මේ කියන කාලය තුළ, ආධ්‍යාත්මික හෝ භෞතික ප‍්‍රවර්ධනයක් අර්ධ වශයෙන් අත්කරගන්නා හැම විටම ඔහුගේ නැඹුරුව තිබුණේ, නැවතත්, කුලය, ආගම හෝ ජාතික අනන්‍යතාව සහ හිමිකාරීත්වය වැනි ආරක්ෂණයක් තුළට කොටු වීමටයි. අත්කරගත් අර්ධ වර්ධනයෙන් තවත් පියවරක් ඉදිරියට තබමින්, විශිෂ්ටත්වයක් සහ නිදහසක් දිනාගත යුතුව ඇතැ යි යන විකල්පය ඔහුගේ සැළකිල්ලට ලක්වුණේ නැත.
Image Credit: The Nation, Wikipedia and again Wikipedia respectively.
නිදහස යනු, රැඩිකල් සාරධර්මයක් මිස, ගතානුගතික දෙයක් නොවේ. ඉන්දියාවට වෙනස්ව ලංකාවේ දී නිදහස යන්න, අපේ ආගමේ, සමාජයේ සහ දේශපාලනයේ සම්මත මායිම්වලට සීමා වී තිබුණි. නිදහස පිළිබඳ රැුඩිකල් සම්ප‍්‍රදායක් මෙරටේ නොපැවතීම, අනගාරික ධර්මපාල, ඒ. ඊ. ගුණසිංහ සහ සී. ඩබ්. ඩබ්. කන්නන්ගර වැනි පුරෝගාමී නායකයන්ට ඉතා නරකට බලපෑවේය. මූලිකව ගත් කල, ඔවුන් වනාහී, සම්ප‍්‍රදායික සමාජ නම්බුකාරකමින් අවුරන ලද සමාජයකට අයෝග්‍ය අයවළුන් ය. 1753 භික්ෂූ උපසම්පදා පුනර්ජීවනයේ ප‍්‍රතිඵල තුළින් එය මනාව පෙන්නුම් කෙරේ. මෙහි දී, සියම් නිකායට කෙනෙකු මහණ කර ගැනීම, ‘ඉහළ ජන්මයක්’ සහිත ගොවිගම කුලයට පමණක් සීමා කෙරුණි. ඒ විදිහටම, 19 වැනි සියවසින් සහ ඉන් පසුව නැගී එමින් සිටි මධ්‍යම පංතිය, තමන්ගේ අනන්‍යතාව සහ ධනය, තදින් ගැටගැසී තිබුණු සිය පවුල සහ කුලයේ පරිවාරය තුළ කූඩු කර ගැනීමට පෙළඹුණි. මේ අභ්‍යන්තර පිළිකාවට පිළියම් සෙවීමේ දී, 19 වැනි සියවසේ බෞද්ධ මෙන්ම හින්දු පුනර්ජීවනය ද මුහුණදුන්නේ බරපතල අසාර්ථකත්වයකටයි. කුල ධූරාවලිය තුළ තදින් ගැටගැසුණු සියම් සහ අමරපුර නිකායික ප‍්‍රමුඛ පෙළේ භික්ෂූන් වහන්සේලා පවා සමාජ ප‍්‍රගමනයේ තරගයට පිවිසුණේ තම තමන් අයත් ගොවිගම සහ පහත රට ප‍්‍රධාන කුල තුනට පක්ෂපාතී වෙමිනි. අළුතෙන් සැපත් වූ මුද්‍රණ ශිල්පය පාවිච්චියට ගනිමින්, අනිකාට එරෙහිව තමන්ගේ විශිෂ්ටත්වය පෑමට ඔවුහූ තරග කළහ. සෑම කුල භේදයක්ම ප‍්‍රසිද්ධියේ ප‍්‍රතික්ෂේප කෙළේ, පුංචිම නිකාය වන, 1863 දී ස්ථාපිත කෙරුණු, රාමඤ්ඤ නිකාය පමණි.
මේ විදිහට, ලැබූ හැම ජයග‍්‍රහණයක්ම= ආධ්‍යාත්මික වේවා භෞතික වේවා-සූත‍්‍රගත වුණේ, ආචීර්ණකල්පික විශිෂ්ටතා මත පදනම් වෙමිනි. බලය තුළ යම් ස්ථානයක් හිමිකර ගත් පුද්ගලයන් තුළ තිබුණේ නිදහස පිළිබඳ භීතියකි. තමන් සොයාගත් බලයේ මූලාශ‍්‍රයට පිවිසෙන දොර, සමස්ත සමාජයටම වැඩදායි වන ආකාරයෙන් විවෘත කිරීමට ඔවුන්ට පුලූවන් කම තිබුණි. නැතහොත්, විශේෂිත පංතියකට පමණක් එම පිවිසුම සීමා කිරීමටත් පුලූවන් කම තිබුණි. අවාසනාවකට මෙන් අපේ නායකයන්ගෙන් බහුතරයක් තෝරාගත්තේ දෙවැනුව කී තේරීමයි. ඒ අනුව, මේ රටේ වෙසෙන වරප‍්‍රසාදලාභී සහ අවවරප‍්‍රසාදිත ජන කොටස් අතර පැවති සමාජ දුරස්ථ භාවය දිගටම පවත්වා ගැනුණි.
මේ නිසා, ඉහත කී ගතානුගතික සහෝදරයන් ගත් මගින් වෙනස්ව, තමන් අත්කර ගත් ආධ්‍යාත්මික, සමාජ සහ ආර්ථික නිදහස එහි තාර්කික අවසානයන් වෙත (හිංසාකාරී නොවන මාර්ගවලින්) ගෙන යාමට උත්සුක වූ රැඩිකල් සහ ආන්තික ව්‍යාපාර ද තිබුණි. ජාතික තලයේ දී, නිදහස් අධ්‍යාපනයේ ඉරණම එයින් එකකි. දෙමළ පැත්තෙන් ගත් විට, 1930 ගණන්වල ‘යාපනේ තරුණ කොන්ග‍්‍රසය’ තවත් අවස්ථාවකි. මුස්ලිම් පැත්තෙන්, ආචාර්ය ඒ. එම්. ඒ. අසීස්ගේ ජීවන සේවාව තිබේ. එසේම, චින්තනයේ සහ ක‍්‍රියාකාරීත්වයේ නිදහස පළ කළ ප‍්‍රමුඛ පෙළේ සිංහල බුද්ධිමතුන් දෙදෙනෙක් ද සිටියහ. ඒ, පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රිය හිමියන් සහ ආචාර්ය ඊ. ඩබ්. අදිකාරම් ය.
නිදහස පිළිබඳ භීතිය බොහෝ විට වෙස්වළා එන්නේ, ‘අපේ කම’ නැමැති ලේබලය තුළිනි. අනාරක්ෂාව පිළිබඳ මේ හැඟීම, යටත්විජිත සමයේ සිට, විශේෂයෙන් සිංහල බෞද්ධයන් (එහෙත් ඔවුන් පමණක් නොව) දියත් කළ, පටු සහ එදිරිවාදී ව්‍යාපෘතිවල හරය තුළම අඩංගු වන්නකි. සත්‍ය වශයෙන් ගත් විට, ‘අපේ කම’ යනු, බාහිර සංකේතවාදයකින් බැඳ නොතැබෙන, හරවත්, අභ්‍යන්තර සංස්කෘතික හර පද්ධතියකි. එය, සිංහල සංස්කෘතික උරුමයේ ප‍්‍රකාශනයකි. එහෙත්, සෑම උරුමයක් මෙන්ම එය ද, වැරදියට අර්ථකථනය වී ඇත. අවභාවිතව ඇත. වාසියට සූරාකැවී ඇත.
සිංහල බෞද්ධයන් සීමිත වාසියකින් ඉපිල යාමට ඉක්මන්ව තිබේ. අර්ධ වශයෙන් අත්කරගත් දෙයක් තහවුරු කර ගැනීමට උත්සුකව තිබේ. අනතුරුව, ඒ අර්ධ ජයග‍්‍රහණය, අසමානුපාතිකව පුම්බනු ලැබ, ඉන් එහා ඉදිරි ප‍්‍රගතියකට නොයාමට එය හේතුවක් කරගෙන තිබේ. (අර්ධ සාර්ථකත්වයේ අර්ථයෙන්) ලද එම අවිශිෂ්ටතාව උඩ දැමීමෙන් එහි සිරකරුවෙකු බවට පත්ව තිබේ. අප මෙහි දී කරන්නේ, පිට්ටනියේ එහා කෙළවරට බෝලය ගෙන ගොස් නියමිත ලකුණ ලබා ගන්නවා වෙනුවට, පිට්ටනියේ මැදට බෝලය ගෙන යාමෙන් පසු එතැන ව්‍යාජ දිනුම් කනුවක් සිටුවා, අනිත් කිසිවෙකුට අතපෙවිය නොහැකි දිසාවකට බෝලය වීසි කර දැමීමයි.
මේ වනාහී, සැබෑ ජයග‍්‍රහණය වෙනුවට ලාභ ව්‍යාජයක් බව නොකිවමනා ය. නිදහස සහ සැබෑව, ශත වර්ෂ ගණනාවක් තිස්සේම අපෙන් මගහැරී ගොස් ඇත්තේ එබැවිනි.
සංජීව සමරනායක | Sajeewa Samaranayake
--
---
You received this message because you are subscribed to the Google Groups "INDRAKA" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to indraka+u...@googlegroups.com.
Visit this group at http://groups.google.com/group/indraka.
For more options, visit https://groups.google.com/groups/opt_out.
I think NR has used the word "ගෝත්‍රවාදී" in the context as following Eg.
ග්‍රීස් යකා නැත්ත වෙනුවට ඇත්ත කථා කිරීම
Posted on 16 August 2011. 3mama.com
අප දිගින් දිගටම ග්‍රීස් යකාට දඩුවම් ලබාදීම සම්බන්ධයෙන් අවධාරණය කරණු ලබන්නට උත්සහා කලේ එය රටේ පවතින ව්‍යවස්ථාපිත ප්‍රතිපාදනයන්ට අනූරූපව සිදුකළ යුතු බවයි. මේ සම්බන්ධයෙන් රටේ දිග හැරෙන කතිකාවන් අතර අද දිවයින කතුවැකිය ග්‍රීස් යකා නැත්ත වෙනුවට ඇත්ත යනුවෙන් යම් මට්ටමක සාර්ථක භාවයක් සහිතව ලියන්නට සමත් වී තිබන බව දක්නට ලැබුනි. අප මෙහිදී යම් මට්ටමකින් සාර්ථකව යන්නෙන් අදහස් කරනු ලබන්නේ මහි එලවන ඇතැම් කරුණු සම්බන්ධයෙන් පමණක් අප එකග වන බැවිනි.
මෙම ලිපිය මගින් අප මුල පටන්ම ප්‍රකාශ කල ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබා දීමේදී එය පවතින නෛතික ප්‍රතිපාදන වලට අනුව සිදුකරණ ලැබිය යුතුය බවට වූ මතවාදයට මෙවැනි උදවිය දෙකේ දෙකේ පොලු වලින් පහර දිය යුතුයැයි වූ මතවාදයෙන් ඔබ්බට යමින් කරුණු ඉදිරිපත් කර තිබෙන ආකාරය අප දුටිමු. තවද යම් වරදක් කළ පුද්ගලයෙකුට දඩුවම් ලබා දීමේදී එය ජනතාවට අවැසි පරිදි අනිසි වනචාරි යුක්තිය භාවිතා කරමින් ඉටු නොකල බවට අප විසින් දිගින් දිගටම ගොනු කල තර්කය සනාථ කරන්ට සමත් අයුරින් සිය මතය ප්‍රජාතන්ත්‍රවාදී තලයකට ගෙන ඒම සමිබන්ධයෙන් අප වඩාත් සතුටට පත් වන්නෙමු.
මෙහිදි ඔහු අයුතු ජන රාශිය සම්බන්ධයෙන් ද යම් අදහසක් පලකර තිබෙනු දක්නට ලැබේ. මෙම අයුතු ජන රාශිය යනු දණ්ඩ නීති සංග්‍රහයේ 138 වන ඡේදයේ එන නීති විරෝධි රැස්වීම යන්න සම්බන්ධ යෙන් වන නෛතික ප්‍රතිපාදනයට අදාල කාරණාවක් වන අතර මේ සම්බන්ධයෙන් දීර්ග පැහැදිලි කිරීම් දණ්ඩ නීති සංග්‍රහයේ දක්වා තිබේ.
මේ වන විටත් ලංකාවේ පොලීසිය අධිකරණය වැනි ආයතන සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටී තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. මේ නිසා ජනතාවහට මෙවැනි ආයතන කෙරෙහි පෙර වූ විස්වාසයක් නොමැති නිසා ජනතාව තම ප්‍රශ්ණ තමන් විසින්ම විසදා ගැනීමේ ග්‍රෝත්‍රික සමිප්‍රදාය අනුගමනය කරන්ට පටන් ගැනිනි. මේ හරහා සිදු වන්නේ තත්ත්වය වඩාත් නරක අතට ගමන් කිරීමයි. මේ වන විටත් සම්පූර්ණයෙන්ම පාහේ බිද වැටී ජනතාවගේ විස්වාසය නොලබන මෙවැනි ආයතන යළි ගොඩ නැගීම හරහා පමණක්ම යළි ලංකාවේ නීතිය හා ආධීපත්‍ය ගොඩනගන්නට හැකි බවට අප විස්වාස කරන්නෙමු.
මේ නිසා මේ මොහොතේ මෙම කාර්ය ඉටු කිරීමේදී එය විදේශ රටවල අවශ්‍යතාවයන්ට අනුව සිදුකිරීම නොකළ යුත්තක් වනවා සේම එය විදේශ රටවල අවශ්‍යතාවයන් මත සුදුකරන්නක් යැයි පවසා නොකර සිටීමද වඩා වැදගත්ය. මේ මොහොතේ එය වෙනත් අයගේ උවමනාවන් නිසා නොව අප අපගේම උවමනාවන් මත අප අප විසින්ම යළි ස්ථාපිත කරගතය යුතු අවශ්‍යතාවයක්වන බව පැහැදිලිය. මහා අනෙකා (Big Other) බිද වැටුන සමාජයක නීතිය සහ ආධිපත්‍ය බිද වැටීමේ කරුමය නිසා ඕනෑම අයෙකුට ග්‍රීස් ස්වල්පක් ඇගේ තවරා ගනිමින් මොහොතකින් ග්‍රීස් යකෙකු බවට රූපාවතරණය වන්නට හැකි වන වා සේම ඕනෑම යකෙකු දෙකේ දෙකේ පොලුවලින් ගසා මරා දමන්නටත් හැකියාව ලැබී ඇත. නමුත් නිතිය සහ අධිපත්‍ය තහවුරු වූ සමාජයක මෙවැනි විකාර දෑ සිදුවන්නට අවකාශයක් ගොඩ නැගෙන්නේ නැත. මේ නිසා වහා වහා කල යුත්තේ ජනතාව නීතිය අතට ගැනීම නොව බිද වැටී තිබෙන නීතිය ආධිපත්‍ය හා ආයතන රාමුව යළි ශක්තිමත් කර ජනතාවට මේ සම්බන්ධයෙන් පෙර පැවති විසිවාසය යළි තහවුරු කිරිමය. මේ නීතියේ ආධිපත්‍ය යළි තහවුරුඩ කරන්නට සියුම් ආකාරයෙන් පිටු වහලක් ලැබෙන නිසා අද දිවයින කතු වැකිය මෙසේ ඉදිරිපත් කරන්නට කැමැත්තෙමු.
ග්‍රීස් යකා !
(නැත්ත වෙනුවට ඇත්ත)
“ග්‍රීස්” යනු සත්‍යයකි. පෙට්‍රොaලියම්වල උප නිෂ්පාදනයක් හෝ සත්ත්ව/ එළවළු මේදයෙහි උප නිෂ්පාදනයක් ලෙස හෝ ග්‍රීස් නිපදවනු ලැබේ.
“යකා” ද සත්‍යයකි. මෙයට වසර බොහෝ ගණනකට පෙර මේ රටේ යක්‍ෂ යනුවෙන් ගෝත්‍රයක් විසීය. උස මහත 6Ü4 ප්‍රමාණයේ පුරුෂයන් වූ යක්‍ෂ ගෝත්‍රිකයනට කියන කෙටි නම “යක්ඛ” හෝ “යක්” ය. යකා යනු එයින් බිඳී ආවකි.
එහෙත් “ග්‍රීස් යකා” යනු බොරුවකි. ගෙවල යකා, තොට යකා, කළු යකා, සන්නි යකා, බාලගිරි, මහසෝනා යනාදී වශයෙන් අපගේ යක්‍ෂ ඉතිහාසය තුළ යකුන් ගැන සඳහන් වුවද ග්‍රීස් යකා යනුවෙන් පෙනී සිටින යකකු ගැන සඳහන් නොවේ. එසේ නම් ග්‍රීස් යකා යනු කවරෙක්‌ද?
1. කිසියම් පුද්ගලයකු කැතකම මැඬපවත්වා ගැනීමට නොහැකි වූ විට හෝ සොරකම් කිරීමට සිතුන විට ඉතා කෙටි ඇඳුමක් පමණක් ඇඳගෙන ඇඟ පුරා ග්‍රීස් හෝ පොල්තෙල් තවරාගෙන රාත්‍රි කාලයේදී ගම්මානවල සැරිසරයි. ඔහු ඇඟේ ග්‍රීස් තවරා ගන්නේ අන් අයට හසු වූ විට පහසුවෙන් ගැලවී යනු පිණිස ය.
2. කිසියම් ප්‍රදේශයක ජන ජීවිතය කඩාකප්පල් කිරීමේ අවශ්‍යතාවක් කිසිවකුට ඇති වූ කල්හි ප්‍රදේශය පුරා ග්‍රීස් යකකු සැරිසරන බවට ආරංචියක් යවනු ලැබේ. ඉන්පසු ජනයා හැකි තරම් කාලයක් ගෙවල් තුළ කොටු වී සිටීමට උත්සාහ කරන අතර ඉන් ප්‍රයෝජන ගෙන අවශ්‍යතා ඉටුකර ගැනීමට අදාළ පුද්ගලයන්ට හැකිය.
3. ස්‌ත්‍රීන්ගේ සිරුරු ස්‌පර්ශ කර පැන දිවීමේ මානසික රෝගයක් තිබේ. රාත්‍රි කාලයේදී එබන්දක් සිදු වූ විට ගැහැනුන් කියන්නේ එය ග්‍රීස් යකකුගේ වැඩක් බවය.
ග්‍රීස් යකා යන ව්‍යාජ සංකල්පය විසින් මේ වන විට මේ රටේ ජන ජීවිතයටත් නීතිය හා සාමයටත් විශාල හානියක් සිදු කරනු ලැබ තිබේ. ග්‍රීස් යකුන් ලෙස හඳුනා ගන්නා සොරුන්ට, සල්ලාලයන්ට හෝ අහිංසක මිනිසුන්ට දඬුවම් දීම මහජනයා අත්තනෝමතික ලෙස තම අතට ගෙන ඇත. මේ දඬුවම් ක්‍රියාවලිය නිසා පසුගියදා පුද්ගලයෝ කිහිපදෙනෙක් මරණයට ද පත්වූහ. ග්‍රීස් යකකු බවට සැකපිට අල්ලාගත් තරුණයකු තමන්ට භාරදෙන ලෙස ඉල්ලා නැගෙනහිර පළාතේ පොලිසියක් වට කළ පිරිසක් පොලිසියට පහරදීමෙන් පොලිස් රාළහාමිලා තුවාල ලැබූහ.
නීතිය යනු ප්‍රමිතියක් ඇති උපකරණයකි. එහි ප්‍රමිතිය දන්නේ උසාවිය, පොලිසිය, නීතිඥයන් සහ බුද්ධිමත් සිවිල් වැසියන් පමණි. මේ රටේ වෙසෙන මී හරකුන් වැනි ඇතැම් මිනිස්‌සු නීතියේ ප්‍රමිතිය තබා එස්. එල්. එස්. ප්‍රමිතිය ගැනවත් නො දනිති. මිනිසකු බස් රියකට යට වූ විට බස් රියට ගිනි තබන්නේ නීතියේ ප්‍රමිතිය නොදත් මී හරක් ය. පන්සලේ හාමුදුරුවන් හා අමනාප වූ පලියට බුද්ධාගම අත්හරින සිරිතක් නැත. බසයකට මිනිසකු යට වූ විට රියෑදුරාට මිස බසයට දඬුවම් කරන සිරිතක් නැත. රියෑදුරාට දඬුවම් කළ යුත්තේ ද අධිකරණය මගිනි. පොලිසියට වුව රියෑදුරාට දඬුවම් කිරීමේ අයිතියක් නැත. අප රටේ සිටින හැඟීම්බර මීහරක් රැළ අනතුරට වගකිවයුතු බස් රිය ගිනිබත් කළ විට බස් අයිතිකරු එම බසය රක්‍ෂණය කළ සමාගම හරහා අලුත්ම බසයක් ගනී. ලංකාවේ බස් සාදනු නොලැබේ. අලුත් බසයක් ලබාගැනීමට විදේශ විනිමය වැය කළ යුතුය. අප මී හරක් රැළ එතරම් දුරට නොසිතති.
උසාවිය හා පොලිසියට අයත් රාජකාරිය සිවිල් වැසියන් හා දේශපාලනඥයන් අතට ගැනීම අනුක්‍රමයෙන් ඉහළ නඟිමින් පවතී. පළාතේ මන්ත්‍රී මිනිසුන් ගස් බැඳීම වැරැදිය. පාරවල් පළල් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර ගෙන ගොස් පාර දෙපස ඇති නිවාසවල තාප්ප පෙරළීම ද වැරැදිය. කැලණිය පැත්තේ දේශපාලනඥයෙක් පාර පළල් කිරීම සඳහා පුද්ගලික ඉඩම්වල තාප්ප පෙරළන ආකාරය පසුගියදා රූපවාහිනියෙන් පෙන්වන ලදී. සමහර විට මන්ත්‍රීතුමා එය කරන්නට ඇත්තේ නෛතික ප්‍රතිපාදන ලබාගැනීමෙන් පසුව විය යුතුය. එහෙත් තාප්ප පෙරළීමට එතුමා යා යුතුද? එවැනි දෙයින් මහජනයා තුළ හටගන්නා හැඟීම වන්නේ අත්තනෝමතික දේශපාලනඥයන් සහ සාහසික චණ්‌ඩින් අත මේ රට දෝලනය වන බවය.
“අයුතු ජන රාශිය” යනුවෙන් මාතෘකාවක් නීතියේ ඇත. මෙහි තේරුම නීති විරෝධී ලෙස රංචු ගැසීම ය. මේ මොහොතේදී මේ රටේ සිටින මී හරක් මොළ ඇති ඇතැම් මිනිසුන්ගේ සිතුවිලි නීති විරෝධී ලෙස රංචු ගැසීමට පටන් ගෙන තිබේ. ග්‍රීස් යකා එහි ප්‍රතිඵලයකි.





අපි ඉන්නේ පරිපූර්ණ සමාජයක නම් අපි ඔය කිසිවක් ගැන කතා කල යුතු නැහැ. අපි ඉන්නේ යම් අඩුවක් සහිත සමාජයක නම් එය නිවැරැදි කර ගැනීම සඳහා අපේ අඩුව අපි හඳුනාගත යුතුයි.
ඔබ හරි. තනි රටේ සමාජවාදය අසාර්ථක විය.
Leninලාගේ කාර්යය “ඇනගත් හැටි” කියා ලඝුකල හැකිද?
එහෙත්, පහත සිදුවීම්?
1971...........15000
1988/89..........50000
2009............100000
Next...........?
ඔබට නම් කිසි ප්‍රශ්ණයක් නැහැ, ඔබ ලංකාවෙ නොයින්න නිසා.
උතරේ ජනතාව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය උතුරේ පළාත් සභා මැතිවරණයත් සමඟ පැහැදිලි විය.
නමුත් දකුණේ ජනතාව සිටින ස්ථාවරය කුමක්දැයි තක්සේරුවකට පැමිණිමවත් කළ නොහැකිය. මන්ද, මහින්දගේ ආණ්ඩුව කොතරම් හොරකම් කළත්, කොතරම් මිනිසුන් අතුරුදහන් කළත්, කොතරම් බඩුමිළ වැඩි කළත්, බදු ගැසුවත්, කොතරම් කුඩු ආනයනය කළත්, කොතරම් එතනෝල් හොරෙන් ගෙන්වූවත්, කැසිනෝ ගේ මිදුලේ ආරම්භ කළත්, අධිකරණයේ ස්වාධීනත්වය කොතරම් බිඳ වැටුනත්, පොලිසිය හා හමුදාව ජනතාවට පන්න පන්නා ගැහුවත්, වෙඩි තිබ්බත්, අධ්‍යාපනය පද්ධතිය ඇතුළු රාජ්‍ය ආයතන කොතරම් පාඩු ලබා කඩා වැටුනත්, සංඛ්‍යා ලේඛන විකෘති කළත්, අල්ලස් සභාපතිම අල්ලස් ගත්තත් විශේෂයෙන් සිංහල ජනතාවට මෙලෝ වගක් ඇති බවක් පෙනෙන්නට නැත. ජනතාවට කලින් එය දැනිය යුතු ජනමාධ්‍ය වලටද වගේ වගක් නැත. ජනතාවට පෙර සංවේදී යයි කියන කලාකරුවන්ටද වගේ වගක් නැත.
මේ ගැටලුවට ලංකාව විතරක් නෙවි වෙනත් රටලුත් මුහුණ දීලා තියෙනව.
ලංකාවට ජය පතා ජිනීවා නුවර ජය පිරිත්
2014 පෙබරවාරි මස 19 12:22:42 | . , තිස්ස මඩවල
ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික ප්‍රජාව විසින් ජිනීවාහිදී ඉදිරිපත් කිරීමට නියමිත ‘අසාධාරණ චෝදනාවලිය ‘ පරදවාලීම උදෙසා අධ්‍යාත්මික බලවේගයක් නිර්මාණය කිරීම සහ එම සැසි වාරයට සහභාගීවන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස දිරිමත් කිරීමත් ඔවුනට සෙත් පැතීමත් අරමුණු කර ගනිමින් දිනපතා ජය පිරිත් සහ චක්ක පිරිත් දේශනා පැවැත්වීම සඳහා ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානය අරඹා ඇත.
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් මුදවා ගත් පෙබරවාරි මස 4 වැනි දින ආරම්භ කැරුණු මෙම විශේෂි පිරිත් සජ්ජායනා වැඩපිළිවෙල පැවැත්වෙන්නේ මෙතෙක් දෛනික පැවැත්වුණු සෙත්පිරිත් සජ්ජායනාවට අමතරවය.
ඒ සඳහා විහාරධිපති තවලම ධම්මික සහ විහාරවාසී හල්විටිගල සුජාත යන හිමිවරු සහභාගී වෙති.

මේ මොහොතේ දේශපාලන විශ්ලේෂණ බොහොමයක් කෙරෙන්නේ, ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරය ගැනයි. ජිනීවා සැසිවාරය සම්බන්ධයෙන් ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග දෙකක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වන බව පෙනේ. එකක් වන්නේ, ලංකාව වෙනුවෙන් යෝජනාවක් ලංකාවට සහයෝගය දක්වන රටවල් හරහා ගෙන ඒමයි. දෙවැන්න වන්නේ, යුද අපරාධ පිළිබඳව පිහිටුවිය යුතු යැයි යෝජනා වීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට, දකුණු අප‍්‍රිකානු පන්නයේ ‘සත්‍ය සහ සංහිඳියා’ කොමිසමක් දේශීය වශයෙන් පිහිටුවීම සඳහා දකුණු අප‍්‍රිකානු රජයේ සහයෝගය ලබා ගැනීමයි. කෙසේ වෙතත්, විමර්ශන ඇස යොමු විය යුතු තවත් වැදගත් සංසිද්ධීන් රටේ ඇති වෙමින් තිබේ. එයින් වඩාත් වැදගත් එකක් වන්නේ, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පැවතිය යුතු සම්බන්ධය පිළිබඳවත්, එකී දෙපාර්ශ්වය අතර බලය බෙදා ගැනීම පිළිබඳවත් වන කාරණයයි. අද කතා කරන යුද අපරාධවලට තුඩුදුන් යුද්ධයේ මූල හේතුව වන්නේ, බහුතර සිංහල බලය හොබවන මධ්‍යම ආණ්ඩුවත්, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් සමන්විත දෙමළ බහුතරයෙන් යුත් ප‍්‍රදේශත් අතර බලය බෙදාගැනීම අරභයා වන ගැටළුවයි.
මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බලය බෙදා ගැනීමේ ගැටළුව ඉස්මත්තට එන්නේ ගිය සැප්තැම්බරයේ සිටයි. ඒ, මීට 26 වසකට පෙර පළාත් සභා ක‍්‍රමය ඇති කරගත් දා සිට, ප‍්‍රථම වතාවට උතුරු පළාත් සභාව ක‍්‍රියාත්මක වීමට පටන් ගත් මොහොතයි. අද වන විට, විපක්ෂයක් විසින් බලය හොබවන එකම පළාත් සභාවත් එයයි. අනිත් පළාත් සභා අටේම බලය හොබවන්නේ සහ ඒවා මෙහෙයවනු ලබන්නේ ආණ්ඩුව විසිනි. සැබෑ විපක්ෂයක් වශයෙන් කටයුතු කරන උතුරු පළාත් සභාව, අඩු වශයෙන්, බලතල බෙදා ගැනීමේ සීමිත යාන්ත‍්‍රණයක්වත් ඇති කිරීමට කැමැත්තක් නොදක්වන මධ්‍යම ආණ්ඩුවට අභියෝග කරමින්, සිය බලය තහවුරු කර ගැනීමට තැත් කරයි. මේ නිසා, එම උතුරු පළාත් සභාවෙන් ප‍්‍රකාශයට පත්වෙන අදහස් උදහස් ආණ්ඩුවට අභියෝගයකි. අවසාන වතාවට එයින් නිකුත් වූ අභියෝගය වන්නේ, යාපනය සහ ඉන්දියාවේ දකුණු භාගයේ ඇති පළාත් සමග සෘජු ගුවන් සේවා සම්බන්ධතා පවත්වා ගැනීමටත්, ඉන්දියාව සමග වෙළඳ සබඳතා පහසු කරවනු වස්, යාපන අර්ධද්වීපයේ වරාය සංවර්ධනය කිරීමටත්, එම පළාත් සභාව මගින් සම්මත කරගත් යෝජනාවයි. මේවා, පළාත් සභාවට අයත් නැති බලතල බව ආණ්ඩුවේ අදහසයි.
පරමාදර්ශී විසඳුම වන්නේ, එක පැත්තක් ජයග‍්‍රහණය කරවන සහ අනිත් පැත්ත පරාජය කරවන සේ, මධ්‍යම ආණ්ඩුවත් පළාත් සභාවත් එකිනෙකාට එදිරිව කටයුතු කිරීම නොව. සහයෝගයෙන් සෑම පාර්ශ්වයකටම ප‍්‍රතිලාභ අත්වන සේ කටයුතු කිරීමයි. එහෙත් එසේ වීමට නම්, මනෝ භාවයන්ගේ වෙනසක් සිදුවිය යුතුය. ජාත්‍යන්තර සම්බන්ධතා අයත් වන්නේ මධ්‍යම ආණ්ඩුවට බවට සැකයක් නැත. එහෙත් මේ ප‍්‍රශ්නයට අදාළව බැලීමේ දී, එකී ප‍්‍රතිපත්තිමය සාකච්ඡුාවට සම්මාදම් වීමට පළාත් සභාවලට අයිතියක් ඇත්තේය. තමන්ගේම වන ගුවන් තොටුපොලවල් සහ වරායවල් උතුරු පළාත් සභාව විසින් ගොඩනගනවා නොවේ. ඔවුන් කරන්නේ, ඒවා ගොඩනගන්නැ යි මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමයි. මේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව ගත යුතු ප‍්‍රවේශය සහ ඔවුන්ට ඒ සඳහා මග පෙන්විය යුතු ආකල්පය ගැන මෑතක දී සාකච්ඡුා වුණි. ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් සංවිධානය කළ, ඉහළ පෙළේ විද්වතුන් සිය අධ්‍යයනයන් ගෙනහැර දැක්වූ, ‘උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජාර්ථික සංවර්ධනය පිළිබඳ සම්මන්ත‍්‍රණයේ’ දී ය.
තෙවදෑරුම් අසාර්ථකතා
ශාස්ත‍්‍රාලීය ප‍්‍රජාව සහභාගී වූ මේ ගෞරවාන්විත සම්මන්ත‍්‍රණයේ විශේෂත්වය වුණේ, උතුරු පළාත් සභාවේ මහඇමති සී. වී. විග්නේශ්වරන්ව එහි ප‍්‍රධාන දේශකයා වශයෙන් කැඳවා ගැනීමයි. වෙනත් විද්වතුන් පැවැත්වූ දේශනවල, පිළිතුරු සොයාගත යුතුව ඇති ප‍්‍රශ්නවල සැබෑ ස්වභාවය අරභයා මනාව අධ්‍යයනය කොට සකස් කරගත් වැදගත් තොරතුරු සහ දත්ත අඩංගු විය. අනිත් පැත්තෙන්, මහ ඇමතිවරයාගේ දේශනය තුළ අවධාරණය කෙරුණේ, ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීමේ ප‍්‍රවේශය තුළ ඇති විය යුතු මූලික වෙනස ගැනයි. රටේ සමස්ත ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රය පිළිබඳ ඔහු සතු සාරාර්ථ අවබෝධය එයින් විශද විය. ඔහු කතා කෙළේ, නග්න සත්‍යය ගැනයි. එහෙත් ඒ, දැනුම්වත් කරවනු පිණිස මිස පහර දෙනු පිණිස නොවේ. සමස්ත රටේම ඉරණම කෙරෙහි බලපෑම් කළ හැකි, ආණ්ඩුකරණය පිළිබඳ මූලික ගැටළු ඔහු ප‍්‍රස්තුත කරගත්තේය. එහි දී, මුළු රටටම නරක ප‍්‍රතිවිපාක අත්කර දී ඇති සහ රටේ ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට ද බලපෑම් ඇති කරන, උතුරු පළාත සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේ අසාර්ථකතා ත‍්‍රිත්වයක් ගැන ඔහු සඳහන් කෙළේය.
මුලින්ම, ශ‍්‍රී ලංකාව, විවිධ ජාතීන් වෙසෙන බහුත්ව සමාජයක් බව ඔහු පෙන්වා දුනි. එසේ හෙයින්, එක රටක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේ දී, බහුතර ප‍්‍රජාවේ පරමාදර්ශ සහ සංකේත භාවිතයට ගැනීම උචිත නොවේ. ඔහු කී එම ප‍්‍රකාශය තවදුරටත් සනාථ කිරීමට මෙන්, මෙම සම්මන්ත‍්‍රණය ආරම්භයේ දී ජාතික ගීය ගායනා කෙරුණේ ද, සිංහල භාෂාවෙන් පමණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, තමාගේ භාෂාවෙන් නොගැයුණු එම ජාතික ගීය ගැයීමට මහ ඇමතිවරයාට සහභාගී විය නොහැකි විය. එහි දී ඔහු මෙසේ කීය: ‘‘රටේ යම් ජන කොටසකට එම රටේ ජාතික ගීය තමන්ගේ භාෂාවෙන් කියන එක තහනම් කරලා ඉවර වෙලා, රටේ සුළු ජාතීන් කියලා කොටසක් නැහැ, අපි ඔක්කොම එකම ජනතාවක් කියලා ප‍්‍රකාශයට පත්කරන එකේ තේරුමක් නැහැ. බහුත්වවාදී ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අපි අරං තියෙන්නේ, බහුතරවාදී ප‍්‍රවේශයක්.’’ කෙසේ වෙතත්, ඔහුගේ ඒ පණිවිඩය තමන් කනට ගත් බව දක්වමින්, සම්මන්ත‍්‍රණය අවසානයේ ස්තුති කතාව දෙමළ භාෂාව ද ඇතුළු භාෂා තුනෙන්ම පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ.
ජනතාවට සුභ සෙත සලසන ආර්ථික සංවර්ධනය ගැන ද මහ ඇමතිවරයා කතා කෙළේය. ‘ජනතා-කේන්ද්‍රීය නොවී, ඉහළ සිට පහළට කෙරෙන සංවර්ධනය, තවත් ප‍්‍රතිපත්තිමය අසාර්ථකත්වයක්’ යැයි ඒ සම්බන්ධයෙන් කතා කරමින් ඔහු කීය. විශාල යටිතල ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන ආණ්ඩුව, ඒ ව්‍යාපෘති අසල ජීවත් වන ජනතාවට ප‍්‍රමුඛත්වයක් දෙන්නේ නැත. ඔවුන් පැල්පත්වල ජීවත් වන අතර, ඊට යාබදව ආණ්ඩුවේ විශාල ගොඩනැගිලි අලූතින් ඉදිකෙරේ. අගනගරය සමග උතුර යා කෙරෙන විශාල මහා මාර්ග ඉදිකෙරේ. එහෙත් සියල්ලන්ට සෙත සැලසෙන සංවර්ධනයක දී, අදහස් උදහස් විමසීම සහ රටේ ඒ ඒ පළාත්වල විශේෂිත ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය කෙරේ. ගුවන් තොටුපොලක් සහ වරායක් පිළිබඳ උතුරු පළාත් සභාවේ යෝජනාව මධ්‍යම ආණ්ඩුව සමග ඔවුන්ගේ සහභාගීත්වය පෙන්නුම් කිරීමකි. එය මධ්‍යම ආණ්ඩුව සැලකිල්ලට ගත යුතුය.
මහ ඇමතිවරයා පෙන්වා දුන් තුන්වැනි ප‍්‍රතිපත්ති අසාර්ථකත්වය වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසට ඉහළින් ජාතික ආරක්ෂාව තැබීමයි. ඒ ගැන ඔහු මෙසේ කීය: ‘‘රාජ්‍ය ආරක්ෂාව ගැන වැඩි බරක් තියන මධ්‍යම ආණ්ඩුවේ ත‍්‍රස්ත=විරෝධී මනෝභාවය, යුද්ධෙන් පස්සේ, මානව ආරක්ෂාව ගැන වැඩි බරක් තියන මනෝභාවයකට මාරු වෙන්න ඕනේ. හමුදාව, බැරැුක්කවලට සීමා කරන්න වහාම පියවර ගන්න අතරේ, උතුරු පළාතේ අද ඉන්න හමුදාව කොටස් වශයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් ආණ්ඩුවට තියෙන්න ඕනේ. ඒ එක්කම, ආරක්ෂක අංශයේ අර්ථවත් ප‍්‍රතිසංස්කරණ කෙරෙන්න ඕනේ. මෙච්චර විශාල ආරක්ෂක ව්‍යුහයක් ශ‍්‍රී ලංකාවට ඕනේ නැහැ.’’ හමුදාවක් යනු, පාර්ශ්ව දෙකක් එකිනෙකා විනාශ කරගැනීමට බලන අවස්ථාවක, එය වැළැක්වීම් පහසු කරවනු වස්, මධ්‍යගත තීරණ ගැනීමේ සහ උඩ සිට පහලට ගලා එන ක‍්‍රියාවලියක් නිරූපණය කෙරෙන ආයතනයකි. එය, සාමකාමී අවදියක, ආර්ථික හෝ සංවර්ධන පාර්ශ්වකරුවෙකු වීමට සුදුස්සෙකු නොවේ.
හොඳ හිත පවත්වා ගැනීම
මහ ඇමතිවරයා කරන ලද කතාව, සමස්ත රාජ්‍ය පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි උනන්දුවක් ඇති, ජාතික ආණ්ඩුකරණයේ කොටසක් වශයෙන් තමන්ව සළකන, ප‍්‍රධාන ප‍්‍රවාහයේ දෙමළ සමාජයක් තුළ පවතින හොඳ හිත සහ යථාර්ථය පෙන්නුම් කරන සාක්ෂියකි. ඔහුගේ දේශනයේ බුද්ධිමය ගැඹුර සහ ඔහුගේ සදාචාරමය පෞරුෂය, එම සම්මන්ත‍්‍රණයට සහභාගී වූ විශිෂ්ඨ විද්වතුන් සහ වෙනත් ආරාධිතයන් තුළ සාධනීය බලපෑමක් ඇති කෙළේය. යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා පසුගිය දා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙන අවස්ථාවක, මහ ඇමතිවරයාට මෙම සම්මන්ත‍්‍රණයට ආරාධනා කිරීම ද කැපී පෙනෙන කාරණයකි. එවැනි යෝජනාවක් සම්මත කරගනු ලැබීම, ආණ්ඩුවේ නායකත්වය කෝපයට පත්කැරැුවීමට ඉඩ තිබුණි. අවශ්‍ය කරන්නේ, අතීතයට වහල් නොවී, අතීතය ජය ගැනීමයි. එය වඩාත් සාර්ථකව කළ හැක්කේ, අන්‍යොන්‍ය සමාභජනයක් සහිත, කරන ලද වැරදි හරිගස්ස ගන්නා, දේශපාලන විසඳුමක් තුළිනි. ඒ සඳහා ද, නැවතත්, මධ්‍යම ආණ්ඩුවේ මෙන්ම, උතුරු පළාත් සභාවේ ද සහභාගීත්වය අවශ්‍ය කෙරේ.
කලින් පිළියෙල කරගත් ලිඛිත දේශනයෙන් මදක් පිටට ගිය මහ ඇමතිවරයා, තමන් බලාපොරොත්තු වන පරමාදර්ශී තත්වයට අඩු විසඳුමක් තුළ කටයුතු කිරීමට වුව තමා සූදානම් බව කීවේය. එය, ඔහුගේ පක්ෂයේ වෙනත් නායකයන් දරණ මතයට වෙනස් මතයකි. අවශ්‍ය කරන අන්තර්ඥානයත්, සංකල්ප සමුදායත් ලබා ගැනීම සඳහා අවශ්‍ය තරම්, ගිවිසුම් සහ කොමිෂන් වාර්තා ඇති බව ඔහු පෙන්වා දුනි. යහපත් නීති, අයහපත් පාලකයන් විසින් වැරදියට පාවිච්චි කළ හැකි අතර, අයහපත් නීති පවා යහපත් පාලකයෙකුගේ අතේ ජනතා සුභසිද්ධිය තකා පාවිච්චි විය හැකි බව ඔහු කීය. බලය බෙදාහැරෙන පවතින ක‍්‍රමය යටතේ ඇති සීමිත බලතල පවා, මධ්‍යම ආණ්ඩුවෙන් බාධා නොපැමිණෙන්නේ නම්, ජනතා සුභසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කළ හැකි බව ඔහු පෙන්වා දුනි. පළාත් ඇමතිවරයාගේ එම කතාවට සේම, උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවටත්, මධ්‍යම ආණ්ඩුව සාධනීය ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වීම වැදගත් ය.
‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත, එහි කතුවැකියෙන් පෙන්වා දුන් පරිදි, ‘‘දකුණු ඉන්දීය ප‍්‍රදේශ සමග වඩාත් ව්‍යාප්ත අන්තර්=සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා යාපනය සහ ත‍්‍රිකුණාමලට පාවිච්චි කිරීම, උතුරට පමණක් නොව, සමස්ත රටටම විශාල ආර්ථික ප‍්‍රතිලාභ ගෙන දීමට සමත් විය හැක. (ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශ යනු, තමිල්නාඩුව පමණක් නොව, කේරලය, ආන්ද්‍ර ප‍්‍රදේශය, තෙලන්ගන, කර්නාටක සහ මහාරාෂ්ට‍්‍ර පවා අයත් වන පරාසයකි*’’ මහ ඇමතිවරයාගේ කතාවෙන් යෝජනා කෙරෙන්නේ සුසමාදර්ශී වෙනසක් අවශ්‍ය කරන බවයි. ප‍්‍රශ්න දෙස අළුත් විදිහකට බැලීමක් අවශ්‍ය කරන බවයි. එවිට, ඔවුන් වගවීමෙන් බැඳී සිටින ඔවුන්ගේ ජනතාවට සුභසෙත සැලසීම සඳහා මධ්‍යම ආණ්ඩුව සමග කටයුතු කිරීමට පළාත් සභාවලට හැකි වන්නේය. ඒ මාර්ගයෙන්, ආණ්ඩුකරණයේ විවිධ මට්ටම්වල මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැගිය හැකි වන්නේය. ශ‍්‍රී ලංකාවට අද අවශ්‍ය කරන, ඉදිරි දැක්මකින් යුත්, අන්‍යොන්‍ය වශයෙන් අර්ථවත්, නිර්මාණාත්මක විසඳුම එයයි.
ආචාර්ය ජෙහාන් පෙරේරා | Dr. Jehan Perera
| 2014 පෙබරවාරි 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Paradigm Shift that Northern Chief Minister Calls For නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
...
[Message clipped]
![]() |
| Tamils in North: Still waiting for the justice |
මවුබිමේ නාමයෙන්
මතට තිත තියඥ්ඥං
අල බතල ගිලිඥ්ඥං
ගෙරි මස් නොකඥ්ඥං
දෙමල කැවුතුම කඥ්ඥං
-රෝහණ පොතුලියැද්ද
ලියාපදිංචි, සහකාර
වෛද්‍යවරුන්ගේ
එම්බීබීඑස් උපාධියට බාධා කළොත් දැඩි දඬුවම්
- අගවිනිසුරු
ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
සරත් ධර්මසේන
තුන් අවුරුදු පුහුණු පාඨමාලාවක් හදාරා විභාගයකට පෙනී සිට
සමත්වන සහකාර සහ ලියාපදිංචි වෛද්‍යවරුන්ට එම්.බී.බී.එස්.
වෛද්‍ය උපාධිය පිරිනැමීමට යෙදූ වැඩපිළිවෙල කඩාකප්පල්
කිරීමට කවුරු හෝ උත්සාහ කළහොත් තරාතිරම නොබලා ඔවුනට දැඩි
දඬුවම් පමුණුවන බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඊයේ
සඳහන් කළේය.අගවිනිසුරුවරයා එසේ පැවසුවේ සෑහෙන කාලයක සිට
වෛද්‍ය වෘත්තියේ යෙදෙන තමනට රජයේ වෛද්‍යවරුන් වශයෙන්
පිළිගැනීමක් ඇතිව වෘත්තිය කටයුතු කර ගෙන යාම සඳහා
එම්.බී.බී.එස්. උපාධියට පෙනී සිටීමට අවසර දෙන ලෙස වෛද්‍ය
සභාව ඇතුළු බලධාරීන්ට නියෝග කරන්නැයි සහකාර හා ලියාපදිංචි
වෛද්‍යවරුන් 61 දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම
ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් සලකා බැලූ
අවස්‌ථාවේදීය.
ශ්‍රේෂ්ඨාධිකරණ දුන් නියෝගයකට අනුව තුන් අවුරුදු පාඨමාලාව
පෙරේදා (25 දා) ආරම්භ කළ නමුත් ලියාපදිංචි හා සහකාර
වෛද්‍යවරුන් එක් අයෙක්‌වත් ඊට සහභාගි වූයේ නැතැයි නීතිපති
වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දේමුනි ද
සිල්වා මහත්මිය ඊයේ මුලින්ම දැනුම් දුන්නාය.
අනතුරුව උසාවියේ සිටි සහකාර වෛද්‍ය නිලධාරීන් තිදෙනකු
ඉදිරියට කැඳවූ අගවිනිසුරුවරයා පාඨමාලාවට සහභාගි නොවීමට
හේතුව විමසූවිට ඔවුන් කියා සිටියේ පාඨමාලාව හැදැරීමට
අවශ්‍ය භාණ්‌ඩ රැස්‌කර ගැනීමට සහ සේවයෙන් නිවාඩු ලබාගැනීමට
කල්වේලා මදිවූ නිසා සහභාගිවීමට නොහැකි වූ බවයි.
මෙය ඔබලාට ලැබුණ ඉතා වටිනා අවස්‌ථාවක්. ප්‍රයෝජනය නොගෙන
ඉන්න එපා. බාධාවක් ඇත්නම් අපට කියන්න. යම් රාජකාරියක යෙදී
සිටියා නම් ඒ සියල්ල වෙන අයට පවරා පාඨමාලාවට සහභාගිවී
වෛද්‍ය උපාධිය ලබාගන්න. එවිට රජයේ වෛද්‍යවරුන් හැටියට හොඳ
පිළිගැනීමක් සහ ගෞරවයක් ඇතිව වැඩ කරගෙන යන්න පුළුවන් යයි
අගවිනිසුරුවරයා ඔවුනට අවවාදාත්මක ලෙස දැනුම් දීමක් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුලසිටම සහකාර සහ
ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ට එම්.බී.බී.එස්. උපාධි
පිරිනමනවාට විරුද්ධ විය. එම සංගමය කියා සිටියේ
එම්.බී.බී.එස්. විභාගයට පෙනී සිටීමට තරම් සුදුසුකම් ඔවුන්
ලබා නැති බවයි. රුසියාවේ වසර 03 ක් වෛද්‍ය විද්‍යාව හදාරා
උපාධි ලබා සිටින බව ඇතැමෙක් පැවසුවත් එය සම්පූර්ණ
අසත්‍යයක් බවත් මනා දැනුමක් ලබා නැති අයට
එම්.බී.බී.එස්. වෛද්‍ය උපාධිය පිරිනැමුවහොත් එම උපාධිය
හෑල්ලුවට ලක්‌වන අතර ජනතාවට වඩා හොඳ සෞඛ්‍ය සේවාවක්
ලැබීමට ඇති අවස්‌ථාව අහිමි වන බවත් එම සංගමය මේ විභාගයේදී
දිගටම දැක්‌වූ ප්‍රතිචාරයයි.
ලබන 07 දා පෙත්සම යළි කැඳවීමට නියමිතය.
ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා රජයේ වෛද්‍ය
නිලධාරින්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි අතර අධිනීතිඥ
රවීන්ද්‍රනාත් දාබරේ මහතා සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ
පාදෙණිය මහතා වෙනුවෙන් පෙනී සිටියේය.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සිබ්ලි අසීස් මහතා
ඇතුළු නීතිඥවරු කීප දෙනෙක් පෙනී සිටියහ.
මවුබිමේ නාමයෙන්
මතට තිත තියඥ්ඥං
අල බතල ගිලිඥ්ඥං
ගෙරි මස් නොකඥ්ඥං
දෙමල කැවුතුම කඥ්ඥං
මට පෙනෙන්නේ මහින්දට චංදය දෙන නිසා ඔබ මුලු සිංහල ජාතිය ගැනම වෛර බැඳගෙන ඇති බවය.
දෙමල කැවුතුම කඥ්ඥං
දෙමළ මිනිසා ගැන සාමාන්‍ය සිංහල මිනිසාගේ ස්ථාවරය මේකද?
ඔබ මේ කථා කරන්නේ මා නොදන්නා,මා කොටස් කරුවෙකු නොවන, මට ආගන්තුක වූ සිංහල ජාතියක් ගැනද?
මොනවද මේ කථා? ඔබ කියන්නේ මට මැරිලා ආයි ඉපදෙන්න කියලද?(මේ බයිලා විශ්වාස කරන්නනම්)
මට පෙනෙන්නේ මහින්දට චංදය දෙන නිසා ඔබ මුලු සිංහල ජාතිය ගැනම වෛර බැඳගෙන ඇති බවය. (දයා)
දෙමල කැවුතුම කඥ්ඥං
මං උපුටා දැක්වූ කවිය දෙස ආයෙත් බලමු.
මවුබිමේ නාමයෙන්
මතට තිත තියඥ්ඥං (පාලකයින් කොයි තරම් බින්න කෙලියත් අපට ඒවා ප්‍රශ්න නෙවෙයි.)
අල බතල ගිලිඥ්ඥං (ආර්ථික බර අපට ප්‍රශ්න නෙවෙයි.)
ගෙරි මස් නොකඥ්ඥං (අපේ චර්යාවේ හරි වැරදි බව කොහොම උනත් අපි නියම සිංහළ බෞද්ධයෝ.)
දෙමල කැවුතුම කඥ්ඥං (අපට තියෙන එකම ප්‍රශ්නය සහ අනතුර සහ තර්ජනය දෙමළාගෙන් එල්ලවියහැකි ආක්‍රමණය පමණයි. කෑල්ලෙන් කෑල්ල ගියත් අපි ඒකටනම් ඉඩ තියන්නෙ නැහැ.)
අපේ සමාජයේ ඇති වර්ගවාදී බව දකින කවියා පාඨකයාට කණ හරහා පහරක් ගහමිනුයි ඒ ගැන පෙන්නා දෙන්නෙ. "දෙමළ කැවුතුම කඥ්ඥං" කියන යෙදුමෙ මම දකින කාව්යෝක්තිය ඔයා නොදැකීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. ඔහු මෙතනදී අපට තීව්ර කර පෙන්නලා දෙන්නේ ජාතිවාදයේ හැඩ රුව මිසක් සිංහල ජාතියේ හැඩ රුව නෙවෙයි. කෙනෙක් ඒක රස විඳිද්දි තව කෙනෙක්ට ඒ ගැන විවේචනයක් තිබීම අරුමයක් නෙමෙයි. ඒ සඳහා පූර්ණ අයිතියක් ඔයාට තියෙනවා. කවියකින් බලාපොරොත්තුවෙන සාහිත්‍ය රසයක් වෙනුවට ඔයාට කේන්තියක් ඇතිවීමට හේතුව අපේ සමාජයේ ඇති පිළිකුල් සහගත වර්ගවාදී බව ඔයා පිළිගන්නේ නැති නිසා විය හැකියි. කවියා මෙතනදී අපට කියා දෙන්නේ දෙමළ මිනිසා ගැන සාමාන්‍ය සිංහල මිනිසාගේ ස්ථාවරය නොවෙයි. බහුතරයක් වූ සිංහල ජාතිවාදීන්ගේ ස්ථාවරයයි.
ඔබ මේ කථා කරන්නේ මා නොදන්නා, මා කොටස් කරුවෙකු නොවන, මට ආගන්තුක වූ සිංහල ජාතියක් ගැනද?
මොනවද මේ කථා? ඔබ කියන්නේ මට මැරිලා ආයි ඉපදෙන්න කියලද? (මේ බයිලා විශ්වාස කරන්නනම්) (දයා)
නැත මිතුර... නැත.
මා මේ කථා කරන්නේ ඔබ ද මා ද කොටස් කරුවන් වන, එහෙත් මට පෙනෙ දෙය කිසියම් අදෘෂ්‍යමාන පටලයකින් ඔබට වසංව ඇති අපේම සිංහල ජාතිය ගැනයි.
මෙතනදීත්, මම ඉහත කියූ සිරිල් මැතිව් මහත්තයාගේ කතන්දරය බොහෝදුරට අදාල වීමට ඉඩ ඇත.
- NR
“Most of what I see happening in this country is against the teaching of Lord Buddha… That means either the people have not understood the teaching or they are purposely insulting the teachings of Lord Buddha.” - MHM Ashraff [i]
Independent Sri Lanka experienced her first outburst of anti-Muslim violence in April 2001, in Mawanella[ii]. Police apathy and political machinations turned an ordinary difference into a mini-religious conflict. But the psychological climate, in which everyday economic disaffections, political rivalries and business competitions could be transformed into religious-divides, was, in the main, authored by Rev. Gangodawila Soma Thero.
Several studies have highlighted the role played by influential cultural/religious figures in exacerbating division/intolerance in crisis-ridden societies. Richard Wagner is an oft-cited example; “It has reasonably been claimed that Wagner by his own writings contributed to the resurgence of anti-Semitism in Germany, in particular by helping to make it culturally respectable”[iv]. Soma Thero played a comparable role in the 1990’s with his successful attempts to depict Sinhala-Buddhists as an endangered species, threatened by minority/Muslim expansionism.
The key problem with Lankan Buddhism is not its embrace of non-Buddhist rituals (including polytheism) but the axiomatic identification it makes between Sinhala race and Buddhism and its acceptance of violence as a means of protecting the Sinhala-Buddhist nature of Sri Lanka. As Prof. Tambiah pointed out, main features of Anagarika Dharmapala’s Buddhist revival included “a denigration of alleged non-Buddhist ritual practices and magical manipulations” and an “enunciation of a code for lay conduct…which emphasized a puritanical sexual morality and etiquette in family life”[v]. Soma Thero too began his public career as a reformer committed to purifying Buddhism of non-Buddhist (Hindu/animist) influences and practices. He advocated a puritanical morality and a return to a pure, orthodox form of Buddhism. From this, like Dharmapala and others of the same ilk (from Martin Luther to Al-Wahhab of Nejd), he made a seamless descent into religious-fanaticism.
Until Soma Thero began his toxic endeavour, Muslim-phobia was buried so deep in the collective Sinhala-psyche that politically it was a non-factor. Sinhalese, occupied with the very real Tiger threat, regarded Muslims as natural allies. The SLMC, under the leadership of MHM Ashraff was anti-LTTE in the best sense of the term (anti-separatist and anti-Tiger without being anti-Tamil and advocating a political solution based on power-sharing).
And 1915 seemed a very distant bad dream.
That changed with Soma Thero’s persistent anti-Muslim preaching. Suddenly many Sinhala-Buddhists began seeing in their Muslim brethren an enemy worse than even the LTTE. It was at the height of this collective descent into madness that the live TV debate between Soma Thero and Mr. Ashraff happened. The debate was much-hyped by adherents of the Thero. The general expectation was that the monk will make mincemeat of the politician. Instead Mr. Ashraff proved that the charges against Lankan Muslims and the attacks on himself were based on lies and distortions. As an agitated Soma Thero jumped from one lost argument to another, Mr. Ashraff demonstrated their mendaciousness with unfailing calm and utmost respectfulness[vi]. Apart from a diehard minority, the majority of Buddhists admitted that Mr. Ashraff won the debate.
Soma Thero replaced Muslim-phobia with Christian-phobia.
The anti-Muslim violence in Mawanella could not have happened without the poisonous work of Soma Thero. But it was containable thanks to the dose of sanity and rationality administered by Minister Ashraff. Mr. Ashraff’s untimely death and the inability of the SLMC/Muslim community to produce a leader of comparable erudition, ability and principled courage are seriously undermining Muslim security and Lankan wellbeing.
Religious-Racism and Patriotism
The JHU was a child of opportunism and power-hunger. Soma Thero died in 2003, another victim of Russian Winter. The Sihala Urumaya, which was in the doldrums due to electoral failures and acrimonious squabbles, saw in the outpouring of public grief (part-spontaneous part-orchestrated) for the dead monk, a fast-track out of the political wilderness. The SU was reincarnated as the JHU, amidst a groundswell of anti-Christian hysteria.
Champika Ranawaka, who had made a successful political career out of peddling minority phobia and hatred, reportedly raised the ‘Hakeem issue’ in the cabinet; he accused Mr. Hakeem of giving UNHRC chief Navi Pillay a 50-page document itemising “the attacks on Muslims and Christians….and the government’s failure to take action against the perpetrators.”[vii]
President Rajapaksa berated Minister Hakeem. Minister Hakeem (who represents his interests and not Muslim or Lankan interests) responded by blaming disobedient elements in the SLMC. The President did not question the veracity of the report. Mr. Hakeem did not point out that if the perpetrators of these crimes were dealt with legally and constitutionally, there would have been no need to do a report for Ms. Pillay.
Had the President cared an iota about religious amity, rule of law or Sri Lanka’s good-name, he would have summoned the Defence Secretary and the IGP and asked whether the attacks actually happened and, if so, why the perpetrators were not brought to justice. He would have demanded immediate police and legal action. Arresting some of the main culprits would be easy because they commit their hate-crimes as public spectacles with a heavy media presence. Had at least a few perpetrators been arrested, due to timely presidential-intervention, the world would have hailed Mahinda Rajapaksa for his zero-tolerance for religious-crimes.
And every single Muslim-majority country will back Colombo in Geneva (and elsewhere), even if the entire Tamil Diaspora begs them not to, on bended knees.
But President Rajapaksa was angry not at the criminals who attacked religious minorities but at the religious minorities who exposed those hate-crimes. According to the Rajapaksa creed, the real crime is not the attacking of mosques and churches, Muslims and Christians, but the public condemnation of such attacks.
President Rajapaksa reportedly accused Mr. Hakeem of “betraying the country”[viii].
After the April 2012 Dambulla mosque-attack, the mob decried a nearby kovil as an upstart-structure and tried to demolish it. A middle-aged woman respectfully informed the Buddhist monk leading the mob that the kovil is an old one and that she had worshipped there since childhood. The monk threatened to destroy her home; he told her to take her god and go elsewhere. Then he thundered, “Hell, crows are not just flying over our heads; they are trying to build nests” (“Yakko, me kakko oluwa udin yanawa witharak nevei kuudu wennath hadanawane”)[ix].
This is the ‘hosts and guests’ mindset. This is the provenance of Mahinda Rajapaksa’s anger: minority-guests do not have inalienable rights and, if they stay in Sri Lanka, must uncomplainingly accept whatever the Sinhala-hosts choose to do. If they complain, they are traitors.
That mindset spawned the ethnic problem and the long Eelam War. Are the Rajapaksas deliberately reusing it to ignite a religious conflict? Are they planning to regain their role as Sinhala-Saviours by imposing a new war on us?
[i] MHM Ashraff wrote poetry. His poem ‘Lord Buddha and the Poet’ which consists of an imagined dialogue between the Buddha and the poet caused a frenzy of anger among the extremist Buddhist fringe elements (fortunately at that time they were fringe-elements, as they were, during Martin Wickramasinghe’s Bhavatharanaya controversy, and not power-wielders as they are now). An interview given by Mr. Ashraff on this issue and a translation of the poem can be read here:
[iii] Apart from being anti-English, anti-Western, anti-capitalist and anti-socialist. Quoted in Blowback: Linguistic Nationalism, Institutional Decay and Ethnic Conflict in Sri Lanka – Neil De Votta
[iv] Wagner and Politics – Bernard Williams – The New York Review of Books – 2.11.2000
[v] Buddhism Betrayed
[vii] Irate President takes on SLMC – Daily Mirror – 1.3.2014
.......මා මේ කථා කරන්නේ ......... මට පෙනෙ දෙය කිසියම් අදෘෂ්‍යමාන පටලයකින් ඔබට වසංව ඇති අපේම සිංහල ජාතිය ගැනයි........
අපගේ
මේ සංවාදය දෙස ආපසු හැරී බැලීමේදී මට පෙනෙන දෙයක් නම් ඔබ වර්ගවාදයට වඩා
ගෝත්‍රවාදය යන වචනය වැහැරීමට ප්‍රිය කරන බවයි. මේවා පාරිභාෂික වචනවේ.
කවියක් ඔබට ඇවැසි අයුරින් විවිධ අර්ථ දියහැකිමුත් සමාජ විද්‍යාවේ වචන එසේ
නොවේ. හිමාංකය යනු හිමාංකයයි. තාපාංකය යනු තාපාංකයයි.
අපගේ මේ සංවාදය දෙස ආපසු හැරී බැලීමේදී මට පෙනෙන දෙයක් නම් ඔබ වර්ගවාදයට වඩා ගෝත්‍රවාදය යන වචනය වැහැරීමට ප්‍රිය කරන බවයි. මේවා පාරිභාෂික වචනවේ. කවියක් ඔබට ඇවැසි අයුරින් විවිධ අර්ථ දියහැකිමුත් සමාජ විද්‍යාවේ වචන එසේ නොවේ. හිමාංකය යනු හිමාංකයයි. තාපාංකය යනු තාපාංකයයි.
මම අදහස් කරන්නේ සිංහලයාගේ බහුතරය ජාතිවාදී බව තමයි. වඩාත් නිවැරදිව කිව්වොත් "සිංහල බෞද්ධයින්"ගේ බහුතරය ජාතිවාදී බවයි. NR Quoted
I agreed with NR on above the problem is - what is to be done? First of all analyzing of the situation is required? The following article although it is very old (1983) gives some enlightenment. I think you all (Indraka) know that Newton Gunasinghe is a good thinker.
ජූලී සංහාරයෙන් පසු මැයි දිනය
Posted: 9:33 pm, January 30, 2014 3mana
මගේ මතය නම් සිංහල හා දෙමළ ජනයාගේ වර්ගවාදී/ගෝත්‍රවාදී ලක්ෂන ලෝකයේ අනෙක් ජාතීන්ගේ වර්ගවාදී/ගෝත්‍රවාදී ලක්ෂන වලට වඩා අඩු විය හැකි බවයි.
අවස්ථා සීමිත කොට තමාගේ වාසිය තකා යම් යම් “අපේ කම්” ඉස්මතු වන මුත් පොදුවේ වාර්ගිකවාදයකට මෙම ජනවර්ග දෙකම නතු නොවන බව යම් අවස්ථාවලදී ඔවුන් ක්‍රියාකරන ආකාරයෙන් පෙනීයනව.
රාජ්‍ය බලය තමා අත තිබුනත් සිංහල ජනතාව පොදු පහසුකම් වලදී අනෙක් ජනවර්ග ගැන පිළිකුලෙන් බලන තත්ත්වයක් නැහැ.
ඔබ කවුරුත් අසා ඇති රෝසා පාක් ගේ කථාව. ඒක සිදුවුනේ 1955 දී ඒ වන විටත් ලොව දියුණුම රට වූ අමෙරිකා එක්සත් ජනපදයේ. එවන් දියුණු රටකත් බස් රථයක සුදු මිනිසුන්ට වෙන් කළ ආසන තිබ්බා. රෝසා පාක්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුනේ (නීතියෙන්ම) සුදු මිනිසුන්ට වෙන්කළ අසුනක වාඩිවූ නිසා නොවෙයි. ඊට ආසන්නව පසුපස ඇති ඇති අසුනේ වාඩිවී සිට සුදු මිනිසෙකු අසුන ඉල්ලූ විට එය නොදුන් නිසා. ඈට නඩු පවරා වරදකරුවෙකු කරනු ලැබුවා.
මීට ආසන්න වසරක තමයි ලංකාවේ බස් ජනසතු කළේ. ඒ වගේම සිංහල භාෂාවරාජ්‍ය භාෂාව බවට පත් කළේ. Slave Island වල හැර ලංකාවේ වහල්ලු සිටියේ නැති වුනත් ඊට ආසන්න තත්ත්වයක් තිබුණු තේ වතුවල වැඩකළ, පුරවැසි බව වත් හිමි නොවුන දෙමළ ජනතාවක් හිටියා. නුමුත් මම දන්නා පරිදි නම් කිසිම අවස්ථාවක පොදු පහසුකමක් වාර්ගිකත්වය පදනම් කරගෙන නීතිය මගින් වෙන් කෙරුනේ නැහැ. සිංහල ජනතාවගෙන් එහෙම ඉල්ලීමක් තිබුණේත් නැහැ.
(නුමුත් අද වනකොට අමෙරිකා එක්සත් ජනපදයේ සුදු නොවන ජනාධිපතිවරයෙකුත් පත්වෙලා තියෙනවා. ඔවුන් ඉදිරියට යන කොට අපි ආපස්සට යනවා)
යුද්ධයේදී වුවත් ආරක්ෂක හමුදාවල ක්‍රියාකාරිත්වය පවා “වාර්ගික” වූවාද යන්න ප්‍රශ්නයක්. 1988/89 කාලයේ එම හමුදාම තම වර්ගයේම කැරලිකරුවන්ට එරෙහිව ඊට වඩා ලිහිල්ව ක්‍රියාත්මක වුන බවක් නම් පෙනෙන්නට නැහැ.
2005 ජනාධිපතිවරණයේදී “රට පාවාදුන් දේශද්‍රෝහියෙකු” බවට චෝදනා ලැබූ රනිල් වික්‍රමසිංහ මහතා 48.43% ක ඡන්ද ප්‍රමාණයක් ලැබුවා. ඒ “කොටි හිතවාදී” දෙමළ ජනතාව ඡන්දය වර්ජනය කර තිබියදීත්. එහෙයින් “රට පාවාදුන්” සාම ගිවිසුම අත්සන් කළත් සිංහල ජනතාව සෑහෙන පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය දුන්නා.
2010 ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට කොටි සංවිධානය විනාශ කිරීමට මුල් වූවෙකු වූ ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දීමේ තීරණයකට එළඹීමට හැකිවුනා. දෙමළ ජනතාව දැඩි ලෙස වාර්ගවාදී නම් ඒ කරුණ මත දෙමළ ජාතික සන්ධානය දෝෂ දර්ශනයට ලක්වී ප්‍රතික්ෂේප විය යුතු වුවත් එසේ වූයේ නැහැ.
ප්‍රභාකරන් හට වුවත් රටෙන් කොටසක් වෙන්කරගැනීමට මිසක් සිංහලයන් ජාතියක් වශයෙන් විනාශ කිරීමට අවශ්‍යවූ බවක් පෙනෙන්නට නැහැ. දියුණු රටක බිහිවූ හිට්ලර්ට හා ඔහුගේ අනුගාමිකයන්ට තිබුණු යුදෙව් විරෝධය හා සමාන සිංහල විරෝධයක් නොදියුණු රටක බිහිවූ ප්‍රභාකරන්ට හෝ ඔහුගේ අනුගාමිකයන්ට තිබුණාද යන්න සැක සහිතයි. ඔහුගේ සටන ත්‍රස්තවාදය අවියක් ලෙස භාවිතා කරමින්, රාජ්‍යයට එරෙහිව කළ සටනක් මිස “ආර්ය- යුදෙවු”, “ටුට්සි- හුටු” හෝ “ශියයිට් - සුන්නි” ආකාරයේ සටනක් නොවේ.
මේ නිසා සිංහල හෝ දෙමළ ජනවර්ගයන් දෙකම අන් රටවලට වඩා වාර්ගික ලක්ෂන පෙන්නුම් කරන බව නම් පිළිගත නොහැකියි.
2010 ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය ජනරාල් සරත් ෆොන්සේකා මහතාට සහයෝගය දුන්නේ වඩා නරක යකා මෙල්ල කිරීමට එතරම් නරක නැති යකා වැළඳගැනීමක් විදියට බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ වුනු කාරණයක්. අරඹෙ යෝජනා කරන විදියට දෙමළ ජනතාව ඒ අවස්ථාවේ ඡන්දය නොදී හිටියානම් ඒකේ වාසිය ලබන්නේත් සිංහල ජාතිවාදී කණ්ඩායම නොවෙයිද?
දයා ඉදිරිපත් කරන්නේ නොබිඳිය හැකි තර්කයක් බව මම පිළිගන්නවා. දත්ත මත පමණක් කතා කරන දයා වගේ කෙනෙක්ට විතරයි ඒ වගේ තර්ක ගේන්න පුලුවන් වෙන්නේ.
ඇත්තටම දයා දැනට මේක මගේ උපකල්පනයක් විතරයි. මේ ගැන තවම කවුරුවත් සමීක්ෂණයක් කරපු බවක් දැනගන්න නැහැ. කොහොම උනත් මම මේ ගැන සමීක්ෂණයක් කරන්න සැලසුම් කරගෙනයි යන්නෙ. දැනට නිර්නායක හදුනගෙන ප්‍රශ්නාවලියක් සකස්කරගෙනයි යන්නෙ. සෑම රටකින්ම හැම ජන කොට්ඨාශයක්ම නියෝජනය වන විදියට අපක්ෂපාතී නියැදි තෝරගෙන යනව. ඒවා විටින් විට මම ඔයාගේ පරීක්ෂාවට ලැබෙන්න සලස්සන්නම්. මට මේ වැඩේට චුට්ටක් කල් දෙන්න.
පොඩ්ඩක් හෝව්! දැං අපේ සංවාදයේ මුලට චුට්ටක් යමු.
මම කතා කලේ සිංහල බෞද්ධයින්ගේ බහුතරය ජාතිවාදී බවයි. දැං මගේ සමීක්ෂණයෙදි ඊට අදාල උපකල්යනය (සිංහලයා ලොව අන් බොහෝ ජාතීන්ට වඩා වර්ගවාදී බව) වැරදියි කියල ඔප්පු උනොත් සිංහල බෞද්ධයින්ගේ බහුතරය ජාතිවාදී නොවන බව ඔප්පු වෙනවද? අපි මේ යන්න හදන්නේ වැරදි පාරක නේද? වැඩේ ගොඩින්ම වහලා දාලා ෂේප් වෙන්නද කල්පනාව? යසයි වැඩේ!
අතුරු ප්‍රශ්නයට මගේ සමීක්ෂණයේ ප්‍රතිපල එනතෙක් ඉවසන්න. එතෙක් අපි අපේ මූලික ප්‍රශ්නෙට එමු. කළිනුත් මං කිව්ව වගේ මට ඒ කාරණය ඔප්පු කරන්න (ඔයාට ඒත්තු ගන්නන්න) නම් බැරිවේවි. ඒත් අම්බානක් කරුණු දෙන්නම්. ඕනනම් කියන්න.
ආණ්ඩු විරෝධයේ නොපෑහෙන උතුර දකුණ
මාර්තු 29 වැනි දින පැවැත්වීමට නියමිත බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණවලදී කතෝලික අපේක්ෂකයන් වෙත ස්වකීය ඡන්දය ප්‍රකාශ කරන මෙන් කතෝලික සභාව කතෝලික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කොට තිබේ.
කතෝලික සභාව කතෝලික භක්තිකයන්ගෙන් මෙවැනි ඉල්ලීමක් කරන්නේ පළමු වතාවට බව වාර්තාවේ.
රටේ කතෝලික බැතිමතුන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටීමේ ප්‍රවණතාවක් ඉස්මතු වී ඇති හේතුවෙන් මේ ඉල්ලීම කරන ලද බව, කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂේප් පියතුමා බීබීසී සංදේශයට පවසා ඇත.
කතෝලික ප්‍රජාවගේ හඬ නියෝජනය කිරීමේ වැදගත්කම ශ්‍රී ලංකාවේ කතෝලික සභාව අවබෝධ කර ගෙන ඇති බවද බෙනඩික්ට් ජෝෂේප් පියතුමා සඳහන් කළේය.
"ශ්‍රී ලංකාවේ වෙසෙන කතෝලික ජනතාවටත් නිදහස් පුරවැසියන් විදියට ජීවත් වීමට සියලුම අයිතීන් තිබෙනවා," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
රජයේ අනුග්‍රහය ලබාගත් කණ්ඩායම් විසින් සුළු ආගමික කොටස්වලට සිදු කරනු ලැබූ හිරිහැර නිසා මෙවැනි තත්වයක් නිර්මාණය වී තිබෙන බවයි, විපක්‍ෂයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ මේ අතර පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් කතෝලික සභාවේ ස්ථාවරය කණ්ඩායම්වාදය කරා ගමන් කිරීමක් බවට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක චෝදනා කරයි.
එම චෝදනාව ප්‍රතික්ෂේප කරන නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරා බීබීසී සංදේශයට කියා සිටියේ රටේ මැතිවරණ සමයේ කතෝලික සභාව ස්වකීය ස්ථාවරය තම බැතිමතුන් වෙත ප්‍රකාශ කිරීම සාමාන්‍ය තත්වයක් බවයි.
ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ මෙම තීන්දුව ආගමික සහජීවනයට බාධාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ අදහසයි.
කෙසේ නමුත් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ කණ්ඩායම් වාදය තහවුරු කිරීම කතෝලික සභාවේ අරමුණ නොවන බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප්‍රකාශක බෙනඩික්ට් ජෝෂේප් පියතුමා අවධාරණය කරයි.
======================================================================================
http://www.divaina.com/2014/03/26/news16.html
![]()
ජල මණ්‌ඩල
ඉංජිනේරුවෝ ටෙන්ඩර් මණ්‌ඩලයෙන් ඉවත් වෙති
චමින්ද සිල්වා
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ ඉංජිනේරුවන් දේශීsය
හා විදේශීය වශයෙන් සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ජල
සම්පත් ටෙන්ඩර් මණ්‌ඩලයෙන් ඉවත්වී ඇත.
ජල සම්පත් මණ්‌ඩලයේ සහකාර ඉංජිනේරුවන් 298 දෙනකු මණ්‌ඩලයේ
ඉංජිනේරුවන්ගේ තත්ත්වයට උසස් කිරීමට බලධාරීන් පියවර
ගැනීමට එරෙහිව මෙම පියවර ගත් බව ජාතික ජල සම්පාදන හා
ජලාපවහන මණ්aඩලයේ ඉංජිනේරු සංගමයේ ලේකම් ඡේ. ඒ. ඩී.
ප්‍රියාල් මහතා ඊයේ (25 දා) 'දිවයින' ට පැවසීය.
මෙම උසස් කිරීම නීති විරෝධී ලෙස සිදු කර තිබෙන බවද කී
ලේකම්වරයා මේ වනවිට මෙතෙක් කාලයක් උපදෙස් ලබා දුන්
ඉංජිනේරුවන් සහ උපදෙස් ලබාගත් සහකාර ඉංජිනේරුවන් සම
තත්ත්වයේ සිටීම නිසා රාජකාරිමය වශයෙන් ගැටලු රැසක්
පැනනැඟී ඇතැයිද කීය.
මෙම නීති විරෝධී උසස් කිරීම වහා අහෝසි කරන ලෙස ඉල්ලා
ඉංජිනේරුවන් පසුගිය 20 වැනිදා පැය හතරක වර්ජනයක නිරත වූ
බවත්, පළාත් සභා මැතිවරණයෙන් පසුව හෝ ජනාධිපතිවරයාට මෙය
යොමු කර විසඳුම් ලබාදීමට කටයුතු කරනු නොලැබුවහොත් දැඩි
වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සංගමයට සිදුවන බවත් හෙතෙම
කීය.
--