Types of Cloud Computing …
මීට දින කිහිපයකට ඉහතදී අපි Cloud Computing කියන්නේ මොකක්ද කියන එක කතාකරා ඔබට මතක ඇති. අද මං මේ සුදානම් වෙන්නේ Cloud Computing වර්ග ගැන ඔයාලට අවබෝදයක් ලබාදෙන්නයි. public cloud, private cloud, hybrid cloud සහ community cloud වගේ වචන සමහර විට ඔබ මීට පෙර අහලත් ඇති. නමුත් ඒවා මොනාද කියල හරියම තේරුම් ගන්න බැරි වුණ ඔයාලට මේ සටහන ලොකු උදව්වක් වෙයි කියල. මං බලාපොරොත්තු වෙනවා.
Cloud Computing වර්ග හතරක් තියෙනවා. නමින් කිව්වොත් public cloud, private cloud, hybrid cloud සහ community cloud. එහෙනම් යාලුවනේ දැන් ඔයාල මට අවස්ථාව දෙන්න එකින් එක ඔයාලට විස්තර කරලා දෙන්න.
Public cloud:
Public cloud කියන වචනේ සම්බන්ධ වෙන්නේ cloud computing model එකත් එක්ක. මෙහිදී service provider විසින් අදාල applications, storage වගේම අනිකුත් අවශ්‍ය වෙන resources අන්තර්ජාලය හරහා ලබා දෙනවා. Public cloud නොමිලේ හරි ඔබ model එක පාවිච්චි කරන විදිහ අනුව මුදල් ගෙවා ලබා ගන්නත් පුළුවන්. Public cloud සමාගම් කිහිපයක් තමයි Amazon Elastic clouds, Google AppEngine, Windows Azure කියන්නේ.
Private cloud:
Private cloud වලදී cloud එක සමාගමක හරි සමාගමේ එක දෙපාර්තුමේන්තුවක (department ) හරි විශේෂිතව deploy කරනවා . ඒ එම සමාගමේ හරි දෙපාර්තුමේන්තුවේ හරි විශේෂිත අවශ්‍යතා වලට අනුකුල වෙන විදිහට. Private cloud එකක් සාමාන්‍යයෙන් හොස්ට් කරලා තියෙන්නත් පුළුවන්, නැත්නම් පෞද්ගලික හිමිකරුවෙක් විසින් manage කරනවා වෙන්නත් පුළුවන්. Private Cloud service companies වලට පුළුවන් විශේෂිත ආකාරයෙන් විවිධ තත්ත්ව වලින් නිර්මාණය කරන්න. Private cloud , public cloud හා සංසන්දනය කරද්දී මිලෙන් වැඩියි .
Hybrid cloud:
Hybrid cloud එකක් නිර්මාණය වෙන්නේ private හරි public හරි clouds දෙකක් හෝ ඊට වැඩි වැඩි සංඛ්‍යාවක් එකතු වීමෙන්. මෙහිදී සමාගම තීරණය කරනවා සමහර resources in-house පාලනය කරන්නත් සමහර resources cloud එකේ host කරලා තියන්නත්. නිදර්ශනයක් කිව්වොත් හරියට සමාගමක් තීරණය කරනවා එයාලගේ web -site එක in-house host කරන අතර තුර එයාලගේ දත්ත public cloud එකක ඇති database එකක ගබඩා කර තබන්න.
Community cloud:
මෙහිදී infrastructure එක එකම community එකේ සමාගම් අතර බෙදා ගන්නවා. මේකට කියන්නේ multi-tenant infrastructure .
උපටා ගැනීම - Tricks Lanka.com