ජන කවි සම්බද ලිපි පෙළ - 1
පුරාණයේ පටන් අපේ ඇත්තෝ මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට ,
වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිද නාඩගම් නූර්ති, ජන වහර
කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව
තව දුරටත් ඔප්පු වෙනවා
අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිද රත්නය කෙරෙහිද නොපෙනෙන
තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමගද බැඳී තිබුනේය. ස්වභාව
දර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුන් එකල පුරුදු වී සිටියේය.
අව්ව වැස්ස ඉර හඳ සුළං තම භව බෝග සහ අස්වැන්න කෙරෙහි බලපෑම් ඇතිකරන
එක්තරා අභිචාරී බලවේගයකැයි ඔවුහු විස්වාස කලෝය.
ඉතින් කරන්නට යන ඕනෙම
කාර්‍යයකට කලියෙන්, ඒ කිව්වේ ඕනෙම හොඳ වැඩකට කලියෙන් බුදුන් දම් සඟුන්
වැඳ අවසර ලබා ගන්නා පුරුද්දක්
අප ජන සමාජයේ පවතී. ඕනෙම වැඩකට යන්නට කලියෙන්, ආගම දර්මය සිහි කරන්නේ,
දෙමාපියන් වැඳ අවසර ගන්නේ ඒ නිසායි
බුද්දං සරණේ සිරස දරාගෙන
දම්මං සරණේ හිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤඤයි තුන් සරණේ අදහාගෙන
බුද්දං සරණයෙන් බුදු ගුණ කියන වරන්
දම්මං සරණයෙන් දම් ගුණ කියන වරන්
සංඝං සරණයෙන් නව ගුන කියන වරන්
මේ තුන් සරණයෙන් මුඛ දිවි හරින වරන්
ඒ අපේ ජන වහරේ පවතින එසේ අවසර ගැනීමේ හෝ වරං ගැනීමේ කවි යටතේ එන කවි
කිහිපයකි
මේ මා ලියූවක්
කරන කාරිය පළමු හිතේ පිරිසිඳු කමම
බුදුන් දම් සඟුන් වැද වඩා අවසර ගැනුම
මගේ දේ නොවෙයි අපි අපේ දේ ගොඩ නැගුම
තමයි මා උපන් දේශයෙන් මා ලද දැනුම
ආයුබෝවන්,
හෙළහෙළියට සාදරයෙන් පිළි ගනිමු.2008/9/16 Bo <bod...@gmail.com>ජන කවි සම්බද ලිපි පෙළ - 1
පුරාණයේ පටන් අපේ ඇත්තෝ මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට ,
වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිද නාඩගම් නූර්ති, ජන වහර
කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව
තව දුරටත් ඔප්පු වෙනවා
අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිද රත්නය කෙරෙහිද නොපෙනෙන
තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමගද බැඳී තිබුනේය. ස්වභාව
දර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුන් එකල පුරුදු වී සිටියේය.
ඔවුහු එකල පුරුදුව සිටියෝ ය. විය යුතු යැයි ගැඟේ.
මා අසා ඇති ලෙස "ඔහු එකල පුරුදුව සිටීහ." යන්නත් නිවැරදි වේ.
හේ යන්නේ බහු වවන පදය ඔහු වේ. මෙය දන් ඔවුහු වී ඇත.
දත්තෝ නිවැරදි කර්ත් වා.
-සහන්-
අප ලියනා දේ තුල ඇති වියරණ අපි අපිම නිවරද කරගැනීම ත් අප හවුලේ අසිරිමත් ලක්‍ෂණයකි.
/*----------------------------*/
Sahan Thanthiriwatte
සහන් තන්තිරිවත්ත
www.ketapath.helasara.com
Q-Chem in Progress...
Complete Quantum Computation...
A Quantum Leap Into The Future Of Chemistry...
"ඔහු" යනු බුහු බස් පදයක්.
මෙහි එක් බස් පදය "හේ" යන්න යි.
මෙහි අනුක්තය "ඔවුන්" යන්න යි.
පැරණි පොත්-පත්වල "ඔවුහු" යන පදයක් දකින්නට නැහැ.
ආයුබෝ,2008/9/17 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>"ඔහු" යනු බුහු බස් පදයක්.
මෙය පිළිගත නොහකියි මිතුර. මා ඉගෙන ගෙන ඇති පරිදි "ඔහු" යනු එක්බස් පුරුෂ ලිංග පදයකි. :-) මෙය ප්‍රථම පුරුෂය ට අයත් ය. තමා ඉදිරියේ නොමැති කෙනකු හඳුන්වනු පිණිස යොදා ගන්නා පද ප්‍රථම පුරුෂ ට අයත් වේ.(හේ, ඔහු, ඔවුහු, මිනිසා, මිනිස්සු, ස්ත්‍රිය, අදී )
මෙහි එක් බස් පදය "හේ" යන්න යි.
මෙය ද ප්‍රථම පුරුෂය ට අයත් එක් බස් පදයකි.
මෙහි අනුක්තය "ඔවුන්" යන්න යි.
ඔබ හරි.
පැරණි පොත්-පත්වල "ඔවුහු" යන පදයක් දකින්නට නැහැ.
මම මේ දැන් කියවන පොතේ ද "ඔවුහු" යන පදය දැක්න ට ලැබේ. (හෙළ බසේ වියරණය - ඇදුරු ඊ . ඇම්. රත්නපාල.). මීට අමතර ව මගේ පාසැල් අවධියේ ද "ඔවුහූ" යන පදය බුහුබස් වදනක් ලෙස යොදා ගත්තෙමි.
මේ පිළිබඳ තව දුරටත් විමසා සැක හැර ගන්න ට ඇරයුම් කරමි.
තුති.
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!
My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa
ආයුබෝවන්,
හෙළහෙළියට සාදරයෙන් පිළි ගනිමු.
2008/9/16 Bo <bod...@gmail.com>ජන කවි සම්බද ලිපි පෙළ - 1
පුරාණයේ පටන් අපේ ඇත්තෝ මොනවා කරන්නත් කලියෙන් තමන්ගේ ආගම දහම සිහි කොට ,
වැඳ අවසර ගත්තා. ඔන්න අපේ ඉතිහාසය ගත්තොත්, විවිද නාඩගම් නූර්ති, ජන වහර
කටවහරේ එන නොයෙක් කතා සහ අප ජන සමාජයේ පවතින සිරිත් විරිත් වලින් මේ බව
තව දුරටත් ඔප්පු වෙනවා
අපේ ජන ජීවිතය බුදුන් දහම් සඟුන් ඇතුලු ත්‍රිවිද රත්නය කෙරෙහිද නොපෙනෙන
තිස් තුන් කෝටියක් වූ දෙවි දේවතාවුන් වහන්සේලා සමගද බැඳී තිබුනේය. ස්වභාව
දර්මයේ සියලු වස්තූන් දේවත්වයේ ලා සැලකීමට ඔවුන් එකල පුරුදු වී සිටියේය.
ඔවුහු එකල පුරුදුව සිටියෝ ය. විය යුතු යැයි ගැඟේ.
මා අසා ඇති ලෙස "ඔහු එකල පුරුදුව සිටීහ." යන්නත් නිවැරදි වේ.
හේ යන්නේ බහු වවන පදය ඔහු වේ. මෙය දන් ඔවුහු වී ඇත.
දත්තෝ නිවැරදි කර්ත් වා.
අව්ව වැස්ස ඉර හඳ සුළං තම භව බෝග සහ අස්වැන්න කෙරෙහි බලපෑම් ඇතිකරන
එක්තරා අභිචාරී බලවේගයකැයි ඔවුහු විස්වාස කලෝය.
"කළෝ ය" ලෙස ලිවිය යුතු ද?
ඉතින් කරන්නට යන ඕනෙම
කාර්‍යයකට කලියෙන්, ඒ කිව්වේ ඕනෙම හොඳ වැඩකට කලියෙන් බුදුන් දම් සඟුන්
වැඳ අවසර ලබා ගන්නා පුරුද්දක්
අප ජන සමාජයේ පවතී. ඕනෙම වැඩකට යන්නට කලියෙන්, ආගම දර්මය සිහි කරන්නේ,
දෙමාපියන් වැඳ අවසර ගන්නේ ඒ නිසායි
බුද්දං සරණේ සිරස දරාගෙන
දම්මං සරණේ හිත පහදාගෙන
සංඝං සරණේ සිවුරු දරාගෙන
ඉඤඤයි තුන් සරණේ අදහාගෙන
බුද්දං සරණයෙන් බුදු ගුණ කියන වරන්
දම්මං සරණයෙන් දම් ගුණ කියන වරන්
සංඝං සරණයෙන් නව ගුන කියන වරන්
මේ තුන් සරණයෙන් මුඛ දිවි හරින වරන්
ඒ අපේ ජන වහරේ පවතින එසේ අවසර ගැනීමේ හෝ වරං ගැනීමේ කවි යටතේ එන කවි
කිහිපයකි
මේ මා ලියූවක්
කරන කාරිය පළමු හිතේ පිරිසිඳු කමම
බුදුන් දම් සඟුන් වැද වඩා අවසර ගැනුම
මගේ දේ නොවෙයි අපි අපේ දේ ගොඩ නැගුම
තමයි මා උපන් දේශයෙන් මා ලද දැනුම
--
බුදු සරණයි.
--රාජිත--
http://rajitha-diary.blogspot.com/
http://rajitha-blog.blogspot.com/
කුමරතුඟුවන් ගේ ක්‍රියා විවරණය ගෙදර පරණ පොත් හොඩක තිබී හමු විය. :-)
කුමරතුඟුවන් ගේ ක්‍රියා විවරණයේ 7 අධ්කාරයේ 101 කොටසේ මෙසේ ඇත.
පුරුෂ ලිංග ඒක ස්ත්‍රී ලිංග ඒක පුරුෂ හා ස්ත්‍රී බහු නපුංසක
ප්‍රථමා විභක්ති හේ හෝ, ඕ ඔහු හේ,ඒ,එය
කර්ම විභක්ති ඔහු ඇය ඔවුන්,උන් ඒ,එය
කුමරතුඟුවන් මෙම පොතේ විබත් නම් කර නොමැත. අංක පමණක් දමා ඇත. එයට හේතුව කිම ද?
වත්මනහි ඔහු ඒක වචන උක්ත හා අනුක්ත ලෙස යෙදෙන බව ඉතා පැහැදිළි ය.
මා ගේ පැණය ඔහු ඒක වචන උක්ත පදයක් බවට පත්වූ යේ කෙ සේ ද කවදා ද? යන්න යි.