Groups
Groups
Sign in
Groups
Groups
Indi4u
Conversations
About
Send feedback
Help
ලේන්සුවේ පත්තරයක්
1 view
Skip to first unread message
Visthara Online
unread,
May 21, 2011, 11:13:12 AM
5/21/11
Reply to author
Sign in to reply to author
Forward
Sign in to forward
Delete
You do not have permission to delete messages in this group
Copy link
Report message
Show original message
Either email addresses are anonymous for this group or you need the view member email addresses permission to view the original message
to ad...@vistharaonline.com
ඔබ සියලු දෙනාම ලේන්සු පාවිච්චි කරනවා ඇති. ඒත් ලේන්සුවේ උපත පිළිබඳව ඔබ දන්නවාද? ලේන්සුවට තිබෙන්නේ ලස්සන කතාවකි.
මුලින්ම ලේන්සු පාවිච්චි කරන ලද්දේ පොහොසත් මිනිසුන් පමණකි. එසේම ඔවුන් සිතා සිටියේද එය ඔවුන්ටම පමණක් උරුම වූ දෙයක් ලෙසිනි. ලේන්සුව ඇඳුම් ආයිත්තමක් ලෙසින් මුලින්ම සැලකුවේ ඉතාලි වැසියන්ය. ඉතාලියෙන් පලමුව ප්‍රංශයටත් ක්‍රම ක්‍රමයෙන් අනෙකුත් රටවලටත් ලේන්සු පැතිරී ගියේය. ඉතාලි ජාතිකයෝ තම තමන්ගේ පොහොසත්කම එකිනෙකා අතරින් කැපී පෙනෙන්නට මෙන් එයට බීරලු පටි අල්ලා රන් හා රිදී නූල් වලින් එම්බ්‍රොයිඩර් කර සුවඳ විලවුන් ගල්වා පාවිච්චි කරන්නට වූහ.
එංගලන්තයේ අටවන හෙන් රි රජු පාවිච්චි කර ඇත්තේ රතු සුදු හා රන්පාට සිල්ක් රෙදි වලින් මැසූ වැනීසියෙන් ගෙන්වූ ලේන්සු පමණකි. එම රජුගේ බිසවට රනින් වැඩ දැමූ ලේන්සු දුසිම් හයක් පමණ තිබී ඇත. එවකට අට පට්ටම රවුම් හා බිත්තරේ හැඩයට තිබූ ලේන්සුවේ හැඩය වෙනස්කර හතරැස් ලේන්සු පමණක් තිබිය යුතු බවට රජ විසින් නියෝගයක් ද පනවා ඇත.
මුල් කාලයේදී ධනවත් අයටම පමණක් සීමාවී තිබූ ලේන්සුව සාමාන්‍ය ජනතාවටත් පාවිච්චි කිරීමට හැකිවූයේ දුම්කුඩු පාවිච්චියට මිනිසුන් පුරුදු වීම නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ. දහතුන්වන සියවස අග භාගයේදී දුම්කුඩු ඇඳුම් වලට වැටෙන බැවින් ඒවා පිසදා ගැනීමට ලේන්සුවක් පාවිච්චි කරන්නට පටන් ගැනීමයි. ඒ සමගම එතෙක් තිබූ රන් රිදියෙන් වැඩ දැමූ ලේන්සු වෙනුවට සාමාන්‍ය රෙදිවලින් මැසූ ලේන්සුත් භාවිතා වීමට පටන් ගැනිනි. මුල් කාලයේදී මිනිසුන් ලේන්සු පවිච්චි කළේ උඩ සාක්කුවේ තබාගන්නා දෙයක් ලෙසිනි. දවසින් දවස වෙනස්වන මෝස්තරයන් අනුව ලේන්සුවද නොයෙකුත් මෝස්තරයන් අනුව වෙනස්වීම දකිතත් ඉන් ලබාගන්නා ප්‍රයෝජනයේ නම් වෙනසක් නැත.
ලේන්සුවක පුවත් පතක් මුද්‍රණය කල බව ඇසුවොත් ඔබ එය විශ්වාස නොකරනු ඇත. එහෙත් එවැනි දෙයක් සැබෑ ලොව සිදුවී ඇත.
1875 ඔක්තෝබර් මස 23 දින ක්වින්ස්ලන්තයේ එක්තරා පුවත්පතක් කඩදාසි හිඟ නිසා ලේන්සුවක මුද්‍රණය කරන ලදී. එම පුවත් පතේ කතුවරයා ලේන්සු 2000 ක් පමණ ගෙන ඒවායේ අවශ්‍යම තොරතුරු මුද්‍රණය කර මහජනයා අතට පත් කළේය. ඊළඟ දින පුවත්පත පල කිරීමට කතුවරයා කරන ලද්දේ පලමු සතියේ වැදගත් ආරංචි පල කොට මහජනයා අතරට යවන ලද ලේන්සු සියල්ල සේවකයින් යොදවා එක්කර ගැනීමයි. ඉන්පසු එය බෙහෙත් දියරයකින් සෝදා හැර නැවත අලුත් ආරංචි මුද්‍රණය කරනු ලැබීය. මේ ආකාරයෙන් මාස ගණනාවක්ම ලේන්සුවල පුවත්පත් මුද්‍රණය කල බව කියැවේ.
--
Thanks & Regards,
Visthara Online Team.
Source:
http://www.VistharaOnline.com/
Reply all
Reply to author
Forward
0 new messages