත් කාර්යාලයට සැපයුවේය.

'ඇතුළට එන්න” ආරාධනාව නිසා කුතුහලය අඩු විය.

ඔවුන් සුව පහසු ලෙස අසුන් ගත් පසු ගජනන්රා ඕ කතාව ඇරඹුවේය. 'ඔබත් අහල ඇති කාල සංචාරය ගැන. මම අදහස් කළේ අතීතය බලා ගමන් කරන එක”

'ඇත්තෙන්ම ඇයි අතීතයට විතරක්. යෝගිවරු, ශාන්තුවරු වැනි අයට අතීතයට, වර්තමානයට විතරක් නෙවෙයි අනාගතයටත් යන්න පුළුවන්. මම දන්නවා හයිද්‍රබාද්වල ඉන්න අවාඩ්හුට් කෙනෙක් ගැන. එතුමාට එවැනි මායා බලයක් තියෙනවා”

'කරුණාකරල බාල ප්‍රචාරක කටයුතුවලින් මාව අත අරින්න. ඔය වගෙ ලට්ට ලොට්ට අපනයනයට නම් හොඳයි. අපට ඇත්තටම අතීතයට ආපහු ගමන් කරන්න පුළුවන්ද? අපි වෙනසකටත් එක්ක මේ ගැටලුව ගැන සුළුවෙන් ආරම්භ කරමු. මුලදිම කියනවා නම් අතීතය කියන්නෙ ගෙවිල ගිය තත්පරය වෙන්නත් පුළුවනි. අවුරුදු බිලියන ගාණක් වෙන්නත් පුළුවනි. ඔබට පුළුවන්ද මිනිත්තු කිහිපයක් ආපස්සට ගිහින් ඔබ ගැනම බලාගන්න? එහෙම ආපහු ගිහින් එන්න යන කාලය ගැන ඔබේ ප්‍රතික්‍රියාව මොකක්ද? එයින් කොයි කෙනාද? ඉස්සෙල්ල හිටපු කෙනාද? දැන් ඇත්තටම ඉන්න ඔබද?”

'ඔබ තවත් ආපස්සට ගොස් ඉතිහාසය දක්වා ගමන් කළොත්? ඉතිහාසය ඔබව පිළිගනීවිද? ඔබ ඉතිහාසය වෙනස් කිරීමට උත්සාහ කළොත්? එය වර්තමානයට මැදිහත් වීමක් වේවිද? එහෙම නැත්නම් ලෝක සම්මතයට පිටුපෑමක් වේව්ද? නිදසුනක් වශයෙන් ඔබ අවුරුදු සියයක් ආපස්සට ගොස් ඔබගේ මුනුපුරාව හමුවෙලා ඔහුගේ ළදරු වියේදීම ඔහුව මරා දැම්මොත්?”

'දැන් විකාර කතා කරන්නෙ කවුද?” කිමතිලාල් තියුණු ලෙස පැවසුවේය. 'මම ඔබගෙන් ඇහුවෙ එදා සෝපානයේදී ඔබ දවසම විනාශ කළේ කොහොමද කියල? ඒ වෙනුවට ඔබ ඉතිහාසයයි මුනුපුරණුයි ගැන කතා කරමින් කාලය නාස්ති කරනවා”

'ඔබට තවම තේරිලා නැහැ” ගජනන්රා ඕ තරමක මවිතයෙන් කීවේය. 'ඔබ එක්තරා අනුපිළිවෙලකට සෝපානයෙ බොත්තම් ඔබපු නිසා ඔබව වෙලාවට ආපසු නියම තැනට ගෙනාවා”

'ඒ කොහොමද? අපි ඔක්කොම වින්ධ්‍යා භවාන් සංකීර්ණයෙ එකට හිටියෙ. ඒත් භූතයො විදියට”

'මම ඒ කාරණයට එන්නම්. සෝපානය අපව ගෙන ගියා අවුරුදු ගාණකට නෙවෙයි කාලයෙන් දින තුනක් ආපස්සට. ඔබට මතක නම් අපි සෝපානයෙන් පිටතට සෙවැණැලි වගෙ එනකොට මම කෙනෙකුගෙ අත් ඔරලෝසුවෙ වෙලාව ගැන ඇහුවා. ඒකෙ වෙලාව විතරක් නෙවෙයි දිනය ගැනත් සඳහන් වෙනවා. ඒ මෙහොත් මට වැටහුණා අපි ගමන් කර තියන බවත් අපේ අමුතු තත්ත්වයට හේතුව කුමක්ද යන්න ගැනත්. කාලය සමඟ ගමන් කිරීම විය හැකි දෙයක්. ස්වභාවධර්මය අපට ඉඩ දීලා තියෙනවා අතීතයට පිවිසෙන්න. ඒත් ඒකට බාධා නොකර සිටීමේ දැඩි කොන්දේසිය මත. අතිතයේ සිටි මිනිස්සු සහ සිද්ධින්ගෙන් කිසිම ආකාරයෙන් අපට බලපෑමක් නැහැ. ඒක නිසා තමයි අපට අනෙක් හැම කෙනෙක්ම දකින්නයි අහන්නයි පුළුවන් වුණේ. එත් ඒ අය අපේ පැවැත්ම දකින්නෙ නැහැ. ඔබට මතකද ඔබ කිව්වා අතීතය අමතක කිරීම හොඳයි කියල. එය වචනානුසාරයෙන් ඇත්ත. ඒක ඉතිහාසය. එය නොකැඩුණු අසහාය දෙයක්”

ඉතිහාසයේ අසහාය බව හෝ එය දිගටම පවත්වාගෙන යාම ගැන කිමතිලාල්ට තේරුම් ගැනීමට නොහැකි විය. 'ඔබ කියන්නෙ ඔබ දිනකාර්ට සියලු ලේඛනයි ඡායාරූපයි සැපයුවේ දින තුනක් භූතයෙක් විදියට ආපසු ගිහිල්ල කියලද?”

'ඔව් ඇත්තටම. ඉතිහාසය වාර්තා කර තැබීමට එරෙහිව ස්වභාව ධර්මයේ නීතියක් නැහැ. දින තුනකට පෙර සිදු වූ සිද්ධි ඔබ ඉදිරියේ නැවත ප්‍රදර්ශනය වුණා. ඔබට පුළුවන් ඒවා ඡායාරූපගත කරන්න. අවශ්‍ය නම් හඬ පටිගත කරන්නත් පුළුවන්. ඒක හරියට වීඩියෝවක් බලනව වගෙයි. තුන් දිනකට පෙර ත්‍රිමාන ආකාරයට ඡායාරූපගත කළ ඒවා. වැඩ අවසන් වුණහම මම ආපහු සෝපානයට ගියා. ආපසු ඒමට නියෝගය දුන්නා. ආපස්සට ගිය දින තුන අවසන් කරල යළිත් වර්තමානයට ආවා”

කිමතිලාල් තිගැස්සුණි. ඔහු තුළ පැවති සූදුවට ඇති ඇල්ම අනාගත විශාල ජයග්‍රහණයක් පෙන්නුම් කළේය. 'ඒ කියන්නෙ සෝපානයෙ බොත්තම් එබීමෙන් ඔබට පුළුවන් දින තුනක් අනාගතයට යන්න” එකපිට එකට එන සිදුවීම්, අනිත් දවස්වලට වඩා අද වෙනස්, ඔහු අත් ඔරලෝසුව දෙස බැලුවේය. අවසාන තරගයට ඉතිරිව ඇත්තේ පැය කීපයක් පමණි. 'මට සමාවෙන්න. මම දැන් යන්න ඕනෙ. මට හදිසි වැඩ කීපයක් තියෙනවා”

කිමතිලාල්ට තව දුරටත් කරුණු පැහැදිලි කිරීම්වලට සවන් දීමට අවශ්‍ය නොවීය. ධනයට අධිපති දේවතාවියගෙන් වරම් ලැබෙන තුරු බලා සිටිය යුතු නොවේ. 'ඔක්කොම හරි. මම දැන් යන්න ඕනෙ. අපි ආයිත් හමුවෙමු” ඔහුගේ හදවත සතුටින් ඉලිප්පෙයි. කිසිවක් කියාගත නොහැකිව එතැන බලා සිටින ගජනන්රා ඕ පිළිබඳ ඔහු තුළ වූයේ බලවත් කනගාටුවකි. දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා යැයි නොපැහැදිලි හඬින් කිමතිලාල් මිමිනුවේය. 'අද ඔබගේ ඇස් තියෙන්නෙ මගෙ හිස්වැස්ම මත. ඔබට වැටහෙන්නෙ නැහැ. එහෙම නේද? ඔබට වැටහෙන්නෙ කෙහොමද? කවද හරි ඔබ ජැක්පොට් දිනන බවට සිහිනයෙන්වත් දැකල තියෙනවද? හහ්....... ඔබ වගෙ මිනිස්සු කවදද ජීවිතය ගැන ඉගෙන ගන්නෙ”

කිමතිලාල් යන්නට ගියේ ගජනන්රා ඕ කාලය සහ ස්වභාව ධර්මයේ නීති ගැන සිතමින් දෙගිඩියාවෙන් පසු වෙද්දීය. 'ජැක්පොට්? මම ඒ ගැන අද කියෙව්ව නේද? ඒක ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ මුල් පිටුවේ ප්‍රවෘත්තියක්. අන්තිම තරග තුනේ ප්‍රතිඵල. අහම්බෙන් සිදු වුණ ඒවා. ජැක්පොට් සල්ලි සේරම ගෙනිහින්. අන්තිම තරගය ගැන අනුමාන කරපු තැනැත්තා රුපියල් කෝටියකට වඩා දිනුම්. ඉන්දියානු තුරග තරග ඉතිහාසයේ කවදාවත් එකවරකට මෙපමණ මුදලක් දිනුවෙ නැහැ.”විශාල තරගයට තව ඇත්තේ පැය හතරක් පමණි.

'කිමතිලාල්” ගජනාන්රා ඕ වහාම පිටතට ගියේය. කිමතිලාල් කොහේවත් පෙනෙන්නට නැත.

ඔහුට හමුවූ පළමු වන කුලී රථයම ඔහු අල්ලා ගත්තේය. 'ඉක්මන් කරන්න. වහාම මාව ඉන්ද්‍රප්‍රසාද් පාරට එක්ක යන්න. වහාම.....මිනිහෙක් මැරෙන්න යනවා.....දිවි නසාගන්න යනවා.... ඔබට තේරුණාද? මෙය ජිවිතයත් මරණයත් අතර හදිස්සියක්. මාර්ග නීති යකාට ගියාවේ. ඉදිරියට යමු”

කිමතිලාල් ශාලාවට දිව ආවේය. සෝපනය හිස්ව තිබිණ. 'මොන තරම් වාසනාවක්ද? මේක සාමාන්‍ය සෝපානයක් නෙවෙයි. මේක රන් ආකාරයක්. අර මදුරාසිකාරයා මෝඩයෙක්. එයා සල්ලිවල වටිනාකම දන්නෙ නැහැ.” වහාම සෝපානය තුළට වැදුණ ඔහු වෙව්ලන දෑතින් බොත්තම් ඔබන්නට පටන් ගත්තේය. ප්‍රථමයෙන් දොර විවෘත කිරීමේ බොත්තම..... ඒ ඉරණම්කාරී දවසේ ඉලක්කම් අනු පිළිවෙල මතක තබා ගැනීමට තරම් මම කොතරම් කල්පනාකාරීද? 13 ... නිමක් නැති අනාගතය ගැන මෝඩයා දොඩවන ප්‍රලාප මොනවාද? 11, අතීතය, වර්තමානය සහ අනාගතය, මේ සියල්ල තීරණය කළේ බොහෝ කලකට පෙර විදතායි (දෙවියන්) සෑම සුළු සිද්ධියක්ම සිද්ධ වෙන්නෙ දෛවය අනුව පමණයි. 7.... ඇත්තටම ලාභ ප්‍රචාර යෝගීන්ගේ බලය ගැනයි පූජ්‍ය අවාද්හුට්ගේ බලය ගැනයි කියන්න ඔහුට ඇති අයිතිය කුමක්ද? 5.... කොහොම වුණත් වාසනාව ගැන අනාගතය දන්නවා කල්වෙලා ඇති වග. ලක්‍ෂමී උපකාර කරන්නෙ ඒ වගෙ මිනිස්සුන්ට විතරයි. 3...... ජැක්පොට්වලින් කෝටියක් ...

ගජනන්රා ඕ පියගැට පෙළින් පැනගෙන ආවේය.

කිමතිලාල් මිය ගොසිනි. ඔහුගේ ශරීරය මස් ගොඩක් ලෙස බිම ගොඩ ගැසී තිබේ. සෝපානය අධික වේගයෙන් ඉහළට ගමන් කර ඇත. සෑම මහලකදීම වේගය වැඩි වුණ බැවින් එය ගොඩනැගිල්ලේ ඉහළ කොන්ක්‍රීට් තට්ටුවේ සිදුරක් ඇති කරමින් පිපිරී ගොසිනි. තත්පර ගණනකින් සෝපානය පෘථිවියෙන් ඉවතට විසි වී ගොස් අනන්ත විශ්වයට ඇතුළු වී තිබේ.

ගජනන්රා ඕ විසින් නිකුත් කළ ප්‍රකාශයේ අවසාන කොටස ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ උපුටා දක්වා තිබිණ.

'සෝපානයට දොස් නගමින් ඒ ගැන කතා කිරීමෙන් සිදුවන යහපතක් නැත. ඒ වෙනුවට කළ යුත්තේ එය දැඩි විද්‍යාත්මක පරීක්‍ෂණයක් සඳහා බාර දීමය. එහෙත් ඊට අකමැති වීමට ඇති ප්‍රථම හේතුව සෝපානයේ ඇති අරුම පුදුම ලක්‍ෂණ හෙළිදරව් වීමයි. මට විශාල ප්‍රසිද්ධියක් ලැබෙන්න පුළුවනි. ඒත් සෝපානය පාවිච්චි කිරීම මට අහිමි වෙනවා. මම එය මගේ පෞද්ගලික දේපලක් ලෙස තබා ගන්න කැමතියි. මම තීරණය කළා සෝපානය විද්‍යාත්මක පරීක්‍ෂණයක් සඳහා පරිත්‍යාග කරන්න. ඒත් එය මහජනතාව සම්පුරණයෙන්ම ප්‍රයෝජනයට ගත් පසුව”

'දෙවන කාරණය සෝපානය අතීතයටයි වර්තමානයටයි ගෙන යන මන:කල්පිත ස්වභාවයන් පිළිබඳ මට යාන්තමින්වත් අනුමාන කිරීමට නොහැකි වීම. හරියටම වානිජ්‍ය භවාන්හි මහල් දෙකක් අතර ගමන් කරනවා වැනි ඉතා මෘදු ලෙස අතීතයටයි වර්තමානයටයි ගමන් කිරීම ඔබට තේරුම් ගත නොහැකි දෙයක් විද්‍යාමාන විට ඔබ ඒ ගැන පරීක්‍ෂා කරන්නේ කෙසේද? මම බොහොම බාල නිගමනයකට එළඹුණා විද්‍යාත්මක පර්යේෂණය නිරර්ථක දෙයක් ලෙස. එපමණක් නොව එය අනතුරුදායක විය හැකියි”

'මගේ මනසේ තියෙන ප්‍රමුඛ අනතුර නම් අනාගතයට යාමට වැරදි නියෝගයක් දීමට ඇති හැකියාව. මම දැනටමත් පැහැදිලි කරල තියෙනවා මම සොක්කෙක් විදියට අතීතයට ගියේ එහි අති විශිෂ්ටභාවය ආරක්‍ෂා කරන්න. එතකොට අනාගතය? එයත් අසහාය දෙයක්ද? සර්වඥයකු හෝ නොදන්නා මැවුම්කරුවකු කලින් කළ සැලසුමක්ද? විද්‍යාවේ තර්කාන්විත බව පසෙකට තබන්න. දෛව ලෝකයේ සිදු වන දේ ගැන න්‍යායවාදීන්ටවත් සොයා ගන්න අමාරුයි. සෑම මොහොතකම කෙනෙක්ව අහඹුවෙන් තෝරා ගන්නවා. ඒ අතර විශ්වය ගමන් කරනවා.”

'දෛවය සහ මැවුම්කරු පිළිබඳ සාම්ප්‍රදායික මිථ්‍යා අදහස්වලින් පීඩා විඳි කිමතිලාල්ට අනාගතයේ පැවැත්ම පිළිබඳ වැටහීමක් තිබුණේ නැහැ. අතීතයෙ සිට වර්තමානයට ගමන් කළ සීමිත පිරිසකට පමණයි කාල සංචාරය කළ හැකිවන්නේ. තවමත් සිදු නොවූ අනාගතයකට ගමන් කිරීම අභ්‍යාවකාශයට ගැලපෙන්නෙ නැහැ. කාලය තමයි යථාර්ථය සමඟ බැඳී තියෙන්නෙ. මෝඩ සහ කෑදර කිමතිලාල් සෝපානය ගමන් කරවූ ආශ්චර්යමත් බලවේග සහ ස්වභාව ධර්මය අතර අර්බුදයට මැදි වුණා. ඔහු ඊට දඬුවම් වින්දෙ ජිවිතයෙන්. මේ නිසා කාලයේ වේගය පිළිබඳ හදාරන්න මනුෂ්‍ය වර්ගයාට තිබුණ එකම අවස්ථාවත් නැතිව ගියා”



Nissanka Rajapaksa

unread,
Oct 1, 2019, 3:54:16 PM10/1/19
to ind...@googlegroups.com
ගොක් පහන
පවන් අන්ජන
- රැස කෙටි කතාව -

ගෙදර කඩුල්ල අවහිරකරමින් නවතා තිබූ නවීන පන්නයේ කැබ්රථය දැකීමෙන් එක්වරම මට ඇති වූයේ පුදුමයක් වුවත් සැණෙකින් ඒ හැඟුම ආඩම්බරයකට පෙරළුණේ මටත් නොදැනීමයි. අහල පහළ ගමේ කිසිවෙකුගේ නිවසකට යතුරු පැදියක් හෝ ට්‍රැක්ටරයක් හැරෙන්නට මෙවන් වැදගත් වාහනයක් එනු මා දැක නැත.

“මහ දිසාපති කාර්යාලය - අනුරාධපුර”

රථයේ ඉදිරිපස වීදුරුව මත වූ වැකිය කියවීමෙන් මගේ ආඩම්බරය දෙගුණ තෙගුණ විය. කවුරුන්හෝ වැදගත් මහතෙකු නිවස තුළ සිටිනවාට සැක නැත. සමහර විට දිසාපතිතුමා වුවත් වෙන්නට බැරි නැත. අප්පච්චිගේ ගොක්කොළ අත්වැඩ සඳහා කීපවරක්ම මහදිසාපතිතුමාගෙන් පැසසුම් ලැබී ඇත. අප්පච්චි දක්ෂ චිත්‍ර ශිල්පියෙකි. ගම්මුන් සිරිසේන බාස් යැයි අමතන ඔහු හොඳ ගොක් කර්මාන්තකරුවෙකි. ඔහු පාසල් ගමන අතරමඟ නවතා සාපෙළින් පසු පෝස්ටර්, බැනර්, චිත්‍ර වැඩ ඇරඹූ බව වරක් මා සමඟ කියා ඇත. ඒත් මා නම් උපන්දා සිට ඔහුගෙන් දකින්නේ මඟුල්පෝරු හෝ පිරිත් මණ්ඩප නැතිනම් පහන්මඩු තනන අප්පච්චිවයි. සමහර දිනෙක ඔහු කාගේ හෝ අලුත් ට්‍රැක්ටරයක නැතිනම් ලෑන්මාස්ටරයක චිත්‍ර අඳියි. වෙසක්, පොසොන් කාලයට හා අවුරුදු කාලයට ටවුමේ පවත්වන සංගීත ප්‍රසංගවල ප්‍රචාරක බැනර්ද අඳියි. එසේම මැතිවරණ කාලයට ඡන්ද පෝස්ටරද අඳියි. ඉඳහිට දිනෙක කුලී වැඩ කිරීමට යනුද මා දැක ඇත. ඒ කොයික කලත් ඔහු වඩාත්ම ආසාවෙන් කළේ ගොක් වැඩ බව මම සිතමි. ඔහු වැඩ කරනු බලා සිටීමට මම ආසා කරමි. ඒ නිසාමදෝ බහතෝරන වයසේ පටන් මම ඔහුගේ කටයුතුවලට අත්උදව් සැපයුවෙමි.

පසුගිය වසරේ දිසාපතිතුමා අතින්ම දිනාගත් සම්මානය අප්පච්චී කාටත් පෙනෙන ලෙස සාලය මැද බංකුවේ තබා තිබෙන අයුරු මට මැවී පෙනෙයි. කොතරම් කාලයක සිට නිර්මාණකරණයේ යෙදුණත් මෙතුවක් කාලයකට ඔහුට ලැබී ඇති එකම සම්මානය එයයි. එයද ලීයෙන් නිමවූවකි. නමුත් අප්පච්චි නම් එය රත්තරනටත් වඩා වටිනා බව කියයි. ඒ නිසාමදෝ ඔහු ඒ ගැන කතා නොකරන දවසක් නැත.

මම බයෙන් හා චකිතයෙන් යුතුව නිවස දෙසට පය ඉක්මන් කළෙමි. අපේ ගෙදර අවට ගෙවල් හා සසඳන කල මට එය කුරුමිට්ටෙකු සේ පෙනෙයි. මම හිතන්නෙ නම් ඒ හරි ලස්සන කුරුමිට්ටෙක්. කපරාදු නොකළ බිත්තිවල ඈතට පෙනෙන ගඩොලු රටාව අමුතුම මෝස්තරයක්. හරියට අම්මා වියන ලස්සන පැදුරු රටාවක් වගෙයි. මා පුංචිම කල ජීවත් වුණ ගෙපැල හා සසඳන විට නම් මෙය මන්දිරයකැයි සිතේ. එකල තිබූ කුඩා ගෙපැල කඩා මේ නිවස ඉදිකර එතරම් කාලයක් නැත. මේ ගේ ඉදි කළ හැටි පවා මට හොඳ හැටි මතකය. ගේ හැදුවේ අප්පච්චිමයි. අප්පච්චිට මේසන් වැඩත් පුළුවනි කියල මම මුලින්ම දැනගත්තෙ එදායි.

කාලවර්ණ සිරුරකින් හෙබි හැඩිදැඩි පුද්ගලයෙකු අප අම්මාගේ ඉමිහිරි තේ කෝප්පයක රස බලමින් සිටින අතර සෙස්සෝ තිදෙනෙක් අවට සිතුවම් නරඔමින් සිටිති. ඔවුන් පානය කළ හිස් තේ කොප්ප තුන රැගත් බන්දේසිය අතදරා ගත් අම්මා රළු බිත්තියට පිටදී අප්පච්චී දෙස බලා හුන්නාය. ඈත තියා මා එනු දුටු අප්පච්චී අතින් සන්කර මා ඔහු වෙතට කැඳවාගත්තාය.

“අමරසූරිය මහත්තය, මේ තමයි මයෙ එකම කොල්ල.... ගොක් වැඩත් පුළුවන්. චිත්‍ර අඳින්නත් පුළුවන්....”

“පුළුවන් වෙන්න එපැයි..! පුතාල තමයි ඉතින් තාත්තලගෙ කලාව ඉස්සරහට ගෙනියන්න ඉන්නෙ.”

ආගන්තුකයා තේ කෝප්පය පසෙකින් තබා සුදුකමිස සාක්කුව මත වූ කළු උපැස් යුවල ගෙන නහය මත රඳවා ගත්තේය. කළු වලහෙකු මෙන් දෑත පුරා රෝම පිරී ගිය හැඩි දැඩි පුද්ගලයාගේ දකුණ ඇස තත්පර කිහිපයකට වරක් නොකඩවා ඉඟිමරමින් තිබිණ. කතා කරන වචනයක් පාසා එම තත්වය තව තවත් වැඩි වූ අතර එය නිරුත්සාහීවම සිදු වන්නක් බව ඔහුගේ හැසිරීමෙන් ප්‍රකට විය. කොහොම නමුත් මට නම් එය සිනා උපදවන්නක්ම විය.

“කොල්ල දැන් කීයෙ පංතියෙද ඉන්නෙ?” එක් වරම ඔහු මා දෙස බලා විමසුවේය.

“මේ සැරේ සාපෙ ලියනවා සර්” මම කිව්වෙමි.

“සාපෙ.....සාපෙ කිය කිය ඉඳලා නම් ගොඩයන්න වෙන්නෙ නෑ... මහින්සි වෙලා වැඩ කරන්න ඕන.” මහත්තයා අසුනින් නැඟට මගේ පිටට තට්ටුවක් දැම්මේය. ඉක්බිති යම් කලබලකාරී ස්වරූපයක් ආරූඪ කරගත්තේය.

“සිරිසේන බාසුන්නැහැ, එහෙනම් මම හෙට උදේ අට වෙනකොට එනවා... අපි ගිහිල්ල එන්නම්.”

අප්පච්චී සිය කහට පිරි දත්පෙළ දක්වා සිනාසී වචන අනුමත කළේය.

“අපි ගිහිල්ල එන්නම් එහෙනම්....” අම්මා දෙසටද හැරී කියූ අමරසූරිය මහත්තයා කණ්ණාඩි කුට්ටම යටින් මා දෙසත් බැලීය. මම සිනාසුණෙමි. නමුත් මේ අද්භූත පුද්ගයා කවුරුන්ද යන පැනය මා සිත තුළ තව තවත් කැකෑරෙමින් තිබිණි.

“කව්ද අප්පච්චි ඒ?” කැබ්රිය යන්නට හැර මම ඇසුවෙමි.

“දිසාපති කන්තෝරුවෙ මහත්තයෙක්. හෙට ජනාධිපතිතුමා එනවලු මොකක්දෝ උත්සවයකට... එතුමාට එතනදි පත්තු කරන්න පොල්තෙල් පහනක් හදන්න ඕනලු.”

“පිත්තල පහනක්?”

“නෑ බං, ගොක් පහනක් ”

අප්පච්චී හපමින් උන් බුලත් විටය හමාර කරමින් රතුම රතු බුලත් කෙළ පහරකින් වැලි පොළොව තෙමුවේය. ගිනියම් ගල් කැට පුපුරා ලේ ගලන්නා සේ බුලත් කෙළ පහරින් වැලි තලය වැසී යනු මම බලා සිටියෙමි.

එදාම සවස අල්ලපු වත්තේ තරංග අය්යා ගොක් ඉති දෙකකුත් ගෙන අප්පච්චීගේ රතු කෙළ පහර මතින් පැන ඉස්තෝප්පුවට ගොඩවැදුණේය.

“සිරී මාමෙ, මෙන්න ගොක් අතු දෙක..”

තරංග අය්ය ගොක් අතු දෙක ඉස්තෝප්පුව මැදට අතඇර වැඩි කතාවක් බහක් නැතුවම මඟට බැස්සේය.

අප්පච්චී කමිසෙ ගලවල දාල ගොක් අත්තක් ළඟ හරිබරි ගැහිල ඉඳ ගත්තේය. දැන් ඉතින් මේ වැඩේට මට අත් උදව් දෙන්න වෙනවා නියතය. ඉස්කෝලෙ තිබුණු උත්සව කීපයකටත් මම තනියම ගොක් පහන් හැදුවයි කියල අප්පච්චි දන්නවා. අප්පච්චි චිත්‍රකාරයෙක් විතරක් නෙමෙයි, ගොක් වැඩත් කරනවා කියල අපේ ඉස්කෝලෙ ටීචර්ලත් දන්නවා. ඉතින් චිත්‍රකාරයගේ පුතාත් ඒවගේම දස්සයානෙ කියල ඉස්කෝලෙ තියෙන මේ වගේ වැඩත් පැවරෙන්නෙ මටම තමයි.

“හා... හා... බලන් ඉන්නෙ නැතුව කාල බීල එනව වැඩ කරන්න. රෑ එළිවෙනකම් හරි හදන්න වෙනවා. ජනාධිපතිතුමාට පත්තු කරන්නනෙ...” අප්පච්චී ආයුධ පෙට්ටිය අවුස්ස අවුස්ස කිව්වේය.

මම ඇල්බට් මාමලැයෙ කෙහෙල් වත්තෙන් කෙහෙල් කඳන් දෙකක් කපාගෙන එන විට ගොම්මන් කළුවර වැටිලාය. මෙච්චර වෙලා හරි උජාරුවෙන් අහස මැද විරිත්ත විරිත්ත හිටපු ඉර හරිම කම්මැලියෙක් වගේ කෙහෙල් පඳුරු අස්සෙ හැංගෙන විට මට ඇති වූයේ නොසතුටකි. ඒ වෙනකොටත් අප්පච්චි පහනෙ තරමක් හරිය ඉවර කරලායි තිබ්බෙ. කෙහෙල් කොට කපලා ගොක් කොළෙන් සරසන්න ලැබුණෙ මට. අප්පච්චි කොළේ කැටයම කැපුවා. මට තවමත් බැරි ඔය කොළෙන් කැටයම කපන්න විතරයි. මම රටා දහයක් කැපුවත් හරියන්නෙ එකළොස්වෙනියට අප්පච්චි කපන එක තමයි. අප්පච්චි හිටියට “මෙහෙම කපපන් මෙහෙම කරපන්” කියල මේ වෙනකම් කවදාවත් මට උගන්නලා නැති එක ගැන නම් මට ඇත්තේ කනගාටුවකි.

“මමත් මේවා ඉගෙන ගත්තෙ කරන විදිහ බලන් ඉඳල තමයි.” දෙයක් ඇහුවොත් අප්පච්චි කියන්නෙ එහෙම. ඒත් ඉතින් ගොතන රටාවක කපන මෝස්තරයක ඇදයක් කුදයක් තිබුණොත් නම් විසුමක් වෙන්නෙ නෑ. ඒ හින්දමද කොහෙද මම වැඩිපුරම ආසා කළේ අප්පච්චි ලස්සන ලස්සන රටාවලට ගොක් කොළේ කපනවා බලා ඉන්නයි. අප්පච්චි මේ වැඩවලටම කියල ආම්පන්න ටිකක් හදාගෙන තිබුණා. වැඩි පුරම පාවිච්චි කළේ කියත් පටියක් මුවහත් කරල හදලා තිබුණ පුංචි අත්පිහියක්.

පහන වැඩ භාගෙට භාගයක් ඉවර වෙද්දිම මට තේරුණා මේක නම් මීට පෙර නොදැකපු අලුත් නිර්මාණයක් වෙන බව. ඒත් මට තිබුණ ප්‍රශ්නෙ රෑ එළිවෙනකම් හැදුවත් වැඩ ටික ඉවර කරගන්න පුළුවන් වෙයිද කියලයි. මම ගොක් මල් හදලා අප්පච්චි පුන්කලස හැඩේට පහනෙ ආකෘතියක් හැදුව විතරයි, දැනටමත් හොඳටෝම රෑ වෙලා. සුදෝ සුදුවට හඳ පායල වහලෙ ටකරං සිදුරු අස්සෙනුත් හඳ එළිය බේරෙනවා වැහි හිරිකඩ වගේ.

“පුතේ හෙට උදේ ඉස්කෝලෙ යන්න තියෙනවනෙ දැන් ගිහින් නිදාගන්න” යි අප්පච්චිට තේ කහට කෝප්පයක් පිළිගැන්වූ අම්මා කීවාය. පාසලට වඩා කලාවට ප්‍රිය කළ නිසාදෝ මම අම්මාගේ වදනින් තරමක් උරණ වීමි. අම්මා නොකඩවා ඇවිටිලි කළද මම නෑසුණ ගානට දිගටම කාරිය කරගෙන ගියෙමි. අප්පච්චීගේ ගොක් පහන තබනු පිණිස අම්මා විසින් මනරම් ගොක් පැදුරක් වියා නිම කළාය.

“කොල්ලව හෙට ඉස්කෝලෙ යවල බෑ... මාත් එක්ක කච්චේරියට යන්න ඕන. මට තනියම මේකෙ වැඩ ටික ඉවර කරන්න පුළුවනියැ” යි අප්පච්චි කියූ විට, “විභාගෙට තව දවස් කීයද තියෙන්නෙ! උඔටත් කවදහරි අප්පා වගේම ගොක්කොළ කප කපා තමයි ඉන්න වෙන්නෙ” යි කියා අම්මා ගෙතුළට වැදුණාය.

හෙට දිනයේ ජනාධිපතිතුමා ඇුතුළු කොටගත් මැති ඇමතිවරු අප්පච්චිගේ සැමතින්ම මනරම් මේ ගොක්කොළ පහන දල්වනු ඇත. එවිට පහන් දැල්වීම සඳහා ඉටිපන්දමක් ලබා දීමටවත් මට හැකිය. ඇතැම් විට ජනාධිපතිතුමා අප්පච්චිව ඇගයීමට ලක් කරන්නටද බැරි නැත. එතුමා අප්පපච්චිගේ පිටට තට්ටුවක් දමනු ඇත. නැතිනම් අප්පච්චිට තම සුරත දෙනු ඇත. රැස්ව සිටින පිරිස මහ හඬින් අත්පොළසන් නඟනු ඇත. නිවේදකයා සිත්ගන්නාසුලු වචනවලින් ගොක්පහන පසසනු ඇත.

************

පසුදා උදයේ මා අවදි වූයේ ඝෝෂාකාරී කන්කරච්චලය ඉවසනු බැරි වූ තැනයි. අවට නිවෙස්වල ලොකු කුඩා කොල්ලන් හා කෙල්ලන්ද වැඩිමහල් ගැහැනුද පහන බැලීමට පැමිණ ඇත. ළමුන්ගේ කෑගැසිල්ලත් ගැහැනුන්ගේ ඕපාදූප කියවිල්ලත් මහත් කාලගා්ට්ටියක් බවට පත්ව ඇත. අප්පච්චී උදේ රැයින් අවදිව පහනේ අඩුපාඩු සකසමින් හිඳී. මම මහත් උජාරුවේන් ගොස් ඔහුට හවුල් වුණෙමි. පුංචි එවුන් මගේ ළගට පැමිණ විවිධ දේ අසයි. මමත් අප්පච්චිත් ඒවා නෑසුණා සේ වැඩ කරගෙන යමු. ළමුන්ගේ කතාබහ අපට බාධාවකැයි සිතන ගැහැනුන් තම දරුවන්ට බැණ වදිති. එවිට ඔවුහු ඇස් ලොකුකරමින් පහන පෙන්වා මොන මොනවදෝ කුටුකුටුගාති. පමා නොවී දරුවන් පාසල් යැවිය යුතු වූ බැවින් වැඩි වේලා නොඉඳ පිරිස විසිර ගියමුත් අල්ලපු ගෙදර කමලා නැන්දා ඇතුළු වයස්ගත ගැහැනු තිදෙනෙක් අම්මා සමඟ මොනමොනවදෝ දොඩමින් තවත් බොහෝ වෙලාවක් යනතුරු කල්මැරූහ.

“අපි අට වෙනකොට එනව” යි කිව්වත් අමරසූරිය මහත්තයා ආවේ නමයත් පසු වෙලාය. පෙර දිනයේ මෙන්ම අදත් සුදු කමිසයකින් හා කළු කලිසමකින් සැරසී සිටි ඔහු විඩාබර හා කලබලකාරී බවක් කියාපෑවේය. ඔහු මෙන්ම සෙසු තිදෙනාද සමාන ඇඳුම්වලින් යුතු වීමෙන් ඒ යම් නිල ඇඳුමක්ද යන කුහුල මා තුළ විය.

මළානික ලෙස පුටුවකට බැසගත් අමරසූරිය මහත්තයා අම්මාගෙන් ඉල්ලාගත් වතුර වීදුරුව එක හුස්මට බී හමාර කළේය. ඉක්බිති ගොක් පහන වටේ වට කීපයක් කැරකෙමින්ද ගොක් කොළ කීපයක් එහාමෙහා අදිමින්ද පහන පරීක්ෂා කළේය. කාලවර්ණ උරගයෙකු සේ පහන වටේ කැරකෙමින්, කොකෙකු සේ බෙල්ල කරකවමින් සහ නොකඩවා දකුණැසින් ඉඟිමරමින් ඔහු කළ රංගනය දැකීමෙන් මට සිනාව මැඩගත නොහැකි විය. මම සිහින් හඬින් සිනාසුණෙමි.

“මම සිරිසේන බාසුන්නැහැගෙන් මීට වඩා හොඳ පහනක් බලාපොරොත්තු වුණා.”

අමරසූරිය මහත්තයාගේ වචන මට නම් පොලු පහරක් වැනි විය. අප්පච්චීද එයින් දැඩිව උකටලී වනු ඇතැයි මා සිතුවත් ඔහු තුළින් ඒ බවක් ප්‍රකට නොවුණි.

“තාම වැඩේ ඉවර නෑනෙ මහත්තයා. හදල ඉවර උනාම මහත්තයගෙ හිතට අල්ලයි.” අප්පච්චි සන්සුන්ව කීය. අමරසූරිය මහතා නහය පුම්බාගෙන හිස ඒ මේ අත සැලුවා මිස වචනයක් දෙඩුවේ නැත.

මමත් අප්පච්චිත් පහන ඔසවා කැබ්රථය පිටුපස කොටසින් තැබුවෙමු. සවිමත් ලණුවකින් දැඩිව බැඳ තැබුවද ගමනේදී පහන පෙරළී යාමට ඉඩ ඇති බැවින් පහන අල්ලාගෙන පසුපස කොටසේ ගමන් කිරීමට මට සිදු විය.

මෙතුවක් වෙලා අමරසූරිය මහතා සමඟ මොනමොනවදෝ කියවමින් හුන් කමල නැන්ද මා අසලට විත් කිසිදු හාවක්හූවක් නැතිවම කහපැහැති දිගු ලියුම් කවරයක් මවෙත පෑවාය.

“කොල්ල, උඹල ඔය යන උත්සවේට ජනාධිපතිතුමා එනවා. උඹ නොවැරදීම මේ ලියුම් දෙක එතුමට දෙන්න ඕන...” යි ඕ අවධාරණයෙන් යුතුව කීවාය. මම හිස සැලුවෙමි.

“ආ... හදිස්සියෙවත් එතුමට දීගන්න බැරි වුණොත් ඇමතිතුමාට හරි දෙන්න ඕනා. උඹට ඇහුණද?” කමල නැන්දා නැවත කීවාය.

“ඇමතියට නම් ඕව දීල වැඩක් නෑ බං.” තවත් ගැහැනියක් මැදට පැන්නාය.

“උඹ ඕක කොහොමින් හරි ජනාධිපතිතුමාටම දෙන්න බලපන්කො...” එසේ කීවේ තෙවන ගැහැනියයි.

අප රැගත් කැබ්රිය ගම මායිමේ තුංමංහංදිය පසු කරන තුරුම අම්මාත් කමල නැන්දාත් සෙසු ගැහැනුන් දෙදෙනාත් කඩුල්ල අසලට වී අප දෙස බලා සිටිනු මම දුටුවෙමි.

ජීවිතේ පළවෙනි වතාවට වායුසමනය කරපු වාහනේක යන්න ලැබුණ එකම අවස්ථාවත් දියවෙලා ගිය එක ගැන මම උන්නෙ තරහෙන්. පාර දෙපස ගස්ගොම්මන ක්‍රමයෙන් තුනී වෙලා ඉක්බිතිව එක යායට නිල්ල පිරුණ කෙත්යායක් මැදින් තාරපාර දිග හැරුණේය. දැන් දැන් නම් රථයේ පසුපස ගමන අපහසු තත්වයකියි උදාවී ඇත්තේ. මම ලේන්සුවෙන් හිස වසා ගනිමින් අව් රැසින් බේරීමට වෙහෙස ගතිමි. අව්රැසටත් වඩා වැඩි වන වාහන තදබදයේ ඝෝෂාව මනසට මහත් හිරිහැරයකි.

අඩියෙන් අඩියට වූ කුඩා නගර කීපයකින් පසු මල්වතුඔය පසුකරමින් රථය අනුරපුර මහනගරයට වැදුණේය. මෙතුවක් වෙලා අවටින් හමා ආ මඩ සුවඳ මුසු සුළඟ වෙනුවට දැන් එන්නේ තෙල් ගඳත් දූවිල්ලත්ය. ඝෝෂාකාරී බවින් හාත්පස වසාගත් නගරයේ මඟතොට යනඑන්නෝ ඇස් කරකවා මා දෙස බලති. මම උජාරුවෙන් හිස උස් කරගනිමි. එවිට ඔවුහු පහන දැක අමන්දානන්දයට පත්වෙති. ඇතැමුන් පහන දෙසට ඇඟිල්ල දිගුකර තවකෙකුට පෙන්වති.

තෙමහල් ප්‍රාසාදයක් වූ කච්චේරිය මා සිතා සිටිතරම් සිත්ගන්නාසුලු නොවීය. නමුත් එය යම් උත්සව සිරියක් ඉසිලීය. තරමක් විසාල වේදිකාවක් සකස් කර තිබූ අතර අප්පච්චිත් මමත් පහන වේදිකාව පහළින් ස්ථානගත කිරීමට උත්සාහ කළෙමු. එහි වැඩ බලමින් හුන් තරබාරු පුද්ගලයාගෙන් කිහිප විටක්ම බැණුම් ඇසිමෙන් අනතුරුව ඔහුගේ රුචිය අනුව පහන වේදිකාවේ දකුණුපස කෙළවරින් ස්ථානගත කිරීමට අපට සිදු විය. නමුත් අප්පච්චි නම් කීවේ වේදිකාවේ හැඩය අනුව පහන එතැනට නොගැළපෙන බවයි. අප සියලු වැඩ කටයුතු අවසන් කරන තුරුම අමරසූරිය මහත්තයා අමුත්තන් සඳහා පනවාලූ පුටුවක් මත හිඳගෙන පුලුටු කරගත් මුහුණින් යුතුව අප දෙස බලා සිටියේය. සිය වම් කකුල දකුණු කකුල මත රඳවාගෙන සිටි හෙතෙම තම ඇස් ගැසීමේ රෝගය තවද අත්නොහළේය.

“ෂා...අමරෙ, මෙදා පාර නම් මාරම පහනක් ගහල තියෙනව ආ....” යි කියමින් කවුරුන්දෝ පුද්ගලයෙක් අමරසූරිය මහත්තයා අසලින් අසුන් ගත්තේය. මම කන්දී සිටියෙමි.

“අන්න... අර... අර... කුකුළා නම් මරේ මරු...! ”

ඔහු පහන අසලට විත් එය ඉහළින්ම වූ ගොක්කොළ කුකුළා අතගා බැලීය. අප්පච්චි සුපුරුදු ලෙස තම කහට දත්පෙළ දක්වා සිනාසුණත් ඔහු එය ගණනකට නොගත්තේය.

“මේ සුපර්.... ආ!” එහි පැමිණි තවත් තරුණ මහත්තයෙක් කීවේය.

මහ වැස්සෙන් පසු පායන දේදුන්නක්සේ අමරසූරිය මහත්තයාගේ මුහුනෙහි මඳහසක් ඇදීගියේය. කුකුළා නම් ඇත්තෙන්ම අපූරුය. අප්පච්චි පහනක් මතට කකුළෙකු තැනූ ප්‍රථමවර මෙය නොවුණත් මම මීට පෙරින් කකුළෙකු තැනීමට නොදත්තෙමි. එහෙයින් මම කුකුළා තැනූ ගොක්පත දිගහැරබලා යළි එය තැනුවෙමි. පෙරට වඩා තරමක් ඇදකුද සහිත වූවද එය අපූරුය. දැන් මම ගොක්පතින් කුකුළා තනීමටද දනිමි.

උත්සවය සඳහා පිරිවර වැඩි වන්නට වන්නට දහ පහළොස් දෙනෙක් පමණ පහන වටාද එකතුපහදු වූහ. අපගේ කාරිය අවසන් බැවින් අප්පච්චිත් මමත් සුදුසු තැනක් බලා අසුන් ගත්තෙමු. එතැන් සිට අමරසූරිය මහතා පහන අසලම දැවටෙන්නට පටන් ගත්තේය. ඔහුට තම ඇස් රෝගය මඳකට අමතක වූවාසේ පෙනිණ. හේ විටෙක පහන වටේ රවුමක් කැරකෙයි. පහන්තිර මත කපුරු පෙති තබයි. රැස්ව සිටිනවුන්ට පහන ගැන මොනමොනවදෝ කියයි. අවසන් වශයෙන් පහන් දැල්වීමට ගෙනා ඉටිපන්දම වටා ගොක්කොළයක් ඔතා විචිත්‍රවත් කළේය.

උත්සවය ආරම්භ වන වන අවස්ථාව වන විට ශාලාව මිනිසුන්ගෙන් පිරිණ. හමුදා පරීක්ෂාවෙන් අනතුරුව කහපැහැති කුඩා ස්ටිකරයක් මගේ කමිසයේද ඇලවිණ. කොතරම් මිනිසුන් පිරුණද වේදිකාව හොඳින් පෙනෙන සහ පහන ආසන්නයේම අසුනක් ලැබීම ගැන සන්තෝෂ වූ මම සාක්කුව තුළ වූ ලියුම් කවර දෙකද අතට ගෙන සූදානම් පිට සිටියෙමි. අහලපහල කීපදෙනෙක්ද මා මෙන්ම ලියුම් කවර අතැතිව හිඳනු දැකගත හැකි විය. එබැවින් ලැජ්ජා වන්ට කාරණා නැත.

සම්භාවනීය අමුත්තන් සියලු දෙනාම පාහේ පැමිණියද ජනාධිපතිතුමාගේ පැමිණීම තව තවත් ප්‍රමාද වෙමින් තිබිණි.

“සමාවෙන්න... නොවැළැක්විය හැකි හේතුවක් නිසාවෙන් අද දින මේ අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමාගේ සම්ප්‍රාප්තිය සිදු වෙන්නේ නෑ... එම නිසා අපේ අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් මෙතැන් පටන් උත්සවයේ කටයුතු ආරම්භ කරනවා.”

නිවේදකයා කියාගෙන ගියේ තරමක් බයාදු ස්වරයකිනි. එකෙණෙහිම ජනතාව අතර තරමක නොසන්සුන්තාවක් පැතිර ගියත් ඒ ගැන වගේ වගක් නැතිව උත්සවය ආරම්භ කෙරිණ. මහඇමතිතුමා ඇතුළු ප්‍රභූන් අප්පච්චිගේ පහන දල්වන අවස්ථාවේදී පහන ගැන ඔවුන්ගෙන් පිටවුණ වචන ඇහෙන සීමාවක ඉන්න ලැබුණ එක නම් වාසනාවකි. අමරසුරිය මහත්තයා එකිනෙකාට ඉටිපන්දම අල්ලමින් ඉන්දැද්දි මහඇමතිතුමා තමන්ගේ තඩිබඩත් අල්ලගෙන දිසාපතිතුමාට කිට්ටු වුණේය.

“කවුද හැබෑටම මේකෙ නිර්මාණකාරයා...?” පහන දල්වන අතර ඇමතිතුමා ඇසුවේ දෑස් ලොකු කරමිනි.

දිසාපතිතුමා තම කළුකෝට්බෑය ටිකක් සුරුවම් කර පසුව තම සුදෝසුදු දත්පෙළ පෙන්වා සිනාසුණේය. පසුව “අපේ අමරසූරිය මහත්තය තමයි ඉතින්...” කියමින් ඔහු අමරසූරිය මහතා වෙත සුරත දිගු කර පෙන්වීය. පසුව ඇමතිතුමා අමරසූරිය මහත්තයාගේ කර මතින් අතක් දමා “පුතා, තව මේ වගේ එව්ව ගෙදර තියෙනවද?” යි ඇසුවේය. අමරසූරිය මහත්තයා සිහිනයක අතරමංවූ කලෙක මෙන් සිටියත් ඇමතිතුමාගේ සෑම වචනයකටම සිනාසෙමින් හිස සැලුවේය.

මෙවේලේ අප්පච්චි සිටියේ අමරසූරිය මහතා අසලමය. ඒත් ඔහු කිසි චංචලභාවයක් පෙන්නුවේ නැත. අප්පච්චි නිහඬව බලා සිටීම මට නුරුස්සයි. මම අසුනින් නැඟිට අප්පච්චි වෙතට පියමනිද්දී ඇමතිතුමා වේදිකාවට ගොඩවනු පෙනිණ. පහන් දැල් හයහතක් ගොක්පත් එකක් පාසා ජීවය උරා ගනිමින් කාන්තිමත්ව බැබළෙමින් තිබිණ.

************

අමරසූරිය මහත්තයා ලබා දුන් ලියුම් කවරයද ගෙන අප්පච්චීත් මමත් උත්සවය අවසානයට පෙර මඟට බැස්සෙමු. බස්නැවතුමට පැමිණි පසු අප්පච්චී ලියුම් කවරය විවෘත කර එහි වූ රුපියල් දාහේ නෝට්ටුව කඩයකින් මාරු කළේය. පසුව ලංකාදීප පත්තරයක්, බූන්දි සීයක් හා බුලත්විටක් මිලදී ගත්තේය.

“ඔන්න හෙට උඹේ පන්තියට සල්ලි බැන්දැහැකි” යි කියමින් අප්පච්චි ඉතිරි මුදල ගැන බලා කමිස සාක්කුවෙහි රුවා ගත්තේය.

“ඇයි අප්පච්චි පහන අර මහත්තයා හැදුවයි කියද්දි කරබාගෙන හිටියේ?” මම ඇසුවේ තවත් ඉවසා සිටිය නොහැකි වූ තැනය. පිළිතුරු වශයෙන් අප්පච්චි පුළුල් සිනාවක් පෑවේය. ඉක්බිති රතුම රතු බුලත් කෙළ පහරක් කුණු කාණුවට ගසා කට පිහාගත්තේය. මං තවත් අප්පච්චී සමඟ කිසිවක් කීමට ගියේ නැත. මෙවැනි අවස්ථාවල අප්පච්චීගේ ප්‍රතිචාරය මට පුරුදුය.

අවට රථවාහන ගෝරනාඩුව දෙස බලා සිටි මම මොහොතකින් සාක්කුවට අත දමා ඒ තුළ වූ කහපාට ලියුම් දෙක අතට ගෙන අසල වූ කුණු කාණුවට විසි කළෙමි.

“අප්පච්චි, මට පාඩම් කරන්නත් පරක්කු වෙනව... ඉක්මන් කරල යමුකො!”




Nissanka Rajapaksa

unread,
Oct 2, 2019, 9:21:30 PM10/2/19
to ind...@googlegroups.com
වඳ සැත්කම
අශෝක චන්ද්‍රසේකර
- රැස 
කෙටිකතාව -

විහාර ගේ වටේටම බල්ලො රීලා. මේ බල්ලො එළවල දාන්ඩ හැදුවට ලොකු හාමුදුරුවො ඉඩ දෙන්නෙත් නෑ. උන් වහන්සෙට නම් මොකද මමනෙ එව්වා අදින්නෙ. උන් වහන්සෙ උපේක්‍ෂාවෙන් වැඩ ඉන්නවා...”

සුටු පුටු ගගා මුමුණමින් මිදුල අමදිමින් හිටපු පුංචි අප්පො ඉදලෙ කූරු තියෙන පැත්තෙන් දෑත බදල අල්ලගෙන බෝධි බැම්ම උඩ වකුටු වෙලා හිටපු හොරිකඩ බල්ලට පතබෑවා. බලාපොරොත්තු නොවුණ හෙණගෙඩිය නිසා බෑක් ගාගෙන පැනපු ‘කටුවා’ තමන් හිටිය තැන ගැනත් නිනව්වක් නැතිව අඩි හතර හමාරක් උස බෝධි බැම්මෙන් බිමට වැටුණේ ගාත් හතර හතර පැත්තට යන විදිහට. දනි පනි ගහල නැගිටල පන්සලේ ගල මුදුනටම දුවගෙන ගිහිල්ලයි වුණේ මොකක්ද කියල ‘කටුව’ හැරිල බැලුවෙ. ඊළඟට මොකක්ද වෙන්නෙ කියල හොඳටම දන්න පුංචි අප්පො ඉදලත් අරං දං කාමරේ පැත්තට හීං සීරුවේ පල්ලං බැස්සා. ඒත් වැඩි දුරක් යන්න කලියෙං පිත්තල සරනේරුවලිං කරාස් ගාලා සද්දයක් දාගෙන ලොකු හාමුදුරුවන්ගෙ කාමරේ ජනේලෙ ඇරුණා.

“පුංචි අප්පෝ... මොකද ඔය උදේ පාන්දර බල්ලංඩ තඩි බාන්නේ! උන්ට පාඩුවෙ ඉන්න දෙනවා...”

* * * * * *

පංචස්කන්දෙ වැහෙන්න දාගත්ත චීවරේ හිංද ඒකෙ ගෞරවේ රකිංඩ ඉවසං හිටියට ලොකු හාමුදුරුවන්ටත් දැං මේ බල්ලංගෙ කෙරුවාව එපා වෙලයි තියෙන්නෙ. හතර පේරුවෙ දායක ගං හත අටකම බැල්ලියො පැටව් ගහපුවාම ඒ දායාදෙ සති දෙක තුනක් යද්දි නවතින්නෙ පංසලේ. කිරි වරන්ඩත් කලින් ගෙනත් දාන බලු පැටවුන්ට පහුවදා ඉඳල කිරි දෙන්නෙ බණට දානෙට ගිහාම හම්බුවෙන කිරිපිටි පැකට්වලිං. ඒකත් අපූරු කෙරුවාව. දානෙට කිරිපිටි දීලා පහුවදාට බලු නඩේ ගෙනත් පංසලේ දාලා යනවා. අනේ මෙහෙමත් දායකයො! මෙහෙමත් බෞද්ධයො! හාමුදුරුවන්ට මෙහෙම හිතිල කට කොනකට උපහාසාත්මක හිනාවක් නැගෙනව මිසක්ක කිසිම වෛරයක් තරහවක් ඇතිවෙන්නෙනං නෑ. වන්නියේම ඉපදිලා, වන්නියේම පංසලක ජීවිතේ ඉගෙනගත්තු, මිනිස්සු දිහාම බලං ඉඳල ධර්මෙ අවබෝධ කරගත්තු ධම්මාරාම හාමුදුරුවන්ට මෙව්වා තවත් එක බණ පදයක් ගානයි. හරියට නිකං, බාසාවල් ගණනාවකින් ආගම් ගණනාවකින් දේශනා කරපු එකම ධර්ම කරුණු ගානයි.

පංසලේ හිටපු සාමනේරවරු කීප නමක්ම පහුගිය දොහේ පංසල අතෑරලා ගියා. තවත් සාමනේර හාමුදුරුවරු සිවුරත් දාලා ගියා. මේ බල්ලොත් එක්ක ඉන්න බෑ කියලයි හැමෝම පංසල වගේම ශාසනෙත් අතෑරියේ. දැං පංසලේ ඉන්නෙ තමනුත් එක්ක තුං නමක් විතරයි කියල ලොකු හාමුදුරුවන්ට මතක් වුණා. එයින් එක නමක් කලිං කලට රටපුරා පංසල් ගානෙ ගිහිං පිළිම අඹන, සිතුවම් අඳින සාමනේර නමක්. කිසිම දේකට ඇලීමක් බැඳීමක් නෑ. අඳින්න තියෙන්නෙ සිවුරු දෙකයි. වෙලාවකට බල්ලො අත ගගා කිනිතුල්ලො කඩනවා. උංට සාත්තු කරනවා. හැම වෙලේම මොකක් හරි වැඩක්.

අනිත් හාමුදුරුවො තමංගෙම ගුරු හාමුදුරුවො ළඟ තමංට පස්සෙ පැවිදි වෙච්ච පොඩි හාමුදුරුවො. තමුං මැරෙනකල් පංසල අයිතිකරගන්න බලං ඉන්න සුධම්ම හාමුදුරුවො මතක් වුණාම ආයෙත් ලොකු හාමුදුරුවංගෙ මූණට පරණ හිනාවම ආවා. ඒ උණාට මේ වැඩේනං හරියන්නෙ නෑ. දැං පංසලේ බල්ලො දාහතරක් පහළොහක් ඉන්නවා. දායකයොත් දැං පංසලට එන්න අදිමදි කරනවා. හැම දොපෝයටම සියක් හමාරක් සිල් සමාදං වුන පංසලේ දැං දොපෝයදාටත් ඉන්නෙ හතර පස් දෙනයි. උංදැලත් කහ කහ ඉඳල හතර පහ වෙද්දි ගෙදර යනවා. රෑ වෙනකොට බලු රොත්ත බණ මඩුවට රිංගුවාම ආයෙ පන්නනවා බොරු. බල්ලොත් එක්ක බුදියංඩ කාටද පුලුවං කියල උපාසක ඇත්තො පැදුරුත් අකුළං ගෙදර යනවා. දැං දැං පංසලට පේරු දානෙත් වරදිනවා. මහ ඇත්තො උයල දුන්නට කොල්ලො කුරුට්ටො දං පෙට්ටිය අරං පංසලට එන්ඩ කැමති නෑ. බල්ලංගෙ සනි අඬේ නිසා. “මෙහෙම ගියොත්නං පංසලත් පාළු වෙලා සාසනෙත් පාළු වෙනවා!” ලොකු හාමුදුරුවංට හිතුණා.

ඒ අතරෙ පංසල් පාරේ ඈත කෙළවරෙං කඩිමුඩියේ ඇවිදගෙන එන වන්නිහාමි මහ උපාසක මහත්තය හාමුදුරුවන්ට පෙනුණා. හදිස්සියක් නැතත් හදිස්සියෙන් වාගෙ අතපය දෙපැත්තට විසිකරල ඇවිදින වන්නිහාමි එකඑල්ලේම බලාගෙන ආවෙ ලොකු හාමුදුරුවන්ගෙ කාමරේ ජනේලෙ දිහා.

“ඒකැයි හාමුදුරුවනේ, හරි ඇබැද්දියක්කෙ වෙන්න යන්නෙ” කියන ගමන් වන්නිහාමි කාමරෙන් එළියට ආපු ලොකු හාමුදුරුවො ළඟ දනිං වැටිල වැන්දා. වැඳල එතනම බිම ඉඳගත්තා...”

“ආං අරහෙ අරුං පංසලක් හදනවා. අර මහවැවට පල්ලැහිං තිස් බඹේ කොටල... මේකට එන්ඩ බෑලු බල්ලො හිංදා. උං ඔන්න ඔහෙ කොහෙද ආරාමෙක ඉන්න හාමුදුරු කෙනෙක් ගේංඩලු යන්නෙ. මොන ජාතියෙද දන්නෙත් නෑ. උංගෙම එකෙක් වෙන්ටෑ...”

“හා... හා... උපාසක, කාටද ඔය කතා කරන්නෙ. චීවරයක් දරාගෙන ඉන්න හාමුදුරු කෙනෙක්ට කොහෙන්ද ජාති කුලමල බේදයක්. ඇරත් ගිහියො අතර උණත් බමුණා කවුද වසලයා කවුද කියල උපාසක හොඳට දන්නවා නේද?”

හාමුදුරුවංගෙ තැන්පත් වචනවලිං වන්නිහාමි උපාසක ටිකක් දමනය වුණා.

“එහෙමයි අපේ හාමුදුරුවනේ. ඒ උණාට මෙවුං හදන්නෙ අපේ සාසනේ විනාස කොරංඩ. ඒකට ඉඩ දෙන්ඩ බෑ... උං දැං කටුමැටි ගහලත් ඉවරයි. අද හවහට පොල්අතු හෙවිලි කරංඩයි යන්නෙ... අද රෑට මං ඕකට ගිනි තියනව. දෙතුං දෙනෙක් මරාගෙන මාත් මැරෙනවා ඕං... සාසනේ විනාශ කොරංඩ දෙන්ඩ බෑ...”

“උපාසක... පංසලක් හැදුණාම සාසනේ රැකෙනවා, දියුණු වෙනවා මිසක් විනාස වෙන්නෙ නෑ නේද? බුදු හාමුදුරුවො කොයිම වෙලාවකවත් දේශනා කළේ නෑ අනිත් අයගෙ විශ්වාසවලට ගරහංඩ කියලා. කෙනෙක් වැරදි මාර්ගෙක යනව නං හරිමග පෙන්නංඩ විතරයි අපට පුළුවං. ඒ මඟ යනවද නැද්ද කියන එක තෝරගන්නෙ ඒ අයමයි...”

“අනේ ඔබ වහන්සෙගෙ බණ වලිං වැඩක් නෑ හාඳුරුවනේ. මේ ප්‍රස්නෙ විසදංඩ ඕනෑ...”

සල බලං ගාල දාන ශාලාව පැත්තෙ පිඟං පෙරලෙන සද්දෙකුත් එක්ක බල්ලෙක් වේදනාවෙන් කෑ ගහගෙන ලැගුං ගේ ඉස්සරහ දොර පැත්තට දුවගෙන ආවා. බෙලෙක් පිඟානක් රූං ගාලා ඇවිත් මිදුලෙ වටයක් කැරකිලා ෂලං ෂලං ෂලං ගාලා වැල්ලෙ පෙරළුණා. පිටිපස්සෙ දොරෙං ඇතුළට ඇවිත් දොර රෙද්දත් වේගෙන් මෙහාට කරගෙන පොඩි හාමුදුරුවො කාමරේට ගිහිං දඩාස් ගාලා දොර වහගත්ත.

ලොකු හාමුදුරුවො කතාබහක් නැතිව වැඩ ඉන්න නිසා මහ උපාසක වන්නිහාමි යන්න නැගිට්ටෙ මූණ පුළුටු කරගෙන.

“උපාසක ඔය යන්ඩද? කලබල නැතිව හිතල බලල තීරණ ගත්තොත් හොඳා. තමුන්ටත් තරුණ පුතාලා ඉන්නවනෙ. පහළ ගමේ ඇත්තො කවදත් ප්‍රචංඩයි. ඒ අය හැම වෙලාවෙම අවි ආයුධ අතට ගංඩ සැරසිලයි ඉන්නෙ. ඉවසීමෙන් කටයුතු කරමු. මං මොකක් හරි කරංඩ බලන්නං.”

* * * * * *

උපාසක පිට වෙලා ගිහිං පංසලේ තොරණ ළඟිං නොපෙනී යනකන්ම බලං හිටපු හාමුදුරුවන්ට පහුගිය කාලෙ සිදුවීමක් මතක් වුණා.

එම්.ඕ.එච්. ඔෆීස් එකෙන් ඇවිත් බල්ලොන්ට වඳ සැත්කම් කරන්න පංසල ළඟ සමිති සාලාවට අරං එන්ඩ කියල ගම පුරාම ලවුඞ්ස්පීකරෙං කියාගෙන ගියා. වැඬේ පටංගංඩ ලෑස්තිවෙද්දිම තමන් වහන්සේ එතෙන්ට ගිහිං පී.එච්.අයි. මහත්තුරුංට කතා කරල කියපු දේවල් උන් වහන්සෙට හොඳට මතකයි.

“මහත්තයො, බල්ලංගෙ උණත් අයිතිවාසිකම් කප්පාදු කරන එක වැරදියි. ඒ නිසා මේ ගමේ විතරක් ඔය වැඩේ කොරංඩ එපා. කාට කාටත් වැඩියි නං දරුවො වගේම බල්ලොත් බාර ගංඩ පංසලට පුළුවං...”

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහත්තුරු කොච්චර පැහැදිලි කරංඩ හැදුවත් හාමුදුරුවො ඒකට ඉඩ දුන්නෙ නෑ. යකඩ දංවැල්, කොහුලණු, රෙදිපටි ආදී නොයෙක් දේවල්වලිං බල්ලො ගැටගහගෙන ඇවිත් හිටපු හැම කෙනෙක්ම හාමුදුරුවො දිහා බල බලා මුණු මුණු ගගා ආපහු ගියේ ඒ හැටි ප්‍රසාදෙකින් නෙමෙයි. ඊට පස්සෙ සති දෙකතුනකින් බැල්ලියොත් එක්කම පැටව් රොත්තක් පංසලට ගෙනත් දාලා තිබුණා. පංසලට එන පිරිසත් අඩු වෙංඩ ගත්තෙ එදා ඉඳලා...

කල්පනා කරමින් හිටි ලොකු හාමුදුරුවො දාන ශාලාව පැත්තට කර පොවලා “පුංචි අප්පෝ...” කියල කෑ ගැහුව. දානෙ පාත්තරා හෝද හෝද හිටපු පුංචි අප්පො සරමෙ අත පිහිමින් ඉස්සරහට ආවා. හාමුදුරුවංගෙ මූණ පිපිහලු වෙලා. නළල දෙපැත්තෙ හීං දාඩිය දාලා තියෙන හැටි පුංචි අප්පො දැක්කා.

“පුංචි අප්පො, අර එම්.ඕ.එච්. එකේ මහත්තුරු ලියල දීල ගියපු ටෙලිපෝං නොම්බර ටික මෙහාට ගෙනාවනං...”

ලොකු හාමුදුරුවො අහක බලාගෙන එහෙම විධාන දීලා පය බරට අඩි තියල බණ මඩුව පැත්තට ඇවිදං ගියා.






Nissanka Rajapaksa

unread,
Oct 4, 2019, 6:48:10 AM10/4/19
to ind...@googlegroups.com
මිනී කපන්නෙකුගේ හෘදය සාක්ෂිය
ශක්තික සත් කුමාර

මිනී ඩග්ලස්ට දස වසරක සිර දඬුවමක් නියම වී ඇති බව එදින සවස් වන විට කාදර් නානගේ වත්ත පුරා පැතිර ගොස් තිබුණු අලුත්ම ප්‍රවෘත්තිය විය. සෑම විට ම මෙවැනි ප්‍රවෘත්තියකට කාදර් නානගේ වත්තේ දී තටු ලැබෙන අතර පසුව එය වොයිස්කට් වත්ත මතු නොව සමස්ත වනාතමුල්ලෙහි ම පැතිර යෑම සාමාන්‍ය ස්වභාවයයි. නමුත් මිනී ඩග්ලස්ගේ පුවතට තටු ලැබුණේ නැත. සයිමන්ගේ කසිප්පු තිප්පොළට පොලීසියෙන් පැන්න විට හෝ ලසිකාගේ මඩමෙහි කෙල්ලෙක් පැනල ගිය විට හෝ ඒවා තලුමරන වයලට් අක්කා පවා ඩගී මල්ලිගේ හිර දඬුවම අසා කම්පාවට පත් වූවාය.

“ඕකා ඔය ජීවත්වෙන්න මඟක් නැතිව මිනී එම්බාම් කළාට, ඒ වගේ ජරා වැඩක් කරන එකෙක් නෙවෙයි.”

වොයිස්කට් වත්තට උඩින් මළහිරු රත් පැහයෙන් කාදර් නානගේ වත්තේ වතුර කරාමය අසලට විත් තිබිණි. කාන්ති බේසමෙන් ගන්නා රෙදි තාලයකට ගල්පොත්තේ ගසයි. තහ්... තහ්... තහ්... මඳකට ඇය තම රාජකාරිය නවතා වයලට් අක්කා දෙස බලයි. වයලට් අක්කාගේ දෑස් යොමු වී තිබෙන්නේ නෙක පැහැ ගැන්වී තිබෙන අහස දෙසටයි.

“මාත් හිතුවේ වයලට් අක්කේ ඩගී මල්ලි ඔය නඩුවෙන් නිදහස් වේවි කියල. පණ තියෙන ගෑනියෙක් එක්කවත් නිදි වදින්නැති ඕකා, ඔය කොහෙවත් යන මළ මිනියක් එක්ක බුදිය ගනී ද?”

“තහ්... තහ්... තහ්...” ඇය තම රාජකාරිය නැවත අරඹයි.

“නාමෙ නොදිරනා... කුණු කය දි... ර... නා...

අරු... මෙකි සෝ... බා... සං... සා... රේ...

අ... රු... මෙකි...”

මුඩුක්කු පැල්පත් අතරින් මතු වූ සිමියොන් දුරදීම රෙදි අපුල්ලන තම බිරියව දකී. ඔහු සෙමෙන් සෙමෙන් වතුර කරාමය අසල සිටගෙන සිටින වයලට් දෙසට පිය නඟයි. සරමෙහි කැහිපොට ලෙහා දමයි.

“අදත් කොහෙන් හරි ටිකක් කට ගා ගත්තා නේද? තමුසෙව මම කසාද බැඳගත්තෙ පූරුවෙ කරුමෙකට...”

“ජබාස්” කාන්ති කුණු වතුර බේසම හලයි. එය කුණු කානුව දිගේ හැලහොල්මනක් නැතුව ගලා යයි.

“චොර... චොර... චොර” කරාමය ඇර ඇය බේසමට නැවත වතුර පුරවයි.

“ඒක නෙවෙයි බං... දන්නව ද වැඩක්...” සිමියොන් වයලට් අසලට සිටගෙන කාන්ති දෙස බලයි.

“දන්නව... දන්නව... පුළුවන්නම් ගිහින් ඕක වොයිස්කට් වත්තෙ කසිප්පු පොළෙත් කියාපන්. එතකොට ඒකෙ අම්මණ්ඩිල උන් බලාගෙන හිටිය වගේ ටීවී කැමරා උස්සගෙන එන මහත්තුරුන්ටත් කියයි. නොදකින්... ඇඳගන් චීත්තයක්...”

“දබොක්... දක්...” කාන්ති අපුල්ලපු රෙදි ටික වතුර බේසමට අතහරියි. සිමියොන් පසුබා සිටියි.

“මං යනවා කාන්තියෝ...” වයලට් අක්කා සිමියොන් දෙස බලයි. බොරැල්ල පැත්තෙන් ඇම්බියුලන්ස් රථයක හඬ නොනවත්වාම ඇසේ.

තමන්ව වැලිකඩට ගෙන නොගොස් බෝගම්බර සිර කඳවුරට ගෙන ඒම පිළිබඳව ඩග්ලස්ට තිබෙන්නේ හීන් සතුටකි. ඒ හැර අනෙකුත් සිතුවිලි සියල්ල එකිනෙක ගෙන විමසා බැලීමට පසුගිය සති කිහිපයේ මෙන්ම අදත් ඔහු අපොහොසත්ව සිටියි. ඔහුට රාජගිරියේ ශාන්ත මල් ශාලාවත්, ශාන්ත මුදලාලිවත්, වයලට් අක්කාවත් සිහියට නැ‍ඟේ. වයලට් අක්කාගේ ගතින් වහනය වන කොහොඹ සබන් සුවඳ ඩග්ලස්ගේ නාසයට දැනේ. ඔහු දෑස් පියාගනී.

“තව ටික දවසක් යද්දි මේකෙ එවුන් කියයි අම්මෙක් අප්පෙක් නැති උඹව මම රවට්ටගෙන දත ගැලෙව්වා කියල” පුටු කබල උඩ වාඩි වී අනන්තය දෙස නෙත් අයාගෙන සිටින ඩග්ලස්ට දුම් දමන තේ කෝප්පයක් දෙන ගමන් වයලට් අක්කා පවසයි. කහ පැහැ කමිසයකින් සහ කළු පැහැති කලිසමකින් සැරසී සිටින ඩග්ලස්ගේ උඩු රැවුලත් බොර පාට ඇස් දෙක දෙසත් තම නෙත් යැවූ වයලට් අක්කා ඔහුගේ වයස පිළිබඳ යම් අනුමානයකට එළඹෙමින් සිටියාය.

“උඹටත් දැන් තිස්පහකට විතර කිට්ටු කරල ඇති මයෙ හිතේ.” ඇය ඈත මුඩුක්කු පෝලිම දෙස බලයි. කුණු ඇළ දෙසින් හමා ආ සුළඟින් වයලට් තම නැහැය සඟවා ගැනීමට බොල් උත්සාහයක යෙදෙයි.

කවුද දන්නෙ බං... ඔය ශාන්ත මුදලාලිනෙ මට ඩග්ලස් කියල නම දැම්මෙත්. මේකෙ වුන් මට කීවේ අවජාතකය, සක්කිලිය. දැන් කියන්නෙ මිනී කපන්නා කියලනෙ. තව ටික දවසකින් අළුගෝසුව කියලත් කියයි.”

ඩග්ලස් තේ කෝප්පය හිස්කර සිගරට්ටුවක් දල්වා ගනියි.

“ඇයි උඹ ඉස්සරහට මිනිස්සු මරන්නත් හිතාගෙන ඉන්නව ද?...”

“නොම්බර 0738... ඒයි වනාතෙ හාදයා...”

ජේලර්ගේ හඬින් ඩග්ලස් තිගැස්සෙයි.

“ඇයි උඹ කරපු අපරාධ මෙනෙහි කරනව ද? යකෝ මැරිච්ච ගෑනියෙක් එක්ක හැමි... තොට පණ තියෙන ගෑනු හිටියෙම නැද්ද? කොහොමටත් බං වනාතෙ හිටියෙත් අනාතෙ තමයි”

ඩග්ලස් කිසිත් නොකියාම ජේලර් දෙස බලාගත් වනම නැඟී සිටියි.

මැද තීරුවේ ලයිට් නිවා දමමින් ජේලර් ඉදිරියට ඇදෙයි.

“උඹව හෙට දාල තියෙන්නෙ කැම්පස් පාටියට. උදේම කැම්පස් එක සුද්ද කරන්න යන්න ලෑස්ති වෙයන්. එහෙදි උඹට මළ මිනී වෙනුවට දිව්‍යාංගනාවො දැක්කහැකි.”

අඳුර තුළින් ජේලර්ගේ හඬ මැකී යයි. ඩග්ලස් තව තවත් අඳුරට තුරුළු වෙයි.

“උඹල ඔක්කොටම පිස්සු. අමරාවතී මැරිල හිටියෙ නැහැ. අනෙක මං ඒකිත් එක්ක බුදිය ගත්තෙත් නැහැ.” මුළු ලොවටම ඇසෙන්නට කෑගසා කීමට ඩග්ලස්ට සිත් වෙයි. නමුත් ඔහුගේ හඬ ඔහුටවත් නොඇසෙයි.

“ඩගී අදනම් උඹට පිරියකින් කරන්න පුළුවන් වැඩක් එනවා. ගිය අවුරුද්දෙ ද කොහෙද රූ රැජිනක් වුණේ. අමීෂා... ඒ නෝනගේ වැඩේ අපිට ඇවිත් තියෙන්නේ.”

ශාන්ත මුදලාලි මේස් බැනියම උඩට කර බඩ අතගාමින් පවසයි. ඩග්ලස් ටින්ටස් ඇණ වගයක් තෝරමින් සිටියි.

“අමීෂා කියන්නේ අර රඟපාන එක්කෙනා නේද? ඒ නෝනගෙ නැතිවෙලා තියෙන්නේ අම්ම ද? තාත්ත ද?” ඩග්ලස්, මුදලාලි දෙස බලයි. බොරැල්ල දෙසින් පැමිණි බසයක් රාජගිරිය හන්දියෙන් හැරී නුගේගොඩ දෙසට ගමන් කරයි.

“ඒකිගේ අම්මා තාත්තා ඉන්නව ද මැරිල ද කියල මං දන්නේ නැහැ. ඇමැතිතුමා මට බාර දුන්නේ ඒ කෙල්ලගෙ බොඩියෙ වැඩේ. වැඩේ හොඳට තියෙන්න ඕන ඩගියෝ...”

“ටික්... ටික්... සලං...” ඩග්ලස් අතින් ටින්ටස් ඇණ ටික බිමට වැටී මල් ශාලාව පුරා විසිරී යයි.

අමීෂාගේ බොඩිය සේදීමටත් පෙර ඩග්ලස්ගේ දෑත් වෙව්ලන්නට පටන් ගනී. ඇගේ නග්න දේහය සැලෝලයිට් එළියෙහි බැබළෙමින් ඇත. ඩග්ලස් අත් දෙක පිසලාගෙන මිනී කපන කාමරයේ අඳුරු මුල්ලකට ඇදෙයි. මිනිය සමඟ ඇමැතිතුමා අතින් ලැබුණු සැර අරක්කු බෝතලයෙන් වඩි කිහිපයක් ඔහු උගුරට හලා ගනියි. එක්වරම ඔහුගේ වම් උරයට සීතලක් දැනේ. ඔහු තිගැස්සී පිටුපස බලයි.

“ආ... අම්... බුදු... අමී... ෂා... මැඩම්”

“ස්... ස්...” තමන්ගේම තොල් දෙකට ඇඟිල්ල තබාගත් අමීෂා ඩග්ලස්ට කෑ නොගසන ලෙස සංඥාවක් නිකුත් කරයි. පසුව පසෙක තිබූ සුදු සාරියක් ඇය එහෙන් මෙහෙන් පටලවා ගනියි. ඩග්ලස්ගේ මුළු ඇඟම ගැහෙන්නට පටන් ගනී. දහඩියෙන් තෙත්ව ගිය තම සිරුර ඔහු අඳුරු මුල්ලටම හේත්තු කර ගනියි.

“බයවෙන්න එපා... මම හොල්මනක් නෙවේ. අරුං හැදුවේ මාව මරන්න. ඒත් මම මැරුණේ නෑ. මගේ වාහනේ හැප්පුවේ අර ඇමතිය ගාව වැඩ කරන වනාතමුල්ලෙ චොප්පයා. ඌ හිතන්නැති මං මැරෙන්න ඇති කියල... දැන් මට තේරෙනව මුං මගේ අම්මට කරපු දේ මොකක්ද කියල...” ඈ ඉකි බිඳින්නට වූවාය. ඇගේ ඉකිබිඳුම ඔහුට ඇසුණේ හීනෙන් මෙනි. සිහි එළවා ගත් ඔහු මිනිය දමා තිබූ ට්‍රොලිය දෙස බලයි. අහෝ! සැබෑවකි. ඇයට පණ ඇවිත් ඇත. (ට්‍රොලිය හිස් ය) ඩග්ලස් අඳුරු මුල්ලෙන් එළියට විත්, එම්බාම් කාමරයේ තිබූ එකම ප්ලාස්ටික් පුටුව ඈ වෙතට තල්ලු කර ඒ ඉදිරියේ සිමෙන්ති පොළවට බර වෙයි.

“එතකොට අමීෂා මැඩම්...”

“මම අමීෂා නෙවෙයි. මම වොයිස්කට් වත්තෙ සොපීගේ දුව අමරාවතී. අර ඇමැතිය ලෝකෙටම මාව පෙන්නුවේ උගේ පෞද්ගලික ලේකම් විදියට. ඒත් මම උගේ එක හොර ගෑනියෙක් විතරයි. ඌ මට මගේ නමත් නැති කළා.” අමීෂා... නෑ... අමරාවතී... දෑත් මිට මොලවාගෙන ඩග්ලස්ගේ ඉදිරියේ වූ පුටුවේ හිඳ ගනී. ඇගේ ඇස් කෝපයෙන් දිලිසෙමින් ඇත. එහෙන් මෙහෙන් පටලවාගෙන ඇති සාරිය විනිවිද යන සැලෝලයිට් එළියෙන් ඇගේ නග්න දේහය ඔහුට පෙනේ. මෙවර ඔහු තම දෑසින් එය රස විඳින්නට උත්සාහ කරයි.

“පිරිමි ඔක්කොටම ඕන වුණේ මගේ මේ ඇඟ. තමුසෙටත් ඕනෙ ඒක ද?” ඈ පුටුවෙන් නැගී සිටීමට උත්සාහ කරයි. ඔහුට මහත් ලැජ්ජාවක් දැනුණි.

“මට සමාවෙයන් අමරාවතී. මම මහ කාලකණ්ණී මිනිහෙක්” කවරදාකවත් සිදු නොවූ ලෙස මිනී කපන කාමරය තුළ ඔහු ඉකි බිඳියි.

“පිරිමින්ගේ කඳුළු මං දැකල තියෙනව. ඒ කඳුළුවලට අම්ම වගේම මමත් රැවටුණා. උඹට ඔය සැර අරක්කු බෝතලයක් දීල ගිය ඇමතියා නගර සභාවේ මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න කාලේ අපේ ගේ ඉස්සරහම මිනිහෙකුගේ බෙල්ල කැපුවා. පස්සේ අපේ අම්මගේ කකුල් දෙක අල්ලල අඬන්න ගත්තා. අම්මා පොලීසියට බොරු කට උත්තරයක් දීලා ඌව බේරුවා. අන්තිමට ඌ අම්මවයි මාවයි දෙන්නම හොර ගෑනු විදිහට තියාගත්තා. ආයි...”

ඇගේ නළලේ වූ කුඩා තුවාලයෙන් හදිසියේම ලේ ගලා ගලයි. ඈ සුදු සාරියෙන් එය වසා ගත්තාය. නැගී සිටි ඔහු ඇයව පුටුවෙන් නැගිට්ටුවා වත්තන් කරගෙන එහා කාමරයට ගෙන ගොස් වැල් ඇ‍ඳෙහි හාන්සි කරවීමට උත්සාහ කරයි. ඒ සමඟ පිටුපසින් ඔළුවට වැරෙන් වැදුණු පහරත් සමඟ ඔහු ද ඇගේ ඇඟ උඩට වැටුණි. චිරි... චිරි... චිරි... මහා බරක් දරාගත නොහැකිව වැල් ඇඳ හති වැටේ.

“මම හිතුවෙ නැහැ ඇමැතිතුමා මේකා මේ වගේ සතෙක් කියලා. මං අද මේකව මරනවා” ශාන්ත මුදලාලි දත්මිටි කයි.

“නෑ... නෑ... මුදලාලි ඕකව අල්ලල පොලීසියට භාර දෙමු. එතකොට මාධ්‍යකාරයො මං පස්සේ එනව වෙනුවට මේ වැඩේ පස්සෙ යයි. ඕකුන් මෝඩ යක්කු... වෙන කවුරුහරි දාල මුදලාලි ඔය මිනියෙ වැඩ ටික මට කරල දෙන්න... බොඩි එක බාරගන්න...”

* * *

කාදර් නානගේ වත්තෙන් රත්පැහැය තවරා බැස ගිය හිරු පසුදා නැඟුණේ තද රත් පැහැයකින් වනාතමුල්ලම නහවමිනි. වතුර කරාමය ළඟ තදබදයත්, වැසිකිළි පෝලිමත්, පසු කරමින් වයලට් අක්කාගේ පැල්පතට ඇතුළු වූ ආරංචිය පෑල දොරින් නික්ම යන්නටත් පෙර ඇය හොර රහසේම ඉකිබිඳින්නට වූවාය.

“මිනී ඩග්ලස් හිරේදී බෙල්ලෙ වැල දාගෙන නෙමේ මැරිල තියෙන්නේ, පේරාදෙණිය විස්සවිද්‍යාලේ ටොයිලට් වළක් ගොඩදාන්න ගෙනියද්දී මූ පැනල දුවන්න හදල. පොලීසියෙන් මූට වෙඩි තියල.” සිමියොන් වොයිස්කට් වත්තෙ කසිප්පු පොළේ සිටියවුන්ට ඇසෙන්නට කියයි. පසුව ඔහු සුදු අරක්කු වඩියක් කටට හලාගෙන කාරා කෙළ ගැසුවේය.




Nissanka Rajapaksa

unread,
Oct 6, 2019, 7:10:06 AM10/6/19
to ind...@googlegroups.com
 සමථය
බොක්‌කාවල - සුසිල් කුලතුංග

"මූ බයික්‌ එක කාලා.... මේක මට එහෙම තිබුණා නම් බබා වගේ බලාගන්නවා..."

බයිසිකලය සෝදා ගෙයි පසෙක බිත්තියට හේත්තු කළ කරුණාපාල ඉඟටියට දැත් තබා මඳ වේලාවක්‌ බලා සිටියේය. ගමේ තැපැල් කාර්යාලයේ වැඩ කරන තැපැල්කරු නිවාඩු ගිය දිනයක අනියම් තැපැල්කරු ලෙස සේවය කිරීමට තමාට අවස්‌ථාවක්‌ ලැබුණ අයුරු ඔහු ආවර්ජනය කළේ මහත් වූ උජාරුවකිනි. මෙම තනතුර ලබාගැනීමට තමාට උදව් කළේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී රත්නායක මුදලාලි බව ඔහු මතක්‌ කළේ මහත් සෙනෙහසකිනි.

"කමක්‌ නැහැ ඒකට හිලව්වටනේ අපි දෙන්නම මනාප දුන්නෙ උන්නැහේට"

එහෙත් කරුණාපාලගේ කනස්‌සල්ලට හේතු වූයේ තමාගේ රැකියාව කිරීමට ස්‌ථිර තැපැල්කරු නිවාඩු යනතෙක්‌ බලාසිටීමට සිදුවීමය. අද දින එසේ තමාට සේවය කිරීමට අවස්‌ථාව හිමිවූ බවත්, බෙදීමට ලියුම් නොමැති වුවත් දුඹුරු පාට හිස්‌ ලියුම් මල්ල බයිසිකලයේ ඉදිරිපස තබාගෙන ගම පුරා කරක්‌ ගැසූ බව මතකයට නඟා ගත්තේ මුවගට ආ මදහසකුත් සමගය.

බයිසිකලය සේදීමේ කාර්ය අවසන් වූ බැවින් වහවහා සාලයේ වැලක වනා තිබූ අත්කොට සුදු කමිසය අඳින ගමන් ගෙදරින් පිටත් වූයේ ගමේ සර්ප වෙද මහතාගේ අවමඟුලට සහභාගි වීමට දැනටමත් ප්‍රමාද වී ඇති බව මෙනෙහි කරමිනි.

"කුඩා බණ්‌ඩා වැස්‌සී බැඳපන්.. පොල් රුප්පාවේ" ගෙතුළට යොමුකළ හිසින් මහ හඬින් ප්‍රකාශ කරමින් කරුණාපාල මගට බැස්‌ස නමුදු එය ඇසෙන්නට දරුවා ගෙයි නොසිටි බව ඔහු නොදත්තේය.

පාසල ආසන්නව ඇළට ගොස්‌ දිය නාගෙන ගෙදර පැමිණි කුඩා බණ්‌ඩා එනම් කරුණාපාලගේ කුඩා පුතු තම පියා විසින් සෝදා තබන ලද බයිසිකලය දෙස තුෂ්නිම්භූතව බලා සිටියේය.

"සිරිසේන අයියේ, මෙහෙ වරෙන්කෝ බඩුවක්‌ බලන්න"

අසුරු සැණින් තම ජංගිය ඉහළට ඔසවමින් කුඩා බණ්‌ඩා මල්ලී අසලට පැමිණි සිරිසේන බයිසිකලය අත ගෑවේ උපාසක අම්මා කෙනෙක්‌ ධාතු කරඬුවට අත තබන අයුරිනි.

"කරුණාපාල මාමාගේ නේද? පෝට්‌ ඔෆිස්‌ එකේ බයිසිකලේ නේද?

"හ්ම්" කුඩා බණ්‌ඩාගේ හූමිටිය ඔහුට ඇහුණේ නැත.

"පදිමුද. කෝ මාමා?"

"අප්පච්චි නම් ගුනේරිස්‌ සීයගේ මරණ ගෙදර ද කොහේදෝ ගියා. කමක්‌ නෑ පදිමු. සිරිසේන අයියා පස්‌සෙන් අල්ලගන්ට. මං පදින්නං"

"නැන්දා?"

"අම්මා ගෙදර නැහැ. දවල් ඉඳලම මගේ හිතේ" කුඩා බණ්‌ඩා පැවසුවේ බයිසිකලය මිදුල දෙසට හරවමිනි.

කුඩා බණ්‌ඩා හා සිරිසේන වසර හයක්‌ පමණ වූ සම වයසේය. පාසල් ගියේ, ඇළේ දිය නෑවේ, සෙල්ලම් කළේ එකටය. කරුණාපාලගේ සහ ඔහුගේ නැගණිය වන නන්දාවතීගේ දරුවන් වන ඔවුහු එකම ගෙයක දෙපැත්තේ වෙන වෙනම ජීවත් වූවෝය. දෙමාපිය උරුමයෙන් ලැබුණ ගෙය කුඩා වුවද නන්දාවතීගේ සැමියා ජීවත්ව සිටින කාලයේ සිටම ඔවුහු කාමර දෙක බැගින් බෙදාගෙන ජීවත් වූහ. නන්දාවතීගේ සැමියා මීට වසරකට පෙර මරණයට පත්වූයේ පලංචියකින් ඇද වැටීම හේතුවෙනි.

නන්දාවතීගේ වැඩිමහල් සොයුරා වන කරුණාපාලගේ එවකට වූ ප්‍රේම සම්බන්ධයට දෙමාපියන් එක හෙළා විරුද්ධ වූයේ "සුගුනා" ගේ පියා මස්‌ පිණිස කැලෑ සතුන් දඩයම් කරන්නකු හේතුවෙනි. එහෙත් තම සොයුරාගේ ප්‍රේමයට පූර්ණ අනුබලයක්‌ ලබාදුන් නන්දාවතී ඔවුනට රහසේ පලායැමට අවශ්‍ය පසුබිමද සාදා දුන්නේය. මවුපිය ඇවෑමෙන් දරු පැටියකු සමග යළි ගමට ආ කරුණාපාල පවුලට එවකට තමා ජීවත් වූ මහ ගෙදරම එක්‌ පැත්තක්‌ වෙන්කර දී පදිංචියට අවැසි පහසුකම්ද ලබාදීමට තරම් කරුණාවතීගේ සොහොයුරු පෙම බලවත් විය.

"උඹ රවුමයි - මං රවුමයි හරිද?" කුඩා බණ්‌ඩා බයිසිකල් සෙල්ලමේ කොන්දේසිය ඉදිරිපත් කළේය. ලොකු බයිසිකලයක්‌ වූ හෙයින් බාර් එක අස්‌සෙන් කකුලක්‌ දමා යන්තම් සමබරතාවය රැකගෙන එහා මෙහා පැදීමට සමත් වුවත් දෙවැන්නා එහි පසු පසින් අල්ලාගෙන සහාය විය යුතුවිය.

කෙසේ හෝ ගේ වටා එක්‌ රවුමක්‌ ගිය කුඩා බණ්‌ඩා තමා විසින්ම ඉදිරිපත් කළ කොන්දේසිය බිඳ දමා යළිත් රවුමක්‌ පැදීමට උත්සාහ කරනු දුටු සිරිසේන ඔහු වේගයෙන් පදිත්ම පිටුපසින් ආපසු ඇද්දේය.

"ඒයි කෝ මගේ රවුම - මං සීට්‌ එක අල්ලාගෙන පස්‌සෙන් දුවනවා විතරයි"

නෑසුණාක්‌ මෙන් පදින කුඩා බණ්‌ඩාගේ ගමන අඩාල කිරීමට සිරිසේන පස්‌සෙන් ඇද්දා පමණි. දෙදෙනාම බයිසිකලයද සමග එක ගොඩේ වැටුණි. මහ හඬින් සිනාසෙමින් නැගිටි ඔවුහු තුවාලයක්‌ සිදු නොවීම ගැන සතුටු වූහ. එහෙත් බයිසිකලය කෙලින් කරන විට එහි කණ්‌ණාඩිය සවිකරන කම්බිය ඇඹරී තිබෙනු දුටු ඔවුහු එකිනෙකාගේ මුහුණ බලා සිටියේ ඊළඟට ගන්නා පියවර නිශ්චය කර ගත නුහුණු නිසාය. දෙදෙනාම කම්බිය යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළද ඔවුන්ගේ දැනුම ඒ සඳහා ප්‍රමාණවත් නොවීය.

බයිසිකලේ ක්‍රීඩාව එතෙකින් අහවර කළ දෙදෙනා තම තමන්ගේ ගෙවල්වලට පැන ගත් අතර, වහා පාසල් පොත් අතට ගත්තේ මුනිවත රකිමිනි. එහෙත් ඔවුන්ගේ දැස්‌ තිබුණේ පාර දෙසටය.

කරුණාපාල තම බයිසිකලයට සිදුව ඇති හානිය දැක්‌කේ ගෙපැලට පැමිණ ඇඳුම් මාරු කර එය ගේ තුළට ගැනීමට යැමේදීය. වියයුතු සියල්ල සිදුවිය.

"මමත් පැද්දා - සිරිසේන අයියත් පැද්දා - එයා අතින් තමා පෙරළුණේ බයිසිකලේ" කුඩා බණ්‌ඩා පාපොච්චාරණය කළේ කරුණාපාලගේ දෙපය දෙස බලාගෙනය.

"සිරිසේන මෙහෙ වරෙන්"

කරුණාපාලගේ නියෝගයේ හඬ ගෙයි එහා කොටසේ හොරගල් අහුලමින් සිටි සිරිසේන කොලුවා බලාපොරොත්තු වූ ලෙසටම සිදුවිය. හඬේ තිබුණ ප්‍රබලතාවය නිසාම නන්දාවතී ද කරුණාපාල අසලට වහා පැමිණි අතර, සිරිසේන ඇයගේ චීත්ත පොට අල්ලා ගත්තේය.

"ඔය කොරල තියෙන්නේ - පෝස්‌ට්‌ ඔෆිස්‌ එකට මේකේ ඩැමේඡ් එක ගෙවන්නේ උඹලගේ මැරුණ තාත්තද මිනිහෝ?

අනපේක්‍ෂිතව කරුණාපාල මාමා තම කම්මුලට එල්ලකළ පහර දරාගත නොහැකිව මහ හඬින් හඬමින් සිරිසේන නන්දාවතී බදාගත්තේය.

වැඩිහිටි තිදෙනාම එක්‌ව බයිසිකලයේ "ඩැමේඡ්" එක පිරික්‌සූ අතර, කරුණාපාලගේ බිරිඳ සුගුනා සිරිසේන දිහා එක එල්ලේ නෙත් යොමා සිටියේ සියලු දේටම වගකිව යුත්තා ඔහු ලෙසය. කරුණාවතී විටින් විට ඔහුගේ ඔළුව අතගාමින් සිටියාය.

"මං දවස්‌ පඩිකාරයා. තැපැල් නෝනාගේ විශ්වාසයටයි මට මේක ගෙදර ගේන්න දුන්නේ. ඉතිං ගෙවපල්ලාකෝ... අලුත්ම බයිසිකලේ"

කරුණාපාලගේ ශබ්දය ඉඳිවැට පසුකර පාර තෙක්‌ම ඇසිණි.

"කොල්ලගේ කම්මුලත් රතුවෙලා. දරුවො දෙන්නම නේද මේක පැදල තියෙන්නේ" ඒ කරුණාවතීගේ කෙඳිරිය විය.

"උඹේ කොල්ලාගේ කම්මුල තමා ලොකු. කවුද මේකේ අලාභය ගෙවන්නේ? මේක මේ හිතාමතාම කරපු වැඩක්‌. ආයේ දෙකක්‌ නැහැ. මං දැක්‌කා දවල් ඔහේ බයිසිකලේ ගෙදරට ගේනකොටත් නන්දාවතී ඔරවාගෙන බලාගෙන හිටියා"

සුගුනාගේ අනපේක්‍ෂිත චෝදනාව ඉදිරියේ නන්දාවතීගේ දෙනෙත් විවරව තිබුණි.

"අපි මොකටද ඔය ලදරමට කොරෝද කරන්නේ? අනික මුං දෙන්නම එකතු වෙලානේ සෙල්ලං කරල තියෙන්නේ. මගේ කොලුවට විතරයි අත ඉස්‌සුවේ" නන්දාවතී චීත්තයෙන් කඳුළු පිස දැම්මාය.

"හොඳ සෙල්ලම. අපෙ පොඩි එකා අවුස්‌සල බයිසිකලේ පදින්න අරන් තියෙන්නේ සිරිසේන හිතා මතාම" සුගුනාද ඉදිරියට තැබූ පියවර ආපසු නොගත්තාය.

ඒ වුණාට අර මැරිච්ච මනුස්‌සයාගේ නමත් මේවාට ඇදල ගන්න ඕනෑද? නන්දාවතී ඉකිගැසුවේ හුදෙක්‌ ආත්මානුකම්පාවෙන්ම විය හැක.

දෝෂාරෝපණ, ඉකිගැසුම් ප්‍රබලවත්ම කතිරිනා, ගල්ගේ, ජයසිංහ, චන්දරේ ආදී අසල්වැසියන් පවා රොක්‌වී තමා දන්නා අයුරින් "ඩැමේඡ්" එක තක්‌සේරු කළහ.

නිරාහාරව නිදාගත් පොඩි උන් අවදිකරවා රාත්‍රි ආහාර දීමට වැඩිහිටියන් උත්සුක නොවූහ. නන්දාවතී නිරාහාරව සිරිසේන දරුවා තුරුලු කරගෙන ඇඳට වැටුණ අතර කරුණාපාල යුවළගේ සාකච්ඡා හඬ මැදියම් වනතුරුත් අවසන් නොවීය.

වැස්‌ස තුරල් කර තිබුණි. පසුදා හිමිදිරියේම අයියා නගෝගේ "මහා සංග්‍රාමය" කැටයම් සහිතව සිතුවම් කර කතිරිනාගේ ආප්ප බෙදා හැරීමට සමගාමීව ගමේ කඩමංඩියට මාතෘකාවක්‌ සපයා තිබුණි.

එදා සෙනසුරාදාවක්‌ වූ බැවින් නන්දාවතී තේදලු කැඩීමට යත්දී සිරිසේන ද කැටුව ගියේ ගෙදර අනාරක්‍ෂිත යෑයි සිතූ බැවිනි. සමුපාකාරය පසුකර මඳ දුරක්‌ ඉදිරියට යත්ම වේගයෙන් ආ ලොරියක්‌ ඔවුන් පසුකර ගියා පමණි. ඒ පිටුපසින්ම ආ චැලිය තමා අසලම පාරේ බ්රේක්‌ ගැසූ ශබ්දයට නන්දාවතී දරුවාද ඇදගෙන කාණුවට බැස්‌සාය.

"ඒත් මං කවුද කියල බැලුවා. මේ බාලා මහත්තයානේ" නන්දාවතී ගැහෙන ළය මත අත තබා ගත්තාය.

"මං නන්දාවතී අක්‌කා මුණ ගැසෙන්නමයි යන්න හිටියේ. කොහොමද දැන් පුතාට? බාලසුබ්‍රමනියම් දරුවා දෙස බලාගෙනම චැලියෙන් පාදයක්‌ බිමට තැබුවේය.

"පුතාට? ඔය ඉන්නේ... මං අද වත්තට එක්‌ක යනවා. කොහොමද මහත්තයා දන්නේ මේ ඉක්‌මණට"

"නන්දාවතී අක්‌කේ, මං ප්‍රාදේශීය සභා මන්ත්‍රී, ගමේ වෙන ඔක්‌කොම මට පටස්‌ ගාලා ආරංචි වෙනවා. නන්දාවතී අක්‌කට පිස්‌සුද.... දරුවා වත්තට එක්‌ක යන්න. හොඳට හිටීවි. මේක ළමා හිංසනයක්‌. ළමා හිංසනයක්‌. ඔහොමත් පුළුවන්ද දරුවන්ට අඩන්තේට්‌ටම් කරන්න" බාලසුබ්‍රමනියම් අවධාරණය කළේ තිර හඬිනි.

"අනේ මහත්තයෝ, මොනව කළත් ඒ මගේ අයියානේ"

"හොඳට හිටීවි අයියා... අයියා කියලා. නන්දාවතී අක්‌කා දැනගන්ට මේක ප්ලෑන් කරල කරපු වැඩක්‌. මොකද කරුණාපාල උන්නැහේ වැඩ කළේ රත්නායක මුදලාලිට - නන්දාවතී අක්‌කා මට සපෝට්‌ කළා. මනාපෙ දුන්නා. ඕං ඔය කෝන්තරය තමා හිත යට තිබුණේ මෙච්චර කල්. වෙලාව ආව ගමන් පැන්නා එළියට. දැන්වත් තේරෙනවද?"

බාලසුබ්‍රමනියම් සිද්ධියට අලුත් අර්ථ විග්‍රහයක්‌ ඉදිරිපත් කළේ නන්දාවතී අන්දමන්ද කරමිනි.

"ඒකත් එහෙමද. කවුද අප්පේ දන්නේ ඔය වගක්‌. මං ඡන්දෙ දුන්නා අහවරයි" නන්දාවතී තවත් මොනවාදො මිමිණුවා.

කලක්‌ කොළඹ ප්‍රදේශයේ නා නා රැකියාවන් කර අවසන "සිල්වර් වැලි එස්‌ටේට්‌" එකේ කංකානි ලෙස සෑහෙන කලක්‌ වැඩකළ බාලසුබ්‍රමනියම් ප්‍රදේශයේ කා සමගත් කුලුපගව සිටීමේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී තමා සමග එකම පක්‍ෂයෙන් තරග කළ රත්නායක මුදලාලි සමග කරට කර සටනක්‌ දීමට සමත් විය. ප්‍රාදේශීය සභා මන්ත්‍රීකමක්‌ ලැබුණද රත්නායක මුදලාලිගේ මනාප ප්‍රමාණය අභිබවා යෑමට ඔහුට නොහැකි විය.

"හරි... මං කියන්නම් ක්‍රමය. නන්දාවතී අක්‌කා අද වැඩට යන්න එපා"

"නොගිහින්? කීයක්‌ හරි අතට එන්නේ ඕකෙන්නේ?"

"හරි හරි ඊට වැඩිය ගාණක්‌ මං අතට අරන් දෙන්නම්. දැන් යන්න ආපහු ගෙදර. වෙන ඇඳුමක්‌ ඇඳගෙන කෙලින්ම දරුවත් එක්‌ක ඉස්‌පිරිතාලෙට යන්න. කනට ගැහුවා කියන්න. තාමත් කන ඇතුළ රිදෙනවා කියලා කියන්න"

බාලසුබ්‍රමනියම් සිරිසේන අසලට පැමිණ හිස අතගෑවේය.

"පුතා කන ඇතුල රිදෙනව නේද?

කිසිවක්‌ නොදෙඩූ දරුවා හිස ඉහළ පහළ සෙලවූවා පමණි.

"අර මං කිව්වේ, දැක්‌කද... දැක්‌කද.... නන්දාවතී අක්‌කේ. පුතා දවසක්‌ හරි ඉස්‌පිරිතාලේ නවත්වන්න... ලේසියෙන් අරින්න එපා."

"අනේ මං දන්නේ නැහැ මහත්තයෝ..."

"ආයෙ අනේ අනේ කියනවා. දරුවා ඉස්‌පිරිතාලේට ඇතුල් කරලා යනවා කෙලින්ම පොලිසියට. සම්පූර්ණ විස්‌තරේ කියලා පුතා දැන් ඉස්‌පිරිතාලේ නවත්වලා ඉන්නවා කියලා දාන්න ඇන්ටි්‍රයක්‌. ඉල්ලන්න බෙහෙත් වලටයි, වෙච්ච රස්‌තියාදුවටයි රුපියල් පන්දාහක්‌"

"රුපියල් පන්දාහක්‌?" නන්දාවතීට කියවුණේ නිරායාසයෙනි. මතක ඇති කාලයක රුපියල් පන්දාහක්‌ අතපත ගෑ බවක්‌ ඇගේ මතකයට ආවේ නැත.

"ලැබෙයිද?"

"ඇයි නැත්තේ? ළමා හිංසනය... ආයේ දෙකක්‌ නෑ වන්දි ගෙවන්නම වෙනවා"

නන්දාවතී සිය පුතු සමග ගෙදර පැමිණියේ ඉබි ගමනිනි. අයියා... අයියාට විරුද්ධව පොලිසිය, සිරිසේනගේ කන, ආදී මේ සියල්ල අභිබවා රුපියල් පන්දහස... සියලු දෑ දෝලනය වෙමින් ඇය වටා භ්‍රමණය වන්නට විය.

පසුදින කරුණාපාල පොලිසියට කැඳවූ ස්‌ථානාධිපතිවරයා ඔහුගේ චෝදනාවේ බරපතළ කම හා නීතිය පිළිබඳ මනාව පැහැදිලි කළේය.

"ළමයා හොස්‌පිටල් එකෙන් එනකල් වෛද්‍ය වාර්තාව ලැබෙනකල් ඇප දෙන්න විදිහක්‌ නැහැ"

ළමයාගේ කනේ ආබාධයක්‌ නොමැති බව සටහන් කළ වෛද්‍යවරයා පසුදින සිරිසේනගේ ටිකට්‌ කැපුවේය. මෙම වෛද්‍ය තීරණය වෙනස්‌ කිරීමට බාලසුබ්‍රමනියම් උත්සාහ කළ නමුත් වෛද්‍යවරයාට බලපෑමක්‌ කිරීමට තරම් ඔහුගේ හඬ ප්‍රබල නොවීය.

කරුණාපාලට පොලිස්‌ ඇප ලැබුණේ ඒ අනුවය. ඔහු ඇප ලබන අවස්‌ථාවේ රත්නායක මුදලාලි ප්‍රාදේශීය සභාවේ සිට පොලිසියට ගොස්‌ ඔහුට නිවස දක්‌වා ප්‍රවාහන පහසුකම් ලබාදීමට කටයුතු කළේය.

යළි දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා ගැටලුව නිරාකරණය කිරීමට පොලිසිය ගත් උත්සාහය ව්‍යර්ථ විය. නන්දාවතීගේ අපේක්‍ෂිත වන්දිය පිළිබඳව විමසීමේදී එතැනට පැමිණ සිටි බාලසුබ්‍රමනියම් නන්දාවතීට අතේ ඇඟිලි පහ පෙන්නුවේ අන් අයගේ අවධානය යොමු නොවන අයුරිනි. ඇගේ වන්දි ඉල්ලීම ඉදිරිපත් වුණේ ඒ අනුවය.

"සමථ මණ්‌ඩලයට යවන්න" ස්‌ථානාධිපතිවරයාගේ නියෝගය අදාළ පොලිස්‌ නිලධාරියා සටහන් කරගත්තේය.

"ඔය දරුවෝ දෙන්නා උසාවි ගාණේ ගෙනියන්න එපා. සමථ මණ්‌ඩලයේ කියන්නෙත් උසාවියක්‌. එහිදී කිව්වොත් විතරක්‌ අනිත් දවසේ ගෙනියන්න" පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා අවවාද කළේ දරුවන් හා මවුපියන් දෙස බලමිනි.

කරුණාපාල හා කුඩා බණ්‌ඩාත්, නන්දාවතී හා සිරිසේනත් ආපසු ගමට පැමිණියේ එකම බස්‌ රියකිනි. අඳුරු බෝවී තිබුණ බැවින් කරුවලේම දෙවැට දිගේ ගෙදර දක්‌වා පියනගන නන්දාවතී වෙතට කරුණාපාලගේ විදුලි පන්දම විටින් විට නිරායාසයෙන් යොමුවිය.

සිවුදෙනාම ගෙදරට එකවර පැමිණි අතර, පිය පුතු අපේක්‍ෂාවෙන් දොර හැර සිටි සුගුනාගේ මුහුණ එල්ලා වැටුණේ සිවුදෙනාම එකට එනු දුටුවිටය.

නන්දාවතී වට රවුමෙන් ගොස්‌ තම දොරට යතුර දමන තුරු කරුණාපාල විදුලි පන්දම යොමුකර ගෙන සිටියේය.

සති දෙකක්‌ යනතුරු දරුවන් අතර ඇයි හොඳයියක්‌ ඇති නොවන අයුරින් ඇස ගසාගෙන සිටීමට නන්දාවතී සහ සුගුනා වගබලා ගත්තෝය.

සමථ මණ්‌ඩලයට පැමිණෙන ලෙස දන්වා ලිපිය ලැබුණු දින සිට නන්දාවතී සිටියේ දෙගිඩියාවෙනි. විටින් විට ගෙදරට එන කතිරිනා ඇයට මහත් අස්‌වැසිල්ලක්‌ ලෙස සිතුණි.

"බය වෙන්ට එපා නංගී, පලයන්... බාලසුබ්‍රමනියම් මහත්තයා කිව්ව විදිහට රුපියල් පන්දාහක්‌ කියන්නේ සුළු පටු ගාණක්‌ද? කතිරිනා කතා වස්‌තුව මනා ලෙස චිත්‍රණය කළේය.

"හිරේ ගියත් ඕකිට සත පහක්‌ දෙන්න එපා" කරුණාපාලගේ තීරණය ප්‍රකාශ කළේ "හරියට හරි... අන්න එහෙම කෙලින් ඉන්න" රත්නපාල මුදලාලි තම එකම ගැලවුම්කරු ලෙස කරුණාපාලට සිතුණි.

සමථ මණ්‌ඩලයට යෑමට සුදු සාරියක්‌ දවටා ගනිමින් නන්දාවතී වරින් වර ටයිම්පීස්‌ ඔරලෝසුව දෙස බැලුවාය. ඇය උදේම සිරිසේන කතිරිනාලෑ ගෙදර පිටත් කළේ අවවාද කන්දරාවක්‌ කොලුවාගේ කනට පිරවීමෙන් පසුවය.

"හතහ මාරේ බස්‌ එකේ ගියහම අට වෙනකොට ගියහැකි"

නන්දාවතීගේ කල්පනාව හදිසියේ බිඳී ගියේ ගේ අවටින් ඇසුණු මහ හඬ සිනාවක්‌ සමගය.

අනේ මල්ලී දියංකෝ.... දියංකෝ... සිරිසේනගේ සිනා හඬ ගේ අවටින් ඇසෙත්ම ගේ වටා දුවන අඩි සද්දය ගැන කිසිවක්‌ සිතාගත නොහැකි වූ ඇය සාරිය බාගෙට අඳිමින් වහා දොර වෙතට පැන්නාය. ඒ වනවිටත් කරුණාපාල සහ සුගුනා ද ගෙමිදුලට පැමිණ ඇති බවත් ඇය දුටුවාය.

"හරි උඹට මං ජම්බෝල ගෙඩියක්‌ කඩල දෙන්නං, උඹට ගස්‌ නගින්න බැහැනේ... දියංකෝ මල්ලී... මට ලැඡ්ජයි බං... ආං වැස්‌සිත් දුවනවා..."

වසු පැටවා පොල් රුප්පාවේ බැඳීමට යද්දී කලබල වීමෙන් උඩුකය නිරුවත් සිරිසේනගේ සරම ලිහී වැටී තිබුණි. ඒ අහුලා ගත් කුඩා බණ්‌ඩා එය කොඩියක්‌ මෙන් කෝටුවක දවටා සිනාවෙමින් ගේ වටා දුවයි. සිරිසේන නිරුවතින් ඔහු ලුහුබඳින්නේ මහ හඬින් සිනාසෙමිනි.

ගතවුණේ මඳ වේලාවකි. ගේ පිටුපසින් සතර කන් මන්ත්‍රණයක මුණු මුණුව ඇසුණි. ඒ අවසන සරම් ගනුදෙනුව අවසන් වූ වග කාටත් වැටහුණේ කුඩාවුන් දෙදෙනා මහ හඬින් සිනාසීමත් සමගය.

හිස ඔසවා බැලූ නන්දාවතීට කරුණාපාල හරි හැටි නොපෙනුණේ කඳුළු පටලයක්‌ දැස දරා තිබූ හෙයිනි.

හිස බිමට හරවා ගත් කරුණාපාල ආපසු ගෙට ගිය බව ඒ කඳුළු පටලය තුළින් නන්දාවතී පසක්‌ කළාය.

Nissanka Rajapaksa

unread,
Nov 7, 2019, 9:26:25 AM11/7/19
to ind...@googlegroups.com
නතරවීම

අනුරාධ විජේරත්න

අපේ ගමට කුලියාපිටිය සිට එන අවසන් බස්රථය පිටත් වන්නේ රාති‍්‍ර අටයි කාලටය. එබැවින් කොහේ ගියත් ගෙදර එන්නට නම් රාතී‍්‍ර අටයි කාලට පෙර කුලියාපිටියට පැමිණිය යුතුවිය. ජාතික අධ්‍යාපන ආයතනයේ පැවැත්වෙන බොහෝ වැඩමුළු ඉවරවෙන්නේ සවස හතරහමාර පමණ වනවිටය. එවිට කෙසේවත් රාතී‍්‍ර අටයිකාල වනවිට කුලියාපිටියට එන්නට නොහැකිබව දන්නා මම එවැනි දිනවල රාති‍්‍රය ගතකිරීමට චන්ද්‍රසිරිලාගේ ගෙදර යන්නට පුරුදුවීමි. 
 
 එය අපූරු පරිසරයක් විය. බැලූබැලූ අත වූයේ ගෙවල්යායක් මෙන් පෙනෙන පර්චස් විස්සේ කුඩා ඉඩම්වල තැනූ අලූත් ගෙවල්ය. එක එල්ලේ පෙනෙන කෙලින් පාරවල්ය. ගෙවල් අවට අලූතින් හිටවනු ලැබූ කෙසෙල් ගස්ය. අලූත හිටවූ පොල්පැළය. ගස්ලබු ගස්ය. සෑම වත්තකම වත්ත වටේට බැඳි තාප්පයක් විය. ගෙවල්යායේ ලොකුගස් නොවීය. එබැවින් සුළඟ බාධවක් නැතිව ගෙවල් අතරින් හමා ගියේය. සියලූම දෙනා දුර බැහැර ප‍්‍රදේශ වලින් කොළඹ පදිංචියට ආ රජයේ හෝ සංස්ථාවල රැුකියා කරන අයය. ගෙවල් බොහොමයක වැඩ ඉවරවී නොතිබුණත් කොටසක යන්තමට වැඩ ඉවරකරගෙන ඔවුන් ඒවායේ පදිංචිව සිටියෝය.
 
 චන්ද්‍රසිරිලා පදිංචිව සිටි ගෙය තට්ටුදෙකේ ගෙයක් විය. එහි වැඩ නිමවී තිබුණේ පහළ තට්ටුවේ පමණි. ඉහළ තට්ටුවේ වහල ගසා තිබුණ අතර එහි එක කාමරයක ඇතුළු පැත්ත කපරාරුකර දොරජනෙල් දමා තිබුණි. මම එහි ගියවිට මට නතරවීමට දුන්නේ එම කාමරයයි. 
 
 චන්ද්‍රසිරිලා මෙහි එන්නට පෙර සිටියේ තලවතුගොඩ තලාහේන පාරේ කුලියටගත් ඇනෙක්සියකය. ඔවුන්ගේ ලොකුදුව තිලිණි සහ පොඩිදුව ඉන්දීවරී උපන්නේ එහි සිටින විටය. අවුරුදු දහයක් පමණ එහි කුලියට සිටිමින් ඒ අතර ඉතුරුකරගත් මුදලින් ඔවුන් මේ ඉඩම මිලට ගත්තේය. ඔවුන්ගේ දෙමවුපියන්ද එයට උපකාරකර තිබුණි. තිලිණිට දැන් වයස අවුරුදු නවයකි. ඉන්දීවරීට වයස හතරකි. ප‍්‍රමාදවී පැමිණි කෙනකු ගේට්ටුව ඇර ගැනීමට නාදකරන මෝටර් රථයක නලා ශබ්දය බල්ලකු බුරනු ශබ්දය ඉන්පසුව කරාස්ගා තල්ලූ කරමින් අරිනු ලබන ගේට්ටු ශබ්දය ආදිය හැරුණුවිට රාති‍්‍රය නිසංසල විය. සුන්දරවිය. 
 
 චන්ද්‍රසිරිගේ ඉඩමට යාබද ඉඩම් කොටස වෙන්දේසියේදී වෙනත් කෙනකු විසින් මිලදීගත් නමුත් ඔහු එය ප‍්‍රයෝජනයට නොගෙන හිස්ව තිබෙන්නට හැර තිබුණි. පසුකාලයේ එම ඉඩම ඔහුගෙන් මිලදී ගන්නට චන්ද්‍රසිරිට හැකිවිය. එහිද කෙසෙල් ගස් සහ වෙනත් ගස් වර්ග සිටුවා තිබුණි. එළිපෙහෙලි කිරීමට වෙලාවක් නැති බැවින් එම හරිය ලඳු කෑලෑවකින් යුක්තවිය. 
 
 රාතී‍්‍ර ආහාර ගැනීමෙන් පසු වැඩ අවසන් නොවූ උඩ තට්ටුවේ වූ ඇඳි පුටු දෙකක වාඩිවන අපි ජනෙල් දොරවල් දමා නොතිබුණ එහි ආලින්දය හරහා හමායන සිසිල් සුළෙඟ් පහස විඳිමින් නොයෙකුත් දේවල් ගැන කථා කළෙමු. බොහෝවිට අපේ පැරණි පාසල් සහ විශ්වවිද්‍යාල යහළු යෙහෙළියන් සම්බන්ධ තොරතුරු අතීත මතක සැමරුම් විවිධ රසකතා වර්තමාන රැුකියාවන්හි ඇති ගැටලූ තොරතුරු උපදෙස් ආදියෙන් ඒවා සමන්විත විය. එය ඉතාමත් රසවත් මිත‍්‍ර සමාගමක් විය. එහි නතරවීමෙන් ලැබෙන මහඟු ප‍්‍රතිලාභයක් වූයේ එම මිත‍්‍ර සමාගමයි.
 
 ඔවුන් ගතකළේ ඉතාමත් අවිවේකී ජීවිතයකි. උදේ හතරට පමණ අවදිවන අමරා සහ චන්ද්‍රසිරි උයන්නට පටන් ගනියි. උදේ හත වනවිට සියල්ලෝම නිවසින් පිටව යති. චන්ද්‍රසිරිට නිල්පාට මරුති 800 මෝටර් රථයක් තිබුණි. යනගමන් ලොකුදුව පාසලට ද පොඩිදුව මොන්ටිසෝරියට ද භාරදෙන අතර මොන්ටිසෝරියෙන් පසු පොඩිදුව අමරාගේ මව විසින් මහගෙදරට කැඳවා ගෙනයනු ලබයි. පාසල නිමවූපසු ලොකුදුව තිලිණි ද පාසල් වෑන් රථයකින් යන්නේ අමරාගේ මහ ගෙදරට යි. එහි අමරාගේ අම්මා තාත්තා සහ මල්ලී පදිංචිව සිටියේය. සවස ආපසු එමින් චන්ද්‍රසිරි පවුලේ සියලූ සාමාජිකයින් එක්කර ගන්නා අතර සවස පහමාර පමණ වනවිට සියලූ දෙනා ගෙදරය.
 
 අමරාට තිබුණ ලොකුම ප‍්‍රශ්නයක් වූයේ ගෙදර වැඩට ගැළපෙන කෙනෙක් හමුනොවීමය. එබැවින් ඇය නිතර නිතර මට මතක් කළේ අපේ ගම්පළාතෙන් හෝ ගෙදර වැඩට කෙනෙක් හොයා දෙන ලෙසටය. වතුවැඩ කිරීම සඳහා ඕනෑ කරන පිරිස අඩුව සිටින බැවින් අපේ පළාතේ අයට ඕනෑතරම් වතුවල කුලී වැඩ තිබුණි. ගෙදර සිට නිදහසේ යෑමට ඒමට හැකි ඒවා අතහැර අනුන්ගේ ගෙවල්වල වැඩට යන්නට කැමැති අය දැන් මේ පළාතේ අඩුබව ඇයට කීපවරක් කියූවත් ඇය එය තේරුම්ගන්නේ නැත.
 
 ඔවුන්ගේ නිවසේ වරින්වර මෙහෙකාරියන් කීපදෙනෙක් සිටියේය. නමුත් හය මාසයකට වඩා ඔවුන් කිසිවෙක් රැුඳීසිටියේ නැත. එයට හේතුවුණ කරුණු චන්ද්‍රසිරි විසින් විස්තර සහිතව මට පවසා තිබුණි. අමරා සුන්දර කාන්තාවක් වුවත් ඇයගේ අමුතු ගතිපැවතුම් විය. මෙහෙකාරියන්ට ඇය සැලකුවේ අමුතුම ආකාරයටය. ඔවුන් අඩුකාලයකින් නිවස අතහැර යන්නේ එබැවිණි. මෙහෙකාරියක් නිවසේ සාලයේ ඇති පුටුවක වාඩිවීම අමරා කිසිසේත් ඉවසුවේ නැත. එවැනි දෙයක් දුටු වහාම බැනවැදී ඇයව කුස්සියට එලවීම අමරාගේ සිරිත විය. මෙහෙකාරිය චන්ද්‍රසිරි සමග කතා කරනවාට අමරා කැමතිවූයේ නැත. අවට ගෙවල්වල අය සමග කථාබහ කිරීම මෙහෙකාරියන්ට දැඩිසේ තහනම්වූවකි. රූපවාහිනිය බැලීම ගේ ඇතුළේ ඇති නානකාමර පාවිච්චිය තහනම්ය. මෙවැනි තහනම් රාශියක් විය. අඩුවක් නැතිව පඩි ලැබෙතත් මෙවැනි තහනම් කිරීම් රාශියක් මැද ජීවත්වීමට කිසිදු මෙහෙකාරියක් කැමතිවූයේ නැත. සමහර මෙහෙකාරියන් නිවස අතහැරගියේ අමරා සමග බහින්බස් වීමෙන් පසුවය. චන්ද්‍රසිරි කිසිවිටකත් එක පැත්තක්වත් නොගෙන සිටියේය. අමරා වැරදි බව ඔහු දනිතත් ගැටුම් වලදී මෙහෙකාරියගේ පැත්ත ගතහොත් සිදුවන අනිටු විපාකයන් ඔහු හොඳින් දැන සිටියේය.
 
 මහගෙදර පදිංචිව සිටි චන්ද්‍රසිරිගේ මල්ලීට කුඩා දරුවන් දෙදෙනකු සිටි බැවින් චන්ද්‍රසිරිගේ දෙමවුපියන් චන්ද්‍රසිරිගේ ගෙදර එන්නට කැමතිවූයේ නැත. ඔවුන් අමරා පිළිබඳවද වැඩි පැහැදීමකින් සිටියේද නැත. අමරාගේ අම්මා වරින්වර එහි පැමිණ සිටියත් ටික කලකින්ම අමරා සමග ගැටුමක් ඇතිකර ගන්නා ඇය ආපහුයන්නේ අමරාට පමණක් නොව චන්ද්‍රසිරිටද බැනවැදීමෙන් පසුවය. කෙසේ වැඩකාරයෙක් සොයා ගත්තත් ඇතිවන තත්ත්වය තේරුම්ගෙන සිටි බැවින් වැඩට කෙනෙක් සෙවීමට චන්ද්‍රසිරිගේ තිබූ උනන්දුවද අඩුවිය. චන්ද්‍රසිරි කුඩා කාලයේ සිටම ඉතා කාරුණික තැනැත්තෙකි. නිවසේ සාමකාමී බව රැුකුණේ චන්ද්‍රසිරිගේ කාරුණිකබව නිසාය. සියලූ දෙයෙහි අවසාන ප‍්‍රතිඵලය වූයේ අමරාට සහ චන්ද්‍රසිරිට තනිවම ගෙදර වැඩකර ගන්නට වීමය. 
 
 කරන්නට දෙයක් නැතිවූ බැවින් දෙදෙනාම පුළුපුළුවන් හැටියට වැඩකරන්නට විය. ඔවුන් උදේ හතරට පමණ නැඟිටිමින් රාති‍්‍ර දහය පමණ වනතුරු වැඩ කළහ. කෙසේවෙතත් වැඩි වැඩකොටසක් කරනු ලැබුවේ චන්ද්‍රසිරි විසිනි. උදේ හතරට පමණ අවදිවන ඔහු මුලින්ම කරන්නේ තේ පිළියෙල කිරීමය. අමරා නැඟිට එන්නේ තේ වලට සීනි දමන ශබ්දය ඇසෙන විටය. ආහාර පිසිනවිට අමරා බොහෝවිට කළේ රතුලූනු ශුද්ධ කරදීම වැනි සුළුවැඩය. තිලිණි සහ ඉන්දීවරී නැඟිටුවා මූණකට සෝදවා ඇඳුම් අන්දවා සියලූ කටයුතු කරනු ලැබුවේද චන්ද්‍රසිරි විසිනි. ඔහු ඒවා කළේ ඔවුන් සමග කතා කරමින් සතුටිනි. නිරන්තරව වැඩට කෙනෙක් සොයමින් සිටියද වැඩට කෙනෙක් සොයාගන්නට නොහැකිවීම ගැන චන්ද්‍රසිරි සතුටට පත්ව සිටියේය. එයට හේතුවූයේ එයින් වැඩකාරියකට යන වියදම ඉතිරිකර ගන්නට ලැබුණ නිසාය. එනමුත් අධික වෙහෙස වත්තපිටිය වල්බිහිවීම ටිකක් හෝ විවේක ගන්නට නොහැකිවීම ආදිය නිසා වැඩකාරයෙක්ගේ අවශ්‍යතාව දිනෙන් දින වැඩිවන්නට විය. 
 
 කාලයක් ගතවීමෙන් පසු මට නැවත වැඩමුළුවකට සහභාගීවීම සඳහා කොළඹ යන්නට සිදුු විය. එදිනද මම නතරවීමට තෝරාගත්තේ චන්ද්‍රසිරිලාගේ නිවසයි. තිළිණි සහ ඉන්දීවරීට රසකැවිලි ටිකක්ද මිලට ගත් මම එහි ගියෙමි. නිවස අවට වත්තපිටිය පිරිසිදුව ඇත. අමරා සාලයටවී පොතක් කියවමින් සිටියාය. ‘අද වැඩට ගියේ නැද්ද’ මම ඇසීමි. ‘නැහැ වැඩට ගියා. දැන් ටිකකට කලින් ආවෙ’ ඇය කීවාය. ආගිය ගමන් තොරතුරු කතා කරන අතරේ ‘අපිට නියම වැඩකාරයෙක් හමුවුණා’ යැයි අමරා කීවාය. මම කුස්සියට එබී බැලූවෙමි. අවුරුදු පනහක පමණවූ පැහැපත් කෙසඟ මිනිසෙක් උයමින් සිටියේය. ඔහු සුමාන දෙකකින් පමණ රැුවුල කපා තිබුණේ නැත. හිසේ ඉදිරිපස තට්ටය පෑදී තිබුණි. කාලයකින් කපා නොතිබූ කොණ්ඩය හැඩපලූගෙතී තිබිණි. ‘කොහොමද වැඩකාරයා හොඳද’ මම හෙමිහිට අමරාගෙන් ඇසුවෙමි. ‘පොඩි පොඩි අඩුපාඩු තියනවා ඒවුණත් හොඳයි’ ඇය කීවාය.
 
 ‘කොහේ කෙනෙක්ද’ මම ඇසීමි ‘මිනිහ තිස්සමහාරාමෙ පැත්තෙ කෙනෙක්. කාත් කවුරුවත් නැහැ කියලයි කියන්නෙ. අසනීපකාරයෙක්. කාලයක් තිස්සෙ කොළඹ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නවා නොකඩවා. බෙහෙත් ගන්න හින්ද අසනීපගතිය අඩුයි’ ඇය කීවාය. ‘මොනවගේ අසනීපයක්ද මිනිහට තියෙන්නෙ’ මම ඇසීමි. ‘අසනීපයක් කිව්වට පේන තරම් අසනීපයක් නැහැ. මිනිහ හොඳට ඉන්න ගමන් එකපාරටම වෙනස්වෙනව. කිසිවැඩක් නොකර කාඑක්කවත් කතානොකර අයින්වෙලා මුල්ලකටවෙලා කනගාටුවෙන් ඉන්නවා. හැබැයි ටික දවසක් යනකොට ඔක්කොම හරියනවා එතකොට හොඳට ඉන්නවා’ ඇය කීවාය.
 
 අසනීපය ගැන විස්තර ඇසූ මට මම අසා තිබුණ එක්තරා දේව කොට්ඨාසයක් සම්බන්ධ කථාවක් මතක් විය. එම දේව කොට්ඨාසය මාසයේ දිනපහළොවක් ඉන්නේ දෙවියන් ලෙසය. ඉතිරි දින පහළොව ඉන්නේ පෙරේතයන් ලෙසය.
 
 ‘එතකොට බෙහෙත්?’ මම ඇසුවෙමි. ‘බෙහෙත් ඉස්පිරිතාලෙ සායනයෙන් අරන් දෙනවා. මිනිහ එක්ක යන්න ඕන නැහැ. මම සෙනසුරාද උදේ සායනයට ගිහිල්ල කාඞ්එක පෙන්නුවහම බේත් දෙනව. එක සැරේ මාසයකට බෙහෙත් දෙනවා. බෙහෙත් උදේටයි රෑටයි දෙන්න ඕන. හැබැයි මම උදේ බේත් දෙන්නෙ නැහැ මොකද බෙහෙත් බිව්වහම මිනිහට ටික වෙලාවක් නින්ද යන හින්ද. රෑ බේත්වේල නම් නොවරදවාම දෙනව නැත්නම් මිනිහට රෑට නින්ද යන්නේ නැති නිසා මිනිහ නිදානොගෙන එක එක සද්ද කරනකොට අපිටනෙ කරදරේ. මිනිහ එයා ඉන්න කුස්සිය ළඟ පොඩිකාමරේ මුල්ලක දේවරූපයක් තියාගෙන නිතරම වඳිමින් පුදමින් තමයි ඉන්නෙ. මිනිහ කියනව මිනිහට දෙවියො කතාකරනව ඇහෙනව කියල. සමහර වෙලාවට මිනිහ තනියම කතාකරමින් ඉන්න වෙලාවල් තියනව. සමහරවිට ඒ දෙවියො එක්ක කතාකරනව වෙන්න ඇති. මිනිහ බැඳල නැහැ. ඔහොම හිටියට මිනිහ හරි මනමාලය. මම සීනිදාල තේ එකක් හදල දුන්න නම් එදාට ඉතින් කෑම නැතුවත් කමක් නෑ. ඔය කාත් කවුරුවත් නැහැ කියල කිව්වට ඒක ඇත්තම නෙවෙයි. මම හෙමිහිට අහල බැලූව, මිනිහගේ අම්ම තාත්ත නැහැ. නංගි කෙනෙක් විතරයි ඉන්නෙ. නංගි තමයි මහගෙදර පදිංචිවෙලා ඉන්නෙ. මෙයා ගෙදර පිටිපස්සෙ පැත්තෙ පාළුවට ගිය කාමරේක තමයි ඉඳල තියෙන්නෙ. එයාගෙ මහත්තය කොහොමටවත් කැමති නැහැ මෙයා ඒ ගෙදර ඉන්නවට. ඉතින් හරි අසරණ තත්ත්වයක තමයි ඉඳල තියෙන්නෙ. මෙයාට කෑමබීම එහෙම වැඩිය ඕන නැහැ. 

එපා කිව්වට අහන්නෙ නෑ, ගෙදෙට්ට කවුරුහරි ආවහම බීඩියක් බොන්න රුපියල් දෙකක් ඉල්ලනව ලැජ්ජාවෙ බෑ. ඒවුණාට ඉතින් මොකද කරන්නෙ. කියන ඕන වැඩක් බෑ නොකිය කරනව. සැප පහසුකම් ගැන හොයන්නෙත් නැහැ. පඩියක් ගැන අහන්නෙත් නැහැ. අපිට තියෙන්නෙ ඉන්න කාලයක් ඉන්න ඇරල මැරුණට පස්සෙ වළදාන එක විතරයි.' ඇය විස්තර කියාගෙන ගියාය.
 
 ‘සැරද?’ මම ඇසුවෙමි. ‘අනේ නැහැ හරිම අහිංසකයි. කෝටුවක් අතට ගත්තත් මිනිහ හරි බයයි. අනේ නෝන ගහන්න එපා කියනව.’ 
 
 ‘කොහෙන්ද හොයාගත්තෙ?’ මම ඇසුවෙමි. 

‘මගේ යාළු නර්ස්නෝන කෙනෙක් ඉන්නව මානසික වාට්ටුවෙ. එයා තමයි හොයල දුන්නෙ. මෙයා අවුරුදු ගාණක් සායනයට ඇවිත් තියනව. වාට්ටුවෙත් ඉඳල තියනව. එතෙන්දි තමයි තොරතුරු දැනගෙන තියෙන්නෙ. තව මේ වගේ අය ඉන්නවලූ. ඕන්නම් එහෙටත් කෙනෙක් හොයල දෙන්නම්’ ඇය කීවාය. 

‘අසනීපගතිය වැඩිවුණොත් මොකද කරන්නෙ?’ මම ඇසුවෙමි. 

‘අසනිප ගතිය වැඩිවුණොත් සායන කාඞ් එක පෙන්නල ආයිත් වාට්ටුවට ඇතුළු කරනව’ ඇය කීවාය. 
 
 පසුවදා මම පිටව එනවිට ඔහු වත්ත අතු ගාමින් සිටියේය. හෙමිහිට මා ළඟට ආ ඔහු බැගෑපත් ලෙස අතපා ‘මහත්තයා රුපියල් දෙකක් දෙන්න බීඩියක් බොන්න’ යැයි කීවේය. මගේ අතේ මාරුකාසි රුපියල් දෙකක් තිබුණේ නැත. මම රුපියල් දහයක් ඔහුට දුනිමි. ඔහු එය ගත්තේ නැත. 
 

Nihal Ananda

unread,
Nov 8, 2019, 11:33:29 AM11/8/19
to INDRAKA group
අපේ ගමට කුලියාපිටිය සිට එන අවසන් බස්රථය පිටත් වන්නේ රාති‍්‍ර අටයි කාලටය 

කොලබ සිට කුලියාපිටියට යන අවසන් බස් රථය .....මටත් එක කාලයක හුරු පුරුදුය. එම නිසා ම " කුලියාපිටිය"  .. "අවසන් බස් රථය " වචන  දුටු ගමන් මේ කතාව මහත් ඔනාකමකින් කියවූවා. 
මට නම් මේ කතාව පෙනෙන්නේ ..... කෙටි කතාවකට  සාහිත්‍ය නිර්මාණයකට වඩා , " එක් සත්‍ය කතාවක් " ලෙසයි. 
අංගොඩ මානසික රෝහලේ  නේවාසිකව ප්‍රතිකාර  ලබන/ ලැබූ සෑහෙන කොටසක් ,  ඔවුන් රෝහලට භාර දුන්  භාරකාරයන්  නැවත භාර ගැනීම  මගහැරීම නිසා , රෝහලට ම නඩත්තු කිරීමට සිදු වී ඇති බවක් අසා තිබෙනවා. ඉහත දැක්වෙන්නේ එහි අතුරුපලයක් විය යුතුයි. 
ගෙදරක   " ස්වාමිදු සහ වැඩකාරියන් අතර ගැටුම "  ගැනද යම් විස්තරයක් කියවෙනවා. 
නාගරික රැකියා කරන,  මධ්‍යම පාන්තික දැන උගත් ස්වාමි දුවක ගෙන්, වැඩකාරියන් සම්බන්දව මෙවැනි ආකල්ප හැසිරීම් දැකිය හැකිද ? මෙහි නිරුපනය යතාර්ථවාදී  වේද ?  

-KH

Nissanka Rajapaksa

unread,
Nov 8, 2019, 9:14:18 PM11/8/19
to ind...@googlegroups.com
මේක කියවපු ගමන්ම මට දැනුනෙ එතරම් සාර්ථක කතාවක් නොවන බවයි. ඒත් මේකෙ කතා නිමිත්ත නැවත වරක් හිතෙන් ආවර්ජනය කළාම ඒකේ තියෙන අපූර්වත්වයක් දැනුනා. 
පොදුවේ ගත්තාම පිස්සෙක් එක්ක එකට ජීවත් වෙන්න පිස්සාගේ ලඟම නෑදෑයෙක්වත් නෑදෑයෙක් නොවන අයෙක්වත් කැමති නැහැ. ඒත් කිසිම වැඩකාරියක් එක්ක සාමයෙන් ඉන්න බැරි ස්වාමි දුවකට පිස්සෙක් එක්ක ජීවිත්වීම ඉහටත් උඩින් අල්ලලා යාම අපූරු නැද්ද?  
කතාව තව ටිකක් ඔප මට්ටම් කරල ගත්තනම් වඩා සාර්ථක නිර්මාණයක් බවට පත්කළ හැකි බවකුයි මට හැඟෙන්නෙ.
//නාගරික රැකියා කරන,  මධ්‍යම පාන්තික දැන උගත් ස්වාමි දුවක ගෙන්, වැඩකාරියන් සම්බන්දව මෙවැනි ආකල්ප හැසිරීම් දැකිය හැකිද ? මෙහි නිරුපනය යතාර්ථවාදී  වේද ?//  - හේරා

මෙවැනි ආකල්ප හා හැසිරීම් යම් යම් පුද්ගල චරිත හා ආවේනික වූ ඒවා වන අතර ඒවා කෙනෙකුට උරුම වන්නේ ඔහුගේ හෝ ඇයගේ අධ්‍යාපන පසුබිම තුලින්. ඒ හැර කෙනෙකුගේ සමාජ මට්ටම හෝ අධ්‍යාපන මට්ටම ඒවා කෙරෙහි ඇති කරන බලපෑම ඉතා අල්ප බවයි මගේ අදහස.



Nissanka Rajapaksa

unread,
Nov 10, 2019, 12:07:30 AM11/10/19
to ind...@googlegroups.com
වෙසක් තොරණ 
පියසීලි විජේනායක

”ආතේ, මෙදා පාර තොරණට අඳින්නෙ
මොකක්ද?”
”මෙදාපාර..... මෙදාපාර.... බලාහල්ලකො මං
අඳිනකොට.....”
වෙසක් මාසය එළඹෙන්නට පෙර එමානිස් ආතා
තොරණේ වැඩ කටයුතු ආරම්භ කළේ හොඳ නැකත්
වේලාවක් බලා පින්සල් පාර ගැසීමෙන් අනතුරුවය. ආතා
චිත‍්‍ර අඳින්නට විශ්වකර්මයකු වගේ යයි බොහෝ දෙනා
කියති. එහා මෙහා හැරෙන පමාවෙන් එමානිස් ආතාගේ
පින්සල් පහරවලට පණ පෙවී එයි. එමානිස් ආතා ගිය
වතාවේ ඇන්දේ වෙස්සන්තර ජාතකයයි. විදුලි බුබුළු
දැමීමට පෙර වුවද කතාවේ එකිනෙක කොටු සිතුවම්
කරන විට වුවද රූප පණ පිටින් ඉන්නාසේ දිස්වෙයි.
අහල පහල ගැහැනු උදවිය රෙදි පටෙන් කඳුළු පිස දමා
ගත්තේ, ජූජක බමුණා වේවැල් පහර දෙමින් ක‍්‍රිෂ්ණජිනා
සහ ජාලිය රැුගෙන යන විටය.
”දැන්මම ඔහොම නං උඹල තොරණ හයිකරද්දි
කොහොම අඬයිද?”
එමානිසා ගමේ ගැහැනුන්ට එසේ කියමින් සරදම්
කරයි. වෙසක් තොරණේ කතා වස්තුව ආතාට කට
පාඩමින් වුවද විස්තර කර දිය හැකිය.
එමානිස් ආතා මෙදාපාර අඳින්නේ පටාචාර කතා
වස්තුවය. අචිරවතී ගංගාව දෙගොඩතළාගෙන යද්දී අපේ
බුදු හාමුදුරුවො පිහිට උණා. පටාචාරාවගේ හිස කෙස්ද
අවුල්වෙලාය. ඇය ගඟ මැද සිට අත්පොළසන් දෙන
අයුරු එක් කොටුවකින් දිස්වෙයි. මස් වැදැල්ලක් ලෙස
ඈතට දිස්වෙන බිළිඳුද, අලුත උපන් බිලිඳා උකුස්සකු
විසින් ඩැහැගෙන යද්දී පටාචාරාව අත්පුඩි ගසන හැටිද,
එහා ඉවුරේ සිටි දරුවා ගඟට පනින අයුරුද ආතා විසින්
ඇඳ ඇත්තේ ජීවමාන රූප ලෙසටය. ඇගේ ඇඳිවතද
එහාමෙහා වෙලාය. ඇයට සිහි එළවාගත නොහැකි බව
ආතා දනියි. ආතාගේ චිත‍්‍ර බොහොමයක්ම මේ වගේ
යයි සිරිමල් කොල්ලන් සමඟ පවසනුයේ කට කොනට
සිනහ නංවමින්ය. ඒ මොනවා උනත් ගමටම නම ගිය
චිත‍්‍ර ශිල්පියා එමානිස් ආතාය. එමානිස් ආතා චිත‍්‍ර අඳින
අපූරුව බැලීමට එක් එක් වකවානුවල ගමේ අය ඔහුගේ
නිවසට එක් රොක් වෙති. වැඩිමහල්, බාල මහලු , කෙලි,
කොලු නඩයම ආතාගේ පැරණි කවි කතන්දර අසමින්
එයට සහභාගි වෙති. ඔහුගේ කතාවලට හූ මිටි තැබීමටද
අයෙක් සැදී පැහැදී සිටිති. අලංකාර ලෙස උපහැරණ
දක්වමින් පරණ කතන්දර කියන්නට ආතා තරම් රුසියකු
ගම් තුලානේම නැත. තේ වේලාවට නිවසේ රැඳී සිටින
සියලූදෙනාටම තේ පැන් සංග‍්‍රහය නොඅඩුව ලැබෙයි.
”පොඩි එකෝ... අර අර.... සායම් පොල් කටුව
අල්ලපන්... අර පින්සල...” මේ අයුරින් ඔහුට අවශ්‍ය
දේවල් ළං කර දීමට ආවතේව කාරයෝ බොහෝ වෙති.
ආතාගේ බිරිය එමානෝනාට වෙසක් සමයට පෙරාතුව
වැඩ වැඩි කාලයක් උදාවෙයි. එමා නෝනා මොන තරම්
භාරධූර වැඩක යෙදී සිටියත් ආතාගේ  ඕනෑ එපා කම් ඉටු
කර දීමට සැදී පැහැදී සිටින්නීය.
එමානෝනාගේ ළත වෙවී එන ගමන් විලාසය ඔහුට
ඉක්මන් නැත.
”නෝනේ, වරෙන්කො අඩිය ඉක්මන් කරල. ෂා! අම්මප
බලපන්කො තාමත් ගිනි කිකිළි වාගෙනෙ.”
”ඉඳා..... බලහල්ලකො විකාර.... නාඩගං....”
ඈ ගස්සාගෙන එතැනින් යන්නීය. මේ සියලුම විසූක
දස්සන මධ්‍යයේ තොරණේ වැඩ නිම වනුයේ කිසිදු
වෙහෙස මහන්සියක් නොමැතිවය. සියලු දෙනාම හක -
හක ගා සිනාසෙති. ඉලන්දාරි දෙතුන් දෙනෙකු කොක්
හඬලා සිනාසෙද්දී, එමානෝනා බොරු අමනාපයක්
පෙන්වමින් යන්නේ,
”යනවල ළමයිනේ විහිළු නැතුව” යයි නෝක්කාඩු
කියමින්ය.
නගරයේ හන්දිය මධ්‍යයේ එමානිස් ආතාගේ
ප‍්‍රමුඛත්වයෙන් ඉදිකෙරෙන වෙසක් තොරණේ කැපී
පෙනෙන අංගය වනුයේ ජීවමාන ලෙසින් දැක්වෙන චිත‍්‍ර
පෙළයි. ”කොල්ලනේ, උඹල බල්බ් දාල මගෙ තොරණෙ
චිත‍්‍ර ටික නාස්ති කරන්න එපා” වැල යන අතට මැස්ස
ගැසිය යුතුය. තද පැහැති වර්ණ සංකලනයෙන් චිත‍්‍රවලට
පණ පොවන එමානිස් ආතා ඔහුගේ නම තොරණේ
පහතින්ම ලියන්නේ කලාත්මක රටාවකය.
වෙසක් තොරණ ඇඳීම පමණක් නොව එමානිස් ආතා
මඟුල් මඩුවලට චිත‍්‍ර සහ කැටයම් කපා දෙයි. ”සුබ
මංගලම්” යැයි මඟු ල් මඩුවට ඇතුළු වන තැන මනාල
යුවළගේ පින්තූර දෙක අඳියි. මනාලයා මනාලියට අත
දෙයි. පිරිත් පින්කම් කාලයට මණ්ඩපය සාදනු ලබන්නේද
ආතා විසින්මය. ඒ හැරුණු විට අකුරු බෝඞ් ලිවීමටද
ඔහු දක්ෂයි. බොහෝවිට ආතාට විවේකයක් නැති ගානය.
අරක ඉවරවෙන කොට මේක.... මේ හම්බ කරන මුදල
සුළු වුවද,
”නෝනේ, මේක අරන් තියාපන්” යැයි ඇය අතට
දෙනවා මිස බීඩියක් සිගරැට්ටුවක් හෝ රා අරක්කු
ටිකක්වත් ආතා කටේ නොතබයි.
”අපේ එමානිස් උන්නැහේ බෝධි සත්වයකු වාගෙ
මතු මත්තෙදි නිවන් දකින්නෝනැ මේ බෝධි සත්ව කතා
අඳිනකොට....”
වයසක අය එසේ කියනුයේ මූණිච්චාවට නොවන වග
ඔහු දනියි. එමානිස් ආතාගේ ඇඟිලි සිහින්ය. දිගටිය.
ගිය ආත්මේදී සිටම ආතා මේ කරුමාන්තෙට උපන්
හපන්කම් ලබා ඇතැයි සිතන තරමට එමානිස් ආතා චිත‍්‍ර
කරුමාන්තයට රුසියකු බව බොහො දෙනෙක් පැවසූහ.
ආතා යන විට ඔහුගේ දිගු සිහින් ඇඟිලිවලින් යුත්
දෑත තාලයකට පැද්දෙයි. ඇඳිරි වැටෙන තෙක් සිතුවම්
අඳින ඔහු වෙහෙසට පත් වූ විට මැන්ඩලිනය වයයි.
ගීත වාදනය සමඟ පැරණි නාඩගම් ගීයක් ඔහුගේ මුවින්
ඇසෙයි. ඇතැම් ගීත, වාදනය මොහොතකට නතර කරන
එමානිස් ආතා දෑස් පියාගෙන දැහැනකට සම වදින්නා සේ
පසුවෙයි.
”ආතේ, තව එකම එක සිංදුවක්”
”හිටපල්ලකො, කට පියාගෙන. හෙටානිද්දම තොරණෙ
ඉතුරු වැඩටික අහවර කරන්න  ඕන. ඉතුරු කොටුවල චිත‍්‍ර
ගැනයි මං කල්පනා කළේ.”
එමානිස් ආතා කල්පනා ලෝකයේ සැරිසරනුයේ
දැහැනකට සමවදින්නා සේ ය. වෙසක් දිනවල නගරයේ
මෙන්ම නිවෙස්වලද සැණකෙලි ස්වරූපයක් උසුලයි.
නූල් සූත්තරෙන් නැටුම් නටමින් යන මරඟනන් තිදෙනාද
සෑම වසරකම කලඑළියට එනුයේ මාර්ටින් පේ‍්‍රරාගේ
මූලිකත්වයෙනි. එයට සමගාමීව එමානිස් ආතාගේ තොරණ
හන්දියේ දිස්වෙයි.
”එමානිස් අයියේ, එමානිස් අයියේ”
”ඇයි පුතෝ”
ආතා විහිළුකාරයකුගේ ස්වරූපයෙන් කියයි.
විජේපාල හති දමමින් දුවගෙන ආවේ එමානිස් ආතා
වෙත අලූත්ම ආරංචියක්ද රැගෙනය. ආතා විහිළුවෙන්ම
එයට සවන් දුන්නේ කාරණාවේ බරපතළකම හිතට නොගෙනය.
”කොළඹ මහත්තය කියල කෙනෙක් එක්ක කට්ටියක්
වැවේ අලුතෙන් තොරණක් ගහනවලු.”
”ඉතින් තොරණ ගහන්ඩ කාටවත් තහනම් කරල
නෑනෙ.”
”නෑ මං කිව්වෙ...... නෑ මං කිව්වෙ......”
”අනේ පල කොලුවො ඔය අලුත් කුරුකුට්ටයියල
තොරණ අඳිනකොට මුළු සිරිලංකාව පුරාම තොරණ
ගහනව ඇති. එ්ත් ඉතින් මේ තොරණවලට ඇබ්බැහි වුණ
මිනිස්සුන්ගෙ හිත් දුවන්නෙ ඔය අලූත් දේවලට නෙවෙයි.
අපේ මේ සිත්තර වලටයි.”
ඊළඟ දිනයේ විජේපාල ගෙනාවේ ඒ ආරංචියට පලිප්පු
දමමින්ය.
”කන්ථක අස්සයා නේරංජනා ගංගාවෙන් එගොඩවෙන
හැටි තමයි කොළඹ මහත්තය පෙන්නන්නෙ.”
”වැවේ මෙහා ඉවුරෙ ඉඳල එගොඩට පනින විදිහට
වැඬේ සෙට් කරලලු.”
විජේපාල මඳ විරාමයක් හෝ නොතබා එක හුස්මට
විස්තර කළේය.
”මාරයි. එහෙනම් නියම ගති නේද?” එතැන සිටි කොලු
කුරුට්ටෝද කට ඇරගෙන එය අසා සිටියෝය.
තොරණේ වැඩ අවසාන වී එය ලොරියට පටවන විට
අහල පහල උදවියද ඒ සඳහා උදව්වට පැමිණියෝය.
කෑලි පටවාගෙන ගොස් වෙසක් දිනයට පෙර දා රාත‍්‍රියේ
එ්වා සවි කළෝය.
”ආතා තොරණ ඇන්දට සෙට් කරන්නෙ වෙන
කට්ටියක්.”
ඉලන්දාරියකු එසේ පැවසුවේ තොරණ ඇඳීමට එමානිස්
ආතාට ආවතේව කිරීමේ උජාරුවෙන්ද යුතුවය.
වෙසක් සඳ වැව ඉස්මත්තට උඩින් පායා එයි. පන්සලේ
ඝණ්ටාර නාදය ඇසෙයි. තොරණ විවෘත කිරීමේ උත්සවය
පස්වරු
හතට යෙදී තිබිණි.
එකවරම කන් බිහිරි කරවන රතිඤ්ඤා හඬ
ඇසෙන්නට විය. පිට පිටම රතිඤ්ඤා පත්තුවෙයි. ශබ්ද
වාහිනී යන්ත‍්‍රයද ක‍්‍රියාත්මක විය. ප‍්‍රභූ පිරිසක් තොරණ
අසළට රැස්වී සිටියෝය. ශබ්දවාහිනී යන්ත‍්‍රයේ හඬ සුළං
පහරට අඩු වැඩි වෙමින් ඇසෙයි. සුබ නැකතට තොරණ
විවෘත කළ මන්ත‍්‍රී තුමාගෙන් මුදල් කවරයක්ද ලැබුණි.
”මෙයා තමයි එදා ඉඳලම චිත‍්‍ර අඳින්නෙ.”
එමානිස් ආතා හඳුන්වා දෙමින් සංවිධායක තැන එසේ
කීවේ සිනහමුසු වෙමින්ය. මන්ත‍්‍රී තුමා සිනහමුසු වෙමින්
එමානිස් ආතාගේ අත තරයේම අල්වා ගත්තේය.
”බොහොම සන්තෝෂයි. පන්සලේ චිත‍්‍ර ටිකත් අලුතෙන්
සකස් කරන්නයි යන්නෙ. ඔබතුමාගෙ උදව් අපට අවශ්‍ය
වෙනව.”
එමානිස් ආතාගේ සුරත අත නොහැරම අල්වා සිටි
මන්ත‍්‍රී තුමා එසේ කියමින් පිරිසෙන් සමුගත්තේය. ජනගඟ
ගලා යන්නා සේ සෙනඟ පොදි කන්නට වූහ. ඒ සැණෙන්
ඔවුන් විසිරී යන්නට වූයේ මී මැසි පොදියක් තවත්
තැනකට යන්නා සේය.
”අන්න අරහෙ ලස්සන තොරණක් තියනව වැව ළඟ.”
”එ්ක තොරණක්ම නෙවෙයි. එ්ත් එ්ක හරි අපූරුයි.
කන්ථක අශ්වයා ගඟෙන් එගොඩ වෙන හැටි ලස්සනට
හදල.”
ගැටවර පිරිස අලුත් තොරණේ අංග ලස්සන විස්තර
කරන්නට වූයේ තව තවත් කෑලි එයට එකතු කරමින්ය.
මේ අතරේ එමානිස් ආතා තමා විසින් අඳින ලද තොරණේ
කිසියම් අඩුපාඩුවක් ඇද්දැයි විමසිලිමත් විය. තොරණේ
අලංකාරය වඩාත්ම දිස්වූයේ විදුලි බුබුළුවලින්ය. විදුලි
බුබුළු සිය දහස් ගණන් නිවිනිවී දැල්වෙයි.
”අනේ අම්මප මුන් මගෙ තොරණෙ චිත‍්‍ර ටික විනාශ
කරල.” කතාව විග‍්‍රහ කිරීමට නම් තොරණ අසලටම ගොස්
එය නැරඹිය යුතුය.
අංක 12 කොටුවෙන් විස්තර වනුයේ ගඟ මැදට වන්
පටාචාරාව සිය පුතු රැගෙන යන උකුස්සාට අත්පුඩි
ගැසීමයි. තමාගේ ප‍්‍රාණය හා සම සිඟිති පුතා ඩැහැගෙන
යන විට ඇය ශෝකයෙන් හා භීතියෙන් අත්පුඩි ගැසූ
ආකාරය ඉන් විදහා දැක්වෙනවා.
එතැන ඝෝෂාව කෙමෙන් තුනී වී යද්දී බොම්බයි
මොටන් වෙළෙන්දා නළාව හඬවමින් පියමන් කළේය.
බැලුම් වෙළෙන්දෝ සරුවත්, අයිස්ක‍්‍රීම් වෙළෙන්දෝ ළමා
ළපටියන්ගේ සිත් එහි අද්දවා ගැනීමට යුහුසුලූ වූහ. හඳ
පායා වටකුරුවට දිලිසෙයි. ජලතලයට සඳරැස් වැටී රිදී
පාටින් දියරැලි සෙලවෙයි. වැවට ඉහළින් සිදුහත් කුමරු
කන්ථක අසු පිට නැගී මහාභිණිෂ්ක‍්‍රමණය කරන ආකාරය
ප‍්‍රාතිහාර්යයක් මෙන් අවට සිටින අය නරඹති.
”හැමදාම එකම විදිහේ තොරණ බලන්ඩ ආස නෑ.
ඔන්න මෙදා පාර අලුත් දෙයක් කරල තියනව.”
”බලන්ඩ එපායැ. මෙතන සූ ගාල සෙනඟ රොක්වෙලා
ඉන්න අපූරුව.”
වැව අයිනේ වූ දැවැන්ත රුක් අත්තන ගහ මායිම්
කරගත් වැව හාත්පස දැල්වෙන පාට පාට විදුලි
බුබුළුවලින් ආලෝකවත් වී ඇත.
”යමුද මස්සිනේ, අපිත් අර පැත්තට” එක්කෙනෙක්
එමානිස් ආතාගේ කරට අත දමා ගෙන වැව පැත්තට
යාමට ඔහුට ඇරයුම් කළේය.
ළඟටම නොගියත් එය විස්මය දනවන ආකාරයෙන්
ඈතට දිස්වෙයි.
”හැබෑටම ලස්සනයි නේන්නම්.”
එමානිස් ආතා එසේ කියනවිට ඬේවිඞ් හයාගත් මුවින්
යුතුව බලා සිටියේය.
”එ්ක හැබෑව තමයි”
”එ්ත් මස්සිනේ....”
”මොකද මස්සිනේ, එ්ත් කියන්නෙ?"
”ගංගාවෙන් එගොඩ වෙච්ච අස්පය ගිහිල්ල ආයෙත්
එගොඩ වෙන්න ආපහු ආවෙ නෑ.”
එතැන ඉතිරි වී සිටි කොලූ කුරුට්ටෝ මහා හඬින්
සිනාසෙන්නට වූහ. එමානිස් වහා හැරී වට පිට
බලන්නට විය. හැම දෙනාගේම නෙත් සිත් යොමු වී
තිබුණේ ඈත අවකාශය වෙතටය. එමානිස් ආතාද
ඉන් වශීකෘත වූ සේම ඒ දෙස බලා සිටියේය.

(කැනඩාවේ 'දසත' පුවත් සරාවෙන් උපුටා ගැණුනි.)

Nissanka Rajapaksa

unread,
Dec 1, 2019, 3:31:21 AM12/1/19
to ind...@googlegroups.com

අන්තෝනිස් අයියා


අන්තෝනිස් අයියා හැමදා ම උදේ පාන්දරින් පිබිදෙයි. ඉන් පසු ඔහු තුවා ලේන්සුවකින් සුම්බරයක් බැඳගෙන උදැල්ල ද කර තබාගෙන දෙවට පාර දිගේ පල්ලම් බැස වෙල් යාය දෙසට යයි. තමාගේ කුඹුරුවලට ප්‍රමාණවත් තරම් ජලය ලැබී ඇද්ද, කක්කුට්ටන් ආදී සතුන්ගෙන් හානි සිදුවී ඇද්ද, වල් පැල මතුවී ඇද්ද යනාදී කරුණු ගැන හොඳින් සොයා බලන ඔහු, ජලය අඩු වී ඇති නම් ඇළ මාර්ගය ශුද්ධ පවිත්‍ර කොට ජල පාර නිවැරැදි කිරීමටත්, කක්කුට්ටන් හාරා ඇතොත් ඒවා පාගා දැමීමටත්, කඩාඬු කැඩී ඇත්නම් ඒවා පිළිසකර කිරීමටත් වග බලා ගනී. මේ සියල්ල අවසන් කොට දොළට බැස මුහුණ කට සෝදා ගන්නා ඔහු ආපසු නිවසට එන්නේ දෙපැයකට පමණ පසුව ය. ඒ එන විට‍ ඔහුගේ දරුවන් සියලු දෙනා රාජකාරිවලට ගොස් හමාර ය.

දිනක් සුපුරුදු පරිදි උදේ කුඹුරට ගොස් සිය වැඩ කටයුතු නිමා කර ආපසු එන අන්තෝනිස් අයියාට සිය වැඩිමල් සහෝදරයාගේ පුතා වන රත්නපාල අතරමගදී හමු විය.

“බාප්පා වෙල පැත්තට ගියා වගේ.”

“ඔව් මේ කඩාඬුවක් කැඩිලා තිබිලා බැඳලා දැම්මා”

“මාත් මේ බාප්පා හම්බ වෙන්න හැන්දෑකරේ ගෙදර දිහා එන්න කියලයි හිතාගෙන ඉන්නෙ.”

“ඒ මොකටද රත්නපාල?”

“පොඩි කාරණාවක් ගැන කතා කර ගන්න කියලා”

රත්නපාලගේ වචන ඇසූ අන්තෝනිස් අයියාගේ සිත තුළ කුතුහලයක් ඇති විය. නිතර දෙවේලේ අතරමගදී හමුවන රත්නපාලට ගෙදරට ම ඇවිත් කීමට තරම් ඇති විශේෂ කාරණාව කුමක්ද?

“මොකක්ද කාරණාව, දැන් කියන්න බැරි දෙයක් ද?”

“නෑ මම හැන්දෑකරේ ගෙදර ඇවිත් ම කියන්නම්කො.”

අන්තෝනිස් අයියාට එම කාරණාව දැන ගන්නා තුරු ඉස්පාසුවක් නැත.‍

“ආයෙ මොනවටද කල් දම දමා ඉන්නේ. කියන්න තියෙන දෙයක් දැන්ම ම කියාපන්.”

රත්නපාල මදක් එකෙළ මෙකෙළ ගසන්නට විය.

“කියාපන් රත්නපාල.... මොකද්ද කාරණාව?”

“මං...මේ.... බාප්පගෙන් අහන්න කියලා හිතාගෙන හිටියේ අර දෙණියේ කුඹු‍රේ බාප්පාට අයිති කොටහ විකුණන්න හෙම හිතේ තියෙනවද කියලා.”

ඒ ඇසූ අන්තෝනිස් අයියා මදක් කල්පනාකාරී විය. දෙණියේ කුඹුර යනු ඔහුගේ පිය පරම්පරාවෙන් පැවත එන කුඹුරකි. එය වගා කෙරෙන්නේ තට්ටු මාරු ක්‍රමයට ය.

අන්තෝනිස් අයියාට සහෝදරයකු හා ‍සහෝදරියන් තිදෙනකු සිටින බැවින් ඔහුට එම කුඹුර වගා කිරීමට ලැබෙන්නේ අවුරුදු පහකට වරකි. එහෙත් සහෝදරියන්ගේ වාර තුන ද රත්නපාල ම අ‍ඳේට වැඩ කරන නිසා ඔහුට එහි හතර වාරයක් වගා කිරීමට අවස්ථාව ලැබේ. එබැවින් එම කුඹුර තමන්ට වඩා රත්නපාලට වටිනා එකක් බව අන්තෝනිස් අයියාට රහසක් නොවේ.

“ඇයි රත්නපාල එහෙම ඇහුවෙ?”

“නෑ... මේ... නැන්දලාගේ කොටස් තුන නම් මට ම ගන්න කියලා කීවා. බාප්පාගේ කොටහත් ලැබුණොත් මට කුඹුරෙ සම්පූර්ණ අයිතිය ලැබෙනවානේ. එහෙම උණොත් මට ඒක තව ටිකක් දියුණු කරගන්න පුළුවනි.”

අවුරුදු පහකට වරක් තට්ටු මාරුවට එන හවුල් කුඹුරක් තව දුරටත් තබා ගැනීමට වඩා එය විකුණා මුදල් කර ගැනීම හොඳ යැයි අන්තෝනිස් අයියාට ද නොසිතුණා නොවේ. එහෙත් ප්‍රශ්නය වී තිබුණේ මෙතෙක් ඊට නිසි ගැණුම්කරුවකු ඉදිරිපත් නොවීමයි‍. රත්නපාල එය මිලට ගැනීමට කැමති නම් එය ඔහුට දීම හැම අතින් ම සුදුසු ය. ඒ ඔහු තම එකම සහෝදරයාගේ පුතා වීම නිසා පමණක් නොව ඔහු ගමේ ඉන්නා ඉතා හොඳ ගොවියකු ද වීම නිසා ය.

“හ්ම්... එහෙම නම් ඉතින් මගේ කොටහත් උඹ ම ගනිං... මටත් දැන් ඕවා තියාගෙන මොනවටද? මොකද අපේ ගෙදර කුඹුරු කරන කෙනෙක් ඉන්නවා කියලා යැ. මගෙන් පස්සේ ඕවා ඔක්කොම පාළුවට යයි.”

“බාප්පා කීයක් බලාපොරොත්තු වෙනවා ද දන්නෙ නෑ.”

“මොනවද බං ඕවාට මට උඹට ගණන් හිලව් කියන්න පුළුවන්ද? ඕවා දෙමවුපියන්ගෙන් හම්බ වෙච්ච දේ නේ. අනිත් අයට දෙන ගණනක් මටත් දියන්...”

“නැන්දලා නම් වී ලාහක් දහ දාහ ගාණේ දෙන්න කිව්වා.”

“හ්ම්... එහෙනම් ඉතින් මටත් ඒ ගාණ ම දියන්”

“ලබන බදාදා නැන්දලාගේ කොටස් ලියලා දෙන්න පොරොන්දු වෙලයි ඉන්නේ.”

“එහෙම නම් මගේ කොටහත් එදාට ම ලියාගන්න බැරියැ”

රත්නපාල අන්තෝනිස් අයියාගේ දරුවන් මෙන් ඉගෙන ගැනීමට දක්ෂකම් නො දැක්වූවත් ගොවිතැන් වැඩට උපන් හපනෙකි. ගොවිතැන යනු හැමට ම කළ හැකි සරල කටයුත්තක් නො වන බව අන්තෝනිස් අයියා දනී. ඒ සඳහා හොඳ ඉවසීමක් හා අත් ගුණයක් තිබිය යුතු ය. රත්නපාලට ඒ සියල්ල හොඳින් පිහිටා ඇත.

මුල් කාලයේ ඔහුගේ බිරිය වන පොඩි නෝනා ගෙදර දොර හා කුඹුරු වතුපිටිවල වැඩ සඳහා ඔහුට උදව් කළ නමුත් මෑතක සිට ඇය ද එවැනි දේ නොකරයි. කුස්සියේ වැඩට වැඩකාර කෙල්ලක් සිටින නිසා දැන් ඇය අතක් පයක් හොල්ලා කිසි ම වැඩක් කරන්නේ නැත.

කුඹුරේ සිට පැමිණ පස්සා දොරෙන් ‍ ‍ගෙට ගොඩ වුණ අන්තෝනිස් අයියා කුස්සියේ මේසය උඩ තිබුණ කහට කෝප්පය අතට ගෙන, සීනි ටිකක් ද අල්ලට දමා ගෙන, බංකුව මත වාඩි වූයේ පොඩි නෝනා දෙස ද බලමිනි.

“අද වෙලට ගිහින් එද්දී මට රත්නපාල මගදී හම්බ වුණා.”

“ඉතින්”

“දෙණියේ කුඹුරේ අපේ පංගුව විකුණනවා ද කියලා ඇහුවා. විකුණනවා නම් එයා ඒක ගන්න කැමතිය කියලාත් කීවා.”

“ඉතින් ඔයා මොකද කිව්වෙ?”

“අනික් අයගේ කොටස් තුන දැනටමත් එයාට දෙන්න කැමැති වෙලාලු තියෙන්නේ.‍ ඉතින් මාත් අපේ කොටස එයාට ම ගන්න කියලා කීවා.”

ඒ ඇසූ පොඩි නෝනා දෑස් දල්වා කුහුල් සිතින් ඔහු දෙස බැලුවාය.

“ඔයා මොකොට ද ළමයින්ගෙන් අහන්නේ නැතිව එක පාරට ම හිතු මතේට කුඹුරු විකුණන්න පො‍රොන්දු උණේ?”

“ළමයින්ගෙන් අහන්නේ මොනවට ද? ඕවා ඔය පරම්පරාවෙන් එන හවුල් කුඹුරු. අපටත් අයිති පහෙන් පංගුවයි. ‍ඕවා පිට විකුණන්න පුළුවන් කුඹුරු නෙවි‍. අපේ කෙනෙකුටම තමයි දෙන්න වෙන්නේ.” 

“ඒ කොයි හැටි වුණත් ඔයා ඉඩ කඩම් විකුණන්න තනියම තීරණය කරපු එක වැරැදියි.”

“ඔහේ කිවුවාට පරම්පරාවෙන් එන දේවල් පිට අයට දෙන එක යුතු නෑ නේ.”

“ඔයාට ඉතින් පරම්පරාවෙ මිනිහෙක් මොනවා හරි කිව්වොත් ඒක ඉස් මුදුනින් විශ්වාසයි.”

“කොයි දේටත් ඉස්සර වෙලා ම පිහිටට ඉන්නේ තමුන්ගේ මිනිස්සු තමා. කවදා හරි මගේ මිණියට කර ගහන්න ඉන්නෙ උන්.”

“හරි දැන් කීයට ද විකුණන්න යන්නේ.”

“වී ලාහට දහ දාහක් දෙනවා කීවා. ඒක තමා දැන් ඔය වාගෙ කුඹුරක ගාණ. අක්කගෙයි නංගිලාගෙයි කොටස් දෙකත් ඒ ගාණටමලු දෙනවැයි කීවේ.”

“රත්නපාල ඔයාට එකක් කියලා අනෙක් අයට දැනට මත් අත යට මුදල් දීලා ඇති.”

“රත්නපාල කවදාවත් එහෙම බොරු කරන්නේ නෑ. අනිත් එක උගෙන් මට කොච්චර උදව් උපකාර තියෙනවාද? යන්තම් මගේ කුඹුරු වැඩ ටික කර ගන්නෙත් ඌට පිං සිද්ද වෙන්න‍. නැතුව අපේ ළමයි කුඹුරකට බහිනවා කියලායැ.”

“දොස්තරලාට ඉංජිනේරුවන්ට කුඹුරට බහින්න පුළුවන් ද? එහෙම කළොත් යසට තියෙයි‍. ‍කෝක උණත් මන් ළමයින්ගෙන් අහල බලන කල් ඔයා ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න එපා.”

“මන් දැන් ඒක රත්නපාලට දෙනවා කියලා පොරොන්දු වෙලා ඉවරයි. ඒක මට වෙනස් කරන්න බෑ.”

අන්තෝනිස් අයියා ගේ තුළට ගියේ තරමක කේන්තියෙනි. ඔහු පොඩි නෝනාගෙන් එවැනි ප්‍රතිචාරයක් කිසිසේත් ම බලාපොරොත්තු වූයේ නැත.

ආරංචිය ඇසූ දරුවෝ ඒ සම්බන්ධයෙන් තම තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්නට වූහ.

පළමුවෙන් සිය මතය ප්‍රකාශ කළේ දොස්තර මහතා ය.

“මම හිතාගෙන ඉන්නේ ඔය තැන් තැන්වල තියෙන අනවශ්‍ය කුඹුරු වතු පිටි ටික විකුණලා දාලා ටවුම කිට්ටුවෙන් හොඳ ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදන්න කියලා. ඒ හින්දා හදිස්සි වෙලා කුණු කොල්ලෙට ඉඩම් විකුණන එක අපට පාඩුයි.”

ඊළඟට ප්‍රාදේශීය ලේකම්වරිය කතා කළා ය.

“කොහොමටත් අයිතිකාරයා වගා කරන කුඹුරුවල මිල වැඩියි. ගොඩ කරන්න අවසරය ලබා ගත්තාම කුඹුරු උණත් ලොකු ගණනකට විකුණන්න පුළුවනි. මට ලේසියෙන් ගොඩ කිරීමේ අවසරය අරන් දෙන්න පුළුවනි. දවසකට මම ගොඩ කිරීමේ අවසර පත්‍ර කීයක් අනුමත කරනවාද?”

අනතුරුව ඉංජිනේරුවා තවත් අදහසක් ඉදිරිපත් කළේ ය.

“ළඟදි ඔය වෙල් යාය හරහට ඉරිගේෂන් ඇළ මාර්ගයක් ඉදි කරන්න යෝජනා වෙලයි තියෙන්නේ.‍ එහෙම වුණොත් ඉදිරියේදී ඔය කුඹුරුවල වටිනාකම ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා දැන් ම ඔය කුඹුරු විකුණන්න හදිස්සි වෙන්න ඕනෑ නෑ.”‍

අන්තෝනිස් අයියගේ පැත්තට යමක් කීවේ පොඩි දුව පමණි.

“තාත්තා දැන් රත්නපාල අයියාට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා තියෙනවා නම් ඒක වෙනස් කරන එක හොඳ නෑ. තාත්තාගේ වැඩ තාත්තාට ඕනෑ හැටියට කරගන්න දෙන එකයි හොඳ”

ඒ ඇසූ පොඩි නෝනා වහා ඈ වෙත කඩා පැන්නාය.

“පොඩ්ඩි උඹ කට පියාන හිටපන්. උඹ මේවට කට දාන්න ඕනෑ නෑ.”

පොඩි දුව කවදත් අන්තෝනිස් අයියාට ආදරේය. විශ්ව විද්‍යාලයේ කලා උපාධියක් හදාරණ ඇය ජීවිතය දෙස අපිස් ලෙස බලන්නියකි. සිය පියාගේ උදාර ජීවන පුරුෂාර්ථ කෙරෙහි ඇය තුළ ඇත්තේ මහත් භක්තියකි‍. ගෙදර සිටින අනෙක් අයගේ ඕළාරික ඇවතුම් පැවතුම් ඇය නුරුස්සයි.

“පොඩි පුතේ (දුවක වුව ද ඔහු ඇය අමතන්නේ පුතා කියාය) මම දැන් රත්නපාලට ඔය කුඹුර දෙන්න පොරොන්දු වෙලා ඉවරයි. අනෙක් අයගේ කොටසුත් දැන් රත්නපාලට ම දෙන්න පොරොන්දු වෙලයි තියෙන්නේ. ලබන බදාදා ඔප්පු ලියනවා ය කිව්වා. මං දැන් කොහොමද ඒ මිනිහාට මූණ දෙන්නේ?‍”

“තාත්තා ඕකට හිත කලබල කරගන්න එපා. මම පස්සේ අයියලා අක්කලා එක්ක ඔය ගැන කතා කරලා බලන්නම්කො. තාත්තා දැන් තේ එක බොන්න” එසේ පැවසූ පොඩි දුව ගෙතුළට ගියා ය. පොරොන්දු වූ පරිදි එදින සවස පොඩි දුව තාත්තාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අම්මාගේ හිත වෙනස් කරන්නට උත්සාහ කළා ය.

“මොනව ද අම්මේ තාත්තාගේ හිත රිද්දන්නේ. ඔය ඉඩකඩම් අයිති තාත්තාට. ඒ හින්දා ඒවා ගැන එයාට ඕනෑ හැටියට තීරණයක් ගන්න ඉඩ දුන්නා නම් ඉවරයි නේ.”

“එහෙම කොහොමද? රත්නපාල දැනට මත් ඔය මනුස්සයා රවට්ටලයි ඇත්තේ. උඹලාගේ නැන්දලාගේ හැටි මං නොදන්නවා කියලාද? රත්නපාල ඒ ගොල්ලන්ට අත යට මුදල් දීල ඇති.

“රත්නපාල අයියා එහෙම කරන්නේ නෑ‍.”

“උඹ දන්න කෙහෙල් මල. උඹත් ඉතින් තාත්තාගේ ම දුවනේ.” කුඹුර විකිණීම සම්බන්ධයෙන් ගෙදර අයගෙන් තීරණයක් ලැබේ යැයි අන්තෝනිස් අයියා දින දෙකක් බලාපොරොත්තුවෙන් සිටි නමුත් ඔවුන්ගෙන් ඊට කිසි ම ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත වරක් අඟහරුවාදා රාත්‍රියේ ඔහු පොඩි දුව සමඟ ඒ ගැන කතා කෙළේ ය. ඉස්තෝප්පුවේ ඇ‍ඳෙහි නිදා ගන්නා ඔහුට හැමදාම රාත්‍රියට බීමට වතුර වීදුරුවක් ගෙනවුත් දෙන්නේ පොඩි දුවයි. එදින වතුර වීදුරුව මේසය මත තැබූ ඇය තාත්තාගේ ඇ‍ඳෙහි කෙළවරක වාඩි වී ඔහු දෙස සෙනෙහසින් යුතුව බැලුවා ය.

“පොඩ්ඩියෙ අර ඔප්පු ලියවිල්ල තියෙන්නේ හෙට. මොකද අයියලා අක්කලා ඒ ගැන කිව්වේ?"

“ඒ අය නම් කිව්ව දෙයක් නෑ. ඒ ගොල්ලන්ට දැන් ඒක මතකත් නෑ. මම අම්මා එක්ක ‍‍‍‍ඔය ගැන කතා කළා. ඒත් අම්මව නම් වෙනස් කරන්න අමාරුයි. තාත්තා දැන් ඔය ගැන කල්පනා කරන්නේ නැතිව නිදා ගන්න. තාත්තාට ඕන්නම් පස්සෙ දවසක වුණත් ඕක රත්නපාල අයියාට ලියලා දෙන්න පුළුවන්නේ.”

“ඒක නම් එහෙම තමා. ඒත් මං නිකම් බොරු කාරයෙක් උණ එක ගැනයි මට කණගාටු.”

ඒ බදාදා දිනයයි. එනම් ඔප්පු ලිවීමට නියමිත දිනයයි. රත්නපාලට දීම සඳහා කිසිදු සාධාරණ පිළිතුරක් ඔහුගේ සිහියට එන්නේ නැත. තමා මහා බොරු කාරයෙක් වී ඇතුවා නොවේ ද? මුළු ජීවිත කාලය තුළ ම මෙවන් තත්ත්වයකට ඔහු කිසි දිනක මුහුණදී නැත.

එසේ සිතන විට ඔහුගේ ශරීරයෙන් මහත් දාහයක් පිට වන්නට විය. ඒ සමඟ ම ඔහුගේ පපුව දෙසින් මහත් වේදනාවක් ඇති වූයේ ය. මොහොතකින් දෙ ගුණ තෙ ගුණ වූ එම වේදනාව සමඟ ම පපුව දඬු අඬුවකින් හිර කරන්නා මෙන් ඔහුට දැනුණි. ඔහු වතුර ටිකක් බීමට සිතා අත ඔසවා මේසය මත වූ වතුර වීදුරුව ගන්නට උත්සාහ කළත් එය කළ හැකි නොවී ය. අනතුරුව ඔහු ‘පොඩ්ඩී’ යයි උස් හඬින් කතා කළත් ඔහුගේ මුවින් කිසිදු වචනයක් පිට වූයේ නැත. දහස් ගණනක් කළා මැදිරි එළි ඇස් ඉදිරියේ පාවී යන්නාක් මෙන් ඔහුට දැනිණ. ඔහු දෑස් තද කර පියා ගත්තේ ය.

උදේ පොඩි නෝනා දොර හැරගෙන එළියට අවුත් අන්තෝනිස් අයියාගේ ඇඳ දෙස බැලුවේ ඔහු කුඹුර වෙත ගොස් ඇද්දැයි දැන ගැනීමටයි. වෙනදා පාන්දර නැගිටින ඔහු දවල් වනතුරුත් ඇ‍ඳේ වැතිරී සිටිනු දුටු පොඩි නෝනා ඔහු අසලට පැමිණ කතා කළා ය.

“ඒයි... මේ ඇහුණ ද?”

එහෙත් අන්තෝනිස් අයියාගෙන් කිසි ම පිළිතුරක් නො ලැබුණි. ඔහුගේ නිශ්චල බව පොඩි නෝනාට සිතා ගත නොහැකි විය. ඇය ඔහුගේ ඇඟට අත තබා බැලුවා ය. එය සිසිල් දිය කඳක් මෙන් ශීතල වී තිබුණි. ඇයට මහත් බියක් දැනිණ. අන්තෝනිස් අයියාගේ සිරුරෙන් ප්‍රාණය නිරුද්ධ වී තිබුණි.



Nissanka Rajapaksa

unread,
Dec 3, 2019, 2:18:30 AM12/3/19
to ind...@googlegroups.com
වෙනස්වීම
සරා මාලනී දහනායක

"කරුණාවෙන් සවන් දෙන්න. හතරවන වේදිකාවේ  
නවතා තිබෙන ශීඝ්‍රගාමී දුම්රිය තව සුළු මොහොතකින් මහනුවර බලා පිටත්වේ. එය මරදාන, රාගම, ගම්පහ, වේයන්ගොඩ, අලව්ව, පොල්ගහවෙල.... යන දුම්රිය ස්ථානවල නතර කරනවා ඇත.” කොටුව දුම්රිය වේදිකාවේ බංකුවක් උඩ වාඩිවී සිතුවිලි සමුදායක් තුළ අතරමංවී සිටි ඉන්දුමතී කඩිමුඩියේ නැඟිට්ටාය. කුඩා හම්බෑගය අතට ගත් ඇයගේ අරමුණ වූයේ හැකි ඉක්මනින් ගොස් අසුනක් අල්ලා ගැනීමටයි. සෙනඟ පීරාගෙන ගිය ඇය තෙවන පන්තියේ මැදිරියකට ගොඩවී කවුළුව අයිනේ අසුනක් අල්ලා ගත්තේ අපහසුවෙනි.

දුම්රිය සෙමෙන් ඉදිරියට ඇදී ගොස් වේගය කෙමෙන් කෙමෙන් වැඩි වෙද්දී ඇයගේ සිත ද දස අතේ දුවන්නට ගත්තාය. දඩ-බඩ-බඩ, දඩ-බඩ-බඩ නඟමින් ගොරහැඩි ලෙසින් පාලම්, කෙත්වතු, ගම්, නගර පසුකරමින් දුම්රිය හැල්මේ දුවගියාය. ඉන්දුමතීගේ හදවත ද ඒ හා සමඟම ගැහෙන බවයි ඇයට දැනුණේ. ඇයට ඊයේ රාත්‍රි සිදුවූ සිදුවීම සිහිපත් වූවාය.

“මීට පස්සෙ මගේ ගෙදර හතර මායිමේ නාවට කමක් නෑ. යන දේවාලයක ගිහිල්ල හොඳින් ඉන්න. අපිට අපේ පාඩුවේ ඉන්න දීල” සිය දියණියගේ කුරිරු වදන් ඇයගේ හදවතට යවුලකින් අනින්නාක් මෙන් ඇයට දැනුණාය. දවස් කිහිපයක් තිස්සේ සිය දියණිය‍ත් සමඟ ඇතිවූ කතාබස්වලින් පසු වේල්ල කැඩුවාක් මෙන් ඇයගෙන් පිටවූ මේ වදන් ඉන්දුමතී කිසිසේත් බලාපොරොත්තු වූ දෙයක් නොවීය. මේ සියලු කාරණාවලට මුල් වූයේ සිය දියණිය සහ බෑණා තමන්හට ගෙනා යෝජනාවට ඇය අකමැති වූ නිසා බව ඇයට සිතුණි. ඉන්දුමතී සියල්ල එකින් එක ‍මෙනෙහි කළාය.

දිනක් හදිස්සියේම සුමිත්‍රාත්, සිසිරත් කුඩා පුතු පැටියත් එක්ක ඔවුන්ගේ නවීන පන්නයේ වාහනයෙන් ඉන්දුමතීගේ නිවසට පැමිණියාය.

“අම්මෙ, ජේන් ගෙදර ගිහිල්ල එන්න ගියා ආපහු එනවයි කියල. ඒත් තවම ආවෙ නෑ. මට හිතෙන්නෙ එන පාටක් නෑ වගෙයි. මේ දවස් ටිකෙත් සිසිරගෙ අක්ක කෙනෙක් තමයි දරුව බලා ගත්තෙ. මට හරිම ප්‍රශ්නයක් දරුව දාල යන්න කෙනෙක් නැතිකම. කවුරුහරි හොයා ගන්නකන් අම්මට බැරිද ටික කාලෙකට ඇවිත් ඉන්න. උයන පිහන ඒව මං කරන්නම්. අම්මට තියෙන්නෙ පුතාව බලාගෙන ඉන්න එක විතරයි.”

“අනේ, මන්දන්නෙ නෑ දුවේ ගිහිල්ලත් බෑ. නොගිහිල්ලත් බෑ. මං ගියොත් ගේ පාළුවට යාවි. ඒත් දරුවගේ කීම අහක දාන්නත් බෑනෙ. හොඳයි මං කවුරුහරි හොයා ගන්නකන් හරි ඉන්නම්කො. බූලත් මගෙ පස්සෙන්මයි. දරුවෙක් ව‍ෙග් ඉන්නෙ. අනේ, ඌට සාංකාව වගේ තියේවි.”

“අම්ම කල්‍යාණි නැන්දට යතුර දීල යන්න දොර, ජනෙල් ඇරල ගේ අතුගාල තියන්න කියලා. නැන්දයි, නංගියි බූලට කන්න දීල හොඳට බලා ගනීවි. ජයන්ත මාම වත්ත පිටිය එයාලගෙ වගේම බලාගනීවිනේ.”

“හරි එහෙනම් කෙනෙක් හොයාගන්නකන් මං එන්නම්කො”

“ඔන්න පැටියො ඔයාට දැන් පාළු නෑ. අත්තම්ම ළඟ ඉන්නවනෙ”

එදා දියණියගේ වචනයට පිටුපාන්නට අකමැති වූ ඉන්දුමතී ඇයත් සමඟ කොළඹ පැමිණියේ එතරම් කැමැත්තකින් නොවෙයි. මුලදි මුලදි සුමිත්‍රා සියලු වැඩට උදව් කළත් පසුව ටිකෙන් ටික මඟහරින්න ගත්තා. “අද මගේ ඔළුව හරිම කැක්කුමයි අම්මෙ”, “අද මට ඉස්කෝලෙ වැඩ ගොඩක් තියෙනව අම්මෙ”, “අද නම් මට හරිම මහන්සියි. මේ ළමයින්ට කෑගහලම”. මෙවැනි වදන් ඇයගේ මුවින් නිතරම පිටවූවාය. ඉන්දුමතීටත් දියණිය එසේ කියන කොට දුක හිතෙනවාය.

“කෝ ඉන්න මං ඔළුවට තෙල් ටිකක් දාල අතුල්ලන්න”, “දුව ගිහිල්ල ටිකක් ඇලවෙලා වි‍ෙව්ක ගන්න”, ඒ වැනි වෙලාවට එසේ කියන ඉන්දුමතී දියණියට විවේකීව ඉන්න සැලැස්සුවාය. දුවත්, බෑණාත් වැඩට ගියාට පසු ඉන්දුමතී තෙහැවිරිදි මුනුපුරත් බලාගෙන, ගෙදර සියලු වැඩපල කළමනාකරණය කරගෙන සිටීම සුමිත්‍රාට නම් ලොකු පහසුවකි. පුංචි පුතා අම්මටයි, තාත්තටයි වඩා එකතු අත්තම්මාටය. උකුල උඩ තියාගෙන ලස්සන කවි, කතන්දර කියල දෙනකොට චූටි පැටිය ඉන්නෙ හරිම සන්තෝසෙන්ය. දරුව රෑට ඉන්දුමතීගෙ තුරුලෙම නින්දට වැටුණම සුමිත්‍රා ඇවිත් අරගෙන යනවාය.

මාසෙකට දෙකකට වරක් කෝච්චියෙන් සෙනසුරාදා උදෙන්ම ගමට යන ඉන්දුමතී ගේ දොර අතුපතු ගා වත්තෙ පිටියෙ ඇවිද, කල්‍යාණිලත් එක්ක වෙල්යාය ඉස්මත්තෙන් ගලා යන ඔයෙන් දිය නා ආපහු ඉරිදා හැන්දෑ‍වට කොළඹ එන්නට පුරුදු වූවාය. ඒ එනකොට වත්තෙ ගහකින් කපාගන්න කෙසෙල් ඇවරි තුන හතරක්, කොහිල අල දලු ටිකක්, උගුල ගත් කිරි අල ටිකක්, කතුරුමුරුංගා, ගොටුකොළ වැනි පලා වර්ග ටිකක් ගේන්න අමතක කළේ නැත.

කල්‍යාණි ඉන්දුමතීගෙ නෑනා ය, ඇගේ දුව ගීතා හා සැමියා ජයන්තය. ඉන්දුගෙ ගේ දොර වත්ත පිටිය බලාගත්තෙ තමන්ගෙම එකක් ලෙසිනි. සමහර විට ඉන්දුමතී සිය දියණියට “දුවේ කවුරුහරි ඉක්මනට වැඩට හොයාගත්තොත් හොඳයි නේද? තාත්තා නැතිවෙලා අවුරුදු තුනකුත් පිරෙන්න එනවනේ. මං හිතාගෙන ඉන්නෙ ගමේ පන්සලේ හාමුදුරුවරුන්ට සාංඝික දානයක් දෙන්න. ඒ වගේම ගේ දොරත් පාළුවට යනවනෙ” යැයි කීවාය.

“අනේ අම්මට තියෙන හදිස්සිය. ගේ දොර කල්‍යාණි නැන්දල බලා ගන්නවනෙ. අපි තාත්ත වෙනුවෙන් මෙහේ පන්සලකට දානයක් දෙමුයි කියන කොට මඟ අරිනවාය. දිනක් දුව සහ බෑණා විවේකීව ඉන්න වෙලාවක සුමිත්‍රා අම්මට මේ යෝජනාව ගෙනාවාය.

“අම්මෙ කැමැති නැද්ද ඔය ගේයි, ඉඩමයි විකුණල දාල අපේ ළඟට එන්න. ඉස්සරහට අම්මව බලා ගන්නවත් කෙනෙක් නැතිවෙනවනේ. ඔච්චර දුරක ඉන්න නිසා අපටත් අම්මව බලන්න එන්න ‍වෙලාවක් නැහැනෙ. ඒක නිසා ඕව විකුණලා දාල අපේ ළඟට ඇවිල්ල ඉන්න.”

“අනේ දුවේ, මං ඒක මොන හිතකින් කරන්නද? තාත්තයි, මායි අමාරුවෙන් හදාගත්තු ගේ විකුණල දාන්න මං නම් කොහෙත්ම කැමැති නෑ. දුවගෙ කීම අහක දාන්න බැරි හින්දයි මං මෙච්චර කාලයක් හිටියෙ. අනේ, දුවේ, කවුරුහරි ඉක්මනට හොයාගන්න. මං කැමැති මගේ ගෙදරට වෙලා නිවී හැනහිල්ලෙ පිනක් දහමක් කරගෙන ඉන්න.”

“තාත්ත ගේ හැදුව කියල ‍කෝ යනකොට අරන් ගියාය. අම්මත් තණ්හාව අතෑරල ඒ ගැන හිතන්න. ඇරත් අම්මල වුණාම දරුවන්ගෙ දේවල් කරන එක යුතුකම්. අම්ම වයසට ගියහම බලාගන්න වෙන්නෙත් අපටමනේ. පිට මිනිස්සු එන්නෙ නැහැනේ අම්මව බලාගන්න.”

“ඒක ඇත්ත දුවේ. ඒත් මං කැමැති මැරෙනකන්ම මගේ ගෙදර ඉන්න. කල්‍යාණි නංගිලාට ගේ දොර බලාගන්න එක හැමදාම කරන්නත් බැහැනෙ. ඒ ගේ දොර හොඳට තියාගත්තොත් කවදහරි දුවලට ඇවිත් පදිංචි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මං නැති දවසක විකුණාගන්න හරි පුළුවන්.”

“අපිට එච්චර කල් බලාඉන්න බෑ. සිසිර කැමැති නෑ ඔය හද්ද පිටිසරට ගිහිල්ල ජීවත් වෙන්න. එයා කීප දවසක් කිව්ව අම්මට කියන්න ඕක විකුණල දාල අපි ළඟට එන්න කියල. ඇරත් මං සිසිර බඳින කොට අම්මලා මට දෑවැද්දටය කියල මොකවත් දුන්නෙ නෑනේ, පොතට දාපු සල්ලි ටිකක් ඇරෙන්න.”

ඉන්දුමතීට සියල්ල තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නැත. “දැනුයි බළලා මල්ලෙන් එළියට පැන්නේ” ඇයට හිතුණාය. දුවට ඉඩකඩම් දෑවැද්දට නොදුන් බව ඇත්තය. ඒත් කාලයක් පුරා හරිම අරපරෙස්සමෙන් ඉතිරි කළ මුදල් සුමිත්‍රාගෙ ඉතිරි කිරීමේ ගිණුමෙ තැන්පත් කළේ ඇයට දායාදය වශයෙනි. සුමිත්‍රා බඳිනකොට එහි ලක්ෂ දෙකක පමණ මුදලක් ඉතිරි කර තිබුණාය. තමන් කොතරම් අරපරෙස්සමෙන් ඒ මුදල ඉතිරි කළේ ද යන්න දියණිය ද හොඳින්ම දන්නා දෙයකි. සැමියාගේ විශ්‍රාම වැටුපෙන් තම මුනුපුරා නමින් ගිණුමක් අරඹා මුදලක් නැත්පත් කරන්නත් ඇය අමතක කළේ නැත. ඉන්දුමතීගෙ ඇස් දෙකෙන් කඳුළු කැට කඩා හැලුණාය. අවසානයේ දී ඇය මෙහෙම තීරණයකට ආවා.

“හොඳයි මං දෑවැද්දට දුවගෙ නමට ගේ ලියල දෙන්නම් මං ජීවිත බුක්තිය තියාගෙන. හැබැයි මං ජීවත්ව ඉන්නතුරු මං ඒක විකුණන්නෙ නෑ.

“අනේ අම්මගෙ ගේ අම්ම තියාගන්න. හැබැයි මීට පස්සෙ මගේ ගෙදර පස් නොපෑගුවාට කමක් නෑ. යන දේවාලයක ගිහිල්ල හොඳින් ඉන්න. අපි අපේ පාඩුවෙ ඉන්නම්.”

එසේ කියූ සුමිත්‍රා සිසිරත්, දරුවත් සමඟ කෑම මේසයට ගොස් කෑම කන්න පටන් ගත්තාය. නිකමටවත් ‘අම්මෙ බත් කන්න’ කියන්න තරම්වත් කාරුණික වූයේ නැත. පොඩි එකත් බිරන්තට්ටු වෙලා බලා සිටියේය. ඉන්දුමතීට හරිම දුකය. “දෙයියනේ මං මේ ආදරෙන් හදාපු, ඇහැක් වගේ ආරක්ෂා කරපු දරුවද මේ.” එකම කෙලී නිසා ලොකු මහත් වෙනකම්ම වැඩක් පලක් කරන්න දුන්නේ නැත. ඉන්දුමතී කාමරයට ගිහිල්ල ඇ‍ෙඳ් දිගාවුණේ “අනේ මගේ දරුව වෙනස් වුණ ඉක්මන” කියල හිතාගෙනය. ඇය නින්දත් නොනින්දත් අතර රැය පහන් කළාය.

“කඩලේ.. කඩලේ.. කඩලේ” තම්බාපු කඩල භාජනය අතේ තබාගත් කොලුවා දුම්රිය මැදිරියේ කෑ ගසමින් එහාට මෙහාට යනු දුටු ඉන්දුමතී ඔහුට කතා කළාය. පෙර දින රෑ සිට කෑමක් නැති නිසා ඉන්දු සිටියේ බඩගින්නේය. බැදපු මිරිස් කරල්, පොල් කෑලි සමඟ කලවම් කර තිබූ කඩල වලින් එන පුසුඹ ඇයගේ බඩගින්න වැඩි කළාය. රුපියල් විස්සක් දී ගත් කඩල ගොටුවේ රස බලන ගමන් ඇය නැවතත් අතීතයට පියමැන්නාය.

රජයේ සේවකයකු වූ ඉන්දුමතීගෙ සැමියා වන ජයදේව ඉතාමත් අපහසුවෙන් ඉතිරි කරගත් මුදලින් ඔවුහු පර්චස් අසූවක ඉඩම මිලයට ගත්හ. ඉතා සුන්දර ගැමි පරිසරයක පිහිටි ජයදේවගේ ගම්පියසින්ම ඉඩම් කැබැල්ලක් මිලයට ගැනීමට ලැබීම කාලයක සිට ඔහුගේ සිතේ වූ සිහිනයක් සැබෑ වීමකි. එහි නිවස තනාගත්තේ ජයදේවගේ මහ ගෙදරම ඉඳගෙන නිවාස ණයකුත් අර‍ගෙන හරිම අමාරුවෙනි. එදා ඔවුන් දෙදෙනාගේ ඊළඟ අරමුණ වූ‍යේ තම එකම දියණිය සුමිත්‍රාට හොඳින් උගන්වා රජයේ රැකියාවකට යොමු කිරීමය.

ඔවුන්ගේ නොපසුබස්නා උත්සාහයත්, සුමිත්‍රා ඉගෙනීමට දක්ෂ නිසාත් ඒ උත්සාහයේ මල්ඵල නෙළා ගන්නට ඔවුනට හැකි විය. එහි අවසාන ප්‍රතිඵලය වූයේ සුමිත්‍රාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ වාසනාව ලැබීමය. වැඩිකලක් නොගොස්ම ඇයට උපාධිධාරී ගුරුවරියක් ලෙස පත්වීමක් ලැබුණේ හැමෝගෙම සිත්වල බලාපොරොත්තු දල්වමිනි. විශ්වවිද්‍යාලයේදී ඇතිවූ ප්‍රේම සබඳතාවයක් පිළිබඳ සොයා බැලූ ඔවුන් දෙදෙනා තම දියණියටත්, අනාගත බෑණාටත් ආශිර්වාද කළෝය. එදා ඉඳන් ජයදේවත් ඉන්දුත් ඒ ගෙදර තනිවූහ. ඔවුන්ගේ තනි නොතනියට හිටියෙ ගෙදර සුරතලේට ඇති කරපු බූලා පමණයි. ඌ හරියට දරුවෙක් වගේ කීකරුය.

මේ අතර අරක්කු පොදක් තොලගාන්නෙ නැති, කිසිම දිනෙක දුම්වැටියක් පානය නොකළ ජයදේව හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් නිසා රෝහල් ගතවන්නට සිදුවිය. මේ හේතුව නිසාම ඔහු රජයේ සේවයෙන් කැමැත්තෙන්ම විශ්‍රාම ගත්තේය.

දවසක් ජයදේව ඉන්දුමතීට කතා කළේය. “ඉන්දු ම‍ගේ මේ ලෙඩේ ගැන මට ඒ තරම් විශ්වාසයක් නෑ. ඒ හින්ද මේ ගේයි, ඉඩමයි ඔයාගෙ නමට ලියන්න ඕනෙ කියල මං තීරණය කළා. මං හදිස්සියෙ මැරුණොත් ඔයාට කරදරයක් නැතිව කාටත් අත නොපා ජීවත්වෙන්න ඕන. මොකද අද කාලෙ දරුවෙක් වුණත් විශ්වාස කරන්න අමාරුයි. කසාද බැන්දයින් පස්සෙ ඒ අය වෙනස් වෙන්න ඉඩ තියෙනවා.”

“අනේ, ජයේ, ඔයා ඔය අවකැපෙන කතා කියනකොට මට බයත් හිතෙනවා. ඔයාට දෙයියන්ගෙ පිහිටෙන් එහෙම කරදරයක් වෙන්නෙ නෑ.”

“නෑ මං කිව්වෙ වෙනවට ‍නෙවෙයි. අපි යථාර්ථයට මුහුණ දෙන්න ඕන නිසා.”

“මං හිතන්නෙ අපේ දුව අපට කවදාවත් වෙනස්වෙන එකක් නෑ”

“ඒව ගැන අපිට දැන්ම අනාවැකි කියන්න බෑ ඉන්දු”

පසුව ජයදේව ඉන්දුගේ නමට ගෙයත් ඉඩමත් ලියලා දුන්නේ ඇයගේ අකමැත්ත පිටය.

ජයදේව පැවසූ ලෙසම අවුරුදු දෙකක් යන්නටත් පෙර හදිසියේ ඇතිවූ හෘදයාබාධයකින් ඉන්දුව සදහටම තනිකර ගියේය.

ඉන්දුමතී ආයෙමත් ඊයෙ සිදුවීම සිහිපත් කළාය. උදෙන්ම නැඟිටලා ඇය දුවට කතාකළත් ඇය ‍ෙනාවෙයි කාමරයෙන් එළියටවත් ආවෙ. හයක් හතරක් නොතේරෙන පුතු පැටියගෙ මූණ ඉඹල යන්න හිතුණත් ඒකට ඉඩක් ලැබුණේ ද නැත. හිතේ කැකෑරෙන වේදනාව හිර කරගෙන ඇය ඇඳුම් බෑගය අතින් අරන් එළියට බැස්සාය. පාරට පිවිසි ඇය ත්‍රීවීලරයකින් කොටුව ස්ටේෂමට ගියේ උදේ 9.30 නුවර බලා යන කෝච්චිය අල්ලාගැනීමටය.

ඈත ‍ලෝකයක කල්පනාවේ නිමග්නව සිටි ඉන්දුමතීට පොල්ගහවෙල ස්ටේසමේ කෝච්චිය නවත්තපු බැව් හැඟුණේත් මොහොතකින්. කඩිමුඩියේ කෝච්චියෙන් බැසගත් ඇය බෑගයත් අතින් අරන් වෙල්යාය මැදින් වැටී ඇති ගුරුපාර දිගේ හෙමින් හෙමින් පියමැන්නාය. ගතට විඩාව මහන්සිය දැනුණත් හදවතේ තිබුණු වේදනාව යටපත් වෙලා සිතට සැහැල්ලුවක් දැනෙමින් තිබුණාය. වෙල ඉස්මත‍්තේ ගේ දකින කොට ඇයට සියලු දුක් යටපත් වූවාය. ඉන්දුමතී ඇඳුම් බෑගයත් අරන් ගෙදරට ගොඩවෙනු දුටු අල්ලපු ගෙදර නංගිගෙ දුව ගීතා දුවගෙන ආවාය.

“හානේ, නැන්ද හදිස්සියෙම?”

“ඔව් දුවේ, මට එන්න හිතුණා. ඉතිං මං ආවා; කෝ දුවේ අම්මා?”

“කොච්චර හොඳද නැන්දෙ ආ එක. දවල්ට කෑම උයල තියල අම්ම ගියා පොළට ගිහිල්ල එන්න. නැන්දට මහන්සිත් ඇතිනේ. ඉන්න මං ඉක්මනට තේ ටිකක් හදාගෙන එන්නම්. පස්සෙ කෑම කමු.”

“හොඳයි දුවේ, අපි අම්මත් ආවම කෑම කමු”

එසේ කියූ ඉන්දුමතී දොර ඇරගෙන ගේ ඇතුළට ගියාය. බූලා දුවගෙන ඇවිත් ඉන්දුගෙ පාමුල ලැග වල්ගය වනමින් කකුල ලෙවකන්න පටන් ගත්තාය.

“කොහොමද මගෙ පැටියො” උගේ හිස අතගාන ගමන් ඇය ඇසුවාය.


Nissanka Rajapaksa

unread,
Dec 5, 2019, 10:09:28 AM12/5/19
to ind...@googlegroups.com
දුක්ඛ සත්‍යය
නන්දසේන විතාරණ
- රැස පුවත් පත -
මෑතක සිට පුවත්පත් වාර්තා කියවන විට තෙන්නකෝන් මහතාගේ සිතෙහි බියමුසු සැකයක් මෝදුවෙමින් තිබේ. වියපත් දෙමාපියන් මහමඟ අතරමං කළ දරුවන් ගැන එම වාර්තාවල සඳහන් වේ. අනාථ නිවාසවලට ගාල් කොට සිටින බහුතරය, නීතිඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, ඉංජිනේරුවන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ දෙමව්පියන් යැයි එක් වාර්තාවක සඳහන් විය. තෙන්නකෝන් විශ්‍රාමික රජයේ සේවකයෙකි. ඔහුගේ ජ්‍යෙෂ්ඨ පුත්‍ර රත්නය නිස්සංක රජයේ පරිපාලන නිලධාරියෙ
කි. ශිෂ්‍යත්ව විභාගය සමත්ව රජුන් තනන විද්‍යාලයකට ඇතුළත් වූ ඔහු එතැන් සිට ඇසුරු කළේ රටේ දේශපාලනඥයින්ගේ හා ධන කුවේරයන්ගේ දරුවන්ය. අදියරෙන් අදියර විභාග සමත් වෙමින් ඉදිරියට ගිය නිස්සංක ‘රැජින’ කර ගත්තේද රටේ ප්‍රබල දේශපාලනඥයකුගේ දියණියකි. නිමක් නැති සිහින සම්භාරයක් පසුපස හඹා යන තම පුත්‍ර රත්නය පිළිබඳව දැන් තෙන්නකෝන්ට ඇත්තේ අනුකම්පාවකි. ඒත් මෙම සිහින ජාලය ඔහුගේ සිතෙහි රෝපණය කිරීමට තමාද දායක වූවා නොවේදැයි ඔහු හට සිතේ. ඒ සමඟම ඔහුට සිහිපත් වන්නේ සිංහබාහු නාටකයේ ගීතයකි.

‘ප්‍රේමයෙන් වැඩුවේ මෙපුතා නොවෙදෝ

අන්තරායෙන් රැකගෙන වනයේ.....

ප්‍රේමයෙන්.....’

දේශපාලනඥයා සහ පරිපාලන නිලධාරියෙකු බෙල්ල - තැල්ල මෙන් ගැළපී කටයුතු කළ යුතු වුවද මෙම මාමා බෑණා (නිස්සංක) අතර වූයේ ජාඩි මූඩි වැනි ජුගුප්සාජනක සම්බන්ධයකි. අනපේක්‍ෂිත ලෙස සිදු වූ බල පෙරළියත් සමඟ නිස්සංක පතිත වූයේ අහසින් පොළොවටය. රාජ්‍ය ධනය රිසි සේ පරිහරණය කරමින් නාස්තිකාර ආටෝප සාටෝප ජීවන රටාවකට හුරු වී සිටි නිස්සංකට මෙන්ම රාජිකාටද යථාර්ථයට මුහුණ දීම අතිශය දුෂ්කර කටයුත්තක් බවට පත් වනු තෙන්නකෝන් දිටීය. තවදුරටත් පඹගාලේ පැටලෙන්නේ නැතිව ජීවිතය යළි ගොඩනඟා ගැනීමට නම් නිස්සංක ඔහු කුඩා කල හුරුපුරුදු කළ ගැමි, පිරිමැසුම් සහිත, සරල ජීවන රටාවට අනුගත විය යුතුය. රජුන් තනන විද්‍යාලය දක්වා ඔහුට ඉණිමඟක් වූයේ එම ජීවන රටාවයි.

පුවත්පත් සපයන තොරතුරු අතර දේපළ සඳහා දරුවන් අතර සිදු වන ගහමරාගැනීම්ද තෙන්නකෝන්ගේ නිරීක්‍ෂණයට ලක් විය. බිරිඳගේ වියෝවත් සමඟම දරුවන් හැදුණු වැඩුණු නිවස ඇතුළු දේපළ විකුණා දැමූ තෙන්නකෝන් දරුවන්ට එම ධනය බෙදා දුන්නේ සතුටු සිතිනි. “දැන් ඉතින් අපි මේ ගෙනියන්න බැරි දේවල් අත්හරින්න ඕන කාලේ හාමුදුරුවනේ.” පන්සලේ නායක හිමියන්ට ඔහු පැවසුවේ එපරිද්දෙනි.

මාමණ්ඩියගේ හතරවරං වැඩ නිසා අතරමං වූ ලොකු පුතා (නිස්සංක) තම අක්මුල් මත යළි ස්ථාපිත වීමට උත්සාහ කළේ මෙම වකවානුවේදීය. “තාත්තා අනාථ මඩං, මහලු මඩං හොය හොයා ඉන්න ඕනේ නෑ. ඉතිරි කර ගත්ත දෙයක් බැංකුවක දාලා මගේ ගෙදර ඉන්න.” තෙන්නකෝන් වැඩි පංගුවක් නිස්සංකට වෙන් කළේද බොහෝ කාරණා සැලකිල්ලට ගනිමිනි. ලොකු අයියා තම නංගිලා මල්ලිලා වෙනුවෙන් කරන ලද කැපවීමක්ද විය.

දුක, සතුට, ආඩම්බරය, සැහැල්ලුව, බිය, සැකය ආදී සියල්ල කැටි වූ කල්පනා සාගරයක තෙන්නකෝන් නිමග්නව සිටින්නේ තම මුණුබුරාට වෙසක් කූඩුවක් සාදා ගන්නට කියා දෙන අතරතුරය. නිස්සංක කුඩා කල ප්‍රකට මෙන්ම දහඅටපට්ටම වැනි අප්‍රකට වෙසක් කූඩුද සෑදීමට දක්ෂයෙක් විය. උදේ වරුවේ පන්සලේ සිල් සමාදන් වීමට එක් වන ඔහු සවස සිල් පවාරණය වී තමාම නිර්මාණය කළ නිර්මාණවලින් නිවස අලංකාර කළේ ආඩම්බරයෙන් යුතුවය.

“කඩෙන් වෙසක් කූඩු ගේන්න එපා. මම තිසරට උගන්වන්නම් වෙසක් කූඩු හදන හැටි.” උදේ තෙන්නකෝන් නිස්සංකට කීවේ ඔහුගේ අතීතය සිහිපත් වන ලෙසය. එහෙත් පසුව ලැබුණු දුරකථන පණිවුඩය සියල්ල වෙනස් කර වන්නක් විය. “පුතා තාත්තා කියනවා වෙසක් කූඩු හද හදා ඉන්නේ නැතිව ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයක් කරන්නලු.... තාත්තා හවස එනකොට ලයිට් වැලකුත් ගේනවා කිව්වා.... ගන්න ගන්න ප්‍රශ්න පත්‍ර පොත!” පියාගේ පණිවුඩය ලෙස රාජිකා වර නගන්නේ ඇයගේම අදහස බව තෙන්නකෝන් දනී. උදේ දෙදෙනා අතර ඇති වූ කසුකුසුවද එයමය.

“ශිෂ්‍යත්වයට තව කී දවසද? සීයගේ කතා අහන එකයි, මල් නෙළන එකයි, දාං අදින එකයි, බයිසිකල් පදින එකයි ඇරෙන්න වෙන දෙයක් දැන් තිසරට නෑ. ළමයා විභාගේ ෆේල් වුණොත් අම්මලා අතර පරදින්නේ මම!” ඒ, රාජිකාගේ හඬය.

“රාජිකා, ඒ මම ඉගෙන ගත්ත විදිහ. ඒවායේත් ලොකු අධ්‍යාපනයක් තියෙනවා. ඔයා ඒ පාඩම් ඉගෙන ගෙන නෑ. ඒකයි අපි අතරෙත් ප්‍රශ්න ඇති වෙන්නේ!”

එහෙත් දුරකථන ඇමතුමෙන් කියවෙන්නේ නිස්සංකගේ එම අදහස නොවේ. තිසර හැදුණේ වැඩුණේ සීයා සමඟය. එකල සීයා රාජිකාට සම්පතක් විය. එහෙත් දැන් දැන් තෙන්නකෝන් හට දැනෙන්නේ රාජිකා මුණුපුරාගෙන් පමණක් නොව පුතාගෙන්ද තමා විතැන් කිරීමට උත්සාහ දරන බවය. ඔහුට අනාගතය පිළිබඳව අවදානමක් දැනෙන්නේ ඒ අනුවය. එය වියපත් පියෙකු හට දැරිය හැකි අවදානමක් නොවේ.

තිසර කුඩා කල බොහෝ දීර්ඝ සති අන්ත ඔවුන් ගත කළේ නගරයෙන් බැහැරවය. ඒ සඳහා යාන වාහනද, නවාතැන්පළද, මිල මුදල්ද නිස්සංකට අඩු නොවීය. විටෙක නුවර යන ඔවුහු තවත් විටෙක නුවර එළියට හෝ සිංහරාජ අඩවියට සංචාරය කරති. කතරගමටද යති. ශ්‍රීපාදයටද යති. මෙම විනෝද චාරිකාවලට නිස්සංකගේ මිතුරෝද එක් වෙති. කා බී මධුවිතෙන්ද සප්පායම් වී කාටත් විනෝදවීමට නිදහස ලැබෙන්නේ තෙන්නකෝන් දරුවන් රැක බලා ගැනීම පවරා ගන්නා බැවිනි. ඒ අතර තෙන්නකෝන්ද අඩු සැර මත්පැනකින් සප්පායම් වේ. ඒ අන් අයට දැනෙන පරිමාණයෙන් නොවේ.

පරෙයිතොට පොකුණක් වන් නදී තොටුපළකි. ජලය බැස ගියේ සෙමිනි. බිලිඳු තිසර ටියුබයක් තුළ පා වෙමින් සිටියේ වැඩිහිටියන් අතරය. අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටි වැඩිහිටියන්ට දරුවා තමාගෙන් ක්‍රම ක්‍රමයෙන් ඈත් වනු නොදැනුණි. සීයා සමඟ සිනාසෙමින් දරුවා ගං ඉවුරට සමීපව පසුව ගඟ ගලන දෙසට ක්‍රම ක්‍රමයෙන් ඇදී යන්නට විය. සමාන්තරව ගඟ පහළට ගමන් කළ සීයා දරුවා වඩා ගන්නා විට ඔවුන් දෙමව්පියන්ට නොපෙනෙන මානයේ ගස්වැල් අතර විය. පසුව දරුවා සොයා දස අත ගිය වැඩිහිටියන් ගිනි ගත් හිස් ඇතිව යළි තොටුපළට පෙරළා පැමිණෙන විට දරුවාද සීයාද තොටුපළේ ම විය. “වතුරේදි මම දරුවෝ ගැන බොහොම සෙවිල්ලෙනුයි ඉන්නේ.” තෙන්නකෝන් කීවද, සිදු වූයේ කුමක්දැයි සිතාගන්නටවත් බැරිව සිටි රාජිකා නිස්සංකට කීවේ “සීයාත් බොන්න පටන් ගන්නවනේ කොල්ලෙක් වගේ!” කියාය.

“සීයගේ ළමයි වතුරේ ගහගෙන ගියේ නෑ රාජිකා. අපේ දරුවා බලාගන්න ඕනේ අපි.” එහෙත් ඉස්මතු වූයේ එම අදහස නොවන බව තෙන්නකෝන් දනී.

දරුවාට අවුරුදු පහ හය පමණ වන විට විනෝද ගමන්වලදී සීයාගේ රැකවරණය රාජිකාට අවශ්‍ය නොවීය. “තාත්තා තනියෙන් ගෙදර තියලා යන්න බැහැනේ රාජිකා.” ඉන් පසු දීර්ඝ සති අන්තවල දින කිහිපයක් රෝහල් කාමරයක විවේක ගැනීමට තෙන්නකෝන්ට සිදු විය. “කෑම බීම, සොයා බැලීම් ඔක්කොම කෙරෙනවා, අපි ඒවට ගෙවනවා. තාත්තා විවේකයෙන් ඉන්න.” රාජිකාගේ රළු තීරණ තෙන්නකෝන්ට සමීප වූයේ සුමට ලෙසය. තෙන්නකෝන්ගේ නෙතට කඳුළක් නැඟිණි. එහෙත් එම රෝහලේ කාමර එම දිගු සති අන්තයේ පිරී ගොස් තිබුණේ තමාම වැනි මව්පියවරුන්ගෙන් බව තෙන්නකෝන්ට වැටහුණේ එහි දින කිහිපයක් ගත කරන විටය.

තම සැඳෑ දිවිය පිළිබඳ සියලු බලාපොරොත්තු බිඳ වැටෙන්නට තව වැඩි දිනක් ගත නොවන බව දැන් දැන් තෙන්නකෝන්ට පෙනේ. ආසන්නම සිද්ධිය මෙසේය.

“හඃ හඃ හහ්....” තිසර හඬ නඟා සිනාසුණි.

“සීයාට පුක් එකක් ගියා!”

“කොහොමද දන්නේ?”

“මට ඇහුණා.”

“ඇහුණාට කමක් නෑ පුතා. දැනුනා නම් තමයි නරක. වායු දූෂණය හොඳ නෑ.”

“ශබ්ද දූෂණයත් හොඳ නෑනේ.”

“නෑ. නෑ. සීයාගේ බඩ අපවිත්‍ර නෑ.”

සියල්ල පැහැදිලි කර දීම සීයගේ සිරිතය.

“ඔයාගේ බයිසිකලෙත් කාලයක් යනකොට හුළං පේනුව බුරුල් වෙනවා!”

“එතකොට නිකම්ම හුළං යනවනේ.”

තිසර තවදුරටත් සිනාසෙන්නේ උතුරා යන සතුටින් යුතුවය. මේ දැනුමද දරුවා ලැබිය යුත්තක් යැයි තෙන්නකෝන් සිතයි. එහෙත් සවස නිස්සංකගේ කනට යන්නේ තෙන්නකෝන් නොසිතන කතාවකි.

“තාත්තාට අර්ශස් අමාරුවද කොහෙද. දරුවාත් එතනමයි. නොදැනම මළ මුත්‍රාත් පිටවෙනවාද දන්නෙ නෑ.” තමා ශාරීරිකව දුර්වල වෙනවාට වඩා වේගයෙන් රාජිකා අධ්‍යාත්මිකව වැහැරෙන බව තෙන්නකෝන්ට පැහැදිලිය. නොබෝ දිනකින් ඔවුන් තමා අත්හැර දමනු ඇත. ඊට පෙර තමාම තීරණයක් ගත යුතු යැයි තෙන්නකෝන්ට සිතුණි.

පසු දින තෙන්නකෝන් අතුරුදහන් විය. ඔහු වෙත වූ අවම අඩුම කුඩුමද රැගෙන ඔහු නික්ම ගොස් තිබිණ. දමා ගොස් තිබුණේ “ඉතිරියද අත්හැරීමට කාලය පැමිණ ඇත” යන තුණ්ඩු කැබැල්ල පමණි.

“සීයා නිවන් යන්න ඇතිනේ තාත්තේ.” තිසර කීවේ හේතු පාඨයද සහිතවය.

“අතපය වාරු නැති වෙනකොට, ලෙඩ රෝග වැඩි වෙනකොට නිවනට යන්න ලෑස්ති වෙන්න ඕනේ පුතා.” සීයා තිසරට කියා තිබුණේ එසේය.

“ඉබාගාතේ යනකොට පොලීසියට හරි පත්තරකාරයෙකුට හරි අහු වුණොත් පත්තරෙත් යයි අපි තාත්තට සැලකුවේ නෑ කියල.” රාජිකාට තිබු ගැටලුව එපමණක් විය. කැලඹීමට, කම්පාවට, ශෝකයට පත්ව සිටියේ නිස්සංක පමණි. ඔහු හැකි සෑම තැනකටම දැනුම් දෙමින් වහ වහ තම පියා සොයන්නට විය.

“හැදු වැඩු දෙමව්පියන්ට සලකගන්න බැරි වුණොත් අපිත් සත්තු විශේෂයක් විතරයි රාජිකා. අනික අපි දෙමව්පියන්ට සලකන්නේ නැතිව කොහොමද ඒ පාඩම පුතාට උගන්නන්නේ.” නිස්සංක පැවසුවේ දැඩි කේන්තියෙන් යුතුවය.

නැන්දලා, මාමලා, බාප්පලා, පුංචිලා සැවොම තම පියාටත්, මවටත් කරනු ලබන දෝෂාරෝපණ ප්‍රහේළිකාවක් වූයේ තිසරට පමණි. දින කිහිපයක්ම නෑදෑ හිතවතුන් නිස්සංකගේ නිවසේ රැඳී සිටිමින් ඔහුට සහයෝගය දැක්වූ අතර රාජිකාට හිසරදයක් වූයේ ඔවුන්ට බතබුලතින් සංග්‍රහ කිරීමය.

දැරූ උත්සාහයන් ඵල නොදැරුවද දින පහකට පසු ලැබුණු විදුලි පුවත නිස්සංකට අස්වැසිල්ලක් විය. තෙන්නකෝන් රැඳී සිටි වැඩිහිටි නිවාසයට නිස්සංක ඇතුළු පිරිස වහා පිටත්ව ගියේ ඔහු යළි නිවස වෙත කැඳවා ගෙන ඒම පිණිසය.

“අපි හිතුවේ සීයා නිවන් ගියා කියල.” තිසර සීයාගේ ඔඩොක්කුවේ හරි බරි ගැසී ඉඳගත්තේය.

“සම වයසේ කට්ටිය එක්ක සතුටු සමීචියේ යෙදිලා, පත්තරයක් බලලා, ගුවන් විදුලිය අහලා, දාම් අතක් ඇදලා, කාඩ් සෙල්ලම් කරලා ඉන්න එක මට දුකක් නෙමෙයි පුතා. වෙලාවකට දැනෙන්නේ ඔෆිස් එකේ ඉන්නවා වගේ.” තෙන්නකෝන් නැවත නිවසට යාමට කැමැත්තක් දැක් වුයේ නැත.

“මරණේ කියන්නේ බලාපොරොත්තු විය යුතු සාමාන්‍ය දෙයක්. ඒකත් මෙතනදීම සිද්ධ වෙයි. මැරුණු සිරුරක් මිහිදන් කරන්න උත්සව ඕනේ නෑ පුතා. අපි කරපු හොඳ නරක දන්න අයට ඔය ටික කාලයක් මතක තියෙයි. ආරංචියක් නැති වුණාම මැරුණා කියලා හිතයි. මගේ පෙන්ෂන් එකත් මේ ආයතනයට හැරෙව්වා. මම මැරෙන්නේ මගේ අවමගුලත් සංවිධානය කරලා පුතා. ඒකට යම් මුදලක් දැන්මම මෙහේට ගෙවලා තියන්න ඕනේ. ඊට පස්සෙ පුළුවන් වෙලාවක ඇවිත් ගියාම ඇති.”

දෙපා වාරු නැතිව ගිය නිස්සංක අසල තිබු කණුවකට බර විය. පියා තමාද සියල්ලද අත්හැර දමා හමාරය. ගතින් දුබල වන විට වැඩිහිටියන් හුදෙකලා කෙරෙන නොමිනිස් සමාජයට ගැළපෙන විසඳුමක් තම පියා සොයාගෙන තිබේ.

කඳුළු සෝ සුසුම්, වැඳුම් පිදුම් අවසන පිරිස මහලු නිවාසයෙන් නික්මිණ. කාගෙත් සිත් තුළ වූයේ “ඔහු වෙනුවෙන් අප කළ කිසිවක් නැත” යන පාපොච්චාරණය පමණි. පියාගේ අවසන් ඉල්ලීම පරිදි රුපියල් ලක්ෂයක මුදලක්වත් අනාථ නිවාසයට පරිත්‍යාග කිරීම නිස්සංකගේ අරමුණ විය.

“තවත් ණය වෙන්න නම් ලෑස්ති වෙන්න එපා නිස්සංක.” එය ඉල්ලීමක්, අවවාදයක් නොව තරවටු කිරීමකි. “තාත්තගේ වැඩවලින් නැති වෙන්නේ අපි කාගෙත් නම්බුව. තාත්තා තාම මැරුණේ නෑ.... විකාර නැතිව ඉන්න. මරණේ වැඩ කරන්නේ ඉන්න මිනිස්සු. ඒ අයගේ නම්බුව රැකෙන විදිහට.”

තෙන්නකෝන් අතුරුදහන් වූ දින සිට නිෂ්ක්‍රීයව තිබූ තම අධිකාරි බලය රාජිකා යළි විදහා දැක්වීය.

-----------------





Nissanka Rajapaksa

unread,
Dec 5, 2019, 6:46:36 PM12/5/19
to ind...@googlegroups.com

සහෝදරයෝ

ෂියා ෂොචුබාන්ග් ගේ කෙටි කතාවක
 සිංහල අනුවාදය බොබී ජී බොතේජු

ketikathaමා නිවසට ඇතුළුවන විටම මගේ හදවත සලිත විය. මගේ බිරිඳ සේවය අවසන්ව නිවසට පැමිණ සිටියාය. එහෙත් ඇය වෙනදා මෙන් නිවස පවිත‍්‍ර කිරීමේ සහ රාති‍්‍ර ආහාරය පිළියෙල කිරීමේ යෙදෙනු වෙනුවට සිගරැට්ටුවක් දල්වාගෙන ඇඳ මතට වී සිටියාය. ඇගේ මුහුණ සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා දෙඅඟලකින් පිම්බි තිබේ.
 
 ඇයව කෝප ගැන්වූයේ කවුද? බෑගය එල්ලන අතර වටපිට බලමින් මම කල්පනා කළෙමි. අපේ පුත් ජින්යෙන්ග් මීට මාස දෙකකට පෙර චන්ග්චුන් සරසවියට ඇතුළු විය. අපේ දුව ෂියෝ යාන් තවමත් පාසල ඇරී පැමිණ නැත. කාමරයේ සිටිනුයේ අප දෙදෙනා පමණකි. 
 
 ‘‘අපි රෑට කන්නෙ මොනවාද?. මම සන්සුන් ලෙස විමසීමි.
 
 ‘‘හහ්.. " ඇය සුසුමක් හෙළා පිළිතුරු දුන්නාය. ගොරවා වහිනතෙක් බලා සිටිනවා හැරෙන්නට මට කළ හැකි වෙන දෙයක් නැත.
 
 ඇය සමග විසිවසරක්ම එකට ජීවත් වූ බැවින් මම ඇගේ ස්වභාවය ඉතා මැනවින් දැන සිටියෙමි. ඇය කෝපයෙන් සිටින විට තොල් තද කරගෙන සිටින්නීය. එහෙත් මිනිත්තු දහයකටත් අඩු කාලයකදී ඇයගේ දරාගත නොහැකි කෝපය පිටවෙන්නට පටන් ගනී.
 
 මා සිතූ පරිදිම සිගරැට්ටුව අවසන් වෙන්නටත් පෙරම ගෙරවීම සහ වැස්ස ඇරඹිණ. ‘‘ ඔහෙ වගෙ කාලකණ්ණියෙක්ව බැඳගන්න තරම් මම අන්ධයෙක් වුණානෙ. ජීවත්වෙලා ඉන්නකම් මට එක දවසක්වත් සැනසිල්ලෙ ඉන්න නැහැ. ඔහෙගෙ දෙමාපියන් ඉන්න කාලෙ අපි නොකා හිටියත් ඒ අයට උපකාර කරන්න සිද්ධ වුණා. දැන් ඒ අය මැරිල. ඒත් බාලම එකා තාමත් අපිව කන්න බලා ඉන්නවා...
 
 දැන් මට කාරණය වැටහිණ. මගේ දෙවන බාල මල්ලී මුදල් ඉල්ලා ලිපියක් එවන්නට ඇති.
 
 ‘‘උගෙ කරදරකම දවස ගානෙම වැඩිවෙනවා.. ඇය දිගටම කියවාගෙන ගියාය. ‘එකපාරටම යාන් විස්සක් තිහක් දුන්නහම මදිද? මේකෙ ලියල තියෙන දේවල් ඔහෙම බලා ගත්තොත් හොඳා.. ඇය ලිපිය මා වෙතට විසිකොට ඇඳෙන් නැඟිට ගොස් එළවලූ කැපීමට පටන් ගත්තාය. මීටර් 10 පමණ වූ අපේ කුඩා කාමරය කුඩා වැඩපළක් වැනිය.
 
 ලිපිය අතේ තබාගෙන සුසුමක් හෙලූ මම මටම කතා කර ගතිමි. ‘‘මල්ලී උඹ අපට කරදර කරනව වැඩියි. අපි ගිය මාසෙ උඹට යාන් විස්සක් එව්වා. දැන් උඹට තවත් සල්ලි ඕනෙවෙලා. උඹගෙ නෑනා කේන්ති ගන්න එක අරුමයක් නොවෙයි...
 
 ෂැන්චොනග් පළාතේ ලෙලින්ග් දිස්ති‍්‍රක්කයේ ගෝට්න් නමැති ගමේ මම උපත ලැබුවෙමි. එම ප‍්‍රදේශය පිළිබඳව විස්තර කිරීම අපහසුය. නිදහස ලැබීමට පෙර ජිනාන්, ටියෙන්ජින් සහ බිජෙන්ග් යන නගරවල සිට පැමිණි හිඟන්නන් දහයෙන් හයක් හෝ හතක් පමණ අපේ ප‍්‍රදේශයෙන් හෝ හියුමින් ප‍්‍රදේශයෙන් පැමිණි අය වූහ. දෙවියන් වහන්සේගෙන් අපට ලැබුණේ කුඩම්මාගේ සැලකිලිය. අප සතු වූ ඉඩම් විශාල ප‍්‍රමාණයක් ලවණ ගතියෙන් යුක්ත වූ නිසා වගා කළ නොහැකි විය. යාන්තමින් වැස්සත් ගංවතුර ගැලූවේය. අනිත් කාලයේ තද ඉඩෝරය පැවතිණ. යහපත් කාලවලදී පවා සරත් ඍතුවේදී නෙළා ගත් අස්වැන්න වසරේ අඩක්වත් පාවිච්චි කිරීමට ප‍්‍රමාණවත් නොවීය. අපට කළ හැකිව තිබුණේ එකම දෙයයි. එනම් වෙනත් ප‍්‍රදේශයකට ගොස් සිඟමන් යැදීමයි. එහෙත් මම වාසනාවන්තයකු වීමි. මම දහසය හැවිරිදි වියේ පසුවෙද්දී තවත් කීප දෙනෙකුද කැටුව ටියෙන්ජින් ගමට සිගමනේ ගියෙමි. ඒ කාලයේ ඒ ප‍්‍රදේශයේ ගොඩනැගිලි සමාගමකට තාවකාලික කම්කරුවන් අවශ්‍යව තිබිණ. මම මගේ නමද ඇතුළත් කළෙමි. වැඩ කිරීමට තරම් ශක්ති සම්පන්න කෙනෙකැයි තීරණය කිරීමෙන් පසු වැඩ පරීක්‍ෂකවරයා මාව සේවයට බඳවා ගත්තේය. එතැන් සිට මම හැකිතාක් වෙහෙසවී වැඩ කළෙමි. වසරකට පසු මගේ සේවය ස්ථිර කරනු ලැබීය.1962 දී මට කණ්ඩායම් නායකයකු ලෙස උසස් වීමක්ද ලැබිණ. ඉන් අනතුරුව මම මගේ කණ්ඩායමේ කම්කරු ලියක වූ සොන්ග් ලානින්ග් සමග විවාහ වීමි.
 
 ලානින්ග් යහපත් කාන්තාවක් බවට සැකයක් නොවීය. අපේ මංගල රාති‍්‍රයේදී ඇය මෙලෙස කීවාය. ‘‘ෂිචෙන්ග් ඔබේ සහෝදරයා දෙමවුපියන්ට උදව් කරන්න තරම් කුඩා වැඩියි. අපි ඒ අයට බඩගින්නෙ ඉන්න දෙන්න හොඳ නැහැ. පුරුදු විදියට මුදල් ටිකක් අරිමු. උත්සව කාලෙට ටිකක් වැඩියෙන් මුදල් යවමු. ඒ ගොල්ල හොඳට කාල බීල ඉන්නව දකිනකොට මිනිස්සු අපටත් ගරු කරාවි.. ඇගේ වචන මගේ හද බැඳ ගත්තේය.
 
 1970 දී මගේ දෙමව්පියෝ මියගියහ. මගේ බර තරමක් අඩු විය. එහෙත් ඒ සමගම මගේ සහෝදරයා විවාහ විය. ඊට ටික කලකට පසු ඔහුට දරුවකු ලැබිණ. යුතුකමක් ලෙස සලකා මම ඔහුට සුපුරුදු පරිදි මුදල් යැවීමි. මගේ දරුවන්ද තවමත් වැඩෙමින් සිටියි. මගෙ පුත් ජින්සෙන්ග් මධ්‍යම පාසලේත් අපේ දුව ෂියොයාන් ප‍්‍රාථමික පාසලේත් ඉගෙනුම ලබති. මා පිට පැවරුන බර තවමත් එලෙස ම ඇත. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මගේ බිරිඳ දබර කළාය. සමහර අවස්ථාවල මම මගේ සහෝදරයාට මුදල් නොයැවිමි. එහෙත් දින කීපයකට පසු මුදල් නොවුවේ මන්දැයි අසමින් ඔහුගෙන් ලිපියක් ලැබේ. තැපැල්කරුගේ බයිසිකලයේ සීනුව නාද වන හැම අවස්ථාවකම මගේ හදවතේ කම්පනයක් හටගන්නේ එම නිසාය. ‘‘ලී ෂිචෙන්ග් මෙන්න ඔබට ලියුමක්. ලිපිය අතට ගන්නා මම එය විවෘත නොකරම පැයක් පමණ කල්පනා කරමින් සිටිමි.
 
 එහෙත් අද අදිමදි කිරීමකින් තොරවම ලිපිය අතට ගත් මම වහාම කියවන්නට පටන් ගතිමි. මගේ බිරිඳ මෙතරම් කෝපවී ඇත්තේ මන්දැයි දැන ගැනීමට මට අවශ්‍ය විය. මගේ සහෝදරයා පාසල් ගොස් ඇත්තේ වසරක් පමණක් බැවින් ඔහුගේ ලිපි කෙටි විය. මේ ලිපියේ අඩංගු වූයේත් පේළි කීපයක් පමණකි. 
 
 ආදරණීය අයියා සහ අක්කා වෙත,
 
 අපි ඉන්න කාමර තුන වැස්සට තෙබෙනවා. දැන් ඒකෙ ඉන්න බැරි තත්ත්වයක් තියෙනවා. මීළඟ ගී‍්‍රෂ්ම ඍතුවේදී උස වහලයකින් යුත් කාමර හයක් හදන්න මම අදහස් කළා. එයින් කාමර තුනක් මගේ පවුලෙ අයටත් ඉතිරි කාමර තුන අයියා විශ‍්‍රාම ගිය කාලෙට ඇවිත් පදිංචි වෙන්න අයියලාටත්.
 
 ‘‘පුදුමයි සහෝදරයා ඔබට උදව් කරන්න ගොස් අපි දුක් විඳිනව. ඔබ කොහොමද උස වහලකින් යුත් නිවසක් හදන්නේ. ඒකට අඩු ගාණේ යාන් දෙදාහක්වත් අවශ්‍යයි... මම තනියම සිතුවෙමි. මම කෝපයෙන් ලිපිය ඉරා දමා බිරිඳ වෙත ගියෙමි. ‘කරදර වෙන්න එපා. තීරණය ගත යුත්තේ මල්ලි නෙවෙයි. මම එයාට ලියල අරින්නම්. එයා තීරණය වෙනස් නොකළොත් මම මීට පස්සෙ එයට සතයක්වත් යවන්නෙ නැහැ..
 
 ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. ගේ හදන්න ගිහිල්ල එයා ණය වුණොත් ඒ ණය බේරන්නෙ කවුද?.
 
 ‘මම හිතන්නේ නැහැ. එයා ඒ තරම් මුරණ්ඩුයි කියල.
 
 ‘හ්ම් තාම ඔයා දන්නෙ නැහැ ඔයාගේ සහෝදරයගෙ හැටි. එහා අශ්ව පැටියෙක් වගෙ අකීකරුයි. එයාගේ පවුලෙ ඉන්න තුන්දෙනයි. පුතෙක් වෙනුවට ඉන්නෙ දුවක්. ඉතින් කාමර හයක් මොකටද? ලියුම තිබුණෙ ඉතිරි කාමර තුන අපට හදනව කියල නේද? ඉතින් එයාට සල්ලි නොදී ඉන්න හේතුවක් තියෙනවද?.
 
 මගේ බිරිඳගේ තර්කානුකූල ප‍්‍රශ්නයට පිළිතුරු දීමට මට නොහැකි විය. ‘‘කොහොම වුණත් එයා කරන්න හදන කපටි වැඬේ මට තේරෙන්නෙ නැහැ. අපි අපේ වැඩක් බලා ගනිමු. දෙමවුපියො මැරුණට පස්සෙ අපි කැමැත්තෙන්ම එයාට උදව් කළේ සහෝදරකමට. ඒත් එයා දුරදිග යනව නම මම තවත් උදව් කරන්නේ නැහැ..
 
 ‘එතකොට ඔයා මොනව කරන්නද හිතාගෙන ඉන්නෙ?.
 
 ‘එයාගෙ ලිපිවලට පිළිතුරු නොයවා නිකා ඉන්නවා.
 
 එවිටම ෂියොයාන් පාසලේ සිට ආපසු පැමිණි බැවින් කාරණය සාකච්ඡා කිරීම පසෙක තබනු ලැබීය. එහෙත් මගේ සිතේ පැවැති අසහනයේ අඩුවක් නොවීය.
 
 ඉක්මනින් දින දහයක් ගෙවී ගියේය. එහෙත් මගේ සහෝදයාගෙන් ලිපියක් නොලැබිණ. ඔහුට ලිපියක් ලිවීමට මම කල්පනා කළෙමි. එහෙත් ඔහුට සතයක්වත් යැවීමට නොහැකිවූ හෙයින් වරදකාරයෙකුය යන හැඟීම මා තුළ විය. ලිවීමට උත්සාහ කළත් ලිවිය යුත්තේ මොනවා දැයි තීරණය කළ නොහැකියි.
 
 වැටුප් දිනයේදී මම මගේ වැටුප බිරිඳට දුනිමි. මුදල් ගණන් කර අවසන් වූ විගසම ඈ කතා කළාය. ‘ඔයා මල්ලිට ලිව්වේ නැද්ද?. 
 
 ‘‘නැහැ..
 
 ‘‘අයියෝ! ඔයා හරිම ප‍්‍රමාදයිනෙ. එයාගෙ ලිපිය ලැබිල සුමාන දෙකක් වෙනාව. අපි එයාට ලිව්වෙත් නැහැ. සල්ලි ඇරියෙත් නැහැ...
 
 ‘‘ඔයත් හරියට ජුනි මාසෙ කාලගුණේ වගෙයි. ඉක්මනින් වෙනස් වෙනවා. මුලින්ම ඔයා සල්ලි නොයවන්න එකඟ වුණා. දැන් මට දොස් පවරනවා. මම මටම කියා ගතිමි.
 
 ‘‘කමක් නැහැ. එයා දැන් එයා ගැන බලා ගනීවි. එයාට දැන් එයාගෙම පවුලක් ඉන්නවානේ. එහෙම නැත්නම් කවදාවත් එයාට මිනිහෙක් වෙන්න බැහැ. මල්ලි අලූත් ගෙයක් හදනව නම් මම එයාට උපකාර කරන්නෙ නැහැ. ඉතින් මම ලියුම් ලියන එකේ තේරුමක් නැහැ... මම හෙමින් පිළිතුරු දුනිමි.
 
 ‘‘මොනවාද ඔයා කියන්නේ?.. මගේ බිරිඳ ඇස් ලොකු කර බලා කෝපයෙන් කතා කළාය. ‘ඔයාගේ වයස දැන් හතළිහකටත් වැඩියි. ඒත් තවම මොළේ පාවිච්චි කරන්න දන්නෙ නැහැ. ඔයාගෙ මල්ලි ගෙයක් හදන එක ලේසි වැඩක් නෙවෙයි. එයාට අත නොදී ඉන්න එක වරදක්. අපට ගොඩක් උදව් කරන්න බැරි නම් ටිකක් හරි උදව් කරන්න ඕනේ. කොහොම වුණත් එයාට ටිකක් තදින් ඉන්න ඕනෙ. එතකොට මීට පස්සෙවත් ප‍්‍රවේශම් වේවි. හෙට ඔයාගෙ නිවාඩු දවසෙ මල්ලිට ලියුමක් ලියන්න. මුලින් එයාගෙ පවුලට කාමර තුනක් හදන්න කියන්න. එයාට යාන් දෙසීයකුත් යවන්න...
 
 ‘‘යාන් දෙසීයක්?.. මගේ මුළු වැටුපම යාන් එකසිය තිහකි. එය ඔහුට යැවුවහොත් අප ජීවත් වන්නේ කෙසේද?. 
 
 මගේ බිරිඳ සිනාසුණාය. ඇය කාමරයට ගොස් ලාච්චුවක් විවෘත කළාය. ලාච්චුව තුළින් කවර ගණනාවකින් එතූ පාර්සලයක් ඉවතට ගත්තාය. ‘‘අනාගතේ ගැනත් අපි ටිකක් හිතන්න ඕනෙ. පසුගිය අවුරුදු දෙකේ මම දවල් කෑම නොගෙන සල්ලි ඉතිරි කළා. මට යාන් දෙසීයක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. මම මුලින් හිතාගෙන හිටියෙ රූපවාහිනියක් ගන්න. ඒත.් දැන් ඒ වෙනුවට මල්ලිගෙ ගේ හදන්න දෙමු..
 
 ‘ලානින්ග් ඔයා හරිම පුදුමයි. මම ඇගේ අතකින් අල්ලාගෙන කීවෙමි. 
 
 ඔක්තෝබර් මාසයේ අග හරියෙ මගේ විවේක දිනයක මම ඇඳුම් සෝදමින් සිටියෙමි. තැපැල්කරුගේ බයිසිකලයේ සුපුරුදු සීනු හඬ ඇසිණ.
 
 ‘ලී ෂිචෙන්ග් අත්සන් කරන්න එන්න..
 
 ‘‘අත්සන් කරන්න?.. මම මවිතවීමි. පසුගිය විසි වසර තුළම ලිපි ලබාගැනීමට අත්සන් කළ යුතු නොවීය. මගේ දෙමාපියන් මියගිය පුවත පවා මගේ සහෝදරයා දැන්වූයේ විදුලි පුවතකිනි. ඊට ද අත්සන් කළ යුතු නොවීය. මා පිටටයෑමට සැරසෙන විට මගේ බිරිඳ ද වහාම පිටතට ආවාය.
 
 ‘‘ඔබලාට වැරදිලා නැති බව සහතිකද?. ඇය තැපැල්කරුගෙන් විමසුවාය.
 
 ‘‘මට වැරදිලා නැහැ. ලී ෂිචෙන්ග් අංක 25 ෂන්ග්පු ලේන් කියලයි ලිිපිනය තියෙන්නේ.. 
 
 මම අත් පිසදාගෙන අත්සන් කළෙමි. මා පුදුමයට පත් කරවමින් තැපැල්කරු මට මුදල් ඇනවුමක් දුන්නේය. යාන් පන්සීයක් එහි සඳහන් විය. මම මුදල් ඇනවුම දෑතින් ම අල්ලාගෙන එහි කෙළවර ලියා තිබූ වාක්‍යය කියැවීමි.
 
 ආදරණීය අයියේ,
 
 පසුගිය වතාවේ වැඩි විස්තර ලියා එවීමට නොහැකිවීම ගැන සමාවන්න. මට අක්කර පහක කපු වගා කිරීමට බලය ලැබුණා. මට එයින් විශාල ලාභයක් ලැබුණා. කපු සකස් කිරීමෙන් මගේ බිරිඳට මාස දහයකදී යාන් එක්දහස් පන්සීයක් ලැබුණා. අපි ඌරන්, බැටලුවන්, කුකුළන් මිලට ගත්තා.
 
 ‘දැන් ගෙදරක් හදන්න තරම් දේවල් මා ළඟ තිබෙනවා. මේ යාන් පන්සීය ජින්සෙන්ග්ටයි. එයාට හොඳට ඉගෙන ගන්න කියල කියන්න. එයාට අවශ්‍ය හැම දෙයක්ම අරන් දෙන්න. මේ මුදලින් එයාට ඔරලෝසුවකුයි ඇඳුම් අරන්න දෙන්න. අපේ පරම්පරා හයටම සරසවියට ගිය එක් අයෙක්වත් නැති බව අපේ තාත්තා කිව්වා මට මතකයි...
 
 මවිතයෙන් මගේ දෑත් වෙව්ලන්නට විය. හදිසියේම විශාල කඳුළු බිඳුවක් මුදල් ඇනවමු මත වැටිණි. මා වෙත නැඹුරු වී සිටි මගේ බිරිඳ කඳුළු සලමින් සිටියාය.
 

Nissanka Rajapaksa

unread,
Dec 6, 2019, 8:29:00 PM12/6/19
to ind...@googlegroups.com

යදම්

පත්මිණි ශ්‍රියාලතා

ඉක්‌මන් ගමනින් ඇවිදගෙන ආව ජනාදරී ඉස්‌ටේෂමේ ලෑලි බංකුවෙ වාඩි වුණා. ගමන් බෑගය බැංකුවේ පැත්තකින් තියලා ඇඟට හේත්තු කරගෙන පපුව පිරෙන්න හුස්‌මක්‌ ගත්තා.

ඉර මුදුන් වෙන්න හෝරාවකට දෙකකට වැඩිය නැති හින්ද ස්‌ටේෂමේ ඒ තරම් සෙනඟක්‌ ගැවසුනේ නෑ. ජනාදරීගේ ඇස්‌ කෙළින්ම ඉදිරිපස වේදිකාවේ බංකුවක වාඩිවෙලා හිටිය පෙම් යුවළක්‌ දෙස යොමු වුණා. ඔවුන්ගේ කතාබහ ඇයට නෑසුණත් යමකට වාද කරනවා වගේ පෙනුණා. ස්‌වීප් විකුණන කොලුවෙක්‌ කඩිසර කමකින් තොරව ජනාදරීගේ ඇස්‌ ඉදිරිපසින් දෙතුන් සැරයක්‌ එහාට මෙහාට ගියා. රේල් පාරට කවුදෝ වීසි කරපු මාළු බනිස්‌ ගෙඩියට ඉව අල්ලපු නාටු බැල්ල බනිස්‌ ගෙඩියට කට ගහන්නත් ඉස්‌සර දුවගෙන ආව හුරුබුහුටි බලු පැටව් දෙන්නා බනිස්‌ ගෙඩියට පොරකන්න පටන් ගත්තා. බැල්ල දරුවන්ට ගොදුර දීලා පැත්තකට වෙනවා දැක්‌ක ජනාදරීගේ මුවට මදහසක්‌ නැඟුණා.

නිසංසලව හිටපු කාලය අතරතුර බොරදිය බාවෙනවා වගේ ජනාදරීගේ සිතිවිලි ටිකෙන් ටික බාවෙන්න පටන් ගත්තා. හිතින් චාරුණීගෙ ගෙදරට ගිහිල්ලා දොරවල් ටික ඔක්‌කොම යතුරු දාලද කියලා බැලුවා. ඔව්... ඔක්‌කොම... ඔක්‌කොම හරි... ඇය තහවුරු කරගත්තා.

"මං කරපු වැඩේ හරිද?..." ඊට පස්‌සෙ ජනාදරීට හිතුණා. "දැන් පොඩි එවුන් දෙන්න ඇවිල්ලා ආච්චි... ආච්චී... කිය කියා හැම තැනම හොයයි... එතකොට මං තියලා ආව තුණ්‌ඩු කෑල්ල ඇහැ ගැහෙන්නෙ නැතැයි... මටත් හැමදාම හිරේ විලංගුවේ වැටිලා ඉන්න පුළුවනෑ...? චාරුණී වුණත් දැනගන්න ඕනෑ මටත් ඉවසන්න පුළුවන් සීමාවක්‌ තියෙන බව..."

ජනාදරී තමන්ටම කියා ගත්තා.

"අම්මෙ හෙට උදේට උයන්නෙ බෝංචියි, කංකුන් මැල්ලුමයි... අල හොද්දයි හොඳේ..." කියලා චාරුණී කිව්වොත් ජනාදරී දන්නවා පහුවදා උදෙන්ම නැගිටලා උයන්න ඕන කියලා. "අම්මෙ හෙට උදේට චූටි දූගෙ ස්‌වීම් ප්‍රැක්‌ටිස්‌ තියෙනවා" කියලා කිව්වොත් ජනාදරී තේරුම් ගන්න ඕනෑ නිවාඩු දවස කියලා බලන්නෙ නැතුව පාන්දර නැඟිටලා දූගේ අඩුමකුඩුම ලෑස්‌ති කරලා දෙන්න ඕනෑ කියලා. "අම්මෙ රෙදි ටික නම් වේලිලා වගේ නේද?" කියල කිව්වම ජනාදරී දන්නවා වේලිච්ච රෙදි ටික ගෙට අරගෙන නවල, වෙන් කරලා ඒ ඒ කෙනාගෙ කාමරෙන් ගිහින් තියන්න ඕනෑ කියලා. "අද නම් හරිම මහන්සියි අම්මෙ.." කියාගෙන චාරුණී ගෙට ගොඩවුණ දවසට චාරුණීගේ තේ එකත් කාමරේට යන්නෙ ජනාදරීගෙ අතින්. ඊට පස්‌සෙ කුස්‌සිය අස්‌පස්‌ කරන එක, පහුවදාට උයන පිහන දේවල් ලෑස්‌ති කරන එක ආදී වශයෙන් ඔක්‌කොම කෙරෙන්නේ ජනාදරීගේ අතින්.

හැට හැත්තෑවකින් වැඩ ගන්න චාරුණීට අම්මගෙන් කියල වෙනසක්‌ නෑ.

පෙළක්‌ දවසට එහෙම වැඩ කරලත් හොඳක්‌ නෑ. හොද්දකට ලුණු පොඩ්ඩක්‌ වැඩි වුණොත් කියන්නෙ, "අම්මලා හරියට පුරුදු වෙන්න උයනවා වගේනෙ..." කියලා. හදිසියෙවත් බත බෙරි වුණොත් බතට වැඩිය මූණ බෙරිවෙන චාරුණී අම්මා දිහා බලන්නෙ මිනිහෙක්‌ මරපු ගානට. මිදුල අතුගාල ඉදල කොස්‌ගහට හේත්තු කරලා ආව වෙලාවෙ... "මේ ගෙදර මිනිස්‌සුන්ට මගේ අත් දෙක නැතුව කිසි දෙයක්‌ හරියට කරන්න බෑනේ..." කියලා කෑ ගැහුවෙ පඩි ගෙවලා තියාගන්න වැඩකාරියකට වගේ.

ජනාදරී මේ අභිනිෂ්ක්‍රමණයට හිත හදාගත්තේ මාස ගාණක්‌ තිස්‌සෙ කල්පනා කරලා. මාස ගාණක්‌ පුරා එකතු වුණ පුංචි පුංචි කුණු අනිත්මට ජනාදරීගේ හිතේ කුණු කන්දක්‌ ගොඩ ගැහුවා.

පාන්දර හතරෙ පහේ ඉඳලා රෑ දහය එකොළහ වෙනකල් මේ ගෙදර තිබුණ ඝෝෂාව ජනාදරී දරාගත්තෙ බොහොම අමාරුවෙන්. වැඩපළවලින් හෙම්බත් වෙච්ච වෙලාවට වත් ඩිංගක්‌ ඇලවෙලා ඉන්න පුළුවන් කාමරයක්‌ ජනාදරීට නෑ.

වැඩ කරගෙන අරගෙන යල් පැනපු බඩු මුට්‌ටුත් ඔක්‌කොම ගෙනැත් ගොඩ ගහන්නෙ ජනාදරීගේ කාමරේ. පිස්‌සන් කොටුවක්‌ වගේ අවුල් වෙච්ච ඒ කාමරේ තියෙන ඇඳේ රෑකට ඇරෙන්න අනිත් වෙලාවට නිදාගන්න පණ තියෙන මනුස්‌සයෙකුට බෑ. රෑකට කියලා දොට්‌ට පිලකටවත් යන්න ඉඩක්‌ නෑ. රෑ නවය වෙනකොට ගෙයි දෙපැත්තෙ දොරවල් දෙකම ලොක්‌ කරලා අරෝෂ යතුර අත්අඩංගුවට ගන්නවා. ඊට පස්‌සෙ ජනාදරී නිවාස අඩස්‌සියේ. ඒ ගෙදර අනිත් අය වගේ ගේ ඇතුළෙ තියෙන වැසිකිළිවලට යනවට වැඩිය ජනාදරී කැමතියි එළිවෙනකම්ම ඒ අමාරුව හිරකරගෙන ඉන්න.

"අම්ම හැමදාම ලොකු නංගිලාගෙ දිහාටම වෙලා ඉන්නද කල්පනාව? අම්ම ලොකු නංගිගෙ විතරක්‌ නෙමෙයි අනිත් දෙන්නගෙත් අම්මා කියන එක අමතක වුණාද? මහ ගෙදර පාළුවට ගිහිල්ලා. ගහකොළ සතා සීපාවා විනාස කරනවා. අම්ම නැතුව අපිටත් මහ ගෙදර පැත්තෙ යන්න හිතෙන්නෙ නෑ. මේ පාර කඨින පිංකමට වත් ඉස්‌කෝලෙ හාමිනේ එන්නෙ නැද්ද? කිsයලා ලොකු හාමුදුරුවොත් ඇහුවා...." ලොකු පුතා ඊයෙත් කතා කරලා දොස්‌ කිව්වා.

හූ කියාගෙන ආව කෝච්චියක්‌ ස්‌ටේෂමේ නවත්තන්න වගේ වේගය බාල කරලා ඒ වේගෙන්ම ස්‌ටේෂම පහුකරලා ගියා. ඒ එක්‌කම අනිත් පැත්තෙන් බෑඟිරි ගාගෙන ආව කෝච්චිය එහා පැත්තෙ වේදිකාවේ නැවැත්තුවේ මරණාසන්න ලෙඩෙක්‌ වගේ කෙඳිරි ගාමින්. මද්දහන් වෙලාවට කිට්‌ටු නිසා බහින්නවත් නඟින්නවත් ඒ හැටි සෙනඟක්‌ හිටියේ නෑ.

වැදගත් පෙනුමක්‌ ඇති වයසක ජෝඩුවක්‌ නතර කරපු දුම්රියෙන් බැහැලා කෝච්චි පාර පැනල මේ පැත්තට ගොඩවුණා. දෙන්නගෙම අතේ තරමක ගමන් බෑගය බැගින් තිබුණ නිසා ජනාදරීගෙ අවධානය ඒ දෙන්නා වෙත යොමු වුණේ ඉබේටම.

ජනාදරී කාන්තාව දිහා බලලා හිතවත් ලෙස හිනා වුණා. ඒ හිනාවෙන් දිරිමත් වෙච්ච කාන්තාව ජනාදරි ළඟටම ආවා. ජනාදරී ඇයට "වාඩිවෙන්න" කියන්න වගේ බංකුවෙ තිබුණ බෑගය ඔඩොක්‌කුවට අරගෙන බංකුවෙ කෙළවරට වුණා.

ඉස්‌සරවෙලා නෝනාත්, ඊළඟට මහත්තයත් ජනාදරී වාඩිවෙලා හිටිය බංකුවේ වාඩි වුණා.

"දුර ගමනක්‌ යන්න වගේ..." ඉස්‌සරවෙලාම කතා කළේ ආගන්තුක කාන්තාව.

"ඔව්.. මං මේ ගමේ යන්න කියලා. බදුලු කෝච්චිය අල්ල ගන්න ඉන්නෙ..." ජනාදරී උත්තර දුන්න.

"එහෙම නම් අපිට එකටම යන්න පුළුවන්. අපිත් මේ ගමේ යන්න කියලා. අපි නුවර..." ආගන්තුක කාන්තාව පිළිතුරු දුන්නා.

තවත් කෝච්චියක්‌ ළඟ ළඟම එන බව අඟවන සීනු හඬ නොනවත්වාම නාද දෙන්න පටන් ගත්තා. ඡේත්තුවට ඇඳගත්ත මැදිවියේ කාන්තාවක්‌ අසුනින් නැගිටලා ඉදිරියට ගියා. ඇඳුම - පැළඳුම, ගමන - බිමන චාරුණීගේ වගේ. "හෙට ඉඳල චාරුණීට මොනව වෙයිද? අරෝෂ චාරුණී මරලවත් දායිද?...." ජනාදරීගේ හිත ඇතුළෙ නිදාගෙන හිටිය අම්මා ආයෙමත් අවදිවෙලා කන්කෙඳිරි ගාන්න පටන් ගත්තා.

"අන්න දඩාවතේ ගිහින් එන වෙලාව. වල්කමේ ගියපු තැනක නවතින්න තිබුණනේ. මොන එකකට ආපහු ආවද? අරින්නෙ නෑ කිසි කෙනෙක්‌ ගේට්‌ටුව... හිටපුදෙන් ගේට්‌ටුවෙන් එළියෙ.." චාරුණී අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීම තිබුණ දවසෙ රෑ වෙලා ගෙදර ආවම අරෝෂ ගේට්‌ටුව වහ ගත්තෙ එහෙමයි. එදා ජනාදරීට ඉලංදාරි හත්අට දෙනෙක්‌ගෙ හයිය හත්තිය ආවෙ දරු කැක්‌කුමට. අරෝෂගේ අතේ තිබුණ යතුරු කැරැල්ල උදුරගෙන ජනාදරී ගේට්‌ටුව ඇරියෙ නැත්නම් ඇත්තටම එදා චාරුණීට ඉන්න වෙන්නෙ ගේට්‌ටුවෙන් එළියෙ.

"ටේ්‍රනින්... ටේ්‍රනින්.. කිය කියා කොහෙ යනවද කවුද දන්නෙ...? ඉන්නෙ නම් පත්තිනි අම්මා වගේ... දඩාවතේ ඇවිදලා ගෙදර එන්නෙ රෑට රෑ වෙලා. කෙල්ලො දෙන්නෙක්‌ ඉන්න අම්ම කෙනෙක්‌ කියලා ගාණක්‌වත් තියෙනවද? කවද හරි දවසක මේ කෙල්ලො දෙන්නා පාරෙ බැහැල යන්නෙ කොහොමද? උඹලට කටක්‌ ඇරල කියන්න පුළුවන් ද අර යන්නෙ අපෙ අම්මා කියලා... චාරුණී දවස්‌ තුනක නේවාසික පුහුණුවකට පිට ඉඳලා ආව වෙලාවෙ අරෝෂ කඩාපැන්නෙ ගෝත්‍රික ලක්‍ෂණ ඉස්‌මතු වෙද්දි...

ඒ වෙලාවෙ ජනාදරී චාරුණීගෙ පැත්තට කතා කරනකොට අරෝෂ කීවෙ "ගහේ කටු උල් කරන්න ඕනෑ නෑනේ... තමුන්ගෙ තරමත් මං හොඳට දන්නවා.. ආව අතක්‌ බලාගෙන ගියානම් නරකද? කියලා.

එදා ජනාදරී යන්න ලෑස්‌ති වෙනකොට චාරුණී කිව්වෙ... "අම්මා දැන් ගියොත් මේ ගෙදර මම තනි වෙනවා... මට කියලා කවුද ඉන්නෙ... තාත්තලා දූලා එක පැත්තක්‌..." චාරුණී ජනාදරී වැළැක්‌කුවේ අඬා වැටෙමින්.

"අම්මා කෙනෙක්‌ගෙ අගේ දැනගන්න තමුසෙ අම්මෙක්‌ගෙන් කිරි බීලා තියෙන්න එපායෑ... ඉපදිලා දවස්‌ ගාණකින් අම්මා මැරිච්ච මිනිහ හරක්‌ කිරි බීලා උස්‌මහත් වුණාමත් හරකෙක්‌ වගේ තමයි හිතන්නෙ... තමන්ගෙ වැරදි වහගන්න අනිත් මිනිස්‌සුන්ට අපහාස කරලා වැඩක්‌ නෑ..." එදා හොඳටම හිත රිදිච්ච චාරුණී කිව්වෙ එහෙමයි.

චාරුණීගෙයි අරෝෂගෙයි අඹු-සැමි සම්බන්ධතාව අන්තිම දුර්වලයි. ඒ ගැන ව්‍යංගයෙන් හරි කියන කොට චාරුණී අහන්නෙ "මටයි මගේ පවුලටයි මෙච්චර අපහාස කරන මිනිහෙකුට ඒ වැඩේට විතරක්‌ තුරුල් වෙන්න පුළුවන් ද? කියලා. ඒත් ජනාදරී දන්නවා ඒකට හේතුව වෙන එකක්‌ කියලා. චූටි දුව පුංචි කාලෙ අත්උදව්වට හිටපු කෙල්ලට දරුවෙක්‌ ලැබෙන්න හිටපු බව දැනගත්ත දා ඉඳලා චාරුණී නිදාගත්තෙ වෙනම කාමරේක.

"එහෙනම් ඔය හැටි කා කොටා ගන්නෙ නැතුව වෙන් වුණා නම් දෙන්නටම හොඳයිනේ..." කියලා ජනාදරී කිව්වා.

"ඒකට ළමයි කැමැති නෑ. ඒ ගොල්ලො ඔය යන ඉහළ පැලැන්තියේ ඉස්‌කෝලවල අම්ම තාත්ත දික්‌කසාද වුණ ළමයකුට පිළිගැනීමක්‌ නෑ. ගේ අස්‌සෙ මිනීමරා ගත්තත් මිනිහෙක්‌, තාත්තෙක්‌ ඉන්නවා නම් ගෑනියෙකුට දරුවන්ට රැකවරණයක්‌ තියෙනවා. අනිත් එක හෙට අනිද්ද දීග දෙන්න ඉන්න කෙල්ලො දෙන්නෙක්‌ගෙ බර මං තනියම කර ගහන්නෙ මොකටද? මොකෝ මං එනකොට අරන් ආපු අයයෑ.." කියලා චාරුණී උත්තර දුන්නා. ඕවගේ අග- මුල හොයන්න ගියාම ජනාදරීට ජීවිතේම පැටලෙනවා. වෙලාවකට තොල කට පුපුරන්න චාරුණී ගුටිකනවා... ඒත් අරෝෂට වචනවලින් දමල ගහන එක නම් නවත්තන්නෙ නෑ.

ජනාදරී රණ්‌ඩුවලට මැදිහත් නොවුණත්, රණ්‌ඩු වෙන වෙලාවට පේන්න හරි ඉන්නවා නම් අරෝෂගේ සැර ටිකක්‌ බාල වෙනවා... "මං ගියාම චාරුණී අසරණ වෙයි.." ජනාදරීට හිතුණා.

"එහෙමයි කියලා ආයෙම අර හිර ගෙදරට යන්නද හදන්නේ..." ජනාදරීගෙ හිත ඇගෙන් ඇහුවා.

ජනාදරීත් එක්‌ක බංකුවෙ වාඩිවෙලා හිටිය ආගන්තුක කාන්තාවගේ අත් බෑගයෙ තිබුණ ජංගම දුරකථනය නාද වුණා. ඇය කලබලයෙන් අත්බෑගයේ ඒ පැත්ත මේ පැත්ත අවුස්‌ස අවුස්‌ස දුරකථනය සෙව්වා. ස්‌වාමිපුරුෂයා නොපහන් දැසීන් බලා හිටියා. අන්තිමට දුරකථනය නිහඬ වුණා.

ඊළඟ වතාවෙ ආයෙමත් දුරකථනය නාද වුණා. ඒ පාර නම් ඇය එය සොයා ගත්තා.

"ඔව්.. ස්‌ටේෂන් එකේ... නෑ... තාම ආවෙ නෑ.. තව වෙලා ඇති මගේ හිතේ... ගොඩක්‌ අඬනවද?.. කෑම කෑවෙත් නැද්ද? කොහොම හරි රවට ගන්න බලන්න.. එහෙම කොහොමද? තාත්තා කැමති වෙන එකක්‌ නෑ.. මං කියලා බලන්නම්... තාත්තා හුඟක්‌ බලාපොරොත්තුවෙන් හිටියෙ ගෙදර යන්න... හ්ම්... බලමුකෝ... මං කියලා බලන්නම්...

කාන්තාවගේ ප්‍රබෝධමත් වත පරවෙලා ගියා. ඊළඟට ඇය ඇගේ ස්‌වාමිපුරුෂයා දෙසට හැරුණා. ඔහු දුරකථන සංවාදය නෑසුණා වගේ ඈත බලාගෙන හිටියා. බිරිඳ ඉවසිල්ලෙන් වචන තෝරා බේරාගෙන කතා කළා.

"චූටි දුව කතා කළේ." ඔහු ඇයි කියලා වත් ඇහුවෙ නෑ.. "ලොකු පුතා හොඳටෝම අඬනවලු... මොන විදියකට වත් නළවා ගන්න බැහැයි කියන්නෙ... ආච්චියි සීයයි කෝ කිය කියා ගේ පුරාම හොයනවලු... අපිට ආපිට එන්න කියලා චූටි පිංසේණ්‌ඩු වෙනවා..." සැමියා උත්තර දෙන්න හදිස්‌සි වුණේ නෑ... නොරිස්‌සුම් සහගතව නිහඬවම හිටියා...

"නෝනගේ මොළේ නරක්‌ වේගෙන එනවද? ආපිට යන්න ආයෙමත්... ලියලා දීපු ඉඩම්වල දිග පළල හොයන්න යන්නෙ මොන කෙහෙම්මලකට ද නෝනා... මෙච්චර හරියක්‌ කළා මදිද?" ස්‌වාමිපුරුෂයා උත්තර දුන්නෙ තරහින්.

"එහෙම කියන්න එපා මහත්තයා... ඒ අපේ දරුවනේ... දෙමවුපියෝ විදියට අපි මීට වැඩිය දරුවො ගැන හිතන්න ඕනෑ... අපෙනුත් අතපසු වීම් ඕනෑ තරම් සිද්ධ වුණානේ... දෙමව්පියෝ නැත්නම් කවුද දරුවෙකුට පිහිට වෙන්නෙ...?

"නෝනා කියන්නෙ ආයෙමත් සැරයක්‌ විහින් නිවාස අඩස්‌සියට වැටෙමුය කියලද? වැඩකාරයෝ කී දෙනෙක්‌ නම් හොයල දුන්නද? අර අම්මණ්‌ඩිත් එක්‌ක ඒ එකෙක්‌වත් තියාගන්න පුළුවන් වුණාද? කෑම බීම ගානට මිම්මට... වැඩ කළත් වැරදියි... නොකළත් වැරදියි... ඉඳගත්තත් වැරදියි... හිට ගත්තත් වැරදියි... කොහොම ඉහ ගහන්නද මන්දා..."

"තිමිර ළමයගෙ අම්මගෙ උපන් ගෙයි ගති අපිට වෙනස්‌ කරන්න පුළුවන් ද මහත්තයා...? චූටි අපේ දරුවනේ. චූටි රස්‌සාවෙන් අස්‌වෙන්ඩ හදපු වෙලාවෙත් මහත්තයා නේද එපාම කියල බල කළේ...?"

"දරුවො ලොකු මහත් කරලා විශ්වවිද්‍යාලවල යවල උගන්වලා, ඉගෙන ගත්ත දෙයින් ඵල ප්‍රයෝජනයක්‌ වෙන්න ඕන නිසා මං එහෙම කිව්වා තමයි. ඒත් අපිට පුළුවන්ද හැමදාමත් දරුවන්ගෙ දරුවො බලාගන්න...?"

"අනේ මං දන්නෙ නෑ... මට මහත්තයා තනියම දාලා චූටිලගෙ ගෙදර යන්නත් බෑ. අර දරුවෝ දෙන්නත් එක්‌ක චූටි විඳින දුක දැක්‌කම ඇස්‌කන් පියාගෙන ඉන්නත් බෑ. අපේ දෙමවුපියන්ට පින් සිද්ධ වෙන්න මාත් ඒ දවස්‌වල දරුවො දෙන්න ලොකු මහත්කර ගත්ත... මහත්තයට කියල බැංකුවෙන් තොර ලෝකයක්‌ තිබුණැයි...?"

බිරිඳගේ නෝක්‌කාඩුවත් එක්‌ක ස්‌වාමිපුරුෂයා නිරුත්තර වුණා. ජනාදරී ඒ දෙන්නගේ කතාව නෑසුන ගාණට ඈත බලාගෙන හිටියා.

"මං හිතාගෙන හිටියෙ පෙන්ෂන් ගියාට පස්‌සෙවත් ටිකක්‌ නිවී සැනසිල්ලෙ ඉන්න පුළුවන් වෙයි කියලා... අපි බැංකුවල වැඩ කළේ යන්තර වගේ... ඒ කාලෙ අත ඇරිච්ච යාළු මිත්‍රකම් අලුත් කරගන්න, පොතක්‌ පතක්‌ කියවාගන්න පිනක්‌ දහමක්‌ කරගන්න මං කොච්චර බලාපොරොත්තු තියාගෙන හිටියද?" ස්‌වාමි පුරුෂයා නැවතත් කටහඬ අවදි කළා...

"මං වුණත් එහෙම තමයි මහත්තයා... අහල පහල ඉන්න මගේ වයසේ අනිත් බවලත්තු ඔක්‌කොම පෝයටවත් සිල් ගන්නවා. මට ඒකටවත් ඉඩක්‌ තියෙනවද?... මගේ මේ ඇහේ පෙනීම අඩුයි කියලා මං කියන්නෙ කොච්චර කාලෙක ඉඳලද?... කෝ ඒකවත් පෙන්නගන්න වෙලාවක්‌ තියෙනවද?..."

"ඒ ඔක්‌කොම ඉවසන්න පුළුවන්. අඩුම තරමේ අපට ඕන වෙලාවකට තේ එකක්‌ බොන්න, අපිට ඕන කෑමක්‌ බීමක්‌ හදාගෙන කන්න... එහෙම නැත්නම් අපි දෙන්නට නිදහසේ ටිකක්‌ කතා කර කර ඉන්නවත් වෙලාවක්‌ තියෙනවද නෝනා...?"

"ඒක නම් එහෙම තමයි... ඒත් චූටි, ලොකු දුව වගේ නෙමෙයි.. චූටි දුවට ලොකු දුවට තරම් ඉවසීමක්‌වත්, සන්සුන්කමක්‌වත් නෑ. පොඩ්ඩ එහෙ මෙහෙ වෙන්න බෑ. තිමිර ළමයටත් කඩා පනිනවා.. අපි නොගියොත් රස්‌සාව දාල ගෙදර නතර වෙයිද දන්නෙ නෑ..."

ස්‌වාමි පුරුෂයා නිහඬ වුණා... "ලොකු දූ මතක්‌ වෙන්න ඇති..." බිරිඳ හිතුවා. "ලොකු දුවගෙන් චූටි දුවගෙන් තරම් කරදරයක්‌ නෑ... නැන්ද මාම රත්තරන් මිනිස්‌සු.. බැඳපු ඉලන්දාරියා වුණත් කියන්න තරම් වැරැද්දක්‌ නෑ..." ඇයට හිතුණා.

වචන අහවර වුණා වගේ ආයෙමත් දෙන්න නිහඬ වුණා. ජනාදරී පිටතට නොපෙනෙන්න තමන්ගෙ හිතත් එක්‌ක ලොකු ගාලගෝට්‌ටියක්‌ කළා.

සුසුමක්‌ හෙළුව ස්‌වාමි පුරුෂයා බිරිඳ දෙස හැරිලා බැලුවා... "හ්ම්... කමක්‌ නෑ එහෙනම්... ආපිට ගිහින් තව මාසයක්‌ දෙකක්‌ ඉඳල එමු..." ඔහු උදාසීන හඬින් කීවා.

ඒ දෙන්න ගමන් මලු දෙක අතට ගත්ත.

"දුව කතා කළේ... අපි මේ දූලගේ ගෙදර ඉඳල ගෙදර යන ගමන්... දුවට පොඩි දරුවෝ දෙන්නෙක්‌ ඉන්නවා. පසුගිය දවස්‌ ටිකේ අපි තමයි ඒ දෙන්න බලාගත්තෙ.. අපිටත් ඉතින් හැමදාම දරුවො ළඟ වුණත් ඉන්න බෑනේ කියලා හිතලා ගෙදර යන්නයි ආවේ. ඒත් පොඩි දෙන්න ගේ දෙක කරනවලු... ආච්චියි සීයයි ඕනෑ කියලා. මොනා කරන්නද... අපි මේ ආපහු පොඩි දූගෙ ගෙදර යන්න කියලා... අපි එහෙනම් ගිහිල්ල එන්නම්.."

බිරිඳ කීවා. ඊට පස්‌සෙ ආව වගේම දුම්රිය පාර පැනල අනිත් පැත්තෙ වේදිකාවට ගොඩ වුණා.

ආයෙමත් දුම්රියක්‌ එන බව දැනුම් දෙන සීනුව නාද වෙන්න පටන් ගත්තා. ජනාදරීගේ හිත ඔරලෝසු බට්‌ටෙක්‌ වගේ එහාට මෙහාට පැද්දෙන්න පටන් ගත්තා.

පෙට්‌ටි දහයක්‌ දොළහක්‌ අමුණාගෙන වේගයෙන් ආව දුම්රිය ජනාදරී ඉදිරියේ නතර වුණා.

"තුන්වන වේදිකාවට ළඟා වූ ශීඝ්‍රගාමී දුම්රිය බදුල්ල බලා පිටත් වේ. මෙම දුම්රිය නවත්වන්නේ වේයන්ගොඩ, පොල්ගහවෙල, රඹුක්‌කන, කඩුගන්නාව, මහනුවර, මහනුවර සිට බදුල්ල දක්‌වා වන සෑම දුම්රිය ස්‌ථානයකම නවත්වනවා ඇත..."

ස්‌ටේෂමේ යකඩ කට කෑ ගහන්න පටන් ගත්තා. වහා අසුනින් නැගිට ගත් ජනාදරී දෙවරක්‌ නොසිතාම ළඟම තිබුණු දොරටුවෙන් දුම්රියට ඇතුළු වුණා.



Nissanka Rajapaksa

unread,
Dec 7, 2019, 6:20:54 PM12/7/19
to ind...@googlegroups.com
මහල්ලාගේ උපන් දිනය
ගාමිණී ලිවේරා
(රැස කෙටිකතාව)

නන්දෝරිස් තමන්ගේ ගෙදරටම අල්ලා පිටුපස පැත්තෙන් වෙනම කාමරයක් සෑදුවේ මීට පනස් වසරකට පමණ පෙරය. ඒ සෑදුවේ ගෙදර පරණ බඩු ගබඩා කිරීමටය. ගෙදර ඉවත් කළ පුටු, කනප්පු, මේස කෑලි බඳු දේවල් අදටත් එක් පසෙකින් ගොඩගසා තිබේ. අනෙක් පස ඇති ඉඩකඩෙහි පරණ කාලයේ ලණු ඇඳකුත් ලීයෙන් තැනූ මිටි ඇඳුම් වැටකුත් තබා ඇත. ඇඳ පිළියෙල කර ඇත්තේ පරණ කොහු මෙට්ටයක් එළා ඒ මත පන්පැදුරක් ඇතිරීමෙනි. ලී ඇඳුම් වැටේ සරොම් දෙක
කුත් අත්කොට මේස් බැනියන් තුනකුත් වනා තිෙබ්.

නන්දෝරිස්ට ඇහැරුණේ කාමරය ළඟම ඇති මුරුංගා ගසට විත් කෑගසන කුරුල්ලන්ගේ නාදයෙනි. ගබඩා කාමරයේ වහලත් බිත්තියත් අතර ඇති හිදැසෙන් ඇතුළු වූ අරුණෝදයේ එළියෙන් ගබඩා කාමරය හොඳින් පෙනෙන්නට පටන් ගත්තේය. කොච්චර කඩා දැමුවත් පරණ උළු වහලය යටින් වරින්වර ඉදිවෙන මකුළු දැල් රටාව යළිත් දැක ගන්නට ඇත.

වහා ඇඳෙන් නැඟිට තුවාය අතට ගත් නන්දෝරිස් දොර ඇරගෙන පිටතට පැමිණ කෙළින්ම ගියේ ළිඳ ළඟටය. මුව තුළ තවදුරටත් ඉතිරි වී ඇති දත් කීපය හොඳින් මැද මුහුණ කට දොවා ගත්තේය. ඔහු දිනපතා දිය නෑවේද මේ ළිඳෙන්ය.

තෙත මාත්තුකර තුවාය ලණු වැටේ වැනූ ඔහු ගබඩා කාමරය ඉස්සරහ ඉදිකර ඇති පුංචි ඉස්තෝප්පු කෑල්ලට ආවේය. එතැන ඇති දුර්වර්ණ වූ පුංචි මේස කෑල්ල මත හැමදාමත් උදයට ඔහුට තේ කෝප්පයක් පිළියෙල වී ඇත. කවදත් ලැබෙන තේ එක සමහර දාට ඇල් මැරී ඇත. තේ කෝපය එතැනට ගෙනැවිත් තබන්නේ ඔහුගේ බාල පුතාගේ බිරිඳය. වැඩිමහල් පුතාගේ බිරිඳය, ඔහුට යෝජනා කළේ සැනසීමෙන් නිදහසේ කල් ඇරීමට ගබඩා කාමරය තෝරාගෙන වාසය කිරීම හොඳ බව.

හිස් කළ කෝප්පය සෝදා තිබූ තැනම තැබූ ඔහු යළිත් ඇඳ වෙත ගොස් ඉඳගත්තේය. මේ ඇඳ මත වාඩි වීගෙන ඔහු ජීවිතය ගැන මොන තරම් දේවල් හිත හිතා ඉඳල තියෙනවාද! අද මොනවාද හිතන්න තියෙන්නෙ?

අද නන්දෝරිස්ගේ අසූ තුන්වන උපන් දිනයයි. උදේ පාන්දර අවදි වූ සැනින් එය සිහිපත් වුණත් ඔහු හැකි තරම් දුරට උත්සාහ ක‌ළේ උපන් දවස අමතක කර දමා සිටීමටය. ෙම් වන විට එවන් දිනයක් සැමරීමක් පමණක් නොව ජීටිතයේ හැම දෙයක්ම වාගේ වෙනස් වී ඇත. ඉස්සර ළමා වියේදී අම්මායි තාත්තායි සිටියදී උපන් දවසට ඔහුට අලුත් ඇඳුමක් ගෙනත් දී වෙනදාට වඩා විශේෂ කෑම වේලක් පිළියෙල කර දෙන ලදි. ඒ දවස්වලදී ඉටිපන්දම් ගසා කේක් ගෙඩියක් පිළියල කෙරෙන සිරිතක් ගම්වල තිබුණේ නැත. නන්දෝරිස් තරුණ කාලයේදී මිතුරන් කීප දෙනකුන් ගෙදරට කැඳවා ඔවුනට කෑම බීමෙන් සංග්‍රහ කර උපන් දවස සැමරුවේය. ඊට උපකාර කළේ අම්මා හා තාත්තාය.

විවාහයෙන් පසුව බිරිඳගේත් සැමියාගේත් උපන් දවස් දෙකම සැමරිණි. දරුවන් දෙදෙනා ඉපදීමෙන් පසුව විශේෂ කොට සැමරුණේ ඒ දෙන්නාගේ උපන් දිනයන්ය.

කාලය කෙමෙන් ගෙවී යෑමත් සමඟම පවුල් අවශ්‍යතාවන් වැඩි විය. එවිට ඇති වන්නේ දෙන්නා ෙදමහල්ලන් අතර නොරිස්සුම්ය. නන්දෝරිස්ටත් එය මඟහැරීමට නොහැකි විය. ඒවා යටපත් කරගෙන සන්සුන් ලෙස ප්‍රශ්න විසඳා ගැනීමට කෙතරම් උත්සාහ කළත් සියල්ල ව්‍යාර්ථව ගියේය. බිරිඳ ප්‍රර්ථනා කරන ජීවිතයට සරිලන ලෙසින් ඉපැයුම කරගත නොහැකි වූ කල නොරිස්සුම් තවත් වැඩි විය.

දරුවන් දෙන්නා වියපත් වූ කල ඇය නිතරම කීවේ තාත්තාගේ උදාසීනත්වය නිසා තමනට ජීවිතයේ මීට වඩා ඉදිරියට ඒමට බැරි වූ බවය. නිතර ඇසෙන දෙය ළමයින්ගේ සිත් තුළද තැන්පත් විය.

දරුවන් විවාහ වූ පසුවද ඔවුන් වඩාත් ඇදී ගියේ අම්මා වෙතමය. ඇගේ උපන් දවස ගැන පුතාලාගේ සිතට දැනුණත් නන්දෝරිස්ගේ දවස ගැම්මෙන් තොර විය.

නන්දෝරිස් දැන් හොඳටම මහලුය. ඔහුගෙන් ගත හැකි ප්‍රයෝජනයක් නැති තරම්ය. එහෙත් අම්මා දරුවන්ගේ දරුවන්ටත් ප්‍රයෝජනවත් වී ඇත.

නන්දෝරිස් ජනෙල් පඩියේ පැත්තකින් තබා ඇති සුරුට්ටු කොටය ගෙන දල්වා ගත්තේය. එසේ දල්වා ගන්නා හැම මොහොතකම ඔහුට මතක් වූයේ තමාගේ අම්මා එදා ඊට කෙතරම් විරසක වූයේද කියාය.

"පුතේ උඹ නම් ඔය ජරාව කටේ තියන් උරවන්න එපා!" අම්මා කියා තිබේ.

ඒත් දැන් සුරුට්ටුව තමාගේ තනිකම මකා ගැනීමට උපකාර වන මෙවලමක් වී ඇති බැවින් අම්මාගේ ඉල්ලීමට පිටුපෑමට සිදු විය. එක දවසකට එක සුරුට්ටුවක් පමණක් උරන්නට වූයේ අම්මාගේ අර ඉල්ලීම නිසාය. එනිසා ඔහුට හැමදාම කඩමණ්ඩියට ගොස් එක සුරුට්ටුවක් පමණක් ගෙන ඒමේ පුරුද්දක් ඇති කර ගැනීමට සිදු විය. දෙකක් ගෙන ආවොත් ඒ දෙකම එක දවසට පාවිච්චි කෙරෙන බව ඔහු දනියි.

ඔහු සුරුට්ටුවේ තවත් දුම් උගුරක් ඉරරුවේය. එවිට ඇති වන්නේ අවිඥානික තෘප්තියකි. ඔහු සුරුට්ටු ගෙන ඒමට ගියේ සවස්කරයේය. මෙසේ යන ඔහුට ඉඳහිට ලේලියකගේ ඉල්ලීමක් ඉටු කර දීමටද සිදු වෙයි. ඒ තුනපහ යමක් හෝ නුල් බෝලයක් බඳු දෙයක් ගෙන්වා ගැනීමටය. ඊට අමතරව කඩේට යන ගමනේදී ඔහුට තවත් කාරියක් කිරීමට සිදු වෙයි. වංගුව ළඟ ගෙදර අයගේ ළමයින්ද අවශ්‍ය වූ විටක ඔහුට කියා යමක් ගෙන්වා ගනී. ඒ ගෙදර ගෑනු ළමයින් දෙන්නා ඔහුට බොහෝ සෙයින් කුළුපගය. ඒ කුළුපග බව ඇති වී ඇත්තේද එවැනි ගනුදෙනුවලින්ය.

ලොකු ගෑනු ළමයා ඔහු සමඟ මඳ වේලාවක් කතාබහ කරමින් සිටින්නටද පුරුදු වූවාය. ඇය දැන් ඔහු ගැන බොහෝ දේ දනියි. ඔහුගේ උපන් දවස ගැනද දනියි.

"නන්දෝරිස් සීයෙ, එන්නකො අපේ ගෙදර ගිහින් තේ එකක් බීල යන්න." ඇය වරෙක ගෙදරට ආරාධනා කරයි.

"අනේ සිතුමිණි දුවේ, මම මේ දැනුයි තේ බීල ආවේ." ඔහු වරෙක බොරු කියයි.

එහෙත් ඉඳහිට ඔහු සිතුමිණිගේ ආරාධනාවද පිළිගත්තේය.

අද සවස කඩේ යන විට විශේෂ යමක් ගෙන්වා ගැනීමට නොවරදවාම කථා කරන්නැයි සිතුමිණි නන්දෝරිස්ට ඊයේ කියා තිබිණි. එහෙත් සවස කඩේ යන විට ඔහුට මුදල් ලැබුණේ නූල් බෝලයක් ගෙන්වා ගැනීමට පමණි. එයද රැගෙන ආපසු පැමිණි ඔහු වෙත සිතුමිණි පැමිණියාය.

"නන්දෝරිස් සීයේ, අම්ම කීවා ටිකකට ගෙදරට ඇවිත් යන්න කියල."

"ඒ අහවල් දේකටද දුවේ?" නන්දෝරිස් ඇසුවේ සිනාසෙමින්ය.

"මම නම් දන්නෑ සීයෙ. එන්න යං!"

"හා, යමුකො බලන්න" කියමින් සිනාසීගෙන නන්දෝරිස් ගේට්ටුවෙන් ඇතුළු විය.

ඔහු සාලය දක්වා කැඳවාගෙන ගියේ ගෙදර ගැහැනු ළමුන් දෙදෙනාය. සිතුමිණි මෙන්ම ඇගේ නංගීද ඔහුට හොඳටම කුළුපගය.

සාලය එක් මුල්ලක මේසයක් මත සැරසූ කේක් ගෙඩියකි. එහි ගසා ඇති ඉටිපන්දමේ අසූතුනේ ඉලක්කම කපා තිබුණි. එහි පුංචි ගිනි සිළුව යන්තමට දැල්වෙමින් තිබේ. මේසය අසල වූ පුටුව මත නන්දෝරිස් ඉන්දුවේ ළමයි දෙන්නාය. අනතුරුව මිටේ පීත්ත පටියක් ගැට ගැසූ සිහින් පිහියක් ඔහු අතට දෙන ලදි.

පසෙක බිත්තියට හේත්තු වීගෙන සියල්ල බලාගෙන සිටින සිතුමිණිගේ අම්මා සිනාසෙමින් මෙසේ කීවාය.

"මේ ඔක්කොම ලෑස්ති කෙරුවේ ලොකු දුව තමයි. නංගිත් ඒකට උදව් කෙරුවා. සිතුමිණිගේ තාත්තාත් ඉන්න ආශාවෙන් හිටියෙ. ඒත් එයාට නවතින්න විදිහක් තිබුණෙ නෑ."

පිහිය අතට ගත් නන්දෝරිස්ගේ අත වෙව්ලන්නට වූයේ සිතේ ඇති වී තිබූ උත්තේජනය නිසාවටය. ගැහැනු ළමයි දෙදෙනා දෙපසින් සිට පිහිය රැඳුණ ඔහුගේ අත අල්ලා ගත්හ. ඔහු අහිංසකව සිනාසෙමින් එකිනෙකාගේ මුහුණු දෙස බලයි.

"සීයෙ, දැන් ඉටිපන්දම නිමන්න."

ඔහු සෙමින් ඉටිපන්දම දෙසට නැඹුරු විය. අසූතුනේ ඉලක්කම කෙටූ ඉටිපන්දමේ දැල්ල නිවී ගියේ සුළඟින් නොව මහල්ලාගේ ඇසකින් වැටුණු කඳුළු බිඳුවකිනි.

Nissanka Rajapaksa

unread,
Dec 8, 2019, 5:46:36 PM12/8/19
to ind...@googlegroups.com

භීතිය

(චෙකොස්ලොවැකියානු ජාතික ගානා පොලිනෝවාගේ කෙටිකතාවකි)
  
සිංහල අනුවාදය, බොබී ජී බොතේජු

දොස්තර ඩැනියෙල් ඞී. ලියෙස් තම ජීවිත කාලය පුරාම කිසියම් වැඩක් කිරීමට පෙර එහි ප‍්‍රතිඵලය කුමක්දැයි සහතිකවම නොදැන කළින් නොසිතා කටයුතු කළ පුද්ගලයෙක් නොවීය. ඒ බව සනාථ කරන එක් ජීවමාන සාධකයක් මම වෙමි. මට සංගීතය හැදෑරීමට අවශ්‍ය නොවූයේද? ඒ සඳහා ආයාචනා නොකළේද? එහෙත් ප‍්‍රතිඵලය වූයේ කුමක්ද? මා නීති උපාධිධාරිනියක් වීමයි. 1944 අගෝස්තු මස 27 වන දින තරම් ඈත කාලයකදී ඔහු සැලසුම් කළ පරිදිම එය සිදුවිය. මේ විෂයය පිළිබඳව අප අතරවූ අවසාන සාකච්ඡාව මට නැවත නැවතත් සිහිපත් වේ.
 
 
ඒ සරසවියට ඇතුළුවීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ කාලවකවානුවයි. සෑම වසරකම මා මගේ අධ්‍යාපන කටයුතු වලින් සාර්ථක ප‍්‍රතිඵල ලබා තිබූ බැවින් දොස්තර ඩි ලියෙස්ට මගේ අධ්‍යාපන කටයුතුවලට මැදිහත්වීමට අවශ්‍ය නොවීය. එහෙත් මේ නිසා ඔහු කනස්සල්ලට පත්ව සිටින බව දැනගැනීමට ලැබීම ඒ කාලයේ මට දැඩි සතුටක් ගෙනදුන් කාරණයක් විය. ඔහු තමාගේ කනස්සල්ල සැඟවීමට කෙතෙක් උත්සාහ කළත් එය මාගෙන් වසන් කළ නොහැකිවිය. ඔහුට අවශ්‍ය වූයේ මා ඔහුට අවනතව තබා ගැනීමටයි. ඔහුගේ උපදෙස් සහ අතදීමකින් තොරව මට ස්වාධීනව මගේ ජීවිතය ගෙන යා නොහැකි බව ඔහු දැරූ අදහස විය. මා කුඩා කාලයේ සිට ඔහු වෑයම් කළේ ඔහු නොමැතිව මට ජීවිතය ගතකළ නොහැකි බව මට ඒත්තු ගැන්වීමටයි. මගේ හිතුමතයට අනුව කටයුතු කිරීම වෙනුවට ඔහුගේ සියළුම උපදෙස් පිළිපැදීම මට වඩා යෝග්‍ය ක‍්‍රමය බව ඔහුගේ අදහස විය.
 
 
ඔහු ජයග‍්‍රහණය කළේය. එසේ නොවන්නේද? මම කිසිම ප‍්‍රශ්නයක් නොනගාම ඔහුට ස්තුති නොකරම ඔහු කියන පරිදි සියලූ කටයුතු කළෙමි.
 
 
මා සවැනි විය සපිරෙන තුරුම ඔහුගේ කාමරයේ නිදාගතිමි. අඳුරට බියවී අවදිවූ හැමවිටම ඔහු මා අසළින් සිටියේය. මගේ ඉල්ලීම පරිදි මට ඔහු ජනකතා කියාදුන්නේය. මට ඇවිදීමට සහ කතා කිරීමට ඉගැන්වූයෙත් ඔහුය. එපමණකින් නොනැවතුන ඔහු මගේ කොණ්ඩය එක්කොට ඔහුගේ අතින්ම ලස්සන රිබන් පටියකින් ගැට ගැසුවේ. මට පහරදීමට හෝ මා සමග තරහින් හෝ කෝපයෙන් කතා කිරීමට කිසිවෙකුටත් ඉඩ නොලැබුණි. ඔහුගේ රෞද්‍ර මුහුණට සියල්ලෝම බියවූහ. ඔහුගේ මුහුණ වෙනත් ආකාරයකට දුටු එකම තැනැත්තා මම වෙමි. අද පිළිගැනීමට අකමැතිවූවත් එදා මා දුටු ලස්සනම මුහුණ ඔහුගේ මුහුණයි.
 
 
එදින මම ලියෙස්ට පෙර ගෙදර ආවෙමි. පාසල හැරයාමේ විභාගයට පෙනී සිටින දවසේ ඇඳීම සඳහා මගේ ඇඳුම් මසන්නා විසින් පිළියෙල කර තිබූ ඇඳුම දැකීමෙන් මම මහත්සේ ප‍්‍රීතිවීමි. තද නිල් පැහැති එම ඇඳුමේ බෙල්ල සහ අත්වටා සුදු රේන්ද පටියක් අල්ලා අලංකාර කර ඇත. මෙම මෝස්තරය මා හෝ බෙගර් මහත්මිය හෝ තෝරාගනු ලැබූවක් නොවේ. මෙය ජුස්තා විස්වර්ගේ තේරීමකි. එම ඇඳුම මට ගැලපෙන කදිම එකක් විය. ඒ නිසා මා ප‍්‍රීතියට පත්වීම පුදුමයට කාරණයක් නොවේ. ඇඳුමෙන් පමණක් නොව මා වටා වූ සියලූ දෙයින්ම මම සතුටට පත්වීමි. සංගීත නාදය මගේ සතුට දෙගුණ තෙගුණ කළේය. මම විඩාකොවෙස්කි පියානෝ ප‍්‍රසංගයේ බී කොටස වාදනය කළෙමි. ඒ මොහොතේ මා සංගීතයෙන් කොතෙක් මුසපත්ව සිටියේද යත් ලියෙස් විසිත්ත කාමරයට පැමිණ මා අමතන තුරුම මට කිසිවක් නෑසිණ.
 
 
‘‘ඔබට අයදුම්පත‍්‍රයක් ලැබුණ බව මට දැනගන්නට ලැබුණා. මට දැන් විවේක තියෙනවා. ඒක නිසා කරුණාකරල ඒක මෙහාට ගේන්න. අපි දෙන්නටම ඒක පුරවන්න පුලූවනි.’’
 
 
මම වාදනය නතර කළෙමි. පියානෝවේ වාදනය නතරවූ විගසම මම බොරුවක් ගෙතුවෙමි.
 
 
‘‘දැනටමත් මම ඒක පුරවලා ඉවරයි.’’
 
 
ඞී. ලියෙස් මා කියන බොරුව විශ්වාස කිරීමටවත් වෙහෙස නොගත්තේය.
 
 
‘‘අපි දෙන්නම ඒක පුරවමු’’ හේ නැවත වරක් පැවැසුවේය. 

දොස්තර ඞී ලියෙස් මා දෙස බැලූ ආකාරයෙන් මා කෙතරම් තැතිගත්තේද යත් මගේ කොඳු නාරටිය දිගේ ශීතලක් ගලා ගියේය. එය මැයි මාසය වූවත් මගේ දෙපා සහ ඇඟිලි සීතලෙන් වෙව්ලන්නාක් මෙන් මට දැනිණ.
 
 
මල් බඳුනේ පියොනිස් මල් බැබලෙමින් ඇත. මීට පෙර කිසිදිනක නොදුටු අයෙකු ඒ දෙස බලන්නාක් මෙන් දොස්තර ඩි ලියෙස් මල් බඳුන දෙස බලා ඊට උඩින් මා දෙස එබී බැලුවේය.
 
 
‘‘නැහැ’’ මම කීවෙමි.
 
 
‘‘මොකක්? නැහැ?’’ හේ මෘදු ලෙස විමසුවේය.
 
 
ඔහු ඔහුගේ දකුණු ඇහිබැම ඇඹරුවේය. ඔහුගේ කටහඬ මා කුඩා කාලයේ ප‍්‍රිමන්ගේ ජනකතා කියා දෙනවිට පැවතියාක් මෙන් සාමාන්‍ය විය.
 
 
‘‘ඔව් හරි ලාලා. ඔයාම ඒක පුරවන්න. දැන් ඔයා නියම වයසට ඇවිත්. මං හිතනවා තමන්ට අවශ්‍ය මොනවාද ඒවා අවශ්‍ය වන්නේ ඇයි කියන කාරණ වටහාගන්න තරම් ඔබ බුද්ධිමත් කියල.’’
 
 
‘‘ඔබ්. මම දන්නවා’’ මගේ දත් කටකට ගා වෙව්ලයි.
 
 
‘‘ඔබ තීරණය කරන දෙය කරන්නම ඕනෙ.’’
 
 
‘‘ඔව් කරනවාමයි’’
 
 
‘‘ඉතින් ඔබ ඉගෙනගන්න තෝරාගත්තෙ මොනවාද?’’ ඔහු රෝගියෙකුගෙන් අසන ආකාරයෙන්ම මගෙන්ද ප‍්‍රශ්න කළේය.
 
 
‘‘පියානෝ වාදනය’’
 
 
දොස්තර ඩි ලියෙස් කාරුණික ලෙස සිනාසුනේය. පිළිකා රෝගයෙන් පීඩා විඳින රෝගීන් දෙස බලා ඔහු සිනාසෙන්නේද ඒ අයුරින්මය. ඔහු සිනාසුනා පමණක් නොවේ. මල් බඳුනේවූ පියොනිස් මල් අත ගෑවේය. ඔහු කිසිදා මල් ගැන තැකීමක් කළ තැනැත්තෙකු නොවේ. එවැනි අලංකාර මල් බඳුනක් මා මීට පෙර දැක නොතිබූ බැවින් මම මියයන තුරුම ඒ මල් බඳුන ගැන කණගාටුවෙමි. ඊට මොහොතකට පසු මල් බඳුන විනාශ වී යන බව මා දැන සිටියේ නම් කිසිසේත්ම එය එතැන තිබීමට ඉඩ අරින්නේ නැත.
 
 
‘‘කොහේද?’’ හේ විමසුවේය.
 
 
‘‘මල් පැලෑටි තියෙන ගෙදර’’
 
 
‘‘එහෙදී ඔයාට උදව් කරන්නෙ කවුද?’’
 
 
‘‘ඒකෙ තේරුම?’’ මම අදිමදි කරමින් පෙරළා ප‍්‍රශ්න කළෙමි.
 
 
ඔහු නැවත වරක් සිනාසුනේය. එහෙත් පෙර තරම් කරුණාවෙන් නොවේ.
 
 
‘‘ඔයාට සංගීතෙ ඉගෙන ගන්න සල්ලි හම්බවෙන්නෙ කොහෙන්ද කියලයි මම අහන්නෙ?’’
 
 
එකවරම ඔහුගේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමෙන් මග ඇරීම සඳහා මම දත් තදකරගෙන කට පියාගතිමි. අදටත් මම ඒ ගැන ආඩම්බරවෙමි.
 
 
මගේ අයදුම්පත ඔහුගේ කැමැත්තට අනුව පුරවන්නේ කෙසේද යන්න ඔහු ඔහුගෙන්ම අසාගෙන පිළිතුරු ලබාගත යුතු ප‍්‍රශ්නයකි.
 
 
ඩැනියෙල් ඩි ලියෙස් මොහොතක් නිහඬව මා දෙස බලා සිටියේය. මා සමඟ පැවසිය යුත්තේ කුමක්ද යන්න පිළිබඳව ඔහු කල්පනා කරනවා වන්නට ඇත. මා නීතිය හදාරන්නේ නම් වඩා යෝග්‍ය බව මට කීමට සුදුසු ක‍්‍රමයක් ගැන ඔහු කල්පනා කරමින් සිටියේය. මීට පෙර ඔහු එවැන්නක් කර නැත. මා මීට පෙර ඔහුගේ අදහසට විරුද්ධව කටයුතු කර තිබුණේද නැත.
 
 
කලාකරුවකුවීමට මා තුළ ඇති ආශාවට විරුද්ධව ඔහු කුමන හෝ අදහසක් ඉදිරිපත් කරනු ඇතැයි මම සිතුවෙමි. ඔහු ළඟ ප‍්‍රබල තර්ක ඇති බවට සැකයක් නැත.
 
 
ඩැනියෙල් ඩි ලියෙස් මල් බඳුනේ කරවටා සිය අතැඟිලි යැව්වේය. ඔහුගේ කට හඬ පවා දැන් සුදුසු වනුයේ තරුණියක ඇමතීමට නොව පල්ලියේ යාඥාවකටයි. හේ සන්සුන් වෙමින් මා ඇමතුවේය.
 
 
‘‘මට කේන්ති ගිහිල්ලයි කියල හිතනව නම් ඔබ වැරදියි. මට තරහ ගිහින් නැහැ. ඒකෙ අනිත් පැත්ත. ඔබගෙ අදහස කෙළින් ඉදිරිපත් කිරීම ගැන මම සතුටු වෙනවා. තමන්ගෙ අදහස නිවැරදි බවට තර්ක කිරීමෙන් ඵලක් නොවන බව හිතුනත් ඒ වෙනුවෙන් තර්ක කරන්නට ඕනෑ. පෙනී හිටින්නට ඕනෑ’’
 
 
මම මුව වසාගෙන සිටියෙමි. මගේ මුව පුරා එක් රැස්වූ කෙළවලට කුමක් කළ යුතුද යන්න පවා මට නොවැටහිණ. මම දිවෙන් තොල් තෙක් කරගතිමි.
 
 
‘‘මොකක්ද ඒකෙ තේරුම? ඔබයි මට වාදනය ඉගැන්වුවෙ. දැන් ඇයි ඒක දිගටම කරගෙන යන්න මට ඉඩ නොදෙන්නෙ? මම කැමැති සංගීතයටයි. නීතිය නොවෙයි. මට මොකටද නීතය මම මැස්සෙකුටවත් හිරිහැරයක් කරල නැතිකොට’’
 
 
ඩැනියෙල් ඩි ලියෙස්ට කිසිවක් තදින් කීමට අවශ්‍ය විය. ඔහු මල් බඳුන වැරයෙන් අල්ලා ගත්තේය. අනතුරුව මල් බඳුන තබා තිබූ මේසය තරයේ අල්ලා ගත් විට මල් බඳුන ගිලිහී බිම වැටිණ. මම පියානෝව අසළින් වහාම ඉවත්වූයෙමි. ඩි ලියෙස් ඉදිරියට ගිය මම මල් බඳුනේ කැබලි එක් රැස්කොට විසිත්ත කාමරයේ කෙළවරක් තිබූ කුණු කූඩයට දැමුවෙමි. මා ආපසු එනවිට ඩි ලියෙස් ජනේලය අසළවූ පුටුවක වාඩිගෙන වෙඩි ලුණු බෝතලයක් අතගාමින් සිටියේය.
 
 
‘‘ඒකෙන් වැඩක් නැහැ.’’ මම ඔහු ඉදිරියේ සිටගනිමින් පැවසුවෙමි. ‘‘ඩිලොවැක්වල දිය උල්පත් ඇති නගරයට යන්න. ඔබට කාලෙ නැහැයි කියල කියන්නත් බැහැ. මැයි සහ ඔක්තෝබර් මාසවල එහෙ හරි ලස්සනයිලු’’
 
 
ඒ ග‍්‍රීෂ්ම සෘතුවේදී මගේ අධ්‍යාපනය පිළිබඳ දුෂ්කර ගැටලූව ගැන නැවත වරක් අපි සාකච්ඡා නොකළෙමු. මා නීති උපාධිය ලබාගත් බව ඔබ දැනටමත් දන්නවා ඇත. එහෙත් ඔබ තවමත් නොදන්නා දෙයක් ඇත. එනම් ඉන්පසු කිසිදිනක මා පියානෝ වාදනයේ නොයෙදුන බවයි.





Nissanka Rajapaksa

unread,
Dec 10, 2019, 7:43:56 AM12/10/19
to ind...@googlegroups.com

පිටගංකාරයෝ

බොක්‌කාවල - සුසිල් කුලතුංග

"ඔහේ ගැන පැතිරිලා තියෙන ආරංචි ඒ තරම් ශුභදායක නැහැ. මං මේ මූණටම කිව්වේ මා ළඟ හැංගි හොරා කතා නැති නිසා, දැනගන්නවා හොඳයි මට මේ ගම ගැන විශේෂ වගකීමක්‌ තියෙනවා. අපි මේ ගමේ මුල් පදිංචි කාරයෝ"

බංඩාර විදානේ එහෙම කිව්වේ සුධර්මා වැලිවිටගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්‌වා තවත් වරක්‌ බලමිනි. සුදු වොයිල් සාරියකින් සැරසුණු ඇගේ ගෙල කිසිම පළඳනාවක්‌ නොවීය. ඇය තවමත් බංඩාර විදානේ ළඟ සෙල් පිළිමයක්‌ ලෙස සිටගෙන සිටියාය.

"ඇයි විදානේ මහත්තයෝ මං ගැන එහෙම කිව්වේ" ඇය විමසුවේ විවර කරගත් ඇස්‌ ඇතිවය.

"හා....හා.... ඒ කතා ඕනෑ නැහැ. මං මේ නිර්දේශය කරන්නේ ඔහේගේ දරුවා ගැන සලකලා කාගේ නමුත් දරුවෙක්‌නේ."

බංඩාර විදානෙ මහත්තයාගේ ඒ ප්‍රකාශයත් සමඟ ගෙල පෙදෙසින් ආරම්භ වූ සිහින් දා බිඳුවක්‌ පිට දිගේ රූරා ගලනු සුධර්මාට දැනුණි.

පාසලේ හයවැනි ශේ්‍රණියේ උගන්නා තම පුතා ක්‍රීඩාවට සමත් බව විද්‍යමාන කරමින් වළල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයට ඔහු ඇතුළත් කරන ලෙස තමාට දරුවාගේ ගුරුවරුන්ගෙන් උපදෙස්‌ ලැබුණේ එය ක්‍රීඩාව සඳහාම වෙන්වූ විද්‍යාලයක්‌ නිසාවෙනි. එම විදුහලට ඉල්ලුම් පත් යැවීමට ගමේ ප්‍රභූවරයකුගේ නිර්දේශය ඇත්නම් වඩාත් සුදුසු යෑයි ලැබුණ ආරංචි සමඟ බංඩාර විදානේ මහතා සොයා ආ ඇය තමා මෙතරම් අසරණ තත්ත්වයකට පත්විය යුතු දැයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළාය.

දරු දෙදෙනකු සිටියද තාමත් තරුණ විය නොඉක්‌මවූ තමාගේ සොඳුරු කැදැල්ලට හෙණහුරා ලැබුවේ තමාගේ ස්‌වාමි පුරුෂයා හෙවත් ජයන්ත වැලිවිට ගේ හදිසි අභාවය නිසා බව ඇය සිතුවාය. හඟුරන්කෙත ප්‍රදේශයේ පාරම්පරික මධ්‍යම පාන්තිකයකු වූ ජයන්ත වැලිවිට සේවය කළේ හඟුරන්කෙත විදුලිබල මණ්‌ඩලයේ වැඩ පරීක්‌ෂකයකු ලෙසය. රාජකාරියේ යෙදී සිටියදී සේවකයකු විසින් අපරීක්‌ෂාකාරී ලෙස හේත්තු කර තිබූ ඇලුමිනියම් ඉනිමඟක්‌ හිසමත වැටීමෙන් මිය යන විට ඔහු වැඩබලන ස්‌ථාන භාර නිලධාරි ලෙස සේවය කරමින් සිටියේය.

ස්‌වාමියාගේ අභාවය සමඟම තමාට ලැබුණු විශාල වන්දි මුදල සහ ඇයට හිමි වූ අර්ථසාධක මුදල් බැංකුවේ තැන්පත් කළේ හුදෙක්‌ ආරක්‌ෂාව පතා මිස ආයෝජනයක්‌ ලෙස නොවේ. ජයන්තගේ අභාවයෙන් තෙවැනි මස ඉකුත්වත්ම ක්‍රමයෙන් ඔහුගේ පවුලේ අය තුළින් නොහොඳ නෝක්‌කාඩු නිර්මාණය වන බව ඈ තේරුම් ගත්තාය. ඉඩකඩම් අයිතිවාසිකම් ප්‍රශ්න ක්‍රමයෙන් විකාශනය වී ඊට පසු ඇගේ දෛනික ජීවිතයේ කටයුතු ද වැරදි ලෙස දැකීමේ ක්‍රමය කූටප්‍රාප්තියට පත් වූයේ ජයන්තගේ සොයුරා බීමත්ව ජයන්තගේ නිවසේ අයිතිය තමාටත් ඇති බව ගෝරනාඩු කිරීමක්‌ සමඟය.

ජයන්තගේ අභාවය දිනවලදී විදුලිබල මණ්‌ඩලයේ ප්‍රධානීන්ගේ නොමඳ අනුකම්පාවට භාජනය වූ දරු දෙදෙනා සහ ඇයට අවසානයෙහි ඒ අනුකම්පාව උපයෝගි කරගෙන තමා ජීවත්වූ නිවස විදුලිබල මණ්‌ඩලයටම බදු දීමට හැකි විය.

ඊළඟට බුසල් දෙකක පමණ වූ එළවළු වගා කරන කුඹුර තම ඥතියකු වන ජයසිංහ මාමාට පැවරුවේ ඔහු විශ්වාසවන්ත ඥතියකු නිසාය.

මාරතුගොඩ ප්‍රදේශයේ කඩමණ්‌ඩිය අසල නිවසක්‌ මිලට ගැනීම සඳහා ඇයට උදව් කළේ ද විදුලිබල මණ්‌ඩලයේ හිතවතුන්ය. ජයන්තගේ වන්දි මුදල සහ අර්ථසාධකය මෙම නිවස මිලට ගැනීමට හොඳටම ප්‍රමාණවත් විය. මේ සියලු කටයුතුවලටම සහායට සිටි අනෙක්‌ පුද්ගලයන් වූයේ තම වැඩිමහල් සොයුරන් දෙදෙනාය.

බංඩාර විදානේගේ ලිපිය ලබාගත් ඇය ඔහුට දණගසා වන්දාය. පිරිපුන් ඇගේ සිරුර දෙස බලා සිටි විදානේ වහා ගෙතුළ දෙසට නෙත් යොමු කළේය.

"මොනවද ඔය අරවා මේවා. දෙඩෙව්වේ, අර ගෑනිට ලියුම දෙන්නේ නැතිව"

තම බිරිඳගේ අවලාද සටහනක්‌ පිටුපසින් ඇසෙත්ම ගේට්‌ටුව පසුකරන සුධර්මා වැලිවිටගේ දෙපසට වැනෙන පශ්චාත් භාගය දෙස තවමත් බලා සිටි විදානේ මහතා තම බිරිඳ දෙසට හැරුණේය.

"අපි ගමේ ප්‍රභුන්, අපි හදාගන්න ඕනෑ මේ ගම, නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්න හොඳ නැහැ. අපි නොදන්නවා වගේ ඇහැ කන පියාගෙන ඉන්න හොඳ නැහැ. ලැබුණු අවස්‌ථාවේ කියන්න ඕනෑ."

"මොනවාද ඔහේ දන්නේ ඒ අම්මණ්‌ඩිගේ කල්කිරියාව ගැන?" භාර්යාවගේ ප්‍රශ්නය හමුවේ විදානේ මහතා අඩියක්‌ පස්‌සට ගත්තේය.

"එහෙමත් කියන්න තරම් දෙයක්‌ නැහැ. ඒත් යමක්‌ වෙන්ට ඉස්‌සර අපි පියවර ගන්න ඕනෑ."

විදානේ තවදුරටත් කතාව දික්‌ගස්‌සා ගැනීමට අකැමැති විය. ගලවා ගත් උපැස්‌ යුවළ සහ බෝල් පොයින්ට්‌ පෑන ද රැගෙන ඔහු කාමරය දෙසට ගියේය.

දරුවාගේ සහ තම මවගේ වියපැහැදම් සඳහා ගේ බද්දට දීමෙන් ලැබෙන මුදල ප්‍රමාණවත් වුවත් සුධර්මා මාවතගම "මයුරා ගාමන්ට්‌" හි රැකියාවට ගියේ විශේෂ හේතු කීපයක්‌ නිසාය. ඒ ආයතනය හිමි තම වැඩිමහල් සොයුරාට කරන උදව්වක්‌ වීමත් පාලිකාව ලෙස කරන සේවය නිසා ඇයට ලැබෙන ආර්ථික වාසියත් ඉන් ප්‍රධාන විය.

මාරතුගොඩ ගමට ස්‌ථිර පදිංචියට පැමිණ මාස දහයක්‌ ඉක්‌මවූ නමුදු ඇයට ගමේ පූර්ණ සාමාජිකත්වය ලැබී නැතැයි ඇයට හැඟුණි. තම රැකියාව නිසා නිරන්තරව ගමේ කටයුතු හා සම්බන්ධ වීමට නොහැකි වුවත් හැකි සෑම විමට ඇය පොදු කටයුතුවලට සහභාගි වීමට අතපසු නොකළාය.

ඉසිපතනාරාම විහාරස්‌ථානයේ දිනපතාම පාහේ සවස ගමේ කාන්තාවන් වැඩි පිරිසක්‌ එක්‌ වූයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක්‌ විසින් පවත්වන ණය දීමේ වැඩමුළුවලට සහභාගි වීමටය. ඔවුන් නිරන්තරව උත්සාහ කළේ තවත් සාමාජිකාවන් තම සංගමයට සහභාගි කරවා ගැනීමටය.

ණය කණ්‌ඩායමේ කාන්තාවන් අතර "සුධර්මා වැලිවිට" මාතෘකාවක්‌ වූයේ ඇය මෙම ණය සංගමයට බඳවා ගැනීමට ඔවුන් කළ උත්සාහය කාරුණිකව ප්‍රතික්‌ෂේප වීමත් සමඟය.

"ගෑනිට සල්ලි එනවා වෙන ක්‍රමයකට, ඔය උදේට හවසට යන්නේ ගාමන්ට්‌ නොවේ. වෙන රෝන්දයක්‌, කෝ මිනිහා? නාඩගං නටලා හදාගත්ත ළමයිද කොහෙදෝ. නෑදැයෙක්‌ නැහැ. අහසින් වැටිලා වගේ. ඒත් උජාරුව විතරක්‌ බලන්න එපායැ."

ඒ ඇය පිළිබඳ ගමේ කාන්තාවන්ගේ තක්‌සේරුව විය.

පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ හේතුවෙන්ම දියණිය පූජාපිටිය ජාතික පාසලට ඇතුළත් කිරීමට සුධර්මාට හැකියාව ලැබුණත් ගමේ නෙත් මේ දෙස බැලුවේ වෙනත් දෘෂ්ටි කෝණයකින්ය.

" අම්මගෙ පොත්ත රතුයිනේ, ප්‍රින්සිපලුත් පැනලා ගන්න ඇති දූ සිඟිත්ත. කොහොමත් අපි අපේ ඉලංදාරි ටික ගැන ඇහැගහගෙන ඉන්න ඕනෑ."

බංඩාර විදානේ දැක්‌වූ අදහස කැටයම් සහිතව ගමපුරා ප්‍රචාරය වීමට වැඩි කාලයක්‌ ගත නොවූයේය.

ගමේ පන්සලේ දහම් පාසලට තම දරුවන් දෙදෙනා භාරදීමට කැටුව ගිය සුධර්මා පත්වූයේ අනපේක්‌ෂිත අපහසුතාවකටය. තම ස්‌වාමියාගේ ගමේ දහම් පාසලේ මීට පෙර උගත් දරුවන්ගෙන් අස්‌වීමේ සහතිකය ඇය රැගෙන නාවේ එය අත්‍යවශ්‍ය නොවන දෙයක්‌ ලෙස සලකමිනි.

"දැනට ඉඩ නැහැ කියන්න. මහ අම්මණ්‌ඩිගේ කල්කිරියාවත් එච්චර හොඳ නැහැ කියනවානේ. ලබන අවුරුද්දේ බලමු කියන්න. ඒ වෙන කොට මුන් ගමෙන් ගිහිල්ලා ඉඳීවි."

මේ සතරකම්මන්ත්‍රණය පෙරදා සවස වුණේ බංඩාර විදානේ මහතාගේ සහ දහම් පාසලේ විදුහල්පතිනි ලෙස සේවය කරන විශ්‍රාමික ගුරුවරියක්‌ වූ නියංගොඩ මැතිනිය අතරය.

සාකච්ඡාව එලෙසින්ම ක්‍රියාත්මක විය. රජයේ මහා විද්‍යාලයකට ළමුන් ඇතුළත් කිරීමටත් තමා මේ තරම් මහන්සි නොවූ බව සිතමින් සුධර්මා පිටව ගියේ තමන් කෙරේ උපන් කලකිරීමත් සමඟය.

ප්‍රභූවරයෙක්‌, දානපතියෙක්‌ හා ප්‍රදේශයේ සංගම්වල මුල් තැන සිටින්නෙක්‌ ලෙස තමාගේ කීර්ති නාමයට හා අභිමානයට පාසලක බුදුගෙයක්‌ විවෘත කිරීමක්‌ වැනි උත්සවයක්‌ තර්ජනයක්‌ වේ යැයි බංඩාර විදානේ මහතා කිසිවිටක නොසිතුවේය.

සිසු දරුවන්ගේ සහ දානපතීන්ගේ ආධාර උපකාරයෙන් ගොඩනඟන පූජාපිටිය මහා විද්‍යාලයේ බුදුගෙය මෙතෙක්‌ කලක්‌ විවෘත නොවූයේ බුදු පිළිමයක්‌ සපයා ගැනීමට නොහැකි වීම නිසාමය.

සිය ස්‌වාමියාට පිං පිණිස බුදු පිළිමයක්‌ පරිත්‍යාග කිරීමට සුධර්මා ඉදිරිපත්වීමත් සමඟම බුදුගෙය විවෘත කිරීමේ සියලු කාර්යයන් සංවිධානය විය.

බුදුගෙය විවෘත වූයේ අසල විහාරයක විහාරාධිපති ස්‌වාමීන් වහන්සේ අතිනි. ප්‍රථම මල් පූජාවට බංඩාර විදානේ මහතා ද ආරාධනා ලැබ සිටියේය. තමා ළඟම සුදුවතින් මල් වට්‌ටියක්‌ මලසුන මත තැබුවේ තම ගමට මෑතකදී පැමිණි කාන්තාව බව හඳුනා ගැනීමට විදානේ මහතා අසමත් නොවීය.

"මේ ගෑනි කොහොමද මෙතන ඉස්‌සරහට ආවේ?"

විදානේගේ කුකුසට පිළිතුරු ලැබූයේ විදුහල්පතිතුමාගේ දේශනයත් සමඟය. ඉදිරි අසුනක ආරාධිතයන් සමඟ වාඩිවී සිටි සුධර්මා වෙත අත දිගු කර පෙන්වූ විදුහල්පති ඇයගේ නොමසුරු දායකත්වය නොවූයේ නම් මෙම උත්සවය තවත් ප්‍රමාද වීමට ඉඩ තිබුණේ යෑයි ප්‍රකාශ කළේ ස්‌තුති පූර්වකවය.

තමා අඟල් ගණනකින් පසුපසට ගිය වගක්‌ විදානේ මහතාට හැඟුණි.

සුනාමිය රට වෙළාගත් ව්‍යසනයක්‌ විය. රටේ ඒ පිළිබඳව ඇති වූ ප්‍රවණතාවට සමගාමීව මාරතුගොඩ ප්‍රදේශයේ ජනතාව ද සුනාමි ආධාර එකතු කිරීමට උත්සුක වූහ.

පෙරමුණ ගත්තේ තරුණයන්ය. ගෙයක්‌ ගානේ ගොස්‌ එකතු කරගත් භාණ්‌ඩ සුනාමි ප්‍රදේශයට භාරදීමට සකස්‌ කරන තුරු ගබඩා කිරීමට ඔවුන්ට සුධර්මාගේ නිවස පිටිවහලක්‌ විය. දිවා කාලයේ සුධර්මාගේ මව පමණක්‌ සිටීම සහ මෙම නිවස කඩමණ්‌ඩිය ආසන්නයේ තිබීම කාර්යයට මහත් පහසුවක්‌ විය.

භාණ්‌ඩ වර්ග කිරීම, කාණ්‌ඩ කිරීම, පාර්සල් කිරීම ආදී සියලු කාර්යයන්ටම ගමේ තරුණ පිරිස සුධර්මාගේ ගෙදරට ආවෝ ගියෝය. තමාගෙන් ඉටුවිය යුතු මෙහෙයක්‌ ලෙස මෙයට පූර්ණ දායකත්වය දුන් සුධර්මා පැමිණි තරුණ පිරිසට සංග්‍රහ කිරීමට ද නොපැකිළව ඉදිරිපත් වූවාය.

"සුධර්මා අක්‌කේ ඔය තේ හැදිල්ල නවත්වන්න. අපි කාල බීල එන්නේ ගෙවල්වලින්"

එහෙත් ඔවුන් ඉල්ලූ පරිදි සංග්‍රහයේ කිසිදු අඩුපාඩුවක්‌ නොවීය.

"හරි ඔන්න කුරුල්ලා අත්තේ වැහුවා. කරලේ වහන්න තමා අත්තේ වැහුවේ." විදානේ මහතාගේ කණ්‌ඩායමේ අදහස විය.

ගමේ තරුණයන් මෙම නිවසට මෙසේ රොක්‌වීම ගමේ කාන්තාවන්ගේ හා වැඩිහිටි පිරිමින්ගේ ප්‍රසාදයට හේතුවක්‌ නොවීය. ඔවුන් ඒ දෙස බැලුවේ පියවි දෑසින් නොවේ.

"ඔය ටික අපි කලින්ම දැනගත්තා. ඒකයි පුළුපුළුවන් විදිහට අනතුරු ඇඟවූයේ." බංඩාර විදානේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ගමේ සිදුවූ මළ ගෙදරකදීය.

"කෝකටත් අපේ ඉලංදාරි ටික ගැන ඇහැගහගෙන ඉන්න ඕනෑ" ප්‍රධාන දායිකාවක්‌ වූ කුමාරිහාමි ද යළිත් තම අදහස මුදාහැරියාය.

සුනාමි ව්‍යසනය රටෙන් තුරන් වුව ද ඒ හා ගමේ අයගේ සිත් තුළ ඇති වූ ව්‍යසනය තුරන් වීමට තවත් සෑහෙන කාලයක්‌ ගෙවුණි. එහෙත් තුවාලය සම්පූර්ණයෙන්ම සුව නොවූ තරම්ය.

ඒ බව පැහැදිලි වීමට හොඳම උදාහරණය වූයේ සුධර්මා වැලිවිට ගමේ පන්සලට සලාක දානයක්‌ දීමට දිනයක්‌ ලබාගැනීමට ගිය අවස්‌ථාවය.

"දානේ පූජා කරන්න ආයේ දවසක්‌ වෙන් කරන්න ඕනෑයෑ උපාසකම්ම, ඔය පුළුවන් වෙලාවට දානේ දෙන එකනේ ඇත්තේ, අනික දායක සභාව දැනමටත් දං සීට්‌ටුව හදලා අහවරයි නොවැ."

ලොකු හාමුදුරුවෝ ප්‍රකාශ කළේ තමාට එදින උදැසනම බංඩාර විදානෙගෙන් ලැබුණ උපදෙස්‌වල සාරාංශය විය.

"අපේ හාමුදුරුවනේ අපි ගමේ ප්‍රභූන් විදිහට දැනගන්න ඕනෑ ගම හසුරුවන විදිය. ගමට ඇවිත් අවුරුද්දක්‌ වුණ එක හැබෑව. ඒත් එක පාරටම දං සීට්‌ටුවට ඇතුල් කළා කියන්නේ සාමාජිකත්වය අපි ඉහළින්ම පිළිගත්තා වගේනේ. ඕව ආවාට ගියාට කරලා බැහැ අපේ හාමුදුරුවනේ"

විදානේ මහතාගේ ප්‍රකාශය එකහෙළාම ඉවත දැමීමට තරම් ශක්‌තියක්‌ ලොකු හාමුදුරුවන්ට නොවීය.

"ඇයි විදානේ මහත්තයො ඔය සුනාමි දවස්‌වලත් ගමේ ගැටවුන්ට ගොඩක්‌ උදව් කළාලු නේද ඔය ඇත්තී"

"පුහ්! හොඳ උදව්ව කොල්ලෝ ටික ගෙට වද්දගන්න වෙලාවක්‌ බල බලා හිටියේ. දැන හඳුනාගත්තට පස්‌සේ කී දෙනෙක්‌ රිංගයිද දන්නෙ නැහැ රෑට රෑට"

"ඇයි විදානේ මහත්තයෝ එහෙම කතාවක්‌ හැදිලා ද මේ ටිකට?"

"ඔප්පු කරන්නට මේං කියලා තාම කාරණා නැහැ අපේ හාමුදුරුවනේ. ඒත් ගමේ ගොඩේ වෙන කතාබහයි මං කිව්වේ."

විදානේ ප්‍රකාශ කළේ පන්සලේ දොරටුවෙන් ඉවත බලාගෙනය.

"ඒකත් එහෙමද?"

"අපේ කුලඟන සමිතියටත් බැඳෙන්න ඇහැව්වලු ඔය අම්මණ්‌ඩි. අර සභාපති දැරිවි හොඳ වෙලාවට මගෙන් ඇහුවා. ඔළුව දාගන්න ඉඩ දුන්නොත් ඔටුවා කූඩාරමට රිංගනවා අපේ හාමුදුරුවනේ"

"ඉතිං ඒ ඇත්තී කිසිම සමිති සමාගමකට නොගන්නද කල්පනාව. බැලු බැල්මට පේනවා සෑහෙන අධ්‍යාපනයකුත් තියෙන බව"

ලොකු හාමදුරුවන්ගේ ප්‍රකාශය විදානෙට රිස්‌සුණේ නැත.

"බැලු බැල්මට තවත් ජාති පේනවා. මොකටද මගේ කට. සාමාජිකත්වය ඉල්ලයි. පස්‌සේ තානාන්තරවලටත් රිංගයි. ඩිංගක්‌ එහාට මෙහොට නලවලා කතා කළාම අපේ ගෑනුත් මේං කියලා තියයි සභාපති පුටුවෙම. ඕවා නියපොත්තෙන් කඩන්න ඕනෑ වැඩ අපේ හාමුදුරුවනේ."

විදානේගේ ප්‍රකාශය තුළ විරාමයක්‌ නොවූ තරම්ය.

"ඔහොම බැලුවොත් විදානේ මහත්තයෝ ගමට අලුතින් දැනුමක්‌, අත්දැකීමක්‌ එකතු වෙන්නෙම නැති වෙයිනේ. අනේ මං දන්නේ නෑ. උන්නැහේලාගේ කැමැත්තක්‌."

ලොකු හාමුදුරුවෝ සාකච්ඡාව අවසන් කළ බව තේරුණේ තම උපැස්‌ යුවළ කොපුවට දාගැනීම සමඟය.

"ලොකු හාමුදුරුවොත් ඒකිගෙ පැත්තේ" විදානේගේ සිතුවිල්ල පිටතට පෙනුණේ නැත.

ගමේ පන්සලේ කඨින උත්සවයට පෙර පන්සල පිරිසිදු කිරීමේ ශ්‍රමදානයට සුධර්මාට ද සහභාගි වීමට හැකි වුණේ එය ඉරිදා දිනයක පැවැත්වූ හෙයිනි. තම දරු දෙදෙනා ද සමඟ පන්සල වෙත පැමිණි ඇය අනිකුත් පිරිස සමඟ හරි හරියට වැඩෙහි යෙදුණාය.

විල්බැරෝවට කුණු තාච්චියක්‌ හැලූ ඇය සිනාසුණේ ඔසරි පොට ඉනේ ගසා ගනිමිනි. ඒ තරුණ දැරිවියන් කීප දෙනෙක්‌ තමා හා කළ කතාවක්‌ හේතුවෙනි.

"පන්සලේ කියලා නැහැ.. සිරික්‌කිය වැඩි වගේ. ලොකු හාමුදුරුවන්ටත් ඇහෙන්න ඇති හිනාව."

දහම් පාසලේ විදුහල්පතිනිය අත් බෝම්බයක්‌ විසි කළාය. එහි බලය වැඩිහිටි කාන්තාවන්ගේ මොළය සිසාරා යන්නක්‌ විය.

ආවාසය ඉදිරිපස වූ වැලි ගොඩ ඉවත් කිරීමට තීරණය කළේ එය කඨින උත්සවය දින කරදරයක්‌ වේ යැයි ශ්‍රමදාන කාණ්‌ඩය විසින් සිතූ බැවිනි.

පොඩි හාමුදුරුවෝ විසින් පෙළට සිටුවූ කණ්‌ඩායම අතරින් වැලි තාච්චි එහා මෙහා ගියේය. සුධර්මා අත වූ තාච්චිය ලබා ගත්තේ තම තරුණ පුතා බව දුටු විදානේ එදෙස ඇස ගසාගෙන සිටියේය. ඇගේ නළලේ සිට දහඩිය බිදුවක්‌ ගලා යනු දුටු විදානේ එහි සුන්දරත්වයක්‌ ඇතැයි සිතුවේය.

තාච්චිය මාරුවත්ම ඇයගේ ඇඟිලි තම පුතාගේ දෑත හා ස්‌පර්ශ වේදැයි විමසිලිමත් වූ විදානේට එවැන්නක්‌ සිදුවන බවක්‌ පැහැදිලි නොවීය.

කඨින පිංකම සාර්ථකව අවසන් විය.

පූජාපිටිය ප්‍රාදේශීය සභාව සහ මහා විද්‍යාලය ඒකාබද්ධව විදුහල් භූමියේ පැවැත්වූ "සක්‌නඳ" සාහිත්‍ය උත්සවය හා සමගාමීව කාන්තා අත්කම් ප්‍රදර්ශනය සඳහා කුටි කීපයක්‌ම වෙන්කර තිබිණි. පාසලේ දරුවන්ගේ දෙමාපියන් අතර ක්‍රියාකාරී චරිතයක්‌ වූ සුධර්මා වැලිවිට පාසල වෙනුවෙන් උත්සවය තුළ විශේෂ මෙහෙයක්‌ ඉටු කළාය.

දේශපාලන අධිකාරියේ මැදිහත්වීම නිසා උත්සවයට මාධ්‍ය සහයෝගයක්‌ ද එක්‌වී තිබිණි. එහෙයින් රූපවාහිනි නාලිකා දෙකක්‌ම තම දායකත්වය ඊට ලබා දුන්නේය.

නිරන්තරයෙන් ප්‍රදර්ශන කුටි කාර්යයන් විමසමින් ප්‍රදර්ශන භූමිය තුළ එහා මෙහා ගිය ඇගේ කඩිසර ඉරියව්ව රූපගත කළ රූපවාහිනි ශිල්පීන්ගේ අවධානයට යොමු වුවක්‌ විය.

වරෙක ප්‍රදර්ශන භූමියේ නා නා පුද්ගලයන්ගේ 'වොයිස්‌ කට්‌' ලබාගත් ශිල්පීන්ගේ මයික්‍රපෝණය සුධර්මා වෙත ද යොමු විය.

"ඇත්තටම කාන්තාවන්ගේ දක්‌ෂතා ප්‍රදර්ශනයට මේක හොඳ අවස්‌ථාවක්‌. හැකියාව තිබුණට අපේ ගම්වල කාන්තාවන්ට ඉදිරියට එන්න අවස්‌ථා අඩුයි. ගම්වල අටුවා බැහැපු පාරම්පරික අදහස්‌ තමා අපට හරස්‌වෙලා තියෙන්නේ. කාන්තා අයිතිවාසිකම් කියන්නේ විහිළුවක්‌ කියලා හිතෙනවා අපේ ගම්වල වැඩ දැක්‌කම"

පසු දින රාත්‍රි එතරම් ප්‍රසිද්ධ නොවූ රූපවාහිනි නාලිකාවක මෙම උත්සවය පිළිබඳව තොරතුරු විකාශනය විය. සුධර්මාගේ ප්‍රකාශය ඇතුළත් වූයේ එයටය.

නා නා චැනල් වෙත තම දුරස්‌ථ පාලකය යොමු කරමින් සිටි රත්නායක තමාද සහභාගි වූ 'සක්‌නඳ' ප්‍රදර්ශන භූමිය තිරයේ දිස්‌වත්ම වහා විමසිලිවත් විය. සුධර්මාගේ ප්‍රකාශය ඔහු දුටුවේ ද ඒ අවස්‌ථාවේදීය.

"සුධර්මා අක්‌කා ඊයේ දුන්නා ඇට්‌ටි හැලෙන්න ගමටම" රත්නායක පසුදා ප්‍රකාශ කළේ තම සයිකලයට පැච් එකක්‌ දාගැනීමට වින්කලයට පැමිණි අවස්‌ථාවේදීය.

වින්කලයෙන් ආරම්භ වූ එම කෙටිකතාව කඩවීදියේදී තවත් කැටයම් වී නවකතාවක්‌ බවට පරිවර්තනය වී විශ්ව කෘතියක්‌ ලෙස ගම හරහා පන්සලට ආවේ සුධර්මා නම් වූ ගැහැනිය ගම නිර්දය ලෙස විවේචනය කර තිබුණ ආකාරය විචිත්‍රවත් කරමින්ය.

"අර ටීවී සාකච්ඡාව ඇහුවද අපේ හාමුදුරුවනේ" විදානේ ඇසුවේ ගමේ කණ්‌ඩායමක්‌ සමඟ පසු දිනම පන්සලට පැමිණි අවස්‌ථාවේදීය.

" බැරි වුණා නොව. ආණ්‌ඩුවේ චැනල් එකක්‌ද, මං දන්නේ නැහැනේ. බැලුවද විදානේ මහත්තයා" ඒ හාමුදුරුවන්ගේ පැනය වූයේය.

"පුහ්! අපි උස්‌සලා පොළොවේ ගැහුවා වගේ. අපෙන් අසාධාරණ වුණාලු. අයිතිවාසිකම් දුන්නේ නැතිලු. ඉදිරිය ගැන බලාගන්නවලු. තව...."

විදානේට වචන ගළපා ගත නොහැකි වූයේ සැබැවින්ම මෙය තමා නොදුටු බව පසක්‌ වීමෙනි.

"ගමේ ගෑනුන්ටත් හොඳට දෙහි කැපුවා හාමුදුරුවනේ කමලාවතී උපාසිකාව ද ඌන පූර්ණය කළාය.

"බලපුවාම මං විතරක්‌ නොවැ දැකලා නැත්තේ හැමෝම බලලා තියෙනවා මේ සාකච්ඡාව." හාමුදුරුවන්ගේ ප්‍රතිචාරය තුළ වූයේ උපහාසයක්‌ද සමච්චලයක්‌ ද පැහැදිලි නොවුණි.

අරුමයකි, මේ අනුව බලන විට ලොකු කුඩා සියලු දෙනාම මේ සාකච්ඡාව නරඹා තිබිණි. කිසිදා ප්‍රවෘත්ති ප්‍රකාශයකට සවන් නොදුන් කාන්තාවන් සියලු දෙනාම මෙය දැක තිබිණි. එසේ ගමේ සියලු නිවාසවලට මෙම චැනලය පැහැදිලිව විකාශනය වී තිබිණි.

"ඔය කිව්වට මේ ගමේ ශ්‍රමදාන වැඩවලට එහෙම ඔය ඇත්ති ආවා ගියා නේද? මොකක්‌ද ඔය කීව චැනල් එක"

හාමුදුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට කිසිවෙක්‌ ඉදිරිපත් නොවුණි.

වෙසක්‌ සඳ පොසොන් සඳ බවට පත්විය. එය කීප විටක්‌ම නැඟුණේය. බැස ගියේය. ගමට නිරන්තරව අලුත් අලුත් මාතෘකා එකතු විය.

සේවයට ගොස්‌ පැමිණි සුධර්මා වැලිවිට මාරතුගොඩ හන්දියේදී බස්‌ රථයෙන් බැස්‌සාය. අසල වූ තැපැල් හලේ සිටි විදානේ ඇය දෙස හැරී බැලුවේය. මඳ වේලාවක්‌ බලා සිටියේය. තමාට පිටුපා යන ඇයගේ සාරියත් හැට්‌ටයත් අතර සුදු පැහැ ගත් පුළුල් තිරය තුළ ඔහුගේ දෙනෙත් සෑහෙන වෙලාවක්‌ රැඳී තිබිණි. ඇය කුමකට හෝ ආපසු හැරී තමා දෙසට එනු දුටු ඔහු වහා ඉවත බලා ගත්තේය.

"විදානේ මහත්තයා පෝස්‌ට්‌ ඔෆිස්‌ එකට ආවා වගේ"

"ආ.... ඔව් ඔහේ වැඩට ගිහිං එන ගමන්ද?"

ඔහුගේ ප්‍රතිචාරය විය.

"ඔව් විදානේ මහත්තයා. අද අම්මත් ගෙදර නැහැ. අයියලාගේ ගෙදර ගියා. හෙට තමා එන්නේ ඒකයි ටිකක්‌ කලින් ආවේ මං යන්නම්."

නියපිටින් කුස්‌සියේ දොරට දෙවරක්‌ තට්‌ටු කරනු ඇසුණු සුධර්මා මඳක්‌ නිහඬව සවන් දුන්නීය. ඔරලෝසුව රාත්‍රි 11.00 ප්‍රදර්ශනය කළේය. දියණිය තද නින්දේය. තෙවැනි වරටත් ශබ්දය නැඟුණු කල ඇඟිලි තුඩුවලින් කුස්‌සියට ඇදුණු ඇය විදුලි බුබුළ දැල්වූවාය. ඒ සමඟම "කවුද ඔය?" විමසුවාය.

"මේ...මේ...මං... දොර පොඩ්ඩක්‌ අරින්නකෝ"

"කවුද මං කියන්නේ?"

"සුධර්මා නෝනා - පොඩ්ඩක්‌ දොර අරින්නකෝ"

"මෙන්න හොරු!"

සුධර්මා කෑගැසුවේ යමෙක්‌ දොරේ අගුල කරකවන ශබ්දය ඇසුණු හෙයිනි.

දොර අබියස හුන් කිසිවෙකු කඩිමුඩියේ එතැනින් ඉවත්වනු ඇසිණි.

හෙමින් දොර ඇරි ඇය අත තිබූ විදුලි පන්දම යොමු කරමින් නැවත 'කවුද?' මහාහඬින් විමසුවද කිසිවෙකු දක්‌නට නොවීය.

කුස්‌සිය අසල පිලේ සිටුවා තිබූ කරපිංචා පැළය සහිත පෝච්චිය පෙරළී තිබුණ අතර හමින් නිමවූ සෙරෙප්පුවක්‌ ද ඒ අසල විය.

කුස්‌සියට අත යොමා ගත් කොසු මිටෙන් එම සෙරෙප්පුව දරගේ දෙසට විසි කළ සුධර්මා වහා දොර වසා අගුල දැමුවාය.

මාරතුගොඩ හන්දියේ පාවහන් වෙළෙඳසැලේ නිදි කිරමින් සිටි සුමනපාල වහා අවිදි වූයේ විදානේ මහතා වෙළෙඳසැලට ගොඩවීමත් සමඟය.

"ආ විදානේ මහත්තයා - එන්න එන්න."

"ගමුකෝ හොඳ සෙරෙප්පු කුට්‌ටමක්‌ නොම්බර 10 යෙන්'

විදානේ මහතාගේ ප්‍රකාශයත් සමඟම සුමනපාල ඔහුගේ දෙපා දෙස බැලුවේය.

එහි පාවහන් යුවළක්‌ නොවීය.

"ඇයි පරණ සෙරෙප්පු දෙක කැඩුණාද විදානේ මහත්තයෝ" සුමනපාල විමසුවේ සෙරෙප්පු පෙට්‌ටි කිහිපයක්‌ තෝරමිනි.

"හ්ම්"



Nissanka Rajapaksa

unread,
Dec 11, 2019, 7:44:03 AM12/11/19
to ind...@googlegroups.com
අමරපාලගේ කලදවස
කිත්සිරි කොඩිතුවක්කු

- රැස කෙටි කතාව -

උදේ නවයට විතර හන්දියට එන්න හිතාගෙන අමරපාල ගෙදරින් පිටත් වුණා. ගෙදර ඉඳලා කයිලපොතාන හන්දියට තියෙන කිලෝ මීටර් දෙකක විතර දුර පයින්ම එන්න පිටත් වුණේ බයිසිකලය ගෙදර තියෙද්දිමයි. බීඩියකුත් පත්තු කරගෙන මහ ඇළෙන් සූරියගම දිහාට වතුර බෙදන ඇළට සමාන්තරව යන ගුරු පාර දිගේ හෙමිහිට පයින්ම එන එක අමරපාල ප්‍රිය කරන ගමනක්.

67 වැනි විය ඉක්මවන අමරපාල ගොවියෙක්. හය හතර තේරෙන දා ඉඳලාම මහ උන්දැලත් එක්ක කුඹුරුවලයි, හේන්වලයි රස්තියාදු වුණු අමරපාලගේ ජීවිතය මහ පොළොවත් එක්කම ඔට්ටු වෙන්ඩ ගත වෙලා තිබුණත් කණ්ඩලම වැවෙන් මුදාහරින දියවර අමරපාලට ගොවිතැන් කරන්න කුඹුරු ටික තෙමලා දුන්නා. ඒ දවස්වල අක්කර දෙකහමාරක් කොහොම හරි වපුරා ගන්න පුළුවන් වුණත් දැන් කන්න දෙක තුනක්ම හරියට ගොවිතැනක් කර ගන්න වතුර ටික ලැබුණේ නැහැ.

අමරපාල දත්වලට තද කරගෙන හිටිය බීඩි කොටේ යාන්තමින් ඉරුවට ඒක නිවිල දැන් ටික වෙලාවක් ගත වෙලත් තිබුණා. ටිකකට ගමන නතර කළ ඔහු සාක්කුවෙන් ගිනිපෙට්ටිය අරගෙන තුන්වැනි වතාවටත් නිවුණු බීඩිය පත්තු කරගෙන දුම් උගුරක් ගිජු ලෙස ඉහළට ඇද්දා. “මොන දහජරාවක්ද? එක බීඩියට ගිනිකූරු දහයක් විතර ඉවරයි.” අමරපාල දබරැඟිල්ලටයි, මහපටැඟිල්ලටයි තද කර ගත්ත බීඩියේ දැල්වෙන කොණ දිහා බලන ගමන් හෙමිහිට මිමිණුවා.

අමරපාල බීඩි බොන්න පටන් අරන් දැන් අවුරුදු 52ක්. අවුරුදු පහළොවේදී අමරපාලගේ අප්පච්චි බීඩි ගේන්න අමරපාලව කඩේ යවනවා. එතකොට බීඩියක් ශතයක් වගේ කියලා තමයි අමරපාලට මතක. ශත පහේ බීඩි, ස්ටයිල් බීඩි, චම්පිකා බීඩි ඔය වගේ නානාප්‍රකාර බීඩි ජාති ගොඩක් ඒ දවස්වල තිබුණත් අමරපාලට මතකයි. අප්පච්චිට ගෙනාව බීඩිවලින් උන්දෑ බීලා ඉතිරි කරලා අමතක වුණු බීඩි කොටයක් හේනේ පැල උඩ ඉඳන් පත්තු කරලා වෙච්ච අලකලංචිය අමරපාලට අමතක නෑ. එදා ආව කැස්සට ඔහුගෙ ඇස්වලින් කඳුළු පැන්නා. ඒක මහ වේදනාකාරී එකක්. “අම්මෝ... ආයෙ නම් එපා.” කියලා ඔහුට එදා නම් කිව්වා නෙමෙයි, කියැවුණා.

ඒ වුණාට ඒක එහෙම සිද්ධ වුණේ නැති නිසාම අද වෙන කොටත් අමරපාලගේ කටේ නිරතුරුවම බීඩියක් රැඳවිලා තිබුණා. හන්දියට කිට්ටු වෙන කොට අමරපාලට නිතරම හැදෙන කැස්ස ආයෙත් මතු වුණා. පපුවේ වම් පැත්තට වෙන්න කීරකින් අනිනවා වගේ ඇති වන දරුණු වේදනාව ඒත් එක්කම දැනුණු ඔහු ආයෙමත් නතර වෙලා එක දිගට කහින්න ගත්තා. ඒ කැස්ස ඇති වෙන්නේ පපුවේ සෙම නිසා කියලයි ඔහුගෙ නිගමනය.

කාලයක් අමරපාල බිඩි බීම නතර කරලා හිටියට කහට එකක් හදාගෙන බීඩියක් පත්තු කරගෙන හැන්දෑ අඳුරේ මිදුලේ කොණකට වෙන්න අඹගහ යට හදලා තිබුණ බංකුව උඩ ඉඳගෙන හෙමින් හෙමින් බොන කොට දැනෙන ආස්වාදයත් ඒත් එක්කම කාලයක් ආශ්‍රය කරපු හිතමිත්‍රයෙක් අහිමි වීම වගේ හැඟීමත් අමරපාලට බීඩි බොන එක නතර කරන්න සැරින් සැරේ බාධා කළා.

ටවුමට ගිහින් එක සැරයක් බලපු චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වූ ගාමිණී ෆොන්සේකා වගේ කාලයක් අමරපාලත් සිගරැට් උරන්න පටන් ගත්තා. රූප රාමුවෙන් රූප රාමුවට ඒ නළුවා සිගරැට් දල්වන විදියත් ඒ සිගරැට් තොල් අතරේ රඳවාගෙන කතා කරන විදියත් ප්‍රධාන නිළියගෙන් ඒකට තිබුණ අනුබලයත් අමරපාල දැක්කේ වීරකමක් විදියට. ඉතින් අමරපාලත් ටික කාලයක් නෙවිකට් සිගරැට් බිබී හිටියා.

දෙකේම තියෙන්නේ දුම්කොළ. දෙකෙන්ම එන්නේ දුම. දෙකම එකයි කියලා අතේ සල්ලි හිඟ වෙනකොට තමන්ම හදාගන්නා තර්කවලට අනුව අමරපාල ආයෙත් බීඩි බොන්න පටන් ගන්නවා.

අමරපාල රම්‍යලතා බලන්න ඉස්ඉස්සෙල්ලාම ගිය දවසෙත් සුදු සරමයි, කමිසයයි ඇඳලා, නෙවිකට් පැකට් එකක් කමිසෙ උඩ සාක්කුවෙ දාගෙන තමයි ගියේ.

කල්පනා සාගරයක ගිලිලා හෙමි හෙමිහිට ඇවිදගෙන ආපු අමරපාලට හන්දියට එනවා දැනුණේ නෑ. මාස දෙකකට සැරයක් කපන කොණ්ඩෙ කපාගන්න දැන් මාස තුනක් ගත වෙලත් අමරපාලට ඉඩක් ලැබිලා තිබුණේ නෑ. ඒකට එක හේතුවක් තමයි දැන් කොණ්ඩෙ කපන්න 130.00ක් ගන්නවා. අනෙක එන හැම වෙලාවකම බාබර් සාප්පුවේ හත් අට දෙනෙක් ඉන්නවා. එතැන කල්මරන එක තරම් අමාරු කාරියක් අමරපාලට තවත් ඇත්තේ නැහැ. බාබර් සාප්පුවේ තියෙන අත්වලටම ගෙවිලා ගිය පත්තරේ උඩින් පල්ලෙන් කියවලා “හවස එන්නම්” එහෙමත් නැත්නම් “හෙට එන්නම්” කියලා හය හත් වතාවක්ම අමරපාල ආපහු හැරිලා ඇවිත් තියෙනවා.

බෙල්ල ළඟට දික් වුණු කැරැලි වැටුණු කළු සුදු කොණ්ඩෙයි, මූණ පුරා වැවුණු කළුයි සුදුයි රැවුලයි, වළ ගැහුණු කම්මුල් දෙකයි, කෙට්ටු මූණයි දකින කොට ඕනම කෙනෙකුට හිතෙන්නේ අමරපාල දීර්ඝකාලීන නිධන්ගත රෝගයකින් පෙළෙන කෙනෙක් කියල.

එදත් බාබර් සාප්පුවට ගොඩ වෙන කොට සෑහෙන දෙනෙක් ඉඳගෙන ඉන්නවා අමරපාල දැක්කා. රත්නසිරියි, සිරිවර්ධනයි, ගුණේ මල්ලියි එක්ක තව තරුණ කොලු ගැටව් කීප දෙනෙක්ම ඒ අය අතර හිටියා.

“මාමා අද කොණ්ඩෙ කපාගෙනම යන්න.” බාබර් තරුණයා කියනවා. මේ මීට කලින් මේ බාබර් සාප්පුව කරගෙන ගිය මාතලේ කරුණෙගේ පුතා රාජු. පොඩි කාලේ ඉඳලාම ඇහැට දැකපු මිනිහගෙ තාත්තගෙ රස්සාව දැන් පුතා කරගෙන යනවා. ඒ ඇරුණම සාප්පුව පරණ බාබර් සාප්පුවම තමයි. වෙනසකට තියෙන්නේ අර අඬු දෙකක් තියෙන ‘ටිකි ටිකි ගාලා’ කොණ්ඩෙ කපන මොකක්දෝ මැෂිම වෙනුවට ඒකම කරන කරන්ට් මැෂිමක් තියෙන එකයි, තව ඔළුව වේළන්න හුළං අල්ලන මැෂිමක් තියෙන එකයි විතරයි. අමරපාල ඔය දෙකම තමන්ගේ කොණ්ඩෙ කපන කොට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ.

‘ටිකි ටිකි’ ගගා ඔළුව වටේ කැරැකි කැරැකි කට අරින වහන කුරුල්ලෙක් වගේ කතුරෙන් නැඟෙන සද්දෙට අමරපාල පුංචි කාලෙ ඉඳලම ආසයි. එතකොට ඔහුට මතක් වෙන්නේ මිදුලේ තියෙන නමක් දන්නෙ නැති කහපාට මල් ගහේ මල්පැණි බොන්න එන සූටික්කෙක්ව. අර නම දන්නේ නැති මැෂිම තම බෙල්ලෙ පිටිපස්සට තියලා අඬු දෙක ටක ටක ගාලා තද කරන ගමන් කොණ්ඩෙ කපන කොට ඔහුට දැනෙන්නෙ බියක්. ඒවගේම ඒ ලෝහයේ ශීතල බෙල්ලට දැනෙන කොට ඔහුගේ ඇඟ කිලිපොළා යනවා.

අමරපාලට ආයෙත් කැස්සක් ආවා. ‘බල් බල්’ හඬින් නැඟෙන පපුවේ ඇති වන අර හීන් දරුණු වේදනාව.

“ඔය බීඩි බීම අත්ඇරපන්.” දොර ළඟ හිටගෙන කහින අමරපාලට ඇතුළෙ ඉඳගෙන ඉන්න ගුණේ කියනවා.

“එතකොට උඹ බොන්නෙ...?” කහින ගමන්ම අමරපාලත් අහනවා.

“මං උඹ තරම් බොන්නෙ නෑ...”

අමරපාල මොකුත් කිව්වේ නැහැ. තවත් යමක් කියන්න මේ වේදනාකාරී කැස්ස ඔහුට ඉඩ දුන්නෙත් නැහැ. ඒ වෙනුවට ඔහු කාරලා කහපාට සෙම තැම්බක් එළියට විසි කළා.

“සෙම!” ඔහු හෙමිහිට මිමිණුවා.

“බීඩි දුමට සෙම කර වෙලා.” ගුණේ ආයෙත් කියනවා.

“වෙලාවකට හිතෙනවා මේ ජරාව මොන මඟුලකටද කියලා. ඒත් අත්ඇරගන්න බෑ.” රත්නසිරි බාබර් සාප්පුවෙන් එළියට ඇවිත් කිව්වේ බීඩියක් දත් අතරේ රඳවාගෙන ගිනි පෙට්ටියෙන් කූරක් ගන්න ගමන්.

රාජු පුටුවේ වාඩි වෙලා ඉන්න තරුණයාගේ රැවුල කපනවා. රැවුල කපනවා නෙමෙයි කැටයමක් කපනවා කියලා අමරපාලට හිතුණා.

“අදත් හරි යන වැඩක් නෙමෙයි...” ඒ දිහා ටික වෙලාවක් බලාගෙන හිටි අමරපාලගෙ හිත මිමිණුවා.

“මම සෙයිදු නානාව හම්බු වෙලා එන්නම්” කියල රත්නසිරිට කියන ගමන් අමරපාල පාරට බැස්සා. “දැන් අවුරුදු 52ක්. මේක නතර කරන්න ඕනෑ.” අමරපාලගේ හිත මිමිණුවා.

අමරපාල පාර මාරු වෙන්න ඒ පැත්ත මේ පැත්ත බලලා අඩි විස්සක් විතර පළල ප්‍රධාන පාරේ මැද්දට ගිහින් එකපාරටම වම්පස බලන කොට දැක්කේ ‘සැලොන්’ කියලා සඳහන් කළ පුවරුවක්. ‘සැලොන්?” එයම ප්‍රශ්නාර්ථයක් ඇති වන විදියට මුමුණපු අමරපාල ඒ දිහාට යන්න ගත්තා.

මේක කවදා ඉඳලා තියෙන එකක්ද? මෙච්චර කාලයක් මේ කඩමණ්ඩියෙ තවත් බාබර් සාප්පුවක් තියෙන බව තමන් දැනගෙන හිටියේ නැති එක ගැන ඔහුට ඇති වුණේ විස්මයක්. හෙමිහිට එතැනට ගිය අමරපාල බාබර් සාප්පුවට ඇතුළු නොවීම ඒ තුළට කරපොවා බැලුවා. දෙන්නෙක් තමන්ගේ වාරය එනකම් බලාගෙන ඉන්න අතරේ බාබර් තරුණයා කෙනෙකුගේ කොණ්ඩය කපනවා. ඒ අය අමරපාලට නුහුරු නුපුරුදු අය නෙමෙයි.

“වාඩි වෙන්න මාමා...” බාබර් තරුණයා තමන්ගේ වැඩේ කරගෙන යන ගමන්ම අමරපාලට ඇරයුම් කළා. අමරපාල චකිතයෙන් වගේ ඇතුළට ගිහින් වාඩි වුණා. බාබර් තරුණයා පනාවෙන් කොණ්ඩය සකස් කරමින් කතුර මෙහෙයවන ආකාරයටත් ඉන් නැඟෙන ‘ටිකි ටිකි’ හඬටත් සවන් දීගෙන හිටි අමරපාලට මේ තරුණයා මේ වැඩේට ආගන්තුක නොවන බව තේරුම් ගියා.

“කවද්ද මේ බාබර් සාප්පුව දැම්මේ...?” තමන් තුළ ඇති කුතුහලය නිසාම අමරපාල ඇහුවා.

“දැන් ගොඩක් කල්නේ... ඇයි මාමා දන්නෙ නැද්ද? මාමා මේ පළාතේ නෙමෙයිද?” තරුණයාගේ ප්‍රශ්නයට අමරපාලට සියුම් ලැජ්ජාවක් ඇති වුණා.

“මට එච්චර නිච්චියක් නැහැ.” ඔහු හෙමිහිට මිමිණුවා.

තමන්ගේ වාරය ආවාම අමරපාල බාබර් පුටුවේ වාඩි වුණා. බාබර් තරුණයා අමරපාලව කොණ්ඩෙ කපන්න සූදානම් කරලා වතුර ඉසිනය අරගෙන කාලෙකින් පනාවක් නොගැටුණු අමරපාලගේ කොණ්ඩයට වතුර විදින කොට සී සී කඩ යන දිය බිඳතිවලින් අමරපාලගේ ඇඟ කිලිපොළා ගියා. පොඩි කාලේ ඉඳන්ම අමරපාල ඒකට කැමැතියි. තෙතබරිත වුණු කොණ්ඩය ප්‍රවේශමෙන් පීරලා මේ තරුණයා කොණ්ඩෙ කපන රටාව ඉදිරිපස තියෙන කණ්ණාඩියෙන් අමරපාල බලාගෙන හිටියා.

නැවුම් බිජුවට වපුරන්න හේනක් අස්වද්දන්න කටු පඳුරු පිරුණු කැලෑවක් එළි කරනවා වගේ ප්‍රවේශමෙන් ඔහු තමන්ගේ කාර්යය කරන ආකාරය අමරපාලගේ හිතට ප්‍රසන්න හැඟීමක් ඇති කළා.

කොණ්ඩය අඩු වෙන කොට ටිකෙන් ටික ඉස්මතු වෙලා පෙනෙන තමන්ගේ මුහුණ දිහා අමරපාල බලා හිටියා. ටික වේලාවකින් සියලු කටයුතු හමාර කළ තරුණයා තුවාය ගෙන අමරපාලගේ ගෙල වටා තැනින් තැන විසිරී ඇති කෙස් ඉවත් වන විදියට ගසා දමන්න පටන් ගත්තා. ඒක එක අතකින් ඔහුගේ කාර්යය අවසන් බවට කෙරෙන දැනුම් දීමක් වගේ.

“රැවුලත් කපමු පුතා...” කිසිම දවසක බාබර් සාප්පුවකින් රැවුල කපලා නැති අමරපාල කිව්වා. තමන් ඒක කිව්වාද? ඉබේම කියැවුණාද කියලා ඔහුට වගක් නැහැ. තරුණයා ආයෙමත් අමරපාලව සූදානම් කරලා වතුර විදිනයෙන් මුහුණට වතුර ටිකක් විද්දා. සබන් බුරුසුව අරගෙන පෙණ නඟින තුරු සබන්කැටය අතුල්ලලා ඒ සබන් බුරුසුව අමරපාලගේ මුහුණේ හැම තැනම ඝනකම තට්ටුවක් විදියට හිටිනකම් ආලේප කළා.

තමන්ගේ මුහුණ මෙවැනි ස්වරූපයකින් අමරපාල කවදාවත් දැකලා තිබුණේ නැහැ. ඒත් එක්කම ඔහුගේ දෙතොලට සිහින් සිනාවක් නැඟී එනවා ඔහුට දැනුණා. ඔහුට තමන්ගේ පුංචි මිණිපිරී මතක් වුණා. “පොඩි එකී හිටියා නම් මට ඔච්චං කරයි.” අමරපාලට හිතුණා.

තමන්ගේ මුහුණ වහගෙන සබන් පෙණවලට මුවා වෙලා තියෙන රැවුල් ගස් දැලිපිහියට කැපෙන හඬට අමරපාල කන් දීගෙන හිටියා. ඒත් එක්කම තමන්ගේ මුහුණ අලුත් හැඩයකින් මතු වෙනවාත් අමරපාල බලාගෙන. විනාඩි පහළොවක් වගේ කාලයක් ඇතුළත බාබර් තරුණයා තමන්ගේ කාර්යය අවසන් කළා. කණ්ණාඩියෙන් දකින තමන්ව අලුත් විදියකට අමරපාලට පෙනුණා. මුදල් ගෙවන අතරේ අමරපාල බාබර් තරුණයාගේ මූණ දිහාවත් බැලුවේ නැහැ.

“අපරාදෙ මෙච්චර දවසක් අතන රස්තියාදු වුණේ!” කෘතගුණ පූර්වක සිනාවකින් තරුණයාට සංග්‍රහ කරන ගමන් අමරපාල බාබර් සාප්පුවෙන් පිට වුණා.

එන ගමන් ඔහු නිකමට වගේ පරණ බාබර් සාප්පුව දිහාත් බැලුවා. රත්නසිරි තවම ඉඳගෙන ඉන්නවා. ගුණේ එළියට ඇවිත් බීඩියක් උරනවා. ඔහු අමරපාලව දැක්කා වුණත් එකපාරටම අඳුන ගත්තේ නැහැ. ඒත් ක්‍ෂණිකවම ඔහු අඳුනා ගත් ගුණේ විස්මයට පත් වෙලා බලාගෙන ඉන්නවා දුටු අමරපාලට හිනා ගියා. ඔහු හස්ත මුද්‍රාවෙන් තමන් කොණ්ඩේ කපපු බාබර් සාප්පුව ගුණේට පෙන්වන ගමන් එන්න ආවා. මේ බාබර් සාප්පුව මෙච්චර කාලයක් නොදැක්කේ ඇයි කියන ප්‍රශ්නය අමරපාල තමන්ගෙන්ම නැවත නැවතත් ඇහුවා.

මිදුලේ පැදුරක වනලා තිබුණ වී ටික අත ගගා හිටිය රම්‍යලතා අමරපාල ළඟට එනකම්ම දැක්කේ නැහැ. එක් වරම හිස හරවලා බලපු රම්‍යලතාගේ මුහුණේ ඇති වුණේ මුලින්ම ආගන්තුකයෙක් දැක්ක විදියේ හිනාවක් වුණාට ක්‍ෂණිකව වෙනස් වූ ඇගේ මුවගෙහි සුපුරුදු සිනහව ඇඳෙනවා අමරපාල බලාගෙන.

“ඔහේ... මෙන්න කවදාවත් නැතුව බාබර් සාප්පුවෙන් රැවුලත් බාලා. මට අඳු‍නගන්නත් බැරි වුණා.”

ඇගේ සිනහවේ විස්මයක් වගේම තමන්ගේම ස්වාමියාව එකවරම අඳුනා ගන්න බැරි වීම ගැන ලැජ්ජාවකුත් තිබුණා.

“අලුත් තැනින් කැපුවේ...” තවමත් උක්කුටියෙන් ඉඳගෙන වී ටික අතගාන ගමන් තමන් දිහා බලා ඉන්න රම්‍යලතාට අමරපාල කිව්වේ ඇඳගෙන ඉන්න කමිසයේ බොත්තම් ලිහන ගමන්.

“මොන...?” රම්‍යලතා ඇහුවා.

“උඩහ බස්හෝල්ට් එක ඉස්සරහ කොට්ටං ගහ ළඟ...”

“අර සුනිල්ලගෙ කඩ පේළියෙ ?”

“ඔව්.”

“පුතා මට ඔය ගැන කිව්වා. මට හාංකවිසියක් නැතිව හිටියේ. එතැන හොඳයිලු. පොඩි එකීගෙ කොණ්ඩෙ කැපුවෙත් එතැනින්.”

අමරපාල තුවායයි, සබන් කෑල්ලයි අරගෙන ගේ ඉස්සරහින් ගලන ගඟට නාන්න ගියා. වෙනදා නැති මොකක්දෝ සැහැල්ලුවක් තමන්ගේ හිතට දැනෙන බව අමරපාලට තේරුණත් ඒ මොකක් ද කියලා තේරුම් බේරුම් කර ගන්න ඔහුට බැරි වුණා. කණ්ඩලමේ ඉඳලා මලව වැවට වතුර ගෙනියන මහ ඇළේ උපරිමයෙන් වතුර ගලා යමින් තිබුණා. අමරපාල හිතේ හැටියට කිමිදිලා නා ගත්තා. හිතටත් ගතටත් දැනෙන ප්‍රබෝධය නැවුම්ම නැවුම් එකක්.

ඇළෙන් ගොඩ වෙලා ඇඟ පිහිදන ගමන් “මම ආයෙ බීඩි බොන්නෙ නෑ...” යි අමරපාල මිමිණුවා.

“හොඳ එකක් වුණත්, නරක එකක් වුණත් පුරුද්දක් නම් නරකයි.” කොහේදී හෝ අහපු කතාවක් අමරපාලට මතක් වුණා.

උඩින්පල්ලෙන් ඇඟපත පිහිදා ගත්තු අමරපාල සරමත් බාගෙට පටලවාගෙන කෙළින්ම කුස්සියට ගිහින් ඒ වෙන කොටත් රත් කරලා තිබුණු විදුලි කේතලයෙන් උණු වතුර අරන් අලුත් තේකොළ දාලා තිබුණු තේ ගොට්ටට දාලා කහට තේ එකක් පෙරා ගත්තා. සීනි දැම්මේ අඩු-වැඩි නොවෙන ගාණට. ඒ තේ එක තමන් තේ බොන පොල්කට්ටට වත් කර ගත්ත අමරපාල ඉස්තෝප්පුවට ඇවිත් හාන්සි පුටුවට බර වුණා.

කහට තේ පොල්කට්ටෙන් බොන එක අමරපාලට වෙනස් විදියට ආස්වාදයක්. ඔහු ඒ ආස්වාදයට කැමැතියි. හෙමින් හෙමින් තොල ගාන කහට තේ එක ඉවර වුණාම අමරපාලගේ හිතට කාන්සියක් දැනුණා. රම්‍යලතා කොහේදෝ ඉඳන් මිණිපිරීට මොනවට දෝ තරවටු කරනවා අමරපාලට ඇහුණා. කුස්සියට ගිය අමරපාල යාබද අඳුරු කුටියක් වැනි පුංචි කාමරයේ රාක්කයක් උඩ තිබුණ බීඩි මිටියෙන් එක බීඩියක් අතට ගත්තා. ගිනිපෙට්ටිය අතට අරගෙන ආපහු හාන්සි පුටුවේ ඇලවුණු අමරපාල හිටියේ දෙගිඩියාවෙන්. ඔහු දෑඟිලිවලින් බීඩිය රෝල් කරමින් පදම් කරමින් නහයට අල්ලලා සුවඳ බැලුවා. වෙනදා නොදැනුණු සුවඳක් ඔහුගේ නාස්පුඩු හරහා මොළය දක්වාම ගමන් කළා.

“මේකෙන් නිදහස් වෙන්න ඕනෑ.” ඔහු මැදඟිල්ලත් දබරැඟිල්ලත් අතර රැඳවුණු බීඩියත් සමඟම අත හාන්සි පුටුවේ ඇන්ද මත තියා ගත්තා.

“දැන් මේක ඇති...” හාන්සි පුටුවේ ඇලවෙලා ඉන්න අමරපාල ඈත අහසේ ඇහැට පෙනෙන නොපෙනෙන තරම් හෙමිහිට පා වෙලා එකට කැටි ගැහෙන වලාකුළු දිහා බලාගෙන හිටියා. ඔහුට නිඳිමතක් දැනෙන්න ගත්තා. සත්‍යය අවබෝධ වෙන්න ගත වෙන්නේ කොළයක් නටුවෙන් ගැලවෙන්න යන තරමේ වෙලාවක් බව පන්සලේ හාමුදුරුවෝ වතාවක් කිව්වා අමරපාලට මතක් වුණා.

“වලාකුළු කැටි ගැහෙන්නෙ වැස්සකට.” දෑස් පියවෙන අතරෙම අමරපාලට හිතුණා.

ඇඟිලිකරු අතර රැඳවුණු බීඩිය බිම වැටිලා නැඟුණු ‘තික්’ හඬ අමරපාලට ඇහුණෙ නෑ. එයින් අනතුරුව ඔහු එළැඹුණේ නින්දකට. ගැඹුරු නින්දකට.


Nissanka Rajapaksa

unread,
Dec 11, 2019, 8:21:17 PM12/11/19
to ind...@googlegroups.com

සඳුන් අරටුව

 රණතුංග මල්ලවආරච්චි

ආකාශ තලයේ හිරු වඩාත් දීප්තිමත්ව බැබළෙමින් තිබුණි. පුළුන් වලාකුළක් වූවද එහි සොයාගත හැකිව තිබුණේ නම් ඒ අහම්බයකිනි. සුරතෙහි අල්ල නලලට යටින් ආවරණව තබමින් ඇස් පිහාටු ආයාසව ළං කර හප්පමින් අහස විමසූ සඳලතා නම් ගුරුතුමිය එසැණින්ම සාරි පොටගෙන ඉහ මුවා කර ගත්තාය.
 
 කොළ නිවාඩුවට ආසන්න අගෝස්තු මාසය කවදත් මෙහෙමමය. පීඩාකාරී අහසින් දිය බිඳක් යදින්නා සේ ඉපල් අත් දහසින් නොනැවත සියක් දහසකින් ඉහළ නැෙඟයි. ගිනියමින් පරිපීඩිත වතුර සොයන්නාක් මෙන් දුවන ගිනි සුළං, කොඩු රොඩු පරඬැල් ද එකතු කරගෙන බාධකවලදී දුහුවිලි වැලිද කලතමින් නොනැවතෙයි. ජීවි ගුණයෙන් හිරුට අභියෝග කළ ලා හරිත වර්ණ අමු පත‍්‍රද අඩපණ කර අප‍්‍රාණික ගතින් කඩා වැටුණු දුබල සිරුරෙන් ඒ මේ අත සෙලවෙද්දී සුළං රටා ඔවුන් වෙත තවදුරටත් කෝල් පාඩු කරමින් පරිසරයේ කරන දඟකාරකම් නොනවතයි.
 
 හිරු දහසින් පෑව්ව ද මේ අව්ව අලූක්කාලකටවත් මායිම් නොකරන සත්ව කොට්ඨාසයක් වේ නම් ඒ ළමෝ හැර අන් කවරෙක්ද? සතුන් ඉසිඹුවක්ලනු වස් සෙවණක් සොයා යන්නේ යම් සේද, ගොවියෙක්, කම්කරුවෙක් වැඩය කළ යුතුම නිසා හිත යටින් අහසටත් වැදූ මවටත් දොස් තබමින් වැඩ කළද ළමෝ එසේ නොවෙති. ජම්බු ගෙඩිවන් රතු මුහුණ සහිතව අයෙක් කමිස අතින් මුහුණ පිසිමින්ද, ඇඳගත් කමිසයේ පහළ කෙළවරින් නැමී මුහුණු පිසිමින්ද, සිනාසුණු මුහුණින් ඔවුහු තම කාර්යයයේ අනලස්ව නියැළෙති.
 
 එකාවන්ව පොළොවට යොමු කරගත් එකම දෑසින් තණ පත් අගමුල විමසමින් ඔවුහු කරන මේ කාර්යය කුමක්ද? අලින් මෙන් හාවුන් මෙන් රිළවුන් මෙන් අභිනය කරමින් ළමුන් කරන කාර්යයන් ගුරුවරුන් හට නම් අමුත්තක් නොවේ. එහෙත් මීට අඩ හෝරාවකටත් පෙර සිටම ළමුන් මහ පොළොව විමසමින් විදුහල් ක‍්‍රීඩා පිටියෙහි කරනු ලබන මේ කාර්යය ගුරුවරයකු වන සමරවර්ධනගේ හිත තුළ කුකුසක් ඇති කළේය.
 
 සමරවර්ධනට සිය අම්මා මෙනෙහි වෙයි. ‘‘මේකගේ ඔළුවෙ උකුණෝ ඉහ තියලනේ.." කියමින් කෙස් ගහක් නෑරම උකුණන් සොයන අම්මා සේම සෑම ළමයකුම එකම අරමුණකින් පිට්ටනියේ කොනක තණ පඳුරු විමසමින් මේ සොයනුයේ මොනවාද?
 
 සඳලතා හිසට ආවරණ කර තිබූ සාරිපොට ඉවත් නොකරම පිට්ටනිය මායිමේ තිබූ නෙල්ලි ගසයට තිබූ ගල්තලා සෙවෙණෙහි වාඩිවී සිටියාය. සිනහවෙන් සැරසුණු මාතෘ දරු සෙනෙහසින් සපිරුණු ඇගේ මුහුණෙහි ළමුන් වෙත යොමු කරගත් බැල්මෙහි යම් කුහුල මුසු ප‍්‍රශ්නාර්ථයක්ද ගැබ්ව තිබුණාය.
 
 ‘‘බලන්නකෝ සර්! මේ නජානිගේ රුපියලක් නැතිවෙලානේ!.."
 
 ‘‘ඉතින්..?" සමරේ ප‍්‍රශ්න කළේය. අත්දෙක ඉණට ගසාගත් සෘජු කය, මතුවූ විමතියෙහි භාව භාව මතු කරයි.
 
 ‘‘අපරාදේ මේ ළමයි ටික.."
 
 සාක්කුවේ පතුල රුපියලේ මාරු කාසි ඇති වග සමරේගේ සිත අවධාරණය කරයි. එහෙත් රුපියලක් දෙන්නදැයි ඇසීම ආත්ම ගරුත්වය පිළිබඳ ප‍්‍රශ්නයක් වීමටද බැරි කමක් නැත.
 
 සැනෙන් සාක්කු පතුලටම යැවෙන අත මතින් සමරේගේ මනස තේරුම් ගත් ඈ උරහිස් සොලවන සිනහවකින් ඔහුගේ මුහුණ දෙස බැලූවාය.
 
 ‘‘මගේ ගාවත් මාරු තියෙනවා. සමරේ, පොඩි උන්ගේ වැඬේනේ.... අපි බලමුකෝ....."
 
 කුහුඹු ජනපදයක උනුනුන් සාමූහිකව යම් යම් දෑ ඔසවා ගෙන යන හැටි සමරෙගේ හිත තුළ මැවේ. එසේ යමක් ඔසවා නොගෙන යන්නෝ වූවද මහත් කඩිසරකමකින් එහා මෙහා යති. මුහුණට මුහුණ තබා මොනවාදෝ දෝඩවනවා විය හැකිය. කෙසේ වූවද ඒ කඩිසරකම මේ ළමයි තුළ ද දක්නට ලැබේ. අව් හේඩාව දැන් පෙරටත් වඩා සමරේගේ හිත ළමුන් කෙරේ මහත් වූ අනුකම්පාවකින් පිරී යයි. ඔහුගේ දරුවාත් මේ ආකාරව අව්වේ දඟලා අවුත් වතුර ඉල්ලන මොහොතක බිරිඳ පුතාට සැරෙවන්නීය.
 
 ‘‘මේ අවුවේ ඉඳලා වතුර බොන්න..?"
 
 මේත් අපේ දරුවන් නොවේද?
 
 තණ කොළ මත සහ ගස් මුල විමසමින් කීරි ගැහෙන දෑසින් ඔවුහු රුපියලේ කාසිය සොයති. සඳලතා නෙල්ලි ගස යට සිට සමරේ දෙස විමසිලිමත් වූවාය.
 
 සමරේද ඔවුන් සමග තරගයට මෙන් පයෙන් තණ කොළ විමසමින් ඔවුනට සහයෝගය පිරිනැමුවේය. අනෙක් අතට රුපියලක් වැටී තිබුණි නම් මද්දහන හිරු රැස් ඒ මත පතිතවීමෙන් රිදීවන් රුපියල දිලිසෙන්නටද පටන් ගනී. එවන් දිලිසෙන රුපියලක් ඇස් රාශියකට මුවාවෙමින් සැඟවී ඇත්තේ කෙසේද? කොහේද?
 
 සාක්කුවට අත වයා ඇඟිලි මුදුනෙන් රුපියල හඳුනාගත් සමරේ ළමා ඇස්වලට හොරා එය සාක්කුවෙන් එළියට ගත්තේය. සඳලතා ද දුර සිට සිදුවන්නට යන්නේ කුමක්දැයි විමසන්නාක් මෙන් බලා සිටියද්දී ඇයට ඇහෙන් ඉඟියක් කළ සමරේ රුපියල ළමුන් සිටිනා අසලටම විසි කළේය.
 
" ජාප්පරම් ජාප්පරම් උඩකද හැංගුවේ? යටකද හැංගුවේ? ඔන්න ගින්දරයි මෙන්න ගින්දරයි. ඔන්න පිච්චුණා මෙන්න පිච්චුණා ඔන්න ඕන්න ඕ.... න්... න පිච්චු පිච්චු පිච්චුණා."
 
 හයසිය වෙනි කඩුල්ල දවා ගත් මුරලිදරන් සේ හදිසියේම පුංචෙක් දෑත් දෙපසට විහිදුවමින් සඳලතා මැඩම් වෙත දිවයන්නට විය. තටු ලැබුවකු වැනි ඔහු පසු පස අනෙක් අය ද ඉගිලෙන්නට වෙර දරන කුරුලූ පැටවුන් සේ දිව යති.
 
 සඳලතාගේ සිනහව වඩාත් අසිරිමත්ය. බොහෝ වේලාවක් සාදා ගන්නට නොහැකිවූ ගණනක් සාදාගත් මනසකින් තුටුවූ ඇය තමා අත රැදුණු රුපියල් වහා නජානි වෙත පිරිනැමුයේ ධන නිධානයක් භාරදෙන පරිද්දෙනි.
 
 කළු වලාකුළක් පාත්වූවාක් වැනි ව තිබූ ජනානිගේ මුහුණ සැනෙන් දීප්තිමත් වනු ඇතැයි සඳලතා කල්පනා කළාය. අතෙහි රැඳි රුපියල දෙස විමසුම් බැලූම් හෙළන එහි වෙනසක් ඇයට නොපෙනේ. නජානිගේ නිකටින් එසවූ මුහුණ ඇය විමසුවේ එබැවිනි. කඳුළු කැට දෙකක් පිනි බිඳු දෙකක් සේ ඒ පුංචි නෙත් අග මතුවෙමින් තිබිණ.
 
" ඇයි දුව? ඔයාගේ රුපියල ඉතින් හම්බ වුණානේ? ඇයි මේ?"
 
 "නැහැ මැඩම්..... මේ මගේ නැ.. ති...වෙ..ච්..ච රුපියල ව...ගේ පර...ණ රු...පි.. ය..ල..ක් නො...වෙ..යි. වෙන කා...ගෙ...ද රුපි..ය...ල..ක්. ඒක මට එපා. ඒ...ක ම...ට.. අ...යි..නි.. නැහැ."
 
 

Nissanka Rajapaksa

unread,
Dec 12, 2019, 10:36:45 PM12/12/19
to ind...@googlegroups.com

ස්ටීවන් ප්‍රේමයෙන් බැඳින 

පරිවර්තනය
 
 ආණමඩුවේ විජේසිංහ

සෝවියට් දේශයේ සෑම කලා ක්‍ෂේත‍්‍රයකම ප‍්‍රබලයෙකු වූ නළුවෙකු, චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු සහ විශිෂ්ට ලේඛකයකු ද වන වසීලි ෂුක්ෂින් (1929 - 1974) ලෙනින් සම්මානයෙන්, ගෞරව සම්මාන ලැබූවෙකි. මෙම STEPAN IN LOVEZZ කෙටිකතාව ඔහු ගේ WANT TO LIVE කෙටිකතා සංග‍්‍රහයේ ඇතුළත් කෙටි කතාවකි.
 
 
 වසන්තයේ එක්තරා දිනක, ස්ටීවන් යෙමෙල්යානොව් කෙළින්ම පේ‍්‍රමයෙන් බැඳිණ. ඒ නැවුම් භූමි ව්‍යාපෘතියට සයිබීරියාවට පැමිණි එලොච්කා සමගය. ඔහු විසින් මීට පෙර ඇයව දැක තිබුණේ දෙවතාවක් පමණි. පළමු වතාව වූයේ, නගරයේ සිට ගමට එමින් සිටි ඇයට තම වාහනයෙන් ලිෆ්ට් එකක් දුන් අවස්ථාවයි. එවේලෙහි විශේෂ දෙයක් සිදු නොවූ නමුත් ඔහු විසින් ඈ ගැන කල්පනා කර තිබිණි. ඔවුන් එකදු වචනයක්වත් එවේලෙහි කතා කර නොතිබිණි.
 
 ලොරිය ගමට එන පාරේ වළවල්වල වැටී, ගැස්සෙන, පැද්දෙන හැම අවස්ථාවකදීම, ඔහුගේ ඇඟට හේත්තුවන ඇය, හැම විටම ඔහු දෙස බැලූවේ ‘‘ඔබ හොඳටම දන්නවනෙ... ඒක මං හිතල කරන දෙයක් නොවන බව." යනුවෙන් තව බොහෝ දේවල් කියන්නට තිබුණාක් මෙනි. එසේ ඔහු දෙස බලමින්, අනතුරුව ඇය වහාම ආසනයේ තමා හිටපු කෙළවරට යයි. ස්ටීවන්ට ද, එය සුළුකොට තකන්නට නොහැකි වූ නමුත්, ඈ දෙස ඔහු බැලූවේවත් නැති තරම් ය. ගමට ආ පසු ඇය ගාස්තුව වශයෙන් මුදල් දීමට සූදානම් වූ නමුත්, ඉන් ඔහුගේ කම්මුල රතුවිය.
 
 ‘‘මුදල් අවශ්‍ය නෑ"
 
 ‘‘ඇයි ඒ. මුදලක් ගත්තහම... මොකක්ද ඒකෙ ඇති වරද?"
 
 ‘‘ගණන් ගන්ඩ එපා ඒක"
 
 නිල් පැහැති, විනිවිද යන දෑසින් තමා දෙස බලමින් සිටින ඈට පවසමින් ස්ටීවන් මුදල් නොගෙන, තම වාහනය පදවාගෙන යන්න ගියේය. ‘‘සමහර ගෑනු ළමයි හොඳ ලස්සන පෙනුම ඇති අය" ඔහු මොහොතක් ඈ ගැන ආපසු හිතන්නට විය. එහෙත් එය එතෙකින් හමාර විය.
 
 ඉන්පසු අපේ‍්‍රල් පැමිණියේය. වැඩ බිමේ සිට ආපසු ගමට පැමිණ සිටි ස්ටීවන්, එක් සෙනසුරාදා දිනක හොඳ උණුසුම් වාෂ්පයෙන් නාගෙන, පිරිසුදු කමිසයක් සහ සුව පහසු සම් සපත්තු ජෝඩුවකින් ද සැරසී, පොඞ්ඩක් පානය කිරීමෙන් ද අනතුරුව, ගමේ ප‍්‍රජා ශාලාව වෙත පැමිණියේ, ගමේ නාට්‍ය කණ්ඩායමේ කිසියම් රඟදැක්වීමක් නැරඹීම සඳහා ය. තමාගේම ගම් ප‍්‍රදේශයේ ජනතාව, වේදිකාව මත නැඟී කරන මේ රංගනය, ඔහුට මහත් සතුටක් ගෙන දුන් අතර, දන්නා කියන අය එසේ රඟ දැක්වීම ඔහුට ශ්‍රේෂ්ඨ කාරණයක් විය. එසේ දන්නා කියන කෙනෙක් තම ඉන ළඟටම දිග රැවුලක් ඇතිව වේදිකාව පුරා දුවයමින්, බියකරු හඬක් නඟමින් කෑ ගසමින් මෙසේ කියයි.
 
 ‘‘මං.... උඹලා ඔක්කෝම එක එක්කෙනා පණ පිටින් වළලනවා."
 
 ඊට පසුව බෙල්ල දිග වාස්කා සෙම්යොනොව් සමූහ ගොවිපළේ පොත් තබන්නා, බොහොම වැදගත් පෙනුමකින් යුක්තව, තොප්පියක් සහ උපැස් යුවළක් පැළඳ, වේදිකාව මත දිස්විය. ඔහුගේ දැක්මෙන් වෙනත් වේලාවක නම් ස්ටීවන් සිනාවෙන් පුපුරන්නට ඉඩ තිබුන නමුත්, මේ මොහොතේ නම් ඔහුට සිනාසෙන්නට කොහොමටවත් පුළුවන්කමක් නොතිබිණි. වාස්කා සහ ඈ අතර කුමකින් කුමක් සිදුවේදැයි ඔහු ඈ දෙසම බලා සිටින්නට විය. දීප්තිමත් දෑසින් යුතුව මඳක් පසුබා සිටින ඇය බියෙන් මෙන්,
 
 ‘‘ඇයි ඔහේ ආවේ" ඇසුවාය.
 
 ‘‘මට ඔබ නැතිව ජීවත් වෙන්ඩ බෑ"
 
 ඇගේ ප‍්‍රශ්නයට ඒ මෝඩයා පිළිතුරු දුන්නේ මුළු ශාලාවටම ඇසෙන සේ බෙරිහං දුන්නාක් මෙනි.
 
 ‘‘හොඳ හිතිං යනවා යන්ඩ" පිළිතුරු ලෙසින් ඈ විසින් කියා සිටියද, ඇගේ හඬින් පිට වූයේ ‘‘යන්ඩ එපා" කියන්නාක් මෙනි.

 ‘‘මං යන්නෙ නෑ" කියමින් වාස්කා තව ටිකක් ඇ වෙතට ළංවෙනු පෙනුණි. ස්ටීවන් බංකුවට ඇලූනාක් මෙන් බලා සිටියේය. ‘‘මේ වාස්කා කියන කොකා වගේ එකා එහෙම ලේසියෙන් යන ජාතියේ එකෙක් නොවෙයි වගේ" ස්ටීවන් සිතුවේය. ඇසිපිල්ලන් ගහන්ඩත් පෙර, කොහොමද මේක අවසාන වෙන්නේ කියා හිතන්ඩත් පෙර, පොත් තබන්නා දක්‍ෂ ලෙස ඇගේ බඳ වටා අතක් යවමින් ඈ තමා ළඟට ගෙන හාදුවක් දුන්නේය. මේ දුන්න හාදුවෙන් ඇගේ තොල් ඉදිමී, තුවාල වුණාක් මෙන්, ස්ටීවන් දුටු අතර, ඔවුන් සිටියේ ඉතාමත් ප‍්‍රීතියෙන්, පොපියන හෘදස්පන්දනයෙන් යුතුවය. බොරු ලැජ්ජාවෙන් මෙන් යැයි ඔහුට හැඟින. ස්ටීවන්ගේ දෑස ඉදිරියේ සියල්ල අඳුරු වුණාක් මෙන් වූයෙන් ඔහු වහාම ශාලාවෙන් පිට වී පිට පැත්තේ වූ කණුවකට හේත්තු වී බොහෝ වේලාවක් දොම්නසින් පසුවිය.
 
 ‘‘කොහොමද ඒක එහෙම වෙන්නෙ. එහෙම වෙන්ඩ දෙන්ඩ බෑ"
 
 වේදිකාවේ සිදු වූ කරුණු කාරණා එතැනින් එහාට දුරදිග නොයන ඒවා බවට ඔහුට සහතික වශයෙන් ම දැන ගැනීමට වුවමනා වූයෙන් වහාම ඔහු වාස්කා සෙම්යොනොව් හමු වී කතා කර ගත යුතු යැයි කල්පනා කළේය. එහෙත් එය කාලයට බාරදිය යුතු යැයි යළි ඔහුට කල්පනා විය. ‘‘ඇත්තටම ඒක.. වේදිකාවේ සිදු වූ දෙයක් මිස සැබෑ ජීවිතයේ වූ සිදුවීමක් නොවෙයිනෙ" ස්ටීවන් තමා ගැනම සිනාසෙන්නට විය. ඇගේ නම එලොව්කා බවත්, වොරොකින්ෂ් නගරයේ පදිංචිකාරියක බවත්, ඇය සමූහ ගොවිපළේ ට‍්‍රැක්ටර් කණ්ඩායමක ටයිම්කීපර් කෙනෙක් බවත්, මේ වන විට ඔහු සොයා දැනගෙන තිබිණි.
 
 එක්තරා සන්‍ධ්‍යාවක තම සුව පහසු හම් සපත්තු දෙක අති දරුණු විදියටම පොලිෂ් කරගත් ස්ටීවන්, මහලූ කුක්ෂින්ලාගේ ගෙදර නැවතී සිටින එලොච්කා හමුවීමට යෑමට සූදානම් විය. ඈ නැවතී සිටින නිවසේ ගේට්ටුව අසලට ගිය ඔහු මොහොතක් ගේට්ටුවේ එල්ලී සිට ආපසු ආවේය. ගමෙන් පිට වී ඉබාගාතේ සැරිසරමින් සිටි ඔහු අනතුරුව ගඟ අයිනේ වූ තෙත් බිම මත වාඩි වී හිමිදිරිය වන තෙක්ම දණමත හිස ඔබාගෙන කල්පනා කරමින් සිටියේය. මේ විපත නිසා දැන් ඔහුගේ බර අඩු වී ඇත. දෑස යට කළු පැහැ ගැන් වී ඇත. කිසිම දෙයක් කළේද, කිසිම දෙයක් කෑවේ, බීවේ ද නැත. එහෙත් තදබල ලෙස දුම් පානය කළේය. කල්පනා කළේය.
 
 ‘‘කොල්ලො කියපංකො බලන්ඩ මොකක්ද උඹට හැදිලා තියෙන ලෙඬේ කියලා" තාත්තා අසා සිටියේය.
 
 ‘‘මුකුත් නෑ." බොමින් සිටි සිගරට් කොටය බිම දමා සපත්තුවෙන් පාගා දැමූ ඔහු තව එකක් දල්වා ගත්තේය. අනතුරුව ඉවත බලා ගත්තේය. මේ කාලය තුළම ඔහු විසින් ඇයව දැක තිබුණේ එක් වතාවක් පමණි. ඔහු තවදුරටත් ප‍්‍රජා ශාලාව පැත්ත පළාතේ නොගියේය.
 
 ‘‘මට කසාද බඳින්ඩ ඕනෑ" හතරවන දවසේ ඔහු තම පියාට කියා සිටියේය.
 
 ‘‘හොඳයි කාවද බඳින්නේ" යෙගෝර් ඔහුගේ පියා ඕනෑකමින් පුතාගෙන් අසා සිටියේය.
 
 ‘‘අර... අර එක්කෙනා අලූත් ගෑනු ළමයා ටයිම් කීපර්" ස්ටීවන් සෙමින් කලබලයක් නැතිව කියා සිටියේය. යෙගෝර්, පියා, කල්පනාවට වැටින.
 
 ‘‘උඹ එයා ගැන හොඳට දන්නවද?"
 
 ‘‘ඔව්.. ම්...ම්... ම්.. නෑ... ඔව්" ස්ටීවන් පැවසුවේ තරමක් පැකිලෙමිනි.
 
 ‘‘එහෙම නම් කපුවෙකු අවශ්‍ය වන එකක් නෑ. යෙගෝර් පැවසුවේ ස්ථිරවය.
 
 ‘‘ඇයි ඕනෑ නැත්තේ. ඕනෑ"
 
 ‘‘මගේ මේ මහලූ වයසේ, මට නිකං ලැජ්ජාවට පත්වෙන්ඩ ඕනෑ නෑ. මට තේරෙනවා ඔය කියන එක කොයිවගේ එකක් ද කියලා. උඹ ගෙදර ළඟට යනවා කෙල්ල ගැන මොනවත් දන්නෙ නෑ. උඹම කෙල්ලට කතා කරලා හිටපං ඉස්සර වෙලා. ටිකක් පිටවෙලා ගිහිල්ලා බලපං.. අනික් මිනිස්සු කරනවා වගේ. ඊට පස්සේ පුළුවන්නෙ මේක අපට ගැළපෙනවද කියලා බලන්ඩ. එහෙම නැත්නම් උඹ ඉතින් හැමදාම ඔහොම තමයි. කඩුල්ල ගාවට වෙලා ඉන්න ගොනා වගේ තමයි මං මෙහෙම කියන එක හොඳ නෑ. නමුත් මං මේ උත්සාහ කරන්නේ උඹට කියලා දෙන්ඩයි...ඒකයි."
 
 ඊළඟ බ‍්‍රහස්පතින්දා උදේ පිය පුතු දෙදෙනාගේ ප‍්‍රධාන කාරණය වූයේ ඔවුන්ගේ ගවේෂණය සඳහා සූදානම් වීමය. ස්ටීවන් තම සුපුරුදු එම්බ්‍රොයිඩර් කළ කමිසය ඇඳ සෑහෙන වේලාවක් කණ්ණාඩිය ළඟ හැඩ වැඩ බලන්නට විය. ඔහුගේ පියා යෙගෝර් නොරුස්නා මුහුණින් යුතුව, තම අලූත් කලිසමේ ලිස්සන සුළු බොත්තම්, බොත්තම් කාසයට දමා ගැනීමට මහත් සේ වෙහෙසුනේය. අන්තිමේදී ඔහු කෙසේ හෝ බොත්තම අල්ලාගෙන, තවම පදම් වී නැති බොත්තම් කාසය තුළින් බොත්තම ගමන් කරවීම ආරම්භ කළේය.
 
 ‘‘මුං මේවා මෙහෙම හදන්න මුංට පිස්සු හැදිලද දන්නෙ නෑ. මෙහෙම බොත්තම් දාන්ඩ ගියොත්... මිනිහෙක් බාගෙට මැරෙනවා. බොත්තම් නම් දාන්ඩ... හම්බවෙන්නෙ නෑ. බැරිවෙලාවත් බොත්තම් දෙකක් දාන්ඩ ගියොත් මිනිහා කම්මුතුයි" ඔහු ශාප කළේය.
 
 කණ්ණාඩිය ළඟ හැඩ වැඩ වෙමින් හිස පීරමින් අවසන් කළ ස්ටීවන් තම පෙනුම වැඩිකර ගැනීම සඳහා තව කුමක් කළ යුතු දැයි කල්පනා කරමින් කාමරයේ මැද සිට ගත්තේය.
 
 ‘‘ටයි එක දාගන්ඩ" සීයා අවවාද කර සිිටියේය.
 
 ‘‘එම්බ්‍රොයිඩර් කමිසයට ටයි එක ගැළපෙන්නෙ නෑ." ස්ටීවන් කියා සිටියේ. තම විශාල අත්ලෙන් තම හිස පිටුපස තද කොට අල්ලාගෙන සිටි ස්ටීවන්ගේ පියා යෙගෝර් ඔහුගේ පියා දෙස බැලූවේය.
 
 ‘‘අපි බෝතලයකුත් අරගෙන යනවද? නැද්ද? මේ කාලේ හැම දෙයක්ම අමුතුනෙ. කිසිම දෙයක් ගැන හරියට කියන්ඩ බෑ..."
 
 ‘‘උඹේ සාක්කුවේ එකක් දාගෙන පලයං. එතකොට ඕනෑ වුණොත් ගන්න හැකිනෙ." මහල්ලා කල්පනා කර බලා කීවේය. ඔවුහු පිටත් වූහ.
 
 එය කිංකිනි නාද පතුරන්නාක් මෙන් වූ සූර්යාලෝකය හොඳින් වැටුණ දිනයක් විය. වේගයෙන් ගලා යන පුංචි දිය පාරවල්, හැම තැනකින්ම මෙන් දිස්විය. සූර්යාලෝකය පරාවර්තනය වීමෙන්, අඳුරු කළු මහපොළවේ කුඩා දිය කඩිතිවල පවා අහසේ නිල් පැහැය තීරු තීරු මෙන් දිස් වන්නට විය. කොටින්ම වසන්තය මහපාරේ පවා නලියමින් තිබිණ. ඔවුන් මඩ කඩිති අසලින් නිශ්ශබ්දව ගමන් කළේ, තම සපත්තු බිඳක් හෝ අපිරිසිදු වෙතැයි ප‍්‍රවේශමෙනි.
 
 කුක්ෂින්ලා තමා විසින්ම සාදාගත් විශාල ගෙයි මුල් කාමර දෙකම හිස්ය. ඔවුහු පේන්නට නොසිටීමෙන්, යෙගොර්ගේ හදවත ද හිස්වුණාක් මෙන් ඔහු ගිලී ගිය බවක් පෙන්වීය. ඒ ඔහු පළමුව කුක්ෂින්ලා සමග වචනයක් දෙකක් කතා කර ‘‘අපි මෙහෙ ආ කාරණය මේකයි" ආදී වශයෙන් පවසා දෙවනුව කාරණාවට බැසීමේ බලාපොරොත්තුවෙන් සිටි නිසාය. මහලූ කුක්ෂින්, තමාට උදව් කරාවි යැයි ඔහු විශ්වාස කළේය. එහෙත් දැන් ඔවුන්ට කෙළින්ම එලොච්කාගේ කාමරයට යෑමට සිදුව ඇත.
 
 ‘‘එන්ඩ එන්ඩ ඇවිල්ලා වාඩිවෙන්ඩ"
 
 යෙගෝර් වාස්කා දෙස නෙත් යොමු කරමින් වාඩි වී තම පුතා දෙස බැලූවේය. ස්ටීවන්ගේ දෙකම්මුල ගිනි ගනිමින් පැවතුනි. ඔහු පොළවට මුල් ඇද ගත්තාක් මෙන් එහෙමම සිටගෙනම සිටියේය.
 
 ‘‘වාඩි වෙන්ඩ.. මොකටද හිටගෙන ඉන්නෙ. අපි කලින් හමුවෙලා තියෙනවනෙ නේද?" එලොච්කා ප‍්‍රකාශ කළේ ප‍්‍රීතිමත් අයුරිනි. ස්ටීවන් වාඩි වී තම කැප් තොපපිය ගලවා දණහිස මත තබා ගත්තේය. මොහොතක නිශ්ශබ්දතාවයක් පැතුරුනි. එලොච්කා සිනාසෙන්නට වෑයම් කරමින්, විටින් විට ස්ටීවන්, යෙගෝර් හා වාස්කා දෙස බලන්නට වූවාය. ඇයට ලොකු ගැටලූවක් මෙන් විය.
 
 "මොනවද කෙරෙන්ඩ ඕනෑ සහෝදරයා මට මතකයි ඔයා මට ලිෆ්ට් එකක් දුන්නනෙ ටවුමේ ඉඳලා ගමට එනකොට දවසක්. ඔයා එතකොට මාව හරියට ගණන් ගත්තෙ නෑ වගේනෙ හිටියේ."
 
 එලොච්කා ස්ටීවන් අමතමින් එසේ කියන විට දරාගත නොහැකි බලවත් වේදනාවකින් මෙන් ස්ටීවන් ඈ හා සිනා සෙන්නට උත්සාහ කළේය.
 
 ‘‘අපි ඉතින් එහෙම මඟීන් එක්ක යනවා. ගානක් නෑ. නැද්ද සහෝදරයා" 
 
 එවේලෙහි වාස්කා පවසා සිටියේ, කට්ටියම විහිළුවකින් සතුටු කරන්නට මෙනි. 
 
 යෙගෝර් ගොනෙක් සේ හිස පාත්කරගෙන වාස්කා දෙස යළිත් බැලූවේ කපටිකමින් මෙනි. අන්තිමේ ඔහු මෙසේ කියා සිටියේය.
 
 ‘‘අපි මෙහෙ ආවේ මඟුල් කපුකමකට.
 
 ‘‘මොකක් ඒ කොහොමද?" එලොච්කා සත්තකින්ම පුදුමයෙන් මෙන් කට ඇරගෙන බලා සිටින්නට වූවාය.
 
 ‘‘කොහොමද... නේද? ඒ කොහොමද කියනවානම් මෙහෙමයි.. මේ මගේ පුතා ස්ටීවන් ඔහුට ඔයාව කසාද බඳින්න ඕනෑලූ. ඇත්තටම ඔයා කැමති නම්" යෙගෝර් තම හිසින් පුතු පෙන්වමින් එලොච්කාට කියා සිටියේය.
 
 එලොච්කා නෙත් කොනින් ස්ටීවන් දෙස බැලූවාය. ඔහු තම දෑත සුදුවන තෙක්ම අත මිට මොලවාගෙන දණහිස මත තබාගෙන ඒ දෙසම බලා සිටියේ ඔහු එතන පැලවුනාක් මෙන් ය. ඔහුගේ නළල මතින් කඩා වැටුණ දහදිය බිඳු නිකමට හෝ පිසදැමීමට ඔහු කිසිම උත්සාහයක් නොගත්තේය.
 
 ‘‘මාව කසාද බඳින්ඩ?" එලොච්කා ඇසුවාය. ඇගේ මුහුණ රතු වී තිබිණි.
 
 ‘‘ඔව් වෙන මොනවද ඉතින්"
 
 මෙසේ කියමින් ස්ටීවන් සුසුමක් හෙළුවේය. අනතුරව ඔහු වාස්කා දෙස බැලූවේය. වාස්කා මෝඩ සිනාවක් පාමින් පුටුව මත ඇඹරෙමින් එලොච්කා දෙස බැලූවේය. ඇය මේසය ළඟ සිටගෙන සිටියේ දුෂ්කර ව්‍යාකූල වූ මුහුණින් යුතුව තම සිනිඳු ඇඟිලි තුඩුවලින් තම ඇඳුමේ ඇලී තිබුන ලෝම කැබැල්ලක් පරෙස්සමින් ඉවත් කරමිනි.
 
 ‘‘ස්ටීවන් ඔබ..මේ ගැන පරක්කු වුණා වැඩියි.. .ඔව් ඔබ ප‍්‍රමාදයි" වාස්කා හයියෙන් ම ප‍්‍රකාශ කර සිටියේ නැවතත් පුටුව මත ඇඹරෙමිනි. මෙවේලේ ස්ටීවන් තවදුරටත් ඔහුගේ මුහුණ දෙස නොබැලූ අතර මහත් අපේක්‍ෂාවකින් මෙන් ඈ දෙස බලා සිටියේය. දිගටම ඔහු බලා සිටියේය. ඔහුගේ හිතේ අවුල, කිසියම් හේතුවකින් මෙන් පහව යමින් තිබිණි.
 
 එලොච්කා හදිසියෙන් මෙන් තම කොළ පැහැති දෑසින් ස්ටීවන් දෙස බැලූවාය. එහි වූයේ සමීප බවක්, හිතවත්කමක්, එකඟත්වයක් හා විනීත, නිරහංකාර ස්වභාවයක්, වචනයෙන් කිව නොහැකි ඉල්ලීමක්, හීලෑ බවක් වැනි හැඟීම් සමුදායක් ය. ස්ටීවන්ගේ හදවත සතුටින් පිරී යමින් තිබිණි. ඔවුන් දෙදෙනා අතර මේ මොහොතේ ජනිත වෙමින් පවතින්නේ කුමක්ද කුමක් නිසා එසේ ජනිත වන්නේ දැයි කිසිවෙකුට නම් විස්තර කළ නොහැකිය. ඔවුන්ටම එය දැනුනා හා අවබෝධ වුණා පමණි.
 
 ඒ මොහොතේම වාස්කා කියා සිටියේ ‘‘අපි ඉක්මනට විවාහ වෙනවා ස්ටීවන්" යනුවෙනි. එය මෝඩ හඬක් සේ නැගුන බවත්, එය තමා විසින් කිවයුතුව නොතිබුණේ යැයි ඔහුටම අවබෝධ විය.
 
 ස්ටීවන්ගේ පියා යෙගෝර් නැගිට කාමරයෙන් පිට වී යෑමට සූදානම් විය. එහෙත් එලොච්කා හදිසියේම කලබලයෙන් මෙන් කියා සිටියේ "කොහෙද කොහෙද ඔය යන්ඩ හදන්නේ ඔයාමනෙ කීවේ දැන් ආවෙ මඟුල් කපුකමකට කියලා මං තාම හරියට වචනයක් දුන් නෑනේ."
 
 ඇය ඉක්මනින් තම ගැටලූවෙන් මිදුනාක් මෙන් ස්ටීවන් වෙතින් තම දෑස් ඉවත් කර ගත්තාය. ස්ටීවන් දැන් ඉතින් ඇය තමා දෙස බැලූවත් නැතත් කමක් නැති ලෙසින්, ලැජ්ජාවෙන් හා සතුටින් ගිනි ගනිමින් සිටියේය. ඔහුව මෙතනින් නැගිටුවන්නට හෝ ඉවත් කිරීමට මේ මිහිපිට කිසිදු බලවේගයක් නොමැතිවාක් මෙනි.
 
 යෙගොර් නැවතුනි. වාස්කාගේ මුහුණ ගැටලූවකින් මෙන් රතු වී තිබිණි. ඔහුට ද මෙහි හරි ඇත්ත, නැත්ත කුමක් දැයි වටහා ගැනීමට ඕනෑ වුණාක් මෙනි.
 
 ‘‘වාඩිවෙන්න, අපි තේ එකක් බීලා ඉමු නේද?" පළමුව ව්‍යාකූලව සිටි නමුත් දැන් ස්ථිරව ප‍්‍රමෝදයකින් එලොච්කා කියා සිටියාය. සියලූදෙනාම බලාසිටියේ දැන් කුමකින් කුමක් සිදුවේදැයි කියාය.
 
 ‘‘සමහර විට මං යන එක හොඳයි කියලා හිතෙනවා" වාස්කා කියා සිටියේ බලාපොරොත්තු සුන් වූ දෙදරුම්කමින් තිබූ හඬකින් යුතුවය. ඔහු යටවෙමින් සිටියි. ඔව් සත්තකින්ම යටවෙමින් සිටියි. ඔහුට තමාම බේරා ගැනීමට වුව ද වුවමනාවක් නැති තරම් ය.
 
 ‘‘මම හිතනවා.. ඔබ එහෙම කළ යුතුයි කියලා" ස්ටීවන් ද කියා සිටියේ එබඳුම, තරමක උස් හඬිනි. වාස්කා ඉක්මන් වුණා වැඩිය. ඔහු එසේ ඉක්මන් විය යුතු ද නැත. එහෙත් එයට වෙන කරන්ඩ දෙයකුත් නැත. දෙන්නාගෙන් එක්කෙනෙකු යා යුතුමය. දෙන්නාටම ඒක අමිහිරිය. එතෙකුදු එලොච්කාගේ කැමැත්ත එක්කෙනෙකුුට පමණය.
 
 වාස්කා එලොච්කා දෙස කෙළින්ම බැලූවේය. ඇය, නැවතත් මූණ රතු කරගෙන කාමරය මැද එකිනෙකාගේ මූණු දෙස බලමින් සිටින යෙගෝර් දෙස බැලූවාය. ඔහු සිටියේ පැමිණි ගමන ගැන සම්පූර්ණයෙන්ම පරාජිත, කඩාකප්ලල්කාරී හැඟීමකිනි. ඇය දුක්මුසු ලෙස සිනාවක් පෑවාය.
 
 ‘‘මට උදව් කරන්නට... ඇත්තට කව්රුවත් නැද්ද මං මේ ඉන්න තත්ත්වයට... මොකද ඔය හිටගෙන ඉන්නෙ... වාඩිවෙන්ඩකො..." ඇය කියා සිටියාය. ඇය සැහැල්ලූ ලෙස පොළවේ අඩි තබන්නට උත්සාහ කළ ද සත්තකින්ම ඇයට එය අමාරු කාරියක් විය.
 
 වාස්කා සෙමින් නැගිට තම ජැකට්ටුව ඇඳ ගන්නට විය. සියලූ දෙනාම ඔහුට එය ඇඳ ගන්නට ඉඩ දී බලා සිටියහ. ‘‘හොඳයි... ස්ටීවන්. මට දුකයි ඔයා ගැන" එසේ පැවසූ ඔහු දොර ළඟදී යළි ආපසු හැරී බලා සියලූ දෙනාටම සතුටක් ගෙන දෙමින් පිටව ගියේ, සෙමින් දොර වසා දමමිනි.
 
 කාමරය පුරාවට මොහොතක නිහැඬියාවක් නැඟිණ. පරිස්සමින් තම දහදිය බිඳු පිස දැමූ ස්ටීවන් අනතුරුව සිනාසුනි.
 
 ‘‘ඔව් හොඳයි. මට තවත් කව්රුවත් වුවමනා නෑ. මට දැනෙනවා. මං මේ කරන මඟුල් කපුකම් නිසා මං දැන් සම්පූර්ණයෙන් ම දුර්වල වෙලා කියලා"
 
 එසේ පැවසූ යෙගෝර්, මේසය අසලට ගියේ සාක්කුවේ දාගෙන ආ බෝතලය සෙමින් එළියට ගනිමිනි.
 
 
 
 

Nissanka Rajapaksa

unread,
Dec 14, 2019, 12:58:19 AM12/14/19
to ind...@googlegroups.com

ගං දැලේ දියණිය


මලික්‌ තුසිත ගුණරත්නගේ
'චන්දරේ මචං!!' කෙටි කතා සංග්‍රහයෙන් 

 

"යකෝ මේකිට මොන යක්‍ෂයෙක්‌ වැහිලද... බොන්ඩියෙ උඹ කොහෙද බොල ගියේ..?"

"තොට මොකද කතා කරන්න බැරි... කටේ පිට්‌ටුද...?"

"ඊයේ රෑ හිටං අපි මෙහෙ ගිනි පත්තුවෙලා .... තොට මොන මදනය ගැහුවද...?"

"බොල පරට්‌ටියෙ උඹ මනමාල ගං ගියාද..?"

"ඊයේ මුළු ගමම රෑ නිදි වරාගෙන උඹව හෙව්ව... අපි උන්නෙ අද උදේ උඹේ මළ මිනිය මෙහෙට ගේන්න...කියහං ගෑනියේ උඹට මහසෝන වැහිලද...?"

සීලියා හාමිනේත්, හේරස්‌ හාමිත් විඩෙන් විඩේ සන්ධ්‍යාගේ මුහුණට එබෙති. ඇය නිරුත්තරය. ඒත් ඇස්‌ ගෙඩි දෙකේ ලොකු කඳුළු බිංදු දෙකක්‌ හිර වෙලාය. ඒවා එළියට එන්නේ නැත. ඇතුළට යන්නේද නැත. ඇයගේ මුහුණේ බියක, තිගැස්‌මක සේයාවකුදු නැත. සන්ධ්‍යා තෙත ගවුම දෑතින් උණ්‌ඩි කරගෙන සිටියාය. ඉන් වතුර බිංදු වෑස්‌සෙමින් තිබිණි. ඒවා කඳුළු යයි අම්මා වරදවා වටහාගෙන තිබීම සන්ධ්‍යාට සතුටකි.

"ඇයි උඹ අඬන්නෙ..?"

"උඹට මොකක්‌ හරි කරදරයක්‌ උනාද... කවුරු හරි කරදරයක්‌ කළාද...?"

ඇය උණ්‌ඩි කරගෙන සිටි ගවුම ගසා දැමුවාය.

"උඹ තෙමිල මොකද...... උඹ හිටියෙ නිල් ගඟේද... උඹව කවුරු හරි ගඟට තල්ලු කළාද....?"

මුළු ප්‍රශ්න පත්තරයම අම්මාගේය. ඇයගේ හඬ උස්‌ය. උත්තර බඳින්න බැරිය. එක්‌කෝ කම්මැළිය. රැයක්‌ පුරා විඳි මිහිර හරිම සුන්දරය. එම සුන්දරත්වයේ එබී, මිදී, කිමිදී සිටින්නට සන්ධ්‍යා කැමැතිය.

"කියපං මයේ පුතේ..."

අන්තිමේදී අම්මා පහළම පඩියට බැස්‌සාය. හඬ තුනී විය. දෙනෙතින් කඳුළු බිඳු කඩාගෙන වැටිණි. අසල වූ සියඹලා ගහ උගුලුවාලන්න තරමේ සුසුම් පිටවිණි. හේරස්‌ හාමි කිසිවක්‌ නොකිව්වේය. අහල පහල ගමේ උදවිය තුෂ්නිම්භූතව බලා සිටියහ. සන්ධ්‍යා කිසිවක්‌ නොකීවාය.

මහතුන් මාමා දිව ගියේ කට්‌ටඩි මාමා රැගෙන එන්නටය. ඊට උපදෙස්‌ දුන්නේ තාත්තාය. වර්ග පහක මල්, දෙහි, කට්‌ටකුමන්ජල්, දුං කබල, පුටුවක්‌, සුදු රෙද්දක්‌, පැදුරක්‌, හඳුන්කූරු, පහනක්‌ කඩිමුඩියේ එක්‌රැස්‌ කෙරිණි.

ඇප නූලක්‌... සන්ධ්‍යා සිනාසුණාය. ක්‍ෂණයකින් ඇය එය ලොවෙන් වහන් කළාය. ශිරෝමි නංගි එය දුටුවාය.

"අන්න හිනා උනා..... ආයිත් ඔරෝ ගත්ත..." ඇය අම්මා සමග මුණු මුණු ගෑවාය.

"මේ ඇඳුම මාරු කරපල්ලා.... ගෙට ගෙනියන්න එපා..... වැහිල ඉන්න මහසෝන ඒ පාර ගෙටත් රිංග ගනියි." තවත් කවුද කෑ ගැසුවේය.

සන්ධ්‍යා දෙවැනි පාරටත් සිනාසුණාය. ඒ සිනාවද ශිරෝමි දුටුවාය.

"අන්න ආයිත් හිනා උනා.... " ශිරෝමි අම්මාට කෙඳුරුවාය. " කෑ නොගහ ඉඳිං යෝදියේ" අම්මාද ඇයට කෙඳිරුවාය.

"තනිකං දෝසයක්‌....."

"ඔව්.. ඔව්. මට තනිකං දෝසයක්‌ තමයි... " සන්ධ්‍යා තොල් මතුරා ගත්තාය.

"අන්න..... අන්න.. සන්ධ්‍යාක්‌කා තොල් මතුරනවා" ශිරෝමි නංගා නැවත කෑ ගසන හඬ සන්ධ්‍යාට ඇසිණි.

"දොඩවනව.. කෝ බලන්න මයෙ දුවේ.. කතා කරපං මයෙ දුවේ.. " සීලියා හාමිනේ දියණියගේ හිස මෘදුවට අත ගෑවාය.

"උඹට මොකද වුණේ් දුවේ... උඹට කාව හරි වැහුන ද ...? කියපං දුවේ......"

අම්මාගේ වචනවල ආදරය උතුරා යමින් තිබිණ, එහෙත් ඇත්ත කියන්නේ කෙසේද.... මේ නීරස ඇත්ත කියූ සැණින් නොඅනුමානව තමා පිස්‌සියකගේ තත්ත්වයට පත්වෙන බව සන්ධ්‍යා දැන සිටියාය.

"කියපං දුවේ.... මම අම්මා..... උඹට මට කියන්න බැරි දෙයක්‌ නෑ....... උඹට කරදරයක්‌ වුණාද? උඹට කාවද වැහුනෙ..?"

කිඹුලා!

* * * * *

කිඹුලාගේ විමානය ලස්‌සනය. එය තනිකරම ගොඩනඟා තිබුණේ කිරිමැටිවලිනි. කිඹුලාගේ නිදන කාමරය සිත් ගන්නා සුලුය. එහි බිත්තියක්‌ මත මනරම් කිරිමැටි කැටයමක්‌ කපා මතු කොට තිබිණි. ඇඳ, ලියන මේසය, පුටුව පිළිවෙළට තබා තිබිණි. ඇයගේ වඩාත් සිත් ගත් ගෘහ භාණ්‌ඩය වූයේ මනාව අසුරා තිබූ පොත් රාක්‌කයයි. කිඹුලා කෙරෙයි ඇයගේ සිතේ පරම විශ්වාසයක්‌ ගොඩ නැඟුණේ හරියටම පැය දෙකකුත් විනාඩි විසිපහකට පසුවය. එම හෝරා දෙකකට වැඩි කාල පරිච්ඡේදය තුළ සන්ධ්‍යා දුටුවේ තමා කොයි මොහොතක හෝ කීතු කීතුවලට කැඩී කිඹුලාගේ උදර මාර්ගයේ තැන්පත් වන බියකරු සිහිනය පමණි. කිඹුලා විසින් තමාට මරණය නොව ජීවිතය ගෙන එන බව ප්‍රත්‍යක්‍ෂ වුණ පළමු විනාඩියේම සන්ධ්‍යා තම පල්ලියේ සීනු හඬ අවදි කළාය.

"ඇයි මාව ගිලින්නෙ නැත්තේ. කිඹුල්ලු ගැන මම අහල තියෙන්නෙ බොහොම භයානක කතා. අත පය කඩා ගන්නව. පස්‌ස පැත්තෙ මස්‌ කුට්‌ටිය ඩැහැ ගන්නව. මිනිස්‌සු මරනව. මිනිස්‌සු රැකගෙන ඉඳල ඔයගොල්ලො අල්ලනව. පරිසර සංවිධාන ඔයගොල්ලො වෙනුවෙන් කතා කරනවා. වන ජීවියෙන් උපදෙස්‌ දෙනවා. නේවි එකේ බෝට්‌ටු නිල් ගඟේ එහාට මෙහාට යනව. මේ ඔක්‌කොම ඔයගොල්ලො මිනිස්‌සු මරන නිසා..."

"ඒ මගේ සනුහරේ වෙන අය.."

"ඇයි ඔයා එහෙම නැද්ද?"

"ඔයා කැමැති පොතක්‌ මේ පොත් රාක්‌කෙන් තෝරා ගන්න. හැබැයි නව කතා නෑ. කවි පොත් නෑ. මහා ජල විශ්වවිද්‍යාලයට අවශ්‍ය වුණ මගේ නිබන්දන ඇති ඊට අදාළ පර්යේෂණ පොත් ඇති. කොටින්ම විෂයට අදාළ පොත්..."

"අනේ මට එපා ඒවා...... හොඳ නවල් එකක්‌.. ආදරේ හිතෙන.. ආදරේ කරන... පෙම්වතා දිනන..... අන්තිමට එක්‌ වෙන පොත්.."

"ඒවා නෑ.. "

"ඉතිං ඇයි කියන්න මාව මෙහෙ ගෙනාවෙ?"

"දන්නෑ"

"ඇයි මාව මැරුවෙ නැත්තේ?"

"දන් නෑ"

"තව කොච්චර කල් මාව මෙහෙ තියන් ඉන්නවද?"

"දන් නෑ"

"අනේ මේ මොකද අනේ මේ... ඔක්‌කොටම දන් නෑ. දන් නෑ.. මොනවද දන්නේ."

කිඹුලා මෘදුව සන්ධ්‍යාගේ දකුණතේ ඇඟිල්ලක්‌ මිරිකුවේය. එහි කිසිම සුවදායක බවක්‌ නොවිණි. මෘදු බවක්‌ද නොවිණි. සන්ධ්‍යාට පසන් මධුශංකව සිහිවිණි. දලුක්‌ කැලයේ රූස්‌ස දිවුල් ගහක්‌ යටදී දිනක්‌ ඔහු විසින් සන්ධ්‍යාගේ සියලු ඉඳුරන් අවදි කර දමා තිබිණි. පසන් මධුශංක ජපුරේය. මේ දුප්පත් ගමෙන් ප්‍රථමයෙන් විශ්වවිද්‍යාලයකට ගියේ ඔහුය. පසනුත් සන්ධ්‍යාත් ගියේ එකම පාසලකටය. සන්ධ්‍යාගේ සුරූපි බව විසින් ඒ වනවිටදී පාසලේ කොල්ලන් කිහිප දෙනෙක්‌ම කරකවා අතහැර දමා තිබිණි. පසන් මධුශංක ද කැරකුණාට සන්ධ්‍යාගෙන් ඉවත ගියේ නැත.

ඔහු ඇය වෙත ළං විය. ආදරයක්‌ ප්‍රකාශ නොවුණද. ජ'පුරේ කරදර පවතින්නේ යැයි ආරංචි වන හැම මොහොතකම ගුවන් විදුලිය, රූපවාහිනිය වෙත හෝ පහුවදා පත්තරය වෙත ඇයගේ දැස්‌ දිවයන්නේ මන්දැයි ඇය දන්නේ නැත.

පසන් මධුශංක ශිෂ්‍ය ක්‍රියාකාරිකයකු දැයි සන්ධ්‍යා නිශ්චිත වශයෙන් දැන සිටියේ නැත. එහෙත් ඔහු, නිදි වැද තිබෙන ගැහැනියකගේ පසිඳුරන් අවදි කොට ගිනි තැබීමට තරම් උපන් සමතෙකැයි සන්ධ්‍යාට සිතිණි.

කිඹුලාගේ කර්කශ සන්තර්පනය සත පහක්‌වත් නොවටිනා එකකැයි සන්ධ්‍යා සිතුවාය.

අ.පො.ස. උසස්‌ පෙළ විභාගයට තව ඇත්තේ සුමාන තුනකි. කවදත් ගොම්මනේ නිල් ගඟ වෙත යැම සන්ධ්‍යා පුරුද්දක්‌ කරගෙන සිටියාය.

දිනපතා පාසල් ගොස්‌ පැමිණ පැය තුනක්‌ පාඩම් කිරීම ඇයගේ දවසේ අනිවාර්ය අංගයක්‌ බවට පත්වෙමින් තිබිණ. එම පුරුද්ද ඇති කළේ පසන් මධුශංකය. ඒ ඔහුගේ විදිහය. ඒ විදිහ පුරුදු වන්නට සන්ධ්‍යාටද තිබුණේ ආසාවකි.

මේ කියනා දවසේ සන්ධ්‍යා නිල් ගඟට බැස්‌සේ හැන්දැවේ ඇඟ සෝදා ගැනුමටය. කිඹුල් කොටුව නිසා බිය වීමට හේතුවක්‌ නැත. කිඹුල් කොටුව හැදුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ ඉල්ලීම පිට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාය. එහෙත් සැබැවින්ම කිඹුල් කොටුව හදා දුන්නේ දෙදරු මවක්‌ වූ ඇලිස්‌ අක්‌කාය. ඒ ඇය කිඹුලකුගේ ගොදුරක්‌ බවට පත් වූ පසුවය.

"ඇලිස්‌ අක්‌කගෙ පපුව කෑවේ කවුද?"

හදිසියෙ මතක්‌ වුණු පැනයක්‌ සන්ධ්‍යා ඇසුවාය.

කිඹුලා එයටද සුපුරුදු උත්තරයම බැන්දේය.

"දන් නෑ..."

සබන් ගා කරවටක්‌ දියේ ගිලී ගොඩඑන්නට තැත් කරන විටදීම කිඹුල් කොටුවේ ඝනකම කම්බිය සෙලවෙනවා සන්ධ්‍යා දුටුවාය. ඒ සැණින් කිඹුලෙකු තමාගේ පාදයෙන් අල්ල ගන්නවාද ඇයට දැනිණි. කෑ ගැසුවාට හඬ පිටවුණා දැයි ඇයට සැකයකි. නාන තොටේ වෙන කිසිවකු නොසිටීම අවාසනාවකි. කම්බි කූරු අතරින් තමාව නිල් ගඟේ ගැඹුරට ඇදී යනවා සන්ධ්‍යාට දැනිණි. කිඹුලා තම පය කටින් තද කරගෙන සිටියාට ඇයට රිදුමක්‌ දැනුණේ නැත. සැබැවින්ම එතැන තුවාලයක්‌ හෝ කකුල වෙන්වී යන තරමට තෙරපීමක්‌ හෝ සිදු නොවිණි. ඇය වලාකුළු අතරේ¨ පාවී යන්නාක්‌ මෙන් නිල් ගඟේ දඟකාර දිය රැළි අතරේ පා වුණාය. පසන් මධුශංක විසින් එතෙක්‌ නොවිඳි මිහිරක්‌ අත් කර දුන් දවසේද තමා මෙවැනිම පාවීමකට ලක්‌වුණු අයුරු ඇය සිහි කළාය. ඒ මහ පොළොවේ දිවුල් ගහ යටදීය. අද මේ නිල් ගඟේ දරුණු, ගැඹුරු දිය රළ අතරේය.

"ඔයාට හුස්‌ම ගන්න අමාරුද..." වරක්‌ දෙවරක්‌ කිඹුලා තමාගෙන් විමසුවා සන්ධ්‍යාට මතකය. ඇය ඒවාට පිළිතුරු දුන්නේ නැත. කෙටි ගමනකින් පසුව සන්ධ්‍යා කිඹුල් විමානයට පැමිණියාය. මේ ඒ ආ ගමනය.

"අම්මා බයවෙලා ඇති.... ගමම ඇහැරිලා ඇති"

සන්ධ්‍යා තම අත්ඔරලෝසුව වෙතට නෙත් හෙළුවාය. එය කිව් ඇන්ඩ් කිව් වර්ගයේ එකකි. වතුරටද ඔරොත්තු දෙන්නකි. එය තමාගේ දාහත්වැනි උපන්දියදා පසන් මධුශංක විසින් දුන් ත්‍යාගයකි. එදා පටන් ඇය එය ගැලවූයේ රාත්‍රියේ නිදා ගන්නට යන විටදී පමණි. අන් හැම මොහොතකම ඔරලෝසුව ඇයගේ වම් අතේ වෙළී සිටියේ තවමත් තියාගන්න බැරිවුණ ආදරයක පූජනීය බරක්‌ ද දරා ගනිමිනි.

"මාව මරන් නැතිව මෙහෙට එක්‌කන් ආ එකේ තේරුම මොකක්‌ද?"

ඊට පිළිතුරු දෙනු වෙනුවට කිඹුලා ඇයගේ එක අතක්‌ ගෙන තමාගේ හිස මතින් තබා ගත්තේය.

සන්ධ්‍යා කිඹුලාගේ හිස පිරිමදින්නට පටන් ගත්තාය. ට්‍රැක්‌ටරයකින් කූඹුරක්‌ හෑව පසු වගේ ඒ හම ගොරහැඩිය. ගොඩැලිය. උඩට නෙරා ඇති ඇස්‌ ගෙඩි දෙක දොඹ ගෙඩි දෙකක්‌ වැනිය. ඇය බලු, බළල්, ගව සුරතල් අත්විඳ තිබුණාට කිඹුල් සුරතලයක්‌ මේ අත්වින්දාමය. සතුටක්‌ නොලැබුණද මේ නුහුරු අත්විඳුමට ඇය තම සිත කැමැති කර ගත්තාය. පසන් මධුශංක තමාව හුරතල් කළ ආකාරයට සන්ධ්‍යා කිඹුලාව හුරතල් කරන්නට පටන් ගත්තාය. කිඹුල් ජාගර අපුල ඇය කෙමෙන් කෙමෙන් මැඬ ගත්තාය.

"මීට මාසෙකට විතර ඉස්‌සෙල්ල මං මගෙ අම්මව හීනෙන් දැක්‌ක."

"ඉතිං?"

"කවදාවත් මිනීමස්‌ කන්න එපා කිව්වෙ මගේ අම්මා. උඹ උගතෙක්‌. මිනිස්‌සු එක්‌ක සහජීවනයෙන් වැඩ කරන්නය කිව්වා. මිනිසුන්ට උදව් කරන්න කිව්වා. මට හුඟක්‌ අපලයි කිව්වා. ඒ අපලෙ දුරුවෙන්න නම් මිනිස්‌සු එක්‌ක වැඩ කරන්න කිව්වා. මිනිසුන්ගෙන් ජීවත්වීමේ කලාව ඉගෙන ගන්න කිව්ව. මං ඉතිං කාගෙන්ද ඕවා ඉගෙන ගන්නෙ. ඒත් මං දැක්‌ක ඔයා හැමදාම හැන්දැවට කොටුවට එනව. මං සුමානයක්‌ තිස්‌සේ ඔය කම්බිකූර කටින් හපල කැඩුවා. මගේ උඩු ඇන්දෙ දතකුත් ගැලවුණා. මේ බලන්න බොරුද කියල".

කිඹුලා දත් විළිස්‌සුවේය. පිළී ගඳ මුහුවුණ ගන්ධස්‌කාරය සන්ධ්‍යාගේ නාස්‌ පුඬු අකුලා දැමුවේය.

ඔයා දත් මැදලත් නෑ කාලෙකින්.."

"මං පශ්චාත් උපාධිය කළේ මිනිස්‌ ශරීරයට යෝග්‍ය වන ජලයේ වැවෙන පෙඳ, පාසි, පැළෑටි ගැන. මං ඒවා ගැන පර්යේෂණ කළා. අර අල්මාරියෙ උඩම තියෙන්නෙ මං හදාපු ශාක සාර. මං ළඟදීම ඒවා ඕගොල්ලන්ගෙ ලෝකෙ සුපර් මාර්කට්‌වලට දානව. මේක මහා පරිමාණයේ ව්‍යාපෘතියක්‌. එතකොට මිනිස්‌සුත් අපිත් අතරේ සහසම්බන්ධතාවක්‌. සහජීවනයක්‌ ඇතිවෙනව. මේ වෛරී ලෝක දෙක එක්‌කරන පාලම ඔයා. මං ඔයාව තෝරා ගත්තේ ඒ භූමිකාවට. ඔයා මිනිස්‌ කිඹුල් ඒජන්ට්‌"

කිඹුලා දත් වහල්ල එළියට දමාගෙන සිනාසුණේය. සන්ධ්‍යාටද සිනා ගියේය. ඒ කිඹුලාගේ සිනාවටය.

* * * * *

කිඹුල් කොටුවේ ගැලවුණු යකඩ කූරු සවි කොට අලුත්වැඩියා කිරීමට ටෙන්ඩර් කැඳවන්නට ප්‍රාදේශීය සභාවට සිදු විය. එතෙක්‌ නිල් ගඟ පරිස්‌සමින් පාවිච්චි කරන ලෙස සභාවේ නිල්පාට කැබ්රියේ උඩ බදින ලද යකඩ කටින් කාටකාටත් උපදෙස්‌ ලැබිණි.

ප්‍රාදේශීය සභාව විසින් නියංගොඩ ගම්වාසීන්ගේ ජීවිත ටෙන්ඩරයක්‌ මත දෝලනය වන්නට අතහැර දමා තිබුණේ එලෙසය.

කුඹුරේ වැඩ අහවර කොට ඇඟපත සෝදා ගන්නට නිල් ගඟට බැස්‌ස සිරිසේනගේ කලවෙන් පදාසයක්‌ කිඹුලෙකු විසින් කඩාගෙන තිබුණේ පෙරේදා සවස්‌ කාලයේදීය.

කිඹුල්කොටුව ළඟ ගොම්මන යස අපූරු කිඹුල් - මිනිස්‌ සම්බන්ධතාවක්‌ ගොඩනැඟුණේ මේ අතරතුරේදීය. එය මනුෂ්‍යත්වයේත්, තිරිසන් බවේත් උච්ඡතම හැඟීම්, යහ චර්යාවන් වර්ධනය කරන, ප්‍රාණයකට ප්‍රේම කරන, ගෞරව කරන මහා සමුළුවක්‌ බවට පත් වී තිබුණේය. මේ ධරණී තලයේ ඉපදෙන ඕනෑම ප්‍රාණියකුට ජීවත්වීමේ පරම අයිතිය තිබිය යුතු බවට සන්ධ්‍යා තර්ක කළාය.

ආචාර්ය කිඹුලා ද ඔළුව සොලවා එය සනාථ කළේය.

"ඇයි එහෙනං සිරිසේන මාමගෙ කකුල කෑවේ.. අහන්න ආචාර්ය තුමෝ ඔයාගෙ සනුහරෙං.."

"මං උංගෙ ආධ්‍යාත්මය හදන්න දැනටමත් රැස්‌වීම් මාලාවක්‌ සූදානම් කරල තියෙනව."

"ආචාර්ය තුමෝ, ඔයා රැස්‌වීම් තියල කිඹුල්ලු හදනකොට අපේ ගමේ භාගයක්‌ නැතිවෙලා තියේවි"

මිනී මස්‌වල අගුණ ගැන ලියූ පෝස්‌ටර් කිහිපයක්‌ නිල් ගංගා පතුලේත්, කිරිමැටි ගුහා තුළත්, වල් බෙලි ගස්‌වල මුල් අගිසිවලත් දැනටමත් අලවා ඇති බව කිඹුලා කීවේය.

"අපි ඕව දන් නෑ... ගං ඉවුරු දෙකේ දිගටම වන ජීවී එකෙනුයි පරිසර සංවිධානවලිනුයි අපිට නං පෝස්‌ටර් ගහල තියෙනව. කිඹුලන්ගෙන් ප්‍රවේසං වෙන්න කියල".

සන්ධ්‍යා එසේ කීවේ පොඩි ගල්කැටයක්‌ කිඹුලාගේ ඔළුවට විසි කරමින්ය. ආචාර්ය කිඹුලා "දඩස්‌ගා ඔළුව දිය යට ඔබා ගත්තේය.

හැමදාම ගොම්මනේ කිඹුල් කොටුව ළඟදී සිදුවෙන මේ සංවාද සන්ධ්‍යාට නම් අපූරුය.

අසල පඳුර සෙලවෙනු සන්ධ්‍යා දුටුවේ කිඹුලා සමග මේ කතා බහ කරන අතරතුරේදීය.

ඔළුවේ බැඳ තිබූ රතු ලේන්සුව ලිහා කර මදට දා ගනිමින් සැම්සන් අයියා පඳුර තුළින් මතු වෙනු සන්ධ්‍යා දුටුවාය. කටේ බෝම්බු කෝට්‌ටකි. ඔහු කාරා කෙළ ගැසුවේය. සැම්සන් සන්ධ්‍යා සමීපයට ම ආවේය. ඇයගේ අතක්‌ අල්ලා ගත්තේය.

"උඹ ළඟ පුසුඹයි". පාසලේදී කරකවා අතහැර දැමූ සැම්සන් කතා කළේය.

"මේ මොන මනමාලකමක්‌ද?"

"ඇයි බං... යමං කො අර පඳුර ළඟට ටිකක්‌"

"ඒ මොකටද.... අනේ සැම්සන් අයියේ.... මං කෑ ගහනව හොඳද..."

"ආ..... ඒකත් එහෙමද..."

* * * * *

සැම්සන් කියූ කතාව නිසා හේරස්‌ හාමි තක්‌බීරි වී ගියේය. "බල බිඳිල.. බල බිඳිල"

හේරස්‌ හාමි සීලියා හාමිට කතා කළේය.

"සන්දියාගේ ඇප නූල තාම තියෙනවද"

"ඔව් මම ඊයෙත් දැක්‌ක ඇඳුම් මාරු කරන කොට ඉනේ තියෙනව. බෙල්ලෙයි අතෙයි තියෙනව ඔහෙටත් පේනවනේ... ඇයි.."

"මේං බලහල්ලකෝ සැම්සනා කියන කතාව අපේ එකී ගොම්මනේ කිඹුල් කොටුව ළඟ කිඹුලෙක්‌ එක්‌ක හැමදාම කතා කරනව කියල. මූ ඇස්‌ දෙකටම දැකල තියෙනව කියන්නේ".

"කිඹුලෙක්‌ එක්‌ක." සීලියා හාමිනේ දෙනෙත් විසල්විනි.

"ඔව්.... ඔව්.... ඒක නේන්නං. බල බිඳිල, උඹල මොකුත් පුළුටු එහෙම ගෙනාවද ගෙදරට".

"මං ගෙනාපු පුළුට්‌ටක්‌ නෑ. තාම හත්දවස ගෙවුන් නෑ නොවැ."

"දෝසයක්‌ දෝසයක්‌"

* * * * *

"දැන් හරිද?" සන්ධ්‍යා කෙළින්ම සැම්සන්ගේ දෙනෙත් දෙස බැලුවාය. ඇයගේ දැස්‌ ගිනි පුපුරු දෙකක්‌ මෙනි සැම්සන් දුටුවේ. "දැන් හරිනෙ. ගිනි තිබ්බනේ. ඕං අද රෑ තව මැතිරිල්ලක්‌. මොනවද අයියෙ මේ කරන වැඩ. මට මගේ පාඩුවෙ ඉන්න දෙන්න අයියෙ වඳින්නම්. දැන් මගේ ඉනේ කහ නූල් තුනක්‌ තියෙනව. අද රෑ වෙනකොට හතරයි."

සැම්සන් සන්ධ්‍යාව කොටු කර ගන්ටන බැලුවෙ නිල් ගඟට යන්නට පෙර හමුවෙන තේ කොටුව දෙවැටේදීය.

එහෙම කොටු කර ගත්තද ඇයගේ ගිනි පුළිඟු දැස්‌ දුටු සැම්සන් මඳක්‌ පසු බා ගියේය. සැබැවින්ම ඇයට යකෙක්‌ වැහිලාවත්දැයි සැම්සන් සිතුවේය. එහෙත් ඇඟ උණුසුම් කරවන රාගාශ්‍රිත සිතුවිලි වඩා බලවත් බව සැම්සන්ට සිතිණි. තමාගේ සියලුම අවයව අවදි වී ඊට අයෝමය ශක්‌තියක්‌ කාන්දු වෙමින් තිබෙන බව සැම්සන්ට දැනිණි. දහවල් වරුවේදී ෆාමසියෙන් ගත් වාජීකරණ පෙත්තද ඔහුගේ අසංවර සන්නද්ධ බව වැඩි කර දමා තිබිණි.

"මගෙ සුද්දී" සැම්සන් දයාබරව සන්ධ්‍යාව ඇමතුවේය.

සන්ධ්‍යා දුවන්නට දෙපා ඔසවන්නට තැත් කළා පමණි.

මේ අර දලුක්‌ කැලයේ දැවැන්ත දිවුල් ගහ යටමය. පසන් මධුශංක විසින් පුළුන් තොටිල්ලක්‌ තනා, ඒ මත හොවා අනුරාගයෙන් නැළවූ ඒ දිවුල් ගහ යටමය. පසන් මධුශංක සංවරය. සිඹිමින්, බදා ගනිමින්, ඇල්ලීමෙන් පමණක්‌ එම හමුවීම් අහවර වන්නේය. තොත්තුවක්‌ දී වෙන් වන්නේය. එම මිහිර සන්ධ්‍යාට හොඳටම ප්‍රමාණවත්ය.

සැම්සන් බල්ලා!

අම්මා!!

ඇය ගෙදර දිව ගියේ ලේ තැවරුණු ගවුමද අතේ උණ්‌ඩි කරගෙන නිරුවතිනි. ඇය කෑ ගසාගෙන ගෙයි කඩුල්ල පැන්නාය. බිම වැටුණාය. අම්මේ. කියා කෑ ගැසුවාය.

"නාඩා කියපං. මොකද වුණේ..?"

හෝරාවකට පමණ පසු අම්මා ඇසුවාය. ඇය මෙතෙක්‌ වේලා සිහිසුන්ව සිටියාය. මැතිරිල්ලත්, දෙහි කැපීමත්, ඇප නූල් දැමීමත් පසුවට කල් තබා තිබිණි.

සන්ධ්‍යා සෙමෙන් දැස්‌ පියන් පත් හැරියාය. කුප්පි ලාම්පුවේ දැල්ල ඇරුණු කොට මුළු කාමරයම කළුවරය.

" කියපං මයෙ දුවේ. උඹට මොකද වුණේ.."

අම්මාගේ දැස්‌ දාරක ප්‍රේමයෙන් උතුරා යමින් තිබිණ, අම්මෙකුගෙ ජීවිතය සමග කඳුළ මොනතරම් බැඳිලඳ .... කඳුළක්‌ නොසැලෙන අම්ම කෙනෙක්‌ මේ සක්‌වල ගල තුළ වෙද්ද.. අම්මලා පෙවූ කිරට වඩා දහස්‌ ගුණයක්‌ කඳුළු සලනවා නොවේද. ඒත් මේ අම්මගෙ නිරන්තර කඳුළු මවන්නිය තමා වීම ගැන සන්ධ්‍යා පසුතැවුණාය.

"අම්මා"

"ඔව් පුතේ.. කියපං..... මොකද උණේ පුතේ..?"

"අම්මා .. සැම්සන්..."

හේරස්‌ හාමිගේ ඉහේ දස දහස්‌ ගණන් බක්‌මහේ අකුණු එක පිට එක පිපිරී ගියේය. සීලියා හාමිනේ සැම්සන් විසින් උරා හප කළ දමා තිබුණු සන්ධ්‍යාගේ පුංචි ළාමක, ළැම මත තම හිස ඔබා ගත්තාය.

* * * * *

"ආයිත් මාව බලන්න එපා."

සන්ධ්‍යා, පසන් මධුශංකට කීවාය. පසන් මධුශංක සන්ධ්‍යාගේ ඇඟිලි එකිනෙක ස්‌පර්ශ කරමින් සිටියේය. මහා කාලකණ්‌ණි බවකින් ජීවිතය පිරී ඇතැයි සන්ධ්‍යාට සිතිණි. ජීවිතයේ මිහිරෙන් අත්විඳිය යුතු අත්දැකීමක්‌ අමිහිරෙන් විඳීමේ දුක්‌ඛ, සන්තාපය සන්ධ්‍යාගේ හිත ඔංචිල්ලාවේ එහාටත් - මෙහාටත් පැද්දෙයි. නිල් ගඟේ නේවි බෝට්‌ටු යන හඬ ඇසේ. කිඹුලෙකු විසින් මරා දමා තිබූ තවත් මිනිසකුගේ දේහයක්‌ වට්‌ටියවල ප්‍රදේශයෙන් මතුවී තිබිණි.

ආචාර්ය කිඹුලා නොදැකීමද සන්ධ්‍යාගේ හිතේ වියවුල වැඩි කළේය. මේ බර ඔහුට කියා හිත නිදහස්‌ කරගන්ට තිබුණා නම්..

"ඔයා මොනවද කල්පනා කරන්නේ"?

"මොකුත් නෑ. " මේ වනවිටදී සන්ධ්‍යාගේ කතා බහ මහ අම්මණ්‌ඩි කෙනකුගේ මෙන් වෙනස්‌ වී ඇත.

"කෝ මං දුන්නු ඔරලෝසුව?"

මහදිවුල් ගහ යට පොර බදින විටදී ඔරලෝසුවේ වීදුරුව බිඳී ගියා සන්ධ්‍යාට මතකය. පැය කටුවද නැවී ඇඹරී ගියේය. එදින ගෙදර ඇවිත් සන්ධ්‍යා අව සිහියෙන් මෙන් කතුරක්‌ ගෙන හම් පටියද කීතු කීතු වන්නට කපා දැම්මාය. ඇය ගවුම් සාක්‌කුවෙන් ඒ හෘදය සංවේදී, අපූරු සිහිවටනය ගෙන පසන් මධුශංක වෙත පෑවාය. "හරියට දැන් මං වගේ" සන්ධ්‍යා හැඬුවාය.

විශ්වවිද්‍යාලවලට නිවාඩු දුන්නේ නැත. එහෙත් අනධ්‍යන සේවක වර්ජනය විශ්වවිද්‍යාලවල සිසු සිසුවියන්ට නිවාඩුවක්‌ නිර්මාණය කර දුන්නේය. පසන් මධුශංක ගම ආවේ එම නිවාඩුව නිසාම නොවේ. ඊටත් වඩා බැරෑරුම් කාර්යයකට බව සන්ධ්‍යාට වටින් ගොඩින් ආරංචි වී තිබිණි.

"අනේ පසන් නීති විරෝධී වැඩ කරන්න එපා.... පොලිසියෙන් ඌ හොයා ගනියි. නඩු දමයි. ඔයා ඕවට පැටලෙන්න එපා..."

* * * * *

සැම්සන්ගේ නිවෙස ගිනිබත්වී නැඟෙන දුම් රොටුව විඩෙන් විඩේ ආචාර්ය කිඹුලා සහ සන්ධ්‍යාගේ සංවාදයට බාධා කළේය. සන්ධ්‍යාට කැස්‌ස ආවේය. දුම් රොටුව නිල් ගඟ මතින් පාවී යන්නේ කිඹුලාවද අපහසුතාවට පත්කරමිනි. කිඹුලා වරින්වර දියේ එබෙන්නේ අර දුම් පහරින් මිදෙන්නටය.

"මට මහාචාර්ය පදවියක්‌ ලැබුණා." කිඹුලා කීවේ කිඹුල් කොටුවට එහා සිට ය. කිඹුල් කොටුව දැන් ප්‍රතිනිර්මාණය වී ඇති බැවින් කිඹුලාට දැන් මෙහාට ඒමට බැරිය. කිඹුල් කොටුව ශක්‌තිමත්ය. අවශ්‍ය නම් තම දත්වලින් යකඩ කූරක්‌ විකා කපා දැමිය හැකි බව කිඹුලාට විශ්වාසය. එහෙත් දැන් එහෙම කිරීමේ අවශ්‍යතාවක්‌ නැත. සන්ධ්‍යාගේ මුහුණේ සිනාවකුදු නැත. ඇය පෙර සිටි කඩිසර, කටකාර, සෙල්ලක්‌කාර කෙල්ල නොවේ. පෙරදී ඇයට තිබුණේ ඔපෙරා කටහඬකි. එහි ගීතවත් බව පිරී තිබිණි. දැන් ඇය ඕනාවට එපාවට මෙන් තොල් සොලවනවා පමණි.

"මට මහා ජල විශ්වවිද්‍යාලේම අංශාධිපති පදවියක්‌ හම්බ වුණා."

කිඹුලා සිතුවේ එම පණිවිඩයෙන් ඇය සන්තෝෂ වෙයි කියාය. ඇයගේ ඉරියව් වෙනස්‌ නොවිණි.

"ඔයාට වෙච්ච කරදරේ මං දන්නව"

එවර සන්ධ්‍යාගේ ඉරියව් වෙනස්‌ විය. ඇය හුන් තැනින් නැඟිට්‌ටාය. කිඹුල් කොටුව ළඟටම ගියාය.

"මං ගහපු ඔක්‌කොම පෝස්‌ටර් ටික ගලෝලා දැම්මා. මිනීමස්‌ නොකන බවට දාහත් දෙනෙක්‌ මාත් එක්‌ක ගිවිසුම් ගහල තිබුණා. මං පෙරේදා උදේ උං දාහත් දෙනා ළඟටම ගිහින් ගිවිසුම් ඉවරයි කියල ඒවා ඉරල දැම්මා. දැන් ඉතිං මිනීමස්‌ නෙවෙයි අලි මස්‌ උනත් කාපියව් කියල කිව්ව. උං බොහෝම සංතෝස උණා."

"එතකොට ඔයාගෙ මිනිස්‌ සහජීවනය? සහසම්බන්ධතාවය? අම්මගෙ හීනෙ...?"

"ඒවා ඔක්‌කොම හීනයක්‌ බවට පෙරළුණා...... ඒක නෙමෙයි මම ඔයාට තෑග්ගක්‌ ගෙනාව.... මේ. න්"

කිඹුලා විසින් රතුපාට ලේන්සුව සන්ධ්‍යා වෙත දිගු කළේය. "දෙයියනේ..."

"මට පුදුම අපි මිනීමස්‌ කන එක ගැන නෙවෙයි... ඇයි ඔයගොල්ලො මිනීමස්‌ කන්න පුරුදු නොවෙන්නේ.?" කිඹුලා සන්ධ්‍යාගෙන් ප්‍රශ්න කළේය.

කිඹුලා සැබැවින්ම මහාචාර්ය පදවියකින් පිදුම් ලැබීමට තරම් සුදුසු ප්‍රඥවන්තයකු බව සන්ධ්‍යාට සිතිණි.

ඇය සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගිය නිවස දෙසට පියවර මැන්නාය. තවමත් දැල්වෙන ගිනි පුපුරු කිහිපයක්‌ මතු කරගත් ඇය රතු පැහැති ලේන්සුව ගෙන එම අඟුරු මතට හෙලුවාය.



Nissanka Rajapaksa

unread,
Dec 14, 2019, 11:18:04 PM12/14/19
to ind...@googlegroups.com
අකාල පුත්‍ර
වෛද්‍ය බී. එම්. සී. දසනායක
(රැස පුවත් පත)

ගෝලාකාර තටාකය තුළ සුජාත දෙවන වතාවටද කරණමක් ගැසුවේය. ඉන් පසු තටාකයේ බිත්තියට පිටතින්, උදෑසන සිට ඇසෙමින් පැවැති වාදයට යළිත් සවන් දී සිටින්නට වූයේය.

“අන්න දුවත් පංති ඇරිලා එනවා... දැන්වත් ඔය බැණිල්ල නවත්තන්නකො අනේ...” මඳක් පහත් ස්වරයෙන් සහ අමනාපයෙන් එසේ කියනුයේ අම්මාය.

“ඉතිං...? කමක් නෑ එයත් දැනගත්තාට, තමුන්නෙ මහලොකු අම්මාගෙ තරම...” අප්පච්චි නම් හැම විටකම කතා කරනුයේ මෙසේය. සුජාතට දැනෙන්නට වූ නුරුස්නා බව පහ වූයේ, මෙතෙක් වේලා දිග හැරගෙන සිටි දෙපා යළි නමා, ගෝලාකාර තටාකයේ පියස්සට තදින් පහරක් දුන් පසුය.

“අම්මගෙ විතරක් නෙමෙයි, අප්පච්චිගෙ තරමත් දැනගත්ත නං තමයි හොඳ...!” අම්මා එසේ කියාගෙන ඉවතට පා නඟන අයුරු සුජාතට දැනිණි.

“මොකද්ද ගෑණියෙ උඹ කිව්වෙ..? ආයෙත් කියාපං බලන්න.. කඩනවා දත් වහල්ල.. දන්නවාද..?”

අප්පච්චිගේ වියරු හඬින් තම නුරුස්නා බව තවත් වැඩිව එන බව දැනුණද, දැන් මෙවන් දෑ අසා සිටීම තමාට එතරම් අපහසුවක් නැතැයි සුජාත සිතන්නට වූයේය.

“දැං වහල්ලක් නෑ නෙ...! ඉස්සරහ දත් දෙක කඩලනේ තියෙන්නෙ... ඉතුරු ටිකත් කඩනවා... තමුසෙට පුළුවං එච්චරයි නෙ... කඩනවා...” අම්මාද අද ලෙහෛසියෙන් අතහැරීමට සූදානම් නැති සේය.

“ඇයි, මොනවද යකෝ මට බැරි...?!”

අප්පච්චි හඬ නඟනුයේ ඈත සිට බව සුජාතට වැටහෙයි.

“ඒක මමද දන්නෙ...!”

“උඹ කියන්නෙ, මට බැරි හින්ද තමයි ඕක කොරගත්තෙ කියලද ගෑණියෙ...? ංහ්හ්...! කට බොරු කිව්වට දිව බොරු කියන්නෑ නෙ...! මං ඉවසනවා කියල හිතාපිය අර දුප්පත් කෙල්ල හින්ද...” අප්පච්චි එසේ කියාගෙන ඉවතට යන හඬ ඇසෙද්දී, සුජාතට මඳ අස්වැසිල්ලක් දැනෙන්නට විණි.

“ඔය හැකර කටට හොඳක් නං සිද්ද වෙන්න එපා... මේවා උඩ ඉන්න දෙයියොම බලාගත්තදෙං...! තමුසෙට හොඳක් නං සිද්ධ වෙන්න එපා, කුණු කතා කියනවාට...” අම්මා මහ හඬින් කියවමින් එහා මෙහා ඇවිදින අයුරුත්, ඒ අතර තවත් කිසිවකු ළංව එන පා හඬත් සුජාතට ඇසිණි.

“ඇයි අම්මේ..?”යි අසාගෙන ළං වන්නී සුජාතගේ අක්කාය. අම්මා නිහඬය.

“ඇයි අම්මේ..?” අක්කා තවත් ළංව එසේ අසන විට සුජාතට මහත් දුකක් දැනෙන්නට විණි. ඔහු තටාකයේ බිත්තියට හේත්තු වී අම්මා කුමක් කියනු ඇතිදැයි කන් දී සිටියේය.

“පංති ගිහිං ආව නං ගෙට ගිහිං ඇඳුම් මාරු කොරගන්නව... මේක අපේ කතාවක්... ඔයාට වැඩක් නෑ...” අම්මා අක්කාට සැර වෙනුයේ කුමක් නිසාදැයි නොවැටහුණද, සුජාත නිසලව තවදුරටත් අසා සිටියේය.

“අම්මලාගෙ වැඩේ ඉතිං, රංඩු වෙන එකයි, මට බණින එකයි නෙ...” අක්කා තරහින් එසේ කියමින් ඉවත යන අයුරු ඉන් පසු ඇසිණි. සුජාතට මෙවර තරහ ආවේ අම්මා සමගය. එහෙත් වහා එය තුනී වී, අම්මා කෙරෙහි දැරිය නොහැකි අනුකම්පාවක් ඔහුට දැනෙන්නට විණි. එය කෙතෙක් දැඩි වීද යත්, සුජාතට නිසලව සිටීමටද අපහසු විණි. හේ නැවතත් කරණමක් ගසා ඇලයකට හැරුණේය.

“හරි හරි.. පැහිච්චිකං තියෙද්දි ගිහිං කෑම කන්න... මං වතුරත් රත් කළා ඔයාට නාගන්න...” අම්මා අක්කාට යළිත් කියනුයේ සුපුරුදු සිහින් හඬින්මය.

“අනේ, මේ රස්නෙ මදිවාටද අම්මෙ උණුවතුර නාන්න කියන්නෙ...! මං ඇළට යන්න හිතුවෙ...” අක්කා ගෙතුළ සිට කියන හඬ නැවත ඇසෙයි.

“නෑ නෑ... මේ වැහැගෙන එන වෙලාවෙ ඇළේ නාන්න යන්නෑ. හෙම්බිරිස්සාව හොඳ වෙලා කී දවසද..! උණුවතුර තමයි නාන්නෙ.” අම්මා එවර කියනුයේ තදිනි. අක්කා කිසිවක් කියනු ඇතැයි සුජාතට සිතුණු නමුදු, ඉන් පසු වූයේ නිහඬ බවකි.

අම්මා දැන් සිටිනුයේ පුටුවක වාඩිගෙන බව සුජාතට වැටහෙයි. අප්පච්චිගේ හඬක් නොඇසෙයි. සුජාතට නිදිමතක්ද දැනෙයි. අම්මා සහ අප්පච්චිගේ මේ වාද කර ගැනීම් දැන් සුජාතට හොඳින් හුරුය. එහෙත් නොවැටහෙන එකම කරුණ නම් මෙසේ දිනපතා දබර කර ගැනීමට හේතුවයි. සුජාතට මතක ඇති මුල් දිනවල නම් අම්මාත් අප්පච්චිත් මෙසේ රංඩු වී නැත. එහෙත් බොහෝ සෙමින් දවසේ වැඩි වේලාවක් එකම කරුණක් ගැන කතා කරමින් සිටියහ.

“ඔයා කිව්වට, කොහොමද අනේ මං දුවට මූණ දෙන්නෙ...? මොන ලැජ්ජාවක්ද...!” ඒ අම්මා ය.

” දුව දැං ඉතිං පොඩි ළමෙක්යැ. එයාට ඕව ඉස්කෝලෙදිත් උගන්නනවානෙ.” අප්පච්චිගේ හඬ සන්සුන්ය.

“ඒක තමයි අනේ මාත් කියන්නෙ. එයාට මේවා තේරෙන හින්ද තමයි මට ලැජ්ජාවේ ඉන්න බැරි... ඔයාට තේරෙන්නෑ නෙ..”

“එයාගෙ පාළුවටත් එක්ක හොඳයි නෙ. ටික දවසක් යනකොට ඕවා හරියයි.” අප්පච්චි එසේ කියාගෙන ඉවත යන විටත් අම්මා කියනුයේ,

“එයාට දැං මොන පාළුවක්ද...! පාළුවෙං හිටපු කාලෙ නැතුව දැං මොකටද...! අනේ මොනොවහරි කරමුකො මේකට..” කියාය.

අම්මා පවසන කිසිවක් පිළිබඳව මුලදී සුජාතට අවබෝධයක් නොතිබිණි. එය අනුමානයෙන් හෝ සිතාගත හැකි වූයේ තවත් දින ගණනකට පසු, අම්මාත් අප්පච්චිත් වාහනයක නැගී කොහේ හෝ ගිය දවසකය. එතැනදී කලින් අසා නොමැති කටහඬක් අමනාපයෙන් මෙන් දිගු හෑල්ලක් කියනු සුජාතට ඇසුණේ අඩ නින්දේ සිටියදීය.

“නෑ නෑ.. මේ වෙලාවේ ඔයාලට කරන්න තියෙන හොඳම දේ තමයි, ලැබිච්චි දේ සතුටිං පිළිගන්න එක. ඔයාට තවම තිස්පහයිනෙ. නේද..? සමහරු බඳින්නෙත් තිස්පහ හතළිහ වෙලා... මේක ප්‍රස්නෙයක් වෙන්නැතුව මට බලා ගන්න පුළුවං... අපි එහෙම කරමු.”

“ ඒ වුණාට ඩොක්ට දුවටත් දැං දාහතරක් වෙනවා... ඒකයි අපි මෙහෙම තීරණෙයක් ගන්න හිතුවෙ.” අම්මා කියනුයේ බැගෑපත් ලෙසටය.

“මනුස්ස ජීවිත ගැන එහෙම තීරණ ගන්න එක සදාචාර විරෝධී වැඩක්... ලංකාවෙ නීතියෙන් නං කොහොමටත් බෑ... අනිත් එක මං ඒවා කරන කෙනෙකුත් නෙමෙයි නෙ.” නුහුරු හඬ ඇති තැනැත්තා එසේ කීවේ උදහසින් මෙනි. අම්මා දිගු සුසුමක් හෙළන හඬ සුජාතට ඇසුණේ තවත් මොහොතකට පසුවය.

“අනේ කීයක් ගියත් කමක් නෑ සර්. මේක කොහොමහරි කරල දෙන්නකො... සර්ට පිං සිද්ධ වෙනවා.” අප්පච්චි බැගෑපත් වූයේ ඊටත් මඳ වේලාවකට පසුවය.

“මිනීමරුවහම පිං සිද්ධ වෙනවාද මනුස්සෙයො..? බහුබූත කතා කොකිය දැං ගෙදර යනවල!ඔහොම දේවල් කළාම ඊළඟ ආත්මෙ ඔයිටත් වඩා අන්ත විදිහෙ දුක් විඳින්න සිද්ධ වෙනවා. මෝඩ වැඩ කතා කරන්න එපා. තේරුණාද..?” මෙතෙක් පහත් හඬින් කතා කළ තැනැත්තා උස් හඬින් සහ කෝපයෙන් කියනු ඇසුණේ එවිටය.

අම්මාත් අප්පච්චිත් ආපසු නිවසට ආවේ නිහඬවමය. එහෙත් නිවසට පැමිණි විගසම අප්පච්චි ගෝරනාඩු කරන්නට පටන් ගත්තේය.

“මේ ගෑනිගෙ වනචරකම හින්ද, මටත් ලැජ්ජාවේ ඉන්න විදිහක් නෑ. ඇහුණ නේද උඹට දොස්තර කියාපු එක...? බැල්ලි...!”

“වනචරකම...! කවුද වනචරකං කළේ..? නිකං සහගහන කතා කියන්න එපා... වනචරකං...!” අම්මා පුටුවක හිඳගත්තේ දැඩි කෝපයෙන් එසේ කියමිනි.

“කවුද කියල තමුං දන්නව ඇතිනෙ...!” අප්පච්චි කීවේ ඈතක සිටය.

“කට තිබුණු පළියට ඔහොම හෙණගහන කතා කියන්න එපා මනුස්සෙයො... මං වනචරකං කරනවා නං අර කෙල්ලට අවුරුදු දාහතරක් වෙනකං ඉන්න ඕනිද..? හෙණ හතම ගහන්න ඕනි ඔය කටට...” අම්මා කෝපයෙන් වුවත් පවසනුයේ පහත් හඬිනි.

“බොරුවක් කිව්වත් ඒක එළි වෙන්නැති විදිහට කියාපං ගෑණියෙ. උඹ කියන්නෙ එහෙනං, අවුරුදු විස්සක් බලා ඉඳල, උඩ ඉන්න දෙයියො තමයි මේක කරල දුන්නෙ කියලද...? උඹ හිතුවද මට අං තියෙනවා කියල..?”

“ඔය වාගෙ කතාවක් මගෙං අහන්න ලැජ්ජ වෙන්න ඕනි තමුසෙ... එහෙනං තමුසෙ මොනවද අවුරුදු විස්සක් තිස්සෙ කළේ...? පොල් ගෑවාද..?” අම්මා කෝපයෙන් වෙව්ලමින් ඇසූ පසු අප්පච්චි මඳක් නිහඬව සිටියේය.

“බලමු බලමු, ඔය ඉන්න එකා එළියට ආපු දවසක... හැමෝටම බලාගන්න පුළුවන්නෙ එතකොට උඹද හරි, මමද හරි කියල. එතකං මං ඉවසන්නං...” අප්පච්චි පරාජිත ස්වරයෙන් කීවේ ඈත සිටය.

“හරි බලමු” අම්මා කීවේ උජාරුවෙන් මෙනි.

එදා එසේ ඇරඹුණු වාග් සංග්‍රාමය සමහර දිනවල අම්මාට එල්ල වන පහර දීම්ද සමග, දිනපතා සිදු වන සාමාන්‍ය දෙයක් බවට පත් විණි. සුජාතට නිතර අම්මා ගැනත්, ඉඳහිට අප්පච්චි ගැනත් දුක සිතෙයි. නැවත අම්මා සහ අප්පච්චි පිළිබඳව තරහවක් ඇති වෙයි. අක්කා ගැන නම් සුජාතගේ සිතේ ඇත්තේ අප්‍රමාණ වූ ආදරයක්ම පමණකි. අක්කා කෙදිනකවත් කිසිවකුට සැරවැර කරනු සුජාත අසා නැත. ඉඳහිට අම්මා අසලට විත්, “මට ඉක්මනට මල්ලිව බලන්න ඕනි” කියා අක්කා හිනැහෙන විට, සුජාතටද සිනා පහළ වෙයි. ඉක්මනින් අක්කා බැලීමේ ආශාවක් ඔහුටද ඇත්තේය.

එක් උදෑසනක අප්පච්චිත් අක්කාත් පිටව ගිය පසු, නුහුරු අමුත්තෙක් නිවසට පැමිණ අම්මා සමග බොහෝ වේලාවක් කතා කරමින් සිටි අයුරු සුජාතට සිහි වෙයි. ඒ කතාබහෙන් කොටසක් ඔහුට හොඳින් මතකය.

“ඔයා කියන්නෙ හැම දේකම වැරැැද්ද මට විතරක් බාර ගන්න කියලද? හරිම අසාධාරණ කතාවක්නෙ!” අමුත්තා නුරුස්නා හඬින් කීවේ තරමක් ඈත සිටය.

“මං දැනගන හිටිය ඔයා ඔහොම කියනවා කියල.” බොහෝ වේලාවකට පසුව අම්මා පරාජිත හඬින් කීවේ දිගු සුසුමක් හෙළමිනි.

අමුත්තා නිහඬවම සිටියේය.

“තේ එකක් හදන්නද?” යි තවත් දිගු වේලාවකට පසු, අම්මා පුටුවෙන් නැගී සිටිමින් ඇසූ විට “නෑ එපා.. මං යනවා” යි කියාගෙන අමුත්තා ඉවත යන පා හඬ සුජාතට හොඳින් ඇසිණි.

අමුත්තා බැහැර ගොස් බොහෝ වේලාවක් යනතුරුම, අම්මා සුසුම් හෙළමින් සහ බර වූ නාසය උරමින් පුටුවෙහිම සිටි අයුරුද සුජාතට සිහි වෙයි. එහෙත් ඒ කුමක් නිසාදැයි සුජාතට නම් තවමත් අපැහැදිලිය.

තවත් එක් රාත්‍රියක තද නින්දක් ලබමින් සිටි සුජාත අවදි වූයේ අම්මා සහ අප්පච්චි දරුණු ලෙස දබර කර ගන්නා හඬ ඇසීමෙනි. හේ බියෙන් ගැහෙමින්, තටාකයේ මුල්ලකට වී, දෑත් සහ දෙපා ගුලි කරගෙනම සවන් දී සිටියේය.

“එතකොට තමුසෙ කියන්නෙ මේ ඔක්කෝම දේවල් අමූලික බොරු කියලද? ංආ..?” අම්මාගේ කටහඬ කෝපයෙන් වෙව්ලයි.

“උඹට පිස්සු හැදිලද ගෑනියෙ..? උඹ කියන ජාතියෙ ගෑනියෙක් අපේ ඔපිස් එකේ නෑ. උං ඔක්කොම කසාද බැඳපු, ළමයි ඉන්න ගෑනු. උන්ට මාත් එක්ක අතන මෙතන යන්න වෙලාවක් නෑ” අප්පච්චි දැඩි කෝපයෙන් වුවද, පහත් හඬින් පිළිතුරු දෙයි.

“එතකොට මේ ලියුම ලියල තියෙන්නෙ මොකාද? මේ තරං හොඳට දින වකවානුත් එක්ක..?”

“මං දන්නෙ කොහොමද ගෑනියෙ...? උඹ ඒක ලියාපු එකාගෙංම අහ ගනිං.”

“පුරුද්ද අත් අරින්න බෑනෙ අපි කිව්වට... අර කලින් හිටපු ගෑනිත් ගෙදර ගියේ ඔය වැඩ හින්දලු නේ.”

“අනේ මේ...! වහගනිං උඹේ හැකර කට... පත්තිනි අම්ම...” අප්පච්චි කෑගැසුවේ කිසිවක් පොළොවේද ගසමිනි.

“ඕකිට නං මං දේවාලෙයක් ගානෙ ගිහිං පළි ගහනවා. මේවා උඩ ඉන්න දෙයියොම බලා ගන්න ඕනි” යි කියා, දඩාස් ගා පුටුවෙන් නැගී සිටි අම්මා වේගයෙන් ඉවත යන අයුරු සුජාතට වැටහිණි.

“කියාපිය කියාපිය.. උඹට උඩ ඉන්න දෙයියොනේ හැම දේම කරල දෙන්නෙ. කියාපිය.” අප්පච්චි තරමක පහත් හඬින් කීවේ උපහාසයෙන් මෙනි.

ඊටත් දින කිහිපයකට පසුව එක් සවස් යාමයක අප්පච්චි අම්මා ළඟටම විත්, බොහෝ ආදරයෙන් මෙන් කතා කරන හඬක් සුජාතට ඇසිණි.

“ඩොක්ටර්ල කොහොම කිව්වත්, අපි සමන් දේවාලෙට ගිහිං බාරෙයක් වුණොත් නේද හොඳ? ඔය කකුල් දෙකත් හොඳටම ඉදිමිලා නෙ.”

“අනේ මං දන්නෑ. මටත් හරි බයයි මහත්තෙයා.” අම්මා කොඳුරනුයේ අපහසුවෙන් මෙනි.

“කෝකටත් අපි හෙට උදේම දේවාලෙට යමු. දුවත් එක්කම.”

“දුවට අනිද්ද විබහගෙ.”

“කමක්නෑ... දෙන්නටම බාරෙයක් වෙන එක හොඳයි.. මටත් මේ ටිකේ නින්ද ගියේම නෑ. ඔපිස් ගියත් කොයි වෙලාවේ කෝල් එකක් එයිද කියල බයේ ඉන්නෙ...”

මොහොතකට පසුව දිගු සුසුමක් හෙළා, අම්මා පහත් හඬින් පැවසූ වචන සුජාතගේ දෙසවන් තුළ තවමත් දෝකාර දෙයි.

“මං ඒක දන්නවා මහත්තෙය. ඇයි මේ ආදරේ හැමදාම තියාගන්න බැරි..?”

අප්පච්චි එයට නම් පිළිතුරක් දුන්නේ නැත.

සුජාතගේ අතීතාවර්ජනය බිඳුණේ අප්පච්චිගේ හඬ නැවතත් ඈතින් ඇසුණු හෙයිනි.

“පත්තිනි අම්ම මොකද සද්ද නැතුව වාඩි වෙලා ඉන්නෙ...? කියා ගන්න දේවල් නැතුවද?”

“නෑ මනුස්සෙයො, මට අමාරුයි...” අම්මා කතා කරනුයේ වෙනදා අසා නැති තරම් අපහසු හඬකිනි. සුජාතට මහත් බියක් දැනෙන්නට විණි.

“ඇයි මොකද?” යි පහත් ස්වරයෙන් අසමින් අප්පච්චි ඉක්මනින් අම්මාට ළං වන අයුරු ඔහුට ඇසිණි.

“මගෙ කොන්ද ආයෙ රිදෙනවා...” අම්මා සෙමින් පිළිතුරු දෙනුයේ පුටුවෙන්ද නැගී සිටිමිනි.

“මං කිව්වෙ ඔයාට... උදේ ඉඳල රෙදි බේසමක් හෝද හෝද දඟලන කොට...” යි අප්පච්චි පහත් හඬින් කියනුයේ අම්මා ආපසු පුටුවේ හිඳුවමින් බව සුජාතට වැටහිණි.

මොහොතකට පසුව, “ත්‍රීවීල් එකකට එන්න කියන්නද?”යි අප්පච්චි අසන හඬත්,

“ හ්ආ...”යි අම්මා කෙඳිරිගාන හඬත් ඔහුට ඇසුණේ සිහිනයකින් මෙනි.


Nihal Ananda

unread,
Dec 16, 2019, 11:29:05 PM12/16/19
to INDRAKA group
අකාල පුත්‍ර
වෛද්‍ය බී. එම්. සී. දසනායක

කාලයකට පසු ...... 'හොඳ කෙටි කතාවක් ' .... කියවන්නට ලැබුණි.!
KH

Nissanka Rajapaksa

unread,
Dec 17, 2019, 12:36:15 AM12/17/19
to ind...@googlegroups.com

යක්ෂයා 

ගී ද මෝපසාන් ගේ කෙටි කතාවක්

ලලිත් කරුණාරත්න


මිය යන ගැහැණිය සිටි ඇඳේ දෙපස දොස්තර සහ ගොවියා හිඳ ගෙන සිටියෝය. 

ඇය නිසලව එහෙත් හොඳ කල්පනාවෙන් යුතුව ඔවුන්ගේ සාකච්චාවට සවන් දුන්නාය. 

මරණය පිළිගත් ඇය ඊට විරුද්ධ නොවෙමින් කෙමෙන් මිය යමින් සිටී. ඇයගේ කාලය 

පැමිණ ඇත. දැන් ඇයට වයස අවුරුදු අනූ දෙකකි.

ජූලි මාසයේ රත් වූ හිරු ගේ කිරණ හොඳින් සකසා නැති මැටි පොළවේ වැටී රටා මවයි. 

පරම්පරා හතරක පිටිසර මිනිසුන් පොලුවලින් තලා තනා ඇති ඒ මැටි පොළවේ, පැරණි 

තාලයේ ඇඳේ ගොවියාගේ මව සැතපී සිටියාය. ඈත කුඹුරු වල ඉපනැළි සුවඳ, රත් වී 

එන සුළං සමඟ කාමරයේ ජනේලයෙන් ඇතුලට එයි. පළඟැටියන් ඒකාකාරී ශබ්දයක් 

ඇති කරන්නේ කුඩා දරුවන්ට සැණකෙළියකින් මිළට ගෙන දුන් නළා ශබ්දයක් වැනි 

හඬක් ඇති කරමිනි.

දොස්තර ඔහුගේ හඬ පුබුදු කරමින් ගොවියාට මෙසේ කීවේය. ...“හොනොරේ බොන්ටෙම්ප්, 

උබේ අම්මාව තනි කරලා එළියට යන්න උඹට බැහැ. ඇය ඕනෑම වෙලාවක මැරේවි”. 

එහෙත් ගොවියා සිටින්නේ තදබල අපහසුතාවයකිනි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය. 

“ඒ වුනාට මම මගේ තිරිඟු ටික ගෙට ගන්න ඕනා”...”සෑහෙන කාලයක් ඒවා ඔහේ 

පොළොවේ වැටිලා තිබ්බා”...”ඒවා ගෙට ගේන්න කාලය හරි”...” අම්මේ ඔබ මොකද 

කියන්නේ?...

මියයන ගැහැණිය ඇසෙන් සහ නළලෙන් ඉඟි පාමින්, ඇයගේ පුතා කියන දෙයට එකඟ 

වූවාය. එය “ගිහින් තිරිඟු කපපන්, මට තනියම මිය යන්න පුළුවන්’ සේ කිව්වා වැනි විය. 

එහෙත් දොස්තර මේ අසා වියරු වී, අඩි පොළවේ හප්පා මෙසේ කීවේය. “උඹ තිරිසනෙක්ට 

අන්තයි”... “උඹ මේක අහගනින්”... “උඹට මේ වැඩේ කරන්න මම ඉඩ දෙන්නේ නැහැ..

” අද දිනයේ උඹට තිරිඟු ගෙට ගන්න ඕනා නම්, ගිහින් රපෙට් නෝනා අම්මාව බලා කියා 

ගෙන ඉන්න එක්ක ගෙන වරෙන්”...” මම කියන දේ ඇහුවේ නැත්නම්, වෙලාව ආවාම මම 

උඹට බල්ලෙක් වගේ මැරෙන්න අරිනවා”...” උඹට මම කියන දේ ඇහුනද?

සිහින් උසැති, හෙමෙන් ගමන් කරන්නෙක් වූ හොනොරේ, දොස්තර කී දේ සහ තිරිඟු ගෙට 

ගැනීමේ කාර්යය අතරේ තීරණයක් ගත නොහැකිව පැකිළුනේය. “රපෙට් නෝනා, ලෙඩෙක් 

බලා ගන්න කොච්චර අය කරාවිද?..”...”මම දන්නේ කොහොමද මිනිහෝ? ඒක තීරණය 

වෙන්නේ ඇය ලෙඩා බලාගන්න කාල සීමාව මතයි”...

දොස්තර මහතා ඔහු වෙත කඩා පැන්නේය. ...”දෙයියන්ගේ නාමෙට ඒක රපෙත් නෝනා 

එකක බලා ගනින්”...” හැබැයි, තව පැයක් ඇතුළත ඒ වැඩේ කරන්න ඕනා”...” උඹට ඇහුනද?

...”හරි දොස්තර මහත්තයා, තරහා වෙන්න එපා, මම ඒක කරන්නම්”...දොස්තර නිවසෙන් 

බැහැරට යන විට මෙසේ කියාගෙන ගියේය....”පරෙස්සම් වෙයන්, ...! සෑහෙන්න පරෙස්සම් 

වෙයන්...!!, මට තරහා ගියාම මම විහිළු කරන්නේ නැහැ”... ගොවියා අම්මාට මෙසේ කීවේය. ..

”අම්මේ මම රපෙත් නෝනාව එකක ගෙන එන්න යනවා”...” එතෙක් ඔහොම ඉන්න”...

මැහැළිය හිස සැලුවාය.

රපෙත් නෝනා වයසක රෙදි සෝදන්නියකි. ඊට අමතරව ඇය කලේ අහළ පහළ සිටින 

අසල්වාසීන්ගේ මිය යන අය බලා ගැනීමය. මිය ගිය කෙනෙක් ජීවත්ව සිටි කාලයේ කෙනෙක් 

ඇඳි ලිනන් ඇඳුම ස්තිරික්කයෙන් හොඳින් මැද දීමද, ඒ තැනැත්තා මිය ගිය පසු එම ලිනන් 

ඇඳුම් මිනියට ඇන්ඳීමද ඇය කලාය. එසේ ශරීරය මැහුම තුලටලා අවසන් වන ඇය එතනම 

සිට අනෙක් පාරිභෝගිකයන්ගේ මැසීමේ යෙදේ. දෙකට නැමී කුදු වී සිටි ඇය, ගිය වසරේ 

පළගත් ඇපල් ගෙඩියක් මෙන් රැළි ගැසී සිටියාය. ඇය කපටි, ඊර්ෂ්‍යා සහගත කෙනෙක් විය.

සමහර අය කියන විදියට ඇය අසාමාන්‍ය සේ, මිය යන අය සහ එම මිය යාමේ අරගළය ගැන 

නොයෙක් කතා කීවාය. ඇය කතාකලේ ඇය ඉදිරියේ මිය යන අය සහ නොයෙක් ආකාරයේ 

මරණ ගැන පමණි. ඒවා ඉතා සවිස්තරාත්මක සේ ඇය විස්තර කලාය. වෙඩික්කාරයෙක් 

තමන් මැරූ සතුන් ගැන කියනවා මෙන් ඇය ඒවා කියා සිටියා. ඒවා දෙවතාවක් කිව්වද එහි 

වෙනසක් තිබුනේ නැත.

හොනොරේ ඇයගේ නිවසට ඇතුල් වන විට ඇය ගමේ ගැහැණුන්ගේ ඇඳුම් වලට කැඳ දමමින් 

සිටියා. ...”ශුභ සැන්දෑවක් රපෙත් අම්මා”..”ඔබ හොඳින් ඉන්නවා ඇතැයි මා විශ්වාස කරනවා”...

හිස හරවා හොනොරේ දෙස බැලූ රපෙත් නෝනා, ...”සාමාන්‍ය විදියට ඉන්නවා”...” ඔබට 

කොහොමද? ...”ඔහ්, මම නම් හොඳින් ඉන්නවා, එහෙත් මගේ අම්මාට අසනීපයි”...”ඔබේ 

අම්මා? ...”මොකද ඇයට වෙලා තියෙන්නේ?... හොනොරේ මෙසේ කිව්වේය. ...”අම්මා ගේ 

පාද වල ඇඟිලි උඩට තියන්න කාලේ ඇවිත්”...

රපෙත් නෝනා කැඳ බාල්දියෙන් දෑත ඉවටට රැගෙන, ඉක්මන් දුකක් සිතට ගනිමින් මෙසේ 

ඇසුවාය....”ඔය කියන තරම් ඇයට අසාධ්‍යද?...”ඔව්, දොස්තර කියන විදියට හෙට උදේ 

වනතුරුවත් විශ්වාස නැහැ”... යන මුදළ ගැන එක වර අහන්න අකමැති හෙයින් තවත් කතා 

කරන්න හොනොරේට අවශ්‍ය වුනද, කතා කරන්න වෙන විශේෂ දෙයක් නැති හෙයින්, 

හොනොරේ හිත හදාගෙන මෙසේ ඇසුවේය.

...”ඇයගේ අවසානය වන තුරු ඇය අසල සිටිනවාට ඔබ කීයක් අය කරනවාද? ..”ඔබ දන්නවා, 

මම එතරම් සල්ලි තියෙන කෙනෙක් නොවේ”... “මට වැඩකාරියක් තියාගන්න වත්කමක් නැහැ”...” 

මගේ අම්මා මහන්සි වෙලා වැඩ කළා”...” ඒකයි අද මෙහෙම වුනේ”...” ඇය දහ දෙනෙක්ගේ වැඩ 

තනියම කළා”...”කරදර සහ මහන්සිය නිසා ඇය ඇඳට වුනා”...”ඇය වගේ වැඩ කරන අය අද 

හොයා ගන්න නැහැ”...

මහළු ගැහැණිය ව්‍යාපාරික කාන්තාවක් සේ හැඟීම් වලින් තොරව මෙසේ කීවාය. ...”ගණන් 

දෙකක් තියෙනවා”... “මහත්වරුන්ගෙන්, සල්ලි ඇති අයගෙන් මම දහවල් කාළයට ෆ්‍රෑන්ක් 

දෙකක් සහ රාත්‍රියට ෆ්‍රෑන්ක් තුනක් මම ගන්නවා”...”අනෙක් අයගෙන් මම දවාලට ෆ්‍රෑන්ක් 

එකක් සහ රාත්‍රියට ෆ්‍රෑන්ක් දෙකක් ගන්නවා”... එහෙත් ගොවියා තමාගේ අම්මා ගැන වඩා 

හොඳින් දනී. 
ඇය ශක්තිමත් ගැහැණියක් විය. ඒ නිසා සමහරවිට අම්මා තවත් සතියක් පමණ ජීවත් වනු ඇත. ...

”නැහැ, එහෙම නොවේ”...” අන්තිම අවස්ථාව වන තුරු අම්මා බලාගන්නවාට ගාණක් කියන්න”...

” දොස්තර කියන්නේ, ඇය ඉක්මනින් මිය යයි කියලා”...” එහෙම වුනොත් එය ඇයට පාඩුවක් 

වුනාට, ඔබට ලාබයක් වෙනවා ”...

රපෙත් නෝනා ගොවියා දෙස පුදුමයෙන් බැලුවාය. ගොවියා ඇයට බොරුවක් කරන්න හදනවාද, 

එසේ නැතහොත් ඇත්තටම අඩු කාලයක් මියයන ගැහැණිය බලා කියා හිඳ, වැඩි ලාභයක් ගන්නට 

ඇයට හැකි වේද යන්න ගැන මඳක් සිතා මෙසේ කීවාය. ...”මට මොකුත් කියන්න බැහැ, ඔබේ අම්මා 

දකින තුරු”...”එහෙනම් මාත් එකක එන්න”...”ඇවිත් අම්මාගේ තත්වය බලන්න”... හොනොරේ කීවේය.

අත පිසදා ගත් ඇය, ගොවියා සමඟ යන්නට ලැහැස්ති වූවාය. ඔවුන් පාරේ කතාකලේ නැත. ඇය 

කෙටි පියවරවල් තබමින් යන අතර, ගොවියා දිග පියවරවල් තබමින් දිය පහරවල් උඩින් යන්නා 

මෙන් ගමන් ගත්තේය. ග්‍රීෂ්මය මඟ හරින්නට, කුඹුරු වල වැතිර සිටි එළදෙනුන් ඔවුන් දෙස හිස 

ඔසවා බැලුවේ, අලුත් තණකොළ දෙන්නට කෙනෙක් එති යයි සිතනවා මෙණි.

ඔවුන් නිවසට ළඟාවන විට, හොනොරේ මෙසේ කෙඳිරුවේය. ...“ඔක්කොම ඉවර වෙලාද? එහෙත් 

ඔහුගේ කෙඳිරීමේ එම අදහස ගැබ්ව තිබිණ.

නමුත් වයෝවෘද්ධ මැහැළිය මිය ගොස් සිටියේ නැත. ඇය උඩුපෙළි අතට ඒ අපහසු ඇඳේ දුක්මුසු 

සේ වැතිර සිටියාය. පොරෝනාවෙන් ඇයගේ අත් වැසී තිබුනද, ඒ කෙට්ටු කෝටු අත් දැකීම දුක්මුසු 

දර්ශනයක් විය. ඒවා ඉතා සිහින් විය. අපහසු ආකාරයේ වැඩ කල ඕනාවට වඩා වෙහෙස වූ ඇයගේ 

අත්, අමුතු සතෙක් ගේ මෙන් නහර ගැට ගැසී කොරව නිසලව තිබුනේ, ශත වර්ෂයකට කිට්ටු 

කාලයක් ඇය කල වැඩ වලට සමු දෙන්නාක් මෙන් විය. රපෙත් නෝනා මිය යන මැහැළිය හොඳින් 

පරීක්ෂා කළාය. ඇයගේ හෘද ස්ඵන්දනයට සවන් දුන්නාය. පපුවට තට්ටු කලාය. ඇය මැහැළිය 

අමාරුවෙන් හුස්ම ගන්නා හඬට සවන් දුන්නේ, මැහැළිය කතා කරනවා මෙන් සිතාය.

මෙසේ මැහැළියව නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කල ඇය, අද දින රාත්‍රියවත් ඇය ජීවත් වන්නේ 

නැතැයි නිගමනය කලාය. ...”ඉතින්? ...”ඔබ මොකෝ කියන්නේ?... ගොවියා ඇසුවේය. රපෙත් නෝනා 

මෙසේ කිව්වාය. ...” ඇය තව දින දෙකක් හෝ තුනක් විතර වුණත් සිටීවි”...”ඔබ මට ඒ සඳහා ෆ්‍රෑන්ක් 

තුනක් දිනකට ගෙවන්න ඕනා”...

...”මොනවා?...”ෆ්‍රෑන්ක් තුනක්? ...ෆ්‍රෑන්ක් තුනක්? ...ගොවියා මහ හඬින් කෑ ගැසුවේය. ..”රපෙත් 

නෝනාගේ මොළේ හොඳ නැද්ද? ..”ඇය තව පැය පහ හයකට වඩා ජීවත් වන්නේ නැහැ”... ගාණ 

හෙට්ටු කර ගැනීමට, ඔවුන් තදින් වාද කලෝය. එහෙත් රපෙත් නෝනා, ඇයගේ මතය වෙනස් කලේ 

නැත. ඇය ගෙදර යනවා යයි ගොවියාට තර්ජනය කලාය.

කුඹුරේ ඇති තිරිඟු ඉබේම කැපී නිවස බලා එන්නේ නැති බව ගොවියා සිතුවේය. අවසානයේ ඔහු ඇය 

කියූ මුදළට එකඟ විය. එහෙත් ඔහු මෙසේ කීවේය....”බොහොම හොඳයි, ෆ්‍රෑන්ක් හයයි”...”මිනිය එළියට 

ගන්නා තුරු ඔබ ඉන්න ඕනා”... එය හෙට්ටු කිරීමේ අවසානය විය. දෙදෙනාම මේ සම්මුතියට එළඹිණි.

අව්වේ වේලි වේලි තිබුණු තිරිඟු දෙසට ගොවියා ගමන් කලේය. සාත්තුකාරිය තම ගෙදර බලා ගමන් 

ගත්තාය. ඇය නැවත ගොවියාගේ නිවසට පැමිණියේ ඇඳුම් ගොන්නක් රැගෙනය.

රපෙත් නෝනා මිය යන කෙනෙක් බලා ගන්නට පැමිණි අවස්ථාවක වුවද කාලය අපතේ හරින කෙනෙක් 

නොවීය. මිය යන්නා ගේ ඇඳ අසල සිට ඇය අයගේ වැඩ හෝ කුලියට ගත් වැඩ කිරීම ඇගේ සිරිත විය. 

හදිසියේ ඇය මහන හැඳුමෙන් හිස හරවා මැහැළිය දෙස බැලූ රපෙත් නෝනා මෙසේ ඇසුවාය.

...”අන්තිම දේව වරප්‍රසාදය ඔබට ලැබුණාද අම්මේ ? මහළු ගැහැණිය නැහැ යයි කියන්නට, අපහසුවෙන් 

හිස සැලුවාය. එවිට ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් වූ රපෙත් නෝනා උඩ පැන; ...”දෙයියනේ, ඒ කොහොමද? 

මම දැන්ම පල්ලියට ගිහින් පූජකතුමාව රැගෙන එන්නම්” ... කියා ඇය වහ වහා නිවසෙන් එළියට බැස 

දුවමින් මෙන් ගමන් ගත්තාය. ඇයගේ ගමන දැක, පාරේ සෙල්ලම් කරමින් සිටි ළමයින් සිතුවේ කොහේ 

හෝ අනතුරක් වී ඇත කියාය.

රපෙත්ගේ ඉල්ලීම පිට, පූජකයා ලහි ලහියේ හොනොරේගේ නිවස බලා යන්නට පිටත් විය. නිසළ 

ගම්මානයේ කුඹුරු හරහා වැටී ඇති පටු මාවත් හරහා ඇවිද ගිය සුදු පැහැ ලෝගුවක් හැඳි පූජකයා 

ඉදිරියේ, සම්ප්‍රදානුකූල සිරිත අනුව පිරිමි ළමයෙක් සීනුවක් හඬවමින් ඇවිද ගියේය. දෙවියන් වහන්සේ 

මැවූ ශරීරය, නොබෝ දිනකින් සාමකාමී පිටිසර ගම්මානය හරහා සොහොනට ගෙන යන බව එයින් 

කියැවිණි. ඈත වැඩ කරමින් සිටි ගොවියෝ, ඔවුන්ගේ වැඩ මඳකට නවත්වා හැඳ සිටි තොප්පි ඔසවා 

පූජකයා ඔවුන්ගේ දර්ශන පථයෙන් ඈත්වන තුරු නිසලව හිඳ ආචාර කලහ. ලියැදි වල තිරිඟු නෙළමින් 

සිටි ගැහැණු එය නවත්වා කුරුස ලකුණ සටහන් කලහ.

ලියැද්දක බැඳ සිටි පෝනියෙක් අශ්වයෙක් මේ පිරිස දැක හේසාරාවය කරමින් කලබලව උඩ පනින්නටත් 

දඟලන්නටත් පටන් ගත්තේය. පෝනියා කොතරම් පූජකයාට බය වුනේද යත්, ඌ දැඟලූ තැන මඩ වළක් 

මෙන් මඩ විය. පූජකයා ඈතට ගමන් කරමින් සිටියද, බිය පත් වූ කිකිළියක් පාර හරහා දුව ගොස් ඇය 

සැඟව සිටින තැනට ලඟා වූවාය.
රතු කබායක් හැඳ පූජකයාට පෙර ගමන් කල ළමයා ඉක්මනින් ගමන් කලේ යාඥාවක් කියමිණි. පූජකයාද 

හතරැස් හිස් වැසුමක් හිස ලාගෙන, මුහුණ පැත්තටකට හරවා ගෙන යාඥාවක් තෙපළමින් ගමන් ගත්තේය. 

රපෙත් නෝනා මේ දෙදෙනාටම පසුව පල්ලියේ සිටිනවා මෙන් අත් බැඳ ගෙන බොහෝ ආගමානුකූල 

වේශයක් ගෙන ගමන් ගත්තාය.

මේ පිරිස දුටු හොනොරේද, ...”අපේ පූජක තුමා කොහෙද යන්නේ ? කියා ඇසුවේය. ඔහු සමඟ සිටි, වඩා 

ඥාණවන්තවූ පිරිසේ කෙනෙක් මෙසේ කීවේය....”පූජකතුමා ඔබේ අම්මාට සැක්‍රමේන්තුව ගෙන යනවා”... 

ගොවියා පුදුම වූයේ නැත. ...”ආ වෙන්න පුළුවන්” ... ඔහුගේ පිළිතුර විය. ඉන් පසු ඔහු සාමාන්‍ය ආකාරයට 

ඔහුගේ වැඩේ යෙදින.

මැහැළිය පාපොච්චාරණය කළාය. පාරිශුද්ධ බව සහ දේව වරප්‍රසාදය ලබා ගත්තාය. පූජකයා නැවත පසු 

ගමන් ගත්තේය. ගැහැණු දෙදෙනා ඒ වාතය හිරවුණු කුඩා කාමරයේ තනි වූහ. රපෙත් නෝනා, මැහැලිය 

දෙස බලමින්, තව කොපමණ දවසක් ඇය ජීවත් වේදැයි සිතුවාය. දවස ගෙවී ගොස් ඇත. දහවළ හැමූ 

උණුසුම් වියළි වාතය වෙනුවට දැන් සීතල සුළං හමයි.

වෙල් යායෙන් එන සීතල සුළං පහර වැදී බිත්තියේ එල්ලා ඇති පින්තුරයක් සෙලවේ. කලක් සුදු පැහැයට 

තිබුණු ජනේලයේ තිර රෙදි කහ පැහැ ගැන්වී ඇත. සුළඟ නිසා ඒවා පියාඹනවා මෙනි. හරියට මිය යන 

ගැහැණියගේ ආත්මය, ඇගේ සිරුරෙන් බැහැර වෙන්න හදනවා මෙනි.

නොසෙල්වී සිටින මැහැල්ලගේ ඇස් ඇරී ඇත. ඇය දොරෙන් එහා ඈත ක්‍ෂිතයේ අනනන්ත දුරට විහිද යන 

තිරිඟු වෙල් යාය දෙස බලා සිටින්නේ, අසළ ඇති මරණය කුමක් නිසා ප්‍රමාද වෙනවාද අසන ලෙසිණි. 

උගුරේ හිරවුණු ඇයගේ කෙටි සුසුම් වලින් සමහර විට නළාවක මෙන් හඬක් ඇසුණි. ඉක්මනින් එය 

නැවතිය හැක. ලොවට තවත් කෙනෙක් නැතිවුනද, කිසි කෙනෙක් ඒ ගැන දුක් වන එකක්ද නැත.

රාත්‍රී කාලයේ හොනරේ ගෙදර ආවේය. මව සිටින සයනය වෙත ගොස් ඇය තවමත් ජීවත් වෙනවා දැක 

රපෙත් නෝනා ගෙන් ඔහු මෙසේ ඇසුවේය. ...”ඇයට දැන් කොහොමද?... “ ඒ විදියම තමා”...රපෙත් නෝනා 

පිළිතුරු දුන්නාය. “හෙට උදේ පහට එන්න”...”පහට එනවා, ...රපෙත් නෝනා පිළිතුරු දුන්නාය.

ඇය පසු දිනය ආරම්භයේදී පැමිණි විට හොනරේ තමා විසින්ම හදාගත් සුප් බඳුනක් හිස් කරනවා දුටුවාය. 

ඇය හොනරේගෙන් මෙසේ ඇසුවාය. ...”ඉතින්, ඔබේ මව මිය ගියේ නැද්ද? ...”ඇත්තටම අනෙක් අතට ඇයට 

තරමක් සුවය ලැබිලා වගේ”...ඔහුගේ ඇසෙහි කොණක කපටි කමේ සේයාවක් තිබිණ. මෙසේ කියමින් ඔහු 

කාමරයෙන් පිට විය.

රපෙට් නෝනා මහත් වික්ෂිප්තව මිය යන ගැහැණිය දෙස බැලුවාය. ඇය තවමත් සිටින්නේ මුල් තත්වයෙනි. 

හැඟීම් විරහිතව ඔහේ අලස පෙනුමෙන් යුතුව ඇය ඇඳේ වැතිර සිටී. මේ දුටු රපෙත් නෝනා, ඇය මේ විදියට 

සිටියහොත් තවත් දින දෙකක්, හතරක් පමණක් නොව, දින අටක් වුවද ජීවත්ව සිටිනු ඇතැයි සිතුවාය. 

ඇගේ කෑදර සිත බියෙන් පිරුණි. ඒ අතර ඇයව රැවටූ කපටි ගොවියා සහ, සිතු තරම් ඉක්මනින් මිය නොයන 

ගැහැණිය කෙරේ ඇයට ඇති වූයේ මහත් කෝපයකි.

කෙසේ වුවද ඇය මැහැළිය දෙස ඉඳ හිට හොරෙන් බලමින් වැඩ කරන්නට පටන් ගත්තාය. හොනරේ උදේ 

ආහාරය ගන්නට එන විට, ඔහු සතුටින් පසුවිය. ඔහු හිතුවාටත් වඩා හොඳින් තිරිඟු අස්වැන්න එකතු 

කිරීමේ කාර්යයේ යෙදුණි. රපෙට් නෝනාගේ සිත දැන්, කම්මලක් වැනි විය. ඇය තරහෙන් පිපිරෙමින්, 

මේ කාලකන්ණි මැහැළිය ජීවත් වන සෑම විනාඩියක්ම ඇයට වන අලාභය ගැන සිතුවාය. මේ ඇට්ටර 

නාකි ගැහැණිය, ඌරු හිසක් ඇති මේ මැහැළිය ගේ සුවාසය, බෙල්ල මිරිකා සදහටම නවත්වා දමන්නට 

ඇයට ක්ෂණික සිතක් පහළ වූවද, එහෙත් එයින් ඇති විය හැකි අනතුරුදායක තත්වය ගැන සිතුවාය.

මේ අතර ඇගේ සිතට අනෙක් සිතුවිල්ළක් ඇයට පැමිණියාය. ඇඳ අසළට ගිය ඇය මැහැළියගෙන් මෙසේ 

ඇසුවාය. ...”ඔබ යක්ෂයා දැක තිබේද?

මැහැළිය ‘නැහැ’ යන්න පෙන්වන්නට හිස නමින් කුඩා කෙඳිරියක් ඇති කලාය. දැන් රපෙත් නෝනා, 

යක්ෂයා ගැන කතා දුර්වල මනසක් ඇති මැහැළියට මෙසේ කියන්නට පටන් ගත්තාය. ..”මිය යන්නට 

විනාඩි කීපයකට පෙර යක්ෂයා එන්නේ මෙහෙමයි”... ”යක්ෂයාඅතේ කොස්සක් තියෙනවා”...” හැළියක් 

ඔහුගේ හිසේ නවා ගෙන ඉන්නේ”...”ඔහු මහා විශාල ශබ්ද ඇති කරනවා”...”කව්රුන් හෝ ඔහුව දුටුවොත්, 

එය ඒ දුටු කෙනාගේ අවසානයයි”...

ඉන්පසු ඇය පසුගිය වසරේ යක්ෂයා දුටු අයගේ නාමාවළියක් ඇය කියාගෙන ගියාය. “ජොසපින්’ , ඉයුජින්’,‘

රැටියර්’, ‘සොෆී’, ජෝන්, ජෙෆ්රි ... මේ නාමාවළිය කියාගෙන යන විට, බිය පත් වූ මැහැළිය ඇයගේ උපරිම 

ශක්තිය යොදමින් කාමරයේ අනෙක් කොන දෙස බලන්න උත්සාහ ගත්තාය. මේ අතර රපෙට් නෝනා 

හදිසියේම ඇඳ අසලින් ඉවත්ව ගියාය.

ඇය අල්මාරියෙන් පොරෝනාවක් ගෙන, ඇඟ වටා ඔතා ගත්තාය. කකුල් තුනක් ඇති යකඩ සාස් පාන මුනින් 

නවා ඔළුව උඩ තබා ගත් ඇය දැන් පෙනෙන්නේ අන් තුනක් ඇති සතෙක් මෙනි. කොස්ස දකුණු අතට ගත් 

ඇයගේ, වමතේ තිබුනේ බඳුන් වැසීමට ගන්නා විශාල යකඩ පියනකි. ඇය කාමරයේ දොර අසලට ගොස්, 

මැහැලිය දෙසට ඒ පියන විසි කළාය. පියන බිම වැටෙන විට මහා ශබ්දයක් ඇති විණ. ඊළඟට ඇය කලේ 

පුටුවට නැගීමයි. නොයෙකුත් විකාර ශබ්ද ඇති කරමින් උඩ පැන්නාය. කොස්ස උඩ දමමින් විකාර 

රැඟුමක් පෑවාය.

අපමණ භීතියකින් වෙළුණු මැහැළිය, විශාල දිරියක් ගෙන නැගිටින්නට උත්සාහ කළාය. ඇය සිහින් දඬු 

වැනි අත් දෙකෙන් ඉස්සෙන්නට උත්සාහ කලාය. ඇය උරහිස් යන්තම් ඔසවා ගත්තද, ඇය හුස්ම තදවීමෙන් 

නැවතත් ඇඳ මතටම ඇද වැටුනාය. ඒ ඇයගේ අවසානය විය.

රපෙට් නෝනා බොහෝ ශාන්තව ඒ සියළු දේ තිබුණු තැන් වලින්ම තිබ්බාය. පොරෝනාව අල්මාරිය ඇතුළේද, 

සාස් පාන කුස්සියේ රාක්කය මතද, යකඩ පියන කුස්සියේ මුල්ලකින්ද තැබුවාය.

දැන් සම්ප්‍රදාය අනුව, භීතියෙන් මුව සහ ඇස් විවර වී තිබුණු මැහැළිය ගේ දේහයේ ඇස් සහ කට වසා දැමුවාය. 

මල් කිනිත්තක් කඩා, එය දැමූ ශුද්ධ වූ ජලය ඇති පීරිසියක් දේහය අසළ තබා, දේහය අසල දන ගසා ගෙන 

ඇයගේ වෘත්තියට ගැලපෙන අයුරෙන් මළවුන් සඳහා වූ යාඥාව ඕනාකමෙන් සහ ගෞරවණීය අයුරෙන් 

කියන්න පටන් ගත්තාය.

හොනරේ හවස් යාමයේ පැමිණෙන විට, යාඥා කරන රපෙත් නෝනා දැක ඇයට ගෙවිය යුතු මුදළ කුමක්දැයි 

ගණන් බැලුවේය. ඇය අම්මා බලාගෙන ඇත්තේ දහවල් තුනක් සහ රාත්‍රියක් පමණි. ඒ අනුව ඇයට ලැබිය යුතු 

ගණන ෆ්‍රෑන්ක් පහකි. එහෙත් පොරොන්දුව පරිදි ඇයට ෆ්‍රෑන්ක් හයක් ගෙවිය යුතුව තිබිණ.




Nissanka Rajapaksa

unread,
Dec 17, 2019, 10:24:30 PM12/17/19
to ind...@googlegroups.com

මං ගෙදර ගිහිල්ලම....

රැස පුවත්පතින්

කීර්ති වැලිසරගේ

ම්ම්ම්... අවුරුදු හතරකට විතර කලින්...

ඔව්... දෙදාස් දහතුනේ ඔක්තෝබර් තමයි අපි කෝස් එකට ලියාපදිංචි වුණේ. අයි.ටී. සතී ආවේ තලාහේනේ ගෙදරක නතර වෙලා. ඒ, ගෙදර උඩ තට්ටුවේ කාමරයක් තවත් ගෑනු ළමයි දෙන්නෙක් එක්ක බෙදාගෙන. කෝස් එක ඉවර වෙලා මාස හය හතකට පස්සෙ තමයි එයාට ජොබ් එක හම්බ වුණේ. මම එතකොටත් වැඩ. අවුරුද්දකට විතර පස්සෙ තමයි ‘ඇලුකොප්’ එකට ආවෙ.

නෑ... ගෙදර ඇහැලියගොඩ... කිව්වට ඇරෑපොළ.

ඒ පාර සතී කොස්වත්තෙ පයිප්ප පාරෙ ගෙදරක නතර වුණා. ඒත් එතන මිනිස්සු කැමති වුණේ නෑ මං නිතර ගිහිං එයාව හම්බවෙනවාට. අපි ඒ දවස්වල හම්බවුණේ යන එන ගමන් අතරමඟදි. පස්සෙ එයා මෙතන හොයා ගත්තා. මෙතන හොඳයි කියලා මාත් කිව්ව. කලින් තැන වදුලක් වගේ. ලොකු කොස්ගහ හින්ද එළියක් වැටුණෙ නෑ. කාමරේ තෙතයි, පුස් ගඳයි කියල සතී අප්පිරියාවෙන් හිටියෙ. මෙතනට හොඳට ඉර එළිය වැටුණා. වටේට අලුත් ගෙවල්.

නෑ... මම සල්ලි දුන්නෙ නෑ. සල්ලි තිබුණෙ නෑ මාස හයක ඇඩ්වාන්ස් ගෙවන්න. එයා කාගෙන් හරි... පුංචි අම්මාගෙන්ද කොහෙද... සල්ලි ඉල්ල ගත්තා කියල මාත් එක්ක කිව්ව. ඒක ටික ටික ගෙවනවා කියල කිව්ව. ඒත් ගෙවුවාද මම දන්නෑ. ‘ප්‍රයිම්’ එකේ තමයි සතී දිගටම වැඩ කළේ. පයිප්ප පාරෙ ගෙදරට එයා කියල තිබුණෙ මම ගමේ නෑකෙනෙක් කියල. ඒ වුණාට ඒ මිනිස්සු ඒක බොරුවක් කියල දැනගන්න ඇති. මේ ඇනෙක්ස් එකේ ආන්ටිට අපි බැඳල කියල බොරුවක් කියන්න මම කැමති වුණේ නෑ. ඒත් සතී කිව්ව එහෙම නොකිව්වොත් කලින් වගේම වෙයි, ඊට හොඳයි කසාද සහතිකේ ඉල්ලන්නෙ නෑනෙ, එහෙම කියමු කියල.

නෑ... ඇත්තටම එහෙම නෑ... එහෙම පොරොන්දුවක් අපි අතරෙ තිබුණෙ නෑ. අපි ආස්සරේ කළා.

... කිට්ටුවෙන් කියන්නෙ... එයාට වෙන කවුරුත් හිටියෙ නෑ. අපි ගැන ගෙවල්වලට කියනවට සතී කැමති වුණේ නෑ. ඒ ප්‍රශ්නෙ ඔළුවෙ කැක්කුමක් කියල තමයි සතී කිව්වෙ. මම ගෙදරට කියල තිබුණෙ යාළුවෙක් එක්ක බෝඩිං කාමරේක ඉන්නව කියල. සතියට දවස් තුනක් විතර... සමහරක් සතිවල සතියම වගේ හිටිය. එයා මං යනවට කැමති වුණේ නෑ. වීක්එන්ඩ් එකේ දෙන්නාම ගෙදරවල්වලට ගියා. මම කොට්ටාවෙන් එයාව බස්සල බස් එකේ නගින කල් ඉඳල අපේ ගෙදර ගියා. කටුබැද්දෙ. මුලින් තිබුණෙ පරණ සී.ඩී. නයින්ටියක්. ඒක විකුණල මේ ජයිව් එක ගත්තෙ ගෙවන්න. අපි මේකෙන් ගමන් ගියා කොච්චරවත්. ඒත් ඇරෑපොළ එයාගෙ ගෙදර ගියෙ නෑ එක වතාවක්වත්. මම යමුද අහල තියෙනව. ඒත් එයා කැමති වුණේම නෑ. මාත් බල කළේ නෑ.

ඔව්... ඒ ගෙදර තොරතුරු මට කියල තිබුණෙ. තාත්ත වයිල්ඩ් ලයිෆ් එකේ. ඈතක රස්සාව කළේ. අඩවි වන නිලධාරි කෙනෙක්. ගෙදර නෑ. නංගි ඇහැළියගොඩ සෙන්ට්‍රල් එකේ උසස් පෙළ කරන්නෙ. එයා ගැන තමයි නිතර නිතර විස්තර කිව්වෙ. අම්මට හතිය. බේත් ගන්න වෙද මහත්තයෙක් ගාවට යනව කිව්ව. මාසෙකට සැරයක්. ගෙදර ගියාම එයත් එක්ක.

නෑ... කවදාවත් නෑ. දවසක් ආන්ටි නම් ඇහුව තමයි මොකක්ද සද්දයක් ඇහුණේ කියල. එතකොට තමයි අපිත් බැලුවෙ කුස්සියට ගිහිල්ල. අපි හිතුවෙ මීයෙක් පිඟානක් පෙරළලදවත් කියල. අපි කිව්ව සද්දයක් එන්න මුකුත් වැටිල එහෙම නෑ කියල.

ඔව්... ඇහුව තමයි. නළල මොකද කියල. ගෙදර ගිය වෙලාවෙ ළිඳ ළඟ ලිස්සල වැටිල තමයි එහෙම ගෙඩි ගැහිල තිබුණෙ. සතී ඒක කිව්ව. ඒක වෙලා එතකොට සතියක්. නෑ... දවස් දෙක තුනක් ඇති. ඒකට බාම් ගෑවට අඩු වුණේ නෑ.

ඔව්... හැසිරුණා. ඒත් ආරක්ෂා වෙලා. එයා එහෙම නැතුව ඉඩ දුන්නෙ නෑ.

නෑ... පෙති ගත්තෙ නෑ. අනාගතේ දරුවෙක් ලැබෙනකොට ප්‍රශ්න ඇති වෙනව කියල ඒකට එයා කැමති වුණේ නෑ.

ඔව්... ගත්තා මම. පිරිමි කවුරු හරි පේන්න ඉන්න පාමසි එකකින් බලලා ගත්ත.

නෑ... නෑ... එයා ගත්තෙම නෑ. මම ගත්තා.

සල්ලි ප්‍රශ්න ඇති වුණේ නෑ. අපි තේ හදාගත්ත විතරයි. ගෑස් කුකර් එක තියෙනව. පුංචි සිලින්ඩරෙයි. ඒ වුණාට ඉව්වෙ නෑ. කඩෙන් ගෙනල්ල කෑම ගත්ත. සමහරදාට ඔම්ලට් දා ගත්ත. සැමන් ගෙනැල්ල සම්බෝල හදල පාන් කෑව. බත් ඉවුවෙම නෑ. ආන්ටි දවසක් සතීගෙන් අහල තිබුණ උයන්නැද්ද කියල. කරදර හින්ද ඉන්න දවස් ටිකේ කඩෙන්ම තමයි කෑවෙ. දවාලට කැන්ටිමෙන්.

මම... සමහරක්දාට කෑම ගේන්න කියල සල්ලි එයත් දුන්න. ප්‍රයිඩ් රයිස් හරි කොත්තු හරි පරාටා හරි ගෙනාව. බයික් එකට ගෙවන්න දෙතුන් ගමනක් මගේ අතේ සල්ලි නැතුව එයා දුන්න. ගෙදර යනකොට ඕනකම්වලට මගෙනුත් සල්ලි ඉල්ලගෙන තියෙනව. සමහර වෙලාවල්වල පෙට්ට්‍රල් ගහන්නත් එයා සල්ලි දෙනව. ඒ ඒ වෙලාවල... මට මතකත් නෑ.

ඊයේ වුණේ... ඔළුවෙ කැක්කුමයි කිව්ව. උදේ මම ඔෆිස් යන්න ලෑස්ති වෙනකොටත් එයා නිදාගෙන හිටියෙ. මම ඇහුව යන්නැද්ද කියල. ඔළුවෙ කැක්කුමයි... උණත් වගේ කියල කිව්ව.

නෑ... මම එහෙම බැලුවෙ නෑ. මම කිව්ව බේත් ගන්න යමු කියල. එයා කිව්ව වැඩි වෙනව නම් විතරක් යමු, නැත්නම් අඩු වේවි, කලිනුත් හැදිල අඩු වෙලා තියෙනව කියල. ඒත් මම බල කළහම ඇඳගත්ත. එතකොට වහිනව. උදේ වුණාට හොඳටම අන්දකාරෙ. බයික් එකේ යන්න බැරි හින්ද අපි කුඩේ යටින් පාරට ඇවිල්ල ට්‍රයිෂෝ එකක් නවත්තගෙන ගියේ. මම ඔෆිස් එන්නෑ කියල කෝල් එකක් දෙන්න යනකොට එයා එපා කිව්ව. එයාට තනියම ගිහින් බේත් ගන්න පුළුවනි, එහෙම අරන් තියෙනව, ඩොක්ටර් ඉන්නෙ නමේට හින්ද මට යන්න කිව්ව.

නෑ... එතන මම දන්නෙ නෑ.

කලින් ගිහින් නෑ. පස්සෙ බොරැල්ලෙන් බැහැල එයා බේත් ගන්න යද්දි මම බස් එකෙන් ඔෆිස් ගියා. එයා බේත් අරන් බස් එකේ ගෙදර යනව කිව්ව.

නෑ... එයාට පුරුදුයි කිව්වනේ. අනික අපිට එහෙම නිවාඩුවක් හදිස්සියෙ ගන්නත් බෑ. බැරිම තැනක මිසක්... ඒකයි.

නෑ... මට කෝල් එකක් දෙන්න බැරි වුණා. වැඩ ගොඩගැහිල තිබුණෙ. එයා අරන් තිබුණ දෙපාරක්. ෆෝන් එකේ සයිලන්ට් වැටිලද කොහෙද... වැස්සත්නේ. මට රිංග්ස් යනව ඇහුණෙ නෑ. හවස දැක්ක මිස් කෝල්ස්. එතකොට මං ගත්තෙ නැත්තෙ ගෙදර යනවනෙ ඉක්මනට. ඒකයි.

වෙලාව... හයට විතර ඇති... යන්තම් පොදේ. ඔව්... කෙලින්ම ගෙදර කියන්නෙ ඇනෙක්ස් එකට.

ඔව්... හිටිය ඇඳේ ඇල වෙලා. මම ඇහුව තාම හිසරදේ තියෙනවද, උණද කියල. ඔව් කිව්ව. බේත් බිව්වද කියල ඇහුවම නෑ කිව්ව. මම ඇයි ඇහුව. ඒකට මුකුත් කිව්වෙ නෑ.

ඔව්... ඔක්කොම මේසෙ උඩ තිබුණා. බේත් පෙති පැකට් දෙකක්. තව නිල්පාට පුංචි පෙති කාඩ් එකකුයි කෑල්ලකුයි. මම ඇරල බැලුව. මම කිව්ව ගෙනාපු බේත් බොන්න කියල. වතුර කෝප්පෙකුත් ගෙනත් දුන්න. ඒත් බිව්වෙ නෑ. එතකොට හොඳටම කරුවල වැටිල.

ඔව්... ගියා. ඒ ගියේ මොනව හරි කන්න ගේන්න. වෙනද දෙන්නාත් එක්ක එන ගමන්ම ගේන්නෙ. ළඟ තියෙනව සුරස කැෆේ කියල. පයින් යන දුර. ඒකෙන් චිකන් කොත්තුවක් දම්ම ගත්ත.

ඔව්... දෙන්නාටම... ඇති... එතන සෙනඟ පිරිල හිටිය. විනාඩි හතළිස් පහක්... පැයක් විතර යන්න ඇති. මම යනකොට දොර වහගෙන ගියේ. මං දොර ඇරගෙන ඇතුළට එනකොට අමුතු ගඳක්... නාහෙ කාගෙන යන ගඳක් ආව... සතී ඇඳේ හිටියෙ නෑ... කෙඳිරි ගාන සද්දෙත් එක්ක මම බාත් රූම් එකට දුවල බැලුව. සතී කොමෝඩ් එක ළඟ මුනින් අතට වැටිල හිටියෙ. දුඹුරු පාටට වමනෙ වගේ වැටිල තිබුණ බිම. මට කෑ ගැහුණ. මං දුවල ගිහින් ආන්ටිට කිව්ව.

නෑ... මම උස්සන්න ගියෙ නෑ. ආපහු ඇවිත් උස්සන්න බැලුව. එතකොට දෙන්නෙක් කෝ... කොහෙද කියාගෙන ගෙට ඇවිල්ල උස්සල ගත්ත. වාහනේක දාගෙන ගෙනාව. කවුද ආවෙ කියන්න මම දන්නෙ නෑ.

ඔව්... ගෑනු දෙන්නෙක් ආව. ආන්ටි නෙවෙයි. මට කවුද කියල මතක නෑ.

නෑ... මම කුප්පියක් දැක්කෙ නෑ. මම එහෙමම හිටිය. ආවෙ නෑ. වාට්ටුවෙන් පිට බංකුවක ඉඳගෙන හිටියෙ. රෑ නර්ස් කෙනෙක් මට කිව්ව ලෙඩාට අමාරුයි කියල. මට නින්ද ගියේ නෑ.

ඔව්... නැති වෙලා කියල දැනගත්තෙ උදේ. මම ඒ ගොල්ලෑ ගෙදර කාවවත් අඳුනන්නෑ. ඇඩ්‍රස් එක හරි... දොළේ කඩේ බාරේ, උඩුපීල්රේ ගෙදර, ඇරෑපොළ.

නෑ... බබෙක් ලැබෙන්න ඉන්නව කියල මම දැනං හිටියෙ නෑ. එහෙම දෙයක් මට කියල නෑ... ඔළුවෙ කැක්කුම කියපු හින්දයි... උණටයි බේත් ගන්න ගියේ. බේත් පාමසියෙන් ගන්න ඇති.

මම මුලිනුත් කිව්ව. දැං කී පාරක්ද දන්නෑ කිව්ව. ඒ පෙන්නපු පෙති පැකට් ටික තමයි. ඒ කුප්පිය මම කලින් දැකල නෑ.

නෑ... දන්නෑ ඒ කුප්පිය එයාට හම්බ වුණේ කොහොමද කියල. ඒ කුප්පිය මම දැක්කෙ හවස පෙන්නපු වෙලේ.

නෑ... බාත් රූම් එකේ වැටිල තියෙනව දැක්කෙ නෑ. වමනේ තියෙනව දැක්ක ටිකක් පෙණ වගේ දුඹුරු පාට...

ඔව්... තිබහයි. මට ඕනෙ ගෙදර යන්න. ගෙදර... අපේ ගෙදර... ගෙදර දන්නෑ මං කොහෙද කියල. දැං රෑ නේද? මං මුකුත් කවදාවත් ගෙදරට කියල නෑ. සතී ගැන... අපි එකට ඉන්නවයි කියල කිසි දෙයක්...

එපා... මං ගෙදර ගිහිල්ලම...

 



Nissanka Rajapaksa

unread,
Dec 18, 2019, 8:02:27 PM12/18/19
to ind...@googlegroups.com

පළිගැනීම

n7 1

පවුලෝ සැවෙරිනී වැන්දඹුව, ඇගේ පුත‍්‍රයා හා වාසය කළේ බොනිෆසියෝ පවුර මත පිහිටි කුඩා දිළිඳු නිවසකය. සාර්දිනියා වෙරළෙහි පහළ බෑවුමේ සිට බලන්නෙකුට ඉහළ කඳු පන්තියේ මුහුද දෙසට නෙරූ තීරය මත පිහිටි බොනිෆසියෝ ගම මුහුදු පාසි සහිත ගල්පර අතරින් පෙනෙයි. කඳු පාමුල අනෙක් පැත්තේ සම්පූර්ණයෙන්ම පාහේ දැවැන්ත කොරිඩෝවක් මෙන් කපා සකසා ඇත්තේ එය වරායක් සේ භාවිත කිරීමට බැව් කෙනෙකුට සිතාගත හැකිය. ඉතා තද බෑවුම් සහිත පර්වත බිත්ති අතර වූ පටු මුහුදු තීරුවෙහි පහළම වූ නිවාස වෙත දෛනිකව ගමන් ගන්නා ඉතාලි හෝ සාර්දිනියන් මාළු බෝට්ටු ද, සෑම දෙසතියකටම වරක් අජසියෝ වෙත හා ආපසු යාත‍්‍රා කරනා පැරණි වාෂ්ප බෝට්ටුවක්ද දක්නට ලැබෙන්නේය.
 
 ඉහළට නැඟුණු ධවල පැහැ පර්වතයෙහි වූ නැම්මෙහි පිහිටි නිවෙස් සමූහය ඈතට පෙනුනේ එක්වන් වූ ධවල පැල්ලමක් ලෙසිනි. හරියටම කියතොත් වනයෙහි වූ කුරුල්ලන්ගේ එක ළඟ පිහිටි කූඩු රොත්තක් සේය. නිරතුරුවම හමනා චණ්ඩ සුලෙඟන් නොනවතින හිරිහැරයක් විඳිනා මුහුද ඒ වාඩුවට අතරින් පතර තණ පඳුරෙන් ආවරණය වී තිබෙනා කඳු පාමුල ඉවුර ක‍්‍රමයෙන් කා දමමින් සිටියේය. එය, මිටියාවත දෙපැත්තකින් විනාශ කරමින් වේගවත්ව ඇතුලට කාවැදෙමින් තිබුණි. සෑම තැනකම වූ, රළ සිදුරු කරන අසංඛ්‍යාත පාෂාණවල කාල වර්ණ ලක්ෂ්‍ය වටා සුදු පෙණ කැටි ගැසෙමින් රළ පහරට උස් පහත් වෙමින් තිබුණේ මුහුදට වීසි කළ පාන්කඩ වූ කැන්වස් රෙද්දක් පරිද්දෙනි.
 
 නෙරුමෙහි ගැට්ටෙහිම තිබූ සැවෙරිනී මහත්මියගේ නිවසෙහි ජනේල තුනෙන්ම දැකගත හැකි වූයේ මේ පාළු හා අප‍්‍රිය දර්ශනය පමණි. ඇය තම එකම පුතු වූ ඇන්තොයින් හා බැටළු - සුනඛ අභිජනනයකින් බිහි වූ දිග දළ ලොමින් යුත් සෙමිලාන්තේ නම් බැල්ල සමඟ නිවසෙහි විසුවාය. 
 
 ඇන්තොයින් තරුණයාගේ එකම කාර්යය වූයේ බැල්ල සමඟ දඩයමෙහි යෑමය. එක් සැන්දෑවක බැල්ල හා නිකොලස් රැවොලටි නම් යහළුවෙකු සමඟ සාර්දිනියා වෙත දඩයමේ ගිය ඇන්තොයින් තරුණයා නැවත ආපසු ආවේ නැත. රාත‍්‍රියේ ඔහු හා ඇතිවූ ආරවුලකින් පසු රැවොලටි විසින් පිහියකින් ඇන දරුණු ලෙස ඇන්තොයින් මරා දමා තිබුණි. පසුදා උදේ ඔහුගේ මළ සිරුර අසල්වැසියන් විසින් නිවෙස වෙත ඔසවා ගෙන එන ලද්දේය. සැවෙරිනී මහත්මිය සිය පුත‍්‍රයාගේ සිරුර ගෙයි සාලයේ මැද බාවා බොහෝ වේලාවක් ඒ දෙස බලා සිටියාය. ඇය වැළපුණේවත් කඳුළක් සැලූවේවත් නැත. තම රැළි වැටුණු අතින් ඔහුගේ මුහුණේ සිට දෙපා දක්වා නොනවත්වාම පිරිමදිමින් යමක් මුමුණමින් බොහෝ වේලාවක් ගත කළාය. මඳක් ඇයට ළං වූ අසල්වැසියකුට ඇසුණේ ඇය නොනවත්වාම යමක් දිවුරන බවය. මඳ වේලාවකින් නැගිට සිටි ඇය සියළු අසල්වැසියන් එළියට දමා දොර වැසුවාය. ඉන්පසු මළ සිරුර අසල සිටියේ නොනවත්වා දිවුරමින් සිටි ඇයත් මළ සිරුර රැගෙන එන විට එය පසුපස පැමිණි වේලේ සිට ස්වාමියාගේ දෙපාමුල සිටගෙන වලිගය දෙපා අතර රුවා ගෙන නොනවත්වාම උඩුබුරමින් සිටි සෙමිලාන්තේ බැල්ලත් පමණි. 
 
 තරුණයා හැඳ සිටි ඝණ ලොම් කබායෙහි පපු පෙදෙස ඉරී තිබුණු අතර ඒ අවට ලෙයින් නැහැවී තිබුණේය. ලොම් කබායට යටින් වූ උඩු කබායද ඊට යටින් වූ කමිසයද පෙඟී තිබුණේ රුධිරයෙනි. කලිසමෙහි ද මුහුණෙහිද දෑතේද රුධිර පැල්ලම් බොහෝ විය. හිස කෙස් වලත් උඩු රැවුලෙහිත් රැඳී තිබූ රුධිරය කැටි ගැසී තිබිණි. බොහෝ වේලාවක් ඒවා පිරිමදිමින් සිට ඔහුගේ මුහුණට නැඹුරු වූ මහලූ ගැහැණිය ඔහුට කතා කිරීම ඇරඹුවාය. ඇගේ හඬ ඇසුණු සැණින්ම සෙමිලාන්තේ ඇගේ උඩුබිරීම වහා නවත්වා කතාව අසන්නට මෙන් ඇගේ මුහුණ බැලීය.
 
 ”මගේ කොල්ලා, මගේ අසරණයා නිදාගනින්, නිදාගනින්. මං මේ පළිය ගන්නවා, උඹට ඇහෙනවාද? මං පළිගන්නවා. උඹේ අම්මා දිවුරනවා, උඹ දන්නවාද මං ඒක කරනවා. උඹ සැනසීමෙන් නිදාගනින්” 
 
 ඉන්පසුව ඇය සෙමෙන් ඔහුගේ කම්මුල මත ඇගේ සීතල දෙතොල් තැබුවාය. සෙමිලාන්තේ නැවත ඇරඹූ විලාපය කෙමෙන් දුක්ඛදායක හැඬීමක් බවට පෙරළී උදෑසන තෙක් නොනවත්වාම ඇසුණි. එදින සවස්වරුවේ ඇන්තොයින් සැවෙරිනී තරුණයාගේ මළ සිරුර පහළ බෑවුමෙහි කුඩා තැනිතලා ස්ථානයක මිහිදන් කරන ලදී. ඉන්පසු ඇන්තොයින් පිළිබඳ මතකය අසල්වාසීන් තුළ තිබුණේ ඉතා ටික දිනක් පමණි. ඔවුනට ඊට වඩා මතක තබාගන්නට බොහෝ දේ තිබිණි. 
 
 සැවෙරිනී වැන්දඹුවට වෙන කිසිදු ඥාතියෙකු සිටියේ නැත. ඉතින් පුත‍්‍රයාට වූ පොරොන්දුව ඉෂ්ට කරන්නේ කෙසේද? තමා මරණයට සමීපව සිටින අබලන් දුබල මැහැල්ලක් පමණි. ඇය දින ගණනාවක්ම උදේ සිට රාත‍්‍රිය වනතුරු කවුළුවෙන් එපිට පෙනෙන සුපුරුදු පාළු මූසල දර්ශනය දෙස බලා සිටියාය. පටු මුහුදු තීරයෙන් එහා පෙනෙන සුදු පැහැ ලපය දෙස ඇය බොහෝ වේලා බලා සිටියාය. එය ලොන්ගෝසාදෝ නම් සර්දිනියානු ගම්මානය විය. කෝසිකන් දාමරිකයන් සරණ පතා පලා යන ප‍්‍රදේශය එය බව ඇය දැන සිටියාය. නිකොලාස් රැවොලටිද නිසැකවම එහි පලා ගොස් ඇති බව ඇයගේ අදහස විය. 
 
 දින ගණන් පසු වුවද ගත වන සෑම දිනකම ඇගේ බැල්ම කවුළුවෙන් ඉවත් වූයේ නැත. සෑම මොහොතකම ඇගේ සිතිවිල්ල වූයේ ‘මගේ පුතා මැරූ රැවොලටිගෙන් පළිගන්නේ කෙසේද? කාගෙ හරි උදව් නැතුව.’ එහෙත් ඇය පුත‍්‍රයාට පොරොන්දුවක් වී තිබේ. එය අමතක කළ නොහැක. බලා හිඳිනට කාලයක් නැත. එහෙත් කළයුත්තේ කුමක්ද? කවුළුවෙන් පෙනෙන දර්ශනය දෙසම බලා සිටි ඇයට මුළු රැයම නින්දක් නොවීය. මුළු රාත‍්‍රියම. සෙමිලාන්තේ බැල්ලද ඇගේ දෙපාමුල වකගැසී ලැග සිටියේ දුක්ඛිත ලෙසය. ඇය වරින්වර හිස ඔසවා කවුළුවෙන් පෙනෙන පාළු හිස් අවකාශය දෙස බලාගෙන උඩුබිරුවාය.
 
 එක් රාත‍්‍රියක සෙමිලාන්තේ නැඟූ කෙඳිරිය අසා සිටි මැහැල්ලට හදිසියේ අදහසක් පහළ විය. එතැන් සිට උදෑසන වනතුරු ඇය එම අදහසට සමවැදී කල්පනා කරමින් හිඳගෙන සිටියාය. හිරු නැෙඟන මොහොතේ නැගී සිටි ඇය කෙළින්ම ගියේ පල්ලිය වෙතය. පල්ලියේ ගල් පඩි මත දණගැසූ ඇය යාඥාව ඇරඹුවාය. ”දෙවියනි මට උදව් කරන්න. ශක්තිය දෙන්න. පුත‍්‍රයාගේ මාරයාගෙන් පළිගැනීමට මගේ කබල් සිරුරට ශක්තිය දෙන්න.” බොහෝ වේලාවක් ගල් පඩිය මත ගතකළ ඇය ආපසු පැමිණියාය. පිටුපස මිදුල වෙත ගොස් වැසි ජලය එකතුවීම පිණිස තබා තිබූ බැරලය මුනින් නවා එය හිස් කොට එය ගල් කීපයක් මත තබා සෙමිලාන්තේ රැගෙන විත් දම්වැලකින් එහි 
 
 ගැටගසා නැවත ගෙතුළට ගියාය. ඇගේ කාමරය වෙත ගිය ඇය නැවතීමක් නොමැතිව සක්මන් කළේ කවුළුවෙන් පෙනෙන සාර්දිනියා වෙරළ තීරය දෙස බලාගෙනය. මිනීමරුවා එහි නිරුපද්‍රිතව ජීවත්වෙයි. 
 
 එදින මුළු දහවල් වරුවේ සහ මුළු රාත‍්‍රිය පුරාම බැල්ල උඩුබිරුවාය. උදෑසන මැහැල්ල ඉතා කුඩා භාජනයකට ජලය ස්වල්පයක් බැල්ල ළඟින් තැබුවාය. එය ඇගේ පිපාසාව සංසිඳවීමට කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවීය. ඇය මැහැල්ල දෙස බලා සිටියේ අසරණ බැල්මකිනි. එහෙත් මැහැල්ල ජලය තබා කිසිදු අහරක් බැල්ලට දුන්නේ නැත. පසුදිනය එළැඹියේය. සෙමිලාන්තේ බොහෝ වෙහෙසට පත්ව නිදා සිටියාය. ඇයට කිසිදු අහරක් ලැබුණේ නැත. ඊ ළඟ දවස උදාවන විට බැල්ලගේ දෑස දීප්තියෙන් බැබළුන අතර ඇය ඉතා දරුණු ලෙස දම්වැල අදිමින් සිටියාය. එදිනද මැහැල්ල බැල්ලට කෑමක් කිසිවක් දුන්නේ නැත. ඇය කුසගින්නේ උමතුව සිටි අතර ඇගේ බිරුම් හඬට දරුණු බැරෑඬි ස්වරයක් මුසු වී තිබුණි. එදින රාත‍්‍රිය ගෙවී ගියේද කුසගින්නේය.
 
 පසුදා උදෑසනම අසල්වැසි ගෙයකට ගිය සැවෙලිනී වැන්දඹුව පිදුරු මිටි කිහිපයක් ඉල්ලාගෙන ආවාය. පරණ පෙට්ටගම අවුස්සා මියගිය තම සැමියාගේ පරණ කමිසයක් හා කලිසමක් සොයාගත් ඈ ඒවාට පිදුරු ඔබා පඹයකු සෑදුවාය. පඹයා රැගෙන සෙමිලාන්තේ ගැටගසා සිටි බැරලය අසලට ගිය ඈ ඒ ඉදිරියෙන් ඉන්නක් සිටවා පඹයා එහි රැඳවූවාය. ලිනන් රෙදි පටියක් ගෙනවිත් පඹයාගේ හිසෙහි ජටාවක් සේ ගැටගැසුවාය. බැල්ල මේ අමුත්තා දෙස මඳක් වේලාවක් බලා සිටියේ විමතියෙනි. ඉන්පසු ඇගේ මුවින් පිට වූයේ දරුණු ගෙරවිලි හඬකි. එදෙස මොහොතක් බලා සිටි මැහැල්ල වහා පිටව ගියේ ඌරුමස් වෙළෙන්දා හමුවටය. සඟවාගෙන සිටි කාසි ස්වල්පයක් නිර්ලෝභීව ඔහුට දුන් ඇය සැලකියයුතු තරමේ ඌරුමස් පෙත්තක් රැගෙන ආවාය. බැල්ල ගැටගසා සිටි බැරලයට නුදුරින් එළිමහනේ ළිපක් සාදාගත් ඇය ඌරු මස් තීරු ගින්නේ පලහන්නට වූයේ ඉන් කදිම සුවඳක් විහිදුවමිනි. බැල්ල මුඛයෙන් ඛේටය වගුරුවමින් දම්වැල කැඞීයන තරම් වේගයකින් උඩ පනිමින් ඉතා දරුණු හඬක් නගමින් වියරු ලෙසින් දඟලන්නට වූවාය. බැදෙන ඌරු මසෙහි සුවඳ ඇය කුසගින්නෙන් උමතු කොට තිබිණි. 
 
 දුම් දමන ඌරුමස් තීරු අතින් ගෙන පඹයා සමීපයට පැමිණි මැහැල්ල ඒවා පඹයාගේ බෙල්ල තුළ සඟවන්නට වූවාය. බොහෝ වේලා ගතකොට ඇය එම කාර්යය නිමා කරනතුරු බැල්ල නොකඩවා දම්වැල අදිමින් භයානක ලෙස ගොරවමින් දඟලන්නට වූයේ දැඩි නොඉවසිල්ලකිනි. හදිසියකින් තොරව කාරිය නිමා කළ මැහැල්ල බැල්ල සමීපයට විත් ඇය දම්වැලෙන් මුදා හැරියාය. භයානක ගෙරවිල්ලක් නඟා එක පිම්මෙන්ම පඹයාගේ උරහිස මතට පීනූ බැල්ල පඹයාගේ ගෙල කීතු කරන්නට වූයේ මහ හඬින් ගොරවමිනි. පඹයාගේ උරහිස් මතට දෑත තබා ගත් බැල්ල පඹයාගේ ගෙල සපමින් ඉරමින් එය තුළ වූ ඌරුමස් තීරු එළියට ගෙන ගිල දමන්නට වූයේ මහත් කෑදර කමෙනි. මැහැල්ල එදෙස හැඟීම් විරහිතව හා නිශ්ශබ්දව බලා සිටියාය. එහෙත් ඇගේ දෑස දීප්තියෙන් බැබලිණි. නැවත බැල්ල බැඳ දැමූ ඇය ගෙතුළට පිවිසියාය. ඉන්පසු එළැඹි දින දෙකේම බැල්ලට පෙර සේම ආහාර පිණිස කිසිවක් ලැබුණේ නැත. තුන්වන දින නැවත පෙර අභ්‍යාසය ක‍්‍රියාවට නංවන ලද්දේය. සතියක් කල් ගෙවුණු පසු මැහැල්ල බැල්ලට අළුත් කොන්දේසියක් එක්කළාය. ”පැනපං” යැයි පහත් හඬින් වූ ඇගේ විධානය ඇසෙන තෙක් කෙතරම් කුසගින්නේ සිටියද බැල්ල පඹයාගේ ගෙලට පැන්නේ නැත. පුරා තුන් මසක් මේ ක‍්‍රියාන්විතය බැල්ලට පුහුණු කළ පසු ‘දැන් වෙලාව පැමිණ ඇත’යි දිනක ඇය තීරණය කළාය. 
 
 පසුදින පැහැබර ඉරිදා දිනයක් විය. දීප්තිමත් හිරුගේ රැස් පහළ පටු මුහුදු තීරයේ පෘෂ්ඨය මත වැටී රිදී පාටට දිළිසෙමින් තිබුණේය. එදින උදෑසනම අවදි වූ සැවෙරිනී මාතාව පල්ලියට ගොස් තමනට ශක්තිය හා ධෛර්යය ලබා දෙන මෙන් දෙවියන්ට යාඥා කළාය. ඉන්පසු ඇය නිහඬවම ආපසු නිවෙස වෙත ගමන් කළාය. මඟදී හමු වූ කිසිවෙකු සමඟ ඇය කතා කළේ නැත. හිස ඔසවා බැලූවේවත් නැත. නිවෙසට ඇතුළු වූ ඇය පරණ පෙට්ටගම අවුස්සා මියගිය සිය ස්වාමියාගේ පරණ ඇඳුම් කිහිපයක් සොයාගත්තාය. ඇත්තෙන්ම ඒවා වැරහැලි වූ දිරාගිය ඇඳුම් විය. ඒවායින් කිහිපයක් තෝරාගත් ඇය ඒවා මල්ලක් තුළට ඔබාගත්තාය. ඉන්පසු කණ්ණාඩිය ඉදිරිපිට සිටගත් ඇයට ඒ තුළ පෙනුනේ දුබල හා දිරාගිය මැහැල්ලකි. ඇය කණ්ණාඩියෙන් මුහුණ බැලූවේ තෙමසකට පසුවය. ඇගේ දෙකම්මුල් ද දෑස ද භයානක ලෙස යට ගිලී තිබිණි. එහෙත් හිරු රැුස් වැටුණු ළිං අඩියක වූ දිය කඩිත්තක් මෙන් ඇගේ දෑස් දීප්තිමත්ව බැබලෙමින් තිබුණේය. සුසුමක් හෙළුෑ මැහැල්ල කණ්ණාඩිය ළඟින් ඉවත්ව මුළුතැන්ගෙට ගොස් පුළුස්සා තිබූ ඌරුමස් තීරු කිහිපය මල්ලකට අසුරා ගත්තාය. ඉන්පසු ඇය කෙළින්ම ගියේ බැල්ල අසලටය. ගැටගසා 
 
 තිබූ දම්වැල ලිහාගත් ඇය බැල්ලද කැටුව කඳු පාමුල කුඩා වරාය දෙසට ගමන් ගත්තාය. තම පසුම්බියෙන් ගත් කාසි ස්වල්පයක් වියදම් කිරීමෙන් පසු ඇයට සාර්දිනීයන් මාළු ඔරුවකින් පටු මුහුදු තීරයේ එහා පැත්තට යාගන්නට හැකි විය. 
 
 කෙටි දුරක් ගමන්ගත් පසුව දෙදෙනා පිවිසියේ ලොන්ගොසාදෝ ගම්මානයටය. එතෙක් ඇය කළේ පලහාගත් ඌරුමස් තීරු සහිත මල්ල බැල්ලට ඉව කිරීමට දීමය. දින දෙකක් තිස්සේ කුසගින්නේ සිටි බැල්ල ඉන් නැඟුණු සුවඳෙන් උමතුව සිටියාය. බැල්ලගේ අඩක් විවර වූ මුවෙන් එළියට ඇදුණු දිවෙන් ඛේටය වැගිරෙමින් තිබුණි. ගම්මානයට ඇතුළු වූ පසු ඇය වුවමනාවෙන්ම එක් පයක් මඳක් කොරගසමින් ඇවිදින්නට පටන් ගත්තාය. ගම්මානයේ බක්කරේගේ පෝරණුවට කොර ගසමින් ගිය මැහැල්ල ඔහුගෙන් නිකොලාස් රැවොලටි ඉන්නා තැන අසා දැනගත්තාය. බොහෝ දුරක් ඇවිද ගිය ඇය අන්තිමේදී නිකොලාස් ඔහුගේ පුරුදු රැකියාව වූ වඩු කර්මාන්තයේ යෙදී සිටිනා වඩුමඩුව වෙත කොරගසමින් පැමිණියාය. නිකොලාස් සිටියේ වඩුමඩුව පිටුපස යම් වැඩක නිරත වෙමිනි. මැහැල්ල නිහඬවම බැල්ල සමඟ ඒ සමීපයට ගියාය. 
 
 ”ඒයි, නිකොලාස්. උඹට මාව මතකද?”
 
 හඬත් සමඟම ආපසු හැරී බැලූ නිකොලාස්ට ඇය හඳුනාගන්නට තරම් කාලයක් ලැබුණේ නැත. මැහැල්ලගේ ඊළඟ නියෝගය නිකුත් වූයේ සෙමිලාන්තේ බැල්ලටය.
 
 ”පැනපං”
 
 භයානක ලෙස ගෙරවූ උමතු තිරිසනා නිමේෂයකින් ඉදිරියට පැන නිකොලාස්ගේ උරහිසට දෑත තබා සිය ඛේටය වැගිරෙන හොම්බ ඔහුගේ ගෙලට ළං කළාය. භීතියෙන් මුව අයාගත් නිකොලාස් දෑතින්ම බැල්ල අල්ලාගෙන බිම පෙරළුණි. අනතුරුව දෙදෙනාම රවුම් කිහිපයක් ලී කුරුටු සහිත පොලොවේ ඔබ මොබ පෙරළී ගිය අතර ඒ වනවිටත් සෙමිලාන්තේගේ තියුණු දත් වලට නිකොලාස්ගේ බෙල්ල හසුවී තිබුණි. බැල්ල භයානක ලෙස ගොරවමින්, සිය තියුණු දත් වලින් නිකොලාස්ගේ ගෙල ඉරමින් සිටියේ ඌරුමස් තීරු සොයන්නටය. ලේ රසට කෑදර වූ බැල්ල ඔහුගේ උගුරු දණ්ඩද නහරද එළියට අදිමින් මහත් රුචියෙන් තළු මරමින් අනුභව කළාය. නිකොලාස් මරණීය වේදනාවෙන් විලාප දුන්නද ඔහුගේ මුවෙන් හඬක් පිටවූයේ නැත. භීතියෙන් විවර වූ ඔහුගේ දෑස සැවෙලිනී මැහැල්ල හඳුනාගත් බවක් පළ කළේය. අදහාගත නොහැකි පුදුමයකින් ඇය දෙසම බලා සිටි නිකොලාස්ගේ දෑස කෙමෙන් අඩපණව යනු මැහැල්ල බලා සිටියේ හැඟීමකින් තොරවය. 
 
 මහලු ගැහැණියක් කොර ගසමින් නිකොලාස්ගේ වඩුමඩුවට ඇතුළුවනු ද ස්වල්ප වේලාවකට පසු වැරහැලි හැඳගත් දුප්පත් මහලු මිනිසෙක් කෙට්ටු කළු බල්ලෙකුද සමඟ පාරේ ගමන් කරනුද සිය නිවසේ පඩිය මත වාඩිවී කංසා සුරුට්ටුවක් උරමින් සිටි අසල්වාසියකු දුටු බව පසුව හෙළි විය.
 
 ගොම්මං අඳුරේ සැවෙලිනී මැහැල්ල ආපසු නිවසට පැමිණියාය. බැල්ල කණුවෙහි ගැට ගසා ඌරුමස් තීරු සියල්ලම එතැනම හැලූ ඇය නිවසට ඇතුළුව සාලයෙහි බිම වැතිර පසුදා පහන් වනතුරුම සුවසේ නිදා ගත්තාය. ඇය නින්ද යනතුරුම මැතිරූ වදනක් විය.
  ”මං පොරොන්දුව ඉෂ්ඨ කළා මගෙ පුතේ"
 


Nissanka Rajapaksa

unread,
Dec 24, 2019, 8:04:34 PM12/24/19
to ind...@googlegroups.com

මැදියම් රැයක කතාවක්....

දෙමළ කෙටිකතාව සදීස් සෙල්වරාජ්

පරිවර්ථනය ජී. ජී. සරත් ආනන්ද


ඒ කාමරයේ රොසෙට්ටි මේස ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණි. පැරණි බට්ටා ඔරලෝසුව ටිං... ටාං... ටිං... ටාං... යනුවෙන් හඬ නංවමින් වෙලාව මධ්‍යම රාත්‍රි 12 බැව් දැනුම් දුන්නේය. වර්ෂාව හෝ... හෝ... හඬින් ඇද හැලෙමින් තිබූ අතර වහල මතට ඇද හැලෙන වැහි බිඳුවලින් චර... චර... හඬක් නැඟුණි. ඒ හඬ දෙසවන් තුළට කිසියම් හැඟීමක් ජනිත කළේය.

කුඩා දැරිය අම්මාගේ උදර කොටසට අත තබා ඇයට තුරුළු වෙමින් ‘අම්මා... අම්මා...’ යි ළපටි හඬක් මතු කළාය.

“ඇයි පැටියෝ, චූ දාන්න යන්න ඕනද?”

“නෑ, අම්මා.”

“එහෙනම් මොකද තාරු මේ මහ රෑ අම්මට නිදාගන්න දෙන්නෙ නැතුව කරදර කරන්නෙ?’

“අනේ අම්මා, මට නින්ද යන්නෙ නෑ. මට කතාවක් කියන්නකො. කතාව කියනකොට නිදාගන්නම්.”

“මගේ හුරතල් තාරු පැටියට දැන් කතාවක් අහන්නම ඕනද?”

අම්මා එසේ අසත්ම තාරු අම්මාගේ ළය මතට පෙරළී මුනින්අතට හැරෙමින් ‘හ්ම්’ යි හඬ නැඟුවාය.

“මගේ පැටියට කණ්ණාඩි වෙළෙන්දගෙ කතාව කියන්නද?”

“හා... කියන්න කියන්න අම්මා.”

අම්මා පොතපත කියවීමට පුරුදු පුහුණු වී ඇති තැනැත්තියකි. එසේ කියවා දැනගත් දේ අන්‍යයන් සමඟ බෙදා හදා ගැනීමට ඇය කැමතිය. ඇතැම්හු ඇය කිසියම් කතාවක් කියාවි යැයි සිතා ඒ ස්ථානයෙන් වහා පිටව යති. ඇය තමා අතට කඩදාසි කැබැල්ලක් ලැබුණත් එය විසිකර දමන්නේ වරක් හෝ කියවා බලාය. ඈ ප්‍රේම කතාවක් ලිපියකින් ඇරම්භ කළාය. එහි ප්‍රතිඵලය ලෙස විවාහය සිදු වන විට තාරු අම්මාගේ බඩට විත් මාස දෙකක් ගතව තිබුණි.

අම්මා කතාව ආරම්භ කළාය.

“ඔන්න එකමත් එක ගමක කන්දසාමි කියල කණ්ණාඩි වෙළෙන්දෙක් හිටියා. එයා කණ්ණාඩි පුරවපු කූඩෙ ඔළුව උඩ තියාගෙන කූලිංග් ග්ලාස් දෙකක් ඇස් දෙකට දාගෙන තමයි වෙළඳාම් කරන්න යන්නෙ. ඒක නිසා ‘කූලිංග් ග්ලාස් කන්දසාමි’ කියල තමයි හැම දෙනාම එයාව අමතන්නෙ. එයාගෙ ගමන, ශරීර හැඩය, බැල්ම හැම දෙයක්ම වඩිවේලුගෙ වගේමයි....”

තාරු ‘ආ...ව්...ව්...’ යි වඩිවේලු නම් දමිළ සිනමාවේ සුප්‍රකට නළුවාගේ හඬ අනුකරණය කරමින් සිනාසුණාය. ඒ සමඟ අම්මාද ඇගේ සිනාවට එක්වූවාය.

අම්මා තම සිනාව අතරමඟ නතර කර යළි කතාව කියන්නට වූවාය.

“කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි...? කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි...? සල්මන් ඛාන් කණ්ණාඩි... රජිණි කාන්ත් කණ්ණාඩි... රවුම් කණ්ණාඩි... පෙට්ටි කණ්ණාඩි... එක එක ජාතිවල කණ්ණාඩි...තරුණ අයට කණ්ණාඩි... වැඩිහිටියන්ට කණ්ණාඩි... කණ්ණාඩි ගන්නවද කණ්ණාඩි... මේ විදියට කිය කියා ගිහින් කණ්ණාඩි විකුණල ඒ වෙළෙන්දා දවසකට රුපියල් දාහකට වඩා හම්බ කරනවා.

දවසක් මේ විදියට වෙළඳාම් කරන්න අල්ලපු ගමට ගිය කණ්ණාඩි වෙළෙන්දා නුග ගහක් යට ඉඳගෙන ඉකි ගගහ අඬන්න පටන් ගත්තා. එයාගෙ දකුණු කකුලෙ පහළ කැපුම් තුවාලයක්. ඒකෙන් නොනැවතී ලේ ගලනවා. කකුල ළඟ බිම වැටිල තිබුණු කණ්ණාඩි සේරම බිඳිල ගිහින්...”

“අනේ පව් අම්මා, කණ්ණාඩි වෙළෙන්දා! කවුරුහරි හොරෙක් ඇවිත් එයාට ගහල සල්ලි ටික උදුරගෙන ගිහිල්ලද? ඒ හොරාට බැට්මෑන් ඇවිත් ගුටි දෙයි නේද අම්මේ?”

මුහුණ හකුළාගෙන දෙතොල් ළං කරමින් තාරු ප්‍රශ්න කළාය.

එළියෙන් ‘ඩොක්...ඩොක්...’ හඬක් ඇසුණි. නිවසට පිටතින් සිමෙන්ති පොළව මත සපත්තු දා ගත් පිරිසක් ඇවිදින්නාක් වැනි හඬකි. අම්මා බියපත් වූවාය. ඈ ළය මත නිඳා සිටි තාරු ප්‍රවේශමෙන් ඇඳ මතින් ඔසවා තබා, කලව දක්වා ඉස්සී තිබූ තම රෑ ඇඳුම පහතට දමා බියෙන් යුක්තව ජනේලය දෙසට පා තැබුවාය. සපත්තු අඩිවල හඬ ජනේලය අසලින් ඉතා උස්ව ඇසෙයි. අම්මාගේ බියද වැඩි විය. ඈ පහත් වෙමින් ජනේලය ආසන්නයට ඇදි ගොස් ජනෙල් තිරය මඳක් හකුළා වීදුරුව තුළින් පිටතට දෑස් යොමු කළාය. එළියේ කිසිවෙක් නොමැත. එහෙත් සපත්තු අඩි හඬ තවමත් ඉතා ආසන්නයෙන් ඇසෙයි. අම්මා මුවින් හඬ නොනැඟෙන සේ විළුඹින් ඉස්සී අවධානයෙන් එළියේ සිමෙන්ති පොළොව දෙස බැලුවාය. එළියට තල්ලු වී වැටෙන තරමට විශාල වී තිබූ ඇගේ ඇස් බෝල දෙක මඳක් හැකිළී ගියේය.

සපත්තු අඩි ශබ්දය යැයි අම්මා බිය වී සිටියේ වැස්සට මුලුගැන්වී සිටි එළු රෑනේ කුර ගැටෙන හඬටය. සිමෙන්ති පොළොව එළුවන්ගේ කුරවලට කැඩී ගොස් තිබුණි. හෙට දිනයේ තමාට බෙහෙවින් වැඩ ගොඩගැසෙන බැව් සිහිව අම්මා එළුවන් දෙස බැලුවේ කෝපයෙනි. අම්මා කෝපයට පත්වූ විට භද්‍රකාලි මෑණියන් වැනිය.

‘සාණන්’ වර්ගයට අයත් එළුවෝ එකෙක් දෙන්නෙකුත්, ‘ජමුනාපාරි’ වර්ගයට අයත් කන් දිගැති එළුවෝත්, බොහෝ ස්ථානවල රවුම් ගසා පැමිණි මුහුන් වර්ගවල එළුවෝත් එහි සිටගෙන සිටිති. මේ බාවාට අයත් එළුවෝය. අම්මා පශු වෛද්‍යවරියක බැවින් එළුවන් ගැනත් දන්නීය. බාවා ගැනත් දන්නීය.

ජමුනාපාරි එළුවෙක් සාණන් එළුවකු සමග අංවලින් ඇනගනිමින් සිටියේය. අම්මා මඳක් කලබලයට පත්ව අප්‍රසාදය පාමින් ඇණයක එල්ලෙමින් තිබූ සිය සැමියාගේ ඡායාරූපය දෙස බැලුවාය. සැමියා ‘අයි. ටී.’ ක්‍ෂේත්‍රයේ වෘත්තිකයෙකි. ව්‍යාපෘති කාර්යයක් සඳහා ඔහු සිය කණ්ඩායමද සමඟ ඉන්දියාවට පිටත්ව ගොස් දින දෙකක් ගතව ඇත. ඔහු යළි ශ්‍රී ලංකාවට පැමිණීමට සති දෙකක්වත් ගතවනු ඇත. අම්මා ‘හ්ම්...’ යි සුසුමක් මුදාහැර විදුලි බල්බය දල්වමින් නාන කාමරයට ගියාය. නාන කාමරයත්, වැසිකිළියත් එකම කාමරයක ඉදිකරනු ලැබ තිබුණි.

මේස ලාම්පුවට පසෙකින් තිබූ මුද්‍රිත කඩදාසිය සුළඟට සෙලවුණි.

“... නොවැම්බර් 09 කුමන දිනයදැයි දන්නෙහිද? ලෝක වැසිකිළි දිනයයි. 2001 වසරේදී ලෝක වැසිකිළි දිනය ආරම්භ කරන ලදී. 2013 ජූලි මාසයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල්වල පොදු සම්මේලනයකදී නොවැම්බර් 19 දිනය එක්සත් ජාතීන්ගේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය. මේ සඳහා වන යෝජනාව ඉදිරිපත් කළේ සිංගප්පූරුවයි. යුරෝපයේ තිබෙන ‘කොමඩ්’ සහිත ජල මුද්‍රිත වැසිකිළිය අද කොපමණ නම් ව්‍යාප්තව තිබේද? වර්ෂ 1800ට පෙර වැසිකිළි ලෙස භාවිත කර තිබෙන්නේ කැළෑවල් සහ වෙනත් වෙන් කළ ස්ථානයන්ය...”

තාරු ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බැවින් ඇයට දමිළ බස කියවීමට නොහැක. එම නිසා ඇය ඒම කඩදාසියේ තිබූ විස්තර කියවා තිබුණේ නැත.

වැසිකිළි කොමඩ් එකේ ‘ස්විච් පුෂ් කිරීමෙන්’ ජලය ගලන හඬ තාරුට ඇසුණි. අම්මා යළි පැමිණි වහාම කතාවේ ඉතිරි ටික අසාගත යුතු යැයි බලාපොරොත්තුවෙන් ඈ පොරෝණය තුළ ගුලි ගැසී බලා සිටියාය. අම්මා පැමිණෙත් ම “අම්මේ, කතාව කියන්න” යි ඈ අයැද සිටියාය. කුස්සිය තුළ භාජන ගැටෙන හඬක් ඇසී එදෙසට හැරී ගිය අම්මා කුස්සිය තුළට ඇතුල් වූවාය. තාරුගේ මුහුණ ටිකින් ටික මැලවී යන්නට විය.

කුස්සි කාමරයේ මුවින් කරවල කැබැල්ලක් ඩැහැගෙන සිටි මීයෙකි. ඌ තැති ගෙන දෑස් ලොකු කර අම්මා දෙස එබී බලා සිටියේය. ඊළඟට කළ යුත්තේ කුමක්දැයි අම්මා කල්පනා කිරීමට පෙර මීයා ක්‍ෂණිකව දිව ගොස් ජනේලයෙන් එළියට පැන දිව්වේය. අම්මා ජනේලය ඇද වසා දැම්මාය. සෙලවෙමින් තිබූ ජනෙල් තිරයට යළි විවේකයක් ලැබුණි.

අම්මා තාරු ආසන්නයට ගොස් ඇඳේ දිගෑදුණාය. තාරු අම්මාගේ මුව දෙස ම බලා සිටියාය. මුව විවර විය.

“... කණ්ණාඩි වෙළෙන්දා අල්ලපු ගමට ගිහින් හිටියත් බලාපොරොත්තු වුණ විදියට එදා වෙළඳාම සරු වුණේ නෑ. එයා හැම පාරකම රස්තියාදු වෙලා, මහන්සි වෙලා නුග ගසක් යට හාන්සි වුණා. එහෙමම ඇස් පියවෙලා නින්ද ගියා...”

තාරු තව ටිකක් අම්මා වෙතට සමීප වූවාය.

“... කණ්ණාඩි වෙළෙන්දා හීන ලෝකෙ පාවෙන්න පටන් ගත්තා. හීන ලෝකෙදි එයා කණ්ණාඩි කොම්පැණියෙ ලොක්ක බවට පත් වුණා. ලොකු ලොකු මුදලාලිලා, චිත්‍රපට නළු නිළියො හැමදෙනාම වගේ ඇවිත් කණ්ණාඩි තෝර තෝර මිලදී ගත්තා. වෙළෙන්දා ඒ. සී. රූම් එකක හොඳට ඉඳගෙන අලුත්, අලුත් කණ්ණාඩි මෝස්තර දිහා නිහඬව බලාගෙන හිටියා. ව්‍යාපාරෙ වේගෙන් දියුණුවට පත්වෙනවා. එයා යටතෙ ඉන්න කම්කරුවො හුඟ දෙනෙක් කණ්ණාඩි කූඩෙ ඔළුවෙ තියාගෙන වෙළඳාමට යනවා. ඔය විදියට වෙළෙන්දාට සල්ලි ගොඩගැහෙන්න පටන් ගත්තා.

“වෙළෙන්දා ‘අහා...’ යි කියල සද්ද කරගෙන නින්දෙන් අවදි වුණා. එයාගෙ කකුලෙ ලොකු කැපුම් තුවාලයක්. ඒක කොහොමද වුණේ කියල බැලුවා. එයා සිහින දකින අතරෙ කණ්ණාඩි කූඩෙ එයාගෙ කකුලෙ හැපිල පෙරළිලා කණ්ණාඩි ටික ඔක්කොම බිඳිල ගිහින්. ඒකෙ තිබුණ කණ්ණාඩියක වීදුරු කෑල්ලකට තමයි කකුල කැපිල තියෙන්නෙ. වෙළෙන්දා ඔළුවෙ ජටාවත් බැඳගෙන ‘ඔක්කොම ඉවරයි’ කිය කියා අඬ අඬාම පිට වෙලා යන්න ගියා...”

“එතකොට එයාට මුදලාලි කෙනෙක් වෙන්න බැරිද අම්මා?”

තාරුගේ මුහුණ සුදුමැලි වී ගොසිනි.

“ඒක තේරුංගන්න ඔයාට තව කලක් යාවි පැටියෝ.”

“අනේ ඉන්න අම්මා! ඔයා කියපු කතාව හරි නෑ. මට වෙන කතාවක් කියන්නකො.”

“තව කතාවක්...? දැන් ඇති පැටියෝ. අම්මා හෙට කියන්නම්කො.”

තාරු අම්මාගේ කම්මුලට හාදුවක් දෙමින් එකම එක කතාවක් විතරක් කියන්නැයි අම්මාගෙන් ඉල්ලා සිටියාය. ඒ දැරියගේ මුවෙහි සිසිලසින් කම්මුල ස්පර්ශ වු විට ඇයගේ ඉල්ලීම කෙසේ නම් ප්‍රතික්‍ෂේප කරන්නද? අම්මා තාරුව ළඟට තුරුල් කර ගනිමින් ‘පැටියෝ, මම ඔයාගෙ කතාව කියන්නද? යි අසත්ම ‘හ්...හා..’ යි මුව පුළුල් කරමින් සතුට ප්‍රකාශ කළ දැරිය ‘කියන්න අම්මා කියන්න’ යි හඬ නැඟුවාය.

අම්මා මඳ විරාමයක් ගෙන භූමිකාවට එළඹෙන තුරු තාරු අම්මාගේ මුව දෙසම බලා සිටියාය. අම්මාගේ මුව විවර විය. දෙදෙනාම සිනමා ලෝකයක පාවී ගියෝය.

★......................

දීප්තිය විහිදමින් විදුලි කොටන්නට විය. අකුණු හඬද පැතිරුණි. ඒ හඬ දෙසවන් බිහිරි කරවන තරම්ය. කළු වළාකුළුවලින් අහසම අඳුරු වී තිබුණි. මීදුම සියල්ලම වසාගෙනය. මොහොතකින් ධාරානිපාතව වර්ෂාව ඇද හැලෙන්නට විය.

දැල්වෙන පහණක සිහින් ආලෝක දහරාවක් එම ප්‍රදේශයේ පිහිටි උළු සෙවිලි කරන ලද නිවසක ජනේලයකින් නික්මුණි. පහන් තිරයේ කොනෙහි දැල්වෙමින් තිබූ ආලෝක දහරාව සුළඟට සැලෙමින් තිබූ අතර එම නිවස ඇතුළත කිහිප දෙනෙකුගේ ඡායාවන් එහෙ මෙහෙ සැරිසරනු පෙනුණි. මෙම නිවස යක්‍ෂයින් අරක්ගත් නිවසක් යැයි ගම පුරා කතා පැතිර තිබුණි. ඒ ආසන්නයේ වෙනත් නිවාස නොතිබුණි. රේඛා නමැති කාන්තාව දූෂණය කර මරා දමන ලද්දේ ඒ නිවස තුළදීය. ඇය ඝාතනය කර ටික දිනකට පසු ඒ ස්ත්‍රී දූෂක ඝාතකයින්ද එම නිවස තුළම ලේ වමනය කර මැරී තිබුණි. එදා සිට අඳුර වැටුණු පසු එම නිවස පැත්තෙන් කිසිවෙකුත් ගමන් නොකරති.

වින්සන් එදා ගමට එන විට ප්‍රමාද විය. ගණිත පංතිය ප්‍රමාද වී නිමාවට පත් විය. වින්සන් යකෙක් ගැසුවාක් මෙන් නිවස දෙසම බලා සිටියේය. නිවසේ ඇතුල් බිත්තියේ කාන්තාවකගේ රුවක් පෙනුණි. ඒ කාන්තාවගේ හිසකෙස් සුළඟේ ඉගිල්ලෙන්නට මෙන් සැලෙන ආකාරය බලමින් සිටි වින්සන්ට මුත්‍රා කිරීමේ අවශ්‍යතාව තදින්ම දැනුණි. ඔහු ගෙලෙහි තිබූ කුරුසය අතින් අල්ලාගෙන යාඥා කරන්නට වූයේය.

එම කාන්තාව වටා පිරිමින්ගේ ඡායා කිහිපයක් සමීප වනු ඔහු එබි එබී බලා සිටියේය. ඔහුගේ බැල්ම මුළුමනින්ම එදෙසට යොමුව තිබුණි. කතාවක් ලෙස අසා තිබූ රේඛා දූෂණය කිරීමේ සිදුවීම සියැසින්ම දැක ගැනීමේ උනන්දුව ඇත්තෙකු සේ ඔහු නොසැලී ඒ නිවස දෙසම බලා සිටියේය. ඒ පිරිමි ඡායා දෑත් එහෙ මෙහෙට දික් කරමින් කුමක්දෝ කතා කරමින් සිටියහ.

හදිසියේම බකමූණෙක් ‘සට සට’ හඬින් පියාපත් සලා බිය ජනිත කරවමින් ඉගිල ගිය විට තද කරගෙන සිටි මුත්‍රා ධාරාවට වින්සන්ගේ මුළු කලිසමම තෙමුණි. වින්සන් බිය පත්වූ විට මුත්‍රා පිටකිරීම පුරුද්දකි. බියෙන් කෑගැසූ ඔහු ක්ලාන්ත වී ‘දඩාස්’ ගා බිම ඇද වැටුණි. මියගිය හූනෙක් මුනින් අතට වැටී තිබෙන්නාක් මෙන් වින්සන්ද වැටී සිටියේය.

මඳ වෙලාවකට පසු වින්සන් දෑස් විවර කළේය. ඔහු දිගාවී සිටියේ යක්‍ෂයින් අරක් ගත් ඒ නිවසේ රේඛා දූෂණය කර, ඝාතනය කරන ලද ස්ථානයේමය.

★......................

තාරු අම්මාගේ පුළුල් ළය මධ්‍යයේ මුහුණ සඟවා ගන්නට උත්සාහ කළාය. අම්මාගේ මුවින් මුණු මුණු හඬක් නැඟෙයි. තාරුගේ මුහුණේ ඉරියව්වලින් හැඟවෙන්නේ නිදාගන්නට කතාවක් කියන්නැයි ඉල්ලා සිටි විට නිදා නොගන්නටම අම්මා කතාව කියන්නාක් මෙන්ය.

★......................

වින්සන් නැඟිට එබි එබී බැලුවේය. ඒ හොල්මන් නිවස තුළ කිසිවෙකුත් නැත. චිමිනි ලාම්පුවක් පමණක් දැල්වෙමින් තිබුණි. ලාම්පු චිමිනියේ කළු දුම් බැඳී ඇත. ‘කෝ යක්‍ෂයා? මේව සේරම සෝදල පිරිසිදුව තියාගන්න ඕන නේද?’ යි ඔහු තමාටම සිතින් කියා ගත්තේය. මුව විවර කර එවැන්නක් පැවසීමට බියය. කෙසේ හෝ එළියට දිව යා යුතු යැයි සිතා දොර අසලට ගොස් තල්ලු කරත්ම දඩස් ගා දොර විවෘත විය. එවිට ඔහු යළිත් වතාවක් එම ස්ථානයේ ක්ලාන්තව ඇද වැටී, මැරුණු හූනකු සේ සිටියේය.

ඔහුගේ මුහුණට දිය බිඳු වැටුණි. දෑස් විවර කළ ඔහු තම මුහුණ ආසන්නයට රැවුල වවාගත් මුහුණක් පැමිණ සිටගෙන සිටිනු දැක විලාප නඟා යළි ක්ලාන්ත වූයේය. යළිත් මුහුණට දිය බිඳු වැටී නැවත වතාවක් දෑස් විවර කළේය. ඔහු වටා කිහිප දෙනෙක් සිටගෙන සිටිති.

“මූණ කිට්ටු කරල බලන්න එපා. කොල්ල ක්ලාන්ත වෙනවා.”

පුහලේන්දි එසේ පවසත්ම සියලු දෙනා සිනාසුණහ.

“මල්ලි, ගමට යන්න නේද ආවෙ?”

පුහලේන්දි එසේ ප්‍රශ්න කරත්ම මඳකුදු ප්‍රමාද නොවූ වින්සන් ‘ඔව් ඔව්’ යි පිළිතුරු දුන්නේ බිල්ලට නියමවූවකුගේ ස්වරූපයෙනි.

“කනිමෝලි යාළුවා, ඔයා ඔයාගෙ කණ්ඩායමත් එක්ක බෙහෙත් බඩු සේරම අරගෙන සූදානම් වෙන්න. මරුදුයි, ඉනියවනුයි කෑම පාර්සල් ටිකත් උස්සගෙන ඔරුවට ගියා.”

එසේ පැවසූ පුහලේන්දි වින්සන් අමතමින් ‘ඔයාගෙ පැත්තෙ තියෙන පෙට්ටිය උස්සගෙන මගේ පස්සෙන් එන්න’ යි පැවසුයේය. සියලු දෙනාගේම උරහිස්වල එල්ලෙමින් තිබෙන තුවක්කු දෙස බැලූ පසු ‘පලයන් හරකෝ යන්න, මට විතරක් මේ පෙට්ටි උස්සගෙන එන්න පුළුවන් කමක් නෑ’ යයි වින්සන්ට කෙසේ නම් කිව හැකිද? පෙට්ටිය ඔසවාගෙන හිස මත තබාගෙන කම්බිය දිගේ ඇවිදින සර්කස්කාරියක මෙන් වින්සන් ඔහු පසුපසින් ගියේය.

ගම තුළින් එන්ජින් බෝට්ටු තුනක් පිටත්ව ගියේය. වෙලාව සවස පහ හමාර වන විට අඳුරු වී තිබුණි. එන්ජින් බෝට්ටුව ගංවතුරේ පැද්දෙමින් යන විට වින්සන් බෝට්ටුව තදින් අල්ලාගෙන ‘කොහොමහරි පණ පිටින් ගෙදරට ගිහින් දාන්න දෙවියනේ’ යි යාඥා කළේය. එවිට ඔහුගේ මුහුණට එබී බිය ගැන්වූ රැවුල් කාරයාගේ තුවක්කු කොන කොන්දේ ස්පර්ශ විය. ‘අර කහපාට බෑග්එක අරන් දියන්’ යි ඔහු අණ කළේය. වින්සන් වහ වහා බෑගය ගන්නා විට එහි තිබූ පොතක් බිම වැටුණි. එහි පිට කවරයේ ‘බොලිවියන් ඩයිරි’ යයි සඳහන්ව තිබුණි. වින්සන් වහා පොත අහුලා බෑගයට දමා රැවුල්කාරයාට දික්කළේය. ඊළඟ මොහොතේ වින්සන් ‘දැන් ගමට ඇවිත්ද?’ යි විමසා බැලීය. නිවාස ගං වතුරේ ගිලී ගොසිනි. ගඟ පිරී ගමට කඩා වැදී දින දෙකකි. පුංචි අම්මාගේ නිවසේ සිට පංති ගිය වින්සන් තම නිවස බැලීමට අද ගමට යමින් සිටියේය.

උස ගොඩනැඟිලිවල ජනතාව නතර කර තිබුණි. වින්සන් සිටි බෝට්ටුවට අමතරව තවත් බෝට්ටු දෙකක් ජනයා සිටි දෙසට ගොස් කෑම පාර්සලුත්, වතුර බෝතලුත් බෙදා දෙමින් තිබුණි.

බෝට්ටුවේ ඉදිරිපස සිටගෙන වින්සන් ගමන් කළේ අණ දෙන නිලධාරියකු ලෙසිනි. ඔහු ‘අර බලන්න, අර බලන්න’ යි කෑ ගැසූ විට බෝට්ටුවේ සිටි පස් දෙනාම හිස ඔසවා එදෙස බැලූහ. ගරුත්වයට ලක්විය යුතු අවුරුදු පනහක පමණ වයසැති අයෙක් වතුරේ පණ බේරා ගැනීමට දඟලමින් සිටියි. බෝට්ටුව ඔහු දෙසට ගියේය. ‘බාවා.... බාවා....’ යි වින්සන් හඬ නැඟුවේය. බාවාගේ එළුවෝ උස් ගොඩනැඟිලි සහිත භූමියේ සිටියහ. ඔහුගේ සෙන්පහවල්ලි පමණක් ගං වතුරට හසුව ගොස්ය. සෙන්පහවල්ලි යනු බාවාගේ බිරිඳගේ නමයි. ගං වතුර ඔවුන් දෙදෙනාව වෙන් කළේය. ඇයගේ මතකය ලෙස ශේෂ වූයේ ඒ එළදෙන පමණි. දෙදෙනා ඒ එළදෙනගේ අම්මා මිල දී ගන්නා විට එළදෙන කුඩා පැටියෙකි. මව් එළදෙන මියගිය පසු බාවා අම්මාගේ නම දියණියට තැබුවේය.

බෝට්ටුවේ සිට පුහලේන්දි සමග එක්වූ තිදෙනෙක් වතුරේ ගිලී ගිය සෙන්පහවල්ලිගේ සිරුර සොයා ගැනීමට උත්සාහ කළහ. වින්සන් පීනන්නට නොදත් බැවින් බෝට්ටුව තුළටම වී සිටියේය. සෙන්පහවල්ලිව සොයාගෙන ආරක්‍ෂිතව රැගෙන ගොස් ඒ ප්‍රදේශයේ තිබූ දෙමහල් ගොඩනැඟිල්ලේ උඩ තට්ටුවේ තැබූහ. බාවා සෙන්පහවල්ලිව වැලඳගෙන හාදු වැස්සක් දුන්නේය.

ඈතින් වෙඩි හඬක් ඇසුණි. නොඉවසිලිමත් වූ පුහලේන්දිත්, අනෙත් අයත් බෝට්ටුවට පැන නැගී හඬ ආ දෙසට පිටත් වූහ. වින්සන් කුමක් කරම්දැයි නොදැන සිටගෙන සිටියේය. හඬ ආ දිශාව සොය සොයා බෝට්ටුව ඇදී ගියේය. එහි මරුදුත්, ඉනියවනුත් සිටියහ. මොහොතක් තිගැස්සී ගිය පුහලේන්දි ‘කනිමොලිගෙ බෝට්ටුව කෝ?’ යි ප්‍රශ්න කළේය.

“කනිමොලි ඔයාල හොයාගෙන තමයි ආවෙ. ඔයාල දැක්කට පස්සෙ වෙඩිල්ලක් පත්තු කරන්නම් කියල දැනුම් දුන්නා. පරක්කු වෙනකොට කනිමොලිට අමතක වේවි කියල අපි වෙඩිල්ල පත්තු කළා. උත්තරයක් නෑ.”

එසේ පවසනු ඇසෙත්ම පුහලේන්දි හිසට අත තබා බෝට්ටුවේ හිඳගත්තේය. වින්සන්ටද මඳ අසහනකාරී බවක් දැනුණි. ඔහුගේ සිත බිඳී ගියේය. ඔහු මැලවී යන්නට වූයේය. සියලු දෙනා කම්පනයට පත්ව සිටි බැවින් ඔහුගේ ස්වරූපය කිසිවකුගේ හෝ අවධානයට ලක් නොවුණි.

කනිමොලි සොයා බෝට්ටු සිව්දෙස රවුම් ගැසීය. අඳුරු වී තිබූ බැවින් ඈතින් තිබෙන දේවල් හොඳින් දර්ශනය වූයේ නැත. ඔවුහු ඔහුව සොය සොයා වෙහෙසට පත්වූහ. කෑ ගැසූහ.

ඈතින් ආලෝකයක් දිස්විය. වින්සන්ද එහි සිදු වන්නේ කුමක්දැයි බැලීමට උත්සාහ කළේය. උත්සාහය අසාර්ථක විය. බෝට්ටුව ආලෝකය බලා ඉගිලුණේය. එහි කනිමොලි පැමිණි බෝට්ටුව පමණක් වතුරේ පාවි පාවී තිබුණි. කනිමොලිගේ පපු පෙදෙස පුරා ලේය. මුහුණේද ලේ තැවරී ඇත. වින්සන් අඬා වැලපෙමින් කෑ ගසාගෙන වතුරට පැන අපහසුවෙන් ඒ බෝට්ටුවට ගොඩවිය.

වින්සන් ‘අක්කේ... අක්කේ...’ යි හඬ නඟමින් ඇගේ මුවට වතුර ඉස්සේය. ඔහුගේ අක්කා දරුවකු ළමැදේ තබාගෙන දිගාවී සිටියාය. කනිමොලිගේ අතේ තවත් දරුවෙකි. නිවුන් ගැහැනු දරුවන් දෙදෙනෙකි. කනිමොලිගේ අතේ සිටි ගැහැනු දරුවා මියගොසිනි. අනෙත් දරුවා වින්සන්ගේ අක්කාගේ තනපුඩුව උරමින් සිටියාය. ඒ කුඩා දැරිය තාරුය.

එදා වින්සන් තම අක්කාට පැවසූ මේ කතාව අද ඈ තාරුට භාරදුන්නාය.

“එයත් හිටියා නම් මම වගේම ඉඳීවි නේද අම්මේ?”

තාරු එසේ පවසත්ම අම්මා තාරුව තදින් වැළඳ ගත්තාය.

“අම්මේ, දැන් මාමා කෝ?”

“අවුරුදු දාසයේදි තමයි මාමා ඒ දේශප්‍රේමි සංවිධානෙට එකතු වුණේ. අප්පා...! මගේ මතකෙ උඩට එනකොට ම ආයෙ යට යනවා. රටේ කලබල තිබුණ නිසා මාමා හැංගිලාම තමයි හිටියෙ. හැම දෙයක්ම හරිගියාට පස්සෙ මාමා ඔයාව බලන්න ඒවි.”

අම්මාගේ දෑසින් කඳුළු බිඳු වෑහුණි.

තදින් දොරට තට්ටු කරන හඬක් ඇසුණි. අම්මා බියෙන් හා නොඉවසිල්ලෙන් බල්බ් ස්විචය දමා දොරේ සිදුර ඔස්සේ බැලුවාය. දොරට හේත්තු වී සිටින්නේ වින්සන්ය. ඈ දොර විවෘත කළාය. වින්සන් අක්කා මතට වැටෙන්නට ගිය අතර ඈ ඔහුව දරාගෙන අල්ලා ගත්තාය. වින්සන්ගේ ශරීරය තුවක්කු උණ්ඩවලින් සිදුරු වී තිබුණි.

තාරුගේ උපත සිදු වූ සෙන්තාරකෛ බෝට්ටුවේ එන විට හමුදා ප්‍රහාරයකට හසුව බෝට්ටුව කැඩී බිඳී විනාශව ගියේය. මෙතරම් දුරක් දිවි බේරාගෙන පීනා ආ තැනැත්තා වින්සන්ය. තාරුගේ සම්පූර්ණ නම සෙන්තාරකෛය.

අක්කාගෙ ළය මත දිගාවී සිටි වින්සන්ගේ දෑස්වලට තමා ඉදිරියේ තිබූ අම්මාගේ හා තාත්තාගේ පිංතූර දර්ශනය විය. විවරව තිබූ වින්සන්ගේ දෑස්වලින් කඳුළු පිට විය. අම්මාගේ පිංතූරයේ ස්ටෙල්ලා යනුවෙනුත්, තාත්තාගේ පිංතූරයේ කදිරවන් යනුවෙනුත් ඔවුන්ගේ උපත, විපත ආදී විස්තර සමග මුද්‍රණය කර තිබූ අතර පිංතූරවලට මල්දම් දමා තිබුණි. එම මල්දම් මැලවී ගොසිනි.

--------------


Nissanka Rajapaksa

unread,
Jan 2, 2020, 10:36:07 AM1/2/20
to ind...@googlegroups.com

ගැමි සුවඳක නිමාව

ගාමිණී ලිවේරා
(රැස පුවත්පතින්)

මුතුබණ්ඩා ළන්තෑරුමට භූමිතෙල් පුරවාගෙන පැල් රැකීමට යෑමට සූදානම් විය. වතුර බෝතලයත් ට්‍රාංසිස්ටර් රේඩියෝවත් බහාලූ පං මල්ලටම අම්මා කෙසෙල් කොළයේ ඔතා දුන්, ලුණුමිරිස මැද්දට තැබූ රොටියත් දමාගත් ඔහු බැස යන හිරුට පිටු පා ගෙදරින් පිට විය. ගොම්මන් කළුවර ගමේ ළඳු කැලෑ අතරින් එබිකම් කරමින් තිබිණි. පළඟැටියන් එකා දෙන්නා රාත්‍රී ගායන පටන්ගෙන ගත්හ.

ගම් සභා පාරේ මඳක් තැන් ගිය ඔහු, අතුරු පාරකින් මෙදෙසට ඇවිදගෙන එන සරත් දැක මඳකට නතර විය. ඔහුට තම මිතුරා මුණගැසුණේ කලකට පසුවය.

"සරත් කවදද ආවෙ?" එසේ අසන විට ඔහුගේ මුහුණේ රැඳුණේ පරණ මිතුරුකමේ ළෙන්ගතුකමය.

"අද උදේ. මම ඒ පැත්තෙ එන්නත් කල්පනා කරල නිකන් හිටියෙ බණ්ඩෙව හැන්දෑවෙ පැලට යනකොට හම්බ වෙනව කියල දන්න හින්දයි."

සරත් කීවේ වම් අතේ එල්ලාගෙන ආ පංමල්ල දකුණතට මාරු කරමිනි. ඔහු ඉඳහිට ගමට ආ දාට පැල් රැකුමක් තිබුණොත් මහත් කැමැත්තකින් ඊට සහභාගි වෙයි. ඔහු එල්ලාගෙන සිටින මල්ලේ ඇත්තේ වතුර බෝතලයත් රෑකෑම වේලත් බැට්‍රි කෑලි දෙකේ විදුලි පන්දමත්ය. මිතුරන් දෙන්නා ආ ගිය තොරතුරු කතාබහ කරමින් කුඹුරු යායට ඇවිදගෙන යන්නට වූහ. ඔවුන්ගේ මඩ ඉඩම් දෙක තිබුණේ එක ළඟය. ඊට යෑමට වෑ කණ්ඩියට ගොඩවී එහා ඉම තෙක් ඇවිදගෙන යා යුතුය.

"මේ සැරේ සරත් ගමට ආවෙ හුඟ කාලෙකට පස්සෙ නේද?"

"ඔව් බණ්ඩෙ. දැන් මුදලාලි කැමති නෑ අපි වැඩියෙ නිවාඩු ගන්නවට. දැන් එයාලට හොඳට සල්ලි තියෙනවා. නොච්චියාගම පළාතෙ හුඟ අය එයාලගෙ කඩේට එනව. මුදලාලි අලුතෙන් අපේ රටට ගෙනාව අර පිංතූරු පෙනෙලා ටෙලිවිෂන් පෙට්ටියකුත් දැනටමත් අරගෙනයි තියෙන්නෙ. ඒත් අනුරාධපුර පැත්තට තවම රූප පෙනෙන් නැතිලු."

සරත් කීවේ තමාගේ ස්වාමියා ගැනය.

මුදලාලි ඉස්සර සිටියේ මේ ගම් පළාතේය. එවිට ඔහු ගෙයි ඉස්සරහින් පොල් අතු සෙවිලි කර පුංචි කඩ කෑල්ලක් ඉදිකරගෙන සිල්ලර බඩු ස්වල්පයක් අලෙවි කළේය. ඒ දවස්වල මුතුබණ්ඩා නිතරම එහි යන්නට මනාප විය. ඔහු එසේ එනු දුටුවොත් මුදලාලිගේ දුව සමන්මලීද ගෙයි කොතැනක හෝ සිට එබිකම් කරන්නට පුරුදුව සිටියාය. දෙන්නා ගියේ වෙනත් ගමක පාසලකටය. එලෙසින් ගියේද එකටය. සරත්ද ඔවුන් සමඟ එකට පාසැල් ගියේය. සමන්මලීගේ තාත්තා දක්ෂය. ඔහු තමාගේ පුංචි කඩකෑල්ලට බඩු ගෙන ආවේ නොච්චියාගමෙන්ය. ඒ ගිය හැම විටකම ඔහුගේ අවධානය යොමු වූයේ එහි වෙළඳසැල් වෙත නිතරම ඇදෙන ජනතාව ගැනය. වෙළඳාමට හොඳ පළාතකැයි ඔහුට හැඟුණි. එහි කඩ කාමරයක් කුලියට දීමට දීමට තිබූ සැණින් ඔහු එය අත්පත් කර ගත්තේ එබැවිනි.

සමන්මලීලා මේ ගම අතහැර නොච්චියාගමට ගියහ. ඇය අනුරාධපුර පැත්තේ වෙනත් පාසලකට මාරු වූවාය. මුතුබණ්ඩා ඉඳහිට සරත් සමඟ ගොස් ඇය හමු වූයේය. එහෙත් ඇගේ උනන්දුව මඳ බව දැනගත් කළ ඒ ගමනද සීරුවෙන් නැවතී ගියේය. එහෙත් ඔහුගේ සිතේ ඇය රුඳී සිටියාය. ඔහු හැමදාමත් මිතුරා එනතුරු ඕනෑකමින් බලා සිටියේ ඇය ගැන තොරතුරු දැන ගැනීමටය. එහෙත් එකවරම ඔහු ඒ කතාවට වැටෙන්නේ නැත.

වැව් බැම්ම දිගේ ඔවුන් ඇවිදගෙන යන විට ඈත ගම්මානයකට එහායින් ඉර බැස ගොස් අහස දම් පාට වී තිබිණි. වැව් ඉයුරේ කෝන් ගස් යායේ රැහැයියෝ නාද පතුරවන්නට පටන් ගෙන ඇත. මුතුබණ්ඩා මිතුරාගෙන් සමන්මලී ගැන යම් යම් දේඇසූවේය. සරත්ද දන්‌න දේවල් කීවේය. ඔවුන් ඇවිදගෙන ආ වැව් කන්දෙන් බැස වෙල්යායේ ඇවිදගෙන යන විට නැෙඟනහිර දිසාවෙන් සඳ නැගීගෙන එමින් තිබුණේය. වලාකුළුලින් තොරඅහසේ තැනින් තැන තරු කීපයක්ද පායා තිබිණි.

යායේ බොහෝ පැල්පත් ඉදිකර තිබුණේ ගස් මතය. තැන තැන ඉතිරි කර තිබුණ රූක්ෂ ගස් මත පුංචි පැල්කෙටියක් ඉදි කර ගන්න හැකි අන්දමට අතු ඉති විහිදී තිබිණි. මිතුරන් දෙදෙනාගේ පැල්පත් පිහිටියේ එතරම් ඈතකින් නොවේය.

මුතුබණ්ඩා තමන්ගේ පැල්පත ළඟ නතර වූ අතර සරත් එහා කුඹුරට ඇවිදගෙන ගියේය. එවනවිට අඩ අඳුරින් පරිසරය වැසී යමින් තිබිණි.

ගස මත වූ පැල්පතට ගොඩ වූ මුතුබණ්ඩා ළන්තෑරුම දල්වා පැල වහලයේ වූ කොක්කේ එල්ලා තැබුවේය. අනතුරුව එළා ඇති පැදුර මත වාඩි වීගෙන රේඩියෝ එක පන ගැන්වූවේය. හැමදාමත් ඇසුවේ එකම ගුවන් විදුලි සේවයකි. බොහෝ අය සවන් දුන්නේ රජ රට ගුවන්විදුලි සේවයටය. හඳ පායාගෙන එන රාත්‍රියක සන්සුන් ගීත රාවයක් ඇසෙන විට අමුතුම චමත්කාරයක් මැවෙයි. යායේ සමහර උස් ගස්වල පැල්පතක ඉඳ දවාලට බලන කල රුවන්වැලිසෑයේ කොත් කැරැල්ලද පෙනෙයි.

සතියකට වරක් සවස් යාමයේ ගුවන්විදුලියෙන් ඇසෙන රජරට කවි වැඩසටහන හරිම අපූරුය. එය ප්‍රචාරය වන්නට පටන් ගත්තෙන් මුතුබණ්ඩා රේඩියෝවේ හඬ වැඩි කළේය. ඈතින් ඇසෙන පැල් කවි රාවයක් මෙන් එය පැතිර යන්නට විය. පැල් රකින බොහෝ අය ට්‍රාන්සිස්ටර් රේඩියෝවක් පැලට ගෙන යාම පුරුද්දක් කරගෙන තිබිණි. රජරට ගොවියාගේ ළසෝරාවය බවට එය පත්වී තිබිණි. මොවුනගේ ජීවිතවලටද නිරායාසයෙන්ම කවිය බද්ධ වී ඇත්තේය.

'පැලේ පැදුර හොරු අරගෙන ගියාදෝ' බඳු කවි නිතරම ඔවුනගේ මුවග රැඳී තිබිණි.එලෙසින්ම රජ රට ගුවන් විදුලියේ කවි වැඩසටහනද පැල් රැකීම හා බැඳී පැවතිණි. පැලේ පොල් අතු සිදුරු අතරින් සඳ රැස් ගලාගෙන එයි. මුළු වෙල් යායම අර්ධ දවාලක් මෙන් එළිය වී ඇත. එක එක කවි කිවිඳියන් නිර්මාණ ළයාන්විත ලෙසින් ගායනා වෙනු රේඩියෝවෙන් ඇසෙයි. මුතුබණ්ඩා පැළලි බිත්තියට හේත්තු වීගෙන අසා සිටියි. එවර තවත් කිවිඳියකගේ නම කියැවෙන්නට විය.

“සමන්මලී සඳනැගිගේ”

ගුවන්විදුලියෙන් ඒ නම ඇසෙත්ම ඔහු කලබල විය. වහාම නැඟිට බිමට අතුරා ඇති ලෑලි බිම මත වාඩි විය. ගායිකාවක විසින් කවි පෙළ ගායනා කරනු ලැබීය. එය විරහ රසයෙන් යුතු වූවකි. එහි එක් කවික පෙදක් ඔහුගේ සිතේ රැඳී නතර විණි.

“වෙන් වුණ සබඳ පෙම්වත් සිත මවෙත තියා

මතකය සදාකාලික අමතකව නොයා...”

සමන්මලී මේ කවි පෙළ ලියා ඇත්තේ කා වෙනුවෙන්ද? තමා සිතුවාට වඩා ඇය ආදරයෙන් බැඳී සිටියි. ඔහු තුළ එකවර ඇති වුණි. දුකක් දරා ගැනීමට බැරි තරමේ ඔහු ලන්තෑරුමද අතකින් ගෙන වහා ගසෙන් බැස ගත්තේය. කෙළින්ම ගියේ මිතුරගේ පැල වෙතය. මේ ආරංචිය මිතුරාට කියන තුරු ඔහුට ඉවසුමක් නැත. මින්පසු ඔහු සමන්මලීගේත් තමාගේත් සෙනෙහසට කෙලින්ම උදව් කරනු ඇතැයි ඔහු සිතුවේය. සිත තුළ කිසියම් ආඩම්බර හැඟීමක්ද මතුව එන්නට විය.

"මොකද බණ්‌ඩෙ?" සරත් තුළ මඳ විමතියක් ඇති වුණේ මිතුරාගේ විලාසයටය.

කතාව කෙලෙසින් පටන් ගත යුතුදැයි මුතුබණ්ඩාට එක වරම සිතාගත නොහැකි විය. ඇය තමා අමතක නොකර තවදුරටත් ආදරයෙන් බැඳී සිටින බව අසා මිතුරාද පුදුම පත් වනු ඇතැයි ඔහුට සිතිණි. වචන ඇදපැද ලමින් ඔහු මිතුරාට රේඩියෝවේ ගිය කව් පෙළ ගැන කියා ගත්තේය. මෙය ඇසූ මිතුරාගේ පුදුමයට පත් වන මුහුණ දැකීමට ඔහු බලා සිටියේය. එහෙත් මිතුරා කීවේ වෙනත් දෙයකි.

"සමන්මලී ඔය වගේ කවි ලියන එක පුදුමයක් නෙමෙයි බණ්ඩෙ, පහුගිය දවස්වල එයාලගෙ ගෙදර කාමරයක් කුලියට අරන් තරුණ ඉස්කෝල මහත්තයෙක් බෝඩින් වෙලා සිටියා. දෙන්න අතර සෑහෙන කාලයක් ලොකු සම්බන්ධයක් තිබුණා. ඒත් ගුරුවරයා හොරෙන්ම මාරුවක් හදාගෙන ගිහිල්ල දැන් මාස හත අටක්ම වෙනවා. කිසිම ආරංචියක් නෑ. සමන්මලීට දරුවෙක් ලැබෙන්න හිටියයි කියල ආරංචියකුත් කනින් කොනින් පැතුරුණා."

මුතුබණ්ඩාට කිසිවක් සිතාගත නොහැකි විය. ඔහු එහෙමම කොට්ටන් ගහ යට ලොයි බංකුවේ වාඩි විය. සරත් තමාගේ මුහුුණ දෙස බලා සිටිනවා ඔහුට පෙනිණි. එහෙත් මුතුබණ්ඩා හිස එසවූයේ නැත. සරත් තවත් දේ කීවත් ඒවා මුතුබණ්ඩාට ඇසුණේද නැත. ඔහු මොහොතක් එහෙමම සිට පසුව නැඟී සිටියේය. දැන් ඔහු සරත්ගේ මුහුණ දෙස බැලුවේය. එහි කිසියම් ජයග්‍රාහී මුහුණක් තැවරී තිබෙනු දුටු මුතුබණ්ඩා ආපසු සිය පැල්කොටය වෙත පිය තැබුවේය.



Nissanka Rajapaksa

unread,
Jan 2, 2020, 9:28:36 PM1/2/20
to ind...@googlegroups.com
ප්‍රේමයේ හඬ

සරත් අහස මත වැටුණු වලාකුල් එකිනෙක විහිද විසිර යනවා. සැන්දෑව තව නොබෝ වෙලාවකින් එළඹෙනු ඇති. කුස පිරුණු කවුඩන් කැදලි බලා ආපසු එන අතර වාහන දුම් කිලිටි ඇතිරිල්ලක් මෙන් පරිසරය වසා ගනු ඇති. ඇය සෙමින් නැගිට කවුළුව වසා දැමුවා. පස්වෙනි මහලේ සිට බලනවිට එකා පසුපස එකා ගාටන රිය පෙළක කහ රතු එළි කවුළුවේ විදුරු අතරින් පෙනෙන්නේ බොඳ වූ සිතුවමක් වගේ. 

ඇය තුනටියට අත ගසාගෙන පරිස්සමින් නැගිට කුස්සියට ගියා. නිතර වතුර බොන්න ඕනි. පෝෂණයෙන් ඉහළ දේවල් කන්න ඕනි. නැත්නම් ඒ සියල්ල බලපාන්නේ කුස තුළ සිටින බිළිඳාට. බොහෝ කාලයක් තිස්සෙම ඇය මේ තත්වයට මුහුණ දෙමින් සිටිනවා. මුලින් අපහසුවක් දැනුනත් දැන් සියල්ල පුරුදුයි, පැරණියි. තනිකම හෝ පාළුව දැන් නොසැලකිය හැකි තරම් සුළු දේවල්. පස් වසරක් පෙම්බැඳ විවාහ වන දිනයේ තිබුණු හදිස්සිය හා ප්‍රහර්ෂය කාලයත් සමග සෙමින් වියැකී ගොසින්. වේයන් මෙන් මහන්සියෙන් තනන ලද ගේ දොර පවා අත් හැර දමා එන්නට ඇයට හිත හදා ගන්න සිදුවුනත් ඒ කිසිවක් ගැන ඇල්මක් තව දුරටත් ශේෂ වී නෑ. සියල්ල සිහිනයක් වගෙයි. බය හිතෙන සිහිනයක් මැදදී ඇහැරුනවිට දැනෙන භ්රාන්තිය ඒ අත්දැකීම නොවිඳි කිසිවෙකුට වටහාගත නොහැකියි. ඔවුන් දරුවෙක් පතා නොකළ දෙයක් නැති තරම්. නව සොයාගැනීම් වලට අනුව කල හැකි සියලු පරීක්ෂණ, ප්‍රතිකාර අවසානයේ ඔවුන් තදින් වෙහෙසට සහ අපේක්ෂා භංගත්වයට පත්වුනා. එකිනෙකා නුරුස්සන සමහර දවස්වල ප්‍රේමය කළුවර මුල්ලක සැඟව ගත්තා. 
සෙමින් චලනය වූ රූප රාමු බොහෝ ගණනකට පසු එතරම් වැසි වලාකුළු හෝ නොතිබූ අහසක ප්‍රථම අකුණ පිපිරුවා. 

ඔහුට පෙම්වතියක්. 

ඉතා නීරස අයුරින් ජීවිතය ගලා යන්නට පටන් ගත්තා. මෙවැනි වෙලාවක බොහෝවිට සිදුවෙන සණ්ඩු හා කඳුළු අවසාන අමිහිරි නිහඬතාවයකින් ඔවුන්ගේ ජීවිතය පිරෙන්නට වුනා. 

නිහඬ බව කොතරම් දුර දිග ගියේද යත් එක්තරා අවස්ථාවක ඔවුන්ට වෙන් වෙන්න සිදුවුනා. එය පවා සිදුවුනේ ඉතා නිහඬව. ඇයට පස්වෙනි තට්ටුවේ ගෙයක් ලැබුනා. ඔහුට පදිංචි නිවස අලුත් බිරිදක් හා අලුත් ජිවිතයක් ලැබුනා. ඇයට ශාප කරන්නට, දෙස් දෙවොල් තියන්නට පමණක් නෙමෙයි හඬන්නට පවා උවමනාවක් නැතිවුනා. ඇය නිහඬව, නිශ්චලව සියල්ල භාර ගත්තා. නැත්නම් භාර ගන්නට සිදුවුනා. වරද සිදුකලේ ඔහු නෙමෙයි ඇය කියා සිතන්නට ඇය පෙළඹුනා. ඇය සෙවණැල්ලක් මෙන් ජිවත් වෙන්න ඉගෙන ගත්තා. රැකියාවට ගියා. වෙළඳ පොළට ගියා. ගෙදර ගියා. සෙවණැල්ලකට හදවතක් නැති නිසා ඇයට රිදුනේ නෑ. ඇස් දෙකක් නැති නිසා කඳුළු ආවේ නෑ. 

කාලය සමග විශාල තුවාල සුව වුනා. ඉඳහිට ඔහු ඇයට කතා කළා. ඉඳහිට. 

"හායි" කියන්න. ඇය උත්තර දුන්නා. ප්‍රශ්න ඇහුවේ නෑ . 

මෙහෙම හායි කියන දවසක දෙවෙනි අකුණ පිපිරුණා. වැසි වලාකුල් නොමැති ඉරිදා දවසක. 

"එයා ප්‍රෙග්නන්ට්. දැන් මාස තුනක්."


එය ඉතා බලවත් අකුණක්. පිපිරීමෙන් ඇය බරපතල තුවාල සහ පිළිස්සුම් ලැබුවා. ඇස් නිලංකාර වීම්, ක්ලාන්තවීම් සිදුවුනා. රැකියාවට නොගිහින් සති දෙකක් සිටියා, වේල් ගණන් නිරාහාරව සිටියා. 

ඉන්පසු එළඹුණු අසිරිමත් උදෑසනක ඇය ගැබ් ගත්තා. 

අවුරුදු ගණනක් ප්‍රේමය අපතේ ගොස් තිබියදී, මහත් ධන සම්භාරයක් නාස්තිවී ගොස් තිබියදී, ජීවිතය උඩු යටිකුරුවී ගොස් තිබියදී ඉතා හදිසියෙන් මෙසේ සිදුවුයේ කෙළෙසදැයි කිසිවෙකු ට විස්තර කල නොහැකියි. නැවත හායි කියන දවසක ඇය ඔහුට මේ බව පැවසුවා. 

"මම ප්‍රෙග්නන්ට්. ඔයයි මායි බලාන උන්නු දරු පැටියා. ඔයා වගේ නිකටේ සුළියක් තියෙන පුතු පැටියෙක් අපිට ලැබෙයි. ඔයා ආස වුනේ එහෙමනේ. ඔයා හිතපු විදියටම අපි එයාට ෂේන් කියල නම දාමු."

"ඔයාට පිස්සුද? අපි සෙපරේට් වෙලත් දැන් අවුරුද්දක්. ඔයාට වෙන කාවහරි ඉන්නවද? නැත්නම් දේව දුතයෙක් ඔය පැත්තේ ඇවිත් ගියාද?"

ඔහු අමිහිරි ලෙස සිනාසුනා. ඇය පුරුදු පරිදි නිහඬ වුනා. කිසිවෙකුට කිසිවක් නොකියා සියල්ල රහසක් ලෙස තබා ගත්තා. 

"මම දන්නවා. මට දරුවෙක් ඉන්නවා. නැත්නම් කොහොමද මට එහෙම දැනෙන්නේ? මේ විදියට දඟලන්නේ. එයා හුස්ම ගන්න විදිහ මට දැනෙනවා. එයා හෙලවෙනකොට මට දැනෙනවා."

ගැබිනියක් විසින් අනුගමනය කලයුතු සියලු වත්පිළිවෙත් ඇය ඉටු කළා. 

උදේ හවස පිරිත් දැමුවා, සිත සනසන සංගීත ඛණ්ඩ බිලින්දාට ඇසෙන්නට සැලැස්සුවා. සිත්ගත් නවකතා සෙමෙන් මිමුණුවා. කිසියම් හාස්කමකින් ඇගේ කුස ඉදිරියට නෙරා ආවේ නෑ . සිරුරේ බර වැඩි වුනේ නෑ . ඒ නිසා සියල්ල සියල්ලන්ගෙන්ම වසන් කරගෙන සිටීමට ඇයට හැකිවුනා. ඇයට කිසිදාක බසයේ විශේෂ අසුන ලැබුනේ නෑ. කිසිවෙකුගෙන් විශේෂ සැලකිලි ලැබුනේ නෑ . අඩුම ගන්නේ හායි කියන දවස පවා ඉන්පසු ලැබුනේ නෑ . ප්‍රසුති කාලය ළං වෙත්ම ඇය වෛද්‍යවරයෙක් මුණ ගැසීමට ගියා. බොහෝ වෙලාවක් ඇයට සවන්දුන් ඔහු ඇයව මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකළා. 
ඇය කිසිදාක ඔහු ළඟට ගියේ නෑ . 

"මට පිස්සු වෙන්නෙ කොහොමද? මේ මම හොඳින් රස්සාව කරගෙන, ගෙදර වැඩ කරගෙන ඉන්නේ එහෙනම්. මට දැනෙන්නේ මගේ බබා හුස්ම ගන්න හැටි. එයා හීන් හඬකින් අම්මේ කියන්නේ එහෙනම්. එයාලටයි පිස්සු."

ඇය ගැබ දරාගෙනම සුපුරුදු පරිදි ජිවත් වුනා. ඔහුගේ දරුවන් පෙර පාසල් ගියා, ඉන්පසු ජාත්‍යන්තර පාසල් වලට ගියා. ඇගේ දරුවා ඇගේ කුස තුළ ආරක්ෂා සහිතව සුවෙන් සිටියා. ඇය සමග සුරතල් හඬකින් කතා කළා. ලෝකය ගැන, තාත්තා ගැන තොරතුරු ඇසුවා. ඇය ඒවාට පිළිතුරු දුන්නා. අනිත් ළමයින් ශිෂ්‍යත්ව පංති ගියා, මහන්සි වී පාඩම් කළා. අගේ දරුවා නවකතා හා සංගීතය අසමින් ප්‍රීතියෙන් සිටියා. 

නියඟ, ගං වතුර , පිපිරීම් මැද ලෝකය සලිත වුනා. ඇගේ දරුවා ප්‍රේමයේ තරලයක පාවෙමින් නිරුපද්‍රිතව සිටියා. සමහර දිනවල ඔහු ඔහුගේ දරුවන් පාසලට ඇරලන්නට යද්දී ඇය දුටුවා. ඇය තම කුසට අත තබා සෙමින් කතා කළා. "පුතේ ඒ ඔයාගේ තාත්තා. ඔයාගේ අක්කයි අයියයි ඉස්කෝලේ එක්කන් යනවා. දවසක එයා ඔයා බලන්න එයි. ඔයාට හායි කියයි. බලන්න ඔයාගේ වගේම නිකටේ සුළියක් එයාගෙත් තියනවා. එයා වෙන ගෙදරක හිටියට අපි එයා එක්ක තරහ වෙන්න නරකයි. දවසක අපි ඔක්කොටම සන්තෝසෙන් ඉන්න ලැබෙයි. එතකන් මගේ පුතා ඔහොමම ඉන්න. මගේ ළඟටම වෙලා සනීපෙට නිදාගන්න. දැන් ඔයා මගේ විතරක් වුනාට දවසක එයාටත් ඔයා ඕනි වෙයි."

අවුරුදු දහයක් ගතවී තිබුනත් ඇය සතුටින්, සන්තෘප්තව, ගර්භිණීව සිටිනවා. 

සරත් සමය ගෙවී, වසන්තය සහ සිසිරය වශයෙන් ඍතු මාරුවෙනවා. තට්ටු පහකට ඉහලින් තවමත් පිරිත් හඬක් හා මෘදු සංගීතයක් ඇහෙනවා. ඉන්පසු මහත් සෙනෙහසින් මුමුණන ප්‍රේමයේ හඬක් ඇසෙනවා. 

Nissanka Rajapaksa

unread,
Jan 4, 2020, 6:33:10 PM1/4/20
to ind...@googlegroups.com

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්...

රැස පුවත්පතින්

පරාක්‍රම කොඩිතුවක්කු

“…. නොම්බරේ හොයා ගත්තෙ අලුත ලිව්ව පොතකින්. කතා කරන්ඩ කැමතියි. මම ඉන්නෙ දුවත් එක්කලා. ටිකක් අසනීපෙන්. දැන් ජීවිතේ කෙටියි. කැමති දවසක ඇවිත් යන්ඩ.”

යන්ට සිතුණේ ජීවිතේ එහෙම පිටුවක් දෙකක් තියෙන්නත් ඕනැයි සිතුව නිසා. ඩ්‍රැයිවර කඩුගන්නාව නඟින්නෙ බොහොම වයසක විදිහට. වීදුරුවෙන් මූණට වැටෙනවා උදේ කහපාට ඉරඑළිය රැලි රැලි. ඩ්‍රැයිවරට පාරත් වැරදුණා.

තානායම නෙවෙයි අයිසෙ. ආරාමය ළඟින්. දකුණට හරවන්ඩ. දෙවෙනි ගෙදර. කොළපාට ගේට්ටුව. ආරාමය! මිනිහා පොඩි හිනාවක් දැම්මා.

ස්වීචය එබූවත් හඬක් ඇසුණෙ නෑ. ඇතුළට ඇහෙන්න ඇති. දොර ඇරියෙ ඈමයි.

අඳුරන්ඩ පුළුවන්ද?

අප්පේ…. අවුරුදු 50කට විතර පස්සෙනෙ.

හිඳගත් විගස ඇය කීවේ තේ ටිකක් බොමු කියලයි. නැඟිට යන විටයි මම දුටුවේ හෙමිහිට ඇවිද යන රුවක්. බිත්තිය දිගටම අතක් ඇදගෙන ගියේ.

ඔන්න සීනි නැතුව කෝපි…. එදා බිව්ව විදිහට…. හරිද?

ගැහැනුන්ගේ මතක සිත පුදුම සහගත දෙයක්.

කොහොමද ජීවිතේ….? වැඩි කුතුහලයකින් නොවෙයි මම ඇසුවෙ.

දුව සැලෝන් එකක් කරනව. බඳින්නෙ නැහැ වගේ. අපි දෙන්නා හොඳින් ඉන්නව.

ඈ දිගටම කියාගෙන ගියා.

දේශප්‍රිය නැති වුණේ අවුරුද්දකට ඉස්සෙල්ලා.

අහන්නට අමුතු දෙයක් මට සිතුණෙ නැහැ. කතා කරන්නත් අවශ්‍යයි.

….. මම පත්තරෙන් දැක්කා. මේ ගෙදර පෙනුම හරි ගාම්භීරයිනෙ. මං කැමතියි. ඒ වුණත් අර ගේට්ටුව උඩින් යන සිමෙන්ති තොරණ. ඒක අහංකාර පෙනුමයි.

ඇය අසා සිටියේ සිනාවකින්.

ඒක දේශප්‍රියගේ කැමැත්තක්. ඇමතිවරු එහෙමනෙ.

නිහඬකමක් ඇති වුණා. දැන් අසාවියි සිතන විටම ඇය කවිය ගැන කථා කළා.

මතකද ‘70 දි ලියූ කවිය? දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්.

මම මුකුත් කීවේ නැහැ.

…. මතකද?

ඇය වචන කටපාඩමෙන් කියන්නට වුණා.

දේදුන්න පායාවි හෙටත් පාලම උඩින්

ඔබ නැතත් මම එතැන පාට හත ගණින්නම්

සූරලා ගෙන යන්න මා හදේ පිපුණ මල්

මල් නඟන වසන්තය ඔබට ගෙන යා හැකිද?

මේ වචනවල හොඳ ලස්සනක් තිබුණා. හුඟක් ඈයො ඒකට වශී වුණා.

මොකද ඒ ගැන අද ඔයා හිතන්නෙ?

මට මුකුත් ඒ ගැන හිතෙන්නෙ නැහැ. මං හිතන්නෙ ඔයාටත් එහෙම වෙන්ඩැති.

යන්තම් සිනාවකින් ඇය සිටියෙත් ඒක එහෙම තමයි කියන්නාක් වගේ.

ඩ්‍රැයිවර උන්නැහේ බූතයෙක් වගේ මිදුලේ එහා මෙහා ඇවිදිනවා. ගෙයි ලොකු කන්නාඩි තලයකට හිරු රැස් වැටී දිස්නයක් නැඟෙනවා. ඒ කැඩපතේ පින්තූර මුකුත් වැටිලා නැහැ. “මිරර් ඉස් නොට් මිරරින්.” මට යම් ඉංග්‍රීසි කවි පදයක් සිහි වුණා.

මේ…. සූරලා අරන් ගිය මල් නම් සේරම මැරිලා!

ඇය කීවේ ඔලොක්කුවට මෙන්.

හැබැයි ඉඳහිට මලක් දෙකක් පිපී පරවී යනවා.

කතා කරන්ඩ දෙයක් නැතුව ගියා.

…. ගිහිල්ලා එන්නම්. ගෙවෙන කාලයේ අරුතක් නැතැයි සිතුණා. ඇය හිස සලන්නේ ආයෙමත් නොඑන බව හොඳින් දැනගෙනයි. දොර ළඟදි ඇය නැවතී කතා කළේ කියන්නට සූදානමින් සිටි දෙයක් කියන්නාක් විදිහටයි.

…. ඔයා වගේ කල්පනා ලෝකයක් එක්ක මට බැරි බව එදා මට තේරුණා. ඒ ගෑනු ඉව. මං වගේ විසේසයක් නැති ගෑනියක් එක්ක ඔයාටත් බැරි බව ඔයා හොඳට තේරුම් ගන්ඩ ඇති. ඉතින් මේවා එහෙම වුණ එක කොච්චර හොඳද නේද?

…. මට තේරෙනවා. කියවුණේ මට ඒ වචන දෙක විතරයි. කාරයේදී කවිය වෙනස් වෙනවා.

අදත් ඔබ ඇත

පාලමත් එතැන ඇත

මාත් ඇවිත් ඇත

දේදුන්න පායාවි

එහෙත් එහි අමුතුවෙන් ගණින්නට

පාට නැත…..

***********


Nissanka Rajapaksa

unread,
Jan 5, 2020, 8:09:45 PM1/5/20
to ind...@googlegroups.com
පද්මිණී මොකා......ආ?
සහන් කසීර වික්‍රමසිංහ

පන්තිභාර ටීචර් ඇස් දොඹ කරගෙන ඒක අහපු හැටි තාමරසී ට තාම මතකයි. අඩු ගාණේ ව්ලැදිමීර් පූටීන් , බෲතෝස් බෲතෝස් ගාලි වගේ නමක් නම් හිතා ගන්නවත් පුළුවන්. ඒත් හතුරුසිංහ කියන නම ජීවිතේට අහලා නැති වෙන්නේ බැහැ? චන්දික හතුරුසිංහ කියලා කෙනෙක් ක්‍රිකටුත් ගැහුවා ද කොහෙද ? ඔවු... ඔවු ගැහුවා නේන්නම්. ඒක නිසා තාමරසී ටිකක උස් හඬින් උත්තර දුන්නා. 

"ගැහැණු ළමයි පොතේ පද්මිණි හතුරුසිංහ"

ලංකාවට නියම සුනාමිය ආවේ එදා කියලා ඉතිහාස පෙළ පොත්වල ලියන්න ඕනේ බව තාමරසීට පස්සේ කාලෙක හිතුණා. කතා පොත් වල තමන් කැමතිම චරිතය මොකක්ද කියලා ටීචර් අහපු ප්‍රශ්නය තමයි මෙච්චර දුර ගියේ. හුඟක් ළමයි මඩොල් දූවේ උපාලිට, ජින්නාට කැමතියි කිවුවා. තුන් යහළු වික්‍රමය කියවපු කීපදෙනෙකුත් හිටියා. අඹ යාළුවෝ පොතේ නිමල්ට කැමති වුණේම ගෑණු ළමයි. ඒත් තාමරසී පද්මිණි හතුරුසිංහ ට කැමතියි කියපු එකෙන් ඇති වෙච්ච සුළි කුණාටුවට පන්ති කාමරේ ඉඩ මදි වුණු නිසා ද කොහෙද ශාලවෙන් එළියට පනින්න ටීචර් තීරණය කළා. ගෘහ විද්‍යා ටීචර් පද්මිණි හතුරුසිංහගේ කතාව අහලා තාමරසී දිහා පුදුමෙන් බලද්දි පී.ටී. සර් හිනා වෙලා මග ඇරලා ගියා. ඉතිහාසය උගන්නන කෙට්ටු නන්දාවතී ටීචර් කම්මුලේ අත ගහගෙන විස්සෝප වෙන හැටි දැක්කත් තාමර්සී ට මුකුත්ම හිතුණේ නෑ. උත්තර දෙන්න නැගිට්ට ගමන් ම නිසා ආයේ ඉඳ ගන්නවද නැත්නම් මෙහෙමම ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ හිටගෙනම ඉන්නවද කියලා විතරක් එකල මෙකල වුණා. 

"කරුණාසේන ජයලත්ගේ පොත් කියෙවුවට නම් කමක් නෑ. ඒත් අඩුම ගාණේ ගැහැණු ළමයි එකේ කුසුම්..... නැත්නං සතීගේ කතාවේ සරස්වතී මානවඩු ...." ටීචර් කියද්දි අම්ම බණ අහනවා වගෙ අහගෙන හිටියා. ඊයේ පද්මිණි හතුරුසිංහ කියන්නේ කවුද කියලා නිච්චි නැතිව හිටිය පන්තිභාර ටීචර් අද වෙද්දි කරුණාසේන ජයලත්ගේ හොඳම රසිකාවිය වෙලා. තාමරසී හිනාව හංග ගත්තා. තාමරසීට නම් ඒ පොත්වල ලිපිනය හිටං කටපාඩම්. "කණිෂ්ක ජයලත්, අමරජය, පොකුණුවිට" ටීචර් කියන විදියට තාමරසී වයසට වැඩිය මෝරලාලු. දැන් මොකද කරන්නේ? බණ්ඩක්කා කරලක් වගේ කොණක් කඩලා බලලා අහක දාන්නද? කිසිම දුකක් කරදරයක් නැතිව හැදෙන තාමරසීට මොකක්ද මේ හැදිලා තියෙන පිස්සුව කියලා ටීචර් මුළු දවස තිස්සේම කල්පනා කරනවලු. ඒක වෙන්න පුළුවන්. ඕවා කල්පනා කරලාම වෙන්න ඕනේ ටීචර්, කොණ්ඩේ පීරන්නෙත් නැතිව, ගොනයි මීමයි වගේ සාරි හැට්ට ඇඳගෙන හැමදාම පරක්කු වෙලා ඉස්කෝලෙට එන්නේ. පවු දෙයියනේ! තාමරසීට ටීචර් ගැන දුකත් හිතුණා. දැන් මේ පද්මිණී හතුරුසිංහ ජාතික ප්‍රශ්නයක් වෙලා. කුසුම්වත් පද්මිණි ගැන මෙච්චර වද වෙන්න නැතිව ඇති. තාමරසීට ආයෙත් හිනා යන්න ආවා. 

අම්මා මෝහනය වෙලා වගෙ ටීචර් දිහා බලන් ඉන්න අතරේ ටීචර් තමන්ගේ කතාවෙන්ම මෝහනය වෙලා අම්මා දිහා බලන් හිටියා. තාමරසී හිටියේ ගුරු විවේකාගාරයේ ජනේලෙන් එහා බලාගෙන. දැන් ටීචර් කියන්නේ සාහිත්‍ය සමිතියට තාමරසී කියපු සිංදුව ගැන. අලුත් අලුත් දෑ නොසිතන ජාතිය ලොව නොනගී කියලා ඉගැන්නුවට ටීචර් ට කියන්න අලුත් දෙයක් ඇත්තෙම නෑ වගෙයි. තාමරසී සමිතියට සිංදු කිවුවේ ආසාවට නෙමෙයි. අනිවාර්යය හින්දා. සංදීපනි ඔළුව දෙපැත්තට වන වනා, ගවුමේ කොන් දෙකත් අල්ලගෙන "ඉර හඳ මොකට ද අපේ ලෝකයට - අපේ සිනා කැන් බැබලෙනවා" සිංදුව කියද්දි හැමෝටම පේෂලා මෙන්ඩිස්ව මතක් වුණා. ඊළඟට තමයි තාමරසී ශිෂ්‍යාව. නන්දා මාලිනිගේ "දසමසක් මා කුස තුළ උන් පුතුනේ" බොහොම සීරුවට කියාගෙන ගියාට වැඩිවෙලාවක් ඒ සිංදුව කියන්න හම්බ වුණේ නැහැ. සාහිත්‍ය විෂය භාර සර් නැගිටලා තාමරසීට සිංදුව නවත්තන්න කිවුවා. ඊට පස්සේ විනාඩි විස්සක්ම ගත වුණේ සර් පවත්තපු දේශනාවට. එදා කවි කතා කියන්න නියම වෙලා හිටිය අයට වෙලාව මදි වුණු නිසා ඒ අය තාමරසීට නොසෑහෙන්න පිං දුන්නා. නමුත් තාමරසී කල්පනා කළේ නන්දා මාලිනීගේ "මල් මල් හීනය සීතල උදයේ පැල්පත් මීදුම මැද රැඳිලා"සිංදුව මතක හිටින්නේ නැත්තේ ඇයි කියලා විතරයි. 

පද්මිණි හතුරුසිංහ ව අමතක කරලා වෙන චරිතයක් ගැන රචනයක් ලියාගෙන එන්න කියලා ටීචර් එදා සමාව දුන්නු හැටි තාමරසීට තාම මතකයි. තනියම රචනාව ඉවර කළා වුණාට රෑ කීය වෙනකං රචනාව ලිවුවද කියලා මතක් කරගන්න අමාරුයි. දැන්නම් එහෙම නිදි මරනවා බොරු. වැඩ ඉවර වෙලා කාමරේට කූඩු වුණාම මොන රචනාද? වතුර ටිකක් ඇඟට හලාගෙන හොද්දක් ලිපේ තියා ගන්න ටිකටම ඇස් පියවෙනවා. අනිත් කෙල්ලෝ කවුරුහරි ගෙනාපු සිත්තර පත්තරයක් බැලුවොත් ඇරෙන්න පොතක් කියවපු කාලයක් තාමරසීට මතකම නැහැ. අඩුම ගාණේ අන්තිමට ඉස්කෝලේ ගියේ කොයි අවුරුද්දේද? තාමරසී මතක් කළා. කොහොම හරි ඒ අර රචනාව ලියාගෙන ගිය දවස කියලා නම් මතකයි. ඒත් එදා ඉටි පහන් පොතේ දුලීනා ගැනම ලියන්න හිතුනේ ඇයි කියලා නම් තාමරසීට නිච්චි නැහැ. 

ඕවා මතක් කරනවට වඩා කොච්චර නම් වැඩ තියෙනවාද ගාමන්ටෙකක රස්සාවක් කරද්දි? 

Nissanka Rajapaksa

unread,
Jan 8, 2020, 7:18:11 PM1/8/20
to ind...@googlegroups.com
අලුත ගෙනා මනාලිය
යාබද නිවෙසේ සිටින නීතීඥ වර්මා මහතා අද විවාහ වෙයි. මම දොම්නසට පත්වී සිටිමි. ඔහු සමග රණ්ඩුවක් ඇද ගැනීමට මට උවමනාය. ඇතැම්විට එය මට සහනයක් ගෙන දෙනු ඇත. කාරණාව වන්නේ මා තවමත් අවිවාහකව පසුවීමත්, ඒ සම්බන්ධයෙන් මා දැඩි ලෙස සංවේදී වීමත්ය.

වර්මා මහතාගේ බංගලාව පිහිටා ඇත්තේ අපගේ පෝටිකෝවේ හිඳගෙන සිටින විට එහි සිදුවන සියල්ලක්ම පාහේ පෙනෙන ආකාරයෙනි. නිවෙස් දෙක අතර ඇති වැට වසර කිහිපයකට උඩදී කැඩී බිඳී ගියද එය කිසිදා අලුත්වැඩියා නොකෙරිණි. අපගේ පවුල් දෙක කෙතරම් මිතුරු වීද යත් ඉන් එක් පවුලක්වත් වැට අලුත්වැඩියාකිරීම ගැන කරදර වූයේ නැත. අනෙක, කැඩුණු වැට නිවෙස් දෙක අතර පහසුවෙන් එහා මෙහා යෑමට උපකාරී වූයේය.

සියල්ල සූදානම් බවත් මංගල පෙරහර ඇරඹීමට ආසන්න බවත් මට පෙනෙයි. දූවිල්ල මැකෙන්නට මිනිස්සු දෙදෙනෙක් හම් බාල්දිවලින් රතු බොරලු පොළොව මත ජලය ඉසිති. නෑදෑයෝ සහ මිතුරෝ සෑහෙන විශාල පිරිසක් එහි රැස්ව සිටින්නෝය. එහෙත් ඔහුගේ විවාහ මංගල්‍යයට නොයෑමට මා තීරණය කර ඇත. අම්මා ඒ ගැන අසතුටට පත්වූවද මගේ තීරණය එසේමය. වර්මා මහත්මියගේ මරණයෙන් මාස දෙකක් ඇතුළත යළි විවාහවීම මොනතරම් නිර්ලජ්ජිත ක්‍රියාවක්ද!

මා අපේක්ෂා කළ පරිදිම මා තවමත් පෝටිකෝවේ හිඳගෙන සිටීම ගැන අම්මා සතුටට පත් වූයේ නැත. ‘දෙවියනේ! ඔයාට මඟුල් ගෙදරට වෙලාවට යන්න ඕනකමක් නැද්ද? මඟුල් පෙරහැර පිටත්වෙන්නත් ලෑස්තියි. ඔයා තවමත් පොතක් අතේ තියාගෙන මෙතැන වාඩිවෙලා ඉන්නවා! ඔයා මොනවා කරනවද කියලා මට නම් තේරෙන්නෙ නෑ!’

‘අම්මේ, මං යන්නෙ නෑ. අම්මා යන්න. මං එනකම් බලාගෙන ඉන්න එපා.’

‘ඒ මොකද? ඒ මිනිස්සු අපේ අසල්වැසියෝ. ඔයා නොගියොත් අමනාප වෙයි. මං ඒ අයට මොකක්ද කියන්නෙ ? ’

‘ඕනැ දෙයක් කියන්න. මං යන්නෙ නෑ.’

‘අඩුම ගානෙ මටවත් කියන්නකො ඇයි කියලා. මං රෑට ඉවුවෙත් නෑ. ඔයාට බඩගින්නෙ ඉන්නයි වෙන්නේ.’

‘මට බඩගිනි නෑ. අම්මේ, මට නම් අම්මා ගැනත් පුදුමයි. අම්මා වර්මා නෝනාට කොච්චර කැමතිද? ඒත් එයා මැරුණා විතරයි, හොඳට ඇඳගෙන මිස්ටර් වර්මාගේ මඟුල් ගෙදර යනවා!’ මට තවදුරටත් කතා කරගැනීමට නොහැකි විය. අම්මා මා අසලින් හිඳගත්තාය.

‘කාටවත් බෑ ඉරණම වෙනස් කරන්න දරුවෝ. මගේ සහෝදරියන්ටත් වැඩිය මං කම්ලාට ආදරේ කළා!’ ඇගේ කටහඬෙහි වූයේ ශෝකී බවකි.

‘මට දරාගන්න බැරි අම්මෙ මිස්ටර් වර්මා මෙච්චර ඉක්මනට ආපහු කසාද බඳින එකයි...’

‘එයාට බනින්න එපා දරුවෝ. එයත් ඒ ගැන එච්චර සතුටු නෑ කියලා මට විශ්වාසයි. කම්ලා අසනීප වෙලා ඉන්න කොට ඒ මනුස්සයා එයාව බලාගත්ත විදිය ඔයා දැක්කනෙ! එයා බඳින්නෙ ළමයි නිසා.’

‘ළමයි නිසා! ඒක බොරු හේතුවක් අම්මේ. කුඩම්මා කෙනෙක් ගේන එක ළමයින්ට සතුටක් නෙවෙයි. මිස්ටර් වර්මාට හොඳට සල්ලි තියෙනවා. ඇයි එයා කාවහරි- මං කියන්නෙ, ළමයි බලාගන්න ගෑනු කෙනෙක් පඩියට තියාගන්නෙ නැත්තෙ?’

‘ළමයි බලාගන්න ගෑනු කෙනෙක් කවදාවත් අම්මා කෙනෙක් වගේ වෙන්නේ නෑ. මේවා තේරුම් ගන්න තරම් ඔයා ලාබාල වැඩියි. ඇයි ඔයා කියන්නෙ අලුත් නෝනා ළමයින්ට ආදරේ වෙන එකක් නෑ කියලා? එයා කුඩම්මා කෙනෙක් නිසාද? හැමකෙනෙක්ම ඒ වගේ නෑ. ඔයා ඉන්නෙ තරහෙන්. එච්චරයි. වර්මාට වැඩ තියෙනවා. ළමයින්ව බලාගන්න එයාට වෙලාවක් නෑ! ගෙදර පවුලක් ඉන්නවා නම් එයාට ළමයි ගැන හිතේ කරදරයක් නෑ.’

‘අලුත් නෝනා එයාගෙ ළමයින්ට ආදරේ වුණේ නැත්නම් ?’

‘එහෙම වුණොත් ඒක ඒ ළමයින්ගේ ඉරණම. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අම්මා මැරෙන්නෙ නැතිව ඉන්න තිබුණා. දුවේ, මං කසාද බඳිනකොට මට ඔයාගේ ආතම්මා මඟුල් තෑග්ග විදියට දුන්නේ ඔයාගෙ ලොකු අයියව. ඒ දරුවට එතකොට වයස මාස දහඅටයි. අහලා බලන්න එයාගෙන් එයාට අම්මා නැති අඩුව කවදාවත් දැනුණද කියලා. ඔයගොල්ලො ඔක්කොමටත් වඩා මම තවමත් වැඩියෙන් ආදරේ එයාටයි!’

අම්මා කියූ දේ සත්‍යයක් විය. කෙසේවෙතත් ඇය සමග තර්ක කරන විට මම සැමවිටම පරාජය වෙමි! ඇය මඟුල් ගෙදර ගියාය. මංගල පෙරහර ආරම්භ වී තිබිණි. මම තවමත් මෙතැන හිඳගෙන විවාහ මංගලෝත්සවය වෙනුවෙන් වාදනය වන ඝෝෂාකාරී පොප් සංගීතයට සවන් දෙමින් සිටිමි. නවදිල්ලිය වැනි විශාල නගරවල මංගලෝත්සවවලදී මෙවැනි පටිගත කරන ලද සංගීතය වාදනය කිරීම යල්පැන ගිය මෝස්තරයක් බව මම අසා ඇත්තෙමි. එහෙත් මීරත් නගරය එවන් දියුණු නගරයක් නොවේ. අනෙක් මිනිසුන්ගේ සාමයට සහ නින්දට බාධා කරන අයගෙන් බලධාරීන් බද්දක් අය නොකරන්නේ මන්දැයි මම කල්පනා කරමි. මගේ හිස කකියයි.

අද සවස්වරුවේ මනාලිය පැමිණියාය. අලුත උපන් බිළිඳුන් සහ මනාලියන් මගේ විශාලතම දුර්වලකමයි. ඔවුන් දෙස එබී නොබලා සිටින්නට මට බැරිය. මගේ තරහ මඳකට අමතක කළ මම ඇය බලන්නට ගියෙමි. සාමාන්‍යයෙන්, අලුත ගෙනා මනාලියක් ගෙදර සිටින සියලුම ගැහැනුන් විසින් වටකරගනු ලැබ සිටින්නීය. එහෙත් වර්මා මහත්මිය හුදෙකලාවම පාහේ මුල්ලක වාඩිවී සිටියාය. රතු කපු සාරියක් හැඳ සිටි ඈ අපහසුවෙන් පසුවන බවක් පෙනිණි. ඇයගේ මංගල වේලය නාසයේ කෙලවර දක්වාම පහත් වී තිබුණේය. මම එය ඔසවා ඇයගේ මුහුණ දෙස බැලීමි. ඇයට යාන්තම් වයස දහහතක් හෝ දහඅටක් වන්නට ඇත! දිගටම හැඬීමෙන් ඉදිමී ගිය රත් පැහැ දෙනෙතින් යුක්ත වූ ඇය සිය පයෙහි ඇඟිලි දෙස බලාගෙන සිටියාය. ඉතාමත් නැවුම් සහ සෞඛ්‍ය සම්පන්න ඡවි වර්ණයක් ඇය සතු විය.

වර්මා පවුලේ ඥාතීන් ඇය කෙරෙහි කිසි උනන්දුවක් නොදැක්වූ බව මම දුටිමි. ඒ පළමු කොටම ඇය ‘දෙවැනි’ බිරියක හෙයිනි. අනෙක, ඇය අයත් වූයේ දුගී පවුලකට බැවිනි. දායාදය වශයෙන් ඇය රැගෙන විත් තිබුණේ වැඩි වශයෙන්ම කපු සාරි ය. සියලු දෙනාම ආහාර බුදිමින් විහිලු තහලු කරමින් සිටියෝය. ඇය කෙරෙහි කුතුහලයෙන් බැලූයේ වර්මා මහතාගේ දරුවන් සය දෙනා පමණි. එකිනෙකා මාරුවෙන් මාරුවට පැමිණි ඔවුහු සිය නව මව දෙස බිය මුසු ගෞරවයකින් යුතුව බැලූහ. කුඩම්මා කෙනෙකු හා ජීවත් වන්නට ඔවුන් සම්පූර්ණයෙන්ම සූදානම්ව සිටින බව ඒ බිය මුසු ගෞරවය මට පැහැදිලි කර දුන්නේය.

මම කෝපයෙන් පුපුරමින් යළි නිවෙස කරා ගියෙමි. මා ඒ කේන්තිය පිට කළේ අම්මා මතිනි!

‘දැක්කනෙ අම්මේ, අම්මා අසරණ මිස්ටර් වර්මා ගැන හරියට අනුකම්පා කළානේ! ඒ වගේ ගෑනු ළමයෙක්ව බඳින්න එයාට තියෙන අයිතියි මොකක්ද?’

‘ඇයි මොකද වෙලා තියෙන්නේ?’

‘වළ පල්ලට යන්න ඔන්න මෙන්න ඉන්න මිනිහා බැඳලා තියෙන්නේ මටත් වඩා බාල ගෑනු ළමයෙක්ව!’

‘කට, කට ගීතා ! ඔහොම කතා කරන්න එපා. ඒ මනුස්සයට තාම හතළිහයි!’

‘දෙගුණයක්- හරියටම දෙගුණෙකටත් වඩා එයා වයසයි! මේක හරිම අසාධාරණයි අම්මේ! ඒ ළමයා තවම පොඩි කෙනෙක්. ඒ වුණාට ළමයි හය දෙනෙක් බලාගන්න වෙලා. එයා හරියට ඒ ළමයින්ගේ අම්මා නෙවෙයි ලොකු අක්කා වගේ! මට හරි කනගාටුයි. මට ඒක දරාගන්න බෑ. කියන්න- කනවැන්දුම් මිනිහෙක්ව බඳින එක මහ කරුමයක් නෙවෙයිද?’

මම දිව සපා ගතිමි. ඒත් ඊට ප්‍රමාද වැඩිය. අම්මා කිසිවක් නොකීවාය. ලැජ්ජාවට පත්ව සහ කුමක් කරන්නදැයි නොදැන මා එතැන සිටගෙන සිටින අතරතුර කඩා හැලෙන කඳුළු ඇය අනමින් සිටි පිටිගුලිය මත නොවැටෙනු පිණිස අම්මා සිය දෑස නිහඬව පිස දැමුවාය.

විස්තර විචාරයක් ද සමගින් අලුත්ම පුවත් ගෙන එන සම්ප්‍රේක්ෂකයක් වර්මා මහතාගේ සහ අපේ නිවෙස් අතර ක්‍රියාත්මක වෙයි. එම සජීවී පුවත් සම්ප්‍රේක්ෂකය වනුයේ අපේ නිවාස දෙකම පිරිසිදු කරන, අපේ මෙහෙකාරිය වන ජුග්නිය. ඇය විසින් අප වෙත ගෙන එනු ලැබූ පළමු විස්තර විචාරය මෙබඳු විය: ‘අලුත් මනමාලි ඇත්තටම පහළ පන්තියක එක්කෙනෙක්. ඒ නෝනට ලැජ්ජාවක්වත් ගෞරවයක්වත් නෑ. පහුවෙනිදම මූණ වහන වේල් එක ගලවලා පිරිමියෙක් වගේ මුළු ගෙදර පුරාම එහෙ මෙහෙ ඇවිදිනවා. පහුගිය මාස ගාණක් තිස්සේ ගෙදර ඉඳපු වර්මා මහත්තයාගේ නැන්දලාවත් නෝනා ආපහු ඒ ගොල්ලන්ගෙ ගම්වලට යවනවා.’

මම විස්මයට පත්වීමි. මගේ විස්මය දිගටම කතා කරන්නට ඇය උනන්දු කරවීය.

‘පුදුම වෙන්න එපා ගීතා නෝනා. ගෙදර ස්වාමි දූ හැටියට තමන් කරන්න ඕනැ මොකක්ද කියලා ඒ නෝනට තෙරුමක් නෑ. මං හිතන්නේ එයා ගමක එක්කෙනෙක්. වැඩකරලා, කාලා, නිදියලා තියෙන්නෙ ගමේ විතරයි. මට හිතෙන හැටියට නෝනා සුමානයක් ඇතුළත කෝකියාවත් ආපහු ගෙදර යවයි. ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි. දැන් පළවැනි වර්මා නෝනගෙ කාලෙ වගේ නෙවෙයි!’

මමද කනස්සල්ලට පත්වීමි. මා විශේෂයෙන්ම කනස්සල්ලට පත්වූයේ මා දැඩි ලෙස ආදරය කරන කුඩා පින්ටූ ගැනය. එවැනි කුඩා ළදැරියකට අලුත් වර්මා මහත්මිය අකාරුණික වනු ඇති දැයි මම කල්පනා කළෙමි. ඒ ගැන කිසිවක් කරන්නට නොහැකි වීම සම්බන්ධයෙන් මම කනගාටු වීමි. එහෙත් ඒ සම්බන්ධයෙන් මට වූයේ කවර අයිතියක්ද?

වර්මා මහතා සුදුමැලි පෙනුමකින් යුතුව උසාවියට ගිය බව අපට සවස් වරුවේදී ආරංචි විය. සියලුම අමුත්තන් පිටවී යමින් සිටි අතර ‘මනාලිය’ මුළු නිවෙසම මනා ලෙස පවිත්‍ර කරවමින් සිටියාය! වැඩිමහලුම පිරිමි ළමයා අල්ලා ගත් මම, ‘බිනූ, කොහොමද ඔයාලගෙ අම්මා? ඔයාලා එයාට කැමතිද?’යි ඇසීමි.

‘මං දන්නෙ නෑ!’යි කියූ ඔහු පැන දිව්වේය.

මා සාමාන්‍යයෙන් උදෑසන අවදි වන්නේ බොහෝ ප්‍රමාද වීය. පසුවදා අවදි වූ විට මම යාබද නිවෙස දෙස නෙත් හෙලීමි. එය ඉතා නිශ්ශබ්ද විය. ළමයින් පෙනෙන්නට සිටියේ නැත. වෙනත් දිනවල නම් ඔවුන් දවස පුරාම සෙල්ලම් කරමින් දබර කරගනිමින් සිටිනවා මට පෙනෙයි.

පාතරසය ගෙන එළියට ආ මම දුටු දෙයින් විස්මයට පත් වීමි. ඉතා පිරිසිදුව, පිළිවෙළට සිටින බව පෙනුණු පිරිමි ළමයි පස් දෙනාම එක පෙළට හිඳගෙන සිටියෝය. අපේ පාසැලේ ගුරුවරයා වන ශාස්ත්‍රීමහතා ඔවුන් දෙස බලාගෙන සිටියේය. මා එදෙස බලා සිටින විට, ව්‍යාකූලබවට පත්ව සිටි ජුග්නි එළියට පැමිණ මගේ කනට කෙඳිරුවාය. ‘මොකක්ද මං කිව්වේ. කෝකියා අද උදේ ගියා. දැන් ඉස්කෝලෙ මහත්තයා ඇවිත්. දැන් ළමයින්ට නිවාඩු කාලෙ ඉතිරි ටිකවත් නිදහසේ ගත කරන්න නෑ!’

සවස දෙකට පමණ, අම්මාගෙන් මහන මැසිම ඉල්ලාගෙන යන්නට බිනූ පැමිණියේය. අම්මා විස්මයට පත්වූවාය.

‘මහන මැසිම! ඔයාට මොකටද ඒක,බිනූ?’

‘නැන්දේ.. අම්මයි කිව්වේ මැසිම ඉල්ලගෙන යන්න කියලා. අම්ම පින්ටූටයි, මිකීටයි යට ඇඳුම් මහන්නයි යන්නේ.’

‘මේ ගිනි ගහන වෙලාවේ? එළියෙ හරිම රස්නෙයි. මේක ඇඳුම් මහන්න හොඳ වෙලාවක් නෙවෙයි. මෙච්චර රස්නෙ නැති උදේ වරුවෙ අම්මා මොකද කළේ?’

‘අම්මා ඉව්වා නැන්දේ. කෝකියා ගියානේ.’

‘ආ, මට අමතක වුණා.’

අම්මා කනස්සල්ලට පත් බවක් පෙනිණි. ඇය තනියම කතා කරන්නට විය.

‘ටක්කෙටම මොකක් හරි අවුලක් තියෙනවා. මං මේ වගේ මනමාලියෙක් මීට ඉස්සරවෙලා දැකලවත් ඒ වගේ කෙනෙක් ගැන අහලවත් නෑ....’

දවස් දෙකකට පමණ පසු පින්ටූ මගේ උකුළ මත හිඳගෙන සිටියාය. මම එදා උදේ පැමිණි සඟරාවක් කියවමින් සිටියෙමි. ‘පින්ටූ, ඔයාලගේ අම්මා මොනවද කරන්නේ?’ අම්මා ඇසුවාය.

‘ආ, නැන්දෙ මට කියන්න අමතක වුණා. අම්මා කාමරේ ලස්සණ දේවාලයක් හැදුවා. මේං මෙච්චර විතර උස කෘෂ්ණ දෙවියන්ගෙ පිළිමෙකුත් තියෙනවා. අම්මා ඒ කාමරේ උදේ දෙවියන් වැඳලා රෑට ඒ කාමරේම නිදියනවා. මාත් නිදියන්නෙ අම්මා එක්ක. අම්මා කියනවා මං දේවාල කාමරේ නිදා ගත්තොත් මට නපුරු හීන පේන්නෙ නෑ කියලා...’

මිනිත්තු කිහිපයක් තූෂ්ණිම්භූතව හිඳගෙන සිටි මගේ මව හදිසියේම නැගිට තණපිටිය හරහා යාබද නිවෙසට ගියාය.

මම දිගටම කියවන්නට වීමි. පින්ටූ මගේ උකුළ මතම නින්දට වැටුණාය. ඇය උකුළ මත තබාගෙන සිටීම අපහසු වූ හෙයින් ඇය ගෙදර රැගෙන ගොස් ඇගේ ඇඳේ තබන්නට මම තීරණය කළෙමි. ඇය ඇඳ මත තබත්ම මගේ සාරියෙහි කෙළවර අල්ලා ගත් ඕ එය අත නොහැරියාය. මේ ඇගේ පරණ සූත්තරයකි. ඇය හොඳින් නින්දට වැටෙන තුරුම ඇගේ පසෙක සිටිමින් මම ඇගේ සිරුරට සෙමින් තට්ටු කරන්නට වීමි. කාමරයේ ජනේලය විවෘතව තිබූ බැවින් යාබද කාමරයේ අම්මා සහ වර්මා මහත්මිය කතා කරන සැටි මට ඇසිණි.

‘ඔයා තමන්ව හොඳට රැක බලාගන්න ඕනෑ දරුවෝ. මෙහෙම ගියොත් ලෙඩ වේවි.’ අම්මා කියමින් සිටියාය.

‘නැන්දේ, මට කිසිම ප්‍රශ්නයක් නෑ. මා ගැන කරදර වෙන්න එපා!’අම්මා එතරම් ඉක්මනින් කෙනෙකුගේ ‘නෑදෑයෙක්’ වෙයි! ඇගේ ත්‍යාගශීලීබව සහ ආදරය නිමා නොවන දෙයක් ලෙස පෙනිණි.

‘නෑ, මං හිතන්නේ නෑ ඔයාට ප්‍රශ්නයක් නෑයි කියලා! ඇයි ඔයා කෝකියව ගෙදර යැවුවේ? දැන් ඔයාම කෑම උයන්න එපායැ.’

‘කොහොමටත් නැන්දෙ මං මුකුත් නොකර ඉඳිද්දි ගෙදර මිනිස්සු වැඩකාරයෙක් උයන කෑම කන එක හරියි කියලා මට පෙනුණෙ නෑ. අනෙක, ළමයින්ට ගුරුවරයෙක් ගෙදරට ගෙනල්ලා උගන්නන්නත් මට ඕනෑ වුණා.’

‘ඉතින් තාම ඉස්කොලෙ පටන් අරගෙනත් නෑනෙ.’

‘මං දන්නවා. ඒත් මං ගෙදර පිරිසිදු කරන කොට දැක්කා ඒගොල්ලන්ගේ ඔක්කොම පොත් ඉරිලා සවුත්තු වෙලා තියෙනවා. ඉතින් මං කල්පනා කළා ඒ ගොල්ලන්ව ඉස්කෝලෙට සූදානම් කරවන්න ඕනෑ කියලා...’

‘එතකොට මේ දේවාලෙ හදන එක කල්පනා කළේ කොයි වෙලාවෙද? මං හිතන්නෙ නෑ ඔයා අලුත ගෙනා මනාලියක් වගේ පේනවා කියලා. අතේ කරේ කිසිම ආභරණයක් නෑ. ඒ මදිවට මේ සාරියත් සවුත්තුයි!’

‘ඒක මට ගාණක් නෑ නැන්දෙ!’ එය අම්මාට ඇසුණේ නැත. ඇය දිගටම කියවන්නට විය. ‘මට ආරංචි වුණා ඔයා නිදියන්නෙත් මේ කාමරේමයි කියලා!’ අම්මාට තව දුරටත් ඉවසාගෙන සිටිය නොහැකි සෙයකි.

එයට පිළිතුරක් නොවීය.

‘මිස්ටර් වර්මා නිදියන්නේ කොහේද?’

‘එයාගෙ කාමරේ.’

‘කන්තෝරු කාමරේ?’

‘ඔව්! ’

‘ඒ මොන වැඩක්ද! ඔයා ළමයි එක්ක නිදියනවා. මහත්තයා එයාගෙ කාමරේ නිදියනවා! ඕගොල්ලො බැඳලා කොච්චර කාලයක්ද? තවම දවස් හතරයි! මේ අහන්න දුවේ. කියන්න මට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා... මං ඔයාගෙ අම්මා වෙන්න තරම් වයසයි. ඔයා හරිම තරුණයි... කියන්න මට මොනව හරි උදව්වක් කරන්න පුළුවන්ද කියලා....’


සිරකරගත් ඉකිබිඳුමක හඬ මට ඇසිණි. මනාලිය සැනසවීමට අම්මා වෑයම් කරමින් සිටියාය. ටික වේලාවක් යනතුරු කතා වෙන්නේ මොනවාදැයි මට ඇසුණේ නැත. සියල්ල හැඬුම්වල ගීලි තිබිණි. ඉන්පසුව වර්මා මහත්මිය මෙසේ කියනු මට ඇසුණේය: ‘...අපේ මඟුල් දවසෙ රෑ එයා කිව්වා, “මගේ ළමයින්ව හොඳට බලාගන්න. ඒ අය දැන් ඔයාගෙත් ළමයි. දෙවියො දැනටමත් මට ළමයි හය දෙනෙක් දීලා තියෙනවා. මම කටයුතු සූදානම් කළා... ඔව්... දවස් කීපෙකට කලින්, තවත් දරුවො නොහැදෙන්න මං ඔපරේෂන් එකක් කරගත්තා...” කියලා.’

‘මොකක්? ඔපරේෂන් කරලා!’

‘ඔව් නැන්දෙ. ඒත් මං එයාට හරියට කෘතඥ වෙනවා ඒ කතාව මට කියපු එක ගැන. එයා ඒ කතාව කිව්වෙ නැත්තම් ළමයි නෑ කියලා මට මැරෙන්නයි වෙන්නෙ! දැන් මට සතුටුයි. මං මගේ ජීවිතේ කෘෂ්ණ දෙවියන්ට කැප කරලයි තියෙන්නේ! ’

‘මොකක්ද ඒ කතාවෙ තේරුම?’


‘නැන්දෙ, මම බොහොම ගොඩේ, නූගත් කෙල්ලක්. මං කියවලා තියෙන්නේ ආගමික පොත් කීපයක් විතරයි. ඒ හැම පොතකම තියෙනවා මිනිහෙකුගෙයි ගෑනියෙකුගෙයි සම්බන්ධකම් තියෙන්න ඕනෑ අපේ ශුද්ධ වූ වගකීම වෙච්ච දරුවන් හැදීම සඳහාමයි කියලා. එහෙම නැතිව පවතින සම්බන්ධකම් වැරදියි. ඒක රාගය.... මං කිව්වා මම එයාගෙ ළමයි හොඳට බලාගන්නම් එයාට කිසිම කරදරයක් නොවෙන්න, ඒත් මගේ ඇඟට අතක්වත් තියන්න බෑ කියලා...’

හදවතක් බිඳෙන හඬක් වැනි ඉකිබිඳුමක් මට ඇසිණි. මගේ හදවත පාරවන හඬකින් ඈ මෙසේ පවසන්නට විය. ‘මගේ ඒ සහෝදරියට, ඒ කියන්නෙ එයාගෙ පළවැනි නෝනට එයා දරුවො හය දෙනෙක් දුන්නා. ඒත් නැන්දෙ එයාට බෑ මට එක ළමයෙක් දෙන්න! මගේ ජීවිතේ නිකම් අපරාදෙ නාස්ති වෙලා යන එක වලක්වන්න එකම එක දරුවෙක් දෙන්න..’

තවදුරටත් ඊට සවන් දෙන්නට තරම් ධෛර්යයක් මා තුළ නොවීය. මා රැගෙන යන්නට තරම් සවිමත් නොවූ දණහිස්වලින් යුතුව මම පොළොවට ඇලී ගත් වනම එතැන හිඳගෙන සිටියෙමි.

Nissanka Rajapaksa

unread,
Jan 15, 2020, 10:11:09 PM1/15/20
to ind...@googlegroups.com

සම අයිතිය

අලූත්මල්කඩුවාවේ ගාමිණී ඒකනායක

කාන්තා විමුක්ති සංගමයේ සියලු දෙනාම මී මැසි පොදියක් මෙන් ලහි ලහියේ සංවත්සර සභාවේ කටයුතු සූදානම් කිරීම සඳහා වෛවර්ණ මෝටර් රථවලින් උදේ පාන්දරින් ම පැමිණියහ. බොහෝමයක් වාහන මිල අධික ඒවා වූ අතර ඔවුන් විසින් ම ඒවා පදවාගෙන යනු දක්නට ලැබිණ. කඳබඩ යහමින් තිබුණ ඔවුන්ට ආසාවකට හෝ හිරුරැස් පොදක්වත් නොවැටී ඇති බව නම් ඔවුන්ගේ සිරුරුවලින් මොනවට කියාපෑවේය. දශක කීපයක්ම රාජකාරි තේජස්වලින් උද්දාමයට පත් වී සිටි බොහෝ කාන්තාවන් විශ‍්‍රාම ගිය පසුද කාන්තා සංගමය හරහා ඉඳහිට හෝ තම පැරණි තේජස පෙන්වීමට මෝඩ උත්සාහයක් ගන්නා බවක් පෙනිණ. ඔවුන් බොහෝ දෙනෙක් ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරුවෝ වෙති. වේදිකාව සැරසීම මෙන්ම ආහාර පාන සැපයීමද සුප‍්‍රකට සමාගම්වලට පවරා තිබිණි. මෙරූන් පැහැති බැනරයේ රන්වන් පාටින් ‘‘කාන්තා විමුක්තිය - සම අයිතිය’’ යනුවෙන් වේදිකාව පසුබිම පොල්ගෙඩි අකුරින් එල්ලා තිබිණි. ආහාර පාන රැගත් වාහනය ළඟාවී ඇති බව පසක් වූයේ නාසය පිනා යන රස ආහාර සුවඳ රැස්වීම් ශාලාව සිසාරා හමා යාමත් සමඟය. පෙරවරු 9.00 පමණ වන විට විමුක්ති සංගමයේ කාන්තාවෝ සියලූ දෙනාගෙන් ශාලාව පිරී ඉතිරී ගියේය. සියලූ දෙනා නොඉවසිල්ලෙන් බලා සිටි ජාත්‍යන්තර සංගමයේ ප‍්‍රධාන අමුත්තිය ශාලාව අසලට ළඟාවෙත්ම කාන්තා විමුක්ති සංගමයේ සභාපතිනිය වූ වැලිවිට මහත්මිය පාවෙන මාලිගාවක් වැනි මෝටර් රථය අභියසට දිවගියේ බුලත් හුරුල්ලක්ද සමගිනි. 

සංගමයට අරමුදල් සපයන ජාත්‍යන්තර සංගමයේ සභාපතිනිය වාහනයෙන් බැසගත් වහාම වැලිවිට මැතිනිය මුව පිරිගත් සිනහවෙන්ම බුලත් හුරුල්ල දෝතින්ම පිළිගැන්වූවාය. බුලත් හුරුල්ල අග මුල මාරුවී ඇති බව දැකගත් බොහෝ දෙනෙක් ආයාසයෙන් මුව තදකර ගෙන සිටියහ. ජාත්‍යන්තර සභාපතිනියට ඒ බවක් නොතේරීම වැලිවිට මහත්මියට වාසනාවක් විය. උඩරට පහතරට නැටුම් කණ්ඩායකම් පිරිවරාගත් ප‍්‍රධාන අමුත්තිය ශාලාව මැදින් මහත් ගාම්භීරව වේදිකාවට අවතීර්ණ වූවාය. වේදිකාවේ එක් පැත්තක මාධ්‍යවේදීන් සඳහා ආසන වෙන්කර දී තිබිණි. වැලිවිට මහත්මිය කලින්ම උපදෙස් දී තිබීම නිසා දෝ ඔවුන් කඩිරැලක් මෙන් කැමරා ආම්පන්න වැලිවිට මහත්මියට ම එල්ල කරමින් ඒ මේ අත දිවයනු පෙනිණ.

පිළිගැනීමේ කතාවෙන් පසුපෙළ ගැස්ම වූයේ පසුගිය වසරේ කාන්තා සංගමය මගින් කාන්තාවන්ට සිදුකරන ලද උදාර මෙහෙවර පිළිබඳව වීඩියෝපටයක් ප‍්‍රදර්ශන කිරීමය. වැලිවිට මහත්මිය වීඩියෝ දර්ශන එකින් එක ප‍්‍රදර්ශනය කළ අතර ඒ පිළිබඳව ජාත්‍යන්තර සංවිධානයේ නායිකාවට ඉංගී‍්‍රසි බසින් විස්තර කළාය. උතුරුකරයේ පීඩාවකට පත්වූ කාන්තාවකට මහා උත්සව සභාවක් මැද මහන මැෂිමක් පරිත්‍යාග කරන දර්ශනයකි. තුන්කාල් කලිසම් හැඳ කළු පාට අව් කණ්ණාඩි දමාගත් පුෂ්ටිමත් කාන්තාවන් විශාල පිරිසක් මහන මැෂිම ලබාගත් කාන්තාව වටකොට ගෙනය. තවත් විටෙක බෝම්බ ප‍්‍රහාරවලින් පාදයක් අහිමි වූ කාන්තාවකට අත් වාරුවක් පරිත්‍යාග කරන දසුන් පෙළකි. විමුක්ති සංගමය හෝටල්වල භෝජන සංග‍්‍රහ, මුහුදු වෙරලේ පෙරළි පෙරළී පී‍්‍රතියෙන් කුල්මත් වන දර්ශන පමණක් නොව, සුඛෝපභෝගී බස්රථයේ තාලයට අත්පුඩි තලමින් විනෝදවෙන දර්ශන ද අනපේක්‍ෂිතව තිරයේ පතිත වෙත්ම කලබල වූ වැලිවිට මහත්මිය බොත්තම ඔබා තිරපටය ලහි ලහියේ වේගවත් කළාය. කොට කලිසම් හැඳගත් කාන්තාවෝ කීපදෙනෙක් සපත්තු පිටින්ම කුඹුරකට බැස ගොයම් කැපීමට දරන උත්සාහයකි. දැඩි අව් රශ්මිය නිසා දෝ ඔවුන් අව් කණ්ණාඩි සමග කැප්තොප්පි පැළඳ සිටියහ. ගොයම් කපමින් සිටි කාන්තාවන් පිරිසකගෙන් බලෙන්ම දෑකැති උදුරා ගන්නා සංගමයේ කි‍්‍රයාකාරිනියන් පිරිසක් ගොයම් කැපීමට දරන උත්සාහය දෙස ඔවුන් සුසුම් හෙළමින් බලා සිටියහ. එම දර්ශන දෙස විමතියෙන් මෙන් බලා සිටි ජාත්‍යන්තර සංගමයේ නායිකාව ඒ පිළිබඳ වැලිවිට මහත්මියගෙන් ප‍්‍රශ්න කළාය. ගම්බද කාන්තාවන් සාම්ප‍්‍රදායික කෘෂිකාර්මික රටාවෙන් බැහැරවීමට අකමැති බවත් තම සංගමය නූතන තාක්ෂණික ක‍්‍රම ඔවුනට හඳුන්වා දීමට උත්සාහ දරන බවත් ඉංගී‍්‍රසි බසින් හෙමිහිට විස්තර කළේ හොරෙන් වටපිට බලමිනි.

කාන්තා සංගමයේ ජාත්‍යන්තර නායිකාව කරන ලද දේශනය වැලිවිට මහත්මිය සිංහලෙන් පරිවර්තනය කළාය. ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය තවදුරටත් ඉවසීම වෙනුවට පිරිමින්ට එරෙහිව සටන් කළ යුතු අතර පිරිමින්ට ඇති සෑම අයිතියක්ම කාන්තාවන්ටත් සමානව හිමිවිය යුතු බවට ජාත්‍යන්තර නායිකාවද අවධාරණය කරන බව ප‍්‍රකාශ කළ ද ඉංගී‍්‍රසි භාෂාව දන්නා කීපදෙනකු අතර කසුකුසුවක් වූයේ ඇය එවැනි අදහසක් පළ නොකළ බවත් ඇය ප‍්‍රකාශ කළේ අසරණ වූ කාන්තාවන්ට හැකි තරම් උපකාර කරන ලෙසත් ඒ සඳහා තම සංවිධානය ලෝකයේ රටවල් ගණනාවක මූල්‍යාධාර සපයන බවත් පමණකි. එහෙත් ඒ බවක් දන්නා බවක්වත් හැඟවීටම ඔවුන් බිය වූයේ වැලිවිට මහත්මියගේ බලපරාක‍්‍රමයට එරෙහි වීමට ශක්තියක් නොතිබූ නිසාවෙනි.

අපි අද රැස්වුණේ විශේෂ කාරණාවකට. මොකද අපි නිතර අත්දකින දෙයක් තමා ස්වාමිපුරුෂයන්ගෙන් නිරන්තරයෙන් කාන්තාවන්ට සිදුවන හිංසා පීඩා. අපි එහෙම යටත් විය යුතුද? කියන ප‍්‍රශ්නය අපි අපෙන්ම අහන්න ඕනෑ. ගෙදර ඇතුලේ කාන්තාවන්ට දෙවැනි තැන. හැමදේම සැමියගෙන් අවසර ගන්න වෙලා. අපට ඕනෑ හැටියට ගමනක් යන්න, ඇඳුමක් අඳින්න, කන්න, බොන්න කිසිම නිදහසක් නැහැ. මේ ක‍්‍රමය වෙනස් කරන්න දැන් කාලය ඇවිත් තියෙන්නේ. ස්වාමිපුරුෂයන්ට බයේ ඉන්න ඕනෑකමක් නෑ. ස්වාමිපුරුෂයෝ නැතිව අපේ වැඩ අපට තනියෙන් කරන්න පුළුවන්. හැබැයි ඒකට අපි හරියට සංවිධානය වෙන්න ඕනෑ. අපට දුකක් කරදරයක් උනා නම් ඒක විසඳ ගන්නකල් අපි එකට ඉන්න ඕන. පොදුවේ අපි එකිනෙකා බලාගන්නවානම් අපට ස්වාමිපුරුෂයන්ගෙන් යැපෙන්න ඕන නැහැ. ඒ හින්දා අපි ශක්තිමත් විය යුතුයි. මේ සාමාජිකාවන් සියලු දෙනාම ගෙවල්වල තමන්ගේ සම අයිතිය ඉල්ලලා අරගල කරන්න ඕන. ඕනෑම දේකට අපි සංගමයක් හැටියට පස්සෙන්ම ඉන්නවා.

වැලිවිට මහත්මියගේ උද්වේගකර කතාවෙන් ප‍්‍රමෝදයට පත්වූ සාමාජිකාවන් සියලු දෙනාම ශාලාව දෙවනත් කරමින් විනාඩි කිහිපයක් යන තෙක් අත්පොළසන් නැගූහ. රැස්වීම අවසානයේ වැලිවිට මැතිනිය තමන්ගේ අග‍්‍ර පුරෝහිතයන් වූ සංගමයේ නිලධාරිනියන් කීප පළකට රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට සුප‍්‍රකට හෝටලයකට ඇරයුම් කළාය. මධ්‍යම රාති‍්‍රය ආසන්න වෙන තෙක්ම අල්ලාප සල්ලාපයේ යෙදුන නිලධාරිනියන්ට වයින් වීදුරුවල මාත‍්‍රාව ඉක්ම ගිය නිසාදෝ වැනි වැනී රථවලට ගොඩවී පියඹා ගියහ.

මධ්‍යම රාති‍්‍රය ආසන්න වෙත්ම වැලිවිට මහතාට හදිසි පොලිස් ඇමතුමකි. වැලිවිට මහත්මිය හදිසි අනතුරකට ලක්වී දැනටමත් රෝහල් ගත කොට ඇති බවත්ය. අනපේක්‍ෂිත ඇමතුමෙන් කලබල වූ වැලිවිට මහතා වහාම රෝහලට ගොස් අවශ්‍ය කටයුතු සම්පාදනය කළේය. ඇයගේ එක් පාදයක දණහිසෙන් පහළ කොටසේ අස්ථි පිපුරුමකට ලක්වී ඇති බවත් එය යළි සවිවීමට මාස කිහිපයක් ඇඳ විවේකය ගත යුතු බවට වෛද්‍ය උපදෙස් ලැබිණ.

වාහන අනතුර පිළිබඳ ආරංචිය පසු දිනම උදය වරුවේ පැතිරී ගොස් තිබුණේ ලැව් ගින්නක් මෙනි. දවස පුරාම වෛවර්ණ ඇඳුම් පැළඳුම් වලින් සැරසීගත් ප‍්‍රභූ කාන්තාවන් වැලිවිට මහත්මියගේ ඇඳ වටේ පිරී ඉතිරී සිටියහ. ඔවුන්ගෙන් ඇතැමෙක් ප‍්‍රකට වෛද්‍යවරුන්ගේ නම් කියමින් ජංගම දුරකථනවල ඇලී සිටිය අතර තව කොටසක් ඉහළ පොලිස් නිලධාරීන්ට ආමන්ත‍්‍රණය කළහ. එම දුරකථනවල එහා කෙලවරේ කිසිවකු සිටියේද නැද්ද යන්න කිසිවකු නොදනිති. සතියක් දෙකක් ටිකෙන් ටික ගතවෙත්ම වැලිවිට මහත්මියගේ ඇඳ ළඟ තනියට හිටියේ වැලිවිට මහතා පමණි. වෛද්‍ය උපදෙස් මත වැලිවිට මහත්මිය රෝහලෙන් නිදහස් වී නිවසට ගියේ රෝද පුටුවක ආධාරයෙනි. නිවසට ගිය වහාම වැලිවිට මහතා ඇයව අසීරුවෙන්ම උස්සා ගෙන ගොස් ඇඳෙහි හාන්සි කළේය.

නිවසට පැමිණ මාසයක් ඉකුත් වන්නටත් පෙරම වැලිවිට මහත්මියගේ දුක සැප විමසීමට ඉඳහිටවත් කිසිවකු පැමිණියේ නැත. ඈ සංගමයේ කීප දෙනකුටම දුරකථනයෙන් දැන්වූ නමුත් යහපත් ප‍්‍රතිචාරයක් ලැබුණේ නැත. බොහෝ දෙනකු දන්වා සිටියේ නිවාසවල ස්වාමිපුරුෂයන් සමග කළ යුතු දහසකුත් එකක් වැඩකටයුතු ඇති බවත් එබැවින් නිතරම පැමිණිය නොහැකි බවය. ඉතාම අඩුවෙන් කතා කරන නිවුන පුද්ගලයකු වූ වැලිවිට මහතා පැය 24 ම තම බිරිඳගේ ඕනෑ එපාකම් සොයා බැලුවේය. ඈ වැසිකිළි කැසිකිළි සඳහා වත්තම් කරගෙන ගියා පමණක් නොව කෑම පිළියෙල කිරීම, කැවීම පෙවීමද, බේත් හේත් සියල්ලමද කලට වේලාවට ලබාදීමට අමතක නොකළේය.

වැලිවිට මහත්මියට අඩුම තරමින් ඇඳේ ඒ මේ අතට හැරීමටවත් හැකියාවක් නැතිව ඈ දවසට සියවාරයක් පමණ ස්වාමිපුරුෂයා තමා ළඟට ගෙන්වා ගත්තාය. මාසයක් පුරාවට නිදි වර්ජිතව හෙම්බත්ව සිටි වැලිවිට මහතා විනාඩි කීපයක් තුළ පිට පිටම කීපවාරයක් කාමරයට අඬගැසීම නිසා අධික තෙහෙට්ටුවට පත් වී සිටියේය.

‘‘අනේ මට මේ වතුර වීදුරුව ආ රන් දෙන්ටකෝ’’

‘‘අනේ මගේ කකුලේ මේ තෙල් ටික ගාන්ට කෝ’’

‘‘මාව අනිත් පැත්තට හරවන්ට කෝ’’

විනාඩි කීපයක් ඇතුළත පිට පිට ම කීප වාරයක් ම ඉල්ලීම් වැලකි.

‘‘මේ... එක පාර කියන්ඩ කෝ ඕනෑ කෙහෙල් මලක්... කකුල් දෙකත් රිදෙනවා ඔය හැටි ගේ ඇතුළෙම ඇවිදලා’’

"ඉතිං මට පේන සීමාවක හිටියනං ඉවරනේ මට ඔය හැටි කෑගහන්න බෑ කොච්චරවත්..." වැලිවිට මහත්මිය දෝෂාරෝපණය කළාය.

වැලිවිටට අසූහාරදාහට යකා නැග්ගේය.

‘‘කෝ දැං තමුසෙලාගෙ සම අයිතියට මොකද වුණේ... මගෙන් අහගන්නට එපා... ඉතිරි ටික.’’

වැලිවිට මහත්මිය කිසිවක් නොකියා බිම බලාගත්තාය.


Nissanka Rajapaksa

unread,
Jan 17, 2020, 10:28:31 AM1/17/20
to ind...@googlegroups.com
භාවනාව

උදාවන හිරුගේ රිදීවන් රැස් දහරා බෝපත් අතරින් පෙරී අවුත් බෝ මළුව සිප ගනිමින් තිබුණා. සිහින් සුළඟක් හමා ගියේ බුදු කුටිය අබියස දැල්වෙන හඳුන්කූරු සුවඳ අවට වාතලයට මුසු කරමිනුයි. සුදුවතින් සැරසුණ උපාසක උපාසිකාවන් ධර්‍මශාලාවේ සන්සුන් ඉරියව්වෙන් හිඳගෙන භාවනා වැඩසටහනට සූදානම් වුණා.

“එහෙමනම් පින්වත්නි හිතත් කයත් සංවර කර ගන්න. ඔබ හැමදෙනාම මේ ස්ථානයට පැමිණෙන විට ඔබේ සිත් තුළ තිබුණ නොයෙකුත් කල්පනාවන් මඳකට හිතෙන් බැහැර කරන්න. දෑත් ඉදිරියේ තබාගෙන දෑස් පියාගන්න. දැන් විනාඩි පහක් ආනාපානා සති භාවනාවේ යෙදෙන්න.”

විශ්‍රාමලත් පාසැල් ගුරුවරියක වූ සුමේධා මහත්මිය ද දෑස් අඩවන් කර ගනිමින් ආනාපාන සති භාවනාව ඇරඹුවා. සෑම ඉරු දිනක ම මාතර බෝසමිඳු අබියස පැවැත්වෙන භාවනා වැඩසටනට ඇය කාලයක සිට සහභාගී වුණේ එයින් ඇගේ ජීවිතයට කිසියම් සහනයක් ළඟා කර ගැනීමට හැකි වේවි යන අදහසින් යුතුවයි. ආනාපාන සති භාවනාවේ යෙදී සිටි පිරිස විනාඩි පහක පමණ කාලයක් එකී ව්‍රතයේ නියැළී සිටියා.

“පින්වත්නි දැන් දෑස් විවර කරන්න. ඊළඟ භාවනාවට අපි සූදානම් වෙමු. දැන් මෛත්‍රී භාවනාව වඩන්න පින්වතුන් සූදානම් වෙන්න.”

සුමේධා මහත්මිය සිය දෙනෙත් විවරකර වට පිට බැලුවා. පිරිසක් චෛත්‍යය අබියස මල් පහන් පූජාවේ නියැළී සිටි අතර, තවත් පිරිසක් බෝධීන් වහන්සේ වටා දිය බඳුන් රැගෙන පෙළ ගැසී බෝධි පූජාවේ යෙදී සිටින අයුරු ඇගේ දෙනෙතට හසු වුණා. ඒ අතර සිටි එක් පුද්ගලයකු ඇස ගැටීමත් සමඟ සුමේධා මහත්මියගේ සිත ගැස්සිලා ගියා. ඇය විමසිල්ලෙන් යුතුව ඒ දෙස නෙත් යොමා සිටියා.

‘දෙයියනේ සමරජීව වතුර භාජනේකුත් අරගෙන බෝධිය වටේ යනවා. හ්ම් එහෙනං එයාටත් ආගම මතක් වෙලා. කරපු පව් හෝදගන්න වෙන්න ඇති. ඒ මනුස්සයත් මෙතෙන්ට ම ආව හැටි, මං මේ කාලෙක ඉඳන් කරගෙන ආ වැඩේ කඩාකප්පල් කරන්න. මාව ඉන්නව දැක්කද දන්නෙ නෑ. යන්තං හිත එකලාසයක් කරගෙන භාවනා කරන්න ලෑස්ති වුණා විතරයි. දැන් ඉතිං ඒ වැඩෙත් ඉවරයි. අනේ ඇත්තට කවදාවත් නැතිව මේ මනුස්සය මෙතෙන්ට ආව එකනේ පුදුමෙ. රැවුලත් වවාගෙන හරිහමං ඇඳුමක්වත් ඇඳල නැතුව’

“පින්වත්නි දැන් මෛත්‍රී භාවනාව ආරම්භ කරන්න. මම නිදුක් වෙම්වා, නිරෝගි වෙම්වා, සුවපත් වෙම්වා. මම වාගේ සියලු සත්වයෝ....

සුමේධා මහත්මියගේ සිත නොසන්සුන් වෙලා. ඇය හිත එකලාසයක් කරගන්න උත්සාහ කළත් පලක් නොවන බව ඇයට හැඟී ගියා. දැන් ඉතිං භාවනාව තියෙද්දි වහන්වෙලා ඉන්න ඕන. මාව දකිනවටවත් මං කැමති නෑ. මගේ මුළු ජීවිතේ ම කාලකන්නි කරපු මිනිහ. ගෙදර ගෙනත් තියාගෙන හිටපු ගෑනිත් මේ මෝඩ මිනිහ හූරගෙන කාල වෙන එකෙක් එක්ක පැනල ගිහින් කියලත් ආරංචියි. ඒක තමයි ආගම මතක් වෙන්න ඇත්තෙ. එක අතකට එයා හිටිය කියල මොකද. එහෙම ඉඳල යාවි නේ. මම මගේ වැඩේ කරගන්න ඕන. සමරජීව වතුර භාජනයත් අරගෙන බෝධිය වටේ ඇවිද යන දසුන දෙස ඇය මඳ වෙලාවක් බලා සිටියා.

‘පවු කියල හිතෙනව දැන් එයාගෙ ඉඩකඩම් හුඟක් විකිණිල කියලත් ආරංචියි. මෝඩයා... එයා මගේ ජීවිතෙත් නාස්තිකරල එයාගෙ ජීවිතෙත් නාස්ති කරගත්ත. ඒකාලෙ මම කොහොමට හිටිය කෙනෙක්ද. මට මෙහෙම වේවි කියල හීනෙකින්වත් හිතුවද’

“පින්වත්නි දැන් කවුරුත් ඇහුම්කන් දෙන්න....

සුමේධා මහත්මිය ගේ මනෝලෝකය එක්වරම කඩා වැටුණා. ඇය හාමුදුරුවන් වෙතට නෙත් යොමුකරමින් හිත සන්සුන්කර ගැනීමට උත්සාහ කළා. ඒත් ඒ උත්සාහයත් ව්‍යර්ථ කරමින් ඇගේ සිත නැවත හෙමි හෙමින් අතීතය කරා පියාසර කළා. ඇගේ විවාහ ජීවිතය කඩාකප්පල් වෙලා ගිය හැටි, ඒ එක් එක් අවස්ථා සිතුවම්පටක් මෙන් ඇගේ මනස ඉදිරියේ දිගහැරෙන්න පටන් ගත්තා. ඇයට ඇගේ පාසැල් කාලෙ සිදුවුණ සිදුවීම් පවා මතකයට නැඟෙන්න වුණා. සමරජීව හිටියෙ මට වඩා වසර දෙකක් ඉහළ පන්තියක. දවසක් එයා ‍මගේ යාළුවෙක් අත මගෙන් අහල එව්ව එයා එක්ක යාළුවෙන්න කැමතිද කියල. මම එදා එයාට මගේ අක­ැමැත්ත දන්වල යැව්වත් එයා ඒ අදහස අත්ඇරගෙන තිබුණෙ නැහැ. එයා හැම තිස්සෙ ම උත්සාහ කළා මාව නම්මගන්න. ඒත් මම කොහොම හරි බේරිල හිටිය. පස්සෙ එයා අධ්‍යාපනෙත් කඩාකප්පල් කරගෙන පාසැලෙන් අස්වෙලා ගියා. එහෙම ගිහින් එයා බිස්නස් කරන්න පටන්ගත්ත. මට ගුරු පත්වීමක් ලැබුණා. ඔය අතරවාරෙදි තමයි සමරජීව අපේ ගෙදරට මංගල යෝජනාවක් ගෙනාවෙ. මගේ ඒත් කැමැත්තක් තිබුණෙ නැහැ. ඒත් එයාලට දේපළ හෙම තියෙන නිසා අම්මල තාත්තල කැමති වුණා. අන්තිමේදි මටත් ඒකට කැමති වෙන්න සිද්ධ වුණා. එහෙම තමයි අපේ විවාහය කෙරුණෙ. එහෙම විවාහ වෙලා අවුරුදු දෙකක්වත් අපිට එකට ඉන්න බැරි වුණා. බැඳල ටික කලකින් මට සමරෙ ගැන එක එක නරක ආරංචි අහන්න ලැබුණා. මම ඒව ගණන් ගන්නෙ නැතුව ඉන්න හුඟක් මහන්සි ගත්තා. කොහොම වුණත් එයාට විවාහ ජීවිතේ ගැන තේරුමක් තිබුණෙ නැහැ. එයා හිතුවෙ කන්න බොන්න අඩුපාඩු නැතුව තිබුණ ම ඇති ය කියල. කොහොමහරි මම දුකෙන් අසහනයෙන් ඉන්න බව ගෙදර ඩ්‍රැයිවර්ට තේරිලා එයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කළා. ඒත් මම ඒවට අහුවුණේ නැහැ. ඒ වුණාට සමරෙ මාව අවිශ්වාස කරන්න පටන් ගත්තා. අපි අ‍තරෙ නොහොඳ නෝක්කාඩුකම් ඇතිවුණා. ඒ විදියට දිගෙන් දිගට අරෝවල් ඇතිවෙන්න අරගෙන මට ඒ ජීවිතේ ම නීරස වුණා. එපා උණා. ඒකෙ අවසාන ප්‍රතිඵලය වුණේ මට එයාගෙන් අයින් වෙන්න සිද්ධ වුණ එකයි. එක අතකට මට දැන් හිතෙනව මමත් ඉක්මන් වුණා වැඩිද කියලත්. මොකද අපි පුරුදු වෙල තියෙන්නෙ තමන් හරි අනෙක් කෙනා ම වැරදිය කියල හිතන්නනේ.

“පින්වත්නි දැන් කවුරුත් භාවනාවෙන් මඳක් ඉවත් වෙලා. ටිකක් විවේක ගන්න. ඊළඟට අපි තවත් භාවනාවකට යොමු වෙමු.”

සුමේධා ගුරුවරිය වට පිට බැලුවා. බෝධි පූජාවෙ යෙදිල සිටි හුඟ දෙනෙක් ඉවත්වෙලා ගිහින් සමරජීවත් පේන්න නැහැ. ‘පවුකාර මනුස්සය... හැටි දැක්ක ම දුකත් හිතෙනව. අද මේ භාවනා වැඩේ හරියන්නෙ නැහැ. මෙහෙම ඉඳල ගෙදර යනවා. හිත එක අරමුණක තියාගන්න එක ඒ තරං ලේසි නෑ. අර කියන්නෙ දුවන අශ්වයෙක් පිටේ පුහුණු ගෙඩියක් රඳවල තියනව වගේ කියල. ඒක ඇත්ත. සේරට ම වැඩිය අර මනුස්සය ආපු එක. ඒත් ඉතිං මොනව කරන්නද කොහොම හරි මේ පැත්තට හිත යොදවන්න එපා ය. එක අතකට අපි මෛත්‍රී භාවනාව කියල එක තැනක වාඩිවෙලා ඒ භාවනාවෙ තියෙන පාඨ එකින් එක කියන එකනේ කරන්නෙ. ඒක අපේ හිතට ධාරණය වෙනවද? හරි නං අපි කරන්න ඕන අපි ඒ ධර්‍මය ජීවිතය බද්ධ කරගන්න එකයි. ඒ ධර්‍මය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕන. එහෙම නොවුණ නිසානේ සමරජීව දැක්ක හැටියෙ මගේ හිතේ ද්වේෂයක් ඇතිවුණේ! ඇයි මට එයාටත් මෛත්‍රී කරන්න බැරි. කල්පනා කරල බැලුව ම අපේ විවාහ ජීවිතේ කඩාකප්පල් වුණ එකට මමත් වග කියන්න ඕන. අපි එකිනෙකා තේරුම් ගන්න උත්සාහ නොකරපු එකේ වරද තමයි මූලික හේතුව. මීට පස්සෙ මම ඒ මනුස්සයට වෛර කරන්නෙ නැහැ. මගේ ජීවිතේ වෙනස් කරගන්න ඕන.

භාවනා වැඩසටහන නිම කළ සුමේධා ගුරුතුමිය සිය ගමන් මල්ලත් ගෙන නිවස බලා යාමට බස් නැවතුම වෙත පිය නැඟුවා. හිස මත තිබූ මහබරක් බිම තැබුවාක් වැනි සැහැල්ලුවක් ඇගේ සිතට දැනෙන්න වුණා. ඇය කෙමෙන් කෙමෙන් බස් නැවතුම් පොළට ළඟා වුණා. එවිට ඇගේ දෙනෙතට හසුවුණේ සමරජීවත් බස් නැවතුමේ රැඳී සිටින දසුනයි. ඇය මඳක් ගමන බාලකර දුර සිට ඔහු දෙස බලා සිට සෙමෙන් ඔහු අසලට කිට්ටු කළේ ගැහෙන හදින් යුතුවයි. ඇය මඳ වෙලාවක් නිහඬව සිට කටහඬ අවදි කළා.

“සමරෙ මොකද මෙහේ?”

ඔහු සුමේධා දෙස බලා ඉවත බලාගත්තා.

“උදේට කාලද?”

“නෑ මම ගෙදර ගිහින් කනවා”

“මෙන්න මේක අරගෙන ගිහින් කඩේකින් මොනව හරි කන්න” සුමේධා සිය අත්බෑගය විවෘත කර රුපියල් දාහේ නෝට්ටුවක් අරගෙන ඔහු වෙත දිගුකළා.

සමරජීව මොහොතක් නිහඬව ඉවත බලා සිට එක්වරම මුදල් නෝට්ටුව රැගෙන ඉවත්ව යද්දී ඔය කොණ්ඩෙයි රැවුලයි කපාගන්න යැයි සුමේධා කී වදන් ඔහුට ඇසුණාද නැත්නම් මුහුද දෙසින් හමා ආ සුළඟට මුසුවී ගියාද යන්න නිනවුවක් නැතිව හුන් ඇගේ මුවින් සුසුමක් පිටවී වාතලයට මුසු වුණා.


Nissanka Rajapaksa

unread,
Jan 17, 2020, 10:13:31 PM1/17/20
to ind...@googlegroups.com
කන්‍යා සොයුරියකට පෙම් බැඳ

ඉන්දියානු ලේඛක ශිව් කේ. කුමාර්
පරිවර්තනය - ගුණතිලක මැටියගනේ

පොහොට්‌ටු සහිත තද රක්‌ත වර්ණ රෝස මලින් වම් පැත්ත කැටයම් කරන ලද්දා වූ ද, ගන සැරේට සුවඳ කැවුවා වූද, තද නිල් පැහැ ලියුම් කොපුව කපා දමන්නට ප්ලාස්‌ටික්‌ කඩදාසි පිහිය අතට ගන්නා විට ඇගේ සුදු මුදු නළලත කුතුහලය පිරී රැළි දෙකක්‌ නැගී ආයේය. ඉක්‌බිති හදවත විවර කෙරෙන වැකි දිගේ හනික දෙනෙත ඇදී යන විට ඇගේ මුහුණ රත් පැහැ ගැන්වෙන්නට වූයේ හදිසියේ මතු වූ දුෂ්කරාවස්‌ථාව සමඟිනි.

"ජෙස්‌මිනා කන්‍යා සහෝදරතුමිය,

ප්‍රධානාචාර්ය
ජේසුස්‌ ප්‍රාථමික පාඨශාලාව

ගෝන්ඩාපල්ලි

"විශේෂයෙන් නිර්නාමිකව, ඔබ විසින් නොදිටි මා ඔබ වෙත මගේ හදවත විවර කළ යුතු දැයි මම නොදනිමි. මෙය මා ඔබේ දැසට අතිශයින් ම පවුකාරයකු කරයි. ඒ කෙසේද යත්, මඟියකු රියට යටකර හනික පලා යන රියකරුවකු ලෙසනි. එහෙත් නිසැකවම, මානුෂික වධ වේදනා පිළිබඳව කිස්‌තුන් තුළින් ඔබ ලද දිව්‍යමය අවබෝධයට මගේ වේදනාව ගැන අවධාරණය කරන්නට හැකියාවක්‌ ලැබෙනු ඇත.

කන්‍යා සොයුරියනි, මම ඔබ කෙරේ ආදරයෙන් වහ වැටී සිටින්නෙමි. මෙවදන් තුළින් ඔබ තිගැස්‌සෙන්නේ පූජනීය වස්‌තුවකට නිග්‍රහ කළ විටෙක මෙනි. එය ව්‍යභිචාරයකට (ඉතා කිට්‌ටු නෑදැයකු සමඟÊකාම මිථ්‍යාචාරයේ යෙදීම) කරන ඇරයුමක්‌ මෙන් නොවේද? නමුත් මට එය නොකර බැරිය. සමහර විට ඒ මා තුළ ආවේශ වී සිටින යක්‍ෂයා වෙන්ට ඇත. මට දැනෙන්නේ මා දැනටමත් අපා ගිනිදැල්ලේ පැලහෙන්නාක්‌ මෙනි. මම දරුණු ලෙස නිරයේ පැලහෙමි, මගේ පාපයෙහි පත්ලක්‌ නැත. මගේ වේදනාව කෙසේවත් දරා උසුලා සිටිනු නොහැකිය. නමුත් මට අනුකම්පා කොට මා වටහා ගන්නට සමතෙක්‌ මේ මිහිපිට නැත.

එය සිදුවූයේ ඔබේ වාර්ෂිකෝත්සවයට පෙර එක දිනයක ය. අවසන් පෙරහුරුව සඳහා මා මාගේ දියණිය කැඳවා ගෙන ආ විටදී ය. ඔවුන් ගයන විට ඔබ ඇගේ තුන්වන ශ්‍රේණිය පුහුණු කරමින් සිටියෙහි ය. ඔබ කිරි සුදු පැහැති සේද ලෝගුවෙන් සැරසී පියානෝව ළඟ වාඩිගෙන සිටියෙහි ය. ඔබේ සිකිගෙල එහි යතුරු පුවරුවට ඉහළින් මඳක්‌ නැඹුරු වී තිබුණේ හංස ෙ නුවකගේ මෙනි. ඔබ වේල්පටට යටින් නීල වර්ණ අඩ සඳ තීරුවක්‌ පායා තිබුණේය. එතකොට ඒ සුඛනම්‍ය දෙතොල්වලින් පිටුවුණු වදන්· ඒවා ප්‍රෑන්කි ඩික්‌සීගේ ස්‌වර මාධූයයක්‌ මෙන් දිව්‍යමය විය. ඊට අමතරව මේ ජවනිකාවේ රසිකයා වූයේ අනෙකුත් දෙමාපියන්ට පේළි සතරක්‌ ඈතින් නිර්නාමිකවය. මගේ මනසින් මම ඔබට පහත සඳහන් තෑගි පිරිනැමීමි. ඔබේ නළලට නිල් මැණිකක්‌ එබ්බ වූ නළල් තැල්ලක්‌, දැතේ මැණික්‌ කටුවලට දියමන්ති වළලු හා නිසංසල ගිම්හානයේ පුරහඳ මෙන් විශාල රත්රන් කර්ණාභරණ, ඔබතුමිය යෞවනයේද, සුන්දරත්වයේද, පවිත්‍රත්වයේ ද ආලේඛ්‍ය චිත්‍රයයි. සටකපට කටු අත්තක්‌ හා විවාහ වී සිටින මට, ඔබතුමිය වැනි කෙනෙක්‌ මුළු ජීවිත කාලයටම අවශ්‍යය. ඉතින් ඔබතුමිය මගේ උත්පත්ති කේන්ද්‍රයෙහි නගුල් තරාකාව මෙන්නැඟී සිටීම අරුමයක්‌ ද?

එතැන් පටන් සෑම දිනකම උදයේ මම ඔබ බැහැ දකින්නට පැමිණියෙමි. ඔබ උදැසන පාසල් රැස්‌වීම අමතන විටත්, ප්‍රමාද වී පැමිණෙන්නන්ගේ සිත් නොතැලෙන සේ තරවටු කරන විටත් මම අනෙකුත් දෙමාපියන් අතරේ පරෙස්‌සමෙන් සැඟවී සිටියෙමි. මගේ දියණිය ද දැන් වේලාසනින් පැමිණෙන්නට වග බලා ගනී. ඔබ වෙනුවෙන් තවත් ටික වේලාවක්‌ ගත කරන්නට දැන් මට එය රුකුලකි. සෑම උදයකම ඔබගේ එකම දසුනක්‌ මගේ කාර්යාලයේ අප්‍රසන්න තදියම අතරින් මා පුළුන් පොදක්‌ කොට ගෙන යන්නට සමත් වෙයි. "

ලිපිය ජස්‌මිනා කන්‍යා සොහොයුරිය අන්දුන් කුන්දුන් කරවන්නට සමත් වෙයි. ඇගේ පළමු ප්‍රතිචාරය වූයේ ලැ-ජාවයි. ඊළඟට ඇයට දැනුණේ තමාට දැනටත් ආගන්තුක ආවේගයක්‌ වූ කෝපයයි. ඇයට දැනුණේ යමකු විසින් තමා අපවිත්‍ර කළේය යන හැඟීමයි. මේ යක්‍ෂාවේශ මිනිසා ඔහුගේ ගොදුර ලෙස තමා තෝරා ගත්තේ ඇයි? සමෘද්ධිමත් ගල් අඟුරු වෙළෙන්දෙකුගේ දියණියක විත් ඇය මේ භෞතික ලෝකයේ සියලු උපභෝග පරිභෝග වස්‌තූන් අතහැර දමා දැනට වසර තුනකි. විසිඑක්‌ වැනි වියෙහිදී ඇය ක්‍රිස්‌තුන් හා මනුෂ්‍යත්වයට කැප වූවාය. දැන් ඇය විසින් අමතක කොට දැමූ ලෝකයම කෙසේ හෝ ඇය අල්ලා ගැනීමට මාන බලන්නීය. ඇගේ නීල වර්ණ දිගු ඇස්‌ පිහාටුවලට යටින් යම් තෙතමනයක්‌ දිස්‌න දෙන්නට විය. තම කාර්යාලයේ හුදකලා වු ඇය එහිම දණින් වැටුණේ තමාට සැඟ වී පහර දීමට උත්සාහ දරන ප්‍රයෝගකාර සතුරකුගෙන් එල්ල වන අභියෝගයට මුහුණ දෙනු වස්‌ දිව්‍යමය අත්උදව්වක්‌ ඉල්ලමිනි.

පසුදා උදැසන රැස්‌වීම ඇමතූ ඒ කටහඬ බියෙන් හා වෙව්ලුම් සහගත ද වූවකි. එමෙන්ම කවදාවත් නැති තරමට එය කෙටි අනුශාසනයකි. "දරුවනේ රාත්‍රි නින්දට වැටෙන්නට පෙර යාච්Cඳා කිරීම කිසි විටෙකත් අමතක කරන්නට එපා. යාච්ඥා ඉතා බලගතුයි. සියලු නපුරට එරෙහි වන්නට ඇති එකම ආයුධය......."

ඊළඟට ඇය පාසල් දොරටුව වෙත පිය මනින්නට වූයේ ප්‍රමාද වී පැමිණෙන්නන්හට තරවටු කිරීමේ මතුපිට අරමුණිනි. එහෙත් ඇය ඉතා මෘදු වචනයක්‌ දෙකකින් ඔවුන් අමතා විසිර යන්නට සැලැස්‌වූවාය. ඇය පදික වේදිකාවේ සිටගෙන රහසින් අවට සිසාරා බැලුවේ තම අබිරහස්‌ සතුරා පිළිබඳව යම් හෝඩුවාවක්‌ සොයා ගැනීමේ රිසියෙනි. එහෙත් ඔහු හඳුනාගැනීමේ කිසිදු මඟක්‌ නොවීය. දෙමාපියන් පොකුරක්‌ම තවමත් බස්‌ නැවතුමේ තැග්ගැහෙති. ඒ අතර අතොරක්‌ නැතිව වාහන ඇදී යයි. ට්‍රක්‌ රථ, කිරි අදින වාහන, ස්‌කූටර ආදිය, දොරටුව දෙපසින් ම වූ පදික වෙළෙන්දන්ට කුතුහලයක්‌ වූයේ පාසල පටන් අරගෙන බොහෝ වේලාවක්‌ ගත වූවත් තවමත් ඇය මෙහි ගැවසීමයි. බැදපු රටකජු විකුණන අළු පැහැ ගැහුණු මැහැල්ල තම දත් නැති කට විදහා ඇය හා සිනාසුණාය. විවිධාකාර වර්ගවල චුවිංගම් ද, චොකලට්‌ පෙතිද , දෙහි යුෂ ද වෙළෙඳාම් කරන තරුණ සූකිරිකාරයා ඇයට ගරු සරු දැක්‌වීය.

පසුදා උදැසන තැපෑලෙන් ද අර සුගන්ධයම කැටිකර ගත් තද නීල වර්ණ කොපුවෙන් යුත් ලිපියක්‌ ලැබුණේය. මෙවර නම් එය පාසල් සටහන් පොතකින් ඉරාගත් රූල් සහිත කඩදාසියක ලියූ කෙටි ලියවිල්ලකි. ඔහුගේ දියණිsයගේ? ලියුම් කොපුව විවර කරන ඇයගේ අත් වෙව්ලන්නට විය.

"එසේය, මම ද පසුගිය රාත්‍රියේ යාච්ඥා කළෙමි. සමහර විට ඔබ වෙනුවෙන් වූ මගේ පාපකාරි රාත්‍රියට එරෙහිව පළමු වරට. එහෙත් එය නිෂ්ඵල ආයාසයක්‌ විය. ඊළඟට මා උත්සාහ කළේ ඔබේ සමාව වෙනුවෙන් යාච්ඥා කරන්නටය.මා ඔබට රිදවා ඇති බව මා දන්නා නිසා, අද උදැසන ඔබේ මුහුණෙහි වූ බියසුළු බැල්ම, දඩයම් කරනු ලැබු මුව පොව්වකුගේ මෙන් මා හඳුනාගන්නට උත්සාහ දරමින් ඔබ අවට සිසාරා බැලූ හැටි, එයින් ඔබේ සුන්දරත්වය වඩා වැඩිදියුණු වූවා. එයින් ඔබේ දෙනෙත් ගිනි පුපුරු විහිදෙව්වා. මම කොණේම දුම්කොළකාරයාට වහන් වුණා. සත්තකින් ම ඊළඟ වතාවේ මම වෙනත් කොතැනක හෝ, එහෙත් නොකැළඹෙනු මැනවි මගේ පියාවිය. මා අදහස්‌ කරන්නේ ඔබට හානියක්‌ කරන්නට නොවේ. මා ඔබට ආදරය කරනවා පමණි. මම නැවත වතාවක්‌ යාච්Cඥා කරන්නට උත්සාහ කොට ඔබ වෙත සාමය පතන්නෙමි. එය ඉටුවනු ඇත. සමහර විට ඔබ ද මා වෙනුවෙන් යාච්ඥා කළ යුතු වන්නේ අප එකිනෙකා සන්නිවේදනය කරවනු පිණිසය. ක්‍රිස්‌තුන්ගේ මාර්ගයෙන්.

ඔබට දෙවි පිහිටයි

තවම ලැබී ඇත්තේ ලිපි දෙකක්‌ පමණක්‌ වුවත් දැනටමත් ඇයට දැනෙන්නේ තම ජීවිතය දෙපළු වී ඇති බවයි. පාසල අවසන් වූ කල්හි ඇය තම ඔµSසියේ වාඩිගෙන ඈතින් නිරන්තරව ගලා යන වාහන ශබ්ද අතරේ ගුලි වූ නිහඬතාව තුළ සැතපුණාය. පිටත පාසල් භූමියේ, උයන්පල්ලා විසින් මල් පාත්ති සහ ඝන තණ තීරුවලට වතුර දැමීම අරඹා තිබිණි. ඇයට වතුර බටයේ පිඹීම ඇසිය හැකි විය.

ඇය ජනේලයෙන් පිටත බැලීමට නැඟී සිටි කල්හි ඇගේ ඇස්‌ රැඳුණේ වීදුරු තහඩුවෙන් පිළිබිඹු වූ ස්‌වකීය ඡායාව වෙත ය. වේල්පටට යටින් ඉබාගාතේ දිවයන කාල වර්ණ අඩසඳක හැඩ ඇති මුහුණ, හංස ෙ නුවකගේ මෙන් වූ සිකිගෙල, පිරුණු ලැම මඬල මෙන්ම මීන නුවන් හි ගැබ්ව අන්දමන්දය.

"ජරාවට පත්වන මේ මායාකාරී පංචස්‌කන්ධය, මා පරීක්‍ෂාවට ලක්‌ වී සිටින බව මම දනිමි."

එදින රාත්‍රියේ තමා තම යාච්ඥාවෙන් විසන්ධි වී ඇති බවක්‌ ඇයට හැඟිණි. පූජනීය වස්‌තුවකට අවමන් කරන යක්‍ෂයකු සමඟ දුරකතන සංවාදයකට කොටු වූ වගක්‌ ඇයට දැනුණි. ඈ තීරණය කළේ පාපොච්චාරණයක්‌ වෙත ගොස්‌ දෙවියන්ගේ කැමැත්ත ඉදිරියේ තම කැළඹීම සමනය කර ගන්නා මඟක්‌ සොයන්නටය.

ඊළඟ ඉරු දින උදැසනම දාහත්වැනි සියවසෙහිදී මදුරාසියෙන් (දැන් චෙන්නායි) සැතපුම් අසූවක්‌ ඈතින් පිහිටි මේ ගම්බද කඩමණ්‌ඩියේ, යුරෝපීය මුල් පදිංචිකරුවන් විසින් ගොඩනඟන ලද පෘතුගීසි දේවස්‌ථානය වෙත ඇය ගමන් කරනු පෙනිණි. එම දේවස්‌ථානය වූ කලි කාලවර්ණ කළුගලින් නිම වූ යෝධ ගොතික්‌ නිර්මාණයකි. එහි දැවැන්ත වීදුරු අධික වියදම් සහිතව පින්තාරු කර ඇත්තේ මැඩෝනාගේ විවිධාකාර යාච්ඥා ඉරියව්වලිනි. එහි තුඟු කොත් වහන්සේලා නිශ්චිතවම ස්‌වර්ගයට යන පාර කියයි.

අළු පැහැති කුළුණක්‌ ළඟින් ක්‍ෂණිකව හැරුණු ඇය පාපොච්චාරණ ආසනය තුළට නොපෙනී ගියාය. තිරපට සමීපයටම ඇදී යමින් ඇය අතිශය පෞද්ගලිකත්වයක්‌ කරා ඇදී ගියාය. ඉනික්‌බිති ඇය තම හද ගැබ දොරගුළු විවර කරන්නට වූවාය.

"ඇයි ඔබ ඔතරම් සිත් අමාරු කර ගන්නේ. මගේ දරුවා මේ උන්මත්තකයකුගේ ලියුම්වලට" තිරය පිටුපසින් ගොරෝසු කටහඬක්‌ ඇසිණ.

"පියාණනි, මට බියක්‌ දැනෙනවා. මට දැනෙන්නේ මා ඇස්‌වහකට ගොදුරුවෙලා වගෙයි."

"ඒ ඇයි. මේ කඩදාසි කැබලි විසිකර දමා ක්‍රිස්‌තුන් වෙත ඔබේ රාජකාරිය දිගටම කරගෙන යන්න."

" නමුත් මට එය අමතක කරන්න අමාරුයි."

"මොනවද?"

"මිනිහා කියපු දේවල්."

"මොන දේවල්ද?" මේ වතාවේ පාපොච්චාරණය පිළිගන්නාගේ කටහඬ මඳක්‌ රාක්‍ෂ බවට පත්ව තිබිණි.

"මගේ සිරුර ගැන ඔහු කළ ඇගයීම් හා........"සිස්‌ටර් ජෙස්‌මිනාගේ කටහඬ කෙඳිරුමක්‌ බවට සෙමෙන් පරිවර්තනය වී ගොස්‌ අවසන ඉකිබිඳුමක්‌ බවට පත් විය.

"අඬන්න එපා මගේ දරුවා, කතා කරන්න.........." පාදිලි තැන තරමක්‌ අන්දුන්කුන්දුන් වී ගිය බවක්‌ පෙන්නුම් කෙරිණ. දැන් ඔහු තම දෙසවන තිරයටම සමීප කරගෙන සිටී. වේදනාත්මක සුසුම් හඬ වා තලය සිසාරන්නට විය.

"දවසක්‌ මම මගේ කාර්යාලයේ ජනෙල් වීදුරු තහඩුව තුළින් මගේ පිළිබිඹුව දුටුවා. ඉතින් මගේ ඇස්‌ පාපකාරී විදියට මගේ සිරුරේ හැම කොටසක්‌ කරාම දිව යනු මට දැනුණා."

ඊළඟට වූයේ කෙටි නිහඬතාවකි. ඉක්‌බිති ඇය මිමිණුවාය. "පියාණනි, එකම යථාර්ථය අධ්‍යාත්මය වූ විටෙක කෙනෙක්‌ භෞතිකමය ශරීරයට රතියක්‌ දැක්‌වීම පාපයක්‌ නොවන්නේ ද?"

පාදිලි තැන පිළිතුරු දුන්නේ ගොළු නිහඬතාවකිනි. එය වූ කලී පසුව වික්‌කලයක්‌ බවට පත් වූ ව්‍යාකූල හඬකි.

"මේ කරුණු කාරනා ගැන අපි වෙනත් වේලාවක කතා කරමු. මේ ඊට සුදුසු මොහොත නොවේ. ඔබ අතිශයින් කැළඹීමට පත් වෙලා. මේ අතර මම ඔබ වෙනුවෙන් යදින්නම් මගේ දරුවා..."

පාපොච්චාරණය උදව්වක්‌ වූ බවක්‌ නොපෙනිණ. මේ අවුල් ජාලයෙන් නික්‌මීමට ඇයට ඇති එකම විකල්පය නම් වෙනත් ස්‌ථානයක්‌ කරා මාරුවක්‌ ලබා ගැනීමය. සෞඛ්‍ය හේතූන් මත වෙනත් ස්‌ථානයකට මාරුවීමක්‌ ලබා දෙන්නැයි ඇය ප්‍රධාන මව්තුමියගෙන් අවසරයක්‌ ඉල්ලා සිටිය කල ඒ ඉල්ලීමට ඉඩ ලැබිණි. අග්‍රාවලට නුදුරින් සමිනාබාද්හි කන්‍යා මේරි ප්‍රාථමික පාඨශාලාවේ ප්‍රධානාචාර්යවරිය ලෙස වැඩ භාරගන්නා ලෙස ඇයට උපදෙස්‌ ලැබිණි.

දරුවන් දෙමාපියන් හා ගුරුවරුන් විසින් ඇය වෙත දැඩි හෘදයාංගම සමුගැනීමක්‌ ප්‍රදානය කරන ලදී. උළෙල ආරම්භ වූයේ මල් කළඹ පිළිගැන්වීමෙනි. සමන් පිච්ච, ඕලු, රෝසමල් විවිධාකාර හැඩතලවලට අනුව ගොතා තිබිණි. වඩාත්ම සිත් ගන්නා ලෙසින් හදවතෙහි අනුරුවක්‌ ලෙසට සකස්‌ කළ තද රතු රෝස මල් කළඹ හැම කෙනෙකුගේම සිත් අලවන්නක්‌ විය. එය පිළිගන්වන ලද්දේ කුඩා දැරියක විසිනි. වේදිකාව වෙත පා නඟද්දී ඇය පය පැටලී ඇද නොවැටුණා තරම්.

ඊළඟට වේදිකාවට නැංවූයේ වර්ණ විභූෂිත විනෝද අංග ගණනාවකි. කිතු උපත කියෑවෙන කෙටි නළුවක්‌, පමා වී පැමිණෙන්නන් ගැන උපහාස රචනයක්‌, විවිධ ඇඳුම් තරගයක්‌, ඉඟි නළුවක්‌ හා අවසානයට සමූහ ගායනයක්‌ වශයෙනි. පියානෝ වාදනය කරන්නැයි යමෙකු විසින් ජැස්‌මිනා කන්‍යා සහෝදරියගෙන් ඉල්ලීමක්‌ කළ කල්හි ලැජ්ජාවෙන් රතුව ගිය ඇය එය ප්‍රතික්‍ෂේප කළාය. "එයාට එච්චර හොඳ තත්ත්වයක්‌ නැහැ" ඇය පිළිතුරු දුන්නාය.

අවසානයට සමුගැනීමේ කතා. ළමුන් දෙදෙනෙකු කලින් සකස්‌ කරගත් කතා කියෑවූයේ ඇගේ හදවතේ සහ බුද්ධියේ ගුණ යහපත්කම් පිළිබඳව වර්ණනා කරමිනි. මාපිය දෙපළක්‌ ද ඊට අත් උදව් දුන්නෝය.

සිස්‌ටර් ජැස්‌මිනා කෙසේ වෙතත් දැනටමත් වෙනත් ලොවක ගිලී සිටින්නාක්‌ වැන්න. ඇගේ ඇස්‌ විරාමයකින් තොරව ශාලාවේ එක්‌ කොනක සිට අනෙක්‌ කොන දක්‌වා ඔහු සොයමින් චලනය විය. ප්‍රතිචාර දක්‌වන්නට නැඟී සිටි කල්හි ඇගෙන් පළවුණු ආතතිය කොතෙක්‌ ද යත් ඈ දැන් දැන් ඇද වැටේ යෑයි පෙනෙන්නාක්‌ මෙන් විය. ඇගේ මුහුණේ මස්‌පිඬු පෙරළෙන්නට වූයෙන් ඇය දැතින්ම කථික මේසයට ඇලී ගත්තාය වේල්පටට යටින් විසිරී ගිය කෙස්‌ රොදක්‌ පිටුපසට කරන්නට උත්සාහයක්‌ ගත් ඇය දීර්ඝ හුස්‌මක්‌ ඇද වචන පිට කරන්නට උත්සාහ ගත්තාය.

"ඔබ සියලු දෙනාම ඔබේ දයාව මා වෙත පෑමට තරම් පරිත්‍යාගශීලී වූවෝ ය. දරුවන්, ගුරුවරුන් හා දෙමාපියන් මා කොහේ ගියත් යන තැනක ඔබේ ආශීර්වාදය ද රැගෙන යමි. කෙසේ වෙතත් යම් තැනකට හෝ යමකට බැඳීමක්‌ ඇති වීමට එරෙහිව කෙනෙක්‌ ආරක්‍ෂා විය යුතුයි. අපට මඟ පෙන්වන්නේ ආධ්‍යාත්මික ශක්‌තිය පමණයි. එසේ නොමැතිව අපේ මරණීය ආත්මය නොවේ. ඉතින්. මෙසේ සතුටින් තවත් ස්‌ථානයකට මගේ වෙනස්‌වීම මම ඉත සිතින් පිළිගනිමි. සියලු දෙනාටම දෙවි පිහිටයි.

ඉක්‌බිති ඇය තම අසුන තුළ කිඳා බැස ගත්තාය. අවසන් වරටත් ඇගේ පුසුඹ විඳින, සුසුම්ලන, ඉකිබිඳින නල රැලි නරඹන්නන් අතර කැලතී ගියේය. කලබලයට පත් කුඩා දැරියන් කණ්‌ඩායමක්‌ එක හඬින් කෑ ගසන්නට වූවෝය. ඊට සමගාමීව දහස්‌ ගණනක අත්පොළසන් හඬ අහස සිසාරන්නට විය.

ඇය සමිනාබාද්හි ස්‌ථානගත වී සතියකට පසු තවත් ලියුමක්‌ පැමිණියේය. එහි කොපුවෙහි ද රතු රෝස මල එබී තිබිණි. "අහෝ· ප්‍රේමවන්ත ෙ-සුනි" ඇය කෑ ගැසුවාය.

මේ වතාවේ එය අතිශයින් දීර්ඝ එකක්‌ විය. එය සරසර ගාන සුදු කඩදාසියේ මනාව ගලපා තිබුණේ ඒ පිළිබඳව දැඩි මහන්සියක්‌ දැරූ කලෙක මෙනි.

"ඔබේ ලිපි යොමුව සොයා ගැනීම කොහෙත්ම ප්‍රශ්නයක්‌ නොවීය. මේ ලිපිකාරයින්ගෙනුත් ගුරුවරියන්ගෙනුත් ඇති පලේ කුමක්‌ ද? නමුත් සෞඛ්‍ය හේතූන් මත මාරුවක්‌ ලබා ගැනීම නම් ළංවන්නේ අසත්‍යයට නොවේද? එය නම් රාජකීය කෙප්පයක්‌ බව සැබෑය. ඇරත් මෘදු වැල්වටාරම් ද ඔබේ සමුගැනීමේ කතාවට කාන්දු වී තිබිණ. ඔබ මවෙතින් දුරස්‌ කළේ ජීසස්‌ මරියා අධ්‍යාපනික නිකාය නොවේ. එය ඔබේම තෝරා ගැනීමකි. ඒ සියල්ලට මූලික නිමිත්ත වූයේ මා නොවේද? එසේ නොවිණි නම් ඔබ නරඹන්නන් අතරේ එතරම් දැඩි සුපරීක්‍ෂාවකින් මා සොයා වෙහෙසෙනු නොමැත.

අපි එකිනෙකා මඟහරිමින් සැඟවෙමින් හැංගිමුත්තන් ක්‍රීඩාවක නියෑලෙන්නෙමෝ දැයි මට හැඟේ. එහෙත් මේ පටලැවිල්ල තුළින් පුදුමාකාර යමක්‌ එළිදරව් වූ බවක්‌ පෙනේ. මා කොහෙත්ම සූදානම්ව නොසිටි යම් පරිවර්තනයක මුවවිටට මා පැමිණ සිටියි. දැන් ඔබ විසින් තෝරාගෙන ඇත්තේ පරදේසක්‌කාර භූමියක සැඟව සිටීමයි. (නැතහොත් ඔබ පසුබසිමින් සිටින්නේද?) මා සමඟම සමාදානයට එළඹෙන්නට මට බල කෙරෙමින් තිබේ. කවදාවත් නැති තරම් මා ඔබට ආදරය කරන බව දැන් මම පසක්‌ කොට ගෙන සිටිමි. එමතුද නොව මම සැබෑ අදහන්නෙකුගේ භූමිකාවට අනුගත වෙමින් සිටිමි. මට මෙය විශ්වාස නොකළ හැක්‌කේය. මන්ද මා ඔතොඩොක්‌ස්‌ හින්දු පවුලක උපත ලැබුවද මගේ විද්‍යාත්මක අධ්‍යාපනය හේතු කොට ගෙන අන්ධ විශ්වාසයන්ට මා තුළ තැනක්‌ නොමැති බැවිනි. නමුත් දැන් පළමුවරට මට අවබෝධ වී ඇත්තේ කිසිදාක නොදුටු දෙවියන් කෙරෙහි මිනිසුන් විශ්වාසය තබා ඇත්තේ කුමන හේතුවක්‌ නිසාදැයි යනුවෙනි. දන්නා දේට සහ සමීපයෙහි ඇති දේට ඉහළින් ගුප්ත මායිමක්‌ අදෘශ්‍යමානව ඇති බ ව පෙනේ. මා වෙත විශ්වාසය ගෙන එන මාධ්‍යය ලෙස දෙවියන් විසින්, මේ තරම් තරුණ, මේ තරම් රූමත්, මේ තරම් පවිත්‍ර ඔබ තෝරා ගෙන ඇතුවාක්‌ මෙනි.

ඊයේ සවස්‌ යාමයේ මගේ ඇඳුම් අල්මාරියේ තිබී ඈ අගයන හාදයකුගෙන් ලැබුණු ලිපියක්‌ මට අහම්බෙන් හමුවිය. ඒ මදිවාට ඒ සන්ධ්‍යාවේම අමුතු විදියේ දුරකථන ඇමතුමක්‌ පවා ලැබිණ. මා රිසීවරය ගත් විටම ඔහු පසුබාන්නට විය. නමුත් මා ඇයට ඒ ගැන සාප නොකරමි. ඈ මනාප මඟක යන්නට ඇයට ඉඩ හරිමි. තම රහසිගත සම්බන්ධයෙන් හෝ ඇය තම කලහකාරී බව මඳක්‌ හෝ අඩු කර ගන්නේ නම්.

දැන් ඔබට පුංචි ප්‍රවෘත්තියක්‌ - මතකනේ පාසලින් පිට පැත්තේ සිට බැදපු රටකජු විකුණපු මහලු ආච්චි. උන්දැ අද හවස ආන්තරා වුණා. ගේට්‌ටුව ඉදිරිපස ඇද වැටිලා. හදිසි පපුවේ අමාරුවක්‌. මං මේ අද උදෙත් ඈත් එක්‌ක ඔබ ගැන අනියමින් කතා කළා. උන්දැ ඔබ ගැන කතා කළේ හරිම ලැදියාවකින්.

ඔබ දන්නවානේ සිස්‌ටර් ජුලියානා. ඔබට පසු ආ තැනැත්තිය. ඈ සියලුම වෙළෙන්දන් මාර්ග සංඥා කණුවෙනුත් එහාට එළවන්න සැලසුම් හැදුවා. ඈ නම් හරිම මකරියක්‌. සැර පරුෂ හඬින් හැමෝම බියවද්දනවා. හරියට මගේ මායියා වගේමයි. පමා වී පැමිණෙන අය භීතියට පත් කරවනවා.

මේ මගේ අවසාන ලිපිය විය හැකියි. මේ සීමාවෙන් එහා, මම නිහඬතාවටත් දුරස්‌ථභාවයටත් ඉඩ දී බලා සිටින්නේ මා වඩා ශක්‌තිමත් අදහන්නෙකු බවට පත් කරන ලෙසය.

ඔබට දෙවි පිහිටයි.
මෙයට ඔබේම


Nissanka Rajapaksa

unread,
Jan 18, 2020, 8:28:03 PM1/18/20
to ind...@googlegroups.com
චිත්‍ර ශිල්පියා
තෙලිඡ්ජවිල නිශ්ශංක රණවක

"ඔහේ ඔය චිත්‍ර ඇඳ ඇඳ හිටි වෙලාවෙ මයියොක්‌කා නටු ටිකක්‌ යට කරල දැම්මනං වේලක්‌ දෙකක්‌ පිරිමහගන්න තිබුණා. අර කවුද කියලා තිබුණේ සාහිත්‍ය කන්නද කියලා. ඒ වගේ තමයි ඕකත්."

නිර්මලා පොල් සම්බෝලය සාදා භාජනයකට දමමින් කට හඬ අවදි කළා.

"අනේ මේ නිකං ඉන්නව. මං ඒක කොහොම හරි කර ගන්නං. මේව කොහොම හරි කොළඹට යවා ගත්තොත් මට ඇති."

"මං කියන්නද ඔහේ ගිහින් ලේකම්තුමා මුණගැහිල කතා කරන්න. චිත්‍ර ටික යවන විදියක්‌ ගැන. නැත්තං වෙච්ච මහන්සියෙන් වැඩක්‌ තියෙනවයෑ. අනික වියදම?"

"ඒක තමයි මාත් මේ කල්පනා කළේ. එහෙමවත් බලන්න ඕන. කොළඹින් ආපු මහත්තුරු වැඩියම කතා කළේ මගේ චිත්‍ර ගැන. චිත්‍ර තුනක්‌ තෝරාගත්ත එකම මදැයි."

"හරි හරි..... ලේස්‌තිවෙලා යන්නකො."

"මොනවැයි උදේට කන්න තියෙන්නේ."

"ඔන්න සම්බලුයි බතුයි හැදුව."

රත්නදාස බත් පිඟානක්‌ බෙදාගෙන විත් ඉස්‌තෝප්පුවේ ඇඳි පුටව මත ඉඳ ගත්තා. මිදුල කෙළවරේ දෙල් ගහේ කොළ අතරින් ගලා ආ හිරු එළිය මිදුලෙ රටා මවල. බත් කන අතරතුරේ ඔහු කල්පනා කළේත් චිත්‍ර ටික ගෙනියගන්නෙ කොහොමද කියන කාරණාව ගැනයි. චිත්‍ර ප්‍රදර්ශනයට නිර්මාණ ඉදිරිපත් කරන්න කියල මුලින්ම ලේකම් කාර්යාලයෙන් දැනුම් දීමක්‌ කෙරුණු දවසෙ රත්නදාසගෙ හිතේ ඇතිවුණේ පුදුම සතුටක්‌. හැමදාම අනුන්ට නිකං චිත්‍ර ඇඳල දිදී හිටපු එකේ ප්‍රදර්ශනයකට චිත්‍ර ඉදිරිපත් කරන්න ලැබුණ එක ලොකු වාසනාවක්‌ හැටියටයි ඔහුට සිතුනෙ. ඒ දැනුම්දීම ලැබුණු වෙලාවෙ ඉඳලා රත්නදාස හුඟක්‌ මහන්සි වෙලයි චිත්‍ර කීපයක්‌ ඇඳලා ප්‍රදර්ශනේට ඉදිරිපත් කළේ. ප්‍රදර්ශනේට චිත්‍ර ශිල්පීන් විස්‌සකගේ නිර්මාණ ඉදිරිපත් කෙරුණා. ඒ අතරින් තමන්ගේ චිත්‍ර තුනක්‌ම කොළඹ කලාභවනයට ගෙනියන්න තේරුණ එක ගැන රත්නදාස හිටියෙ පුදුම සතුටකින්. ඒත් චිත්‍ර ටික ගෙනියන්නෙ කොහොමද කියන කාරණාව ඔහුගේ සිත බෙහෙවින් කනස්‌සල්ලට පත් කරල. රත්නදාස කෑම කාල ඇවිත් ආපහු ඇඳි පුටුවෙ ඉඳගත්ත. ඔහුගෙ සිත ප්‍රදර්ශනය වෙත නැවත ඇදී ගියා. එදා කොළඹ සිට පැමිණි මහත්මයාගේ කතාව ඔහුට මතක්‌ වුණා. අද මේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය පවත්වන්නෙ අමාත්‍යාංශයෙන් ලැබුණ උපදෙස්‌ අනුවයි. අමාත්‍යාංශය අදහස්‌ කළා හැම දිස්‌ත්‍රික්‌කයකම ඉන්න දක්‍ෂ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ ඇගයීමකට ලක්‌ කරල, ඔවුන්ව උනන්දු කිරීම තුළින් අපේ කලා ක්‍ෂේත්‍රයේ සිටින චිත්‍ර හා මූර්ති ශිල්පීන් ඉදිරියට ගෙන ඒමටත්. ඔවුන් රටට හඳුන්වා දී ඔවුන්ගේ නිර්මාණ ප්‍රචලිත කිරීමටත් අනෙකුත් කලා ක්‍ෂේත්‍ර හා සස¹ බලන විට මෙම කලා අංශය කෙරෙහි සැලකිය යුතු අවධානයක්‌ යොමු නොවීම බරපතළ කාරණයක්‌ හැටියටයි අමාත්‍යාංශය කල්පනා කරන්නෙ.

අපි හැමෝම දන්නව ලංකාවෙ පෞරාණික ශ්‍රී විභූතිය විදහා පෑම සඳහා අප සතුව තිබෙන්නෙ පැරැණි මූර්ති ගල් කැටයම්, චිත්‍ර යනාදියයි. එවැනි සුවිශේෂී කලා මාධ්‍යයක්‌ වන චිත්‍ර හා මූර්ති කලාකරුවන් රැක ගැනීම අපේ යුතුකමක්‌. ඒ නිසා මෙම චිත්‍ර ප්‍රදර්ශනයෙන් තෝරා ගන්නා නිර්මාණ කොළඹ කලාභවනයේ ප්‍රදර්ශනයට තියල එහිදී තේරෙන නිර්මාණ සඳහා සම්මාන හා ත්‍යාග පිරිනැමීමක්‌ සිදු කිරීමටයි සැලසුම් කරල තියෙන්නෙ.

එම කතාව කෙරෙන අවස්‌ථාවේ කලා ශිල්පීන්ගේ මුහුණු සංතෝෂයෙන් ඉපිලී ගොස්‌ තිබූ බවක්‌ රත්නදාසට මතක්‌ වුණා. ඒ එක්‌කම ප්‍රදර්ශනයේදී තමන්ගේ නිර්මාණ ජයග්‍රහණය කළහොත් ලැබෙන සම්මාන, ත්‍යාග පිළිබඳවත් චිත්ත රූප මවා ගැනීමට රත්නදාස උත්සාහ කළා.

"මොකද කරන්නෙ මං හිතුවෙ යන්න ලේස්‌ති වෙනව කියල.''

"ඔව්. ඔව්. මේ ලේස්‌ති වෙනව. මං කල්පනා කළේ පහුවෙලා හරි අපිව මතක්‌ වෙච්ච එක ගැන. එදා ප්‍රදර්ශනය විවෘත කරපු මහත්තය කිව්ව වගේ 

චිත්‍ර ශිල්පීන්ගේ වටිනාකම දැන් තේරුම් අරගෙන ඒක අපිට ලොකු හයියක්‌."

"ඉතිං ඔහේ මෙහාට වෙලා කියව කියව ඉන්නෙ නැතුව දැන්ම යන්න. මේ එන ගමන් හාල් ටිකකුත් අරන් එන්න. හාල් ඉවරයි.

"සල්ලි?"

"අන්න අල්මාරියෙ මැද තට්‌ටුවෙ"

"එහෙනං බස්‌ කුලියත් එක්‌කම."

"අනේ අනේ. කලාකාරයන්ගෙ හැටි"

"හරි තෑග්ගක්‌ හම්බ වුණාම පොලියත් එක්‌කම දෙන්නංකො."

රත්නදාස ලේකම් කාර්යාලයට යන්න පිටත් වුණා. ඔහුගේ සිත කිසියම් බලාපොරොත්තුවකින් පිරිලා. රත්නදාස බස්‌ රියෙන් බැහැල ලේකම් කාර්යාලය බලා පිය නඟන්න වුණා. ඒ වෙලාවෙ මුළු ටවුම පුරාම කොඩිවැල්, බැනර් සවිකරල සරසල ඇති බවක්‌ රත්නදාස දුටුවා. ඔහු මඳකට නැවතිලා බැනරයක ලියා ඇති වගන්ති කියවන්න පටන් ගත්තා. "'ශයින් ස්‌ටාර්' කිරුළ හිමිකරගත් ශ්‍යාමලී සාදරයෙන් පිළිගනිමු" යන්න එහි සඳහන් වී තිබුණා. රත්නදාස සැරසිලි බලමින් ම ගමන් කර ලේකම් කාර්යාලය වෙත ළඟා වුණා. ඉන් පසු ඔහු කාර්යාලයට පිවිස විමසීම් අංශය අසලට පියනැඟුවා.

"මහත්තයට කාවද මුණ ගැහෙන්න ඕන"

"ලේකම් තුමා හම්බවෙන්න පුළුවන්ද?"

"ලේකම් තුමා නං නැහැ. පිටතට ගිහින් මොකක්‌ද කාරණාව."

"මේ අපේ චිත්‍ර ප්‍රදර්ශනය ගැන"

"ආ මේ අර චිත්‍ර ප්‍රදර්ශනයට ආපු චිත්‍ර ශිල්පී මහත්තයෙක්‌ නේද?"

"ඔව්"

"එහෙනං අර නිල්පාට සාරිය ඇඳල ඉන්න මිස්‌ හම්බ වෙන්න. ඒ මිස්‌ තමයි විෂයභාර මිස්‌"

"හොඳයි බොහොම ස්‌තුතියි"

රත්නදාස මේස පේළි අතරින් ගොස්‌ නිලධාරි මහත්මියට සිය කාරණාව ඉදිරිපත් කළා."

"මහත්තය මේකයි තත්ත්වෙ. ඔය ප්‍රශ්නෙ ගැන කීපදෙනෙක්‌ කතා කළා. අපි ඒක අමාත්‍යාංශයට ඉදිරිපත් කරල උපදෙස්‌ ඉල්ලුවා. අමාත්‍යාංශයෙන් කියන්නෙ චිත්‍ර ශිල්පීන්ම චිත්‍ර ගෙනත් බාර දෙන්න කියලා. ප්‍රවාහනයට උදව් කරන්න විදියක්‌ නෑ කියල තමයි කිව්වෙ."

"ඉතිං මිස්‌ අපි කොහොමද ඔය ලොකු බෝඩ් උස්‌සගෙන බස්‌ එකේ අරන් යන්නෙ. අපිට කුලියට වාහන අරං යන්න හයියකුත් නැහැ. වාහනයක්‌ දුන්න නං කවුරුත් එකතු වෙලා ඩීසල් කුලියවත් දෙන්න තිබුණ."

"මට තේරෙනව මහත්තය කියන දේ. ඒත් ඉතිං මොනව කරන්නද? අපිට කරන්න පුළුවන් උදව්වක්‌ නැහැ."

"එහෙනම් මිස්‌ මම යන්නං"

රත්නදාස බලවත් කලකිරීමෙන් යුතුව මහ මඟට අවතීර්ණ වුණා. පාරෙ තදබදය වැඩි වෙලා. වාහන හසුරවන්න පොලිසිය දැඩි උත්සාහයක නිරත වෙනව. රත්නදාස සෙනඟ අතරින් තෙරපීගෙන පදික වේදිකාව දිගේ ඉදිරියට පියවර තැබුවා. එසේ ඉදිරියට පිය නඟන රත්නදාසගෙ දෙනෙත් නගර මධ්‍යයේ තිබෙන බෝ සමිඳු වෙත යොමු වුණා. ඔහු හෙමි හෙමින් බෝ සමිඳු අභියසට සේන්දු වුණා. බෝ සෙවණේ වැඩ සිටින බුදුපිළිම වහන්සේ වැඳ නමස්‌කාර කළ රත්නදාස මඳ වේලාවක්‌ ප්‍රතිමාව දෙස නෙත් යොමා සිටියේ එහි පැවැති කලාත්මක භාවය මෙනෙහි කරමින්. මොන තරම් ශාන්ත, කරුණා ගුණය ගලා හැලෙන ප්‍රතිමාවක්‌ ද රත්නදාස කල්පනා කළා. මෙයත් කලාකරුවෙකුගේ විශිෂ්ට නිර්මාණයක්‌ නේද කියල ඔහුට හිතුණා. ඒ එක්‌කම ඔහුට නවතම ගීයක්‌ මතකයට ආවා.

මේ තරම් සියුමැලිද කලු ගල සිතන්නටවත් බැරි නිසා

මම ගියා අවුකන බුදුන්ටත් දැස්‌ දුන් මිනිසා සොයා

රත්නදාස ගීතය මුමුණමින් බෝ සමිඳු අභියසින් නික්‌මී මහ මඟට පිsවිස බස්‌ නැවතුම වෙත ගමන් කළා. ඒත් එදින බස්‌ නැවතුම වෙනස්‌කර තිබූ බැවින් රත්නදාස බස්‌ රථය නවතන ස්‌ථානය සොයා ඉදිරියට ඇදුනා. ඒත් එක්‌කම ශබ්ද විකාශන යන්ත්‍රයක්‌ සවි කරන ලද වාහනයක්‌ පෙරටු කර ගත් වාහන පෙරහැරක්‌ එක්‌වරම පැමිණීම නිසා මාර්ගය ජනයාගෙන් පිරී ගොස්‌ ලොකු තදබදයක්‌ ඇති වුණා. ඒ සමඟ කන් බිහිරි කරන රතිඤ්ඤා හඬකින් පළාතම ගිඟුම් දුන්නා. රත්නදාස මඳක්‌ පසෙකට වී බලාගෙන සිටියේ පාර මාරුවෙන්න අවකාශයක්‌ නොතිබූ නිසයි. වාහන පේළියේ විවෘත රථයක ගායන තරගයෙන් කිරුළ හිමිකර ගත් ගායිකාව පැමිණෙමින් සිටියා. අගේ ගෙල මල්මාලා වලින් වැසී තිබූ අතර, බාල, මහලු හැමෝම ඇගේ අත ස්‌පර්ශ කිරීමට ලොකු අරගලයක යෙදිල හිටියා. ඊට පසු පසින් නවීන පන්නයේ මෝටර් රථයක්‌ පටවාගත් වාහනයක්‌. ඒ ඇයට ලැබුණු ත්‍යාගය බවයි පැවසුනේ. පෙරහැර නිමාවෙන තෙක්‌ බලා සිටි රත්නදාස බස්‌ රථය නවතන ස්‌ථානයට පැමිණියා. ඒ වන විට රත්නදාසට දැඩි පිපාසයක්‌ දැනෙන්න වුණා. ඔහු අසල තිබූ තේ කඩයට ගොඩ වී බනිස්‌ ගෙඩියක්‌ අනුභව කර තේ කහට එකක්‌ බිව්වා. ඊට පසු සිල්ලර කඩයකට පිවිසි ඔහු හාල් කිලෝ හතරක්‌ ද රැගෙන නිවෙස බලා යැමට බස්‌ රථයට ගොඩවුණා.

"ආ රත්නදාස මහත්තය එන්න වාඩි වෙන්න" රත්නදාසට ගමේ අඳුනන කෙනෙක්‌ගෙ ආසනයේ ඉඳ ගැනීමට ඉඩකඩ ලැබුණා.

"රත්නදාස මහත්තය උත්සවය බලන්න ආවද?"

"නෑ මං මේ වෙන වුවමනාවකට ආව ගමන්"

"බලන්නකො අර ළමයට තිබුණ පිළිගැනීම. අපේ පළාතටම නම්බුවක්‌. මම මේ ආරංචි වෙලා ඒක බලන්නමයි ආවෙ."

"ඇත්තද? ඒ ළමයට සෑහෙන්න වටින තෑගි එහෙම හම්බ වෙලා."

"ඔව් අර කාර් එකම ලක්‍ෂ විසිපහක්‌ තිහක්‌ විතර වෙනව ඇති."

"ඔව්" රත්නදාස බසයේ කවුළුවෙන් පිටතට නෙත් යොමු කෙරුවෙ තවදුරටත් ඒ මාතෘකාව ගැන කතා කරන්න තරම් වුවමනාවක්‌ ඔහු තුළ නොතිබූ නිසයි.


Nissanka Rajapaksa

unread,
Jan 19, 2020, 7:34:06 PM1/19/20
to ind...@googlegroups.com
කොළුවෙක් සහ එළුදෙනෙක්
පෝලන්ත-ඇමරිකානු ලේඛක Isaac Bashevis Singer ගේ  Zlateh the Goat කෙටි කතාව ඇසුරිනි
පරිවර්තනය - තිලකසිරි දෑල බණ්‌ඩාර

හනුකා (යුදෙව්වන්ගේ දින 8 ක උත්සවයකි.) වකවානුවේ ගමේ සිට නගරයට යන මාවත දක්‌වාම සාමාන්‍යයෙන් හිමෙන් වැසී යන්නකි. නමුත් මේ වසරේ ශීත සෘතුව වඩාත් මෘදු බවට පත්වූවකි. හනුකා සමය මුළුමණින්ම පැමිණ තිබුණද එතෙකුදු හිමපතනය සිදු වූයේ මද වශයෙනි. දවසෙන් වැඩිහරියක්‌ම හිරු එළියෙන් බැබලුණි.

ලොම් සහිත හම් අලෙවිකරන්නකු වූ හියුවන්ට එය අසුභ අවුරුද්දක්‌ විය. දීර්ඝ දෙගිඩියාවකින් පසුවූ හේ අවසානයේ තම එළුදෙන විකුණා දැමීමට තීරණය කළේය. ඇය වයස්‌ ගතව සිටි නිසා සැපයුවේ සුළු කිරි ප්‍රමාණයකි. නගරයේ මස්‌කඩකරුවන ෆෙයිවල් ඇය ගුල්ඩන් 8 කට තක්‌සේරු කර තිබිණි. එවැනි මුදලකින් හනුකා ඉටිපන්දම්, අර්තාපල්, ෆෑන් කේක්‌ සෑදීම සඳහා තෙල්, ළමුන්ට තෑගි බෝග සහ නිවසේ අනෙකුත් අවශ්‍යතාවන්ද මිලදී ගත හැක. එළුදෙන නගරයට ගෙන යන ලෙසට හියුවන් තම වැඩිමල් පුතුට කීවේය.

එළුදෙන ෆෙයිවල්ට ගෙන ගොස්‌ දෙන්නට යෑයි කීමේ අරුත කුමක්‌ද යන්න ඒරන්ට වැටහුණද තාත්තාට කීකරුවීමට ඔහුට සිදුවී තිබුණේය. ඔහුගේ මව ලේන්ද ආරංචිය ඇසූ පසු සිය දෙනෙත්වලට ඉනු කඳුළු කැට පිස දැමුවාය. ඒරන්ගේ බාල සහෝදරියන් වූ ඇනා සහ මරියම්ද මහ හඬින් හැඬුවෝය. ඒරන් පිහාටු පුරවා මසන ලද ඔහුගේ ජැකට්‌ටුව හැඳ කන් වැසෙන කැප් තොප්පියද දමාගෙන ස්‌ලාත්ගේ ගෙල ලණුවකින් ගැට ගසා ගෙන මගදී කෑමට චීස්‌ පෙත්තක්‌ සමග පාන් පෙති දෙකක්‌ද අරගත්තේය.

සවස්‌ වෙද්දී එළුදෙන ගෙනගොස්‌ භාරදී රාත්‍රී කාලය මස්‌කඩකරුගේ නිවසේ ගතකර පසුදා මුදල්ද රැගෙන ගෙදර ඒමට ඒරන් අදහස්‌ කරගෙන සිටියේය. ගෙදර ඇත්තෝ එළුදෙනට සමුදෙද්දී ඒරන් කඹය අල්ලාගෙන සිටි අතර සුපුරුදු ඉවසිලිවන්ත, කරුණාවන්ත ස්‌වභාවෙන් ස්‌ලාත් සිටගෙන සිටියාය.

ඇය හියුවන්ගේ අත ලෙව කෑවාය. අනතුරුව ඇගේ කුඩා යටි රැවුල ගැස්‌සුවාය. ස්‌ලාත් මනුෂ්‍ය වර්ගයා ඇදහුවාය. ඔවුන් හැම විටම ඇයව පෝෂණය කළ බවත්, කිසිදාක මොනයම් හෝ අනතුරක්‌ නොකළ බවත් ඇය දත්තාය.

ඒරන් ඇයව ටවුම දෙසට යන මාවත දිගේ දක්‌කන විට ඇය තරමක පුදුමයකට පත්වූ බවත් පෙනිණි. ඒ දෙසට මින්පෙර ඈ කැඳවාගෙන ගොස්‌ නොතිබිණි. ''ඔබ මාව රැගෙන යන්නේ කොහේද?'' යනුවෙන් අසන්නාක්‌ වැනි බැල්මකින් යුක්‌තව ඇය ආපසු හැරී ඔහු දෙස බැලුවද ''එළුවෙක්‌ කවදාවත් ප්‍රශ්න ඇසිය යුතු නැතැයි'' යන නිගමනයට ඇය පැමිණ සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි. තවමත් මාර්ගය සුපුරුදු එකක්‌ නොවීය.

ඔවුහු අතු සෙවිළි කළ වහලවල්, තණ බිම් සහ කුඹුරු පසු කළහ. ඒරන් ගමෙන් පිටත් වන විට හිරුඑළිය බබලවමින් තිබුණද හදිසියේම කාලගුණය වෙනස්‌ විය. මඳක්‌ නිල් පැහැති වළාකුලක්‌ පෙර දිග අහස දෙසින් පැන නැග හමාගොස්‌ මුළු අහස පුරාම වේගයෙන් පැතිරුණේය. ඒ සමගම සීතල සුළඟක්‌ද හමා ආයේය.

කපුටන් කෑ ගසමින් පහතින් පියාඹූහ. මුලදී එය පෙනුණේ වැස්‌සක්‌ වහින්නට එනවාසේය. නමුත් ඒ වෙනුවට ග්‍රීස්‌ම සෘතුවේදී අයිස්‌ කැට වැටෙන්නට පටන් ගත්තේය. ටික වේලාවකින් අයිස්‌ කැට හිම බවට හැරුණේය.

වසර 12 ක්‌ වූ තම ආයු කාලයේදී ඒරන් විවිධ ආකාරයේ කාලගුණ වෙනස්‌වීම් ගැන අත්දැකීම් ලබා තිබුණේය. නමුත් මෙවැනි හිම වැස්‌සක්‌ නම් ඔහු මින් පෙර දැක තිබුණේ නැත. එය කොපමණ ඝනත්වයකින් යුක්‌ත දැයි කිවහොත් එය හිරුගේ දහවල් ආලෝකය මුළුමණින්ම වසා දැම්මේය. සුළු මොහොතකදී ඔවුන්ගේ මාර්ගය සම්පූර්ණයෙන්ම ඇහිරී ගියේය. සුළඟ අයිස්‌ මෙන් සීතල විය. නගරයට යන මාර්ගය ඒමේ අතට වක්‍ර වූ පටු එකකි. තමා සිටින්නේ කොහේදැයි ඒරන් තවදුරටත් නොදත්තේය. හිම හරහා බලන්නට ඔහුට පුළුවන්කමක්‌ නොවීය. සීතල ඔහුගේ පිහාටු ජැකට්‌ටුව විනිවිද යන්නට විය.

මුලදී ස්‌ලාත් කාලගුණයේ වෙනස එතරම් ගණන් ගත් බවක්‌ නොපෙනුණත් ඇයද 12 හැවිරිදි වියේ සිටි නිසා ශීත සෘතුව යන්නෙන් අදහස්‌ කරන්නේ කුමක්‌දැයි දැන සිටියාය. නමුත් ඇගේ පාද ගැඹුරින් හිම මත කිඳා බසින විට ඇය ආපසු හැරී පුදුමයෙන් මෙන් හිස හරවා ඒරන් දෙස බලන්නට වූවාය. ''මේවාගේ කුණාටුවක්‌ මැද අපි කල්ගෙවන්නේ ඇයි....'' ඇගේ ශාන්ත ඇස්‌ විමසන්නාක්‌ මෙන් විය.

හිම පතනය ක්‍රමයෙන් විශාල පතුරු වශයෙන් පොළවට වැටෙන්නට විය. එයට යටින් ඒරන් පැළඳ සිටි බූට්‌ සපත්තු සීසා තිබූ කුඹුරු තුළ එරා බැස්‌සේය. තවදුරටත් තමා ගමන් කරන්නේ මාර්ගයේ නොවන බව ඔහුට දැනුණේය. ඔහු මංමුලාවී සිටියේය. තවදුරටත් නැගෙනහිර හෝ බටහිර කොතනකද ගම හෝ නගරය ඇත්තේ කොයි දෙසින්ද යන වග සිතා ගැනීමට ඔහුට අපහසු විය.

සුළඟ උඩුබුරමින්, නලා පිඹිමින් හතර අතට භ්‍රමණය වෙමින් හඹායන්නට විය. සුදු පැහැති දුහුවිලි අංශු පොළවට ඉහළින් නැගුණේය. ස්‌ලාත් නතර වූවාය. තවදුරටත් ගමන් කිරීම ඇයට නුපුළුවන් විය. මුරන්ඩු ලෙස තම කුර හතර පොළවට තද කර ගත් ඇය ''මාව ආපසු ගෙදර අරගෙන යන්න'' යෑයි ආයාචනා කරන්නාක්‌ මෙන් බෑ... යෑයි හඬ නගන්නට වූවාය.

හිම කූරු ඇගේ යටි රැවුළේ එල්ලී තිබිණි. ඇගේ අං දෙක හිමෙන් ඔප වැටී තිබුණේය. මෙම අනතුර තුළට ඇතුළුවීමේ උවමනාවක්‌ ඒරන්ට නොතිබුණද ඇතුළුවීමට වාසස්‌ථානයක්‌ නොලැබුණහොත් ඔවුන් සීතලේ ගල් වී මියෑදෙන බව ඔහු දැන සිටියේය. එය සාමාන්‍ය කුණාටුවක්‌ නොවීය. එය ඉතා ඝන හිම පතනය සහිත කුණාටුවක්‌ විය. හිම පතනය ඔහුගේ දණ තෙක්‌ විය. ඔහුගේ දෑත් දරදඬු විය. සපත්තුවේ ඇඟිලි වැසෙන කොටස තවදුරටත් ඇති බවක්‌ ඔහුට නොදැනිණි.

හදිසියේම කන්දක සේයාවක්‌ ඔහුට පෙනෙන්නට විය. එය කුමක්‌ විය හැකිදැයි ඔහු පුදුමයට පත්විය. එවැනි ලොකු හිම කන්දක්‌ ගොඩ ගැසුවේ කවුද? ස්‌ලාත්ද පසු පසින් ඇදගෙන හේ ඒ දෙසට ගමන් කළේය. ඒ දෙසට ළඟා වෙත්ම එය හිම ආස්‌තරණයකින් වැසුණු යෝධ පිදුරු ගොඩක්‌ බව ඔහුට පෙනුණේය. ඔවුන් අනතුරින් මිදුණු බව ඒරන්ට වහා වැටහුණේය. බලවත් පරිශ්‍රමයක්‌ දරා හිම කැටි හාරා දැමීමට ඔහුට හැකිවිය. ඔහු ගැමි දරුවකු වූ අතර එය කෙසේ කළ යුතු දැයි දැන සිටියේය.

පිදුරු ගොඩට ළඟාවූ සැටියේම සතාටත් තමාටත් රිංගා ගැනීමට ප්‍රමාණවත් තරමේ සිදුරක්‌ සාදා ගැනීමට ඔහු සමත් විය. පිටත ඇත්තේ කුමන ආකාරයකට දැයි ප්‍රශ්නයක්‌ නැත. පිදුරු හැම විටම උණුසුම් විය. එසේම පිදුරු ස්‌ලාත්ට ආහාරයකි. ඉව කළ සැටියේම සන්තුෂ්ටියට පත්වූ ඕ පිදුරු බුදින්නට වූවාය. පිටත නොනැවතීම හිම පතනය තිබුණේය. එය ඉතා ඉක්‌මනින්ම ඒරන් හැදූ ප්‍රවේශ මාර්ගය වසා දැම්මේය. නමුත් පිරිමි ළමයාට සහ සතාට හුස්‌ම ගැනීමට වායුව ලබා ගැනීමට හැකිවන තරමේ ඉඩ කඩක්‌ එහි විය. පිදුරු සහ හිම අතරින් හුස්‌ම ගැනීමට ප්‍රමාණවත් තරම් සිදුරක්‌ සාදා ගැනීමට ඒරන් වගබලා ගත්තේය.

පිරෙන තුරු ආහාර ගෙන ඇගේ පස්‌සා ගාත් වලින් ලැගගත් ස්‌ලාත් නැවත වරක්‌ මිනිසා කෙරෙහි වූ විශ්වාසය දැඩිකර ගත්තේය. ඒරන් ඔහු එද්දී ගෙන ආ පාන් පෙති දෙක සහ චීස්‌ කැබැල්ල ආහාරයට ගත් නමුදු ඔහුගේ කුසගින්න දැඩි විය.

ඔහු ස්‌ලාත් දෙස බැලුවිට ඇගේ තන බුරුල්ල පිරී තිබෙන අයුරු දිටීය. ඇය අසලින් වැතිරගත් හේ ඇගේ තන බුරුල්ලෙන් තම මුව තුළට කිරි විද ගත්තේය. ඒවා වනාහි රස ගුණයෙන් පිරී තිබිණි. ඒ ක්‍රමයට කිරි එරවාදීමට ස්‌ලාත් පුරුදුව නොසිටියාය. නමුත් ඇය ඔහුට බාධා නොකළාය. එදිරි වෙනවා වෙනුවට එකම බිත්ති ඇතුළත එකම වහලක්‌ යට ආහාර ලබාගත හැකි තැනකට තමා කැඳවා ගෙන ආ ඒරන්ට කිරි තෑගි කරදීමට ස්‌ලාත් මහත් කැමැත්තකින් සිටින බවක්‌ පෙනෙන්නට තිබිණි.

දෙවියන්ට ස්‌තූති වන්නට පිදුරු ගොඩට සීතල නොවීය. වියළි පිදුරු තණකොල ග්‍රීස්‌ම සෘතුවක උණුසුම වෑස්‌සුවේය.

ස්‌ලාත් බහුල වශයෙන් කෑවාය. ඇය උඩිනුත්, යටිනුත්, වමටත්, දකුණටත් ලෑටි ගාමින් සිටියාය. ඇගේ සිරුර සත්ව උණුසුම දුන් අතර ඒරන් ඒ උණුසුමට ගුලිවිය. ඔහු නිතරම ස්‌ලාත්ට ආදරය කළ අතර මේ වන විට ඇය ඔහුට සහෝදරියක්‌ව උන්නාය. ඔහු පවුලේ සාමාජිකයන්ගෙන් කැපී ගොස්‌ හුදකලාව සිටියෙන් කතා කිරීමේ ආශාවෙන් පෙලුණේය. ඒ නිසා ඔහු ස්‌ලාත්ට කතා කිරීමට පටන් ගත්තාය.

''ස්‌ලාත්, ඔයා මොකක්‌ද හිතන්නෙ අපට වෙච්චදේ ගැන.....'' ඔහු ඇසුවේය.

''බෑ ඈ ඈ ඈ .........'' යන්න එළුදෙනගේ පිළිතුර විය.

''මේ විදියට දිගටම හිම වැටෙන්නට වුණොත් අපිට දවස්‌ ගණනාවක්‌ම මෙතන මේ විදියට නතර වෙලා ඉන්න වෙයි....' ඒරන් පැහැදිලි කළේය.

''බෑ.....ඈ.......ඈ.....ඈ... '' ස්‌ලාත් හඬ නැගුවාය.

''ඔයාට කතා කරන්න බෑ. නමුත් මම දන්නව ඔයාට තේරෙනව. මට ඔයාව ඕන. ඔයාට මාව ඕන. ඒක හරි නේද....''

''බෑ ඈ ඈ ඈ...''

ඒරන්ට නිදිමත දැනුණේය. හේ පිදුරු ටිකකින් කොට්‌ටයක්‌ හදා ගත්තේය. තම හිස ඒ මත තැබූ ඔහු නින්දට වන්නේය. ස්‌ලාත්ද නින්දට වැටුණාය.

ඒරන් ඇස්‌ ඇර බලන විට එය රාත්‍රියද එසේත් නැතිනම් උදෑසන දැයි නොදත්තේය. හිම ඔහුගේ ජනෙල් කවුළුවද වසා දමා තිබුණේය. ඔහු එය පිරිසිදු කර ගැනීමට උත්සාහ කළද තම අතෙහි දිග ප්‍රමාණයට වඩා සිදුර දිගින් යුක්‌ත විය. වාසනාවකට ඔහු ගෙන ගිය දිග රිට ඔහු වෙත තිබූ අතර එය උපයෝගී කරගෙන වැසී තිබුණු හිම තට්‌ටුව කඩා දැමීමට ඔහුට හැකි විය. පිටත එතෙකුදු අඳුර පැවතියේය. සුළඟත් හිම වැටීමත් නොයෙකුත් හඬ පතුරවමින් දිගටම ක්‍රියාත්මක විය. සමහර විට එය රාක්‍ෂයින්ගේ සිනහවක්‌ මෙන් විය.

ස්‌ලාත්ද අවදිව සිටියාය. ඒරන් ඇයට සුභ පැතූවිට ඇය පිළිතුරු දුන්නාය.

''බෑ ඈ ඈ ඈ......'' ඔව්, ස්‌ලාත්ගේ භාෂාවට අනුගතව තිබූ එකම වචනය එය විය.

නමුත් බොහෝ දේවල් එයින් අදහස්‌ විය. දෙවියන් වහන්සේ අපට දෙන උණුසුම, සිසිල, බඩගින්න, තෘප්තිය, ආලෝකය සහ අඳුර යන සියල්ල අප භාරගත යුතුය..... යන්න ඇය කියමින් සිටියාය.

පුරා දින තුනක්‌ ඒරන් සහ ස්‌ලාත් පිදුරු ගොඩ යට සිටියහ. ඒරන් කවදත් ස්‌ලාත්ට ආදරය කළ අයෙකි. නමුත් මේ දින තුන තුළදී ඔහු වඩ වඩාත් ඇයට ආදරය කළේය. ඇය ඔහුව තම කිරෙන් පෝෂණය කළ අතර ඔහුට උණුසුම සැපයීමෙන්ද උපකාර කළේය. ඇය ඉවසිල්ලෙන් යුක්‌තව ඔහු සැනසිල්ලෙන් තැබුවාය. ඔහු ඇයට කතා බොහෝ ගණනක්‌ කීවේය. ඇයද දෙකන් නවා ගෙන එම කතා සියල්ලටම කන් දුන්නාය. ඔහු ඇයව සුරතල් කරන විට ඇය ඔහුගේ මුහුණත් අතත් ලෙව කෑවාය. ඉන්පසු ඇය ''බෑ ඈ ඈ ඈ....'' යනුවෙන් කීවාය. එහි තේරුම ඔහු දැන සිටියේය.

''මමත් ඔයාට ආදරෙයි....''

දින තුනක්‌ම හිම ඇද වැටුන නමුත් මුල් දිනයේ මෙන් නොව සුළඟ කෙමෙන් නිසලව යමින් තිබිණි. සමහරවිට මෙයින් පසු ශීත සෘතුවක්‌ නොපැමිණේ යෑයි ඒරන්ට සිතුණි.

ඒරන් සහ ස්‌ලාත් දවසේ වැඩි කොටසකුත් රාත්‍රියත් පිදුරු මඩුව තුළ නිදමින් ගත කළහ.

තුන්වන දිනයේ හිම පතනය මුළුමණින්ම අවසන් විය. නමුත් අඳුරේ ගෙදරට යන පාර සොයා ගැනීමට ඒරන් නිර්භීත නොවීය. අහස පැහැදිලි විය. ඒරන් පිටවෙන කුහරය සකස්‌කර ගෙන පිටත ලෝකය දෙස බැලුවේය. ඒ වනාහි ශ්වේත වර්ණයෙන් යුතු නිසල සිහින මැවෙන දිව්‍යමය ශෝභාවක්‌ විය. තරු විශාලව ළඟින්ම පායා තිබුණේය.

හතර වන දිනයේ උදෑසන හිම යානයක සීනු නාදයක්‌ ඒරන්ට ඇසුණේය. පිදුරුගොඩ තිබුණේ පාරෙන් වැඩි ඈතක නොවේ. හිම යානය පැදවූ ගැමියා ඔහුට පෙන්වුයේ මස්‌කඩකාරයා පදිංචි නගරය දෙසට නොව ගෙදරට යන මාවතය. ස්‌ලාත් තමාගෙන් වෙන් නොවිය යුතුයි යන්න පිදුරු මඩුවේ සිටම ඔහු තීරණය කර තිබුණේය.

කුණාටු සමයේ ඒරන්ගේ පවුලේ උදවිය සහ ගම්මු එකතුවී ළමයා සහ එළුවා ගැන සොයා බැලුවද ඔවුන් ගිය දෙස ගැන සළකුණක්‌ වත් ඔවුන්ට සොයාගත නොහැකිව තිබිණි. ඔවුන් දෙදෙනා නැති වෙන්නට ඇතැයි ඔවුහු බියවූහ. ඒරන්ගේ මව සහ සොහොයුරියන් ඔහු වෙනුවෙන් හඬා වැළපුණාහ. පියා දොම්නසින් යුක්‌තව සිටියේය. ඒරන් සහ ස්‌ලාත් පාර දිගේ එන බව හදිසියෙන් පැමිණි අසල්වැසියකු විසින් ඔවුqන්ට දැනුම් දෙනු ලැබිණි.

පවුලේ මහා සතුටක්‌ විය. තමා පිදුරු කොළ කැටිය සොයාගත් හැටිත් ස්‌ලාත් ඔහුව පෝෂණය කළ අයුරුත් ඒරන් නිවැසියන්ට කීවේය. ඒරන්ගේ සොහොයුරියෝ ස්‌ලාත්ගේ ඇඟේ එල්ලී ඇයව සිපගත් අතර ඇයට පෙති ගැසූ කැරට්‌ අල සහ අලපොතු දුන් අතර ඇය තලු මරමින් ඒවා ගිජු ලෙස ගිල දැමුවාය. ඉන් පසු කිසිම දිනක ඔවුන් ස්‌ලාත්ව විකුණා දැමීමට නොසිතූ අතර නැවත ශීත කාලගුණය පටන් ගත් විට ගම්මුන්ට ලොම් සහිත සම් විකුණන්නාගේ සේවය වෙනදාටත් වඩා අවශ්‍ය විය.

ස්‌ලාත්ට විසීමට වෙනම පට්‌ටියක්‌ තිබුණද ඇය නිතරම කුස්‌සිය අසලට පැමිණ අඟින් දොරට තට්‌ටුකර ඇතුළට යයි. සවස ඒරන්, මාරියම් සහ ඇනා ඩේඩල් ක්‍රීඩාව කරන විට ළමුන් ක්‍රීඩා කරන දෙස සහ හනුකා ඉටිපන්දම් දැල්වෙන අයුරු බලමින් ලිප අසලින් වැතිර ගනී.

''ස්‌ලාත් ඔයාට මතකද අපි ගත කළ දින තුන ගැන....?' යනුවෙන් ඉඳහිට ඒරන් ඇගෙන් අසයි. එවිට ස්‌ලාත් අඟ සහ ගෙල සොලවයි. සුදු රැවුළ සහිත හිස කරකවයි.


Nissanka Rajapaksa

unread,
Jan 20, 2020, 10:10:08 PM1/20/20
to ind...@googlegroups.com
පියාසර (ගමන)
රණතුංග මල්ලවආරච්චි

ගමන අරඹනවිට හිරු ඇහැරී මුහුණ සෝදා ගැනීමට සූදානම් වන්නට ඇත. හිරු කුමාරයා මුහුදෙන් මුහුණ සෝදා දවසේ ගමන සඳහා ලහි ලහියේ සූදානම් වන සැටි තුනේ පන්තියේ ගුරුතුමිය පසුගිය අවසන් වාරයේ කතාවකදී කීවා සිරිදාසට මතකය. කුරුල්ලෝ ද තවම ගී ගයන්නට පටන් ගෙන නැත. එතෙක්‌ ඔහු තම ගමන ආරම්භ කළේ පිණිබර උදැසන ය. ලොකු ආතා සිටිය දී අරගෙන දුන් කමිසයත්, ස්‌කෝලේ අඳින එකම සුදු කමිසයත්, සෙරෙප්පු දෙකත්, පිඟාන සහ කෝප්පයත් පෙට්‌ටියකට අඩුක්‌ කළ ඔහු ගමනට සූදානම් විය. පෙට්‌ටිය හිතුවාට වඩා බර විය. අලුත් අවුරුද්දට දුන් පොත් මිටිය ඊට හේතු වූයේය.

"මේක නිවාඩුවක්‌ කර ගන්නට එපා. පොත් නිවාඩුවට කලින් දුන්නේ කියවලා එහෙම අලුත් වාරෙදී එන්න".

ගුරුතුමිය එහෙම කීව නිසා පොත් මිටිය කලින් ම පෙට්‌ටියට එකතු වුණේ ය.

ආත්තම්මා තවමත් පෙරවාගත් ගමන්මය. හවස පියවුණු ඇස්‌ එලෙස ම පියවී ගත් ආකාරයටම වෙයි. උන්දැ ඇහැරෙන විට කොහොමත් හිරු කන්දෙන් එබිලා හමාරය. ස්‌කෝලේ යන්නට පෙර රාත්‍රියෙන් ඉතිරිව තිබූ ඔය මොනවා හරි ගිල දමා වඳින්නට කාමරයට ගිය විට උන්දැ හිසත් වැහෙන්නට පොරවාගෙන නින්දේ පසුවෙයි. ඇහැත් නොපෙනෙන කනත් නොඇසෙන ඇයට සමහරවිට නැගිටින්නට උදව් කළ යුතු ය. ඒ කාර්යය සිරිදාස ගෙදර හිටියොත් සිරිදාසටම පැවරේ. පොඩි එකෝ, පොඩ්ඩක්‌ මාව අල්ලපන් පුතේ.

උන්දැ පණ ඇර සිරිදාසට ආදරේය. ඇරත් තමා නැතිව ආත්තම්මාට විය යුතු බොහෝ දේ ඉටු නොවෙයි. උණු වතුර රත්කිරීම, ළිඳෙන් වතුර ඇද ගෙනවිත් භාජන පුරවා නාන්න සූදානම් කරවීම, වැසිකිළියට වතුර ගෙනත්දීම, කඩේයැම, මල් කඩා පහන් පූජා කිරීමට ඇයට අත ගැස්‌සවීම බොහෝවිට සිදුවන්නේ ඔහු අතිනි. මේ නිවාඩුව ඔහුට ඒවා අනිවාර්ය කළා සේය.

කොහොම වුණත් ඊයේ හවස බාප්පා කියූ කතාව මේ ගමනට මුලය. බාප්පා කුඩම්මා රැගෙන විත් මාස දෙක තුනකට වඩා නැත. කුඩම්මා ලස්‌සන ය. හීන් දැරිය. මහදවාලෙත් එකම ඇඳකට වී කාමරයේ දොරද වසා ගන්නා බාප්පාගේත් කුඩාම්මාගේත් මුණු මුණුව ඇඳෙහි ජිරි බිරිය හඳ ඇති රැයටත් නැති රැයටත් දැන් දහවලටත් බෝ වෙලාය. තමා කාමරයට එබෙනවාට එනවාට මෙන්ම ඉන්නවාට ද බාප්පා අකමැති බැව් ඔහුගේ පුංචි හිතට දැනෙයි. සමහර විට බුරුල් ඇඳි වස්‌තරත් හරි ගස්‌සා ගනිමින් නැගිටින බාප්පාගේ මුහුණ ප්‍රසන්න නැත. කුඩම්මාගේ කොණ්‌ඩය ලකේකට නැත. අවුල්වෙලා ය.

පොඩ්ඩෝ... කඩේට ගිහින් බනිස්‌ අරගෙන වරෙන්. ඒ එක්‌කම හරකිගේ කණුවත් මාරු කරලා එනවද? දුවන්න එහෙම එපා. හෙමිහිට පරිස්‌සමෙන්. මේ කතා සියල්ල ඔහුට හුරු පුරුදය. එහෙත් මේ කතාව.... "පොඩ්ඩෝ... හෙට උඹ පුංචි නැන්දලාගේ ගෙදර පලයන්, ඇහුණද?" කුඩම්මා ද හිනා වී එය අනුමත කළා මතකය.

මේ ගමන ඇරඹෙන්නට ඉන්තේරුවෙන් ම හේතු වූයේ ඔය කතාවයි. කොහොමත් සිරිමත් වාගේම හොඳ ළමයෙකු වූ ඔහු දෙවරක්‌ නොහිතුවේය. ගෙන යා යුතු ඇඳුම් පොත් රාත්‍රියේම ලහි ලහියේ ලක ලෑස්‌ති කර පෙට්‌ටියට දමා නිදා ගත්තේය. ආච්චි ඇහැරවන්නට උවමනා නැත. උදේ ගමන ඇරඹුණේ එලෙසය.

සිරිදාසගේ අම්මා තාත්තා හිටින්නේ මහියංගනයේ ය. එය දුර පළාතකි. නිවාඩුවටවත් මට එහේ යන්න තිබුනා නං. තුනේ පන්තියේ හොඳට වැඩකර හතරට සමත් තමාගේ දස්‌සකම් අම්මාට කියන්නට ඇත්නම්.

එහෙත් අම්මාටයි තාත්තාටයි එහෙම හිතෙන්නේ නැතුව ඇති.

දෙවිටේ පොකුණේ මහනෙල් මලක්‌ මෙන් යාය ඉහළ අහස පිරිසිදුය. කපා කොල හැලෙන්නට දමා තිබූ උන ගසක්‌ මෙන් නියරවල් එකතු වුණු පාර එක එල්ලේ විහිදෙයි. යන්තම් කහපාට විටමින් සහිත හිරු එළිය වැටෙනවිටම කන්ද උඩින් හිරු එබුනාක්‌ මෙන් පොඩි මාමා හදිසියේ මතුවූයේ ඒ මොහොතේදීමය.

"කොහෙද පැටියෝ මේ පාන්දරම. හප්පා මොනවද මේ පෙට්‌ටියේ".

වහා පෙට්‌ටිය බිම තැබූ සිරිදාස පොඩි මාමා ඇමතුවේය.

මට එහේ පුංචි නැන්දාගේ ගෙදර ගිහින් නවතින්න කිව්වනේ.

කවුද කීවේ?

"බාප්පා තමා. ඉතින් මං ආවා".

"උඹ ආත්තම්මට කියල ද ආවේ පැටියෝ?"

"නෑ".

"එහෙනම් ගිය ඉක්‌මනින් කියලා වරෙන්".

ගෙනා පෙට්‌ටිය පොඩි මාමා ළඟ තබා මිටෙන් හළ කුරුල්ලෙකු මෙන් සිරිදාස ආපසු හැරුණේය. කටින් බෲං බෲං ගා ටොප් ගියරයටම දමා ගත් සිරිදාස වංගු කඳු පල්ලම් තරණය කරයි. පෙට්‌ටිය ගැන නිනව්වක්‌ ඔහුට නැත. ඒක පොඩි මාමා බලාගන්නේ නැතෑ.

යළිත් පැමිණෙනවිට බාප්පා ගෙදර සිටියේ නැත. කුඩ්ම්මා පුළුල් වූ දැසින් තමා දෙස බලා ඇරී තිබූ හැට්‌ටයේ කටුව සැනෙන් පියවා ගත්තාය. හිසේ රඳවා තිබූ පනාවෙන් කීප වරක්‌ පිරූ ඈ යම් කල්පනාවකට වැටුණ බැවින් එතන පසු කරගෙන කුස්‌සියටම යා යුතු යයි හැඟිණ. අත්තම්මා වෙවුල වෙවුලා මුට්‌ටිය ඇර බත් බෙදමින් සිටියා ය.

"කෝ පුතේ උඹේ පිඟාන. මං හැම තැනම හෙව්වා. කොහෙද උඹ පාන්දරම මෙච්චර වෙලා ගියේ?"

"ආත්තම්මේ මං පුංචි නැන්දලාගේ ගෙදර ගියා. නවතින්න. මට බාප්පා යන්න කිව්ව නේ. ඉතින් මං පිඟානක්‌ අරගෙන ගියා".

"හත්තිලව්වයි උඹ කොහේ යන්නද පුතේ. මෙන්න මෙහෙ හිටිං. දුවලා ගිහින් පිඟානත් අරගෙන වරෙන්. ඔන්න ආයේ නොකිව්වායි කියන්න එපා. මගෙන් අහල මිසක්‌ ආයෙ එහෙම ගෙයින් එළියට අඩියක්‌ තියන්නේ නැහැ. තේරුණාද?"

සිරිදාසට කියන්නට උත්තරයක්‌ නැත. කුඩම්මා ගෙමිදුල කෙළවරේ ආත්තම්මා නාවන්නට වතුර රත්කරන ලිප ළඟට පොල් හනසු කීපයක්‌ එකතු කරමින් සිටියා ය. ඇයට ද කියන්නට දෙයක්‌ තිබුණේ නැත. සිරිදාසට ද එසේම ය.

ආයෙත් සැතපුම් දෙක තුනක්‌ යායුතු ගමන ඉක්‌මනින් යා යුතු බව ඔහුගේ සිත දනියි. මිදුලෙන් මද දුරක්‌ ගිය ඔහු සිය මනෝ රථයේ එන්ජිම යළිත් පැන ගැන්වූවේය.

ඈම්... ම්.... ඈ.... ඈම්.... ම්.... ඈ.... ඈ.... ඈ..... ඈ.... ම්... බී... බීප්.... ම්... ම....

Nissanka Rajapaksa

unread,
Jan 21, 2020, 7:24:39 PM1/21/20
to ind...@googlegroups.com
සිරකාරිය
නිශ්ශංක විඡේමාන්න 
තිත්ත සීනි කෙටිකතා සංග්‍රහයෙන්

ගිම්හානය පලතුරුවලට හොඳ කාලයක්‌ නොවිණ. ඒත් කඳවුරේ සාත්තුව හොඳ හෙයින් හොඳ පලතුරු වාරයක්‌ දීමට ගිම්හානය වුවද තීරණය කර තිබිණි.

කඳවුරෙන් මයිලයක්‌ පමණ ඈතින් මහ පාර විය. මහපාරෙන් කඳවුරට හැරෙන හංදියේ පලතුරු වෙළෙඳ සැලක්‌ අලුතෙන් අරඹා තිබිණි. සිරකරුවෙක්‌ එතුළ වෙළඳාම් කළේය. වෙළඳසැලට සමීපයේ ආරක්‌ෂක භටයෙක්‌ ඔහු සමඟ ගැවසිණ.

"අඹ කීයද?" තරුණිය සිරකරුගෙන් ඇසීය. 

"ගන්න නෝනා ලාභයි." සිරකරුගේ මූණ ප්‍රියමනාප බවක්‌ දැරීය. ඒත් "නෝනා" යෑයි කීම ගැන ඇයට නොමනාපයක්‌ ඇති විය.

"ලාභයි කීවට කීවේ නෑනේ." එවිට ඔහු මිල පැවසීය. 

"අප්පා හරි ගණන්නෙ." ඇය සිනා විණ.

නමුත් අවාරයේ ඒ ගණනට කෙසේවත් පලතුරු ගත නොහැකි බව ඈ දැන්වීය.

"එහෙනං කෙසෙල් ගන්න නෝනා."

"නෝනා," මොන නෝනා කෙනෙක්‌ද මම නෝන කෙනෙක්‌ නොවෙයි." ඇය මුරණ්‌ඩුව කීවාය.

"අපිට එහෙමයි කියන්ට කියලා තියෙන්නේ." ඔහු ඇඟිල්ල දිගු කර ආරක්‌ෂක භටයා පෙන්වීය. එසේ කීවද ඔහුට තරුණිය කෙරේ විමසිල්ලක්‌ ඇති විය. "ඇයි එහෙම කීවේ." ඔහුට සිතිණ.

ඇය පලතුරු ගෙන යන්නට හැරිණ.

"ගිහිං එන්නන්."

"ආයෙත් එනවද?" ඔහු තොල් මැතිරීය. "නෝනා ඉතිරි සල්ලි." යන්ට හැර ඔහු ශබ්ද නගා කීය. "ආ එපා." හැරී බැලූ ඇය කීවාය.

ආරක්‌ෂක භටයා නොසතුටු බැල්මක්‌ හෙළීය. තරුණිය මඳක්‌ ව්‍යාකූල විය.

"ෂාහ් මුරකාරයා නැත්තං." ඇයට සිතිණි.

"ඇත්තට ඒ ළමයා." සිරකරුට අපූරු හැඟුම් පහල විය. ඔහුට ඇති වූ හැඟුම් ඔහු ලඡ්ජාවෙන් අමතක කරන්නට වෙර දැරීය. තමාට කවුරුවත් මින් පෙර ඔය ලෙස සුහදව කතා කර නැතැයි ඔහුට සිතිණි.

"හැමදාම මෙතන ඉන්ට දෙනවා නම්."

අලුත් පලතුරු කඩේ ට යන්නට ඊළඟ දා ඇය තීරණය කර තිබිණි. තරුණිය ඒ පාර ඔස්‌සේ වන ව්‍යාපාරයට ගියාය. රැකියාව වශයෙන් ඇය මහා ගස්‌ වීමට පැළ සිටවූවාය.

ඒ ගිම්හානයේ අන්තිම කාල පරිච්ඡේදය විය. උදය හා දහවල අතර වෙනස්‌කම් තිබුණේ අඩුවෙනි. එහි දැඩි ගතියක්‌ නොවිණ. වැඩ ඇරී එන අතර ඇය පලතුරු කඩයට ගොඩවූවාය. එහෙත් ඔහු එහි නොවීය. ඒ වන විට සිටියේ වෙනත් හිරකරුවෙකුය. වෙනස්‌වීමක්‌ නොදක්‌වා ඇය පලතුරු තෝරන්නට විය.

"කෝ ඊයේ හිටි කෙනා." ඇයට කියවිණි. මේ සිරකරුවා නිශ්ශබ්දය මුහුණ කළු පැහැතිය. ඇස්‌ රතුය. ඇය තැති ගත්තීය. "ඔහු කුමක්‌ නම් සිතුවේද?" මේ මිනිහා මිනීමරුවෙක්‌ වාගේ. ඇය සිතන්නී සිර ඇඳුම දුටුවාය. එය දැන් දුටුවාක්‌ මෙනි. "ඊයේ හිටිකෙනත් ඇඳන් හිටියේ..?"

එවිටම ඔහු සෙමින් කතා කළේය. "එයා මාරු කළා. අපි එක එක්‌කෙනා දවසින් දවස මාරු කරනවා. ආයෙ ලබන මාසේ ඒවි."

ඇය පලතුරු බලා යන්නට ගියාය. කඳවුරේදී සිද්ධිය පළමු සිරකරුට දැන්වීය.

"කළු හීනි ළමයෙක්‌ද?"

"ඔව්."

"උඹෙනුත් පලතුරු ගත්තද?"

"නෑ."

සිරකරු කල්පනාවට වට, "මං හිරකාරයෙක්‌." අවසානයේ ඔහු කල්පනාව නැවැත්විය.

වැඩබිමට යන අතර ඇයට සෑහෙන දේ කල්පනා කරන්නට තිබිණ. පළතුරු සැල පසුකරන විට ඇය අලුතෙන් දේ කල්පනා කළාය.

"කොයි වගේ වැරදි කරලද මේ අය. අර දෙවැනි දවසේ හිටපු කෙනා නම් මිනීමරලා වගේ. ඒත් ඒ ඔක්‌කොම තරුණ අය. පළවෙනිදා දැක්‌ක කෙනා?" ඔහු කරන්න ඇති වරද ඇයට සිතාගන්ට අමාරු විය. ඔහු වැරදි නොකර ආ කෙනෙක්‌ බඳුය.

අහස වස්‌සානයට ලකුණු පෑය. එහෙත් කාලය ගෙවුණේ හෙමින් බව ඇය සිතුවාය. පලතුරු වෙළෙඳසැලේ පලවැල හිඟ නොවිණ.

"දැන් මාසයක්‌ කිට්‌ටුයි." ඇය උනන්දුවෙන් පලතුරු සැල දෙස බලා යන්නීය. ඇයට ඒ ඇයිද යන්න වැටහුනේ නැත. එහෙත් බලාපොරොත්තු නොවූ දිනයක ඔහු 'අර පළමු සිරකරුවා' නැවත වෙළඳසැලේ ඉඳිනු ඇය දුටුවාය. ඇය වෙළඳසැලට ගොඩවුණේ ඉබේටමය.

"නෝනා." ඔහුට කියවිණ. ඇය නිහඬව පලතුරු තේරුවාය. ඉක්‌බිති කතා කළාය. "කෝ අර මුර කරන මහත්තයා."

"එයා උදේ ජිප් එකේ ඇවිත් මාව දාලා ගියා. ආයේ හවසට ඒවි."

"එතකොට පැනලා යන්ට පුළුවන් නේද?" ඇයට සිතිණි. ඇය ඇසුවේ නැත.

"අර පස්‌සේ දා ආ එක්‌කෙනා මොනවා වෙලාද හිරේ වැටුණේ?"

"නැති බැරිකමට හොරකමක්‌ කරලා." ඇයි, ඇය ඒවා අසන්නේ. ඔහුට විමතියක්‌ ඇති විය.

"මම හිතුවෙ කාව හරි මරලා කියලා. මූණ ඒ වගේ." එවිට ඔහු තැති ගත්තේය. ඊළඟට ඇය ඇයට ඇවසිකර ප්‍රශ්නය ඇසුවාය.

"එතකොට ඔයා?"

ඔහු තවත් තැති ගත්තේ, අපහසුතාවකට ගොදුරු විය.

"මං කොහොම කියන්නද?"

ඇය රත්පැහැ අඹ ගෙඩියක්‌ ගෙන කරකවන්නට විය. එහි පැත්තක්‌ නරක්‌ වෙන්නට මෙන්ය.

"මං අතින් මිනිහෙක්‌ මළා." තරුණ සිරකරු අකමැත්තෙන් තොල් මැතිරීය.

"ආ." දැඩිව තැතිගත් ඇය පලතුරු ගෙඩිය තිබ්බාය. ඔහු බිම බලා ගති.

"වෙන්ට බෑ. මේ ප්‍රසන්න මිනිසාට එසේ කළ හැකිද?" ඇය සිතන්නට වන. කුමකදෝ ග්‍රහණයකට බැඳෙන බව ඇයට දැනිණි. ඇය නොදත්තීය.

"වැරදීම් වෙනවා." ඇය මතුළාය. "පස්‌සේ හොඳ අය වෙනවා."

ඒ සිහින් හඬ සිරකරුගේ සවන් තුළ කිඳා බැස්‌සේය. "මං හිතුවේ ආයේ බලන්නේ වත් නැතිවේවි කියලා." ඔහු සිතීය.

"නෝනා පලතුරු ගන්නවද?"

"ඊෂා කියලයි කියන්නේ මට. මං නෝනා නෙවි." ඇය සිනාවිය.

"දැන් කොයිතරම් කල්ද?" ඉක්‌බිති ඈ ඇසුවාය.

"අවුරුදු හයක්‌."

"තව කොයිතරම් කල් යාවිද?"

"සෑහෙන කාලයක්‌." උදාසීන හේ තෙපලීය.

"තව හුඟක්‌ කාලයක්‌." ඊසා සිතින් ප්‍රතිරාව කළාය. අඳුරු දැලි සහිත කැලය ඇයට පෙනිණ. පෙනෙන තෙක්‌ මානයේ මිනිසෙකු හෝ කිසිවෙක්‌ නොවිණ. "මේ කැලයේ මෙතැනින් යන්න පුළුවන් නේද?"

ඇය කී දේ ඔහුට තේරිණ. කැලය අඳුරු වුවද නිදහස්‌ය. සුරක්‌ෂිතය. කුරුල්ලෙකු නිදහසේ පියා සැරීය.

"යන්ට." හේ පැවසීය එහි තෘප්තිකර බවක්‌ නොවිණ. "මේ බලන්නට." ඔහු කවුන්ටරයේ නොපෙනෙන කොටසට නෙත් යොමා කීය. ඇය එබී බැලුවාය. කකුල්වලට මාංචු දමා තිබිණි.

ඇයට දැඩි දුකක්‌ දැනිණි.

"ඔහුව බේරගන්ට." ආපහු එන ගමනේ තරුණිය කල්පනා කළාය.

ඊළඟට කාලය ගෙවුණේ ඉතා හෙමින්ය. වස්‌සානය නිසා වන වගාවේ වැඩ නැවතිණි. ඇයට පලතුරු කඩය අද්දරටවත් යන්නට අවකාශයක්‌ නොලැබිණ. වැහි ඍතුවේ රාත්‍රියක ඇයට සිරකරු හීනෙන් පෙනිණ. "ඊෂා." කියා ඔහුට කතා කළාය.

ඇයට නැවත කල්පනා විය. පුංචි කාලේ කළ වරදක්‌ එතකොට දාසයයි. දැන් විසිතුනයි. තව කොයි තරම් කාලයක්‌? ඒ වුණත් සිරකාරයෙක්‌ මිනීමරුවෙක්‌. ජීවිතෙන් වන්දි ගෙවිණ. ඇයට සිතිණි. ඔහු කෙසේ ඒ මිනිහා මරන්ට ඇත්ද? උල් පිහියක්‌ කාගේදෝ පපුවට අනින දර්ශනයක්‌ ඇය සිහි කළාය. ඇය මිනීමරුවාගේ රූපය සිතේ මවා ගත්තීය. ඒ මිනීමරුවා ඔහු නොවේ. ඒ මුහුණ භයංකරය. ඒත් මේ සිරකරු එසේ නොවේ. ඔහුගේ පෙනුම ප්‍රියංකරය. කතාබහ සිහින්ය. ගොරෝසු නැත.

සිරකරුවා දැඩි සීතලට අසු විය. රාත්‍රි කාලයේ සීතලෙන් මිරිකෙමින් කල්පනා කළේය. පාන්දර නැගිට විගස ඔහු හොඳින් වැඩ ආරම්භ කර උද්යෝගී බවක්‌ පෑය. පුදුම වූ සිරකරුවෝ ඔහු දෙස බලා විමතිය පළ කළහ. "මූට මක්‌වුණාද කිසි සද්දයක්‌ නෑ දැං." නිලධාරීන් වුවද ඔහු දෙස බැලූයේ අමුතු විලසකටය. ඔහු කඳවුරු ගත කළ දා පටන් මුරණ්‌ඩු විය. කෝලාහල කරගත්තේ අනෙක්‌ සිරකරුවන් පහර දුන්හ. ඔහුගේ සිර බැඳුම කල් ගියේ ඒ නිසා විය යුතුය. ඒත් දැන් ඔහු හොඳටම වෙනස්‌ය. හේ මාසයේ විනීතිම සිරකරු විය.

ඔහුට තරුණිය ගැන කල්පනා වූයේ එවිටය. ජීවිතය ගැන කල්පනා කරන්නට විය. "තමාගේ ජීවිතය හෙට ඒ කෙසේද?" ඔහු දුක්‌ විය. ඍතුවේ සීතලෙන් ගැහෙන්නට විය. එයට ඉඩ දුන්නේය. වෙන්ට ඕන මෙහෙම මතුළේ ය. "ලෙඩ වේවි." අවසානයේ ඔහු සිතුවේය. තමාට මෙසේ සිතන්නට වෙනස්‌ වන්නට ඉඩ හලේ කවුද? ඔහු සීපත් කරන්නට විය. ක්‍රියාශීලී වන ඔහු උදයේ සිට කඳවුරේ වැඩ කොටස කළේය. ඇයව සෙමෙන් අමතක විය.

"උඹට කම්මලේ වැඩ අමාරුයි·" දුබල ඇගේ මව කීවාය. "නෑ." ඇය කල්පනාවෙන්ම තෙපලාය. ඇය වස්‌සානය කෙළවර වනතුරු ලියවන පට්‌ටලයක වැඩට බැඳුනාය. වැඩ අමාරුය. ඒත් වැස්‌සෙන් බේරෙන්නට පිළිවන. යකඩ පීරිගාන විටද, කියත්වලින් කපන විටද ඇය අපූරු වුවමනාවකින් බලා සිටියාය. ඇය නිතරම කුමක්‌දෝ අවශ්‍යතාවකින් පෙළිණ. ඒ කුමක්‌දැයි ඇයට තේරුම් ගන්නට බැරිවිය. කෙසේ නමුත් ඇය මුදල් ඉතිරි කරනු දක්‌නට ලැබිණි.

"මේකක්‌ කීයක්‌ විතර වෙනවද මාමේ." උපකරණය පෙන්වා කාගෙන්ද ඇසුවාය.

"උඹට මක්‌කටද? යකඩ කපන්න." සරදම් කළ හේ ගණං පැවසීය. ඇය තොල සපා ගත්තාය.

වසන්තය උදා විය. මෙවර එය අලුත්ම විය. ඇය නැවත වන වගා වැඩට ගමන් ඇරඹුවාය. ගිම්හානයේ සිටුවන ලද පැළ වස්‌සානයේ මුල් ඇද තිබුණි. ඒවා ප්‍රබෝධයෙන් ඇය දෙස කර ඔසවා බැලුවා මෙනි. "ඒත් ඒවා සීතලෙන් පසුබෑවාවත්ද? හැදෙයි." ඇය තීරණය කළාය.

සිහින් අඳුරේ ඇය අවදි වන්නීය. එවිට කුමක්‌දෝ බියක්‌ ඇයට ඇති වේ. දිනපතා පලතුරු කඩය ළං වන විට අර බිය වැඩිවේ. වුවමනාවෙන් ඒ දෙස බලන ඈ කිසිවිටෙක කඩේට නොවැදුනාය. වසන්තය බලාපොරොත්තු රහිතවම ගෙවී යතියි ඇයට ශෝක සිතිනි. වස්‌සානය කඳවුරේ පලතුරු ගස්‌ දුර්වල කළේ නම් ඒවා පලදැරීම නවත්වනු ඇත. එහෙත් ඒ එසේ නොවිණ. විලිකුන් පලතුරු අතර ඔහු සිටියේය. ඊෂා කඩයට ගොඩවැදිණ. ඇයගේ තිගැස්‌ම වැඩි විය. තමා අපරාධයක්‌ කරන්නා වැනි හැඟීමක්‌ ඇතිවිය. ඇගේ අතේ මල්ලක්‌ විය. ඇය කතා නොකර බොහෝ වේලාවක්‌ පලතුරු අතගාමින් සිටියාය. අනතුරුව ආරක්‌ෂක නිලධාරියා වේදැයි බැලීය. නිසල වන පෙදෙස දෙස කිසිවක්‌ නොවිණ. තාර පාර වැතිර නිශ්ශබ්දව සිටියේය.

"නිදහස්‌ වෙන්න ආශා ඇති·" ඊෂාගේ හඬෙහි සියුම් වෙව්ලීම ඔහුට නොතේරිණ.

"ඔව්." ඔහු ප්‍රීතියෙන් කීය.

තරුණිය මල්ලෙන් ඇද උපකරණය ඔහුට පෑවාය. "ආ." එය යකඩ කපන කියතක්‌ය. ලියවන පට්‌ටෙලේ මහන්සියේ ප්‍රතිඵලය. ඉතිරි කළ මුදලින් ගත් මහඟු වස්‌තුව එය විය. ඔහුගේ නිදහස්‌වීම හැර ඇයට කිසිවක්‌ තේරුණේ නැත. සිරකරු පුදුමයෙන් බලා සිටියේය.

"මේකෙන් මාංචු කපන්න පුළුවන්." ඇය වෙව්ලීය. සිරකරු සිනාවිය. මාව බේරගන්ට ඇවිත්. ඒත් කියතක්‌ ඔහුට අවැසිව තුබුණේ නැත. ඔහුගේ දෙපා නිදහස්‌ව තිබිණි. 

ඔහු කවුන්ටරය පැන එළියට ආවේය. ඒ පාද විලංගුවලින් මිදී තිබිණි. ඇයට අපහසුවක්‌ දැනිණ. ඇය කියත දෙස බලා සිටියාය.

"කියත නැතුවාට කමක්‌ නෑ. ඒත් නෝනා තමයි මගේ මාංචු ගැලෙව්වේ."

"ආ." යටි අරුතක්‌ නොදත් තරුණිය විශ්මය පළ කළාය. ඔහු දිගු කතාවක්‌ ඇයට කීවේය.

"මගේ හැසිරීම හොඳයි කීවා. ඉතිං මගේ මාංචු ගැලෙව්වා. තව මාසෙකින් මං හොඳටම නිදහස්‌." අවසානයේ ඔහු පැවසීය.

ඇයට හැඬිණ. බොහෝ දේ කියන්නට තිබිණි. "මම ඔයාට කැමැත්තෙන් ඉන්න ඇති." ඇය විවෘතව කතා කළාය. "මං තව ටිකකින් මහ ලොකු වරදක්‌ කරනවා." 

ඔහු කල්පනා කරන්නට විය. කළකෝලාහල හැරුණු විට තව කොයිතරම් දේ ලොව ඇත්ද? කොපමණ නම් සුන්දරද? පුදුම සහගතද? ඇත්තටම ඇය මට ආදරය කරනවා. ඔහුට සියුම් උද්දීප්ත හැඟුමක්‌ ඇතිවිය. ඒත් ශෝකයත් ඇතිවිය. ඇය අවාසනාවන්තියක්‌ වේවි·

මොනවාදෝ දුරදිග කල්පනා කළ ඊෂා අන්තිමේ ඒවා වචන කර හිත සැහැල්ලු කර ගත්තාය.

"මං අපේ අම්මත් එක්‌ක එන්නම්· අපේ අම්මා බනින්නේ නෑ. තව මාසයක්‌ තියෙනවානේ·" 

"ංආ මං නෝන නෙමෙයි ඊෂා හරිද?"

Nissanka Rajapaksa

unread,
Jan 23, 2020, 11:20:45 PM1/23/20
to ind...@googlegroups.com
කකුල
ප්‍රීති බණ්‌ඩාර ධනපාල

විශේෂඥ වෛද්‍ය සූරසිංහගේ වම් අත කනට ළං කළ ජංගම දුරකථනය වෙතත් දකුණු අත ප්‍රාඩෝ රථයේ ස්‌ටියරින් වීලය මතත් රැඳී තිබුණු අතර, රථය ඔහුගේ නිවෙස වෙත යන අතුරු මාර්ගයේ ඉදිරියට ඇදුණේ ඉබි ගමනිනි. තමන් ඉදිරිපස ටේ්‍රල් වර්ගයේ යතුරු පැදියක්‌ නවතා ඇති බවත් එහි සිටින්නෙකු තමාගේ ජීවිතය නිම කිරීමේ අපේක්‍ෂාවෙන් තමන් දෙස උකුසු ඇසින් බලා සිටින බවත් ඔහුට නොපෙනුණේ එතරම් උනන්දුවකින් දුරකථන සංවාදයේ යෙදී සිටි බැවිනි. කිසියම් පිපිරුම් හඬකුත් සමඟ දුරකථන සංවාදය හදිසියේ ම ඇන හිටිය බව එහා කෙළවරේ සිටි තැනැත්තාට දැනෙනා විට ලේ ගලන හිසින් යුතු දොස්‌තර සූරසිංහ ගේ නිසල සිරුර රියෑදුරු අසුනේ බඳ පටියට සිර වී වම්පස අසුන වෙත ඇල වී තිබුණි.

සුද්දා හෙවත් ටයිටස්‌ රූපවාහිනිය දෙස දැඩි අවධානයෙන් යුතුව බලා සිටියේය. තමා ගේ ළය වේගයෙන් ඉහළ පහළ යන බවත් දෙකන්සය පුරා දාඩිය ගලන බවත් ඔහුට නොදැනුණි. ප්‍රවෘත්ති විකාශය ළං වන විට ඔහු සිටියේ කිසියම් ප්‍රමෝදයකිනි. තමා මෙතෙක්‌ සිදුකළේ කොන්ත්‍රාත් වැඩය. ඒවා ගනුදෙනුය. ඒත් මේ වැඩය එසේ නොවේ. තමාගේම එකකි. දතට දත නොව දතට මුඛ පද්ධතියම වැනසීමකි.

ඔහු දණහිසටත් වඩා කොට වූ තම දකුණු කකුල සැටියේ තබා ගෙන පිරිමදිමින් රූපවාහිනිය දෙස බලා සිටියේය. වෛද්‍ය සූරසිංහ ගේ ප්‍රාඩෝ රථයේ ලේ තැවුරුණු ඉදිරිපස ආසනත්, පරීක්‍ෂණ පවත්වන පොලිස්‌ නිලධාරිනුත් රූපවාහිනි තිරයේ දිස්‌විය. මොහොතකින් ඔහුගේ විශාල නිවසත් එහි රැස්‌ව සිටි කීපදෙනෙකුත් වෙත කැමරාව යොමු විය. අනතුරුව වෛද්‍යවරයාගේ උපාධි ලෝගුව සහිත පින්තූරයත්, බිරිඳ හා දැනට විදේශගතව වෛද්‍ය උපාධිය හදාරා එකම පුතු සමඟ ගත් ඡායාරූපයකුත් පළ විය.

ටයිටස්‌ මේ සියල්ල සිතින් ස්‌පර්ශ කරන අතර දකුණතින් කකුල් කොටය තෙරපන්නට වූයේ නොදැනුවත්වමය. තම පාදය අනතුරට ලක්‌ව අස්‌ථි බිඳී ගිය විටත්, පසුව පාදය කපා දැමීමෙන් පසු එහි වූ තුවාලයෙනුත් නැඟුණු වේදනාව දෙගුණ තෙගුණ වී තමා පෙළන්නට වී ඇති අයුරු ඔහුට දැනේ. රූපවාහිනිය නිවා දැමු ඔහු සැටියේ දිගා වූයේ පාදය දැතින් ම මිරිකා ගනිමිනි.

කකුල් කොටය කොතරම් වේදනා ගෙන දුන්නත් ඔහු සිටියේ ස්‌වප්න ලෝකයකය. එහි සිටියේ දෙදෙනෙක්‌ පමණි. එනම් ටයිටස්‌ හා දොස්‌තර සූරසිංහ පමණි. වෙනදා නම් තමා ඇඳේත්, දොස්‌තර තමා ඉදිරියේත් සිටී. එය අද වෙනස්‌ ය. දෙදෙනා මුහුණ බලාගෙන වාඩි වී සිටියේ විවාදයකට මෙනි. සුපුරුදු ලෙස දොස්‌තර උපැස්‌ යුවළ ගහනත රඳවා ගෙන තියුණු දෙනෙතින් ටයිටස්‌ දෙස බලා සිටියේය. ටයිටස්‌ කකුල් කොටය දොස්‌තරට පෙනෙන ලෙස තබා ගෙන ඔහු දෙස බලා සිටියේය.

"තමුසේ හිතාගෙන ඉන්නෙ ඔය කකුල ලියලන්ට බෙහෙතක්‌ මට දෙන්ට පුළුවන් කියලද?" ඔහු වේගයෙන් කියාගෙන ගියේය.

"නෑ"

ටයිටස්‌ සන්සුන් ලෙස හිස වැනුවේය.

"මම ආවෙ තමුසෙගෙ කකුල කපලා අරන් මට හයිකර ගන්ට පුළුවන් ක්‍රමයක්‌ තියෙනවාද කියලා දැන ගන්ට" දොස්‌තරගේ හිත පමණක්‌ නොව ගත ද ගැස්‌සී ගියේය. ඔහුගේ සිතුවිලි ගලාවිත් තොල් අතරින් එළියට විසිවෙමින් තිබිණි.

"එහෙනම් මූ ඇවිත් තියෙන්නේ මගේ කකුල කපලා ඌට හයි කර ගන්ට"

"ඒ වුණාට.......... තමුසේ දන්නෙ නැතුව ඇති කකුලක්‌ කපපු කෙනෙකුට හොඳට ඉන්න කෙනෙකුගේ කකුලක්‌ හයි කරන්ට බෑ. මොන ජගතෙකුටවත් ඒක කරන්න බෑ."

දොස්‌තර පිළිතුරක්‌ ලැබෙන තුරු තම ඇස්‌ දෙක ටයිටස්‌ ගේ මුහුණේ අලවා ගෙන බලා සිටියේය. ටයිටස්‌ ඉදිරිපස බිත්තිය දෙස බැලුවේය. එහි ක්‍රිස්‌තුස්‌ වහන්සේ කුරුසියේ ඇණ ගැසූ පින්තූරයක්‌ ද ඊට යටින් නිවෙමින් දැල්වෙන විදුලි බුබුළක්‌ ද විය.

ටයිටස්‌ උත්තර නොකියා සිතුවේය. "තමුසේ දන්නෙ නෑ ඇත්තටම මං කවුද කියලා. මං තමුසේ ඉස්‌සරහ හිටියේ අසරණ ලෙඩෙක්‌ විදිහට විතරයි. මං බයිසිකලේ යද්දී ලිස්‌සලා වැටුණේ. ඒක කොළඹදී නොවී නුවර දී වුණේ වාසනාවට. දීපු ලොකු ගේමක්‌ හින්දා පොලිසියෙන් ගැලවෙන්න නුවරට මාරු වෙලයි හිටියේ. බයිසිකලෙන් ගමන් ගියෙත් ඒකයි. කඩුගන්නාවේ පල්ලම බහිද්දී තමා ලිස්‌සුවේ. යන්තම් පොද වැස්‌ස. කොහොම හරි සිහිය ආවේ ඉස්‌පිරිතාලේදී. කොණ්‌ඩේ පැත්තකට පීරලා, රැවුල කපලා හිටපු හින්දා පොලිසිය මාව ඇඳින්නේ නෑ. දණහිසට උඩින් කකුල කැඩිලයි තිබ්බේ. ඉස්‌පිරිතාලේ සුමාන දෙකක්‌ තැප්පා. ඉස්‌පිරිතාලෙන් ගෙදර ගියත් කකුලේ වේදනාව අඩු වුණේ නෑ. තමුසේ චැනල් කළේ ඒකයි. එදා තමුසේ එක්‌ස්‌රේ එක දිහා බලල කිව්වේ ඔපරේෂන් එක වැරදියි. මේකට දාලා තියෙන්නේ බාල වර්ගයේ කම්බියි. ප්‍රයිවට්‌ කරන්ට ලක්‍ෂ තුන හතරක්‌ විතර යයි කියලා වැඩේ කරා. ගනුදෙනු ඉවර කරා. එන්ට එන්ටම කකුලේ වේදනාව වැඩි වුණා. ඊළඟට තමුසේ කිව්වේ මේකට විෂබීජ ඇතුළු වෙලා කියලා. ආයෙත් සැරයක්‌ ඔපරේෂන් කරලා තුවාලේ සුද්ද කළා. එතෙන්ට ලක්‍ෂ දෙකයි. තුන්වැනි සැරේ තමුසේ කිව්වේ විෂබීජ කකුලේ ඉහළට ගිහිල්ලා කියලා. එහෙමයි මට කකුල නැති වුණේ. මම හරියට ඉස්‌කෝලෙ ගියෙ නෑ. රස්‌තියාදු වුණා. අන්තිමට පාතාලේ පොරක්‌ වුණා. හතර පස්‌දෙනෙක්‌ම යෑව්වා. ඒත් මගේ ඕනෑකමට නෙමේ. එක එකාගේ කොන්ත්‍රාත්වලට. තමුසේ මගෙන් සල්ලි ගත්තා. ඒත් වැඩේ හරියට කළේ නෑ. මේකට දෙන්ට ඕනෑ පනිෂ්මන්ට්‌ එක මගෙ ළඟ තියෙනවා.

දොස්‌තර ටයිටස්‌ දෙස බලා සිටියේ මේ සියල්ල අසා සිටින ආකාරයෙනි. තම සිතුවිලි අසා දැන ගැනීමේ ක්‍රමයක්‌ දොස්‌තර ළඟ තිබේ දැයි යන සැකයක්‌ මොහොතකට ටයිටස්‌ තුළ ඇති විය. එසේ නම් මේ ගනුදෙනුව ඉක්‌මනින් ම අවසන් කළ යුතුය.

සංවාදය නිමවීමට පෙර ටයිටස්‌ නින්දෙන් අවදි වී සිටියේය. සිහිනයේදී දැනුණු කකුලේ වේදනාව දැන් නොමැත. ඔහු බොරු කකුල කකුලට සම්බන්ධ කර ගෙන නැගී සිටියේය.

ටයිටස්‌ ගමන් කළ ත්‍රීවීලරය පේරාදෙණියත් නුවරටත් අතර පටු මාවතට හැරී ඉදිරියට ගමන් කරමින් සිටී. නවීන පන්නයේ වාහන ගණනාවක්‌ම එහිදී ඔහුට හමු විය. තවත් ටික දුරක්‌ යන විට මඟ දෙපස එබඳු ම වාහන ගණනාවක්‌ නවතා ඇති බව පෙනුණි. වාහන අතරින් රිංගා ගිය ත්‍රීවීලරය අවමඟුල් නිවසට ඇතුළු වී මිදුලේ කොනක නතර කෙරුණි. ඉන් බැසගත් ටයිටස්‌ වටපිට බැලුවේ සෙනඟ පිරී ඇතැයි යන සැකයෙනි. මිදුලේ තැනින් තැන දහ පහළොස්‌ දෙනෙක්‌ පමණ සෙනඟක්‌ කතා කරමින් සිටියහ. ටයිටස්‌ සෙමින් පා තබමින් නිවසට ඇතුළු විය. ඔහු කිසිවෙකුගේ අවධානයට යොමු වූ බවත් නොපෙනුණි. විශාල මල්වඩම් ගොඩක්‌ මැද දොස්‌තර ගේ දේහය තබා තිබුණේය. ටයිටස්‌ සෘජු ලෙස ඔහු ගේ මුහුණ දෙස බලා සිටියේය. පියාගත් දෙනෙත් විවර වී තමා දෙස බලනු ඇතැයි ඔහු සිතුවත් එවැන්නක්‌ වූයේ නැත.

නිවසින් එළියට ආ ටයිටස්‌ වැඩිපුර හිස්‌ව තිබූ පුටු ගොඩක්‌ මැද වාඩි විය. එතැන සිටියේ තවත් එක්‌ පුද්ගලයෙකු පමණි. කකුලේ වේදනාව නැඟී එන බවක්‌ ඔහුට දැනුණි. ඔහු බොරු කකුල අසලින් කකුල තදින් මිරිකා ගත්තේය.

"ලෙඩ්ඩුන්ගේ සාපේ වැදුණේ."

අසල පුටුවේ වාඩි වී සිටි අමුත්තාගේ සිතිවිල්ල හඬක්‌ බවට පත්වී ඇසෙන්නට විය. "චැනල් සෙන්ටර්වලයි, ප්‍රයිවට්‌ ඉස්‌පිරිතාලවලයි තමා වැඩිපුර ගැවසුණේ. ලෙඩ්ඩු මාස ගණන් වාට්‌ටුවල. කොහෙන් හරි සල්ලි හොයා ගෙන ප්‍රයිවට්‌ තැනකට ගියොත් ගොඩදානවා කියලයි ඔක්‌කොමලා කියන්නේ."

ටයිටස්‌ ද තම සිතුවිsලි අමුත්තා වෙත මුදා හැරියේය. "මගේ කකුලටත් ඕක තමා වුණේ. ලක්‍ෂ ගානක්‌ ගෙවලා ඔපරේෂන් කරලා අන්තිමට කකුල කැපුවා."

"හෙණ ගහන අපරාධ"

"හ්ම්"

"ඔය පල දුන්නේ යස අගේට. දැන් ඉතින් හම්බ කරපුවා අරන් ගියානේ."

අනතුරුව අමුත්තා කලබලයෙන් වටපිට බැලුවේ තමා සිතූ දේ කාටවත් ඇසුනේ දැයි දැන ගැනීමට මෙනි.

"බයවෙන්ට එපා. ඔයා හිතපු දේ ඇහුනේ මට විතරයි. වෙන කාටවත් නෑ."

ටයිටස්‌ ද සිතුවිලි මුදා හැරියේය. මෙලෙස අමුත්තා හා ටයිටස්‌ සිතුවිලි සංවාදයේ යෙදෙමින් සිටියේය. අමුත්තාගේ සිතිවිලි වලට බාධා නොකළ ටයිටස්‌ ජීවිතයේ කවදාවත් නොමැති ශික්‍ෂණයකින් තැන්පත් බවකින් හා ඉවසීමෙන් යුතුව ඊට කන්දී ගෙන සිටියේය. "එදා අපි ගියේ ලොකු දුවගේ ගෙදර ගිහින් එන්ට. මිනී වංගුව ළංවෙන කොට මං වීල් එකේ කොලුවට කිව්වා පුතා ප්‍රවේශමෙන් කියලා. මගේ වචන ටික ඉවර වෙන්ටත් කලින් දඩාංගාල සද්දයක්‌ ආවා. මගේ පවුලයි, පොඩි දුවයි එතනම. වීල් එකේ කොලුවා දවස්‌ පහක්‌ සිහි නැතිව ඉඳලා ඉවර වුණා. මොකක්‌ද කරුමෙකට මං එළියට විසිවෙලා ඔළුව පුපුරලා තිබ්බේ. ඒකට බෙහෙත් කළේ, වෙන දොස්‌තර මහතෙක්‌. අන්න රත්තරං මනුස්‌සයා."

ටයිටස්‌ගේ ඇස්‌ අමුත්තාගේ දෙපා වෙත ගමන් කළේය. දෙකකුල හොඳින් තිබේ. කකුලක්‌ පිට කකුලක්‌ දාගෙන ඔහු වාඩි වී සිsටී. අමුත්තා ටයිටස්‌ දෙසට කැරකී දකුණු උරහිස පෑවේය. ඔහුට දකුණු අතක්‌ නැත. කමිස අත අතරින් ගුලි ගැසුණු උරහිස පෙනේ.

"හරියට බෙහෙත් කළා නම් අත බේරා ගන්ට තිබුණා. මිනිහා ඒක ගණන් ගත්තේ නෑ. ඔපරේෂන් කරලා කම්බි දැම්මා. කම්බි හින්දා බෙහෙත් කරන්න බෑ කියලා සිංහල වෙද මහත්තුරු කිව්වා. අත හොඳටම නරක්‌ වුණා. ප්‍රයිවට්‌ කරන්න කතා කළා. ඒකට ලක්‍ෂ ගාණක්‌ ඉල්ලුවා. කොහේ තියන සල්ලිද?"

ඔහු වමතින් අත් කොටය මිරිකා ගත්තේය. මුහුණේ මස්‌ පිඬු ඉහළ පහළ යයි. ඇස්‌ දෙක පියෑවෙයි. තොල් ඇඹරේ. තමාගේ දණහිස මෙන් මොහුගේ උරහිස ද වේදනා දෙන්නට පටන් ගෙන තිබේ. ගංවතුරක්‌ සේ දෙගොඩ තලා ගිය සිතිවිලි නිසා ඔහු නැවත වේදනාවෙන් පෙළෙන්නෙක්‌ව සිටී.

මෙතෙක්‌ වේලා තටු සලමින් අමුත්තා හා ටයිටස්‌ අතර ඉගිළුණු සිතුම් සියොත්හු තටු පොරවා ගෙන නිහඬ වූහ. අමුත්තා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් සිටියේය. උරහිස මිරිකා ගත් වම් අත පහත වැටී ඇත. ඔහුගේ දැස්‌ ගෙය වටා ඇති තාප්පයෙන් පිටතට ගොස්‌ ඈත කඳුවැටිය මත රැඳී තිබුණේය.

මොහොතකින් වටපිට බැලූ අමුත්තා මුල් වරට ටයිටස්‌ දෙස බලා සිනාසුණේය. ටයිටස්‌ගේ මුවට නැගුණේ දන්නා හඳුනන්නෙකුට පිරිනමන ආකාරයේ සුහද සිනාවකි.

ටයිටස්‌ අමුත්තා ද සමඟ තමා ආ ත්‍රීවීලරයට නැංගේය. පණ ගැන්වූ ත්‍රීවීලරය ගේට්‌ටුව වෙත ළං වන විට එතැන සිටි පොලිස්‌ නිලධාරියෙක්‌ ට්‍රැපික්‌ සාජන්ට්‌ කෙනෙකුටත් වඩා සැරෙන් "ගන්නවා ඕක පස්‌සට" යෑයි කෑ ගැසුවේය. ඒ සමඟ පළාතේ ප්‍රභූ දේශපාලනඥයෙකුගේ අඳුරු වීදුරු සහිත දැවැන්ත රියක්‌ මිඳුලට ඇදී ආවේය. මොහොතකින් අමුත්තා හා ටයිටස්‌ සහිත ත්‍රීවීලරය සියලු ආරක්‍ෂක භටයන් අතරින් පටු මාවත දිගේ ඉදිරියට ගමන් කළේය.

"පොලීසිය පිරිලා ඉන්නේ හරියට මිනීමරුවා අල්ලන්ට වගේ."

මෙවර අමුත්තා සිතිවිලිවලින් තොරව වචන වලින්ම කීවේය.

Nissanka Rajapaksa

unread,
Jan 24, 2020, 6:49:43 PM1/24/20
to ind...@googlegroups.com

කෙටි කතාව

අර්නස්‌ට්‌ හෙමිංවේගේ 'Old man at the Bridge'
කෙටි කතාවේ පරිවර්තනයකි.

පරිවර්තනය 
ගීතාංජලී ආරියරත්න

ලෝහ රාමුවක්‌ සහිත උපැස්‌ පැළැඳ සිටි මහලු මිනිසා පාර අයිනට වන්නට බිම වාඩි වී සිටියේය. ඔහුගේ ඇඳුම් දූවිල්ලෙන් නෑවී තිබිණි. ගඟ හරහා තාවකාලිකව ඉදිකර තිබූ පාරු පාලම මතින් ගැහැනු, පිරිමි හා ළමුන් මෙන්ම ට්‍රක්‌ රථ හා කරත්ත ද වැල නොකැඩී එගොඩවෙමින් තිබිණි. කොටළුවන් විසින් අදිනු ලැබූ කරත්ත, තද බෑවුමක්‌ සහිත ගංඉවුර මතට නැංවීම, කොතෙක්‌ අසීරු වූයේද යත්, සොල්දාදුවන්ට සිදුවූයේ ගරාදිවලින් අල්ලා ඒවා තල්ලු කිරීමටය. ට්‍රක්‌ රථවල රෝද, හඬ නංවමින් එකතැන කැරකුන අතර සරණාගතයන්, ඇස්‌වටය තෙක්‌ දූවිල්ලේ එරී ගාටමින් ඉදිරියට ඇදුනහ. නමුත්, මහලු මිනිසා පමණක්‌ සිටිතැනම සිටියේය. ඔහු වෙතින් පළ වූයේ බෙහෙවින්ම විඩාපත් බවකි.

පාරු පාළම තරණය කර එහා ඉවුරේ වූ ප්‍රදේශයේ සතුරාට වාසිදායක වන කවර හෝ අතපසුවීමක්‌ සිදුවී තිබේදැයි පරීක්‍ෂා කිරීම මට පැවරී තිබිණි රාජකාරිය නිම කර පාලම මතින් ආපසු ඇවිදගෙන එනවිට, කරත්ත බොහොමයක්‌ අසීරු බෑවුමෙන් එගොඩ වී තිබූ අතර, පා ගමනින් ගිය මගීන්ද වූයේ ස්‌වල්පයකි. නමුත් මහලු මිනිසා එලෙසම එතැනම වාඩිවී සිටියේය. මම ඔහු අසළට ගියෙමි.

"ලොකු උන්නැහෙ කොහෙ ඉඳලද?"

මගේ ප්‍රශ්නයට ඔහු පිළිතුරු දුන්නේ වහා ළඟා කරගත් මඳ ආලෝකයක්‌ සහිත මුහුණකින් යුතුවය.

"සන් කාර්ලෝස්‌ ඉඳලා....."

ඒ ඔහු උපන් බිම විය යුතුය. ඔහුට සොම්නසක්‌ ගෙනාවේ, අලුත් වූ ඒ බිමේ මතකය වන්නට ඇත. ඒ හාම ඔහු පහත් හඬින් මෙසේ පැවසීය.

"මාහිටියේ සත්තු ටික බලා කියාගෙන."

"ආ.... ඇත්තද?"

මං එසේ කීවද ඔහු අදහස්‌ කළ දේ මට තේරුම් ගියේ නැත. 

"ඔව්. මං සත්තු ටික බලාගෙන හිටියේ....." ඔහු නැවත කීවේ හිස සලමිනි.

"දන්නවද?.... මං තමා සන් කාර්ලෝස්‌ ගම අතෑරලා ආව අන්තිමයා....·"

නමුදු ඔහු වෙතින් එඬේරෙකුගේ පෙනුමක්‌ පළ වූයේ නැත. දූවිලි තැවරුණු ඔහුගේ අඳුරු පැහැ ඇඳුමත්, දූවිල්ලෙන්ම අළු පැහැ ගැන්වුණු ඔහුගේ මුහුණත්, ලෝහ රාමුවක්‌ සහිත උපැස්‌ යුවළත් දෙස උවමනාවෙන් බැලූ මම නැවත ඔහු ඇමතීමි.

"මොන සත්තු ද ඔහෙ... එහෙදි බලාගත්තේ?"

"එක එක ජාතියෙ සත්තු.." ඔහු යළිත් හිස සලමින් පිළිතුරු දුන්නේය. ඒ හඬ දුබලය.

"ඒත් ..... ඒ සේරෝම දාලා මට එන්න සිද්ධ වුණා·"

ඒබ්‍රෝ ගංමෝය වටා පැතිරුණු කතරක්‌ වන් ශුෂ්ක බිම් පෙදෙසක්‌, පාරු පාලමක්‌ නැවත මගේ දෙනෙතට හසු විය. සතුරා ඇස නොගැටී කොතෙක්‌ වේලා ගත වී ඇත්දැයි ඇති වූ විමතියත්, ඕනෑම නිමේෂයක සිදුවිය හැකි අද්භූත සිදුවීමත් හඟවන සංඥවක්‌ ගැන සුපරීක්‍ෂාවත්, මා අවදියෙන් තැබූ අතර මහලු මිනිසා ද එලෙසම වාඩිවී සිටියේය.

"මොන ජාතියෙ සත්තු ද බලාගත්තා කීවේ.?" මම නැවත ඇසුවෙමි.

"තුං ගොල්ලක්‌·" ඔහු වහා විස්‌තර කළේය. "මෙහෙමයි, එළුවො දෙන්නයි, බළලයි.... එතකොට පරෙවි ජෝඩු හතරයි."

"එතකොට ඒ සේරම දාලයි එන්න උනේ·"

"ඒක නේන්නං කාලතුවක්‌කු ගෙනාවනේ· හමුදාවෙ ලොක්‌කමයි මට කීවේ, කාලතුවක්‌කු පාවිච්චි කරන්නයි යන්නේ... දැන් ඉතින් ගමෙන් යන්න වෙනවා කියලා......."

ඔහුගේ කටහඬෙහි වූයේ තේරුම් කළ නොහැකි ආකාරයේ හැඟීමකි.

"එතකොට..... ලොකු උන්නැහෙ පවුල් පන්සල්වෙලා හිටියේ නැද්ද?" පාරුපාලම කෙළවර වූ තද බෑවුම හැකි ඉක්‌මනින් තරණය කරන්නට උත්සාහ කරන අන්තිම කරත්ත කීපය නිරීක්‍ෂණ ගමන්ම මම විමසීමි.

"නෑ.... " ඔහු කල්පනාවෙන් පිළිතුරු දුන්නේය.

"මට ඉතින් සත්තු ටික හිටියනේ.·"

මඳක්‌ නිහඬ වූ ඔහු යළි හඬ අවදි කළේය.

"බළලා·.... බළලා ගැන මට හිතේ කරදරයක්‌ නෑ..... ඌ තමන් ගැන බලාගනී. ඒත් අනිත් සත්තු?....."

ඔහු සිටියේ හිස බිමට නමාගෙනය. මට කුමක්‌ කිව යුතු දැයි සිතාගත නොහැකි විය. මගේ සිතට වහා නැඟුණේ කිසිදු ගැලපීමක්‌ නැති ප්‍රශ්නයකි.

"ලොකු උන්නැහෙ මොන පැත්තද?... මං අහන්නෙ මේ යුද්දෙදි?".

ඔහු පුදුමයෙන් මෙන් මා දෙස බලා සෙමෙන් පිළිතුරු දුන්නේය.

"මට මොන පැත්තක්‌ද දරුවා?. දැන් මට අවුරුදු හැත්තෑ හයයි. මං කිලෝමීටර දොළහක්‌ ඇවිදගෙනත් ඇවිත් තියෙනවා.. මං හිතන්නේ නෑ මට තව දුරක්‌ යන්න හයියක්‌ ඇති කියලා."

"මේක නැවතෙන්න හොඳ තැනක්‌ නෙමෙයි ලොකු උන්නැහෙ. ටිකක්‌ ඇවිද ගෙන ගියාම ටොර්ටෝසාවලට යන ට්‍රක්‌ එකක්‌ අල්ලාගන්න පුළුවන්.·" මම දැනුම් දුන්නෙමි.

ඔහු ඊට පිළිතුරු දුන්නේ මඳක්‌ කල්පනා කිරීමෙන් පසුවය.

"හරි· මං ඩිංගක්‌ ඉඳලා යන්නං... කොහොටද දැන් ඔය වාහනේ යන්නෙ ඉලංදාරියා....?

"බාර්සිලෝනා පැත්තට..... "

ඔහුගේ හඬ මට දැනුණේ පාවී එන්නාක්‌ සේය. එහි අවිනිශ්චිත බවක්‌ තිගැස්‌මක්‌ මුසු වී තිබිණි.

"මං ඒ පළාත දන්නෙ නෑ. එහෙ කා ළඟටද මං යන්නේ?..."

ඒ හාම මා දෙසට හැරුණු ඔහු හදිසියේ ලද ආවේගයකින් මෙසේ පැවසීය.

"ඒ උනාට උඹට පිං දරුවො..... බොහොම පිං.·"

ඔහුගේ දෙනෙතේ වූ පීඩාකාරී, හිස්‌ බැල්ම ඒ වනවිටත් ගිලිහී තිබුණේ නැත. ඔහුගේ හඬෙහි එවර වූයේ තම සිතුවිලි මා හා බෙදාගන්නා විලාසයකි.

"ඇත්ත· බළලා ගැන මට ගිංදරක්‌ නෑ. ඌ ගැන හිත කරදර කරගන්න එක තේරුමක්‌ ම නෑ...... ඒ උනාට අනිත් සත්තු? ..... නෑ මං මේ කියන්නෙ ඔහෙට මොනව හරි හිතාගන්න පුළුවන්ද උං ගැන?"

මම, සැපයිය හැකි එකම පිළිතුර ඉදිරිපත් කළෙමි.

"ලොකු උන්නැහෙ මේ ගැන මෙච්චර කරදර වෙන්නෙ අපරාදේ· අනිත් සත්තුත් තම තමන් ගැන බලා ගනී......."

ඔහු මා දෙස බලා සිටියේය.

"එහෙමද? ඔහෙට එහෙම හිතෙනවද?"

"ඇයි නැත්තේ·"

මම කටහඬ හැකි තරම් සැහැල්ලුවට තබා ගැනීමට උත්සාහ ගනිමින්ම ගඟේ එහා ඉවුර නිරීක්‍ෂණය කළෙමි. පාළුව පැතිරී තිබූ එහි තවදුරටත් කරත්ත තිබුණේ නැත. 

ඔහුගේ වදන් සෙමින් යළි ඇදී ආවේය.

"ඒ උනාට... කාලතුවක්‌කු වෙඩි මැද උන් 

මොනවා කරන්නද ඉංලදාරියා.?" 

මම වහා ප්‍රතිචාර දැක්‌වීමි. "ලොකු උන්නැහෙ පරෙවි කූඩුවෙ අගුල ඇරලද ආවේ?"

"නැතුව...·" ඔහු උනන්දුවෙන් පිළිතුරු දුන්නේය.

"ඉතින්.. උං ඉගිල්ලිලා කොහේට හරියන්න ඇති..·" මම පැහැදිලි කළෙමි. ඔහු කල්පනාවක ගිලුනි.

"ඇත්ත නේන්නං, උං පියාඹලා යයි. ඒ උනාට එළුවො? .... නෑ. ඕනෙ නෑ. උං ගැන නොහිතා ඉන්න බලමු... ඒක හිතට හොඳයි..."

කාලය ගෙවී යමින් තිබිණි. මට, නික්‌ම යැමට හෝරාව පැමිණ ඇත. මම ඔහු වෙතට නැඹුරු වී, 

"ලොකු උන්නැහෙ මෙතැන තව ඉන්න හිතාගෙන නම් ඉන්නෙ...." මම වදන් අතර පරතරයක්‌ තබමින් පැවසුවෙමි." මට යන්න වෙලයි තියෙන්නේ. නැඟිටින්න, ඉස්‌සරහට ඇවිදගෙන යමු බලන්න."

"පිංසිද්ධ වෙච්චාවේ·" ඔහු දුබල හඬින් කියා නැඟිටින්නට උත්සාහ කළේය. දෙපසට විසිවෙමින් මද දුරක්‌ ඇවිද ගිය ඔහු යළිත් බිම වාඩි වූයේය.

"මං ..... සත්aaතු ටික බලා කියාගෙන හිsටියේ." ඔහු පැටලිලි සහගත හඬින් කීවේය. ඒ වදන්, කිසිවකු ඉලක්‌ක කළ ඒවා නොවීය.

"මං සත්තු ගැන බලා කියාගෙන හිටිය විතරමයි දෙයියනේ·"

මට, ඔහු වෙනුවෙන් කළ හැකි කිසිවක්‌ම නොවීය.

එය පාස්‌කු ඉරිදාවකි. ෆැසිස්‌ට්‌ හමුදාව, ගම්බිම් අත්පත් කර ගනිමින් ඒබ්‍රෝ බලා සේනාංක මෙහෙයවමින් සිටී. අහස වැහි වලාවෙන් බරවී, අළු පැහැවී තිබිණි. මෙවැනි කාලගුණයක, සතුරු ප්‍රහාරක යානා ගුවනට නැගෙතැයි සිතිය නොහැක.

ඔව්, බළලුන් ද තමන්ගේ කාරණා කටයුතු බලා ගන්නවා ඇත. මහලු මිනිසාට අස්‌වැසුම සඳහා ඉතිරි වන්නට ඇත්තේ එපමණක්‌ම විය යුතුය.

Nissanka Rajapaksa

unread,
Jan 26, 2020, 8:13:50 PM1/26/20
to ind...@googlegroups.com
අවතාරය
පරිවර්තනය ගුණතිලක මැටියඟනේ

ගිනි පූටක මද්දහනේ නුහුරු නුපුරුදු පියවර හඬකින් ඇවිස්‌සුණු ඇය ජනේලය වෙත ඇදුණාය. ඇයට දැක ගන්නට ලැබුණේ දස හැවිරිදි පිරිමි දරුවෙක්‌ මිදුලේ බොරළු මළුව දිගේ ගෙය දෙසට ඇවිද එන අයුරුය. ඉර අව්වට ඔහුගේ මුහුණ රත් පැහැ ගැන්වී ගොසිනි. දහඩියෙන් පෙඟුණු නිල් පැහැ කමිසයත් දුඹුරු දිග කලිසමත් ඔහුගේ සිරුරට ලොකු බවක්‌ පෙනී යයි. ඔහුගේ නිරාවරණ දෙපා දුහුවිල්ලෙන් ගැවසී ගත්තේ විය. ඇය ජනෙල් පඩිය මත තම දණහිස සතපවාගෙන නිදිබර දැසින් යුතුව බලා සිටියාය. මේ දරුවා මීට පෙර කොහේදී හෝ දැක පුරුද්දක්‌ ඇතැයි ඇයට ඉඟියක්‌ වැටිණි.

ගමන නවතා උඩ බැලූ දරුවා මෙසේ ඇසීය.

"මේ බල්ල හපයිද?"

ඇගේ සුරතලා පෝටිකෝව වෙතට යොමු වූ පඩිපෙළ මත නිදාගෙන උන්නේය. නිලමැස්‌සෙක්‌ උගේ හිස වටා භ්‍රමණය වෙමින් සිටියේ "දෙන්නම්කො වැඩේ" යැයි කියමිනි.

"නුඹ කව්ද?" ඇය ඇසුවාය.

ඊට පිළිතුරක්‌ නුදුන් ඔහු සිනාසුණේය. ඒ සිනාව ඇගේ නිද්‍රාශීලී මතක සටහන් ගණනාවක්‌ පුබුදුවාලන සුළු ස්‌පර්ශයක්‌ විය. එතෙකුදු වුවත් ඔහු කවුදැයි ඇයට හඳුනාගත නොහැකි විය.

"මේ මුරකාරයා නිදිද හැබෑටම?" ඈ ඇසුවාය. "නුඹ දන්නෙ නැද්ද හිඟන්නන්ට මෙහාට එන්න තහනම් විත්තිය?"

"මම හිඟන්නෙක්‌ නෙමේ." ඔහු කීය. ඔහුගේ ඇස්‌වල සිනාවක්‌ විහිද ගියේය.

"එහෙනම් නුඹ කවුද?"

"මම උන්නි"

"උන්නි?"

"ඔව්"

උන්නි කියන්නෙ කවුද? ඇය විපිළිසර වූවාය. ඈ දැන සිටියේ ඒ සුරතල් නමින් කියවෙන එක්‌ අයෙකු ගැන පමණි. ඇගේ ස්‌වාමි පුරුෂයා. ඔහුට උන්නි යනුවෙන් ඇමතූ මිනිසුන් බොහෝ කලකට පෙර මිය ගොසිනි. එහෙනම් මේ කවුද?

"මම නුඹව දන්නෙ නෑ." ඇය කීවාය. ඉක්‌බිති අදහාගත නොහැකි දඟකාර ඉරියව්වකින් ජනේලය වසා දැමුවාය.

ඉන් පසු පිට පැත්තේ කිසිදු චලනයක්‌ නම් නොවීය. ඔහු තාමත් එතැන සිටගෙනද? දොර විවර කර ගත් ඈ ද්වාර මණ්‌ඩපය වෙත ඇදුණාය. සුනඛ තෙම තවමත් නිදි සුවයෙනි. නිලමැස්‌සා ද තම කුරුමානම නවතා දමා නැත්තේය. අස්‌වැසිල්ලට පත් ඇය ආපසු හැරෙන්නට තනන විටම ඇගේ ඇස ගැටුණේ ගසක්‌ යට වාඩිගෙන තම හිස තම දැත් අතර සිර කරගෙන සිටින කොලුවාය.

"නුඹ තාම පිටවෙලා ගියෙ නැද්ද?...." ඇය ඇසුවාය.

ඔහු තම හිස දෙපසට සොලවාලීය.

"ඇයි නුඹ යන්නෙ නැත්තෙ?"

"මං කොහේ කියල යන්නද?" ඔහු ඇසීය.

ගසෙන් ගිලිහී වැටුණු වියළි කොළයක්‌ ඔහුගේ හිසකෙස්‌ අතර රැඳී තිබෙනු ඇය දුටුවාය. ඇය තම සැර පරුෂ ස්‌වරූපය මඳක්‌ බුරුල් කොට මෙසේ කීවාය.

"නුඹ ගියා නම් තමයි හොඳ. මුරකාරයාට ඇහැරුණොත් නුඹට දෙකක්‌ දීල පන්නා දමාවි. හිඟන්නන්ට මෙහාට ඒම තහනම්නෙ."

"ඉතින් මම හිඟන්නෙක්‌යැ?"

"මොනවද නුඹට වුවමනා? මම නුඹට පයිසා පනහක්‌ දෙනවා. නැතිනම් රසකැවිලි, ඉක්‌මනට මෙතනින් පිටවෙන එක ඇඟට ගුණයි."

ආපසු හැරුණු ඇය ගෙතුළට පිය මනින්නට වූවාය. දොරකඩට පැමිණි ඇය ඔහුට කතා කළාය. "ඇතුළට එමු. මොකුත් සප්පායම් වෙලා යන්න බැරියෑ"

ඇතුළට පා තැබූ කොලුවා ද මිනිත්තු දෙකක්‌ පමණ අඳුර මැද සිට ගෙන බලා සිටියේය.

"මෙහෙ හරිම අන්ධකාරයිනෙ." ඔහු කීය.

"හරි මේ ජනෙල් නිතරම වසා දමල තියෙන්නෙ. ආලෝකයෙන් වහන් වෙන්න. මගේ ඇස්‌වලට ආලෝකය ඔරොත්තු දෙන්නෙ නෑ." ඇය කීවාය.

"පේනවද මගෙ ඇස්‌ කණ්‌ණාඩිවල තියෙන ඝනකම?"

ඔහු සිනාසුණේය. ඒ සිනාවට ඔහුගේ දෙකම්මුලේම අලංකාර වළවල් නිර්මාණය වනු ඇයට දැක ගත හැකි විය.

"නුඹ දැකුම්කළු පැංචෙක්‌. ඇය සතුටින් සිනාසෙමින් කීවාය. මට නම් කොහෙත්ම දරුවො නැහැනෙ."

ඔහු හිස වැනීය.

"ඔන්න මට දරුවො හිටියා නම් ඒ අයත් නිච්චියටම නුඹ වගේ දැකුම්කලු වේවි."ඇය කීවාය. "මොකද මගේ ස්‌වාමි පුරුෂයාටත් තියෙන්නෙ නුඹට වගේම ඡවි කල්‍යාණයක්‌. දෙකම්මුල් වළ ගැහෙනවා. මුදු ගැහුණු කෙස්‌"

ඔහු විසිත්ත කාමරයෙහි වූ රතු පලස මත වාඩි ගත්තේය. සෝපාව මඟහැර බිම වාඩි ගැනීම ඔහුගේ මුදු අනතිමානී බව ප්‍රකට කරවන්නක්‌ විය. එකෙණෙහිම ඇයට ඔහු ගැන යම් දයානුකම්පාවක්‌ මෝදු වන්නට විය. 

"ඔය සෝපාවෙන් ඉඳගන්ට. ඒකට කමක්‌ නෑ." ඇය කීවාය. "මගේ ගෙදරදී දුප්පතුනුත් පොහොසතුනුත් එක සමානයි. තේරුණාද?"

ගෙතුළට වැදුණු ඇය ආපසු පැමිණියේ කිරි වීදුරුවක්‌, රසකැවිලි කීපයක්‌ හා පාත්‍රාවක ලූ සිසිල් පානයක්‌ ද සමගිනි.

"මේ ටික සප්පායම් වෙලා ආපහු යමුකො."ඇය කීවාය. "මොකද මගේ මහත්තයා අද මදුරාසි ගුවන් යානයෙන් ආපහු එනවා. සංචාරයකින් පස්‌සෙ. එයා තව පැය දෙකකින් විතර මෙහාට ළඟා වෙවි. ඔයා දැකපුවාම එයා කේන්ති ගනීවි..."

කොලුවා වීදුරුව තම දෙතොලේ තබාගෙනම විශාල කරගත් දෑසින් යුතුව ඇය දෙස බලා සිටියේය.

"ඔයා එක්‌ක තරහට නෙමේ" ඇය කීවාය. "මාත්තෙක්‌ක තරහට ඔහු මට කෝටුව ගනීවි. මොකද කාගෙවත් ළමයි මෙහෙට ගෙන්න ගත්තෙ කියලා. එයා නිතරම ගමනෙමයි. එයාගෙ වැඩත් බොහොම අමාරු ඒවා. ගෙදර ආපුවාම ඉන්නෙ තැතිගැම්ම වෙලා. ඒකයි කේන්තිය."

කොලුවා හිස්‌ වීදුරුව හා පාත්‍රාව ඇය වෙත දිගු කළේය. ඔහුගේ පිරිසිදු නියපොතු දුටු ඇය පහන් සිත් ඇතිකර ගත්තාය.

"දැන් ඔයාට යන්ට පුළුවනි," ඇය කීවාය.

එහෙත් කිසිවක්‌ නොදෙඩූ කොලුවා නැගිට සිට කෙළින්ම ඇගේ නිදන කාමරය වෙත ඇදුණේය. ඇය ඔහු පසුපසින් වැටුණාය.

"ඔයා මට ප්‍රශ්න ඇතිකරන්නද හදන්නෙ." ඇය විචාළාය. "ඔයා මට ඇහුන්කන් දෙන්නෙ නැද්ද?"

ඔහු නිහඬ විය. නිදන කාමරයේ දැවැන්ත කැඩපත ඉදිරියෙහි සිට ගත් ඔහු මේක පොකුණක්‌ වගෙයිනෙ" යි කීය. "සුදු පාට වතුර තියෙන පොකුණක්‌"

"මොකක්‌? මොකක්‌ද පොකුණක්‌ වගේ පෙනෙන්නෙ?"

"මේ කණ්‌ණාඩිය.."

ඔහු අතින් ගත් ඇය මෙසේ කීවාය. "ඔයා දැන් යන්න ඕනෑ. ඕන්නං ඔයා හෙටත් එන්න. නමුත් අද අරයා ආපහු එනවනෙ. එයා හුඟක්‌ තෙහෙට්‌ටුවෙන් එන්නෙ." කොලුවා සිනාසුණා පමණි. ඇයට සිතුණේ තමා කී සියල්ල පච ගෝනියකැයි ඔහු සිතන බවය.

"මං බොරු නෙමේ කියන්නෙ." ඇය කීවාය. "අර අහවල් දේකටද මම බොරු කියන්නෙ..."

හදිසියේම ඇගේ ඇස්‌ තෙත් වන්නට විය.

උරහිස්‌ ගස්‌සා දැමූ කොලුවා ආපසු හැරී කාමරයේ කොණක වූ ඇඳේ වාඩි ගත්තේය. ඔහු ඉතා සැහැල්ලුවෙන් තම දෙපා එහාට මෙහාට ලෙළවන්නට විය.

"ඔයා කවුද?" ඇය ඇසුවාය. "ඇයි මට මේ විදියට වද දෙන්නෙ?"

එවිටම ඉදිරි දොරට කවුදෝ වැරෙන් තඩිබාන හඬක්‌ ඇසිණි. බියට පත් ඇය කොලුවා වෙත හැරුණාය.

"ඇහුණද? ඒ මගේ මහත්තයා. එයා මට දෙස්‌ස කපාවි. ඔයා වාගෙ හිඟන්නෙකුට මේ කාමරේට එන්ට ඉඩදීම ගැන එයා කොහොමටවත් කැමැති වෙන්නෙ නෑ....."

"ඉතින් මං හිඟන්නෙක්‌යෑ" ඔහු කීය.

ඇය දොර වෙතට දිව ගියාය. එය විවර කරන විටම ඇයට දැක ගන්නට ලැබුණේ සුදුමැලිව ගිය වියළි දෙතොලින් යුත් ඇගේ ස්‌වාමිපුරුෂයාගේ ලේකම්වරයා ය.

"මෙ........ මෙනන් මහත්මිය" ඔහු ගොත ගසන්නට විය. හදිසි අනතුරක්‌....... ගු..... ගුවන් යානය.........."

"මියගිහින්? ඔහු මියගිහින්....?" ඇය ඔහු වෙත කඩා පැන්නේ තමා පාලනය කැර ගත නොහැකිවය.

ලේකම් තැන හිස සැලීය.

ශාන්ත දාන්න ලෙස ඔහුගේ උර මත අත තැබූ ඇය මෙසේ කීවාය "දහිරිය ගන්ඩ. කොයි වෙලාවෙද ඕක සිද්ධ වුණේ..?"

"තුනෙන් පස්‌සෙ, සමහර විට ඒ විදියටයි ගුවන් සමාගමේ අය දුරකථනයෙන් දැනුම් දුන්නෙ."

ඇය කඳුළු නොසැලුවාය. ඇයට දැනුණේ ඒ වනතුරුත් තමා කිසියම් ප්‍රශ්නයක්‌ සොයමින් සිටි බවකි. ඒ මොහොතේ ඇය පසක්‌ කර ගත්තේ තමා ප්‍රශ්නයක්‌ පමණක්‌ නොව ඊට විසඳුමක්‌ ද සොයාගත් බවකි.

ඇය වහා ආපසු කාමරය වෙත ගියාය. කොලුවා තවමත් යහන මත වැතිරී නිසොල්මනේ සිටී, ඇය ඔහු ග්‍රහණයට ගෙන ඇඳෙන් ඉවතට ඇද දැමුවාය. ඇගේ අත්වලට ඒ හයිය ලැබුණේ නපුරුකමේ බලයෙනි. අවිචාරයේ බලයෙනි.

"වහාම මෙතනින් පිටවෙනවා·" ඈ අණ කළාය. "මං නුඹට කිව්වෙ නැද්ද පිටවෙලා යන්න කියලා. නමුත් නුඹ ඒක කළේ නෑ. දැන් මොකද වෙලා තියෙන්නේ? මගේ මහත්තයා මැරිලා. මට යාන්තම් පහළොව ලබනකොටම මං කසාදෙට ගත්තු පුද්ගලයා. නුඹ දන්නවද තමා කවදා හරි විවාහ වෙන්නෙ මා එක්‌ක විතරයි කියල පොරොන්දු වෙනකොට එයාට වයස කීයදැයි කියා.? එතකොට එයාට යන්තම් අවුරුදු දහයයි. ඒ දවස්‌වල එයාට කවුරුත් කිව්වේ උන්නි කියල......"

ඇගේ වදන් කෙමෙන් බාල වී ගොස්‌ කෙසේ වත් තේරුම්ගත නොහෙන කෙඳිරිල්ලක්‌ බවට පත් විය. කොලුවා බිත්තියට පිට දී ගෙන ඈ දෙස බලා උන්නේය.

"නුඹ තාම පිටවෙලා ගියෙ නෑ... ඒ?" හදිසියේම ඇය කෑ ගැසුවාය. "නුඹ ආවෙ නැත්නම් මෙලහකට මගෙ මහත්තයයි මේ ඇඳේ ඉන්නෙ."

නැවත ඔහු අල්ලාගත් ඇය වැරෙන් ඔහු තල්ලු කොට දැමුවාය. ඔහු කාමරයෙන් පිටතට විසි වී ගියත් නැගිට ගන්නටවත් පිටව යන්නටවත් උත්සාහයක්‌ නොගත්තේය.

ඇය තම දකුණු පයින් ඔහුට දමා ඇන්නාය.

තවත් එක්‌වරක්‌ ඇගේ මුහුණ බැලූ කොලුවා එවර නැගිට කඩිනම් ගමනින් දොර දෙසට ගමන් කරන්නට විය. ඔහු පිටවූයේ මහ හඬින් ඉදිරි දොර වසා දමමිනි. ඔහු තමාට උසුළු විසුළු කරන අයුරුත්, ඔහුගේ සිනහව මද්දහනේ හිරු එළියේ දෝංකාර දෙන අයුරුත් ඇයට දැනෙන්නට වූවාය. ආපසු යහන බලා ගිය ඇය දෑත් දෙපා විහිදුවාගෙන එහි වැතිරුණාය.

ඇගේ ඇස්‌ ඉදිරියේ දස හැවිරිදි දරුවෙක්‌ ඇයට සිනාසෙමින් තමා විවාහවන්නේ ඇය සමඟ පමණකැයි කියනු ඇයට ඇසිණි. වහා නැගිට සිටි ඇය ජනේලය වෙතට දිව ගියාය. එහෙත් ඒ වන විට නිල් කමිසය ඇඳි කොලුවා ගේට්‌ටුවත් පසුකොට නොපෙනී ගොසිනි. මුරකාරයා පුටුවේ වාඩි ගත් ගමන් ම බෙල්ල තම කාකි කබා සාක්‌කුවේ ඔබා ගන්නට වෑයමක නිරත වෙමින් සිටියේය.



Nissanka Rajapaksa

unread,
Jan 27, 2020, 7:39:37 PM1/27/20
to ind...@googlegroups.com
දොළු කන්ද 
ශක්‌තික සත්කුමාර
"පතොක්‌ කටු" කෙටිකතා සංග්‍රහයෙන්

සුද්දප්පු මිදුලේ කොනට වන්නට තිබෙන මහලු අඹ ගහ යට බංකුවට වෙලා අරමුණක්‌ නොමැතිව දොළුකන්ද දෙස බලාගත්වනම සිටියේය. දොළුකන්ද මුදුනින් හිමිදිරියේ රන් පැහැයෙන් ආපු හිරු සුද්දප්පුගේ නිවසේ පිළිකන්න පැත්තේ තිබෙන මැයි ගහේ රත් පැහැය තවරමින් බැස යමින් තිබිණි. කොහෙන්දෝ හමා ආ වියළි සුළඟක්‌ මිදුලේ වැටී තිබූ වියළි අඹ කොළ හැඬවීය.

"ඕං... හෙට අසපුවේ අලුතින් හදපු බුදු ගේයි, පැන් පොකුණයි විවෘත කරන්න ලොකු උත්සවයක්‌ තියෙනවලු."

සුද්දප්පුගේ අරමුණක්‌ නොමැති බැල්ම එවර යොමු වූයේ සොපි නෝනා දෙසටය. ඇගේ එක්‌ අතක දුම් දමන තේ ජෝගුවක්‌ ද අනෙක්‌ අතෙහි කිතුල් හකුරු කෑල්ලක්‌ ද වූවාය. ඔහු කිසිත් නොකියාම තේ උගුරකින් දිව කට තෙමා ගත්තේය.

"දැන් ඉතින් ඔය පහුගිය දේවල් ගැන හිතන්න එපා පුතාලගේ තාත්තා. පුතත් අසපුව පැත්තේ ගිහින් ද කොහෙද?"

සොපි නෝනා පිළිකන්න පැත්තට යන්නට වූවාය. සුද්දප්පුගේ දැස්‌ නැවතත් නතර වූයේ දොළු කන්දේය. පෙර කන්දෙහි පැවති සශ්‍රීකත්වය දැන් එහි දකින්නට නැතැයි ඔහුට සිතිණි. තද නිල්ල වෙනුවට දැන් කන්දෙහි තැනින් තැන දක්‌නට ලැබෙන අහසට නඟින්නට පොරකන ගොඩනැගිලි සමූහය දුටු සුද්දප්පුගේ සිත අතීතයට පියඹා යන්නට විය.

"අයියේ අද හවසට ටයර් පදින්න ගුණපාලල දොළු කන්දට යනවා කීවා. අපිත් යමුද?"

සුද්දප්පු පාසල් ගොස්‌ පැමිණි විගස අයියා සොයාගෙන ගියේ එසේ කියමින්ය. එවක ගමේ කොලු ජැංසියේ සෙල්ලම් පිටිය වූයේ දොළුකන්දයි. ලොකු මුදලාලිගේ ලොරියෙන් විශ්‍රාම යන ටයර් සුද්දප්පුලාගේ කොලු ජැංකිය තල්ලු කරගෙන කන්ද මුදුනට ගෙන යති. ඒවා කන්ද උඩ සිට පහළට තල්ලු කරමින් ඔවුහු විනෝද වූහ. සුද්දප්පුගේ අයියා බොහෝ විට කන්දෙන් පල්ලෙහාට රෝල්වන ටයර් එකක ඇතුළේ ගුලි වන්නේ කොලු ජැංසියේම වීරයා බවට පත් වෙමිනි. අයියා ටයර් එක ඇතුළට වෙලා දොළුකන්දෙන් පල්ලෙහාට පෙරළෙද්දී සුද්දප්පුයි කොලු ජැංසිය හුරේ දැමූහ. අත්පුඩි තැලූහ.

"ඒ ටයර් සෑයකම අයියා..."

"පුතාලගෙ තාත්තේ, දැන් හොඳටම රෑවෙලා. මම ඉස්‌තෝප්පුවේ ලාම්පුවත් පත්තු කරා..."

සොපි නෝනාගේ හඬින් අවදි වූ සුද්දප්පු වටපිට බැලුවේය. දසතම පැතිරී තිබූ කළුවරට තමාව ද බිලි වී තිබෙන බව ඔහු දුටුවේ එවිටය. සුද්දප්පුගේ නෙත් ඉබේටම ඇදී ගියේ දොළුකන්දටයි. කන්දෙහි තැනින් තැන දැල්වූ විදුලි පහන් එවර තමාට ඔච්චම් කිරීමට පටන්ගෙන ඇතැයි සුද්දප්පු කල්පනා කළේය.

ෆ ෆ ෆ 

"අම්මේ, හාමුදුරුවෝ කීවා හෙට ඉඳල අසපුවේ පොත් අලෙවිසලේ කටයුතු මට භාර දෙනවා කියලා..."

"මොකක්‌ හරි රස්‌සාවක්‌ හම්බවෙනකම් හොඳයි ඉතින්... ඒත්..."

"හාමුදුරුවෝ මට හොඳ පඩියක්‌ ගෙවනවා. භාවනා වැඩසටහන් තියෙන දවස්‌වලට ලක්‌ෂ ගණන් බිස්‌නස්‌..."

"පුතාට තව බත් ටිකක්‌..."

"එපා.... එපා..."

ගේ තුළින් ඇසෙන මව-පුතු සංවාදය සුද්දප්පුගේ කන ළඟින්ම ගලාගෙන ගියේය. රාත්‍රි ආහාරයෙන් පසු වැල් ඇඳට වී බුලත් විටක්‌ හපමින් ඔහු කළුවර දෙසම බලාගෙන සිටියේය. මේ වන විට කළුවර හඳ එළියට බිය වී ගස්‌ යටට ගුලි වී තිබිණි.

සුද්දප්පුගේ මතකයට අනුව වනවාසී ස්‌වාමීන් වහන්සේ නමක්‌ දොළුකන්දෙහි ගල් ගුහාවක වස්‌ විසීමට වැඩ ඇති බව කියන පුවත ගෙන ආවේ තම එකම පුතු අනුරාධයි.

"තාත්තේ, දොළුකන්දට වැඩිය හාමුදුරුවෝ දිගටම කන්දේ වැඩ ඉන්නවලු. අද දවල් අම්මයි මායි දානෙත් අරන් ගියා."

එතැන් පටන් දොළුකන්ද වෙනස්‌ වෙන්න පටන් ගත් අයුරු සුද්දප්පුගේ මතකයට නැඟෙන්නට විය. මුලින්ම දොළු කන්දට පිවිසෙන මාර්ගය අසල "දොළුකන්ද අසපුව" යන නම සඳහන් කුඩා බෝඩ් කෑල්ලක්‌ හයිවිණි. ඉන්පසු එය "දොළුකන්ද භාවනා අසපුව" විය. පසුව වර්ණවත් සුවිශාල දැන්වීම් පුවරුවක්‌ එම මාර්ගයේ සවිවිය. එහි සඳහන්ව තිබුණේ "සමාධි භාවනා අසපුව" යන නමයි. කන්දෙහි එකිනෙක ගස්‌ කැපෙන්නට විය. විටින් විට ගල් බෝර ද පුපුරා ගියේය. දහස්‌ ගණන් බැතිමත්හු උදේ සවස කන්ද නගිනවා බසිනවා දකින්නට වූහ.

වැව් ළමැද ඉරි තැලී ගියේය.

බණ්‌ඩි ගොයම පිපාසිතව ඉකි ගසන්නට විය.

ළිං පතුලෙහි බාල්දි ගැටෙන්නට විය.

"දොළුකන්දෙ කැලේ කපන එක නතර කරේ නැත්නම් මුළු ගමම විනාශ වෙනවා..." ගමේ මරණාධාර සමිතියේදී සුද්දප්පු කීවේය.

"මිථ්‍යාදෘෂ්ටිකයා" ගෑණු කසුකුසු ගෑහ.

ෆ ෆ ෆ ෆ

සුද්දප්පු තිගැස්‌සී ඇහැරුණේය. ඔහුගේ මුළු සිරුරම දහදියෙන් තෙත් වී තිබිණි. සුද්දප්පු වැල් ඇඳ මත වාඩි වී බොහෝ වේලාවක්‌ යන තෙක්‌ එම ඉරියව්වෙන්ම සිටියේය. ගේ තුළින් කිසිදු ශබ්දයක්‌ නොමැත. සරම කැහැපොට කවාගත් ඔහු මිදුලට බැස්‌සේය. වැලි පාරටත් එතැනින් තාර පාරටත් ගමන් කළ සුද්දප්පු හඳ එළියේම 'සමාධි භාවනා අසපුවට' පිවිසෙන මාර්ගය සොයා ගත්තේය. තැනින් තැන දැල්වෙන මළානික විදුලි පහන් හැර කිසිවෙක්‌ අසපුවෙහි නොවීය. ඔහු කන්ද මුදුනටම යන්නට විය. කන්ද මුදුනෙහි ඉදිකිර තිබූ සුවිශාල පැන් පොකුණ දුටු ඔහුගේ දෙපා අප්‍රාණික විය. සුද්දප්පුගේ මතකෙට අනුව පිළිස්‌සුණු ටයර් අතර භාගෙට පිළිස්‌සුණු අයියාගේ සිරුර ගම්මුන්ට හමු වූයේ මෙතනදීය. ඔහු අරලිය ගහක්‌ මුල වාඩි විය. පැන් පොකුණට එපිටින් ගල් තලාව මත හාමුදුරුවෝ භාවනා කරමින් සිටිනවා සුද්දප්පු දුටුවේ එවරය. ඔහු හාමුදුරුවන් දෙස බලාගත් වනම සිටියේය. එකෙණෙහිම අසපුවේ විදුලි බුබුළු නිවී ගියේය. කොහේදෝ සිට ආ වලාකුළක්‌ හඳ ද වසා ගත්තේය. සුද්දප්පුගේ සිතට බියක්‌ දැනුණි. සුද්දප්පු පහත බැලීය. ගණ කළුවර මිසක්‌ කිසිවක්‌ ඔහුට පෙනුණේ නැත. වලසකුගේ ගෙරවුම් හඬ සමඟ වේදනාවෙන් කෑගසන මිනිස්‌ හඬක්‌ පොකුණට එපිටින් ඇසෙන්නට විය.

"හාමුදුරුවනේ..." සුද්දප්පු කෑගසුව ද ඔහුගේ හඬ පිටවූයේ නැත. සියොළඟම ගැහෙන්නට වූ නිසා ඔහු ගල්තලාව මත දිගා විය.

හඳ එළිය ටිකෙන් ටික ගල්තලාව මතට වැටෙන්නට පටන් ගත් නිසා සුද්දප්පු ඇස්‌ ඇරියේය. දුටු දෙයින් ඔහු බිරාන්ත විය. විශාල කළු වලසෙක්‌ හාමුදුරුවන්ව පොකුණ ළඟට ඇදගෙන විත් මරා මස්‌ කමින් සිටියේය. ටික වේලාවකට පසු වලසා කන්දෙන් පල්ලෙහාට පෙරළී ගියේය. සුද්දප්පුට ටයර් සෙල්ලම මතක්‌ විය.

බොහෝ වේලාවකට පසු සිහි එළවාගත් සුද්දප්පු පොකුණ ළඟට ගියේය. ඉරුණු සිවුරෙහි කොටස්‌ හා වලසා විසින් කා දමා ඉතිරි කරන ලද ඇට සහ මස්‌ වැදලි පොකුණ අසල විය. සුද්දප්පු කෝටුවක්‌ ගෙන ඒ සියල්ල පොකුණට දමා ආපසු හැරුණේය. පහළ අසපුවේ විදුලි බුබුළු දැල්වෙමින් තිබිණි.



Nissanka Rajapaksa

unread,
Jan 30, 2020, 9:21:34 AM1/30/20
to ind...@googlegroups.com
ඇඹරුම් යන්ත්‍රය 
ආණමඩුවේ විඡේසිංහ

තමා සොම්නසින් සිටින්නට වෑයම් කරන සෑම තත්පරයකම, හිසේ සිට දෙපතුළ දක්‌වාම කළු කම්බිලියක්‌ පොරවාගත් වෙස්‌වලාගත් දොම්නස, තමා කරා පැමිණෙන්නේ යයි ද, නිරන්තරයෙන් තමා කිසියම් මනෝ ව්‍යාධියකින් පෙළෙමින් සිටින්නේ යයි ද, අඩසිය වසක්‌ තිස්‌සේම ගොවියෙකු, කම්කරුවකු, කුලීකරුවකු ආදී වශයෙන් තම ශ්‍රමය වගුල මැදිවිය ද ඉක්‌ම වූ කෙසඟ පුද්ගලයා කල්පනා කරන්නට විය. ඔහුගේ හිස ද, රැවුල ද අළු පැහැය ගෙන තිබිණි. මුහුණ දුර්වර්ණ ය. දෑස ගිලීගොසිනි. තම පුංචි නිවසේ ඉස්‌තෝප්පුවේ, සිමෙන්ති බැම්ම මත වාඩිවී ඔහු සිටියේ, තම සියලුම බලාපොරොත්තු කඩවූ නිසාවෙනි. කැපී ඔපමට්‌ටම් වී, තම දිදුලන ආලෝකය පතුරුවන්ට අසමත් වූ සත්‍යයේ නිල් මාණික්‍යය, අසත්‍යයේ මහා කළුගල් පර්වතය පාමුල සදහටම වැළලී ඇතැයි ද, අසත්‍යයේම මුරුගසං වරුෂාවෙන් වට ජලකඳින් තම නිල් දිය දහර එකම බොරදිය කඳක්‌ වී ගිය, "සබ්බා නදී, වංකගතාවම" ගලා යන්නේ නිමක්‌ නැති රොඩු ද, කුණු ද සමඟින් බවද ඔහුට හැඟුනි. සත්තකින්ම තමා අත්භූතමය වූ විචිත්‍රත්වය තුළ ද, යථාර්ථය මායාවක්‌ වී ගිය දුඛිතභාවය තුළ ද, සිරවී මිරිකෙමින්, කිසියම් මනෝභ්‍රාන්තියකට පත්ව සිටින්නේ යයි ද ඔහුට යළි හැඟෙන්නට විය.

ඒ සමඟම ඔහුට ඇසෙන්නට වූයේ මහා අත්භූත හඬකි. ඒ හඬ අමතන්නේ තමාටම බවද ඔහුට සහතික විය.

"නුඹගේ තනිකම ද, හුදකලාව ද, අසහනය ද බිහිසුණු බව සැබෑව. නුඹගේ බිරිඳ ද, දරුවන් ද සීසීකඩ බව ද සැබෑව. අඩසිය වසක්‌ ශ්‍රමය වගුල මුත් නුඹ අත තඹ සතයකුදු නැති බව ද සැබෑව. ඉසුරු ගෙන එන්නට අරාබි වැලි කතරට වන් නුඹේ බිරිඳට, කුමක්‌ සිදුවීදැයි අදටත් අභිරහසකි. එය ද, තවත් අරාබි නිසොල්ලාශයේම කතාවක්‌ වී හමාරව ඇතැයි සිතමි. ජීවිතේ පුරාවට සිහින දකිමින්, තනියම කතා කරමින් සිටින නුඹගේ අධ්‍යාත්මය ශෝකයෙන් ද, කම්පාවෙන් ද, සෙලවීමෙන් ද තොර නොවන බව පෙනෙයි. තමා සිටින්නේ තව බොහෝ දුර ඈත යයි පවසමින්, උපන්දා සිටම බොරුවට හැංගිමුත්තං කෙළිමින් සිටින මරණය, දැන් දැන් රාත්‍රි සොරෙක්‌ මෙන් පැමිණ, නොඑසේනම් මිනිසුන් අතුරුදන් කරන්නෙක්‌ සේ පැමිණ නොපමාවම නුඹව අතුරුදන් කරනු ඇත. විඩාව සහ පිපාසය ද, කුසගින්න හා බිය ද, නුඹව පෙළමින් සිටින බවද පැහැදිළිය. එතෙකුදු වුවත් ලෝක ධර්ම විෂයේ අත්දැකීම් ගැඹුරු වන තරමටම නුඹ අකම්පස විය යුතුය. ජීවිතයේ අඳුරු අහුමුළු, ගැඹුරු ප්‍රපාත සිසාරා නුඹ සැරිසැරිය යුතුමය. මෙතෙක්‌ කලක්‌ තක්‌කඩියන් ඉදිරියේ තකතීරුවෙකු සේ ජීවත් වූ නුඹ කිසියම් ආලෝකයක්‌ සොයාගනු වස්‌, මේ සයිබර් අවකාශය තුළ මම වහා පාකර හරින්නෙමි. කිසිදිනක සිංහයකුසේ ජයනොගත් නුඹගේ "ජයසිංහ" යන නාමය වෙනුවට මම මෙතැන්සිට නුඹට "ගුරු" යන නාමය ලබා දෙමි. "ගුරු" යනු අන්ධකාරය දුරලන්නා බව ද සිහියට ගනු. විචිත්‍රත්වයෙන් ද මනඃකල්පිතයෙන් ද කිතිකැවුණු මේ මායා යථාර්ථය තුළ, මම දැන් නුඹව පාකර හරිමි. යව, අඳුරු අහුමුළු, ගැඹුරු ප්‍රපාත සිසාරා සැරිසරා යව. ගොස්‌ පිරික්‍ෂා බලව."

"කුමට මට මේ බණ පවසනු ද? ජීවිතයේ ඇතිතරම් අඳුරු අහුමුළු, ගැඹුරු ප්‍රපාත සිසාරා සැරිසරා ඇත්තෙමි. යහපත්බවේ ශාපය, ජීවිතේ පුරාවටම විඳ ඇත්තෙමි".

ගුරු ඇතිතරම් කෑගසා, එසේ පැවසුවද, යළි ඒ අත්භූත හඬ නෑසුනි. ඒ සමඟම ඔහු කඳු හෙල්, ගම් නියම්ගම්, හරහා ඉහළ අහසේ පාව යන්නට විය. තමා කිසිදු නමක්‌ ගමක්‌, ලැගුම්හලක්‌ නැති මායාවක්‌ බව ක්‍ෂණයකින් ඔහුට දැනෙන්නට විය. මිටියාවතෙහි පුෂ්පිත අභාග්‍යවත් රෝසමල්, මුකුලිතව පෙති කඩා හැලෙමින් පැවතුනි. ගංගාවේ ගීතය ද නොඇසුනි. ගඟ දෙපස වූ උණපඳුරු, වියරු නිරිතදිග සුළඟින් ඇඹරෙමින් කෑමොර දෙනු ඔහුට ඇසෙයි. දිගින් දිගටම පාවී යන ගුරු, පංසල්, පල්ලි හා කෝවිල් ද පසුකරමින් මායම් වෙවී ශාස්‌ත්‍ර කියන දහස්‌ ගණන් වූ දේවාල අතරින් එක්‌තරා සුවිශේෂ වූ දේවාලයක්‌ කරා, පාවී ආවේය. දේවාලයෙහි තිරෙන් පිටුපස වූ ගොළු දේවතා පිළිම අභියස වැඳවැටී, තමාට ජයගත නොහැකි වූ අභියෝගවලින් තමන් ගලවා ගන්නා ලෙස අයදිමින්, ජනතාව වැඳවැටී කන්නලව් කළහ. පුදසුන මතින් නැගෙන සුගන්ධධූපයෙන් මන්මත්ව, කපුවන්ගේ යාදිනිවලින් දැමුණු ඔව්හු, තම අතුරුදන්වූ දරුවා සොයාදෙන ලෙසත්, කුඩුවලින් විනාශවෙමින් සිටින සැමියා බේරාදෙන ලෙසත්, අත්අඩංගුවට පත්වූ සොයුරා, පුතා බේරාදෙන ලෙසත්, මානසික රෝගී දියණිය සුවපත් කරදෙන ලෙසත් ආදී වශයෙන්, හදවතේ ඉපදී දැසින් ගලාගිය කඳුලින් ඉල්ලා සිටියහ. එහෙත් ඒ ගලාගියේ කඳුළු නොව, රුධිරයම බව ගුරුට පැහැදිළිව දර්ශනය විය. දෙවියන්ගේ නාමයෙන් ගලාගිය ඒ රුධිරය කිසිවකුට නොපෙනෙන සේ කුඩා මායා බඳුන්වලට රැස්‌කරගත් කපුවන් විසින්, හොර රහසේම පානය කරනු ගුරු දුටුව ද, ඇසේ මායාව, සිතේ මායාව සමඟ විචිත්‍ර චිත්‍රත්වයෙන් පණපෙවී ගිය මායා යථාර්ථය තුළ, පිහිට පැතුවන්ට එය දර්ශනය නොවුනි.

එතැනින් නික්‌ම හිමවලසුන්, බැටළු පැටව් බඳු වූ පුළුන් වලා පෙළින් වැසී ඔහු පාව යන්නට වූයේ, දේශයේ මහා වාණිජ මධ්‍යස්‌ථානය වූ පරදාර නගරය කරා ය. ඉහළ අහසේ නිවි නිවී දැක්‌වෙන තරු පන්තියෙන් ද, පහල සැලි සැලී බලන, දිදුලන නොනිදන නගරයේ මායාවර්ණ විදුලි බුබුලු වලින් ද, ගුරු ගේ දැස නිලංකාර විය. මෙහි රාත්‍රිය ද දහවල මෙන්ම ක්‍රියාකාරිය. අත්භූත ගනුදෙනු ද බහුලය. එමෙන්ම ත්‍රාසජනකය. ඒ සමඟම යළිත් ඒ අත්භූත හඬ, ගුරු අමතන්නට විය.

"පිහිනන්නා වූද, පියාඹන්නා වූද, බඩගානා වූද, කුරගානා වූද, සතුන්ගෙන් වෙනස්‌ව දෙපයින් යන නුඹලාගේ සැබෑම ප්‍රීතිමත් ස්‌වභාවය නම්, සාමකාමී බව යන්න මතක තබාගනු. පූජාසනයේ තැබීමට සුදුසු වූ සුගන්ධධූපයක්‌ බඳු වූ ඒ මනුෂ්‍යත්වය පූජාසනයේම ඉවතලන පරමල් මෙන් නුඹලා විසින් ඉවතට වීසිකොට ඇත. නුඹලා සියලුදෙන විසින් අදහන ආගම් වලින්, තමන්ගේම උදර පෝෂණය පමණක්‌ නොකළයුතු බවට නුඹලාට උපදෙස්‌ ලැබී ඇතත්, තමාගේම උදර පෝෂණය පමණක්‌ කිරීමෙන් "හෝමෝෂේපියන්" නම් වූ නුඹලා, "උදරෝෂේපියන්" බවට පත්වී ඇත. නුඹලා වෘකයෙකු මෙන් කුරිරු ද, හයිනාවෙකු මෙන් කොල්ලකෑමෙහි සමතෙකු ද, විය හැකි වුවද ඒ කුරිරුකම් වලින් නුඹලා කිසිදිනක ජය නොගන්නවා ඇත. නුඹලා සැමවිටම සාමය සහ සහජීවනය සඳහාම දහඩිය හැලුවේ නම්, ගෙවුණු යුද අරගල, කැරළි වලදී හැලුනා වූ රුධිරයේ ප්‍රමාණය අඩුවීමට ඉඩ තිබිණි. යුද්ධ ආයුද කොතෙක්‌ තිබුණත් සෙබලු මියයන බවත්, යුද්ධයෙන් නැතිවූ දේ, ජයෙන් නොලැබෙන බවත්, හෙට දවස ඊයේ තරම් සුන්දර නොවන බවත් සිහියට ගනු".

අහිංසක වූ තමාටම මේ අත්භූතමය වූ බණ දෙසන්නේ කුමක්‌ නිසාදැයි ඇති වූ කෝපය නිසා ගුරුගේ දක්‍ෂිණාංශික ඇසට කඳුළක්‌ උපන්නේය. ඒ සමඟම අධික ශෝකය නිසාම ඔහුගේ වාමාංශික ඇසට ද, කඳුලක්‌ උනන්නට විය.

කරුණු කාරණා කෙසේ වුවද, එය එසේම තිබියදී. ඔහු මෙවර අඩි හත් අටදාහක්‌ ඉහළ අහසේ සිට, මහපොලවේ සිට අඩි හතඅටක්‌ පමණ තරමටම පහතට පැමිණ, මිනිසුන්ගේ ඇඟේ ගෑවී නොගෑවී මෙන් පාවී යන්නට විය. මේ ජීවන ගීතය දිනක බොඳවී, කුණුවී හිස්‌ කබල හා ඇටකටුවලට බේරෙන බව නියත නිසා, සාධාරණ සාමකාමි දිවියේ වැදගත්කම පාවෙන ගමන්ම වඩ වඩා මතුවී ගුරුට දැනෙන්නට විය. වඳින්නා ද, වැඳුම් ලබන්නාද තමාම වියයුතු යයි ඔහුට හැඟුනි. ජනතාවගේ භාරකාරත්වයට හා සුබ සාධනයට පත්කරගන්නා වූ සේවකයන්, භාග්‍යවන්තයින් හා ආශිර්වාද ලද්දවුන් බවට පත්වී. ඒ පවරාදෙනු ලැබූ බලය සොරකම් කරගෙන ඇතැයි ද, ඒ භාරකාරත්වය සහතික නොකොට තැන තැන ගිනිජාලා අවුලවමින්, ඉන් නැගුනු දුම් පලවා හරින්නට, කුල්ලෙන් පවන් ගසමින් සිටිති. ජනතාවට අන්තරායම හිමිව ඇති බව පැහැදිලිය. ගුරුට හැඟුනේ එසේය.

නොනිඳන නගරයක්‌ වූ පරදාර නගරයේ රාත්‍රිය, වර්ණවත්ය. සුරාව සූදුව, නැටුම්, ගැයුම්, වැයුම්, සම්භාෂණ මෙන්ම සම්භාහනද ඇතුළු බොහෝ ගනු දෙනු ඇඟ කිළිපොලායන සුළු ය. නිසාචර පුරුෂයන්ගේ ඇඳුම් පැළඳුම් ද, ස්‌ත්‍රී වස්‌ත්‍ර, වත්සුනු, තොල්සායම් හා නියසායම් ද මායා වර්ණයෙන් දිදුලයි. එබඳුම වූ මායා වර්ණ විදුලි පහන් වලින් වර්ණවත්ව, තැන තැන වූ වේදිකා මත රඟන රැඟුම්, නටන නාටක, කෙළින කෙලි නිමක්‌ නැත. උස්‌ සිනා හඬ සමඟ දරුණු ඉකිබිඳීම් ද එකසේ ඇසෙයි. ආයාසයෙන් නගාගත් ප්‍රීති සිනා පාමින් නටන ඔවුන්ගේ වෙහෙසකර සිරුරුවලින් ගලාගිය දහඩිය කඳ, මායාවර්ණ එළියෙන් දිලිසෙනු නරඹන්නන්ගේ දර්ශනයට අසුවෙයි. එහෙත් ගුරුට පෙණුනේ, ඒ ගලාගිය දහඩිය නොව රුධිරයම බවයි. ඉමිහිරි සංගීතයට මුසුවූ, අමිහිරි හූ හඬ සමඟ උත්සන්න වූ රැඟුම්, රාත්‍රි කලහයක්‌ මෙන් හිමිදිරිය තෙක්‌ම දික්‌විය.

මන්දාලෝ ගකයෙන් යුත් ලැගුම්හල් තුළ, රහසිගතව මෙන් සිරවී සිටිමින්, එක්‌ රැයකට පුරුෂයන් දෙතුන්දෙනා සමඟ කරන ලද මල්ලවපොරයෙන්, හෙම්බත් වූ ස්‌ත්‍රීන්ගේ සිරුරුවලින්, ලැගුම්හල් හිමියන් විසින් රුධිරය පෙරාගෙන හොර රහසේ පානය කරනු ගුරුට දර්ශනය විය. ඇඟමස්‌ කෙමෙන් දියවෙමින් සිටි එම ස්‌ත්‍රීන්ගේ රුව, තවදුරටත් රැකගැනීම් වස්‌, ලැගුම් හල් හිමියන් විසින් ඔවුන්ට ඒ වෙනුවට පානීය ජල බෝතල් තුන බැගින් බෙදා දෙනු ලැබීය. ආයාසයෙන් නගාගත් ඒ ස්‌ත්‍රීන්ගේ සිනාහඬ, ගුරුට ඇසුනේ ස්‌වාමියා මළදා නැඟුනු, කනවැන්දුම් සුසුමක්‌ පරිද්දෙනි.

ඉන් අනතුරුව ගුරු පාව යන්නට වූයේ, උස්‌, දුර්වර්ණ, මූසල තාප්පවලින් වට කරණ ලද, පිටත සිටියවුන් විසින් සිපිරිගෙය නමින් ද, ඇතුළත සිටියවුන් විසින් විශ්වවිද්‍යාලය නමින් ද, රුසියාවේ "සයිබීරියා" ද, ප්‍රංශයේ "බැස්‌ටීල්" ද යනාදී වශයෙන් හැඳින්වූ බන්ධනාගාරය නම් වූ ස්‌ථානයක්‌ කරා ය. මෙහි සිටින දහස්‌ ගණනක්‌ වූ නේවාසිකයින්, කුමන බලවේගයක්‌ විසින් මෙතනට ගාල්කරනු ලැබුවේද යන්න ගුරුට සිතාගත නොහැකි විය. එතෙකුදු වුවත්, ඔවුන් සියලුදෙනා ළදරු කල තම අම්මාගේ වැහැරී ඇට පෑදුන උකුලේ හිඳ, කිරි නමැති සෙනෙහසේ රුධිරය පානය කළ හෝ නොකළ, තොටිල්ලක නැළවුන හෝ නොනැළවුන කිරිදත් ඇති හෝ නැති මුවින් පා සිනාවෙන්, අප හද පතුලටම සෙනෙහසේ රිද්මය කිඳා බැස්‌සූ අයම විය යුතුය, එසේ වූ දරුවන්ට මෙසේ වූයේ කෙසේ දැයි කල්පනා කළ ගුරුට, එය තත්තපරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය උත්සන්න වූ ජීවන අරගලයේම කොටසක්‌ බව පැහැදිළි වන්නට විය.

යුද්ධය නිසා සිරගත වූ යෞවනය, පූජාසනයෙන් ඉවතලූ පරමල් මෙන් අකාලයේ පීඩාවට පත්ව මැලවී ගොසිනි. මැදිරිවල ගාල්කර ඇති ජීවිත මුර‌කරන සිරපල්ලන්, තමන් ද සිරකරුවන් මෙන් අඳුරු සිරගෙය තුළ සිරවී ඇතැයි කල්පනා කරනු ගුරුට හැඟින. ඒ නිසාම ඔව්හු යුද සිරකරුවන් ඇතුළු සියලුම සිරකරුවන්ගේ සැබෑවෙන් දුරස්‌වී. රාත්‍රි කෝපි බොමින් හා දුම්පානය කරමින් පත්තිනි අම්මාගේ කතාව, හනුමාන් පොළවෙන් කෑල්ලක්‌ කඩාගෙන අහසින් ආ හැටි වැනි අත්භූත කතා කියමින්, සම්පූර්ණ රාමායනය වමාරමින්ද, නිදි කිරමින්ද පහන් කරයි. සිරමැදිරි වටා අතරින් පතර ඇවිදිමින් මුර කරන ඔවුන්ගේ ගොරහැඬි සපත්තු, රළු සිමෙන්ති පොළෙව මත ගැටෙන "චර චර" හඬ නිදි වර්ජිතව ගත කරන තරුණ සිරකරුවන්ගේ ගත සිත නිබඳ පාරවනු ඇතැයි ගුරු අනුමාන කළේය. ඒ තාරුණ්‍ය තුළ නැඟුනා වූ උද්යෝගය ද, මට සිලිටි බව ද වසන්තයේ මාධුර්ය ද, මුළු මනින්ම අතුරුදන් වී ඇති බව ඔහු මනාව දුටුවේය.

අනතුරුව ගුරු පාව යන්නට වූයේ උමතු රෝහල කරා ය. ආතතිය, විෂාදය, කම්පනය හා මනෝභ්‍රාන්තිය එහි අරක්‌ගෙන තිබුණි. එතෙකුදු වුවත් එහි සිටියෝද, පෙර කී ලෙසම ළදරු කල කිරිදත් ඇති හෝ නැති මුවින්, පා සිනා, සෙනෙහසේ රුධිරයෙන් අප හද සලිත කොට නිවා දැමූ ඒ සොඳුරු දරුවන්ම බව ගුරුට සහතික විය. ඔව්හු හඬති. සිනාසෙති. වැලපෙති. මෙහි ස්‌ත්‍රීන්ගේ වැලපීම "කුවේණි වලප", "කිඳුරි වලප" මෙන් ගුරුගේ සිත තුවාල කළේය. දැඩි වෙහෙසකාරී වෘත්තියක නියැලෙමින් සිටින රෝහල් කාර්ය මණ්‌ඩලය ද, සෙමින් සෙමින් කිසියම් උමතුභාවයකට පත්වෙමින් සිටින්නාක්‌ මෙන් ද, ගුරුට සැකයක්‌ ද ඇතිවුණි. මේ සියලුම මනෝ ව්‍යාධීන්ට එකම පිළියම ලෙස රෝගියාගේ මූණට හා පපුවට පහරදීම තෝරාගත් රුසියාවේ උමතු රෝහලක සිටි ඇටෙන්ඩන්ට්‌ කෙනෙක්‌ ගැන ගුරුට මතක්‌ විය. එහිදී එසේ වුවද, මෙහිදී සමහරවිට මුහුණට හා පපුවට පහර නොදී, පිටට හා තට්‌ටමට පහරදීමට ඉඩ ඇතැයි ද ගුරුට නිකමට සිතුනි.

පරදාර නගරයේ රාත්‍රිය ගෙවීයමින් තිබූ තුන්වැනි යාමයේ, සයිබර් අවකාශය සුදු සේලයක්‌ බඳු වූ මී දුමකින් මුළුමනින්ම වැසීගොස්‌ තිබිණි. උතුරු මායිමෙන් ගලා බස්‌නා ගංගාවේ ගීතය ද, මිටියාවත හරහා හමා ආ උතුරු සුළඟේ වැලපිල්ල ද, ඔහුගේ දෙසවන පෑරුවේය. ඒ සමඟම මීදුම විනිවිද ගලාගිය මායාවර්ණ ආලෝකයෙන්, මීදුම අතර සැඟවී ගිය මහා මන්දිර සමූහය, ඔහුට දර්ශනය විය. භාරත දේශයේ අග්‍රා නුවර යමුණා නදී තෙර වූ මහා ප්‍රේම මන්දිරය මෙන්, සුවිශාල වූ ද, සුන්දර වූ ද, මේ මහා මන්දිර දැවැන්ත කුලුනු මත ගොඩනංවා, අලංකාර මල්කම්, ලියකම් වලින් විසිතුරු කොට තිබිණි. මේ කුලුනු අතරින් පාවී යන ගුරුට. ඒ සෑම කුලුනක්‌ තුළින්ම, සියුම් කෙඳිරිල්ලක්‌, වැලපිල්ලක්‌ ඇසුනි. ගුරු එක්‌වරම තිගැස්‌සී ගියේය. ඒ සෑම කුලුනක්‌ තුළම ගොවියන්, කම්කරුවන්, කුලී කරුවන් වැනි පැහැපත් නොවූ අව්වට කළුවීගිය. ගිලුනු දැස්‌ ඇති, වියළි අන්දර ලී මෙන් වූ දෑත්, දෙපා ඇති වැඩකරන මිනිසුන්ගේ කෙසඟ සිරුරු ඇතුලුකොට හොඳින් සිරකොට බදාමෙන් වසා තිබුණි. කිසිවෙකුට නොපෙනී මේ මහා මන්දිර උසුලාගෙන සිටියෝ ඔව්හුය. වරක්‌ කිසියම් පුද බිමක වූ පූජනීය වෘක්‍ෂයක, කිසියම් දෙවියෙකුගේ රුවක්‌ පහල වී ඇතැයි, දස දහස්‌ ගණනින් රැස්‌වූ ජනතාව පොරකකා නැරඹූ නමුත් තමාට එබඳු දෙවියෙකු ගේ රුවක්‌, කිසිසේත්ම නොපෙනුන බව ජනතාවට ප්‍රකාශ කර සිටි අයුරු ගුරුට මතක්‌ විය, එතෙකුදු වුවත් මේ මහාමන්ධිර ඔසවාගෙන සිටියෝ මිනිස්‌සුම බව නම් ඔහුට සහතිකය, පැපොල, වසූරිය වැනි වූ ජාති, ආගම්, පක්‍ෂ යනාදී රෝගාබාධ වලින් අනතුරව සිටින මිනිසුන්ට, මේ සත්‍යය පහදා දෙන්නේ කෙසේදැයි ගුරුට සිතාගත නොහැකි විය.

තව තවත් පිරික්‍ෂාවෙන් එහි වූ සුවිශාලම මන්දිරය වටා පාවී ගිය ගුරුට, එහි පසුපස කොටසේ කිසියම් දැවැන්ත යන්ත්‍රයක්‌ දැකගත හැකිවිය. එය, එක පැත්තකින් උක්‌දඬු දමා, අනික්‌ පැත්තෙන් උක්‌පැණි මිරිකා ගන්නා ඇඹරුම් යන්ත්‍රයක්‌ බඳුය. මෙම පැරණි යන්ත්‍රයේම කොටසක්‌ හැටියට උසින් සවිකොට තිබූ ලෝහමය උත්තමාවිය දැඩි රෙදිකඩකින් බැඳ, තරාදියක්‌ අතදරා සිටියාය. කුමක්‌ නම් එහි අඹරන්නේ දැයි, ගුරුට පැහැදිළිව දැකගත නොහැකිවූයේ සියල්ල මායා දුමාරයකින් වැසී තිබුණ නිසාය. එහෙත් හදිසියේම ගුරු යළිත් මහත් වික්‍ෂිප්තභාවයකට පත්වූයේ, මෙම යන්ත්‍රය තුළට දමනු ලැබුවේ, ගොවියන්, කම්කරුවන් වැනි මිනිසුන්ගේ සිරුරු බව මායා දූමාරය විනිවිද දැකීමෙනි. දෑස බැඳ ඇති උත්තමාවියට, අහිංසකයන්ගේ සිරුරු නොපෙනේනම්, අඩුතරමේ ඔවුන්ගේ විලාපයවත් ඇයට ඇසෙනු ඇතැයි කල්පනා කළ ගුරු, ආචාරශීලීව ඇගේ දෙසවනට ලංවී ප්‍රශ්න කළ මුත්, ඇගේ දෙසවන් ද බිහිරිබව ඔහුට වැටහුනි.

උක්‌පැණි මිරිකන යන්ත්‍රයේ මෙන් මෙහිදී මිරිකාගනු ලැබුවේ කෙසඟයන්ගේ රුධිරයයි. මහා මන්දිරයේ වෙසෙන දැවැන්තයෝ ද, භාග්‍යවන්තයෝ ද, ආශීර්වාද ලද්දෝ ද, අලසයෝ ද ඒ රුධිරය පානය කිරීමෙන් තම පුෂ්ඨිමත්භාවය රැක ගත්හ. ඒ රුධිරපානයට අමතරව තම විනෝදය සඳහා විවිධ හැඩයේ, අලංකාර, මායාවර්ණ බෝතල්වල වූ, මායා පාන වර්ග ද ඔව්හු පානය කළහ.

මහා සයිබර් අවකාශයෙන් බිමට බැස, තමා දුටු සත්‍යය ජනතාවට කෑගසා හෙළි කරන ලෙස, අත්භූත කටහඬ විසින් ගුරුට අණදුන් බැවින්, වහා පොළවට පතිත වූ ගුරු හමුවුණ හැමට කෑ ගසා එය පවසන්නට විය.

"හඃ මූට පිස්‌සු.... හැදීගෙන එනවද කොහොද.... ඔව්.... මේ උම්මත්තකයාගේ පිස්‌සුව තදවෙලා... හඃ... ලක්‍ෂ ගානක්‌ දැකපු පූජනීය වෘක්‍ෂයේ දේවරූපය නොපෙනුන මූට මහා මන්දිරයේ කුලුනුවල මිනිස්‌ රූප පේනවා... ගහපියව් මූට.. වසලයා තා නැසෙව... තා නැසෙව".

ජනතාව විසින්, අතින් පයින් හා ගල්මුල්වලින් පහරදීමෙන් අනතුරුව, තුවාලව නගර මධ්‍යයේ ඇද වැටුන ගුරුගේ පාවීමේ බලය, ඒ වනවිට මුළුමනින්ම අතුරුදන් වී තිබිණි. එතෙකුදු වුවත්, ලේ ගලමින් සිටිය ද, තවමත් සිහින දැකීමේ හා තනියම කතා කිරීමේ හැකියාව නොමඳව ඔහු තුළ විය. බොරු ආරංචි, කටකතා පැතිරවීමේ වරදට අත්අඩංගුවට ගනු ලැබූ ගුරු, උසාවිය හරහා උමතු රෝහල කරා යැවුනි. රුසියාවේ ඇටෙන්ඩන්ට්‌ මෙන් ඔහුගේ සියලුම මනෝව්‍යාධීන්ට එකම ප්‍රතිකර්මය ලෙස, රෝහලේ දී, ඔහුගේ මුහුණට හා පපුවට පහරදුන් බවට සාක්‍ෂියක්‌ නැත. ඔහුව අත්අඩංගුවට ගත් පොලිසියට වුව ද, ඔහුගේ මුහුණට හා පපුවට පහරදීමට අවශ්‍යතාවක්‌ නොතිබිණි. ඒ මන්ද යත් තම සහෝදර ජනතාව විසින්ම ඒ සැලකීම ඔහුට කර තිබුණ නිසාය.

Nissanka Rajapaksa

unread,
Jan 31, 2020, 8:28:46 PM1/31/20
to ind...@googlegroups.com
උණ ගස සහ අරමුගස
අයිවෝ විරන්ත ප්‍රනාන්දු

පස්‌වැනි තට්‌ටුව දක්‌වා මහන්සියෙන් පියගැට පෙළ නඟිමින් සිටි ජිනසෝමගේ නෙතේ හදිසියේම රණසේකර වැනි කෙනෙකුගේ රුවක්‌ ගැටිණි. ඔහුගේ දෙපා එක තැන නතර විණි. රුව පෙනුණේ තුන්වැනි තට්‌ටුවේ වීදුරු දොරක්‌ හරහා පෙනුණු වීදුරු කාමරයක්‌ තුළිනි. ක්‍රියා විරහිත වූ විදුලි සෝපාව වටේ කැරකී යළි හතරවැනි තට්‌ටුව දක්‌වා යන පඩි පෙළ වෙත යා යුතු වුවද එහි නොගොස්‌ අර වීදුරු දොර තුළින් හොඳ හැටි ඒ රූපය සැක හැර බලා ගැනීමට ඔහුට සිත් විය.

ජිනසෝම වීදුරු දොර අසල නතර වී මඳක්‌ ඈතින් පෙනෙන නෙතට හුරු පුරුදු ඒ මුහුණ දෙස නොසෙල්වී බලා සිටියේය. "ඔව්...... මේ රණසේකර නෙන්නම්" ජිනසෝම තම සිත් පතුලේ වසර පහළොවක්‌ පමණ සැඟවී තිබූ රණසේකරගේ තරුණ මුහුණත්, දැන් තමා දකින මුහුණත් මනසින් සංසන්දනය කිරීමට වෙහෙසුණේය. වළ ගැහුණු කම්මුල්, කටු ගැහුණු මුහුණ දැන් මස්‌වලින් පිරිලා. වයසට ගියාට මොකද තිබුණු කටු ගතිය ගිහින් මිනිහා දැන් ලස්‌සන වැටිලා. කාලයත් එක්‌ක මොන තරම් දේවල් වෙනස්‌ වෙනවද? ජිනසෝමට නිකමට වාගේ සිතිණ. ඒ සමඟම ඔහුට මඳ සිනා පහළ වූයේ රණසේකර දිනක්‌ තමා සමඟ කියූ උණ ගසේ කතාව සිහිපත් වීමෙනි.

රණසේකරගේ වර්තමාන ආඩම්බර මුහුණේ ආකර්ෂණීය ක්‍ෂණික ඡායාරූප කීපයක්‌ සැණෙකින් ජිනසෝමගේ සිතට ඇතුළු විය. ඒ සමඟ ඔහු ගාම්භීර ලෙස බර දමා වාඩි වී සිටින සුව පහසු කාර්යාලයේ බාබර් සාප්පු දොරේ පසෙකින් රන්වන් පාට පුවරුවේ ලියා තිබෙන නිල නාමය ඈත තියා අමාරුවෙන් වුව කියවා දැන ගැනීමට ඔහුගේ නෙත සිත පොර කෑවේය. සහකාර අධ්‍යක්‍ෂ (වැඩබිම්)

ජිනසෝම දෙවරක්‌ නොසිතා රණසේකරගේ කාමරයට ගොස්‌ ඔහු හමුවිය යුතු යෑයි තීරණය කළේය. ඒ සමඟම ඔහුගේ සිහියට නැඟුණේ තමා මේ ප්‍රධාන කාර්යාලයට පැමිණි කාරණාත් එය ඉටු කර දීමට පස්‌වැනි තට්‌ටුවේ තමා එනතුරු රැඳී සිටින ජයනාථවත් ය. ජයනාථ ඔහුගේ නිවාඩුවක්‌ ද දමාගෙන මහත් කැප වීමෙන් යුතුව තම විශ්‍රාම වැටුප හදාගැනීමට උදව්වක්‌ ලබාදීම පිණිස අධ්‍යක්‍ෂ ජනරාල් හමුවට තමා රැගෙන යැමට එහි බලා සිටින සැටි ජිනසෝම සිහියට නඟා ගත්තේය.

ජයනාථ තමා වෙනුවෙන් උදව් කිරීමට ඉදිරිපත් වීම ගැන ජිනසෝමගේ සිතේ ඇත්තේ අප්‍රමාණ කෘතවේදී බවකි. එකල තමාට වඩා වසර පහකටත් වඩා කනිෂ්ඨ නිලධාරියකු වූ ජයනාථ සමඟ එතරම් සමීප මිතුදමක්‌ පවා නොතිබුණ ද ඔහු සහෝදරයකු මෙන් මේ පිහිටට එන්නේ තමාගේ සැඳෑ සමය ගෙවා දැමීමට සවියක්‌ සොයා දීමට නොවේ දැයි ජිනසෝමගේ සිත කියයි. ඔහු දැන් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි. වැඩ පරීක්‍ෂක නිලධාරීන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ද ඔහු ය. එබැවින් ඔහුත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයාත් අතර ගොඩ නැඟී ඇත්තේ ශක්‌තිමත් සමීප සබඳතාවකි. ඒ හරහා ජයනාථ අමාරුවේ වැටී සිටින තම සගයන්ට උදව් පදව් කරන බව ජිනසෝමට දැන ගන්නට ලැබුණේ මැදපෙරදිග සිට ලංකාවට ආ ළඟදීමය . හෙතෙම දුරකථන අංකය සොයාගෙන නිකමට මෙන් ජයනාථට කතා කළේය. උත්සාහය හිතුවාටත් වඩා සාර්ථක විය.

"දැන් අලුත් නීති රීති යටතේ ඉහළ විනය නිලධාරීන්ට තිබූ බලතල අපේ අධ්‍යක්‍ෂ ජනරාල්ට දීලනෙ. ඒ නිසා මම හිතනවා විශ්‍රාම වැටුප ලබා දෙන නිර්දේශයක්‌ අරගන්න පුළුවන් වෙයි කියලා. ඔයා එන්නකො. මම උපරිම උදව්ව කරනවා."

දුරකථනයේ එහා කෙළවරෙන් එන සැනසිලිදායක වදන් වැලට ජිනසෝම සවන් දී සිටියේ නොඉවසිලිමත්වය. ජයනාථ කතාව අවසන් කරන විට ජිනසෝමගේ නෙත් බොහෝ කලකට පසු සතුටු කඳුළින් පිරී තිබුණි. ඉතා අවාසනාවන්ත සිදුවීම් වැලක අවසාන ප්‍රතිඵලය ලෙස අසාධාරණ සේවයෙන් පහ කිරීමකට ලක්‌වීමෙන් පසු ගෙවී ගිය වසර පහළොවක කාලය තුළ වෙනත් කිසිවකුගෙන් මෙවන් සැනසිලිදායක වදන් ඔහුගේ කනට නෑසිණ.

වසර පහක්‌ ලංකාවේ තැන තැන නොගැළපෙන රස්‌සා කරමින් ද, තවත් වසර දහයක්‌ මැදපෙරදිග ගිනිගහන මරු කතරේ ද ගෙවා දැමූ ඒ දීර්ඝ පහළොස්‌ වසර තුළ ජිනසෝම ඉහිලූ දුක්‌ කම්කටොලු යන්තම් හමාර වූයේ මේ නොබෝදා ය. වයස අවුරුදු හතළිස්‌ තුනේදී රස්‌සාව නැති වන විට ඔහුගේ රාජ්‍ය සේවා කාලය වසර විස්‌සකි. එහෙත් කිසිවකුගේ අනුකම්පාව ඔහුට නොලැබුණෙන් විශ්‍රාම වැටුපවත් හදා ගැනීමට පොටක්‌ පාදා ගැනීමට ඔහුට නොහැකි විය. අවුරුදු ගණනකට පසු ඔහුට ගැලවුම්කාරයකු හමු වී ඇත. ඒ ජයනාථය. හෙතෙම ඒ සඳහා ස්‌වෙච්ඡාවෙන් ඉදිරිපත් වී සිටියි. මෙහෙම මිනිසුන් ලෝකයේ සිටින්නේ කීයෙන් කී දෙනාද? ජිනසෝම සැනසිලි සුසුමක්‌ හෙළුවේය.

අධ්‍යක්‍ෂ ජනරාල් හමුවීමට ඇත්තේ තවත් විනාඩි දහයක කාලයක්‌ පමණි. අත්ඔරලෝසුව දෙස බලා සිටි ජිනසෝම "කමක්‌ නෑ විනාඩි දෙකක්‌ විතර රණසේකරට කතා කරලා යනවා. මොනවා වුණත් අපි එකට වැඩ කරපු - සටන් කරපු - කෑ ගහපු මිනිස්‌සුනෙ" යි සිතුවේය.

ඒ සමගම රණසේකරත් තමාත් වසර ගණනකට ඉහතදී මේ ආයතනයේ එකම රස්‌සාවට එකට බැඳී සේවය පටන් ගත් දා ජිනසෝමගේ සිහියට නැඟුණේය. හැල හැප්පිලි තිබුණ ද ගෙවී ගියේ සුන්දර කාලයකි. ඒ අතර එවක තම ආසන්නතම බලධාරියා වූ සහකාර අධ්‍යක්‍ෂ (වැඩබිම්) වෙතින් තමන් හට එල්ල වුණු අකටයුතුකම් හා අසාධාරණකම්වලට එරෙහිව තමාත්, රණසේකරත් එකාවන්ව හඬ නැඟූ සැටිත්, සටන් කළ සැටිත් ජිනසෝමගේ මනසේ සිතුවම් පටක්‌ සේ මැවිණි. එහෙත් පරිපාලන දෙසින් දිගින් දිගටම ප්‍රති ප්‍රහාර එල්ල වන විට මෙල්ල වූ රණසේකර ටිකෙන් ටික වෙනස්‌ වූ සැටි ඔහුට මතක්‌ විය. කල්ගත වන විට මිතුරන් ඉදිරියේ බොරු ඝෝෂා නඟන රණසේකර බලධාරීන් හමුවට ගොස්‌ දෙකට නැවී තම ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට තරම් නිවට නියාලු වූ සැටි මිනිසුනට අදහන්නටත් නොහැකි තරම් විය. පසුව ඇති වූ උණුසුම් විවාදයකදී ජිනසෝම රණසේකර ගෙන් ඒ ගැන විමසූ විට ඔහු දුන් පිළිතුරෙන් මිතුරා තුෂ්ණිම්භූත විය.

"මම දැන් මේවා ගැන හොඳට තේරුම් අරං ඉන්නෙ ජිනේ. උඹට මම ගරු කරනවා. උඹ හොඳ අරටු ගහක්‌. හැබැයි මම එහෙම නෙමෙයි. මම හරියට උණ ගහක්‌ වගේ. සුළි සුළඟ එනකොට උණගහ නැමෙනවා. හොඳට දෙකට නැවෙනවා. සුළඟ ගියාට පස්‌සේ ආයෙ දිගෑරෙනවා. අරටු ගස්‌ වලට එහෙම වෙන්ඩ බෑ. ඒවා ඇඹරිලා පොරබදලා කඳ මැද්දෙන් දෙකඩ කැඩිලා පොළොව බදා ගන්නවා."

ජිනසෝමගේ හද ගැබ තුළ ඒ වචන ඔහුගේම හඬින් යළි ප්‍රතිරාව නැඟෙන්නට විය. මඳහස පෑ ඔහු රණසේකරගේ කාර්යාල කාමරය වෙත පිය නැංඟේය. "මොනව වුණත් අපේ මිනිහෙක්‌නෙ. අද ලොකු තැනකට පත්වෙලා, ඒක කොච්චර දෙයක්‌ද?" ජිනසෝම එසේ සිතුවේය.

තම කාමරයට ඇතුළු වන්නට එන කෙසඟ සිරුරැති සුදු හිසකෙස්‌ සහිත වක ගැසුණු කම්මුල් හා ගිලුණු ඇස්‌ ඇති උස මිනිසා දෙස රණසේකර මොහොතක්‌ බලා සිටියේය. නිච්චියටම කිව නොහැකි වුව ද හොඳට දැකල පුරුදු බවක්‌ පළකෙරෙන මේ පුද්ගලයා කවුරුන්දැයි හඳුනා ගැනීමට ඔහුගේ මනස ක්‍ෂණිකව වෙහෙසුණේය.

"ලොකු මහත්තයා මං ඇතුළට එන්නද?"

ජිනසෝම සිනාමුසු මුහුණින් එසේ කියන විට ඒ සිනාවත්, කටහඬත් රණසේකරගේ මතකය අලුත් කරවීය. පැරැණි සටන් සගයා පිළිබඳ මතක සටහන් මොහොතකින් ඔහුගේ මනසේ දිග හැරෙන්නට විය. රණසේකරට අදහා ගත නොහැකිය. ඒ උස මහත සවි බලැති කඩවසම් මිනිසා කාලයා විසින් දිය කර අබල දුබල කොට ඇති අන්දම විශ්මයජනකය. "කනගාටුවෙන්න දෙයක්‌ නෑ. ජීවිතේ හැටි එහෙම තමයි. තරගයක්‌ දිනන්න හැමෝටම බෑ. ජිනසෝම අතරමඟදී තරඟයෙන් ඉවත් කරනු ලැබූ පුද්ගලයෙක්‌. ඒකට මං මොනා කරන්නද?" රණසේකර එසේ සිතුවේය.

"වරෙන් වරෙන් ඇතුළට........ අඳුනගන්න බැරි වුණා. සෑහෙන කාලෙකට පස්‌සෙනෙ.. වාඩිවෙයන්..... ඉතින් කොහොමද?"

රණසේකර පැරැණි මිතුරා පිළිගෙන තමා ඉදිරියේ වූ අසුන පිළිගැන්වීය.

"එහෙනම් ලොක්‌කෙක්‌ වුණා කොහොම හරි. මට මචං කියන්නත් මොකක්‌ද වගේ දැන්."

ජිනසෝම සතුටින් සිනාසුණේ විහිළුවක්‌ ද කරමිනි.

"උඹ දන්නෙ නෑ ජිනේ මම මෙතෙන්ට ආවෙ කොච්චර අමාරුවෙන්ද කියලා. අපේ එවුන් මාර කැපිලි කැපුවෙ මට. ඇමැතිට පෙත්සම් දොළහක්‌ ගහලා තිබුණා. ඊරිසියාකාරයෝ. උඹ දන්නවනේ මගෙ හැටි. මමත් ඇරියෙ නෑ. කරන්න පුළුවන් හැම දෙයක්‌ම කළා. අන්තිමේදී ලොකුම ලොක්‌කා හම්බවෙලා දණ ගහලා වැන්දා. එහෙම කරලා හතුරන්ව පැරැද්දුවා. දැන් උන් ඔක්‌කොම මගෙ අත යට"

"කැපිලි කෙටිලි කොහෙද නැත්තෙ රණේ"

"මමත් දැන් උන්ට එහෙම තමයි. යන්තම් වැරැද්දක්‌ අහුවුණාද එළව එළවා ගහනවා. මට කාගෙවත් හොඳ නමක්‌ ඕනෙ නෑ. පරණ යාළු මිත්‍රකම් දැන් මගෙ ළඟ නෑ. මට මං විතරයි."

රණසේකර උපැස්‌ යුවළ ගලවා ජිනසෝමගේ තියුණු නෙත් සඟල දෙස සෘජු බැල්මක්‌ හෙළුවේය. රණසේකරගේ සටන්කාමී බැල්ම දකින ජිනසෝමට මඳ සිනා පහළ විණ. මේ මිනිහා ක්‍රෝධයෙන් අද සටනට සැරසී සිටින්නේ එදා ඔහු සිටි තැන අද රැඳී සිටින අහිංසක නිලධාරීන් සමඟ නොවේ දැයි ජිනසෝම කල්පනා කළේය. 

"ඉතින් කොහොමද ජිනේ දරුවො එහෙම?" කථාව වෙනත් පැත්තකට යොමු කරමින් එවර රණසේකර ඇසුවේ ඇස්‌ කුතුහලයෙන් දල්වා ගෙනය.

"දරුවො දෙන්නා බොහොම හොඳින් ඉන්නවා. උන් යන්තම් සාමාන්‍ය පෙළ පාස්‌ වෙනකොටමයි මගේ රස්‌සාව නැති වුණේ. අමාරුකම් මැද්දෙ ඉගෙන ගෙන දෙන්නම විශ්වවිද්‍යාලෙ ගියා. ලොකු පුතා දැන් නීතිඥයෙක්‌. අලුත්කඩේ ප්‍රැක්‌ටිස්‌ කරනවා. පොඩි එකා සහකාර ඉලෙක්‌ට්‍රොනික්‌ ඉංජිනේරුවෙක්‌."

ජිනසෝම එසේ කියන විට රණසේකරගේ මුහුණ වෙනස්‌ වන හැටි හේ එක එල්ලේ දුටුවේය. මිතුරාගේ මුහුණේ අඳුරු වලා පටලයක්‌ බැඳෙන අයුරු ඔහු බලා සිටියේය.

"උඹට පැන්ෂන් එකත් නැති එකේ දරුවොවත් තැනකට ආපු එක ලොකු දෙයක්‌. රස්‌සාව තිබිච්ච මගේ දරුවන්ට බැරි වුණා ඔතැනට එන්ඩ. මං උන්ට මොනවද නොකළේ?" රණසේකර ඒ ටික කටින් පිට කළේ තද හිතේ අමාරුවකින් බව ජිනසෝමගේ සිතට දැනිණි.

"ඇත්තටම රණේ අද මම ආවෙත් අවුරුදු පහළොවකට පස්‌සෙ අයෙත් මගේ පෙන්ෂන් එක හදාගන්ඩ පුළුවන් වෙයිද කියලා පොඩි ට්‍රයි එකක්‌ දාන්නයි."

"ඒක හොඳයි. අතාරින්ඩ එපා. ලොක්‌කා එන්ඩ කිව්වද?"

"ජයනාථ තමයි මාව එක්‌කගෙන යන්නෙ ලොක්‌කා ගාවට. මිනිහා නම් කිව්වා කොහොම හරි කරලා දෙන්ඩ බලනවා කියලා. එයා පස්‌වැනි තට්‌ටුවෙ බලාගෙන ඉන්නවා. එහෙනම් මම යන්නද?"

"උඹ අල්ලගෙන තියෙන්නෙ නියම මිනිහා. එයා තමයි දැන් ලොක්‌කගෙ දකුණු අත. අපි කැලේ. එහෙනම් ගිහිල්ල එන්ඩ. ජයවේවා·"

රණසේකර අසුනින් නැගිට එසේ සමුදෙන විට පැරැණි මිතුරා හිස සලා කෘතවේදී බව පළ කළේය. රණසේකරගේ තොල් මත ළාවට ඇඳි සිනා රේඛාව සැණෙකින් අතුරුදන් වන සැටි ජිනසෝමගේ නෙතට හසුවිය.

ජිනසෝම අඩියට දෙකට තරප්පු පේළිය නැඟ පස්‌වැනි තට්‌ටුවට ගොඩ විය. අධ්‍යක්‍ෂ ජනරාල්ගේ කාර්යාලය අසල වූ කුඩා කාමරයේ අසුනකට වී ජයනාථ බලාසිටියේය. ජිනසෝම දුටු විගස ඔහු තම අත්ඔරලෝසුව දෙස බැලුවේය.

"මම හිතුවා ටිකක්‌ වේලාසන එයි කියලා...... ටිකක්‌ කතා කරන්නත් එක්‌ක."

ජයනාථ සුහදව ජිනසෝමගේ අත ගනිමින් කීවේය.

"වේලාසන තමයි ආවෙ. රණසේකර මුණගැහිලා කතාවට අහුවුණා."

"දෙයියෝ සාකකි· මට කියන්න බැරිවුණා කාටවත් මේ ගැන කියන්ඩ එපා කියලා. ඔයා මිනිහට කිව්වද?"

"ඔව් මං කිව්වා."

"අයියෝ ජිනේ ඔයා අවුරුදු ගාණක්‌ මේකෙ වැඩ කරලත් මිනිස්‌සු අඳුනගෙන නැති හැටි· තනතුරු ලැබුණාම සමහරුන්ට නැති ලෙඩ ඇති වෙනවා. කෙනෙක්‌ යමක්‌ ලබා ගන්නවා. භුක්‌ති විඳිනවා දකින කොට ඉන්ඩ බෑ පුපුරනවා වගේ. මානසික ලෙඩ්ඩු."

ජිනසෝම නිහඬව ජයනාථ ගේ මුහුණ දෙස බලා සිටියේය. ඒ මුහුණේ ඉරියව් වේගයෙන් වෙනස්‌ වී ගෙන යයි. අසුබ දෙයක්‌ සිදුවේ ය යන හැඟීමකින් ජිනසෝමගේ සිත පිරී යයි. කමක්‌ නෑ. ඕනෙම දේකට මූණ දෙනවා." ඔහු හිත තද කරගත්තේය. ජයනාථ යළි කතාව පටන් ගත්තේය.

"ඊයේ රෑ මං ලොක්‌කා එක්‌ක ඔයාගෙ වැඩේ ගැන කතා කළා. මිනිහා පොරොන්දු වුණා ඔයාට මොකක්‌ හරි සහනයක්‌ දෙනවා කියලා."

"කොච්චර දෙයක්‌ද ජයනාථ. මේක උතුම් පුණ්‍යකර්මයක්‌."

"ඒ වුණාට ලොක්‌කට හුඟක්‌ ළංවෙච්චි පපුව හොඳ නැති මිනිස්‌සු ඉන්නවා. උන්ට පුළුවන් යමක්‌ අවුල් කරන්න. ඒකයි මම ලතවෙන්නෙ ඔයා ආපු කාරණාව එක එක්‌කෙනාට කිව්වෙ ඇයි කියලා."

ජිනසෝම දිග සුසුමක්‌ ඉහළට අල්ලා සෙමින් පහත හෙළුවේ තමා නොදැනුවත්ව හෝ වරදක්‌ කර ඇතැයි ජයනාථට අඟවන්නට මෙනි. එකෙනෙහිම අධ්‍යක්‍ෂ ජනරාල්ගේ කාමරයේ දොර විවෘත විය. කාර්ය සහායකයෙක්‌ පැමිණ ජයනාථට කතා කළේය. හෙතෙම කඩිනමින් ජිනසෝම ද කැටුව ඇතුළට රිංගා ගත්තේය.

සුපිරි කාර්යාලයේ උන් ප්‍රතාපවත් ආයතන ප්‍රධානියා ජිනසෝම දෙස නොසැලකිලිමත් බැල්මක්‌ හෙළා ජයනාථව මඳ සිනාවකින් පිළිගත්තේය.

ජයනාථ තම මිතුරාගේ අභියාචනය ලොක්‌කා වෙත දිගු කළේය.

"සර්.... මේ ඉන්නේ අපේ හිටපු හොඳම නිලධාරියෙක්‌ ජිනසෝම සඳරත්න." ජයනාථ කතාවට මුල පුරන විටම ලොක්‌කා ඊට බාධා කරමින් මැද්දට පැන ඔහුගේ කතාව පටන් ගත්තේය.

"ජිනසෝම ගැන මම අහලා තියෙනවා. ඔය ප්‍රශ්නෙ ගැනත් හොයලා බලලා මම දැන ගත්තා. තීන්දුව දීලා අවුරුදු පහළොවක්‌ ගත වෙච්චි කේස්‌ එකක්‌ නෙ මේක. මට මොනවද පුළුවන් මේකට කරන්න? දැන් කාලෙ පැනලා ජයනාථ. බොහොම කනගාටුයි."

අතට ගත් අභියාචනය නොකියවා ම ඔහු මේසය මත තැබුවේය.

ජිනසෝම අන්දුන් කුන්දුන් වූ මනසින් ජයනාථගේ මුහුණ බැලීය. අයාගත් මුවෙන් යුතුව ඔහු ලොක්‌කාගේ මුහුණ දෙස බලා සිටියි. විමතියෙන් පිරුණු ඒ මුහුණ කළු පැහැ ගැන්වී ලැඡ්ජාවට පත්වී තිබිණ.

කාර්යාලයෙන් එළියට ඇවිත් ටික දුරක්‌ ඇවිද යන තුරුත් ඔවුහු වචනයක්‌වත් කතා නොකළහ.

"කවුද මේක කළේ"

අවසානයේ ජිනසෝම සෙමින් ඇසුවේය.

මුවගට උපහාසාත්මක සිනාවක්‌ නඟා ගත් ජයනාථ ජිනසෝමගේ උරහිසට තට්‌ටු කළේ මිතුරා සනසාලීමටය.

පපුව හොඳ නැති එකෙක්‌"

ඔහුගේ මුවින් පිටවිය.


Nissanka Rajapaksa

unread,
Feb 1, 2020, 6:59:51 PM2/1/20
to ind...@googlegroups.com
සංගීත ගුරුතුමා
නිව්ටන් ගුණසේකර 

පුන්සඳ පායන්නාක්‌ මෙන් දොර රෙද්ද අතරින් කාමරයට එබුණ සෝමලතාගේ දිදුලන ඇස්‌ දෙක අනුරසිරි පැහැදිලිව දුටුවේය. ජම්බෝල ගෙඩියක්‌ මෙන් පැහැපත් වටකුරු ඇගේ මුහුණට ඔහු පෙම් බැන්දේ ඇගේ කුඩා නිවසේ බෝඩිං වීමට පැමිණි දිනයේදීම ය. සංගීත ගුරුවරයෙක්‌ වූ අනුරසිරිට ගම්පොළ වික්‍රමශිලා විදුහලේ සිට රිකිල්ලගස්‌කඩ මහා විද්‍යාලයට ස්‌ථාන මාරුවක්‌ ලැබුණේ මීට මාස තුන හතරකට ඉහතදීය. මතුරට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්‌ වූ අනුරසිරිට දිනපතා ගෙදර සිට පාසලට ඒම තරමක්‌ දුෂ්කර කාරියක්‌ වූ නිසා ඔහු පාසලට නුදුරු ස්‌ථානයකින් නවාතැනක්‌ සෙව්වේය. ඒ සඳහා ඔහුට පිහිට වූයේ කාලයක සිට ඔහු දැන හැඳින සිටි ගුරු සේවයේම නියෑළී සිටි අශෝක නම් මිත්‍රයෙකි.

"මං අඳුරන තැනක්‌ නම් තියෙනවා ටවුන් එක කිට්‌ටුවම. මට හිතෙනවා මචං එතැන නවතින්aන පුළුවන් වෙයි කියලා. හැබැයි බෝඩිං හවුස්‌ එකක්‌ නම් නෙමෙයි..."

"අපෝ බෝඩිං හවුස්‌ නම් මට කොහෙත්ම එපා....... මට නිවීසැනසිල්ලේ ඉන්න පුළුවන් තැනක්‌ තමයි මං හොයන්නේ. හැබැයි කෑම ටිකක්‌ ලැබෙන්න ඕනෑ."

"මං ට්‍රයි කරලා බලන්නම්. එතැන මෑන් පොඩි "වින්කලයක්‌" කරගෙන යන මනුස්‌සයෙක්‌.. මිනිහගෙ ගෙදර එක්‌කෙනා නම් හොඳට ඇහැට කනට පේන හැඩකාරියක්‌...... ඒ විතරක්‌ නෙමෙයි එයා පත්තරවලටත් කවි සිංදු එහෙම ලියනවා."

"අනේ පුළුවන්නම් මචං මට එතැන සෙට්‌ කරලා දීපන්කො...." 

අනුරසිරිට සයිකල් වින්කලේ චන්දරේගේ නිවසේ ඉදිරිපස කුඩා කාමරයේ නවාතැන් ගන්ට ඉඩ සැලසුණේa එපරිද්දෙනි. කාලයක සිට දැන හඳුනාගෙන සිටි අශෝක ඉස්‌කෝලෙ මහත්තයාගේ වචනය ඉවත දමන්නට සයිකල් චන්ද්‍රසිරිට හිත දුන්නේ නැත. ඔහු තම බිරිඳගේ කැමැත්ත නොවිමසාම අනුqරසිරිට සිය නිවසේ ඉදිරිපස කාමරයේ නවාතැන් දෙන්ට මනාපය පළ කළේය.

නන්නාඳුනන පිටස්‌තර පුද්ගලයකුට නිවසේ නවාතැන් දෙනවාට සෝමලතා කැමැත්තක්‌ දැක්‌වූයේම නැත. එය අනවශ්‍ය කරදරයක්‌ යෑයි සිතුවාය. ටවුමේ එක එකා නොහොබිනා කට කතා කියනු ඇත.

එහෙත් "සංගීත මාස්‌ටර්ව" මුලින්ම ඇස ගැටුණදා සෝමලතාගේ හිත යට එතෙක්‌ පඳුරු ගෑ අසතුට හිරු දුටු පිනි මෙන් පහව ගියේය. තරමක නෝන්ජල පෙනුමක්‌ තිබුණ ද අනුරසිරිගේ අවිහිංසක කතාබහට හා සිනාවට ඇගේ සිත ඇදී ගියේය. අනාගතයේ ගායකයකු වීමට පෙරුම් පුරන අනුරසිරි ලවා කතා රචනා කළ ගී පදවැලක්‌ ගායනා කරවා ගැනීමට මෙය මහඟු අවස්‌ථාවක්‌ බව ඇය සිහි කළේ හිත යටින් උදම් වෙමිනි.

"සංගීත මහත්තයා ඉන්නෙ නම් වෙන කොහෙද ලෝකෙක? ඇයි ගෙදර නෝනාවත් මතක්‌ වුණාද?

සෝමලතාගේ කිංකිණි සිනා හඬින් අනුරසිරිගේ සිහින ලෝකය සීසීකඩ බිඳී ගියේය. හිතට දැනුණ ලැ-ජාව මැඩගෙන ඔහු යහනින් නැඟිට ජනෙල් කවුළුව ළඟට ගියේය. ඇය ඒ විදියට සිනාසිසී කිංකිණි හඬින් කතා කරන්නේ නම් තමාට මුළු ලෝකයම අමතක කළ හැකි යෑයි ඔහුට සිතුණේය. තමා මෙහි නවාතැන් ගන්නට ආ දිනේ පටන් තමන්ගේ ලෝකය නන්විසිතුරින් පිරී ඉතිරී ගිය අයුරු ඔහු සිහිකළේa ජනෙල් කවුළුවෙන් පිටත දිස්‌වූ රෝසමල් පඳුර දෙස බලමිනි. සෝමලතාගේ අත්ගුණයෙන් සරුවට වැඩී තිබුණ රතු රෝසමල් පඳුර වටා සමනලයෙක්‌ පියාඹමින් සිටිනු ඔහු දුටුවේය. තමාට ද එබඳු "සමනලයකු" විය හැකි නම් යන සොඳුරු සිතුවිල්ල ඔහුගේ හදගැබ කුල්මත් කළේය.

"සංගීත මහත්තයාට උණු උණුවෙ තේ එකක්‌ හදලා ගේන්නද?"

"දැන්ම ඕනෙ නැහැ.... පස්‌සෙ බොන්න බැරියෑ. ඒකනෙමේ සුදුහාමිනේට .. මං මොකක්‌ද කියන්න හිටියා..." ඔහු යටැසින් සෝමලතාගේ පිරිපුන් මුහුණදෙස බලමින් නිකට කැසුවේය.

"මොකක්‌ද අනේ කියන්නකෝ සංගීත මහත්තයා..?"

"දැන් මට මතක නැහැ. මතක්‌ වුණොත් කියන්නම්." ඔහු කට කොනකින් සිනාසෙමින් සෝමලතාගේ මුහුණට එබුණේය.

"දැන් සිහිකල්පනාවත් අඩුවේගෙන එනවාද?"

"ඔයාගෙ මුහුණ දැක්‌කහම එහෙමත් වෙනවා සුදුහාමිනේ.." යෑයි කියන්නට සිතුණ ද ඔහු ඒ වචන ටික සිත යට ම ගුලි කර ගත්තේaය. 

"ඒක නෙමේ ඊයේ රෑ චන්දරේ මහත්තයා හයියෙන් බැණ වදිනවා.. ඇහුණා. කේන්තියෙන් නේද හිටියේ?"

"ඔව් එයාට හොස්‌ස ළඟින් මැස්‌ස යන්න බැහැ.. යකා නඟිනවා. මොකක්‌ද පුංචි දෙයක්‌ අල්ලගෙන මට නොසෑහෙන්න බැන්නා. ටිකක්‌ බීලත් එක්‌කලා හිටියෙ. මට වෙලාවකට මේ ජීවිතේ එපා වෙනවා." 

"අපි කාගෙත් ජීවිතවල සතුටක්‌ නැහැ සුදු හාමිනේ.... මාත් කසාද බැන්දට ඉන්නෙ ඒ හැටි සතුටකින් නොවේ. මගේ උන්දැට මාව සැකයි....."

"සැකය කියන්නෙ විෂ ගෝර සර්පයකුට මහත්තයා.. මාත් පිරිමියකු දිහා හොඳට හිනාවෙලා බලනවට අපේ උන්නැහෙටත් ඉවසන්න බැහැ. ඊරිසියාව."

සෝමලතා කතා කරන්නේ අවංක හදින්ම යෑයි අනුරසිරිට සිතුණේය. හිතේ කිසිවක්‌ හංගා නොගෙන විවෘත හදින් කතා කරන ඇය ඔහුගේ සිත සසල කළේ නවාතැනට පැමිණි මුල්ම දවසේම බව ඔහුට හොඳින් මතකය. තමා ඉදිරිපිට ඇය සිය උස්‌ ළයමඬල නළවන්නේ දයාබර කිඳුරඟනක්‌ විලසිනි යෑයි ඔහුට සිතුණ වාර අනන්තය. තම දෙනෙත ආදරණීය ඔංචිල්ලාවක පා කර හරිමින් ඇය පා නිතඹ සලමින් ගමන් කරන අයුරු ඔහු රහසින් බලා සිටි දවස්‌ බොහෝය. ඇගේ ප්‍රේමනීය ගමන් ලතාව ප්‍රස්‌තාර කොට ගීතයකට මිහිරි තනුවක්‌ යොදන්ට ඇත්නම් කෙතරම් අගේ දැයි ඔහුට නොයෙක්‌ වර සිතුණේය.

"ඒක නෙමේ සුදුහාමිනේ.. කෝ මට අර ලියලා දෙනවයි කිව්ව සිsංදුව?" හදිසියේ යමක්‌ සිහියට නැඟුණ කලෙක මෙන් ඔහු ඇගේ මුහුණ දෙස එක එල්ලේ බලමින් ඇසුවේය.

"බාගෙට ලියලයි තියෙන්නේ. කෝ ඒක සම්පූර්ණ කරන්නවත් මට මෙතැන වෙලාවක්‌ තියෙන එකක්‌යෑ. ගෙදර වැඩ මදිවට "වින්කලේටත්" සැරින්සැරේ දුවන්න ඕනෑ. නැත්නම් අර මනුස්‌සයා හොස්‌ස එල්ල ගන්නවා." 

ඉහත ආත්මයේදී හෝ මෙම රුසිරු සොබවන් ළඳ තමන්ට මුණගැසී ඇතැයි යන මිහිරි හැඟීම අනුරසිරිගේ හද පතුල යට අත්තටු ගැසුවේය. ඇගේ සැඩපරුෂ සැමියාගෙන් ඇය කිසිදු සතුටක්‌ හා සැනසිල්ලක්‌ නොලබන බව අනුරසිරිට විශ්වාසය. මුදල් හරි හම්බු කිරීමටම නැහෙන ඔහු බොහෝවිට ඇයට කෝපාවිෂ්ට හඬින් කතා කරන අයුරු අනුරසිරි දැක තිබේ. එහෙත් ඔහු පිටස්‌තර පුද්ගලයන් සමග කතා බහ කරන්නේ ඉතා ලෙන්ගතු ස්‌වරයකිනි. තමා කෙරෙහි වුවද ඔහු තුළ කිසියම් ගෞරවනීය හැඟීමක්‌ තිබෙන බව අනුරසිරි දනී. "අඩියක්‌" ගැසූ දා රාත්‍රියක ඔහු තම කාමරයට අවුත් සංගීත රසය අත්විඳින්නේ මේසය, තබ්ලාවක්‌ කර ගනිමිනි. එබඳු අවස්‌ථාවක චන්දරේ උස්‌ හඬින් සිනහසෙමින් හැසිරෙන්නේ රසකාමියකු විලසිනි.

අසාර්ථක පවුල් විවාහ ජීවිතයක්‌ ගත කළ අනුරසිරි අලුත් නවාතැනට පැමිණි දා සිට එය ඔහුගේ එකම ක්‍ෂේමභූමිය විය. ඔහු දිනපතාම වාගේ සන්ධ්‍යා කාලයේදී සිතාරය අතට ගෙන සංගීත අභ්‍යාසයන්හි නිරත විය. එම මධුර සත්සර රාවයට ගේ තුළ සිටින සෝමලතා ඇහුම්කන් දුන්නේ මහත් වින්දනයක්‌ ලබමිනි. ඇයද බෙහෙවින් සංගීතයට ප්‍රිය කළ අතර යම් තරමකින් ඇයටද ගායන කුසලතාවක්‌ තිබිණ. අනුරසිරිට "අනාගත ගායකයා" යන නම පටබැන්දේ ද ඇය විසිනි. සංගීත ගුරුවරයකු ලෙසට සේවය කළත්, ගායන හැකියාව තිබුණත්, ඔහු මේ වනතුරුම එකදු ගීතයක්‌ හෝ ගායනා කොට නොතිබිණි.

"බලන්නකො... මම ළඟදීම මගේ සී. ඩී. එකක්‌ එළියට දාන්නෙ නැද්ද කියල සුදු හාමිනේ...? 

"ඒ දවස එනකන් තමා මේ මාත් බලාගෙන ඉන්නෙ..." ඇය මුහුණ මඳක්‌ ඇලකොට කට පුරා සිනාසුණ ආකාරය සිතින් මවාගන්ට ඔහු කීපවරක්‌ම උත්සාහ ගත්තේය. ඇය හඬනඟා සිනාසෙන විට පිරිපුන් ළමැද ගැස්‌සෙන තාලය ඔහුගේ කෝල සිතට එක්‌ කළේ මිහිරි සංගීත රසයකි.

දිනක්‌ පාසල් ගොස්‌ පැමිණ දිවා ආහාරය ගනිද්දී සෝමලතා පැවසූ වදනකින් අනුරසිරිගේ හිත එකවරටම සසල වී ගියේය.

"අද චන්දරේ රෑට ගෙදර එන්නෙ නැහැ. මතුරට පැත්තෙ මළ ගෙදරක යනවා. මහත්තයා" තම පිඟානට බැදපු හුරුල්ලෙක්‌ බෙදමින්, සෝමලතා කට කොනකට නගාගත් නුරා සිනාවකින් යුතුව කීs අයුරු අනුරගේ සිත ගිනියම් කළේය. 

"එකත් එකටම මේ ගෑනි අද රෑට තමාගේ තුරුලට එනු ඇතැයි" ඔහුට ඒ මොහොතේ සිතුණේය. එහෙත් එදින රාත්‍රියේ එවැන්නක්‌ සිදුවුණේ නැත. එදා රෑ ඔහුට වෙනදා මෙන් එක දිගට නින්ද ගියේ ද නැත. ඔහු යහනේ ඒ මේ අත පෙරළි පෙරළී සිටියේය.

සෝමලතාගේ නුරාගී නෙත් බැල්ම... ළමැද නැලවිල්ල හා නිතඹ සෙලවිල්ල වෙනස්‌ නොවී එපරිද්දෙන්ම අනුරසිරිට දක්‌නට තිබුණේය. මේ ටික කාලයට ඇය හෙමින් හෙමින් තම මුළු හදවතම අරක්‌ ගෙන සිටින අයුරක්‌ අනුරසිරිට දැනුණේය. ඒ හැඟීමෙන් ඔහු ගිනියම් වී සිටියේය.

"බොහොම අමාරුවෙන් සිංදුවක්‌ නම් ලියා ගත්තා. බලන්න හිතට අල්aaලයිද කියලා?" දිනක්‌ හවස්‌වරුවේ සෝමලතා ලියා දුන්a ගී රචනාව අනුරසිරි මහත් ආශාවෙන් අතට ගත්තේය. ඔහු වහා එය කියවා බැලීය. ඔහුගේ දැස්‌ සතුටින් ඉපිලෙන අයුරු ඇය උළුවස්‌සට පිටදී ගෙන බලා සිටියේ ආලනුරා ඇස්‌දෙක නටවමිනි.

"හරිම අපූරුයි. මං අදම මේකට ලස්‌සන තනුවක්‌ දානවා......"

"හැබැයි ඔය ගීයේ සංකල්පනාව නම් මගේ නෙමේ......"


"ඒ කිව්වේ?"

"මන් හොඳට දන්න සර් කෙනකුගෙ. එයෑයි ඔය අදහස මගෙ ඔලුවට දැම්මේ. ඉතින් මං ලිව්වා ලස්‌සනයි ද?

"කව්ද ඒ? මට නම කියන්න බැරි කෙනෙක්‌ද?

"අපොයි බැහැ. ඒ විස්‌තර නම් අහන්න තහනම්..... ඇය එවර සිනාසුණේ හිස සලමින් කිංකිණි හඬිනි.

ඔහු එදින හවස්‌වරුවේ සිතාරය අතට ගෙන ඉතා පරිස්‌සමින් ස්‌වර වාදනය කරන්ට පටන් ගත්තේය. සෙසු සංගීත භාණ්‌ඩ ද එක්‌වූ විට ඇගේ ගියට මේ මිහිරි තනුව අපූරුවට ගැලපී තිබේවි යෑයි ඔහුට සිතිණ. 

එම ගී පද රචනයට අනුව ඈත ගිරි ශිඛරයෙන් පැන එන කිඳුරා නුරා ගීයක්‌ ගසමින් සිය කිඳුරු ප්‍රියාවිය වටා නටමින් තුටු පහටුවෙයි.

"කුමට පියබඳ මියෙන්නෙමි මම රුදුරු ගිනි මැද හද දවාගෙන

නිවාලනු මැන එම රුදුරු ගිනිකඳ සිහිල් සඳුනාල් සෙනෙහෙ දියරින්.."

සිතාරයේ සත්සර හඬ නංවමින් ඔහු ගීතයේ පද කීපයක්‌ මුදුහඬින් ගායනා කළේය. ඇගේ එම පද රචනයේ යටි පෙළ තුළින් මතු කරන අනුරාගී ස්‌වරය ඔහුගේ හද ගැබ නින්නාද කරවන අයුරක්‌ ඔහුට දැනිණ. සැබැවින්ම ඇය ආමන්ත්‍රණයකොට ඇත්තේ තම හදවතට යෑයි ඔහු අනුමාන කළේය. මෙම සඳකිඳුරු යුවළ මෙන් තමාත් ඇයත් පෙර ආත්මයකදී පෙමින් එකට වෙළී සිටින්නට ඇතැයි ඔහුට දහස්‌වර සිතුණේය. එදවස ඇය මෙම සඳකිඳුරිය මෙන් ප්‍රේමයෙන් මුසපත්ව තම උරමඩල ආදරයෙන් වැළඳ ගන්නට ඇත.

එකවරම ඔහුගේ ඇසින් ගිලිහුණ කඳුළු බිඳුවක්‌ සිතාරයේ තත් අතරට වැටී පහළට ගලා යන හැටි අනුරසිරි දුටුවේ ඇසට බැඳි කඳුළු දැල අතරිනි. ඔහුගේ හදවත තදින් සසල වී ගිය අයුරක්‌ ඔහුට දැනෙන්නට විය. සෝමලතා තවත් අයකු සමග ඇයිහොඳයි කමක්‌ පවත්වනවා ඇතැයි යන සැකය බිංකුණ්‌ඩෙක්‌ සේ ඔහුගේ හද පතුල පහුරු ගෑවේය. තමා මේ දුවන්නේ මිරිඟුවක්‌ පසු පසදැයි ඔහුට සිතුණේය. 

කඳුළු රැඳි දෑස පිසදා ගත් ඔහු යළිත් සිතාරයේ තත් සුසර කරන්නට වෑයම් කළේය. බයිසිකල් වැඩපළේa සිටින සෝමලතාගේ සැමියා චන්දරේ කුමකට දොa මිටියකින් පහර දෙන හඬ ඒ අතරින් ඔහුට ඇසුණේය.

එදා රාත්‍රියේ සෝමලතා නැඟූ විලාප හඬින් අනුරසිරිගේ සිත එකවරම සලිත වී ගියේය. ඇගේ සැමියාගේ ගෝරනාඩු වියරු හඬින් මුළු ගෙදරම දෙවනත් විය. ඔහුගේ කෝපාවිෂ්ට කටහඬට බියෙන් කුඩා දරුවන් දෙදෙනා ඇඳ යට ගුලිවී ඇතැයි අනුරසිරිට සිතුණේය. වේදනාවෙන් ඉකි ගසමින් හඬන සෝමලතා ගැන ඔහුගේ සිතට තද බල ශෝකයක්‌ දැනිණ. චන්දරේ කෝප වී ඇත්තේ බිරිඳගේ කිසියම් වැරැදි ක්‍රියා කලාපයක්‌ නිසා බව ඔහු දමා ගසන වචනවලින් තේරුම් ගන්ට අනුරසිරි වෑයම් කළේය.

"වල් පරට්‌ට බැල්ලි.? යන වචනය කීප වරක්‌ම ඔහුගේ කන හරහා වැදුණේය. චන්දරේ මෙසේ යක්‍ෂාරූඪ වී සිටින්නේ බිරිඳගේ අවකල් ක්‍රියාවක්‌ නිසාද? එය කෙසේවත් විය නොහැකි බව ඔහු තනිවම තම සිත හා තර්ක කළේය.

පසුදින "බයිසිකල් වින්කලය" වසා දමා චන්දරේ නිවසින් පිට වී ගොස්‌ සිටියේය. පෙරදින රාත්‍රි සිදු වූ එම අමිහිරි සිදුවීම ගැන විස්‌තර අසන්නට අනුරසිරි හොරගල් අහුලමින් සිටියත් සෝමලතා ගේ ඇතුළේම මුළු ගැන්වී සිටියාය. එහෙත් එදින රාත්‍රියේදී ඔහුට ඒ අවස්‌ථාව උදා විය.

"චන්දරේ ඊයේ රෑ මොකද අර යකා නැටුවේ? සුදුහාමිනේට හොඳටෝම තඩි බෑවා නේද? මන් අහගෙනයි හිටියේ.

"ඔව් වින්කලේත් වහලා දාලා ඔන්න යන්ඩම ගිහින්. මං මොන වරදක්‌ කළාට ද....? මං හරිම කරුමක්‌කාර ජීවිතයක්‌ ගෙවන්නෙ සංගීත මහත්තයා."

සුදුහාමිනේ ගැන මට හරි දුකයි. මගෙන් මොනවද කෙරෙන්න ඕනෑ."

ඔහු ඇගේ උස්‌ පහත් වෙන ළය මඩල දෙස මහත් ගිජු දෑසින් බලමින් මිමිණුවේය.

"සංගීත මහත්තයා මොනවා කරන්නද දෙයියනේ. මේක මගේ කරුමෙ.."

ඇය හරියටම සඳකිඳුරියක්‌ම යෑයි අනුරසිරිට සිතුණේය. අඳුර වෙලා ගෙන ඇති වටපිටාව ඔහුගේ ඉඳුරන් පණ ගැන්නුවේය. ඔහු අනුරාගී දැසින් ඇගේ අත අල්ලා ගත්තේය."

"ඇයි මහත්තයා?"

ඇගේ වටකුරු මුහුණේ රැඳි දිගටි ඇස්‌දෙක අමුතු තාලයකට දිලුණේය.

"සුදු හාමිනේ?"

"හ්ම්.. ඇයි.... ?" ඇය සිහින් හඬින් මිමිණුවාය.

"මං සුදු හාමිනේට ආදරෙයි....."

"මහත්තයාට පිස්‌සුද?"

ඇය තරහින් වහා ඉවත බලා ගත්තාය.

"ඇයි ඔයා මට කැමැති නැද්ද"

"මාව අතාරින්න මහත්තයා. ඕවට විතරක්‌ ලෑස්‌තිවෙන්ඩ එපා ඔන්න මාත් එක්‌ක."

ඇය කෝපයෙන් ඔහුගේ අත ගසා දැමුවාය. ඇගේ දැස්‌වලින් ගිනි පුළිඟු පිට විය.

"අද රෑට මං ඔයා ළඟට එනවා. සුදු හාමිනේ චන්දරේ මහ එපා කරපු මිනිහා.....?මොකටද ඔහොම මිනිස්‌සු?"

"මොනවා කළත් ඒ මගේ කසාද මිනිහා. මාව යකා අවුස්‌සන්නේ නැතුව මහත්තයා ගිහින් නිදාගන්නවද?"

ඔහු වහා ඇය වෙතින් ඉවත් වුණේය. ගිනි ජාලාවකින් තම මුළු ශරීරයම ඇවිලී ගියාක්‌ බඳු හැඟීමක්‌ ඔහුට දැනිණ. ඇය පිටවී ගියේ තමා දෙස තදින් රවා බලමිනි.

ඔහු වහා කාමරයට වැදී යළි සිතාරය අතට ගත්තේ කැලඹුණ සිතිනි. වතුරින් ගොඩ ආ මසෙකු මෙන් ඔහුගේ ඇඟ පත සට සට ගා ගැහුණේය. ඔහු සිය ඇඟිලි තුඩුවලින් සිතාරයේ තත්සර සුසර කරන්නට වෙර දැරුවත් ඉන් පිට වූයේ බොල් ස්‌වරයකි.


Nissanka Rajapaksa

unread,
Feb 3, 2020, 8:58:10 PM2/3/20
to ind...@googlegroups.com
අතරමගදී හමුවු දැරිය
රංජනී මල්ලිකා සමරවීර

මම ගමේ යැමට අකුරැස්‌ස බසයට ගොඩවුණෙමි. පැය එකහමාරක්‌ පමණම ගමනට ගතවුවත් එයින් මට හොඳ විවේකයක්‌ නැත්නම් හොඳ නින්දක්‌ ලබාගත හැකි බව මම දනිමි. පසුපස අසුන හැර අන් සියලු ආසන මා සඳහා සූදානම් වී ඇත. කවුළුවක්‌ ළඟ අසුනක මා හිඳ ගත්තේ නින්දක්‌ නොගියොත් අවට පරිසරය නරඹමින් යා හැකි බැවිනි. සෙනඟ එකා දෙන්නා බසයට ගොඩනගියි. මා කවුළුවෙන් පිටත බැලුවෙමි. 

හක්‌මන නගරය ලස්‌සන පොසොන් කලාපයට ලහි ලහියේ සූදානම් වන අයුරු පෙනෙයි. පිට්‌ටනියේ තොරණද පිට්‌ටනිය වටා ඇති වැටේද නේක ප්‍රකාර විදුලි බල්බ වැල්වලින් අපූරු මෝස්‌තර සැකසී ඇත. පොසොන් පෝයදා නගරය සැණකෙළියක්‌ බවට පත්වනු ඇත. රටේ උද්ඝෝෂණවලට ලක්‌වූ විදුලි බිල මෙයට බලපාන්නේ නැතුව ඇති යැයි මට සිතුණි. 

අයිස්‌ බීම පැකට්‌ එකක්‌ අතින් ගත් කුඩා දැරියක්‌ බසයට ගොඩවූයේ ඇයගේ අම්මාත්, තාත්තාත් සමගය.

"මට කොනට එන්න ඕන අම්මේ"

"ඔය බීම පැකට්‌ එක ඉවර කරලා කොනට එන්න. නැත්නම් මගේ සායෙත් ඔය බීම හලයි"

ඇය තනිවම වෙනත් අසුනකට ගොස්‌ බීම පැකට්‌ටුව උරනු මට පෙනේ. සුදු පැහැයෙන් අඩු වුණත් හොඳ සිරියාවන්ත ගතියක්‌ ඒ දරුවා තුළ විය. සුදු තිත් වැටුණු රතු රෙද්දෙන් මැසූ ලස්‌සන ගවුමක්‌ ඇය හැඳ සිටියාය. බීම පැකට්‌ටුව ඉක්‌මනින් ඉවර කළ ඇය අම්මා සිටි අසුනට දිව ආවාය. ඒ මා වාඩිවී සිටි අසුනට පිටුපස අසුනයි. 

"අම්මේ අර තොරණෙ ලයිට්‌ දමන්නෙ කවදද?"

"පොසොන් පෝයට නේ..."

"අපිත් එදාට එමු බලන්න... හොඳෙයි අම්මේ...?"

බසය හක්‌මන නගරයෙන් පිටත් විය. එතැන් සිට පැය එකහමාරක්‌ මා බසයේ කාලය ගතකළ යුතුය. බසය සෙමින් සෙමින් ගමන් කරයි. මැරතන් ශූරයෙකුට නොව අපි වැනි සාමාන්‍ය කෙනකුටත් ඊට වඩා හයියෙන් දුවන්නට පුළුවන් යැයි මට සිතේ. කුමක්‌ කරන්නද? මේ පාරේ වෙනත් බසයක්‌ නැති නිසා මොවුන් යන තාලයට අපිද යා යුතුය. 

බසය දැන් කිරින්දට ආසන්නය. කිරින්දේත් බසය මිනිත්තු පහක්‌ දහයක්‌ නවත්වාගෙන සිටියේය. කිරින්දේ විහාරස්‌ථානය ළඟ බසය නැවැත්විණ. හරින ලද කවුළුවලින් බෝපත් බසය තුළටද ඇතුළු වී තිබිණ. 

"අම්මේ මං බෝ කොළයක්‌ කඩා ගන්නවා"

"එපා නිකම් කඩල පොඩිකරල දමන්න"

"මම පොඩි කරන්නේ නෑ. මට අතේ තියාගෙන ඉන්න. අර කොළ ගොඩක්‌ වැටිල තියෙන්නේ. ඒ කොළ වැටෙන්නෙ මොකෝ අම්මේ..."

"කොළ ඉදෙනකොට හුළඟ හමන කොට බිමට වැටෙනවා"

"අම්මේ මේ පන්සලෙත් බුදු හාමුදුරු කෙනෙක්‌ ඉන්නවාද? 

"ඔව්. හැම පන්සලකම බුදු හාමුදුරුවො ඉන්නවා..."

"බුදු හාමුදුරුවො අත මෙහෙම තියාගෙන ඉන්නේ ඇයි අම්මේ...?"

ඇගේ හස්‌ත මුද්‍රාව බැලීමට පිටුපසට හැරෙන්නට මට සිතුණද දැරියගේ කතාවට බාධාවක්‌ වන නිසා මම සවන් දීගෙනම සිටියෙමි. 

"ඒ භාවනා කරනවා නේ..."

"මම නිදුක්‌ වෙම්වා, නීරෝගි වෙම්වා කියන කොටද අම්මේ..."

"ඔව් පැටියෝ ඔව්"

"ඉතින් අපි එහෙම අත තියාගෙන භාවනා කරන්නේ නෑනේ..."

"භාවනා කරන එක විදියක්‌ තමයි ඒ..."

"අපේ ඉස්‌කෝලෙටත් හාමුදුරු කෙනෙක්‌ ආවා අම්මේ. හරි වයසයි. ප්‍රින්සිපල්, ටීචර්ලත් එක එක දේවල් දුන්නා. අපි හැමෝම අපේ කෑමවලිනුත් දුන්නා. මමත් දුන්නා. සමහරු බිස්‌කට්‌ දුන්නා සමහරු නූඩ්ල්ස්‌ දුන්නා. සමහරු කෙසෙල්ගෙඩි දුන්නා. ඒ හාමුදුරුවන්ට ඇවිදින්නත් අමාරු වගෙයි. ඇවිදින්න බැරි වුණාම කවුද අම්මේ හාමුදුරුවන්ගෙ වැඩ කරන්නෙ?"

"ඒ වැඩ කරන්න පොඩි හාමුදුරුවරු ඉන්නවානේ..."

"ඊට පස්‌සේ ඒ හාමුදුරුවො මැරෙනවාද අම්මේ"

"හා හා එහෙම කියන්නෙ නෑ. පව්. හාමුදුරුවරු අපවත් වෙනවා කියල කියන්නේ. ඕන නැති කතා කියන්නෙ නැතිව දැන් ඔය කතා පෙට්‌ටිය වහගෙන යං" අම්මා ටිකක්‌ සැරෙන් කතා කළාය. 

"අනේ අම්මෙ මේක අහන්නකෝ. අපේ දහම් පාසලෙත් පොඩි හාමුදුරු කෙනෙක්‌ හිටියා. සුදුයි බෝලගෙඩිය වගෙයි. ෂෝක්‌ කොලු පැටියා අම්මේ..."

"මම කිව්වා නේද කතා පෙට්‌ටිය වහගන්න කියලා"

මට ඇගේ කතාවට තනිවම හිනා ගියත් එය පිටුපසට නොපෙනෙන නිසා ගැටලුවක්‌ වූයේ නැත. මම අසල අසුන්වල සිටි අය දෙස බැලුවේ ඔවුන්ටත් ඇගේ කතා ඇසුණාදැයි දැන ගැනීමටය. සමහරෙක්‌ ඇය දෙස බැලුවත් ඇගේ කතාව ගැන ඔවුන්ගේ අවධානයක්‌ තිබුණේ නැත. ඇගේ සුරතල් කතාව මගේ කනේ තිබුවාක්‌ මෙන් ඇසුණු නිසා මමත් ඕනෑකමින් අහගෙන සිටියෙමි. අම්මාගේත්, දියණියගේත් කතාව මිස මට තාත්තාගේ කටහඬ නම් ඇසුණේම නැත. දැරිය ද තාත්තාගෙන් කිසිවක්‌ ඇසුවේද නැත.

"තේක්‌ක නැන්දේ... තේක්‌ක නැන්දේ... තේක්‌ක මාමා කොයි. තේක්‌ක නැන්දේ..." 

ඇය ඉන්පසු රබන් පදයක්‌ තාලයට ගායනා කරන්නට පටන් ගත්තාය. 

"කෝ අම්මෙ මගෙ වතුර බෝතලේ"

"ඇයි කියවලා කියවලා තිබහ වුණාද? කෝප්පයට වත්කරගෙන බොන්න."

"කෝප්ප නැන්දේ කෝප්ප නැන්දේ කෝප්ප මාමා කොයි..."

"ඒකත් අර කවිය වගේම හොඳයි නේද අම්මේ..."


"හොඳයි, හොඳයි"

"අම්මෙ තව දුරයිද අම්මේ..."

"නෑ වැඩි දුරක්‌ නැහැ"

"දැන් සැමි නැන්දලා අපටත් එක්‌ක බත් උයලා ඇති නේද අම්මේ..."

"ඔව් ඔව්. බත් උයලා ඔයාට කිරි හොදිත් හදලා ඇති..."

"මේ බෑග් එකේ මොනවද අම්මේ"

"අවුස්‌සන්න එපා. ඔහොම තියෙන්න අරින්න...." අම්මා නැවත සැරෙන් කතා කළාය. 

"මටත් පොඩි අක්‌කට ගිහින් දෙන්න අයිස්‌ පැකට්‌ එකක්‌ අරන් ඕන හොඳේ. 

"බස්‌ එකෙන් බැස්‌සාම අරගෙන දෙන්නම්."

කඹුරුපිටියේ බසය නතර විය. මම එවර හොඳින් පිටුපසට හැරී දැරිය දෙස බැලුවෙමි. යාන්තමට මට සිනාවක්‌ පෑ ඇය අම්මාගේ පිටුපසින් ගොස්‌ බසයෙන් බැස්‌සාය. කම්මැලිව ගෙවෙන්නට තිබූ කාලයට සතුටක්‌ එක්‌කළ ඇයට මම සිතින් ස්‌තුති කළෙමි. 

Nimal W Kanattawatte

unread,
Feb 5, 2020, 12:20:55 AM2/5/20
to indraka
                     මේ කතාව (හෝ සිද්දිය) ඉතාමත් සිත් ගන්නා සුලුයි හරිම සන්වෙදියි. භාවාත්මකයි. (Emotional)   පිටු 2කකට 3කකට සීමා වන අපේ කෙටිකතා බටහිර හෝ විශේෂයෙන්ම රුසියානු කෙටිකතා ශයිලය වගේ දිග සහ ගැඹුරු නැති උනත්, වඩා භාවාත්මකය්.
කිසිම දෙයක් නෑවගෙයි පෙනෙන්නෙ,ඒත් සිත්ගන්නා සුලුය්. Must have experience in our village culture to enjoy this kind of incidents or stories.
Kanatte.
Nissanka how do you find time to read short stories??.

--

---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
To view this discussion on the web visit https://groups.google.com/d/msgid/indraka/CAFRcW-K%2Bd5JPaZd7Nequ-9DgrVEhwKSpbQsqnF1xd8mvAKkPMQ%40mail.gmail.com.

Nissanka Rajapaksa

unread,
Feb 5, 2020, 1:53:04 AM2/5/20
to ind...@googlegroups.com
පීතෘත්වය
චින්තා සුභාෂිනී රණසිංහ

චන්දන යළි අගනගරයට යැවීමට කල් යල් බලමින් සිටි තාත්තා නිතර පලා බෙදූ අතර දිනක්‌ ඉතා සුළු සිදුවීමකට ඔහු තදින් කඩා පැන්නේය. එදා චන්දන ඔහුගේ ගෙදර බලා නික්‌ම යන වේලේ මා සිටියේ සොල්දරයේය. ප්‍රමාණවත් කවුළු නොමැති බැවින් එහි සැමදා තිබුණේ මඳ අඳුරකි. ඔහු නිල් හා රතු ඉරි වැටුණ කමිසයක්‌ හා කළු කලිසමක්‌ ඇඳ සිටියේය. ඇඳුම් පුරවාගත් විශාල බෑගයද කරේ එල්ලෙමින් තිබුණේය. මිදුල පුරා බැස යන හිරුගේ රැස්‌ වැතිරී තිබුණි. මේ අඹ ගස යට මෙවන් වෙලාවන්වලදී අප කී වාරයක්‌ නම් කැරම් පෙත තබාගෙන සෙල්ලම් කර තිබුණේද? ඔහු මා දකින්නට උඩ බැලුවේය. ලැටිස්‌ අතරින් එබී බිම බලා අඹ ගස අස්‌සෙන් පෙනුණ ඔහුට ගිහින් එන්නැයි කියන විට මගේ හදවත සීරී ශෝකයෙන් බරව ගියේය. 

මගේ නිවස පිහිටා ඇත්තේ මහගෙදරට යාර කිහිපයක්‌ දුරිනි. හන්දියේ සිට එලගල්ල පාරට හැරී එන කෙනෙකුට පළමුව හමුවන්නේ මගේ නිවසයි. ඉතිං වැස්‌සෙන් බොඳවූ දිය සායම් චිත්‍රයක්‌ සේ දිස්‌වන මහගෙදර දෙසට සෙස්‌සන් සහිත වෑන් රථය හරවන අතරේදී චන්දන ඉන් බැස නොපමාව ආවේ මා ළඟටය.

මා මේ ඔහුව දකින්නේ වසර විස්‌සකට පමණ පසුය. යහළුවකුගේ මංගල උත්සවයක්‌ සඳහා කෑගලු නගරයට එන අතර අපවද බැහැදැක යන්නට එන බව ඔහු කලින් දන්වා තිබිණි.

එතරම් දිගු කලකට පසුව වුව, ඔහුගේ එදා තිබූ හැඩි දැඩි භාවයේ වැඩිවීමක්‌ හැර එතරම් වෙනසක්‌ මම නුදුටුවෙමි. පිරිමින් වයස යන්නේ නැද්ද? නැතිනම් මෙය අපේ පරම්පරාවට හිමි ලක්‌ෂණයක්‌ද? අපගේ ඇතැම් ඥාතීන් වයස කිව නොහැකි තරම් තාරුණ්‍යයත් කලක්‌ යන තෙක්‌ හොබවන බව මවිසින් තේරුම් ගෙන තිබිණි. මොහු එදා සිවු රියනක්‌ උස, සාමාන්‍ය ගැටවරයකුට වඩා ශක්‌තිමත් බවක්‌ පෙන්වූ තරුණයෙකි. ඔහු අපට එදවස සිහිපත් කරවූයේ බොක්‌සිං ශූරයකුගේ ස්‌වරූපයයි. එදා දුටු අයෝමය තරුණයා මැදිවියට පිවිසෙත්ම අලුතින් එකතු වී තිබුණේ පෙර නොතිබූ සන්සුන් බවක්‌ හා පැහැපත් බවක්‌ පමණි.

විසි වසක්‌ ගෙවී ගියද මට ඔහුගේ ඒ තරුණ විය අමතක නැත. මා ඔහුට වඩා වැඩිමහල් වූයේ දෙවසරකින් පමණි. මට ඒ මතක දාමයේ පුරුක්‌ එකතු කළහැක. කොල්ලන් රංචුවක්‌ හා නඩුවකට පැටලී සිට, යාන්තම් එයින් ගලවා ගන්නා ලදුව යළි නගරයේ කල්ලි ගැසෙතැයි බියවූ බාප්පා විසින් වයස දහ අටේදී පමණ ඔහු අපේ ගෙදරට ගෙනැවිත් ඇරලවීමේ අවස්‌ථාව ඒ මතක දාමයේ පළමු පුරුකයි. සති කිහිපයක්‌ අපගේ චාම් ආහාරය භුක්‌ති විඳ, ඇළෙන් දොළෙන් නා අප හා විහිළු කතා කරමින් ඔහු සතුටින් කල් යෑව්වේය. එහෙත් එය ඉක්‌මණින්ම ඔහුට එපා විය. ඉන් පසු කල එළියට බට ඔහු වටා ගමේ සිටි නැන්දාගේ පුත්තුද, එයිනුත් පසු ගමෙහි සෙසු තරුණයෝද ඒකරාශි වූහ. නොයෙකුත් දඟකාරකම් හා නොහික්‌මුණු වැඩ ගැන පුවත් අපට ඇහෙන්නට වූයේ ඒ සමගින්ය.

ඔහුගේ ඉහිලුම් නොදෙන තාරුණ්‍යයට සුපුරුදු අග නරගය හෝ එළිමහන මිස තද සීමාවලින් කොටුවූ අපගේ විදුහල්පති නිවස්‌නය ඔරොත්තු නොදෙන සුලු විය.

කුරුම්බා හොරෙන් කඩා බී මදන මෝදකද අනුබව කර ගමේ ගොඩේ ඇවිදින බව ඔහු අපට කීවේය. ඒ කෙසේ වුව මවිසින් තැපැල් කරන්නට දුන් ලියුමක්‌ මගේම පොතේ ඇතුළේ තිබී හමුවූ විට, මුද්දර ගාස්‌තුවෙන් බීඩි බිවූ බව ඔහු පිළිගත්තේය. 

හීං සීරුවේ මහ රෑ දෙගොඩහරි යාමයේ ඔහු ගෙට ගොඩවනවිට අක්‌කා විසින් දොර ඇර ඔහුව ගොටගත් බව මම දැන සිටියෙමි. තාත්තා හා අම්මාද ඒ ගැන අවධානයෙන් සිටින්නට ඇති බව දැන් සිතෙයි.

ඇතැම් සන්ධ්‍යාවලදී තාත්තාට රහසින් එළියට යා ගත නොහැකි වූ විට, ඔහු පිළිකන්නේ ගලට හේත්තු වී එකල ජනප්‍රියව තිබූ සුන්දර ගී වලට අලුත් වචන අමුණා මිමිණුවේය. මට තාමත් ඒවා මතකය.

"ඔබ කජු ගෙඩියකි...උඩ පුහුලම නැති

මා තඩි වවුලෙකි

අත්තෙන් අත්තට චාරිකා... වේ"

ඔහු විටෙක අප හිඳුවා බණ කී බව ද මට මතකය.

"පිංවතුනි,... අද බණ.. හැමදාමත් බණ නෑ පිංවතුනි..."

ලස්‌සන, ලස්‌සන ගැහැනු ළමයින් දෙකට නැවී දානය බෙදූ හැටි ගැනද ඒ බණෙහි විස්‌තර විය. රාත්‍රියේදී ලාම්පුව දල්වාගෙන ඔහු නගරයේ පෙම්වතියන්ට ලිපි ලීවේය. මේ සියලු සිදුවීම් මැද අප අතර වැඩුණේ අපූරු සහෝදර සමීපතාවකි.

අපේ තාත්තා හෙවත් ඔහුගේ ලොකු තාත්තා ළඟ නොබලන දුර බලන කෙනෙකි. ගැහැනු දරුවන් සිටින නිවසෙහි අධ්‍යාපනයද කඩා බිඳගත් දඩබ්බර තරුණයකු ලැගුම් ගෙන සිටීම ඔහුට කොතරම් පීඩාවක්‌ වන්නට ඇත්දැයි මට වැටහෙන්නේ දැන්ය. අනෙක්‌ අතට මොහු පාරම්පරික ගමේ කරදරකාරයකු වී තාත්තාගේ කීර්තිමත් ශාන්ත දිවි පෙවෙත ආක්‍රමණය කරනු ඇතැයි ද ඔහු බියවන්නට ඇත.

චන්දන යළි අගනගරයට යැවීමට කල් යල් බලමින් සිටි තාත්තා නිතර පලා බෙදූ අතර දිනක්‌ ඉතා සුළු සිදුවීමකට ඔහු තදින් කඩා පැන්නේය. එදා චන්දන ඔහුගේ ගෙදර බලා නික්‌ම යන වේලේ මා සිටියේ සොල්දරයේය. ප්‍රමාණවත් කවුළු නොමැති බැවින් එහි සැමදා තිබුණේ මඳ අඳුරකි. ඔහු නිල් හා රතු ඉරි වැටුණ කමිසයක්‌ හා කළු කලිසමක්‌ ඇඳ සිටියේය. ඇඳුම් පුරවාගත් විශාල බෑගයද කරේ එල්ලෙමින් තිබුණේය. මිදුල පුරා බැස යන හිරුගේ රැස්‌ වැතිරී තිබුණි. මේ අඹ ගස යට මෙවන් වෙලාවන්වලදී අප කී වාරයක්‌ නම් කැරම් පෙත තබාගෙන සෙල්ලම් කර තිබුණේද? ඔහු මා දකින්නට උඩ බැලුවේය. ලැටිස්‌ අතරින් එබී බිම බලා අඹ ගස අස්‌සෙන් පෙනුණ ඔහුට ගිහින් එන්නැයි කියන විට මගේ හදවත සීරී ශෝකයෙන් බරව ගියේය. ඒ ඔහුගේ වෙන්ව යෑම ගැන උපන් දුකකින් නම් නොවේ. පිටව යන ඔහුට උසුලාගෙන යා යුතු වූවේ රිදුණු හදවතක්‌ වීම නිසා උපන් තැවිල්ලක්‌ මා රිදවූ බැවිනි. මේ කෙටි කාලය ඇතුළත ඔහු අපේ නිවස තුළ මැවූ අපට එතෙක්‌ ආගන්තුකව තිබූ කොලුමය පරිසරය වහා අතුරුදන් වන අයුරු මට දැනී ගියේය. බොහෝ කාලයක්‌ යන තෙක්‌ යළි ඔහු දැකීමට නොලැබෙන බව මගේ ඉවට දැනුණි. ඉන් පසු අප එකිනෙකාගෙන් ඈත් වූ අතර එකිනෙක සිද්ධි අමතකවද ගියේය. අතීතය සම්බන්ධයෙන් ඔහුට මතක ඇත්තේ මොන මොනවාදැයි මම නොදනිමි. ඉතිං ජීවිතයේ ඒ යුගය නිමා වී අද යළිත් අපට හමුවීමට ඉඩ ලැබී ඇත. චන්දන හා මා ඉතා සතුටින් එකිනෙකාගේ දෙඅත් අල්වාගත්තේ පිපුණ සතුටකිනි.

"අචලක්‌කේ මට ඔයාව හම්බ වෙන්න හරිම වුවමනාවක්‌ තිබුණා." කතා කිරීමට කරුණු නැති අපහසුවක්‌ අපට නැත. අතීතය, වත්මන ගැන තොරතුරු ක්‍ෂණික උල්පත් සේ පැන නැංගේය.

"නැත්නම්· මටත් එහෙමයි. අප්පේ ජීවිතේ වෙනස්‌ වෙලා තියෙන තරමක්‌" ඔහු විමසූ එකල සිටි ගමේ තරුණයන් ගැන මම විස්‌තර පවසා සිටියෙමි. ඒ සියලු දෙනා මේ වනවිට පියවරු වී ජීවන සටනට අවතීර්ණ වී සිටියහ. නැන්දාගේ පුත්තු ගම හැර ගොස්‌ සිටියහ. ඔවුහු ඉඳහිට අපේ ගෙදර පැමිණ ගියහ. චන්දන තරමට ඔවුන් අලුත්වී සිටියේ නැත. ඊළඟට මම ඔහුගේ ජීවිතයට එබුණෙමි.

"ඉතිං මට කියන්න ඔයාගෙ තාත්තාකම ගැන. දරුවො තුන්දෙනයි නේද? හරි බර තාත්තා කෙනෙක්‌නෙ. අනේ අර දඩබ්බර කොල්ලා... මැඩුqඅර් ගතියක්‌ දැන් ඔයාට දැනෙනවද?"

"තාත්තාකම නේද? ඔව්. ඒක හරිම හොඳ දෙයක්‌. ආ ඔයා දන්නව නේද මගෙ දුවගෙ කන් ඇහෙන්නෙ නැති බව. ඒ නිසාම එයා කතා කරන්නෙත් නෑ." 

"ම්....ආ. ඔව්... මං අහල තියෙනවා. ඒත් අර මැෂින් එකක්‌ කනට හයිකරපුවම හදන්න පුළුවන් කීව නේද?"

හාත්පස මන්ද මීදුම අතරේ සන්ධ්‍යා අඳුර තැවරෙමින් තිබිණ. මේ පළාතට කොහොමටත් මීදුම් ගතිය වැඩිය. තරුණ වියේ අපේ ගෙදර ගත කළ කෙටි කාලයේදී චන්දන වඩාත් පැහැපත් වූයේ දේශගුණය නිසා බව අපි ඇදහුවෙමු. මා විදුලි පහනට වැඩි කැමැත්තක්‌ නැත. සන්ධ්‍යා මන්දාලෝකය මට මිහිරකි. හුදෙකලා තනි ජීවිතයක්‌ ගෙවන මා පහන් දල්වන්නේ හෝ නිවන්නේ මට සිතුණොත් පමණි. ඒත් අමුත්තකු සිටින නිසා විදුලි පහන් දල්වන්නට මට සිද්ධ විය. සාලය ආලෝකයෙන් පිරී ගියේය.

"නෑ අචලක්‌කෙ මං හිතන්නෙ නෑ ඒක හදන්න පුළුවන් කියලා. කොහොම වුණත් මං ඒකට මුහුණ දෙන්න පුරුදු වුණා."

"මුලදී අමාරු වුණාද චන්දන?"

මා ඒවා ඇසුවේ ඔහුව කොනිත්තන්නට නොවේ. මේ චරිතය හඳුනා ගැනීමට මට ඕනෑ විය. බිරිඳක හෝ මවක නොවූ මට මවිසින් ස්‌පර්ශ නොකළ මිනිස්‌ හැඟීම් ගැන දැනගැනීමේ කුහුලක්‌ නැතුවාද නොවේ.

ඒ දැරිය ඉගෙන ගන්නේද, එසේ නම් විශේෂ අධ්‍යාපන ඒකකයේද? කීවෙනි පංතියේද? එවැනි කරුණු මම නොවිමසමි. ඒවා වෙන කාගෙන් හෝ අසා දැනගත හැකිය. පියෙකුගේ සැබෑ සිතිවිලිවල ගිලී එහි ඇති දෑ මේ දුලබ මොහොතේ මට සත්‍යාවබෝධ කරගත හැක. මම ඔහු ගැන සියල්ල දනිමි. ඔහු මා ගැන සියල්ල දනී. සැඟවිය යුතු කිසිවක්‌ නැත. සියල්ල නිර්ව්‍යාජය, සැබෑය. අප දෙදෙනා දරන ලෙයද බෙහෙවින් කිට්‌ටුය. එසේ විවර වූ එකිනෙකාට ප්‍රිය වූ දෙදෙනකුට හුදකලාවක ගැලී ඕනෑම දෙයක්‌ හාරා අවුස්‌සා විමසිය හැක. එය සියුම් දෙයකි. විඳිය යුතු දෙයකි.

"ඔව්. දැනගත්ත ගමන් ඔළුවට පොල්ලකින් ගැහුව වගේ තමයි. ඒත් මට යාළුවෙක්‌ කීවා "උඹ තමයි පවුලෙ මුදුන් මුල. උඹ කඩා වැටුණොත් ඔක්‌කොම ඉවරයි" කියලා. මං ඒ ගැන හිතුව. මගෙ සේරම ජරා වැඩ. කුපාඩිකම් නැවැත්තුව. මං හිත හදාගත්තා. ජීවිතේ හැමදාම එක වගේ නෑ. උස්‌ පහත් වීම් තියෙනවා."

"ඉතිං ඔයාගෙ වෙනසක්‌ නෑ දූට?"

"වෙනසක්‌· වෙනසක්‌ නෑ නොවෙයි. අසීමිතව ආදරෙයි. ඔව්. අසීමිතව"

ඔහු ඒ වචන ඇදගත්තේ හදවතේ යටම තැනකට පිවිස බව මට දැනුණි.

"මිනිසුන්ට මොනව හරි අඩු වුණත් වෙන අතකින් දෙයක්‌ ලැබෙනවා. දුවට දක්‌ෂකම් තිබෙනවා. අචලක්‌කත් එහෙමනෙ."

හිරිකඩ වැටෙන සන්ධ්‍යාව රාත්‍රිය බවට හැරෙන විට මහගෙදර ගොස්‌ සිටි සෙසු පිරිස සමුගන්නට පෙර මා බැලීමටද ආහ. මා පළමු වරට ඒ සුන්දර දැරිය දුටුවේ එවිටය.

ආ මොහොතේ සිට ඇය දැවටුණේ තාත්තාගේ ඇඟෙහිය. අනෙක්‌ දරුවෝ දෙදෙනා අම්මා තුරුලට වී සිටියහ.

"මැණිකෙ මෙන්න මේ නැන්දා තාත්තා පුංචි කාලෙ තාත්තට හරිම ආදරෙයි. නැන්දට වඳින්න."

සමුගන්නා මොහොත එළඹුණ විට චන්දිම කීවේ දෑතින් සංඥ කරමිනි. ඔවුහු මට වැඳ සමුගත්හ. වතුර පීල්ල ඇති හරියේදී ඉංගී්‍රසි එස්‌ අකුරේ හැඩය ගත්වංගුව දෙසින් ඔවුන් රැගත් වාහනය එළිය විහිදුවමින් නොපෙනී යන තෙක්‌ මම බලා සිටියෙමි. යළිත් දිගු කලකට අප හමු නොවන බව මට දැනෙයි. ආයෙත් අප හමුවිය හැක්‌කේ රිදීවන් කෙස්‌ ඇති මහලු වියේ විය හැක. ළඟම ඥාතීන් වුව අප හමුවූයේ කලාතුරකිනි. කෙළවරක්‌ නැති නොයෙක්‌ පෙම්වතියන් ගැන දොඩමින් නොයෙක්‌ දඟකම් කළ චන්දන පීතාත්වය විසින් කොතරම් වෙනස්‌ කර ඇතිදැයි සිතා බලන්නට මට නිස්‌කලංකයක්‌ ඕනෑ විය.

Nissanka Rajapaksa

unread,
Feb 6, 2020, 11:14:20 PM2/6/20
to ind...@googlegroups.com
සුරඟන
රස්‌කින් බෝන්ඩ් (Ruskin Bond) ගේ The Fairy with Hones නම් කෙටි කතාවේ පරිවර්තනය 
අචල එක්‌සිත් අමරසිංහ

මගේ සීයා කොටි පැටියෙක්‌, විශාල ඉන්දියානු කෑදැත්තෙක්‌ හා ඉබ්බෙක්‌ ද සහිත විශාල විවිධත්වයක්‌ සහිත සුරතලුන්ගෙන් සමන්විත ගෙඋයනක්‌ නිර්මාණය කරගෙන තිබුණද එම සුරතල් සතුන් අතරින් වඩාත්ම මගේ සිත ගත්තේ ගං ඉවුර අසල පිහිටා ඇති අපේ වගා බිම්වල සිට මා පසුපස ආ කළු පැහැති කුඩා එළු පැටවාය.

මෝසම් වර්ෂාව පැමිණීමට පෙර කුඩා සිංදු නදිය පටු ඇළක ස්‌වභාවයක්‌ ගනියි. මෙවැනි දිනවල මා ආශා කළේ ඔවුන්ගේ දීප්තිමත් රතු සාරි ඇඳගෙන තේ දලු නෙළන කාන්තාවන් මෙන්ම දුර ඈතට විහිදී යන අපේ වගා භූමිවල එහා මෙහා යන මිනිසුන් මෙන්ම පිරිමි ළමුන් දෙසද බලමින් ඒ මේ අත මඩ ගොඩවල්වල එරි එරී ඉබාගාතේ ඇවිද යෑමටය.

මෙවැනි දිනක මා කුඩා ඇලක්‌ අසල හිඳගෙන මඩ වතුරේ මාළු බාන කොකුන් දෙදෙනෙකු නරඹමින් සිටින විට මගේ වැලමිට දෙසට කවුරුන් හෝ තට්‌ටු කරන බවක්‌ මට හැඟිණි. වට පිට බලන විට මා දුටුවේ තද කළු පැහැති වෙල්වට්‌ රෙද්දක්‌ තරම් සිනිඳු අලංකාර අලුපැහැති ඇස්‌ ඇති එළුවෙක්‌ මා අසල සිටින බවයි. කෙසේ වෙතත් ඇයගේ මව හෝ අයිතිකාරිය දක්‌නට නොසිටියාය.

ඇය නොනවත්වාම මට තට්‌ටු කරන්නට පටන් ගත් බැවින් මම සාක්‌කුවෙන් ඉඟුරු විස්‌කෝතුවක්‌ ගෙන ඇයට දුන්නෙමි. ඈ එම විස්‌කෝතුව සතුටින් අනුභව කොට මා අසල හිඳගෙන තණකොළ උලා කෑමට පටන් ගත්තාය.

මඳ වේලාවකට පසු මා යෑමට නැගිට්‌ට විට ඇයද මා සමඟ නැගිට්‌ටාය.

මා නිවස දෙසට පියමං කිරීම ආරම්භ කළ පසු ඇයද පැකිලීමකින් තොරව මා පසුපස ඒමට පටන් ගත්තාය. ඇගේ කුඩා පාද නිසා ඈ ඒ පැත්තට මේ පැත්තට වැනෙමින් පැමිණියාය.

"ගෙදර යනවා"· මම කීවෙමි. එවිට ඇය සිංහල නොතේරෙන්නාක්‌ මෙන් මා වටේ නටන්නට විය. නමුත් නිවස පිහිටා තිබුනේ ගඟෙන් එහා පැත්තේය. කෙසේ වෙතත් ඈ ගං ඉවුර දක්‌වා මා සමඟ පැමිණියාය.

ඇගේ කුඩා කකුල්වලින් ගංගාව තරණය කිරීම අපහසු බව වැටහුණු බැවින් මම ඇයව අත් දෙකෙන් ඔසවාගෙන ගඟ හරහා ගමන් කළෙමි. ඇය තම නිවස සොයාගනිතැයි යන විශ්වාසයෙන් ඇයව බිමින් තැබූ විටද ඇය ඇගේ නහය මගේ කකුල්වල අතුල්ලමින් මා අසලම දැවටුණාය. ඇයව කෙසේ හෝ අත හැරීමට සිතා මම වේගයෙන් ගමන් ආරම්භ කළෙමි. එහෙත් ඇය ඇගේ කුඩා කකුල් හතරෙන් මා පසු පසම වේගයෙන් පැමිණියාය. ඇය උඩ පැන පැන අපගේ නිවසේ ගේට්‌ටුව අසලට පැමිණියාය.

එබැවින් මට ඇයව ඇතුළට රැගෙන ගොස්‌ අත්තම්මාට පෙන්වනවා හැරෙන්නට වෙනත් කිසිවක්‌ කරන්නට ඉතිරි වී නොතිබිණි.

"හා· හා· තව එකෙක්‌ නම් එපා·"

මගේ එළු පැටවා ඉස්‌තෝප්පුවේ කිරි දීසියක්‌ ලෙව කමින් සිටිනු දුටු විට අත්තම්මා බෙරිහන් දුන්නා.

"මං ඔය දෙන්නටම කියල තියෙනවා, මේ ගෙදරට තව කිසිම සතෙක්‌වත් කුරුල්ලෙක්‌ වත් වද්දගන්නේ නෑ කියලා....."

අත්තම්මාගේ සිතුවිලි වටහා ගැනීම පහසුය. කිසිවක්‌ කනකට නාහන, නිතරම කොල්ලකෑම් හා පැහැර ගැනීම්වල නිරත වන "ටොටෝ" නම් වඳුරා මෙන්ම කොටි පැටවාට පිළියෙල කළ යුතු විශේෂ ආහාර වේලද අත්තම්මාගේ තීරණයට හේතුවෙයි. නමුත් නිවසට සුරතල් සතුන් රැගෙන එන්නේ සීයා විසිනි. නිවස තනා ඇත්තේද සීයා විසිනි. (ඇත්තටම සීයාගේම අත්දෙකෙන්) එම නිසා කොපමණ කෑගසුවද අත්තම්මා අවසානයේදී සීයාට එකඟ වෙයි.

මා නිවසට පශු සම්පත් රැගෙන එන බව අත්තම්මා දැන සිටියේ නම් මා බෝඩින් පාසලක නැවැත්වීම ගැන ඇය නැවතත් සිතා බැලීමට ඉඩ තිබිණි. එම නිසා හැම විටම මගේ පැත්ත ගන්නා සීයා එළුවා මිලට ගත්තේ අනාගත අයෝජනයක්‌ ලෙස බව කීවේය.

"හාමිනේගෙ රක්‌තවාතෙට එළු කිරි සෑහෙන්න හොඳයි".

ඔහු අත්තම්මාට කීවේය. තම තීරණය ගැන නැවත සිතා බැලීමට අත්තම්මාට මේ කියමන සෑහෙන්න උපකාරි විය. එහෙත් මේ තවමත් වැඩුණු එළුවකු නොවන මේ එළුවාගෙන් කිරි ගැනීමට බොහෝ කාලයක්‌ බලා සිටීමට සිදු වෙන බවද ඇය දැන නොසිටියා නොවේ.

නිවසේ සියලුම සුරතල් සතුන්ට නම් තැබීමට තීරණය කළ බැවින් මගේ එළුවාට "ටින්කර් බෙල්" යන නම ලැබුණි. එය ඔබ සැම දන්නා පරිදි පීටර් ඈෆැන් කතාවේ එන සුරංගනාවියගේ නමයි.

ඇය කොහොමටත් සුරංගනාවක බඳු විය. ඇයගේ පාද වලට ස්‌ප්‍රිං සවිකර ඇත්තාක්‌ මෙන් ඇය වැනි වැනී තණකොළ පිට්‌ටනිය හරහා ගමන් කළාය.

මා ඇගේ බෙල්ල වටා සීනුවක්‌ බැන්ද අතර ඇය සිටිනා ඉසව්ව තීරණය කිරීමට එහි නාදය උපකාරී විය.

ඇය මගේ ඇඳෙහි වකුටු වී නිදාගත් අතර පාන්දරින්ම ලෙවකමින් මා ඇහැරෙවුවාය. එම ලෙවකෑම ඉතා මිහිරි හැඟීමක්‌ මා තුළ ජනිත කළ අතර, කකුලේ ඇඟලි ලෙවකන විට දරාගත නොහැකි කිති කැවීමක්‌ ඇති කළේය. ඇය උදැසනින්ම ඇවිදීමට යෑම ප්‍රිය කළ අතර බලු පැටියෙකුට වඩා මට සෑහෙන්න හොඳ ගමන් සහකාරියක වූවාය, ඇය තනියම ඉබාගාතේ නොගිය අතර ඉත්තෑවුන්, වල් බල්ලන් හෝ පූසන් සමඟ සණ්‌ඩු සරුවල්වල පැටලුණේද නැත. ඇය සමනලුන් පසු පස පමණක්‌ පැන්නූ අතර ඒ සඳහා වන දැඩි ආශාව නිසා සමහර අවස්‌ථාවල කුඩා වළවල් වලට ඇදගෙන වැටුණු අතර සමහර අවස්‌ථාවල පල්ලම් දිගේ රෝල් වී ගියාය. මගේ පුංචි එළු පැටියා එපමණටම ආදරණීය චරිතයක්‌ විය.

එළුවන් වැඩේ.... එම නිසා පීටර් ෆැන් හා අනෙකුත් සුරංගනා චරිතවලට මෙන් නොව ටින්කර්බෙල්ටද වැඩීමට සිදුවිය....

ආරම්භයක්‌ වශයෙන් කිසිදු වැඩීමක්‌ සිදු නොවූ පීටර ෆැන්ට නොව එළුවකුගේ කකුල් හා අං දෙකක්‌ හා යෞවනයකුගේ ශරීරයක්‌ තිබූ ආදරයට අධිපති ග්‍රීක දෙවියන් වන පැන්ට සම්බන්ධයක්‌ පෙන්වමින් ටින්කර්බෙල්ටද අං දෙකක්‌ ලැබුණි.

ගෙවත්තට ටින්කර්බෙල්ගේ තිබූ අභිරුචියද ටිකෙන් ටික වැඩිවිය. විවිධ පාටවල සුවඳවත් මල් සහිත ගස්‌වලට ඇය දැඩි කැමැත්තක්‌ දැක්‌වූවාය. ස්‌වීට්‌ පී මල් ඒ අතරින් ප්‍රධාන තැනක්‌ ගත්තේය. එක්‌ උදෑසනක තම ස්‌වීට්‌ පී වගාව විනාශ වීම නිසා ආත්තම්මාට මරාවේශ වී තිබුණෝය. ඒ වෙනුවෙන් මම එළදෙනකට බැන වැදුණෙමි. මගේ තර්කය වූයේ ගේට්‌ටුව වැසීමට අමතක වූ බැවින් එළදෙන මහ රෑ උද්‍යානයට පැමිණ මේ විනාශය සිදු කළ බවයි. අත්තම්මා කිසිවක්‌ ප්‍රකාශ නොකළද සත්‍ය චූදිතයා කවුද යන්න ඇය දන්නා බව ඇගේ ඇස්‌වලින් වටහා ගත හැකි විය.

ඊ ළඟ දවසේ ජීවිතයේ කිසිම දවසක පැමිණිල්ලක්‌ කර නැති ගෙවත්ත බලාගන්නා අවුරුදු අටක්‌ වයසැති ඩූකි නම් කොල්ලා අත්තම්මා අසලට පැමිණ තමා දෙකට නැමී ජෙරනියම් පාත්තිය සකසමින් සිටින විට එළු පැටියා හොරාට පැමිණ තම පස්‌සට සාහසික ප්‍රහාරයක්‌ එල්ල කළ බවට පැමිණිලි කර සිටියේය. එළුවා බැඳ තබන්නේ නැතිනම් ගෙවත්තේ වෙනත් කිසිදු රාජකාරියක්‌ කිරීම ඔහු ප්‍රතික්‍ෂේප කළේය.

"බොහොම හොඳයි". අපි අත්තම්මාගේ කෝපය සමනය කළ පසු ඇය කථාව පටන් ගත්තාය.

"ඔය එළුවා පොරොන්දු වෙච්ච විදියට අපිට කිරි දෙන්නේ කවදාද?"

එවිට සීයා තම උඩු රැවුල අත ගා අහිංසක බැල්මක්‌ සාදාගෙන එයට පිළිතුරු දුන්නේය.

"මම පිරිමි එළුවෙක්‌ සොයාගන්න බලන්නම්. ඊට පස්‌සෙ දෙන්නගෙ ළමයින්ටත් අපිට තැනක්‌ හොයලා දෙන්න වෙයි...."

මෙයට අත්තම්මා දුන්නේ තනි වචනයක පිළිතුරකි. "හහ්·" නමුත් එම වචනය ඇයගේ කටින් පිටවූ ආකාරය සැලකූ විට ළඟදීම අපට විශාල කරදරයකට මුහුණ පාන්නට සිදුවන බව මට වැටහුණේය.

එම කරදරය අකාලයේ වැටෙන වර්ෂාව මෙන් අප නොසිතූ මොහොතක අප වෙතට පැමිණියේය.

ටින්ක(ර්) ඇගේ අං දෙකේ කෘත්‍ය හා වාසි වටහා ගත් පසු ඇයට ලැබෙන සෑම අවස්‌ථාවකම පාහේ අං දෙක ප්‍රයෝජනයට ගන්නට පටන් ගත්තාය. තැපැල් මහත්තයාට මෙන්ම කෝකියාටද ඇයට පස්‌ස හරවාගෙන සිටීමේ ඵල විපාක විඳින්නට සිදු විය. නමුත් මෙම සිදුවීම්වල අග්‍ර ඵලය අපට අත් විඳින්නට ලැබුණේ විශාල මල් ගෝවා ගෙඩියක්‌ බඳු කාන්තාවක්‌ වන මල්පාන්තිවලට නැමී මල් සමඟ වල්පල් දොඩන මගේ නැන්දා කෙනෙක්‌ ආච්චිගේ නිවසට පැමිණි දිනකය.

"අනේ මගෙ ජෙරනියම් කෙල්ලේ"· වත්තේ මල් පෝච්චියකට පහත් වී අව් රශ්මිය විඳිමින් ප්‍රථම දිනයේ දී ඇය ජෙරනියම් මල්වලට කතා කළාය.

මෙය දුටු ඉස්‌තෝප්පුවේ කණුවක බැඳ සිටි ටින්කර්බෙල් මේ දුෂ්ඨ කාන්තාව තමාගේ ප්‍රියතම කෑමක්‌ වන ජෙරනියම් කොළ කෑමට මාන බලන බව වටහාගත්තාය. එම නිසා කෙසේ හෝ නැන්දාව තම ප්‍රියතම ආහාරයෙන් වෙන් කිරීමට ටින්කර්බෙල් තීරණය කළාය.

එය ටින්කර්බෙල් අප සමඟ ගත කළ කාලයේ අවසානය සනිටුහන් කළේය. තමා දැඩි අමානුෂික ප්‍රහාරයකට ලක්‌ වූ බව නැන්දා අවධාරණය කළාය. ඇය ආත්තම්මා දෙන්නට තැන් කළ ප්‍රථමාධාරද ප්‍රතික්‍ෂේප කළාය. අත්තම්මා වහාම ටින්කබෙල්ට කොටි පැටියාගේ දම්වැල සවිකර ඌව පොළට රැගෙන ගොස්‌ හමුවන පළමු පාරිභෝගිකයාට විකුණන ලෙස මහමුද් නම් කෝකියාට නියම කළාය.

තමාට සදහටම වෙන්වීමට සිදුවන බව ටින්කර්බෙල් වටහාගෙන සිටියාය. ඇයව බලෙන් පොළට ඇදගෙන යන විට ඇගේ දෙනෙත් තෙත්වී තිබුණොය. මම ගේට්‌ටුව අසලට වී ඒ දෙස දුකින් බලා සිටියෙමි. ඇය පසුපස බලමින් කල්පනා කරන්නට ඇත්තේ මෙම ගමනට ඇගේ ස්‌වාමියා (මම) නොපැමිණෙන්නේ මන්ද යන වග විය යුතුය. මට ඉතිරිවී තිබුණේ අත වැනීමටත් ඇගේ මී ළඟ ස්‌වාමියා කරුණාවන්ත, ඉවසීමක්‌ සහිත පුද්ගලයකු වේවා· යන ප්‍රාර්ථනයත් පමණි.

කෝකියා ආපසු පැමිණි විට ටින්කර්බෙල්ව වයසක ගැහැනු කෙනෙකුට රුපියලකට විකුණු බව කීවේය. නමුත් මා සමඟ තනිවූ අවස්‌ථාවක ටින්කර්බෙල්ව සත්‍ය වශයෙන්ම විකුණුවේ නැති බවත් ඇය ඔහුගේ ඥතියකු හට බලා කියාගන්නට දුන් බවත්, අවශ්‍ය අවස්‌ථාවල මටද ගොස්‌ ටින්කර්බෙල්ව හමුවිය හැකි බවත් මහමුද් මට රහසින් කීවේය.

මම විටින් විට ටින්කර්බෙල්ව බැලීමට ගියෙමි. එක්‌ අවස්‌ථාවක මට ඇයව තවත් කුඩා සුදු එළු පැටියකු සමඟ දැකගත හැකි විය. ටින්කබෙල් මහමුද්ගේ ඥතියාට දිනකට නැලි භාගයකට වඩා කිරි ලබා දෙමින් සිටි අතර එම නිවසේ උදවිය ටින්කර්බෙල් පිළිබඳව අපමණ සතුටින් සිටියහ. ඇය එම නිවසේ සියල්ලන් සමඟම සමාදානයෙන් වාසය කළ අතර නිවසට පැමිණ ආචාර කිරීමට නැමෙනා නොදන්නා පුද්ගලයන්ට පමණක්‌ පහර දුන්නාය.




Nissanka Rajapaksa

unread,
Feb 8, 2020, 12:24:40 AM2/8/20
to ind...@googlegroups.com
ලෝකයේ ප්‍රිතිමත්ම දරුවා
පිලිපීන ලේඛක එන් වී එම් ගොන්සාලේස්
පරිවර්තනය ගුණතිලක මැටියගනේ

ඇසළ මාසයේ එක්‌ උණුසුම් රාත්‍රියක ජුලියෝ තම ඉඩම් හිමියා වන කා පොන්සෝ වෙත ලියුමක්‌ ලියමින් සිටියේය. මීට හේතු වූ සුවිශේෂී කාරණාවට නිමිත්ත වූයේ තම පුත්‍රයා වන ජොසේ, කා පොන්සෝ වාසය කරන නගරය වන මන්සාලෙහි පාඨශාලාවට ඇතුළත් කරන්නට ඔහුට අවශ්‍ය වීමයි.

මීට වසරකට පමණ පෙර ඔවුනට මේ මින්දෝරෝ දූපතට සංක්‍රමණය වන්නට කරුණු යෙදුනේ තමාටම කියා ගොවිතැනක්‌ බතක්‌ සරිකැර ගන්නට බිම් කොටසක්‌ ලබාගැනීම ජුලියෝට සිහිනයක්‌ වූ නිසාවෙනි. කම් වූ පරිද්දෙන් තමා අඳ ගොවියකු ලෙස භාරගන්නට කා පොන්සෝ මහතා එකඟ වීම තමාගේ වාසනාවකැයි ජුලියෝ කල්පනා කළේය.

"කරුණාබර කොම්පාද්රේ, " ඔහු ලියන්නට පටන් ගත්තේය. මීට ආසන්නතම සිදුවීම වශයෙන් ඔහුගේ බිරින්දෑ දරුවෙකු මෙලොවට ප්‍රසූත කොට සිටියාය. වැදගත් අසල්වැසියකු වූ නියායෙන් බිළිඳාගේ කැපකරු පියා ලෙස කා පොන්සෝ පත්කර ගැනිණි. එතැන් පටන් ඔවුහු තමන් කොම්පාද්රේලා හැටියට එකෙකා අමතා ගන්නට පුරුදු වුයේය .

තම පුත්‍රයාගේ පාසල් අභ්‍යාස පොතකින් ඉරාගත් කොළයක අංශක අනූවක කෝණයක නැඹුරු වී ජුලියෝ ලියමින් සිටියේ තගලොග් බසිනි. අන්තිමට අකුරක්‌ රවුම් කර ගන්නට වෙහෙස දැරූ දින සිට මාස ගණනක්‌ ගෙවී ගොසිනි. ඒ ගෙයක්‌ දොරක්‌ හා අයදුම් පත්‍රය සම්පූර්ණ කරනු පිණිස මන්සාලේ නගර සභා කාර්යාලයට ගිය අවස්‌ථාවේදීය. ඔහු පෑනක්‌ අතින් ඇල්ලුවේ එදාය. එදා ඔහුටම විමතියක්‌ ඇති වූයේ තමා නිවැරදි ලෙස එහි හිස්‌තැන් සම්පූර්ණ කොට තිබීම පිළිබඳවය. අදාළ නිලධාරීන් සමග උක්‌ත කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා, කරන්නම් යැයි කා පොන්සෝ ඔහුට සහතික වූවද ඉල්ලුම් පත්‍රයෙන් සිදු වූ කිසිදු යහපතක්‌ නම් නැත්තේය. දැන් පෑනක්‌ වෙනුවට පැන්සල් කොටසක්‌ උපයෝගී කොට ගත් ජුලියෝ තුළ ලොකු විශ්වාසයක්‌ හටගෙන ඇත්තේ මෙය කා පොන්සෝට කියවා ගත හැකි තත්ත්වයේ ඇතැයි යනුවෙනි.

"මෙය ලියන්නේ මගේ පුතා වන ජෝසේ සම්බන්ධවයි." ඔහු ලිවීය. "දැනට ඔහු හයවෙනි කැලෑසියේ ඉගෙන ගනියි." මින්දෝරෝවට පැමිණි තැන් පටන් ජොසේට අවුරුද්දක ඉගෙනුම් කාලයක්‌ අහිමි වී ඇති බව සඳහන් කරන්නට ඔහුට අමතක විය. " ඔබේ කැරබෝලා (මී ගොනුන්) ආම්බාන් කරගන්නට තරම් හයි හත්තියක්‌ කොලුවා තුළ නැති නිසාවෙන් ඌ නගරයේ පාසලට ඇතුළත් කරන එක හොඳම දේ යැයි මම අදහස්‌ කරමි."

ඔහු කඳ කෙළින් කොට බිත්තියට හේත්තු විය. ඔහු බිම වාඩිගෙන තමන්ගේ තනි කාමර ගෙදර ඇති එකම ගෘහ භාණ්‌ඩය යැයි නම් කළ හැකි දිග ලී බංකුව මත කඩදාසිය තබාගෙනයි ලියමින් සිටියේ. බැංකුව වූයේ එක මුල්ලකය. ඊට මුහුණලා අනෙක්‌ පැත්තේ ලිප පිහිටියේය. ඔහුගේ දකුණු අත පැත්තෙන් ඔහුගේ බිරිය හා සිඟිති දියණිය හණ මඳුරු දැලක්‌ යට නිදාගෙන උන්නේය. ජොසේ ද දොර අසල නොපෙළුෑ වී ගෝනියක්‌ ළඟ හතර ගාතේ දමා නින්දට වැටී සිටියේය. ඔහු මුලු මද්දහන් පෝරුව පුරාම ගෙන් පිට වී සිටියේ ගං ඉවුරේ එහා පැත්තේ අලුත අස්‌වැද්දූ කෙත්යාය දිහා අයාලේ ගිය දඩබ්බර මී නාම්බෙකු සොයා වෙහෙසෙමිනි. කොලුවා දොළොස්‌ හැවිරිදි වුවත් හම්මච්චාසි වූ ගැටයකු පරිද්දෙන් තරමක හඬින් ගොර අඳිමින් සිටියේය. භූමිතෙල් ලාම්පුවේ, දැල්ල හුස්‌මක්‌ කටක්‌ නොගෙන අඟර දඟර දමමින් සිටියේය. මාළු තැම්බුම් හොද්දකින් ඉහිරුණු කාරම බැංකුවෙන්ම හටගත්තාක්‌ මෙනි. ජුලියෝ තම ගති ස්‌වභාවයට සංවේදී වූයේ නම්, ඔවුන්ගේ දිළිඳු භාවයේ නිරුවත් සත්‍යය ඔහුට දැඩි පීඩනයක්‌ එල්ල කරන්නට ඉඩ තිබිණි. ඒ පිලිහිඩි කාරම ඔහුගේ නැහැ පුඩුවලට මිටින් අනින්නට වූ විටදී පවා, ඔහු නිකමට කාමරය පුරා බැල්මක්‌ යවා මඳුරු දැල දෙසත් දොර අසළ නිදියන ජෝසේ දෙසත් බලා සිටියේය. ඔහු ආයෙත් ලිපිය වෙතට අවධානය යොමු කළේය.

" මේ කොලුවා ජෝසේ, ඇවිල්ල කොම්පාද්රේ, " ඔහු ලිවුවේය. " හරිම දස්‌ටි දිස්‌ටිය ඇති එකා, මුන්නැහේ කැමැති විදියකට කොලුවා වැඩපළවලට යොමු කරගත්තාට ඇති වරදක්‌ නෑ. ඌට බතක්‌ මාළුවක්‌ පිහගන්න වුණත් බැරි කමක්‌ නෑ. ඌ පිඟන් කෝප්ප වුණත් අර පිරිමැස්‌මෙන් සෝදා පිරිසිදු කර දෙන බවට මට විශ්වාසයි."

ආගමික පින්කම් සමයේ මීට මාස තුනකට පෙර අවසාන වතාවට කා පොත්සෝගේ නිවසට ගිය මතකය ජුලියෝ අලුත් කර ගත්තේය. එය බොහෝ මෙහෙකාරකාදීන් විසින් පිරිවරා සිටින සුවිසල් නිවසකි. ගෙබිම කොතරම් දීප්තියකින් පෙරාදා කොට ඇත්තේ දැයි කිවහොත්, ඔබ එහි පය තබා යන විට කැඩපතකින් මෙන් ඔබේම ඡායාව දැකගත හැකිය. එමෙන්ම ඔබ පිටුපසින් පිස්‌නාවක්‌ද අමෝරාගෙන මෙහෙකාරයෙක්‌ පැමිණෙන්නේ ඔබේ පාවලින් ගෙබිම පැල්ලමක්‌ වැටුණොත් වහා එය පිසදමනු පිණිසය.

" මෙය එතරම් දුරට මහ කරදරයකැයි ඔබ නොසිතන බවට මම විශ්වාස කරමි." ජුලියෝ දිගින් දිගටම ලියාගෙන යන්නේ තම සිතට ගලා එන අදහස්‌ වාක්‍යවලට ගොනු කර ගැනීමට උපරිම දහිරිය යොදමිනි. තමාගේ ලිපියට කා පොන්සෝ නම්බුකාර සැලකිල්ලක්‌දී කටයුතු කරාවිද යන අනීමාන සැකයක්‌ද ඔහු තුළ නැත්තේ නොවේ. එහෙත් ඔහු සෙමෙන් සෙමෙන් නමුත් දැඩි සැලකිල්ලෙන් යුතුව තමා ලියූ දෑ නැවත කියවනු පිණිස වරින්වර නවතමින් ලියාගෙන ලියාගෙන යන්නට විය. 
" අප වෙනුවෙන් ඔබ කරන්නාවු සෑම උපකාරයක්‌ වෙනුවෙන්ම ණය ගෙවන්නට අපි සූදානමින් සිටිමු, කොම්පාද්රේ, බොහෝ දුරට, අප දැනටමත් ඔබට සෑහෙන්නට ණය ගැති බව රහසක්‌ නොවේ. එහෙත් මගේ භාර්යාවත් මමත් ඒවා ආපසු ගෙවා දැමීමට සැඳී පැහැඳී සිටිමු."

අවසන් වාක්‍යය නැවත කියවන විටදී ද තම බිරින්දෑ ගැන මතක්‌ කිරීමේදී ද ජුලියෝ මතකයට නගාගත්තේ ඔවුන් මෙහි පැමිණි පළමු මාසය පුරාවටම වී බුසල් පහක්‌ කා පොන්සොගෙන් ලබාගෙන ඇති බවය. පසුව ඔහුට දැනුම් දෙනු ලැබුවේ ඊළඟ කොලඳින් සමයේ එමෙන් දෙගුණයක්‌ ආපසු ගෙවිය යුතු බවයි. එය ගිනි පොලියක්‌ බව පෙනුණත් ඒ ප්‍රදේශවල මෙවැනි සිරිත් දැඩි ලෙස බලපත්වනු ලබයි. ජුලියෝ ද ඒවා ගැන කණු කුණුගාන පුද්ගලයෙක්‌ නොවේ. අනෙක්‌ අතට, කා පොන්සෝ වනාහි කියමනට අනුවත් තම ප්‍රාණසම මිත්‍රයායෑයි යන ආකල්පයෙන් බැහැර කොට සිතන්නට ජුලියෝ කල්පනා නොකෙළේය. 

එක්‌වනම ඔහු තුළ දෙගිඩියාවක්‌ මතු වන්නට වූයේ දහසක්‌ විච්චූරණවලින් පිරුණු කා පොන්සෝගේ නිවසෙහිදී ජොසේ කවරාකාරයකට හැසිරේද යන සිතිවිල්ලෙනි. කොලුවා පය පැකිළී පුටුවක්‌ උඩ ඇඳ වැටෙන්නටද පුළුවන, නැතිනම් ඌ අතින් පිඟන් කෝප්ප බිඳෙන්නට ද පුළුවන....... මෙයාකාරයට ඔහු තම සිතිවිලි අතර හැල හැප්පෙන්නට වූයේ කොලුවා ගැන කම්පාවෙමිනි.

" ජොසේ ඔබේම දරුවකු ලෙස සලකා කටයුතු කරනු ඇතැයි මගේ විශ්වාසයයි. එසේම ඌ අතින් අකටයුත්තක්‌ සිදු වුණොත් ඔබ කැමැති විදියකට ඌට දඬුවම් කොට හදාගත්තාට මගේ ඇති අමනාපයක්‌ නැත. ඇත්තෙන්ම මුන්නැහේ උගේ දෙවෙනි පියා ලෙස සලකා සිටිනු දැකීම මගේ අභිප්‍රායයි."

තමාට කියන්නට තවත් යමක්‌ ඉතිරි වී නැතැයි ජුලියෝට නැඟුනේ තම මුලු ජීවිත කාලය පුරාවට ලියූ දීර්ඝතම ලිපිය එය වූ බැවිනි. මොහොතකට ඔහුගේ දකුණතේ ඇඟිලි හිරිවැටී ගොසිනි. ඒත් මෙය කෙතරම් අසිරිමත් හපන්කමක්‌ද? ඔහු කීවේය. පිටුවක්‌ පිරෙන්නට තරම් අකුරු තොගයක්‌ ගොනුකර ගැනීම, ආපසු කොන්ද කෙලින් කරගත් හෙතෙම තමාටම සිනාසී ගත්තේය.

ඇත්තමයි, ඔහු ලියුම සම්පූර්ණ කොට ඇත්තේය. ඔහු තුළ විශාල බියක්‌ හටගෙන තිබුණේ තමාට එය කිසිදාක සම්පූර්ණ කරගත නොහැකිය යනුවෙනි. එහෙත් ඔහු එය සපුරාගෙන ඇත්තේය. පෙනෙන විදියට නම්, ලිපිය කියවන්නටත් අමාරුවක්‌ නැත. පසුවදාම ඔහු ජොසේත් සමග ලිපිය පිටත් කර හරිනු ඇත.

පසුදා උදෑසන හයට පමණ දොළොස්‌ හැවිරිදි පිරිමි දරුවෙක්‌ මී ගොන් නාම්බෙකු පිට නැඟ, ගං දරණිය දිගේ නගරයට යන මාර්ගය තරණය, කරමින් සිටියේය. මීමාගේ පුළුල් පිට කොන්ද මත ඔහු පොල් ලෙල්ලක්‌ තැබුවාක්‌ මෙන් විය. පියා ඔහු හා කැටුව පැමිණියේ ගං දරණි වංගුව තෙක්‌ පමණි. උණ වඳුල පසුකරන විටම හමුවන කුඩා අතු ගඟෙන් එගොඩ වීමට සිතා අදිමදි කරන කල්හි මිනිසා කෙවිටක්‌ ගෙන ඌ හගිස්‌වන්නට විය. ඊළඟට ඔහු කෙවිට කොලුවා අතට පත්කළේ මහාර්ඝ ත්‍යාගයක්‌ පිරිනමන්නාක්‌ මෙනි. දියපාර තරණය නොකළ පියා මෙහා ඉවුරේ සිටගෙන බලාසිටින්නට විය. ලියුම පිරිස්‌සම් කරගන්ඩ මතක තියාගනින් ඔහු හිටිතැනම සිට කෑ ගසා කීය. " ඒක උඹේ සාක්‌කුවෙම තියෙනවා නේද?" කොලුවා කමිස සාක්‌කුව අත ගා බලා ලියුම ඇති වග සහතික කොට ගෙන ආපසු හැරී මෙසේ කෑ ගැසීය. "නෑ..... තතේ, මං ඒක නැතිකර ගන්නේ නෑ."

" අනික මීමගෙ පෙරේසම ගැන සිහි කල්පනාව තියාගනින්.... " ජුලියෝ එසේ කියන්නටද අමතක නොකළේය. " මං තව දවසකින් දෙකකින් ඌ ආපසු ඇන්න යන්ට නගරෙට එන්නම්...... " මට ගොයම් පැළ ටික ඉන්දන වැඩේ අහවරයක්‌ කරන්න තියෙනවානෙ...."

ජුලියෝ ආපසු ගමන් ඇරඹුවේ එදාට නියමිත කෘෂිකාර්මික වැඩ කොටස්‌ නිමකිරීමේ සැලසුම් සකස්‌ කරමිනි. එහෙත් තම පුත්‍රයාට දෙන්නට දැනුමුතුකමක්‌ ඇති වග ඔහුට සිහිපත් විය. එතැනම නැවතුණු ඔහු ආපසු හැරුණේය. " එතකොට අර ලියුම.." ඔහු කෑ ගසා කීය. " නගරයට ගිය හැටියෙ ඒක කා පොන්සොගෙ අතටම දෙන්න මතක තියාගනින්. ඊට පස්‌සේ හොඳ එකා වාගෙ එයා කියන ඕනෑම වැඩක්‌ කර දෙන්ඩ මැලි වෙන්ඩ එපා. හොඳ සිහිකල්පනාවෙන්, හැම දේම" මී ගව අසුන මත සිටම " හා, හොඳා... තතේ....." යි. බෙරිහන් දුන් ජෝසේ ඉදිරිය බලන්නට විය. ඔහුගේ සෑදලයට ගැටගැසු කුඩා රෙදි පොදියක්‌ හා කුඩා සහල් ඔලගුවක්‌ද විය. එයින් දෙවැන්න ඔහුට නගරයේ පළමු සතිය ගෙවා දැමීම සඳහා අවශ්‍ය කරන ආහාර කළමනාවයි. එය ප්‍රත්‍යන්තවලින් හා ගොවිබිම්වලින් පැමිණෙන පාසල් ළමුන්ට තමා විසින්ම යැපිය හැකි වන පරිදි සැකැසුණු සරල චාරිත්‍ර ධර්මයකි. ජොසේගේ කාරණය සම්බන්ධයෙන් ගත් කල, ඔහු කා පොන්සෝගේ නිවසෙහි නතර වන්නට ගියත්, මේ පළමු සතියේ ආහාරය සම්බන්ධ වූ සුළු කාරණය පවා අමතක කොට ඇතැයි කියවාගන්නට ජුලියෝට අවශ්‍ය නොවීය.

දැන් කොලුවා පියාගේ දසුනින් මෑත්ව ගොසිනි. උස හණ පඳුරු ගොම්මනකට මුවා වී ගොසිනි. තද කොළ පැහැයෙන් යුත් ඒ හණ පත්‍ර උදා හිරු එළියට දිදුලමින් තිබිණි. පියා සිහිවන විට, තම කමිස, සාක්‌කුවෙහි ඇති ලියුම පිළිබඳව කුතුහලයක්‌ හදිසියෙන්ම ජොසේ තුළ, මතුවන්නට විය. පාර අයිනේ අතු පතර විහිඳී ගිය සුවිසල් රුකක්‌ යට වී ගොන් වාහනය නැවතූ ජොසේ ලියුම කියවන්නට විය. ඒ අතර අසල වු පඳුරක ලැඟුම් ගත් පක්‍ෂියෙක්‌ ඔහුගේ ගමනට ආසිරි පතමින් ගීයක්‌ ගායනා කරනු ද අසන්නට ලැබිණි.

වචනයෙන් වචනයට පනිමින් එහි අරුත් පැහැදිලි කැර ගන්නට උත්සාහ දරන ඔහුට තම පියාගේ ප්‍රාදේශීය ව්‍යවහාරය වටහා ගැනීම අසීරු විය. එහෙත් සෑම වාක්‍යයකම අරුත පැහැදිලි වන්නට වූ කල ඔහුට අත් විඳගන්නට හැකි වූයේ කුතුහලය පිරි පුහර්ථයකි. මේ මිහිපිට වසන වඩාත්ම ප්‍රීතිමත් දරුවා තමාය යන හැඟීමත් අප පක්‍ෂියා ජයමංගල ගී ගයා ආසිරි පතන අයුරුත් ඔහු කුල්මත් කරන්නට විය. ඒ නිසා ඈතින් ගලා යන දිය පහරේ සිලිසිලියද ඔහුට ඇසෙන්නට විය. තම, පියාගෙනුත් තනි වී ඇති මොහොතක දැන් ඔහුගේ තනියට සිටින්නේ මුළු මිහිතලයම පිරෙන්නට ගී ගයන පක්‍ෂි හිතවතාත් දිය කඩිත්තෙන් නැගෙන ජල තරංග සංධවනියත් පමණි.



Nissanka Rajapaksa

unread,
Feb 9, 2020, 4:01:51 AM2/9/20
to ind...@googlegroups.com
කන්ට සුත්‍රය 
අලුත් මල්කඩුවාවේ ගාමිණී ඒකනායක

මැදියම් රැයේ පණ බේරාගත් ගොඩ්විනුත්, දෙනියේ ගෙදර සෝමයාත් හති දමමින් පස්‌ස නොබලාම දුවන්නට වූහ. කඩු පොලු උළුක්‌ කරගත් පිරිසක්‌ ඔවුන් දෙදෙනා පසුපස එලවා බලාපොරොත්තු සුන්කර ගනිමින් ආපසු ගියහ. හොරකමෙත් කපටි කමේත් ක්‍රම සහ විධි වසර ගණනක්‌ ප්‍රගුණකළ නිසාම දෙදෙනා සුරුස්‌ගාමින් තම නිවෙස්‌වලට රිංගා ගත්තේ ගැහෙන හදවතින් යුක්‌තවය.

"ඊයෙ තව ඩිගෙන් මැරුං කංටයි වෙන්නේ... කඩේ ලාච්චුව ඇරල සල්ලි අතට ගත්ත විතරයි එකෙකුට ඇහැරුනානෙ බං... වැඩිකල් යන්ට ඉස්‌සරල අපි දෙන්න කාගෙන් හරි කම්බස්‌ වෙනවා... මේක අතෑරල දාමු බැං, දැං අවුරුදු කීයක්‌ ගුටි කෑවද? ඊයේ පොලු පාර අතේ වැදිල තවමත් ඉදිමිලා... ගුටි කාලම දැං ඇඟපත රිදෙනවා... මතකනෙ එක පාරක්‌ කඩුපාරට අත වෙන්උනේ නැති එක විතරයි..." දෙනියා කියාගෙන කියාගෙන ගියේය. දෙනියේ ගෙදර සෝමපාල වුවද ඔහු ප්‍රසිද්ධ දෙනියා හැටියටය.

"ඔව් බං අපිට ඉගෙන ගන්ටත් බැරිඋනා... අතේ පයේ වැඩක්‌ දන්නෙත් නෑ. ඒකනේ බං මේ කුණු රස්‌සාවටම පුරුදු උනේ. ඒත් මොනවා කරන්ටද... අපිත් මේ ලෝකෙ ජීවත් වන්ට එපැයි..." ගොඩ්ඩාද ඒ අදහස තහවුරු කළේය.

සොරකමට තිත තබා කොහෝ හෝ ඈත ගමකට ගොස්‌ ජීවත්වීමට දෙදෙනා තීරණය කළේ බැරිම තැනය.

"අපි දෙන්නා එකට ගියොත් ආයෙත් පරණ වැඩේමයි කරන්ට හිතෙන්නෙ. උඹ ඕනෑ දිහාවක පලයං.... මම හෙට අනිද්දාම පොලොන්නරු පැත්තෙවත් යනවා කුලියට ගොයං කපන්නට..."

කිසිදු නිශ්චිත ඉලක්‌කයක්‌ නොමැතිව බස්‌ රථයෙන් බැස්‌ස පොඩ්ඩාට යකෙක්‌ කන්ට බඩ ගින්නක්‌ දැනුණත් අත ඉතිරි සීමිත මුදල මතක්‌ කර දිග සුසුමක්‌ පිට කළේය. කඩවල් කීපයකටම ගොස්‌ වැඩ ඉල්ලා ඇවිටිලි කළද කිසිවකුත් උපකාර කරන බවක්‌ නොපෙනුනි. ඔහු බඩගින්නේම මැදිරිගිරියේ කුසුම් පොකුණ ඇල පාරේ පියමං කළේය. ගිනි පූටකේ දහදිය දෙකාංසෙන් රූරා වැටුනද ඒවා මොහොතකට හෝ සමනය වූයේ හාත්පස වෙල්යායෙන් ඉද හිට එන සුලං රැල්ලකිනි. ගමන් මහන්සිය නිසා ඔහු බඩගින්නේ ම යාබදව ඇති මහ නුගගහ මුල හරිබරි ගැසී ඉඳගත්තේය. ඈත වෙල්ලායේ ගොයම් කපන පිරිසකගේ ගොයම් කවියක්‌ දෙකක්‌ ඉඳහිට ඇසුනෙත් ඒ දෙස බලා ඈනුමක්‌ ඇරියේය. දහවල් ඇඹුලෙන් සප්පායම් වූ කුසුම් පොකුණ සේනයා ඈත නුගගහ මුල සිටින තැනැත්තෙකු යාංතමින් දැක්‌කේය.

"පව් අර කව්දෝ මිනිහෙක්‌ නුග ගහයට ඉන්නවා ඉතුරු වෙච්ච බත් ටික දීල දාමු".

ගොඩ්ඩා තමා වෙත එන කවුදෝ පුද්ගලයකු දැකීමෙන් ඈතදීම බොරු ආරුඪයක්‌ ගත්තේය.

"මේ උන්නැහේ බත් ටිකක්‌ තියනවා දෙන්ඩද?"

"දරුව.... පළමුව ආහාර පැත්තක තබා... කොල අත්තකත් ගහේ එල්ලලා... නමස්‌කාර කරන්ට හොඳයි".... මෙතන ශුද්ධ භූමියක්‌..." ගොඩ්ඩා බත්මුල දෙසවත් නොබලාම අණ කළේය. විස්‌මිත වී බිරාන්තව මොහොතක්‌ බලා සිටි සේන එකත්පක්‍ෂව තුරටිය අත්තක්‌ කඩා නුග ගසේ එල්ලුවේ තරමක්‌ තැති ගැනීමෙනි.

"මුන්නැහේ කොයි පලාතෙද...?"

"මං ඈත පලාතක නුගගහකට අධිගෘහිත දෙවිකෙනෙකුගේ කැප කරුවෙක්‌. මට හීනෙං කීවා මේ නුග ගහ බාර අරං මේ පැත්තට ආශිර්වාද කරන්ට යන්ට කියල. ඒ හිංද මෙතන දැං ශුද්ධ භූමියක්‌, යන එන ගමං බිමං වලට ශාන්ති කරවගන්ට, බාර ගැට ගහන්ට, දානෙ දෙන්ට මේ පළාතෙ ඇත්තන්ට තැනක්‌ නෑ කියලයි මට යන්ට කීවේ. ඒ හිංද කාල ඉතිරි ඒවා නොවෙයි හරියට දාන මාන පිළිගන්නංඩ වෙයි."

"එහෙමයි" බියෙන් තැතිගත් සේන මිමිනුවේය. කුසුම් පොකුණ ජනපදය පුරාම නුගගසේ තාපසයා පිළිබඳ ආරංචිය ලැව් ගින්නක්‌ සේ පැතිර යැමට වැඩි කලක්‌ ගත නොවීය. එම නිසා අලුත් තාපසයා බැහැ දැකීමට කොල්ලෝ, කුරුට්‌ටෝ පමණක්‌ නොව වැඩිහිටියෝද බොහෝ දෙනෙක්‌ පැමිණයහ.

මුලදී මුලදී දාන මාන අතරින් පතර වැරදුනත් කලක්‌ ගතවනවිට උදේ දහවල් යහමින් පුද පූජා ලැබිණි. වරක්‌ ධාරානිපාත වැස්‌සකට හසුවූ තාපසයා හාවක්‌ හූවක්‌ නොමැතිව තෙමීගෙන නිසලව සිටිනු දැකගත් ගම්වැසියෝ දෙවියෝ කෝප වේයයි බියෙන් ලහි ලහියේ මඩුවක්‌ සාදා දුන්නේ ඉක්‌මනින්ම ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ සැදීමේ අදිටනෙනි. මහපාරේ යන ඕනෑම කෙනෙක්‌ කොල අත්තක්‌ එල්ලලා ආශිර්වාද ලබා ගැනීම සුලභ දසුනකි. යාන වාහන වලින් යන්නවුන් පවා පිං කැටයට යමක්‌ නොදමා යැමට බිය වූහ. වසරක්‌ වත් යෑමට මත්තෙන් ප්‍රදේශයේ ජනතාවගේ ආශිර්වාදය මත තාපස තුමාට අංග සම්පූර්ණ ගොඩනැඟිල්ලක්‌ හිමිවිය. නව ගොඩනැඟිල්ලේ දැං තාපසයාට වෙනම කාමරයකි. ආශිර්වාද ප්‍රජාව සඳහා දිග ගොඩනැඟිල්ලකි. දිනපතාම නුගගහ වටා අතුපතු හා පහන් පත්තු කිරීමට ගැමියෝ හුරු පුරුදු වූහ. විභාග කාලවලට තාපසතුමාගේ වෙනම ආශිර්වාද පූජාවකි.

"තාපස තුමානං මේ ගමට ලොකු වාසනාවක්‌... දැං මේ යායෙන් ඉස්‌සරට වඩා අස්‌වැන්න හොඳයි.... ඕං... නූල් දාගත්ත හුඟ දෙනෙක්‌ විභාග ඉහළින්ම පාස්‌ වෙලාලු මේ සැරේ...." ගැමියෝ තාපසතුමාගේ අනුහස්‌ වර්ණනා කළහ.

දෙනියා සරමක්‌ සහ කමිසයක්‌ සිලිසිලි මල්ලක දමාගෙන කඩමංඩියට ගියේය. ඔහු පළමුවෙන්ම නෙත ගැටුන මයියංගනය බස්‌රථයට නැග්ගේය. තේවතුර බීම සඳහා අතරමග නතර කරන ලද බස්‌ රථයෙන් බෑස කඩ කීපයකින්ම රස්‌සාවල් ගැන විපරම් කළත් පලක්‌ නොවූයෙන් යලිත් ගමන් ආරම්භ කළේය. හෝරා දෙකකින් පමණ ගමන නිමාවූ බස්‌රථය නැවතුම් පොලේ ගාල් කරනලදී. බසයෙන් බැසගත් ඔහු ඉබාගාතේ ඔහේ ඇවිද්දේය. බස්‌ නැවතුම්පළ යාබදින්ම එක්‌වරම මහා කලබලයකි.

"හොරෙක්‌... හොරක්‌ ඔන්න ඕක අල්ලපියව්" තමා ඉදිරියට පිම්මේ දුවගෙන එන හැඩිදැඩි පුද්ගලයෙක්‌ පිටුපස හඬා එන පිරිසකි. වහා ක්‍රියාත්මක වූ දෙනියා ක්‍ෂණයකින් හැඩිදැඩි පුද්ගලයා අල්ලා ගන්ට තැත්කළේ ඔහු අමෝරාගත් පිහියද නොතකාය. දෙනියායේ පා පහරින් දැඩිදැඩි පුද්ගලයා කපාහෙලූ ගසක්‌ මෙන් බිම පතිත විය. එහෙත් පිහිපහරින් තුවාල වූ අත් අල්ලාගත් දෙනියා බිම වැටී මරහඬ දෙන්නට පටන් ගත්තේය. යුහුසුළු වූ අහල පහල පිරිස ඉක්‌මනින්ම දෙනියා රෝහලට ඇතුල් කළහ.

"අප්පේ තමුසේ නොහිටිංඩ ඕකව අල්ල ගන්ට වෙන්නෑ.... ලොකුම ලොකු උදව්වක්‌ තමුසෙ කෙරුවෙ.... අනික ඌ පොලිසියට කට්‌ටි පැන්න මිනිමරුවෙක්‌... ඕනෑ උදව්වක්‌ කියන්ට..."

හවස්‌ යාමයේ තෑගි බෝගද රැගෙන තමාගේ සුවදුක්‌ බැලීමට පිරිසක්‌ පිරිවරාගත් පුද්ගලයෙකි. ඔහු තරමක්‌ වැදගත් අයකු විය හැකියයි දෙනියාට සිතිනි.

"අනේ සර් මට මොනවත් එපා මට රස්‌සාවක්‌ හොයල දෙන්ට..."

"රස්‌සාවක්‌ නේද... හරි මම තමුසේ සනීප උන ගමන් මොකක්‌ හරි කරන්නම්..." තුවාලය සනීප වී දෙනියා රැගෙන යෑමට ඔහු පැමිණියේය.

"තමුසෙ මං ඇමැතිතුමාට බාර දෙන්නම්. සේරම කතා කරලයි තියෙන්නේ..."

දෙනියා රත්නපාල ඇමැතිතුමාගේ ආරක්‍ෂක භටයකු බවට වහාම පත්විය. දෙනියාට දැන්නම් කියපුම රස්‌සාවය. සුදු අත්කොට කමිසයක්‌, කළු කලිසමක්‌ සහ කළු සපත්තු කූට්‌ටමකින් නිතරම සැරසීගත් ඔහුට වැඩි කලක්‌ යෑමට පෙර ඇමැතිතුමාගේ ළඟම ආරක්‍ෂකයා විය. ඔහු සාක්‌කුවේ ලා ගත් පිස්‌තෝලය වරින්වර එළියට ගෙන සාක්‌කුවේ දමා ගත්තේ මහත් ආඩම්බරයෙනි. ඔහු ආවේ ගියේ මොන්ටේරෝ රථයකය. ඇමැතිතුමා පසුපස අසුනෙන් බැසීමට පෙර ඉදිරිපස අසුනේ සිටින දෙනියා වහාම බැස පසුපස දොර විවෘත කර ඇමැතිතුමාට රථයෙන් බැසීමට උපකාර කිරීම පමණක්‌ නොව ඇමැතිතුමා පිටිපස්‌සෙන්ම ගමන් කරයි. ඇමැතිතුමාගේ පමණක්‌ නොව පවුලේම අයගේ විශ්වාසවන්ත පුද්ගලයා වීමට ඉක්‌මනින්ම ඔහුට හැකිවිය.

"දෙනියාය... තමුසෙ අර මරණ ගෙදර මං වෙනුවෙන් යනවා".

"එහෙමයි සර්".

වැඩිකල් ගතවීමට පෙර ඇමැතිතුමාගේ විශ්වාසවන්තකම නිසාම ඇමැතිතුමාගේ මළ ගෙවල්, මගුල් ගෙවල්, තොවිල් බවිල් පිංකම් සේරම නියෝජනය කිරීමට ඔහුට මහත් ගෞරවයකි.

"මං ඇමැතිතුමා වෙනුවෙන් ආවෙ" ඔහු ගැමියන්ට කීවේ මහත් උද්දාමයකින් යුක්‌තවය. ඇමැතිතුමාගේ ජීප් රථයෙන් බසින දෙනියාය මහත්තයාට කරන්ට බැරිදෙයක්‌ නැති බව ගැමියෝ විශ්වාස කළහ. රැකියාවකට දැමීම, ලී පර්මිට්‌ දීම, කොන්ත්‍රාත් ගැනීම, පොලිසියෙන් බේරා ගැනීම වැනි සබ්බ සකල දේටම ගැමියන්ට දෙනියාය මහත්තයා කප්රුකක්‌ විය.

හදිසියේම විසුරුවා හැර මැතිවරණයක්‌ ප්‍රකාශයට පත්කළේ මේ අතරතුරය. දෙනියාය මහත්තයා රත්නපාල ඇමැතිතුමාගේ ඡන්ද ව්‍යාපාරයේ බර කරටම ගත්තේය. දෙනියාය මහත්තයාට බියෙන් විරුද්ධ පාක්‍ෂිකයෝ පෝස්‌ටර් ගැලවීමට බිය වූහ.

"දෙනියාය... අර රැස්‌වීම් ටික හරිද...? පෝස්‌ටර් ගැහුවද....? මල්මාල කලිං ඇරියද...? බත් පැලට්‌ ටික ඇරියද....?" ඇමැති තුමාගේ ප්‍රශ්න වැලකි. දෙනියාය අපූරුවට තම කණ්‌ඩායම මෙහෙය වීය. ඇමැතිතුමා මෙවර මැතිවරණයෙන් ගිය සැරේටත් වඩා ඡන්ද ගානකින් ජය ගත්තේය.

"මේ සැරේ ඔය යකාට ඡන්ද අඩුවෙලා තිබුණෙ. අර දෙනියාද මොකාද එකා හැම තැනම හොර ඡන්ද දාල මිනිහ දිනවල තියෙන්නේ..." ඒ ඇතැම් ගැමියන්ගේ චෝදනාවකි.

"දෙනියාය නැතිවෙන්ඩ මං කොහෙ දිනන්ඩද මේ සැරේ" ඇමැතිතුමා පිරිසට දෙනියාය මහත්තයව වර්ණනා කළේය. වසර දෙක තුනක්‌ ඇතුළත ප්‍රාදේශීය සභා මැතිවරණයද ප්‍රකාශයට පත් කළේය.

"දෙනියාය... තමුසේ මේ සැරේ ප්‍රාදේශීය සභා ඡන්දෙට ඉල්ලනවා.. මං දිනවල දෙන්නම්... මට විශ්වාස කෙනෙක්‌ එතන ඉන්ටෝනෑ..."

ඉහේ මලක්‌ පිපුන දෙනියාය මහත්තය යටහත් පහත්ව කැමැත්ත පළ කළේය. මහ මැතිවරණය දිනාගත් ඇමැතිතුමාට ප්‍රාදේශීය සභා ඡන්දය කිරිකජු කනාන්වා වගේය. දෙනියාය මහත්තයාද විශාල වැඩි ඡන්ද ගණනකින් ජයග්‍රහණය කළ අතර ඇමැතිතුමාගේ අනුහසින් සභාපතිතනතුරට පත්වීමට තරම් වාසනාවන්ත විය.

"දෙනියාය,.. තමුසෙට හොඳ වාසනාවක්‌ තියෙන මිනිහෙක්‌ ඊළඟට පළාත් සභාවටත් යන්ට සූදානම් වෙනවා.."

"එහෙමයි සර්".

දෙනියාය මහත්තයට දැං වෙනම කැබ් රථයකි. ප්‍රාදේශීය සභාවේ සභාපති වීම නිසා උත්සව වල මූලාසනවල අඩුවක්‌ නැත. පොලිස්‌ නිලධාරීන් පවා තමා දෙස ගෞරව සම්ප්‍රයුක්‌තව බලන සැටි දැකීමෙන් ඔහුට කට කොනකට සිනා පහළ විය. ලී පර්මිට්‌, වැලි පර්මිට්‌ මෙන්ම කොන්ත්‍රාත්වලින් හොඳ ගානක්‌ අතයට ලැබුණ ද ඒවා සියල්ල ඡන්ද වැටඩ යොදාගන්නා බව ඇමැතිතුමාට ද දන්නා බැවින් ඔහුද නොදැක්‌කා සේ අහක බලාගෙන සිටියේ ය. ඒත් ඇමැතිතුමාට ද හොරෙන් දෙනියාය මහත්තයා දවසින් දවස තම බැංකු ගිණුම තකරගත්තේ හූනෙකුටවත් නොදැනෙන්නට ය. දැතේ මුදු මාල වලින් පිරීගිය දෙනියාය මහත්තයා සුදු පැහැ ජාතික ඇඳුමට අපූරු පෙනුමක්‌ ගෙන දුන්නේ ය.

වසර කීපයක්‌ම දෙනියාය මහත්තයා ඇමැතිතුමාගේ ආශිර්වාදය මැද පළාත් සභාවට නාම යෝජනා දුන්නේ ඡන්ද ව්‍යාපාරය මහ ඉහළින් කිරීමට සියල්ල ලක ලෑස්‌ති කරමිනි.

"දෙනියාය අන්න අර හාස්‌කං තියෙන හොඳ දේවාලයක්‌ තියෙනවා.... මමත් එතෙන්ට ළඟදි ගියා. ඡංදෙ රැස්‌වීම් පටන් ගන්ඩ ඉස්‌සරල කොයිකටත් එතනින් ආශිර්වාද ලබා ගන්නවා... හැබැයි හරි සෙනග. කල්තියා වෙලාවක්‌ අරං යන්ටවෙයි...."

"හොඳයි සර්".

විස්‌තර වංහුං සොයාගගත් දෙනියාය සභාපතිතුමා පිරිසක්‌ පිරිවරාගෙන වාහන කීපයකින්ම දේවාලයට උදේ පාන්දරින්ම යනවිටත් පිරිසක්‌ පූජා වට්‌ටි සමගින් රැස්‌ කකා සිටියහ. දේවාලයේ හාත්පස දෙපස පළතුරු කඩවලින් පිරීගොස්‌ තිබිණි. ඉස්‌තරම්ම වර්ගයේ පලතුරු වට්‌ටියක්‌ දෝතින්ම ගෙන කල්තියා ලබාගත් අංකයට ඇතුල් වීමට ද සෙනග ඈත් මෑත් කරමින් මහත් වෙහෙසක්‌ ගැනීමට සිදුවිය. සභාපතිගේ සහචරයන් සෙනග එහාට මෙහාට තල්ලු කර සභාපතිට අවස්‌ථාව ලබාදුන්හ. පළතුරු වට්‌ටිය නලලේ තබාගත් සභාපතිතුමා තාපසතුමාගේ දොර අභියස යටහත් පහත් ලෙස බලාගෙන සිටියේය.

"මේ දරුව මොකද...?"

"තාපසතුමා මං මේ සැරේ ඡන්දෙ ඉල්ලනවා.. ඔබ තුමා බැහැ දැකල... ආශිර්වාද ලබාගන්ට ආවේ...."

"ශාන්ති.... ශාන්තී..... දරුවා මෙතන වාඩිවෙන්ට හොඳයි...." සභාපතිතුමා පුංචි පුටුවක හරිබරි ගැසී ඉඳගත්තේය.

"මහත්තය කොයි පළාතෙද... නම කොහොමද..."

"මම තාපස තුමා ටිකක්‌ ඈත දෙනියාය පැත්තෙ. නම නං සෝමපාල. ඒත් මේ පළාතේ කියන්නේ දෙනියාය මහත්තයා කියල".

තාපසතුමා මොහොතක්‌ වෙලා ඇසිපිය නොහෙලා සභාපතිතුමා දෙස එක එල්ලේම බලාගෙන සිටියේය.

"කෝ බලන්ට දකුණු අත..."

සභාපතිතුමා ජාතික ඇඳුමේ කමිසයේ අත මෑත්කොට අත දිග හැරියේය. තාපසතුමා අත හොඳහැටි පරීක්‍ෂා කර වටපිට බැලුවේය.

"මේ ළමයා පොඩ්ඩකට එළියට යනවද.... මට ලොකු යාතිකාවක්‌ කරන්ට තියෙනවා... පැය භාගයට කව්රුවත් ඇතුළතට එවන්ට එපා..."

"එහෙමයි" ආවතේව කරුවා එළියට ගොස්‌ දොර වසා දැම්මේය.

"ඔය දරුව දෙනියේ ගෙදර සෝමපාලද? අර වැව ඉස්‌මත්තෙ ගෙදර....?" සභාපතිතුමා විස්‌මිතව තාපසතුමා දෙස කට ඇරගෙනම බලා සිටියේය.

"ඔබතුමා පේන කියනවා වගේ කීව... කොහොමද හරියටම කීවේ..."

තාපසතුමා කිසිවක්‌ නොකියා සභාපතිතුමාගේ අතේ හරස්‌ අතට අඟල් දෙකක්‌ පමණ වූ තුවාල කැලල හොඳින් අත ගා සිනාසුනේය.

"යකෝ දෙනියා... මේ අතට කඩුපාර වැදුනෙ... උඹයි මමයි හොරකං කරන්ඩ ගිහිං මතකද..." මම යකෝ ගොඩ්ඩා..."

"දෙයියෝ සාක්‌කි..." සභාපති උඩ ගොස්‌ බිමට වැටින. කිසිවක්‌ කතාකරගත නොහැකිව දෙදෙනාට දෙදෙනා බදාගෙන අතීතය වමාරන්නට විය. එහෙනං අපි දෙන්නටම හරි ගියා..."

"උඹට දැං ඇඟ රිදෙන්නැද්ද බං ගුටි කාපුවගේ..." දෙදෙනාටම මහ හයියෙං සිනාසුනහ...." මුං ඉන්නකල් අපට හොඳයි.... එහෙම්මම කරගෙන යං..."

"එතකොට උඹේ ආශිවර්වාදේ...."

"බම්බුවේ ආශිර්වාදෙ පලයං යන්ට... ඉක්‌මනටම අපි හම්බවෙමු. මං උඹට කතා කරන්නට...."

තම අකලංක මිත්‍රය දැකීමෙන් අතිශයින්ම සතුටට පත්වූ සභාපතිතුමා දිග සුසුමක්‌ හරිමින් කැබ් රථයට ගොඩවිය.

"ඊළඟ දරුව ඇතුළට එවන්ට" ඒ තාපසතුමාගේ විධානයකි.


Nissanka Rajapaksa

unread,
Feb 10, 2020, 3:16:16 AM2/10/20
to ind...@googlegroups.com
සම්මුඛ පරික්ෂණය
අයිවෝ විරන්ත ප්‍රනාන්දු

මේ ඇබෑර්තුවට අයෑදුම් පතක්‌ නොදැම්මා නම් හොඳ යැයි සිතෙන තරමට මම සිතින් හෙම්බත් වී සිටියෙමි. සම්මුඛ පරීක්‍ෂණය සඳහා මට වේලාව දී තිබුණේ උදේ නවයයි තිහට ය. ස්‌ථානය කොළඹ කොටුවේ ලෝක වෙළෙඳ මධ්‍යස්‌ථානයේ නැගෙනහිර කුලුනේ දොලොස්‌වැනි තට්‌ටුව ය. උදේම නැගිට ඇඳ පැළඳගෙන මගේ පැරැණි කාර්යාල බෑගයේ සහතික සහ ලියකියවිලි ද ගැටය ගසා සකසා ගත් ටයි පටිය ද දමාගෙන ප්‍රයිවෙට්‌ බස්‌ රථයක්‌ තුළ දුෂ්කර ක්‍රියා කොට මෙතැනට එනවිට වේලාව නවයයි කාල පමණ විය. දැන් වේලාව එකොළහයි හතලිස්‌ පහට ද කිට්‌ටුය. මෙහි පැමිණි විගසම බෝනික්‌කකු තබා තිබෙනවා සේ ඉදිරියේම වාඩි වී සිටින පිළිගැනීමේ නිලධාරිනියට මගේ නමත් පැමිණි කාරණයත් දන්වා සිටියෙමි. ඒ කෙණෙහිම ඈ ඒ බව ඇතුළට දන්වා සිටියා ය. කථා කරන ඇස්‌ දෙකක්‌ ඇති ඇය, කථා කරන තුරු වාඩි වී සිටින ලෙස මට උපදෙස්‌ දුන්නා ය.

මම වේලාව පැමිණෙන තුරු පසෙකින් අසුන් ගෙන නැගනහිර කුලුනේ දොළොස්‌වැනි මහලේ සිට කොළඹ නගරය අහසට පෙනෙන සැටි බලා උන්නෙමි. මට හැඟෙන්නේ මේ දැවැන්ත කුලුනු රාජයා මුළු කොළඹ නගරයම සිය අණසකට ගෙන ඇති බවකි. මුහුද දෙස බලන විට ගාලු මුවදොර සිට වරාය දෙසට යන ප්‍රධාන මාර්ගය මට කුඩාවට පෙනෙයි. ඒ කාලයේ අපේ ප්‍රධාන කාර්යාලය ද පිහිටා තිබුණේ මේ පාරේ ය. රාජ්‍ය සේවයෙන් මා පහකොට මගේ විනය බලධාරියා විසින් එවන ලද, මගේ ලෝකය සුනුවිසුනු කරන ලද ඒ තීරණාත්මක ලිපිය මා අත්සන් කොට භාර ගත්තේ එහිදීය. ඉන්පසු කඩා වැටුණු මනසකින් යුතුව මේ හම් බෑගය ද අතින් ගෙන සෙමින් ඇවිද වාහනයට නැඟ එය පදවාගෙන ගාලු මුවදොර දක්‌වා පැමිණි සැටි මගේ මනසේ ඇඳිණි.

ලබන මාසය වන විට මා ආණ්‌ඩුවේ රස්‌සාවෙන් දොට්‌ට දමා හරියටම වසර 12 ක්‌ සපිරෙන්නේය. මේ වසර දොළහෙන් මැද පෙරදිග ගිනි ගහන මරු කතරේ සිතින් හා ගතින් දුක්‌ විඳිමින් ද දැඩි ආගමික අන්තවාදීන්ගේ පීඩා විඳිමින් ද ගත කළ කාලය වසර හතකි. ඉතිරි අවුරුදු පහ මා ගෙවා දැමුවේ තැන තැන මඳ මඳ කරන ලද නොගැළපෙන තාවකාලික රස්‌සාවල් වලින් ජීවිතය ගැට ගසා ගනිමිනි.

ආණ්‌ඩුවේ නිලධාරියෙකු ලෙස පළවෙනි ශ්‍රේණියට අයත් දෙපාර්තමේන්තුවක සේවය කරන කාලයේ, මගේම වාහනයෙන් වැඩට ගොස්‌ රාජ්‍ය ලාංඡනය හා පටි දෙක සහිත අභිමානවත් නිල ඇඳුම ඇඳ ගාම්භීර ලෙස ජීවිතය ගෙවා දැමූ සැටි මට සැමදා සැමවිට සිහිපත් වෙයි. එවිට සිත යට සිහින් වේදනාවක්‌ ගලා ගිය ද ඒ අතීතය සිහිපත් කිරීමට මගේ සිත මා නිරන්තරයෙන් පොළඹවයි. මා ගත කළ ඒ උසස්‌ ජීවන රටාව දැන් බොඳවී දියවී ගොසිනි. තැන තැන ඇවිද යමින්, දන්නා කියන හිතවතුන්ගෙන් රස්‌සාවල් ඉල්ලන, ආදායමක්‌ නැති, අනුකම්පාව ලැබිය යුතු අසරණ මිනිසකු බවට මා දැන් පත් වී ඇත. සියල්ල උඩු යටිකුරු වී ඇත්තේ මොන තරම් පුදුම සහගත ලෙස දැයි මට සිතේ.

අවුරුදු පනස්‌ හයද ඉක්‌මවා සිටින මට කිසිම හාම්පුතෙකු රස්‌සාවක්‌ දීමට අකමැති බව දැන දැනත් වයසට නොගිය මගේ සිත දෙපා පණ පොවා ගෙන ජීවිතය ගැට ගසා ගැනීමට රස්‌සාවල් සොයමින් වීදියක්‌ ගානේ ඇවිද යෑමට මට වීරිය දෙයි.

ඉඳ හිට මඟ තොටේදී හමුවන පැරණි මිතුරකු මට සිදු වූ අසාධාරණය ගැන අනුකම්පාවෙන් මුදල් පසුම්බිය දිග හැර මගේ සාක්‌කුවට ඔබන රුපියල් දෙතුන්සියය දැන් මට රුපියල් දස දහසත් ගණනක්‌ වටින්නේ ය. මගේ පැරණි ආඩම්බර සිත ඊට අකැමැති වුව ද යථාර්ථයට මුහුණ දී පොඩිපට්‌ටම් වී ඇති මගේ කය ඒ සඳහා නොඉවසිලිමත් ය. දෛවය බොහෝ දේවල් වෙනස්‌ කර ඇත.

මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන් යම් පමණකට හෝ ගැලවිය හැකි එකම මඟ මට කළ හැකි, මට ගැළපෙන රස්‌සාවක්‌ සොයා ගැනීම පමණක්‌ ම බව මම හොඳාකාරවම දනිමි. ඒ නිසාම අතේ සතේ නැති වුව ද සති අන්තයේ වෙළෙඳ දැන්වීම් සඳහා ජනප්‍රිය වූ ඉංග්‍රීසි පුවත්පත සොයාගෙන නොවරදවාම රැකියා ඇබෑර්තු පිටු අතර සැරිසැරීමට මම පුරුදු වී සිටිමි. වයස වැඩිකම නිසා මෙවන් දැන්වීම්වල ඇති බොහොමයක්‌ ඇබෑර්තු සඳහා නුසුදුස්‌සකු වී සිටින මට මේ ඇබෑර්තුව පිළිබඳ දැන්වීම දැකීමෙන් නිම්හිම් නැති සතුටක්‌ ඇති විය.

"අගනුවර සුප්‍රසිද්ධ ව්‍යාපාර සමූහයක අධිපති හා කළමනාකාර අධ්‍යක්‍ෂවරයාගේ පුද්ගලික සහායක වීමට ඔබ කැමතිද? ඔබ වයස අවුරුදු 50 ත් 60 ත් අතර අයෙකු නම්, වැදගත් රැකියාවක්‌ කොට පළපුරුදු ඇත්තෙකු නම්, ඉංග්‍රීසි භාෂාවෙන් කථා කිරීමට හා වැඩ කිරීමට හැකියාව ඇති අයෙකු නම්, හොඳ අධ්‍යාපන පසුබිමක්‌ ඇති ඉවසිලිවන්ත පුද්ගලයෙක්‌ නම්, ඔබ සතුන්ට බෙහෙවින් ආදරය කරන කෙනෙකු නම් අප සොයන පුද්ගලයා ඔබ යි."

දැන්වීම දුටු මගේ සිත කලබලය. ගත නෙඉවසිලිමත්ය. ආයාසයෙන් සන්සුන් වෙමින් කීප විටක්‌ එම දැන්වීම යළි යළිත් කියවීමි. ඡායා පිටපත් ගසාගෙන සිටි ජීව දත්ත පිටපත් ගොන්නෙන් එකක්‌ ගෙන අත්සන තබා පහුවදාම තැපෑලට දැම්මේ 'අනේ දෙවියනි මේකවත් හරි ගියොත්' යැයි දෙවියන්ට කන්නලව්වක්‌ ද කරමිනි.

ආණ්‌ඩුවේ රස්‌සාව නැති වූ දා සිට මා දෙවියන්ට කරන ලද කන්නලව් මෙතෙකැයි කියා නිමකළ නොහැකි තරම්ය. දේවාලයේ දෙවියන් මට නොසලකා හැර දැන් බොහෝ කල්ය. එසේ වුව ද රස්‌සාවක්‌ නැති නිකමෙකු ලෙස අන් අයගේ සැහැල්ලුවට හා බාල්දුවට ලක්‌ වී හිත දරුණු ලෙස පෑරී රිදුම් දෙන විට මම දෙවියන්ට ඇසෙන සේ මගේ දුක කියමි. ඒ දැන් මට ඉතිරිව ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණක්‌ බව මා අත්දැකීමෙන් දන්නා බැවිනි. මා තරම් කටුක අත්දැකීම් වල තිත්ත රස දන්නා තවත් රජයේ සේවකයෙකු මිහිපිට ඇති දැයි මම නොදනිමි.

රස්‌සාව නැතිවී තුන්වන වසර වන විට මගේ විනය බලධාරියාට එරෙහිව සුප්‍රිම් උසාවියේ එක පිට එක නඩු දෙකක්‌ දමා දෙකෙන්ම පැරදී වාහනයද විකුණා ගේ දොර හැර මා සන්තකව තිබූ සකල සබ්බ සේසතම නැති භංග කර ගනිමින් මම දරුණු අගාධයක වැටී හිරවී සිටියෙමි. මේ බව දන්නා මගේ සමීප මිතුරෙක්‌ දුරකථනයෙන් මා අමතා 'විජයන්' ළඟ කළමනාකරුවකු ලෙස රැකියාවක්‌ කිරීමට කැමැති දැයි ඇසීය. මම පුදුමයෙන් පුදුමයට පත් වීමි.

විජයන් යනු කූට ව්‍යාපාරිකයෙකි. නීති විරෝධී ලෙස මිනිසුන් යුරෝපාදී රටවලට පටවා ලක්‍ෂ කෝටි ගණනින් මුදල් උපයන කළු සල්ලි කාරයෙකි. මුදලට ගිජු වූ ඇතැම් ආයතන ප්‍රධානීන්ද ඇතැම් පොලිස්‌ නිලධාරීන් ද ඔහුගේ ඔඩොක්‌කුවට වැටී සිටියහ. ආණ්‌ඩුවේ නිලධාරියකු ලෙස සේවය කරන කාලයේ දී මම තුට්‌ටුවකටවත් ඔහු මායින් නොකළෙමි. අපේ ඇතැම් නිලධාරීන්ගේ සාද වලදී ඔහුද ආරාධිතයකු ලෙස මට හමුවී තිබිණ. මම සුපුරුදු ලෙස මට ගැළපෙන තෝරාගත් මිත්‍රයන් සිටින මේසයක වාඩි වී මහත්මයකුසේ මධුවිත තොල ගෑ අතර යා බද මේසයක සිටියද විජයන් දෙස ඇසක්‌ ඇර නොබැලුවෙමි. ඒ මගේ හැටිය.

බිංදුවටම වැටී යන එන මං නැති මේ මොහොතේ මිතුරාගේ දුරකථන ඇමැතුම හමුවේ මම මොහොතක්‌ ගොළු වුණෙමි.

"මොකද කියන්නෙ. නිකං ගෙදරටවෙලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද? කීයක්‌ හරි හම්බවෙනවනෙ".

මිත්‍රයා හද පත්ලෙන්ම කියාගෙන ගියේය.

"අපේ ඉස්‌සරහ දෙකට නැමිලා සර් කියාපු එකාට මම කොහොමද මචං සර් කියන්නෙ. අනික ඌ කරන පාතාල වැඩ වලට මටත් පව් ගෙවන්න වෙයි".

මම නොසඟවා මගේ අදහස පළ කළෙමි.

"නෑ එහෙම මුකුත් වෙන් නෑ. උඹ කවුද කියල මිනිහා හොඳට දන්න නිසා ඉහළින්ම සලකයි. මම කියනවට ගිහින් බලන්න කො". වැල්ලවත්තේ ඔහුගේ ව්‍යාපාරික ස්‌ථානයේ දී මම විජයන් හමුවුණෙමි. මම හිතේ මතුවෙන තදබල ලඡ්ජාව මැඬගෙන ඔහුට "ගුඩ් මෝනිං" කීවෙමි. ඔහු පෙරළා මට ගුඩ් මෝනිං නොකීවේය. ඒ වෙනුවට කට ඇදකර මඳ සිනාවක්‌ පෑවේය. මට ආපසු හැරී සියල්ල දමා ගසා එන්නට සිතිනි. එහෙත් ගෙදර දොර එදිනෙදා වේල පිරිමසා ගැනීමේ සිට ලොකු මහත් වූ දරුවන්ගේ උසස්‌ අධ්‍යාපන වියහියදම් දක්‌වා මොහොතින් මොහොත දවසින් දවස ගොඩගැසෙන දහසක්‌ ප්‍රශ්න මගේ මනස තුළ දිග හැරෙන්නට විය. රජයේ සේවයෙන් මා ලැබූ අවසන් මූලික වැටුප රුපියල් හත්දහස්‌ දෙසිය පනහකි. විජයන් මට හත්දහස්‌ පන්සීයක්‌ දීමට එකඟ විය.

ඔහුගේ කාර්යාලයේ දෙමළ යුවතියන් දෙදෙනෙක්‌ පරිගණක දෙකක්‌ තබාගෙන ගුවන් ටිකට්‌ පත් වල වැඩ කටයුතු කළහ. තවත් දෙමළ කොලුවෙක්‌ උදේ පාන්දරම ඇවිත් සයිවර් කෑම පාර්සලයක්‌ සමඟ කිරි වීදුරුවක්‌ විජයන්ට පිළිගැන්වීය. අනතුරුව අතුපතු ගා පිරිසිදු කිරීම් ද කොට කඩේ පිලේ ද ගියේය. සියල්ල අධීක්‍ෂණය කරමින් අවශ්‍ය විටදී උපදෙස්‌ දීම මට පැවරී තිබුණු රාජකාරිය විය.

සති දෙකක්‌ පමණ ගෙවී ගියේය. දිනක්‌ එක්‌ ගැහැනු ළමයෙක්‌ රහසින් මෙන් මට කථා කළාය. මම ඇය අසලට ගියෙමි.

"ලොකු සර් කිව්වා ඔයාට ලයිට්‌ බිල් වතුර බිල් ගෙවලා එන්න කියලා".

ඇය විදුලි සහ ජල බිල්පත් කීපයක්‌ සමඟ චෙක්‌ පතක්‌ මා අත තැබුවා ය. ඒවා විජයන්ගේ නිවසේ බිල්පත් බව මට පෙනිණ. මම පුදුමයෙන් ඇගේ මුහුණ දෙස බලා සිටියෙමි.

"වෙනදා මේවා කව්ද කරන්නෙ".

මම පහත් හඬින් ඇගෙන් ඇසුවෙමි.

"වෙනදා ගියේ අපි දෙන්නා ගෙන් කෙනෙක්‌. ඒත් ඊයේ ලොකු සර් කිව්වා මීට පස්‌සෙ ඔයාව යවන්න කියලා". කිසිදු කථාවක්‌ හෝ වාද විවාදයක්‌ නොමැතිව චෙක්‌පත සමඟ බිල්පත් අතට ගත් මම පාරට බැස බැංකුව වෙත පියමං කළෙමි.

තීරණාත්මක දිනය උදා වූයේ ඊට සතියකට පමණ පසුය. කොලුවා එදා වැඩට නෑවිත් තිබිණ. අනෙකුත් වැඩ කටයුතු සුපුරුදු ලෙස ඇරඹී තිබිණ. විජයන් ආවේද ප්‍රමාද වීය. දොර ඇරගෙන සිය කාමරය ඇතුළට ගිය හෙතෙම සැණෙකින් යළි වේගයෙන් දොර ඇරගෙන එළියට ඇවිත් දෙමළ බසින් කෑ ගසා ගැහැනු ළමයෙකු ඇමතීය. එහි අර්ථය වූයේ 'එන්න කියාපන් පෙරේරා ට ඇතුළට' යන්න ය. මම ඉබේම අසුනින් නැගිටුනේ ය. කඩිනමින් විජයන්ගේ කාමරයට ඇතුළු වුණෙමි. ඔහුගේ කම්මුල්වල එල්ලෙන මස්‌ පිඩු වෙව්ලමින් තිබුණු අතර පසුගිය රාත්‍රියේ අධික ලෙස මත්පැන් බීමෙන් රතු වූ ඇස්‌ රෞද්‍ර වී තිබිණි.

"කෝ මේ කොල්ලා".

ඔහු මාවෙත කඩා පැන්නේ කුඩා සතෙකු ගිල දැමීමට පනින කිඹුල් තඩියෙකු සේ ය.

"අද ආවේ නෑ" මම සෙමින් කීවෙමි.

"ඌ ආවෙ නැත්නම් මට කෑම බීම නැද්ද? බූරුවා වගේ බලා ඉන්නෙ නැතුව සයිවර් කඩෙන් අරං එනවා ඕයි තෝසෙ ටිකකුයි තේ එකකුයි".

ඔහු කාමරය දෙවනත් වන්නට මොර දුන්නේය.

පාරක්‌ පාරක්‌ ගානේ ගොස්‌ සිඟා කෑවද හත් වේලක්‌ බඩගින්නේ සිට මිය ගියද මීටත් වඩා මගේ ආත්මගෞරවය විනාශ කර ගත නොහැකි බව මට ක්‍ෂණිකව හැඟිණ. ඒ සමඟම මගේ ඉවසීමේ සීමාව පුපුරා බිඳ වැටිණ.

"උඹ කාටද මිනිහෝ කථා කරන්නේ? උඹ දන්නවද මං කව්ද කියලා ඔහුටත් වඩා හයියෙන් මට කෑ ගැසිණි. ඊට වඩා යමක්‌ කියා ගැනීමට මට නොහැකි විය. මගේ කටහඬ ඇඬුම් බර විය.

"තියා ගනින් උඹේ රස්‌සාව".

කළු සුදු නාඳුනන සල්ලිකාර මුග්ධයාට පස්‌ස හරවා මම ආපසු හැරුනෙමි. තුන්වන මහලේ සිට පඩිපෙළ දිගේ මා පහළට බැස එන විට වැඩ කරන කෙල්ලක්‌ කෑ ගසා මා නතර කළාය. මා ඉහළට නෙත් යොමු කරන විට මඳක්‌ නතර වී සිටින ලෙස ඈ මට සංඥ කළා ය. පසුව පැමිණි ඇය, වැඩ කළ සති ගණනට මට පඩි ගෙව්වාය. වැඩ කළාටම නොව හිත ඇතුළෙන් දුක්‌ වින්දාට මම ඒ මුදල අතට ගත්තෙමි.

තම තමන්ගේ පටු ලාභ ප්‍රයෝජන තකා දූෂිත පාලකවරයා වෙත විටින් විට ගොස්‌ කේලාම් ගොතා කියා අයුක්‌තියට අසාධාරණයට එළිපිට පහර දෙන මා භයානක මිනිසකු ලෙස හුවා දක්‌වා ප්‍රධානීන්ගේ සිත් බිඳවා වෛරයක්‌ නිර්මාණය කර බොරු චෝදනා වැළක මා පටලවා විසිඑක්‌ අවුරුද්දක මගේ ආණ්‌ඩුවේ රස්‌සාව නැති කරදැමූ අධමයින්ට ශාප කරමින් මම එතැනින් පිට වුණෙමි.

පිළිගැනීමේ නිලධාරිනියගේ කිංකිණි හඬින් මගේ අතීතාවර්ජනය බිඳිණි. බෝනික්‌කා මෙවර මඳක්‌ ශබ්ද නඟා කථා කළාය.

"මෙතැනින් දිගටම ගිහින් තුන්වැනි කාමරයට යන්න. එතැන ඉන්නවා මෙහෙයුම් කළමනාකරු, ඔහු හමුවෙන්න".

ඈ ඉංග්‍රීසියෙන් සම්මුඛ පරීක්‍ෂණයට යන පාර කීවාය.

මම වේලාව බැලුවෙමි. 12.40 යි. ටයි ගැටය මනාව සකස්‌ කරගත් මම හම් බෑගයද ගෙන සීරුවෙන් පියමං කළෙමි.

'මෙහෙයුම් කළමනාකරු' මේසය මත වූ රන්වන් පාට තීරු පුවරුවක තනතුර දිළිසුනේය. ඔහු ඉතා ප්‍රසන්න පුද්ගලයෙක්‌ විය. ඒ සිනා මුසු මුහුණ මා දෙස බලා සිටියි.

"ගුඩ් ආප්ටර්නූන් සර්".

මම යටහත් පහත් ලෙස කීවෙමි.

"ගුඩ් ආප්ටර්නූන් මිස්‌ටර් පෙරේරා. වාඩිවෙන්න".

හෙතෙම ඉතා සුහදව මා පිළිගෙන වාඩිවන්නට අසුන පෙන්වීය. ඉන්පසු ඉංග්‍රීසි බසින් සම්මුඛ පරීක්‍ෂණය ඇරඹිණි.

"මේ තනතුර මොන වගේ තනතුරක්‌ ද කියලා දන්නවද ඔයා?"

ඔහු සරළ ඉංග්‍රීසියෙන් අසයි.

"ඔව් සර්. කළමනාකාර අධ්‍යක්‍ෂගේ පුද්ගලික සහයක ලෙස ඔහුට සහය වීම".

"ඔව්... හොඳයි... ඔයාගෙ ජීව දත්ත සටහන අනුව ඔයා හොඳ තැන්වල වැඩ කළ, හොඳ අධ්‍යාපනයක්‌ ඇති වැදගත් කෙනෙක්‌ කියලා පේනවා. අපි හොයන්නෙත් එහෙම කෙනෙක්‌. හැබැයි දැන් මේ ඉන්න විදිහට ලස්‌සනට ඇඳලා ටයි එකක්‌ එහෙම දාලා කරන්න පුළුවන් රස්‌සාවක්‌ නම් නොවෙයි මේක. ඔයාට විශේෂයෙන්ම වගකීමෙන් කරන්න වැඩ කොටසක්‌ තියෙනවා මෙතැන".

නිකටේ ඇඟිලි තුඩු රඳවාගෙන බැරෑරුම් පෙනුමක්‌ මුහුණට ආරූඪ කර ගනිමින් ඔහු කීවේය.

"ඒ මොකක්‌ද සර්" මම කුතුහලයෙන් යුතුව ඇසුවෙමි.

"ඊට කලින් කියන්න ඔයා සතුන්ට ආදරය කරන කෙනෙක්‌ද? ඔයාලගෙ ගෙදර සත්තු ඉන්නවද?"

මගේ ප්‍රශ්නයට උත්තරයක්‌ නොලැබී ඒ වෙනුවට ඔහුගෙන් තව ප්‍රශ්න මතුවිණ.

"සතුන්ට මම කොහොමත් කරුණාවන්තයි. ගෙදර ඉන්න බල්ලාට ත් අපි ආදරෙන් සලකනවා".

මගේ ක්‍ෂණික පිළිතුර විය.

"බල්ලා බැරිවෙලාවත් ගේ ඇතුළෙ මළපහ කළොත් ඔයා මොකද කරන්නේ?"

එය මට අනපේක්‍ෂිත ප්‍රශ්නයක්‌ විය.

එක වරම උත්තරයක්‌ හදා ගැනීමට නොහැකිව මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි.

"බල්ලට ගහනවද?" ඔහු අසයි.

"අපොයි නෑ. ඌ තිරිසනා නෙ. ඒක අරං දානවා" සිනාසී හිස වැනූ ඔහු එතැන් සිට සිංහලයට මාරු විය.

අර සිංහලෙන් කියන්නෙ හිරිකිතයි කියලා. එහෙම හිරිකිතක්‌ වගේ ඔයාට දැනෙන්නෙ නැද්ද?"

රස්‌සාව මොන විදිහේ එකක්‌ දැයි මට පැහැදිලිවන්නට විය. එහෙත් රස්‌සාව ලැබෙනවාද නැද්ද යන්න තීරණය වන්නේ මේ ප්‍රශ්නයට මා දෙන පිළිතුර මතය.

"නෑ කිසිම හිරිකිතක්‌ නෑ. උදැල්ලක්‌ අරගෙන ඒක අයින් කරල දාලා එතැන මොප් කරනවා. අපි ඕක ගෙදරත් කරනවනෙ සර්".

මා දුන් පිළිතුරෙන් ඔහු සතුටට පත්වූ බව මට පෙනුණි.

"අන්න හරි, එහෙම පුළුවන් නම් ඔයා මේ රස්‌සාවට සුදුසු යි. අපේ බොස්‌ ගෙ ගෙදර මිල අධික බල්ලො හය දෙනෙක්‌ ඉන්නවා. හරි හුරතල්, ඉන්නෙ ගේ ඇතුළෙමයි. ඇඟේ බූල් කඩා හැලෙන පුළුන් බෝල වගේ උන්. ලස්‌සන පාට පාට පියාපත් තියෙන විශාල ගිරව් හතර දෙනෙකුත් ඉන්නවා, මේ සතුන් රැකබලා ගන්න එක තමයි ඔයාගෙ ප්‍රධානම වගකීම. මෙයාලට කේන්ති ගන්න බෑ. සැරෙන් කථා කරන්න බෑ".

ප්‍රතිචාරයක්‌ බලාපොරොත්තුවෙන් ඔහුගේ නෙත් මගෙ නෙත් අසල නතර විය. මම සිනාසී හිස සැලුවෙමි. තෘප්තිමත් වූ ඔහු යළි පටන් ගත්තේය.

"එක එක ජාතියෙ කෑම වට්‌ටෝරු නොයෙක්‌ විටමින් වර්ග තියෙනවා එයාලට දෙන්න. ඒවා කලට වෙලාවට හරියටම වරද්දන්නෙ නැතුව දෙන්න ඕනෙ. බොහෝම සැලකිලිමත් වෙන්න ඕනෙ. ලෙඩ වුණාම දරුවෙක්‌ වගේ බලා ගන්න ඕනෙ. මේ වගකීම් මෝඩයෙකුට දීලා බෑ. ඔයා වගේ මුහුකුරා ගිය ඉවසිලිවන්ත කෙනෙක්‌ හොයන්නේ ඒකයි".

ඔහු ඉදිරියේ සිනාමුසු මුහුණක්‌ මවා ගත්තද මගේ සිත වේදනාවෙන් මිරිකී තිබිණි. ඔහු ඉතිරි ටික කියන්නට පටන් ගත්තේය.

"බොහොම සැහැල්ලුවෙන් කොට කලිසමක්‌ ඇඳගෙන රබර් සෙරෙප්පු දෙකක්‌ දාගෙන ඔයාට වැඩ කරන්න පුළුවන්. හැබැයි ගෙදර යන්න නම් බෑ. නවතින්න ඕනෙ. මාසෙකට දවසක්‌ හෝ දෙකක්‌ දෙන්න පුළුවන් ගෙදර ගිහින් එන්න. තව වැදගත් දෙයක්‌ තියෙනවා කියන්න. බොස්‌ගෙ අක්‌කර තුනක වත්තක්‌ තියෙනවා මීගොඩ, එතැන ඉන්නවා අශ්වයො තුන්දෙනෙක්‌, අස්‌ගොව්වෙක්‌ ඉන්නවා උන්ව බලාගන්න. ඒ මිනිහා නිවාඩු යනකොට ඔයා යන්න ඕනෙ අශ්වයො බලාගන්න. එච්චරයි. ඔයා හොඳ විශ්වාසයෙන් වැඩ කළොත් ඔයාගෙ මුළු ජීවිතේම අපේ බොස්‌ බලා ගන්නවා".

රිදුම් දෙන ආත්මය ආයාසයෙන් සනසවාගෙන මම ඔහුගේ මුහුණ දෙස බලා සිටියෙමි. අපේ නෙත් එකට යාවී නතර වී තිබිණි.

"මම හිතනවා ඔයාට මේ රස්‌සාව කරන්න පුළුවන් කියලා. මොකද කියන්නෙ? ලෑස්‌තිද භාර ගන්න? කවදා ඉඳල ද වැඩට එන්න පුළුවන්?"

තනතුර සඳහා ඔහු මා තෝරාගෙන ඇත, රස්‌සාවක්‌ මගේ අතට ඇවිත් තිබේ.

මෘග ගති ඇති මිනිසුන්ට වඩා ගුණේ ඇති තිරිසන් සතුන් ළඟ ගැවසීම හිතට සුවදායක යැයි මට සිතිනි. මෙහෙයුම් කළමනාකරුගේ උරහිසට පහළින් ගාලු මුවදොර දෙසින් අපේ පැරැණි කාර්යාලය දෙසට ඇදී යන මහ පාර මට යළිත් පුංචියට පෙනෙයි. ඒ සමඟම නාසයේ හිරවී ඇති සුසුමක උණුසුම මට දැනෙයි. නෙත තෙත් වන්නට පෙර මම හිත සැහැල්ලු කර ගතිමි.

"මම කැමතියි සර්. හෙට ඉඳලා එන්නම්" මට ඉබේ කියවිණි.


Nissanka Rajapaksa

unread,
Feb 10, 2020, 9:35:25 PM2/10/20
to ind...@googlegroups.com
යාපනේදී
ජනිත ප්‍රදීප් හේවාවසම්

"හප්පා පුදුම රස්‌නයක්‌ නේ... මේ කොට්‌ටම්බා ගස්‌ ටිකත් නැති වුණා නම් මේ හරියේ ඉන්න හම්බ වෙන්නේ නෑ" ලලිත් කමිසය ඇඟිලි තුඩින් මෑත් කරමින් පපුවට කටින් පිඹින ගමන් පවසයි. මමද "ඒක තමයි" කියන ගමන්ම අසල පුටුවේ ඉඳගතිමි. අප ආ දා සිටම එනම් මසකට ආසන්න කාලයක්‌ මේ කටුක බව විඳ ඇත. 

කළපුවට ඉහළින් හිරු බැසයන අහස දෙස බලාගෙනම ලලිත් "අදත් අහස හරිම ලස්‌සනයි" කියයි. එය සැබෑවකි. බටහිර අන්තයේ අහසේ ගැවසි වලාකුළු මත සූර්යාලෝකය පතිත වීමෙන් මැවෙන විසිතුරු පැහැ රටාවල ප්‍රතිබිම්බය කලපු දිය මත වැටී නෙක මනස්‌කාන්ත දසුන් මැවේ. අදත් එවන් දිනකි. "ගත්තේ නැද්ද ෆොටෝ එකක්‌?" ඇසූ ලලිත්ට මම "ගත්තා" යෑයි පැවසීමි.

අප ආයතනයේ ඉදිකිරීම් කළමනාකරු ලෙස කටයුතු කරන මා හට මෙවර භාරවූ කාර්යය වූයේ යාපනය නාගදීප මාර්ගයේ කොටසක්‌ වැඩිදියුණු කිරීමයි. මේ අප සිටින්නේ එම කාර්යයේ නියෑළීය. එම මාර්ගය යාපනය ඕලන්ද කොටුව අසලින් පටන්ගෙන කලපුව මැද්දෙන් සෑහෙන දුරක්‌ ගොස්‌ මාරුවෙන් මාරුවට ගොඩබිම්ද, කළපුද පසුකොට කුරී කට්‌ටුවාන් ජැටියෙන් අවසන් වේ. මණ්‌ඩතිව්, ඩෙල්µaට්‌, කයිට්‌ස්‌, නයිනතිව් ආදී වූ යාපනය අවට දූපත් සමූහයකටම යන්නේ අප ඉදිකරන මාර්ග කොටස හරහා බැවින් එය දිවා කල කාර්ය බහුලය. මෙය ඉදිකිරීම්වලටද බාධාවකි. එහෙත් රෑ බෝවීමත් සමගම වාහන ප්‍රමාණය සංඛ්‍යාත්මකව බොහෝ සෙයින් අඩුවේ. දහවල දාහයද අධික බැවින් ඉර හැරී පැය දෙක තුනක්‌ යන තෙක්‌ ඉදිකිරීම් කටයුතු කරගෙන යැමට තීරණය කර තිබුණෙමු. 

තාවකාලිකව තනන ලද වැඩබිම් කාර්යාලයක්‌ තිබුණද එය ඇතුළත ඉතාමත් උණුසුම් වූ බැවින් සහ එය තරමක්‌ එපිටින් පිහිටා තිබූ බැවින් මාර්ගය ආරම්භයේ වූ කොට්‌ටම්බා ගස්‌ පේළිය යට මේසයක්‌ සහ පුටු කීපයක්‌ තබා කාර්යාලයීය අවශ්‍යතා පිරිමසා ගත්තෙමු. මෙතැනට මාර්ගය ද හොඳින් නිරීක්‌ෂණය වන අතර කළපුව දෙසින් නිබඳව හැමූ සුළඟ බාධාවකින් තොරවම පැමිණ ගත දැවටෙන බැවින් පරිසර උණුසුම නිසා වන විඩාව බොහෝ දුරට පහව යයි. මෙම කටුක බව යට ඇති පරිසරයේ සුන්දරත්වය විඳීම පුරුද්දක්‌ කරගැනීම රැකියාව එපා නොවීමට එක්‌ හේතුවකි. එබැවින් පුරුද්දක්‌ ලෙස බොහෝ දසුන් ඡායාරූපයට නගමි.

අප කොට්‌ටම්බා ගස්‌ සෙවණට එන්නේ වැඩබිමේ වටයක්‌ ගොස්‌ විඩා නිවා ගැනීම සඳහාය. මෙසේ සිටින අතරතුර පසුපසින් "අයියා" යනුවෙන් අමතන හඬක්‌ ඇසුණි. වයස අවුරුදු 65 ක්‌ පමණ වූ ද්‍රවිඩ යැයි කිව හැකි පුද්ගලයෙක්‌ පිළිසරණක්‌ යදින දෙනෙතින් මාත් මා අසල සිටි අනෙක්‌ නිලධාරියා වූ ලලිත් දෙසත් බලා සිටී. අයියා යන්න දෙමළ බසින් මහත්තයා යන්න සඳහා භාවිතා කරන බව මේ වන විට ලබා තිබූ දමිළ දැනුම අනුව වටහාගෙන තිබුණෙමි. බොහෝ විට අපට හමුවන පුද්ගලයන් දන්නේ දෙමළ බස පමණක්‌ බැවින් අප දෙමළෙන්ම "එන්නා?" (ඇයි) යනුවෙන් අසා සිටියෙමු. අපගේ උච්චාරණය අනුව අප සිංහල බව ඔහුට වැටහෙන්නට ඇත. ඔහු සිංහලෙන් මෙතනින් දැන් කයිට්‌ස්‌ බස්‌ එකක්‌ ගියා දැයි කලබලෙන් ඇසීය.

 "බස්‌ එකක්‌ නම් ගියා. ඒත් කයිට්‌ස්‌ බස්‌ එකමද කියලා කියන්න දන්නේ නෑ..." මම කීමි. ඔහු කියූ අනෙකුත් විස්‌තර අනුව එය කයිට්‌ස්‌ බසයම බව තහවුරු විය.

"අනේ මහත්තයෝ මම උවමනාවකට හලාවත ගියා. යාපනෙන් බැහැලා කොහොම හරි ඔය අන්තිම බස්‌ එක අල්ල ගත්තා. මම ගෙනාපු පාර්සලේ බස්‌ එකේ තියලා පුතාගේ පොඩිවුන්ට කෑමක්‌ ගන්න ගිය අතරේ බස්‌ එක පිටත්වෙලා. මහත්තයලට පුළුවන් නම් මට කොහොම හරි කයිට්‌ස්‌ යන වාහනයක්‌ නවත්තාගන්න උදව් කරන්න..."

ඔහු කැඩුණු සිංහලෙන් එනමුදු ඉතා පැහැදිලිව හා ආයාචනාත්මකව අප සමග පවසා සිටී. ඔහුගේ අතේ රසකැවිලි යැයි විය හැකි මල්ලක්‌ද විය. කාරණය තේරුම්ගත් අපි වහා ක්‍රියාත්මක වී එන වාහන නතරකොට යන්නේ කොහොටදැයි අසා සිටියෙමු. ඔවුන් කියන සමහර කාරණා අපට නොeවටහුණෙන් සංවාදය අමුත්තාටම භාර කළෙමු. වාහන කීපයක්‌ නතරකොට අසා බැලුවද ඒවා කයිට්‌ස්‌ යන ඒවා නොවීය. කාලය ගතවීමත් සමග අමුත්තාගේ මුව කැළඹිල්ලෙන් සහ නොඉවසිල්ලෙන් වැසේ. අපි කෙසේ හෝ ඔහුට කයිට්‌ස්‌ යන වාහනයක්‌ නතර කරදෙන බවට පොරොන්දු වීමු.

මඳකින් ඔහු තවත් ඉල්ලීමක්‌ කළේය. "මහත්තයා මට පුතාට කෝල් එකක්‌ අරන් දෙන්න පුළුවන්ද? අර පාර්සලේ කයිට්‌ස්‌වලින් බාගන්න කියන්න ඕන. 

මම වහා ජංගම දුරකථනය ගත්තෙමි. අසල මුර කුටියකින් තාවකාලිකව අටවාගෙන තිබූ විදුලි බුබුලේ එළියෙන් කුඩා දිනපොතක ඔහුගේම යැයි කිව හැකි අත් අකුරින් ලියා තිබූ අංකයක්‌ අපහසුවෙන් කියෙව්වේය. ඇමතුම සම්බන්ධ වුවද එහා අන්තයෙන් ප්‍රතිචාරයක්‌ නොවීය. තහවුරු කිරීම පිණිස ඔහුටද දුරකථනය දුනිමි. ඔහු අපේක්‌ෂා භංගත්වයට පත්වූ බව පෙනිණි. ඊළඟට පැමිණි වාහනයද නවත්වා අමුත්තා රියදුරු විචාල අතර එය කයිට්‌ස්‌ දක්‌වාම නොයන බව පැවසීය. ඔහු ඊට යන්නට හැර නැවත අප වෙතට හැරී මුං බොරු කියනවාද දන්නේ නෑ මහත්තයා. අපේම මිනිස්‌සු වුණත් සමහරු දැන් තව මිනිහෙකුට උදව්වක්‌ කරන්න කැමැති නෑ. යුද්ධ කාලේ තිබුණු එකමුතුකම දැන් හැමෝම ළඟ නෑ. බලන්න මහත්තයලා කොච්චර මහන්සි වෙනවද මාව අඳුනන්නෙත් නැතිව උදව්වක්‌ කරන්න" ඔහු තරමක කණස්‌සලු ස්‌වරයකින් කීය. හැමෝටම ප්‍රශ්න තියෙනවානේ යි කියූ මම ඊට වැඩි යමක්‌ නොකීමට වගබලා ගතිමි. මට හමුවූ බොහෝ දෙමළ වැසියන් ගුණගරුක මිනිසුන් වුවත් ඔහු කියූ දෑ තහවුරු කරන වෙනත් සිද්ධියක්‌ මගේ මතකයට නැගිනි.

මීට දින කීපයකට පෙර උදයක අප මාර්ගයේ රාජකාරී කරමින් සිටින අතරතුර වේගයෙන් පැමිණි මෝටර් සයිකලයක්‌ පාලනය කරගත නොහැකි වී පෙරළිණි. එහිවූ දෙදෙනාගෙන් කෙනෙක්‌ වහා නැගිට්‌ටද අනෙකා වේදනාවෙන් කෙඳිරිගාමින් නැගී සිටීමට උත්සාහ කළත් නොහැකි විය. අප ගොස්‌ බැලූ විට වැටී සිටි තැනැත්තාගේ එක්‌ කකුලක්‌ යම් අනතුරකට ලක්‌ව ඇති බවක්‌ පෙනිණි. මෙය දැක නතර වූ ඊළඟට පැමිණි දෙමළ තරුණයන් දෙදෙනකු ඒ සමගම යාපනය දෙසින් පැමිණි වෙනත් කුලී ගමනක්‌ යන ත්‍රිරෝද රියක්‌ නතර කර ආපසු හරවා තුවාලකරු රෝහලට රැගෙන යන ලෙස ඉල්ලීය. මඳක්‌ කල්පනා කළ ත්‍රිරෝද රථ රියදුරු කුලී ගමනක්‌ යන දෙදෙනකු සිටින බැවින් ඔහුගේ මිතුරෙකුට එතනට එන්නට කියන බව පැවසීය. ඔහුගේ ජංගම දුරකථනය ගෙන ඇමතුමක්‌ දී අවසානයේ මිතුරා එන බව දෙමළෙන්ම පවසා යන්නට ගියේය. මේ අතරතුර තුවාලකරුගේ දණහිසට ඉහළින් ඇඳ සිටි කලිසමද පුපුරා යන ආකාරයෙන් අනතුරට ලක්‌වූ කකුල ඉදිමෙමින් තිබිණි. තත්ත්වය භයානක බව තේරුණු බැවින් මා වහා ඇමතුමක්‌ දී අපගේ රාජකාරිය සඳහා තිබූ වෑන් රථයක්‌ ගෙන්වා තුවාලකරුව රෝහල කරා යැවීමි. ඒ දක්‌වාද ඉන් පසුවද කිසිදු ත්‍රිරෝද රියක්‌ පැමිණියේ නැත. පළමු ත්‍රිරෝද රිය නැවැත්වූ තරුණයා කැඩුණු සිංහලෙන් මට මුව පුරා ස්‌තුතිකොට "බලන්න මහත්තයා ඔයාලා සිංහල වෙලත් අපිට උදව් කරනවා. අපේ මිනිහා බොරු කරලා මාරුවුණා. මිනිහට මේ ලෙඩාට වැඩිය හයර් එක ලොකු වුණා" අප කෙරේ උපන් ගෞරවයකින් සහ ත්‍රිරෝදකරු කෙරේ ඇතිවූ කේන්තියෙන් පැවසීය. 

අපි කවුරුත් මිනිස්‌සු හැටියට තව මිනිහෙකුගේ කරදරේකදි පිහිට වෙන්න ජාතිය ප්‍රශ්නයක්‌ කරගන්න ඕන නැහැ. අනිත් එක ලෙඩා හිටපු තත්ත්වේ හැටියට ත්‍රීවිල් එකක්‌ ආවත් ඒකේ ගෙනියන්න අමාරුයි" යනුවෙන් කියා ඔහුව අස්‌වැසුයෙමි. මගේ ගම, ආයතනය ගැන විස්‌තර ඇසූ තරුණයා නැවතත් ස්‌තුති කොට යන්නට ගියේය.

සිද්ධිය අවසානයේ මම දෙආකාරයකින් ප්‍රමුදිතව සිටියෙමි. එකක්‌ උදව්වක්‌ අවශ්‍යම මොහොතක අසරණ වූවෙකුට උදව්වක්‌ කිරීමට හැකිවීමය. අනෙක ත්‍රස්‌තවාදයට සැමදා විරුද්ධ එහෙත් යළි කිසිදා යුද්ධයක්‌ අපේක්‌ෂා නොකරන සාමාන්‍ය පුරවැසියකු වූ මා හට දිගින් දිගටම අවශ්‍ය තවත් දෙයක්‌ සපුරා ගැනීමට හැකිවීමය. එනම් යුද්ධය පැවති කාලයේ ත්‍රස්‌තවාදීන් විසින් දෙමළ සිත් සතන් තුළ සිංහල අප ගැන මවා තිබූ දුර්මත තවමත් ඇත්නම් එය තරමකින් හෝ අකාමකා දැමීමය. මෙය රාජකාරියට අයත් දෙයක්‌ නොවූවද පුරවැසියකු සපිරිය යුතු යුතුකමක්‌ සේ සලකා හැකි සෑම විටම අපගේ සුහද බව පෙන්වීමට උත්සුක වුණෙමි.

දමිළ අයට සුහදත්වය පෙන්වීමේ ක්‍රියා මාර්ගය මා ආරම්භ කළේ මීට වසරකට පමණ පෙරාතුව කිලිනොච්චි ප්‍රදේශයේ සේවය කරද්දීය. මෙහිදී ගම්බද පාරවල් කීපයක්‌ තනාදීමට පැවරී තිබුණි. මෙම කාලය වන විට සාමාන්‍ය වැසියන් යළි පදිංචිවීම අරඹා තිබිණි. ඔවුන් යුද්ධය අවසාන කාලයේ පුදුමාතලන්හි (ඔවුන් කෙටියෙන් හැඳින්වූයේ "මාතලන්" නමිනි) සිරවී බොහෝ දුක්‌විඳ අනතුරුව අවතැන් කඳවුරු තුළද දුෂ්කර ජීවිතයක්‌ ගෙවා අධ්‍යාත්මිකව කඩාබිඳ වැටී යළි පැමිණ තිබුණේ භෞතිකවද කඩාබිඳ වැටී තිබුණු පරිසරයකටය. ඔවුන් නිවාසයක කොටසක්‌ හෝ පිළිසකර කරගෙන යළි ජීවිතය ගොඩනඟා ගැනීමට අපමණ වෙහෙසක්‌ ගනිමින් සිටියහ. භේදයකින් තොරව සියලු මුහුණුවල අනේක දුක්‌ඛ දෝමනස්‌සයන් ලියෑවී තිබිණි. අඩුම තරමේ ඔවුන්ට සිනහව කින්වත් සංග්‍රහ කොට හැකි ආකාරයෙන් වචන දෙක තුනකින් හෝ දුක විමසීමවත් කළ යුතු බවට සිත නිබඳ බල කළේය. මම ඔවුන් සමග සිනහසුණෙමි. ඊට ලද ප්‍රතිචාර විවිධය. සමහරු පෙරළා සිනාසුණහ. සමහරු ඉන් නොනැවතී කතා කළහ. තවත් සමහරු සිනහ නොවුණත් මගේ සිනාව පිළිගත් බව ඇඟවූහ. රවා ඔරවාගෙන ගියවුන්ද නොවුණා නොවේ. ඔවුන්ගේ සිත කියෑවීමට උත්සාහ කළෙමි. මට හැඟුණු පරිදි එහි වූයේ "උඹලා අපිව පැරැද්දුවා" වැනි හැඟීමකි. 

රැකියාද සුලභ නොවූයෙන් පුනරුත්ථාපනය වූ ත්‍රස්‌තවාදී තරුණයන්ද අප යටතේ වැඩ කළහ. ඔවුන්ගේ මා දුටු සුවිශේෂීම කාරණා වූයේa සෑහෙන තරමේ බරක්‌ කරමත තබාගෙන යැමට දැක්‌වූ හැකියාවත්, විධානයකදී වඩාත් කඩිසරව හා ක්‍රියාශීලීව ක්‍රියාත්මක වීමත්ය. කෘත්‍රිම පාදයක්‌ පැළඳි අයෙක්‌ද ඒ අතර විය. කුමක්‌ වූයේදැයි ඇසූවිට පිළිතුරට ලැබුණේ සිනාවක්‌ පමණි. ඔහු හා බැඳුණු අමතක නොවන සිද්ධියක්‌ද වේ. 

ඔහුගේ පාදය බිඳී යන්නට ඇත්තේ අපට එරෙහිව කළ සටනකදී විය හැකිය. ඔහුට හිටගෙන හෝ ඇවිදිමින් කරන කාර්යයක්‌ කිරීම අපහසු බව පෙනුණු හෙයින් එකතැන ඉඳගෙන කරන කාර්යයක්‌ සඳහා යොදවන මෙන් පහළ නිලධාරියකුට උපදෙස්‌ දුනිමි. එතැන් පටන්ම ඔහුව එවන් කාර්යයක්‌ සඳහා යොදවා තිබූ අතර ඔහු මා දකින පළමු ඇසිල්ලේම හුනස්‌නෙන් නැගී සිට ගෞරවය පුද කිරීම පුරුද්දක්‌ කරගෙන සිටියේය. එහෙත් කෘතිම පාදයද සහිතව එසේ කිරීම ඔහුද සිතූ තරම් පහසු නොවීය. එවන් අවස්‌ථාවක මම ඔහුගේ උරහිසට අත තබා ඔහු වළක්‌වන අතරම ඉන්පසු එසේ කිරීම අවශ්‍ය නොවන බව කීවෙමි. එසඳ ඔහුගේ දෙනෙතේ පිරුණු කෘතගුණ පූර්වක බව අදටත් මසිතේ ඇඳී තිබේ. මෙම සිද්ධිය දෙපසට වැටුණු ගිරා පැටවුන් දෙදෙනාගේ කථාව මට මතක්‌ කරවීය. දෙමළ සේවකයන් සියලු දෙනාටම සිංහල සේවකයන්ට සේම කිසිදු වෙනසක්‌ නොකොට සළකන්නට උපදෙස්‌ ලබාදී තිබූ අතර ඔවුන් ඊට බොහෝ ප්‍රිය විය. හිටපු ත්‍රස්‌තවාදී සේවකයන් ප්‍රිය නොකළම කාරණය වූයේ යුද්ධයේ තොරතුරු ඔවුන්ගෙන් විමසීමය. ව්‍යාපෘතිය අවසානයේ ඔවුන් සියලු දෙනා අප සමග ඉතා සුහද විය. 

අතරමං වූ අමුත්තා "මහත්තයා බර කල්පනාවක වගේ" යි කියන තුරුම මම කල්පනා ලෝකයේ දිගු දුරකට ගියෙමි. ඔහු තවම කයිට්‌ස්‌ දක්‌වා වාහනයක්‌ එන තුරු මඟ බලමිනි. අනතුරුව ලද අස්‌වැසිල්ලකදී "යුද්දෙන් පස්‌සේ දැන් කොහොමද" යි මාගේ සුපුරුදු පැනය ඔහුටද යොමු කළෙමි. ඔහුගේ දෙනෙත් මඳක්‌ දීප්තිමත් විය. 

"අනේ මහත්තයෝ බොහෝම හොඳයි. යුද්ධයක්‌ ඉවර වුණු හැම වෙලාවෙම අපට හැම දෙයක්‌ම බිංදුවෙන් පටන් ගන්න වුණා. දැන් කිසිම කරදරයක්‌ නැතිව අපිට, අපේ ළමයින්ට රස්‌සාවක්‌ කරගෙන ඉන්න පුළුවනි. පොඩි උන් හරිම කැමැතියි හොඳට ඉගෙන ගන්න. උන්ටත් හොඳට උගන්නගෙන නිදහසේ ඉන්න තියෙනවා නම් හොඳටෝම ඇතිනෙ මහත්තයෝ. වියදම නම් සැරයි. ඒත් අපේ මිනිස්‌සු බොහොම මහන්සි වෙනවා කොහොම හරි ගොඩ එන්න. 

ඔහුගේ හඬ අව්‍යාජය. මම මෙම පැනය විවිධ තරාතිරමේ දෙමළ අයගෙන් අසා ඇත්තෙමි. ලැබුණු පිළිතුරේ හරය අමුත්තාගේ පිළිතුරේ හරයමය. මා එම පැනය නඟන්නේ උතුරේÊසමාජය අවංකවම දැන් කුමක්‌ සිතන්නේ දැයි දැන ගැනීමේ අදහසිනි. එකක්‌ පැහැදිලිය. ඔවුන් යළි කිසිදාක යුද්ධයක්‌ බලාපොරොත්තු නොවේ. එසේ කීමට මා පොළඹවන තවත් එක්‌ කාරණයක්‌ වන්නේ යාපනය නගරයේ ඉදිවන සුවිසල් ව්‍යාපාරික ගොඩනැඟිලියි. මීට අමතරව මුලින්ම අපගේ නවාතැන් සඳහා බැලූ නිවාසද මහල් දෙක තුනකින් යුතු සියලු නවීන අංගෝපාංග සහිතව අලුතෙන්ම සාදා නිමකරන ලද ඒවාය. යළි කඩාබිඳ වැටේ යයි යන්තමින් හෝ සිතන්නේ නම් ඔවුන් මෙසේ සුවිසල් ඉදිකිරීම් නොකරනු ඇත. 

අමුත්තා දැන් බොහෝ දුරට හිතවත් වී ඇති බැවින් එවන් විටෙක පමණක්‌ අසන මාගේ කඩඉම් පැනය යොමු කළෙමි. එතකොට සිංහල අය ආපහු පදිංචි වෙනවට අකමැත්තක්‌ නැද්ද?" ඔහුගේ මුහුණේ ඉරියව් තරමක්‌ බැරෑරුම් විය. මගේ නම් අකමැත්තක්‌ නෑ මහත්තයෝ... මමත් කරදර කාලේ හලාවත අපේ නෑදෑ කෙනකුගේ ගෙදර හිටියේ. සිංහල ගමක. මේ දැනුත් එහේ ගිහින් එන ගමන්. ඒත් අනිත් මිනිස්‌සු මොනවා හිතනවාද කියලා කියන්න දන්නේ නෑ. මෙහෙම දේකුත් තියෙනවා මහත්තයෝ. හැමෝම එක විදියට හිතන්නේ නෑ. මහත්තයා දැකලා ඇතිනේ අපේ තරුණ ළමයි. බොහොම පිළිවෙලයි. මහත්තයා දැකලා තියෙනවාද කොහේවත් අත් අල්ලගෙන යන ජෝඩු. නෑනේ... අනිත් එක පිරිමි ළමයි සීයක්‌ මැද්දෙන් ගැහැනු ළමයකුට යන්න පුළුවන් මුකුත් ඕන නැති විහිළු නැතිව. අපේ මිනිස්‌සු ඒ විදියට ජීවත් වෙන්නයි කැමැති. ඔහු තව යමක්‌ කීමට ගොස්‌ ගිලගත් බව හැඟුණි. ඔහු මගේ සිතද නොරිදා තරමක්‌ විශ්ලේෂණය කළ හැකි පිළිතුරක්‌ ලබාදුනි. ඔහු කියන්නේ යාපනයේ දී මමද අත්දැක ඇති සත්‍යයකි. අපේ පළාත්වල තරුණ හැසිරීම් කෙතරම් වෙනස්‌දැයි මටද හිතුණු වාර අනන්තය.

මේ අතර කයිට්‌ස්‌ යන වාහනයක්‌ හමුවූයෙන් අමුත්තා අපට මහත් සේ පින්දී යන්නට ගියේය. යළිදු සතුටක්‌ සිතට නැගුණි. මා දෙස හැරුණු ලලිත් "ඒ අංකල්ගේ ෙµdටෝ එකක්‌ ගත්තේ නැද්ද" යනුවෙන් ඇසීය. ඒ පැනය තුළ යම් උපහාසයක්‌ ගැබ්වී තිබුණා විය හැකිය. මම "නෑ" යනුවෙන් පිළිතුරු දුනිමි. ඔහු එසේ අසන්නේ මා මෙම මාර්ගයේ යන දුම්කොළ පැටවු ට්‍රැක්‌ටර්, මාළු පැටවූ ලොරි, තල්පිති පැටවූ අත් ට්‍රැක්‌ටර්, කළපුව මැදින් යන ධීවර බෝට්‌ටු ආදී බොහෝ දේවල ඡායාරූප ගන්නා බැවිනි. මා එම දසුන් තුළින් යළි ගොඩනැඟෙන සාමාන්‍යකරණය වන උතුරු ජන ජීවිතය දකිමි. මේවායේ බොහෝ විට ගමන් කරන්නේ තරුණයන්ය. ඔවුන් ත්‍රස්‌තවාදීන් ලෙස අවිදරා වාහනයක යන දසුනකට වඩා තමන්ගේ දහඩිය මහන්සියෙන් යමක්‌ උපයා යළි ගොඩනැඟීමට යන මෙවන් ගමන් සුන්දර නොවන්නේද? මට නම් සැබවින්ම සුන්දරය. එබැවින් එබඳු ඡායාරූපවලට මම මහත් සේ ඇලුම් කරමි. මා කටුකත්වයට යටින් සුන්දරත්වය දකින තවත් ආකාරයකි ඒ. අපේ අයටද මෙය ඉතා හොඳින් පැහැදිලි කොටදී ඇතත් කෙතරම් දුරට තේරුම්ගෙන ඇත්දැයි නොදනිමි. 

ටික වේලාවකින් මාගේ ජංගම දුරකථනය නාද විය. අංකය පිරික්‌සීමේදී එය කයිට්‌ස්‌ ගිය අමුත්තාගේ පුතාව ඇමතූ අංකය බව පැහැදිලි විය. එහා කෙළවරින් මාගේ ඇමතුම පසුව දැක අමතන බව දෙමළ බසින් පැවසීය. සිද්ධිය නියමාකාරයෙන්ම පැහැදිලි කිරීමට මාගේ දෙමළ දැනුම ප්‍රමාණවත් නොවන හෙයින් සිංහල තේරෙන්නේදැයි ඇසූ කළ නැති බව පැවසීය. මම ඉංග්‍රීසි බසින් මා හඳුන්වාදී ඉංග්‍රීසි තේරෙන්නේ දැයි ඇසූ විට ඔහු දෙමළ බසින්ම "සොල්ලුංග සර්" (කියන්න සර්) යනුවෙන් කීය. මා සියලු විස්‌තර සහිතව සිදුවී ඇති දෙය පැහැදිලි කොට පාර්සලය කයිට්‌ස්‌ බසයෙන් බාගන්නා ලෙස කියූවද ඔහු තාත්තාට කුමක්‌ වූයේදැයි දිගින් දිගටම අසා සිටියේය. ඔහුට කිසිවක්‌ නොතේරුණු බව මට අවබෝධ විය. පසුව මම හැකි උපරිමයෙන් දෙමළ බසින් සිද්ධිය පැහැදිලි කළෙමි. එය කෙතරම් සාර්ථක වූවාදැයි නොදනිමි.

අමුත්තා හමුවූ වෙලාවේ සිට මේ දක්‌වා හුවමාරු වූ දෙබස්‌ හරහා යළි යළිත් සිතිය යුතු සහ විස¹ගත යුතු ගැටලු කිහිපයක්‌ම සිතේ ඇතිකොට තිබිණි. අමුත්තාගේ පුතා අසන දේ පැහැදිලි නමුත් උත්තර දීගත නොහේ. වසර තිහක යුද්ධයට බලපාන්නට ඇත්තේත් මෙයම විය නොහැකිද? ඔවුන් ඇසූ දේ පැහැදිලි නමුත් අප ඔවුන්ට හරියාකාරව පිළිතුරු දී ඇතිද? ඒවා කොතරම් නිවැරැදි ද? නොඑසේ නම් අපගේ පිළිතුරු ඔවුන් නිවැරැදිව තේරුම් ගෙන නැද්ද? නිදහස්‌ වාතාවරණයක්‌ තුළ උනන්දුවෙන් අධ්‍යාපනයේ නියෑළෙන උතුරේ දරුවනුත් ඉලක්‌ක කරගෙන අනාගතයේ රැකියා නිර්මාණය වේද? යුද්ධයකදී එකමුතු වන එකම ජාතියේ මිනිසුන් යුද්ධය නිමවූ පසු දුරස්‌ වෙනවාද? මාගේ කල්පනා දැහැන බිඳිමින් යළිත් දුරකථනය නාද වේ. එය අමුත්තාගේ පුතාගේ අංකයයි. මෙවර ඔහු කුමක්‌ අසයිද? එයට නිවැරැදි පිළිතුරක්‌ ලබාදීමට මට හැකිවේද? සමහර විට ඔහු අපට තේරෙන අතරමැදියකු සොයාගෙනද විය හැක. දෙගිඩියාවෙන් ඇමතුම ලබාගන්නා බොත්තම එබීමි.



Nissanka Rajapaksa

unread,
Feb 16, 2020, 11:02:43 AM2/16/20
to ind...@googlegroups.com

රිළා නැටුම

ඉන්දීය ලේඛක රාමේන්ද්‍ර කුමාර්ගේ කෙටි කතාවක්
සිංහල අනුවාදය -  බොබී ජී. බොතේජු 

‘‘අනිෂ් නැගිටින්න දැන් හයයි’ ඔයාගෙ ගණිතය ටියුෂන් පන්තියට යන්න ප‍්‍රමාද වේවි’’’
 
 අනිෂ් ඇස් පිසදා බැලුවේය’ ඔහුගේ මව මහීමා ඇඳ අසල සිටගෙන සිටින්නීය’ ඇය ඔහු දෙස තද බැල්මක් හෙළා සිටියාය’
 
 ‘‘අම්මේ මට තව මිනිත්තු පහක් නිදාගන්න දෙන්න’ මට නිදි මතයි’’’
 
 ‘‘නැහැ ඊයේත් එහෙමයි කිව්වේ’ ඒ නිසා ටියුෂන් පන්තියට යන්න පැය භාගයක් ප‍්‍රමාද වුණා’ නැගිටින්න’’’
 
 අනිෂ් අමාරුවෙන් නැගිට නාන කාමරයට ගියේය’
 
 ඉන් මිනිත්තු දහයකට පමණ පසු හේ බයිසිකලයේ නැගී තම ගමනාන්තය වෙත ගියේය’ ඔහුට තවමත් නිදිමත දැනේ’ පෙරදින රාති‍්‍රයේ ඔහු විද්‍යාව පාඩම් කරමින් රාත‍්‍රි එකොළහමාර වන තුරු අවදියෙන් සිටියේය’ ඔහුට ඉඩ ලැබුණා නම් ඔහු ඊට බොහෝ වේලාවකට පෙර නින්දට යනවා ඇත’ එහෙත් ඔහුගේ මව ඔහු ඉදිරියේ ආදර්ශ ප‍්‍රශ්න පත‍්‍රයක් තබා ඊට එදිනම පිළිතුරු ලියන ලෙස බලකර සිටියාය’
 
 අනිෂ් ප‍්‍රදේශයේ ඇති හොඳම පාසලක් වූ ශාන්ත ජෝන් විද්‍යාලයේ පහ වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි’ දක්‍ෂ සිසුවකු වූ හේ පසුගිය දෙවසර තුළ අවසාන වාර විභාගයෙන් තම පන්තියේ පළමුවැනියා විය’
 
 කෙසේ වෙතත් දැන් දැන් අනිෂ්ට දැඩි වෙහෙසක් දැනෙන්නට විය’ ඔහුගේ දෛනික කටයුතු වඩ වඩා දුෂ්කර විය’ පෙරවරු 6’30 සිට 7’30 දක්වා ගණිතය උපකාරක පන්තිය, පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා පාසල” පස්වරු 3 සිට 4 දක්වා පරිගණක පන්ති” පස්වරු 4’30 සිට 5’30 දක්වා ක‍්‍රිකට් පුහුණුව, පස්වරු 7 සිට 8 දක්වා ගෙදර වැඩ” පස්වරු 9’30 සිට ඔහුට ඇස් ඇරගෙන සිටිය හැකිතාක් පාඩම් කිරීම’ ඔහුට විවේකය ගැනීමට තිබූ කාලය වූයේ පස්වරු 6 ත් 7 අතර කාලයයි’ එම කාලය තුළ ඔහුට රූපවාහිනිය නැරඹීමට හෝ පොතක් කියවීමට හැකිවිය’
 
 ‘‘අනිෂ් හරි වැරදි බලන්න’ ඔයා සැලකිල්ලෙන් වැඩ කරන්නෙ නැහැ’ සෑම එකතුකිරීමක් ම හරිද කියල ප‍්‍රවේසමෙන් බලන්න’ ඔයා සීයෙන් සීයම ගන්න ඕනෙ’ එහෙම නැත්නම් ඔයා පන්තියෙ පහළට යනවා’’’
 
 තම මව කියන දේට සවන් දීමටවත් කරදර නොවී අනිෂ් යන්ත‍්‍රයක් මෙන් හිස සැලුවේය’ පෙරදින රාත‍්‍රියේ ඇය ඔහුව රාත‍්‍රි දොළහ වන තුරු අවදියෙන් තබාගත්තේ ඇගේ සතුටට හේතුවන පරිදි ඔහු වැරදි නිවැරදි කරන තෙක් ය’
 
 ප‍්‍රශ්න පත‍්‍රය තරමක් අමාරුය’ පහසු ප‍්‍රශ්නවලට මුලින් පිළිතුරු දීම ආරම්භ කරමින් හේ ක‍්‍රමයෙන් අමාරු ප‍්‍රශ්නවලට පිළිතුරු ලිවීම ඇරඹුවේය’ සීනුව නාද වන විට ඔහු අවසන් කර තිබුණේ අඩකි’
 
 ඔහු පිටතට පැමිණ පිළිතුරු පරීක්‍ෂා කරන විට ඔහු තිගැස්සුණි’ ඔහු අතින් වැරදි දෙකක් සිදුව ඇත’ එකක් බෙදීමේදී කරන ලද වරදකි’ අනෙක මිනුම්වල කළ වරදකි’ මේ වැරදි දෙක නිසා ඔහුට ලකුණු දහයක් අහිමි වෙයි’
 
 ඔහුගේ මව ඔහු එනතුරු දොරකඩට වී බලා සිටියාය’
 
 ‘‘කොහොමද?’’
 
 ‘‘අමාරුයි හුඟක් අමාරුයි’’
 
 ‘‘අනිත් අයට නම් අමාරු ඇති’ ඒත් ඔයාට සීයෙන් සීයම ලැබේවි’ එහෙම නේද?’’
 
 ‘‘කියන්න බැහැ’’
 
 ‘‘කියන්න බැහැ කියන එකේ තේරුම මොකක්ද? ඔයා ප‍්‍රශ්න පත‍්‍රයේම ඔයාගේ උත්තර ලියාගෙන ඇතිනෙ’’
 ‘‘මට වෙලාවක් තිබුණෙ නැහැ’’’ හේ බොරුවක් කීවේය’
 
 අනිත් දිනවල විභාගය හොඳින් සිදුකෙරුණ අතර අන්තිම දවසේ අනිෂ්ට විශාල සහනයක් දැනිණ’ පාසල, නිවාඩු කාලය සඳහා වසා දමන අතර, ඔහුට මසක පමණ කාලයක් විවේකයෙන් ගතකළ හැකිය’
 
 ‘‘අම්මා අපි නිවාඩුවට කොහේ හරි යමු’’ අනිෂ් තම මවගෙන් විමසුවේය’ ඔහුගේ ප‍්‍රථම නිවාඩු දිනයේ ඔහු මවත් සමඟ නිවසේ වාඩි වී සිටියේය’ අනිෂ්ගේ පියා වෙළෙඳ නෞකාවක සේවය කරන බැවින් ඔහු නිවසින් බැහැරව රාජකාරියට ගොස් ඇත’ ඔහු ආපසු පැමිණීමට නියමිතව ඇත්තේ දෙමසකට පසුවය’
 
 ‘‘මෝඩ වෙන්න එපා අනිෂ්’ අපි කොහොමද නිවාඩුවට කොහෙවත් යන්නෙ? මම කැමති නැහැ ඔයාගෙ ටියුෂන් පන්ති මඟහැරෙනවට’’’
 
 ‘‘මොන පන්තිද? අපේ ඉස්කෝලෙ මාසයක් නිවාඩු දීලා’ නිවාඩුවෙන් පස්සෙ ඉස්කෝලෙ පටන් ගන්නකම් ටියුෂන් පන්ති පටන් ගන්නෙ නැහැ’ අපේ ක‍්‍රිකට් උපදේසකත් ගමේ ගිහිල්ල’’’
 
 ‘‘මට ඔයාට කියන්න අමතක වුණා’ මම ඔයාව උසස් පරිගණක පාඨමාලාවට ඇතුල් කළා’ ඔයා දැනටමත් පළමුවන විභාගෙ සම්පූර්ණ කරලනෙ ඉන්නේ’ ඊළඟට දෙවන විභාගයට සූදානම් වෙන්න පුළුවනි’’’
 
 ‘‘ඒත් අම්මා ඒවා ඉහළ විභාගනෙ’ ඒ මට්ටමේ ඒවා ඉගෙන ගන්න තරම් වයසට මම තාමත් ඇවිල්ලා නැහැනෙ අම්මා’’’
 
 ‘‘මේ අහන්න අනිෂ්’ ජීවිතේ සාර්ථක වෙන්න නම් අතිරේක වැඩ කරන්න ඕනෙ’ සාමාන්‍යයෙන් නොකරන දේවල්’ අනිත් පිරිමි ළමයි වගේ නෙවෙයි ඔයා බුද්ධිමත්’ සුළු උත්සාහයක් දැරුවොත් ඔයාට ඕනෑම දෙයක් ජය ගන්න පුළුවනි’ අනිත් කාරණය ඔයාට ශක්තිය දෙන්න අම්ම ළඟම ඉන්නවනෙ’ ඔයාගෙ අම්ම වැඩි කාලයක් ගත කරන්නෙ ඔයා වෙනුවෙන්’ මට ඔයා වෙනුවෙන් එච්චර කාලයක් ගත කරන්න පුළුවන් නම් ඔයාට ඔයාගෙම හොඳට වැඩිපුර කාලයක් ගත කරන්න බැරි ඇයි?’’
 
 අනිෂ් නිහඬව තම දෙපා දෙස බලාගෙන බුම්මාගෙන සිටියේය’
 
 අනිෂ්ට ශිෂ්‍ය වාර්තා පොත ලැබුණ විට හේ තිගැස්සුනේය’ අනෙක් සියලූම විෂයයන්ට ඉතා හොඳින් ලකුණු ලැබී තිබුණත් ඔහුට ගණිතය විෂයයට ලැබී තිබුණේ ලකුණු 85 ක් පමණකි’ ගණිතයට ලැබී තිබූ වැඩිම ලකුණු වූයේ 100 කි’ මෙම ලකුණු 15 වෙනස නිසා ඔහු පන්තියේ පළමුවන ස්ථානයේ සිට හයවන ස්ථානය දක්වා පහත වැටිණ’ ඔහුට මුලින්ම සිහිපත් වූයේ තම මවයි’ ඇය බලවත් ලෙස කෝපයට පත්වනු ඇත’
 
 ඔහු බයිසිකලය පැදගෙන නිවසට එන අතරතුර වෙව්ලන්නට විය’ ඔහුට තම මවට මුහුණදීමට අපහසුය’
 
 ‘‘මොකද වුණේ අනිෂ්? ඇයි බර කල්පනාවකින්? ඔයා පළමුවැනියා නේද? එහෙම නේද?’’ දොරකඩ අසලදීම මහිමා විමසුවාය’
 
 ඔහු වචනයක්වත් කතා නොකළේය’ ඇය ඔහු පසුපස විසිත්ත කාමරය දක්වා ගියාය’ ඔහු තම පාසල් බෑගය තුළින් ශිෂ්‍ය වාර්තා පොත ඉවතට ගෙන මව අත තැබුවේය’
 
 එදෙස බැලූ ඇගේ මුහුණ රත්පැහැ ගැන්විණ’ ඇගේ ඇස් කෝපයෙන් දිලිසිණ’ 

‘‘මේ මොකද අනිෂ්? ඔයා හයවැනියා’ ඔයා ඇයි මට මෙහෙම කළේ? මම ඔයාව සූදානම් කරපු හැටියට ඔයා පළමුවැනියා වෙන්නම ඕනෙ’ ඉතින් දැන් මම කොහොමද අනිත් අයට මුහුණ දෙන්නෙ’ මම හැමෝටමත් කිව්වා ඔයා පළමුවෙනිය වෙනවයි කියල’ ඊයෙ රාත‍්‍රියෙ ඔයාගෙ තාත්තා ටැලිපෝන් කරපු වෙලාවෙ එයාටත් මම කිව්වා’ තාත්තත් හරිම සතුටු වුණා’ ඊළඟ මාසෙ ගෙදර එනකොට ඔයාට ගොඩක් තෑගි අරගෙන එන්නයි එයා හිතාගෙන ඉන්නේ’ මම අපේ මිත‍්‍රයන්ටයි අසල්වැසියන්ටයි දෙන්න රසකැවිලිත් හැදුවා’ දැන් මම මොකද කරන්නෙ?"
 
 ඇය හිස අත් බදාගෙන ඇඳ මත වාඩිවූවාය’ අනිෂ් ලැජ්ජාවෙන් හිස පහතට හරවාගෙන සිටගෙන සිටියේය’
 
 ‘‘කොතනද ඔයාට වැරදුණේ?’’
 
 ‘‘ගණිතයට මට අසූපහයි’ පැටි‍්‍රක්ටයි ඉර්ෂාන්ටයි දෙන්නටම සීයයි’’’
 
 ‘‘කවුද පළමුවැනියා?’’
 
 ‘‘පැටි‍්‍රක්’’
 
 ‘‘පැටි‍්‍රක්ගෙ අම්මා ආඩම්බරකාර ගෑනි පින්කි මල්හෝත‍්‍රා’ මාව හෙළාදකිමින් විනෝදවේවි’ ගිය සැරේ ඒ ගෑනි කිව්වා පැටි‍්‍රක් දෙවැනියා වෙන්නේ නැහැයි කියලා’’’
 
 ඇය ඔහු දෙස බැලූවාය’ ඔහු තවමත් බිම බලාගෙන සිටියි’ ඔහුගේ නිහඬබවින් මහීමා වඩාත් කෝප වූවාය’ ඇය ඔහුගේ කමිසයෙන් ඇද ළඟට ගත්තාය’
 
 ‘‘උඹ ලැජ්ජා නැති කොලුවා’ උඹගෙ මුහුණෙ ලැජ්ජාවක් ගෑවිලාවත් නැහැ’’’ ඇය ඔහුගේ කම්මුලට දෙපාරක් ගසා තම කාමරයට වැදී දොර වසා ගත්තාය’
 
 අනිෂ් එතනම සිටගෙන සිටියේය’ ඔහුගේ කම්මුල් දිගේ කඳුළු ගලාගෙන ගියේය’
 
 මහීමා තම කාමරයේ දොර විවෘත කළේ රාත‍්‍රි නවයටයි’ නිවස නිහඬය’ ඇය අනිෂ් ගේ නිදන කාමරයට එබී බැලූවේය’ එය හිස්ය’ ඇය කුස්සිය” නාන කාමරය” විසිත්ත කාමරය” මේ හැම තැනකම සොයා බැලුවාය’ ඇය වත්තේ සහ ගරාජයේ ද සොයා බැලුවාය’ ඇය තුළ තිගැස්මක් ඇතිවිය’ ඔහු ගියේ කොහේද? නිවස තුළට ගිය ඕ දුරකථනය ගත්තාය’ ඇය ඔහුගේ මිතුරන්, ඔවුන් ගේ පවුල්වල අය සහ තම ඥාතීන් එකිනෙකාට දුරකථන ඇමතුම් දෙමින් විමසීම් කළාය’ සෑම තැනකින්ම ලැබුණේ එකම පිළිතුරකි’ අනිෂ් එහි ගොස් නැත’ එදින සන්ධ්‍යාවේ කිසිවකු ඔහුව දැක නැත’ ඇය දුරකථන ඇමතුම් දී නිමවන විට රාත‍්‍රි දහය විය’
 
 ඇය ළඟම ඇති පොලිස් ස්ථානයට කතා කළාය’ වෙරිමතින් පෙළෙන්නකු වැන්නකුගේ කටහඬක් පිළිතුරු වශයෙන් ඇසිණ’
 
 ‘‘ඔය ගාන්ධිනගර් පොලිස් ස්ථානයද?’’
 
 ‘‘ඔව්’’
 
 ‘‘මගෙ පුතා හැන්දෑවෙ ඉඳල නැතිවෙලා’ කරුණාකරල මට උපකාර කරන්න පුළුවන්ද?’’
 
 ‘‘එයාගෙ පින්තූරයක් තියෙනවද?’’
 
 ‘‘ඔව්’’
 
 ‘‘එහෙම නම් පිටපත් කීපයක් එවන්න ඒ එක්කම ඔහුගෙ නම වයස හැඩරුව ගැන විස්තරයක් සහ අන්තිම වරට දකින විට ඇඳල හිටපු ඇඳුම් ගැනත් ලියල එවන්න’’’
 
 ‘‘ඔව් ඒත්’’’’’’’’’’’
 
 සටාස් යනුවෙන් ශබ්දයක් ඇසිණ’ පොලිස් නිලධාරියා දුරකථනය රිසීවරය මත තබා ඇත’
 
 ඇය නැගිට ගොස් අනිෂ්ගේ පින්තූරයක් සොයන්නට වූවාය’ ඇයට පිටපත් හතරක්ම සොයාගත හැකිවිය’ පොලිස් නිලධාරියා විමසා සිටි තොරතුරු ද ඇය කඩදාසියක සටහන් කළාය’
 
 එයා යන්න ඉස්සෙල්ල ඇඳුම් මාරු කරගන්න නැතිව ඇති කියල මට හිතෙනවා’ එලෙස සිදුවේවායි ඇය පැතුවාය’ ඡුායාරූප සහ විස්තර කවරයක දැමූ ඕ අනතුරුව සේවක නිවාසවල පදිංචි තම සේවකයා වූ නරසිංහව කැඳවූවාය’ වහාම පොලිස් ස්ථානයට ගොස් කාර්යභාර පොලිස් නිලධාරියාට එම ලිපිය භාරදෙන ලෙස ඕ විධාන කළාය’
 
 නරසිංහ ආපසු පැමිණීමෙන් පසු මහීමා සෑම පැය භාගයකට වරක්ම පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් දුන්නාය’ ඇය සිව්වන වරට දුරකථන ඇමතුම දුන් අවස්ථාවේ පොලිස් නිලධාරියා කෝපයෙන් කෑගෑවේය’ ‘‘නෝනා අපට කරදර කරන එක නවත්වනවද? ඔබ කාන්තාවක් නිසා මම බොහොම කරුණාවෙනුයි මේ කියන්නේ අපට සෑම දවසකම මේ වගේ පැමිණිලි දුසිමක් විතර ලැබෙනවා’ අපට තොරතුරක් ලැබුණ ගමන් දන්වන්නම්’ දැන් මට සැනසිල්ලෙ නිදාගන්න ඉඩ දෙන්න’’ හේ දුරකථනය විසන්ධි කළේය’
 
 තමා කළ යුත්තේ කුමක්දැයි මහීමාට නොවැටහිණ’ කඳුළු පවා වියලී ගොසිනි’ ඇය තමාටම ශාප කර ගනිමින් විසිත්ත කාමරයේ වාඩි වී සිටියාය’ කාලය පිළිබඳව ඇයගේ හැඟීමක් නොවීය’ ඇගේ කලබලකාරී ස්වභාවය ක‍්‍රමයෙන් වර්ධනය විය’
 
 හදිසියේම පරිසරයේ නිහඬ බව බිඳිමින් කටුක හඬක් ඇසිණ’ ඕ නැගී සිටියාය’ අනතුරුව ඔරලෝසුව බැලුවාය’ එවිට වෙලාව පාන්දර හතරහමාර විය’ ඇය නිදි කිරමින් සිටින්නට ඇත’ පිටත දැඩි අඳුරින් වැසී ඇත’ මේ පාන්දර කවුද? දෙවියනි මගේ අනිෂ් ගැන ආරංචියක් රැගෙන එන කෙනෙක් වේවා! ඕ පැකිළී වැටෙමින් දොර වෙතට ගොස් දොර විවෘත කළාය’ පිටත අනිෂ් කිලිටි ඇඳුමින් සහ අවුල් වූ හිසකෙසින් යුතුව වෙහෙසට පත්ව සිටියේය’ ඔහු තවමත් සැරසී සිටින්නේ පාසල් නිල ඇඳුමිනි’ ඔහුගේ මුහුණ දූවිල්ල කඳුළු සහ කුණුවලින් වැසී ඇත’ ඔහු අසල නුපුරුදු තරුණයෙක් සිටියේය’
 
 ‘‘අනිෂ් දෙවියන්ට ස්තුතිවේවා! ඔබ ප‍්‍රවේසමෙන් ඉන්නවා කොහාටද ගියෙ බබා? මම මහ කරදරයෙනුයි සිටියේ’’’ ඇය ඔහුව ළඟට ඇදගෙන වැලපෙන්නට වූවාය’
 
 මඳ වෙලාවක් වැලපුන ඇය පියවි තත්ත්වයට පත්ව තරුණයා දෙස බැලුවාය’
 
 ‘‘මගෙ නම බසන් ත‍්‍රිපති නෝනා’ මම ඔබගෙ පුතාගෙ පාසලේ යතුරු ලේඛකයා’ අජන්තා එක්ස්ප‍්‍රස් කෝච්චියෙන් එන මගෙ සහෝදරයෙක්ව මුණගැහෙන්න මම දුම්රියපළට ගියා’ කෝචිචිය ප‍්‍රමාද වන නිසා මම දුම්රිය වේදිකාවේ එහාට මෙහාට යමින් හිටියා’ එතකොට මම දැක්කා බංකුවක් උඩ අනිෂ් ඉන්නවා’ මට සැකයක් හිතුනා’ මේ මහ රෑ තනියම මෙතනට වෙලා මොනවද කරන්නෙ කියල මම ඇහුවා’ ඔහු පිළිතුරු දුන්නෙ නැහැ’ මම එයාව ගෙදර එක්කගෙන එන්න ඇහුවාම එයා ප‍්‍රතික්‍ෂේප කළා’ අන්තිමේ මම ඔහුට තර්ජනය කළා මාත් එක්ක ආවෙ නැත්නම් ඔහුව ළඟම තියෙන පොලිසියට භාර දෙනවයි කියල කිව්වා’ ඒකට බයවුණ ඔහු ගෙදර එන්න කැමැති වුණා’’’
 
 ‘‘බොහොම ස්තුතියි බොහොම ස්තුතියි බසාන් ජී’ මට ඔබට ස්තුති කරන්න කියන්න තරම් වචන නැහැ’’’ මහීමා හෙමිහිට කෙඳිරුවාය’
 
 ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
 
 මහීමා විසිත්ත කාමරයේ වාඩි වී 6 වන පන්තියේ විෂය නිර්දේශය බලමින් සිටියාය’ දෙසතියකට පෙර පන්ති ආරම්භ වූ නමුදු විෂය නිර්දේශය සිසුන් අතට පත් කරනු ලැබුවේ ඊයේයි’ අනිෂ් පාසල් ගොස් සිටි අතර ඇය පමණක් නිවසේ තනිව සිටියාය’ ඇගේ සැමියා අස්වින් ඊළඟ සඳුදා ආපසු පැමිණීමට නියමිත විය’
 
 නිවසේ සීනුව නාද විය’ මහීමා දොර විවෘත කළාය’ ශාන්ත ජෝන් විද්‍යාලයේ විදුහල්පතිතුමා බී’ ආර්’ මිත‍්‍රා මහතා පිටත සිටගෙන සිටිනු දුටු ඇය මඳක් පසුබෑවාය’ ඔහුගේ අතේ ලිපි ගොනුවකි’
 
 ‘‘සුභ උදෑසනක් මට ඇතුළට එන්න අවසර තියෙනවද?’’
 
 ‘‘ඔව් සර් කරුණාකරල ඇතුළට එන්න’’’
 
 ඔහු අසුන් ගැනීමෙන් පසු උගුර පෑදූ මිත‍්‍රා මහතා කතා කිරීම ඇරඹුවේය’ 

‘‘මහීමා ෂානි නෝනා මේ වෙලාවෙ මාව දකින්න ලැබීම ගැන ඔබ පුදුම වේවි’ අනිෂ් නොමැතිව මට ඔබ සමග කතා කිරීමට අවශ්‍යයි’’’
 
 ‘‘මොනව හරි සිද්ධ වෙලා ද සර්? එයාට කරදරයක් ද?’’
 
 ‘‘නැහැ නැහැ ඒ වගේ දෙයක් නෙවෙයි’ අනිෂ් මගෙ හොඳම ශිෂ්‍යයෙක්’ ඔහු දීප්තිමත් බුද්ධිමත් සංවේදී ශිෂ්‍යයෙක්’ ඒත් ක‍්‍රමයෙන් ඔහුගෙ වෙනසක් දැනුනා’ ඔහු වෙනදා පුරුදු සතුටින් හිටියෙ නැහැ’ පන්තියේදිත් ඔහු සුපුරුදු පරිදි කටයුතු නොකරන බවට මට වාර්තා ලැබුණා’ පසුගිය අවසාන වාර විභාගයේදී ඔහු පන්තියෙ හයවැනි තැනට පහතට වැටුණා’ පසුගිය සතියෙ මට ත‍්‍රිපති කිව්වා අනිෂ් ගෙදරින් පැනල යන්න උත්සාහ කිරීම ගැන’’ 

මිත‍්‍රා විරාමයක් ගත් අතා මහීමා නිහඬව සිටියාය’
 
 ‘‘මහීමා ශානි නෝනා අනිෂ් පැනල යන්න හැදුවෙ ඇයි කියල ඔබ හොයල බැලුවද?’’
 
 ‘‘මම උත්සාහ කළා’ ඒත් මේ ගැන කතා කරන්න හදනකොටම අනිෂ් මඟහරිනවා’’’
 
 ‘‘මට හිතෙනවා මට ගැටලුවෙ මුල වැටහිලා තියෙනවා කියල’’’
 
 ‘‘මොකක්ද ඒ?’’
 
 ‘‘මම මෙහෙම කිව්වට වරදවා වටහා නොගනීවි කියල මම හිතනවා මහීමා නෝනා මම හිතන්නෙ ඒකට හේතුව ඔබයි’’
 
 ‘‘එයින් අදහස් කළේ මොකක්ද?’’ මහීමා සිරුර සෘජුව තබා ගත්තාය’ ඇගේ මුහුණ රත්පැහැ ගැන්විණ’
 
 ‘‘කරුණාකරල මාව වරදවා වටහා ගන්න එපා’ මට ඔබ වගේ මාපියන් වගේම අනිෂ් වගෙ දරුවනුත් ගොඩක් මුණගැහිල තියෙනවා’ මම හිතනවා ඔබ ඔහුට වැඩි බරක් පටවනවා’ මම ඔබ ගැනත් ටිකක් දන්නවා’ ඔබත් සමඟ එකම පන්තියෙ ඉගෙන ගත්ත ගීතා රෝයි මගෙ පාසලේ ගුරුවරියක්’ ඇය මට ඔබ ගැන කිව්වා’ ඔබ පෞද්ගලික අංශයෙ සිමෙන්ති නිෂ්පාදන ආයතනයක සහකාර කළමනාකාරියක ලෙස වැඩ කරන කාලෙදි ඔබගෙ ස්වාමි පුරුෂයාව දැන හඳුනාගෙන පේ‍්‍රම සම්බන්ධයක් ඇතිකර ගත්තලු’ විවාහයෙන් පස්සෙත් ඔබ දිගටම රැකියාව කළා’ ඒත් අනිෂ් ඉපදුනාට පස්සෙ ඔහුව බලාගන්න සිද්ධ වුණ නිසා ඔබ රැකියාව අත්හැරියා’ ඒක ඔබට තදින් බලපාල තියෙනවා’ මේ නිසා ඔබට සම්පූර්ණ කරගන්න බැරිවුණු ආශාවන් ඔබගෙ පුතා ලවා සම්පූර්ණ කරවා ගන්න උත්සාහ කරනවා’’’
 
 මහීමා විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට උත්සාහ කළත් මිත‍්‍ර මහතා අත ඔසවා හරස්විය’ 

‘‘කරුණාකරල මුලින් මට සවන් දෙන්න කියල මම ඉල්ලා හිටිනවා’ මම කිව්ව වගෙ ඔබට අවශ්‍ය වුණේ ඔබගේ සියලුම සිහින අනිෂ් ලවා සම්පූර්ණ කරවා ගන්න’ ඒක තමයි ඔබ ඔහුට තදින්ම කටයුතු කළේ’ ගණිතය උපකාරක පන්ති” පරිගණක පන්ති” ක‍්‍රිකට් පුහුණු එයාගෙ වැඩ සටහන ඉතාම දුෂ්කරයි’ කවදාවත් ඉවර නොවන වැල්වටාරම් ගොඩක ඔහුව පටලවලා’ ඔබව සතුටු කරන්න ගිහින් ඔහුටත් ඇතිවෙලා’ අනිෂ් ටේබල් ටෙනිස්වලට කැමතියි’ ඒත් ඔබ ඔහුව වළක්වනවා’ ඔබ හිතන්නෙ වඩාත් ප‍්‍රතිලාභ තියෙන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් කියල’ ඔහුට කරන බලකිරීම නිසා ඔහුට කි‍්‍රකට් ක‍්‍රීඩාවත් එපාවෙලා’ මම හිතනවා ඔබත් දන්නවා කියල ඔහු චිත‍්‍රවලට දක්‍ෂ බව’ ඒත් ඔබ ඔහුට චිත‍්‍ර පන්තිවලට යන්න ඉඩ දෙන්නෙ නැහැ’ ඔහු චිත‍්‍ර පන්තිවලට යවනවාට වඩා පරිගණක පන්තිවලට යවන්නයි ඔබ උනන්දු වෙන්නේ’ ක‍්‍රමයෙන් හැම දෙයක් ගැනම ඔහු කලකිරිලා’ මේ විදියට දිගටම ගියොත් ඔබට ඔහුව නැතිවේවි’’’
 
 ‘‘මිත‍්‍රා සර් මම හිතනවා ඔබ අතිශයෝක්තියෙන් කියනවා කියලා’ මම ඔහුගෙ මව’ ඔහුට යහපතක් වෙනවා දකින්න වැඩියෙන්ම ප‍්‍රාර්ථනා කරන්නේ මමයි’ ඔබ කියන විදියට මම තමයි ඔහුගෙ පළමුවෙනිපෙළේ හතුරා’’
 
 ‘‘නැහැ මහීමා නෝනා ඔබ කාරණය වටහා ගත්තෙ නැහැ’ මම දන්නවා ඔබ ඔහුගෙ යහපත ප‍්‍රාර්ථනා කරන කෙනා බව’ ඒ වගේම ඔහුගෙ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහායි ඔබ මේ සියල්ල කරන්නෙ කියන කාරණයත් මම දන්නවා’ ඔබගෙ අරමුණ ශ්‍රේෂ්ඨයි’ ඒත් ඒ අරමුණු ඉෂ්ට කරගන්න ගන්න ක‍්‍රියාමාර්ගය හරියටම හරි නැහැ’ විශ්වාස කරන්න’ මම තරම් මේ ගැන හොඳින් දන්න කෙනෙක් තවත් නැහැ’ මම ඔබට මගෙ ජීවිතේ ගැන කියන්නම්’ මටත් බුද්ධිමත් දක්‍ෂ පුතෙක් හිටියා’ මට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණ නිසා ඔහුව වෛද්‍යවරයෙක් කරන්නයි මට අවශ්‍ය වුණේ’ මගේ පියා දුප්පත් කෙනෙක් වුණ නිසා මට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න බැරිවුණා’ ඒකෙ ප‍්‍රතිඵලයක් වශයෙන් පාසල් යද්දිම මට රැකියාවකුත් කරන්න සිද්ධ වුණා’ ඒත් මට අවශ්‍ය වුණා මට ලබාගත නොහැකි වූ සියලු දේවල් මගේ පුතාට ලබා දෙන්න’ මම එයාව හොඳම පාසලකට ඇතුළු කළා’ උපකාරක පංති රාශියකටත් ඇතුළත් කළා’ වෛද්‍ය වෘත්තියට පදනම දැමීමට අවශ්‍ය සියලුම දේවල් කළා’ අන්තිමේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත්වීමේ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් වුණාම ඔහුගෙ නම ඒ ලැයිස්තුවේ නැහැ’ මම වෙව්ලලා ගියා’ මගේ හිතේ අමාරුව” මගෙ කෝපය මම ඔහුගෙන් පිට කරන්නයි උත්සාහ කළේ’ පසුදින මම ඔහුගේ කාමරයට යන විට ඔහු වහලයේ එල්ලිලා මැරිලා’ මගෙ ආශාවල් මගෙ පුතාව සියදිවි නසා ගැනීමකට යොමු කළා’ මහීමා නෝනා මමත් මගෙ පුතාගෙ යහපත ප‍්‍රාර්ථනා කළ කෙනෙක් නොවෙයිද?’’
 
 මිත‍්‍ර මහතා මද විරාමයක් ගෙන සාක්කුවෙන් ලේන්සුවක් ගෙන කඳුළු පිසදා නැවතත් කතා කළේය’’’ කාලෙකට ඉස්සර අපි පාසලේ චිත‍්‍ර තරගයක් සංවිධානය කළා’ මාතෘකාව මගේ පවුල’ අනිෂ්ගෙ චිත‍්‍රය තමයි හොඳම චිත‍්‍රය’ ඒත් අපට ඔහුට තෑග්ගක් දෙන්න බැරිවුණා’ ඔබ ඒ චිත‍්‍රය බැලුවොත් හේතුව තේරුම් ගනීවි’’’
 
 මිත‍්‍රා මහතා තම අත වූ ලිපි ගොනුවෙන් කඩදාසියක් ගෙන මහීමා නෝනා අත තැබුවාය’
 
 චිත‍්‍රය ඇත්තටම සිත් ඇද ගන්නා සුලුය’ රෝදයක් කරකවමින් සිටින රිළවකු වටා සෙනඟ පොදිකමින් සිටින අයුරු සහ පිරිස අත්පොළසන් දෙන අයුරුත් ඒ දෙසට කාසි විසිකරන අයුරුත් චිත‍්‍රයෙන් පෙන්නුම් කෙරිණි’ රිළවා පිටුපස කසයක් අතින් ගත් කාන්තාවකි’ ඊට පහතින් මගේ අම්මා යනුවෙන් ලියා තිබිණි’ මහීමා දැඩි සැලකිල්ලෙන් යුතුව රිළවාගේ මුහුණ දෙස බැලුවාය’ එහි හිස මිනිසෙකුගේ වැනිය’ එම මුහුණ අනිෂ්ගේ මුහුණට සමානය’ කාන්තාවගේ මුහුණ තමාගේ මුහුණ බව ඇයට පෙනිණ’ මහීමාගේ මුහුණ ලැජ්ජාවෙන් රත් පැහැ ගැන්විණ’
 
 සිටගෙන සිටින මිත‍්‍රා මහතා දෙස ඇය බැලුවාය’
 
 ‘‘මහීමා නෝනා ඔබගෙ හැඟීම්වලට වේදනාවක් දුන්න නම් මම කනගාටු වෙනවා’ ඒත් මට හිතුණා මගෙ අත්දැකීම් සහ සිතිවිලි ඔබත් සමඟ බෙදාගත යුතුයි කියලා’ දෙමවුපියන්ගේ අවශ්‍යතා වෙනුවෙන් තවත් දරුවෙක් ජීවිතේ නැතිකර ගන්නව දකින්න මම කැමති නැහැ’ සුබ දවසක්’’’
 
 දොර අසල සිට ගනිමින්ම මිත‍්‍රා මහතා ආපසු යන දෙස බලා සිටි ඕ අනතුරුව වැලපෙන්නට වූවාය’
 
 ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆ ⋆
 
 ශාන්ත ජෝන් විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයයි’ වැඩසටහන අවසන් වීමට ආසන්නය’ මිත‍්‍රා මහතා ඉදිරියට පැමිණ මයික‍්‍රපෝනය අතට ගත්තේය’
 
 ‘‘නෝනාවරුනි මහත්වරුනි දරුවනි අද වැඩ සටහනේ අවසාන කොටස දැන් පැමිණ තිබෙනවා’ එනම් සෑම අංශයකින්ම දක්‍ෂ ශිෂ්‍යයාට සම්මාන පිරිනැමීම’ මේ වසරේ එම සම්මානය පිරිනැමෙන්නේ 6 වන වසරේ ශිෂ්‍යයෙකුට’ මේ වගේ ළාබාල ශිෂ්‍යයෙක් මෙම සම්මානය ලබා ගන්න ප‍්‍රථම 
 අවස්ථාව මේකයි’ අතීතයේදී 11 සහ 12 වන ශ්‍රේණිවල ළමයි තමයි මේ සම්මානය ලබා ගත්තෙ’ මේ වසරේ ජයග‍්‍රාහකයාගේ සාර්ථකත්වය ඇත්තටම විශේෂයි’ රජයේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඔහු ඉහළම ලකුණු ලබාගෙන තියෙනවා’ එහෙම ලකුණු ලබාගත්ත ළාබාලම ශිෂ්‍යයා ඔහුයි’ අන්තර් නගර ටෙනිස් බෝල තරගයේ දෙවැනියා වුණෙත් ඔහුයි’ යුනිසෙෆ් වලින් සංවිධානය කළ සමස්ත ඉන්දියා චිත‍්‍ර තරගයේ වයස 12න් පහළ කණ්ඩායමේ හොඳම චිත‍්‍රයත් ඔහුගේ’ දැන් ඔබට ඔහු ගේ නම අනුමාන කරන්න පුළුවන්’ ඔහු වෙන කවුරුවත් නොවෙයි’ 6 වන වසරේ අනිෂ් ශිෂ්‍යයා’ මිත‍්‍රවරුනි, සාමාන්‍යයෙන් ප‍්‍රධාන අමුත්තා තමයි මේ සම්මානය ප‍්‍රදානය කරන්නේ’ ඒත් ඔහුගේ අවසරය ඇතිව මම මේ වසරේ වෙනසක් කළා’ මම විශේෂ අමුත්තකුට ආරාධනා කරනවා’ අනිෂ් ගේ සාර්ථකත්වයට පසුබිමින් සිට හේතුව වූ ඇයට කියනව සම්මානය ප‍්‍රදානය කරන්න’ ඒ ඔහුගේ මව මහීමා මැතිනියයි’’’
 
 මහීමා නැගිට වේදිකාවට ගියේ විශාල අත්පොළසන් නාදයක් නැගෙද්දීය’
 
 
Reply all
Reply to author
Forward
0 new messages