චතුගේ කතා බ්ලොග් අඩවියෙන් උපුටා ගැණිනි.
පරිගණක මතක් පත් (RAM)
තාක්ෂණය ද අන් සෑම
තාක්ෂණ ක්ෂේත්‍රයක් සේම අධි-වේගයෙන් ඉදිරියට යන ක්ෂේත්‍රයකි. දෙගුණයක දත්ත
වේගයක් සමගින් 2000
වසරේදී එළි
දුටු DDR
තාක්ෂණය DDR2
හා DDR3
ලෙස මේ වන විට විශාල ප්‍රගතියකට ලක්ව ඇත. වර්තමානයේදී DDR3
මතක පත් සෑම උපාංගයකම පාහේ ක්‍රියාත්මක වනු දැකියි
හැකියි. ඒ එහි අඩු මිල,
ඵලදායිතාවය හා සුලභතාවය නිසායි. DDR
3 තාක්ෂණයට
වඩා බොහෝ සෙයින්
වැඩි දියුණු කරන ලද නවතම තාක්ෂණයෙන් යුත් මීළඟ පරපුරේ මතක පත් ලෙස DDR4
වර්ගයේ RAM
එළි දැක්වීමට සූදානම් බව දැන් වාර්තා වේ.
සැම්සුන් සමාගමද පසුගිය වසරේ ප්‍රකාශ කර සිටියේ 2012 වසර අවසාන වන විට මේ නව RAM වර්ගය වෙළඳපොලට නිකුත් කරන බවයි. දැන් DDR4 බලාපොරොත්තුව තවත් අළුත් කරවමින් සුප්‍රසිද්ධ RAM නිෂ්පාදක සමාගමක් වන මයික්‍රොන් (Micron) සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසානය වන විට
සිය DDR4 මතක පත් වෙළඳපොලට නිකුත් කිරීමට සියල්ල
සූදානම් බවයි.
ඒ අනුව එළෙඹෙන 2013 වසර DDR4 හි ආරම්භය
සනිටුහන් කරන වර්ෂය වනු
ඇත.
30nm තාක්ෂණය මත පදනම්ව නිර්මාණය වී ඇති මේ නව DDR4 මොඩියුලය නොයෙකුත් පරිගණක උපාංග සඳහා ගැලපෙන පරිදි RDIMMs, LRDIMMs, 3DS, SODIMMs හා UDIMM යන මාදිලි රැසකින් නිෂ්පාදනය වනු ඇති. තත්පරයට
මෙගාබිට් 2400 ක් (2400 Mbits) තරම් වූ
දැවැන්ත දත්ත සම්ප්‍රේෂණ වේගයකින් යුත් මෙහි වේගය ඉදිරියේදී 3200 Mbits දක්වා වැඩි දියුණූ කිරීමට මයික්‍රොන් සමාගම
බලාපොරොත්තු වේ. DDR3 හි භාවිතා වූ
1.5v විදුලි අගය වෙනුවට DDR4 හිදී භාවිතා වනු ඇත්තේ 1.2v තරමේ අඩු විදුලියකි.
මෙමගින් පරිගණක
උපාංගයන්හි විදුලි පරිභෝජනය අඩු කිරීමට උත්සාහ ගෙන තිබේ.
DDR3
තාක්ෂණයේදී 512 MB
සිට 8
GB
දක්වා පැවති මතක පත්හි
ධාරිතාවය මෙම නව DDR4
මතක පත් සමග 2 GB
සිට 16 GB
දක්වා වැඩිවී
තිබේ. ඝඨිකා වේගය (Clock
Speed)
පෙරට වඩා දෙගුණ වී
ඇති අතර උපරිම අගය 1600
MHz
ලෙස දක්වා තිබේ.
DDR4 මතක පත් ඔබගේ
ඩෙස්ක්ටොප් පරිගණකය වෙත එකතු වීමට නම් තරමක කාලයක් ගතවනු ඇති බව පෙනේ. පළමුව ව්‍යාපාරික
ආයතන වෙතටත්, පසුව අල්ට්‍රාබුක්
හා ටැබ්ලට් වැනි ජංගම උපාංග සඳහාත් DDR4 RAM නිකුත්
කෙරෙනු ඇත.
ඉන් අනතුරුව
ඩෙස්ක්ටොප් පරිගණක මවුපුවරු සඳහා උචිත DDR4 මතක පත්
නිකුත් කෙරේ. කෙසේ වුවත් පරිගණක පද්ධති මතකයේ අනාගත හිමිකරුවා සිය
දොරට වැඩුම සඳහා පෙරමග බලා සිටින බව පැහැදිලි කාරණාවකි...