මොකක්ද මේ Boot ?

55 views
Skip to first unread message

සමන්

unread,
Oct 27, 2012, 10:49:47 PM10/27/12
to ict-teache...@googlegroups.com

මොකක්ද මේ Boot ?


ඇත්තටම මොකක්ද මේ boot වීම නැත්තං boot up එක කියලා කියන්නේ? Boot වෙනවා කියන්නේ අපි පරිගණකයේ පවර් බටන් එක ඔබපු වෙලාවෙ ඉදන් මෙහෙයුම් පද්ධතිය පණගැන්වෙලා පරිගණකයෙන් සාමාන්‍ය වැඩකටයුතු කරන්න පුලුවන් තත්ත්වයට පත්වෙන තුරු පරිගණකය තුල  සිදු වෙන ක්‍රියා පටිපාටියට.

අද භාවිතා වෙන සාමාන්‍ය පරිගණකයකට මේ boot up ක්‍රියාවලියට තත්පර 10 ක් විතර ගත වෙනවා.ප්‍රධාන වශයෙන් boot up ක්‍රියාවලිය පියවර තුනකින් සිද්ධ වෙනවා.
                                                    01) POST (Power On Self Test) ක්‍රියාවලිය.
                                                    02) පර්යන්ත උපාංග සොයා ඒවා ස්ථාපනය.
                                                    03) මෙහෙයුම් පද්ධතිය සොයා පණගැන්වීම.

හැම පරිගණකයකම වගේ ඉහත දක්වපු පියවර ටික පටන් ගන්න පරිගණක වැඩසටහනකට ඉඩ දෙනවා.ඒකට කියන්නේ soft boot කියලා.පරිගණකයක් POST එක කරාට පස්සේ ඒ පරිගණකයේ තියෙන මෙහෙයුම් පද්ධතිය හොයලා,ඒක ධාවනය කරන පරිගණක වැඩසටහනට තමයි boot loader එක කියලා කියන්නේ.syslinux, isolinux, grub කියන්නේ boot loaders වලට උදාහරණ.මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කරලා තියෙන මාධ්‍යට අනුව (දෘඪ තැටියකද, සුසංහිත තැටියකද නැත්තම් usb එකකද යන්න අනුව) යෙදා ගන්න boot loader එක වෙනස් වෙනවා.CD හෝ DVD එකක පෙර ස්ථාපනය කරන ලද (pre-installed) ලිනක්ස් වගේ මෙහෙයුම් පද්ධතියකට නං boot loader එක විදියට isolinux යොදා ගන්නවා.Windows 7 දෘඪ තැටියට ස්ථාපනය කලාම
 එයා boot loader එක විදියට යොදා ගන්නේ grub.

උපුටා ගැනීම බූට් ගැන සිංහලෙන් බ්ගොල් අඩවිය

Reply all
Reply to author
Forward
0 new messages