අපේ ම කවි පද බඳිමු ද?

1,344 views
Skip to first unread message

Anu-Linux

unread,
Jul 26, 2008, 6:24:38 AM7/26/08
to helah...@googlegroups.com
ආයුබෝවන්,

මීට කලින් ලිපි පෙළක කතා වූ පරිදි අපේම කවි ද ලියා එවන්නේ නම් එය අගේ ඇති මංගල කරුණක් වේ යැයි මට හැඟේ. මම ඊට වෙනමම ලිපි මාලාවක් අරඹන්නට සිතීමි. පළමු කවිය මෙසේ පද බඳිමි.

කියමු ද රස කවි පද ගැට              ගසලා
කල් යල් ඇති විට හොඳ හැටි        හිතලා
මල් වැල් මෙන් එලිසමය ද           තියලා
කවිකම් පෙන්වමු අප හෙළ     නොතලා

ඔබට ද ඇරයුම්...

තුති.!!

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Rajith Vidanaarachchi

unread,
Jul 26, 2008, 6:34:19 AM7/26/08
to helah...@googlegroups.com
උපුටන අතර නෙක රස කවි පැරණි පොතීන්
අප කිවි බවත් වැඩි වන්නට දස දහසින්
බඳිමින් කවි නො මර වියරණ සැදි විරිතින්
මෙම හුය පුරා සටහන් කර තබමු ඉතින්

ගැට පදය: හුය = thread

එ පමණක් නො වේ. අපේ කවිවල දොස් අපිම කියමු. කවි නිසා වියරණ දොස් වලට අමතරව තවත් දොස් තිබිය හැකි. එම දොස් ද දන්වන මෙන් ඉල්ලමි. (උදා: මත් නොගැලපීම්, එළිසමය, විරිත, බිඳීම්, සහ තවත් දොස්)

බුදු සරණයි!
--
රජිත් විදානආරච්චි
(Rajith Vidanaarachchi)
පන්හිඳ - නිදහස් අදහස් නිදහසේ ලියැවෙන විද්‍යුත් පන්හිඳ
(http://rajith.org)

Kunchana Mathota Arachchi

unread,
Jul 26, 2008, 12:51:40 PM7/26/08
to helah...@googlegroups.com
මාත් හිතුව හෙළ හෙළියට මගේම කියල කවියක් කියන්න ඕනෙ කියාල. මෙන්න මගේ කවිය. දොස් ඇතොත් නොපමාව පවසන්න.



සිත තුල නැගෙන අදහස් පද වැලක          ගොතා
හෙළබස විරිත වියරණ සුරැකිවම                 තබා
වස් දොස් යන්න සුභ හෝරාවකුත්               බලා
කියනෙමි මම ද කවියක් එලි සමය               තියා



තුති..!





On Sat, Jul 26, 2008 at 3:54 PM, Anu-Linux <linux...@gmail.com> wrote:



--
කුංචන මාතොට ආරච්චි
Kunchana Mathota Arachchi

My Blog: http://tuskytux.blogspot.com
My Picasa : http://picasaweb.google.com/kunchana

Rajith Vidanaarachchi

unread,
Jul 26, 2008, 1:58:50 PM7/26/08
to helah...@googlegroups.com
එළිසමය තියා කියල කිව්වට නැහැ නේ ද? කවියකට එළිසමය ඕනෙම නැහැ, විරිතක් තිබීම තමයි අවැසි කම.

සුභ යන්න සුබ වුණා නම් අගෙයි.

Danishka Navin

unread,
Jul 26, 2008, 2:06:30 PM7/26/08
to helah...@googlegroups.com
කුංචන, දස්සා,.. අගේ ඇති කවි දෙක :)

2008/7/26 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>



--
Danishka Navin
http://danishkanavin.blogspot.com (use Sinhala Unicode fonts)

Anu-Linux

unread,
Jul 26, 2008, 2:47:48 PM7/26/08
to helah...@googlegroups.com
On Sat, Jul 26, 2008 at 11:36 PM, Danishka Navin <dani...@gmail.com> wrote:
කුංචන, දස්සා,.. අගේ ඇති කවි දෙක :)


තුතිය පුදමි ඇගයූව ට අපේ            කවි
නරක ද ඔබත් ලීව්වෝතින් අලුත්    කවි
ඔබ අදහස් මුසු කර පද බැඳපු         කවි
එවනු මිතුර හෙළහෙළියට දැහන   සවි

තුති.! :)

Anuradha Ratnaweera

unread,
Jul 26, 2008, 10:50:47 PM7/26/08
to helah...@googlegroups.com
පැදි පැබැඳීම ගැන විරිත් වැකියේ ඇති මේ සඳහන බලන්න. අඟුරු යට ඇති ගිනි
පුපුරු මෙන් ඕනෑ ම අයකු තුල ඇති කවි හැකියාව ගිනි මෙලවීමට ඇරැයුමෙකි ඒ:

කිවි බව් ගිනි කඳ - මොළවන්නට සමත් වන
පින් පුලිඟුව ඔබට ද - ඇති වැ සැඟැවී පවතී

මේ ගත බලන්නට - රිසි ඉපැදුණේ එ හෙයිනි
අළු පිහිරා පුලිඟුව - වහා මතු-කොටැ ගත යුතු

තණ පරණල ඈ - එ මතැ එක් කොටැ ලා පිඹැ
තැනට කලට සරි ලන - ගිනි මොළවා-ගත මැනැවි.

මෙ ගත උගත අළු - පහ වේ පුලිඟුව නැඟේ
තණ පරණල පැමිණේ - ගින්න මෙළැවී බැබැළේ

Anuradha

unread,
Jul 27, 2008, 3:27:46 AM7/27/08
to හෙළ හෙළිය
On Jul 26, 3:34 pm, "Rajith Vidanaarachchi"
<rajith.vidanaarach...@gmail.com> wrote:
>
> උපුටන අතර නෙක රස කවි පැරණි පොතීන්
> අප කිවි බවත් වැඩි වන්නට දස දහසින්
> බඳිමින් කවි නො මර වියරණ සැදි විරිතින්
> මෙම හුය පුරා සටහන් කර තබමු ඉතින්
>
> ගැට පදය: හුය = thread
>
> එ පමණක් නො වේ. අපේ කවිවල දොස් අපිම කියමු. කවි නිසා වියරණ දොස් වලට අමතරව තවත්
> දොස් තිබිය හැකි. එම දොස් ද දන්වන මෙන් ඉල්ලමි. (උදා: මත් නොගැලපීම්, එළිසමය,
> විරිත, බිඳීම්, සහ තවත් දොස්)

එළිසමය ඇතිව කවි ලියන විට, "යවහන් දොස්" ගැන ද සිතිය යුතු. කවියෙක අග
ඇති එළිසමය "ය", "ව", "හ" හෝ "න්" යන අකුරු වලින් එකක් වූ විට, ඊට පෙර
ඇති අකුර ද සමාන නොවේ නම්, එම කවියේ "යවහන්" දොසක් ඇති වේ.

උදාහරණයක් ලෙස, ගුත්තිලයේ එන පහත දක්වා ඇති කවියෙහි පද හල් න යන්නෙන්
(න්) අවසන් වුව ද, ඊට පෙර ඇති "වි" අකුර ද පද හතරේ ම සමාන නිසා, යවහන්
දොස් මැකේ.

හිමි තම නැණ නැවින්
සැදි සිප් තරඟ බෙහෙවින්
වෙණ සිප් මනණවින්
කළේ ඔහු පර තෙරට මැනවින්

අනුරාධ

Rajith Vidanaarachchi

unread,
Jul 27, 2008, 4:04:13 AM7/27/08
to helah...@googlegroups.com
මගේ කවියේ දොස් දැක්වූවාට තුති. යවහන් දොස ගැන අසා තිබුණාට මතක් වූණේ නැහැ නො වැ. ඉතින් මකන්නම් යවහන් දොස


උපුටන අතර නෙක රස කවි පැරණි  පො තින්
අප කිවි බවත් වැඩි වන්නට දරණ    තැ තින්

බඳිමින් කවි නො මර වියරණ සැදි    විරි තින්
මෙම හුය පුරා සටහන් කර තබමු     ඉ තින්

බුදු සරණයි!

2008/7/27 Anuradha <ratnaweer...@gmail.com>

Nandalal Gunaratne

unread,
Jul 29, 2008, 11:11:22 AM7/29/08
to helah...@googlegroups.com


2008/7/26 Anuradha Ratnaweera <anur...@taprobane.org>

පැදි පැබැඳීම ගැන විරිත් වැකියේ ඇති මේ සඳහන බලන්න.  අඟුරු යට ඇති ගිනි
පුපුරු මෙන් ඕනෑ ම අයකු තුල ඇති කවි හැකියාව ගිනි මෙලවීමට ඇරැයුමෙකි ඒ:

මේ ජීවිතයටම කවියක් නොලියපු  මා වැනි අයටත් ඔය සත්ත ද? මට ඇත්තේ නොහැකියාවක් පමණි :-(

නමුදු මේ කවි කියවා වින්දනයක් ලබමි. ලියන අයට පින්.

තුති

නන්දලාල්

Anu-Linux

unread,
Jul 29, 2008, 11:29:21 AM7/29/08
to helah...@googlegroups.com


2008/7/29 Nandalal Gunaratne <nand...@gmail.com>



2008/7/26 Anuradha Ratnaweera <anur...@taprobane.org>

පැදි පැබැඳීම ගැන විරිත් වැකියේ ඇති මේ සඳහන බලන්න.  අඟුරු යට ඇති ගිනි
පුපුරු මෙන් ඕනෑ ම අයකු තුල ඇති කවි හැකියාව ගිනි මෙලවීමට ඇරැයුමෙකි ඒ:

මේ ජීවිතයටම කවියක් නොලියපු  මා වැනි අයටත් ඔය සත්ත ද? මට ඇත්තේ නොහැකියාවක් පමණි :-(

නමුදු මේ කවි කියවා වින්දනයක් ලබමි. ලියන අයට පින්.

තුති

නන්දලාල්

මෙලොව ඉපදෙන විට දි අප හැම නැතිය හැකියා රැගෙන එන්     නේ
ලොවේ ගැටෙමින් විඩා විදිමින් තමයි අත්දැකුමන් ලබන්              නේ
ඔබේ හැකියා සැඟව ඇති තැන කිම ද නොසොයා කල් මරන්       නේ
"නොහැකියාවට" තිත තබන්නට ලියන් කවියක් වෙද තුමන්         නේ

"නොහැක්කක් නොමැත" :-)

Nandalal Gunaratne

unread,
Jul 29, 2008, 11:51:46 AM7/29/08
to helah...@googlegroups.com
On Tue, Jul 29, 2008 at 9:29 AM, Anu-Linux <linux...@gmail.com> wrote:


2008/7/29 Nandalal Gunaratne <nand...@gmail.com>



2008/7/26 Anuradha Ratnaweera <anur...@taprobane.org>

පැදි පැබැඳීම ගැන විරිත් වැකියේ ඇති මේ සඳහන බලන්න.  අඟුරු යට ඇති ගිනි
පුපුරු මෙන් ඕනෑ ම අයකු තුල ඇති කවි හැකියාව ගිනි මෙලවීමට ඇරැයුමෙකි ඒ:

මේ ජීවිතයටම කවියක් නොලියපු  මා වැනි අයටත් ඔය සත්ත ද? මට ඇත්තේ නොහැකියාවක් පමණි :-(

නමුදු මේ කවි කියවා වින්දනයක් ලබමි. ලියන අයට පින්.

තුති

නන්දලාල්

මෙලොව ඉපදෙන විට දි අප හැම නැතිය හැකියා රැගෙන එන්     නේ
ලොවේ ගැටෙමින් විඩා විදිමින් තමයි අත්දැකුමන් ලබන්              නේ
ඔබේ හැකියා සැඟව ඇති තැන කිම ද නොසොයා කල් මරන්       නේ
"නොහැකියාවට" තිත තබන්නට ලියන් කවියක් වෙද තුමන්         නේ

"නොහැක්කක් නොමැත" :-)


ලස්සන කවි පහසුවෙන් ලියණ අය මැද ට
එක් වන්න හැකිවේවි ද මා වැනි අය ට
ලැජ්ජා වී නැත ගමනක් ඉදිරිය ට
ලිව්වා කවිය, යැව්වා ඔබ අවදිය ට

ගිය සත වස ලියු කිසි කවියක් නොවිණ
මේ සත වස හෝ වෙමි කවියකු පුංච
හෙලහෙලියෙන් ඇද පුද සෑදූ පමණ
ඉතිරි වේද මට මගෙ මේ කවි පිංච ?

 නිධානයක් දක්වන්නකු මෙන් යමෙ කු
පෙන්වයි ද තම වරද කර තරව ටු
එබඳු පඩුවකු සේවනය කල යු තු
වැඩක් මිස නොවැඩක් සිදු නොවු නු
(දම්මපදයෙන් උපුටා ගන්නා ලදී)

:-)

නන්දලාල්

Anu-Linux

unread,
Jul 29, 2008, 11:56:12 AM7/29/08
to helah...@googlegroups.com

ලස්සන කවි පහසුවෙන් ලියණ අය මැද ට
එක් වන්න හැකිවේවි ද මා වැනි අය ට
ලැජ්ජා වී නැත ගමනක් ඉදිරිය ට
ලිව්වා කවිය, යැව්වා ඔබ අවදිය ට

ගිය සත වස ලියු කිසි කවියක් නොවිණ
මේ සත වස හෝ වෙමි කවියකු පුංච
හෙලහෙලියෙන් ඇද පුද සෑදූ පමණ
ඉතිරි වේද මට මගෙ මේ කවි පිංච ?

 නිධානයක් දක්වන්නකු මෙන් යමෙ කු
පෙන්වයි ද තම වරද කර තරව ටු
එබඳු පඩුවකු සේවනය කල යු තු
වැඩක් මිස නොවැඩක් සිදු නොවු නු
(දම්මපදයෙන් උපුටා ගන්නා ලදී)

:-)

නන්දලාල්

හරිම අගෙයි! හරිම අගෙයි!! :-)


 

--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa





Nandalal Gunaratne

unread,
Jul 29, 2008, 12:37:41 PM7/29/08
to helah...@googlegroups.com
On Tue, Jul 29, 2008 at 9:56 AM, Anu-Linux <linux...@gmail.com> wrote:

ලස්සන කවි පහසුවෙන් ලියණ අය මැද ට
එක් වන්න හැකිවේවි ද මා වැනි අය ට
ලැජ්ජා වී නැත ගමනක් ඉදිරිය ට
ලිව්වා කවිය, යැව්වා ඔබ අවදිය ට

ගිය සත වස ලියු කිසි කවියක් නොවිණ
මේ සත වස හෝ වෙමි කවියකු පුංච
හෙලහෙලියෙන් ඇද පුද සෑදූ පමණ
ඉතිරි වේද මට මගෙ මේ කවි පිංච ?

 නිධානයක් දක්වන්නකු මෙන් යමෙ කු
පෙන්වයි ද තම වරද කර තරව ටු
එබඳු පඩුවකු සේවනය කල යු තු
වැඩක් මිස නොවැඩක් සිදු නොවු නු
(දම්මපදයෙන් උපුටා ගන්නා ලදී)

:-)

නන්දලාල්

හරිම අගෙයි! හරිම අගෙයි!! :-)

අත්තටම? ;-)

කවදා හෝ මා කවියෙක් වුව ද, ඔබයි එයට මුල!


තුති


නන්දලාල්
--
දසුන්ප්‍රිය අනුරාධ.
D. AnuradhA
Step to the future with FOSS!

My Blog : http://blog.mihikatha.net/
සිංහළ blog සටහන්: http://anuradha-life.blogspot.com/
My Photo Galleries : http://www.flickr.com/photos/dasun
http://picasaweb.google.com/linuxdassa

Rajith Vidanaarachchi

unread,
Jul 29, 2008, 12:58:27 PM7/29/08
to helah...@googlegroups.com
සත වස කීවේ වසර 7 ක් ද? 100 ක් ද?
100 ක් නම් සිය වස යැ යි යෙදිය හැකි.

තවත් "ලොකු" වරදක් දුටුවා. ඒ හෙලහෙලිය කියා ලියා තිබීම. එය හෙළ හෙළිය විය යුතු යි නේ ද? ;P

කවි දෙක බොහොම අගෙයි. මුලින්ම ලියන විට දී එළිසමය ගැන කරදර නොවීම තමයි නුවණට හුරු. ගැයිය හැකි තාලයක් ඇති නම්, වියරණ නිවැරදි නම්, කී දේ රසවත් නම්, හරවත් නම්, එය තමා කවිය. ඔබේ කවිවල මේ ගුණ සියල්ල තිබෙනවා. ගිය සිය වසටත් සරිලන්නට මේ සිය වසේ කවි ලියමු. :)

Nandalal Gunaratne

unread,
Jul 29, 2008, 2:48:18 PM7/29/08
to helah...@googlegroups.com
තුති!

හෙළ හෙළිය වරදවා ලීවට ටොක්කක් ඇණ ගත්ත! සමාවන්න!!

මා මේ පසු ගිය සති කීපය තුල, අගනා කවි බොහොමයක් දැක ගත්ත. යමක් ඉගෙන ගත්ත. මගේ කවි ටිකක් හෝ හොඳ නම් ඒ අයටයි පිං!



2008/7/29 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Anu-Linux

unread,
Aug 6, 2008, 12:37:42 PM8/6/08
to helah...@googlegroups.com
ආයුබෝ !!

අවසන් කවිය කීවේ විසි නව වෙනි        දා
රස කර කර එය ලීවේ අපේ             වෙදා
අද සතියක් ගෙවිල ගිහින් හය වෙනි      දා
කවි ලියන්නෙ නෑ කවුරුත් අනෙ මන්    දා

:-)

ජය වේවා.

On Tue, Jul 29, 2008 at 10:07 PM, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:


On Tue, Jul 29, 2008 at 9:56 AM, Anu-Linux <linux...@gmail.com> wrote:

ලස්සන කවි පහසුවෙන් ලියණ අය මැද ට
එක් වන්න හැකිවේවි ද මා වැනි අය ට
ලැජ්ජා වී නැත ගමනක් ඉදිරිය ට
ලිව්වා කවිය, යැව්වා ඔබ අවදිය ට

ගිය සත වස ලියු කිසි කවියක් නොවිණ
මේ සත වස හෝ වෙමි කවියකු පුංච
හෙලහෙලියෙන් ඇද පුද සෑදූ පමණ
ඉතිරි වේද මට මගෙ මේ කවි පිංච ?

 නිධානයක් දක්වන්නකු මෙන් යමෙ කු
පෙන්වයි ද තම වරද කර තරව ටු
එබඳු පඩුවකු සේවනය කල යු තු
වැඩක් මිස නොවැඩක් සිදු නොවු නු
(දම්මපදයෙන් උපුටා ගන්නා ලදී)

:-)

නන්දලාල්

Sujeewa Kokawala

unread,
Aug 6, 2008, 2:10:02 PM8/6/08
to හෙළ හෙළිය
Sorry to use English here. I am new to Sinhala computing. Can anyone
tell me how to switch the input mode to sinhala. I can see your
English.

Will like to participate then after.


On Aug 6, 9:37 pm, Anu-Linux <linuxda...@gmail.com> wrote:
> ආයුබෝ !!
>
> අවසන් කවිය කීවේ විසි නව වෙනි        දා
> රස කර කර එය ලීවේ අපේ             වෙදා
> අද සතියක් ගෙවිල ගිහින් හය වෙනි      දා
> කවි ලියන්නෙ නෑ කවුරුත් අනෙ මන්    දා
>
> :-)
>
> ජය වේවා.
> On Tue, Jul 29, 2008 at 10:07 PM, Nandalal Gunaratne <nanda...@gmail.com>wrote:

Rajith Vidanaarachchi

unread,
Aug 6, 2008, 2:26:18 PM8/6/08
to helah...@googlegroups.com
රස කර කවි කියන'තුර කවි ලියුම ගැන
කවි ලියැවුණේ නැහැ නොවැ ගැන කරුණු වෙන
රසවත් බවත් සතුටත් හරයත් නැගෙන
අයුරින් කියමු කවි යම් වෙන දෙයක් ගැන

Nandalal Gunaratne

unread,
Aug 6, 2008, 8:54:33 PM8/6/08
to helah...@googlegroups.com
ආදරය පුදනු මව් පිය ට
ආදරය පුදනු දුව පුතු  ට
ආදරය පුදනු නෑ මිතුරන ට
ආසරය පුදනු සියඵ සතුන ට

මෙසේ ආදරය පුදන්න ට
ඇවැසි වූ යේ මෙ මා හ ට
කෙසේදැ යි විමසුවන්න ට
මුලින් ආදරය කලේ මා හට!

2008/8/6 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Anuradha Ratnaweera

unread,
Aug 6, 2008, 10:46:18 PM8/6/08
to helah...@googlegroups.com
On 8/6/08, Sujeewa Kokawala <fatty...@gmail.com> wrote:
>
> Sorry to use English here. I am new to Sinhala computing. Can anyone
> tell me how to switch the input mode to sinhala. I can see your
> English.

ඔබේ මෙහෙයැවීම් සුසැටිය (operating system) කුමක් ද?

> Will like to participate then after.

බොහො ම අගෙයි!

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

K S K Wijewardhane

unread,
Aug 6, 2008, 11:14:09 PM8/6/08
to helah...@googlegroups.com
Anuradha,
 
We must reply in English on this since this new member doesn't have sinhala unicode, he/she can see only the English parts that we write.
 
Dear Sujeewa,
 
You are wormly wewe we w

K S K Wijewardhane

unread,
Aug 6, 2008, 11:18:01 PM8/6/08
to helah...@googlegroups.com
Please ignore my last email. I'm sorry.
 
 
Dear Sujeewa,
 
Please let us know what the operating system that you are using.
 
Then we will be able to help you accordingly.
 
Regards!
Keerthi.

On Thu, Aug 7, 2008 at 8:44 AM, K S K Wijewardhane <keer...@gmail.com> wrote:
Anuradha,
 
We must reply in English on this since this new member doesn't have sinhala unicode, he/she can see only the English parts that we write.
 
 
 

SRIshanu

unread,
Aug 6, 2008, 11:18:07 PM8/6/08
to helah...@googlegroups.com
Hi Sujeewa,

Use this link to know how to install Sinhala unicode in you computer.

Welcome to the group! :)


On Wed, Aug 6, 2008 at 11:40 PM, Sujeewa Kokawala <fatty...@gmail.com> wrote:
Sorry to use English here. I am new to Sinhala computing. Can anyone
tell me how to switch the input mode to sinhala. I can see your
English.

Will like to participate then after.





SRIshanu

unread,
Aug 6, 2008, 11:19:04 PM8/6/08
to helah...@googlegroups.com

Nandalal Gunaratne

unread,
Aug 7, 2008, 12:22:35 AM8/7/08
to helah...@googlegroups.com
If we know your operating system, it will be easier to help you.

By the way is sinhala unicode and the keyboards included in the new Ubuntu? i was asked to help someoe install some sinhala fonts and when I checked i found three sinhala keyboards  includins Sayura installed already!

Sujeewa Kumara

unread,
Aug 7, 2008, 2:25:36 AM8/7/08
to helah...@googlegroups.com
Hi all,

Thanks for the support and welcome messages. I could manage to see your sinhala now. Yet I can not type in Sinhala.

Well, due to the unavoidable company constraints I'm compellled to use WIndows XP. I have linux with me, yet I use it very rarely since we have to login to domain.

Best Regards,

Sujeewa
--
- Croak Croak

X man

unread,
Aug 7, 2008, 3:01:34 AM8/7/08
to helah...@googlegroups.com
--
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
!!! දුක් දුරු වේවා !!!
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

SRIshanu

unread,
Aug 7, 2008, 6:22:33 AM8/7/08
to helah...@googlegroups.com
http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing

Above link shows almost all the ways you can type Sinhala. Since now you can read Sinhala, u'll b able to go thru it.


On Thu, Aug 7, 2008 at 11:55 AM, Sujeewa Kumara <fatty...@gmail.com> wrote:
Hi all,

Thanks for the support and welcome messages. I could manage to see your sinhala now. Yet I can not type in Sinhala.

Well, due to the unavoidable company constraints I'm compellled to use WIndows XP. I have linux with me, yet I use it very rarely since we have to login to domain.

Best Regards,

Sujeewa

Sujeewa Kumara

unread,
Aug 7, 2008, 6:26:57 AM8/7/08
to helah...@googlegroups.com
On Thu, Aug 7, 2008 at 3:52 PM, SRIshanu <sris...@gmail.com> wrote:
http://www.sinhalabloggers.com/sinhala-help/keyboards-typing

Above link shows almost all the ways you can type Sinhala. Since now you can read Sinhala, u'll b able to go thru it.

thanks everyone now I can type sinhala. But still using English to write this since I need to practise the K/B

වේගය අඩුයි. පස්සෙ හරි යයි.
 



On Thu, Aug 7, 2008 at 11:55 AM, Sujeewa Kumara <fatty...@gmail.com> wrote:
Hi all,

Thanks for the support and welcome messages. I could manage to see your sinhala now. Yet I can not type in Sinhala.

Well, due to the unavoidable company constraints I'm compellled to use WIndows XP. I have linux with me, yet I use it very rarely since we have to login to domain.

Best Regards,

Sujeewa








--
- Croak Croak

SRIshanu

unread,
Aug 7, 2008, 6:30:09 AM8/7/08
to helah...@googlegroups.com
සිංහල ලියන්න සාදරයෙන් පිළිගනිමු!  ;)

Anu-Linux

unread,
Aug 7, 2008, 7:48:22 AM8/7/08
to helah...@googlegroups.com

thanks everyone now I can type sinhala. But still using English to write this since I need to practise the K/B

වේගය අඩුයි. පස්සෙ හරි යයි.
 

මුලදි හෙමින් හරි හෙළයෙන් යතුරු      ලියා
පුරුදු වුනොත් හරිම අගෙයි "කුමාර"       යා
මේ සවි දැහැන තුළ ඉන්නා හැම     හෙළයා
හද සතුටින් පිළිගන්නවා ඔය             මලයා

තුති.

Nandalal Gunaratne

unread,
Aug 7, 2008, 8:51:04 AM8/7/08
to helah...@googlegroups.com
කවි නොදත් මේ වෙ   දා
හය වැනි කවිය ලිව්    වා
සූරයො ගාටන්           නා
හෙළහෙළියට ම නින් දා

රාජිත (Rajitha)

unread,
Aug 7, 2008, 9:01:05 AM8/7/08
to helah...@googlegroups.com
දැක වෙදා        දස්ක  ම්
ලිවීමට කව්      සිත් වි ම්
නොසිට හෙට වෙනක ම්
බලා ගනු මගෙ කවික ම්

:-) 

Nandalal Gunaratne

unread,
Aug 7, 2008, 9:38:36 AM8/7/08
to helah...@googlegroups.com
ඔබෙන් කවි දැනගෙ න
කවියකු වීම සිතුම න
එසේ නැත සිදුව න
ගුරුමුස්තිය ට හිරවි න

;-)

රාජිත (Rajitha)

unread,
Aug 7, 2008, 11:48:23 AM8/7/08
to helah...@googlegroups.com
දැකීමෙන් සුරු කව් වෙද
සිතී ලිව්වද   කව්   පද
විසීමට නොහැකියි අද
ඇසී මේ වෙදගේ ඇනුම් පද

:-)

Anu-Linux

unread,
Aug 7, 2008, 1:27:40 PM8/7/08
to helah...@googlegroups.com
බලන් ඉන්නා අය ර   ට
ගන්න මෙය පාඩමක ට
ගුරු ගෝල හටන      ට
කවිය පමනයි අවිය තොප හට
:D

Sujeewa Kumara

unread,
Aug 7, 2008, 1:59:58 PM8/7/08
to helah...@googlegroups.com
රසවත් කවක් පදරුත් හා එකතු කර
ලියනට සිතුන මුත් මා හට දහස් වර
එය සින්හලෙන් පරිගනකේ අකුරු කර
දෙන හැටි තමයි මට වද දුන් හිතේ බර

එපවස් අසා එක සැනෙකින් ලියුම් ලියා
එක විදිහක් නොවෙ බොහොමක් විදි සපයා
සින්හලයෙන් ලියන හැටි ගැන දුන්න කියා
තුති පුද දෙන්න මා වැන්දා දෙ අත අයා

කොලයෙහි ලියා විසි තිස් වර කපා ගෙන
යතුරෙන් ලියන්නට ඊටත් වෙලා ගෙන
එහෙනම් මම ත් කවියෙක් වුවා මෙ දින
මිනිසුන් සිටිද්දී හිටිවන කවි කියන

කවි ලියනා එක ම ගැන කවි ලියන එක
කෙතරම් කලක් කර ගෙන යා හැකිද සැක
එබැවින් අපිත් වෙන පොදු අරමුණක් දැක
පද ගැලපුවොත් බෝ කල් කවි ලිවිය හැක

එලිසම හා විවිධ විරිතින් පද බැඳලා
තිබුනා බොහොම මන පිනවන කවි ලියලා
කවුරුත් හැබැයි ඇත්තේ නෑ සිහි කරලා
සමහරු කවි ලියන බව ගණ පිහිටුවලා

සමහර විරිත් වල
පද දිග එක නො වෙන කල
එහි ඇති කරුණු පෙළ
බොහෝ ලෙසකින් වදී සිත් තුල

එනමුදු සබඳිනි
විරිත් පෙළ මඟ හරවා
අරුත ම පමණක්
නිසඳැසක් ලෙස අකුරු කරනට
පහසුය, එහෙත් එය
සඳැස් කවකට වඩා පිරිපුන්

මැත යුගයෙදී
සඳැසට වඩා බිහි වූ
නිසඳැස් කවි ආර
ජීවිතේ දෙස බලන
වෙනස් කණ්ණාඩියකැයි
හැඟේ මට

මේ සා ද්‍රරක් අප සැම දෙන කවි ලීවා
තව බෝ දුරක් යාමට සිත් ඇති වේවා
නැවතත් වරක් එන තුරු කවි රස ගාවා
සුබ දවසක් සැමට එහෙනම් ජය වේවා

- සුජීව
--
- Croak Croak

Anu-Linux

unread,
Aug 7, 2008, 2:55:19 PM8/7/08
to helah...@googlegroups.com


කවි ලියනා එක ම ගැන කවි ලියන එක
කෙතරම් කලක් කර ගෙන යා හැකිද සැක
එබැවින් අපිත් වෙන පොදු අරමුණක් දැක
පද ගැලපුවොත් බෝ කල් කවි ලිවිය හැක


ගම රට ගැන වුවත් කවි ගැට ගැසිය හැක
ලොව තතු කියන්නත් කවියම යෙදිය හැක
නිසදැස් සදැස් ගණ පිහිටා ලියනු      දැක
මා සිත් සතුටු වුණි ඔබ කවි කෙරුම්  දැක

Rajith Vidanaarachchi

unread,
Aug 7, 2008, 3:04:08 PM8/7/08
to helah...@googlegroups.com
ඔබෙ කවි රස උස යි එය දුටු සැණින් හැඟේ
වරදක් දෙකක් දිටියෙමි කියමි නොව අගේ
සිංහල නො වෙයි, සිංහළ මා බස අපගේ
කිම එය කියනු සකුවෙන් වඩ වඩා අගේ

පෙර ලක්දිව - ඇත සඳහන
යක් නා'සුර - රකුසැ'යි යන

ගොත් සතරෙක් - විසී සෙමෙන.
ඔවුන් නමින් - සිවු හෙළ වින.

හෙළ යනු මුල් - විදිය කිය යි.
උපන් අයුර - හෙළුව තමයි.

මුල් මිනිසුන් - සිව් වගයට
හෙළ කිව්වේ - මේ අයුරට.

සිව් හෙළ සී හෙළ වූවා - සිව් පද සී පද වූ ලෙස
සීහෙළ සිංහළ වූවා - ගීපොල් ගිංපොල් වූ ලෙස

සකු බසැ මුදුනෙන් නැඟි ළ යන්න
නොතිබිණි, තිබුණේ ල යන්න

ඉතින් නමක් දුනි සකුවෙන්
සිංහ"ල" යන මේ විලසින්

මෙ විලස වෙයි සිංහළ නම
නො දැන සකුව පවසනු කිම෴

නිසදැස් හොඳ මැයකි රස කවි කියන්නට
දැන් කල් මදි ය රෑ වී ඇත නිදන්නට
නිසඳැස් පහසු මුත් ගලපා බඳින්නට
සඳැසේ රසය නොම දෙයි මට විඳින්නට

විවාදයට අවුරා නැත. නිසඳැසෙහි ගුණ දකින්නෝ ගුණ කියත් වා.
මගේ කවියේ දොස් දකින්නෝ , ඒ කියත් වා.

Rajith Vidanaarachchi

unread,
Aug 7, 2008, 3:26:06 PM8/7/08
to helah...@googlegroups.com
"පාඩම්" යැයි යෙදෙනුයේ දෙමළෙන් නො වෙද?
හෙළයෙන් "පැටුම" යැයි නො යොදන්නේ කිම ද?
රසයෙන් කවි නැඟෙන විට වියරණ නැති ද?
නියරත්, වියරණත් රැකුවොත් හොඳ නැති ද?

කවියට නියර බෑ කීවේ ඉංගිරිසි
එනමුත් සිහළ කව් වල වී නියර දිසි
බැරි නෑ රකින්නට, එය අපි කරමු රිසි
රසවත් කවි ලියමු බස රැකුමටත් නිසි

Sujeewa Kumara

unread,
Aug 7, 2008, 11:34:46 PM8/7/08
to helah...@googlegroups.com
ගණ පිහිටුවන හැටි ඉගෙනුම ලබන්නට
එකමත් එක කලෙක හිතුනා බොහෝමට
එනමුත් නොහැකි වුනි මට එය කරන්නට
මගෙ කවි පෙළේ නැත එතරම් සිහින් ගැට
 
හොඳ හා නොහොඳ වෙන විදිහට ගණය තියා
ඇසුවෙමි ඇතැම් අය රජ වැඩ ගත්ත කියා
නොම අදහන නමුත් ඒ වැනි විවිධ නියා
අඩ දැනුමෙන් කරනු නුසුදුසු එහෙම ක්‍රියා

බොහොමත් තුති පුදමි "සිංහළ" කරුණ ගැන
එක එක මත අසා ඇත්තෙමි විවිධ තැන
නොදනිමි හරිම අදහස ලොව පිලි ගැනුන
එනමුත් "සිංහළය" ලියමුකො සිට මෙතැන

මත අරගලය නිසඳැස් හා සඳැස් ගැන
බෝ කල් ඉඳන් එනවා රට පටලගෙන
මටනම් දෙකම එක සේ වෙයි රස ගෙනෙන
එබැවින් අකමැතියි ගැටෙනට පසක් ගෙන

බොහෝ දොස් කීවොත්
වේය මගෙ කව රසවත්
එය නොවෙයි නොපනත්
කියන තරමට එවමි තුති පත්


2008/8/8 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>



--
- Croak Croak

Nandalal Gunaratne

unread,
Aug 8, 2008, 8:41:05 AM8/8/08
to helah...@googlegroups.com
ගලා ආවා
කලා දහරා
කවි වෙලා
හිත පිනවනා!

2008/8/7 Sujeewa Kumara <fatty...@gmail.com>

Rajith Vidanaarachchi

unread,
Aug 8, 2008, 11:44:17 AM8/8/08
to helah...@googlegroups.com
අගෙයි වෙදැදුරු තුමනි ගරුසර
ඔබේ කවි වෙයි අපට මනහර
සදා බැඳ කවි නමැති මුතුහර
පළඳවමු හෙළ මවුට සිරිසර

මවු ද? මව් ද? දෙකම හරි ද?

Nandalal Gunaratne wrote:
> ගලා ආවා
> කලා දහරා
> කවි වෙලා
> හිත පිනවනා!
>
> 2008/8/7 Sujeewa Kumara <fatty...@gmail.com

> <mailto:fatty...@gmail.com>>


>
> ගණ පිහිටුවන හැටි ඉගෙනුම ලබන්නට
> එකමත් එක කලෙක හිතුනා බොහෝමට
> එනමුත් නොහැකි වුනි මට එය කරන්නට
> මගෙ කවි පෙළේ නැත එතරම් සිහින් ගැට
>
> හොඳ හා නොහොඳ වෙන විදිහට ගණය තියා
> ඇසුවෙමි ඇතැම් අය රජ වැඩ ගත්ත කියා
> නොම අදහන නමුත් ඒ වැනි විවිධ නියා
> අඩ දැනුමෙන් කරනු නුසුදුසු එහෙම ක්‍රියා
>
> බොහොමත් තුති පුදමි "සිංහළ" කරුණ ගැන
> එක එක මත අසා ඇත්තෙමි විවිධ තැන
> නොදනිමි හරිම අදහස ලොව පිලි ගැනුන
> එනමුත් "සිංහළය" ලියමුකො සිට මෙතැන
>
> මත අරගලය නිසඳැස් හා සඳැස් ගැන
> බෝ කල් ඉඳන් එනවා රට පටලගෙන
> මටනම් දෙකම එක සේ වෙයි රස ගෙනෙන
> එබැවින් අකමැතියි ගැටෙනට පසක් ගෙන
>
> බොහෝ දොස් කීවොත්
> වේය මගෙ කව රසවත්
> එය නොවෙයි නොපනත්
> කියන තරමට එවමි තුති පත්
>
>
> 2008/8/8 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com

> <mailto:rajith.vid...@gmail.com>>

> <rajitha...@gmail.com <mailto:rajitha...@gmail.com>


> >>
> >>> wrote:
> >>>
> >>> දැකීමෙන් සුරු කව් වෙද
> >>> සිතී ලිව්වද කව් පද
> >>> විසීමට නොහැකියි අද
> >>> ඇසී මේ වෙදගේ ඇනුම් පද
> >>>
> >>> :-)
> >>>
> >>>
> >>>
> >>> On Thu, Aug 7, 2008 at 3:38 PM, Nandalal Gunaratne

> <nand...@gmail.com <mailto:nand...@gmail.com>>wrote:


> >>>
> >>>
> >>>> ඔබෙන් කවි දැනගෙ න
> >>>> කවියකු වීම සිතුම න
> >>>> එසේ නැත සිදුව න
> >>>> ගුරුමුස්තිය ට හිරවි න
> >>>>
> >>>> ;-)
> >>>>
> >>>> On Thu, Aug 7, 2008 at 7:01 AM, රාජිත (Rajitha) <
> >>>> rajitha...@gmail.com

> <mailto:rajitha...@gmail.com>> wrote:
> >>>>
> >>>>
> >>>>> දැක වෙදා දස්ක ම්
> >>>>> ලිවීමට කව් සිත් වි ම්
> >>>>> නොසිට හෙට වෙනක ම්
> >>>>> බලා ගනු මගෙ කවික ම්
> >>>>>
> >>>>> :-)
> >>>>>
> >>>>> On Thu, Aug 7, 2008 at 2:51 PM, Nandalal Gunaratne

> <nand...@gmail.com <mailto:nand...@gmail.com>>wrote:


> >>>>>
> >>>>>
> >>>>>> කවි නොදත් මේ වෙ දා
> >>>>>> හය වැනි කවිය ලිව් වා
> >>>>>> සූරයො ගාටන් නා
> >>>>>> හෙළහෙළියට ම නින් දා
> >>>>>>
> >>>>>>
> >>>>>> On Thu, Aug 7, 2008 at 5:48 AM, Anu-Linux

> <linux...@gmail.com <mailto:linux...@gmail.com>>wrote:

රාජිත (Rajitha)

unread,
Aug 9, 2008, 1:56:23 AM8/9/08
to helah...@googlegroups.com

වසසෙන්   දාසයයි දැලි රැවුලත්   නොමැත
හෙළයෙන් කවි ලියයි හෙළ හෙළියම පතළ
දනුමින් පිරි   නිසයි     නැත කිසි විට දෙවන
දෙනමෙන් පිළිතුරයි මෙහි කියවෙනු කවුද?






2008/8/8 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Sujeewa Kumara

unread,
Aug 9, 2008, 5:27:46 AM8/9/08
to helah...@googlegroups.com


2008/8/9 රාජිත (Rajitha) <rajitha...@gmail.com>


වසසෙන්   දාසයයි දැලි රැවුලත්   නොමැත
හෙළයෙන් කවි ලියයි හෙළ හෙළියම පතළ
දනුමින් පිරි   නිසයි     නැත කිසි විට දෙවන
දෙනමෙන් පිළිතුරයි මෙහි කියවෙනු කවුද?

ඇතැමුන් කරන්නේ වෙන වැඩ පසෙක තියා
අනුනට ගැරහීම උන්ගේ නුගුණ සොයා
එබැවින් තමන් තම කෙරුමන් ලියන නියා  
මම නම් හිතන්නේ නෑ වරදක් ය කියා

 



--
- Croak Croak

Sujeewa Kumara

unread,
Aug 9, 2008, 2:55:32 PM8/9/08
to helah...@googlegroups.com


2008/8/9 Sujeewa Kumara <fatty...@gmail.com>



2008/8/9 රාජිත (Rajitha) <rajitha...@gmail.com>


වසසෙන්   දාසයයි දැලි රැවුලත්   නොමැත
හෙළයෙන් කවි ලියයි හෙළ හෙළියම පතළ
දනුමින් පිරි   නිසයි     නැත කිසි විට දෙවන
දෙනමෙන් පිළිතුරයි මෙහි කියවෙනු කවුද?

ඇතැමුන් කරන්නේ වෙන වැඩ පසෙක තියා
අනුනට ගැරහීම උන්ගේ නුගුණ සොයා
එබැවින් තමන් තම කෙරුමන් ලියන නියා  
මම නම් හිතන්නේ නෑ වරදක් ය කියා

එක පැදියක් පමණි ලියුමට කල් තිබුණේ
එබැවින් මගේ පිළිතුර හොඳටම මදි නේ
කිව යුතු බොහෝ ඇති හින්දා හද අරණේ
නැවතත් ලියන්නට මා හට සිත් ඇදුනේ

රාජිත වගේ පොඩි කොල්ලෙක් කරන ක්‍රියා
ඇති සේ අගයන්න කාලය නොමැති නියා
වයසින් නොවේ සිතිවිල්ලෙහි ගුණ අගයා
මිනුමට සුදුසු බව පෙන්වන කෙනෙකි ඔයා

රාජිත ලා ගේ වයසේ දී ඒ කාලේ
මා හට තිබුණේ ද අදහස් ඔය තාලේ
එනමුදු පැමිණි පසු වැඩ ජීවිත මෝලේ
දිනුව ද පරාද ද තව නොදනිමි රාළේ

සිංහළයෙන් ම මගෙ මුලකුරු ලියන්නට
අ-ආ-ඇ-ඈ චතුරස්‍රය අඳින්නට
ඒ හින්දා ගණිත ගුරු දොස් අහන්නට
පුදුමාකාර දැඩි අදහස් තිබුණි මට

ඇ-කාරය ඇතුලු මුනිදස් බස් නැගුම
බෝ දේ පිලිබඳ ව කියවා ලද දැණුම
සිංහළයෙන් ලියන්නට ඇති හිත බැඳුම
පත්තර කාරයක් වෙන්නයි තිබු පැතුම

එනමුදු දහසයේ සිට අද වයස කරා
කාලය ගියා මා අරගෙන ලෝකෙ පුරා
නොසිතූ බොහෝ දේ දුටුවා නෙත් සපුරා
ලෝකය සුවිසල් ය අප කුහුඹුවෙකි කුරා
 
දහසයෙ ඉඳන් මා ඉගැණුව බොහෝ දෙය
‍දහසයටත් කලින් දැන සිටි දෙය ම විය
දැණුමේ ගැඹුර නම් ඒ හැටි වැඩි නොවිය
එහි ඇති පළල නම් බෝ සේ විසල් විය

ලෝකේ බොහෝ බාසා ඇත හැඩ පෙනෙන
ජීවන රටාවන් කෝකත් නැත අගුණ
ආගම් විදු දැණුම බහුසුතයන් බණන
හරි දේ කළොත් ඒ හැම වෙයි බොහොම ගුණ

මිනිසුන් තැනූ ලෝකේ ඇති මිනිස් කතා
පැත්තක් ගන්න නුසුදුසු වැඩිපුර නොසිතා
හරියට කළොත් ඒ හැම දේ එකට ගොතා
සිත තුටු වෙන්න ඊටත් වැඩි දෙයක් නැතා
 
මුනිදස් ආර විතරක් නොව සිංහළයේ
බොහොමත් ලියන විධි පවතියි එක කැටියේ
ඒ හැම දේ ම එක විදිහට මගේ ළයේ
ආදරයකින් රස ගැවැසී රැඳී තියේ

ඒ අතරින් විමලරත්නය කුමරගම
සේකර සමග මහ මාටින් සිහ විකුම
මේ අය ලියූ බස් ආරය සහ වැණුම
අනුනාදයක් සේ සිතුනා හද ගැහුම

රාජිත ගැන ලියන්නට මට වුව ද සිත
මා සිත ලියූවේ වැඩි පුර මගේ පොත
මා හට වඩා ඔහු කළ දේ බොහෝ වෙත
රාජිත පඬුවෙක් ය කීවොත් වැරදි නැත

නරකක් මා ලියූ ව යි ඔබ නො සිතන්නයි
ලීවේ තවත් ඔබෙ දිවි සපුරා ගන්නයි
දා සයෙ දී ඔබේ දස්කම් මහ ගොන්නයි
හෙට දවසේ රට ට ඔබ මැණිකක් වෙන්නයි



--
- Croak Croak

Sujeewa Kumara

unread,
Aug 9, 2008, 4:07:38 PM8/9/08
to helah...@googlegroups.com
වැරැදී ඇති සෙයකි පොඩි කරුණක් මෙ මට
රාජිත ලා දෙකෙ කි එකෙකුත් මදිවාට
කවි පෙළ ලීවේ රාජිත් විදානච්චිට
උත්තරයත් ඔහුයි ඔබගේ විමසුමට


2008/8/10 Sujeewa Kumara <fatty...@gmail.com>



--
- Croak Croak

Nandalal Gunaratne

unread,
Aug 10, 2008, 10:13:46 AM8/10/08
to helah...@googlegroups.com
වයස නැත කිසි වැඩක් මෙතැන ට
ගුරෙක් වේ ඔහු තවම මා හ ට
අබ ඇටයක තරම් හෝ ම ට
ඔහුගෙ දස්කම් ගතොත් නුවණ ට ?

නන්දලල්


2008/8/9 Sujeewa Kumara <fatty...@gmail.com>

රාජිත (Rajitha)

unread,
Aug 10, 2008, 10:57:41 AM8/10/08
to helah...@googlegroups.com
කවි ලීවේ ඔහුගේ ගුණ   අගයන්න
සිදුවේදෝ මාහට දොස්  අහගන්න
බැරිවේදෝ මාගේ කට    වහගන්න
මෙය ලිවේ ඔහුගේ වස්  නැතිවන්න

:-)

2008/8/10 Nandalal Gunaratne <nand...@gmail.com>

Sujeewa Kumara

unread,
Aug 10, 2008, 1:39:57 PM8/10/08
to helah...@googlegroups.com
මට සිත් වුන නිසා බෝ දේ ලියන්නට
සිදු වූවා ද අවැඩක් හෙළ හෙළින් හට
ආපසු ගිහින් බැරි හින්දා මකන්නට
දහසක් සමා අයැදිමි වුන වැරැද්දට

2008/8/10 රාජිත (Rajitha) <rajitha...@gmail.com>



--
- Croak Croak

Nandalal Gunaratne

unread,
Aug 10, 2008, 9:51:23 PM8/10/08
to helah...@googlegroups.com
කවි ලීව්ව ට සමාව ඉල්ලන වා ද?
හෙළහෙළියට මෝඩයනුත් ආවා ද?
අගය කරන අය අගයන කල යුත්ත
හැකියාවන් හඳුනන්නනෙ කටයුත්ත

2008/8/10 Sujeewa Kumara <fatty...@gmail.com>

Anu-Linux

unread,
Aug 11, 2008, 1:34:02 AM8/11/08
to helah...@googlegroups.com
ආයුබෝ වේවා හෙළෙයනි,

2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com>

කවි ලීව්ව ට සමාව ඉල්ලන වා ද?
හෙළහෙළියට මෝඩයනුත් ආවා ද?
අගය කරන අය අගයන කල යුත්ත
හැකියාවන් හඳුනන්නනෙ කටයුත්ත


2008/8/10 Sujeewa Kumara <fatty...@gmail.com>
මට සිත් වුන නිසා බෝ දේ ලියන්නට
සිදු වූවා ද අවැඩක් හෙළ හෙළින් හට
ආපසු ගිහින් බැරි හින්දා මකන්නට
දහසක් සමා අයැදිමි වුන වැරැද්දට

 

ආවේ දින දෙකක් ඉඳලා මහ       නුවර
දුටුවා ලිපි ගොඩක් පෙට්ටිය තුල විසිර
බැලුවා කවි පද බැදුම ගලමින් යන ආර
දුටුවා අමුත්තක් හෙළයන් ගේ මෙව  ර

වරදක් වුනොත් කමන්න එය යහපත්     ය
වරදක් වුනත් වූයේ අපි අපෙන් ම          ය
පවුලක් ලෙසින් හෙළ හෙළියේ බැදුණු අය
පවුරක් ලෙසින් සවියෙන් සිටියොත් අගෙ ය

තුති

Nandalal Gunaratne

unread,
Aug 11, 2008, 9:50:39 AM8/11/08
to helah...@googlegroups.com
ආයුබෝවන්!

මෙතන කිසිම අරගලයක් සිදුවී නැත. මගේ කවිය ට ද සමාව ඉල්ලුවෙ????
ඇයි ? සුජීවගේ සහ රාජිතගේ කවි වලට පසු ඇත්තේ මගේ කවිය පමණි. එනිසා අරගලයක ට හේතුව එයැ යි සිතමි. මගේ කවියේ එවැන්නක් තිබේ ද? මෙන්න කවිය.


වයස නැත කිසි වැඩක් මෙතැන ට
ගුරෙක් වේ ඔහු තවම මා හ ට
අබ ඇටයක තරම් හෝ ම ට
ඔහුගෙ දස්කම් ගතොත් නුවණ ට ?

මෙහි අදහස නම්, මා ඔහු අගය තරම පෙන්වීම නොව ද? ඔහුගේ වයස දහසය වී මගේ වයස සියයක් වූද, මට කම් නැත. ඔහු මා ගුරුතුමෙක් ලෙස සලකන්නේය. ඔහුගෙ හැකියාවෙන් අබ ඇටයක තරම් මට ඇත්නම්??

ඉතින් රාජිත්ගේ වර්නනාව ට එකඟ වී මාත් කල එකතුවක් නොවේ ද? මගෙන් ඊට සමාව ඉල්ලන්නේ නම් එය පුදුමයකි! මෝඩකමකි.
මට බය ඔහුට මෙසේ වේ ද කියා!

මෙවැන් වර්නනා විඳ
මුහුන රතු කර හැංගලා ඉඳ
වැඩක් නැත ලැජ්ජවී බි ඳ
තවත් ලියමුද අපේ කවි හඳ?

නන්දලාල්

රාජිත (Rajitha)

unread,
Aug 11, 2008, 10:17:01 AM8/11/08
to helah...@googlegroups.com
මම නොදනිමි ඇයි ඉල්ලූ සමාව
තව සිතනෙම්  කොයි සිදුවූ පමාව
කව ලියනෙම් යැයි සිත්වූ නිසාව
මෙය ලියනෙම් කොයි කවි වූ කුමාර


2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com>

Nandalal Gunaratne

unread,
Aug 11, 2008, 12:37:20 PM8/11/08
to helah...@googlegroups.com, linux...@gmail.com
අනුරාධ,

ඔබ නුවර සිර නරඹමින් අලිගැට පේර කමින් සිට අවදියේ ;-), මා අසහනයට පත්වුනු සිදුවීම් දෙකකි.

පළමුව, විකියක් තැනූ පමන, යම් කෙනෙක් එය තුල විත්, සබඳ කමක් හරහා ගොස් කිසිම දෙයක් නොතිබිනේ නම්, ඔහු කිසි දෙයක් නොදැන ඉන් පිටවී යන්නේය. ඔහුගේ/ඇයගේ කාලය අප සොරා ගන්නා මෙනි. එනිසා මම, දන්නා පරිදි,  විකියේ හැකි පමණ දේ එක් කලෙමි. සෑම ඉංගිරිසි අකුරටම වදනක් එක් කලෙමි. "ඉන්පසු නිති ඇසෙන පැන" යන්නෙහි කිසි දෙයක් නැති බැවින්, යමක් එක් කරන මෙන් ලිපි හරහා ඉල්ලා සිටියමි. කවුරුවත් එසේ නොකල බැවින්, මා යමක් එක් කොට, මෙ බලා වැරදි හදන මෙන් කියා ලිපියක් යැව්වා. එවිට එහි වරදක් ඇති බව පෙනවා දුන්නා. නමුදු එය කවුරු ලිව්වාද? වෙද මහතා ලිව්වාද? ලෙස පුරස්න කිරීමක් සිදුවුනා. මට මෙය නම් කවදාවත් පිලිගත නොහැකි දෙයක්. මා රෝහලේ අයටත් නිතර කියන දෙයක් තමයි, එවැන්නෙන් වලකින්න කියා. බොහෝවිට දම්මපදයේ කියන වස කැවුනු ඊය වැදුන කෙනා ගේ උපමාව කියා දෙමින්. එනිසා විකිය ට ලිවීම මා නතර කලා.

දැන් මා ලියූ කවියක් නිසා රාජිත හා සුජීව, සමාව ඉල්ලා ලිය තිබෙනවා. මා කවියට නවකයෙක් නිසා කවියේ දුර්වල කමකින් විය හැකි. මා කවි ලිවිමට පෙලඹුවේ ඔබ නිසා ඔබත් මෙයට යම් වගකීමක් ගත යුතුයි :-)

මගේ මොඩ කවි නිසා මෙවැනි අමනාපයක් ඇතිවේ යැයි මා කිසිවිට නොසිතූ බැවින්, මින් මා බොහෝස්ව අසහනයක ට පත්වුනා. එනිසා කවි ලිවීම නවතා, කවි කියවීම ට පමණක් සිමා විය යුතු බව මගේ හැඟීමයි. මා මගේ භලොග් සටහනේ "පුල්ලි කවි" ලියන්න බලාපොරොත්තුව :-)

නබුත් මා විකියට විටින් විට එනවා. කවි කියවන්නත් එනවා. ලස්සන කවි දිගටම ලියන්න.

මගේ කවි වල වැරදි නොපෙන්නවූ බව හෙනයට හිටිය :-)

කියවා මගේ කවි පෙල
"හරි අගෙයි" කිව් ඵල
ඇද පුද නොසැදූ බල
මා තවම අඳුරේ බොල!

"බොල " කීවට සමාවන්න. වෙන සුදුසු වදනක් මතක් වුනේ නෑ නොව!

තෙරුවන් සරණයි!

නන්දලාල්

On Sun, Aug 10, 2008 at 11:34 PM, Anu-Linux <linux...@gmail.com> wrote:

Sujeewa Kumara

unread,
Aug 11, 2008, 1:07:56 PM8/11/08
to helah...@googlegroups.com
පැටළිලි බොහෝ වී ඇත එක දිනක් තුළ
මගෙ නැහැ කිසිදු අහිතක් ගැන මිතුරු කැල
ඇති හින්දා කරදර වැඩ කරන පොල
මම කවි ලියන්නේ වැඩිපුර නිශා කල

මම කවි කළේ සිත අදහස් එක්වීම
වැරදුනෙ රාජිත ල දෙදෙනෙකු නොදැකීම
කෙරුවේ සමා මට සිදුවුන වැරදීම
ඒ මිස නොමැත කර ඔබ මට දොස් කීම

අනිකුත් රාජිත ද පෙළඹුණි පවසන්න

"සිදුවේදෝ මාහට දොස්  අහගන්න"
ඒ දේ වුණේ හින්ද ද මගෙ කවි ගොන්න
මට සිත් වුණා ඒ ගැන අවසර ගන්න

වෙදැදුරු තුමනි කළබල කිසි නොවනු ඔබ
මම නොම ලීමි කිසිවක් වනු පිණිස හබ
ඔබ කවි නරක නැත ඇටයක් තරම අබ
තව තව ලියනු මැන එළි කර අපගෙ සබ

වෙදැදුරු ගේ විකි පිටු සම්බන්ධ කතා
මට අපහසුයි පවසන්නට යමක් සිතා
මගෙ බස් දැණුම නෑ ඒ සා දුරට ගොතා
හුදු හෙළය ම යුතු ද කියල ත් දන්නෙ නැතා

වයස ට වඩා සිතිවිල්ලට දෙන්න තැන
මගෙ අදහසත් කවි පෙළ තුළ නැගුනි පැන
එ නිසා අපේ රාජිත් ගේ දියුණ ගැන
අත්පොලසන් නැගිය යුතු අප සියලු දෙන
 
මේ වගෙ දේ ට අප හා වන පැටලිල්ල
බෝ කවි ලියන්නට වූ වා සිත් ලොල්ල
ඒ දේ ගියා අප නොම වී නැවතිල්ල
තව තව කරුණු ගැන හලමු ද කවි මල්ල

ඒ ගැන ලියූ සියලුම දේ නවත්තමූ
විකි අරගලය ට ත් මෙතැනින් තිත තියමු
පෙර සිටියටත් වැඩියෙන් වී මිතුරු හමූ
පෙරටත් වඩා වැඩිපුර රස කවි ලියමූ



2008/8/11 රාජිත (Rajitha) <rajitha...@gmail.com>
මම නොදනිමි ඇයි ඉල්ලූ සමාව
තව සිතනෙම්  කොයි සිදුවූ පමාව
කව ලියනෙම් යැයි සිත්වූ නිසාව
මෙය ලියනෙම් කොයි කවි වූ කුමාර


2008/8/11 Nandalal Gunaratne <nandalal@gmail.



--





--
- Croak Croak

Anuradha Ratnaweera

unread,
Aug 11, 2008, 1:09:02 PM8/11/08
to helah...@googlegroups.com
On 8/11/08, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:
>
> පළමුව, විකියක් තැනූ පමන, යම් කෙනෙක් එය තුල විත්, සබඳ කමක් හරහා ගොස් කිසිම
> දෙයක් නොතිබිනේ නම්, ඔහු කිසි දෙයක් නොදැන ඉන් පිටවී යන්නේය. ඔහුගේ/ඇයගේ කාලය
> අප සොරා ගන්නා මෙනි. එනිසා මම, දන්නා පරිදි, විකියේ හැකි පමණ දේ එක් කලෙමි.
> සෑම ඉංගිරිසි අකුරටම වදනක් එක් කලෙමි. "ඉන්පසු නිති ඇසෙන පැන" යන්නෙහි කිසි
> දෙයක් නැති බැවින්, යමක් එක් කරන මෙන් ලිපි හරහා ඉල්ලා සිටියමි. කවුරුවත් එසේ
> නොකල බැවින්, මා යමක් එක් කොට, මෙ බලා වැරදි හදන මෙන් කියා ලිපියක් යැව්වා.
> එවිට එහි වරදක් ඇති බව පෙනවා දුන්නා. නමුදු එය කවුරු ලිව්වාද? වෙද මහතා
> ලිව්වාද? ලෙස පුරස්න කිරීමක් සිදුවුනා. මට මෙය නම් කවදාවත් පිලිගත නොහැකි
> දෙයක්. මා රෝහලේ අයටත් නිතර කියන දෙයක් තමයි, එවැන්නෙන් වලකින්න කියා.

මගේ අදහස් පැවසීමේ දොසක් ඇති බවත්, මා සිතූ දේ එ ලෙසින් ම කියැවී නැති
බවත් පෙනේ. :-(

මා "ඒ ලිපිය ලියුවේ නන්දලාල් වෙද මහතා ම ද? ;-)" කියා අදහස් කළේ "මෙය නම්
උපුටා ගත් දෙයක් මිස ඔහු ම ලියූ දෙයක් නොවන බව යි". එ නම්, එම ලිපියේ
අදහස්, මා දන්නා තරමින් ඔබගේ අදහස් වලට වෙනස් බව යි. ඉන් එහාට කිසිවක්
මා සිතූයේ නෑ. එ සේ සිතුනා නම්, සමා වන්න.

> එනිසා විකිය ට ලිවීම මා නතර කලා.

නැවත ඒ ගැන සිතන ලෙස මා ඉතා ගෞරවයෙන් (හෙළ වදනක්?) ඉල්ලමි.

> දැන් මා ලියූ කවියක් නිසා රාජිත හා සුජීව, සමාව ඉල්ලා ලිය තිබෙනවා. මා කවියට
> නවකයෙක් නිසා කවියේ දුර්වල කමකින් විය හැකි. මා කවි ලිවිමට පෙලඹුවේ ඔබ නිසා
> ඔබත් මෙයට යම් වගකීමක් ගත යුතුයි :-)

මා හිතන්නේ රාජිත ඇසූ පැනයට පිළිතුරු දීමේදී "රජිත්" සහා "රාජිත" මාරු වී
පිළිතුරු දීම ගැන තමා මේ "සමාව" ඉල්ලීම. ඔබට සබැඳි දෙයක් ගැන නො වෙයි.

අනුරාධ
--
http://www.sayura.net/anuradha/

Anu-Linux

unread,
Aug 11, 2008, 1:49:43 PM8/11/08
to Nandalal Gunaratne, helah...@googlegroups.com
ආයුබෝ වේවා!!

2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com>

අනුරාධ,

ඔබ නුවර සිර නරඹමින් අලිගැට පේර කමින් සිට අවදියේ ;-), මා අසහනයට පත්වුනු සිදුවීම් දෙකකි.

ඇත්තටම ඔබ වෙදකමට අමතරව සාස්තර කියන්නත් දන්නවා වගේ... ඇත්තයි.. මා වත්තේ ඇවිදිමින් සිටියදී මගේ සොඳුරිය මා ළඟ දැවටෙමින් අලිපේර කැව්වා නෙවැ :D මේ අලිපේර කාලේ නෙව.



පළමුව, විකියක් තැනූ පමන, යම් කෙනෙක් එය තුල විත්, සබඳ කමක් හරහා ගොස් කිසිම දෙයක් නොතිබිනේ නම්, ඔහු කිසි දෙයක් නොදැන ඉන් පිටවී යන්නේය. ඔහුගේ/ඇයගේ කාලය අප සොරා ගන්නා මෙනි. එනිසා මම, දන්නා පරිදි,  විකියේ හැකි පමණ දේ එක් කලෙමි. සෑම ඉංගිරිසි අකුරටම වදනක් එක් කලෙමි. "ඉන්පසු නිති ඇසෙන පැන" යන්නෙහි කිසි දෙයක් නැති බැවින්, යමක් එක් කරන මෙන් ලිපි හරහා ඉල්ලා සිටියමි. කවුරුවත් එසේ නොකල බැවින්, මා යමක් එක් කොට, මෙ බලා වැරදි හදන මෙන් කියා ලිපියක් යැව්වා. එවිට එහි වරදක් ඇති බව පෙනවා දුන්නා. නමුදු එය කවුරු ලිව්වාද? වෙද මහතා ලිව්වාද? ලෙස පුරස්න කිරීමක් සිදුවුනා. මට මෙය නම් කවදාවත් පිලිගත නොහැකි දෙයක්. මා රෝහලේ අයටත් නිතර කියන දෙයක් තමයි, එවැන්නෙන් වලකින්න කියා. බොහෝවිට දම්මපදයේ කියන වස කැවුනු ඊය වැදුන කෙනා ගේ උපමාව කියා දෙමින්. එනිසා විකිය ට ලිවීම මා නතර කලා.

හෙළ හෙළිය අපි කාගේත් කෙළි බිම නොවැ. මෙතුල මා දුටු වෙනස, මුහුකුරා ගිය බව, බසට වන සේවය, දැණුමට එක්වන කරුණු ගොන්න, බුද්ධිය උරගෑමේ වාද විවාද, කවීත්වය එළි නැංවූ තැන්, මෙකී නොකී අනෙකුත් හේතු ගොන්නක් ද නිසා ඉතා උනන්දුවෙන් රැදී සිටින සවිදැහැනක් බවට හොළ හෙළිය පත්වීය. මා පිළිගන්නවා මා අතින් පවා විකිය නැංවීමට වූ දායකත්වය ඉතා අල්පය. ඒ ගැන මම දුක් වෙමි. පසු වී හෝ විකියට කරුණු එක් කිරීම ට මා පසුගිය සිකුරාදා ඇරඹුවා. :-). මෙහිදී මා දකින්නේ අපි සියල්ලන්ම එක පවුලක දරුවන් මෙනි. (හැගීම් බර මොහොතක් :-)). අයිය මලෝ ගහ බැන ගත්තට හිත්වල කහටක් නැහැ නොවැ. :-). ඒ නිසා මා නන්දලාල් සහෝදරයා ට විකිය ලියන්න නැවතත් එක් වෙන්න කියල සහෝදරාත්මක ඉල්ලීමක් කරනවා. මා දන්නවා, සහෝදර ඉල්ලීමක් කවදාවත් කුණු මුල්ලට නොදමන බව. දම්වැලක වුනත් හැම පුරුකක්ම අවැසි වෙනවා එහි හයිය රඳවගන්න.


දැන් මා ලියූ කවියක් නිසා රාජිත හා සුජීව, සමාව ඉල්ලා ලිය තිබෙනවා. මා කවියට නවකයෙක් නිසා කවියේ දුර්වල කමකින් විය හැකි. මා කවි ලිවිමට පෙලඹුවේ ඔබ නිසා ඔබත් මෙයට යම් වගකීමක් ගත යුතුයි :-)

හැබෑම නොවැ. මට වේවැලත් සමඟ විත් තරවටු කර කවි වල ඇද හදන්න තිබුනා... ඒත් ඇත්තම කියන්නම්, ඔබ දිනෙන් දින ඔබේ කවි කම් ඔප දමනු දුටු මට වේවැල වෙනුවට මී පැණි බෝතලයක් එවන්නට සිත් විණි.


මගේ මොඩ කවි නිසා මෙවැනි අමනාපයක් ඇතිවේ යැයි මා කිසිවිට නොසිතූ බැවින්, මින් මා බොහෝස්ව අසහනයක ට පත්වුනා. එනිසා කවි ලිවීම නවතා, කවි කියවීම ට පමණක් සිමා විය යුතු බව මගේ හැඟීමයි. මා මගේ භලොග් සටහනේ "පුල්ලි කවි" ලියන්න බලාපොරොත්තුව :-)

ඔබේ හැඟීම මදක් වෙනස් කර "නැචත මම කවි ලියමි" යැයි සිතුවොත් එය ඔබේ නව සිතිවිල්ල වී සිතුවිලි තට්ටුවේ (stack) උඩම සිතුවිල්ල වේවි. :-) 

නබුත් මා විකියට විටින් විට එනවා. කවි කියවන්නත් එනවා. ලස්සන කවි දිගටම ලියන්න.

මෙම වැකියම, "මා විකියට නිතරම එනවා. කවි කියවන්නත් ලියන්නත් එක් වෙනවා." යනුවෙන් වෙනස් විය යුතු යැයි මම සිතමි. :D
 

මගේ කවි වල වැරදි නොපෙන්නවූ බව හෙනයට හිටිය :-)

ඒ ගැන ගුරුන්ගේ නෙත් පෑදේවා!! මෙහි සිටිනා මහ කවියන් පොඩි කවියන් සියල්ලෝම වෙදානන්ගේ කවි දොස් පෙන්වා දෙත්වා!! :-)

කියවා මගේ කවි පෙල
"හරි අගෙයි" කිව් ඵල
ඇද පුද නොසැදූ බල
මා තවම අඳුරේ බොල!

"බොල " කීවට සමාවන්න. වෙන සුදුසු වදනක් මතක් වුනේ නෑ නොව!

ඇයි මේ කමා අයදින්නේ, "බොල" යනු මිතුරෙකු අමතන්නට යොදා ගන්නා වදනක් නොවැ. ඔබ "බොල" නොකියා කවියේ එලිවැට බින්දානම් ඒ ගැන බොලාට දොස් අහන්න ඉඩ තඉබුනා. :-)



තෙරුවන් සරණයි!

නන්දලාල්

මෙය කවි ලිපි පෙළකි උඩ වැකි ලීවාට
මින්පසු කවි ලියමි ලිපි වල පිළිතුර   ට
අප සවිදැහැන සරි වෙයි දම් වැල ලෙසට
හැම පුරුකක්ම වටිනව එහි එක ලෙසට

කුමාරයා පෙර කවියක ලිව් ලෙසට
තිතම තබමු මේ සුලු සිත් තැවිල්ලට
නිතර හිතමු හෙළ බස ගැන ඉදිරියට
නං වමු ජය කෙහෙළි සලකා හෙළ බසට

දැන් රෑ එකොලහයි පැය සහ විනාඩි
දිනයත් එකොලහයි මූඩියටම ජාඩි
මෙය සුබ නැකතයැයි සිතලා මා ද පොඩී
අඩියක් ගසන්නට සිත්වෙයි 'බකාඩි' :-)

සුබ රැයක් සහ සුබ නව දිනක් පතමි.

රාජිත (Rajitha)

unread,
Aug 11, 2008, 2:17:34 PM8/11/08
to helah...@googlegroups.com
2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com>
අනුරාධ,

ඔබ නුවර සිර නරඹමින් අලිගැට පේර කමින් සිට අවදියේ ;-), මා අසහනයට පත්වුනු සිදුවීම් දෙකකි.

පළමුව, විකියක් තැනූ පමන, යම් කෙනෙක් එය තුල විත්, සබඳ කමක් හරහා ගොස් කිසිම දෙයක් නොතිබිනේ නම්, ඔහු කිසි දෙයක් නොදැන ඉන් පිටවී යන්නේය. ඔහුගේ/ඇයගේ කාලය අප සොරා ගන්නා මෙනි. එනිසා මම, දන්නා පරිදි,  විකියේ හැකි පමණ දේ එක් කලෙමි. සෑම ඉංගිරිසි අකුරටම වදනක් එක් කලෙමි. "ඉන්පසු නිති ඇසෙන පැන" යන්නෙහි කිසි දෙයක් නැති බැවින්, යමක් එක් කරන මෙන් ලිපි හරහා ඉල්ලා සිටියමි. කවුරුවත් එසේ නොකල බැවින්, මා යමක් එක් කොට, මෙ බලා වැරදි හදන මෙන් කියා ලිපියක් යැව්වා. එවිට එහි වරදක් ඇති බව පෙනවා දුන්නා. නමුදු එය කවුරු ලිව්වාද? වෙද මහතා ලිව්වාද? ලෙස පුරස්න කිරීමක් සිදුවුනා. මට මෙය නම් කවදාවත් පිලිගත නොහැකි දෙයක්. මා රෝහලේ අයටත් නිතර කියන දෙයක් තමයි, එවැන්නෙන් වලකින්න කියා. බොහෝවිට දම්මපදයේ කියන වස කැවුනු ඊය වැදුන කෙනා ගේ උපමාව කියා දෙමින්. එනිසා විකිය ට ලිවීම මා නතර කලා.


මේ දින වල වැඩ බොහෝ නිසා විකියට දායකත්වයක් දීමට නොහැකිවිය. මුලදී දායකත්වය ලබා දුනි.
'පාසල' ගැන මා එක් නොකලේ එය කෙසේ කරම්දැයි සිතා ගත නොහැකි වූ නිසාය.


 

දැන් මා ලියූ කවියක් නිසා රාජිත හා සුජීව, සමාව ඉල්ලා ලිය තිබෙනවා. මා කවියට නවකයෙක් නිසා කවියේ දුර්වල කමකින් විය හැකි. මා කවි ලිවිමට පෙලඹුවේ ඔබ නිසා ඔබත් මෙයට යම් වගකීමක් ගත යුතුයි :-)


මම පැදිය නවත ගැදියෙන් ලියමි. ඒ මා හට පැදියෙන් ඇවසි දේ නිවැරදිව කීමට නොහැකි නිසාය. ඒ මා තවම පුල්ලි කවියෙක් වන නිසාය. :-)

ඔබ තුමා වැරදි වැටහීමක් ඇති කරගෙන ඇත. මා මුල් කවිය ලියූ පසු සිතුනේ(රජිත් ගැන) එය ලිවීමෙන්  අවැඩක් සිදුවූවාද කියාය. ඒ මක් නිසාද යත් ඉන් පසු රජිත්ගේ අපගේ සවිදැහනට වන සේවය අඩු වූවාදැයි සැකයෙනි. දිනකට ලිපි බෝහෝ ගණනක් එවන ඔහුගේ දායකත්වය මගේ වැණුමත් සමඟ අඩුවූ වාදැයි මට සිතුනි. මා සමාව ඉල්වූයේ එනිසාය.
මා පුල්ලි කවියේක් නිසා කවියෙන් හරිම තේරුම ගැනීම අපහසු වෙනවාට සැකයක් නොමැත. (මේ නිසයි මා මේ ගැදියෙන් ලියන්නෙ.)


කෙසේ වෙතත් හෙළ හෙළිය වෙනදාට වඩා නිහඩ යැයි සිතේ. එකම කෙළිය කවි කෙළියයි.


මගේ මොඩ කවි නිසා මෙවැනි අමනාපයක් ඇතිවේ යැයි මා කිසිවිට නොසිතූ බැවින්, මින් මා බොහෝස්ව අසහනයක ට පත්වුනා. එනිසා කවි ලිවීම නවතා, කවි කියවීම ට පමණක් සිමා විය යුතු බව මගේ හැඟීමයි. මා මගේ භලොග් සටහනේ "පුල්ලි කවි" ලියන්න බලාපොරොත්තුව :-)

නබුත් මා විකියට විටින් විට එනවා. කවි කියවන්නත් එනවා. ලස්සන කවි දිගටම ලියන්න.

මගේ කවි වල වැරදි නොපෙන්නවූ බව හෙනයට හිටිය :-)


ඔබ තුමාගේ කවි දිනෙන් දිනම රස වෙන බව පැහැදිළියි. මා හට නම් වැරදි පෙන්විය නොහැක. මම ද තවම පුල්ලි කවියෙක් වන නිසාය. :)
වියතුන් ගුණ දොස් දකිත්වා.

-රාජිත
 

Sujeewa Kumara

unread,
Aug 11, 2008, 2:57:40 PM8/11/08
to helah...@googlegroups.com


2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com>

අනුරාධ,

ඔබ නුවර සිර නරඹමින් අලිගැට පේර කමින් සිට අවදියේ ;-), මා අසහනයට පත්වුනු සිදුවීම් දෙකකි.

පළමුව, විකියක් තැනූ පමන, යම් කෙනෙක් එය තුල විත්, සබඳ කමක් හරහා ගොස් කිසිම දෙයක් නොතිබිනේ නම්, ඔහු කිසි දෙයක් නොදැන ඉන් පිටවී යන්නේය. ඔහුගේ/ඇයගේ කාලය අප සොරා ගන්නා මෙනි. එනිසා මම, දන්නා පරිදි,  විකියේ හැකි පමණ දේ එක් කලෙමි. සෑම ඉංගිරිසි අකුරටම වදනක් එක් කලෙමි. "ඉන්පසු නිති ඇසෙන පැන" යන්නෙහි කිසි දෙයක් නැති බැවින්, යමක් එක් කරන මෙන් ලිපි හරහා ඉල්ලා සිටියමි. කවුරුවත් එසේ නොකල බැවින්, මා යමක් එක් කොට, මෙ බලා වැරදි හදන මෙන් කියා ලිපියක් යැව්වා. එවිට එහි වරදක් ඇති බව පෙනවා දුන්නා. නමුදු එය කවුරු ලිව්වාද? වෙද මහතා ලිව්වාද? ලෙස පුරස්න කිරීමක් සිදුවුනා. මට මෙය නම් කවදාවත් පිලිගත නොහැකි දෙයක්. මා රෝහලේ අයටත් නිතර කියන දෙයක් තමයි, එවැන්නෙන් වලකින්න කියා. බොහෝවිට දම්මපදයේ කියන වස කැවුනු ඊය වැදුන කෙනා ගේ උපමාව කියා දෙමින්. එනිසා විකිය ට ලිවීම මා නතර කලා.

දැන් මා ලියූ කවියක් නිසා රාජිත හා සුජීව, සමාව ඉල්ලා ලිය තිබෙනවා. මා කවියට නවකයෙක් නිසා කවියේ දුර්වල කමකින් විය හැකි. මා කවි ලිවිමට පෙලඹුවේ ඔබ නිසා ඔබත් මෙයට යම් වගකීමක් ගත යුතුයි :-)

මගේ මොඩ කවි නිසා මෙවැනි අමනාපයක් ඇතිවේ යැයි මා කිසිවිට නොසිතූ බැවින්, මින් මා බොහෝස්ව අසහනයක ට පත්වුනා. එනිසා කවි ලිවීම නවතා, කවි කියවීම ට පමණක් සිමා විය යුතු බව මගේ හැඟීමයි. මා මගේ භලොග් සටහනේ "පුල්ලි කවි" ලියන්න බලාපොරොත්තුව :-)

නබුත් මා විකියට විටින් විට එනවා. කවි කියවන්නත් එනවා. ලස්සන කවි දිගටම ලියන්න.

මගේ කවි වල වැරදි නොපෙන්නවූ බව හෙනයට හිටිය :-)

කියවා මගේ කවි පෙල
"හරි අගෙයි" කිව් ඵල
ඇද පුද නොසැදූ බල
මා තවම අඳුරේ බොල!

ඉස්සර කවි ලියන්නට බැරි පොඩි කාලේ
සිංහළ හයේ පොත අකුරට ගත් වේලේ
මගෙ රට ගැන ලියනු  කියලා කිව් තාලේ
දහඩිය දමා රත් වූ වා ඉහ මෝළේ

එදවස බයේ ගැහි ගැහි ගුරු තුමා වෙත
ගාටා ගොසින් කීවා මා මගේ වත
එයසා සිනා සී කීව රැගෙන පොත
ලියපන් පේළි හතරක් එක දිගට පුත

හිත බය නිසා අත වෙවුලා දෙපය ගැසී
හුන් මට එබස මී අඹ විය ඉදුනු පැසී
රට ගැන ලියූවෙමි ඇති ලෙස හිතට රිසී
එහි එලිසමය තිබුණේ නෑ තැනක කිසී

කවියට ඇති වුණේ නම් නෑ හැකියාව
එනමුදු බය ගොහින් ඇති විය පිරියාව
ඉන්පසු බොහෝ කල් සිදු කල කිරියාව
මතු කරවන්න මා තුළ සිටි කවියා ව

එලිසම අනුත් පස හා ගණ පෙළ තියලා
එක රැයකින් නොහැක ලියුමට කවි ගොතලා
වෙදැදුරු තුමා ටික දවසට දියුණු වෙලා
ඔය ගිය දුර හොඳයි ඉනු ඉන් සතුටු වෙලා

පුලුවන් තරම් සිතනුව ලියනට කවිය
සීමා අඩු කළොත් මුල දී වෙයි සවිය
කියවන තරම් පෙර කවියන් සුවි සැවිය
එය ඔප කරයි ඔබ අත රැඳි කවි අවිය

ලිව්වට පසුච පද හතරක් එක් කරලා
නොම ලත වන්න එහි ඇති නෙක දොස් සොයලා
හැකි නම් තවත් පද හතරක් යළි ලියලා
යත් ගනු පරදන්න පෙර කවි පසු කරලා

එහෙනම් අපේ වෙදැදුරු ගේ නැගෙන කවී
යළි යළි ලියන්නට වෙවා සිතට සවී
මෙතරම් නිදි මරා ලීවා ඔබට කවී
නොලියා සිටුම් ගැලපෙන්නේ වෙද ට නෙවී
 



--
- Croak Croak

Rajith Vidanaarachchi

unread,
Aug 11, 2008, 3:41:24 PM8/11/08
to helah...@googlegroups.com
ඔබ සියලු දෙනා ලියූ කවි පදවලට තුති. මා පිළිතුරක් නො එවූයේ, නුසුදුසු යැ යි හැඟුණු නිස යි. මා
මුලින් ම රාජිත/රජිත් අවුල ලිහුවා නම්, මෙය මෙතෙක් දුරට යන්නේ නැහැ. මගෙන් සිදු වූ ඒ වරදට කමන්න.

නන්දලාල් වෙද තුමා ලියූ ලිපිය ගැන මා ලියූවේ, ලිපියක කරුණු විරුදු අතට හැරවීමට පෙර දැනුම් දිය
යුතු යැ යි සිතුණු නිසා. එය මුලින් ම විකියට ලියන්නැ යි පැවසූ විට එය ලිවීමට නො හැකි වුණේ මේ
දිනවල වැඩ බහුල වීම නිස යි. එසේ නොලිවීමත් මගේ වරදක් ලෙස කියන්න හැකි යි. එ නිසා එම වරදටත්
කමන්න. ඔබ තුමා විකියට ලිවීම නවත්වන්න එපා. අන් අයෙකු කළ වරදකට තමන් විහින් දඬුවම් කරගන්න
එපා. එය සමාජ සේවයක්. නවත්වන්න එපා. ඔබේ කවිත් හොඳයි. සුජීව ඔහු ගේ කවියට සමාව ඉල්ලා
සිටියා මිස, ඔබේ කවියක් වෙනුවෙන් සමාව ගන්නා ලෙස පැවසුවේ නැහැ. දිගටම කවි ලියන්න.

කවියක් නිසා අද හෙළ හෙළියේ එළිය
අඩු වැඩි වුණා නැත වූයේ ගිනි කෙළිය
බස-දෙස-රැස නඟන්නට, කරනට හෙළිය
නවතමු ගිනි කෙළිය. අරඹමු කවි කෙළිය

මෙම ගිනි කෙළිය ඇවිලෙන්නට පෙර හෙළියේ
කතිකා වුණෙමු අපි ගණ ගැන ලහි ලහියේ
ඒ ගැන ලියමි, දැන ගැනුමට හෙළ හෙළියේ
ලියමුව කවි නොවී ගණ පිළිබඳ ගැතියේ

අයෙක් කියති යම් යම් ගණ ගුණය කියා
සමහර ගණ අගුණ යි කියති කට අයා
එහෙත් එයට හේතුව නො දෙති, නැත නියා
නො අදහමි ඇතැම් ගණ අගුණ යැයි කියා

ලුහු මත් තුනක් හෝ ගුරු මත් තුනක් වෙතොත්
ලුහු පසු ගුරු දෙකක්, ගුරු පසු දෙ-ලුහු වෙතොත්
සුබ වේ කියා ඉපැරණි පොත පත පවසත්
කවියක් ඇරඹුමට සුබ ගණ හොඳය කියත්

දෙ-ලුහු මැද ගුරක් හෝ ලුහු මැදි දෙ-ගුරක්
ගුරු දෙක පසු එන ලුහු හෝ දෙ-ලුහු ගුරක්
පැරණි පොතෙහි ඇත අසුබයි යන මතයක්
වනසන්නේ යැ යි පවසති තවත් යමෙක්

නිරයට අකුරු දී එ අපා අකුරු කියයි
සුරන් යොදන අකුරු යි සුර අකුරු කියයි
මිනිස් අකුරු යැයි තව නෙක් අකුරු ගනියි
මෙ තුන අසුබ-සුබ-මැදහත් බව පවසයි

එහෙත් මිනිස් යොදනා කල මෙම අකුරු
කෙසේ වේ ද, සුර හෝ යම ලොවැ අකුරු
යොදන සිත හොඳයි නම් හොඳ වෙයි අකුරු
නො හොඳ සිත යෙදූ තැන හොඳ වෙ ද අකුරු

එ නිසා කවි බඳින විට මෙම ගණ, අකුරු
අසුබය-සුබය නො බලා තනමු කවි සරු
බස නිවරදව ඇති කලැ ගණ වෙ ද සතුරු
වැරදි ව යෙදූ බස වෙයි සුකිවියන් මරු

වස් කවක්, සෙත් කවක් තනන්නේ නම් යමෙක්
ගණ-පිහිටි-අකුරු ගැන කරනු මැන සැලකුමක්
එහෙත් එදිනෙදා දිවියෙදී ගණ කර මතක්
කුමට අපි වෙහෙසෙමු ද, ලියමු නිවැරදි කවක්

බුදු සරණයි!
-රජිත්

Rajith Vidanaarachchi

unread,
Aug 11, 2008, 4:05:21 PM8/11/08
to helah...@googlegroups.com
දැන් රෑ එකොලහයි පැය සහ විනාඩි
දිනයත් එකොලහයි මූඩියටම ජාඩි
මෙය සුබ නැකතයැයි සිතලා මා ද පොඩී
අඩියක් ගසන්නට සිත්වෙයි 'බකාඩි' :-)

ජාඩියටම මූඩි
විය මූඩියටම ජාඩි
ඇයි දෝ අයියණ්ඩි
දැනටමත් ඔබ ගසලා ද අඩි?

ප.ලි. එකොලහ ද? එකොළහ ද?

Anu-Linux wrote:
> ආයුබෝ වේවා!!
>
> 2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com

> <mailto:nand...@gmail.com>>

Rajith Vidanaarachchi

unread,
Aug 11, 2008, 4:29:01 PM8/11/08
to helah...@googlegroups.com
> ඔබ තුමා වැරදි වැටහීමක් ඇති කරගෙන ඇත. මා මුල් කවිය ලියූ පසු සිතුනේ(රජිත් ගැන) එය
ලිවීමෙන් අවැඩක් සිදුවූවාද කියාය. ඒ මක් නිසාද යත් ඉන් පසු රජිත්ගේ අපගේ සවිදැහනට > වන
සේවය අඩු වූවාදැයි සැකයෙනි. දිනකට ලිපි බෝහෝ ගණනක් එවන ඔහුගේ දායකත්වය මගේ වැණුමත් සමඟ
අඩුවූ වාදැයි මට සිතුනි. මා සමාව ඉල්වූයේ එනිසාය.
> මා පුල්ලි කවියේක් නිසා කවියෙන් හරිම තේරුම ගැනීම අපහසු වෙනවාට සැකයක් නොමැත. (මේ නිසයි
මා මේ ගැදියෙන් ලියන්නෙ.)

එවැන්නක් සිදුවුණේ නැහැ. මා මෙම සතියේ අග පැවැත්වෙන විනැවුම්(Informatics) ඔලිම්පියාඩ්
තරඟය සඳහා සූදානම් වෙමින් සිටින නිසායි, ලිපි ලිවූයේ නැත්තේ. අද විවේකයක් ගත් මොහොතේ ලිපි
ලියන්නට සිතුණා. මෙතෙක් ලිපි කියවීමෙන් පමණක් සැනසුණා. සුජීවට නම පැටළුණේ මා සවිදහනට නම
ඉංගිරිසියෙන් දමා ඇති නිසා වෙන්න ඇති. මොකද, ඉංගිරිසියෙන් නමක් වත් හරියට ලියන්න බැහැ නො වැ.
වරද ඔබේ කවියේ නො වේ. ඉංගිරිසියේ. ඔබේ කවියෙන් අවැඩක් වුණේ නැහැ නො වැ. කවියෙන් ම ලියන්න.

බුදු සරණයි
-රජිත්.

රාජිත (Rajitha) wrote:

> 2008/8/11 Nandalal Gunaratne <nand...@gmail.com
> <mailto:nand...@gmail.com>>

> <mailto:nand...@gmail.com>>


>
> කවි ලීව්ව ට සමාව ඉල්ලන වා ද?
> හෙළහෙළියට මෝඩයනුත් ආවා ද?
> අගය කරන අය අගයන කල යුත්ත
> හැකියාවන් හඳුනන්නනෙ කටයුත්ත
>
>
> 2008/8/10 Sujeewa Kumara <fatty...@gmail.com

> <mailto:fatty...@gmail.com>>

Anu-Linux

unread,
Aug 11, 2008, 11:21:36 PM8/11/08
to helah...@googlegroups.com
ආයුබෝ වේවා!

2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

   දැන් රෑ එකොලහයි පැය සහ විනාඩි
   දිනයත් එකොලහයි මූඩියටම ජාඩි
   මෙය සුබ නැකතයැයි සිතලා මා ද පොඩී
   අඩියක් ගසන්නට සිත්වෙයි 'බකාඩි' :-)

ජාඩියටම                   මූඩි
විය මූඩියටම              ජාඩි
ඇයි දෝ             අයියණ්ඩි
දැනටමත් ඔබ ගසලා ද අඩි?

ඇත්ත තමා ඔබ කිව් දේ මලයන් ඩී
දැම්මේ හිතලමයි මූඩියටම  ජා   ඩි
එලි වැට රකින්නට ගොස් කල වරද පොඩී
හැබැයි මලේ මා ගසන්නෙ නෑනෙ අඩි


ප.ලි. එකොලහ ද? එකොළහ ද?


මෙය 'එකොළහ' විය යුතු යැයි මට ද හැගේ.

Sapumal Jayaratne

unread,
Aug 12, 2008, 9:17:47 AM8/12/08
to helah...@googlegroups.com
සූජීවයි මමයි එකමත් එක කලෙක
ලිව්වා කේත එකමුතු වී එක තැනෙක
සිංහල යුනිකේත ගැන මම කිවිවත් කොතෙක
ඔහු නෑ ගනං ගත්තේ එය කිසි කලෙක

එනමුත් මෙහිදි ඔහු අද පාන දස්කම්
මතකෙට නගයි ඔහු පෑ තවත් විස්කම්
ඇත්තම තමයි කරනව නොවෙයි ඔච්චම්
කොච්චර කෑ නමුත් ඔහුට මදි බත්නම්

තව රසබර කතන්දර ඇත කියන්නට
එනමුන් තිබෙයි බඩ ගින්දර නිවන්නට
තව‍ මොහොතකින් ගොස් උගුරට ඔබන්නට
කෑමක් රැගෙන එමි යලි කවි කියන්නට

සැරදේවා,
සපුමල්.

Sapumal Jayaratne

unread,
Aug 12, 2008, 9:42:09 AM8/12/08
to helah...@googlegroups.com
සිතුනත් ‍මොහොතකට බොන්නට දුමාරයක්
කවි පවසින් නොමදෙයි මට විරාමයක්
පසෙකට දමා නොකරා වැඩ හමාරයක්
කියනෙමි කවි ඇරියා වැනි කරාමයක්

පෙරේදා උදේ මම ‍වැඩට යනකොට
ලිපියක් ඇවිත් තිබුනා පිරියග‍නකෙට
පෙරදා මා ලියූ කවියක පිලිතුරට
පහත කවිය ලියලා තිබිණි මවෙතට

සපුමල් ගැන ඉතිං අපහට කුමන කතා
බෝදිල් එනකම් ඉන්නේ දහවලට නොකා
දහවල් උන සැනින් සැරසී සැමට හොරා
දුරකථනයෙන් අමතයි හමුවිය නොහැකි නිසා

(බොදිල් යනු මාගේ ආයතනයේ පිටරට සිටින කළමණාකාරිණියකි. සැමදා දහවලට අප දෙදනා දුරකථනයෙන් සාකච්චාවකවක නිරතවෙමු. මෙම පිලිතුර මා හට ලැබුනේ පහත කවියටයි.)

පයිතන් එෆ්බිල්ඩ් ගලපා සදා රටා
කම්මැලි ‍නොවී තුන්පාරක් හොඳට සිතා
උදේ ඉඳන් රෑ වෙනකම් කෝඩ් කොටා
ඇල්මෙන් බග්ස් හදපං ඉදිරි වැඩ තකා

(මෙම කවිය මා යැවුයේ වැඩ කිරීම අමාරු යැයි කියා එවූ ලිපියකට පිලිතුරු වශයෙනි)

හෙළයෝ සැමෙකාම එකසේ කවියට දස්කම් පාන බවට පෙනේ.

Rajith Vidanaarachchi

unread,
Aug 12, 2008, 11:00:06 AM8/12/08
to helah...@googlegroups.com

සූජීවයි මමයි එකමත් එක කලෙක
ලිව්වා කේත එකමුතු වී එක තැනෙක

මෙහි, "ලිව්වා කේත" යන්න "ලිව්වෙමු කේත" යනුවෙන් නිවැරදි විය යුතු යි.

Nandalal Gunaratne

unread,
Aug 12, 2008, 12:41:32 PM8/12/08
to helah...@googlegroups.com
කවි ලිවීමේ දී මෙතරම් නිවැර දි විය යුතු ද? අනෙක,  "ලිව්වා" යන්න ට උක්තය ඒක වචන විය යුතු ද?

2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Sapumal Jayaratne

unread,
Aug 12, 2008, 1:41:29 PM8/12/08
to helah...@googlegroups.com
2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

   සූජීවයි මමයි එකමත් එක කලෙක
   ලිව්වා කේත එකමුතු වී එක තැනෙක
මෙහි, "ලිව්වා කේත" යන්න "ලිව්වෙමු කේත" යනුවෙන් නිවැරදි විය යුතු යි.

මා හට නොමැත වියරණ ගැන මහ දැනුමක්
කවියෙක් වන්න කර නොගනිමි එය හරහක්
එනමුත් සදොස් තැන් ඇතිවිට නොව තරහක්
නිදොස් කලොත් ඔබහට වෙයි මහා පිනක්

Anu-Linux

unread,
Aug 12, 2008, 2:04:01 PM8/12/08
to helah...@googlegroups.com


2008/8/12 Nandalal Gunaratne <nand...@gmail.com>

කවි ලිවීමේ දී මෙතරම් නිවැර දි විය යුතු ද? අනෙක,  "ලිව්වා" යන්න ට උක්තය ඒක වචන විය යුතු ද?

2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>


   සූජීවයි මමයි එකමත් එක කලෙක
   ලිව්වා කේත එකමුතු වී එක තැනෙක

මෙහි, "ලිව්වා කේත" යන්න "ලිව්වෙමු කේත" යනුවෙන් නිවැරදි විය යුතු යි.

ඔබේ අදහස් වලට දහසක් තුති. මා දන්නා තරමින් කවියේදී මෙම රීති මදක් ලිහිල් ව බාවිතා වේ. කවිය වුව ද බස නොමරා ලිය යුතු බව සහතිකය. උපසකුවක් යොදා කවි ලිවීම බස මැරීමකි.

උදා:


සුජීවයි මමයි එකමත් එක කලෙක
ලිව්වා 'කෝඩ්' එකමුතු වී එක තැනක

මෙසේ ලීවානමි එය බස මරන එක් තැනක් වේ. ඉතින්, 'ලිව්වා කේත' යැයි යෙදීමේ එතරම් දොසක් මම නොදකිමි. නමුදු ගැදියේදී රජිත් පෙන්වා දුන් සේ උක්තය, අනුක්තය නොසලකා ලිවීම බරපතල වරදකි.


තුති

Madhusha Piyarathne

unread,
Aug 12, 2008, 2:05:35 PM8/12/08
to helah...@googlegroups.com


ආයුබෝවන්

මටත් සිතුනි සවිදැහැනට          ලියන්නට
තාම පුරුදු නෑ මට කවි             බදින්නට
ලිව්වත් මගේ සැමියා කවි          විටින් විට
ලේසි නෑනේ පද හතරක්           ලියන්නට

        
--
~-මධූ-~
~- Madhu -~

Sujeewa Kumara

unread,
Aug 12, 2008, 2:20:02 PM8/12/08
to helah...@googlegroups.com


2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

ගණ පිඟිටුවන්න ට නොම දැන හුන් මෙ මට
මෙම කවි පෙළින් එය වැටහුනි බොහො දුරට
ලිව්වේ රජිත් අදහස ගලපා හැඩට
දැනුම ත් කවි ත් හරි සොඳුරුයි තුති ඔබට

මේ වගෙ කවි ලියන නෙක විධ ක්‍රම වේද
සහ අරඹන්න බැරි උන් හට කවි නාද
උවදෙස් පෙළක් විකි නැගුවොත් හොඳ නේද?
ලොකු පොඩි බොහෝ දෙන ඉන් වැඩ නොගනීද?

මේ හැඩ කවි පෙළ ම උපුටා එහි අලවා
කාට ත් හැකි නමුත් දෙන්නට විකි කරවා
එය ලියු රජිත් ඔබ එහි පිටුවක් පුරවා
ලිව්වොත් නේද හොඳ කාගෙත් ඇස අරවා

ඒ වාගේ ම අප හද රැඳි කවි පොරණේ
ලියුමෙහි නොවේ විකියෙයි රැඳුමට තිබුණේ
ජන කවි පමණ නොව කොලඹ ද කවි බැඳුණේ
ඒ හැම අපේ වේ රැක ගමු එය නිතිනේ

මම මේ නිසා ගූගලයක් විවර කර
යත් දැරු නමුත් සොයනට කවි පතළ පෙර
ලියු උන් ගුණ වැණුම් ඉංගිරිසියෙන් හැර
උන් ලියු වටින කවි ලැබුණේ නැත මිතුර

මහ ලොකු වැඩක් නොව මේ කවි සොයන්නට
පෙළ පොත් ඇතේ සිංහළ හා සාහිත ට
උපුටා එයින් ගත්තට කම් නැත අප ට
හොරකමකට නොවේ කාගෙත් යහපතට 

එනිසා මෙයත් අප කාගෙත් හිතට ගෙන
විකි පිටුවක් අරිමු හැමට ම කවි කරන
සිසුවෙකු හෝ ගුරෙකු ඇත් නම් මෙහි බැඳුණ
පෙර කවියන්ගෙ කෙරුමන් එහි ලියනු මැන





--
- Croak Croak

Sujeewa Kumara

unread,
Aug 12, 2008, 3:01:19 PM8/12/08
to helah...@googlegroups.com


2008/8/12 Sapumal Jayaratne <sapumal....@gmail.com>

සපුමල් සමග අහසේ මාලිගාවක
වැඩ සටහන් ලීමි නොමිනිස් වූ බසක
නොකරන නමුත් ඔහු හා මා එකට එක
සපුමල් ගේ නැව ද සඟවන්නට නොහැක

පුදුමා කාර වැඩ සිදු වන්නේ එතැන
විටකදි සමන් කුළ අහසේ පැන නැඟිණ
මහ සාගරේ නැව් යන විට අත ළඟින
තමනගෙ නැවක් ගැන මැව්වා ඔහු සිහින 

වැළකිය නොහැකි දේ සිදු විය ලෙස උරුම
එතැනින් වෙන් වුණා දෙ දෙන ම එක වර ම
දැන් ඔහු දකින්නේ ගොඩ දුවනා රත ම
නැව ගැන සිහින මැවෙති ද සිත තුළ තව ම?

මිනිසුන් යනෙන විට වැඩ පොළ වෙත හැම දා
ඇතමුන් යනෙන විට තම ගම රට හැරදා
වාහන වැඩි වෙලා මග යන්නට බැරි දා
සපුමල් ගේ නැවේ යන්නට වෙ ද කවදා




සැරදේවා,
සපුමල්.






--
- Croak Croak

Rajith Vidanaarachchi

unread,
Aug 12, 2008, 3:24:04 PM8/12/08
to helah...@googlegroups.com

මේ හැඩ කවි පෙළ ම උපුටා එහි අලවා
කාට ත් හැකි නමුත් දෙන්නට විකි කරවා
එය ලියු රජිත් ඔබ එහි පිටුවක් පුරවා
ලිව්වොත් නේද හොඳ කාගෙත් ඇස අරවා

මේ දින වල වැඩ බහුලයි මෙ මා හට
මිසරය වෙත යමි පෙරැකුම් තරඟයට
එබැවින් සකි මේ ගැන ලීම විකියට
අරඹනු මැන මා ලී දේ ඇතුළු කොට

කවි පොත් තිබෙන මුත් - පිරිගැණුම් ගත කරනට
දිසි'කුරු හඳුනුවක් - හෙළ බසට නැති අඩුවට
එය අංකිත කෙරුම - හැම දා යැවෙයි පස්සට
අකන්නට සිතුව ද - එයත් වේ දැඩි උගහට

*දිසි'කුරු හඳුනුවක් කියා කීවේ Optical Character Recognizer යතුරකට (යන්ත්‍රයකට).
*අංකිත කෙරුම කියා කීවේ Digitizing යන්නට.
*අකන්නට යැයි කීවේ යතුරු-ලියන්නට. එසේම පෙරැකුම් කියා කීවේ Programming යන්නට.

වැරදි ද, නිවැරදි ද, කියා නොදන්නෙමි. විමසනු මැනවි.

බුදු සරණයි.
-රජිත්

Sujeewa Kumara wrote:
>
>
> 2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com
> <mailto:rajith.vid...@gmail.com>>
>

> <mailto:nand...@gmail.com>>


> >
> >
> >> වයස නැත කිසි වැඩක් මෙතැන ට
> >> ගුරෙක් වේ ඔහු තවම මා හ ට
> >> අබ ඇටයක තරම් හෝ ම ට
> >> ඔහුගෙ දස්කම් ගතොත් නුවණ ට ?
> >>
> >> නන්දලල්
> >>
> >>
> >> 2008/8/9 Sujeewa Kumara <fatty...@gmail.com

> <mailto:fatty...@gmail.com>>


> >>
> >>
> >>> වැරැදී ඇති සෙයකි පොඩි කරුණක් මෙ මට
> >>> රාජිත ලා දෙකෙ කි එකෙකුත් මදිවාට
> >>> කවි පෙළ ලීවේ රාජිත් විදානච්චිට
> >>> උත්තරයත් ඔහුයි ඔබගේ විමසුමට
> >>>
> >>>
> >>> 2008/8/10 Sujeewa Kumara <fatty...@gmail.com

> <mailto:fatty...@gmail.com>>
> >>>
> >>>
> >>>
> >>>> 2008/8/9 Sujeewa Kumara <fatty...@gmail.com
> <mailto:fatty...@gmail.com>>


> >>>>
> >>>>
> >>>>> 2008/8/9 රාජිත (Rajitha) <rajitha...@gmail.com

> <mailto:rajitha...@gmail.com>>

> <mailto:rajith.vid...@gmail.com>>


> >>>>>>
> >>>>>>
> >>>>>>> අගෙයි වෙදැදුරු තුමනි ගරුසර
> >>>>>>> ඔබේ කවි වෙයි අපට මනහර
> >>>>>>> සදා බැඳ කවි නමැති මුතුහර
> >>>>>>> පළඳවමු හෙළ මවුට සිරිසර
> >>>>>>>
> >>>>>>> මවු ද? මව් ද? දෙකම හරි ද?
> >>>>>>>
> >>>>>>> Nandalal Gunaratne wrote:
> >>>>>>>
> >>>>>>>> ගලා ආවා
> >>>>>>>> කලා දහරා
> >>>>>>>> කවි වෙලා
> >>>>>>>> හිත පිනවනා!
> >>>>>>>>
> >>>>>>>> 2008/8/7 Sujeewa Kumara <fatty...@gmail.com
> <mailto:fatty...@gmail.com>

> >>>>>>>> <mailto:fatty...@gmail.com <mailto:fatty...@gmail.com>>>


> >>>>>>>>
> >>>>>>>> ගණ පිහිටුවන හැටි ඉගෙනුම ලබන්නට
> >>>>>>>> එකමත් එක කලෙක හිතුනා බොහෝමට
> >>>>>>>> එනමුත් නොහැකි වුනි මට එය කරන්නට
> >>>>>>>> මගෙ කවි පෙළේ නැත එතරම් සිහින් ගැට
> >>>>>>>>
> >>>>>>>> හොඳ හා නොහොඳ වෙන විදිහට ගණය තියා
> >>>>>>>> ඇසුවෙමි ඇතැම් අය රජ වැඩ ගත්ත කියා
> >>>>>>>> නොම අදහන නමුත් ඒ වැනි විවිධ නියා
> >>>>>>>> අඩ දැනුමෙන් කරනු නුසුදුසු එහෙම ක්‍රියා
> >>>>>>>>
> >>>>>>>> බොහොමත් තුති පුදමි "සිංහළ" කරුණ ගැන
> >>>>>>>> එක එක මත අසා ඇත්තෙමි විවිධ තැන
> >>>>>>>> නොදනිමි හරිම අදහස ලොව පිලි ගැනුන
> >>>>>>>> එනමුත් "සිංහළය" ලියමුකො සිට මෙතැන
> >>>>>>>>
> >>>>>>>> මත අරගලය නිසඳැස් හා සඳැස් ගැන
> >>>>>>>> බෝ කල් ඉඳන් එනවා රට පටලගෙන
> >>>>>>>> මටනම් දෙකම එක සේ වෙයි රස ගෙනෙන
> >>>>>>>> එබැවින් අකමැතියි ගැටෙනට පසක් ගෙන
> >>>>>>>>
> >>>>>>>> බොහෝ දොස් කීවොත්
> >>>>>>>> වේය මගෙ කව රසවත්
> >>>>>>>> එය නොවෙයි නොපනත්
> >>>>>>>> කියන තරමට එවමි තුති පත්
> >>>>>>>>
> >>>>>>>>
> >>>>>>>> 2008/8/8 Rajith Vidanaarachchi
> <rajith.vid...@gmail.com
> <mailto:rajith.vid...@gmail.com>

> >>>>>>>> <mailto:rajith.vid...@gmail.com

> <mailto:linux...@gmail.com> <mailto:linux...@gmail.com


> <mailto:linux...@gmail.com>>> wrote:
> >>>>>>>> >
> >>>>>>>> >
> >>>>>>>> >> බලන් ඉන්නා අය ර ට
> >>>>>>>> >> ගන්න මෙය පාඩමක ට
> >>>>>>>> >> ගුරු ගෝල හටන ට
> >>>>>>>> >> කවිය පමනයි අවිය තොප හට
> >>>>>>>> >> :D
> >>>>>>>> >>
> >>>>>>>> >>
> >>>>>>>> >> On Thu, Aug 7, 2008 at 9:18 PM, රාජිත (Rajitha)
> >>>>>>>> <rajitha...@gmail.com

> <mailto:rajitha...@gmail.com> <mailto:


> >>>>>>>>
> >>>>>>> rajitha...@gmail.com <mailto:rajitha...@gmail.com>>
> >>>>>>>
> >>>>>>>> >>
> >>>>>>>> >>> wrote:
> >>>>>>>> >>>
> >>>>>>>> >>> දැකීමෙන් සුරු කව් වෙද
> >>>>>>>> >>> සිතී ලිව්වද කව් පද
> >>>>>>>> >>> විසීමට නොහැකියි අද
> >>>>>>>> >>> ඇසී මේ වෙදගේ ඇනුම් පද
> >>>>>>>> >>>
> >>>>>>>> >>> :-)
> >>>>>>>> >>>
> >>>>>>>> >>>
> >>>>>>>> >>>
> >>>>>>>> >>> On Thu, Aug 7, 2008 at 3:38 PM, Nandalal
> Gunaratne
> >>>>>>>> <nand...@gmail.com <mailto:nand...@gmail.com>

> <mailto:nand...@gmail.com <mailto:nand...@gmail.com>>>wrote:


> >>>>>>>> >>>
> >>>>>>>> >>>
> >>>>>>>> >>>> ඔබෙන් කවි දැනගෙ න
> >>>>>>>> >>>> කවියකු වීම සිතුම න
> >>>>>>>> >>>> එසේ නැත සිදුව න
> >>>>>>>> >>>> ගුරුමුස්තිය ට හිරවි න
> >>>>>>>> >>>>
> >>>>>>>> >>>> ;-)
> >>>>>>>> >>>>
> >>>>>>>> >>>> On Thu, Aug 7, 2008 at 7:01 AM, රාජිත (Rajitha) <
> >>>>>>>> >>>> rajitha...@gmail.com
> <mailto:rajitha...@gmail.com>

> >>>>>>>> <mailto:rajitha...@gmail.com


> <mailto:rajitha...@gmail.com>>> wrote:
> >>>>>>>> >>>>
> >>>>>>>> >>>>
> >>>>>>>> >>>>> දැක වෙදා දස්ක ම්
> >>>>>>>> >>>>> ලිවීමට කව් සිත් වි ම්
> >>>>>>>> >>>>> නොසිට හෙට වෙනක ම්
> >>>>>>>> >>>>> බලා ගනු මගෙ කවික ම්
> >>>>>>>> >>>>>
> >>>>>>>> >>>>> :-)
> >>>>>>>> >>>>>
> >>>>>>>> >>>>> On Thu, Aug 7, 2008 at 2:51 PM, Nandalal
> Gunaratne
> >>>>>>>> <nand...@gmail.com <mailto:nand...@gmail.com>

> <mailto:nand...@gmail.com <mailto:nand...@gmail.com>>>wrote:


> >>>>>>>> >>>>>
> >>>>>>>> >>>>>
> >>>>>>>> >>>>>> කවි නොදත් මේ වෙ දා
> >>>>>>>> >>>>>> හය වැනි කවිය ලිව් වා
> >>>>>>>> >>>>>> සූරයො ගාටන් නා
> >>>>>>>> >>>>>> හෙළහෙළියට ම නින් දා
> >>>>>>>> >>>>>>
> >>>>>>>> >>>>>>
> >>>>>>>> >>>>>> On Thu, Aug 7, 2008 at 5:48 AM, Anu-Linux
> >>>>>>>> <linux...@gmail.com

> <mailto:linux...@gmail.com> <mailto:linux...@gmail.com

Sujeewa Kumara

unread,
Aug 12, 2008, 4:08:51 PM8/12/08
to helah...@googlegroups.com


2008/8/13 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>


   මේ හැඩ කවි පෙළ ම උපුටා එහි අලවා
   කාට ත් හැකි නමුත් දෙන්නට විකි කරවා
   එය ලියු රජිත් ඔබ එහි පිටුවක් පුරවා
   ලිව්වොත් නේද හොඳ කාගෙත් ඇස අරවා

මේ දින වල වැඩ බහුලයි මෙ මා   හට
මිසරය වෙත යමි පෙරැකුම්     තරඟයට
එබැවින් සකි මේ ගැන ලීම      විකියට
අරඹනු මැන මා ලී දේ ඇතුළු    කොට

හැකි වූ සැණින් මේ සඳහා යෙදැවෙන්න
මම තැත් දරන්නෙමි උපුටා අලවන්න
මිසරේ ගියොත් පාරාවෝ හමු වෙන්න
නයිලය බලා යහතින් ඔබ පැමිණෙන්න
 


කවි පොත් තිබෙන මුත් - පිරිගැණුම් ගත කරනට
දිසි'කුරු හඳුනුවක් - හෙළ බසට නැති      අඩුවට
එය අංකිත කෙරුම - හැම දා යැවෙයි       පස්සට
අකන්නට සිතුව ද - එයත් වේ දැඩි          උගහට

කොළඹ කවින් හා නම නැති ජන කවියන්
දිග නෑ ලියු තරම පිටු දෙකකට වැඩියෙන්
ඔය ටික ලියන්නට හැකිනම්  සිත රිසියෙන්
හඳුනුව නැත ද එය  ලියවෙයි අංකිතයෙන්

එනමුදු ඔබ නැගූ අදහස තව සළකා
සිංහළ හඳුනුවක් හැදුවොත් දොස් වළකා
එය වෙයි හොඳක් හෙළයට අද වැනි කලෙකා
කියනට පහසු අපහසු එය කරන එකා



*දිසි'කුරු හඳුනුවක් කියා කීවේ Optical Character Recognizer යතුරකට (යන්ත්‍රයකට).
*අංකිත කෙරුම කියා කීවේ Digitizing යන්නට.
*අකන්නට යැයි කීවේ යතුරු-ලියන්නට. එසේම පෙරැකුම් කියා කීවේ Programming යන්නට.


වැරදි ද, නිවැරදි ද, කියා නොදන්නෙමි. විමසනු මැනවි.

ඔය වැඩේ තමයි මට බැරි ම දේ. හැබැයි මුදුකාංග නංවන නියායකට අනුව යමක් අඩක් හෝ කර තැබුවොත් එය නැවත සකස් කරන්නට [refactor] පහසුයි. කිසිත් නොකලොත් මොකුත් නැහැ.
 



--
- Croak Croak

රාජිත (Rajitha)

unread,
Aug 12, 2008, 4:11:59 PM8/12/08
to helah...@googlegroups.com
ගොස්   සකි  මිසරයට
පෙරැකුම්     තරගයට
ජය ගෙන එන ලෙසට
පතනෙමි  මම   ඔබට

-රාජිත

2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

මේ දින වල වැඩ බහුලයි මෙ මා   හට
මිසරය වෙත යමි පෙරැකුම්     තරඟයට
එබැවින් සකි මේ ගැන ලීම      විකියට
අරඹනු මැන මා ලී දේ ඇතුළු    කොට


  තරඟයද තරගයද?














 

Sujeewa Kumara

unread,
Aug 12, 2008, 4:18:24 PM8/12/08
to helah...@googlegroups.com


2008/8/12 Nandalal Gunaratne <nand...@gmail.com>

කවි ලිවීමේ දී මෙතරම් නිවැර දි විය යුතු ද? අනෙක,  "ලිව්වා" යන්න ට උක්තය ඒක වචන විය යුතු ද?

මගේ මතය නම් කිසි වරදක් නැති බවයි. බස කියා මා හිතන්නේ ගමේ හන්දියේ වැඩ පොළේ කතා කරන දෙයක් ගැන. අනික කවියේදී කවදා වත් සියයට සියයක් හරියට ගන්න අමාරුයි. සීමා වැඩි තරමට කවිය නීරසයි.

දැන් ඔය කිව්වේ වියරණය මරන්න කියලා නොවේ. සිංග්‍රිසියෙන් ලියන්න කියලත් නොවේ. නිකම් මිනිහා සහ වියරණ එකට යන්නේ නෑ කියන මතය ඇතැම් පඬි වරුන් ගේ හිතලුවක්. හැබැයි අද වගේ පරිවර්තනයක් වෙන කාලෙදි මිනිස්සු අතරමං වෙනවා. එහෙම වුණා කියලා ඕනවට වඩා උන්ගෙන් ඈත් වුණොත් උන් තවත් අතරමං වෙන එකයි සිද්ද වෙන්නේ.

මාටින් වික්‍රමසිංහ වගේ අය වියරණ නොමරා කාටත් තේරෙන්න ලිව්වා.
 


2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>


   සූජීවයි මමයි එකමත් එක කලෙක
   ලිව්වා කේත එකමුතු වී එක තැනෙක

මෙහි, "ලිව්වා කේත" යන්න "ලිව්වෙමු කේත" යනුවෙන් නිවැරදි විය යුතු යි.

Sapumal Jayaratne wrote:
> සූජීවයි මමයි එකමත් එක කලෙක
> ලිව්වා කේත එකමුතු වී එක තැනෙක
> සිංහල යුනිකේත ගැන මම කිවිවත් කොතෙක
> ඔහු නෑ ගනං ගත්තේ එය කිසි කලෙක
>
> එනමුත් මෙහිදි ඔහු අද පාන දස්කම්
> මතකෙට නගයි ඔහු පෑ තවත් විස්කම්
> ඇත්තම තමයි කරනව නොවෙයි ඔච්චම්
> කොච්චර කෑ නමුත් ඔහුට මදි බත්නම්
>
> තව රසබර කතන්දර ඇත කියන්නට
> එනමුන් තිබෙයි බඩ ගින්දර නිවන්නට
> තව‍ මොහොතකින් ගොස් උගුරට ඔබන්නට
> කෑමක් රැගෙන එමි යලි කවි කියන්නට
>
> සැරදේවා,
> සපුමල්.
>
> >
>









--
- Croak Croak

Sujeewa Kumara

unread,
Aug 12, 2008, 4:25:46 PM8/12/08
to helah...@googlegroups.com


2008/8/13 Sujeewa Kumara <fatty...@gmail.com>



2008/8/12 Nandalal Gunaratne <nand...@gmail.com>

කවි ලිවීමේ දී මෙතරම් නිවැර දි විය යුතු ද? අනෙක,  "ලිව්වා" යන්න ට උක්තය ඒක වචන විය යුතු ද?

මගේ මතය නම් කිසි වරදක් නැති බවයි. බස කියා මා හිතන්නේ ගමේ හන්දියේ වැඩ පොළේ කතා කරන දෙයක් ගැන. අනික කවියේදී කවදා වත් සියයට සියයක් හරියට ගන්න අමාරුයි. සීමා වැඩි තරමට කවිය නීරසයි.

දැන් ඔය කිව්වේ වියරණය මරන්න කියලා නොවේ. සිංග්‍රිසියෙන් ලියන්න කියලත් නොවේ. නිකම් මිනිහා සහ වියරණ එකට යන්නේ නෑ කියන මතය ඇතැම් පඬි වරුන් ගේ හිතලුවක්. හැබැයි අද වගේ පරිවර්තනයක් වෙන කාලෙදි මිනිස්සු අතරමං වෙනවා. එහෙම වුණා කියලා ඕනවට වඩා උන්ගෙන් ඈත්

මිනිස්සු -> මිනිසුන්. ලියන්න ගිහින් මට ම වැරදුනා :)

 
වුණොත් උන් තවත් අතරමං වෙන එකයි සිද්ද වෙන්නේ.

මාටින් වික්‍රමසිංහ වගේ අය වියරණ නොමරා කාටත් තේරෙන්න ලිව්වා.
 


2008/8/12 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>


   සූජීවයි මමයි එකමත් එක කලෙක
   ලිව්වා කේත එකමුතු වී එක තැනෙක

මෙහි, "ලිව්වා කේත" යන්න "ලිව්වෙමු කේත" යනුවෙන් නිවැරදි විය යුතු යි.

Sapumal Jayaratne wrote:
> සූජීවයි මමයි එකමත් එක කලෙක
> ලිව්වා කේත එකමුතු වී එක තැනෙක
> සිංහල යුනිකේත ගැන මම කිවිවත් කොතෙක
> ඔහු නෑ ගනං ගත්තේ එය කිසි කලෙක
>
> එනමුත් මෙහිදි ඔහු අද පාන දස්කම්
> මතකෙට නගයි ඔහු පෑ තවත් විස්කම්
> ඇත්තම තමයි කරනව නොවෙයි ඔච්චම්
> කොච්චර කෑ නමුත් ඔහුට මදි බත්නම්
>
> තව රසබර කතන්දර ඇත කියන්නට
> එනමුන් තිබෙයි බඩ ගින්දර නිවන්නට
> තව‍ මොහොතකින් ගොස් උගුරට ඔබන්නට
> කෑමක් රැගෙන එමි යලි කවි කියන්නට
>
> සැරදේවා,
> සපුමල්.
>
> >
>









--
- Croak Croak



--
- Croak Croak

Anuradha Ratnaweera

unread,
Aug 13, 2008, 12:04:37 AM8/13/08
to helah...@googlegroups.com
On 8/12/08, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:
>
> කවි ලිවීමේ දී මෙතරම් නිවැර දි විය යුතු ද? අනෙක, "ලිව්වා" යන්න ට උක්තය ඒක
> වචන විය යුතු ද?

අපගේ පැරණි කවියන්ගේ දස්කම් තවත් හොඳින් පෙනෙන්නේ ඔවුන් වියරණ නොමරා කවි
ලියූ නිසා යි. නමුත් "කවි බසෙහිදී" සමහර වදන් වල වර නැඟීමට නිදහස
වැඩිපුර ලබාගෙන ඇත. එහිදී වියරණ මැරීමක් සිදු නොවේ. මේ උදාහරණය බලන්න:

රිවි තැවුලේ පිපි කමලේ විල් ගැවසි
මත කොවුලේ තුරු වදුලේ හඬන නිසි
වන සැවුලේ මඟ අසලේ පොර සැලසි
ගුරු බැවුලේ යව අවුලේ නොවී කිසී

මෙහි "තැවුලින්", "කමලින්", "කොවුලන්", "වදුලෙහි", "සැවුලන්",
"අසලෙහි/අසල", "බැවුලෙහි", "අවුලක්" යන වදන් වල හැඩය වෙනස් කර ඇත, නමුත්
වියරණ මරා නැති බව මගේ අදහසයි.

මේ නිසා, වදන් නමා හැඩසවාගන්නා නිදහස සහ වියරණ මැරීමේ "නිදහස" යනු දෙකකි.
පැරැණි කවියෝ මින් පළමු වැන්න මිස දෙ වැන්න නොකළ බව පෙනේ.

Nandalal Gunaratne

unread,
Aug 13, 2008, 11:24:45 AM8/13/08
to helah...@googlegroups.com


2008/8/12 Anuradha Ratnaweera <anur...@taprobane.org>

On 8/12/08, Nandalal Gunaratne <nand...@gmail.com> wrote:
>
> කවි ලිවීමේ දී මෙතරම් නිවැර දි විය යුතු ද? අනෙක,  "ලිව්වා" යන්න ට උක්තය ඒක
> වචන විය යුතු ද?

අපගේ පැරණි කවියන්ගේ දස්කම් තවත් හොඳින් පෙනෙන්නේ ඔවුන් වියරණ නොමරා කවි
ලියූ නිසා යි.  නමුත් "කවි බසෙහිදී" සමහර වදන් වල වර නැඟීමට නිදහස
වැඩිපුර ලබාගෙන ඇත.  එහිදී වියරණ මැරීමක් සිදු නොවේ.  මේ උදාහරණය බලන්න:

රිවි    තැවුලේ  පිපි   කමලේ  විල් ගැවසි
මත කොවුලේ  තුරු   වදුලේ  හඬන නිසි
වන    සැවුලේ  මඟ  අසලේ  පොර සැලසි
ගුරු    බැවුලේ  යව   අවුලේ  නොවී කිසී

මා කීවේ "මෙතරම්" කියයි :-) "මම" හා "අපි" යන්න සුවිශේෂ වදන් දෙකකි. එනිසා "මි" "මු" ලෙස අවසන් කිරීමට අවශ්‍ය වේ. ඔබෙ උදාහරණය ට ගත් කවියේ මේ ගැටඵව ඉස්මතු නොවේ. තවද, "වර ද" දුටු කවියේ, "සුජීවයි මමයි"  යන්න "අපි" විය යුතු නිසයි වියරණයේ වරද. නමුත් "අපි" යන්න ඔහු ලියා නැත. "සුජීවයි මා යි " කියා ලීවා නම් වියරණ දොසින් නිදොස් වේ යැ යි මා සිතනවා. නමුත් "ලිව්වා කේත එකමුතුවී" ද "ලිව්වෙමු කේත එකමුතුවී" ද දිව ට වඩා පහසුවෙන් කිව හැක්කේ?

ඕනෑම, බස ට පනවා ඇති, රීතියක් හෝ නිතියක්, කවි ලිවීමේ දී ලිහිල් වීම ට අවැසි වන්නේ එය බොහෝ විට සද්ද නගා කීම ට ලිවිය යුතු නිසයි. "තාලයක්" තිබිය යුතු නිසයි. "දිව ට" පහසු විය යුතු නිසයි. මේ හේතුවෙන් කවියා ට වදන් සුඵවෙන් හෝ වෙනස් කිරීම ට( ඔබේ නිදසුනේ මෙන්) හෝ ඒ හේතුවෙන් වියරණ සුඵ ලෙස වෙනස් කිරීමට නිදහස තිබිය යුතුයි.

නන්දලාල්
 

Sapumal Jayaratne

unread,
Aug 13, 2008, 12:21:45 PM8/13/08
to helah...@googlegroups.com
2008/8/13 Sujeewa Kumara <fatty...@gmail.com>
වැළකිය නොහැකි දේ සිදු විය ලෙස උරුම
එතැනින් වෙන් වුණා දෙ දෙන ම එක වර ම
දැන් ඔහු දකින්නේ ගොඩ දුවනා රත ම
නැව ගැන සිහින මැවෙති ද සිත තුළ තව ම?

නිල්දිය  මතින් රැය දහවල අනන්තේ
දිවයන සිහිනයකි හදරැඳි වසන්තේ
දහවල පවා එය සිහිනෙන් දනින්නේ
නැව ගැන තමයි මම තවමත් සිතන්නේ

Anuradha Ratnaweera

unread,
Aug 13, 2008, 2:32:24 PM8/13/08
to helah...@googlegroups.com

"නැව ගැන තමයි මා තවමත් සිතන්නේ" කීවා නම් තවත් අගෙයි.

Rajith Vidanaarachchi

unread,
Aug 14, 2008, 12:31:25 AM8/14/08
to helah...@googlegroups.com
මෙතරම් නිවැරදි යැ යි කියන්නේ කෙ සේ ද? ඇත්තේ වරද හා නිවරද පමණ යි. කවියක් වුවත් වියරණ
රැකිය යුතු යි. ඉංග්‍රීසියේ නම් poetic licence කියා දෙයක් තිබෙනවා. එහෙත් සිංහළයේ දී නම්
වියරණ, අකුරු විනස යනාදිය නිවැරදි විය යුතු ම යි. කුමරතුඟුවන් විරිත් වැකියේ දී ඇති පළමු අවවාද
අතරින් එකක් වන්නේ ද, එයයි. එ නිසා බස නො මරා ලිවීම වැදගත් යැ යි මා සලකනවා. කවියේ දී
වියරණවලින් මිදීම යන අදහස සාධාරණ ද නැහැ. මොකද සිදත් සඟරාව වියරණ පොතක් වුවත් එය ද, කවි
ආරක් ගන්නවා.

බුදු සරණයි.

Nandalal Gunaratne wrote:
>
>
> 2008/8/12 Anuradha Ratnaweera <anur...@taprobane.org
> <mailto:anur...@taprobane.org>>


>
> On 8/12/08, Nandalal Gunaratne <nand...@gmail.com

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 1:10:37 PM8/14/08
to helah...@googlegroups.com
හොඳමයි රාජිත්!
කඵ, සුදු සහ අඵ ඇති අපේ ලෝකයේ,  අපි වියරණයේ "අඵ" නැති කරමු; කඵ සුදු කරමු.

එහෙම නම් මගේ "පුල්ලි" කවිත් මේ අවදිය ට එවමින්, වැරදි නිවැරදි කර ගන්න වෙන ව :-(

මේ දවස් වල මා රෝග සබඳව කවි ලියනව. කොටසක් ලෙඩාගෙ පැත්තෙන් තමාට ලැබෙන වෙදකම ගැන සිතන හැටි (ඇණුම් පද නොවැ බොහොමයක්!), අනෙක වෙදාගෙ පැත්තෙන් ඊට පිලිතුරු දෙන හැටි. සිනාවක් ඇතිවන අයුරට යි ලියන්නෙ. නමුත් ඉගෙන ගත හැකි දෙයකුත් තියේ යැ යි සිතනව.

;-)

මිසරයේ අය කවි ලිව්ව ද කියල අප ට කියන්න පිලිවනි!


තෙරුවන් සරණයි!

නන්දලාල්

2008/8/13 Rajith Vidanaarachchi <rajith.vid...@gmail.com>

Anu-Linux

unread,
Aug 14, 2008, 2:04:23 PM8/14/08
to helah...@googlegroups.com


2008/8/14 Nandalal Gunaratne <nand...@gmail.com>

හොඳමයි රාජිත්!
කඵ, සුදු සහ අඵ ඇති අපේ ලෝකයේ,  අපි වියරණයේ "අඵ" නැති කරමු; කඵ සුදු කරමු.

එහෙම නම් මගේ "පුල්ලි" කවිත් මේ අවදිය ට එවමින්, වැරදි නිවැරදි කර ගන්න වෙන ව :-(

මේ දවස් වල මා රෝග සබඳව කවි ලියනව. කොටසක් ලෙඩාගෙ පැත්තෙන් තමාට ලැබෙන වෙදකම ගැන සිතන හැටි (ඇණුම් පද නොවැ බොහොමයක්!), අනෙක වෙදාගෙ පැත්තෙන් ඊට පිලිතුරු දෙන හැටි. සිනාවක් ඇතිවන අයුරට යි ලියන්නෙ. නමුත් ඉගෙන ගත හැකි දෙයකුත් තියේ යැ යි සිතනව.

;-)

හරිම අගෙයි වෙද මහතගෙ අදහස නම්
හැදිල ඒවි නව කවි වැල් දම් මනරම්
ලෙඩුන් විටින් විට කීවත් අනම් මනම්
වෙදෙක් දෙයිද රෝගියෙකුට ඔසු තහනම් ;-)

දවසක් මමත් දුන්නෙමි හිස රදට 'වැඩක්'
පන්තියෙ හිටිය කෙල්ලකු දුන්නා මුදලක්
ගේන්නට කියා 'පැනඩොල්' දෙකක් තුනක්
දුන්නේ 'පෙපර්මින්ට්' බිව්වා ඇයත් දෙකක්.

(මෙහිදී ඔසුවක් යන්න හැඟවීමට 'ඔවක්' යන වදන යොදන්නට සිත් වූ නමුදු නිවැරිදි බව නොදන්නා නිසා 'වැඩක්' යැයි යෙදීමි)

පසුව ඇවිත් ඇසුවා "දැන් හොඳද" කියා
"දැන් නම් හොඳයි" පිළිවදනක් දුන්න එයා
දුන් මුදලින් මම කෑවෙමි "හුරේ" කියා
"ඔයත් හොඳ වෙදෙක් නේ" යැයි කීව එයා

මෙය සිදුවුනේ මා පාසලෙ සිටිය විටේ
එනම් එක්දහස් නවසිය අනූ අටේ
එකල කල කෙරුම් නොකියමි සැමට රටේ
තවමත් ලඳුන් මා සොයනව හතර වටේ. :-)

තුති.

රාජිත (Rajitha)

unread,
Aug 14, 2008, 2:08:40 PM8/14/08
to helah...@googlegroups.com
එකල කල කෙරුම් කියන්නේ කුමක්ද?

කල ගෙඩි නැටුමකට වගේද?

2008/8/14 Anu-Linux <linux...@gmail.com>

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 2:12:23 PM8/14/08
to helah...@googlegroups.com
රාජිත ට ටිකක් ඊර්සියාවක් දෝ? :-)


තවමත් ලඳුන් මා සොයනව හතර වටේ. :-)

2008/8/14 රාජිත (Rajitha) <rajitha...@gmail.com>

Anu-Linux

unread,
Aug 14, 2008, 2:16:32 PM8/14/08
to helah...@googlegroups.com
2008/8/14 රාජිත (Rajitha) <rajitha...@gmail.com>
එකල කල කෙරුම් කියන්නේ කුමක්ද?


කල ගෙඩි නැටුමකට වගේද?

කලගෙඩි නැටුම් නැටුවා නම් කියත හැකි
අප නැටු නැටුම් ගැන මෙහිනම් කිව නොහැකි
දන්නෝ දනිති කොලු කාලේ හිටපු සකි
'අම්මෝ' බයත් හිතෙනව සිහි කළ නොහැකි

:-)

රාජිත (Rajitha)

unread,
Aug 14, 2008, 2:20:33 PM8/14/08
to helah...@googlegroups.com
නෑ කීමට බැහැ  ඊරිසියාව
කවි කීවට නැත මට හැකියාව
එකල කල නැටුම් මට නැතුවාට
'එකල කළ' වුනොත් ඇත හැකියාව

2008/8/14 Nandalal Gunaratne <nand...@gmail.com>

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 2:26:01 PM8/14/08
to helah...@googlegroups.com
ඔබ කවියට දස්සයි
දස්ස ඊටත් දස්සයි
මා වියරණ නසයි
එනිසා කවිය වසයි

රාජිත (Rajitha)

unread,
Aug 14, 2008, 2:39:33 PM8/14/08
to helah...@googlegroups.com
ගිය සතවසෙ කවි කිව්වේ නැතුවාට
විය මෙමවස  කවි කිමට  මහතාට
ලියු කවි පද හොඳ හැටි රස ඇතුවාට
සිය දස්කම නොපෙනේ වෙද මහතාට

2008/8/14 Nandalal Gunaratne <nand...@gmail.com>

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 2:48:09 PM8/14/08
to helah...@googlegroups.com
නිදි මත වෙලා වේ
ලිව් කවිය ඔබේ
කියවා හෙට උදේ
දකීවි කිව් දේ වර දේ

රාජිත (Rajitha)

unread,
Aug 14, 2008, 2:55:51 PM8/14/08
to helah...@googlegroups.com
පැතුවේ මහ කවියෙක් වෙනු සැමට
කිව්වේ  යවහන් දොස් ගැන අපට
සිටියේ ඇසීමට රස කවි එක පෙළට
ඇයිමේ නොකීවේ ලීමට   අනුරුදුට

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 3:05:52 PM8/14/08
to helah...@googlegroups.com
දොයි දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
හෙට දවසේ කරමු කතා
කියනව මා පරුසයක් ගොතා

Nandalal Gunaratne

unread,
Aug 14, 2008, 8:33:20 PM8/14/08
to helah...@googlegroups.com
සුජීව,

මේ ගැන ඇසුවේ, කවියාත් රචිකයාත් අතර යම් වෙනස් ඇති නිසයි. රචනා ලියන්න් ලියන්නෙ මනසට. කවියා ලියන්නේ සිතට. රචනයක් ලියන කෙනා ට වදන් වැදගත්, යෙදීම්, නිවැරදි ලෙස වදන ලිවීම වැදගත්. නමුත් ඔහු පිටු ගානක් ලියා දක්වන අදහස, කවියා සිව් පෙලකින් ලබා දෙනව. කවි ලියන්නෙ අත්දැකීම් වලින්. ගී ලියන්නෙත් එසේමයි. ඒකයි ගැමි ගී, කවි. ලියන්නෙ කියන්නෙ ගොවි මහතුන් වැනි ගමේ අය. රචනා/පොත් ලියන්නෙ උගත් අය. ඔවුන් බොහෝ විට ලියන්නේ අත්දැකීම් නොව, පොතින් පතින් ලැබූ දැණුමෙනි.

කවියාට අදහස දුන්නොත් ඇති. වදන් වැදගත් එනිසයි. අදහස ලැබූ විගස, වදන් අමතක කල හැකියි. බුලත් හාපේ වගෙ. අනෙක කටින් හඩ නගා කියවන්න ලියන්නෙ. පොතකින් නිස්සබ්දව කියවන්න නොවෙයි. එනිසා "තාලයක්" අවැසි. වදන් කීමේදී දිවට පහසු විය යුතුයි. එනිසා වදන් "වෙනස්" කොට කියපි, තාලෙට ගැලපෙන්න.

මෙව කරන්න යම් "නිදහසක්" කවි කියන්නාට තිබෙනව.  වියරණ  හරි විදියට ලිවිය යුතු වුව ද, ඉහත කී කාරණා  සමග  ගැටුනු විට, ඉන් ඇත් වූ අවස්ථා ඇති.  අපේ හොඳින් දන්නා සිංහළ කවි වල වියරණ දොස් නැත්තටම නැතැයි කිව හැකිනම්, මා එය පිලිගන්න ලැස්ති :-)

කවියක වටිනාකම ට වැදගත් අදහස ද, වියරණ නිදොස ද?

නන්දලාල්

2008/8/12 Sujeewa Kumara <fatty...@gmail.com>

viraj

unread,
Aug 14, 2008, 9:10:16 PM8/14/08
to helah...@googlegroups.com
කවි ලියනා අපෙ කට්‍ටි ය දුටුවා ම
නැතුවා බැරි ය කවියක්‍ අද නොලියා ම
වැට පිහිටීම වියරණ මට බැරුවා ට
ලිව්‍වා කවිය පෙන්‍නා දෙමු දොස් අද ම

තිබෙනාමුත් වුවමනා නොයෙකුත්‍ කියන්න ට
වැඩ වැඩි නිසා එක දිගට ම ලියන්න ට
අකැමති නිසා බා ගෙට දා දුවන්න ට
අත පසු කලෙමි එම කාරිය කරන්න ට

බෝ සව්‍දැහැන් හී ලූකරයෙක්‍ වුයෙම්‍ මා
හැකි හැම විටම හෙළ හෙළියේ වනම්‍ මා
තුන් වෙනි පෙලින් මා මේ තුන් කව නිම් මා
ලියනා පහසු කරනා සයුර ට උම්‍ මා

~විරාජ්

viraj

unread,
Aug 14, 2008, 9:12:46 PM8/14/08
to helah...@googlegroups.com
>
> බෝ සව්‍දැහැන් හී ලූකරයෙක්‍ වුයෙම්‍ මා

බෝ සව්‍දැහැන් හී ලූකර වුයෙම්‍ මා

Anu-Linux

unread,
Aug 14, 2008, 10:49:07 PM8/14/08
to helah...@googlegroups.com

අකැමති නිසා බා ගෙට දා දුවන්න ට

"බා ගෙට" නොවේ මෙය "බාගෙට" වි විය යුතු නේද?

'බාගයට' > 'බාගෙට' ලෙසයි මට මතක. :)

Anu-Linux

unread,
Aug 14, 2008, 10:56:44 PM8/14/08
to helah...@googlegroups.com
ආයුබෝ,

පළවෙනි කවිය මම ලිව්වෙමි ගිය මාසේ
සියවෙනි කවි වෙන්නට ගියෙ එක මාසේ
හෙළයනි මේ වගේ ලීවොත් කවි සිත්සේ
නැංවෙයි අපේ මිතුදම මුලු නිල් අහසේ

සියවෙනි ලිපිය දක්වා කවි ලිව් සැමට
පිං දෙමි මම ද දැක්වූ දස්කම් වලට
කන් දමි තවත් කවි ලියනා ඉදිරියට
සවි දෙමි හෙළ හෙළිය යන්නට ලොව වෙතට
It is loading more messages.
0 new messages