Cloud Computing…

10 views
Skip to first unread message

සමන්

unread,
Sep 30, 2012, 10:14:25 AM9/30/12
to ict-teache...@googlegroups.com
Cloud Computing…

මේ දවස් වල වැඩිපුර කණට වැටෙන වචන කීපයක් තියෙනවා නේ. Games වලට ආස අය නම් මේ දවස් වල වැඩිපුරම කතා වෙන්නේ T20 cricket world cup එක ගැන. ඒ වගේම IT world එකේ ගැවසෙන අපිට නම් ගොඩක් අහන්න ලැබෙන වචනයක්  තමා Cloud Computing. හැමෝම මේ ගැන කතා කලට ගොඩක් දෙනෙකුට හරි අවබෝධයක් නෑ. ඉතින් Trick Lanka අපි හිතුවා මේ ගැන ඔයාලට යම් කිසි අවබෝධයක් මේ ලිපියෙන් ලබා දෙන්න. අපිත් එක්ක මේ ලිපි මාලාවත් එක්ක දිගටම හිටියොත් ඔයාලට Cloud Computing ගැන ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඉතින් අපි බලමු මොකක්ද මේ Cloud Computing කියලා. හිතන්න ඔයා විශාල සමාගමක CEO කියලා. අලුතෙන් සේවකයෙක් රැකියාවට නියුක්ත කරන හැම වෙලාවකම ඔයාට සිද්ධ වෙනවා ඒ සේවකයාවෙනුවෙන් අලුත් computer එකක් මිලදී ගන්න සහ අලුතෙන් softwares install කරලා දෙන්න. software install කරද්දී ඉතින් software licenses වල cost එකත් දරා ගන්නත් වෙනවා ඒ වගේම පරිගණක සහ මෘදුකාංග නඩත්තු කිරීමටත් තාක්ෂණික දැනුම සහිත පිරිසක් අවශ්‍ය වෙනවා වගේම ඒ සදහා විශාල මුදලක් කැප කරන්නත් සිදු වෙනවා..

ඉතින් Cloud Computing කියන්නේ ඔය ප්‍රශ්න මඟ හැරලා යන්න හොද ක්‍රමයක්.  සරලම ආකාරයෙන් Cloud Computing කියන්නේ මොකක්ද කියලා කිව්වොත්, හිතන්න කොහෙහරි තැනක super computer එකක් තියෙනවා ඔයාට අවශ්‍ය හැම application එකක් එක්කම සහ ඒ හැම application එකක්ම install කරලා තියෙනවා කියලා සහ ඔයාට කරන්න තියෙන එකම දෙය interface software එකක් හරියට web browser එකක් හරහා වගේ ඒ සේරම features access කරන්න පුළුවන් කියලා.

Cloud computing වල front end සහ back end කියලා කොටස් දෙකක් තියෙනවා. සරලව කිව්වොත් front end කියන්නේ cloud computing system එකක් access කරන්න පුළුවන් විදිහේ application එකක් install කරලා තියෙන computer එකක් භාවිතා කරන computer user කෙනෙක්. Back end කියන්නේ system එකේ cloud section එක. එකට servers, data storage systems ඇතුලත් වෙනවා.

සමහර විට ඔයාල පුදුම වෙනවා ඇති ඇයි මේ සමාගම් වෙන තැනක තියෙන computer එකක් මත විශ්වාසය තියලා එයාලගේ programs run කරන්නේ සහ සමාගමේ දත්ත ඒවායේ store කරන්නේ කියලා. මං දැන් ඒ ප්‍රශ්නෙට සාදාරණ හේතු ටිකක් ඔයාලට දෙන්නම්…,

  • ලෝකේ කොහේ හිටියත් client තමන්ට අදාල සමාගමේ දත්ත සහ ඇප්ලිකෙෂන්ෂ් access කරන්න හැකියාව ඇති නිසා.
  • Hardware සඳහා යන වියදම අඩු වීම. (Hardware වල අවශ්‍යතාවය අඩු වීම සහ Hardware නඩත්තු කිරීම සම්බන්දයෙන් කරදර වීමට සිදු නොවීම, softwares හෝ hardwares update කිරීම සඳහා කාලය හා ශ්‍රමය වය කිරීමට සිදු නොවීම.)
  • IT cost එක අවම වීම.
  • Team එකක් ලෙස වැඩ කිරීමේ පහසුව. ( සැමදෙනාටම එකම ව්‍යාපෘතියක් access කිරීමට හැකි නිසා වැඩි පිරිසකට එකම ව්‍යාපෘතියක එකම වෙලාවක වැඩ කිරීමේ හැකියාව ලැබීම.)

කෙසේ වුවත් cloud computing භාවිතයේදී සමහර අභියෝග වලට මුහුණ දීමට සිදුවිය හැකියි. සමහර සමාගම් වෙනත් පරිගණකයක store කර ඇති  දත්ත වල ආරක්ෂාව  පිළිබද ගොඩක් විමසිලි මත් වෙනවා. Cloud computing සමාගම් නිතරම backup එකක් run කිරීමට වග බලාගන්නේ දත්ත නැති වීමේ අවදානම අවම කර ගැනීමටයි. නමුත් Cloud computing සමාගම් දත්ත වල ආරක්ෂාව පිළිබද සහතික කරනවා. එම දත්ත සහ services  access කිරීමේ හැකියාව ලබා දී ඇත්තේ authenticated users ලට පමණක් නිසා.


උපටා ගැනීම Tricks Lanka

parakrama pp

unread,
Sep 30, 2012, 11:50:00 AM9/30/12
to ict-teache...@googlegroups.com
niyami


 
2012/9/30 සමන් <hmdsb....@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages