DOS Tricks

25 views
Skip to first unread message

සමන්

unread,
Nov 15, 2012, 5:24:49 AM11/15/12
to ict-teache...@googlegroups.com

DOS Tricks


ඩොස් මෙහෙයුම් පද්දතිය ගැන මං ගොඩක් විස්තර ඔයාලට කියලා තියනවා. අද කියන්න යන්නෙත් අපිට උපකර වෙන විදානයන් කීපයක් ගැන. මං හොදටම දන්නවා මේ විදානයන් ඔයාලා මීට කලින් බාවිතා කරලා නෑ කියලා. ඩොස් වලින් කරන්න හිතෙන සමහර දේවල් කරන්න් ගියාම විදානයන් නෑ නෑ වගෙ නේද? හොදයි අපි කරලමු බලමු.




ඩොස් වලින් Star Wars Episode IV බලමු.

ඔයාලා කවදාහරි ඩොස් වලින් ෆිල්ම් එකක් බලලා තියනවාද? මේක ඩොස් ෆිල්ම් එකක් නිසා ග්‍රැපික්ස් නම් නෑ. ඩොස් පරිසරයක තියෙන්නෙ ඉලක්කම් අකුරු හා සංකේත නිසා අපිට දකින්න ලැබෙන්නේ කලු පාට කොටසක සුදු අකුරු වලින් හැදෙන රූපයන් විතරයි. ඔයාලත් බලන්න මේක. ඩොස් වලදී පහල විදානය දෙන්න.

telnet towel.blinkenlights.nl.

ඉතින් වින්ඩෝස් 7 වලදී මේ telnet විදානය සක්‍රීයව පවතින්නේ නැ. අපිට ඒක ස්ක්‍රීය කරගන්න Control Panel එකේ Programs and Features වලින් පුලුවන්. ඒ වගේම ජාල ආරක්ශාව වෙනුවෙන් සමහරු මේ telnet පෝට් එක වහනවා. ඒ වගේ වෙලාවටත් මේක වැඩ කරන්නේ නෑ. ඉතින් කලබල වෙන්න එපා සම්පූර්ණ ෆිල්ම් එකම අපිට පහල ලින්කුවෙන් ඩොස් වලින් බලන විදියටම බලාගන්න පුලුවන්.

http://www.asciimation.co.nz/

ඩොස් වල තියන දෙයක් Clipboard එකට යවමු.


Clipboard එක කියන්නේ අපි කොපි කරන ඒවා තාවකාලිකව රදවාගෙන ඉන්න ස්තානය. ඔයාලා කවදාහරි උත්සාහ කරලා තියනවාද ඩොස් වල තියන මොනවා හරි දත්තයක් කොපි කරන්න? මෙන්න විදානයන් ටික..

අපිට අවුට්පුට් එක ගන්න ඕනේ විදානය සමග | සලකුණ සහ clip කියන වචනය බාවිතා කරන්න. මං උදාහරණයට් ගන්නේ ipconfig විදානය. පහල රූපය බලන්න.

ඉතින් මේ වෙනකොට  ipconfig විදානය අදාල අවුට්පුට් එක Clipboard එකට කොපි වෙලා ඉවරයි. දැන් ඔයාලා ඕනේම තැනට මේක පේස්ට් කරන්න. ලස්සනට පේස්ට් වෙනවා නේද? 

එකවර විදානයන් කීපයක් බාවිත කිරීම.

කවදාහරි උත්සාහා කරලා තියනවද එකවර විදානයන් කීපයන් ඩොස් වල බාවිත කරන්න? ඒකට අපිට && යොදාගන්න පුලුවන්. පහල උදාහරණය ගන්න

ipconfig && netstat


ඩොස් වලදී Function Keys එහෙම නැත්නම් F කී බාවිතය. 

ඩොස් වලදී අපිට පුලුවන් Function Key බාවිතා කරන්න. එක් එක් කී එකෙන් වෙන් දේ පහල දක්වලා තියනවා. 

F1: අවසානය බාවිතා කල විදානය අකුරුන් අකුර ලාබා ගැනීමට
F2: අවසානය බාවිතා කල විදානය  සම්පූර්ණයෙන් ලබා ගැනීමට
F5: අවසානය බාවිතා කල විදාන කීපයක් ලබා ගැනීමට
F6: ^Z ලබා ගැනීමට
F7: කලින් බාවිත කල විදානයන් ලිස්ට් එකක් ආකාරයෙන් බලා ගැනීමට 

කිසියම් විදානයක අවුට්පුට් එක ටෙස්ට් ගොනුවක් ලෙස ලබා ගැනීම

ඩොස් වල බාවිතා වෙන එක් එක් ආකාරයේ විදානයන් අපිට ටෙස්ට් එකක් විදියට ගන්න පුලුවන්. මං උදාහරණයට ගන්නේ systeminfo කියන විදානය. ඒකෙන් පරිගණකයෙ පද්දතියට අදාල සියලුම විස්තර ලබාගන්න පුලුවන් ඩොස් වලදී පහල විදානය දෙන්න. c:\mycomputerinfo.txt කියන්නේ ඔයාලට විදානයේ අවුට්පුට් එක ගන්න ඕනේ පාත් එක. ෆයිල් එකේ නම නම් .txt විදියට තියෙන්න ඕනේ.

systeminfo > c:\mycomputerinfo.txt


ඩොස් Title Bar එක වෙනස් කරමු 

සාමානයෙන් ඩොස් වල Title Bar එක තියෙන්න් පහල රූපයේ ආකාරයෙන්. 

 ඊලගට මං පහල විදානය බාවිත කරනවා. වෙනස ඊලග රූපයෙන් බලන්න. 

title eranda`s dos tricks 


පරිගණකයේ ඇති පෝල්ඩරයක් Network Drive එකක් ලෙස මයිකොම්පියුටර් තුලට ගමු.


අපි හිතමු C:\Windows\Fonts කියන පෝල්ඩරය අපිට මයිකොම්පියුටර් තුලට ගන්න ඕනේ කියලා. පහල විදානය බාවිතා කරන්න. 

subst q: c:\windows\fonts 

ඊලගට බලන්න මයිකොම්පියුටර් තුල අලුත් ඩ්‍රයිව් එකක් ලෙස Fonts  පෝල්ඩරය දකින්න ලැබෙයි ඉතින් මේ විදානයන් බාවිතා කරලා ඔයාලගේ දැනුම වැඩිදියුණු කරගන්න. සුබ දවසක්...! 



Reply all
Reply to author
Forward
0 new messages