Shutdown PC Via E mail

10 views
Skip to first unread message

සමන්

unread,
Nov 3, 2012, 2:47:12 AM11/3/12
to ict-teache...@googlegroups.com
පරිගනකයක් Shutdown කරන්න ක්‍රම ගොඩක් තියනවා. ඒත් පරිගනකය ලග නොමැති අවස්තාවක කොහොමද අපි ඒක Shutdown කරන්නේ? අපිට ඒ වගේ වෙලාවකදි පාවිචිචි කරන්න පුලුවන්  Outlook  මෘදුකාංගය. හොදයි අපි බලමු කොහොමද Outlook වලින්  පරිගනකය Shutdown කරන්නේ කියලා. 


මුලින්ම අපි පහල තියන බැජ් ෆයිල් එක ලියගමු. මේකේ තියෙන්නෙ පරිගනකය Shutdown වෙන්න අදාල විදානයන් ටික. 

C:\WINDOWS\system32\shutdown.exe -s -f -t 00

මේක C:\Documents and Settings\Administrator Shutdown.bat කියල සේවු කරගන්න. ඒලගට ඔයාලගේ Outlook   ගිනුමට ලොග් වෙන්න. ඊලගට අපිට රූල් එකක් හදන්නයි තියෙන්නේ. 

ඊලගට Tools —-> Rules and Alert වලට යන්න. "Start from a blank rules" යන්න තෝරන්න. ඊලගට "with specific word in subject or in the body" යන්න තෝරන්න.  subject එකට  Shutdown කියල දෙන්න.


ඊලගට අපි තෝරලා දෙන්න ඕනේ අපි කලින්ම හදාගත්තා වැඩසටහන. Start application කියන එක තෝරල ඊලගට Application වලදි C:\Documents and Settings\Administrator\Shutdown.bat කියන එක තෝරල දෙන්න.

ඊලගට ඔක්කොම ඕකේ කරන්න. දැන් හරි, ඉතින් දැන් කොහෙන් හරි Shutdown කියන වචනය තියන ඊමේල් එකක් ලැබුන ගමන් අපි මුලින් හදපු බැජ් ෆයිල් එක ක්‍රියාත්මක වෙලා පරිගනකය Shutdown වෙනවා.. උත්සාහා කරලා බලන්න.

About the author
Eranda Dayawansa
Eranda Dayawansa is a Microsoft Certified ICT Instructor and Blogger from 2008 who loves all Things of Information Technology. He is also the chief editor at his blog – HelpITLanka which shares new exciting and informative discoveries found from surfing the net.
Reply all
Reply to author
Forward
0 new messages